4. රාජවග්ගො | 4. රාජ වර්ගය |
1. ඝටිකාරසුත්තං | 1. ඝටීකාර සූත්‍රය |
282
‘‘භූතපුබ්බං, ආනන්ද, ඉමස්මිං පදෙසෙ වෙගළිඞ්ගං නාම ගාමනිගමො අහොසි ඉද්ධො චෙව ඵීතො ච බහුජනො ආකිණ්ණමනුස්සො. වෙගළිඞ්ගං ඛො, ආනන්ද, ගාමනිගමං කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො උපනිස්සාය විහාසි. ඉධ සුදං, ආනන්ද, කස්සපස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
|
282
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ මහත්වූ භික්ෂු සමූහයක් සමග කොසොල් ජනපදයෙහි චාරිකාවෙහි වඩිනාසේක. ඒ කාලයෙහි මාර්ගයෙන් ඉවත්ව එක් පෙදෙසෙක්හි වැඩසිටියාවූ භාග්‍යවතුන් වහන්සේ සිනහ පහල කෙළේය.
එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙබඳු සිතෙක් විය. ‘භාග්‍යවතුන් වහන්සේගේ සිනහ පහළකිරීමට හේතුව කිමෙක්ද? ප්‍රත්‍යය (කරුණ) කිමෙක්ද? තථාගතවරයෝ කරුණක් නැතිව සිනහ පහල නොකෙරෙති’යි (කියාය.)
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙමේ සිව්ර එකාංශකොට පොරවා, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද ඒ දෙසට ඇඳිලිබැඳ වැඳ, භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ සිනහ පහළ කිරීමට හේතුව කුමක්ද? කාරණය කුමක්ද? තථාගත වරයෝ නොකරුණෙහි සිනහ පහල නොකෙරෙති”යි කියාය.
“ආනන්දය, පෙර වූවක් කියමි. එනම් මේ ප්‍රදෙශයෙහි සමුර්ධවූ සම්පත් ඇති, සැපතින් පිරී ගියාවූ බොහෝ ජන සමූහයා ඇති, මිනිසුන්ගෙන් ගැවසීගත් වෙගලිංග නම් නියම්ගමෙක් විය.
“ආනන්දය, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වහන්සේ වෙගලිංග නම් නියම්ගම ඇසුරුකොට විසූහ. ආනන්දය, භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වහන්සේ මෙහි වැඩහිඳ, භික්ෂු සංඝයාට අවවාද කෙරේයයි” (වදාළහ.)
එකල්හි ආයුෂ්මත් ආනන්දතෙමේ දෙපට සිවුර සතරට නමා අසුනක් පණවා භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීහ. “ස්වාමීනි, එසේ නම් භාග්‍යවතුන් වහන්සේ හිඳිනාසේක්වා. එසේ කල්හි මේ බිම් කොටස අර්හත්වූ සම්‍යක් සම්බුදුවරු දෙදෙනෙකුන් වහන්සේ විසින් පරිභොග කරණ ලද්දේ වන්නේයයි” කීහ.
භාග්‍යවතුන් වහන්සේ පැණවූ අස්නෙහි වැඩඋන්හ හිඳගත් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන්ට කථාකළහ. “ආනන්දය, පෙර දවස මේ ප්‍රදෙශයෙහි ධනයෙන් පිරුණු සැපතෙන් පිරීගිය බොහෝ ජනයන් ඇති, මිනිසුන්ගෙන් ගහණවූ වෙගලිංග නම් නියම්ගමක් වූයේය.
“ආනන්ද්ය, වෙගලිංග නම් නියම්ගම ඇසුරුකොට භගවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වහන්සේ වැඩවිසූහ. ආනන්දය, මෙහි වූකලී භගවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ගේ ආරාමය වූයේය. ආනන්දය, මෙහි වැඩහුන්නාවූ භගවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වහන්සේ භික්ෂු සංඝයාට අවවාද දෙයි.
|
283
‘‘වෙගළිඞ්ගෙ ඛො, ආනන්ද, ගාමනිගමෙ ඝටිකාරො
(ඝටීකාරො (සී. පී.)) නාම කුම්භකාරො කස්සපස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස උපට්ඨාකො අහොසි
|
283
“ආනන්දය, වෙගලිංග නම් ගමෙහි භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ගේ උපස්ථායකවූ ඝටීකාර නම් කුම්භකාරයෙක් වූයේය. (ඔහු) අග්‍රවූ උපස්ථායක කෙනෙකි.
“ආනන්දය, ඝටීකාර නම් කුම්භකාරයාගේ යහළුවූ ජොතිපාල නම් තරුණයෙක්ද වූයේය. හේ ප්‍රියවූ යහළුවෙකි. ඒ කාලයෙහි ආනන්දය, ඝටීකාර කුම්භකාර තෙමේ ජොතිපාල මානවකයාට කථා කෙළේය.
“යහළු ජොතිපාලය, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් දැකීම පිණිස යමු. මාගේ ඒ භාග්‍යවත්වූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුදුන්ගේ දැකීම් යහපතැයි සම්මත වූයේමය. එබැවින් යමු’යි (කීහ.)
“ආනන්දය, මෙසේ කීකල්හි ජොතිපාල මානව තෙමේ ඝටීකාර කුම්භකාරයාහට මෙසේ කීය. ‘මිත්‍ර ඝටීකාරය, ඒ මුඩු ශ්‍රමණයා දැකීමෙන් කවර නම් ප්‍රයෝජනයෙක්ද, ඉන් කම් නැතැයි, කීහ.
“ආනන්දය, දෙවනුවද, ඝටීකාර කුම්භකාර තෙමේ ජොතිපාල මානවකයාට මේ කාරණය කීයේය. “යහලු ජොතිපාලය, අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ කාශ්‍යප භාග්යතවතුන් වහන්සේ දැකීම පිණිස යමු. මාගේ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ දැකීම මැනවැයි සම්මත වූයේ එය (එබැවින්) යමු”යි (කීය.) ආනන්දය, දෙවනුවත් ජොතිපාල මානවක තෙම ඝටීකාර කුම්භකාරයාට මෙසේ කීය යහලු ඝටීකාරය, ඒ හිස මුඩු ශ්රමණයාගේ දැකීමෙන් කුමන ප්‍රයෝජනයක්ද? ඉන් වැඩක් නැතැයි (කීය.)
“ආනන්දය, තුන්වෙනුවද ඝටීකාර කුම්භකාර තෙමේ ජොතිපාල මානවකයාට මේ කාරණය කීහ. ‘යහලු ජොතිපාලය, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් දැකීම පිණිසයමු. මාගේ භාග්‍යවත්වූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුදුන්ගේ දැකීම මැනවයි සම්මත වූයේමය (එබැවින්) යමුයි’ කීය.
“තුන්වෙනුවත්, ආනන්දය, ජොතිපාල මාණවක තෙමේ ඝටීකාර කුම්භකාරයාහට මේ කාරණය කීය. ‘යහළුව ඝටීකාරය. ඒ මුඩු ශ්‍රමණයා දැකීමෙන් කවර ප්‍රයෝජනයක්ද, ඉන් වැඩෙක් නැතැයි’ කීය.
“එසේ නම් යහළු ජොතිපාලය, නහන සුණු ගෙන දියනාන්ට ගඟට යමුයි’ කීය. ආනන්දය, ජොතිපාල මානවක තෙමේ, ‘යහලුව එසේය’ කියා, ඝටීකාර කුම්භකාරයාහට උත්තර දුනි. ඉක්බිති ආනන්දය, ඝටීකාර කුම්භකාර තෙමේද, ජොතිපාල මානවකතෙමේද (කුරුවින්ද පාෂාණයෙන් කළ) නහන සුණු ගෙණ දිය නෑමට ගඟට ගියාහුය.
|
284
‘‘අථ ඛො, ආනන්ද, ඝටිකාරො කුම්භකාරො ජොතිපාලං මාණවං ආමන්තෙසි - ‘අයං, සම්ම ජොතිපාල, කස්සපස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අවිදූරෙ ආරාමො. ආයාම, සම්ම ජොතිපාල, කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං දස්සනාය උපසඞ්කමිස්සාම. සාධුසම්මතඤ්හි මෙ තස්ස භගවතො දස්සනං අරහතො සම්මාසම්බුද්ධස්සා’ති. එවං වුත්තෙ, ආනන්ද, ජොතිපාලො මාණවො ඝටිකාරං කුම්භකාරං එතදවොච - ‘අලං, සම්ම ඝටිකාර. කිං පන තෙන
|
284
එහිදී ආනන්දය, ඝටීකාර කුම්භකාර තෙමේ ජොතිපාල මානවකයාට කථා කළේය. “යහලුව ජොතිපාලය, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ගේ ආරාමය මේ ළඟය. මිත්‍ර ජොතිපාලය, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් දැකීමට යමු. මාගේ භාග්‍යවත්වූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුදුන්ගේ දැකීම යහපතයයි සම්මත වූයේමය. (එබැවින්) යමුයි,’ කීය.
“ආනන්දය, මෙසේ කී කල්හි ජොතිපාල තරුණ තෙමේ ඝටීකාර කුම්භකාරයාහට මෙසේ කීය. ‘යහලුව ඝටීකාරය, මුඩු ශ්‍රමණයා දැකීමෙන් කුමන වැඩෙක්ද, එයින් වැඩක් නැතැයි, කීය. ඝටීකාර කුම්භකාරතෙම ජොතිපාල මානවකයාට මෙසේ කීය. ‘යහලු ජෝතිපාලය, අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ ආරාමය මේ ළඟය. යහලුව ජොතිපාලය, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ දකින්ට එහි යමු’ මාගේ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ දැකීම යහපතැයි සම්මතය, එහෙයින් යමු. ආනන්දය, දෙවනුවද ජෝතිපාල මානවක තෙම ඝටීකාර කුම්භකාරයාට මෙසේ කීය. ‘යහලු ඝටීකාරය, ඒ හිස මුඩු මහණාගේ දැකීමෙන් කුමණ ප්‍රයෝජනයක්ද, එයින් වැඩක් නැතැයි’ කීය.
“ආනන්දය, දෙවනුවත් තුන්වනුවත් ඝටීකාර කුම්භකාර තෙමේ ජොතිපාල මානවකයාට මෙසේ කීය. ‘යහලුව ජොතිපාලය, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්බුදුන්ගේ ආරාමය මේ නුදුරුතන්හිය. යහලුව ජොතිපාලය, භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදුන් දකිනු පිණිස (එහි) යමු.’ ‘මාගේ භාග්‍යවත්වූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුදුන්ගේ දැකීම මැනවයි සම්මතමය, එහෙයින් යමුයි කීය. තුන්වෙනුවද, ආනන්දය, තරුණ ජොතිපාල තෙමේ ඝටීකාර කුම්භකාරයාහට මේ කාරණය කීය.
“මිත්‍ර ඝටීකාරය, ඒ හිස මුඩු ශ්‍රමණයා දැකීමෙන් කුමණ ප්‍රයෝජනයෙක්ද? (එහෙයින්) වැඩක් නැත’ (යනුයි)
“එකල්හි ආනන්දය, ඝටීකාර කුම්භකාර තෙමේ ජොතිපාල මාණවකයාගේ ඔඩොක්කුවෙන් අල්වා ගෙන මෙසේ කීය. ‘යහළුව ජොතිපාලයිනි, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ගේ ආරාමය මේ සමීපයෙහිය. යහළුව ජොතිපාලයිනි, භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදුන් දැකීමට (එහි) යමු. මාගේ භාග්‍යවත්වූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුදුන්ගේ දැකීම යහපතය කියා සම්මතය, (එහෙයින්) යමුයි’ කීය.
“එකල්හි ආනන්දය, ජොතිපාල තරුණ තෙමේ ඔඩොක්කුව අත්හැර ඝටීකාර කුම්භකාරයාහට මෙසේ කීය. ‘මිත්‍රය ඝටීකාරය, ඒ මුඩු ශ්‍රමණයා දැකීමෙන් කුමන පලයෙක්ද? එයින් කම් නැතැයි’ කීහ. එකල්හි ආනන්දය, ඝටීකාර කුම්භකාර තෙමේ නානලද හිසින් යුත් ජොතිපාල මානවකයාගේ කෙස් වැටියෙන් අල්වාගෙණ මෙසේ කීය.
“යහලුව ජොතිපාලයිනි, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ගේ මේ ආරාමය ඉතා ආසන්නයෙහිය. යහලුව ජොතිපාලයිනි, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් දැකීම පිණිස (එහි) යමු.’ ‘භාග්‍යවත්වූ අර්හත්වූ මාගේ ඒ සම්‍යක් සම්බුදුන්ගේ දැකීම සාධු සම්මතය. (එහෙයින්) යමුයි’ කීය.
“එකල්හි ආනන්දය, ජොතිපාල මානවකයාහට මේ අදහස වූයේය. ‘පින්වත, ආශ්චර්යකි. පුදුමයකි. (එනම්) යම් කාරණයකින් මේ ඝටීකාර කුම්භකාර තෙමේ පහත් ජාති ඇත්තෙකුවද ස්නානය කළ හිසින් යුත් අපගේ කෙස් වැටිය ඇල්ලීමට තරම් සිතීද, ඒ කාන්තයෙන් මේ කාරණය සුළු දෙයක් නොවන්නේය’, කියා සිතීය. එසේ සිතා ඝටීකාර කුම්භකාරයාගෙන් ‘යහලුව ඝටීකාරය, ඒ කාරණය මෙතරම් උසස් දෙයක්දැයි, (ඇසීය.) ‘යහලුව ජොතිපාලයිනි, ඒ කාරණය එතරම් උසස් දෙයකියි’ උත්තර දුනි. ඒ මාගේ භාග්‍යවත්වූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුදුන්ගේ දැකීම එසේම යහපත්යයි සම්මත කරන ලද්දේ වෙයි. ‘යහලුව ඝටීකාරය, එසේනම් (කෙස් වැටිය) මුදව. යන්නෙමැයි’ (කීය).
|
285
‘‘අථ ඛො, ආනන්ද, ඝටිකාරො ච කුම්භකාරො ජොතිපාලො ච මාණවො යෙන කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා ඝටිකාරො කුම්භකාරො කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. ජොතිපාලො පන මාණවො කස්සපෙන
|
285
“එකල්හි ආනන්දය, ඝටීකාර කුම්භකාර තෙමේද ජෙතිපාල තරුණ තෙමේද භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ ඝටීකාර කුම්භකාර තෙමේ භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේට වැඳ එක් පැත්තක හිඳ ගත්තේය.
“ජොතිපාල තරුණ තෙමේ වනාහි භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටුවීමට නිසිවූ සිහි කිරීමට සුදුසුවූ කතාව කොට නිමවා එක් පැත්තක හිඳගත්තේය.
“ආනන්දය, එක් පසෙක උන්නාවූ ඝටීකාර කුම්භකාර තෙමේ ‘ස්වාමීනි, තරුණවූ මේ ජොතිපාල තෙමේ මාගේ යහළුවෙකි. ප්‍රිය යහළුවෙක. භාග්‍යවතුන් වහන්සේ මොහුට ධර්ම දේශනා කරණ සේක්වායි.’ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට කීය.
ආනන්දය, එකල්හි භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප බුදුරජ තෙමේ ඝටීකාර කුම්භකාරයාටද ජොතිපාල මානවයාටද දහම් කතාවෙන් කරුණු දැක්වූයේය. කරුණු ගැන්වූයේය. කරුණෙහි සිත් තියුණු කරවූයේය. පැහැදවූයේය.
“ආනන්දය, එකල්හි භාග්‍යත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් විසින් ධර්ම කථාවෙන් කරුණු දක්වන ලද්දාවූද කරුණු ගන්වන ලද්දාවූද, එහි සිත් තියුණු කරවන ලද්දාවූද පහදවන ලද්දාවූද ඝටීකාර කුම්භකාර තෙමේද ජොතිපාල මානව තෙමේද භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්බුදුන්ගේ දේශනාවට ඉතා සතුටුව අනුමෝදන්ව හුනස්නෙන් නැගිට, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ට වැඳ, පැදකුණු කොට ගියාහුය.
|
286
‘‘අථ ඛො, ආනන්ද, ජොතිපාලො මාණවො ඝටිකාරං කුම්භකාරං එතදවොච - ‘ඉමං නු ත්වං, සම්ම ඝටිකාර, ධම්මං සුණන්තො අථ ච පන අගාරස්මා අනගාරියං න පබ්බජිස්සසී’ති? ‘නනු මං, සම්ම ජොතිපාල, ජානාසි, අන්ධෙ ජිණ්ණෙ මාතාපිතරො පොසෙමී’ති? ‘තෙන හි, සම්ම ඝටිකාර, අහං අගාරස්මා අනගාරියං පබ්බජිස්සාමී’ති. අථ ඛො, ආනන්ද, ඝටිකාරො ච කුම්භකාරො ජොතිපාලො ච මාණවො යෙන කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො තෙනුපසඞ්කමිංසු
|
286
“එකල්හි ආනන්දය, ජොතිපාල මානවක තෙමේ ඝටීකාර කුම්භකාරයාගෙන් යහලුව ඝටීකාරය, නුඹ ධර්මය ඇසීම පමණක් කරන්නෙහිද, එපමණක් නොව ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිත් වන්නෙහිදැයි’ ඇසී ‘යහලුව, ජොතිපාලය, මා අන්ධවූ මහළුවූ මව්පියන් පොෂණය කරන බව නොදන්නෙහිද? ‘යහලු ඝටීකාරය, එසේනම් මම ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වන්නෙමි’යි කීය.
“එවිට ආනන්දය, ඝටීකාර නම් කුම්භකාර තෙමේද ජොතිපාල නම් මානවක තෙමේද, භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුද්ධ තෙමේ යම් තැනෙක්හිද එතනට පැමිණියාහුය. පැමිණ, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වැඳ එක් පසෙක හිඳගත්හ. ආනන්දය, එක් පසෙක හුන්නාවූ ඝටීකාර කුම්භකාර තෙමේ භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ට ‘ස්වාමීනි, මේ ජොතිපාල මානවක තෙමේ මාගේ යහළුවෙකි. ප්‍රිය යහළුවෙක. භාග්‍යවතුන් වහන්සේ මොහු පැවිදි කරණ සේක්වායි කීය.’
“ආනන්දය, ජොතිපාල මානවක තෙමේ භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් සමීපයෙහි මහණකම් ලැබී උපසම්පදාව ලැබී.
|
287
‘‘අථ ඛො, ආනන්ද, කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො අචිරූපසම්පන්නෙ ජොතිපාලෙ මාණවෙ අඩ්ඪමාසුපසම්පන්නෙ වෙගළිඞ්ගෙ යථාභිරන්තං විහරිත්වා යෙන බාරාණසී තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන බාරාණසී තදවසරි. තත්ර සුදං, ආනන්ද, කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ
|
287
ඉක්බිති ආනන්දය, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදු රජතෙමේ ජොතිපාල මානව උපසම්පදාවූ නොබෝ කලකින් උපසම්පදාවී අඩමසකින් වෙගලිංගයෙහි කැමතිතාක්කල් වාසයකොට බරණැස යම් තැනෙක්හිද එහි චාරිකාව සඳහා වැඩියේය. පිළිවෙළින් චාරිකාවෙහි වඩිනුයේ බරණැස යම් තැනෙක්හිද එහි පැමිණියේය.
“එහිදී ආනන්දය, භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුද්ධ තෙම බරණැස සමීපයෙහි මිගදාය නම් ඉසිපතනාරාමයෙහි වැඩවසයි.
“ආනන්දය, කිකී නම් කසීරජ භාග්‍යවත්වූ අර්හත්වූ සම්‍යක් කාශ්‍යප බුදුරජ තෙමේ බරණැසට පැමිණ, බරණැස මිගදාය නම් ඉසිපතනයෙහි වාසය කෙරේයයි ඇසුවේය.
එකල්හි ආනන්දය, කිකී කසී රජතෙම යහපත්වූ යහපත්වූ යානාවන් යොදවා, යහපත් යානාවක නැග, යහපත් යහපත් යානාවන්ගෙන් යුක්තව මහත් රාජානුභාවයෙන් භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් දැකීම පිණිස බරණැසෙන් පිටත්ව ගියේය.
“යානාවෙන් යාමට සුදුසුතැන් දක්වා යානාවෙන් ගොස් යානාවෙන් බැස, භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදු රජතෙමේ යම් තැනෙක්හිද එතැනට පයින්ම ගියේය. ගොස්, භාග්‍යවත්වූ අර්හත්වූ, කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වැඳ, එක පසෙක උන්නේය.
“ආනන්දය, එක් පසෙක හුන් කිකී නම් කසීරජුට භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදු රජතෙමේ ධර්ම කථාවෙන් මනාකොට කරුණු දැක්වීය. මනාව කරුණු ගැන්වීය. කරුණෙහි සිත මනාව තියුණු කරවීය. මනාකොට සිත පැහැද වීය.
“එකල්හි ආනන්දය, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් විසින් දහම් කතාවෙන් කරුණු දක්වන ලද්දාවූ, සමාදන් කරවන ලද්දාවූ, තියුණු කරණ ලද්දාවූ, පහදවන ලද්දාවූ, කිකී කසී රජ තෙමේ භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ට, ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා සමග සෙට දවස පිණිස මාගේ බත ඉවසනසේක්වායි’ කීය. ආනන්දය, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදු රජතෙමේ නිශ්ශබ්ද භාවයෙන් ඉවසීය.
“එකල්හි ආනන්දය, කිකී කසී රජතෙමේ භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ගේ ඉවසීම දැන ආසනයෙන් නැගිට, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වැඳ, පැදකුණුකොට ගියේය.
“ඉක්බිති ආනන්දය, කිකී කසී රජතෙම ඒ රාත්‍රිය ඇවෑමෙන් සිය නිවසෙහි මිටිබැඳ අහසෙහි එල්වා වියනලද කළුඇට ඉවත් කරනලද රත්ඇල් සහලින් බත් හා නොයෙක් ව්‍යඤ්ජනයෙන් යුත් ඛාද්‍ය භොද්‍යයන් පිළියෙල කරවා, ‘ස්වාමීනි, බත නිමියේය. (ඊට) කාලය (වෙයි)’ කියා භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදුන්ට සැලකර වීය.
|
288
‘‘අථ ඛො, ආනන්ද, කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන කිකිස්ස කාසිරඤ්ඤො නිවෙසනං තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි සද්ධිං භික්ඛුසඞ්ඝෙන. අථ ඛො, ආනන්ද, කිකී කාසිරාජා බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙසි සම්පවාරෙසි. අථ
‘‘‘අත්ථි, මහාරාජ, වෙගළිඞ්ගං නාම ගාමනිගමො. තත්ථ ඝටිකාරො නාම කුම්භකාරො; සො මෙ උපට්ඨාකො අග්ගුපට්ඨාකො. තුය්හං ඛො පන, මහාරාජ, න මෙ කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො අධිවාසෙති බාරාණසියං වස්සාවාසන්ති අත්ථෙව
(අත්ථි (සී. පී.)) අඤ්ඤථත්තං, අත්ථි දොමනස්සං. තයිදං ඝටිකාරස්ස කුම්භකාරස්ස
(ඝටිකාරෙ කුම්භකාරෙ (සී. ස්‍යා. කං. පී.)) නත්ථි ච න ච භවිස්සති. ඝටිකාරො ඛො, මහාරාජ, කුම්භකාරො බුද්ධං සරණං ගතො, ධම්මං සරණං
|
288
“ඉක්බිති ආනන්දය, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදු රජ පෙරවරුයෙහි හැඳ පොරවා පා සිව්රු ගෙණ කිකී කසී රජුගේ මාලිගය යම්තැනකද එතැනට වැඩියේය. (එසේ) වැඩ භික්ෂු සංඝයා සමග පැනවූ අස්නෙහි වැඩහුන්සේක.
“ඉක්බිති ආනන්දය, කිකී නම් කසී රජතෙමේ බුදුන් ප්‍රධාන භික්ෂු සංඝයා ප්‍රණීතවූ ආහාරපානවලින් සියතින් වැළඳ වීය. කැමතිතාක් වැළඳවීය.
“ඉක්බිති ආනන්දය, කිකී කසී රජතෙමේ, වළඳා අවසන්ව පාත්‍රය අතින් ඉවත තැබූ භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වෙත එක් මිටි අස්නක් ගෙණ හිඳගත්තේය.
“ආනන්දය, එක් පසෙක උන් කිකී නම් කසී රජ භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ට මේ කාරණය සැලකළේය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ බරණැස් නුවර වස්විසීම ඉවසනසේක්වා. මෙබඳුවූ උපස්ථානයක් සංඝයාට එන්නේයයි’ කීය.
“කම් නැත. මහරජ, මා විසින් වස්විසීමක් ඉවසන ලද්දේය.’
දෙවනුවත් ආනන්දය, ‘කිකී’ නම් කසී රජතෙමේ භගවත්වූ අර්හත්වූ, කාශ්‍යප සම්මා සම්බුදුන්ට මේ කාරණය කීයේය. ‘ස්වාමීනි, භාග්‍යවත් තෙමේ මාගේ බරණැසෙහි වස්විසීම ඉවසනසේක්වා, සංඝයාට මෙබඳුවූ උපස්ථානයක් වන්නේයයි’ (කියායි)
තුන්වෙනුවත් ආනන්දය ‘කිකී’ කසී රජතෙමේ භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ට මේ කාරණය කීය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ බරණැස් නුවර වස්විසීම ඉවසන සේක්වා. සංඝයාට මෙබඳුවූ උපස්ථානයක් වන්නේයයි’ කියායි.
“කම් නැත, මහරජ, මා විසින් වස් විසීම ඉවසන ලද්දේයයි’ වදාළේය.
“ඉක්බිති ආනන්දය, භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ බරණැස් නුවර වස් විසීම නොඉවසන්නාහයි කිකී නම් කසී රජහට නොසතුට පහළ වූයේය. දොම්නස පහළ වූයේමය.
ඉක්බිති ආනන්දය, කිකී කසී රජතෙම කාශ්‍යප භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදුන්ට මෙසේ කීය.
“ස්වාමීනි, නුඹවහන්සේට මට වඩා උපස්ථානකරන්නාවූ අන් කිසිවෙක් ඇත්තේදැයි’ විචාළේය.
“මහරජ, වෙගලිංගනම් නියම් ගමෙක් ඇත. එහි ඝටීකාර නම් කුම්භකාරයෙක් වාසය කෙරෙයි. හෙතෙම මාගේ උපස්ථායක කෙනෙක. අග්‍ර උපස්ථායක කෙනෙක. මහරජ, තොපට වනාහි භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ මාගේ වස්විසීම නොඉවසුහයි නොසතුට පහළ විය. දොම්නස පහළ විය. එය ඝටීකාර කුම්භකාරයාට නැත. ඇතිද නොවන්නේය.
“මහරජ, ඝටීකාර කුම්භකාර තෙමේ වනාහි බුදුන් සරණ ගියේය. දහම් සරණ ගියේය. සංඝයා සරණ ගියේය.
“මහරජ, ඝටීකාර කුම්භකාරතෙම වනාහි ප්‍රාණඝාතයෙන් වැළකුණේය. සොරකමින් වැළකුණේය. කාමයෙහිවරදවා හැසිරීමෙන් වැළකුණේය. මුසාවාදයෙන් වැළකුණේය. සුරාපානයෙන් වැළකුණේය.
“මහරජ, ඝටීකාර කුම්භකාරතෙම වනාහි බුදුන් කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. ආර්යයන් විසින් කැමතිවන ලද සීලයන්ගෙන් යුක්ත වූයේ වෙයි.
“මහරජ, ඝටීකාර කුම්භකාරතෙමේ වනාහි දුක්ඛ සත්‍යයෙහි සැක නැත්තේ වෙයි. දුක්ඛසමුදය සත්‍යයෙහි සැක නැත්තේ වෙයි. දුක්ඛ නිරෝධසත්යයෙහි සැක නැත්තේ වෙයි. දුක්ඛ නිරෝධ ගාමිණි ප්‍රතිපදා සත්‍යයෙහි සැක නැත්තේ වෙයි.
“මහරජ, ඝටීකාර කුම්භකාරතෙම වනාහි එක් වේලෙහි වළඳනා බ්‍රහ්මචර්යාවෙන් යුක්තවූ සිල්වත්වූ යහපත් ධර්මයෙන් යුක්ත වූවෙක් වෙයි.
“මහරජ, ඝටීකාර කුම්භකාරතෙමේ වනාහි රන් රුවන් ඉවත් කළ මසු කහවනු පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. මහරජ, ඝටීකාර කුම්භකාරතෙමේ වනාහි බහා තැබූ අවි ආයුධ ඇත්තේ සියතින් පොළොව නොම හාරයි. ගං ඉවුරු බිඳීගිය තන්හි වූ යම් පසක් වේද- මීයන් සුනඛයන් විසින් ඇද දමන ලද යම් පසක් වේද ඒ පස කැමති සේ ගෙණවුත් වලන් සාදා මෙසේ කියන්නේය. මෙහි යමෙක් කැමැත්තේ නම් සහල් හෝ මුං හෝ කඩල හෝ ගෙණවුත් තබා යමක් කැමති වේද එය ගෙණ යවයි (කියාය)
“මහරජ, ඝටීකාර කුම්භකාර තෙමේ වනාහි ඇස් අන්ධ වූ මහලු මව් පියන් පොෂණය කරන්නෙක. මහරජ, ඝටීකාර කුම්භකාර තෙමේ වනාහි කාම ලෝකය භජනය කරන්නාවූ ඔරංභාගියසංයෝජන (බැඳුම්) පස නැතිකොට (බඹලොව) ඔපපාතිකව උපදින ඒ බඹලොවෙන් නැවත ඉපදීම් වශයෙන් මෙහි නොඑන ඒ බ්‍රහ්ම ලෝකයෙහිදීම පිරිණිවෙන ස්වභාව ඇත්තෙකැයි’ (වදාළහ.)
|
289
‘‘‘එකමිදාහං
|
289
“මහරජ, එක් කලෙක මම වෙගලිංග නම් නියම් ගම්හි වාසය කරමි. මහරජ එකල්හි මම පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍රසිවුරු ගෙණ ඝටීකාර කුම්භකාරයාගේ මව් පියන් යම්තෙනකද එහි පැමිණියෙමි. පැමිණ ඝටීකාර කුම්භකාරගේ මව්පිය දෙදෙනාගෙන් මේ මේ පින්වත් තැනැත්තේ කොහි ගියේදැයි ඇසීමි. ස්වාමීන් වහන්ස, ඔබගේ උපස්ථායක තෙම බැහැර ගියේය. මේ සැළියෙන් බත් ගෙණ මේ ව්‍යංජන භාජනයෙන් ව්‍යංජන ගෙණ වැළඳුව මැනවයි (කීහු.)
“ඉක්බිති මහරජ, මම සැළියෙන් බත් ගෙණ ව්‍යංජන භාජනයෙන් ව්‍යංජන ගෙණ වළඳා ආසනයෙන් නැගිට ගියෙමි. මහරජ, අනතුරුව ඝටීකාර කුම්භකාර තෙම මව්පියන් යම් තෙනකද එහි පැමිණ මව්පියන්ගෙන් කවරෙක් සැළියෙන් බත් ගෙණ ව්‍යංජන භාජනයෙන් ව්‍යංජන ගෙණ අනුභවකොට ආසනයෙන් නැගිට බැහැර ගියේදැ’යි ඇසීය.
“පුත්‍රය, භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ සැළියෙන් බත් ගෙණ ව්‍යංජන ගෙණ වළඳා ආසනයෙන් නැගිට බැහැර වැඩියේය’යි (කීහු.) ‘එහිදී මහරජ, ඝටීකාර කුම්භකාරයාහට ‘ඒකාන්තයෙන් මට ලාභයෙක. ඒකාන්තයෙන් මා විසින් යහපත්වූ ලාභයක් ලබන ලදී. භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදු රජානන් වහන්සේ මට මෙසේ විශ්වාස වූවෝය’ යන සිත් පහළ විය. ‘මහරජ, ඝටීකාර කුම්භකාරයාට අඩ මසක්ද මව්පියන්ට සත් දවසක්ද මෙයින් උපන් ප්‍රීති සැපය නොනැසී පැවතුණේය.
|
290
‘‘‘එකමිදාහං, මහාරාජ, සමයං තත්ථෙව වෙගළිඞ්ගෙ නාම ගාමනිගමෙ විහරාමි. අථ ඛ්වාහං, මහාරාජ, පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය
|
290
‘මහරජ, එක් කලෙක මම ඒ වෙගලිංග නම් ගමෙහිම වෙසෙමි. ඉක්බිති මම පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙණ ඝටීකාර කුම්භකාරයාගේ මවුපියන් යම් තෙනකද එහි පැමිණියෙමි. පැමිණ ඝටීකාර කුම්භකාරයාගේ මව්පියන් ගෙන් පින්වතුනි, මේ පින්වත් තෙමේ කොහි ගියේදැ’යි ඇසීමි. ‘පින්වතුන් වහන්ස, ඔබගේ උපස්ථායක තෙම බැහැර ගියේය. මේ සැළියෙන් කොමු පිඬු ගෙණ ව්‍යංජන භාජනයෙන් (ව්‍යංජන ගෙණ වළඳනු මැනවයි’ (කීහු) ‘මහරජ, එහිදී මම සැළියෙන් කොමු පිඬු ගෙණ ව්‍යංජන භාජනයෙන් ව්‍යංජන ගෙණ වළඳා ආසනයෙන් නැගිට ගියෙමි.
“ඉක්බිති මහරජ, ඝටීකාර කුම්භකාරතෙම මව්පියන් යම් තෙනකද එහි පැමිණියේය. පැමිණ මව්පියන් ගෙන් සැළියෙන් කොමු පිඬු ගෙණ ව්‍යංජන භාජනයෙන් ව්‍යංජන ගෙණ අනුභව කොට ගියේ කවරෙක්දැයි ඇසීය. ‘දරුව, භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වහන්සේ සැළියෙන් කොමු පිඬු ගෙණ ව්‍යංජන භාජනයෙන් ව්‍යංජන ගෙණ වළඳා ආසනයෙන් නැගිට වැඩියෝයයි’ (කීහු)
“ඉක්බිති මහරජ, ඝටීකාර කුම්භකාරයාහට, ‘මට ඒකාන්තයෙන් ලාභයෙක. මා විසින් ඒකාන්තයෙන් යහපත් ලාභයක් ලබන ලදී. මට භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වහන්සේ විශ්වාස වූයේයයි, සිත් විය. මහරජ, ඝටීකාර කුම්භකාරයාට අඩ මසක්ද මව්පියන්ට සත් දවසක්ද එයින් උපන් ප්‍රීති සැපය, නොනැසී පැවතුණේය.
|
291
‘‘‘එකමිදාහං, මහාරාජ, සමයං තත්ථෙව වෙගළිඞ්ගෙ නාම ගාමනිගමෙ විහරාමි. තෙන ඛො පන සමයෙන කුටි
(ගන්ධකුටි (සී.)) ඔවස්සති. අථ ඛ්වාහං, මහාරාජ, භික්ඛූ ආමන්තෙසිං - ‘‘ගච්ඡථ, භික්ඛවෙ, ඝටිකාරස්ස කුම්භකාරස්ස නිවෙසනෙ තිණං ජානාථා’’ති. එවං වුත්තෙ, මහාරාජ, තෙ
|
291
‘මහරජ, මම එක් කලෙක්හි ඒ වෙගලිංග නම් නියම් ගමෙහි වෙසෙමි. ඒ කාලයෙහි වනාහි ගන්ධ කුටිය වැස්සෙන් තෙමෙයි. එහිදී මහරජ. මම භික්ෂූන්ට කථාකොට ‘මහණෙනි, යව් ඝටිකාර කුම්භකාරයාගේ ගෙහි තණ දනිව්ය’යි කීයෙමි.
“මහරජ, මෙසේ කී කල්හි භික්ෂූහු මට ‘ස්වාමීන් වහන්ස, ඝටීකාර කුම්භකාරයාගේ ගෙහි තණනැත්තේය. එනමුදු ඔහුගේ ගෘහය අලුත සොයන ලද පිදුරු ඇත්තේය. ‘මහණෙනි, යව්. ඝටීකාර කුම්භකාරයාගේ ගෘහය සෙවිලි කළ පිදුරු ගෙණ එව’යි කීයෙමි.’
“ඉක්බිති මහරජ, ඒ භික්ෂූහු ඝටීකාර කුම්භකාරයාගේ ගෘහයෙහි සෙවිලි කරන ලද තණ ගෙණ ආවාහුය. එකල්හි මහරජ, ඝටීකාර කුම්භකාරයාගේ මව්පියෝ භික්ෂූන්ගෙන් ‘කවරහු ගෘහයෙහි සෙවිලි කළ පිදුරු ගෙණ යෙත්දැ’යි ඇසූහ.
භික්ෂූහු, ‘සොහොයුරිය, භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදු රජුන්ගේ ගඳකිළිය තෙමේය’යි කීහු. ‘ස්වාමීනි දරුවෙනි, ගෙණයනු මැනව. සත්පුරුෂවරුනි, ගෙණයනු මැනව’යි කීහු.
ඉක්බිති මහරජ, ඝටීකාර, කුම්භකාරතෙමේ මව්පියන් යම් තෙනෙක්හි නම් එහි එළඹියේය. එළඹ මව්පියන්ගෙන් ගෙන සෙවිලි කළ පිදුරු ගෙන ගියෝ කවුරුදැ’යි ඇසීය.
“දරුව, භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ගේ ගඳකිළිය තෙමෙන්නේය කියා භික්ෂූහු ගෙණ ගියෝය’යි කීහු.
“එකල්හි මහරජ, ඝටීකාර කුම්භකාරයා හට ඒකාන්තයෙන් මට ලාභයෙක. ඒකාන්තයෙන් මා විසින් යහපත් ලාභයක් ලබන ලදී. මට භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ මෙසේ විශ්වාස වූවෝය’යි සිත්විය. ‘අනතුරුව මහරජ, ඝටීකාර කුම්භකාරයාහට අඩ මසක්ද මව්පියන්ට හත් දවසක්ද එයින් උපන් ප්‍රීති සැපය නොනැසී පැවැත්තේය.
“ඉක්බිති මහරජ, ඒ භාගය තෙමසක් මුලුල්ලෙහිම අහසම පියස්ස කොට සිටියේය. වැස්සෙන්ද නොතෙමියේය. මහරජ, ඝටීකාර කුම්භකාර තෙමේ මෙබඳු වූ ගුණ ඇත්තෙක් වේයයි වදාළහ.
“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මෙසේ විශ්වාස වීමෙන් ඝටීකාර කුම්භකාරයාහට ලාභයෙක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඝටීකාර කුම්භකාරයා විසින් යහපත් ලාභයක් ලබන ලදී.
|
292
‘‘අථ
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා ආනන්දො භගවතො භාසිතං අභිනන්දීති.
|
292
“ඉක්බිති ආනන්දය, කිකී නම් කසී රජ තෙමේ ඝටීකාර නම් කුම්භකාරයාහට මිටිකොට බැඳ වියනලද රත්හැල් සහල් ගැල් පන්සියයක්ද, ඊට සුදුසු ව්‍යංජන පිණිස ගත යුතු දේද පිටත්කොට යැවීය. ඉක්බිති ආනන්දය, ඒ රාජ පුරුෂයෝ ඝටීකාර නම් කුම්භකාරයා වෙත පැමිණ මෙසේ කීවාහුය.
“පින්වත, මිටිකොට බැඳ වියලන ලද රත්හැල් සහල් ගැල් පන්සියයක්ද ඊට සුදුසු ව්‍යංජන පිණිස ගතයුතුදේද කිකී නම් කසී රජ විසින් එවන ලද්දාහ.
“පින්වතුන් වහන්ස, ඒ භාණ්ඩයන් පිළිගත මැනව. රජ තෙමේ වනාහි බොහෝ වැඩ ඇත්තේ කටයුතු බහුල වූයේ වේය’යි කීහු. ඝටීකාර කුම්භකාර තෙමේ මට (එයින්) ප්‍රයෝනයෙක් නැත. රජහටම වේවා’යි කීය.
“ආනන්දය, නුඹට මෙබඳු අදහසෙක් ඇතිවිය හැක. ඒ කාලයෙහි තරුණ ජෝතිපාල වූයේ ඒකාන්තයෙන් අනිකෙක කියාය.
“ආනන්දය, මේ කාරණය වනාහී එසේ නොදත යුතුය. ඒ කාලයෙහි තරුණ ජෝතිපාල වූයෙම් මම්මයයි’ වදාළහ.
භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළසේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටු වූහ.
|
2. රට්ඨපාලසුත්තං | 2. රට්ඨපාල සූත්‍රය |
293
එවං
|
293
මා විසින් (මේ සූත්‍රය) මෙසේ අසන ලදී. එක් කලෙක්හි භග්‍යවතුන් වහන්සේ කුරු ජනපදයන්හි මහත් වූ භික්ෂු සංඝයා සමග සැරිසරන්නේ ථුල්ලකොට්ඨිත නම්වූ කුරු දනව් වැස්සන්ගේ නිම් ගම යම් තැනෙක්හිද එහි වැඩියහ. ථුල්ලකොට්ඨිත නම් නියම් ගම වැසි බ්‍රාහ්මණ ගෘහපතීහු, ශාක්‍යපුත්‍රවූ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදිවූ ශ්‍රමණභවත් ගෞතමයන් වහන්සේ මහත්වූ භික්ෂු සංඝයා සමග කුරු ජනපදයන්හි සැරිසරන්නේ, ථුල්ලකොට්ඨිත නම් නියම්ගමට පිළිවෙළින් පැමිණියේ වෙයි. ඒ භවත් ගෞතමයන් වහන්සේගේ වනාහි මෙබඳුවූ යහපත් ගුණ ඝොෂාවෙක් උස්ව නැංගේ වෙයි. ඒ භාග්‍යවත් තෙම මේ කාරණයෙනුත් අර්හත්ය. පුරුෂයන් දමනය කිරීමෙහි නිරුත්තරවූ සාර්ත්ථ වාහකයකු බඳුය. දෙවි මිනිසුන්ට අනුශාසනා කරන්නෙක. චතුස්සත්‍යය අවබෝධ කළ හෙයින් බුද්ධය. සියලු කෙලෙසුන් නැසූ හෙයින් භාග්‍යවත්ය. (යනුවෙනි.) හෙතෙම දෙවියන් සහිතවූ මාරයන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ මේ ලෝකයද මහණ බමුණන් සහිතවූ දෙවි මිනිසුන් සහිතවූ සත්ව සමූහයාද තෙමේ විශේෂ නුවණින් දැන ප්රත්යක්ෂ කොට ප්‍රකාශ කෙරෙයි. හෙතෙම මුල යහපත්වූ මැද යහපත්වූ කෙළවර යහපත්වූ අර්ථ සහිතවූ ව්‍යංජන සහිතවූ සියල්ලෙන් සම්පූර්ණවූ ධර්මයක් දේශනා කරයි. පිරිසිදුවූ බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරයි. එබඳුවූ රහතුන් වහන්සේලාගේ දැක්ම වනාහි යහපත් වේයයි ඇසුවාහුමය.
ඉක්බිති ථුල්ලකොට්ඨිත නම් නියම් ගම වැසි බ්‍රාහ්මණයන් හා ගෘහපතීහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියාහුය. පැමිණ සමහරු භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හිඳ ගත්හ. සමහරු භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූහ. සතුටු වියයුතුවූ සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක් පසෙක හිඳගත්හ. සමහරු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට ඇඳිලිබැඳ එක් පසෙක හිඳගත්හ. සමහරු භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි තමන්ගේ නාම ගොත්‍ර දක්වා එක් පසෙක හිඳගත්හ. සමහරු නිශ්ශබ්දව එක්පසෙක හිඳගත්හ. එක්පසෙක හුන්නාවූ ථුල්ලකොට්ඨිත නම් නියම්ගම වැසි බමුණන් හා ගෘහපතින් භාග්‍යවතුන් වහන්සේ දැහැමිවූ කථාවෙන් කරුණු දැක්වූයේය. සමාදන් කරවූයේය. සිත් තියුණු කරවූයේය. සතුටු කරවූයේය.
|
294
තෙන ඛො පන සමයෙන රට්ඨපාලො නාම කුලපුත්තො තස්මිංයෙව ථුල්ලකොට්ඨිකෙ අග්ගකුලස්ස
(අග්ගකුලිකස්ස (සී. ස්‍යා. කං. පී.)) පුත්තො තිස්සං පරිසායං නිසින්නො හොති. අථ ඛො රට්ඨපාලස්ස කුලපුත්තස්ස එතදහොසි - ‘‘යථා යථා ඛ්වාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි
(යථා යථා ඛො භගවා ධම්මං දෙසෙති (සී.)), නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. යංනූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්ය’’න්ති. අථ ඛො ථුල්ලකොට්ඨිකා බ්රාහ්මණගහපතිකා භගවතා ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තෙජිතා සම්පහංසිතා
|
294
එකල්හි වනාහි ඒ ථුල්ලකොට්ඨිත නම් නියම් ගමෙහිම ප්‍රධාන කුලවතාගේ පුත්වූ රට්ඨපාල නම් කුලපුත්‍ර තෙම ඒ පිරිසෙහි උන්නේ වෙයි. ඉක්බිති රට්ඨපාල නම් කුලපුත්‍රයාහට මෙබඳු අදහසක් විය. යම් යම් ආකාරයකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරයිද, ඒ ආකාරයෙන් ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් සම්පූර්ණකොට ඒකාන්තයෙන් පිරිසිදුකොට ලියනලද සකක් මෙන් කොට මේ බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්ට පහසු නොවෙයි. මම හිස රැවුල් කපා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වන්නෙම් නම් යෙහෙක කියායි.
ඉක්බිති ගෘහපතීහු භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමිවූ කථාවෙන් කරුණු දක්වන ලද්දාවූ සමාදන් කරවන ලද්දාවූ සිත් තියුණු කරවන ලද්දාවූ සතුටු කරවන ලද්දාවූ ථුල්ලකොට්ඨිත නම් නියම්ගම් වැසි බ්‍රාහ්මණ ගෘහපතීහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙණ අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණුකොට ගියාහුය. ඉක්බිති රට්ඨපාල නම් කුලපුත්‍රතෙම ථුල්ලකොට්ඨිතක නම්වූ බ්‍රාහ්මණ ගෘහපතීන් ගිය නොබෝවේලාවකින් භාග්‍යවතුන්වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක උන්නේය. එක්පසක උන්නාවූ රට්ඨපාල නම් කුලපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට ස්වාමීනි, යම් යම් ආකාරයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලද ධර්මය මම දනිම්ද, ඒ ආකාරයෙන් ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් සම්පූර්ණකොට ඒකාන්තයෙන් පිරිසිදුකොට ලියන ලද සකක් මෙන් කොට, මේ බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්ට පහසු නොවෙයි. ස්වාමීනි මම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිදි බව ලබන්නෙමි. උපසම්පදාව ලබන්නෙමියි” කීයේය.
“රට්ඨපාලය, නුඹ වනාහි ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවීමට මව්පියන්ගෙන් අවසර ලද්දේ වෙහිද”? “ස්වාමීනි, මම ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට මව්පියන්ගෙන් අවසර ලද්දේ නොවෙමි”.
“රට්ඨපාලය, තථාගතවරයෝ මව්පියන් විසින් අවසර නොදෙන ලද්දවුන් පැවිදි නොකරන්නාහ” “ස්වාමීනි, ඒ මම යම්සේ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට මව්පියෝ අවසර දෙන්නාහුද එසේ කරන්නෙමියි” කීය.
|
295
අථ ඛො රට්ඨපාලො කුලපුත්තො උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙන මාතාපිතරො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා මාතාපිතරො එතදවොච - ‘‘අම්මතාතා, යථා යථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි, නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. ඉච්ඡාමහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතුං. අනුජානාථ මං අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා’’ති. එවං වුත්තෙ, රට්ඨපාලස්ස කුලපුත්තස්ස මාතාපිතරො රට්ඨපාලං කුලපුත්තං එතදවොචුං - ‘‘ත්වං ඛොසි, තාත රට්ඨපාල, අම්හාකං එකපුත්තකො පියො මනාපො සුඛෙධිතො සුඛපරිභතො
(සුඛපරිහතො (ස්‍යා. කං. ක.) (එහි ත්වං තාත රට්ඨපාල භුඤ්ජ ච පිව ච පරිචාරෙ හි ච, භුඤ්ජන්තො පිවන්තො පරිචාරෙන්තො කාමෙ පරිභුඤ්ජන්තො පුඤ්ඤානි කරොන්තො අභිරමස්සු, න තං මයං අනුජානාම අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය,) සබ්බත්ථ දිස්සති, සුදින්නකණ්ඩෙ පන නත්ථි, අට්ඨකථාසුපි න දස්සිතං). න ත්වං, තාත රට්ඨපාල
|
295
ඉක්බිති රට්ඨපාල කුලපුත්‍රතෙම හුන් ආසනයෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ, පැදකුණු කොට මව්පියෝ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, “මෑණියෙනි, පියාණෙනි, මම යම් යම් ආකාරයකින් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලද ධර්මය දනිම්ද? ඒ ආකාරයෙන් ගිහිගෙහි වසන්නහු විසින් ඒකාන්තයෙන් සම්පූර්ණ කොට ඒකාන්තයෙන් පිරිසිදුකොට ලියනලද සකක් මෙන් කොට බ්‍රහ්ම චර්යාවෙහි හැසිරෙන්ට පහසු නොවෙයි. මම ඉසකේ රැවුල් කපා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවන්ට කැමැත්තෙමි. ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට මට අවසර දුනමැනවැයි” මවුපියන්ට කීයේය.
මෙසේ කී කල්හි රට්ඨපාල නම් කුලපුත්‍රයාගේ මව්පියෝ, “පුත රට්ඨපාලය, නුඹවනාහි අපගේ ප්‍රියවූ මනාපවූ සුවසේ වැඩුනාවූ සුවසේ පොෂණය කළාවූ එකම පුතාවෙහිය. පුත රට්ඨපාලය, නුඹ කිසිත් දුකක් නොදන්නෙහිය. පුත රට්ඨපාලය, එව, නුඹ කව, බොව, ඉන්ද්රියයන් පිනවීම කරව. කමින්, බොමින්, ඉඳුරන් පිනවමින්, කම්සැප විඳිමින්, පින් කරමින්, සිත් අලවා වාසය කරව. අපි තොපට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර නොදෙමු. තොපගේ මරණයෙනුත් අපි නොකැමැත්තෙන් වෙන් වන්නෙමු. කිමෙක්ද? අපි ජීවත්වන්නාවූ තොපට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අනුදන්නෙමුදැයි” රට්ඨපාල කුල පුත්‍රයාට කීවාහුය.
දෙවනුවද, රට්ඨපාල නම් කුලපුත්‍රතෙම මව්පියන්ට මෙසේ කීයේය. “මෑණියෙනි, පියාණෙනි, මම යම් යම් පරිද්දෙකින් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරනලද ධර්මය දනිම්ද, ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් සම්පූර්ණවූ ඒකාන්තයෙන් පිරිසිදුවූ, ලියනලද සකක් මෙන්වූ මේ බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්නට පහසු නොවෙයි. මම හිසකෙස් රැවුල් කපාදමා, කසට වත් හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවන්නට කැමැත්තෙමි. ගිහිගෙන් නික්ම, ශාසනයෙහි පැවිදිවීමට මට අනුදනිව්යයි” කීය. දෙවනුවද, රට්ඨපාල නම් කුලපුත්‍රයාගේ මව්පියෝ රට්ඨපාල නම් කුලපුත්‍රයාට මෙසේ කීවාහුය. “පුත රට්ඨපාලය, නුඹ වනාහි අපගේ ප්‍රියවූ මනාපවූ සුවසේ වැඩුනාවූ සුවසේ පොෂණය කළාවූ එකම පුතාවෙහිය. පුත රට්ඨපාලය, නුඹ කිසිත් දුකක් නොදන්නෙහිය. පුත ‘රට්ඨපාලය, එව, අනුභව කරව, පානයද කරව අනුභව කරමින්, පානය කරමින්, ඉන්ද්රියයන් පිනවමින්, පින් කරමින්, සිත් අලවා වාසය කරව. අපි නුඹට ගිහිගෙන් නික්ම, සසුනෙහි පැවිදිවීමට අවසර නොදෙමු. නුඹගේ මරණයෙනුත් අපි නොකැමැත්තෙන් වෙන් වන්නෙමු. කිමෙක්ද? අපි ජීවත්වන්නාවූ නුඹට ගිහිගෙන් නික්ම සසුනෙහි පැවිදිවීමට අවසර නොදෙන්නෙමුදැයි” (කීහ.)
රට්ඨපාල නම් කුලපුත්‍ර තෙම මව් පියන්ට මෑනියෙනි, පියාණෙනි, “මම යම් පරිද්දෙකින් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලද ධර්මය දනිම්ද, ඒ ආකාරයෙන් ගිහිගෙයි වසන්නාහු විසින් ඒකාන්තයෙන් සම්පූර්ණවූ ඒකාන්තයෙන් පිරිසිදුවූ ලියනලද සකක් මෙන්වූ මේ බ්‍රහ්ම චර්යාවෙහි හැසිරෙන්ට පහසු නොවෙයි. මම හිසකේ රැවුල් කපා කසාවත් හැඳ, ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවන්ට කැමැත්තෙමි. ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවීමට මට අවසර දුනමැනවයි” කීය.
තුන්වෙනුවද රට්ඨපාල නම් කුලපුත්‍රයාගේ මව්පියෝ රට්ඨපාල නම් කුලපුත්‍රයාට, “පුත රට්ඨපාලය, නුඹ වනාහි අපගේ ප්‍රියවූ මනාපවූ සුවසේ වැඩුනාවූ සුවසේ පොෂණය කළාවූ එකම පුතාවෙහිය. පුත රට්ඨපාලය, නුඹ කිසිත් දුකක් නොදන්නෙහිය. පුත රට්ඨපාලය, එව, කව, බොව, ඉන්ද්රියයන් පිනවීම කරව. කමින්, බොමින්, ඉඳුරන්, පිනවමින් කම්සැප විඳිමින්, පින් කරමින්, සිත් අලවා වාසය කරව. අපි නුඹට ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවීමට අවසර නොදෙමු. තොපගේ මරණයෙනුත් අපි නොකැමැත්තෙන් වෙන් වන්නෙමු. කිමෙක්ද? අපි ජීවත්වන්නාවූ නුඹට ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවීමට අවසර දෙන්නෙමුදැයි” රට්ඨපාල කුලපුත්‍රයාට කීවාහුය.
|
296
අථ ඛො රට්ඨපාලො කුලපුත්තො - ‘‘න මං මාතාපිතරො අනුජානන්ති අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා’’ති තත්ථෙව අනන්තරහිතාය භූමියා නිපජ්ජි - ‘‘ඉධෙව මෙ මරණං භවිස්සති පබ්බජ්ජා වා’’ති. අථ ඛො රට්ඨපාලො කුලපුත්තො එකම්පි භත්තං න භුඤ්ජි, ද්වෙපි භත්තානි න භුඤ්ජි, තීණිපි භත්තානි න භුඤ්ජි, චත්තාරිපි භත්තානි න භුඤ්ජි, පඤ්චපි භත්තානි න භුඤ්ජි, ඡපි භත්තානි න භුඤ්ජි, සත්තපි භත්තානි න භුඤ්ජි. අථ
|
296
ඉක්බිති මව්පියන්ගෙන් පැවිදිවීමට අවසර නොලත් රට්ඨපාල නම් කුලපුත්‍රතෙම එහිම (ඇතිරීමකින්) අතරක් නැත්තාවූ භූමියෙහි “මෙහිම මාගේ මරණය හෝ වන්නේය. පැවිදිබව හෝ වන්නේයයි” නිදාගත්තේය. ඉක්බිති රට්ඨපාල නම් කුලපුත්‍රයාගේ මව්පියෝ රට්ඨපාල නම් කුලපුත්‍රයාට ‘පුත රට්ටපාලය, නුඹ වනාහි අපගේ ප්‍රියවූ මනාපවූ සුවසේ වැඩුනාවූ සුවසේ පොෂණය කළාවූ එකම පුත්‍රයා වෙහිය, පුත රට්ඨපාලය, නුඹ කිසිත් දුකක් නොදන්නෙහිය. පුත රට්ඨපාලය, නැගීසිටුව. කව, බොව, ඉඳුරන් පිනවීමද කරව. කමින්, බොමින්, ඉන්ද්‍රියන් පිනවීම කරමින්, කම්සැප විඳිමින්, පින් කරමින්, සිත් අලවා වාසය කරව. අපි නුඹට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර නොදෙමු. නුඹගේ මරණයෙනුත් අපි නොකැමැත්තෙන් වෙන් වන්නෙමු. කිමෙක්ද? අපි ජීවත්වන්නාවූ නුඹට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර දෙන්නෙමුදැයි” රට්ඨපාල කුලපුත්‍රයාට කීවාහුය.
මෙසේ කීකල්හි රට්ඨපාල නම් කුලපුත්‍රතෙම නිශ්ශබ්ද විය, දෙවනුවද, රට්ඨපාල නම් කුලපුත්‍රයාගේ මව්පියෝ රට්ඨපාල නම් කුලපුත්‍රයාට මෙසේ කීවාහුය. “පුත රට්ඨපාලය, නුඹ වනාහි අපගේ ප්‍රියවූ, මනාපවූ, සුවසේ වැඩුනාවූ, සුවසේ පොෂණය කළාවූ එකම පුත්‍රයා වෙහිය. පුත රට්ඨපාලය, නුඹ කිසිත් දුකක් නොදන්නෙහිය. පුත රට්ඨපාලය, නැගී සිටුව, අනුභවද කරව, පානයද කරව, ඉන්ද්රියයන් පිනවීමද කරව. අනුභව කරමින්, පානය කරමින්, ඉන්ද්රියයන් පිනවමින්, පින්කරමින්, සිත් අලවා වාසය කරව. අපි නුඹට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර නොදෙමු. නුඹගේ මරණයෙනුත් අපි නොකැමැත්තෝ වෙන්වන්නෙමු. කිමෙක්ද? අපි ජීවත්වන්නාවූ නුඹට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර දෙන්නෙමුදැ”යි කීහ. දෙවනුද රට්ටපාල නම් කුලපුත්‍ර තෙම නිශ්ශබ්ද වූයේය.
තුන්වෙනුවද රට්ඨපාල නම් කුලපුත්‍රයාගේ මව්පියෝ රට්ඨපාල නම් කුලපුත්‍රයාට “පුත රට්ඨපාලය, නුඹ වනාහි අපගේ ප්‍රියවූ, මනාපවූ, සුවසේ වැඩුනාවූ, සුවසේ පොෂණය කළාවූ එකම පුත්‍රයා වෙහිය. පුත රට්ඨපාලය, නුඹ කිසිත් දුකක් නොදන්නෙහිය. පුත රට්ඨපාලය, නැගී සිටුව, කව බොව, ඉන්ද්‍රියන් පිනවව, කමින් බොමින් ඉන්ද්‍රියන් පිනවමින් කම්සැප විඳිමින් පින්කරමින් සිත් අලවා වාසය කරව. අපි නුඹට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර නොදෙමු. නුඹගේ මරණයෙනුත් අපි නොකැමැත්තෙන් නේ වන්නෙමු. කිමෙක්ද? අපි ජීවත්වන්නාවූ නුඹට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර දෙන්නෙමු දැයි” රට්ඨපාල කුලපුත්‍රයාට කීවාහුය. තුන්වෙනුවද රට්ඨපාල නම් කුලපුත්‍රතෙම නිශ්ශබ්ද වූයේය.
