ත්‍රිපිටකය
5. බ්‍රාහ්මණවග්ගො 5. බ්‍රහ්මණ වර්ගය
1. බ්‍රහ්මායුසුත්තං 1. බ්‍රහ්මායු සූත්‍රය
2. සෙලසුත්තං 2. සේල සූත්‍රය
3. අස්සලායනසුත්තං 3. අස්සලායන සූත්‍රය
4. ඝොටමුඛසුත්තං 4. ඝෝටමුඛ සූත්‍රය
5. චඞ්කීසුත්තං 5. චංකී සූත්‍රය
422
එවං මෙ සුතං - එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන ඔපාසාදං නාම කොසලානං බ්‍රාහ්මණගාමො තදවසරි. තත්‍ර සුදං භගවා ඔපාසාදෙ විහරති උත්තරෙන ඔපාසාදං දෙවවනෙ සාලවනෙ. තෙන ඛො පන සමයෙන චඞ්කී බ්‍රාහ්මණො ඔපාසාදං අජ්ඣාවසති සත්තුස්සදං සතිණකට්ඨොදකං සධඤ්ඤං රාජභොග්ගං රඤ්ඤා පසෙනදිනා කොසලෙන දින්නං රාජදායං බ්‍රහ්මදෙය්‍යං. අස්සොසුං ඛො ඔපාසාදකා බ්‍රාහ්මණගහපතිකා - ‘‘සමණො ඛලු, භො, ගොතමො සක්‍යපුත්තො සක්‍යකුලා පබ්බජිතො කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං ඔපාසාදං අනුප්පත්තො, ඔපාසාදෙ විහරති උත්තරෙන ඔපාසාදං දෙවවනෙ සාලවනෙ. තං ඛො පන භවන්තං ගොතමං එවං කල්‍යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො - ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්‍රහ්මකං සස්සමණබ්‍රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල්‍යාණං මජ්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්ථං සබ්‍යඤ්ජනං, කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසෙති. සාධු ඛො පන තථාරූපානං අරහතං දස්සනං හොතී’’ති.
422
මා විසින් මෙසේ අසනලදී. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල්රට චාරිකාවේ හැසිරෙන්නේ, මහත්වූ භික්ෂු සංඝයා සමග ඕපසාද නම් කෝසලයන්ගේ බමුණුගම යම් තැනෙකද එතැන හැසුරුණු සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ඕපසාද ගමට උතුරෙන් ඕපසාද ගමෙහි දේව වන නම්වූ සාල වනයෙහි වාසය කරණසේක. එසමයෙහි වනාහි චංකී බ්‍රාහ්මණයා මිනිසුන්ගෙන් හා සතුන්ගෙන් ගහනවූ, තණ දර හා දිය සහිතවූ, ධාන්‍ය සහිතවූ, රජුන්ගෙන් ලැබුණු පරිභොගයක්වූ පසේනදි කොසොල් රජු විසින් දෙන ලද්දක්වූ උතුම් කොට දෙන ලද්දක්වූ ඔපසාද නුවර වෙසෙයි. (එකල්හි) ඔපසාද ගමෙහි වාසය කරන්නාවූ බමුණු ගෘහපතියෝ (මෙපුවත) ඇසූහ. ශාක්‍ය පුත්‍රවූ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදිවූ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මහත් භික්ෂු සංඝයා සමග චාරිකාවෙහි හැසිරෙනසේක් ඕපසාද ගමට පැමිණ, ඕපසාදි ගිමට උතුරෙන් පිහිටි ඕපසාද ගමෙහි දේව වන නම්වූ සාලවනයෙහි වාසය කරණසේක.
ඒ භවත් ගෞතමයන් වහන්සේගේ මෙබඳුවූ, යහපත්වූ කීර්ති ශබ්දයක් උස්ව පැන නැංගේය. ‘ඒ භාග්‍යවතුන් වහන්සේ, මේ කාරණයෙන්ද අර්හත්හ, සම්මා සම්බුද්ධයහ, විජ්ජාචරණ සම්පන්නයහ. සුගතයහ, ලොකවිදූහ, මිනිසුන් දමනය කිරීමෙහි තමන්ට වඩා වැඩි කෙනෙක් නැතියහ. දෙවි මිනිස්හුගේ අනුශාසකයහ. බුද්ධයහ, භාග්‍යවත්හ. ඒ භාග්‍යවතුන් වහන්සේ දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බඹුන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, රජුන් හා මිනිසුන් සහිතවූ, සත්ව සමූහයා ඇතුළු සකල ලෝකය තමන් වහන්සේම මනාව දැන, අවබෝධකොට ප්‍රකාශ කරණ සේක. උන්වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ, අග යහපත්වූ, අර්ථ සහිතවූ (දස වැදෑරුම්) අක්ෂර සම්පත්තියෙන් යුක්තවූ, සර්ව සම්පූර්ණවූ, ධර්මය පිරිසිදුවූ බ්‍රහ්මචරියාව දේශනා කරණසේක. එබඳුවූ රහතුන්ගේ දැකීමක් වේනම් ඒ යහපත්මය” (කියායි)
423
අථ ඛො ඔපාසාදකා බ්‍රාහ්මණගහපතිකා ඔපාසාදා නික්ඛමිත්වා සඞ්ඝසඞ්ඝී ගණීභූතා උත්තරෙනමුඛා ගච්ඡන්ති යෙන දෙවවනං සාලවනං. තෙන ඛො පන සමයෙන චඞ්කී බ්‍රාහ්මණො උපරිපාසාදෙ දිවාසෙය්‍යං උපගතො. අද්දසා ඛො චඞ්කී බ්‍රාහ්මණො ඔපාසාදකෙ බ්‍රාහ්මණගහපතිකෙ ඔපාසාදා නික්ඛමිත්වා සඞ්ඝසඞ්ඝී ගණීභූතෙ උත්තරෙන මුඛං යෙන දෙවවනං සාලවනං තෙනුපසඞ්කමන්තෙ. දිස්වා ඛත්තං ආමන්තෙසි - ‘‘කිං නු ඛො, භො ඛත්තෙ, ඔපාසාදකා බ්‍රාහ්මණගහපතිකා ඔපාසාදා නික්ඛමිත්වා සඞ්ඝසඞ්ඝී ගණීභූතා උත්තරෙනමුඛා ගච්ඡන්ති යෙන දෙවවනං සාලවන’’න්ති? ‘‘අත්ථි, භො චඞ්කී, සමණො ගොතමො සක්‍යපුත්තො සක්‍යකුලා පබ්බජිතො කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං ඔපාසාදං අනුප්පත්තො, ඔපාසාදෙ විහරති උත්තරෙන ඔපාසාදං දෙවවනෙ සාලවනෙ. තං ඛො පන භවන්තං ගොතමං එවං කල්‍යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො - ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. තමෙතෙ භවන්තං ගොතමං දස්සනාය ගච්ඡන්තී’’ති. ‘‘තෙන හි, භො ඛත්තෙ, යෙන ඔපාසාදකා බ්‍රාහ්මණගහපතිකා තෙනුපසඞ්කම; උපසඞ්කමිත්වා ඔපාසාදකෙ බ්‍රාහ්මණගහපතිකෙ එවං වදෙහි - ‘චඞ්කී, භො, බ්‍රාහ්මණො එවමාහ - ආගමෙන්තු කිර භොන්තො, චඞ්කීපි බ්‍රාහ්මණො සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිස්සතී’’’ති. ‘‘එවං, භො’’ති ඛො සො ඛත්තො චඞ්කිස්ස බ්‍රාහ්මණස්ස පටිස්සුත්වා යෙන ඔපාසාදකා බ්‍රාහ්මණගහපතිකා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ඔපාසාදකෙ බ්‍රාහ්මණගහපතිකෙ එතදවොච - ‘‘චඞ්කී, භො, බ්‍රාහ්මණො එවමාහ - ‘ආගමෙන්තු කිර භොන්තො, චඞ්කීපි බ්‍රාහ්මණො සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිස්සතී’’’ති.
423
ඉක්බිති සමූහ වශයෙන් එක්වුනාවූ, ඕපසාදක ගම්වැසි බමුණු ගෘහපති සමූහයා ඕපසාද ගමින් නික්ම උතුරු දිසාවට මුහුණ ලා දේව වන නම් සාලවනය යම් තැනකද එහි යයි. එසමයෙහි වනාහි චංකී බමුණතෙම ප්‍රාසාදයේ මතුමහලෙහි දවල් ඕපසාදක ගෘහපති සමූහයන් ඕපසාද ගමින් නික්ම දේවවන නම් සල්වනය යම් තැනෙකද, එහි උතුරු දෙසට මුහුණලා යන්නවුන් දැක්කේය. දැක, ‘ඛත්ත’ නම් මහ ඇමතියාට කථා කළේය. “භවත් ඛත්තයෙනි, කුමක් හෙයින් සමූහ වශයෙන් එක්වුනාවූ, ඕපසාදක ගම ගෘහපති සමූහයා ඕපසාද ගමින් නික්ම උතුරු දෙසට මුහුණලා දේවවන නම් සල්වනයට යයිද?”
“භවත් චංකී බ්‍රාහ්මණය, ශාක්‍ය පුත්‍රවූ, ශාක්‍යකුලයෙන් නික්මපැවිදිවූ, ශ්‍රමණභවත් ගෞතමයන් වහන්සේ මහත් භික්ෂු සංඝයා සමග කොසොල්රට ඕපසාද ගමට ඇවිදිනසේක් පැමිණියේ, ඕපසාද ගමට උතුරෙන් පිහිටි, ඕපසාද ගමෙහි දේවවන නම් සල්වෙනෙහි වාසය කරණසේක. ඒ භවත් ගෞතමයන් වහන්සේගේ මෙබඳුවූ යහපත්වූ කීර්ති ශබ්දයක් උස්ව පැනනැංගේය. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙනුදු අරහත්හ, සම්මා සම්බුද්ධයහ, විජ්ජාචරණ සම්පන්නයහ, සුගතයහ, ලෝකවිදූහ, මිනිසුන් දමනය කිරීමෙහි තමන්ට වඩා වැඩි කෙනෙක් නැතියහ. දෙවි මිනිසුන්ට අනුශාසකයහ, බුද්ධයහ, භාග්‍යවත්හ.
“ඒ භවත් ගෞතමයන් වහන්සේ දැකීමට මොවුහු යති. භවත් ඛත්තයෙනි, එසේනම් ඕපසාදක බ්‍රාහ්මණ ගෘහපතියන් යම්තැනකද එතැනට යව. ගොස් ඕපසාදක බ්‍රාහ්මණ ගෘහපතියන්ට මෙසේ කියව. ‘භවත් චංකී බ්‍රාහ්මණතෙමේ මෙසේ කීය. “පින්වත්හු නවතිත්වා, චංකී බ්‍රාහ්මණතෙමේ ශ්‍රමණ ගෞතමයන් දැකීමට එන්නේයයි, “පින්වතුන් වහන්ස, එසේයැයි” එ ඛත්ත ඇමතියා චංකී බමුණාට පිළිතුරු දී ඕපසාදක බමුණු ගෘහපතියන් යම් තැනකද එතැනට ගියේය. ගොස් ඕපසාදක බමුණු ගෘහපතියන්ට මෙසේ කීය. පින්වත් චංකී බ්‍රාහ්මණ තෙමේ මෙසේ කීය. පින්වත්හු නවතිත්වා. චංකී බ්‍රාහ්මණ තෙමේ ශ්‍රමණ ගෞතමයන් දැකීමට එන්නේයයි”.
424
තෙන ඛො පන සමයෙන නානාවෙරජ්ජකානං බ්‍රාහ්මණානං පඤ්චමත්තානි බ්‍රාහ්මණසතානි ඔපාසාදෙ පටිවසන්ති කෙනචිදෙව කරණීයෙන. අස්සොසුං ඛො තෙ බ්‍රාහ්මණා - ‘‘චඞ්කී කිර බ්‍රාහ්මණො සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිස්සතී’’ති. අථ ඛො තෙ බ්‍රාහ්මණා යෙන චඞ්කී බ්‍රාහ්මණො තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා චඞ්කිං බ්‍රාහ්මණං එතදවොචුං - ‘‘සච්චං කිර භවං චඞ්කී සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිස්සතී’’ති? ‘‘එවං ඛො මෙ, භො, හොති - ‘අහං සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිස්සාමී’’’ති. ‘‘මා භවං චඞ්කී සමණං ගොතමං දස්සනාය උපසඞ්කමි. න අරහති භවං චඞ්කී සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිතුං; සමණොත්වෙව ගොතමො අරහති භවන්තං චඞ්කිං දස්සනාය උපසඞ්කමිතුං. භවඤ්හි චඞ්කී උභතො සුජාතො මාතිතො ච පිතිතො ච සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහයුගා අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන. යම්පි භවං චඞ්කී උභතො සුජාතො මාතිතො ච පිතිතො ච සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහයුගා අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන, ඉමිනාපඞ්ගෙන න අරහති භවං චඞ්කී සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිතුං; සමණොත්වෙව ගොතමො අරහති භවන්තං චඞ්කිං දස්සනාය උපසඞ්කමිතුං. භවඤ්හි චඞ්කී අඩ්ඪො මහද්ධනො මහාභොගො...පෙ.... භවඤ්හි චඞ්කී තිණ්ණං වෙදානං පාරගූ සනිඝණ්ඩුකෙටුභානං සාක්ඛරප්පභෙදානං ඉතිහාසපඤ්චමානං, පදකො, වෙය්‍යාකරණො, ලොකායතමහාපුරිසලක්ඛණෙසු අනවයො...පෙ.... භවඤ්හි චඞ්කී අභිරූපො දස්සනීයො පාසාදිකො පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතො බ්‍රහ්මවණ්ණී බ්‍රහ්මවච්ඡසී (බ්‍රහ්මවච්චසී (සී. පී.)) අඛුද්දාවකාසො දස්සනාය...පෙ.... භවඤ්හි චඞ්කී සීලවා වුද්ධසීලී වුද්ධසීලෙන සමන්නාගතො...පෙ.... භවඤ්හි චඞ්කී කල්‍යාණවාචො කල්‍යාණවාක්කරණො පොරියා වාචාය සමන්නාගතො විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා...පෙ.... භවඤ්හි චඞ්කී බහූනං ආචරියපාචරියො, තීණි මාණවකසතානි මන්තෙ වාචෙති...පෙ.... භවඤ්හි චඞ්කී රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස සක්කතො ගරුකතො මානිතො පූජිතො අපචිතො...පෙ.... භවඤ්හි චඞ්කී බ්‍රාහ්මණස්ස පොක්ඛරසාතිස්ස සක්කතො ගරුකතො මානිතො පූජිතො අපචිතො...පෙ.... භවඤ්හි චඞ්කී ඔපාසාදං අජ්ඣාවසති සත්තුස්සදං සතිණකට්ඨොදකං සධඤ්ඤං රාජභොග්ගං රඤ්ඤා පසෙනදිනා කොසලෙන දින්නං රාජදායං බ්‍රහ්මදෙය්‍යං. යම්පි භවං චඞ්කී ඔපාසාදං අජ්ඣාවසති සත්තුස්සදං සතිණකට්ඨොදකං සධඤ්ඤං රාජභොග්ගං රඤ්ඤා පසෙනදිනා කොසලෙන දින්නං රාජදායං බ්‍රහ්මදෙය්‍යං, ඉමිනාපඞ්ගෙන න අරහති භවං චඞ්කී සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිතුං; සමණොත්වෙව ගොතමො අරහති භවන්තං චඞ්කිං දස්සනාය උපසඞ්කමිතු’’න්ති.
