ත්‍රිපිටකය
5. බ්‍රාහ්මණවග්ගො 5. බ්‍රහ්මණ වර්ගය
1. බ්‍රහ්මායුසුත්තං 1. බ්‍රහ්මායු සූත්‍රය
383
එවං මෙ සුතං - එකං සමයං භගවා විදෙහෙසු චාරිකං චරති මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි. තෙන ඛො පන සමයෙන බ්‍රහ්මායු බ්‍රාහ්මණො මිථිලායං පටිවසති ජිණ්ණො වුඩ්ඪො මහල්ලකො අද්ධගතො වයොඅනුප්පත්තො, වීසවස්සසතිකො ජාතියා, තිණ්ණං වෙදානං (බෙදානං (ක.)) පාරගූ සනිඝණ්ඩුකෙටුභානං සාක්ඛරප්පභෙදානං ඉතිහාසපඤ්චමානං, පදකො, වෙය්‍යාකරණො, ලොකායතමහාපුරිසලක්ඛණෙසු අනවයො. අස්සොසි ඛො බ්‍රහ්මායු බ්‍රාහ්මණො - ‘‘සමණො ඛලු භො, ගොතමො සක්‍යපුත්තො සක්‍යකුලා පබ්බජිතො විදෙහෙසු චාරිකං චරති මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි. තං ඛො පන භවන්තං ගොතමං එවං කල්‍යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො - ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්‍රහ්මකං සස්සමණබ්‍රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල්‍යාණං මජ්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්ථං සබ්‍යඤ්ජනං, කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසෙති. සාධු ඛො පන තථාරූපානං අරහතං දස්සනං හොතී’’’ති.
383
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ වෙදෙහ ජනපදයන්හි පන්සියයක් පමණ භික්ෂූන් සමග චාරිකාවෙහි හැසිරෙති. එකල්හි වනාහි ජරාවට ගියාවූ, මහලුවූ කාලය ගෙවීගියාවූ, වයසට පැමිණි උත්පත්තියෙන් එක්සිය විසි අවුරුදුවූ, නාමනිඝණ්ඩු ක්‍රියා කල්ප විකල්ප ශික්ෂා නිරුක්ති යන ප්‍රභෙදයන් ඇති ඉතිහාස පස්වැනි කොට ඇති තුන්වෙදයේ කෙළවරට ගියාවූ, පද හා ව්‍යාකරණ හදාරන්නාවූ ලොකායන ශාස්ත්‍රයේත් මහා පුරුෂ ලක්ෂන ශාස්ත්‍රයේත් දක්ෂවූ බ්‍රහ්මායුනම් බ්‍රාහ්මණයෙක් මියුලු නුවර වාසය කෙරෙයි. ශාක්‍ය පුත්‍රවූ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදිව පන්සියයක් පමණ මහත් භික්ෂු සංඝයා සමග වෙදෙහ ජනපදයන්හි චාරිකාවෙහි හැසිරෙන්නාහුයි, බ්‍රහ්මායු බ්‍රාහ්මණයා ඇසීය. ‘ඒ භාග්‍යවත් ගෞතමයන් වහන්සේගේ වනාහි මෙසේ යහපත්වූ උස්ව පැන නැගි කීර්ති ශබ්ද ඇත්තේය. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කාරණයෙන්ද අර්හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විදර්ශනා ඥානය ආදී ඥාන අටෙන්ද’ සීල සංවරය ආදී (චරණ) හසුරුවන ධර්ම පහළොවෙන්ද යුක්තයහ. යහපත් ගති ඇත්තාහ, සියලු ලෝකයන් දන්නාහ, ශ්‍රේෂ්ඨයහ, හික්මවිය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනි වූහ. දිව්‍ය මනුෂ්‍යයන්ට ගුරුවරයෙක්වූහ, බුද්ධයහ, භාග්‍යවත්හ, ඒ භාග්‍යවතුන් වහන්සේ දෙවියන් සහිතවූ මරුන් සහිතවූ බඹුන් සහිතවූ මහණ බමුණන් සහිතවූ රජුන් හා මිනිසුන් සහිතවූ සත්ව වර්ගයා ඇතුළු සියලු ලෝකය තමන් වහන්සේම මනාව පැහැදිලිකොට දැන ප්‍රකාශ කරණසේක්. උන්වහන්සේ මුල මැද අග යන තුන් තන්හි යහපත්වූ, අර්ථ සහිතවූ, දස ආකාරයෙන් නියම විදියට මවන ශබ්දකිරීම ඇත්තාවූ, සම්පූර්ණවූ පිරිසිදුවූ ධර්මය ප්‍රකාශ කරණසේක. එබඳුවූ රහතුන්ගේ දැකීමක් වේනම් ඒ යහපත්මැයි’ කියායි.
384
තෙන ඛො පන සමයෙන බ්‍රහ්මායුස්ස බ්‍රාහ්මණස්ස උත්තරො නාම මාණවො අන්තෙවාසී හොති තිණ්ණං වෙදානං පාරගූ සනිඝණ්ඩුකෙටුභානං සාක්ඛරප්පභෙදානං ඉතිහාසපඤ්චමානං, පදකො, වෙය්‍යාකරණො, ලොකායතමහාපුරිසලක්ඛණෙසු අනවයො. අථ ඛො බ්‍රහ්මායු බ්‍රාහ්මණො උත්තරං මාණවං ආමන්තෙසි - ‘‘අයං, තාත උත්තර, සමණො ගොතමො සක්‍යපුත්තො සක්‍යකුලා පබ්බජිතො විදෙහෙසු චාරිකං චරති මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි. තං ඛො පන භවන්තං ගොතමං එවං කල්‍යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො - ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො...පෙ.... සාධු ඛො පන තථාරූපානං අරහතං දස්සනං හොතී’ති. එහි ත්වං, තාත උත්තර, යෙන සමණො ගොතමො තෙනුපසඞ්කම; උපසඞ්කමිත්වා සමණං ගොතමං ජානාහි යදි වා තං භවන්තං ගොතමං තථා සන්තංයෙව සද්දො අබ්භුග්ගතො, යදි වා නො තථා; යදි වා සො භවං ගොතමො තාදිසො, යදි වා න තාදිසො. තථා මයං තං භවන්තං ගොතමං වෙදිස්සාමා’’ති. ‘‘යථා කථං පනාහං, භො, තං භවන්තං ගොතමං ජානිස්සාමි යදි වා තං භවන්තං ගොතමං තථා සන්තංයෙව සද්දො අබ්භුග්ගතො, යදි වා නො තථා; යදි වා සො භවං ගොතමො තාදිසො, යදි වා න තාදිසො’’ති. ‘‘ආගතානි ඛො, තාත උත්තර, අම්හාකං මන්තෙසු ද්වත්තිංසමහාපුරිසලක්ඛණානි, යෙහි සමන්නාගතස්ස මහාපුරිසස්ස ද්වෙයෙව ගතියො භවන්ති අනඤ්ඤා . සචෙ අගාරං අජ්ඣාවසති, රාජා හොති චක්කවත්තී ධම්මිකො ධම්මරාජා චාතුරන්තො විජිතාවී ජනපදත්ථාවරියප්පත්තො සත්තරතනසමන්නාගතො. තස්සිමානි සත්ත රතනානි භවන්ති, සෙය්‍යථිදං - චක්කරතනං, හත්ථිරතනං, අස්සරතනං, මණිරතනං, ඉත්ථිරතනං, ගහපතිරතනං, පරිණායකරතනමෙව සත්තමං. පරොසහස්සං ඛො පනස්ස පුත්තා භවන්ති සූරා වීරඞ්ගරූපා පරසෙනප්පමද්දනා. සො ඉමං පථවිං සාගරපරියන්තං අදණ්ඩෙන අසත්ථෙන ධම්මෙන (ධම්මෙන සමෙන (ක.)) අභිවිජිය අජ්ඣාවසති. සචෙ ඛො පන අගාරස්මා අනගාරියං පබ්බජති, අරහං හොති සම්මාසම්බුද්ධො ලොකෙ විවට්ටච්ඡදො. අහං ඛො පන, තාත උත්තර, මන්තානං දාතා; ත්වං මන්තානං පටිග්ගහෙතා’’ති.
384
“එකල්හි වනාහි බ්‍රහ්මායු බ්‍රාහ්මණයා හට නාමනිඝණ්ඩු ක්‍රියාකල්ප විකල්ප ශික්ෂා නිරුක්ති යන ප්‍රභෙදයන් ඇති, ඉතිහාසය පස්වැනිකොට ඇති තුන්වේදයේ කෙළවරට ගියාවූ පද හා ව්‍යාකරණ හදාරන්නාවූ විතණ්ඩ ශාස්ත්‍රයේත් මහා පුරුෂ ලක්ෂණ ශාස්ත්‍රයේත් දක්ෂවූ උත්තරනම් තරුණ ශිෂ්‍යයෙක්විය. ඉක්බිති බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ උත්තර තරුණයා ඇමතීය. (මෙසේ කීය) “දරුව උත්තරය, මේ ශාක්‍යපුත්‍රවූ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදිවූ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පන්සියයක් පමණවූ මහා භික්ෂු සමූහයක් සමග වේදෙහ ජනපදයන්හි චාරිකාවෙහි හැසිරෙති. ඒ භාග්‍යවතුන් වහන්සේගේ මෙබඳුවූ යහපත් කීර්තිරාවයක් උස්ව නැංගේය. (කෙබඳුවූද යත්) ‘මේ මේ කාරණයෙනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විදර්ශනා ඥානය ආදී ඥාන අටෙන්ද සීලසංවරය ආදී (චරණ) හසුරුවන ධර්ම පහළොවෙන්ද යුක්තයහ. යහපත් ගති ඇත්තෝ වූහ. සියලු ලෝකයන් දන්නාහ. ශ්‍රේෂ්ඨවූවාහු, හික්මවිය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනි වූහ. දිව්‍ය මනුෂ්‍යයන්ට ගුරුවරයෙක් වූහ, බුද්ධයහ, භාග්‍යවත්හ. ඒ භාග්‍යවතුන් වහන්සේ දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බඹුන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, රජුන් හා මිනිසුන් සහිතවූ, සත්වවර්ගයා ඇතුලු සියලු ලෝකය තමන් වහන්සේම මනාව පැහැදිලිකොට දැන ප්‍රකාශ කරන සේක. උන්වහන්සේ මුල මැද අග යන තුන් තන්හි යහපත්වූ අර්ථ සහිතවූ දස ආකාරයෙන් නියම විදියට වචන ශබ්ද කිරීම ඇත්තාවූ, සම්පූර්ණවූ පිරිසිදුවූ, ධර්මය ප්‍රකාශ කරණ සේක.”
“එබඳුවූ රහතුන්ගේ දැකීමක් වේ නම් යහපත්මැයි කියායි. දරුව, උත්තරය එව, නුඹ ශ්‍රමණ ගෞතමයන් යම් තැනෙක් හිද එහි යව. ගොස් ඉදින් ඒ භවත් ගෞතමයන්ගේ ඇති සැටියක් නිසාම කීර්ති ශබ්දයක් පැතිර ගියේද, නොවේ නම් එසේ නුවූවක් පිළිබඳවද, ඒ භවත් ගෞතමයන් වහන්සේ එබඳුද, නැත්නම් එබඳු නොවේදැයි, එපරිද්දෙන් මහණ ගොයුම්හු (සොයා) දනුව. නුඹගේ තීරණය අනුව අපි ඒ භවත් ගෞතමයන් වහන්සේ දැනගණුම්හ.” “පින්වත, ඉදින් ඒ භවත් ගෞතමයන් වහන්සේගේ ඇත්තාවූ ගුණයන් නිසාම මේ කීර්ති ශබ්දය පැතිරගියේද, ඉදින් එසේ නොවේද? ඉදින් ඒ භවත් ගෞතමයෝ එබඳුද? ඉදින් එසේ නොවේදැයි මම කෙසේ නම් දැන ගන්නෙම්ද?”
