ත්‍රිපිටකය
4. රාජවග්ගො 4. රාජ වර්ගය
1. ඝටිකාරසුත්තං 1. ඝටීකාර සූත්‍රය
2. රට්ඨපාලසුත්තං 2. රට්ඨපාල සූත්‍රය
3. මඝදෙවසුත්තං 3. මඛාදෙව සූත්‍රය
4. මධුරසුත්තං 4. මාධුර සූත්‍රය
5. බොධිරාජකුමාරසුත්තං 5. බොධිරාජ කුමාර සූත්‍රය
324
එවං මෙ සුතං - එකං සමයං භගවා භග්ගෙසු විහරති සුසුමාරගිරෙ භෙසකළාවනෙ මිගදායෙ. තෙන ඛො පන සමයෙන බොධිස්ස රාජකුමාරස්ස කොකනදො (කොකනුදො (ස්‍යා. කං. ක.)) නාම පාසාදො අචිරකාරිතො හොති අනජ්ඣාවුට්ඨො සමණෙන වා බ්‍රාහ්මණෙන වා කෙනචි වා මනුස්සභූතෙන. අථ ඛො බොධි රාජකුමාරො සඤ්ජිකාපුත්තං මාණවං ආමන්තෙසි - ‘‘එහි ත්වං, සම්ම සඤ්ජිකාපුත්ත, යෙන භගවා තෙනුපසඞ්කම; උපසඞ්කමිත්වා මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්ද, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ - ‘බොධි, භන්තෙ, රාජකුමාරො භගවතො පාදෙ සිරසා වන්දති, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡතී’ති. එවඤ්ච වදෙහි - ‘අධිවාසෙතු කිර, භන්තෙ, භගවා බොධිස්ස රාජකුමාරස්ස ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා’’’ති. ‘‘එවං, භො’’ති ඛො සඤ්ජිකාපුත්තො මාණවො බොධිස්ස රාජකුමාරස්ස පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සඤ්ජිකාපුත්තො මාණවො භගවන්තං එතදවොච - ‘‘බොධි ඛො (බොධි භො ගොතම (සී. ස්‍යා. කං. පී.)) රාජකුමාරො භොතො ගොතමස්ස පාදෙ සිරසා වන්දති, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡති. එවඤ්ච වදෙති - ‘අධිවාසෙතු කිර භවං ගොතමො බොධිස්ස රාජකුමාරස්ස ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා’’’ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන. අථ ඛො සඤ්ජිකාපුත්තො මාණවො භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා යෙන බොධි රාජකුමාරො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා බොධිං රාජකුමාරං එතදවොච - ‘‘අවොචුම්හ භොතො වචනෙන තං භවන්තං ගොතමං - ‘බොධි ඛො රාජකුමාරො භොතො ගොතමස්ස පාදෙ සිරසා වන්දති, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡති. එවඤ්ච වදෙති - අධිවාසෙතු කිර භවං ගොතමො බොධිස්ස රාජකුමාරස්ස ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා’ති. අධිවුට්ඨඤ්ච පන සමණෙන ගොතමෙනා’’ති.
324
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක භාග්‍යවතුන් වහන්සේ භග්ග නම් ජනපදයෙහි සුංසුමාර ගිර නම් නගරයට සමීප වූ මෘගදාය නම් භෙසකලා වනයෙහි වැඩ වෙසෙත්.
එකල්හි බොධිරාජ කුමාරයාගේ කොකනද නම් ප්‍රාසාදය කරවන ලද නොබෝ කල් ඇත්තේ වෙයි. එහි ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ මනුෂ්‍ය වූ කිසිවෙකු විසින් වාසය නොකරණ ලද්දේය. එකල්හි බොධිරාජ කුමාර තෙමේ සඤ්ජිකා පුත්ත නම් මානවකයා කැඳවී. කැඳවා “යහලු සඤ්ජිකා පුත්‍රය, මෙහි එව. නුඹ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එහි යව. ගොස් මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා මස්තකයෙන් වඳුව.
“ස්වාමීන් වහන්ස, බොධිරාජ කුමාර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පා සිරසින් විඳියි. ආබාධ නැතිකම රෝග නැතිකම -සිත කය දෙකේ සැහැල්ලු බව කාය බලය සැප විහරණය අසන්නේයයි’ ආබාධ නැතිකම රෝග නැතිකම කය සිත්හි සැහැල්ලුකම කාය බලය විහරණ සැපය අසව.
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා සමග බොධිරාජ කුමාරයාගේ සෙට දවස පිණිසවූ බත ඉවසන සේක්වායයි.’ කියව. තරුණවූ සඤ්ජිකා පුත්‍ර තෙමේ “එසේය” කියා බොධිරාජ කුමාරයාට උත්තරදී, භාග්‍යවතුන් වහන්සේ යම් තෙනකද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වී සතුටු වියයුතු සිහි කටයුතු කතාව කොට අවසන්ව එක් පසෙක්හි හිඳගත්තේය.
එක් පසෙක හුන් තරුණවූ සඤ්ජිකා පුත්‍රතෙමේ භාග්‍යවතුන් වහන්සේට භවත් ගෞතමයන් වහන්ස, බොධිරාජ කුමාර තෙම භවත් ගෞතමයන් වහන්සේගේ පා මුදුනෙන් වඳියි. නිරෝගි බව කයේ සැහැල්ලු බව කාය බලය සැපසේ විසීම අසයි. තවද පින්වත් ගෞතමයන් වහන්සේ භික්ෂු සංඝයා සමග බෝධිරාජ කුමාරයාගේ සෙට දවස පිණිස වූ බත ඉවසන සේක්වායි කියායිද” කීය. භාග්‍යවතුන් වහන්සේ එය නිශ්ශබ්ද භාවයෙන් ඉවසූහ.
ඉක්බිති තරුණ සඤ්ජිකා පුත්‍රතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන ආසනයෙන් නැගිට බොධිරාජ කුමාර තෙම යම් තැනකද එහි පැමිණියේය.
පැමිණ බොධිරාජ කුමරුට මෙසේ කීය. “පින්වතුන්ගේ” වචනයෙන් ඒ පින්වත් ගෞතමයන් වහන්සේට ‘භවත් ගෞතමයන් වහන්ස, බොධිරාජ කුමාර තෙම- භවත් ගෞතමයන් වහන්සේගේ පාදයන් සිරසින් වඳියි. නිරෝගිබව කයේ සැහැල්ලු බව කාය බලය සැපසේ විසීම අසයි. තවද පින්වත් ගෞතමයන් වහන්සේ භික්ෂු සංඝයා සමග බොධිරාජ කුමාරයාගේ හෙට දවස් පිණිස බත ඉවසන සේක්වායි කියා යයිද, අපි කීවෙමු. එය ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ විසින් ඉවසන ලද්දේ වෙයි.”
325
අථ ඛො බොධි රාජකුමාරො තස්සා රත්තියා අච්චයෙන සකෙ නිවෙසනෙ පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා, කොකනදඤ්ච පාසාදං ඔදාතෙහි දුස්සෙහි සන්ථරාපෙත්වා යාව පච්ඡිමසොපානකළෙවරා (කළෙබරා (සී.)), සඤ්ජිකාපුත්තං මාණවං ආමන්තෙසි - ‘‘එහි ත්වං, සම්ම සඤ්ජිකාපුත්ත, යෙන භගවා තෙනුපසඞ්කම; උපසඞ්කමිත්වා භගවතො කාලං ආරොචෙහි - ‘කාලො, භන්තෙ, නිට්ඨිතං භත්ත’’’න්ති. ‘‘එවං, භො’’ති ඛො සඤ්ජිකාපුත්තො මාණවො බොධිස්ස රාජකුමාරස්ස පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවතො කාලං ආරොචෙසි - ‘‘කාලො, භො ගොතම, නිට්ඨිතං භත්ත’’න්ති. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන බොධිස්ස රාජකුමාරස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. තෙන ඛො පන සමයෙන බොධි රාජකුමාරො බහිද්වාරකොට්ඨකෙ ඨිතො හොති භගවන්තං ආගමයමානො. අද්දසා ඛො බොධි රාජකුමාරො භගවන්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන පච්චුග්ගන්ත්වා භගවන්තං අභිවාදෙත්වා පුරක්ඛත්වා යෙන කොකනදො පාසාදො තෙනුපසඞ්කමි. අථ ඛො භගවා පච්ඡිමං සොපානකළෙවරං නිස්සාය අට්ඨාසි. අථ ඛො බොධි රාජකුමාරො භගවන්තං එතදවොච - ‘‘අභිරුහතු (අභිරූහතු (ස්‍යා. කං. පී.) අක්කමතු (චූළව. 268)), භන්තෙ, භගවා දුස්සානි, අභිරුහතු සුගතො දුස්සානි; යං මම අස්ස දීඝරත්තං හිතාය සුඛායා’’ති. එවං වුත්තෙ, භගවා තුණ්හී අහොසි. දුතියම්පි ඛො...පෙ.... තතියම්පි ඛො බොධි රාජකුමාරො භගවන්තං එතදවොච - ‘‘අභිරුහතු, භන්තෙ, භගවා. දුස්සානි, අභිරුහතු සුගතො දුස්සානි; යං මම අස්ස දීඝරත්තං හිතාය සුඛායා’’ති.
325
ඉක්බිති බොධිරාජ කුමාරතෙමේ එය රැය ඉක්මවීමෙන් තම නිවසෙහි ප්‍රණීත ආහාර පාන වර්ග පිළියෙල කරවා කොකනද ප්‍රාසාදය අන්තිම තරප්පු පුවරුව (පඩිය) තෙක්ම සුදු වස්ත්‍ර අතුරවා, තරුණ සඤ්ජිකා පුත්‍රහට කථා කෙළේය. “යහළු සඤ්ජිකා පුත්‍රය, මෙහි එව. නුඹ භාග්‍යවතුන් වහන්සේ යම් තෙනක නම් එහි ගොස් භාග්‍යවතුන් වහන්සේට ‘ස්වාමීන් වහන්ස, බත නිමවන ලදී. කාලය වේයයි, කාලය දන්වව”.
“පින්වත, එසේය කියා තරුණ සඤ්ජිකා පුත්‍ර තෙමේ තරුණ බොධිරාජ කුමරුට උත්තර දී භාග්‍යවතුන් වහන්සේ යම් තෙනකද එහි පැමිණ, “ස්වාමීන් වහන්ස, බත නිමවනලදී. වැඩීමට කාලයයි,” භාග්‍යවතුන් වහන්සේට කල් දැන්වීය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙණ බොධිරාජ කුමරුගේ ගෙදොර යම් තෙනකද එහි වැඩිසේක. එවේලෙහි බොධිරාජ කුමාරතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පැමිණීම බලමින් පිට දොරටුවෙහි සිටියේ වෙයි. බොධිරාජ කුමාරතෙමේ වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම දැක ඉදිරියට ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඳ පෙරටුව කොකනද ප්‍රාසාදය යම් තෙනකද එහි පැමිණියේය.
එවිට භාග්‍යවතුන් වහන්සේ අන්තිම තරප්පු පුවරුව (පඩිය) ලඟ වැඩ සිටියහ. එකල්හි බොධිරාජ කුමාර තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට බොහෝ කාලයක් හිත පිණිස වැඩ පිණිස, වස්ත්‍ර පාගා වඩින සුගතයන් වහන්සේ වස්ත්‍ර පාගා වඩිනා සේක්වායි” කීය. මෙසේ කී විට භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වී. දෙවනුවද, බොධිරාජ කුමාර තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට බොහෝ කාලයක් හිත පිණිස වැඩ පිණිස වස්ත්‍ර පාගා වඩින සේක්වා, සුගතයන් වහන්සේ වස්ත්‍ර පාගා වඩින සේක්වායි” කීය. දෙවනුවද භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දවූහ. තෙවනුවත් බොධිරාජ කුමාර තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට බොහෝ කාලයක් හිත පිණිස වැඩ පිණිස වස්ත්‍ර පාගා වඩින සේක්වා, සුගතයන් වහන්සේ වස්ත්‍ර පාගා වඩින සේක්වායි” කීය.
326
අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං අපලොකෙසි. අථ ඛො ආයස්මා ආනන්දො බොධිං රාජකුමාරං එතදවොච - ‘‘සංහරතු, රාජකුමාර, දුස්සානි; න භගවා චෙලපටිකං (චෙලපත්තිකං (සී. පී.)) අක්කමිස්සති. පච්ඡිමං ජනතං තථාගතො අනුකම්පතී’’ති (අපලොකෙතීති (සබ්බත්ථ)). අථ ඛො බොධි රාජකුමාරො දුස්සානි සංහරාපෙත්වා උපරිකොකනදපාසාදෙ (උපරිකොකනදෙ පාසාදෙ (සී. පී. විනයෙච), උපරිකොකනදෙ (ස්‍යා. කං.)) ආසනානි පඤ්ඤපෙසි. අථ ඛො භගවා කොකනදං පාසාදං අභිරුහිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි සද්ධිං භික්ඛුසඞ්ඝෙන. අථ ඛො බොධි රාජකුමාරො බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙසි සම්පවාරෙසි. අථ ඛො බොධි රාජකුමාරො භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො බොධි රාජකුමාරො භගවන්තං එතදවොච - ‘‘මය්හං ඛො, භන්තෙ, එවං හොති - ‘න ඛො සුඛෙන සුඛං අධිගන්තබ්බං, දුක්ඛෙන ඛො සුඛං අධිගන්තබ්බ’’’න්ති.
326
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් දෙස බැලී. අනතුරුව ආයුෂ්මත් ආනන්ද තෙමේ බොධිරාජ කුමරුට මෙසේ කීය. “රාජ කුමාරයිනි, වස්ත්‍ර අස්කරවා භාග්‍යවතුන් වහන්සේ පාවාඩ උඩින් නොවඩිත්” කීය. තථාගතයන් වහන්සේ පසු ජනතාව බලන්නාහයි කීය.
ඉක්බිති බොධිරාජ කුමාර තෙමේ පාවාඩ හකුළුවා කොකනද ප්‍රාසාදයෙහි අසුන් පැනවී. එවිට භාග්‍යවතුන් වහන්සේ කොකනද පහයට නැග පැනවූ අස්නෙහි භික්ෂු සංඝයා සමග වැඩ උන්හ. එවිට බොධිරාජ කුමාරතෙමේ බුදුන් ප්‍රධාන භික්ෂු සංඝයා ප්‍රණීතවූ ආහාර පානයෙන් සියතින්ම හොඳින් වැළඳවිය. ඇතිතාක් වැළඳවිය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වළදා පාත්‍රයෙන් අත ඉවත් කළ කල්හි, බොධිරාජ කුමාරතෙම මිටි අස්නක් ගෙන එක් පසෙක ඉඳ ගත්තීය. එක් පසෙකහුන් බොධිරාජ කුමර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීන් වහන්ස, මාගේ මේ අදහසෙක් වෙයි. සැපයෙන් සැපයට නොපැමිණිය හැක. දුකෙන් සැපයට පැමිණිය යුතුය යන මෙබඳු අදහසක් මට පහළවිය යනුයි.
327
‘‘මය්හම්පි ඛො, රාජකුමාර, පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො එතදහොසි - ‘න ඛො සුඛෙන සුඛං අධිගන්තබ්බං, දුක්ඛෙන ඛො සුඛං අධිගන්තබ්බ’න්ති. සො ඛො අහං, රාජකුමාර, අපරෙන සමයෙන දහරොව සමානො සුසුකාළකෙසො භද්‍රෙන යොබ්බනෙන සමන්නාගතො පඨමෙන වයසා අකාමකානං මාතාපිතූනං අස්සුමුඛානං රුදන්තානං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිං. සො එවං පබ්බජිතො සමානො කිංකුසලගවෙසී (කිංකුසලංගවෙසී (ක.)) අනුත්තරං සන්තිවරපදං පරියෙසමානො යෙන ආළාරො කාලාමො තෙනුපසඞ්කමිං; උපසඞ්කමිත්වා ආළාරං කාලාමං එතදවොචං - ‘ඉච්ඡාමහං, ආවුසො කාලාම, ඉමස්මිං ධම්මවිනයෙ බ්‍රහ්මචරියං චරිතු’න්ති. එවං වුත්තෙ, රාජකුමාර, ආළාරො කාලාමො මං එතදවොච - ‘විහරතායස්මා, තාදිසො අයං ධම්මො යත්ථ විඤ්ඤූ පුරිසො නචිරස්සෙව සකං ආචරියකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්‍යා’ති. සො ඛො අහං, රාජකුමාර, නචිරස්සෙව ඛිප්පමෙව තං ධම්මං පරියාපුණිං. සො ඛො අහං, රාජකුමාර, තාවතකෙනෙව ඔට්ඨපහතමත්තෙන ලපිතලාපනමත්තෙන ඤාණවාදඤ්ච වදාමි, ථෙරවාදඤ්ච ජානාමි පස්සාමීති ච පටිජානාමි, අහඤ්චෙව අඤ්ඤෙ ච. තස්ස මය්හං, රාජකුමාර, එතදහොසි - ‘න ඛො ආළාරො කාලාමො ඉමං ධම්මං කෙවලං සද්ධාමත්තකෙන සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමීති පවෙදෙති; අද්ධා ආළාරො කාලාමො ඉමං ධම්මං ජානං පස්සං විහරතී’ති.
‘‘අථ ඛ්වාහං, රාජකුමාර, යෙන ආළාරො කාලාමො තෙනුපසඞ්කමිං; උපසඞ්කමිත්වා ආළාරං කාලාමං එතදවොචං - ‘කිත්තාවතා නො, ආවුසො කාලාම, ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමීති පවෙදෙසී’ති (උපසම්පජ්ජ පවෙදෙසීති (සී. ස්‍යා. කං. පී.))? එවං වුත්තෙ, රාජකුමාර, ආළාරො කාලාමො ආකිඤ්චඤ්ඤායතනං පවෙදෙසි. තස්ස මය්හං, රාජකුමාර, එතදහොසි - ‘න ඛො ආළාරස්සෙව කාලාමස්ස අත්ථි සද්ධා, මය්හංපත්ථි සද්ධා; න ඛො ආළාරස්සෙව කාලාමස්ස අත්ථි වීරියං...පෙ.... සති... සමාධි... පඤ්ඤා, මය්හංපත්ථි පඤ්ඤා. යංනූනාහං යං ධම්මං ආළාරො කාලාමො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමීති පවෙදෙති තස්ස ධම්මස්ස සච්ඡිකිරියාය පදහෙය්‍ය’න්ති. සො ඛො අහං, රාජකුමාර, නචිරස්සෙව ඛිප්පමෙව තං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසිං. අථ ඛ්වාහං, රාජකුමාර, යෙන ආළාරො කාලාමො තෙනුපසඞ්කමිං; උපසඞ්කමිත්වා ආළාරං කාලාමං එතදවොචං - ‘එත්තාවතා නො, ආවුසො කාලාම, ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසී’ති? ‘එත්තාවතා ඛො අහං, ආවුසො, ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙමී’ති. ‘අහම්පි ඛො, ආවුසො, එත්තාවතා ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමී’ති. ‘ලාභා නො, ආවුසො, සුලද්ධං නො, ආවුසො, යෙ මයං ආයස්මන්තං තාදිසං සබ්‍රහ්මචාරිං පස්සාම . ඉති යාහං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙමි, තං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරසි. යං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරසි, තමහං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙමි. ඉති යාහං ධම්මං ජානාමි තං ත්වං ධම්මං ජානාසි; යං ත්වං ධම්මං ජානාසි තමහං ධම්මං ජානාමි. ඉති යාදිසො අහං, තාදිසො තුවං; යාදිසො තුවං තාදිසො අහං. එහි දානි, ආවුසො, උභොව සන්තා ඉමං ගණං පරිහරාමා’ති. ඉති ඛො, රාජකුමාර, ආළාරො කාලාමො ආචරියො මෙ සමානො (අත්තනො) (( ) නත්ථි (සී. ස්‍යා. කං. පී.)) අන්තෙවාසිං මං සමානං අත්තනා (අත්තනො (සී. පී.)) සමසමං ඨපෙසි, උළාරාය ච මං පූජාය පූජෙසි. තස්ස මය්හං, රාජකුමාර, එතදහොසි - ‘නායං ධම්මො නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තති, යාවදෙව ආකිඤ්චඤ්ඤායතනූපපත්තියා’ති . සො ඛො අහං, රාජකුමාර, තං ධම්මං අනලඞ්කරිත්වා තස්මා ධම්මා නිබ්බිජ්ජ අපක්කමිං.
