ත්‍රිපිටකය
මජ්ඣිමනිකායෙ මජ්ඣිම නිකාය
උපරිපණ්ණාසපාළි උපරි පණ්ණාසය
1. දෙවදහවග්ගො 1. දේවදහ වර්ගය
1. දෙවදහසුත්තං 1. දේවදහ සූත්‍රය
2. පඤ්චත්තයසුත්තං (පඤ්චායතනසුත්ත (ක.)) 2. පඤ්ඤත්තය සූත්‍රය
3. කින්තිසුත්තං 3. කින්ති සූත්‍රය
4. සාමගාමසුත්තං 4. සාමගාම සූත්‍රය
5. සුනක්ඛත්තසුත්තං 5. සුනක්ඛත්ත සූත්‍රය
6. ආනෙඤ්ජසප්පායසුත්තං 6. ආනෙඤ්ජ සප්පාය සූත්‍රය
7. ගණකමොග්ගල්ලානසුත්තං 7. ගණක මොග්ගල්ලාන සූත්‍රය
8. ගොපකමොග්ගල්ලානසුත්තං 8. ගොපක මොග්ගල්ලාන සූත්‍රය
9. මහාපුණ්ණමසුත්තං 9. මහා පුණ්ණමා සූත්‍රය
10. චූළපුණ්ණමසුත්තං 10. චූල පුණ්ණමා සූත්‍රය
91
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ. තෙන ඛො පන සමයෙන භගවා තදහුපොසථෙ පන්නරසෙ පුණ්ණාය පුණ්ණමාය රත්තියා භික්ඛුසඞ්ඝපරිවුතො අබ්භොකාසෙ නිසින්නො හොති. අථ ඛො භගවා තුණ්හීභූතං තුණ්හීභූතං භික්ඛුසඞ්ඝං අනුවිලොකෙත්වා භික්ඛූ ආමන්තෙසි - ‘‘ජානෙය්‍ය නු ඛො, භික්ඛවෙ, අසප්පුරිසො අසප්පුරිසං - ‘අසප්පුරිසො අයං භව’’’න්ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘සාධු, භික්ඛවෙ; අට්ඨානමෙතං, භික්ඛවෙ, අනවකාසො යං අසප්පුරිසො අසප්පුරිසං ජානෙය්‍ය - ‘අසප්පුරිසො අයං භව’න්ති. ජානෙය්‍ය පන, භික්ඛවෙ, අසප්පුරිසො සප්පුරිසං - ‘සප්පුරිසො අයං භව’’’න්ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘සාධු, භික්ඛවෙ; එතම්පි ඛො, භික්ඛවෙ, අට්ඨානං අනවකාසො යං අසප්පුරිසො සප්පුරිසං ජානෙය්‍ය - ‘සප්පුරිසො අයං භව’න්ති. අසප්පුරිසො, භික්ඛවෙ, අස්සද්ධම්මසමන්නාගතො හොති, අසප්පුරිසභත්ති (අසප්පුරිසභත්තී (සබ්බත්ථ)) හොති, අසප්පුරිසචින්තී හොති, අසප්පුරිසමන්තී හොති, අසප්පුරිසවාචො හොති, අසප්පුරිසකම්මන්තො හොති, අසප්පුරිසදිට්ඨි (අසප්පුරිසදිට්ඨී (සබ්බත්ථ)) හොති; අසප්පුරිසදානං දෙති’’.
