ත්‍රිපිටකය
4. රාජවග්ගො 4. රාජ වර්ගය
1. ඝටිකාරසුත්තං 1. ඝටීකාර සූත්‍රය
2. රට්ඨපාලසුත්තං 2. රට්ඨපාල සූත්‍රය
3. මඝදෙවසුත්තං 3. මඛාදෙව සූත්‍රය
4. මධුරසුත්තං 4. මාධුර සූත්‍රය
5. බොධිරාජකුමාරසුත්තං 5. බොධිරාජ කුමාර සූත්‍රය
6. අඞ්ගුලිමාලසුත්තං 6. අංගුලිමාල සූත්‍රය
347
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස විජිතෙ චොරො අඞ්ගුලිමාලො නාම හොති ලුද්දො ලොහිතපාණි හතපහතෙ නිවිට්ඨො අදයාපන්නො පාණභූතෙසු. තෙන ගාමාපි අගාමා කතා, නිගමාපි අනිගමා කතා, ජනපදාපි අජනපදා කතා. සො මනුස්සෙ වධිත්වා වධිත්වා අඞ්ගුලීනං මාලං ධාරෙති. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො සෙනාසනං සංසාමෙත්වා පත්තචීවරමාදාය යෙන චොරො අඞ්ගුලිමාලො තෙනද්ධානමග්ගං පටිපජ්ජි. අද්දසාසුං ඛො ගොපාලකා පසුපාලකා කස්සකා පථාවිනො භගවන්තං යෙන චොරො අඞ්ගුලිමාලො තෙනද්ධානමග්ගපටිපන්නං. දිස්වාන භගවන්තං එතදවොචුං - ‘‘මා, සමණ, එතං මග්ගං පටිපජ්ජි. එතස්මිං, සමණ, මග්ගෙ චොරො අඞ්ගුලිමාලො නාම ලුද්දො ලොහිතපාණි හතපහතෙ නිවිට්ඨො අදයාපන්නො පාණභූතෙසු. තෙන ගාමාපි අගාමා කතා, නිගමාපි අනිගමා කතා, ජනපදාපි අජනපදා කතා. සො මනුස්සෙ වධිත්වා වධිත්වා අඞ්ගුලීනං මාලං ධාරෙති. එතඤ්හි, සමණ, මග්ගං දසපි පුරිසා වීසම්පි පුරිසා තිංසම්පි පුරිසා චත්තාරීසම්පි පුරිසා පඤ්ඤාසම්පි පුරිසා සඞ්කරිත්වා සඞ්කරිත්වා (සංහරිත්වා සංහරිත්වා (සී. පී.), සඞ්ගරිත්වා (ස්‍යා. කං.)) පටිපජ්ජන්ති. තෙපි චොරස්ස අඞ්ගුලිමාලස්ස හත්ථත්ථං ගච්ඡන්තී’’ති. එවං වුත්තෙ, භගවා තුණ්හීභූතො අගමාසි. දුතියම්පි ඛො ගොපාලකා...පෙ.... තතියම්පි ඛො ගොපාලකා පසුපාලකා කස්සකා පථාවිනො භගවන්තං එතදවොචුං - ‘‘මා, සමණ, එතං මග්ගං පටිපජ්ජි, එතස්මිං සමණ මග්ගෙ චොරො අඞ්ගුලිමාලො නාම ලුද්දො ලොහිතපාණි හතපහතෙ නිවිට්ඨො අදයාපන්නො පාණභූතෙසු, තෙන ගාමාපි අගාමා කතා, නිගමාපි අනිගමා කතා, ජනපදාපි අජනපදා කතා. සො මනුස්සෙ වධිත්වා වධිත්වා අඞ්ගුලීනං මාලං ධාරෙති. එතඤ්හි සමණ මග්ගං දසපි පුරිසා වීසම්පි පුරිසා තිංසම්පි පුරිසා චත්තාරීසම්පි පුරිසා පඤ්ඤාසම්පි පුරිසා සඞ්කරිත්වා සඞ්කරිත්වා පටිපජ්ජන්ති. තෙපි චොරස්ස අඞ්ගුලිමාලස්ස හත්ථත්ථං ගච්ඡන්තී’’ති.
347
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම්වූ අනේපිඩු මහ සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.
එකල්හි වනාහි පසේනදි කොසොල් රජහුගේ ජනපදයෙහි රෞද්‍රවූ ලේ තැවරුණු අත් ඇත්තාවූ නැසීමෙහි වැනසීමෙහි යෙදුනාවූ ප්‍රාණීන් කෙරෙහි කරුණාව නැති බවට පැමිණියාවූ අඩ්ගුලිමාල නම් සොරෙක් වේ. ඔහු විසින් ගම් නොගම් කරණ ලද්දාහුය. නියම් ගම් අනියම් ගම් කරණ ලද්දාහුය. ජනපද අජනපද කරණ ලද්දාහුය. හෙතෙම මිනිසුන් මර මරා අඩ්ගුලීන් සම්බන්ධ මාලාවක් (ඇඟිලි මාලාවක්) දරයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පා සිවුරු ගෙණ සැවැත් නුවරට පිඬු පිණිස වැඩියහ. සැවැත්නුවර පිඬු පිණිස හැසිර සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ සෙනාසනය තැන්පත්කොට තබා පාත්‍රා සිවුරු ගෙණ අඩ්ගුලිමාල සොරා යම් තැනෙක්හිද, එතැනට වැඩීම පිණිස දීර්ඝ මාර්ගයෙහි වැඩියහ. ගව පාලයෝද, සිව්පා සතුන් පාලයෝද, ගොවියෝද, මාර්ගයෙහි ගමන් කරන්නෝද, අඩ්ගුලිමාල සොරා යම් තැනෙක්හිද එතැනට පැමිණෙන දීර්ග මාර්ගයෙහි වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුටුවාහුය. දැක භාග්‍යවතුන් වහන්සේට “ශ්‍රමණයන් වහන්ස, මේ මාර්ගයෙහි නොගිය මැනව. ශ්‍රමණයන් වහන්ස, මේ මාර්ගයෙහි රෞද්‍රවූ ලේ තැවරුණු අත් ඇති නැසීමෙහි වැනසීමෙහි යෙදුනාවූ ප්‍රාණීන් කෙරෙහි කරුණාව නැති බවට පැමිණියාවූ අඩ්ගුලිමාල නම් සොරෙක් වේ. ඔහු විසින් ගම්ද නොගම් කරණ ලද්දාහ. නියම් ගම්ද අනියම් ගම් කරණ ලද්දාහ. ජනපදද අජනපද කරණ ලද්දාහ. හෙතෙම මිනිසුන් මර මරා ඇඟිලිවලින් මාලාවක් කොට දරයි. ශ්‍රමණයන් වහන්ස, මේ මගෙහි වනාහි පුරුෂයෝ දස දෙනෙක්ද, පුරුෂයෝ විසි දෙනෙක්ද, පුරුෂයෝ තිස් දෙනෙක්ද, පුරුෂයෝ හතලිස්, දෙනෙක්ද, පුරුෂයෝ පනස් දෙනෙක්ද, රන්චූ රන්චූ ගැසී ගමන් කරත්. ඔව්හුද අඩ්ගුලිමාල සොරුගේ අතට පැමිණ විනාශයට යෙත්යයි,’ කීවාහුය. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව වැඩියහ.