ඉක්බිති රට්ඨපාල නම් කුලපුත්‍රයාගේ මව්පියෝ රට්ඨපාල නම් කුලපුත්‍රයාගේ යහලුවෝ යම්තැනෙක්හිද, එතනට ගියාහුය. ගොස් රට්ඨපාල නම් කුලපුත්‍රයාගේ යහලුවන්ට “දරුවෙනි, මේ රට්ඨපාල නම් කුලපුත්‍රතෙම ඇතිරීමකින් අතරක් නැත්තාවූ බිම, ‘මෙහිම මාගේ මරණය හෝ පැවිදිබව හෝ වන්නේයයි’ නිදාගත්තේය. දරුවෙනි එව්. රට්ඨපාල නම් කුලපුත්‍රතෙම යම් තැනෙක්හිද, එතැනට පැමිණෙව්. පැමිණ රට්ඨපාල නම් කුලපුත්‍රයාට යහලු රට්ටපාලය, නුඹ වනාහි මව්පියන්ගේ ප්‍රියවූ, මනාපවූ, සුවසේ වැඩුනාවූ, සුවසේ පොෂණයවූ එකම පුත්‍රයා වේ. යහලු රට්ඨපාලය නුඹ කිසිත් දුකක් නොදන්නෙහිය. යහලු රට්ඨපාලය නැගී සිටුව, කව, බොව, ඉන්ද්රියයන් සතුටු කරව, කමින් බොමින් ඉන්ද්රියයන් සතුටු කරමින් කම්සැප විඳිමින් පින්කරමින් සිත් අලවා වාසය කරව. මව්පියෝ නුඹට ගිහිගෙන්නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර නොදෙත්. නුඹගේ මරණයෙන්ද මව්පියෝ නොකැමැත්තෙන් වෙන්වන්නාහුය. කිමෙක්ද ජීවත්වන්නාවූ නුඹට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර දෙන්නාහුදැයි” කියව්යයි කීවාහුය.
|
297
අථ
|
297
ඉක්බිති රට්ඨපාල නම් කුලපුත්‍රයාගේ යහලුවෝ රට්ඨපාල නම් කුලපුත්‍රයාගේ මව්පියන්ට උත්තර දී රට්ඨපාල නම් කුලපුත්‍රතෙම යම් තැනෙක්හිද, එතැනට ගියාහුය. ගොස් රට්ඨපාල නම් කුලපුත්‍රයාට, යහලු රට්ඨපාලය, නුඹ වනාහි මව්පියන්ගේ ප්‍රියවූ මනාපවූ සුවසේ වැඩුනාවූ සුවසේ පොෂණයවූ එකම පුත්‍රයා වෙහිය. යහලු රට්ඨපාලය, නුඹ කිසිත් දුකක් නොදන්නෙහිය. යහලු රට්ටපාලය, නැගීසිටුව, කව බොව ඉඳුරන් පිනවීමද කරව, කමින් බොමින් ඉන්ද්රියයන් පිනවමින් කම්සැප විඳිමින් පින් කරමින් සිත් අලවා වාසය කරව. මව්පියෝ නුඹට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර නොදෙත්. නුඹගේ මව්පියෝ මරණයෙනුදු නොකැමැත්තෙන් වෙන්වන්නාහුය. කිමෙක්ද ජීවත් වන්නාවූ නුඹට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර දෙන්නාහුදැයි” කීවාහුය.
මෙසේ කී කල්හි රට්ඨපාල නම් කුලපුත්‍රතෙම නිශ්ශබ්ද වූයේය. දෙවනුවද රට්ඨපාල නම් කුලපුත්‍රයාගේ යහලුවෝ රට්ටපාල නම් කුලපුත්‍රයාට මෙසේ කීවාහුය. “යහලු රට්ටපාලය, නුඹ වනාහි මව්පියන්ගේ ප්‍රියවූ, මනාපවූ, සුවසේ වැඩුනාවූ සුවසේ පොෂනය වූ එකම පුත්‍රයා වෙහිය. යහලු රට්ඨපාලය, නුඹ කිසිත් දුකක් නොදන්නෙහිය. යහලු රට්ඨපාලය නැගී සිටුව, අනුභවද කරව, පානයද කරව, ඉන්ද්රියයන් පිනවීමද කරව්, අනුභව කරමින්, පානය කරමින්, ඉන්ද්රියයන් පිනවමින් කම්සැප විඳිමින්, පින්කරමින්, අභිරමනය කරව, මව්පියෝ නුඹට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර නොදෙත්. නුඹගේ මරණයෙන්ද මව්පියෝ නොකැමැත්තාහුම වෙන්වන්නාහුය. කිමෙක්ද? ජීවත්වන්න. නුඹට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර දෙන්නාහුද,” දෙවනුවද රට්ඨපාල කුලපුත්‍රතෙම නිශ්ශබ්ද වූයේය.
තුන්වෙනුවද රට්ඨපාල නම් කුලපුත්‍රයාගේ යහලුවෝ රට්ඨපාල නම් කුලපුත්‍රයාට “යහලු රට්ඨපාලය, නුඹ වනාහි මව්පියන්ගේ ප්‍රියවූ මනාපවූ සුවසේ වැඩුනාවූ සුවසේ පොෂණයවූ එකම පුත්රයාවෙහිය. යහලු රට්ටපාලය, නුඹ කිසිත් දුකක් නොදන්නෙහිය. යහලු රට්ඨපාලය, නැගී සිටුව, කව බොව, ඉන්ද්රියයන් පිනවීම කරව, කමින් බොමින් ඉන්ද්‍රියන් පිනවමින් කම්සැප විඳිමින් පින්කරමින් සිත් අලවා වාසය කරව. මව්පියෝ නුඹට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර නොදෙත්. නුඹගේ මරණයෙන්ද මව්පියෝ නොකැමැත්තෙන්ම වෙන්වන්නාහුය. කිමෙක්ද ජීවත් වන්නාවූ නුඹට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර දෙන්නාහුදැයි” කීවාහුය. තුන් වෙනුවද රට්ඨපාලනම් කුලපුත්‍ර තෙම නිශ්බ්දවූයේය.
|
298
අථ ඛො රට්ඨපාලස්ස කුලපුත්තස්ස සහායකා යෙන රට්ඨපාලස්ස කුලපුත්තස්ස මාතාපිතරො තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා රට්ඨපාලස්ස කුලපුත්තස්ස මාතාපිතරො එතදවොචුං - ‘‘අම්මතාතා, එසො රට්ඨපාලො කුලපුත්තො තත්ථෙව අනන්තරහිතාය භූමියා නිපන්නො - ‘ඉධෙව මෙ මරණං භවිස්සති
|
298
ඉක්බිති රට්ඨපාලනම් කුලපුත්‍රයාගේ යහලුවෝ රට්ඨපාලනම් කුලපුත්‍රයාගේ මව්පියෝ යම් තැනෙක්හිද එතැනට ගියාහුය. ගොස් රට්ඨපාලනම් කුලපුත්‍රයාගේ මව්පියන් “මෑනියෙනි, පියානෙනි, මේ රට්ඨපාල කුලපුත්‍රතෙම ඒ කිසිවකින් එලානැති භූමියෙහි, ‘මෙහිම මාගේ මරණය හෝ පැවිදිබව වන්නේයයි’ නිදාගත්තේ වෙයි. ඉදින් නුඹලා රට්ඨපාලනම් කුලුපත්රයාට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර නොදෙන්නාහුනම් එහිම ඔහුගේ මරණය පැමිණෙන්නේය. ඉදින් වනාහි නුඹලා රට්ඨපාලනම් කුල පුත්‍රයාට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර දෙන්නාහුනම් පැවිදිවූද ඔහු දක්නහුය. ඉදින් රට්ඨපාලනම් කුලපුත්‍රතෙම ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට කැමති නොවන්නේනම් ඔහු වෙන කොහියන්නේද? මෙහිම ආපසු එන්නේය. රට්ඨපාලනම් කුලපුත්‍රයාට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර දෙව්යයි, කීවාහුය. දරුවෙනි, රට්ඨපාලනම් කුලපුත්‍රයාට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර දෙමු. පැවිදිවූවහු විසින්ද මව්පියෝ දැකිය යුත්තාහුයයි”, කීවාහුය.
ඉක්බිති රට්ඨපාලනම් කුලපුත්‍රයාගේ යහලුවෝ රට්ඨපාල නම් කුලපුත්‍රයා යම්තැනෙක්හිද, එතැනට ගියාහුය. ගොස් රට්ඨපාලනම් කුලපුත්‍රයාට “යහලු රට්ඨපාලය, නුඹවනාහි මව්පියන්ගේ ප්‍රියවූ මනාපවූ සුවසේ වැඩුනාවූ සුවසේ පොෂ්යවූ එකම පුත්‍රයා වෙහිය. යහලු රට්ඨපාලය, නුඹ කිසිත් දුකක් නොදන්නෙහිය. යහලු රට්ඨපාලය, නැගී සිටුව, කව බොව ඉන්ද්රියයන් සතුටු කරව. කමින් බොමින් ඉඳුරන් සතුටු කරමින් කම්සැප විඳිමින් පින්කරමින් සිත් අලවා වාසය කරව. මව්පියන් විසින් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර දෙන ලද්දේ වෙහිය. පැවිදිවූවාහු විසිනුත් නුඹගේ මව්පියෝ දැකියයුත්තාහුයයි”, කීවාහුය.
|
299
අථ ඛො රට්ඨපාලො කුලපුත්තො උට්ඨහිත්වා බලං ගාහෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රට්ඨපාලො කුලපුත්තො භගවන්තං එතදවොච - ‘‘අනුඤ්ඤාතො අහං, භන්තෙ, මාතාපිතූහි අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය. පබ්බාජෙතු මං භගවා’’ති. අලත්ථ ඛො රට්ඨපාලො කුලපුත්තො භගවතො
අථ ඛො ආයස්මා රට්ඨපාලො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා රට්ඨපාලො භගවන්තං එතදවොච - ‘‘ඉච්ඡාමහං, භන්තෙ, මාතාපිතරො උද්දස්සෙතුං, සචෙ මං භගවා අනුජානාතී’’ති. අථ ඛො භගවා ආයස්මතො රට්ඨපාලස්ස චෙතසා චෙතො පරිච්ච
(චෙතොපරිවිතක්කං (සී. පී.)) මනසාකාසි. යථා
(යදා (සී. පී.)) භගවා අඤ්ඤාසි
|
299
ඉක්බිති රට්ඨපාලනම් කුලපුත්‍රතෙම නැගීසිට කාය ශක්තිය උපදවාගෙණ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක පසෙක හුන්නේය. එක පසෙක හුන්නාවූ රට්ටපාල නම් කුලපුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට ‘ස්වාමීනි වහන්ස, මම මව්පියන් විසින් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර ලද්දේවෙමි. භාග්‍යවතුන් වහන්සේ මා පැවිදි කරණසේක්වායි”, කීයේය. රට්ඨපාලනම් කුලපුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිදිබව ලැබුයේය. උපසම්පදාවද ලැබූයේය.
ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත්වූ රට්ඨපාල ස්ථවිරයන් උපසම්පදාවූ නොබෝ කල් ඇති උපසම්පදාවූ අඩමසක් පමණ කල්හි ථුල්ලකොට්ඨිත නම් නියම් ගමෙහි කැමති පරිද්දෙන් වාසය කොට සැවැත්නුවර යම් තැනෙක්හිද එහි චාරිකාවෙහි වැඩියහ. පිළිවෙළින් වඩිනුයේ සැවැත්නුවර යම් තැනෙක්හිද එතැනට පැමිණියහ. එහි වනාහි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම්වූ අනේපිඩු මහ සිටුහුගේ ආරාමයෙහි වැඩ වසති. එකල්හි ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරතෙම තනිව වෙන්වූ වාසය ඇත්තේ අප්‍රමාදව කෙලෙස්තවන වීර්යයෙන් ජීවිත ආශාව අත්හැර වාසය කරන්නේ නොබෝ කලකින්ම යමක් සඳහා කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම මනාකොටම ශාසනයෙහි පැවිදිවෙත්ද, බ්‍රහ්මචර්යාවගේ අවසානය වූ ඒ අර්හත් ඵලය මේ ආත්මයෙහිම තෙමේ විශේෂ නුවණින් ප්රත්යක්ෂ කොට ඊට පැමිණ වාසය කෙළේය. ජාතිය කෙළවර කරණ ලද්දීය. මාර්ග බ්‍රහ්මචර්යාව වැස නිමවන ලද්දේය. සතර මගින් කටයුතු දෙය කරණ ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගත්තේය. ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිර තෙමේ වනාහි රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ.
ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසක හුන්නේය. එක්පසක උන්නාවූ ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට ස්වාමීනි ඉදින් භාග්‍යවතුන් වහන්සේ මට අවසර දෙන්නේ නම් මම මව්පියන් දකින්ට කැමැත්තෙමියි” කීයේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන්ගේ අදහස තමන් වහන්සේගේ සිතින් මෙනෙහි කළහ. භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරතෙම ශික්ෂාව හැර ගිහිබවට පෙරලෙන්ට නුසුදුසු වේයයි, දැනගත්හ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන්ට “මෙය රට්ඨපාලය, තොපි දැන් යමකට කැමැත්තෙහිද, එයට කල් දනුවයි” (වදාළේය.) ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිර තෙම හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණු කොට සෙනාසනය තැන්පත් කොට තබා පාත්‍රා සිවුරු ගෙණ ථුල්ලකොට්ඨිත නම් නියම්ගම් යම් තැනෙක්හිද එහි චාරිකාවෙහි ගියේය. පිළිවෙළින් යනුයේ ථුල්ලකොට්ඨිත නම් නියම් ගම යම්තැනෙක්හිද එතැනට පැමිණියේය.
එහි වනාහි ආයුෂ්මත්වූ රට්ඨපාල ස්ථවිර තෙම ථුල්ලකොට්ඨිත නම් නියම් ගම්හි කොරව්‍ය නම් රජුගේ මිගාචීර නම් උයනෙහි වාසය කරයි. ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරතෙම පෙරවරු වේලෙහි හැඳ පෙරවා පා සිව්රු ගෙන ථුල්ලකොට්ඨිත නම් නියම් ගමට පිඬු පිණිස පැමිණියේය. ථුල්ලකොට්ඨිත නම් නියම් ගමෙහි ගෙපිළිවෙලින් පිඬු පිණිස හැසිරෙන්නේ ස්වකීය පියාගේ ගෘහය යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. එකල්හි වනාහි ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන්ගේ පියතෙම මධ්‍යයෙහිවූ ද්වාරාශාලාවෙහි හිසකේ අවුල් හරවයි. ආයුෂ්මත්වූ රට්ඨපාල ස්ථවිරයන්ගේ පියතෙම දුරදීම එන්නාවූ ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන් දුටුයේය. දැක “මේ හිසමුඩුවූ ශ්රමණයන් විසින් අපගේ ප්‍රියවූ මනාපවූ එකම පුත්‍රයා පැවිදි කරවනලද්දේයයි” කීයේය. ඉක්බිත්තෙන් ආයුෂ්මත්වූ රට්ඨපාල ස්ථවිරතෙම ස්වකීය පියාගේ ගෙදර දානයක් නොමලද්දේය. පිළිසඳර වචනමාත්‍රයකුදු නොලද්දේය. ඒකාන්තයෙන් ක්‍රොධ වචනයම ලද්දේය.
එකල්හි වනාහි ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන්ට නැවත දාසියක් එක්රැයක් ගතවූ යවපිට්ටුවක් අහක දමනු කැමැත්තී වෙයි. ඉක්බිති ආයුෂ්මත්වූ රට්ඨපාල ස්ථවිරතෙම ඒ නෑවන දාසියට නැගනිය, ඉදින් එක් රැයක් ඉක්මවූ මේ යවපිට්ටුව ඉවත දමනු කැමැත්තී නම් මාගේ මේ පාත්‍රයෙහි දමවයි (කීය) ඉක්බිත්තෙන් ආයුෂ්මත්වූ රට්ඨපාල ස්ථවිරයන්ගේ නෑ දාසිය රාත්‍රියක් ඉක්මවූ ඒ යවපිට්ටුව ආයුෂ්මත් වූ රට්ඨපාල ස්ථවිරයන්ගේ පාත්‍රයෙහි දමන්නී අත්වලද පාවලද ස්වරයෙහිද (ශබ්දයෙහිද) ආකාරය සිතට ගත්තේය.
|
300
අථ ඛො ආයස්මතො රට්ඨපාලස්ස ඤාතිදාසී යෙනායස්මතො රට්ඨපාලස්ස මාතා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මතො රට්ඨපාලස්ස මාතරං එතදවොච - ‘‘යග්ඝෙය්යෙ, ජානෙය්යාසි - ‘අය්යපුත්තො රට්ඨපාලො අනුප්පත්තො’’’ති. ‘‘සචෙ, ජෙ, සච්චං භණසි, අදාසිං තං කරොමී’’ති
(සච්චං වදසි, අදාසී භවසීති (සී. පී.), සච්චං වදසි, අදාසී භවිස්සසි (ක.)). අථ ඛො ආයස්මතො රට්ඨපාලස්ස මාතා යෙනායස්මතො රට්ඨපාලස්ස පිතා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මතො
|
300
ඉක්බිති රට්ඨපාල ස්ථවිරයන්ගේ නෑ දාසිය ආයුෂ්මත්වූ රට්ඨපාල ස්ථවිරයන්ගේ මව යම්තැනෙක්හිද එතනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත්වූ රට්ඨපාල ස්ථවිරයන්ගේ මවට “අනේ! ආර්යාවෙනි දන්නෙහිද, රට්ඨපාලනම් ස්වාමි පුත්‍රතෙම පැමිණියේයයි” කීය. “ඉදින් කෙල්ල සැබැවක් කීයෙහි නම්, දාසකමින් නිදහස් වන්නෙහියයි” (කීවාය.) ඉක්බිති ආයුෂ්මත් වූ රට්ඨපාල ස්ථවිරයන්ගේ මව්තොමෝ ආයුෂ්මත්වූ රට්ඨපාල ස්ථවිරයන්ගේ පියතෙම යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත්වූ රට්ඨපාල ස්ථවිරයන්ගේ පියාට “අනේ ගෘහපතියෙනි, දන්නෙහිද, රට්ඨපාල නම් කුල පුත්‍රයා පැමිණියේයයි” (කීය)
“එකල්හි වනාහි ආයුෂ්මත්වූ රට්ඨපාල ස්ථවිරතෙම රාත්‍රියක් ඉක්මවූ ඒ යවපිට්ටුව එක්තරා බිත්තියක් ළඟ හිඳ වලඳයි. එකල්හි ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන්ගේ පියතෙම ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන් වහන්සේ යම්තැනෙක් හිද, එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් රට්ඨපාලස්ථවිරයන්ට “පුත්‍රවූ රට්ඨපාල ස්ථවිරයෙනි, රාත්‍රියක් ගතවූ කොමුපිට්ටුව අනුභව කිරීමට සෑහෙයිද? පුත්‍රවූ රට්ඨපාල ස්ථවිරයෙනි, ස්වකීය ගෙදරට යායුතු නොවේදැයි” කීය. “ගෘහපතිය ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූ අපට ගෙදරක් කොයින්ද? ගෘහපතිය, අපි ගෙවල් නැත්තෝ වෙමු. ගෘහපතිය, නුඹගේ ගෙදරට ගියෙමු. එහි දානයක් නොම ලදුම්හ. පිළිසඳර වචනයක් නොම ලදුම්හ. ඒකාන්තයෙන්ම ආක්රොශයක්ම ලැබුවෙමුයි” කීය. “පුත්‍රවූ රට්ඨපාල ස්ථවිරයෙනි, එනු මැනව. ගෙදරට යන්නෙමුයි” (කීයේය.) “ගෘහපතිය, කම් නැත. අද මා විසින් ආහාර කෘත්‍යය කරණ ලදී.
“එසේවී නම්, පුත්‍රවූ රට්ඨපාල ස්ථවිරයෙනි, සෙට දවස පිණිස ආහාරය ඉවසනු මැනව.” ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරතෙම නිශ්ශබ්දවීමෙන් ඉවසීය.
ඉක්බිති ආයුෂ්මත්වූ රට්ඨපාල ස්ථවිරයන්ගේ පියතෙම ආයුෂ්මත්වූ රට්ඨපාල ස්ථවිරයන්ගේ ඉවසීම දැන ස්වකීය ගෘහය යම් තැනෙක්හිද එතැනට ගියේය. ගොස්, ආභරණ තැනූ රන්ද, නොතැනූ රන්ද, මහත් ගොඩක් ගසා, පැලලිවලින් වස්වා, ආයුෂ්මත්වූ රට්ඨපාල ස්ථවිරයන්ගේ පරණ දෙවැන්නන්ට (ගැහැනුන්ට) කථාකෙළේය. “ලේලිවරුනි, එව්. නුඹලා යම් සැරසීමකින් සැරසුනාහු, පෙර රට්ඨපාල කුලපුත්‍රයාහට ප්‍රිය තැනැත්තියෝ, මන වඩන්නියෝ වූවහුද, ඒ සැරසීමෙන් සැරසෙව්යයි” (කීයේය.)
|
301
අථ ඛො ආයස්මතො රට්ඨපාලස්ස පිතා තස්සා රත්තියා අච්චයෙන සකෙ නිවෙසනෙ පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා ආයස්මතො රට්ඨපාලස්ස කාලං ආරොචෙසි - ‘‘කාලො, තාත රට්ඨපාල, නිට්ඨිතං භත්ත’’න්ති. අථ ඛො ආයස්මා රට්ඨපාලො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන සකපිතු නිවෙසනං තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො ආයස්මතො රට්ඨපාලස්ස පිතා තං හිරඤ්ඤසුවණ්ණස්ස පුඤ්ජං විවරාපෙත්වා ආයස්මන්තං රට්ඨපාලං එතදවොච - ‘‘ඉදං තෙ, තාත රට්ඨපාල, මාතු මත්තිකං ධනං, අඤ්ඤං පෙත්තිකං, අඤ්ඤං පිතාමහං. සක්කා, තාත රට්ඨපාල, භොගෙ ච භුඤ්ජිතුං පුඤ්ඤානි ච කාතුං. එහි ත්වං, තාත රට්ඨපාල
(රට්ඨපාල සික්ඛං පච්චක්ඛාය (සබ්බත්ථ))
|
301
ඉක්බිති රට්ඨපාල ස්ථවිරයන්ගේ පිය තෙම ඒ රාත්‍රිය ඉක්මීමෙන් ස්වකීය ගෘහයෙහි ප්‍රණීතවූ ආහාරපාන පිළියෙළ කරවා, ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන්ට කල් දැන්වීය. “පුත්‍රවූ රට්ඨපාල ස්ථවිරයෙනි, ආහාර පිළියෙළ කිරීම නිමවන ලදී. දැන් සුදුසු කල් වේයයි” (දැන්වීය). ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරතෙම පෙරවරුයෙහි හැඳ පොරවා, පාත්‍ර සිව්රු ගෙණ, සිය පියාගේ ගෙදර යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, පණවනලද ආසනයෙහි වැඩ උන්නේය.
ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන්ගේ පියතෙම රන් ගොඩ විවෘත කරවා ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන්ට, “පුත්‍රවූ රට්ඨපාල ස්ථවිරයෙනි, මේ නුඹගේ මෑණියන් සතු ධනය වේ. සෙස්ස පිය සන්තක ධනය වේ. අනික් ධනය මුත්තනුවන් සතුය. පුත්‍රවූ රට්ඨපාල ස්ථවිරයෙනි, සම්පත් අනුභව කරන්ටද, පින් කරන්ටද හැක්කේය. පුත්‍රවූ රට්ඨපාල ස්ථවිරයෙනි, එනු මැනව. නුඹ මහණකම හැරදමා, ගිහිබවට පෙරලී, සම්පත් අනුභව කරව, පින්ද කරවයි,” (කියේය.)
“ගෘහපතිය, ඉදින් නුඹ මාගේ වචනය කරන්නෙහි නම්, මේ මහත් රන්ගොඩ ගැල්වල පටවා අද්දවා ගංගානම් ගඟ මැද පාකර හරිනු මැනවි. ඊට හේතු කවරේද? ගෘහපතිය, ඒ හේතුකොටගෙන ශෝකය, වැලපීමය, කායික දුකය, චෛතසික දුකය, දැඩි වෙහෙසය යන මොහු උපදින්නාහුයයි” කීය.
ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන්ගේ පුරාණ ගැහැනුන් වෙන වෙනම පාදයන් අල්වාගෙණ ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන්ට මෙය කීවාහුය. “ස්වාමිපුත්රයෙනි, නුඹවහන්සේ යම් දිව්‍ය ස්ත්‍රීන් නිසා බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නෙහි නම් ඒ දිව්‍ය ස්ත්‍රීහු කෙබඳු නම් වෙත්දැයි” ඇසූහ.
“නැගණිවරුනි, අපි දිව්‍ය ස්ත්‍රීන් නිසා බ්‍රහ්මචර්යාවෙහි නොහැසිරෙමුයි” කීයේය.
“ස්වාමිපුත්‍රවූ රට්ඨපාල තෙමේ අපට ‘නැගණිවරුනියි’ කීමෙන් කථා කෙරේයයි” ඔව්හු එහිම මුර්ජාවී වැටුනාහුය. ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරතෙම පියාට, “ගෘහපතිය, ඉදින් භොජනය දිය යුතු නම් දෙව්. අපට වෙහෙස නොකරව්යයි” කීය.
“පුත්‍රවූ රට්ඨපාල ස්ථවිරයෙනි, වළඳනු මැනව. ආහාරය නිවෙන ලදැයි” කීයේය. ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන්ගේ පියතෙම ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන්ට ප්‍රණීතවූ කෑයුතු දෙයින් හා බුදියයුතු දෙයින් සිය අතින් වැළඳවීය. කැමතිතාක් වැළඳවිය.
|
302
අථ ඛො ආයස්මා රට්ඨපාලො භුත්තාවී ඔනීතපත්තපාණී ඨිතකොව ඉමා ගාථා අභාසි -
‘‘පස්ස
ආතුරං බහුසඞ්කප්පං, යස්ස නත්ථි ධුවං ඨිති.
‘‘පස්ස චිත්තීකතං රූපං, මණිනා කුණ්ඩලෙන ච;
අට්ඨි තචෙන ඔනද්ධං, සහ වත්ථෙභි සොභති.
‘‘අලත්තකකතා පාදා, මුඛං චුණ්ණකමක්ඛිතං;
අලං
‘‘අට්ඨාපදකතා
අලං බාලස්ස මොහාය, නො ච පාරගවෙසිනො.
‘‘අඤ්ජනීව නවා
(අඤ්ජනීවණ්ණවා (ක.)) චිත්තා, පූතිකායො අලඞ්කතො;
අලං බාලස්ස මොහාය, නො ච පාරගවෙසිනො.
‘‘ඔදහි මිගවො පාසං, නාසදා වාකරං මිගො;
භුත්වා නිවාපං ගච්ඡාම
(ගච්ඡාමි (ස්‍යා. ක.)), කන්දන්තෙ මිගබන්ධකෙ’’ති.
අථ ඛො ආයස්මා රට්ඨපාලො ඨිතකොව ඉමා ගාථා භාසිත්වා යෙන රඤ්ඤො කොරබ්යස්ස මිගචීරං තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසීදි.
|
302
ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරතෙම වළඳා අවසන්කොට පාත්‍රයෙන් අත් ඉවත්කොට සිටියේම මේ ගාථාවන් ප්‍රකාශ කෙළේය.
[1] “විසිතුරු කරණලද වණ සමූහයක් ඇති, ඇට නහර ආදියෙන් උඩට ඔසවනලද ජරා රොගාදියෙන් ආතුරවූ බොහෝදෙනා විසින් පතන්නාවූ යමක්හුගේ ස්ථිර පැවැත්මක් නැත්තේද, එබඳුවූ මේ ශරීරය බලව”
[2] “මැණික්වලින්ද, කන්වල පළඳනා ආභරණවලින් විසිතුරු කරනලද ඇටවලින් හා සිවියෙන් ගැවසී ගත්තාවූ වස්ත්‍ර වස්ත්‍ර නිසා අලංකාරවූ මේ ශරීරය බලව.
[3] “රතු සායමින් සායම් කරනලද්දාවූ පාදයෝද, සුණුවලින් තවරණ ලද්දාවූ මුහුණ අඥානයාගේ මුළාවට සුදුසු වේ. නිවන් සොයන්නහුට සුදුසු නොවේ.
[4] “අට කොටසකට බෙදා ගොතනලද කෙශයෝද, අඳුන් ගානලද ඇස්ද, අඥානයාගේ මුලාවට සුදුසු වේ. නිවන් සොයන්නහුට සුදුසු නොවේ.
[5] “විසිතුරුවූ අළුත්වූ අඳුන් හෙප්පුවක් මෙන් අලංකාර කරණ ලද්දාවූ මේ කුණු ශරීරය අඥානයාගේ මුලාවට සුදුසු වෙයි. නිවන් සොයන්නහුට සුදුසු නොවෙයි.
[6] “මුව වැදිතෙම මළපුඬුව ඇටෙව්වේය. මුවතෙම යොදනලද පුඩුවට ලං නොවීය. නිවාපය (තෘණ ගොදුර) අනුභව කොට මුව වැද්දා හඬමින් සිටියදී ගියාක් මෙන් යන්නෙමු.”
ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරතෙම හිටගෙනම මේ ගාථාවන් කියා කොරව්‍ය රජුහුගේ මිගාචීර නම් උයන යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, එක්තරා ගසක් මුල දවල් කාලයේ හුන්නේය.
|
303
අථ
|
303
ඉක්බිති කොරව්‍ය රජතෙම මිගව නම් උද්යානපාලයාට කථාකෙළේය. “යහලු මිගවය, මිගාචීර නම් උයන ශුද්ධකොට පිළියෙළ කරව. උයන දකිනු පිණිස යම්හයි” කීයේය.
“දෙවයන් වහන්ස, ‘එසේය,’ කියා මිගව නම් උද්‍යානපාල තෙම කොරව්‍ය නම් රජහට උත්තර දී මිගාචීර නම් උයන ශුද්ධකොට පිළියෙල කරන්නේ එක්තරා ගසක් මුල දවල් කාලයේ උන්නාවූ ආයුෂ්මත් රට්ටපාල ස්ථවිරයන් දුටුයේය. දැක, කොරව්‍ය නම් රජතෙම යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, කොරව්‍ය නම් රජුට “දෙවයන්වහන්ස, මිගාචීර නම් උයන පිළියෙල කරනලදී. එහි මේ ථුල්ලකොට්ඨිත නම් නියම්ගමෙහිම ප්‍රධාන කුල ඇත්තහුගේ පුත්‍රවූ රට්ඨපාල නම් කුලපුත්‍රතෙම ඇත්තේය. නිරන්තරයෙන් නුඹවහන්සේ යමෙකුගේ ගුණ කියන්නේ වූයෙහිද, ඒ රට්ඨපාල ස්ථවිර තෙම එක්තරා ගසක් මුල දවල් කාලයේ වැඩඋන්නේයයි” කීයේය.
“එසේ වීනම් යහලු මිගවය, අද දැන් උයනට යන ගමනින් කම් නැත. දැන් අපි ඒ පින්වත්වූ රට්ඨපාල ස්ථවිරයන් ආශ්‍රය කරන්නෙමුයි” කීයේය.
ඉක්බිති කොරව්‍ය රජතෙම “එහි යම් කෑයුතු දෙයක්, බුදියයුතු දෙයක් පිළියෙළ කරණ ලදද, ඒ සියල්ල හැර දමව්යයි” කියා යහපත් යහපත්වූ යානාවන් පිළියෙල කරවා, යහපත් යානාවකට නැගී, යහපත් යහපත් යානාවලින් ථුල්ලකොට්ඨිත නම් නියම්ගමින් මහත්වූ රාජානුභාවයෙන් යුක්තව ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන් දැකීමට නික්මුනේය. යානාවෙන් යායුතු භූමිය යම්තාක්ද ඒ තාක් යානාවෙන් ගොස්, යානාවෙන් බැස, පා ගමනින් යුක්තවූයේම, උසස් උසස්වූ පිරිස හා ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන් සමග සතුටු වූයේය. සතුටු විය යුතුවූ සිහි කටයුතුවූ කතාව කොට නිමවා, එක්පසක සිටියේය. එක්පසක සිටියාවූ කොරව්‍ය රජතෙම ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන්ට, ‘පින්වත් රට්ඨපාල ස්ථවිර තෙමේ ඇතුන්පිට අතුරණ ඇතිරියෙහි වැඩඉන්නාසේක්වායි” කීය.
“මහරජ, කමක් නැත. නුඹ හිඳගනු මැනව. මම ස්වකීයවූ ආසනයෙහි හුන්නේවෙමියි” කීය. කොරව්‍ය රජ තෙම පණවනලද ආසනයෙහි හිඳගත්තේය. හිඳගෙන කොරව්‍ය රජතෙම ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන්ට මෙය සැලකෙළේය.
|
304
‘‘චත්තාරිමානි, භො රට්ඨපාල, පාරිජුඤ්ඤානි යෙහි පාරිජුඤ්ඤෙහි සමන්නාගතා ඉධෙකච්චෙ කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජන්ති. කතමානි චත්තාරි? ජරාපාරිජුඤ්ඤං, බ්යාධිපාරිජුඤ්ඤං, භොගපාරිජුඤ්ඤං, ඤාතිපාරිජුඤ්ඤං. කතමඤ්ච, භො රට්ඨපාල, ජරාපාරිජුඤ්ඤං? ඉධ, භො රට්ඨපාල
‘‘කතමඤ්ච, භො රට්ඨපාල, බ්යාධිපාරිජුඤ්ඤං? ඉධ, භො රට්ඨපාල, එකච්චො ආබාධිකො හොති දුක්ඛිතො බාළ්හගිලානො. සො ඉති පටිසඤ්චික්ඛති
‘‘කතමඤ්ච
‘‘කතමඤ්ච
‘‘ඉමානි ඛො, භො රට්ඨපාල, චත්තාරි පාරිජුඤ්ඤානි, යෙහි පාරිජුඤ්ඤෙහි සමන්නාගතා ඉධෙකච්චෙ කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජන්ති. තානි භොතො රට්ඨපාලස්ස නත්ථි. කිං භවං රට්ඨපාලො ඤත්වා වා දිස්වා වා සුත්වා වා අගාරස්මා අනගාරියං පබ්බජිතො’’ති?
|
304
පින්වත්වූ රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, යම්බඳු පිරිහීම්වලින් යුක්තවූ මේ ලෝකයෙහි සමහර කෙනෙක් හිසකේ රැවුල් කපා හැර, කසාවත් හැඳ, ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, එබඳුවූ මේ පිරිහීම් සතරක් වෙත්. කවර සතරක්ද යත්? ජරාවට පැමිණීමෙන් පිරිහීමය, ලෙඩ රෝගාදිය සෑදීමෙන් පිරිහීමය, වස්තුවෙන් පිරිහීමය, නෑයන්ගෙන් පිරිහීමය යන සතරයි. පින්වත්වූ රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, ජරාවට පැමිණීමෙන් පිරිහීම නම් කවරේද? පින්වත්වූ රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, මේ ලෝකයෙහි ඇතමෙක් ජරාවට පැමිණියේ, වයසට පැමිණියේ ජාතියෙන් මහලුවූයේ, බොහෝ කල් ඉක්මගියේ, අන්තිම වයසට පැමිණියේ වේද, හෙතෙම මෙසේ කල්පනා කරයි. ‘මම වනාහි දැන් දිරාගියේ වෙමි. වයස්ගත වූයේ වෙමි. මහලුවීමි. බොහෝ කල් ඉක්මගියේ වෙමි. අන්තිම වයසට පැමිණියෙමි. මා විසින් වනාහි නොලද්දාවූ සම්පත් ලබන්ටද ලැබුවාවූ සම්පත් දියුණු කරන්ටද පහසු නොවෙයි. මම හිසකේ රැවුල් කපාහැර, කසාවත් හැඳ, ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වන්නෙම් නම් ඉතා යෙහෙකැයි’ (සිතන්නේය.)හෙතෙම ඒ ජරාව නිසා පිරිහීමෙන් යුක්තවූයේ හිස රැවුල් කපා කසාවත් හැඳ, ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයි. පින්වත්වූ රට්ටපාල ස්ථවිරයෙනි, මේ ජරාවෙන් පිරිහීමයයි කියනු ලැබේ. පින්වත් රට්ඨපාල ස්ථවිර තෙමේ වනාහි දැන් ලදරුවූයේ තරුණවූයේ යෞවනවූයේ කලු හිසකේ ඇත්තේ යහපත්වූ තරුණ භාවයෙන් යුක්තවූයේ පළමු වයසින් යුක්තවූයේ වෙයි. පින්වත්වූ රට්ඨපාල ස්ථවිරයන්ට ඒ ජරාවෙන් පිරිහීමක් නැත. පින්වත් රට්ඨපාල ස්ථවිර තෙමේ කුමක් දැන හෝ දැක හෝ අසා හෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේද?
“පින්වත් රට්ඨපාල ස්ථවිරයෙනි, රොගාබාධ නිසා පිරිහීම නම් කවරේද? පින්වත් රට්ඨපාල ස්ථවිරයෙනි, මේ ලෝකයෙහි ඇතමෙක් හටගත් ආබාධ ඇත්තේ දුකින් පෙලුනේ දැඩි ගිලන්වූයේ වෙයි. හෙතෙම මෙසේ කල්පනා කරයි ‘මම වනාහි දැන් හටගත් ආබාධ ඇත්තේ දුකින් පෙලුනේ දැඩි ගිලන්වූයේ වෙමි. මා විසින් නොලබනලද සම්පත් ලබන්ට හෝ ලබනලද සම්පත් දියුණුකරන්ට හෝ පහසු නොවෙයි. මම ඉසකේ රැවුල් කපාහැර කසාවත් හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවන්නෙම් නම් යෙහෙක, කියායි. හෙතෙම රොගාබාධයන් නිසා පිරිහීමෙන් යුක්ත වූයේ හිසකේ රැවුල් කපා හැර කසාවත් හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවේ. පින්වත් රට්ඨපාල ස්ථවිරයෙනි, මෙය ව්යාධිපරිහානියයි කියනු ලැබේ. පින්වත් රට්ඨපාල ස්ථවිර තෙමේ වනාහි දැන් ආබාධ නැත්තේ නීරොගවූයේ ඉතා මදද නොවූ ඉතා වැඩිද නොවූ සමවූ පැසවීම් ඇත්තාවූ ග්‍රහණියෙන් (ජඨරාග්නියෙන්) යුක්තවූයේ වේ. පින්වත් රට්ඨපාල ස්ථවිරයන්ට ඒ ව්‍යාධිය නිසා පිරිහීමක් නැත්තේය. පින්වත් රට්ඨපාල ස්ථවිර තෙමේ කුමක් දැන හෝ දැක හෝ අසා හෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයේද?
“පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, වස්තුවෙන් පිරිහීම නම් කවරේද? පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, මේ ලෝකයෙහි ඇතමෙක් වස්තුවෙන් ආඪ්‍යවූයේ මහත් ධන ඇත්තේ මහත් සම්පත් ඇත්තේ වේද, ඔහුගේ වස්තුව පිළිවෙළින් විනාශවීමට පැමිණෙයි. හෙතෙම මෙසේ කල්පනා කරයි. ‘මම වනාහි පෙර වස්තුවෙන් ආඪ්‍යවූයේ මහත් ධන ඇත්තේ මහත් සම්පත් ඇත්තේ වීමි. ඒ මාගේ ඒ සම්පත් පිළිවෙළින් විනාශයට කුමක් දැක හෝ කුමක් අසා හෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයේද?
“පින්වත්වූ රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, යම් පිරිහීමකින් යුක්තවූ මේ ලෝකයෙහි සමහරු හිසකේ රැවුල් කපාහැර කසාවත් හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, මේ ඒ පිරිහීම් සතර වෙත්. පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්සේට ඒ පිරිහීම් නැත්තේය. පින්වත් රට්ඨපාල ස්ථවිර තෙමේ කුමක් දැන හෝ දැක හෝ අසා හෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයේදැ”යි ඇසුවේය.
|
305
‘‘අත්ථි ඛො, මහාරාජ, තෙන භගවතා ජානතා පස්සතා අරහතා
|
305
“මහරජ, භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ සියලු ධර්මයන් දක්නාවූ අර්හත්වූ ඒ සම්‍යක්සම්බුද්ධයන් විසින් කොටින් වදාළ ධර්මපද සතරක් වෙත්. මේ ඒ ධර්මපද සතර දැන දැක අසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයෙමි. ඒ ධර්මපද සතර නම් කවරහුද? මහරජ ‘ලෝවැසි තෙම ජරා මරණ දෙකට පමුණුවනු ලැබෙයි. බොහෝ කල් නොපවත්නේය’ යනු භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ සියලු ධර්මයන් දක්නාවූ අර්හත්වූ ඒ සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් වදාළ පළමුවෙනි ධර්මපදයයි. මම එය දැනද දැකද අසාද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයෙමි.
“මහරජ, ‘ලෝවැසිතෙම ආරක්ෂාවක් නැත්තේය. කිසි පිහිටක් නැත්තේය’ යනු භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ සියලු ධර්මයන් දක්නාවූ අර්හත්වූ ඒ සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් වදාළ දෙවැනි ධර්මපදයයි. මම එය දැනද දැකද අසාද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයෙමි.
“මහරජ, ‘ලෝවැසිතෙම තමා සතුවූවක් නැත්තේය. සියල්ල හැර යා යුතුය’ යනු භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ සියලු ධර්මයන් දක්නාවූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් වදාළ තුන්වැනි ධර්මපදයයි. මම එය දැනද දැකද අසාද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයෙමි.
“මහරජ ‘ලොකවාසී සත්වතෙම සෑහීමක් නැත්තේ ඇතිවීමකට නොපැමිණියේ තණ්හාවට දාසවූයේය’ යනු භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් වදාළ සතරවැනි ධර්මපදයයි. මම එය දැනද දැකද අසාද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයෙමි. මහරජ, භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ සියලු ධර්මයන් දන්නාවූ අර්හත්වූ ඒ සර්වඥයන් වහන්සේ විසින් මේ ධර්මපද සතර කොටින් වදාළහ. මම ඒ ධර්මපද සතර දැනද දැකද අසාද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයෙමි.”
|
306
‘‘‘උපනිය්යති
‘‘සංවිජ්ජන්තෙ ඛො, භො රට්ඨපාල, ඉමස්මිං රාජකුලෙ හත්ථිකායාපි අස්සකායාපි රථකායාපි පත්තිකායාපි, අම්හාකං ආපදාසු පරියොධාය
‘‘සංවිජ්ජති ඛො, භො රට්ඨපාල, ඉමස්මිං රාජකුලෙ පහූතං හිරඤ්ඤසුවණ්ණං භූමිගතඤ්ච වෙහාසගතඤ්ච. ‘අස්සකො ලොකො, සබ්බං පහාය ගමනීය’න්ති - භවං රට්ඨපාලො ආහ. ඉමස්ස පන, භො රට්ඨපාල, භාසිතස්ස කථං අත්ථො දට්ඨබ්බො’’ති? ‘‘තං කිං මඤ්ඤසි, මහාරාජ, යථා ත්වං එතරහි පඤ්චහි කාමගුණෙහි
‘‘‘ඌනො ලොකො අතිත්තො තණ්හාදාසො’ති - භවං රට්ඨපාලො ආහ. ඉමස්ස, භො රට්ඨපාල, භාසිතස්ස කථං අත්ථො දට්ඨබ්බො’’ති? ‘‘තං කිං මඤ්ඤසි, මහාරාජ, ඵීතං කුරුං අජ්ඣාවසසී’’ති? ‘‘එවං, භො රට්ඨපාල, ඵීතං කුරුං අජ්ඣාවසාමී’’ති. ‘‘තං කිං මඤ්ඤසි, මහාරාජ, ඉධ පුරිසො ආගච්ඡෙය්ය පුරත්ථිමාය දිසාය සද්ධායිකො පච්චයිකො. සො තං උපසඞ්කමිත්වා එවං වදෙය්ය - ‘යග්ඝෙ, මහාරාජ, ජානෙය්යාසි, අහං ආගච්ඡාමි පුරත්ථිමාය දිසාය? තත්ථද්දසං මහන්තං ජනපදං ඉද්ධඤ්චෙව ඵීතඤ්ච බහුජනං ආකිණ්ණමනුස්සං. බහූ තත්ථ හත්ථිකායා අස්සකායා රථකායා පත්තිකායා; බහු තත්ථ ධනධඤ්ඤං
(දන්තාජිනං (සී. ස්‍යා. කං. පී.)); බහු තත්ථ හිරඤ්ඤසුවණ්ණං අකතඤ්චෙව කතඤ්ච; බහු තත්ථ ඉත්ථිපරිග්ගහො. සක්කා ච තාවතකෙනෙව බලමත්තෙන
(බලත්ථෙන (සී. ස්‍යා. කං. පී.), බහලත්ථෙන (ක.)) අභිවිජිනිතුං. අභිවිජින, මහාරාජා’ති, කින්ති නං කරෙය්යාසී’’ති? ‘‘තම්පි
ඉදමවොච
|
306
“පින්වත් රට්ඨපාල ස්ථවිර තෙමේ’ ‘ලෝවාසිතෙම ජරා මරණ දෙකට පමුණුවනු ලැබෙයි. බොහෝ කල් නොපවත්නේයයි, කීසේක. පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, මේ කීමේ අර්ථය කෙසේ දැනගත යුතුද?”
“මහරජ, ඒ කුමකැයි සිතන්නෙහිද? නුඹ විසිවයස් කල්හිද විය. පස්විසි වයස් කල්හිද හස්තිශිල්පයෙහිද දක්ෂවූයේ අශ්ව ශිල්පයෙහිද දක්ෂවූයේ රථ ශිල්පයෙහිද පුරුදුවූයේ දුනු ශිල්පයෙහිද කළ පුරුද්ද ඇත්තේ කඩු ශිල්පයෙහිද සමර්ථ වූයේ පාදයන්හිද බල ඇත්තේ අත්වලද බල ඇත්තේ යුද්ධයෙහි දක්ෂවූයේ යුද්ධ කිරීමට සමර්ථවූවෙක් වූයෙහිදැ”යි (ඇසුයේය.)
“පින්වත් රට්ටපාල ස්ථවිරයන් වහන්ස, මම විසිවයස් ඇතිකල්හි පස්විසි වයස් ඇතිකල්හි හස්ති ශිල්පයෙහිද දක්ෂ වූවෙක්, අශ්වශිල්පයෙහිද දක්ෂවූවෙක් රථනැගීමෙහිද පුහුණු වූවෙක් දුනු ශිල්පයෙහිද දක්ෂවූවෙක් කඩු ශිල්පයෙහිද කළ පුරුද්ද ඇත්තෙක් පාදයන්හිද බල ඇත්තෙක් අත්වලද බල ඇත්තෙක්ව යුද්ධයෙහි සූරයෙක්ද වීමි. යුද්ධ කිරීමටත් සමර්ථවීමි. පින්වත්වූ රට්ටපාල ස්ථවිරයන් වහන්ස, සමහර කලෙක මම ඍද්ධි ඇත්තෙකු මෙන් සිතමි. තමාගේ බලය හා සමවූ බල ඇත්තෙකු නොදක්නෙමියි” (කීයේය.)
“මහරජ, ඒ කුමකැයි හඟින්නෙහිද? නුඹ එපරිද්දෙන්ම දැන් පාදවල බල ඇත්තේ අත්වල බල ඇත්තේ, යුද්ධයෙහි ශූරවූයේ යුද්ධකරන්ට සමර්ථවූවෙක් වෙහිදැ”යි. (ඇසූයේය)
“පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, මෙය නොවේ මැයි, දැන් ජරාවෙන් දිරාගියේ වයසින් වැඩිවූයේ මහලුවූයේ වයස් ඉක්ම ගියේ අන්තිම වයසට පැමිණියේ වෙමි. මට අසූවක් පමණ වයස්හි සිටිමි. පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, සමහර කලෙක මම මෙහි පය තබන්නෙමියි අන් තැනෙක්හිම පය තබමියි” (කීයේය)
“මහරජ, මේ සඳහා භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ ධර්මයන් දක්නාවූ ඒ සම්මා සම්බුදුන් විසින් ලෝවැසි තෙම ජරා මරණ දෙකම ගෙණයනු ලබන්නේය. ස්ථිර නොවේ යනු වදාරණ ලදී. මම ඒ කාරණය දැනද දැකද අසාද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයෙමි” කීයේය.
“පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, ආශ්චර්යය, පින්වත් රට්ටපාල ස්ථවිරයන් වහන්ස පුදුමය. භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ සියලු ධර්මයන් දක්නාවූ අර්හත්වූ ඒ සම්මා සම්බුදුන් විසින් ලෝවැසි තෙම ජරා මරණ දෙකට ගෙණයනු ලබන්නේය. බොහෝ කල් නොපවත්නේය යන මේ කාරණය ඉතාම යහපත් කොට දේශනා කරණලදී. පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, ‘ලෝවැසි තෙම ජරා මරණ දෙක කරා ගෙණයනු ලබන්නේමය. බොහෝකල් නොපවත්නේමැයි”
“පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, අපට විපතක් පැමිණි කල්හි යම් කෙනෙක් ආරක්ෂාව පිණිස පවත්නාහුද? එබඳුවූ හස්ති සේනාවෝද අශ්ව සේනාවෝද රථ සේනාවෝද පාබල සේනාවෝද මේ රජකුලයෙහි ඇත්තාහ. ලෝවැසි තෙම ආරක්ෂාවක් නැත්තේ කිසිපිහිටක් නැත්තේයයි කියා පින්වත් රට්ඨපාල ස්ථවිර තෙමේ කීයේය. පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, මේ වචනයාගේ වනාහි අර්ථය කෙසේ දත යුතුදැයි” විචාළේය.
“මහරජ, ඒ කුමකැයි සිතන්නෙහිද? තොපගේ නොහැර පවත්නාවූ කිසියම් ආබාධයක් ඇත්තේදැයි” ඇසීය.
“පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, මාගේ නොහැර පවත්නාවූ වාතාබාධයෙක් ඇත්තේය. පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, සමහර කලෙක මා යහළු මිත්‍රයෝද නෑ සහ ලේ නෑයෝද පිරිවරා දැන් කොරව්යනම් රජතෙම කලුරිය කරන්නේය. දැන් කොරව්යනම් රජතෙම කලුරිය කරන්නේයයි සිටියාහු වෙත්.”
“මහරජ ඒ කුමකැයි හඟින්නෙහිද?” පින්වත්නි, “මාගේ යාළු මිත්‍රයෝද නෑ සහ ලේ නෑයෝද එත්වා. අවුත් මම යම්සේ ඉතා ටිකක් දුක් වේදනාව විඳින්නෙම්ද, (එසේ) මේ වේදනාව සියල්ලෝම බෙදා ගනිව්යයි” දුක් වේදනාව බෙදාදිය හැකි යාළු මිත්‍රයන් හෝ නෑසහ ලේ නෑයන් හෝ නුඹ ලබන්නෙහිද? නොහොත් නුඹම ඒ වේදනාව විඳින්නෙහිදැයි” (ඇසුවේය)
“පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, ‘පින්වත්නි මාගේ මිත්‍රාමාත්‍යයෝද නෑ සහ ලේ නෑයෝද එත්වා. මම යම්සේ ඉතා ටිකක්වූ දුක් වේදනාව විඳින්නෙම්ද, එසේ මේ වේදනාව සියල්ලෝම බෙදාගනිව්යයි’ බෙදාදිය හැකි යාළු මිත්‍රයන් හෝ නෑ සහ ලේ නෑයන් හෝ නොලබමි. මමම ඒ වේදනාව විඳිමියි” කීයේය.
“මහරජ, මේ සඳහා භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ සියලු ධර්මයන් දක්නාවූ අර්හත්වූ ඒ සර්වඥයන් වහන්සේ විසින් ‘ලෝවැසිතෙම ආරක්ෂාවක් නැත්තේය පිහිටක් නැත්තේය’යි වදාරණ ලදී. මම ඒ කාරණය දැනද දැකද අසාද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයෙමියි” කීයේය.
“පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, ආශ්චර්යයෙක පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, පුදුමයකි. භාග්‍යවත් වූ සියල්ල දන්නාවූ සියලු ධර්මයන් දක්නාවූ අර්හත්වූ ඒ කිසි පිහිටක් නැත්තේය’ යන මේ කාරණය ඉතාම යහපත් කොට දේශනා කරණ ලද්දේය. පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, ලෝවැසිතෙම ආරක්ෂාවක් නැත්තේමය. කිසි පිහිටක් නැත්තේමය.
“පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, මේ රාජ කුලයෙහි පොළොවෙහිද අහසෙහිද බොහෝ රන් රුවන් ඇත්තේමය. ‘ලෝවැසිතෙම තමා සතු දෙයක් නැත්තේය. සියල්ල හැර දමා යා යුතුයයි’ පින්වත් රට්ඨපාල ස්ථවිරතෙම කියේය. පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, මෙසේ කියන ලද වචනයාගේ අර්ථයතෙම කෙසේ දතයුත්තේදැයි ඇසීය.
“මහරජ, ඒ කුමකැයි හඟින්නෙහිද?
“නුඹ යම්සේ මෙකල්හි පඤ්චකාම සම්පත්තියෙන් යුක්තව සැප විඳින්නෙහිද? නුඹ පරලොවදිත් මෙපරිද්දෙන්ම මේ පඤ්චකාමසම්පත්තියෙන්ම යුක්තව සැප විඳීම ලබන්නෙහිද, නොහොත් අන්‍යයෝ මේ සම්පත්තිය පිළිපදින්නාහුය. නුඹ වනාහි කම්වූ පරිද්දෙන් මියපරලොව යන්නෙහි දැයි” කීයේය.
“පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, මම යම්සේ මෙකල්හි පඤ්චකාමසම්පත්තියෙන් සැප විඳින්නෙම්ද, පරලොව්හිද මෙපරිද්දෙන්ම මේ පඤ්චකාමසම්පත්තියෙන්ම යුක්තව සැප නොවිඳීම නොලබන්නෙමි. අන්‍යයෝ මේ සම්පත්තිය පිළිපදින්නාහුය. මම වනාහි කම්වූ පරිද්දෙන් මියපරලොව යන්නෙමියි” කීයේය.
“මහරජ, මෙ කාරණය සඳහා භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ සියලු ධර්මයන් දක්නාවූ අර්හත්වූ ඒ සර්වඥයන් වහන්සේ විසින් ‘ලෝවැසිතෙම තමා සතු දෙයක් නැත්තේය සියල්ල හැර යා යුතුයයි’ වදාරණ ලදී. මම ඒ කාරණය දැනද දැකද අසාද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයෙමියි” කීයේය.
“පින්වත් රට්ටපාල ස්ථවිරයන් වහන්ස, ආශ්චර්යය, පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, පුදුමය. භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ ධර්මයන් දක්නාවූ අර්හත්වූ ඒ සර්වඥයන් වහන්සේ විසින් වදාළ ලෝවැසිතෙම ස්වකීය වූවක් නැත්තේය. සියල්ල හැර දමා යා යුතුය යන මේ කාරණය ඉතාම යහපත්කොට වදාරණ ලදී. පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, ලෝවැසිතෙම, ස්වකීය වූවක් නැත්තේමැයි සියල්ල හැර දමා යා යුතුයයි” (කීයේය)
“ලෝවැසිතෙම නොපිරුණේ ඇතිවීමකට නොපැමිණියේ තණ්හාවට දාසවූයේ යයි, පින්වත් රට්ඨපාල ස්ථවිර තෙමේ කීයේය. පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස මේ කීමේ අර්ථය කෙසේ දතයුතු දැයි” (විචාළේය.)
“මහරජ, ඒ කුමකැයි හඟින්නෙහිද? සමෘද්ධවූ කුරුරටට අධිපතිව වාසය කරන්නේදැයි” (ඇසීය.)
“පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, එසේය. සමෘද්ධවූ කුරුරටට අධිපතිව වාසය කරමියි” කීයේය.
“මහරජ ඒ කුමකැයි සිතන්නෙහිද? මෙහි තොපට නැගෙනහිර දිශාවෙන් ඇදහිය යුතුවූ විශ්වාස කටයුතුවූ පුරුෂයෙක් එන්නේය. හෙතෙම නුඹ කරා පැමිණ මෙසේ කියන්නේය. ‘මහරජ, කාරණයක් දන්නෙහිද, මම නැගෙනහිර දිශාවෙන් එමි. ඒ දිශාවෙහි සමෘද්ධවූද, පිරුණාවූද බොහෝදෙනා ඇති මිනිසුන්ගෙන් ගැවසී ගත්තාවූ මහත්වූ ජනපදයක් දුටුවෙමි. එහි හස්ති සේනාවෝද අශ්ව සේනාවෝද රථ සේනාවෝද පාබල සේනාවෝද බොහෝ වෙත්. ඒ ජනපදයෙහි ඇත් අස් සෙනගද බොහෝය. එහි වැඩ කළා වූද වැඩ නොකළාවූද රත්රන් බොහෝය. එහි බොහෝ ස්ත්‍රී සමූහයා ඇත්තේය. මෙපමණවූ බලසෙනගකින් ජයගන්ටද හැක්කේය. මහරජ, ජයගනු මැනවැයි’ (කියන්නේය.) එයට කුමක් කරන්නෙහිද?”
“පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, එයද දිනාගෙන වාසය කරම්හයි” කීයේය.
“මහරජ ඒ කුමකැයි හඟින්නෙහිද, මෙහි තොප වෙතට බස්නාහිර දිශාවෙන් ඇදහිය යුතු විශ්වාස කටයුතුවූ පුරුෂයෙක් එන්නේය. හෙතෙම නුඹ කරා පැමිණ මෙසේ කියන්නේය. ‘මහරජ, කරුණක් දන්නෙහිද? මම බස්නාහිර දිශාවෙන් එමි. එහි සමෘද්ධවූද පිරුණාවූද බොහෝ දෙනා ඇති මිනිසුන් ගැවසීගත්තාවූ මහත්වූ ජනපදයක් දුටුවෙමි. එහි හස්ති සේනාවෝද අශ්ව සේනාවෝද රථ සේනාවෝද පාබල සේනාවෝද බොහෝ වෙත්. එහි ඇත් අස් සෙනගද බොහෝය. එහි වැඩ කළාවූද වැඩ නොකළාවූද රත්රන් බොහෝය, එහි බොහෝ ස්ත්‍රී සමූහයාද ඇත්තේය. මෙපමණ වූ බල සෙනඟකින් ජය ගන්ටද හැක්කේය. මහරජ ජය ගණුවයි,’ කියන්නේය. ඊට කුමක් නම් කරන්නෙහිදැයි,” ඇසීය.
“පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, අපි ඒ ජනපදයද ජයගෙණ වාසය කරම්හයි” කීයේය.
“මහරජ ඒ කුමකැයි හඟින්නෙහිද? මෙහි තොපට බස්නාහිර දිශාවෙන්ද ඇදහිය යුතු විශ්වාස කටයුතුවූ පුරුෂයෙක් එන්නේය. හෙතෙම ඔබ කරා එළඹ මෙසේ කියන්නේය. ‘එසේනම් මහරජ දන්නෙහිද? මම බස්නාහිර දිශාවෙන් එමි. එහි සමෘද්ධවූද, සම්පූර්ණවූද, බොහෝ ජනයා ඇති මිනිසුන්ගෙන් ගැවසී ගත් මහත්වූ ජනපදයක් දුටුවෙමි. එහි හස්ති සේනාවෝද, අශ්ව සේනාවෝද, රථ සේනාවෝද, පාබල සේනාවෝද, බොහෝ වෙත්. එහි හස්ති අශ්ව සමූහයා බොහෝය. එහි කළාවූද, නොකළාවූද, රත්රන් බොහෝය. එහි බොහෝ ස්ත්‍රී සමූහයාද ඇත්තේය. මෙපමණවූ මේ බලසෙනඟින් ජය ගන්නටද හැක්කේය. මහරජ ජය ගනුවයි කියන්නේය. ඊට කුමක් නම් කරන්නේදැයි” ඇසීය. “පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, අපි ඒ ජනපදයද ජය ගෙණ වාසය කරම්හයි” කීයේය. “උතුරු දිශාවෙන්ද මහරජ ඒ කුමකැයි සිතන්නේද? මෙහි තොපට ඇදහිය යුතු විශ්වාස කටයුතු වූ පුරුෂයෙක් එන්නේය. හෙතෙම ඔබ කරා එළඹ මෙසේ කියන්නේය. ‘එසේනම් මහරජ, දන්නෙහිද? මම උතුරු දිශාවෙන් එමි. එහි සමෘද්ධවූද, සම්පූර්ණවූද, බොහෝ ජනයා ඇති මිනිසුන්ගෙන් ගැවසීගත් මහත්වූ ජනපදයක් දුටුවෙමි. එහි හස්ති සේනාවෝද, අශ්ව සේනාවෝද රථ සේනාවෝද පාබල සේනාවෝද බොහෝ වෙත්. එහි හස්ති අශ්ව සමූහයා බොහෝය. එහි කළාවූද නොකළාවූද, රත්රන් බොහෝය. එහි බොහෝ ස්ත්‍රී සමූහයාද ඇත්තේය. මෙපමණවූ මේ බල සෙනඟින් ජයගන්ටද හැක්කේය. මහරජ ජය ගනුවයි’ කියන්නේය. ඊට කුමක් නම් කරන්නේදැයි” ඇසීය. “පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, අපි ඒ ජනපදයද ජය
ගෙණ වාසය කරම්හයි” කීයේය.
