මජ්ඣිමනිකායෙ | මජ්ඣිම නිකාය |
උපරිපණ්ණාසපාළි | උපරි පණ්ණාසය |
1. දෙවදහවග්ගො | 1. දේවදහ වර්ගය |
1. දෙවදහසුත්තං | 1. දේවදහ සූත්‍රය |
1
එවං
‘‘එවංවාදාහං
‘‘ත්යාහං
‘‘‘කිං පන තුම්හෙ, ආවුසො නිගණ්ඨා, ජානාථ - අකරම්හෙව මයං පුබ්බෙ පාපකම්මං, න නාකරම්හා’ති? ‘නො හිදං, ආවුසො’.
‘‘‘කිං පන තුම්හෙ, ආවුසො නිගණ්ඨා, ජානාථ - එවරූපං වා එවරූපං වා පාපකම්මං අකරම්හා’ති? ‘නො හිදං, ආවුසො’.
‘‘‘කිං පන තුම්හෙ, ආවුසො නිගණ්ඨා, ජානාථ - එත්තකං වා දුක්ඛං නිජ්ජිණ්ණං, එත්තකං වා දුක්ඛං නිජ්ජීරෙතබ්බං, එත්තකම්හි වා දුක්ඛෙ නිජ්ජිණ්ණෙ සබ්බං දුක්ඛං නිජ්ජිණ්ණං භවිස්සතී’ති? ‘නො
‘‘‘කිං පන තුම්හෙ, ආවුසො නිගණ්ඨා, ජානාථ - දිට්ඨෙව ධම්මෙ අකුසලානං ධම්මානං පහානං, කුසලානං ධම්මානං උපසම්පද’න්ති? ‘නො හිදං, ආවුසො’.
|
1
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයන්හි දෙවදහ නම් ශාක්‍ය රජුන්ගේ නියම් ගමෙහි වාසය කරති. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ‘මහණෙනියි’ කථාකළහ. ‘පින්වතුන් වහන්සැයි’ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය. “මහණෙනි, මේ පුරුෂ පුද්ගලතෙම සැපක් හෝ දුකක් හෝ දුක් සැප දෙකින් තොරවූවක් හෝ යම් කිසිවෙක් විඳියිද, ඒ සියල්ල පෙරකළ කර්ම හේතුවෙන්ම විඳින්නාහුය. මෙසේ පුරාණවූ කර්මයන් තපසින් කෙළවර වීමෙන්ද, අළුත්වූ කර්මයන් නොකිරීමෙන්ද, මත්තෙහි නැවත නොඉපදීමවේ. මත්තෙහි නොඉපදී මෙන් කර්මයන්ගේ නැසීමවේ. කර්මනැසීමෙන් දුක් නැසීමවේ.
“දුක් නැසීමෙන් වේදනා නැසීමවේ. වේදනා නැසීමෙන් සියළු දුක් දිරා යන්නේය, යන මෙබඳු වාද ඇත්තාවූ මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ, සමහර මහණ බමුණෙක් ඇත්තාහ. මහණෙනි, නිගණ්ඨයෝ මෙබඳු වාද ඇත්තාහුය. මහණෙනි, මම මෙබඳු වාද ඇති නිගණ්ඨයන් වෙත පැමිණ මෙසේ කියමි. ‘ඇවැත් නිගණ්ඨයිනි, තෙපි මේ පුරුෂ පුද්ගලතෙම යම්කිසි සැපක් හෝ දුකක් හෝ, දුක් සැප දෙකින් තොරවූවක් හෝ විඳියිද,ඒ සියල්ල පෙරකළ කර්මහේතුවෙන්ම විඳින්නේය. මෙසේ පැරණි කර්මයන් තපසින් කෙළවර කිරීමෙන්ද, අළුත්වූ කර්මයන් නොකිරීමෙන්ද, මත්තෙහි කර්ම හට නොගන්නේය. මත්තෙහි කර්ම නොහට ගැණීමෙන් කර්මයන්ගේ නැසීමවේ. කර්ම නැසීමෙන් දුක් නැසීමවේ. දුක් නැසීමෙන් වේදනා නැසීමවේ. වේදනා නැසීමෙන් සියළු දුක දිරා යන්නේය, යන මෙබඳු වාද ඇත්තාහුය. මෙබඳු දෘෂ්ටි ඇත්තාහුය යනු සැබෑදැයි අසමි. මහණෙනි, ඉදින් මා විසින් මෙසේ අසන ලද්දාවූ ඒ නිගණ්ඨයෝ ‘එසේයයි ප්‍රකාශ කෙරෙත්ද’ මම ඔවුන්ගෙන් ඇවැත් නිගණ්ඨයිනි, කිමෙක්ද, තෙපි ‘අපි, පෙර වූවාහුමයයි දනිව්ද, නොවූවාහුමයයි දනිව්දැයි’ අසමි. ‘ඇවැත්නි, එය නොදනිමුයයි’ කියත්. ‘ඇවැත් නිගණ්ඨයිනි කිමෙක්ද තෙපි පෙර අපි පාපකර්ම කෙළෙමුයයි දනිව්ද? නොකෙළෙමුයයි දනිව්දැයි, අසමි. ‘ඇවැත්නි එය නොදනිමුයයි’ කියත් ‘ඇවැත් නිගණ්ඨයිනි, කිමෙක්ද? තෙපි මෙබඳුවූ හෝ, මෙබඳුවූ හෝ පාපකර්ම කෙළෙමුයි දනිව්ද?’ ‘ඇවැත්නි, එය නොදනිමුයයි’ කියත්. ‘ඇවැත් නිගණ්ඨයිනි, කිමෙක්ද? තෙපි මෙපමණවූ දුක් දිරවන ලද්දේය. මෙපමණවූ දුක් දිරවිය යුතුය. මෙපමණවූ දුක් දිරවූ කල්හි සියලු දුක් දිරවන ලද්දේ වන්නේයයි දනිව්ද?’ ‘ඇවැත්නි, එය නොදනිමුයි’ කියත්. ‘ඇවැත් නිගණ්ඨයිනි, කිමෙක්ද? තෙපි මේ ආත්මයෙහිම අකුශල ධර්මයන්ගේ දුරු කිරීමත් කුශල ධර්මයන්ගේ වැඩීමත් දනිව්දැයි, අසමි. ‘ඇවැත්නි එය නොදනිමුයි’ කියත්.
|
2
‘‘ඉති කිර තුම්හෙ, ආවුසො නිගණ්ඨා, න ජානාථ - අහුවම්හෙව මයං
‘‘සචෙ පන තුම්හෙ, ආවුසො නිගණ්ඨා, ජානෙය්යාථ - අහුවම්හෙව මයං පුබ්බෙ, න නාහුවම්හාති, ජානෙය්යාථ - අකරම්හෙව මයං පුබ්බෙ පාපකම්මං, න නාකරම්හාති, ජානෙය්යාථ - එවරූපං වා එවරූපං වා පාපකම්මං අකරම්හාති, ජානෙය්යාථ - එත්තකං වා දුක්ඛං නිජ්ජිණ්ණං, එත්තකං වා දුක්ඛං නිජ්ජීරෙතබ්බං, එත්තකම්හි වා දුක්ඛෙ නිජ්ජිණ්ණෙ සබ්බං දුක්ඛං නිජ්ජිණ්ණං භවිස්සතීති, ජානෙය්යාථ - දිට්ඨෙව ධම්මෙ අකුසලානං ධම්මානං පහානං, කුසලානං ධම්මානං
|
2
“ඇවැත් නිගණ්ඨයිනි, මෙසේ වනාහි, තෙපි පෙර අපිවීමු යයිද නොදන්නාහුය. නොවීමුයයි නොදන්නාහුය. පෙර අපි පාපකර්මය කෙළෙමුයයිද නොදන්නහුය. නොකෙළෙමුයයිද නොදන්නාහුය. මෙබඳුවූ මෙබඳුවූ පාපකර්ම කෙළෙමුයයිද නොදන්නාහුය. මෙපමණවූ දුක් දිරවන ලද්දේය. මෙපමණවූ දුක් දිරවිය යුතුය. මෙපමණවූ දුක් දිරවූ කල්හි සියලු දුක් දිරවන ලද්දේ වන්නේයයිද නොදන්නාහුය. මේ ආත්මයෙහිම අකුශල ධර්මයන්ගේ දුරු කිරීමත් කුසල ධර්මයන්ගේ වැඩීමත් නොදන්නාහුය. මෙසේ ඇති කල්හි ආයුෂ්මත් නිගණ්ඨයන්ට මේ පුරුෂ පුද්ගලතෙම යම්කිසි සැපක් හෝ, දුකක් හෝ, දුක් නොවූ සැප නොවූවක් හෝ, විඳීයිද, ඒ සියල්ල පෙරකළ කර්ම හේතුවෙන්ම විඳින්නේය. පැරණිවූ කර්මයන් තපසින් කෙළවර කිරීමෙන් අලුත්වූ කර්මයන් නොකිරීමෙන් මත්තෙහි කර්ම හට නොගැණීමවේ. මත්තෙහි හටනොගැණීමෙන් කර්මයන්ගේ නැසීමවේ. කර්මයන්ගේ නැසීමෙන් දුක් නැසීමවේ. දුක් නැසීමෙන් වේදනා නැසීමවේ. වේදනා නැසීමෙන් සියලු දුක් දිරායාම වන්නේ යයි ප්‍රකාශ කිරීමට සුදුසු නොවන්නේය.
“ආයුෂ්මත් නිගණ්ඨයිනි, ඉදින් තෙපි පෙර අපි වීමුයයි දන්නාහුද, නොවීමුයයි දන්නාහුද, පෙර අපි පාපකර්ම කෙළෙමුයයි දන්නාහුද, නොකෙළෙමුයයි දන්නාහුද, මෙබඳු මෙබඳුවූ පාපකර්ම කෙළෙමුයයි දන්නාහුද, මෙපමණවූ දුක් දිරවන ලද්දේය. මෙපමණවූ දුක් දිරවිය යුතුය. මෙපමණවූ දුක් දිරවූ කල්හි සියලු දුක් දිරවන ලද්දේ වන්නේයයි දන්නාහුද මේ ආත්මයෙහිම අකුසල ධර්මයන්ගේ දුරු කිරීමත් කුසල ධර්මයන්ගේ වැඩීමත් දන්නාහුද, මෙසේ ඇති කල්හි ආයුෂ්මත් නිගණ්ඨයන්ට මේ පුරුෂ පුද්ගලතෙම යම් කිසි සැපයක් හෝ දුකක් හෝ, දුක්නොවූ සැප නොවූවක් හෝ විඳියිද, ඒ සියල්ල පෙරකළ කර්ම හේතුවෙන්ම විඳිත්. මෙසේ පැරණිවූ කර්මයන් තපසින් කෙළවර කිරීමෙන්, අලුත්වූ කර්මයන් නොකිරීමෙන්, මත්තෙහි කර්ම නොහට ගැණීමවේ. මත්තෙහි කර්ම නොහට ගැණීමෙන් කර්මයන්ගේ නැසීමවේ. කර්මයන්ගේ නැසීමෙන් දුක් නැසීමවේ. දුක් නැසීමෙන් වේදනා නැසීම් වේ. වේදනා නැසීමෙන් සියලු දුක් දිරායාම වන්නේය”යි ප්‍රකාශ කිරීමට සුදුසු වන්නේය’.
|
3
‘‘සෙය්යථාපි, ආවුසො නිගණ්ඨා, පුරිසො සල්ලෙන විද්ධො අස්ස සවිසෙන ගාළ්හූපලෙපනෙන
(ගාළ්හපලෙපනෙන (ක.)); සො සල්ලස්සපි වෙධනහෙතු
(වෙදනාහෙතු (සී. පී. ක.)) දුක්ඛා තිබ්බා
(තිප්පා (සී. ස්‍යා. කං. පී.)) කටුකා වෙදනා වෙදියෙය්ය. තස්ස මිත්තාමච්චා ඤාතිසාලොහිතා භිසක්කං සල්ලකත්තං උපට්ඨාපෙය්යුං. තස්ස සො භිසක්කො සල්ලකත්තො සත්ථෙන වණමුඛං පරිකන්තෙය්ය; සො සත්ථෙනපි වණමුඛස්ස පරිකන්තනහෙතු දුක්ඛා තිබ්බා කටුකා වෙදනා වෙදියෙය්ය. තස්ස සො භිසක්කො සල්ලකත්තො එසනියා සල්ලං එසෙය්ය; සො එසනියාපි සල්ලස්ස එසනාහෙතු දුක්ඛා තිබ්බා කටුකා වෙදනා වෙදියෙය්ය
‘‘එවමෙව ඛො, ආවුසො නිගණ්ඨා, සචෙ තුම්හෙ ජානෙය්යාථ - අහුවම්හෙව මයං පුබ්බෙ, න නාහුවම්හාති, ජානෙය්යාථ - අකරම්හෙව මයං පුබ්බෙ පාපකම්මං, න නාකරම්හාති, ජානෙය්යාථ - එවරූපං වා එවරූපං වා පාපකම්මං අකරම්හාති, ජානෙය්යාථ - එත්තකං වා දුක්ඛං නිජ්ජිණ්ණං, එත්තකං වා දුක්ඛං නිජ්ජීරෙතබ්බං, එත්තකම්හි වා දුක්ඛෙ නිජ්ජිණ්ණෙ සබ්බං දුක්ඛං නිජ්ජිණ්ණං භවිස්සතීති, ජානෙය්යාථ - දිට්ඨෙව ධම්මෙ අකුසලානං ධම්මානං පහානං, කුසලානං ධම්මානං උපසම්පදං; එවං සන්තෙ ආයස්මන්තානං නිගණ්ඨානං කල්ලමස්ස වෙය්යාකරණාය - යං
‘‘යස්මා ච ඛො තුම්හෙ, ආවුසො නිගණ්ඨා, න ජානාථ - අහුවම්හෙව මයං පුබ්බෙ, න නාහුවම්හාති, න ජානාථ - අකරම්හෙව මයං පුබ්බෙ පාපකම්මං, න නාකරම්හාති, න ජානාථ - එවරූපං වා එවරූපං වා පාපකම්මං අකරම්හාති, න ජානාථ - එත්තකං වා දුක්ඛං නිජ්ජිණ්ණං, එත්තකං
|
3
‘ආයුෂ්මත් නිගණ්ඨයිනි, යම්සේ පුරුෂයෙක් තෙම දැඩි කොට විස පොවනලද විෂ සහිතවූ හුලකින් විදින ලද්දේ වන්නේද හෙතෙම ඒ හුල ඇනීමේ වේදනාව හේතුකොටගෙණ දුක්වූ තියුණුවූ කටුකවූ වේදනාව විඳින්නේය. ඔහුගේ අසල් වැස්සෝද, නෑ සහ ලේනෑයෝද ශල්‍යකර්ම කරන්නාවූ වෙදෙකු කැඳවන්නාහුය. ශල්‍යකර්ම කරණ ඒ වෙද තෙම ආයුධයකින් ඔහුගේ වණ මුඛය කපන්නේය. හෙතෙම ආයුධයකින් වණ මුඛය කැපීම හේතුකොට ගෙනද, දුක්වූ, තියුණුවූ, කටුකවූ, වේදනාව විඳින්නේය. ශල්‍ය වෙදතෙම සැත් කටුවකින් ඔහුගේ හුල සොයන්නේය. හෙතෙම සැත් කටුවෙන් හුල සෙවීම හේතුකොට ගෙනද, තියුණුවූ කටුකවූ වේදනාව විඳින්නේය. ශල්‍ය වෙදතෙම ඔහුගේ ඒ හුල ඇද දමන්නේය. හෙතෙම හුල ඇද දැමීම හේතුකොටගෙනද, දුක්වූ තියුණුවූද කටුකවූ වේදනාව විඳින්නේය. ඒ ශල්‍ය වෙද තෙම ඔහුගේ වණ මුඛයෙහි බෙහෙත් සුණු දමන්නේය. හෙතෙම බෙහෙත් කුඩු වණ මුඛයෙහි දැමීම හේතුකොට ගෙනද දුක්වූ තියුණුවූ කටුකවූ වේදනාව විඳින්නේය. හෙතෙම මෑත කලෙක්හි නැංගාවූ යහපත් සිවිය ඇති වණයෙන් සුව ඇත්තේ තනිව හැසිරෙන්නේ තමාගේ වසඟයෙහි වූයේ කැමති තැනක යාහැකි වන්නේය. ඔහුට මෙබඳු සිතක් වන්නේය. මම වනාහි පෙර දැඩිකොට පොවනලද ඇති විෂ සහිතවූ හුලකින් විදින ලද්දෙක් වීමි. ඒ මම හුල ඇනීමෙන්වූ වේදනාව හේතුකොට දුක්වූ, තියුණුවූ කටුකවූ, වේදනාව වින්දෙමි. ඒ මට අසල් වැස්සෝද, නෑ සහ ලේනෑයෝද, ශල්‍යකර්ම කරන්නාවූ වෙදෙකු කැඳෙව්වාහුය. ශල්‍ය වෙදතෙම ආයුධයකින් ඒ මගේ වණ මුඛය කැපුවේය. ඒ මම ආයුධයෙන්ද වණ මුඛය කැපීම හේතුකොට දුක්වූ, තියුණුවූ, කටුකවූ, වේදනාව වින්දෙමි. ඒ ශල්‍ය වෙදතෙම සැත් කටුවෙන් ඒ මගේ හුල සෙව්වේය’.
‘ඒ මම සැත් කටුවෙන් හුල සෙවීම හේතුකොට දුක්වූ තියුණුවූ, කටුකවූ, වේදනාව වින්දෙමි. ඒ ශල්‍ය වෙදතෙම ඒ මාගේ හුල ඇද දැම්මේය. ඒ මම හුල ඇදීම හේතුකොටද දුක්වූ, තියුණුවූ, කටුකවූ, වේදනාව වින්දෙමි. ඒ ශල්‍ය වෙදතෙම බෙහෙත් ඒ මාගේ වණ මුඛයෙහි බෙහෙත් සුණු ගැල්වූයේය. ඒ මම බෙහෙත් සුණු වණ මුඛයෙහි ගැල්වීම හේතුකොටද, දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනාව වින්දෙමි. ඒ මම දැන් නැංගාවූ මනා සිවිය ඇති වණය ඇත්තේ, නිරෝගවූයේ, සුවපත්වූයේ, එකලාව හැසිරෙන්නේ තෙමේ තමහට වසඟවූයේ කැමති පරිදි යාහැක්කේ වෙමියි’ කියායි.
‘ඇවැත් නිගණ්ඨයිනි, එපරිද්දෙන්ම ඉදින් තෙපි පෙර අපි වීමුයි දන්නහු නම්, නොවීමුයි දන්නහු නම්, පෙර අපි පාපකර්ම කෙළෙමුයි දන්නහු නම්, නොකෙළෙමුයි දන්නහු නම් මෙබඳුවූ මෙබඳුවූ පාපකර්ම කෙළෙමුයි දන්නහු නම් මෙපමණ දුක් දිරා ගිය කල්හි සියලු දුක් දිරා ගියේ වන්නේයයි දන්නහු නම් මේ ආත්මයෙහිම අකුසලයන්ගේ දුරු කිරීමත් කුසලයන්ගේ වැඩීමත් දන්නහු නම්, මෙසේ ඇති කල්හි ආයුෂ්මත් නිගණ්ඨයන්ට මේ පුරුෂ පුද්ගලතෙම යම්කිසි සැපක් හෝ දුකක් හෝ, දුක් නොවූ සැප නොවූවක් හෝ, විඳියිද ඒ සියල්ල පෙරකළ කර්ම හේතුවෙන්ම විඳින්නේය. මෙසේ පැරණිවූ කර්මයන් තපසින් කෙළවර වීමෙන් අලුත්වූ කර්මයන් නොකිරීමෙන් මත්තෙහි කර්ම නොහට ගැණීමවේ. මත්තෙහි කර්ම නොහට ගැනීමෙන් කර්ම නැසීමවේ. කර්ම නැසීමෙන් දුක් නැසීමවේ. දුක් නැසීමෙන් වේදනා නැසීම වේ. වේදනා නැසීමෙන් සියළු දුක් දිරායාම වන්නේයයි ප්‍රකාශ කිරීමට සුදුසු වන්නේය. ඇවැත් නිගණ්ඨයිනි, යම් හෙයකිනුත් තෙපි පෙර අපි වීමුයයි නොදන්නාහු නම් නොවීමුයයි නොදන්නහු නම්, පෙර අපි පාප කර්මය කෙළෙමු යයි නොදන්නාහු නම්, නොකෙළෙමුයයි නොදන්නාහු නම්, මෙබඳුවූ මෙබඳුවූ පාප කර්ම කෙළෙමුයි නොදන්නාහු නම්, මෙපමණ දුක් දිරා ගියේය. මෙපමණ දුක් දිරවිය යුතුය. මෙපමණ දුක් දිරා ගිය කල්හි සියලු දුක් දිරා ගියේ වන්නේ යයි නොදන්නාහු නම්, ඉහාත්මයෙහිම අකුසලයන්ගේ දුරු කිරීම කුසල ධර්මයන්ගේ වැඩීම නොදන්නාහු නම්, එසේ ඇති කල්හි ආයුෂ්මත් නිගණ්ඨයන්ට මේ පුරුෂ පුද්ගලතෙම යම්කිසි සැපක් හෝ දුකක් දුක් නොවූ සැප නොවූවක් හෝ විඳියිද, ඒ සියල්ල පෙරකළ කර්ම හේතුවෙන් විඳින්නේය. මෙසේ පැරණිවූ කර්මයන් තපසින් කෙළවර වීමෙන් අලුත්වූ කර්මයන් නොකිරීමෙන්, මත්තෙහි කර්ම නොහටගැනීමවේ. මත්තෙහි කර්ම නොහට ගැනීමෙන් කර්ම නැසිමවේ. කර්ම නැසීමෙන් දුක් නැසීමවේ. දුක් නැසීමෙන් වේදනා නැසීම වේ. වේදනා නැසීමෙන් සියලු දුක් දිරායාම වන්නේයයි ප්‍රකාශ කිරීමට සුදුසු නොවන්නේය’.
|
4
‘‘එවං
|
4
“මහණෙනි, මෙසේ කී කල්හි ඒ නිගණ්ඨයෝ මට මෙසේ කීවාහුය. ‘ඇවැත්නි, සර්වඥවූ සියල්ල දක්නාවූ නිගණ්ඨනාථ පුත්‍රතෙම සියල්ල දක්නා ඥානය ඇති බව ප්‍රකාශ කරයි යන්නාවූද, සිටින්නාවූද, නිදන්නාවූද, නිදි දුරුකරන්නාවූද, මට නිරන්තරයෙන් සියල්ල නුවණින් දැකීම එළඹ සිටියේය, කියායි. හෙතෙම මෙසේ කීය. ‘ඇවැත් නිගණ්ඨයිනි’. තොප විසින් පෙර කරණලද පාපකර්ම ඇත්තේමය. එය මේ කටුකවූ දුෂ්කර පැවැතුමෙන් දිරවව්. යම් හෙයකින් දැන්, කයින් සංවරවූවාහුද, වචනයෙන් සංවර වූවාහුද, සිතින් සංවර වූවාහුද, එය මත්තෙහි පාප කර්මයාගේ නොකිරීමවේ. මෙසේ පුරාණවූ කර්මයන් තපසින් කෙළවරවීමෙන් අලුත්වූ කර්මයන් නොකිරීමෙන් මත්තෙහි කර්ම නොහට ගැනීමවේ. මත්තෙහි කර්ම නොහට ගැනීමෙන් කර්මයන්ගේ නැසීමවේ. කර්ම නැසීමෙන් දුක් නැසීමවේ. දුක් නැසීමෙන් වේදනා නැසීමවේ. වේදනා නැසීමෙන් සියලු දුක් දිරායාම වන්නේය කියායි. එය වනාහි අපට රුචිදවේ. කැමතිදවේ. එයින්ද සතුටු සිත් ඇත්තෝවීමුය, යනුයි. මහණෙනි, මෙසේ කීකල්හි මම ඒ නිගණ්ඨයන්ට මෙසේ කීවෙමි. ඇවැත් නිගණ්ඨයිනි, මේ ආත්මයෙහිම දෙපරිද්දෙකින් විපාක ඇත්තාවූ, මේ ධර්ම පසක් වෙත්. කවර පසක්දයත්? අනුන්ගේ කීම් ඇදහීම, තමාගේ කැමැත්ත, ඇසීම ආකාර කල්පනා කිරිම, මෙසේමයයි නිශ්චය කිරීම යන මේ පසයි.
|
5
‘‘එවං වුත්තෙ අහං, භික්ඛවෙ, තෙ නිගණ්ඨෙ එතදවොචං - ‘පඤ්ච ඛො ඉමෙ, ආවුසො නිගණ්ඨා, ධම්මා දිට්ඨෙව ධම්මෙ ද්විධාවිපාකා. කතමෙ පඤ්ච? සද්ධා, රුචි, අනුස්සවො, ආකාරපරිවිතක්කො, දිට්ඨිනිජ්ඣානක්ඛන්ති - ඉමෙ ඛො, ආවුසො නිගණ්ඨා, පඤ්ච ධම්මා දිට්ඨෙව ධම්මෙ ද්විධාවිපාකා. තත්රායස්මන්තානං නිගණ්ඨානං කා අතීතංසෙ සත්ථරි සද්ධා, කා රුචි, කො අනුස්සවො, කො ආකාරපරිවිතක්කො, කා දිට්ඨිනිජ්ඣානක්ඛන්තී’ති. එවංවාදී
(එවංවාදීසු (ක.)) ඛො අහං, භික්ඛවෙ, නිගණ්ඨෙසු න කඤ්චි
(කිඤ්චි (සී. පී. ක.)) සහධම්මිකං වාදපටිහාරං සමනුපස්සාමි.
‘‘පුන චපරාහං
(පුන ච පනාහං (සී. පී. ක.)), භික්ඛවෙ, තෙ නිගණ්ඨෙ එවං වදාමි - ‘තං කිං මඤ්ඤථ, ආවුසො නිගණ්ඨා. යස්මිං වො සමයෙ තිබ්බො
(තිප්පො (පී.)) උපක්කමො හොති
|
5
‘ඇවැත් නිගණ්ඨයිනි, මේ ධර්ම පස මේ ආත්මයෙහිම දෙපරිද්දකින් විපාක ඇත්තාවූ, ධර්ම පස වෙත්. ඔවුන් අතුරෙන් ආයුෂ්මත් නිගණ්ඨයන්ගේ ශාස්තෘහු කෙරෙහි අතීතය පිළිබඳව ඇදහීම කුමක්ද? කැමැත්ත කුමක්ද? ඇසීම කුමක්ද? ආකාර කල්පනා කිරීම කුමක්ද? විනිශ්චය කුමක්දැයි අසමි’. මහණෙනි, මෙසේ කියන්නාවූ මම වනාහි නිගණ්ඨයන් කෙරෙහි කිසියම් කරුණු සහිතවූ උත්තර දීමක් නොදකිමි.
“මහණෙනි, නැවතද නිගණ්ඨයන්ට මම මෙසේ කියමි. නිගණ්ඨයිනි, ඒ කුමකැයි හඟිව්ද?’ යම් කලෙක්හි තොපගේ දැඩිවූ උපක්‍රමයක් වේද? දැඩිවූ වීර්යයක් වේද? එකල්හි උපක්‍රමයෙන් හටගත්තාවූ, දැඩිවූ, දුක්වූ, තියුණුවූ කටුකවූ වේදනාවන් විඳින්නාහුද? යම් කලෙක වනාහි තොපගේ දෘඪවූ උපක්රමයෙක් නොවේද, දැඩිවූ වීර්යයක් නොවේද, එකල්හි උපක්‍රමයෙන් හටගත්තාවූ දැඩිවූ, දුක්වු, තියුණුවූ, කටුකවූ වේදනාවන් නොවිඳින්නාහුද?
‘ඇවැත්නි, යම් කලෙක්හි අපගේ දැඩිවූ උපක්රමයෙක් වේද, දැඩිවූ වීර්යයක් වේද, එකල්හි උපක්‍රමයෙන් හට ගත්තාවූ දැඩිවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනාවන් විඳිමු. යම් කලෙක්හි වනාහී අපගේ දැඩිවූ උපක්‍රමයක් නොවේද, දැඩිවූ වීර්යයක් නොවේද, එකල්හි උපක්‍රමයෙන් හටගත්තාවූ දැඩිවූ දුක්වූ, තියුණුවූ, කටුකවූ, වේදනාවන් නොවිඳිමුයි’ කීහ.
|
6
‘‘ඉති
‘‘‘යස්මා ච ඛො, ආවුසො නිගණ්ඨා, යස්මිං වො සමයෙ තිබ්බො උපක්කමො හොති තිබ්බං පධානං, තිබ්බා තස්මිං සමයෙ ඔපක්කමිකා දුක්ඛා තිබ්බා කටුකා වෙදනා වෙදියෙථ; යස්මිං පන වො සමයෙ න තිබ්බො උපක්කමො හොති න තිබ්බං පධානං, න තිබ්බා තස්මිං සමයෙ ඔපක්කමිකා දුක්ඛා තිබ්බා කටුකා වෙදනා වෙදියෙථ; තෙ තුම්හෙ සාමංයෙව ඔපක්කමිකා දුක්ඛා
|
6
‘ඇවැත් නිගණ්ඨයිනි, මෙසේ වනාහි යම් කලෙක්හි තොපගේ දැඩිවූ උපක්‍රමය වේද, දැඩිවූ වීර්යය වේද, එකල්හි දැඩිවූ උපක්‍රමයෙන් හටගත්තාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනාවන් විඳින්නාහුනම් යම් කලෙක්හි වනාහි තොපගේ දැඩිවූ උපක්‍රමයක් නොවේද, දැඩිවූ, වීර්යයක් නොවේද, එකල්හි දැඩිවූ උපක්‍රමයෙන් හටගත්තාවූ දුක්වූ තියුණුවූ කටුකවූ වේදනාවන් නොවිඳින්නහුනම් මෙසේ ඇතිකල්හි ආයුෂ්මත් නිගණ්ඨයන්ට මේ පුරුෂ පුද්ගලතෙම යම් කිසි සැපක් හෝ දුකක් දුක්නොවූ සැප නොවූවක් හෝ විඳියිද, ඒ සියල්ල පෙරකළ කර්ම හේතුවෙන් විඳින්නේය. මෙසේ පැරණිවූ කර්මයන් තපසින් කෙළවර වීමෙන් අළුත්වූ කර්මයන් නොකිරීමෙන් මත්තෙහි කර්ම නොහට ගැණීමවේ. මත්තෙහි කර්ම නොහට ගැණීමෙන් කර්මයන්ගේ නැසීම වේ. කර්ම නැසීමෙන් දුක් නැසීමවේ. දුක් නැසීමෙන් වේදනා නැසීමවේ. වේදනා නැසීමෙන් සියලු දුක් දිරවීම වන්නේයයි ප්‍රකාශ කිරීමට සුදුසු නොවන්නේය’.
‘ආයුෂ්මත් නිගණ්ඨයිනි, ඉදින් යම් කලෙක තොපගේ දැඩිවූ උපක්රමයවේද, දැඩිවූ වීර්යය වේද, එකල්හි උපක්‍රමයෙන් හටගත්තාවූ දුක්වූ තියුණුවූ කටුකවූ වේදනාව නවතින්නේ නම් යම් කලෙක වනාහි තොපගේ දැඩිවූ උපක්‍රමය නොවේද දැඩිවූ වීර්යය නොවේද එකල්හි උපක්‍රමයෙන් හටගත්තාවූ දුක්වූ තියුණුවූ කටුකවූ වේදනාව නොනවතින්නේ නම් එසේ ඇතිකල්හි ආයුෂ්මත් නිගණ්ඨයන්ට මේ පුරුෂ පුද්ගලතෙම යම්කිසි සැපක් දුකක් දුක් නොවූ සැපනොවූවක් විඳියිද ඒ සියල්ල පෙරකළ කර්ම හේතුවෙන්ම විඳින්නේය. මෙසේ පැරණිවූ කර්මයන් තපසින් කෙළවරවීමෙන් අලුත්වූ කර්මයන් නොකිරීමෙන් මත්තෙහි නොහට ගැණීමවේ. මත්තෙහි නොහට ගැණීමෙන් කර්මයන්ගේ නැසීමවේ. කර්මයන් නැසීමෙන් දුක් නැසීමවේ. දුක් නැසීමෙන් වේදනා නැසීම වේ. වේදනා නැසීමෙන් සියලු දුක දිරවීම වන්නේයයි ප්‍රකාශ කිරීමට සුදුසු වන්නේය.
‘ආයුෂ්මත්වූ නිගණ්ඨයිනි, යම් හෙයකිනුත් යම් කලෙක වනාහි තොපගේ දැඩිවූ උපක්‍රමය වේද දැඩිවූ වීර්යය වේද, එකල්හි දැඩිවූ උපක්‍රමයෙන් හටගත්තාවූ තියුණුවූ කටුකවූ වේදනා විඳින්නහුය. යම් කලෙක්හි වනාහි තොපගේ දැඩිවූ උපක්‍රමය නොවේද දැඩිවූ වීර්යය නොවේද එකල්හි දැඩිවූ උපක්‍රමයෙන් හටගත්තාවූ දුක්වූ තියුණුවූ කටුකවූ වේදනා නොවිඳින්නහුය. ඒ තෙපි තුමූම උපක්‍රමයෙන් හටගත්තාවූ දුක්වූ තියුණුවූ කටුකවූ ඒ වේදනාවන් විඳිනු ලබන්නාහු අවිද්‍යාවෙන් නොදැනීමෙන් මුලාවෙන් මේ පුරුෂ පුද්ගලතෙම යම්කිසි සැපක් හෝ දුකක් හෝ දුක්නොවූ සැප නොවූවක් හෝ විඳියිද ඒ සියල්ල පෙරකළ කර්ම හේතුවෙන් විඳින්නේය. මෙසේ පැරණිවූ කර්මයන් තපසින් කෙළවර වීමෙන් අළුත්වූ කර්මයන් නොකිරීමෙන් මත්තෙහි කර්ම නොහට ගැණීමවේ. මත්තෙහි කර්ම නොහට ගැණීමෙන් කර්මයන්ගේ නැසීමවේ. කර්ම නැසීමෙන් දුක්නැසීමවේ. දුක් නැසීමෙන් වේදනා නැසීමවේ. වේදනා නැසීමෙන් සියළු දුක දිරවීම වන්නේයයි විපරිත වශයෙන් අදහන්නහුය’. මහණෙනි, මෙසේ කියන්නාවූ මම නිගණ්ඨයන්ගේ කරුණු සහිතවූ කිසියම් පිළිතුරක් නොදකිමි.
|
7
‘‘පුන චපරාහං, භික්ඛවෙ, තෙ නිගණ්ඨෙ එවං වදාමි - ‘තං කිං මඤ්ඤථාවුසො නිගණ්ඨා, යමිදං කම්මං දිට්ඨධම්මවෙදනීයං තං උපක්කමෙන වා පධානෙන වා සම්පරායවෙදනීයං හොතූති ලබ්භමෙත’න්ති? ‘නො හිදං, ආවුසො’. ‘යං පනිදං කම්මං සම්පරායවෙදනීයං තං උපක්කමෙන වා පධානෙන වා දිට්ඨධම්මවෙදනීයං හොතූති ලබ්භමෙත’න්ති? ‘නො හිදං, ආවුසො’. ‘තං කිං මඤ්ඤථාවුසො නිගණ්ඨා, යමිදං කම්මං සුඛවෙදනීයං තං උපක්කමෙන වා පධානෙන වා දුක්ඛවෙදනීයං හොතූති ලබ්භමෙත’න්ති? ‘නො හිදං, ආවුසො’. ‘යං පනිදං කම්මං දුක්ඛවෙදනීයං තං උපක්කමෙන වා පධානෙන වා සුඛවෙදනීයං හොතූති ලබ්භමෙත’න්ති? ‘නො හිදං, ආවුසො’. ‘තං කිං මඤ්ඤථාවුසො නිගණ්ඨා, යමිදං කම්මං පරිපක්කවෙදනීයං තං උපක්කමෙන වා පධානෙන වා අපරිපක්කවෙදනීයං හොතූති ලබ්භමෙත’න්ති? ‘නො හිදං, ආවුසො’. ‘යං පනිදං කම්මං අපරිපක්කවෙදනීයං තං උපක්කමෙන වා පධානෙන වා පරිපක්කවෙදනීයං හොතූති ලබ්භමෙත’න්ති? ‘නො හිදං, ආවුසො’. ‘තං කිං මඤ්ඤථාවුසො නිගණ්ඨා, යමිදං කම්මං
|
7
“මහණෙනි, නැවතද මම ඒ නිගණ්ඨයින්ට මෙසේ කියමි. ‘ඇවැත් නිගණ්ඨයිනි, ඒ කුමකැයි හඟිව්ද? මේ ආත්මයෙහි විපාකදෙන යම් මේ කර්මයක් වෙයිද එය උපක්‍රමයෙන් හෝ වීර්යයෙන් හෝ පරලොව විපාක දෙන කර්මයක් වේවායි එසේ ලැබිය හැකිදැයි’ අසමි. ‘ඇවැත්නි, එසේ නොලැබිය හැකියයි කියත්.’ ‘පරලොව විපාක දෙන යම් මේ කර්මයක් වෙයිද, එය උපක්‍රමයෙන් හෝ වීර්යයෙන් හෝ මේ ආත්මයෙහි විපාක දෙන කර්මයක් වේවායි එසේ ලැබිය හැක්කේදැයි අසමි.’ ‘ඇවැත්නි එසේ නොලැබිය හැකියයි’ කියති.
‘ඇවැත් නිගණ්ඨයිනි, ඒ කුමකැයි හඟිව්ද? සැප විපාක දෙන්නාවූ යම් මේ කර්මයක් වෙයිද, එය උපක්‍රමයෙන් හෝ වීර්යයෙන් හෝ දුක් විපාක දෙන්නාවූ කර්මයක් වේවායි එසේ ලැබිය හැක්කේදැයි අසමි.’ ‘ඇවැත්නි, එසේ නොලැබිය හැක්කේයයි කියත්.’
‘ඇවැත්නි, දුක් විපාක දෙන්නාවූ යම් මේ කර්මයක් වෙයිද එය උපක්‍රමයෙන් හෝ වීර්යයෙන් හෝ සැප විපාක දෙන්නාවූ කර්මයක් වේවායි එසේ ලැබිය හැක්කේ දැයි අසමි.’ ‘ඇවැත්නි එසේ නොලැබිය හැකියයි’ කියත්.”
‘ඇවැත් නිගණ්ඨයිනි, ඒ කුමකැයි හඟිව්ද? මුහුකුරාගිය කල්හි විපාක දෙන්නාවූ යම් කර්මයක් වෙයිද එය උපක්‍රමයෙන් හෝ වීර්යයෙන් හෝ මුහුකුරා නොගිය කල්හි විපාක දෙන කර්මයක් වේවායි එසේ ලැබිය හැකිදැයි අසමි.’ ‘ඇවැත්නි, එසේ නොලැබිය හැකියයි’ කියත්. ‘මුහුකුරා නොගිය කල්හි විපාක දෙන්නාවූ යම් මේ කර්මයක් වෙයිද එය උපක්‍රමයෙන් හෝ වීර්යයෙන් හෝ මුහුකුරාගිය කල්හි විපාක දෙන කර්මයක් වේවායි එසේ ලැබිය හැකිදැයි අසමි.’ ‘ඇවැත්නි, එසේ නොලැබිය හැකියයි’ කියත්.
‘ඇවැත් නිගණ්ඨයිනි, එය කුමකැයි හඟිව්ද? බොහෝ විපාක දෙන්නාවූ යම් මේ කර්මයක් වෙයිද, එය උපක්‍රමයෙන් හෝ වීර්යයෙන් හෝ ස්වල්ප විපාක ඇත්තාවූ කර්මයක් වේවායි එසේ ලැබිය හැකිදැයි අසමි.’ ‘ඇවැත්නි, එසේ නොලැබිය හැකියයි’ කියත්. ‘ස්වල්ප විපාක ඇත්තාවූ යම් ඒ කර්මයක් වෙයිද, එය උපක්‍රමයෙන් හෝ වීර්යයෙන් හෝ බොහෝ විපාක ඇත්තාවූ කර්මයක් වේවායි එසේ ලැබිය හැකිදැයි අසමි.’ ඇවැත්නි, එසේ නොහැකියයි කියත්.
‘ඇවැත් නිගණ්ඨයිනි, ඒ කුමකැයි හඟිව්ද? විපාක විඳිය යුතුවූ යම් මේ කර්මයක් වෙයිද, එය උපක්‍රමයෙන් හෝ වීර්යයෙන් හෝ විපාක නොවිඳිය යුතුවූ කර්මයක් වේවායි එසේ ලැබිය හැකිදැයි අසමි.’ ‘ඇවැත්නි, එසේ නොලැබිය හැකියයි’ කියත්. ‘විපාක නොවිඳියි යුතුවූ යම් ඒ කර්මයක් වෙයිද, එය උපක්‍රමයෙන් හෝ වීර්යයෙන් හෝ විපාක විඳියයුතු කර්මයක් වේවායි එසේ ලැබිය හැකිදැයි අසමි.’ ‘ඇවැත්නි, එසේ නොලැබිය හැකියයි’ කියත්.
|
8
‘‘ඉති කිර, ආවුසො නිගණ්ඨා, යමිදං කම්මං දිට්ඨධම්මවෙදනීයං තං උපක්කමෙන වා පධානෙන වා සම්පරායවෙදනීයං හොතූති අලබ්භමෙතං, යං පනිදං කම්මං සම්පරායවෙදනීයං තං උපක්කමෙන වා පධානෙන වා දිට්ඨධම්මවෙදනීයං හොතූති අලබ්භමෙතං, යමිදං කම්මං සුඛවෙදනීයං තං
‘‘එවංවාදී, භික්ඛවෙ, නිගණ්ඨා. එවංවාදීනං, භික්ඛවෙ, නිගණ්ඨානං දස සහධම්මිකා වාදානුවාදා ගාරය්හං ඨානං ආගච්ඡන්ති.
|
8
‘ඇවැත් නිගණ්ඨයිනි, මෙසේ වනාහි මේ ආත්මයෙහි විඳිය යුතුවූ යම් මේ කර්මයක් වෙයිද, එය උපක්‍රමයන්ගේ හෝ වීර්යයෙන් හෝ පරලොව විපාක විඳිය යුතු කර්මයක් වේවායි මෙය නොලැබෙන්නේද පරලොව විපාක විඳිය යුතුවූ යම් මේ කර්මයක් වෙයිද, එය උපක්‍රමයෙන් හෝ වීර්යයෙන් හෝ මේ ආත්මයෙහි විපාක විඳිය යුතු කර්මයක් වේවායි මෙය නොලැබෙන්නේය. සැප විපාක විඳිය යුතුවූ යම් මේ කර්මයක් වෙයිද, උපක්‍රමයෙන් හෝ වීර්යයෙන් හෝ දුක් විපාක විඳිය යුතුකර්මයක් වේවායි මෙය නොලැබෙන්නේද, දුක් විපාක විඳිය යුතු යම් මේ කර්මයක් වේද එය උපක්‍රමයෙන් හෝ, වීර්යයෙන් හෝ, සැප විපාක විඳිය යුතු කර්මයක් වේවායි, මෙය නොලැබෙන්නේද, මුහුකුරා ගිය කල්හි විපාක විඳිය යුතුවූ යම් මේ කර්මයක් වේද, එය උපක්‍රමයෙන් හෝ වීර්යයෙන් හෝ මුහුකුරා නොගිය කල්හි විපාක විඳිය යුතු කර්මයක් වේවායි මෙය නොලැබෙන්නේය. මුහුකුරා ගිය නොගිය කල්හි විපාක විඳිය යුතු යම් මේ කර්මයක් වේද, එය උපක්‍රමයෙන් හෝ වීර්යයෙන් හෝ මුහුකුරා ගිය කල්හි විපාක විඳිය යුතු කර්මයක් වේවායි මෙය නොලැබෙන්නේය. බොහෝ විපාක විඳිය යුතු යම් කර්මයක් වේද, එය මේ උපක්‍රමයෙන් හෝ වීර්යයෙන් හෝ ස්වල්පවූ විපාක විඳිය යුතු කර්මයක් වේවායි මෙය නොලැබෙන්නේද, ස්වල්පවූ විපාක විඳියයුතු යම් මේ කර්මයක් වේද, එය උපක්‍රමයෙන් හෝ වීර්යයෙන් හෝ බොහෝ විපාක විඳිය යුතු කර්මයක් වේවායි, මෙය නොලැබෙන්නේද, විපාක විඳිය යුතු යම් මේ කර්මයක් වේද එය උපක්‍රමයෙන් හෝ වීර්යයන්ගේ හෝ විපාක නොවිඳිය යුතු කර්මයක් වේවායි මෙය නොලැබෙන්නේද, විපාක නොවිඳිය යුතු යම් මේ කර්මයක් වේද එය උපක්‍රමයෙන් හෝ වීර්යයෙන් හෝ විපාක විඳිය යුතු කර්මයක් වේවායි, මෙය නොලැබෙන්නේද, මෙසේ ඇති කල්හි ආයුෂ්මත් නිගණ්ඨයන්ගේ උපක්‍රමය නිෂ්ඵලවේ. වීර්යය නිෂ්ඵල වේ.’
“මහණෙනි, නිගණ්ඨයෝ මෙබඳු වාද ඇත්තාහුය, මහණෙනි මෙබඳුවාද ඇත්තාවූ නිගණ්ඨයන්ගේ වාද අනුවාද දසයක් කරුණු සහිතය ගැරහිය යුතු තැනට පැමිණෙත්.
|
9
‘‘සචෙ, භික්ඛවෙ, සත්තා පුබ්බෙකතහෙතු සුඛදුක්ඛං පටිසංවෙදෙන්ති; අද්ධා, භික්ඛවෙ, නිගණ්ඨා පුබ්බෙ දුක්කටකම්මකාරිනො යං එතරහි එවරූපා දුක්ඛා තිබ්බා කටුකා වෙදනා වෙදියන්ති. සචෙ, භික්ඛවෙ, සත්තා ඉස්සරනිම්මානහෙතු සුඛදුක්ඛං පටිසංවෙදෙන්ති; අද්ධා, භික්ඛවෙ, නිගණ්ඨා පාපකෙන ඉස්සරෙන නිම්මිතා යං එතරහි එවරූපා දුක්ඛා තිබ්බා කටුකා වෙදනා වෙදියන්ති. සචෙ, භික්ඛවෙ, සත්තා සඞ්ගතිභාවහෙතු සුඛදුක්ඛං පටිසංවෙදෙන්ති; අද්ධා, භික්ඛවෙ, නිගණ්ඨා පාපසඞ්ගතිකා යං එතරහි එවරූපා දුක්ඛා තිබ්බා කටුකා වෙදනා වෙදියන්ති. සචෙ, භික්ඛවෙ, සත්තා අභිජාතිහෙතු සුඛදුක්ඛං පටිසංවෙදෙන්ති; අද්ධා, භික්ඛවෙ, නිගණ්ඨා පාපාභිජාතිකා යං එතරහි එවරූපා දුක්ඛා තිබ්බා කටුකා වෙදනා වෙදියන්ති. සචෙ, භික්ඛවෙ, සත්තා දිට්ඨධම්මූපක්කමහෙතු සුඛදුක්ඛං පටිසංවෙදෙන්ති; අද්ධා, භික්ඛවෙ, නිගණ්ඨා එවරූපා දිට්ඨධම්මූපක්කමා යං එතරහි එවරූපා දුක්ඛා තිබ්බා කටුකා වෙදනා වෙදියන්ති.
‘‘සචෙ, භික්ඛවෙ, සත්තා පුබ්බෙකතහෙතු සුඛදුක්ඛං පටිසංවෙදෙන්ති, ගාරය්හා නිගණ්ඨා; නො චෙ සත්තා පුබ්බෙකතහෙතු සුඛදුක්ඛං
|
9
මහණෙනි, ඉදින් සත්වයෝ පෙරකළ කර්මහේතුවෙන් සැප දුක් විඳිත් නම් මහණෙනි, යම්හෙයකින් දැන් මෙබඳුවූ දුක්වූ තියුණුවූ කටුකවූ වේදනා විඳින්නාවූ නිගණ්ඨයෝ එකාන්තයෙන් පෙර නපුරු කොටකරන ලද ධර්ම ඇත්තාහු වෙත්. මහණෙනි ඉඳින් සත්වයෝ ඊශ්වරාදීන් විසින් මැවීම හේතු කොට ගෙණ සැපදුක් විඳිත් නම්, මහණෙනි, යම් හෙයකින් මේකාලයෙහි මෙබඳු දුක්වූ තියුණුවූ කටුකවූ වේදනා විඳින්නාවූ නිගණ්ඨයෝ එකාන්තයෙන් පවිටුවූ ඊශ්වරාදියකු විසින් මවන ලද්දාහු වෙත්.
“මහණෙනි, ඉදින් සත්වයෝ නියමය හේතුකොට ගෙන සැප දුක් විඳිත් නම් මහණෙනි, යම් හෙයකින් මෙකල්හි මෙබඳු දුක්වූ තියුණුවූ කටුකවූ වේදනා විඳින්නාවූ නිගණ්ඨයෝ එකාන්තයෙන් පාප නියමයක් ඇත්තෝ වෙත්. මහණෙනි, ඉදින් සත්වයෝ සවැදැරුම් උත්පත්ති හේතු හේතු කොට ගෙන සැප දුක් විඳිත් නම්, මහණෙනි, යම් හෙයකින් මෙකල්හි මෙබඳුවූ දුක්වූ තියුණුවූ කටුකවූ වේදනා විඳින්නාවූ නිඝණ්ඨයෝ එකාන්තයෙන් පවිටුවූ උත්පත්ති ඇත්තෝ වෙත්. මහණෙනි, ඉදින් සත්වයෝ ඉහාත්මයෙහිවූ උපක්‍රම හේතුවෙන් සැප දුක් විඳිත් නම් මහණෙනි, යම් හෙයකින් මෙ කල්හි මෙ බඳු දුක්වූ තියුණුවූ කටුක වූ වේදනා විඳින්නා වූ නිඝණ්ඨයෝ එකාන්තයෙන් ඉහාත්මයෙහි පවිටු වූ උපක්‍රම ඇත්තෝ වෙත්.
“මහණෙනි, ඉදින් සත්වයෝ පෙර කළ කර්ම හේතු වෙන් සැප දුක් විඳිත් නම් එයින් ද නිගණ්ඨයෝ ගැරහිය යුත්තාහු වෙත්. ඉදින් සත්වයෝ පෙර කළ කර්ම හේතුවෙන් සැප දුක් නොවිඳිත් නම් එයින්ද, නිගණ්ඨයෝ ගැරහිය යුතු වෙත්. මහණෙනි, ඉදින් සත්වයෝ ඊශ්වරාදීන්ගේ මැවීම් හේතුවෙන් සැප දුක් විඳිත් නම් එයින්ද නිගණ්ඨයෝ ගැරහිය යුතු වෙත්. ඉදින් සත්වයෝ ඊශ්වරාදීන්ගේ මැවීම් හේතුවෙන් සැප දුක් නොවිඳිත් නම් එයින්ද නිගණ්ඨයෝ ගැරහිය යුතු වෙත්. මහණෙනි, ඉදින් සත්වයෝ නියම හේතුවෙන් සැප දුක් විඳිත් නම් එයින්ද නිගණ්ඨයෝ ගැරහිය යුතු වෙත්. ඉදින් සත්වයෝ නියම හේතුවෙන් සැප දුක් නොවිඳිත් නම් එයින් ද නිගණ්ඨයෝ ගැරහිය යුත්තාහු වෙත්. මහණෙනි, ඉදින් සත්වයෝ සවැදෑරුම් උත්පත්ති හේතුවෙන් සැප දුක් විඳිත් නම් එයින්ද නිගණ්ඨයෝ ගැරහිය යුත්තාහු වෙත්. ඉදින් සත්වයෝ සවැදෑරුම් උත්පත්ති හේතුවෙන් සැප දුක් නොවිඳිත් නම් එයින්ද නිගණ්ඨයෝ ගැරහිය යුත්තාහු වෙත්. මහණෙනි, ඉදින් සත්වයෝ මේ ආත්මයෙහිවූ උපක්‍රම හේතුවෙන් සැප දුක් විඳිත් නම් එයින්ද නිගණ්ඨයෝ ගැරහිය යුත්තෝ වෙත්. ඉදින් සත්වයෝ ඉහාත්මයෙහිවූ උපක්‍රම හේතුවෙන් සැප දුක් නොවිඳිත් නම් එයින් නිගණ්ඨයෝ ගැරහිය යුත්තාහු වෙත්. මහණෙනි, නිගණ්ඨයෝ මෙ බඳු වාද ඇත්තාහුය. මහණෙනි, මෙබඳු වාද ඇත්තාවූ නිගණ්ඨයන්ගේ වාදානුවාද දසය කරුණු සහිතව මෙසේ ගැරහිය යුතු තැනට පැමිණෙත්. මහණෙනි, මෙසේ වනාහි උපක්‍රමය නිෂ්ඵල වේ. වීර්යය නිශ්ඵල වේ.
|
10
‘‘කථඤ්ච, භික්ඛවෙ, සඵලො උපක්කමො හොති, සඵලං පධානං? ඉධ, භික්ඛවෙ, භික්ඛු න හෙව අනද්ධභූතං අත්තානං දුක්ඛෙන අද්ධභාවෙති, ධම්මිකඤ්ච සුඛං න පරිච්චජති, තස්මිඤ්ච සුඛෙ අනධිමුච්ඡිතො හොති. සො එවං පජානාති - ‘ඉමස්ස ඛො මෙ දුක්ඛනිදානස්ස සඞ්ඛාරං පදහතො සඞ්ඛාරප්පධානා විරාගො හොති, ඉමස්ස පන මෙ දුක්ඛනිදානස්ස අජ්ඣුපෙක්ඛතො උපෙක්ඛං භාවයතො විරාගො හොතී’ති. සො යස්ස හි ඛ්වාස්ස
(යස්ස ඛො පනස්ස (සී.), යස්ස ඛ්වාස්ස (පී.))
|
10
මහණෙනි, කෙසේ නම් උපක්‍රමය සඵලවේද? වීර්යය සඵලවේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම දුකින් පීඩිත නොවූ තමා දුකින් පීඩිත කෙරෙයිද, ධාර්මිකවූ සැපය අත් නොහරියිද ඒ සැපයෙහි මුසපත් නොවෙයිද හෙතෙම මෙසේ දැනගණියි. මෙසේ වීර්ය කරන්නාවූ මාගේ දුකට හේතු වූ තෘෂ්ණාව වීර්ය කිරීම හේතුකොට ගෙන දුරුවෙයි. මන්ද ජාති වශයෙන් බලන්නාවූ උපෙක්ෂාව වඩන්නාවූ මගේ දුකට හේතුවූ තෘෂ්ණාව දුරුවේයයි කියයි.
වීර්ය කරන්නාගේ වීර්ය කිරීම් හේතුකොටගෙන දුකට හේතුවූ යම් තෘෂ්ණාවක්හුගේ දුරුකිරීම වෙයිද එහි මාර්ග වීර්යයෙන් වීර්ය කරන්නේය.
‘එහි උපෙක්ෂාව වඩයි. වීර්ය කරන්නාවූ ඒ පුද්ගලයාහට වීර්ය කිරීම හේතුකොටගෙන දුක් උපදවන හේතුව වන තෘෂ්ණාවගේ දුරුවීම වෙයි.
