ත්‍රිපිටකය
මජ්ඣිමනිකායෙ මජ්ඣිම නිකාය
උපරිපණ්ණාසපාළි උපරි පණ්ණාසය
1. දෙවදහවග්ගො 1. දේවදහ වර්ගය
1. දෙවදහසුත්තං 1. දේවදහ සූත්‍රය
2. පඤ්චත්තයසුත්තං (පඤ්චායතනසුත්ත (ක.)) 2. පඤ්ඤත්තය සූත්‍රය
3. කින්තිසුත්තං 3. කින්ති සූත්‍රය
4. සාමගාමසුත්තං 4. සාමගාම සූත්‍රය
5. සුනක්ඛත්තසුත්තං 5. සුනක්ඛත්ත සූත්‍රය
6. ආනෙඤ්ජසප්පායසුත්තං 6. ආනෙඤ්ජ සප්පාය සූත්‍රය
7. ගණකමොග්ගල්ලානසුත්තං 7. ගණක මොග්ගල්ලාන සූත්‍රය
8. ගොපකමොග්ගල්ලානසුත්තං 8. ගොපක මොග්ගල්ලාන සූත්‍රය
9. මහාපුණ්ණමසුත්තං 9. මහා පුණ්ණමා සූත්‍රය
85
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ. තෙන ඛො පන සමයෙන භගවා තදහුපොසථෙ පන්නරසෙ පුණ්ණාය පුණ්ණමාය රත්තියා භික්ඛුසඞ්ඝපරිවුතො අබ්භොකාසෙ නිසින්නො හොති. අථ ඛො අඤ්ඤතරො භික්ඛු උට්ඨායාසනා එකංසං චීවරං කත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං එතදවොච -
‘‘පුච්ඡෙය්‍යාහං, භන්තෙ, භගවන්තං කිඤ්චිදෙව දෙසං, සචෙ මෙ භගවා ඔකාසං කරොති පඤ්හස්ස වෙය්‍යාකරණායා’’ති. ‘‘තෙන හි ත්වං, භික්ඛු, සකෙ ආසනෙ නිසීදිත්වා පුච්ඡ යදාකඞ්ඛසී’’ති.
85
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ මිගාරමාතා ප්‍රාසාද නම්වූ පූර්වාරාමයෙහි වැඩ වාසය කරණසේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ එදවස්හිවූ පොහොය ඇති පසළොස්වක්හි පූර්ණ චන්ද්‍රයාගෙන් යුක්තවූ රාත්‍රියෙහි භික්ෂු සංඝයා විසින් පිරිවරණ ලද්දේ අභ්‍යවකාශයෙහි (එළිමහනෙහි) වැඩඋන්නේ වෙයි. එකල්හි වනාහි එක්තරා භික්ෂුනමක් හුනස්නෙන් නැගිට සිව්ර එකාංශ කොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට ඇඳිළි බැඳගෙන භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේය. “ස්වාමීනි, ඉදින් භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නයක් ප්‍රකාශ කිරීමට අවකාශ කෙරේ නම්, මම කිසියම් කාරණයක් භාග්‍යවතුන් වහන්සේගෙන් අසන්නෙමි” යනුයි.
“එසේවී නම් මහණ, යමක් කැමැත්තෙහිද, එය ස්වකීය ආසනයෙහිම හිඳ අසවයි වදාළේය.
86
අථ ඛො සො භික්ඛු සකෙ ආසනෙ නිසීදිත්වා භගවන්තං එතදවොච - ‘‘ඉමෙ නු ඛො, භන්තෙ, පඤ්චුපාදානක්ඛන්ධා, සෙය්‍යථිදං - රූපුපාදානක්ඛන්ධො, වෙදනුපාදානක්ඛන්ධො, සඤ්ඤුපාදානක්ඛන්ධො, සඞ්ඛාරුපාදානක්ඛන්ධො, විඤ්ඤාණුපාදානක්ඛන්ධො’’ති? ‘‘ඉමෙ ඛො, භික්ඛු, පඤ්චුපාදානක්ඛන්ධා, සෙය්‍යථිදං - රූපුපාදානක්ඛන්ධො, වෙදනුපාදානක්ඛන්ධො, සඤ්ඤුපාදානක්ඛන්ධො, සඞ්ඛාරුපාදානක්ඛන්ධො, විඤ්ඤාණුපාදානක්ඛන්ධො’’ති.
‘‘සාධු, භන්තෙ’’ති ඛො සො භික්ඛු භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා භගවන්තං උත්තරිං පඤ්හං පුච්ඡි - ‘‘ඉමෙ පන, භන්තෙ, පඤ්චුපාදානක්ඛන්ධා කිංමූලකා’’ති? ‘‘ඉමෙ ඛො, භික්ඛු, පඤ්චුපාදානක්ඛන්ධා ඡන්දමූලකා’’ති. ‘‘තංයෙව නු ඛො, භන්තෙ, උපාදානං තෙ පඤ්චුපාදානක්ඛන්ධා, උදාහු අඤ්ඤත්‍ර පඤ්චහුපාදානක්ඛන්ධෙහි උපාදාන’’න්ති? ‘‘න ඛො, භික්ඛු, තංයෙව උපාදානං තෙ පඤ්චුපාදානක්ඛන්ධා, නාපි අඤ්ඤත්‍ර පඤ්චහුපාදානක්ඛන්ධෙහි උපාදානං. යො ඛො, භික්ඛු, පඤ්චසු උපාදානක්ඛන්ධෙසු ඡන්දරාගො තං තත්ථ උපාදාන’’න්ති.
