ත්‍රිපිටකය
මජ්ඣිමනිකායෙ මජ්ඣිම නිකාය
උපරිපණ්ණාසපාළි උපරි පණ්ණාසය
1. දෙවදහවග්ගො 1. දේවදහ වර්ගය
1. දෙවදහසුත්තං 1. දේවදහ සූත්‍රය
2. පඤ්චත්තයසුත්තං (පඤ්චායතනසුත්ත (ක.)) 2. පඤ්ඤත්තය සූත්‍රය
3. කින්තිසුත්තං 3. කින්ති සූත්‍රය
4. සාමගාමසුත්තං 4. සාමගාම සූත්‍රය
41
එවං මෙ සුතං - එකං සමයං භගවා සක්කෙසු විහරති සාමගාමෙ. තෙන ඛො පන සමයෙන නිගණ්ඨො නාටපුත්තො (නාථපුත්තො (සී. පී.)) පාවායං අධුනාකාලඞ්කතො (කාලකතො (සී. ස්‍යා. කං. පී.)) හොති. තස්ස කාලඞ්කිරියාය භින්නා නිගණ්ඨා ද්වෙධිකජාතා (ද්වෙළ්හකජාතා (ස්‍යා. කං. ක.)) භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති - ‘‘න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසි, අහං ඉමං ධම්මවිනයං ආජානාමි. කිං ත්වං ඉමං ධම්මවිනයං ආජානිස්සසි! මිච්ඡාපටිපන්නො ත්වමසි, අහමස්මි සම්මාපටිපන්නො. සහිතං මෙ, අසහිතං තෙ. පුරෙවචනීයං පච්ඡා අවච , පච්ඡාවචනීයං පුරෙ අවච. අධිචිණ්ණං (අවිචිණ්ණං (සී. පී.)) තෙ විපරාවත්තං. ආරොපිතො තෙ වාදො. නිග්ගහිතොසි, චර වාදප්පමොක්ඛාය; නිබ්බෙඨෙහි වා සචෙ පහොසී’’ති. වධොයෙව ඛො (වධොයෙවෙකො (ස්‍යා. කං. ක.)) මඤ්ඤෙ නිගණ්ඨෙසු නාටපුත්තියෙසු වත්තති. යෙපි නිගණ්ඨස්ස නාටපුත්තස්ස සාවකා ගිහී ඔදාතවසනා තෙපි නිගණ්ඨෙසු නාටපුත්තියෙසු නිබ්බින්නරූපා (නිබ්බින්දරූපා (ස්‍යා. කං. ක.)) විරත්තරූපා පටිවානරූපා යථා තං දුරක්ඛාතෙ ධම්මවිනයෙ දුප්පවෙදිතෙ අනිය්‍යානිකෙ අනුපසමසංවත්තනිකෙ අසම්මාසම්බුද්ධප්පවෙදිතෙ භින්නථූපෙ අප්පටිසරණෙ.
41
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහිවූ “සාම” නම් ගමෙහි වැඩවසනසේක. එකල්හි වනාහි “නිගණ්ඨනාත” පුත්‍රතෙම චාපා නම් නුවර නොබෝ දින මැරුනේවෙයි. ඔහුගේ මරණින් පසු බිඳී ගියාවූ නිගණ්ඨයෝ දෙකොටසක්ව හටගත් දබර ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විවාදයට පැමිණියාහු ඔවුනොවුන්ට මුඛ නැමැති ආයුධ වලින් අනිමින් වාසය කෙරෙත්. ‘නුඹ මේ ධර්ම විනය නොදන්නෙහිය, මම මේ ධර්ම විනය දනිමි. කිම නුඹ මේ ධර්ම විනය දන්නෙහිද, නුඹ වරදවා පිළිපන්නෙහිය. මම මනාකොට පිළිපන්නේ වෙමි. මට වැඩ සහිතය. නුඹට වැඩ සහිත නොවේ. පළමු කිය යුත්ත පසුව කීයෙහිය. පසුව කිය යුත්ත පළමු කීයෙහිය. තා විසින් පුරුදු නොකරණ ලද්ද, විවාදයට පැමිණ නැවතුනේය. තට වාදය නගන ලද්දේය. නිග්‍රහ කරණ ලද්දේවෙහිය. වාදයෙන් මිදීම පිණිස හැසිරෙව්, ඉදින් හැකි වන්නෙහි නම් අවුල් හරවයි.’ කියමින් එකම වධයක් මෙන් නිගණ්ඨනාත පුත්‍රයාගේ අතවැස්සන් කෙරෙහි පවතියි. නිගණ්ඨනාත පුත්‍රයාගේ සුදුවත් හඳනාවූ යම් ගිහි ශ්‍රාවක කෙනෙක් වෙත්ද, ඔව්හුද නිගණ්ඨනාත පුත්‍රයාගේ අත වැස්සන් කෙරෙහි කළකිරුණු ස්වභාව ඇත්තාහු නොඇළුනු ස්වභාව ඇත්තාහු, පසුබස්නා ස්වභාව ඇත්තාහු වෙත්. නපුරුකොට කියන ලද්දාවූ නපුරුකොට දන්නා ලද්දාවූ නෛර්‍ය්‍යානික නොවූ සංසිඳීම පිණිස නොපවත්නාවූ, සම්‍යක් සම්බුද්ධ නොවූවකු විසින් කියන ලද්දාවූ බිඳුනු පිහිට ඇත්තාවූ පිළිසරණ නැත්තාවූ ධර්ම විනයක යම්සේද එමෙනි.
42
අථ ඛො චුන්දො සමණුද්දෙසො පාවායං වස්සංවුට්ඨො (වස්සංවුත්ථො (සී. ස්‍යා. කං. පී.)) යෙන සාමගාමො යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො චුන්දො සමණුද්දෙසො ආයස්මන්තං ආනන්දං එතදවොච - ‘‘නිගණ්ඨො, භන්තෙ, නාටපුත්තො පාවායං අධුනාකාලඞ්කතො. තස්ස කාලඞ්කිරියාය භින්නා නිගණ්ඨා ද්වෙධිකජාතා...පෙ.... භින්නථූපෙ අප්පටිසරණෙ’’ති. එවං වුත්තෙ, ආයස්මා ආනන්දො චුන්දං සමණුද්දෙසං එතදවොච - ‘‘අත්ථි ඛො ඉදං, ආවුසො චුන්ද, කථාපාභතං භගවන්තං දස්සනාය. ආයාම, ආවුසො චුන්ද, යෙන භගවා තෙනුපසඞ්කමිස්සාම; උපසඞ්කමිත්වා එතමත්ථං භගවතො ආරොචෙස්සාමා’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො චුන්දො සමණුද්දෙසො ආයස්මතො ආනන්දස්ස පච්චස්සොසි.
අථ ඛො ආයස්මා ච ආනන්දො චුන්දො ච සමණුද්දෙසො යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච - ‘‘අයං, භන්තෙ, චුන්දො සමණුද්දෙසො එවමාහ - ‘නිගණ්ඨො , භන්තෙ, නාටපුත්තො පාවායං අධුනාකාලඞ්කතො. තස්ස කාලඞ්කිරියාය භින්නා නිගණ්ඨා ද්වෙධිකජාතා...පෙ.... භින්නථූපෙ අප්පටිසරණෙ’ති. තස්ස මය්හං, භන්තෙ, එවං හොති - ‘මාහෙව භගවතො අච්චයෙන සඞ්ඝෙ විවාදො උප්පජ්ජි; ස්වාස්ස (සො (සී. පී.), ස්වායං (ක.)) විවාදො බහුජනාහිතාය බහුජනාසුඛාය බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සාන’’’න්ති.