“දකුණු දිශාවෙන්ද මහරජ ඒ කුමකැයි සිතන්නේද? මෙහි තොපට ඇදහිය යුතු විශ්වාස කටයුතුවූ පුරුෂයෙක් එන්නේය. හෙතෙම ඔබ කරා එළඹ මෙසේ කියන්නේය. ‘එසේ නම් මහරජ, දන්නෙහිද? මම දකුණු දිශාවෙන් එමි. එහි සමෘද්ධවූද, සම්පූර්ණවූද, බොහෝ ජනයා ඇති මිනිසුන් ගෙන් ගැවසී ගත් මහත්වූ ජනපදයක් දුටුවෙමි. එහි ඇත් සේනාවෝද, අශ්ව සේනාවෝද, රථ සේනාවෝද, පාබල සේනාවෝද බොහෝ වෙත්. එහි හස්ති අශ්ව සමූහයා බොහෝය. එහි කළාවූද නොකළාවූද රත්රන් බොහෝය. එහි බොහෝ ස්ත්‍රී සමූහයාද ඇත්තේය. මෙපමණවූ මේ බලසෙනඟින් ජයගන්ට හැක්කේය. මහරජ, ජයගනුවයි කියන්නේය. ‘එයට කුමක් නම් කරන්නෙහිදැයි” ඇසුවේය. “පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, අපි ඒ ජනපදයද ජය ගෙණ වාසය කරම්හයි” කීයේය.
මුහුද එතරින්ද ඇදහිය යුතු විශ්වාස කටයුතුවූ පුරුෂයෙක් එන්නේය. හෙතෙම නුවර කරා එළඹ මෙසේ කියන්නේය. “මහරජ, කරුණක් දන්නෙහිද? මම මුහුද එතරින් එමි. එහි සමෘද්ධවූද, සම්පූර්ණවූද බොහෝ ජනයා ඇති මිනිසුන්ගෙන් ගැවසී ගත් මහත් වූ ජනපදයක් දුටුවෙමි. එහි හස්ති සේනාවෝද, අශ්ව සේනාවෝද, රථ සේනාවෝද, පාබල සේනාවෝද බොහෝ වෙත්. එහි ඇත් අස් සමූහයා බොහෝය. එහි වැඩ කළාවූද, වැඩ නොකළාවූද රත්රන් බොහෝය. එහි බොහෝ ස්ත්‍රී සමූහයාද ඇත්තේය. මෙපමණවූ බල සෙනඟකින් ජයගන්ටද හැක්කේය. මහරජ, ජයගනු මැනවැයි’ කියන්නේය. එයට කුමක් කරන්නෙහිදැයි” ඇසුයේය.
“පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, අපි ඒ ජනපදයද ජය ගෙණ වාසය කරම්හයි” කීයේය.
“මහරජ, මේ කාරණය සඳහා භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ සියලු ධර්මයන් දක්නාවූ අර්හත්වූ ඒ සර්වඥයන් වහන්සේ විසින් ලෝවැසි තෙම නොපිරුණේ වෙයි. සෑහීමට නොපැමිණියේ තණ්හාවට දාසවූයේ වේයයි වදාරණ ලදී. මම ඒ කාරණය දැනද දැකද අසාද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයේ”යි කීයේය.
“පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, ආශ්චර්යය, පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, පුදුමය, භාග්‍යවත්වූ සියල්ල දන්නාවූ සියලු ධර්මයන් දක්නාවූ අර්හත්වූ ඒ සර්වඥයන් වහන්සේ විසින් වදාළ ‘ලෝවැසි තෙම නොපිරුණේ වෙයි. සෑහීමකට නොපැමිණියේ තණ්හාවට දාසවූයේ වේය, යන කාරණය ඉතා යහපත් කොට වදාරණලදී. පින්වත් රට්ඨපාල ස්ථවිරයන් වහන්ස, ලෝවැසි තෙම නොපිරුණාවූ සිත් ඇත්තේමය. සෑහීමට නොපැමිණි සිත් ඇත්තේය. තෘෂ්ණාවට දාසව සිටියේයයි,” කීය.
|
307
‘‘පස්සාමි ලොකෙ සධනෙ මනුස්සෙ,
ලද්ධාන විත්තං න දදන්ති මොහා;
ලුද්ධා ධනං
(ලද්ධා ධනං (ක.)) සන්නිචයං කරොන්ති,
භිය්යොව කාමෙ අභිපත්ථයන්ති.
‘‘රාජා පසය්හා පථවිං විජිත්වා,
සසාගරන්තං මහිමාවසන්තො
(මහියා වසන්තො (සී. ක.));
ඔරං සමුද්දස්ස අතිත්තරූපො,
පාරං
‘‘රාජා
අවීතතණ්හා
(අතිත්තතණ්හා (ක.)) මරණං උපෙන්ති;
ඌනාව හුත්වාන ජහන්ති දෙහං,
කාමෙහි ලොකම්හි න හත්ථි තිත්ති.
‘‘කන්දන්ති නං ඤාතී පකිරිය කෙසෙ,
අහොවතා නො අමරාති චාහු;
වත්ථෙන නං පාරුතං නීහරිත්වා,
චිතං සමාදාය
(සමාධාය (සී.)) තතොඩහන්ති.
‘‘සො ඩය්හති සූලෙහි තුජ්ජමානො,
එකෙන වත්ථෙන පහාය භොගෙ;
න මීයමානස්ස භවන්ති තාණා,
ඤාතීධ මිත්තා අථ වා සහායා.
‘‘දායාදකා
සත්තො පන ගච්ඡති යෙන කම්මං;
න මීයමානං ධනමන්වෙති කිඤ්චි,
පුත්තා ච දාරා ච ධනඤ්ච රට්ඨං.
‘‘න
අප්පං හිදං ජීවිතමාහු ධීරා, අසස්සතං
‘‘අඩ්ඪා දලිද්දා ච ඵුසන්ති ඵස්සං,
බාලො ච ධීරො ච තථෙව ඵුට්ඨො;
බාලො ච බාල්‍යා වධිතොව සෙති,
ධීරො ච
(ධීරොව (ක.)) න වෙධති ඵස්සඵුට්ඨො.
‘‘තස්මා හි පඤ්ඤාව ධනෙන සෙය්යො,
යාය වොසානමිධාධිගච්ඡති;
අබ්යොසිතත්තා
(අසොසිතත්තා (සී. පී.)) හි භවාභවෙසු,
පාපානි කම්මානි කරොන්ති මොහා.
‘‘උපෙති ගබ්භඤ්ච පරඤ්ච ලොකං,
සංසාරමාපජ්ජ පරම්පරාය;
තස්සප්පපඤ්ඤො අභිසද්දහන්තො,
උපෙති ගබ්භඤ්ච පරඤ්ච ලොකං.
‘‘චොරො
සකම්මුනා හඤ්ඤති පාපධම්මො;
එවං පජා පෙච්ච පරම්හි ලොකෙ,
සකම්මුනා හඤ්ඤති පාපධම්මො.
‘‘කාමාහි
විරූපරූපෙන මථෙන්ති චිත්තං;
ආදීනවං කාමගුණෙසු දිස්වා,
තස්මා
‘‘දුමප්ඵලානෙව පතන්ති මාණවා,
දහරා ච වුඩ්ඪා ච සරීරභෙදා;
එතම්පි දිස්වා
(එවම්පි දිස්වා (සී.), එතං විදිත්වා (ස්‍යා. කං.)) පබ්බජිතොම්හි රාජ,
අපණ්ණකං සාමඤ්ඤමෙව සෙය්යො’’ති.
|
307
ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන් වහන්සේ මෙය ප්‍රකාශ කළේය. මෙය ප්‍රකාශ කොට ඉක්බිති මේ ගාථාවන්ද වදාළේය.
[1] “ලෝකයෙහි යම් කෙනෙක් වස්තුව ලැබ මෝහයෙන් නොදෙත්ද, ලොහොබිවූවාහු වස්තුව රැස් කිරීම කරත්ද, වැඩියක්ම කම්සැප විශේෂයෙන් ප්‍රාර්ථනා කරත්ද, (එබඳු) වස්තු සහිතවූ මිනිසුන් දක්නෙමි.
[2] “සාගර කෙළවර සහිතවූ පෘථිවිය බලාත්කාරයෙන් ජය ගෙණ මුහුද මෙතෙර පෘථිවියෙහි වාසය කරන්නාවූ රජතෙම සැහීමට නොපැමිණි ස්වභාව ඇත්තේ මුහුදෙන් එතෙරද ප්‍රාර්ථනා කරන්නේය.
[3] “රජතෙමේද අන්‍යවූ බොහෝ මිනිස්සුද පහනොවූ තෘෂ්ණාව ඇතිවම මරණයට පැමිණෙත්. නොපිරුණු බලාපොරොත්තු ඇතුවම සිරුර හරිත්. මේ ලෝකයෙහි කම් සැපවලින් සෑහීමක් නම් නැත්තේය.
[4] “ඔහුගේ නෑයෝ හිසකේ විසුරුවාගෙණ අපගේ නෑයෝ නොමැරෙන්නාහුනම් ඉතා යෙහෙකැයි කියා හඬත්. ඉන්පසු වස්ත්‍රයෙන් පොරවනලද ඒ මළ ශරීරය බැහැර කොට සෑයට නංවා දවන්නාහ.
[5] “හෙතෙම එක් වස්ත්‍රයකින් යුක්තව සම්පත් හැරදමා හුල්වලින් අණිනු ලබන්නේ දවනු ලබයි. මේ ලෝකයෙහි මැරෙනු ලබන්නහුට නෑයෝද මිත්‍රයෝද නොහොත් යහලුවෝද රක්ෂාස්ථාන නොවෙත්.
[6] “උරුමක්කාරයෝ ඔහුගේ වස්තුව හැරගණිත්. සත්ව තෙමේ වනාහි කම්වූ පරිද්දෙන් යන්නේය. මැරෙනු ලබන්නහු සමග කිසි ධනයක් අනුව නොයන්නේය. පුත්‍රයෝද භාර්යාවෝද වස්තුවද රටද (යන මොහු කැටුව නොයන්නාහුය.)
[7] “යම් හෙයකින් වස්තුව කරණ කොට ගෙණ දීර්ඝායුෂ නොබන්නේද වස්තුව කරණ කොටගෙණ ජරාව නොනසත්ද, එහෙයින් මේ ජීවිතය වනාහි ස්වල්පකාලයක් පවතියි, නුවණැත්තේ අනිත්‍යය පෙරලෙන ස්වභාව ඇත්තේයයි කීහු.
[8] “වස්තුවෙන් ආඪ්යවූවෝද දිලිඳුවූවෝද මරණයට පැමිණෙන්නාහුය. අඥාන තෙමෙද ඥානවන්ත තෙමේද එසේම මරණයට පැමිණෙන්නාහ. අඥාන පුද්ගලයා වනාහි නොකළ යුතුදේ කෙළෙමියයි කම්පා වෙමින් මරණයට පැමිණෙයි. නුවණැත්තේ මරණයෙන් කම්පා නොවේ.
[9] “මේ ලෝකයෙහි යම් ප්‍රඥාවකින් අවසානයයි කියනලද අර්හත් ඵලයට පැමිණෙන්නේද, එහෙයින් වනාහි ප්‍රඥාවම ධනයට වඩා උතුම්වන්නීය. ක්ලෙශයන් වියලීම නොකළ බැවින්ම කුදු මහත් භවයන්හි මුලාවීමෙන් පව්කම් කරන්නාහුය.
[10] “හීන ප්‍රණීත වශයෙන් සංසාරයට පැමිණ පරම්පරා වශයෙන් මව්කුසද පරලොවද උපදියි. ඒ නුවණ නැති පුද්ගලයා තවත් නුවණ නැති පුද්ගලයෙක් අදහා ගනිමින් මව්කුසටද පරලොවටද පැමිණෙන්නේය.
[11] “මංපැහැරීමේදී අල්ලා ගන්නාලද ලාමක ක්‍රියා ඇති සොරා තමාගේ ක්‍රියාවෙන් නසනුලැබේද එමෙන් ලාමක ස්වභාවය ඇති සත්ව තෙමෙද මෙලොව පරලොව දෙක්හිම තමාගේ කර්මය විසින් නසනු ලැබේ.
[12] “විසිතුරුවූ මිහිරිවූ සිත් සතුටුකරන්නාවූ කාමයෝ වනාහි විරූපවූ ස්වරූපයෙන් සිත කළඹත්. එහෙයින් මහරජ මම කාමගුණයන්හි දෝෂය දැක පැවිදිවූයේ වෙමි.
[13] “තරුණවූද මහළුවූද මානවකයෝ ශරීර භෙදයෙන් ගස්වල ගෙඩි මෙන් වැටෙන්නාහුය. මහරජ මේ කාරණයද දැක පැවිදිවූයේ වෙමි. නොවරදින මාර්ගයවූ ශ්‍රමණ භාවය උතුම් වන්නේය,”යි (වදාළේය)
|
3. මඝදෙවසුත්තං | 3. මඛාදෙව සූත්‍රය |
308
එවං
|
308
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ මිථිලා නම් නගරයෙහි මඛාදෙව නම් අඹ උයනෙහි වැඩ වෙසෙත්. ඒ කාලයෙහි ‘භාග්‍යවතුන් වහන්සේ එක්තරා තැනකදී සිනහ පහල කෙළේය. එහිදී ආයුෂ්මත් අනඳ තෙරුන්හට මේ සිත පහළ විය. භාග්‍යවතුන් වහන්සේගේ සිනහ පහල කිරීමට හේතුව කිම? කරුණ කිම? කරුණක් නැති කල්හි තථාගතවරයෝ සිනහ පහළ නොකෙරෙත්ය” කියාය.
එහිදී ආයුෂ්මත් ආනන්ද තෙමේ සිවුර ඒකාංශකොට පොරවා භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඳිලි බැඳ වැඳ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය.
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ සිනහ පහල කිරීමට හේතුව කිම? කරුණු කිම? තථාගතවරයෝ හේතුවක් නැතිව සිනහ පහල නොකෙරෙතියි” කියාය.
“ආනන්දය, පෙර දවස මේ මිථිලා නගරයෙහිම මඛාදෙව නම් රජෙක් වූයේය. ධාර්මිකවූ ධර්මයෙන් රජකම් කරන ධර්මයෙහි පිහිටි මහ රජෙක්ව බ්‍රාහ්මණ ගෘහපතියන් කෙරෙහිද නියම් ගම් වැස්සන් කෙරෙහිද ජනපද වැස්සන් කෙරෙහිද ධර්මයෙන් පිළිපදියි.
“පක්ෂයෙහි තුදුස්වක් දිනයෙහිද පසලොස්වක් දිනයෙහිද අටවක් දිනයෙහිද සිල්සමාදන්ව වාසය කරයි.
“ආනන්දය, ඒ කාලයෙහි අවුරුදු බොහෝ ගණනක් අවුරුදු සියගණනක් අවුරුදු දහස් ගණනක් ගතවීමෙන් පසු මඛාදෙව රජ තෙමේ හිස රැවුල් කපන්නාට කථා කෙළේය. යහලුව, යම් දවසක මාගේ හිසෙහි පැසුණු හිසකෙස් වූවාහුද එකල්හි මට කියවයි’ කීහ.
“ආනන්දය, ‘දෙවයිනි, එසේයයි’ හිස රැවුල් කපන්නා මඛාදෙව රජහට උත්තර දුන්නේය.
“ආනන්දය, බොහෝ අවුරුදු බොහෝ සියක් අවුරුදු බොහෝ දහසක් අවුරුදු ගතවීමෙන් හිස රැවුල් කපන්නා මඛාදෙව රජහුගේ හිසෙහි පැසුණු හිස කෙස් දිටීය, දැක මඛාදෙව රජහට දේවයන්හට දේවදූතයෝ පහල වූවාහුය. හිසෙහි පැසුණු හිස කෙස් දක්නා ලැබෙත්යි” කීය. එසේ නම් යහළු ඒ පැසුණු කෙස් අඬුවෙන් ප්‍රවේශම්ව උදුරා මාගේ අතෙහි තබවයි” කීහ.
“ආනන්දය, දෙවයිනි, එසේයි’ කියා ඇම්බැට්ට තෙමේ මඛාදෙව රජහට උත්තරදී ඒ පැසුණු කෙස් ප්‍රවේසමින් අඬුවෙන් උදුරා මඛාදෙව රජහුගේ අතෙහි තැබීය.
|
309
‘‘අථ ඛො, ආනන්ද, රාජා මඝදෙවො කප්පකස්ස ගාමවරං දත්වා ජෙට්ඨපුත්තං කුමාරං ආමන්තාපෙත්වා එතදවොච - ‘පාතුභූතා ඛො මෙ, තාත කුමාර, දෙවදූතා; දිස්සන්ති සිරස්මිං පලිතානි ජාතානි; භුත්තා ඛො පන මෙ මානුසකා කාමා; සමයො දිබ්බෙ කාමෙ පරියෙසිතුං. එහි
‘‘රාජා ඛො පනානන්ද, මඝදෙවො චතුරාසීතිවස්සසහස්සානි කුමාරකීළිතං කීළි, චතුරාසීතිවස්සසහස්සානි ඔපරජ්ජං කාරෙසි, චතුරාසීතිවස්සසහස්සානි රජ්ජං කාරෙසි, චතුරාසීතිවස්සසහස්සානි ඉමස්මිංයෙව මඝදෙවඅම්බවනෙ අගාරස්මා අනගාරියං පබ්බජිතො බ්රහ්මචරියමචරි. සො චත්තාරො බ්රහ්මවිහාරෙ භාවෙත්වා
|
309
“ආනන්දය, එවිට රජවූ මඛදෙවතෙමේ ඇම්බැට්ටයාට ගම්වරයක්දී, වැඩිමහල් පුත් කුමරුට කථාකොට මෙසේ කීහ. දරුව කුමාරයිනි, මට දෙවදූතයෝ පහල වූහ. හිසෙහි පැසුණු කෙස් දක්නා ලැබෙත්. මා විසින් මිනිස් කාම සම්පත් අනුභව කරණලදී. දැන් දිව්‍ය කාම සම්පත් සෙවීමට කාලය වෙයි.
“දරුව කුමාරය, එව. නුඹ මේ රාජ්‍යය පිළිගනුව. මම වනාහි කෙස් රැවුල් කපා හැර කසාවත් හැඳ පොරවා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වන්නෙමි. දරුව කුමාරය. එසේම නුඹත් යම් දවසක හිසෙහි පැසුණු හිස කෙස් දක්නෙහිද, එකල්හි ඇම්බැට්ටයාට ගම්වරක්දී දෙටු පුත් කුමරු යහපත් කොට රාජ්‍යයෙහි පිහිටුවා නොහොත් රජයෙන් අනුශාසනා කොට කෙස් රැවුල් කපාහැර කසාවත් හැඳ පොරවා ගිහිගෙන් නික්ම සාසනයෙහි පැවිදි වෙව. යම් හෙයකින් මා විසින් පිහිටුවන ලද මේ යහපත් පැවැත්ම අනුව පවත්නෙහිය. නුඹ මාගේ (වංශයෙහි) අන්තිම පුරුෂයා නොවෙව.
“දරුව කුමාරය, (මාගේ) වංශයෙහි උපන් යම් පුරුෂයෙකුගේ කාලයෙහි මේ යහපත් පැවතුමගේ සිඳීම වෙයි නම් හෙතෙම ඔවුන්ගේ අන්තිම පුරුෂයා වෙයි. දරුව කුමාරය, එහෙයින් ඔබට මම මෙසේ කියමි. යම් හෙයකින් මා විසින් පිහිටුවන ලද මේ යහපත් පැවැත්ම අනුව පවත්නෙහිය. නුඹ මාගේ (වංසයෙහි) අන්තිම පුරුෂයා නොවෙව’යි කීහ.
“එකල්හි ආනන්දය, මඛාදෙව රජතෙමේ ඇම්බැට්ටයාහට ගම්වර දී වැඩිමහල් පුත් කුමරු යහපත්ව රජයෙහි පිහිටුවා කෙස් රැවුල් කපාහැර කසාවත් හැඳ පොරවා මේ මඛාදෙව අඹ උයනෙහිම ගිහිගෙන් නික්ම පැවිදි වූයේය.
“හෙතෙම මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කෙළේය. එසේම දෙවෙනි දිසාවද එසේම තුන්වෙනි දිසාවද එසේම සතරවැනි දිසාවදැයි මෙසේ උඩද යටද සරස දැයි සියලු කාලයෙහි සියලු තැන පැතිර පවත්නා බැවින් සියල්ල ඇත්තාවූ ලෝකය මෛත්‍රිය සමග පවත්නාවූ මහත්වූ උසස් බවට පැමිණියාවූ ප්‍රමාණ නොකොට හැකිවූ වෛර නැත්තාවූ ක්‍රොධ රහිතවූ සිතින් පතුරුවා වාසය කෙළේය.
“කරුණාව සමග පැවැත්තාවූ සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කළේය. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වෙනි දිසාවද, එසේම සතර වෙනි දිසාවද මෙසේ උඩ යට සරස සියලු කාලයෙහි සියලු තැන පවත්නාවූ සියල්ල ඇත්තාවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛරනැත්තාවූ කරුණා සහගත සිතින් පතුරුවා වාසය කළේය. එක් දිසාවක් පතුරුවා වාසය කළේය. එසේම දෙවෙනි දිසාව එසේම තුන්වෙනි දිසාවද, එසේම සතර වෙනි දිසාවද, මෙසේ උඩ යට සරස සියලු කාලයෙහි සියලු තැන පවත්නාවූ සියල්ල ඇත්තාවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛරනැත්තාවූ මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කළේය. මුදිතාව සමග පැවැත්තාවූ සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කළේය. එසේම දෙවෙනි දිසාවද එසේම තුන්වෙනි දිසාවද එසේම සතරවෙනි දිසාවද මෙසේ උඩ යට සරස සියලු කාලයෙහි සියලු තැන පවත්නාවූ සියල්ල ඇත්තාවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ කරුණා සහගත සිතින් පතුරුවා වාසය කළේය. එක් දිසාවක් පතුරුවා වාසය කළේය, එසේම දෙවෙනි දිසාව, එසේම තුන්වෙනි දිසාවද, එසේම සතර වෙනි දිසාවද, මෙසේ උඩ යට සරස සියලු කාලයෙහි සියලු තැන පවත්නාවූ සියල්ල ඇත්තාවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කළේය. උපෙක්ෂාව සමග පැවැත්තාවූ සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කෙළේය. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වෙනි දිසාවද, එසේම සතරවෙනි දිසාවද මෙසේ උඩද යටද, සරසදැයි සියලු කාලයෙහි සියලු තැන පැතිර පවත්නා බැවින් සියල්ල ඇත්තාවූ ලෝකය මහත්වූ උසස් බවට ගියාවූ ප්‍රමාණ කළ නොහැක්කාවූ වෛර නැත්තාවූ ව්‍යාපාද නැත්තාවූ උපේක්ෂා සහගත සිතින් පතුරුවා වාසය කෙළේය.
“ආනන්දය, මඛාදෙව රජතෙමේ වනාහි අසූහාර දහසක් අවුරුදු කුමාර ක්‍රීඩා කෙළේය. අසූහාර දහසක් අවුරුදු යුවරජකම කෙළේය. අසූහාර දහසක් අවුරුදු රජකම් කෙළේය. අසූහාර දහසක් අවුරුදු මේ මඛාදෙව අඹ උයනෙහිම ගිහිගෙන් නික්ම පැවිදිව බ්‍රහ්මචර්යාවෙහි හැසුරුණේය. හෙතෙමේ සතර බ්‍රහ්ම විහාර ධර්මයන් වඩා ශරීරයාගේ බිදීමෙන් මරණින් මතු බ්‍රහ්මලෝකයට පැමිණියෙක් වූයේය.
|
310
‘‘අථ
‘‘අථ ඛො, ආනන්ද, රඤ්ඤො මඝදෙවස්ස පුත්තො කප්පකස්ස ගාමවරං දත්වා ජෙට්ඨපුත්තං කුමාරං ආමන්තාපෙත්වා එතදවොච - ‘පාතුභූතා ඛො, මෙ, තාත කුමාර, දෙවදූතා; දිස්සන්ති සිරස්මිං පලිතානි ජාතානි; භුත්තා ඛො පන මෙ මානුසකා කාමා; සමයො දිබ්බෙ කාමෙ පරියෙසිතුං. එහි ත්වං, තාත කුමාර, ඉමං රජ්ජං පටිපජ්ජ. අහං පන කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි
|
310
“ඉක්බිති ආනන්දය, මඛාදෙව රජුගේ පුත්‍රතෙමේ බොහෝ අවුරුදු බොහෝ සියක් අවුරුදු බොහෝ දහසක් අවුරුදු ඉක්මවා ඇම්බැට්ටයාහට කථා කෙළේය.
“යහලුව, යම් දිනක මාගේ හිසෙහි පැසුණු කෙස් දක්නෙහිද? එවිට මට කියවයි’ කීය.
“ආනන්දය, ‘දෙවයෙනි එසේය’ කියා ඇම්බැට්ට තෙමේ මඛාදෙව රජුගේ පුත්‍රයාහට උත්තර දුන්නේය.
“ආනන්දය, බොහෝවූ අවුරුදු බොහෝවූ සියක් අවුරුදු බොහෝවූ දහස් අවුරුදු ඉක්ම ගිය තැන ඇම්බැට්ට තෙමේ මඛාදෙව රාජ පුත්‍රයාගේ හිසෙහි පැසුණ හිසකේ දිටීය. දැක මඛාදෙව රාජ පුත්‍රයාට දෙවයන් වහන්සේට දෙවදූතයෝ පහලවූහ. හිසෙහි පැසුණු හිසකේ දක්නා ලැබෙත්යයි’ කීය.
“යහලුව, එසේ නම් ඒ පැසුණු හිසකේ ප්රවේශමින් අඬුවෙන් උදුරා මාගේ අතෙහි තබවයි’ කීය.
“ආනන්දය, ‘දෙවයෙනි, එසේය කියා ඇම්බැට්ටතෙම මඛාදෙවරාජ පුත්‍රයාහට උත්තරදී පැසුණු හිසකේ අඬුවෙන් ප්‍රවේසමින් උදුරා මඛාදෙවරාජ පුත්‍රයාගේ අතෙහි තැබීය.
“ඉක්බිති ආනන්දය, මඛාදෙවරාජ පුත්‍ර තෙමේ ඇම්බැට්ටයාට ගම්වරක් දී, වැඩිමහල් පුත් කුමරුට කථාකොට, පුත්‍රය, කුමාරයෙනි, මාහට දේවදූතයෝ පහලවූහ. හිසෙහි පැසුණු හිසකේ පෙණෙනි. මා විසින් මිනිස් කාමසම්පත් විඳින ලදී. දැන් දිව්‍ය කාම සම්පත් සොයන්නට කාලය වෙයි. පුත්‍ර කුමාරය, එව. නුඹ මේ රාජ්‍යය බාරගණුව. මම වනාහි කෙස් රැවුල් කපා කසාවත් හැඳ පොරවා ගිහිගෙන් නික්ම පැවිදි වන්නෙමියි’ කීය.
“පුත්‍ර කුමාරයෙනි, එසේම යම්කලෙක නුඹද හිසෙහි පැසුණු කෙස් දක්නෙහිද එකල්හි ඇම්බැට්ටයාහට ගම්වරදී වැඩිමහල් පුත් කුමරු යහපත්සේ රාජ්‍යයෙහි පිහිටුවා කෙස් රැවුල් කපා හැර කසාවත් හැඳ පොරවා ගිහිගෙන් නික්ම පැවිදිවෙව. මා විසින් පිහිටුවන ලද මේ යහපත් පැවැත්ම අනුව පවත්නෙහිය. නුඹ මාගේ (වංශයෙහි) අන්තිම පුරුෂයා නොවේවා. පුත්‍ර කුමාරයිනි, (මාගේ) වංශයෙහි උපන් යම් පුරුෂයෙකුගේ කාලයෙහි මේ යහපත් පැවතුමගේ සිඳීම වේ නම් හෙතෙම ඔවුන්ගේ අන්තිම පුරුෂයා වෙයි. එබැවින් දරුව කුමාරය, නුඹට මෙසේ කියමි. එහෙයින් නුඹ මා විසින් පිහිටුවන ලද මේ යහපත් පැවතුමට අනුව පවත්නෙහිය. නුඹ මාගේ (වංශයෙහි) අන්තිම පුරුෂයා නොවේවයි’ කීය.
“ඉක්බිති ආනන්දය, මඛාදෙව රජුගේ පුත්‍ර තෙමේ ඇම්බැට්ඨයාහට ගම්වරක් දී වැඩිමහල් කුමරු යහපත්ව රාජ්‍යයෙහි පිහිටුවා කෙස් රැවුල් කපා හැර කසාවත් හැඳ පොරවා ගිහිගෙන් නික්ම මේ මඛාදෙව අඹ උයනෙහිදීම පැවිදි බවට පැමිණියේය.
“හෙතෙම මෛත්‍රිසහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කෙළේය. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වෙනි දිසාවද, එසේම සතරවෙනි දිසාවද, මෙසේ උඩද යටද සරසදැයි සියලු කාලයෙහි සියලු තැන පැතිර පවත්නා බැවින් සියල්ල ඇත්තාවූ ලෝකය මෛත්‍රිය සමග පැවැත්තාවූ මහත්වූ උසස් බවට ගියාවූ ප්‍රමාණ කළ නොහැකිවූ වෛර නැත්තාවූ ක්‍රොධ රහිතවූ සිතින් පතුරුවා වාසය කෙළේය.
“කරුණා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කළේය. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වෙනි දිසාවද, එසේම සතරවෙනි දිසාවද, මෙසේ උඩ යට සරස සියලු කාලයෙහි සියලු තැන පවත්නාවූ සියල්ල ඇත්තාවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ කරුණා සහගත සිතින් පතුරුවා වාසය කළේය. එක් දිසාවක් පතුරුවා වාසය කළේය. එසේම දෙවෙනි දිසාව එසේම තුන්වෙනි දිසාවද, එසේම සතරවෙනි දිසාවද, මෙසේ, උඩ යට සරස සියලු කාලයෙහි සියලු තැන පවත්නාවූ සියල්ල ඇත්තාවූ ලෝකය මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කළේය.
“උපෙක්ඛා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කෙළේය. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වෙනි දිසාවද, එසේම සතරවෙනි දිසාවද, මෙසේ උඩද යටද සරසද යන සියලු කාලයෙහි සියලු තැන පැතිර පවත්නා බැවින් සියල්ල ඇත්තාවූ ලෝකය උපෙක්ඛා සහගතවූ මහත්වූ උසස් බවට ගියාවූ පමණ කළ නොහැකිවූ වෛර නැත්තාවූ ක්‍රොධ රහිතවූ සිතින් පතුරුවා වාසය කෙළේය.
“ආනන්දය, මඛාදෙව රජුගේ පුත්‍ර තෙමේ වනාහි අවුරුදු අසූහාර දහසක් කුමාර ක්‍රීඩා කෙළේය. අසූහාර දහසක් අවුරුදු යුවරජකම් කෙළේය. අසූහාර දහසක් අවුරුදු රජකම් කෙළේය. අසූහාර දහසක් අවුරුදු ගිහිගෙන් නික්ම ශාසන පැවිදිව මේ මඛාදෙව අඹ උයනෙහිම බ්‍රහ්මචර්යාවෙහි හැසුරුණේය.
“හෙතෙම සතර බ්‍රහ්ම විහාර ධර්මයන් වඩා ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි බඹලොව පැමිණියෙක් වූයේය.
|
311
‘‘රඤ්ඤො ඛො පනානන්ද, මඝදෙවස්ස පුත්තපපුත්තකා තස්ස පරම්පරා චතුරාසීතිරාජසහස්සානි
(චතුරාසීතිඛත්තියසහස්සානි (සී. පී.), චතුරාසීතිසහස්සානි (ස්‍යා. කං.)) ඉමස්මිංයෙව මඝදෙවඅම්බවනෙ කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිංසු. තෙ මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරිංසු, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං; ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්‍යාබජ්ඣෙන ඵරිත්වා විහරිංසු. කරුණාසහගතෙන චෙතසා... මුදිතාසහගතෙන චෙතසා... උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරිංසු, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං; ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන
|
311
“ආනන්දය, මඛාදෙව රජුගේ දරුවන්ගේ දරුවන් පටන් කොට ඇති ඔහුගේ අසූහාර දහසක් පරම්පරාව මේ මඛාදෙව අඹ වනයෙහිම කෙස් රැවුල් කපා හැර කසාවත් හැඳ පොරවා ගිහිගෙන් නික්ම පැවිදි විය.
“ඔව්හු මෛත්‍රි සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කළහ. එසේම දෙවන දිසාවද, එසේම තුන්වැනි දිසාවද, එසේම සතරුවැනි දිසාවද, මෙසේ උඩද යටද සරසද සියලු කාලයෙහි සියලු තැන පැතිර පවත්නා බැවින් සියල්ල ඇත්තාවූ ලෝකය මෛත්‍රී සහගතවූ විපුලවූ උසස්වූ ප්‍රමාණයක් නැත්තාවූ වෛර රහිතවූ ක්‍රොධ නැත්තාවූ සිතින් පතුරුවා වාසය කළහ.
“කරුණා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කළේය. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වෙනි දිසාවද එසේම සතරවෙනි දිසාවද, මෙසේ උඩ යට සරස සියලු කාලයෙහි සියලු තැන පවත්නාවූ සියල්ල ඇත්තාවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ කරුණා සහගත සිතින් පතුරුවා වාසය කළේය. එක් දිසාවක් පතුරුවා වාසය කළේය. එසේම දෙවෙනි දිසාව එසේම තුන්වෙනි දිසාවද, එසේම සතරවෙනි දිසාවද, මෙසේ උඩ යට සරස සියලු කාලයෙහි සියලු තැන පවත්නාවූ සියල්ල ඇත්තාවූ ලෝකය මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කළේය.
“මුදිතා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කළේය. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වෙනි දිසාවද එසේම සතරවෙනි දිසාවද, මෙසේ උඩ යට සරස සියලු කාලයෙහි සියලු තැන පවත්නාවූ සියල්ල ඇත්තාවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ කරුණා සහගත සිතින් පතුරුවා වාසය කළේය. එක් දිසාවක් පතුරුවා වාසය කළේය. එසේම දෙවෙනි දිසාව එසේම තුන්වෙනි දිසාවද, එසේම සතර වෙනි දිසාවද, මෙසේ උඩ යට සරස සියලු කාලයෙහි සියලු තැන පවත්නාවූ සියල්ල ඇත්තාවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ, අප්‍රමාණවූ වෛර නැත්තාවූ මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කළේය. උපෙක්ඛා සහගත සිතින් එක් දිසාවක් පැතිර විසූහ. එසේම දෙවන දිසාවද, එසේම තුන්වෙනි දිසාවද එසේම සතරවැනි දිසාවද, මෙසේ උඩද යටද සරසද සියලු කාලයෙහි සියලු තැන පැතිර පවත්නාවූ බැවින් සියල්ල ඇත්තාවූ ලෝකය විපුලවූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර රහිතවූ ව්‍යාපාද රහිතවූ සිතින් පැතිර විසූහ.
“ඒ පරපුරෙහිවූ රජදරුවෝ අවුරුදු අසූහර දහසක් කුමාර ක්‍රීඩාකළහ. අසූහාරදහසක් අවුරුදු උපරජකම් කළාහුය. අසූහාර දහසක් අවුරුදු රජකම් කළාහුය. අසූහාර දහසක් අවුරුදු මේ මඛාදෙව අඹ වෙනෙහිම ගිහිගෙන් නික්ම පැවිදි වූවාහු බ්‍රහ්මචර්යාවෙහි හැසුරුණාහුය.
“ඔව්හු සතර බ්‍රහ්ම විහරණයන් වඩා ශරීරයාගේ බිඳීමෙන් පසු මරණින් මත්තෙහි බඹලොව උපන්නෝ වූහ.
“ඒ රජුන් අතරෙහි අන්තිම තැනැත්තේ නිමිනම් රජ වූයේය. හෙතෙම ධාර්මිකවූ දැහැමින් රජකරන්නාවූ කුශල ධර්මයෙහි පිහිටියාවූ මහ රජෙකි. බ්‍රාහ්මණ ගෘහපතියන් කෙරෙහිද නියම් ගම් වාසීන් කෙරෙහිද ජනපද වාසීන් කෙරෙහිද ධර්මයෙන් හැසිරෙයි. පක්ෂයෙහි තුදුස්වක් දිනයෙහිද, පසලොස්වක් දිනයෙහිද, අටවක් දිනයෙහිද, සිල් සමාදන්ව වෙසෙයි.
|
312
‘‘භූතපුබ්බං, ආනන්ද, දෙවානං තාවතිංසානං සුධම්මායං
|
312
“ආනන්දය, පෙරවූවක් නම් සුධර්මානම් දිව්‍ය සභාවෙහි තව්තිසා දෙවියන් අතර මේ කථාව පහළවිය. ‘පින්වත්නි, විදෙහ වැසියන්ට ඒකාන්තයෙන් ලාභයෙක. පින්වතුනි විදෙහරට වැසියන් විසින් යහපත් ලාභයක් ලබනලදී. ඔවුන්ගේ ධාර්මිකවූ ධර්මයෙන් රජකම් කරන්නාවූ තෙමේ කුසල ධර්මයෙහි පිහිටියාවූ මහ රජෙක්වූ නිමිරජ ගෘහපතියන් කෙරෙහිද, නියම් ගම් වාසීන් කෙරෙහිද, ජනපද වාසීන් කෙරෙහිද ධර්මයෙන් හැසිරෙයි. පක්ෂයෙහි තුදුස්වක් දිනයෙහිද, පසලොස්වක් දිනයෙහිද, අටවක් දිනයෙහිද සිල්සමාදන්ව වාසය කරයි.
“එකල්හි ආනන්දය, සක්දෙව්රජතෙම තව්තිසා දෙවියන්ට කථාකෙළේය. කථාකොට ‘නිදුකාණෙනි, තෙපි නිමිරජ දක්නට කැමතිවන්නහුදැයි’ (ඇසීය).
“එකල්හි වනාහි හිස සිට ස්නානය කළාවූ නිමි රජතෙමේ පසලොස්වක් පොහොදිනයෙහි උපොසථ සිල්සමාදන්ව ප්‍රාසාදයෙහි මතුමහල් තලයෙහි හුන්නේ වෙයි.
ආනන්දය, එකල්හි සක්දෙව් රජතෙමේ යම්සේ බලවත් පුරුෂයෙක් හකුලන ලද අත හෝ දික්කරන්නේද දික්කරණ ලද අත හෝ හකුළන්නේද එපරිදි තව්තිසා දෙවියන් අතරෙන් අතුරුදන්ව නිමි රජු ඉදිරියෙහි පහළ විය.
“එකල්හි ආනන්දය, සක්දෙව්රජ තෙම නිමි රජුට මේ කාරණය කීයේය.
“මහරජ, ඔබට ලාභයෙක, මහරජ ඔබ විසින් යහපත් ලාභයක් ලබන ලදී. මහරජ තව්තිසා දෙව්ලොව දෙවියෝ සුධර්මා නම් දිව්‍යසභාවෙහි ඔබගේ ගුණ කියමින් හුන්නාහුය.
“පින්වත්නි, විදෙහ වැස්සන්ට ඒකාන්තයෙන් ලාභයෙක. පින්වත්නි, විදෙහ වැසියන් විසින් යහපත් ලාභයක් ලබන ලදී. ඔවුන්ගේ ධාර්මිකවූ ධර්මයෙන් රජකම් කරන්නාවූ කුශලධර්මයෙහි පිහිටියාවූ මහරජවූ නිමි රජතෙම බ්‍රාහ්මණ ගෘහපතියන් කෙරෙහිද නිගමවාසීන් කෙරෙහිද ජනපද වාසීන් කෙරෙහිද ධර්මයෙන් හැසිරෙයි.
“පක්ෂයෙහි තුදුස්වක් දිනයෙහිද, පසලොස්වක් දිනයෙහිද, අටවක් දිනයෙහිද, උපොසථ සිල් සමාදන්ව වාසය කරයි (යනුවෙනි) මහරජ, තව්තිසාදෙවියෝ ඔබ දකිනු කැමැත්තෙ වෙති. මහරජ, ඒ ඔබට මම දහසක් අසුන් යොදනලද උතුම් රථයක් එවන්නෙමි. මහරජ, දිව්‍යයානාවට බයක් නැතිව නගිනු මැනවැයි’ කීය.
“ආනන්දය, නිමි රජ තෙමේ තුෂ්ණිම් භාවයෙන් ඉවසීය.
|
313
‘‘අථ
|
313
“එවිට ආනන්දය, සක්දෙව් රජතෙමේ නිමි රජුගේ ඉවසීම දැන බලවත් පුරුෂයෙක් තෙම යම්සේ හකුලන ලද අත හෝ දික්කරන්නේද, දික්කරණ ලද අත හෝ හකුලන්නේද එපරිද්දෙන් නිමි රජු ඉදිරියෙහි අතුරුදන්වූයේ තව්තිසාවෙහි දෙවියන් අතරෙහි පෙණී ගියේය.
“එකල්හි ආනන්දය, සක්දෙව් රජතෙමේ මාතලි දිව්‍යපුත්‍රයාට කථාකෙළේය. කථාකොට යහලුව මාතලිය, (මෙහි) එව නුඹ දහසක් අසුන් යොදනලද රථය පැදගෙණ ගොස් නිමි රජු කරා එළඹ මෙසේ කියව.
“මහරජ, දහසක් අසුන් යොදනලද මේ උතුම් රථය සක්දෙව්රජ විසින් ඔබට එවන ලදී. මහරජ, නිර්භයව දිව්‍ය රථයට නගිනු මැනව,’ කියාය. ‘පින්වතුන් වහන්ස එසේයයි’ මාතලි දිව්‍යපුත්‍රතෙමේ සක්දෙව් රජහට උත්තරදී දහසක්අසුන් යොදනලද රථය පැදගෙණ නිමි රජු කරා පැමිණ මේ කාරණය කීය.
“මහරජ, දහසක් අසුන් යොදනලද මේ රථය සක්දෙව්රජ විසින් එවනා ලද්දේය. මහරජ භය නැතිව දිව්‍ය රථයට නගිනු මැනව. මහරජ, තවද යම් මගක පව්කම් කළ සත්වයෝ පව්කම්වල විපාක විඳිත්ද, යම් මගක පින්කම් කළ සත්වයෝ පින්කම්වල විපාක විඳිත්ද (ඒ දෙමගින්) කවර මගකින් ඔබ ගෙණයම්ද?, ‘මාතලිය, ඒ දෙමගින්ම මා ගෙණයවයි’ කීය. “ආනන්දය මාතලි දිව්‍ය පුත්‍ර තෙමේ නිමි රජුහු සුධර්මානම් දිව්‍ය සභාවට පැමිණවීය.
“ආනන්දය, සක්දෙව්රජ තෙම එන්නාවූ නිමි රජ දුරදීම දිටීය. දැක නිමි රජුට මෙසේ කීය. මහරජ එනු මැනව. මහරජ ඔබගේ යහපත් පැමිණීමක්ය.
“මහරජ, තව්තිසා දෙවියෝ සුධර්මා නම් දිව්‍ය සභාවෙහි ඔබගේ ගුණ කියමින් හුන්නාහුය. (කෙසේදයත්) ‘පින්වතිනි, විදෙහ වැසියන්හට ඒකාන්තයෙන් ලාභයෙක පින්වත්නි, විදෙහ වැසියන් විසින් යහපත් ලාභයක් ලබනලදී.
“දැහැමිවූ ධර්මයෙන් රජකම් කරන්නාවූ කුසල ධර්මයෙහි පිහිටියාවූ මහරජවූ නිමි රජතෙමේ බ්‍රාහ්මණ ගෘහපතියන් කෙරෙහිද, නියම් ගම්වාසීන් කෙරෙහිද, ජනපද වාසීන් කෙරෙහිද ධර්මයෙහි හැසිරෙයි.
“පක්ෂයෙහි තුදුස්වක් දිනයෙහිද, පසලොස්වක් දිනයෙහිද අටවක් දිනයෙහිද උපොසථ සිල් සමාදන්ව වෙසෙයි.
“මහරජ තව්තිසා දෙවියෝ ඔබගේ දැකීම කැමැත්තෝය මහරජ දෙවියන් අතරෙහහි දෙවියන්ගේ ආනුභාවයෙන් සතුටු වන මැනවැයි’ (කීය)
“නිදුකානෙනි, කම්නැත. මා මිථිලා නුවරට නැවත ගෙණ යේවා. එහි බ්‍රාහ්මණ ගෘහපතියන් කෙරෙහිද නියම් ගම් වැස්සන් කෙරෙහිද ජනපද වැස්සන් කෙරෙහිද ධර්මයෙහි හැසිරෙන්නෙමි.
“පක්ෂයෙහි තුදුස්වක් දිනයෙහිද, පසලොස්වක් දිනහිද අටවක් දිනෙහිද, උපොසථ සිල් සමාදන්ව වෙසෙන්නෙමි.’
|
314
‘‘අථ ඛො, ආනන්ද, සක්කො දෙවානමින්දො මාතලිං සඞ්ගාහකං ආමන්තෙසි - ‘එහි ත්වං, සම්ම මාතලි, සහස්සයුත්තං ආජඤ්ඤරථං යොජෙත්වා නිමිං
|
314
“ඉක්බිති ආනන්දය, සක්දෙව් රජතෙමේ මාතලි දිව්‍ය පුත්‍රයා කැඳවීය. ‘යහලු මාතලිය’ (මෙහි) එව. නුඹ දහසක් අසුන් යොදන රථයෙහි අසුන් යොදා නිමි රජ එහි මිථිලාවට ආපසු පමුණුවයි’ කීය.
“ආනන්දය, ‘පින්වත එසේය’ කියා මාතලී දිව්‍ය පුත්‍රතෙම සක්දෙව්රජ හට උත්තර දී දහසක් අසුන් යොදන රථයෙහි අසුන් යොදා නිමි රජු එහි මිථිලාවට ආපසු පැමිණවීය.
“ආනන්දය, එකල්හි වනාහි නිමි රජතෙමේ බ්‍රාහ්මණ ගෘහපතියන් කෙරෙහිද, නියම් ගම් වැස්සන් කෙරෙහිද, ජනපද වැස්සන් කෙරෙහිද ධර්මයෙහි හැසිරෙයි. පක්ෂයෙහි තුදුස්වක් දිනෙහිද පසලොස්වක් දිනෙහිද අටවක් දිනෙහිද අෂ්ටාංග සීලය සමාදන්ව වාසය කරයි.
“එකල්හි ආනන්දය, නිමි රජතෙමේ බොහෝවූ අවුරුදු සියක් බොහෝ අවුරුදු බොහෝවූ දහසක් අවුරුදු ගතවීමෙන් ඇම්බැට්ටයාට කථා කළේය. ‘යහලුව, දවසක මාගේ හිසෙහි පැසුණු කෙහෙ දක්නෙහිනම් එකල්හි මට කියවයි’ කීය.
“ආනන්දය, ‘දෙවයෙනි එසේය’ කියා ඇම්බැට්ටතෙමේ නිමිරජහට උත්තර දුන්නේය. “ආනන්දය, බොහෝවූ අවුරුදු බොහෝවූ සියක් අවුරුදු බොහෝවූ දහසක් අවුරුදු ගතවීමෙන් පසු නිමි රජුගේ හිසෙහි පැසුණු හිසකේ දුටුවේය. දැක නිමි රජුට මේ කාරණය කීය.
“දෙවයන්හට දෙවදූතයෝ පහළවූහ. හිසෙහි පැසුණු හිසකේ දක්නට ලැබෙත්යි’ කීය. යහලුව, එසේනම් ඒ පැසුණු හිසකේ අඬුවෙන් ප්‍රවේසමින් උදුරා මාගේ අතෙහි තබවයි’ කීය.
“ආනන්දය, ‘දෙවයෙනි එසේය’ කියා ඇම්බැට්ටතෙම නිමි රජහට උත්තරදී ඒ පැසුණු හිසකේ ප්‍රවේසමින් අඬුවෙන් උදුරා නිමි රජුගේ අතෙහි තැබීය.
“එකල්හි ආනන්දය, නිමි රජ ඇම්බැට්ටයාට ගම්වරක් දී වැඩිමහලු පුත් කුමරු කැඳවා මෙසේ කීවාය.
“පින්වත් කුමර, මට දේවදූතයෝ පහළවූහ. හිසෙහි පැසුණු කෙස් දක්නා ලැබෙති. මා විසින් මිනිස් කාම සම්පත් විඳින ලද්දාහ. දිව්‍යමයවූ කාම සම්පත් සොයන්ට කාලයවේ. දරුව කුමාරය, එව මේ රාජ්‍යය පිළිගනුව. මම වනාහි කෙස් රැවුල් කපාහැර කසාවත් හැඳ පොරවා ගිහි ගෙන් නික්ම පැවිදි වන්නෙමි.
“පින්වත් කුමාරය, එසේම යම් කලෙක්හි නුඹත් හිසෙහි පැසුණු කෙහෙ දක්නෙහිද එකල්හි ඇම්බැට්ටයාහට ගම්වරක් දී වැඩිමහළු කුමරු රාජ්‍යයෙහි පිහිටුවා කෙස් රැවුල් කපා කසාවත් හැඳ පොරවා ගිහිගෙන් නික්ම පැවිදි වන්නෙහිය.
“මා විසින් පිහිටුවන ලද මේ යහපත් පැවතුමට අනුව පැවතව. නුඹ මාගේ වංශයෙහි අන්තිම පුරුෂයා නොවෙව.
“දරුව කුමාරය, වංශයෙහිවූ යම් පුරුෂයෙකුගේ කාලයෙහි මේ යහපත් පැවතුමයාගේ සිඳීමෙක් වේද? හෙතෙම ඔවුන් අතරෙහි අන්තිම පුරුෂයා වෙයි. දරුව කුමර ඔබට ඒ නිසා මම මෙසේ කියමි.
“යම් හෙයකින් මා විසින් පිහිටුවන ලද මේ යහපත් පැවතුමට අනුව පවතුව. නුඹ මාගේ (වංශයෙහි) අන්තිම පුරුෂයා යනු වෙව’ (කියාය.)
|
315
‘‘අථ
|
315
“ඉක්බිති ආනන්දය, නිමි රජ තෙමේ ඇම්බැට්ටයාහට ගම්වරක්දී වැඩිමහලු පුත් කුමරු රාජ්‍යයෙහි පිහිටුවා මේ මඛාදෙව අඹවෙනෙහිම කෙස් රැවුල් කපා හැර කසාවත් හැඳ ගිහිගෙන් නික්ම ශාසනයට පැමිණියේය.
“හෙතෙම මෛත්‍රී සහගත සිතින් එක්දිසාවක් පතුරුවා වාසය කෙළේය. එසේම දෙවෙනි දිසාවද, එසේම තෙවෙනි දිසාවද, එසේම සිව්වෙනි දිසාවද, මෙසේ උඩද යටද හරහදැයි සියලු කාලයෙහි සියළු තැන පැතිර පවත්නා බැවින් සියල්ල ඇත්තාවූ ලෝකය මෛත්‍රී සහගතවූ, මහත්වූ උසස් බවට පැමිණියාවූ, ප්‍රමාණ නොකොට හැක්කාවූ, වෛර නැත්තාවූ ක්‍රොධ රහිතවූ, සිතින් පතුරුවා වාසය කෙළේය. කරුණා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කළේය. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වෙනි දිසාවද, එසේම සතරවෙනි දිසාවද, මෙසේ උඩ යට සරස සියලු කාලයෙහි සියලු තැන පවත්නාවූ සියල්ල ඇත්තාවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ කරුණා සහගත සිතින් පතුරුවා වාසය කළේය. එක් දිසාවක් පතුරුවා වාසය කළේය. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වෙනි දිසාවද, එසේම සතරවෙනි දිසාවද, මෙසේ උඩ යට සරස සියලු කාලයෙහි සියලු තැන පවත්නාවූ සියල්ල ඇත්තාවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කළේය.
“මුදිතා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කළේය. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වෙනි දිසාවද එසේම සතරවෙනි දිසාවද, මෙසේ උඩ යට සරස සියලු කාලයෙහි සියලු තැන පවත්නාවූ සියල්ල ඇත්තාවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ කරුණා සහගත සිතින් පතුරුවා වාසය කළේය. එක් දිසාවක් පතුරුවා වාසය කළේය. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වෙනි දිසාවද, එසේම සතරවෙනි දිසාවද, මෙසේ උඩ යට සරස සියලු කාලයෙහි සියලු තැන පවත්නාවූ සියල්ල ඇත්තාවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කළේය.
“උපෙක්ඛා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කෙළේය. එසේම දෙවෙනි දිසාවද, එසේම තෙවෙනි දිසාවද, එසේම සතරවෙනි දිසාවද, යන මෙසේ උඩද යටද හරහදැයි සියලු කාලයෙහි සියලු තැන පැතිර පවත්නා බැවින් සියල්ල ඇත්තාවූ ලෝකය මහත්වූ උසස් බවට ගියාවූ ප්‍රමාණ කළ නොහැක්කාවූ වෛර නැත්තාවූ ව්‍යාපාද නැත්තාවූ උපෙක්ඛා සහගත සිතින් පතුරුවා වාසය කෙළේය.
“ආනන්දය, නිමි රජ වනාහි අවුරුදු සූඅසූසාරදහසක් කුමාර ක්‍රීඩා කෙළේය. අවුරුදු සූඅසූසාරදහසක් යුවරජකම් කෙළේය. අවුරුදු සූඅසූසාරදහසක් රජකම් කෙළේය. අවුරුදු සූඅසූසාරදහසක් මේ මඛාදෙව අඹ උයනෙහිම ගිහිගෙන් නික්ම පැවිදිව බ්‍රහ්මචර්යාවෙහි හැසුරුණේය.
“හෙතෙම සතර බ්‍රහ්ම විහාර ධර්මයන් වඩා ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි බඹලොවට පැමිණියෙක් වූයේය.
“ආනන්දය, නිමි රජහට වනාහි කලාර ජනක නම් පුත්‍රයෙක් වී. හෙතෙම ගිහිගෙන් නික්ම පැවිදි නොවීය. හෙතෙම ඒ යහපත් පැවතුම සිඳදැමීය. හෙතෙම ඔවුන් අතර අන්තිම පුරුෂයා විය.
|
316
‘‘සියා
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා ආනන්දො භගවතො භාසිතං අභිනන්දීති.
|
316
“ආනන්දය, ඔබට මෙබඳු අදහසෙක් විය හැක්කේය. (එනම්) ඒ කාලයෙහි යමෙක් ඒ යහපත් පැවතුම පිහිටු වූයේද (ඒ) මඛාදෙව රජ තෙමේ ඒකාන්තයෙන් අන් කෙනෙක් වූයේද (කියායි). ආනන්දය, ඒ කාරණය වනාහි එසේ නොදතයුතුය.
“ඒ කාලයෙහි මම මඛාදෙව රජවීමි. මම ඒ යහපත් පැවතුම ඇතිකෙළෙමි. මා විසින් පිහිටුවන ලද ඒ යහපත් පැවතුමට අනුව පසු ජනතෙම පැවතුනේය.
“ආනන්දය, ඒ යහපත් පැවතුම් කලකිරීමය පිණිස නොඇලීම පිණිස, භව නිරෝධය කෙලෙස් සංසිඳීම පිණිස, විශේෂ ඤාණය පිණිස, අවබෝධය පිණිස, නිර්වාණය පිණිස නොපවතී. යම්තාක් බ්‍රහ්මලෝකෝත්පත්තිය පිණිස වෙයි.
“ආනන්දය, දැන් වනාහි මා විසින් පිහිටුවන ලද මේ යහපත් පැවතුම වනාහි ඒකාන්තයෙන් කලකිරීම පිණිස, නොඇලීම පිණිස, භව නිරෝධය පිණිස, කෙලෙස් සංසිඳීම පිණිස, විශේෂ ඥාණය පිණිස, අවබෝධය පිණිස, නිර්වාණය පිණිස පවතී.
“ආනන්දය, දැන් වනාහි මා විසින් පිහිටුවනලද ඒකාන්තයෙන් කලකිරීම පිණිස, නොඇලීම පිණිස, භව නිරෝධය පිණිස, කෙලෙස් සංසිඳීම පිණිස, විශේෂ ඥාණය අවබෝධය පිණිස, නිර්වාණය පිණිස පවතින ඒ යහපත් පැවතුම කවරේද?
“මේ අංග අටක් ඇති ආර්ය මාර්ග එනම් යහපත් දැකීම යහපත් කල්පනාව, යහපත් වචනය, යහපත් කර්මාන්තය යහපත් ජීවිකාව, යහපත් උත්සාහය, යහපත් සිහිය, යහපත් සමාධිය යන මොව්හුය.
“ආනන්දය, දැන් මා විසින් පිහිටුවන ලද මේ යහපත් පැවතුම් ඒකාන්තයෙන් කලකිරීම පිණිස, නොඇලීම පිණිස, භව නිරෝධය පිණිස, කෙලෙස් සංසිඳීම පිණිස, විශේෂ ඥාණය පිණිස, අවබෝධය පිණිස, නිර්වාණය පිණිස පවතියි.
“ආනන්දය, මම වනාහි නුඹට මෙසේ කියමි. මා විසින් පිහිටුවන ලද මේ යහපත් පැවතුමට අනුව පවතිව්. තෙපි මාගේ (වංශයෙහි) අන්තිම පුරුෂයෝ නොවව්. ආනන්දය, (මාගේ) වංශයෙහිවූ යම් පුරුෂයෙකුගේ කල්හි මෙසේවූ යහපත් පැවතුමගේ සිඳීයාම වෙයිද? හෙතෙම ඔවුන් අතර අන්තිම පුරුෂයා වෙයි.
“ආනන්දය, එහෙයින් තොපට මම මෙසේ කියමි. මා විසින් පිහිටුවන ලද මේ යහපත් පැවතුමට අනුව පවතිව්. තෙපි මාගේ (වංශයෙහි) අන්තිම පුරුෂයෝ නොවව්.” (කියාය)
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සතුටුවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටු විය.
|
4. මධුරසුත්තං | 4. මාධුර සූත්‍රය |
317
එවං
|
317
මා විසින් මෙසේ අසනලදී. එක් කාලයක ආයුෂ්මත් මහා කාත්යායණ ස්ථවිරයන් වහන්සේ මධුරා නගරය සමීපයෙහිවූ ගුන්ද වනයෙහි වැඩ වාසය කරයි.
ශ්‍රමණ භවත් කාත්යායණ ස්ථවිරයන් වහන්සේ මධුරා නුවර සමීපයෙහිවූ ගුන්ද වනයෙහි වැඩ වාසය කරතියි මධුරාවෙහි රජවූ අවන්ති පුත්‍රතෙමේ ඇසී.
“ඒ පින්වත් කාත්යායණ ස්ථවිරයන් වහන්සේ පිළිබඳව පණ්ඩිතයෙක, දක්ෂයෙක නුවණ ඇත්තෙක, බොහෝ ඇසූ පිරූතැන් ඇත්තෙක, විසිතුරු කථා ඇත්තෙක, යහපත් වැටහීම් ඇත්තෙක, වයසින් වැඩි සිටි රහත් කෙනැකැයි’ මෙසේ උස්ව නැගුණ යහපත් කීර්ති ශබ්දයෙක් ඇත්තේ වෙයි. එබඳුවූ රහතන්ගේ පැතීම යහපත්යයි සිතීය.