‘‘සියා පන, භන්තෙ, පඤ්චසු උපාදානක්ඛන්ධෙසු ඡන්දරාගවෙමත්තතා’’ති? ‘‘සියා භික්ඛූ’’ති භගවා අවොච ‘‘ඉධ, භික්ඛු, එකච්චස්ස එවං හොති - ‘එවංරූපො සියං අනාගතමද්ධානං , එවංවෙදනො සියං අනාගතමද්ධානං, එවංසඤ්ඤො සියං අනාගතමද්ධානං, එවංසඞ්ඛාරො සියං අනාගතමද්ධානං, එවංවිඤ්ඤාණො සියං අනාගතමද්ධාන’න්ති. එවං ඛො, භික්ඛු, සියා පඤ්චසු උපාදානක්ඛන්ධෙසු ඡන්දරාගවෙමත්තතා’’ති.
‘‘කිත්තාවතා පන, භන්තෙ, ඛන්ධානං ඛන්ධාධිවචනං හොතී’’ති? ‘‘යං කිඤ්චි, භික්ඛු, රූපං - අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා, ඔළාරිකං වා සුඛුමං වා, හීනං වා පණීතං වා, යං දූරෙ සන්තිකෙ වා - අයං රූපක්ඛන්ධො. යා කාචි වෙදනා - අතීතානාගතපච්චුප්පන්නා අජ්ඣත්තං වා බහිද්ධා වා, ඔළාරිකා වා සුඛුමා වා, හීනා වා පණීතා වා, යා දූරෙ සන්තිකෙ වා - අයං වෙදනාක්ඛන්ධො. යා කාචි සඤ්ඤා - අතීතානාගතපච්චුප්පන්නා...පෙ.... යා දූරෙ සන්තිකෙ වා - අයං සඤ්ඤාක්ඛන්ධො. යෙ කෙචි සඞ්ඛාරා - අතීතානාගතපච්චුප්පන්නා අජ්ඣත්තං වා බහිද්ධා වා, ඔළාරිකා වා සුඛුමා වා, හීනා වා පණීතා වා, යෙ දූරෙ සන්තිකෙ වා - අයං සඞ්ඛාරක්ඛන්ධො. යං කිඤ්චි විඤ්ඤාණං - අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා, ඔළාරිකං වා සුඛුමං වා, හීනං වා පණීතං වා, යං දූරෙ සන්තිකෙ වා - අයං විඤ්ඤාණක්ඛන්ධො. එත්තාවතා ඛො, භික්ඛු, ඛන්ධානං ඛන්ධාධිවචනං හොතී’’ති.
‘‘කො නු ඛො, භන්තෙ, හෙතු කො පච්චයො රූපක්ඛන්ධස්ස පඤ්ඤාපනාය? කො හෙතු කො පච්චයො වෙදනාක්ඛන්ධස්ස පඤ්ඤාපනාය? කො හෙතු කො පච්චයො සඤ්ඤාක්ඛන්ධස්ස පඤ්ඤාපනාය? කො හෙතු කො පච්චයො සඞ්ඛාරක්ඛන්ධස්ස පඤ්ඤාපනාය? කො හෙතු කො පච්චයො විඤ්ඤාණක්ඛන්ධස්ස පඤ්ඤාපනායා’’ති?
‘‘චත්තාරො ඛො, භික්ඛු, මහාභූතා හෙතු, චත්තාරො මහාභූතා පච්චයො රූපක්ඛන්ධස්ස පඤ්ඤාපනාය. ඵස්සො හෙතු, ඵස්සො පච්චයො වෙදනාක්ඛන්ධස්ස පඤ්ඤාපනාය. ඵස්සො හෙතු, ඵස්සො පච්චයො සඤ්ඤාක්ඛන්ධස්ස පඤ්ඤාපනාය. ඵස්සො හෙතු, ඵස්සො පච්චයො සඞ්ඛාරක්ඛන්ධස්ස පඤ්ඤාපනාය. නාමරූපං ඛො, භික්ඛු, හෙතු, නාමරූපං පච්චයො විඤ්ඤාණක්ඛන්ධස්ස පඤ්ඤාපනායා’’ති.
86
එකල්හි වනාහි ඒ භික්ෂු තෙම ස්වකීය ආසනයෙහි හිඳගෙණ භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
“ස්වාමීනි, මොහු වනාහි පඤ්ච උපාදාන ස්කන්ධයෝ වෙත්ද? එනම්: රූප උපාදාන ස්කන්ධය, වේදනා උපාදාන ස්කන්ධය, සංඥා උපාදාන ස්කන්ධය, සංස්කාර උපාදාන ස්කන්ධය විඤ්ඤාණ උපාදානස්කන්ධය යන මොහුයි.
“මහණ, රූප උපාදාන ස්කන්ධය, වේදනා උපාදාන ස්කන්ධය, සංඥා උපාදාන ස්කන්ධය, සංස්කාර උපාදාන ස්කන්ධය විඥාන උපාදාන ස්කන්ධය යන මොහු පඤ්ච උපාදාන ස්කන්ධයෝ වෙත්.”