424
එසමයෙහි වනාහි නොයෙක් රටවලට අයත් පන්සියයක් පමණ බමුණෝ කිසියම් කටයුත්තක් නිසා ඔපසාද ගමේ වසත්. ඒ බමුණෝ චංකී බමුණා ශ්‍රමණ ගෞතමයන් දැකීමට යන්නේයයි ඇසූහ. ඉක්බිති ඒ බමුණෝ යම් තැනෙක චංකී බමුණා වෙයිද, එතැනට පැමිණියහ. පැමිණ චංකී බමුණාට මෙසේ කීහ. “භවත් චංකීතෙමේ ශ්‍රමණ ගෞතමයන් දැකීමට යන්නේය, යනු ඇත්තක්ද?”
“පින්වත, එසේ මට සිතෙයි. මමත් ශ්‍රමණ ගෞතමයන් දැකීමට යන්නෙමියි” (කියායි). “භවත් චංකී බමුණු තෙමේ ශ්‍රමණ ගෞතමයන් දැකීමට නොයව. භවත් චංකී තෙමේ ශ්‍රමණ ගෞතමයන් දැකීමට යාම නුසුදුසුය. ශ්‍රමණ ගෞතමයන්ම භවත් චංකී දැකීමට ඒම සුදුසුය. භවත් චංකී තෙමේ මව්පිය දෙපසින් මනාව උපන් කෙනෙක. යම් හෙයකින් භවත් චංකී තෙම මව්පිය දෙපසින් මනාව උපන්නේ සත්වන මීමුත්තාගේ පරපුර දක්වා අවමන් නොකරන ලද්දේ, ජාතිවාදයෙන් අපහාස නොකරන ලද්දේ, නින්දා නොකරන ලද්දේ වේද, සත්වන මීමුත්තාගේ පරපුර දක්වා ඉතා පිරිසිදුව මව්කුස පිළිසිඳගත්තෙක, ජාතිවාදයෙන් අපහාස නොකරණ ලද්දේක, නින්දා නොකරණ ලද්දෙක. මෙකරුණෙනුදු භවත් චංකී ශ්‍රමණ ගෞතමයන් දැකුමට යනු නුසුදුසුය. ශ්‍රමණ ගෞතමයන්ම පින්වත් චංකී දැකීමට එනු සුදුසුය. භවත් චංකී තෙමේ සියලු දෙයින් සම්පූර්ණය. මහත් ධන ඇත්තේය. මහත් සම්පත් ඇත්තේය. යම් හෙයකින් භවත් චංකී තෙමේ සියලු දෙයින් සම්පූර්ණ වේද, මහත් ධන ඇත්තේ වේද, මහත් සම්පත් ඇත්තේ වේද, මේ කරුණෙනුදු භවත් චංකී ශ්‍රමණ ගෞතමයන් දැකුමට යනු නුසුදුසුය. ශ්‍රමණ ගෞතමයන්ම පින්වත් චංකී දැකුමට එනු සුදුසුය.
“භවත් චංකීතෙම නිඝණ්ඩු ශාස්ත්‍රය හා කෙටුභ ශාස්ත්‍රයද සහිත ශික්ෂා නිරුක්ති සහිත ඉතිහාසය පස්වැනි කොට ඇති ත්‍රිවෙදයෙහි පරතෙරට ගියේය, පද දන්නේය, ව්‍යාකරණ දන්නේය, ලෝකායත ශාස්ත්‍රය හා මහා පුරුෂ ලක්ෂණ ශාස්ත්‍රයන්හි සම්පූර්ණවූ දැනුම් ඇත්තේය. යම් හෙයකින් භවත් චංකී තෙමේ නිඝණ්ඩු ශාස්ත්‍රය හා කෙටුභ ශාස්ත්‍රයද, සහිත ශික්ෂා නිරුක්ති සහිත ඉතිහාසය පස්වැනි කොට ඇති ත්‍රිවේදයෙහි පරතෙර පැමිණියේ වේද, මේ කරුණෙනුදු භවත් චංකී ශ්‍රමණ ගෞතමයන් දැකුමට යනු නුසුදුසුය. ශ්‍රමණ ගෞතමයන්ම පින්වත් චංකී දැකුමට එනු සුදුසුය.
“භවත් චංකීතෙමේ මනා රූ ඇත්තේය, මනා පෙනුමක් ඇත්තේය, උතුම්වූ ශරීර ශොභාවෙන් යුක්තය, දුටුවන් පහදවන්නේය. බ්‍රහ්මයාගේ වර්ණයට බඳු වර්ණයෙන් යුක්තය. බ්‍රහ්ම ශරීරය වැනි ශරීරයකින් යුක්තය. ශරීරයෙහි දැකුමට ඇති දේ බොහෝය. යම් හෙයකින් භවත් චංකී තෙමේ මනා රූ ඇත්තේ වේද, මනා පෙනුමක් ඇත්තේ වේද, දුටුවන් පහදවන්නේ වේද, උතුම්වූ ශරීර ශොභාවක් ඇත්තේ වේද, බ්‍රහ්මයට බඳු වර්ණයෙන් යුක්ත වේද, බඹහුගේ ශරීරය වැනි ශරීරයකින් යුක්ත වූයේ වේද, ශරීරයෙහි දැකුමට ඇති දේ බොහෝ වේද, මේ කරුණෙනුදු භවත් චංකී ශ්‍රමණ ගෞතමයන් දැකුමට යනු නුසුදුසුය. ශ්‍රමණ ගෞතමයන්ම පින්වත් චංකී දැකුමට එනු සුදුසුය.
“භවත් චංකී තෙමේ වඩන ලද සිල් ඇති, සම්පූර්ණ සීලයෙන් යුත් සිල්වතෙක. යම් හෙයකින් භවත් චංකී තෙමේ වඩන ලද සිල් ඇති, සම්පූර්ණ සීලයෙන් යුත් සිල්වතෙක් වූයේ වේද, මේ කරුණෙනුදු භවත් චංකී ශ්‍රමණ ගෞතමයන් දැකුමට යනු නුසුදුසුය. ශ්‍රමණ ගෞතමයන්ම පින්වත් චංකී දැකුමට එනු සුදුසුය.
“භවත් චංකීතෙමේ යහපත් වචන ඇති. යහපත් තෙපුල් ඇති, නිදොස්වූ, කෙලතොලු නොවූ, අර්ථ හැඟවීමෙහි සමත් යහපත් වචන ඇති තැනැත්තෙක. යම් හෙයකින් භවත් චංකී තෙමේ යහපත් වචන ඇති, යහපත් තෙපුල් ඇති නිර්දෝෂවූ, කෙලතොලු නොවූ, අර්ථ හැඟවීමෙහි සමත් යහපත් වචන ඇති තැනැත්තෙක් වේද, මේ කරුණෙනුදු භවත් චංකී ශ්‍රමණ ගෞතමයන් දැකුමට යනු නුසුදුසුය ශ්‍රමණ ගෞතමයන්ම පින්වත් චංකී දැකුමට එනු සුදුසුය.
“භවත් චංකී තෙමේ බොහෝදෙනාගේ ගුරුවරයාද, ගුරුවරයන්ගේ ගුරුවරයාද වූයේ, තුන්සියයක් මානවකයන්ට වේදමන්ත්‍ර කියවයි. යම් හෙයකින් භවත් චංකී තෙමේ බොහෝදෙනාගේ ආචාර්යද, ආචාර්යන්ගේ ආචාර්යද වූයේ, තුන්සියයක් මානවකයන්ට වේදමන්ත්‍ර කියවයිද, මේ කරුණෙනුදු භවත් චංකී ශ්‍රමණ ගෞතමයන් දැකුමට යනු නුසුදුසුය. ශ්‍රමණ ගෞතමයන්ම පින්වත් චංකී දැකුමට එනු සුදුසුය.
“භවත් චංකී තෙමේ පසේනදී කොසොල්රජ විසිනුදු සත්කාර කරන ලද්දේය, ගරුකරන ලද්දේය, බුහුමන් කරන ලද්දේය, පුදන ලද්දේය, නැමදුම් කරන ලද්දේය යම් හෙයකින් භවත් චංකී තෙමේ පසේනදි කොසොල් රජ විසිනුදු සත්කාර කරන ලද්දේ වේද, බුහුමන් කරන ලද්දේ වේද, ගරු කරන ලද්දේ වේද, පුදන ලද්දේ වේද, නැමැදුම් කරන ලද්දේ වේද, මේ කරුණෙනුදු භවත් චංකී ශ්‍රමණ ගෞතමයන් දැකුමට යනු නුසුදුසුය. ශ්‍රමණ ගෞතමයන්ම පින්වත් චංකී දැකුමට එනු සුදුසුය.
“භවත් චංකීතෙමේ “පොක්ඛරසාති” බමුණා විසිනුදු සත්කාර කරනලද්දේය, ගරු කරන ලද්දේය, බුහුමන් කරන ලද්දේය, පුදන ලද්දේය, නැමදුම කරන ලද්දේය. යම් හෙයකින් භවත් චංකී තෙමේ “පොක්ඛරසාති” බමුණා විසිනුදු සත්කාර කරන ලද්දේ වේද, ගරුකරනලද්දේ වේද, බුහුමන් කරන ලද්දේ වේද, පුදන ලද්දේ වේද, නැමැදුම් කරන ලද්දේ වේද, මේ කරුණෙනුදු භවත් චංකී ශ්‍රමණ ගෞතමයන් දැකුමට යනු නුසුදුසුය. ශ්‍රමණ ගෞතමයන්ම පින්වත් චංකී දැකුමට එනු සුදුසුය.
“භවත් චංකීතෙමේ බොහෝ මිනිසුන්ගෙන් හා සතුන්ගෙන් ගැවසුනු, තණ දර හා දිය සහිතවූ, ධාන්‍ය සම්පත්තියෙන් යුක්තවූ රජුන් විසින් දෙනලද පරිභෝගයක්වූ පසේ නදි කොසොල් රජු විසින් දුන් හෙයින් රාජදායවූ, උතුම් කොට දෙන ලද්දක්වූ, ඕපසාද නගරයෙහි වාසය කරයි. යම් හෙයකින් භවත් චංකී තෙමේ මිනිසුන්ගෙන් හා සතුන්ගෙන් ගහනවූ, තණ දර හා දිය සහිතවූ ධාන්‍ය ඇත්තාවූ, රජුන් විසින් දෙනලද පරිභෝගයක්වූ පසේනදි කොසොල් රජු විසින් දුන් හෙයින් රාජදායවූ උතුම් කොට දෙන ලද්දක්වූ ඕපසාද නුවර වෙසෙයිද? මේ කරුණු නිසාද භවත් චංකී තෙමේ භවත් ගෞතමයන් දැකීමට යනු නුසුදුසුය. ශ්‍රමණ ගෞතමයන්ම භවත් චංකී දැකීමට එනු සුදුසුය.”
425
එවං වුත්තෙ, චඞ්කී බ්‍රාහ්මණො තෙ බ්‍රාහ්මණෙ එතදවොච - ‘‘තෙන හි, භො, මමපි සුණාථ, යථා මයමෙව අරහාම තං සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිතුං; නත්වෙව අරහති සො භවං ගොතමො අම්හාකං දස්සනාය උපසඞ්කමිතුං. සමණො ඛලු, භො, ගොතමො උභතො සුජාතො මාතිතො ච පිතිතො ච සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහයුගා අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන. යම්පි, භො, සමණො ගොතමො උභතො සුජාතො මාතිතො ච පිතිතො ච සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහයුගා අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන, ඉමිනාපඞ්ගෙන න අරහති සො භවං ගොතමො අම්හාකං දස්සනාය උපසඞ්කමිතුං; අථ ඛො මයමෙව අරහාම තං භවන්තං ගොතමං දස්සනාය උපසඞ්කමිතුං (එත්ථ දී. නි. 1.304 අඤ්ඤම්පි ගුණපදං දිස්සති). සමණො ඛලු, භො, ගොතමො පහූතං හිරඤ්ඤසුවණ්ණං ඔහාය පබ්බජිතො භූමිගතඤ්ච වෙහාසට්ඨඤ්ච...පෙ.... සමණො ඛලු, භො, ගොතමො දහරොව සමානො යුවා සුසුකාළකෙසො භද්‍රෙන යොබ්බනෙන සමන්නාගතො පඨමෙන වයසා අගාරස්මා අනගාරියං පබ්බජිතො...පෙ.... සමණො ඛලු, භො, ගොතමො අකාමකානං මාතාපිතූනං අස්සුමුඛානං රුදන්තානං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතො...පෙ.... සමණො ඛලු, භො, ගොතමො අභිරූපො දස්සනීයො පාසාදිකො පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතො බ්‍රහ්මවණ්ණී බ්‍රහ්මවච්ඡසී අඛුද්දාවකාසො දස්සනාය...පෙ.... සමණො ඛලු, භො, ගොතමො සීලවා අරියසීලී කුසලසීලී කුසලෙන සීලෙන සමන්නාගතො...පෙ.... සමණො ඛලු, භො, ගොතමො කල්‍යාණවාචො කල්‍යාණවාක්කරණො පොරියා වාචාය සමන්නාගතො විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා...පෙ.... සමණො ඛලු, භො, ගොතමො බහූනං ආචරියපාචරියො...පෙ.... සමණො ඛලු, භො, ගොතමො ඛීණකාමරාගො විගතචාපල්ලො...පෙ.... සමණො ඛලු, භො, ගොතමො කම්මවාදී කිරියවාදී අපාපපුරෙක්ඛාරො බ්‍රහ්මඤ්ඤාය පජාය...පෙ.... සමණො ඛලු, භො, ගොතමො උච්චා කුලා පබ්බජිතො අසම්භින්නා ඛත්තියකුලා...පෙ.... සමණො ඛලු, භො, ගොතමො අඩ්ඪා කුලා පබ්බජිතො මහද්ධනා මහාභොගා...පෙ.... සමණං ඛලු, භො, ගොතමං තිරොරට්ඨා තිරොජනපදා සංපුච්ඡිතුං ආගච්ඡන්ති...පෙ.... සමණං ඛලු, භො, ගොතමං අනෙකානි දෙවතාසහස්සානි පාණෙහි සරණං ගතානි...පෙ.... සමණං ඛලු, භො, ගොතමං එවං කල්‍යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො - ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති...පෙ.... සමණො ඛලු, භො, ගොතමො ද්වත්තිංසමහාපුරිසලක්ඛණෙහි සමන්නාගතො...පෙ.... (එත්ථාපි දී. නි. 1.304 අඤ්ඤානිපි ගුණපදානං දිස්සන්ති) සමණං ඛලු, භො, ගොතමං රාජා මාගධො සෙනියො බිම්බිසාරො සපුත්තදාරො පාණෙහි සරණං ගතො...පෙ.... සමණං ඛලු, භො, ගොතමං රාජා පසෙනදි කොසලො සපුත්තදාරො පාණෙහි සරණං ගතො...පෙ.... සමණං ඛලු, භො, ගොතමං බ්‍රාහ්මණො පොක්ඛරසාති සපුත්තදාරො පාණෙහි සරණං ගතො...පෙ.... සමණො ඛලු, භො, ගොතමො ඔපාසාදං අනුප්පත්තො ඔපාසාදෙ විහරති උත්තරෙන ඔපාසාදං දෙවවනෙ සාලවනෙ. යෙ ඛො තෙ සමණා වා බ්‍රාහ්මණා වා අම්හාකං ගාමක්ඛෙත්තං ආගච්ඡන්ති, අතිථී නො තෙ හොන්ති. අතිථී ඛො පනම්හෙහි සක්කාතබ්බා ගරුකාතබ්බා මානෙතබ්බා පූජෙතබ්බා. යම්පි සමණො ගොතමො ඔපාසාදං අනුප්පත්තො ඔපාසාදෙ විහරති උත්තරෙන ඔපාසාදං දෙවවනෙ සාලවනෙ, අතිථිම්හාකං සමණො ගොතමො. අතිථි ඛො පනම්හෙහි සක්කාතබ්බො ගරුකාතබ්බො මානෙතබ්බො පූජෙතබ්බො. ඉමිනාපඞ්ගෙන න අරහති සො භවං ගොතමො අම්හාකං දස්සනාය උපසඞ්කමිතුං; අථ ඛො මයමෙව අරහාම තං භවන්තං ගොතමං දස්සනාය උපසඞ්කමිතුං. එත්තකෙ ඛො අහං, භො, තස්ස භොතො ගොතමස්ස වණ්ණෙ පරියාපුණාමි, නො ච ඛො සො භවං ගොතමො එත්තකවණ්ණො; අපරිමාණවණ්ණො හි සො භවං ගොතමො. එකමෙකෙනපි තෙන (එකමෙකෙනපි භො (සී. ස්‍යා. කං. පී.)) අඞ්ගෙන සමන්නාගතො න අරහති, සො, භවං ගොතමො අම්හාකං දස්සනාය උපසඞ්කමිතුං; අථ ඛො මයමෙව අරහාම තං භවන්තං ගොතමං දස්සනාය උපසඞ්කමිතුන්ති. තෙන හි, භො, සබ්බෙව මයං සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිස්සාමා’’ති.