මෙසේද ඔහුගේ ඒ දුක දිරා යන්නේ වෙයි. මධ්‍යස්ථ වන්නාවූ ඒ පුද්ගලයාහට මධ්‍යස්ථවීම හේතුකොටගෙන දුක් උපදවන හේතුව වන තෘෂ්ණාවගේ දුරුවීම වෙයි. මෙසේද ඔහුගේ ඒ දුක දිරාගියේ නම් වෙයි.
|
11
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, පුරිසො ඉත්ථියා සාරත්තො පටිබද්ධචිත්තො තිබ්බච්ඡන්දො තිබ්බාපෙක්ඛො. සො තං ඉත්ථිං පස්සෙය්ය අඤ්ඤෙන පුරිසෙන සද්ධිං සන්තිට්ඨන්තිං සල්ලපන්තිං සඤ්ජග්ඝන්තිං සංහසන්තිං. තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, අපි නු තස්ස පුරිසස්ස අමුං ඉත්ථිං දිස්වා අඤ්ඤෙන පුරිසෙන සද්ධිං සන්තිට්ඨන්තිං සල්ලපන්තිං සඤ්ජග්ඝන්තිං සංහසන්තිං උප්පජ්ජෙය්යුං
‘‘එවමෙව ඛො, භික්ඛවෙ, භික්ඛු න හෙව අනද්ධභූතං අත්තානං දුක්ඛෙන අද්ධභාවෙති, ධම්මිකඤ්ච සුඛං න පරිච්චජති, තස්මිඤ්ච සුඛෙ අනධිමුච්ඡිතො හොති. සො එවං පජානාති - ‘ඉමස්ස ඛො මෙ දුක්ඛනිදානස්ස සඞ්ඛාරං පදහතො සඞ්ඛාරප්පධානා විරාගො හොති, ඉමස්ස පන මෙ දුක්ඛනිදානස්ස අජ්ඣුපෙක්ඛතො උපෙක්ඛං භාවයතො විරාගො හොතී’ති. සො යස්ස හි ඛ්වාස්ස දුක්ඛනිදානස්ස සඞ්ඛාරං පදහතො සඞ්ඛාරප්පධානා විරාගො හොති, සඞ්ඛාරං තත්ථ පදහති; යස්ස පනස්ස දුක්ඛනිදානස්ස අජ්ඣුපෙක්ඛතො උපෙක්ඛං භාවයතො විරාගො හොති, උපෙක්ඛං තත්ථ භාවෙති. තස්ස තස්ස දුක්ඛනිදානස්ස සඞ්ඛාරං පදහතො
|
11
“මහණෙනි, යම්සේ පුරුෂයෙක් තෙම ස්ත්‍රියක් කෙරෙහි ඇළුම් සහිත වූයේ, පිළිබඳ සිත් ඇත්තේ, දැඩිවූ ආලය ඇත්තේ, දැඩිවූ බලාපොරොත්තු ඇත්තේවේද, හෙතෙම අන් පුරුෂයෙකු සමග එක්ව සිටින්නාවූ, එක්ව කථා කරන්නාවූ, එක්ව සෙල්ලම් කරන්නාවූ, එක්ව සිනාසෙන්නාවූ, ඒ ස්ත්‍රිය දක්නේය. මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද? කිමෙක්ද? ඒ පුරුෂයා හට අන් පුරුෂයෙකු සමග සිටින්නා වූ කථා කරන්නාවූ මහත්සේ සිනාසෙන්නාවූ මේ ස්ත්‍රිය දැක ශෝකය, වැලපීමය, දුකය, දොම්නසය, උපායාස යන මොහු උපදින්නාහුද?” “ස්වාමීනි, එසේය,” “ඊට හේතු කවරේද?” “ස්වාමීනි, මේ පුරුෂ තෙම වනාහි මේ ස්ත්‍රිය කෙරෙහි ඇළුම් සහිත වූයේ, පිළිබඳ සිත් ඇත්තේ, දැඩි ආලය ඇත්තේ, දැඩි බලාපොරොත්තු ඇත්තේ වෙයි. එහෙයින් අන් පුරුෂයෙකු සමග සිටින්නාවූ, කථා කරන්නාවූ, මහත්සේ සිනාසෙන්නාවූ, සිනාසෙන්නාවූ ඒ ස්ත්‍රිය දැක ශෝකය, පරිදෙවය, දුකය, දොම්නසය, උපායාසය යන මොහු උපදිත්.”
“මහණෙනි, ඉක්බිති ඒ පුරුෂයාට මෙබඳු සිතක් වන්නේය. මම වනාහි මේ ස්ත්‍රිය කෙරෙහි ඇළුම් සහිත වූයේ, පිළිබඳ සිත් ඇත්තේ, දැඩි ආලය ඇත්තේ, දැඩි වූ බලාපොරොත්තු ඇත්තේ වෙමි. ඒ මට අන් පුරුෂයෙකු සමග සිටින්නාවූ කථාකරන්නාවූ මහත්සේ සිනාසෙන්නාවූ, සිනාසෙන්නාවූ මේ ස්ත්‍රිය දැක ශෝකය, පරිදෙවය, දුකය, දොම්නසය, උපායාසය යන මොහු උපදිත්. ‘මම මේ ස්ත්‍රිය කෙරෙහි මගේ යම් ඡන්ද රාගයක් (ඇල්මක්) වේද, එය දුරු කරන්නෙම් නම්, ඉතා යෙහෙකැයි’ කියා යි. හෙතෙම මේ ස්ත්‍රිය කෙරෙහි යම් තද ඇල්මක් වේද, එය දුරු කරන්නේය. හෙතෙම පසු කලෙක අන් පුරුෂයෙකු සමග සිටින්නාවූ, කථා කරන්නාවූ, මහත් සේ සිනාසෙන්නාවූ, සිනාසෙන්නාවූ ඒ ස්ත්‍රිය දක්නේය. මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද, කිම? ඒ පුරුෂයාට අන් පුරුෂයකු සමග සිටින්නා වූ, කථාකරන්නා වූ, මහත්සේ සිනාසෙන්නාවූ, සිනාසෙන්නාවූ, මේ ස්ත්‍රිය දැක ශෝකය, පරිදෙවය, දුකය, දොම්නසය, උපායාසය යන මොහු උපදින්නාහුද?” “ස්වාමීනි, මෙය නොවේමැයි, ඊට හේතු කවරේද? ස්වාමීනි, මේ පුරුෂතෙම වනාහි මේ ස්ත්‍රිය කෙරෙහි පහවූ ඇළුම් ඇත්තේ වෙයි. එහෙයින් අන් පුරුෂයකු සමග සිටින්නාවූ, කථාකරන්නාවූ, මහ සිනාවෙන් සිනාසෙන්නාවූ, ඒ ස්ත්‍රීය දැක ශොක පරිදෙව දුක් දොම්නස් උපායාසයෝ නූපදිත්යයි” කීහ.
“මහණෙනි, එපරිද්දෙන්ම මහණතෙම දුකින් නොමඩනා ලද මේ මනුෂ්‍යාත්මය දුකින් නොමඩියි. දැහැමිවූ සැපයද, අත් නො හරියි. ඒ සැපයෙහි මුසපත් නොවූයේද වෙයි. හෙතෙම වීර්ය කරන්නාවූ ‘මගේ වීර්ය කිරීම හේතු කොටගෙන දුකට හේතුවූ තෘෂ්ණාවගේ දුරුවීම වෙයි. උපෙක්ෂාව වඩන්නාවූ මගේ උපෙක්ෂාව වැස්ම හේතු කොට ගෙන දුකට හේතුවූ තෘෂ්ණාවගේ දුරුවීම වේයයි’ දැනගනී. හෙතෙම වීර්ය කරන්නාහට වීර්ය කිරීම හේතුකොට ගෙන දුකට හේතුවූ යම් තෘෂ්ණාවක්හුගේ දුරුවීම වෙයිද, එහි වීර්ය කරයි. උපෙක්ෂාව වැඩීම හේතුකොට ගෙන දුකට හේතුවූ තෘෂ්ණාවගේ දුරුවීමක්වේ නම් හෙතෙම එහි උපෙක්ෂා වඩයි. වීර්ය කරන්නාවූ ඔහුගේ වීර්ය කිරීම හේතුකොටගෙන ඒ දුක් උපදවන හේතුව වූ තෘෂ්ණාවගේ දුරුවීමක් වේ. එසේ ද ඔහුගේ දුක් දිරා යාම වෙයි. උපෙක්ෂාව වඩන්නා වූ ඔහුට උපෙක්ෂාව වැඩීම හේතුකොටගෙන ඒ දුක් උපදවන හේතුවවූ තෘෂ්ණාවගේ දුරුවීමක් වේද, එසේද ඔහුගේ දුක් දිරා ගියේ වෙයි.
|
12
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු ඉති පටිසඤ්චික්ඛති - ‘යථාසුඛං ඛො මෙ විහරතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති; දුක්ඛාය පන මෙ අත්තානං පදහතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. යංනූනාහං දුක්ඛාය අත්තානං පදහෙය්ය’න්ති. සො දුක්ඛාය අත්තානං පදහති. තස්ස දුක්ඛාය අත්තානං පදහතො අකුසලා
|
12
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම මෙසේ සලකයි. සැපසේ වාසය කරන්නා වූ මාගේ අකුසල ධර්මයෝ වැඩෙත්. කුසල ධර්මයෝ පිරිහෙත්. ශරීරයට දුක් ඇතිවනසේ උත්සාහ කරන්නා වූ මාගේ අකුසල ධර්මයෝ පිරිහෙත්. කුසල ධර්මයෝ වැඩෙත්.
“ශරීරයට දුක් ඇති වනසේ උත්සාහ කරන්නෙහි නම් ඉතා යෙහෙකි කියායි. හෙතෙම ශරීරයට දුක් ඇති වනසේ වීර්ය කරයි. ශරීරයට දුක් ඇති වනසේ වීර්ය කරන්නාවූ ඔහුගේ අකුසල ධර්මයෝ පිරිහෙත්. කුසල ධර්මයෝ වැඩෙත්. හෙතෙම පසු කාලයෙහි ශරීරයට දුක් ඇති වනසේ වීර්ය නොකරයි. ඊට හේතුව කවරේද? මහණෙනි, යමක් සඳහා ඒ මහණ තෙම ශරීරයට දුක්වනසේ වීර්ය කරන්නේද, ඒ අර්ථය ඔහුට සම්පූර්ණවූයේ වෙයි. එහෙයින් පසු කාලයෙහි ශරීරයට දුක් උපදිනසේ වීර්ය නොකරයි.
“මහණෙනි, යම්සේ හී වඩුවෙක් හීය ගිනි පෙනෙලි දෙකෙකින් තවාද, නැවත නැවත තවාද, ඇද හරියිද කර්මන්ය කරයිද, මහණෙනි, යම් හෙයකින් වනාහී හී වඩුවා විසින් ඊය ගිනි පෙනෙලි දෙකකින් තවන ලද්දේවේද, අතිශයින් තවන ලද්දේ වේද, ඇද හරින ලද්දේද, කර්මන්ය කරන ලද්දේ වේද, ඒ හී වඩු තෙම පසු කාලයෙහි ඒ ඊය ගිනි පෙණෙලි දෙකෙකින් නොතවයි. අතිශයින් නොතවයි. ඇද නොහරියි. කර්මන්ය නොකරයි. ඊට හේතු කවරේද? මහණෙනි, ඒ හී වඩු තෙම යමක් සඳහා ඊය ගිනි පෙණෙලි දෙකකින් තවන්නේද? අතිශයින් තවන්නේද, ඇද හරියිද, කර්මන්ය කරන්නේද, ඒ අර්ථය ඔහුට සම්පූර්ණ වූයේ වෙයි. එහෙයින් ඊ වඩු තෙම පසු කාලයෙහි ඊය ගිනි පෙණෙලි දෙකකින් නොතවයි. අතිශයින් නොතවයි. ඇද නොහරියි. කර්මන්ය නොකරයි. මහණෙනි, එපරිද්දෙන්ම මහණ තෙම මෙසේ සලකයි. සැපසේ වාසය කරන්නාවූ මාගේ අකුසල ධර්මයෝ වැඩෙත්. කුසල ධර්මයෝ පිරිහෙත්. ශරීරයට දුක් ඇති වනසේ වීර්‍ය්‍ය කරන්නාවූ මාගේ අකුසල ධර්මයෝ පිරිහෙත්. කුසල ධර්මයෝ වැඩෙත්. මම ශරීරයට දුක් ඇති වනසේ වීර්‍ය්‍ය කරන්නෙම් නම් ඉතා යෙහෙකැයි කියායි. හෙතෙම ශරීරයට දුක් ඇති වනසේ වීර්‍ය්‍ය කරයි. ශරීරයට දුක් ඇති වනසේ වීර්‍ය්‍ය කරන්නාවූ ඔහුගේ අකුසල ධර්මයෝ පිරිහෙත්. කුසල ධර්මයෝ වැඩෙත්. හෙතෙම පසු කලෙක්හි ශරීරයට දුක් නැති වනසේ වීර්‍ය්‍ය නොකරයි. ඊට හේතු කවරේද? මහණෙනි, ඒ මහණ තෙම යම් අර්ථයක් සඳහා ශරීරයට දුක් ඇති වනසේ වීර්‍ය්‍ය කරන්නේද, ඒ අර්ථය ඔහුට සම්පූර්ණවූයේ වෙයි. එහෙයින් පසු කලෙක්හි ශරීරයට දුක් උපදිනසේ වීර්‍ය්‍ය නොකරයි. මහණෙනි, මෙසේද උපක්‍රමය ඵල සහිත වෙයි. උත්සාහය ඵල සහිත වෙයි.
|
13
‘‘පුන චපරං, භික්ඛවෙ, ඉධ තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං, කෙවලපරිපුණ්ණං පරිසුද්ධං
|
13
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මේ ලෝකයෙහි අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ අෂ්ටවිද්‍යා පසලොස් චරණ ධර්මයන්ගෙන් යුක්තවූ ශොභන ගමන් ඇත්තාවූ ලෝකය දන්නාවූ නිරුත්තරවූ දමනය කළනොහැකි පුරුෂයන් දමනය කිරීමෙහි සාර්ථ වාහකයෙකු බඳුවූ දෙවිමිනිසුන්ට අනුශාසනා කරන්නාවූ චතුස්සත්‍යයන් අවබෝධකළාවූ රාගාදී කෙලෙසුන් විනාශ කළාවූ තථාගතයන් වහන්සේ පහල වෙත්. ඒ තථාගතතෙම දෙවියන් සහිතවූ මාරයන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ මහණ බමුණන් සහිතවූ දෙවිමිනිසුන් සහිතවූ සත්ව ප්‍රජාව සහිතවූ මේ ලෝකය විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂකොට දැන ගනියි. ඒ තථාගතතෙම මුල යහපත්වූ මැද යහපත්වූ කෙළවර යහපත්වූ අර්ථ සහිතවූ ඛ්‍යඤ්ජන සහිතවූ සියල්ල සම්පූර්ණවූ ධර්මය දේශනා කරයි. පිරිසිදුවූ මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කරයි. ඒ ධර්මය ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ එක්තරා කුලයක උපන්නෙක් හෝ අසයි. හෙතෙම ඒ ධර්මය අසා තථාගතයන් කෙරෙහි ශ්‍රද්ධාව ලබයි. හෙතෙම ඒ ශ්‍රද්ධාව ලැබීමෙන් යුක්තවූයේ මෙසේ සලකයි. ගිහිගෙයි විසීම අවහිරය. රාගාදී කෙලෙස් ඉපදීමට මාර්ගයයි. පැවිදිවීම අවකාශ ස්ථානයයි. ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් සම්පූර්ණවූ ඒකාන්තයෙන් පිරිසිදුවූ ලියනලද සකක් වැනිවූ මේ බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙන්ට පහසු නොවෙයි. මම හිසකේ රැවුල් කපා කසට වත් හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වන්නෙම් නම් ඉතා යහපති කියායි.
“හෙතෙම මෑත කලෙක්හි ස්වල්පවූ සම්පත් රාශිය හෝ හැර මහත්වූ සම්පත් රාශිය හෝ හැර ස්වල්පවූ නෑ පිරිවර හෝ හැර මහත්වූ නෑ පිරිවර හෝ හැර හිසකේ රැවුල් කපා කසට වස්ත්‍ර හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයි.
|
14
‘‘සො එවං පබ්බජිතො සමානො භික්ඛූනං සික්ඛාසාජීවසමාපන්නො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති නිහිතදණ්ඩො නිහිතසත්ථො, ලජ්ජී දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරති. අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො හොති දින්නාදායී දින්නපාටිකඞ්ඛී, අථෙනෙන සුචිභූතෙන අත්තනා විහරති. අබ්රහ්මචරියං පහාය බ්‍රහ්මචාරී හොති ආරාචාරී විරතො මෙථුනා ගාමධම්මා. මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති සච්චවාදී සච්චසන්ධො ථෙතො පච්චයිකො අවිසංවාදකො ලොකස්ස. පිසුණං වාචං පහාය පිසුණාය වාචාය පටිවිරතො හොති; ඉතො සුත්වා න අමුත්ර අක්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්ර වා සුත්වා න ඉමෙසං අක්ඛාතා අමූසං භෙදාය - ඉති භින්නානං
‘‘සො
|
14
හෙතෙම මෙසේ පැවිදි වූයේම භික්ෂූන්ගේ අධිශීල ශික්ෂාවට හා සමාන දිවි පැවැත්මට පැමිණියේ, ප්‍රාණ ඝාතය හැර ප්‍රාණ ඝාතයෙන් වැලකුණේ වෙයි. බහා තබනලද දඬු ඇත්තේ බහා තබනලද ආයුධ ඇත්තේ, ලැජ්ජා ඇත්තේ, කරුණාවට පැමිණියේ, සියළු සතුන් කෙරෙහි හිතානු කම්පා ඇත්තේ වාසය කරයි, අදත්තාදානය හැර අදත්තාදානයෙන් වැලකුණේ වෙයි. දුන්දෙය ගන්නා සුළුවූයේ, දුන්දෙය කැමති වන්නේ සොරනොවූ පවිත්‍රවූ ආත්මයෙන් යුක්තව වාසය කරයි. අබ්‍රහ්මචර්‍ය්‍යාව හැර ශ්‍රේෂ්ඨවූ හැසුරුම් ඇත්තේ ග්‍රාම ධර්මයක්වූ මෛථූන සේවනයෙන් දුරු වූයේ වැළකුණේ වෙයි. මුසාවාදය හැර බොරුකීමෙන් වැළකුණේ සත්‍යය කියන සුළු වූයේ, සත්‍යයෙන් සත්‍යය ගැලපීම ඇත්තේ, ස්ථීර වචන ඇත්තේ, ඇදහිය යුතු වචනයෙන් ලෝකයා නොරවටන්නෙක්වේ. පිසුනු වචනය හැර කේලාම් කීමෙන් වැළකුණේ වෙයි. මෙතැනින් අසා මොවුන්ගේ බිඳීම පිණිස එතැන්හි නොකියන්නේ වෙයි. එතැනින් අසා ඔවුන්ගේ බිඳීම පිණිස මෙතන්හි නොකියන්නේ වෙයි.
“මෙසේ බිඳුනවුන් ගලපන්නේ හෝ, සමගි වූවන්ට අනුබල දෙන්නේ හෝ, සමගියට කැමැත්තේ, සමගියෙහි ඇළුනේ සමගියට සතුටු වන්නේ, සමගි කරන වචන කියන්නේ, වෙයි. ඵරුෂ වචනය හැර රළු බස් කීමෙන් වැළකුණේ වෙයි යම් ඒ වචනයක් නිදොස්ද, කණට සැපද, ප්‍රෙමණීයද, සිත සතුටු කරන්නේද, පුරවැසිභාවයට සුදුසුද, බොහෝ දෙනා කැමතිද, බොහෝ දෙනාගේ මනවඩන්නීද, එබඳු වචනය කියන්නේ වෙයි. සම්ඵප්‍රලාපය හැර හිස්වූ කථා කීමෙන් වැළකුණේ වෙයි. කලට සුදුසු වචන ඇත්තේ, සත්‍යවූ වචන ඇත්තේ, අර්ථයෙන් යුත් වචන ඇත්තේ, ධර්මයෙන් යුත් වචන ඇත්තේ, විනය සම්බන්ධවූ වචන ඇත්තේ, සුදුසු කල්හි කරුණු දැක්වීම් සහිතවූ ප්රමාණවත්වූ, අර්ථයෙන් යුක්තවූ, නිධානයක් මෙන් සිතෙහි තැබිය යුතු වචන කියන්නේ වේ.
හෙතෙම තෘණ ගස්, වැල්, සිඳීම්, බිඳීම්, ආදියෙන් වැලකුණේ වෙයි. එක වේලේ වළඳනා ආහාර ඇත්තේ රාත්‍රි භොජනයෙන් වැලකුණේ නොකල්හි වැලඳීමෙන් වැලකුණේ වෙයි. නැටුම්, ගීකීම්, වීණා ආදිය වැයීම්, විසුළු දැකීම් යන මෙයින් වැලකුණේ වෙයි. මල් ගඳ විලවුන් දැරීම එයින් සැරසීම අඩුතැන් පිරවීමෙන් අලංකාර කිරීම යන මෙයින් වැලකුණේ වෙයි. උසසුන් මහ අස්නෙන් වැලකුණේ වෙයි. රන්රිදී මසු කහවනු පිළිගැන්මෙන් වැලකුණේ වෙයි. අමු ධාන්‍ය වර්ග පිළිගැන්මෙන් වැලකුණේ වෙයි. අමු මස් වර්ග පිළිගැන්මෙන් වැලකුණේ වෙයි. ස්ත්‍රීන් හා ළදැරියන් පිළිගැන්මෙන් වැලකුණේ වෙයි. දාසීන් හා දාසයන් පිළිගැන්මෙන් වැලකුණේ වෙයි. එළුවන් තිරෙළුවන් පිළිගැන්මෙන් වැලකුණේ වෙයි. කුකුළන් හූරන් පිළිගැන්මෙන් වැලකුණේ වෙයි. ඇතුන්, ගවයන්, අසුන්, වෙළඹුන් පිළිගැන්මෙන් වැලකුණේ වෙයි. කෙත්, වත් පිළිගැන්මෙන් වැලකුණේ වෙයි. දූත මෙහෙවරය, පණිවුඩ පණත්වල යෙදීමය යන මෙයින් වැලකුණේ වෙයි, වෙළඳාම පිණිස ගණුදෙනු කිරීමෙන් වැලකුණේ වෙයි. තරාදි ආදියෙන් වංචා කිරීමය, රන් හා නොරන් මිශ්‍ර වංචා කිරීමය, වී ආදිය මැනීමෙන් වංචා කිරීමය යන මෙයින් වැලකුණේ වෙයි, අල්ලස් ගැනීමය, වංචා කිරීමය, උපායෙන් අනුන් රැවටීමය, කපටිකමය යන මෙයින් වැලකුණේ වෙයි. සිඳීමය, මැරීමය, බැඳීමය, සැඟවී සිට වස්තු පැහැර ගැන්මය, ගම් පැහැරීමය, බලාත්කාරකම් කිරීමය යන මෙයින් වැලකුණේ වෙයි. හෙතෙම කය පරිහරණයට සුදුසුවූ සිවුරෙන් හා කුස පරිහරණයට සුදුසු පිණ්ඩපාතයෙන් සතුටු වූයේ වෙයි. යම් යම් තැනෙක්හිම යයිද, අටපිරිකර හැර ගෙණමයයි. යම්සේ නම් පියාපත් ඇති පක්ෂියෙක් යම් යම් තැනෙක්හිම පියාඹයිද, පියාපත් බරසහිතව පියාඹයිද, එමෙන්ම මහණතෙම කය පරිහරණයට සුදුසුවූ සිවුරෙන් හා කුස පරිහරණයට සුදුසු පිණ්ඩපාතයෙන් සතුටුවූයේ වෙයි. යම් යම් තැනෙක්හිම යේද පිරිකර හැරගෙණමයයි. හෙතෙම මේ ආර්‍ය්‍යවූ ශීල රාශියෙන් යුක්තවූයේ ආධ්‍යාත්මිකවූ නිරවද්‍ය වූ සුවය විඳියි.
|
15
‘‘සො චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්වා...පෙ.... ඝානෙන ගන්ධං ඝායිත්වා...පෙ.... ජිව්හාය රසං සායිත්වා...පෙ.... කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා...පෙ.... මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති මනින්ද්රියං, මනින්ද්රියෙ සංවරං ආපජ්ජති. සො ඉමිනා අරියෙන ඉන්ද්රියසංවරෙන සමන්නාගතො අජ්ඣත්තං අබ්යාසෙකසුඛං පටිසංවෙදෙති.
‘‘සො
|
15
හෙතෙම ඇසින් රූපය දැක නිමිති වශයෙන් නොගන්නේ කුඩා සලකුණු වශයෙන් නොගන්නේ වෙයි. යම් හේතුවකින් මේ චක්ෂුරින්ද්රියෙහි අසංවරව වාසය කරන්නහුට විෂම ලෝභය හා දොම්නසය යන ලාමකවූ අකුසල ධර්මයෝ අනුව උපදිත්ද, ඔවුන්ගේ සංවරය පිණිස පිළිපදියි, චක්ෂුරීන්ද්‍රිය රකියි. චක්ෂුරින්ද්රියෙහි සංවරයට පැමිණෙයි, කණින් ශබ්දය අසා තපසින් කෙළවර වීමෙන් අලුත්වූ කර්මයන් නොකිරීමෙන් මත්තෙහි නොහට ගැණීමවේ. මත්තෙහි නොහට ගැණීමෙන් කර්මයන්ගේ නැසීමවේ. කර්මයන් නැසීමෙන් දුක්නැසීමවේ. දුක් නැසීමෙන් වේදනා නැසීමවේ. වේදනානැසීමෙන් නාසයෙන් සුවඳ ආඝ්‍රාණය කොට නිමිති වශයෙන් නොගන්නේ, කුඩා සලකුණු වශයෙන් නොගන්නේ වෙයි. යම් හේතුවකින් මේ ශ්රොතෙන්ද්රියයෙහි අසංවරව වාසය කරන්නහුට විෂම ලෝභය හා දොම්නස යන ලාමකවූ අකුසල ධර්මයෝ අනුව වහනය වෙත්ද ඔවුන්ගේ සංවරය පිණිස පිළිපදියි ශ්රොතෙන්ද්රිය රකියි. ශ්රොතෙන්ද්රියයෙහි සංවරයට පැමිණෙයි.
“දිවෙන් රසය විඳ නිමිති වශයෙන් නොගන්නේ, කුඩා සලකුණු වශයෙන් නොගන්නේ වෙයි. යම් හේතුවකින් මේ ඝ්‍රාණෙන්ද්‍රියයෙහි අසංවරව වාසය කරන්නහුට විෂම ලෝභය හා දොම්නස යන ලාමකවූ අකුසල ධර්මයෝ වහනය වෙත්ද ඔවුන්ගේ සංවරය පිණිස පිළිපදියි. ඝ්රාණෙන්ද්රිය රකියි. ඝ්‍රාණෙන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. කයින් ස්පර්ෂ කළයුත්ත ස්පර්ෂ කොට නිමිති වශයෙන් නොගන්නේ, කුඩා සලකුණු වශයෙන් නොගන්නේ වෙයි. යම් හේතුවකින් මේ ජිව්හේන්ද්රියයෙහි අසංවරව වාසය කරන්නහුට විෂම ලෝභය හා දොම්නස යන ලාමකවූ අකුසල ධර්මයෝ අනුව වහනය වෙත්ද, ඔවුන්ගේ සංවරය පිණිස පිළිපදියි. ජිව්හේන්ද්රිය රකියි. ජිව්හේන්ද්රියයෙහි සංවරයට පැමිණෙයි. සිතින් ධර්මය දැන නිමිති වශයෙන් නොගන්නේ කුඩා ලකුණු වශයෙන් නොගන්නේ වෙයි. යම් හේතුවකින් මේ මනීන්ද්රියෙහි අසංවරව වසන්නහුට විෂම ලෝභ දොම්නස් යන ලාමකවූ අකුශල ධර්මයෝ අනුව උපදිත්ද, ඔවුන්ගේ සංවරය පිණිස පිළිපදියි. මනින්‍ද්‍රිය රකියි, මනින්ද්රියෙහි සංවරයට පැමිණෙයි. හෙතෙම මේ ආර්‍ය්‍යවූ ඉන්ද්රිය සංවරයෙන් යුක්තවූයේ, ආධ්‍යාත්මිකවූ ආධ්‍යාත්මිකවූ සැපද විඳියි.
“හෙතෙම ඉදිරියට යෑමෙහි හැරී යෑමෙහි මනාව දැන කරන්නේ වෙයි. ඉදිරියට බැලීමෙහි, වටපිට බැලීමෙහි, මනාව දැන කරන්නේ වෙයි. (අත් පා) ඇකිලීමෙහි, දිගහැරීමෙහි මනාව දැන කරන්නේ වෙයි. සඟල සිවුර හා පාත්‍රා සිවුරු දැරීමෙහි මනාව දැන කරන්නේ වෙයි. අනුභව කිරීමෙහි පානය කිරීමෙහි, කඩා කෑමෙහි, රස විඳීමෙහි, මනාව දැන කරන්නේ වෙයි. මළ මුත්‍ර කිරීමෙහි මනාව දැන කරන්නේ වෙයි. යාමෙහි, සිටීමෙහි, හිඳීමෙහි, සයනයෙහි නිදි දුරුකිරීමෙහි, කථාවෙහි නිශ්ශබ්ද වීමෙහි මනාව දැන කරන්නේ වෙයි.
|
16
‘‘සො ඉමිනා ච අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො, (ඉමාය ච අරියාය සන්තුට්ඨියා සමන්නාගතො,)
(පස්ස ම. නි. 1.296 චූළහත්ථිපදොපමෙ) ඉමිනා ච අරියෙන ඉන්ද්රියසංවරෙන සමන්නාගතො, ඉමිනා ච අරියෙන සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො විවිත්තං සෙනාසනං භජති අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජං. සො පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා, උජුං කායං පණිධාය, පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො අභිජ්ඣං ලොකෙ පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරති, අභිජ්ඣාය චිත්තං පරිසොධෙති. බ්යාපාදපදොසං පහාය අබ්යාපන්නචිත්තො විහරති සබ්බපාණභූතහිතානුකම්පී, බ්යාපාදපදොසා චිත්තං පරිසොධෙති. ථිනමිද්ධං පහාය විගතථිනමිද්ධො විහරති ආලොකසඤ්ඤී සතො සම්පජානො, ථිනමිද්ධා චිත්තං පරිසොධෙති. උද්ධච්චකුක්කුච්චං පහාය අනුද්ධතො විහරති අජ්ඣත්තං වූපසන්තචිත්තො
‘‘සො ඉමෙ පඤ්ච නීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. එවම්පි
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. එවම්පි, භික්ඛවෙ, සඵලො උපක්කමො හොති, සඵලං පධානං.
‘‘පුන
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා, පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා, අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. එවම්පි, භික්ඛවෙ, සඵලො උපක්කමො හොති, සඵලං පධානං.
|
16
හෙතෙම මේ ආර්‍ය්‍යවූ ශීල රාශියෙන්ද යුක්තවූයේ, මේ ආර්‍ය්‍යවූ ඉන්ද්රිය සංවරයෙන්ද, යුක්තවූයේ, මේ ආර්‍ය්‍ය වූ සිහි නුවණ දෙකින් යුක්තවූයේ, වනය, රුක්මුලය පර්වතය, කඳුරැළිය, පර්වතගුහාය, සොහොනය, ඉතා දුරවන සෙනසුනය, හිස් තැනය, පිදුරුගොඩය, යන විවේක සෙනාසනයන් භජනය කරයි.
“හෙතෙම බතින් පසු කල්හි පිණ්ඩපාතයෙන් වැලකුණේ පර්ය්යංකය බැඳගෙණ ඍජුකොට කය පිහිටුවා සිහිය ඉදිරිපත් කොට තබා හිඳගණියි. හෙතෙම ස්කන්ධ ලෝකයෙහි දැඩි ලෝභය දුරුකොට දැඩි ලෝභය පහව ගියාවූ, සිතින් යුක්තව වාසයකරයි. දැඩි ලෝභයෙන් සිත පිරිසිදු කරයි. ද්වේෂයෙන් දූෂිතවූ සිත දුරුකොට ක්‍රොධ රහිත සිත් ඇත්තේ, සියළු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේ, වාසය කරයි. ව්‍යාපාද ප්රදෝෂයෙන් සිත පිරිසිදු කරයි.
“ථීනමිද්ධය හැර පහවූ ථීනමිද්ධය ඇත්තේ, ආලෝක සංඥා ඇත්තේ, සිහි නුවණ ඇත්තේ වාසය කරයි. ථීනමිද්ධයෙන් සිත පිරිසිදු කරයි. නොසන්සුන් බව හා පසුතැවීම හැර නොසන්සුන්නොවී ඇතුලත සංසුන් සිත් ඇතිව වාසය කරයි. උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කරයි, සැකකිරීම හැර එතර කළාවූ සැක ඇත්තේ, කුශල ධර්මයන්හි සැක රහිතවූයේ වාසය කරයි, විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කරයි.
“හෙතෙම මේ චිත්තයාගේ කෙළෙසීම ඇත්තාවූ, ප්‍රඥාව දුර්වලකරන්නාවූ, නීවරණ පස හැර කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිතවූ, විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයි. මහණෙනි, මෙසේද උපක්‍රමය සඵල වූයේ වෙයි. වීර්‍ය්‍ය සඵලවූයේ වෙයි. මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් ඇතුළත පැහැදීම ඇත්තාවූ, චිත්තයාගේ එකඟ බැව් ඇත්තාවූ, විතර්ක රහිතවූ, විචාර රහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. මහණෙනි, මෙසේද උපක්‍රමය සඵලවූයේ වෙයි. වීර්‍ය්‍යය සඵල වූයේ වෙයි.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම ප්‍රීතියගේද, නොඇල්මෙන් උපෙක්ෂා ඇත්තේද, සිහි නුවණ ඇත්තේද, වාසය කරයි. සැපයද නාමකයින් විඳියි. ආර්‍ය්‍යයෝ යම් ධ්‍යානයක් උපෙක්ෂා ඇත්තේ, සිහි ඇත්තේ සැපවිහරණ ඇත්තේයයි කියත්ද, ඒ තෘතීයධ්‍යානයට පැමිණ වාසය කරයි. මහණෙනි, මෙසේද උපක්‍රමය සඵලවූයේ වෙයි. වීර්‍ය්‍යය කිරීම සඵලවූයේ වෙයි.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම සැපයද දුරු කිරීමෙන්, දුකද දුරු කිරීමෙන් පළමු කොටම සොම්නස්, දොම්නස්, දෙදෙනාගේ නැසීමෙන් දුක් නැත්තාවූ සැප නැත්තාවූ, උපෙක්ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු බැව් ඇති චතුර්ථ ධ්‍යානයට පැමිණ වාසය කරයි.
මහණෙනි, මෙසේද උපක්‍රමය සඵලවූයේ වෙයි. වීර්‍ය්‍යය සඵලවූයේ වෙයි.
|
17
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්යථිදං
(සෙය්යථීදං (සී. ස්‍යා. කං. පී.)) - එකම්පි ජාතිං ද්වෙපි ජාතියො තිස්සොපි ජාතියො චතස්සොපි ජාතියො පඤ්චපි ජාතියො දසපි ජාතියො වීසම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාලීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි
|
17
හෙතෙම මෙසේ සිත එකඟවූ කල්හි පිරිසිදුවූ කල්හි නිර්මලවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවගිය උපක්ලේශ ඇති කල්හි, මෘදුවූ කල්හි, කර්මක්ෂමවූ කල්හි ස්ථීරවූ කල්හි කම්පා නොවන බවට පැමිණි කල්හි, පෙර විසූකඳ පිළිවෙල සිහිකරණ නුවණ පිණිස සිත එලවයි. හෙතෙම නොයෙක් ප්‍රකාරවූ පෙරවිසූ කඳ පිළිවෙළ සිහි කරයි. එනම් ජාති එකක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පහක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතලිහක්ද, ජාති පණහක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත කල්පයන්ද, නොයෙක් විවර්ත කල්පයන්ද, නොයෙක් සංවර්ත විතර්ක කල්පයන්ද, අසවල් තන්හි මෙබඳු නම් ඇත්තෙක්, මෙබඳු ගොත්‍ර ඇත්තෙක්, මෙබඳු වර්ණ ඇත්තෙක් මෙබඳු ආහාර ඇත්තෙක් මෙබඳු සැපදුක් විඳින්නෙක්, මෙබඳු ආයුෂය කෙළවර කොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුතවූයේ අසවල් තන්හි ඉපදුනෙමි. එහිදු මෙබඳු නම් ඇත්තෙක්, මෙබඳු ගොත්‍ර ඇත්තෙක්, මෙබඳු වර්ණ ඇත්තෙක්, මෙබඳු ආහාර ඇත්තෙක්, මෙබඳු සැපදුක් විඳින්නෙක්, මෙබඳු ආයුෂය කෙළවර කොට ඇත්තෙක්, වීමි. ඒ මම එයින් චුතවූයේ මෙහි උපන්නේ වෙමියි. මෙසේ ආකාර සහිතවූ උදෙසීම් සහිතවූ අනෙක ප්‍රකාරවූ, පෙරවිසූ කඳ පිළිවෙල සිහි කරයි. මහණෙනි, මෙසේද උපක්‍රමය සඵලවූයේ වෙයි. වීර්‍ය්‍යය සඵලවූයේ වෙයි.
|
18
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ, සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති
|
18
“හෙතෙම මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, නිර්මලවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවගිය උපක්ලේශ ඇති කල්හි, මෘදුවූ කල්හි, කර්මක්ෂමවූ කල්හි, සිටි කල්හි කම්පා නොවන බවට පැමිණි කල්හි සත්වයන්ගේ චුත වීම හෝ ඉපදීම දැන ගැණීම පිණිස සිත එලවයි. හෙතෙම දිව්‍යවූ පිරිසිදුවූ මිනිසැස ඉක්ම පැවැත්තාවූ ඇසින් චුතවන්නාවූද උපදින්නාවූද, හීනවූ, ප්‍රණීතවූ, සුවර්ණවූ, දුර්වර්ණයවූ, යහපත් ගතිවලට ගියාවූද, අයහපත් ගතිවලට ගියාවූද, සත්වයන් දකියි. කම්වූ පරිද්දෙන් පරලොව ගියාවූ සත්වයන් දැන ගණියි. ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහුය. වාක් දුශ්චරිතයෙන් යුක්තවූවාහුය. මනො දුශ්චරිතයෙන් යුක්තවූවාහුය. ආර්‍ය්‍යයන්ට උපවාද කියන්නාහුය. මිථ්‍යා දෘෂ්ටි ඇත්තාහුය. මිථ්‍යා දෘෂ්ටීන්ගේ කර්ම සමාදන්වූවාහුය. ඔව්හු ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ දුකට පිළිසරණවූ විවසව පතිතවන්නාවූ නරකයෙහි උපන්නාහුය. මේ පින්වත් සත්වයෝ වනාහී කාය සුචරිතයෙන් යුක්තවූවාහුය. වාග් සුචරිතයෙන් යුක්තවූවාහුය. මනො සුචරිතයෙන් යුක්තවූවාහුය. ආර්‍ය්‍යයන්ට උපවාද නොකියන්නාහුය. සම්‍යක් දෘෂ්ටි ඇත්තාහුය. සම්‍යක් දෘෂ්ටීන්ගේ කර්ම සමාදන්වූවාහුය. ඔව්හු ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ, ස්වර්ගලෝකයෙහි උපන්නාහුයයි, මෙසේ දිව්‍යවූ, පිරිසිදුවූ, මිනිසැස ඉක්ම පැවැත්තාවූ, ඇසින් චුතවන්නාවූද, උපදින්නාවූද, හීනවූ ප්‍රණීතවූ, සුවර්ණවූ, දුර්වර්ණවූ, සුගතවූ දුර්ගතවූ සත්වයන් දකියි. කම්වූ පරිද්දෙන් පරලොවගියාවූ සත්වයන් දැනගණියි. මහණෙනි, මෙසේද උපක්‍රමය සඵලවූයේ වෙයි. වීර්‍ය්‍ය සඵලවේ.
|
19
‘‘සො
|
19
හෙතෙම මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, නිර්මලවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහව ගිය උපක්ලේශ ඇති කල්හි, මෘදුවූ කල්හි, කර්මක්ෂමවූ කල්හි, ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, ආශ්‍රවයන්ගේ ක්ෂයවීම දැනගැණීම පිණිස සිත එලවයි. හෙතෙම මෙය දුකය තත්වූ පරිද්දෙන් දැනගණියි. මේ දුක ඉපදීමට හේතුවයයි තත්වූ පරිද්දෙන් දැන ගණියි. මේ දුක් නැති කිරීමයයි තත්වූ පරිද්දෙන් දැන ගණියි. මේ දුක් නැති කිරීමට පිළිපදින්නාවූ මාර්ගයයි තත්වූ පරිද්දෙන් දැන ගණියි. මේ ආශ්‍රවයෝයයි තත්වූ පරිද්දෙන් දැන ගණියි. මේ ආශ්‍රවයන්ගේ ඇති වීමට හේතුවයයි තත්වූ පරිද්දෙන් දැන ගණියි. මේ ආශ්‍රවයන්ගේ නිරෝධයයි තත්වූ පරිද්දෙන් දැන ගණියි. මේ ආශ්‍රවයන් නිරුද්ධ කිරීමට පිළිපදින මාර්ගයයි තත්වූ පරිද්දෙන් දැන ගණියි. මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ, ඔහුගේ කාමාශ්‍රව කෙරෙන්ද, සිත මිදේ භවාශ්‍රව කෙරෙන්ද සිත මිදේ. අවිද්‍යාශ්‍රව කෙරෙන් සිතමිදේ. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්ෂය කරන ලද්දීය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය, (සතරමගින්) කටයුතු දෙය කරන ලද්දේය. මේ ආත්මභාවය පිණිස අනිකක් නැතැයි දැනගණියි. මහණෙනි, මෙසේද උපක්‍රමය සඵලවූයේ වෙයි. වීර්‍ය්‍යය සඵලවූයේ වෙයි.
“මහණෙනි, තථාගතතෙම මෙබඳුවාද ඇත්තේ වෙයි. මහණෙනි, මෙබඳු වාද ඇත්තාවූ තථාගතයන්ට කරුණු සහිතවූ පැසසිය යුතු කරුණු දසයක් පැමිණෙත්.
|
20
‘‘සචෙ
‘‘සචෙ, භික්ඛවෙ, සත්තා පුබ්බෙකතහෙතු සුඛදුක්ඛං පටිසංවෙදෙන්ති, පාසංසො තථාගතො; නො චෙ සත්තා පුබ්බෙකතහෙතු සුඛදුක්ඛං පටිසංවෙදෙන්ති, පාසංසො තථාගතො. සචෙ, භික්ඛවෙ, සත්තා ඉස්සරනිම්මානහෙතු සුඛදුක්ඛං පටිසංවෙදෙන්ති, පාසංසො තථාගතො; නො චෙ සත්තා ඉස්සරනිම්මානහෙතු සුඛදුක්ඛං පටිසංවෙදෙන්ති, පාසංසො තථාගතො. සචෙ, භික්ඛවෙ, සත්තා සඞ්ගතිභාවහෙතු සුඛදුක්ඛං පටිසංවෙදෙන්ති, පාසංසො තථාගතො; නො චෙ සත්තා සඞ්ගතිභාවහෙතු සුඛදුක්ඛං පටිසංවෙදෙන්ති, පාසංසො තථාගතො. සචෙ, භික්ඛවෙ, සත්තා අභිජාතිහෙතු සුඛදුක්ඛං පටිසංවෙදෙන්ති, පාසංසො තථාගතො; නො චෙ සත්තා
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
|
20
මහණෙනි, ඉදින් සත්වයෝ පෙර කළ කර්මහේතුවෙන් සැපදුක් විඳිත්නම් මහණෙනි, ඒකාන්තයෙන් තථාගත තෙම යම් හෙයකින් මෙකල්හි මෙබඳුවූ ආශ්‍රව රහිතවූ, සැපවේදනා විඳියිද? එහෙයින් පෙර මනාව කරනලද කර්ම කිරීම ඇත්තේ වේ. මහණෙනි, ඉදින් සත්වයෝ ඊශ්වරයෙකුගේ මැවීම් හේතුවෙන් සැපදුක් විඳත්නම් මහණෙනි, එකාන්තයෙන් තථාගත තෙම යම් හෙයකින් මෙකල්හි මෙබඳු ආශ්‍රව රහිතවූ සැපවූ වේදනා විඳියිද, එහෙයින් යහපත්වූ, ඊශ්වරයෙකු විසින් මවන ලද්දේ වෙයි. මහණෙනි, ඉදින් සත්වයෝ ප්‍රකෘතිය හේතුවෙන් සැපදුක් විඳිත්නම් මහණෙනි, එකාන්තයෙන් තථාගතතෙම යම් හෙයකින් මෙකල්හි මෙබඳුවූ ආශ්‍රව රහිතවූ සැපවූ වේදනා විඳියිද? එහෙයින් යහපත් ප්‍රකෘතියක් ඇත්තෙක් වේ. මහණෙනි, ඉදින් සත්වයෝ ඉපදීම හේතුවෙන් සැපදුක් විඳිත් නම් මහණෙනි, එකාන්තයෙන් තථාගත තෙම යම් හෙයකින් මෙකල්හි මෙබඳුවූ ආශ්‍රව රහිතවූ සැපවූ වේදනා විඳියිද, එහෙයින් යහපත්වූ ඉපදීම් ඇත්තෙක් වේ. මහණෙනි, ඉදින් සත්වයෝ මේ ආත්මයෙහි උපක්‍රම හේතුවෙන් සැපදුක් විඳිත්නම් මහණෙනි, එකාන්තයෙන් තථාගත තෙම යම් හෙයකින් මෙකල්හි මෙබඳුවූ, ආශ්‍රව රහිතවූ, සැපවූ, වේදනා විඳියිද, එහෙයින් යහපත්වූ, මේ ආත්මයෙහි උපක්‍රම ඇත්තේ වෙයි.
“මහණෙනි, ඉදින් සත්වයෝ පෙර කළ කර්ම හේතුවෙන් සැප දුක් විඳිත් නම් එයින් ද තථාගත තෙම පැසසිය යුතු වේ. ඉදින් සත්වයෝ පෙර කළ කර්ම හේතුවෙන් සැප දුක් නො විඳිත් නම් එයින්ද, තථාගත තෙම පැසසිය යුතුවේ. මහණෙනි, ඉදින් සත්වයෝ ඊශ්වරයෙකුගේ මැවීම් හේතුවෙන් සැප දුක් නොවිඳිත් නම් එයින් තථාගත තෙම පැසසිය යුතු වේ. ඉදින් සත්වයෝ ඊශ්වරයකුගේ මැවීම් හේතුවෙන් සැප දුක් නො විඳිත් නම් එයින් ද තථාගත තෙම පැසසිය යුතු වේ. මහණෙනි, ඉදින් සත්වයෝ ප්‍රකෘති භාව හේතුවෙන් සැප දුක් විඳිත් නම් එයින් ද තථාගත තෙම පැසසිය යුතු වේ. ඉදින් සත්වයෝ ප්රකෘතිභාව හේතුවෙන් සැප දුක් නො විඳිත් නම් එයින් ද, තථාගත තෙම පැසසිය යුතු වේ. මහණෙනි, ඉදින් සත්වයෝ ඉපදීම් හේතුවෙන් සැප දුක් විඳිත් නම් එයින් තථාගත තෙම පැසසිය යුතු වේ. ඉදින් සත්වයෝ ඉපදීම් හේතුවෙන් සැප දුක් නොවිඳිත් නම් එයින්ද, තථාගත තෙම පැසසිය යුතු වේ. මහණෙනි, ඉදින් සත්වයෝ ඉහාත්මයෙහි උපක්‍රම හේතුවෙන් සැප දුක් විඳිත් නම් එයින් ද තථාගත තෙම පැසසිය යුතුවේ. ඉදින් සත්වයෝ ඉහාත්මයෙහි උපක්‍රම හේතුවෙන් සැප දුක් නො විඳිත් නම් එයින් ද තථාගත තෙම පැසසිය යුතු වේ. මහණෙනි, තථාගත තෙම මෙ බඳු වාද ඇත්තේ වෙයි මහණෙනි, මෙ බඳු වාද ඇත්තා වූ තථාගතයන්ට හේතු යුක්ති සහගත වූ මේ පැසසිය යුතු කරුණු දසය පැමිණෙත්” යනු මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළේය. සතුටු සිත් ඇත්තා වූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුය.
|
2. පඤ්චත්තයසුත්තං (පඤ්චායතනසුත්ත (ක.)) | 2. පඤ්ඤත්තය සූත්‍රය |
21
එවං
|
21
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේ පිඬු සිටුහු විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි,’ කියා භික්ෂූන්ට කථා කළහ. ‘පින්වතුන් වහන්සැයි’ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ අනාගතය කල්පනා කරන්නා වූ අනාගතය අනුව ගිය දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණන් ඇත්තාහ. (ඔව්හු) අනාගතය අරභයා නොයෙක් ආකාර දෘෂ්ටි දෘෂ්ටි දක්වන්නාවූ වචන ප්‍රකාශ කෙරෙත්. සංඥාවෙන් යුක්තවූ මරණින් පසු නිත්‍යවූ ආත්මයක් ඇතැයි, මෙසේ සමහරු ප්‍රකාශ කරත්. මරණින් මත්තෙහි සංඥාවෙන් යුක්ත නොවූ මරණින් පසු නිත්‍යවූ ආත්මයක් ඇතැයි සමහරු ප්‍රකාශ කරත්. මරණින් පසු සංඥාවක් ඇත්තේද නොවූ, නැත්තේද නොවූ, මරණින් මතු නිත්‍යවූ ආත්මයක් ඇතැයි මෙසේ සමහරු කියත්. ඇත්තාවූ සත්වයාගේ මරණින් පසු සිඳීම, ගැසීම, නොහට ගැණීම, හෝ පණවත්. මේ ආත්මයෙහි නිවණ හෝ සමහරු ප්‍රකාශ කරත්. මෙසේ මරණින් මතු නිත්යව පවත්නා ආත්මය හෝ පණවත්. ඇත්තාවූ සත්වයාගේ මරණින් පසු සිඳීම, නැසීම, නො හට ගැණීම හෝ පණවත්. මේ ආත්මයෙහි නිවණ හෝ සමහරු ප්‍රකාශ කරත්. මෙසේ මේ කරුණු පසක්ව තුනක්වෙත්. තුනක්ව පසක් වෙත්. මේ පඤ්චත්තය පිළිබඳව සංක්ෂෙපයෙන් දැක්වීමයි.
|
22
‘‘තත්ර, භික්ඛවෙ, යෙ තෙ සමණබ්රාහ්මණා සඤ්ඤිං අත්තානං
|
22
“මහණෙනි, ඔවුන් අතුරෙහි යම් මේ මහණ බමුණු කෙනෙක් සංඥාවෙන් යුක්තවූ, මරණින් මතු නිත්‍යවූ, ආත්මය පණවත් ද? ඒ පින්වත් මහණ බමුණෝ මරණින් මතු රූප ඇත්තාවූ, නිත්‍යවූ, සංඥාවෙන් යුක්තවූ, ආත්මයක් හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ රූපය නැත්තාවූ මරණින් මතු නිත්‍යවූ, සංඥාවෙන් යුක්තවූ, ආත්මයක් හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ රූප ඇත්තාවූද, රූප නැත්තාවූද, මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුක්තවූ, ආත්මයක් හෝ පණවත්ද, ඒ පින්වත් මහණ බමුණෝ රූප ඇත්තේත් නොවන්නාවූද, නැත්තේත් නොවන්නාවූද, මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුක්තවූ ආත්මයක් හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ එක් සංඥාවක් ඇත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුක්තවූ ආත්මය හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ නොයෙක් සංඥා ඇත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුත් ආත්මයක් හෝ පණවත්ද, ඒ පින්වත් මහණ බමුණෝ හීන සංඥා ඇත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුත් ආත්මයක් හෝ පණවත්, ඒ පින්වත් මහණ බමුණෝ අප්‍රමාණ සංඥා ඇත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුක්ත ආත්මයක් හෝ පණවත්. මේ කියනලද සංඥා සත ඉක්මවන්ට හැකිවූ සමහරු මේ විඤ්ඤාණඤ්චායතනය හෝ අප්‍රමාණයයි කම්පා නො කළ හැකි යයි සමහරු කියත් මහණෙනි, ඒ මේ කාරණය තථාගතයන් වහන්සේ ඒ දෘෂ්ටීන්, දෘෂ්ටීන්ගේ හේතුන්, දෘෂ්ටින්ගේ අරමුණුත් දන්නාහ.
යම් ඒ පින්වත් මහණ බමුණෝ මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුක්තවූ ආත්මය පණවත්ද, ඒ පින්වත් මහණ බමුණෝ රූපය ඇත්තාවූ, මරණින් මතු නිත්‍යවූ, පින්වත් මහණ බමුණෝ රූප නැත්තාවූ, මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුක්තවූ ආත්මය හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ රූප ඇත්තාවූද, අරූපි නැත්තාවූද, මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුක්තවූ ආත්මය හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ රූප ඇත්තේත් නොවන්නාවූද, රූප නැත්තේත් නොවන්නාවූද, මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුක්තවූ ආත්මය හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ එක් සංඥාවක් ඇත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුත් ආත්මය හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ නොයෙක් සංඥා ඇත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුත් ආත්මය හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ හීන සංඥා ඇත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුත් ආත්මය හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ අප්‍රමාණ සංඥා ඇත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුත් ආත්මය හෝ පණවත්. මේ රූප සහිත සංඥා අතුරෙන්ද, රූප නැති සංඥා අතුරෙන්ද, එකත්ත සංඥා අතුරෙන්ද නානත්ත සංඥා අතුරෙන්ද, යම් සංඥාවක් පිරිසිදුය, උතුම්ය, අග්‍රය, සියල්ලට වඩා උතුම් යයි කියනු ලැබේද, එය නාස්තිභාවප්‍රඥප්තිය අරමුණු කොට ඇති ආකිඤ්චඤ්ඤායතන සංඥාව අප්‍රමාණ වෙයි. කම්පා නො වේය යී සමහරු කියත්. එය ප්‍රත්‍යයෙන් හටගන්නා ලද්දකි. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරෝධයවූ නිවන ඇත්තේම ය. ඒ නිවන ඇත්තේය යි එසේ දැන ඒ සංස්කාරයන්ගේ නික්මීම දක්නා තථාගත තෙමේ ඒ සංස්කාරයන් ඉක්මීය.
|
23
‘‘තත්ර, භික්ඛවෙ, යෙ තෙ සමණබ්රාහ්මණා අසඤ්ඤිං අත්තානං පඤ්ඤපෙන්ති අරොගං පරං මරණා, රූපිං වා තෙ භොන්තො සමණබ්රාහ්මණා අසඤ්ඤිං අත්තානං පඤ්ඤපෙන්ති අරොගං පරං මරණා, අරූපිං වා තෙ භොන්තො සමණබ්රාහ්මණා අසඤ්ඤිං අත්තානං පඤ්ඤපෙන්ති අරොගං පරං මරණා, රූපිඤ්ච අරූපිඤ්ච වා තෙ භොන්තො සමණබ්රාහ්මණා අසඤ්ඤිං අත්තානං පඤ්ඤපෙන්ති අරොගං පරං මරණා, නෙවරූපිං නාරූපිං වා තෙ භොන්තො සමණබ්රාහ්මණා අසඤ්ඤිං අත්තානං පඤ්ඤපෙන්ති අරොගං පරං මරණා. තත්ර, භික්ඛවෙ, යෙ තෙ සමණබ්රාහ්මණා සඤ්ඤිං අත්තානං පඤ්ඤපෙන්ති අරොගං පරං මරණා තෙසමෙතෙ
|
23
“මහණෙනි, ඒ වාද අතුරෙන් යම් මේ මහණ බමුණ කෙනෙක් මරණින් මතු නිත්‍යවූ සංඥා නැත්තාවූ ආත්මය පණවත්ද, ඒ පින්වත් මහණ බමුණෝ, රූපය ඇත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් තොරවූ ආත්මයක් හෝ පණවත් ද, ඒ පින්වත් මහණ බමුණෝ රූපය නැත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් තොරවූ ආත්මයක් හෝ පණවත්, ඒ පින්වත් මහණ බමුණෝ රූප ඇත්තාවූ ද රූප නැත්තාවූද, මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් තොරවූ ආත්මයක් හෝ පණවත්ද, ඒ පින්වත් මහණ බමුණෝ රූප ඇත්තේත් නොවන්නාවූද සංඥාවෙන් තොරවූ ආත්මයක් හෝ පණවත්. මහණෙනි, ඒ වාද අතුරෙහි යම් ඒ මහණ බමුණෝ මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුක්තවූ ආත්මයක් පණවත්ද, සමහරු ඔවුන් බැහැර කෙරෙත්. ඊට හේතු කවරේද? සංඥාව රොගයකි, සංඥාව ගඩයකි, සංඥාව හුලකි යම් මේ සංඥා රහිත බවක් වේද, එය ශාන්තය, එය ප්‍රණීතය යි ඔව්හු සිතත්. මහණෙනි, තථාගත තෙමේ ඒ අසඥ භවයත් දන්නේය.