327
“රාජ කුමාරයිනි, චතුස්සත්‍යාවබොධ කිරීමට පලමු බුදු නොවූ බෝධිසත්ව කාලයේදීම මා හටත් ‘සැපයෙන් සැපයට නොම පැමිණිය හැක. දුකෙන් සැපයට පැමිණිය යුතුයයන, අදහස පහළවිය, ගිහිගෙයි වසන්නහු විසින් සියලු ආකාරයෙන් පිරිසිදුවූ, සියලු ආකාරයෙන් සම්පූර්ණවූ ලියවනලද සකක් බඳුවූ, මේ බ්‍රහ්ම චර්යාවෙහි හැසිරීම පහසු නොවෙයි. මම හිසකේ දැළිරැවුලු කපාහැර, කසාවත් හැඳ, ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වන්නෙම් නම් ඉතා යෙහෙකැයි, රාජකුමාරය, කියා, ඒ මම එයින් ටික කලකට පසු තරුණ වයස ඇත්තේම කළුවූ හිසකෙස් ඇත්තේම, පළමුවෙනි වයසෙහි යහපත් තරුණ භාවයෙන් යුක්තවූයේම නොකැමතිවූ මවුපියන් අඬද්දී, හිසකෙස් දැළි රැවුල් කපාහැර කසාවත් හැඳගෙන ගිහිගෙන් නික්ම අනගාරිකව පැවිදිවීමි.’
“මෙසේ පැවිදිවූ මම කුසල් කුමක්දැයි සොයන්නේ නිරුත්තර උතුම් නිර්වාණය සොයන්නේ ආළාරකාලාම නම් තවුස්තෙම යම් තැනෙක්හිද එතැනට ගියෙමි. ගොස්, ආළාරකාලාම තාපසයාට මෙසේ කීවෙමි.
“ඇවැත්නි කාලාමයෙනි, තොපගේ මේ ශාසනයෙහි බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්ට මම කැමැත්තෙමි’යි (කීවෙමි) රාජකුමාරය, මම මෙසේ කී කල්හි ආළාරකාලාම තෙම මට මෙය කීවේය. ‘යම් තැනක නුවණ ඇත්තාවූ පුරුෂයෙක් නොබෝ කලකින් තමන්ගේ ආචාර්යයන්ගේ ධර්මය තමාම නුවණින් දැන අවබෝධ කොට ඊට පැමිණ වාසය කරන්නේද මේ ධර්මයද එබඳුය, එහෙයින් ආයුෂ්මත් තෙම වාසය කෙරේවා’ (කියායි.)
“රාජකුමාරය, ඒ මම ටික කලකින් වහාම ඔවුන්ගේ ඒ ධර්මය අසාම ඉගෙන ගත්තෙමි. රාජකුමාරය, ඒ මම (කියන්ට) තොල පෙරලු පමණින්, (ඔහු) කියනදේ නැවත කී පමණින් මෙබඳු ස්වල්ප කාලයකින් ඤාණවාදයද, (දනිමියයි කීමද) කියමි. ථෙරවාදයද (එහි ස්ථිරයයි කීමද) දනිමියිද දකිමියිද පිළිගනිමි. මා පමණක් නොව අන්‍යයෝද (මා ගැන) එසේ කියති. රාජකුමාරය, ඒ මට මේ සිත විය. ආළාරකාලාම තෙම මේ ධර්මය ඇදහීම පමණකින් තමාම උසස් නුවණින් අවබෝධ කොට ඊට පැමිණ වාසය කරමියි නොකියයි. ආළාර කාලාම තෙම මේ ධර්මය දැන දැක වාසය කරයි. (කියායි.) රාජකුමාරය, ඉන්පසු මම ආළාරකාලාම යම් තැනකද එහි ගියෙමි. ගොස්, ආළාරකාලාම හට මෙසේ කීවෙමි. ඇවැත්නි, කාලාමයෙනි, කොපමණකින් මේ ධර්මය තමාම දැන අවබෝධ කොට ඊට පැමිණ ප්‍රකාශ කෙරේදැ”යි (කියායි)
“රාජකුමාරය, මෙසේ කී කල්හි ආලාරකාලාම තෙම ආකිඤ්චඤ්ඤායතනය කෙළවර කොට ඇති සමාපත්තිය දැක්වූයේය. රාජකුමාරය, ඒ මට මේ සිත පහළවිය. ‘ආළාරකාළාමහට පමණක් ශ්‍රද්ධාව ඇත්තේ නොවෙයි. මටද ශ්‍රද්ධාව ඇත. ආළාරකාළාමහට පමණක් වීර්ය ඇත්තේ නොවෙයි, මටද වීර්යය ඇත. ආළාරකාළාමහට පමණක් සිහිය ඇත්තේ නොවෙයි. මටද සිහිය ඇත, ආළාරකාළාමහට පමණක් සමාධිය ඇත්තේ නොවෙයි, මටද සමාධිය ඇත. ආළාරකාළාමහට පමණක් ප්‍රඥාව ඇත්තේ නොවෙයි, මටද ප්‍රඥාව ඇත. යම් හේතුවකින් ආළාරකාම තෙම යම් ධර්මයක් තමාම නුවණින් දැන ඊට පැමිණ වාසය කරමියි, කියයි නම් ඒ ධර්මය අත්කර ගැණීම පිණිස මම උත්සාහ කරන්නෙම් නම් හොඳය’ (කියායි.)
“රාජකුමාරය, ඒ මම ටික කලකින් වහාම ඒ ධර්මය තමාම නුවණින් දැන අවබෝධකොට ඊට පැමිණ වාසය කෙළෙමි. රාජකුමාරය, ඉන්පසු මම ආළාරකාලාම තෙම යම් තැනකද එතැනට ගියෙමි. ගොස් ‘ඇවැත්නි කාලාමයෙනි, මේ ධර්මය දැන අවබෝධ කොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නේ මෙපමණෙකින්දැ’යි (ඇසීමි) ‘ඇවැත්නි, මේ ධර්මය දැන අවබෝධ කොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නෙම් මෙපමණකින්ය’යි (ආළාරකාලාම තෙම) කීය. ‘ඇවැත්නි, මමද මෙපමණකින් මේ ධර්මය දැන අවබෝධකොට ඊට පැමිණ වාසය කරමි’යි (කීවෙමි) ‘ඇවැත්නි, යම් බඳුවූ අපි ආයුෂ්මත්වූ ඔබ වැනිවූ සමාන බ්‍රහ්මචර්යා ඇත්තෙකු දකින්නෙමුද, ඒ අපට ලාභයකි. උතුම් ලාභයකි. මෙසේ මම යම් ධර්මයක් දැන අවබෝධකොට ඊට පැමිණ ප්‍රකාශ කරම්ද, ඔබ ඒ ධර්මය දැන අවබෝධකොට ඊට පැමිණ වාසය කරන්නෙහිය. ඔබ යම් ධර්මයක් දැන අවබෝධ කොට ඊට පැමිණ වාසය කරන්නෙහිද, මමද ඒ ධර්මය දැන අවබෝධකොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නෙමි. මෙසේ මම යම් ධර්මයක් දන්නෙම්ද ඔබද ඒ ධර්මය දන්නෙහිය. යම් හේතුවකින් ඔබ යම් ධර්මයක් දන්නෙම්ද, මමද ඒ ධර්මය දන්නෙමි. මෙසේ මම යම් බඳුද ඔබත් එබඳුය. ඔබ යම් බඳුද මාත් එබඳුය. ඇවැත්නි, එනු මැනව. දෙදෙනම එක්ව මේ පිරිස පාලනය කරවු’යි (කීවේය) රාජ කුමාරය, මෙසේ මාගේ ආචාර්යවූම ආළාරකාලාම තෙම අතවැසි (ශිෂ්‍ය) වූ ඔහු හා සම සම ස්ථානයෙහි තැබීය. උත්තමවූ පූජාවෙන් මා පිදුවේය.
“රාජකුමාරය, ඒ මට මෙසේ සිතුනේය. ‘මේ (තාපස) ධර්මය සසර කලකිරීම පිණිස නොපවතියි. සසර නොඇල්ම පිණිස නොපවතියි. කෙලෙස් නැති කිරීම පිණිස නොපවතියි (දතයුතු ධර්මයන්) දැනීම පිණිස නොපවතියි. (චතුරාර්ය සත්‍ය) අවබෝධය පිණිස නොපවතියි. නිර්වානය පිණිස නොපවතියි. ආකිඤ්චඤ්ඤායතන බ්‍රහ්ම ලෝකයෙහි ඉපදීම පිණිස පමණක් පවතියි. රාජකුමාරය, ඒ මම ඒ ධර්මය ප්‍රමාණ නොවේයයි සිතා, ඒ ධර්මයෙහි කලකිරී ඉවත්ව ගියෙමි.
328
‘‘සො ඛො අහං, රාජකුමාර, කිංකුසලගවෙසී අනුත්තරං සන්තිවරපදං පරියෙසමානො යෙන උදකො (උද්දකො (සී. ස්‍යා. කං. පී.)) රාමපුත්තො තෙනුපසඞ්කමිං; උපසඞ්කමිත්වා උදකං රාමපුත්තං එතදවොචං - ‘ඉච්ඡාමහං, ආවුසො (ආවුසො රාම (සී. ස්‍යා. කං. ක.) පස්ස ම. නි. 1.278 පාසරාසිසුත්තෙ), ඉමස්මිං ධම්මවිනයෙ බ්‍රහ්මචරියං චරිතු’න්ති. එවං වුත්තෙ, රාජකුමාර, උදකො රාමපුත්තො මං එතදවොච - ‘විහරතායස්මා, තාදිසො අයං ධම්මො යත්ථ විඤ්ඤූ පුරිසො නචිරස්සෙව සකං ආචරියකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්‍යා’ති. සො ඛො අහං, රාජකුමාර, නචිරස්සෙව ඛිප්පමෙව තං ධම්මං පරියාපුණිං. සො ඛො අහං, රාජකුමාර, තාවතකෙනෙව ඔට්ඨපහතමත්තෙන ලපිතලාපනමත්තෙන ඤාණවාදඤ්ච වදාමි, ථෙරවාදඤ්ච ජානාමි පස්සාමීති ච පටිජානාමි, අහඤ්චෙව අඤ්ඤෙ ච. තස්ස මය්හං, රාජකුමාර, එතදහොසි - ‘න ඛො රාමො ඉමං ධම්මං කෙවලං සද්ධාමත්තකෙන සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමීති පවෙදෙසි; අද්ධා රාමො ඉමං ධම්මං ජානං පස්සං විහාසී’ති. අථ ඛ්වාහං, රාජකුමාර, යෙන උදකො රාමපුත්තො තෙනුපසඞ්කමිං; උපසඞ්කමිත්වා උදකං රාමපුත්තං එතදවොචං - ‘කිත්තාවතා නො, ආවුසො, රාමො ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමීති පවෙදෙසී’ති? එවං වුත්තෙ, රාජකුමාර, උදකො රාමපුත්තො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං පවෙදෙසි. තස්ස මය්හං, රාජකුමාර, එතදහොසි - ‘න ඛො රාමස්සෙව අහොසි සද්ධා, මය්හංපත්ථි සද්ධා; න ඛො රාමස්සෙව අහොසි වීරියං...පෙ.... සති... සමාධි... පඤ්ඤා, මය්හංපත්ථි පඤ්ඤා. යංනූනාහං යං ධම්මං රාමො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමීති පවෙදෙති තස්ස ධම්මස්ස සච්ඡිකිරියාය පදහෙය්‍ය’න්ති. සො ඛො අහං, රාජකුමාර, නචිරස්සෙව ඛිප්පමෙව තං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසිං.
‘‘අථ ඛ්වාහං, රාජකුමාර, යෙන උදකො රාමපුත්තො තෙනුපසඞ්කමිං; උපසඞ්කමිත්වා උදකං රාමපුත්තං එතදවොචං - ‘එත්තාවතා නො, ආවුසො, රාමො ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසී’ති? ‘එත්තාවතා ඛො, ආවුසො, රාමො ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසී’ති. ‘අහම්පි ඛො, ආවුසො, එත්තාවතා ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමී’ති. ‘ලාභා නො, ආවුසො, සුලද්ධං නො, ආවුසො, යෙ මයං ආයස්මන්තං තාදිසං සබ්‍රහ්මචාරිං පස්සාම. ඉති යං ධම්මං රාමො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසි තං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරසි. යං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරසි තං ධම්මං රාමො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසි. ඉති යං ධම්මං රාමො අභිඤ්ඤාසි තං ත්වං ධම්මං ජානාසි; යං ත්වං ධම්මං ජානාසි තං ධම්මං රාමො අභිඤ්ඤාසි. ඉති යාදිසො රාමො අහොසි තාදිසො තුවං, යාදිසො තුවං තාදිසො රාමො අහොසි. එහි දානි, ආවුසො, තුවං ඉමං ගණං පරිහරා’ති. ඉති ඛො, රාජකුමාර, උදකො රාමපුත්තො සබ්‍රහ්මචාරී මෙ සමානො ආචරියට්ඨානෙ මං ඨපෙසි, උළාරාය ච මං පූජාය පූජෙසි. තස්ස මය්හං, රාජකුමාර, එතදහොසි - ‘නායං ධම්මො නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තති, යාවදෙව නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපපත්තියා’ති. සො ඛො අහං, රාජකුමාර, තං ධම්මං අනලඞ්කරිත්වා තස්මා ධම්මා නිබ්බිජ්ජ අපක්කමිං.
328
“රාජකුමාරය, ඒ මම කුසල් කුමක්දැයි සොයන්නේ නිරුත්තරවූ උතුම් නිර්වාණය සොයන්නේ උද්දකරාම පුත්තතෙම යම් තැනකද එතැනට පැමිණියෙමි. පැමිණ උද්දකරාම පුත්තහට මෙසේ කීවෙමි. ‘ඇවැත්නි, රාමයෙනි, මේ ධර්ම විනයෙහි බ්‍රහ්මචර්යාව රකින්ට මම කැමැත්තෙමි’ (කීවෙමි) “රාජකුමාරය, මෙසේ කී කල්හි උද්දකරාම පුත්තතෙම මට මෙසේ කීවේය. ‘යම් තැනක නුවණ ඇත්තාවූ පුරුෂයෙක් නොබෝ කලකින් තමන්ගේ ආචාර්යයන්ගේ ධර්මය තමාම නුවණින් දැන අවබෝධකොට ඊට පැමිණ වාසය කරන්නේද, මේ ධර්මයද එබඳුය. එහෙයින් ආයුෂ්මත්තෙම වාසය කෙරේවා’ (කියායි.)
“රාජකුමාරය, ඒ මම ටික කලකින් වහාම ඔවුන්ගේ ඒ ධර්මය ඉගෙනගත්තෙමි, රාජකුමාරය, ඒ මම කීමට තොල සෙලවූ පමණින්, වචනයක් කී පමණින් දනිමි යන වචනයද, දැනීම ස්ථිරය යන වචනයද ප්‍රකාශ කරමි. මම දනිමි, දකිමියි කියමි. මා පමණක් නොව අන්‍යයෝද (මා ගැන) එසේ කියති. රාජකුමාරය, ඒ මට මේ සිත විය. ‘උද්දකරාම පුත්ත තෙම මේ ධර්මය ඇදහීම් පමණකින් තමාම උසස් නුවණින් දැන අවබෝධකොට ඊට පැමිණ වාසය කරමියි, නොකියයි. උද්දකරාම පුත්ත තෙම මේ ධර්මය දැන, දැක වාසය කළේයි’. (මට කල්පනාවිය.) රාජකුමාරය, ඉන්පසු මම උද්දකරාම පුත්ත යම් තැනකද එතැනට ගියෙමි. උද්දකරාම පුත්තහට මෙසේ කීවෙමි ‘ඇවැත්නි, රාමයෙනි, කොපමණකින් මේ ධර්මය තමාම දැන අවබෝධ කොට ඊට පැමිණ ප්‍රකාශ කෙරේදැයි’ (කියායි)
“රාජකුමාරය, මෙසේ කී කල්හි උද්දකරාම පුත්ත නෙවසඤ්ඤානාසඤ්ඤායතනය, කෙළවර කොට ඇති සමාපත්තිය දැන්වූයේය. රාජකුමාරය, ඒ මට මේ සිත විය. ‘රාමහට පමණක් ශ්‍රද්ධාව ඇත්තේ නොවෙයි. මටද ශ්‍රද්ධාව ඇත. රාමහට පමණක් වීර්යය ඇත්තේ නොවෙයි. මටද වීර්යය ඇත. රාමහට පමණක් සිහිය ඇත්තේ නොවෙයි. මටද සිහිය ඇත. රාමහට පමණක් සමාධිය ඇත්තේ නොවෙයි මටද සමාධිය ඇත. රාමහට පමණක් ප්‍රඥාව ඇත්තේ නොවෙයි. මටද ප්‍රඥාව ඇත. යම් හේතුවකින් රාමපුත්තතෙම යම් ධර්මයක් තමාම නුවණින් දැන ඊට පැමිණ වාසයකරමියි කියයි නම් ඒ ධර්මය තමන්ම ප්‍රත්‍යක්ෂ කර ගැණීම පිණිස වීර්ය කරන්නෙම් නම් යහපත්ය.’ (කියායි.)
“රාජකුමාරය, ඒ මම ටික කලකින් වහාම ඒ ධර්මය තමාම නුවණින් දැන අවබෝධ කොට ඊට පැමිණ වාසය කෙළෙමි. රාජකුමාරය, ඉන්පසු මම උද්දකරාම පුත්ත යම් තැනකද එතැනට ගියෙමි. ගොස්, උද්දකරාම පුත්තහට මෙසේ කීවෙමි.
“ඇවැත්නි, රාමයෙනි, මේ ධර්මය දැන අවබෝධකොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නේ මෙපමණකින්දැ”යි ඇසීමි. ‘ඇවැත්නි, මේ ධර්මය දැන අවබෝධ කොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නෙම් මෙපමණකින්ය’යි (උද්දකරාමතෙම) කීය. ‘ඇවැත්නි, මමද මෙපමණකින් මේ ධර්මය දැන අවබෝධකොට ඊට පැමිණ වාසය කරමි’යි කීවෙමි.
“ඇවැත්නි, යම්බඳුවූ අපි ආයුෂ්මත්වූ ඔබ වැනිවූ සමාන බ්‍රහ්මචරියා ඇත්තෙකු දකින්නෙමුද ඒ අපට ලාභයකි. මහත් ලාභයකි. මෙසේ මම යම් ධර්මයක් දැන අවබෝධ කොට ඊට පැමිණ ප්‍රකාශ කරම්ද, ඔබ ඒ ධර්මය නුවණින් දැන අවබෝධකොට ඊට පැමිණ වාසය කරන්නෙහිය. ඔබ යම් ධර්මයක් දැන අවබෝධ කොට ඊට පැමිණ වාසය කරන්නෙහිද, මමද ඒ ධර්මය දැන අවබෝධකොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නෙමි. මෙසේ මම යම් ධර්මයක් දන්නේද, ඔබ ඒ ධර්මය දන්නෙහිය. ඔබ යම් ධර්මයක් දන්නේද, මමද ඒ ධර්මය දන්නෙමි. මෙසේ මම යම් බඳුද ඔබත් එබඳුය. ඔබ යම් බඳුද මමත් එබඳුය. ඇවැත්නි, එව, දෙදෙනම එක්ව මේ පිරිසපාලනය කරමුයි’ (කීවේය) රාජ කුමාරය, මෙසේ මාගේ ආචාර්යවූම උද්දකරාමපුත්ත තෙම අතවැසි (ශිෂ්‍ය) වූ මා ඔහු හා සම සම ස්ථානයෙහි තැබීය. උතුම්වූ පූජාවෙන් මට පිදුවේය.