42
ඉක්බිති “චුන්ද” සමණුද්දෙස තෙම පාවා නම් නුවර වස් වසන ලද්දේ සාම නම් ගම යම් තැනෙක්හිද ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට වැඳ එක් පසෙක උන්නේය. එක් පසෙක උන්නාවූ චුන්ද සමණුද්දෙස තෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙය කීයේය. “ස්වාමීනි නිගණ්ඨනාත පුත්‍රතෙම පාවා නම් නුවර නොබෝ දින මැරෙන ලද්දේ වෙයි. ඔහුගේ මැරීමෙන් පසු බිඳී ගියාවූ නිගණ්ඨයෝ දෙකොටසක්ව හටගත් දබර ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විවාදයට පැමිණියාහු ඔවුනොවුන්ට මුඛ නමැති ආයුධ වලින් අනිමින් වාසය කෙරෙත්. ‘නුඹ මේ ධර්ම විනය නොදන්නෙහිය. මම මේ ධර්ම විනය දනිමි. කිම, මේ ධර්ම විනය දන්නෙහිද? නුඹ වරදවා පිළිපන්නෙහිය මම මනාකොට පිළිපන්නේ වෙමි. මට වැඩ සහිතය. නුඹට වැඩ සහිත නොවේ. පළමු කිය යුත්ත පසුව කීයෙහිය. පසුව කිය යුත්ත පළමු කීයෙහිය. තා විසින් පුරුදු නොකරණ ලද්ද විවාදයට පැමිණ, නැවතුනේය. තට වාදය නගන ලද්දේය. නිග්‍රහ කරණ ලද්දේ වෙහිය. වාදයෙන් මිදීම පිණිස හැසිරෙව. ඉදින් හැකිවන්නෙහි නම් අවුල් හරවයි’ එකම වධයක් මෙන් නිගණ්ඨනාත පුත්‍රයාගේ අතවැස්සන් කෙරෙහි පවතියි. යම් නිගණ්ඨනාත පුත්‍රයාගේ සුදුවත් හඳනාවූ ගිහි ශ්‍රාවක කෙනෙක් වෙත්ද, ඔවුහුද නිගණ්ඨනාථ පුත්‍රයාගේ අතවැස්සන් කෙරෙහි කළකිරුණු ස්වභාව ඇත්තාහු, නොඇළුණු ස්වභාව ඇත්තාහු, පසුබස්නා ස්වභාව ඇත්තාහු වෙත්. නපුරුකොට දන්නා ලද්දාවූ, නෛර්‍ය්‍යාණික නොවූ, සංසිඳීම පිණිස නොපවත්නාවූ, සම්‍යක් සම්බුද්ධ නොවූවෙකු විසින් වදාරණ ලද්දාවූ, බිඳුනාවූ පිහිට ඇති පිළිසරණ නැත්තාවූ (සස්නෙහි යම්සේද එමෙනි)”
මෙසේ කී කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම චුන්ද සමණුද්දෙසයන්ට “ඇවැත් චුන්දය, මේ කථා පඬුර භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස ඇත්තේමය. ඇවැත් චුන්දය, යමු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණෙන්නෙමු පැමිණ මේ කාරණය භාග්‍යවතුන් වහන්සේට කියන්නෙමුයි” කීය. “ස්වාමීනි, එසේය” කියා චුන්ද නම් සමණුද්දෙස තෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්නේය.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේද, චුන්ද සමණුද්දෙස තෙමේද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසක උන්නාහුය. එකත්පසක උන්නාවූම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, මේ චුන්ද සමණුද්දෙස තෙම මෙසේ කීය. ස්වාමීනි, නිගණ්ඨනාතපුත්‍ර තෙම පාවා නම් නුවර නොබෝදින මැරුනේය. ඔහුගේ මරණයෙන් පසු බිඳුනාවූ නිගණ්ඨයෝ දෙකොටසක්ව හටගත් දබර ඇත්තාහු, හටගත් කලහ ඇත්තාහු, විවාදයට පැමිණියාහු ඔවුනොවුන්ට මුඛ නමැති ආයුධවලින් අනින්නාහු වාසය කෙරෙත්. ‘නුඹ මේ ධර්මවිනය නොදන්නෙහිය. මම මේ ධර්මවිනය දනිමි. කිම, නුඹ මේ ධර්මවිනය දන්නෙහිද? නුඹ වරදවා පිළිපන්නෙහිය. මම මනාකොට පිළිපන්නේ වෙමි. මට වැඩ සහිතය. නුඹට වැඩ සහිත නොවේ. පළමු කිය යුත්ත පසුව කීයෙහිය. පසුව කිය යුත්ත පළමු කීයෙහිය. තා විසින් පුරුදු නොකරණ ලද්ද විවාදයට පැමිණ, නැවතුනේය. තට වාදය නඟන ලද්දේය. නිග්‍රහ කරණ ලද්දේ වෙහිය. වාදයෙන් මිදීම පිණිස හැසිරෙව. ඉදින් හැකිවන්නෙහි නම් අවුල්හරවයි, එකම වධයක් මෙන් “නිගණ්ඨනාතපුත්‍රයාගේ අතවැස්සන් කෙරෙහි පවතියි. යම් නිගණ්ඨනාතපුත්‍රයාගේ සුදුවත් හඳනාවූ ගිහි ශ්‍රාවක කෙනෙක් වෙත්ද, ඔවුහුද නිගණ්ඨනාතපුත්‍රයාගේ අත වැස්සන් කෙරෙහි කළකිරුණු ස්වභාව ඇත්තාහු, නොඇළුනු ස්වභාව ඇත්තාහු, පසුබස්නා ස්වභාව ඇත්තාහු වෙත්. නපුරු කොට දන්නා ලද්දාවූ, නෛර්‍ය්‍යාණික නොවූ, සංසිඳීම පිණිස නොපවත්නාවූ, සම්‍යක් සම්බුද්ධ නොවූවෙකු විසින් වදාරණ ලද්දාවූ, බිඳුනාවූ පිහිට ඇති පිළිසරණ නැත්තාවූ (සස්නෙහි යම්සේද එමෙනි) “ස්වාමීනි, ඒ මට මෙබඳු අදහසක් වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් සංඝයා කෙරෙහි විවාදයෙක් නොම උපදීවා ඒ විවාදය බොහෝදෙනාට අවැඩ පිණිස බොහෝ දෙනාට නොසැප පිණිස බොහෝ දෙනාට අනර්ථ පිණිස දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වන්නේය” කියායි.
43
‘‘තං කිං මඤ්ඤසි, ආනන්ද, යෙ වො මයා ධම්මා අභිඤ්ඤා දෙසිතා, සෙය්‍යථිදං - චත්තාරො සතිපට්ඨානා චත්තාරො සම්මප්පධානා චත්තාරො ඉද්ධිපාදා පඤ්චින්ද්‍රියානි පඤ්ච බලානි සත්ත බොජ්ඣඞ්ගා අරියො අට්ඨඞ්ගිකො මග්ගො, පස්සසි නො ත්වං, ආනන්ද, ඉමෙසු ධම්මෙසු ද්වෙපි භික්ඛූ නානාවාදෙ’’ති? ‘‘යෙ මෙ, භන්තෙ, ධම්මා භගවතා අභිඤ්ඤා දෙසිතා, සෙය්‍යථිදං - චත්තාරො සතිපට්ඨානා චත්තාරො සම්මප්පධානා චත්තාරො ඉද්ධිපාදා පඤ්චින්ද්‍රියානි පඤ්ච බලානි සත්ත බොජ්ඣඞ්ගා අරියො අට්ඨඞ්ගිකො මග්ගො, නාහං පස්සාමි ඉමෙසු ධම්මෙසු ද්වෙපි භික්ඛූ නානාවාදෙ. යෙ ච ඛො (සන්ති ච ඛො (ස්‍යා. කං.), සන්ති ච (ක.)), භන්තෙ, පුග්ගලා භගවන්තං පතිස්සයමානරූපා විහරන්ති තෙපි භගවතො අච්චයෙන සඞ්ඝෙ විවාදං ජනෙය්‍යුං අජ්ඣාජීවෙ වා අධිපාතිමොක්ඛෙ වා. ස්වාස්ස (සොස්ස (සී. පී.), ස්වායං (ක.)) විවාදො බහුජනාහිතාය බහුජනාසුඛාය බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සාන’’න්ති. අප්පමත්තකො සො, ආනන්ද, විවාදො යදිදං - අජ්ඣාජීවෙ වා අධිපාතිමොක්ඛෙ වා. මග්ගෙ වා හි, ආනන්ද, පටිපදාය වා සඞ්ඝෙ විවාදො උප්පජ්ජමානො උප්පජ්ජෙය්‍ය; ස්වාස්ස විවාදො බහුජනාහිතාය බහුජනාසුඛාය බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං.
43
“ආනන්දය, ඒ කුමකැයි හඟින්නෙහිද, මා විසින් තොපට යම් ධර්ම කෙනෙක් නුවණින් අවබෝධකොට දේශනා කරණ ලද්දාහුද, එනම්, සතර සතිපට්ඨානයෝය, සතර සම්‍යක් ප්‍රධානයෝය, සතර ඍද්ධි පාදයෝය, පඤ්චෙන්ද්‍රියයෝය, පඤ්ච බලයෝය, සප්ත බොධ්‍යංගයෝය, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය යන මොහුයි. ආනන්දය, නුඹ මේ ධර්මයන්හි වෙන් වෙන් වාද ඇත්තාවූ භික්ෂූන් දෙදෙනකු දක්නෙහිද?” “ස්වාමීනි, යම් මේ ධර්මකෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් නුවණින් අවබෝධකොට දැන දේශනා කරන ලද්දාහුද, එනම්ත සතර සතිට්ඨානයෝය, සතර සම්‍යක් ප්‍රධානයෝය, සතර ඍද්ධිපාදයෝය, පඤ්චෙන්ද්‍රියයෝය, පඤ්චබලයෝය, සප්ත බොධ්‍යංගයෝය, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෝය, (යන මොහුයි.) මේ ධර්මයන්හි වෙනස් වාද ඇත්තාවූ භික්ෂූන් දෙදෙනකුදු මම නොදකිමි.
“ස්වාමීනි, යම් ඒ පුද්ගල කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ ඇසුරුකොට වාසය කෙරෙත්ද, ඔව්හු භාග්‍යවතුන් වහන්සේ ඇවෑමෙන් සංඝයා කෙරෙහි ආජීවය හේතුකොටගෙන හෝ ප්‍රාතිමොක්ෂය හේතුකොටගෙන හෝ විවාද උපදවන්නාහුද, ඒ විවාදය බොහෝදෙනාට අවැඩ පිණිස බොහෝදෙනාට නොසැප පිණිස බොහෝදෙනාට අනර්ථ පිණිස දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වන්නේයයි” ආනන්ද ස්ථවිර තෙමේ කීය.