“යම් ඒ පින්වත් මහණ බමුණෝ මරණින් මතු නිත්‍යවූ සංඥාව නැත්තාවූ ආත්මය, පණවත්ද, ඒ පින්වත් මහණ බමුණෝ රූප ඇත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥා නැති ආත්මය හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ රූපය නැති මරණින් මත්තෙහි නිත්‍යවූ සංඥා නැති ආත්මය හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ රූප ඇත්තාවූද රූප නැත්තාවූද, මරණින් මතු නිත්‍යවූ සංඥා නැති ආත්මය හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ රූප ඇත්තේත් නොවන්නාවූද, නැත්තේත් නොවන්නාවූද, මතු නිත්‍යවූ සංඥා නැති ආත්මය හෝ පණවත්. මහණෙනි, යම් කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘මම රූපයෙන් වෙන්ව වේදනාවෙන් වෙන්ව, සංඥාවෙන් වෙන්ව, සංස්කාරයන්ගෙන් වෙන්ව, විඤ්ඤාණයාගේ (ප්රතිසන්ධි වශයෙන්) ඊම හෝ යාම හෝ චුතවීම හෝ ඉපදීම හෝ වැඩීම හෝ නැගීම හෝ මහත්වීම හෝ පණවන්නෙමියි.’ මෙසේ කියන්නේද එසේ වීමට හේතු නැත්තේය. ඒ විඥානයද ප්‍රත්‍යයෙන් උපදින ලද්දකි. ඖදාරිකය සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේ මය. මෙය ඇතැයි මෙසේ දැන එයින් මිදීම දක්නා තථාගත තෙම එය ඉක්ම වූයේ වෙයි.
|
24
‘‘තත්ර, භික්ඛවෙ, යෙ තෙ සමණබ්රාහ්මණා නෙවසඤ්ඤීනාසඤ්ඤිං අත්තානං පඤ්ඤපෙන්ති අරොගං පරං මරණා, රූපිං වා තෙ භොන්තො සමණබ්රාහ්මණා නෙවසඤ්ඤීනාසඤ්ඤිං අත්තානං පඤ්ඤපෙන්ති අරොගං
|
24
“මහණෙනි, ඔවුන් අතරෙහි යම් මේ මහණ බමුණෝ සංඥා ඇත්තෙත් නොවන්නාවූද නැත්තේත් නොවන්නාවූද මරණින් මතු නිත්‍යවූ ආත්මය පණවත්ද, ඒ පින්වත් මහණ බමුණෝ රූපය ඇත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥා ඇත්තේත් නොවන්නාවූද නැත්තේත් නොවන්නාවූද ආත්මය හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ රූප නැත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥා ඇත්තේත් නොවන්නාවූද නැත්තේත් නොවන්නාවූද ආත්මය හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ රූප ඇත්තාවූද, රූප නැත්තාවූද මරණින් මතු නිත්‍යවූ සංඥා ඇත්තේත් නොවන්නාවූද නැත්තේත් නොවන්නාවූද, සංඥා ඇති ආත්මය හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ රූප ඇත්තේත් නොවූ රූප නැත්තේත් නොවූද, මරණින් මතු නිත්‍යවූ සංඥා ඇත්තේත් නොවූද සංඥා නැත්තේත් නොවූද ආත්මය හෝ පණවත්. මහණෙනි, ඔවුන් අතරෙහි යම් ඒ මහණ බමුණෝ මරණින් මතු නිත්‍යවූ සංඥා ඇති ආත්මය පණවත්ද, සමහරු ඔවුන් බැහැර යම් ඒ පින්වත් මහණ බමුණෝ මරණින් මතු නිත්‍යවූ සංඥා නැත්තාවූ ආත්මය පණවත්ද, සමහරු ඔවුන් බැහැරකරත්. ඊට හේතු කවරේද? ‘සංඥාව රෝගයකි, සංඥාව ගඩයකි, සංඥාව හුලකි, අසංඥාව මුළාවකි. යම් මේ සංඥාව ඇත්තේත් නැති නැත්තේත් නැති බවක්වේ නම් එය ශාන්තය, එය ප්‍රණීතයයි’ කියායි මහණෙනි, ඒ දෘෂ්ටියද තථාගත තෙම දන්නේය.
යම් ඒ පින්වත් මහණ බමුණෝ මරණින් මතු නිත්‍යවූ නොම සංඥා ඇත්තේත් නොවූ නැත්තේත් නොවූ ආත්මය පනවත්ද, ඒ පින්වත් මහණ බමුණෝ රූපය ඇත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥා ඇත්තේත් නැත්තේත් නොවූ ආත්මය හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ රූපය නැත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥාව ඇත්තේත් නොවූ නැත්තේත් නොවූ ආත්මය හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ රූපය ඇත්තාවූද, රූපය නැත්තාවූද, මරණින් මතු නිත්‍යවූ සංඥා ඇත්තේත් නොවූ නැත්තේත් නොවූ ආත්මය හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ රූපය ඇත්තේත් රූපය නැත්තේත් නොවූ මරණින් මතු නිත්‍යවූ සංඥා ඇත්තේත් නොවූ නැත්තේත් නොවූ ආත්මය හෝ පණවත්.
“මහණෙනි, යම් කිසි මහණ බමුණු කෙණෙක් ඇසින් දැකීමය, කණින් ඇසීමය, නාසයෙන්, දිවෙන්, කයෙන් දැනීමය යන මෙයින් දතයුතුවූ (දොරටු පසෙහි සංඥාවගේ පැතීම් මාත්‍රයෙන්) ඖදාරික සංස්කාරයන්ගේ පැවැත්මෙන් මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනයාගේ ලැබීම පණවත්. මහණෙනි, ‘සමාපත්තියෙන් නැගිටීම වන හෙයින් විනාශයක්ම මේ ආයතනයාගේ ලැබීම පිණිස කියයි. මහණෙනි, මේ නෙවසංඤ්ඤානාසංඤ්ඤායතනයට පැමිණීම ඖදාරික සංස්කාරයන්ගේ පැවැත්මෙන් පැමිණිය යුතුයයි’ කියනු නොලැබේ. මහණෙනි, මෙය සංස්කාර විශේෂයක් සහිත සමාපත්තියෙන් පැමිණිය යුතු ආයතනයයි කියනු ලැබේ. එයද ප්‍රත්‍යයෙන් උපදවන ලද්දකි. ඖදාරිකද වේ. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය. එය ඇතැයි, මෙසේ දැන ඔහුගේ මිදීම දක්නා තථාගත තෙමේ එය ඉක්මවන ලද්දේ වෙයි.
|
25
‘‘තත්ර, භික්ඛවෙ, යෙ තෙ සමණබ්රාහ්මණා සතො සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤපෙන්ති
|
25
“මහණෙනි, ඒ වාදයන් අතර යම් ඒ මහණ බමුණෝ ඇත්තාවූ සත්වයාගේ උච්ඡෙදය, විනාසය, නොවීම පණවත්ද, මහණෙනි, එහි යම් ඒ මහණ බමුණෝ මරණින් මතු නිත්‍යවූ සංඥා ඇති ආත්මය පණවත්ද, සමහරු ඔවුන් බැහැර කරත්. යම් ඒ පින්වත් මහණ බමුණෝ මරණින් මතු නිත්‍යවූ සංඥා නැත්තාවූ ආත්මය පණවත්ද, සමහරු බැහැර කරත්. යම් ඒ පින්වත් මහණ බමුණෝ මරණින් මතු නිත්‍යවූ සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති ආත්මය පණවත්ද, සමහරු ඔවුන් බැහැර කරත්. ඊට හේතු කවරේද? ඒ සියළුම පින්වත් මහණ බමුණෝ ‘අනාගතයෙහි සැරිසරන්නාවූ මෙසේ පරලොව වන්නෙමු. මෙසේ පරලොව වන්නෙමුයි’ ඇලීමම කියන්නාහු වෙති. යම්සේ නම් වෙළඳාමට යන්නාවූ වෙළෙන්දාට ‘මෙයින් මට මෙය වන්නේය, මෙයින් මෙය එපරිද්දෙන්ම පරලොව මෙසේ වන්නෙමු. පරලොව මෙසේ වන්නෙමුයි,’ සිතන්නාවූ මේ පින්වත් මහණ බමුණෝ වෙළඳුන්ට බඳු උපමා ඇත්තාහුයයි වැටහෙත්. මහණෙනි, මෙයද තථාගත තෙමේ දන්නේය.
“යම් ඒ පින්වත් මහණ බමුණෝ ඇත්තාවූ සත්වයාගේ උච්ඡෙදය, විනාශය, හට නොගැණීම, පණවත්ද, ඔව්හු ත්‍රිවිධ භවයට භය වන්නාහු, ත්‍රිවිධ භවය පිළිකුල් කරන්නාහු ත්‍රිවිධ භවය අනුවම දුවත්. ත්‍රිවිධ භවය අනුව පෙරළෙත්. යම්සේ සුනඛයෙක් බලුදමින් බඳනා ලද්දේ, දැඩිවූ කණුවක හෝ හුලක හෝ බඳින ලද්දේ, එම වැලත් සමග හෝ හුලත් සමඟ හෝ දුවන්නේද, ගමන් කරන්නේද, එමෙන් එපරිද්දෙන්ම මේ පින්වත් මහණ බමුණෝ සත්වයාගේ පැවැත්මට භය ඇත්තාහු සත්වයාගේ පැවැත්මට පිළිකුල් කරන්නාහු සත්වයාගේ පැවැත්ම අනුවම දුවත්, අනුවම පෙරළෙත්. ඒ එයද ප්‍රත්‍යයෙන් කරණ ලද්දක් වේ. එහෙයින්ම ඖදාරිකවේ. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය. ඒ නිරෝධය ඇතැයි මෙසේ දැන සංස්කාරයන් ගෙන් මිදීම දක්නා තථාගත තෙමේ එය ඉක්මවූයේ වෙයි.
|
26
‘‘යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා අපරන්තකප්පිකා අපරන්තානුදිට්ඨිනො අපරන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිවුත්තිපදානි අභිවදන්ති, සබ්බෙ තෙ ඉමානෙව පඤ්චායතනානි අභිවදන්ති එතෙසං වා අඤ්ඤතරං.
|
26
“මහණෙනි, සත්වයන්ගේ අනාගතය කල්පනා කරන්නාවූ අනාගතය අනුව ගිය දෘෂ්ටි ඇත්තාවූ යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ වෙත්ද, ඔව්හු අනාගතය අරබයා අනෙක ප්‍රකාරවූ දෘෂ්ටි දක්වන්නාවූ, වචන කියත්ද? ඒ සියල්ලෙන් මේ කරුණු පසම කියත්. එයින් එක්තරා කරුණක් හෝ කියත්.
|
27
‘‘සන්ති, භික්ඛවෙ, එකෙ සමණබ්රාහ්මණා පුබ්බන්තකප්පිකා පුබ්බන්තානුදිට්ඨිනො පුබ්බන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිවුත්තිපදානි අභිවදන්ති. ‘සස්සතො අත්තා ච ලොකො ච, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති - ඉත්ථෙකෙ අභිවදන්ති, ‘අසස්සතො අත්තා ච ලොකො ච, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති - ඉත්ථෙකෙ අභිවදන්ති, ‘සස්සතො ච අසස්සතො ච අත්තා ච ලොකො ච, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති - ඉත්ථෙකෙ අභිවදන්ති, ‘නෙවසස්සතො
|
27
“මහණෙනි, සත්වයන්ගේ අතීතය කල්පනා කරන්නාවූ අතීතය අනුව ගිය දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණෝ වෙත්. ඔව්හු අතීතය අරබයා අනෙකප්‍රකාරවූ දෘෂ්ටි දක්වන්නාවූ වචන කියත්. ‘ආත්මයද, ලෝකයද සදා කාලිකය මෙයම සත්‍යය, මෙයින් අන්‍ය කියුම් හිස්යයි’ මෙසේ සමහරු කියත්. ‘ආත්මයද ලෝකයද සදාකාලික නොවේ. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය කියුම් හිස්යයි,’ මෙසේ සමහරු කියත්. ‘ආත්මයද ලෝකයද, සදාකාලිකද වේ. සදාකාලික නොවන්නේද වේ. මෙයම සත්‍යයයි. මෙයින් අන්‍ය කියුම් සිස්යයි,’ මෙසේ සමහරු කියත්. ‘ආත්මයද ලෝකයද, සදාකාලික වන්නේද නොවේ. සදාකාලික නොවන්නේද නොවේ. මෙයම සත්‍යයයි මෙයින් අන්‍යය හිස්යයි.’ මෙසේ සමහරු කියත්. ‘ආත්මයද ලෝකයද කෙළවරක් ඇත්තේය. මෙයම සත්‍යය, අන්‍යය සිස්යයි,’ මෙසේ සමහරු කියත්. ‘ආත්මයද ලෝකයද, කෙළවරක් නැත්තේය, මෙයම සත්‍යය අන්‍යය සිස්යයි.’ මෙසේ සමහරු කියත්. ‘ආත්මයද ලෝකයද කෙළවරක් ඇත්තේද නොවේ. කෙළවරක් නැත්තේද වේ, මෙයම සත්‍යය අන්‍යය සිස්යයි’ මෙසේ සමහරු කියත්. ‘ආත්මයද ලෝකයද කෙළවරක් ඇත්තේද නොවේ. කෙළවරක් නැත්තේද වේ. මෙයම සත්‍යය අන්‍යය සිස්යයි’ මෙසේ සමහරු කියත්. ‘ආත්මයද ලෝකයද නොයෙක් සංඥා ඇත්තේ වෙයි. මෙයම සත්‍යය අන්‍යය සිස්යයි’ මෙසේ සමහරු කියත් ‘ආත්මයද ලෝකයද නොයෙක් සංඥා ඇත්තේවේ. මෙයම සත්‍යය අන්‍යය සිස්යයි’ මෙසේ සමහරු කියත්. ‘ආත්මයද ලෝකයද හීන සංඥා ඇත්තේවේ. මෙයම සත්‍යය අන්‍යය සිස්යයි’ මෙසේ සමහරු කියත්. ‘ආත්මයද ලෝකයද අප්‍රමාණ සංඥා ඇත්තේවේ. මෙයම සත්‍යය අන්‍යය සිස් යයි’ මෙසේ සමහරු කියත්. ‘ආත්මයද ලෝකයද ඒකාන්ත සැප ඇත්තේ වේ. මෙයම සත්‍යය අන්‍යය සිස් යයි’ මෙසේ සමහරු කියත්. ‘ආත්මයද ලෝකයද ඒකාන්ත දුක් ඇත්තේවේ. මෙයම සත්‍යය අන්‍යය සිස් යයි’ මෙසේ සමහරු කියත්. ‘ආත්මයද ලෝකයද දුක සැප දෙකම ඇත්තේවේ. මෙයම සත්‍යය අන්‍යය සිස් යයි’ මෙසේ සමහරු කියත්. ‘ආත්මයද ලෝකයද දුක් ඇත්තේත් නොවේ. සැප ඇත්තේත් නොවේ. මෙයම සත්‍යය අන්‍යය සිස් යයි’ මෙසේ සමහරු කියත්.
|
28
‘‘තත්ර
|
28
“මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳුවාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ඒකාන්තයෙන් ඔවුන්ට ආත්මයද, ලෝකයද, ශාස්වතය, මෙයම සත්‍යය අනික සිස්ය යන ඇදහීමෙන් තොරව කැමැත්තෙන් තොරව ඇසීමෙන් තොරව ආකාර කල්පනා කිරීමෙන් තොරව සිතින් බැසගැනීමෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥාණය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි ඒ පින්වත් මහණ බමුණෝ යම් ඥාණ කොටස් මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද, එයම මේ පින්වත් මහණ බමුණන්ගේ දැඩි කොටගත් දෘෂ්ටියයි කියනු ලැබේ. ඒ මේ දැඩිව ගත් දෘෂ්ටිය ප්‍රත්‍යයෙන් කරණ ලද්දකි. එහෙයින් ඖදාරිකවේ.
සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය. මෙය ඇත්තේයයි මෙසේ දැන ඒ සංස්කාරයන්ගේ මිදීම දක්නා තථාගතතෙමේ එය ඉක්මවූයේවේ.
|
29
‘‘තත්ර, භික්ඛවෙ, යෙ තෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘අසස්සතො අත්තා ච ලොකො ච, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති...පෙ....
(යථා සස්සතවාරෙ, තථා විත්ථාරෙතබ්බං) සස්සතො ච අසස්සතො ච අත්තා ච ලොකො ච... නෙවසස්සතො නාසස්සතො අත්තා ච ලොකො ච... අන්තවා අත්තා ච ලොකො ච... අනන්තවා අත්තා ච ලොකො ච... අන්තවා ච අනන්තවා ච අත්තා ච ලොකො ච... නෙවන්තවා නානන්තවා අත්තා ච ලොකො ච... එකත්තසඤ්ඤී අත්තා ච ලොකො ච... නානත්තසඤ්ඤී අත්තා ච ලොකො ච... පරිත්තසඤ්ඤී අත්තා ච ලොකො ච... අප්පමාණසඤ්ඤී අත්තා ච ලොකො ච... එකන්තසුඛී අත්තා ච ලොකො ච... එකන්තදුක්ඛී අත්තා ච ලොකො ච... සුඛදුක්ඛී අත්තා ච ලොකො ච... අදුක්ඛමසුඛී අත්තා ච ලොකො ච, ඉදමෙව
|
29
“මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳුවාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ‘ආත්මයද ලෝකයද සදාකාලික නොවේ. මෙයම සත්‍යය අනික හිස් යයි’ ඒකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව අනුශ්‍රවණයෙන් තොරව ආකාර පරිවිතර්කයෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි, ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද, එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය. මෙය ඇත්තේ යයි මෙසේ දැන, ඔහුගේ නිවණ දක්නා සුළුවූ තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.
“මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ‘ආත්මයද ලෝකයද සදාකාලිකද වේ. සදාකාලික නොවන්නේද මෙයම සත්‍යය. අනික හිස්යයි’ ඒකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම, කැමැත්තෙන් තොරවම, අනුශ්‍රවණයෙන් තොරව, ආකාර පරිවිතර්කයෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි, ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද, එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරෝධයක් ඇත්තේමය මෙය ඇත්තේයයි මෙසේ දැන, ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.
“මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහුවෙත්ද ආත්මයද ලෝකයද නොමසදාකාලික නොවන්නේද, සදාකාලික නොවන්නේද නොවේ. මෙයම සත්‍යය අනික හිස්යයි ඒකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව අනුශ්‍රවණයෙන් තොරව ආකාර පරිවිතර්කයෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි, ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරෝධයක් ඇත්තේමය. මෙය ඇත්තේයයි මෙසේ දැන, ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.
“මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ‘ආත්මයද ලෝකයද කෙළවර ඇත්තේ වේ. මෙයම සත්‍යය. අනික හිස්යයි, ඒකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව අනුශ්‍රවණයෙන් තොරව ආකාර පරිවිතර්කයෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය. මෙය ඇත්තේයයි මෙසේ දැන ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.
“මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණබමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ආත්මයද ලෝකයද කෙළවර නැත්තේ වේ. මෙයම සත්‍යය අනික හිස්යයි ඒකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව අනුශ්‍රවණයෙන් තොරව ආකාර පරිවිතර්කයෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි, ඒ පින්වත් මහණබමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය. මෙය ඇත්තේයයි මෙසේ දැන, ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.
“මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ආත්මයද ලෝකයද කෙළවර ඇත්තේද කෙළවර නැත්තේ දවේ. මෙයම සත්‍යය අනික හිස්යයි ඒකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව අනුශ්‍රවණයෙන් තොරව ආකාර පරිවිතර්කයෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි, ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද, එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය. මෙය ඇත්තේයයි මෙසේ දැන, ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.
“මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ‘ආත්මයද ලෝකයද නොමකෙළවර ඇත්තේද නොමකෙළවර නැත්තේද වේ. මෙයම සත්‍යය අනික හිස්යයි’ ඒකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව අනුශ්‍රවණයෙන් තොරව ආකාර පරිවිතර්කයෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි, ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද, එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය. මෙය ඇත්තේයයි මෙසේ දැන, ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.
“මහණෙනි, ඔවුන් අතර යම් ඒමහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ‘ආත්මයද ලෝකයද එක් සංඥා ඇත්තේ වේ. මෙයම සත්‍යය, අනික හිස්යයි’ එකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව අනුශ්‍රවණයෙන් තොරව ආකාර පරිවිතර්කයෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, පිරිසිදුවූ නිමලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි, ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය. මෙය ඇත්තේයයි මෙසේ දැන, ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.
“මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ‘ආත්මයද ලෝකයද නොයෙක් සංඥා ඇත්තේ වේ. මෙයම සත්‍යය, අනික හිස්යයි’ එකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව අනුශ්‍රවණයෙන් තොරව ආකාර පරිවිතර්කයෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද, එයම ඒ පින්වත් මහණ බමුණගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත් මෙය ඇත්තේයයි මෙසේ දැන, ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.
‘මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහුද වෙත්ද ‘ආත්මයද ලෝකයද හීන සංඥා ඇත්තේ වේ. මෙයම සත්‍යය, අනික හිස්යයි, එකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව අනුශ්‍රවණයෙන් තොරව ආකාර පරිවිතර්කයෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි, ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද, එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය. මෙය ඇත්තේයයි මෙසේ දැන ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.
“මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ‘ආත්මයද ලෝකයද අප්‍රමාණ සංඥා ඇත්තේ වේ. මෙයම සත්‍යය, අනික හිස්යයි’ ඒකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව, අනුශ්‍රවණයෙන් තොරව, ආකාර පරිවිතර්කයෙන් තොරව, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි, ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද, එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය. මෙය ඇත්තේයයි මෙසේ දැන, ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.
“මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ‘ආත්මයද ලෝකයද ඒකාන්ත සැප ඇත්තේ වේ. මෙයම සත්‍යය, අනික හිස්යයි’ ඒකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව, අනුශ්‍රවණයෙන් තොරව, ආකාර පරිවිතර්කයෙන් තොරව, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි, ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද, එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරිකවේ. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය. මෙය ඇත්තේයයි මෙසේ දැන, ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.
“මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ‘ආත්මයද ලෝකයද ඒකාන්ත දුක් ඇත්තේ වේ. මෙයම සත්‍යය, අනික හිස්යයි’ ඒකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව අනුශ්‍රවණයෙන් තොරව ආකාර පරිවිතර්කයෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි, ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද, එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය. මෙය ඇත්තේයයි මෙසේ දැන ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.
“මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ‘ආත්මයද ලෝකයද සැප දුක් ඇත්තේ වේ. මෙයම සත්‍යය, අනික හිස්යයි’ ඒකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව අනුශ්‍රවණයෙන් තොරව ආකාර පරිවිතර්කයෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි, ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද, එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය. මෙය ඇත්තේයයි මෙසේ දැන ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගත තෙමේ එයඉක්ම වූයේවේ.
“මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ‘ආත්මයද ලෝකයද දුකද නැත්තේ සැපද නැත්තේ වේ. මෙයම සත්‍යය, අන්‍ය සිස්යයි’ ඒකාන්තයෙන් ඔවුන්ට ශ්‍රද්ධාවෙන් වෙන්ව, කැමැත්තෙන් වෙන්ව, ඇසීමෙන් වෙන්ව, ආකාර කල්පනාවෙන් වෙන්ව, සිතින් බැසගැනීමෙන් වෙන්ව, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, ප්රත්යක්ෂයෙන්ම පිරිසිදුවූ නිර්මලවූ ඥානය නැති කල්හි ඒ පින්වත් මහණ බමුණෝ එහි යම් ඥාන කොට්ඨාශ මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද, එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දැඩිව ගත් දෘෂ්ටියයි කියනු ලැබේ. ඒ මේ දැඩිව ගත් දෘෂ්ටිය ප්‍රත්‍යයෙන් කරණ ලද්දකි. එහෙයින් ඖදාරිකවේ සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය. එය ඇතැයි මෙසේ දැන ඒ සංස්කාරයන්ගේ මිදීම දක්නා තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.
|
30
‘‘ඉධ
|
30
‘මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ අතීතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, අනාගතය අනුව ගියාවූ දෘෂ්ටින් දුරලීමෙන්ද, සියලු ආකාරයෙන් කාම සංයෝජනයන්ගේ නොසිටීමෙන්ද, මේ ධ්‍යාන ප්‍රීතියට පැමිණ වාසය කරමි’ යන යමක් වේද, මෙය ශාන්තය, මෙය ප්‍රණීතයයි, ධ්‍යාන ප්‍රීතියට පැමිණ වාසය කරයි ඔහුගේ ඒ ධ්‍යාන ප්‍රීතිය නිරුද්ධවේ. ධ්‍යාන ප්‍රීතිය නිරුද්ධවීමෙන් දොම්නස උපදියි. දොම්නස නිරුද්ධවීමෙන් ධ්‍යාන ප්‍රීතිය උපදියි.
“මහණෙනි, යම්සේ ඡායාව යමක් අත්හරීද, එහි අව්ව පැතිරෙයිද, අව්ව යමක් අත්හරීද, එහි ඡායාව පැතිරේද, මහණෙනි, එමෙන්ම ධ්‍යාන ප්‍රීතියගේ නිරුද්ධවීමෙන් දොම්නස උපදියි. දොම්නස නිරුද්ධවීමෙන් ධ්‍යාන ප්‍රීතිය උපදියි.
“මහණෙනි, මේ පින්වත් මහණ තෙමේ හෝ බ්‍රාහ්මණ තෙමේ හෝ අතීතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, අනාගතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, සියලු ආකාරයෙන් කාම තෘෂ්ණාවන්ගේ නොපිහිටීමෙන් මේ ධ්‍යාන ප්‍රීතියට පැමිණ වාසය කරමියි, යන යමක්වේද, මෙය ශාන්තය. මෙය ප්‍රණීතයයි ධ්‍යාන ප්‍රීතියට පැමිණ වාසය කරයි. ඔහුගේ ඒ ධ්‍යාන ප්‍රීතිය නිරුද්ධ වේ. ධ්‍යාන ප්‍රීතිය නිරුද්ධවීමෙන් දොම්නස උපදියි. දොම්නස නිරුද්ධ වීමෙන් ධ්‍යාන ප්‍රීතිය උපදියි ඒ මේ ප්‍රීතිය ප්‍රත්‍යයෙන් උපදින ලද්දක්වේ. එහෙයින් ඖදාරිකවේ. සංස්කාරයන්ගේ නිරෝධය ඇත්තේ යයි තථාගත තෙම දන්නේය. මෙසේ දැන ඒ දෘෂ්ටියෙන් මිදීම දක්නා තථාගත තෙමේ එය ඉක්ම වූයේ වේ.
|
31
‘‘ඉධ පන, භික්ඛවෙ, එකච්චො සමණො වා බ්රාහ්මණො වා පුබ්බන්තානුදිට්ඨීනඤ්ච පටිනිස්සග්ගා, අපරන්තානුදිට්ඨීනඤ්ච පටිනිස්සග්ගා, සබ්බසො කාමසංයොජනානං අනධිට්ඨානා, පවිවෙකාය පීතියා සමතික්කමා නිරාමිසං සුඛං උපසම්පජ්ජ විහරති - ‘එතං සන්තං එතං පණීතං යදිදං නිරාමිසං සුඛං උපසම්පජ්ජ විහරාමී’ති. තස්ස තං නිරාමිසං සුඛං නිරුජ්ඣති. නිරාමිසස්ස සුඛස්ස නිරොධා උප්පජ්ජති පවිවෙකා පීති, පවිවෙකාය පීතියා නිරොධා උප්පජ්ජති නිරාමිසං සුඛං
|
31
“මහණෙනි, මේ ලෝකයෙහි වනාහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ අතීතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, අනාගතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, සියලු ආකාරයෙන් කාම තෘෂ්ණාවන්ගේ නොපිහිටීමෙන් ධ්‍යාන ප්‍රීතිය ඉක්මවීමෙන් නිරාමිස (ලෞකික ආශා නැති) ප්‍රීතියට පැමිණ වාසය කරමි යන යමක්වේද, එය ශාන්තය, එය ප්‍රණීතයයි නිරාමිෂවූ සැපයට පැමිණ වාසය කරයි. ඔහුගේ ඒ නිරාමිෂ සැපය නිරුද්ධවේ. නිරාමිෂ සැපය නිරුද්ධ වීමෙන් ධ්‍යාන ප්‍රීතිය උපදියි. ධ්‍යාන ප්‍රීතිය නිරුද්ධ වීමෙන් නිරාමිෂවූ සැපය උපදියි.
“මහණෙනි, යම්සේ ඡායාව යමක් අත්හරීද, එහි අව්ව පැතිරෙයිද, අව්ව යමක් අත්හරීද, එහි ඡායාව පැතිරේද, මහණෙනි, එපරිද්දෙන්ම නිරාමිෂවූ සැපය නිරුද්ධ වීමෙන් ධ්‍යාන ප්‍රීතිය උපදියි. ධ්‍යාන ප්‍රීතිය නිරුද්ධ වීමෙන් නිරාමිෂවූ සැපය උපදියි. මහණෙනි, මේ පින්වත් මහණතෙමේ හෝ බමුණුතෙමේ හෝ අතීතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, අනාගතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, සියලු ආකාරයෙන් කාමතෘෂ්ණාවන්ගේ පිහිටීම දුරලීමෙන්ද, ධ්‍යාන ප්‍රීතිය ඉක්ම වීමෙන් නිරාමිෂවූ සැපයට පැමිණ වාසය කරමි. යන මේ යමක් වේද, එය ශාන්තය, එය ප්‍රණීතයයි, නිරාමිෂ සැපයට පැමිණ වාසය කරයි. ඔහුගේ ඒ නිරාමිෂ සැපය නිරුද්ධවේ. නිරාමිෂ සැපය නිරුද්ධ වීමෙන් ධ්‍යාන ප්‍රීතිය උපදියි. ධ්‍යාන ප්‍රීතිය නිරුද්ධ වීමෙන් නිරාමිෂ සැපය උපදියි ඒ මේ සැපය ප්‍රත්‍යයෙන් උපදින ලද්දකි. එහෙයින් ඖදාරිකවේ. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේය. යන මේ කාරණය තථාගත තෙමේ දන්නේය.
“මෙසේ දැන ඒ දෘෂ්ටියෙන් මිදීම දන්නා තථාගත තෙමේ එය ඉක්මවූයේ වෙයි.
|
32
‘‘ඉධ පන, භික්ඛවෙ, එකච්චො සමණො වා බ්රාහ්මණො වා පුබ්බන්තානුදිට්ඨීනඤ්ච පටිනිස්සග්ගා, අපරන්තානුදිට්ඨීනඤ්ච පටිනිස්සග්ගා, සබ්බසො කාමසංයොජනානං අනධිට්ඨානා, පවිවෙකාය පීතියා සමතික්කමා, නිරාමිසස්ස සුඛස්ස සමතික්කමා, අදුක්ඛමසුඛං වෙදනං උපසම්පජ්ජ විහරති - ‘එතං සන්තං එතං පණීතං යදිදං අදුක්ඛමසුඛං වෙදනං උපසම්පජ්ජ විහරාමී’ති. තස්ස සා අදුක්ඛමසුඛා වෙදනා නිරුජ්ඣති. අදුක්ඛමසුඛාය වෙදනාය නිරොධා උප්පජ්ජති නිරාමිසං සුඛං, නිරාමිසස්ස සුඛස්ස නිරොධා උප්පජ්ජති අදුක්ඛමසුඛා වෙදනා. සෙය්යථාපි, භික්ඛවෙ, යං ඡායා ජහති තං ආතපො ඵරති, යං ආතපො ජහති තං ඡායා ඵරති; එවමෙව ඛො, භික්ඛවෙ, අදුක්ඛමසුඛාය වෙදනාය නිරොධා උප්පජ්ජති නිරාමිසං සුඛං, නිරාමිසස්ස සුඛස්ස නිරොධා උප්පජ්ජති අදුක්ඛමසුඛා වෙදනා. තයිදං, භික්ඛවෙ, තථාගතො අභිජානාති. අයං ඛො භවං සමණො වා බ්රාහ්මණො වා පුබ්බන්තානුදිට්ඨීනඤ්ච පටිනිස්සග්ගා
|
32
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ අතීතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, අනාගතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, සියලු ආකාරයෙන් කාම තෘෂ්ණාවන්ගේ පිහිටීම නැති කිරීමෙන්ද, ධ්‍යාන ප්‍රීතිය ඉක්මවීමෙන්ද, නිරාමිස සැපය ඉක්මවීමෙන්ද, උපෙක්ෂා වේදනාවට පැමිණ වාසය කරමි’ යන මේ යමක් වේද, එය ශාන්තය, එය ප්‍රණීතයයි, උපෙක්ෂා වේදනාවට පැමිණ වාසය කරයි. ඔහුගේ ඒ උපෙක්ෂා වේදනාව නිරුද්ධවේ. උපෙක්ෂා වේදනාව නිරුද්ධ වීමෙන් නිරාමිස සැපය උපදියි. නිරාමිස සැපය නිරුද්ධවීමෙන් උපෙක්ෂා වේදනාව උපදියි.
“මහණෙනි, යම්සේ ඡායාව යමක් අත්හරීද, එහි අව්ව පැතිරේද අව්ව යමක් අත්හරීද, එහි ඡායාව පැතිරේද මහණෙනි, එපරිද්දෙන්ම උපෙක්ෂා වේදනාව නිරුද්ධවීමෙන් නිරාමිස සැපය උපදියි. නිරාමිස සැපය නිරුද්ධ වීමෙන් උපෙක්ෂා වේදනාව උපදියි. මහණෙනි, මේ පින්වත් මහණ තෙමේ හෝ බමුණු තෙමේ හෝ අතීතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, අනාගතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, සියලු ආකාරයෙන් කාම තෘෂ්ණාවන්ගේ පිහිටීම නැති කිරීමෙන්ද, ධ්‍යාන ප්‍රීතිය ඉක්මීමෙන්ද, නිරාමිස සැපය ඉක්මීමෙන්ද උපෙක්ෂා වේදනාවට පැමිණ වාසය කරමි’ යන මේ යමක් වේද, එය ශාන්තය, එය ප්‍රණීතයයි, උපෙක්ෂා වේදනාවට පැමිණ වාසය කරයි, ඔහුගේ ඒ උපෙක්ෂා වේදනාව නිරුද්ධවේ. උපෙක්ෂා වේදනාව නිරුද්ධවීමෙන් නිරාමිස සැපය උපදියි. නිරාමිස සැපය නිරුද්ධ වීමෙන් උපෙක්ෂා වේදනාව උපදියි. ඒ මේ උපෙක්ෂා වේදනාව ප්‍රත්‍යයෙන් උපදින ලද්දක්ය. එහෙයින් ඖදාරිකවේ. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය යන මේ කාරණය තථාගත තෙමේ දන්නේය. මෙසේ දැන ඒ දෘෂ්ටියගේ මිදීම දක්නා තථාගත තෙමේ එය ඉක්මවූයේ වෙයි.
|
33
‘‘ඉධ
‘‘ඉදං ඛො පන, භික්ඛවෙ, තථාගතෙන අනුත්තරං සන්තිවරපදං අභිසම්බුද්ධං යදිදං - ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා
(අනුපාදාවිමොක්ඛො. තයිදං භික්ඛවෙ තථාගතෙන අනුත්තරං සන්තිවරපදං අභිසම්බුද්ධං, යදිදං ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා අනුපාදාවිමොක්ඛොති (සී. ස්‍යා. කං. පී.)) අනුපාදාවිමොක්ඛො’’ති
(අනුපාදාවිමොක්ඛො. තයිදං භික්ඛවෙ තථාගතෙන අනුත්තරං සන්තිවරපදං අභිසම්බුද්ධං, යදිදං ඡන්නං ඵස්සායතනං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච අදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා අනුපාදාවිමොක්ඛොති (සී. ස්‍යා. කං. පී.)).
ඉදමවොච
|
33
“මහණෙනි, මේ ලෝකයෙහි වනාහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ අතීතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, අනාගතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද සියලු ආකාරයෙන් කාම සංයෝජනයන්ගේ පිහිටීම නැතිකිරීමෙන්ද, ධ්‍යානය ඉක්මවීමෙන්ද, නිරාමිස සැපය ඉක්මවීමෙන්ද, උපෙක්ෂා වේදනාව ඉක්මවීමෙන්ද, ‘මම සංසිඳුනෙමි. මම නිවුනෙමි. මම තෘෂ්ණාවෙන් අල්වා නොගත්තෙක් වෙමියි දකියි. මහණෙනි, මේ පින්වත් මහණ තෙමේ හෝ බමුණු තෙමේ හෝ අතීතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, අනාගතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, සියලු ආකාරයෙන් කාම සංයෝජනයන්ගේ පිහිටීම නැතිකිරීමෙන්ද, ධ්‍යාන ප්‍රීතිය ඉක්මවීමෙන්ද, නිරාමිස සැපය ඉක්මවීමෙන්ද, උපෙක්ෂා වේදනාව ඉක්මවීමෙන්ද, ‘මම සංසිඳුනෙමි මම නිවුණෙමි. මම තෘෂ්ණාවෙන් අල්වා නොගත්තෙක් වෙමියි, දකියි. මේ ආයුෂ්මත් තෙමේ මෙය නිවණට උපකාරවූ ප්‍රතිපදාවකැයි කියයි. එතකුදු වුවත් මේ පින්වත් මහණ තෙමේ හෝ බමුණු තෙමේ හෝ අතීතය අනුව ගියාවූ දෘෂ්ටිය හෝ දැඩිව අල්වාගනියි. අනාගතය අනුව ගියාවූ දෘෂ්ටිය දැඩිව අල්වා ගනියි. කාම සංයෝජනයන් හෝ දැඩිව අල්වා ගනියි. ධ්‍යාන ප්‍රීතිය හෝ දැඩිව අල්වා ගනියි. නිරාමිස සැපය හෝ දැඩිව අල්වා ගනියි. උපෙක්ෂා වේදනාව හෝ දැඩිව අල්වා ගනියි. මේ ආයුෂ්මත් තෙමේ ‘මම සංසිඳුනෙමි. මම නිවුනෙමි. මම දැඩිකොට අල්වාගැනීමෙන් මිදුනෙමියි’ දකීද, එයද මේ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදාන යයි කියනු ලැබේ. ඒ දෘෂ්ටිය ප්‍රත්‍යයෙන් උපදින ලද්දකි. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේය යන මේ කාරණය තථාගත තෙමේ දන්නේය. මෙසේ දැන ඒ දෘෂ්ටියගේ මිදීම දක්නා තථාගත තෙමේ එය ඉක්මවූයේ වෙයි.
“මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් මේ නිරුත්තරවූ ශාන්තවූ උතුම් පදය වනාහි මොනවට අවබෝධ කරණලදී. යම් මේ සවැදෑරුම්වූ ස්පර්ශයන්ට හේතුවූ චක්ෂුරාදි ආයතනයන්ගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, මිදීමද තත්වූ පරිද්දෙන් දැන උපාදානයන් කෙරෙන් මිදීමෙන් ලබන යම් අර්හත් ඵලයෙක් වේද, මහණෙනි, ඒ සවැදෑරුම් ස්පර්ශයන්ට හේතුවූ චක්ෂුරාදි ආයතනයන්ගේ හටගැනීමද, විනාසයද, ආශ්වාදයද, ආදීනවයද, මිදීමද තත්වූ පරිද්දෙන් දැන උපාදානයන් කෙරෙන් මිදීමෙන් ලබන අර්හත්ඵලයවූ” මේ උත්තම ශාන්ති පදය තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරනලදී. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුය.
|
3. කින්තිසුත්තං | 3. කින්ති සූත්‍රය |
34
එවං
‘‘න ච කිර වො, භික්ඛවෙ, මයි එවං හොති - ‘චීවරහෙතු වා සමණො ගොතමො ධම්මං දෙසෙති...පෙ.... ඉතිභවාභවහෙතු වා සමණො ගොතමො ධම්මං දෙසෙතී’ති; අථ කින්ති චරහි වො
(අථ කින්ති වො (සී. පී.), අථ කිඤ්චරහි වො (ක.)), භික්ඛවෙ, මයි හොතී’’ති? ‘‘එවං ඛො නො, භන්තෙ, භගවති හොති - ‘අනුකම්පකො භගවා හිතෙසී; අනුකම්පං උපාදාය ධම්මං දෙසෙතී’’’ති. ‘‘එවඤ්ච
|
34
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවර “බලිහරණ” නම් වන ලැහැබෙහි වැඩවසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි,’ කියා භික්ෂූන්ට කථා කළසේක. ‘පින්වතුන් වහන්සැයි’ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.
“මහණෙනි, තොපට මා කෙරෙහි කිම, මෙබඳු සිතක් වේද? ‘ශ්‍රමණ ගෞතම තෙම සිවුරු කරුණු කොටගෙන හෝ ධර්මය දේශනා කෙරේද, ශ්‍රමණ ගෞතම තෙම පිණ්ඩපාතය කරුණු කොටගෙණ ධර්මය දේශනා කෙරේද? ශ්‍රමණ ගෞතම තෙම සෙනසුන් කරුණු කොටගෙණ හෝ ධර්මය දේශනා කෙරේද, ශ්‍රමණ ගෞතම තෙමේ ඒ ඒ භව සැප ලැබීම කරුණු කොටගෙන හෝ ධර්මය දේශනා කෙරේද?’ කියායි.
“ස්වාමීනි, ‘භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සිවුරු හේතු කොටගෙන හෝ ධර්මය දේශනා කෙරෙයි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිණ්ඩපාතය හේතු කොටගෙණ හෝ ධර්මය දේශනා කෙරෙයි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සෙනාසන හේතු කොටගෙණ හෝ ධර්මය දේශනා කෙරෙයි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඒ ඒ භවයෙහි සැප විඳීම හේතු කොටගෙන හෝ ධර්මය දේශනා කරයි, යන මෙබඳු සිතක් අපට ඇති නොවෙයි.”
“මහණෙනි, තොපට වනාහි ‘මා කෙරෙහි සිවුරු හේතු කොටගෙණ හෝ ශ්‍රමණ ගෞතම තෙම ධර්මය දේශනා කරයි. පිණ්ඩපාතය හේතු කොටගෙණ හෝ ශ්‍රමණ ගෞතම තෙම ධර්මය දේශනා කරයි. සේනාසන හේතු කොට ගෙණ හෝ ශ්‍රමණ ගෞතම තෙම ධර්මය දේශනා කරයි. ඒ ඒ භව සැප විඳීම හේතු කොට ගෙණ හෝ ශ්‍රමණ ගෞතම තෙම ධර්මය දේශනා කෙරේය’ යන මෙබඳු සිතක් තොපට ඇති නොවේ නම් මහණෙනි, මා කෙරෙහි තොපට කෙබඳු සිතක් වේද?”
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අපට භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා ඇත්තේය. වැඩ කැමැත්තේ වේ. අනුකම්පා පිණිස ධර්මය දේශනා කෙරේය යන මෙබඳු සිතක් වන්නේය” “මහණෙනි, තොපට මා කෙරෙහි භාග්‍යවත් තෙම අනුකම්පා ඇත්තේය. වැඩ කැමැත්තේය. අනුකම්පාව නිසා ධර්මය දේශනා කෙරේය යන අදහස ඇත්තේය.
|
35
‘‘තස්මාතිහ, භික්ඛවෙ, යෙ වො
(යෙ තෙ (ක.)) මයා ධම්මා අභිඤ්ඤා දෙසිතා, සෙය්යථිදං - චත්තාරො සතිපට්ඨානා චත්තාරො සම්මප්පධානා චත්තාරො ඉද්ධිපාදා පඤ්චින්ද්රියානි පඤ්ච බලානි සත්ත බොජ්ඣඞ්ගා
|
35
“මහණෙනි, එහෙයින් මේ ශාසනයෙහි මා විසින් තොපට යම් ධර්මයක් දේශනා කරණ ලද්දාහුදත එනම්, සතර සතිපට්ඨානයෝය, සතර සම්‍යක් ප්‍රධානයෝය, සතර ඍද්ධි පාදයෝය, පඤ්චෙන්ද්‍රියෝය, පඤ්චබලයෝය, සප්ත බෞද්ධ්‍යංගයෝය, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෝය යන මොහුයි. එහි සියල්ලන් විසින්ම සමගිව සතුටුව විවාද නොකරමින් හික්මිය යුතුයි.
“මහණෙනි, සමගිව සතුටුව විවාද නොකරමින් හික්මෙන්නාවූ ඒ තොප අතුරෙන් අභිධර්මයෙහි වෙනස් වාද ඇති භික්ෂූහු දෙදෙනෙක් වන්නාහුද, එහි ඉදින් තොපට ‘මේ ආයුෂ්මත්වරුන්ගේ කීම අර්ථවශයෙන්ද වෙනස්ය, ව්‍යඤ්ජන වශයෙන්ද වෙනස්යයි, මෙසේ අදහස් වන්නේ, නම් එහි යම් භික්ෂුවක් ඉතා සුවචයයි හඟින්නහුද? ඔහු වෙත පැමිණ ආයුෂ්මත් වරුන්ගේ කීම අර්ථ වශයෙන්ද වෙනස්ය. ව්‍යඤ්ජන වශයෙන්ද වෙනස්ය. ආයුෂ්මත් වරුන්ගේ කීම යම්සේ අර්ථ වශයෙන්ද, ව්‍යඤ්ජන වශයෙන්ද වෙනස්ද, ආයුෂ්මත්හු ඒ ආකාරයෙන් දැනගනිව්. ආයුෂ්මත්හු විවාදයට නොපැමිණෙත් වායි කියයුතු වන්නේය. ඉක්බිති අනික් පක්ෂයෙහි වූ භික්ෂූන් ගෙන් යම් භික්ෂුවක් ඉතා සුවචයයි හඟින්නහුදත ඔහු වෙත පැමිණ ‘ආයුෂ්මතුන්ගේ කීම අර්ථ වශයෙන්ද වෙනස්ය. ව්‍යඤ්ජන වශයෙන්ද වෙනස්ය. ආයුෂ්මත්හු ආයුෂ්මත්වරුන්
ගේ කීම යම්සේ අර්ථ වශයෙනුත් වෙනස්ද, ව්‍යඤ්ජන වශයෙනුත් වෙනස්ද එසේ දැනගනිව්. ආයුෂ්මත්හු විවාද නොකෙරෙත්වායි කියයුතු වන්නේය. මෙසේ වරදවා ගන්වා ලද්ද වරදවා ගන්නා ලද්දක් වශයෙන් දැරිය යුතුයි. වරදවා ගන්නා ලද්ද, වරදවා ගන්නා ලද්දක් වශයෙන් දරා යමක් ධර්මයවේද, යමක් විනය වේද, එය කිය යුත්තේය.”
|
36
‘‘තත්ර
|
36
“ඉදින් එහි තොපට මේ ආයුෂ්මත් වරුන්ගේ කීම අර්ථවශයෙන් වෙනස් වේ. ව්‍යඤ්ජන වශයෙන් සම වේයයි සිතෙන්නේද, එහි යම් භික්ෂුවක් ඉතා සුවචයයි හඟින්නහුද, ඔහු කරා පැමිණ ‘ආයුෂ්මත් වරුන්ගේ කීම අර්ථ වශයෙන්ම වෙනස්ය. ව්‍යඤ්ජන වශයෙන් සමාන වෙයි. ඒ කීම යම්සේ අර්ථවශයෙන්ම වෙනස්ද, ව්‍යඤ්ජන වශයෙන් සමාන වේද, ආයුෂ්මත්හු ඒ ආකාරයෙන් දැනගනිව්. විවාදයට නොපැමිණෙත්වායි කියයුතු වන්නේය. ඉක්බිති අනික් පක්ෂයෙහි වූ භික්ෂූන්ගෙන් යම් භික්ෂුවක් ඉතා සුවචයයි හඟින්නහුද, ඔහු කරා පැමිණ ‘ආයුෂ්මත් වරුන්ගේ කීම වනාහි අර්ථ වශයෙන්ම වෙනස්ය. ව්‍යඤ්ජන වශයෙන් සමානවේ. ආයුෂ්මත්වරුන්ගේ කීම යම්සේ අර්ථ වශයෙන්ම වෙනස්ද, ව්‍යඤ්ජන වශයෙන් වේද, ආයුෂ්මත්හු ඒ ආකාරයෙන් දැනගනිව්. ආයුෂ්මත්හු විවාදයට නොපැමිණෙත්වායි, කියයුතු වන්නේය. මෙසේ වරදවා ගන්නා ලද්ද වරදවා ගන්නා ලද්දක් වශයෙන් දැරිය යුතුයි. නිවරදකොට ගන්නා ලද්ද නිවරද කොට ගන්නා ලද්දක් වශයෙන් දැරිය යුතුයි. වරදව ගන්නා ලද්ද වරදවා ගන්නා ලද්ද වශයෙන් දරා, නිවරද කොට ගන්නා ලද්ද නිවරද කොට ගන්නා ලද්ද වශයෙන් දරා යමක් ධර්මය වේද, යමක් විනය වේද, එය කිය යුතුයි.”
|
37
‘‘තත්ර චෙ තුම්හාකං එවමස්ස - ‘ඉමෙසං ඛො ආයස්මන්තානං අත්ථතො හි ඛො සමෙති, බ්යඤ්ජනතො නාන’න්ති, තත්ථ යං භික්ඛුං සුවචතරං මඤ්ඤෙය්යාථ සො උපසඞ්කමිත්වා එවමස්ස වචනීයො - ‘ආයස්මන්තානං ඛො අත්ථතො හි සමෙති, බ්යඤ්ජනතො නානං. තදමිනාපෙතං ආයස්මන්තො ජානාථ - යථා අත්ථතො හි ඛො සමෙති, බ්යඤ්ජනතො නානං. අප්පමත්තකං ඛො පනෙතං යදිදං - බ්යඤ්ජනං. මායස්මන්තො අප්පමත්තකෙ විවාදං ආපජ්ජිත්ථා’ති. අථාපරෙසං එකතොපක්ඛිකානං භික්ඛූනං
|
37
“ඉදින් එහි තොපට මේ ආයුෂ්මත්වරුන්ගේ කීම අර්ථවශයෙන්ම සමවෙයි. ව්‍යඤ්ජන වශයෙන් වෙනස්වේයයි සිතයි නම් එහි යම් භික්ෂුවක් ඉතා සුවචයයි හඟින්නාහුද, ඔහු කරා පැමිණ ‘ආයුෂ්මත් වරුන්ගේ කීම වනාහි අර්ථ වශයෙන් සමාන වේ. ව්‍යඤ්ජන වශයෙන් වෙනස් වේ. එය යම්සේ අර්ථවශයෙන්ම සමවේද, ව්‍යඤ්ජන වශයෙන් වෙනස් වේද, ආයුෂ්මත්හු ඒ ආකාරයෙන් දැනගනිව්. යම් මේ ව්යඤ්ජනයක්වේද, එය වනාහි සුළු කරුණකි. ආයුෂ්මත්හු ස්වල්ප කාරණයකින් විවාදයට නොපැමිණෙත්වායි කියයුතු වන්නේය. අනික් පක්ෂයෙහිවූ භික්ෂූන්ගෙන් යම් භික්ෂුවක් ඉතා සුවචයයි හඟින්නාහුද, ඔහු කරා පැමිණ ‘ආයුෂ්මතුන්ලාගේ කීම වනාහි අර්ථවශයෙන් සමාන වේ. ව්‍යඤ්ජන වශයෙන් වෙනස් වේ. ආයුෂ්මත්හු එය යම්සේ අර්ථවශයෙන් සමාන වේද, ව්‍යඤ්ජන වශයෙන් වෙනස් වේද, එය ඒ ආකාරයෙන් ආයුෂ්මත්හු දැනගනිව්. යම් ඒ ව්‍යඤ්ජනයක් වේද, එය ස්වල්ප කාරණයකි. ආයුෂ්මත්හු ස්වල්ප කාරණයකින් විවාදයට නොපැමිණෙත්වායි කියයුතු වන්නේය. මෙසේ නිවරද කොට ගන්නා ලද්ද නිවරද කොට ගන්නා ලද්ද වශයෙන් දැරිය යුතුයි. වරදවා ගන්නා ලද්ද වරදවා ගන්නා ලද්ද වශයෙන් දැරිය යුතුයි. නිවරද කොට ගන්නා ලද්ද නිවරද කොට ගන්නා ලද්ද වශයෙන් දරා වරදවා ගන්නා ලද්ද වරදවා ගන්නා ලද්ද වශයෙන් දරා, යමක් ධර්මයවේද, යමක් විනය වේද, එය කිය යුතුයි.
|
38
‘‘තත්ර
|
38
“එහි ඉදින් තොපට මේ ආයුෂ්මතුන්ලාගේ කීම අර්ථවශයෙන්ද සමාන වේ. ව්‍යඤ්ජන වශයෙන්ද සමානවේයයි සිතක් වන්නේනම් එහි යම් භික්ෂුවක් ඉතා සුවචයයි හඟින්නාහුද, ඔහු කරා පැමිණ ‘ආයුෂ්මතුන්ලාගේ කීම වනාහි අර්ථ වශයෙන්ද, සමානවේ. ව්‍යඤ්ජන වශයෙන්ද සමානවේ. එය යම්සේ අර්ථයෙනුත් සමානවේද, ව්‍යඤ්ජනයෙනුත් සමාන වේද, ආයුෂ්මත්හු ඒ ආකාරයෙන් දැනගනිව්. ආයුෂ්මත්හු විවාදයට නොපැමිණෙත්වායි,’ කියයුතු වන්නේය. ඉක්බිති අනික් පක්ෂයෙක්හි වූ භික්ෂූන්ගෙන් යම් භික්ෂුවක් ඉතා සුවචයයි හඟින්නාහුද, ඔහු කරා පැමිණ ආයුෂ්මතුන්ලාගේ කීම වනාහි අර්ථ වශයෙන්ද සමාන වේ. ව්‍යඤ්ජන වශයෙන්ද සමාන වේ. එය යම්සේ අර්ථයෙනුත් සමානවේද.’ ව්‍යඤ්ජනයෙනුත් සමානවේද, ආයුෂ්මත්හු ඒ ආකාරයෙන් දැනගනිව්. ආයුෂ්මත්හු විවාදයට නොපැමිණෙත්වායි, කියයුතු වන්නේය. මෙසේ නිවරද කොට ගන්නා ලද්ද නිවරද කොට ගන්නා ලද්ද වශයෙන් දැරිය යුතුයි. නිවරද කොට ගන්නා ලද්ද නිවරද කොට ගන්නා ලද්ද වශයෙන් දරා යමක් ධර්මය වේද, යමක් විනය වේද එය කිය යුතුයි.
|
39
‘‘තෙසඤ්ච
‘‘සචෙ පන, භික්ඛවෙ, එවමස්ස - ‘මය්හං ඛො අවිහෙසා භවිස්සති පරස්ස ච පුග්ගලස්ස උපඝාතො, පරො හි පුග්ගලො කොධනො උපනාහී අදළ්හදිට්ඨී සුප්පටිනිස්සග්ගී, සක්කොමි චාහං එතං පුග්ගලං අකුසලා වුට්ඨාපෙත්වා කුසලෙ පතිට්ඨාපෙතුං. අප්පමත්තකං ඛො පනෙතං යදිදං - පරස්ස
(යදිදං මය්හඤ්ච විහෙසා භවිස්සති පරස්ස ච (ක.)) පුග්ගලස්ස උපඝාතො. අථ ඛො එතදෙව බහුතරං - ස්වාහං සක්කොමි එතං පුග්ගලං අකුසලා වුට්ඨාපෙත්වා
‘‘සචෙ පන, භික්ඛවෙ, එවමස්ස - ‘මය්හං ඛො විහෙසා භවිස්සති පරස්ස ච පුග්ගලස්ස අනුපඝාතො. පරො හි පුග්ගලො අක්කොධනො අනුපනාහී දළ්හදිට්ඨී දුප්පටිනිස්සග්ගී, සක්කොමි චාහං එතං පුග්ගලං අකුසලා වුට්ඨාපෙත්වා කුසලෙ පතිට්ඨාපෙතුං. අප්පමත්තකං ඛො පනෙතං යදිදං
‘‘සචෙ පන, භික්ඛවෙ, එවමස්ස - ‘මය්හඤ්ච ඛො විහෙසා භවිස්සති පරස්ස ච පුග්ගලස්ස උපඝාතො. පරො හි
‘‘සචෙ පන, භික්ඛවෙ, එවමස්ස - ‘මය්හඤ්ච ඛො විහෙසා භවිස්සති පරස්ස ච පුග්ගලස්ස උපඝාතො. පරො හි පුග්ගලො කොධනො උපනාහී දළ්හදිට්ඨී දුප්පටිනිස්සග්ගී, න චාහං සක්කොමි එතං පුග්ගලං අකුසලා වුට්ඨාපෙත්වා කුසලෙ පතිට්ඨාපෙතු’න්ති. එවරූපෙ, භික්ඛවෙ, පුග්ගලෙ උපෙක්ඛා නාතිමඤ්ඤිතබ්බා.
|
39
“මහණෙනි, සමගිව සතුටු වෙමින් විවාද නොකරමින් හික්මෙන්නාවූ ඒ තොප අතුරෙන් එක්තරා භික්ෂුවක්හට ඇවතක් වන්නේද, වරද කිරීමක් වන්නේද, මහණෙනි, එහි චෝදනාව පිණිස නොයා යුතුයි. අනික් පුද්ගලතෙම වනාහි ක්‍රොධ නොකරන්නෙක් වෛර නොකරන්නෙක් තම මතය අත් නොහරින සේ තදින් නොගන්නෙකි, තම මතය පහසුවෙන් දුරලිය හැක්කෙක් වේනම් ‘මටද වෙහෙස නොවන්නේය. අනිකාටද දුකට පැමිණීමක් නොවන්නේය. මට ඒ පුද්ගලයා අකුසලයෙන් නැගිටුවා කුසලයෙහි පිහිටුවන්ට හැක්කේයයි’ පුද්ගලයා පරීක්ෂා කළ යුතුය. ඉදින් මහණෙනි, කීමට සුදුසු වන්නේය. මහණෙනි, ඉදින් වනාහි මෙසේ වන්නේනම් ‘මටද වෙහෙසක් නොවන්නේය. අන්‍ය පුද්ගලයාටද දුකක් වන්නේය. අනික් පුද්ගලයා වනාහි කිපෙන්නෙක, වෛර කරන්නෙක මතය දැඩිකොට ගන්නෙකි. මතය පහසුවෙන් දුරලිය නොහැක්කේ වෙයි. මම මේ පුද්ගලයා අකුසලයෙන් නගාසිටුවා කුසලයෙහි පිහිටුවන්ට හැක්කේද වෙමියි’ මෙසේ වන්නේනම් යම් මේ අනික් පුද්ගලයාගේ දුකට පැමිණීමක් වේද, මෙය වනාහි සුලු දෙයකි. ඒ මම මේ පුද්ගලයා අකුසලයෙන් නැගිටුවා කුසලයෙහි පිහිටුවන්ට හැකිවෙයි නම් එයම මහත් වන්නේය. මහණෙනි, ඉදින් මෙසේ වන්නේ නම් කීමට සුදුසු වේ.