“ස්වාමීනි, යහපතැයි” කියා ඒ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙණ අනුමෝදන්ව භාග්‍යවතුන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් ඇසිය “ස්වාමීනි, මේ පඤ්ච උපාදාන ස්කන්ධයෝ වනාහි කුමක් මුල් කොට ඇත්තාහුද?” “මහණ, මේ පඤ්ච උපාදාන ස්කන්ධයෝ තෘෂ්ණාව මුල්කොට ඇත්තාහුය.” “ස්වාමීනි, ඒ පඤ්ච උපාදාන ස්කන්ධයෝම වෙත්ද? උපාදානයෝ වෙත්ද? ඔව්හුම පඤ්ච උපාදාන ස්කන්ධයෝ නොහොත් පඤ්ච උපාදාන ස්කන්ධයන්ගෙන් අනිකක් උපාදානයක් වේද?” “මහණ, එයම උපාදානයත්, එයම පඤ්ච උපාදාන ස්කන්ධයෝත් නොවෙත්. පඤ්ච උපාදාන ස්කන්ධයන් හැර අනිකක් උපාදානද නොවෙයි” “මහණ, පඤ්ච උපාදාන ස්කන්ධයන් කෙරෙහි යම් තෘෂ්ණාවක්වේද, එය එහි උපාදාන යයි, (දැඩිකොට අල්වා ගැනීමයි.)”
“ස්වාමීනි, පඤ්ච උපාදාන ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණාවගේ වෙනස් බවක් වන්නේද?”
“මහණ, වන්නේයයි,” භාග්‍යවතුන් වහන්සේ වදාළේය. “මහණ, මේ ලෝකයෙහි ඇතමෙකුහට මෙබඳු සිතක් වෙයි. ‘මතු කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් වන්නෙමි. මතු කාලයෙහි මෙබඳු වේදනා ඇත්තෙක් වන්නෙමි. මතු කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වන්නෙමි. මතු කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙමි. මතු කාලයෙහි මෙබඳු විඥානය ඇත්තෙක් වන්නෙමි යනුවෙනි. මහණ, මෙසේ වනාහි පඤ්ච උපාදාන ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණාවගේ වෙනස් බව වන්නේයයි” වදාළේය.
“ස්වාමීනි, කොපමණකින් වනාහි ස්කන්ධයන්ට ස්කන්ධ යන නම වන්නේදැයි”යි ඇසීය. “මහණ, අතීතවූද අනාගතවූද වර්තමානවූද තමා කෙරෙහිවූ හෝ පිටත්හිවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ලඟවූ හෝ යම්කිසි රූපයක් වේද, මෙය රූපස්කන්ධය නම් වේ. අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයෙහිවූ තමා කෙරෙහිවූ හෝ පිටත්හිවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ ප්‍රණීතවූ හෝ යම් දුරවූ හෝ ලඟවූ හෝ යම්කිසි වේදනාවක් වේද, මෙය වේදනා ස්කන්ධ නම් වේ. අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයෙහිවූ තමා කෙරෙහිවූ හෝ පිටත්හිවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ ප්‍රනීත වූ හෝ දුරවූ හෝ ලඟවූ හෝ යම්කිසි සංඥාවෝ වෙත්ද, මේ සංඥාස්කන්ධය නම් වේ. අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයෙහිවූ තමා කෙරෙහිවූ හෝ පිටත්හිවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ලඟවූ හෝ යම්කිසි සංස්කාර කෙණෙක් වෙත්ද, මේ සංස්කාර ස්කන්ධය නම් වේ. අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයෙහිවූ තමා කෙරෙහිවූ හෝ පිටත්හිවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ලඟවූ හෝ යම්කිසි විඥානයක් වේද, මේ විඥාන ස්කන්ධය වේ. මහණ, මෙතෙකින් වනාහි ස්කන්ධයන්ට ස්කන්ධය යන නම වේයයි” වදාළේය.
“ස්වාමීනි, රූපස්කන්ධයාගේ පැනවීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද? වේදනා ස්කන්ධයාගේ පැනවීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද? සංඥා ස්කන්ධයාගේ පැනවීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද? සංස්කාර ස්කන්ධයාගේ පැනවීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද? විඥාන ස්කන්ධයාගේ පැනවීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේදැයි” (ඇසූයේය.)
“මහණ, සතර මහාභූතයෝ වනාහි රූප ස්කන්ධයාගේ පැනවීමට හේතු වේ. ප්‍රත්‍යය වේ. වේදනා ස්කන්ධයාගේ පැනවීමට ස්පර්ශය හේතු වේ. ස්පර්ශය ප්‍රත්‍යය වේ. සංඥා ස්කන්ධයාගේ පැනවීමට ස්පර්ශය හේතු වේ. ස්පර්ශය ප්‍රත්‍යය වේ මහණ, විඥාන ස්කන්ධයාගේ පැනවීමට නාම රූපය වනාහි හේතු වේ. නාම රූපය ප්‍රත්‍යය වේයයි” (වදාළේය.)
