ත්‍රිපිටකය
4. රාජවග්ගො 4. රාජ වර්ගය
1. ඝටිකාරසුත්තං 1. ඝටීකාර සූත්‍රය
282
එවං මෙ සුතං - එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරති මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං. අථ ඛො භගවා මග්ගා ඔක්කම්ම අඤ්ඤතරස්මිං පදෙසෙ සිතං පාත්වාකාසි. අථ ඛො ආයස්මතො ආනන්දස්ස එතදහොසි - ‘‘කො නු ඛො හෙතු, කො පච්චයො භගවතො සිතස්ස පාතුකම්මාය? න අකාරණෙන (න අකාරණෙ (සී.)) තථාගතා සිතං පාතුකරොන්තී’’ති. අථ ඛො ආයස්මා ආනන්දො එකංසං චීවරං (උත්තරාසඞ්ග (ස්‍යා. කං.)) කත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං එතදවොච - ‘‘කො නු ඛො, භන්තෙ, හෙතු, කො පච්චයො භගවතො සිතස්ස පාතුකම්මාය? න අකාරණෙන තථාගතා සිතං පාතුකරොන්තී’’ති. ‘‘භූතපුබ්බං, ආනන්ද, ඉමස්මිං පදෙසෙ වෙගළිඞ්ගං (වෙහලිඞ්ගං (සී.), වෙභලිගං (ස්‍යා. කං.), වෙභලිඞ්ගං (පී.)) නාම ගාමනිගමො අහොසි ඉද්ධො චෙව ඵීතො ච බහුජනො ආකිණ්ණමනුස්සො. වෙගළිඞ්ගං ඛො, ආනන්ද, ගාමනිගමං කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො උපනිස්සාය විහාසි. ඉධ සුදං, ආනන්ද, කස්සපස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස ආරාමො අහොසි. ඉධ සුදං, ආනන්ද, කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො නිසින්නකො භික්ඛුසඞ්ඝං ඔවදතී’’ති. අථ ඛො ආයස්මා ආනන්දො චතුග්ගුණං සඞ්ඝාටිං පඤ්ඤපෙත්වා භගවන්තං එතදවොච - ‘‘තෙන හි, භන්තෙ, භගවා නිසීදතු එත්ථ. අයං භූමිපදෙසො ද්වීහි අරහන්තෙහි සම්මාසම්බුද්ධෙහි පරිභුත්තො භවිස්සතී’’ති. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. නිසජ්ජ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි -
‘‘භූතපුබ්බං, ආනන්ද, ඉමස්මිං පදෙසෙ වෙගළිඞ්ගං නාම ගාමනිගමො අහොසි ඉද්ධො චෙව ඵීතො ච බහුජනො ආකිණ්ණමනුස්සො. වෙගළිඞ්ගං ඛො, ආනන්ද, ගාමනිගමං කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො උපනිස්සාය විහාසි. ඉධ සුදං, ආනන්ද, කස්සපස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස ආරාමො අහොසි. ඉධ සුදං, ආනන්ද, කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො නිසින්නකො භික්ඛුසඞ්ඝං ඔවදති.
282
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ මහත්වූ භික්ෂු සමූහයක් සමග කොසොල් ජනපදයෙහි චාරිකාවෙහි වඩිනාසේක. ඒ කාලයෙහි මාර්ගයෙන් ඉවත්ව එක් පෙදෙසෙක්හි වැඩසිටියාවූ භාග්‍යවතුන් වහන්සේ සිනහ පහල කෙළේය.
එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙබඳු සිතෙක් විය. ‘භාග්‍යවතුන් වහන්සේගේ සිනහ පහළකිරීමට හේතුව කිමෙක්ද? ප්‍රත්‍යය (කරුණ) කිමෙක්ද? තථාගතවරයෝ කරුණක් නැතිව සිනහ පහල නොකෙරෙති’යි (කියාය.)
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙමේ සිව්ර එකාංශකොට පොරවා, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද ඒ දෙසට ඇඳිලිබැඳ වැඳ, භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ සිනහ පහළ කිරීමට හේතුව කුමක්ද? කාරණය කුමක්ද? තථාගත වරයෝ නොකරුණෙහි සිනහ පහල නොකෙරෙති”යි කියාය.
“ආනන්දය, පෙර වූවක් කියමි. එනම් මේ ප්‍රදෙශයෙහි සමුර්ධවූ සම්පත් ඇති, සැපතින් පිරී ගියාවූ බොහෝ ජන සමූහයා ඇති, මිනිසුන්ගෙන් ගැවසීගත් වෙගලිංග නම් නියම්ගමෙක් විය.
“ආනන්දය, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වහන්සේ වෙගලිංග නම් නියම්ගම ඇසුරුකොට විසූහ. ආනන්දය, භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වහන්සේ මෙහි වැඩහිඳ, භික්ෂු සංඝයාට අවවාද කෙරේයයි” (වදාළහ.)
එකල්හි ආයුෂ්මත් ආනන්දතෙමේ දෙපට සිවුර සතරට නමා අසුනක් පණවා භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීහ. “ස්වාමීනි, එසේ නම් භාග්‍යවතුන් වහන්සේ හිඳිනාසේක්වා. එසේ කල්හි මේ බිම් කොටස අර්හත්වූ සම්‍යක් සම්බුදුවරු දෙදෙනෙකුන් වහන්සේ විසින් පරිභොග කරණ ලද්දේ වන්නේයයි” කීහ.
භාග්‍යවතුන් වහන්සේ පැණවූ අස්නෙහි වැඩඋන්හ හිඳගත් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන්ට කථාකළහ. “ආනන්දය, පෙර දවස මේ ප්‍රදෙශයෙහි ධනයෙන් පිරුණු සැපතෙන් පිරීගිය බොහෝ ජනයන් ඇති, මිනිසුන්ගෙන් ගහණවූ වෙගලිංග නම් නියම්ගමක් වූයේය.
“ආනන්ද්‍ය, වෙගලිංග නම් නියම්ගම ඇසුරුකොට භගවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වහන්සේ වැඩවිසූහ. ආනන්දය, මෙහි වූකලී භගවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ගේ ආරාමය වූයේය. ආනන්දය, මෙහි වැඩහුන්නාවූ භගවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වහන්සේ භික්ෂු සංඝයාට අවවාද දෙයි.
283
‘‘වෙගළිඞ්ගෙ ඛො, ආනන්ද, ගාමනිගමෙ ඝටිකාරො (ඝටීකාරො (සී. පී.)) නාම කුම්භකාරො කස්සපස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස උපට්ඨාකො අහොසි අග්ගුපට්ඨාකො. ඝටිකාරස්ස ඛො, ආනන්ද, කුම්භකාරස්ස ජොතිපාලො නාම මාණවො සහායො අහොසි පියසහායො. අථ ඛො, ආනන්ද, ඝටිකාරො කුම්භකාරො ජොතිපාලං මාණවං ආමන්තෙසි - ‘ආයාම, සම්ම ජොතිපාල, කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං දස්සනාය උපසඞ්කමිස්සාම. සාධුසම්මතඤ්හි මෙ තස්ස භගවතො දස්සනං අරහතො සම්මාසම්බුද්ධස්සා’ති. එවං වුත්තෙ, ආනන්ද, ජොතිපාලො මාණවො ඝටිකාරං කුම්භකාරං එතදවොච - ‘අලං, සම්ම ඝටිකාර. කිං පන තෙන මුණ්ඩකෙන සමණකෙන දිට්ඨෙනා’ති? දුතියම්පි ඛො, ආනන්ද...පෙ.... තතියම්පි ඛො, ආනන්ද, ඝටිකාරො කුම්භකාරො ජොතිපාලං මාණවං එතදවොච - ‘ආයාම, සම්ම ජොතිපාල, කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං දස්සනාය උපසඞ්කමිස්සාම. සාධුසම්මතඤ්හි මෙ තස්ස භගවතො දස්සනං අරහතො සම්මාසම්බුද්ධස්සා’ති. තතියම්පි ඛො, ආනන්ද, ජොතිපාලො මාණවො ඝටිකාරං කුම්භකාරං එතදවොච - ‘අලං, සම්ම ඝටිකාර. කිං පන තෙන මුණ්ඩකෙන සමණකෙන දිට්ඨෙනා’ති? ‘තෙන හි, සම්ම ජොතිපාල, සොත්තිසිනානිං (සොත්තිං සිනානිං (සී. පී.), සොත්තිසිනානං (ස්‍යා. කං. ක.)) ආදාය (ආහර (ක.)) නදිං ගමිස්සාම සිනායිතු’න්ති. ‘එවං සම්මා’ති ඛො, ආනන්ද, ජොතිපාලො මාණවො ඝටිකාරස්ස කුම්භකාරස්ස පච්චස්සොසි. අථ ඛො, ආනන්ද, ඝටිකාරො ච කුම්භකාරො ජොතිපාලො ච මාණවො සොත්තිසිනානිං ආදාය නදිං අගමංසු සිනායිතුං’.