“දරුව, උත්තරය, අපගේ වේදමන්ත්‍රයන්හි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ආවේමය. ඒ ලක්ෂණයන්ගෙන් යුක්තවූ මහා පුරුෂයාහට ගති දෙකෙක්ම වෙති. අනිකෙක් නැත. ඉදින් (හෙතෙම) ගිහිගෙයි වසයි නම් දැහැමිවූ දැහැමි රජෙක්වූ සතර දිවයිනට අධිපතිවූ දිනන සුලුවූ ජනපදයන්හි (කිසිවෙකු විසිනුදු නොසෙල්විය හැකිසේ) ස්ථිරවූ රත්න සතකින් යුක්තවූ සක්විති රජවෙයි. මොවුහු ඔහුගේ රත්න සත වෙත්. කවරහුදයත්? චක්‍ර රත්නය, හස්ති රත්නය, අශ්ව රත්නය, මානික්‍ය රත්නය, ස්ත්‍රිරත්නය ගෘහපති රත්නය සත්වැනිවූ පුත්‍ර රත්නයද යනරත්න හතයි. ශූරවූ දිව්‍ය පුත්‍රයන්ට සමානවූ, නොහොත් වීර්ය සම්පන්නවූ ශරීර ඇත්තාවූ පරසතුරු සේනාවන් මර්දනය කරන්නාවූ දහසකටත් අධික වූ පුත්‍රයෝ ඒ සක්විති රජුට වෙත්. හෙතෙම සයුර කෙළවර කොට ඇති මේ පෘථිවිය දඬුවම් කිරීම් නැතිව, යුද්ධ කිරීම් නැතිව, ධර්මයෙන් හැමදෙන දිනා අධිපතිව වෙසෙයි. ඉදින් හෙතෙම ගිහිගෙන් නික්ම පැවිදි වෙයිනම් ලෝකයේ කෙලෙස් වැස්ම දුරුකළාවූ අර්හත් වූ සම්‍යක් සම්බුද්ධවෙයි. දරුව, උත්තරය, මම වනාහි වේදමන්ත්‍ර උගන්වන්නා වෙමි. නුඹ වේද මන්ත්‍රයන් ඉගෙන ගන්නා වෙයි.”
385
‘‘එවං, භො’’ති ඛො උත්තරො මාණවො බ්‍රහ්මායුස්ස බ්‍රාහ්මණස්ස පටිස්සුත්වා උට්ඨායාසනා බ්‍රහ්මායුං බ්‍රාහ්මණං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා විදෙහෙසු යෙන භගවා තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො උත්තරො මාණවො භගවතො කායෙ ද්වත්තිංසමහාපුරිසලක්ඛණානි සමන්නෙසි. අද්දසා ඛො උත්තරො මාණවො භගවතො කායෙ ද්වත්තිංසමහාපුරිසලක්ඛණානි, යෙභුය්‍යෙන ථපෙත්වා ද්වෙ. ද්වීසු මහාපුරිසලක්ඛණෙසු කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති - කොසොහිතෙ ච වත්ථගුය්හෙ, පහූතජිව්හතාය ච. අථ ඛො භගවතො එතදහොසි - ‘‘පස්සති ඛො මෙ අයං උත්තරො මාණවො ද්වත්තිංසමහාපුරිසලක්ඛණානි , යෙභුය්‍යෙන ථපෙත්වා ද්වෙ. ද්වීසු මහාපුරිසලක්ඛණෙසු කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති - කොසොහිතෙ ච වත්ථගුය්හෙ, පහූතජිව්හතාය චා’’ති. අථ ඛො භගවා තථාරූපං ඉද්ධාභිසඞ්ඛාරං අභිසඞ්ඛාසි යථා අද්දස උත්තරො මාණවො භගවතො කොසොහිතං වත්ථගුය්හං. අථ ඛො භගවා ජිව්හං නින්නාමෙත්වා උභොපි කණ්ණසොතානි අනුමසි පටිමසි (පරිමසි (සී. ක.)); උභොපි නාසිකසොතානි (නාසිකාසොතානි (සී.)) අනුමසි පටිමසි; කෙවලම්පි නලාටමණ්ඩලං ජිව්හාය ඡාදෙසි. අථ ඛො උත්තරස්ස මාණවස්ස එතදහොසි - ‘‘සමන්නාගතො ඛො සමණො ගොතමො ද්වත්තිංසමහාපුරිසලක්ඛණෙහි. යංනූනාහං සමණං ගොතමං අනුබන්ධෙය්‍යං, ඉරියාපථමස්ස පස්සෙය්‍ය’’න්ති. අථ ඛො උත්තරො මාණවො සත්තමාසානි භගවන්තං අනුබන්ධි ඡායාව අනපායිනී (අනුපායිනී (ස්‍යා. කං. ක.)).
385
“එසේය ස්වාමීනි”යි උත්තර මානවකයා බ්‍රහ්මායු බ්‍රහ්මණයාහට උත්තරදී හුනස්නෙන් නැගී, බ්‍රහ්මායු බ්‍රහ්මයාහට පැදකුණු කොට වේදෙහ ජනපදයෙහි භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට ගියේය. පිළිවෙලින් චාරිකාවෙහි යමින් භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග (සුවදුක් විචාරීම ආදියෙන් සතුටු විය.) සතුටු විය යුතුවූත්, සිහි කටයුතු වූත්, කථාව කොට නිමවා එක් පසෙක උන්නේය. එකත් පසෙක උන්නාවූ උත්තර තරුණයා භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙහි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සෙවීය. උත්තර මානවකයා වනාහි භාග්‍යවතුන්ගේ ශරීරයෙහි ලකුණු දෙකක් හැර බොහෝ සෙයින් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දුටුවේය. කොසොහිත වත්ථගුය්හ ලක්ෂණය, හා පහුතජිව්හතා ලක්ෂණය යන මහාපුරුෂ ලක්ෂණ දෙකෙහි සැකකරයි. විමති උපදවයි. ඒ සැකයෙන් නොමිදෙයි. නොපැහැදෙයි. එකල්හි භාග්‍යවතුන් වහන්සේට මෙබඳු සිතක් පහලවිය. ‘මේ උත්තර තරුණයා මාගේ ලක්ෂණ දෙකක් හැර බොහෝ සෙයින් මහා පුරුෂ ලක්ෂණ දකීද, කොසොහිතවත්ථගුයහ ලක්ෂණය හා පහුතජිව්හතා ලක්ෂණය යන මහාපුරුෂ ලක්ෂණ දෙකෙහි සැක උපදවයි. විචිකිච්ඡා කෙරෙයි. ඒ සැකයෙන් නොමිදෙයි. නොපැහැදෙයි’. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උත්තර මානවකයා භාග්‍යවත්හුගේ කොසොහිත වත්ථගුය්හ ලක්ෂණය යම්සේ දකීද, එබඳු ඍද්ධියක් පෑහ. අනතුරුව භාග්‍යවතුන් වහන්සේ දිව බැහැරකොට කන්සිදුරු දෙක පිරිමැද්දහ. නාස් සිදුරු දෙක පිරිමැද්දහ, මුළු නලල්තලයම දිවෙන් වැසූහ.
එකල්හි උත්තර මානවකයාට මෙබඳු සිතක් පහලවිය. ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් සමන්විතවූ සේක. මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පස්සෙන් යන්නෙම් නම්, උන්වහන්සේගේ යාම ඊම ආදී ඉරියව් දකින්නෙම් නම්, මැනවි. කියායි. ඉක්බිති උත්තර තරුණයා සත්මසක් නොහැර ගමන් කරන සෙවනැල්ලක් මෙන්, භාග්‍යවතුන් වහන්සේ පසුපස ඇවිද්දේය.
386
අථ ඛො උත්තරො මාණවො සත්තන්නං මාසානං අච්චයෙන විදෙහෙසු යෙන මිථිලා තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන මිථිලා යෙන බ්‍රහ්මායු බ්‍රාහ්මණො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා බ්‍රහ්මායුං බ්‍රාහ්මණං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො උත්තරං මාණවං බ්‍රහ්මායු බ්‍රාහ්මණො එතදවොච - ‘‘කච්චි, තාත උත්තර, තං භවන්තං ගොතමං තථා සන්තංයෙව සද්දො අබ්භුග්ගතො , නො අඤ්ඤථා? කච්චි පන සො භවං ගොතමො තාදිසො, නො අඤ්ඤාදිසො’’ති? ‘‘තථා සන්තංයෙව, භො, තං භවන්තං ගොතමං සද්දො අබ්භුග්ගතො, නො අඤ්ඤථා; තාදිසොව (තාදිසොව භො (සී. පී.), තාදිසො ච ඛො (ස්‍යා. කං. ක.)) සො භවං ගොතමො, නො අඤ්ඤාදිසො. සමන්නාගතො ච (සමන්නාගතො ච භො (සබ්බත්ථ)) සො භවං ගොතමො ද්වත්තිංසමහාපුරිසලක්ඛණෙහි.
‘‘සුප්පතිට්ඨිතපාදො ඛො පන භවං ගොතමො; ඉදම්පි තස්ස භොතො ගොතමස්ස මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණං භවති.
‘‘හෙට්ඨා ඛො පන තස්ස භොතො ගොතමස්ස පාදතලෙසු චක්කානි ජාතානි සහස්සාරානි සනෙමිකානි සනාභිකානි සබ්බාකාරපරිපූරානි...
‘‘ආයතපණ්හි ඛො පන සො භවං ගොතමො...
‘‘දීඝඞ්ගුලි ඛො පන සො භවං ගොතමො...
‘‘මුදුතලුනහත්ථපාදො ඛො පන සො භවං ගොතමො...
‘‘ජාලහත්ථපාදො ඛො පන සො භවං ගොතමො...
‘‘උස්සඞ්ඛපාදො ඛො පන සො භවං ගොතමො...
‘‘එණිජඞ්ඝො ඛො පන සො භවං ගොතමො...
‘‘ඨිතකො ඛො පන සො භවං ගොතමො අනොනමන්තො උභොහි පාණිතලෙහි ජණ්ණුකානි පරිමසති පරිමජ්ජති...
‘‘කොසොහිතවත්ථගුය්හො ඛො පන සො භවං ගොතමො...
‘‘සුවණ්ණවණ්ණො ඛො පන සො භවං ගොතමො කඤ්චනසන්නිභත්තචො...
‘‘සුඛුමච්ඡවි ඛො පන සො භවං ගොතමො. සුඛුමත්තා ඡවියා රජොජල්ලං කායෙ න උපලිම්පති...
‘‘එකෙකලොමො ඛො පන සො භවං ගොතමො; එකෙකානි ලොමානි ලොමකූපෙසු ජාතානි...
‘‘උද්ධග්ගලොමො ඛො පන සො භවං ගොතමො; උද්ධග්ගානි ලොමානි ජාතානි නීලානි අඤ්ජනවණ්ණානි කුණ්ඩලාවට්ටානි දක්ඛිණාවට්ටකජාතානි...
‘‘බ්‍රහ්මුජුගත්තො ඛො පන සො භවං ගොතමො...
‘‘සත්තුස්සදො ඛො පන සො භවං ගොතමො...
‘‘සීහපුබ්බද්ධකායො ඛො පන සො භවං ගොතමො...
‘‘චිතන්තරංසො ඛො පන සො භවං ගොතමො...
‘‘නිග්‍රොධපරිමණ්ඩලො ඛො පන සො භවං ගොතමො; යාවතක්වස්ස කායො තාවතක්වස්ස බ්‍යාමො, යාවතක්වස්ස බ්‍යාමො තාවතක්වස්ස කායො...
‘‘සමවට්ටක්ඛන්ධො ඛො පන සො භවං ගොතමො...
‘‘රසග්ගසග්ගී ඛො පන සො භවං ගොතමො...
‘‘සීහහනු ඛො පන සො භවං ගොතමො...
‘‘චත්තාලීසදන්තො ඛො පන සො භවං ගොතමො...
‘‘සමදන්තො ඛො පන සො භවං ගොතමො...
‘‘අවිරළදන්තො ඛො පන සො භවං ගොතමො...