“ආනන්දය, යම් මේ ආජීවය හේතුකොටගෙන හෝ ප්‍රාතිමොක්ෂය හේතුකොටගෙන හෝ විවාදයෙක් වේද, ඒ ස්වල්පමාත්‍ර ඇත්තක් වේ. ආනන්දය, මාර්ගයෙහි හෝ ප්‍රතිපදාවෙහි හෝ සංඝයා කෙරෙහි විවාදයෙන් උපදිනු ලබන්නේ උපදින්නේද, ඒ විවාදය බොහෝදෙනාට අවැඩ පිණිස බොහෝදෙනාට නොසැප පිණිස බොහෝදෙනාට අනර්ථ පිණිස දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වන්නේයයි” වදාළේය.
44
‘‘ඡයිමානි, ආනන්ද, විවාදමූලානි. කතමානි ඡ? ඉධානන්ද, භික්ඛු කොධනො හොති උපනාහී. යො සො, ආනන්ද, භික්ඛු කොධනො හොති උපනාහී සො සත්ථරිපි අගාරවො විහරති අප්පතිස්සො, ධම්මෙපි අගාරවො විහරති අප්පතිස්සො, සඞ්ඝෙපි අගාරවො විහරති අප්පතිස්සො, සික්ඛායපි න පරිපූරකාරී හොති. යො සො, ආනන්ද, භික්ඛු සත්ථරි අගාරවො විහරති අප්පතිස්සො, ධම්මෙ... සඞ්ඝෙ අගාරවො විහරති අප්පතිස්සො, සික්ඛාය න පරිපූරකාරී හොති, සො සඞ්ඝෙ විවාදං ජනෙති; යො හොති විවාදො බහුජනාහිතාය බහුජනාසුඛාය, බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං. එවරූපඤ්චෙ තුම්හෙ, ආනන්ද, විවාදමූලං අජ්ඣත්තං වා බහිද්ධා වා සමනුපස්සෙය්‍යාථ, තත්‍ර තුම්හෙ, ආනන්ද, තස්සෙව පාපකස්ස විවාදමූලස්ස පහානාය වායමෙය්‍යාථ. එවරූපඤ්චෙ තුම්හෙ, ආනන්ද, විවාදමූලං අජ්ඣත්තං වා බහිද්ධා වා න සමනුපස්සෙය්‍යාථ. තත්‍ර තුම්හෙ, ආනන්ද, තස්සෙව පාපකස්ස විවාදමූලස්ස ආයතිං අනවස්සවාය පටිපජ්ජෙය්‍යාථ. එවමෙතස්ස පාපකස්ස විවාදමූලස්ස පහානං හොති, එවමෙතස්ස පාපකස්ස විවාදමූලස්ස ආයතිං අනවස්සවො හොති.
44
“ආනන්දය, මේ විවාදයට මුල් කරුණු සයක් වෙත්. කවර සයක්ද යත්? ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම ක්‍රොධ කරන්නෙක්, වෛර බැඳගන්නෙක් වේද, ආනන්දය, යම් ඒ මහණෙක් තෙම ක්‍රොධ කරන්නෙක් වෛර බැඳගන්නෙක් වේද, හෙතෙම ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නොකරන්නෙක්, යටහත් පැවතුම් නැත්තෙක්ව වාසය කරයි. ධර්මය කෙරෙහිද ගෞරව නොකරන්නෙක්, යටහත් පැවතුම් නැත්තෙක්ව වාසය කරයි. සංඝයා කෙරෙහිද ගෞරව නොකරන්නෙක්, යටහත් පැවතුම් නැත්තෙක්ව වාසය කරයි. ශීලයද සම්පූර්ණ නොකරන්නෙක් වෙයි. ආනන්දය, යම් ඒ මහණෙක් තෙම ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නොකරන්නේ, යටහත් පැවතුම් නැත්තෙක්ව වාසය කෙරේද, ධර්මය කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, සංඝයා කෙරෙහි ගෞරව නොකරන්නෙක්, යටහත් පැවතුම් නැත්තෙක්ව වාසය කෙරේද, ශීලය සම්පූර්ණ නොකරන්නෙක් වේද, හෙතෙම සංඝයා කෙරෙහි විවාද උපදවයි. ඒ විවාදය බොහෝදෙනාට අවැඩ පිණිස, බොහෝදෙනාට නොසැප පිණිස, බොහෝදෙනාට අනර්ථ පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස පවතියි. ආනන්දය, ඉදින් තෙපි මේ විවාදයට මුල් කරුණු තමා කෙරෙහි හෝ පිටත්හි හෝ දකින්නාහුද, ආනන්දය, එහි තෙපි ඒ ලාමකවූ විවාද මූලයාගේ පහකිරීම පිණිස උත්සාහ දරන්නහුය. ආනන්දය, ඉදින් තෙපි මේ විවාදමූලය තමා කෙරෙහි හෝ පිටත්හි හෝ නොදක්නහු නම්, ආනන්දය, එහි තෙපි ඒ ලාමකවූ විවාද මූලයාගේම මත්තෙහි හටනොගැණීම පිණිස පිළිපදින්නහුය. මෙසේ මේ ලාමකවූ විවාද මූලයාගේ දුරුකිරීම වේ. මෙසේ මේ ලාමකවූ විවාද මූලයාගේ මත්තෙහි නොහටගැනීම වේ.
45
‘‘පුන චපරං, ආනන්ද, භික්ඛු මක්ඛී හොති පළාසී...පෙ.... ඉස්සුකී හොති මච්ඡරී...පෙ.... සඨො හොති මායාවී...පෙ.... පාපිච්ඡො හොති මිච්ඡාදිට්ඨි (මිච්ඡාදිට්ඨී (ස්‍යා. කං. පී. ක.)) ...පෙ.... සන්දිට්ඨිපරාමාසී හොති ආධානග්ගාහී දුප්පටිනිස්සග්ගී. යො සො, ආනන්ද, භික්ඛු සන්දිට්ඨිපරාමාසී හොති ආධානග්ගාහී දුප්පටිනිස්සග්ගී සො සත්ථරිපි අගාරවො විහරති අප්පතිස්සො, ධම්මෙපි අගාරවො විහරති අප්පතිස්සො, සඞ්ඝෙපි අගාරවො විහරති අප්පතිස්සො, සික්ඛායපි න පරිපූරකාරී හොති. යො සො, ආනන්ද, භික්ඛු සත්ථරි අගාරවො විහරති අප්පතිස්සො, ධම්මෙ... සඞ්ඝෙ... සික්ඛාය න පරිපූරකාරී හොති සො සඞ්ඝෙ විවාදං ජනෙති; යො හොති විවාදො බහුජනාහිතාය බහුජනාසුඛාය, බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං. එවරූපඤ්චෙ තුම්හෙ, ආනන්ද, විවාදමූලං අජ්ඣත්තං වා බහිද්ධා වා සමනුපස්සෙය්‍යාථ. තත්‍ර තුම්හෙ, ආනන්ද, තස්සෙව පාපකස්ස විවාදමූලස්ස පහානාය වායමෙය්‍යාථ. එවරූපඤ්චෙ තුම්හෙ, ආනන්ද, විවාදමූලං අජ්ඣත්තං වා බහිද්ධා වා න සමනුපස්සෙය්‍යාථ, තත්‍ර තුම්හෙ, ආනන්ද, තස්සෙව පාපකස්ස විවාදමූලස්ස ආයතිං අනවස්සවාය පටිපජ්ජෙය්‍යාථ. එවමෙතස්ස පාපකස්ස විවාදමූලස්ස පහානං හොති , එවමෙතස්ස පාපකස්ස විවාදමූලස්ස ආයතිං අනවස්සවො හොති. ඉමානි ඛො, ආනන්ද, ඡ විවාදමූලානි.
45
“ආනන්දය, නැවත අනිකක්ද කියමි. මහණතෙම ගුණමකු වූයේ එකටඑක කරන්නේ වේ. හෙතෙම ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. ධර්මය කෙරෙහිද ගෞරව නැත්තේ යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. සංඝයා කෙරෙහිද ගෞරව නැත්තේ යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. ශික්ෂාවෙහිද සම්පූර්ණ කිරීම ඇත්තේ නොවෙයි. ආනන්දය, යම් ඒ මහණෙක් තෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, ධර්මය කෙරෙහි ගෞරව නැත්තේ, යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, සංඝයා කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, ශික්ෂාවෙහි සම්පූර්ණ කිරීම ඇත්තේ නොවේද, හෙතෙම සංඝයා කෙරෙහි යම් විවාදයක් බොහෝදෙනාට අවැඩ පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස බොහෝදෙනාට අනර්ථ පිණිස, දෙවිමිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස වේද, එබඳු විවාද උපදවයි. ආනන්දය, ඉදින් තෙපි මෙබඳු විවාදයට මුල් කරුණු තමා කෙරෙහි හෝ පිටත්හි හෝ දකින්නහුද, ආනන්දය, එහි තොපි ඒ ලාමකවූ විවාදමූලයාගේම දුරුකිරීමට උත්සාහ කරන්නහුය. ආනන්දය, ඉදින් තෙපි මෙබඳු විවාදමූලය තමා කෙරෙහි හෝ පිටත්හි හෝ නොදක්නාහු නම්, ආනන්දය, එහි තෙපි ඒ ලාමකවූ විවාද මූලයාගේම මත්තෙහි නොහටගැනීම පිණිස පිළිපදින්නාහුය. මෙසේ මේ ලාමකවූ විවාදමූලයාගේ දුරුකිරීම වේ. මෙසේ මේ ලාමක විවාදමූලයාගේ මත්තෙහි නොහටගැනීම වේ.