283
“ආනන්දය, වෙගලිංග නම් ගමෙහි භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ගේ උපස්ථායකවූ ඝටීකාර නම් කුම්භකාරයෙක් වූයේය. (ඔහු) අග්‍රවූ උපස්ථායක කෙනෙකි.
“ආනන්දය, ඝටීකාර නම් කුම්භකාරයාගේ යහළුවූ ජොතිපාල නම් තරුණයෙක්ද වූයේය. හේ ප්‍රියවූ යහළුවෙකි. ඒ කාලයෙහි ආනන්දය, ඝටීකාර කුම්භකාර තෙමේ ජොතිපාල මානවකයාට කථා කෙළේය.
“යහළු ජොතිපාලය, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් දැකීම පිණිස යමු. මාගේ ඒ භාග්‍යවත්වූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුදුන්ගේ දැකීම් යහපතැයි සම්මත වූයේමය. එබැවින් යමු’යි (කීහ.)
“ආනන්දය, මෙසේ කීකල්හි ජොතිපාල මානව තෙමේ ඝටීකාර කුම්භකාරයාහට මෙසේ කීය. ‘මිත්‍ර ඝටීකාරය, ඒ මුඩු ශ්‍රමණයා දැකීමෙන් කවර නම් ප්‍රයෝජනයෙක්ද, ඉන් කම් නැතැයි, කීහ.
“ආනන්දය, දෙවනුවද, ඝටීකාර කුම්භකාර තෙමේ ජොතිපාල මානවකයාට මේ කාරණය කීයේය. “යහලු ජොතිපාලය, අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ කාශ්‍යප භාග්‍යතවතුන් වහන්සේ දැකීම පිණිස යමු. මාගේ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ දැකීම මැනවැයි සම්මත වූයේ එය (එබැවින්) යමු”යි (කීය.) ආනන්දය, දෙවනුවත් ජොතිපාල මානවක තෙම ඝටීකාර කුම්භකාරයාට මෙසේ කීය යහලු ඝටීකාරය, ඒ හිස මුඩු ශ්‍රමණයාගේ දැකීමෙන් කුමන ප්‍රයෝජනයක්ද? ඉන් වැඩක් නැතැයි (කීය.)
“ආනන්දය, තුන්වෙනුවද ඝටීකාර කුම්භකාර තෙමේ ජොතිපාල මානවකයාට මේ කාරණය කීහ. ‘යහලු ජොතිපාලය, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් දැකීම පිණිසයමු. මාගේ භාග්‍යවත්වූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුදුන්ගේ දැකීම මැනවයි සම්මත වූයේමය (එබැවින්) යමුයි’ කීය.
“තුන්වෙනුවත්, ආනන්දය, ජොතිපාල මාණවක තෙමේ ඝටීකාර කුම්භකාරයාහට මේ කාරණය කීය. ‘යහළුව ඝටීකාරය. ඒ මුඩු ශ්‍රමණයා දැකීමෙන් කවර ප්‍රයෝජනයක්ද, ඉන් වැඩෙක් නැතැයි’ කීය.
“එසේ නම් යහළු ජොතිපාලය, නහන සුණු ගෙන දියනාන්ට ගඟට යමුයි’ කීය. ආනන්දය, ජොතිපාල මානවක තෙමේ, ‘යහලුව එසේය’ කියා, ඝටීකාර කුම්භකාරයාහට උත්තර දුනි. ඉක්බිති ආනන්දය, ඝටීකාර කුම්භකාර තෙමේද, ජොතිපාල මානවකතෙමේද (කුරුවින්ද පාෂාණයෙන් කළ) නහන සුණු ගෙණ දිය නෑමට ගඟට ගියාහුය.
284
‘‘අථ ඛො, ආනන්ද, ඝටිකාරො කුම්භකාරො ජොතිපාලං මාණවං ආමන්තෙසි - ‘අයං, සම්ම ජොතිපාල, කස්සපස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අවිදූරෙ ආරාමො. ආයාම, සම්ම ජොතිපාල, කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං දස්සනාය උපසඞ්කමිස්සාම. සාධුසම්මතඤ්හි මෙ තස්ස භගවතො දස්සනං අරහතො සම්මාසම්බුද්ධස්සා’ති. එවං වුත්තෙ, ආනන්ද, ජොතිපාලො මාණවො ඝටිකාරං කුම්භකාරං එතදවොච - ‘අලං, සම්ම ඝටිකාර. කිං පන තෙන මුණ්ඩකෙන සමණකෙන දිට්ඨෙනා’ති? දුතියම්පි ඛො, ආනන්ද...පෙ.... තතියම්පි ඛො, ආනන්ද, ඝටිකාරො කුම්භකාරො ජොතිපාලං මාණවං එතදවොච - ‘අයං, සම්ම ජොතිපාල, කස්සපස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අවිදූරෙ ආරාමො. ආයාම, සම්ම ජොතිපාල, කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං දස්සනාය උපසඞ්කමිස්සාම. සාධුසම්මතඤ්හි මෙ තස්ස භගවතො දස්සනං අරහතො සම්මාසම්බුද්ධස්සා’ති. තතියම්පි ඛො, ආනන්ද, ජොතිපාලො මාණවො ඝටිකාරං කුම්භකාරං එතදවොච - ‘අලං, සම්ම ඝටිකාර. කිං පන තෙන මුණ්ඩකෙන සමණකෙන දිට්ඨෙනා’ති? අථ ඛො, ආනන්ද, ඝටිකාරො කුම්භකාරො ජොතිපාලං මාණවං ඔවට්ටිකායං පරාමසිත්වා එතදවොච - ‘අයං, සම්ම ජොතිපාල, කස්සපස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අවිදූරෙ ආරාමො. ආයාම, සම්ම ජොතිපාල, කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං දස්සනාය උපසඞ්කමිස්සාම. සාධුසම්මතඤ්හි මෙ තස්ස භගවතො දස්සනං අරහතො සම්මාසම්බුද්ධස්සා’ති. අථ ඛො, ආනන්ද, ජොතිපාලො මාණවො ඔවට්ටිකං විනිවට්ටෙත්වා (විනිවෙඨෙත්වා (සී. ස්‍යා. කං. පී.)) ඝටිකාරං කුම්භකාරං එතදවොච - ‘අලං, සම්ම ඝටිකාර. කිං පන තෙන මුණ්ඩකෙන සමණකෙන දිට්ඨෙනා’ති? අථ ඛො, ආනන්ද, ඝටිකාරො කුම්භකාරො ජොතිපාලං මාණවං සීසංන්හාතං (සසීසං නහාතං (සී.), සීසන්හාතං (ස්‍යා. කං.)) කෙසෙසු පරාමසිත්වා එතදවොච - ‘අයං, සම්ම ජොතිපාල, කස්සපස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අවිදූරෙ ආරාමො. ආයාම, සම්ම ජොතිපාල, කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං දස්සනාය උපසඞ්කමිස්සාම . සාධුසම්මතඤ්හි මෙ තස්ස භගවතො දස්සනං අරහතො සම්මාසම්බුද්ධස්සා’ති. අථ ඛො, ආනන්ද, ජොතිපාලස්ස මාණවස්ස එතදහොසි - ‘අච්ඡරියං වත, භො, අබ්භුතං වත, භො! යත්‍ර හි නාමායං ඝටිකාරො කුම්භකාරො ඉත්තරජච්චො සමානො අම්හාකං සීසංන්හාතානං කෙසෙසු පරාමසිතබ්බං මඤ්ඤිස්සති; න වතිදං කිර ඔරකං මඤ්ඤෙ භවිස්සතී’ති; ඝටිකාරං කුම්භකාරං එතදවොච - ‘යාවතාදොහිපි (යාවෙතදොහිපි (සී. ස්‍යා. කං. පී.)), සම්ම ඝටිකාරා’ති? ‘යාවතාදොහිපි, සම්ම ජොතිපාල. තථා හි පන මෙ සාධුසම්මතං තස්ස භගවතො දස්සනං අරහතො සම්මාසම්බුද්ධස්සා’ති. ‘තෙන හි, සම්ම ඝටිකාර, මුඤ්ච; ගමිස්සාමා’ති.