‘‘කථඤ්ච, භික්ඛවෙ, අසප්පුරිසො අස්සද්ධම්මසමන්නාගතො හොති? ඉධ, භික්ඛවෙ, අසප්පුරිසො අස්සද්ධො හොති, අහිරිකො හොති, අනොත්තප්පී හොති, අප්පස්සුතො හොති , කුසීතො හොති, මුට්ඨස්සති හොති, දුප්පඤ්ඤො හොති. එවං ඛො, භික්ඛවෙ, අසප්පුරිසො අස්සද්ධම්මසමන්නාගතො හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, අසප්පුරිසො අසප්පුරිසභත්ති හොති? ඉධ, භික්ඛවෙ, අසප්පුරිසස්ස යෙ තෙ සමණබ්‍රාහ්මණා අස්සද්ධා අහිරිකා අනොත්තප්පිනො අප්පස්සුතා කුසීතා මුට්ඨස්සතිනො දුප්පඤ්ඤා ත්‍යාස්ස මිත්තා හොන්ති තෙ සහායා. එවං ඛො, භික්ඛවෙ, අසප්පුරිසො අසප්පුරිසභත්ති හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, අසප්පුරිසො අසප්පුරිසචින්තී හොති? ඉධ, භික්ඛවෙ, අසප්පුරිසො අත්තබ්‍යාබාධායපි චෙතෙති, පරබ්‍යාබාධායපි චෙතෙති, උභයබ්‍යාබාධායපි චෙතෙති. එවං ඛො, භික්ඛවෙ, අසප්පුරිසො අසප්පුරිසචින්තී හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, අසප්පුරිසො අසප්පුරිසමන්තී හොති? ඉධ, භික්ඛවෙ, අසප්පුරිසො අත්තබ්‍යාබාධායපි මන්තෙති, පරබ්‍යාබාධායපි මන්තෙති, උභයබ්‍යාබාධායපි මන්තෙති. එවං ඛො, භික්ඛවෙ, අසප්පුරිසො අසප්පුරිසමන්තී හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, අසප්පුරිසො අසප්පුරිසවාචො හොති? ඉධ, භික්ඛවෙ, අසප්පුරිසො මුසාවාදී හොති, පිසුණවාචො හොති, ඵරුසවාචො හොති , සම්ඵප්පලාපී හොති. එවං ඛො, භික්ඛවෙ, අසප්පුරිසො අසප්පුරිසවාචො හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, අසප්පුරිසො අසප්පුරිසකම්මන්තො හොති? ඉධ , භික්ඛවෙ, අසප්පුරිසො පාණාතිපාතී හොති, අදින්නාදායී හොති, කාමෙසුමිච්ඡාචාරී හොති. එවං ඛො, භික්ඛවෙ, අසප්පුරිසො අසප්පුරිසකම්මන්තො හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, අසප්පුරිසො අසප්පුරිසදිට්ඨි හොති? ඉධ, භික්ඛවෙ, අසප්පුරිසො එවංදිට්ඨි (එවංදිට්ඨී (සී. පී.), එවංදිට්ඨිකො (ස්‍යා. කං.)) හොති - ‘නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකතදුක්කටානං (සුක්කටදුක්කටානං (සී. පී.)) කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො, නත්ථි පරො ලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා (සමග්ගතා (ක.)) සම්මාපටිපන්නා, යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී’ති. එවං ඛො, භික්ඛවෙ, අසප්පුරිසො අසප්පුරිසදිට්ඨි හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, අසප්පුරිසො අසප්පුරිසදානං දෙති? ඉධ, භික්ඛවෙ, අසප්පුරිසො අසක්කච්චං දානං දෙති, අසහත්ථා දානං දෙති, අචිත්තීකත්වා දානං දෙති, අපවිට්ඨං දානං දෙති අනාගමනදිට්ඨිකො දානං දෙති. එවං ඛො, භික්ඛවෙ, අසප්පුරිසො අසප්පුරිසදානං දෙති.
‘‘සො, භික්ඛවෙ, අසප්පුරිසො එවං අස්සද්ධම්මසමන්නාගතො, එවං අසප්පුරිසභත්ති, එවං අසප්පුරිසචින්තී, එවං අසප්පුරිසමන්තී, එවං අසප්පුරිසවාචො, එවං අසප්පුරිසකම්මන්තො, එවං අසප්පුරිසදිට්ඨි; එවං අසප්පුරිසදානං දත්වා කායස්ස භෙදා පරං මරණා යා අසප්පුරිසානං ගති තත්ථ උපපජ්ජති. කා ච, භික්ඛවෙ, අසප්පුරිසානං ගති? නිරයො වා තිරච්ඡානයොනි වා.
91
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි මිගාරමාතුපාසාද නම්වූ පූර්වාරාමයෙහි වාසය කරණසේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ එදවස්හිවූ පොහොය ඇති පසළොස්වක්හි පිරුණාවූ සඳ ඇති රාත්‍රියෙහි භික්ෂුසංඝයා විසින් පිරිවරණ ලද්දේ හිස්වූ එළිමහණෙහි වැඩහුන්නේ වෙයි. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දවූ භික්ෂු සංඝයා දෙස බලා භික්ෂූන්ට කථාකළ සේක.