“මහණෙනි, ඉදින් වනාහි ‘මට වනාහි වෙහෙස වන්නේය. අනික් පුද්ගලයාට දුකක් නොවන්නේය. අනික් පුද්ගල තෙම වනාහි ක්‍රොධ නොකරන්නෙක් වෛර නොකරන්නෙක් මතය තරයේ ගන්නෙක් මතය පහසුවෙන් අත්නොහරින්නෙක් වන්නෙම් මම මේ පුද්ගලයා අකුසලයෙන් නැගිටුවා කුසලයෙහි පිහිටුවන්ට හැක්කේද, වෙමි. මාහට යම් වෙහෙසක් වේද, එය වනාහි සුලු වූවකි. ඒ මම මේ පුද්ගලයා අකුසලයෙන් නැගිටුවා කුසලයෙහි පිහිටුවන්ට හැකිවෙම් නම් එයම මහත් වන්නේය. ‘මහණෙනි, ඉදින් එසේ වන්නේ නම් කීමට සුදුසුයි.
“මහණෙනි, ඉදින් වනාහි මටද වෙහෙස වන්නේය. අනික් පුද්ගලයාටද දුක් වන්නේය. අන් පුද්ගල තෙමේ වනාහි කිපෙන්නෙක්, බද්ධ වෛර කරන්නෙක්, මතය තරයේ ගන්නෙක්, මතය පහසුවෙන් දුරලිය නොහැක්කෙක් වන්නේද ‘මම මේ පුද්ගලයා අකුසලයෙන් නැගිටුවා කුසලයෙහි පිහිටුවන්ට හැක්කේද, වෙම් නම් මට යම් වෙහෙසීමක් වේද, අන්‍ය පුද්ගලයාට යම් දුකක් වේද, මෙය වනාහි සුලු වූවකි. ඒ මම මේ පුද්ගලයා අකුසලයෙන් නැගිටුවා කුසලයෙහි පිහිටුවන්ට හැකිවෙම් නම් එයම මහත් වන්නේය.’ මහණෙනි, ඉදින් මෙසේ වන්නේ නම් කීමට සුදුසුය.
“මහණෙනි, ඉදින් වනාහි මටද වෙහෙස වන්නේය. අන් පුද්ගලයාටද දුක් වන්නේය. අනික් පුද්ගල තෙමේ වනාහි කිපෙන්නක, වෛර කරන්නෙක, මතය තරයේ ගන්නෙක, මතය පහසුවෙන් දුරලිය නොහැක්කෙක. මමද මේ පුද්ගලයා අකුසලයෙන් නැගිටුවා කුසලයෙහි පිහිටුවන්ට නොහැකි වෙමියි, මෙසේ වන්නේද, මහණෙනි, මෙබඳු පුද්ගලයා කෙරෙහි උපෙක්ෂාව නොයික්මවිය යුතුය.
|
40
‘‘තෙසඤ්ච වො, භික්ඛවෙ, සමග්ගානං සම්මොදමානානං අවිවදමානානං සික්ඛතං අඤ්ඤමඤ්ඤස්ස වචීසංහාරො
(වචීසඞ්ඛාරො (සී. පී.)) උප්පජ්ජෙය්ය දිට්ඨිපළාසො
(දිට්ඨිපලාසො (සී. ක.)) චෙතසො ආඝාතො අප්පච්චයො අනභිරද්ධි. තත්ථ එකතොපක්ඛිකානං භික්ඛූනං යං භික්ඛුං සුවචතරං මඤ්ඤෙය්යාථ සො උපසඞ්කමිත්වා එවමස්ස වචනීයො - ‘යං නො, ආවුසො, අම්හාකං සමග්ගානං සම්මොදමානානං අවිවදමානානං සික්ඛතං අඤ්ඤමඤ්ඤස්ස වචීසංහාරො උප්පන්නො දිට්ඨිපළාසො චෙතසො ආඝාතො අප්පච්චයො අනභිරද්ධි, තං ජානමානො සමණො ගරහෙය්යා’ති
(සමානො (සී. ක.)). සම්මා බ්යාකරමානො, භික්ඛවෙ, භික්ඛු එවං බ්යාකරෙය්ය
‘‘අථාපරෙසං එකතොපක්ඛිකානං භික්ඛූනං යං භික්ඛුං සුවචතරං මඤ්ඤෙය්යාථ, සො උපසඞ්කමිත්වා
‘‘තං චෙ, භික්ඛවෙ, භික්ඛුං පරෙ එවං පුච්ඡෙය්යුං - ‘ආයස්මතා නො එතෙ භික්ඛූ අකුසලා වුට්ඨාපෙත්වා කුසලෙ පතිට්ඨාපිතා’ති? සම්මා බ්යාකරමානො, භික්ඛවෙ, භික්ඛු එවං බ්යාකරෙය්ය
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
|
40
“මහණෙනි, සමගිව සතුටුවෙමින්, විවාද නොකරමින් හික්මෙන්නාවූ, ඒ තොප අතරෙහිද සිත් දූෂ්‍ය කරන්නාවූ අමනාපය ඇති කරන්නාවූ, නොසතුට නොඇල්ම ඇති කරන්නාවූ, ඕපාදූප වචන උපදින්නේය. ඒ එක් පක්ෂයක භික්ෂූන් අතුරෙන් යම් භික්ෂුවක් ඉතා සුවචයයි හඟින්නහුද, ඔහු කරා පැමිණ, ‘ඇවැත්නි, සමගිව සතුටුවෙමින් විවාද නොකරමින් හික්මෙන්නාවූ, අප අතරෙහි සිත් දූෂ්‍ය කරන්නාවූ, අමනාප ඇතිකරන්නාවූ, නොසතුට ඇතිකරන්නාවූ, ඔවුනොවුන්ගේ ඕපාදූප වචන උපන්නේය යන යමක් ඇද්ද, එය ශාස්තෘන් වහන්සේ දන්නේ නම් ගර්හා කරන්නේදැයි කිය යුතුය.
“මහණෙනි, මනාකොට ප්‍රකාශ කරන්නාවූ භික්ෂු තෙම මෙසේ ප්‍රකාශ කරන්නේය. ‘ඇවැත්නි, සමගිව සතුටු වෙමින් විවාද නොකරමින් හික්මෙන්නාවූ අප අතරෙහි සිත දූෂ්‍ය කරන්නාවූද, අමනාප ඇතිකරන්නාවූද, නොසතුට ඇතිකරන්නාවූද, ඔවුනොවුන්ගේ ඕපාදූප වචන උපදින්නේය යන යමක් ඇද්ද, එය ශාස්තෘන් වහන්සේ දන්නේ නම් ගරහන්නේය. ‘ඇවැත්නි, මේ කොලාහල කිරීම දුරු නොකොට නිවණ ප්රත්යක්ෂ කරන්නේදැයි ඇසිය යුතුය. මහණෙනි, මනාකොට ප්‍රකාශ කරන්නාවූ භික්ෂුතෙම මෙසේ ප්‍රකාශ කරන්නේය. ‘ඇවැත්නි, මේ කොලාහල කිරීම දුරු නොකොට නිවණ ප්රත්යක්ෂ නොකරන්නේය.’ තව ද, අනික් පක්ෂයෙහිවූ භික්ෂූන්ගෙන් යම් භික්ෂුවක් ඉතා සුවචයයි හඟින්නාහුද, ඔහු කරා පැමිණ ‘ඇවැත්නි, සමගිව සතුටු වෙමින්, විවාද නොකරමින්, හික්මෙන්නාවූ අප අතරෙහි සිත දූෂ්‍ය කරන්නාවූ, අමනාපය ඇතිකරන්නාවූ, නොසතුට ඇතිකරන්නාවූ ඔවුනොවුන්ගේ ඕපාදූප වචන උපදින්නේය යන යමක් ඇද්ද, එය ශාස්තෘන් වහන්සේ දන්නේ නම් ගර්හා කරන්නේදැයි’ කියයුතු වන්නේය. මහණෙනි මනාකොට ප්‍රකාශ කරන්නාවූ භික්ෂුතෙම මෙසේ ප්‍රකාශ කරන්නේය. ‘ඇවැත්නි, සමගිව සතුටුවෙමින් විවාද නොකරමින් හික්මෙන්නාවූ අප අතරෙහි සිත දූෂ්‍ය කරන්නාවූ, අමනාපය ඇතිකරන්නාවූ, නොසතුට ඇතිකරන්නාවූ යම් ඒ ඔවුනොවුන්ගේ ඕපාදූප වචන උපදින්නේය යන යමක් ඇද්ද, එය ශාස්තෘන් වහන්සේ දන්නේ නම් ගර්හා කරන්නේය කියායි. ඇවැත්නි, මේ කොලාහල කිරීම වනාහි දුරු නොකොට නිවණ ප්රත්යක්ෂ නොකරන්නේදැයි ඇසිය යුතුය’ මහණෙනි, මනාකොට ප්‍රකාශ කරන්නාවූ භික්ෂුතෙම මෙසේ ‘ඇවැත්නි, මේ කොලාහල කිරීම දුරු නොකොට නිවණ ප්රත්යක්ෂ නොකරන්නේයයි, කියන්නේය.
“මහණෙනි, ඉදින් ඒ භික්ෂුවගෙන් අනික් භික්ෂුවක් ආයුෂ්මතුන් විසින් අපගේ මේ භික්ෂූහු අකුසලයෙන් නැගිටුවා කුසලයෙහි පිහිටුවන ලද්දාහුදැයි අසන්නේ නම්, මහණෙනි, මනාකොට ප්‍රකාශ කරන්නාවූ භික්ෂුතෙම මෙසේ ප්‍රකාශ කරන්නේය. ‘ඇවැත්නි, මෙහි මම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියෙමි. ඒ මට භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කළසේක.’ මම ඒ ධර්මය අසා ඒ භික්ෂූන්ට කීවෙමි. ඒ භික්ෂුහු ඒ ධර්මය අසා අකුසලයෙන් නැගී සිටියාහුය. කුසලයෙහි පිහිටියාහුය, යනුවෙනි.
“මහණෙනි, මෙසේ ප්‍රකාශ කරන්නාවූ භික්ෂුතෙම තමාද නොම උසස් කෙරෙයි. අනුන් නොම පහත් කෙරෙයි. ධර්මයට අනුකූල වූවක් ප්‍රකාශ කරයි. කරුණු සහිතවූ අනික් කිසිවාදයක් හෝ අනුවාදයක් හෝ (මේ පුද්ගලයාට) ගැරහිය යුතු තැනට නොපැමිණෙන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුය.
|
4. සාමගාමසුත්තං | 4. සාමගාම සූත්‍රය |
41
එවං
|
41
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහිවූ “සාම” නම් ගමෙහි වැඩවසනසේක. එකල්හි වනාහි “නිගණ්ඨනාත” පුත්‍රතෙම චාපා නම් නුවර නොබෝ දින මැරුනේවෙයි. ඔහුගේ මරණින් පසු බිඳී ගියාවූ නිගණ්ඨයෝ දෙකොටසක්ව හටගත් දබර ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විවාදයට පැමිණියාහු ඔවුනොවුන්ට මුඛ නැමැති ආයුධ වලින් අනිමින් වාසය කෙරෙත්. ‘නුඹ මේ ධර්ම විනය නොදන්නෙහිය, මම මේ ධර්ම විනය දනිමි. කිම නුඹ මේ ධර්ම විනය දන්නෙහිද, නුඹ වරදවා පිළිපන්නෙහිය. මම මනාකොට පිළිපන්නේ වෙමි. මට වැඩ සහිතය. නුඹට වැඩ සහිත නොවේ. පළමු කිය යුත්ත පසුව කීයෙහිය. පසුව කිය යුත්ත පළමු කීයෙහිය. තා විසින් පුරුදු නොකරණ ලද්ද, විවාදයට පැමිණ නැවතුනේය. තට වාදය නගන ලද්දේය. නිග්‍රහ කරණ ලද්දේවෙහිය. වාදයෙන් මිදීම පිණිස හැසිරෙව්, ඉදින් හැකි වන්නෙහි නම් අවුල් හරවයි.’ කියමින් එකම වධයක් මෙන් නිගණ්ඨනාත පුත්‍රයාගේ අතවැස්සන් කෙරෙහි පවතියි. නිගණ්ඨනාත පුත්‍රයාගේ සුදුවත් හඳනාවූ යම් ගිහි ශ්‍රාවක කෙනෙක් වෙත්ද, ඔව්හුද නිගණ්ඨනාත පුත්‍රයාගේ අත වැස්සන් කෙරෙහි කළකිරුණු ස්වභාව ඇත්තාහු නොඇළුනු ස්වභාව ඇත්තාහු, පසුබස්නා ස්වභාව ඇත්තාහු වෙත්. නපුරුකොට කියන ලද්දාවූ නපුරුකොට දන්නා ලද්දාවූ නෛර්ය්යානික නොවූ සංසිඳීම පිණිස නොපවත්නාවූ, සම්‍යක් සම්බුද්ධ නොවූවකු විසින් කියන ලද්දාවූ බිඳුනු පිහිට ඇත්තාවූ පිළිසරණ නැත්තාවූ ධර්ම විනයක යම්සේද එමෙනි.
|
42
අථ ඛො චුන්දො සමණුද්දෙසො පාවායං වස්සංවුට්ඨො
(වස්සංවුත්ථො (සී. ස්‍යා. කං. පී.)) යෙන සාමගාමො යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො
අථ
|
42
ඉක්බිති “චුන්ද” සමණුද්දෙස තෙම පාවා නම් නුවර වස් වසන ලද්දේ සාම නම් ගම යම් තැනෙක්හිද ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට වැඳ එක් පසෙක උන්නේය. එක් පසෙක උන්නාවූ චුන්ද සමණුද්දෙස තෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙය කීයේය. “ස්වාමීනි නිගණ්ඨනාත පුත්‍රතෙම පාවා නම් නුවර නොබෝ දින මැරෙන ලද්දේ වෙයි. ඔහුගේ මැරීමෙන් පසු බිඳී ගියාවූ නිගණ්ඨයෝ දෙකොටසක්ව හටගත් දබර ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විවාදයට පැමිණියාහු ඔවුනොවුන්ට මුඛ නමැති ආයුධ වලින් අනිමින් වාසය කෙරෙත්. ‘නුඹ මේ ධර්ම විනය නොදන්නෙහිය. මම මේ ධර්ම විනය දනිමි. කිම, මේ ධර්ම විනය දන්නෙහිද? නුඹ වරදවා පිළිපන්නෙහිය මම මනාකොට පිළිපන්නේ වෙමි. මට වැඩ සහිතය. නුඹට වැඩ සහිත නොවේ. පළමු කිය යුත්ත පසුව කීයෙහිය. පසුව කිය යුත්ත පළමු කීයෙහිය. තා විසින් පුරුදු නොකරණ ලද්ද විවාදයට පැමිණ, නැවතුනේය. තට වාදය නගන ලද්දේය. නිග්‍රහ කරණ ලද්දේ වෙහිය. වාදයෙන් මිදීම පිණිස හැසිරෙව. ඉදින් හැකිවන්නෙහි නම් අවුල් හරවයි’ එකම වධයක් මෙන් නිගණ්ඨනාත පුත්‍රයාගේ අතවැස්සන් කෙරෙහි පවතියි. යම් නිගණ්ඨනාත පුත්‍රයාගේ සුදුවත් හඳනාවූ ගිහි ශ්‍රාවක කෙනෙක් වෙත්ද, ඔවුහුද නිගණ්ඨනාථ පුත්‍රයාගේ අතවැස්සන් කෙරෙහි කළකිරුණු ස්වභාව ඇත්තාහු, නොඇළුණු ස්වභාව ඇත්තාහු, පසුබස්නා ස්වභාව ඇත්තාහු වෙත්. නපුරුකොට දන්නා ලද්දාවූ, නෛර්‍ය්‍යාණික නොවූ, සංසිඳීම පිණිස නොපවත්නාවූ, සම්‍යක් සම්බුද්ධ නොවූවෙකු විසින් වදාරණ ලද්දාවූ, බිඳුනාවූ පිහිට ඇති පිළිසරණ නැත්තාවූ (සස්නෙහි යම්සේද එමෙනි)”
මෙසේ කී කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම චුන්ද සමණුද්දෙසයන්ට “ඇවැත් චුන්දය, මේ කථා පඬුර භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස ඇත්තේමය. ඇවැත් චුන්දය, යමු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණෙන්නෙමු පැමිණ මේ කාරණය භාග්‍යවතුන් වහන්සේට කියන්නෙමුයි” කීය. “ස්වාමීනි, එසේය” කියා චුන්ද නම් සමණුද්දෙස තෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්නේය.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේද, චුන්ද සමණුද්දෙස තෙමේද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසක උන්නාහුය. එකත්පසක උන්නාවූම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, මේ චුන්ද සමණුද්දෙස තෙම මෙසේ කීය. ස්වාමීනි, නිගණ්ඨනාතපුත්‍ර තෙම පාවා නම් නුවර නොබෝදින මැරුනේය. ඔහුගේ මරණයෙන් පසු බිඳුනාවූ නිගණ්ඨයෝ දෙකොටසක්ව හටගත් දබර ඇත්තාහු, හටගත් කලහ ඇත්තාහු, විවාදයට පැමිණියාහු ඔවුනොවුන්ට මුඛ නමැති ආයුධවලින් අනින්නාහු වාසය කෙරෙත්. ‘නුඹ මේ ධර්මවිනය නොදන්නෙහිය. මම මේ ධර්මවිනය දනිමි. කිම, නුඹ මේ ධර්මවිනය දන්නෙහිද? නුඹ වරදවා පිළිපන්නෙහිය. මම මනාකොට පිළිපන්නේ වෙමි. මට වැඩ සහිතය. නුඹට වැඩ සහිත නොවේ. පළමු කිය යුත්ත පසුව කීයෙහිය. පසුව කිය යුත්ත පළමු කීයෙහිය. තා විසින් පුරුදු නොකරණ ලද්ද විවාදයට පැමිණ, නැවතුනේය. තට වාදය නඟන ලද්දේය. නිග්‍රහ කරණ ලද්දේ වෙහිය. වාදයෙන් මිදීම පිණිස හැසිරෙව. ඉදින් හැකිවන්නෙහි නම් අවුල්හරවයි, එකම වධයක් මෙන් “නිගණ්ඨනාතපුත්‍රයාගේ අතවැස්සන් කෙරෙහි පවතියි. යම් නිගණ්ඨනාතපුත්‍රයාගේ සුදුවත් හඳනාවූ ගිහි ශ්‍රාවක කෙනෙක් වෙත්ද, ඔවුහුද නිගණ්ඨනාතපුත්‍රයාගේ අත වැස්සන් කෙරෙහි කළකිරුණු ස්වභාව ඇත්තාහු, නොඇළුනු ස්වභාව ඇත්තාහු, පසුබස්නා ස්වභාව ඇත්තාහු වෙත්. නපුරු කොට දන්නා ලද්දාවූ, නෛර්‍ය්‍යාණික නොවූ, සංසිඳීම පිණිස නොපවත්නාවූ, සම්‍යක් සම්බුද්ධ නොවූවෙකු විසින් වදාරණ ලද්දාවූ, බිඳුනාවූ පිහිට ඇති පිළිසරණ නැත්තාවූ (සස්නෙහි යම්සේද එමෙනි) “ස්වාමීනි, ඒ මට මෙබඳු අදහසක් වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් සංඝයා කෙරෙහි විවාදයෙක් නොම උපදීවා ඒ විවාදය බොහෝදෙනාට අවැඩ පිණිස බොහෝ දෙනාට නොසැප පිණිස බොහෝ දෙනාට අනර්ථ පිණිස දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වන්නේය” කියායි.
|
43
‘‘තං
|
43
“ආනන්දය, ඒ කුමකැයි හඟින්නෙහිද, මා විසින් තොපට යම් ධර්ම කෙනෙක් නුවණින් අවබෝධකොට දේශනා කරණ ලද්දාහුද, එනම්, සතර සතිපට්ඨානයෝය, සතර සම්‍යක් ප්‍රධානයෝය, සතර ඍද්ධි පාදයෝය, පඤ්චෙන්ද්රියයෝය, පඤ්ච බලයෝය, සප්ත බොධ්‍යංගයෝය, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය යන මොහුයි. ආනන්දය, නුඹ මේ ධර්මයන්හි වෙන් වෙන් වාද ඇත්තාවූ භික්ෂූන් දෙදෙනකු දක්නෙහිද?” “ස්වාමීනි, යම් මේ ධර්මකෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් නුවණින් අවබෝධකොට දැන දේශනා කරන ලද්දාහුද, එනම්ත සතර සතිට්ඨානයෝය, සතර සම්‍යක් ප්‍රධානයෝය, සතර ඍද්ධිපාදයෝය, පඤ්චෙන්ද්රියයෝය, පඤ්චබලයෝය, සප්ත බොධ්‍යංගයෝය, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෝය, (යන මොහුයි.) මේ ධර්මයන්හි වෙනස් වාද ඇත්තාවූ භික්ෂූන් දෙදෙනකුදු මම නොදකිමි.
“ස්වාමීනි, යම් ඒ පුද්ගල කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ ඇසුරුකොට වාසය කෙරෙත්ද, ඔව්හු භාග්‍යවතුන් වහන්සේ ඇවෑමෙන් සංඝයා කෙරෙහි ආජීවය හේතුකොටගෙන හෝ ප්රාතිමොක්ෂය හේතුකොටගෙන හෝ විවාද උපදවන්නාහුද, ඒ විවාදය බොහෝදෙනාට අවැඩ පිණිස බොහෝදෙනාට නොසැප පිණිස බොහෝදෙනාට අනර්ථ පිණිස දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වන්නේයයි” ආනන්ද ස්ථවිර තෙමේ කීය.
“ආනන්දය, යම් මේ ආජීවය හේතුකොටගෙන හෝ ප්රාතිමොක්ෂය හේතුකොටගෙන හෝ විවාදයෙක් වේද, ඒ ස්වල්පමාත්‍ර ඇත්තක් වේ. ආනන්දය, මාර්ගයෙහි හෝ ප්‍රතිපදාවෙහි හෝ සංඝයා කෙරෙහි විවාදයෙන් උපදිනු ලබන්නේ උපදින්නේද, ඒ විවාදය බොහෝදෙනාට අවැඩ පිණිස බොහෝදෙනාට නොසැප පිණිස බොහෝදෙනාට අනර්ථ පිණිස දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වන්නේයයි” වදාළේය.
|
44
‘‘ඡයිමානි, ආනන්ද, විවාදමූලානි. කතමානි ඡ? ඉධානන්ද, භික්ඛු කොධනො හොති උපනාහී. යො සො, ආනන්ද, භික්ඛු කොධනො හොති උපනාහී සො සත්ථරිපි අගාරවො විහරති අප්පතිස්සො, ධම්මෙපි
|
44
“ආනන්දය, මේ විවාදයට මුල් කරුණු සයක් වෙත්. කවර සයක්ද යත්? ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම ක්‍රොධ කරන්නෙක්, වෛර බැඳගන්නෙක් වේද, ආනන්දය, යම් ඒ මහණෙක් තෙම ක්‍රොධ කරන්නෙක් වෛර බැඳගන්නෙක් වේද, හෙතෙම ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නොකරන්නෙක්, යටහත් පැවතුම් නැත්තෙක්ව වාසය කරයි. ධර්මය කෙරෙහිද ගෞරව නොකරන්නෙක්, යටහත් පැවතුම් නැත්තෙක්ව වාසය කරයි. සංඝයා කෙරෙහිද ගෞරව නොකරන්නෙක්, යටහත් පැවතුම් නැත්තෙක්ව වාසය කරයි. ශීලයද සම්පූර්ණ නොකරන්නෙක් වෙයි. ආනන්දය, යම් ඒ මහණෙක් තෙම ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නොකරන්නේ, යටහත් පැවතුම් නැත්තෙක්ව වාසය කෙරේද, ධර්මය කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, සංඝයා කෙරෙහි ගෞරව නොකරන්නෙක්, යටහත් පැවතුම් නැත්තෙක්ව වාසය කෙරේද, ශීලය සම්පූර්ණ නොකරන්නෙක් වේද, හෙතෙම සංඝයා කෙරෙහි විවාද උපදවයි. ඒ විවාදය බොහෝදෙනාට අවැඩ පිණිස, බොහෝදෙනාට නොසැප පිණිස, බොහෝදෙනාට අනර්ථ පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස පවතියි. ආනන්දය, ඉදින් තෙපි මේ විවාදයට මුල් කරුණු තමා කෙරෙහි හෝ පිටත්හි හෝ දකින්නාහුද, ආනන්දය, එහි තෙපි ඒ ලාමකවූ විවාද මූලයාගේ පහකිරීම පිණිස උත්සාහ දරන්නහුය. ආනන්දය, ඉදින් තෙපි මේ විවාදමූලය තමා කෙරෙහි හෝ පිටත්හි හෝ නොදක්නහු නම්, ආනන්දය, එහි තෙපි ඒ ලාමකවූ විවාද මූලයාගේම මත්තෙහි හටනොගැණීම පිණිස පිළිපදින්නහුය. මෙසේ මේ ලාමකවූ විවාද මූලයාගේ දුරුකිරීම වේ. මෙසේ මේ ලාමකවූ විවාද මූලයාගේ මත්තෙහි නොහටගැනීම වේ.
|
45
‘‘පුන චපරං, ආනන්ද, භික්ඛු මක්ඛී හොති පළාසී...පෙ.... ඉස්සුකී හොති මච්ඡරී...පෙ.... සඨො හොති මායාවී...පෙ.... පාපිච්ඡො හොති මිච්ඡාදිට්ඨි
(මිච්ඡාදිට්ඨී (ස්‍යා. කං. පී. ක.)) ...පෙ.... සන්දිට්ඨිපරාමාසී හොති ආධානග්ගාහී දුප්පටිනිස්සග්ගී. යො සො, ආනන්ද, භික්ඛු සන්දිට්ඨිපරාමාසී හොති ආධානග්ගාහී දුප්පටිනිස්සග්ගී සො සත්ථරිපි අගාරවො විහරති අප්පතිස්සො, ධම්මෙපි අගාරවො විහරති අප්පතිස්සො, සඞ්ඝෙපි අගාරවො විහරති අප්පතිස්සො, සික්ඛායපි න පරිපූරකාරී හොති. යො සො, ආනන්ද, භික්ඛු සත්ථරි අගාරවො විහරති අප්පතිස්සො, ධම්මෙ... සඞ්ඝෙ... සික්ඛාය න පරිපූරකාරී හොති සො
|
45
“ආනන්දය, නැවත අනිකක්ද කියමි. මහණතෙම ගුණමකු වූයේ එකටඑක කරන්නේ වේ. හෙතෙම ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. ධර්මය කෙරෙහිද ගෞරව නැත්තේ යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. සංඝයා කෙරෙහිද ගෞරව නැත්තේ යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. ශික්ෂාවෙහිද සම්පූර්ණ කිරීම ඇත්තේ නොවෙයි. ආනන්දය, යම් ඒ මහණෙක් තෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, ධර්මය කෙරෙහි ගෞරව නැත්තේ, යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, සංඝයා කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, ශික්ෂාවෙහි සම්පූර්ණ කිරීම ඇත්තේ නොවේද, හෙතෙම සංඝයා කෙරෙහි යම් විවාදයක් බොහෝදෙනාට අවැඩ පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස බොහෝදෙනාට අනර්ථ පිණිස, දෙවිමිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස වේද, එබඳු විවාද උපදවයි. ආනන්දය, ඉදින් තෙපි මෙබඳු විවාදයට මුල් කරුණු තමා කෙරෙහි හෝ පිටත්හි හෝ දකින්නහුද, ආනන්දය, එහි තොපි ඒ ලාමකවූ විවාදමූලයාගේම දුරුකිරීමට උත්සාහ කරන්නහුය. ආනන්දය, ඉදින් තෙපි මෙබඳු විවාදමූලය තමා කෙරෙහි හෝ පිටත්හි හෝ නොදක්නාහු නම්, ආනන්දය, එහි තෙපි ඒ ලාමකවූ විවාද මූලයාගේම මත්තෙහි නොහටගැනීම පිණිස පිළිපදින්නාහුය. මෙසේ මේ ලාමකවූ විවාදමූලයාගේ දුරුකිරීම වේ. මෙසේ මේ ලාමක විවාදමූලයාගේ මත්තෙහි නොහටගැනීම වේ.
“ආනන්දය, නැවත අනිකක්ද කියමි. මහණතෙම ඊර්ෂ්‍යා කරන්නේ මසුරුවූයේ වෙයි. හෙතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. ධර්මය කෙරෙහිද ගෞරව නැත්තේ යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. සංඝයා කෙරෙහිද ගෞරව නැත්තේ යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. ශික්ෂාවෙහිද සම්පූර්ණ කිරීම ඇත්තේ නොවෙයි. ආනන්දය, යම් ඒ මහණෙක් තෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද ධර්මය කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, සංඝයා කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, ශික්ෂාවෙහි සම්පූර්ණ කිරීම ඇත්තේ නොවේද, හෙතෙම සංඝයා කෙරෙහි යම් විවාදයක් බොහෝදෙනාට අවැඩ පිණිස, බොහෝදෙනාට නොසැප පිණිස, බොහෝදෙනාට අනර්ථ පිණිස දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස වේද, එබඳු විවාද උපදවයි. ආනන්දය, ඉදින් තෙපි මෙබඳු විවාදයට මුල් කරුණු තමා කෙරෙහි හෝ පිටත්හි හෝ දකින්නාහුද, ආනන්දය, එහි තෙපි ඒ ලාමකවූ විවාද මූලයාගේම දුරු කිරීමට උත්සාහ කරන්නාහුය. ආනන්දය, ඉදින් තෙපි මෙබඳු විවාදමූලය තමා කෙරෙහි හෝ පිටත්හි හෝ නොදක්නාහු නම් ආනන්දය, එහි තෙපි ඒ ලාමකවූ විවාද මූලයාගේම මත්තෙහි නොහටගැනීම පිණිස පිළිපදින්නාහුය. මෙසේ මේ ලාමකවූ විවාදමූලයාගේ දුරුකිරීම වේ. මෙසේ මේ ලාමක විවාද මූලයාගේ මත්තෙහි නොහටගැනීම වේ.
“ආනන්දය, නැවත අනිකක්ද කියමි. මහණතෙම කෛරාටිකවූයේ මායා ඇත්තේ වේ. හෙතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. ධර්මය කෙරෙහිද ගෞරව නැත්තේ යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. සංඝයා කෙරෙහිද ගෞරව නැත්තේ යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. ශික්ෂාවෙහිද සම්පූර්ණ කිරීම ඇත්තේ නොවෙයි. ආනන්දය, යම් ඒ මහණෙක් තෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, ධර්මය කෙරෙහි ගෞරව නැත්තේ, යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, සංඝයා කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, ශික්ෂාවෙහි සම්පූර්ණකිරීම ඇත්තේ නොවේද, හෙතෙම සංඝයා කෙරෙහි යම් විවාදයක් බොහෝදෙනාට අවැඩ පිණිස, බොහෝදෙනාට නොසැප පිණිස, බොහෝදෙනාට අනර්ථ පිණිස, දෙවිමිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වේද, එබඳු විවාද උපදවයි. ආනන්දය, ඉදින් තෙපි මෙබඳු විවාදයට මුල් කරුණු තමා කෙරෙහි හෝ පිටත්හි හෝ දක්නාහුද, ආනන්දය, එහි තෙපි ඒ ලාමකවූ විවාද මූලයාගේම දුරුකිරීමට උත්සාහ කරන්නහුය. ආනන්දය, ඉදින් තෙපි මෙබඳු විවාදමූලය තමා කෙරෙහි හෝ පිටත්හි හෝ නොදක්නහු නම්, ආනන්දය, එහි තෙපි ඒ ලාමකවූ විවාදමූලයාගේම මත්තෙහි නොහටගැනීම පිණිස පිළිපදින්නාහුය. මෙසේ ලාමකවූ විවාද මූලයාගේ දුරුකිරීම වේ. මෙසේ මේ ලාමක විවාද මූලයාගේ මත්තෙහි නොහට ගැනීම වේ.
“ආනන්දය, නැවත අනිකක්ද කියමි. මහණතෙම ලාමක ආසා ඇත්තේ මිථ්යාදෘෂ්ටිවූයේ වෙයි. හෙතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. ධර්මය කෙරෙහිද ගෞරව නැත්තේ යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. සංඝයා කෙරෙහිද ගෞරව නැත්තේ යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. ශික්ෂාවෙහිද සම්පූර්ණ කිරීම ඇත්තේ නොවෙයි. ආනන්දය, යම් ඒ මහණෙක් තෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, ධර්මය කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, සංඝයා කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, ශික්ෂාවෙහි සම්පූර්ණ කිරීම ඇත්තේ නොවේද, හෙතෙම සංඝයා කෙරෙහි යම් විවාදයක් බොහෝදෙනාට අවැඩ පිණිස, බොහෝදෙනාට නොසැප පිණිස, බොහෝදෙනාට අනර්ථ පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස වේද, එබඳු විවාද උපදවයි. ආනන්දය, ඉදින් තෙපි මෙබඳු විවාදයට මුල් කරුණු තමා කෙරෙහි හෝ පිටත්හි හෝ දකින්නාහුද, ආනන්දය, එහි තෙපි ඒ ලාමකවූ විවාදමූලයාගේම දුරුකිරීමට උත්සාහ කරන්නාහුය. ආනන්දය, ඉදින් තෙපි මෙබඳු විවාද මූලය තමා කෙරෙහි හෝ පිටත්හි හෝ නොදක්නාහු නම් ආනන්දය, එහි තෙපි ඒ ලාමකවූ විවාදමූලයාගේම මත්තෙහි නොහටගැනීම පිණිස පිළිපදින්නාහුය. මෙසේ මේ ලාමකවූ විවාද මූලයාගේ දුරුකිරීම වේ. මෙසේ මේ ලාමක විවාද මූලයාගේ මත්තෙහි නොහටගැනීම වේ.
“ස්වකීය දෘෂ්ටිය අල්වාගැනීම ඇත්තේ දැඩිව ගැනීම ඇත්තේ දුරලිය නොහැක්කේ වේ.
“ආනන්දය, හෙතෙම ශාස්තෲන්වහන්සේ කෙරෙහිද, ගෞරව නොකරන්නේ යටත් පැවතුම් නැත්තෙක්ව වාසය කරයි. ධර්මය කෙරෙහිද ගෞරව නොකරන්නේ යටත් පැවැතුම් නැත්තෙක්ව වාසය කරයි. සංඝයා කෙරෙහිද ගෞරව නොකරන්නේ යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. සීලයද සම්පූර්ණ නොකරන්නේ වෙයි. ආනන්දය, යම් ඒ මහණෙක් තෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නොකරන්නේ යටත් පැවතුම් නැත්තෙක්ව වාසය කෙරේද, ධර්මය කෙරෙහි ගෞරව නොකරන්නේ යටත් පැවතුම් නැත්තෙක්ව වාසය කෙරේද, සංඝයා කෙරෙහි ගෞරව නොකරන්නේ යටත් පැවතුම් නැත්තෙක්ව වාසය කෙරේද, ශීලය සම්පූර්ණ නොකරන්නෙක් වේද හෙතෙම සංඝයා කෙරෙහි විවාද උපදවයි. යම් විවාදයෙක් බොහෝ දෙනාට අවැඩ පිණිස බොහෝ දෙනාට නොසැප පිණිස බොහෝදෙනාට අනර්ථ පිණිස දෙවිමිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වන්නේද (එබඳු විවාදයෙකි)
“ආනන්දය, ඉදින් තෙපි මෙබඳු විවාදයට මුල් කරුණ තමන් කෙරෙහි හෝ පිටත්හි හෝ දක්නහු නම්ත ආනන්දය, එහි තෙපි එම ලාමකවූ විවාද මූලයාගේ දුරුකිරීම පිණිස උත්සාහ කරව්. ආනන්දය, ඉදින් තෙපි මෙබඳු විවාද මූලය තමන් කෙරෙහි හෝ පිටත්හි හෝ නොදක්නහු නම්, ආනන්දය එහි තෙපි එම ලාමකවූ විවාද මූලයාගේ නොවැඩීම පිණිස පිළිපදිව්. මෙසේ මේ ලාමකවූ විවාදමූලයාගේ පහ කිරීමවේ. මෙසේ මේ ලාමකවූ විවාදමූළයාගේ මත්තෙහි නොහට ගැණීමවේ. ආනන්දය, මොහු වනාහි විවාදයට මුල් කරුණු සය වෙත්.
|
46
‘‘චත්තාරිමානි
|
46
‘ආනන්දය, මේ අධිකරණ සතරක් වෙත්. විවාදය පිළිබඳ අධිකරණය, සීල විපත්ති ආදීන් චොදනා කිරීම් පිළිබඳ අධිකරණය, සප්ත ආපත්ති ස්කන්ධයන් පිළිබඳවූ අධිකරණය, අවලොකන ආදී කටයුතු පිළිබඳ අධිකරණය, ආනන්දය, මොහු වනාහි අධිකරණ සතර වෙත්.
“ආනන්දය, උපනුපන් අධිකරණයන්ගේ සමථය පිණිස සංසිඳීම පිණිස අධිකරණ සමථ සතක් වෙත්. සම්මුඛාවිනය දිය යුත්තේය. සති විනය දියයුත්තේය. අමුළ්හ විනය දියයුත්තේය. ප්‍රතිඥාවෙන් කරවිය යුතුයි. යෙභුය්‍යසිකාවය, තස්සපාපිය්යසිකාය, තිණවත්ථාරකය, යන සතයි.
|
47
‘‘කථඤ්චානන්ද, සම්මුඛාවිනයො හොති? ඉධානන්ද, භික්ඛූ විවදන්ති ධම්මොති වා අධම්මොති වා විනයොති වා අවිනයොති වා. තෙහානන්ද, භික්ඛූහි සබ්බෙහෙව සමග්ගෙහි සන්නිපතිතබ්බං. සන්නිපතිත්වා ධම්මනෙත්ති සමනුමජ්ජිතබ්බා
|
47
“ආනන්දය, කෙසේ නම් සම්බුඛාවිනය වේද? ආනන්දය, මේ ශාසනයෙහි භික්ෂූහු අධර්මය ධර්මයයි කියමින් හෝ ධර්මය අධර්මයයි කියමින් හෝ අවිනය විනයයි කියමින් හෝ විනය අවිනයයි කියමින් කලහ කෙරෙත්ද, ආනන්දය, ඒ සියලුම භික්ෂූන් විසින් සමගිව රැස්විය යුතුයි. රැස්ව ධර්ම නීතිය පරීක්ෂාකර බැලියයුතුයි. ධර්ම නීතිය පරීක්ෂාකොට බලා යම් ආකාරයකින් ධර්ම නීතිය හා සමවේද, ඒ ආකාරයෙන් ඒ අධිකරණය, කලහය, සංසිඳවිය යුතුයි. ආනන්දය, මෙසේ සංසිඳුවීම සම්මුඛාවිනය නම් සංසිඳුවීමවේ. මෙසේ වනාහි මේ ශාසනයෙහි සමහර අධිකරණයන්ගේ සංසිඳීමවේ. එනම්, සම්මුඛා විනයයෙනි.
|
48
‘‘කථඤ්චානන්ද, යෙභුය්යසිකා හොති? තෙ චෙ, ආනන්ද, භික්ඛූ න සක්කොන්ති තං අධිකරණං තස්මිං ආවාසෙ වූපසමෙතුං. තෙහානන්ද, භික්ඛූහි යස්මිං ආවාසෙ බහුතරා භික්ඛූ සො ආවාසො ගන්තබ්බො. තත්ථ සබ්බෙහෙව සමග්ගෙහි සන්නිපතිතබ්බං. සන්නිපතිත්වා ධම්මනෙත්ති සමනුමජ්ජිතබ්බා. ධම්මනෙත්තිං සමනුමජ්ජිත්වා යථා තත්ථ සමෙති තථා තං අධිකරණං වූපසමෙතබ්බං. එවං ඛො, ආනන්ද, යෙභුය්යසිකා හොති, එවඤ්ච පනිධෙකච්චානං අධිකරණානං වූපසමො හොති යදිදං - යෙභුය්යසිකාය.
|
48
“ආනන්දය, කෙසේනම් යෙභුය්යසිකා නම් සංසිඳ වීමවේද, ආනන්දය, ඉදින් ඒ භික්ෂූහු ඒ අධිකරණය ඒ ආවාසයෙහි සංසිඳවන්ට නොහැකිවෙත් නම්, ආනන්දය, ඒ භික්ෂූන්ට වඩා යම් ආවාසයක භික්ෂූහු ඉතා බොහෝ වෙත් නම් ඒ ආවාසයට යායුත්තේය. එහි සියල්ලන්ම සමගිව රැස්විය යුතුයි. රැස්ව ධර්ම නීතිය පරීක්ෂාකර බැලිය යුතුයි. ධර්ම නීතිය පරීක්ෂාකර බලා යම් ආකාරයකින් ධර්ම නීතිය හා සමවේද, ඒ ආකාරයෙන් ඒ අධිකරණය සංසිඳවිය යුතුයි. ආනන්දය, මෙසේ වනාහි යෙභුය්යසිකා නම් සංසිඳවීමවේ. මෙසේද වනාහි මේ ශාසනයෙහි ඇතැම් අධිකරණයන්ගේ සංසිඳීමවේ. එනම්, යෙභුය්‍යසිකාවෙනි.
|
49
‘‘කථඤ්චානන්ද, සතිවිනයො හොති? ඉධානන්ද, භික්ඛූ භික්ඛුං එවරූපාය ගරුකාය ආපත්තියා චොදෙන්ති පාරාජිකෙන වා පාරාජිකසාමන්තෙන වා - ‘සරතායස්මා එවරූපිං
(එවරූපං (සී. ස්‍යා. කං. පී.) එවරූපාය-ඉති වුච්චමානවචනෙන සමෙති. විනයෙනපි සංසන්දෙතබ්බං) ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා’ති? සො එවමාහ - ‘න ඛො අහං, ආවුසො, සරාමි එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං
|
49
“ආනන්දය, කෙසේ නම් සතිවිනය නම් සංසිඳවීම වේද, ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම මහණෙකුට පාරාජිකාවකින් හෝ පාරාජිකාවට ලංවූ ඇවතකින් හෝ මෙබඳු ගරු ඇවතකින් ‘ආයුෂ්මත් තෙමේ පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව මතකදැයි’ චෝදනා කරන්නේය. හෙතෙම ඇවැත්නි, මම පාරාජිකාවකට හෝ පාරාජිකාව ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව සිහි නොවෙමියි’ කියන්නේද, ආනන්දය, ඒ භික්ෂූහුහට වනාහි සතිවිනය නම් සංසිඳවීම දිය යුත්තේය. ආනන්දය, මෙසේ වනාහි සතිවිනය නම් සංසිඳවීමවේ. මෙසේද වනාහි මේ සස්නෙහි ඇතැම් අධිකරණයන්ගේ සංසිඳීමවේ. එනම්, සතිවිනයයෙනි.
|
50
‘‘කථඤ්චානන්ද
|
50
“ආනන්දය, කෙසේ නම් අමූළ්හ විනය නම් සංසිඳවීම වේද, ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම මහණෙකුට පාරාජිකාවකින් හෝ පාරාජිකාවට ලංවූ ඇවතකින් හෝ මෙබඳුවූ ගරු ඇවතකින් ‘ආයුෂ්මත් තෙමේ පාරාජිකාවකට හෝ පාරාජිකාව ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව මතකදැයි චොදනා කරන්නේය. හෙතෙම ‘ඇවැත්නි, මම පාරාජිකාවකට හෝ පැමිණියේ පාරාජිකාව ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණිබව මතක නැතැයි කියන්නේය. හෙතෙම ඔහුට අවුල් හැරීම වැඩියක් අවුල් කෙරෙයි. ‘ආයුෂ්මත් තෙමේ යහපත්වම දැන ගනු මැනව. ඉදින් පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව සිහි කෙරෙහිදැයි’ කියායි හෙතෙම මෙසේ කියයි. ‘ඇවැත්නි, මම වනාහි උමතු බවට චිත්තයාගේ පෙරළීමට පැමිණියෙමි. ඒ උමතුවූ මා විසින් ශ්‍රමණයන්ට නුසුදුසුවූ බොහෝ දේ කරන ලදී. නුසුදුසු වචන කියනලදී. නුසුදුසු ක්‍රියා කරනලදී. මට එය මතක නැත. මුලාවූ මා විසින් එය කරණලදැයි’ කියන්නේය ආනන්දය, ඒ භික්ෂුහට වනාහි අමූළ්හ විනය නම් සංසිඳුවීම දිය යුතුයි. ආනන්දය, මෙසේ වනාහි අමූළ්හ විනය නම් සංසිඳවීම වේ. මෙසේද වනාහී මේ ශාසනයෙහි ඇතැම් අධිකරණයන්ගේ සංසිඳීම වේ. එනම්ත අමූළ්හ විනයයෙනි.
|
51
‘‘කථඤ්චානන්ද, පටිඤ්ඤාතකරණං හොති? ඉධානන්ද, භික්ඛු චොදිතො වා අචොදිතො වා ආපත්තිං සරති, විවරති උත්තානීකරොති
(උත්තානිං කරොති (ක.)). තෙන, ආනන්ද, භික්ඛුනා වුඩ්ඪතරං භික්ඛුං
(වුඩ්ඪතරො භික්ඛු (සී. ස්‍යා. කං. පී.)) උපසඞ්කමිත්වා එකංසං චීවරං කත්වා පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො - ‘අහං, භන්තෙ, ඉත්ථන්නාමං ආපත්තිං ආපන්නො, තං පටිදෙසෙමී’ති. සො එවමාහ - ‘පස්සසී’ති? ‘ආම පස්සාමී’ති. ‘ආයතිං
|
51
“ආනන්දය, කෙසේ නම්, පටිඤ්ඤාතකරණය සංසිඳවීම වේද, ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම චොදනා කරණ ලද්දේ හෝ චෝදනා නොකරණ ලද්දේ හෝ ඇවත සිහි කරයිද, ප්‍රකාශ කරයිද, ප්‍රකට කෙරේද, ආනන්දය, ඒ භික්ෂුව විසින් වැඩිමහලු භික්ෂුවක් කරා පැමිණ සිවුර එකාංශ කොට පොරවා පා වැඳ උක්කුටුකයෙන් ඉඳ ඇඳිලි බැඳගෙණ ‘ස්වාමීනි, මම මෙනම් ඇවතකට පැමිණියෙමි. එය දේශනා කරමියි’ මෙසේ කියයුතු වන්නේය. වැඩි මහලු භික්ෂුව ‘ඇවත දක්නෙහිදැයි අසයි.’ හෙතෙම දක්නෙමියි කියන්නේය. ‘මත්තෙහි සංවරයට පැමිණෙන්නෙහිදැයි’ වැඩිමහල් තෙරුන් වහන්සේ අසයි. ‘සංවරයට පැමිණෙන්නෙමියි’ හෙතෙම කියන්නේය. ආනන්දය, මෙසේ වනාහි පටිඤ්ඤාතකරණය නම් සංසිඳවීම වේ. මෙසේද වනාහි මෙහි ඇතැම් අධිකරණයන්ගේ සංසිඳීමවේ. එනම්, පටිඤ්ඤාතකරණයෙනි.
|
52
‘‘කථඤ්චානන්ද
|
52
“ආනන්දය, කෙසේ නම්, තස්සපාපිය්යසිකා නම් සංසිඳවීම වේද? ආනන්දය, මේ ශාසනයෙහි මහණෙක් මහණෙකුට ‘පාරාජිකාවකින් හෝ පාරාජිකාවට ලංවූ ඇවතකින් හෝ මෙබඳුවූ ගරු ඇවතකින් ආයුෂ්මත් තෙමේ පාරාජිකාවකට හෝ පාරාජිකාවකට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණියා මතකදැයි’ චොදනා කරන්නේය. හෙතෙම මෙසේ කියයි. ‘ඇවැත්නි, මම පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණියා මතක නැතැයි’ කියන්නේය. හෙතෙම ඔහුට අවුල් හරින්නහු වැඩියක් අවුල් කෙරෙයි. ‘ආයුෂ්මත් තෙමේ, ඉදින් පාරාජිකාවකට හෝ, පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණිබව මතක් වෙහිදැයි මනාකොටම දැනගනුවයි’ කියයි. ‘ඇවැත්නි, මට පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව මතක නැත. ඇවැත්නි, මෙබඳු කුඩා ඇවතකට පැමිණිබව මතකයයි’ කියායි. හෙතෙම අවුල් හරින්නහු වඩාත් අවුල් කෙරෙයි. ‘ආයුෂ්මත් තෙමේ ඉදින් පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව මතකදැයි’ මනාකොට දැන ගනුවයි’ කියායි. හෙතෙම මෙසේ කියයි. ‘ඇවැත්නි, මම වනාහි මෙනම් සුලු ඇවතකට පැමිණ නොඅසනලදුවම ප්‍රකාශ කරන්නෙමි. කිමෙක්ද? මම පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණ අසන ලදුව ප්‍රකාශ නොකරන්නෙම්දැ’යි කියන්නේය. හෙතෙම මෙසේ කියමි. ‘ඇවැත්නි, නුඹ වනාහි මෙනම් සුලු ඇවතකට පැමිණ නො අසන ලදුව ප්‍රකාශ නොකරන්නෙහිය, කිමෙක්ද, ඔබ පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතට පැමිණ අසන ලදුව ප්‍රකාශ කරන්නෙහිද? ආයුෂ්මත් තෙමේ ඉදින් පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව සිහි වන්නෙහිදැයි මනාකොටම දැනගනුවයි’ කියන්නේය. ඒ භික්ෂු තෙමේ ‘ඇවැත්නි, මට පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතට පැමිණි බව මතකය, ඉක්මන් කම නිසා හෝ අනිකක් කියනු කැමතිව මා විසින් මෙසේ අනිකක් කීම නිසා හෝ මට පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතට පැමිණි බව මතක නැතැයි’ කියනලදී. ආනන්දය, මෙසේ වනාහි තස්සපාපිය්යසිකා නම් සංසිඳවීම වේ. මෙසේද වනාහි මෙහි ඇතැම් අධිකරණයන්ගේ සංසිඳීම වේ. එනම්, තස්ස පාපිය්‍යසිකාවෙනි.
|
53
‘‘කථඤ්චානන්ද
‘සුණාතු මෙ, භන්තෙ, සඞ්ඝො. ඉදං අම්හාකං භණ්ඩනජාතානං කලහජාතානං විවාදාපන්නානං විහරතං බහුං අස්සාමණකං අජ්ඣාචිණ්ණං භාසිතපරික්කන්තං
‘‘අථාපරෙසං එකතොපක්ඛිකානං භික්ඛූනං බ්යත්තෙන භික්ඛුනා උට්ඨායාසනා එකංසං චීවරං කත්වා අඤ්ජලිං පණාමෙත්වා සඞ්ඝො ඤාපෙතබ්බො -
‘සුණාතු මෙ, භන්තෙ, සඞ්ඝො. ඉදං අම්හාකං භණ්ඩනජාතානං කලහජාතානං විවාදාපන්නානං විහරතං බහුං අස්සාමණකං අජ්ඣාචිණ්ණං භාසිතපරික්කන්තං. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, අහං යා චෙව ඉමෙසං ආයස්මන්තානං ආපත්ති යා ච අත්තනො ආපත්ති, ඉමෙසඤ්චෙව ආයස්මන්තානං අත්ථාය අත්තනො ච අත්ථාය, සඞ්ඝමජ්ඣෙ තිණවත්ථාරකෙන දෙසෙය්යං, ඨපෙත්වා ථුල්ලවජ්ජං ඨපෙත්වා ගිහිපටිසංයුත්ත’’’න්ති.
‘‘එවං ඛො, ආනන්ද, තිණවත්ථාරකො හොති, එවඤ්ච පනිධෙකච්චානං අධිකරණානං වූපසමො හොති යදිදං - තිණවත්ථාරකෙන.
|
53
“ආනන්දය, කෙසේ නම් තිණවත්ථාරක නම් සංසිඳවීම වේද? ආනන්දය, මේ ශාසනයෙහි හටගත් දබර ඇති හටගත් කලහ ඇති විවාදයට පැමිණ වාසය කරන්නාවූ භික්ෂූන්ගේ බොහෝවූ ශ්‍රමණයන්ට නුසුදුසුවූ කියන ලද දෙය හා කරණලද දෙය පුරුදු කරණ ලද්දේ වෙයි. ආනන්දය, ඒ සියලුම භික්ෂූන් විසින් සමගිව රැස්විය යුතුයි. රැස්ව එක්පක්ෂයෙහිවූ භික්ෂූන්ගෙන් ඉතා දක්ෂවූ භික්ෂුවක් විසින් හුනස්නෙන් නැගිට සිව්රු ඒකාංස කොට ඇඳිළි බැඳගෙන සංඝයාහට දැන්විය යුත්තේය. ‘ස්වාමීනි, සංඝතෙම මා කියන්නක් අසාවා. හටගත් දබර ඇත්තාවූ හටගත් කලහ ඇත්තාවූ විවාදයට පැමිණ වාසය කරන්නාවූ අපගේ මේ බොහෝවූ ශ්‍රමණයන්ට නුසුදුසුවූ කියන ලද්දාවූද, කරන ලද්දාවූද, පුරුදු කරණ ලද්දාවූද දේවෙයි.
‘ඉදින් සංඝයාට පැමිණි කල් ඇත්තේ නම්, මම මේ ආයුෂ්මතුන්ලාගේ යම් ඇවතකුත් වේද, තමන්ගේ යම් ඇවතකුත්වේද, මහත් වරද සහ ගිහියන් පිළිබඳ වරද හැර යම් සෙසු සියලු ඇවැත් මේ ආයුෂ්මතුන්ලාගේ ප්‍රයෝජනය පිණිසද, තමන්ගේ ප්‍රයෝජනය පිණිසද, සංඝයා මධ්‍යයෙහි තිණවත්ථාරක කර්මයෙන් දේශනා කරන්නෙමියි.’ (කියයුතුය)
“ඉක්බිති අනික් පක්ෂයෙක්හිවූ භික්ෂූන්ගෙන් ඉතා දක්ෂවූ භික්ෂුවක් විසින් හුනස්නෙන් නැගිට සිව්ර එකාංශ කොට පොරවා ඇදිළි බැඳගෙණ සංඝයාහට දැන්විය යුත්තේය. ‘ස්වාමීනි, සංඝතෙමේ මා කියන්නක් අසන සේක්වා. හටගත් දබර ඇත්තාවූ හටගත් කලහ ඇත්තාවූ විවාදයට පැමිණ වාසය කරන්නාවූ අපගේ ඒ බොහෝ වූ ශ්‍රමණයන්ට නුසුදුසුවූ කියන ලද්දාවූද, කරණ ලද්දාවූද, පුරුදු කරණ ලද්දාවූද දේවෙයි. ඉදින් සංඝයාට පැමිණි කල් ඇත්තේ නම්, මම මේ ආයුෂ්මතුන්ලාගේ යම් ඇවතකුත් වේද, තමාගේ යම් ඇවතකුත් වේද, මහත් වරද සහ ගිහියන් පිළිබඳ වරද හැර සෙසු සියලු වරද මේ ආයුෂ්මතුන්ලාගේ ප්‍රයෝජනය පිණිසද, තමාගේ ප්‍රයෝජනය පිණිසද, සංඝයා මධ්‍යයෙහි තිණවත්ථාරක කර්මයෙන් දෙසන්නෙමියි’ (කිය යුතුය).
“ආනන්දය, මෙසේ වනාහි තිණවත්ථාරක නම් සංසිඳවීමවේ. මෙසේද වනාහි මේ ශාසනයෙහි ඇතැම් අධිකරණයන්ගේ සංසිඳීමවේ. එනම්, තිණවත්ථාරකයෙනි.
|
54
‘‘ඡයිමෙ
‘‘පුන චපරං, ආනන්ද, භික්ඛුනො මෙත්තං වචීකම්මං පච්චුපට්ඨිතං හොති සබ්රහ්මචාරීසු ආවි චෙව රහො ච. අයම්පි ධම්මො සාරණීයො පියකරණො ගරුකරණො
‘‘පුන චපරං, ආනන්ද, භික්ඛුනො මෙත්තං මනොකම්මං පච්චුපට්ඨිතං හොති සබ්රහ්මචාරීසු ආවි චෙව රහො ච. අයම්පි ධම්මො සාරණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති.
‘‘පුන චපරං, ආනන්ද, භික්ඛු - යෙ තෙ ලාභා ධම්මිකා ධම්මලද්ධා අන්තමසො පත්තපරියාපන්නමත්තම්පි තථාරූපෙහි ලාභෙහි - අපටිවිභත්තභොගී හොති, සීලවන්තෙහි සබ්රහ්මචාරීහි සාධාරණභොගී. අයම්පි ධම්මො
‘‘පුන චපරං, ආනන්ද, භික්ඛු - යානි තානි සීලානි අඛණ්ඩානි අච්ඡිද්දානි අසබලානි අකම්මාසානි භුජිස්සානි විඤ්ඤුප්පසත්ථානි අපරාමට්ඨානි සමාධිසංවත්තනිකානි තථාරූපෙසු සීලෙසු - සීලසාමඤ්ඤගතො විහරති සබ්රහ්මචාරීහි ආවි චෙව රහො ච. අයම්පි ධම්මො සාරණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති.
‘‘පුන චපරං, ආනන්ද, භික්ඛු - යායං දිට්ඨි අරියා නිය්යානිකා නිය්යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයා තථාරූපාය දිට්ඨියා - දිට්ඨිසාමඤ්ඤගතො විහරති සබ්රහ්මචාරීහි ආවි චෙව රහො ච. අයම්පි ධම්මො සාරණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා
‘‘ඉමෙ චෙ තුම්හෙ, ආනන්ද, ඡ සාරණීයෙ ධම්මෙ සමාදාය වත්තෙය්යාථ, පස්සථ නො තුම්හෙ, ආනන්ද, තං වචනපථං අණුං වා ථූලං වා යං තුම්හෙ නාධිවාසෙය්යාථා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තස්මාතිහානන්ද
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා ආනන්දො භගවතො භාසිතං අභිනන්දීති.
|
54
“ආනන්දය, ප්‍රියබව ඇතිකරන්නාවූ ගරුබව ඇති කරන්නාවූ රැස්වීම පිණිස විවාද නොකිරීම පිණිස සමගිය පිණිස එක්වීම පිණිස මේ සිහිකටයුතු ධර්ම සයක් පවතිත්. එක්ව මහණදම් පුරන්නවුන් කෙරෙහි ඉදිරියෙහිද නොඉදිරියෙහිද කවර සයක්දයත්? ආනන්දය, මේ ශාසනයෙහි මහණහුගේ මෛත්‍රී කාය කර්මය එළඹ සිටියේ වෙයිද. ප්‍රියබව ඇති කරන්නාවූ ගරුබව ඇතිකරන්නාවූ මේ සිහිකටයුතු ධර්මයද රැස්වීම පිණිස විවාද නොකිරීම පිණිස සමගිය පිණිස එක් වීම පිණිස පවතියි.
“ආනන්දය, නැවතද අනිකක් කියමි එකට මහණදම් පුරන භික්ෂූන් කෙරෙහි ඉදිරියෙහිද නොඉදිරියෙහි භික්ෂුහුගේ මෛත්‍රි වාග් කර්මය එළඹ සිටියේ වෙයි. ප්‍රිය කරන්නාවූ, ගරුකරන්නාවූ, මේ සිහිකටයුතු ධර්මයද සංග්‍රහය පිණිස විවාද නොකිරීම පිණිස සමගිය පිණිස එකඟ බව පිණිස පවතියි.
“ආනන්දය, නැවත අනිකක් කියමි. සබ්‍රම්සරුන් අභිමුඛයෙහිද අනභිමුඛයෙහිද භික්ෂුවගේ මෛත්‍රි මනොකර්මය එළඹ සිටියේ වෙයි. ප්‍රියබව කරන්නාවූ ගරුබව කරන්නාවූ මේ සිහි කටයුතු ධර්මයද, රැස්වීම පිණිස විවාද නොකිරීම පිණිස සමගිය පිණිස එක්වීම පිණිස පවතියි.
“ආනන්දය, නැවත අනිකක්ද කියමි. මහණතෙම යම් ඒ ධාර්මිකවූ දැහැමින් ලබනලද්දාවූ යටත් පිරිසෙයින් පාත්‍රයෙහි ඇතුළත් වූවක් පමණවූද ලාබයෝ වෙත්ද, එබඳුවූ ලාභ සිල්වත්වූ සබ්‍රම්සරුන් හා බෙදා හදා නොවළඳන්නෙක් නොවේද සමව බෙදා වළඳන්නෙක් වේද, ප්‍රියබව ඇති කරන්නාවූ ගරු බව ඇති කරන්නාවූ මේ සිහි කටයුතුවූ ධර්මයද, රැස්වීම පිණිස අවිවාද පිණිස සමගිය පිණිස එක්වීම පිණිස පවතියි.
“ආනන්දය, නැවතද අනිකක්ද කියමි. මහණ තෙම කඩනොවූ සිදුරු නොවූ කබර නොවූ කැළල් නොවූ දාසකමින් මිදුනාවූ නුවණැත්තන් විසින් පසස්නා ලද්දාවූ තෘෂ්ණා දෘෂ්ටි දෙකින් අල්වා නොගන්නා ලද්දාවූ සමාධිය පිණිස පවත්නාවූ යම් ඒ සීලයෝ වෙත්ද, එබඳු සීලයන්හි සබ්‍රම්සරුන් හා ඉදිරියෙහිද නොඉදිරියෙහිද සීලයෙන් සමාන බවට පැමිණ වාසය කරයිද ප්‍රියබව ඇතිකරන්නාවූ ගරුබව ඇතිකරන්නාවූ මේ සිහි කටයුතුවූ ධර්මයද රැස්වීම පිණිස අවිවාදය පිණිස සමගිය පිණිස එක්වීම පිණිස පවතියි.
“ආනන්දය, නැවත අනිකක්ද කියමි. මහණ තෙම යම් මේ ආර්‍ය්‍යවූ නෛර්‍ය්‍යාණිකවූ එය පිළිපදින්නාහුගේ දුක් මනාව නැසීම පිණිස පවත්නාවූ යම් ඒ ප්‍රඥාවක් වෙයිද එබඳු ප්‍රඥාවෙන් සබ්‍රම්සරුන් හා ඉදිරියෙහිද නොඉදිරියෙහිද සමාන බවට පැමිණ වාසය කරයිද, ප්‍රියබව ඇතිකරන්නාවූ ගරුබව ඇතිකරන්නාවූ මේ සිහිකටයුතු ධර්මයද රැස්වීම පිණිස අවිවාදය පිණිස එක්වීම පිණිස පවතියි. ආනන්දය, ප්‍රියබව ඇතිකරන්නාවූ ගරුබව ඇතිකරන්නාවූ මේ සිහි කටයුතු ධර්ම සය රැස්වීම පිණිස අවිවාදය පිණිස සමගිය පිණිස එක්වීම පිණිස පවතිත්. ආනන්දය, ඉදින් තෙපි මේ සිහිකටයුතු ධර්ම සය සමාදන්ව පවත්නාහු නම්, ආනන්දය, තෙපි නොඉවසන්නාවූ කුඩා වරද ඇත්තාවූ හෝ මහත් වරද ඇත්තාවූ යම් වචනයක් දකිව්ද?” “ස්වාමීනි නැත”
“ආනන්දය, එහෙයින් මේ සිහි කටයුතු ධර්ම සය සමාදන්ව පවතිව්. එය තොපට බොහෝ කලක් හිත පිණිස සැප පිණිස වන්නේය.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සතුටු සිත් ඇත්තාවූ ආයුෂ්මත් ආනන්දස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තේය.
|
5. සුනක්ඛත්තසුත්තං | 5. සුනක්ඛත්ත සූත්‍රය |
55
එවං
|
55
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසාලා මහනුවර මහවනයෙහිවූ කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි බොහෝවූ භික්ෂූන් විසින් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි ජාතිය ක්ෂය කරන ලද්දීය. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. සතර මාර්ගයෙන් කටයුතු දෙය කරණලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතයි දනිමුයයි රහත්බව ප්‍රකාශ කරණ ලද්දේ වෙයි. සුනක්ඛත්ත නම් ලිච්ඡවි පුත්‍රතෙම ‘බොහෝවූ භික්ෂූන් විසින් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහිත ජාතිය ක්ෂය කරණ ලද්දීය. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. සතර මාර්ගයෙන් කටයුතු දෙය කරණලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දනිමු, කියා අර්හත්වය ප්‍රකාශ කරණ ලදැයි’ ඇසුවේමය.
ඉක්බිති සුනක්ඛත්ත නම් ලිච්ඡවි පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට ගියේය. ගොස් භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක උන්නේය. එක් පැත්තක උන්නාවූ සුනක්ඛත්ත නම් ලිච්ඡවි පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, බොහෝ වූ භික්ෂූන් විසින් වනාහි භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි “ජාතිය ක්ෂය කරණ ලදී. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. සතර මාර්ගයෙන් කටයුතු දෙය කරණ ලදි. මේ ආත්ම භාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දනිමු” කියා අර්හත්වය ප්‍රකාශ කරණ ලදැයි, මෙය මා විසින් අසන ලදී. ස්වාමීනි, යම් මේ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි ජාතිය ක්ෂය කරණ ලද්දීය. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. සතර මාර්ගයෙන් කටයුතු දෙය කරණ ලදී. මේ ආත්මභාවය පිණිස කටයුතු අනිකක් නැතැයි, දනිමුයිත රහත්බව ප්‍රකාශ කරණ ලද්දාහුද,? ස්වාමීනි, කිමෙක්ද, ඒ භික්ෂූහු මනාකොටම රහත්බව ප්‍රකාශ කළාහුද නොහොත් මෙහි සමහර භික්ෂූහු අධිමානයෙන් (රහත්ය යන හැඟීමෙන්) ප්‍රකාශ කළාහුදැ?”යි ඇසීය.
|
56
‘‘යෙ තෙ, සුනක්ඛත්ත, භික්ඛූ මම සන්තිකෙ අඤ්ඤං බ්යාකංසු - ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාමා’’ති
|
56
“සුනක්ඛත්තය, යම් ඒ භික්ෂූහු මා සමීපයෙහි ජාතිය ක්ෂය කරණ ලද්දීය, මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. සතර මාර්ගයෙන් කටයුතු දෙය කරණ ලද්දේය. මේ ආත්ම භාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දනිමුයි, රහත්බව ප්‍රකාශ කළාහුද, මෙහි ඇතැම් භික්ෂුහු මනාකොටම රහත්බව ප්‍රකාශ කළාහු වෙත්. මෙහි ඇතැම් භික්ෂූහු අධිමානයෙන්ද රහත්බව ප්‍රකාශ කළාහු වෙත්මැයි. සුනක්ඛත්තය, එහි යම් ඒ භික්ෂූහු මනාකොටම රහත්බව ප්‍රකාශ කළාහුද, ඔවුන්ගේ එය එසේම වෙයි යම් ඒ භික්ෂූහු වනාහි අධිමානයෙන් රහත්බව ප්‍රකාශ කළාහුද, සුනක්ඛත්තය, එහි තථාගතයන්ට ඔවුන්ට ධර්මය දේශනා කරන්නෙමියි, මෙබඳු අදහසක් වෙයි. සුනක්ඛත්තය, මෙහි තථාගතයන්ට ඔවුන්ට ධර්මය දේශනා කරන්නෙමියි, මෙබඳු අදහසක් වෙයි. එතකුදු වුවත් මෙහි ඇතැම් හිස් පුරුෂයෝ ප්‍රශ්න සදාගෙන තථාගතයන් කරා පැමිණ අසත්. සුනක්ඛත්තය, එහි තථාගතයන්ට ඔවුන්ට ධර්මය දේශනා කරන්නෙමි, යන මෙබඳු අදහසක් වෙයි. එයිනුදු ඔහුගේ සිත වෙනස් වේය කියායි”
“භාග්‍යවතුන් වහන්ස, මෙයට මේ සුදුසු කාලය වේ. සුගතයන් වහන්ස, මෙයට සුදුසු කාලය වේ, භාග්‍යවතුන් වහන්සේ යම් ධර්මයක් දේශනා කරන්නේද, භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරන්නාහුයයි” කීය. සුනක්ඛත්තය, එසේ වීනම් අසව, මනාකොට මෙනෙහි කරව, කියන්නෙමියි” වදාළේය. ස්වාමීනියි” සුනක්ඛත්ත නම් ලිච්ඡවි පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.
|
57
‘‘පඤ්ච
|
57
“සුනක්ඛත්තය, මේ කාමගුණයෝ පසක් වෙත්. කවර පසක්ද යත්, ඉෂ්ටවූ කැමති වන්නාවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමය පිණිස පවත්නාවූ ඇළුම් උපදවන්නාවූ ඇසින් දතයුතු රූපයෝය. ඉෂ්ට වූ කැමතිවන්නාවූ මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇළුම් උපදවන්නාවූ, කණින් දතයුතු ශබ්දයෝය. ඉෂ්ටවූ, කැමති වන්නාවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇළුම් උපදවන්නාවූ, නැහැයෙන් දතයුතු ගන්ධයෝය. ඉෂ්ටවූ, කැමති වන්නාවූ, මනවඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇළුම් උපදවන්නාවූ, දිවෙන් දතයුතු රසයෝය. ඉෂ්ටවූ, කැමති වන්නාවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇළුම් ඇතිකරන්නාවූ, ශරීරයෙන් දැනගතයුතුවූ ස්පර්ශයෝය. සුනක්ඛත්තය, මොහු වනාහි කාමගුණ පස වෙත්.
|
58
‘‘ඨානං ඛො පනෙතං, සුනක්ඛත්ත, විජ්ජති යං ඉධෙකච්චො පුරිසපුග්ගලො
|
58
“සුනක්ඛත්තය, මේ ලෝකයෙහි ඇතැම් පුරුෂ පුද්ගලයෙක්තෙම පඤ්චකාම ගුණයන්හි ඇලුණ පුද්ගලයෙක් වන්නේය යන යමක් වේද, ඊට හේතු ඇත්තේය. සුනක්ඛත්තය, පඤ්චකාම ගුණයෙහි ඇලුණු පුරුෂ පුද්ගලයා වනාහි ඊට සුදුසුවූ කථා ඇත්තේ වෙයි. ඊට අනුකූලවූ කරුණුම නැවත නැවත සිතන්නේ වෙයි. නැවත නැවත කල්පනා කරන්නේ වෙයි. එබඳු පුරුෂයන්ම සේවනය කරයි. ඔහු සමගම සතුටට පැමිණෙයි. කම්පානොවන යට ධ්‍යාන සය පිළිබඳ කථාවක් කියනු ලබන කල්හි ඇහුන්කන් නොදෙයි. කණ යොමු නොකරයි. දැනගැනීම පිණිස සිත නොඑලවයි. එබඳු පුරුෂයාද සේවනය නොකරයි. ඔහු සමග සතුටටද නොපැමිණෙයි.
“සුනක්ඛත්තය, යම්සේ පුරුෂයෙක් තමන්ගේ ගමින් හෝ නියම් ගමින් හෝ පිටවී බොහෝ කලක් වාසය කරණ ලද්දේ වේද, හෙතෙම ඒ ගමින් හෝ නියම් ගමින් හෝ බැහැර ගිය නොබෝකල් ඇති එක්තරා පුරුෂයෙකු දක්නේද, හෙතෙම ඒ පුරුෂයාගෙන් ඒ ගමේ හෝ නියම් ගමේ හෝ නිර්භය බවද, සුභික්ෂ බවද, නීරොග බවද අසන්නේය. ඔහුට ඒ පුරුෂතෙම ඒ ගමේ හෝ නියම් ගමේ නිර්භය බවද, සුභික්ෂ බවද, නිරොග බවද කියන්නේය. සුනක්ඛත්තය, ඒ කුමකැයි හඟින්නෙහිද? ඒ පුරුෂතෙම ඒ පුරුෂයාගේ කීම අසනු කැමැති වන්නේද? කන් යොමු කරන්නේද? දැනගැනීමට සිත එලවන්නේද? ඒ පුරුෂයාත් සේවනය කරන්නේද? ඔහු සමග සතුටටත් පැමිණෙන්නේද?”
“ස්වාමීනි, එසේය.”
“සුනක්ඛත්තය, එපරිද්දෙන්ම මෙහි ඇතැම් පුරුෂ පුද්ගලයෙක් පඤ්චකාම ගුණයෙහි ඇලුණු අදහස් ඇත්තෙක් වන්නේය යන යමක් ඇද්ද, ඊට හේතු ඇත්තේය. සුනක්ඛත්තය, පඤ්චකාම ගුණයෙහි ඇලුණු අදහස් ඇත්තාවූ පුරුෂ පුද්ගලයා ඊට සුදුසුවූම කථා ඇත්තේ වෙයි. ඊට අනුකූලවූම කරුණු නැවත නැවත කල්පනා කරයි. නැවත නැවත සලකයි. ඒ පුරුෂයාද සේවනය කරයි. ඔහු සමග සතුටටද පැමිණෙයි. කම්පා නොවන යට ධ්‍යාන සය පිළිබඳවූ කථා කියනු ලබන කල්හි අසන්ට කැමැති නොවෙයි. කන් යොමු නොකරයි. දැනගැනීමට සිත නොඑලවයි. ඒ පුරුෂයාද සේවනය නොකරයි. ඔහු සමග සතුටටද නොපැමිණෙයි. හෙතෙම (ලොකාමිසයෙහි) පඤ්චකාම ගුණයෙහි ඇලුණු අදහස් ඇති පුරුෂ පුද්ගලයායයි දතයුතු වන්නේය.
|
59
‘‘ඨානං
|
59
“සුනක්ඛත්තය, මෙහි ඇතැම් පුරුෂ පුද්ගලයෙක් කම්පා නොවන යට ධ්‍යාන සයෙහි ඇලුණු පුද්ගලයෙක් වන්නේය යන යමක් ඇද්ද ඊට හේතු ඇත්තේය. සුනක්ඛත්තය, යට ධ්‍යානයෙහි ඇලුණු පුරුෂ පුද්ගලයා ඊට සුදුසුවූ කථාම කරයි. ඊට අනුකූලවූ කරුණුම සිතයි. කල්පනා කරයි. එ වැනි පුරුෂයාම සේවනය කරයි. ඔහු සමග සතුටටද පැමිණෙයි. පඤ්චකාම ගුණයන් පිළිබඳ කථා කරනු ලබන කල්හි එය අසන්ට කැමැති නොවෙයි. කන් යොමු නොකරයි. දැනගැනීම පිණිස සිත නොඑලවයි. එවැනි පුරුෂයාද සේවනය නොකරයි. ඔහු සමග සතුටටද නොපැමිණෙයි.
“සුනක්ඛත්තය, යම්සේ නටුවෙන් ගිලිහුණාවූ ඉදුනු කොළය නටුවෙන් නැවත නිල්වන් වීමට සුදුසු නොවේද, සුනක්ඛත්තය, එපරිද්දෙන්ම යට ධ්‍යාන සයෙහි ඇලුණු පුරුෂ පුද්ගලයා යම් ඒ පඤ්චකාම ගුණයක් වේද, එයින් මිදුනේය. හෙතෙම පඤ්චකාම ගුණයන්හි නොඇලුණාවූ කම්පානොවන යට ධ්‍යාන සයෙහි ඇලුණු පුද්ගලයායයි දතයුතු වන්නේය.
|
60
‘‘ඨානං ඛො පනෙතං, සුනක්ඛත්ත, විජ්ජති යං ඉධෙකච්චො පුරිසපුග්ගලො ආකිඤ්චඤ්ඤායතනාධිමුත්තො අස්ස. ආකිඤ්චඤ්ඤායතනාධිමුත්තස්ස ඛො, සුනක්ඛත්ත, පුරිසපුග්ගලස්ස තප්පතිරූපී චෙව කථා සණ්ඨාති, තදනුධම්මඤ්ච අනුවිතක්කෙති, අනුවිචාරෙති, තඤ්ච පුරිසං භජති, තෙන ච විත්තිං ආපජ්ජති
|
60
“සුනක්ඛත්තය, මෙහි ඇතැම් පුරුෂ පුද්ගලයෙක් ආකිඤ්චඤ්ඤායතන සමාධියෙහි ඇලුණු පුද්ගලයෙක් වන්නේය යන යමක් වේද, ඊට හේතු ඇත්තේය. සුනක්ඛත්තය, ආකිඤ්චඤ්ඤායතන සමාධියෙහි ඇලුණු පුරුෂ පුද්ගලයා ඊට සුදුසුවූම කථාකරයි. ඊට අනුකූලවූම කරුණු සිතයි. කල්පනා කරයි. ඒ පුරුෂයා සේවනයද කරයි. ඔහු සමග සතුටටද පැමිණෙයි. යට ධ්‍යාන සය පිළිබඳ කථා කියනු ලබන කල්හි අසන්ට කැමැති නොවෙයි. කන් යොමු නොකරයි. දැන ගැනීමට සිත නොඑලවයි. ඒ පුරුෂයාද සේවනය නොකරයි. ඔහු සමගද සතුටටද නොපැමිණෙයි. සුනක්ඛත්තය, යම්සේ දෙකට බිඳුනාවූ මහ ගලක් හාකළ නොහැක්කේද, සුනක්ඛත්තය, එපරිද්දෙන්ම ආකිඤ්චඤ්ඤායතන සමාධියෙහි ඇලුණු පුරුෂ පුද්ගලයාගේ යම් යට ධ්‍යානයන් පිළිබඳ ඇලීමක් වේද, එය බිඳුනේ වෙයි. හෙතෙම යට ධ්යානසයෙහි නොඇලුණු ආකිඤ්චඤ්ඤායතනයෙහි ඇලුණු පුරුෂ පුද්ගලයායයි දතයුතු වන්නේය.
|
61
‘‘ඨානං ඛො පනෙතං, සුනක්ඛත්ත, විජ්ජති යං ඉධෙකච්චො පුරිසපුග්ගලො නෙවසඤ්ඤානාසඤ්ඤායතනාධිමුත්තො අස්ස. නෙවසඤ්ඤානාසඤ්ඤායතනාධිමුත්තස්ස ඛො, සුනක්ඛත්ත, පුරිසපුග්ගලස්ස තප්පතිරූපී චෙව කථා සණ්ඨාති, තදනුධම්මඤ්ච අනුවිතක්කෙති, අනුවිචාරෙති, තඤ්ච පුරිසං භජති, තෙන ච විත්තිං ආපජ්ජති; ආකිඤ්චඤ්ඤායතනපටිසංයුත්තාය ච පන කථාය කච්ඡමානාය න සුස්සූසති, න සොතං ඔදහති, න අඤ්ඤා චිත්තං උපට්ඨාපෙති, න ච තං පුරිසං භජති, න ච තෙන විත්තිං ආපජ්ජති. සෙය්යථාපි, සුනක්ඛත්ත, පුරිසො මනුඤ්ඤභොජනං භුත්තාවී ඡඩ්ඩෙය්ය
(ඡද්දෙය්ය (?)). තං කිං මඤ්ඤසි, සුනක්ඛත්ත, අපි
|
61
“සුනක්ඛත්තය, මෙහි ඇතැම් පුරුෂ පුද්ගලයෙක් නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාධියෙහි ඇලුණු ඇත්තෙක් වන්නේය යන යමක් වේද, ඊට හේතු අදහස් ඇත්තේය. සුනක්ඛත්තය, නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාධියෙහි ඇලුණු අදහස් ඇත්තාවූ පුරුෂ පුද්ගලයා ඊට සුදුසුවූ කථාවක්ම කරයි. ඊට අනුකූල කරුණුම සිතයි. කල්පනා කරයි. ඒ පුරුෂයාද සේවනය කරයි. ඔහු සමග සතුටටද පැමිණෙයි. ආකිඤ්චඤ්ඤායතන සමාධිය කථා කියනු ලබන කල්හි අසන්ට කැමැති නොවෙයි. කන් යොමු නොකරයි. දැන ගැනීමට සිත නොඑලවයි. ඒ පුරුෂයාද සේවනය නොකරයි. ඔහු සමග සතුටටද නොපැමිණෙයි. සුනක්ඛත්තය, යම්සේ පුරුෂයෙක් රසවත් ආහාරයක් වළඳා නිමවූ කල හැර දමන්නේද, සුනක්ඛත්තය, ඒ කුමකැයි හඟින්නෙහිද, ඒ පුරුෂයාහට ඒ අනුභව කළ භොජනය වමනය කළ කල්හි එය නැවත අනුභව කරන්ට කැමැත්තක් වන්නේද?”
“ස්වාමීනි, එසේ නොවන්නේමැයි. ඊට හේතු කවරේද? ස්වාමීනි, ඒ වමනය කළ ආහාරය වනාහි පිළිකුල්යයි සම්මත හෙයිනි.”
“සුනක්ඛත්තය, නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාධියෙහි ඇලුණු අදහස් ඇති පුරුෂ පුද්ගලයා ආකිඤ්චඤ්ඤායතන සංයෝජනය වමනය කල්හිද එසේමය. හෙතෙම ආකිඤ්චඤ්ඤායතන සංයෝජනයෙන් නොබැඳුණු නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාධියෙහි ඇලුණු පුරුෂ පුද්ගලයා යයි දතයුතු වන්නේය.
|
62
‘‘ඨානං ඛො පනෙතං, සුනක්ඛත්ත, විජ්ජති යං ඉධෙකච්චො පුරිසපුග්ගලො සම්මා නිබ්බානාධිමුත්තො අස්ස. සම්මා නිබ්බානාධිමුත්තස්ස ඛො, සුනක්ඛත්ත, පුරිසපුග්ගලස්ස තප්පතිරූපී චෙව කථා සණ්ඨාති, තදනුධම්මඤ්ච අනුවිතක්කෙති, අනුවිචාරෙති, තඤ්ච පුරිසං භජති, තෙන ච විත්තිං ආපජ්ජති; නෙවසඤ්ඤානාසඤ්ඤායතනපටිසංයුත්තාය ච පන කථාය
|
62
“සුනක්ඛත්තය, මෙහි ඇතැම් පුරුෂ පුද්ගලයෙක් මනාකොට නිවණෙහි කැමති අදහස් ඇත්තෙක් වන්නේය යන යමක් වේද, ඊට හේතු ඇත්තේය. සුනක්ඛත්තය, මනාව නිවණෙහි කැමැති අදහස් ඇති පුරුෂ පුද්ගලයා ඊට සුදුසුවූ වචනම කථා කරයි. ඊට අනුකූල කරුණුම සිතයි. කල්පනා කරයි. ඒ පුරුෂයාද සේවනය කරයි. ඔහු සමග සතුටටද පැමිණෙයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාධිය පිළිබඳ කථා කියනු ලබන කල්හි අසන්ට නොකැමැති වෙයි. දැන ගැනීම පිණිස සිත නොඑළවයි. පුරුෂයාද සේවනය නොකරයි. ඔහු සමග සතුටටද නොපැමිණෙයි. සුනක්ඛත්තය, යම්සේ තල්ගස මස්තකය සිඳින ලද්දේ නැවත හටගැනීමට නුසුදුසු වේද, සුනක්ඛත්තය, එපරිද්දෙන්ම මනාව නිවණෙහි කැමතිවූ අදහස් ඇති පුරුෂ පුද්ගලයා විසින් නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාධියෙහි යම් බැඳීමක් වෙත්ද, එය සිඳින ලදී. සිඳිනලද මුල් ඇති තල්ගසක් මෙන් කරණලදී. විනාශ කරන ලදී. මතු නූපදින බවට පමුණුවන ලදී. හෙතෙම නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංයෝජනයෙන් වෙන්වූ මනාව නිවණෙහි නැමුණු අදහස් ඇති පුරුෂ පුද්ගලයායයි දතයුතු වන්නේය.
|
63
‘‘ඨානං ඛො පනෙතං, සුනක්ඛත්ත, විජ්ජති යං ඉධෙකච්චස්ස භික්ඛුනො එවමස්ස - ‘තණ්හා ඛො සල්ලං සමණෙන වුත්තං, අවිජ්ජාවිසදොසො, ඡන්දරාගබ්යාපාදෙන රුප්පති. තං මෙ තණ්හාසල්ලං පහීනං, අපනීතො අවිජ්ජාවිසදොසො, සම්මා නිබ්බානාධිමුත්තොහමස්මී’ති. එවංමානි
(එවංමානී (සී. පී. ක.), එවමාදි (ස්‍යා. කං.)) අස්ස අතථං සමානං
(අත්ථං සමානං (ස්‍යා. කං. පී.), අත්ථසමානං (සී.)). සො යානි සම්මා නිබ්බානාධිමුත්තස්ස අසප්පායානි තානි අනුයුඤ්ජෙය්ය; අසප්පායං චක්ඛුනා රූපදස්සනං අනුයුඤ්ජෙය්ය, අසප්පායං සොතෙන
‘‘සෙය්යථාපි, සුනක්ඛත්ත, පුරිසො සල්ලෙන විද්ධො අස්ස සවිසෙන ගාළ්හූපලෙපනෙන. තස්ස මිත්තාමච්චා
‘‘එවමෙව ඛො, සුනක්ඛත්ත, ඨානමෙතං විජ්ජති යං ඉධෙකච්චස්ස භික්ඛුනො එවමස්ස - ‘තණ්හා ඛො සල්ලං සමණෙන වුත්තං, අවිජ්ජාවිසදොසො ඡන්දරාගබ්යාපාදෙන රුප්පති. තං මෙ තණ්හාසල්ලං පහීනං, අපනීතො
|
63
“සුනක්ඛත්තය, මේ සස්නෙහි ඇතැම් භික්ෂුවක්හට තෘෂ්ණාව වනාහි හුලකැයි බුද්ධශ්‍රමණයන් වහන්සේ විසින් වදාරණලදී. අවිද්‍යාව නමැති විෂදෝෂය, ඡන්දරාගය, ව්‍යාපාදය කරණකොටගෙන කිපෙයි. ‘මා විසින් තෘෂ්ණා නමැති හුල පහකරන ලදී. අවිද්‍යා නමැති විෂදෝෂය ඉවත්කරණ ලද්දේය. මම වනාහි නිවණෙහි නැමුණු අදහස් ඇත්තෙක් වෙමියි, අර්ථයට සමානවූ මෙබඳු හැඟීම් ඇත්තෙක් වන්නේය, යන යමක් වේද ඊට හේතු ඇත්තේය. හෙතෙම වනාහි නිවණෙහි කැමැතිවූ සිත් ඇති පුද්ගලයාට නුසුදුසුවූ යම් අරමුණු වෙත්ද, ඒ අරමුණුවල බැඳෙන්නේය. ඇසින් නුසුදුසු රූපයක් දැක බැඳෙන්නේය. කණින් නුසුදුසු ශබ්දයක් අසා බැඳෙන්නේය. නාසයෙන් නුසුදුසු ගන්ධය දැන බැඳෙන්නේය. දිවෙන් නුසුදුසු රසය දැන බැඳෙන්නේය. කයෙන් නුසුදුසු ස්පර්ශය ස්පර්ශකොට බැඳෙන්නේය. සිතින් නුසුදුසුවූ ධර්මාරම්මණ දැන බැඳෙන්නේය. ඇසින් නුසුදුසු රූපයෙහි බැඳුනාවූ, කණින් නුසුදුසු ශබ්දයෙහි බැඳුණාවූ, නාසයෙන් නුසුදුසු ගන්ධයෙහි බැඳුනාවූ, දිවෙන් නුසුදුසු රසයෙහි බැඳුණාවූ, කයින් නුසුදුසු ස්පර්ශයෙහි බැඳුණාවූ, සිතින් නුසුදුසු ධර්මාරම්මණයෙහි බැඳුනාවූ, ඔහුගේ රාගය තෙම සිත වියලන්නේය (නසන්නේය) හෙතෙම රාගයෙන් වියලනලද සිතින් යුක්තව මරණයට හෝ මරණය හා සමාන දුකට හෝ පැමිණෙන්නේය.
“සුනක්ඛත්තය, යම්සේ පුරුෂතෙම විෂ සහිතවූ දැඩිකොට විෂ පොවනලද හුලකින් විදින ලද්දේ වන්නේද, ඔහුගේ අසල් වැසියෝ නෑ සහ ලේ නෑයෝ ශල්‍යකර්ම කරන්නාවූ වෙදෙකු කැදවන්නාහුය. ඔහුගේ ඒ ශල්‍යකර්මය කරන්නාවූ වෙදතෙම ආයුධයෙන් වණ මුඛය හාත්පස කපන්නේය. ආයුධයෙන් වණමුඛය හාත්පස කපා සොයන කටුවෙන් හුල සොයන්නේය. සොයන කටුවෙන් හුල සොයා හුල ඇද දමන්නේය. ඉතිරිවූ විෂ දෝෂය ඉතිරිවූ විෂදොසක් නැතැයි හඟිමින් ඉවත් කරන්නේය.
“හෙතෙම මෙසේ කියන්නේය. ‘පින්වත් පුරුෂය, නුඹගේ හුල උදුරා දමනලදී. විෂදෝෂය ඉතිරි නොකොට ඉවත් කරනලදී. ඔබට මෙය අනතුරක් පිණිස නොවේ. පථ්‍යවූ ආහාර අනුභව කරව, අපථ්‍යවූ ආහාර අනුභව නො කරව, අපථ්‍ය ආහාර ගන්නේ වණය වැගිරීම් සහිත වන්නේය. කලින් කල වණය සේදුව මැනවි. කලින් කල වණ මුඛයෙහි බෙහෙත් ගැල්වුව මැනව, කලින් කල වණය නොසේදීමෙන් කලින් කල වණයෙහි බෙහෙත් නොගැල්වීමෙන් වණයෙහි සැරව හා ලේ බැඳ නොගනීවා. සුලං ඇති තන්හි හා අව්වෙහි නොඇවිදිනු. සුලං ඇති තන්හි හා අව්වෙහි ඇවිදීමෙන් වණයෙහි දූවිලි හා නණ්ඩු වැදීමට ඉඩ නොදේවා. පින්වත් පුරුෂය, වණය රකිමින් වණයෙහි මස් ලියලන අන්දමින් වාසය කරවයයි,’ කියන්නේය. ‘මෙසේ හෙතෙම මාගේ හුල උදුරා දමනලදී. විෂදෝෂය ඉතිරි නොකොට ඉවත් කරණලදී. මට මෙයින් අනතුරක් නොවන්නේයයි,’ සිතන්නේය. හෙතෙම අපථ්‍යවූ ආහාර අනුභව කරන්නේය. අපථ්‍ය ආහාර අනුභව කරන්නාවූ ඔහුගේ වණය වැගිරීම ඇත්තක් වන්නේය. කලින් කල වණය නොසෝදන්නේය. කලින් කල වණයෙහි බෙහෙත් නොගල් වන්නේය. කලින් කල වණය නොසෝදන්නාවූ කලින් කල වණයෙහි බෙහෙත් නොගල්වන්නාවූ ඔහුගේ වණය ලේ සැරව දෙකින් බැඳ ගන්නේය. අව්සුලං ඇතිතන්හි ඇවිදින්නේය. අව්සුලං දෙකෙහි ඇවිදින ඔහුගේ වණයට දූවිලි හා වීනණ්ඩු ආදිය ඇතුල් වන්නේය. වණය රැක ගනිමින් වාසය නොකරන්නේය. මස්ලියලන සේ වාසය නොකරන්නේය. ඔහුගේ මේ අපථ්‍ය කටයුතු කිරීමෙන් අපවිත්‍ර විෂදෝෂය ඉතිරිව ඉවත්වන ලද්දේය. කරුණු දෙකින් වණය මහත් බවට පැමිණෙන්නේය. හෙතෙම මහත් බවට පැමිණියාවූ වණයෙන් මරණයට හෝ මරණය සමාන දුකට හෝ පැමිණෙන්නේය.
|
64
‘‘ඨානං ඛො පනෙතං, සුනක්ඛත්ත, විජ්ජති යං ඉධෙකච්චස්ස භික්ඛුනො එවමස්ස - ‘තණ්හා ඛො සල්ලං සමණෙන වුත්තං, අවිජ්ජාවිසදොසො ඡන්දරාගබ්යාපාදෙන රුප්පති. තං මෙ තණ්හාසල්ලං පහීනං, අපනීතො අවිජ්ජාවිසදොසො, සම්මා නිබ්බානාධිමුත්තොහමස්මී’ති. සම්මා නිබ්බානාධිමුත්තස්සෙව සතො සො යානි සම්මා නිබ්බානාධිමුත්තස්ස අසප්පායානි තානි නානුයුඤ්ජෙය්ය, අසප්පායං චක්ඛුනා රූපදස්සනං නානුයුඤ්ජෙය්ය, අසප්පායං සොතෙන සද්දං නානුයුඤ්ජෙය්ය, අසප්පායං ඝානෙන ගන්ධං නානුයුඤ්ජෙය්ය, අසප්පායං ජිව්හාය රසං නානුයුඤ්ජෙය්ය, අසප්පායං කායෙන
‘‘සෙය්යථාපි, සුනක්ඛත්ත, පුරිසො සල්ලෙන විද්ධො අස්ස සවිසෙන ගාළ්හූපලෙපනෙන. තස්ස මිත්තාමච්චා ඤාතිසාලොහිතා භිසක්කං සල්ලකත්තං උපට්ඨාපෙය්යුං. තස්ස සො භිසක්කො සල්ලකත්තො සත්ථෙන වණමුඛං පරිකන්තෙය්ය. සත්ථෙන වණමුඛං පරිකන්තිත්වා එසනියා සල්ලං එසෙය්ය. එසනියා සල්ලං එසිත්වා සල්ලං අබ්බුහෙය්ය, අපනෙය්ය විසදොසං අනුපාදිසෙසං. අනුපාදිසෙසොති ජානමානො සො එවං වදෙය්ය - ‘අම්භො පුරිස, උබ්භතං ඛො තෙ සල්ලං, අපනීතො විසදොසො අනුපාදිසෙසො. අනලඤ්ච තෙ අන්තරායාය. සප්පායානි චෙව භොජනානි භුඤ්ජෙය්යාසි, මා තෙ අසප්පායානි භොජනානි භුඤ්ජතො වණො අස්සාවී අස්ස. කාලෙන කාලඤ්ච වණං ධොවෙය්යාසි, කාලෙන කාලං වණමුඛං ආලිම්පෙය්යාසි. මා තෙ න කාලෙන කාලං වණං ධොවතො න කාලෙන කාලං වණමුඛං ආලිම්පතො පුබ්බලොහිතං වණමුඛං පරියොනන්ධි. මා ච වාතාතපෙ චාරිත්තං අනුයුඤ්ජි, මා තෙ වාතාතපෙ චාරිත්තං අනුයුත්තස්ස රජොසූකං වණමුඛං අනුද්ධංසෙසි
‘‘එවමෙව
|
64
“සුනක්ඛත්තය, එපරිද්දෙන්ම මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවක්හට මෙබඳු අදහසක් වන්නේය, යන යමක්වේද, ‘තෘෂ්ණාව වනාහි හුලකැයි බුද්ධශ්‍රමණයන් විසින් වදාරණ ලදී. අවිද්‍යා නැමැති විෂදෝෂය ඡන්දරාගය හා ව්‍යාපාදය කරණකොට කිපේ. මා විසින් ඒ තෘෂ්ණා නමැති හුල පහ කරනලදී. අවිද්‍යා නමැති විෂදෝෂය දුරුකරනලදී. මම නිවණෙහි නැමුනු අදහස් ඇත්තෙක් වෙයි, අර්ථයට සමානවූ මෙබඳු හැඟීමක් ඇත්තෙක් වන්නේය.’
“හෙතෙම මනාව නිවණෙහි නැමුණු අදහස් ඇත්තහුට නුසුදුසුවූ යම් ඒ කරුණු වෙත්ද, ඒ කරුණුවල යෙදෙන්නේය. ඇසින් නුසුදුසුවූ රූපයක් දැක එහි බැඳෙන්නේය. කණින් නුසුදුසුවූ ශබ්දයක් අසා එහි බැඳෙන්නේය. නාසයෙන් නුසුදුසුවූ ගන්ධයක් ආඝ්රානය කොට එහි බැඳෙන්නේය. දිවෙන් නුසුදුසුවූ රසයක් විඳ එහි බැඳෙන්නේය. කයින් නුසුදුසුවූ ස්පර්ශයක් ලබා එහි බැඳෙන්නේය. සිතින් නුසුදුසුවූ ධර්මාරම්මණයන් දැන එහි බැඳෙන්නේය. නුසුදුසුවූ රූපයක් දැක එහි බැඳුනාවූ කණින් නුසුදුසුවූ ශබ්දයක් අසා එහි බැඳුනාවූ නාසයෙන් නුසුදුසුවූ ගඳෙක් ආඝ්රානය කොට එහි බැඳුනාවූ දිවෙන් නුසුදුසුවූ රසයක් විඳ එහි බැඳුනාවූ කයින් නුසුදුසුවූ ස්පර්ශයක් ලබා එහි බැඳුනාවූ සිතින් නුසුදුසුවූ ධර්මාරම්මණයක් දැක එහි බැඳුනාවූ ඔහුගේ රාගය තෙම සිත නසන්නේය. හෙතෙම රාගයෙන් නසනලද සිතින් මරණයට හෝ මරණය තරම් දුකට හෝ පැමිණෙන්නේය. සුනක්ඛත්තය, ආර්‍ය්‍යවිනයෙහි යමෙක් මහණකම අතහැර හීනවූ ගිහි බවට පෙරළේද, මේ වනාහි මරණයවේ. සුනක්ඛත්තය, යමෙක් කෙලෙසුන්ගෙන් කිලිටිවූ එක්තරා ඇවතකට පැමිණේද, මේ වනාහි මරණය හා සමාන දුකවේ.
“සුනක්ඛත්තය, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවක්හට ‘තෘෂ්ණාව වනාහි හුලකැයි බුද්ධ ශ්රමණයන් විසින් වදාරණලදී. අවිද්‍යා නමැති විෂ දෝෂය ඡන්දරාගය හා ව්‍යාපාදය කරණකොටගෙන කිපෙයි. මා විසින් තෘෂ්ණා නැමැති හුල පහකරණලදී. අවිද්‍යා නැමැති විෂ දෝෂය ඉවත් කරණ ලදී. මම නිවණෙහි නැමුණු අදහස් ඇත්තෙක් වෙමි,’ යන අදහස උපදින්නේය යන යමක්වේද, ඊට ඇත්තේය. මනාකොටම නිවණෙහි නැමුණු අදහස් ඇත්තාවූ ඔහුට නුසුදුසුවූ යම් ඒකරුණු වෙත්ද, ඒ කරුණුවල නොයෙදෙන්නේය ඇසින් නුසුදුසුවූ රූපයක් දැක එහි නොබැඳෙන්නේය. කණින් නුසුදුසුවූ ශබ්දයක් අසා එහි නොබැඳෙන්නේය. නාසයෙන් නුසුදුසුවූ ගන්ධයක් ආඝ්‍රාණයකොට එහි නොබැඳෙන්නේය. දිවෙන් නුසුදුසුවූ රසයක් විඳ එහි නොබැඳෙන්නේය. කයින් නුසුදුසුවූ ස්පර්ශයක් ලබා එහි නොබැඳෙන්නේය. සිතින් නුසුදුසුවූ ධර්මාරම්මණයක් දැන එහි නොබැඳෙන්නේය. ඇසින් නුසුදුසු රූපයක් දැක එහි නො බැඳෙන්නාවූ කණින් නුසුදුසු ශබ්දයක් අසා එහි නොබැඳෙන්නාවූ නාසයෙන් නුසුදුසු ගන්ධයක් ආඝ්රාණකොට එහි නොබැඳෙන්නාවූ දිවෙන් නුසුදුසු රසක් විඳ එහි නොබැඳෙන්නාවූ කයින් නුසුදුසු ස්පර්ශයක් ලබා එහි නොබැඳෙන්නාවූ සිතින් නුසුදුසු ධර්මාරම්මණයක් දැන එහි නොබැඳෙන්නාවූ ඔහුගේ රාගයතෙම සිත නොනසන්නේය. හෙතෙම රාගයෙන් නොනැසූ සිතින් මරණයට හෝ නොම පැමිණෙන්නේය, මරණය හා සමාන දුකට හෝ නොපැමිණෙන්නේය.
“සුනක්ඛත්තය, යම්සේ පුරුෂයෙක් විෂ සහිතවූ දැඩිව විෂ පොවන ලද හුලෙන් විදින ලද්දේ වන්නේද, ඔහුගේ අසල්වැසියෝ නෑ සහලේ නෑයෝ ශල්‍යකර්ම කරන්නාවූ වෙදෙකු කැඳවන්නාහුය. ඔහුගේ ඒ ශල්‍යකර්ම කරන්නාවූ වෙදතෙම ආයුධයෙන් වණ මුඛය පිරිසිදු කරන්නේය. ආයුධයෙන් වණ මුඛය පිරිසිදුකොට සොයන කටුවෙන් හුල සොයන්නේය. සොයන කටුවෙන් හුල සොයා හුල ඇද දමන්නේය. ඉතිරිවූ දෙයක් නැත්තේයයි දනිමින් ඉතිරි දෙයක් නැතිවම විෂ දෝෂය බැහැර කරන්නේය. හෙතෙම මෙසේ කියන්නේය. ‘පින්වත් පුරුෂය, නුඹගේ හුල උදුරා දමනලදී. ඉතිරි නැතිවම විෂ දෝෂය බැහැර කරන ලද්දේය. නුඹට අන්තරායක්ද නොවේ. පථ්‍යවූ ආහාර අනුභව කරව. අපථ්‍යවූ ආහාර අනුභව කිරීමෙන් තොපගේ වණය වැගිරෙන ස්වභාවය ඇත්තක් කර නොගනුව. කලින් කල වණය සේදුව මැනව. කලින් කල වණ මුඛයෙහි බෙහෙත් ආලෙප කරව. කලින් කල වණය නොසේදීමෙන් කලින් කල වණ මුඛයෙහි බෙහෙත් නොගැල්වීමෙන් නුඹගේ වණ මුඛය සැරවෙන් හා ලෙයින් බැඳ නොගනුව, අවු සුලං දෙකෙහි ගමන් නොකරනු, අවු සුලං දෙකට අසුවෙමින් ගමන්කොට නුඹගේ වණයෙහි දූවිලි හා වීනණ්ඩු ආදිය ඇතුල්කර නොගනුව. පින්වත් පුරුෂය, වණය රැක ගන්නෙක්ව වණයෙහි මස් ලියලවා ගන්නෙක්ව වාසය කරවයි’ කියන්නේය. ඔහුට වනාහි ‘මාගේ හුල වනාහි උදුරා දමනලදී. විෂ දෝෂය ඉතිරි නොකොටම බැහැර කරණ ලදී. මාගේ අන්තරායට හේතුවක් නැතැයි’ සිතන්නේය. හෙතෙම පථ්‍යවූ ආහාරද අනුභව කරන්නේය. පථ්‍යවූ ආහාර අනුභව කරන්නාවූ ඔහුගේ වණය වැගිරෙන්නක් නොවන්නේය. කලින් කල වණය සෝදන්නේය. කලින් කල වණයෙහි බෙහෙත් ගල් වන්නේය. කලින් කල වණය සෝදන්නාවූ, කලින් කල වණයෙහි බෙහෙත් ගල්වන්නාවූ ඔහුගේ වණ මුඛය සැරවෙන් හා ලෙයින් බැඳ නොගන්නේය. අවු සුලං දෙකෙහි ගමන් නොකරන්නේය. අවු සුලං දෙකෙහි ගමන් නොකරන්නාවූ ඔහුගේ වණයෙහි දූවිලි හා වීනණ්ඩු ඇතුල් නොවන්නේය. වණය රක්ෂා කරන්නෙක්ව වණයෙහි මස් ලියලවන්නෙක්ව වාසය කරන්නේය. ඔහුගේ මේ පථ්‍ය ක්‍රියා කිරීමෙන්ද අපවිත්‍රවූ විෂදෝෂය ඉතිරි නැතිවම බැහැරවූයේ වෙයි. ඒ කරුණු දෙක නිසා වණයෙහි මස් වැඩෙන්නේය. හෙතෙම වණය ගොඩවී සිවිය හොඳින් ඇතිවීම නිසා මරණයට හෝ නොපැමිණෙන්නේය. මරණය හා සමාන දුකට හෝ නොපැමිණෙන්නේය.
“සුනක්ඛත්තය, මෙපරිද්දෙන්ම මේ සස්නෙහි ඇතැම් මහණෙකුට තෘෂ්ණාව වනාහි හුලයයි බුද්ධශ්‍රමණයන් විසින් වදාරණ ලදී. අවිද්‍යා නමැති විෂදෝෂය ඡන්දරාගය හා ව්‍යාපාද කරණකොට කිපෙයි. ‘මා විසින් ඒ තෘෂ්ණා නමැති හුල උදුරා දමන ලදී. අවිද්‍යා නමැති විෂදෝෂය ඉවත් කරන ලදී. මම නිවණෙහි නැමුණු අදහස් ඇත්තෙක් වෙමියි’ යන මෙබඳු අදහසක් වන්නේය යන යමක් වේද, ඊට හේතු ඇත්තේය. නිවණෙහි නැමුණු අදහස් ඇත්තාවූ ඔහුට නුසුදුසු යම් ඒ කරුණු වෙත්ද, හෙතෙම ඒ කරුණුවල නොබැඳෙන්නේය. ඇසින් නුසුදුසු රූපයක් දැක එහි නොබැඳෙන්නේය. කණින් නුසුදුසු ශබ්දයක් අසා එහි නොබැඳෙන්නේය. නාසයෙන් නුසුදුසුවූ ගන්ධයක් ආඝ්රානය කොට එහි නොබැඳෙන්නේය. දිවෙන් නුසුදුසුවූ රසක් විඳ එහි නොබැඳෙන්නේය. කයින් නුසුදුසුවූ ස්පර්ශයක් ස්පර්ශකොට එහි නොබැදෙන්නේය. සිතින් නුසුදුසුවූ ධර්මාරම්මණයක් දැන එහි නොබැඳෙන්නේය. ඇසින් නුසුදුසු රූප දැක එහි නොබැඳුනාවූ, කණින් නුසුදුවූ ශබ්ද අසා එහි නොබැඳුනාවූ, නාසයෙන් නුසුදුසුවූ ගඳ ආඝ්රානය කොට එහි නොබැඳුනාවූ, දිවෙන් නුසුදුසුවූ රස විඳ එහි නොබැඳුනාවූ, කයින් නුසුදුසුවූ ස්පර්ශ ස්පර්ශකොට එහි නොබැඳුනාවූ, සිතින් නුසුදුසුවූ ධර්මාරම්මණ දැන එහි නොබැඳුනාවූ ඔහුගේ රාගය තෙම සිත නොනසන්නේය. හෙතෙම රාගයෙන් නොනසනලද සිතින් මරණයට නොපැමිණෙන්නේය. මරණය හා සමාන දුකට හෝ නොපැමිණෙන්නේය.
|
65
‘‘උපමා ඛො මෙ අයං, සුනක්ඛත්ත, කතා අත්ථස්ස විඤ්ඤාපනාය. අයංයෙවෙත්ථ අත්ථො - වණොති ඛො, සුනක්ඛත්ත, ඡන්නෙතං අජ්ඣත්තිකානං ආයතනානං අධිවචනං; විසදොසොති ඛො, සුනක්ඛත්ත, අවිජ්ජායෙතං අධිවචනං; සල්ලන්ති ඛො, සුනක්ඛත්ත, තණ්හායෙතං අධිවචනං; එසනීති ඛො, සුනක්ඛත්ත, සතියායෙතං අධිවචනං; සත්ථන්ති ඛො, සුනක්ඛත්ත, අරියායෙතං පඤ්ඤාය
‘‘සො වත, සුනක්ඛත්ත, භික්ඛු ඡසු ඵස්සායතනෙසු සංවුතකාරී ‘උපධි දුක්ඛස්ස මූල’න්ති - ඉති විදිත්වා නිරුපධි උපධිසඞ්ඛයෙ විමුත්තො උපධිස්මිං වා කායං උපසංහරිස්සති චිත්තං වා උප්පාදෙස්සතීති - නෙතං ඨානං විජ්ජති. සෙය්යථාපි, සුනක්ඛත්ත, ආපානීයකංසො වණ්ණසම්පන්නො ගන්ධසම්පන්නො රසසම්පන්නො; සො ච ඛො විසෙන සංසට්ඨො. අථ පුරිසො ආගච්ඡෙය්ය ජීවිතුකාමො අමරිතුකාමො සුඛකාමො දුක්ඛපටිකූලො. තං කිං මඤ්ඤසි, සුනක්ඛත්ත, අපි නු සො පුරිසො අමුං ආපානීයකංසං
ඉදමවොච භගවා. අත්තමනො සුනක්ඛත්තො ලිච්ඡවිපුත්තො භගවතො භාසිතං අභිනන්දීති.
|
65
“සුනක්ඛත්තය, මා විසින් අර්ථය හැඟවීම සඳහා මේ උපමාවක් කරණ ලදී. මෙයම මෙහි අර්ථය වේ. සුනක්ඛත්තය, වණය යනු සවැදෑරුම්වූ ආධ්‍යාත්මිකවූ ආයතනයන්ට නමකි. සුනක්ඛත්තය, විෂදෝෂය යනු අවිද්‍යාවට නමකි. සුනක්ඛත්තය, හුල යනු තෘෂ්ණාවට නමකි. සුනක්ඛත්තය, සොයන කටුව යනු සිහියට නමකි. සුනක්ඛත්තය, ආයුධය යනු ආර්‍ය්‍යවූ ප්‍රඥාවට නමකි. සුනක්ඛත්තය, ශල්‍ය කර්තෘවූ වෛද්‍යවරයා යනු අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේට නමකි. සුනක්ඛත්තය, ඒ මහණ තෙම ඒකාන්තයෙන් සවැදෑරුම්වූ ඵස්සායතනයන්හි සංවර වූයේ ක්ලෙශයෝ දුකට මුලයයි මෙසේ දැන කෙලෙස් රහිතවූයේ කෙලෙස් නැසීමවූ නිවණෙන් මිදුනේ වේද හෙතෙම ක්ලෙශයන්හි කය හෝ එලවන්නේය. සිත හෝ උපදවන්නේය යන මේ කරුණට හේතු නැත. යම්සේ පානය කටයුතුවූ පැන් භාජනයක් වර්ණයෙන් යුක්ත වූයේ ගන්ධයෙන් යුක්තවූයේ වේද, හෙද වනාහි විෂයෙන් මිශ්‍රවූයේ වේ. ඉක්බිති ජීවත්වනු කැමැති නොමැරෙනු කැමැති සැප කැමැති දුක් පිළිකුල් කරන්නාවූ පුරුෂයෙක් එන්නේය. සුනක්ඛත්තය, ඒ කුමකැයි හඟින්නෙහිද? ‘මෙය බීමෙන් මරණයට හෝ පැමිණෙන්නේය. මරණය හා සමාන දුකට හෝ පැමිණෙන්නෙමි’ යන කාරණය යම් හෙයකින් දන්නාවූ ඒ පුරුෂතෙම මේ පැන් භාජනය බොන්නේද?”
“ස්වාමීනි, එය නොවේමැයි.”
“සුනක්ඛත්තය, එපරිද්දෙන්ම ඒ මහණතෙම ඒකාන්තයෙන් සවැදෑරුම්වූ ඵස්සායතනයන්හි සංවරවූයේ කෙලෙස් දුකට මුලයයි දැන කෙලෙස් රහිතවූයේ කෙලෙසුන් ගේ නිවණෙන් මිදුනේ වේද, හෙතෙම ඒ ක්ලෙශයන්හි කය හෝ එලවන්නේය. සිත හෝ උපදවන්නේය යන මේ කාරණයට හේතු නැත. සුනක්ඛත්තය, යම්සේ දරුණු විෂ ඇත්තාවූ සර්පයෙක් වේද, ඉක්බිති ජීවත්වනු කැමැත්තාවූ නොමැරෙනු කැමැත්තාවූ සැප කැමැත්තාවූ දුක් පිළිකුල් කරන්නාවූ පුරුෂයෙක් එන්නේය. සුනක්ඛත්තය. ඒ කුමකැයි හඟින්නෙහිද? මොහු විසින් දෂ්ට කළාවූ ‘මම මරණයට හෝ මරණය තරම් දුකට හෝ පැමිණෙන්නෙමියි’ දන්නාවූ ඒ පුරුෂතෙම මේ දරුණු විෂ ඇත්තාවූ සර්පයාට අත හෝ ඇඟිල්ලක් හෝ දෙන්නේද?”
“ස්වාමීනි, එය නොවේමැයි.”
“සුනක්ඛත්තය, මෙපරිද්දෙන්ම ඒ මහණතෙම ඒකාන්තයෙන් සවැදෑරුම් ඵස්සායතනයන්හි සංවරවූයේ කෙලෙස් දුකට මුලයයි දැන, උපධි රහිත වූයේ කෙලෙස් නැසීමවූ නිවණෙන් මිදුනේ, ක්ලෙශයන්හි කය හෝ එලවන්නේය. සිත හෝ උපදවන්නේය යන මේ කාරණයට හේතු නැත.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සතුටු සිත් ඇති සුනක්ඛත්ත නම් ලිච්ඡවි පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තේයි.
|
6. ආනෙඤ්ජසප්පායසුත්තං | 6. ආනෙඤ්ජ සප්පාය සූත්‍රය |
66
එවං
|
66
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුරුරට කම්මස්සදම්ම නම්වූ කුරුරට වැස්සන්ගේ නියම් ගමක් වේද, එහි වැඩ වසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ‘මහණෙනි’ යි කථා කළසේක. ‘පින්වතුන් වහන්සැයි’ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.
“මහණෙනිත වස්තුකාම ක්ලේශ කාමයෝ ඇතිව නැතිවන හෙයින් අනිත්‍ය යන සාරයක් නැති හෙයින් හිස්ය. විනාශ වන්නාහුය. විනාශවන ස්වභාවය ඇත්තාහුය. මහණෙනි, මෙය මායාවකින් කරණ ලද්දක් වැනිය. අඥානයන් විසින් මගේය මගේය කියනු ලබන්නාහුය. මෙලොව ඇත්තාවූ යම් මනුෂ්‍ය කාම ගුණයෝ වෙත්ද, පරලොව ඇත්තාවූ යම් දිව්‍යකාම ගුණයෝ වෙත්ද, මෙලොව ඇත්තාවූ යම් මනුෂ්‍ය කාම සංඥාවෝ වෙත්ද, පරලොව ඇත්තාවූ යම් දිව්‍යකාම සංඥාවෝ වෙත්ද, මේ දෙකොටස මාරයාට යටත් වේ. මෙය මාරයාගේ ස්ථානයවේ. මාරයා දමන කෑම වෙයි. මාරයාගේ කොටු (ගාල්) වෙයි. මේ කාමයන් අරමුණු කොට සිත්හි හටගන්නාවූ දැඩි ලෝභයද, ක්‍රෝධයද, අන්‍යයන්ට වැඩියෙන් කිරීමයයි කියනලද සාරම්භයද යන අකුසලයෝ පවතිත්. ඒ අකුසලයෝ මේ ශාසනයෙහි හික්මෙන්නාවූ ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ අන්තරාය පිණිස හටගනිත්.
|
67
‘‘පුන චපරං, භික්ඛවෙ, අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති - ‘යෙ ච දිට්ඨධම්මිකා කාමා, යෙ ච සම්පරායිකා කාමා; යා ච දිට්ඨධම්මිකා කාමසඤ්ඤා
‘‘පුන
|
67
“මහණෙනි, එහි ආර්‍ය්‍යශ්‍රාවක තෙම මෙසේ සලකයි. ‘මේ ආත්මයෙහි ඇත්තාවූ යම් කාමගුණයෝ වෙත්ද, පරලෙව්හි ඇත්තාවූ යම් කාම ගුණයෝත් වෙත්ද, මේ ආත්මයෙහි ඇත්තාවූ යම් කාමසංඥාවෝත් වෙත්ද, පරලෙව්හි ඇත්තාවූ යම් කාම සංඥාවෝත් වෙත්ද මේ දෙකොටසම මාරයාට යටත්ය. මේ මාරයාගේම ස්ථානයවේ. මේ මාරයා විසින් දමනලද කෑමවේ. මේ මාරයාගේ කොටුව වේ. මේ කාමය අරමුණුකොට මේ සිතෙහි හටගන්නාවූ පවිටුවූ අකුසල්වූ දැඩි ලෝභයෝද, ක්රෝධයෝද අන්‍යයන්ට වැඩියෙන් කිරීම යයි කියනලද සාරම්භයද පවතිත්. ඔව්හුද මේ ශාසනයෙහි හික්මෙන්නාවූ ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ අන්තරාය පිණිස හටගනිත්. මම වනාහි විපුලවූ මහග්ගතවූ සිතින් කාමගුණ ලෝකය මැඩ පවත්නා සිතින් ධ්‍යාන අරමුණු අධිෂ්ඨාන කොට වාසය කරන්නෙම් නම් ඉතා යෙහෙක, මම විපුලවූ මහත් ගතවූ සිතින් කාමගුණ ලෝකය මැඩ පවත්වා සිතින් ධ්‍යාන අරමුණු අධිෂ්ඨාන කොට වාසය කරන්නාවූ මාගේ යම් සිතෙහි හටගන්නාවූ පවිටුවූ අකුසල්වූ අභිධ්යාවෝද, ව්යපාදයෝද සාරම්භයෝත් වෙත්ද, ඔව්හු නොවන්නාහ. ඔවුන්ගේ දුරු කිරීමෙන් මාගේ සිත කාමාවචර නොවූ අප්‍රමාණවූ මොනවට වඩනා ලද්දාවූ සිතක් වන්නේයයි,’ සිතන්නේය. මෙසේ පිළිපන්නාවූ එය බහුලකොට වාසයකරන්නාවූ, ඔහුගේ සිත රහත් බවට හේතුවූ විදර්ශනාවෙහි හෝ ධ්‍යානයට හේතුවූ උපචාර සමාධියෙහි හෝ පහදියි. මනා පැහැදීම ඇති කල්හි ඉහාත්මයෙහි හෝ කම්පා නොවන ධ්‍යාන සමාධියට හෝ පැමිණෙයි. ප්‍රඥාවෙන් හෝ මිදෙයි. (රහත් වෙයි) නොහොත් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යම් කාරණයකින් ඒ භික්ෂුව උපදින්නාවූ විපාක විඤ්ඤාණයක් වේද, එය කුසල චතුර්ථධ්යානයට සමානවූවක් වන්නේය යන මේ කාරණය ඇත්තේය. මහණෙනි, මේ පළමුවන කම්පා කෙලෙසුන්ගෙන් කම්පා නොවන ධ්‍යාන සමාධියට හිතවූ ප්‍රතිපදාවයයි කියනු ලැබේ.
“මහණෙනි, නැවතද අනිකක් කියමි. ආර්‍ය්‍යශ්‍රාවක තෙම මෙසේ කල්පනා කරයි. ‘මේආත්මයෙහිවූ යම් කාමයෝත් වෙත්ද, පරලෙව්හිවූ යම් කාමයෝත් වෙත්ද, මේ ආත්මයෙහිවූ යම් කාම සංඥාවෝත් වෙත්ද, පරලෙව්හිවූ යම් කාම සංඥාවෝ වෙත්ද, සතරමහා භුතයෝද සතර මහා භුතයන් නිසා පවත්නා උපාදාය රූපයයි යම්කිසි රූපයක් වේද, මෙසේ පිළිපන්නාවූ එය බහුල කොට වාසය කරන්නාවූ ඔහුගේ සිත ආකාසානඤ්චායතනයට පැමිණෙන හේතුවෙහි පහදියි. පැහැදීම ඇතිකල්හි මේආත්මයෙහි ආකාසානඤ්චායතනයට හෝ පැමිණෙයි. ප්‍රඥාවෙන් හෝ මිදෙයි, (රහත් වෙයී.) ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යම් කාරණයකින් ඒ භික්ෂුව උපදින්නාවූ විපාක විඤ්ඤාණයක් වේද එය ආකාසානඤ්චායතන කුසල චිත්තයට සමාන වන්නේය යන මේ කාරණය ඇත්තේය.
“මහණෙනි, මේ දෙවෙනිවූ කෙලෙසුන්ගෙන් කම්පානොවන ධ්‍යාන සමාධියට හිතවූ ප්‍රතිපදාවයයි කියනු ලැබේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මෙසේ සලකයි. මෙලොවවූ යම් කාමයෝත් වෙත්ද, පරලොවවූ යම් කාමයෝත් වෙත්ද, යම් මෙලොවවූ කාම සංඥාවෝත් වෙත්ද, යම් පරලොවවූ කාම සංඥාවෝත් වෙත්ද, යම් මෙලොවවූ රූපයෝත් වෙත්ද, යම් පරලොවවූ රූපයෝත් වෙත්ද, යම් මෙලොවවූ රූපසංඥාවෝත් වෙත්ද, යම් පරලොවවූ රූප සංඥාවෝත් වෙත්ද, මේ දෙකොටස අනිත්‍යය, යමක් අනිත්‍යයද, එයට එය සතුටුවන්නට නුසුදුසුය. මමය මාගේයයි කීමට නුසුදුසුය, තෘෂ්ණාවෙන් ඇතුළත් කර ගැනීමට නුසුදුසුයයි මෙසේ පිළිපන්නාවූ එය බහුල කොට වාසය කරන්නාවූ ඔහුගේ සිත විඤ්ඤාණඤ්චායතන හේතුවෙහි පහදියි. පැහැදීම ඇතිකල්හි හෝ විඤ්ඤාණඤ්චායතන සමාධියට පැමිණෙයි. ප්‍රඥාවෙන් හෝ මිදෙයි. (රහත් වෙයි) ශරීරයාගේ භෙදයෙන් මරණින් මතු යම් කාරණයකින් ඔහු උපදින්නාවූ විපකවිඤ්ඤාණය කුසල විඤ්ඤාණඤ්චායතනයට සමාන වෙයි යන කාරණය ඇත්තේය. මේ තුන්වන කෙළෙසුන්ගෙන් කම්පා නොවන ධ්‍යාන සමාධියට හිතවූ ප්‍රතිපදාවයයි කියනු ලැබේ.
|
68
‘‘පුන
|
68
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මෙසේ කල්පනා කරයි. ‘මෙලොවවූ යම් කාමයෝත් වෙත්ද, පරලොවවූ යම් කාමයෝත් වෙත්ද මෙලොවවූ යම් කාම සංඥාවෝත් වෙත්ද, පරලොවවූ යම් කාම සංඥාවෝත් වෙත්ද, මෙලොවවූ යම් රූපයෝත් වෙත්ද, පරලොවවූ යම් රූපයෝත් වෙත්ද, මෙලොවවූ යම් රූප සංඥාවෝත් වෙත්ද, පරලොවවූ යම් රූපසංඥාවෝත් වෙත්ද, යම් කම්පා නොවන ධ්‍යාන සංඥාවෝත් වෙත්ද, යම් තැනක ඒ සියලු සංඥාවෝ ඉතිරි නොවී නිරුද්ධ වෙත්ද, යම් ඒ ආකිඤ්චඤ්ඤායතන සමාධියක් වේද, එය ශාන්තය එය ප්‍රණීත යයි, මෙසේ පිළිපන්නාවූ එය බහුල කොට වාසය කරන්නාවූ ඔහුගේ සිත ආකිඤ්චඤ්ඤායතන සමාධි හේතුවෙයි සිත පහදියි. පැහැදීම ඇතිකල්හි මේ ආත්මයෙහි හෝ ආකිඤ්චඤ්ඤායතන සමාධියට හෝ පැමිණෙයි. ප්‍රඥාවෙන් හෝ මිදෙයි. (රහත්වෙයි) ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ උත්පත්තිය
ගෙන දෙන්නාවූ විපාක විපාකවිඤ්ඤාණය ආකිඤ්චඤ්ඤායතන කුසල විඤ්ඤාණයට සමාන වෙයි යන මේ කාරණය ඇත්තේය. මහණෙනි, මේ පළමුවැනි ආකිඤ්චඤ්ඤායතන සමාධියට හිතවූ ප්‍රතිපදාවයයි කියනු ලැබේ
|
69
‘‘පුන චපරං, භික්ඛවෙ, අරියසාවකො අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා ඉති පටිසඤ්චික්ඛති - ‘සුඤ්ඤමිදං අත්තෙන වා අත්තනියෙන වා’ති. තස්ස එවංපටිපන්නස්ස තබ්බහුලවිහාරිනො ආයතනෙ චිත්තං පසීදති. සම්පසාදෙ සති එතරහි වා ආකිඤ්චඤ්ඤායතනං සමාපජ්ජති පඤ්ඤාය වා අධිමුච්චති කායස්ස භෙදා පරං මරණා. ඨානමෙතං විජ්ජති යං තංසංවත්තනිකං විඤ්ඤාණං අස්ස ආකිඤ්චඤ්ඤායතනූපගං. අයං, භික්ඛවෙ, දුතියා ආකිඤ්චඤ්ඤායතනසප්පායා පටිපදා අක්ඛායති.
|
69
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ආරණ්‍යයට පැමිණියේ හෝ වෘක්ෂමූලයට පැමිණියේ හෝ සූණ්යාගාරයට පැමිණියේ හෝ මෙසේ කල්පනා කරයි. මෙය මමය යන දෙයකින් හෝ මගේය යන දෙයකින් හෝ සූන්‍ය වේයයි, මෙසේ පිළිපන්නාවූ එය බහුලකොට වාසය කරන්නාවූ ඔහුගේ සිත ආකිඤ්චඤායතන සමාධි හේතුවෙහි පහදියි. පැහැදීම ඇති කල්හි, මේ ආත්මයෙහි හෝ ආකිඤ්චඤායතන සමාධියට හෝ පැමිණෙයි. ප්‍රඥාවෙන් හෝ මිදෙයි. (රහත් වෙයි) ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ උත්පත්තිය සිදුවන විපාක විඤ්ඤාණය කුසල විඤ්ඤාණයට සමාන වෙයි යන මේ කාරණය ඇත්තේය. මහණෙනි, මේ දෙවෙනි අකිඤ්චඤ්ඤායතන සමාධියට හිතවූ ප්‍රතිපදාවයයි කියනු ලැබේ.
|
70
‘‘පුන
‘‘පුන චපරං, භික්ඛවෙ, අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති - ‘යෙ ච දිට්ඨධම්මිකා කාමා, යෙ ච සම්පරායිකා කාමා; යා ච දිට්ඨධම්මිකා කාමසඤ්ඤා, යා ච සම්පරායිකා කාමසඤ්ඤා; යෙ ච දිට්ඨධම්මිකා රූපා, යෙ ච සම්පරායිකා රූපා; යා ච දිට්ඨධම්මිකා රූපසඤ්ඤා, යා
|
70
මහණෙනි, නැවත අනිකක්ද කියමි. ආර්‍ය්‍යශ්‍රාවක තෙම මෙසේ කල්පනා කරයි. ‘කිසි තැනක මමයයි කිසිවෙක් නැත. කිසිවෙකුගේ මම යන කිසිවෙක්ද නැත. නුඹ යන කිසිවෙක්ද නුඹගේ මම යන කිසිවෙක්ද නැතැයි.’ මෙසේ පිළිපන්නාවූ එය බහුලකොට වාසය කරන්නාවූ ඔහුගේ සිත ආකිඤ්චඤ්ඤායතන සමාධි හේතුවෙහි පහදියි. පැහැදීම ඇති කල්හි මේ ආත්මයෙහි හෝ ආකිඤ්චඤ්ඤායතන සමාධියට පැමිණෙයි. ප්‍රඥාවෙන් හෝ මිදෙයි. (රහත් වෙයි.) ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ ඉපදීම සිදුවන්නාවූ විපාක විඤ්ඤාණය කුසල විඤ්ඤාණයට සමානවේ. යන මේ කාරණය ඇත්තේය.
මහණෙනි, මේ තුන්වෙනි ආකිඤ්චඤ්ඤායතන සමාධියට හිතවූ ප්‍රතිපදාවයයි කියනුලැබේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මෙසේ කල්පනා කරයි. ‘මෙලොවවූ යම් කාමයෝත් වෙත්ද, පරලොවවූ යම් කාමයෝත් වෙත්ද, මෙලොවවූ යම් කාමසංඥාවෝත් වෙත්ද, පරලොවවූ යම් කාම සංඥාවෝත් වෙත්ද, මෙලොවවූ යම් රූපයෝත් වෙත්ද, පරලොවවූ යම් රූපයෝත් වෙත්ද, මෙලොවවූ යම් රූප සංඥාවෝත් වෙත්ද, පරලොවවූ යම් රූප සංඥාවෝත් වෙත්ද, යම් කම්පා නොවන ධ්‍යාන සංඥාවෝත් වෙත්ද, යම් ආකිඤ්චඤ්ඤායතන ධ්‍යාන සංඥාවෝත් වෙත්ද, මේ සියලු සංඥාවෝ ඉතිරි නැතිව නිරුද්ධ වෙත්ද, යම් ඒ නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාධියක් වේ නම් එය ශාන්තය එය ප්‍රණීතයයි’ මෙසේ පිළිපන්නාවූ එය බහුල කොට වාසය කරන්නාවූ ඔහුගේ සිත නෙවසඤ්ඤා නාසඤ්ඤායතන හේතුවෙහි පහදියි. මේ ආත්මයෙහි පැහැදීම ඇති කල්හි මේ ආත්මයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාධියට හෝ පැමිණෙයි. ප්‍රඥාවෙන් හෝ මිදෙයි. (රහත් වෙයි) ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ උත්පත්තිය සිදුවන්නාවූ විපාක විඤ්ඤාණය කුසල විඤ්ඤාණයට සමාන වන්නේය යන මේ කාරණය ඇත්තේය. මහණෙනි, මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාධියට හිතවූ ප්‍රතිපදාවයයි කියනු ලැබේ.”
|
71
එවං වුත්තෙ, ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච - ‘‘ඉධ, භන්තෙ, භික්ඛු එවං පටිපන්නො හොති - ‘නො චස්ස, නො ච මෙ සියා; න භවිස්සති, න මෙ භවිස්සති; යදත්ථි යං, භූතං - තං පජහාමී’ති. එවං උපෙක්ඛං පටිලභති. පරිනිබ්බායෙය්ය නු ඛො සො, භන්තෙ, භික්ඛු න වා පරිනිබ්බායෙය්යා’’ති? ‘‘අපෙත්ථෙකච්චො, ආනන්ද, භික්ඛු පරිනිබ්බායෙය්ය, අපෙත්ථෙකච්චො භික්ඛු න පරිනිබ්බායෙය්යා’’ති. ‘‘කො නු ඛො, භන්තෙ, හෙතු කො පච්චයො යෙනපෙත්ථෙකච්චො භික්ඛු පරිනිබ්බායෙය්ය, අපෙත්ථෙකච්චො භික්ඛු න පරිනිබ්බායෙය්යා’’ති? ‘‘ඉධානන්ද, භික්ඛු එවං පටිපන්නො හොති - ‘නො චස්ස, නො ච මෙ සියා; න භවිස්සති, න මෙ භවිස්සති; යදත්ථි, යං
|
71
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ පිළිපන්නේ වෙයි. ඉදින් මා විසින් පෙර කර්ම රැස් නොකරණ ලද්දේ නම් මාගේ මේ විපාක භවය නොපවත්නේය. ඉදින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මතු විපාක භවය නොපවත්නේය. දැන් යම් පඤ්චස්කන්ධයක් ඇත්තේද, එය දුරු කරමියි මෙසේ විදර්ශනා උපෙක්ෂාව ලබයි. ස්වාමීනි, මේ මහණතෙම පිරිනිවියේද?”
“ආනන්දය, මෙහි ඇතැම් මහණෙක් පිරිනිවන් පාන්නේය. මෙහි ඇතැම් මහණෙක් පිරිනිවන් නොපාන්නේයයි” වදාළේය. “ස්වාමීනි, යම්හෙයකින් මෙහි ඇතැම් මහණෙක් පිරිනිවන් පාන්නේද, මෙහි ඇතැම් මහණෙක් පිරිනිවන් නොපාන්නේද, ඊට හේතු කවරේද? ප්‍රත්‍ය කවරේද?” “ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ පිළිපන්නේවේ. මා විසින් පෙර කර්ම රැස් නොකරණ ලද්දේ නම් මාගේ දැන් විපාක භවය නොපවතින්නේය. ඉදින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මාගේ මතු විපාක භවය නොවන්නේය. දැන් යම් පඤ්චස්කන්ධයක් ඇත්තේද, එය දුරු කරමියි, මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයි. හෙතෙම ඒ උපෙක්ෂාවට මමය මාගේයයි සතුටු වෙයි. මමය මාගේයයි කියායි. මමය මාගේයයි තෘෂ්ණාවෙන් බැස ගනියි. ඒ උපෙක්ෂාවට සතුටුවන්නාවූ මමය යනාදීන් කියන්නාවූ තෘෂ්ණාවෙන් බැස ගත්තාවූ උපේක්ෂාව විඤ්ඤාණය ඇසුරු කරනලද්දේ වෙයි. එය දැඩිකොට අල්වා ගැනීමයි. ආනන්දය, දැඩිකොට අල්වා ගැනීම සහිතවූ මහණතෙම පිරිනිවන් පාන්නේ නොවෙයි.” “ස්වාමීනි, දැඩිකොට අල්වාගන්නාවූ ඒ මහණතෙමේ කුමක් දැඩිසේ අල්වා ගනීද?” “නෙවසඤ්ඤානාසඤ්ඤායතනයයි” වදාළේය. “ස්වාමීනි, ඒ මහණතෙම වනාහි දැඩිකොට අල්වාගනු ලබන ශ්‍රේෂ්ඨවූ භවය අල්වා ගනියි.” “ආනන්දය, ඒ මහණතෙම දැඩි කොට අල්වා ගනු ලබන ශ්‍රේෂ්ඨවූ භවය අල්වා ගන්නේය. ආනන්දය, යම් මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනයක්වේද, මෙය වනාහි දැඩිව අල්වාගනු ලබන ශ්‍රේෂ්ඨ භවයයි.
|
72
‘‘ඉධානන්ද, භික්ඛු එවං පටිපන්නො හොති - ‘නො චස්ස, නො ච මෙ සියා; න භවිස්සති, න මෙ භවිස්සති; යදත්ථි, යං භූතං - තං පජහාමී’ති. එවං උපෙක්ඛං පටිලභති. සො තං උපෙක්ඛං නාභිනන්දති, නාභිවදති, න අජ්ඣොසාය තිට්ඨති. තස්ස තං උපෙක්ඛං අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය
|
72
“ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ පිළිපන්නේවෙයි. ‘පෙර මා විසින් කර්ම රැස් නොකරන ලද්දේ නම් දැන් මාගේ විපාක භවය නොවන්නේය. දැන් කර්ම රැස් නොකෙළේ නම් මතු මාගේ විපාක භවය නොවන්නේය. දැන් යම් පඤ්චස්කන්ධයක්වේද, එය දුරුකරමියි මෙසේ විදර්ශනානොපෙක්ෂාව ලබයිද හෙතෙම ඒ උපෙක්ෂාවට මමය මාගේයයි සතුටු නොවෙයි. මමය මාගේයයි නොකියයි. එහි තෘෂ්ණාවෙන් බැසගෙන නොසිටියි. ඒ උපෙක්ෂාවට සතුටු නොවන්නාවූ මමය මාගේයයි නොකියන්නාවූ එහි බැසගෙන නොසිටින්නාවූ ඔහුගේ එය ඇසුරු කළාවූ විඤ්ඤාණය නොවෙයි. එය දැඩිකොට අල්වාගැනීම නොවෙයි. ආනන්දය, දැඩිව අල්වාගැනීම නැත්තාවූ පිරිනිවන් පාන්නේ යයි” වදාළසේක.
|
73
‘‘අච්ඡරියං, භන්තෙ, අබ්භුතං, භන්තෙ! නිස්සාය නිස්සාය කිර නො, භන්තෙ, භගවතා ඔඝස්ස නිත්ථරණා අක්ඛාතා. කතමො පන, භන්තෙ, අරියො විමොක්ඛො’’ති? ‘‘ඉධානන්ද, භික්ඛු අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති - ‘යෙ ච දිට්ඨධම්මිකා කාමා, යෙ ච සම්පරායිකා කාමා; යා ච දිට්ඨධම්මිකා කාමසඤ්ඤා, යා ච සම්පරායිකා කාමසඤ්ඤා; යෙ ච දිට්ඨධම්මිකා රූපා, යෙ ච සම්පරායිකා රූපා; යා ච දිට්ඨධම්මිකා රූපසඤ්ඤා, යා ච සම්පරායිකා රූපසඤ්ඤා; යා ච ආනෙඤ්ජසඤ්ඤා, යා ච ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤා
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා ආනන්දො භගවතො භාසිතං අභිනන්දීති.
|
73
“ස්වාමීනි, ආශ්චර්‍ය්‍යය. ස්වාමීනි, අද්භූතය, ස්වාමීනි. ඒ ඒ සමාපත්තිය, ඇසුරුකොට භාග්‍යවතුන් වහන්සේ විසින් ඕඝයන්ගේ එතර කිරීම වදාරණලදී. ස්වාමීනි, ආර්‍ය්‍යවූ විමොක්ෂය කවරේද?”
“ආනන්දය, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම මෙසේ කල්පනා කරයි. මෙලොවවූ යම් කාමයෝත් වෙත්ද, පරලොවවූ යම් කාමයෝත් වෙත්ද, මෙලොවවූ යම් කාම සංඥාවෝත් වෙත්ද, පරලොවවූ යම් කාම සාඥාවෝත් වෙත්ද, මෙලොවවු යම් රූපයෝත් වෙත්ද, පරලොවවූ යම් රූපයෝත් වෙත්ද, මෙලොවවූ යම් රූප සංඥාවෝත් වෙත්ද, පරලොවවූ යම් රූප සංඥාවෝත් වෙත්ද, යම් කම්පා නොවන ධ්‍යාන සංඥාවෝත් වෙත්ද, යම් ආකිඤ්චඤ්ඤායතන සංඥාවෝත් වෙත්ද, යම් නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාවෝත්, වෙත්ද, මේ සියල්ල සක්කාය නම්වේ. ඒ සක්කාය නම්වූ ත්‍රෛභූමික සංස්කාරයන් කෙරෙන් දැඩිසේ අල්වා ගැනීමක් නැතිව චිත්තයාගේ යම් මිදීමක් වේද, එය අමෘතය නම්වේ.
“ආනන්දය, මෙසේ වනාහි මා විසින් කම්පා නොවන ධ්‍යාන සමාධියට හිතවූ ප්‍රතිපදාව දේශනා කරණලදී. ආකිඤ්චඤ්ඤායතන සමාධියට හිතවූ ප්‍රතිපදාව දේශනා කරණ ලදී. නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාධියට හිතවූ ප්‍රතිපදාව දේශනා කරණලදී. ඒ ඒ සමාධි ඇසුරුකොට ඕඝයන්ගේ එතර කිරීම දේශනා කරණලදී. ආර්‍ය්‍යවූ විමොක්ෂය දේශනා කරණලදී. ආනන්දය, ශ්‍රාවකයනට වැඩකැමතිවූ අනුකම්පා ඇත්තාවූ ශාස්තෘහු විසින් අනුකම්පා උපදවා කටයුතු යමක් වේද, මා විසින් එය තොපට කරණලදී. ආනන්දය, මේ වෘක්ෂමූල වෙත්, මේ සූන්‍යාගාර වෙත්, ආනන්දය, ධ්‍යාන කරව්. (සමාධි උපදවව්.) ප්‍රමාද නොවව්. පසුව පසුතැවිලි නොවව්. මේ තොපට අපගේ අනුශාසනාව වේයයි” වදාළේය.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සතුටු සිත් ඇති ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තේය.
|
7. ගණකමොග්ගල්ලානසුත්තං | 7. ගණක මොග්ගල්ලාන සූත්‍රය |
74
එවං
‘‘සෙය්යථාපි, භො ගොතම, ඉමස්ස මිගාරමාතුපාසාදස්ස දිස්සති අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බපටිපදා යදිදං - යාව පච්ඡිමසොපානකළෙවරාः ඉමෙසම්පි හි, භො ගොතම, බ්රාහ්මණානං දිස්සති අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බපටිපදා යදිදං - අජ්ඣෙනෙः ඉමෙසම්පි හි, භො ගොතම, ඉස්සාසානං දිස්සති අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බපටිපදා යදිදං - ඉස්සත්ථෙ
(ඉස්සත්තෙ (ක.)). අම්හාකම්පි හි, භො ගොතම, ගණකානං ගණනාජීවානං දිස්සති අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බපටිපදා යදිදං - සඞ්ඛානෙ. මයඤ්හි, භො ගොතම, අන්තෙවාසිං ලභිත්වා පඨමං එවං ගණාපෙම - ‘එකං එකකං, ද්වෙ දුකා, තීණි තිකා, චත්තාරි චතුක්කා, පඤ්ච පඤ්චකා, ඡ ඡක්කා, සත්ත සත්තකා, අට්ඨ අට්ඨකා, නව නවකා, දස දසකා’ති; සතම්පි මයං, භො ගොතම, ගණාපෙම, භිය්යොපි ගණාපෙම. සක්කා නු ඛො, භො ගොතම, ඉමස්මිම්පි ධම්මවිනයෙ එවමෙව අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බපටිපදා පඤ්ඤපෙතු’’න්ති?
|
74
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි මිගාරමාතු පාසාද නම්වූ පූර්වාරාමයෙහි වැඩ වසනසේක. එකල්හි ‘ගණක මොග්ගල්ලාන’ නම් බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා, එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ගණක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
“භවත් ගෞතමයන් වහන්ස, යම්සේ මේ මිගාරමාතු පාසාදයාගේ අන්තිම හිණිපෙත්ත දක්වා පිළිවෙළින් හික්මීමක්, පිළිවෙළින් කිරීමක්, පිළිවෙළින් පිළිපැදීමක් දක්නා ලැබේද, භවත් ගෞතමයන් වහන්ස, එමෙන් මේ බ්‍රාහ්මණයන්ගේ මන්ත්‍ර ඉගෙණීමෙහිද, පිළිවෙළින් හික්මීම, පිළිවෙළින් කිරීම, පිළිවෙළින් පිළිපැදීම, දක්නා ලැබේ. භවත් ගෞතමයන් වහන්ස, මේ දුනු ශිල්පයෙහිද, පිළිවෙළින් හික්මීම, පිළිවෙළින් කිරීම, පිළිවෙළින් පිළිපැදීම දක්නා ලැබේ. භවත් ගෞතමයන් වහන්ස, ගණන් ශාස්ත්‍රයෙන් ජීවත්වන්නාවූ අපගේ ගණන් ශාස්ත්‍රයෙහිද පිළිවෙළින් හික්මීම, පිළිවෙළින් කිරීම, පිළිවෙළින් පිළිපැදීම, දක්නා ලැබේ. භවත් ගෞතමයන් වහන්ස, අපි වනාහි ගෝලයන් ලැබ පළමුකොට මෙසේ ගණන් කරවමු. එක, එකය. දෙක, දෙකය. තුන, තුනය. හතර, හතරය. පහ, පහය. හය, හයය. හත, හතය. අට, අටය. නවය, නවයය. දසය, දසයය. මෙසේ භවත් ගෞතමයන් වහන්ස, අපි සියයටද ගණන් කරවමු. භවත් ගෞතමයන් වහන්ස, මේ ධර්ම විනයෙහිද, එසේ පිළිවෙළින් හික්මීමක්, පිළිවෙළින් කිරීමක්, පිළිවෙළින් පිළිපැදීමක් පෙන්විය හැක්කේද?”
|
75
‘‘සක්කා
‘‘යතො
‘‘යතො
‘‘යතො ඛො, බ්‍රාහ්මණ
‘‘යතො ඛො, බ්‍රාහ්මණ, භික්ඛු ජාගරියං අනුයුත්තො හොති, තමෙනං තථාගතො උත්තරිං විනෙති - ‘එහි ත්වං, භික්ඛු, සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො හොහි, අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී
‘‘යතො ඛො, බ්‍රාහ්මණ, භික්ඛු සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො හොති, තමෙනං තථාගතො උත්තරිං විනෙති - ‘එහි ත්වං, භික්ඛු, විවිත්තං සෙනාසනං භජාහි
|
75
“බ්‍රාහ්මණය, මේ ධර්ම විනයෙහි පිළිවෙළින් හික්මීම, පිළිවෙළින් කිරීම, පිළිවෙළින් පිළිපැදීම, පෙන්විය හැක්කේය. බ්‍රාහ්මණය, යම්සේ දක්ෂවූ අශ්වයන් හික්මවන්නෙක් යහපත්වූ අජානීය අශ්වයෙකු ලැබ පළමුකොටම කටකලියාවට පුරුදු කරවයිද, ඉක්බිති මත්තෙහි කටයුතු පුරුදු කරවයිද, බ්‍රාහ්මණය, එපරිද්දෙන්ම තථාගත තෙම දමනය කිරීමට සුදුසු පුරුෂයෙකු ලැබ, පළමුකොටම මෙසේ හික්මවන්නේය. ‘මහණ එව. නුඹ සිල්වත් වෙව. ප්රාතිමොක්ෂ සංවරයෙන් සංවරව ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තව, කුඩා වරදෙහි පවා භය දක්නෙක්ව වාසය කරව. සමාදන්ව ශික්ෂාපදයන්හි හික්මෙවයි’ යනුවෙනි.
“බ්‍රාහ්මණය, භික්ෂුතෙම යම් තැනක පටන් සිල්වත්වේද, ප්රාතිමොක්ෂ සංවරයෙන් සංවරව, ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තව, කුඩා වරදෙහි පවා භය දක්නෙක්ව වාසය කෙරේද, සමාදන්ව ශික්ෂාපදයන්හි හික්මේද, තථාගත තෙම ඔහු මත්තෙහි හික්මවයි. ‘මහණ, එව නුඹ ඉන්ද්රියයන්හි රක්නාලද දොරටු ඇත්තෙක් වෙව. ඇසින් රූපය දැක නිමිති ගන්නෙක්, කුඩා සලකුණු ගන්නෙක් නොවෙව. යම් හෙයකින් මේ චක්ෂුරින්ද්රියයෙහි (ඇසෙහි) සංවර නැතුව වාසය කරන්නහු ලෝභය, ද්වේෂය යන ලාමකවූ අකුසල ධර්මයෝ අනුව වහනය වෙත්ද, ඔහුගේ සංවරය පිණිස පිළිපදුව. චක්‍ෂුරින්‍ද්‍රිය රකුව. චක්ෂුරින්ද්රියයෙහි සංවරයට පැමිණෙව.
“කණින් ශබ්දය අසා නිමිති ගන්නෙක්, කුඩා සලකුණු ගන්නෙක් නොවෙව. යම් හෙයකින් මේ සොතෙන්ද්රියයෙහි සංවර නැතිව වාසය කරන්නවූ මොහුට විෂම ලෝභය, දොම්නස යන ලාමකවූ අකුසල ධර්මයෝ අනුව වහනය වෙත්ද ඔහුගේ සංවරය පිණිස පිළිපදුව. සොතෙන්ද්රිය රකුව. සොතෙන්ද්රියයෙහි සංවරයට පැමිණෙව.
“නාසයෙන් ගන්ධය ආඝ්‍රාණය කොට නිමිති ගන්නෙක්, කුඩා සලකුණු ගන්නෙක් නොවෙව. යම් හෙයකින් මේ ඝාණෙන්ද්රියයෙහි සංවර නැතිව වාසය කරන්නවූ මොහුට විෂම ලෝභය, දොම්නස යන ලාමකවූ අකුසල ධර්මයෝ අනුව වහනය වෙත්ද, ඔහුගේ සංවරය පිණිස පිළිපදුව. ඝාණෙන්ද්රිය රකුව. ඝාණෙන්ද්රියයෙහි සංවරයට පැමිණෙව.
“දිවෙන් රසය දැන නිමිතිගන්නෙක් කුඩා සලකුණු ගන්නෙක් නොවෙව. යම් හෙයකින් ජිහ්ව ඉන්ද්රියයෙහි සංවර නැතිව වාසය කරන්නවූ මොහුට විෂම ලෝභය, දොම්නස යන ලාමකවූ අකුසල ධර්මයෝ අනුව වහනය වෙත්ද, ඔහුගේ සංවරය පිණිස පිළිපදුව. ජිහ්වෙන්ද්රිය රකුව. ජිහ්ව ඉන්ද්රියයෙහි සංවරයට පැමිණෙව.
කයින් ප්‍රශ්වව්‍යයන් ස්පර්ශකොට නිමිති ගන්නෙක් කුඩා සලකුණු ගන්නෙක් නොවෙව. යම් හෙයකින් ස්පර්ශෙන්ද්රියයෙහි සංවර නැතිව වාසය කරන්නවූ මොහුට විෂම ලෝභය, දොම්නස යන ලාමකවූ අකුශල ධර්මයෝ අනුව වහනය වෙත්ද ඔහුගේ සංවරය පිණිස පිළිපදුව. ස්පර්ශෙන්ද්‍රිය රකුව. ස්පර්ශෙන්ද්රියයෙහි සංවරයට පැමිණෙව.
සිතින් ධර්මය දැන නිමිති ගන්නෙක් කුඩා සලකුණු ගන්නෙක් නොවෙව. යමක් හේතුකොටගෙන මනින්ද්රියයෙහි සංවර රහිතව වාසය කරන්නහුට ලෝභය, ද්වේෂය, යන ලාමකවූ අකුසල ධර්මයෝ අනුව වැහෙන්නාහුද, ඔහුගේ සංවරය පිණිස පිළිපදුව. මනින්‍ද්‍රිය රකුව. මනින්ද්රියයෙහි සංවරයට පැමිණෙව’යි යනුවෙනි.
“බ්‍රාහ්මණය, යම් තැනක පටන් මහණතෙම ඉඳුරන්හි රක්නාලද දොරටු ඇත්තේ වේද, ඔහු තථාගත තෙම මත්තෙහි හික්මවයි. ‘මහණ, එව. නුඹ භොජනයෙහි පමණ දක්නෙක් වෙව. නුවණින් සලකා ආහාරය ගණුව. ක්‍රීඩා පිණිස නොවේ. මද වැඩීම පිණිස නොවේ. සැරසීම පිණිස නොවේ. අලංකාර කිරීම පිණිස නොවේ. යම්තාක්ම මේ ශරීරයාගේ පැවැත්ම පිණිස යැපීම පිණිස විහිංසා වැලැක්ම පිණිස බ්‍රහ්මචර්‍ය්‍යාවට අනුග්‍රහ පිණිස වේ. මෙසේ පැරණිවූ වේදනාවද නසමි. අළුත් වේදනාවද නූපද වන්නෙමි. මාගේ ජීවිත යාත්‍රාවද නිරවද්‍ය භාවයද පහසු විහරණයද වන්නේයයි (ආහාර ගනුව යනුවෙනි)
“බ්‍රාහ්මණය, යම් තැනෙක පටන් මහණතෙම වැළඳීමෙහි පමණ දන්නේ වේද, ඔහු තථාගතතෙම මත්තෙහි හික්මවයි. ‘මහණ එව. නුඹ නිදි දුරු කිරීමෙහි යෙදී වාසය කරව. දාවල් දවස සක්මනින්ද, හිඳීමෙන්ද, සිත වසන්නාවූ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරව. රාත්‍රියගේ ප්‍රථම යාමයෙහි සක්මනින්ද, හිඳීමෙන්ද, සිත වසන්නාවූ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරව. රාත්‍රියගේ මධ්‍යම යාමය දකුණු පසින් දකුණු පයෙහි වම්පය මඳක් ඉක්මවා තබා සිහි ඇත්තේ නුවණ ඇත්තේ නැගිටිමි යන සංඥාව මෙනෙහි කොට සිංහ සෙය්යාවෙන් සයනය කරව. රාත්‍රියගේ පශ්චිම යාමයෙහි නින්දෙන් නැගිට සක්මනින්ද, හිඳීමෙන්ද, සිත වසන්නාවූ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරවයි’ (යනුවෙනි.)
“බ්‍රාහ්මණය, යම් තැනක පටන් මහණතෙම නිදි දුරු කිරීමෙහි යෙදුනේ වේද, ඔහු තථාගත තෙම මත්තෙහි හික්මවයි. ‘මහණ, එව. නුඹ සිහි නුවණින් යුක්තවූවෙක් වෙව ඉදිරියට ගමන් කිරීමෙහිද, ආපසු ගමන් කිරීමෙහිද, නුවණින් යුක්තව කරන්නෙක් ඉදිරිපස බැලීමෙහිද, හැරී බැලීමෙහිද නුවණින් යුක්තවූවෙක්, අත් පා හැකිලීමෙහිද, දිගුකිරීමෙහිද, නුවණින් යුක්තවූවෙක්, දෙපට සිව්ර හා පා සිව්රු දැරීමෙහි නුවණින් යුක්තවූවෙක්, අනුභව කිරීමෙහි පානය කිරීමෙහි, කඩා කෑමෙහි, රස විඳීමෙහි නුවණින්, යුක්තවූවෙක්, මලමුත්‍ර පහකිරීමෙහි නුවණින් යුක්තවූවෙක්, ගමනෙහි, සිටීමෙහි, හිඳීමෙහි, නිදි දුරුකිරීමෙහි, කීමෙහි, කතා නොකිරීමෙහි නුවණින් යුක්තවූවෙක් වේවයි (යනුවෙනි.)
“බ්‍රාහ්මණය, යම් තැනක පටන් මහණතෙම සිහි නුවණින් යුක්තවූයේ වේද, ඒ පුද්ගලයා තථාගත තෙම මත්තෙහි හික්මවයි. ‘මහණ, එව නුඹ විවේක ඇත්තාවූ සේනාසනයක් භජනය කරව. එනම්: අරණ්‍යය, වෘක්ෂමූලය, පර්වතය, කඳුරැළිය, පර්වත ගුහාවය, සොහොනය, අභ්‍යවකාශය, පිදුරු බිස්නය යන මොහුයි. හෙතෙම විවේක ඇති සෙනසුනක් භජනය කරයි. අරණ්‍යය, වෘක්ෂමූලය, පර්වතය, කඳුරැළිය, පර්වත ගුහාය, සොහොනය, වනසෙනසුනය, අභ්‍යවකාශය, පිදුරු බිස්නය යන මොහුයි.
හෙතෙම සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ පළඟ බැඳගෙන ඍජුව කය පිහිටුවා අරමුණට ඉදිරිපත් කොට සිහිය පිහිටුවා හිඳියි. හෙතෙම ලෝකයෙහි ලෝභය දුරුකොට පහව ගියාවූ ‘විෂම ලෝභය ඇති සිතින් යුක්තව වාසය කරයි. ලෝභයෙන් සිත පිරිසිදු කරයි. ද්වේෂය දුරුකොට ද්වේෂ රහිත සිත් ඇත්තේ, සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කරයි. ව්‍යාපාද දෝෂයෙන් සිත පිරිසිදු කරයි. ථීනමිද්ධය හැර පහව ගියාවූ ථීනමිද්ධය ඇතිව ආලෝක සංඥා ඇතිව සිහි නුවණ දෙකින් යුක්තව වාසය කරයි. ථීනමිද්ධයෙන් සිත පිරිසිදු කරයි. උද්ධච්චකුක්කුච්චය (නොසන්සුන් කම හා පසු තැවීම) දුරුකොට සන්සුන්ව තමා කෙරෙහි සංසිඳුනු සිත් ඇතිව වාසය කරයි. උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කරයි. විචිකිච්ඡාව හැර දුරුකළ සැක ඇත්තේ කුසල ධර්මයන්හි කෙසේ කෙසේදැයි යන සැක නැතිව වාසය කරයි. විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කරයි.
|
76
‘‘සො
‘‘යෙ ඛො තෙ, බ්‍රාහ්මණ, භික්ඛූ සෙක්ඛා
(සෙඛා (සබ්බත්ථ)) අපත්තමානසා අනුත්තරං යොගක්ඛෙමං පත්ථයමානා විහරන්ති
එවං වුත්තෙ, ගණකමොග්ගල්ලානො බ්රාහ්මණො භගවන්තං එතදවොච - ‘‘කිං නු ඛො භොතො ගොතමස්ස සාවකා භොතා ගොතමෙන එවං ඔවදීයමානා එවං අනුසාසීයමානා සබ්බෙ අච්චන්තං නිට්ඨං නිබ්බානං ආරාධෙන්ත්න්ත්ති උදාහු එකච්චෙ නාරාධෙන්තී’’ති? ‘‘අප්පෙකච්චෙ ඛො, බ්‍රාහ්මණ, මම සාවකා මයා
‘‘කො නු ඛො, භො ගොතම, හෙතු කො පච්චයො යං තිට්ඨතෙව නිබ්බානං, තිට්ඨති නිබ්බානගාමී මග්ගො, තිට්ඨති භවං ගොතමො සමාදපෙතා; අථ ච පන භොතො ගොතමස්ස සාවකා භොතා ගොතමෙන එවං ඔවදීයමානා එවං අනුසාසීයමානා අප්පෙකච්චෙ අච්චන්තං නිට්ඨං නිබ්බානං ආරාධෙන්ති, එකච්චෙ නාරාධෙන්තී’’ති?
|
76
“හෙතෙම මේ සිත කිලුටු කරන්නාවූ ප්‍රඥාව දුර්වල කරන්නාවූ පඤ්චනීවරණයන් හැර කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමා කෙරෙහි පැහැදීම ඇති චිත්තයාගේ එකඟබව ඇති විතර්ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතියෙහිද නොඇල්මෙන් උපෙක්ෂාවෙන්ද, සිහි නුවණ දෙකින්ද, යුක්තව වාසය කරයි. සැපයද නාම කයින් විඳියි. යම් ධ්‍යානයකට පැමිණීම නිසා ආර්‍ය්‍යයෝ උපෙක්ෂා ඇත්තේ සිහි ඇත්තේ සැප විහරණ ඇත්තේයයි, කියත්ද ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැපයාගේද දුරු කිරීමෙන් දුක්ඛයාගේද දුරු කිරීමෙන් පළමු උපචාර කාලයේම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන් දුක් නැත්තාවූ සැප නැත්තාවූ උපෙක්ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු කම ඇති චතුර්ථධ්යානයට පැමිණ වාසය කරයි.
“බ්‍රාහ්මණය, යම් ඒ භික්ෂූහු ශෛක්ෂවූවාහු නොපැමිණි අර්හත්වය ඇත්තාහු උතුම්වූ නිවණ පතමින් වාසය කරත්ද, ඔවුන් කෙරෙහි මාගේ මෙබඳුවූ මේ අනුශාසනාව වෙයි. යම් ඒ භික්ෂූහු රහත්වූවාහු ක්ෂය කළ ආශ්‍රව ඇත්තාහු වැස නිමවනලද බඹසර (උතුම් හැසිරීම) ඇත්තාහු සතර මගින් කරණලද කටයුතු ඇත්තාහු බහා තබන ලද කෙලෙස් බර ඇත්තාහු පිළිවෙළින් පැමිණි අර්හත්වය ඇත්තාහු ක්ෂයකළ භවසංයෝජන ඇත්තාහු මනාව නුවණින් දැන කෙලෙසුන් කෙරෙන් මිදුනාහු වෙත්ද, ඔවුන්ට මේ ධර්මයෝ මේ ආත්මයෙහි සැප විහරණය පිණිසද සිහි නුවණ දෙකින් යුක්තවීම පිණිසද පවතිත්යයි” වදාළේය.