‘‘සුසුක්කදාඨො ඛො පන සො භවං ගොතමො...
‘‘පහූතජිව්හො ඛො පන සො භවං ගොතමො...
‘‘බ්‍රහ්මස්සරො ඛො පන සො භවං ගොතමො කරවිකභාණී...
‘‘අභිනීලනෙත්තො ඛො පන සො භවං ගොතමො...
‘‘ගොපඛුමො ඛො පන සො භවං ගොතමො...
‘‘උණ්ණා ඛො පනස්ස භොතො ගොතමස්ස භමුකන්තරෙ ජාතා ඔදාතා මුදුතූලසන්නිභා...
‘‘උණ්හීසසීසො ඛො පන සො භවං ගොතමො; ඉදම්පි තස්ස භොතො ගොතමස්ස මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණං භවති.
‘‘ඉමෙහි ඛො, භො, සො භවං ගොතමො ද්වත්තිංසමහාපුරිසලක්ඛණෙහි සමන්නාගතො.
386
එකල්හි උත්තර මානවකයා වේදේහ ජනපදයන්හි සත්මසක් ගතකිරීමෙන් පසු මියුලු නුවර යම් තැනෙකද, එතනට ගියේය. පිළිවෙලින් ගොස් මියුලු නුවර යම් තැනෙකද, බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ බ්‍රහ්මායු බ්‍රාහ්මණයා වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ උත්තර මානවකයාට බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ මෙසේ කීය. ‘කිමෙක්ද? දරුව, උත්තරය, ඒ භවත් ගෞතමන් වහන්සේගේ ඇති ගුණයන් නිසාම මේ කීර්ති ශබ්දය පැතිර ගියේද, අන් අයුරකින් නොවේද, කිමෙක්ද? ඒ භවත් ගෞතමයෝ එබඳුද, එසේ නොවේද?”
“ස්වාමීනි, ඒ භවත් ගෞතමයන් වහන්සේගේ ඇති ගුණයන් නිසාම කීර්ති ශබ්දය පැතිර ගියේය. අන් අයුරකින් නොවේ. ස්වාමීනි, ඒ භවත් ගෞතමයන් වහන්සේ එබඳුමය. වෙනස් ආකාරයක් නැත. ස්වාමීනි, ඒ භවත් ගෞතමයන් වහන්සේ දෙතිස්මහාපුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්තවූ සේක. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි මනාව පිහිටි පා ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතමවූ මහාපුරුෂයන් වහන්සේගේ මහාපුරුෂ ලක්ෂණයක් වෙයි. ඒ භවත් ගෞතමයන් වහන්සේගේ යටපාතලයන්හි දහසක් දැති ඇති නිම්වලලු සහිතවූ නැබ සහිතවූ සියලු අයුරින් සම්පූර්ණවූ චක්‍රයෝ වූහ. මෙයද ඒ භවත් ගෞතමවූ, මහා පුරුෂයන් වහන්සේගේ මහාපුරුෂ ලක්ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි දික්වූ විළුම් ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතමවූ, මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි දික්වූ ඇඟිලි ඇත්තේ වෙත්. මෙයද ඒ භවත් ගෞතමවූ, මහාපුරුෂයන් වහන්සේගේ මහාපුරුෂ ලක්ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි මෘදුවූ ලපටිවූ අතුල් පතුල් ඇත්තේ වෙත්. මෙයද ඒ භවත් ගෞතමවූ, මහාපුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ දැල්කවුළුවකට බඳු අතුල් පතුල් ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතමවූ, මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි පිරුණු ගොප් මසැති පා ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතමවූ, මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි (ඕලු) එනම් මුවන්ගේ බඳු කෙන්ඩා ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතමවූ, මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි සිටියේම නොනැමී දෙඅත්තලවලින් දනහිස් පිරිමදින සේක. මෙයද ඒ භවත් ගෞතමවූ මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි කොෂය තුළ සැඟවුණු පුරුෂව්‍යඤ්ජනය ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතමවූ, මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි රන්වන් වූයේ වෙත්. මෙයද ඒ භවත් ගෞතමවූ, මහාපුරුෂයන් වහන්සේගේ මහාපුරුෂ ලක්ෂණයකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි රන්වන්වූ සිවි ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතමයන්වූ මහාපුරුෂයන් වහන්සේගේ මහාපුරුෂ ලක්ෂණයෙකි. සියුම්වූ සිවි ඇත්තේ වෙයි. සියුම්වූ සිවි ඇති බැවින් ශරීරයෙහි දූලි කුණු නොතැවරෙන්නේ වෙත්. මෙයද ඒ භවත් ගෞතම වූ, මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි එක එකලොම් ඇත්තේවෙයි. රෝම කූපයන්හි එක් එක් ලොම් හටගන්නේ වෙයි. මෙයද ඒ භවත්ගෞතම වූ මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි උඩුකුරු අක් ඇති රෝම ඇත්තේ වෙයි. හටගත් ලොම් උඩුකුරුයි, නිල්වන්ය, අඳුන්වන්ය, කුණ්ඩලයක් මෙන් කරකැවුනේ වෙයි. දකුණට කැරකැවුනේ වෙයි. මෙයද ඒ භවත් ගෞතමවූ මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි කෙලින් පිහිටි සිරුර ඇත්තේවෙයි. මෙයද ඒ භවත් ගෞතමවූ මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි සත්තැන උස්වූයේ වෙයි. මෙයද ඒ භවත් ගෞතම වූ මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි සිංහයෙකුගේ පෙරකය මෙන් සම්පූර්ණ සිරුර ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතම වූ මහා පුරුෂයන් වහන්සේගේ මහාපුරුෂ ලක්ෂණයකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි පිට දැලවර මැද පිරුනේ වෙයි. මෙයද ඒ භවත් ගෞතමවූ, මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි නුගරුකක් සේ පිරිමඩුලු ඇත්තේ වෙයි. උන්වහන්සේගේ ශරීරය යම් පමණවේද, බඹයත් එපමණය. උන්වහන්සේගේ බඹය යම්පමණවේද, ශරීරයත් එපමණය. මෙයද ඒ භවත් ගෞතම වූ මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි සමවූ වටවූ ග්‍රීවය ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතම වූ මහා පුරුෂයන් වහන්සේගේ, මහා පුරුෂ ලක්ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි සමසතලිසක් දත් ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතම වූ මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි සමවූදත් ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතම වූ, මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි විවර නැතිවූ දත් ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතමවූ මහා පුරුෂයන් වහන්සේගේ මහාපුරුෂ ලක්ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි දිලිසෙන ඉතා සුදුදත් ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතම වූ මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි මෘදු දික් පුළුල් දිව ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතම වූ මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි බ්‍රහ්මස්වර ඇත්තේ වෙයි. කුරවි රාවය බඳු රාවය ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතම වූ මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි පිරිසිදු නිල්වන් පෑ ඇස් ඇත්තේවෙයි. මෙයද ඒ භවත් ගෞතම වූ මහා පුරුෂයන් වහන්සේගේ මහාපුරුෂ ලක්ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි උපන් කෙණෙහි වස්සෙකුගේ බඳු ප්‍රසන්න ඇස් ගුලි ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතම වූ මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයෙකි. ඒ භවත් ගෞතමයන් වහන්සේගේ දෙබැම අතර සුදුවූ මෘදුවූ පුලුන් පෙදක්වැනි දකුණට කරකැවී නළල් මැදපිහිටි රෝමයක්වූයේ වෙයි. මෙයද ඒ භවත් ගෞතමවූ මහාපුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයකි. ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි පිරුණු නළල සහිත සම්පූර්ණ හිස ඇත්තේ වෙයි. මෙයද ඒ භවත් ගෞතමවූ මහා පුරුෂයන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණය වෙයි. ඒ භවත් ගෞතමයන් වහන්සේ මේ දෙතිස් මහා පුරිස් ලකුණින් සමන්විතවූසේක.”
387
‘‘ගච්ඡන්තො ඛො පන සො භවං ගොතමො දක්ඛිණෙනෙව පාදෙන පඨමං පක්කමති. සො නාතිදූරෙ පාදං උද්ධරති, නාච්චාසන්නෙ පාදං නික්ඛිපති; සො නාතිසීඝං ගච්ඡති, නාතිසණිකං ගච්ඡති; න ච අද්දුවෙන අද්දුවං සඞ්ඝට්ටෙන්තො ගච්ඡති, න ච ගොප්ඵකෙන ගොප්ඵකං සඞ්ඝට්ටෙන්තො ගච්ඡති. සො ගච්ඡන්තො න සත්ථිං උන්නාමෙති, න සත්ථිං ඔනාමෙති; න සත්ථිං සන්නාමෙති, න සත්ථිං විනාමෙති. ගච්ඡතො ඛො පන තස්ස භොතො ගොතමස්ස අධරකායොව (අඩ්ඪකායොව (ක.), ආරද්ධකායොව (ස්‍යා. කං.)) ඉඤ්ජති, න ච කායබලෙන ගච්ඡති. අපලොකෙන්තො ඛො පන සො භවං ගොතමො සබ්බකායෙනෙව අපලොකෙති; සො න උද්ධං උල්ලොකෙති, න අධො ඔලොකෙති; න ච විපෙක්ඛමානො ගච්ඡති, යුගමත්තඤ්ච පෙක්ඛති; තතො චස්ස උත්තරි අනාවටං ඤාණදස්සනං භවති. සො අන්තරඝරං පවිසන්තො න කායං උන්නාමෙති , න කායං ඔනාමෙති; න කායං සන්නාමෙති, න කායං විනාමෙති. සො නාතිදූරෙ නාච්චාසන්නෙ ආසනස්ස පරිවත්තති, න ච පාණිනා ආලම්බිත්වා ආසනෙ නිසීදති, න ච ආසනස්මිං කායං පක්ඛිපති. සො අන්තරඝරෙ නිසින්නො සමානො න හත්ථකුක්කුච්චං ආපජ්ජති, න පාදකුක්කුච්චං ආපජ්ජති; න අද්දුවෙන අද්දුවං ආරොපෙත්වා නිසීදති; න ච ගොප්ඵකෙන ගොප්ඵකං ආරොපෙත්වා නිසීදති; න ච පාණිනා හනුකං උපදහිත්වා (උපාදියිත්වා (සී. පී.)) නිසීදති. සො අන්තරඝරෙ නිසින්නො සමානො න ඡම්භති න කම්පති න වෙධති න පරිතස්සති. සො අඡම්භී අකම්පී අවෙධී අපරිතස්සී විගතලොමහංසො. විවෙකවත්තො ච සො භවං ගොතමො අන්තරඝරෙ නිසින්නො හොති. සො පත්තොදකං පටිග්ගණ්හන්තො න පත්තං උන්නාමෙති, න පත්තං ඔනාමෙති; න පත්තං සන්නාමෙති, න පත්තං විනාමෙති. සො පත්තොදකං පටිග්ගණ්හාති නාතිථොකං නාතිබහුං. සො න ඛුලුඛුලුකාරකං (බුලුබුලුකාරකං (සී.)) පත්තං ධොවති, න සම්පරිවත්තකං පත්තං ධොවති, න පත්තං භූමියං නික්ඛිපිත්වා හත්ථෙ ධොවති; හත්ථෙසු ධොතෙසු පත්තො ධොතො හොති, පත්තෙ ධොතෙ හත්ථා ධොතා හොන්ති. සො පත්තොදකං ඡඩ්ඩෙති නාතිදූරෙ නාච්චාසන්නෙ, න ච විච්ඡඩ්ඩයමානො. සො ඔදනං පටිග්ගණ්හන්තො න පත්තං උන්නාමෙති, න පත්තං ඔනාමෙති; න පත්තං සන්නාමෙති, න පත්තං විනාමෙති. සො ඔදනං පටිග්ගණ්හාති නාතිථොකං නාතිබහුං. බ්‍යඤ්ජනං ඛො පන භවං ගොතමො බ්‍යඤ්ජනමත්තාය ආහාරෙති, න ච බ්‍යඤ්ජනෙන ආලොපං අතිනාමෙති. ද්වත්තික්ඛත්තුං ඛො භවං ගොතමො මුඛෙ ආලොපං සම්පරිවත්තෙත්වා අජ්ඣොහරති; න චස්ස කාචි ඔදනමිඤ්ජා අසම්භින්නා කායං පවිසති, න චස්ස කාචි ඔදනමිඤ්ජා මුඛෙ අවසිට්ඨා හොති; අථාපරං ආලොපං උපනාමෙති. රසපටිසංවෙදී ඛො පන සො භවං ගොතමො ආහාරං ආහාරෙති, නො ච රසරාගපටිසංවෙදී.