“මහණෙනි, අසත්පුරුෂතෙම මේ පින්වත් තෙමේ අසත්පුරුෂයායයි, අසත්පුරුෂයා දන්නේදැයි?” ඇසූහ.
“ස්වාමීනි, මෙය නොවේමැයි.”
“මහණෙනි යහපත, මහණෙනි, අසත්පුරුෂතෙම මේ පින්වත්තෙම අසත්පුරුෂායයි, අසත්පුරුෂයා දැන ගන්නේය, යන යමක් ඇද්ද? මීට කරුණු නැත්තේය. අවකාශයක් නැත්තේය. මහණෙනි, අසත්පුරුෂතෙම මේ පින්වතා සත්පුරුෂයෙකැයි, සත්පුරුෂයා දැනගන්නේද?”
“ස්වාමීනි, මෙය නොවේමැයි.”
“මහණෙනි, මැනව. මහණෙනි, අසත්පුරුෂතෙම මේ පින්වතා සත්පුරුෂයෙකැයි සත්පුරුෂයා දැනගන්නේය යන යමක් ඇද්ද, මෙයටද කරුණු නැත්තේය. අවකාශ නැත්තේය. මහණෙනි, අසත්පුරුෂතෙම පාපි ධර්මයන්ගෙන් යුක්තවූයේ වෙයි. අසත්පුරුෂයන් සේවනය කරන්නේ වෙයි. අසත්පුරුෂ සිතිවිලි සිතන්නේ වෙයි. අසත්පුරුෂ කථා ඇත්තේ වෙයි. අසත්පුරුෂ වචන ඇත්තේ වෙයි. අසත්පුරුෂ කර්මාන්ත ඇත්තේ වෙයි. අසත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ වෙයි. අසත්පුරුෂයන් විසින් දියයුතු දානය දෙයි.
“මහණෙනි, කෙසේනම්, අසත්පුරුෂතෙම පාප ධර්මයන්ගෙන් යුක්තවූයේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි අසත්පුරුෂතෙම ශ්‍රද්ධාව නැත්තේ වෙයි. පවට ලජ්ජා නැත්තේ වෙයි. පවට භය නැත්තේ වෙයි. ඇසූ පිරූ තැන් නැත්තේ වෙයි. කුසීත වෙයි, මුලා සිහි ඇත්තේ වෙයි, ප්‍රඥාව නැත්තේ වෙයි. මහණෙනි, මෙසේ වනාහි අසත්පුරුෂ තෙම පාපධර්මයන්ගෙන් යුක්තවූයේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් අසත්පුරුෂතෙම, අසත්පුරුෂයන් සේවනය කරන්නේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ශ්‍රද්ධාව නැත්තාහු පවට ලජ්ජා නැත්තාහු, පවට භය නැත්තාහු, අල්පශ්‍රැතවූවාහු කුසීතවූවාහු, මුලා සිහි ඇත්තාහු, ප්‍රඥා නැත්තාහු වෙත්ද, ඔව්හු මොහුගේ මිත්‍රයෝ වෙත්. ඔව්හු යහලුවෝ වෙත්. මහණෙනි, මෙසේ වනාහි අසත්පුරුෂතෙම අසත්පුරුෂයන් සේවනය කරන්නේ වෙයි.
“මහණෙනි, කෙසේ නම්, අසත්පුරුෂ තෙම අසත්පුරුෂ සිතිවිලි ඇත්තේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි අසත්පුරුෂ තෙම තමහට දුක් පිණිසද සිතයි. අනුන්හට දුක් පිණිසද සිතයි. තමන්ටත් අනුන්ටත් දුක් පිණිසද සිතයි. මහණෙනි, මෙසේ වනාහි අසත්පුරුෂ තෙම අසත්පුරුෂ සිතිවිලි ඇත්තේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් අසත්පුරුෂ තෙම අසත් පුරුෂ කථා ඇත්තේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි අසත් පුරුෂ තෙම තමහට දුක් පිණිසද කථා කරයි. අනුන්හට දුක් පිණිසද කථා කරයි. තමන්ට හා අනුන්ට දුක් පිණිසද කථා කරයි. මහණෙනි, මෙසේ වනාහි අසත්පුරුෂ තෙම අසත්පුරුෂ කථා ඇත්තේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් අසත්පුරුෂ තෙම අසත්පුරුෂ වචන ඇත්තේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි අසත්පුරුෂ තෙම බොරු කියන්නේ වෙයි. කේලාම් කියන්නේ වෙයි. ඵරුෂ වචන කියන්නේ වෙයි. ප්‍රලාප කියන්නේ වෙයි. මහණෙනි, මෙසේ වනාහි අසත්පුරුෂ තෙම අසත්පුරුෂ වචන ඇත්තේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් අසත්පුරුෂ තෙම අසත්පුරුෂ කර්මාන්ත ඇත්තේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි අසත්පුරුෂ තෙම සතුන් මරන්නේ වෙයි. සොරකම් කරන්නේ වෙයි. කාමයන්හි වරදවා හැසිරෙන්නේ වෙයි. මහණෙනි, මෙසේ වනාහි අසත්පුරුෂ තෙම අසත්පුරුෂ කර්මාන්ත ඇත්තේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් අසත්පුරුෂ තෙම අසත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි අසත්පුරුෂ තෙම මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි. ‘දුන් දානයෙහි විපාක නැත. රැකි ශීලයෙහි විපාක නැත. කළ පූජාවෙහි විපාක නැත. යහපත්ව කරන ලද අයහපත්ව කරන ලද කර්මයන්ගේ ඵලයක් විපාකයක් නැත්තේය. මෙලොවක් නැත. පරලොවක් නැත. මවට කරන ලද හොඳ නරකවල විපාක නැත. පියාට කරන ලද හොඳ නරකවල විපාක නැත. මැරී පරලොව උපදින සත්වයන් නැත. යමෙක් තුමූ මෙලොව ද, පරලොවද, තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කෙරෙත්ද, එබඳු වූ යහපත් බවට පැමිණියාවූ මනාව පිළිපන්නා වූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ලෝකයෙහි නැත’ යන දෘෂ්ටි ඇත්තේ වෙයි. මහණෙනි, මෙසේ වනාහි අසත්පුරුෂ තෙම අසත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් අසත්පුරුෂ තෙම අසත්පුරුෂ දානය දේද? මහණෙනි, මේ ලෝකයෙහි අසත්පුරුෂ තෙම සකස් නොකොට දානය දෙයි. සිය අතින් දානය නො දෙයි. සිතින් ආදර නොකොට දානය දෙයි. දමා ගැසූ දෙයක් මෙන් දානය දෙයි. මතු අනුසස් නො දක්නේ දානය දෙයි. මහණෙනි, මෙසේ වනාහි අසත්පුරුෂ තෙම අසත්පුරුෂ දානය දෙයි.
“මහණෙනි, ඒ මේ අසත්පුරුෂ තෙම වනාහි මෙසේ පාපධර්මයන්ගෙන් යුක්තවූයේ මෙසේ අසත්පුරුෂ සේවනය ඇත්තේ මෙසේ අසත්පුරුෂ සිතිවිලි ඇත්තේ මෙසේ අසත්පුරුෂ කථා ඇත්තේ, මෙසේ අසත්පුරුෂ වචන ඇත්තේ මෙසේ අසත්පුරුෂ කර්මාන්ත ඇත්තේ මෙසේ අසත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ, මෙසේ අසත්පුරුෂ දානාදී ශරීරයාගේ භේදයෙන් මරණින් මතු අසත්පුරුෂයන්ගේ යම් ගතියක් වේද, එහි උපදියි. මහණෙනි, අසත්පුරුෂයන් ගේ ගතිය කවරීද? නරකය හෝ තිරිසන් යෝනිය හෝ වේ.
92
‘‘ජානෙය්‍ය නු ඛො, භික්ඛවෙ, සප්පුරිසො සප්පුරිසං - ‘සප්පුරිසො අයං භව’’’න්ති? ‘‘එවං , භන්තෙ’’. ‘‘සාධු, භික්ඛවෙ; ඨානමෙතං, භික්ඛවෙ, විජ්ජති යං සප්පුරිසො සප්පුරිසං ජානෙය්‍ය - ‘සප්පුරිසො අයං භව’න්ති. ජානෙය්‍ය පන, භික්ඛවෙ, සප්පුරිසො අසප්පුරිසං - ‘අසප්පුරිසො අයං භව’’’න්ති? ‘‘එවං, භන්තෙ’’. ‘‘සාධු, භික්ඛවෙ; එතම්පි ඛො, භික්ඛවෙ, ඨානං විජ්ජති යං සප්පුරිසො අසප්පුරිසං ජානෙය්‍ය - ‘අසප්පුරිසො අයං භව’න්ති. සප්පුරිසො, භික්ඛවෙ, සද්ධම්මසමන්නාගතො හොති, සප්පුරිසභත්ති හොති, සප්පුරිසචින්තී හොති, සප්පුරිසමන්තී හොති, සප්පුරිසවාචො හොති, සප්පුරිසකම්මන්තො හොති, සප්පුරිසදිට්ඨි හොති; සප්පුරිසදානං දෙති’’.