87
‘‘කථං පන, භන්තෙ, සක්කායදිට්ඨි හොතී’’ති? ‘‘ඉධ, භික්ඛු, අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො රූපං අත්තතො සමනුපස්සති රූපවන්තං වා අත්තානං අත්තනි වා රූපං රූපස්මිං වා අත්තානං; වෙදනං අත්තතො සමනුපස්සති වෙදනාවන්තං වා අත්තානං අත්තනි වා වෙදනං වෙදනාය වා අත්තානං; සඤ්ඤං අත්තතො සමනුපස්සති සඤ්ඤාවන්තං වා අත්තානං අත්තනි වා සඤ්ඤං සඤ්ඤාය වා අත්තානං; සඞ්ඛාරෙ අත්තතො සමනුපස්සති සඞ්ඛාරවන්තං වා අත්තානං අත්තනි වා සඞ්ඛාරෙ සඞ්ඛාරෙසු වා අත්තානං; විඤ්ඤාණං අත්තතො සමනුපස්සති විඤ්ඤාණවන්තං වා අත්තානං අත්තනි වා විඤ්ඤාණං විඤ්ඤාණස්මිං වා අත්තානං. එවං ඛො , භික්ඛු, සක්කායදිට්ඨි හොතී’’ති.
‘‘කථං පන, භන්තෙ, සක්කායදිට්ඨි න හොතී’’ති? ‘‘ඉධ, භික්ඛු, සුතවා අරියසාවකො අරියානං දස්සාවී අරියධම්මස්ස කොවිදො අරියධම්මෙ සුවිනීතො සප්පුරිසානං දස්සාවී සප්පුරිසධම්මස්ස කොවිදො සප්පුරිසධම්මෙ සුවිනීතො න රූපං අත්තතො සමනුපස්සති න රූපවන්තං වා අත්තානං න අත්තනි වා රූපං න රූපස්මිං වා අත්තානං; න වෙදනං අත්තතො සමනුපස්සති න වෙදනාවන්තං වා අත්තානං න අත්තනි වා වෙදනං න වෙදනාය වා අත්තානං; න සඤ්ඤං අත්තතො සමනුපස්සති න සඤ්ඤාවන්තං වා අත්තානං න අත්තනි වා සඤ්ඤං න සඤ්ඤාය වා අත්තානං; න සඞ්ඛාරෙ අත්තතො සමනුපස්සති න සඞ්ඛාරවන්තං වා අත්තානං න අත්තනි වා සඞ්ඛාරෙ න සඞ්ඛාරෙසු වා අත්තානං; න විඤ්ඤාණං අත්තතො සමනුපස්සති න විඤ්ඤාණවන්තං වා අත්තානං න අත්තනි වා විඤ්ඤාණං න විඤ්ඤාණස්මිං වා අත්තානං. එවං ඛො, භික්ඛු, සක්කායදිට්ඨි න හොතී’’ති.
87
“ස්වාමීනි, කෙසේ නම් සත්කායදෘෂ්ටිය වේදැයි” ඇසීය.
“මහණ, මේ ලෝකයෙහි ඇසූ පිරූ තැන් නැති ආර්‍ය්‍යයන් නොදක්නාවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි අදක්ෂවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි නොහික්මුනාවූ, සත්පුරුෂයන් නොදක්නාවූ, සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුනාවූ, පෘථග්ජනතෙම රූපය තමායයි හෝ දකියි. තමා රූපය ඇත්තෙකැයි කියා හෝ දකියි. තමා කෙරෙහි රූපය ඇත්තේයයි කියා හෝ දකියි. රූපයෙහි තමා ඇත්තේයයි කියා හෝ දකියි. වේදනාව තමායයි කියා හෝ දකියි. තමා වේදනාව ඇත්තෙකැයි කියා හෝ දකියි. තමා කෙරෙහි වේදනාව ඇත්තේයයි කියා හෝ දකියි. වේදනාව කෙරෙහි තමා ඇත්තේයයි කියා හෝ දකියි. සංඥාව තමායයි කියා හෝ තමා සංඥාව ඇත්තෙක කියා හෝ තමා කෙරෙහි සංඥාව ඇත්තේය කියා හෝ සංඥාව කෙරෙහි තමා ඇත්තේය කියා හෝ දකියි. සංස්කාරය තමායයි කියා හෝ දකියි. තමා සංස්කාර ඇත්තෙක කියා හෝ සංස්කාර කෙරෙහි තමා ඇත්තේය කියා හෝ තමා කෙරෙහි සංස්කාර ඇත්තේය කියා හෝ දකියි. විඤ්ඤාණය තමා කියා හෝ දකියි. තමා විඤ්ඤාණය ඇත්තෙක කියා හෝ විඤ්ඤාණය කෙරෙහි තමා ඇත්තේය කියා හෝ තමා කෙරෙහි විඤ්ඤාණය ඇත්තේය කියා හෝ දකියි. මහණ, මෙසේ වනාහි සත්කායදෘෂ්ටිය වේයයි” වදාළේය.
“ස්වාමීනි, කෙසේ නම් සත්කායදෘෂ්ටිය නොවේද?”
“මහණ, මේ ශාසනයෙහි ආර්‍ය්‍යයන් දක්නාවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි දක්ෂවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි මනාව හික්මුනාවූ සත්පුරුෂයන් දක්නාවූ, සත්පුරුෂ ධර්මයෙහි දක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි මනාව හික්මුනාවූ, බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආර්‍ය්‍යශ්‍රාවක තෙම රූපය තමායයි නොදකියි. තමා රූපය ඇත්තෙකැයි කියා හෝ නොදකියි. තමා කෙරෙහි රූපය ඇත්තේයයි හෝ නොදකියි. රූපය කෙරෙහි තමා ඇත්තේයයි හෝ නොදකියි. වේදනාව තමායයි නොදකියි. තමා වේදනාව ඇත්තෙකැයි හෝ නොදකියි. තමා කෙරෙහි වේදනාව ඇත්තේයයි හෝ නොදකියි. වේදනාව කෙරෙහි තමා ඇත්තේයයි හෝ නොදකියි. සංඥාව තමායයි නොදකියි. තමා සංඥාව ඇත්තෙකැයි හෝ නොදකියි. තමා කෙරෙහි සංඥාව ඇත්තේයයි හෝ නොදකියි. සංඥාව කෙරෙහි තමා ඇත්තේයයි හෝ නොදකියි. සංස්කාරයන් තමායයි නොදකියි. තමා සංස්කාරයන් ඇත්තෙකැයි හෝ නොදකියි. තමා කෙරෙහි සංස්කාරයන් ඇත්තේයයි හෝ නොදකියි. සංස්කාරයන් කෙරෙහි තමා ඇත්තේයයි හෝ නොදකියි. විඥානය තමායයි නොදකියි. තමා විඤ්ඤාණය ඇත්තෙකැයි හෝ නොදකියි. තමා කෙරෙහි විඥානය ඇත්තේයයි හෝ නොදකියි. විඥානය කෙරෙහි තමා ඇත්තේයයි හෝ නොදකියි. මහණ, මෙසේ වනාහි සත්කායදෘෂ්ටිය නොවේයයි” වදාළේය.
88
‘‘කො නු ඛො, භන්තෙ, රූපෙ අස්සාදො, කො ආදීනවො, කිං නිස්සරණං? කො වෙදනාය අස්සාදො, කො ආදීනවො, කිං නිස්සරණං? කො සඤ්ඤාය අස්සාදො, කො ආදීනවො, කිං නිස්සරණං? කො සඞ්ඛාරෙසු අස්සාදො, කො ආදීනවො, කිං නිස්සරණං? කො විඤ්ඤාණෙ අස්සාදො, කො ආදීනවො, කිං නිස්සරණ’’න්ති? ‘‘යං ඛො, භික්ඛු, රූපං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං රූපෙ අස්සාදො. යං රූපං අනිච්චං දුක්ඛං විපරිණාමධම්මං, අයං රූපෙ ආදීනවො. යො රූපෙ ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං, ඉදං රූපෙ නිස්සරණං. යං ඛො (යඤ්ච (ස්‍යා. කං.)), භික්ඛු, වෙදනං පටිච්ච... සඤ්ඤං පටිච්ච... සඞ්ඛාරෙ පටිච්ච... විඤ්ඤාණං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං විඤ්ඤාණෙ අස්සාදො. යං විඤ්ඤාණං අනිච්චං දුක්ඛං විපරිණාමධම්මං, අයං විඤ්ඤාණෙ ආදීනවො. යො විඤ්ඤාණෙ ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං, ඉදං විඤ්ඤාණෙ නිස්සරණ’’න්ති.
88
“ස්වාමීනි, රූපයෙහි ආශ්වාදය (රසවිඳීම) කවරේද? ආදීනවය (දෝෂය) කවරේද? නිස්සරණය (නික්මීම) කවරේද? වේදනාවෙහි ආශ්වාදය කවරේද? ආදීනවය කවරේද? නිස්සරණය කවරේද? සංඥාවෙහි ආශ්වාදය කවරේද? ආදීනවය කවරේද? නිස්සරණය කවරේද? සංස්කාරයන්හි ආශ්වාදය කවරේද? ආදීනවය කවරේද? නිස්සරණය කවරේද? විඥානයෙහි ආශ්වාදය කවරේද? ආදීනවය කවරේද? නිස්සරණය කවරේද? “මහණ, රූපය නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මේ රූපයෙහි ආශ්වාදය වේ. (රසවිඳීම වේ.) යම් රූපයක් අනිත්‍යද, දුක් ඇත්තේද, පෙරළෙන ස්වභාව ඇත්තේද, මේ රූපයෙහි ආදීනවය වේ. රූපයෙහි යම් ඇලීම නැති කිරීමෙක් ඇලීම දුරුකිරීමෙක් වේද, මේ රූපයෙහි නිස්සරණය වේ. මහණ, වේදනාව නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මේ වේදනාවෙහි ආශ්වාදය වේ. (රස විඳගැන්ම වේ.) යම් වේදනාවක් අනිත්‍යද, දුක් ඇත්තේද, පෙරළෙන ස්වභාව ඇත්තේද, මේ වේදනාවෙහි ආදීනවය වේ. වේදනාවෙහි යම් ඡන්දරාගයෙන් ඇලීම නැතිකිරීමෙක්, ඡන්ද රාගය දුරුකිරීමෙක් වේද, මේ වේදනාවෙහි නිස්සරණය වේ. සංඥාව නිසා යම් සැපයක්, සොම්නසක් උපදීද, මේ සංඥාවෙහි යම් සැපයක් සොම්නසක් උපදීද, මේ සංඥාවෙහි ආශ්වාදය වේ. යම් සංඥාවක් අනිත්‍යද, දුක් ඇත්තේද, පෙරළෙන ස්වභාව ඇත්තේද, මේ සංඥාවෙහි ආදීනවය වේ. සංඥාවෙහි යම් ඡන්දරාගයෙන් ඇලීම නැතිකිරීමෙක් ඡන්ද රාගය දුරු කිරීමෙක් වේද, මේ සංඥාවෙහි නිස්සරණය වේ. සංස්කාරයන් නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මේ සංස්කාරයෙහි ආශ්වාදය වේ. යම් සංස්කාරයක් අනිත්‍යද, දුක් ඇත්තේද, පෙරළෙන ස්වභාව ඇත්තේද, මේ සංස්කාරයෙහි ආදීනවය වේ. සංස්කාරයෙහි යම් ඡන්දරාගයෙන් ඇලීම නැති කිරීමෙක්, ඡන්දරාගය දුරු කිරීමෙක් වේද, මේ සංස්කාරයෙහි නිස්සරණය වේ. විඥානය නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මේ විඥානයෙහි ආශ්වාදය වේ. යම් විඥානයක් අනිත්‍යද, දුක් ඇත්තේද, පෙරළෙන ස්වභාව ඇත්තේද, මේ විඥානයෙහි ආදීනවයයි. විඥානයෙහි යම් ඇලීමක් නැතිකිරීමක් ඇලීම දුරු කිරීමක් වේද, මේ විඥානයෙහි නිශ්ශරණය වේයයි (වදාළේය)
89
‘‘කථං පන, භන්තෙ, ජානතො කථං පස්සතො ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකෙ කායෙ බහිද්ධා ච සබ්බනිමිත්තෙසු අහංකාරමමංකාරමානානුසයා න හොන්තී’’ති? ‘‘යං කිඤ්චි, භික්ඛු, රූපං - අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා - සබ්බං රූපං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති - එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති. යා කාචි වෙදනා... යා කාචි සඤ්ඤා... යෙ කෙචි සඞ්ඛාරා... යං කිඤ්චි විඤ්ඤාණං - අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා - සබ්බං විඤ්ඤාණං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති - එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති. එවං ඛො, භික්ඛු, ජානතො එවං පස්සතො ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකෙ කායෙ බහිද්ධා ච සබ්බනිමිත්තෙසු අහංකාරමමංකාරමානානුසයා න හොන්තී’’ති.
89
“ස්වාමීනි, කෙසේ දන්නාවූ, කෙසේ දක්නාවූ පුද්ගලයාහට මේ විඥානය සහිත කයෙහි (ශරීරයෙහි) ද පිටත්හි සියලු අරමුණුවලද මමය, මාගේයයි ගන්නා මානානුසයයෝ නොවෙත්ද?”
“මහණ, අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයෙහිවූ අධ්‍යාත්මයෙහිවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ලඟවූ හෝ යම්කිසි රූපයක් වේද, මේ සියලු රූපය මාගේ නොවෙයි. මේ රූපය තෙම මම නොවෙමි. මේ රූපය මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දකීද, අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයෙහිවූ අද්ධ්‍යාත්මයෙහිවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ ප්‍රණීතවූ හෝ යම් දුරවූ හෝ ලඟවූ හෝ යම්කිසි වේදනාවක් වේද, මේ සියලු වේදනාව මාගේ නොවෙයි, මේ වේදනාවතෙම මම නොවෙමියි, මේ වේදනාව මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දකීද, අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයෙහිවූ අධ්‍යාත්මයෙහිවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ, ප්‍රණීතවූ හෝ යම් දුරවූ හෝ ලඟවූ හෝ යම්කිසි සංඥාවක් වේද, මේ සියලු සංඥාව මාගේ නොවෙයි, මේ සංඥාවතෙම මම නොවෙමියි, මේ සංඥාව මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දකීද, අතීත, අනාගත වර්තමාන යන කාලත්‍රයෙහිවූ අධ්‍යාත්මයෙහිවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ, ප්‍රණීතවූ හෝ යම් දුරවූ හෝ ලඟවූ හෝ යම්කිසි සංස්කාරයක් වෙත්ද, මේ සියලු සංස්කාරය මාගේ නොවෙයි, මේ සංස්කාරය තෙම මම නොවෙමියි, මේ සංස්කාරය මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දකීද, අතීත අනාගත වර්තමාන යන කාලත්‍රයෙහිවූ අධ්‍යාත්මයෙහිවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ ප්‍රණීතවූ හෝ යම් දුරවූ හෝ ලඟවූ හෝ යම්කිසි විඥානයක් වේද, මේ සියලු විඥානය මාගේ නොවෙයි, මේ විඥානයතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දකියිද මහණ, මෙසේ වනාහි දන්නහුගේ මෙසේ දක්නහුගේ මේ විඥානය සහිතවූ ශරීරයෙහිද, පිටත්හිවූ සියලු නිමිතිවලද, (අහංකාර මමංකාරයයි කියනලද) මමය මාගේයයි ගන්නාලද මානානුසයෝ නොවෙත්යයි” වදාළේය.