මෙසේ වදාළ කල්හි ගණක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “කිමෙක්ද? භවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෝ භවත් ගෞතමයන් වහන්සේ විසින් මෙසේ අවවාද කරණු ලබන්නාහු මෙසේ අනුශාසනා කරණු ලබන්නාහු සියල්ලෝම ඒකාන්ත නිෂ්ටාවවූ නිවණට පැමිණෙත්ද, නොහොත් ඇතැමෙක් නොපැමිණෙත්ද?”
“බ්‍රාහ්මණය, ඇතැම් මාගේ ශ්‍රාවකයෝ මෙසේ අවවාද කරණු ලබන්නාහු, මෙසේ අනුශාසනා කරණු ලබන්නාහු, ඒකාන්ත නිෂ්ටාවවූ නිවණට පැමිණෙත්. ඇතැම්හු නොපැමිණෙත්යයි” (වදාළේය.) “භවත් ගෞතමයන් වහන්ස, නිවණද ඇත්තේද, නිවණට පැමිණෙන මාර්ගයද ඇත්තේය. එහි යොදවන්නාවූ භවත් ගෞතමයන් වහන්සේද ඇත්තාහ. එතකුදු වුවත් භවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෝ භවත් ගෞතමයන් වහන්සේ විසින් මෙසේ අවවාද කරණු ලබන්නාහු, මෙසේ අනුශාසනා කරණු ලබන්නාහු, සමහරු ඒකාන්ත නිෂ්ටාවවූ නිවණට පැමිණෙත්. සමහරු නොපැමිණෙත් යන යමක් වේද, ඊට හේතුව කවරේද, ප්‍රත්‍යය කවරේද?”
|
77
‘‘තෙන
‘‘එවමෙව ඛො, බ්‍රාහ්මණ, තිට්ඨතෙව නිබ්බානං, තිට්ඨති නිබ්බානගාමී මග්ගො, තිට්ඨාමහං සමාදපෙතා; අථ ච පන මම සාවකා මයා එවං ඔවදීයමානා එවං අනුසාසීයමානා අප්පෙකච්චෙ අච්චන්තං නිට්ඨං නිබ්බානං ආරාධෙන්ති, එකච්චෙ නාරාධෙන්ති. එත්ථ ක්යාහං, බ්‍රාහ්මණ, කරොමි? මග්ගක්ඛායීහං, බ්‍රාහ්මණ, තථාගතො’’ති.
|
77
“බ්‍රාහ්මණය, එසේවී නම්, තොපගෙන්ම මෙය අසන්නෙමි. යම්සේ තොපට වැටහෙන්නේද, එසේ එය ප්‍රකාශ කරව. බ්‍රාහ්මණය, ඒ කුමකැයි හඟින්නෙහිද? නුඹ රජගහ නුවරට යන්නාවූ මාර්ගය පිළිබඳව දක්ෂයෙක් වෙහිද?” “එසේය. පින්වතුන් වහන්ස, මම රජගහනුවරට යන්නාවූ මග පිළිබඳව දක්ෂයෙක්මි”යි කීයේය.
“බ්‍රාහ්මණය, ඒ කුමකැයි හඟින්නෙහිද? මෙහි රජගහ නුවරට යනු කැමැත්තාවූ පුරුෂයෙක් එන්නේය. හෙතෙම නුඹ වෙත පැමිණ ‘ස්වාමීනි, මම රජගහනුවරට යනු කැමැත්තෙමි. ඒ මට රජගහනුවරට යන මග දක්වනු මැනවැයි’ කියන්නේය. ඔහුට නුඹ මෙසේ කියන්නෙහිය. ‘පින්වත් පුරුෂය, මෙසේ මේ මාර්ගය රජගනුවරට යයි. ඒ මගින් ටික දුරක් යව. ඒ මගින් ටික දුරක් ගිය කල අසවල් නම් ගම දක්නෙහිය. එයින් ටික දුරක් යව. එයින් ටික දුරක් ගිය කල අසවල් නම් නියම් ගම දක්නෙහිය. එයින් ටික දුරක් යව. එයින් ටික දුරක් ගිය කල ආරාමයන්ගෙන් අලංකාරවූ, උයන්වලින් අලංකාරවූ, භූමියෙන් අලංකාරවූ, පොකුණුවලින් අලංකාරවූ, රජගහනුවර දක්නෙහිය,’ කියායි. නුඹ විසින් මෙසේ අවවාද කරනු ලැබූ, මෙසේ අනුශාසනා කරනු ලැබූ හෙතෙම වැරදි මගක් ගෙණ ආපසු හැරී යන්නේය.
ඉක්බිති රජගහනුවරට යනු කැමැත්තාවූ දෙවෙනි පුරුෂයෙක් එන්නේය. හෙතෙම නුඹ වෙත පැමිණ ‘ස්වාමීනි, මම රජගහනුවරට යන්ට කැමැත්තෙමි. ඒ මට රජගහනුවරට මග දක්වනු මැනවැයි’ කියන්නේය. ඔහුට නුඹ මෙසේ කියන්නෙහිය. ‘පින්වත් පුරුෂය, මෙසේ මේ මග රජගහ නුවරට යයි. ඒ මගින් ටික දුරක් යව. ඒ මගින් ටික දුරක් ගිය කල අසවල් නම් ගම දක්නෙහිය. එයින් ටික දුරක් යව. එයින් ටික දුරක් ගිය කල අසවල් නම් නියම් ගම දක්නෙහිය. එයින් ටික දුරක් යව එයින් ටික දුරක් ගිය කල ආරාමයන් ගෙන් අලංකාරවූ, වනයන්ගෙන් අලංකාරවූ, භූමීන්ගෙන් අලංකාරවූ, පොකුණූවලින් අලංකාරවූ, රජගහනුවර දක්නෙහිය’ යනුවෙනි. නුඹ විසින් මෙසේ අවවාද කරනු ලැබූ මෙසේ අනුශාසනා කරණු ලැබූ හෙතෙම සුවසේ රජගහ නුවරට යන්නේය.
“බ්‍රාහ්මණය, රජගහනුවරද ඇත. රජගහනුවරට යන මගද ඇත. යොදවන්නාවූ නුඹ ඇත. එතකුදු වුවත් නුඹ විසින් මෙසේ අවවාද කරනු ලැබූ, මෙසේ අනුශාසනා කරනු ලැබූ එක් පුරුෂයෙක් නොමග ගෙන ආපසු හැරී යන්නේය. එක් පුරුෂයෙක් සුවසේ රජගහනුවරට යන්නේය යන මීට හේතුව කුමක්ද?” “භවත් ගෞතමයන් වහන්ස, කාරණය කුමක්ද? මෙහි මම කුමක් කෙරෙම්ද? භවත් ගෞතමයන් වහන්ස, මම මග කියන්නේ වෙමියි කීය.
“බ්‍රාහ්මණය, එපරිද්දෙන්ම නිවණ ඇත්තේමය. නිවණට යන මග ඇත්තේමය. යොදවන්නාවූ මමද සිටිමි. එතකුදු වුවත් මාගේ ශ්‍රාවකයෝ මා විසින් මෙසේ අවවාද කරනු ලබන්නාහු, මෙසේ අනුශාසනා කරනු ලබන්නාහු සමහරු ඒකාන්තයෙන් නිෂ්ටාවවූ නිවණට පැමිණෙත්. සමහරු නොපැමිණෙත්. බ්‍රාහ්මණය, මෙහි මම කුමක් කෙරෙම්ද? බ්‍රාහ්මණය, තථාගතතෙම මග කියන්නේ වේයයි” වදාළේය.
|
78
එවං වුත්තෙ, ගණකමොග්ගල්ලානො බ්රාහ්මණො භගවන්තං එතදවොච - ‘‘යෙමෙ, භො ගොතම, පුග්ගලා අස්සද්ධා ජීවිකත්ථා න සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතා සඨා මායාවිනො කෙතබිනො
(කෙටුභිනො (සී. ස්‍යා. කං. පී.)) උද්ධතා උන්නළා චපලා මුඛරා විකිණ්ණවාචා ඉන්ද්රියෙසු අගුත්තද්වාරා භොජනෙ අමත්තඤ්ඤුනො ජාගරියං අනනුයුත්තා සාමඤ්ඤෙ අනපෙක්ඛවන්තො සික්ඛාය න තිබ්බගාරවා බාහුලිකා
(බාහුල්ලිකා (ස්‍යා. කං.)) සාථලිකා ඔක්කමනෙ පුබ්බඞ්ගමා පවිවෙකෙ නික්ඛිත්තධුරා කුසීතා හීනවීරියා මුට්ඨස්සතිනො අසම්පජානා අසමාහිතා විබ්භන්තචිත්තා
‘‘යෙ පන තෙ කුලපුත්තා සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතා අසඨා අමායාවිනො අකෙතබිනො අනුද්ධතා අනුන්නළා අචපලා අමුඛරා අවිකිණ්ණවාචා ඉන්ද්රියෙසු ගුත්තද්වාරා භොජනෙ මත්තඤ්ඤුනො ජාගරියං අනුයුත්තා සාමඤ්ඤෙ අපෙක්ඛවන්තො සික්ඛාය තිබ්බගාරවා නබාහුලිකා නසාථලිකා ඔක්කමනෙ නික්ඛිත්තධුරා පවිවෙකෙ පුබ්බඞ්ගමා ආරද්ධවීරියා පහිතත්තා උපට්ඨිතස්සතිනො සම්පජානා සමාහිතා එකග්ගචිත්තා පඤ්ඤවන්තො අනෙළමූගා, තෙහි භවං ගොතමො සද්ධිං සංවසති.
‘‘සෙය්යථාපි
‘‘අභික්කන්තං
|
78
මෙසේ වදාළ කල්හි ගණක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “භවත් ගෞතමයන් වහන්ස, ශ්‍රද්ධාව නැත්තාවූ, ජීවිකාව ප්‍රයෝජන කොට ඇත්තාවූ, ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි නොවූ, කෛරාටිකවූ, මායා ඇත්තාවූ, කෙටුභ ශාස්ත්‍ර දන්නාවූ, උඩඟුවූ, මානය ඇත්තාවූ, චපලවූ, දොඩමලුවූ, විසුරුණු වචන ඇත්තාවූ, ඉන්ද්රියයන්හි නොරක්නාලද දොරටු ඇත්තාවූ, වැළඳීමෙහි පමණ නොදන්නාවූ, නිදි දුරුකිරීමෙහි නොයෙදුනාවූ, ශ්‍රමණ බැව්හි බලාපොරොත්තුවක් නැත්තාවූ ශික්ෂාවෙහි තියුණු ගෞරවයක් නැත්තාවූ, ප්‍රත්‍ය බහුලකොට ඇත්තාවූ, සස්න ලිහිල්කොට ගත්තාවූ, පසුබැස්මෙහි පෙරටුව ගමන් කරන්නාවූ, විවේකයෙහි බහා තබනලද බර ඇත්තාවූ, කම්මැලිවූ, හීන වීර්‍ය්‍ය ඇත්තාවූ, සිහි මුළාවූ, නුවණ නැත්තාවූ, සිත එකඟ නොවූ, කැළඹුණු සිත් ඇත්තාවූ, ප්‍රඥා නැත්තාවූ, කෙලතොලුවූ, යම් පුද්ගලයෝ වෙත්ද, භවත් ගෞතම තෙමේ ඔවුන් සමග වාසය නොකරයි.
“ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූ කෛරාටික නොවූ, මායා නැත්තාවූ කෙටුභ ශාස්ත්‍ර නොකියන්නාවූ, උඩඟු නොවූ, උස්වූ මාන නළ නැත්තාවූ, චපල නොවූ, දොඩමලු නොවූ, විසුරුණු වචන නැත්තාවූ, ඉන්ද්රියයන්හි රක්නාලද දොරටු ඇත්තාවූ, වැළඳීමෙහි පමණ දන්නාවූ, නිදි දුරු කිරීමෙහි යෙදුනාවූ, ශ්‍රමණ බැව්හි බලාපොරොත්තු ඇත්තාවූ, ශික්ෂායෙහි තියුණුගෞරව ඇත්තාවූ, ප්‍රත්‍ය බහුලකොට නැත්තාවූ, සස්න ලිහිල්කොට නොගන්නාවූ, පසුබැස්මෙහි බහා තබනලද බරඇත්තාවූ, විවේකයෙහි පෙරටුව ගමන් කරන්නාවූ, පටන් ගන්නාලද වීර්‍ය්‍ය ඇත්තාවූ, හරනලද ආත්ම ආශාව ඇත්තාවූ, එළඹ සිටි සිහි ඇත්තාවූ, මනා නුවණ ඇත්තාවූ, සමාධියට පැමිණියාවූ, එකඟවූ සිත් ඇත්තාවූ, ප්‍රඥාව ඇත්තාවූ, කෙලතොලු නොවූ යම් ඒ පුද්ගලයෝ වෙත්ද, භවත් ගෞතමතෙමේ ඔවුන් සමග වාසය කරයි.
“භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යම්කිසි සුවඳ මුල් වර්ග වෙත්ද, කලුවැල් ඔවුන්ගෙන් අග්‍රයයි කියනු ලැබේ. යම්කිසි සුවඳ හර වර්ග වෙත්ද, රත්සඳුන් ඔවුන්ගෙන් අග්‍රයයි කියනු ලැබේ. යම්කිසි සුවඳ මල් වර්ග වෙත්ද, දෑසමන් ඔවුන්ගෙන් අග්‍රයයි කියනු ලැබේ. එපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේගේ අවවාදය තෙම මෙකල්හි පවත්නා ධර්ම අතුරෙන් අතිශයින් අග්‍රවන්නේය.
“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරුකොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වේද වසා තබන ලද්දක් වැසුම් හරින්නේ හෝ වේද, මංමුළා වූවෙකුට මග කියන්නේ හෝ වේද, අන්ධකාරයෙහි ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේ හෝ වේද, මෙපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේ විසින් අනෙක ප්‍රකාරයෙන් ධර්ම ප්‍රකාශ කරනලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ සරණකොට යමි. ධර්මයද භික්ෂු සංඝයාද, (සරණකොට යමි.) භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිම් කොට සරණ ගියාවූ උපාසකයෙකැයි දරණසේක්වායි” කීය.
|
8. ගොපකමොග්ගල්ලානසුත්තං | 8. ගොපක මොග්ගල්ලාන සූත්‍රය |
79
එවං
අථ ඛො ආයස්මා ආනන්දො යෙන ගොපකමොග්ගල්ලානස්ස බ්රාහ්මණස්ස කම්මන්තො, යෙන ගොපකමොග්ගල්ලානො බ්රාහ්මණො තෙනුපසඞ්කමි. අද්දසා ඛො ගොපකමොග්ගල්ලානො බ්රාහ්මණො ආයස්මන්තං ආනන්දං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන ආයස්මන්තං ආනන්දං එතදවොච - ‘‘එතු ඛො භවං ආනන්දො. ස්වාගතං භොතො ආනන්දස්ස. චිරස්සං ඛො භවං ආනන්දො ඉමං පරියායමකාසි යදිදං ඉධාගමනාය. නිසීදතු භවං ආනන්දො, ඉදමාසනං පඤ්ඤත්ත’’න්ති. නිසීදි ඛො ආයස්මා ආනන්දො පඤ්ඤත්තෙ ආසනෙ. ගොපකමොග්ගල්ලානොපි
අථ
|
79
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී නොබෝ කල්හි රජගහනුවර කලන්දක නිවාපනම්වූ වෙළුවනාරාමයෙහි වාසය කරති. එකල්හි වනාහි වෙදෙහි පුත්‍රවූ මගධ රටට අධිපතිවූ අජාත ශතෘ නම් රජ තෙම පජ්ජොත රජගැන සැක කොට රජගහ නුවර ප්‍රතිසංස්කරණය කරවයි. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම උදය කාලයෙහි හැඳ පොරවා පාත්‍රසිව්රු ගෙණ රජගහ නුවරට පිඩු පිණිස වැඩියේය. එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට තවම රජගහ නුවර පිඩුපිණිස හැසිරීමට කල්වැඩිය. මම ගොපක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණයාගේ කර්මාන්තය (වැඩපොල) යම් තැනෙක් හිද, ගොපක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණයා යම් තැනෙක් හිද, එතැනට යන්නෙම් නම් හොඳයයි අදහස්විය.
‘ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම ගොපක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණයාගේ වැඩපොල යම් තැනෙක්හිද, ගොපක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණ තෙම යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. ගොපක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණ තෙමේ එන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ දුරදීම දුටුයේය. දැක ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට පින්වත් ආනන්ද ස්ථවිර තෙමේ මෙහි එත්වා, පින්වත් ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ පැමිණීම යහපත්ය. පින්වත් ආනන්ද ස්ථවිර තෙමේ බොහෝ කලකින් මෙහි පැමිණියේය. පින්වත් ආනන්ද ස්ථවිර තෙමේ වැඩ හිඳිනු මැනව. මේ ආසනය පනවනලදැයි” කීය. ආයුෂ්මත් ආනන්දස්ථවිර තෙම පනවන ද ආසනයෙහි වැඩ උන්නේය. ගොපක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණ තෙමේද, එක්තරා මිටි ආසනයක් ගෙණ එක් පසක උන්නේය. එක්පසක උන්නාවූ ගොපක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණ තෙම ආයුෂ්මත් ආනන්දස්ථවිරයන් වහන්සේගෙන් “ඒ භවත් ගෞතමයන් වහන්සේ යම් ධර්මයන්ගෙන් යුක්ත වූයේ අර්හත් සම්යක්සම්බුද්ධවූයේද, සියලු ආකාරයෙන් ඒ ධර්මයන්ගෙන් යුක්තවූ එක භික්ෂුවක්වත් ඇත්තේ දැයි” ඇසීය.
“බ්‍රාහ්මණය, ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ යම් ධර්මයන්ගෙන් යුක්තවූ සේක්ද, සියලු ආකාරයෙන් ඒ ධර්මයන්ගෙන් යුක්තවූ එක භික්ෂුවකුත් නැත්තේමය. බ්‍රාහ්මණය, ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි නූපන් මාර්ගය උපදවන්නෙකි. නොහටගත් මාර්ගය හටගන්වන්නෙකි.
නොකියනලද මාර්ගය කියන්නෙකි. මාර්ගය දන්නෙක. මාර්ගයෙහි දක්ෂයෙක, පසුව ධර්මයෙන් යුක්තවූ මාර්ගයට අනුව ගමන් කරන්නාවූ ශ්‍රාවකයෝ මෙකල වාසය කෙරෙත්යයි” කීය. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේත් මොග්ගල්ලාන බ්‍රාහ්මණයාත් අතර පැවති මේ කථාව කොට නිමවන ලද්දී වේ”
“එකල්හි මගධ මහාමාත්‍යවූ වස්සකාර නම් බ්‍රාහ්මණ තෙම රජගහ නුවර කර්මාන්තයන් පරීක්ෂාකර බලමින් යන්නේ, ගොපක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණයාගේ වැඩපොල යම් තැනෙක්හිද, ආයුෂ්මත් ආනන්ද ස්ථවීරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ආනන්ද ස්ථවීරයන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු වියයුතුවූ, සිහිකටයුතුවූ, කථාකොට නිමවා එකත් පසක හුන්නේය. එකත් පසක හුන්නාවූ මගධ මහාමාත්‍යවූ වස්සකාර නම් බ්‍රාහ්මණ තෙම ආයුෂ්මත් ආනන්දස්ථවිරයන් වහන්සේගෙන් “භවත් ආනන්දස්ථවිරයන් වහන්ස, දැන් කිනම් කථාවකින් යුක්තව හුන්නාහුද? නුඹවහන්සේලා අතර කිනම් කථාවක් කොට නිම කරණ ලද්දීදැයි” ඇසීය.
“බ්‍රාහ්මණය, මෙහි මාගෙන් ගොපක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණ තෙම ‘භවත් ආනන්දස්ථවිරයන් වහන්ස, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භවත් ගෞතමයන් වහන්සේ යම් ධර්මයන්ගෙන් යුක්තවූ සේක්ද සියලු ආකාරයෙන් ඒ ධර්මයන්ගෙන් යුක්තවූ එක් භික්ෂුවක්වත් ඇත්තේ දැයි ඇසීය.”
“බ්‍රාහ්මණය, මෙසේ කී කල්හි මම ගොපක මොග්ගල්ලාන බ්‍රාහ්මණයාට මෙය කීවෙමි. “බ්‍රාහ්මණය, ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ යම් ධර්මයන් යුක්තවූ සේක්ද, සියලු ආකාරයෙන් ධර්මයන්ගෙන් යුක්තවූ එක භික්ෂුවකුත් නැත්තේමය, බ්‍රාහ්මණය, ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි නූපන්නාවූ මාර්ගය උපද වන්නෙකි. නොහට ගත්තාවූ මාර්ගය හටගන්වන්නෙකි. නොකියන ලද්දාවූ මාර්ගය කියන්නෙකි. මාර්ගය දන්නෙක, මාර්ගයෙහි දක්ෂයෙකි. පසුව ධර්මයෙන් යුක්තවූ මාර්ගය අනුව ගමන් කරන්නාවූද, ශ්‍රාවකයෝ මෙකල්හි වාසය කෙරෙත්යයි,’ කීවෙමි. බ්‍රාහ්මණය අපත් ගොපක මොග්ගල්ලාන බ්‍රාහ්මණයාත් අතර මේ කථාව කොට නිමවනලදී. එකල්හි ඔබ පැමිණියෙහියයි,” කීය.
|
80
‘‘අත්ථි නු ඛො, භො ආනන්ද, එකභික්ඛුපි තෙන භොතා ගොතමෙන ඨපිතො - ‘අයං වො මමච්චයෙන පටිසරණං භවිස්සතී’ති, යං තුම්හෙ එතරහි
‘‘‘අත්ථි
|
80
“භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, මෙතෙම තොපට පිළිසරණ වන්නේයයි ඒ භවත් ගෞතමයන් වහන්සේ විසින් තබනලද දැන් නුඹවහන්සේලා අනුගමනය කරන්නාවූ එක් භික්ෂුවක්වත් ඇත්තේද?” ගෞතමයන් වහන්සේ විසින් තබනලද එබඳු එක භික්ෂු නමකුත් ඇත්තේද?”
‘බ්‍රාහ්මණය, මෙතෙම තොපට මාගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේයයි, ඒ දන්නාවූ දක්නාවූ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ විසින් තබන ලද්දාවූ, දැන් අප අනුගමනය කරන්නාවූ, එබඳුවූ එක භික්ෂුවකුත් නැත්තේ මැයි.”
“භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, මෙතෙම අපට භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේයයි සංඝයා විසින් සම්මත කරණ ලද්දාවූ බොහෝ ස්ථවිර භික්ෂූන් විසින් තබන ලද්දාවූ දැන් නුඹවහන්සේලා අනුව ගමන් කරන්නාවූ එක භික්ෂුවක්වත් ඇත්දැයි,” (ඇසූයේය,)
“බ්‍රාහ්මණය, මෙතෙම අපට භාග්‍යවතුන් වහන්සේගේ, ඇවෑමෙන් පිළිසරණ වන්නේයයි. සංඝයා විසින් සම්මත කරණ ලද්දාවූ බොහෝවූ ස්ථවිර භික්ෂූන් විසින් තබන ලද්දාවූ, දැන් අප යමකු අනුව ගමන් කරන්නාවූ එක භික්ෂු නමකුත් නැත්තේමය.”
“භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, මෙසේ පිළිසරණක් නැති කල්හි සමගියට හේතු කවරේද?” “බ්‍රාහ්මණය අපි පිළිසරණ නැත්තෝ නොවෙමු. බ්‍රාහ්මණය, අපි පිළිසරණ ඇත්තෝ වෙමු. ධර්මය පිළිසරණකොට ඇත්තෝ වෙමුයි,” කීය.
“භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, මෙතෙම තොපට මාගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේයයි” ඒ භවත් ගෞතමයන් වහන්සේ විසින් තබනලද දැන් නුඹ වහන්සේලා අනුව ගමන් කරන්නාවූ එක භික්ෂුවකුත් ඇත්තේදැයි, මෙසේ අසන ලද්දේම “බ්‍රාහ්මණය, මෙතෙම තොපට මාගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේයයි ඒ දන්නාවූ දක්නාවූ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ විසින් තබනලද දැන් අප අනුව යන්නාවූ එබඳුවූ එක භික්ෂුවකුත් නැතැයි” කීයෙහිය. ‘භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, මෙතෙම අපට භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේ යයි, සංඝයා විසින් සම්මත කරණලද බොහෝවූ ස්ථවිර භික්ෂූන් විසින් තබනලද දැන් නුඹ වහන්සේලා අනුව යන එබඳු එක භික්ෂුවකුත් ඇත්තේදැයි’ මෙසේ අසන ලද්දේ ‘බ්‍රාහ්මණය, මෙතෙම අපට භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේයයි, සංඝයා විසින් සම්මත කරණලද. බොහෝවූ ස්ථවිර භික්ෂූන් විසින් තබන ලද දැන් අප අනුගමනය කරණ එක භික්ෂුවකුත් නැතැයි’ කීයෙහිය. ‘භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, මෙසේ පිළිසරණක් නැති කල්හි සමගියට හේතු කවරේදැයි,’ මෙසේ අසන ලද්දේ ‘බ්‍රාහ්මණය. අපි පිළිසරණ නැත්තෝ නොවෙමු. බ්‍රාහ්මණය, අපි පිළිසරණ ඇත්තෝ වෙමු. ධර්මය පිළිසරණ කොට ඇත්තෝ වෙමුයි.’ කීයෙහිය. භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, මේ කීමේ අර්ථය කෙසේ දතයුත්තේදැයි” ඇසීය.
|
81
‘‘අත්ථි ඛො, බ්‍රාහ්මණ, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං, පාතිමොක්ඛං උද්දිට්ඨං. තෙ මයං තදහුපොසථෙ යාවතිකා එකං ගාමඛෙත්තං උපනිස්සාය විහරාම තෙ සබ්බෙ
‘‘න කිර නො භවන්තො කාරෙන්ති; ධම්මො නො කාරෙති’’. ‘‘අත්ථි නු ඛො, භො ආනන්ද, එකභික්ඛුපි යං තුම්හෙ එතරහි සක්කරොථ ගරුං කරොථ
(ගරුකරොථ (සී. ස්‍යා. කං. පී.)) මානෙථ පූජෙථ; සක්කත්වා ගරුං කත්වා
(ගරුකත්වා (සී. ස්‍යා. කං. පී.)) උපනිස්සාය විහරථා’’ති? ‘‘නත්ථි ඛො, බ්‍රාහ්මණ, එකභික්ඛුපි යං මයං එතරහි සක්කරොම ගරුං කරොම මානෙම පූජෙම; සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරාමා’’ති.
‘‘‘අත්ථි නු ඛො, භො ආනන්ද, එකභික්ඛුපි තෙන භොතා ගොතමෙන ඨපිතො - අයං වො මමච්චයෙන පටිසරණං භවිස්සතීති යං තුම්හෙ එතරහි පටිපාදෙය්යාථා’ති - ඉති පුට්ඨො සමානො ‘නත්ථි ඛො, බ්‍රාහ්මණ, එකභික්ඛුපි තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන ඨපිතො - අයං වො මමච්චයෙන පටිසරණං භවිස්සතීති යං මයං එතරහි පටිපාදෙය්යාමා’ති
|
81
“බ්‍රාහ්මණය, සර්වඥතාඥානයෙන් දන්නාවූ බුදු ඇසින් දක්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ට පණවන ලද ශික්ෂාපද. උදෙසා දෙසනලද ප්රාතිමොක්ෂය ඇත්තේය. ඒ අපි එදවස්හිවූ පොහොයෙහි යම්තාක් භික්ෂුහු එක ගමක් ඇසුරුකොට වාසය කරමුද, ඒ සියල්ලෝ එක තැනකට රැස්වෙමු. රැස්ව යමෙකුට එය කට පාඩම් තිබේද, එය කීම සඳහා ඔහුට ආරාධනාකරමු. එය කියනු ලබන කල්හි භික්ෂුවක්හට ඇවතක් වේද, ශික්ෂාපද කඩකිරීමක් වේද, එය අපි ධර්මයවූ පරිද්දෙන් අනුශාසනාවවූ පරිද්දෙන් කරවමු. පින්වත්හු වනාහි එය නොකරවත්. ධර්මයම එය කරවායයි” කීය.
“භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, නුඹවහන්සේලා මේ කාලයෙහි යම් භික්ෂුවකට සත්කාර කරන්නාහුද, ගෞරව කරන්නාහුද, බුහුමන් කරන්නාහුද, පුදන්නහුද, සත්කාර කොට ගෞරව කොට ඇසුරු කරගෙන වාසය කරන්නහුද, එබඳු එක භික්ෂුවකුත් ඇත්තේද?”
“බ්‍රාහ්මණය, අපි මේ කාලයෙහි යමෙකුට සත්කාර කරමුද, ගෞරව කරමුද, බුහුමන් කරමුද, පුදමුද, සත්කාර කොට ගෞරව කොට, ඇසුරු කොටගෙණ වාසය කරමුද, එබඳු එක භික්ෂුවක් ඇත්තේය.”
“භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, මෙතෙම තොපට මාගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේයයි ඒ භවත් ගෞතමයන් වහන්සේ විසින් තබනලද මෙකල්හි නුඹ වහන්සේලා යමෙකු අනුව පිළිපදින්නාවූ එබඳු එක භික්ෂුවකුත් ඇත්තේදැයි’ මෙසේ අසන ලද්දේ ‘බ්‍රාහ්මණය, මෙතෙම තොපට මාගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේයයි ඒ දන්නාවූ දක්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් තබනලද අපි මේ කාලයෙහි යම් භික්ෂුවක් අනුව පිළිපදින්නෙමුද, එබඳු එක භික්ෂුවකුත් නැත්තේයයි’ කීයෙහිය. භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, ‘මෙතෙම අපට භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේයයි සංඝයා විසින් සම්මත කරණලද බොහෝවූ ස්ථවිර භික්ෂූන් විසින් තබනලද මෙකල්හි නුඹවහන්සේලා යම් භික්ෂුවක් අනුව පිළිපදින්නාවූ එබඳු එක භික්ෂුවකුත් ඇත්තේදැයි’ මෙසේ අසන ලද්දේද, ‘බ්‍රාහ්මණය, මෙතෙම අපට භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේයයි සංඝයා විසින් සම්මත කරණලද බොහෝවූ ස්ථවිර භික්ෂූන් විසින් තබනලද මෙකල්හි අපි යම් භික්ෂුවක් අනුව පිළිපදින්නෙමුද, එබඳු එක භික්ෂුවකුත් නැත්තේය’යි කීයෙහිය. භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, මේ කාලයෙහි නුඹ වහන්සේලා යමෙකුට සත්කාර කරන්නහුද, ගෞරව කරන්නහුද, බුහුමන් කරන්නහුද, පුදන්නහුද, සත්කාර කොට, ගෞරවකොට, ඇසුරුකොට ගෙණ වාසය කරන්නහුද, එබඳු එක භික්ෂුවකුත් ඇත්තේදැ’යි මෙසේ අසන ලද්දේද, ‘බ්‍රාහ්මණය, මේ කාලයෙහි අපි යමෙකුට සත්කාර කරමුද, ගෞරව කරමුද, බුහුමන් කරමුද, පුදමුද, සත්කාර කොට, ගෞරවකොට, ඇසුරුකොටගෙණ, වාසය කරමුද, එබඳු එක භික්ෂුවක් ඇත්තේයයි, කීයෙහිය.’ භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, මේ කීමේ අර්ථය කෙසේ දතයුත්තේදැයි” ඇසීය.
|
82
‘‘අත්ථි ඛො, බ්‍රාහ්මණ, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන දස පසාදනීයා ධම්මා අක්ඛාතා. යස්මිං නො ඉමෙ ධම්මා සංවිජ්ජන්ති තං මයං එතරහි සක්කරොම ගරුං කරොම මානෙම පූජෙම; සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරාම. කතමෙ දස?
‘‘ඉධ
‘‘බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො. යෙ තෙ ධම්මා ආදිකල්යාණා, මජ්ඣෙකල්යාණා, පරියොසානකල්යාණා, සාත්ථං, සබ්යඤ්ජනං
(සාත්ථා සබ්යඤ්ජනා (සී. ස්‍යා. කං.)), කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ත්න්ත්ති තථාරූපාස්ස
‘‘සන්තුට්ඨො හොති ( )
((ඉතරීතරෙහි) දී. නි. 3.345) චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරෙහි.
‘‘චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී.
‘‘අනෙකවිහිතං
‘‘දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය උභො සද්දෙ සුණාති - දිබ්බෙ ච මානුසෙ ච, යෙ දූරෙ සන්තිකෙ ච.
‘‘පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානාති. සරාගං වා චිත්තං ‘සරාගං චිත්ත’න්ති පජානාති, වීතරාගං වා චිත්තං ‘වීතරාගං චිත්ත’න්ති පජානාති, සදොසං වා චිත්තං ‘සදොසං චිත්ත’න්ති පජානාති, වීතදොසං වා චිත්තං ‘වීතදොසං චිත්ත’න්ති පජානාති, සමොහං වා චිත්තං ‘සමොහං චිත්ත’න්ති පජානාති, වීතමොහං වා චිත්තං ‘වීතමොහං චිත්ත’න්ති පජානාති, සංඛිත්තං වා චිත්තං ‘සංඛිත්තං චිත්ත’න්ති පජානාති, වික්ඛිත්තං වා චිත්තං ‘වික්ඛිත්තං චිත්ත’න්ති පජානාති
‘‘අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්යථිදං - එකම්පි ජාතිං ද්වෙපි ජාතියො තිස්සොපි ජාතියො චතස්සොපි ජාතියො පඤ්චපි ජාතියො දසපි ජාතියො වීසම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාරීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි අනෙකෙපි සංවට්ටකප්පෙ අනෙකෙපි විවට්ටකප්පෙ අනෙකෙපි සංවට්ටවිවට්ටකප්පෙ - ‘අමුත්රාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛප්පටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො අමුත්ර උදපාදිං; තත්රාපාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො
‘‘දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ, සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති.
‘‘ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං
‘‘ඉමෙ ඛො, බ්‍රාහ්මණ, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන දස පසාදනීයා ධම්මා අක්ඛාතා. යස්මිං නො ඉමෙ ධම්මා සංවිජ්ජන්ති තං මයං එතරහි සක්කරොම ගරුං කරොම මානෙම පූජෙම; සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරාමා’’ති.
|
82
“බ්‍රාහ්මණය, සර්වඥතාඥානයෙන් දන්නාවූ බුදු ඇසින් දක්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණලද පැහැදිය යුතු ධර්ම දසයක් ඇත්තේය. යමෙකු කෙරෙහි මේ ධර්මයෝ ඇත්තාහුද ඔහුට අපි මේ කාලයෙහි සත්කාර කරමු. ගෞරව කරමු. බුහුමන් කරමු. පුදමු. සත්කාර කොට, ගෞරව කොට, ඔහු ඇසුරු කොට ගෙණ වාසය කරමු. කවර දසයක්දයත්?
“බ්‍රාහ්මණය, මේ ශාසනයෙහි මහණතෙම සිල්වත් වේද, ප්රාතිමොක්ෂ සංවරයෙන් සංවරව, ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තව සුළු වරදෙහිද බය දක්නෙක්ව ශික්ෂාපදයන්හි සමාදන්ව හික්මෙයිද, බොහෝකොට අසන ලද්දෙක් ඇසූ දේ දරන්නෙක්, අසනලද දේ රැස්කර ගන්නෙක් වෙයිද, මුල යහපත්වූද, මැද යහපත්වූද, කෙළවර යහපත්වූද, අර්ථ සහිතවූද, ව්‍යඤ්ජන සහිතවූද, යම් ඒ ධර්මයෝ සියල්ලෙන් සම්පූර්ණවූ පිරිසිදුවූ බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කෙරෙත්ද, එබඳු ධර්මයෝ මොහු විසින් බොහෝකොට අසන ලද්දාහු වෙත්ද, දරණ ලද්දාහුද, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු, සිතින් සලකා බලන ලද්දාහු, දෘෂ්ටියෙන් මොනවට අවබෝධ කරන ලද්දාහු වෙත්ද,
“චීවරය, පිණ්ඩපාතය, සෙනාසනය, ගිලනුන්ට ප්‍රත්‍යවූ බෙහෙත් පිරිකරය යන මෙයින් සතුටුවූයේ වෙයිද, විශේෂයෙන් සිතෙහි හටගන්නාවූ මේ ආත්මයෙහි සැප විහරණ ඇත්තාවූ සතර ධ්‍යානයන් කැමැති පරිදි ලබන්නේ දුක් රහිතව ලබන්නේ පහසුවෙන් ලබන්නේ වේද,
“අනෙක ප්‍රකාරවූ ඍද්ධි දක්වන්නේ වෙයිද, එකෙක්ද වී, බොහෝදෙනෙක් වෙත්. බොහෝදෙනෙක් වී එකෙක් වෙයි. ප්‍රකට බවට, මුවහවීමට, බිත්තියෙන් පිටතට, ප්‍රාකාරයෙන් පිටතට, පර්වතයෙන් පිටතට, නොගැටෙමින් අහසෙහි මෙන් ගමන් කරයි. පොළොවෙහිද මතුවීම ගිලීම දියෙහි මෙන් කරයි දියෙහිද දිය බිඳීමක් නැතිව පොළොවෙහි මෙන් ගමන් කරයි. අහසෙහිද පියාපත් ඇති පක්ෂියකු මෙන් පර්‍ය්‍යංක බැඳ ගමන් කරයි. මෙසේ මහත් ඍද්ධි ඇති මෙසේ මහත් ආනුභාව ඇති මේ චන්ද්‍ර සූර්ය්යයන්ද අතින් අල්වයි, පිරිමදියි, බ්‍රහ්ම ලෝකය දක්වාද කයින් වසඟයෙහි පවත්වයිද,
‘පිරිසිදුවූ මිනිසැ‘ස ඉක්ම පවත්නාවූ දිව්‍යවූ ශ්‍රොත්‍ර ඥානයෙන් දිව්‍යවූද, මනුෂ්‍යවූද, දුරවූද, ලඟවූද, යම් ශබ්ද ඇත්ද, ඒ ශබ්ද දෙකොටස අසයිද,
“අන්‍ය සත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ සිත තමන්ගේ සිතින් පිරිසිඳ දනියි. රාග සහිතවූ හෝ සිත රාග සහිතවූ සිතයයි දැනගනියි. පහවූ රාගය ඇති සිත හෝ පහවූ රාගය ඇති සිතයයි දැනගනියි. ද්වේෂ සහිතවූ සිත හෝ ද්වේෂ සහිතවූ සිතයයි දැනගනියි. පහවූ ද්වේෂ ඇති සිත හෝ පහවූ ද්වේෂ ඇති සිතයයි දැනගනියි. මෝහ සහිතවූ සිත හෝ මෝහ සහිතවූ සිතයයි දැනගනියි. පහවූ මෝහය ඇති සිත හෝ පහවූ මෝහය ඇති සිතයයි දැනගනියි. හැකුළුණාවූ සිත හෝ හැකුළුණු සිතයයි දැනගනියි. විසිර ගියාවූ සිත හෝ විසිර ගියාවූ සිතයයි දැනගනියි. මහද්ගතවූ සිත හෝ මහද්ගත සිතයයි දැනගනියි. මහද්ගත නොවූ සිත හෝ මහද්ගත නොවූ සිතයයි දැනගනියි. උත්තර සහිතවූ සිත හෝ උත්තර සහිත සිතයයි දැනගනියි. නිරුත්තරවූ සිත හෝ නිරුත්තර සිතයයි දැනගනියි. එකඟවූ සිත හෝ එකඟවූ සිතයයි දැනගනියි එකඟ නොවූ සිත හෝ එකඟ නොවූ සිතයයි දැනගනියි. මිදුනාවූ සිත හෝ මිදුනාවූ සිතයයි දැනගනියි. නොමිදුනාවූ සිත හෝ නොමිදුනාවූ සිතයයි දැනගනියිද,
“නොයෙක් ආකාරවූ පෙරවිසූ ස්කන්ධ පිළිවෙළ සිහි කරයි. කෙසේදයත්? එක ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දශයක්ද, ජාති විස්සක්ද ජාති තිසක්ද, ජාති සතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත කල්පයන්ද, නොයෙක් විවර්ත කල්පයන්ද, නොයෙක් සංවර්ත විවර්ත කල්පයන්ද, අසුවල් තැන්හි මෙනම් ඇත්තෙක් මෙබඳු ගොත්‍ර ඇත්තෙක් මෙබඳු වර්ණ ඇත්තෙක් මෙබඳු ආහාරය ඇත්තෙක් මෙබඳු සුව දුක් විඳින්නෙක් මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුතවූයේ අසුවල් තන්හි ඉපදුනෙමි. එහිදු මෙනම් ඇත්තෙක් මෙබඳු ගොත්‍ර ඇත්තෙක් මෙබඳු වර්ණ ඇත්තෙක් මෙබඳු ආහාරය ඇත්තෙක් මෙබඳු සුව දුක් විඳින්නෙක් මෙබඳු ආයුෂය කෙළවර කොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුතවූයේ මෙහි උපන්නේ වෙමියි මෙසේ ආකාර සහිතවූ කොටස් සහිතවූ, නොයෙක් ආකාරවූ, පෙර විසීම් සිහි කරයිද,
“පිරිසිදුවූ මිනිස් ඇස ඉක්ම පවත්නාවූ දිව්‍යවූ ඇසින් චුත වන්නාවූද, උපදින්නාවූද, හීනවූද, ප්‍රණීතවූද, යහපත් වර්ණ ඇත්තාවූද, අයහපත් වර්ණ ඇත්තාවූද, හොඳ ලොව ගියාවූද, නරක ලොව ගියාවූද, සත්වයන් දකියි. කම්වූ පරිද්දෙන් පරලොව ගියාවූ සත්වයන් දැනගනියිද,
“ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධියටද අර්හත්ඵල ප්‍රඥාවටද මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට පැමිණ වාසය කරයිද,
“බ්‍රාහ්මණය, සර්වඥතාඥානයෙන් දන්නාවූ බුදු ඇසින් දක්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද්දාවූ මේ පැහැදිය යුතු ධර්ම දසය වෙත්. යමෙකු කෙරෙහි මේ ධර්ම දසය ඇත්තාහුද, මේ කාලයෙහි අපි ඔහුට සත්කාර කරමු. ගෞරව කරමු. බුහුමන් කරමු පුදමු. සත්කාරකොට, ගෞරවකොට, ඔහු ඇසුරු කොට
ගෙණ වාසය කරමුයි කීය.”
|
83
එවං
‘‘එකමිදාහං
|
83
මෙසේ කී කල්හි මගධ මහාමාත්‍යවූ වස්සකාර නම් බ්‍රාහ්මණ තෙමේ උපනන්ද නම් සේනාපතියාට කථාකෙළේය. “සේනාපතිය, ඒ කුමකැයි හඟින්නෙහිද? ඉදින් මේ පින්වත්හු මෙසේ සත්කාර කළයුත්තෙකුට සත්කාර කරද්ද? ගෞරව කළයුත්තාට ගෞරව කරද්ද? බුහුමන් කළ යුත්තාට බුහුමන් කරද්ද? පිදිය යුත්තාට පුදත්ද? ඒකාන්තයෙන් මේ පින්වත්හු, සත්කාර කළයුත්තාට සත්කාර කෙරෙත්. ගෞරව කළයුත්තාට ගෞරව කෙරෙත්. බුහුමන් කළ යුත්තාට බුහුමන් කෙරෙත්. පිදිය යුත්තාට පුදත්. ඒ පින්වත්හු වනාහි මෙකී තැනැත්තාටද සත්කාර නොකරන්නාහු නම්, ගෞරව නොකරන්නාහු නම්, බුහුමන් නොකරන්නාහු නම් නොපුදන්නාහු නම් එසේ ඇති කල්හි කවරෙකුට ඒ පින්වත්හු සත්කාර කරන්නාහුද? ගෞරව කරන්නාහුද, බුහුමන් කරන්නාහුද, පුදන්නාහුද, සත්කාර කොට, ගෞරව කොට, ඇසුරු කොටගෙණ වාසය කරන්නහුදැයි” (උපනන්ද සෙනාපති තෙමේ කීය.)
“ඉක්බිති මගධ මහාමාත්‍යවූ වස්සකාර නම් බ්‍රාහ්මණතෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේගෙන් “භවත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ මේ කාලයෙහි කොහි වාසය කරත්දැයි” ඇසීය.
“බ්‍රාහ්මණය, මම වනාහි මෙකල්හි වෙළුවනාරාමයෙහි වාසය කරමියි” (කීයේය.) “භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, කිමෙක්ද? වෙළුවනාරාමය සිත් අලවන්නේද? ස්වල්ප ශබ්ද ඇත්තේද? මඳවූ ඝොෂා ඇත්තේද? ජනවාතයෙන් තොරවූයේද? මිනිසුන්ගේ රහස් කුමන්ත්රණවලට සුදුසුද, තනිව විසීමට සුදුසුදැයි” (ඇසීය.)
“බ්‍රාහ්මණය, තොප වැනි ආරක්ෂකයන් පාලකයන් නිසා ඒකාන්තයෙන් වෙළුවනාරාමය සිත් අලවන්නේද, නිශ්ශබ්ද වූයේද, මඳවූ ඝොෂා ඇත්තේද, මිනිසුන්ගේ රහස් කීම සුදුසු වූයේද, තනිව වාසයට සුදුසු වූයේද වෙයි.”
“භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, ධ්‍යාන වඩන ස්වභාව ඇති ධ්‍යාන වඩන්නාවූ පින්වතුන් වහන්සේලා නිසා ඒකාන්තයෙන් වෙළුවනාරාමය සිත් අලවන්නේද, නිශ්ශබ්ද වූයේද, මඳ ඝොෂා ඇත්තේද, පහවූ ජනවාතය ඇත්තේද, මිනිසුන්ගේ රහස් කීමට සුදුසු වූයේද, තනිව වාසයට සුදුසු වූයේද වෙයි. පින්වත්හු ධ්‍යාන ඇත්තාහු, ධ්‍යාන වඩනසුළු වූවාහු වෙත්. භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, එක් කලෙක ඒ භවත් ගෞතමයන් වහන්සේ විසාලාමහනුවර මහවනයෙහිවූ කූටාගාර ශාලාවෙහි වැඩ වසනසේක. භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, එකල්හි මම මහාවනයෙහි කූටාගාර ශාලාව යම්තැනකද ඒ භවත් ගෞතමයන්වහන්සේ යම් තැනකද එතැනට පැමිණියෙමි. එහිද ඒ භවත් ගෞතමයන්වහන්සේ නොයෙක් ආකාරයෙන් ධ්‍යානය පිළිබඳ කථාව වදාළහ. ඒ භවත් ගෞතමයන් වහන්සේ සියලුම ධ්‍යානය වර්ණනා කළසේකැයි” (කීයේය)
|
84
‘‘න ච ඛො, බ්‍රාහ්මණ, සො භගවා සබ්බං ඣානං වණ්ණෙසි, නපි සො භගවා සබ්බං ඣානං න වණ්ණෙසීති. කථං රූපඤ්ච
‘‘කථං රූපඤ්ච, බ්‍රාහ්මණ, සො භගවා ඣානං වණ්ණෙසි? ඉධ, බ්‍රාහ්මණ, භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං...පෙ.... තතියං ඣානං...
‘‘ගාරය්හං කිර, භො ආනන්ද, සො භවං ගොතමො ඣානං ගරහි, පාසංසං පසංසි. හන්ද, ච දානි මයං, භො ආනන්ද, ගච්ඡාම; බහුකිච්චා මයං බහුකරණීයා’’ති. ‘‘යස්සදානි ත්වං, බ්‍රාහ්මණ, කාලං මඤ්ඤසී’’ති. අථ
අථ ඛො ගොපකමොග්ගල්ලානො බ්රාහ්මණො අචිරපක්කන්තෙ වස්සකාරෙ බ්රාහ්මණෙ මගධමහාමත්තෙ ආයස්මන්තං ආනන්දං එතදවොච - ‘‘යං නො මයං භවන්තං ආනන්දං අපුච්ඡිම්හා තං නො භවං ආනන්දො න බ්යාකාසී’’ති. ‘‘නනු තෙ, බ්‍රාහ්මණ, අවොචුම්හා - ‘නත්ථි ඛො, බ්‍රාහ්මණ, එකභික්ඛුපි තෙහි ධම්මෙහි සබ්බෙනසබ්බං සබ්බථාසබ්බං සමන්නාගතො යෙහි ධම්මෙහි සමන්නාගතො සො භගවා අහොසි අරහං සම්මාසම්බුද්ධො. සො හි, බ්‍රාහ්මණ, භගවා අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදෙතා, අසඤ්ජාතස්ස මග්ගස්ස සඤ්ජනෙතා, අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා, මග්ගඤ්ඤූ, මග්ගවිදූ, මග්ගකොවිදො
|
84
“බ්‍රාහ්මණය, ඒ භාග්‍යවතුන් වහන්සේ සියලු ධ්‍යානය වර්ණනා නොකළහ. ඒ භාග්‍යවතුන් වහන්සේ සියලු ධ්‍යානය වර්ණනා නොකෙළේද නොවේ. බ්‍රාහ්මණය, ඒ භාග්‍යවතුන් වහන්සේ කෙබඳුවූ ධ්‍යානයක් වර්ණනා නොකෙළේද? බ්‍රාහ්මණය, මේ ලෝකයෙහි ඇතැමෙක් කාම රාගය පැන නැඟී, කාම රාගයෙන් මඩනාලද සිතින් යුක්තව වාසය කරයි. උපන්නාවූ කාම රාගයාගේ දුරු කිරීමද, තත්වූ පරිද්දෙන් නොදනියි. හෙතෙම කාම රාගයම ඇතුළුකොට ධ්‍යාන කරයි (අරමුණු බලයි.) ප්‍රකාරයෙන් බලයෙන් නිතර බලයි. නැවත නැවත බලයි. ව්‍යාපාද පැනනැඟී ව්‍යාපාදයෙන් මඩනා ලද සිතින් වාසය කරයි. උපන්නාවූද ව්‍යාපාදයෙන් දුරුකිරීමද, තත්වූ පරිද්දෙන් දැන නොගනියි. හෙතෙම ව්‍යාපාදයම ඇතුළුකොට අරමුණු බලයි, ප්‍රකාරයෙන් බලයි. නිතර බලයි. නැවත නැවත බලයි. ථීනමිද්ධය පැන නැඟී ථීනමිද්ධයෙන් මඩනාලද සිතින් වාසයකරයි. උපන්නාවූද ථීනමිද්ධයාගේ දුරු කිරීමද තත්වූ පරිද්දෙන් දැන නොගනියි. හෙතෙම ථීනමිද්ධයම අරමුණු බලයි. ප්‍රකාරයෙන් බලයි, අතර කොට බලයි. නිතර බලයි, නැවත නැවත බලයි. උද්ධච්චකුක්කුච්චය පැනැනැගී උද්ධච්චකුක්කුච්චයෙන් මඩනාලද සිතින් වාසය කරයි. උපන්නාවූද උද්ධච්චකුක්කුච්චයාගේ දුරුකිරීමද තත්වූ පරිද්දෙන් නොදනියි. හෙතෙම උද්ධච්චකුක්කුච්චයම ඇතුළු කොට අරමුණු බලයි. ප්‍රකාරයෙන් බලයි. නිතර බලයි, නැවත නැවත බලයි. විචිකිච්ඡාව පැනනැගී විචිකිච්ඡාවෙන් මඩනාලද සිතින් වාසය කරයි. උපන්නාවූ විචිකිච්ඡාවගේ දුරු කිරීමද තත්වූ පරිද්දෙන් නොදනියි හෙතෙම විචිකිච්ඡාවම ඇතුළු කොට අරමුණු බලයි. ප්‍රකාරයෙන් බලයි. නිතර බලයි. නැවත නැවත බලයි. බ්‍රහ්මණය, ඒ භාග්‍යවතුන් වහන්සේ මෙබඳුවූ ධ්‍යාන වර්ණනා නොකෙළේය.
“බ්‍රාහ්මණය, ඒ භාග්‍යවතුන් වහන්සේ කෙබඳුවූ ධ්‍යානයක් වර්ණනා කෙළේද? බ්‍රාහ්මණය, මේ ශාසනයෙහි භික්ෂු තෙම කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්මයන් ගෙන් වෙන්ව විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයිද, විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමා කෙරෙහි පැහැදීම ඇති චිත්තයාගේ එකඟ බව ඇති විතර්ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයිද, ප්‍රීතියගේද නොඇල්මෙන් උපෙක්ෂා ඇත්තේද, සිහි ඇත්තේද, නුවණ ඇත්තේද, වාසය කරයි. සැපයද කයින් විඳියි. ඒ යම් ධ්‍යානයක් ආර්‍ය්‍යයෝ උපෙක්ෂා ඇත්තේ සිහි ඇත්තේ සැප විහරණ ඇත්තේයයි වර්ණනා කරත් ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයිද, සැපය දුරුකිරීමෙන්ද, දුක්ඛය දුරු කිරීමෙන්ද, පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන් දුක් නැත්තාවූද, සැප නැත්තාවූද, උපෙක්ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදුබැව් ඇති චතුර්ථධ්යානයට පැමිණ වාසය කරයිද, බ්‍රාහ්මණය, ඒ භාග්‍යවතුන් වහන්සේ මෙබඳුවූ ධ්‍යානය වර්ණනා කළ සේකැයි” (කීයේය).
“භවත් ආනන්දස්ථවිරයන් වහන්ස, භවත් ගෞතමයන් වහන්සේ ගැරහිය යුතුවූ ධ්‍යානයට ගැරහූ සේක. පැසසිය යුතු ධ්‍යානයට පැසසූ සේක. භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, දැන් අපි යන්නෙමු. අපි බොහෝ වැඩපල ඇත්තෝ බොහෝ කටයුතු ඇත්තෝ වෙමුයි” “බ්‍රාහ්මණය, නුඹ ඊට කල් දනුවයි.” (කීයේය.)
ඉක්බිති මගධ මහාමාත්‍යවූ වස්සකාර නම් බ්‍රාහ්මණතෙම ආයුෂ්මත් ආනන්දස්ථවිරයන් වහන්සේගේ කීම සතුටින් පිළිගෙණ අනුමෝදන්ව හුනස්නෙන් නැගිට ගියේය.
ඉක්බිති ගොපක මොග්ගල්ලාන බ්‍රාහ්මණ තෙම මගධමහාමාත්යවූ වස්සකාර නම් බ්‍රාහ්මණයා ගිය නොබෝ කල්හි ආයුෂ්මත් ආනන්දස්ථවිරයන් වහන්සේට මෙය කීයේය. “අපි භවත් ආනන්දස්ථවිරයන් වහන්සේගෙන් යමක් ඇසූවෙමුද, එය අපට භවත් ආනන්දස්ථවිරයන් වහන්සේ ප්‍රකාශ නොකෙළේයයි” කීය.