‘‘කථඤ්ච, භික්ඛවෙ, සප්පුරිසො සද්ධම්මසමන්නාගතො හොති? ඉධ, භික්ඛවෙ, සප්පුරිසො සද්ධො හොති, හිරිමා හොති, ඔත්තප්පී හොති, බහුස්සුතො හොති, ආරද්ධවීරියො හොති, උපට්ඨිතස්සති හොති, පඤ්ඤවා හොති. එවං ඛො, භික්ඛවෙ, සප්පුරිසො සද්ධම්මසමන්නාගතො හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, සප්පුරිසො සප්පුරිසභත්ති හොති? ඉධ, භික්ඛවෙ, සප්පුරිසස්ස යෙ තෙ සමණබ්‍රාහ්මණා සද්ධා හිරිමන්තො ඔත්තප්පිනො බහුස්සුතා ආරද්ධවීරියා උපට්ඨිතස්සතිනො පඤ්ඤවන්තො ත්‍යාස්ස මිත්තා හොන්ති, තෙ සහායා. එවං ඛො, භික්ඛවෙ, සප්පුරිසො සප්පුරිසභත්ති හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, සප්පුරිසො සප්පුරිසචින්තී හොති? ඉධ, භික්ඛවෙ, සප්පුරිසො නෙවත්තබ්‍යාබාධාය චෙතෙති, න පරබ්‍යාබාධාය චෙතෙති, න උභයබ්‍යාබාධාය චෙතෙති. එවං ඛො, භික්ඛවෙ, සප්පුරිසො සප්පුරිසචින්තී හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, සප්පුරිසො සප්පුරිසමන්තී හොති? ඉධ, භික්ඛවෙ, සප්පුරිසො නෙවත්තබ්‍යාබාධාය මන්තෙති, න පරබ්‍යාබාධාය මන්තෙති, න උභයබ්‍යාබාධාය මන්තෙති. එවං ඛො, භික්ඛවෙ, සප්පුරිසො සප්පුරිසමන්තී හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, සප්පුරිසො සප්පුරිසවාචො හොති? ඉධ, භික්ඛවෙ, සප්පුරිසො මුසාවාදා පටිවිරතො හොති, පිසුණාය වාචාය පටිවිරතො හොති, ඵරුසාය වාචාය පටිවිරතො හොති, සම්ඵප්පලාපා පටිවිරතො හොති. එවං ඛො, භික්ඛවෙ, සප්පුරිසො සප්පුරිසවාචො හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, සප්පුරිසො සප්පුරිසකම්මන්තො හොති? ඉධ, භික්ඛවෙ, සප්පුරිසො පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසුමිච්ඡාචාරා පටිවිරතො හොති. එවං ඛො, භික්ඛවෙ, සප්පුරිසො සප්පුරිසකම්මන්තො හොති.
‘‘කථඤ්ච , භික්ඛවෙ, සප්පුරිසො සප්පුරිසදිට්ඨි හොති? ඉධ, භික්ඛවෙ, සප්පුරිසො එවංදිට්ඨි හොති - ‘අත්ථි දින්නං, අත්ථි යිට්ඨං, අත්ථි හුතං, අත්ථි සුකතදුක්කටානං කම්මානං ඵලං විපාකො, අත්ථි අයං ලොකො , අත්ථි පරො ලොකො, අත්ථි මාතා, අත්ථි පිතා, අත්ථි සත්තා ඔපපාතිකා, අත්ථි ලොකෙ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී’ති. එවං ඛො, භික්ඛවෙ, සප්පුරිසො සප්පුරිසදිට්ඨි හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, සප්පුරිසො සප්පුරිසදානං දෙති? ඉධ, භික්ඛවෙ, සප්පුරිසො සක්කච්චං දානං දෙති, සහත්ථා දානං දෙති, චිත්තීකත්වා දානං දෙති, අනපවිට්ඨං දානං දෙති, ආගමනදිට්ඨිකො දානං දෙති. එවං ඛො, භික්ඛවෙ, සප්පුරිසො සප්පුරිසදානං දෙති.
‘‘සො, භික්ඛවෙ, සප්පුරිසො එවං සද්ධම්මසමන්නාගතො, එවං සප්පුරිසභත්ති, එවං සප්පුරිසචින්තී, එවං සප්පුරිසමන්තී, එවං සප්පුරිසවාචො, එවං සප්පුරිසකම්මන්තො, එවං සප්පුරිසදිට්ඨි; එවං සප්පුරිසදානං දත්වා කායස්ස භෙදා පරං මරණා යා සප්පුරිසානං ගති තත්ථ උපපජ්ජති. කා ච, භික්ඛවෙ, සප්පුරිසානං ගති? දෙවමහත්තතා වා මනුස්සමහත්තතා වා’’ති.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
92
“මහණෙනි, සත්පුරුෂ තෙම මේ පින්වතා සත්පුරුෂයෙකැයි, සත්පුරුෂයා දැන ගන්නේද? “ස්වාමීනි, එසේය.”
“මහණෙනි, යහපත. මහණෙනි, සත්පුරුෂ තෙම මේ පින්වතා සත් පුරුෂයෙකැයි සත් පුරුෂයා දැන ගන්නේය යන යමක් වේද, ඊට කරුණු ඇත්තේය.
“මහණෙනි, සත්පුරුෂ තෙම මේ පින්වතා අසත්පුරුෂයෙකැයි අසත්පුරුෂයා දැනගන්නේද?” “එසේය ස්වාමීනි”
“මහණෙනි, යහපත. මහණෙනි, සත්පුරුෂ තෙම මේ පින්වතා අසත්පුරුෂයෙකැයි අසත්පුරුෂයා දැනගන්නේය යන යමක් වේද, ඊටද කරුණු ඇත්තේය.
“මහණෙනි, සත්පුරුෂතෙම කුසල ධර්මයන්ගෙන් යුක්තවූයේ වෙයි. සත්පුරුෂයන් සේවනය ඇත්තේ වෙයි. සත්පුරුෂ සිතිවිලි ඇත්තේ වෙයි. සත්පුරුෂ කථා ඇත්තේ වෙයි. සත්පුරුෂ වචන ඇත්තේ වෙයි. සත්පුරුෂ කර්මාන්ත ඇත්තේ වෙයි. සත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ වෙයි. සත්පුරුෂ දාන දෙන්නේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් සත්පුරුෂතෙම කුශල ධර්මයන්ගෙන් යුක්තවූයේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි සත්පුරුෂතෙම ශ්‍රද්ධාව ඇත්තේ වෙයි. පවට ලජ්ජා ඇත්තේ වෙයි. පවට බිය ඇත්තේ වෙයි. බහුශ්‍රැත වෙයි. පටන් ගන්නාලද වීර්‍ය්‍ය ඇත්තේ වෙයි. එළඹසිටි සිහි ඇත්තේ වෙයි. ප්‍රඥා ඇත්තේ වෙයි. මහණෙනි, මෙසේ වනාහි සත් පුරුෂතෙම කුශල ධර්මයන්ගෙන් යුක්තවූයේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් සත්පුරුෂතෙම සත්පුරුෂයන් සේවනය ඇත්තේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ශ්‍රද්ධාව ඇත්තාහු, පවට ලජ්ජා ඇත්තාහු, පවට භය ඇත්තාහු, බහුශ්‍රැත වූවාහු, පටන්ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තාහු, එළඹසිටි සිහි ඇත්තාහු, ප්‍රඥාව ඇත්තාහු වෙත්ද, ඔව්හු ඔහුගේ මිත්‍රයෝ වෙත්. ඔව්හු යහලුවෝ වෙත්. මහණෙනි, මෙසේ වනාහි සත්පුරුෂතෙම සත්පුරුෂ සේවනය ඇත්තේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් සත්පුරුෂතෙම සත්පුරුෂ සිතිවිලි ඇත්තේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි සත්පුරුෂ තෙම තමහට දුක් පිණිස නොසිතයි. අන්‍යයන්හට දුක් පිණිස නොසිතයි. තමන්ටත් අනුන්ටත් දුක් පිණිස නොසිතයි. මහණෙනි, මෙසේ වනාහි සත්පුරුෂ තෙම සත්පුරුෂ සිතිවිලි ඇත්තේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් සත්පුරුෂතෙම සත්පුරුෂ කථා ඇත්තේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි සත්පුරුෂ තෙම තමහට දුක් පිණිස කථා නොකරයි. අන්‍යයාහට දුක් පිණිස කථා නොකරයි. තමහට හා අනුන්ට දුක් පිණිස කථා නොකරයි. මහණෙනි, මෙසේ වනාහි සත්පුරුෂ තෙම සත්පුරුෂ කථා ඇත්තේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් සත්පුරුෂතෙම සත්පුරුෂ වචන ඇත්තේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි සත්පුරුෂ තෙම බොරු කීමෙන් වැළකුනේ වෙයි. කේලාම් කීමෙන් වැළකුනේ වෙයි. රළු වචන කීමෙන් වැළකුනේ වෙයි. ප්‍රලාප කීමෙන් වැළකුනේ වෙයි. මහණෙනි, මෙසේ වනාහි සත්පුරුෂ තෙම සත්පුරුෂ වචන ඇත්තේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් සත්පුරුෂතෙම සත්පුරුෂ කර්මාන්ත ඇත්තේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි සත්පුරුෂතෙම සතුන් මැරීමෙන් වැළකුනේ වෙයි. සොරකම් කිරීමෙන් වැළකුනේ වෙයි. කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වෙයි. මහණෙනි, මෙසේ වනාහි සත්පුරුෂ තෙම සත්පුරුෂ කර්මාන්ත ඇත්තේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් සත්පුරුෂතෙම සත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි සත්පුරුෂ තෙම මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි. දුන් දෙයෙහි විපාක ඇත්තේය. රැකී සිල්හි විපාක ඇත්තේය. කළ පූජායෙහි විපාක ඇත්තේය. කරනලද හොඳ කරන කර්මයන්හි ඵල විපාක ඇත්තේය. මෙලොව ඇත. පරලොව ඇත. මවට කළ හොඳ නරක දෙකෙහි, පියාට කළ හොඳ නරක දෙකෙහි විපාක ඇත. පරලොව උපදින සත්වයෝ ඇත. යම් කෙනෙක් මේ ලෝකයද පරලෝකයද තෙමේ විශිෂ්ට ඥානයෙන් (මනා නුවණින්) දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කෙරෙත්ද? එබඳුවූ යහපත් බවට පැමිණියාවූ, මනාව පිළිපන්නාවූ මහණ බමුණෝ ලෝකයෙහි ඇත්තාහයි ගනියි. මහණෙනි, මෙසේ වනාහි සත්පුරුෂතෙම සත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් සත්පුරුෂතෙම සත්පුරුෂ දාන දේද? මහණෙනි, මේ ලෝකයෙහි සත්පුරුෂතෙම සකස් කොට දන් දෙයි. සියතින් දන් දෙයි. සිතින් ආදරකොට දන් දෙයි. පිරිසිදුව දන් දෙයි. විපාක සලකමින් දානය දෙයි. මහණෙනි, මෙසේ වනාහි සත්පුරුෂ තෙම සත්පුරුෂ දාන දෙයි.
“මහණෙනි, ඒ මේ සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ කුසල ධර්මයන්ගෙන් යුක්තවූයේ මෙසේ සත්පුරුෂ සේවනය ඇත්තේ, මෙසේ සත්පුරුෂ සිතිවිලි ඇත්තේ, මෙසේ සත්පුරුෂ
කථා ඇත්තේ, මෙසේ සත්පුරුෂ වචන ඇත්තේ, මෙසේ සත්පුරුෂ කර්මාන්ත ඇත්තේ, මෙසේ සත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ, මෙසේ සත්පුරුෂ දන් දී, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සත්පුරුෂයන්ගේ යම් ගතියෙක් වේද, එහි උපදියි. මහණෙනි, සත්පුරුෂයන්ගේ ගතිය කවරීද? උසස් දෙවියන් බවට හෝ උසස් මනුෂ්‍යයන් බවට හෝ පැමිණෙන්නේයයි” වදාළේය.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුය.