ත්‍රිපිටකය
2. අනුපදවග්ගො 2. අනුපද වර්ගය
1. අනුපදසුත්තං 1. අනුපද සූත්‍රය
2. ඡබ්බිසොධනසුත්තං 2. ඡබ්බ සොධන සූත්‍රය
3. සප්පුරිසසුත්තං 3. සප්පුරිස සූත්‍රය
4. සෙවිතබ්බාසෙවිතබ්බසුත්තං 4. සෙවිතබ්බාසෙවිතබ්බ සූත්‍රය
5. බහුධාතුකසුත්තං 5. බහුධාතුක සූත්‍රය
6. ඉසිගිලිසුත්තං 6. ඉසිගිලි සූත්‍රය
7. මහාචත්තාරීසකසුත්තං 7. මහා චත්තාරීසක සූත්‍රය
8. ආනාපානස්සතිසුත්තං 8. ආනාපාන සති සූත්‍රය
9. කායගතාසතිසුත්තං 9. කායගතා සති සූත්‍රය
10. සඞ්ඛාරුපපත්තිසුත්තං 10. සංඛාරුප්පත්ති සූත්‍රය
160
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘භික්ඛවො’’ති. ‘‘භදන්තෙ’’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච - ‘‘සඞ්ඛාරුපපත්තිං (සඞ්ඛාරූපපත්තිං (ස්‍යා. කං.), සඞ්ඛාරුප්පත්තිං (සී. පී.)) වො, භික්ඛවෙ, දෙසෙස්සාමි, තං සුණාථ, සාධුකං මනසි කරොථ; භාසිස්සාමී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
160
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරති. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, කියා භික්ෂූන්ට ආමන්ත්‍රණය කළහ. ඒ භික්ෂූහු ‘භාග්‍යවතුන් වහන්සේ යැයි’ උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. “මහණෙනි, (මම) තොපට සංස්කාරයන්ගේ ඇතිවීම දේශනා කරන්නෙමි. එය අසව්, මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි.” “එසේය ස්වාමීනියි” ඒ භික්ෂූහු උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
161
‘‘ඉධ, භික්ඛවෙ, භික්ඛු සද්ධාය සමන්නාගතො හොති, සීලෙන සමන්නාගතො හොති, සුතෙන සමන්නාගතො හොති, චාගෙන සමන්නාගතො හොති, පඤ්ඤාය සමන්නාගතො හොති. තස්ස එවං හොති - ‘අහො වතාහං කායස්ස භෙදා පරං මරණා ඛත්තියමහාසාලානං (ඛත්තියමහාසාලානං වා (ස්‍යා. කං. පී.)) සහබ්‍යතං උපපජ්ජෙය්‍ය’න්ති. සො තං චිත්තං දහති, තං චිත්තං අධිට්ඨාති, තං චිත්තං භාවෙති . තස්ස තෙ සඞ්ඛාරා ච විහාරා (විහාරො (සී. පී.)) ච එවං භාවිතා එවං බහුලීකතා තත්‍රුපපත්තියා (තත්‍රූපපත්තියා (ස්‍යා. කං.), තත්‍රුප්පත්තියා (සී. පී.)) සංවත්තන්ති. අයං, භික්ඛවෙ, මග්ගො අයං පටිපදා තත්‍රුපපත්තියා සංවත්තති.
161
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ශ්‍රද්ධාවෙන් යුක්තවූයේ වෙයිද, ශීලයෙන් යුක්තවූයේ වෙයිද, බහුශ්‍රැත භාවයෙන් යුක්තවූයේ වෙයිද, ත්‍යාගයෙන් යුක්ත වූයේ වෙයිද, ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙයිද, ඔහුට මම මේ ශරීරය බිඳීමෙන් මරණින් පසු ක්ෂත්‍රිය මහාසාරයන් හා එක්වීමට (උප්පත්ති වශයෙන්) පැමිණෙම් නම් ඉතා හොඳයයි සිත් වන්නේය. හෙතෙම ඒ සිත තබයිද ඒ සිත පිහිටුවයිද ඒ සිත වඩයිද, මෙසේ වඩන ලද මෙසේ පුරුදු කරනලද ඒ ප්‍රාර්ථනාව සහිත ශ්‍රද්ධාදි ධර්මයෝ එහි ඉපදීම පිණිස පවතිත්. මහණෙනි, මේ මාර්ගය මේ ප්‍රතිපදාව එහි ඉපදීම පිණිස පවතී.
162
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සද්ධාය සමන්නාගතො හොති, සීලෙන සමන්නාගතො හොති, සුතෙන සමන්නාගතො හොති, චාගෙන සමන්නාගතො හොති, පඤ්ඤාය සමන්නාගතො හොති. තස්ස එවං හොති - ‘අහො වතාහං කායස්ස භෙදා පරං මරණා බ්‍රාහ්මණමහාසාලානං...පෙ.... ගහපතිමහාසාලානං (බ්‍රාහ්මණමහාසාලානං වා ගහපතිමහාසාලානං වා (ස්‍යා. කං. පී.)) සහබ්‍යතං උපපජ්ජෙය්‍ය’න්ති. සො තං චිත්තං දහති, තං චිත්තං අධිට්ඨාති, තං චිත්තං භාවෙති. තස්ස තෙ සඞ්ඛාරා ච විහාරා ච එවං භාවිතා එවං බහුලීකතා තත්‍රුපපත්තියා සංවත්තන්ති. අයං, භික්ඛවෙ, මග්ගො අයං පටිපදා තත්‍රුපපත්තියා සංවත්තති.
162
“මහණෙනි, නැවතද මහණතෙම ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ වෙයිද, ශීලයෙන් යුක්තවූයේ වෙයිද, බහුශ්‍රැත භාවයෙන් යුක්තවූයේ වෙයිද ත්‍යාගයෙන් යුක්ත වූයේ වෙයිද, ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙයිද, ඒ මහණහට ශරීරය බිඳීමෙන් මරණින් පසු මම බ්‍රාහ්මණ මහාසාරයන් එක්වීමට පැමිණෙන්නෙම් නම් ඉතා හොඳයයි සිතන්නේද ඒ සිත තබන්නේද ඒ සිත පිහිටුවයිද ඒ සිත වඩයිද මෙසේ වඩනලද මෙසේ පුරුදු කරන ලද ඒ ප්‍රාර්ථනාව සහිත ශ්‍රද්ධාදි ධර්මයෝ එහි ඉපදීම පිණිස පවතිත්. මහණෙනි, මේ මාර්ගය මේ ප්‍රතිපදාව එහි ඉපදීම පිණිස පවතී.
“මහණෙනි, නැවතද මහණතෙමේ ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ සීලයෙන් යුක්තවූයේ ත්‍යාගයෙන් යුක්තවූයේ බහුශ්‍රැතයෙන් යුක්තවූයේ ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙයිද, ඔහුට මම ශරීරය බිඳීමෙන් මරණින් මතු ගෘහපති මහාසාර කුලයෙහි උපදින්නෙම් නම් හොඳයයි සිත්වන්නේය. හෙතෙම ඒ සිත තබයිද ඒ සිත පිහිටුවයිද ඒ සිත වඩයිද මෙසේ වඩන ලද මෙසේ පුරුදු කරන ලද ඒ ප්‍රාර්ථනාව සහිත ශ්‍රද්ධාදි ධර්මයෝ ගෘහපති මහාසාර කුලයෙහි ඉපදීම පිණිස ඒ මහණහට හේතුවෙත්. මහණෙනි, මේ මාර්ගය, මේ ප්‍රතිපදාව, ඒ ගෘහපති මහාසාර කුලයෙහි ඉපදීම පිණිස පවතියි.
163
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සද්ධාය සමන්නාගතො හොති, සීලෙන සමන්නාගතො හොති, සුතෙන සමන්නාගතො හොති, චාගෙන සමන්නාගතො හොති, පඤ්ඤාය සමන්නාගතො හොති. තස්ස සුතං හොති - ‘චාතුමහාරාජිකා (චාතුම්මහාරාජිකා (සී. ස්‍යා. කං. පී.)) දෙවා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලා’ති. තස්ස එවං හොති - ‘අහො වතාහං කායස්ස භෙදා පරං මරණා චාතුමහාරාජිකානං දෙවානං සහබ්‍යතං උපපජ්ජෙය්‍ය’න්ති . සො තං චිත්තං දහති, තං චිත්තං අධිට්ඨාති, තං චිත්තං භාවෙති. තස්ස තෙ සඞ්ඛාරා ච විහාරා ච එවං භාවිතා එවං බහුලීකතා තත්‍රුපපත්තියා සංවත්තන්ති. අයං, භික්ඛවෙ, මග්ගො අයං පටිපදා තත්‍රුපපත්තියා සංවත්තති.