“බ්‍රාහ්මණය, ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ යම් ධර්මයන්ගෙන් යුක්තවූවා හුද, ඒ ධර්මවලින් සියලු ආකාරයෙන් යුක්තවූ, එක භික්ෂුවකුත් නැත්තේය. බ්‍රාහ්මණය, ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි නූපන් මාර්ගය උපදවන්නෙකි. නොහටගත් මාර්ගය හටගන්වන්නෙකි. නොකියන ලද මාර්ගය කියන්නෙකි, මාර්ගය දන්නේය. මාර්ගයෙහි දක්ෂයෙකි. මෙකල වාසය කරන්නාවූ ශ්‍රාවකයෝ පසුව ඒ ධර්මයන්ගෙන් යුක්තවූ මාර්ගය අනුව ගමන් කරන්නෝ වෙත්යයි බ්‍රාහ්මණ, තොපට කීවමෝ නොවෙමුද?”
|
9. මහාපුණ්ණමසුත්තං | 9. මහා පුණ්ණමා සූත්‍රය |
85
එවං
‘‘පුච්ඡෙය්යාහං, භන්තෙ, භගවන්තං කිඤ්චිදෙව දෙසං, සචෙ මෙ භගවා ඔකාසං කරොති පඤ්හස්ස වෙය්‍යාකරණායා’’ති. ‘‘තෙන හි ත්වං, භික්ඛු, සකෙ ආසනෙ නිසීදිත්වා පුච්ඡ යදාකඞ්ඛසී’’ති.
|
85
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ මිගාරමාතා ප්‍රාසාද නම්වූ පූර්වාරාමයෙහි වැඩ වාසය කරණසේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ එදවස්හිවූ පොහොය ඇති පසළොස්වක්හි පූර්ණ චන්ද්‍රයාගෙන් යුක්තවූ රාත්‍රියෙහි භික්ෂු සංඝයා විසින් පිරිවරණ ලද්දේ අභ්‍යවකාශයෙහි (එළිමහනෙහි) වැඩඋන්නේ වෙයි. එකල්හි වනාහි එක්තරා භික්ෂුනමක් හුනස්නෙන් නැගිට සිව්ර එකාංශ කොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට ඇඳිළි බැඳගෙන භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේය. “ස්වාමීනි, ඉදින් භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නයක් ප්‍රකාශ කිරීමට අවකාශ කෙරේ නම්, මම කිසියම් කාරණයක් භාග්‍යවතුන් වහන්සේගෙන් අසන්නෙමි” යනුයි.
“එසේවී නම් මහණ, යමක් කැමැත්තෙහිද, එය ස්වකීය ආසනයෙහිම හිඳ අසවයි වදාළේය.
|
86
අථ ඛො සො භික්ඛු සකෙ ආසනෙ නිසීදිත්වා භගවන්තං එතදවොච - ‘‘ඉමෙ නු ඛො, භන්තෙ, පඤ්චුපාදානක්ඛන්ධා, සෙය්යථිදං
‘‘සාධු, භන්තෙ’’ති ඛො සො භික්ඛු භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා භගවන්තං උත්තරිං පඤ්හං පුච්ඡි - ‘‘ඉමෙ පන, භන්තෙ, පඤ්චුපාදානක්ඛන්ධා කිංමූලකා’’ති? ‘‘ඉමෙ ඛො, භික්ඛු, පඤ්චුපාදානක්ඛන්ධා ඡන්දමූලකා’’ති. ‘‘තංයෙව නු ඛො, භන්තෙ, උපාදානං තෙ පඤ්චුපාදානක්ඛන්ධා, උදාහු
‘‘සියා පන, භන්තෙ, පඤ්චසු උපාදානක්ඛන්ධෙසු ඡන්දරාගවෙමත්තතා’’ති? ‘‘සියා භික්ඛූ’’ති භගවා අවොච ‘‘ඉධ, භික්ඛු, එකච්චස්ස එවං හොති - ‘එවංරූපො
‘‘කිත්තාවතා පන, භන්තෙ, ඛන්ධානං ඛන්ධාධිවචනං හොතී’’ති? ‘‘යං කිඤ්චි, භික්ඛු, රූපං - අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා, ඔළාරිකං වා සුඛුමං වා, හීනං වා පණීතං වා, යං දූරෙ සන්තිකෙ වා - අයං රූපක්ඛන්ධො. යා
‘‘කො නු ඛො, භන්තෙ, හෙතු කො පච්චයො රූපක්ඛන්ධස්ස පඤ්ඤාපනාය? කො හෙතු කො පච්චයො වෙදනාක්ඛන්ධස්ස පඤ්ඤාපනාය? කො හෙතු කො පච්චයො සඤ්ඤාක්ඛන්ධස්ස පඤ්ඤාපනාය? කො
‘‘චත්තාරො ඛො, භික්ඛු, මහාභූතා හෙතු, චත්තාරො මහාභූතා පච්චයො රූපක්ඛන්ධස්ස පඤ්ඤාපනාය. ඵස්සො හෙතු, ඵස්සො පච්චයො වෙදනාක්ඛන්ධස්ස පඤ්ඤාපනාය. ඵස්සො හෙතු, ඵස්සො පච්චයො සඤ්ඤාක්ඛන්ධස්ස පඤ්ඤාපනාය. ඵස්සො හෙතු, ඵස්සො පච්චයො සඞ්ඛාරක්ඛන්ධස්ස පඤ්ඤාපනාය. නාමරූපං ඛො, භික්ඛු, හෙතු, නාමරූපං පච්චයො විඤ්ඤාණක්ඛන්ධස්ස පඤ්ඤාපනායා’’ති.
|
86
එකල්හි වනාහි ඒ භික්ෂු තෙම ස්වකීය ආසනයෙහි හිඳගෙණ භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
“ස්වාමීනි, මොහු වනාහි පඤ්ච උපාදාන ස්කන්ධයෝ වෙත්ද? එනම්: රූප උපාදාන ස්කන්ධය, වේදනා උපාදාන ස්කන්ධය, සංඥා උපාදාන ස්කන්ධය, සංස්කාර උපාදාන ස්කන්ධය විඤ්ඤාණ උපාදානස්කන්ධය යන මොහුයි.
“මහණ, රූප උපාදාන ස්කන්ධය, වේදනා උපාදාන ස්කන්ධය, සංඥා උපාදාන ස්කන්ධය, සංස්කාර උපාදාන ස්කන්ධය විඥාන උපාදාන ස්කන්ධය යන මොහු පඤ්ච උපාදාන ස්කන්ධයෝ වෙත්.”
“ස්වාමීනි, යහපතැයි” කියා ඒ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙණ අනුමෝදන්ව භාග්‍යවතුන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් ඇසිය “ස්වාමීනි, මේ පඤ්ච උපාදාන ස්කන්ධයෝ වනාහි කුමක් මුල් කොට ඇත්තාහුද?” “මහණ, මේ පඤ්ච උපාදාන ස්කන්ධයෝ තෘෂ්ණාව මුල්කොට ඇත්තාහුය.” “ස්වාමීනි, ඒ පඤ්ච උපාදාන ස්කන්ධයෝම වෙත්ද? උපාදානයෝ වෙත්ද? ඔව්හුම පඤ්ච උපාදාන ස්කන්ධයෝ නොහොත් පඤ්ච උපාදාන ස්කන්ධයන්ගෙන් අනිකක් උපාදානයක් වේද?” “මහණ, එයම උපාදානයත්, එයම පඤ්ච උපාදාන ස්කන්ධයෝත් නොවෙත්. පඤ්ච උපාදාන ස්කන්ධයන් හැර අනිකක් උපාදානද නොවෙයි” “මහණ, පඤ්ච උපාදාන ස්කන්ධයන් කෙරෙහි යම් තෘෂ්ණාවක්වේද, එය එහි උපාදාන යයි, (දැඩිකොට අල්වා ගැනීමයි.)”
“ස්වාමීනි, පඤ්ච උපාදාන ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණාවගේ වෙනස් බවක් වන්නේද?”
“මහණ, වන්නේයයි,” භාග්‍යවතුන් වහන්සේ වදාළේය. “මහණ, මේ ලෝකයෙහි ඇතමෙකුහට මෙබඳු සිතක් වෙයි. ‘මතු කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් වන්නෙමි. මතු කාලයෙහි මෙබඳු වේදනා ඇත්තෙක් වන්නෙමි. මතු කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වන්නෙමි. මතු කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙමි. මතු කාලයෙහි මෙබඳු විඥානය ඇත්තෙක් වන්නෙමි යනුවෙනි. මහණ, මෙසේ වනාහි පඤ්ච උපාදාන ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණාවගේ වෙනස් බව වන්නේයයි” වදාළේය.
“ස්වාමීනි, කොපමණකින් වනාහි ස්කන්ධයන්ට ස්කන්ධ යන නම වන්නේදැයි”යි ඇසීය. “මහණ, අතීතවූද අනාගතවූද වර්තමානවූද තමා කෙරෙහිවූ හෝ පිටත්හිවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ලඟවූ හෝ යම්කිසි රූපයක් වේද, මෙය රූපස්කන්ධය නම් වේ. අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයෙහිවූ තමා කෙරෙහිවූ හෝ පිටත්හිවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ ප්‍රණීතවූ හෝ යම් දුරවූ හෝ ලඟවූ හෝ යම්කිසි වේදනාවක් වේද, මෙය වේදනා ස්කන්ධ නම් වේ. අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයෙහිවූ තමා කෙරෙහිවූ හෝ පිටත්හිවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ ප්‍රනීත වූ හෝ දුරවූ හෝ ලඟවූ හෝ යම්කිසි සංඥාවෝ වෙත්ද, මේ සංඥාස්කන්ධය නම් වේ. අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයෙහිවූ තමා කෙරෙහිවූ හෝ පිටත්හිවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ලඟවූ හෝ යම්කිසි සංස්කාර කෙණෙක් වෙත්ද, මේ සංස්කාර ස්කන්ධය නම් වේ. අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයෙහිවූ තමා කෙරෙහිවූ හෝ පිටත්හිවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ලඟවූ හෝ යම්කිසි විඥානයක් වේද, මේ විඥාන ස්කන්ධය වේ. මහණ, මෙතෙකින් වනාහි ස්කන්ධයන්ට ස්කන්ධය යන නම වේයයි” වදාළේය.
“ස්වාමීනි, රූපස්කන්ධයාගේ පැනවීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද? වේදනා ස්කන්ධයාගේ පැනවීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද? සංඥා ස්කන්ධයාගේ පැනවීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද? සංස්කාර ස්කන්ධයාගේ පැනවීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද? විඥාන ස්කන්ධයාගේ පැනවීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේදැයි” (ඇසූයේය.)
“මහණ, සතර මහාභූතයෝ වනාහි රූප ස්කන්ධයාගේ පැනවීමට හේතු වේ. ප්‍රත්‍යය වේ. වේදනා ස්කන්ධයාගේ පැනවීමට ස්පර්ශය හේතු වේ. ස්පර්ශය ප්‍රත්‍යය වේ. සංඥා ස්කන්ධයාගේ පැනවීමට ස්පර්ශය හේතු වේ. ස්පර්ශය ප්‍රත්‍යය වේ මහණ, විඥාන ස්කන්ධයාගේ පැනවීමට නාම රූපය වනාහි හේතු වේ. නාම රූපය ප්‍රත්‍යය වේයයි” (වදාළේය.)
|
87
‘‘කථං පන, භන්තෙ, සක්කායදිට්ඨි හොතී’’ති? ‘‘ඉධ, භික්ඛු, අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො
‘‘කථං පන, භන්තෙ, සක්කායදිට්ඨි න හොතී’’ති? ‘‘ඉධ, භික්ඛු, සුතවා අරියසාවකො අරියානං දස්සාවී අරියධම්මස්ස කොවිදො අරියධම්මෙ සුවිනීතො සප්පුරිසානං දස්සාවී සප්පුරිසධම්මස්ස කොවිදො සප්පුරිසධම්මෙ සුවිනීතො න රූපං අත්තතො සමනුපස්සති න රූපවන්තං වා අත්තානං න අත්තනි වා රූපං න රූපස්මිං වා අත්තානං; න වෙදනං අත්තතො සමනුපස්සති න වෙදනාවන්තං වා අත්තානං න අත්තනි වා වෙදනං න වෙදනාය වා අත්තානං; න සඤ්ඤං අත්තතො සමනුපස්සති න සඤ්ඤාවන්තං වා අත්තානං න අත්තනි වා සඤ්ඤං න සඤ්ඤාය වා අත්තානං; න සඞ්ඛාරෙ අත්තතො සමනුපස්සති න සඞ්ඛාරවන්තං වා අත්තානං න අත්තනි වා සඞ්ඛාරෙ න සඞ්ඛාරෙසු වා අත්තානං; න විඤ්ඤාණං අත්තතො සමනුපස්සති න විඤ්ඤාණවන්තං වා අත්තානං න අත්තනි වා විඤ්ඤාණං න විඤ්ඤාණස්මිං වා අත්තානං. එවං ඛො, භික්ඛු, සක්කායදිට්ඨි න හොතී’’ති.
|
87
“ස්වාමීනි, කෙසේ නම් සත්කායදෘෂ්ටිය වේදැයි” ඇසීය.
“මහණ, මේ ලෝකයෙහි ඇසූ පිරූ තැන් නැති ආර්‍ය්‍යයන් නොදක්නාවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි අදක්ෂවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි නොහික්මුනාවූ, සත්පුරුෂයන් නොදක්නාවූ, සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුනාවූ, පෘථග්ජනතෙම රූපය තමායයි හෝ දකියි. තමා රූපය ඇත්තෙකැයි කියා හෝ දකියි. තමා කෙරෙහි රූපය ඇත්තේයයි කියා හෝ දකියි. රූපයෙහි තමා ඇත්තේයයි කියා හෝ දකියි. වේදනාව තමායයි කියා හෝ දකියි. තමා වේදනාව ඇත්තෙකැයි කියා හෝ දකියි. තමා කෙරෙහි වේදනාව ඇත්තේයයි කියා හෝ දකියි. වේදනාව කෙරෙහි තමා ඇත්තේයයි කියා හෝ දකියි. සංඥාව තමායයි කියා හෝ තමා සංඥාව ඇත්තෙක කියා හෝ තමා කෙරෙහි සංඥාව ඇත්තේය කියා හෝ සංඥාව කෙරෙහි තමා ඇත්තේය කියා හෝ දකියි. සංස්කාරය තමායයි කියා හෝ දකියි. තමා සංස්කාර ඇත්තෙක කියා හෝ සංස්කාර කෙරෙහි තමා ඇත්තේය කියා හෝ තමා කෙරෙහි සංස්කාර ඇත්තේය කියා හෝ දකියි. විඤ්ඤාණය තමා කියා හෝ දකියි. තමා විඤ්ඤාණය ඇත්තෙක කියා හෝ විඤ්ඤාණය කෙරෙහි තමා ඇත්තේය කියා හෝ තමා කෙරෙහි විඤ්ඤාණය ඇත්තේය කියා හෝ දකියි. මහණ, මෙසේ වනාහි සත්කායදෘෂ්ටිය වේයයි” වදාළේය.
“ස්වාමීනි, කෙසේ නම් සත්කායදෘෂ්ටිය නොවේද?”
“මහණ, මේ ශාසනයෙහි ආර්‍ය්‍යයන් දක්නාවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි දක්ෂවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි මනාව හික්මුනාවූ සත්පුරුෂයන් දක්නාවූ, සත්පුරුෂ ධර්මයෙහි දක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි මනාව හික්මුනාවූ, බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආර්‍ය්‍යශ්‍රාවක තෙම රූපය තමායයි නොදකියි. තමා රූපය ඇත්තෙකැයි කියා හෝ නොදකියි. තමා කෙරෙහි රූපය ඇත්තේයයි හෝ නොදකියි. රූපය කෙරෙහි තමා ඇත්තේයයි හෝ නොදකියි. වේදනාව තමායයි නොදකියි. තමා වේදනාව ඇත්තෙකැයි හෝ නොදකියි. තමා කෙරෙහි වේදනාව ඇත්තේයයි හෝ නොදකියි. වේදනාව කෙරෙහි තමා ඇත්තේයයි හෝ නොදකියි. සංඥාව තමායයි නොදකියි. තමා සංඥාව ඇත්තෙකැයි හෝ නොදකියි. තමා කෙරෙහි සංඥාව ඇත්තේයයි හෝ නොදකියි. සංඥාව කෙරෙහි තමා ඇත්තේයයි හෝ නොදකියි. සංස්කාරයන් තමායයි නොදකියි. තමා සංස්කාරයන් ඇත්තෙකැයි හෝ නොදකියි. තමා කෙරෙහි සංස්කාරයන් ඇත්තේයයි හෝ නොදකියි. සංස්කාරයන් කෙරෙහි තමා ඇත්තේයයි හෝ නොදකියි. විඥානය තමායයි නොදකියි. තමා විඤ්ඤාණය ඇත්තෙකැයි හෝ නොදකියි. තමා කෙරෙහි විඥානය ඇත්තේයයි හෝ නොදකියි. විඥානය කෙරෙහි තමා ඇත්තේයයි හෝ නොදකියි. මහණ, මෙසේ වනාහි සත්කායදෘෂ්ටිය නොවේයයි” වදාළේය.
|
88
‘‘කො නු ඛො, භන්තෙ, රූපෙ අස්සාදො, කො ආදීනවො, කිං නිස්සරණං? කො වෙදනාය අස්සාදො, කො ආදීනවො, කිං නිස්සරණං? කො සඤ්ඤාය අස්සාදො, කො ආදීනවො, කිං නිස්සරණං? කො සඞ්ඛාරෙසු අස්සාදො, කො ආදීනවො, කිං නිස්සරණං? කො විඤ්ඤාණෙ අස්සාදො, කො ආදීනවො, කිං නිස්සරණ’’න්ති? ‘‘යං ඛො, භික්ඛු, රූපං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං රූපෙ අස්සාදො. යං රූපං අනිච්චං දුක්ඛං
|
88
“ස්වාමීනි, රූපයෙහි ආශ්වාදය (රසවිඳීම) කවරේද? ආදීනවය (දෝෂය) කවරේද? නිස්සරණය (නික්මීම) කවරේද? වේදනාවෙහි ආශ්වාදය කවරේද? ආදීනවය කවරේද? නිස්සරණය කවරේද? සංඥාවෙහි ආශ්වාදය කවරේද? ආදීනවය කවරේද? නිස්සරණය කවරේද? සංස්කාරයන්හි ආශ්වාදය කවරේද? ආදීනවය කවරේද? නිස්සරණය කවරේද? විඥානයෙහි ආශ්වාදය කවරේද? ආදීනවය කවරේද? නිස්සරණය කවරේද? “මහණ, රූපය නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මේ රූපයෙහි ආශ්වාදය වේ. (රසවිඳීම වේ.) යම් රූපයක් අනිත්‍යද, දුක් ඇත්තේද, පෙරළෙන ස්වභාව ඇත්තේද, මේ රූපයෙහි ආදීනවය වේ. රූපයෙහි යම් ඇලීම නැති කිරීමෙක් ඇලීම දුරුකිරීමෙක් වේද, මේ රූපයෙහි නිස්සරණය වේ. මහණ, වේදනාව නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මේ වේදනාවෙහි ආශ්වාදය වේ. (රස විඳගැන්ම වේ.) යම් වේදනාවක් අනිත්‍යද, දුක් ඇත්තේද, පෙරළෙන ස්වභාව ඇත්තේද, මේ වේදනාවෙහි ආදීනවය වේ. වේදනාවෙහි යම් ඡන්දරාගයෙන් ඇලීම නැතිකිරීමෙක්, ඡන්ද රාගය දුරුකිරීමෙක් වේද, මේ වේදනාවෙහි නිස්සරණය වේ. සංඥාව නිසා යම් සැපයක්, සොම්නසක් උපදීද, මේ සංඥාවෙහි යම් සැපයක් සොම්නසක් උපදීද, මේ සංඥාවෙහි ආශ්වාදය වේ. යම් සංඥාවක් අනිත්‍යද, දුක් ඇත්තේද, පෙරළෙන ස්වභාව ඇත්තේද, මේ සංඥාවෙහි ආදීනවය වේ. සංඥාවෙහි යම් ඡන්දරාගයෙන් ඇලීම නැතිකිරීමෙක් ඡන්ද රාගය දුරු කිරීමෙක් වේද, මේ සංඥාවෙහි නිස්සරණය වේ. සංස්කාරයන් නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මේ සංස්කාරයෙහි ආශ්වාදය වේ. යම් සංස්කාරයක් අනිත්‍යද, දුක් ඇත්තේද, පෙරළෙන ස්වභාව ඇත්තේද, මේ සංස්කාරයෙහි ආදීනවය වේ. සංස්කාරයෙහි යම් ඡන්දරාගයෙන් ඇලීම නැති කිරීමෙක්, ඡන්දරාගය දුරු කිරීමෙක් වේද, මේ සංස්කාරයෙහි නිස්සරණය වේ. විඥානය නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මේ විඥානයෙහි ආශ්වාදය වේ. යම් විඥානයක් අනිත්‍යද, දුක් ඇත්තේද, පෙරළෙන ස්වභාව ඇත්තේද, මේ විඥානයෙහි ආදීනවයයි. විඥානයෙහි යම් ඇලීමක් නැතිකිරීමක් ඇලීම දුරු කිරීමක් වේද, මේ විඥානයෙහි නිශ්ශරණය වේයයි (වදාළේය)
|
89
‘‘කථං
|
89
“ස්වාමීනි, කෙසේ දන්නාවූ, කෙසේ දක්නාවූ පුද්ගලයාහට මේ විඥානය සහිත කයෙහි (ශරීරයෙහි) ද පිටත්හි සියලු අරමුණුවලද මමය, මාගේයයි ගන්නා මානානුසයයෝ නොවෙත්ද?”
“මහණ, අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයෙහිවූ අධ්‍යාත්මයෙහිවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ලඟවූ හෝ යම්කිසි රූපයක් වේද, මේ සියලු රූපය මාගේ නොවෙයි. මේ රූපය තෙම මම නොවෙමි. මේ රූපය මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දකීද, අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයෙහිවූ අද්ධ්‍යාත්මයෙහිවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ ප්‍රණීතවූ හෝ යම් දුරවූ හෝ ලඟවූ හෝ යම්කිසි වේදනාවක් වේද, මේ සියලු වේදනාව මාගේ නොවෙයි, මේ වේදනාවතෙම මම නොවෙමියි, මේ වේදනාව මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දකීද, අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයෙහිවූ අධ්‍යාත්මයෙහිවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ, ප්‍රණීතවූ හෝ යම් දුරවූ හෝ ලඟවූ හෝ යම්කිසි සංඥාවක් වේද, මේ සියලු සංඥාව මාගේ නොවෙයි, මේ සංඥාවතෙම මම නොවෙමියි, මේ සංඥාව මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දකීද, අතීත, අනාගත වර්තමාන යන කාලත්‍රයෙහිවූ අධ්‍යාත්මයෙහිවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ, ප්‍රණීතවූ හෝ යම් දුරවූ හෝ ලඟවූ හෝ යම්කිසි සංස්කාරයක් වෙත්ද, මේ සියලු සංස්කාරය මාගේ නොවෙයි, මේ සංස්කාරය තෙම මම නොවෙමියි, මේ සංස්කාරය මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දකීද, අතීත අනාගත වර්තමාන යන කාලත්‍රයෙහිවූ අධ්‍යාත්මයෙහිවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ ප්‍රණීතවූ හෝ යම් දුරවූ හෝ ලඟවූ හෝ යම්කිසි විඥානයක් වේද, මේ සියලු විඥානය මාගේ නොවෙයි, මේ විඥානයතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දකියිද මහණ, මෙසේ වනාහි දන්නහුගේ මෙසේ දක්නහුගේ මේ විඥානය සහිතවූ ශරීරයෙහිද, පිටත්හිවූ සියලු නිමිතිවලද, (අහංකාර මමංකාරයයි කියනලද) මමය මාගේයයි ගන්නාලද මානානුසයෝ නොවෙත්යයි” වදාළේය.
|
90
අථ ඛො අඤ්ඤතරස්ස භික්ඛුනො එවං චෙතසො පරිවිතක්කො උදපාදි - ‘‘ඉති කිර, භො, රූපං අනත්තා, වෙදනා අනත්තා, සඤ්ඤා අනත්තා, සඞ්ඛාරා අනත්තා, විඤ්ඤාණං අනත්තා; අනත්තකතානි කම්මානි කමත්තානං
(කථමත්තානං (සං. නි. 3.82)) ඵුසිස්සන්තී’’ති? අථ ඛො භගවා තස්ස භික්ඛුනො චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය භික්ඛූ ආමන්තෙසි - ‘‘ඨානං ඛො පනෙතං, භික්ඛවෙ, විජ්ජති යං ඉධෙකච්චො මොඝපුරිසො අවිද්වා අවිජ්ජාගතො තණ්හාධිපතෙය්යෙන චෙතසා සත්ථු සාසනං අතිධාවිතබ්බං මඤ්ඤෙය්ය - ‘ඉති කිර, භො, රූපං අනත්තා, වෙදනා අනත්තා, සඤ්ඤා අනත්තා, සඞ්ඛාරා අනත්තා, විඤ්ඤාණං අනත්තා; අනත්තකතානි කම්මානි කමත්තානං ඵුසිස්සන්තී’ති. පටිවිනීතා
(පටිච්ච විනීතා (සී. පී.), පටිපුච්ඡාමි විනීතා (ස්‍යා. කං.)) ඛො මෙ තුම්හෙ, භික්ඛවෙ
‘‘තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ’’. ‘‘යං
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති. ඉමස්මිඤ්ච පන වෙය්යාකරණස්මිං භඤ්ඤමානෙ සට්ඨිමත්තානං භික්ඛූනං අනුපාදාය ආසවෙහි චිත්තානි විමුච්චිංසූති.
|
90
ඉක්බිති එක්තරා භික්ෂුවක්හට මෙබඳු සිත පිළිබඳ පරිවිතර්කයක් (කල්පනාවක්) පහළ විය. ‘පින්වත, මෙසේ වනාහි රූපය අනාත්මයයි (තමා නොවෙයි) වේදනාවෝ අනාත්මයයි (තමා නොවෙත්) සංඥාවෝ අනාත්මයයි (තමා නොවෙත්) සංස්කාරයෝ අනාත්මයි, විඥානය අනාත්මයි, අනාත්මයෙහි සිට කරණ ලද කර්මයෝ කවර ආත්මයෙහි සිට විපාක දෙත්ද කියයි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේගේ සිත්හි උපන් අදහස සිතින් දැන භික්ෂූන්ට කථාකළ සේක. “මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් හිස් පුරුෂයෙක් නොදන්නේ අවිද්‍යාවෙන් යුක්තවූයේ තෘෂ්ණාව අධිපතිකොට ඇත්තාවූ සිතින් ශාස්තෘ ශාසනය ඉක්මවා යා යුතුයයි හඟින්නේය, යන යමක් වේද, මේ කාරණය විද්‍යමාන වේමය. ‘පින්වත මෙසේ වනාහි රූපය අනාත්මය, වේදනාවෝ අනාත්මය, සංඥාවෝ අනාත්මය, සංස්කාරයෝ අනාත්මය, විඥානය අනාත්මය අනාත්මයෙහි සිට කරණ ලද කර්මයෝ කවර ආත්මයෙක්හි සිට විපාක දෙන්නාහුද’ කියායි. මහණෙනි, තෙපි මාගේ ධර්මය නිසා ඒ ඒ තන්හි ඒ ඒ ධර්මයන්හි හික්මුනාහුය. මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද? රූපය හෝ වේද, අනිත්‍යය හෝ වේද?” “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, ඒ දුක් හෝ වේද. සැප හෝ වේදැයි” “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද දුකද, පෙරලෙන ස්වභාව ඇත්තේද, ‘ඒ මගේය මෙතෙම මම වෙමියි. මෙතෙම මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?” “ස්වාමීනි, ඔය නුසුදුසුමැයි”
“මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද? වේදනාවෝ නිත්‍ය හෝ වෙත්ද? අනිත්‍ය හෝ වෙත්ද?”
“ස්වාමීනි, අනිත්‍යය,”
“යමක් වනාහි අනිත්‍යද, ඒ දුක් හෝ වේද? සැප හෝ වේද?”
“ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාව ඇත්තේද, මෙය මගේය. මෙතෙම මම වෙමි. මෙතෙම මාගේ ආත්මයයි එය කල්පනා කරන්නට සුදුසුද?”
“ස්වාමීනි, මෙය නුසුදුසුමය.”
“මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද? සංඥාවෝ නිත්‍ය හෝ
වෙත්ද? අනිත්‍ය හෝ වෙත්ද?”
“ස්වාමීනි අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද. ඒ දුක් හෝ වේද? සැප හෝ
වේද?”
“ස්වාමීනි. දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකදත පෙරළෙන ස්වභාව ඇත්තේද
මෙය මගේය, මෙතෙම මම වෙමි. මෙතෙම මාගේ ආත්මයයි එය කල්පනා කරන්නට සුදුසුද?”
“ස්වාමීනි, මෙය, නුසුදුසුමය.”
“මහණෙනි, ඒ කුමකැයි හඟීව්ද? සංස්කාරයෝ නිත්‍ය හෝ වෙත්ද? අනිත්‍ය හෝ වෙත්ද?”
“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, ඒ දුක් හෝ වේද? සැප හෝ වේද?”
“ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද දුකද, පෙරළෙන ස්වභාව ඇත්තේද, මෙය මගේය. මෙතෙම මම වෙමි. මෙතෙම මාගේ ආත්මයයි එය කල්පනා කරන්නට සුදුසුද?”
“ස්වාමීනි, මෙය නුසුදුසුමය.”
“මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද? විඥානය නිත්‍ය හෝ අනිත්‍යය හෝ වේද?”
“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද. ඒ දුක් හෝ සැප හෝ වේද?”
“ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද. පෙරළෙන ස්වභාව ඇත්තේද ඒ මාගේය, මෙතෙම මම වෙමි. මෙය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?” “ස්වාමීනි, සුදුසු නොවේමැයි.”
“මහණෙනි, එහෙයින් මේ ලෝකයෙහි අතීත අනාගත වර්තමාන යන කාලත්‍රයෙහිවූ අධ්‍යාත්මයෙහිවූ හෝ (තමා කෙරෙහිවූ හෝ) පිටත්හිවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ලඟවූ හෝ යම් කිසි රූපයක් වේද, මේ සියලු රූපය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මය නොවේ යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක්ක යුතුයි. අතීත, අනාගත වර්තමාන, යන කාලත්‍රයෙහිවූ අද්ධ්‍යාත්මයෙහිවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ ප්‍රණීතවූ හෝ යම් දුරවූ හෝ ලඟවූ හෝ යම්කිසි වේදනාවක් වේද, මේ සියලු වේදනාව මාගේ නොවෙයි. මේ වේදනාව තෙම මම නොවෙමියි, මේ වේදනාව මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දකීද, අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයෙහිවූ අද්ධ්‍යාත්මයෙහිවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ ප්‍රණීතවූ හෝ යම් දුරවූ හෝ ලඟවූ හෝ යම්කිසි සංඥාවක් වේද මේ සියලු සංඥාව මාගේ නොවෙයි. මේ සංඥාව තෙම මම නොවෙමියි, මේ සංඥාව මාගේ ආත්මය නොවේ යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දකීද, අතීත, අනාගත, වර්තමාන යනා කාලත්‍රයෙහිවූ අද්ධ්‍යාත්මයෙහිවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ ප්‍රණීතවූ හෝ යම් දුරවූ හෝ ලඟවූ හෝ යම්කිසි සංස්කාර කෙනෙක් වෙත්ද මේ සියලු සංස්කාරය මාගේ නොවෙයි, මේ සංස්කාරය තෙම මම නොවෙමියි, මේ සංස්කාරය මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දකීද, අතීතානාගත වර්තමාන යන කාලත්‍රයෙහිවූ තමා කෙරෙහිවූ හෝ පිටත්හිවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ලඟවූ හෝ යම්කිසි විඥානයක්වේද, මේ සියලු විඥානය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මය නොවේයයි, මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් දැක්ක යුතුයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම රූපයෙහි කලකිරෙයි. වේදනාවෙහි කලකිරෙයි. සංඥාවෙහි කලකිරෙයි. සංස්කාරයන්හි කලකිරෙයි. විඥානයෙහි කලකිරෙයි. කලකිරෙමින් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේයයි දැනීමවේ. ජාතිය ක්ෂය කරණ ලද්දීය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. සතර මගින් කටයුතු දෙය කරණ ලද්දේය මේ ආත්මභාවය පිණිස අනිකක් නැතැයි දැන ගනීයයි” වදාළේය.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුය. මේ දේශනාව දේශනාකරණ කල්හි සැටක් පමණවූ භික්ෂූන්ගේ චිත්තයෝ උපාදාන රහිතව ආශ්රවයන්ගෙන් මිදුනාහුයි.
|
10. චූළපුණ්ණමසුත්තං | 10. චූල පුණ්ණමා සූත්‍රය |
91
එවං
‘‘කථඤ්ච, භික්ඛවෙ, අසප්පුරිසො අස්සද්ධම්මසමන්නාගතො හොති? ඉධ, භික්ඛවෙ, අසප්පුරිසො අස්සද්ධො හොති, අහිරිකො හොති, අනොත්තප්පී හොති, අප්පස්සුතො හොති
‘‘කථඤ්ච, භික්ඛවෙ, අසප්පුරිසො අසප්පුරිසභත්ති හොති? ඉධ, භික්ඛවෙ, අසප්පුරිසස්ස යෙ තෙ සමණබ්රාහ්මණා අස්සද්ධා අහිරිකා අනොත්තප්පිනො අප්පස්සුතා කුසීතා මුට්ඨස්සතිනො දුප්පඤ්ඤා ත්යාස්ස මිත්තා හොන්ති තෙ සහායා. එවං ඛො, භික්ඛවෙ, අසප්පුරිසො අසප්පුරිසභත්ති හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, අසප්පුරිසො අසප්පුරිසචින්තී හොති? ඉධ, භික්ඛවෙ, අසප්පුරිසො
‘‘කථඤ්ච, භික්ඛවෙ, අසප්පුරිසො අසප්පුරිසමන්තී හොති? ඉධ, භික්ඛවෙ, අසප්පුරිසො අත්තබ්‍යාබාධායපි මන්තෙති, පරබ්‍යාබාධායපි මන්තෙති, උභයබ්‍යාබාධායපි
‘‘කථඤ්ච, භික්ඛවෙ, අසප්පුරිසො අසප්පුරිසවාචො හොති? ඉධ, භික්ඛවෙ, අසප්පුරිසො මුසාවාදී හොති, පිසුණවාචො හොති, ඵරුසවාචො හොති
‘‘කථඤ්ච, භික්ඛවෙ, අසප්පුරිසො අසප්පුරිසකම්මන්තො හොති? ඉධ
‘‘කථඤ්ච, භික්ඛවෙ, අසප්පුරිසො අසප්පුරිසදිට්ඨි හොති? ඉධ, භික්ඛවෙ, අසප්පුරිසො එවංදිට්ඨි
(එවංදිට්ඨී (සී. පී.), එවංදිට්ඨිකො (ස්‍යා. කං.)) හොති - ‘නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකතදුක්කටානං
(සුක්කටදුක්කටානං (සී. පී.)) කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො, නත්ථි පරො ලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා
(සමග්ගතා (ක.)) සම්මාපටිපන්නා, යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී’ති. එවං ඛො, භික්ඛවෙ, අසප්පුරිසො අසප්පුරිසදිට්ඨි හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, අසප්පුරිසො අසප්පුරිසදානං දෙති? ඉධ, භික්ඛවෙ, අසප්පුරිසො අසක්කච්චං දානං දෙති, අසහත්ථා දානං දෙති, අචිත්තීකත්වා දානං දෙති, අපවිට්ඨං දානං දෙති අනාගමනදිට්ඨිකො දානං දෙති. එවං ඛො, භික්ඛවෙ, අසප්පුරිසො අසප්පුරිසදානං දෙති.
‘‘සො, භික්ඛවෙ, අසප්පුරිසො එවං අස්සද්ධම්මසමන්නාගතො, එවං අසප්පුරිසභත්ති, එවං අසප්පුරිසචින්තී, එවං අසප්පුරිසමන්තී, එවං අසප්පුරිසවාචො, එවං අසප්පුරිසකම්මන්තො, එවං
|
91
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි මිගාරමාතුපාසාද නම්වූ පූර්වාරාමයෙහි වාසය කරණසේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ එදවස්හිවූ පොහොය ඇති පසළොස්වක්හි පිරුණාවූ සඳ ඇති රාත්‍රියෙහි භික්ෂුසංඝයා විසින් පිරිවරණ ලද්දේ හිස්වූ එළිමහණෙහි වැඩහුන්නේ වෙයි. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දවූ භික්ෂු සංඝයා දෙස බලා භික්ෂූන්ට කථාකළ සේක.
“මහණෙනි, අසත්පුරුෂතෙම මේ පින්වත් තෙමේ අසත්පුරුෂයායයි, අසත්පුරුෂයා දන්නේදැයි?” ඇසූහ.
“ස්වාමීනි, මෙය නොවේමැයි.”
“මහණෙනි යහපත, මහණෙනි, අසත්පුරුෂතෙම මේ පින්වත්තෙම අසත්පුරුෂායයි, අසත්පුරුෂයා දැන ගන්නේය, යන යමක් ඇද්ද? මීට කරුණු නැත්තේය. අවකාශයක් නැත්තේය. මහණෙනි, අසත්පුරුෂතෙම මේ පින්වතා සත්පුරුෂයෙකැයි, සත්පුරුෂයා දැනගන්නේද?”
“ස්වාමීනි, මෙය නොවේමැයි.”
“මහණෙනි, මැනව. මහණෙනි, අසත්පුරුෂතෙම මේ පින්වතා සත්පුරුෂයෙකැයි සත්පුරුෂයා දැනගන්නේය යන යමක් ඇද්ද, මෙයටද කරුණු නැත්තේය. අවකාශ නැත්තේය. මහණෙනි, අසත්පුරුෂතෙම පාපි ධර්මයන්ගෙන් යුක්තවූයේ වෙයි. අසත්පුරුෂයන් සේවනය කරන්නේ වෙයි. අසත්පුරුෂ සිතිවිලි සිතන්නේ වෙයි. අසත්පුරුෂ කථා ඇත්තේ වෙයි. අසත්පුරුෂ වචන ඇත්තේ වෙයි. අසත්පුරුෂ කර්මාන්ත ඇත්තේ වෙයි. අසත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ වෙයි. අසත්පුරුෂයන් විසින් දියයුතු දානය දෙයි.
“මහණෙනි, කෙසේනම්, අසත්පුරුෂතෙම පාප ධර්මයන්ගෙන් යුක්තවූයේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි අසත්පුරුෂතෙම ශ්‍රද්ධාව නැත්තේ වෙයි. පවට ලජ්ජා නැත්තේ වෙයි. පවට භය නැත්තේ වෙයි. ඇසූ පිරූ තැන් නැත්තේ වෙයි. කුසීත වෙයි, මුලා සිහි ඇත්තේ වෙයි, ප්‍රඥාව නැත්තේ වෙයි. මහණෙනි, මෙසේ වනාහි අසත්පුරුෂ තෙම පාපධර්මයන්ගෙන් යුක්තවූයේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් අසත්පුරුෂතෙම, අසත්පුරුෂයන් සේවනය කරන්නේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ශ්‍රද්ධාව නැත්තාහු පවට ලජ්ජා නැත්තාහු, පවට භය නැත්තාහු, අල්පශ්රැතවූවාහු කුසීතවූවාහු, මුලා සිහි ඇත්තාහු, ප්‍රඥා නැත්තාහු වෙත්ද, ඔව්හු මොහුගේ මිත්‍රයෝ වෙත්. ඔව්හු යහලුවෝ වෙත්. මහණෙනි, මෙසේ වනාහි අසත්පුරුෂතෙම අසත්පුරුෂයන් සේවනය කරන්නේ වෙයි.
“මහණෙනි, කෙසේ නම්, අසත්පුරුෂ තෙම අසත්පුරුෂ සිතිවිලි ඇත්තේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි අසත්පුරුෂ තෙම තමහට දුක් පිණිසද සිතයි. අනුන්හට දුක් පිණිසද සිතයි. තමන්ටත් අනුන්ටත් දුක් පිණිසද සිතයි. මහණෙනි, මෙසේ වනාහි අසත්පුරුෂ තෙම අසත්පුරුෂ සිතිවිලි ඇත්තේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් අසත්පුරුෂ තෙම අසත් පුරුෂ කථා ඇත්තේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි අසත් පුරුෂ තෙම තමහට දුක් පිණිසද කථා කරයි. අනුන්හට දුක් පිණිසද කථා කරයි. තමන්ට හා අනුන්ට දුක් පිණිසද කථා කරයි. මහණෙනි, මෙසේ වනාහි අසත්පුරුෂ තෙම අසත්පුරුෂ කථා ඇත්තේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් අසත්පුරුෂ තෙම අසත්පුරුෂ වචන ඇත්තේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි අසත්පුරුෂ තෙම බොරු කියන්නේ වෙයි. කේලාම් කියන්නේ වෙයි. ඵරුෂ වචන කියන්නේ වෙයි. ප්‍රලාප කියන්නේ වෙයි. මහණෙනි, මෙසේ වනාහි අසත්පුරුෂ තෙම අසත්පුරුෂ වචන ඇත්තේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් අසත්පුරුෂ තෙම අසත්පුරුෂ කර්මාන්ත ඇත්තේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි අසත්පුරුෂ තෙම සතුන් මරන්නේ වෙයි. සොරකම් කරන්නේ වෙයි. කාමයන්හි වරදවා හැසිරෙන්නේ වෙයි. මහණෙනි, මෙසේ වනාහි අසත්පුරුෂ තෙම අසත්පුරුෂ කර්මාන්ත ඇත්තේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් අසත්පුරුෂ තෙම අසත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි අසත්පුරුෂ තෙම මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි. ‘දුන් දානයෙහි විපාක නැත. රැකි ශීලයෙහි විපාක නැත. කළ පූජාවෙහි විපාක නැත. යහපත්ව කරන ලද අයහපත්ව කරන ලද කර්මයන්ගේ ඵලයක් විපාකයක් නැත්තේය. මෙලොවක් නැත. පරලොවක් නැත. මවට කරන ලද හොඳ නරකවල විපාක නැත. පියාට කරන ලද හොඳ නරකවල විපාක නැත. මැරී පරලොව උපදින සත්වයන් නැත. යමෙක් තුමූ මෙලොව ද, පරලොවද, තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට ප්‍රකාශ කෙරෙත්ද, එබඳු වූ යහපත් බවට පැමිණියාවූ මනාව පිළිපන්නා වූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ලෝකයෙහි නැත’ යන දෘෂ්ටි ඇත්තේ වෙයි. මහණෙනි, මෙසේ වනාහි අසත්පුරුෂ තෙම අසත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් අසත්පුරුෂ තෙම අසත්පුරුෂ දානය දේද? මහණෙනි, මේ ලෝකයෙහි අසත්පුරුෂ තෙම සකස් නොකොට දානය දෙයි. සිය අතින් දානය නො දෙයි. සිතින් ආදර නොකොට දානය දෙයි. දමා ගැසූ දෙයක් මෙන් දානය දෙයි. මතු අනුසස් නො දක්නේ දානය දෙයි. මහණෙනි, මෙසේ වනාහි අසත්පුරුෂ තෙම අසත්පුරුෂ දානය දෙයි.
“මහණෙනි, ඒ මේ අසත්පුරුෂ තෙම වනාහි මෙසේ පාපධර්මයන්ගෙන් යුක්තවූයේ මෙසේ අසත්පුරුෂ සේවනය ඇත්තේ මෙසේ අසත්පුරුෂ සිතිවිලි ඇත්තේ මෙසේ අසත්පුරුෂ කථා ඇත්තේ, මෙසේ අසත්පුරුෂ වචන ඇත්තේ මෙසේ අසත්පුරුෂ කර්මාන්ත ඇත්තේ මෙසේ අසත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ, මෙසේ අසත්පුරුෂ දානාදී ශරීරයාගේ භේදයෙන් මරණින් මතු අසත්පුරුෂයන්ගේ යම් ගතියක් වේද, එහි උපදියි. මහණෙනි, අසත්පුරුෂයන් ගේ ගතිය කවරීද? නරකය හෝ තිරිසන් යෝනිය හෝ වේ.
|
92
‘‘ජානෙය්ය නු ඛො, භික්ඛවෙ, සප්පුරිසො සප්පුරිසං - ‘සප්පුරිසො අයං භව’’’න්ති? ‘‘එවං
‘‘කථඤ්ච, භික්ඛවෙ, සප්පුරිසො සද්ධම්මසමන්නාගතො හොති? ඉධ, භික්ඛවෙ, සප්පුරිසො සද්ධො හොති, හිරිමා හොති, ඔත්තප්පී හොති, බහුස්සුතො හොති, ආරද්ධවීරියො හොති, උපට්ඨිතස්සති හොති, පඤ්ඤවා හොති. එවං ඛො, භික්ඛවෙ, සප්පුරිසො සද්ධම්මසමන්නාගතො හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, සප්පුරිසො සප්පුරිසභත්ති හොති? ඉධ, භික්ඛවෙ, සප්පුරිසස්ස යෙ තෙ සමණබ්රාහ්මණා සද්ධා හිරිමන්තො ඔත්තප්පිනො බහුස්සුතා ආරද්ධවීරියා උපට්ඨිතස්සතිනො පඤ්ඤවන්තො ත්යාස්ස මිත්තා හොන්ති, තෙ සහායා. එවං ඛො, භික්ඛවෙ, සප්පුරිසො සප්පුරිසභත්ති
‘‘කථඤ්ච, භික්ඛවෙ, සප්පුරිසො සප්පුරිසචින්තී හොති? ඉධ, භික්ඛවෙ, සප්පුරිසො නෙවත්තබ්‍යාබාධාය චෙතෙති, න පරබ්‍යාබාධාය චෙතෙති, න උභයබ්‍යාබාධාය චෙතෙති. එවං ඛො, භික්ඛවෙ, සප්පුරිසො සප්පුරිසචින්තී හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, සප්පුරිසො සප්පුරිසමන්තී හොති? ඉධ, භික්ඛවෙ, සප්පුරිසො නෙවත්තබ්‍යාබාධාය
‘‘කථඤ්ච, භික්ඛවෙ, සප්පුරිසො සප්පුරිසවාචො හොති? ඉධ, භික්ඛවෙ, සප්පුරිසො මුසාවාදා පටිවිරතො හොති, පිසුණාය වාචාය පටිවිරතො හොති, ඵරුසාය වාචාය පටිවිරතො හොති, සම්ඵප්පලාපා පටිවිරතො හොති. එවං ඛො, භික්ඛවෙ, සප්පුරිසො සප්පුරිසවාචො හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, සප්පුරිසො සප්පුරිසකම්මන්තො හොති? ඉධ, භික්ඛවෙ, සප්පුරිසො පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො
‘‘කථඤ්ච
‘‘කථඤ්ච, භික්ඛවෙ, සප්පුරිසො සප්පුරිසදානං දෙති? ඉධ, භික්ඛවෙ, සප්පුරිසො සක්කච්චං දානං දෙති, සහත්ථා දානං දෙති, චිත්තීකත්වා දානං දෙති, අනපවිට්ඨං දානං දෙති, ආගමනදිට්ඨිකො දානං දෙති. එවං ඛො, භික්ඛවෙ, සප්පුරිසො සප්පුරිසදානං දෙති.
‘‘සො, භික්ඛවෙ, සප්පුරිසො එවං සද්ධම්මසමන්නාගතො, එවං සප්පුරිසභත්ති, එවං සප්පුරිසචින්තී, එවං සප්පුරිසමන්තී, එවං සප්පුරිසවාචො, එවං සප්පුරිසකම්මන්තො, එවං සප්පුරිසදිට්ඨි; එවං සප්පුරිසදානං දත්වා කායස්ස භෙදා පරං මරණා යා සප්පුරිසානං ගති තත්ථ උපපජ්ජති. කා ච, භික්ඛවෙ, සප්පුරිසානං ගති? දෙවමහත්තතා වා මනුස්සමහත්තතා වා’’ති.
ඉදමවොච
|
92
“මහණෙනි, සත්පුරුෂ තෙම මේ පින්වතා සත්පුරුෂයෙකැයි, සත්පුරුෂයා දැන ගන්නේද? “ස්වාමීනි, එසේය.”
“මහණෙනි, යහපත. මහණෙනි, සත්පුරුෂ තෙම මේ පින්වතා සත් පුරුෂයෙකැයි සත් පුරුෂයා දැන ගන්නේය යන යමක් වේද, ඊට කරුණු ඇත්තේය.
“මහණෙනි, සත්පුරුෂ තෙම මේ පින්වතා අසත්පුරුෂයෙකැයි අසත්පුරුෂයා දැනගන්නේද?” “එසේය ස්වාමීනි”
“මහණෙනි, යහපත. මහණෙනි, සත්පුරුෂ තෙම මේ පින්වතා අසත්පුරුෂයෙකැයි අසත්පුරුෂයා දැනගන්නේය යන යමක් වේද, ඊටද කරුණු ඇත්තේය.
“මහණෙනි, සත්පුරුෂතෙම කුසල ධර්මයන්ගෙන් යුක්තවූයේ වෙයි. සත්පුරුෂයන් සේවනය ඇත්තේ වෙයි. සත්පුරුෂ සිතිවිලි ඇත්තේ වෙයි. සත්පුරුෂ කථා ඇත්තේ වෙයි. සත්පුරුෂ වචන ඇත්තේ වෙයි. සත්පුරුෂ කර්මාන්ත ඇත්තේ වෙයි. සත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ වෙයි. සත්පුරුෂ දාන දෙන්නේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් සත්පුරුෂතෙම කුශල ධර්මයන්ගෙන් යුක්තවූයේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි සත්පුරුෂතෙම ශ්‍රද්ධාව ඇත්තේ වෙයි. පවට ලජ්ජා ඇත්තේ වෙයි. පවට බිය ඇත්තේ වෙයි. බහුශ්‍රැත වෙයි. පටන් ගන්නාලද වීර්‍ය්‍ය ඇත්තේ වෙයි. එළඹසිටි සිහි ඇත්තේ වෙයි. ප්‍රඥා ඇත්තේ වෙයි. මහණෙනි, මෙසේ වනාහි සත් පුරුෂතෙම කුශල ධර්මයන්ගෙන් යුක්තවූයේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් සත්පුරුෂතෙම සත්පුරුෂයන් සේවනය ඇත්තේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ශ්‍රද්ධාව ඇත්තාහු, පවට ලජ්ජා ඇත්තාහු, පවට භය ඇත්තාහු, බහුශ්‍රැත වූවාහු, පටන්ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තාහු, එළඹසිටි සිහි ඇත්තාහු, ප්‍රඥාව ඇත්තාහු වෙත්ද, ඔව්හු ඔහුගේ මිත්‍රයෝ වෙත්. ඔව්හු යහලුවෝ වෙත්. මහණෙනි, මෙසේ වනාහි සත්පුරුෂතෙම සත්පුරුෂ සේවනය ඇත්තේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් සත්පුරුෂතෙම සත්පුරුෂ සිතිවිලි ඇත්තේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි සත්පුරුෂ තෙම තමහට දුක් පිණිස නොසිතයි. අන්‍යයන්හට දුක් පිණිස නොසිතයි. තමන්ටත් අනුන්ටත් දුක් පිණිස නොසිතයි. මහණෙනි, මෙසේ වනාහි සත්පුරුෂ තෙම සත්පුරුෂ සිතිවිලි ඇත්තේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් සත්පුරුෂතෙම සත්පුරුෂ කථා ඇත්තේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි සත්පුරුෂ තෙම තමහට දුක් පිණිස කථා නොකරයි. අන්‍යයාහට දුක් පිණිස කථා නොකරයි. තමහට හා අනුන්ට දුක් පිණිස කථා නොකරයි. මහණෙනි, මෙසේ වනාහි සත්පුරුෂ තෙම සත්පුරුෂ කථා ඇත්තේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් සත්පුරුෂතෙම සත්පුරුෂ වචන ඇත්තේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි සත්පුරුෂ තෙම බොරු කීමෙන් වැළකුනේ වෙයි. කේලාම් කීමෙන් වැළකුනේ වෙයි. රළු වචන කීමෙන් වැළකුනේ වෙයි. ප්‍රලාප කීමෙන් වැළකුනේ වෙයි. මහණෙනි, මෙසේ වනාහි සත්පුරුෂ තෙම සත්පුරුෂ වචන ඇත්තේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් සත්පුරුෂතෙම සත්පුරුෂ කර්මාන්ත ඇත්තේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි සත්පුරුෂතෙම සතුන් මැරීමෙන් වැළකුනේ වෙයි. සොරකම් කිරීමෙන් වැළකුනේ වෙයි. කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වෙයි. මහණෙනි, මෙසේ වනාහි සත්පුරුෂ තෙම සත්පුරුෂ කර්මාන්ත ඇත්තේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් සත්පුරුෂතෙම සත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි සත්පුරුෂ තෙම මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි. දුන් දෙයෙහි විපාක ඇත්තේය. රැකී සිල්හි විපාක ඇත්තේය. කළ පූජායෙහි විපාක ඇත්තේය. කරනලද හොඳ කරන කර්මයන්හි ඵල විපාක ඇත්තේය. මෙලොව ඇත. පරලොව ඇත. මවට කළ හොඳ නරක දෙකෙහි, පියාට කළ හොඳ නරක දෙකෙහි විපාක ඇත. පරලොව උපදින සත්වයෝ ඇත. යම් කෙනෙක් මේ ලෝකයද පරලෝකයද තෙමේ විශිෂ්ට ඥානයෙන් (මනා නුවණින්) දැන ප්රත්යක්ෂ කොට ප්‍රකාශ කෙරෙත්ද? එබඳුවූ යහපත් බවට පැමිණියාවූ, මනාව පිළිපන්නාවූ මහණ බමුණෝ ලෝකයෙහි ඇත්තාහයි ගනියි. මහණෙනි, මෙසේ වනාහි සත්පුරුෂතෙම සත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් සත්පුරුෂතෙම සත්පුරුෂ දාන දේද? මහණෙනි, මේ ලෝකයෙහි සත්පුරුෂතෙම සකස් කොට දන් දෙයි. සියතින් දන් දෙයි. සිතින් ආදරකොට දන් දෙයි. පිරිසිදුව දන් දෙයි. විපාක සලකමින් දානය දෙයි. මහණෙනි, මෙසේ වනාහි සත්පුරුෂ තෙම සත්පුරුෂ දාන දෙයි.
“මහණෙනි, ඒ මේ සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ කුසල ධර්මයන්ගෙන් යුක්තවූයේ මෙසේ සත්පුරුෂ සේවනය ඇත්තේ, මෙසේ සත්පුරුෂ සිතිවිලි ඇත්තේ, මෙසේ සත්පුරුෂ
කථා ඇත්තේ, මෙසේ සත්පුරුෂ වචන ඇත්තේ, මෙසේ සත්පුරුෂ කර්මාන්ත ඇත්තේ, මෙසේ සත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ, මෙසේ සත්පුරුෂ දන් දී, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සත්පුරුෂයන්ගේ යම් ගතියෙක් වේද, එහි උපදියි. මහණෙනි, සත්පුරුෂයන්ගේ ගතිය කවරීද? උසස් දෙවියන් බවට හෝ උසස් මනුෂ්‍යයන් බවට හෝ පැමිණෙන්නේයයි” වදාළේය.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුය.
|