දෙවනුවද ගෝපාලයෝද, සිව්පා පාලයෝද, ගොවියෝද, මග යන්නෝද, භාග්‍යවතුන් වහන්සේට ‘ශ්‍රමණයන් වහන්ස මේ මග නොයනු මැනව, ශ්‍රමණයන් වහන්ස, මේ මාර්ගයෙහි රෞද්‍ර, ලෙයින් තෙමුණු අත් ඇති, සත්ව ඝාතනයෙහි ඇලුනු, සත්වයන් කෙරෙහි දයා නැති, අඩ්ගුලිමාල නම් සොරෙක් වෙයි. ඔහු විසින් ගම් අගම් කළහ. නියම් ගම් අනියම් ගම් කළහ. ජනපද අජනපද කළහ. ඔහු මිනිසුන් මර මරා ඇඟිලිවලින් මාලයක් දරයි. ශ්‍රමණය, පුරුෂයෝ දස දෙනා, විසි දෙනා, තිස් දෙනා, හතළිස් දෙනා පණස් දෙනා, සමූහ සමූහව මේ මගෙහි යති. ඔවුහුද අඩ්ගුලිමාල සොරුගෙන් අතට පැමිණ විනාශයට යෙත්යයි,’ කිවාහුය. දෙවනුවද භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව වැඩියහ.
තුන්වෙනුවද ගව පාලයෝද, සිව්පා පාලයෝද, ගොවියෝද, මගීහුද, භාග්‍යවතුන් වහන්සේට ‘ශ්‍රමණයන් වහන්ස, මේ මගෙහි නොයනු මැනවි. ශ්‍රමණයන් වහන්ස, මේ මාර්ගයෙහි රෞද්‍රවූ ලේ තැවරුණු අත් ඇති, නැසීමෙහි වැනසීමෙහි නියුක්තවූ ප්‍රාණීන් කෙරෙහි කරුණාව නැති බවට පැමිණියාවූ අඩ්ගුලිමාල නම් සොරෙක් ඇත. ඔහු විසින් ගම්ද නොගම් කරණ ලද්දාහ. නියම් ගම්ද අනියම් ගම් කරණ ලද්දාහ. ජනපදද අජනපද කරණ. ලද්දාහ. හෙතෙම මිනිසුන් මර මරා ඇඟිලි මාලාවක් කොට දරයි. ශ්‍රමණයන් වහන්ස, මේ මගෙහි වනාහි පුරුෂයෝ දස දෙනෙක්ද, පුරුෂයෝ විසි දෙනෙක්ද, පුරුෂයෝ තිස් දෙනෙක්ද, පුරුෂයෝ හතළිස් දෙනෙක්ද, පුරුෂයෝ පණස් දෙනෙක්ද, එකතු එකතු වීයත්. ඔවුහුද අඩ්ගුලිමාල සොරුගේ අතට පැමිණ විනාශයට පැමිණෙත්යයි’ කීවාහුය. තුන්වෙනුවද භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව වැඩියහ.
348
අථ ඛො භගවා තුණ්හීභූතො අගමාසි. අද්දසා ඛො චොරො අඞ්ගුලිමාලො භගවන්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වානස්ස එතදහොසි - ‘‘අච්ඡරියං වත, භො, අබ්භුතං වත, භො! ඉමඤ්හි මග්ගං දසපි පුරිසා වීසම්පි පුරිසා තිංසම්පි පුරිසා චත්තාරීසම්පි පුරිසා පඤ්ඤාසම්පි පුරිසා සඞ්කරිත්වා සඞ්කරිත්වා පටිපජ්ජන්ති. තෙපි මම හත්ථත්ථං ගච්ඡන්ති. අථ ච පනායං සමණො එකො අදුතියො පසය්හ මඤ්ඤෙ ආගච්ඡති. යංනූනාහං ඉමං සමණං ජීවිතා වොරොපෙය්‍ය’’න්ති. අථ ඛො චොරො අඞ්ගුලිමාලො අසිචම්මං ගහෙත්වා ධනුකලාපං සන්නය්හිත්වා භගවන්තං පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධි. අථ ඛො භගවා තථාරූපං ඉද්ධාභිසඞ්ඛාරං අභිසඞ්ඛාසි (අභිසඞ්ඛාරෙසි (ස්‍යා. කං. ක.)) යථා චොරො අඞ්ගුලිමාලො භගවන්තං පකතියා ගච්ඡන්තං සබ්බථාමෙන ගච්ඡන්තො න සක්කොති සම්පාපුණිතුං. අථ ඛො චොරස්ස අඞ්ගුලිමාලස්ස එතදහොසි - ‘‘අච්ඡරියං වත, භො, අබ්භුතං වත, භො! අහඤ්හි පුබ්බෙ හත්ථිම්පි ධාවන්තං අනුපතිත්වා ගණ්හාමි, අස්සම්පි ධාවන්තං අනුපතිත්වා ගණ්හාමි, රථම්පි ධාවන්තං අනුපතිත්වා ගණ්හාමි, මිගම්පි ධාවන්තං අනුපතිත්වා ගණ්හාමි; අථ ච පනාහං ඉමං සමණං පකතියා ගච්ඡන්තං සබ්බථාමෙන ගච්ඡන්තො න සක්කොමි සම්පාපුණිතු’’න්ති! ඨිතොව භගවන්තං එතදවොච - ‘‘තිට්ඨ, තිට්ඨ, සමණා’’ති. ‘‘ඨිතො අහං, අඞ්ගුලිමාල, ත්වඤ්ච තිට්ඨා’’ති. අථ ඛො චොරස්ස අඞ්ගුලිමාලස්ස එතදහොසි - ‘‘ඉමෙ ඛො සමණා සක්‍යපුත්තියා සච්චවාදිනො සච්චපටිඤ්ඤා. අථ පනායං සමණො ගච්ඡං යෙවාහ - ‘ඨිතො අහං, අඞ්ගුලිමාල, ත්වඤ්ච තිට්ඨා’ති. යංනූනාහං ඉමං සමණං පුච්ඡෙය්‍ය’’න්ති.
348
අඩ්ගුලිමාල නම් සොරතෙම දුරදීම වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුටුයේය. දැක ‘පින්වත ඒකාන්තයෙන් ආශ්චර්යයකි. පින්වත ඒකාන්තයෙන් පුදුමයකි. මේ මගෙහි වනාහි පුරුෂයෝ දස දෙනෙක්ද, පුරුෂයෝ විසි දෙනෙක්ද, පුරුෂයෝ තිස් දෙනෙක්ද, පුරුෂයෝ හතළිස් දෙනෙක්ද, පුරුෂයෝ පනස් දෙනෙක්ද, එකතු එකතුවී ගමන් කරත්. ඔව්හුද මාගේ අතට පැමිණ විනාශයට යෙත්. එතකුදු වුවත් මේ ශ්‍රමණ තෙම තනිවම දෙවැන්නෙක් නැතිව බලහත්කාරයෙන් එන්නේයයි සිතමි. මම මේ ශ්‍රමණයා මරන්නෙම් නම් යෙහෙකැයි’, ඔහුට සිත්විය.