90
අථ ඛො අඤ්ඤතරස්ස භික්ඛුනො එවං චෙතසො පරිවිතක්කො උදපාදි - ‘‘ඉති කිර, භො, රූපං අනත්තා, වෙදනා අනත්තා, සඤ්ඤා අනත්තා, සඞ්ඛාරා අනත්තා, විඤ්ඤාණං අනත්තා; අනත්තකතානි කම්මානි කමත්තානං (කථමත්තානං (සං. නි. 3.82)) ඵුසිස්සන්තී’’ති? අථ ඛො භගවා තස්ස භික්ඛුනො චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය භික්ඛූ ආමන්තෙසි - ‘‘ඨානං ඛො පනෙතං, භික්ඛවෙ, විජ්ජති යං ඉධෙකච්චො මොඝපුරිසො අවිද්වා අවිජ්ජාගතො තණ්හාධිපතෙය්‍යෙන චෙතසා සත්ථු සාසනං අතිධාවිතබ්බං මඤ්ඤෙය්‍ය - ‘ඉති කිර, භො, රූපං අනත්තා, වෙදනා අනත්තා, සඤ්ඤා අනත්තා, සඞ්ඛාරා අනත්තා, විඤ්ඤාණං අනත්තා; අනත්තකතානි කම්මානි කමත්තානං ඵුසිස්සන්තී’ති. පටිවිනීතා (පටිච්ච විනීතා (සී. පී.), පටිපුච්ඡාමි විනීතා (ස්‍යා. කං.)) ඛො මෙ තුම්හෙ, භික්ඛවෙ , තත්‍ර තත්‍ර ධම්මෙසු’’.
‘‘තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’’ති? ‘‘දුක්ඛං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති? ‘‘නො හෙතං , භන්තෙ’’. ‘‘තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, වෙදනා... සඤ්ඤා... සඞ්ඛාරා... විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’’ති? ‘‘දුක්ඛං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තස්මාතිහ, භික්ඛවෙ, යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා සබ්බං රූපං - ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. යා කාචි වෙදනා... යා කාචි සඤ්ඤා... යෙ කෙචි සඞ්ඛාරා... යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා සබ්බං විඤ්ඤාණං - ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එවං පස්සං, භික්ඛවෙ, සුතවා අරියසාවකො රූපස්මිම්පි නිබ්බින්දති, වෙදනායපි නිබ්බින්දති, සඤ්ඤායපි නිබ්බින්දති, සඞ්ඛාරෙසුපි නිබ්බින්දති, විඤ්ඤාණස්මිම්පි නිබ්බින්දති; නිබ්බින්දං විරජ්ජති , විරාගා විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාතී’’ති.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති. ඉමස්මිඤ්ච පන වෙය්‍යාකරණස්මිං භඤ්ඤමානෙ සට්ඨිමත්තානං භික්ඛූනං අනුපාදාය ආසවෙහි චිත්තානි විමුච්චිංසූති.
90
ඉක්බිති එක්තරා භික්ෂුවක්හට මෙබඳු සිත පිළිබඳ පරිවිතර්කයක් (කල්පනාවක්) පහළ විය. ‘පින්වත, මෙසේ වනාහි රූපය අනාත්මයයි (තමා නොවෙයි) වේදනාවෝ අනාත්මයයි (තමා නොවෙත්) සංඥාවෝ අනාත්මයයි (තමා නොවෙත්) සංස්කාරයෝ අනාත්මයි, විඥානය අනාත්මයි, අනාත්මයෙහි සිට කරණ ලද කර්මයෝ කවර ආත්මයෙහි සිට විපාක දෙත්ද කියයි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේගේ සිත්හි උපන් අදහස සිතින් දැන භික්ෂූන්ට කථාකළ සේක. “මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් හිස් පුරුෂයෙක් නොදන්නේ අවිද්‍යාවෙන් යුක්තවූයේ තෘෂ්ණාව අධිපතිකොට ඇත්තාවූ සිතින් ශාස්තෘ ශාසනය ඉක්මවා යා යුතුයයි හඟින්නේය, යන යමක් වේද, මේ කාරණය විද්‍යමාන වේමය. ‘පින්වත මෙසේ වනාහි රූපය අනාත්මය, වේදනාවෝ අනාත්මය, සංඥාවෝ අනාත්මය, සංස්කාරයෝ අනාත්මය, විඥානය අනාත්මය අනාත්මයෙහි සිට කරණ ලද කර්මයෝ කවර ආත්මයෙක්හි සිට විපාක දෙන්නාහුද’ කියායි. මහණෙනි, තෙපි මාගේ ධර්මය නිසා ඒ ඒ තන්හි ඒ ඒ ධර්මයන්හි හික්මුනාහුය. මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද? රූපය හෝ වේද, අනිත්‍යය හෝ වේද?” “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, ඒ දුක් හෝ වේද. සැප හෝ වේදැයි” “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද දුකද, පෙරලෙන ස්වභාව ඇත්තේද, ‘ඒ මගේය මෙතෙම මම වෙමියි. මෙතෙම මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?” “ස්වාමීනි, ඔය නුසුදුසුමැයි”
“මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද? වේදනාවෝ නිත්‍ය හෝ වෙත්ද? අනිත්‍ය හෝ වෙත්ද?”