284
එහිදී ආනන්දය, ඝටීකාර කුම්භකාර තෙමේ ජොතිපාල මානවකයාට කථා කළේය. “යහලුව ජොතිපාලය, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ගේ ආරාමය මේ ළඟය. මිත්‍ර ජොතිපාලය, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් දැකීමට යමු. මාගේ භාග්‍යවත්වූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුදුන්ගේ දැකීම යහපතයයි සම්මත වූයේමය. (එබැවින්) යමුයි,’ කීය.
“ආනන්දය, මෙසේ කී කල්හි ජොතිපාල තරුණ තෙමේ ඝටීකාර කුම්භකාරයාහට මෙසේ කීය. ‘යහලුව ඝටීකාරය, මුඩු ශ්‍රමණයා දැකීමෙන් කුමන වැඩෙක්ද, එයින් වැඩක් නැතැයි, කීය. ඝටීකාර කුම්භකාරතෙම ජොතිපාල මානවකයාට මෙසේ කීය. ‘යහලු ජෝතිපාලය, අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ ආරාමය මේ ළඟය. යහලුව ජොතිපාලය, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ දකින්ට එහි යමු’ මාගේ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ දැකීම යහපතැයි සම්මතය, එහෙයින් යමු. ආනන්දය, දෙවනුවද ජෝතිපාල මානවක තෙම ඝටීකාර කුම්භකාරයාට මෙසේ කීය. ‘යහලු ඝටීකාරය, ඒ හිස මුඩු මහණාගේ දැකීමෙන් කුමණ ප්‍රයෝජනයක්ද, එයින් වැඩක් නැතැයි’ කීය.
“ආනන්දය, දෙවනුවත් තුන්වනුවත් ඝටීකාර කුම්භකාර තෙමේ ජොතිපාල මානවකයාට මෙසේ කීය. ‘යහලුව ජොතිපාලය, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්බුදුන්ගේ ආරාමය මේ නුදුරුතන්හිය. යහලුව ජොතිපාලය, භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදුන් දකිනු පිණිස (එහි) යමු.’ ‘මාගේ භාග්‍යවත්වූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුදුන්ගේ දැකීම මැනවයි සම්මතමය, එහෙයින් යමුයි කීය. තුන්වෙනුවද, ආනන්දය, තරුණ ජොතිපාල තෙමේ ඝටීකාර කුම්භකාරයාහට මේ කාරණය කීය.
“මිත්‍ර ඝටීකාරය, ඒ හිස මුඩු ශ්‍රමණයා දැකීමෙන් කුමණ ප්‍රයෝජනයෙක්ද? (එහෙයින්) වැඩක් නැත’ (යනුයි)
“එකල්හි ආනන්දය, ඝටීකාර කුම්භකාර තෙමේ ජොතිපාල මාණවකයාගේ ඔඩොක්කුවෙන් අල්වා ගෙන මෙසේ කීය. ‘යහළුව ජොතිපාලයිනි, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ගේ ආරාමය මේ සමීපයෙහිය. යහළුව ජොතිපාලයිනි, භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදුන් දැකීමට (එහි) යමු. මාගේ භාග්‍යවත්වූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුදුන්ගේ දැකීම යහපතය කියා සම්මතය, (එහෙයින්) යමුයි’ කීය.
“එකල්හි ආනන්දය, ජොතිපාල තරුණ තෙමේ ඔඩොක්කුව අත්හැර ඝටීකාර කුම්භකාරයාහට මෙසේ කීය. ‘මිත්‍රය ඝටීකාරය, ඒ මුඩු ශ්‍රමණයා දැකීමෙන් කුමන පලයෙක්ද? එයින් කම් නැතැයි’ කීහ. එකල්හි ආනන්දය, ඝටීකාර කුම්භකාර තෙමේ නානලද හිසින් යුත් ජොතිපාල මානවකයාගේ කෙස් වැටියෙන් අල්වාගෙණ මෙසේ කීය.
“යහලුව ජොතිපාලයිනි, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ගේ මේ ආරාමය ඉතා ආසන්නයෙහිය. යහලුව ජොතිපාලයිනි, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් දැකීම පිණිස (එහි) යමු.’ ‘භාග්‍යවත්වූ අර්හත්වූ මාගේ ඒ සම්‍යක් සම්බුදුන්ගේ දැකීම සාධු සම්මතය. (එහෙයින්) යමුයි’ කීය.
“එකල්හි ආනන්දය, ජොතිපාල මානවකයාහට මේ අදහස වූයේය. ‘පින්වත, ආශ්චර්යකි. පුදුමයකි. (එනම්) යම් කාරණයකින් මේ ඝටීකාර කුම්භකාර තෙමේ පහත් ජාති ඇත්තෙකුවද ස්නානය කළ හිසින් යුත් අපගේ කෙස් වැටිය ඇල්ලීමට තරම් සිතීද, ඒ කාන්තයෙන් මේ කාරණය සුළු දෙයක් නොවන්නේය’, කියා සිතීය. එසේ සිතා ඝටීකාර කුම්භකාරයාගෙන් ‘යහලුව ඝටීකාරය, ඒ කාරණය මෙතරම් උසස් දෙයක්දැයි, (ඇසීය.) ‘යහලුව ජොතිපාලයිනි, ඒ කාරණය එතරම් උසස් දෙයකියි’ උත්තර දුනි. ඒ මාගේ භාග්‍යවත්වූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුදුන්ගේ දැකීම එසේම යහපත්යයි සම්මත කරන ලද්දේ වෙයි. ‘යහලුව ඝටීකාරය, එසේනම් (කෙස් වැටිය) මුදව. යන්නෙමැයි’ (කීය).
285
‘‘අථ ඛො, ආනන්ද, ඝටිකාරො ච කුම්භකාරො ජොතිපාලො ච මාණවො යෙන කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා ඝටිකාරො කුම්භකාරො කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. ජොතිපාලො පන මාණවො කස්සපෙන භගවතා අරහතා සම්මාසම්බුද්ධෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො, ආනන්ද, ඝටිකාරො කුම්භකාරො කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං එතදවොච - ‘අයං මෙ, භන්තෙ, ජොතිපාලො මාණවො සහායො පියසහායො. ඉමස්ස භගවා ධම්මං දෙසෙතූ’ති. අථ ඛො, ආනන්ද, කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො ඝටිකාරඤ්ච කුම්භකාරං ජොතිපාලඤ්ච මාණවං ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි. අථ ඛො, ආනන්ද, ඝටිකාරො ච කුම්භකාරො ජොතිපාලො ච මාණවො කස්සපෙන භගවතා අරහතා සම්මාසම්බුද්ධෙන ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තෙජිතා සම්පහංසිතා කස්සපස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කමිංසු.
285
“එකල්හි ආනන්දය, ඝටීකාර කුම්භකාර තෙමේද ජෙතිපාල තරුණ තෙමේද භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ ඝටීකාර කුම්භකාර තෙමේ භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේට වැඳ එක් පැත්තක හිඳ ගත්තේය.
“ජොතිපාල තරුණ තෙමේ වනාහි භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටුවීමට නිසිවූ සිහි කිරීමට සුදුසුවූ කතාව කොට නිමවා එක් පැත්තක හිඳගත්තේය.
“ආනන්දය, එක් පසෙක උන්නාවූ ඝටීකාර කුම්භකාර තෙමේ ‘ස්වාමීනි, තරුණවූ මේ ජොතිපාල තෙමේ මාගේ යහළුවෙකි. ප්‍රිය යහළුවෙක. භාග්‍යවතුන් වහන්සේ මොහුට ධර්ම දේශනා කරණ සේක්වායි.’ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට කීය.
ආනන්දය, එකල්හි භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප බුදුරජ තෙමේ ඝටීකාර කුම්භකාරයාටද ජොතිපාල මානවයාටද දහම් කතාවෙන් කරුණු දැක්වූයේය. කරුණු ගැන්වූයේය. කරුණෙහි සිත් තියුණු කරවූයේය. පැහැදවූයේය.