ඉක්බිත්තෙන් අඩ්ගුලිමාල නම් සොරතෙම කඩු පළිහ ගෙණ දුන්න ඇදගෙන භාග්‍යවතුන් වහන්සේ පසු පස්සෙන්ලුහු බැන්දේය. එකල්හි ප්‍රකෘති ගමනින් වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ කරා සියලු ශක්තියෙන් යන්නාවූ අඩ්ගුලිමාල නම් සොරාට පැමිණෙන්නට යම්සේ නොහැකි වේද, භාග්‍යවතුන් වහන්සේ එබඳුවූ ඍද්ධියක් දැක්වූහ. එකල්හි අඩ්ගුලිමාල නම් සොරා ‘පින්වත, ඒකාන්තයෙන් ආශ්චර්යක. පින්වත, ඒකාන්තයෙන් පුදුමයකි. මම වනාහි පෙර දුවන්නාවූ ඇතෙකුදු එළවා අල්වා ගොස් ගණිමි. දුවන්නාවූ අශ්වයෙකුදු එළවා ගොස් අල්වා ගණිමි. දුවන්නාවූ රථයකුදු එළවා ගොස් අල්වා ගණිමි. දුවන්නාවූ මුවෙකුදු එළවා ගොස් අල්වා ගණිමි. එතකුදු වුවත් ප්‍රකෘති ගමනින් යන්නාවූ මේ ශ්‍රමණයාකරා සියලු ශක්තියෙන් දුවන්නාවූ මම පැමිණෙන්ට නොහැකි වෙමියි’, සිතුණේය. එහෙයින් නැවතී සිටගෙන භාග්‍යවතුන් වහන්සේට “ශ්‍රමණය සිටුව, ශ්‍රමණය සිටුවයි” කීයේය. “අඩ්ගුලිමාලය, මම සිටියෙමි. තෝද සිටුවයි” වදාළේය.
ඉක්බිත්තෙන් අඩ්ගුලිමාල නම් සොරාට මෙබඳු අදහසක් විය. ‘ශාක්‍ය පුත්‍රවූ මේ ශ්‍රමණයෝ වනාහි සත්‍ය වචන ඇත්තාහ. සත්‍යවූ ප්‍රතිඥා ඇත්තාහ. එතකුදු වුවත් මේ ශ්‍රමණ තෙම යමින්ම “අඩ්ගුලිමාලය මම සිටියෙමි. තෝ සිටුවයි” කියන්නේය. මම මේ ශ්‍රමණයාගෙන් අසන්නෙම් නම් යෙහෙක, කියායි.
349
අථ ඛො චොරො අඞ්ගුලිමාලො භගවන්තං ගාථාය අජ්ඣභාසි -
‘‘ගච්ඡං වදෙසි සමණ ඨිතොම්හි,
මමඤ්ච බ්‍රූසි ඨිතමට්ඨිතොති;
පුච්ඡාමි තං සමණ එතමත්ථං,
කථං ඨිතො ත්වං අහමට්ඨිතොම්හී’’ති.
‘‘ඨිතො අහං අඞ්ගුලිමාල සබ්බදා,
සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං;
තුවඤ්ච පාණෙසු අසඤ්ඤතොසි,
තස්මා ඨිතොහං තුවමට්ඨිතොසී’’ති.
‘‘චිරස්සං වත මෙ මහිතො මහෙසී,
මහාවනං පාපුණි සච්චවාදී (මහාවනං සමණොයං පච්චුපාදි (සී.), මහාවනං සමණ පච්චුපාදි (ස්‍යා. කං.));
සොහං චරිස්සාමි පහාය පාපං (සොහං චිරස්සාපි පහාස්සං පාපං (සී.), සොහං චරිස්සාමි පජහිස්සං පාපං (ස්‍යා. කං.)),
සුත්වාන ගාථං තව ධම්මයුත්තං’’.
ඉත්වෙව චොරො අසිමාවුධඤ්ච,
සොබ්භෙ පපාතෙ නරකෙ අකිරි;
අවන්දි චොරො සුගතස්ස පාදෙ,
තත්ථෙව නං පබ්බජ්ජං අයාචි.
බුද්ධො ච ඛො කාරුණිකො මහෙසි,
යො සත්ථා ලොකස්ස සදෙවකස්ස;
‘තමෙහි භික්ඛූ’ති තදා අවොච,
එසෙව තස්ස අහු භික්ඛුභාවොති.
349
ඉක්බිති අඩ්ගුලිමාල නම් සොර තෙම භාග්‍යවතුන් වහන්සේට ගාථාවෙන් මෙසේ කීයේය.
[1] “ශ්‍රමණයන් වහන්ස, යමින් සිටියෙමියි කියන්නෙහිය, සිටියාවූ මටද නොසිටියේයයි කියන්නෙහිය. ශ්‍රමණයන් වහන්ස, මේ කාරණය ඔබවහන්සේගෙන් අසමි. ‘කෙසේනම් ඔබ සිටියෙහිද, කෙසේ නම් මම නොසිටියේදැයි’ ඇසීය.
[2] “අඩ්ගුලිමාලය, මම හැම කල්හි සියලු ප්‍රාණීන් කෙරෙහි දඬු බහා තබා සිටියේ වෙමි. තෝ වනාහි සතුන් කෙරෙහි සංවරයක් නැත්තෙක් වෙහිය. එහෙයින් මම සිටියේ වෙමි. තෝ නොසිටියේ වෙහියයි” (වදාළේය.)
[3] “(දෙවි මිනිසුන් විසින්) පුදන ලද්දාවූ මහාඉර්ෂිවූ මේ ශ්‍රමණයන් වහන්සේ බොහෝ කලකින් ඒකාන්තයෙන් මට කරුණාවෙන් මේ මහාවනයට පැමිණියහ. ඒ මම බොහෝ කලකිනුත් නුඹ වහන්සේගේ ධර්මයෙන් යුක්තවූ ගාථාවක් අසා අකුසලය දුරු කරන්නෙමි.”
[4] මෙසේ අඩ්ගුලිමාල සොර තෙම කඩුවද, ආයුධද, ප්‍රපාතයක ගැඹුරුව සෑරී ගිය මහ වළෙක්හි දැමූයේය. අඩ්ගුලිමාල සොර තෙම සුගතයන් වහන්සේගේ ශ්‍රීපාදයන් මනාකොට වැන්දේය. එහිදීම උන්වහන්සේගෙන් ප්‍රවුජ්‍යාවද ඉල්වූයේය.
[5] දෙවියන් සහිත ලෝකයාහට ශාස්තෘවූ කරුණා ඇත්තාවූ මහා ඉර්ෂිවූ ඒ සර්වඥයන් වහන්සේ ඔහුට “ මහණ මෙහි එවයි” එකල්හි වදාළේය. ඔහුට මේ වචනයට භික්ෂු භාවය වූයේය.
350
අථ ඛො භගවා ආයස්මතා අඞ්ගුලිමාලෙන පච්ඡාසමණෙන යෙන සාවත්ථි තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන සාවත්ථි තදවසරි. තත්‍ර සුදං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස අන්තෙපුරද්වාරෙ මහාජනකායො සන්නිපතිත්වා උච්චාසද්දො මහාසද්දො හොති - ‘‘චොරො තෙ, දෙව, විජිතෙ අඞ්ගුලිමාලො නාම ලුද්දො ලොහිතපාණි හතපහතෙ නිවිට්ඨො අදයාපන්නො පාණභූතෙසු. තෙන ගාමාපි අගාමා කතා, නිගමාපි අනිගමා කතා, ජනපදාපි අජනපදා කතා. සො මනුස්සෙ වධිත්වා වධිත්වා අඞ්ගුලීනං මාලං ධාරෙති. තං දෙවො පටිසෙධෙතූ’’ති.
අථ ඛො රාජා පසෙනදි කොසලො පඤ්චමත්තෙහි අස්සසතෙහි සාවත්ථියා නික්ඛමි දිවා දිවස්ස. යෙන ආරාමො තෙන පාවිසි. යාවතිකා යානස්ස භූමි යානෙන ගන්ත්වා යානා පච්චොරොහිත්වා පත්තිකොව යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො රාජානං පසෙනදිං කොසලං භගවා එතදවොච - ‘‘කිං නු තෙ, මහාරාජ, රාජා වා මාගධො සෙනියො බිම්බිසාරො කුපිතො වෙසාලිකා වා ලිච්ඡවී අඤ්ඤෙ වා පටිරාජානො’’ති? ‘‘න ඛො මෙ, භන්තෙ, රාජා මාගධො සෙනියො බිම්බිසාරො කුපිතො, නාපි වෙසාලිකා ලිච්ඡවී, නාපි අඤ්ඤෙ පටිරාජානො. චොරො මෙ, භන්තෙ, විජිතෙ අඞ්ගුලිමාලො නාම ලුද්දො ලොහිතපාණි හතපහතෙ නිවිට්ඨො අදයාපන්නො පාණභූතෙසු. තෙන ගාමාපි අගාමා කතා, නිගමාපි අනිගමා කතා, ජනපදාපි අජනපදා කතා. සො මනුස්සෙ වධිත්වා වධිත්වා අඞ්ගුලීනං මාලං ධාරෙති. තාහං, භන්තෙ, පටිසෙධිස්සාමී’’ති. ‘‘සචෙ පන ත්වං, මහාරාජ, අඞ්ගුලිමාලං පස්සෙය්‍යාසි කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතං, විරතං පාණාතිපාතා, විරතං අදින්නාදානා, විරතං මුසාවාදා, එකභත්තිකං, බ්‍රහ්මචාරිං, සීලවන්තං, කල්‍යාණධම්මං, කින්ති නං කරෙය්‍යාසී’’ති? ‘‘අභිවාදෙය්‍යාම වා, භන්තෙ, පච්චුට්ඨෙය්‍යාම වා ආසනෙන වා නිමන්තෙය්‍යාම, අභිනිමන්තෙය්‍යාම වා නං චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරෙහි, ධම්මිකං වා අස්ස රක්ඛාවරණගුත්තිං සංවිදහෙය්‍යාම. කුතො පනස්ස, භන්තෙ, දුස්සීලස්ස පාපධම්මස්ස එවරූපො සීලසංයමො භවිස්සතී’’ති?
තෙන ඛො පන සමයෙන ආයස්මා අඞ්ගුලිමාලො භගවතො අවිදූරෙ නිසින්නො හොති. අථ ඛො භගවා දක්ඛිණං බාහුං පග්ගහෙත්වා රාජානං පසෙනදිං කොසලං එතදවොච - ‘‘එසො, මහාරාජ, අඞ්ගුලිමාලො’’ති. අථ ඛො රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස අහුදෙව භයං, අහු ඡම්භිතත්තං, අහු ලොමහංසො. අථ ඛො භගවා රාජානං පසෙනදිං කොසලං භීතං සංවිග්ගං ලොමහට්ඨජාතං විදිත්වා රාජානං පසෙනදිං කොසලං එතදවොච - ‘‘මා භායි, මහාරාජ, නත්ථි තෙ ඉතො භය’’න්ති. අථ ඛො රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස යං අහොසි භයං වා ඡම්භිතත්තං වා ලොමහංසො වා සො පටිප්පස්සම්භි. අථ ඛො රාජා පසෙනදි කොසලො යෙනායස්මා අඞ්ගුලිමාලො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මන්තං අඞ්ගුලිමාලං එතදවොච - ‘‘අය්‍යො නො, භන්තෙ, අඞ්ගුලිමාලො’’ති? ‘‘එවං, මහාරාජා’’ති. ‘‘කථංගොත්තො අය්‍යස්ස පිතා, කථංගොත්තා මාතා’’ති? ‘‘ගග්ගො ඛො, මහාරාජ, පිතා, මන්තාණී මාතා’’ති. ‘‘අභිරමතු, භන්තෙ, අය්‍යො ගග්ගො මන්තාණිපුත්තො. අහමය්‍යස්ස ගග්ගස්ස මන්තාණිපුත්තස්ස උස්සුක්කං කරිස්සාමි චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරාන’’න්ති.
350
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පසු පසින් යන ආයුෂ්මත් අඩ්ගුලිමාල ස්ථවිරයන් සමග සැවැත් නුවර යම් තැනෙක්හිද එතැනට සැරිසරමින් වැඩියහ. පිළිවෙළින් සැරිසරා වඩිනුයේ සැවැත් නුවර යම් තැනෙක්හිද, එතැනට පැමිණියහ. එහි වනාහි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවන නම් අනේපිඬු මහසිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි පසේනදී කොසොල් රජහුගේ මාලිගා දොරටුයෙහි මහජන සමූහයා රැස්ව “දෙවයන් වහන්ස, නුඹවහන්සේගේ රටෙහි රෞද්‍රවූ ලේ තැවරුණු අත් ඇත්තාවූ සතුන් නැසීමෙහි වැනසීමෙහි නියුක්තවූ, ප්‍රාණීන් කෙරෙහි කරුණාවක් නැති බවට පැමිණියාවූ, අඩ්ගුලිමාල නම් සොරෙක් වෙයි. ඔහු විසින් ගම්ද නොගම් කරණ ලද්දාහ. නියම් ගම්ද අනියම් ගම් කරණ ලද්දාහ. ජනපදද අජනපද කරණ ලද්දාහ. හෙතෙම මිනිසුන් මර මරා ඇඟිලිමාලාවක් දරයි. දෙවයන් වහන්සේ ඔහු වලක්වන සේක්වායි.” උස්වූ මහත්වූ ඝොෂා ඇතිව වෙසෙයි. එකල්හි පසේනදී කොසොල් රජතෙම පන්සියයක් පමණ අසුන් හා දවල් කාලයෙහි සැවැත් නුවරින් නික්ම ජේතවනාරාමය යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. යානාවෙන් යාමට සුදුසු තැන් දක්වා යානාවෙන් ගොස් යානාවෙන් බැස පා ගමනින්ම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසක හුන්නේය. එක්පසක හුන්නාවූ පසේනදී කොසොල් රජුගෙන් භාග්‍යවතුන් වහන්සේ“කිමෙක්ද මහරජ? තොපට සේනා ඇත්තාවූ මගධ රටට අධිපතිවූ බිම්බිසාර මහරජතෙම හෝ කිපුනේද? නොහොත් විසාලා මහනුවර වැසිවූ ලිච්ඡවි රජ දරුවෝ හෝ කිපුනාහුද? නොහොත් අන් සතුරු රජ කෙනෙක් හෝ කිපුනාහුදැයි ඇසූහ.”
“ස්වාමීන් වහන්ස, මට මහත් සේනා ඇත්තාවූ මගධ රටට අධිපතිවූ බිම්බිසාර රජතෙමේද නොකිපියේ වෙයි. විසාලාමහනුවර වැසිවූ ලිච්ඡවි රජදරුවෝද නොකිපියාහුමය. අන් සතුරු රජ කෙනෙක්ද නොකිපියාහුමය. ස්වාමීන්වහන්ස, මාගේ ජනපදයෙහි රෞද්‍රවූ ලේ තැවරුණු අත් ඇති සතුන් නැසීමෙහි වැනසීමෙහි නියුක්තවූ ප්‍රාණීන් කෙරෙහි කරුණාවක් නැති බවට පැමිණියාවූ අඩ්ගුලිමාල නම් සොරෙක් ඇත. ඔහු විසින් ගම්ද නොගම් කරණ ලද්දාහ. නියම් ගම්ද අනියම් ගම් කරණ ලද්දාහ. ජනපද අජනපද කරණ ලද්දාහ. හෙතෙම මිනිසුන් මර මරා ඇගිලි මාලාවක් දරයි. ස්වාමීන් වහන්ස, මම ඔහු වැළක්වීමට යන්නෙමියි” කීය. “මහරජ, හිසකේ රැවුල් කපා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවූ, සතුන් මැරීමෙන් වැලකුනාවූ සොරකම් කිරීමෙන් වැලකුනාවූ, බොරු කීමෙන් වැලකුනාවූ, එක්වේල අනුභව කරන්නාවූ, බ්‍රහ්මචාර්යාවෙහි හැසිරෙන සිල්වත්වූ යහපත් ස්වභාව ඇත්තාවූ අඩ්ගුලිමාලයා ඉදින් නුඹ දකින්නෙහි නම් ඔහුට කුමක් කරන්නෙහිදැයි” ඇසූහ. “ස්වාමීන් වහන්ස, වැඳීම හෝ කරම්හ. දැක හුනස්නෙන් නැගිටීම හෝ කරම්හ ආසන දීම හෝ කරම්හ. තවද උන්වහන්සේට චීවරය, පිණ්ඩපාතය, සයනාසනය, ගිලන්පස, බෙහෙත් පිරිකර යන මෙයින් පැවරීම හෝ කරම්හ. උන්වහන්සේට ධාර්මිකවූ ආරක්ෂාව හෝ පිළියෙල කරම්හ. ස්වාමීන් වහන්ස, දුස්සීලවූ ලාමක ස්වභාව ඇත්තාවූ මොහුට වනාහි මෙබඳුවූ සීලසංවරයක් කොයින් වන්නේදැයි?” ඇසීය.
“එසමයෙහි වනාහි ආයුෂ්මත්වූ අඩ්ගුලිමාල ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට සමීප තැනෙක්හි හුන්නේ වේ. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ දකුණුඅත දිගුකොට කොසොල් රජහට ‘මහරජ, මේ තෙමේ අඩ්ගුලිමාලයයි” වදාළේය. ඉක්බිති පසේනදී කොසොල් රජහට බියක් වූයේය. තැති ගැන්මක් වූයේය. ලොමුඩැහැගැන්මද වූයේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බියපත්වූ, තැතිගත්තාවූ, ලොමුඩැහැගත්තාවූ පසේනදී කොසොල් රජහු දැක පසේනදී කොසොල් රජහට “මහරජ, බිය නොවෙව, මහරජ බිය නොවෙව. තොපට මොහුගෙන් භයක් නැතැයි” වදාළේය. ඉක්බිති පසේනදී කොසොල් රජහට යම් බියක් හෝ තැතිගැන්මක් හෝ ලොමුඩැහැගැන්වීමක් හෝ වීද, එය සංසිඳුනේය. ඉක්බිත්තෙන් පසේනදී කොසොල් රජතෙම ආයුෂ්මත් අඩ්ගුලිමාල ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් අඩ්ගුලිමාල ස්ථවිරයන් වහන්සේට “ස්වාමීනි, ආර්යයන් වහන්සේ අඩ්ගුලිමාල ස්ථවිරදැයි” ඇසීය. ‘මහරජ, එසේයයි,” ප්‍රකාශ කෙළේය. “ස්වාමීනි ආර්යන් වහන්සේගේ පියතෙම කෙබඳු ගොත්‍ර ඇත්තීදැයි මව් තොමෝ කෙබඳු ගොත්‍ර ඇත්තීදැයි” ඇසීය. මහරජ මාගේ පියතෙම ගර්ග නම් ගොත්‍ර ඇත්තේද? මව්තොමෝ මන්තානී නම් බැමිණියයි” ප්‍රකාශ කෙළේය. ‘ස්වාමීනි, ගර්ග නම් ගොත්‍ර ඇත්තාවූ මන්තානී නම් බැමිණියගේ පුත්‍රවූ ආර්යයන් වහන්සේ ශාසනයෙහි සිත් අලවා වාසය කෙරෙත්වා. මම ගර්ග නම් ගොත්‍ර ඇත්තාවූ මන්තානී පුත්‍රවූ ආර්යයන් වහන්සේට චීවරය පිණ්ඩපාතය, සයනාසනය, ගිලන්පස, බෙහෙත් පිරිකර යන මෙයින් (පිදීමට) උත්සාහ වත් බව ඇතිකරන්නෙමියි” කීයේය.
351
තෙන ඛො පන සමයෙන ආයස්මා අඞ්ගුලිමාලො ආරඤ්ඤිකො හොති පිණ්ඩපාතිකො පංසුකූලිකො තෙචීවරිකො. අථ ඛො ආයස්මා අඞ්ගුලිමාලො රාජානං පසෙනදිං කොසලං එතදවොච - ‘‘අලං, මහාරාජ, පරිපුණ්ණං මෙ චීවර’’න්ති. අථ ඛො රාජා පසෙනදි කොසලො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච - ‘‘අච්ඡරියං, භන්තෙ, අබ්භුතං, භන්තෙ! යාවඤ්චිදං, භන්තෙ, භගවා අදන්තානං දමෙතා, අසන්තානං සමෙතා, අපරිනිබ්බුතානං පරිනිබ්බාපෙතා. යඤ්හි මයං, භන්තෙ, නාසක්ඛිම්හා දණ්ඩෙනපි සත්ථෙනපි දමෙතුං සො භගවතා අදණ්ඩෙන අසත්ථෙනෙව (අසත්ථෙන (ස්‍යා. කං.)) දන්තො. හන්ද ච දානි (හන්ද දානි (ස්‍යා. කං. පී.)) මයං, භන්තෙ, ගච්ඡාම; බහුකිච්චා මයං බහුකරණීයා’’ති. ‘‘යස්සදානි, මහාරාජ, කාලං මඤ්ඤසී’’ති. අථ ඛො රාජා පසෙනදි කොසලො උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
අථ ඛො ආයස්මා අඞ්ගුලිමාලො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථියං පිණ්ඩාය පාවිසි. අද්දසා ඛො ආයස්මා අඞ්ගුලිමාලො සාවත්ථියං සපදානං පිණ්ඩාය චරමානො අඤ්ඤතරං ඉත්ථිං මූළ්හගබ්භං විඝාතගබ්භං (විසාතගබ්භං (ස්‍යා. කං. පී. ක.)). දිස්වානස්ස එතදහොසි - ‘‘කිලිස්සන්ති වත, භො, සත්තා; කිලිස්සන්ති වත, භො, සත්තා’’ති! අථ ඛො ආයස්මා අඞ්ගුලිමාලො සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා අඞ්ගුලිමාලො භගවන්තං එතදවොච - ‘‘ඉධාහං, භන්තෙ, පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසිං. අද්දසං ඛො අහං, භන්තෙ, සාවත්ථියං සපදානං පිණ්ඩාය චරමානො අඤ්ඤතරං ඉත්ථිං මූළ්හගබ්භං විඝාතගබ්භං’’. දිස්වාන මය්හං එතදහොසි - ‘‘කිලිස්සන්ති වත , භො, සත්තා; කිලිස්සන්ති වත, භො, සත්තා’’ති!
‘‘තෙන හි ත්වං, අඞ්ගුලිමාල, යෙන සා ඉත්ථී තෙනුපසඞ්කම; උපසඞ්කමිත්වා තං ඉත්ථිං එවං වදෙහි - ‘යතොහං, භගිනි, ජාතො (භගිනි ජාතියා ජාතො (සී.)) නාභිජානාමි සඤ්චිච්ච පාණං ජීවිතා වොරොපෙතා, තෙන සච්චෙන සොත්ථි තෙ හොතු, සොත්ථි ගබ්භස්සා’’’ති.
‘‘සො හි නූන මෙ, භන්තෙ, සම්පජානමුසාවාදො භවිස්සති. මයා හි, භන්තෙ, බහූ සඤ්චිච්ච පාණා ජීවිතා වොරොපිතා’’ති. ‘‘තෙන හි ත්වං, අඞ්ගුලිමාල, යෙන සා ඉත්ථී තෙනුපසඞ්කම; උපසඞ්කමිත්වා තං ඉත්ථිං එවං වදෙහි - ‘යතොහං, භගිනි, අරියාය ජාතියා ජාතො, නාභිජානාමි සඤ්චිච්ච පාණං ජීවිතා වොරොපෙතා, තෙන සච්චෙන සොත්ථි තෙ හොතු, සොත්ථි ගබ්භස්සා’’’ති.
‘‘එවං, භන්තෙ’’ති ඛො ආයස්මා අඞ්ගුලිමාලො භගවතො පටිස්සුත්වා යෙන සා ඉත්ථී තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා තං ඉත්ථිං එතදවොච - ‘‘යතොහං, භගිනි, අරියාය ජාතියා ජාතො, නාභිජානාමි සඤ්චිච්ච පාණං ජීවිතා වොරොපෙතා, තෙන සච්චෙන සොත්ථි තෙ හොතු, සොත්ථි ගබ්භස්සා’’ති. අථ ඛ්වාස්සා ඉත්ථියා සොත්ථි අහොසි, සොත්ථි ගබ්භස්ස.
අථ ඛො ආයස්මා අඞ්ගුලිමාලො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො නචිරස්සෙව - යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං - බ්‍රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ‘ඛීණා ජාති වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ඛො පනායස්මා අඞ්ගුලිමාලො අරහතං අහොසි.
351
“එසමයෙහි වනාහි ආයුෂ්මත් අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ ආරණ්‍යකාංගයද, පිණ්ඩපාතිකාංගයද, පංශුකූලිකාංගයද, තෙචීචරිකාංගයද රකින්නාහ. ඉක්බිත්තෙන් ආයුෂ්මත් අංගුලිමාල ස්ථවිරතෙමේ පසේනදී කොසොල් රජහට “මහරජ, කම්නැත. මා හට තුන්සිවුර සම්පූර්ණයයි” කීයේය. ඉක්බිත්තෙන් පසේනදී කොසොල් රජතෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසක හුන්නේය. එකත්පසක හුන්නාවූ පසේනදි කොසොල් රජතෙම භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, ආශ්චර්ය, පුදුමය, භාග්‍යවතුන් වහන්සේ දමනය කළ නොහැක්කවුන් දමනය කරන්නෙක, නොසංසුන් සත්වයන් සංසිඳුවන්නෙක, කෙලෙස් නිවීම නොකළාවූ සත්වයන් නිවන්නෙක, ස්වාමීන් වහන්ස, අපි වනාහි යමෙක් දඬුවලින්ද, ආයුධවලින්ද දමනය කරන්ට නොහැකි වෙමුද, ඒ පුද්ගලතෙම භාග්‍යවතුන් වහන්සේ විසින් දණ්ඩෙන් තොරව, ආයුධයෙන් තොරව, දමනය කරණ ලද්දේය. ස්වාමීන් වහන්ස, අපි බොහෝ කටයුතු ඇත්තම්හ. බොහෝ වැඩපල ඇත්තම්හ. එබැවින් දැන් අපි යම්හයි කීයේය.” “මහරජ, නුඹ ඊට සුදුසු කාලය දැනගනුවයි” වදාළේය. ඉක්බිත්තෙන් පසෙනදී කොසොල් රජතෙම හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණුකොට ගියේය.
“ඉක්බිත්තෙන් ආයුෂ්මත් අංගුලිමාල ස්ථවිරයන්වහන්සේ පෙරවරු වේලෙහි හැඳපොරවා පාත්‍ර සිවුරුගෙණ සැවැත්නුවරට පිඩුපිණිස ගියහ. ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ සැවැත් නුවර ගෙපිළිවෙලින් පිඬු පිණිස යන්නේ සරසට සිටි ගැබයක් උවදුරු සහිත දරු ගැබක් ඇති එක්තරා ස්ත්‍රියක් දුටුයේය. දැක උන්වහන්සේට “පින්වත්නි, ඒකාන්තයෙන් සත්වයෝ කෙලෙසන්නාහුය. පින්වත්නි, ඒකාන්තයෙන් සත්වයෝ කෙලෙසෙන්නාහුයයි” සිතුනේය. ඉක්බිත්තෙන් ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ සැවැත් නුවර පිඬු පිණිස හැසිර පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුනේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසක හුන්නේය. එක් පසක හුන්නාවූ ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීන් වහන්ස, මම පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරුගෙණ සැවැත්නුවරට පිඬු පිණිස ගියෙමි. සැවැත්නුවර ගෙපිළිවෙළින් පිඬු පිණිස යන්නෙම් සරසට සිටි දරු ගැබක් ඇති උවදුරු සහිත දරු ගැබක් ඇති එක්තරා ස්ත්‍රියක් දුටුවෙමි. දැක ‘පින්වත්නි, ඒකාන්තයෙන් සත්වයෝ කෙලෙසෙන්නාහුය. පින්වත්නි, ඒකාන්තයෙන් සත්වයෝ කෙලෙසෙන්නාහුය,’ යන සිතක් පහළවූයේයයි” කීය. “අංගුලිමාලය, එසේ වීනම් නුඹ සැවැත් නුවර යම් තැනෙක්හිද, එතැනට පැමිණෙව, පැමිණ ඒ ස්ත්‍රියට “නැගණිය, මම යම්තැනක පටන් මේ ජාතියෙහි උපන්නෙම්ද, එතැන් පටන් දැන දැන සතෙකු ජීවිතයෙන් තොර කළ බව නොදනිමි. ඒ සත්‍ය වචනය කරණ කොටගෙණ තිට සැපක් වේවා. දරු ගැබටද සැපක්වේවායි’ කියවයි” වදාළේය. “ස්වාමීන් වහන්ස, මා විසින් වනාහි දැන දැන බොහෝ ප්‍රාණීහු ජීවිතයෙන් තොර කරණ ලද්දාහ. ස්වාමීන් වහන්ස, එහෙයින් මාගේ ඒ කීම ඒකාන්ත බොරු කීමක් වන්නේයයි, කීයේය” “අංගුලිමාලය, එසේ වීනම් නුඹ සැවැත්නුවර යම් තැනෙක්හිද එතැනට යව, ගොස් නැගණිය, මම යම් තැනක පටන් ආර්යවූ ජාතියෙහි උපන්නේවෙම්ද, (එතැන් පටන්) දැන දැන සතෙකු ජීවිතයෙන් තොර කළ බව නොදනිමි. ඒ සත්‍ය වචනය හේතු කොට ගෙණ තිට සැපවේවා, දරු ගැබටද සැපවේවායි, ඒ ස්ත්‍රියට කියවයි” වදාළසේක. “එසේය, පින්වතුන් වහන්සැයි” කීය. ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට උත්තරදී සැවැත් නුවර යම් තැනෙක්හිද එතැනට ගියේය. ගොස් ඒ ස්ත්‍රියට “නැගණිය, මම යම් තැනක පටන් ආර්යවූ ජාතියෙහි උපන්නේ වෙම්ද, (එතැන් පටන්) දැන දැන සතෙකු ජීවිතයෙන් තොර කළ බව නොදනිමි. ඒ සත්‍ය වචනය හේතු කොට ගෙණ තිට සැපවේවා. දරු ගැබටද සැපවේවායි”, කීයේය. ඉක්බිත්තෙන් ඒ ස්ත්‍රියට සැපවූයේය. දරු ගැබටද සැපවූයේය.