“ස්වාමීනි, අනිත්‍යය,”
“යමක් වනාහි අනිත්‍යද, ඒ දුක් හෝ වේද? සැප හෝ වේද?”
“ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාව ඇත්තේද, මෙය මගේය. මෙතෙම මම වෙමි. මෙතෙම මාගේ ආත්මයයි එය කල්පනා කරන්නට සුදුසුද?”
“ස්වාමීනි, මෙය නුසුදුසුමය.”
“මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද? සංඥාවෝ නිත්‍ය හෝ
වෙත්ද? අනිත්‍ය හෝ වෙත්ද?”
“ස්වාමීනි අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද. ඒ දුක් හෝ වේද? සැප හෝ
වේද?”
“ස්වාමීනි. දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකදත පෙරළෙන ස්වභාව ඇත්තේද
මෙය මගේය, මෙතෙම මම වෙමි. මෙතෙම මාගේ ආත්මයයි එය කල්පනා කරන්නට සුදුසුද?”
“ස්වාමීනි, මෙය, නුසුදුසුමය.”
“මහණෙනි, ඒ කුමකැයි හඟීව්ද? සංස්කාරයෝ නිත්‍ය හෝ වෙත්ද? අනිත්‍ය හෝ වෙත්ද?”
“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, ඒ දුක් හෝ වේද? සැප හෝ වේද?”
“ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද දුකද, පෙරළෙන ස්වභාව ඇත්තේද, මෙය මගේය. මෙතෙම මම වෙමි. මෙතෙම මාගේ ආත්මයයි එය කල්පනා කරන්නට සුදුසුද?”
“ස්වාමීනි, මෙය නුසුදුසුමය.”
“මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද? විඥානය නිත්‍ය හෝ අනිත්‍යය හෝ වේද?”
“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද. ඒ දුක් හෝ සැප හෝ වේද?”
“ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද. පෙරළෙන ස්වභාව ඇත්තේද ඒ මාගේය, මෙතෙම මම වෙමි. මෙය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?” “ස්වාමීනි, සුදුසු නොවේමැයි.”
“මහණෙනි, එහෙයින් මේ ලෝකයෙහි අතීත අනාගත වර්තමාන යන කාලත්‍රයෙහිවූ අධ්‍යාත්මයෙහිවූ හෝ (තමා කෙරෙහිවූ හෝ) පිටත්හිවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ලඟවූ හෝ යම් කිසි රූපයක් වේද, මේ සියලු රූපය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මය නොවේ යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක්ක යුතුයි. අතීත, අනාගත වර්තමාන, යන කාලත්‍රයෙහිවූ අද්ධ්‍යාත්මයෙහිවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ ප්‍රණීතවූ හෝ යම් දුරවූ හෝ ලඟවූ හෝ යම්කිසි වේදනාවක් වේද, මේ සියලු වේදනාව මාගේ නොවෙයි. මේ වේදනාව තෙම මම නොවෙමියි, මේ වේදනාව මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දකීද, අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයෙහිවූ අද්ධ්‍යාත්මයෙහිවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ ප්‍රණීතවූ හෝ යම් දුරවූ හෝ ලඟවූ හෝ යම්කිසි සංඥාවක් වේද මේ සියලු සංඥාව මාගේ නොවෙයි. මේ සංඥාව තෙම මම නොවෙමියි, මේ සංඥාව මාගේ ආත්මය නොවේ යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දකීද, අතීත, අනාගත, වර්තමාන යනා කාලත්‍රයෙහිවූ අද්ධ්‍යාත්මයෙහිවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ ප්‍රණීතවූ හෝ යම් දුරවූ හෝ ලඟවූ හෝ යම්කිසි සංස්කාර කෙනෙක් වෙත්ද මේ සියලු සංස්කාරය මාගේ නොවෙයි, මේ සංස්කාරය තෙම මම නොවෙමියි, මේ සංස්කාරය මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දකීද, අතීතානාගත වර්තමාන යන කාලත්‍රයෙහිවූ තමා කෙරෙහිවූ හෝ පිටත්හිවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ලඟවූ හෝ යම්කිසි විඥානයක්වේද, මේ සියලු විඥානය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මය නොවේයයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් දැක්ක යුතුයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම රූපයෙහි කලකිරෙයි. වේදනාවෙහි කලකිරෙයි. සංඥාවෙහි කලකිරෙයි. සංස්කාරයන්හි කලකිරෙයි. විඥානයෙහි කලකිරෙයි. කලකිරෙමින් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේයයි දැනීමවේ. ජාතිය ක්ෂය කරණ ලද්දීය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. සතර මගින් කටයුතු දෙය කරණ ලද්දේය මේ ආත්මභාවය පිණිස අනිකක් නැතැයි දැන ගනීයයි” වදාළේය.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුය. මේ දේශනාව දේශනාකරණ කල්හි සැටක් පමණවූ භික්ෂූන්ගේ චිත්තයෝ උපාදාන රහිතව ආශ්‍රවයන්ගෙන් මිදුනාහුයි.
10. චූළපුණ්ණමසුත්තං 10. චූල පුණ්ණමා සූත්‍රය