‘‘අට්ඨඞ්ගසමන්නාගතං (අට්ඨඞ්ගසමන්නාගතො (ක.)) ඛො පන සො භවං ගොතමො ආහාරං ආහාරෙති - නෙව දවාය, න මදාය න මණ්ඩනාය න විභූසනාය, යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය, විහිංසූපරතියා බ්‍රහ්මචරියානුග්ගහාය - ‘ඉති පුරාණඤ්ච වෙදනං පටිහඞ්ඛාමි නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි, යාත්‍රා ච මෙ භවිස්සති අනවජ්ජතා ච ඵාසුවිහාරො චා’ති . සො භුත්තාවී පත්තොදකං පටිග්ගණ්හන්තො න පත්තං උන්නාමෙති, න පත්තං ඔනාමෙති; න පත්තං සන්නාමෙති, න පත්තං විනාමෙති. සො පත්තොදකං පටිග්ගණ්හාති නාතිථොකං නාතිබහුං. සො න ඛුලුඛුලුකාරකං පත්තං ධොවති, න සම්පරිවත්තකං පත්තං ධොවති, න පත්තං භූමියං නික්ඛිපිත්වා හත්ථෙ ධොවති; හත්ථෙසු ධොතෙසු පත්තො ධොතො හොති, පත්තෙ ධොතෙ හත්ථා ධොතා හොන්ති. සො පත්තොදකං ඡඩ්ඩෙති නාතිදූරෙ නාච්චාසන්නෙ, න ච විච්ඡඩ්ඩයමානො. සො භුත්තාවී න පත්තං භූමියං නික්ඛිපති නාතිදූරෙ නාච්චාසන්නෙ, න ච අනත්ථිකො පත්තෙන හොති, න ච අතිවෙලානුරක්ඛී පත්තස්මිං. සො භුත්තාවී මුහුත්තං තුණ්හී නිසීදති, න ච අනුමොදනස්ස කාලමතිනාමෙති. සො භුත්තාවී අනුමොදති, න තං භත්තං ගරහති, න අඤ්ඤං භත්තං පටිකඞ්ඛති; අඤ්ඤදත්ථු ධම්මියා කථාය තං පරිසං සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති. සො තං පරිසං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා පක්කමති. සො නාතිසීඝං ගච්ඡති, නාතිසණිකං ගච්ඡති, න ච මුච්චිතුකාමො ගච්ඡති; න ච තස්ස භොතො ගොතමස්ස කායෙ චීවරං අච්චුක්කට්ඨං හොති න ච අච්චොක්කට්ඨං, න ච කායස්මිං අල්ලීනං න ච කායස්මා අපකට්ඨං; න ච තස්ස භොතො ගොතමස්ස කායම්හා වාතො චීවරං අපවහති; න ච තස්ස භොතො ගොතමස්ස කායෙ රජොජල්ලං උපලිම්පති . සො ආරාමගතො නිසීදති පඤ්ඤත්තෙ ආසනෙ. නිසජ්ජ පාදෙ පක්ඛාලෙති; න ච සො භවං ගොතමො පාදමණ්ඩනානුයොගමනුයුත්තො විහරති. සො පාදෙ පක්ඛාලෙත්වා නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො නෙව අත්තබ්‍යාබාධාය චෙතෙති, න පරබ්‍යාබාධාය චෙතෙති, න උභයබ්‍යාබාධාය චෙතෙති; අත්තහිතපරහිතඋභයහිතසබ්බලොකහිතමෙව සො භවං ගොතමො චින්තෙන්තො නිසින්නො හොති. සො ආරාමගතො පරිසති ධම්මං දෙසෙති, න තං පරිසං උස්සාදෙති, න තං පරිසං අපසාදෙති; අඤ්ඤදත්ථු ධම්මියා කථාය තං පරිසං සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති.
‘‘අට්ඨඞ්ගසමන්නාගතො ඛො පනස්ස භොතො ගොතමස්ස මුඛතො ඝොසො නිච්ඡරති - විස්සට්ඨො ච, විඤ්ඤෙය්‍යො ච, මඤ්ජු ච, සවනීයො ච, බින්දු ච, අවිසාරී ච, ගම්භීරො ච, නින්නාදී ච. යථාපරිසං ඛො පන සො භවං ගොතමො සරෙන විඤ්ඤාපෙති, න චස්ස බහිද්ධා පරිසාය ඝොසො නිච්ඡරති. තෙ තෙන භොතා ගොතමෙන ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තෙජිතා සම්පහංසිතා උට්ඨායාසනා පක්කමන්ති අවලොකයමානායෙව (අපලොකයමානායෙව (සී. ක.)) අවිජහිතත්තා (අවිජහන්තාභාවෙන (සී. ස්‍යා. කං. පී.)). අද්දසාම ඛො මයං, භො, තං භවන්තං ගොතමං ගච්ඡන්තං, අද්දසාම ඨිතං, අද්දසාම අන්තරඝරං පවිසන්තං, අද්දසාම අන්තරඝරෙ නිසින්නං තුණ්හීභූතං, අද්දසාම අන්තරඝරෙ භුඤ්ජන්තං, අද්දසාම භුත්තාවිං නිසින්නං තුණ්හීභූතං, අද්දසාම භුත්තාවිං අනුමොදන්තං, අද්දසාම ආරාමං ගච්ඡන්තං, අද්දසාම ආරාමගතං නිසින්නං තුණ්හීභූතං, අද්දසාම ආරාමගතං පරිසති ධම්මං දෙසෙන්තං. එදිසො ච එදිසො ච සො භවං ගොතමො, තතො ච භිය්‍යො’’ති.
387
“ඒ භවත් ගෞතමයන් වහන්සේ යන සේක් දකුණු පසින් පළමුව යන සේක. උන්වහන්සේ ඉතා දුර පාදය නොඔසවනසේක. ඉතා ළඟ පාදය නොතබන සේක. උන්වහන්සේ ඉතා ඉක්මණින් නොවඩිනසේක. ඉතා සෙමින් නොවඩිනසේක. දණහිසින් දණහිස ගටමින් නොවඩින්නාහ. ගොප් ඇටයෙන් ගොප් ඇටය ගටමින් නොවඩින්නාහ. උන්වහන්සේ වඩිනසේක් කලවය උඩට නොනැමෙයි. කලවය පහළට නොනැමෙයි. කලවය දැඩිකොට පය නොතබයි. කලවය එහා මෙහා නොසලවයි. වඩින්නාවූ ඒ භවත් ගෞතමයන් වහන්සේගේ යට කයම සෙලවෙයි, කයින් වෙර ගමනින් නොවඩිත්. ඒ භවත් ගෞතමයන්වහන්සේ වනාහි හැරී බලනසේක් සියලු කයම හරවා බලයි. උන්වහන්සේ උඩ නොබලනසේක. යට නොබලනසේක, වට පිට බලමින් නොවඩිත්. වියදඬු පමණම බලත්. ඉන් එහා උන්වහන්සේගේ කිසිම ආවරණයක් නැති ඤාණයෙන් බැලීම වෙයි. උන්වහන්සේ ගෙයක් තුළට ඇතුල්වන්නේ කය උඩට නොඔසවන සේක, කය පහළට නොනමත්, කය දැඩිකොට නොතබයි. කය එහා මෙහා නොසොළොවයි. උන්වහන්සේ ඉතාදුර ඉතා ළංවද ආසනයට නොයත්.
“අතින් තදකොට ආසනයෙහි නොඉඳිත්. ආසනයෙහි කය නොහෙළත්, උන්වහන්සේ ඇතුළුගෙහි හුන්නේ හස්ත විකාර නොකරත්. පාද විකාර නොකරත්. පයක් පිට පයක් දමා නොහිඳිත්. ගොප් මස්පිට ගොප්මස (බත්කෙන්ඩ) නගා නොඉඳිත්, නිකට අත තබා නොහිඳිත්. උන්වහන්සේ ඇතුළුගෙහි බියවූ ස්වභාවයෙන් නොඉඳිත්. උන්වහන්සේ භය නොවූ කම්පා නොවූ නොසෙල්වෙන තැති නොගෙන පහවූ ලොමුදැහැ ගැනීම් ඇතිව නිවන් ඇසුරු කරන සිත් ඇතිව ඒ භවත් ගෞතමයන් වහන්සේ ඇතුළු ගමෙහි වැඩ හිඳිත්.
“උන්වහන්සේ පාත්‍රයට වතුර පිළිගන්නේ පාත්‍රය උඩට නොඔසවත්. පාත්‍රය පහලට නොනමත්, පාත්‍රය දැඩිකොට නොතබත්. පාත්‍රය එහාමෙහා නොසොළොවයි. උන්වහන්සේ පාත්‍රයට වතුර වැඩියත් නොව අඩුවත් නොව පිළිගන්නා සේක. උන්වහන්සේ “බුලු බුලු” යන ශබ්ද නගිනසේ පාත්‍රය නොසෝදනසේක. පෙරල පෙරලා පාත්‍රය නොසෝදන්නාහ. පාත්‍රය බිම තබා අත් නොසෝදන්නාහ. අත් සේදූ කල්හි පාත්‍රය සෝදන ලද්දේවෙයි. පාත්‍රය සේදූකල්හි අත් සෝදනලද්දේ වෙයි. උන්වහන්සේ පාත්‍ර ජලය ඉතා දුරත් නොව ඉතා ළඟත් නොව දමනසේක. උන්වහන්සේ බත් පිළිගන්නා සේක් පාත්‍රය උඩට නොනමත්. පාත්‍රය පහලට නොනමත්. පාත්‍ර තදකොට නොතබත්. පාත්‍රය එහා මෙහා නොසොළොවත්. උන්වහන්සේ බත් වැඩිත් නොව අඩුත් නොව පිළිගන්නා සේක.
“ඒ භවත් ගෞතමයන් වහන්සේ බතින් හතරෙන් කොටසක් පමණ ව්‍යඤ්ජන පිළිගන්නා සේක. බත් ආලොපය ව්‍යඤ්ජනයෙන්ම වැඩිමනත් නොකරන්නාහ. ඒ භවත් ගෞතමයන් වහන්සේ මුඛයෙහි බත් පිඩු දෙතුන් වරක් පෙරළා වළඳනසේක. උන්වහන්සේගේ කිසි බත් උලක් නොබිඳී කයට නොපැමිණෙයි. උන්වහන්සේගේ මුඛයෙහි කිසි බත් උලක් ඉතුරු නොවෙයි. ඉක්බිති නැවතද බත් පිඩක් මුඛයට පමුණුවයි. ඒ භවත් ගෞතමයන් වහන්සේ රසය දැන ගනිත්. ආහාර වළදනසේක. රස තෘෂ්ණාවෙන් රස විඳිමින් නොවළඳනසේක, ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි අංගඅටකින් යුක්තවූ ආහාරය වළඳනසේක. මල්ලවපොර බැදීම පිණිස, මද වැඩීම පිණිස, ශරීරයේ අඩු තැන් පිරවීම පිණිස, අලංකාරය පිණිස නොවළඳනසේක. යම්තාක් මේ ශරීරයාගේ පැවැත්ම පිණිස යැපීම පිණිස දුක් නැතිකරගැනීම පිණිස බ්‍රහ්මචර්යාවට අනුග්‍රහ පිණිස වළඳන සේක. මෙසේ පුරාණ වේදනා නසමි. අලුත් වේදනා නූපදවන්නෙමි මාගේ ජීවිත යාත්‍රාවද වන්නේය. වරද නැති බවද, පහසු විහරණයද, වන්නේය’ යන අදහසින් වළඳන සේක. උන්වහන්සේ වළඳා අවසන්ව පාත්‍රයට වතුර පිළිගන්නා සේක් පාත්‍රය උඩට නොනමනසේක. පාත්‍රය පහලට නොනමනසේක. පාත්‍රය නොඔබන සේක. පාත්‍රය එහා මෙහා නොසොළොවත්. උන්වහන්සේ පාත්‍රජලය ඉතා වැඩිත් නොව අඩුත් නොව පිළිගන්නාසේක. උන්වහන්සේ “බුලු බුලු” යන ශබ්ද නගනසේ පාත්‍රය නොසෝදන සේක. පෙරළ පෙරළා පාත්‍රය නොසෝදන සේක.