163
“මහණෙනි, නැවතද මහණතෙම ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ ශීලයෙන් යුක්තවූයේ බහුශ්‍රැත භාවයෙන් යුක්තවූයේ ත්‍යාගයෙන් යුක්තවූයේ ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙයිද, ඔහු විසින් චාතුර්මහාරාජික දෙවියෝ දීර්ඝායුෂ ඇත්තෝය, වර්ණ ඇත්තෝය, බොහෝ සැප ඇත්තෝයයි අසන ලද්දේ වෙයි. ඔහුට මම කය බිඳීමෙන් මරණින් පසු චාතුර්මහාරාජික දෙවියන් හා එක්වීමට පැමිණෙම් නම්, ඉතා හොඳයයි සිත් වන්නේය. හෙතෙම ඒ සිත තබයිද ඒ සිත පිහිටුවයිද ඒ සිත වඩයිද මෙසේ වඩනලද, මෙසේ පුරුදු කරනලද ඒ ප්‍රාර්ථනාව සහිත ශ්‍රද්ධාදී ධර්මයෝ ඒ දෙව්ලොව ඉපදීම පිණිස පවතිත්. මහණෙනි, මේ මාර්ගය, මේ ප්‍රතිපදාව ඒ දෙව්ලොව ඉපදීම පිණිස පවතියි.
164
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සද්ධාය සමන්නාගතො හොති, සීලෙන සමන්නාගතො හොති, සුතෙන සමන්නාගතො හොති, චාගෙන සමන්නාගතො හොති, පඤ්ඤාය සමන්නාගතො හොති. තස්ස සුතං හොති - තාවතිංසා දෙවා...පෙ.... යාමා දෙවා... තුසිතා දෙවා... නිම්මානරතී දෙවා... පරනිම්මිතවසවත්තී දෙවා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලාති. තස්ස එවං හොති - ‘අහො වතාහං කායස්ස භෙදා පරං මරණා පරනිම්මිතවසවත්තීනං දෙවානං සහබ්‍යතං උපපජ්ජෙය්‍ය’න්ති . සො තං චිත්තං දහති, තං චිත්තං අධිට්ඨාති, තං චිත්තං භාවෙති. තස්ස තෙ සඞ්ඛාරා ච විහාරා ච එවං භාවිතා එවං බහුලීකතා තත්‍රුපපත්තියා සංවත්තන්ති. අයං, භික්ඛවෙ, මග්ගො අයං පටිපදා තත්‍රුපපත්තියා සංවත්තති.
164
“මහණෙනි, නැවතද මහණතෙම ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ ශීලයෙන් යුක්තවූයේ බහුශ්‍රැත භාවයෙන් යුක්තවූයේ ත්‍යාගයෙන් යුක්තවූයේ ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙයිද ඔහු විසින් තව්තිසාවෙහි දෙවියෝ දීර්ඝායුෂ ඇත්තෝය, වර්ණ ඇත්තෝය, බොහෝ සැප ඇත්තෝයයි අසන ලද්දේ වෙයි. ඔහුට මම කය බිඳීමෙන් මරණින් පසු මම තව්තිසා දෙවියන් හා එක්වීමට පැමිණෙම් නම් ඉතා හොඳයයි සිතෙන්නේය. හෙතෙම ඒ සිත තබයි නම් ඒ සිත පිහිටුවයි නම් ඒ සිත වඩයි නම් මෙසේ වඩන ලද මෙසේ පුරුදු කරන ලද, ඒ ප්‍රාර්ථනාව සහිත ශ්‍රද්ධාදී ධර්මයෝ ඒ දෙව්ලොව ඉපදීම පිණිස පවතිත්. මහණෙනි, මේ මාර්ගය, මේ ප්‍රතිපදාව ඒ දෙව්ලොව ඉපදීම පිණිස පවතියි.
“මහණෙනි, නැවතද මහණතෙම ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ වෙයිද, ශීලයෙන් යුක්තවූයේ වෙයිද, බහුශ්‍රැත භාවයෙන් යුක්තවූයේ වෙයිද, ත්‍යාගයෙන් යුක්තවූයේ වෙයිද, ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙයිද, යාමයෙහි දෙවියෝ දීර්ඝායුෂ ඇත්තෝය, වර්ණ ඇත්තෝය, බොහෝ සැප ඇත්තෝයයි අසනලද්දේ වෙයි. ඔහුට මම කය බිඳීමෙන් මරණින් පසු මම යාම දෙවියන් හා එක්වීමට පැමිණෙම් නම් ඉතා හොඳයයි සිතෙන්නේය. හෙතෙම ඒ සිත තබයි නම් ඒ සිත පිහිටුවයි නම් ඒ සිත වඩයි නම් මෙසේ වඩන ලද මෙසේ පුරුදුකරන ලද ඒ ප්‍රාර්ථනාව සහිත ශ්‍රද්ධාදී ධර්මයෝ ඒ දෙව් ලොව ඉපදීම පිණිස පවතිත්. මහණෙනි, මේ මාර්ගය, මේ ප්‍රතිපදාව, ඒ දෙව්ලොව ඉපදීම පිණිස පවතියි.
“මහණෙනි, නැවතද මහණතෙම ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ වෙයිද, ශීලයෙන් යුක්තවූයේ වෙයිද, බහුශ්‍රැත භාවයෙන් යුක්තවූයේ වෙයිද, ත්‍යාගයෙන් යුක්ත වූයේ වෙයිද, ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙයිද, ඔහු විසින් තුසිත දෙවියෝ දීර්ඝායුෂ ඇත්තෝය, වර්ණ ඇත්තෝය, බොහෝ සැප ඇත්තෝයයි අසනලද්දේ වෙයි. ඔහුට මම කය බිඳීමෙන් මරණින් පසු මම තුසිත දෙවියන් හා එක්වීමට පැමිණෙම් නම් ඉතා හොඳයයි සිතෙන්නේය. හෙතෙම ඒ සිත තබයි නම් ඒ සිත පිහිටුවයි නම් ඒ සිත වඩයි නම් මෙසේ වඩන ලද මෙසේ පුරුදු කරනලද ඒ ප්‍රාර්ථනාව සහිත ශ්‍රද්ධාදී ධර්මයෝ ඒ දෙව්ලොව ඉපදීම පිණිස පවතිත්. මහණෙනි මේ මාර්ගය, මේ ප්‍රතිපදාව, ඒ දෙව්ලොව ඉපදීම පිණිස පවතියි.
“මහණෙනි, නැවතද මහණතෙම ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ වෙයිද, ශීලයෙන් යුක්තවූයේ වෙයිද, බහුශ්‍රැත භාවයෙන් යුක්ත වූයේ වෙයිද, ත්‍යාගයෙන් යුක්තවූයේ වෙයිද, ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙයිද, ඔහු විසින් නිර්මාණරතියෙහි දෙවියෝ දීර්ඝායුෂ ඇත්තෝය, වර්ණ ඇත්තෝය, බොහෝ සැප ඇත්තෝයයි අසනලද්දේ වෙයි. ඔහුට මම කය බිඳීමෙන් මරණින් පසු මම නිර්මාණ රතියෙහි දෙවියන් හා එක්වීමට පැමිණෙයි නම් ඉතා හොඳයයි සිතෙන්නේය. හෙතෙම ඒ සිත තබයි නම් ඒ සිත පිහිටුවයි නම් ඒ සිත වඩයි නම් මෙසේ වඩනලද මෙසේ පුරුදු කරනලද ඒ ප්‍රාර්ථනාව සහිත ශ්‍රද්ධාදි ධර්මයෝ ඒ දෙව්ලොව ඉපදීම පිණිස පවතිත්. මහණෙනි, මේ මාර්ගය, මේ ප්‍රතිපදාව, ඒ දෙව්ලොව ඉපදීම පිණිස පවතියි.
“මහණෙනි, නැවතද මහණතෙම ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ වෙයිද, ශීලයෙන් යුක්තවූයේ වෙයිද, බහුශ්‍රැත භාවයෙන් යුක්තවූයේ වෙයිද, ත්‍යාගයෙන් යුක්තවූයේ වෙයිද, ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙයිද, ඔහු විසින් පරනිර්මිත වසවර්තියෙහි දෙවියෝ දීර්ඝායුෂ ඇත්තෝය, වර්ණ ඇත්තෝය, බොහෝ සැප ඇත්තෝයයි අසන ලද්දේ වෙයි. ඔහුට මම කය බිඳීමෙන් මරණින් පසු පරනිර්මිත වසවර්ති දෙවියන් හා එක්වීමට පැමිණෙම් නම් ඉතා හොඳයයි සිත්වන්නේය. හෙතෙම ඒ සිත තබයි නම් ඒ සිත පිහිටුවයි නම් ඒ සිත වඩයි නම් මෙසේ වඩනලද, මෙසේ පුරුදු කරනලද, ඒ ප්‍රාර්ථනාව සහිත ශ්‍රද්ධාදී ධර්මයෝ ඒ දෙව්ලොව ඉපදීම පිණිස පවතිත්. මහණෙනි, මේ මාර්ගය, මේ ප්‍රතිපදාව ඒ දෙව්ලොව ඉපදීම පිණිස පවතියි.