“රාජ කුමාරය, ඒ මට මෙසේ සිතුනේය. ‘මේ (තාපස) ධර්මය සසර කලකිරීම පිණිස නොපවතී. සසර නොඇල්ම පිණිසනොපවී. කෙලෙස් නැති කිරීම පිණිස නොපවතී. (දතයුතු ධර්මයන්) දැනීම පිණිස නොපවතී. (චතුරාර්යසත්‍යය) අවබෝධය පිණිස නොපවතී. නිර්වාණය පිණිස නොපවතී. යම්තාක් නෙවසඤ්ඤානාසඤ්ඤායතන බ්‍රහ්ම ලෝකයෙහි ඉපදීම පිණිස පමණක් පවතියි’. රාජ කුමාරය, ඒ මම ඒ ධර්මය ප්‍රමාණ නොකොට කලකිරී ඒ ධර්මයෙන් ඉවත්ව ගියෙමි.
329
‘‘සො ඛො අහං, රාජකුමාර, කිංකුසලගවෙසී අනුත්තරං සන්තිවරපදං පරියෙසමානො, මගධෙසු අනුපුබ්බෙන චාරිකං චරමානො, යෙන උරුවෙලා සෙනානිගමො තදවසරිං. තත්ථද්දසං රමණීයං භූමිභාගං, පාසාදිකඤ්ච වනසණ්ඩං, නදීඤ්ච සන්දන්තිං සෙතකං සුපතිත්ථං, රමණීයං සමන්තා ච ගොචරගාමං. තස්ස මය්හං, රාජකුමාර, එතදහොසි - ‘රමණීයො වත, භො, භූමිභාගො, පාසාදිකො ච වනසණ්ඩො, නදිඤ්ච සන්දන්තිං සෙතකා සුපතිත්ථා , රමණීයා සමන්තා (සාමන්තා (?) පුරිමපිට්ඨෙපි) ච ගොචරගාමො. අලං වතිදං කුලපුත්තස්ස පධානත්ථිකස්ස පධානායා’ති. සො ඛො අහං, රාජකුමාර, තත්ථෙව නිසීදිං - ‘අලමිදං පධානායා’ති. අපිස්සු මං, රාජකුමාර, තිස්සො උපමා පටිභංසු අනච්ඡරියා පුබ්බෙ අස්සුතපුබ්බා.
‘‘සෙය්‍යථාපි, රාජකුමාර, අල්ලං කට්ඨං සස්නෙහං උදකෙ නික්ඛිත්තං. අථ පුරිසො ආගච්ඡෙය්‍ය උත්තරාරණිං ආදාය - ‘අග්ගිං අභිනිබ්බත්තෙස්සාමි, තෙජො පාතුකරිස්සාමී’ති. තං කිං මඤ්ඤසි, රාජකුමාර, අපි නු සො පුරිසො අමුං අල්ලං කට්ඨං සස්නෙහං උදකෙ නික්ඛිත්තං උත්තරාරණිං ආදාය අභිමන්ථෙන්තො (අභිමත්ථන්තො (ස්‍යා. කං. ක.)) අග්ගිං අභිනිබ්බත්තෙය්‍ය, තෙජො පාතුකරෙය්‍යා’’ති? ‘‘නො හිදං, භන්තෙ. තං කිස්ස හෙතු? අදුඤ්හි, භන්තෙ, අල්ලං කට්ඨං සස්නෙහං තඤ්ච පන උදකෙ නික්ඛිත්තං, යාවදෙව ච පන සො පුරිසො කිලමථස්ස විඝාතස්ස භාගී අස්සා’’ති. ‘‘එවමෙව ඛො, රාජකුමාර, යෙ හි කෙචි සමණා වා බ්‍රාහ්මණා වා කායෙන චෙව චිත්තෙන ච කාමෙහි අවූපකට්ඨා විහරන්ති, යො ච නෙසං කාමෙසු කාමච්ඡන්දො කාමස්නෙහො කාමමුච්ඡා කාමපිපාසා කාමපරිළාහො සො ච අජ්ඣත්තං න සුප්පහීනො හොති, න සුප්පටිප්පස්සද්ධො. ඔපක්කමිකා චෙපි තෙ භොන්තො සමණබ්‍රාහ්මණා දුක්ඛා තිබ්බා ඛරා කටුකා වෙදනා වෙදයන්ති, අභබ්බාව තෙ ඤාණාය දස්සනාය අනුත්තරාය සම්බොධාය. නො චෙපි තෙ භොන්තො සමණබ්‍රාහ්මණා ඔපක්කමිකා දුක්ඛා තිබ්බා ඛරා කටුකා වෙදනා වෙදයන්ති, අභබ්බාව තෙ ඤාණාය දස්සනාය අනුත්තරාය සම්බොධාය. අයං ඛො මං, රාජකුමාර, පඨමා උපමා පටිභාසි අනච්ඡරියා පුබ්බෙ අස්සුතපුබ්බා.
329
“රාජකුමාරය ඒ මම කුසල් කුමක්දැයි සොයමින්, නිරුත්තරවූ නිර්වාණය සොයමින්, මගධ ජනපදයෙහි පිළිවෙලින් ගමන් කරන්නේ උරුවෙල් දනව්වෙහි සේනානි නම් නියම්ගම යම් තැනකද එහි පැමිණියෙමි. එහි සුදුවැලි තලා ඇත්තාවූ, යහපත් තොටවල් ඇත්තාවූද, ගලායන ගඟ ඇත්තාවූද, අවට ගොදුරු ගම් ඇත්තාවූද, ප්‍රසාදය ඇති කරන්නාවූද, සිත් සතුටු කරන්නාවූද වනලැහැබක් ඇති බිම් පෙදෙසක් දුටිමි. රාජකුමාරය, ඒ මට මේ සිත පහළ විය. ඒකාන්තයෙන් භූමි ප්‍රදෙශය සිත් අලවන්නේය. වනලැහැබ සතුට උපදවන්නේය. සුදු වැලිතලා ඇති හොඳ තොටුපලවල් ඇති ගංගාවද සිත් අලවන්නීය. හාත්පස ගොදුරු ගම්ද වෙයි. වීර්යය කරන කුලපුත්‍රයෙකුට වීර්ය කිරීමට මෙය ඒකාන්තයෙන් සුදුසුයි. රාජකුමාරය, ඒ මම මේ ස්ථානය වීර්ය කිරීමට සුදුසුයයි සිතා වීර්යය වැඩීම පිණිස එහිම උන්නෙමි.
“රාජකුමාරය, මට ආශ්චර්යවූ, පෙර නොඇසූ විරූ උපමා තුනක් වැටහුනාහුය. රාජකුමාරය, යම්සේ කිරි සහිතවූ අමු දියේ දමනලද තෙත්වූ (දිඹුල්) ලී කැබැල්ලක් වේද, ඉක්බිති පුරුෂයෙක් තෙම ගිනිගානා දණ්ඩක් ගෙන ගිනි නිපදවන්නෙමියි, ගින්දර ඇතිකරන්නෙමියි, කියා එන්නේය. රාජකුමාරය, ඒ පුරුෂ තෙම ජලයෙහි බහාලන ලද ඒ කිරි සහිත අමු (දිඹුල්) ලී කැබෙල්ල ගිනි ගානා දණ්ඩන් මැදීමෙන් ගිනි නිපදවන්නේද? ගිනි පහළ කරන්නේද?” “භවත් ගෞතමයෙනි, එය සිදු නොවන්නේය. ඊට හේතු කවරේද යත්:-භවත් ගෞතමයෙනි, (දිඹුල්) ලී කඩ වනාහි අමුය, කිරි සහිතය, එපමණක් නොව ජලයෙහිද බහාලන ලද්දේය. (එහෙයිනි) (ඒ ලීයෙන් ගිනි උපදවනු කැමැති) ඒ පුරුෂ තෙම ක්ලාන්තයටද, වෙහෙසටද පැමිණීම පමණක් සිදුවන්නේය.” “රාජකුමාරය, එපරිද්දෙන්ම යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කයින් වස්තු කාමයන්ගෙන් වෙන්ව වාසය නොකරත්ද, කාම වස්තු කෙරෙහි ඔවුන්ගේ යම්කිසි ඇල්මක් වේද, කාම ආසාවක් වේද, කාම මූර්ජාවක් වේද කාම පිපාසයක් වේද, කාම දැවිල්ලක් වේද, ඒ ක්ලේශ කාමය තමා තුල මනාව නැති නොවූයේ වේද, මනාව මැඩපවත්වන ලද්දේ නොවේද, ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ, වේදනාවන් විඳිත්. ඔවුහු ආර්ය මාර්ග ඥාන දර්ශනයටද, නිරුත්තරවූ අවබෝධයටද නුසුදුස්සෝමය රාජකුමාරය, ආශ්චර්යවූ පෙර නොඇසුවිරූ මේ පළමු වන උපමාව මට වැටහුණි.
330
‘‘අපරාපි ඛො මං, රාජකුමාර, දුතියා උපමා පටිභාසි අනච්ඡරියා පුබ්බෙ අස්සුතපුබ්බා. සෙය්‍යථාපි, රාජකුමාර, අල්ලං කට්ඨං සස්නෙහං ආරකා උදකා ථලෙ නික්ඛිත්තං. අථ පුරිසො ආගච්ඡෙය්‍ය උත්තරාරණිං ආදාය - ‘අග්ගිං අභිනිබ්බත්තෙස්සාමි, තෙජො පාතුකරිස්සාමී’ති. තං කිං මඤ්ඤසි, රාජකුමාර, අපි නු සො පුරිසො අමුං අල්ලං කට්ඨං සස්නෙහං ආරකා උදකා ථලෙ නික්ඛිත්තං උත්තරාරණිං ආදාය අභිමන්ථෙන්තො අග්ගිං අභිනිබ්බත්තෙය්‍ය , තෙජො පාතුකරෙය්‍යා’’ති? ‘‘නො හිදං, භන්තෙ. තං කිස්ස හෙතු? අදුඤ්හි, භන්තෙ, අල්ලං කට්ඨං සස්නෙහං කිඤ්චාපි ආරකා උදකා ථලෙ නික්ඛිත්තං, යාවදෙව ච පන සො පුරිසො කිලමථස්ස විඝාතස්ස භාගී අස්සා’’ති. ‘‘එවමෙව ඛො, රාජකුමාර, යෙ හි කෙචි සමණා වා බ්‍රාහ්මණා වා කායෙන චෙව චිත්තෙන ච කාමෙහි වූපකට්ඨා විහරන්ති, යො ච නෙසං කාමෙසු කාමච්ඡන්දො කාමස්නෙහො කාමමුච්ඡා කාමපිපාසා කාමපරිළාහො සො ච අජ්ඣත්තං න සුප්පහීනො හොති, න සුප්පටිප්පස්සද්ධො. ඔපක්කමිකා චෙපි තෙ භොන්තො සමණබ්‍රාහ්මණා දුක්ඛා තිබ්බා ඛරා කටුකා වෙදනා වෙදයන්ති, අභබ්බාව තෙ ඤාණාය දස්සනාය අනුත්තරාය සම්බොධාය. නො චෙපි තෙ භොන්තො සමණබ්‍රාහ්මණා ඔපක්කමිකා දුක්ඛා තිබ්බා ඛරා කටුකා වෙදනා වෙදයන්ති, අභබ්බාව තෙ ඤාණාය දස්සනාය අනුත්තරාය සම්බොධාය. අයං ඛො මං, රාජකුමාර, දුතියා උපමා පටිභාසි අනච්ඡරියා පුබ්බෙ අස්සුතපුබ්බා.
330
“රාජ කුමාරය, ආශ්චර්යවූ පෙර නොඇසූවිරූ අන්‍යවූ දෙවෙනි උපමාවක්ද මට වැටහිණි. රාජකුමාරය යම්සේ කිරි සහිතවූ අමු (දිඹුල්) ලීයක් දියෙන් ඈත්කොට ගොඩවීමෙහි බහා තබන ලද්දේ වේද, ඉක්බිති පුරුෂයෙක් තම ගිනිගානා දණ්ඩ ගෙන ගිනි නිපදවන්නෙමි. ගින්න පහළ කරන්නෙමියි කියා එන්නේය. රාජකුමාරය, ඒ පුරුෂ තෙම කිරි සහිතවූ දියෙන්
ගෙන ගොඩ තබන ලද්දාවූ, ඒ අමු ලීය ගිනිගානා දණේඩන් මැදීමෙන් ගිනි උපදවන්නේද? ගින්දර පහළ කරන්නේද?” “භවත් ගෞතමයෙනි, එය සිදු නොවන්නේය. ඊට හේතු කවරේද යත්. භවත් ගෞතමයෙනි, ඒ ලී කඩ ජලයෙන් බැහැර කර ගොඩ බිමෙහි දමා තිබුණත් කිරි සහිතය (අමුය) එහෙයිනි. ඒ පුරුෂයා ක්ලාන්තයටද, වෙහෙසටද පත්වීම පමණක් නම් සිදුවන්නේය” “රාජකුමාරය, “එපරිද්දෙන්ම යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කයින් කාමයන්ගෙන් වෙන්ව වාසය කරත්ද, (එහෙත්) කාම වස්තු කෙරෙහි ඔවුන්ගේ ඇල්මක් වේද, කාම ආශාවක් වේද, කාම මුර්ජාවක් වේද, කාම පිපාසයක් වේද, කාම දැවිල්ලක් වේද, එය අභ්‍යන්තරයෙහි මනාව නැති නොවූයේ වේද නොව මැඩ නොපවත්වන ලද්දේ වේද, ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවූ දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනාවන් විඳිත්. ඔවුහු ආර්ය ඥාන දර්ශනයටද, නිරුත්තර අවබෝධයටද නුසුදුස්සෝමය.
“ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ, වේදනාවන් ඉදින් නොවිඳින්නාහුද, ඥාන දර්ශනය ලැබීමටද, නිරුත්තරවූ අවබෝධයටද නුසුදුස්සෝමය. රාජකුමාරය, මේ වනාහි මට වැටහුනු පුදුමවු, පෙර නොඇසුවාවූ දෙවෙනි උපමාවය.
331
‘‘අපරාපි ඛො මං, රාජකුමාර, තතියා උපමා පටිභාසි අනච්ඡරියා පුබ්බෙ අස්සුතපුබ්බා. සෙය්‍යථාපි, රාජකුමාර, සුක්ඛං කට්ඨං කොළාපං ආරකා උදකා ථලෙ නික්ඛිත්තං. අථ පුරිසො ආගච්ඡෙය්‍ය උත්තරාරණිං ආදාය - ‘අග්ගිං අභිනිබ්බත්තෙස්සාමි, තෙජො පාතුකරිස්සාමී’ති. තං කිං මඤ්ඤසි, රාජකුමාර, අපි නු සො පුරිසො අමුං සුක්ඛං කට්ඨං කොළාපං ආරකා උදකා ථලෙ නික්ඛිත්තං උත්තරාරණිං ආදාය අභිමන්ථෙන්තො අග්ගිං අභිනිබ්බත්තෙය්‍ය, තෙජො පාතුකරෙය්‍යා’’ති? ‘‘එවං, භන්තෙ’’. තං කිස්ස හෙතු? අදුඤ්හි, භන්තෙ, සුක්ඛං කට්ඨං කොළාපං, තඤ්ච පන ආරකා උදකා ථලෙ නික්ඛිත්ත’’න්ති. ‘‘එවමෙව ඛො, රාජකුමාර, යෙ හි කෙචි සමණා වා බ්‍රාහ්මණා වා කායෙන චෙව චිත්තෙන ච කාමෙහි වූපකට්ඨා විහරන්ති, යො ච නෙසං කාමෙසු කාමච්ඡන්දො කාමස්නෙහො කාමමුච්ඡා කාමපිපාසා කාමපරිළාහො සො ච අජ්ඣත්තං සුප්පහීනො හොති සුප්පටිප්පස්සද්ධො. ඔපක්කමිකා චෙපි තෙ භොන්තො සමණබ්‍රාහ්මණා දුක්ඛා තිබ්බා ඛරා කටුකා වෙදනා වෙදයන්ති, භබ්බාව තෙ ඤාණාය දස්සනාය අනුත්තරාය සම්බොධාය. නො චෙපි තෙ භොන්තො සමණබ්‍රාහ්මණා ඔපක්කමිකා දුක්ඛා තිබ්බා ඛරා කටුකා වෙදනා වෙදයන්ති, භබ්බාව තෙ ඤාණාය දස්සනාය අනුත්තරාය සම්බොධාය. අයං ඛො මං, රාජකුමාර, තතියා උපමා පටිභාසි අනච්ඡරියා පුබ්බෙ අස්සුතපුබ්බා. ඉමා ඛො මං, රාජකුමාර, තිස්සො උපමා පටිභංසු අනච්ඡරියා පුබ්බෙ අස්සුතපුබ්බා.
331
“රාජකුමාරය, පුදුමවූ පෙර නොඇසුවාවූ තුන්වෙනිවූ අන්‍ය උපමාවක්ද මට වැටහුනේය. රාජකුමාරය, වියලුනාවූ, කිරි සිඳුනාවූ, දියෙන් ඈත්කොට ගොඩබිමෙහි තබන ලද වියලි දරලීයක් වේද, එකල්හි පුරුෂයෙක් ගිනිගානා දණ්ඩ ගෙන ගිනි උපදවන්නෙමි. ගින්න ඇති කරන්නෙමියි එන්නේය. රාජකුමාරය, ඒ පුරුෂතෙම වියලුනාවූ, කිරි සිඳුනාවූ, දියෙන් ඈත්කොට ගොඩ තබන ලද ඒ ලීය ඒ ගිනි ගානා දණ්ඩ ගෙන මැදීමෙන් ගිනි උපදවන්නේද, ගින්න ඇති කරන්නේද?” “භවත් ගෞතමයෙනි, එසේය. ඊට හේතු කවරේද? භවත් ගෞතමයෙනි, ඒ ලීය වියලුනේ වෙයි, කිරි සිඳුනේ වෙයි, දියෙන් ගෙන ගොඩ තබන ලද්දේත් වෙයි.” “රාජකුමාරය, එපරිද්දෙන්ම යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කයින් කාමයන්ගෙන් වෙන්ව වාසය කරත්ද, ඔවුන්ගේ කාමවස්තූන් කෙරෙහි යම් ඇල්මක් වේද, කාම ආසාවක් වේද, කාම මූර්ජාවක් වේද, කාම දැවිල්ලක් වේද, ඒ කාම ආශාව අධ්‍යාත්මයෙහි (ඇතුලත) හොඳින් ප්‍රහීනවූයේ වේද, හොඳින් මැඩපැවතියේද, ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවූ, තියුණුවූ, කටුකවූ, වේදනාවන් නොවිඳිත්. ඔවුහු මාර්ග ඥාන දර්ශනය පිණිස, නිරුන්තරවූ අවබෝධය පිණිස සුදුස්සෝමැයි රාජකුමාරය, ආශ්චර්යවූ පෙර නොඇසූ විරූ මේ උපමා තුන මට වැටහුනාහුය.