“පාත්‍රය බිම දමා අත නොසෝදන්නාහ. අත සේදූ කල්හි පාත්‍රය සෝදනලද්දේ වෙයි. පාත්‍රය සේදූ කල්හි අත සෝදන ලද්දේ වෙයි. උන්වහන්සේ පාත්‍ර ජලය ඉතා දුරද ඉතා ළඟද නොදමන්නාහ. උන්වහන්සේ වළඳා අවසන්ව පාත්‍රය ඉතා දුරද, ඉතා ළඟද, බිම නොතබනසේක. පාත්‍රයෙහි බලාපොරොත්තුව අත්හරින්නේද නොවෙත්. සීමාව ඉක්මවා රක්නේද නොවෙත්. උන්වහන්සේ වළඳා අවසන්වී මොහොතක් නිශ්ශබ්දව හිඳිනසේක. අනුමෝදනාවට කාලය නොඉක්මවනසේක. උන්වහන්සේ වළඳා අවසානව අනුමෝදනා කරන සේක. ඒ බතට නින්දා නොකරනසේක, අන් බතක් බලාපොරොත්තු නොවනසේක. ධර්ම කථාවෙන්ම ඒ පිරිසට දක්වයි. කුශල ධර්මයෙහි සමාදන් කරවයි. උත්සාහවත් කරවයි, සතුටු කරවයි. උන්වහන්සේ ඒ පිරිසට ධර්ම කථාවක් දක්වා, කුසල ධර්මයන්හි සමාදන් කරවා උත්සාහවත් කරවා සතුටු කරවා, හුනස්නෙන් නැගිට වඩින සේක.
“උන්වහන්සේ ඉතා ඉක්මනින්ද නොවඩිනසේක. ඉතා සෙමින්ද නොවඩිත්. පිරිසෙන් වෙන්ව නොවඩිත්. ඒ භවත් ගෞතමයන් වහන්සේගේ කයෙහි සිවුර හනුඇටයෙන් උඩට පොරවා උදරය පෙනෙනසේ නොවඩියි. එක් උරයක් පොරවා තනය පෙනෙනසේ නොවඩියි. කයෙහි සිවුර දහඩියෙන් ඇලෙනසේ තදකොටද නොවඩිනසේක. සිවුර කයින් වූයේද නොවේ. ඒ භවත් ගෞතමයන්ගේ කයින් සිවුර වාතයෙන් ඉවතට නොයවයි. ඒ භවත් ගෞතමයන්ගේ කයෙහි රජස්දැලි නොගැල්වෙයි. උන්වහන්සේ ආරාමයට වැඩියේ පැනවූ අස්නෙහි වැඩ හිඳිනසේක. හිඳ පාදයන් සෝදන්නාහ. ඒ භවත් ගෞතමයන් වහන්සේ පාදයන් සැරසීමෙහි නොයෙදෙන සේක. උන්වහන්සේ පාදයන් සෝදා පර්යංක බැඳ කය කෙලින් තබා සිහිය එළවාගෙන වැඩ හිඳිනසේක. උන්වහන්සේ තමාහට විනාශය පිණිස අනුන්පෙළන්නේ විනාශය පිණිස නොසිතන සේක. දෙදෙනාගේම විනාශය පිණිස නොසිතන සේක. තමාට හිතවූවක් අනුන්ට හිතවූවක් දෙදෙනාටම හිතවූවක් සියලු ලෝකයටම හිතවූවක් ඒ භවත් ගෞතමයන් වහන්සේ සිතමින් වැඩහිඳින සේක. උන්වහන්සේ ආරාමයට වැඩියේ පිරිසට ධර්මය දේශනා කරනසේක. ඒ පිරිස උසස් තන්හිලා කථා නොකරන සේක. ඒ පිරිස පහත් තන්හිලා කථා නොකරනසේක. ධර්ම කථාවෙන්ම ඒ පිරිස දක්වත්. කුසල් දහම් සමාදන් කරවත්. උත්සාහවත් කරවත්. සතුටුකරවත් පැහැදිලිවද, දැනීමෙහි පොහොසත් බවද, මිහිරි බවද, කනට සුව බවද, විහිදී නොයනබවද, නොවිසිරෙන බවද, ගැඹුරු බවද, බොහෝ නාද ඇති බවද යන අංග අටන් යුක්තවූ ඝොෂයක් ඒ භවත් ගෞතමයන් වහන්සේගේ මුවින් පිටවෙයි. පිරිසේ පමණට ශබ්ද නගන ස්වරයන්වූ සේක. උන්වහන්සේගේ ඝොෂය පිරිසෙන් පිටතටද නොයයි. ඒ භවත් ගෞතමයන් විසින් ධර්මකථාවෙන් දක්වන ලද්දාවූ කුසල් දහම්හි සමාදන් කරවන ලද්දාවූ, උත්සාහවත් කරවන ලද්දාවූ සතුටු කරවන ලද්දාවූ, ඔව්හු උන්වහන්සේ හැරයාමට නොකැමැත්තෙන් හුනස්නෙන් නැගිට ‘පින්වත්නි, වඩින්නාවූ ඒ භවත් ගෞතමයන් වහන්සේ අපි බලන්නෙමු. සිටියාවූ උන්වහන්සේ බලන්නෙමු. ඇතුළුගමට වඩින්නාවූ උන්වහන්සේ දුටුවෙමු. ඇතුළුගෙහි තුෂ්ණිම්භූතව වැඩ උන්නාවූ උන්වහන්සේ දුටුවෙමු. වළඳා අවසන්වී අනුමෝදන් කරන්නාවූ උන්වහන්සේ දුටුවෙමු. ආරාමයට වඩින්නාවූ, උන්වහන්සේ දුටුවෙමු. ආරාමයට ඇතුල්ව නිශ්ශබ්දව වැඩඋන්නාවූ, උන්වහන්සේ දුටුවෙමු. ආරාමයට පැමිණි පිරිසට දම්දෙසන්නාවූ උන්වහන්සේ දුටුවෙමු. ඒ භවත් ගෞතමයන් වහන්සේ මෙබඳුය. මෙබඳුය, මෙයටත් වඩා අධික ගුණ ඇතිසේකැයි ගුණ කියමින් යන්නාහ.”
388
එවං වුත්තෙ, බ්‍රහ්මායු බ්‍රාහ්මණො උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා තික්ඛත්තුං උදානං උදානෙති -
‘‘නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස.
‘‘නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස.
‘‘නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්සා’’ති.
‘‘අප්පෙව නාම මයං කදාචි කරහචි තෙන භොතා ගොතමෙන සමාගච්ඡෙය්‍යාම? අප්පෙව නාම සියා කොචිදෙව කථාසල්ලාපො’’ති!
388
“මෙසේ කී කල්හි බ්‍රහ්මායු බ්‍රාහ්මණතෙමේ හුනස්නෙන් නැගිට උතුරුසළුව එක් අංශයෙක්හි කොට භාග්‍යවතුන් වහන්සේ යම් දිශාවකද, ඒ දිශාවට ඇඳිලි බැඳ වැඳ “ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා. ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.” තුන් වරක් ප්‍රීතිවාක්‍ය ප්‍රකාශ කෙළේය. අපි ඒ භවත් ගෞතමයන් වහන්සේ සමග කිසිකලෙක එක්වන්නෙමු නම්, ඉතා යෙහෙක. කිසියම් කථා සල්ලාපයක් වන්නේ නම්, ඉතා යෙහෙක” කියායි.
389
අථ ඛො භගවා විදෙහෙසු අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන මිථිලා තදවසරි. තත්‍ර සුදං භගවා මිථිලායං විහරති මඝදෙවම්බවනෙ. අස්සොසුං ඛො මිථිලෙය්‍යකා (මෙථිලෙය්‍යකා (සී. පී.)) බ්‍රාහ්මණගහපතිකා - ‘‘සමණො ඛලු, භො, ගොතමො සක්‍යපුත්තො සක්‍යකුලා පබ්බජිතො විදෙහෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි මිථිලං අනුප්පත්තො, මිථිලායං විහරති මඝදෙවම්බවනෙ. තං ඛො පන භවන්තං ගොතමං එවං කල්‍යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො - ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්‍රහ්මකං සස්සමණබ්‍රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති . සො ධම්මං දෙසෙති ආදිකල්‍යාණං මජ්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්ථං සබ්‍යඤ්ජනං, කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසෙති. සාධු ඛො පන තථාරූපානං අරහතං දස්සනං හොතී’’’ති.
අථ ඛො මිථිලෙය්‍යකා බ්‍රාහ්මණගහපතිකා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා අප්පෙකච්චෙ භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු; අප්පෙකච්චෙ භගවතා සද්ධිං සම්මොදිංසු, සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු; අප්පෙකච්චෙ යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා එකමන්තං නිසීදිංසු; අප්පෙකච්චෙ භගවතො සන්තිකෙ නාමගොත්තං සාවෙත්වා එකමන්තං නිසීදිංසු; අප්පෙකච්චෙ තුණ්හීභූතා එකමන්තං නිසීදිංසු.
389
එකල්හි භාග්‍යවතුන් වහන්සේ වේදෙහ ජනපදයන්හි පිළිවෙලින් වඩනා සේක් මියුලු නුවර යම් තැනකද, එහි පැමිණියහ. එකල භාග්‍යවතුන් වහන්සේ මියුලු නුවර මඛාදෙව නම් අඹ උයනෙහි වාසය කරණ සේක.
“ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදිවූ ශාක්‍යපුත්‍රවූ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ වෙදෙහ ජනපදයෙහි චාරිකාවෙහි වඩින්නේ පන්සියයක් මහත් භික්ෂු සංඝයා සමග මියුලු නුවරට පැමිණ, මියුලු නුවරෙහි මඛාදෙව නම් අඹ උයනෙහි වාසය කරන සේකැයි” මියුලු නුවරෙහි මඛාදෙව නම් අඹ උයනෙහි වාසය කරන සේකැයි” මියුලු නුවරවාසී බ්‍රාහ්මණ ගෘහපතියෝ ඒ භවත් ගෞතමයන් වහන්සේ පිළිබඳ වනාහි “ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙනුදු අර්හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විජ්ජාචරණ සම්පන්නයහ, සුගතයහ, ලොකවිදූහ, අනුත්තරයහ, පුරිසදම්ම සාරථියහ, දෙවි මිනිසුන්ට ශාස්තෘහ, බුද්ධයහ, භාග්‍යවත්හ, උන්වහන්සේ දෙවියන් සහිතවූ මරුන් සහිතවූ, බඹුන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, රජුන් හා මිනිසුන් සහිතවූ, සත්ව වර්ගයා ඇතුළු සියලු ලෝකය තමන් වහන්සේම මනාව පැහැදිලිකොට දැන ප්‍රකාශ කරණ සේක. උන්වහන්සේ මුල මැද අග යන තුන් තන්හි යහපත්වූ, අර්ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, සම්පූර්ණවූ, පිරිසිදුවූ, බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරණ සේක. එබඳුවූ රහතුන්ගේ දැකීමක් වේ නම් එය යහපත්මැයි කියායි”. ඉක්බිති මියුලු නුවර වැසි බ්‍රාහ්මණ ගෘහපතියෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට ගියහ. ගොස් සමහරු භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හුන්හ. සමහරු භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවූහ. සතුටුවිය යුතුවූ, සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක් පසෙක හුන්හ. සමහරු භාග්‍යවතුන් වහන්සේ යම් දෙසකද එදෙසට ඇඳිලි බැඳ වැඳ එකත්පසෙක හුන්හ. සමහරු භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි තමන්ගේ නාම ගොත්‍ර කියා එක් පසෙක උන්හ. සමහරු නිශ්ශබ්දවම එක් පසෙක උන්හ.