165
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සද්ධාය සමන්නාගතො හොති, සීලෙන සමන්නාගතො හොති, සුතෙන සමන්නාගතො හොති, චාගෙන සමන්නාගතො හොති, පඤ්ඤාය සමන්නාගතො හොති. තස්ස සුතං හොති - ‘සහස්සො බ්‍රහ්මා දීඝායුකො වණ්ණවා සුඛබහුලො’ති. සහස්සො, භික්ඛවෙ, බ්‍රහ්මා සහස්සිලොකධාතුං (සහස්සිං ලොකධාතුං (සී.)) ඵරිත්වා අධිමුච්චිත්වා (අධිමුඤ්චිත්වා (ක.)) විහරති. යෙපි තත්ථ සත්තා උපපන්නා තෙපි ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. සෙය්‍යථාපි, භික්ඛවෙ, චක්ඛුමා පුරිසො එකං ආමණ්ඩං හත්ථෙ කරිත්වා පච්චවෙක්ඛෙය්‍ය; එවමෙව ඛො, භික්ඛවෙ, සහස්සො බ්‍රහ්මා සහස්සිලොකධාතුං ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. යෙපි තත්ථ සත්තා උපපන්නා තෙපි ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. තස්ස එවං හොති - ‘අහො වතාහං කායස්ස භෙදා පරං මරණා සහස්සස්ස බ්‍රහ්මුනො සහබ්‍යතං උපපජ්ජෙය්‍ය’න්ති. සො තං චිත්තං දහති, තං චිත්තං අධිට්ඨාති, තං චිත්තං භාවෙති. තස්ස තෙ සඞ්ඛාරා ච විහාරා ච එවං භාවිතා එවං බහුලීකතා තත්‍රුපපත්තියා සංවත්තන්ති. අයං, භික්ඛවෙ, මග්ගො අයං පටිපදා තත්‍රුපපත්තියා සංවත්තති.
165
“මහණෙනි, නැවතද මහණතෙම ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේවෙයිද, ශීලයෙන් යුක්තවූයේ වෙයිද, බහුශ්‍රැත භාවයෙන් යුක්තවූයේ වෙයිද, ත්‍යාගයෙන් යුක්තවූයේවෙයිද, ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙයිද, ඔහු විසින් සහස්සනම් බ්‍රහ්මතෙම දීර්ඝායුෂ ඇත්තේය. වර්ණ ඇත්තේය. බොහෝ සැප ඇත්තේයයි අසන ලද්දේවෙයි. මහණෙනි, සහස්ස නම් බ්‍රහ්මතෙම දහසක් ලෝක ධාතුව ආලෝකය පතුරුවා ප්‍රකටකොට වාසය කරයි. එහි උපන් යම් සත්වයෝ වෙත්ද, ඔවුන්ද ආලෝකය පතුරුවා ප්‍රකට කොට වාසය කරයි. මහණෙනි, ඇස් ඇති පුරුෂයෙක් එක් අතැඹුලක් (අතට ගත් නෙල්ලි ගෙඩියක්) සිතා බලන්නේ යම්සේද, එසේම මහණෙනි, සහස්ස නම් බ්‍රහ්ම තෙම දහසක් ලෝක ධාතුව ආලෝකය ප්‍රකට කොට වාසය කරයි. එහි උපන් යම් සත්වයෝ වෙත්ද, ඔවුන්ද ආලෝකය පතුරුවා, ප්‍රකටකොට වාසය කරයි. ඒ මහණහට මම කය බිඳීමෙන් මරණින් පසු සහස්ස නම් බ්‍රහ්මයා හා එක්වීමට පැමිණෙම් නම් ඉතා හොඳයයි සිත් වන්නේය. හෙතෙම ඒ සිත තබයි, ඒ සිත පිහිටුවයි. ඒ සිත වඩයි. මෙසේ වඩන ලද මෙසේ පුරුදු කරන ලද ඒ ප්‍රාර්ථනාව සහිත ශ්‍රද්ධාදී ධර්මයෝ එහි ඉපදීම පිණිස පවතිත්. මහණෙනි, මේ මාර්ගය මේ ප්‍රතිපදාව එහි ඉපදීම පිණිස පවතියි.
166
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සද්ධාය සමන්නාගතො හොති, සීලෙන සමන්නාගතො හොති, සුතෙන... චාගෙන... පඤ්ඤාය සමන්නාගතො හොති. තස්ස සුතං හොති - ද්විසහස්සො බ්‍රහ්මා...පෙ.... තිසහස්සො බ්‍රහ්මා... චතුසහස්සො බ්‍රහ්මා... පඤ්චසහස්සො බ්‍රහ්මා දීඝායුකො වණ්ණවා සුඛබහුලොති. පඤ්චසහස්සො, භික්ඛවෙ, බ්‍රහ්මා පඤ්චසහස්සිලොකධාතුං ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. යෙපි තත්ථ සත්තා උපපන්නා තෙපි ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. සෙය්‍යථාපි, භික්ඛවෙ, චක්ඛුමා පුරිසො පඤ්ච ආමණ්ඩානි හත්ථෙ කරිත්වා පච්චවෙක්ඛෙය්‍ය; එවමෙව ඛො, භික්ඛවෙ, පඤ්චසහස්සො බ්‍රහ්මා පඤ්චසහස්සිලොකධාතුං ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. යෙපි තත්ථ සත්තා උපපන්නා තෙපි ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. තස්ස එවං හොති - ‘අහො වතාහං කායස්ස භෙදා පරං මරණා පඤ්චසහස්සස්ස බ්‍රහ්මුනො සහබ්‍යතං උපපජ්ජෙය්‍ය’න්ති. සො තං චිත්තං දහති, තං චිත්තං අධිට්ඨාති, තං චිත්තං භාවෙති. තස්ස තෙ සඞ්ඛාරා ච විහාරා ච එවං භාවිතා එවං බහුලීකතා තත්‍රුපපත්තියා සංවත්තන්ති. අයං, භික්ඛවෙ, මග්ගො අයං පටිපදා තත්‍රුපපත්තියා සංවත්තති.
166
“මහණෙනි, නැවතද මහණතෙම ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ වෙයිද, ශීලයෙන් යුක්තවූයේ වෙයිද, බහුශ්‍රැත භාවයෙන් යුක්තවූයේ වෙයිද, ත්‍යාගයෙන් යුක්තවූයේ වෙයිද, ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙයිද, ඔහු විසින් ද්විසහස්ස නම් බ්‍රහ්මතෙම දීර්ඝායුෂ ඇත්තේය, වර්ණ ඇත්තේය, බොහෝ සැප ඇත්තේයයි ඒ මහණහු විසින් අසන ලද්දේ වෙයි. මහණෙනි, ද්විසහස්ස නම් බ්‍රහ්මතෙම දෙදාහක් ලෝක ධාතුව ආලෝකයෙන් පතුරුවා ප්‍රකටව දැන වාසය කරයි. මහණෙනි, ඇස් ඇති පුරුෂයෙක් (අතටගත් නෙල්ලිගෙඩි දෙකක්) සිතා බලන්නේ යම්සේද, එසේම මහණෙනි, ද්විසහස්ස නම් බ්‍රහ්මතෙම දෙදහසක් ලෝකධාතුව ආලෝකයෙන් පතුරුවා ප්‍රකටව දැන වාසය කරයි. ඒ මහණහට මේ අදහස ඇතිවෙයි. කය බිඳීමෙන් මරණින් පසු, මම ද්විසහස්ස නම් බ්‍රහ්මයාගේ සමාගමයට (උප්පත්ති වශයෙන්) පැමිනෙම් නම් ඉතා හොඳය කියායි. හෙතෙම ඒ සිත තබයි, ඒ සිත පිහිටුවයි, ඒ සිත වඩයි, මෙසේ වඩන ලද මෙසේ පුරුදු කරන ලද, ඒ ප්‍රාර්ථනාව සහිත ශ්‍රද්ධාදි ධර්මයෝ එහි ඉපදීම පිණිස පවතිත්. මහණෙනි, මේ මාර්ගය මේ ප්‍රතිපදාව එහි ඉපදීම පිණිස පවතියි.
“මහණෙනි, නැවතද මහණතෙම ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ වෙයිද, ශීලයෙන් යුක්තවූයේ වෙයිද, බහුශ්‍රැතයෙන් යුක්තවූයේ වෙයිද, ත්‍යාගයෙන් යුක්තවූයේ වෙයිද, ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙයිද ඔහු විසින් තිසහස්ස බ්‍රහ්මතෙම දීර්ඝායුෂ ඇත්තේය, වර්ණ ඇත්තේය, බොහෝ සැප ඇත්තේයයි ඒ මහණහු විසින් අසන ලද්දේ වෙයි. මහණෙනි, තිසහස්ස නම් බ්‍රහ්මතෙම තුන්දාහක් ලෝකධාතුව ආලෝකයෙන් පතුරුවා, ප්‍රකටව දැන වාසය කරයි. මහණෙනි, ඇස් ඇති පුරුෂයෙක් (අතටගත් නෙල්ලිගෙඩි තුනක්) සිතා බලන්නේ යම්සේද, එසේම මහණෙනි, තිසහස්ස නම් බ්‍රහ්මතෙම තුන් දහසක් ලෝකධාතුව ආලෝකයෙන් පතුරුවා, ප්‍රකටකොට දැන වාසය කරයි. ඒ මහණහට මේ සිත ඇතිවෙයි. කය බිඳීමෙන් මරණින් පසු මම තිහස්ස නම් බ්‍රහ්මයාගේ සමාගමයට (උප්පත්ති වශයෙන්) පැමිණෙම් නම් ඉතා හොඳය කියායි. හෙතෙම ඒ සිත තබයි, ඒ සිත පිහිටුවයි, ඒ සිත වඩයි. මෙසේ වඩනලද මෙසේ පුරුදු කරන ලද ඒ ප්‍රාර්ථනාව සහිත ශ්‍රද්ධාදි ධර්මයෝ එහි ඉපදීම පිණිස පවතිත්. මහණෙනි, මේ මාර්ගය. මේ ප්‍රතිපදාව එහි ඉපදීම පිණිස පවතියි.
“මහණෙනි, නැවතද මහණතෙම ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ වෙයිද, ශීලයෙන් යුක්තවූයේ වෙයිද, බහුශ්‍රැත භාවයෙන් යුක්තවූයේ වෙයිද, ත්‍යාගයෙන් යුක්තවූයේ වෙයිද, ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙයිද, ඔහු විසින් චතුසහස්ස නම් බ්‍රහ්මතෙම දීර්ඝායුෂ ඇත්තේය, වර්ණ ඇත්තේය, බොහෝ සැප ඇත්තේයයි අසනලද්දේ වෙයි. මහණෙනි, චතුසහස්ස නම් බ්‍රහ්මතෙම හාරදාහක් ලෝකධාතුව ආලෝකයෙන් පතුරුවා, ප්‍රකටකොට දැන වාසය කරයි. මහණෙනි, ඇස් ඇති පුරුෂයෙක් (අතට ගත් නෙල්ලිගෙඩි සතරක්) බලන්නේ යම්සේද, එසේම මහණෙනි, චතුසහස්ස නම් බ්‍රහ්මතෙම හාරදාහක් ලෝකධාතුව ආලෝකයෙන් පතුරුවා, ප්‍රකට කොට දැන වාසය කරයි. ඒ මහණහට මේ සිත ඇතිවෙයි. කය බිඳීමෙන් මරණින් පසු මම චතු සහස්ස නම් බ්‍රහ්මයාගේ සමාගමයට (උප්පත්ති වශයෙන්) පැමිණෙම් නම් ඉතා හොඳය කියායි. හෙතෙම ඒ සිත තබයි, ඒ සිත පිහිටුවයි, ඒ සිත වඩයි, මෙසේ වඩන ලද මෙසේ පුරුදු කරන ලද ඒ ප්‍රාර්ථනාව සහිත ශ්‍රද්ධාදී ධර්මයෝ එහි ඉපදීම පිණිස පවතිත්. මහණෙනි, මේ මාර්ගය, මේ ප්‍රතිපදාව, එහි ඉපදීම පිණිස පවතියි.
“මහණෙනි, නැවතද මහණතෙම ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ වෙයිද, ශීලයෙන් යුක්තවූයේ වෙයිද, බහුශ්‍රැත භාවයෙන් යුක්තවූයේ වෙයිද, ත්‍යාගයෙන් යුක්තවූයේ වෙයිද, ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙයිද, ඔහු විසින් පඤ්චසහස්ස නම් බ්‍රහ්මතෙම පන්දාහක් ලෝකධාතුව ආලෝකය පතුරුවා, ප්‍රකටකොට වාසය කරයි. එහි උපන් යම් සත්වයෝ වෙත්ද, ඔවුන්ගේ ආලෝකය පතුරුවා ප්‍රකට කොට වාසය කරයි. මහණෙනි, යම්සේ ඇස් ඇති පුරුෂයෙක් (අතට ගත් නෙල්ලිගෙඩි පහක්) බලන්නේද, මහණෙනි, එමෙන් පඤ්චසහස්ස නම් බ්‍රහ්මතෙම පන්දාහක් ලෝක ධාතුව ආලෝකයෙන් පතුරුවා ප්‍රකටකොට දැන වාසය කරයි. එහි උපන් යම් සත්වයෝ වෙත්ද, ඔවුන්ද ආලෝකයෙන් පතුරුවා, ප්‍රකටව දැන වාසය කරයි. ඒ මහණහට මෙසේ අදහස් වෙයි. කය බිඳීමෙන් මරණින් පසු මම පඤ්චසහස්ස නම් බ්‍රහ්මයාගේ සමාගමයට (උත්පත්ති වශයෙන්) පැමිණෙම් නම් ඉතා හොඳය කියායි. හෙතෙම ඒ සිත තබයිද, ඒ සිත පිහිටුවයිද, ඒ සිත වඩයිද, මෙසේ වඩනලද මෙසේ පුරුදු කරනලද මෙසේ වඩනලද ඒ ප්‍රාර්ථනාව සහිත ශ්‍රද්ධාදී ධර්මයෝ එහි ඉපදීම පිණිස පවතිත්. මහණෙනි, මේ මාර්ගය, මේ ප්‍රතිපදාව එහි ඉපදීම පිණිස පවතියි.
167
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සද්ධාය සමන්නාගතො හොති, සීලෙන සමන්නාගතො හොති, සුතෙන... චාගෙන... පඤ්ඤාය සමන්නාගතො හොති. තස්ස සුතං හොති - ‘දසසහස්සො බ්‍රහ්මා දීඝායුකො වණ්ණවා සුඛබහුලො’ති. දසසහස්සො, භික්ඛවෙ, බ්‍රහ්මා දසසහස්සිලොකධාතුං ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. යෙපි තත්ථ සත්තා උපපන්නා තෙපි ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. සෙය්‍යථාපි, භික්ඛවෙ, මණි වෙළුරියො සුභො ජාතිමා අට්ඨංසො සුපරිකම්මකතො පණ්ඩුකම්බලෙ නික්ඛිත්තො භාසතෙ ච තපතෙ ච (භාසති ච තපති ච (සී. ස්‍යා. කං. පී.)) විරොචති ච; එවමෙව ඛො, භික්ඛවෙ, දසසහස්සො බ්‍රහ්මා දසසහස්සිලොකධාතුං ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. යෙපි තත්ථ සත්තා උපපන්නා තෙපි ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. තස්ස එවං හොති - ‘අහො වතාහං කායස්ස භෙදා පරං මරණා දසසහස්සස්ස බ්‍රහ්මුනො සහබ්‍යතං උපපජ්ජෙය්‍ය’න්ති. සො තං චිත්තං දහති, තං චිත්තං අධිට්ඨාති, තං චිත්තං භාවෙති. තස්ස තෙ සඞ්ඛාරා ච විහාරා ච එවං භාවිතා එවං බහුලීකතා තත්‍රුපපත්තියා සංවත්තන්ති. අයං, භික්ඛවෙ, මග්ගො අයං පටිපදා තත්‍රුපපත්තියා සංවත්තති.