332
‘‘තස්ස මය්හං, රාජකුමාර, එතදහොසි - ‘යංනූනාහං දන්තෙභිදන්තමාධාය (පස්ස ම. නි. 1.220 විතක්කසණ්ඨානසුත්තෙ), ජිව්හාය තාලුං ආහච්ච, චෙතසා චිත්තං අභිනිග්ගණ්හෙය්‍යං අභිනිප්පීළෙය්‍යං අභිසන්තාපෙය්‍ය’න්ති. සො ඛො අහං, රාජකුමාර, දන්තෙභිදන්තමාධාය, ජිව්හාය තාලුං ආහච්ච, චෙතසා චිත්තං අභිනිග්ගණ්හාමි අභිනිප්පීළෙමි අභිසන්තාපෙමි. තස්ස මය්හං, රාජකුමාර, දන්තෙභිදන්තමාධාය, ජිව්හාය තාලුං ආහච්ච, චෙතසා චිත්තං අභිනිග්ගණ්හතො අභිනිප්පීළයතො අභිසන්තාපයතො කච්ඡෙහි සෙදා මුච්චන්ති. සෙය්‍යථාපි, රාජකුමාර, බලවා පුරිසො දුබ්බලතරං පුරිසං සීසෙ වා ගහෙත්වා ඛන්ධෙ වා ගහෙත්වා අභිනිග්ගණ්හෙය්‍ය අභිනිප්පීළෙය්‍ය අභිසන්තාපෙය්‍ය; එවමෙව ඛො මෙ, රාජකුමාර, දන්තෙභිදන්තමාධාය, ජිව්හාය තාලුං ආහච්ච, චෙතසා චිත්තං අභිනිග්ගණ්හතො අභිනිප්පීළයතො අභිසන්තාපයතො කච්ඡෙහි සෙදා මුච්චන්ති. ආරද්ධං ඛො පන මෙ, රාජකුමාර, වීරියං හොති අසල්ලීනං, උපට්ඨිතා සති අසම්මුට්ඨා, සාරද්ධො ච පන මෙ කායො හොති අප්පටිප්පස්සද්ධො, තෙනෙව දුක්ඛප්පධානෙන පධානාභිතුන්නස්ස සතො.
332
“රාජකුමාරය, ඒ මට මේ සිත පහළවිය. ‘යම්හෙයකින් මම යටි දත් පෙළෙහි උඩු දත් පෙළ තදකරගෙන (දත්මිටි කාගෙන.) දිව උඩුතල්ලෙහි තද කරගෙන, කුසල් සිතින් අකුසල් සිත යටපත් කරන්නෙම් නම්, පෙළන්නෙම් නම් යෙහෙක’ (කියායි.) රාජ කුමාරය, ඒ මම දත්මිටිකාගෙන දිව උඩුතල්ලෙහි තදකරගෙන, කුසල් සිතින් අකුසල් සිත යටපත් කරමි. පෙළමි, තවමි. රාජකුමාරය, දත්මිටි කාගෙන දිව උඩුතල්ලෙහි තද කරගෙන කුසල් සිතින් අකුසල් සිත යටපත් කරන්නාවූ, පෙළන්නාවූ, තවන්නාවූ ඒ මාගේ කිහිලිවලින් ඩාදිය වැගිරෙන්නේය.
“රාජ කුමාරය, යම්සේ බලවත් පුරුෂයෙක් තෙම වඩා දුර්වල පුරුෂයෙකු හිසින් හෝ අල්වාගෙන, බෙල්ලෙන් හෝ අල්වාගෙන තදකරන්නේද, පෙළන්නේද, තවන්නේද, රාජකුමාරය, එපරිද්දෙන්ම දත්මිටිකාගෙන, දිව උඩුතල්ලෙහි තදකරගෙන කුසල් සිතින් අකුසල් සිත යටපත් කරන්නාවූ, පෙළන්නාවූ, තවන්නාවූ ඒ මාගේ කිහිලිවලින් ඩාදිය වැගිරෙයි.
“රාජ කුමාරය, මා විසින් නොහැකුළුණු වීර්යය පටන්ගන්නා ලද්දේය. සිහිය එළඹ සිටියාය. එහෙයින්ම නුමුළාවිය. ප්‍රධාන වීර්යයෙන් මඩනා, ලද්දාවුම මාගේ ශරීරය දාහ සහිත විය. නොසන්සිඳුනේ විය. රාජකුමාරය, මට උපන්නාවූද මෙබඳුවූද, දුක්වේදනාව කුසල් සිත විනාශ නොකරයි.
333
‘‘තස්ස මය්හං, රාජකුමාර, එතදහොසි - ‘යංනූනාහං අප්පාණකංයෙව ඣානං ඣායෙය්‍ය’න්ති. සො ඛො අහං, රාජකුමාර, මුඛතො ච නාසතො ච අස්සාසපස්සාසෙ උපරුන්ධිං. තස්ස මය්හං, රාජකුමාර, මුඛතො ච නාසතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු කණ්ණසොතෙහි වාතානං නික්ඛමන්තානං අධිමත්තො සද්දො හොති. සෙය්‍යථාපි නාම කම්මාරගග්ගරියා ධමමානාය අධිමත්තො සද්දො හොති, එවමෙව ඛො මෙ, රාජකුමාර, මුඛතො ච නාසතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු කණ්ණසොතෙහි වාතානං නික්ඛමන්තානං අධිමත්තො සද්දො හොති. ආරද්ධං ඛො පන මෙ, රාජකුමාර, වීරියං හොති අසල්ලීනං, උපට්ඨිතා සති අසම්මුට්ඨා, සාරද්ධො ච පන මෙ කායො හොති අප්පටිප්පස්සද්ධො, තෙනෙව දුක්ඛප්පධානෙන පධානාභිතුන්නස්ස සතො.
‘‘තස්ස මය්හං, රාජකුමාර, එතදහොසි - ‘යංනූනාහං අප්පාණකංයෙව ඣානං ඣායෙය්‍ය’න්ති. සො ඛො අහං, රාජකුමාර, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙ උපරුන්ධිං. තස්ස මය්හං, රාජකුමාර, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු අධිමත්තා වාතා මුද්ධනි ඌහනන්ති (ඌහන්ති (සී.), ඔහනන්ති (ස්‍යා. කං.), උහනන්ති (ක.)). සෙය්‍යථාපි, රාජකුමාර, බලවා පුරිසො තිණ්හෙන සිඛරෙන මුද්ධනි අභිමත්ථෙය්‍ය (මුද්ධානං අභිමන්ථෙය්‍ය (සී. පී.), මුද්ධානං අභිමත්ථෙය්‍ය (ස්‍යා. කං.)), එවමෙව ඛො මෙ, රාජකුමාර, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු අධිමත්තා වාතා මුද්ධනි ඌහනන්ති. ආරද්ධං ඛො පන මෙ, රාජකුමාර, වීරියං හොති අසල්ලීනං, උපට්ඨිතා සති අසම්මුට්ඨා, සාරද්ධො ච පන මෙ කායො හොති අප්පටිප්පස්සද්ධො, තෙනෙව දුක්ඛප්පධානෙන පධානාභිතුන්නස්ස සතො.
‘‘තස්ස මය්හං, රාජකුමාර, එතදහොසි - ‘යංනූනාහං අප්පාණකංයෙව ඣානං ඣායෙය්‍ය’න්ති. සො ඛො අහං, රාජකුමාර, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙ උපරුන්ධිං. තස්ස මය්හං, රාජකුමාර, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු අධිමත්තා සීසෙ සීසවෙදනා හොන්ති. සෙය්‍යථාපි, රාජකුමාර, බලවා පුරිසො දළ්හෙන වරත්තක්ඛණ්ඩෙන (වරත්තකබන්ධනෙන (සී.)) සීසෙ සීසවෙඨං දදෙය්‍ය; එවමෙව ඛො මෙ, රාජකුමාර, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු අධිමත්තා සීසෙ සීසවෙදනා හොන්ති. ආරද්ධං ඛො පන මෙ, රාජකුමාර, වීරියං හොති අසල්ලීනං, උපට්ඨිතා සති අසම්මුට්ඨා, සාරද්ධො ච පන මෙ කායො හොති අප්පටිප්පස්සද්ධො, තෙනෙව දුක්ඛප්පධානෙන පධානාභිතුන්නස්ස සතො.
‘‘තස්ස මය්හං, රාජකුමාර, එතදහොසි - ‘යංනූනාහං අප්පාණකංයෙව ඣානං ඣායෙය්‍ය’න්ති. සො ඛො අහං, රාජකුමාර, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙ උපරුන්ධිං. තස්ස මය්හං, රාජකුමාර, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු අධිමත්තා වාතා කුච්ඡිං පරිකන්තන්ති. සෙය්‍යථාපි, රාජකුමාර, දක්ඛො ගොඝාතකො වා ගොඝාතකන්තෙවාසී වා තිණ්හෙන ගොවිකන්තනෙන කුච්ඡිං පරිකන්තෙය්‍ය, එවමෙව ඛො මෙ, රාජකුමාර, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු අධිමත්තා , වාතා කුච්ඡිං පරිකන්තන්ති. ආරද්ධං ඛො පන මෙ, රාජකුමාර, වීරියං හොති අසල්ලීනං, උපට්ඨිතා සති අසම්මුට්ඨා, සාරද්ධො ච පන මෙ කායො හොති අප්පටිප්පස්සද්ධො, තෙනෙව දුක්ඛප්පධානෙන පධානාභිතුන්නස්ස සතො.
‘‘තස්ස මය්හං, රාජකුමාර, එතදහොසි - ‘යංනූනාහං අප්පාණකංයෙව ඣානං ඣායෙය්‍ය’න්ති. සො ඛො අහං, රාජකුමාර, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙ උපරුන්ධිං. තස්ස මය්හං, රාජකුමාර, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු අධිමත්තො කායස්මිං ඩාහො හොති. සෙය්‍යථාපි, රාජකුමාර, ද්වෙ බලවන්තො පුරිසා දුබ්බලතරං පුරිසං නානාබාහාසු ගහෙත්වා අඞ්ගාරකාසුයා සන්තාපෙය්‍යුං සම්පරිතාපෙය්‍යුං, එවමෙව ඛො මෙ, රාජකුමාර, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු අධිමත්තො කායස්මිං ඩාහො හොති. ආරද්ධං ඛො පන මෙ, රාජකුමාර, වීරියං හොති අසල්ලීනං, උපට්ඨිතා සති අසම්මුට්ඨා, සාරද්ධො ච පන මෙ කායො හොති අප්පටිප්පස්සද්ධො, තෙනෙව දුක්ඛප්පධානෙන පධානාභිතුන්නස්ස සතො.
‘‘අපිස්සු මං, රාජකුමාර, දෙවතා දිස්වා එවමාහංසු - ‘කාලඞ්කතො සමණො ගොතමො’ති. එකච්චා දෙවතා එවමාහංසු - ‘න කාලඞ්කතො සමණො ගොතමො, අපි ච කාලඞ්කරොතී’ති. එකච්චා දෙවතා එවමාහංසු - ‘න කාලඞ්කතො සමණො ගොතමො, නාපි කාලඞ්කරොති . අරහං සමණො ගොතමො. විහාරොත්වෙව සො (විහාරොත්වෙවෙසො (සී.)) අරහතො එවරූපො හොතී’ති (විහාරොත්වෙවෙසො අරහතො’’ති (?)).
333
“රාජ කුමාරය, ඒ මට මේ සිත පහළ විය. ‘යම් හෙයකින් මම ආශ්වාස කිරීම රහිත ධ්‍යානය වඩන්නෙම් නම් යෙහෙක’ (කියාය) රාජකුමාරය, ඒ මම කටින්ද නාසයෙන්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. රාජකුමාරය, කටින්ද, නාසයෙන්ද ආශ්වාස ප්‍රශ්වාස වැළක්වූ කල්හි කන් සිදුරුවලින් පිටවන වාතයෙහි අධික ශබ්දය ඇතිවෙයි. මයින හමක් පිඹින කල්හි යම්සේ අධික ශබ්දයක් ඇතිවේද, එපරිද්දෙන්ම රාජකුමාරය, මාගේ මුඛයෙන්ද නාසයෙන්ද ආශ්වාස ප්‍රශ්වාස වැළක්වූ කල්හි කන් සිදුරුවලින් පිටවන වාතයෙහි අධික ශබ්දය ඇතිවෙයි.
“රාජ කුමාරය, මා විසින් නොහැකුළුණු වීර්ය පටන්ගන්නා ලදී. සිහිය එළඹ සිටියාය (එහෙයින්ම) මුළා නොවීය. ප්‍රධාන වීර්යයෙන් වීර්යය වඩන්නාවූ මාගේ ශරීරය දාහ සහිත වෙයි. නොසන්සිඳුනේ වෙයි. රාජකුමාරය, මට උපන්නාවූද, මෙබඳුවූද, දුක්වේදනාව කුසල් සිත විනාශ නොකරයි.
“රාජ කුමාරය, ඒ මට මෙසේ කල්පනා විය. ‘යම් හෙයකින් මම ආශ්වාස රහිත ධ්‍යානයම වඩන්නෙම් නම් යෙහෙක’ (කියායි) රාජකුමාරය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. රාජ කුමාරය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළක්වූ කල්හි අධික වාතය හිස්මුදුන පලන්නාක් මෙන් වෙයි. රාජකුමාරය, යම්සේ බලවත් පුරුෂයෙක් තියුණු කටුවකින් හිස්මුදුන විදින්නේද එපරිද්දෙන්ම රාජකුමාරය, මගේ මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ, කල්හි අධික වාතය හිස්මුදුන පලන්නාසේ වෙයි.
“රාජ කුමාරය, මා විසින් නොහැකුළුණු වීර්යය පටන්ගන්නා ලද්දේමය. සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළාව නොවීය. ප්‍රධාන වීර්යයෙන් වීර්යය වඩන්නාවූ මාගේ ශරීරය දාහ සහිතවිය. නොසංසිඳුනේ වෙයි. රාජකුමාරය, මට උපන්නාවූ මෙබඳුවූද, දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි.
“රාජ කුමාරය, ඒ මට මෙසේ කල්පනා විය. ‘යම් හෙයකින් මම ආශ්වාස රහිත ධ්‍යානයම වඩන්නේ නම් යෙහෙක’ (කියාය). රාජකුමාරය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. රාජ කුමාරය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි හිසෙහි අධික වේදනාව ඇතිවෙයි. රාජ කුමාරය, යම්සේ බලවත් පුරුෂයෙක් දැඩි වරපට බැම්මකින් හිස වෙළයිද, එපරිද්දෙන්ම රාජකුමාරය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි මගේ හිසෙහි වේදනාව ඇති වෙයි.
“රාජ කුමාරය, මා විසින් නොහැකුළුණු වීර්යය පටන්ගන්නා ලද්දේමය, සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළාව නොවීය. ප්‍රධාන වීර්යයෙන් වීර්යය වඩන්නාවූ මාගේ ශරීරය දාහ සහිත විය. නොසංසිඳුනේ වෙයි. රාජකුමාරය, මට උපන්නාවූ මෙබඳුවූද, දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි.
“රාජ කුමාරය, ඒ මට මෙසේ කල්පනා විය. ‘යම් හෙයකින් මම ආශ්වාස රහිත ධ්‍යානයම වඩන්නේ නම් යෙහෙක’ (කියාය). රාජකුමාරය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. රාජකුමාරය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි අධිකවූ වාතයෝ කුස සිඳිත්.
“රාජකුමාරය, දක්ෂවූ ගවයන් මරන්නෙක් හෝ ගවයන් මරන්නෙකුගේ අතවැසියෙක් හෝ ගෙරින් කපන තියුණු ආයුධයකින් බඩ කපන්නේ යම්සේද, එපරිද්දෙන්ම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි අධික වාතය උදරය කපන්නාසේ වෙයි.
“රාජකුමාරය, මා විසින් නොහැකුළුණු වීර්යය පටන් ගන්නා ලද්දේමය, සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළාව නොවීය. ප්‍රධාන වීර්යයෙන් වීර්යය කරන්නාවූ මාගේ ශරීරය දාහ සහිත විය. නොසංසිඳුනේ වෙයි. රාජකුමාරය, මට උපන්නාවූ මෙබඳුවූද, දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි.
“රාජකුමාරය, ඒ මට මෙසේ කල්පනා විය. ‘ආශ්වාස රහිත ධ්‍යානය වඩන්නේ නම් යෙහෙක’ (කියාය). රාජකුමාරය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක් වූයෙමි. රාජකුමාරය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි ශරීරයෙහි අධික දැවිල්ලක් වෙයි. රාජකුමාරය, යම්සේ බලවත් පුරුෂයෝ දෙදෙනෙක් දුර්වල පුරුෂයෙකු අත් දෙකෙන් අල්ලා ගෙන අඟුරු වළකට අල්ලා තවන්නාහුද, අතිශයින් තවන්නාහුද, රාජකුමාරය, එපරිද්දෙන්ම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි මගේ ශරීරයේ අධික දැවිල්ලක් වෙයි.
“රාජකුමාරය, මා විසින් වීර්යය පටන්ගන්නා ලද්දේමය සිහිය එළඹ සිටියාය. (එහෙයින්) මුළාව නොවීය. ප්‍රධාන වීර්යයෙන් වීර්ය කරන්නාවූ මාගේ ශරීරය දාහ සහිත වීර්යයෙන්ම විඩා සහිත වෙයි. නොසංසිඳුනේ වෙයි. රාජ කුමාරය, මට උපන්නාවූ මෙබඳුවූද දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි.
“එකල්හි දේවතාවෝ මා දැක මෙසේ කීහ. ‘ශ්‍රමණ ගෞතම තෙම කළුරිය කළේය’ (කියායි) ඇතැම් දේවතා කෙනෙක් මෙසේ කීහ. ‘ශ්‍රමණ ගෞතමතෙම කළුරිය නොකෙළේය. එහෙත් කළුරිය කරන්නේය’ (කියායි.) ඇතැම් දෙවතා කෙනෙක් ‘ශ්‍රමණ ගෞතම තෙම කලුරිය කළේත් නොවේ. කලුරිය කරන්නේත් නොවෙයි. ශ්‍රමණ ගෞතම තෙම රහත්ය. රහතුන්ගේ වාසය කිරීමකැ’යි (කීහ.)
334
‘‘තස්ස මය්හං, රාජකුමාර, එතදහොසි - ‘යංනූනාහං සබ්බසො ආහාරුපච්ඡෙදාය පටිපජ්ජෙය්‍ය’න්ති. අථ ඛො මං, රාජකුමාර, දෙවතා උපසඞ්කමිත්වා එතදවොචුං - ‘මා ඛො ත්වං, මාරිස, සබ්බසො ආහාරුපච්ඡෙදාය පටිපජ්ජි. සචෙ ඛො ත්වං, මාරිස, සබ්බසො ආහාරුපච්ඡෙදාය පටිපජ්ජිස්සසි, තස්ස තෙ මයං දිබ්බං ඔජං ලොමකූපෙහි අජ්ඣොහාරෙස්සාම (අජ්ඣොහරිස්සාම (ස්‍යා. කං. පී. ක.)), තාය ත්වං යාපෙස්සසී’ති. තස්ස මය්හං, රාජකුමාර, එතදහොසි - ‘අහඤ්චෙව ඛො පන සබ්බසො අජජ්ජිතං (අජද්ධුකං (සී. පී.), ජද්ධුකං (ස්‍යා. කං.)) පටිජානෙය්‍යං. ඉමා ච මෙ දෙවතා දිබ්බං ඔජං ලොමකූපෙහි අජ්ඣොහාරෙය්‍යුං (අජ්ඣොහරෙය්‍යුං (ස්‍යා. කං. පී. ක.)), තාය චාහං යාපෙය්‍යං, තං මමස්ස මුසා’ති. සො ඛො අහං, රාජකුමාර, තා දෙවතා පච්චාචික්ඛාමි. ‘හල’න්ති වදාමි.