“ආනන්දය, නැවත අනිකක්ද කියමි. මහණතෙම ඊර්‍ෂ්‍යා කරන්නේ මසුරුවූයේ වෙයි. හෙතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. ධර්මය කෙරෙහිද ගෞරව නැත්තේ යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. සංඝයා කෙරෙහිද ගෞරව නැත්තේ යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. ශික්ෂාවෙහිද සම්පූර්ණ කිරීම ඇත්තේ නොවෙයි. ආනන්දය, යම් ඒ මහණෙක් තෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද ධර්මය කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, සංඝයා කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, ශික්ෂාවෙහි සම්පූර්ණ කිරීම ඇත්තේ නොවේද, හෙතෙම සංඝයා කෙරෙහි යම් විවාදයක් බොහෝදෙනාට අවැඩ පිණිස, බොහෝදෙනාට නොසැප පිණිස, බොහෝදෙනාට අනර්ථ පිණිස දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස වේද, එබඳු විවාද උපදවයි. ආනන්දය, ඉදින් තෙපි මෙබඳු විවාදයට මුල් කරුණු තමා කෙරෙහි හෝ පිටත්හි හෝ දකින්නාහුද, ආනන්දය, එහි තෙපි ඒ ලාමකවූ විවාද මූලයාගේම දුරු කිරීමට උත්සාහ කරන්නාහුය. ආනන්දය, ඉදින් තෙපි මෙබඳු විවාදමූලය තමා කෙරෙහි හෝ පිටත්හි හෝ නොදක්නාහු නම් ආනන්දය, එහි තෙපි ඒ ලාමකවූ විවාද මූලයාගේම මත්තෙහි නොහටගැනීම පිණිස පිළිපදින්නාහුය. මෙසේ මේ ලාමකවූ විවාදමූලයාගේ දුරුකිරීම වේ. මෙසේ මේ ලාමක විවාද මූලයාගේ මත්තෙහි නොහටගැනීම වේ.
“ආනන්දය, නැවත අනිකක්ද කියමි. මහණතෙම කෛරාටිකවූයේ මායා ඇත්තේ වේ. හෙතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. ධර්මය කෙරෙහිද ගෞරව නැත්තේ යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. සංඝයා කෙරෙහිද ගෞරව නැත්තේ යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. ශික්ෂාවෙහිද සම්පූර්ණ කිරීම ඇත්තේ නොවෙයි. ආනන්දය, යම් ඒ මහණෙක් තෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, ධර්මය කෙරෙහි ගෞරව නැත්තේ, යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, සංඝයා කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, ශික්ෂාවෙහි සම්පූර්ණකිරීම ඇත්තේ නොවේද, හෙතෙම සංඝයා කෙරෙහි යම් විවාදයක් බොහෝදෙනාට අවැඩ පිණිස, බොහෝදෙනාට නොසැප පිණිස, බොහෝදෙනාට අනර්ථ පිණිස, දෙවිමිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වේද, එබඳු විවාද උපදවයි. ආනන්දය, ඉදින් තෙපි මෙබඳු විවාදයට මුල් කරුණු තමා කෙරෙහි හෝ පිටත්හි හෝ දක්නාහුද, ආනන්දය, එහි තෙපි ඒ ලාමකවූ විවාද මූලයාගේම දුරුකිරීමට උත්සාහ කරන්නහුය. ආනන්දය, ඉදින් තෙපි මෙබඳු විවාදමූලය තමා කෙරෙහි හෝ පිටත්හි හෝ නොදක්නහු නම්, ආනන්දය, එහි තෙපි ඒ ලාමකවූ විවාදමූලයාගේම මත්තෙහි නොහටගැනීම පිණිස පිළිපදින්නාහුය. මෙසේ ලාමකවූ විවාද මූලයාගේ දුරුකිරීම වේ. මෙසේ මේ ලාමක විවාද මූලයාගේ මත්තෙහි නොහට ගැනීම වේ.
“ආනන්දය, නැවත අනිකක්ද කියමි. මහණතෙම ලාමක ආසා ඇත්තේ මිථ්‍යාදෘෂ්ටිවූයේ වෙයි. හෙතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. ධර්මය කෙරෙහිද ගෞරව නැත්තේ යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. සංඝයා කෙරෙහිද ගෞරව නැත්තේ යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. ශික්ෂාවෙහිද සම්පූර්ණ කිරීම ඇත්තේ නොවෙයි. ආනන්දය, යම් ඒ මහණෙක් තෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, ධර්මය කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, සංඝයා කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, ශික්ෂාවෙහි සම්පූර්ණ කිරීම ඇත්තේ නොවේද, හෙතෙම සංඝයා කෙරෙහි යම් විවාදයක් බොහෝදෙනාට අවැඩ පිණිස, බොහෝදෙනාට නොසැප පිණිස, බොහෝදෙනාට අනර්ථ පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස වේද, එබඳු විවාද උපදවයි. ආනන්දය, ඉදින් තෙපි මෙබඳු විවාදයට මුල් කරුණු තමා කෙරෙහි හෝ පිටත්හි හෝ දකින්නාහුද, ආනන්දය, එහි තෙපි ඒ ලාමකවූ විවාදමූලයාගේම දුරුකිරීමට උත්සාහ කරන්නාහුය. ආනන්දය, ඉදින් තෙපි මෙබඳු විවාද මූලය තමා කෙරෙහි හෝ පිටත්හි හෝ නොදක්නාහු නම් ආනන්දය, එහි තෙපි ඒ ලාමකවූ විවාදමූලයාගේම මත්තෙහි නොහටගැනීම පිණිස පිළිපදින්නාහුය. මෙසේ මේ ලාමකවූ විවාද මූලයාගේ දුරුකිරීම වේ. මෙසේ මේ ලාමක විවාද මූලයාගේ මත්තෙහි නොහටගැනීම වේ.
“ස්වකීය දෘෂ්ටිය අල්වාගැනීම ඇත්තේ දැඩිව ගැනීම ඇත්තේ දුරලිය නොහැක්කේ වේ.
“ආනන්දය, හෙතෙම ශාස්තෲන්වහන්සේ කෙරෙහිද, ගෞරව නොකරන්නේ යටත් පැවතුම් නැත්තෙක්ව වාසය කරයි. ධර්මය කෙරෙහිද ගෞරව නොකරන්නේ යටත් පැවැතුම් නැත්තෙක්ව වාසය කරයි. සංඝයා කෙරෙහිද ගෞරව නොකරන්නේ යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. සීලයද සම්පූර්ණ නොකරන්නේ වෙයි. ආනන්දය, යම් ඒ මහණෙක් තෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නොකරන්නේ යටත් පැවතුම් නැත්තෙක්ව වාසය කෙරේද, ධර්මය කෙරෙහි ගෞරව නොකරන්නේ යටත් පැවතුම් නැත්තෙක්ව වාසය කෙරේද, සංඝයා කෙරෙහි ගෞරව නොකරන්නේ යටත් පැවතුම් නැත්තෙක්ව වාසය කෙරේද, ශීලය සම්පූර්ණ නොකරන්නෙක් වේද හෙතෙම සංඝයා කෙරෙහි විවාද උපදවයි. යම් විවාදයෙක් බොහෝ දෙනාට අවැඩ පිණිස බොහෝ දෙනාට නොසැප පිණිස බොහෝදෙනාට අනර්ථ පිණිස දෙවිමිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වන්නේද (එබඳු විවාදයෙකි)
“ආනන්දය, ඉදින් තෙපි මෙබඳු විවාදයට මුල් කරුණ තමන් කෙරෙහි හෝ පිටත්හි හෝ දක්නහු නම්ත ආනන්දය, එහි තෙපි එම ලාමකවූ විවාද මූලයාගේ දුරුකිරීම පිණිස උත්සාහ කරව්. ආනන්දය, ඉදින් තෙපි මෙබඳු විවාද මූලය තමන් කෙරෙහි හෝ පිටත්හි හෝ නොදක්නහු නම්, ආනන්දය එහි තෙපි එම ලාමකවූ විවාද මූලයාගේ නොවැඩීම පිණිස පිළිපදිව්. මෙසේ මේ ලාමකවූ විවාදමූලයාගේ පහ කිරීමවේ. මෙසේ මේ ලාමකවූ විවාදමූළයාගේ මත්තෙහි නොහට ගැණීමවේ. ආනන්දය, මොහු වනාහි විවාදයට මුල් කරුණු සය වෙත්.