“ආනන්දය, එකල්හි භාග්‍යත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් විසින් ධර්ම කථාවෙන් කරුණු දක්වන ලද්දාවූද කරුණු ගන්වන ලද්දාවූද, එහි සිත් තියුණු කරවන ලද්දාවූද පහදවන ලද්දාවූද ඝටීකාර කුම්භකාර තෙමේද ජොතිපාල මානව තෙමේද භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්බුදුන්ගේ දේශනාවට ඉතා සතුටුව අනුමෝදන්ව හුනස්නෙන් නැගිට, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ට වැඳ, පැදකුණු කොට ගියාහුය.
286
‘‘අථ ඛො, ආනන්ද, ජොතිපාලො මාණවො ඝටිකාරං කුම්භකාරං එතදවොච - ‘ඉමං නු ත්වං, සම්ම ඝටිකාර, ධම්මං සුණන්තො අථ ච පන අගාරස්මා අනගාරියං න පබ්බජිස්සසී’ති? ‘නනු මං, සම්ම ජොතිපාල, ජානාසි, අන්ධෙ ජිණ්ණෙ මාතාපිතරො පොසෙමී’ති? ‘තෙන හි, සම්ම ඝටිකාර, අහං අගාරස්මා අනගාරියං පබ්බජිස්සාමී’ති. අථ ඛො, ආනන්ද, ඝටිකාරො ච කුම්භකාරො ජොතිපාලො ච මාණවො යෙන කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො තෙනුපසඞ්කමිංසු ; උපසඞ්කමිත්වා කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නො ඛො, ආනන්ද, ඝටිකාරො කුම්භකාරො කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං එතදවොච - ‘අයං මෙ, භන්තෙ, ජොතිපාලො මාණවො සහායො පියසහායො. ඉමං භගවා පබ්බාජෙතූ’ති. අලත්ථ ඛො, ආනන්ද, ජොතිපාලො මාණවො කස්සපස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස සන්තිකෙ පබ්බජ්ජං, අලත්ථ උපසම්පදං.
286
“එකල්හි ආනන්දය, ජොතිපාල මානවක තෙමේ ඝටීකාර කුම්භකාරයාගෙන් යහලුව ඝටීකාරය, නුඹ ධර්මය ඇසීම පමණක් කරන්නෙහිද, එපමණක් නොව ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිත් වන්නෙහිදැයි’ ඇසී ‘යහලුව, ජොතිපාලය, මා අන්ධවූ මහළුවූ මව්පියන් පොෂණය කරන බව නොදන්නෙහිද? ‘යහලු ඝටීකාරය, එසේනම් මම ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වන්නෙමි’යි කීය.
“එවිට ආනන්දය, ඝටීකාර නම් කුම්භකාර තෙමේද ජොතිපාල නම් මානවක තෙමේද, භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුද්ධ තෙමේ යම් තැනෙක්හිද එතනට පැමිණියාහුය. පැමිණ, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වැඳ එක් පසෙක හිඳගත්හ. ආනන්දය, එක් පසෙක හුන්නාවූ ඝටීකාර කුම්භකාර තෙමේ භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ට ‘ස්වාමීනි, මේ ජොතිපාල මානවක තෙමේ මාගේ යහළුවෙකි. ප්‍රිය යහළුවෙක. භාග්‍යවතුන් වහන්සේ මොහු පැවිදි කරණ සේක්වායි කීය.’
“ආනන්දය, ජොතිපාල මානවක තෙමේ භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් සමීපයෙහි මහණකම් ලැබී උපසම්පදාව ලැබී.
287
‘‘අථ ඛො, ආනන්ද, කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො අචිරූපසම්පන්නෙ ජොතිපාලෙ මාණවෙ අඩ්ඪමාසුපසම්පන්නෙ වෙගළිඞ්ගෙ යථාභිරන්තං විහරිත්වා යෙන බාරාණසී තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන බාරාණසී තදවසරි. තත්‍ර සුදං, ආනන්ද, කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ . අස්සොසි ඛො, ආනන්ද, කිකී කාසිරාජා - ‘කස්සපො කිර භගවා අරහං සම්මාසම්බුද්ධො බාරාණසිං අනුප්පත්තො බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ’ති. අථ ඛො, ආනන්ද, කිකී කාසිරාජා භද්‍රානි භද්‍රානි යානානි යොජාපෙත්වා භද්‍රං (භද්‍රං භද්‍රං (ක.)) යානං අභිරුහිත්වා භද්‍රෙහි භද්‍රෙහි යානෙහි බාරාණසියා නිය්‍යාසි මහච්චරාජානුභාවෙන (මහච්චා රාජානුභාවෙන (සී.), මහතා රාජානුභාවෙන (පී.)) කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං දස්සනාය. යාවතිකා යානස්ස භූමි යානෙන ගන්ත්වා යානා පච්චොරොහිත්වා පත්තිකොව යෙන කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො, ආනන්ද, කිකිං කාසිරාජානං කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි. අථ ඛො, ආනන්ද, කිකී කාසිරාජා කස්සපෙන භගවතා අරහතා සම්මාසම්බුද්ධෙන ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං එතදවොච - ‘අධිවාසෙතු මෙ, භන්තෙ, භගවා ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා’ති. අධිවාසෙසි ඛො, ආනන්ද, කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො තුණ්හීභාවෙන. අථ ඛො, ආනන්ද, කිකී කාසිරාජා කස්සපස්ස භගවතො සම්මාසම්බුද්ධස්ස අධිවාසනං විදිත්වා උට්ඨායාසනා කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අථ ඛො, ආනන්ද, කිකී කාසිරාජා තස්සා රත්තියා අච්චයෙන සකෙ නිවෙසනෙ පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා පණ්ඩුපුටකස්ස (පණ්ඩුමුටීකස්ස (සී. පී.), පණ්ඩුමුදිකස්ස (ස්‍යා. කං.)) සාලිනො විගතකාළකං අනෙකසූපං අනෙකබ්‍යඤ්ජනං, කස්සපස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස කාලං ආරොචාපෙසි - ‘කාලො, භන්තෙ, නිට්ඨිතං භත්ත’න්ති.
287
ඉක්බිති ආනන්දය, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදු රජතෙමේ ජොතිපාල මානව උපසම්පදාවූ නොබෝ කලකින් උපසම්පදාවී අඩමසකින් වෙගලිංගයෙහි කැමතිතාක්කල් වාසයකොට බරණැස යම් තැනෙක්හිද එහි චාරිකාව සඳහා වැඩියේය. පිළිවෙළින් චාරිකාවෙහි වඩිනුයේ බරණැස යම් තැනෙක්හිද එහි පැමිණියේය.
“එහිදී ආනන්දය, භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුද්ධ තෙම බරණැස සමීපයෙහි මිගදාය නම් ඉසිපතනාරාමයෙහි වැඩවසයි.
“ආනන්දය, කිකී නම් කසීරජ භාග්‍යවත්වූ අර්හත්වූ සම්‍යක් කාශ්‍යප බුදුරජ තෙමේ බරණැසට පැමිණ, බරණැස මිගදාය නම් ඉසිපතනයෙහි වාසය කෙරේයයි ඇසුවේය.
එකල්හි ආනන්දය, කිකී කසී රජතෙම යහපත්වූ යහපත්වූ යානාවන් යොදවා, යහපත් යානාවක නැග, යහපත් යහපත් යානාවන්ගෙන් යුක්තව මහත් රාජානුභාවයෙන් භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් දැකීම පිණිස බරණැසෙන් පිටත්ව ගියේය.
“යානාවෙන් යාමට සුදුසුතැන් දක්වා යානාවෙන් ගොස් යානාවෙන් බැස, භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදු රජතෙමේ යම් තැනෙක්හිද එතැනට පයින්ම ගියේය. ගොස්, භාග්‍යවත්වූ අර්හත්වූ, කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වැඳ, එක පසෙක උන්නේය.
“ආනන්දය, එක් පසෙක හුන් කිකී නම් කසීරජුට භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදු රජතෙමේ ධර්ම කථාවෙන් මනාකොට කරුණු දැක්වීය. මනාව කරුණු ගැන්වීය. කරුණෙහි සිත මනාව තියුණු කරවීය. මනාකොට සිත පැහැද වීය.
“එකල්හි ආනන්දය, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් විසින් දහම් කතාවෙන් කරුණු දක්වන ලද්දාවූ, සමාදන් කරවන ලද්දාවූ, තියුණු කරණ ලද්දාවූ, පහදවන ලද්දාවූ, කිකී කසී රජ තෙමේ භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ට, ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා සමග සෙට දවස පිණිස මාගේ බත ඉවසනසේක්වායි’ කීය. ආනන්දය, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදු රජතෙමේ නිශ්ශබ්ද භාවයෙන් ඉවසීය.
“එකල්හි ආනන්දය, කිකී කසී රජතෙමේ භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ගේ ඉවසීම දැන ආසනයෙන් නැගිට, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වැඳ, පැදකුණුකොට ගියේය.
“ඉක්බිති ආනන්දය, කිකී කසී රජතෙම ඒ රාත්‍රිය ඇවෑමෙන් සිය නිවසෙහි මිටිබැඳ අහසෙහි එල්වා වියනලද කළුඇට ඉවත් කරනලද රත්ඇල් සහලින් බත් හා නොයෙක් ව්‍යඤ්ජනයෙන් යුත් ඛාද්‍ය භොද්‍යයන් පිළියෙල කරවා, ‘ස්වාමීනි, බත නිමියේය. (ඊට) කාලය (වෙයි)’ කියා භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදුන්ට සැලකර වීය.
288
‘‘අථ ඛො, ආනන්ද, කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන කිකිස්ස කාසිරඤ්ඤො නිවෙසනං තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි සද්ධිං භික්ඛුසඞ්ඝෙන. අථ ඛො, ආනන්ද, කිකී කාසිරාජා බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙසි සම්පවාරෙසි. අථ ඛො, ආනන්ද, කිකී කාසිරාජා කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං භුත්තාවිං ඔනීතපත්තපාණිං අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො, ආනන්ද, කිකී කාසිරාජා කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං එතදවොච - ‘අධිවාසෙතු මෙ, භන්තෙ, භගවා බාරාණසියං වස්සාවාසං; එවරූපං සඞ්ඝස්ස උපට්ඨානං භවිස්සතී’ති. ‘අලං, මහාරාජ. අධිවුත්ථො මෙ වස්සාවාසො’ති. දුතියම්පි ඛො, ආනන්ද... තතියම්පි ඛො, ආනන්ද, කිකී කාසිරාජා කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං එතදවොච - ‘අධිවාසෙතු මෙ, භන්තෙ, භගවා බාරාණසියං වස්සාවාසං; එවරූපං සඞ්ඝස්ස උපට්ඨානං භවිස්සතී’ති. ‘අලං, මහාරාජ. අධිවුත්ථො මෙ වස්සාවාසො’ති. අථ ඛො, ආනන්ද, කිකිස්ස කාසිරඤ්ඤො ‘න මෙ කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො අධිවාසෙති බාරාණසියං වස්සාවාස’න්ති අහුදෙව අඤ්ඤථත්තං , අහු දොමනස්සං. අථ ඛො, ආනන්ද, කිකී කාසිරාජා කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං එතදවොච - ‘අත්ථි නු ඛො, භන්තෙ, අඤ්ඤො කොචි මයා උපට්ඨාකතරො’ති?
‘‘‘අත්ථි, මහාරාජ, වෙගළිඞ්ගං නාම ගාමනිගමො. තත්ථ ඝටිකාරො නාම කුම්භකාරො; සො මෙ උපට්ඨාකො අග්ගුපට්ඨාකො. තුය්හං ඛො පන, මහාරාජ, න මෙ කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො අධිවාසෙති බාරාණසියං වස්සාවාසන්ති අත්ථෙව (අත්ථි (සී. පී.)) අඤ්ඤථත්තං, අත්ථි දොමනස්සං. තයිදං ඝටිකාරස්ස කුම්භකාරස්ස (ඝටිකාරෙ කුම්භකාරෙ (සී. ස්‍යා. කං. පී.)) නත්ථි ච න ච භවිස්සති. ඝටිකාරො ඛො, මහාරාජ, කුම්භකාරො බුද්ධං සරණං ගතො, ධම්මං සරණං ගතො, සඞ්ඝං සරණං ගතො. ඝටිකාරො ඛො, මහාරාජ, කුම්භකාරො පාණාතිපාතා පටිවිරතො, අදින්නාදානා පටිවිරතො, කාමෙසුමිච්ඡාචාරා පටිවිරතො, මුසාවාදා පටිවිරතො, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො. ඝටිකාරො ඛො, මහාරාජ, කුම්භකාරො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො. ඝටිකාරො ඛො, මහාරාජ, කුම්භකාරො දුක්ඛෙ නික්කඞ්ඛො, දුක්ඛසමුදයෙ නික්කඞ්ඛො, දුක්ඛනිරොධෙ නික්කඞ්ඛො, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය නික්කඞ්ඛො. ඝටිකාරො ඛො, මහාරාජ, කුම්භකාරො එකභත්තිකො බ්‍රහ්මචාරී සීලවා කල්‍යාණධම්මො. ඝටිකාරො ඛො, මහාරාජ, කුම්භකාරො නික්ඛිත්තමණිසුවණ්ණො අපෙතජාතරූපරජතො . ඝටිකාරො ඛො, මහාරාජ, කුම්භකාරො පන්නමුසලො න සහත්ථා පථවිං ඛණති (කුම්භකාරො න මුසලෙන න සහත්ථා පඨවිං ඛණති (ස්‍යා. කං. පී.), කුම්භකාරො න මුසලෙන සහත්ථා පථවිඤ්ච ඛණති (ක.)). යං හොති කූලපලුග්ගං වා මූසිකුක්කරො (මූසිකුක්කුරො (සී. ස්‍යා. කං. පී.)) වා තං කාජෙන ආහරිත්වා භාජනං කරිත්වා එවමාහ - ‘‘එත්ථ යො ඉච්ඡති තණ්ඩුලපටිභස්තානි (තණ්ඩුල පභිවත්තානි (සී. පී.)) වා මුග්ගපටිභස්තානි වා කළායපටිභස්තානි වා නික්ඛිපිත්වා යං ඉච්ඡති තං හරතූ’’ති. ඝටිකාරො ඛො, මහාරාජ, කුම්භකාරො අන්ධෙ ජිණ්ණෙ මාතාපිතරො පොසෙති. ඝටිකාරො ඛො, මහාරාජ, කුම්භකාරො පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකො තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා.
288
“ඉක්බිති ආනන්දය, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදු රජ පෙරවරුයෙහි හැඳ පොරවා පා සිව්රු ගෙණ කිකී කසී රජුගේ මාලිගය යම්තැනකද එතැනට වැඩියේය. (එසේ) වැඩ භික්ෂු සංඝයා සමග පැනවූ අස්නෙහි වැඩහුන්සේක.
“ඉක්බිති ආනන්දය, කිකී නම් කසී රජතෙමේ බුදුන් ප්‍රධාන භික්ෂු සංඝයා ප්‍රණීතවූ ආහාරපානවලින් සියතින් වැළඳ වීය. කැමතිතාක් වැළඳවීය.
“ඉක්බිති ආනන්දය, කිකී කසී රජතෙමේ, වළඳා අවසන්ව පාත්‍රය අතින් ඉවත තැබූ භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වෙත එක් මිටි අස්නක් ගෙණ හිඳගත්තේය.
“ආනන්දය, එක් පසෙක උන් කිකී නම් කසී රජ භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ට මේ කාරණය සැලකළේය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ බරණැස් නුවර වස්විසීම ඉවසනසේක්වා. මෙබඳුවූ උපස්ථානයක් සංඝයාට එන්නේයයි’ කීය.
“කම් නැත. මහරජ, මා විසින් වස්විසීමක් ඉවසන ලද්දේය.’
දෙවනුවත් ආනන්දය, ‘කිකී’ නම් කසී රජතෙමේ භගවත්වූ අර්හත්වූ, කාශ්‍යප සම්මා සම්බුදුන්ට මේ කාරණය කීයේය. ‘ස්වාමීනි, භාග්‍යවත් තෙමේ මාගේ බරණැසෙහි වස්විසීම ඉවසනසේක්වා, සංඝයාට මෙබඳුවූ උපස්ථානයක් වන්නේයයි’ (කියායි)
තුන්වෙනුවත් ආනන්දය ‘කිකී’ කසී රජතෙමේ භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ට මේ කාරණය කීය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ බරණැස් නුවර වස්විසීම ඉවසන සේක්වා. සංඝයාට මෙබඳුවූ උපස්ථානයක් වන්නේයයි’ කියායි.
“කම් නැත, මහරජ, මා විසින් වස් විසීම ඉවසන ලද්දේයයි’ වදාළේය.
“ඉක්බිති ආනන්දය, භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ බරණැස් නුවර වස් විසීම නොඉවසන්නාහයි කිකී නම් කසී රජහට නොසතුට පහළ වූයේය. දොම්නස පහළ වූයේමය.
ඉක්බිති ආනන්දය, කිකී කසී රජතෙම කාශ්‍යප භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදුන්ට මෙසේ කීය.
“ස්වාමීනි, නුඹවහන්සේට මට වඩා උපස්ථානකරන්නාවූ අන් කිසිවෙක් ඇත්තේදැයි’ විචාළේය.
“මහරජ, වෙගලිංගනම් නියම් ගමෙක් ඇත. එහි ඝටීකාර නම් කුම්භකාරයෙක් වාසය කෙරෙයි. හෙතෙම මාගේ උපස්ථායක කෙනෙක. අග්‍ර උපස්ථායක කෙනෙක. මහරජ, තොපට වනාහි භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ මාගේ වස්විසීම නොඉවසුහයි නොසතුට පහළ විය. දොම්නස පහළ විය. එය ඝටීකාර කුම්භකාරයාට නැත. ඇතිද නොවන්නේය.
“මහරජ, ඝටීකාර කුම්භකාර තෙමේ වනාහි බුදුන් සරණ ගියේය. දහම් සරණ ගියේය. සංඝයා සරණ ගියේය.
“මහරජ, ඝටීකාර කුම්භකාරතෙම වනාහි ප්‍රාණඝාතයෙන් වැළකුණේය. සොරකමින් වැළකුණේය. කාමයෙහිවරදවා හැසිරීමෙන් වැළකුණේය. මුසාවාදයෙන් වැළකුණේය. සුරාපානයෙන් වැළකුණේය.
“මහරජ, ඝටීකාර කුම්භකාරතෙම වනාහි බුදුන් කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. ආර්යයන් විසින් කැමතිවන ලද සීලයන්ගෙන් යුක්ත වූයේ වෙයි.
“මහරජ, ඝටීකාර කුම්භකාරතෙමේ වනාහි දුක්ඛ සත්‍යයෙහි සැක නැත්තේ වෙයි. දුක්ඛසමුදය සත්‍යයෙහි සැක නැත්තේ වෙයි. දුක්ඛ නිරෝධසත්‍යයෙහි සැක නැත්තේ වෙයි. දුක්ඛ නිරෝධ ගාමිණි ප්‍රතිපදා සත්‍යයෙහි සැක නැත්තේ වෙයි.
“මහරජ, ඝටීකාර කුම්භකාරතෙම වනාහි එක් වේලෙහි වළඳනා බ්‍රහ්මචර්යාවෙන් යුක්තවූ සිල්වත්වූ යහපත් ධර්මයෙන් යුක්ත වූවෙක් වෙයි.
“මහරජ, ඝටීකාර කුම්භකාරතෙමේ වනාහි රන් රුවන් ඉවත් කළ මසු කහවනු පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. මහරජ, ඝටීකාර කුම්භකාරතෙමේ වනාහි බහා තැබූ අවි ආයුධ ඇත්තේ සියතින් පොළොව නොම හාරයි. ගං ඉවුරු බිඳීගිය තන්හි වූ යම් පසක් වේද- මීයන් සුනඛයන් විසින් ඇද දමන ලද යම් පසක් වේද ඒ පස කැමති සේ ගෙණවුත් වලන් සාදා මෙසේ කියන්නේය. මෙහි යමෙක් කැමැත්තේ නම් සහල් හෝ මුං හෝ කඩල හෝ ගෙණවුත් තබා යමක් කැමති වේද එය ගෙණ යවයි (කියාය)
“මහරජ, ඝටීකාර කුම්භකාර තෙමේ වනාහි ඇස් අන්ධ වූ මහලු මව් පියන් පොෂණය කරන්නෙක. මහරජ, ඝටීකාර කුම්භකාර තෙමේ වනාහි කාම ලෝකය භජනය කරන්නාවූ ඔරංභාගියසංයෝජන (බැඳුම්) පස නැතිකොට (බඹලොව) ඔපපාතිකව උපදින ඒ බඹලොවෙන් නැවත ඉපදීම් වශයෙන් මෙහි නොඑන ඒ බ්‍රහ්ම ලෝකයෙහිදීම පිරිණිවෙන ස්වභාව ඇත්තෙකැයි’ (වදාළහ.)
289
‘‘‘එකමිදාහං , මහාරාජ, සමයං වෙගළිඞ්ගෙ නාම ගාමනිගමෙ විහරාමි. අථ ඛ්වාහං, මහාරාජ, පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන ඝටිකාරස්ස කුම්භකාරස්ස මාතාපිතරො තෙනුපසඞ්කමිං; උපසඞ්කමිත්වා ඝටිකාරස්ස කුම්භකාරස්ස මාතාපිතරො එතදවොචං - ‘‘හන්ද, කො නු ඛො අයං භග්ගවො ගතො’’ති? ‘‘නික්ඛන්තො ඛො තෙ, භන්තෙ, උපට්ඨාකො අන්තොකුම්භියා ඔදනං ගහෙත්වා පරියොගා සූපං ගහෙත්වා පරිභුඤ්ජා’’ති. අථ ඛ්වාහං, මහාරාජ, කුම්භියා ඔදනං ගහෙත්වා පරියොගා සූපං ගහෙත්වා පරිභුඤ්ජිත්වා උට්ඨායාසනා පක්කමිං (පක්කාමිං (ස්‍යා. කං. පී.)). අථ ඛො, මහාරාජ, ඝටිකාරො කුම්භකාරො යෙන මාතාපිතරො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා මාතාපිතරො එතදවොච - ‘‘කො කුම්භියා ඔදනං ගහෙත්වා පරියොගා සූපං ගහෙත්වා පරිභුඤ්ජිත්වා උට්ඨායාසනා පක්කන්තො’’ති? ‘‘කස්සපො, තාත, භගවා අරහං සම්මාසම්බුද්ධො කුම්භියා ඔදනං ගහෙත්වා පරියොගා සූපං ගහෙත්වා පරිභුඤ්ජිත්වා උට්ඨායාසනා පක්කන්තො’’ති? අථ ඛො, මහාරාජ, ඝටිකාරස්ස කුම්භකාරස්ස එතදහොසි - ‘‘ලාභා වත මෙ, සුලද්ධං වත මෙ, යස්ස මෙ කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො එවං අභිවිස්සත්ථො’’ති. අථ ඛො, මහාරාජ, ඝටිකාරං කුම්භකාරං අඩ්ඪමාසං පීතිසුඛං න විජහති (න විජහි (සී. ස්‍යා. කං. පී.)), සත්තාහං මාතාපිතූනං.
289
“මහරජ, එක් කලෙක මම වෙගලිංග නම් නියම් ගම්හි වාසය කරමි. මහරජ එකල්හි මම පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍රසිවුරු ගෙණ ඝටීකාර කුම්භකාරයාගේ මව් පියන් යම්තෙනකද එහි පැමිණියෙමි. පැමිණ ඝටීකාර කුම්භකාරගේ මව්පිය දෙදෙනාගෙන් මේ මේ පින්වත් තැනැත්තේ කොහි ගියේදැයි ඇසීමි. ස්වාමීන් වහන්ස, ඔබගේ උපස්ථායක තෙම බැහැර ගියේය. මේ සැළියෙන් බත් ගෙණ මේ ව්‍යංජන භාජනයෙන් ව්‍යංජන ගෙණ වැළඳුව මැනවයි (කීහු.)
“ඉක්බිති මහරජ, මම සැළියෙන් බත් ගෙණ ව්‍යංජන භාජනයෙන් ව්‍යංජන ගෙණ වළඳා ආසනයෙන් නැගිට ගියෙමි. මහරජ, අනතුරුව ඝටීකාර කුම්භකාර තෙම මව්පියන් යම් තෙනකද එහි පැමිණ මව්පියන්ගෙන් කවරෙක් සැළියෙන් බත් ගෙණ ව්‍යංජන භාජනයෙන් ව්‍යංජන ගෙණ අනුභවකොට ආසනයෙන් නැගිට බැහැර ගියේදැ’යි ඇසීය.
“පුත්‍රය, භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ සැළියෙන් බත් ගෙණ ව්‍යංජන ගෙණ වළඳා ආසනයෙන් නැගිට බැහැර වැඩියේය’යි (කීහු.) ‘එහිදී මහරජ, ඝටීකාර කුම්භකාරයාහට ‘ඒකාන්තයෙන් මට ලාභයෙක. ඒකාන්තයෙන් මා විසින් යහපත්වූ ලාභයක් ලබන ලදී. භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදු රජානන් වහන්සේ මට මෙසේ විශ්වාස වූවෝය’ යන සිත් පහළ විය. ‘මහරජ, ඝටීකාර කුම්භකාරයාට අඩ මසක්ද මව්පියන්ට සත් දවසක්ද මෙයින් උපන් ප්‍රීති සැපය නොනැසී පැවතුණේය.
290
‘‘‘එකමිදාහං, මහාරාජ, සමයං තත්ථෙව වෙගළිඞ්ගෙ නාම ගාමනිගමෙ විහරාමි. අථ ඛ්වාහං, මහාරාජ, පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන ඝටිකාරස්ස කුම්භකාරස්ස මාතාපිතරො තෙනුපසඞ්කමිං; උපසඞ්කමිත්වා ඝටිකාරස්ස කුම්භකාරස්ස මාතාපිතරො එතදවොචං - ‘‘හන්ද, කො නු ඛො අයං භග්ගවො ගතො’’ති? ‘‘නික්ඛන්තො ඛො තෙ, භන්තෙ, උපට්ඨාකො අන්තො කළොපියා කුම්මාසං ගහෙත්වා පරියොගා සූපං ගහෙත්වා පරිභුඤ්ජා’’ති. අථ ඛ්වාහං, මහාරාජ, කළොපියා කුම්මාසං ගහෙත්වා පරියොගා සූපං ගහෙත්වා පරිභුඤ්ජිත්වා උට්ඨායාසනා පක්කමිං. අථ ඛො, මහාරාජ, ඝටිකාරො කුම්භකාරො යෙන මාතාපිතරො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා මාතාපිතරො එතදවොච - ‘‘කො කළොපියා කුම්මාසං ගහෙත්වා පරියොගා සූපං ගහෙත්වා පරිභුඤ්ජිත්වා උට්ඨායාසනා පක්කන්තො’’ති? ‘‘කස්සපො, තාත, භගවා අරහං සම්මාසම්බුද්ධො කළොපියා කුම්මාසං ගහෙත්වා පරියොගා සූපං ගහෙත්වා පරිභුඤ්ජිත්වා උට්ඨායාසනා පක්කන්තො’’ති. අථ ඛො, මහාරාජ, ඝටිකාරස්ස කුම්භකාරස්ස එතදහොසි - ‘‘ලාභා වත මෙ, සුලද්ධං වත මෙ, යස්ස මෙ කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො එවං අභිවිස්සත්ථො’’ති. අථ ඛො, මහාරාජ, ඝටිකාරං කුම්භකාරං අඩ්ඪමාසං පීතිසුඛං න විජහති, සත්තාහං මාතාපිතූනං.
290
‘මහරජ, එක් කලෙක මම ඒ වෙගලිංග නම් ගමෙහිම වෙසෙමි. ඉක්බිති මම පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙණ ඝටීකාර කුම්භකාරයාගේ මවුපියන් යම් තෙනකද එහි පැමිණියෙමි. පැමිණ ඝටීකාර කුම්භකාරයාගේ මව්පියන් ගෙන් පින්වතුනි, මේ පින්වත් තෙමේ කොහි ගියේදැ’යි ඇසීමි. ‘පින්වතුන් වහන්ස, ඔබගේ උපස්ථායක තෙම බැහැර ගියේය. මේ සැළියෙන් කොමු පිඬු ගෙණ ව්‍යංජන භාජනයෙන් (ව්‍යංජන ගෙණ වළඳනු මැනවයි’ (කීහු) ‘මහරජ, එහිදී මම සැළියෙන් කොමු පිඬු ගෙණ ව්‍යංජන භාජනයෙන් ව්‍යංජන ගෙණ වළඳා ආසනයෙන් නැගිට ගියෙමි.
“ඉක්බිති මහරජ, ඝටීකාර කුම්භකාරතෙම මව්පියන් යම් තෙනකද එහි පැමිණියේය. පැමිණ මව්පියන් ගෙන් සැළියෙන් කොමු පිඬු ගෙණ ව්‍යංජන භාජනයෙන් ව්‍යංජන ගෙණ අනුභව කොට ගියේ කවරෙක්දැයි ඇසීය. ‘දරුව, භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වහන්සේ සැළියෙන් කොමු පිඬු ගෙණ ව්‍යංජන භාජනයෙන් ව්‍යංජන ගෙණ වළඳා ආසනයෙන් නැගිට වැඩියෝයයි’ (කීහු)
“ඉක්බිති මහරජ, ඝටීකාර කුම්භකාරයාහට, ‘මට ඒකාන්තයෙන් ලාභයෙක. මා විසින් ඒකාන්තයෙන් යහපත් ලාභයක් ලබන ලදී. මට භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වහන්සේ විශ්වාස වූයේයයි, සිත් විය. මහරජ, ඝටීකාර කුම්භකාරයාට අඩ මසක්ද මව්පියන්ට සත් දවසක්ද එයින් උපන් ප්‍රීති සැපය, නොනැසී පැවතුණේය.
291
‘‘‘එකමිදාහං, මහාරාජ, සමයං තත්ථෙව වෙගළිඞ්ගෙ නාම ගාමනිගමෙ විහරාමි. තෙන ඛො පන සමයෙන කුටි (ගන්ධකුටි (සී.)) ඔවස්සති. අථ ඛ්වාහං, මහාරාජ, භික්ඛූ ආමන්තෙසිං - ‘‘ගච්ඡථ, භික්ඛවෙ, ඝටිකාරස්ස කුම්භකාරස්ස නිවෙසනෙ තිණං ජානාථා’’ති. එවං වුත්තෙ, මහාරාජ, තෙ භික්ඛූ මං එතදවොචුං - ‘‘නත්ථි ඛො, භන්තෙ, ඝටිකාරස්ස කුම්භකාරස්ස නිවෙසනෙ තිණං, අත්ථි ච ඛ්වාස්ස ආවෙසනෙ (ආවෙසනං (සී. ස්‍යා. කං. පී.)) තිණච්ඡදන’’ (නවච්ඡදනං (සී.)) න්ති. ‘‘ගච්ඡථ, භික්ඛවෙ, ඝටිකාරස්ස කුම්භකාරස්ස ආවෙසනං උත්තිණං කරොථා’’ති. අථ ඛො තෙ, මහාරාජ, භික්ඛූ ඝටිකාරස්ස කුම්භකාරස්ස ආවෙසනං උත්තිණමකංසු. අථ ඛො, මහාරාජ, ඝටිකාරස්ස කුම්භකාරස්ස මාතාපිතරො තෙ භික්ඛූ එතදවොචුං - ‘‘කෙ ආවෙසනං උත්තිණං කරොන්තී’’ති? ‘‘භික්ඛූ, භගිනි, කස්සපස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස කුටි ඔවස්සතී’’ති. ‘‘හරථ, භන්තෙ, හරථ, භද්‍රමුඛා’’ති. අථ ඛො, මහාරාජ, ඝටිකාරො කුම්භකාරො යෙන මාතාපිතරො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා මාතාපිතරො එතදවොච - ‘‘කෙ ආවෙසනං උත්තිණමකංසූ’’ති? ‘‘භික්ඛූ, තාත, කස්සපස්ස කිර භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස කුටි ඔවස්සතී’’ති. අථ ඛො, මහාරාජ, ඝටිකාරස්ස කුම්භකාරස්ස එතදහොසි - ‘‘ලාභා වත මෙ, සුලද්ධං වත මෙ, යස්ස මෙ කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො එවං අභිවිස්සත්ථො’’ති. අථ ඛො, මහාරාජ ඝටිකාරං කුම්භකාරං අඩ්ඪමාසං පීතිසුඛං න විජහති, සත්තාහං මාතාපිතූනං. අථ ඛො, මහාරාජ, ආවෙසනං සබ්බන්තං තෙමාසං ආකාසච්ඡදනං අට්ඨාසි, න දෙවොතිවස්සි (න චාතිවස්සි (සී. ස්‍යා. කං. පී.)). එවරූපො ච, මහාරාජ, ඝටිකාරො කුම්භකාරො’ති. ‘ලාභා, භන්තෙ, ඝටිකාරස්ස කුම්භකාරස්ස, සුලද්ධා, භන්තෙ, ඝටිකාරස්ස කුම්භකාරස්ස යස්ස භගවා එවං අභිවිස්සත්ථො’’’ති.