‘‘තස්ස මය්හං, රාජකුමාර, එතදහොසි - ‘යංනූනාහං ථොකං ථොකං ආහාරං ආහාරෙය්‍යං පසතං පසතං, යදි වා මුග්ගයූසං යදි වා කුලත්ථයූසං යදි වා කළායයූසං යදි වා හරෙණුකයූස’න්ති. සො ඛො අහං, රාජකුමාර, ථොකං ථොකං ආහාරං ආහාරෙසිං පසතං පසතං, යදි වා මුග්ගයූසං යදි වා කුලත්ථයූසං යදි වා කළායයූසං යදි වා හරෙණුකයූසං. තස්ස මය්හං, රාජකුමාර, ථොකං ථොකං ආහාරං ආහාරයතො පසතං පසතං, යදි වා මුග්ගයූසං යදි වා කුලත්ථයූසං යදි වා කළායයූසං යදි වා හරෙණුකයූසං, අධිමත්තකසිමානං පත්තො කායො හොති. සෙය්‍යථාපි නාම ආසීතිකපබ්බානි වා කාළපබ්බානි වා, එවමෙවස්සු මෙ අඞ්ගපච්චඞ්ගානි භවන්ති තායෙවප්පාහාරතාය. සෙය්‍යථාපි නාම ඔට්ඨපදං, එවමෙවස්සු මෙ ආනිසදං හොති තායෙවප්පාහාරතාය. සෙය්‍යථාපි නාම වට්ටනාවළී, එවමෙවස්සු මෙ පිට්ඨිකණ්ටකො උණ්ණතාවනතො හොති තායෙවප්පාහාරතාය. සෙය්‍යථාපි නාම ජරසාලාය ගොපානසියො ඔලුග්ගවිලුග්ගා භවන්ති, එවමෙවස්සු මෙ ඵාසුළියො ඔලුග්ගවිලුග්ගා භවන්ති තායෙවප්පාහාරතාය. සෙය්‍යථාපි නාම ගම්භීරෙ උදපානෙ උදකතාරකා ගම්භීරගතා ඔක්ඛායිකා දිස්සන්ති, එවමෙවස්සු මෙ අක්ඛිකූපෙසු අක්ඛිතාරකා ගම්භීරගතා ඔක්ඛායිකා දිස්සන්ති තායෙවප්පාහාරතාය. සෙය්‍යථාපි නාම තිත්තකාලාබු ආමකච්ඡින්නො වාතාතපෙන සංඵුටිතො (සම්ඵුසිතො (ස්‍යා. කං.), සංපුටීතො (ක.) සංඵුටිතොති එත්ථ සඞ්කුචිතොති අත්ථො) හොති සම්මිලාතො, එවමෙවස්සු මෙ සීසච්ඡවි සංඵුටිතා හොති සම්මිලාතා තායෙවප්පාහාරතාය. සො ඛො අහං, රාජකුමාර, ‘උදරච්ඡවිං පරිමසිස්සාමී’ති පිට්ඨිකණ්ටකංයෙව පරිග්ගණ්හාමි, ‘පිට්ඨිකණ්ටකං පරිමසිස්සාමී’ති උදරච්ඡවිංයෙව පරිග්ගණ්හාමි. යාවස්සු මෙ, රාජකුමාර, උදරච්ඡවි පිට්ඨිකණ්ටකං අල්ලීනා හොති තායෙවප්පාහාරතාය. සො ඛො අහං, රාජකුමාර, ‘වච්චං වා මුත්තං වා කරිස්සාමී’ති තත්ථෙව අවකුජ්ජො පපතාමි තායෙවප්පාහාරතාය. සො ඛො අහං, රාජකුමාර, ඉමමෙව කායං අස්සාසෙන්තො පාණිනා ගත්තානි අනුමජ්ජාමි. තස්ස මය්හං, රාජකුමාර, පාණිනා ගත්තානි අනුමජ්ජතො පූතිමූලානි ලොමානි කායස්මා පපතන්ති තායෙවප්පාහාරතාය. අපිස්සු මං, රාජකුමාර, මනුස්සා දිස්වා එවමාහංසු - ‘කාළො සමණො ගොතමො’ති, එකච්චෙ මනුස්සා එවමාහංසු - ‘න කාළො සමණො ගොතමො, සාමො සමණො ගොතමො’ති. එකච්චෙ මනුස්සා එවමාහංසු - ‘න කාළො සමණො ගොතමො, නපි සාමො, මඞ්ගුරච්ඡවි සමණො ගොතමො’ති. යාවස්සු මෙ, රාජකුමාර, තාව පරිසුද්ධො ඡවිවණ්ණො පරියොදාතො උපහතො හොති තායෙවප්පාහාරතාය.
334
“රාජකුමාරය, ඒ මට මෙසේ කල්පනාවිය. යම් හෙයකින් මම මුළුමනින් ආහාර නොවැළඳීම පිණිස පිළිපදින්නෙම් නම් ඉතා යෙහෙක’ (කියායි). රාජකුමාරය, එවිට දේවතාවෝ මාවෙත පැමිණ මෙසේ කීහ. ‘නිදුකාණෙනි, ඔබ මුළුමනින් ආහාර නොගෙන සිටින්නට නොසිතුව මැනවි, යම් හෙයකින් ඔබ මුළුමනින් ආහාර නොගෙන සිටිය හොත් අපි ඔබගේ ලෝම සිදුරුවලින් දිව්‍ය ඕජස් ශරීරගත කරන්නෙමු ඔබ එයින් යැපෙන්නෙහිය.’ රාජකුමාරය, ඒ මට මෙසේ කල්පනා විය. මම වනාහි මුළුමනින් නිරාහාරව සිටීමට සිතින් එකඟ වුනෙමි. එහෙත් මේ දේවතාවෝ මාගේ ලොම සිදුරුවලින් දිව්‍ය ඕජස ගිල්වන්නාහු නම් එයින් මම යැපෙන්නෙමි. එය මාගේ මුසාවක් වන්නේය. (කියායි.) රාජකුමාරය, ඒ මම ඒ දෙවියන් වැළැක්වූයෙමි. වුවමනා නැතැයි කීයෙමි.
“රාජකුමාරය, ඒ මට මේ සිත පහළ විය. ‘යම් හෙයකින් මම පතක්, පතක් පමණවූ මුංතැම්බු දිය හෝ කොල්ලු තැම්බූ දිය හෝ කඩල තැම්බූ දිය හෝ කලතණ තැම්බූ දිය හෝ ඉතා ස්වල්පවූ ආහාරයක් වළඳන්නෙම් නම් යෙහෙකි, (කියායි.)
“රාජකුමාරය, ඒ මම පතක්, පතක් පමණවූ, මුංතැම්බූ දිය හෝ කොල්ලු තැම්බූ දිය හෝ කඩල තැම්බූ දිය හෝ කලතණ තැම්බූ දිය හෝ ඉතා ස්වල්ප වශයෙන් ආහාරය වැළඳුවෙමි. රාජකුමාරය, ඒ මම පතක් පතක් පමණවූ මුං තැම්බූ දිය හෝ කොල්ලු තැම්බූ දිය හෝ කඩල තැම්බූ දිය හෝ කලතණ තැම්බූ දිය හෝ ඉත් ස්වල්ප වශයෙන් ආහාර ගන්නාවූ ඒ මාගේ ශරීරය ඉතා කෙට්ටු බවට පැමිණියේ වෙයි, අසූ වසක් ගිය වැලක පුරුක් හෝ කලුවැල් නම් වැලක පුරුක් හෝ යම්සේද මාගේ ඇඟපසඟ ඒ නිරාහාරභාවය නිසාම එබඳුවිය. ඔටුපියවර යම්සේ මැද ගැඹුරුවේද, එපරිද්දෙන්ම ඒ නිරාහාර භාවයෙන් මාගේ නිසීදනමාංසය (තට්ටම) මැදින් ගැඹුරු විය. රැහැණක ඇවුණු දැව වැටිය යම්සේ අතරතුර උස්මිටි වේද, එපරිද්දෙන් ඒ නිරාහාර භාවයෙන් මාගේ කොඳු ඇටය උස් මිටිවෙයි. යම්සේ දිරූ ශාලාවක පරාල උඩු යටි වශයෙන් නැමුනාහු වෙද්ද, එපරිද්දෙන් මාගේ ඉළඇට උඩුයටි වශයෙන් නැමුනාහු වෙත් ගැඹුරුවූ ළිඳෙක දියයට පෙණෙන තරු ගැඹුරට ගියාහු, යට බැස්සාහු දක්නා ලැබෙත්ද, එපරිද්දෙන්ම ඒ ස්වල්ප ආහාරය නිසා මාගේ ඇස්වල නෙත්තරු වල ගැඹුරට ගියාහු යට බැස්සාහු දක්නා ලැබෙත්. යම්සේ නම් තිත්ත ලබු ගෙඩියක් අමුවෙන් කපන ලද්දේ අව්සුළඟින් හැකුලුණේද මැලවුනේද එපරිද්දෙන්ම ඒ ස්වල්ප ආහාරය නිසා මගේ හිසේ සම හැකුලුණේ මැලවුනේ වෙයි.
“රාජකුමාරය, ඒ මම බඬේ සම අතගාන්නෙමියි පිට කටුවම අතගාන්නෙමි. පිට කටුව අල්වමියි බඬේ සම අල්ලමි රාජකුමාරය, ඒ ස්වල්ප ආහාරය නිසා එපමණට මාගේ බඬේ සම කොඳු ඇටයෙහි ඇලුනේ වෙයි. ඒ මම වර්චස් හෝ මුත්‍ර හෝ කරන්නෙමියි හුන්නේ ඒ ස්වල්ප ආහාරය නිසාම එහිම යටිකුරුව වැටෙමි. මම මේ ශරීරය අස්වසමියි අතින් ශරීරාවයව පිරිමදිමි. රාජකුමාරය, එසේ ශරීරයේ අවයව අතගානවිට, ඒ ස්වල්ප ආහාරය නිසාම මුල්කුණුවූ ලොම් ශරීරයෙන් වැටෙත්.
“රාජ කුමාරය, සමහර මිනිස්සු මා දැක මෙසේ කීවාහුය. ශ්‍රමණ ගෞතමතෙම කලුය.’ ඇතැම් මිනිස්සු මෙසේ කීවාහුය, ශ්‍රමණ ගෞතමතෙම කලු නොවෙයි පලාවන් පාටය’ ඇතැම් මනුෂ්‍යයෝ මෙසේ කීවාහුය. ‘ශ්‍රමණ ගෞතමතෙම කලුත් නොවෙයි, පලාවන් පාටත් නොවෙයි, ශ්‍රමණ ගෞතමතෙම රන්වන් සිවි ඇත්තේයි.’ රාජකුමාරය, මෙසේ කීමට තරමටම මාගේ පිරිසිදුවූ හාත්පසින් බබලන්නාවූ ශරීරවර්ණය ඒ නිරාහාර භාවය නිසාම නැසුනේ වෙයි.
335
‘‘තස්ස මය්හං, රාජකුමාර, එතදහොසි - ‘යෙ ඛො කෙචි අතීතමද්ධානං සමණා වා බ්‍රාහ්මණා වා ඔපක්කමිකා දුක්ඛා තිබ්බා (තිප්පා (සී. පී.)) ඛරා කටුකා වෙදනා වෙදයිංසු, එතාවපරමං නයිතො භිය්‍යො. යෙපි හි කෙචි අනාගතමද්ධානං සමණා වා බ්‍රාහ්මණා වා ඔපක්කමිකා දුක්ඛා තිබ්බා ඛරා කටුකා වෙදනා වෙදයිස්සන්ති, එතාවපරමං නයිතො භිය්‍යො. යෙපි හි කෙචි එතරහි සමණා වා බ්‍රාහ්මණා වා ඔපක්කමිකා දුක්ඛා තිබ්බා ඛරා කටුකා වෙදනා වෙදයන්ති, එතාවපරමං නයිතො භිය්‍යො. න ඛො පනාහං ඉමාය කටුකාය දුක්කරකාරිකාය අධිගච්ඡාමි උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං; සියා නු ඛො අඤ්ඤො මග්ගො බොධායා’ති. තස්ස මය්හං, රාජකුමාර, එතදහොසි - ‘අභිජානාමි ඛො පනාහං පිතු සක්කස්ස කම්මන්තෙ සීතාය ජම්බුච්ඡායාය නිසින්නො විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතා; සියා නු ඛො එසො මග්ගො බොධායා’ති. තස්ස මය්හං, රාජකුමාර, සතානුසාරි විඤ්ඤාණං අහොසි - ‘එසෙව මග්ගො බොධායා’ති. තස්ස මය්හං, රාජකුමාර, එතදහොසි - ‘කිං නු ඛො අහං තස්ස සුඛස්ස භායාමි යං තං සුඛං අඤ්ඤත්‍රෙව කාමෙහි අඤ්ඤත්‍ර අකුසලෙහි ධම්මෙහී’ති? තස්ස මය්හං, රාජකුමාර, එතදහොසි - ‘න ඛො අහං තස්ස සුඛස්ස භායාමි යං තං සුඛං අඤ්ඤත්‍රෙව කාමෙහි අඤ්ඤත්‍ර අකුසලෙහි ධම්මෙහී’ති.
‘‘තස්ස මය්හං, රාජකුමාර, එතදහොසි - ‘න ඛො තං සුකරං සුඛං අධිගන්තුං එවං අධිමත්තකසිමානං පත්තකායෙන. යංනූනාහං ඔළාරිකං ආහාරං ආහාරෙය්‍යං ඔදනකුම්මාස’න්ති. සො ඛො අහං, රාජකුමාර, ඔළාරිකං ආහාරං ආහාරෙසිං ඔදනකුම්මාසං. තෙන ඛො පන මං, රාජකුමාර, සමයෙන පඤ්චවග්ගියා භික්ඛූ පච්චුපට්ඨිතා හොන්ති - ‘යං ඛො සමණො ගොතමො ධම්මං අධිගමිස්සති තං නො ආරොචෙස්සතී’ති. යතො ඛො අහං, රාජකුමාර, ඔළාරිකං ආහාරං ආහාරෙසිං ඔදනකුම්මාසං, අථ මෙ තෙ පඤ්චවග්ගියා භික්ඛූ නිබ්බිජ්ජ පක්කමිංසු - ‘බාහුල්ලිකො (බාහුලිකො (සී. පී.) සාරත්ථටීකාය සංඝභෙදසික්ඛාපදවණ්ණනාය සමෙති) සමණො ගොතමො පධානවිබ්භන්තො, ආවත්තො බාහුල්ලායා’ති.
335
“රාජකුමාරය, ඒ මට මෙසේ සිතුනේය. අතීත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ උපක්‍රමයෙන් උපන්නාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනා වින්දාහු නම් ඒ මේ තරම්ම වෙයි. මට වඩා වැඩි නොවෙයි අනාගත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ උපක්‍රමයෙන් උපන්නාවූ දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනා විඳින්නාහු නම් ඒ මේ තරම්ම වෙයි. මීට වඩා වැඩි නොවෙයි. මේ වර්තමාන කාලයෙහි යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ උපක්‍රමයෙන් උපන්නාවූ දුක්වූ, තියුණුවූ වේදනාවන් විඳිත් නම් ඒ මේ තරම්ම වෙයි. මීට වඩා වැඩි නොවෙයි. මම වනාහි මේ කටුකවූ දුෂ්කරක්‍රියාවෙන් මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්ය භාවය ඇති කිරීමට සමර්ථවූ ඥානදර්ශන විශේෂයක් නොලබමි. මාර්ගාවබොධය පිණිස අන්‍ය මාර්ගයෙක් ඇත්තේදැයි (කල්පනා විය.)
“රාජකුමාරය, ඒ මට මේ අදහස විය. මම, පියවූ ශුද්ධොදන ශාක්‍ය රාජයාගේ වප්මඟුල් දිනයෙහි සිහිල්වූ දඹරුක් සෙවනෙහි හුන්නේ කාමයන් ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කළ බව දනිමි. ඒ මාර්ගය මාර්ගඥාන අවබෝධය පිණිස වන්නේයි (අදහස් විය.) රාජකුමාරය, ඒ මට අවබෝධය පිණිස මේ මාර්ගයමයැයි සිහිය අනුව පැවති විඤ්ඤාණය පහළවිය, රාජකුමාරය, ඒ මට මේ අදහස විය. කාමයන්ගෙන් වෙන්වූ, අකුශල ධර්මයන්ගෙන් වෙන්වූ, යම් ඒ සැපයක්වේද, මම ඒ සැපයට භය වෙමිද (කියාය.) රාජකුමාරය, ඒ මට මේ කල්පනාව ඇතිවිය. කාමයන්ගෙන් වෙන්වූ අකුසල ධර්මයන්ගෙන් වෙන්වූ යම් ඒ සැපයක්වේද, මම ඒ සැපයට භය නොවෙමියි (කියාය.) රාජකුමාරය, ඒ මට මේ කල්පනාව ඇතිවිය. මෙ තරම් දුර්වලවූ ශරීරයකින් යුක්තව ඒ (ප්‍රථමධ්‍යාන) සැපය ලබන්නට බැරිය. යම්හෙයකින් මම බත් හා කොමුපිඩු ආදී ඖදාරික ආහාරයක් ගන්නෙම් නම් හොඳය (කියාය.)
“රාජකුමාරය, ඒ මම බත්, කොමපිඩුයැයි කියන ඔලාරික ආහාරයක් ගත්තෙමි. රාජකුමාරය, ඒ කාලයෙහි ‘ශ්‍රමණ ගෞතමතෙම යම් ලොවුතුරා දහමක් ලැබුයේ නම් එය අපට කියන්නේය’ යන අදහසින් භික්ෂූන් පස්දෙනෙක් මට උපස්ථාන කරමින් සිටියහ. රාජකුමාරය, මේ කලක පටන් මම බත් හා කොමුපිඩු ආහාර ගන්නට වූයෙම්ද, එකල්හි ඒ භික්ෂුහු ශ්‍රමණ ගෞතමතෙම ප්‍රත්‍යය බහුලකොට ඇත්තේය. රසයෙහි ගිජුව ප්‍රණීත පිණ්ඩපාතාදිය වැළඳීමට හැරුණේය. වීර්යය කිරීමෙන් පිරිහුණෙයැ’යි කියා කලකිරී බැහැර ගියාහුය.
336
‘‘සො ඛො අහං, රාජකුමාර, ඔළාරිකං ආහාරං ආහාරෙත්වා බලං ගහෙත්වා විවිච්චෙව කාමෙහි...පෙ.... පඨමං ඣානං උපසම්පජ්ජ විහාසිං. විතක්කවිචාරානං වූපසමා... දුතියං ඣානං... තතියං ඣානං... චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහාසිං. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනින්නාමෙසිං. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරාමි, සෙය්‍යථිදං - එකම්පි ජාතිං ද්වෙපි ජාතියො...පෙ.... ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරාමි. අයං ඛො මෙ, රාජකුමාර, රත්තියා පඨමෙ යාමෙ පඨමා විජ්ජා අධිගතා, අවිජ්ජා විහතා, විජ්ජා උප්පන්නා; තමො විහතො, ආලොකො උප්පන්නො - යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො.
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනින්නාමෙසිං. සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සාමි චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාමි ...පෙ.... අයං ඛො මෙ, රාජකුමාර, රත්තියා මජ්ඣිමෙ යාමෙ දුතියා විජ්ජා අධිගතා, අවිජ්ජා විහතා, විජ්ජා උප්පන්නා; තමො විහතො, ආලොකො උප්පන්නො - යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො.
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමෙසිං. සො ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං අබ්භඤ්ඤාසිං...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං අබ්භඤ්ඤාසිං; ‘ඉමෙ ආසවා’ති යථාභූතං අබ්භඤ්ඤාසිං...පෙ.... ‘අයං ආසවනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං අබ්භඤ්ඤාසිං. තස්ස මෙ එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චිත්ථ, භවාසවාපි චිත්තං විමුච්චිත්ථ, අවිජ්ජාසවාපි චිත්තං විමුච්චිත්ථ. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං අහොසි. ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති අබ්භඤ්ඤාසිං. අයං ඛො මෙ, රාජකුමාර, රත්තියා පච්ඡිමෙ යාමෙ තතියා විජ්ජා අධිගතා, අවිජ්ජා විහතා, විජ්ජා උප්පන්නා; තමො විහතො, ආලොකො උප්පන්නො - යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො.
336
“රාජකුමාරය, ඒ මම ඕලාරික ආහාරගෙන ශරීර ශක්තිය ලැබ, කාමයන්ගෙන් වෙන්වම, අකුසල ධර්මයන්ගෙන් වෙන්වම, විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීති සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. රාජකුමාරය, උපන්නාවූ මෙබඳුවූද සැප වේදනාව මගේ කුසල් සිත විනාශ නොකරයි.
“විතර්කවිචාර සංසිඳීමෙන් අභ්‍යන්තර පැහැදීම ඇති හිතේ එකඟ බව ඇති, විතර්ක රහිතවූ, විචාර රහිතව, සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති, ද්විතිය ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. රාජකුමාරය, උපන්නාවූ මෙබඳුවූද සැප වේදනාවද මගේ කුසල් සිත විනාශ නොකරයි, මැඩගෙන නොසිටියි. ප්‍රීතිය ඉක්මවීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කෙළෙමි. සිහියෙන් හා මනා නුවණින් යුක්තවූයේ කයින්ද සැපය වින්දෙමි. යමක් උපෙක්ෂා ඇත්තේ සිහියෙන් යුක්තවූයේ, සැප විහරණ ඇත්තේ යැයි ආර්යයෝ කියත්ද එ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. රාජකුමාරය උපන්නාවූ මෙබඳුවූ සැප වේදනාවද මගේ කුසල් හිත විනාශ නොකරයි. සැපය නැති කිරීමෙන්, දුක නැති කිරීමෙන්, කල් ඇතිවීම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන්, දුක් නැත්තාවූ, සැප නැත්තාවූ, උපෙක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බව ඇති සතර වැනි ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. රාජකුමාරය, උපන්නාවූ මෙබඳුවූ සැප වේදනාවද මගේ කුසල් හිත විනාශ නොකරයි.
“ඒ මම මෙසේ හිත සමාධියෙන් එකඟවූ කල්හි, පිරිසිදුවූකල්හි (පිරිසිදු හෙයින්ම) දීප්තිමත්වූ කල්හි අංගන (රාගාදී කෙළෙස්) රහිතවූ කල්හි, පහවූ උවදුරු ඇති කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි සිත ස්ථිරවූ කල්හි, පෙර ජාති දැනීමේ ඤාණය පිණිස සිත නැමූයෙමි. ඒ මම නොයෙක් ආකාරවූ පූර්වෙනිවාසය (පෙර උපන් ජාති,) සිහිකරමි. එනම් එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දහයක්ද, ජාති විස්සක්ද, ජාති තිසක්ද, ජාති සතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත (විනාශ වන.) කල්පයන්ද, නොයෙක් විවර්තී (හැදෙන) කල්පයන්ද, නොයෙක් සංවර්තී විවර්තී කල්පයන්ද, අසුවල් තැන උපන්නෙමි, එහිදී මේ නම් ඇත්තෙවීමි, මෙබඳු ගෝත්‍ර ඇත්තේ වීමි. මෙබඳු වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු දුක් සැප වින්දෙමි. ඒ මම එයින් චුතව අසුවල් තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නම් ඇත්තේ වීමි. මෙබඳු ගෝත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු සැප දුක් වින්දේ වීමි. මෙබඳු ආයුෂ ඇත්තේ වීමි. ඒ මම එතැනින් චුතව මෙහි උපන්නෙමි’යි මෙසේ ආකාර සහිතවූ, දැක්වීම් සහිතවූ, නොයෙක් ආකාරවූ, පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරමි.
“රාජකුමාරය, මා විසින් රාත්‍රියේ පළමුවෙනි යාමයෙහි මේ පළමුවන විද්‍යාව (පෙර විසූ තැන් දන්නා නුවණ) ලබන ලදී. (එය වසන) අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මෝහය) නසන ලද්දේය. අලෝකය උපන්නේය. අප්‍රමාදව කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ විය. රාජකුමාරය, උපන්නාවූ මෙබඳුවූ සැප වේදනාවද මගේ කුසල් හිත විනාශ නොකරයි.
“ඒ මම මෙසේ (හිත සමාධියෙන්) එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, (පිරිසිදු හෙයින) දීප්තිමත්වූ කල්හි, අංගණ (රාගාදි කෙලෙස්) රහිතවූ කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, සිත මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, සිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි සත්ත්වයන්ගේ චුති උත්පත්ති දෙක දැකීම පිණිස සිත නැමීමි. ඒ මම පිරිසිදුවූ, මිනිස් බව ඉක්මවා සිටි දිව ඇසින්, චුත වන්නාවූද, උපදින්නාවූද, ලාමකවූද, ප්‍රණීතවූද, මනා වර්ණ ඇත්තාවූද, මනා වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද, කර්මය පරිදි මිය ගියාවූ සත්ත්වයන් දකිමි.
“ඒකාන්තයෙන් මේ පින්වත් සත්ත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහු, ආර්යයන්ට දොස් කීවාහු, මිථ්‍යාදෘෂ්ටි ගත්තාහු, මිථ්‍යාදෘෂ්ටි ක්‍රියා අනුමත කළාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන, නරකයෙහි උපන්නාහුයයිද, මේ පින්වත් සත්වයෝ වනාහි කාය සුචරිතනේ යුක්ත වූවාහු, වාක් සුචරිතයෙන් යුක්ත වූවාහු, මනො සුචරිතයෙන් යුක්ත වූවාහු, ආර්යන්ට දොස් නොකීවාහු, සම්‍යක්දෘෂ්ටි ඇත්තාහු, සම්‍යක්දෘෂ්ටි කර්ම සමාදන් වූවාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු ස්වර්ග ලෝකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින් චුත වන්නාවූද, උපදින්නාවූද, ලාමක වූද, ප්‍රණීතවූද, මනා වර්ණ ඇත්තාවූද, මනා වර්ණ නැත්තාවූද යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද, කර්මය පරිදි මියගියාවූ සත්ත්වයන් දනිමි.
“රාජකුමාරය, මා විසින් රාත්‍රියෙහි මැද යාමෙහි මේ දෙවන විද්‍යාව (චුතවීම්, ඉපිදීම් දක්නා නුවණ) ලබනලදී. (එය වසන) අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මෝහය) නසන ලද්දේය. ආලෝකය උපන්නේය. අප්‍රමාදව කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ විය. රාජකුමාරය, උපන්නාවූ මෙබඳුවූද සැප වේදනාව මගේ කුසල් සිත විනාශ නොකරයි.
“ඒ මම මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි දීප්තිමත්වූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, සිත මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, සිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, ආශ්‍රව ක්ෂයකර ඥානය (කෙලෙස් නැති කරන නුවණ) පිණිස සිත නැමුයෙමි. ඒ මම, මෙය දුකය’යි තතුසේ දත්තෙමි. මේ දුක් ඉපදීමට හේතුවය’යි තතුසේ දත්තෙමි. මේ ‘දුක් නැති කිරීමය’යි තතුසේ දත්තෙමි. ‘මේ දුක නැති කිරීමේ මාර්ග’ යයි තතුසේ දත්තෙමි. ‘මොහු ආශ්‍රවයෝය’යි තතුසේ දැනගතිමි. මේ ආශ්‍රවයන්ගේ හටගැන්මය’යි තතුසේ දැනගතිමි. ‘මේ ආශ්‍රවයන්ගේ නැතිකිරීමය’යි තතුසේ දැනගතිමි. ‘මේ ආශ්‍රවයන් නැති කිරීමේ මාර්ගය’යි තතුසේ දැනගතිමි. මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ ඒ මාගේ සිත කාමාශ්‍රවයන්ගෙන් මිදුනේය. භවාශ්‍රවයන්ගෙන්ද මිදුනේය. අවිද්‍යාශ්‍රවයන්ගෙන්ද මිදුනේය. මිදුන කල්හි මිදුනේයයි, දැනීම පහළවිය. උත්පත්තිය කෙළවර විය. මාර්ග බ්‍රහ්මචර්යාව වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. කළයුතු අනිකක් නැත්තේයි දැනගතිමි.
“රාජකුමාරය, රාත්‍රියෙහි අන්තිම යාමයෙහි මේ තුන්වෙනි විද්‍යාව (ආශ්‍රව ක්ෂය කර ඥානය නම්වූ අර්හත් මාර්ගය) මා විසින් ලබන ලදී. (එය වසන) අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මෝහය) නසන ලද්දේය. ආලෝකය උපන්නේය. අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ විය.
337
‘‘තස්ස මය්හං, රාජකුමාර, එතදහොසි - ‘අධිගතො ඛො ම්‍යායං ධම්මො ගම්භීරො දුද්දසො දුරනුබොධො සන්තො පණීතො අතක්කාවචරො නිපුණො පණ්ඩිතවෙදනීයො. ආලයරාමා ඛො පනායං පජා ආලයරතා ආලයසම්මුදිතා. ආලයරාමාය ඛො පන පජාය ආලයරතාය ආලයසම්මුදිතාය දුද්දසං ඉදං ඨානං යදිදං - ඉදප්පච්චයතාපටිච්චසමුප්පාදො. ඉදම්පි ඛො ඨානං දුද්දසං - යදිදං සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හාක්ඛයො විරාගො නිරොධො නිබ්බානං . අහඤ්චෙව ඛො පන ධම්මං දෙසෙය්‍යං, පරෙ ච මෙ න ආජානෙය්‍යුං, සො මමස්ස කිලමථො, සා මමස්ස විහෙසා’ති. අපිස්සු මං, රාජකුමාර, ඉමා අනච්ඡරියා ගාථායො පටිභංසු පුබ්බෙ අස්සුතපුබ්බා -
‘කිච්ඡෙන මෙ අධිගතං, හලං දානි පකාසිතුං;
රාගදොසපරෙතෙහි, නායං ධම්මො සුසම්බුධො.
‘පටිසොතගාමිං නිපුණං, ගම්භීරං දුද්දසං අණුං;
රාගරත්තා න දක්ඛන්ති, තමොඛන්ධෙන ආවුටා’ (ආවටා (සී.), ආවුතා (ස්‍යා. කං.)) ති.
‘‘ඉතිහ මෙ, රාජකුමාර, පටිසඤ්චික්ඛතො අප්පොස්සුක්කතාය චිත්තං නමති නො ධම්මදෙසනාය.
337
(පහත කොටස් අඩුය)
338
‘‘අථ ඛො, රාජකුමාර, බ්‍රහ්මුනො සහම්පතිස්ස මම චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය එතදහොසි - ‘නස්සති වත, භො, ලොකො; විනස්සති වත, භො, ලොකො. යත්‍ර හි නාම තථාගතස්ස අරහතො සම්මාසම්බුද්ධස්ස අප්පොස්සුක්කතාය චිත්තං නමති (නමිස්සති (?)) නො ධම්මදෙසනායා’ති. අථ ඛො, රාජකුමාර, බ්‍රහ්මා සහම්පති - සෙය්‍යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්‍ය පසාරිතං වා බාහං සමිඤ්ජෙය්‍ය, එවමෙව - බ්‍රහ්මලොකෙ අන්තරහිතො මම පුරතො පාතුරහොසි. අථ ඛො, රාජකුමාර, බ්‍රහ්මා සහම්පති එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙනාහං තෙනඤ්ජලිං පණාමෙත්වා මං එතදවොච - ‘දෙසෙතු, භන්තෙ, භගවා ධම්මං, දෙසෙතු සුගතො ධම්මං. සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා අස්සවනතාය ධම්මස්ස පරිහායන්ති; භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරො’ති . ඉදමවොච, රාජකුමාර, බ්‍රහ්මා සහම්පති; ඉදං වත්වා අථාපරං එතදවොච -
‘පාතුරහොසි මගධෙසු පුබ්බෙ,
ධම්මො අසුද්ධො සමලෙහි චින්තිතො;
අපාපුරෙතං (අවාපුරෙතං (සී.)) අමතස්ස ද්වාරං,
සුණන්තු ධම්මං විමලෙනානුබුද්ධං.
‘සෙලෙ යථා පබ්බතමුද්ධනිට්ඨිතො,
යථාපි පස්සෙ ජනතං සමන්තතො;
තථූපමං ධම්මමයං සුමෙධ,
පාසාදමාරුය්හ සමන්තචක්ඛු.
‘සොකාවතිණ්ණං (සොකාවකිණ්ණං (ස්‍යා.)) ජනතමපෙතසොකො,
අවෙක්ඛස්සු ජාතිජරාභිභූතං;
උට්ඨෙහි වීර, විජිතසඞ්ගාම,
සත්ථවාහ අණණ (අනණ (සී. ස්‍යා. කං. පී. ක.)), විචර ලොකෙ;
දෙසස්සු (දෙසෙතු (ස්‍යා. කං. ක.)) භගවා ධම්මං,
අඤ්ඤාතාරො භවිස්සන්තී’ති.
338
339
‘‘අථ ඛ්වාහං, රාජකුමාර, බ්‍රහ්මුනො ච අජ්ඣෙසනං විදිත්වා සත්තෙසු ච කාරුඤ්ඤතං පටිච්ච බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙසිං. අද්දසං ඛො අහං, රාජකුමාර, බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙන්තො සත්තෙ අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛින්ද්‍රියෙ මුදින්ද්‍රියෙ ස්වාකාරෙ ද්වාකාරෙ සුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙ අප්පෙකච්චෙ පරලොකවජ්ජභයදස්සාවිනෙ (දස්සාවිනො (ස්‍යා. කං. ක.)) විහරන්තෙ, අප්පෙකච්චෙ න පරලොකවජ්ජභයදස්සාවිනෙ විහරන්තෙ. සෙය්‍යථාපි නාම උප්පලිනියං වා පදුමිනියං වා පුණ්ඩරීකිනියං වා අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවඩ්ඪානි උදකානුග්ගතානි අන්තොනිමුග්ගපොසීනි, අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවඩ්ඪානි උදකානුග්ගතානි සමොදකං ඨිතානි, අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවඩ්ඪානි උදකා අච්චුග්ගම්ම ඨිතානි (තිට්ඨන්ති (සී. ස්‍යා. කං. පී.)) අනුපලිත්තානි උදකෙන, එවමෙව ඛො අහං, රාජකුමාර, බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙන්තො අද්දසං සත්තෙ අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛින්ද්‍රියෙ මුදින්ද්‍රියෙ ස්වාකාරෙ ද්වාකාරෙ සුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙ, අප්පෙකච්චෙ පරලොකවජ්ජභයදස්සාවිනෙ විහරන්තෙ, අප්පෙකච්චෙ න පරලොකවජ්ජභයදස්සාවිනෙ විහරන්තෙ. අථ ඛ්වාහං, රාජකුමාර, බ්‍රහ්මානං සහම්පතිං ගාථාය පච්චභාසිං -
‘අපාරුතා තෙසං අමතස්ස ද්වාරා,
යෙ සොතවන්තො පමුඤ්චන්තු සද්ධං;
විහිංසසඤ්ඤී පගුණං න භාසිං,
ධම්මං පණීතං මනුජෙසු බ්‍රහ්මෙ’ති.
339
340
‘‘අථ ඛො, රාජකුමාර, බ්‍රහ්මා සහම්පති ‘කතාවකාසො ඛොම්හි භගවතා ධම්මදෙසනායා’ති මං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායි.
‘‘තස්ස මය්හං, රාජකුමාර, එතදහොසි - ‘කස්ස නු ඛො අහං පඨමං ධම්මං දෙසෙය්‍යං? කො ඉමං ධම්මං ඛිප්පමෙව ආජානිස්සතී’ති? තස්ස මය්හං, රාජකුමාර, එතදහොසි - ‘අයං ඛො ආළාරො කාලාමො පණ්ඩිතො වියත්තො මෙධාවී දීඝරත්තං අප්පරජක්ඛජාතිකො. යංනූනාහං ආළාරස්ස කාලාමස්ස පඨමං ධම්මං දෙසෙය්‍යං; සො ඉමං ධම්මං ඛිප්පමෙව ආජානිස්සතී’ති. අථ ඛො මං, රාජකුමාර, දෙවතා උපසඞ්කමිත්වා එතදවොච - ‘සත්තාහකාලඞ්කතො, භන්තෙ, ආළාරො කාලාමො’ති. ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි - ‘සත්තාහකාලඞ්කතො ආළාරො කාලාමො’ති. තස්ස මය්හං, රාජකුමාර, එතදහොසි - ‘මහාජානියො ඛො ආළාරො කාලාමො. සචෙ හි සො ඉමං ධම්මං සුණෙය්‍ය, ඛිප්පමෙව ආජානෙය්‍යා’ති. තස්ස මය්හං, රාජකුමාර, එතදහොසි - ‘කස්ස නු ඛො අහං පඨමං ධම්මං දෙසෙය්‍යං? කො ඉමං ධම්මං ඛිප්පමෙව ආජානිස්සතී’ති? තස්ස මය්හං, රාජකුමාර, එතදහොසි - ‘අයං ඛො උදකො රාමපුත්තො පණ්ඩිතො වියත්තො මෙධාවී දීඝරත්තං අප්පරජක්ඛජාතිකො. යංනූනාහං උදකස්ස රාමපුත්තස්ස පඨමං ධම්මං දෙසෙය්‍යං; සො ඉමං ධම්මං ඛිප්පමෙව ආජානිස්සතී’ති. අථ ඛො මං, රාජකුමාර, දෙවතා උපසඞ්කමිත්වා එතදවොච - ‘අභිදොසකාලඞ්කතො, භන්තෙ, උදකො රාමපුත්තො’ති. ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි - ‘අභිදොසකාලඞ්කතො උදකො රාමපුත්තො’ති. තස්ස මය්හං, රාජකුමාර, එතදහොසි - ‘මහාජානියො ඛො උදකො රාමපුත්තො. සචෙ හි සො ඉමං ධම්මං සුණෙය්‍ය, ඛිප්පමෙව ආජානෙය්‍යා’ති.
340
341
‘‘තස්ස මය්හං, රාජකුමාර, එතදහොසි - ‘කස්ස නු ඛො අහං පඨමං ධම්මං දෙසෙය්‍යං? කො ඉමං ධම්මං ඛිප්පමෙව ආජානිස්සතී’ති? තස්ස මය්හං, රාජකුමාර, එතදහොසි - ‘බහුකාරා ඛො මෙ පඤ්චවග්ගියා භික්ඛූ යෙ මං පධානපහිතත්තං උපට්ඨහිංසු. යංනූනාහං පඤ්චවග්ගියානං භික්ඛූනං පඨමං ධම්මං දෙසෙය්‍ය’න්ති. තස්ස මය්හං, රාජකුමාර, එතදහොසි - ‘කහං නු ඛො එතරහි පඤ්චවග්ගියා භික්ඛූ විහරන්තී’ති. අද්දසං ඛ්වාහං, රාජකුමාර, දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන පඤ්චවග්ගියෙ භික්ඛූ බාරාණසියං විහරන්තෙ ඉසිපතනෙ මිගදායෙ. අථ ඛ්වාහං, රාජකුමාර, උරුවෙලායං යථාභිරන්තං විහරිත්වා යෙන බාරාණසී තෙන චාරිකං පක්කමිං.
‘‘අද්දසා ඛො මං, රාජකුමාර, උපකො ආජීවකො අන්තරා ච ගයං අන්තරා ච බොධිං අද්ධානමග්ගප්පටිපන්නං . දිස්වාන මං එතදවොච - ‘විප්පසන්නානි ඛො තෙ, ආවුසො, ඉන්ද්‍රියානි, පරිසුද්ධො ඡවිවණ්ණො පරියොදාතො. කංසි ත්වං, ආවුසො, උද්දිස්ස පබ්බජිතො? කො වා තෙ සත්ථා? කස්ස වා ත්වං ධම්මං රොචෙසී’ති? එවං වුත්තෙ, අහං, රාජකුමාර, උපකං ආජීවකං ගාථාහි අජ්ඣභාසිං -
‘සබ්බාභිභූ සබ්බවිදූහමස්මි,
සබ්බෙසු ධම්මෙසු අනූපලිත්තො;
සබ්බඤ්ජහො තණ්හාක්ඛයෙ විමුත්තො,
සයං අභිඤ්ඤාය කමුද්දිසෙය්‍යං.
‘න මෙ ආචරියො අත්ථි, සදිසො මෙ න විජ්ජති;
සදෙවකස්මිං ලොකස්මිං, නත්ථි මෙ පටිපුග්ගලො.
‘අහඤ්හි අරහා ලොකෙ, අහං සත්ථා අනුත්තරො;
එකොම්හි සම්මාසම්බුද්ධො, සීතිභූතොස්මි නිබ්බුතො.
‘ධම්මචක්කං පවත්තෙතුං, ගච්ඡාමි කාසිනං පුරං;
අන්ධීභූතස්මිං (අන්ධභූතස්මිං (සී. ස්‍යා. පී.)) ලොකස්මිං, ආහඤ්ඡං (ආහඤ්ඤිං (ස්‍යා. කං. ක.)) අමතදුන්දුභි’න්ති.
‘යථා ඛො ත්වං, ආවුසො, පටිජානාසි අරහසි අනන්තජිනො’ති.
‘මාදිසා වෙ ජිනා හොන්ති, යෙ පත්තා ආසවක්ඛයං;
ජිතා මෙ පාපකා ධම්මා, තස්මාහමුපක (තස්මාහං උපකා (සී. ස්‍යා. කං. පී.)) ජිනො’ති.
‘‘එවං වුත්තෙ, රාජකුමාර, උපකො ආජීවකො ‘හුපෙය්‍යපාවුසො’ති (හුවෙය්‍යපාවුසො (සී. පී.), හුවෙය්‍යාවුසො (ස්‍යා. කං.)) වත්වා සීසං ඔකම්පෙත්වා උම්මග්ගං ගහෙත්වා පක්කාමි.
341
342
‘‘අථ ඛ්වාහං, රාජකුමාර, අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන බාරාණසී ඉසිපතනං මිගදායො යෙන පඤ්චවග්ගියා භික්ඛූ තෙනුපසඞ්කමිං. අද්දසංසු ඛො මං, රාජකුමාර, පඤ්චවග්ගියා භික්ඛූ දූරතොව ආගච්ඡන්තං. දිස්වාන අඤ්ඤමඤ්ඤං සණ්ඨපෙසුං - ‘අයං ඛො, ආවුසො, සමණො ගොතමො ආගච්ඡති බාහුල්ලිකො පධානවිබ්භන්තො ආවත්තො බාහුල්ලාය. සො නෙව අභිවාදෙතබ්බො, න පච්චුට්ඨාතබ්බො, නාස්ස පත්තචීවරං පටිග්ගහෙතබ්බං; අපි ච ඛො ආසනං ඨපෙතබ්බං - සචෙ සො ආකඞ්ඛිස්සති නිසීදිස්සතී’ති. යථා යථා ඛො අහං, රාජකුමාර, පඤ්චවග්ගියෙ භික්ඛූ උපසඞ්කමිං (උපසඞ්කමාමි (සී. පී.)), තථා තථා පඤ්චවග්ගියා භික්ඛූ නාසක්ඛිංසු සකාය කතිකාය සණ්ඨාතුං. අප්පෙකච්චෙ මං පච්චුග්ගන්ත්වා පත්තචීවරං පටිග්ගහෙසුං. අප්පෙකච්චෙ ආසනං පඤ්ඤපෙසුං. අප්පෙකච්චෙ පාදොදකං උපට්ඨපෙසුං. අපි ච ඛො මං නාමෙන ච ආවුසොවාදෙන ච සමුදාචරන්ති. එවං වුත්තෙ, අහං, රාජකුමාර, පඤ්චවග්ගියෙ භික්ඛූ එතදවොචං - ‘මා, භික්ඛවෙ, තථාගතං නාමෙන ච ආවුසොවාදෙන ච සමුදාචරථ (සමුදාචරිත්ථ (සී. ස්‍යා. කං. පී.)); අරහං, භික්ඛවෙ, තථාගතො සම්මාසම්බුද්ධො. ඔදහථ, භික්ඛවෙ, සොතං. අමතමධිගතං. අහමනුසාසාමි, අහං ධම්මං දෙසෙමි. යථානුසිට්ඨං තථා පටිපජ්ජමානා නචිරස්සෙව - යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං - බ්‍රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථා’ති. එවං වුත්තෙ, රාජකුමාර, පඤ්චවග්ගියා භික්ඛූ මං එතදවොචුං - ‘තායපි ඛො ත්වං, ආවුසො ගොතම, ඉරියාය (චරියාය (ස්‍යා. කං.)) තාය පටිපදාය තාය දුක්කරකාරිකාය නාජ්ඣගමා උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං; කිං පන ත්වං එතරහි බාහුල්ලිකො පධානවිබ්භන්තො ආවත්තො බාහුල්ලාය අධිගමිස්සසි උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙස’න්ති? එවං වුත්තෙ, අහං, රාජකුමාර, පඤ්චවග්ගියෙ භික්ඛූ එතදවොචං - ‘න, භික්ඛවෙ, තථාගතො බාහුල්ලිකො න පධානවිබ්භන්තො න ආවත්තො බාහුල්ලාය. අරහං, භික්ඛවෙ, තථාගතො සම්මාසම්බුද්ධො. ඔදහථ, භික්ඛවෙ, සොතං. අමතමධිගතං. අහමනුසාසාමි, අහං ධම්මං දෙසෙමි. යථානුසිට්ඨං තථා පටිපජ්ජමානා නචිරස්සෙව - යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං - බ්‍රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථා’ති. දුතියම්පි ඛො, රාජකුමාර, පඤ්චවග්ගියා භික්ඛූ මං එතදවොචුං - ‘තායපි ඛො ත්වං, ආවුසො ගොතම, ඉරියාය තාය පටිපදාය තාය දුක්කරකාරිකාය නාජ්ඣගමා උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං; කිං පන ත්වං එතරහි බාහුල්ලිකො පධානවිබ්භන්තො ආවත්තො බාහුල්ලාය අධිගමිස්සසි උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙස’න්ති? දුතියම්පි ඛො අහං, රාජකුමාර, පඤ්චවග්ගියෙ භික්ඛූ එතදවොචං - ‘න, භික්ඛවෙ, තථාගතො බාහුල්ලිකො න පධානවිබ්භන්තො න ආවත්තො බාහුල්ලාය. අරහං, භික්ඛවෙ, තථාගතො සම්මාසම්බුද්ධො. ඔදහථ, භික්ඛවෙ, සොතං. අමතමධිගතං. අහමනුසාසාමි, අහං ධම්මං දෙසෙමි. යථානුසිට්ඨං තථා පටිපජ්ජමානා නචිරස්සෙව - යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං - බ්‍රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථා’ති . තතියම්පි ඛො, රාජකුමාර, පඤ්චවග්ගියා භික්ඛූ මං එතදවොචුං - ‘තායපි ඛො ත්වං, ආවුසො ගොතම, ඉරියාය තාය පටිපදාය තාය දුක්කරකාරිකාය නාජ්ඣගමා උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං; කිං පන ත්වං එතරහි බාහුල්ලිකො පධානවිබ්භන්තො ආවත්තො බාහුල්ලාය අධිගමිස්සසි උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙස’න්ති? එවං වුත්තෙ , අහං, රාජකුමාර, පඤ්චවග්ගියෙ භික්ඛූ එතදවොචං - ‘අභිජානාථ මෙ නො තුම්හෙ, භික්ඛවෙ, ඉතො පුබ්බෙ එවරූපං පභාවිතමෙත’න්ති (භාසිතමෙතන්ති (සී. ස්‍යා. විනයෙපි))? ‘නො හෙතං, භන්තෙ’. ‘අරහං, භික්ඛවෙ, තථාගතො සම්මාසම්බුද්ධො. ඔදහථ, භික්ඛවෙ, සොතං. අමතමධිගතං. අහමනුසාසාමි, අහං ධම්මං දෙසෙමි. යථානුසිට්ඨං තථා පටිපජ්ජමානා නචිරස්සෙව - යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං - බ්‍රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථා’ති.
‘‘අසක්ඛිං ඛො අහං, රාජකුමාර, පඤ්චවග්ගියෙ භික්ඛූ සඤ්ඤාපෙතුං. ද්වෙපි සුදං, රාජකුමාර, භික්ඛූ ඔවදාමි. තයො භික්ඛූ පිණ්ඩාය චරන්ති. යං තයො භික්ඛූ පිණ්ඩාය චරිත්වා ආහරන්ති, තෙන ඡබ්බග්ගියා (ඡබ්බග්ගා (සී. ස්‍යා. කං.), ඡබ්බග්ගො (පී.)) යාපෙම. තයොපි සුදං, රාජකුමාර, භික්ඛූ ඔවදාමි, ද්වෙ භික්ඛූ පිණ්ඩාය චරන්ති. යං ද්වෙ භික්ඛූ පිණ්ඩාය චරිත්වා ආහරන්ති තෙන ඡබ්බග්ගියා යාපෙම.
342
(මෙහි කොටසක් අඩුය)
“රාජකුමාරය, භික්ෂූන් තෙනමකට අවවාද කරමි. භික්ෂූන් දෙනමක් පිඬු පිණිස හැසිරෙති. දෙනමක් පිඬු පිණිස හැසිර යම් ආහාරයක් ගෙණෙත්ද, එයින් සදෙනම යැපෙමු.
343
‘‘අථ ඛො, රාජකුමාර, පඤ්චවග්ගියා භික්ඛූ මයා එවං ඔවදියමානා එවං අනුසාසියමානා නචිරස්සෙව - යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං - බ්‍රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිංසූ’’ති. එවං වුත්තෙ, බොධි රාජකුමාරො භගවන්තං එතදවොච - ‘‘කීව චිරෙන නු ඛො, භන්තෙ, භික්ඛු තථාගතං විනායකං (නායකං (?)) ලභමානො - යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං - බ්‍රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්‍යා’’ති? ‘‘තෙන හි, රාජකුමාර, තංයෙවෙත්ථ පටිපුච්ඡිස්සාමි. යථා තෙ ඛමෙය්‍ය, තථා නං බ්‍යාකරෙය්‍යාසි. තං කිං මඤ්ඤසි, රාජකුමාර, කුසලො ත්වං හත්ථාරූළ්හෙ (හත්ථාරූය්හෙ (සී. පී.)) අඞ්කුසගය්හෙ (අඞ්කුසගණ්හෙ (ස්‍යා. කං.)) සිප්පෙ’’ති? ‘‘එවං, භන්තෙ, කුසලො අහං හත්ථාරූළ්හෙ අඞ්කුසගය්හෙ සිප්පෙ’’ති . ‘‘තං කිං මඤ්ඤසි, රාජකුමාර, ඉධ පුරිසො ආගච්ඡෙය්‍ය - ‘බොධි රාජකුමාරො හත්ථාරූළ්හං අඞ්කුසගය්හං සිප්පං ජානාති; තස්සාහං සන්තිකෙ හත්ථාරූළ්හං අඞ්කුසගය්හං සිප්පං සික්ඛිස්සාමී’ති. සො චස්ස අස්සද්ධො; යාවතකං සද්ධෙන පත්තබ්බං තං න සම්පාපුණෙය්‍ය. සො චස්ස බහ්වාබාධො; යාවතකං අප්පාබාධෙන පත්තබ්බං තං න සම්පාපුණෙය්‍ය. සො චස්ස සඨො මායාවී; යාවතකං අසඨෙන අමායාවිනා පත්තබ්බං තං න සම්පාපුණෙය්‍ය. සො චස්ස කුසීතො; යාවතකං ආරද්ධවීරියෙන පත්තබ්බං තං න සම්පාපුණෙය්‍ය. සො චස්ස දුප්පඤ්ඤො; යාවතකං පඤ්ඤවතා පත්තබ්බං තං න සම්පාපුණෙය්‍ය. තං කිං මඤ්ඤසි, රාජකුමාර, අපි නු සො පුරිසො තව සන්තිකෙ හත්ථාරූළ්හං අඞ්කුසගය්හං සිප්පං සික්ඛෙය්‍යා’’ති? ‘‘එකමෙකෙනාපි, භන්තෙ, අඞ්ගෙන සමන්නාගතො සො පුරිසො න මම සන්තිකෙ හත්ථාරූළ්හං අඞ්කුසගය්හං සිප්පං සික්ඛෙය්‍ය, කො පන වාදො පඤ්චහඞ්ගෙහී’’ති!
343
“එකල්හි රාජකුමාරය, මා විසින් මෙසේ අවවාද කරණ ලද අනුශාසනා කරණ ලද පස්වග මහණහු යම් අර්ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම යහපත්ව ශාසනයෙහි පැවිදි වෙත්ද, මාර්ග බ්‍රහ්මචර්යාව අවසන්කොට ඇති, ඒ උත්තම අර්හත්ඵලය ඉහතාත්මයෙහිම තෙමේ විශේෂ නුවණින් දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කළාහුයි” වදාළේය.
“මෙසේ වදාළ කල්හි බොධිරාජ කුමාරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ. “ස්වාමීනි කොපමණ කලකින් තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නාවූ භික්ෂුතෙම යම් අර්ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම යහපත්වම ශාසනයෙහි පැවිදි වෙද්ද, මාර්ගබ්‍රහ්මචර්යාව කෙළවරකොට ඇති ඒ උත්තම සැපත මේ ආත්මයෙහි තෙමේ විශේෂ නුවණින් දැන ඊට පැමිණ වාසය කරද්දැයි’ ඇසී. “එසේ නම්, රාජකුමාරය, මේ කාරණය තොපගෙන්ම අසමි. තොපට යම්සේ වැටහේ නම් එසේ කියව. රාජකුමාරය, ඔබ ඒ කුමකැයි සිතන්නෙහිද? ඔබ ඇතුන්පිට නගින හෙණ්ඩු ගන්න ශිල්පයෙහි දක්ෂවෙහිදැයි” (ඇසී). “ස්වාමීන් වහන්ස, එසේය. ඇතුන්පිට නැගෙණ හෙණ්ඩු ගන්න ශිල්පයෙහි මම දක්ෂයෙක් වෙමි.” “ඔබ කුමක් සිතන්නෙහිද? බොධිරාජ කුමාරතෙම ඇතුන්පිට නගින හෙණ්ඩු ගන්න ශිල්පය දනියි. මම ඔහු වෙත ඇතුන්පිට නැගෙණ හෙණ්ඩු ගන්න ශිල්පය පුහුණු කරන්නෙමැයි මෙහි (කිසියම්) පුරුෂයෙක් පැමිණෙන්නේය.
“ඒ පුද්ගලතෙමේ ඇදහීම් නැත්තෙක් හෙවත් කියන දේ නොපිළිගන්නෙක් වෙයිද, ඇදහීමෙන් යමකට පැමිණිය යුතු නම් ඊට නොපැමිණෙන්නේද, හෙතෙම බොහෝ ආබාධ ඇත්තෙක් වෙයිද, නිරෝගී වූවෙකු විසින් යමකට පැමිණිය යුතු නම් ඊට නොපැමිණෙන්නේද, හෙතෙම කෛරාටික රැවටිලිකාරයෙක් වෙයිද, යමෙක් කෛරාටික නොවන රැවටිලිකාරයෙක් නොවන්නෙකු විසින් යමකට පැමිණිය යුතු නම් ඊට නොපැමිණෙන්නේද හෙතෙම කුසීතයෙක් වෙයිද, බලවත් වීර්ය ඇත්තෙකු විසින් යමකට පැමිණිය යුතු නම් ඊට නොපැමිණෙන්නේද, හෙතෙම නුවණැත්තෙක් වෙයිද, නුවණැත්තෙකු විසින් යමකට පැමිණිය යුතු නම් ඊට නොපැමිණෙන්නේද, රාජකුමාරය, ඒ කුමක් සිතන්නෙහිද? ඒ පුරුෂතෙම ඔබගෙන් ඇතුපිට නැගෙන හෙණ්ඩුව ගන්න ශිල්පය කිම ඉගෙනගන්නේද?”
“ස්වාමීන් වහන්ස, ඒ එක් කරුණකින්ද යුක්තවූ පුරුෂ තෙම මා වෙතින් ඇතුපිට නැගෙන හෙණ්ඩුව ගන්නා ශිල්පය නොඋගනියි. කරුණු පසින්ම යුක්ත නම් කියනුම කිම?”
344
‘‘තං කිං මඤ්ඤසි, රාජකුමාර, ඉධ පුරිසො ආගච්ඡෙය්‍ය - ‘බොධි රාජකුමාරො හත්ථාරූළ්හං අඞ්කුසගය්හං සිප්පං ජානාති; තස්සාහං සන්තිකෙ හත්ථාරූළ්හං අඞ්කුසගය්හං සිප්පං සික්ඛිස්සාමී’ති. සො චස්ස සද්ධො; යාවතකං සද්ධෙන පත්තබ්බං තං සම්පාපුණෙය්‍ය. සො චස්ස අප්පාබාධො; යාවතකං අප්පාබාධෙන පත්තබ්බං තං සම්පාපුණෙය්‍ය. සො චස්ස අසඨො අමායාවී; යාවතකං අසඨෙන අමායාවිනා පත්තබ්බං තං සම්පාපුණෙය්‍ය. සො චස්ස ආරද්ධවීරියො; යාවතකං ආරද්ධවීරියෙන පත්තබ්බං තං සම්පාපුණෙය්‍ය. සො චස්ස පඤ්ඤවා; යාවතකං පඤ්ඤවතා පත්තබ්බං තං සම්පාපුණෙය්‍ය. තං කිං මඤ්ඤසි, රාජකුමාර, අපි නු සො පුරිසො තව සන්තිකෙ හත්ථාරූළ්හං අඞ්කුසගය්හං සිප්පං සික්ඛෙය්‍යා’’ති? ‘‘එකමෙකෙනාපි, භන්තෙ, අඞ්ගෙන සමන්නාගතො සො පුරිසො මම සන්තිකෙ හත්ථාරූළ්හං අඞ්කුසගය්හං සිප්පං සික්ඛෙය්‍ය, කො පන වාදො පඤ්චහඞ්ගෙහී’’ති! ‘‘එවමෙව ඛො, රාජකුමාර, පඤ්චිමානි පධානියඞ්ගානි. කතමානි පඤ්ච? ඉධ, රාජකුමාර, භික්ඛු සද්ධො හොති; සද්දහති තථාගතස්ස බොධිං - ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති; අප්පාබාධො හොති අප්පාතඞ්කො සමවෙපාකිනියා ගහණියා සමන්නාගතො නාතිසීතාය නාච්චුණ්හාය මජ්ඣිමාය පධානක්ඛමාය; අසඨො හොති අමායාවී යථාභූතං අත්තානං ආවිකත්තා සත්ථරි වා විඤ්ඤූසු වා සබ්‍රහ්මචාරීසු ; ආරද්ධවීරියො විහරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු; පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මාදුක්ඛක්ඛයගාමිනියා. ඉමානි ඛො, රාජකුමාර, පඤ්ච පධානියඞ්ගානි.