46
‘‘චත්තාරිමානි , ආනන්ද, අධිකරණානි. කතමානි චත්තාරි? විවාදාධිකරණං, අනුවාදාධිකරණං, ආපත්තාධිකරණං, කිච්චාධිකරණං - ඉමානි ඛො, ආනන්ද, චත්තාරි අධිකරණානි. සත්ත ඛො පනිමෙ, ආනන්ද, අධිකරණසමථා - උප්පන්නුප්පන්නානං අධිකරණානං සමථාය වූපසමාය සම්මුඛාවිනයො දාතබ්බො, සතිවිනයො දාතබ්බො, අමූළ්හවිනයො දාතබ්බො, පටිඤ්ඤාය කාරෙතබ්බං, යෙභුය්‍යසිකා, තස්සපාපියසිකා, තිණවත්ථාරකො.
46
‘ආනන්දය, මේ අධිකරණ සතරක් වෙත්. විවාදය පිළිබඳ අධිකරණය, සීල විපත්ති ආදීන් චොදනා කිරීම් පිළිබඳ අධිකරණය, සප්ත ආපත්ති ස්කන්ධයන් පිළිබඳවූ අධිකරණය, අවලොකන ආදී කටයුතු පිළිබඳ අධිකරණය, ආනන්දය, මොහු වනාහි අධිකරණ සතර වෙත්.
“ආනන්දය, උපනුපන් අධිකරණයන්ගේ සමථය පිණිස සංසිඳීම පිණිස අධිකරණ සමථ සතක් වෙත්. සම්මුඛාවිනය දිය යුත්තේය. සති විනය දියයුත්තේය. අමුළ්හ විනය දියයුත්තේය. ප්‍රතිඥාවෙන් කරවිය යුතුයි. යෙභුය්‍යසිකාවය, තස්සපාපිය්‍යසිකාය, තිණවත්ථාරකය, යන සතයි.
47
‘‘කථඤ්චානන්ද, සම්මුඛාවිනයො හොති? ඉධානන්ද, භික්ඛූ විවදන්ති ධම්මොති වා අධම්මොති වා විනයොති වා අවිනයොති වා. තෙහානන්ද, භික්ඛූහි සබ්බෙහෙව සමග්ගෙහි සන්නිපතිතබ්බං. සන්නිපතිත්වා ධම්මනෙත්ති සමනුමජ්ජිතබ්බා . ධම්මනෙත්තිං සමනුමජ්ජිත්වා යථා තත්ථ සමෙති තථා තං අධිකරණං වූපසමෙතබ්බං. එවං ඛො, ආනන්ද, සම්මුඛාවිනයො හොති; එවඤ්ච පනිධෙකච්චානං අධිකරණානං වූපසමො හොති යදිදං - සම්මුඛාවිනයෙන.
47
“ආනන්දය, කෙසේ නම් සම්බුඛාවිනය වේද? ආනන්දය, මේ ශාසනයෙහි භික්ෂූහු අධර්මය ධර්මයයි කියමින් හෝ ධර්මය අධර්මයයි කියමින් හෝ අවිනය විනයයි කියමින් හෝ විනය අවිනයයි කියමින් කලහ කෙරෙත්ද, ආනන්දය, ඒ සියලුම භික්ෂූන් විසින් සමගිව රැස්විය යුතුයි. රැස්ව ධර්ම නීතිය පරීක්ෂාකර බැලියයුතුයි. ධර්ම නීතිය පරීක්ෂාකොට බලා යම් ආකාරයකින් ධර්ම නීතිය හා සමවේද, ඒ ආකාරයෙන් ඒ අධිකරණය, කලහය, සංසිඳවිය යුතුයි. ආනන්දය, මෙසේ සංසිඳුවීම සම්මුඛාවිනය නම් සංසිඳුවීමවේ. මෙසේ වනාහි මේ ශාසනයෙහි සමහර අධිකරණයන්ගේ සංසිඳීමවේ. එනම්, සම්මුඛා විනයයෙනි.
48
‘‘කථඤ්චානන්ද, යෙභුය්‍යසිකා හොති? තෙ චෙ, ආනන්ද, භික්ඛූ න සක්කොන්ති තං අධිකරණං තස්මිං ආවාසෙ වූපසමෙතුං. තෙහානන්ද, භික්ඛූහි යස්මිං ආවාසෙ බහුතරා භික්ඛූ සො ආවාසො ගන්තබ්බො. තත්ථ සබ්බෙහෙව සමග්ගෙහි සන්නිපතිතබ්බං. සන්නිපතිත්වා ධම්මනෙත්ති සමනුමජ්ජිතබ්බා. ධම්මනෙත්තිං සමනුමජ්ජිත්වා යථා තත්ථ සමෙති තථා තං අධිකරණං වූපසමෙතබ්බං. එවං ඛො, ආනන්ද, යෙභුය්‍යසිකා හොති, එවඤ්ච පනිධෙකච්චානං අධිකරණානං වූපසමො හොති යදිදං - යෙභුය්‍යසිකාය.
48
“ආනන්දය, කෙසේනම් යෙභුය්‍යසිකා නම් සංසිඳ වීමවේද, ආනන්දය, ඉදින් ඒ භික්ෂූහු ඒ අධිකරණය ඒ ආවාසයෙහි සංසිඳවන්ට නොහැකිවෙත් නම්, ආනන්දය, ඒ භික්ෂූන්ට වඩා යම් ආවාසයක භික්ෂූහු ඉතා බොහෝ වෙත් නම් ඒ ආවාසයට යායුත්තේය. එහි සියල්ලන්ම සමගිව රැස්විය යුතුයි. රැස්ව ධර්ම නීතිය පරීක්ෂාකර බැලිය යුතුයි. ධර්ම නීතිය පරීක්ෂාකර බලා යම් ආකාරයකින් ධර්ම නීතිය හා සමවේද, ඒ ආකාරයෙන් ඒ අධිකරණය සංසිඳවිය යුතුයි. ආනන්දය, මෙසේ වනාහි යෙභුය්‍යසිකා නම් සංසිඳවීමවේ. මෙසේද වනාහි මේ ශාසනයෙහි ඇතැම් අධිකරණයන්ගේ සංසිඳීමවේ. එනම්, යෙභුය්‍යසිකාවෙනි.
49
‘‘කථඤ්චානන්ද, සතිවිනයො හොති? ඉධානන්ද, භික්ඛූ භික්ඛුං එවරූපාය ගරුකාය ආපත්තියා චොදෙන්ති පාරාජිකෙන වා පාරාජිකසාමන්තෙන වා - ‘සරතායස්මා එවරූපිං (එවරූපං (සී. ස්‍යා. කං. පී.) එවරූපාය-ඉති වුච්චමානවචනෙන සමෙති. විනයෙනපි සංසන්දෙතබ්බං) ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා’ති? සො එවමාහ - ‘න ඛො අහං, ආවුසො, සරාමි එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා’ති. තස්ස ඛො (තස්ස ඛො එවං (සබ්බත්ථ)), ආනන්ද, භික්ඛුනො සතිවිනයො දාතබ්බො. එවං ඛො, ආනන්ද, සතිවිනයො හොති, එවඤ්ච පනිධෙකච්චානං අධිකරණානං වූපසමො හොති යදිදං - සතිවිනයෙන.
49
“ආනන්දය, කෙසේ නම් සතිවිනය නම් සංසිඳවීම වේද, ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම මහණෙකුට පාරාජිකාවකින් හෝ පාරාජිකාවට ලංවූ ඇවතකින් හෝ මෙබඳු ගරු ඇවතකින් ‘ආයුෂ්මත් තෙමේ පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව මතකදැයි’ චෝදනා කරන්නේය. හෙතෙම ඇවැත්නි, මම පාරාජිකාවකට හෝ පාරාජිකාව ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව සිහි නොවෙමියි’ කියන්නේද, ආනන්දය, ඒ භික්ෂූහුහට වනාහි සතිවිනය නම් සංසිඳවීම දිය යුත්තේය. ආනන්දය, මෙසේ වනාහි සතිවිනය නම් සංසිඳවීමවේ. මෙසේද වනාහි මේ සස්නෙහි ඇතැම් අධිකරණයන්ගේ සංසිඳීමවේ. එනම්, සතිවිනයයෙනි.
50
‘‘කථඤ්චානන්ද , අමූළ්හවිනයො හොති? ඉධානන්ද, භික්ඛූ භික්ඛුං එවරූපාය ගරුකාය ආපත්තියා චොදෙන්ති පාරාජිකෙන වා පාරාජිකසාමන්තෙන වා - ‘සරතායස්මා එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා’ති? (සො එවමාහ - ‘න ඛො අහං, ආවුසො, සරාමි එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා’ති. තමෙනං සො නිබ්බෙඨෙන්තං අතිවෙඨෙති - ‘ඉඞ්ඝායස්මා සාධුකමෙව ජානාහි යදි සරසි එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා’ති.) (( ) එත්ථන්තරෙ පාඨො චූළව. 237 නත්ථි තස්සපාපියසිකාවාරෙඑවෙතෙන භවිතබ්බං) සො එවමාහ - ‘අහං ඛො, ආවුසො, උම්මාදං පාපුණිං චෙතසො විපරියාසං. තෙන මෙ උම්මත්තකෙන බහුං අස්සාමණකං අජ්ඣාචිණ්ණං භාසිතපරික්කන්තං (භාසිතපරිකන්තං (සී. ස්‍යා. කං. පී.)). නාහං තං සරාමි. මූළ්හෙන මෙ එතං කත’න්ති. තස්ස ඛො (තස්ස ඛො එවං (ස්‍යා. කං. ක.)), ආනන්ද, භික්ඛුනො අමූළ්හවිනයො දාතබ්බො. එවං ඛො, ආනන්ද , අමූළ්හවිනයො හොති, එවඤ්ච පනිධෙකච්චානං අධිකරණානං වූපසමො හොති යදිදං - අමූළ්හවිනයෙන.