425
මෙසේ කීකල්හි චංකී බමුණා ඒ බමුණන්ට මෙසේ කීය. “පින්වත්නි, යම්සේ භවත් ගෞතමයන් දකින්න යාමට අපිම සුදුස්සෝ වෙමුද? ඒ පින්වත් ගෞතමයන් වහන්සේ අප දකිනු පිණිස පැමිණීමට නුසුදුසු සේක්ද? ඒ පිළිබඳ මාගේ කථාවද අසව්. භවත් ශ්‍රමණ ගෞතම තෙමේ මව් පිය දෙපසින් මැනවින් උපන්නේය. සත් වන මී මුත්තාගේ පරපුර දක්වා ඉතා පිරිසිදුව මවු කුස පිළිසිඳ ගත්තේය. ජාති වාදයෙන් අපහාස නොකරණ ලද්දේය. නින්දා නොකරණ ලද්දේය. පින්වත්නි, යම් හෙයින් ශ්‍රමණ ගෞතමයන් මව් පිය දෙපසින් මනාව උපන්නේද, සත්වන මී මුත්තාගේ පරපුර දක්වා ඉතා පිරිසිදුව මව් කුස පිළිසිඳ ගත්තේය. ජාති වාදයෙන් අපහාස නොකරණ ලද්දේද, ජාති වාදයෙන් නින්දා නොකරණ ලද්දේද, මේ කරුණෙනුදු ඒ භවත් ගෞතමයන් අප දැකීමට එනු නුසුදුසුය එසේ කල අපිම ඒ භවත් ගෞතමයන් වහන්සේ දක්නට යාමට සුදුස්සෝ වෙමු.
“පින්වත්නි, ශ්‍රමණ භවත් ගෞතම තෙමේ වූකලි භූමියෙහිවූද, ආකාශයෙහිවූද, බොහෝ රන් රුවන් හැර පැවිදි වූවෙක. යම් හෙයකින් ශ්‍රමණ භවත් ගෞතම තෙම වූකලී භූමි යෙහිවූද, ආකාශ යෙහිවූද, බොහෝ රන් රුවන් හැර පැවිදිවූයේ වේද, මේ කරුණෙනුදු ඒ භවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල අපිම ඒ භවත් ගෞතමයන් වහන්සේ දකින්න යන්නට සුදුසු වෙමු. පින්වත්නි, ශ්‍රමණ භවත් ගෞතම තෙමේ තරුණවූයේ, මනා යෞවනභාවයෙන් හා පළමුවන වයසින් යුතු වූයේ, කලුකෙස් ඇත්තේ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූවෙක. යම් හෙයකින් ශ්‍රමණ භවත් ගෞතම තෙම තරුණ වූයේ, මනායෞවන භාවයෙන් හා පළමුවන වයසින් යුක්තවූයේ, කලුකෙස් ඇත්තේ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයේ වේද, මේ කරුණෙනුදු ඒ භවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල අපිම ඒ භවත් ගෞතමයන් වහන්සේ දකින්ට යන්නට සුදුසුවෙමු. පින්වත්නි, ශ්‍රමණ භවත් ගෞතම තෙමේ මව්පියන් නොකැමතිව කඳුලු පිරි මුහුණින් යුතුව හඬද්දී කෙස් දැලිරැවුල් කපාහැර කසාවත් හැඳ ගිහිගෙන් නික්ම පැවිදිවූ කෙනෙක. යම් හෙයකින් ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මව්පියන් නොකැමැතිව කඳුලු පිරි මුහුණින් යුතුව, හඬද්දී, කෙස් දැලි රැවුල් කපාහැර කසාවත් හැඳ ගිහිගෙන් නික්ම පැවිදි වූ සේක්ද, මේ කරුණෙනුදු ඒ භවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල අපිම ඒ භවත් ගෞතමයන් වහන්සේ දකින්න යන්නට සුදුසු වෙමු. පින්වත්නි, ශ්‍රමණ භවත් ගෞතම තෙමේ මනා රූ ඇත්තේය. මනා පෙනුමක් ඇත්තේය. දුටුවන් පහදවන්නේය. උතුම් වූ ශරීර ශෝභාවෙන් යුක්තය. බ්‍රහ්මයාට බඳු වර්ණයෙන් යුක්තය. බ්‍රහ්ම ශරීරය වැනි ශරීරයෙන් යුක්තය. ශරීරයෙහි දැකුමට ඇති දේ බොහෝය. යම් හෙයකින් ශ්‍රමණ භවත් ගෞතම තෙම මනා රූ ඇත්තේ වේද, දුටුවන් පහද වන්නේ වේද, උතුම් වූ ශරීර ශෝභාවෙන් යුක්ත වූයේ වේද, බ්‍රහ්මයාට බඳු වර්ණයෙන් යුක්ත වූයේ වේද, බඹහුගේ ශරීරය වැනි ශරීරයෙන් යුක්තවූයේ වේද, ශරීරයෙහි දැකුමට අති දේ බොහෝ වේද, මේ කරුණෙනුදු ඒ භවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල අපිම ඒ භවත් ගෞතමයන් වහන්සේ දක්නට එළඹෙන්නට සුදුසු වෙමු.
“පින්වත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ කර්ම විපාක ඇත කුසල් දහම් කිරීම යහපත යන කථා ඇත්තේ වේද, උතුම් ධර්මය පෙරටු කොට හැසිරෙන උතුම් සත්වයන් විසින් පිරිවරන ලද්දෙකි.
“පින්වත්නි, ඒ ශ්‍රමණ භවත් ගෞතම තෙම සිල්වත්ය උතුම් සිල් ඇත්තේය, නිදොස් සිල් ඇත්තේය, සම්පූර්ණ සිල් ඇති සිල්වත් කෙනෙක, යම් හෙයකින් ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ උතුම් සිල් ඇති, සම්පූර්ණ සිල් ඇති සිල්වතෙක් වේද, මේ කරුණෙනුදු ඒ භවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල අපිම ඒ භවත් ගෞතමයන් වහන්සේ දක්නට පැමිණෙන්නට සුදුසු වෙමු.
පින්වත්නි, ශ්‍රමණ භවත් ගෞතම තෙම යහපත් වචන ඇති යහපත් තෙපුල් ඇති මනහර නිදොස් වූ කෙලතොලු නොවූ අර්ථ හැඟවීමෙහි සමත් යහපත් වචන ඇත්තේය. යම් හෙයකින් ශ්‍රමණ භවත් ගෞතමයන් යහපත් වචන ඇති, යහපත් තෙපුල් ඇති, නිදොස් වූ කෙලතොලු නොවූ, අර්ථ හැඟවීමෙහි සමත් යහපත් වචන ඇත්තේ ද, මේ කරුණෙනුදු ඒ භවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල අපිම ඒ භවත් ගෞතමයන්වහන්සේ දක්නට පැමිණෙන්නට සුදුසු වෙමු.
“පින්වත්නි, ශ්‍රමණ භවත් ගෞතමතෙම බොහෝ දෙනාගේ ගුරුවරයාද, ගුරුවරයන්ගේ ගුරුවරයාද වේ. යම් හෙයකින් ශ්‍රමණ භවත් ගෞතම තෙම වනාහි බොහෝ දෙනාගේ ආචාර්යවේද, ආචාර්යයන්ගේ ආචාර්යවේද, මේ කරුණෙනුදු ඒ භවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල, අපිම ඒ භවත් ගෞතමයන් වහන්සේ දක්නට පැමිණෙන්නට සුදුසු වෙමි.
“පින්වත්නි, ශ්‍රමණ භවත් ගෞතම තෙම පහකළ කාමරාග ඇත්තේය. පහකළ ප්‍රමාදයට හේතුවූ කෙලෙස් ඇත්තේය, යම් හෙයකින් ශ්‍රමණ භවත් ගෞතම තෙම පහකළ කාමරාග ඇත්තේවේද, පහකළ ප්‍රමාදයට හේතුවූ කෙලෙස් ඇත්තේ වේද, මේ කරුණෙනුදු ඒ භවත් ගෞතමයන් අප දැකුමට එනු සුදුසුය. අපිම ශ්‍රමණ භවත් ගෞතමයන් දැකීමට යාම සුදුසුය. යම් හෙයකින් ශ්‍රමණ භවත් ගෞතම තෙම වූකලී කර්ම විපාක ඇත, කුසල් දහම් කිරීම යහපත යන කථා ඇත්තෝ උතුම් ධර්මය පෙරටු කොට හැසිරීම් ඇති, උතුම් සත්ව සමූහයා විසින් පිරිවරන ලද්දේවේද, මේ කරුණෙනුදු ඒ භවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල අපි ම ඒ භවත් ගෞතමයන් වහන්සේ දක්නට යාමට සුදුසු වෙමු. පින්වත්නි, ශ්‍රමණ භවත් ගෞතම තෙමේ පහත් නොවූ උසස් ක්ෂත්‍රිය කුලයෙන් නික්ම පැවිදිවූවෙකි. යම් හෙයකින් ශ්‍රමණ ගෞතම තෙමේ පහත් නොවූ උසස් ක්ෂත්‍රිය කුලයෙන් නික්ම පැවිදිවූයේද, ඒ කරුණෙනුදු ශ්‍රමණ ගෞතමයන් අපි දැකුමට එනු නුසුදුසුය. අපිම ශ්‍රමණ ගෞතමයන් දැකුමට යාම සුදුසුය. පින්වත්නි, ශ්‍රමණ භවත් ගෞතමතෙම මහත් ධන ඇති, මහත් භෝග ඇති සියලු දෙයින් සමෘද්ධ වූ කුලයෙන් නික්ම පැවිදිවූ කෙනෙක, යම් හෙයකින් ශ්‍රමණ භවත් ගෞතම තෙම මහත් ධන ඇති මහත් භෝග ඇති සියලු දෙයින් සම්පූර්ණවූ කුලයෙන් නික්ම පැවිදිවූයේද මේ කරුණෙනුදු ඒ භවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල අපි ම ඒ භවත් ගෞතමයන් වහන්සේ දක්නට යාම සුදුසු වෙමු. පින්වත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන් ගෙන් අසන්නට අන් රටවලින් ද අන් ජනපද වලින් ද, (ජනයෝ) එති. යම් හෙයකින් ශ්‍රමණ භවත් ගෞතමයන්ගෙන් ඇසීමට අන් රට වලින්ද අන් ජනපදවලින්ද ජනයෝ පැමිණෙද්ද මේ කරුණෙනුදු, ඒ භවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල, අපි ම ඒ භවත් ගෞතමයන් වහන්සේ දක්නට පැමිණෙන්නට සුදුසු වෙමු. පින්වත්නි, බොහෝ දහස් ගණන් දෙවිවරු ශ්‍රමණ භවත් ගෞතමයන් දිවිහිමියෙන් සරණ කොට ගියහ. යම් හෙයකින් ශ්‍රමණ භවත් ගෞතමයන් බොහෝ දහස්ගණන් දෙවිවරු ශ්‍රමණ භවත් ගෞතමයන් දිවිහිමියෙන් සරණ ගියාහුද මේ කරුණෙනුදු, ඒ භවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල, අපි ම ඒ භවත් ගෞතමයන් වහන්සේ දක්නට පැමිණෙන්ට සුදුසු වෙමු. පින්වත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ මෙබඳු මහත් වූ කීර්ති ශබ්දයක් උස්ව පැනනැංගේය. මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ අරහත්හ, අෂ්ටවිද්‍යා හා පසළොස්චරණ ධර්මයෙන් යුත්තයහ, හොබනා ගමන් ඇතියහ. ලොව මැනවින් දත්හ. පුරුෂයන් දමනයෙහි අති උතුම් රියැදුරෙකු වැනි වූහ. දෙවි මිනිසුන්ට අනුශාසකයහ. චතුස්සත්‍ය දත්හ. සියලු කෙලෙස් බිඳ දැමූහ කියායි.