344
“රාජකුමාරය, ඒ කුමකැයි සිතන්නෙහිද? බොධිරාජ කුමාරතෙම ඇතුපිට නැගෙනා හෙණ්ඩු ගන්නා ශිල්පය දනියි. ‘මම ඔහු සමීපයෙහි ඇතුපිට නැගෙන හෙණ්ඩු ගන්නා ශිල්පය හික්මෙන්නෙමියි’ සිතා පුරුෂයෙක් එන්නේය. හෙතෙම ඇදහීම ඇත්තෙක් වෙයිද, යමක් අදහන්නෙකු විසින් යමකට පැමිණිය යුතු නම් ඊට පැමිණෙන්නේද, හෙතෙම ආබාධ නැත්තෙක් වෙයිද, ආබාධ නැත්තෙකු විසින් යමකට පැමිණිය යුතු නම් ඊට පැමිණෙන්නෙක්වෙයිද, හෙතෙම කෛරාටිකයෙක් රැවටිලිකාරයෙක් නොවන්නේද, කෛරාටිකයෙක් නොවන අවංක පුද්ගලයෙකු විසින් යමකට පැමිණිය යුතු නම් ඊට පැමිණෙන්නේද හෙතෙම බලවත් වීර්ය ඇත්තෙක් වෙයිද, බලවත් වීර්ය ඇත්තෙකු විසින් යමකට පැමිණිය යුතුනම් ඊට පැමිණෙන්නේද, හෙතෙම නුවණ ඇත්තේ වෙයිද, නුවණැතියෙකු විසින් යමකට පැමිණිය යුතු නම් ඊට පැමිණෙන්නේද රාජකුමාරය, ඒ කුමකැයි සිතන්නෙහිද? ඒ පුරුෂතෙම ඇතුපිට නැගෙන හෙණ්ඩු ගන්නා ශිල්පය ඔබ වෙතින් කිම උගන්නේදැයි” ඇසී. “ස්වාමීනි, මේ එක් කරුණකින් යුක්ත වූද පුරුෂතෙම ඇතුපිට නැගෙන හෙණ්ඩු ගන්නා ශිල්පය ඉගෙනගන්නේය. කරුණු පසින් යුත් කල කියනුම කවරේද?
“රාජකුමාරය, එපරිද්දෙන්ම වීර්ය කිරීම පිණිස පවත්නා අංග පසක් වෙති. රාජකුමාරය මේ සස්නෙහි මහණතෙම ශ්‍රද්ධාවෙන් යුක්තවූයේ වෙයිද, ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන්ද අරහත්ය. සම්‍යක් සම්බුද්ධය, විජ්ජාචරණසම්පන්නය, සුගතය, ලොකවිදූය, අනුත්තර පුරිස දම්මසාරථිය දෙවිමිනිසුන්ගේ ශාස්තෘය, චතුස්සත්‍ය අවබෝධ කෙළේය. භාග්‍යවත්යයි තථාගතයන් වහන්සේගේ බුදුබව අදහන්නේද?”
“වැඩිද නොවූ, අඩුද නොවූ, වීර්ය කිරීමට සුදුසු සමවූ ආහාර පැසවන ගින්නෙන් යුක්තවූ නිරෝගී ආබාධ නැති පුද්ගලයෙක් වෙයිද, ශාස්තෘන් වහන්සේ ඉදිරියෙහිද නුවණැතියෙක්ව මහණදම් පුරණ භික්ෂූන් ඉදිරියෙහිද තමා පිළිබඳ ඇතිතතු ප්‍රකාශ කරණ කපටිනොවූ අවංක පුද්ගලයෙක් වෙයිද, අකුශල ධර්මයන් පහකිරීම සඳහාද කුශල ධර්මයන් ඉපදවීම සඳහාද පටන්ගත් වීර්ය ඇත්තෙක්දැයි වීර්ය ඇත්තෙක් කුශල ධර්මයන්හි බර බහා නොතැබූ පුද්ගලයෙක් වන්නේද, ආර්යවූ ධර්මයන් විනිවිද දක්නාවූ මනා කොට දුක් කෙළවර කිරීමට පමුණුවන්නාවූ, ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම දක්නාවූ, නුවණින් යුක්තවූ, ප්‍රඥාවෙන් යුක්තවූවෙක් වන්නේද,
“රාජකුමාරය, මේ වනාහි වීර්ය වැඩීම පිණිස පවත්නා අංගපස වෙති.
345
‘‘ඉමෙහි , රාජකුමාර, පඤ්චහි පධානියඞ්ගෙහි සමන්නාගතො භික්ඛු තථාගතං විනායකං ලභමානො - යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං - බ්‍රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්‍ය සත්ත වස්සානි. තිට්ඨන්තු, රාජකුමාර, සත්ත වස්සානි. ඉමෙහි පඤ්චහි පධානියඞ්ගෙහි සමන්නාගතො භික්ඛු තථාගතං විනායකං ලභමානො - යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං - බ්‍රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්‍ය ඡබ්බස්සානි... පඤ්ච වස්සානි... චත්තාරි වස්සානි... තීණි වස්සානි... ද්වෙ වස්සානි... එකං වස්සං. තිට්ඨතු, රාජකුමාර, එකං වස්සං. ඉමෙහි පඤ්චහි පධානියඞ්ගෙහි සමන්නාගතො භික්ඛු තථාගතං විනායකං ලභමානො - යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං - බ්‍රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්‍ය සත්ත මාසානි. තිට්ඨන්තු, රාජකුමාර, සත්ත මාසානි. ඉමෙහි පඤ්චහි පධානියඞ්ගෙහි සමන්නාගතො භික්ඛු තථාගතං විනායකං ලභමානො - යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං - බ්‍රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්‍ය ඡ මාසානි... පඤ්ච මාසානි... චත්තාරි මාසානි... තීණි මාසානි... ද්වෙ මාසානි... එකං මාසං... අඩ්ඪමාසං. තිට්ඨතු, රාජකුමාර, අඩ්ඪමාසො. ඉමෙහි පඤ්චහි පධානියඞ්ගෙහි සමන්නාගතො භික්ඛු තථාගතං විනායකං ලභමානො - යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං - බ්‍රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්‍ය සත්ත රත්තින්දිවානි. තිට්ඨන්තු, රාජකුමාර, සත්ත රත්තින්දිවානි. ඉමෙහි පඤ්චහි පධානියඞ්ගෙහි සමන්නාගතො භික්ඛු තථාගතං විනායකං ලභමානො - යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං - බ්‍රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්‍ය ඡ රත්තින්දිවානි... පඤ්ච රත්තින්දිවානි... චත්තාරි රත්තින්දිවානි... තීණි රත්තින්දිවානි... ද්වෙ රත්තින්දිවානි... එකං රත්තින්දිවං. තිට්ඨතු, රාජකුමාර, එකො රත්තින්දිවො. ඉමෙහි පඤ්චහි පධානියඞ්ගෙහි සමන්නාගතො භික්ඛු තථාගතං විනායකං ලභමානො සායමනුසිට්ඨො පාතො විසෙසං අධිගමිස්සති, පාතමනුසිට්ඨො සායං විසෙසං අධිගමිස්සතී’’ති. එවං වුත්තෙ, බොධි රාජකුමාරො භගවන්තං එතදවොච - ‘‘අහො බුද්ධො, අහො ධම්මො, අහො ධම්මස්ස ස්වාක්ඛාතතා! යත්‍ර හි නාම සායමනුසිට්ඨො පාතො විසෙසං අධිගමිස්සති, පාතමනුසිට්ඨො සායං විසෙසං අධිගමිස්සතී’’ති!
345
“රාජකුමාරය, මේ වීර්යය වැඩීම පවත්නා අංගපසින් යුත් භික්ෂුව තථාගතයන් වහන්සේ වැනි හික්ම වන්නේත් ලබන්නේ යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවරකොට ඇති ඒ උත්තම අර්හත්ඵලය මේ ආත්මයෙහිම තෙමේ විශේෂ නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට සත්වසකින් එයට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, සත්වස තිබෙත්වා, මේ වීර්ය වැඩීම පිණිස පවත්නාවූ අංග පසෙන් යුත් මහණ තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙක් ලබන්නේ යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදිවෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවරකොට ඇති ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයෙහිම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට සය වසකින් එයට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, සයවසක් තිබේවා, මේ වීර්ය පිණිස පවත්නාවූ අංග පසෙන්යුත් භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙක් ලබන්නේ යම් අර්ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම යහපත්ව ශාසනෙහි පැවිදි වෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්හත් ඵලය, මේ ආත්මයෙහිම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට පස්වසකින් එයට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, පස්වසක් තිබේවා, මේ වීර්ය පිණිස පවත්නාවූ අංග පසෙන් යුත් භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙක් ලබන්නේ, යම් අර්ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති, ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයෙහිම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට සිව් වසකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, සිව් වසක් තිබේවා, මේ වීර්ය පිණිස පවත්නාවූ අංග පසෙන් යුත් භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අර්ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයෙහිම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂකොට තුන්වසකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, තුන්වසක් තිබේවා මේ වීර්ය පිණිස පවත්නාවූ අංග පසෙන් යුත් භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙත්ද මාර්ග බ්‍රහ්මචර්යාවේ කෙළවර කොට ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයෙහිම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට දෙවසකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, දෙවසක් තිබේවා. මේ වීර්ය පිණිස පවත්නාවූ අංග පසෙන් යුත් භික්ෂුව තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, බ්‍රහ්ම චර්යාව කෙළවර කොට ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයෙහිම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට එක් වසකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, එක් වසක් තිබේවා. මේ වීර්ය පිණිස පවත්නාවූ අංග පසින් යුත් භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ යම් අර්ථයක් පිණිස ගිනිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙත්ද, බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයෙහිදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට සත්මසකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, සත්මසක් තිබේවා. මේ වීර්යය පිණිස පවත්නාවූ අංග පසින් යුතු භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්ම වන්නෙකු ලබන්නේ, යම් අර්ථයක් පිණිස ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට සය මසකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, සයමසක් තිබේවා. මේ වීර්යය පිණිස පවත්නාවූ අංග පසින් යුතු භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට පස්මසකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, පස්මසක් තිබේවා. මේ වීර්යය පිණිස පවත්නාවූ අංග පසින් යුතු භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්ම වන්නෙකු ලබන්නේ, යම් අර්ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙත්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට සාරමසකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, සාරමසක් තිබේවා. මේ වීර්යය පිණිස පවත්නාවූ අංග පසින් යුතු භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි හොඳින් පැවිදි වෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට තුන් මසකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, තුන්මසක් තිබේවා. මේ වීර්යය පිණිස පවත්නාවූ අංග පසින් යුතු භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙක් ලබන්නේ, යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට දෙමසකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, දෙමසක් තිබේවා. මේ වීර්යය පිණිසවූ අංග පසින් යුතු භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට එක්මසකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, එක්මසක් තිබේවා. මේ වීර්යය පිණිසවූ අංග පසින් යුතු භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙක් ලබන්නේ, යම් අර්ථයක් සඳහා කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට අඩ මසකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, අඩ මසක් තිබේවා. මේ වීර්යය පිණිස පවත්නාවූ අංග පසින් යුතු භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙක් ලබන්නේ, යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට රෑ දාවල් සතකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, රෑ දාවල් සතක් තිබේවා. මේ වීර්යය පිණිස පවත්නාවූ අංග පසින් යුතු භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්ම වන්නෙක් ලබන්නේ, යම් අර්ථයක් පිණිස ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙත්ද, බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට රෑ දාවල් සයකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, රෑ දාවල් සයක් තිබේවා. මේ වීර්යය පිණිසවූ අංග පසෙන් යුතු භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙක් ලබන්නේ, යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙත්ද, බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට රෑ දාවල් පසකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, රෑ දාවල් පසක් තිබේවා. මේ වීර්යය පිණිසවූ අංග පසෙන් යුත් භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙත්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට රෑ දාවල් සතරකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, රෑ දාවල් සතරක් තිබේවා. මේ වීර්යය පිණිසවූ අංග පසෙන් යුත් භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙක් ලබන්නේ, යම් අර්ථයක් පිණිස ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙත්ද, බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට රෑ දාවල් තුනකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, රෑ දාවල් තුනක් තිබේවා. මේ වීර්යය පිණිස අංග පසෙන් යුත් භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙත්ද, මාර්ග බ්‍රහ්ම චර්යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට රෑ දාවල් දෙකකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, රෑ දාවල් දෙකක් තිබේවා. මේ වීර්යය පිණිසවූ අංග පසෙන් යුත් භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙත්ද, මාර්ග බ්‍රහ්ම චර්යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට රෑ දාවලකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, එක් රෑ දාවලක් තිබේවා. මේ වීර්යය පිණිස පවත්නාවූ අංග පසින් යුක්ත මහණ තෙමේ තථාගතයන් වැනිවූ හික්ම වන්නෙක් ලබන්නේ සවස අනුශාසනා කරණ ලද්දේ උදෑසන මාර්ගඵල අවබෝධ කරයි. උදෑසන අනුශාසනා කරණ ලද්දේ සවස මාර්ගඵල අවබෝධ කරන්නේයයි” (වදාළසේක)
346
එවං වුත්තෙ, සඤ්ජිකාපුත්තො මාණවො බොධිං රාජකුමාරං එතදවොච - ‘‘එවමෙව පනායං භවං බොධි - ‘අහො බුද්ධො, අහො ධම්මො, අහො ධම්මස්ස ස්වාක්ඛාතතා’ති ච වදෙති (වදෙසි (සී.), පවෙදෙති (ස්‍යා. කං.)); අථ ච පන න තං භවන්තං ගොතමං සරණං ගච්ඡති ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්චා’’ති. ‘‘මා හෙවං, සම්ම සඤ්ජිකාපුත්ත, අවච; මා හෙවං, සම්ම සඤ්ජිකාපුත්ත, අවච. සම්මුඛා මෙතං, සම්ම සඤ්ජිකාපුත්ත, අය්‍යාය සුතං, සම්මුඛා පටිග්ගහිතං’’. ‘‘එකමිදං, සම්ම සඤ්ජිකාපුත්ත, සමයං භගවා කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. අථ ඛො මෙ අය්‍යා කුච්ඡිමතී යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නා ඛො මෙ අය්‍යා භගවන්තං එතදවොච - ‘යො මෙ අයං, භන්තෙ, කුච්ඡිගතො කුමාරකො වා කුමාරිකා වා සො භගවන්තං සරණං ගච්ඡති ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං තං භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’න්ති. එකමිදං, සම්ම සඤ්ජිකාපුත්ත, සමයං භගවා ඉධෙව භග්ගෙසු විහරති සුසුමාරගිරෙ භෙසකළාවනෙ මිගදායෙ. අථ ඛො මං ධාති අඞ්කෙන හරිත්වා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො මං ධාති භගවන්තං එතදවොච - ‘අයං , භන්තෙ, බොධි රාජකුමාරො භගවන්තං සරණං ගච්ඡති ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං තං භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’න්ති. එසාහං, සම්ම සඤ්ජිකාපුත්ත, තතියකම්පි භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’’න්ති.
346
“මෙසේ වදාළ කල්හි බොධිරාජ කුමාර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය ධර්මය ආශ්චර්යයි. යම් ධර්මයකින් සවස අනුශාසනා කරණ ලද්දේ උදය මාර්ගඵල අවබෝධ කෙරේද, උදය අනුශාසනා කරණ ලද්දේ සවස මාර්ගඵල අවබෝධ කෙරේද, ඒ ධර්මයාගේ යහපත් කොට දේශනා කරන ලද බව ආශ්චර්යයි. මෙසේ කී කල්හි තරුණ සඤ්ජිකා පුත්‍රතෙම බොධි රාජ කුමාරයට මෙසේ කීය. “ඒ කාරණය එසේමය. පින්වත් බොධිරාජ කුමාර තෙම, සර්වඥයන් වහන්සේ ආශ්චර්යයිද ධර්මය ආශ්චර්යයිද ධර්මයාගේ මනාකොට දෙසනලද බව ආශ්චර්යයිද, කියන්නෙහිය. එසේනම් ඒ භවත් ගෞතමයන් වහන්සේද ධර්මයද භික්ෂු සංඝයාද සරණකොට යවයි” (කීහ)
“යහළු සඤ්ජිකා පුත්‍රය, එසේ නොකියව, යහළු සඤ්ජිකා පුත්‍රය, එසේ නොකියව. යහළු සඤ්ජිකා පුත්‍රය එසේ නොකියව, යහලු සඤ්ජිකා පුත්‍රය, මෑනියන් හමුවෙන් මෙය අසනලදී. මෑනියන් හමුවෙන් මෙය අසා පිළිගන්නාලදී. යහලු සඤ්ජිකා පුත්‍රය. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවරෙහිවූ ඝොසිතාරාමයෙහි වැඩ වෙසෙත්. එකල්හි මාගේ මව් තොමෝ දරුගැබ් ඇත්තී, භාග්‍යවතුන් වහන්සේ යම් තෙනකද එහි පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක උන්නාය. එක් පසෙක හුන් මාගේ මවු භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාය.
“ස්වාමීන් වහන්ස, මාගේ කුසෙහිවූ යම් මේ කුමාරයෙක් හෝ කුමාරිකාවක් හෝ වේද? හෙතෙම භාග්‍යවතුන් වහන්සේද ධර්මයද භික්ෂු සංඝයාද සරණයයි’ කියායි.
“භාග්‍යවතුන් වහන්සේ ඔහු අද පටන් දිවිහිමි කොට භාග්‍යවතුන් වහන්සේ සරණගිය උපාසකයෙකුසේ දරණ සේක්වා’ යනුයි.
“යහලු සඤ්ජිකා පුත්‍රය, එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ මේ භග්ගනින පදයෙහිම සුංසුමාරගිර නගරය සමීපයෙහිවූ මිගදාය නම් භෙසකලා වනයෙහි වැඩ වෙසෙත්. එකල්හි මාගේ කිරිමව් තොමෝ මා ඇකයෙන් උසුලාගෙණ (වඩාගෙණ) භාග්‍යවතුන් වහන්සේ යම් තෙනකද එහි ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක සිටියාහ.
එක්පසෙක සිටියාවූ මාගේ කිරිමව් තොමෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාය. ‘ස්වාමීන් වහන්ස, මේ බොධිරාජ කුමාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ සරණයයි. ධර්මයද භික්ෂු සංඝයාද සරණයයි. භාග්‍යවතුන් වහන්සේ ඔහු අද පටන් දිව් හිමි කොට සරණගිය උපාසකයෙක් කොට දරණ සේක්වා’ (කියාය.)
“යහලු සඤ්ජිකා පුත්‍රය, ඒ මම තෙවනුවත් භාග්‍යවතුන් වහන්සේ සරණයෙමි. ධර්මයද භික්ෂු සංඝයාද සරණයමි. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවි හිමි කොට මා සරණ ගිය උපාසකයෙක් කොට දරණ සේක්වායි කීය”
6. අඞ්ගුලිමාලසුත්තං 6. අංගුලිමාල සූත්‍රය
7. පියජාතිකසුත්තං 7. පිය ජාතික සූත්‍රය
8. බාහිතිකසුත්තං 8. බාහිතික සූත්‍රය
9. ධම්මචෙතියසුත්තං 9. ධම්මචෙතිය සූත්‍රය
10. කණ්ණකත්ථලසුත්තං 10. කණ්ණකත්ථල සූත්‍රය