390
අස්සොසි ඛො බ්‍රහ්මායු බ්‍රාහ්මණො - ‘‘සමණො ඛලු, භො, ගොතමො සක්‍යපුත්තො සක්‍යකුලා පබ්බජිතො මිථිලං අනුප්පත්තො, මිථිලායං විහරති මඝදෙවම්බවනෙ’’ති. අථ ඛො බ්‍රහ්මායු බ්‍රාහ්මණො සම්බහුලෙහි සාවකෙහි සද්ධිං යෙන මඝදෙවම්බවනං තෙනුපසඞ්කමි. අථ ඛො බ්‍රහ්මායුනො බ්‍රාහ්මණස්ස අවිදූරෙ අම්බවනස්ස එතදහොසි - ‘‘න ඛො මෙතං පතිරූපං යොහං පුබ්බෙ අප්පටිසංවිදිතො සමණං ගොතමං දස්සනාය උපසඞ්කමෙය්‍ය’’න්ති. අථ ඛො බ්‍රහ්මායු බ්‍රාහ්මණො අඤ්ඤතරං මාණවකං ආමන්තෙසි - ‘‘එහි ත්වං, මාණවක, යෙන සමණො ගොතමො තෙනුපසඞ්කම; උපසඞ්කමිත්වා මම වචනෙන සමණං ගොතමං අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ - ‘බ්‍රහ්මායු, භො ගොතම, බ්‍රාහ්මණො භවන්තං ගොතමං අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡතී’ති. එවඤ්ච වදෙහි - ‘බ්‍රහ්මායු, භො ගොතම, බ්‍රාහ්මණො ජිණ්ණො වුඩ්ඪො මහල්ලකො අද්ධගතො වයොඅනුප්පත්තො, වීසවස්සසතිකො ජාතියා, තිණ්ණං වෙදානං පාරගූ සනිඝණ්ඩුකෙටුභානං සාක්ඛරප්පභෙදානං ඉතිහාසපඤ්චමානං, පදකො, වෙය්‍යාකරණො, ලොකායතමහාපුරිසලක්ඛණෙසු අනවයො. යාවතා, භො, බ්‍රාහ්මණගහපතිකා මිථිලායං පටිවසන්ති, බ්‍රහ්මායු තෙසං බ්‍රාහ්මණො අග්ගමක්ඛායති - යදිදං භොගෙහි; බ්‍රහ්මායු තෙසං බ්‍රාහ්මණො අග්ගමක්ඛායති - යදිදං මන්තෙහි; බ්‍රහ්මායු තෙසං බ්‍රාහ්මණො අග්ගමක්ඛායති - යදිදං ආයුනා චෙව යසසා ච. සො භොතො ගොතමස්ස දස්සනකාමො’’’ති.
‘‘එවං , භො’’ති ඛො සො මාණවකො බ්‍රහ්මායුස්ස බ්‍රාහ්මණස්ස පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො සො මාණවකො භගවන්තං එතදවොච - ‘‘බ්‍රහ්මායු, භො ගොතම, බ්‍රාහ්මණො භවන්තං ගොතමං අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡති; එවඤ්ච වදෙති - ‘බ්‍රහ්මායු, භො ගොතම, බ්‍රාහ්මණො ජිණ්ණො වුඩ්ඪො මහල්ලකො අද්ධගතො වයොඅනුප්පත්තො, වීසවස්සසතිකො ජාතියා, තිණ්ණං වෙදානං පාරගූ සනිඝණ්ඩුකෙටුභානං සාක්ඛරප්පභෙදානං ඉතිහාසපඤ්චමානං, පදකො, වෙය්‍යාකරණො, ලොකායතමහාපුරිසලක්ඛණෙසු අනවයො. යාවතා, භො, බ්‍රාහ්මණගහපතිකා මිථිලායං පටිවසන්ති, බ්‍රහ්මායු තෙසං බ්‍රාහ්මණො අග්ගමක්ඛායති - යදිදං භොගෙහි; බ්‍රහ්මායු තෙසං බ්‍රාහ්මණො අග්ගමක්ඛායති - යදිදං මන්තෙහි; බ්‍රහ්මායු තෙසං බ්‍රාහ්මණො අග්ගමක්ඛායති - යදිදං ආයුනා චෙව යසසා ච. සො භොතො ගොතමස්ස දස්සනකාමො’’’ති. ‘‘යස්සදානි, මාණව, බ්‍රහ්මායු බ්‍රාහ්මණො කාලං මඤ්ඤතී’’ති. අථ ඛො සො මාණවකො යෙන බ්‍රහ්මායු බ්‍රාහ්මණො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා බ්‍රහ්මායුං බ්‍රාහ්මණං එතදවොච - ‘‘කතාවකාසො ඛොම්හි භවතා සමණෙන ගොතමෙන. යස්සදානි භවං කාලං මඤ්ඤතී’’ති.
390
ශාක්‍යකුලයෙන් නික්ම පැවිදිව ශාක්‍යපුත්‍රවූ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මියුලු නුවරට පැමිණ මියුලු නුවර මඛාදෙව අඹ උයනෙහි වැඩවාසය කරතියි’ බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ ඇසීය. එකල්හි බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ බොහෝ තරුණයන් සමග මඛාදෙව අඹ වනය යම් තැනකද, එතැනට පැමිණියේය. ඉක්බිති අඹ උයනට සමීපයේදී බ්‍රහ්මායු බ්‍රාහ්මණයාට මෙබඳු සිතක් විය.
“ඒ මම පළමුකොට නොදන්වා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දැකීමට යන්නෙම් නම් මෙය මට නුසුදුසුයයි, සිතීය. අනතුරුව බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ එක් තරුණයෙකුට කථාකෙළේය. “තරුණය, නුඹ එව. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යම් තැනෙකද, එහි යව. ගොස් මගේ වචනයෙන් ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ආබාධ නැති බව, සැහැල්ලු නැති බව, ශරීර බලය, පහසු විහරණ ඇති බව විමසව්”. භවත් ගෞතමයන් වහන්ස, බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ භවත්ගෞතමයන් වහන්සේට ආබාධ නැති බව, ශරීරයේ සැහැල්ලු බව, ශරීර බලය, සැපවිහරණ ඇති බව අසයි, කියාය. තවද බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ ජරාවට පැමිණියෙක, මහලුය වයසට පැමිණියෙක, එක්සියවිසි වයස් ඇත්තෙක, හෙතෙම භවත් ගෞතමයන් වහන්සේ දැකීමට කැමැත්තේයයිද කියව”.
“එසේය ස්වාමීනියි” ඒ තරුණයා බ්‍රහ්මායු බ්‍රාහ්මණයාට උත්තර දී භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටුවිය යුතුවූ සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක් පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ තරුණයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “භවත් ගෞතමයන් වහන්ස, බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ භවත් ගෞතමයන් වහන්සේගේ ආබාධ නැති බව, ශරීරයේ සැහැල්ලු බව, ශරීර බලය, සැපවිහරණය අසයි”. “භවත් ගෞතමයන් වහන්ස, බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ ජරාවට පැමිණියෙක, වෘද්ධය, මහලුය, අර්ධගතය, වයසට පැමිණියේය, උත්පත්තියෙන් අවුරුදු එක්සියවිස්සක් ආයුෂ විය. නාම නිඝණ්ඩු ක්‍රියාකල්ප විකල්ප ශික්ෂානිරුක්ති යන ප්‍රභෙදයන් ඇති, ඉතිහාසය පස්වෙනි කොට වෙදත්‍රයයේ කෙළවරට ගියේය. පද හා ව්‍යාකරණ හදාරන ලද්දේය. ලොකායත ශාස්ත්‍රයෙහිද මහාපුරිස ලක්ෂණයන්හිද සම්පූර්ණය.
“ස්වාමීනි, මිථිලාවෙහි යම් පමණ බ්‍රාහ්මණ ගෘහපතියෝ වාසය කරත්ද, ඔවුනතුරෙන් බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ වස්තුවෙන්ද අග්‍රය, ඔවුනතුරෙන් බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ මන්ත්‍රයෙන්ද අග්‍රය, ඔවුනතුරෙන් බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ වයසින් හා යසසින් ද අග්‍රය, හෙතෙම භවත් ගෞතමයන් වහන්සේ දැකීම කැමැත්තෙන් සිටීයයි” කීය. “මානවකය, දැන් බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ ඊට කාලය දන්නේයයි” වදාළේය. එකල්හි ඒ මානවකයා බ්‍රහ්මායු බ්‍රාහ්මණයා යම් තැනෙකද, එතැනට ගියේය. ගොස් බ්‍රහ්මායු බ්‍රාහ්මණයාට ‘භවත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් කරණ ලද අවකාශ ඇත්තේය. දැන් පින්වතුන් වහන්සේ කල් දන්නේයයි” කීය.
391
අථ ඛො බ්‍රහ්මායු බ්‍රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. අද්දසා ඛො සා පරිසා බ්‍රහ්මායුං බ්‍රාහ්මණං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන ඔරමිය (ඔරමත්ථ (ස්‍යා. කං. පී.), ඔරමථ, ඔරමති (ක.), අථ නං (සී.), ඔරමියාති පන ත්වාපච්චයන්තතථසංවණ්ණනානුරූපං විසොධිතපදං) ඔකාසමකාසි යථා තං ඤාතස්ස යසස්සිනො. අථ ඛො බ්‍රහ්මායු බ්‍රාහ්මණො තං පරිසං එතදවොච - ‘‘අලං, භො! නිසීදථ තුම්හෙ සකෙ ආසනෙ. ඉධාහං සමණස්ස ගොතමස්ස සන්තිකෙ නිසීදිස්සාමී’’ති.
අථ ඛො බ්‍රහ්මායු බ්‍රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො බ්‍රහ්මායු බ්‍රාහ්මණො භගවතො කායෙ ද්වත්තිංසමහාපුරිසලක්ඛණානි සමන්නෙසි. අද්දසා ඛො බ්‍රහ්මායු බ්‍රාහ්මණො භගවතො කායෙ ද්වත්තිංසමහාපුරිසලක්ඛණානි, යෙභුය්‍යෙන ඨපෙත්වා ද්වෙ. ද්වීසු මහාපුරිසලක්ඛණෙසු කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති - කොසොහිතෙ ච වත්ථගුය්හෙ, පහූතජිව්හතාය ච. අථ ඛො බ්‍රහ්මායු බ්‍රාහ්මණො භගවන්තං ගාථාහි අජ්ඣභාසි -
‘‘යෙ මෙ ද්වත්තිංසාති සුතා, මහාපුරිසලක්ඛණා;
දුවෙ තෙසං න පස්සාමි, භොතො කායස්මිං ගොතම.
‘‘කච්චි කොසොහිතං භොතො, වත්ථගුය්හං නරුත්තම;
නාරීසමානසව්හයා, කච්චි ජිව්හා න දස්සකා (නාරීසහනාම සව්හයා, කච්චි ජිව්හා නරස්සිකා; (සී. ස්‍යා. කං. පී.)).
‘‘කච්චි පහූතජිව්හොසි, යථා තං ජානියාමසෙ;
නින්නාමයෙතං පහූතං, කඞ්ඛං විනය නො ඉසෙ.
‘‘දිට්ඨධම්මහිතත්ථාය, සම්පරායසුඛාය ච;
කතාවකාසා පුච්ඡාම, යං කිඤ්චි අභිපත්ථිත’’න්ති.
391
ඉක්බිති බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට ගියේය. ඒ මියුලු නුවරවාසී ශ්‍රමණ ගෘහපති පිරිස එන්නාවූ බ්‍රහ්මායු බ්‍රාහ්මණයා දුරදීම දුටුවාහුය. දුටු කෙණෙහි ප්‍රසිද්ධවූ කීර්ති ඇති ඔහුට අවකාශ දුන්නේය. අනතුරුව බ්‍රහ්මායු බ්‍රාහ්මණයා ඒ පිරිසට මෙසේ කීය. “පින්වත කම් නැත. තොපි සිය අසුන්හි හිඳිව්. මම මෙහි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සමීපයෙහි හිඳගන්නෙමියි” කීය. ඉක්බිති බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටුවිය යුතුවූ සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ බ්‍රහ්මායු බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේගේ කායයෙහි දෙතිස්මහාපුරිස් ලකුණු පරීක්ෂා කෙළේය. බ්‍රහ්මායු බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙහි ලකුණු දෙකක් හැර බොහෝසෙයින් දෙතිස්මහා පුරුෂ ලක්ෂණ දුටුවේය. කොසොහිත වත්ථගුය්හතා ලක්ෂණය හා පහූතජිව්හතා ලක්ෂණය යන ලක්ෂණ දෙකෙහි සැක කරයි. සැකයෙන් නොමිදෙයි. නොපැහැදෙයි. එකල්හි බ්‍රහ්මායු බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට ගාථාවන්ගෙන් මෙසේ කීය.
“ගෞතමයන් වහන්ස, මා විසින් පින්වතුන් වහන්සේගේ ශරීරයෙහි යම්බඳු දෙතිස්මහාපුරිස් ලකුණු අසන ලද්දේද ඔවුන් අතුරෙන් දෙකක් නොදකිමි.
“නරොත්තමයන් වහන්ස, පින්වතුන් වහන්සේගේ වස්ත්‍රයෙන් වැසිය යුතුවූ කොසොහිත ලක්ෂණය කිමෙක්ද? ස්ත්‍රීලිංග නාමයකින් කියවෙන පහූතජිව්හතා ලක්ෂණය කිමෙක්ද?
“කිමෙක්ද? පහූතජිව්හතා ලක්ෂණය ඇත්තෙහිද? එය යම් ආකාරයකින් දැනගනිමුද? ඒ ආකාරයෙන් නිකුත් කොට දක්වනු මැනවි”. ඍෂීන් වහන්ස, අපගේ මේ සැකය දුරුකළ මැනව.
“යමක් දැනගැනීමට කැමතිවන ලද්දේද, එය කරන ලද අවකාශ ඇතිව මෙලොව යහපත පිණිසද, පරලොව යහපත පිණිසද අසමු.”
392
අථ ඛො භගවතො එතදහොසි - ‘‘පස්සති ඛො මෙ අයං බ්‍රහ්මායු බ්‍රාහ්මණො ද්වත්තිංසමහාපුරිසලක්ඛණානි, යෙභුය්‍යෙන ඨපෙත්වා ද්වෙ. ද්වීසු මහාපුරිසලක්ඛණෙසු කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති - කොසොහිතෙ ච වත්ථගුය්හෙ, පහූතජිව්හතාය චා’’ති . අථ ඛො භගවා තථාරූපං ඉද්ධාභිසඞ්ඛාරං අභිසඞ්ඛාසි යථා අද්දස බ්‍රහ්මායු බ්‍රාහ්මණො භගවතො කොසොහිතං වත්ථගුය්හං. අථ ඛො භගවා ජිව්හං නින්නාමෙත්වා උභොපි කණ්ණසොතානි අනුමසි පටිමසි; උභොපි නාසිකසොතානි අනුමසි පටිමසි; කෙවලම්පි නලාටමණ්ඩලං ජිව්හාය ඡාදෙසි. අථ ඛො භගවා බ්‍රහ්මායුං බ්‍රාහ්මණං ගාථාහි පච්චභාසි -
‘‘යෙ තෙ ද්වත්තිංසාති සුතා, මහාපුරිසලක්ඛණා;
සබ්බෙ තෙ මම කායස්මිං, මා තෙ (මා වො (ක.)) කඞ්ඛාහු බ්‍රාහ්මණ.
‘‘අභිඤ්ඤෙය්‍යං අභිඤ්ඤාතං, භාවෙතබ්බඤ්ච භාවිතං;
පහාතබ්බං පහීනං මෙ, තස්මා බුද්ධොස්මි බ්‍රාහ්මණ.
‘‘දිට්ඨධම්මහිතත්ථාය , සම්පරායසුඛාය ච;
කතාවකාසො පුච්ඡස්සු, යං කිඤ්චි අභිපත්ථිත’’න්ති.
392
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට ‘මේ බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ මාගේ ලක්ෂණය දෙකක් හැර බොහෝසෙයින් දෙතිස්මහාපුරිස් ලකුණු දකියි. කොසොහිත වත්ථගුය්හ ලක්ෂණය හා පහූතජිව්හතා ලක්ෂණය යන දෙකෙහි සැකකරයි. සැකයෙන් නොමිදෙයි. නොපැහැදෙයි’ යන අදහස පහළවිය. අනතුරුව භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ කොසොහිතවත්ථගුය්හ ලක්ෂණ යම්සේ දකීද, එබඳුවූ ඍද්ධියක් පෑහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දිව බැහැර කොට දෙකන් සිදුරු පිරිමැදිසේක. දෙ නාසා සිදුරු මැදි සේක. මුළු නලල්තලය වැසූසේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මායු බමුණාට ගාථාවන් දේශනා කළ සේක.
“බ්‍රාහ්මණය, (තා විසින්) යම් ඒ දෙතිස්මහාපුරුෂ ලකුණු අසන ලද්දේද, ඒ සියලු ලක්ෂණ මාගේ ශරීරයෙහි ඇත්තේය. තොපි සැක නොකරව්.
“දතයුතු සියල්ල දැනගන්නා ලදී. වැඩිය යුතු සියල්ලද වඩන ලදී. මා විසින් පහකළ යුත්ත පහකරනලදී. බ්‍රාහ්මණය, එහෙයින් මම බුද්ධ නම් වෙමි.
“යමක් දැනගැනීමට කැමැත්තේ නම් එය මෙලොව යහපත පිණිසද පරලොව යහපත පිණිසද, කරනලද අවකාශ ඇත්තේ අසව.
393
අථ ඛො බ්‍රහ්මායුස්ස බ්‍රාහ්මණස්ස එතදහොසි - ‘‘කතාවකාසො ඛොම්හි සමණෙන ගොතමෙන. කිං නු ඛො අහං සමණං ගොතමං පුච්ඡෙය්‍යං - ‘දිට්ඨධම්මිකං වා අත්ථං සම්පරායිකං වා’’’ති. අථ ඛො බ්‍රහ්මායුස්ස බ්‍රාහ්මණස්ස එතදහොසි - ‘‘කුසලො ඛො අහං දිට්ඨධම්මිකානං අත්ථානං. අඤ්ඤෙපි මං දිට්ඨධම්මිකං අත්ථං පුච්ඡන්ති. යංනූනාහං සමණං ගොතමං සම්පරායිකංයෙව අත්ථං පුච්ඡෙය්‍ය’’න්ති. අථ ඛො බ්‍රහ්මායු බ්‍රාහ්මණො භගවන්තං ගාථාහි අජ්ඣභාසි -
‘‘කථං ඛො බ්‍රාහ්මණො හොති, කථං භවති වෙදගූ;
තෙවිජ්ජො භො කථං හොති, සොත්ථියො කින්ති වුච්චති.
‘‘අරහං භො කථං හොති, කථං භවති කෙවලී;
මුනි ච භො කථං හොති, බුද්ධො කින්ති පවුච්චතී’’ති.
393
ඉක්බිති බ්‍රහ්මායු බ්‍රාහ්මණයාට ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් කරනලද අවකාශ ඇත්තේ වෙමි. ‘මම මෙලොව අර්ථය පිණිස හෝ පරලොව අර්ථය පිණිස හෝ කුමක් ශ්‍රමණ ගෞතමයන් වහන්සේගෙන් විචාරන්නෙම්දැයි, සිතක් පහළ විය. ඉක්බිති බ්‍රහ්මායු බමුණාට මෙබඳු සිතක් පහළ විය. ‘මම වනාහි මෙලොව අර්ථයන්හි දක්ෂයෙක්මි. අන්‍යයෝද, මා අතින් මෙලොව අර්ථයන් අසත්. මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අතින් පරලොව අර්ථයම අසන්නෙම් නම් යෙහෙකි’. කියායි අනතුරුව බ්‍රහ්මායු බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට ගාථාවන්ගෙන් මෙසේ කීයේය.
“ස්වාමීනි, කෙසේ නම් බ්‍රාහ්මණයෙක් වන්නේද, කෙසේ නම් වෙදයෙහි පරතෙරට ගියෙක් වන්නේද, ස්වාමීනි, කෙසේ නම් ත්‍රිවිද්‍යා ඇත්තෙක් වන්නේද, පිරිසිදුවීම කුමක්යයි කියනු ලැබේද?
“ස්වාමීනි, කෙසේ නම් රහත් වූවෙක් වන්නේද, කෙසේ නම් සම්පූර්ණවූ බ්‍රහ්මචර්යාව ඇත්තෙක් වන්නේද, ස්වාමීනි, කෙසේ නම් මුනි නම් වූවෙක් වන්නේද, කවරෙක් බුද්ධයයි කියනු ලැබේද?”
394
අථ ඛො භගවා බ්‍රහ්මායුං බ්‍රාහ්මණං ගාථාහි පච්චභාසි -
‘‘පුබ්බෙනිවාසං යො වෙදි, සග්ගාපායඤ්ච පස්සති;
අථො ජාතික්ඛයං පත්තො, අභිඤ්ඤා වොසිතො මුනි.
‘‘චිත්තං විසුද්ධං ජානාති, මුත්තං රාගෙහි සබ්බසො;
පහීනජාතිමරණො, බ්‍රහ්මචරියස්ස කෙවලී;
පාරගූ සබ්බධම්මානං, බුද්ධො තාදී පවුච්චතී’’ති.
එවං වුත්තෙ, බ්‍රහ්මායු බ්‍රාහ්මණො උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා භගවතො පාදෙසු සිරසා නිපතිත්වා භගවතො පාදානි මුඛෙන ච පරිචුම්බති, පාණීහි ච පරිසම්බාහති, නාමඤ්ච සාවෙති - ‘‘බ්‍රහ්මායු අහං, භො ගොතම, බ්‍රාහ්මණො; බ්‍රහ්මායු අහං, භො ගොතම, බ්‍රාහ්මණො’’ති. අථ ඛො සා පරිසා අච්ඡරියබ්භුතචිත්තජාතා අහොසි - ‘‘අච්ඡරියං වත, භො, අබ්භුතං වත, භො! යත්‍ර හි නාමායං බ්‍රහ්මායු බ්‍රාහ්මණො ඤාතො යසස්සී එවරූපං පරමනිපච්චකාරං කරිස්සතී’’ති. අථ ඛො භගවා බ්‍රහ්මායුං බ්‍රාහ්මණං එතදවොච - ‘‘අලං, බ්‍රාහ්මණ, උට්ඨහ නිසීද ත්වං සකෙ ආසනෙ යතො තෙ මයි චිත්තං පසන්න’’න්ති. අථ ඛො බ්‍රහ්මායු බ්‍රාහ්මණො උට්ඨහිත්වා සකෙ ආසනෙ නිසීදි.
394
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මායු බමුණාට ගාථාවන් කීය.
“යමෙක් පෙර විසූ භව පිළිබඳ දනීද, ස්වර්ගය හා අපාය දනීද, ඉක්බිති ඉපදීම කෙළවර කිරීමට පැමිණියේද, අවබෝධ කොට කෙළවරට පැමිණියේද, අර්හත් මාර්ග ඥාන මුනි භාවයෙන් යුක්තවේද,
“සියලු ආකාරයෙන් රාගයෙන් මිදුනු පිරිසිදු සිත දනීද, ප්‍රහීනකළ ජාති ජරා මරණ ඇති, සම්පූර්ණ සතරමාර්ග බ්‍රහ්මචර්යා ඇති, සියලු ධර්මයන්ගේ කෙළවරට පැමිණි එබඳුවූ පුද්ගල තෙමේ බුද්ධයයි කියනු ලැබේ.
මෙසේ වදාළ කල්හි බ්‍රහ්මායු බ්‍රාහ්මණයා හුනස්නෙන් නැගිට උතුරුසළුව ඒකාංශකොට භාග්‍යවතුන් වහන්සේගේ පාදයන්හි සිරසින් වැටී වැඳ භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් මුවින් සිඹියි. අතින්ද පිරිමදියි. “ස්වාමීනි, ගෞතමයන් වහන්ස, මම බ්‍රහ්මායු බ්‍රාහ්මණයා වෙමි. ස්වාමීනි, ගෞතමයන් වහන්ස, මම බ්‍රහ්මායු බ්‍රාහ්මණයා වෙමියි. නමද අස්වයි”. ඉක්බිති ඒ පිරිස ‘ශ්‍රමණයන් වහන්සේගේ මහත් ඍද්ධිභාවය, මහානුභාවය පින්වත, ඒකාන්තයෙන් ආශ්චර්යයි පින්වත, ඒකාන්තයෙන් පුදුමයි. යම්හෙයකින් නම් මේ ප්‍රසිද්ධ කීර්ති ඇති බ්‍රාහ්මායු බ්‍රාහ්මණයා මෙබඳුවූ ඉතා මහත් ගෞරවයක් කරන්නේයයි” ආශ්චර්යවූ සිත් ඇත්තේ විය. අනතුරුව භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මායු බ්‍රාහ්මණයාට මෙසේ වදාළහ. “බ්‍රාහ්මණය, කම් නැත. නැගිටුව. නුඹ තම ආසනයෙහි හිඳගනුව. යම් කරුණකින් තාගේ සිත මා කෙරෙහි පැහැදුනේය”. එකල්හි බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙම තම ආසනයෙහි හුන්නේය.
395
අථ ඛො භගවා බ්‍රහ්මායුස්ස බ්‍රාහ්මණස්ස අනුපුබ්බිං කථං කථෙසි, සෙය්‍යථිදං - දානකථං, සීලකථං, සග්ගකථං; කාමානං ආදීනවං ඔකාරං සංකිලෙසං නෙක්ඛම්මෙ ආනිසංසං පකාසෙසි. යදා භගවා අඤ්ඤාසි බ්‍රහ්මායුං බ්‍රාහ්මණං කල්ලචිත්තං මුදුචිත්තං විනීවරණචිත්තං උදග්ගචිත්තං පසන්නචිත්තං, අථ යා බුද්ධානං සාමුක්කංසිකා ධම්මදෙසනා තං පකාසෙසි - දුක්ඛං, සමුදයං, නිරොධං, මග්ගං. සෙය්‍යථාපි නාම සුද්ධං වත්ථං අපගතකාළකං සම්මදෙව රජනං පටිග්ගණ්හෙය්‍ය, එවමෙව බ්‍රහ්මායුස්ස බ්‍රාහ්මණස්ස තස්මිංයෙව ආසනෙ විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි - ‘‘යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්ම’’න්ති. අථ ඛො බ්‍රහ්මායු බ්‍රාහ්මණො දිට්ඨධම්මො පත්තධම්මො විදිතධම්මො පරියොගාළ්හධම්මො තිණ්ණවිචිකිච්ඡො විගතකථංකථො වෙසාරජ්ජප්පත්තො අපරප්පච්චයො සත්ථුසාසනෙ භගවන්තං එතදවොච - ‘‘අභික්කන්තං, භො ගොතම, අභික්කන්තං, භො ගොතම! සෙය්‍යථාපි, භො ගොතම, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්‍ය - චක්ඛුමන්තො රූපානි දක්ඛන්තීති - එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භවන්තං ගොතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතං. අධිවාසෙතු ච මෙ භවං ගොතමො ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා’’ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන. අථ ඛො බ්‍රහ්මායු බ්‍රාහ්මණො භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි . අථ ඛො බ්‍රහ්මායු බ්‍රාහ්මණො තස්සා රත්තියා අච්චයෙන සකෙ නිවෙසනෙ පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා භගවතො කාලං ආරොචාපෙසි - ‘‘කාලො, භො ගොතම, නිට්ඨිතං භත්ත’’න්ති.
අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන බ්‍රහ්මායුස්ස බ්‍රාහ්මණස්ස නිවෙසනං තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි සද්ධිං භික්ඛුසඞ්ඝෙන. අථ ඛො බ්‍රහ්මායු බ්‍රාහ්මණො සත්තාහං බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙසි සම්පවාරෙසි. අථ ඛො භගවා තස්ස සත්තාහස්ස අච්චයෙන විදෙහෙසු චාරිකං පක්කාමි. අථ ඛො බ්‍රහ්මායු බ්‍රාහ්මණො අචිරපක්කන්තස්ස භගවතො කාලමකාසි. අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං - ‘‘බ්‍රහ්මායු, භන්තෙ, බ්‍රාහ්මණො කාලඞ්කතො. තස්ස කා ගති, කො අභිසම්පරායො’’ති? ‘‘පණ්ඩිතො, භික්ඛවෙ, බ්‍රහ්මායු බ්‍රාහ්මණො පච්චපාදි ධම්මස්සානුධම්මං, න ච මං ධම්මාධිකරණං විහෙසෙසි. බ්‍රහ්මායු, භික්ඛවෙ, බ්‍රාහ්මණො පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති, තත්ථ පරිනිබ්බායී, අනාවත්තිධම්මො තස්මා ලොකා’’ති.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
395
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මායු බමුණාට පිළිවෙල කථාව දෙසූ සේක. කවරේද යත්? දාන කථාවය, සීලකථාවය, ස්වර්ගකථාවය, කාමයන්ගේ ආදීනවය, ලාමක බවය, කිලුටුබවය, නෛෂ්ක්‍රම්‍යයෙහි ආනිසංසය ප්‍රකාශ කළ සේක. භාග්‍යවතුන් වහන්සේ යම් කලෙක බ්‍රහ්මායු බ්‍රාහ්මණයාහට නිරෝගීවූ, මෘදුවූ, නීවරණ රහිතවූ, සතුටුවූ ප්‍රසන්නවූ සිත ඇතිවීයයි දත් සේක් නම්, එකල දුක්ඛය සමුදය, නිරෝධය මාර්ගය යන බුදුවරයින් තමන් විසින්ම අවබෝධ කළ වතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රකාශ කළ සේක. යම් සේ පහවූ කාලවර්ණ ඇති පිරිසිදු වස්ත්‍රයක් මනාකොට රජන් (සායම්) පිළිගන්නේද, එපරිද්දෙන්ම බ්‍රහ්මායු බ්‍රාහ්මණයාහට ඒ හුන් ආසනයෙහිම යම්කිසිවක් උපදනා ස්වභාව ඇත්තේද, ඒ සියල්ල වැනසීම ස්වභාවකොට ඇත්තේය, යන පහවූ කෙලෙස් රජස් ඇති පහවූ කෙලෙස් මල ඇති ධර්ම චක්ෂුස (සොතාපත්තිමාර්ග ඥානය) උපන්නේය. ඉක්බිති බ්‍රහ්මායු බ්‍රාහ්මණයා දක්නාලද ධර්ම ඇත්තේ, පැමිණි ධර්ම ඇතියේ, අවබෝධ කළ ධර්ම ඇතියේ, දැඩිව ගත් ධර්ම ඇතියේ, එතර කළ විචිකිච්ඡා ඇතියේ, විසාරද වූයේ, ශාසනයෙහි අන් ධර්මයක් නොඅදහන බවට පැමිණියේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති භවත් ගෞතමයන් වහන්ස, ඉතායහපති, “භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරු කරනලද්දක් උඩුකුරු කරන්නේද, වැසුනු දෙයක් විවෘත කරන්නේද, මුලාවූවකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ වස්තූන් දකිත්වායි අන්ධකාරයෙහි තෙල් පහනක් දල්වන්නේද, එපරිද්දෙන් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ලෙසින් ධර්මය දේශනා කරණ ලදී. භවත් ගෞතමයන් වහන්ස, මේ මම භවත් ගෞතමයන් වහන්සේද ධර්මය හා භික්ෂු සංඝයාද සරණකොට යමි. භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිතෙක් සරණගිය උපාසකයකු කොට පිළිගන්නා සේක්වා. භවත් ගෞතමයන් වහන්සේ භික්ෂුසංඝයා සමග මාගේ (ගෙදර) සෙට දින බත් පිණිස ඉවසන සේක්වා”. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වීමෙන් ඉවසූ සේක. එකල්හි බ්‍රහ්මායු බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගියේය.
ඉක්බිති බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ ඒ රාත්‍රිය ඉක්මීමෙන් සිය නිවසෙහි ප්‍රනීතවූ කෑ යුතුවූ අනුභව කළ යුතුවූ දේ පිළියෙල කොට භාග්‍යවතුන් වහන්සේට කාලය දැන්වීය. භවත් ගෞතමයන් වහන්ස, සුදුසු කාලයයි, බත් පිළියෙල කරනලදී” (කියායි) එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන බ්‍රහ්මායු බ්‍රාහ්මණයාගේ ගෙදර යම් තැනෙකද, එතැනට පැමිණි සේක. පැමිණ පැනවූ අස්නෙහි භික්ෂුසංඝයා සමග වැඩහුන් සේක. ඉක්බිති බ්‍රහ්මායු බ්‍රාහ්මණයා බුදුන් ප්‍රධාන භික්ෂුසංඝයා සත්දවසක් ප්‍රණීතවූ කෑ යුතුවූ බුදිය යුතුවූ ආහාරපාන වර්ගවලින් සියතින් වැළඳවීය. කැමතිසේ වැළඳවීය. අනතුරුව භාග්‍යවතුන් වහන්සේ ඒ සත්දවස ඇවෑමෙන් වේදෙහ ජනපදයෙහි චාරිකාවෙහි වැඩි සේක. ඉක්බිති බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ වැඩිය නොබෝ කලකින් කළුරිය කෙළේය. ඉක්බිති බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හුන්හ. එක් පසෙක උන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ. “ස්වාමීනි, බ්‍රහ්මායු බ්‍රාහ්මණයා කළුරිය කෙළේය. ඔහුගේ ගතිය කුමක්ද? ඔහුගේ පරලොව කුමක්ද?” “මහණෙනි, බ්‍රහ්මායු බ්‍රාහ්මණයා පණ්ඩිතයෙකි. ධර්මයට අනුව පිළිපැද්දේය. ධර්මය කරණකොටම නොවෙහෙසීය. මහණෙනි, බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ කාමලෝකය පිළිබඳව සඤ්ඤොජන පස නැතිකිරීමෙන් ඒ බඹලොවින් නැවත නොඑන එහිදී පිරිනිවෙන ඔපපාතික පුද්ගලයෙක්වීයයි” වදාළ සේක, සතුටුවූ සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්හ.
2. සෙලසුත්තං 2. සේල සූත්‍රය
3. අස්සලායනසුත්තං 3. අස්සලායන සූත්‍රය
4. ඝොටමුඛසුත්තං 4. ඝෝටමුඛ සූත්‍රය
5. චඞ්කීසුත්තං 5. චංකී සූත්‍රය
6. එසුකාරීසුත්තං 6. එසුකාරී සූත්‍රය
7. ධනඤ්ජානිසුත්තං 7. ධානඤ්ජානි සූත්‍රය
8. වාසෙට්ඨසුත්තං 8. වාසෙට්ඨ සූත්‍රය
9. සුභසුත්තං 9. සුභ සූත්‍රය
10. සඞ්ගාරවසුත්තං 10. සඩ්ගාරව සූත්‍රය