“යම් හෙයකින් ශ්‍රමණ භවත් ගෞතම තෙමේ අර්හත්ය සම්‍යක් සම්බුද්ධය, විජ්ජාචරණ සම්පන්නය, සුගතය, ලොකවිදූය, අනුත්තර පුරිසදම්මසාරථිය, දෙව් මිනිසුන්ට ශාස්තෘය, බුද්ධය, භගවත්යයි උස්ව පැන නැගුණු කීර්ති ශබ්දයක් ඇත්තේද, මේ කරුණෙනුදු ඒ භවත් ගෞතමයන් අප දැකුමට එනු නුදුසුසුය. එසේ කල, අපිම, ඒ භවත් ගෞතමයන් වහන්සේ දක්නට යාමට සුදුසු වෙමු.
“පින්වත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ දෙතිස් මහ පුරිස් ලකුණින් යුත්වූසේක. යම් හෙයකින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත වූයේද, මේ කරුණෙනුදු ඒ භවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල, අපිම, ඒ භවත් ගෞතමයන් වහන්සේ දක්නට යාමට සුදුසු වෙමු. පින්වත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන් සේනා සහිතවූ, මගධ දෙශයට අධිපතිවූ බිම්බිසාර රජ තෙමේ අඹු දරුවන් සහිතව දිවිහිම්ව සරණ ගියේය. යම් හෙයකින් ශ්‍රමණ භවත් ගෞතමයන්, සේනා සහිත වූ මගධදේශාධිපතිවූ, “බිම්බිසාර” රජ අඹුදරුවන් සහිත ව දිවිහිම් සරණ ගියේ වේද, මේ කරුණෙනුදු ඒ භවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල, අපිම, ඒ භවත් ගෞතමයන් වහන්සේ දක්නට යාමට සුදුසු වෙමු. ශ්‍රමණ භවත් ගෞතමයන් පසේනදි කොසොල් රජ පුත්‍රදාරාවන් සහිතව දිව්හිම්ව සරණ ගියේය. යම් හෙයකින් ශ්‍රමණ භවත් ගෞතමයන් පසේනදී කොසොල් රජ පුත්‍රදාරාවන් සහිතව දිවිහිම්ව සරණ ගියේ වේද, මේ කරුණෙනුදු ඒ භවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල, අපි ම, ඒ භවත් ගෞතමයන් වහන්සේ දක්නට යාමට සුදුසු වෙමු. පින්වත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන් පොක්ඛරසාති බ්‍රාහ්මණයා පුත්‍රදාරාවන් සහිතව දිවිහිම්ව සරණ ගියේය. යම් හෙයකින් ශ්‍රමණ භවත් ගෞතමයන් පොක්ඛරසාති බමුණා පුත්‍රදාරාවන් සහිතව, දිවිහිම් ව සරණ ගියේ වේ ද, මේ කරුණෙනුදු ඒ භවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල, අපි ම, ඒ භවත් ගෞතමයන් වහන්සේ දක්නට යාමට සුදුසු වෙමු. පින්වත් ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ ඕපසාද නගරයට පැමිණිසේක් ඕපසාද නුවරට උතුරෙන් ඕපසාද නගරයෙහි දේවවන නම් සල් වෙනෙහි වාසය කරන සේක. යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ අපගේ ගමට එත්ද, ඔවුහු ආගන්තුකයෝ වෙති. ආගන්තුකයෝ වනාහි අප විසින් සත්කාර කළ යුත්තෝ වෙති. පින්වත්නි, යම් හෙයකින් ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ ඕපසාදයට පැමිණ උතුරෙන් පිහිටි ඕපසාද නුවරෙහි දේවවන නම් සල්වෙනෙහි වෙසෙත් ද, ඒ ශ්‍රමණ භවත් ගෞතමයෝ අපට ආගන්තුක වෙති. ආගන්තුකයාට අප විසින් සත්කාර කළ යුත්තේය. ගරු කළ යුත්තේය. බුහුමන් කළයුත්තෝය. පිදියයුත්තේය. මේ කරුණෙන් ද ඒ භවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. අපිම උන්වහන්සේ කරා යන්නට සුදුසු වෙමු.
“පින්වත්නි, මම ඒ භවත් ගෞතමයන්ගේ ගුණ මෙපමණක්ම දනිමි. ඒ භවත් ගෞතම තෙම මෙපමණ ගුණ ඇත්තෙක්ම නොවේ. ඒ භවත් ගෞතමතෙම අප්‍රමාණ ගුණ ඇති කෙනෙකු පින්වත්නි, මේ එක එක කරුණෙනුදු යුක්තවූ ඒ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ අප දැකීමට පැමිණීම නුසුදුසුවෙති. ඉක්බිති අපිම ඒ භවත් ගෞතමයන් දැකීම යාමට සුදුස්සෝවෙමු. එසේනම් පින්වත්නි, අපි සියල්ලෝම ශ්‍රමණ ගෞතමයන් දැකීම සඳහා යමුයි කීහ.
426
අථ ඛො චඞ්කී බ්‍රාහ්මණො මහතා බ්‍රාහ්මණගණෙන සද්ධිං යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. තෙන ඛො පන සමයෙන භගවා වුද්ධෙහි වුද්ධෙහි බ්‍රාහ්මණෙහි සද්ධිං කිඤ්චි කිඤ්චි කථං සාරණීයං වීතිසාරෙත්වා නිසින්නො හොති. තෙන ඛො පන සමයෙන කාපටිකො (කාපඨිකො (සී. පී.), කාපදිකො (ස්‍යා. කං.)) නාම මාණවො දහරො වුත්තසිරො සොළසවස්සුද්දෙසිකො ජාතියා, තිණ්ණං වෙදානං පාරගූ සනිඝණ්ඩුකෙටුභානං සාක්ඛරප්පභෙදානං ඉතිහාසපඤ්චමානං, පදකො, වෙය්‍යාකරණො, ලොකායතමහාපුරිසලක්ඛණෙසු අනවයො තස්සං පරිසායං නිසින්නො හොති. සො වුද්ධානං වුද්ධානං බ්‍රාහ්මණානං භගවතා සද්ධිං මන්තයමානානං අන්තරන්තරා කථං ඔපාතෙති. අථ ඛො භගවා කාපටිකං මාණවං අපසාදෙති - ‘‘මායස්මා භාරද්වාජො වුද්ධානං වුද්ධානං බ්‍රාහ්මණානං මන්තයමානානං අන්තරන්තරා කථං ඔපාතෙතු. කථාපරියොසානං ආයස්මා භාරද්වාජො ආගමෙතූ’’ති. එවං වුත්තෙ, චඞ්කී බ්‍රාහ්මණො භගවන්තං එතදවොච - ‘‘මා භවං ගොතමො කාපටිකං මාණවං අපසාදෙසි. කුලපුත්තො ච කාපටිකො මාණවො, බහුස්සුතො ච කාපටිකො මාණවො, පණ්ඩිතො ච කාපටිකො මාණවො, කල්‍යාණවාක්කරණො ච කාපටිකො මාණවො, පහොති ච කාපටිකො මාණවො භොතා ගොතමෙන සද්ධිං අස්මිං වචනෙ පටිමන්තෙතු’’න්ති. අථ ඛො භගවතො එතදහොසි - ‘‘අද්ධා ඛො කාපටිකස්ස (එතදහොසි ‘‘කාපටිකස්ස (ක.)) මාණවස්ස තෙවිජ්ජකෙ පාවචනෙ කථා (කථං (සී. ක.), කථං (ස්‍යා. කං. පී.)) භවිස්සති. තථා හි නං බ්‍රාහ්මණා සංපුරෙක්ඛරොන්තී’’ති. අථ ඛො කාපටිකස්ස මාණවස්ස එතදහොසි - ‘‘යදා මෙ සමණො ගොතමො චක්ඛුං උපසංහරිස්සති, අථාහං සමණං ගොතමං පඤ්හං පුච්ඡිස්සාමී’’ති. අථ ඛො භගවා කාපටිකස්ස මාණවස්ස චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය යෙන කාපටිකො මාණවො තෙන චක්ඛූනි උපසංහාසි.
426
ඉක්බිති චංකී බ්‍රහ්මණතෙමේ මහත් බමුණු සමූහයා සමග භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට ගියේය. ගොස් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවියයුතුවූත් සිහිකටයුතුවූත් කථාව කොට නිමවා එක් පැත්තෙක උන්නේය. එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ වැඩිමහලු වැඩිමහලු බමුණන් සමග යම් කිසි සිහිකටයුතු කථාවක් කරමින් හුන්සේක.
එසමයෙහි වනාහි තරුණවූ බූ ගෑ හිස ඇත්තාවූ උපතින් අවුරුදු දහසයක් ඇත්තාවූ නිඝණ්ඩුශාස්ත්‍රය කෙටුභ ශාස්ත්‍රය ශික්ෂා නිරුක්ති යුක්ත ඉතිහාසය පස්වැනි කොට ත්‍රිවේදයෙහි තෙරපත්වූ, පද හා වියරණ දන්නාවූ, ලොකායතන ශාස්ත්‍රය හා මහා පුරිස් ලකුණු සම්පූර්ණයෙන් දන්නාවූ, කාපඨික, නම් තරුණයෙක් ඒ පිරිසෙහි හුන්නේ වෙයි. හෙතෙම වැඩිහිටි වෘද්ධවූ වැඩිහිටි බමුණන් භාග්‍යවතුන් වහන්සේ සමග කරන සාකච්ඡාවන්ට අතරතුරින් කථා හෙලයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කාපඨික තරුණයාට නින්දා කෙළේය. “ආයුෂ්මත් භාරද්වාජ තෙමේ වැඩිහිටි වෘද්ධවූ වැඩිහිටි බමුණන්ගේ කථාවලට අතරින් අතර නොහෙලාවා. කථා කෙළවර ආයුෂ්මත් භාරද්වාජ තෙමේ බලාපොරොත්තු වේවා”. මෙසේ කී කල චංකී බමුණා භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. “භවත් ගෞතමයන් වහන්සේ කාපඨික තරුණයාට නින්දා නොකරණ සේක්වා. කාපඨික තරුණයා කුල පුත්‍රයෙක්ද, කාපඨික තරුණයා උගතෙක්ද, කාපඨික තරුණයා යහපත් වචන ඇත්තෙක්ද, කාපඨික තරුණයා පණ්ඩිතයෙක්ද, කාපඨික තරුණයා භාග්‍යවතුන් වහන්සේ සමග මේ වචනයෙහි කථාකරන්නට සමර්ථයෙක්ද වෙයි’. ඉක්බිති බුදුන්ට මේ සිතක් ඇතිවිය. ‘ඒකාන්තයෙන් වනාහි ත්‍රිවෙදය පිළිබඳ දේශනාවෙහි කාපඨික තරුණයාගේ කථාවත් වන්නේද, එහිදී බමුණෝ ඔහු පෙරටු කෙරෙත්ය’ (කියායි) එකල්හි කාපඨික තරුණයාට මේ සිත ඇති විය. ‘යම් කලෙක ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඇසින් මගේ ඇස බලන්නේද, එකල මම ශ්‍රමණ ගෞතමයන්ගෙන් ප්‍රශ්න විචාරන්නෙමි, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කාපඨික තරුණයාගේ සිතිවිල්ල (තමන් වහන්සේගේ) සිතින් දැන කාපඨික තරුණයා යම් තැනෙකද එතැන්හි ඇසින් බැලුසේක.
427
අථ ඛො කාපටිකස්ස මාණවස්ස එතදහොසි - ‘‘සමන්නාහරති ඛො මං සමණො ගොතමො. යංනූනාහං සමණං ගොතමං පඤ්හං පුච්ඡෙය්‍ය’’න්ති. අථ ඛො කාපටිකො මාණවො භගවන්තං එතදවොච - ‘‘යදිදං, භො ගොතම, බ්‍රාහ්මණානං පොරාණං මන්තපදං ඉතිහිතිහපරම්පරාය පිටකසම්පදාය, තත්ථ ච බ්‍රාහ්මණා එකංසෙන නිට්ඨං ගච්ඡන්ති - ‘ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’න්ති. ඉධ භවං ගොතමො කිමාහා’’ති? ‘‘කිං පන, භාරද්වාජ, අත්ථි කොචි බ්‍රාහ්මණානං එකබ්‍රාහ්මණොපි යො එවමාහ - ‘අහමෙතං ජානාමි, අහමෙතං පස්සාමි. ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’’’න්ති? ‘‘නො හිදං, භො ගොතම’’. ‘‘කිං පන, භාරද්වාජ, අත්ථි කොචි බ්‍රාහ්මණානං එකාචරියොපි , එකාචරියපාචරියොපි, යාව සත්තමා ආචරියමහයුගාපි, යො එවමාහ - ‘අහමෙතං ජානාමි, අහමෙතං පස්සාමි. ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’’’න්ති? ‘‘නො හිදං, භො ගොතම’’. ‘‘කිං පන, භාරද්වාජ, යෙපි තෙ බ්‍රාහ්මණානං පුබ්බකා ඉසයො මන්තානං කත්තාරො මන්තානං පවත්තාරො යෙසමිදං එතරහි බ්‍රාහ්මණා පොරාණං මන්තපදං ගීතං පවුත්තං සමිහිතං තදනුගායන්ති තදනුභාසන්ති භාසිතමනුභාසන්ති වාචිතමනුවාචෙන්ති සෙය්‍යථිදං - අට්ඨකො වාමකො වාමදෙවො වෙස්සාමිත්තො යමතග්ගි අඞ්ගීරසො භාරද්වාජො වාසෙට්ඨො කස්සපො භගු, තෙපි එවමාහංසු - ‘මයමෙතං ජානාම, මයමෙතං පස්සාම. ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’’’න්ති? ‘‘නො හිදං, භො ගොතම’’.
‘‘ඉති කිර, භාරද්වාජ, නත්ථි කොචි බ්‍රාහ්මණානං එකබ්‍රාහ්මණොපි යො එවමාහ - ‘අහමෙතං ජානාමි, අහමෙතං පස්සාමි. ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’න්ති; නත්ථි කොචි බ්‍රාහ්මණානං එකාචරියොපි එකාචරියපාචරියොපි, යාව සත්තමා ආචරියමහයුගාපි, යො එවමාහ - ‘අහමෙතං ජානාමි, අහමෙතං පස්සාමි. ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’න්ති; යෙපි තෙ බ්‍රාහ්මණානං පුබ්බකා ඉසයො මන්තානං කත්තාරො මන්තානං පවත්තාරො යෙසමිදං එතරහි බ්‍රාහ්මණා පොරාණං මන්තපදං ගීතං පවුත්තං සමිහිතං තදනුගායන්ති තදනුභාසන්ති භාසිතමනුභාසන්ති වාචිතමනුවාචෙන්ති සෙය්‍යථිදං - අට්ඨකො වාමකො වාමදෙවො වෙස්සාමිත්තො යමතග්ගි අඞ්ගීරසො භාරද්වාජො වාසෙට්ඨො කස්සපො භගු, තෙපි න එවමාහංසු - ‘මයමෙතං ජානාම, මයමෙතං පස්සාම. ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’න්ති.