50
“ආනන්දය, කෙසේ නම් අමූළ්හ විනය නම් සංසිඳවීම වේද, ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම මහණෙකුට පාරාජිකාවකින් හෝ පාරාජිකාවට ලංවූ ඇවතකින් හෝ මෙබඳුවූ ගරු ඇවතකින් ‘ආයුෂ්මත් තෙමේ පාරාජිකාවකට හෝ පාරාජිකාව ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව මතකදැයි චොදනා කරන්නේය. හෙතෙම ‘ඇවැත්නි, මම පාරාජිකාවකට හෝ පැමිණියේ පාරාජිකාව ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණිබව මතක නැතැයි කියන්නේය. හෙතෙම ඔහුට අවුල් හැරීම වැඩියක් අවුල් කෙරෙයි. ‘ආයුෂ්මත් තෙමේ යහපත්වම දැන ගනු මැනව. ඉදින් පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව සිහි කෙරෙහිදැයි’ කියායි හෙතෙම මෙසේ කියයි. ‘ඇවැත්නි, මම වනාහි උමතු බවට චිත්තයාගේ පෙරළීමට පැමිණියෙමි. ඒ උමතුවූ මා විසින් ශ්‍රමණයන්ට නුසුදුසුවූ බොහෝ දේ කරන ලදී. නුසුදුසු වචන කියනලදී. නුසුදුසු ක්‍රියා කරනලදී. මට එය මතක නැත. මුලාවූ මා විසින් එය කරණලදැයි’ කියන්නේය ආනන්දය, ඒ භික්ෂුහට වනාහි අමූළ්හ විනය නම් සංසිඳුවීම දිය යුතුයි. ආනන්දය, මෙසේ වනාහි අමූළ්හ විනය නම් සංසිඳවීම වේ. මෙසේද වනාහී මේ ශාසනයෙහි ඇතැම් අධිකරණයන්ගේ සංසිඳීම වේ. එනම්ත අමූළ්හ විනයයෙනි.
51
‘‘කථඤ්චානන්ද, පටිඤ්ඤාතකරණං හොති? ඉධානන්ද, භික්ඛු චොදිතො වා අචොදිතො වා ආපත්තිං සරති, විවරති උත්තානීකරොති (උත්තානිං කරොති (ක.)). තෙන, ආනන්ද, භික්ඛුනා වුඩ්ඪතරං භික්ඛුං (වුඩ්ඪතරො භික්ඛු (සී. ස්‍යා. කං. පී.)) උපසඞ්කමිත්වා එකංසං චීවරං කත්වා පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො - ‘අහං, භන්තෙ, ඉත්ථන්නාමං ආපත්තිං ආපන්නො, තං පටිදෙසෙමී’ති. සො එවමාහ - ‘පස්සසී’ති? ‘ආම පස්සාමී’ති. ‘ආයතිං සංවරෙය්‍යාසී’ති. (‘සංවරිස්සාමී’ති.) (( ) විනයෙ නත්ථි) එවං ඛො, ආනන්ද, පටිඤ්ඤාතකරණං හොති, එවඤ්ච පනිධෙකච්චානං අධිකරණානං වූපසමො හොති යදිදං - පටිඤ්ඤාතකරණෙන.
51
“ආනන්දය, කෙසේ නම්, පටිඤ්ඤාතකරණය සංසිඳවීම වේද, ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම චොදනා කරණ ලද්දේ හෝ චෝදනා නොකරණ ලද්දේ හෝ ඇවත සිහි කරයිද, ප්‍රකාශ කරයිද, ප්‍රකට කෙරේද, ආනන්දය, ඒ භික්ෂුව විසින් වැඩිමහලු භික්ෂුවක් කරා පැමිණ සිවුර එකාංශ කොට පොරවා පා වැඳ උක්කුටුකයෙන් ඉඳ ඇඳිලි බැඳගෙණ ‘ස්වාමීනි, මම මෙනම් ඇවතකට පැමිණියෙමි. එය දේශනා කරමියි’ මෙසේ කියයුතු වන්නේය. වැඩි මහලු භික්ෂුව ‘ඇවත දක්නෙහිදැයි අසයි.’ හෙතෙම දක්නෙමියි කියන්නේය. ‘මත්තෙහි සංවරයට පැමිණෙන්නෙහිදැයි’ වැඩිමහල් තෙරුන් වහන්සේ අසයි. ‘සංවරයට පැමිණෙන්නෙමියි’ හෙතෙම කියන්නේය. ආනන්දය, මෙසේ වනාහි පටිඤ්ඤාතකරණය නම් සංසිඳවීම වේ. මෙසේද වනාහි මෙහි ඇතැම් අධිකරණයන්ගේ සංසිඳීමවේ. එනම්, පටිඤ්ඤාතකරණයෙනි.
52
‘‘කථඤ්චානන්ද , තස්සපාපියසිකා හොති? ඉධානන්ද, භික්ඛු භික්ඛුං එවරූපාය ගරුකාය ආපත්තියා චොදෙති පාරාජිකෙන වා පාරාජිකසාමන්තෙන වා - ‘සරතායස්මා එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා’ති? සො එවමාහ - ‘න ඛො අහං, ආවුසො, සරාමි එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා’ති. තමෙනං සො නිබ්බෙඨෙන්තං අතිවෙඨෙති - ‘ඉඞ්ඝායස්මා සාධුකමෙව ජානාහි යදි සරසි එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා’ති. සො එවමාහ - ‘න ඛො අහං, ආවුසො, සරාමි එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා; සරාමි ච ඛො අහං, ආවුසො, එවරූපිං අප්පමත්තිකං ආපත්තිං ආපජ්ජිතා’ති. තමෙනං සො නිබ්බෙඨෙන්තං අතිවෙඨෙති - ‘ඉඞ්ඝායස්මා සාධුකමෙව ජානාහි යදි සරසි එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා’ති? සො එවමාහ - ‘ඉමඤ්හි නාමාහං, ආවුසො, අප්පමත්තිකං ආපත්තිං ආපජ්ජිත්වා අපුට්ඨො පටිජානිස්සාමි. කිං පනාහං එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිත්වා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා පුට්ඨො නපටිජානිස්සාමී’ති? සො එවමාහ - ‘ඉමඤ්හි නාම ත්වං, ආවුසො , අප්පමත්තිකං ආපත්තිං ආපජ්ජිත්වා අපුට්ඨො නපටිජානිස්සසි, කිං පන ත්වං එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිත්වා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා පුට්ඨො (අපුට්ඨො (ස්‍යා. කං. ක.)) පටිජානිස්සසි? ඉඞ්ඝායස්මා සාධුකමෙව ජානාහි යදි සරසි එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා’ති. සො එවමාහ - ‘සරාමි ඛො අහං, ආවුසො, එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා. දවා මෙ එතං වුත්තං, රවා මෙ එතං වුත්තං - නාහං තං සරාමි එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා’ති. එවං ඛො, ආනන්ද, තස්සපාපියසිකා හොති, එවඤ්ච පනිධෙකච්චානං අධිකරණානං වූපසමො හොති යදිදං - තස්සපාපියසිකාය.
52
“ආනන්දය, කෙසේ නම්, තස්සපාපිය්‍යසිකා නම් සංසිඳවීම වේද? ආනන්දය, මේ ශාසනයෙහි මහණෙක් මහණෙකුට ‘පාරාජිකාවකින් හෝ පාරාජිකාවට ලංවූ ඇවතකින් හෝ මෙබඳුවූ ගරු ඇවතකින් ආයුෂ්මත් තෙමේ පාරාජිකාවකට හෝ පාරාජිකාවකට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණියා මතකදැයි’ චොදනා කරන්නේය. හෙතෙම මෙසේ කියයි. ‘ඇවැත්නි, මම පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණියා මතක නැතැයි’ කියන්නේය. හෙතෙම ඔහුට අවුල් හරින්නහු වැඩියක් අවුල් කෙරෙයි. ‘ආයුෂ්මත් තෙමේ, ඉදින් පාරාජිකාවකට හෝ, පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණිබව මතක් වෙහිදැයි මනාකොටම දැනගනුවයි’ කියයි. ‘ඇවැත්නි, මට පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව මතක නැත. ඇවැත්නි, මෙබඳු කුඩා ඇවතකට පැමිණිබව මතකයයි’ කියායි. හෙතෙම අවුල් හරින්නහු වඩාත් අවුල් කෙරෙයි. ‘ආයුෂ්මත් තෙමේ ඉදින් පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව මතකදැයි’ මනාකොට දැන ගනුවයි’ කියායි. හෙතෙම මෙසේ කියයි. ‘ඇවැත්නි, මම වනාහි මෙනම් සුලු ඇවතකට පැමිණ නොඅසනලදුවම ප්‍රකාශ කරන්නෙමි. කිමෙක්ද? මම පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණ අසන ලදුව ප්‍රකාශ නොකරන්නෙම්දැ’යි කියන්නේය. හෙතෙම මෙසේ කියමි. ‘ඇවැත්නි, නුඹ වනාහි මෙනම් සුලු ඇවතකට පැමිණ නො අසන ලදුව ප්‍රකාශ නොකරන්නෙහිය, කිමෙක්ද, ඔබ පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතට පැමිණ අසන ලදුව ප්‍රකාශ කරන්නෙහිද? ආයුෂ්මත් තෙමේ ඉදින් පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව සිහි වන්නෙහිදැයි මනාකොටම දැනගනුවයි’ කියන්නේය. ඒ භික්ෂු තෙමේ ‘ඇවැත්නි, මට පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතට පැමිණි බව මතකය, ඉක්මන් කම නිසා හෝ අනිකක් කියනු කැමතිව මා විසින් මෙසේ අනිකක් කීම නිසා හෝ මට පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතට පැමිණි බව මතක නැතැයි’ කියනලදී. ආනන්දය, මෙසේ වනාහි තස්සපාපිය්‍යසිකා නම් සංසිඳවීම වේ. මෙසේද වනාහි මෙහි ඇතැම් අධිකරණයන්ගේ සංසිඳීම වේ. එනම්, තස්ස පාපිය්‍යසිකාවෙනි.
53
‘‘කථඤ්චානන්ද , තිණවත්ථාරකො හොති? ඉධානන්ද, භික්ඛූනං භණ්ඩනජාතානං කලහජාතානං විවාදාපන්නානං විහරතං බහුං අස්සාමණකං අජ්ඣාචිණ්ණං හොති භාසිතපරික්කන්තං. තෙහානන්ද, භික්ඛූහි සබ්බෙහෙව සමග්ගෙහි සන්නිපතිතබ්බං. සන්නිපතිත්වා එකතොපක්ඛිකානං භික්ඛූනං බ්‍යත්තෙන (බ්‍යත්තතරෙන (සී. පී. ක.)) භික්ඛුනා උට්ඨායාසනා එකංසං චීවරං කත්වා අඤ්ජලිං පණාමෙත්වා සඞ්ඝො ඤාපෙතබ්බො -
‘සුණාතු මෙ, භන්තෙ, සඞ්ඝො. ඉදං අම්හාකං භණ්ඩනජාතානං කලහජාතානං විවාදාපන්නානං විහරතං බහුං අස්සාමණකං අජ්ඣාචිණ්ණං භාසිතපරික්කන්තං . යදි සඞ්ඝස්ස පත්තකල්ලං, අහං යා චෙව ඉමෙසං ආයස්මන්තානං ආපත්ති යා ච අත්තනො ආපත්ති, ඉමෙසඤ්චෙව ආයස්මන්තානං අත්ථාය අත්තනො ච අත්ථාය, සඞ්ඝමජ්ඣෙ තිණවත්ථාරකෙන දෙසෙය්‍යං, ඨපෙත්වා ථුල්ලවජ්ජං ඨපෙත්වා ගිහිපටිසංයුත්ත’’’න්ති.
‘‘අථාපරෙසං එකතොපක්ඛිකානං භික්ඛූනං බ්‍යත්තෙන භික්ඛුනා උට්ඨායාසනා එකංසං චීවරං කත්වා අඤ්ජලිං පණාමෙත්වා සඞ්ඝො ඤාපෙතබ්බො -
‘සුණාතු මෙ, භන්තෙ, සඞ්ඝො. ඉදං අම්හාකං භණ්ඩනජාතානං කලහජාතානං විවාදාපන්නානං විහරතං බහුං අස්සාමණකං අජ්ඣාචිණ්ණං භාසිතපරික්කන්තං. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, අහං යා චෙව ඉමෙසං ආයස්මන්තානං ආපත්ති යා ච අත්තනො ආපත්ති, ඉමෙසඤ්චෙව ආයස්මන්තානං අත්ථාය අත්තනො ච අත්ථාය, සඞ්ඝමජ්ඣෙ තිණවත්ථාරකෙන දෙසෙය්‍යං, ඨපෙත්වා ථුල්ලවජ්ජං ඨපෙත්වා ගිහිපටිසංයුත්ත’’’න්ති.
‘‘එවං ඛො, ආනන්ද, තිණවත්ථාරකො හොති, එවඤ්ච පනිධෙකච්චානං අධිකරණානං වූපසමො හොති යදිදං - තිණවත්ථාරකෙන.
53
“ආනන්දය, කෙසේ නම් තිණවත්ථාරක නම් සංසිඳවීම වේද? ආනන්දය, මේ ශාසනයෙහි හටගත් දබර ඇති හටගත් කලහ ඇති විවාදයට පැමිණ වාසය කරන්නාවූ භික්ෂූන්ගේ බොහෝවූ ශ්‍රමණයන්ට නුසුදුසුවූ කියන ලද දෙය හා කරණලද දෙය පුරුදු කරණ ලද්දේ වෙයි. ආනන්දය, ඒ සියලුම භික්ෂූන් විසින් සමගිව රැස්විය යුතුයි. රැස්ව එක්පක්ෂයෙහිවූ භික්ෂූන්ගෙන් ඉතා දක්ෂවූ භික්ෂුවක් විසින් හුනස්නෙන් නැගිට සිව්රු ඒකාංස කොට ඇඳිළි බැඳගෙන සංඝයාහට දැන්විය යුත්තේය. ‘ස්වාමීනි, සංඝතෙම මා කියන්නක් අසාවා. හටගත් දබර ඇත්තාවූ හටගත් කලහ ඇත්තාවූ විවාදයට පැමිණ වාසය කරන්නාවූ අපගේ මේ බොහෝවූ ශ්‍රමණයන්ට නුසුදුසුවූ කියන ලද්දාවූද, කරන ලද්දාවූද, පුරුදු කරණ ලද්දාවූද දේවෙයි.
‘ඉදින් සංඝයාට පැමිණි කල් ඇත්තේ නම්, මම මේ ආයුෂ්මතුන්ලාගේ යම් ඇවතකුත් වේද, තමන්ගේ යම් ඇවතකුත්වේද, මහත් වරද සහ ගිහියන් පිළිබඳ වරද හැර යම් සෙසු සියලු ඇවැත් මේ ආයුෂ්මතුන්ලාගේ ප්‍රයෝජනය පිණිසද, තමන්ගේ ප්‍රයෝජනය පිණිසද, සංඝයා මධ්‍යයෙහි තිණවත්ථාරක කර්මයෙන් දේශනා කරන්නෙමියි.’ (කියයුතුය)
“ඉක්බිති අනික් පක්ෂයෙක්හිවූ භික්ෂූන්ගෙන් ඉතා දක්ෂවූ භික්ෂුවක් විසින් හුනස්නෙන් නැගිට සිව්ර එකාංශ කොට පොරවා ඇදිළි බැඳගෙණ සංඝයාහට දැන්විය යුත්තේය. ‘ස්වාමීනි, සංඝතෙමේ මා කියන්නක් අසන සේක්වා. හටගත් දබර ඇත්තාවූ හටගත් කලහ ඇත්තාවූ විවාදයට පැමිණ වාසය කරන්නාවූ අපගේ ඒ බොහෝ වූ ශ්‍රමණයන්ට නුසුදුසුවූ කියන ලද්දාවූද, කරණ ලද්දාවූද, පුරුදු කරණ ලද්දාවූද දේවෙයි. ඉදින් සංඝයාට පැමිණි කල් ඇත්තේ නම්, මම මේ ආයුෂ්මතුන්ලාගේ යම් ඇවතකුත් වේද, තමාගේ යම් ඇවතකුත් වේද, මහත් වරද සහ ගිහියන් පිළිබඳ වරද හැර සෙසු සියලු වරද මේ ආයුෂ්මතුන්ලාගේ ප්‍රයෝජනය පිණිසද, තමාගේ ප්‍රයෝජනය පිණිසද, සංඝයා මධ්‍යයෙහි තිණවත්ථාරක කර්මයෙන් දෙසන්නෙමියි’ (කිය යුතුය).
“ආනන්දය, මෙසේ වනාහි තිණවත්ථාරක නම් සංසිඳවීමවේ. මෙසේද වනාහි මේ ශාසනයෙහි ඇතැම් අධිකරණයන්ගේ සංසිඳීමවේ. එනම්, තිණවත්ථාරකයෙනි.
54
‘‘ඡයිමෙ , ආනන්ද, ධම්මා සාරණීයා පියකරණා ගරුකරණා සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තන්ති. කතමෙ ඡ? ඉධානන්ද, භික්ඛුනො මෙත්තං කායකම්මං පච්චුපට්ඨිතං හොති සබ්‍රහ්මචාරීසු ආවි චෙව රහො ච. අයම්පි ධම්මො සාරණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති.
‘‘පුන චපරං, ආනන්ද, භික්ඛුනො මෙත්තං වචීකම්මං පච්චුපට්ඨිතං හොති සබ්‍රහ්මචාරීසු ආවි චෙව රහො ච. අයම්පි ධම්මො සාරණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති.
‘‘පුන චපරං, ආනන්ද, භික්ඛුනො මෙත්තං මනොකම්මං පච්චුපට්ඨිතං හොති සබ්‍රහ්මචාරීසු ආවි චෙව රහො ච. අයම්පි ධම්මො සාරණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති.
‘‘පුන චපරං, ආනන්ද, භික්ඛු - යෙ තෙ ලාභා ධම්මිකා ධම්මලද්ධා අන්තමසො පත්තපරියාපන්නමත්තම්පි තථාරූපෙහි ලාභෙහි - අපටිවිභත්තභොගී හොති, සීලවන්තෙහි සබ්‍රහ්මචාරීහි සාධාරණභොගී. අයම්පි ධම්මො සාරණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති.
‘‘පුන චපරං, ආනන්ද, භික්ඛු - යානි තානි සීලානි අඛණ්ඩානි අච්ඡිද්දානි අසබලානි අකම්මාසානි භුජිස්සානි විඤ්ඤුප්පසත්ථානි අපරාමට්ඨානි සමාධිසංවත්තනිකානි තථාරූපෙසු සීලෙසු - සීලසාමඤ්ඤගතො විහරති සබ්‍රහ්මචාරීහි ආවි චෙව රහො ච. අයම්පි ධම්මො සාරණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති.
‘‘පුන චපරං, ආනන්ද, භික්ඛු - යායං දිට්ඨි අරියා නිය්‍යානිකා නිය්‍යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයා තථාරූපාය දිට්ඨියා - දිට්ඨිසාමඤ්ඤගතො විහරති සබ්‍රහ්මචාරීහි ආවි චෙව රහො ච. අයම්පි ධම්මො සාරණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති. ඉමෙ ඛො, ආනන්ද, ඡ සාරණීයා ධම්මා පියකරණා ගරුකරණා සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තන්ති.
‘‘ඉමෙ චෙ තුම්හෙ, ආනන්ද, ඡ සාරණීයෙ ධම්මෙ සමාදාය වත්තෙය්‍යාථ, පස්සථ නො තුම්හෙ, ආනන්ද, තං වචනපථං අණුං වා ථූලං වා යං තුම්හෙ නාධිවාසෙය්‍යාථා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තස්මාතිහානන්ද , ඉමෙ ඡ සාරණීයෙ ධම්මෙ සමාදාය වත්තථ. තං වො භවිස්සති දීඝරත්තං හිතාය සුඛායා’’ති.
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා ආනන්දො භගවතො භාසිතං අභිනන්දීති.
54
“ආනන්දය, ප්‍රියබව ඇතිකරන්නාවූ ගරුබව ඇති කරන්නාවූ රැස්වීම පිණිස විවාද නොකිරීම පිණිස සමගිය පිණිස එක්වීම පිණිස මේ සිහිකටයුතු ධර්ම සයක් පවතිත්. එක්ව මහණදම් පුරන්නවුන් කෙරෙහි ඉදිරියෙහිද නොඉදිරියෙහිද කවර සයක්දයත්? ආනන්දය, මේ ශාසනයෙහි මහණහුගේ මෛත්‍රී කාය කර්මය එළඹ සිටියේ වෙයිද. ප්‍රියබව ඇති කරන්නාවූ ගරුබව ඇතිකරන්නාවූ මේ සිහිකටයුතු ධර්මයද රැස්වීම පිණිස විවාද නොකිරීම පිණිස සමගිය පිණිස එක් වීම පිණිස පවතියි.
“ආනන්දය, නැවතද අනිකක් කියමි එකට මහණදම් පුරන භික්ෂූන් කෙරෙහි ඉදිරියෙහිද නොඉදිරියෙහි භික්ෂුහුගේ මෛත්‍රි වාග් කර්මය එළඹ සිටියේ වෙයි. ප්‍රිය කරන්නාවූ, ගරුකරන්නාවූ, මේ සිහිකටයුතු ධර්මයද සංග්‍රහය පිණිස විවාද නොකිරීම පිණිස සමගිය පිණිස එකඟ බව පිණිස පවතියි.
“ආනන්දය, නැවත අනිකක් කියමි. සබ්‍රම්සරුන් අභිමුඛයෙහිද අනභිමුඛයෙහිද භික්ෂුවගේ මෛත්‍රි මනොකර්මය එළඹ සිටියේ වෙයි. ප්‍රියබව කරන්නාවූ ගරුබව කරන්නාවූ මේ සිහි කටයුතු ධර්මයද, රැස්වීම පිණිස විවාද නොකිරීම පිණිස සමගිය පිණිස එක්වීම පිණිස පවතියි.
“ආනන්දය, නැවත අනිකක්ද කියමි. මහණතෙම යම් ඒ ධාර්මිකවූ දැහැමින් ලබනලද්දාවූ යටත් පිරිසෙයින් පාත්‍රයෙහි ඇතුළත් වූවක් පමණවූද ලාබයෝ වෙත්ද, එබඳුවූ ලාභ සිල්වත්වූ සබ්‍රම්සරුන් හා බෙදා හදා නොවළඳන්නෙක් නොවේද සමව බෙදා වළඳන්නෙක් වේද, ප්‍රියබව ඇති කරන්නාවූ ගරු බව ඇති කරන්නාවූ මේ සිහි කටයුතුවූ ධර්මයද, රැස්වීම පිණිස අවිවාද පිණිස සමගිය පිණිස එක්වීම පිණිස පවතියි.
“ආනන්දය, නැවතද අනිකක්ද කියමි. මහණ තෙම කඩනොවූ සිදුරු නොවූ කබර නොවූ කැළල් නොවූ දාසකමින් මිදුනාවූ නුවණැත්තන් විසින් පසස්නා ලද්දාවූ තෘෂ්ණා දෘෂ්ටි දෙකින් අල්වා නොගන්නා ලද්දාවූ සමාධිය පිණිස පවත්නාවූ යම් ඒ සීලයෝ වෙත්ද, එබඳු සීලයන්හි සබ්‍රම්සරුන් හා ඉදිරියෙහිද නොඉදිරියෙහිද සීලයෙන් සමාන බවට පැමිණ වාසය කරයිද ප්‍රියබව ඇතිකරන්නාවූ ගරුබව ඇතිකරන්නාවූ මේ සිහි කටයුතුවූ ධර්මයද රැස්වීම පිණිස අවිවාදය පිණිස සමගිය පිණිස එක්වීම පිණිස පවතියි.
“ආනන්දය, නැවත අනිකක්ද කියමි. මහණ තෙම යම් මේ ආර්‍ය්‍යවූ නෛර්‍ය්‍යාණිකවූ එය පිළිපදින්නාහුගේ දුක් මනාව නැසීම පිණිස පවත්නාවූ යම් ඒ ප්‍රඥාවක් වෙයිද එබඳු ප්‍රඥාවෙන් සබ්‍රම්සරුන් හා ඉදිරියෙහිද නොඉදිරියෙහිද සමාන බවට පැමිණ වාසය කරයිද, ප්‍රියබව ඇතිකරන්නාවූ ගරුබව ඇතිකරන්නාවූ මේ සිහිකටයුතු ධර්මයද රැස්වීම පිණිස අවිවාදය පිණිස එක්වීම පිණිස පවතියි. ආනන්දය, ප්‍රියබව ඇතිකරන්නාවූ ගරුබව ඇතිකරන්නාවූ මේ සිහි කටයුතු ධර්ම සය රැස්වීම පිණිස අවිවාදය පිණිස සමගිය පිණිස එක්වීම පිණිස පවතිත්. ආනන්දය, ඉදින් තෙපි මේ සිහිකටයුතු ධර්ම සය සමාදන්ව පවත්නාහු නම්, ආනන්දය, තෙපි නොඉවසන්නාවූ කුඩා වරද ඇත්තාවූ හෝ මහත් වරද ඇත්තාවූ යම් වචනයක් දකිව්ද?” “ස්වාමීනි නැත”
“ආනන්දය, එහෙයින් මේ සිහි කටයුතු ධර්ම සය සමාදන්ව පවතිව්. එය තොපට බොහෝ කලක් හිත පිණිස සැප පිණිස වන්නේය.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සතුටු සිත් ඇත්තාවූ ආයුෂ්මත් ආනන්දස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තේය.
5. සුනක්ඛත්තසුත්තං 5. සුනක්ඛත්ත සූත්‍රය
6. ආනෙඤ්ජසප්පායසුත්තං 6. ආනෙඤ්ජ සප්පාය සූත්‍රය
7. ගණකමොග්ගල්ලානසුත්තං 7. ගණක මොග්ගල්ලාන සූත්‍රය
8. ගොපකමොග්ගල්ලානසුත්තං 8. ගොපක මොග්ගල්ලාන සූත්‍රය
9. මහාපුණ්ණමසුත්තං 9. මහා පුණ්ණමා සූත්‍රය
10. චූළපුණ්ණමසුත්තං 10. චූල පුණ්ණමා සූත්‍රය