167
“මහණෙනි, නැවතද මහණතෙම ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ වෙයිද, ශීලයෙන් යුක්තවූයේ වෙයිද, බහුශ්‍රැත භාවයෙන් යුක්තවූයේ වෙයිද, ත්‍යාගයෙන් යුක්තවූයේ වෙයිද, ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙයිද ඔහු විසින් දසසහස්ස නම් බ්‍රහ්මතෙම දීර්ඝායුෂ ඇත්තේය. වර්ණ ඇත්තේය, බොහෝ සැප ඇත්තේයයි අසනලද්දේ වෙයි. මහණෙනි, දසසහස්ස නම් බ්‍රහ්මතෙම දසසහසක් ලෝකධාතුව ආලෝකයෙන් පතුරුවා, ප්‍රකටව දැන වාසය කරයි. එහි උපන් යම් සත්වයෝ වෙත්ද, ඔවුන්ද ආලෝකය පතුරුවා, ප්‍රකටව දැන වාසය කරයි. මහණෙනි, යහපත් ජාති ඇත්තාවූ හුලස් අටක් ඇත්තාවූ, මනාසේ මට්ටම් කරන ලද්දාවූ, රතු කසාවන් කම්බිලියෙහි තබන ලද්දාවූ, වෛඪූර්‍ය්‍ය මැණිකක් යම්සේ බබලයිද, ආලෝකය පතුරුවයිද, දිලිසෙයිද, එසේම මහණෙනි, දසසහස්ස නම් බ්‍රහ්මතෙම දසසහසක් ලෝකධාතුව ආලෝකයෙන් පතුරුවා, ප්‍රකටකොට දැන වාසය කරයි. එහි උපන් යම් සත්වයෝ වෙත් නම් ඔවුන්ද ආලෝකයෙන් පතුරුවා ප්‍රකටව දැන වාසය කරයි. ඒ මහණහට මෙසේ අදහස් වෙයි. කය බිඳීමෙන් මරණින් පසු මම දසසහස්ස නම් බ්‍රහ්මයාගේ සමාගමයට (උත්පත්ති වශයෙන්) පැමිණෙම් නම් ඉතා හොඳය කියායි. හෙතෙම ඒ සිත තබයි. ඒ සිත පිහිටුවයි. ඒ සිත වඩයි. මෙසේ වඩනලද මෙසේ පුරුදු කරනලද ඒ ප්‍රාර්ථනාව සහිත ශ්‍රද්ධාදී ධර්මයෝ එහි ඉපදීම පිණිස පවතිත්. මහණෙනි, මේ මාර්ගය, මේ ප්‍රතිපදාව, එහි ඉපදීම පිණිස පවතියි.
168
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සද්ධාය සමන්නාගතො හොති, සීලෙන... සුතෙන... චාගෙන... පඤ්ඤාය සමන්නාගතො හොති. තස්ස සුතං හොති - ‘සතසහස්සො බ්‍රහ්මා දීඝායුකො වණ්ණවා සුඛබහුලො’ති. සතසහස්සො, භික්ඛවෙ, බ්‍රහ්මා සතසහස්සිලොකධාතුං ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. යෙපි තත්ථ සත්තා උපපන්නා තෙපි ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. සෙය්‍යථාපි, භික්ඛවෙ, නික්ඛං ජම්බොනදං (නෙක්ඛං (සී. ස්‍යා. කං. පී.)) දක්ඛකම්මාරපුත්තඋක්කාමුඛසුකුසලසම්පහට්ඨං පණ්ඩුකම්බලෙ නික්ඛිත්තං භාසතෙ ච තපතෙ ච විරොචති ච; එවමෙව ඛො, භික්ඛවෙ, සතසහස්සො බ්‍රහ්මා සතසහස්සිලොකධාතුං ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. යෙපි තත්ථ සත්තා උපපන්නා තෙපි ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. තස්ස එවං හොති - ‘අහො වතාහං කායස්ස භෙදා පරං මරණා සතසහස්සස්ස බ්‍රහ්මුනො සහබ්‍යතං උපපජ්ජෙය්‍ය’න්ති . සො තං චිත්තං දහති, තං චිත්තං අධිට්ඨාති, තං චිත්තං භාවෙති. තස්ස තෙ සඞ්ඛාරා ච විහාරා ච එවං භාවිතා එවං බහුලීකතා තත්‍රුපපත්තියා සංවත්තන්ති. අයං, භික්ඛවෙ, මග්ගො අයං පටිපදා තත්‍රුපපත්තියා සංවත්තති.
168
“මහණෙනි, නැවතද මහණතෙම ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ වෙයිද, ශීලයෙන් යුක්තවූයේ වෙයිද, බහුශ්‍රැත භාවයෙන් යුක්තවූයේ වෙයිද, ත්‍යාගයෙන් යුක්තවූයේ වෙයිද, ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙයිද ඔහු විසින් සතසහස්ස නම් බ්‍රහ්මතෙම දීර්ඝායුෂ ඇත්තේය, වර්ණ ඇත්තේය, බොහෝ සැප ඇත්තේයයි අසන ලද්දේ වෙයි. මහණෙනි, සතසහස්ස නම් බ්‍රහ්මතෙම ලක්ෂයක් ලෝකධාතුව ආලෝකයෙන් පතුරුවා, ප්‍රකටව දැන වාසය කරයි. මහණෙනි, එහි උපන් යම් සත්වයෝ වෙත්ද, ඔවුන්ද ආලෝකයෙන් පතුරුවා, ප්‍රකටව දැන වාසය කරයි. මහණෙනි, දක්ෂ ලෝකරුවකු විසින් කෝවෙහි (ලා) අතිදක්ෂ ලෙස ශුද්ධකරන ලද, රතු කසාවන් කම්බිලියෙහි බහා තබනලද, දඹරන් කාසියක් යම්සේ බබලයිද, ආලෝකය පතුරුවයිද, දිළිසෙයිද, එසේම මහණෙනි, සතසහස්ස නම් බ්‍රහ්මතෙම ලක්ෂයක් ලෝක ධාතුව ආලෝකයෙන් පතුරුවා, ප්‍රකට කොට දැන වාසය කරයි, එහි උපන් යම් සත්වයෝ වෙත්ද, ඔවුන්ද ආලෝකයෙන් පතුරුවා, ප්‍රකට කොට දැන වාසය කරයි. ඒ මහණහට මේ අදහස ඇතිවෙයි. කය බිඳීමෙන් මරණින් පසු මම සතසහස්ස නම් බ්‍රහ්මයාගේ සමාගමයට (උත්පත්ති වශයෙන්) පැමිණෙම් නම් ඉතා හොඳය කියායි. හෙතෙම ඒ සිත තබයිද, ඒ සිත පිහිටුවයිද, ඒ සිත වඩයිද, මෙසේ වඩනලද මෙසේ පුරුදු කරනලද ඒ ප්‍රාර්ථනාව සහිත ශ්‍රද්ධාදි ධර්මයෝ එහි ඉපදීම පිණිස පවතිත්. මහණෙනි, මේ මාර්ගය, මේ ප්‍රතිපදාව එහි ඉපදීම පිණිස පවතියි.
169
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සද්ධාය සමන්නාගතො හොති, සීලෙන... සුතෙන... චාගෙන... පඤ්ඤාය සමන්නාගතො හොති. තස්ස සුතං හොති - ආභා දෙවා...පෙ.... පරිත්තාභා දෙවා... අප්පමාණාභා දෙවා... ආභස්සරා දෙවා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලාති. තස්ස එවං හොති - ‘අහො වතාහං කායස්ස භෙදා පරං මරණා ආභස්සරානං දෙවානං සහබ්‍යතං උපපජ්ජෙය්‍ය’න්ති. සො තං චිත්තං දහති, තං චිත්තං අධිට්ඨාති, තං චිත්තං භාවෙති. තස්ස තෙ සඞ්ඛාරා ච විහාරා ච එවං භාවිතා එවං බහුලීකතා තත්‍රුපපත්තියා සංවත්තන්ති. අයං, භික්ඛවෙ, මග්ගො අයං පටිපදා තත්‍රුපපත්තියා සංවත්තති.
169
“මහණෙනි, නැවතද මහණතෙම ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ වෙයිද, ශීලයෙන් යුක්තවූයේ වෙයිද, බහුශ්‍රැත භාවයෙන් යුක්තවූයේ වෙයිද, ත්‍යාගයෙන් යුක්තවූයේ වෙයිද, ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙයිද, ඔහු විසින් ආභ දෙවියෝ දීර්ඝායුෂ ඇත්තෝය. වර්ණ ඇත්තෝය. බොහෝ සැප ඇත්තෝයයි අසන ලද්දේ වෙයි. ඒ මහණහට මේ සිත ඇති වෙයි. කය බිඳීමෙන්, මරණින් පසු, මම ආභ දෙවියන්ගේ සමාගමයට (උත්පත්ති වශයෙන්) පැමිණෙම් නම් ඉතා හොඳය කියායි. හෙතෙම ඒ සිත තබයි. ඒ සිත පිහිටුවයි. ඒ සිත වඩයි. මෙසේ වඩනලද, මෙසේ පුරුදු කරනලද, ඒ ප්‍රාර්ථනා සහිත ශ්‍රද්ධාදි ධර්මයෝ ඒ දෙවියන් අතර ඉපදීම පිණිස පවතිත්. මහණෙනි, මේ මාර්ගය, මේ ප්‍රතිපදාව, ඒ දෙවියන් අතර ඉපදීම පිණිස පවතියි.
“මහණෙනි, නැවතද මහණතෙම ශ්‍රද්ධාවෙන් යුක්තවූයේ වෙයිද, ශීලයෙන් යුක්තවූයේ වෙයිද, බහුශ්‍රැත භාවයෙන් යුක්තවූයේ වෙයිද, ත්‍යාගයෙන් යුක්තවූයේ වෙයිද, ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙයිද, ඒ භික්ෂුව විසින් පරිත්තාහ දෙවියෝ දීර්ඝායුෂ ඇත්තෝය, වර්ණ ඇත්තෝයැ බොහෝ සැප ඇත්තෝයයි අසනලද්දේ වෙයි. ඒ මහණහට මේ සිත ඇතිවෙයි. කය බිඳීමෙන්, මරණින් පසු, මම පරිත්තාහ දෙවියන්ගේ සමාගමයට (උත්පත්ති වශයෙන්) පැමිණෙම් නම් ඉතා හොඳය කියායි, හෙතෙම ඒ සිත තබයි. ඒ සිත පිහිටුවයි. ඒ සිත වඩයි. මෙසේ වඩනලද, මෙසේ පුරුදු කරනලද ඒ ප්‍රාර්ථනාව සහිත ශ්‍රද්ධාදි ධර්මයෝ ඒ දෙවියන් අතර ඉපදීම පිණිස පවතිත්. මහණෙනි, මේ මාර්ගය, මේ ප්‍රතිපදාව, ඒ දෙවියන් අතර ඉපදීම පිණිස පවතියි.
“මහණෙනි, නැවතද මහණතෙම ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ වෙයිද, ශීලයෙන් යුක්තවූයේ වෙයිද, බහුශ්‍රැත භාවයෙන් යුක්තවූයේ වෙයිද, ත්‍යාගයෙන් යුක්තවූයේ වෙයිද, ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙයිද, ඒ භික්ෂුව විසින් අප්පමාණභ දෙවියෝ දීර්ඝායුෂ ඇත්තෝය. වර්ණ ඇත්තෝය. බොහෝ සැප ඇත්තෝයයි අසන ලද්දේ වෙයි. ඒ මහණහට මේ සිත ඇතිවෙයි. කය බිඳීමෙන්, මරණින් පසු, මම අප්පමාණහ දෙවියන්ගේ සමාගමයට (උත්පත්ති වශයෙන්) පැමිණෙම් නම් ඉතා හොඳය කියායි. හෙතෙම ඒ සිත තබයි. ඒ සිත පිහිටුවයි. ඒ සිත වඩයි. මෙසේ වඩනලද, මෙසේ පුරුදු කරනලද, ඒ ප්‍රාර්ථනාව සහිත ශ්‍රද්ධාදි ධර්මයෝ ඒ දෙවියන් අතර ඉපදීම පිණිස පවතිත්. මහණෙනි, මේ මාර්ගය, මේ ප්‍රතිපදාව, ඒ දෙවියන් අතර ඉපදීම පිණිස පවතියි.
“මහණෙනි, නැවතද මහණතෙම ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ වෙයිද, ශීලයෙන් යුක්තවූයේ වෙයිද, බහුශ්‍රැත භාවයෙන් යුක්තවූයේ වෙයිද, ත්‍යාගයෙන් යුක්තවූයේ වෙයිද, ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙයිද, ඒ භික්ෂුව විසින් ආභස්සර දෙවියෝ දීර්ඝායුෂ ඇත්තෝය, වර්ණ ඇත්තෝය, බොහෝ සැප ඇත්තෝයයි අසන ලද්දේ වෙයි. ඒ මහණහට මේ අදහස ඇති වෙයි. කය බිඳීමෙන්, මරණින් පසු, මම ආභස්සර දෙවියන්ගේ සමාගමයට (උත්පත්ති වශයෙන්) පැමිණෙම් නම් ඉතා හොඳය කියායි. හෙතෙම ඒ සිත තබයි. ඒ සිත පිහිටුවයි. ඒ සිත වඩයි. මෙසේ වඩනලද, මෙසේ පුරුදු කරනලද, ඒ ප්‍රාර්ථනාව සහිත ශ්‍රද්ධාදි ධර්මයෝ ඒ දෙවියන් අතර ඉපදීම පිණිස පවතිත්. මහණෙනි, මේ මාර්ගය, මේ ප්‍රතිපදාව, ඒ දෙවියන් අතර ඉපදීම පිණිස පවතියි.
170
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සද්ධාය සමන්නාගතො හොති, සීලෙන ... සුතෙන... චාගෙන... පඤ්ඤාය සමන්නාගතො හොති. තස්ස සුතං හොති - පරිත්තසුභා දෙවා...පෙ.... අප්පමාණසුභා දෙවා... සුභකිණ්හා දෙවා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලාති. තස්ස එවං හොති - ‘අහො වතාහං කායස්ස භෙදා පරං මරණා සුභකිණ්හානං දෙවානං සහබ්‍යතං උපපජ්ජෙය්‍ය’න්ති. සො තං චිත්තං දහති, තං චිත්තං අධිට්ඨාති, තං චිත්තං භාවෙති. තස්ස තෙ සඞ්ඛාරා ච විහාරා ච එවං භාවිතා එවං බහුලීකතා තත්‍රුපපත්තියා සංවත්තන්ති. අයං, භික්ඛවෙ, මග්ගො අයං පටිපදා තත්‍රුපපත්තියා සංවත්තති.
170
“මහණෙනි, නැවතද මහණතෙම ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ වෙයිද, ශීලයෙන් යුක්තවූයේ වෙයිද, බහුශ්‍රැත භාවයෙන් යුක්තවූයේ වෙයිද, ත්‍යාගයෙන් යුක්තවූයේ වෙයිද, ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙයි ඒ භික්ෂුව විසින් පරිත්තසුභ දෙවියෝ දීර්ඝායුෂ ඇත්තෝය වර්ණ ඇත්තෝය, බොහෝ සැප ඇත්තෝයයි අසන ලද්දේ වෙයි. ඒ මහණහට මේ සිත ඇතිවෙයි. කය බිඳීමෙන්, මරණින් පසු, මම පරිත්තසුභ දෙවියන්ගේ සමාගමයට (උත්පත්ති වශයෙන්) පැමිණෙම් නම් ඉතා හොඳය කියායි. හෙතෙම ඒ සිත තබයි. ඒ සිත පිහිටුවයි. ඒ සිත වඩයි. මෙසේ වඩනලද, මෙසේ පුරුදු කරනලද, ඒ ප්‍රාර්ථනාව සහිත ශ්‍රද්ධාදි ධර්මයෝ ඒ දෙවියන් අතර ඉපදීම පිණිස පවතිත්. මහණෙනි, මේ මාර්ගය, මේ ප්‍රතිපදාව, ඒ දෙවියන් අතර ඉපදීම පිණිස පවතියි.
“මහණෙනි, නැවතද මහණතෙම ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ වෙයිද, ශීලයෙන් යුක්තවූයේ වෙයිද, බහුශ්‍රැත භාවයෙන් යුක්තවූයේ වෙයිද, ත්‍යාගයෙන් යුක්තවූයේ වෙයිද, ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙයිද, ඒ භික්ෂුව විසින් අප්පමාණ සුභ දෙවියෝ දීර්ඝායුෂ ඇත්තෝය, වර්ණ ඇත්තෝය, බොහෝ සැප ඇත්තෝයයි අසනලද්දේ වෙයි. ඒ මහණහට මේ සිත ඇතිවෙයි. කය බිඳීමෙන්, මරණින් පසු, මම අප්පමාණ සුභ දෙවියන්ගේ සමාගමයට (උත්පත්ති වශයෙන්) පැමිණෙම් නම් ඉතා හොඳය කියායි. හෙතෙම ඒ සිත තබයි. ඒ සිත පිහිටුවයි, ඒ සිත වඩයි. මෙසේ වඩනලද මෙසේ පුරුදු කරනලද ඒ ප්‍රාර්ථනාව සහිත ශ්‍රද්ධාදි ධර්මයෝ ඒ දෙවියන් අතර ඉපදීම පිණිස පවතිත්. මහණෙනි, මේ මාර්ගය, මේ ප්‍රතිපදාව, ඒ දෙවියන් අතර ඉපදීම පිණිස පවතිත්.
“මහණෙනි, නැවතද මහණතෙම ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ වෙයිද, ශීලයෙන් යුක්තවූයේ වෙයිද, බහුශ්‍රැතභාවයෙන් යුක්තවූයේ වෙයිද, ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙයිද, ඒ භික්ෂුව විසින් සුභකිණ්ණ දෙවියෝ දීර්ඝායුෂ ඇත්තෝය, වර්ණ ඇත්තෝය, බොහෝ සැප ඇත්තෝයයි අසන ලද්දේ වෙයි. ඒ මහණහට සිත ඇති වෙයි. කය බිඳීමෙන්, මරණින් පසු, මම සුභකිණ්ණ දෙවියන්ගේ සමාගමයට (උත්පත්ති වශයෙන්) පැමිණෙම් නම් ඉතා හොඳය කියායි. හෙතෙම ඒ සිත තබයි. ඒ සිත පිහිටුවයි. ඒ සිත වඩයි. මෙසේ වඩනලද, මෙසේ පුරුදු කරනලද, ඒ ප්‍රාර්ථනාව සහිත ශ්‍රද්ධාදි ධර්මයෝ ඒ දෙවියන් අතර ඉපදීම පිණිස පවතිත්. මහණෙනි, මේ මාර්ගය, මේ ප්‍රතිපදාව ඒ දෙවියන් අතර ඉපදීම පිණිස පවතියි.
171
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සද්ධාය සමන්නාගතො හොති, සීලෙන... සුතෙන... චාගෙන... පඤ්ඤාය සමන්නාගතො හොති. තස්ස සුතං හොති - වෙහප්ඵලා දෙවා...පෙ.... අවිහා දෙවා... අතප්පා දෙවා... සුදස්සා දෙවා... සුදස්සී දෙවා... අකනිට්ඨා දෙවා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලාති. තස්ස එවං හොති - ‘අහො වතාහං කායස්ස භෙදා පරං මරණා අකනිට්ඨානං දෙවානං සහබ්‍යතං උපපජ්ජෙය්‍ය’න්ති. සො තං චිත්තං දහති, තං චිත්තං අධිට්ඨාති, තං චිත්තං භාවෙති. තස්ස තෙ සඞ්ඛාරා ච විහාරා ච එවං භාවිතා එවං බහුලීකතා තත්‍රුපපත්තියා සංවත්තන්ති. අයං, භික්ඛවෙ, මග්ගො අයං පටිපදා තත්‍රුපපත්තියා සංවත්තති.
171
“මහණෙනි, නැවතද මහණතෙම ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ වෙයිද, ශීලයෙන් යුක්තවූයේ වෙයිද, බහුශ්‍රැතභාවයෙන් යුක්තවූයේ වෙයිද, ත්‍යාගයෙන් යුක්තවූයේ වෙයිද, ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙයි. ඒ භික්ෂුව විසින් වේහප්ඵල දෙවියෝ දීර්ඝායුෂ ඇත්තෝය. වර්ණ ඇත්තෝය. බොහෝ සැප ඇත්තෝයයි අසන ලද්දේ වෙයි. ඒ මහණහට මේ සිත ඇති වෙයි. කය බිඳීමෙන්, මරණින් පසු, මම වේහප්ඵල දෙවියන්ගේ සමාගමයට (උත්පත්ති වශයෙන්) පැමිණෙම් නම් ඉතා හොඳය කියායි. හෙතෙම ඒ සිත තබයි. ඒ සිත පිහිටුවයි. ඒ සිත වඩයි. මෙසේ වඩනලද, මෙසේ පුරුදු කරනලද, ඒ ප්‍රාර්ථනා සහිත ශ්‍රද්ධාදි ධර්මයෝ ඒ දෙවියන් අතර ඉපදීම පිණිස පවතිත්. මහණෙනි, මේ මාර්ගය, මේ ප්‍රතිපදාව, ඒ දෙවියන් අතර ඉපදීම පිණිස පවතියි.
“මහණෙනි, නැවතද මහණතෙම ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ වෙයිද, ශීලයෙන් යුක්තවූයේ වෙයිද, බහුශ්‍රැතභාවයෙන් යුක්තවූයේ වෙයිද, ත්‍යාගයෙන් යුක්තවූයේ වෙයිද, ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙයිද, ඒ භික්ෂුව විසින් අවිහ දෙවියෝ දීර්ඝායුෂ ඇත්තෝය. වර්ණ ඇත්තෝය. බොහෝ සැප ඇත්තෝයයි අසන ලද්දේ වෙයි. ඒ මහණහට මේ සිත ඇතිවෙයි. කය බිඳීමෙන්, මරණින් පසු, මම අවිහ දෙවියන්ගේ සමාගමයට (උත්පත්ති වශයෙන්) පැමිණෙම් නම් ඉතා හොඳය කියායි. හෙතෙම ඒ සිත තබයි. ඒ සිත පිහිටුවයි. ඒ සිත වඩයි. මෙසේ වඩනලද, මෙසේ පුරුදු කරනලද ඒ ප්‍රාර්ථනාව සහිත ශ්‍රද්ධාදි ධර්මයෝ ඒ දෙවියන් අතර ඉපදීම පිණිස පවතිත්. මහණෙනි, මේ මාර්ගය, මේ ප්‍රතිපදාව, ඒ දෙවියන් අතර ඉපදීම පිණිස පවතියි.
“මහණෙනි, නැවතද මහණතෙම ශ්‍රද්ධාවෙන් යුක්තවූයේ වෙයිද, ශීලයෙන් යුක්තවූයේ වෙයිද, බහුශ්‍රැතභාවයෙන් යුක්තවූයේ වෙයිද, ත්‍යාගයෙන් යුක්තවූයේ වෙයිද, ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙයිද, ඒ භික්ෂුව විසින් අතප්ප දෙවියෝ දීර්ඝායුෂ ඇත්තෝය. වර්ණ ඇත්තෝය. බොහෝ සැප ඇත්තෝයයි අසන ලද්දේ වෙයි. ඒ මහණහට මේ සිත ඇති වෙයි. කය බිඳීමෙන්, මරණින් පසු, මම අතප්ප දෙවියන්ගේ සමාගමයට (උත්පත්ති වශයෙන්) පැමිණෙම් නම් ඉතාහොඳය කියායි. හෙතෙම ඒ සිත තබයි. ඒ සිත පිහිටුවයි. ඒ සිත වඩයි. මෙසේ වඩනලද, මෙසේ පුරුදු කරනලද, ඒ ප්‍රාර්ථනාව සහිත ශ්‍රද්ධා ධර්මයෝ ඒ දෙවියන් අතර ඉපදීම පිණිස පවතිත්. මහණෙනි, මේ මාර්ගය, මේ ප්‍රතිපදාව, ඒ දෙවියන් අතර ඉපදීම පිණිස පවතියි.
“මහණෙනි, නැවතද මහණතෙම ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ වෙයිද, ශීලයෙන් යුක්තවූයේ වෙයිද, බහුශ්‍රැතභාවයෙන් යුක්තවූයේ වෙයිද, ත්‍යාගයෙන් යුක්තවූයේ වෙයිද, ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙයිද, ඒ භික්ෂුව විසින් සුදස්ස දෙවියෝ දීර්ඝායුෂ ඇත්තෝය. වර්ණ ඇත්තෝය බොහෝ සැප ඇත්තෝයයි අසන ලද්දේ වෙයි. ඒ මහණහට මේ සිත ඇති වෙයි. කය බිඳීමෙන්, මරණින් පසු, මම සුදස්ස දෙවියන්ගේ සමාගමයට (උත්පත්ති වශයෙන්) පැමිණෙම් නම් ඉතා හොඳය කියායි හෙතෙම ඒ සිත තබයි. ඒ සිත පිහිටුවයි. ඒ සිත වඩයි. මෙසේ වඩනලද, මෙසේ පුරුදු කරනලද, ඒ ප්‍රාර්ථනාව සහිත ශ්‍රද්ධාදි ධර්මයෝ ඒ දෙවියන් අතර ඉපදීම පිණිස පවතිත්. මහණෙනි, මේ මාර්ගය, මේ ප්‍රතිපදාව, ඒ දෙවියන් අතර ඉපදීම පිණිස පවතියි.
“මහණෙනි, නැවතද මහණතෙම ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ වෙයිද, ශීලයෙන් යුක්තවූයේ වෙයිද, බහුශ්‍රැතභාවයෙන් යුක්තවූයේ වෙයිද, ත්‍යාගයෙන් යුක්තවූයේ වෙයිද, ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙයිද, ඒ භික්ෂුව විසින් සුදස්සී දෙවියෝ දීර්ඝායුෂ ඇත්තෝය. වර්ණ ඇත්තෝය. බොහෝ සැප ඇත්තෝයයි අසන ලද්දේ වෙයි. ඒ මහණහට මේ සිත ඇති වෙයි. කය බිඳීමෙන්, මරණින් පසු, මම සුදස්සී දෙවියන්ගේ සමාගමයට (උත්පත්ති වශයෙන්) පැමිණෙම් නම් ඉතා හොඳය කියායි. හෙතෙම ඒ සිත තබයි. ඒ සිත පිහිටුවයි. ඒ සිත වඩයි. මෙසේ වඩනලද, මෙසේ පුරුදු කරනලද, ඒ ප්‍රාර්ථනාව සහිත ශ්‍රද්ධාදි ධර්මයෝ ඒ දෙවියන් අතර ඉපදීම පිණිස පවතිත්. මහණෙනි, මේ මාර්ගය, මේ ප්‍රතිපදාව, ඒ දෙවියන් අතර ඉපදීම පිණිස පවතියි.
“මහණෙනි, නැවතද මහණතෙම ශ්‍රද්ධාවෙන් යුක්තවූයේ වෙයිද, ශීලයෙන් යුක්තවූයේ වෙයිද, බහුශ්‍රැතභාවයෙන් යුක්තවූයේ වෙයිද, ත්‍යාගයෙන් යුක්තවූයේ වෙයිද, ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙයිද, ඒ භික්ෂුව විසින් අකනිට්ඨා දෙවියෝ දීර්ඝායුෂ ඇත්තෝය. වර්ණ ඇත්තෝය. බොහෝ සැප ඇත්තෝයයි අසන ලද්දේ වෙයි. ඒ මහණහට මේ සිත ඇති වෙයි. කය බිඳීමෙන්, මරණින් පසු, මම අකනිට්ඨා දෙවියන්ගේ සමාගමයට (උත්පත්ති වශයෙන්) පැමිණෙම් නම් ඉතා හොඳය කියායි. හෙතෙම ඒ සිත තබයි. ඒ සිත පිහිටුවයි. ඒ සිත වඩයි. මෙසේ වඩනලද, මෙසේ පුරුදු කරනලද, ඒ ප්‍රාර්ථනාව සහිත ශ්‍රද්ධාදි ධර්මයෝ ඒ දෙවියන් අතර ඉපදීම පිණිස පවතිත්. මහණෙනි, මේ මාර්ගය, මේ ප්‍රතිපදාව, ඒ දෙවියන් අතර ඉපදීම පිණිස පවතියි.
172
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සද්ධාය සමන්නාගතො හොති, සීලෙන... සුතෙන... චාගෙන... පඤ්ඤාය සමන්නාගතො හොති. තස්ස සුතං හොති - ‘ආකාසානඤ්චායතනූපගා දෙවා දීඝායුකා චිරට්ඨිතිකා සුඛබහුලා’ති . තස්ස එවං හොති - ‘අහො වතාහං කායස්ස භෙදා පරං මරණා ආකාසානඤ්චායතනූපගානං දෙවානං සහබ්‍යතං උපපජ්ජෙය්‍ය’න්ති. සො තං චිත්තං දහති, තං චිත්තං අධිට්ඨාති, තං චිත්තං භාවෙති. තස්ස තෙ සඞ්ඛාරා ච විහාරා ච එවං භාවිතා එවං බහුලීකතා තත්‍රුපපත්තියා සංවත්තන්ති. අයං, භික්ඛවෙ, මග්ගො අයං පටිපදා තත්‍රුපපත්තියා සංවත්තති.
172
“මහණෙනි, නැවතද මහණතෙම ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ වෙයිද, ශීලයෙන් යුක්තවූයේ වෙයිද, බහුශ්‍රැතභාවයෙන් යුක්තවූයේ වෙයිද, ත්‍යාගයෙන් යුක්තවූයේ වෙයිද, ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙයිද, ඒ භික්ෂුව විසින් ආකාසානඤ්චායතනයෙහි උපන් දෙවියෝ දීර්ඝායුෂ ඇත්තෝය, වර්ණ ඇත්තෝය, බොහෝ සැප ඇත්තෝයයි අසන ලද්දේ වෙයි. ඒ මහණහට මේ සිත ඇතිවෙයි. කය බිඳීමෙන්, මරණින් පසු, ආකාසානඤ්චායතනයෙහි උපන් දෙවියන්ගේ සමාගමයට (උත්පත්ති වශයෙන්) පැමිණෙම් නම් ඉතා හොඳය කියායි. හෙතෙම ඒ සිත තබයි. ඒ සිත පිහිටුවයි ඒ සිත වඩයි. මෙසේ වඩන ලද, මෙසේ පුරුදු කරනලද, ඒ ප්‍රාර්ථනාව සහිත ශ්‍රද්ධාදි ධර්මයෝ ඒ දෙවියන් අතර ඉපදීම පිණිස පවතිත්. මහණෙනි, මේ මාර්ගය, මේ ප්‍රඥාව, ඒ දෙවියන් අතර ඉපදීම පිණිස පවතියි.
173
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සද්ධාය සමන්නාගතො හොති, සීලෙන... සුතෙන... චාගෙන... පඤ්ඤාය සමන්නාගතො හොති. තස්ස සුතං හොති - ‘විඤ්ඤාණඤ්චායතනූපගා දෙවා දීඝායුකා චිරට්ඨිතිකා සුඛබහුලා’ති. තස්ස එවං හොති - ‘අහො වතාහං කායස්ස භෙදා පරං මරණා විඤ්ඤාණඤ්චායතනූපගානං දෙවානං සහබ්‍යතං උපපජ්ජෙය්‍ය’න්ති. සො තං චිත්තං දහති, තං චිත්තං අධිට්ඨාති, තං චිත්තං භාවෙති. තස්ස තෙ සඞ්ඛාරා ච විහාරා ච එවං භාවිතා එවං බහුලීකතා තත්‍රුපපත්තියා සංවත්තන්ති. අයං, භික්ඛවෙ, මග්ගො අයං පටිපදා තත්‍රුපපත්තියා සංවත්තති.
173
“මහණෙනි, නැවතද මහණතෙම ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ වෙයිද, ශීලයෙන් යුක්තවූයේ වෙයිද, බහුශ්‍රැතභාවයෙන් යුක්තවූයේ වෙයිද, ත්‍යාගයෙන් යුක්තවූයේ වෙයිද, ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙයිද, ඒ භික්ෂුව විසින් විඤ්ඤාණඤ්චායතනයෙහි උපන් දෙවියෝ දීර්ඝායුෂ ඇත්තෝය. වර්ණ ඇත්තෝය. බොහෝ සැප ඇත්තෝයයි අසන ලද්දේ වෙයි. ඒ මහණහට මේ සිත ඇතිවෙයි. කය බිඳීමෙන්, මරණින් පසු, මම විඤ්ඤාණඤ්චායතනයෙහි උපන් දෙවියන්ගේ සමාගමයට (උත්පත්ති වශයෙන්) පැමිණෙම් නම් ඉතා හොඳය කියායි’ හෙතෙම ඒ සිත තබයි. ඒ සිත පිහිටුවයි. ඒ සිත වඩයි. මෙසේ වඩනලද, මෙසේ පුරුදු කරනලද, ඒ ප්‍රාර්ථනාව සහිත ශ්‍රද්ධාදි ධර්මයෝ ඒ දෙවියන් අතර ඉපදීම පිණිස පවතිත්. මහණෙනි, මේ මාර්ගය, මේ ප්‍රතිපදාව, ඒ දෙවියන් අතර ඉපදීම පිණිස පවතියි.
174
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සද්ධාය සමන්නාගතො හොති, සීලෙන... සුතෙන... චාගෙන... පඤ්ඤාය සමන්නාගතො හොති. තස්ස සුතං හොති - ආකිඤ්චඤ්ඤායතනූපගා දෙවා...පෙ.... නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපගා දෙවා දීඝායුකා චිරට්ඨිතිකා සුඛබහුලාති. තස්ස එවං හොති - ‘අහො වතාහං කායස්ස භෙදා පරං මරණා නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපගානං දෙවානං සහබ්‍යතං උපපජ්ජෙය්‍ය’න්ති. සො තං චිත්තං දහති, තං චිත්තං අධිට්ඨාති, තං චිත්තං භාවෙති. තස්ස තෙ සඞ්ඛාරා ච විහාරා ච එවං භාවිතා එවං බහුලීකතා තත්‍රුපපත්තියා සංවත්තන්ති. අයං, භික්ඛවෙ, මග්ගො අයං පටිපදා තත්‍රුපපත්තියා සංවත්තති.
174
(කොටසක් අඩුය)
175
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සද්ධාය සමන්නාගතො හොති, සීලෙන... සුතෙන... චාගෙන... පඤ්ඤාය සමන්නාගතො හොති. තස්ස එවං හොති - ‘අහො වතාහං ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්‍ය’න්ති. සො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. අයං, භික්ඛවෙ, භික්ඛු න කත්ථචි උපපජ්ජතී’’ති (න කත්ථචි උපපජ්ජති, න කුහිඤ්චි උපපජ්ජතීති (සී. පී.), න කත්ථචි උපපජ්ජති, න කුහිඤ්චි උපසම්පජ්ජ විහරතීති. (ක.)).
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
175
“ඒ මහණහට මේ අදහස ඇතිවෙයි. මම ආශ්‍රව (කෙළෙස්) නැතිකිරීමෙන් ආශ්‍රව රහිතවූ, අර්හත්ඵල සමාධියත්, අර්හත් ඵල ප්‍රඥාවත් මේ ආත්මයේදී තමාම විසිතුරු නුවණින් දැන, ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කරන්නේ නම් ඉතා හොඳය කියායි. ඒ මහණතෙම ආශ්‍රවයන් නැතිකිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධිය හා අර්හත්ඵල ප්‍රඥාවද මේ ආත්මයේදීම තම විසිතුරු නුවණින් දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ මහණතෙම වනාහි කිසි තැනක නූපදියි. කොහිවත් නූපදියි.” භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාළසේක. සතුටු සිතැති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටුවූහ.