ත්‍රිපිටකය
2. අනුපදවග්ගො 2. අනුපද වර්ගය
1. අනුපදසුත්තං 1. අනුපද සූත්‍රය
2. ඡබ්බිසොධනසුත්තං 2. ඡබ්බ සොධන සූත්‍රය
98
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘භික්ඛවො’’ති. ‘‘භදන්තෙ’’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
‘‘ඉධ, භික්ඛවෙ, භික්ඛු අඤ්ඤං බ්‍යාකරොති - ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාමී’ති. තස්ස, භික්ඛවෙ, භික්ඛුනො භාසිතං නෙව අභිනන්දිතබ්බං නප්පටික්කොසිතබ්බං. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා පඤ්හො පුච්ඡිතබ්බො - ‘චත්තාරොමෙ, ආවුසො, වොහාරා තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සම්මදක්ඛාතා. කතමෙ චත්තාරො? දිට්ඨෙ දිට්ඨවාදිතා, සුතෙ සුතවාදිතා, මුතෙ මුතවාදිතා, විඤ්ඤාතෙ විඤ්ඤාතවාදිතා - ඉමෙ ඛො, ආවුසො, චත්තාරො වොහාරා තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සම්මදක්ඛාතා. කථං ජානතො පනායස්මතො, කථං පස්සතො ඉමෙසු චතූසු වොහාරෙසු අනුපාදාය ආසවෙහි චිත්තං විමුත්ත’න්ති? ඛීණාසවස්ස, භික්ඛවෙ, භික්ඛුනො වුසිතවතො කතකරණීයස්ස ඔහිතභාරස්ස අනුප්පත්තසදත්ථස්ස පරික්ඛීණභවසංයොජනස්ස සම්මදඤ්ඤාවිමුත්තස්ස අයමනුධම්මො හොති වෙය්‍යාකරණාය - ‘දිට්ඨෙ ඛො අහං , ආවුසො, අනුපායො අනපායො අනිස්සිතො අප්පටිබද්ධො විප්පමුත්තො විසංයුත්තො විමරියාදීකතෙන චෙතසා විහරාමි. සුතෙ ඛො අහං, ආවුසො...පෙ.... මුතෙ ඛො අහං, ආවුසො... විඤ්ඤාතෙ ඛො අහං, ආවුසො, අනුපායො අනපායො අනිස්සිතො අප්පටිබද්ධො විප්පමුත්තො විසංයුත්තො විමරියාදීකතෙන චෙතසා විහරාමි. එවං ඛො මෙ, ආවුසො, ජානතො එවං පස්සතො ඉමෙසු චතූසු වොහාරෙසු අනුපාදාය ආසවෙහි චිත්තං විමුත්ත’න්ති. තස්ස, භික්ඛවෙ, භික්ඛුනො ‘සාධූ’ති භාසිතං අභිනන්දිතබ්බං අනුමොදිතබ්බං. ‘සාධූ’ති භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උත්තරිං පඤ්හො පුච්ඡිතබ්බො.
98
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතනම් රජකුමරුගේ උයනෙහි අනේපිඬු සිටුතුමා විසින් කරවන ලද ආරාමයෙහි (ජේතවනාරාමයෙහි) වැඩවසන සේක.
එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ කියා භික්ෂූන්ට කථාකළ සේක. ඒ භික්ෂුහු ‘ස්වාමීනි’ යි. භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් තෙම නැවත නැවත ඉපදීම ක්ෂය විය. බ්‍රාහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. කටයුතු දෑ කොට අවසානය, මත්තෙහි කළයුතු අනිකක් නැතැයි, දනිමි කියා රහත් බව ප්‍රකාශ කෙරේද, මහණෙනි, ඔහුගේ කීමට භික්ෂූහු නොම සතුටු විය යුතුය, ප්‍රතික්ෂෙපද නොකළ යුතුය. සතුටු නොවී බැහැරද නොකොට ප්‍රශ්නයක් ඇසිය යුතුය.
“ඇවැත්නි, භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ, සියල්ල නුවණැසින් දක්නාවූ, අර්හත්වූ ඒ සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ මැනවින් ප්‍රකාශ කරණලද මේ ව්‍යවහාරයෝ සතර දෙනෙකි. ඒ සතර කුමක්ද? දක්නාලද දෙය දක්නාලද පරිදි කීමය, අසනලද දෙය අසනලද පරිදි කීමය, (නාසය, දිව, ශරීරය යන මෙයින්) දැන ගන්නාලද දෙය දැන ගන්නා ලද පරිදි කීමය, (මනසින්) දැනගන්නාලද දෙය දැනගන්නා ලද පරිදි කීමය යනුයි.
“ඇවැත්නි, සියල්ල දන්නාවූ, සියල්ල නුවණින් දක්නාවූ, භාග්‍යවත්වූ, අර්හත්වූ, ඒ සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් මැනවින් ප්‍රකාශ කරණලද මේ ව්‍යවහාරයෝ සතර වෙති. මේ සතර ව්‍යවහාරයන්හි කෙසේ දන්නාවූ කෙසේ දක්නාවූ ආයුෂ්මතුන්ගේ සිත තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් නොගෙණ ආශ්‍රවයන්ගෙන් මිදුනේද? කියායි.
“මහණෙනි, ආශ්‍රවයන් ක්ෂය කළාවූ වැසනිමවනලද බ්‍රහ්මචර්‍ය්‍යාව ඇති කටයුතු දෑ කොට අවසන්වූ බහා තබනලද බර ඇති, පැමිණි ස්වකීයාර්ථ ඇති ක්ෂය කළ භව බැඳුම් ඇති මැනවින් දැන මිදුනාවූ භික්ෂුවගේ විසඳීමෙහි මේ ආකාරවෙයි.
ඇවැත්නි, මම දක්නාලද දෙයෙහි වනාහි (රාගවශයෙන්) නොපැමින්නේ, (ද්වේෂවශයෙන්) ඉවත් නොවන්නේ (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) නොඇලුනේ (ඡන්දරාගයෙන්) නොබැඳුනේ (කාම රාගයෙන්) මිදුනේ සියළු කෙලසුන්ගෙන් වෙන්වූයේ (කෙලෙස් වශයෙන් හෝ අරමුණු වශයෙන් හෝ) සීමාවක් නොකරණලද සිතින් යුක්තව වසමි. ඇවැත්නි, මම අසනලද දෙයෙහිද ඇලීම් වශයෙන් නොපැමිණෙන්නේ කිපීම් වශයෙන් ඉවත් නොවන්නේ, තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ඇසුරු නොකෙළේ, කාම රාගයෙන් නොබැඳුනේ ඡන්දරාගයෙන් මිදුනේ, කෙලෙසුන්ගෙන් වෙන්වූයේ, කෙලෙසුන්ගෙන් හෝ ආරම්මණයන්ගේ සීමාවක් නොකරණලද සිතින් යුක්තව වසමි.
ඇවැත්නි, මම නාසය, දිව, සිරුර යන මේ දොරටු වලින් දැනගන්නාලද දෙයෙහිද ඇලීම් වශයෙන් නොපැමිණෙන්නේ කිපීම් වශයෙන් ඉවත් නොවන්නේ, තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ඇසුරු නොකෙළේ කාමරාගයෙන් ඡන්දරාගයෙන් නොබැඳුනේ මිදුනේ, කෙලෙසුන්ගෙන් වෙන්වූයේ, කෙලෙසුන්ගෙන් හෝ ආරම්මණයන්ගේ සීමාවක් නොකරණ ලද සිතින් යුක්තව වසමි. ඇවැත්නි, මම සිතින් දැන ගන්නාලද දෙයෙහිද (රාගවශයෙන්) නොඑළඹෙන්නේ (ද්වේෂයෙන්) ඉවත් නොවන්නේ (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) නොඇලෙන්නේ, (ඡන්දරාගයෙන්) නොබැඳුනේ (කාමරාගයෙන්) මිදුනේ, (සියළු කෙලෙසුන්ගෙන්) වෙන්වූයේ (කෙලෙස් වශයෙන් හෝ අරමුණු වශයෙන් හෝ) සීමාවක් නොකරණලද සිතින් යුක්තව වසමි. ඇවැත්නි, මේ සතර ව්‍යවහාරයන්හි මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ මාගේ සිත තෘෂ්ණා දෘෂ්ටිවශයෙන් නොගෙණ ආශ්‍රවයන් කෙරෙන් මිදුනේ වෙයි කියායි.
“මහණෙනි, ඒ භික්ෂුවගේ කීම යහපතැයි කියා පිළිගත යුතුයි. ඒ අනුව සතුටු වියයුතුයි. යහපතැයි එම කීම පිළිගෙණ ඒ අනුව සතුටුව (මුල් ප්‍රශ්නයෙන් සෑහීමට පත්නොවේ නම්) මතුද ප්‍රශ්නයක්, ඇසිය යුතුයි.
99
‘‘‘පඤ්චිමෙ, ආවුසො, උපාදානක්ඛන්ධා තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සම්මදක්ඛාතා. කතමෙ පඤ්ච? සෙය්‍යථිදං - රූපුපාදානක්ඛන්ධො, වෙදනුපාදානක්ඛන්ධො, සඤ්ඤුපාදානක්ඛන්ධො, සඞ්ඛාරුපාදානක්ඛන්ධො, විඤ්ඤාණුපාදානක්ඛන්ධො - ඉමෙ ඛො, ආවුසො, පඤ්චුපාදානක්ඛන්ධා තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සම්මදක්ඛාතා. කථං ජානතො පනායස්මතො, කථං පස්සතො ඉමෙසු පඤ්චසු උපාදානක්ඛන්ධෙසු අනුපාදාය ආසවෙහි චිත්තං විමුත්ත’න්ති? ඛීණාසවස්ස, භික්ඛවෙ, භික්ඛුනො වුසිතවතො කතකරණීයස්ස ඔහිතභාරස්ස අනුප්පත්තසදත්ථස්ස පරික්ඛීණභවසංයොජනස්ස සම්මදඤ්ඤාවිමුත්තස්ස අයමනුධම්මො හොති වෙය්‍යාකරණාය - ‘රූපං ඛො අහං, ආවුසො, අබලං විරාගුනං (විරාගං (සී. පී.), විරාගුතං (ටීකා)) අනස්සාසිකන්ති විදිත්වා යෙ රූපෙ උපායූපාදානා (උපයූපාදානා (ක.)) චෙතසො අධිට්ඨානාභිනිවෙසානුසයා තෙසං ඛයා විරාගා නිරොධා චාගා පටිනිස්සග්ගා විමුත්තං මෙ චිත්තන්ති පජානාමි. වෙදනං ඛො අහං, ආවුසො...පෙ.... සඤ්ඤං ඛො අහං, ආවුසො... සඞ්ඛාරෙ ඛො අහං, ආවුසො... විඤ්ඤාණං ඛො අහං, ආවුසො, අබලං විරාගුනං අනස්සාසිකන්ති විදිත්වා යෙ විඤ්ඤාණෙ උපායූපාදානා චෙතසො අධිට්ඨානාභිනිවෙසානුසයා තෙසං ඛයා විරාගා නිරොධා චාගා පටිනිස්සග්ගා විමුත්තං මෙ චිත්තන්ති පජානාමි. එවං ඛො මෙ, ආවුසො, ජානතො එවං පස්සතො ඉමෙසු පඤ්චසු උපාදානක්ඛන්ධෙසු අනුපාදාය ආසවෙහි චිත්තං විමුත්ත’න්ති. තස්ස, භික්ඛවෙ, භික්ඛුනො ‘සාධූ’ති භාසිතං අභිනන්දිතබ්බං, අනුමොදිතබ්බං. ‘සාධූ’ති භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උත්තරිං පඤ්හො පුච්ඡිතබ්බො.
99
ඇවැත්නි, භාග්‍යවත්වූ, සියල්ල දන්නාවූ, සියල්ල නුවණැසින් දක්නාවූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් මැනවින් ප්‍රකාශ කරණලද මේ උපාදානස්කන්ධ පසෙකි. ඒ කවර පසෙක්දයත්? රූපඋපාදානස්කන්ධය, වේදනාඋපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාරඋපාදාන ස්කන්ධ විඥාන උපාදානස්කන්ධය යන මේ පසයි.
ඇවැත්නි, මේ පඤ්ච උපාදානස්කන්ධයෝ භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ, සියල්ල දක්නාවූ, අර්හත්වූ සම්‍යක් සම්බුද්ධ රජාණන් වහන්සේ විසින් මැනැවින් ප්‍රකාශ කරණ ලදහ.
“මේ පඤ්ච උපාදානස්කන්ධයන් කෙරෙහි කෙසේ දන්නාවූ කෙසේ දක්නාවූ ආයුෂ්මතුන්ගේ සිත තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් නොගෙන ආශ්‍රවයන්ගෙන් මිදුනේද කියායි.
“මහණෙනි, ක්ෂීණාශ්‍රවවූ, වැස නිමවනලද බ්‍රහ්මචර්‍ය්‍යා ඇති කටයුතු දැ කොට අවසන්වූ, බහා තබනලද බර ඇති පැමිණි තමන්ගේ අර්ථය ඇති, ක්ෂය කළ භව බැඳුම් ඇති, මැනවින් දැන මිදුනාවූ භික්ෂුවගේ විසඳීම මේ ආකාර වෙයි.
“ඇවැත්නි, මම වනාහි රූපය දුර්වලය නො ඇලිය යුත්තක අස්වැසිලි රහිතවූවකැයි දැන රූපයෙහි මමය මාගේ යයි ගන්නා චිත්තයාගේ සිටීමය, බැසගැනීමය, අනුසය වශයෙන් පැවැත්මයි කියනලද මේ තෘෂ්ණා දෘෂ්ටීහු වෙත්ද, ඔවුන්ගේ ක්ෂය වීමෙන්, නොඇලීමෙන්, වැලැක්වීමෙන්, හැරලීමෙන් අතහැර දැමීමෙන් මාගේ සිත මිදුනේයයි දනිමි. ඇවැත්නි, මම වනාහි වේදනාව දුර්වලය, නොඇලිය යුත්තක, අස්වැසිලි රහිතවූ වෙකැයි දැන වේදනාවෙහි මමය මාගේයයි සිත පිහිටන්නාවූ බැසගන්නාවූ අනුසය වශයෙන් පවත්නාවූ යම් තෘෂ්ණා දාෂ්ටීහු වෙත්ද, ඔවුන්ගේ ක්ෂය වීමෙන්, නොඇලීමෙන්, වැලැක්මෙන්, හැරලීමෙන් අතහැර දැමීමෙන් මාගේ සිත මිදුනේයයි දනිමි. ඇවැත්නි, මම වනාහි සංඥාව දුර්වලය, නොඇලිය යුත්තක, අස්වැසිලි රහිත වූවෙකැයි දැන, සංඥාවෙහි මමය මගේයයි සිත පිහිටන්නාවූ බැසගන්නාවූ, අනුසය වශයෙන් පවත්නාවූ යම් තෘෂ්ණා දෘෂ්ටීහු වෙත්ද, ඔවුන්ගේ ක්ෂය වීමෙන්, නොඇලීමෙන්, වැලැක්වීමෙන්, හැරලීමෙන්, අතහැර දැමීමෙන් මාගේ සිත මිදුනේයයි දනිමි. ඇවැත්නි, මම වනාහි සංස්කාරයන් දුර්වලය, නොඇලිය යුත්තක, අස්වැසිලි රහිතවූයෙකැයි දැන සංස්කාරයන්හි මමය මාගේයයි සිත පිහිටන්නාවූ බැස ගන්නාවූ, අනුසය වශයෙන් පවත්නාවූ, යම් තෘෂ්ණා දෘෂ්ටීහු වෙත්ද, ඔවුන්ගේ ක්ෂය වීමෙන්, නොඇලීමෙන්, වැලැක්වීමෙන් හැරලීමෙන්, අතහැර දැමීමෙන් මාගේ සිත මිදුනේ යයි දනිමි. ඇවැත්නි, මම වනාහි විඤ්ඤාණය දුර්වලය, නො ඇලිය යුත්තක, අස්වැසිලි රහිත වූවකැයි දැන විඤ්ඤාණයෙහි මමය මාගේයයි ගන්නා චිත්තයාගේ සිටීමය, ඇතුළත්වීමය අනුශය වශයෙන් පැවැත්මයයි කියනලද යම් තාෂ්ණා දෘෂ්ටීහු වෙත්ද, ඔවුන්ගේ ක්ෂය වීමෙන් නොඇලීමෙන් වැලැක්වීමෙන් හැරලීමෙන්, අතහැර දැමීමෙන් මාගේ සිත මිදුනේයයි දනිමි.
“ඇවැත්නි, මෙසේ වනාහි පඤ්චඋපාදානස්කන්ධයන් කෙරෙහි දන්නාවූ මෙසේ දක්නාවූ මාගේ සිත තෘෂ්ණා දෘෂ්ටිවශයෙන් නොගෙණ ආශ්‍රවයන් කෙරෙන් මිදුනේය. කියායි.
“ඇවැත්නි, ඒ භික්ෂුවගේ කීම යහපතැයි කියා පිළිගත යුතුයි. ඒ අනුව සතුටු විය යුතුයි. යහපතැයි එම කීම පිළිගෙණ ඒ අනුව සතුටුව (එම ප්‍රශ්නයෙන්ද සෑහීමට පත් නොවේ නම්) මතුද ප්‍රශ්නයක් ඇසිය යුතුයි.
100
‘‘‘ඡයිමා , ආවුසො, ධාතුයො තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සම්මදක්ඛාතා. කතමා ඡ? පථවීධාතු, ආපොධාතු, තෙජොධාතු, වායොධාතු, ආකාසධාතු, විඤ්ඤාණධාතු - ඉමා ඛො, ආවුසො, ඡ ධාතුයො තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සම්මදක්ඛාතා. කථං ජානතො පනායස්මතො, කථං පස්සතො ඉමාසු ඡසු ධාතූසු අනුපාදාය ආසවෙහි චිත්තං විමුත්ත’න්ති? ඛීණාසවස්ස, භික්ඛවෙ, භික්ඛුනො වුසිතවතො කතකරණීයස්ස ඔහිතභාරස්ස අනුප්පත්තසදත්ථස්ස පරික්ඛීණභවසංයොජනස්ස සම්මදඤ්ඤාවිමුත්තස්ස අයමනුධම්මො හොති වෙය්‍යාකරණාය - ‘පථවීධාතුං ඛො අහං, ආවුසො, න අත්තතො උපගච්ඡිං, න ච පථවීධාතුනිස්සිතං අත්තානං. යෙ ච පථවීධාතුනිස්සිතා උපායූපාදානා චෙතසො අධිට්ඨානාභිනිවෙසානුසයා තෙසං ඛයා විරාගා නිරොධා චාගා පටිනිස්සග්ගා විමුත්තං මෙ චිත්තන්ති පජානාමි. ආපොධාතුං ඛො අහං, ආවුසො...පෙ.... තෙජොධාතුං ඛො අහං, ආවුසො... වායොධාතුං ඛො අහං, ආවුසො... ආකාසධාතුං ඛො අහං, ආවුසො... විඤ්ඤාණධාතුං ඛො අහං, ආවුසො, න අත්තතො උපගච්ඡිං, න ච විඤ්ඤාණධාතුනිස්සිතං අත්තානං. යෙ ච විඤ්ඤාණධාතුනිස්සිතා උපායූපාදානා චෙතසො අධිට්ඨානාභිනිවෙසානුසයා තෙසං ඛයා විරාගා නිරොධා චාගා පටිනිස්සග්ගා විමුත්තං මෙ චිත්තන්ති පජානාමි. එවං ඛො මෙ, ආවුසො, ජානතො, එවං පස්සතො ඉමාසු ඡසු ධාතූසු අනුපාදාය ආසවෙහි චිත්තං විමුත්ත’න්ති. තස්ස, භික්ඛවෙ, භික්ඛුනො ‘සාධූ’ති භාසිතං අභිනන්දිතබ්බං, අනුමොදිතබ්බං. ‘සාධූ’ති භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උත්තරිං පඤ්හො පුච්ඡිතබ්බො.
100
“ඇවැත්නි, භාග්‍යවත්වූ, සියල්ල දන්නාවූ, සියල්ල නුවණැසින් දක්නාවූ, අර්හත්වූ ඒ සම්‍යක් සම්බුදුරජානන් වහන්සේ විසින් මෙම ධාතු සය මැනවින් ප්‍රකාශ කරණලදී. කවර නම් සයක්ද යත්? පඨවි ධාතුය, ආපො ධාතුය, තෙජො ධාතුය, වායො ධාතුය ආකාස ධාතුය, විඤ්ඤාණ ධාතුය යන සයයි.
ඇවැත්නි, භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ සියල්ල නුවණැසින් දක්නාවූ අර්හත් වූ, ඒ සම්‍යක් සම්බුදුරාජාණන් වහන්සේ විසින් මෙම ධාතු සය මැනවින් ප්‍රකාශ කරණලදහ.
“මේ ධාතු සයෙහි කෙසේ දන්නාවූ කෙසේ දක්නාවූ ආයුෂ්මතුන්ගේ සිත තාෂ්ණා දෘෂ්ටි වශයෙන් නොගෙණ ආශ්‍රවයන්ගෙන් මිදුනේද කියායි.
“මහණෙනි ක්ෂීණාශ්‍රවවූ වැස නිමවනලද බ්‍රහ්මචර්‍ය්‍යා ඇති කටයුතු දැ කොට අවසන්වූ බහා තබනලද බර ඇති පැමිණි තමාගේ අර්ථය ඇති ක්ෂය කළ භව බැඳුම් ඇති මැනවින් දැන මිදුනාවූ භික්ෂුවගේ විසඳීම මේ ආකාරවේ.
‘ඇවැත්නි, මම වනාහි පඨවි ධාතුව තමා නොවේයයි නුවණින් බැස ගතිමි. පඨවි ධාතුව ඇසුරුකොටද තමා නැත්තේය. පඨවි ධාතුව ඇසුරු කොට පවත්නා මමය මාගේ යයි ගන්නාවූ චිත්තයාගේ සිටීමය, ඇතුළත් වීමය, අනුශය වශයෙන් පැවැත්මයයි කියනලද යම් ඒ තෘෂ්ණා දෘෂ්ටීහු වෙත්ද ඔවුන්ගේ ක්ෂය වීමෙන් නොඇලීමෙන් වැළැක්මෙන්, හැරලීමෙන්, අතහැර දැමීමෙන් මාගේ සිත මිදුණේ යයි දනිමි.
“ඇවැත්නි, මම වනාහි ආපෝධාතුව ආත්මයයි නො ගනිමි. ආපෝධාතුව ඇසුරුකොටද ආත්මයක් ඇතැයි නොගනිමි. ආපෝ ධාතුව ඇසුරුකොට මමය මාගේයයි සිත පිහිටන්නාවූ, බැසගන්නාවූ, අනුශය වශයෙන් පවත්නාවූ යම් ඒ තෘෂ්ණා දෘෂ්ටීහු වෙත්ද, ඔවුන්ගේ ක්ෂය වීමෙන් නොඇලීමෙන් වැලැක්මෙන්, හැරවීමෙන්, අතහැර දැමීමෙන් මාගේ සිත ‘මිදුනේයයි දනිමි.
ඇවැත්නි, මම වනාහි තෙජෝධාතුව ආත්මයයි නොගතිමි තෙජො ධාතුව ඇසුරුකොටද, ආත්මයක් ඇතැයි නොගතිමි. තේජෝධාතුව ඇසුරුකොට ආත්මයයි නොගතිමි. ආපෝධාතුව ඇසුරුකොටද ආත්මයක් ඇතැයි නොගතිමි. ආපෝධාතුව ඇසුරුකොට මමය මාගේයයි සිත පිහිටුවන්නාවූ බැසගන්නාවූ අනුශය වශයෙන් පවත්නාවූ යම් ඒ තෘෂ්ණා දෘෂ්ටීහු වෙත්ද, ඔවුන්ගේ ක්ෂය වීමෙන් නොඇලීමෙන් වැලැක්මෙන්, හැරවීමෙන් අතහැර දැමීමෙන් මාගේ සිත මිදුණේ යයි දනිමි.
ඇවැත්නි, මම වනාහි වායෝධාතුව ආත්මයයි නොගනිමි. වයෝධාතුව ඇසුරුකොටද, ආත්මයක් ඇතැයි නොගතිමි. වායෝධාතුව ඇසුරුකොට ආත්මයයි නොගතිමි. ආපෝධාතුව ඇසුරුකොටද ආත්මයක් ඇතැයි නොගතිමි. ආපෝධාතුව ඇසුරුකොට මමය මාගේ යයි සිත පිහිටන්නාවූ බැසගන්නා වූ අනුශය වශයෙන් පවත්නාවූ, යම් ඒ තෘෂ්ණා දෘෂ්ටීහු වෙත්ද, ඔවුන්ගේ ක්ෂය වීමෙන් නොඇලීමෙන්, වැලැක්මෙන් හැරවීමෙන්, අතහැර දැමීමෙන් මාගේ සිත මිදුනේයයි දනිමි. ඇවැත්නි, මම වනාහි ආකාස ධාතුව ආත්මයයි නොගතිමි. ආකාස ධාතුව ඇසුරුකොටද, ආත්මයක් ඇතැයි නොගතිමි. ආකාස ධාතුව ඇසුරුකොට ආත්මයයි නොගතිමි. ආපෝ ධාතුව ඇසුරුකොටද ආත්මයක් ඇතැයි නොගනිමි. ආපෝ ධාතුව ඇසුරුකොට මමය මාගේයයි සිත පිහිටුවන්නාවූ බැස ගන්නාවූ අනුශය වශයෙන් පවත්නාවූ යම් ඒ තෘෂ්ණා දෘෂ්ටීහු වෙත්ද, ඔවුන්ගේ ක්ෂය වීමෙන් නොඇලීමෙන්, වැලැක්මෙන් හැරවීමෙන්, අතහැර දැමීමෙන් මාගේ සිත මිදුනේයයි දනිමි.
“ඇවැත්නි, මම වනාහි විඤ්ඤාණධාතුව තමා නොවේයයි නුවණින් බැසගතිමි. විඤ්ඤාණධාතුව ඇසුරුකොටද තමා නැත්තේය. විඤ්ඤාණධාතුව ඇසුරුකොට පවත්නා මමය මාගේයයි ගන්නා චිත්තයාගේ ඇතුළත්වීමය අනුශය වශයෙන් පැවැත්මයයි කියනලද යම් ඒ තෘෂ්ණා දෘෂ්ටීහු වෙත්ද, ඔවුන්ගේ ක්ෂය වීමෙන් නොඇලීමෙන්, වැලැක්මෙන්, හැරලීමෙන්, අත්හැර දැමීමෙන් මාගේ සිත මිදුණේයයි දනිමි.
“ඇවැත්නි, මෙසේ වනාහි මේ ධාතු සයෙහි දන්නාවූ මෙසේ දක්නාවූ මාගේ සිත තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොගෙණ ආශ්‍රවයන් කෙරෙන් සිත මිදුනේය කියායි.
“ඇවැත්නි, ඒ භික්ෂුවගේ කීම යහපතැයි කියා පිළිගත යුතුයි. ඒ අනුව සතුටුවිය යුතුයි. යහපතැයි ඒ කීම පිළිගෙණ ඒ අනුව සතුටුව (එම ප්‍රශ්නයෙන්ද, සෑහීමට පත් නොවේ නම්) මතුද ප්‍රශ්නයක් ඇසිය යුතුයි.
101
‘‘‘ඡ ඛො පනිමානි, ආවුසො, අජ්ඣත්තිකබාහිරානි (අජ්ඣත්තිකානි බාහිරානි (ස්‍යා. කං. පී.)) ආයතනානි තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සම්මදක්ඛාතානි. කතමානි ඡ? චක්ඛු චෙව රූපා ච, සොතඤ්ච සද්දා ච, ඝානඤ්ච ගන්ධා ච, ජිව්හා ච රසා ච, කායො ච ඵොට්ඨබ්බා ච, මනො ච ධම්මා ච - ඉමානි ඛො, ආවුසො, ඡ අජ්ඣත්තිකබාහිරානි ආයතනානි තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සම්මදක්ඛාතානි. කථං ජානතො පනායස්මතො, කථං පස්සතො ඉමෙසු ඡසු අජ්ඣත්තිකබාහිරෙසු ආයතනෙසු අනුපාදාය ආසවෙහි චිත්තං විමුත්ත’න්ති? ඛීණාසවස්ස, භික්ඛවෙ, භික්ඛුනො වුසිතවතො කතකරණීයස්ස ඔහිතභාරස්ස අනුප්පත්තසදත්ථස්ස පරික්ඛීණභවසංයොජනස්ස සම්මදඤ්ඤාවිමුත්තස්ස අයමනුධම්මො හොති වෙය්‍යාකරණාය - ‘චක්ඛුස්මිං, ආවුසො, රූපෙ චක්ඛුවිඤ්ඤාණෙ චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙසු ධම්මෙසු යො ඡන්දො යො රාගො යා නන්දී (නන්දි (සී. ස්‍යා. කං. පී.)) යා තණ්හා යෙ ච උපායූපාදානා චෙතසො අධිට්ඨානාභිනිවෙසානුසයා තෙසං ඛයා විරාගා නිරොධා චාගා පටිනිස්සග්ගා විමුත්තං මෙ චිත්තන්ති පජානාමි. සොතස්මිං, ආවුසො, සද්දෙ සොතවිඤ්ඤාණෙ...පෙ.... ඝානස්මිං, ආවුසො, ගන්ධෙ ඝානවිඤ්ඤාණෙ... ජිව්හාය, ආවුසො, රසෙ ජිව්හාවිඤ්ඤාණෙ... කායස්මිං, ආවුසො, ඵොට්ඨබ්බෙ කායවිඤ්ඤාණෙ... මනස්මිං, ආවුසො, ධම්මෙ මනොවිඤ්ඤාණෙ මනොවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙසු ධම්මෙසු යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා යෙ ච උපායූපාදානා චෙතසො අධිට්ඨානාභිනිවෙසානුසයා තෙසං ඛයා විරාගා නිරොධා චාගා පටිනිස්සග්ගා විමුත්තං මෙ චිත්තන්ති පජානාමි. එවං ඛො මෙ, ආවුසො, ජානතො එවං පස්සතො ඉමෙසු ඡසු අජ්ඣත්තිකබාහිරෙසු ආයතනෙසු අනුපාදාය ආසවෙහි චිත්තං විමුත්ත’න්ති. තස්ස, භික්ඛවෙ, භික්ඛුනො ‘සාධූ’ති භාසිතං අභිනන්දිතබ්බං අනුමොදිතබ්බං. ‘සාධූ’ති භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උත්තරිං පඤ්හො පුච්ඡිතබ්බො.
101
“ඇවැත්නි, භාග්‍යවත්වූ, සියල්ල දන්නාවූ, සියල්ල නුවණැසින් දක්නාවූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ විසින් මේ සය වැදෑරුම්වූ අධ්‍යාත්මික බාහිර ආයතනයෝ මැනවින් ප්‍රකාශ කරණ ලදහ. කවර නම් සයක්ද යත්? ඇසද රූපයෝද, කණද ශබ්දයෝද, නාසයද ගන්ධයෝද, දිවද රසයෝද, කයද ස්පර්ශයෝද, සිතද ධර්මයෝද යන මේ සයයි.
“ඇවැත්නි, භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ සියල්ල නුවණැසින් දක්නාවූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ විසින් මේ සය වැදෑරුම්වූ ආධ්‍යාත්මික බාහිර ආයතනයෝ මැනවින් ප්‍රකාශ කරණ ලදහ.
මේ සය වැදෑරුම්වූ ආධ්‍යාත්මික බාහිර ආයතනයන් කෙරෙහි කෙසේ දන්නාවූ, කෙසේ දක්නාවූ ආයුෂ්මතුන්ගේ සිත විසින් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොගෙණ ආශ්‍රවයන් ගෙන් මිදුණේද කියායි.
‘මහණෙනි, ක්ෂීණාශ්‍රවවූ, වැස නිමවනලද බ්‍රහ්මචර්‍ය්‍යා ඇති කටයුතු දෑ කොට අවසන්වූ බහා තබනලද බර ඇති පැමිණි තමාගේ අර්ථය ඇති ක්ෂය කළ බව බැඳුම් ඇති මැනවින් දැන මිදුනාවූ භික්ෂුවගේ විසඳීම මේ ආකාරවේ.
“ඇවැත්නි, ඇසෙහිද, රූපයෙහිද, චක්ඛුවිඤ්ඤාණයෙහිද, චක්ඛුවිඤ්ඤාණයෙන් දැනගතයුතු ධර්මයන් කෙරෙහිද, යම් කැමැත්තෙක් වේද, යම් ඇලීමක් වේද, යම් සතුටු වීමක් වේද, යම් තණ්හාවක් වේද, මමය මාගේයයි ගන්නා චිත්තයාගේ සිටීමය, බැස ගැනීමය. අනුශය වශයෙන් පැවැත්මයි කියනලද යම් තෘෂ්ණාදෘෂ්ටීහු වෙත්ද ඔවුන්ගේ ක්ෂයවීමෙන්, නොඇලීමෙන්, වැළැක්වීමෙන්, හැරලීමෙන්, අතහැර දැමීමෙන් මාගේ සිත මිදුනේ වේයයි දනිමි.
“ඇවැත්නි, කණෙහිද, ශබ්දයෙහිද, සොත විඤ්ඤාණයෙහිද, ශ්‍රොත විඥානයෙන් දතයුතුවූ ධර්මයන්හිද, යම් තෘෂ්ණා ඡන්දයක් වේද, යම් ඇලීමෙක් වේද, යම් සතුටුවීමක් වේද, යම් තෘෂ්ණාවක් වේද, මමය මාගේයයි ගන්නා චිත්තයාගේ සිටීමය බැස ගැණීමය, අනුශය වශයෙන් පැවැත්මයයි කියනලද යම් තෘෂ්ණා දෘෂ්ටීහු වෙත්ද, ඔවුන්ගේ ක්ෂය වීමෙන්, නොඇලීමෙන්, වැලැක්මෙන්, හැරලීමෙන් අතහැර දැමීමෙන් මාගේ සිත මිදුණේයයි දනිමි.
“ඇවැත්නි, මේ සය වැදෑරුම් ආධ්‍යාත්මික බාහිර ආයතනයන් කෙරෙහි මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ මාගේ සිත තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නො ගෙණ ආශ්‍රවයන් කෙරෙන් සිත මිදුනේය කියායි.
“ඇවැත්නි, ඒ භික්ෂුවගේ කීම යහපතැයි කියා පිළිගත යුතුයි. ඒ අනුව සතුටුවිය යුතුයි. යහපතැයි ඒ කීම පිළිගෙණ ඒ අනුව සතුටුව (එම ප්‍රශ්නයෙන්ද සෑහීමට පත් නොවේනම්) මතුද ප්‍රශ්නයක් ඇසිය යුතුයි.
102
‘‘‘කථං ජානතො පනායස්මතො, කථං පස්සතො ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකෙ කායෙ බහිද්ධා ච සබ්බනිමිත්තෙසු අහංකාරමමංකාරමානානුසයා සමූහතා’ති (සුසමූහතාති (සී. ස්‍යා. කං. පී.))? ඛීණාසවස්ස , භික්ඛවෙ, භික්ඛුනො වුසිතවතො කතකරණීයස්ස ඔහිතභාරස්ස අනුප්පත්තසදත්ථස්ස පරික්ඛීණභවසංයොජනස්ස සම්මදඤ්ඤාවිමුත්තස්ස අයමනුධම්මො හොති වෙය්‍යාකරණාය - ‘පුබ්බෙ ඛො අහං, ආවුසො, අගාරියභූතො සමානො අවිද්දසු අහොසිං. තස්ස මෙ තථාගතො වා තථාගතසාවකො වා ධම්මං දෙසෙසි. තාහං ධම්මං සුත්වා තථාගතෙ සද්ධං පටිලභිං. සො තෙන සද්ධාපටිලාභෙන සමන්නාගතො ඉති පටිසඤ්චික්ඛිං - සම්බාධො ඝරාවාසො රජාපථො, අබ්භොකාසො පබ්බජ්ජා. නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්‍රහ්මචරියං චරිතුං. යංනූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්‍ය’’’න්ති.
‘‘සො ඛො අහං, ආවුසො, අපරෙන සමයෙන අප්පං වා භොගක්ඛන්ධං පහාය මහන්තං වා භොගක්ඛන්ධං පහාය, අප්පං වා ඤාතිපරිවට්ටං පහාය මහන්තං වා ඤාතිපරිවට්ටං පහාය කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිං. සො එවං පබ්බජිතො සමානො භික්ඛූනං සික්ඛාසාජීවසමාපන්නො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො අහොසිං නිහිතදණ්ඩො නිහිතසත්ථො, ලජ්ජී දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහාසිං. අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො අහොසිං දින්නාදායී දින්නපාටිකඞ්ඛී, අථෙනෙන සුචිභූතෙන අත්තනා විහාසිං. අබ්‍රහ්මචරියං පහාය බ්‍රහ්මචාරී අහොසිං ආරාචාරී විරතො මෙථුනා ගාමධම්මා. මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො අහොසිං සච්චවාදී සච්චසන්ධො ථෙතො පච්චයිකො අවිසංවාදකො ලොකස්ස. පිසුණං වාචං පහාය පිසුණාය වාචාය පටිවිරතො අහොසිං, ඉතො සුත්වා න අමුත්‍ර අක්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්‍ර වා සුත්වා න ඉමෙසං අක්ඛාතා අමූසං භෙදාය; ඉති භින්නානං වා සන්ධාතා සහිතානං වා අනුප්පදාතා සමග්ගාරාමො සමග්ගරතො සමග්ගනන්දී සමග්ගකරණිං වාචං භාසිතා අහොසිං. ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො අහොසිං; යා සා වාචා නෙලා කණ්ණසුඛා පෙමනීයා හදයඞ්ගමා පොරී බහුජනකන්තා බහුජනමනාපා තථාරූපිං වාචං භාසිතා අහොසිං. සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතො අහොසිං; කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී නිධානවතිං වාචං භාසිතා අහොසිං කාලෙන සාපදෙසං පරියන්තවතිං අත්ථසංහිතං.
‘‘සො බීජගාමභූතගාමසමාරම්භා පටිවිරතො අහොසිං, එකභත්තිකො අහොසිං රත්තූපරතො විරතො විකාලභොජනා. නච්චගීතවාදිතවිසූකදස්සනා පටිවිරතො අහොසිං. මාලාගන්ධවිලෙපනධාරණමණ්ඩනවිභූසනට්ඨානා පටිවිරතො අහොසිං. උච්චාසයනමහාසයනා පටිවිරතො අහොසිං. ජාතරූපරජතපටිග්ගහණා පටිවිරතො අහොසිං, ආමකධඤ්ඤපටිග්ගහණා පටිවිරතො අහොසිං, ආමකමංසපටිග්ගහණා පටිවිරතො අහොසිං; ඉත්ථිකුමාරිකපටිග්ගහණා පටිවිරතො අහොසිං, දාසිදාසපටිග්ගහණා පටිවිරතො අහොසිං, අජෙළකපටිග්ගහණා පටිවිරතො අහොසිං, කුක්කුටසූකරපටිග්ගහණා පටිවිරතො අහොසිං , හත්ථිගවස්සවළවපටිග්ගහණා පටිවිරතො අහොසිං, ඛෙත්තවත්ථුපටිග්ගහණා පටිවිරතො අහොසිං. දූතෙය්‍යපහිණගමනානුයොගා පටිවිරතො අහොසිං, කයවික්කයා පටිවිරතො අහොසිං, තුලාකූටකංසකූටමානකූටා පටිවිරතො අහොසිං, උක්කොටනවඤ්චනනිකතිසාචියොගා පටිවිරතො අහොසිං, ඡෙදනවධබන්ධනවිපරාමොසආලොපසහසාකාරා පටිවිරතො අහොසිං.
‘‘සො සන්තුට්ඨො අහොසිං කායපරිහාරිකෙන චීවරෙන, කුච්ඡිපරිහාරිකෙන පිණ්ඩපාතෙන. සො යෙන යෙනෙව (යෙන යෙන ච (ක.)) පක්කමිං සමාදායෙව පක්කමිං. සෙය්‍යථාපි නාම පක්ඛී සකුණො යෙන යෙනෙව ඩෙති සපත්තභාරොව ඩෙති; එවමෙව ඛො අහං, ආවුසො; සන්තුට්ඨො අහොසිං කායපරිහාරිකෙන චීවරෙන, කුච්ඡිපරිහාරිකෙන පිණ්ඩපාතෙන. සො යෙන යෙනෙව පක්කමිං සමාදායෙව පක්කමිං. සො ඉමිනා අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො අජ්ඣත්තං අනවජ්ජසුඛං පටිසංවෙදෙසිං.
102
“මේ විඤ්ඤාණ සහිත වූ කයෙහිද, බාහිරවූ සියළු ආරම්මණයන්හිද, කෙසේ දන්නාවූ කෙසේ දක්නාවූ ආයුෂ්මතුන්ගේ මමය මාගේ යයි ගන්නාවූ මානානුශයයෝ මැනවින් උදුරා දමන ලද්දාහුද? කියායි.
“මහණෙනි, ක්ෂීණාශ්‍රව වූ වැස නිමවන ලද බ්‍රහ්මචර්‍ය්‍යාව ඇති කටයුතු දෑ කොට අවසන් වූ බහා තබන ලද බර ඇති පැමිණි තමාගේ අර්ථය ඇති ක්ෂය කළ භව බැඳුම් ඇති, මැනවින් දැන මිදුනාවූ භික්ෂුවගේ විසඳීම් මේ ආකාර වෙයි.
“ඇවැත්නි, ‘මම වනාහි පෙර ගිහිව වසන්නේ නො දන්නෙක් වීමි. ඒ මට තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවක කෙනෙක් හෝ දහම් දෙසූහ. මම ඒ ධර්මය අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ලැබුවෙමි. ඒ ශ්‍රද්ධා ලාභයෙන් යුක්තවූ ඒ මම මෙසේ සිතිමි. කෙලෙස් දූවිලි වැදෙන මගවූ, ගිහිගෙයි විසීම අවහිරයකි. පැවිද්ද (නිදහස්වූ) අවකාශ ඇතියෙයි ගිහිගෙයි වසන්නහු විසින් එකාන්තයෙන් සම්පූර්ණවූ, එකාන්තයෙන් පිරිසිදුවූ, ලියවන ලද හක්ගෙඩියක් මෙන් පිරිසිදුවූ බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙන්ට පහසු නොවේ. මම කෙස් රැවුල් බා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවන්නෙම් නම් ඉතා යහපත්ය කියායි.
“ඇවැත්නි, ‘ඒ මම පසු කාලයෙහි ස්වල්පවූ හෝ මහත්වූ හෝ වස්තු හැර, ස්වල්පවූ හෝ මහත්වූ හෝ නෑ සමූහයා හැර, කෙස් රැවුල් බා කසාවත් හැඳ ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිවීමි.
‘මෙසේ පැවිදිවූ ඒ මම භික්ෂූන්ගේ ශික්ෂාවෙන් හා ආජිවයෙන් යුක්තවූයේ ප්‍රාණඝාතය හැර ප්‍රාණඝාතයෙන් වෙන්වූයේ වීමි. බහා තබනලද දඬු ඇත්තේ, බහා තබන ලද අවි ඇත්තේ, ලජ්ජාවෙන් යුක්තවූයේ දයා සහිත වූයේ සියළු ප්‍රාණීන් කෙරෙහි හිතානු කම්පා ඇතිව විසීමි.
‘නුදුන්දෙය ගැනුම හැර නුදුන් දෙය ගැණුමෙන් වෙන් වීමි. දුන්දෙය ගන්නේ දුන්දෙය බලාපොරොත්තු වන්නේ සොරසිත් රහිතවූ පිරිසිදු වූවෙක්ව විසීමි.
‘මෛථුන සෙවනය දුරුකොට, මෛථූන නම්වූ ග්‍රාම ධර්මයෙන් වෙන්වූයේ බ්‍රහ්මචාරී වීමි. මුසාවාදය හැර මුසාවාදයෙන් වෙන්වූයේ වීමි. සත්‍යය කියන්නෙක්, සත්‍යයෙන් සත්‍යය ගලපන්නෙක්, ස්ථිර කථා ඇත්තෙක් ඇදහියයුතු කථා ඇත්තෙක්, ලෝකයාට බොරු කියන්නෙක්, වීමි. කේළාම් වචනය හැර කේළාම් වචනයෙන් වෙන්වූයේ වීමි. මොවුන්ගේ භෙදය පිණිස මෙතනින් අසා එතැන නොකියන්නෙක් ඔවුන්ගේ භෙදය පිණිස එතනින් අසා මෙතැන නොකියන්නෙක් මෙසේ වෙන්වූවන්ගේ සමගිය ඇතිකරන්නෙක්, සමගි වූවන්ගේ සමගිය තව තවත් දියුණු කරන්නෙක් සමගියෙහි ඇළුනෙක් සමගියෙහි යෙදුනෙක් සමගියෙහි සතුටු වූවෙක් සමගිය ඇතිකරන්නාවූ වචනය කියන්නෙක් වීමි.
‘පරුෂ වචනය හැර පරුෂ වචනයෙන් වෙන්වූයේ වීමි. යම් ඒ වචනයක් ප්‍රියවේද, කණට මිහිරිවේද, ප්‍රෙම කළයුතුද, හදපතුළටම යන සුළුද, පුරවැසියන් විසින් ව්‍යවහාර කරන්නේද, බොහෝ දෙනා කැමතිවන්නහුද, බොහෝ දෙනාගේ මන වඩන්නේද, එබඳුවූ වචනය කියන්නෙක්වීමි.
‘හිස් වචන කීමහැර හිස් වචන කීමෙන් වෙන්වූයේ වීමි. සුදුසු කාලයෙහි කියන සුළුවූ, සිදුවූ දෙය කියන සුළුවූ, අර්ථවත් දෙය කියන සුළුවූ, ධර්මයෙන් යුත් දෙය කියන සුළුවූ, විනයෙන් යුත් දෙය කියන සුළුවූ විනයෙන් යුත් දෙය කියන සුළුවූ නිධානයක් මෙන්වූ, සිතේ තබාගැනීමට සුදුසුවූ, සුදුසු කල්හි කරුණු සහිතව අර්ථවත්වූ, ප්‍රමාණවත් වචන කියන්නෙක් වීමි.
ඒ මම පැලවෙන්නාවූ නිල් තණ පැලෑටි යනාදිය කැඩීමෙන් බිඳීමෙන් වෙන්වූයේ වීමි. රාත්‍රි භෝජනයෙන් වැළකුණේ ඒක භක්තික වීමි. නැටීම්, ගැයීම්, වැයීම් විසුළු දැකීමෙන් වෙන්වූයේ වීමි. සැරසීමට හා අලංකාරයට කරුණුවු මල් ගඳ විලවුන් දැරීමෙන් වෙන්වූයේ වීමි. උස් ආසන මහ ආසනවලින් වෙන් වූයේ වීමි. රන් රිදී (මසු කහවණු) පිළිගැන්වීමෙන් වෙන්වූයේ වීමි. අමු ධාන්‍ය පිළිගැණීමෙන් වෙන්වූයේ වීමි. අමු මස් පිළිගැණීමෙන් වෙන්වූයේ වීමි. ස්ත්‍රීන් හා කන්‍යාවන් පිළිගැණීමෙන් වෙන්වූයේ වීමි. දාසි දාසයන් පිළිගැණීමෙන් වෙන්වූයේ වීමි. එළු බැටළුවන් පිළිගැණීමෙන් වෙන්වූයේ වීමි. කුකුළන් හූරන් පිළිගැණීමෙන් වෙන්වූයේ වීමි. ඇත් ගව අස් වෙළඹුන් පිළිගැණීමෙන් වෙන්වූයේ වීමි. කෙත් වත් පිළිගැණීමෙන් වෙන් වූයේ වීමි. දූතයන් විසින් කරණු ලබන පණිවුඩ පණත් ගෙණ යාමෙන් වෙන්වූයේ වීමි. තරාදි ලොහො සේරු ආදියෙන් කරණ සොර වෙළඳාමෙන් වෙන්වූයේ වීමි’
අල්ලස් ගැණීම්, රැවටුම්, රන්වැනි දෙය රන්ය යනාදීන් කරණ වඤ්චා යන මේ වංකකම්වලින් වෙන්වූයේවීමි.
‘අත් පා කැපීම්, මැරීම්, බැඳීම්, සැඟවී මුළාකිරීම්, ගම් පැහැරීම්, බලයෙන් ගැනීම් ආදියෙන් වෙන්වූයේ වෙමි.
‘ඒ මම කයට පොහොනා තරම්වූ සිවුරෙන්ද කුසට පොහොනා තරමවූ පිණ්ඩපාතයෙන්ද සතුටු වූයේ වීමි. යම් යම් තැනකට ගියෙම්ද (සිවුරු පිරිකර) රැගෙණම ගියෙමි. යම්සේ පක්ෂියෙක්, තෙම යම් යම් තැනකට පියාඹායේද, පියාපත් බර සහිතවම පියාඹායේ. ඇවැත්නි, එපරිද්දෙන්ම මම කය පොහොනා සිවුරින් කුස පොහොනා පිණ්ඩපාතයෙන් සතුටුවූයේ වීමි. යම් යම් තැනකට ගියෙමි. (ඒ ඒ තැනට සිවුරු පිරිකර) රැගෙනම ගියෙමි.
‘ඒ මම මේ ආර්‍ය්‍යවූ ශීලස්කන්ධයෙන් සමන්විත වූයේ අධ්‍යාත්මිකවූ නිවැරදි සුවය වින්දෙමි.
103
‘‘සො චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී අහොසිං නානුබ්‍යඤ්ජනග්ගාහී; යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්‍යුං, තස්ස සංවරාය පටිපජ්ජිං ; රක්ඛිං චක්ඛුන්ද්‍රියං, චක්ඛුන්ද්‍රියෙ සංවරං ආපජ්ජිං. සොතෙන සද්දං සුත්වා...පෙ.... ඝානෙන ගන්ධං ඝායිත්වා...පෙ.... ජිව්හාය රසං සායිත්වා...පෙ.... කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා...පෙ.... මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී අහොසිං නානුබ්‍යඤ්ජනග්ගාහී; යත්වාධිකරණමෙනං මනින්ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්‍යුං, තස්ස සංවරාය පටිපජ්ජිං; රක්ඛිං මනින්ද්‍රියං, මනින්ද්‍රියෙ සංවරං ආපජ්ජිං. සො ඉමිනා අරියෙන ඉන්ද්‍රියසංවරෙන සමන්නාගතො අජ්ඣත්තං අබ්‍යාසෙකසුඛං පටිසංවෙදෙසිං.
‘‘සො අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී අහොසිං, ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී අහොසිං, සමිඤ්ජිතෙ පසාරිතෙ සම්පජානකාරී අහොසිං, සඞ්ඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී අහොසිං, අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී අහොසිං, උච්චාරපස්සාවකම්මෙ සම්පජානකාරී අහොසිං, ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජානකාරී අහොසිං.
‘‘සො ඉමිනා ච අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො, (ඉමාය ච අරියාය සන්තුට්ඨියා සමන්නාගතො,) (පස්ස ම. නි. 1.296 චූළහත්ථිපදොපමෙ) ඉමිනා ච අරියෙන ඉන්ද්‍රියසංවරෙන සමන්නාගතො, ඉමිනා ච අරියෙන සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො විවිත්තං සෙනාසනං භජිං අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජං. සො පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො නිසීදිං පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.
‘‘සො අභිජ්ඣං ලොකෙ පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහාසිං, අභිජ්ඣාය චිත්තං පරිසොධෙසිං. බ්‍යාපාදපදොසං පහාය අබ්‍යාපන්නචිත්තො විහාසිං සබ්බපාණභූතහිතානුකම්පී, බ්‍යාපාදපදොසා චිත්තං පරිසොධෙසිං. ථිනමිද්ධං පහාය විගතථිනමිද්ධො විහාසිං ආලොකසඤ්ඤී සතො සම්පජානො, ථිනමිද්ධා චිත්තං පරිසොධෙසිං. උද්ධච්චකුක්කුච්චං පහාය අනුද්ධතො විහාසිං අජ්ඣත්තං, වූපසන්තචිත්තො, උද්ධච්චකුක්කුච්චා චිත්තං පරිසොධෙසිං. විචිකිච්ඡං පහාය තිණ්ණවිචිකිච්ඡො විහාසිං අකථංකථී කුසලෙසු ධම්මෙසු, විචිකිච්ඡාය චිත්තං පරිසොධෙසිං.
103
ඒ මම ඇසින් රූප දැක නිමිති වශයෙන් නොගන්නේ, අනු ව්‍යඤ්ජන වශයෙන් නොගන්නේ වීමි. යම් හෙයකින් ඒ නිමිති ගැණීම හේතුකොටගෙණ චක්ඛුන්ද්‍රිය අසංවර කළවුන් අනුව ලෝභය හා දොම්නස් නම්වූ පවිටු අකුසල ධර්මයෝ වහනය වෙත්ද, එහෙයින් ඇසේ සංවරය පිණිස, පිළිපැද්දෙමි. ඇස රැක්කෙමි ඇසෙහි සංවරයට පැමිණියෙමි. කණින් ශබ්දය අසා ලකුණු වශයෙන් නොගන්නේ, කුඩා ලකුණු වශයෙන් නොගන්නේවීමි යම් හෙයකින් ඒ නිමිති ගැණීම හේතුකොටගෙණ සෝතෙන්ද්‍රිය අසංවර කළවුන් අනුව ලෝභ දොස යන පවිටු අකුශල ධර්මයන් වහනය වෙත්ද, එහෙයින් ඔහුගේ සංවරය පිණිස පිළිපැද්දෙමි. නාසයෙන් ගන්ධය දැන ලකුණු වශයෙන් කුඩා ලකුණු වශයෙන් නොගන්නේ වීමි. යම් හෙයකින් ඒ ලකුණු වශයෙන් කුඩා ලකුණු වශයෙන් ගැනීම හේතුකොටගෙණ ඝාණෙන්ද්‍රිය ලකුණු වශයෙන් නොගන්නේ, කුඩා ලකුණු වශයෙන් නොගන්නේ, වීමි. යම් හෙයකින් ඒ නිමිති ගැණීම හේතුකොටගෙණ සොතෙන්ද්‍රිය සංවර කළවුන් අනුව ලෝභ දොස යන පවිටු අකුශල ධර්මයන් වහනය වෙත්ද, එහෙයින් ඔහුගේ සංවරය පිණිස පිළිපැද්දෙමි. දිවෙන්ද රස විඳ ලකුණු වශයෙන් නොගන්නේ. කුඩා ලකුණු වශයෙන් නොගන්නේ වීමි. යම් හෙයකින් ඒ ලකුණු වශයෙන් ගැනීම කුඩා ලකුණු වශයෙන් ගැනීම හේතුකොටගෙණ ජිව්හෙන්ද්‍රිය ලකුණු වශයෙන් නොගන්නේ කුඩා ලකුණු වශයෙන් නොගන්නේ වීමි. යම් හෙයකින් ඒ නිමිති ගැනීම හේතුකොටගෙණ සොතෙන්ද්‍රිය සංවර කළවුන් අනුව ලෝභ දොස යන පවිටු අකුසල ධර්මයන් වහනය වෙත්ද, එහෙයින් ඔහුගේ සංවරය පිණිස පිළිපැද්දෙමි. කයින් ස්පර්ශය ස්පර්ශකොට ලකුණු වශයෙන් නොගන්නේ, කුඩා ලකුණු වශයෙන් නොගන්නේ, වීමි. යම් හෙයකින් ඒ නිමිති ගැනීම හේතුකොටගෙණ කායෙන්ද්‍රිය ලකුණු වශයෙන් නොගන්නේ, කුඩා ලකුණු වශයෙන් නොගන්නේ වීමි. යම් හෙයකින් ඒ නිමිති ගැනීම හේතු කොටගෙණ සොතෙන්ද්‍රිය සංවර කළවුන් අනුව ලෝභ දොස යන පවිටු අකුශල ධර්මයන් වහනය වෙත්ද, එහෙයින් ඔහුගේ සංවරය පිණිස පිළිපැද්දෙමි. මනසින් ධර්මය (ධර්මා ලම්බනය) දැන නිමිති වශයෙන් නොගන්නේ අනු ව්‍යඤ්ජන වශයෙන් නොගන්නේ වීමි. යම් හෙයකින් ඒ නිමිති ගැනීම හේතුකොට මනින්ද්‍රිය අසංවර කළ වුන් අනුව ලෝභය හා දොම්නස නම් පවිටු අකුශල ධර්මයෝ වහනය වෙත්ද එහෙයින් සිතේසංවරය පිණිස පිළිපැද්දෙමි. මනින්ද්‍රිය රැක්කෙමි. මනින්ද්‍රියෙහි සංවරයට පැමිණියෙමි. ඒ මම මේ ආර්‍ය්‍යවූ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තවූයේ අධ්‍යාත්මිකවූ කෙලෙස් හා අමිශ්‍රවූ සුවය වින්දෙමි.
‘ඒ මම ඉදිරියට යාමෙහිද, ආපසු ඊමෙහිද, නුවණින් යුක්තවූයේවීමි. ඉදිරිපස බැලීමෙහිද හැරී බැලීමෙහිද නුවණින් යුක්තවීමි. (අත්පා) දිගු කිරීමෙහිද, හැකිලීමෙහිද, නුවණින් යුක්තවීමි. සඟලසිවුර පාත්‍රසිව්රු දැරීමෙහිද නුවණින් යුක්ත වීමි. අනුභව කිරීමෙහි, පීඹෙහි, කෑමෙහි රසවිඳ ගැන්මෙහි නුවණින් යුක්තවීමි. මලමුත්‍ර කිරීමෙහි නුවණින් යුක්තවීමි. යාමෙහි සිටීමෙහි හිඳීමෙහි නිදීමෙහි නිදිමැරීමෙහි කීමෙහි, නිශ්ශබ්දවීමෙහි නුවණින් යුක්තවීමි.
‘ඒ මම මේ ආර්‍ය්‍ය වූ සීලස්කන්ධයෙන්ද සමන්විත වූයේ මේ ආර්‍ය්‍යවූ ඉන්ද්‍රිය සංවරයෙන්ද සමන්විත වූයේ මේ ආර්‍ය්‍යවූ සිහිනුවණින්ද යුක්ත වූයේ අරණ්‍යය, වෘක්ෂ මූලය, පර්වතයක කඳුරැළිය, ගිරිගුහාවය, සොහොනය, කැලෑවෙහිය, දුරසෙනසුනය (අභ්‍යවකාසය) එලිමහනය පිදුරුගොඩය යන විවේක සෙනසුනක් භජනය කෙළෙමි.
‘ඒ මම සවස් කල පිණ්ඩපාතයෙන් පෙරළා අවුත් අරමිනිය ගොතා හිඳ කය කෙළින් තබා සිහිය පෙරටුකොට එලවා හුන්නෙමි. ඒ මම ස්කන්ධ ලෝකයෙහි ආශාව දුරු කොට පහවූ ආශාවෙන් යුත් සිතින් විසීමි. ආශාවෙන් සිත පිරිසිදු කෙළෙමි. ක්‍රෝධය හැර ක්‍රෝධයෙන් තොරවූ සිත් ඇත්තේ සියළු සත්වයන් කෙරෙහි අනුකම්පා කරණ සුළුව විසීමි. ව්‍යාපාද දෝෂයෙන් සිත පිරිසිදු කෙළෙමි. ථීනමිද්ධය හැර පහවූ ථීනමිද්ධය ඇත්තේ ආලෝක සඥාවෙන් යුක්තවූයේ සිහියෙන් හා ප්‍රඥාවෙන් යුක්තවූයේ විසීමි. ථීනමිද්ධයෙන් සිත පිරිසිදු කෙළෙමි. උද්ධච්චකුක්කුච්චය හැර ඇතුළත සංසිඳවූ සිත් ඇත්තේ උද්ධච්චකුක්කුච්ච රහිතව විසීමි. උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කෙළෙමි. විචිකිච්ඡාව හැර එතර කළ විචිකිච්ඡා ඇත්තේ සැක රහිත වූයේ විසීමි. කුශල ධර්මයන්හි වූ සැකයෙන් සිත පිරිසිදු කෙළෙමි.
104
‘‘සො ඉමෙ පඤ්ච නීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහාසිං. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං...පෙ.... තතියං ඣානං... චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහාසිං.
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමෙසිං. සො ඉදං දුක්ඛන්ති යථාභූතං අබ්භඤ්ඤාසිං, අයං දුක්ඛසමුදයොති යථාභූතං අබ්භඤ්ඤාසිං, අයං දුක්ඛනිරොධොති යථාභූතං අබ්භඤ්ඤාසිං, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං අබ්භඤ්ඤාසිං; ඉමෙ ආසවාති යථාභූතං අබ්භඤ්ඤාසිං, අයං ආසවසමුදයොති යථාභූතං අබ්භඤ්ඤාසිං, අයං ආසවනිරොධොති යථාභූතං අබ්භඤ්ඤාසිං, අයං ආසවනිරොධගාමිනී පටිපදාති යථාභූතං අබ්භඤ්ඤාසිං. තස්ස මෙ එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චිත්ථ, භවාසවාපි චිත්තං විමුච්චිත්ථ, අවිජ්ජාසවාපි චිත්තං විමුච්චිත්ථः විමුත්තස්මිං විමුත්තමිති ඤාණං අහොසි. ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති අබ්භඤ්ඤාසිං. එවං ඛො මෙ, ආවුසො, ජානතො එවං පස්සතො ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකෙ කායෙ බහිද්ධා ච සබ්බනිමිත්තෙසු අහංකාරමමංකාරමානානුසයා සමූහතා’’ති . ‘‘තස්ස, භික්ඛවෙ, භික්ඛුනො ‘සාධූ’ති භාසිතං අභිනන්දිතබ්බං අනුමොදිතබ්බං. ‘සාධූ’ති භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා එවමස්ස වචනීයො - ‘ලාභා නො, ආවුසො, සුලද්ධං නො, ආවුසො, යෙ මයං ආයස්මන්තං තාදිසං සබ්‍රහ්මචාරිං සමනුපස්සාමා’’’ති (පස්සාමාති (සී.)).
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
104
‘ඒ මම මේ ප්‍රඥාව දුර්වල කරන්නාවූ සිත කිලිටි කරන්නාවූ පඤ්ච නීවරණයන් හැර කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීති සුඛ ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ විසීමි. විතර්ක විචාරයන්ගෙන් සංසිඳීමෙන් ඇතුළත පහද වන්නාවූ සිත එකඟ කරන්නාවූ විතර්ක රහිතවූ විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීති සුඛය ඇති දූතියධ්‍යානයට පැමිණ විසීමි. ප්‍රීතියෙන්ද වෙන්වීමෙන් උපෙක්ෂා සහිතවූයේ විසීමි. සිහියෙන් යුක්ත වූයේ ප්‍රඥාවෙන් යුක්ත වූයේ සුඛයද, කයින් වින්දෙමි. උපේකෂා සහිත වූයේ සිහියෙන් යුක්තවූයේ සුවසේ වෙසේයයි ඒ යම් ධ්‍යානයකට ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තෘතියධ්‍යානයට පැමිණ විසීමි. සුඛයද පහ කිරීමෙන් දුක්ඛයද පහ කිරීමෙන් පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ දුරු කිරීමෙන් දුක්ද නොවූ සැපද නොවූ උපෙක්ෂාවෙන් හා සිහියෙන් පිරිසිදුවූ චතුර්ථ ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි.
‘ඒ මම මෙසේ සිත සමාධිගතවූ කල්හි පිරිසිදුවූ කල්හි කෙලෙස් රහිත වූ කල්හි උපක්ලේෂ රහිතවූ කල්හි මෘදුවූ කල්හි, කර්මණ්‍ය වූ කල්හි නිශ්චල වූ කල්හි නොසැලෙන බවට පැමිණියාවූ කල්හි ආශ්‍රවයන්ගේ ක්ෂය පිණිස සිත නැමීමි.
‘ඒ මම මේ දුකයයි තත්වූ පරිදි දැනගත්තෙමි මේ දුක්ඛ සමුදය (දුක් ඉපදීමේ හේතුව) යයි තත්වූ පරිදි දැනගත්තෙමි. මේ දුක්ඛ නිරෝධය (දුක් නැතිවීම) යයි තත්වූ පරිදි දැන ගත්තෙමි. මේ දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාව (දුක් නැති කිරීමේ ප්‍රතිපත්තිය) යයි තත්වූ පරිදි දැන ගත්තෙමි. මේ ආශ්‍රවයෝ යයි තත්වූ පරිදි දැන ගත්තෙමි. මේ ආශ්‍රව ඉපදීමේ හේතුව (ආසව සමුදය) යයි තත්වූ පරිදි දැන ගත්තෙමි. මේ ආශ්‍රව නැතිවීම (ආසව නිරෝධ) යයි තත්වූ පරිදි දැනගත්තෙමි. මේ ආශ්‍රව නිරෝධයට යන ප්‍රතිපදාව (ආසව නිරෝධ ගාමිණී පටිපදා) යයි තත්වූ පරිදි දැන ගත්තෙමි.
‘මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ මාගේ සිත කාමාශ්‍රවයන්ගෙන්ද මිදුනේය. භවාශ්‍රවයන්ගෙන්ද මිදුනේය. අවිද්‍යාශ්‍රවයන්ගෙන්ද සිත මිදුනේය. මිදීමෙහි මිදුණේය යන නුවණ පහළ විය. නැවත නැවත ඉපදීම නැති විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදි, කටුයතු දෑ කරණ ලදි. මේ (දුක් නැතිකිරීම) මින්මතු කළ යුත්තක් නැතැයි දැනගතිමි.
“ඇවැත්නි, ‘මේ විඤ්ඤාණ සහිත කයෙහිද බාහිරවූ සියළු නිමිතින්ද මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ මාගේ මමය මාගේයයි ගන්නා මානානුශයෝ මැනවින් උපුටා දමන ලදහ’ කියායි.
“ඇවැත්නි, ඒ භික්ෂුවගේ කීම යහපතැයි කියා පිළිගත යුතුයි. ඒ අනුව සතුටු විය යුතුයි. යහපතැයි ඒ කීම පිළිගෙණ ඒ අනුව සතුටුව මෙසේ කියයුතු වන්නේය. යම් හෙයකින් එබඳු ආයුෂ්මත්වූ බ්‍රහ්මචාරී කෙනෙක් දකිමුද, ඇවැත්නි, එය අපට ලාභයකි. ඇවැත්නි, එය අපට මනාවූ ලාභයකි.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටුවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගත්තාහුය.
3. සප්පුරිසසුත්තං 3. සප්පුරිස සූත්‍රය
4. සෙවිතබ්බාසෙවිතබ්බසුත්තං 4. සෙවිතබ්බාසෙවිතබ්බ සූත්‍රය
5. බහුධාතුකසුත්තං 5. බහුධාතුක සූත්‍රය
6. ඉසිගිලිසුත්තං 6. ඉසිගිලි සූත්‍රය
7. මහාචත්තාරීසකසුත්තං 7. මහා චත්තාරීසක සූත්‍රය
8. ආනාපානස්සතිසුත්තං 8. ආනාපාන සති සූත්‍රය
9. කායගතාසතිසුත්තං 9. කායගතා සති සූත්‍රය
10. සඞ්ඛාරුපපත්තිසුත්තං 10. සංඛාරුප්පත්ති සූත්‍රය