“ඉක්බිත්තෙන් ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ තනිව විවේකව අප්‍රමාද කෙලෙස් තවන වීර්ය ඇතිව හරණලද ආත්මාලය ඇතිව වාසය කරන්නේ නොබෝ කලකින්ම කුලපුත්‍රයෝ යමක් සඳහා මනාකොට ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවෙත්ද, මාර්ග බ්‍රහ්මචර්යා කෙළවර කොට ඒ උතුම් රහත් බව මේ ආත්මයෙහිම තෙමේ විශේෂ ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කෙළේය. ජාතිය විනාශ කරණ ලද්දීය. මාර්ග බ්‍රහ්මචර්යාව වැස නිම වන ලද්දේය. සතර මාර්ගයෙන් කටයුත්ත කරණ ලද්දේය. මෙයින් පසු කළ යුත්තක් නැත්තේයයි දැනගත්තේය. ආයුෂ්මත්හු අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ රහතන්ගෙන් එක්තරා කෙනෙක් වූහ.
352
අථ ඛො ආයස්මා අඞ්ගුලිමාලො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. තෙන ඛො පන සමයෙන අඤ්ඤෙනපි ලෙඩ්ඩු ඛිත්තො ආයස්මතො අඞ්ගුලිමාලස්ස කායෙ නිපතති, අඤ්ඤෙනපි දණ්ඩො ඛිත්තො ආයස්මතො අඞ්ගුලිමාලස්ස කායෙ නිපතති, අඤ්ඤෙනපි සක්ඛරා ඛිත්තා ආයස්මතො අඞ්ගුලිමාලස්ස කායෙ නිපතති. අථ ඛො ආයස්මා අඞ්ගුලිමාලො භින්නෙන සීසෙන, ලොහිතෙන ගළන්තෙන, භින්නෙන පත්තෙන, විප්ඵාලිතාය සඞ්ඝාටියා යෙන භගවා තෙනුපසඞ්කමි. අද්දසා ඛො භගවා ආයස්මන්තං අඞ්ගුලිමාලං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන ආයස්මන්තං අඞ්ගුලිමාලං එතදවොච - ‘‘අධිවාසෙහි ත්වං, බ්‍රාහ්මණ, අධිවාසෙහි ත්වං, බ්‍රාහ්මණ. යස්ස ඛො ත්වං, බ්‍රාහ්මණ, කම්මස්ස විපාකෙන බහූනි වස්සානි බහූනි වස්සසතානි බහූනි වස්සසහස්සානි නිරයෙ පච්චෙය්‍යාසි තස්ස ත්වං, බ්‍රාහ්මණ, කම්මස්ස විපාකං දිට්ඨෙව ධම්මෙ පටිසංවෙදෙසී’’ති. අථ ඛො ආයස්මා අඞ්ගුලිමාලො රහොගතො පටිසල්ලීනො විමුත්තිසුඛං පටිසංවෙදි; තායං වෙලායං ඉමං උදානං උදානෙසි -
‘‘යො පුබ්බෙව (යො ච පුබ්බෙ (සී. ස්‍යා. කං. පී.)) පමජ්ජිත්වා, පච්ඡා සො නප්පමජ්ජති;
සොමං (සො ඉමං (සී.)) ලොකං පභාසෙති, අබ්භා මුත්තොව චන්දිමා.
‘‘යස්ස පාපං කතං කම්මං, කුසලෙන පිධීයති (පිථීයති (සී. ස්‍යා. කං. පී.));
සොමං ලොකං පභාසෙති, අබ්භා මුත්තොව චන්දිමා.
‘‘යො හවෙ දහරො භික්ඛු, යුඤ්ජති බුද්ධසාසනෙ;
සොමං ලොකං පභාසෙති, අබ්භා මුත්තොව චන්දිමා.
‘‘දිසා හි මෙ ධම්මකථං සුණන්තු,
දිසා හි මෙ යුඤ්ජන්තු බුද්ධසාසනෙ;
දිසා හි මෙ තෙ මනුජා භජන්තු,
යෙ ධම්මමෙවාදපයන්ති සන්තො.
‘‘දිසා හි මෙ ඛන්තිවාදානං, අවිරොධප්පසංසීනං;
සුණන්තු ධම්මං කාලෙන, තඤ්ච අනුවිධීයන්තු.
‘‘න හි ජාතු සො මමං හිංසෙ, අඤ්ඤං වා පන කිඤ්චි නං (කඤ්චි නං (සී. ස්‍යා. කං. පී.), කඤ්චනං (?));
පප්පුය්‍ය පරමං සන්තිං, රක්ඛෙය්‍ය තසථාවරෙ.
‘‘උදකඤ්හි නයන්ති නෙත්තිකා, උසුකාරා නමයන්ති (දමයන්ති (ක.)) තෙජනං;
දාරුං නමයන්ති තච්ඡකා, අත්තානං දමයන්ති පණ්ඩිතා.
‘‘දණ්ඩෙනෙකෙ දමයන්ති, අඞ්කුසෙහි කසාහි ච;
අදණ්ඩෙන අසත්ථෙන, අහං දන්තොම්හි තාදිනා.
‘‘අහිංසකොති මෙ නාමං, හිංසකස්ස පුරෙ සතො;
අජ්ජාහං සච්චනාමොම්හි, න නං හිංසාමි කිඤ්චි නං (කඤ්චි නං (සී. ස්‍යා. කං. පී.), කඤ්චනං (?)).
‘‘චොරො අහං පුරෙ ආසිං, අඞ්ගුලිමාලොති විස්සුතො;
වුය්හමානො මහොඝෙන, බුද්ධං සරණමාගමං.
‘‘ලොහිතපාණි පුරෙ ආසිං, අඞ්ගුලිමාලොති විස්සුතො;
සරණගමනං පස්ස, භවනෙත්ති සමූහතා.
‘‘තාදිසං කම්මං කත්වාන, බහුං දුග්ගතිගාමිනං;
ඵුට්ඨො කම්මවිපාකෙන, අණණො භුඤ්ජාමි භොජනං.
‘‘පමාදමනුයුඤ්ජන්ති, බාලා දුම්මෙධිනො ජනා;
අප්පමාදඤ්ච මෙධාවී, ධනං සෙට්ඨංව රක්ඛති.
‘‘මා පමාදමනුයුඤ්ජෙථ, මා කාමරති සන්ථවං;
අප්පමත්තො හි ඣායන්තො, පප්පොති විපුලං (පරමං (ක.)) සුඛං.
‘‘ස්වාගතං (සාගතං (සී. පී.)) නාපගතං (නාම සගතං (ක.)), නයිදං දුම්මන්තිතං මම;
සංවිභත්තෙසු (සුවිභත්තෙසු (ස්‍යා. කං.), සවිභත්තෙසු (සී. ක.), පටිභත්තෙසු (පී.)) ධම්මෙසු, යං සෙට්ඨං තදුපාගමං.
‘‘ස්වාගතං නාපගතං, නයිදං දුම්මන්තිතං මම;
තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසන’’න්ත්න්ත්ති.
352
“ඉක්බිති ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ පෙරවරු වේලෙහි හැඳ පොරවා පාසිවුරුගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පැමිණියේ. එකල්හි වනාහි, අන් දිසාවකට ගසනලද ගලක්ද ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන්ගේ ශරීරයෙහි වැටෙන්නේය. අන් දිසාවකට ගසනලද්දාවූ දණ්ඩක්ද ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන්ගේ ශරීරයෙහි වැටෙන්නේය. අන්දිසාවකට ගසන ලද්දාවූ කැට කැබලිතිද ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන්ගේ ශරීරයෙහි වැටෙන්නේය. ඉක්බිත්තෙන් ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ බිඳුනාවූ හිසින් යුක්ත ගලන්නාවූ ලේ ඇතිව බිඳුනාවූ පාත්‍රයෙන් යුක්තව විසර ගියාවූ සඟල සිවුරෙන් යුක්තව භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිඳ එන්නාවූ ආයුෂ්මත් අංගුලිමාල ස්ථවිරයන් දුටහ. දැක ආයුෂ්මත් අංගුලිමාල ස්ථවිරයන්ට “බ්‍රාහ්මණය, තෝ ඉවසව, බ්‍රාහ්මණය, තෝ ඉවසව, යම් කර්මයක්හුගේ විපාකයෙන් බොහෝ අවුරුදු බොහෝ සිය ගණන් අවුරුදු සිය දහස් ගණන් අවුරුදු සිය දහස් ගණන් අවුරුදු නරකයෙහි පැසෙන්නෙහිද, බ්‍රාහ්මණය, තෝ ඒ කර්මයාගේ විපාකය මේ ආත්මයෙහිම විඳින්නෙහියයි” වදාළහ. ඉක්බිත්තෙන් ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ රහසිගතවූයේ සිත එකඟ කිරීමට පැමිණියේ නිවන් සුව විඳින්නේ ඒ වෙලාවෙහි මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කෙළේය.
[1] “යමෙක් වනාහි පළමුව ප්‍රමාද වී හෙතෙම පසුව ප්‍රමාද නොවේද, ඒ පුද්ගලතෙම වළාකුලෙන් මිදුනාවූ සඳමෙන් මේ ලෝකය බබුළුවයි.
[2] යමකු විසින් කරණ ලද්දාවූ අකුසල කර්මය කුසල කර්මයෙන් වැසෙන ලැබේද, ඒ පුද්ගලතෙම වළාකුළෙන් මිදුනාවූ චන්ද්‍රයා මෙන් මේ ලෝකය බබලයි.
[3] යම් තරුණ මහණෙක් වනාහි සර්වඥ ශාසනයෙහි වීර්යයෙන් යුක්තව වාසය කෙරේද, හෙතෙම වලාකුලින් මිදුනාවූ චන්ද්‍රයා මෙන් මේ ලෝකය බබලයි.
[4] මාගේ සතුරෝ වනාහි ධර්මයෙන් යුක්තව කථාව අසත්වා. මාගේ සතුරෝ වනාහි සර්වඥ ශාසනයෙහි වීර්යයෙන් යුක්ත වෙත්වා. සත්පුරුෂවූ යම් මිනිස් කෙනෙක් ධර්මය හැර ගණිත්ද, මාගේ සතුරෝ වනාහි එබඳු සත්වයන් භජනය කෙරෙත්වා.
[5] මාගේ සතුරෝ වනාහි ඉවසීම ප්‍රකාශ කරන්නාවූ මෛත්‍රියට ප්‍රශංසා කරන්නවුන්ගේ ධර්මය සුදුසු කාලයෙහි අසත්වා ඒ ධර්මයටද අනුව කටයුතු කෙරෙත්වා.
[6] හෙතෙම ඒකාන්තයෙන් මට හිංසා නොකරන්නෙක් වේවා. අන්කිසිවෙකුටත් (හිංසා නොකෙරේවා) උතුම්වූ නිවණට පැමිණ කෙලෙස් සහිත සත්වයන් හා කෙලෙස් රහිතවූ සත්වයන්ද රක්නේය.
[7] දිය ගෙනයන්නෝ වනාහි ජලය පමුණුවත්. හී වඩුවෝ ඊ දඬු නමා ඇදහරිත්. වඩුවෝ දැව දඬු සැස ඇදහරිත්, නුවණැත්තෝ තමා දමනය කරත්.
[8] සමහර කෙනෙක් දණ්ඩෙන්ද, හෙන්ඩුවෙන්ද, කස සැමිටියෙන්ද දමනය කරත්. තාදී (අෂ්ටලොක ධර්මයෙන් කම්පානොවන) ගුණයෙන් යුක්තවූ සර්වඥයන් වහන්සේ විසින් දණ්ඩක් නැතිව ආයුධයක් නැතිව මම දමනය කරණ ලද්දේවෙමි.
[9] පෙර සත්ව හිංසා කරන්නාවූ මට අහිංසකයයි නමක්වූයේය. අද මම (අහිංසකය යන) සත්‍යවූ නම ඇත්තේ වෙමි. කිසිවකුටත් හිංසාවක් නොකරමි. පෙර මම අංගුලිමාලයයි ප්‍රසිද්ධවූ සොරෙක් වූයෙමි. කාමාදී මහ වතුරෙන් ගසාගෙණ යනු ලබන්නේ බුදුන් සරණ කොට ගියෙමි.
[10] පෙර අංගුලිමාලයයි ප්‍රසිද්ධවූ ලේ තැවරුණු අත් ඇත්තෙක් වීමි. (ඔහුගේ) සරණයාම බලව (ඔහු විසින්) භව ආශාව නැති කරනලදී.
[11] දුර්ගතිවලට පමුණුවන්නාවූ බොහෝ එබඳු අකුසල කර්ම කොට මාර්ග කුසල විපාකයට පැමිණෙන ලද්දේ නය නැත්තෙක්ව ආහාර වළඳමි.
[12] අඥානවූ බාලජනයෝ ප්‍රමාදයෙහි යෙදී වාසය කරත්. නුවණැත්තේ උතුම් ධනයක් මෙන් අප්‍රමාද රක්ෂා කරයි.
[13] ප්‍රමාදයෙහි නොයෙදෙව්. පස්කම් සැපයෙහි ඇල්මට නොපැමිණෙව්. අප්‍රමාදව නුවණින් බලන තැනැත්තේ වනාහි මහත්වූ සැපයට පැමිණේ.
[14] ‘මාගේ යම් පැමිණීමක් ඇද්ද එය ලාමක පැමිණීමක් මම පැවිදි වන්නෙමි යන නොවන්නේය’. යම් වචනයක් කියන ලදද එය අයහපත් කීමක් නොවන්නේය. බුදුවරයන් වහන්සේලා විසින් බෙදා වදාළ ධර්මයන් අතුරෙහි ඒ ධර්මයට පැමිණියෙමි. යම් ධර්මයක් උත්තමද
[15] මාගේ යම් පැමිණීමක් ඇද්ද, එය ලාමකවූ පැමිණීමක් මා විසින් යම් වචනයක් කියනලදද එය නොවේ. ත්‍රිවිද්‍යාවන්ට පිළිවෙළින් පැමිණියෙමි. අයහපත් වචනයක් නොවේ. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය කරණලදියි”. ප්‍රකාශ කෙළේය.
7. පියජාතිකසුත්තං 7. පිය ජාතික සූත්‍රය
8. බාහිතිකසුත්තං 8. බාහිතික සූත්‍රය
9. ධම්මචෙතියසුත්තං 9. ධම්මචෙතිය සූත්‍රය