291
‘මහරජ, මම එක් කලෙක්හි ඒ වෙගලිංග නම් නියම් ගමෙහි වෙසෙමි. ඒ කාලයෙහි වනාහි ගන්ධ කුටිය වැස්සෙන් තෙමෙයි. එහිදී මහරජ. මම භික්ෂූන්ට කථාකොට ‘මහණෙනි, යව් ඝටිකාර කුම්භකාරයාගේ ගෙහි තණ දනිව්ය’යි කීයෙමි.
“මහරජ, මෙසේ කී කල්හි භික්ෂූහු මට ‘ස්වාමීන් වහන්ස, ඝටීකාර කුම්භකාරයාගේ ගෙහි තණනැත්තේය. එනමුදු ඔහුගේ ගෘහය අලුත සොයන ලද පිදුරු ඇත්තේය. ‘මහණෙනි, යව්. ඝටීකාර කුම්භකාරයාගේ ගෘහය සෙවිලි කළ පිදුරු ගෙණ එව’යි කීයෙමි.’
“ඉක්බිති මහරජ, ඒ භික්ෂූහු ඝටීකාර කුම්භකාරයාගේ ගෘහයෙහි සෙවිලි කරන ලද තණ ගෙණ ආවාහුය. එකල්හි මහරජ, ඝටීකාර කුම්භකාරයාගේ මව්පියෝ භික්ෂූන්ගෙන් ‘කවරහු ගෘහයෙහි සෙවිලි කළ පිදුරු ගෙණ යෙත්දැ’යි ඇසූහ.
භික්ෂූහු, ‘සොහොයුරිය, භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදු රජුන්ගේ ගඳකිළිය තෙමේය’යි කීහු. ‘ස්වාමීනි දරුවෙනි, ගෙණයනු මැනව. සත්පුරුෂවරුනි, ගෙණයනු මැනව’යි කීහු.
ඉක්බිති මහරජ, ඝටීකාර, කුම්භකාරතෙමේ මව්පියන් යම් තෙනෙක්හි නම් එහි එළඹියේය. එළඹ මව්පියන්ගෙන් ගෙන සෙවිලි කළ පිදුරු ගෙන ගියෝ කවුරුදැ’යි ඇසීය.
“දරුව, භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ගේ ගඳකිළිය තෙමෙන්නේය කියා භික්ෂූහු ගෙණ ගියෝය’යි කීහු.
“එකල්හි මහරජ, ඝටීකාර කුම්භකාරයා හට ඒකාන්තයෙන් මට ලාභයෙක. ඒකාන්තයෙන් මා විසින් යහපත් ලාභයක් ලබන ලදී. මට භාග්‍යවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ මෙසේ විශ්වාස වූවෝය’යි සිත්විය. ‘අනතුරුව මහරජ, ඝටීකාර කුම්භකාරයාහට අඩ මසක්ද මව්පියන්ට හත් දවසක්ද එයින් උපන් ප්‍රීති සැපය නොනැසී පැවැත්තේය.
“ඉක්බිති මහරජ, ඒ භාගය තෙමසක් මුලුල්ලෙහිම අහසම පියස්ස කොට සිටියේය. වැස්සෙන්ද නොතෙමියේය. මහරජ, ඝටීකාර කුම්භකාර තෙමේ මෙබඳු වූ ගුණ ඇත්තෙක් වේයයි වදාළහ.
“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මෙසේ විශ්වාස වීමෙන් ඝටීකාර කුම්භකාරයාහට ලාභයෙක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඝටීකාර කුම්භකාරයා විසින් යහපත් ලාභයක් ලබන ලදී.
292
‘‘අථ ඛො, ආනන්ද, කිකී කාසිරාජා ඝටිකාරස්ස කුම්භකාරස්ස පඤ්චමත්තානි තණ්ඩුලවාහසතානි පාහෙසි පණ්ඩුපුටකස්ස සාලිනො තදුපියඤ්ච සූපෙය්‍යං. අථ ඛො තෙ, ආනන්ද, රාජපුරිසා ඝටිකාරං කුම්භකාරං උපසඞ්කමිත්වා එතදවොචුං - ‘ඉමානි ඛො, භන්තෙ, පඤ්චමත්තානි තණ්ඩුලවාහසතානි කිකිනා කාසිරාජෙන පහිතානි පණ්ඩුපුටකස්ස සාලිනො තදුපියඤ්ච සූපෙය්‍යං. තානි, භන්තෙ, පටිග්ගණ්හථා’ති (පතිග්ගණ්හාතූති (සී. පී.), පටිග්ගණ්හාතූති (ස්‍යා. කං.)). ‘රාජා ඛො බහුකිච්චො බහුකරණීයො. අලං මෙ! රඤ්ඤොව හොතූ’ති. සියා ඛො පන තෙ, ආනන්ද, එවමස්ස - ‘අඤ්ඤො නූන තෙන සමයෙන ජොතිපාලො මාණවො අහොසී’ති. න ඛො පනෙතං, ආනන්ද, එවං දට්ඨබ්බං. අහං තෙන සමයෙන ජොතිපාලො මාණවො අහොසි’’න්ති.
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා ආනන්දො භගවතො භාසිතං අභිනන්දීති.
292
“ඉක්බිති ආනන්දය, කිකී නම් කසී රජ තෙමේ ඝටීකාර නම් කුම්භකාරයාහට මිටිකොට බැඳ වියනලද රත්හැල් සහල් ගැල් පන්සියයක්ද, ඊට සුදුසු ව්‍යංජන පිණිස ගත යුතු දේද පිටත්කොට යැවීය. ඉක්බිති ආනන්දය, ඒ රාජ පුරුෂයෝ ඝටීකාර නම් කුම්භකාරයා වෙත පැමිණ මෙසේ කීවාහුය.
“පින්වත, මිටිකොට බැඳ වියලන ලද රත්හැල් සහල් ගැල් පන්සියයක්ද ඊට සුදුසු ව්‍යංජන පිණිස ගතයුතුදේද කිකී නම් කසී රජ විසින් එවන ලද්දාහ.
“පින්වතුන් වහන්ස, ඒ භාණ්ඩයන් පිළිගත මැනව. රජ තෙමේ වනාහි බොහෝ වැඩ ඇත්තේ කටයුතු බහුල වූයේ වේය’යි කීහු. ඝටීකාර කුම්භකාර තෙමේ මට (එයින්) ප්‍රයෝනයෙක් නැත. රජහටම වේවා’යි කීය.
“ආනන්දය, නුඹට මෙබඳු අදහසෙක් ඇතිවිය හැක. ඒ කාලයෙහි තරුණ ජෝතිපාල වූයේ ඒකාන්තයෙන් අනිකෙක කියාය.
“ආනන්දය, මේ කාරණය වනාහී එසේ නොදත යුතුය. ඒ කාලයෙහි තරුණ ජෝතිපාල වූයෙම් මම්මයයි’ වදාළහ.
භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළසේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටු වූහ.
2. රට්ඨපාලසුත්තං 2. රට්ඨපාල සූත්‍රය
3. මඝදෙවසුත්තං 3. මඛාදෙව සූත්‍රය
4. මධුරසුත්තං 4. මාධුර සූත්‍රය
5. බොධිරාජකුමාරසුත්තං 5. බොධිරාජ කුමාර සූත්‍රය
6. අඞ්ගුලිමාලසුත්තං 6. අංගුලිමාල සූත්‍රය
7. පියජාතිකසුත්තං 7. පිය ජාතික සූත්‍රය
8. බාහිතිකසුත්තං 8. බාහිතික සූත්‍රය
9. ධම්මචෙතියසුත්තං 9. ධම්මචෙතිය සූත්‍රය
10. කණ්ණකත්ථලසුත්තං 10. කණ්ණකත්ථල සූත්‍රය