ඉක්බිති මධුරාවෙහි රජවූ අවන්ති පුත්‍ර තෙමේ හොඳ හොඳ යානාවන් යොදවා හොඳ යානාවකට නැග හොඳ හොඳ යානාවන් පිරිවරා මහත් රාජානුභාවයෙන් යුක්තව ආයුෂ්මත් මහා කාත්යායණ ස්ථවිරයන් දකිනු පිණිස මධුරා නගරයෙන් පිටත්ව ගියහ. යානාවෙන් යාමට සුදුසු තැන් දක්වා යානාවෙන් ගොස් යානාවෙන් බැස ආයුෂ්මත් මහා කාත්යායණ ස්ථවිරයන් වහන්සේ යම් තෙනකද එතනට පයින්ම පැමිණියේය.
පැමිණ ආයුෂ්මත් මහා කාත්යායණ ස්ථවිරයන් සමග සතුටු විය. සතුටුවිය යුතු සිහිකළ යුතු කතාව කොට අවසන් කොට එක්පසෙක්හි හුන්නේය.
එක්පසෙක හිඳගත් මධුරාවෙහි රජවූ අවන්ති පුත්‍රතෙමේ ආයුෂ්මත් මහා කාත්යායණ ස්ථවිරයන් වහන්සේට මෙසේ කීය.
“භවත් කාත්යායණ ස්ථවිරයන් වහන්ස, බ්‍රාහ්මණයෝ මෙසේ කියන්නාහු වෙති. (එනම්) ‘බ්‍රාහ්මණයෝ උසස් ජාතිය වෙත්. අනංගයා පහත් ජාතිය වෙත්. බ්‍රාහ්මණයෝම පිරිසිදු ජාතිය වේ. අනංගයා අපිරිසිදු ජාතිය වේ. බ්‍රාහ්මණයෝම පිරිසිදු වෙත්. බ්‍රාහ්මණ නොවන්නෝ පිරිසිදු නොවෙත්. බ්‍රාහ්මණයෝම බ්‍රහ්මයාගේ ලයෙහි හැදුනාවූ මුඛයෙන් උපන් බ්‍රහ්මයාගෙන් හටගත්. බ්රාහ්මයා විසින් මවනලද බ්‍රහ්මයා දායාද කොට ඇත්තෝ වෙත්.’ (කියාය) මේ ගැන පින්වත් කාත්යායණ ස්ථවිරයන් වහන්සේ කුමක් කියන්නේද ඇසීය.
“මහරජ, බ්‍රාහ්මණයෝම උතුම් ජාතියවේ. අන්‍යයෝ පහත් ජාතීහුය. බ්‍රාහ්මණයෝම පිරිසිදු ජාතිය වේ. අනික් ජාති අපිරිසිදුය. බ්‍රාහ්මණයෝම පිරිසිදු වෙත්. බ්‍රාහ්මණ නොවන්නාහු පිරිසිදු නොවෙත්. බ්‍රාහ්මණයෝම බ්‍රාහ්මණයාගේ ලයෙහි සැදුනු පුත්‍රයෝය. මුඛයෙන් උපන්නෝය. බ්‍රහ්මයාගෙන් හටගත්තෝය. බ්‍රහ්මයා විසින් මවන ලද්දෝය. බ්‍රහ්මයා දායාද කොට ඇත්තෝය. යනු ලෝකයෙහි පවත්නා ව්‍යවහාර මාත්‍රයෙක්මය.
“මහරජ! ලෝකයෙහි බ්‍රාහ්මණයෝම උතුම් ජාතිය වේ. අනික් ජාතීහු පහත්ය. පිරිසිදු කුලය බ්රාහ්මණයෝමය. අන්‍ය කුල කෘෂ්ණය. බ්‍රාහ්මණයෝම සුද්ධියට පැමිණෙති. බ්‍රාහ්මණ නොවන්නාහු නොපැමිණෙති. බ්‍රාහ්මණයෝම බ්‍රහ්මයාගේ පුත්‍රයෝය. උරෙහි හටගත්තෝය. මුඛයෙහි උපන්නෝය. බ්‍රහ්මයාගෙන් හටගත්තෝය. බ්‍රහ්මයා විසින් මවන ලද්දෝය. බ්‍රහ්මයා දායාද කොට ඇත්තෝය. යන මේ ව්‍යවහාර මාත්‍රයක්ය යනු මේ ආකාරයෙන් දතයුතු.
|
318
‘‘තං කිං මඤ්ඤසි, මහාරාජ, ඛත්තියස්ස චෙපි ඉජ්ඣෙය්ය ධනෙන වා ධඤ්ඤෙන වා රජතෙන වා ජාතරූපෙන වා ඛත්තියොපිස්සාස්ස පුබ්බුට්ඨායී පච්ඡානිපාතී කිංකාරපටිස්සාවී මනාපචාරී පියවාදී... බ්රාහ්මණොපිස්සාස්ස... වෙස්සොපිස්සාස්ස... සුද්දොපිස්සාස්ස පුබ්බුට්ඨායී පච්ඡානිපාතී
‘‘තං
‘‘තං කිං මඤ්ඤසි, මහාරාජ, වෙස්සස්ස චෙපි ඉජ්ඣෙය්ය ධනෙන වා ධඤ්ඤෙන වා රජතෙන වා ජාතරූපෙන වා වෙස්සොපිස්සාස්ස පුබ්බුට්ඨායී පච්ඡානිපාතී කිංකාරපටිස්සාවී මනාපචාරී පියවාදී... සුද්දොපිස්සාස්ස... ඛත්තියොපිස්සාස්ස... බ්රාහ්මණොපිස්සාස්ස පුබ්බුට්ඨායී පච්ඡානිපාතී කිංකාරපටිස්සාවී මනාපචාරී පියවාදී’’ති? ‘‘වෙස්සස්ස චෙපි, භො කච්චාන, ඉජ්ඣෙය්ය ධනෙන වා ධඤ්ඤෙන වා රජතෙන වා ජාතරූපෙන වා වෙස්සොපිස්සාස්ස පුබ්බුට්ඨායී පච්ඡානිපාතී කිංකාරපටිස්සාවී මනාපචාරී පියවාදී... සුද්දොපිස්සාස්ස... ඛත්තියොපිස්සාස්ස... බ්රාහ්මණොපිස්සාස්ස පුබ්බුට්ඨායී පච්ඡානිපාතී කිංකාරපටිස්සාවී මනාපචාරී පියවාදී’’ති.
‘‘තං
‘‘තං කිං මඤ්ඤසි, මහාරාජ, යදි එවං සන්තෙ, ඉමෙ චත්තාරො වණ්ණා සමසමා හොන්ති නො වා? කථං වා තෙ එත්ථ හොතී’’ති? ‘‘අද්ධා
|
318
“මහරජ, ඔබ කුමකැයි සිතන්නෙහිද? ක්ෂත්රියෙක හෝ ධනයෙන්ද, ධාන්‍ය හෝ රිදීයෙන්ද, රත්රනින්ද, සමෘද්ධ වන්නේ නම් ඔහුට ක්ෂත්රියාද පළමු නින්දෙන් නැගිටින පසුව නින්දට යන කීකරු සිත්සේ හැසිරෙන ප්‍රිය වචන කියන්නාවූ සේවකයෙක් වන්නේද? බ්‍රාහ්මණයාද ඔහුට පෙරටුව නින්දෙන් නැගිටින, පසුව නින්දට යන, සොයා බලා කටයුතු කරන සිත් පරිදි හැසිරෙන ප්‍රිය වචන කියන්නෙක් වන්නේද? වෛශ්‍ය තෙමේ පවා මේ ධණවත් ක්ෂත්රියාහටපෙරටුව නින්දෙන් නැගිටින පසුව නින්දට යන, සොයා බලා කටයුතු කරන සිත් පරිදි හැසිරෙන ප්‍රියවචන කියන්නෙක් වන්නේද ශුද්‍රයාද ඔහුට සිත් සේ හැසිරෙන ප්‍රිය වචන කියන්නාවූ සේවකයෙක් වන්නේද?
“භවත් කාත්යායණයන් වහන්ස, ඉදින් ක්ෂත්රියයෙක් ධනයෙන්ද, ධාන්‍යයෙන්ද, රිදීයෙන්ද, රත්රනින්ද සම්පූර්ණ වන්නේනම් ක්ෂත්රියයා ඔහුට පළමු නින්දෙන් නැගිටින පසුව නින්දට යන කීකරු සිත්සේ හැසිරෙන ප්‍රිය වචන කියන සේවකයෙක් වන්නේය. බ්‍රාහ්මණයාද ඔහුට පෙරටුව නින්දෙන් නැගිටින, පසුව නින්දට යන, සොයා බලා කටයුතු කරන, සිත් පරිදි හැසිරෙන, ප්‍රිය වචන කියන්නෙක් වන්නේය. වෛශ්‍ය තෙමේද මේ ක්‍ෂත්‍රියයාහට පෙරටුව නින්දෙන් නැගිටින, පසුව නින්දට යන, සොයා බලා කටයුතු කරන, සිත් පරිදි හැසිරෙන ප්‍රිය වචන කියන්නෙක් වන්නේය. වෛශ්‍යයාද පළමු නින්දෙන් නැගිටින පසු නින්දට යන කීකරු සිත්සේ හැසිරෙන ප්‍රිය වචන කියන්නාවූ සේවකයෙක් වන්නේය.
“ශුද්‍රයා ඔහුට පළමු නින්දෙන් නැගිටින පසුව නින්දට යන කීකරු සිත්සේ හැසිරෙන ප්‍රිය වචන කියන සේවකයෙක් වන්නේය.”
“මහරජ! කුමක් හඟනෙහිද? ඉදින් බ්‍රාහ්මණයෙක් ධනයෙන්ද, ධාන්‍යයෙන්ද, රිදියෙන්ද, රත්රනින්ද සමෘද්ධ වන්නේ නම් ඔහුට බ්‍රාහ්මණයාද පළමු නින්දෙන් නැගිටින පසුව නින්දට යන කීකරු සිත්සේ හැසිරෙන ප්‍රිය වචන කියන සේවකයෙක් වන්නේද? වෛශ්යාද ඔහුට පෙරටුව නින්දෙන් නැගිටින, පසුව නින්දට යන, සොයා බලා කටයුතු කරන, සිත් පරිදි හැසිරෙන, ප්‍රියවචන කියන්නෙක් වන්නේය. ශුද්‍ර තෙමේද මේ ධනවත් බ්‍රාහ්මණයාහට පෙරටුව නින්දෙන් නැගිටින, පසුව නින්දට යන, සොයා බලා කටයුතු කරන, සිත් පරිදි හැසිරෙන ප්‍රිය වචන කියන්නෙක් වන්නේද ශුද්‍රයාද ඔහුට පෙරටුව නින්දෙන් නැගිටින, පසුව නින්දට යන සොයා බලා කටයුතු කරන, සිත් පරිදි හැසිරෙන ප්‍රිය වචන කියන්නෙක් වන්නේය. ශුද්‍ර තෙමේද මේ ධනවත් බ්‍රාහ්මණයාහට පෙරටුව නින්දෙන් නැගිටින, පසුව නින්දට යන, සොයා බලා කටයුතු කරන, සිත් පරිදි හැසිරෙන ප්‍රිය වචන කියන්නෙක් වන්නේය. ක්‍ෂත්‍රියයාද ඔහුට පළමු නින්දෙන් නැගිටින පසු නින්දට යන කීකරු සිත්සේ හැසිරෙන ප්‍රිය වචන කියන සේවකයෙක් වන්නේදැයි” (ඇසී)
“භවත් කාත්යායණ ස්ථවිරයන් වහන්ස, බ්‍රාහ්මණයෙක්ද ධනයෙක්ද, ධාන්‍යයෙන්ද, රිදියෙන්ද, රත්රනින්ද ඉසුරුමත් වන්නේ නම් බ්‍රාහ්මණයාද ඔහුට පලමු නින්දෙන් නැගී සිටින පසු නින්දට යන කීකරු සිත්සේ හැසිරෙණ ප්‍රිය වචන කියන සේවකයෙක් වන්නේය. වෛශ්‍යයාද ඔහුට පෙරටුව නින්දෙන් නැගිටින, පසුව නින්දට යන, සොයාබලා කටයුතු කරන, සිත් පරිදි හැසිරෙන ප්‍රිය වචන කියන්නෙක් වන්නේද ශුද්‍ර තෙමේද මේ ධනවත් බ්‍රාහ්මණයාහට පෙරටුව නින්දෙන් නැගිටින පසුව නින්දට යන, සොයාබලා කටයුතු කරන, සිත්පරිදි හැසිරෙන ප්‍රියවචන කියන්නෙක් වන්නේද? ශුද්‍රයාද ඔහුට පෙරටුව නින්දෙන් නැගිටින, පසුව නින්දට යන සොයා බලා කටයුතු කරන, සිත් පරිදි හැසිරෙන ප්‍රිය වචන කියන්නෙක් වන්නේය. ශුද්‍ර තෙමේද මේ ධනවත් බ්‍රාහ්මණයාහට පෙරටුව නින්දෙන් නැගිටින, පසුව නින්දට යන, සොයා බලා කටයුතු කරන, සිත් පරිදි හැසිරෙන ප්‍රිය වචන කියන්නෙක් වන්නේය. ක්ෂත්රිය, ඔහුට නින්දෙන් නැගී සිටින පසුව නින්දට යන කීකරු සිත්සේ හැසිරෙණ ප්‍රිය වචන කියන සේවකයෙක් වන්නේයයි” (කීය.)
“මහරජ, ඒ කුමක් සිතන්නෙහිද? වෛශ්‍යයෙක් ධනයෙන්ද, ධාන්‍යයෙන්ද, රිදියෙන්ද, රත්රනින්ද සම්පූර්ණ වන්නේ නම් වෛශ්‍යයාද ඔහුට පලමු නින්දෙන් නැගිටින පසුව නිදන කීකරු සිත්සේ හැසිරෙණ ප්‍රිය වචන කියන සේවකයෙක් වේද? ශුද්‍රයාද ඔහුට පෙරටුව නින්දෙන් නැගිටින පසුව නින්දට යන, සොයා බලා කටයුතු කරන සිත් පරිදි හැසිරෙන, ප්‍රිය වචන කියන්නෙක් වන්නේද? ක්ෂත්රිය තෙමේද මේ ධනවත් බ්රාහ්ණයාහට පෙරටුව නින්දෙන් නැගිටින, පසුව නින්දට යන, සොයා බලා කටයුතු කරන සිත් පරිදි හැසිරෙන ප්‍රිය වචන කියන්නෙක් වන්නේද? බ්‍රාහ්මණයාද ඔහුට පෙරටුව නින්දෙන් නැගිටින, පසුව නින්දට යන සොයා බලා කටයුතු කරන සිත් පරිදි හැසිරෙන, ප්‍රිය වචන කියන්නෙක් වන්නේය. ක්ෂත්රිය තෙමේද මේ ධනවත් බ්‍රාහ්මණයාහට පෙරටුව නින්දෙන් නැගිටින, පසුව නින්දට යන, සොයාබලා කටයුතු කරන, සිත් පරිදි හැසිරෙන ප්‍රියවචන කියන්නෙක් වන්නේය. ක්ෂත්රියාද ඔහුට පලමු නින්දෙන් නැගී සිටින පසු නිදන කීකරු සිත්සේ හැසිරෙන ප්‍රිය වචන කියන සේවකයෙක් වන්නේදැයි” (ඇසී)
“ඉදින් පින්වත් කාත්යායණයන් වහන්ස, වෛශ්‍යයෙක්ද, ධනයෙන්ද, ධාන්‍යයෙන්ද, රිදියෙන්ද, රනින්ද සම්පූර්ණ වන්නේ නම් වෛශ්‍යයා ඔහුට පලමුව නින්දෙන් නැගී සිටින පසුව නිදන කීකරු සිත්සේ හැසිරෙණ ප්‍රිය වචන කියන සේවකයෙක් වන්නේය. ශුද්‍රයාද ඔහුට පෙරටුව නින්දෙන් නැගිටින, පසුව නින්දට යන, සොයා බලා කටයුතු කරන සිත් පරිදි හැසිරෙන ප්‍රිය වචන කියන්නෙක් වන්නේය. ක්ෂත්රිය තෙමේද මේ ධනවත් බ්‍රාහ්මණයාහට පෙරටුව නින්දෙන් නැගිටින, පසුව නින්දට යන, සොයා බලා කටයුතු කරන ප්‍රිය වචන කියන්නෙක් වන්නේය. බ්‍රාහ්මණයාද ඔහුට පලමුව නින්දෙන් නැගිටින පසුව නින්දට යන කීකරු සිත්සේ හැසිරෙණ ප්‍රිය වචන කියන සේවකයෙක් වන්නේය.
“මහරජ, ඒ කුමක් සිතන්නෙහිද? ශුද්‍රයෙක්ද, ධනයෙන්ද, ධාන්‍යයෙන්ද, රිදියෙන්ද, රත්රනින්ද සම්පූර්ණ වන්නේ නම් ශුද්‍රයාද ඔහුට පළමු නින්දෙන් නැගිටින පසුව නින්දට යන කීකරු සිත්සේ හැසිරෙන ප්‍රිය වචන කියන සේවකයෙක් වන්නේද? ක්‍ෂත්‍රියයාද ඔහුට පෙරටුව නින්දෙන් නැගිටින, පසුව නින්දට යන, සොයාබලා කටයුතු කරන සිත් ගෙන හැසිරෙන, ප්‍රිය වචන කියන්නෙක් වන්නේද, බ්‍රාහ්මණ තෙමේද මේ ධනවත් ශුද්‍රයාහට පෙරටුව නින්දෙන් නැගිටින පසුව නින්දට යන සොයා බලා කටයුතු කරන සිත් ගෙන හැසිරෙන ප්‍රිය වචන කියන්නෙක් වන්නේද, වෛශ්‍යයාද ඔහුට පලමු නැගී සිටින පසුනින්දට යන කීකරු සිත්සේ හැසිරෙන ප්‍රිය වචන කියන සෙවකයෙක් වන්නේද?”
“භවත් කාත්යායණයන් වහන්ස ශුද්‍රයෙක් ධනයෙන්ද, ධාන්‍යයෙන්ද, රිදියෙන්ද, රත්රනින්ද, සම්පූර්ණ වන්නේ නම් ශුද්‍රයාද ඔහුට පලමු නින්දෙන් නැගිටින පසු නිදන කීකරු සිත්සේ හැසිරෙණ ප්‍රිය වචන කියන සේවකයෙක් වන්නේය. ක්‍ෂත්‍රියයාද ඔහුට පෙරටුව නින්දෙන් නැගිටින, පසුව නින්දට යන, සොයා බලා කටයුතු කරන සිත්ගෙන හැසිරෙන, ප්‍රිය වචන කියන්නෙක් වන්නේය. බ්‍රාහ්මණ තෙමේද මේ ධනවත් ශුද්‍රයාහට පෙරටුව නින්දෙන් නැගිටින, පසුව නින්දට යන, සොයා බලා කටයුතු කරන, සිත් ගෙන හැසිරෙන, ප්‍රිය වචන කියන්නෙක් වන්නේය. වෛශ්‍යයාද ඔහුට පලමු නින්දෙන් නැගිටින පසු නිදන කීකරු සිත්සේ හැසිරෙණ ප්‍රිය වචන කියන සේවකයෙක් වන්නේය.”
“මහරජ, කුමක් සිතන්නෙහිද? ඉදින් මෙසේ වන කල්හි මේ ජාති සතර සම සම හෝ වෙත්ද? සම සම නොවන්නාහු හෝ වෙත්ද? මෙහි ඔබගේ අදහස කුමක් හෝ වෙයිද?’ ‘භවත් කාත්යායණ ස්ථවිරයන් වහන්ස, මෙසේ ඇති කල්හි එකාන්තයෙන් මේ සතර ජාතීහුම සම සම වෙති. ඔවුන්ගේ මෙහි කිසි වෙනසක් නොදක්නෙමියි’ කීය.
“මහරජ, මේ ආකාරයෙන්ද බ්‍රාහ්මණයෝම උතුම් ජාතියය. අන්‍ය ජාති පහත්ය. පිරිසිදු කුලය බ්රාහ්ණයෝමය. අන්‍ය කුල කෘෂ්ණය, බ්‍රාහ්මණයෝම සුද්ධියට පැමිණෙති. බ්‍රාහ්මණ නොවන්නාහු නොපැමිණෙති. බ්රාහ්මයාගේ පුත්‍රයෝය උරෙහි හට ගත්තෝය. මුඛයෙහි උපන්නෝය බ්රාහ්මයාගෙන් හට ගත්තෝය. බ්රාහ්මයා විසින් මවන ලද්දෝය. බ්රාහ්මයා දායාද කොට ඇත්තෝය. යනු මේ ලෝකයෙහි පැවැති ව්‍යවහාර මාත්‍රයක් බව දතයුතු
|
319
‘‘තං
‘‘සාධු සාධු, මහාරාජ! සාධු ඛො තෙ එතං, මහාරාජ, එවං හොති, සාධු ච පන තෙ එතං අරහතං සුතං. තං කිං මඤ්ඤසි, මහාරාජ, ඉධස්ස බ්රාහ්මණො...පෙ.... ඉධස්ස වෙස්සො...පෙ.... ඉධස්ස සුද්දො පාණාතිපාතී අදින්නාදායී...පෙ.... මිච්ඡාදිට්ඨි කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය නො වා? කථං වා තෙ එත්ථ හොතී’’ති? ‘‘සුද්දොපි හි, භො කච්චාන, පාණාතිපාතී අදින්නාදායී...පෙ.... මිච්ඡාදිට්ඨි කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය. එවං මෙ එත්ථ හොති, එවඤ්ච පන මෙ එතං අරහතං සුත’’න්ති.
‘‘සාධු සාධු, මහාරාජ! සාධු ඛො තෙ එතං, මහාරාජ, එවං හොති, සාධු ච පන තෙ එතං අරහතං සුතං. තං කිං මඤ්ඤසි, මහාරාජ, යදි එවං සන්තෙ, ඉමෙ චත්තාරො වණ්ණා සමසමා
|
319
මහරජ, ඒ කුමකැයි හඟනෙහිද? මෙහි පර පණ නසන, නුදුන් අන්සතු දෑ ගන්නාවූ, කාමයෙහි වරදවා හැසිරෙණ, බොරු කියන කේලාම් කියන, ඵරුෂ වචන කියන, හිස් බස් කථා කරන ලෝභිවූ ක්‍රොධ කරන මිථ්‍යා දෘෂ්ටි ඇති, ක්ෂත්රියෙක් වන්නේය. (හෙතෙම) ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් පහවූ නපුරු ගති ඇති යටිකුරුව වැටෙන නිරයෙහි උපදනේද? නූපදින්නේද? මෙහි ඔබගේ අදහස කෙසේ හෝ වේදැයි” (ඇසී)
“භවත් කාත්යායණ ස්ථවිරයන් වහන්ස, පර පණ නසන නුදුන් අන්සතු දෑ ගන්නා කාමයෙහි වරදවා හැසිරෙණ බොරු කියන කේලාම් කියන ඵරුෂ වචන කියන හිස් වචන කියන ලෝභයෙන් යුත් ක්‍රෝධයෙන් යුත් මිථ්‍යා දෘෂ්ටි ඇති ක්ෂත්රිය තෙමේද ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් පහවූ නපුරු ගති ඇති යටිකුරුව වැටෙන නිරයයෙහි උපදනේය. මේ කරුණෙහි මාගේ අදහස මෙසේය. මා විසින් මේ කාරණය රහතන්ගෙන් අසන ලද්දේද මෙසේය.”
“යහපති, යහපති. මහරජ, මහරජ, ඔබගේ මේ ඇසීම යහපත්මය, ඒ එසේම වෙයි. ඔබ විසින් මේ කාරණය රහතන්ගෙන් යහපත්වම අසනලදී.”
“මහරජ, ඔබ මේ කිමැයි සිතන්නෙහිද? මෙහි පරපණ නසන, අන් අයත් දේ ගන්නා කාමයෙහි වරදවා හැසිරෙන, බොරු කියන, පිසුණු බස කියන, හිස් බස කියන, ලෝභවූ, ක්‍රෝධයෙන් පෙරලුන සිත් ඇති වැරදි ලබ්ධි ඇති බ්‍රාහ්මණයෙක් වන්නේය. හෙතෙම කය බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් පහවූ නපුරු ගති ඇති විවසව පතිතවන නරකයෙහි උපදනේද, නොඋපදනේද, මෙහි ඔබ අදහස කෙසේ හෝ වේද?” භවත් කාත්යායණයන් වහන්ස, පරපණ නසන සොරකම් කරන කාමයෙහි වරදවා හැසිරෙන, බොරු කියන, පිසුණු බස් කියන, හිස් බස් කියන, ලෝභවූ, ක්‍රෝධයෙන් පෙරලුන සිත් ඇති වැරදි ලබ්ධි ඇති බ්‍රාහ්මණ තෙමේද කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, නපුරුගති ඇති විවසව පතිත වන නිරයෙහි උපදන්නේය. මේ කරුණෙහි මගේ හැඟීම මෙසේය. මා විසින් මේ කාරණය රහතන්ගෙන් අසන ලද්දේද මෙසේය”. “යහපති, යහපති මහරජ, මහරජ ඔබගේ මේ ඇසීම යහපත්ය, ඒ එසේම වෙයි. ඔබ විසින් මේ කාරණය රහතන්ගෙන් යහපත්වම අසන ලදී.
“මහරජ කිමැයි හඟින්නෙහිද? මෙහි පරපණ නසන සොරකම් කරන, කාමයෙහි වරදවා හැසිරෙන, බොරු කියන, පිසුණු බස් කියන හිස් බස් කියන, ලෝභවූ, ක්‍රෝධයෙන් පෙරලුන සිත් ඇති වැරදි ලබ්ධි ඇති වෛශ්‍යයෙක් වන්නේය. හෙතෙම කය බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් පහවූ, නපුරු ගති ඇති විවසව පතිතවන නිරයෙහි උපදනේද? නොඋපදනේද? මෙහි ඔබ අදහස කෙසේ හෝ වේද?” “භවත් කාත්යායණයන් වහන්ස, පරපණ නසන සොරකම් කරන, බොරු කියන, පිසුණු බස් කියන හිස් බස් කියන ලෝභවූ, ක්‍රෝධයෙන් පෙරලුන සිත් ඇති, වැරදි ලබ්ධි ඇති, වෛශ්‍ය තෙමේද කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, නපුරු ගති ඇති නරකයෙහි උපදනේය. මේ කරුණෙහි මගේ හැඟීම් මෙසේය. මා විසින් මේ කාරණය රහතන්ගෙන් අසන ලද්දේද මෙසේය.” “යහපති, යහපති, මහරජ, මහරජ ඔබගේ මේ ඇසීම යහපත්ය, ඒ එසේම වෙයි. ඔබ විසින් මේ කාරණය රහතන්ගෙන් යහපත්වම අසන ලදී.”
“මහරජ, ඒ කිමැයි සිතන්නෙහිද, මෙහි පරපණ නසන කාමයෙහි වරදවා හැසිරෙන සොරකම් කරන බොරු කියන පිසුණු බස් කියන, හිස් බස් කියන, ලෝභවූ, ක්‍රෝධයෙන් පෙරලුන සිත් ඇති, වැරදි ලබ්ධි ඇති ශුද්‍රයෙක් වන්නේය. (ඔහු) ශරීරය බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් පහවූ දුක් ගති ඇති යටිකුරුවූ වැටෙන නරකයෙහි උපදනේද? නූපදින්නේද? මෙහි ඔබගේ අදහස හෝ කෙසේද” (කියා) ඇසී,
“භවත් කාත්යායණ ස්ථවිරයන් වහන්ස, පරපණ නසන නුදුන් අන් සතුදේ ගන්නා කාමයෙහි වරදවා හැසිරෙන, බොරු කියන, පිසුණු බස් කියන, හිස් බස් කියන, ලෝභවූ, ක්‍රෝධයෙන් පෙරලුන සිත් ඇති මිසදිටුවූ ශුද්රතෙමේද ශරීරය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ දුක් ගති ඇති යටිකුරුව වැටෙන නිරයෙහි උපදනේය. මෙහි මාගේ අදහස මෙසේ වෙයි. මා විසින් මේ කාරණය රහතන්ගෙන් අසන ලද්දේද මෙසේය.”
“යහපති, යහපති මහරජ, මහරජ ඔබගේ මේ ඇසීම යහපත්මය, එසේම වෙයි. ඔබ විසින් මේ කාරණය යහපත්වම රහතන්ගෙන් අසන ලදී.”
“මහරජ, ඔබ කුමක් සිතන්නෙහිද? ඉදින් මෙසේ ඇතිකල මේ සතර ජාතීහු සමසම වෙත්ද? නොවෙත්ද? මෙහි ඔබ අදහස හෝ කෙසේ වේදැයි’ ඇසීය.
“භවත් කාත්යායණ ස්ථවිරයන් වහන්ස, ඒකාන්තයෙන්ම මෙසේ ඇති කල්හි මේ ජාති සතර සම සම වෙති. මෙහි ඔවුන්ගේ කිසිත් වෙනසක් නොදන්නෙමියි” කීය.
“මහරජ, බ්‍රාහ්මණයෝම, උතුම් ජාතියවේ. අන්‍ය ජාති පහත්ය. පිරිසිදු කුලය බ්‍රාහ්මණයෝය, අන්‍ය කුල කෘෂ්ණය, බ්‍රාහ්මණයෝම සුද්ධියට පැමිණෙති. බ්‍රාහ්මණ නොවන්නාහු නොපැමිණෙති. බ්‍රාහ්මණයෝම බ්‍රහ්මයාගේ පුත්‍රයෝය. උරෙහි හටගත්තේය. මුඛයෙහි උපන්නේය. බ්‍රහ්මයාගෙන් හටගත්තෝය. බ්‍රහ්මයා විසින් මවනලද්දෝය. බ්‍රහ්මයා දායාද කොට ඇත්තාහුය යන මෙය ලෝකයෙහි ව්‍යවහාර මාත්‍රයක් යන බව මේ ආකාරයෙන්ද දතයුතුය.
|
320
‘‘තං කිං මඤ්ඤසි, මහාරාජ, ඉධස්ස ඛත්තියො පාණාතිපාතා පටිවිරතො, අදින්නාදානා පටිවිරතො, කාමෙසුමිච්ඡාචාරා පටිවිරතො, මුසාවාදා පටිවිරතො, පිසුණාය වාචාය පටිවිරතො, ඵරුසාය වාචාය පටිවිරතො, සම්ඵප්පලාපා පටිවිරතො, අනභිජ්ඣාලු අබ්යාපන්නචිත්තො සම්මාදිට්ඨි
‘‘සාධු සාධු, මහාරාජ! සාධු ඛො තෙ එතං, මහාරාජ, එවං හොති, සාධු ච පන තෙ එතං අරහතං සුතං. තං කිං මඤ්ඤසි, මහාරාජ, ඉධස්ස බ්රාහ්මණො, ඉධස්ස වෙස්සො, ඉධස්ස සුද්දො පාණාතිපාතා පටිවිරතො අදින්නාදානා පටිවිරතො...පෙ.... සම්මාදිට්ඨි කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්ය නො වා? කථං වා
‘‘සාධු සාධු, මහාරාජ! සාධු ඛො තෙ එතං, මහාරාජ, එවං හොති, සාධු ච පන තෙ එතං අරහතං සුතං. තං කිං මඤ්ඤසි, මහාරාජ, යදි එවං සන්තෙ, ඉමෙ චත්තාරො වණ්ණා සමසමා හොන්ති නො වා? කථං වා තෙ එත්ථ හොතී’’ති? ‘‘අද්ධා
|
320
“මහරජ, මේ කරුණෙහිලා කොප කුමකැයි සිතන්නෙහිද, මෙ ලොව ප්‍රාණඝාතයෙන් වැලකුණු, සොරකමින් වැලකුණු, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැලකුණු බොරු කීමෙන් වැලකුණු, කේලාම් කීමෙන් වැලකුණු ඵරුෂ වචන කීමෙන් වැලකුණු, හිස් කථාවෙන් වැලකුණු, දැඩිලෝභයෙන් තොරවූ ක්‍රෝධයෙන් තොරවූ සම්‍යක් දෘෂ්ටි ඇති ක්ෂත්රියයෙක් වන්නේය. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති ස්වර්ගයෙහි උපදනේද? නූපදින්නේද? මෙහි ඔබ අදහස හෝ කෙසේ වේදැයි” (ඇසී)
“භවත් කාත්යායණ ස්ථවිරයන් වහන්ස, ප්‍රාණඝාතයෙන් වැලකුණු, සොරකමින් වැලකුණු, කාම මිථ්‍යාචාරයෙන් වැලකුණු බොරුකීමෙන් වැලකුණු, කේලාම් කීමෙන් වැලකුණු, ඵරුෂ වචන කීමෙන් වැලකුණු, හිස් කථාවෙන් වැලකුණු දැඩි ලෝභයෙන් තොරවූ ක්‍රෝධයෙන් දුරුවූ සම්‍යක් දෘෂ්ටි ඇති ක්ෂත්රිය තෙමේද ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති ස්වර්ග ලෝකයට පැමිණෙන්නේය. මෙහි මාගේ අදහස මෙසේ වෙයි. මා විසින් මේ කාරණය රහතන් හමුවෙන් මෙසේ අසන ලද්දේය.”
“යහපති, යහපති මහරජ, ඔබගේ මේ ඇසීම යහපත්මය. ඒ එසේම වෙයි. රහතන් අතින්ද ඔබ විසින් යහපත් කොට අසන ලද්දේය”
“මහරජ, මේ කුමකැයි සිතන්නෙහිද? ප්‍රාණඝාතයෙන් තොර අදත්තා දානයෙන් තොර කාමයන්හි වරදවා හැසිරීමෙන් වැලකුණු මුසාවාදයෙන් වැලකුණු පිසුණු කීමෙන් වැලකුණු පරොස් බසින් වැලකුණු සමඵප්රලාපයෙන් වැලකුණු අභිධ්‍යා නම්වූ විෂම ලෝභයෙන් තොරවූ අව්‍යාපාද සිතින්යුත් සම්දිටු වූ බ්‍රාහ්මණයෙක් වෙයි. කය බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති ස්වර්ගයෙහි උපදනේද නොඋපදනේද මෙහි ඔබ අදහස හෝ කෙසේ වේද,” “භවත් කාත්යායණයන් වහන්ස, ප්‍රාණඝාතයෙන් වැලකී, අදත්තාදානයෙන් වැලකී කාම මිථ්‍යාචාරයෙන් වැලකී මුසාවාදයෙන් වැලකී පිසුණු බසින් වැලකී ඵරුෂ බසින් වැලකී සම්ඵප්‍රලාපයෙන් වැලකී අභිධ්‍යාවෙන් තොර අව්‍යාපාද සිතින් යුත් සම්දිටුගත් බ්‍රාහ්මණ තෙමේද කාබුන් මරණින් මත්තෙහි සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයට පැමිණෙන්නේය. මෙහි මාගේ අදහස මෙසේ වෙයි. මා විසින් මේ කාරණය රහතන් මුවෙන් අසන ලද්දේද මෙසේමය” “යහපති, යහපති, මහරජ, ඔබගේ මේ ඇසීම යහපත්ය” ඒ එසේම වෙයි. රහතන් අතින් ඔබගේ ඇසීමද යහපත්ය.”
“මහරජ, මේ මතු දක්වන කාරණය ඔබ කෙසේ සිතන්නෙහිද, ප්‍රාණඝාතයෙන් තොර අදත්තාදානයෙන් වැලකුණ කාමයන් වරදවා හැසිරීමෙන් වැලකුණ මුසාවාදයෙන් වැලකුණ පිසුනු කීමෙන් වැලකුණ පරොස් බසින් වැලකුණ සම්ඵප්‍රලාපයෙන් වැලකුණ අභිධ්‍යා විෂම ලෝභයෙන් තොරවූ අව්‍යාපාද සිත් ඇති. සම්දිටුවූ වෛශ්‍යයෙක් වෙයි. කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගයෙහි උපදනේද, නොඋපදනේද, මෙහි ඔබ අදහස කෙසේ හෝ වේද,” භවත් කාත්යායණයන් වහන්ස, ප්‍රාණඝාතයෙන් වැලකී අදිනාදින් වැලකී කාම මිථ්‍යාචාරයෙන් වැලකී මුසාවාදයෙන් වැලකී පිසුණු බසින් වැලකී පරොස් බසින් වැලකී අභිධ්‍යා විෂම ලෝභයෙන් තොරවූ අව්‍යාපාද සිත් ඇති සම්දිටුවූ වෛශ්‍ය තෙමේද ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයට පැමිණෙන්නේය. මෙහි මාගේ අදහස මෙසේ වෙයි. මේ කාරණය මා විසින් රහතන් හමුවෙන් අසන ලද්දේද මෙසේමය”. “යහපති, යහපති, මහරජ ඔබගේ මේ ඇසීම යහත්මය, ඒ එසේම වෙයි. රහතන් අතින් ඔබගේ ඇසීමද යහපත්ය.”
“මහරජ, මේ මතු දැක්වෙන කරුණ ඔබ කෙසේ සිතන්නෙහිද, ප්‍රාණඝාතයෙන් වැලකුණ, අදත්තාදානනේ වැලකුණ කාමමිථ්‍යාචාරයෙන් වැලකුණ, මුසාවාදයෙන් වැලකුණ, පිසුණු බසින් වැලකුණ, පරුස බසින් වැලකුණ, සම්ඵප්‍රලාපයෙන් වැලකුණ, අභිධ්‍යාවෙන් තොර, අව්‍යාපාද සිතින් යුත් සම්දිටුගත් ශුද්‍රයෙක් වෙයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති ස්වර්ගලෝකයට පැමිණෙත්ද? නොපැමිණෙන්නේද? මේ කරුණෙහි ඔබ අදහස හෝ කෙසේ වේදැයි” (ඇසී).
“භවත් කාත්යායණ ස්ථවිරයන් වහන්ස, ප්‍රාණඝාතයෙන් තොර, සොරකමින් තොර, කාමමිථ්‍යාචාරයෙන් තොර, මුසාවාදයෙන් තොර, පිසුණු බසින් තොර, ඵරුෂ වදනින් තොර, සම්ඵප්‍රලාපයෙන් තොර, අභිධ්‍යාවෙන් තොර, ව්‍යාපාදයෙන් තොර, සම්යක්දෘෂ්ටිවූ ශුද්රතෙමේද ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති ස්වර්ගලෝකයට පැමිණේ. මෙහි මාගේ අදහස මෙසේ වෙයි. රහතන් අතින් මේ කාරණය මා විසින් මෙසේම අසන ලදී.”
“යහපති, යහපති මහරජ, මහරජ මේ කාරණය පිළිබඳ ඔබගේ අදහස යහපත්ය. ඔබ විසින් රහතන් අතින් මේ කාරණය යහපත්වම අසන ලදී.”
“මහරජ ඒ කිමැයි සිතන්නෙහිද? ඉදින් මෙසේ ඇති කල්හි මේ ජාති සතර සම සම වෙද? නොවෙද? මෙහිලා ඔබගේ අදහස හෝ කෙසේ වේදැයි” (ඇසී).
“පින්වත් කාත්යායණ ස්ථවිරයන් වහන්ස, ඒකාන්තයෙන්ම මෙසේ ඇති කල්හි මේ ජාති සතර සම සම වෙති. මෙහිලා ඔවුන්ගේ කිසිත් වෙනසක් නොදක්නෙමියි” කීහ.
“මරහජ, මේ ආකාරයෙන්ද බ්‍රාහ්මණ තෙමේම උතුම් ජාති ඇත්තේය. අනික් ජාති ඇත්තේ පහත්ය. පිරිසිදු කුලය බ්‍රාහ්මණයෝය, අන්‍ය කුල කෘෂ්ණය, බ්‍රාහ්මණයෝම සුද්ධියට පැමිණෙති. බ්‍රාහ්මණ නොවන්නාහු නොපැමිණෙති. බ්‍රාහ්මණයෝම බ්‍රහ්මයාගේ පුත්‍රයෝය. උරෙහි හටගත්තෝය. මුඛයෙහි උපන්නෝය. බ්‍රහ්මයා දායාදකොට ඇත්තාහුය යනු මෙය ලෝකයෙහි ව්‍යවහාර මාත්‍රයක්ම බව මේ කාරණයෙන්ද දතයුතු. (එසේය)
|
321
‘‘තං කිං මඤ්ඤසි, මහාරාජ, ඉධ ඛත්තියො සන්ධිං වා ඡින්දෙය්ය, නිල්ලොපං වා හරෙය්ය, එකාගාරිකං වා කරෙය්ය, පරිපන්ථෙ වා තිට්ඨෙය්ය, පරදාරං වා ගච්ඡෙය්ය, තඤ්චෙ තෙ පුරිසා ගහෙත්වා දස්සෙය්යුං - ‘අයං තෙ, දෙව, චොරො ආගුචාරී. ඉමස්ස යං ඉච්ඡසි තං දණ්ඩං පණෙහී’ති. කින්ති
‘‘තං කිං මඤ්ඤසි, මහාරාජ, ඉධ බ්රාහ්මණො, ඉධ වෙස්සො, ඉධ සුද්දො සන්ධිං වා ඡින්දෙය්ය, නිල්ලොපං වා හරෙය්ය, එකාගාරිකං වා කරෙය්ය, පරිපන්ථෙ වා තිට්ඨෙය්ය, පරදාරං වා ගච්ඡෙය්ය, තඤ්චෙ තෙ පුරිසා ගහෙත්වා දස්සෙය්යුං - ‘අයං තෙ, දෙව, චොරො ආගුචාරී. ඉමස්ස යං ඉච්ඡසි තං දණ්ඩං පණෙහී’ති. කින්ති නං කරෙය්යාසී’’ති? ‘‘ඝාතෙය්යාම වා, භො කච්චාන, ජාපෙය්යාම වා පබ්බාජෙය්යාම වා යථාපච්චයං වා කරෙය්යාම. තං කිස්ස හෙතු? යා හිස්ස, භො කච්චාන, පුබ්බෙ ‘සුද්දො’ති සමඤ්ඤා සාස්ස අන්තරහිතා; චොරොත්වෙව සඞ්ඛ්‍යං ගච්ඡතී’’ති.
‘‘තං කිං මඤ්ඤසි, මහාරාජ, යදි එවං සන්තෙ, ඉමෙ චත්තාරො වණ්ණා සමසමා හොන්ති නො වා? කථං වා තෙ එත්ථ හොතී’’ති? ‘‘අද්ධා ඛො, භො කච්චාන, එවං සන්තෙ, ඉමෙ චත්තාරො වණ්ණා සමසමා හොන්ති. නෙසං එත්ථ කිඤ්චි නානාකරණං සමනුපස්සාමී’’ති. ‘‘ඉමිනාපි ඛො එතං, මහාරාජ, පරියායෙන වෙදිතබ්බං යථා ඝොසො යෙවෙසො ලොකස්මිං - ‘බ්රාහ්මණොව සෙට්ඨො වණ්ණො, හීනො
|
321
“මහරජ ඒ කුමකැයි හඟින්නෙහිද? මේ ලෝකයෙහි ක්ෂත්රියෙක් තෙම ගම්පහරන්නේ හෝ වේද, බලාත්කාරයෙන් හෝ ගන්නේද, එක ගෙයක් පැහැර ගැණීම හෝ කරන්නේද, මංපැහැරීමෙහි හෝ සිටින්නේද, පරස්ත්‍රීන් කරා හෝ යන්නේද, ඉදින් නුඹගේ පුරුෂයෝ ඔහු අල්වාගෙණ, ‘දේවයන් වහන්ස, මෙතෙම ඔබගේ අපරාධ කරන්නාවූ සොරෙක් වේ. මොහුට යමක් කැමැත්තෙහි නම් ඒ දඬුවම පණවනු මැනවැයි’ ඔබට දක්වන්නාහු නම් කිනම් දෙයක් ඔහුට කරන්නෙහිද?
“පින්වත් කාත්යායණ ස්ථවිරයන් වහන්ස, නසන්නෙමු, හෝ වස්තු පැහැර ගන්නෙමු හෝ රටින් නෙරපන්නෙමු හෝ සුදුසු වූවක් හෝ කරන්නෙමු. ඊට හේතු කවරේද? භවත් කාත්යායණ ස්ථවිරයන් වහන්ස, පෙර මොහුගේ ක්ෂත්රියයා යන යම් නාමයක් වීද, මොහුගේ එය නැතිවිය. සොරෙක යන ව්යවහාරයටම පැමිණෙන හෙයිනි. මහරජ, ඒ කුමකැයි හඟින්නෙහිද? මේ ලෝකයෙහි බ්‍රාහ්මණයෙක් ගෘහසන්ධි හෝ සිඳින්නේද, බලාත්කාරයෙන් හෝ ගන්නේද, එක් ගෙයක් පැහැරීම හෝ කරන්නේද, මංපැහැරීමෙහි හෝ යෙදෙන්නේද, අන් අඹුවන් කරා හෝ යන්නේද, ඉදින් නුඹගේ පුරුෂයෝ ඔහු අල්වාගෙන නුඹට දක්වන්නාහුද, ‘දෙවයන් වහන්ස, මෙතෙම නුඹගේ අපරාධ කරන්නාවූ සොරෙක, මොහුට යමක් කැමැත්තෙහි නම් ඒ දඬුවම පණවනු මැනවැයි’ කිනම් දෙයක් ඔහුට කරන්නෙහිද?” “භවත් කාත්යායණ ස්ථවිරයන් වහන්ස, නසන්නෙමු හෝවස්තු පැහැර ගන්නෙමු හෝ රටින් නෙරපන්නෙමු හෝ සුදුසු පරිදි යමක් හෝ කරන්නෙමු. ඊට හේතු කවරේද? භවත් කාත්යායණ ස්ථවිරයන් වහන්ස, පෙර මොහුගේ බ්‍රාහ්මණයාය යන නමක් වීද, මොහුගේ එය අතුරුදහන් විය. සොරාය කියාම ව්‍යවහාරයට ගියේය.”
“මහරජ ඒ කුමකැයි හඟින්නේද, මේ ලෝකයෙහි වෛශ්‍යයෙක් ගෘහසන්ධි හෝ සිඳින්නේද, බලාත්කාරයෙන් හෝ ගන්නේද, එක් ගෙයක් හෝ පැහැරීම කරන්නේද, මංපැහැරීමෙහි හෝ යෙදෙන්නේද, අන් අඹුවන් කරා හෝ යන්නේද, ඉදින් නුඹගේ පුරුෂයෝ ඔහු අල්වාගෙන නුඹට දක්වන්නාහුද, ‘දෙවයන් වහන්ස, මෙතෙම නුඹගේ අපරාධ කරන්නාවූ සොරෙක. මොහුට යමක් කැමැත්තෙහි නම් ඒ දඬුවම පණවනු මැනවැයි’ කියති. කිනම් දෙයක් ඔහුට කරන්නෙහිද?” භවත් කාත්යායණ ස්ථවිරයන් වහන්ස, නසන්නෙමු හෝ වස්තු පැහැර ගන්නෙමු හෝ රටින් නෙරපන්නෙමු හෝ සුදුසු පරිදි යමක් හෝ කරන්නෙමු. ඊට හේතු කවරේද, භවත් කාත්යායණ ස්ථවිරයන් වහන්ස, පෙර මොහුගේ වෛශ්‍යයාය යන නමක් වීද, මොහුගේ එය අතුරුදහන් විය. සොරාය කියාම ව්‍යවහාරයට ගියේය” “මහරජ ඒ කුමකැයි හඟින්නෙහිද, මේ ලෝකයෙහි ශුද්‍රයෙක් ගම් පහරන්නේ හෝ වෙයිද, බලාත්කාරයෙන් හෝ ගන්නේද එක් ගෙයක් පැහැරීම හෝ කරන්නේද, මං පැහැරීමෙහි හෝ සිටින්නේද, අන් අඹුවන් කරා හෝ යන්නේද ඉදින් නුඹගේ පුරුෂයෝ ඔහු අල්වාගෙණ නුඹට දක්වන්නාහුද, ‘දේවයන් වහන්ස, මෙතෙම නුඹගේ අපරාධ කරන්නාවූ සොරෙක මොහුට යමක් කැමැත්තෙහි නම් ඒ දඬුවම පණවනු මැනවැයි’ ඔබට දක්වන්නාහු නම් කිනම් දෙයක් ඔහුට කරන්නෙහිද?
“භවත් කාත්යායණ ස්ථවිරයන් වහන්ස, නසන්නෙමු හෝ වස්තු පැහැරගන්නෙමු හෝ රටින් නෙරපන්නෙමු හෝ සුදුසු පරිදි යමක් හෝ කරන්නෙමු. ඊට හේතු කවරේද? පින්වත් කාත්යායණ ස්ථවිරයන් වහන්ස, පෙර මොහුගේ ශුද්‍රයාය යන නමක් වීද, මොහුගේ එය අතුරුදහන් විය. සොරාය යන ව්‍යාහාරයට පැමිණෙතියි” “මහරජ ඒ කුමකැයි හඟින්නෙහිද? ඉදින් මෙසේ ඇතිකල්හි මේ සතර ජාති ඇත්තෝ සම සම වූවාහු වෙත්ද? නොවෙත්ද? කෙසේ හෝ නුඹට මෙහි අදහස් වේද?” “භවත් කාත්යායණ ස්ථවිරයන් වහන්ස, ඒකාන්තයෙන්ම මෙසේ ඇතිකල්හි මේ සතර ජාති ඇත්තෝ සම සමවූවාහු වෙත්. මොවුන්ගේ මෙහි කිසි වෙනසක් නොදක්නෙමියි” කීය.
“මහරජ, බ්රාහ්මණයාම උතුම් ජාති ඇත්තෙක, සෙසු ජාති ඇත්තේ පහත්ය, පිරිසිදු කුලය බ්රාහ්මණයෝමය. අන්‍යකුල කෘෂ්ණය, බ්‍රාහ්මණයෝම සුද්ධියට පැමිණෙති. බ්‍රාහ්මණ නොවන්නාහු නොපැමිණෙති. බ්‍රාහ්මණයෝම බ්‍රහ්මයාගේ පුත්‍රයෝය. උරෙහි හට ගත්තෝය. මුඛයෙහි උපන්නෝය. බ්‍රහ්මයාගෙන් හටගත්තෝය. බ්‍රහ්මයා විසින් මවන ලද්දෝය. බ්‍රහ්මයා දායාද කොට ඇත්තාහුය යනු ලෝකයෙහි ව්‍යවහාර මාත්‍රයක්ම බව මේ කාරණයෙන් ද දතයුතු”.
|
322
‘‘තං කිං මඤ්ඤසි, මහාරාජ, ඉධ ඛත්තියො කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා
‘‘තං
‘‘තං
|
322
“මහරජ, ඒ කුමකැයි හඟින්නෙහිද? මේ ලෝකයෙහි ක්ෂත්රියයෙක් තෙම හිසකේ රැවුල් කපා කසටවත් හැඳ ගිහිගෙන් නික්ම පැවිදිව ප්‍රාණඝාතයෙන් වැලකුණු සොරකමින් වැළකුණු බොරුකීමෙන් වැළකුණු එකවේලෙහි වැළඳීම ඇති බ්‍රහ්මචර්යාවෙන් යුත් සිල් ඇති යහපත් ගුණධර්ම ඇත්තෙක් වන්නේද? ඔහුට කුමක් නම් කරන්නෙහිද?” “භවත් කාත්යායණ ස්ථවිරයන් වහන්ස, වඳින්නෙමු හෝ දැක හුනස්සෙන් නැගිටින්නෙමු හෝ හිඳගැනීමට දෙන්නෙමු හෝ චීවර පිණ්ඩපාත සයනාසන ගිලන්පස බෙහෙත් පිරිකර යන මේ දීමට කැඳවීම හෝ කරන්නෙමු. උන්වහන්සේට ධාර්මිකවූ ආරක්ෂාව හෝ සලසන්නෙමු. ඊට හේතු කවරේද? “භවත් කාත්යායණ ස්ථවිරයන් වහන්ස පෙර උන්වහන්සේගේ ක්ෂත්රිය යන යම් නමක්වීද, මොහුගේ ඒ නම අතුරුදහන් විය. ශ්‍රමණ යන නම ව්‍යවහාරයට පැමිණ හෙයිනි”. “මහරජ, ඒ කුමකැයි හඟින්නෙහිද? මේ ලෝකයෙහි බ්රාහ්මණයෙක්තෙම හිසකේ රැවුල බහවා කසා වස්ත්‍ර හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ, සතුන් මැරීමෙන් වැලකුනේ, සොරකම් කිරීමෙන් වැලකුනේ, බොරු කීමෙන් වැලකුනේ, එක් වේලෙහි වැලඳීම ඇත්තේ, බ්‍රහ්මචර්යා ඇත්තේ, සිල් ඇත්තේ, යහපත් ස්වභාව ඇත්තෙක් වන්නේය. ඔහුට කුමක් නම් කරන්නෙහිද?” “භවත් කාත්යායණ ස්ථවිරයන් වහන්ස වඳින්නෙමු. හෝ දැක හුනස්නෙන් නැගිටින්නෙමු හෝ ආසනයෙන් පවරන්නෙමු හෝ චීවරය, පිණ්ඩපාතය, සේනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකර යන මෙයින් ඔහුට පැවරීම හෝ කරන්නෙමි. උන්වහන්සේගේ ධාර්මිකවූ ආරක්ෂාවරණ ගොපනය හෝ නියම කරන්නෙමු. ඊට හේතු කවරේද? භවත් කාත්යායණ ස්ථවිරයන් වහන්ස, පෙර මොහුගේ බ්‍රාහ්මණය යන යම් නමක් වීද මොහුගේ ඒ නම අතුරුදහන් විය. ශ්‍රමණයාය යන සංඛ්‍යාවටම පැමිණියේය.”
“මහරජ, ඒ කුමකැයි හඟින්නෙහිද, මේ ලෝකයෙහි වෛශ්‍යයෙක් තෙම හිසකේ රැවුල් බහවා කසා වස්ත්‍ර හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයේ සතුන් මැරීමෙන් වැලකුනේ, සොරකම් කිරීමෙන් වැලකුනේ, බොරු කීමෙන් වැලකුනේ, එක් වේලෙහි වැලඳීම ඇත්තේ, බ්‍රහ්මචර්යා ඇත්තේ, සිල් ඇත්තේ, යහපත් ස්වභාව ඇත්තෙක් වන්නේය. ඔහුට කුමක් නම් කරන්නෙහිද?” “භවත් කාත්යායණ ස්ථවිරයන් වහන්ස, වඳින්නෙමු. හෝ දැක හුනස්නෙන් නැගිටින්නෙමු හෝ ආසනයෙන් පවරන්නෙමු හෝ චීවරය පිණ්ඩපාතය, සේනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකර යන මෙයින් ඔහුට පැවරීම හෝ කරන්නෙමු. උන්වහන්සේගේ ධාර්මිකවූ ආරක්ෂාවරණ ගොපනය හෝ නියම කරන්නෙමු. ඊට හේතු කවරේද?” “භවත් කාත්යායණ ස්ථවිරයන් වහන්ස, පෙර මොහුගේ වෛශ්‍යයාය යන යම් නමක් වීද මොහුගේ ඒ නම අතුරුදහන් විය. ශ්‍රමණයාය යන සංඛ්‍යාවටම පැමිණියේය.” “මේ ලෝකයෙහි ශුද්‍රයෙක් තෙම හිසකේ රැවුල් කපා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම පැවිදිව සතුන් මැරීමෙන් වැලකුනේ සොරකම් කිරීමෙන් වැලකුනේ බොරුකීමෙන් වැලකුනේ එක් වේලෙහි වැළඳීම බ්‍රහ්මචර්යාව ඇත්තේ සිල් ඇත්තේ යහපත් ස්වභාව ඇත්තෙක් වන්නේය. ඔහුට කුමක්නම් කරන්නෙහිද?” “භවත් කාත්යායණ ස්ථවිරයන් වහන්ස, වඳින්නෙමු හෝ දැකහුනස්නෙන් නැගිටින්නෙමු හෝ ආසනයෙන් පවරන්නෙමු හෝ චීවර පිණ්ඩපාත සයනාසන ගිලන්පස බෙහෙත් පිරිකර යන මෙයින් පිදීම හෝ කරන්නෙමි. උන්වහන්සේට ධාර්මිකවූ ආරක්ෂාව හෝ සලසන්නෙමු. ඊට හේතුව කවරේද? භවත් කාත්යායණ ස්ථවිරයන් වහන්ස, පෙර මොහුගේ ශුද්රයන මොහුගේ ඒ නම අතුරුදහන්විය ශ්‍රමණ යන සංඛ්‍යාවටම පැමිණි හෙයිනි” “මහරජ, ඒ කුමකැයි හඟින්නෙහිද, ඉදින් මෙසේ ඇති කල්හි මේ සතර ජාති ඇත්තෝ සම සමවූවෝ වෙත්ද? නොහොත් නොවෙත්ද? කෙසේ හෝ නුඹට මෙහි (අදහස්) වේද?” “භවත් කාත්යායණ ස්ථවිරයන් වහන්ස, ඒකාන්තයෙන්ම මෙසේ ඇති කල්හි මේ සතර ජාති ඇත්තෝ සම සමවූවාහු වෙත්. මොවුන්ගේ මෙහි කිසි වෙනසක් නොදක්නෙමියි කීයේය”. “මහරජ, බ්රාහ්මණයාම උතුම් ජාති ඇත්තේය. සෙසු ජාති ඇත්තේ පහත්ය. බ්රාහ්මණයාම පිරිසිදු ජාති ඇත්තේය. සෙසු ජාති ඇත්තේ අපිරිසිදුය. බ්‍රාහ්මණයෝම පිරිසිදුවෙත්. බ්‍රාහ්මණ නොවූවාහු පිරිසිදු නොවෙත්. බ්‍රාහ්මණයෝම බ්‍රහ්මයාගේ පුත්‍රයෝය. ලෙහි හටගත්තාහු මුඛයෙන් උපන්නාහු බ්‍රහ්මයාගෙන් උපන්නාහු බ්‍රහ්මයා විසින් මවන ලද්දාහු බ්‍රහ්මයා දායාද කොට ඇත්තාහුය. යනු මේ ලෝකයෙහි ව්‍යවහාර මාත්‍රයක්ම බව මේ කාරණයෙන්ද දතයුතු”
|
323
එවං
|
323
මෙසේ කීකල්හි අවන්තී පුත්‍රවූ මාධුර නම් රජතෙම ආයුෂ්මත් මහා කාත්යායණස්ථවිරයන් වහන්සේට මෙසේ කීයේය. “භවත් කාත්යායණ ස්ථවිරයන් වහන්ස, ඉතා යහපත භවත් කාත්යායණ ස්ථවිරයන් වහන්ස, ඉතා යහපත. භවත් කාත්යායණස්ථවිරයන් වහන්ස, යම්සේ යටිකුරුකොට තබන ලද්දක් හෝ උඩුකුරු කරන්නේද, වසා තබන ලද්දක් හෝ වැසුම් අරින්නේද, මංමුලා වූවෙකුට හෝ මග කියන්නේද, අන්ධකාරයෙහි හෝ ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේද, එපරිද්දෙන්ම භවත් කාත්යායණ ස්ථවිරයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී. ඒ මම භවත් කාත්යායණ ස්ථවිරයන් වහන්සේ සරණ කොට යමි. ධර්මයද භික්ෂු සංඝයාද (සරණකොට යමි) භවත් කාත්යායණ ස්ථවිර තෙමේ අද පටන් දිවිහිමියෙන් සරණ ගියාවූ උපාසකයෝයි මා දරණ සේක්වායි”, (කීයේය.)
“මහරජ නුඹ මා සරණ කොට නොයව මම යම් කෙනෙකු සරණ කොට ගියෙම්ද, නුඹද ඒ භාග්‍යවතුන් වහන්සේම සරණ කොට යවයි” කීය. “භවත් කාත්යායණ ස්ථවිරයන් වහන්ස, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ දැන් කොහි වැඩ වසන සේක්දැයි” ඇසී. “මහරජ, ඒ භවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ මේ කාලයේ පිරිනිවන් පෑසේකැයි” කීය, “භවත් කාත්යායණ ස්ථවිරයන් වහන්ස, ඉදින් වනාහි අපි ඒ භාග්‍යවතුන් වහන්සේ දස යොදුනක් තන්හි යයි අසන්නෙමු නම් අපි දස යොදුනක් තැන්ද අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ දැකීමට යන්නෙමු. භවත් කාත්යායණ ස්ථවිරයන් වහන්ස, ඉදින් අපි ඒ භාග්‍යවතුන් වහන්සේ විසි යොදුනක් තන්හි යයි අසන්නෙමුද අපි විසි යොදුනක් තැන්ද අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ දැකීමට යන්නෙමු. භවත් කාත්යායණ ස්ථවිරයන් වහන්ස ඉදින් අපි ඒ භාග්‍යවතුන් වහන්සේ තිස් යොදුනක් තන්හියයි අපි අසන්නෙමු නම් අපි තිස් යොදුනක් තැන්ද අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ දැකීමට යන්නෙමු. භවත් කාත්යායණ ස්ථවිරයන් වහන්ස. ඉදින් අපි ඒ භාග්‍යවතුන් වහන්සේ සතලිස් යොදුනක් තන්හියයි අසන්නෙමුද, අපි සතළිස් යොදුනක් තන්හිද අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ දැකීමට යන්නෙමු. භවත් කාත්යායණ ස්ථවිරයන් වහන්ස, ඉදින් අපි ඒ භාග්‍යවතුන් වහන්සේ පණස් යොදුනක් තැන්හි යයි අසන්නෙමු නම්, අපි පණස් යොදුනක්ද අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ දැකීමට යන්නෙමු. භවත් කාත්යායණ ස්ථවිරයන් වහන්ස, ඒ භාග්‍යවතුන් වහන්සේ සියක් යොදුන් තන්හි යයි අපි අසන්නෙමු නම්, අපි යොදුන් සියයක්ද අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ දැකීමට යන්නෙමු. භවත් කාත්යායණ ස්ථවිරයන් වහන්ස, යම් හෙයකිනුත් ඒ භාග්‍යවතුන් පිරිනිවී සේක්ද, අපි පිරිනිවියාවූද ඒ භාග්‍යවතුන් වහන්සේ සරණ කොට යමු. ධර්මයද භික්ෂු සංඝයාද (සරණ කොට යමු.) භවත් කාත්යායණ ස්ථවිර තෙමේ මා අද පටන් දිවිහිම් කොට සරණ ගියාවූ උපාසකයෙකු යයි දරණ සේක්වායි” (කීයේය.)
|
5. බොධිරාජකුමාරසුත්තං | 5. බොධිරාජ කුමාර සූත්‍රය |
324
එවං
|
324
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක භාග්‍යවතුන් වහන්සේ භග්ග නම් ජනපදයෙහි සුංසුමාර ගිර නම් නගරයට සමීප වූ මෘගදාය නම් භෙසකලා වනයෙහි වැඩ වෙසෙත්.
එකල්හි බොධිරාජ කුමාරයාගේ කොකනද නම් ප්‍රාසාදය කරවන ලද නොබෝ කල් ඇත්තේ වෙයි. එහි ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ මනුෂ්‍ය වූ කිසිවෙකු විසින් වාසය නොකරණ ලද්දේය. එකල්හි බොධිරාජ කුමාර තෙමේ සඤ්ජිකා පුත්ත නම් මානවකයා කැඳවී. කැඳවා “යහලු සඤ්ජිකා පුත්‍රය, මෙහි එව. නුඹ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එහි යව. ගොස් මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා මස්තකයෙන් වඳුව.
“ස්වාමීන් වහන්ස, බොධිරාජ කුමාර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පා සිරසින් විඳියි. ආබාධ නැතිකම රෝග නැතිකම -සිත කය දෙකේ සැහැල්ලු බව කාය බලය සැප විහරණය අසන්නේයයි’ ආබාධ නැතිකම රෝග නැතිකම කය සිත්හි සැහැල්ලුකම කාය බලය විහරණ සැපය අසව.
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා සමග බොධිරාජ කුමාරයාගේ සෙට දවස පිණිසවූ බත ඉවසන සේක්වායයි.’ කියව. තරුණවූ සඤ්ජිකා පුත්‍ර තෙමේ “එසේය” කියා බොධිරාජ කුමාරයාට උත්තරදී, භාග්‍යවතුන් වහන්සේ යම් තෙනකද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වී සතුටු වියයුතු සිහි කටයුතු කතාව කොට අවසන්ව එක් පසෙක්හි හිඳගත්තේය.
එක් පසෙක හුන් තරුණවූ සඤ්ජිකා පුත්‍රතෙමේ භාග්‍යවතුන් වහන්සේට භවත් ගෞතමයන් වහන්ස, බොධිරාජ කුමාර තෙම භවත් ගෞතමයන් වහන්සේගේ පා මුදුනෙන් වඳියි. නිරෝගි බව කයේ සැහැල්ලු බව කාය බලය සැපසේ විසීම අසයි. තවද පින්වත් ගෞතමයන් වහන්සේ භික්ෂු සංඝයා සමග බෝධිරාජ කුමාරයාගේ සෙට දවස පිණිස වූ බත ඉවසන සේක්වායි කියායිද” කීය. භාග්‍යවතුන් වහන්සේ එය නිශ්ශබ්ද භාවයෙන් ඉවසූහ.
ඉක්බිති තරුණ සඤ්ජිකා පුත්‍රතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන ආසනයෙන් නැගිට බොධිරාජ කුමාර තෙම යම් තැනකද එහි පැමිණියේය.
පැමිණ බොධිරාජ කුමරුට මෙසේ කීය. “පින්වතුන්ගේ” වචනයෙන් ඒ පින්වත් ගෞතමයන් වහන්සේට ‘භවත් ගෞතමයන් වහන්ස, බොධිරාජ කුමාර තෙම- භවත් ගෞතමයන් වහන්සේගේ පාදයන් සිරසින් වඳියි. නිරෝගිබව කයේ සැහැල්ලු බව කාය බලය සැපසේ විසීම අසයි. තවද පින්වත් ගෞතමයන් වහන්සේ භික්ෂු සංඝයා සමග බොධිරාජ කුමාරයාගේ හෙට දවස් පිණිස බත ඉවසන සේක්වායි කියා යයිද, අපි කීවෙමු. එය ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ විසින් ඉවසන ලද්දේ වෙයි.”
|
325
අථ ඛො බොධි රාජකුමාරො තස්සා රත්තියා අච්චයෙන සකෙ නිවෙසනෙ පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා, කොකනදඤ්ච පාසාදං ඔදාතෙහි දුස්සෙහි සන්ථරාපෙත්වා යාව පච්ඡිමසොපානකළෙවරා
|
325
ඉක්බිති බොධිරාජ කුමාරතෙමේ එය රැය ඉක්මවීමෙන් තම නිවසෙහි ප්‍රණීත ආහාර පාන වර්ග පිළියෙල කරවා කොකනද ප්‍රාසාදය අන්තිම තරප්පු පුවරුව (පඩිය) තෙක්ම සුදු වස්ත්‍ර අතුරවා, තරුණ සඤ්ජිකා පුත්‍රහට කථා කෙළේය. “යහළු සඤ්ජිකා පුත්‍රය, මෙහි එව. නුඹ භාග්‍යවතුන් වහන්සේ යම් තෙනක නම් එහි ගොස් භාග්‍යවතුන් වහන්සේට ‘ස්වාමීන් වහන්ස, බත නිමවන ලදී. කාලය වේයයි, කාලය දන්වව”.
“පින්වත, එසේය කියා තරුණ සඤ්ජිකා පුත්‍ර තෙමේ තරුණ බොධිරාජ කුමරුට උත්තර දී භාග්‍යවතුන් වහන්සේ යම් තෙනකද එහි පැමිණ, “ස්වාමීන් වහන්ස, බත නිමවනලදී. වැඩීමට කාලයයි,” භාග්‍යවතුන් වහන්සේට කල් දැන්වීය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙණ බොධිරාජ කුමරුගේ ගෙදොර යම් තෙනකද එහි වැඩිසේක. එවේලෙහි බොධිරාජ කුමාරතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පැමිණීම බලමින් පිට දොරටුවෙහි සිටියේ වෙයි. බොධිරාජ කුමාරතෙමේ වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම දැක ඉදිරියට ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඳ පෙරටුව කොකනද ප්‍රාසාදය යම් තෙනකද එහි පැමිණියේය.
එවිට භාග්‍යවතුන් වහන්සේ අන්තිම තරප්පු පුවරුව (පඩිය) ලඟ වැඩ සිටියහ. එකල්හි බොධිරාජ කුමාර තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට බොහෝ කාලයක් හිත පිණිස වැඩ පිණිස, වස්ත්‍ර පාගා වඩින සුගතයන් වහන්සේ වස්ත්‍ර පාගා වඩිනා සේක්වායි” කීය. මෙසේ කී විට භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වී. දෙවනුවද, බොධිරාජ කුමාර තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට බොහෝ කාලයක් හිත පිණිස වැඩ පිණිස වස්ත්‍ර පාගා වඩින සේක්වා, සුගතයන් වහන්සේ වස්ත්‍ර පාගා වඩින සේක්වායි” කීය. දෙවනුවද භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දවූහ. තෙවනුවත් බොධිරාජ කුමාර තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට බොහෝ කාලයක් හිත පිණිස වැඩ පිණිස වස්ත්‍ර පාගා වඩින සේක්වා, සුගතයන් වහන්සේ වස්ත්‍ර පාගා වඩින සේක්වායි” කීය.
|
326
අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං අපලොකෙසි. අථ ඛො ආයස්මා
|
326
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් දෙස බැලී. අනතුරුව ආයුෂ්මත් ආනන්ද තෙමේ බොධිරාජ කුමරුට මෙසේ කීය. “රාජ කුමාරයිනි, වස්ත්‍ර අස්කරවා භාග්‍යවතුන් වහන්සේ පාවාඩ උඩින් නොවඩිත්” කීය. තථාගතයන් වහන්සේ පසු ජනතාව බලන්නාහයි කීය.
ඉක්බිති බොධිරාජ කුමාර තෙමේ පාවාඩ හකුළුවා කොකනද ප්‍රාසාදයෙහි අසුන් පැනවී. එවිට භාග්‍යවතුන් වහන්සේ කොකනද පහයට නැග පැනවූ අස්නෙහි භික්ෂු සංඝයා සමග වැඩ උන්හ. එවිට බොධිරාජ කුමාරතෙමේ බුදුන් ප්‍රධාන භික්ෂු සංඝයා ප්‍රණීතවූ ආහාර පානයෙන් සියතින්ම හොඳින් වැළඳවිය. ඇතිතාක් වැළඳවිය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වළදා පාත්‍රයෙන් අත ඉවත් කළ කල්හි, බොධිරාජ කුමාරතෙම මිටි අස්නක් ගෙන එක් පසෙක ඉඳ ගත්තීය. එක් පසෙකහුන් බොධිරාජ කුමර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීන් වහන්ස, මාගේ මේ අදහසෙක් වෙයි. සැපයෙන් සැපයට නොපැමිණිය හැක. දුකෙන් සැපයට පැමිණිය යුතුය යන මෙබඳු අදහසක් මට පහළවිය යනුයි.
|
327
‘‘මය්හම්පි ඛො, රාජකුමාර, පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො
‘‘අථ ඛ්වාහං, රාජකුමාර, යෙන ආළාරො කාලාමො තෙනුපසඞ්කමිං; උපසඞ්කමිත්වා ආළාරං කාලාමං එතදවොචං - ‘කිත්තාවතා නො, ආවුසො කාලාම, ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමීති පවෙදෙසී’ති
(උපසම්පජ්ජ පවෙදෙසීති (සී. ස්‍යා. කං. පී.))? එවං වුත්තෙ, රාජකුමාර, ආළාරො කාලාමො ආකිඤ්චඤ්ඤායතනං පවෙදෙසි. තස්ස මය්හං, රාජකුමාර, එතදහොසි - ‘න ඛො ආළාරස්සෙව කාලාමස්ස අත්ථි සද්ධා, මය්හංපත්ථි සද්ධා; න ඛො ආළාරස්සෙව කාලාමස්ස අත්ථි වීරියං...පෙ.... සති... සමාධි... පඤ්ඤා, මය්හංපත්ථි පඤ්ඤා. යංනූනාහං යං ධම්මං ආළාරො කාලාමො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමීති පවෙදෙති තස්ස ධම්මස්ස සච්ඡිකිරියාය පදහෙය්ය’න්ති. සො ඛො අහං, රාජකුමාර, නචිරස්සෙව ඛිප්පමෙව තං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසිං. අථ
|
327
“රාජ කුමාරයිනි, චතුස්සත්‍යාවබොධ කිරීමට පලමු බුදු නොවූ බෝධිසත්ව කාලයේදීම මා හටත් ‘සැපයෙන් සැපයට නොම පැමිණිය හැක. දුකෙන් සැපයට පැමිණිය යුතුයයන, අදහස පහළවිය, ගිහිගෙයි වසන්නහු විසින් සියලු ආකාරයෙන් පිරිසිදුවූ, සියලු ආකාරයෙන් සම්පූර්ණවූ ලියවනලද සකක් බඳුවූ, මේ බ්‍රහ්ම චර්යාවෙහි හැසිරීම පහසු නොවෙයි. මම හිසකේ දැළිරැවුලු කපාහැර, කසාවත් හැඳ, ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වන්නෙම් නම් ඉතා යෙහෙකැයි, රාජකුමාරය, කියා, ඒ මම එයින් ටික කලකට පසු තරුණ වයස ඇත්තේම කළුවූ හිසකෙස් ඇත්තේම, පළමුවෙනි වයසෙහි යහපත් තරුණ භාවයෙන් යුක්තවූයේම නොකැමතිවූ මවුපියන් අඬද්දී, හිසකෙස් දැළි රැවුල් කපාහැර කසාවත් හැඳගෙන ගිහිගෙන් නික්ම අනගාරිකව පැවිදිවීමි.’
“මෙසේ පැවිදිවූ මම කුසල් කුමක්දැයි සොයන්නේ නිරුත්තර උතුම් නිර්වාණය සොයන්නේ ආළාරකාලාම නම් තවුස්තෙම යම් තැනෙක්හිද එතැනට ගියෙමි. ගොස්, ආළාරකාලාම තාපසයාට මෙසේ කීවෙමි.
“ඇවැත්නි කාලාමයෙනි, තොපගේ මේ ශාසනයෙහි බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්ට මම කැමැත්තෙමි’යි (කීවෙමි) රාජකුමාරය, මම මෙසේ කී කල්හි ආළාරකාලාම තෙම මට මෙය කීවේය. ‘යම් තැනක නුවණ ඇත්තාවූ පුරුෂයෙක් නොබෝ කලකින් තමන්ගේ ආචාර්යයන්ගේ ධර්මය තමාම නුවණින් දැන අවබෝධ කොට ඊට පැමිණ වාසය කරන්නේද මේ ධර්මයද එබඳුය, එහෙයින් ආයුෂ්මත් තෙම වාසය කෙරේවා’ (කියායි.)
“රාජකුමාරය, ඒ මම ටික කලකින් වහාම ඔවුන්ගේ ඒ ධර්මය අසාම ඉගෙන ගත්තෙමි. රාජකුමාරය, ඒ මම (කියන්ට) තොල පෙරලු පමණින්, (ඔහු) කියනදේ නැවත කී පමණින් මෙබඳු ස්වල්ප කාලයකින් ඤාණවාදයද, (දනිමියයි කීමද) කියමි. ථෙරවාදයද (එහි ස්ථිරයයි කීමද) දනිමියිද දකිමියිද පිළිගනිමි. මා පමණක් නොව අන්‍යයෝද (මා ගැන) එසේ කියති. රාජකුමාරය, ඒ මට මේ සිත විය. ආළාරකාලාම තෙම මේ ධර්මය ඇදහීම පමණකින් තමාම උසස් නුවණින් අවබෝධ කොට ඊට පැමිණ වාසය කරමියි නොකියයි. ආළාර කාලාම තෙම මේ ධර්මය දැන දැක වාසය කරයි. (කියායි.) රාජකුමාරය, ඉන්පසු මම ආළාරකාලාම යම් තැනකද එහි ගියෙමි. ගොස්, ආළාරකාලාම හට මෙසේ කීවෙමි. ඇවැත්නි, කාලාමයෙනි, කොපමණකින් මේ ධර්මය තමාම දැන අවබෝධ කොට ඊට පැමිණ ප්‍රකාශ කෙරේදැ”යි (කියායි)
“රාජකුමාරය, මෙසේ කී කල්හි ආලාරකාලාම තෙම ආකිඤ්චඤ්ඤායතනය කෙළවර කොට ඇති සමාපත්තිය දැක්වූයේය. රාජකුමාරය, ඒ මට මේ සිත පහළවිය. ‘ආළාරකාළාමහට පමණක් ශ්‍රද්ධාව ඇත්තේ නොවෙයි. මටද ශ්‍රද්ධාව ඇත. ආළාරකාළාමහට පමණක් වීර්ය ඇත්තේ නොවෙයි, මටද වීර්යය ඇත. ආළාරකාළාමහට පමණක් සිහිය ඇත්තේ නොවෙයි. මටද සිහිය ඇත, ආළාරකාළාමහට පමණක් සමාධිය ඇත්තේ නොවෙයි, මටද සමාධිය ඇත. ආළාරකාළාමහට පමණක් ප්‍රඥාව ඇත්තේ නොවෙයි, මටද ප්‍රඥාව ඇත. යම් හේතුවකින් ආළාරකාම තෙම යම් ධර්මයක් තමාම නුවණින් දැන ඊට පැමිණ වාසය කරමියි, කියයි නම් ඒ ධර්මය අත්කර ගැණීම පිණිස මම උත්සාහ කරන්නෙම් නම් හොඳය’ (කියායි.)
“රාජකුමාරය, ඒ මම ටික කලකින් වහාම ඒ ධර්මය තමාම නුවණින් දැන අවබෝධකොට ඊට පැමිණ වාසය කෙළෙමි. රාජකුමාරය, ඉන්පසු මම ආළාරකාලාම තෙම යම් තැනකද එතැනට ගියෙමි. ගොස් ‘ඇවැත්නි කාලාමයෙනි, මේ ධර්මය දැන අවබෝධ කොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නේ මෙපමණෙකින්දැ’යි (ඇසීමි) ‘ඇවැත්නි, මේ ධර්මය දැන අවබෝධ කොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නෙම් මෙපමණකින්ය’යි (ආළාරකාලාම තෙම) කීය. ‘ඇවැත්නි, මමද මෙපමණකින් මේ ධර්මය දැන අවබෝධකොට ඊට පැමිණ වාසය කරමි’යි (කීවෙමි) ‘ඇවැත්නි, යම් බඳුවූ අපි ආයුෂ්මත්වූ ඔබ වැනිවූ සමාන බ්‍රහ්මචර්යා ඇත්තෙකු දකින්නෙමුද, ඒ අපට ලාභයකි. උතුම් ලාභයකි. මෙසේ මම යම් ධර්මයක් දැන අවබෝධකොට ඊට පැමිණ ප්‍රකාශ කරම්ද, ඔබ ඒ ධර්මය දැන අවබෝධකොට ඊට පැමිණ වාසය කරන්නෙහිය. ඔබ යම් ධර්මයක් දැන අවබෝධ කොට ඊට පැමිණ වාසය කරන්නෙහිද, මමද ඒ ධර්මය දැන අවබෝධකොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නෙමි. මෙසේ මම යම් ධර්මයක් දන්නෙම්ද ඔබද ඒ ධර්මය දන්නෙහිය. යම් හේතුවකින් ඔබ යම් ධර්මයක් දන්නෙම්ද, මමද ඒ ධර්මය දන්නෙමි. මෙසේ මම යම් බඳුද ඔබත් එබඳුය. ඔබ යම් බඳුද මාත් එබඳුය. ඇවැත්නි, එනු මැනව. දෙදෙනම එක්ව මේ පිරිස පාලනය කරවු’යි (කීවේය) රාජ කුමාරය, මෙසේ මාගේ ආචාර්යවූම ආළාරකාලාම තෙම අතවැසි (ශිෂ්‍ය) වූ ඔහු හා සම සම ස්ථානයෙහි තැබීය. උත්තමවූ පූජාවෙන් මා පිදුවේය.
“රාජකුමාරය, ඒ මට මෙසේ සිතුනේය. ‘මේ (තාපස) ධර්මය සසර කලකිරීම පිණිස නොපවතියි. සසර නොඇල්ම පිණිස නොපවතියි. කෙලෙස් නැති කිරීම පිණිස නොපවතියි (දතයුතු ධර්මයන්) දැනීම පිණිස නොපවතියි. (චතුරාර්ය සත්‍ය) අවබෝධය පිණිස නොපවතියි. නිර්වානය පිණිස නොපවතියි. ආකිඤ්චඤ්ඤායතන බ්‍රහ්ම ලෝකයෙහි ඉපදීම පිණිස පමණක් පවතියි. රාජකුමාරය, ඒ මම ඒ ධර්මය ප්‍රමාණ නොවේයයි සිතා, ඒ ධර්මයෙහි කලකිරී ඉවත්ව ගියෙමි.
|
328
‘‘සො ඛො අහං, රාජකුමාර, කිංකුසලගවෙසී අනුත්තරං සන්තිවරපදං පරියෙසමානො යෙන උදකො
(උද්දකො (සී. ස්‍යා. කං. පී.)) රාමපුත්තො තෙනුපසඞ්කමිං; උපසඞ්කමිත්වා උදකං රාමපුත්තං එතදවොචං - ‘ඉච්ඡාමහං, ආවුසො
(ආවුසො රාම (සී. ස්‍යා. කං. ක.) පස්ස ම. නි. 1.278 පාසරාසිසුත්තෙ), ඉමස්මිං ධම්මවිනයෙ බ්රහ්මචරියං චරිතු’න්ති. එවං වුත්තෙ, රාජකුමාර, උදකො රාමපුත්තො මං එතදවොච - ‘විහරතායස්මා, තාදිසො අයං ධම්මො යත්ථ විඤ්ඤූ පුරිසො නචිරස්සෙව සකං ආචරියකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්යා’ති. සො ඛො අහං, රාජකුමාර, නචිරස්සෙව ඛිප්පමෙව තං ධම්මං පරියාපුණිං. සො ඛො අහං, රාජකුමාර, තාවතකෙනෙව ඔට්ඨපහතමත්තෙන ලපිතලාපනමත්තෙන ඤාණවාදඤ්ච වදාමි, ථෙරවාදඤ්ච ජානාමි පස්සාමීති ච පටිජානාමි, අහඤ්චෙව අඤ්ඤෙ ච. තස්ස මය්හං, රාජකුමාර, එතදහොසි - ‘න ඛො රාමො ඉමං ධම්මං කෙවලං සද්ධාමත්තකෙන සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමීති පවෙදෙසි; අද්ධා රාමො ඉමං ධම්මං ජානං පස්සං විහාසී’ති. අථ ඛ්වාහං, රාජකුමාර, යෙන උදකො රාමපුත්තො තෙනුපසඞ්කමිං; උපසඞ්කමිත්වා උදකං රාමපුත්තං එතදවොචං - ‘කිත්තාවතා නො, ආවුසො, රාමො ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමීති පවෙදෙසී’ති? එවං වුත්තෙ, රාජකුමාර, උදකො රාමපුත්තො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං පවෙදෙසි. තස්ස
‘‘අථ
|
328
“රාජකුමාරය, ඒ මම කුසල් කුමක්දැයි සොයන්නේ නිරුත්තරවූ උතුම් නිර්වාණය සොයන්නේ උද්දකරාම පුත්තතෙම යම් තැනකද එතැනට පැමිණියෙමි. පැමිණ උද්දකරාම පුත්තහට මෙසේ කීවෙමි. ‘ඇවැත්නි, රාමයෙනි, මේ ධර්ම විනයෙහි බ්‍රහ්මචර්යාව රකින්ට මම කැමැත්තෙමි’ (කීවෙමි) “රාජකුමාරය, මෙසේ කී කල්හි උද්දකරාම පුත්තතෙම මට මෙසේ කීවේය. ‘යම් තැනක නුවණ ඇත්තාවූ පුරුෂයෙක් නොබෝ කලකින් තමන්ගේ ආචාර්යයන්ගේ ධර්මය තමාම නුවණින් දැන අවබෝධකොට ඊට පැමිණ වාසය කරන්නේද, මේ ධර්මයද එබඳුය. එහෙයින් ආයුෂ්මත්තෙම වාසය කෙරේවා’ (කියායි.)
“රාජකුමාරය, ඒ මම ටික කලකින් වහාම ඔවුන්ගේ ඒ ධර්මය ඉගෙනගත්තෙමි, රාජකුමාරය, ඒ මම කීමට තොල සෙලවූ පමණින්, වචනයක් කී පමණින් දනිමි යන වචනයද, දැනීම ස්ථිරය යන වචනයද ප්‍රකාශ කරමි. මම දනිමි, දකිමියි කියමි. මා පමණක් නොව අන්‍යයෝද (මා ගැන) එසේ කියති. රාජකුමාරය, ඒ මට මේ සිත විය. ‘උද්දකරාම පුත්ත තෙම මේ ධර්මය ඇදහීම් පමණකින් තමාම උසස් නුවණින් දැන අවබෝධකොට ඊට පැමිණ වාසය කරමියි, නොකියයි. උද්දකරාම පුත්ත තෙම මේ ධර්මය දැන, දැක වාසය කළේයි’. (මට කල්පනාවිය.) රාජකුමාරය, ඉන්පසු මම උද්දකරාම පුත්ත යම් තැනකද එතැනට ගියෙමි. උද්දකරාම පුත්තහට මෙසේ කීවෙමි ‘ඇවැත්නි, රාමයෙනි, කොපමණකින් මේ ධර්මය තමාම දැන අවබෝධ කොට ඊට පැමිණ ප්‍රකාශ කෙරේදැයි’ (කියායි)
“රාජකුමාරය, මෙසේ කී කල්හි උද්දකරාම පුත්ත නෙවසඤ්ඤානාසඤ්ඤායතනය, කෙළවර කොට ඇති සමාපත්තිය දැන්වූයේය. රාජකුමාරය, ඒ මට මේ සිත විය. ‘රාමහට පමණක් ශ්‍රද්ධාව ඇත්තේ නොවෙයි. මටද ශ්‍රද්ධාව ඇත. රාමහට පමණක් වීර්යය ඇත්තේ නොවෙයි. මටද වීර්යය ඇත. රාමහට පමණක් සිහිය ඇත්තේ නොවෙයි. මටද සිහිය ඇත. රාමහට පමණක් සමාධිය ඇත්තේ නොවෙයි මටද සමාධිය ඇත. රාමහට පමණක් ප්‍රඥාව ඇත්තේ නොවෙයි. මටද ප්‍රඥාව ඇත. යම් හේතුවකින් රාමපුත්තතෙම යම් ධර්මයක් තමාම නුවණින් දැන ඊට පැමිණ වාසයකරමියි කියයි නම් ඒ ධර්මය තමන්ම ප්රත්යක්ෂ කර ගැණීම පිණිස වීර්ය කරන්නෙම් නම් යහපත්ය.’ (කියායි.)
“රාජකුමාරය, ඒ මම ටික කලකින් වහාම ඒ ධර්මය තමාම නුවණින් දැන අවබෝධ කොට ඊට පැමිණ වාසය කෙළෙමි. රාජකුමාරය, ඉන්පසු මම උද්දකරාම පුත්ත යම් තැනකද එතැනට ගියෙමි. ගොස්, උද්දකරාම පුත්තහට මෙසේ කීවෙමි.
“ඇවැත්නි, රාමයෙනි, මේ ධර්මය දැන අවබෝධකොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නේ මෙපමණකින්දැ”යි ඇසීමි. ‘ඇවැත්නි, මේ ධර්මය දැන අවබෝධ කොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නෙම් මෙපමණකින්ය’යි (උද්දකරාමතෙම) කීය. ‘ඇවැත්නි, මමද මෙපමණකින් මේ ධර්මය දැන අවබෝධකොට ඊට පැමිණ වාසය කරමි’යි කීවෙමි.
“ඇවැත්නි, යම්බඳුවූ අපි ආයුෂ්මත්වූ ඔබ වැනිවූ සමාන බ්රහ්මචරියා ඇත්තෙකු දකින්නෙමුද ඒ අපට ලාභයකි. මහත් ලාභයකි. මෙසේ මම යම් ධර්මයක් දැන අවබෝධ කොට ඊට පැමිණ ප්‍රකාශ කරම්ද, ඔබ ඒ ධර්මය නුවණින් දැන අවබෝධකොට ඊට පැමිණ වාසය කරන්නෙහිය. ඔබ යම් ධර්මයක් දැන අවබෝධ කොට ඊට පැමිණ වාසය කරන්නෙහිද, මමද ඒ ධර්මය දැන අවබෝධකොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නෙමි. මෙසේ මම යම් ධර්මයක් දන්නේද, ඔබ ඒ ධර්මය දන්නෙහිය. ඔබ යම් ධර්මයක් දන්නේද, මමද ඒ ධර්මය දන්නෙමි. මෙසේ මම යම් බඳුද ඔබත් එබඳුය. ඔබ යම් බඳුද මමත් එබඳුය. ඇවැත්නි, එව, දෙදෙනම එක්ව මේ පිරිසපාලනය කරමුයි’ (කීවේය) රාජ කුමාරය, මෙසේ මාගේ ආචාර්යවූම උද්දකරාමපුත්ත තෙම අතවැසි (ශිෂ්‍ය) වූ මා ඔහු හා සම සම ස්ථානයෙහි තැබීය. උතුම්වූ පූජාවෙන් මට පිදුවේය.
“රාජ කුමාරය, ඒ මට මෙසේ සිතුනේය. ‘මේ (තාපස) ධර්මය සසර කලකිරීම පිණිස නොපවතී. සසර නොඇල්ම පිණිසනොපවී. කෙලෙස් නැති කිරීම පිණිස නොපවතී. (දතයුතු ධර්මයන්) දැනීම පිණිස නොපවතී. (චතුරාර්යසත්යය) අවබෝධය පිණිස නොපවතී. නිර්වාණය පිණිස නොපවතී. යම්තාක් නෙවසඤ්ඤානාසඤ්ඤායතන බ්‍රහ්ම ලෝකයෙහි ඉපදීම පිණිස පමණක් පවතියි’. රාජ කුමාරය, ඒ මම ඒ ධර්මය ප්‍රමාණ නොකොට කලකිරී ඒ ධර්මයෙන් ඉවත්ව ගියෙමි.
|
329
‘‘සො ඛො අහං, රාජකුමාර, කිංකුසලගවෙසී අනුත්තරං සන්තිවරපදං පරියෙසමානො, මගධෙසු අනුපුබ්බෙන චාරිකං චරමානො, යෙන උරුවෙලා සෙනානිගමො තදවසරිං. තත්ථද්දසං රමණීයං භූමිභාගං, පාසාදිකඤ්ච වනසණ්ඩං, නදීඤ්ච සන්දන්තිං සෙතකං සුපතිත්ථං, රමණීයං සමන්තා ච ගොචරගාමං. තස්ස මය්හං, රාජකුමාර, එතදහොසි - ‘රමණීයො වත, භො, භූමිභාගො, පාසාදිකො ච වනසණ්ඩො, නදිඤ්ච සන්දන්තිං සෙතකා සුපතිත්ථා
‘‘සෙය්යථාපි, රාජකුමාර, අල්ලං කට්ඨං සස්නෙහං උදකෙ නික්ඛිත්තං. අථ පුරිසො ආගච්ඡෙය්ය උත්තරාරණිං ආදාය - ‘අග්ගිං අභිනිබ්බත්තෙස්සාමි, තෙජො පාතුකරිස්සාමී’ති. තං කිං මඤ්ඤසි, රාජකුමාර, අපි නු සො පුරිසො අමුං අල්ලං කට්ඨං සස්නෙහං උදකෙ නික්ඛිත්තං උත්තරාරණිං
|
329
“රාජකුමාරය ඒ මම කුසල් කුමක්දැයි සොයමින්, නිරුත්තරවූ නිර්වාණය සොයමින්, මගධ ජනපදයෙහි පිළිවෙලින් ගමන් කරන්නේ උරුවෙල් දනව්වෙහි සේනානි නම් නියම්ගම යම් තැනකද එහි පැමිණියෙමි. එහි සුදුවැලි තලා ඇත්තාවූ, යහපත් තොටවල් ඇත්තාවූද, ගලායන ගඟ ඇත්තාවූද, අවට ගොදුරු ගම් ඇත්තාවූද, ප්‍රසාදය ඇති කරන්නාවූද, සිත් සතුටු කරන්නාවූද වනලැහැබක් ඇති බිම් පෙදෙසක් දුටිමි. රාජකුමාරය, ඒ මට මේ සිත පහළ විය. ඒකාන්තයෙන් භූමි ප්‍රදෙශය සිත් අලවන්නේය. වනලැහැබ සතුට උපදවන්නේය. සුදු වැලිතලා ඇති හොඳ තොටුපලවල් ඇති ගංගාවද සිත් අලවන්නීය. හාත්පස ගොදුරු ගම්ද වෙයි. වීර්යය කරන කුලපුත්‍රයෙකුට වීර්ය කිරීමට මෙය ඒකාන්තයෙන් සුදුසුයි. රාජකුමාරය, ඒ මම මේ ස්ථානය වීර්ය කිරීමට සුදුසුයයි සිතා වීර්යය වැඩීම පිණිස එහිම උන්නෙමි.
“රාජකුමාරය, මට ආශ්චර්යවූ, පෙර නොඇසූ විරූ උපමා තුනක් වැටහුනාහුය. රාජකුමාරය, යම්සේ කිරි සහිතවූ අමු දියේ දමනලද තෙත්වූ (දිඹුල්) ලී කැබැල්ලක් වේද, ඉක්බිති පුරුෂයෙක් තෙම ගිනිගානා දණ්ඩක් ගෙන ගිනි නිපදවන්නෙමියි, ගින්දර ඇතිකරන්නෙමියි, කියා එන්නේය. රාජකුමාරය, ඒ පුරුෂ තෙම ජලයෙහි බහාලන ලද ඒ කිරි සහිත අමු (දිඹුල්) ලී කැබෙල්ල ගිනි ගානා දණ්ඩන් මැදීමෙන් ගිනි නිපදවන්නේද? ගිනි පහළ කරන්නේද?” “භවත් ගෞතමයෙනි, එය සිදු නොවන්නේය. ඊට හේතු කවරේද යත්:-භවත් ගෞතමයෙනි, (දිඹුල්) ලී කඩ වනාහි අමුය, කිරි සහිතය, එපමණක් නොව ජලයෙහිද බහාලන ලද්දේය. (එහෙයිනි) (ඒ ලීයෙන් ගිනි උපදවනු කැමැති) ඒ පුරුෂ තෙම ක්ලාන්තයටද, වෙහෙසටද පැමිණීම පමණක් සිදුවන්නේය.” “රාජකුමාරය, එපරිද්දෙන්ම යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කයින් වස්තු කාමයන්ගෙන් වෙන්ව වාසය නොකරත්ද, කාම වස්තු කෙරෙහි ඔවුන්ගේ යම්කිසි ඇල්මක් වේද, කාම ආසාවක් වේද, කාම මූර්ජාවක් වේද කාම පිපාසයක් වේද, කාම දැවිල්ලක් වේද, ඒ ක්ලේශ කාමය තමා තුල මනාව නැති නොවූයේ වේද, මනාව මැඩපවත්වන ලද්දේ නොවේද, ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ, වේදනාවන් විඳිත්. ඔවුහු ආර්ය මාර්ග ඥාන දර්ශනයටද, නිරුත්තරවූ අවබෝධයටද නුසුදුස්සෝමය රාජකුමාරය, ආශ්චර්යවූ පෙර නොඇසුවිරූ මේ පළමු වන උපමාව මට වැටහුණි.
|
330
‘‘අපරාපි ඛො මං, රාජකුමාර, දුතියා උපමා පටිභාසි අනච්ඡරියා
|
330
“රාජ කුමාරය, ආශ්චර්යවූ පෙර නොඇසූවිරූ අන්‍යවූ දෙවෙනි උපමාවක්ද මට වැටහිණි. රාජකුමාරය යම්සේ කිරි සහිතවූ අමු (දිඹුල්) ලීයක් දියෙන් ඈත්කොට ගොඩවීමෙහි බහා තබන ලද්දේ වේද, ඉක්බිති පුරුෂයෙක් තම ගිනිගානා දණ්ඩ ගෙන ගිනි නිපදවන්නෙමි. ගින්න පහළ කරන්නෙමියි කියා එන්නේය. රාජකුමාරය, ඒ පුරුෂ තෙම කිරි සහිතවූ දියෙන්
ගෙන ගොඩ තබන ලද්දාවූ, ඒ අමු ලීය ගිනිගානා දණේඩන් මැදීමෙන් ගිනි උපදවන්නේද? ගින්දර පහළ කරන්නේද?” “භවත් ගෞතමයෙනි, එය සිදු නොවන්නේය. ඊට හේතු කවරේද යත්. භවත් ගෞතමයෙනි, ඒ ලී කඩ ජලයෙන් බැහැර කර ගොඩ බිමෙහි දමා තිබුණත් කිරි සහිතය (අමුය) එහෙයිනි. ඒ පුරුෂයා ක්ලාන්තයටද, වෙහෙසටද පත්වීම පමණක් නම් සිදුවන්නේය” “රාජකුමාරය, “එපරිද්දෙන්ම යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කයින් කාමයන්ගෙන් වෙන්ව වාසය කරත්ද, (එහෙත්) කාම වස්තු කෙරෙහි ඔවුන්ගේ ඇල්මක් වේද, කාම ආශාවක් වේද, කාම මුර්ජාවක් වේද, කාම පිපාසයක් වේද, කාම දැවිල්ලක් වේද, එය අභ්‍යන්තරයෙහි මනාව නැති නොවූයේ වේද නොව මැඩ නොපවත්වන ලද්දේ වේද, ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවූ දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනාවන් විඳිත්. ඔවුහු ආර්ය ඥාන දර්ශනයටද, නිරුත්තර අවබෝධයටද නුසුදුස්සෝමය.
“ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ, වේදනාවන් ඉදින් නොවිඳින්නාහුද, ඥාන දර්ශනය ලැබීමටද, නිරුත්තරවූ අවබෝධයටද නුසුදුස්සෝමය. රාජකුමාරය, මේ වනාහි මට වැටහුනු පුදුමවු, පෙර නොඇසුවාවූ දෙවෙනි උපමාවය.
|
331
‘‘අපරාපි
|
331
“රාජකුමාරය, පුදුමවූ පෙර නොඇසුවාවූ තුන්වෙනිවූ අන්‍ය උපමාවක්ද මට වැටහුනේය. රාජකුමාරය, වියලුනාවූ, කිරි සිඳුනාවූ, දියෙන් ඈත්කොට ගොඩබිමෙහි තබන ලද වියලි දරලීයක් වේද, එකල්හි පුරුෂයෙක් ගිනිගානා දණ්ඩ ගෙන ගිනි උපදවන්නෙමි. ගින්න ඇති කරන්නෙමියි එන්නේය. රාජකුමාරය, ඒ පුරුෂතෙම වියලුනාවූ, කිරි සිඳුනාවූ, දියෙන් ඈත්කොට ගොඩ තබන ලද ඒ ලීය ඒ ගිනි ගානා දණ්ඩ ගෙන මැදීමෙන් ගිනි උපදවන්නේද, ගින්න ඇති කරන්නේද?” “භවත් ගෞතමයෙනි, එසේය. ඊට හේතු කවරේද? භවත් ගෞතමයෙනි, ඒ ලීය වියලුනේ වෙයි, කිරි සිඳුනේ වෙයි, දියෙන් ගෙන ගොඩ තබන ලද්දේත් වෙයි.” “රාජකුමාරය, එපරිද්දෙන්ම යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කයින් කාමයන්ගෙන් වෙන්ව වාසය කරත්ද, ඔවුන්ගේ කාමවස්තූන් කෙරෙහි යම් ඇල්මක් වේද, කාම ආසාවක් වේද, කාම මූර්ජාවක් වේද, කාම දැවිල්ලක් වේද, ඒ කාම ආශාව අධ්‍යාත්මයෙහි (ඇතුලත) හොඳින් ප්‍රහීනවූයේ වේද, හොඳින් මැඩපැවතියේද, ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවූ, තියුණුවූ, කටුකවූ, වේදනාවන් නොවිඳිත්. ඔවුහු මාර්ග ඥාන දර්ශනය පිණිස, නිරුන්තරවූ අවබෝධය පිණිස සුදුස්සෝමැයි රාජකුමාරය, ආශ්චර්යවූ පෙර නොඇසූ විරූ මේ උපමා තුන මට වැටහුනාහුය.
|
332
‘‘තස්ස
|
332
“රාජකුමාරය, ඒ මට මේ සිත පහළවිය. ‘යම්හෙයකින් මම යටි දත් පෙළෙහි උඩු දත් පෙළ තදකරගෙන (දත්මිටි කාගෙන.) දිව උඩුතල්ලෙහි තද කරගෙන, කුසල් සිතින් අකුසල් සිත යටපත් කරන්නෙම් නම්, පෙළන්නෙම් නම් යෙහෙක’ (කියායි.) රාජ කුමාරය, ඒ මම දත්මිටිකාගෙන දිව උඩුතල්ලෙහි තදකරගෙන, කුසල් සිතින් අකුසල් සිත යටපත් කරමි. පෙළමි, තවමි. රාජකුමාරය, දත්මිටි කාගෙන දිව උඩුතල්ලෙහි තද කරගෙන කුසල් සිතින් අකුසල් සිත යටපත් කරන්නාවූ, පෙළන්නාවූ, තවන්නාවූ ඒ මාගේ කිහිලිවලින් ඩාදිය වැගිරෙන්නේය.
“රාජ කුමාරය, යම්සේ බලවත් පුරුෂයෙක් තෙම වඩා දුර්වල පුරුෂයෙකු හිසින් හෝ අල්වාගෙන, බෙල්ලෙන් හෝ අල්වාගෙන තදකරන්නේද, පෙළන්නේද, තවන්නේද, රාජකුමාරය, එපරිද්දෙන්ම දත්මිටිකාගෙන, දිව උඩුතල්ලෙහි තදකරගෙන කුසල් සිතින් අකුසල් සිත යටපත් කරන්නාවූ, පෙළන්නාවූ, තවන්නාවූ ඒ මාගේ කිහිලිවලින් ඩාදිය වැගිරෙයි.
“රාජ කුමාරය, මා විසින් නොහැකුළුණු වීර්යය පටන්ගන්නා ලද්දේය. සිහිය එළඹ සිටියාය. එහෙයින්ම නුමුළාවිය. ප්‍රධාන වීර්යයෙන් මඩනා, ලද්දාවුම මාගේ ශරීරය දාහ සහිත විය. නොසන්සිඳුනේ විය. රාජකුමාරය, මට උපන්නාවූද මෙබඳුවූද, දුක්වේදනාව කුසල් සිත විනාශ නොකරයි.
|
333
‘‘තස්ස
‘‘තස්ස මය්හං, රාජකුමාර, එතදහොසි - ‘යංනූනාහං අප්පාණකංයෙව ඣානං ඣායෙය්ය’න්ති. සො ඛො අහං, රාජකුමාර, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙ උපරුන්ධිං. තස්ස මය්හං, රාජකුමාර, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු අධිමත්තා වාතා මුද්ධනි ඌහනන්ති
(ඌහන්ති (සී.), ඔහනන්ති (ස්‍යා. කං.), උහනන්ති (ක.)). සෙය්යථාපි, රාජකුමාර, බලවා පුරිසො තිණ්හෙන සිඛරෙන මුද්ධනි අභිමත්ථෙය්‍ය
(මුද්ධානං අභිමන්ථෙය්ය (සී. පී.), මුද්ධානං අභිමත්ථෙය්‍ය (ස්‍යා. කං.)), එවමෙව ඛො මෙ, රාජකුමාර, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු අධිමත්තා වාතා මුද්ධනි ඌහනන්ති. ආරද්ධං ඛො පන මෙ, රාජකුමාර, වීරියං හොති අසල්ලීනං, උපට්ඨිතා සති අසම්මුට්ඨා, සාරද්ධො ච පන මෙ කායො හොති අප්පටිප්පස්සද්ධො, තෙනෙව දුක්ඛප්පධානෙන පධානාභිතුන්නස්ස සතො.
‘‘තස්ස
‘‘තස්ස මය්හං, රාජකුමාර, එතදහොසි - ‘යංනූනාහං අප්පාණකංයෙව ඣානං ඣායෙය්ය’න්ති. සො ඛො අහං, රාජකුමාර, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙ උපරුන්ධිං. තස්ස මය්හං, රාජකුමාර, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු අධිමත්තා
‘‘තස්ස මය්හං, රාජකුමාර, එතදහොසි - ‘යංනූනාහං අප්පාණකංයෙව ඣානං ඣායෙය්ය’න්ති. සො ඛො අහං, රාජකුමාර, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙ උපරුන්ධිං. තස්ස මය්හං, රාජකුමාර, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු
‘‘අපිස්සු මං, රාජකුමාර, දෙවතා දිස්වා එවමාහංසු - ‘කාලඞ්කතො සමණො ගොතමො’ති. එකච්චා දෙවතා එවමාහංසු - ‘න කාලඞ්කතො සමණො ගොතමො, අපි ච කාලඞ්කරොතී’ති. එකච්චා දෙවතා එවමාහංසු - ‘න කාලඞ්කතො සමණො ගොතමො, නාපි කාලඞ්කරොති
|
333
“රාජ කුමාරය, ඒ මට මේ සිත පහළ විය. ‘යම් හෙයකින් මම ආශ්වාස කිරීම රහිත ධ්‍යානය වඩන්නෙම් නම් යෙහෙක’ (කියාය) රාජකුමාරය, ඒ මම කටින්ද නාසයෙන්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. රාජකුමාරය, කටින්ද, නාසයෙන්ද ආශ්වාස ප්‍රශ්වාස වැළක්වූ කල්හි කන් සිදුරුවලින් පිටවන වාතයෙහි අධික ශබ්දය ඇතිවෙයි. මයින හමක් පිඹින කල්හි යම්සේ අධික ශබ්දයක් ඇතිවේද, එපරිද්දෙන්ම රාජකුමාරය, මාගේ මුඛයෙන්ද නාසයෙන්ද ආශ්වාස ප්‍රශ්වාස වැළක්වූ කල්හි කන් සිදුරුවලින් පිටවන වාතයෙහි අධික ශබ්දය ඇතිවෙයි.
“රාජ කුමාරය, මා විසින් නොහැකුළුණු වීර්ය පටන්ගන්නා ලදී. සිහිය එළඹ සිටියාය (එහෙයින්ම) මුළා නොවීය. ප්‍රධාන වීර්යයෙන් වීර්යය වඩන්නාවූ මාගේ ශරීරය දාහ සහිත වෙයි. නොසන්සිඳුනේ වෙයි. රාජකුමාරය, මට උපන්නාවූද, මෙබඳුවූද, දුක්වේදනාව කුසල් සිත විනාශ නොකරයි.
“රාජ කුමාරය, ඒ මට මෙසේ කල්පනා විය. ‘යම් හෙයකින් මම ආශ්වාස රහිත ධ්‍යානයම වඩන්නෙම් නම් යෙහෙක’ (කියායි) රාජකුමාරය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. රාජ කුමාරය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළක්වූ කල්හි අධික වාතය හිස්මුදුන පලන්නාක් මෙන් වෙයි. රාජකුමාරය, යම්සේ බලවත් පුරුෂයෙක් තියුණු කටුවකින් හිස්මුදුන විදින්නේද එපරිද්දෙන්ම රාජකුමාරය, මගේ මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ, කල්හි අධික වාතය හිස්මුදුන පලන්නාසේ වෙයි.
“රාජ කුමාරය, මා විසින් නොහැකුළුණු වීර්යය පටන්ගන්නා ලද්දේමය. සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළාව නොවීය. ප්‍රධාන වීර්යයෙන් වීර්යය වඩන්නාවූ මාගේ ශරීරය දාහ සහිතවිය. නොසංසිඳුනේ වෙයි. රාජකුමාරය, මට උපන්නාවූ මෙබඳුවූද, දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි.
“රාජ කුමාරය, ඒ මට මෙසේ කල්පනා විය. ‘යම් හෙයකින් මම ආශ්වාස රහිත ධ්‍යානයම වඩන්නේ නම් යෙහෙක’ (කියාය). රාජකුමාරය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. රාජ කුමාරය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි හිසෙහි අධික වේදනාව ඇතිවෙයි. රාජ කුමාරය, යම්සේ බලවත් පුරුෂයෙක් දැඩි වරපට බැම්මකින් හිස වෙළයිද, එපරිද්දෙන්ම රාජකුමාරය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි මගේ හිසෙහි වේදනාව ඇති වෙයි.
“රාජ කුමාරය, මා විසින් නොහැකුළුණු වීර්යය පටන්ගන්නා ලද්දේමය, සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළාව නොවීය. ප්‍රධාන වීර්යයෙන් වීර්යය වඩන්නාවූ මාගේ ශරීරය දාහ සහිත විය. නොසංසිඳුනේ වෙයි. රාජකුමාරය, මට උපන්නාවූ මෙබඳුවූද, දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි.
“රාජ කුමාරය, ඒ මට මෙසේ කල්පනා විය. ‘යම් හෙයකින් මම ආශ්වාස රහිත ධ්‍යානයම වඩන්නේ නම් යෙහෙක’ (කියාය). රාජකුමාරය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. රාජකුමාරය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි අධිකවූ වාතයෝ කුස සිඳිත්.
“රාජකුමාරය, දක්ෂවූ ගවයන් මරන්නෙක් හෝ ගවයන් මරන්නෙකුගේ අතවැසියෙක් හෝ ගෙරින් කපන තියුණු ආයුධයකින් බඩ කපන්නේ යම්සේද, එපරිද්දෙන්ම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි අධික වාතය උදරය කපන්නාසේ වෙයි.
“රාජකුමාරය, මා විසින් නොහැකුළුණු වීර්යය පටන් ගන්නා ලද්දේමය, සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළාව නොවීය. ප්‍රධාන වීර්යයෙන් වීර්යය කරන්නාවූ මාගේ ශරීරය දාහ සහිත විය. නොසංසිඳුනේ වෙයි. රාජකුමාරය, මට උපන්නාවූ මෙබඳුවූද, දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි.
“රාජකුමාරය, ඒ මට මෙසේ කල්පනා විය. ‘ආශ්වාස රහිත ධ්‍යානය වඩන්නේ නම් යෙහෙක’ (කියාය). රාජකුමාරය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක් වූයෙමි. රාජකුමාරය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි ශරීරයෙහි අධික දැවිල්ලක් වෙයි. රාජකුමාරය, යම්සේ බලවත් පුරුෂයෝ දෙදෙනෙක් දුර්වල පුරුෂයෙකු අත් දෙකෙන් අල්ලා ගෙන අඟුරු වළකට අල්ලා තවන්නාහුද, අතිශයින් තවන්නාහුද, රාජකුමාරය, එපරිද්දෙන්ම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි මගේ ශරීරයේ අධික දැවිල්ලක් වෙයි.
“රාජකුමාරය, මා විසින් වීර්යය පටන්ගන්නා ලද්දේමය සිහිය එළඹ සිටියාය. (එහෙයින්) මුළාව නොවීය. ප්‍රධාන වීර්යයෙන් වීර්ය කරන්නාවූ මාගේ ශරීරය දාහ සහිත වීර්යයෙන්ම විඩා සහිත වෙයි. නොසංසිඳුනේ වෙයි. රාජ කුමාරය, මට උපන්නාවූ මෙබඳුවූද දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි.
“එකල්හි දේවතාවෝ මා දැක මෙසේ කීහ. ‘ශ්‍රමණ ගෞතම තෙම කළුරිය කළේය’ (කියායි) ඇතැම් දේවතා කෙනෙක් මෙසේ කීහ. ‘ශ්‍රමණ ගෞතමතෙම කළුරිය නොකෙළේය. එහෙත් කළුරිය කරන්නේය’ (කියායි.) ඇතැම් දෙවතා කෙනෙක් ‘ශ්‍රමණ ගෞතම තෙම කලුරිය කළේත් නොවේ. කලුරිය කරන්නේත් නොවෙයි. ශ්‍රමණ ගෞතම තෙම රහත්ය. රහතුන්ගේ වාසය කිරීමකැ’යි (කීහ.)
|
334
‘‘තස්ස මය්හං, රාජකුමාර, එතදහොසි - ‘යංනූනාහං සබ්බසො ආහාරුපච්ඡෙදාය පටිපජ්ජෙය්ය’න්ති. අථ ඛො මං, රාජකුමාර, දෙවතා උපසඞ්කමිත්වා
‘‘තස්ස
|
334
“රාජකුමාරය, ඒ මට මෙසේ කල්පනාවිය. යම් හෙයකින් මම මුළුමනින් ආහාර නොවැළඳීම පිණිස පිළිපදින්නෙම් නම් ඉතා යෙහෙක’ (කියායි). රාජකුමාරය, එවිට දේවතාවෝ මාවෙත පැමිණ මෙසේ කීහ. ‘නිදුකාණෙනි, ඔබ මුළුමනින් ආහාර නොගෙන සිටින්නට නොසිතුව මැනවි, යම් හෙයකින් ඔබ මුළුමනින් ආහාර නොගෙන සිටිය හොත් අපි ඔබගේ ලෝම සිදුරුවලින් දිව්‍ය ඕජස් ශරීරගත කරන්නෙමු ඔබ එයින් යැපෙන්නෙහිය.’ රාජකුමාරය, ඒ මට මෙසේ කල්පනා විය. මම වනාහි මුළුමනින් නිරාහාරව සිටීමට සිතින් එකඟ වුනෙමි. එහෙත් මේ දේවතාවෝ මාගේ ලොම සිදුරුවලින් දිව්‍ය ඕජස ගිල්වන්නාහු නම් එයින් මම යැපෙන්නෙමි. එය මාගේ මුසාවක් වන්නේය. (කියායි.) රාජකුමාරය, ඒ මම ඒ දෙවියන් වැළැක්වූයෙමි. වුවමනා නැතැයි කීයෙමි.
“රාජකුමාරය, ඒ මට මේ සිත පහළ විය. ‘යම් හෙයකින් මම පතක්, පතක් පමණවූ මුංතැම්බු දිය හෝ කොල්ලු තැම්බූ දිය හෝ කඩල තැම්බූ දිය හෝ කලතණ තැම්බූ දිය හෝ ඉතා ස්වල්පවූ ආහාරයක් වළඳන්නෙම් නම් යෙහෙකි, (කියායි.)
“රාජකුමාරය, ඒ මම පතක්, පතක් පමණවූ, මුංතැම්බූ දිය හෝ කොල්ලු තැම්බූ දිය හෝ කඩල තැම්බූ දිය හෝ කලතණ තැම්බූ දිය හෝ ඉතා ස්වල්ප වශයෙන් ආහාරය වැළඳුවෙමි. රාජකුමාරය, ඒ මම පතක් පතක් පමණවූ මුං තැම්බූ දිය හෝ කොල්ලු තැම්බූ දිය හෝ කඩල තැම්බූ දිය හෝ කලතණ තැම්බූ දිය හෝ ඉත් ස්වල්ප වශයෙන් ආහාර ගන්නාවූ ඒ මාගේ ශරීරය ඉතා කෙට්ටු බවට පැමිණියේ වෙයි, අසූ වසක් ගිය වැලක පුරුක් හෝ කලුවැල් නම් වැලක පුරුක් හෝ යම්සේද මාගේ ඇඟපසඟ ඒ නිරාහාරභාවය නිසාම එබඳුවිය. ඔටුපියවර යම්සේ මැද ගැඹුරුවේද, එපරිද්දෙන්ම ඒ නිරාහාර භාවයෙන් මාගේ නිසීදනමාංසය (තට්ටම) මැදින් ගැඹුරු විය. රැහැණක ඇවුණු දැව වැටිය යම්සේ අතරතුර උස්මිටි වේද, එපරිද්දෙන් ඒ නිරාහාර භාවයෙන් මාගේ කොඳු ඇටය උස් මිටිවෙයි. යම්සේ දිරූ ශාලාවක පරාල උඩු යටි වශයෙන් නැමුනාහු වෙද්ද, එපරිද්දෙන් මාගේ ඉළඇට උඩුයටි වශයෙන් නැමුනාහු වෙත් ගැඹුරුවූ ළිඳෙක දියයට පෙණෙන තරු ගැඹුරට ගියාහු, යට බැස්සාහු දක්නා ලැබෙත්ද, එපරිද්දෙන්ම ඒ ස්වල්ප ආහාරය නිසා මාගේ ඇස්වල නෙත්තරු වල ගැඹුරට ගියාහු යට බැස්සාහු දක්නා ලැබෙත්. යම්සේ නම් තිත්ත ලබු ගෙඩියක් අමුවෙන් කපන ලද්දේ අව්සුළඟින් හැකුලුණේද මැලවුනේද එපරිද්දෙන්ම ඒ ස්වල්ප ආහාරය නිසා මගේ හිසේ සම හැකුලුණේ මැලවුනේ වෙයි.
“රාජකුමාරය, ඒ මම බඬේ සම අතගාන්නෙමියි පිට කටුවම අතගාන්නෙමි. පිට කටුව අල්වමියි බඬේ සම අල්ලමි රාජකුමාරය, ඒ ස්වල්ප ආහාරය නිසා එපමණට මාගේ බඬේ සම කොඳු ඇටයෙහි ඇලුනේ වෙයි. ඒ මම වර්චස් හෝ මුත්‍ර හෝ කරන්නෙමියි හුන්නේ ඒ ස්වල්ප ආහාරය නිසාම එහිම යටිකුරුව වැටෙමි. මම මේ ශරීරය අස්වසමියි අතින් ශරීරාවයව පිරිමදිමි. රාජකුමාරය, එසේ ශරීරයේ අවයව අතගානවිට, ඒ ස්වල්ප ආහාරය නිසාම මුල්කුණුවූ ලොම් ශරීරයෙන් වැටෙත්.
“රාජ කුමාරය, සමහර මිනිස්සු මා දැක මෙසේ කීවාහුය. ශ්‍රමණ ගෞතමතෙම කලුය.’ ඇතැම් මිනිස්සු මෙසේ කීවාහුය, ශ්‍රමණ ගෞතමතෙම කලු නොවෙයි පලාවන් පාටය’ ඇතැම් මනුෂ්‍යයෝ මෙසේ කීවාහුය. ‘ශ්‍රමණ ගෞතමතෙම කලුත් නොවෙයි, පලාවන් පාටත් නොවෙයි, ශ්‍රමණ ගෞතමතෙම රන්වන් සිවි ඇත්තේයි.’ රාජකුමාරය, මෙසේ කීමට තරමටම මාගේ පිරිසිදුවූ හාත්පසින් බබලන්නාවූ ශරීරවර්ණය ඒ නිරාහාර භාවය නිසාම නැසුනේ වෙයි.
|
335
‘‘තස්ස මය්හං, රාජකුමාර, එතදහොසි - ‘යෙ ඛො කෙචි අතීතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා ඔපක්කමිකා දුක්ඛා තිබ්බා
(තිප්පා (සී. පී.)) ඛරා කටුකා වෙදනා වෙදයිංසු, එතාවපරමං නයිතො භිය්යො. යෙපි හි කෙචි අනාගතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා ඔපක්කමිකා දුක්ඛා
‘‘තස්ස මය්හං, රාජකුමාර, එතදහොසි - ‘න ඛො තං සුකරං සුඛං අධිගන්තුං එවං අධිමත්තකසිමානං පත්තකායෙන. යංනූනාහං ඔළාරිකං ආහාරං ආහාරෙය්යං ඔදනකුම්මාස’න්ති. සො ඛො අහං, රාජකුමාර, ඔළාරිකං ආහාරං ආහාරෙසිං ඔදනකුම්මාසං. තෙන ඛො පන මං, රාජකුමාර, සමයෙන පඤ්චවග්ගියා භික්ඛූ පච්චුපට්ඨිතා හොන්ති - ‘යං ඛො සමණො ගොතමො ධම්මං අධිගමිස්සති තං නො ආරොචෙස්සතී’ති. යතො ඛො අහං, රාජකුමාර, ඔළාරිකං ආහාරං ආහාරෙසිං ඔදනකුම්මාසං, අථ මෙ තෙ පඤ්චවග්ගියා භික්ඛූ නිබ්බිජ්ජ පක්කමිංසු - ‘බාහුල්ලිකො
(බාහුලිකො (සී. පී.) සාරත්ථටීකාය සංඝභෙදසික්ඛාපදවණ්ණනාය සමෙති) සමණො ගොතමො පධානවිබ්භන්තො, ආවත්තො බාහුල්ලායා’ති.
|
335
“රාජකුමාරය, ඒ මට මෙසේ සිතුනේය. අතීත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ උපක්‍රමයෙන් උපන්නාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනා වින්දාහු නම් ඒ මේ තරම්ම වෙයි. මට වඩා වැඩි නොවෙයි අනාගත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ උපක්‍රමයෙන් උපන්නාවූ දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනා විඳින්නාහු නම් ඒ මේ තරම්ම වෙයි. මීට වඩා වැඩි නොවෙයි. මේ වර්තමාන කාලයෙහි යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ උපක්‍රමයෙන් උපන්නාවූ දුක්වූ, තියුණුවූ වේදනාවන් විඳිත් නම් ඒ මේ තරම්ම වෙයි. මීට වඩා වැඩි නොවෙයි. මම වනාහි මේ කටුකවූ දුෂ්කරක්‍රියාවෙන් මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්ය භාවය ඇති කිරීමට සමර්ථවූ ඥානදර්ශන විශේෂයක් නොලබමි. මාර්ගාවබොධය පිණිස අන්‍ය මාර්ගයෙක් ඇත්තේදැයි (කල්පනා විය.)
“රාජකුමාරය, ඒ මට මේ අදහස විය. මම, පියවූ ශුද්ධොදන ශාක්‍ය රාජයාගේ වප්මඟුල් දිනයෙහි සිහිල්වූ දඹරුක් සෙවනෙහි හුන්නේ කාමයන් ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කළ බව දනිමි. ඒ මාර්ගය මාර්ගඥාන අවබෝධය පිණිස වන්නේයි (අදහස් විය.) රාජකුමාරය, ඒ මට අවබෝධය පිණිස මේ මාර්ගයමයැයි සිහිය අනුව පැවති විඤ්ඤාණය පහළවිය, රාජකුමාරය, ඒ මට මේ අදහස විය. කාමයන්ගෙන් වෙන්වූ, අකුශල ධර්මයන්ගෙන් වෙන්වූ, යම් ඒ සැපයක්වේද, මම ඒ සැපයට භය වෙමිද (කියාය.) රාජකුමාරය, ඒ මට මේ කල්පනාව ඇතිවිය. කාමයන්ගෙන් වෙන්වූ අකුසල ධර්මයන්ගෙන් වෙන්වූ යම් ඒ සැපයක්වේද, මම ඒ සැපයට භය නොවෙමියි (කියාය.) රාජකුමාරය, ඒ මට මේ කල්පනාව ඇතිවිය. මෙ තරම් දුර්වලවූ ශරීරයකින් යුක්තව ඒ (ප්‍රථමධ්‍යාන) සැපය ලබන්නට බැරිය. යම්හෙයකින් මම බත් හා කොමුපිඩු ආදී ඖදාරික ආහාරයක් ගන්නෙම් නම් හොඳය (කියාය.)
“රාජකුමාරය, ඒ මම බත්, කොමපිඩුයැයි කියන ඔලාරික ආහාරයක් ගත්තෙමි. රාජකුමාරය, ඒ කාලයෙහි ‘ශ්‍රමණ ගෞතමතෙම යම් ලොවුතුරා දහමක් ලැබුයේ නම් එය අපට කියන්නේය’ යන අදහසින් භික්ෂූන් පස්දෙනෙක් මට උපස්ථාන කරමින් සිටියහ. රාජකුමාරය, මේ කලක පටන් මම බත් හා කොමුපිඩු ආහාර ගන්නට වූයෙම්ද, එකල්හි ඒ භික්ෂුහු ශ්‍රමණ ගෞතමතෙම ප්‍රත්‍යය බහුලකොට ඇත්තේය. රසයෙහි ගිජුව ප්‍රණීත පිණ්ඩපාතාදිය වැළඳීමට හැරුණේය. වීර්යය කිරීමෙන් පිරිහුණෙයැ’යි කියා කලකිරී බැහැර ගියාහුය.
|
336
‘‘සො ඛො අහං, රාජකුමාර, ඔළාරිකං ආහාරං ආහාරෙත්වා
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනින්නාමෙසිං. සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සාමි චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාමි
‘‘සො
|
336
“රාජකුමාරය, ඒ මම ඕලාරික ආහාරගෙන ශරීර ශක්තිය ලැබ, කාමයන්ගෙන් වෙන්වම, අකුසල ධර්මයන්ගෙන් වෙන්වම, විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීති සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. රාජකුමාරය, උපන්නාවූ මෙබඳුවූද සැප වේදනාව මගේ කුසල් සිත විනාශ නොකරයි.
“විතර්කවිචාර සංසිඳීමෙන් අභ්‍යන්තර පැහැදීම ඇති හිතේ එකඟ බව ඇති, විතර්ක රහිතවූ, විචාර රහිතව, සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති, ද්විතිය ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. රාජකුමාරය, උපන්නාවූ මෙබඳුවූද සැප වේදනාවද මගේ කුසල් සිත විනාශ නොකරයි, මැඩගෙන නොසිටියි. ප්‍රීතිය ඉක්මවීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කෙළෙමි. සිහියෙන් හා මනා නුවණින් යුක්තවූයේ කයින්ද සැපය වින්දෙමි. යමක් උපෙක්ෂා ඇත්තේ සිහියෙන් යුක්තවූයේ, සැප විහරණ ඇත්තේ යැයි ආර්යයෝ කියත්ද එ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. රාජකුමාරය උපන්නාවූ මෙබඳුවූ සැප වේදනාවද මගේ කුසල් හිත විනාශ නොකරයි. සැපය නැති කිරීමෙන්, දුක නැති කිරීමෙන්, කල් ඇතිවීම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන්, දුක් නැත්තාවූ, සැප නැත්තාවූ, උපෙක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බව ඇති සතර වැනි ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. රාජකුමාරය, උපන්නාවූ මෙබඳුවූ සැප වේදනාවද මගේ කුසල් හිත විනාශ නොකරයි.
“ඒ මම මෙසේ හිත සමාධියෙන් එකඟවූ කල්හි, පිරිසිදුවූකල්හි (පිරිසිදු හෙයින්ම) දීප්තිමත්වූ කල්හි අංගන (රාගාදී කෙළෙස්) රහිතවූ කල්හි, පහවූ උවදුරු ඇති කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි සිත ස්ථිරවූ කල්හි, පෙර ජාති දැනීමේ ඤාණය පිණිස සිත නැමූයෙමි. ඒ මම නොයෙක් ආකාරවූ පූර්වෙනිවාසය (පෙර උපන් ජාති,) සිහිකරමි. එනම් එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දහයක්ද, ජාති විස්සක්ද, ජාති තිසක්ද, ජාති සතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත (විනාශ වන.) කල්පයන්ද, නොයෙක් විවර්තී (හැදෙන) කල්පයන්ද, නොයෙක් සංවර්තී විවර්තී කල්පයන්ද, අසුවල් තැන උපන්නෙමි, එහිදී මේ නම් ඇත්තෙවීමි, මෙබඳු ගෝත්‍ර ඇත්තේ වීමි. මෙබඳු වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු දුක් සැප වින්දෙමි. ඒ මම එයින් චුතව අසුවල් තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නම් ඇත්තේ වීමි. මෙබඳු ගෝත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු සැප දුක් වින්දේ වීමි. මෙබඳු ආයුෂ ඇත්තේ වීමි. ඒ මම එතැනින් චුතව මෙහි උපන්නෙමි’යි මෙසේ ආකාර සහිතවූ, දැක්වීම් සහිතවූ, නොයෙක් ආකාරවූ, පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරමි.
“රාජකුමාරය, මා විසින් රාත්‍රියේ පළමුවෙනි යාමයෙහි මේ පළමුවන විද්‍යාව (පෙර විසූ තැන් දන්නා නුවණ) ලබන ලදී. (එය වසන) අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මෝහය) නසන ලද්දේය. අලෝකය උපන්නේය. අප්‍රමාදව කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ විය. රාජකුමාරය, උපන්නාවූ මෙබඳුවූ සැප වේදනාවද මගේ කුසල් හිත විනාශ නොකරයි.
“ඒ මම මෙසේ (හිත සමාධියෙන්) එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, (පිරිසිදු හෙයින) දීප්තිමත්වූ කල්හි, අංගණ (රාගාදි කෙලෙස්) රහිතවූ කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, සිත මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, සිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි සත්ත්වයන්ගේ චුති උත්පත්ති දෙක දැකීම පිණිස සිත නැමීමි. ඒ මම පිරිසිදුවූ, මිනිස් බව ඉක්මවා සිටි දිව ඇසින්, චුත වන්නාවූද, උපදින්නාවූද, ලාමකවූද, ප්‍රණීතවූද, මනා වර්ණ ඇත්තාවූද, මනා වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද, කර්මය පරිදි මිය ගියාවූ සත්ත්වයන් දකිමි.
“ඒකාන්තයෙන් මේ පින්වත් සත්ත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහු, ආර්යයන්ට දොස් කීවාහු, මිථ්‍යාදෘෂ්ටි ගත්තාහු, මිථ්‍යාදෘෂ්ටි ක්‍රියා අනුමත කළාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන, නරකයෙහි උපන්නාහුයයිද, මේ පින්වත් සත්වයෝ වනාහි කාය සුචරිතනේ යුක්ත වූවාහු, වාක් සුචරිතයෙන් යුක්ත වූවාහු, මනො සුචරිතයෙන් යුක්ත වූවාහු, ආර්යන්ට දොස් නොකීවාහු, සම්‍යක්දෘෂ්ටි ඇත්තාහු, සම්‍යක්දෘෂ්ටි කර්ම සමාදන් වූවාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු ස්වර්ග ලෝකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින් චුත වන්නාවූද, උපදින්නාවූද, ලාමක වූද, ප්‍රණීතවූද, මනා වර්ණ ඇත්තාවූද, මනා වර්ණ නැත්තාවූද යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද, කර්මය පරිදි මියගියාවූ සත්ත්වයන් දනිමි.
“රාජකුමාරය, මා විසින් රාත්‍රියෙහි මැද යාමෙහි මේ දෙවන විද්‍යාව (චුතවීම්, ඉපිදීම් දක්නා නුවණ) ලබනලදී. (එය වසන) අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මෝහය) නසන ලද්දේය. ආලෝකය උපන්නේය. අප්‍රමාදව කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ විය. රාජකුමාරය, උපන්නාවූ මෙබඳුවූද සැප වේදනාව මගේ කුසල් සිත විනාශ නොකරයි.
“ඒ මම මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි දීප්තිමත්වූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, සිත මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, සිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, ආශ්‍රව ක්ෂයකර ඥානය (කෙලෙස් නැති කරන නුවණ) පිණිස සිත නැමුයෙමි. ඒ මම, මෙය දුකය’යි තතුසේ දත්තෙමි. මේ දුක් ඉපදීමට හේතුවය’යි තතුසේ දත්තෙමි. මේ ‘දුක් නැති කිරීමය’යි තතුසේ දත්තෙමි. ‘මේ දුක නැති කිරීමේ මාර්ග’ යයි තතුසේ දත්තෙමි. ‘මොහු ආශ්‍රවයෝය’යි තතුසේ දැනගතිමි. මේ ආශ්‍රවයන්ගේ හටගැන්මය’යි තතුසේ දැනගතිමි. ‘මේ ආශ්‍රවයන්ගේ නැතිකිරීමය’යි තතුසේ දැනගතිමි. ‘මේ ආශ්‍රවයන් නැති කිරීමේ මාර්ගය’යි තතුසේ දැනගතිමි. මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ ඒ මාගේ සිත කාමාශ්‍රවයන්ගෙන් මිදුනේය. භවාශ්‍රවයන්ගෙන්ද මිදුනේය. අවිද්‍යාශ්‍රවයන්ගෙන්ද මිදුනේය. මිදුන කල්හි මිදුනේයයි, දැනීම පහළවිය. උත්පත්තිය කෙළවර විය. මාර්ග බ්‍රහ්මචර්යාව වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. කළයුතු අනිකක් නැත්තේයි දැනගතිමි.
“රාජකුමාරය, රාත්‍රියෙහි අන්තිම යාමයෙහි මේ තුන්වෙනි විද්‍යාව (ආශ්‍රව ක්ෂය කර ඥානය නම්වූ අර්හත් මාර්ගය) මා විසින් ලබන ලදී. (එය වසන) අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මෝහය) නසන ලද්දේය. ආලෝකය උපන්නේය. අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ විය.
|
337
‘‘තස්ස මය්හං, රාජකුමාර, එතදහොසි - ‘අධිගතො ඛො ම්යායං ධම්මො ගම්භීරො දුද්දසො දුරනුබොධො සන්තො පණීතො අතක්කාවචරො නිපුණො පණ්ඩිතවෙදනීයො. ආලයරාමා ඛො පනායං පජා ආලයරතා ආලයසම්මුදිතා. ආලයරාමාය ඛො පන පජාය ආලයරතාය ආලයසම්මුදිතාය
‘කිච්ඡෙන මෙ අධිගතං, හලං දානි පකාසිතුං;
රාගදොසපරෙතෙහි, නායං ධම්මො සුසම්බුධො.
‘පටිසොතගාමිං නිපුණං, ගම්භීරං දුද්දසං අණුං;
රාගරත්තා න දක්ඛන්ති, තමොඛන්ධෙන ආවුටා’
(ආවටා (සී.), ආවුතා (ස්‍යා. කං.)) ති.
‘‘ඉතිහ
|
337
(පහත කොටස් අඩුය)
|
338
‘‘අථ ඛො, රාජකුමාර, බ්රහ්මුනො සහම්පතිස්ස මම චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය එතදහොසි - ‘නස්සති වත, භො, ලොකො; විනස්සති වත, භො, ලොකො. යත්ර හි නාම තථාගතස්ස අරහතො සම්මාසම්බුද්ධස්ස අප්පොස්සුක්කතාය චිත්තං නමති
(නමිස්සති (?)) නො ධම්මදෙසනායා’ති. අථ ඛො, රාජකුමාර, බ්රහ්මා සහම්පති - සෙය්යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්ය පසාරිතං වා බාහං සමිඤ්ජෙය්ය, එවමෙව - බ්රහ්මලොකෙ අන්තරහිතො මම පුරතො පාතුරහොසි. අථ ඛො, රාජකුමාර, බ්රහ්මා සහම්පති එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙනාහං තෙනඤ්ජලිං පණාමෙත්වා මං එතදවොච - ‘දෙසෙතු, භන්තෙ, භගවා ධම්මං, දෙසෙතු සුගතො ධම්මං. සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා අස්සවනතාය ධම්මස්ස පරිහායන්ති; භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරො’ති
‘පාතුරහොසි මගධෙසු පුබ්බෙ,
ධම්මො අසුද්ධො සමලෙහි චින්තිතො;
අපාපුරෙතං
(අවාපුරෙතං (සී.)) අමතස්ස ද්වාරං,
සුණන්තු ධම්මං විමලෙනානුබුද්ධං.
‘සෙලෙ
යථාපි පස්සෙ ජනතං සමන්තතො;
තථූපමං ධම්මමයං සුමෙධ,
පාසාදමාරුය්හ සමන්තචක්ඛු.
‘සොකාවතිණ්ණං
(සොකාවකිණ්ණං (ස්‍යා.)) ජනතමපෙතසොකො,
අවෙක්ඛස්සු ජාතිජරාභිභූතං;
උට්ඨෙහි වීර, විජිතසඞ්ගාම,
සත්ථවාහ අණණ
(අනණ (සී. ස්‍යා. කං. පී. ක.)), විචර ලොකෙ;
දෙසස්සු
(දෙසෙතු (ස්‍යා. කං. ක.)) භගවා ධම්මං,
අඤ්ඤාතාරො භවිස්සන්තී’ති.
|
338 |
339
‘‘අථ
‘අපාරුතා තෙසං අමතස්ස ද්වාරා,
යෙ සොතවන්තො පමුඤ්චන්තු සද්ධං;
විහිංසසඤ්ඤී පගුණං න භාසිං,
ධම්මං පණීතං මනුජෙසු බ්රහ්මෙ’ති.
|
339 |
340
‘‘අථ
‘‘තස්ස මය්හං, රාජකුමාර, එතදහොසි - ‘කස්ස නු ඛො අහං පඨමං
|
340 |
341
‘‘තස්ස
‘‘අද්දසා ඛො මං, රාජකුමාර, උපකො ආජීවකො අන්තරා ච ගයං අන්තරා ච බොධිං අද්ධානමග්ගප්පටිපන්නං
‘සබ්බාභිභූ
සබ්බෙසු ධම්මෙසු අනූපලිත්තො;
සබ්බඤ්ජහො තණ්හාක්ඛයෙ විමුත්තො,
සයං අභිඤ්ඤාය කමුද්දිසෙය්යං.
‘න
සදෙවකස්මිං ලොකස්මිං, නත්ථි මෙ පටිපුග්ගලො.
‘අහඤ්හි අරහා ලොකෙ, අහං සත්ථා අනුත්තරො;
එකොම්හි සම්මාසම්බුද්ධො, සීතිභූතොස්මි නිබ්බුතො.
‘ධම්මචක්කං පවත්තෙතුං, ගච්ඡාමි කාසිනං පුරං;
අන්ධීභූතස්මිං
(අන්ධභූතස්මිං (සී. ස්‍යා. පී.)) ලොකස්මිං, ආහඤ්ඡං
(ආහඤ්ඤිං (ස්‍යා. කං. ක.)) අමතදුන්දුභි’න්ති.
‘යථා ඛො ත්වං, ආවුසො, පටිජානාසි අරහසි අනන්තජිනො’ති.
‘මාදිසා වෙ ජිනා හොන්ති, යෙ පත්තා ආසවක්ඛයං;
ජිතා මෙ පාපකා ධම්මා, තස්මාහමුපක
(තස්මාහං උපකා (සී. ස්‍යා. කං. පී.)) ජිනො’ති.
‘‘එවං වුත්තෙ, රාජකුමාර, උපකො ආජීවකො ‘හුපෙය්යපාවුසො’ති
(හුවෙය්යපාවුසො (සී. පී.), හුවෙය්යාවුසො (ස්‍යා. කං.)) වත්වා සීසං ඔකම්පෙත්වා උම්මග්ගං ගහෙත්වා පක්කාමි.
|
341 |
342
‘‘අථ ඛ්වාහං, රාජකුමාර, අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන බාරාණසී ඉසිපතනං මිගදායො යෙන පඤ්චවග්ගියා භික්ඛූ තෙනුපසඞ්කමිං. අද්දසංසු ඛො මං, රාජකුමාර, පඤ්චවග්ගියා භික්ඛූ දූරතොව ආගච්ඡන්තං. දිස්වාන අඤ්ඤමඤ්ඤං සණ්ඨපෙසුං - ‘අයං ඛො, ආවුසො, සමණො ගොතමො ආගච්ඡති බාහුල්ලිකො පධානවිබ්භන්තො ආවත්තො බාහුල්ලාය. සො නෙව
‘‘අසක්ඛිං ඛො අහං, රාජකුමාර, පඤ්චවග්ගියෙ භික්ඛූ සඤ්ඤාපෙතුං. ද්වෙපි සුදං, රාජකුමාර, භික්ඛූ ඔවදාමි. තයො භික්ඛූ පිණ්ඩාය චරන්ති. යං තයො භික්ඛූ පිණ්ඩාය චරිත්වා ආහරන්ති, තෙන ඡබ්බග්ගියා
(ඡබ්බග්ගා (සී. ස්‍යා. කං.), ඡබ්බග්ගො (පී.)) යාපෙම. තයොපි සුදං, රාජකුමාර, භික්ඛූ ඔවදාමි, ද්වෙ භික්ඛූ පිණ්ඩාය චරන්ති. යං ද්වෙ භික්ඛූ පිණ්ඩාය චරිත්වා ආහරන්ති
|
342
(මෙහි කොටසක් අඩුය)
“රාජකුමාරය, භික්ෂූන් තෙනමකට අවවාද කරමි. භික්ෂූන් දෙනමක් පිඬු පිණිස හැසිරෙති. දෙනමක් පිඬු පිණිස හැසිර යම් ආහාරයක් ගෙණෙත්ද, එයින් සදෙනම යැපෙමු.
|
343
‘‘අථ ඛො, රාජකුමාර, පඤ්චවග්ගියා භික්ඛූ මයා එවං ඔවදියමානා එවං අනුසාසියමානා නචිරස්සෙව - යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං - බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිංසූ’’ති. එවං වුත්තෙ, බොධි රාජකුමාරො භගවන්තං එතදවොච - ‘‘කීව චිරෙන නු ඛො, භන්තෙ, භික්ඛු තථාගතං විනායකං
(නායකං (?)) ලභමානො - යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං - බ්රහ්මචරියපරියොසානං
|
343
“එකල්හි රාජකුමාරය, මා විසින් මෙසේ අවවාද කරණ ලද අනුශාසනා කරණ ලද පස්වග මහණහු යම් අර්ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම යහපත්ව ශාසනයෙහි පැවිදි වෙත්ද, මාර්ග බ්‍රහ්මචර්යාව අවසන්කොට ඇති, ඒ උත්තම අර්හත්ඵලය ඉහතාත්මයෙහිම තෙමේ විශේෂ නුවණින් දැන ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය කළාහුයි” වදාළේය.
“මෙසේ වදාළ කල්හි බොධිරාජ කුමාරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ. “ස්වාමීනි කොපමණ කලකින් තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නාවූ භික්ෂුතෙම යම් අර්ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම යහපත්වම ශාසනයෙහි පැවිදි වෙද්ද, මාර්ගබ්‍රහ්මචර්යාව කෙළවරකොට ඇති ඒ උත්තම සැපත මේ ආත්මයෙහි තෙමේ විශේෂ නුවණින් දැන ඊට පැමිණ වාසය කරද්දැයි’ ඇසී. “එසේ නම්, රාජකුමාරය, මේ කාරණය තොපගෙන්ම අසමි. තොපට යම්සේ වැටහේ නම් එසේ කියව. රාජකුමාරය, ඔබ ඒ කුමකැයි සිතන්නෙහිද? ඔබ ඇතුන්පිට නගින හෙණ්ඩු ගන්න ශිල්පයෙහි දක්ෂවෙහිදැයි” (ඇසී). “ස්වාමීන් වහන්ස, එසේය. ඇතුන්පිට නැගෙණ හෙණ්ඩු ගන්න ශිල්පයෙහි මම දක්ෂයෙක් වෙමි.” “ඔබ කුමක් සිතන්නෙහිද? බොධිරාජ කුමාරතෙම ඇතුන්පිට නගින හෙණ්ඩු ගන්න ශිල්පය දනියි. මම ඔහු වෙත ඇතුන්පිට නැගෙණ හෙණ්ඩු ගන්න ශිල්පය පුහුණු කරන්නෙමැයි මෙහි (කිසියම්) පුරුෂයෙක් පැමිණෙන්නේය.
“ඒ පුද්ගලතෙමේ ඇදහීම් නැත්තෙක් හෙවත් කියන දේ නොපිළිගන්නෙක් වෙයිද, ඇදහීමෙන් යමකට පැමිණිය යුතු නම් ඊට නොපැමිණෙන්නේද, හෙතෙම බොහෝ ආබාධ ඇත්තෙක් වෙයිද, නිරෝගී වූවෙකු විසින් යමකට පැමිණිය යුතු නම් ඊට නොපැමිණෙන්නේද, හෙතෙම කෛරාටික රැවටිලිකාරයෙක් වෙයිද, යමෙක් කෛරාටික නොවන රැවටිලිකාරයෙක් නොවන්නෙකු විසින් යමකට පැමිණිය යුතු නම් ඊට නොපැමිණෙන්නේද හෙතෙම කුසීතයෙක් වෙයිද, බලවත් වීර්ය ඇත්තෙකු විසින් යමකට පැමිණිය යුතු නම් ඊට නොපැමිණෙන්නේද, හෙතෙම නුවණැත්තෙක් වෙයිද, නුවණැත්තෙකු විසින් යමකට පැමිණිය යුතු නම් ඊට නොපැමිණෙන්නේද, රාජකුමාරය, ඒ කුමක් සිතන්නෙහිද? ඒ පුරුෂතෙම ඔබගෙන් ඇතුපිට නැගෙන හෙණ්ඩුව ගන්න ශිල්පය කිම ඉගෙනගන්නේද?”
“ස්වාමීන් වහන්ස, ඒ එක් කරුණකින්ද යුක්තවූ පුරුෂ තෙම මා වෙතින් ඇතුපිට නැගෙන හෙණ්ඩුව ගන්නා ශිල්පය නොඋගනියි. කරුණු පසින්ම යුක්ත නම් කියනුම කිම?”
|
344
‘‘තං කිං මඤ්ඤසි, රාජකුමාර, ඉධ පුරිසො ආගච්ඡෙය්ය - ‘බොධි
|
344
“රාජකුමාරය, ඒ කුමකැයි සිතන්නෙහිද? බොධිරාජ කුමාරතෙම ඇතුපිට නැගෙනා හෙණ්ඩු ගන්නා ශිල්පය දනියි. ‘මම ඔහු සමීපයෙහි ඇතුපිට නැගෙන හෙණ්ඩු ගන්නා ශිල්පය හික්මෙන්නෙමියි’ සිතා පුරුෂයෙක් එන්නේය. හෙතෙම ඇදහීම ඇත්තෙක් වෙයිද, යමක් අදහන්නෙකු විසින් යමකට පැමිණිය යුතු නම් ඊට පැමිණෙන්නේද, හෙතෙම ආබාධ නැත්තෙක් වෙයිද, ආබාධ නැත්තෙකු විසින් යමකට පැමිණිය යුතු නම් ඊට පැමිණෙන්නෙක්වෙයිද, හෙතෙම කෛරාටිකයෙක් රැවටිලිකාරයෙක් නොවන්නේද, කෛරාටිකයෙක් නොවන අවංක පුද්ගලයෙකු විසින් යමකට පැමිණිය යුතු නම් ඊට පැමිණෙන්නේද හෙතෙම බලවත් වීර්ය ඇත්තෙක් වෙයිද, බලවත් වීර්ය ඇත්තෙකු විසින් යමකට පැමිණිය යුතුනම් ඊට පැමිණෙන්නේද, හෙතෙම නුවණ ඇත්තේ වෙයිද, නුවණැතියෙකු විසින් යමකට පැමිණිය යුතු නම් ඊට පැමිණෙන්නේද රාජකුමාරය, ඒ කුමකැයි සිතන්නෙහිද? ඒ පුරුෂතෙම ඇතුපිට නැගෙන හෙණ්ඩු ගන්නා ශිල්පය ඔබ වෙතින් කිම උගන්නේදැයි” ඇසී. “ස්වාමීනි, මේ එක් කරුණකින් යුක්ත වූද පුරුෂතෙම ඇතුපිට නැගෙන හෙණ්ඩු ගන්නා ශිල්පය ඉගෙනගන්නේය. කරුණු පසින් යුත් කල කියනුම කවරේද?
“රාජකුමාරය, එපරිද්දෙන්ම වීර්ය කිරීම පිණිස පවත්නා අංග පසක් වෙති. රාජකුමාරය මේ සස්නෙහි මහණතෙම ශ්‍රද්ධාවෙන් යුක්තවූයේ වෙයිද, ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන්ද අරහත්ය. සම්‍යක් සම්බුද්ධය, විජ්ජාචරණසම්පන්නය, සුගතය, ලොකවිදූය, අනුත්තර පුරිස දම්මසාරථිය දෙවිමිනිසුන්ගේ ශාස්තෘය, චතුස්සත්‍ය අවබෝධ කෙළේය. භාග්‍යවත්යයි තථාගතයන් වහන්සේගේ බුදුබව අදහන්නේද?”
“වැඩිද නොවූ, අඩුද නොවූ, වීර්ය කිරීමට සුදුසු සමවූ ආහාර පැසවන ගින්නෙන් යුක්තවූ නිරෝගී ආබාධ නැති පුද්ගලයෙක් වෙයිද, ශාස්තෘන් වහන්සේ ඉදිරියෙහිද නුවණැතියෙක්ව මහණදම් පුරණ භික්ෂූන් ඉදිරියෙහිද තමා පිළිබඳ ඇතිතතු ප්‍රකාශ කරණ කපටිනොවූ අවංක පුද්ගලයෙක් වෙයිද, අකුශල ධර්මයන් පහකිරීම සඳහාද කුශල ධර්මයන් ඉපදවීම සඳහාද පටන්ගත් වීර්ය ඇත්තෙක්දැයි වීර්ය ඇත්තෙක් කුශල ධර්මයන්හි බර බහා නොතැබූ පුද්ගලයෙක් වන්නේද, ආර්යවූ ධර්මයන් විනිවිද දක්නාවූ මනා කොට දුක් කෙළවර කිරීමට පමුණුවන්නාවූ, ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම දක්නාවූ, නුවණින් යුක්තවූ, ප්‍රඥාවෙන් යුක්තවූවෙක් වන්නේද,
“රාජකුමාරය, මේ වනාහි වීර්ය වැඩීම පිණිස පවත්නා අංගපස වෙති.
|
345
‘‘ඉමෙහි
|
345
“රාජකුමාරය, මේ වීර්යය වැඩීම පවත්නා අංගපසින් යුත් භික්ෂුව තථාගතයන් වහන්සේ වැනි හික්ම වන්නේත් ලබන්නේ යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවරකොට ඇති ඒ උත්තම අර්හත්ඵලය මේ ආත්මයෙහිම තෙමේ විශේෂ නුවණින් දැන ප්රත්යක්ෂ කොට සත්වසකින් එයට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, සත්වස තිබෙත්වා, මේ වීර්ය වැඩීම පිණිස පවත්නාවූ අංග පසෙන් යුත් මහණ තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙක් ලබන්නේ යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදිවෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවරකොට ඇති ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයෙහිම තෙමේ උසස් නුවණින් දැන ප්රත්යක්ෂ කොට සය වසකින් එයට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, සයවසක් තිබේවා, මේ වීර්ය පිණිස පවත්නාවූ අංග පසෙන්යුත් භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙක් ලබන්නේ යම් අර්ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම යහපත්ව ශාසනෙහි පැවිදි වෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්හත් ඵලය, මේ ආත්මයෙහිම තෙමේ උසස් නුවණින් දැන ප්රත්යක්ෂ කොට පස්වසකින් එයට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, පස්වසක් තිබේවා, මේ වීර්ය පිණිස පවත්නාවූ අංග පසෙන් යුත් භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙක් ලබන්නේ, යම් අර්ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති, ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයෙහිම තෙමේ උසස් නුවණින් දැන ප්රත්යක්ෂ කොට සිව් වසකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, සිව් වසක් තිබේවා, මේ වීර්ය පිණිස පවත්නාවූ අංග පසෙන් යුත් භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අර්ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයෙහිම තෙමේ උසස් නුවණින් දැන ප්රත්යක්ෂකොට තුන්වසකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, තුන්වසක් තිබේවා මේ වීර්ය පිණිස පවත්නාවූ අංග පසෙන් යුත් භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙත්ද මාර්ග බ්‍රහ්මචර්යාවේ කෙළවර කොට ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයෙහිම තෙමේ උසස් නුවණින් දැන ප්රත්යක්ෂ කොට දෙවසකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, දෙවසක් තිබේවා. මේ වීර්ය පිණිස පවත්නාවූ අංග පසෙන් යුත් භික්ෂුව තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, බ්‍රහ්ම චර්යාව කෙළවර කොට ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයෙහිම තෙමේ උසස් නුවණින් දැන ප්රත්යක්ෂ කොට එක් වසකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, එක් වසක් තිබේවා. මේ වීර්ය පිණිස පවත්නාවූ අංග පසින් යුත් භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ යම් අර්ථයක් පිණිස ගිනිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙත්ද, බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයෙහිදීම තෙමේ උසස් නුවණින් දැන ප්රත්යක්ෂ කොට සත්මසකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, සත්මසක් තිබේවා. මේ වීර්යය පිණිස පවත්නාවූ අංග පසින් යුතු භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්ම වන්නෙකු ලබන්නේ, යම් අර්ථයක් පිණිස ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්රත්යක්ෂ කොට සය මසකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, සයමසක් තිබේවා. මේ වීර්යය පිණිස පවත්නාවූ අංග පසින් යුතු භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්රත්යක්ෂ කොට පස්මසකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, පස්මසක් තිබේවා. මේ වීර්යය පිණිස පවත්නාවූ අංග පසින් යුතු භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්ම වන්නෙකු ලබන්නේ, යම් අර්ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙත්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්රත්යක්ෂ කොට සාරමසකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, සාරමසක් තිබේවා. මේ වීර්යය පිණිස පවත්නාවූ අංග පසින් යුතු භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි හොඳින් පැවිදි වෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්රත්යක්ෂ කොට තුන් මසකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, තුන්මසක් තිබේවා. මේ වීර්යය පිණිස පවත්නාවූ අංග පසින් යුතු භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙක් ලබන්නේ, යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්රත්යක්ෂ කොට දෙමසකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, දෙමසක් තිබේවා. මේ වීර්යය පිණිසවූ අංග පසින් යුතු භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්රත්යක්ෂ කොට එක්මසකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, එක්මසක් තිබේවා. මේ වීර්යය පිණිසවූ අංග පසින් යුතු භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙක් ලබන්නේ, යම් අර්ථයක් සඳහා කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්රත්යක්ෂ කොට අඩ මසකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, අඩ මසක් තිබේවා. මේ වීර්යය පිණිස පවත්නාවූ අංග පසින් යුතු භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙක් ලබන්නේ, යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්රත්යක්ෂ කොට රෑ දාවල් සතකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, රෑ දාවල් සතක් තිබේවා. මේ වීර්යය පිණිස පවත්නාවූ අංග පසින් යුතු භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්ම වන්නෙක් ලබන්නේ, යම් අර්ථයක් පිණිස ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙත්ද, බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්රත්යක්ෂ කොට රෑ දාවල් සයකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, රෑ දාවල් සයක් තිබේවා. මේ වීර්යය පිණිසවූ අංග පසෙන් යුතු භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙක් ලබන්නේ, යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙත්ද, බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්රත්යක්ෂ කොට රෑ දාවල් පසකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, රෑ දාවල් පසක් තිබේවා. මේ වීර්යය පිණිසවූ අංග පසෙන් යුත් භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙත්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්රත්යක්ෂ කොට රෑ දාවල් සතරකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, රෑ දාවල් සතරක් තිබේවා. මේ වීර්යය පිණිසවූ අංග පසෙන් යුත් භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙක් ලබන්නේ, යම් අර්ථයක් පිණිස ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙත්ද, බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්රත්යක්ෂ කොට රෑ දාවල් තුනකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, රෑ දාවල් තුනක් තිබේවා. මේ වීර්යය පිණිස අංග පසෙන් යුත් භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙත්ද, මාර්ග බ්‍රහ්ම චර්යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්රත්යක්ෂ කොට රෑ දාවල් දෙකකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, රෑ දාවල් දෙකක් තිබේවා. මේ වීර්යය පිණිසවූ අංග පසෙන් යුත් භික්ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙත්ද, මාර්ග බ්‍රහ්ම චර්යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්රත්යක්ෂ කොට රෑ දාවලකින් ඊට පැමිණ වාසය කරන්නේය.
“රාජකුමාරය, එක් රෑ දාවලක් තිබේවා. මේ වීර්යය පිණිස පවත්නාවූ අංග පසින් යුක්ත මහණ තෙමේ තථාගතයන් වැනිවූ හික්ම වන්නෙක් ලබන්නේ සවස අනුශාසනා කරණ ලද්දේ උදෑසන මාර්ගඵල අවබෝධ කරයි. උදෑසන අනුශාසනා කරණ ලද්දේ සවස මාර්ගඵල අවබෝධ කරන්නේයයි” (වදාළසේක)
|
346
එවං
|
346
“මෙසේ වදාළ කල්හි බොධිරාජ කුමාර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය ධර්මය ආශ්චර්යයි. යම් ධර්මයකින් සවස අනුශාසනා කරණ ලද්දේ උදය මාර්ගඵල අවබෝධ කෙරේද, උදය අනුශාසනා කරණ ලද්දේ සවස මාර්ගඵල අවබෝධ කෙරේද, ඒ ධර්මයාගේ යහපත් කොට දේශනා කරන ලද බව ආශ්චර්යයි. මෙසේ කී කල්හි තරුණ සඤ්ජිකා පුත්‍රතෙම බොධි රාජ කුමාරයට මෙසේ කීය. “ඒ කාරණය එසේමය. පින්වත් බොධිරාජ කුමාර තෙම, සර්වඥයන් වහන්සේ ආශ්චර්යයිද ධර්මය ආශ්චර්යයිද ධර්මයාගේ මනාකොට දෙසනලද බව ආශ්චර්යයිද, කියන්නෙහිය. එසේනම් ඒ භවත් ගෞතමයන් වහන්සේද ධර්මයද භික්ෂු සංඝයාද සරණකොට යවයි” (කීහ)
“යහළු සඤ්ජිකා පුත්‍රය, එසේ නොකියව, යහළු සඤ්ජිකා පුත්‍රය, එසේ නොකියව. යහළු සඤ්ජිකා පුත්‍රය එසේ නොකියව, යහලු සඤ්ජිකා පුත්‍රය, මෑනියන් හමුවෙන් මෙය අසනලදී. මෑනියන් හමුවෙන් මෙය අසා පිළිගන්නාලදී. යහලු සඤ්ජිකා පුත්‍රය. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවරෙහිවූ ඝොසිතාරාමයෙහි වැඩ වෙසෙත්. එකල්හි මාගේ මව් තොමෝ දරුගැබ් ඇත්තී, භාග්‍යවතුන් වහන්සේ යම් තෙනකද එහි පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක උන්නාය. එක් පසෙක හුන් මාගේ මවු භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාය.
“ස්වාමීන් වහන්ස, මාගේ කුසෙහිවූ යම් මේ කුමාරයෙක් හෝ කුමාරිකාවක් හෝ වේද? හෙතෙම භාග්‍යවතුන් වහන්සේද ධර්මයද භික්ෂු සංඝයාද සරණයයි’ කියායි.
“භාග්‍යවතුන් වහන්සේ ඔහු අද පටන් දිවිහිමි කොට භාග්‍යවතුන් වහන්සේ සරණගිය උපාසකයෙකුසේ දරණ සේක්වා’ යනුයි.
“යහලු සඤ්ජිකා පුත්‍රය, එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ මේ භග්ගනින පදයෙහිම සුංසුමාරගිර නගරය සමීපයෙහිවූ මිගදාය නම් භෙසකලා වනයෙහි වැඩ වෙසෙත්. එකල්හි මාගේ කිරිමව් තොමෝ මා ඇකයෙන් උසුලාගෙණ (වඩාගෙණ) භාග්‍යවතුන් වහන්සේ යම් තෙනකද එහි ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක සිටියාහ.
එක්පසෙක සිටියාවූ මාගේ කිරිමව් තොමෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාය. ‘ස්වාමීන් වහන්ස, මේ බොධිරාජ කුමාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ සරණයයි. ධර්මයද භික්ෂු සංඝයාද සරණයයි. භාග්‍යවතුන් වහන්සේ ඔහු අද පටන් දිව් හිමි කොට සරණගිය උපාසකයෙක් කොට දරණ සේක්වා’ (කියාය.)
“යහලු සඤ්ජිකා පුත්‍රය, ඒ මම තෙවනුවත් භාග්‍යවතුන් වහන්සේ සරණයෙමි. ධර්මයද භික්ෂු සංඝයාද සරණයමි. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවි හිමි කොට මා සරණ ගිය උපාසකයෙක් කොට දරණ සේක්වායි කීය”
|
6. අඞ්ගුලිමාලසුත්තං | 6. අංගුලිමාල සූත්‍රය |
347
එවං
|
347
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම්වූ අනේපිඩු මහ සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.
එකල්හි වනාහි පසේනදි කොසොල් රජහුගේ ජනපදයෙහි රෞද්‍රවූ ලේ තැවරුණු අත් ඇත්තාවූ නැසීමෙහි වැනසීමෙහි යෙදුනාවූ ප්‍රාණීන් කෙරෙහි කරුණාව නැති බවට පැමිණියාවූ අඩ්ගුලිමාල නම් සොරෙක් වේ. ඔහු විසින් ගම් නොගම් කරණ ලද්දාහුය. නියම් ගම් අනියම් ගම් කරණ ලද්දාහුය. ජනපද අජනපද කරණ ලද්දාහුය. හෙතෙම මිනිසුන් මර මරා අඩ්ගුලීන් සම්බන්ධ මාලාවක් (ඇඟිලි මාලාවක්) දරයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පා සිවුරු ගෙණ සැවැත් නුවරට පිඬු පිණිස වැඩියහ. සැවැත්නුවර පිඬු පිණිස හැසිර සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ සෙනාසනය තැන්පත්කොට තබා පාත්‍රා සිවුරු ගෙණ අඩ්ගුලිමාල සොරා යම් තැනෙක්හිද, එතැනට වැඩීම පිණිස දීර්ඝ මාර්ගයෙහි වැඩියහ. ගව පාලයෝද, සිව්පා සතුන් පාලයෝද, ගොවියෝද, මාර්ගයෙහි ගමන් කරන්නෝද, අඩ්ගුලිමාල සොරා යම් තැනෙක්හිද එතැනට පැමිණෙන දීර්ග මාර්ගයෙහි වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුටුවාහුය. දැක භාග්‍යවතුන් වහන්සේට “ශ්රමණයන් වහන්ස, මේ මාර්ගයෙහි නොගිය මැනව. ශ්රමණයන් වහන්ස, මේ මාර්ගයෙහි රෞද්‍රවූ ලේ තැවරුණු අත් ඇති නැසීමෙහි වැනසීමෙහි යෙදුනාවූ ප්‍රාණීන් කෙරෙහි කරුණාව නැති බවට පැමිණියාවූ අඩ්ගුලිමාල නම් සොරෙක් වේ. ඔහු විසින් ගම්ද නොගම් කරණ ලද්දාහ. නියම් ගම්ද අනියම් ගම් කරණ ලද්දාහ. ජනපදද අජනපද කරණ ලද්දාහ. හෙතෙම මිනිසුන් මර මරා ඇඟිලිවලින් මාලාවක් කොට දරයි. ශ්රමණයන් වහන්ස, මේ මගෙහි වනාහි පුරුෂයෝ දස දෙනෙක්ද, පුරුෂයෝ විසි දෙනෙක්ද, පුරුෂයෝ තිස් දෙනෙක්ද, පුරුෂයෝ හතලිස්, දෙනෙක්ද, පුරුෂයෝ පනස් දෙනෙක්ද, රන්චූ රන්චූ ගැසී ගමන් කරත්. ඔව්හුද අඩ්ගුලිමාල සොරුගේ අතට පැමිණ විනාශයට යෙත්යයි,’ කීවාහුය. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව වැඩියහ.
දෙවනුවද ගෝපාලයෝද, සිව්පා පාලයෝද, ගොවියෝද, මග යන්නෝද, භාග්‍යවතුන් වහන්සේට ‘ශ්රමණයන් වහන්ස මේ මග නොයනු මැනව, ශ්රමණයන් වහන්ස, මේ මාර්ගයෙහි රෞද්‍ර, ලෙයින් තෙමුණු අත් ඇති, සත්ව ඝාතනයෙහි ඇලුනු, සත්වයන් කෙරෙහි දයා නැති, අඩ්ගුලිමාල නම් සොරෙක් වෙයි. ඔහු විසින් ගම් අගම් කළහ. නියම් ගම් අනියම් ගම් කළහ. ජනපද අජනපද කළහ. ඔහු මිනිසුන් මර මරා ඇඟිලිවලින් මාලයක් දරයි. ශ්‍රමණය, පුරුෂයෝ දස දෙනා, විසි දෙනා, තිස් දෙනා, හතළිස් දෙනා පණස් දෙනා, සමූහ සමූහව මේ මගෙහි යති. ඔවුහුද අඩ්ගුලිමාල සොරුගෙන් අතට පැමිණ විනාශයට යෙත්යයි,’ කිවාහුය. දෙවනුවද භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව වැඩියහ.
තුන්වෙනුවද ගව පාලයෝද, සිව්පා පාලයෝද, ගොවියෝද, මගීහුද, භාග්‍යවතුන් වහන්සේට ‘ශ්රමණයන් වහන්ස, මේ මගෙහි නොයනු මැනවි. ශ්රමණයන් වහන්ස, මේ මාර්ගයෙහි රෞද්‍රවූ ලේ තැවරුණු අත් ඇති, නැසීමෙහි වැනසීමෙහි නියුක්තවූ ප්‍රාණීන් කෙරෙහි කරුණාව නැති බවට පැමිණියාවූ අඩ්ගුලිමාල නම් සොරෙක් ඇත. ඔහු විසින් ගම්ද නොගම් කරණ ලද්දාහ. නියම් ගම්ද අනියම් ගම් කරණ ලද්දාහ. ජනපදද අජනපද කරණ. ලද්දාහ. හෙතෙම මිනිසුන් මර මරා ඇඟිලි මාලාවක් කොට දරයි. ශ්රමණයන් වහන්ස, මේ මගෙහි වනාහි පුරුෂයෝ දස දෙනෙක්ද, පුරුෂයෝ විසි දෙනෙක්ද, පුරුෂයෝ තිස් දෙනෙක්ද, පුරුෂයෝ හතළිස් දෙනෙක්ද, පුරුෂයෝ පණස් දෙනෙක්ද, එකතු එකතු වීයත්. ඔවුහුද අඩ්ගුලිමාල සොරුගේ අතට පැමිණ විනාශයට පැමිණෙත්යයි’ කීවාහුය. තුන්වෙනුවද භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව වැඩියහ.
|
348
අථ
|
348
අඩ්ගුලිමාල නම් සොරතෙම දුරදීම වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුටුයේය. දැක ‘පින්වත ඒකාන්තයෙන් ආශ්චර්යයකි. පින්වත ඒකාන්තයෙන් පුදුමයකි. මේ මගෙහි වනාහි පුරුෂයෝ දස දෙනෙක්ද, පුරුෂයෝ විසි දෙනෙක්ද, පුරුෂයෝ තිස් දෙනෙක්ද, පුරුෂයෝ හතළිස් දෙනෙක්ද, පුරුෂයෝ පනස් දෙනෙක්ද, එකතු එකතුවී ගමන් කරත්. ඔව්හුද මාගේ අතට පැමිණ විනාශයට යෙත්. එතකුදු වුවත් මේ ශ්‍රමණ තෙම තනිවම දෙවැන්නෙක් නැතිව බලහත්කාරයෙන් එන්නේයයි සිතමි. මම මේ ශ්‍රමණයා මරන්නෙම් නම් යෙහෙකැයි’, ඔහුට සිත්විය.
ඉක්බිත්තෙන් අඩ්ගුලිමාල නම් සොරතෙම කඩු පළිහ ගෙණ දුන්න ඇදගෙන භාග්‍යවතුන් වහන්සේ පසු පස්සෙන්ලුහු බැන්දේය. එකල්හි ප්‍රකෘති ගමනින් වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ කරා සියලු ශක්තියෙන් යන්නාවූ අඩ්ගුලිමාල නම් සොරාට පැමිණෙන්නට යම්සේ නොහැකි වේද, භාග්‍යවතුන් වහන්සේ එබඳුවූ ඍද්ධියක් දැක්වූහ. එකල්හි අඩ්ගුලිමාල නම් සොරා ‘පින්වත, ඒකාන්තයෙන් ආශ්චර්යක. පින්වත, ඒකාන්තයෙන් පුදුමයකි. මම වනාහි පෙර දුවන්නාවූ ඇතෙකුදු එළවා අල්වා ගොස් ගණිමි. දුවන්නාවූ අශ්වයෙකුදු එළවා ගොස් අල්වා ගණිමි. දුවන්නාවූ රථයකුදු එළවා ගොස් අල්වා ගණිමි. දුවන්නාවූ මුවෙකුදු එළවා ගොස් අල්වා ගණිමි. එතකුදු වුවත් ප්‍රකෘති ගමනින් යන්නාවූ මේ ශ්රමණයාකරා සියලු ශක්තියෙන් දුවන්නාවූ මම පැමිණෙන්ට නොහැකි වෙමියි’, සිතුණේය. එහෙයින් නැවතී සිටගෙන භාග්‍යවතුන් වහන්සේට “ශ්‍රමණය සිටුව, ශ්‍රමණය සිටුවයි” කීයේය. “අඩ්ගුලිමාලය, මම සිටියෙමි. තෝද සිටුවයි” වදාළේය.
ඉක්බිත්තෙන් අඩ්ගුලිමාල නම් සොරාට මෙබඳු අදහසක් විය. ‘ශාක්‍ය පුත්‍රවූ මේ ශ්‍රමණයෝ වනාහි සත්‍ය වචන ඇත්තාහ. සත්‍යවූ ප්‍රතිඥා ඇත්තාහ. එතකුදු වුවත් මේ ශ්‍රමණ තෙම යමින්ම “අඩ්ගුලිමාලය මම සිටියෙමි. තෝ සිටුවයි” කියන්නේය. මම මේ ශ්‍රමණයාගෙන් අසන්නෙම් නම් යෙහෙක, කියායි.
|
349
අථ ඛො චොරො අඞ්ගුලිමාලො භගවන්තං ගාථාය අජ්ඣභාසි -
‘‘ගච්ඡං වදෙසි සමණ ඨිතොම්හි,
මමඤ්ච බ්රූසි ඨිතමට්ඨිතොති;
පුච්ඡාමි තං සමණ එතමත්ථං,
කථං ඨිතො ත්වං අහමට්ඨිතොම්හී’’ති.
‘‘ඨිතො
සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං;
තුවඤ්ච
තස්මා ඨිතොහං තුවමට්ඨිතොසී’’ති.
‘‘චිරස්සං
මහාවනං පාපුණි සච්චවාදී
(මහාවනං සමණොයං පච්චුපාදි (සී.), මහාවනං සමණ පච්චුපාදි (ස්‍යා. කං.));
සොහං චරිස්සාමි පහාය පාපං
(සොහං චිරස්සාපි පහාස්සං පාපං (සී.), සොහං චරිස්සාමි පජහිස්සං පාපං (ස්‍යා. කං.)),
සුත්වාන ගාථං තව ධම්මයුත්තං’’.
ඉත්වෙව චොරො අසිමාවුධඤ්ච,
සොබ්භෙ පපාතෙ නරකෙ අකිරි;
අවන්දි
තත්ථෙව නං පබ්බජ්ජං අයාචි.
බුද්ධො ච ඛො කාරුණිකො මහෙසි,
යො සත්ථා ලොකස්ස සදෙවකස්ස;
‘තමෙහි භික්ඛූ’ති තදා අවොච,
එසෙව තස්ස අහු භික්ඛුභාවොති.
|
349
ඉක්බිති අඩ්ගුලිමාල නම් සොර තෙම භාග්‍යවතුන් වහන්සේට ගාථාවෙන් මෙසේ කීයේය.
[1] “ශ්රමණයන් වහන්ස, යමින් සිටියෙමියි කියන්නෙහිය, සිටියාවූ මටද නොසිටියේයයි කියන්නෙහිය. ශ්රමණයන් වහන්ස, මේ කාරණය ඔබවහන්සේගෙන් අසමි. ‘කෙසේනම් ඔබ සිටියෙහිද, කෙසේ නම් මම නොසිටියේදැයි’ ඇසීය.
[2] “අඩ්ගුලිමාලය, මම හැම කල්හි සියලු ප්‍රාණීන් කෙරෙහි දඬු බහා තබා සිටියේ වෙමි. තෝ වනාහි සතුන් කෙරෙහි සංවරයක් නැත්තෙක් වෙහිය. එහෙයින් මම සිටියේ වෙමි. තෝ නොසිටියේ වෙහියයි” (වදාළේය.)
[3] “(දෙවි මිනිසුන් විසින්) පුදන ලද්දාවූ මහාඉර්ෂිවූ මේ ශ්රමණයන් වහන්සේ බොහෝ කලකින් ඒකාන්තයෙන් මට කරුණාවෙන් මේ මහාවනයට පැමිණියහ. ඒ මම බොහෝ කලකිනුත් නුඹ වහන්සේගේ ධර්මයෙන් යුක්තවූ ගාථාවක් අසා අකුසලය දුරු කරන්නෙමි.”
[4] මෙසේ අඩ්ගුලිමාල සොර තෙම කඩුවද, ආයුධද, ප්‍රපාතයක ගැඹුරුව සෑරී ගිය මහ වළෙක්හි දැමූයේය. අඩ්ගුලිමාල සොර තෙම සුගතයන් වහන්සේගේ ශ්‍රීපාදයන් මනාකොට වැන්දේය. එහිදීම උන්වහන්සේගෙන් ප්රවුජ්යාවද ඉල්වූයේය.
[5] දෙවියන් සහිත ලෝකයාහට ශාස්තෘවූ කරුණා ඇත්තාවූ මහා ඉර්ෂිවූ ඒ සර්වඥයන් වහන්සේ ඔහුට “ මහණ මෙහි එවයි” එකල්හි වදාළේය. ඔහුට මේ වචනයට භික්ෂු භාවය වූයේය.
|
350
අථ ඛො භගවා ආයස්මතා අඞ්ගුලිමාලෙන පච්ඡාසමණෙන යෙන සාවත්ථි තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන සාවත්ථි තදවසරි. තත්ර සුදං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස අන්තෙපුරද්වාරෙ මහාජනකායො සන්නිපතිත්වා උච්චාසද්දො මහාසද්දො හොති - ‘‘චොරො තෙ, දෙව, විජිතෙ අඞ්ගුලිමාලො නාම ලුද්දො ලොහිතපාණි හතපහතෙ නිවිට්ඨො අදයාපන්නො පාණභූතෙසු. තෙන ගාමාපි අගාමා කතා, නිගමාපි අනිගමා කතා, ජනපදාපි අජනපදා කතා. සො මනුස්සෙ වධිත්වා වධිත්වා අඞ්ගුලීනං මාලං ධාරෙති. තං දෙවො පටිසෙධෙතූ’’ති.
අථ
තෙන ඛො පන සමයෙන ආයස්මා අඞ්ගුලිමාලො භගවතො අවිදූරෙ
|
350
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පසු පසින් යන ආයුෂ්මත් අඩ්ගුලිමාල ස්ථවිරයන් සමග සැවැත් නුවර යම් තැනෙක්හිද එතැනට සැරිසරමින් වැඩියහ. පිළිවෙළින් සැරිසරා වඩිනුයේ සැවැත් නුවර යම් තැනෙක්හිද, එතැනට පැමිණියහ. එහි වනාහි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවන නම් අනේපිඬු මහසිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි පසේනදී කොසොල් රජහුගේ මාලිගා දොරටුයෙහි මහජන සමූහයා රැස්ව “දෙවයන් වහන්ස, නුඹවහන්සේගේ රටෙහි රෞද්‍රවූ ලේ තැවරුණු අත් ඇත්තාවූ සතුන් නැසීමෙහි වැනසීමෙහි නියුක්තවූ, ප්‍රාණීන් කෙරෙහි කරුණාවක් නැති බවට පැමිණියාවූ, අඩ්ගුලිමාල නම් සොරෙක් වෙයි. ඔහු විසින් ගම්ද නොගම් කරණ ලද්දාහ. නියම් ගම්ද අනියම් ගම් කරණ ලද්දාහ. ජනපදද අජනපද කරණ ලද්දාහ. හෙතෙම මිනිසුන් මර මරා ඇඟිලිමාලාවක් දරයි. දෙවයන් වහන්සේ ඔහු වලක්වන සේක්වායි.” උස්වූ මහත්වූ ඝොෂා ඇතිව වෙසෙයි. එකල්හි පසේනදී කොසොල් රජතෙම පන්සියයක් පමණ අසුන් හා දවල් කාලයෙහි සැවැත් නුවරින් නික්ම ජේතවනාරාමය යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. යානාවෙන් යාමට සුදුසු තැන් දක්වා යානාවෙන් ගොස් යානාවෙන් බැස පා ගමනින්ම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසක හුන්නේය. එක්පසක හුන්නාවූ පසේනදී කොසොල් රජුගෙන් භාග්‍යවතුන් වහන්සේ“කිමෙක්ද මහරජ? තොපට සේනා ඇත්තාවූ මගධ රටට අධිපතිවූ බිම්බිසාර මහරජතෙම හෝ කිපුනේද? නොහොත් විසාලා මහනුවර වැසිවූ ලිච්ඡවි රජ දරුවෝ හෝ කිපුනාහුද? නොහොත් අන් සතුරු රජ කෙනෙක් හෝ කිපුනාහුදැයි ඇසූහ.”
“ස්වාමීන් වහන්ස, මට මහත් සේනා ඇත්තාවූ මගධ රටට අධිපතිවූ බිම්බිසාර රජතෙමේද නොකිපියේ වෙයි. විසාලාමහනුවර වැසිවූ ලිච්ඡවි රජදරුවෝද නොකිපියාහුමය. අන් සතුරු රජ කෙනෙක්ද නොකිපියාහුමය. ස්වාමීන්වහන්ස, මාගේ ජනපදයෙහි රෞද්‍රවූ ලේ තැවරුණු අත් ඇති සතුන් නැසීමෙහි වැනසීමෙහි නියුක්තවූ ප්‍රාණීන් කෙරෙහි කරුණාවක් නැති බවට පැමිණියාවූ අඩ්ගුලිමාල නම් සොරෙක් ඇත. ඔහු විසින් ගම්ද නොගම් කරණ ලද්දාහ. නියම් ගම්ද අනියම් ගම් කරණ ලද්දාහ. ජනපද අජනපද කරණ ලද්දාහ. හෙතෙම මිනිසුන් මර මරා ඇගිලි මාලාවක් දරයි. ස්වාමීන් වහන්ස, මම ඔහු වැළක්වීමට යන්නෙමියි” කීය. “මහරජ, හිසකේ රැවුල් කපා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවූ, සතුන් මැරීමෙන් වැලකුනාවූ සොරකම් කිරීමෙන් වැලකුනාවූ, බොරු කීමෙන් වැලකුනාවූ, එක්වේල අනුභව කරන්නාවූ, බ්‍රහ්මචාර්යාවෙහි හැසිරෙන සිල්වත්වූ යහපත් ස්වභාව ඇත්තාවූ අඩ්ගුලිමාලයා ඉදින් නුඹ දකින්නෙහි නම් ඔහුට කුමක් කරන්නෙහිදැයි” ඇසූහ. “ස්වාමීන් වහන්ස, වැඳීම හෝ කරම්හ. දැක හුනස්නෙන් නැගිටීම හෝ කරම්හ ආසන දීම හෝ කරම්හ. තවද උන්වහන්සේට චීවරය, පිණ්ඩපාතය, සයනාසනය, ගිලන්පස, බෙහෙත් පිරිකර යන මෙයින් පැවරීම හෝ කරම්හ. උන්වහන්සේට ධාර්මිකවූ ආරක්ෂාව හෝ පිළියෙල කරම්හ. ස්වාමීන් වහන්ස, දුස්සීලවූ ලාමක ස්වභාව ඇත්තාවූ මොහුට වනාහි මෙබඳුවූ සීලසංවරයක් කොයින් වන්නේදැයි?” ඇසීය.