427
අනතුරුව කාපඨික තරුණයාට මේ සිත ඇතිවිය. ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මා කැඳවයි. මම ශ්‍රමණ ගෞතමයන් ගෙන් ප්‍රශ්න අසන්නෙම් නම් හොඳය’ කියායි, ඉක්බිති කාපඨික තරුණයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “භවත් ගෞතමයන් වහන්ස, “මේ මෙසේය මෙය මෙසේයයි’, පරම්පරාවෙන් කොටස් වශයෙන් ආවාවූ බමුණන්ගේ පුරාණවූ යම් මේ මන්ත්‍ර පදයක් වේද, එහිද බමුණෝ මෙයම ඇත්තය. අනික බොරුයයි’ ඒකාන්තයෙන් නිගමනයට බසිති. භවත් ගෞතමයන් වහන්සේ මේ කරුණෙහිදී කුමක් කියනසේක්ද”?
“භාරද්වාජය, කිමෙක්ද? බමුණන් අතුරෙන් ‘මෙය මම දනිමි. මම මෙය දකිමි” මෙයම ඇත්තය අනික හිස්යයි මෙසේ කියූ යම්කිසි එක් බමුණෙකුදු ඇත්තේද”? “භවත් ගෞතමයන් වහන්ස, මෙසේ කියූ යම්කිසි එක් බමුණෙකුදු නැත්තේමය”. “භාරද්වාජය, කිමෙක්ද? බමුණන් අතුරෙහි සත්වැනි මීමුතු ආචාර්යයාගේ පරම්පරාව දක්වා ‘මම මෙය දනිමි. මෙය මම දකිමි. මෙයම සත්‍යයයි. අන්‍යය හිස්ය’. මෙසේ කියූ යම්කිසි එක් ආචාර්යෙකුදු යම්කිසි එක් ආචාර්යවරයකුගේ ආචාර්යෙකුදු නැත්තේමය”.
“භාරද්වාජය, කිමෙක්ද, ගායනා කරණලද, කියනලද, යහපත්සේ එක්කොට තැබූ යම් ඉසිවරුන්ගේ පුරාණවූ පුරාණවූ (වේද) මන්ත්‍රපදයක් වේද, දැන් වනාහි බමුණෝ ‘මෙය ඒ අනුව ගායනා කරත්ද, ඒ අනුව කියත්ද, කියූ දෙය අනුව කියත්ද, කියවනලද්ද අනුව කියවත්ද, (වේද) මන්ත්‍ර කර්තෘ (වේද) මන්ත්‍ර පවත්වන්නාවූ බමුණන්ගේ යම් ඒ පෙර ඉසිවරු (වූවාහුද), ඔවුහුනම් අට්ටකය, වාමකය, වාමදේවය, වෙස්සාමිත්තය යමතග්ගීය, අංගීරසය, භාරද්වාජය, වාසෙට්ඨය, කස්සපය, භගුය, (යන මොවුහුය) ‘අපි මෙය දනිමු. අපි මෙය දකිමු. සත්‍යය මෙයයි. අන්‍යය හිස්යයි’ ඔවුහු හෝ මෙසේ කීවාහුද? ‘භවත් ගෞතමයන් වහන්ස, ඔව්හු හෝ මෙසේ නොකීවාහුමය.”
“භාරද්වාජය, මෙසේ වනාහි බමුණන් අතුරෙන්, ‘මම මෙය දනිමි. මම මෙය දකිමි. මෙයම සත්‍යය අන්‍යය හිස්යයි’ මෙසේ කියූ යම්කිසි එක් බමුණෙකු නැත්තේය. බමුණන් අතුරෙන් සත්වැනි මී මුතු ආචාර්යයාගේ පරම්පරාව දක්වා මම මෙය දනිමි මම මෙය දකිමි. මෙයම සත්‍යය අන්‍යය හිස්යයි’. මෙසේ කියූ යම්කිසි එක් ආචාර්යයෙකුදු යම්කිසි එක් ආචාර්යවරයකුගේ ආචාර්යෙකුදු නැත්තේය’යි බමුණන් අතුරෙන් යම් ඒ පූර්වකවූ ඍෂිහු මන්ත්‍ර කරන්නෝ, කියන්නෝ වෙත්ද, මෙය දැන් බමුණෝ ගායනා කරනලද, කියනලද, යහපත්සේ එක්කොට තැබූ යම් ඉසිවරුන්ගේ පුරාණවූ (වේද) මන්ත්‍ර පදයක් වේද, දැන් වනාහි බමුණෝ මෙය ඒ අනුව ගයත්ද ඒ අනුව කියත්ද, කියූ දෙය අනුව කියත්ද, කියවන ලද්ද අනුව කියවත්ද, (වේද) මන්ත්‍ර කර්තෘවූ (වේද) මන්ත්‍ර පවත්වන්නාවූ බමුණන්ගේයම් ඒ පෙර ඉසිවරු (වූවාහුද), ඔවුහු නම් අට්ටකය, වාමකය, වාමදේවය, වෙස්සාමිත්තය, යමතග්ගීය, අංගීරසය, භාරද්වාජය, වාසෙට්ඨය, කස්සපය, භගුය (යන මොවුහුය) ‘අපි මෙය දනිමු, අපි මෙය දකිමු. මෙයම ඇත්තය. අන්‍යය හිස්යයි’ ඔවුහු හෝ මෙසේ නොකීවාහුය”.
428
‘‘සෙය්‍යථාපි, භාරද්වාජ, අන්ධවෙණි පරම්පරාසංසත්තා පුරිමොපි න පස්සති මජ්ඣිමොපි න පස්සති පච්ඡිමොපි න පස්සති; එවමෙව ඛො, භාරද්වාජ, අන්ධවෙණූපමං මඤ්ඤෙ බ්‍රාහ්මණානං භාසිතං සම්පජ්ජති - පුරිමොපි න පස්සති මජ්ඣිමොපි න පස්සති පච්ඡිමොපි න පස්සති. තං කිං මඤ්ඤසි, භාරද්වාජ , නනු එවං සන්තෙ බ්‍රාහ්මණානං අමූලිකා සද්ධා සම්පජ්ජතී’’ති? ‘‘න ඛ්වෙත්ථ, භො ගොතම, බ්‍රාහ්මණා සද්ධායෙව පයිරුපාසන්ති, අනුස්සවාපෙත්ථ බ්‍රාහ්මණා පයිරුපාසන්තී’’ති. ‘‘පුබ්බෙව ඛො ත්වං, භාරද්වාජ, සද්ධං අගමාසි, අනුස්සවං ඉදානි වදෙසි. පඤ්ච ඛො ඉමෙ, භාරද්වාජ, ධම්මා දිට්ඨෙව ධම්මෙ ද්වෙධා විපාකා. කතමෙ පඤ්ච? සද්ධා, රුචි, අනුස්සවො, ආකාරපරිවිතක්කො, දිට්ඨිනිජ්ඣානක්ඛන්ති - ඉමෙ ඛො, භාරද්වාජ , පඤ්ච ධම්මා දිට්ඨෙව ධම්මෙ ද්වෙධා විපාකා. අපි ච, භාරද්වාජ, සුසද්දහිතංයෙව හොති, තඤ්ච හොති රිත්තං තුච්ඡං මුසා; නො චෙපි සුසද්දහිතං හොති, තඤ්ච හොති භූතං තච්ඡං අනඤ්ඤථා. අපි ච, භාරද්වාජ , සුරුචිතංයෙව හොති...පෙ.... ස්වානුස්සුතංයෙව හොති...පෙ.... සුපරිවිතක්කිතංයෙව හොති...පෙ.... සුනිජ්ඣායිතංයෙව හොති, තඤ්ච හොති රිත්තං තුච්ඡං මුසා; නො චෙපි සුනිජ්ඣායිතං හොති, තඤ්ච හොති භූතං තච්ඡං අනඤ්ඤථා. සච්චමනුරක්ඛතා, භාරද්වාජ, විඤ්ඤුනා පුරිසෙන නාලමෙත්ථ එකංසෙන නිට්ඨං ගන්තුං - ‘ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’’’න්ති.
428
“භාරද්වාජය, යම්සේ උණගස්වලින් කළ අත්වැල අල්ලාගෙන ගමන් ගත්තාවූ කන්නු මුළින් යන්නා නොදකියිද, මැදින්යන්නා නොදකියිද අගින් යන්නා නොදකියිද, භාරද්වාජය, මෙපරිද්දෙන් ආදිමයාද නොදක්නාවූ මධ්‍යමයාද නොදක්නාවූ අන්තිමයාද, නොදකින්නාවූ බමුණන් කියන ලද්ද ‘අන්ධ වේණු’ උපමාවඇතිකෙරේයයි හඟිමි. භාරද්වාජය, ඒ කිමැයි හඟිනෙහිද? මෙසේ ඇතිකල්හි බමුණන්ගේ අමූලිකවූ ශ්‍රද්ධා ඇතිවෙන්නේ නොවේද?” “භවත් ගෞතමයන් වහන්ස, මෙහි බමුණෝ ශ්‍රද්ධාවම ඇසුරු නොකෙරෙති. බමුණෝ මෙහි පරම්පරාගත කථාද ඇසුරු කෙරෙත්”
“භාරද්වාජය, නුඹ පෙරම වනාහි ශ්‍රද්ධාව පැමිණියෙහිය. දැන් පරම්පරාගත කථාව කියහි. භාරද්වාජය, මේ ධර්මයෝ පස්දෙන මේ ආත්මයෙහි දෙවැදෑරුම් විපාක ඇත්තාහු වෙති. ඒ පස්දෙන කවරහුද? ශ්‍රද්ධාව, රුචිය, පරම්පරාගත කථාව, යහපත් කල්පනාව හරි අදහස ඇතිකර ගැනීමේ කැමැත්ත, යන මොවුහුයි. භාරද්වාජය, මේ පඤ්ච ධර්මයෝ මේ ආත්ම භාවයෙහි දෙවැදෑරුම් විපාක ඇත්තාහු වෙත්. භාරද්වාජය, යලිදු මනාව අදහන ලද්දක්වේද, එයද හිස්වූ මුසාවක් වෙයි. ඉදින් මනාව නොඅදහන ලද්දේවේද, එය ඇත්තාවූ සත්‍යය වෙනස් නොවන්නක් වෙයි. යලිදු භාරද්වාජය, මනාව කැමතිවන ලද්දක් වේද එයද හිස්වූ බොරුවක් වෙයි. ඉදින් මනාව කැමති නොවන ලද්දක් වේද, එයද ඇත්තාවූ සත්‍යවූ වෙනස් නොවන්නක් වෙයි.
“යලිදු භාරද්වාජය, මනාව අසන ලද්දක් වේද, එයද හිස්වූ, බොරුවක් වෙයි. ඉදින් මනාව නාසන ලද්දක් වේද, එයද ඇත්තාවූ සත්‍යවූ වෙනස නොවන්නක් වෙයි.
“මනාව කල්පනා කරන ලද්දක් වේද, එයද හිස්වූ, බොරුවකි. ඉදින් මනාව කල්පනා නොකරන ලද්දක් වේද, එයද ඇත්නාවූ සත්‍යවූ වෙනස් නොවන්නක් වෙයි.
“යලිදු භාරද්වාජය, මනාව ඉගෙනගන්නා ලද්දක් වේද, එයද හිස්වූ මුසාවක් වෙයි. ඉදින් මනාව ඉගෙනගන්නා ලද්දක් නොවේද, එයද ඇත්තාවූ සත්‍යවූ වෙනස් නොවන්නක් වෙයි. භාරද්වාජය, සත්‍යය රකින්නාවූ නුවණැති පුරුෂයා විසින් මේ කරුණුවලින් සත්‍යය මෙයය, අන්‍යය සිස්යයි ඒකාන්තයෙන් නිගමනයට බසින්නට අසමර්ථ වෙයි.”
429
‘‘කිත්තාවතා පන, භො ගොතම, සච්චානුරක්ඛණා හොති, කිත්තාවතා සච්චමනුරක්ඛති? සච්චානුරක්ඛණං මයං භවන්තං ගොතමං පුච්ඡාමා’’ති. ‘‘සද්ධා චෙපි, භාරද්වාජ, පුරිසස්ස හොති; ‘එවං මෙ සද්ධා’ති - ඉති වදං සච්චමනුරක්ඛති (එවමෙව සිජ්ඣතීති ඉති වා, තං සච්චමනුරක්ඛති (ක.)), නත්වෙව තාව එකංසෙන නිට්ඨං ගච්ඡති - ‘ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’න්ති ( ) ((එත්තාවතා ඛො භාරද්වාජ සච්චානුරක්ඛණා හොති, එත්තාවතා සච්චමනුරක්ඛති, එත්තාවතා ච මයං සච්චානුරක්ඛණං පඤ්ඤාපෙම, න ත්වෙව තාව සච්චානුබොධො හොති) (සී. ස්‍යා. කං. පී.)). රුචි චෙපි, භාරද්වාජ, පුරිසස්ස හොති...පෙ.... අනුස්සවො චෙපි, භාරද්වාජ, පුරිසස්ස හොති...පෙ.... ආකාරපරිවිතක්කො චෙපි, භාරද්වාජ, පුරිසස්ස හොති...පෙ.... දිට්ඨිනිජ්ඣානක්ඛන්ති චෙපි, භාරද්වාජ, පුරිසස්ස හොති; ‘එවං මෙ දිට්ඨිනිජ්ඣානක්ඛන්තී’ති - ඉති වදං සච්චමනුරක්ඛති, නත්වෙව තාව එකංසෙන නිට්ඨං ගච්ඡති - ‘ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’න්ති. එත්තාවතා ඛො, භාරද්වාජ, සච්චානුරක්ඛණා හොති, එත්තාවතා සච්චමනුරක්ඛති, එත්තාවතා ච මයං සච්චානුරක්ඛණං පඤ්ඤපෙම; න ත්වෙව තාව සච්චානුබොධො හොතී’’ති.
429
“භවත් ගෞතමයන් වහන්ස, කොපමණකින් සත්‍යය රකින්නේ වේද? කොපමණකින් සත්‍යය රකියිද? සත්‍යය රැකුම අපි භවත් ගෞතමයන්ගෙන් විචාරමු.” “භාරද්වාජය, ඉදින් පුරුෂයාහට ඇදහීම වේද, ‘මාගේ ඇදහීම මෙසේයයි’ කියන්නාද සත්‍ය ඇදහීම රකියි. එහෙත් එපමණකින් මෙයම සත්‍යය අන්‍යය හිස්යයි නිගමනයට ඒකාන්තයෙන් නොපැමිණේමය.
“භාරද්වාජය, ඉදින් පුරුෂයාගේ කැමැත්ත වේද, ‘මාගේ රුචිය මෙසේයයි කියන්නාද, සත්‍යය රකියි. එහෙත් එපමණකින් මෙයම සත්‍යය, අන්‍යය හිස්යයි නිගමනයට ඒකාන්තයෙන් නොපැමිණේය.
“ඉදින් භාරද්වාජය, පුරුෂයාගේ ඇසීම වේද, ‘මාගේ ඇසීම මෙසේයයි’ කියන්නාද සත්‍යය රකියි. එහෙත් එපමණකින් ‘මෙයම සත්‍යය, අන්‍යය හිස්යයි’ නිගමනයට ඒකාන්තයෙන් නොපැමිණේමය.
“ඉදින් භාරද්වාජය, පුරුෂයාගේ කරුණා කල්පනාව වේද, ‘මාගේ ආකාර කල්පනාව මෙසේයයි’ කියන්නාද සත්‍යය රකියි. එහෙත් එපමණකින් මෙයම සත්‍යය, අන්‍යය හිස්යයි’ නිගමනයට ඒකාන්තයෙන් නොපැමිණේමය.
“ඉදින් භාරද්වාජය, පුරුෂයාගේ ඉගෙනීම වේද, ‘මාගේ ඉගෙනීම මෙසේයයි’ කියන්නාද සත්‍යය රකියි. එහෙත් එපමණකින් ‘මෙයම සත්‍යය අන්‍යය හිස්යයි’ ඒකාන්තයෙන් නිගමනයට නොපැමිණේමය.
“භාරද්වාජය, මෙපමණකින් සත්‍යය රැක්ම වෙයි, මෙපමණෙකින් සත්‍යය රකියි, මෙපමණෙකින් අපි සත්‍යය රැකුම පණවමු. එහෙත් එපමණකින් සත්‍යාවබොධය නොවේමය.”
430
‘‘එත්තාවතා, භො ගොතම, සච්චානුරක්ඛණා හොති, එත්තාවතා සච්චමනුරක්ඛති, එත්තාවතා ච මයං සච්චානුරක්ඛණං පෙක්ඛාම. කිත්තාවතා පන, භො ගොතම, සච්චානුබොධො හොති, කිත්තාවතා සච්චමනුබුජ්ඣති? සච්චානුබොධං මයං භවන්තං ගොතමං පුච්ඡාමා’’ති. ‘‘ඉධ (ඉධ කිර (ස්‍යා. කං. ක.)), භාරද්වාජ, භික්ඛු අඤ්ඤතරං ගාමං වා නිගමං වා උපනිස්සාය විහරති. තමෙනං ගහපති වා ගහපතිපුත්තො වා උපසඞ්කමිත්වා තීසු ධම්මෙසු සමන්නෙසති - ලොභනීයෙසු ධම්මෙසු, දොසනීයෙසු ධම්මෙසු, මොහනීයෙසු ධම්මෙසු. අත්ථි නු ඛො ඉමස්සායස්මතො තථාරූපා ලොභනීයා ධම්මා යථාරූපෙහි ලොභනීයෙහි ධම්මෙහි පරියාදින්නචිත්තො අජානං වා වදෙය්‍ය - ජානාමීති, අපස්සං වා වදෙය්‍ය - පස්සාමීති, පරං වා තදත්ථාය සමාදපෙය්‍ය යං පරෙසං අස්ස දීඝරත්තං අහිතාය දුක්ඛායාති? තමෙනං සමන්නෙසමානො එවං ජානාති - ‘නත්ථි ඛො ඉමස්සායස්මතො තථාරූපා ලොභනීයා ධම්මා යථාරූපෙහි ලොභනීයෙහි ධම්මෙහි පරියාදින්නචිත්තො අජානං වා වදෙය්‍ය - ජානාමීති, අපස්සං වා වදෙය්‍ය - පස්සාමීති, පරං වා තදත්ථාය සමාදපෙය්‍ය යං පරෙසං අස්ස දීඝරත්තං අහිතාය දුක්ඛාය (දුක්ඛායාති (සබ්බත්ථ)). තථාරූපො (තථා (සී. ස්‍යා. කං. පී.)) ඛො පනිමස්සායස්මතො කායසමාචාරො තථාරූපො (තථා (සී. ස්‍යා. කං. පී.)) වචීසමාචාරො යථා තං අලුද්ධස්ස. යං ඛො පන අයමායස්මා ධම්මං දෙසෙති, ගම්භීරො සො ධම්මො දුද්දසො දුරනුබොධො සන්තො පණීතො අතක්කාවචරො නිපුණො පණ්ඩිතවෙදනීයො; න සො ධම්මො සුදෙසියො ලුද්ධෙනා’’’ති.
430
“භවත් ගෞතමයන් වහන්ස, මෙපමණෙකින් සත්‍යය රැක්ම වෙයි. මෙපමණෙකින් සත්‍යය රකියි. මෙපමණෙකින් අපි සත්‍යය රැකුම දකිමු.
“භවත් ගෞතමයන් වහන්ස, කොපමණෙකින් සත්‍යය අවබෝධ වේද? කොපමණෙකින් සත්‍යය අවබෝධ කෙරේද? අපි භවත් ගෞතමයන්ගෙන් සත්‍යාවබොධය විචාරමු.” “භාරද්වාජය, මෙහි භික්ෂුවක් එක්තරා ගමක් හෝ නියම්ගමක් හෝ ඇසුරුකොට වාසය කෙරෙයි. ඔහු වෙත ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ පැමිණ ඇලියයුතු ධර්මයන්හි කිපියයුතු ධර්මයන්හි, මුළාවිය යුතු ධර්මයන්හි යන තුන් ධර්මයන්හි සෝදිසියට පැමිණෙයි. මේ ආයුෂ්මත්හට යම්බඳුවූ ඇලියයුතු ධර්මයන් විසින් විනාශ කරනලද සිත් ඇත්තේ නොදන්නේ හෝ දනිමියි කියන්නේද, නොදක්නේ හෝ දකිමියි කියන්නේද, යම් ධර්මයක් අනුන්ට දිගුකලක් අහිත පිණිස, දුක් පිණිස වන්නේද, එබඳුවූ ධර්මයන්හි අන්‍යයා සමාදන් කරවන්නේද එබඳුවූ ඇලියයුතු ධර්මයෝ මොහුට ඇත්තාහුද කියායි. මෙසේ ඔහු පරීක්ෂා කරන්නේ මේ ආයුෂ්මත්හට යම්බඳුවූ ලෝභනීය ධර්මයන් විසින් විනාශ කරන ලද සිත් ඇත්තේ නොදන්නේ දනිමියි කියන්නේද, නොදකිමින් දකිමියි කියන්නේද, එබඳුවූ ධර්මයන් නැත. යම් ධර්මයක් අන්‍යයනට දිගුකලක් අහිත පිණිස, දුක්පිණිස වන්නේද, එබඳු ධර්මයන්හි අන්‍යයාද සමාදන් නොකරවන්නේය. මේ ආයුෂ්මත්හුගේ එබඳුවූ කයේ පැවැත්මද, එබඳුවූ වචනයේ පැවැත්මද ලෝභය නැත්තකුගේ මෙනි. (ඒ) ආයුෂ්මත් තෙමේ යම් මේ ධර්මයක් දෙසයිද, ඒ ධර්මය ගැඹුරුය, දුකසේ දැක්ක යුතුය, අමාරුවෙන් අවබෝධ කටයුතුය. ශාන්තය, ප්‍රණීතය, අතක්කාවචරය, නිපුනය, පණ්ඩිතයන් විසින් දතයුතුය, ලෝභය ඇත්තෙකු විසින් ඒ ධර්මය මනාව දෙසනු නොලබන්නේ වෙයි කියා දක්නේද, යම් හෙයකින් ඔහු පරීක්ෂා කරනු ලබන්නේ ඇලියයුතු ධර්මයන්ගෙන් පිරිසිදුවූවකු බව දකින්නේය.
431
‘‘යතො නං සමන්නෙසමානො විසුද්ධං ලොභනීයෙහි ධම්මෙහි සමනුපස්සති තතො නං උත්තරි සමන්නෙසති දොසනීයෙසු ධම්මෙසු. අත්ථි නු ඛො ඉමස්සායස්මතො තථාරූපා දොසනීයා ධම්මා යථාරූපෙහි දොසනීයෙහි ධම්මෙහි පරියාදින්නචිත්තො අජානං වා වදෙය්‍ය - ජානාමීති, අපස්සං වා වදෙය්‍ය - පස්සාමීති, පරං වා තදත්ථාය සමාදපෙය්‍ය යං පරෙසං අස්ස දීඝරත්තං අහිතාය දුක්ඛායාති? තමෙනං සමන්නෙසමානො එවං ජානාති - ‘නත්ථි ඛො ඉමස්සායස්මතො තථාරූපා දොසනීයා ධම්මා යථාරූපෙහි දොසනීයෙහි ධම්මෙහි පරියාදින්නචිත්තො අජානං වා වදෙය්‍ය - ජානාමීති, අපස්සං වා වදෙය්‍ය - පස්සාමීති, පරං වා තදත්ථාය සමාදපෙය්‍ය යං පරෙසං අස්ස දීඝරත්තං අහිතාය දුක්ඛාය. තථාරූපො ඛො පනිමස්සායස්මතො කායසමාචාරො තථාරූපො වචීසමාචාරො යථා තං අදුට්ඨස්ස. යං ඛො පන අයමායස්මා ධම්මං දෙසෙති, ගම්භීරො සො ධම්මො දුද්දසො දුරනුබොධො සන්තො පණීතො අතක්කාවචරො නිපුණො පණ්ඩිතවෙදනීයො; න සො ධම්මො සුදෙසියො දුට්ඨෙනා’’’ති.
431
“එයින් මතු ඔහු කිපියයුතු ධර්මයන් පරීක්ෂාකර බලයි. යම්බඳුවූ දෝෂනීය ධර්මයන් විසින් විනාශ කරන ලද සිත් ඇත්තේ නොදැන දනිමියි කියන්නේද, නොදැක දකිමියි කියන්නේද, යමක් අනුනට බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස වන්නේද, එබඳු දෙයෙහි යොදවන්නේද එබඳුවූ දෝෂනීය ධර්මයන් මේ ආයුෂ්මත්හට ඇත්තේද (කියායි) ඒ ඔහු පරීක්ෂා කරන්නේ මෙසේ දනියි. යම්බඳුවූ දොසනීය ධර්මයන් විසින් නසන ලද සිත් ඇත්තේ නොදැන දනිමියි කියන්නේද, නොදැක දකිමියි කියන්නේද, යම් ධර්මයක් අනුනට බොහෝ කලක් අහිත පිණිස, දුක් පිණිස වන්නේද, එබඳුවූ ධර්මයන්හි අන්‍යයාද සමාදන් කරවන්නේ වේද, එබඳුවූ දොසනීය ධර්මයන් මේ ආයුෂ්මත්හට නැත්තේය. මේ ආයුෂ්මත්හුගේ එබඳුවූ කාය සමාචාරයද එබඳුවූ වාග් සමාචාරයද, ද්වේෂයන් දූෂිත නොවූවකුගේ මෙනි. මේ ආයුෂ්මත් තෙමේ යම් ධර්මයක් දෙසයිද ඒ ධර්මය ගැඹුරුය, දුකසේ දත යුතුය, අමාරුවෙන් අවබෝධ කළ යුතුය, ශාන්තය, ප්‍රණීතය, අතර්කාවචරය, නිපුනය, පණ්ඩිතයන් විසින් දතයුතුය. ද්වේෂයෙන් දූෂිතයා විසින් ඒ ධර්මය මනාව දෙසනු නොලබන්නේ වෙයි.
432
‘‘යතො නං සමන්නෙසමානො විසුද්ධං දොසනීයෙහි ධම්මෙහි සමනුපස්සති , තතො නං උත්තරි සමන්නෙසති මොහනීයෙසු ධම්මෙසු. අත්ථි නු ඛො ඉමස්සායස්මතො තථාරූපා මොහනීයා ධම්මා යථාරූපෙහි මොහනීයෙහි ධම්මෙහි පරියාදින්නචිත්තො අජානං වා වදෙය්‍ය - ජානාමීති, අපස්සං වා වදෙය්‍ය - පස්සාමීති, පරං වා තදත්ථාය සමාදපෙය්‍ය යං පරෙසං අස්ස දීඝරත්තං අහිතාය දුක්ඛායාති? තමෙනං සමන්නෙසමානො එවං ජානාති - ‘නත්ථි ඛො ඉමස්සායස්මතො තථාරූපා මොහනීයා ධම්මා යථාරූපෙහි මොහනීයෙහි ධම්මෙහි පරියාදින්නචිත්තො අජානං වා වදෙය්‍ය - ජානාමීති, අපස්සං වා වදෙය්‍ය - පස්සාමීති, පරං වා තදත්ථාය සමාදපෙය්‍ය යං පරෙසං අස්ස දීඝරත්තං අහිතාය දුක්ඛාය. තථාරූපො ඛො පනිමස්සායස්මතො කායසමාචාරො තථාරූපො වචීසමාචාරො යථා තං අමූළ්හස්ස. යං ඛො පන අයමායස්මා ධම්මං දෙසෙති, ගම්භීරො සො ධම්මො දුද්දසො දුරනුබොධො සන්තො පණීතො අතක්කාවචරො නිපුණො පණ්ඩිතවෙදනීයො; න සො ධම්මො සුදෙසියො මූළ්හෙනා’’’ති.
‘‘යතො නං සමන්නෙසමානො විසුද්ධං මොහනීයෙහි ධම්මෙහි සමනුපස්සති ; අථ තම්හි සද්ධං නිවෙසෙති, සද්ධාජාතො උපසඞ්කමති, උපසඞ්කමන්තො පයිරුපාසති, පයිරුපාසන්තො සොතං ඔදහති, ඔහිතසොතො ධම්මං සුණාති, සුත්වා ධම්මං ධාරෙති, ධතානං (ධාරිතානං (ක.)) ධම්මානං අත්ථං උපපරික්ඛති, අත්ථං උපපරික්ඛතො ධම්මා නිජ්ඣානං ඛමන්ති, ධම්මනිජ්ඣානක්ඛන්තියා සති ඡන්දො ජායති, ඡන්දජාතො උස්සහති, උස්සහිත්වා තුලෙති, තුලයිත්වා පදහති, පහිතත්තො සමානො කායෙන චෙව පරමසච්චං සච්ඡිකරොති පඤ්ඤාය ච නං අතිවිජ්ඣ පස්සති. එත්තාවතා ඛො, භාරද්වාජ, සච්චානුබොධො හොති, එත්තාවතා සච්චමනුබුජ්ඣති, එත්තාවතා ච මයං සච්චානුබොධං පඤ්ඤපෙම; න ත්වෙව තාව සච්චානුප්පත්ති හොතී’’ති.