“එසමයෙහි වනාහි ආයුෂ්මත්වූ අඩ්ගුලිමාල ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට සමීප තැනෙක්හි හුන්නේ වේ. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ දකුණුඅත දිගුකොට කොසොල් රජහට ‘මහරජ, මේ තෙමේ අඩ්ගුලිමාලයයි” වදාළේය. ඉක්බිති පසේනදී කොසොල් රජහට බියක් වූයේය. තැති ගැන්මක් වූයේය. ලොමුඩැහැගැන්මද වූයේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බියපත්වූ, තැතිගත්තාවූ, ලොමුඩැහැගත්තාවූ පසේනදී කොසොල් රජහු දැක පසේනදී කොසොල් රජහට “මහරජ, බිය නොවෙව, මහරජ බිය නොවෙව. තොපට මොහුගෙන් භයක් නැතැයි” වදාළේය. ඉක්බිති පසේනදී කොසොල් රජහට යම් බියක් හෝ තැතිගැන්මක් හෝ ලොමුඩැහැගැන්වීමක් හෝ වීද, එය සංසිඳුනේය. ඉක්බිත්තෙන් පසේනදී කොසොල් රජතෙම ආයුෂ්මත් අඩ්ගුලිමාල ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් අඩ්ගුලිමාල ස්ථවිරයන් වහන්සේට “ස්වාමීනි, ආර්යයන් වහන්සේ අඩ්ගුලිමාල ස්ථවිරදැයි” ඇසීය. ‘මහරජ, එසේයයි,” ප්‍රකාශ කෙළේය. “ස්වාමීනි ආර්යන් වහන්සේගේ පියතෙම කෙබඳු ගොත්‍ර ඇත්තීදැයි මව් තොමෝ කෙබඳු ගොත්‍ර ඇත්තීදැයි” ඇසීය. මහරජ මාගේ පියතෙම ගර්ග නම් ගොත්‍ර ඇත්තේද? මව්තොමෝ මන්තානී නම් බැමිණියයි” ප්‍රකාශ කෙළේය. ‘ස්වාමීනි, ගර්ග නම් ගොත්‍ර ඇත්තාවූ මන්තානී නම් බැමිණියගේ පුත්‍රවූ ආර්යයන් වහන්සේ ශාසනයෙහි සිත් අලවා වාසය කෙරෙත්වා. මම ගර්ග නම් ගොත්‍ර ඇත්තාවූ මන්තානී පුත්‍රවූ ආර්යයන් වහන්සේට චීවරය පිණ්ඩපාතය, සයනාසනය, ගිලන්පස, බෙහෙත් පිරිකර යන මෙයින් (පිදීමට) උත්සාහ වත් බව ඇතිකරන්නෙමියි” කීයේය.
|
351
තෙන ඛො පන සමයෙන ආයස්මා අඞ්ගුලිමාලො ආරඤ්ඤිකො හොති පිණ්ඩපාතිකො පංසුකූලිකො තෙචීවරිකො. අථ ඛො ආයස්මා අඞ්ගුලිමාලො රාජානං පසෙනදිං කොසලං එතදවොච - ‘‘අලං, මහාරාජ, පරිපුණ්ණං මෙ චීවර’’න්ති. අථ ඛො රාජා පසෙනදි කොසලො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො
අථ ඛො ආයස්මා අඞ්ගුලිමාලො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථියං පිණ්ඩාය පාවිසි. අද්දසා ඛො ආයස්මා අඞ්ගුලිමාලො සාවත්ථියං සපදානං පිණ්ඩාය චරමානො අඤ්ඤතරං ඉත්ථිං මූළ්හගබ්භං විඝාතගබ්භං
(විසාතගබ්භං (ස්‍යා. කං. පී. ක.)). දිස්වානස්ස
‘‘තෙන හි ත්වං, අඞ්ගුලිමාල, යෙන සා ඉත්ථී තෙනුපසඞ්කම; උපසඞ්කමිත්වා තං ඉත්ථිං එවං වදෙහි
‘‘සො හි නූන මෙ, භන්තෙ, සම්පජානමුසාවාදො භවිස්සති. මයා හි, භන්තෙ, බහූ සඤ්චිච්ච පාණා ජීවිතා වොරොපිතා’’ති. ‘‘තෙන හි ත්වං, අඞ්ගුලිමාල, යෙන සා ඉත්ථී තෙනුපසඞ්කම; උපසඞ්කමිත්වා තං ඉත්ථිං එවං වදෙහි - ‘යතොහං, භගිනි, අරියාය ජාතියා ජාතො, නාභිජානාමි සඤ්චිච්ච පාණං ජීවිතා වොරොපෙතා, තෙන සච්චෙන සොත්ථි තෙ හොතු, සොත්ථි ගබ්භස්සා’’’ති.
‘‘එවං, භන්තෙ’’ති ඛො ආයස්මා අඞ්ගුලිමාලො භගවතො පටිස්සුත්වා යෙන සා ඉත්ථී තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා තං ඉත්ථිං එතදවොච - ‘‘යතොහං, භගිනි, අරියාය ජාතියා ජාතො, නාභිජානාමි සඤ්චිච්ච පාණං ජීවිතා වොරොපෙතා, තෙන සච්චෙන සොත්ථි තෙ හොතු, සොත්ථි ගබ්භස්සා’’ති. අථ ඛ්වාස්සා ඉත්ථියා සොත්ථි අහොසි, සොත්ථි ගබ්භස්ස.
අථ ඛො ආයස්මා අඞ්ගුලිමාලො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො නචිරස්සෙව - යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං - බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ
|
351
“එසමයෙහි වනාහි ආයුෂ්මත් අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ ආරණ්යකාංගයද, පිණ්ඩපාතිකාංගයද, පංශුකූලිකාංගයද, තෙචීචරිකාංගයද රකින්නාහ. ඉක්බිත්තෙන් ආයුෂ්මත් අංගුලිමාල ස්ථවිරතෙමේ පසේනදී කොසොල් රජහට “මහරජ, කම්නැත. මා හට තුන්සිවුර සම්පූර්ණයයි” කීයේය. ඉක්බිත්තෙන් පසේනදී කොසොල් රජතෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසක හුන්නේය. එකත්පසක හුන්නාවූ පසේනදි කොසොල් රජතෙම භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, ආශ්චර්ය, පුදුමය, භාග්‍යවතුන් වහන්සේ දමනය කළ නොහැක්කවුන් දමනය කරන්නෙක, නොසංසුන් සත්වයන් සංසිඳුවන්නෙක, කෙලෙස් නිවීම නොකළාවූ සත්වයන් නිවන්නෙක, ස්වාමීන් වහන්ස, අපි වනාහි යමෙක් දඬුවලින්ද, ආයුධවලින්ද දමනය කරන්ට නොහැකි වෙමුද, ඒ පුද්ගලතෙම භාග්‍යවතුන් වහන්සේ විසින් දණ්ඩෙන් තොරව, ආයුධයෙන් තොරව, දමනය කරණ ලද්දේය. ස්වාමීන් වහන්ස, අපි බොහෝ කටයුතු ඇත්තම්හ. බොහෝ වැඩපල ඇත්තම්හ. එබැවින් දැන් අපි යම්හයි කීයේය.” “මහරජ, නුඹ ඊට සුදුසු කාලය දැනගනුවයි” වදාළේය. ඉක්බිත්තෙන් පසෙනදී කොසොල් රජතෙම හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණුකොට ගියේය.
“ඉක්බිත්තෙන් ආයුෂ්මත් අංගුලිමාල ස්ථවිරයන්වහන්සේ පෙරවරු වේලෙහි හැඳපොරවා පාත්‍ර සිවුරුගෙණ සැවැත්නුවරට පිඩුපිණිස ගියහ. ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ සැවැත් නුවර ගෙපිළිවෙලින් පිඬු පිණිස යන්නේ සරසට සිටි ගැබයක් උවදුරු සහිත දරු ගැබක් ඇති එක්තරා ස්ත්‍රියක් දුටුයේය. දැක උන්වහන්සේට “පින්වත්නි, ඒකාන්තයෙන් සත්වයෝ කෙලෙසන්නාහුය. පින්වත්නි, ඒකාන්තයෙන් සත්වයෝ කෙලෙසෙන්නාහුයයි” සිතුනේය. ඉක්බිත්තෙන් ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ සැවැත් නුවර පිඬු පිණිස හැසිර පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුනේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසක හුන්නේය. එක් පසක හුන්නාවූ ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීන් වහන්ස, මම පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරුගෙණ සැවැත්නුවරට පිඬු පිණිස ගියෙමි. සැවැත්නුවර ගෙපිළිවෙළින් පිඬු පිණිස යන්නෙම් සරසට සිටි දරු ගැබක් ඇති උවදුරු සහිත දරු ගැබක් ඇති එක්තරා ස්ත්‍රියක් දුටුවෙමි. දැක ‘පින්වත්නි, ඒකාන්තයෙන් සත්වයෝ කෙලෙසෙන්නාහුය. පින්වත්නි, ඒකාන්තයෙන් සත්වයෝ කෙලෙසෙන්නාහුය,’ යන සිතක් පහළවූයේයයි” කීය. “අංගුලිමාලය, එසේ වීනම් නුඹ සැවැත් නුවර යම් තැනෙක්හිද, එතැනට පැමිණෙව, පැමිණ ඒ ස්ත්‍රියට “නැගණිය, මම යම්තැනක පටන් මේ ජාතියෙහි උපන්නෙම්ද, එතැන් පටන් දැන දැන සතෙකු ජීවිතයෙන් තොර කළ බව නොදනිමි. ඒ සත්‍ය වචනය කරණ කොටගෙණ තිට සැපක් වේවා. දරු ගැබටද සැපක්වේවායි’ කියවයි” වදාළේය. “ස්වාමීන් වහන්ස, මා විසින් වනාහි දැන දැන බොහෝ ප්‍රාණීහු ජීවිතයෙන් තොර කරණ ලද්දාහ. ස්වාමීන් වහන්ස, එහෙයින් මාගේ ඒ කීම ඒකාන්ත බොරු කීමක් වන්නේයයි, කීයේය” “අංගුලිමාලය, එසේ වීනම් නුඹ සැවැත්නුවර යම් තැනෙක්හිද එතැනට යව, ගොස් නැගණිය, මම යම් තැනක පටන් ආර්යවූ ජාතියෙහි උපන්නේවෙම්ද, (එතැන් පටන්) දැන දැන සතෙකු ජීවිතයෙන් තොර කළ බව නොදනිමි. ඒ සත්‍ය වචනය හේතු කොට ගෙණ තිට සැපවේවා, දරු ගැබටද සැපවේවායි, ඒ ස්ත්‍රියට කියවයි” වදාළසේක. “එසේය, පින්වතුන් වහන්සැයි” කීය. ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට උත්තරදී සැවැත් නුවර යම් තැනෙක්හිද එතැනට ගියේය. ගොස් ඒ ස්ත්‍රියට “නැගණිය, මම යම් තැනක පටන් ආර්යවූ ජාතියෙහි උපන්නේ වෙම්ද, (එතැන් පටන්) දැන දැන සතෙකු ජීවිතයෙන් තොර කළ බව නොදනිමි. ඒ සත්‍ය වචනය හේතු කොට ගෙණ තිට සැපවේවා. දරු ගැබටද සැපවේවායි”, කීයේය. ඉක්බිත්තෙන් ඒ ස්ත්‍රියට සැපවූයේය. දරු ගැබටද සැපවූයේය.
“ඉක්බිත්තෙන් ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ තනිව විවේකව අප්‍රමාද කෙලෙස් තවන වීර්ය ඇතිව හරණලද ආත්මාලය ඇතිව වාසය කරන්නේ නොබෝ කලකින්ම කුලපුත්‍රයෝ යමක් සඳහා මනාකොට ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවෙත්ද, මාර්ග බ්‍රහ්මචර්යා කෙළවර කොට ඒ උතුම් රහත් බව මේ ආත්මයෙහිම තෙමේ විශේෂ ඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට ඊට පැමිණ වාසය කෙළේය. ජාතිය විනාශ කරණ ලද්දීය. මාර්ග බ්‍රහ්මචර්යාව වැස නිම වන ලද්දේය. සතර මාර්ගයෙන් කටයුත්ත කරණ ලද්දේය. මෙයින් පසු කළ යුත්තක් නැත්තේයයි දැනගත්තේය. ආයුෂ්මත්හු අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ රහතන්ගෙන් එක්තරා කෙනෙක් වූහ.
|
352
අථ ඛො ආයස්මා අඞ්ගුලිමාලො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. තෙන ඛො පන සමයෙන අඤ්ඤෙනපි ලෙඩ්ඩු ඛිත්තො ආයස්මතො අඞ්ගුලිමාලස්ස කායෙ නිපතති, අඤ්ඤෙනපි
‘‘යො පුබ්බෙව
(යො ච පුබ්බෙ (සී. ස්‍යා. කං. පී.)) පමජ්ජිත්වා, පච්ඡා සො නප්පමජ්ජති;
සොමං
(සො ඉමං (සී.)) ලොකං පභාසෙති, අබ්භා මුත්තොව චන්දිමා.
‘‘යස්ස
සොමං ලොකං පභාසෙති, අබ්භා මුත්තොව චන්දිමා.
‘‘යො හවෙ දහරො භික්ඛු, යුඤ්ජති බුද්ධසාසනෙ;
සොමං ලොකං පභාසෙති, අබ්භා මුත්තොව චන්දිමා.
‘‘දිසා හි මෙ ධම්මකථං සුණන්තු,
දිසා හි මෙ යුඤ්ජන්තු බුද්ධසාසනෙ;
දිසා හි මෙ තෙ මනුජා භජන්තු,
යෙ ධම්මමෙවාදපයන්ති සන්තො.
‘‘දිසා
සුණන්තු ධම්මං කාලෙන, තඤ්ච අනුවිධීයන්තු.
‘‘න හි ජාතු සො මමං හිංසෙ, අඤ්ඤං වා පන කිඤ්චි නං
(කඤ්චි නං (සී. ස්‍යා. කං. පී.), කඤ්චනං (?));
පප්පුය්ය පරමං සන්තිං, රක්ඛෙය්ය තසථාවරෙ.
‘‘උදකඤ්හි
දාරුං නමයන්ති තච්ඡකා, අත්තානං දමයන්ති පණ්ඩිතා.
‘‘දණ්ඩෙනෙකෙ
අදණ්ඩෙන අසත්ථෙන, අහං දන්තොම්හි තාදිනා.
‘‘අහිංසකොති මෙ නාමං, හිංසකස්ස පුරෙ සතො;
අජ්ජාහං සච්චනාමොම්හි, න නං හිංසාමි කිඤ්චි නං
(කඤ්චි නං (සී. ස්‍යා. කං. පී.), කඤ්චනං (?)).
‘‘චොරො
වුය්හමානො මහොඝෙන, බුද්ධං සරණමාගමං.
‘‘ලොහිතපාණි පුරෙ ආසිං, අඞ්ගුලිමාලොති විස්සුතො;
සරණගමනං පස්ස, භවනෙත්ති සමූහතා.
‘‘තාදිසං කම්මං කත්වාන, බහුං දුග්ගතිගාමිනං;
ඵුට්ඨො කම්මවිපාකෙන, අණණො භුඤ්ජාමි භොජනං.
‘‘පමාදමනුයුඤ්ජන්ති, බාලා දුම්මෙධිනො ජනා;
අප්පමාදඤ්ච මෙධාවී, ධනං සෙට්ඨංව රක්ඛති.
‘‘මා පමාදමනුයුඤ්ජෙථ, මා කාමරති සන්ථවං;
අප්පමත්තො හි ඣායන්තො, පප්පොති විපුලං
(පරමං (ක.)) සුඛං.
‘‘ස්වාගතං
(සාගතං (සී. පී.)) නාපගතං
(නාම සගතං (ක.)), නයිදං දුම්මන්තිතං මම;
සංවිභත්තෙසු
(සුවිභත්තෙසු (ස්‍යා. කං.), සවිභත්තෙසු (සී. ක.), පටිභත්තෙසු (පී.)) ධම්මෙසු, යං සෙට්ඨං තදුපාගමං.
‘‘ස්වාගතං නාපගතං, නයිදං දුම්මන්තිතං මම;
තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසන’’න්ත්න්ත්ති.
|
352
“ඉක්බිති ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ පෙරවරු වේලෙහි හැඳ පොරවා පාසිවුරුගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පැමිණියේ. එකල්හි වනාහි, අන් දිසාවකට ගසනලද ගලක්ද ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන්ගේ ශරීරයෙහි වැටෙන්නේය. අන් දිසාවකට ගසනලද්දාවූ දණ්ඩක්ද ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන්ගේ ශරීරයෙහි වැටෙන්නේය. අන්දිසාවකට ගසන ලද්දාවූ කැට කැබලිතිද ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන්ගේ ශරීරයෙහි වැටෙන්නේය. ඉක්බිත්තෙන් ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ බිඳුනාවූ හිසින් යුක්ත ගලන්නාවූ ලේ ඇතිව බිඳුනාවූ පාත්‍රයෙන් යුක්තව විසර ගියාවූ සඟල සිවුරෙන් යුක්තව භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිඳ එන්නාවූ ආයුෂ්මත් අංගුලිමාල ස්ථවිරයන් දුටහ. දැක ආයුෂ්මත් අංගුලිමාල ස්ථවිරයන්ට “බ්‍රාහ්මණය, තෝ ඉවසව, බ්‍රාහ්මණය, තෝ ඉවසව, යම් කර්මයක්හුගේ විපාකයෙන් බොහෝ අවුරුදු බොහෝ සිය ගණන් අවුරුදු සිය දහස් ගණන් අවුරුදු සිය දහස් ගණන් අවුරුදු නරකයෙහි පැසෙන්නෙහිද, බ්‍රාහ්මණය, තෝ ඒ කර්මයාගේ විපාකය මේ ආත්මයෙහිම විඳින්නෙහියයි” වදාළහ. ඉක්බිත්තෙන් ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ රහසිගතවූයේ සිත එකඟ කිරීමට පැමිණියේ නිවන් සුව විඳින්නේ ඒ වෙලාවෙහි මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කෙළේය.
[1] “යමෙක් වනාහි පළමුව ප්‍රමාද වී හෙතෙම පසුව ප්‍රමාද නොවේද, ඒ පුද්ගලතෙම වළාකුලෙන් මිදුනාවූ සඳමෙන් මේ ලෝකය බබුළුවයි.
[2] යමකු විසින් කරණ ලද්දාවූ අකුසල කර්මය කුසල කර්මයෙන් වැසෙන ලැබේද, ඒ පුද්ගලතෙම වළාකුළෙන් මිදුනාවූ චන්ද්‍රයා මෙන් මේ ලෝකය බබලයි.
[3] යම් තරුණ මහණෙක් වනාහි සර්වඥ ශාසනයෙහි වීර්යයෙන් යුක්තව වාසය කෙරේද, හෙතෙම වලාකුලින් මිදුනාවූ චන්ද්‍රයා මෙන් මේ ලෝකය බබලයි.
[4] මාගේ සතුරෝ වනාහි ධර්මයෙන් යුක්තව කථාව අසත්වා. මාගේ සතුරෝ වනාහි සර්වඥ ශාසනයෙහි වීර්යයෙන් යුක්ත වෙත්වා. සත්පුරුෂවූ යම් මිනිස් කෙනෙක් ධර්මය හැර ගණිත්ද, මාගේ සතුරෝ වනාහි එබඳු සත්වයන් භජනය කෙරෙත්වා.
[5] මාගේ සතුරෝ වනාහි ඉවසීම ප්‍රකාශ කරන්නාවූ මෛත්‍රියට ප්‍රශංසා කරන්නවුන්ගේ ධර්මය සුදුසු කාලයෙහි අසත්වා ඒ ධර්මයටද අනුව කටයුතු කෙරෙත්වා.
[6] හෙතෙම ඒකාන්තයෙන් මට හිංසා නොකරන්නෙක් වේවා. අන්කිසිවෙකුටත් (හිංසා නොකෙරේවා) උතුම්වූ නිවණට පැමිණ කෙලෙස් සහිත සත්වයන් හා කෙලෙස් රහිතවූ සත්වයන්ද රක්නේය.
[7] දිය ගෙනයන්නෝ වනාහි ජලය පමුණුවත්. හී වඩුවෝ ඊ දඬු නමා ඇදහරිත්. වඩුවෝ දැව දඬු සැස ඇදහරිත්, නුවණැත්තෝ තමා දමනය කරත්.
[8] සමහර කෙනෙක් දණ්ඩෙන්ද, හෙන්ඩුවෙන්ද, කස සැමිටියෙන්ද දමනය කරත්. තාදී (අෂ්ටලොක ධර්මයෙන් කම්පානොවන) ගුණයෙන් යුක්තවූ සර්වඥයන් වහන්සේ විසින් දණ්ඩක් නැතිව ආයුධයක් නැතිව මම දමනය කරණ ලද්දේවෙමි.
[9] පෙර සත්ව හිංසා කරන්නාවූ මට අහිංසකයයි නමක්වූයේය. අද මම (අහිංසකය යන) සත්‍යවූ නම ඇත්තේ වෙමි. කිසිවකුටත් හිංසාවක් නොකරමි. පෙර මම අංගුලිමාලයයි ප්රසිද්ධවූ සොරෙක් වූයෙමි. කාමාදී මහ වතුරෙන් ගසාගෙණ යනු ලබන්නේ බුදුන් සරණ කොට ගියෙමි.
[10] පෙර අංගුලිමාලයයි ප්රසිද්ධවූ ලේ තැවරුණු අත් ඇත්තෙක් වීමි. (ඔහුගේ) සරණයාම බලව (ඔහු විසින්) භව ආශාව නැති කරනලදී.
[11] දුර්ගතිවලට පමුණුවන්නාවූ බොහෝ එබඳු අකුසල කර්ම කොට මාර්ග කුසල විපාකයට පැමිණෙන ලද්දේ නය නැත්තෙක්ව ආහාර වළඳමි.
[12] අඥානවූ බාලජනයෝ ප්‍රමාදයෙහි යෙදී වාසය කරත්. නුවණැත්තේ උතුම් ධනයක් මෙන් අප්‍රමාද රක්ෂා කරයි.
[13] ප්‍රමාදයෙහි නොයෙදෙව්. පස්කම් සැපයෙහි ඇල්මට නොපැමිණෙව්. අප්‍රමාදව නුවණින් බලන තැනැත්තේ වනාහි මහත්වූ සැපයට පැමිණේ.
[14] ‘මාගේ යම් පැමිණීමක් ඇද්ද එය ලාමක පැමිණීමක් මම පැවිදි වන්නෙමි යන නොවන්නේය’. යම් වචනයක් කියන ලදද එය අයහපත් කීමක් නොවන්නේය. බුදුවරයන් වහන්සේලා විසින් බෙදා වදාළ ධර්මයන් අතුරෙහි ඒ ධර්මයට පැමිණියෙමි. යම් ධර්මයක් උත්තමද
[15] මාගේ යම් පැමිණීමක් ඇද්ද, එය ලාමකවූ පැමිණීමක් මා විසින් යම් වචනයක් කියනලදද එය නොවේ. ත්‍රිවිද්‍යාවන්ට පිළිවෙළින් පැමිණියෙමි. අයහපත් වචනයක් නොවේ. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය කරණලදියි”. ප්‍රකාශ කෙළේය.
|
7. පියජාතිකසුත්තං | 7. පිය ජාතික සූත්‍රය |
353
එවං
|
353
මා විසින් මෙසේ අසනලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවාසය කරති. එකල එක් ගෘහපතියෙකුගේ ප්‍රියවූ මනාපවූ එකම පුත්‍රතෙම කළුරිය කෙළේ වෙයි. පුත්‍රයාගේ මරණයෙන් ඒ ගෘහපතියාහට කර්මාන්ත රුචි නොවෙත්. ආහාරයද රුචි නොවෙයි. හෙතෙම සොහොණට ගොස් ‘එකම පුත්‍රය, ඔබ කොහිද, එකම පුත්‍රය ඔබ කොහිදැයි’ කියමින් විලාප කියති.
ඉක්බිති ඒ ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක උන්නේය. එසේ උන් ඒ ගෘහපතියාට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.
“ගෘහපතිය, නුඹගේ ඉන්ද්රියයන්ගේ ප්‍රකෘති ස්වභාවය නුඹගේ ඉන්ද්රියයන්ගේ වෙනස්බවක් ඇතැයි” වදාළේය.
“ස්වාමීන් වහන්ස, මාගේ ඉන්ද්‍රියන්ගේ වෙනස් බවෙක් කෙසේ නම් නොවන්නේද? ස්වාමීන් වහන්ස, මාගේ ප්‍රියවූ, මනාපවූ, එකම පුත්‍රයා මළේය. ඔහුගේ මරණයෙන් පසු මේ කර්මාන්තයද රුචි නොවෙති. ආහාරයද රුචි නැත. ඒ මම සොහොනට ගොස් ‘එකම පුත්‍රය, ඔබ කොහිද? එකම පුත්‍රය, ඔබ කොහිද? කියමින් අඬමියි” කීය.
“ගෘහපතිය, ඒ එසේමය. ගෘහපතිය, ශෝකය වැළපීම දුකය, දොම්නසය, බලවත් වෙහෙසය, යන මොහු පිය දෙයින් හටගන්නාහුය. ප්‍රිය දෙයින් උපදින්නාහුය.”
“ස්වාමීනි, ශෝකය, වැළපීම, දුක, දොම්නස, දැඩි වෙහෙස යන මොහු ප්‍රිය දෙයින් හටගන්නාහුය, ප්‍රිය දෙයින් උපන්නේය, යන මේ කාරණය කෙසේ නම් වන්නේද? ස්වාමීනි, ප්‍රිය දෙයින් සතුට සොම්නස හටගන්නේය. උපදනාහුයයි” කියා ඒ ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනයට නොසතුටුව ප්රතික්ෂෙප කොට ආසනයෙන් නැගිට ගියේය.
|
354
තෙන ඛො පන සමයෙන සම්බහුලා අක්ඛධුත්තා භගවතො අවිදූරෙ අක්ඛෙහි දිබ්බන්ති. අථ ඛො සො ගහපති යෙන තෙ අක්ඛධුත්තා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා අක්ඛධුත්තෙ එතදවොච - ‘‘ඉධාහං, භොන්තො, යෙන සමණො ගොතමො
|
354
එකල්හි බොහෝ දාදු කෙළින්නෝ භාග්‍යවතුන් වහන්සේට සමීප තැනක දාදු කෙළිති. එවිට ඒ ගෘහපතිතෙම ඒ දාදු කෙළින්නෝ යම් තෙනකද එහි පැමිණ දාදු කෙළින්නන්ට මෙසේ කීය.
“පින්වතුනි, මෙහි මම ශ්‍රමණ ගෞතම තෙම යම් තෙනකද එහි ගියෙමි. ගොස් ශ්‍රමණ ගෞතමයන් වැඳ එකත් පසෙක හුනිමි. පින්වතුනි, ඒ පසෙක උන් මට ශ්‍රමණ ගෞතම තෙමේ මෙසේ කීය.
“ගෘහපතිය, නුඹගේ ඉන්ද්රියයෝ පැහැදිලි නැත. නුඹගේ ඉන්ද්රියයන්ගේ වෙනස් බවක් ඇතැයි” කීය. “පින්වතුනි, මෙසේ කීකල්හි මම ශ්‍රමණ ගෞතමයන්ට, මෙසේ “ස්වාමීනි, මාගේ ඉන්ද්රියවෙනස් බවෙක් කෙසේ නම් නොවන්නේද? ස්වාමීනි මාගේය මනාප එකම පුත්‍රයා මළේය. ඔහුගේ මරණයෙන් මට කර්මාන්තද රුචි නොවෙති. ආහාරද රුචි නැත. ඒ මම සොහොනට ගොස් ‘එකම පුත්‍රය ඔබ කොහිද? එකම පුත්‍රය ඔබ කොහිද, කියමින් හඬමි’යි කීයෙමි.
එසේ කී කල්හි, ‘ගෘහපතිය, ඒ එසේමය. ගෘහපතිය ඒ එසේමය’ ගෘහපතිය, සොකය, හැඬීමය, දුකය, දොම්නසය දැඩි වෙහෙසය යන මොහු ප්‍රිය දෙයින් උපදනාහු වෙති. ප්‍රිය දෙයින් හටගන්නාහු වෙති” කීය. “ස්වාමීනි, සොකය, හැඬීම දුකය, දොම්නසය යන මොහු ප්‍රිය දෙයින් උපදනාහුය. ප්‍රිය දෙයින් හටගන්නාහුය. යන මේ කාරණය වනාහි කෙසේ වන්නේද?
“ස්වාමීනි, ප්‍රිය දෙයින් සතුට හා සොම්නස හටගන්නාහුය, උපදනාහුයයි’ කියා මම ශ්‍රමණ ගෞතමයන්ගේ කීමට සතුටු නොවී ප්රතික්ෂෙපකොට හුන් ආසනයෙන් නැගිට ගියෙමියි” කීය.
“ගෘහපතිය, ඒ කාරණය එසේමය. ගෘහපතිය, ඒ කාරණය එසේමය. ගෘහපතිය, සතුට හා සොම්නස යන මොහු ප්‍රිය දෙයින් උපදනාහුය. ප්‍රිය දෙයින් උපදනාහුයයි” (ඔව්හු කීහ.)
ඉක්බිති ඒ ගෘහපති තෙමේ මාගේ අදහස දාදු කෙළින්නන් හා සමවෙයි කියා ගියේය.
ඉක්බිති මේ කථාව පිළිවෙලින් රජුගේ මාලිගාවට පැමිණියාය.
|
355
අථ ඛො රාජා පසෙනදි කොසලො මල්ලිකං දෙවිං ආමන්තෙසි - ‘‘ඉදං තෙ, මල්ලිකෙ, සමණෙන ගොතමෙන භාසිතං - ‘පියජාතිකා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා පියප්පභවිකා’’’ති. ‘‘සචෙතං, මහාරාජ, භගවතා භාසිතං, එවමෙත’’න්ති. ‘‘එවමෙව පනායං මල්ලිකා යඤ්ඤදෙව සමණො ගොතමො භාසති තං තදෙවස්ස අබ්භනුමොදති’’. ‘‘සචෙතං, මහාරාජ, භගවතා භාසිතං එවමෙතන්ති. සෙය්යථාපි නාම, යඤ්ඤදෙව ආචරියො අන්තෙවාසිස්ස භාසති තං තදෙවස්ස අන්තෙවාසී අබ්භනුමොදති - ‘එවමෙතං, ආචරිය, එවමෙතං, ආචරියා’’’ති. ‘‘එවමෙව ඛො ත්වං, මල්ලිකෙ, යඤ්ඤදෙව සමණො ගොතමො භාසති තං තදෙවස්ස අබ්භනුමොදසි’’. ‘‘සචෙතං, මහාරාජ
|
355
ඉක්බිති පසෙනදි කොසොල් රජතෙමේ මල්ලිකා දේවිය කැඳවී. “මල්ලිකාවෙනි, සොකය, හැඬීමය, දුකය, දොම්නසය යන මොහු ප්‍රියදේ නිසා උපදනාහුය. ප්‍රියදේ නිසා හටගන්නාහුයයි තොපගේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් කියනලදී.”
“ඉදින් මහරජතුමනි, ඒ කාරණය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද නම් එය එසේයයි” (කීවාය.)
“මේ මල්ලිකාව ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යමක් යමක් කියයි නම් ‘මහරජතුමනි, ඉදින් ඒ කාරණය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දක්නම් ඒ එසේම වෙයි’ කියමින් ඒ එසේම පිළිගනියි.
“යම්සේ ගුරුවරයෙක් ගොලයාට යමක් කියයි නම් ‘ආචාර්යයන් වහන්ස, එය එසේයයි’ ගොලයා පිළිගනියි.
“එමෙන් මල්ලිකාවෙනි, නුඹද එලෙසම ශ්‍රමණ ගෞතම තෙමේ යමක් කියයි නම් ‘ඉදින් මහරජ’ ඒ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළේ නම් ඒ එසේම වන්නේය’. කියා පිළිගන්නෙහිය. මල්ලිකාවෙනි, මෙතනින් ඉවත්ව යවයි කීය.
ඉක්බිති මල්ලිකා දේවිය, නාලිජංඝනම් බමුණා කැඳවී. “බ්‍රාහ්මණය, මෙහි එව. නුඹ භාග්‍යවතුන් වහන්සේ යම් තෙනකද එහි පැමිණ මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පා මුදුනෙන් වඳුව. ආබාධ නැතිබව, රොග නැතිබව සැහැල්ලු පැවැත්ම කායබලය, සුඛ විහරණය විචාරව. ‘ස්වාමීන් වහන්ස, මල්ලිකා දේවී තොමෝ භාග්‍යවතුන් වහන්සේගේ පා මුදුනෙන් වඳියි. පීඩා නැතිබව ලෙඩ නැති බව කය පිළිබඳ සැහැල්ලුකම, කය පිළිබඳ ශක්තිය, සැප විහරණය අසායයි’ කියව.
“මෙසේද කියව ‘ස්වාමීන් වහන්ස, සොකපරිදෙව දුක් දොම්නස් උපායාස යන මේවා ප්‍රියදේ නිසා උපදනාහුය. ප්‍රියදේ නිසා හටගන්නාහුයයි, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේද, කියාය. භාග්‍යවතුන් වහන්සේ නුඹට යම්සේ ප්‍රකාශ කෙරේද? ඒ එසේම යහපත්ව උගෙණ මට කියව. තථාගතයන් වහන්සේලා බොරු නොකියත් යයි” කීහ.
“එසේය”, කියා නාලිජංඝ බ්‍රාහ්මණතෙම මල්ලිකාදේවියට උත්තරදී භාග්‍යවතුන් වහන්සේ යම් තෙනකද එහි පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වියයුතු සිහි කටයුතු කථාවකොට අවසන්ව, එක් පසෙක උන්නේය. එක් පසෙක හුන් නාලිජංඝ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කී.
“භවත් ගෞතමයන් වහන්ස, මල්ලිකා දෙවිතොමෝ පින්වත් ගෞතමයන් වහන්සේ පා මුදුනෙන් වඳියි. ආබාධ නැතිකම, රෝග නැතිකම, කයේ සැහැල්ලු බව කාය බලය, පහසු විහරණය අසයි. මෙසේද කියයි. ස්වාමීනි, සොක, පරිදෙව, දුක් දොම්නස්, උපායාස යන මොහු ප්‍රිය දෙයින් උපදනාහුය. ප්‍රිය දෙයින් හටගන්නාහුයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ දැයි’ ඇසී.
|
356
‘‘එවමෙතං, බ්‍රාහ්මණ, එවමෙතං, බ්‍රාහ්මණ! පියජාතිකා හි, බ්‍රාහ්මණ, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා පියප්පභවිකාති. තදමිනාපෙතං, බ්‍රාහ්මණ, පරියායෙන වෙදිතබ්බං යථා පියජාතිකා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා පියප්පභවිකා. භූතපුබ්බං, බ්‍රාහ්මණ, ඉමිස්සායෙව සාවත්ථියා අඤ්ඤතරිස්සා ඉත්ථියා මාතා කාලමකාසි. සා තස්සා කාලකිරියාය උම්මත්තිකා ඛිත්තචිත්තා රථිකාය රථිකං
(රථියාය රථියං (සී. ස්‍යා. කං. පී.)) සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං උපසඞ්කමිත්වා එවමාහ - ‘අපි මෙ මාතරං අද්දස්සථ
(අද්දසථ (සී. පී.)), අපි මෙ මාතරං අද්දස්සථා’ති? ඉමිනාපි
‘‘භූතපුබ්බං
‘‘භූතපුබ්බං
‘‘භූතපුබ්බං, බ්‍රාහ්මණ, ඉමිස්සායෙව සාවත්ථියා අඤ්ඤතරස්ස පුරිසස්ස පිතා කාලමකාසි... භාතා කාලමකාසි... භගිනී කාලමකාසි... පුත්තො කාලමකාසි... ධීතා කාලමකාසි... පජාපති කාලමකාසි. සො තස්සා කාලකිරියාය උම්මත්තකො ඛිත්තචිත්තො රථිකාය රථිකං සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං උපසඞ්කමිත්වා එවමාහ - ‘අපි මෙ පජාපතිං අද්දස්සථ, අපි මෙ පජාපතිං අද්දස්සථා’ති? ඉමිනාපි ඛො එතං, බ්‍රාහ්මණ, පරියායෙන වෙදිතබ්බං යථා පියජාතිකා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා පියප්පභවිකාති.
‘‘භූතපුබ්බං, බ්‍රාහ්මණ, ඉමිස්සායෙව සාවත්ථියා අඤ්ඤතරා ඉත්ථී ඤාතිකුලං අගමාසි. තස්සා තෙ ඤාතකා සාමිකං
(සාමිකා (සී.)) අච්ඡින්දිත්වා අඤ්ඤස්ස දාතුකාමා. සා ච තං න ඉච්ඡති. අථ ඛො සා ඉත්ථී සාමිකං එතදවොච - ‘ඉමෙ, මං
(මම (ස්‍යා. කං. පී.)), අය්යපුත්ත, ඤාතකා ත්වං
(තයා (සී.), තං (ස්‍යා. කං. පී.)) අච්ඡින්දිත්වා අඤ්ඤස්ස දාතුකාමා. අහඤ්ච තං න ඉච්ඡාමී’ති. අථ ඛො සො පුරිසො තං ඉත්ථිං ද්විධා ඡෙත්වා අත්තානං
|
356
“බ්‍රාහ්මණය, ඒ එසේමය. බ්‍රාහ්මණය, එසේමය. බ්‍රාහ්මණය ශොක පරිදෙව දුක් දොම්නස් උපායාස යන මොහු ප්‍රිය දෙයින් උපදනාහුය. ප්‍රිය දෙයින් හටගන්නාහු වෙති. බ්‍රාහ්මණය සොක පරිදෙව දුක් දොම්නස්, උපායාස යන මොහු ප්‍රිය දෙයින් හටගන්නාහුය. ප්‍රිය දෙයින් උපදනාහුය. යන මේ කාරණය මේ ක්‍රමයෙන් ද දතයුතුය. කෙසේද? පෙරදවස බ්‍රාහ්මණය, මේ සැවැත් නුවරම එක්තරා ස්ත්‍රියකගේ මව් කළුරිය කළාය. මවගේ මරණයෙන් උමතුවූ සිත පෙරළුණු ඒ ස්ත්‍රී තොමෝ වීථියෙන් වීථියට මංසන්ධියෙන් මංසන්ධියට පැමිණ මෙසේ කියයි. ‘මාගේ මව් දුටුවාහුද? මාගේ මව් දුටුවොහුද? යනුයි.
“බ්‍රාහ්මණය, සොක, පරිදෙව, දුක්ඛ, දොම්නස්ස, උපායාස යන මොහු ප්‍රිය දෙයින් හට ගන්නාහුය, දෙයින් උපදනාහුය, ප්‍රිය යන මේ කාරණය මේ ආකාරයෙන්ද දතයුතු කෙසේද? බ්‍රාහ්මණය, පෙර දවස මේ සැවැත් නුවරම එක්තරා ස්ත්‍රියකගේ පියතෙම මැරිණි. ඒ පියාගේ මරණින් උමතුවූ සිත පෙරළුනු ඒ ස්ත්‍රිය වීථියෙන් විථියට මංසන්ධියෙන් මංසන්ධියට පැමිණ, මාගේ පියා දුටුවාහුද? මාගේ පියා දුටුවාහුදැ’යි කියයි.
“බ්‍රාහ්මණය, සොක, පරිදෙව, දුක්, දොම්නස්, උපායාස යන මොවුහු ප්‍රියදෙයින් හටගන්නාහුය, ප්‍රියදෙයින් උපදනාහුය යන මේ කාරණය මේ ආකාරයෙන්ද දත යුතුය. බ්‍රාහ්මණය පෙර දවස මේ සැවැත් නුවරම එක්තරා ස්ත්‍රියකගේ සොහොයුරා මළේය. ඒ සොහොයුරාගේ මරණින් උමතුවූ සිත පෙරළුණු ඒ ස්ත්‍රිය වීථියෙන් වීථියට, මංසන්ධියෙන් මංසන්ධියට පැමිණ, ‘මගේ සොහොයුරා දුටුවාහුද? මගේ සොහොයුරා දුටුවාහුදැයි’ කියයි.
“බ්‍රාහ්මණය, සොක, පරිදෙව, දුක්, දොම්නස්, උපායාස යන මොවුහු ප්‍රිය දෙයින් හටගන්නාහුය. ප්‍රිය දෙයින් උපදනාහුය, යන මේ කාරණය මේ ආකාරයෙන්ද දත යුතුය. බ්‍රාහ්මණය පෙර දවස මේ සැවැත් නුවරම එක්තරා ස්ත්‍රියකගේ සොහොයුරිය මළහ. ඒ සොහොයුරියගේ මරණින් උමතුවූ සිත පෙරළුණු ඒ ස්ත්‍රිය වීථියෙන් වීථියට, මංසන්ධියෙන් මංසන්ධියට පැමිණ, ‘මගේ සොහොයුරිය දුටුවාහුද? මගේ සොහොයුරිය දුටුවාහුදැ’යි කියයි.
“බ්‍රාහ්මණය, සොක, පරිදෙව, දුක්, දොම්නස්, උපායාස යන මොවුහු ප්‍රිය දෙයින් හටගන්නාහුය, ප්‍රිය දෙයින් උපදනාහුය. මේ කාරණය මේ ආකාරයෙන්ද දත යුතුයි. බ්‍රාහ්මණය පෙර දවස මේ සැවැත් නුවරම එක්තරා ස්ත්‍රියකගේ පුත්‍රයා මළේය. ඒ පුත්‍රයාගේ මරණින් උමතුවූ සිත පෙරළුණු ඒ ස්ත්‍රිය වීථියෙන් වීථියට, මංසන්ධියෙන් මංසන්ධියට පැමිණ, ‘මගේ පුත්‍රයා දුටුවාහුද? මගේ පුත්‍රයා දුටුවාහුදැයි’ කියයි.
“බ්‍රාහ්මණය, සොක, පරිදෙව, දුක්, දොම්නස්, උපායාස යන මොවුහු ප්‍රිය දෙයින් හටගන්නාහුය. ප්‍රිය දෙයින් උපදනාහුය. යන මේ කාරණය මේ ආකාරයෙන්ද දතයුතුය. බ්‍රාහ්මණය, පෙර දවස මේ සැවැත් නුවරම එක්තරා ස්ත්‍රියකගේ දුවක් මළහ. ඒ දුවගේ මරණින් උමතුවූ සිත පෙරළුණු ඒ ස්ත්‍රිය වීථියෙන් වීථියට, මංසන්ධියෙන් මංසන්ධියට පැමිණ, ‘මගේ දුව දුටුවාහුද? මගේ දුව දුටුවාහුදැයි’ කියයි.
“බ්‍රාහ්මණය, සොක, පරිදෙව, දුක්, දොම්නස්, උපායාස යන මොවුහු ප්‍රිය දෙයින් හටගන්නාහුය. ප්‍රිය දෙයින් උපදින්නාහුය, යන මේ කාරණය මේ ආකාරයෙන්ද දතයුතුයි. බ්‍රාහ්මණය පෙර දවස මේ සැවැත් නුවරම එක්තරා ස්ත්‍රියකගේ හිමියා මළේය. ඔහුගේ මරණයෙන් උමතුව සිත පෙරළුණ ඕ තොමෝ වීථියෙන් වීථිය, හන්දියෙන් හන්දිය වෙත පැමිණ, මෙසේ කියයි. ‘මාගේ හිමියා දුටුවාහුද? මාගේ හිමියා දුටුවොහුද?’ කියයි.
“බ්‍රාහ්මණය, සොකය, පරිදෙවය, දුක්ඛය දොමනස්සය උපායාසය යන මොහු ප්‍රිය දෙයින් හටගන්නාහුය. ප්‍රිය දෙයින් උපදින්නාහුය. යන මේ කාරණය මේ ක්‍රමයෙන්ද දත යුතුවෙයි. කෙසේද?
“බ්‍රාහ්මණය, පෙරකලෙක මේ සැවැත් නුවරෙහිම එක්තරා පුරුෂයෙකුගේ මවු මිය ගියාය. ඇගේ මරණයෙන් උමතුව සිත පෙරලුණ ඒ පුරුෂතෙම වීථියෙන් වීථිය හන්දියෙන් හන්දිය වෙත පැමිණ මෙසේ කීය. මාගේ මෑණියන් දුටුවාහුද? මාගේ මෑණියන් දුටුවාහුද?” (කියාය.)
“බ්‍රාහ්මණය, සොකය, පරිදෙවය, දුකය, දොම්නසය, උපායාසය යන මේවා ප්‍රිය දෙයින් හටගන්නාහුය. ප්‍රිය දෙයින් උපදනාහුය යනු මේ ක්‍රමයෙන්ද දත යුතුය.
“බ්‍රාහ්මණය, පෙරදවස මේ සැවැත් නුවරම එක්තරා පුරුෂයෙකුගේ පියා මළේය. ඒ පියාගේ මරණින් උමතුවූ සිත පෙරළුණු ඒ පුරුෂයා වීථියෙන් වීථියට මංසන්ධියෙන් මංසන්ධියට පැමිණ ‘මගේ පියා දුටුවාහුද? මගේ පියා දුටුවාහුදැ’යි කියයි.
“බ්‍රාහ්මණය, සොකය, පරිදෙවය, දුකය, දොම්නසය, උපායාසය යන මොවුහු ප්‍රිය දෙයින් හටගන්නාහුය. ප්‍රිය දෙයින් උපදනාහුය. යන මේ කාරණය මේ ආකාරයෙන්ද දත යුතුය. බ්‍රාහ්මණය පෙර දවස මේ සැවැත්නුවරම එක්තරා පුරුෂයෙකුගේ සහෝදරයා මළේය. ඒ සහෝදරයාගේ මරණින් උමතුවූ සිත පෙරළුනු ඒ පුරුෂයා වීථියෙන් වීථියට මංසන්ධියෙන් මංසන්ධියට පැමිණ ‘මගේ සහෝදරයා දුටුවාහුද? මගේ සහෝදරයා දුටුවාහුදැයි?’ කියයි,
“බ්‍රාහ්මණය, සොකය, පරිදෙවය, දුකය, දොම්නසය, උපායාසය, මොවුහු ප්‍රිය දෙයින් හටගන්නාහුය. ප්‍රිය දෙයින් උපදනාහුය. යන මේ කාරණය මේ ආකාරයෙන්ද දතයුතුය. බ්‍රාහ්මණය, පෙර දවස මේ සැවැත් නුවරම එක්තරා පුරුෂයෙකුගේ සහෝදරිය මළාය. ඒ සහෝදරියගේ මරණයෙන් උමතුවූ, සිත පෙරළුණ ඒ පුරුෂයා වීථියෙන් වීථියට මංසන්ධියෙන් මංසන්ධියට පැමිණ, මගේ සහෝදරිය දුටුවාහුද? මගේ සහෝදරිය දුටුවාහුදැයි?’ කියයි,
“බ්‍රාහ්මණය, සොකය, පරිදෙවය, දුකය, දොම්නසය, උපායාසය යන මොවුහු ප්‍රිය දෙයින් හටගන්නාහුය. ප්‍රිය දෙයින් උපදනාහුය. යන මේ කාරණය මේ ආකාරයෙන්ද දතයුතුය. බ්‍රාහ්මණය, පෙර දවස මේ සැවැත්නුවරම එක්තරා පුරුෂයෙකුගේ පුතා මළේය. ඒ පුතාගේ මරණයෙන් උමතුවූ සිත පෙරළුනු ඒ පුරුෂයා වීථියෙන් වීථියට මංසන්ධියෙන් මංසන්ධියට පැමිණ ‘මගේ පුතා දුටුවාහුද? මගේ පුතා දුටුවාහුදැයි?’ කියයි,
“බ්‍රාහ්මණය, සොකය, පරිදෙවය, දුකය, දොම්නසය, උපායාසය යන මොවුහු ප්‍රිය දෙයින් හටගන්නාහුය. ප්‍රිය දෙයින් උපදනාහුය. යන මේ කාරණය මේ ආකාරයෙන්ද දත යුතුය. බ්‍රාහ්මණය පෙර දවස මේ සැවැත්නුවරම එක්තරා පුරුෂයෙකුගේ දුව මළාය. ඒ දුවගේ මරණයෙන් උමතුවූ සිත පෙරළුනු ඒ පුරුෂයා වීථියෙන් වීථියට මංසන්ධියෙන් මංසන්ධියට පැමිණ ‘මගේ දුව දුටුවාහුද? මගේ දුව දුටුවාහුදැයි?’ කියයි,
“බ්‍රාහ්මණය, සොකය, පරිදෙවය, දුකය, දොම්නසය, උපායාසය යන මොවුහු ප්‍රිය දෙයින් හටගන්නාහුය. ප්‍රිය දෙයින් උපදනාහුය. යන මේ කාරණය මේ ආකාරයෙන්ද දත යුතුය. බ්‍රාහ්මණය පෙර දවස මේ සැවැත්නුවරම එක්තරා පුරුෂයෙකුගේ භාර්යාව මළාය. ඇගේ මරණයෙන් උමතුවූ පෙරළුනු සිත් ඇති ඒ පුරුෂතෙම වීථියෙන් වීථියට මංසන්ධියෙන් මංසන්ධිය කරා ගොස් මෙසේ කියයි. ‘මගේ භාර්යාව දුටුවාහුද? මගේ භාර්යාව දුටුවාහුද?’ කියාය,
“බ්‍රාහ්මණය, සොකය, පරිදෙවය, දුකය, දොම්නසය, උපායාසය යන මොහු ප්‍රිය දෙයින් හටගන්නාහුය, ප්‍රිය දෙයින් උපදනාහුය යන මේ ආකාරයෙන්ද දතයුතුය. කෙසේද?
“බ්‍රාහ්මණය, පෙර දවස මේ සැවැත් නුවරම එක්තරා ස්ත්‍රියාවක් නෑගෙට ගියාය. ඇගේ නෑයෝ ඇය හිමියාගෙන් වෙන්කොට අනිකෙක්හට දෙනු කැමැත්තේය. ඇයද ඒ පුරුෂයාට කැමති නොවීය. ඉක්බිති ඔතොමෝ (සිය) හිමියාට ‘ස්වාමිපුත්‍රය, මේ නෑයෝ මා ඔබගෙන් වෙන්කොට අනිකෙක්හට දෙනු කැමැත්තෝය. මමද ඔබට කැමති නොවෙමියි,’ කීවාය. ඉක්බිති ඒ පුරුෂතෙම ඒ ස්ත්‍රිය දෙපලු කොට තමාගේද බඩ පලාගෙන දෙදෙන පරලොවදී එක්වෙමු යයි මළේය. බ්‍රාහ්මණය, මේ කාරණයෙන්ද සොකය පරිදෙවය, දුකය, දොම්නසය යන මොහු ප්‍රිය දෙයින් හටගන්නාහුය. ප්‍රිය දෙයින් උපදනාහුය යන බව දත යුතුයයි,” වදාළේය.
|
357
අථ ඛො නාළිජඞ්ඝො බ්රාහ්මණො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා යෙන මල්ලිකා දෙවී තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා යාවතකො අහොසි භගවතා සද්ධිං කථාසල්ලාපො තං සබ්බං මල්ලිකාය දෙවියා ආරොචෙසි. අථ ඛො මල්ලිකා දෙවී යෙන රාජා පසෙනදි කොසලො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා රාජානං පසෙනදිං කොසලං එතදවොච - ‘‘තං කිං මඤ්ඤසි, මහාරාජ, පියා තෙ වජිරී කුමාරී’’ති? ‘‘එවං, මල්ලිකෙ, පියා මෙ වජිරී කුමාරී’’ති. ‘‘තං කිං මඤ්ඤසි, මහාරාජ, වජිරියා තෙ කුමාරියා විපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජෙය්යුං
‘‘තං කිං මඤ්ඤසි, මහාරාජ, පියා තෙ වාසභා ඛත්තියා’’ති? ‘‘එවං, මල්ලිකෙ, පියා
‘‘තං කිං මඤ්ඤසි, මහාරාජ, පියො තෙ විටටූභො
(විඩූඩභො (සී. ස්‍යා. කං. පී.)) සෙනාපතී’’ති? ‘‘එවං
‘‘තං කිං මඤ්ඤසි, මහාරාජ, පියා තෙ අහ’’න්ති? ‘‘එවං, මල්ලිකෙ, පියා මෙසි ත්ව’’න්ති. ‘‘තං කිං මඤ්ඤසි, මහාරාජ, මය්හං තෙ විපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජෙය්යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා’’ති? ‘‘තුය්හඤ්හි මෙ, මල්ලිකෙ, විපරිණාමඤ්ඤථාභාවා ජීවිතස්සපි සියා අඤ්ඤථත්තං, කිං පන මෙ න උප්පජ්ජිස්සන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා’’ති? ‘‘ඉදං ඛො තං, මහාරාජ, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සන්ධාය භාසිතං - ‘පියජාතිකා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා පියප්පභවිකා’ති.
‘‘තං
‘‘අච්ඡරියං, මල්ලිකෙ, අබ්භුතං, මල්ලිකෙ! යාවඤ්ච සො භගවා
|
357
“ඉක්බිති නාලිජංග බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව අනුමෝදන්ව ආසනයෙන් නැගිට මල්ලිකාදේවී යම්තැනකද, එහි පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග යම් පමණ කථාවක් වීද, ඒ සියල්ල මල්ලිකා දේවියට දැන්වී.
ඉක්බිති මල්ලිකාදේවී, පසෙනදී කොසොල් රජතෙම යම් තැනකද, එහි පැමිණ පසෙනදී කොසොල් රජහට මෙසේ කීය. “මහරජ, ඔබ කුමකැයි සිතන්නෙහිද? ඔබට වජිරී කුමාරිකාව ප්‍රියදැයි” ඇසී.
“මල්ලිකාවෙනි, එසේය. වජිරී කුමාරිකාව මට ප්‍රියයයි” කීය. “මහරජ තුමනි, ඒ ඔබ කුමකැයි සිතන්නෙහිද? වජිරී කුමරියගේ මරණයෙන් හෝ පලායාමෙන් හෝ ඔබට ශෝකය, පරිදෙවය, දුකය, දොම්නස්ස යන මේවා උපදින්නාහුදැයි” ඇසී.
“මල්ලිකාවෙනි, වජිරී කුමරියගෙ මරණයෙන් හෝ පලායාමෙන් මාගේ ජීවිතය පවා වෙනස්වන්නේය. කෙසේ නම් සොක, පරිදෙව, දුක්ඛ, දොමනස්ස, යන මොහු නූපදින්නාහුදැයි” (ඇසී).
“මහරජතුමනි, සියල්ල දන්නාවූ, සියල්ල දක්නාවූ, ඒ අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් සොකපරිදෙව දුක්ඛ දොමනස්ස උපායාස යන මොහු ප්‍රිය දෙයින් හටගන්නාහුය. ප්‍රිය දෙයින් උපදනාහුයයි මේ සඳහා වදාරණ ලදී.
“මහරජාණෙනි, කුමක් සිතන්නෙහිද? ඔබට වාසභඛත්තියාව ප්‍රියදැයි” (ඇසී). මල්ලිකාවෙනි, එසේය වාසභඛත්තියා මට ප්‍රියයි කීය.
“මහරජුනි, ඒ කුමක් සිතන්නෙහිද? වාසභඛත්තියාවගේ මරණයෙන් හෝ පලායාමෙන් හෝ ඔබට සොක පරිදෙව දුක්ඛ දොමනස්ස යන මොහු උපදින්නාහුදැයි” (ඇසී)
“මල්ලිකාවෙනි, වාසභඛත්තියාවගේ මරණයෙන් හෝ පලායාමෙන් හෝ මාගේ ජීවිතය පවා වෙනස්වෙයි. සොක පරිදෙව දුක්ඛ දොමනස්ස උපායාස යන මොහු කෙසේ නම් නූපදින්නාහුද?”
“මහරජතුමනි, සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ අර්හත් වූ ඒ සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් සොක පරිදෙව දුක්ඛ දොමනස්ස උපායාස යන මොහු ප්‍රිය දෙයින් හටගන්නාහුය, ප්‍රිය දෙයින් උපදනාහුයයි, මේ සඳහා වදාරණ ලදී.
“මහරජතුමනි! ඔබ කුමක් සිතන්නෙහිද? විඩුඩභ සේනාපතිතෙම ඔබට ප්‍රියවේද?” “මල්ලිකාවෙනි, එසේය විඩුඩභ සෙනාපති මට ප්‍රියයි” කීය. “මහරජතුමනි, ඒ කුමකැයි සිතන්නෙහිද? විඩුඩභ සෙන්පතිගේ මරණයෙන් හෝ පලා යාමෙන් හෝ ශොක පරිදෙව දුක්ඛ දොමනස්ස යන මේවා ඔබට උපදින්නාහුද?”
“මල්ලිකාවෙනි, විඩුඩභ සේනාපතිගේ මරණයෙන් හෝ පලායාමෙන් හෝ මාගේ ජීවිතය පවා වෙනස් වෙයි. ශොක පරිදෙව, දුක්ඛ, දොමනස්ස යන මොව්හු කෙසේ නම් නූපදින්නාහුද?
“සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ විසින් සොක, පරිදෙව, දුක්ඛ දොමනස්ස යන මොව්හු ප්‍රිය දෙයින් හටගන්නාහුය, ප්‍රිය දෙයින් උපදිනාහුයයි මේ සඳහා වදරණ ලදී.
“මහරජතුමනි, ඒ කුමක් සිතන්නෙහිද? ඔබට මා ප්‍රියද?” “මල්ලිකාවෙනි, එසේය. මට නුඹ ප්‍රියවෙහිය.” “මහරජතුමනි, ඒ කුමකැයි සිතන්නෙහිද? මාගේ මරණයෙන් පලායාමෙන් හෝ ඔබට ශෝකය, පරිදෙවය, දුක්ඛය දොමනස්සය යන මොව්හු උපදින්නාහුද?” “මල්ලිකාවෙනි, නුඹගේ මරණයෙන් පලායාමෙන් හෝ මාගේ ජීවිතය පවා වෙනස් වෙයි. සොක පරිදෙව, දුක්ඛ, දොමනස්ස යන මොව්හු මට කිමනූපදින්නාහුද?”
“මහරජතුමනි, සියල්ල දන්නාවූ, සියල්ල දක්නාවූ, ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ විසින් සොක පරිදෙව දුක්ඛ දොමනස්ස උපායාස, යන මොව්හු ප්‍රිය දෙයින් හටගන්නාහුය, ප්‍රිය දෙයින් උපදනාහුයයි මේ සඳහා වදාරණ ලදී.”
“මහරජතුමනි, ඒ කුමකැයි, සිතන්නෙහිද? කසී, කොසොල් දෙරට ඔබට ප්‍රියවේද?” “මල්ලිකාවෙනි, එසේය කසී කොසොල් දෙරට මට ප්‍රියයයි” කීය.
“මල්ලිකාවෙනි! කසී කොසොල් දෙරටෙහි ආනුභාවයෙන් කසී කොසොල් දෙරටෙහිවූ කාසික චන්දනා නම්වූ සඳුන් භාවිතා කරමු. මල්ගඳ විලවුන් දරමුයි” කීය.
“මහරජතුමනි, ඒ කුමක් සිතන්නෙහිද? කසී, කොසොල් දෙරට අත්හැරීමෙන් හෝ සතුරන්ට අත්වීමෙන් ඔබට ශොක, පරිදෙව, දුක්ඛ දොමනස්ස යන මොව්හු උපදින්නාහුද?”
“මල්ලිකාවෙනි, කසී, කොසොල් දෙරට අත්හැරීමෙන් හෝ සතුරන්ට අත්වීමෙන් හෝ මාගේ ජීවිතය පවා වෙනස් වෙයි. ශොක, පරිදෙව, දුක්ඛ, දොමනස්ස යන මොව්හු කිම නූපදින්නාහුද?”
“මහරජතුමනි, සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ ඒ අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් ශොක පරිදෙව, දුක්ඛ දොමනස්ස යන මොව්හු ප්‍රිය දෙයින් හට ගන්නාහුය, ප්‍රිය දෙයින් උපන්නාහුයයි මේ සඳහා වදාරණ ලදැයි” කීය.
“මල්ලිකාවෙනි, ආශ්චර්යයයි! මල්ලිකාවෙනි පුදුමයි. ඒ භාග්‍යවතුන් වහන්සේ ප්‍රඥාවෙන් (දතයුතු) යම් පමණද (ඒ සියල්ල) අතිශයින් අවබෝධ කොට දක්නාහුයයි සිතමි. මල්ලිකාවෙනි, මෙහි එව අත්පාසෝදන ජලය ගෙනෙවයි’ කීය.”
ඉක්බිති පසෙනදි කොසොල් රජතෙම උන් ආසනයෙන් නැගිට උතුරු සළුව එක් අංශයෙක්හි කොට භාග්‍යවතුන් වහන්සේ යම් දිශාවෙක්හිද ඒ දිශාවට දොහොත් මුදුන් දී නමස්කාර කොට ‘ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා. ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා, ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවායි’ තුන්වරක් ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කෙළේය.
|
8. බාහිතිකසුත්තං | 8. බාහිතික සූත්‍රය |
358
එවං
|
358
මා විසින් මෙසේ අසනලදී. එක් කාලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි, අනේ පිඩු සිටුහුගේ ජේතවනාරාමයෙහි වැඩ වෙසෙති. ඒ කාලයෙහි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ පෙර වරුයෙහි හැඳ පොරවා පාත්‍රා සිවුරුගෙණ පිඩු පිණිස සැවැත්නුවරට පැමිණියේය. සැවැත් නුවර පිඩු පිණිස හැසිර පිණ්ඩපාතයෙන් වැලක සවස් කාලයෙහි මිගාරමාතු ප්රාසාදනම්වූ පූර්වාරාමය යම් තෙනකද, එහි දවල් විසීම පිණිස පැමිණියේය.
ඒ කාලයෙහි පසෙනදි කොසොල් රජ තෙමේ එක පුණ්ඩරීක නම් ඇතුපිට නැග මැදිදවල් සැවැත් නුවරින් පිටත් විය. පසෙනදි කොසොල් රජ තෙමේ වඩින්නාවූ ආයුෂ්මත් ආනන්ද තෙරුන් දුරදීම දිටී. දැක සිරිවඞ්ඪනම් මහ ඇමතියාට කථාකොට “යහලු සිරිවඞ්ඪයිනි, මේ ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝදැයි” (ඇසී) “මහරජ, එසේය, මේ ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝයයි” කීය.
ඉක්බිති පසෙනදි කොසොල් රජතෙමේ අනික් පුරුෂයෙකු කැඳවී. “එම්බා පුරුෂය, මෙහි එව, නුඹ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ යම් තෙනකද, එහි පැමිණ මාගේ වචනයෙන් ‘ස්වාමීනි, පසෙනදි කොසොල් රජතෙමේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ගේ පාදයන් සිරසින් වඳියි’. කියා ආයුෂ්මත් ආනන්ද තෙරුන්ගේ පාදයන් සිරසින් වඳුව මෙසේද කියව්.
“ස්වාමීන් වහන්ස, ඉදින් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට කිසි ඉක්මන් කටයුත්තෙක් නොවේනම්, ස්වාමීනි, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ අනුකම්පා කොට මොහොතක් බලාපොරොත්තු වනසේක්වායිද කියන්නේය’ යනුයි.
“දෙවයෙනි, එසේය” කියා ඒ පුරුෂතෙම පසෙනදි කොසොල් රජහට උත්තරදී ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම යම් තෙනෙක්හිද, එහි පැමිණ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වැඳ එක් පසෙක්හි සිටියේය. එක් පසෙක සිටි ඒ පුරුෂතෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට “ස්වාමීනි වහන්ස, පසෙනදි කොසොල් රජතෙමේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් පාදයන් සිරසින් වඳියි.
“මෙසේද කියයි. ‘ස්වාමීන් වහන්ස, ඉදින් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට කිසිත් ඉක්මන් කටයුත්තක් නොවෙයි නම්, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ අනුකම්පාකොට මොහොතක් බලාපොරොත්තු වෙන සේක්වා, යනුයි” ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ තුෂ්ණිම් භාවයෙන් ඉවසූහ.
ඉක්බිති පසෙනදි කොසොල් රජතෙමේ ඇතුපිටින් යාමට සුදුසු තැන් දක්වා ඇතුපිටින් ගොස් ඇතුපිටින් බැස පයින්ම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ යම් තෙනකද එහි පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වැඳ එක් පසෙක සිටියේය. එක් පසෙක සිටි පසෙනදි කොසොල් රජතෙමේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට “ස්වාමීන් වහන්ස, ඉදින් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට කිසි ඉක්මන් කටයුත්තෙක් නොවේ නම් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ අනුකම්පා කොට අචිරවතී ගංතෙර යම් තෙනකද එහි වඩිනු මැනවයි’ කීය. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ තුෂ්ණිම් භාවයෙන් ඉවසී.
|
359
අථ ඛො ආයස්මා ආනන්දො යෙන අචිරවතියා නදියා තීරං තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො රාජා පසෙනදි කොසලො යාවතිකා නාගස්ස භූමි නාගෙන ගන්ත්වා නාගා පච්චොරොහිත්වා පත්තිකොව යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා
‘‘කිං
‘‘අච්ඡරියං, භන්තෙ, අබ්භුතං, භන්තෙ! යඤ්හි මයං, භන්තෙ, නාසක්ඛිම්හා පඤ්හෙන පරිපූරෙතුං තං, භන්තෙ, ආයස්මතා ආනන්දෙන පඤ්හස්ස වෙය්යාකරණෙන පරිපූරිතං. යෙ තෙ, භන්තෙ, බාලා අබ්යත්තා අනනුවිච්ච අපරියොගාහෙත්වා පරෙසං වණ්ණං වා අවණ්ණං වා භාසන්ති, න මයං තං සාරතො පච්චාගච්ඡාම; යෙ පන
(යෙ ච ඛො (සී. ස්‍යා. කං. පී.)) තෙ, භන්තෙ
|
359
අනතුරුව ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ අචිරවතී ගංතෙර යම් තෙනකද එහි පැමිණ ගසක් මුල පැනවූ අස්නෙහි හිඳගත්හ. එවිට පසෙනදි කොසොල් රජතෙම ඇතුපිටින් යාමට සුදුසු තැන් දක්වා ඇතු පිටින් ගොස් ඇතු පිටින් බැස පයින්ම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ යම් තෙනකද එහි පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වැඳ එක් පසෙක සිටියේය. එක් පසෙක සිටියාවූ පසෙනදි කොසොල්රජ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට ‘ස්වාමීනි, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ ඇතුපිට එලන පලසෙහි හිඳිනා සේක්වායි” (කීයේය) මහරජ, කම්නැත ඔබ හිඳිනු මැනවි, මාගේ අස්නෙහි හුන්නේ වෙමියි” (කීහ) පසේනදී කොසොල් රජ පණවනලද අස්නෙහි හුන්නේය. හිඳගත් පසෙනදි කොසොල් රජ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙසේ කීය.
“ස්වාමීනි, ආනන්ද ස්ථවිරයන් වහන්ස, නුවණ ඇති මහණ බමුණන් විසින් දොස් කීමට සුදුසුවූ යම් කාය සමාචාරයක් (කයේ පැවැත්මක්) වේද, එබඳු කාය සමාචාරය ඒ භාග්‍යවතුන් වහන්සේ පවත්වන්නේදැයි” ඇසී. “මහරජ, නුවණ ඇති මහණ බමුණන් විසින් දොස්කීමට සුදුසුවූ යම් කාය සමාචාරයෙක් වේද, එබඳු කාය සමාචාරයක් ඒ භාග්‍යවතුන් වහන්සේ නොපවත්නාහයි” කීය.
“ස්වාමීනි, ආනන්ද ස්ථවිරයන් වහන්ස, නුවණ ඇති, මහණ බමුණන් විසින් යම් වාක්සමාචාරයක් දෝෂාරොපණයට සුදුසු වේද, එබඳුවූ, වාග්සමාචාරය ඒ භාග්‍යවතුන් වහන්සේ කීම කරන්නේදැයි” (ඇසීය.)“මහරජ, යම් වාක්සමාචාරයක් නුවණ ඇති, මහණ බමුණන් විසින් දෝෂාරොපණය කළ යුත්තේද, එබඳුවූ, වාක්සමාචාරයෙක්හි ඒ භාග්‍යවතුන් වහන්සේ නොම හැසිරෙයි.”
“ස්වාමීනි, ආනන්ද ස්ථවිරයන් වහන්ස, නුවණ ඇති මහණ බමුණන් විසින් යම් මනොසමාචාරයක් දෝෂාරොපණයට සුදුසු වේද, එබඳුවූ මනොසමාචාරය ඒ භාග්‍යවතුන් වහන්සේ කිම කරන්නේදැයි?” (ඇසීය.) “මහරජ, යම් මනොසමාචාරයක් නුවණ ඇති මහණ බමුණන් විසින් දෝෂාරොපණය කරන ලද්දේද, එබඳුවූ, මනොසමාචාරයෙක්හි ඒ භාග්‍යවතුන් වහන්සේ නොම හැසිරෙයි.”
“ස්වාමීනි, ආශ්චර්යය, ස්වාමීනි පුදුමයි. ස්වාමීනි යම්වචනයක් ශ්රමණයන් යන වචනය හා යොදා සම්පූර්ණ කිරීමට අපට නොහැකිවීද? ස්වාමීනි, නුවණැති යන ඒ වචනය ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් විසින් ප්‍රශ්න විසඳීමේදී සම්පූර්ණ කරණ ලදී.
ස්වාමීනි, යම් අදක්ෂ නුවණැති කෙනෙක් නුවණින් නොවිමසා තීරණයකට නොබැස අනුන්ගේ ගුණ හෝ අගුණ කියද්ද? අපි ඒ කීම් සාරවසයෙන් නොපිළිගණිමු. ස්වාමීනි, පණ්ඩිතවූ දක්ෂවූ නුවණැති යම් ඒ කෙනෙක් නුවණින් විමසා තීරණයට බැස අනුන්ගේ ගුණ හෝ අගුණ හෝ කියද්ද? ඒ කීම අපි සාර වසයෙන් පිළිගණිමු.
|
360
‘‘කතමො පන, භන්තෙ ආනන්ද, කායසමාචාරො ඔපාරම්භො සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහී’’ති? ‘‘යො ඛො, මහාරාජ, කායසමාචාරො අකුසලො’’.
‘‘කතමො
‘‘කතමො පන, භන්තෙ, කායසමාචාරො සාවජ්ජො’’? ‘‘යො ඛො, මහාරාජ, කායසමාචාරො සබ්යාබජ්ඣො’’
(සබ්යාපජ්ඣො (සී. ස්‍යා. කං. පී.), සබ්යාපජ්ජො (ක.)).
‘‘කතමො
‘‘කතමො පන, භන්තෙ, කායසමාචාරො දුක්ඛවිපාකො’’? ‘‘යො ඛො, මහාරාජ, කායසමාචාරො අත්තබ්‍යාබාධායපි සංවත්තති, පරබ්‍යාබාධායපි සංවත්තති, උභයබ්‍යාබාධායපි සංවත්තති තස්ස අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති; එවරූපො ඛො, මහාරාජ, කායසමාචාරො ඔපාරම්භො සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහී’’ති.
‘‘කතමො පන, භන්තෙ ආනන්ද, වචීසමාචාරො...පෙ.... මනොසමාචාරො ඔපාරම්භො සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහී’’ති? ‘‘යො ඛො, මහාරාජ, මනොසමාචාරො අකුසලො’’.
‘‘කතමො පන, භන්තෙ, මනොසමාචාරො අකුසලො’’? ‘‘යො
‘‘කතමො පන, භන්තෙ, මනොසමාචාරො සාවජ්ජො’’? ‘‘යො ඛො, මහාරාජ, මනොසමාචාරො සබ්යාබජ්ඣො’’.
‘‘කතමො
‘‘කතමො පන, භන්තෙ, මනොසමාචාරො දුක්ඛවිපාකො’’? ‘‘යො ඛො, මහාරාජ, මනොසමාචාරො
‘‘කිං නු ඛො, භන්තෙ ආනන්ද, සො භගවා සබ්බෙසංයෙව අකුසලානං ධම්මානං පහානං වණ්ණෙතී’’ති? ‘‘සබ්බාකුසලධම්මපහීනො ඛො, මහාරාජ, තථාගතො කුසලධම්මසමන්නාගතො’’ති.
|
360
“ස්වාමීනි, ආනන්ද ස්ථවිරයෙනි, නුවණ ඇති මහණ බමුණන් විසින් දොස් නැගිය යුතු කාය සමාචාරය (කය පිළිබඳ පැවැත්ම) කවරේද?” “මහරජ, යම් කායික පැවැත්මක් අකුසල් නම් එයයි.” “ස්වාමීනි කිනම්, කායික පැවැත්මක් අකුසල්ද?” “මහරජ, යම් කායික පැවැත්මක් වරද සහිත නම් එයයි.” “ස්වාමීනි, වරද සහිත කායික පවැත්ම නම් කවරේද?” “මහරජ, යම් ඒ කායික පැවැත්මක් දුක් සහිත නම් එයයි” “ස්වාමීනි, දුක් සහිත කායික පැවැත්මනම් කවරේද?” “මහරජ යම් කායික පැවැත්මක් දුක්වූ විපාක ඇත්නම් එයයි.” “ස්වාමීනි, දුක් විපාක ඇති කායික පැවැත්ම නම් කවරේද?”
“මහරජ, යම් කයේ පැවැත්මක් වනාහි තමා පෙළීම පිණිසත් පවතීද, අනුන් පෙළීම පිණිසත් පවතීද, තමා අනුන් යන දෙදෙනම පෙළීම පිණිසත් පවතීද, ඔහුගේ අකුශල ධර්මයෝ වැඩෙති. කුශල ධර්ම පිරිහෙති. මහරජ මෙබඳු කායික පැවැත්ම වනාහි නුවණැති මහණ බමුණන් විසින් දොස් නැගිය යුත්තේ වෙයි.”
“ස්වාමීනි, ආනන්ද ස්ථවිරයෙනි, නුවණැති මහණ බමුණන් විසින් දොස් කිය යුතු වාග්සමාචාරය (වචනයේ පැවැත්ම) කවරේද?” “මහරජ, යම් වාග්සමාචාරයක් අකුසල් ද එයයි.” “ස්වාමීනි, අකුසල වාග්සමාචාරය කවරේද?” “මහරජ, යම් වාග්සමාචාරයක් වරද සහිත නම් එයයි.” “ස්වාමීනි, වරද සහිත වාග්සමාචාරය කවරේද?” “මහරජ, යම් වාග්සමාචාරයක් දුක් සහිතද එයයි.” “ස්වාමීනි, දුක් සහිත වාග්සමාචාරය කවරේද?” “මහරජ, යම් වාග්සමාචාරයක් දුක් විපාක ඇත්තේද එයයි.” “ස්වාමීනි, දුක් විපාක ඇති වාග්සමාචාරය කවරේද?” “මහරජ, යම් වාග්සමාචාරයක් වනාහි තමා පෙළීම පිණිසත් පවතීද, අනුන් පෙළීම පිණිසත් පවතීද, තමා හා අනුන් යන දෙපසම පෙළීම පිණිසත් පවතීද, ඒ දුක් විපාක ඇති වාග්සමාචාරය ඇත්තාහට අකුශල ධර්ම වැඩෙති. කුශල ධර්ම පිරිහෙති. මහරජ, මෙබඳු වාග්සමාචාරය වනාහි නුවණැති මහණ බමුණන් විසින් දොස් නගන ලද්දේ වෙයි.”
“ස්වාමීනි, ආනන්ද ස්ථවිරයන් වහන්ස, නුවණ ඇති මහණ බමුණන් විසින් දොස් නැගිය යුතු.” මනොසමාචාරය (සිතේ පැවැත්ම) කවරේද? “මහරජ, යම් ඒ මානසික පැවැත්මක් අකුසල් නම්, එයයි. “ස්වාමීනි, අකුසල මනොසමාචාරය කවරේද?” “මහරජ, යම් ඒ මානසික පැවැත්මක් වරද සහිත නම් එයයි”.
“ස්වාමීනි, වරද සහිත මනොසමාචාරය (සිතේ පැවැත්ම) කවරේද?” “මහරජ, යම් මනොසමාචාරයක් දුක් සහිත නම් එයයි.” “ස්වාමීනි, දුක් සහිතවූ මනොසමාචාරය කවරේද?” “මහරජ, යම් මනොසමාචාරයක් දුක්වූ විපාක ඇත්තේ නම් එයයි.” “ස්වාමීනි, දුක් විපාක ඇති මනොසමාචාරය කවරේද?
“මහරජ, යම් මනොසමාචාරයෙක් තමා පෙළීම පිණිස පවතීද, අනුන් පෙළීම පිණිස පවතීද, තමාත් අනුනුත් පෙළීම පිණිස පවතීද, ඒ මනොසමාචාරයෙන් යුක්තවූවහුට අකුශල ධර්මයෝ වැඩෙති. කුශල ධර්මයෝ පිරිහෙති. මහරජ, මෙබඳු කායසමාචාරය, නුවණැති මහණ බමුණන් විසින් දොස් කීමට සුදුසු වෙයි.”
“ස්වාමීනි, ආනන්ද ස්ථවිරයෙනි, කිමෙක්ද? ඒ භාග්‍යවතුන් වහන්සේ, සියලුම අකුශල ධර්මයන්ගේ පහකිරීම වර්ණනා කෙරේදැයි” (ඇසී). “මහරජ, තථාගතයන් වහන්සේ සියලු අකුශල ධර්මයන් පහකළ කෙනෙක. සියලු කුශල ධර්මයන්ගේ යුක්තවූ කෙනෙක.
|
361
‘‘කතමො පන, භන්තෙ ආනන්ද, කායසමාචාරො අනොපාරම්භො සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහී’’ති? ‘‘යො ඛො, මහාරාජ, කායසමාචාරො කුසලො’’.
‘‘කතමො
‘‘කතමො පන, භන්තෙ, කායසමාචාරො අනවජ්ජො’’? ‘‘යො ඛො, මහාරාජ, කායසමාචාරො අබ්යාබජ්ඣො’’.
‘‘කතමො පන, භන්තෙ, කායසමාචාරො අබ්යාබජ්ඣො’’? ‘‘යො ඛො, මහාරාජ, කායසමාචාරො සුඛවිපාකො’’.
‘‘කතමො පන, භන්තෙ, කායසමාචාරො සුඛවිපාකො’’?
‘‘යො ඛො, මහාරාජ, කායසමාචාරො නෙවත්තබ්‍යාබාධායපි සංවත්තති, න පරබ්‍යාබාධායපි සංවත්තති, න උභයබ්‍යාබාධායපි සංවත්තති තස්ස අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා
‘‘කතමො පන, භන්තෙ ආනන්ද, වචීසමාචාරො...පෙ.... මනොසමාචාරො අනොපාරම්භො සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහී’’ති? ‘‘යො ඛො, මහාරාජ, මනොසමාචාරො කුසලො’’.
‘‘කතමො
‘‘කතමො පන, භන්තෙ, මනොසමාචාරො අනවජ්ජො’’? ‘‘යො ඛො, මහාරාජ, මනොසමාචාරො අබ්යාබජ්ඣො’’.
‘‘කතමො පන, භන්තෙ, මනොසමාචාරො අබ්යාබජ්ඣො’’? ‘‘යො ඛො, මහාරාජ, මනොසමාචාරො සුඛවිපාකො’’.
‘‘කතමො පන, භන්තෙ, මනොසමාචාරො සුඛවිපාකො’’? ‘‘යො ඛො, මහාරාජ, මනොසමාචාරො නෙවත්තබ්‍යාබාධායපි සංවත්තති, න පරබ්‍යාබාධායපි සංවත්තති, න උභයබ්‍යාබාධායපි සංවත්තති. තස්ස අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. එවරූපො ඛො, මහාරාජ, මනොසමාචාරො අනොපාරම්භො සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහී’’ති.
‘‘කිං පන, භන්තෙ ආනන්ද, සො භගවා සබ්බෙසංයෙව කුසලානං ධම්මානං උපසම්පදං වණ්ණෙතී’’ති? ‘‘සබ්බාකුසලධම්මපහීනො ඛො, මහාරාජ, තථාගතො කුසලධම්මසමන්නාගතො’’ති.
|
361
“ස්වාමීනි, ආනන්ද ස්ථවිරයෙනි, නුවණැති මහණ බමුණන් විසින් දොස් නොකියයුතු කායසමාචාරය කවරේද?” “මහරජ යම් කායසමාචාරයෙක් කුශල් නම් එයයි.’ “ස්වාමීනි, කුශල්වූ කායසමාචාරය කවරේද?” “මහරජ, යම් කායසමාචාරයෙක් වරද නොවේනම් එයයි.” “ස්වාමීනි, වරද නැති කායසමාචාරය කවරේද?” “මහරජ, යම් කායසමාචාරයෙක් දුක් රහිත නම් එයයි.” “ස්වාමීනි, දුක් නැති කායසමාචාරය කවරේද?” “මහරජ, යම් කායසමාචාරයෙක් සැප විපාක ඇත්තේ නම් එයයි.” “ස්වාමීනි, සැප විපාක ඇති කායසමාචාරය කවරේද?”
“මහරජ, යම් ඒ කායසමාචාරයෙක් තමාපෙළීම පිණිසත් නොපවතීද, අනුන් පෙළීම පිණිසත් නොපවතීද තමාත් අනුනුත් පෙළීම පිණිසත් නොපවතීද, ඔහුගේ අකුශල ධර්ම පිරිහෙති. කුශල ධර්ම වැඩෙති. මහරජ, මෙබඳු කායසමාචාරය වනාහි නැණවත් මහණ බමුණන් විසින් දොස් නොකිය යුත්තේ වෙයි.”
“ස්වාමීනි, ආනන්ද ස්ථවිරයෙනි, නුවණැති මහණ බමුණන් විසින් දොස් නොකියයුතු වාග්සමාචාරය කවරේද?” “මහරජ, යම් වාග්සමාචාරයක් කුසල්ද එයයි”. “ස්වාමීනි, කුශල වාග්සමාචාරය කවරේද?” “මහරජ, යම් වාග්සමාචාරයක් වරද රහිත නම් එයයි”. “ස්වාමීනි, වරද රහිත වාග්සමාචාරය කවරේද?” “මහරජ, යම් වාග්සමාචාරයක් දුක් රහිතද එයයි.” “ස්වාමීනි, දුක් රහිත වාග්සමාචාරය කවරේද?” “මහරජ, යම් වාග්සමාචාරයක් සැප විපාක ඇත්තේද එයයි.” “ස්වාමීනි, සැප විපාක ඇති වාග්සමාචාරය කවරේද?” “මහරජ, යම් වාග්සමාචාරයක් තමා පෙළීම පිණිස නොපවතීද, අනුන් පෙළීම පිණිසත් නොවතීද, තමා හා අනුන් යන දෙපසම පෙළීම පිණිසත් නොපවතීද, ඒ සැප විපාක ඇති වාග්සමාචාරය ඇත්තාහට කුශල ධර්මයෝ වැඩෙති. අකුශල ධර්මයෝ පිරිහෙති. මහරජ, මෙබඳු වාග්සමාචාරය වනාහි නුවණ ඇති මහණ බමුණන් විසින් දොස් නොකිය යුත්තේ වෙයි.”
“ස්වාමීනි, ආනන්ද ස්ථවිරයන් වහන්ස, නුවණ ඇති මහණබමුණන් විසින් දොස් නොකිය යුතු මනොසමාචාරය කවරේදැයි” (ඇසී)
“මහරජ, යම් මනොසමාචාරයක් කුශල් නම් එයයි.” “ස්වාමීනි, කුශල මනොසමාචාරය කවරේද?” “මහරජ යම් මනොසමාචාරයෙක් නිවරද නම් එයයි.” “ස්වාමීනි, නිවරද මනොසමාචාරය කවරේද?” “මහරජ, යම් මනොසමාචාරයෙක් දුක් රහිත නම් එයයි.” “ස්වාමීනි, දුක් රහිත මනොසමාචාරය කවරේද?” “මහරජ, යම් මනොසමාචාරයෙක් සැප විපාක ඇත්තේ නම් එයයි.” “ස්වාමීනි, සැප විපාක ඇති මනොසමාචාරය කවරේද?”
“මහරජ! යම් ඒ මනොසමාචාරයෙන් තමා පෙළීම පිණිසද නොපවතී නම්, අනුන් පෙළීම පිණිසද නොපවතී නම්, තමාත් අනුනුත් පෙළීම පිණිසද නොපවතී නම්,ඒ පුද්ගලයාගේ අකුශල ධර්මයෝ පිරිහෙති. කුශල ධර්මයෝ වැඩෙති. මහරජ, මෙබඳු මනොසමාචාරය වනාහි නුවණැති මහණබමුණන් විසින් දෝෂාරෝපණය නොකළ යුත්තේ වෙයි.
“කිමෙක්ද ස්වාමීනි, ආනන්ද ස්ථවිරයෙනි, ඒ භාග්‍යවතුන් වහන්සේ සියලුම කුශලධර්‍මයන්ගේ වැඩීම වර්ණනා කෙරේද?” “මහරජ! තථාගතයන් වහන්සේ සියලු අකුශල ධර්ම ප්‍රහීණ කෙළේ කුශල ධර්මයන්ගෙන් යුක්තවූයයි” කීය.
|
362
‘‘අච්ඡරියං
‘‘අයං
අථ ඛො රාජා පසෙනදි කොසලො ආයස්මන්තං ආනන්දං එතදවොච - ‘‘හන්ද ච දානි මයං, භන්තෙ ආනන්ද, ගච්ඡාම; බහුකිච්චා මයං බහුකරණීයා’’ති. ‘‘යස්සදානි ත්වං, මහාරාජ, කාලං මඤ්ඤසී’’ති. අථ ඛො රාජා පසෙනදි කොසලො ආයස්මතො ආනන්දස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
|
362
“ස්වාමීනි, ආශ්චර්යයි, ස්වාමීනි පුදුමයි. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් විසින් මේ කාරණය කොතරම් යහපත්ව කියන ලද්දේදයත්, ස්වාමීනි, ආනන්ද ස්ථවිරයන්ගේ මේ යහපත් කීමෙන් අපි සතුට ප්‍රකාශකරන්නෝ වෙමු. ස්වාමීනි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ගේ යහපත් කීමෙන් අපි මෙසේ සතුට ප්‍රකාශකරන්නෝ වෙමු.
“ඉදින් වහන්ස, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ හට හස්ති රත්නයක් කැපවන්නේ නම්, අපි හස්ති රත්නය කුදු ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ හට දෙන්නෙමු. ඉදින් ස්වාමීනි, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේහට අශ්ව රත්නයක් කැපවන්නේනම්, අපි අශ්ව රත්නයකුදු ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට දෙන්නෙමු. ඉදින් ස්වාමීනි, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේහට ගම්වරක් කැප වන්නේ නම් අපි ගම්වරයකුදු ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේහට දෙන්නෙමු.
“ස්වාමීනි, එසේ නමුදු ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේහට මේ අකැපය කියා අපිම ඒ කාරණය දනිමු.
“ස්වාමීනි, දිගින් සොළොස් රියනක්ද, පළලින් අටරියනක්ද, වූ බාහිත රටෙහි උපන් මේ වස්ත්‍රය වෙදෙහි පුත් මගධරට අජාසත් රජ විසින් මට දෙන ලද්දකි.
“ඒ වස්ත්‍රය ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ අනුකම්පා කොට පිළිගන්නා සේක්වායි” කීය. “මහරජ කම්නැත. මාගේ තුන්සිවුර සම්පූර්ණයයි” කීය.
“ස්වාමීනි, මේ අචිරවතී ගංගාව ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ විසින්ද දක්නා ලද්දීය. යම් දවසක පර්වත මුදුනෙහි මහා වැස්ස මොනවට වසීද, එවිට මේ අචිරවතී නදිය දෙපස ඉවුරුමනාව උතුරවන්නී ගලා බසියි.
“ස්වාමීනි, එමෙන්ම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ මේ බාහිත රටෙහි උපන් වස්ත්‍රයෙන් තමාට තුන් සිවුරක් කරන්නේය. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ගේ යම් පලමු තුන් සිවුරක්වේද, එය සබ්‍රම්සරුන් අතර බෙදන්නෝය. එසේකල අපගේ මේ දානය උතුරා ගලායන්නේයයි සිතමි. ස්වාමීනි, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් බාහිත රටෙහිවූ වස්ත්‍රය පිළිගන්නා සේක්වායි” කීය.
ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ බාහිතරට උපන් වස්ත්‍රය පිළිගත්හ. ඉක්බිති පසෙනදි කොසොල් රජ තෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේ කීය.
“ස්වාමීනි ආනන්ද ස්ථවිරයෙනි, දැන් අපි යන්නෙමු. අපි බොහෝ කටයුතු ඇති කටයුතු බහුලවූවෝ වෙමුයි” කීය. ‘මහරජ, ඔබ දැන් යමක් සිතයි නම් ඊට කාලයයි” (කීහ.)
ඉක්බිති පසෙනදි කොසොල් රජ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ වචනයට සතුටුව අනුමෝදන්ව ආසනයෙන් නැගිට ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වැඳ පැදකුණු කොට පිටත්ව ගියේය.
|
363
අථ
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
|
363
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ පසෙනදි කොසොල් රජ පිටත්ව ගිය නොබෝ කල් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එහි පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හිඳගත්හ. එක් පසෙක හුන් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ පසෙනදි කොසොල් රජු සමග යම් පමණ කථාවක් වීද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේහට දැන්වී. ඒ බාහිත රට වස්ත්‍රයද භාග්‍යවතුන් වහන්සේහට පිදීය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කථාකොට මහණෙනි, මේ පසෙනදි කොසොල් රජ විසින් ආනන්දයන්ගේ දැකීම ආනන්දයන්ගේ අගය පසෙනදි කොසොල් රජහට ලාභයෙක. පසෙනදි කොසොල් රජහට මහත් ලාභයෙකැයි භාග්‍යවතුන් වහන්සේ වදාළහ. සතුටුවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුවූහ.
|
9. ධම්මචෙතියසුත්තං | 9. ධම්මචෙතිය සූත්‍රය |
364
එවං
|
364
මා විසින් මෙසේ අසනලදී එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි මෙකලුපනම් නියම් ගම වැඩ වෙසෙති. එකල්හි පසෙනදි කොසොල්රජ කිසියම් කටයුත්තක් සඳහා නගරක් නම් නියම් ගමට පැමිණියේ වෙයි. ඉක්බිති කොසොල් රජ දීඝකාරායණ නම් සේනාපතියාට කථාකළේය. “මිත්‍ර කාරායණ, යහපත් යහපත් යානාවන් පිළියෙල කරව්. උයන් සිරි දකිනු පිණිස උයනට යමුයි කීය.
“දෙවයන් වහන්ස, එසේයයි” දීඝකාරායණතෙම පසෙනදි කොසොල් රජහට උත්තරදී, යහපත් යහපත් යානාවන් පිළියෙලකොට පසෙනදි කොසොල් රජහට “දෙවයන් වහන්ස, යහපත් යහපත් යානා පිළියෙල කරන ලදහ. ඔබ වහන්සේ යමක් අදහස් කෙරේනම් දැන් ඊට කාලයයි දැන්වීය. එවිට පසෙනදි කොසොල් රජ යහපත් යානාවකට නැග යහපත් යහපත් යානාවන්ගෙන් යුක්තව මහත් රාජානුභාවයෙන් නගරයෙන් පිටත්ව (උයන) යම් තෙනෙක්හිද එහි ගියේය. යානාවෙන් යා හැකි තැන දක්වා යානාවෙන් ගොස් යානාවෙන් බැස පයින්ම උයනට ඇතුල්විය.
උයනෙහි පයින්ම ඇවිද යන්නාවූ ගමන් කරන්නාවූ පසෙනදි කොසොල් රජ දැකීමට ප්‍රිය සිත සතුටු කරන නිශ්ශබ්දවූ ඝොෂා නැති ජනවාතයෙන් (මිනිසුන් කෙරෙන් නටන වාතයෙන්) පහව ගිය රහස්කුමන්ත්රණ වලට සුදුසු විවේකයට යොග්‍ය ගස්මුල් දිටීය. දැක භාග්‍යවතුන් වහන්සේ අරභයාම සිහි උපන. දැකීමට ප්‍රිය පැහැදීම ඇති කරණ නිශ්ශබ්දවූ ඝොෂා රහිත ජනවාතයෙන් පහවගිය රහස් කුමන්ත්‍රණවල සුදුසු විවේකයට සුදුසු මේ ගස්මුල් වෙති, මෙවැනි තන්හිදී අපි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කරමුයි සිතී.
|
365
අථ ඛො රාජා පසෙනදි කොසලො දීඝං කාරායනං ආමන්තෙසි - ‘‘ඉමානි ඛො, සම්ම කාරායන, තානි රුක්ඛමූලානි පාසාදිකානි පසාදනීයානි අප්පසද්දානි අප්පනිග්ඝොසානි විජනවාතානි මනුස්සරාහස්සෙය්යකානි පටිසල්ලානසාරුප්පානි, යත්ථ සුදං මයං තං භගවන්තං පයිරුපාසාම අරහන්තං සම්මාසම්බුද්ධං. කහං නු ඛො, සම්ම කාරායන, එතරහි සො භගවා
|
365
ඉක්බිති පසේනදී කොසොල් රජ දීඝකාරායණට කථා කෙළේය. “යහළු කාරායණය දැකීමට ප්‍රිය සිත් පහදවන ශබ්ද රහිත ඝොෂානැති මිනිස් වාතයෙන් පහවූ මිනිසුගේ රහස් කීමට සුදුසු විවේකයට යොග්‍යවූ ඒ මේ රුක්මුල් වෙති. මෙවැනි තන්හිදී අපි ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ ඇසුරු කරමුයි” (කීහ)
“යහලු කාරායණය, දැන් ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදුන් කොහි වැඩ වෙසෙත්දැයි” ඇසී, “මහරජ, මෙකලුප නම් ශාක්‍යයන්ගේ නියම් ගමෙක් වෙයි.
“ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ දැන් එහි වැඩ වෙසෙතියි, කීය. “යහලු කාරායණය, මෙකලුප නම් ශාක්‍යයන්ගේ නියම්ගම මෙහි සිට කෙතෙක් දුරෙහි දැයි” ඇසී. “මහරජ, දුරෙහි නොවෙයි. තුන්යොදුනකි. ඉතිරි දවල්කාලයෙන් පැමිණීමට හැකියයි” කීය. “යහළු කාරායණය, එසේනම් යහපත් යහපත් යානාවන් පිළියෙල කරව. ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ දකිණ පිණිස අපි යමුයිකීය.” “දෙවයන් වහන්ස, එසේයයි දීඝකාරායණ තෙම පසෙනදි කොසොල් රජුට උත්තරදී, යහපත් යහපත් යානාවන් පිළියෙල කොට පසෙනදී කොසොල්රජුට “දෙවයන් වහන්ස, ඔබට යහපත් යහපත් යානාවෝ පිළියෙල කරණලදහ. යමක් පිණිස අදහස් කෙරෙහිනම් දැන් කාලය සුදුසුය” කියා දැන්වී.
ඉක්බිති පසෙනදි කොසොල් රජ යහපත් යානාවකට නැග යහපත් යහපත් යානාවන් විසින් පිරිවරණ ලදුව නගරම නම් නියම් ගමින් පිටත්ව ගොස් ශාක්‍යයන්ගේ මෙකලුපනම් නියම් ගම් යම් තෙනකද, දවල් කාලයේම ඒ ශාක්‍යයන්ගේ මෙකලුපනම් නියම්ගමට පැමිණ ආරාමය යම් තෙනෙක්හිද, එහි ගොස් යානාවෙන් යාහැකි තැන්දක්වා යානාවෙන් ගොස් යානාවෙන් බැස පයින්ම ආරාමයට පැමිණියේය.
|
366
තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ අබ්භොකාසෙ චඞ්කමන්ති. අථ ඛො රාජා පසෙනදි කොසලො යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා තෙ භික්ඛූ එතදවොච - ‘‘කහං නු ඛො, භන්තෙ, එතරහි
|
366
එකල්හි බොහෝ භික්ෂූහු එළිමහනෙහි සක්මන් කෙරෙති. එවිට පසෙනදී කොසොල් රජ ඒ භික්ෂූහු යම් තෙනකද, එහි පැමිණ ඒ භික්ෂූන්ට “ස්වාමීනි, ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ දැන් කොහි වෙසෙත්ද, අපි ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ දකිනු කැමැත්තෙමුයි” කීය.
“මහරජ, ඒ දොර වසා තිබෙන්නේ විහාරයයි. නිශ්ශබ්දව එහි පැමිණ සෙමින් ආලින්දයට (පිලට) ඇතුල්ව කාරා දොර අගුල සමීපයට තට්ටු කරව. භාග්‍යවතුන් වහන්සේ ඔබට දොර අරිතියි” කීහ. ඉක්බිති පසෙනදි කොසොල් රජ කඩුවද, නලල් පටද, එහිදීම දීඝකාරායණහට දුන්නේය.
ඉක්බිති දීඝකාරායනහට මෙසේ සිත්විය. ‘මහරජතෙම දැන් ශ්‍රමණ ගෞතමයන් සමග රහස් කියයි. එහෙයින් දැන් මා විසින් මෙහිම සිටිය යුතු වෙයි, කියායි. ඉක්බිති පසෙනදි රජ වසනලද දොර ඇති ඒ විහාරය යම් තෙනකද, එහි නිශ්ශබ්දව ගොස් සෙමින් පිලට ඇතුල්ව කාරා අගුල සමීපයට තට්ටු කෙළේය. භාග්‍යවතුන් වහන්සේ දොර ඇරිසේක. එවිට පසෙනදි කොසොල් රජ විහාරයට ඇතුල්ව භාග්‍යවතුන් වහන්සේගේ පා ලඟ හිස තබා මුඛයෙන් පා සිඹීමද කරයි. දෙඅතින් පිරිමැදීමද කරයි. ‘ස්වාමීනි, මම පසෙනදි කොසොල් රජ වෙමි.” කියා නමද කියයි.
|
367
‘‘කිං පන ත්වං, මහාරාජ, අත්ථවසං සම්පස්සමානො ඉමස්මිං සරීරෙ එවරූපං පරමනිපච්චකාරං කරොසි, මිත්තූපහාරං
(චිත්තූපහාරං (සී.)) උපදංසෙසී’’ති? ‘‘අත්ථි ඛො මෙ, භන්තෙ, භගවති ධම්මන්වයො
|
367
“මහරජ, නුඹ කෙබඳුවූ අර්ථයක් දක්නේ නම් ශරීරයට මෙතරම් බලවත් ගෞරවයක් කෙරෙහිද, බුහුමන් කිරීමක් දක්වන්නෙහිදැයි” ඇසූහ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ධර්මය ස්වාක්ඛ්‍යාය (මනාකොට දේශනා කරන ලද්දකි.) භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙමේ සුප්‍රතිපන්නය (මනා කොට පිළිපදින ලද්දේය.) කියා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පවත්නා අනුබුද්ධියෙක් ඇත්තේ (කාරණයන්ට අනුව දැනීමක්) යයි” කීය.
“ස්වාමීනි, මම මෙහි ඇතැම් මහණ බමුණන් දකිමි. ඔවුහු දසවසක් හෝ විසිවසක් හෝ තිස්වසක් හෝ හතළිස් වසක් හෝ සීමාකොට බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙති. පසුකලෙක ඔවුහු මොනවට නෑවාහු, මොනවට සුවඳ විලවුන් ඇඟ ගැල්වූවාහු, අන්දම් තබා සැරසූ කෙස් රැවුල් ඇත්තෝව, පස්කම් ගුණ වලින් යුක්තව ඉඳුරන් පිනවන්නාහ. ස්වාමීනි, මම මේ ශාසනයෙහි දිවිතෙක් මරණය දක්වා සම්පූර්ණ පිරිසිදු බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන ශ්‍රාවකයන් දකියි. ස්වාමීනි, මම මේ ශාසනයෙන් පිට මෙසේ සම්පූර්ණවූද පිරිසිදු, අනික් බ්රහ්මචරියාවක් නොම දකිමි. ස්වාමීනි, මේද භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධය, ධර්මය භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට දෙශිතය. සංඝ තෙමේ සුප්‍රතිපන්නිය කියා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මාගේ කාරණානුකූල වශයෙන් දැනීමක් වෙයි.
|
368
‘‘පුන චපරං, භන්තෙ, රාජානොපි රාජූහි විවදන්ති, ඛත්තියාපි ඛත්තියෙහි විවදන්ති, බ්රාහ්මණාපි බ්රාහ්මණෙහි විවදන්ති, ගහපතයොපි ගහපතීහි
|
368
“ස්වාමීනි, නැවත අන් කරුණක් (කියමි) රජහුද රජුන් සමග කලහ කෙරෙති. ක්ෂත්රියෝද, ක්ෂත්රියන් සමග කලහ කෙරෙති. බමුණෝද, බමුණන් සමග කළහ කෙරෙති. ගෘහපතියෝද, ගෘහපතියන් සමග කලහ කෙරෙති. මව්ද පුතා සමග කලහ කෙරෙති. පුතාද මව් සමග කලහ කෙරෙයි. පියාද පුතු සමග කලහ කෙරෙයි. පුතාද, පියා සමග කලහ කෙරෙයි. සොහොයුරාද සොහොයුරා සමග කලහ කෙරෙයි. සොහොයුරාද සොහොයුරිය සමග කලහ කෙරෙයි. සොහොයුරීද සොහොයුරා සමග කලහ කෙරෙයි. මිත්රතෙමේද මිත්‍රයා සමග කලහකෙරෙයි. ස්වාමීනි, මම මේ සස්නෙහි භික්ෂූන් දකියි. සමගිව සතුටුව කලහ රහිතව කිරිත් වතුරත් මෙන් එක්වුවාහු ඔවුනොවුන් ප්‍රිය මුහුණින් බලන්නෝව වෙසෙති. ස්වාමීනි, මම මේ ශාසනයෙන් පිටත මෙලෙස සමගිවූ අන් පිරිසක් නොම දකිමි. ස්වාමීනි, මේද භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාව දෙශිතය, සංඝතෙමේ සුප්‍රතිපන්නය කියා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මාගේ කාරණානු කූල වශයෙන් දැනීමක්වේ.
|
369
‘‘පුන චපරාහං, භන්තෙ, ආරාමෙන ආරාමං, උය්යානෙන උය්යානං අනුචඞ්කමාමි අනුවිචරාමි. සොහං තත්ථ පස්සාමි එකෙ සමණබ්රාහ්මණෙ කිසෙ ලූඛෙ දුබ්බණ්ණෙ උප්පණ්ඩුප්පණ්ඩුකජාතෙ ධමනිසන්ථතගත්තෙ, න විය මඤ්ඤෙ චක්ඛුං බන්ධන්තෙ ජනස්ස දස්සනාය. තස්ස මය්හං, භන්තෙ, එතදහොසි - ‘අද්ධා ඉමෙ ආයස්මන්තො අනභිරතා වා බ්රහ්මචරියං චරන්ති, අත්ථි වා තෙසං කිඤ්චි පාපං කම්මං කතං පටිච්ඡන්නං; තථා හි ඉමෙ ආයස්මන්තො කිසා ලූඛා දුබ්බණ්ණා උප්පණ්ඩුප්පණ්ඩුකජාතා ධමනිසන්ථතගත්තා, න විය මඤ්ඤෙ චක්ඛුං බන්ධන්ති ජනස්ස දස්සනායා’ති. ත්යාහං උපසඞ්කමිත්වා එවං වදාමි - ‘කිං නු ඛො තුම්හෙ ආයස්මන්තො කිසා ලූඛා දුබ්බණ්ණා උප්පණ්ඩුප්පණ්ඩුකජාතා ධමනිසන්ථතගත්තා, න විය මඤ්ඤෙ චක්ඛුං බන්ධථ ජනස්ස දස්සනායා’ති? තෙ එවමාහංසු - ‘බන්ධුකරොගො නො
(පණ්ඩුකරොගිනො (ක.)), මහාරාජා’ති. ඉධ පනාහං, භන්තෙ, භික්ඛූ
|
369
“ස්වාමීනි, නැවතද අනිකක් කියමි. මම ආරාමයෙන් ආරාමයට උයනෙන් උයනට පිළිවෙළින් යෙමි. ගමන් කරන්නෙමි. එහිදී මම වැහැරුණ රළුවූ ඉතා අවලක්ෂණ හටගත් පඬු පැහැති නහර ඉල්පුන ශරීර ඇති, දැකීමට මිනිසුන්ගේ ඇස් බැඳ නොගන්නාක් වැනිවූ සමහර මහණ බමුණන් දකිමි.
“ස්වාමීනි, එසේ දක්නා මට ඒකාන්තයෙන් මේ ආයුෂ්මත්හු ඇලීමක් නැතිව හෝ බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙති. ඔවුන් විසින් රහසිගතව කරණලද කිසි පාප කර්මයක් හෝ ඇත. එහෙයින් මේ ආයුෂ්මත්හු වැහැරුණාවූ රළු වූවාහු අවලක්ෂණ වෙති. හටගත් පඬු පැහැ ඇති නහර ඉල්පුනා ශරීර ඇත්තෝව දැකීමට මිනිසුන්ගේ ඇස් නොබැඳ ගන්නාක් වැනි වෙති. මම ඔවුන් වෙත පැමිණ මෙසේ කියමි. කිමෙක්ද? ආයුෂ්මත්නි, නුඹ වහන්සේලා කාශවූවාහු රළුශරීර ඇත්තාහු, අවලක්ෂණ වූවාහු හටගත් පඬුපැහැ ඇති නහර ඉල්පුන ශරීර ඇතිව දැකීමට මිනිසුන්ගේ ඇස් නොබැඳ ගත්තාක් වැනි වත්ද? කියායි” “මහරජ, අපහට කුලරෝගයක් (පරම්පරාගත රෝගයක්) ඇත්තේයයි කීහ”. “ස්වාමීනි, මම මේ ශාසනයෙහි ශ්‍රාවකයෝ සතුටුව ඔද වැඩි වැඩී සිත් ඇතිව, මනාව ඇලුන ස්වභාව ඇති, පිනාගිය ඉඳුරන් ඇතිව, කටයුතු බහුල නැතිව, අහංකාර නැතිව, අනුන්දෙන දෙයින් යැපෙමින් මුවන්ට සමාන සිත් ඇතිව වාසය කරති.
“ස්වාමීනි, මට මේ කරුණෙහි මෙබඳු සිතක් වෙයි. ඒකාන්තයෙන් මේ ආයුෂ්මත්හු ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි පළමුවද, පසුවද දතයුතුවූ විශේෂයන් දනිත්. එහෙයින් මේ ආයුෂ්මත්හු සතුටුව ඔද වැඩි සිත් ඇතිව, මානව ඇලුන ස්වභාව ඇතිව, පිනාගිය ඉඳුරන් ඇතිව, වැඩ කටයුතු නැතිව, අහංකාර නොව අනුන් අයත් පැවතුම් ඇතිව, මුවන්ට බඳු සිතින් යුක්තව වෙසෙතිය කියාය.
“ස්වාමීනි, මේද භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාව ප්‍රකාශ කරණ ලද්දේ සංඝතෙමේ සුප්‍රතිපන්නය කියා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මාගේ කාරණානු කූල දැකීමක් වෙයි.
|
370
‘‘පුන චපරාහං, භන්තෙ, රාජා ඛත්තියො මුද්ධාවසිත්තො; පහොමි
|
370
“ස්වාමීනි, නැවත අනිකක්ද කියමි. ඔටුණු පැළඳි ක්ෂත්රිය රජෙක්වූ මම මේ නැසිය යුත්තෙක. නැසීමට හෝ නිලධරාදියෙන් පහකළ යුත්තෙකු පහකිරීම හෝ රටින් නෙරපිය යුත්තෙකු නෙරපීමට හෝ හැකිවෙමි.
“ස්වාමීනි, විනිශ්චයාසනයෙහි හුන්නාවූ ඒ මටද අතරතුර කතා හෙලති, හෙවත් අතරෙන් කතා කරත. පින්වත්හු විනිශ්චයෙහි හුන් මට අතරතුර කතා නොකරව්. ‘පින්වත්හු කතාවේ අවසානය බලාපොරොත්තු වව’ කියාද ඔවුන් නැවැත්වීමට නොහැකි වෙමි. ස්වාමීනි, ඒ මට අතරින් අතර කතා කෙරෙති.
“ස්වාමීනි. මම මේ සාසනයෙහි භික්ෂූන් දකිමි. යම්කලෙක භාග්‍යවතුන් වහන්සේ නොයෙක් සියගණන් පිරිසෙහි දහම් දෙසත්ද, එකල්හි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් කිඹිසින ශබ්දයක් හෝ කාරන ශබ්දයක් හෝ නොවෙයි. ස්වාමීනි, පෙර දවසක වූ දෙයක් නම් භාග්‍යවතුන් වහන්සේ නොයෙක් සියගණන් පිරිස් මැද දහම් දෙසූහ. එහිදී භාග්‍යවතුන් වහන්සේගේ එක්තරා ශ්‍රාවකයෙක් කෑරීය. ඔහුට අන් භික්ෂුවක් ආයුෂ්මත් තෙමේ නිශ්ශබ්ද වේවා. ආයුෂ්මත් තෙමේ ශබ්ද නොකෙරේවා. භාග්‍යවත් ශාස්තෘන් වහන්සේ අපහට ධර්මය දේශනා කරන්නාහුයයි, දනෙක් ගැටීය.
“ස්වාමීනි, එහිදී මට මේ සිතවිය. ‘පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්ය පින්වත්නි, ඒකාන්තයෙන් පුදුමය පින්වත්නි, ඒකාන්තයෙන් දණ්ඩෙන් ආයුධයෙන් තොරව මෙතරම් හික්මුණු පිරිසක් වන්නේය, කියාය. ස්වාමීනි, මේ ශාසනයෙන් පිට මෙසේ හික්මුණු අන් පිරිසක් නොම දකිමි.
“භාග්‍යවතුන් වහන්ස, මේද භාග්‍යවත් තෙමේ සම්‍යක් සම්බුද්ධය, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාව දෙශිතය, සංඝතෙමේ සුප්‍රතිපන්නය, කියා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මාගේ කාරණානුකූල දැනීමක් වෙයි.
|
371
‘‘පුන චපරාහං, භන්තෙ, පස්සාමි ඉධෙකච්චෙ ඛත්තියපණ්ඩිතෙ නිපුණෙ කතපරප්පවාදෙ වාලවෙධිරූපෙ. තෙ භින්දන්තා
(වොභින්දන්තා (සී.)) මඤ්ඤෙ චරන්ති පඤ්ඤාගතෙන දිට්ඨිගතානි. තෙ සුණන්ති - ‘සමණො ඛලු, භො, ගොතමො අමුකං නාම ගාමං වා නිගමං වා ඔසරිස්සතී’ති. තෙ පඤ්හං අභිසඞ්ඛරොන්ති - ‘ඉමං මයං පඤ්හං සමණං ගොතමං උපසඞ්කමිත්වා පුච්ඡිස්සාම. එවං චෙ නො පුට්ඨො එවං බ්යාකරිස්සති, එවමස්ස මයං වාදං ආරොපෙස්සාම; එවං චෙපි නො පුට්ඨො එවං බ්යාකරිස්සති, එවම්පිස්ස මයං වාදං
|
371
“ස්වාමීනි, නැවත අනිකක්ද කියමි.මෙහි සියුම් නුවණ ඇති පුරුදු කළ අන්‍යවාද ඇති අස්ලොම් විදින්නාක් වැනි ස්වභාව ඇති තමන්ගේ නුවණින් අන්‍ය දෘෂ්ටීන් බිඳින්නෝ යයි සිතා සිටින ඇතැම් ක්ෂත්රිය පණ්ඩිතයෝ සිටිත්. ඔවුහු ශ්‍රමණ භවත් ගෞතම තෙමේ අසවල් ගමට හෝ නියම් ගමට හෝ පැමිණෙන්නේයයි අසත්. ඔවුහු අපි ශ්‍රමණ ගෞතමයන් කරා පැමිණ මේ ප්රශ්නය අසමු. මෙසේ අසනලද ශ්‍රමණ ගෞතම
තෙමේ මෙසේ විසඳන්නේය. මෙසේද අපි ඔහුට වාදය නගන්නෙමියි. ප්‍රශ්න පිළියෙල කරත්. ශ්‍රමණ භවත් ගෞතම තෙමේ අසවල් ගමට හෝ නියම් ගමට හෝ පැමිණියේයයි ඔවුහු අසත්. ඔව්හු භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එහි යත්. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් ධර්ම කථාවෙන් අවබෝධ කරවත්. සමාදන් කරවයි. සිත් තියුණු කරවත්. පහදවත්. ධර්ම කථාවෙන් කරුණු දක්වනලද සමාදන් කරවනලද සිත් තියුණු කරනලද පහදවනලද ඔව්හු භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්න නො අසත්. වාද නැගීමක් කෙසේ කරත්ද? ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක බවට පැමිණෙත්. ස්වාමීනි, මේද භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, ධර්මය මනාව දේශනා කරන ලදී. සංඝයා මනාව පිළිපදිනලදැයි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පවත්නා කාරණානුකූල දැනීමක් වෙයි.
|
372
‘‘පුන චපරාහං, භන්තෙ, පස්සාමි ඉධෙකච්චෙ බ්රාහ්මණපණ්ඩිතෙ...පෙ.... ගහපතිපණ්ඩිතෙ...පෙ.... සමණපණ්ඩිතෙ නිපුණෙ කතපරප්පවාදෙ වාලවෙධිරූපෙ. තෙ භින්දන්තා මඤ්ඤෙ චරන්ති පඤ්ඤාගතෙන දිට්ඨිගතානි. තෙ සුණන්ති - ‘සමණො ඛලු, භො, ගොතමො අමුකං නාම ගාමං වා නිගමං වා ඔසරිස්සතී’ති. තෙ පඤ්හං අභිසඞ්ඛරොන්ති - ‘ඉමං මයං පඤ්හං සමණං ගොතමං උපසඞ්කමිත්වා පුච්ඡිස්සාම. එවං චෙ නො පුට්ඨො එවං බ්යාකරිස්සති, එවමස්ස මයං වාදං ආරොපෙස්සාම; එවං චෙපි නො පුට්ඨො එවං බ්යාකරිස්සති, එවම්පිස්ස මයං වාදං ආරොපෙස්සාමා’ති. තෙ සුණන්ති - ‘සමණො ඛලු, භො, ගොතමො අමුකං නාම ගාමං වා නිගමං වා ඔසටො’ති. තෙ යෙන භගවා තෙනුපසඞ්කමන්ති. තෙ භගවා ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති. තෙ භගවතා ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තෙජිතා සම්පහංසිතා න චෙව භගවන්තං පඤ්හං පුච්ඡන්ති, කුතො වාදං ආරොපෙස්සන්ති? අඤ්ඤදත්ථු භගවන්තංයෙව ඔකාසං යාචන්ති අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය. තෙ භගවා පබ්බාජෙති. තෙ තථාපබ්බජිතා
|
372
“ස්වාමීනි, නැවතද අනිකක් කියමි. මෙහි සියුම් නුවණ ඇති පුරුදු කරනලද අන්‍යවාද ඇති තමන්ගේ නුවණින් වැරදි ලබ්ධීන් බිඳින්නේ යයි සිතා සිටින ඇතැම් බ්‍රාහ්මණ පණ්ඩිතයන්ද දකිමි. පින්වත් ශ්‍රමණ ගෞතමයෝ අසුවල් නම් ගමට හෝ නියම් ගමට හෝ පැමිණියෝයයි ඔවුහු අසති. ඔවුහු ප්‍රශ්න සකස් කෙරෙති. අපි ශ්‍රමණගෞතමයන් වෙත පැමිණ මේ ප්රශ්නය අසමු. අප විසින් මෙසේ විචාරණලද්දේ මෙසේ ප්‍රකාශ කරන්නේය. එසේ කල්හි අපි ඔහුට මෙසේ වාදය ආරොපනය කරමු. අප විසින් මෙසේද විචාරණ ලද්දේ මෙසේ ප්‍රකාශ කරන්නේය. එසේ කල්හිත් අපි ඔහුට වාදාරොපනය කරමු” (කියායි)
“පින්වත් ශ්‍රමණ ගෞතම තෙමේ අසුවල් ගමට හෝ නියම්ගමට හෝ පැමිණියෝයයි ඔවුහු අසති. ඔවුහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණෙති. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට ධර්මකථාවෙන් කරුණු දක්වති, කරුණු ගන්වති, උනන්දු කරවති, සිත පහදවති. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම කථාවෙන් කරුණු දක්වන ලද, සමාදන් කරවන ලද, උනන්දු කරවන ලද, සිත පහදවන ලද, ඔවුහු භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නද නොම අසති. කොයින් වාදාරොපනය කරත්ද, හුදෙක් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීම පිණිස භාග්‍යවතුන් වහන්සේගේ වෙතින් අවසර ඉල්ලති. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් පැවිදි කරවති. ඔවුහු එසේ පැවිදිවූවෝම තනිව වෙන්ව අප්‍රමාදව කෙලෙස් නසන වීර්ය ඇතිව අත්හරින ලද ආත්ම ආශාව ඇතිව වාසය කරන්නාහු නොබෝ දවසකින්ම, යම් අර්ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි මනාකොට පැවිදි වෙත්ද, මාර්ග බ්‍රහ්මචර්යාව අවසන්කොට ඇති ඒ උත්තම අර්හත් ඵලය මේ අත්බැව්හිම තෙමේ විශේෂ ඥානයෙන් දැන ප්රත්යක්ෂකොට ඊට පැමිණ වෙසෙති.
“ඔවුහු මෙසේ කීහ. ‘පින්වත්නි, ඒකාන්තයෙන් අපි නැසුනෝ වෙමු. පින්වත්නි, අපි ඒකාන්තයෙන් වැනසුනෝ වෙමු. පෙර අපි වනාහි අශ්‍රමණ වූවෝම ශ්‍රමණ වෙමුයි ප්‍රකාශ කෙළෙමු. අබ්‍රාහ්මණ වූවෝම බ්‍රාහ්මණ වෙමුයි ප්‍රකාශ කෙළෙමු. රහත් නුවූවෝම රහත් වෙමුයි ප්‍රකාශ කෙළෙමු. දැන් වනාහි ශ්‍රමණ වෙමු, බ්‍රාහ්මණ වෙමු, රහතන් වෙමු, (කියායි). ස්වාමීනි මේද භාග්‍යවත් තෙම සම්‍යක්සම්බුද්ධය. භාග්‍යවතුන් විසින් ධර්මය මනාව දේශනා කරන ලදී. සංඝ තෙමේ සුප්‍රතිපන්නයයි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මාගේ කාරණානුකූල දැනීමක් වෙයි.
“ස්වාමීනි, නැවතද අනිකක් කියමි. මෙහි සියුම් නුවණ ඇති පුරුදු කරණ ලද අන්‍ය වාද ඇති, තමන්ගේ නුවණින් වැරදි ලබ්ධින් බිඳින්නෝයයි සිතා සිටින ඇතැම් ගෘහපති පණ්ඩිතයන්ද දකිමි. පින්වත් ශ්‍රමණ ගෞතමයෝ අසුවල් නම් ගමට හෝ නියම්ගමට හෝ පැමිණෙන්නෝයයි ඔවුහු අසති. ඔවුහු ප්‍රශ්න සකස් කරති. අපි ශ්‍රමණ ගෞතමයන් වෙත පැමිණ මේ ප්රශ්නය අසමු. අපි විසින් මෙසේ විචාරන ලද්දේ මෙසේ ප්‍රකාශ කරන්නේය. එසේ කල්හි අපි ඔහුට මෙසේ වාදය නගමු. අප විසින් මෙසේද අසන ලද්දේ මෙසේ ප්‍රකාශ කරන්නේය. එසේ කල්හිත් අපි ඔහුට වාදය නගමු? (කියායි).
“පින්වත් ශ්‍රමණ ගෞතම තෙමේ අසුවල් ගමට හෝ නියම්ගමට පැමිණියේයයි ඔවුහු අසති. ඔවුහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එහි පැමිණෙති. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් ධර්ම කථාවෙන් කරුණු දක්වති. කරුණු ගන්වති. උනන්දු කරවති, සිත පහදවති, භා |