432
“යම්හෙයකින් පරීක්ෂාකරනු ලබන්නේ ලෝභනීය ධර්මයන්ගෙන් පිරිසිදුවූද දෝසනීය ධර්මයන් දකීද එයින්මතු ඔහු මුළාවියයුතු ධර්මයන් පරීක්ෂාකර බලයි. යම්බඳුවූ මොහනීය ධර්මයන් විසින් නසනලද සිත් ඇත්තේ නොදැන දනිමියි කියන්නේද, නොදැක දකිමියි කියන්නේද යමක් අන්‍යයනට දිගු කලක් අහිත පිණිස දුක් පිණිස වන්නේද, එබඳු ධර්මයන්හි අන්‍යයා යොදවන්නේද එබඳුවූ මොහනීය ධර්මයන් මේ ආයුෂ්මත්හට ඇත්තේද (කියායි) එසේ පරීක්ෂා කරනු ලබන්නේ මෙසේ දනියි. යම්බඳුවූ මොහනීය ධර්මයන්හි බැසගන්නාලද සිතැත්තේ නොදැන දනිමියි කියන්නේද, නොදැක දකිමියි කියන්නේද, යම් ධර්මයක් අන්‍යයනට දිගුකලක් අහිත පිණිස දුක් පිණිස වන්නේද එබඳුවූ ධර්මයන්හි අන්‍යයාද සමාදන් කරවන්නේ වේද එබඳුවූ මොහනීය ධර්මයන් මේ ආයුෂ්මතුන්ට නැත්තේය. මේ ආයුෂ්මත්හුගේ කාය සමාචාරයද වාග් සමාචාරයද, මෝහයෙන් මුළානුවූවකුගේ මෙනි. මේ ආයුෂ්මත්තෙමේ යම් ධර්මයක් දෙසයිද, ඒ ධර්මය ගැඹුරුය. දුකසේ දතයුතු. අමාරුවෙන් අවබෝධ කළයුතුය. ශාන්තය, ප්‍රනීතය, අතර්කාවචරය, නිපුනය, පණ්ඩිතයන් විසින් දතයුතුය. මෝහයෙන් මුළාවූවහු විසින් ඒ ධර්මය මනාව දෙසනු නොලබයි. යම්හෙයකින් පරීක්ෂා කරනු ලබන්නේ. ලෝභනීය ධර්මයන්ගෙන් පිරිසිදුවූද දෝසනීය ධර්මයන්ගෙන් පිරිසිදුවූද මෝහනීය ධර්මයන්ගෙන් පිරිසිදු වූද ඔහු දකීද, ඉක්බිති ශ්‍රද්ධාව පිහිටුවයි. උපන්නහු ශ්‍රද්ධා ඇත්තේ ඔහු වෙත එළඹෙයි. එළඹෙන්නේ සෙවනය කෙරෙයි. සේවනය කරන්නේ කන්යොමුකරයි. යොමුකළ කන් ඇත්තේ ධර්මය අසයි. ධර්මය අසා දරයි. දරණලද ධර්මයන්ගේ අර්ථය සොයයි. අර්ථය සෙවීමෙන් ධර්මයෝ වැටහෙත්. ධර්මය වැටහුනු පසු කැමැත්ත උපදයි. හටගත් කැමැත්ත ඇත්තේ උත්සාහ කෙරෙයි. උත්සාහ කොට අනිත්‍යා වශයෙන් පරීක්ෂාකර බලයි. පරීක්ෂාකොට බලන්නේ මාර්ගය පිණිස උත්සාහ කරයි. උත්සාහ කරන්නේ කයින්ද පරමසත්‍යය අවබෝධ කරයි. නුවණින් ඔහු විනිවිද දකියි. භාරද්වාජය, මෙපමණකින් සත්‍යාව බොධය වෙයි මෙපමණකින් සත්‍යය අවබෝධ කරයි. මෙතෙකින්ම අපි සත්‍යාවබොධය පණවමු. එපමණකිනුදු සත්‍යයට පැමිණියේ නොවේමය.”
433
‘‘එත්තාවත්තා, භො ගොතම, සච්චානුබොධො හොති, එත්තාවතා සච්චමනුබුජ්ඣති, එත්තාවතා ච මයං සච්චානුබොධං පෙක්ඛාම. කිත්තාවතා පන, භො ගොතම, සච්චානුප්පත්ති හොති, කිත්තාවතා සච්චමනුපාපුණාති? සච්චානුප්පත්තිං මයං භවන්තං ගොතමං පුච්ඡාමා’’ති. ‘‘තෙසංයෙ , භාරද්වාජ, ධම්මානං ආසෙවනා භාවනා බහුලීකම්මං සච්චානුප්පත්ති හොති. එත්තාවතා ඛො, භාරද්වාජ, සච්චානුප්පත්ති හොති, එත්තාවතා සච්චමනුපාපුණාති, එත්තාවතා ච මයං සච්චානුප්පත්තිං පඤ්ඤපෙමා’’ති.
433
“භවත් ගෞතමයන් වහන්ස, මෙපමණකින් සත්‍යාවබොධය වෙයි. මෙතෙකින් සත්‍යය අවබෝධ කරයි. මෙතෙකින් අපි සත්‍ය දකිමු. භවත් ගෞතමයන් වහන්ස, සත්‍යයට පැමිණීම කොතෙකින් වේද, කොතෙකින් සත්‍යයට පැමිණේද, අපි භවත් ගෞතමයන්ගෙන් සත්‍යයට පැමිණීම විමසමු.”
“භාරද්වාජය, ඒ ධර්මයන්ම නැවත නැවත සේවනය කිරීමෙන් භාවනාකිරීමෙන් බහුලව කිරීමෙන් සත්‍යයට පැමිණීම වෙයි. භාරද්වාජය, මෙපමණකින් සත්‍යයට පැමිණීමවෙයි. මෙපමණකින් සත්‍යයට පැමිණෙයි. මෙපමණකින් අපි සත්‍යයට පැමිණීම පණවමු.”
434
‘‘එත්තාවතා, භො ගොතම, සච්චානුප්පත්ති හොති, එත්තාවතා සච්චමනුපාපුණාති, එත්තාවතා ච මයං සච්චානුප්පත්තිං පෙක්ඛාම. සච්චානුප්පත්තියා පන, භො ගොතම, කතමො ධම්මො බහුකාරො? සච්චානුප්පත්තියා බහුකාරං ධම්මං මයං භවන්තං ගොතමං පුච්ඡාමා’’ති. ‘‘සච්චානුප්පත්තියා ඛො, භාරද්වාජ, පධානං බහුකාරං. නො චෙතං පදහෙය්‍ය, නයිදං සච්චමනුපාපුණෙය්‍ය. යස්මා ච ඛො පදහති තස්මා සච්චමනුපාපුණාති. තස්මා සච්චානුප්පත්තියා පධානං බහුකාර’’න්ති.
‘‘පධානස්ස පන, භො ගොතම, කතමො ධම්මො බහුකාරො? පධානස්ස බහුකාරං ධම්මං මයං භවන්තං ගොතමං පුච්ඡාමා’’ති. ‘‘පධානස්ස ඛො, භාරද්වාජ, තුලනා බහුකාරා. නො චෙතං තුලෙය්‍ය, නයිදං පදහෙය්‍ය. යස්මා ච ඛො තුලෙති තස්මා පදහති. තස්මා පධානස්ස තුලනා බහුකාරා’’ති.
‘‘තුලනාය පන, භො ගොතම, කතමො ධම්මො බහුකාරො? තුලනාය බහුකාරං ධම්මං මයං භවන්තං ගොතමං පුච්ඡාමා’’ති. ‘‘තුලනාය ඛො, භාරද්වාජ, උස්සාහො බහුකාරො. නො චෙතං උස්සහෙය්‍ය, නයිදං තුලෙය්‍ය. යස්මා ච ඛො උස්සහති තස්මා තුලෙති. තස්මා තුලනාය උස්සාහො බහුකාරො’’ති.
‘‘උස්සාහස්ස පන, භො ගොතම, කතමො ධම්මො බහුකාරො? උස්සාහස්ස බහුකාරං ධම්මං මයං භවන්තං ගොතමං පුච්ඡාමා’’ති. ‘‘උස්සාහස්ස ඛො, භාරද්වාජ, ඡන්දො බහුකාරො. නො චෙතං ඡන්දො ජායෙථ, නයිදං උස්සහෙය්‍ය. යස්මා ච ඛො ඡන්දො ජායති තස්මා උස්සහති. තස්මා උස්සාහස්ස ඡන්දො බහුකාරො’’ති.
‘‘ඡන්දස්ස පන, භො ගොතම, කතමො ධම්මො බහුකාරො ? ඡන්දස්ස බහුකාරං ධම්මං මයං භවන්තං ගොතමං පුච්ඡාමා’’ති. ‘‘ඡන්දස්ස ඛො, භාරද්වාජ, ධම්මනිජ්ඣානක්ඛන්ති බහුකාරා. නො චෙතෙ ධම්මා නිජ්ඣානං ඛමෙය්‍යුං, නයිදං ඡන්දො ජායෙථ. යස්මා ච ඛො ධම්මා නිජ්ඣානං ඛමන්ති තස්මා ඡන්දො ජායති. තස්මා ඡන්දස්ස ධම්මනිජ්ඣානක්ඛන්ති බහුකාරා’’ති.
‘‘ධම්මනිජ්ඣානක්ඛන්තියා පන, භො ගොතම, කතමො ධම්මො බහුකාරො? ධම්මනිජ්ඣානක්ඛන්තියා බහුකාරං ධම්මං මයං භවන්තං ගොතමං පුච්ඡාමා’’ති. ‘‘ධම්මනිජ්ඣානක්ඛන්තියා ඛො, භාරද්වාජ, අත්ථූපපරික්ඛා බහුකාරා. නො චෙතං අත්ථං උපපරික්ඛෙය්‍ය, නයිදං ධම්මා නිජ්ඣානං ඛමෙය්‍යුං. යස්මා ච ඛො අත්ථං උපපරික්ඛති තස්මා ධම්මා නිජ්ඣානං ඛමන්ති. තස්මා ධම්මනිජ්ඣානක්ඛන්තියා අත්ථූපපරික්ඛා බහුකාරා’’ති.
‘‘අත්ථූපපරික්ඛාය පන, භො ගොතම, කතමො ධම්මො බහුකාරො? අත්ථූපපරික්ඛාය බහුකාරං ධම්මං මයං භවන්තං ගොතමං පුච්ඡාමා’’ති. ‘‘අත්ථූපපරික්ඛාය ඛො, භාරද්වාජ, ධම්මධාරණා බහුකාරා. නො චෙතං ධම්මං ධාරෙය්‍ය, නයිදං අත්ථං උපපරික්ඛෙය්‍ය. යස්මා ච ඛො ධම්මං ධාරෙති තස්මා අත්ථං උපපරික්ඛති. තස්මා අත්ථූපපරික්ඛාය ධම්මධාරණා බහුකාරා’’ති.
‘‘ධම්මධාරණාය පන, භො ගොතම, කතමො ධම්මො බහුකාරො? ධම්මධාරණාය බහුකාරං ධම්මං මයං භවන්තං ගොතමං පුච්ඡාමා’’ති. ‘‘ධම්මධාරණාය ඛො, භාරද්වාජ, ධම්මස්සවනං බහුකාරං. නො චෙතං ධම්මං සුණෙය්‍ය, නයිදං ධම්මං ධාරෙය්‍ය. යස්මා ච ඛො ධම්මං සුණාති තස්මා ධම්මං ධාරෙති. තස්මා ධම්මධාරණාය ධම්මස්සවනං බහුකාර’’න්ති.
‘‘ධම්මස්සවනස්ස පන, භො ගොතම, කතමො ධම්මො බහුකාරො? ධම්මස්සවනස්ස බහුකාරං ධම්මං මයං භවන්තං ගොතමං පුච්ඡාමා’’ති . ‘‘ධම්මස්සවනස්ස ඛො, භාරද්වාජ, සොතාවධානං බහුකාරං . නො චෙතං සොතං ඔදහෙය්‍ය, නයිදං ධම්මං සුණෙය්‍ය. යස්මා ච ඛො සොතං ඔදහති තස්මා ධම්මං සුණාති. තස්මා ධම්මස්සවනස්ස සොතාවධානං බහුකාර’’න්ති.
‘‘සොතාවධානස්ස පන, භො ගොතම, කතමො ධම්මො බහුකාරො? සොතාවධානස්ස බහුකාරං ධම්මං මයං භවන්තං ගොතමං පුච්ඡාමා’’ති. ‘‘සොතාවධානස්ස ඛො, භාරද්වාජ, පයිරුපාසනා බහුකාරා. නො චෙතං පයිරුපාසෙය්‍ය, නයිදං සොතං ඔදහෙය්‍ය. යස්මා ච ඛො පයිරුපාසති තස්මා සොතං ඔදහති. තස්මා සොතාවධානස්ස පයිරුපාසනා බහුකාරා’’ති.
‘‘පයිරුපාසනාය පන, භො ගොතම, කතමො ධම්මො බහුකාරො? පයිරුපාසනාය බහුකාරං ධම්මං මයං භවන්තං ගොතමං පුච්ඡාමා’’ති. ‘‘පයිරුපාසනාය ඛො, භාරද්වාජ, උපසඞ්කමනං බහුකාරං. නො චෙතං උපසඞ්කමෙය්‍ය, නයිදං පයිරුපාසෙය්‍ය. යස්මා ච ඛො උපසඞ්කමති තස්මා පයිරුපාසති. තස්මා පයිරුපාසනාය උපසඞ්කමනං බහුකාර’’න්ති.
‘‘උපසඞ්කමනස්ස පන, භො ගොතම, කතමො ධම්මො බහුකාරො? උපසඞ්කමනස්ස බහුකාරං ධම්මං මයං භවන්තං ගොතමං පුච්ඡාමා’’ති. ‘‘උපසඞ්කමනස්ස ඛො, භාරද්වාජ, සද්ධා බහුකාරා. නො චෙතං සද්ධා ජායෙථ, නයිදං උපසඞ්කමෙය්‍ය. යස්මා ච ඛො සද්ධා ජායති තස්මා උපසඞ්කමති. තස්මා උපසඞ්කමනස්ස සද්ධා බහුකාරා’’ති.
434
“භවත් ගෞතමයන් වහන්ස, මෙපමණකින් සත්‍යයට පැමිණීම වෙයි. මෙපමණකින් සත්‍යයට පැමිණෙයි. මෙපමණකින්ම අපි සත්‍ය දකිමු. භවත් ගෞතමයන් වහන්ස, සත්‍යයට පැමිණීම පිණිස කවර ධර්මයක් බොහෝ උපකාර ඇත්තේ වේද? සත්‍යයට පැමිණීම පිණිස බොහෝ උපකාරවන ධර්මය අපි භවත් ගෞතමයන්ගෙන් විචාරමු.” “භාරද්වාජය සත්‍යයට පැමිණීම සඳහා වීර්යය බොහෝ උපකාර ඇත්තේය. ඉදින් (වීර්ය) නොකරන්නේ වේද, මේ සත්‍යයට නොපැමිණෙන්නේය. යම් හෙයකින් වීර්ය කෙරේද, එහෙයින් සත්‍යයට පැමිණෙයි. එහෙයින් සත්‍යයට පැමිණීම සඳහා වීර්ය බොහෝ උපකාර ඇත්තේ වෙයි.”
“භවත් ගෞතමයන් වහන්ස, වීර්ය කිරීමට කවර ධර්මයක් බොහෝ උපකාර ඇත්තේ වේද? වීර්ය කිරීමට බොහෝ උපකාරවූ ධර්මය අපි භවත්ගෞතමයන්ගෙන් අසමු” “භාරද්වාජය, වීරියකිරීමට නුවණින් විමසීම බොහෝ උපකාර ඇත්තේ වෙයි. ඉදින් නුවණින් නො විමසන්නේ නම් වීර්ය නොකරන්නේය. යම් හෙයින් නුවණින් විමසන්නේද එහෙයින් වීර්ය කරයි. එහෙයින් වීර්ය කිරීමට නුවණින් විමසීම බොහෝ උපකාර ඇත්තේ වෙයි.”
“භවත් ගෞතමයන් වහන්ස, නුවණින් විමසීම සඳහා කවර ධර්මයක් බොහෝ උපකාර ඇත්තේ වේද? නුවණින් විමසීම සඳහා බොහෝ උපකාරවූ ධර්මයන් අපි භවත් ගෞතමයන්ගෙන් අසමු”. “භාරද්වාජය, නුවණින් විමසීම සඳහා උත්සාහය බොහෝ උපකාර ඇත්තේ වෙයි. ඉදින් උත්සාහ නොකරන්නේ නම් නුවණින් විමසීම නො කරන්නේය. යම් හෙයින් උත්සාහ කෙරේද, එහෙයින් නුවණින් විමසයි. එහෙයින් නුවණින් විමසීම සඳහා උත්සාහය බොහෝ උපකාර ඇත්තේ වෙයි.”
“භවත් භෞතමයන් වහන්ස, උත්සාහය සඳහා කවර ධර්මයක් බොහෝ උපකාර ඇත්තේ වේද? උත්සාහයට බොහෝ උපකාරවූ ධර්මය අපි භවත් ගෞතමයන්ගෙන් විචාරමු. “භාරද්වාජය, උත්සාහයට කැමැත්ත බොහෝ උපකාර ඇත්තේ වෙයි. ඉදින් කැමැත්ත නොඋපදින්නේ නම්, මේ උත්සාහ නොකරන්නේය. යම් හෙයින් කැමැත්ත උපදීද, එහෙයින් උත්සාහ කරයි. එහෙයින් උත්සාහයට කැමැත්ත බොහෝ උපකාර ඇත්තේ වෙයි”.
“භවත් ගෞතමයන් වහන්ස, කැමැත්තට කවර ධර්මයක් බොහෝ උපකාර ඇත්තේ වේද? කැමැත්තට බොහෝ උපකාරවන ධර්මය අපි භවත් ගෞතමයන්ගෙන් විචාරමු” “භාරද්වාජය, කැමැත්තට ධර්මය වැටහීම බොහෝ උපකාර වෙයි. නොවැටහෙන්නේ නම් කැමැත්ත නූපදින්නේය. යම් හෙයකින් ධර්මයෝ වැටහෙත්ද එහෙයින් කැමැත්ත උපදියි. එහෙයින් කැමැත්තට ධර්මය වැටහීම බොහෝ උපකාර වෙයි.” භවත් ගෞතමයන් වහන්ස, ධර්මය වැටහීමට කවර ධර්මයක් බොහෝ උපකාර වේද? ධර්මය වැටහීමට බොහෝ බහුකාරවූ ධර්මය අපි භවත් ගෞතමයන්ගෙන් විචාරමු’ “භාරද්වාජය ධර්මය වැටහීමට අර්ථය පරීක්ෂා කිරීම බොහෝ උපකාර වේ. අර්ථය පරීක්ෂා නොකරන්නේ නම් ධර්මය වැටහීමට නොපැමිණෙන්නේය. යම් හෙයකින් අර්ථය පරීක්ෂා කෙරේද එහෙයින් ධර්මයෝ වැටහෙත්. එහෙයින් ධර්මය වැටහීම සඳහා අර්ථය පරීක්ෂා කිරීම බොහෝ උපකාර ඇත්තේ වෙයි.”
“භවත් ගෞතමයන් වහන්ස, අර්ථ පරීක්ෂාවට කවර ධර්මයක් බොහෝ උපකාර ඇත්තේ වේද? අර්ථ පරීක්ෂාවට බොහෝ උපකාරවූ ධර්මය අපි භවත් ගෞතමයන්ගෙන් විචාරමු. භාරද්වාජය, අර්ථය පරීක්ෂාවට ධර්මය දැරීම බොහෝ උපකාර ඇත්තේ වෙයි. ඉදින් ධර්මය නොදරන්නේ වේ නම් අර්ථය පරීක්ෂා නොකරන්නේය. යම්හෙයින් ධර්මය දරයිද, එහෙයින් අර්ථය සොයයි. එහෙයින් අර්ථය සෙවීමට ධර්මය දැරීම බොහෝ උපකාර ඇත්තේය.”
“භවත් ගෞතමයන් වහන්ස, ධර්මය දැරීමට කවර ධර්මයක් බොහෝ උපකාරවේද? ධර්මය දැරීමට බොහෝ උපකාරවූ ධර්මය අපි භවත් ගෞතමයන්ගෙන් විචාරමු.” “භාරද්වාජය, ධර්මය දැරීමට බණ ඇසීම බොහෝ උපකාරවේ. ඉදින් ධර්මය නොඅසන්නේ නම් ධර්මය නොදරන්නේය. යම් හෙයකින් ධර්මය අසාද, එහෙයින් ධර්මය දරයි. එහෙයින් ධර්මය දැරීමට බණ ඇසීම බොහෝ උපකාර ඇත්තේ වේ.
“භවත් ගෞතමයන් වහන්ස, බණ ඇසීමට කවර ධර්මයක් බොහෝ උපකාරවේද? බණ ඇසීමට බොහෝ උපකාරවූ ධර්මය භවත් ගෞතමයන්ගෙන් අපි විචාරමු.” “භාරද්වාජය, බණ ඇසීමට කන්යොමුකිරීම බොහෝ උපකාර වේ. ඉදින් කණයොමු නොකරන්නේ නම් ධර්මය නොඅසන්නේය’ යම් හෙයකින් කන් යොමු කෙරේද, එහෙයින් ධර්මය අසයි එබැවින් බණ ඇසීමට කන් යොමුකිරීම බොහෝ උපකාර ඇත්තේ වෙයි.”
“භවත් ගෞතමයන් වහන්ස, කන් යොමුකිරීමට කවර ධර්මයක් බොහෝ උපකාර වේද, කන් යොමුකිරීමට බොහෝ උපකාර ධර්මය අපි භවත් ගෞතමයන්ගෙන් විචාරමු”. “භාරද්වාජය, කන් යොමු කිරීමට සේවනය කිරීම බොහෝ උපකාරයි. ඉදින් සේවනය නොකරන්නේ නම් මේ කන් යොමු නොකරන්නේය. යම් හෙයකින් සේවනය කෙරේද, එහෙයින් කන් යොමුකරයි. එහෙයින් කන් යොමු කිරීමට සේවනය කිරීම බොහෝ උපකාර ඇත්තේ වේ.”
“භවත් ගෞතමයන් වහන්ස, සේවනය කිරීමට වනාහි කවර ධර්මයක් බොහෝ උපකාරවේද? සේවනයට බොහෝ උපකාරවූ ධර්මයක් අපි භවත් ගෞතමයන්ගෙන් විචාරමු”. “භාරද්වාජය, සේවනය කිරීමට වෙතට පැමිණීමට බොහෝ උපකාරයි. ඉදින් වෙතට නොපැමිණෙන්නේනම් සේවනය නොකරන්නේය. යම් හෙයකින් වෙතට පැමිණේද එහෙයින් සේවනය කෙරෙයි. එහෙයින් සේවනය කිරීමට වෙතට පැමිණීම බොහෝ උපකාර ඇත්තේ වේ.”
“භවත් ගෞතමයන් වහන්ස, වෙතට පැමිණීමට කවර ධර්මයක් බොහෝ උපකාර වේද? වෙතට පැමිණීමට බොහෝ උපකාරවූ ධර්මය අපි භවත් ගෞතමයන්ගෙන් විචාරමු” “භාරද්වාජය, වෙතට පැමිණීමට ශ්‍රද්ධාව බොහෝ උපකාර ඇත්තේය. ඉදින් ශ්‍රද්ධාව නොඋපදින්නේ වේ නම් වෙතට නොපැමිණෙන්නේය. යම් හෙයකින් ශ්‍රද්ධාව උපදීද, එහෙයින් වෙතට පැමිණෙයි. එහෙයින් වෙතට පැමිණීමට ශ්‍රද්ධාව බොහෝ උපකාර ඇත්තේ වෙයි”.
435
‘‘සච්චානුරක්ඛණං මයං භවන්තං ගොතමං අපුච්ඡිම්හ, සච්චානුරක්ඛණං භවං ගොතමො බ්‍යාකාසි; තඤ්ච පනම්හාකං රුච්චති චෙව ඛමති ච තෙන චම්හ අත්තමනා. සච්චානුබොධං මයං භවන්තං ගොතමං අපුච්ඡිම්හ, සච්චානුබොධං භවං ගොතමො බ්‍යාකාසි; තඤ්ච පනම්හාකං රුච්චති චෙව ඛමති ච තෙන චම්හ අත්තමනා. සච්චානුප්පත්තිං මයං භවන්තං ගොතමං අපුච්ඡිම්හ, සච්චානුප්පත්තිං භවං ගොතමො බ්‍යාකාසි; තඤ්ච පනම්හාකං රුච්චති චෙව ඛමති ච තෙන චම්හ අත්තමනා . සච්චානුප්පත්තියා බහුකාරං ධම්මං මයං භවන්තං ගොතමං අපුච්ඡිම්හ, සච්චානුප්පත්තියා බහුකාරං ධම්මං භවං ගොතමො බ්‍යාකාසි; තඤ්ච පනම්හාකං රුච්චති චෙව ඛමති ච තෙන චම්හ අත්තමනා. යංයදෙව ච මයං භවන්තං ගොතමං අපුච්ඡිම්හ තංතදෙව භවං ගොතමො බ්‍යාකාසි; තඤ්ච පනම්හාකං රුච්චති චෙව ඛමති ච තෙන චම්හ අත්තමනා. මයඤ්හි, භො ගොතම, පුබ්බෙ එවං ජානාම - ‘කෙ ච මුණ්ඩකා සමණකා ඉබ්භා කණ්හා බන්ධුපාදාපච්චා, කෙ ච ධම්මස්ස අඤ්ඤාතාරො’ති? අජනෙසි වත මෙ භවං ගොතමො සමණෙසු සමණපෙමං, සමණෙසු සමණපසාදං, සමණෙසු සමණගාරවං. අභික්කන්තං, භො ගොතම...පෙ.... උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’’න්ති.
435
“සත්‍ය රැකීම අපි භවත් ගෞතමයන්ගෙන් විචාලෙමු. භවත් ගෞතමයන් වහන්සේ සත්‍ය රැකීම ප්‍රකාශ කළහ. එයද අපට රුචි වන්නේද සෑහෙන්නේද වෙයි. එයින් සතුටුවූ අපි සත්‍යානුබොධය භවත් ගෞතමයන් අතින් විචාළෙමු. භවත් ගෞතමයන් වහන්සේ සත්‍යානුබොධය ප්‍රකාශ කළහ. එයද අපට රුචි වන්නේද, සෑහෙන්නේද, වෙයි. එයින් සතුටුවූ අපි සත්‍යයට පැමිණීම භවත් ගෞතමයන්ගෙන් විචාළෙමු. භවත් ගෞතමයන් වහන්සේ සත්‍යයට පැමිණීම ප්‍රකාශ කළහ. එයද අපට රුචිවන්නේද සෑහෙන්නේද වෙයි. එයින් සතුටුවූ අපි සත්‍යයට පැමිණීම සඳහා බොහෝ උපකාර වන ධර්මය භවත් ගෞතමයන්ගෙන් විචාළෙමු. භවත්ගෞතමයන් වහන්සේ සත්‍යයට පැමිණීම සඳහා බොහෝ උපකාරවූ ධර්මය එයද අපට රුචි වන්නේද, සෑහෙන්නේද, වෙයි. එයින්ද සතුටුවූ අපි යම් යම් කරුණක් භවත් ගෞතමයන්ගෙන් විචාළෙමුද, ඒ ඒ කාරණයන්ම භවත් ගෞතමයන් වහන්සේ ප්‍රකාශ කළහ. එයද අපට රුචි වන්නේද, සෑහෙන්නේද, වෙයි. එයින් අපි සතුටු සිත් ඇත්තෝ වෙමු. භවත් ගෞතමයන් වහන්ස, අපි වනාහි පෙර මෙසේ දනිමු. “මුඩු ශ්‍රමණයෝය, නින්දා කටයුතු ශ්‍රමණයෝය, ගෘහපතියෝය, පහත් ජාති ඇත්තෝය, බ්‍රහ්මයාගේ පයින් උපන්නෝය, කිනම් ධර්මයක් ධර්මයක් දන්නේද, (කියායි).
“භවත් ගෞතමයන් වහන්සේ ඒකාන්තයෙන් ශ්‍රමණයන් කෙරෙහි මාගේ ප්‍රෙමය, ශ්‍රමණයන් කෙරෙහි (මාගේ) ශ්‍රමණ ප්‍රසාදය, ශ්‍රමණයන් කෙරෙහි (මාගේ) ශ්‍රමණ ගෞරවය ඉපදැවූ සේක. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත, භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරුකොට තබන ලද්ද උඩුකුරු කරන්නේ හෝ වේද, වසා තබන ලද්දක් වැසුම් හරින්නේ හෝ වේද, මංමුළාවූවෙකුට මග කියන්නේ හෝ වේද, අන්ධකාරයෙහි ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේ හෝ වේද, එපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේ නොයෙක් ආකාරයෙන් ධර්මය දේශනා කරන ලද්දේය. ඒ මම භවත් ගෞතමයන් වහන්සේද, ධර්මයද, සංඝයාද සරණ කොට යමි. භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිමියෙන් සරණගිය උපාසකයෙකු කොට දරන සේක්වා.”
6. එසුකාරීසුත්තං 6. එසුකාරී සූත්‍රය
7. ධනඤ්ජානිසුත්තං 7. ධානඤ්ජානි සූත්‍රය
8. වාසෙට්ඨසුත්තං 8. වාසෙට්ඨ සූත්‍රය
9. සුභසුත්තං 9. සුභ සූත්‍රය
10. සඞ්ගාරවසුත්තං 10. සඩ්ගාරව සූත්‍රය