ත්‍රිපිටකය
3. පරිබ්බාජකවග්ගො 3. පරිබ්‍රාජක වර්ගය
1. තෙවිජ්ජවච්ඡසුත්තං 1. තෙවිජ්ජ වච්ඡගොත්ත සූත්‍රය
2. අග්ගිවච්ඡසුත්තං 2. අග්ගි වච්ඡගොත්ත සූත්‍රය
3. මහාවච්ඡසුත්තං 3. මහා වච්ඡගොත්ත සූත්‍රය
4. දීඝනඛසුත්තං 4. දීඝ නඛ සූත්‍රය
5. මාගණ්ඩියසුත්තං 5. මාගන්දිය සූත්‍රය
6. සන්දකසුත්තං 6. සන්දක සූත්‍රය
7. මහාසකුලුදායිසුත්තං 7. මහා සකුලුදාය සූත්‍රය
237
එවං මෙ සුතං - එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන සම්බහුලා අභිඤ්ඤාතා අභිඤ්ඤාතා පරිබ්බාජකා මොරනිවාපෙ පරිබ්බාජකාරාමෙ පටිවසන්ති, සෙය්‍යථිදං - අන්නභාරො වරධරො සකුලුදායී ච පරිබ්බාජකො අඤ්ඤෙ ච අභිඤ්ඤාතා අභිඤ්ඤාතා පරිබ්බාජකා. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය රාජගහං පිණ්ඩාය පාවිසි. අථ ඛො භගවතො එතදහොසි - ‘‘අතිප්පගො ඛො තාව රාජගහෙ පිණ්ඩාය චරිතුං. යංනූනාහං යෙන මොරනිවාපො පරිබ්බාජකාරාමො යෙන සකුලුදායී පරිබ්බාජකො තෙනුපසඞ්කමෙය්‍ය’’න්ති. අථ ඛො භගවා යෙන මොරනිවාපො පරිබ්බාජකාරාමො තෙනුපසඞ්කමි. තෙන ඛො පන සමයෙන සකුලුදායී පරිබ්බාජකො මහතියා පරිබ්බාජකපරිසාය සද්ධිං නිසින්නො හොති උන්නාදිනියා උච්චාසද්දමහාසද්දාය අනෙකවිහිතං තිරච්ඡානකථං කථෙන්තියා, සෙය්‍යථිදං - රාජකථං චොරකථං මහාමත්තකථං සෙනාකථං භයකථං යුද්ධකථං අන්නකථං පානකථං වත්ථකථං සයනකථං මාලාකථං ගන්ධකථං ඤාතිකථං යානකථං ගාමකථං නිගමකථං නගරකථං ජනපදකථං ඉත්ථිකථං සූරකථං විසිඛාකථං කුම්භට්ඨානකථං පුබ්බපෙතකථං නානත්තකථං ලොකක්ඛායිකං සමුද්දක්ඛායිකං ඉතිභවාභවකථං ඉති වා. අද්දසා ඛො සකුලුදායී පරිබ්බාජකො භගවන්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන සකං පරිසං සණ්ඨාපෙති - ‘‘අප්පසද්දා භොන්තො හොන්තු; මා භොන්තො සද්දමකත්ථ. අයං සමණො ගොතමො ආගච්ඡති; අප්පසද්දකාමො ඛො පන සො ආයස්මා අප්පසද්දස්ස වණ්ණවාදී. අප්පෙව නාම අප්පසද්දං පරිසං විදිත්වා උපසඞ්කමිතබ්බං මඤ්ඤෙය්‍යා’’ති. අථ ඛො තෙ පරිබ්බාජකා තුණ්හී අහෙසුං. අථ ඛො භගවා යෙන සකුලුදායී පරිබ්බාජකො තෙනුපසඞ්කමි. අථ ඛො සකුලුදායී පරිබ්බාජකො භගවන්තං එතදවොච - ‘‘එතු ඛො, භන්තෙ, භගවා. ස්වාගතං, භන්තෙ, භගවතො. චිරස්සං ඛො, භන්තෙ, භගවා ඉමං පරියායමකාසි යදිදං ඉධාගමනාය. නිසීදතු, භන්තෙ, භගවා; ඉදමාසනං පඤ්ඤත්ත’’න්ති. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. සකුලුදායීපි ඛො පරිබ්බාජකො අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො සකුලුදායිං පරිබ්බාජකං භගවා එතදවොච -
237
“මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම්වූ වෙළුවනාරාමයෙහි වාසය කළහ. එකල්හි වනාහි බොහෝවූ ප්‍රසිද්ධවූ ප්‍රසිද්ධවූ පරිව්‍රාජකයෝ මෝර නිවාප නම්වූ පරිව්‍රාජකරාමයෙහි වාසය කෙරෙති. එනම්, අනුගාරය, වරචරය සකුළුදායි පරිව්‍රාජකයාද අන්‍යවූ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ පරිව්‍රාජකයෝද, වෙත්. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උදය කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිව්රුගෙණ රජගහනුවරට පිණ්ඩපාතය පිණිස ඇතුළුවූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට මෙබඳු සිතක් පහළවිය. ‘තවම රජගහනුවර පිඬු පිණිස හැසිරීමට ඉතා උදෑසනය. මම මෝර නිවාප නම් පරිව්‍රාජකාරාමය යම් තැනකද සකුළුදායි නම් පරිව්‍රාජකතෙම යම් තැනකද එතැනට පැමිණෙන්නෙම්නම් යෙහෙක,’ කියායි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෝර නිවාප නම් පරිව්‍රාජකාරාමය යම් තැනකද එතැනට පැමිණුනහ.
එකල්හි වනාහි සකුළුදායි නම් පරිව්‍රාජක තෙම උස්හඬින් හා මහත් හඬින් ඝොෂා කරන්නාවූ නොයෙක් ආකාර තිරිසන් කථා කියන්නාවූ එනම්, රජුන් පිළිබඳ කථාය සොරුන් පිළිබඳ කථාය, මහඇමතියන් පිළිබඳ කථාය, සේනා කථාය, භය කථාය, යුද්ධ කථාය, ආහාර කථාය, පානය ගැන කථාය, වස්ත්‍ර ගැන කථාය, සයනය ගැන කථාය, මාලා ගැන කථාය, සුවඳවර්ග ගැන කථාය, ඥාතීන් ගැන කථාය, යානාවන් ගැන කථාය, ගම් පිළිබඳ කථාය, නියම්ගම් පිළිබඳ කථාය, නගර පිළිබඳ කථාය, ජනපද පිළිබඳ කථාය, ස්ත්‍රීන් පිළිබඳ කථාය සූරයන් පිළිබඳ කථාය, වීථි පිළිබඳ කථාය දිය තොටවල් පිළිබඳ කථාය, පරලොව ගිය නැහැයන් පිළිබඳ කථාය නොයෙක් ස්වභාවයෙන් යුත් කථාය, ලෝකය පිළිබඳ ප්‍රකාශ වන්නාවූ කථාය, මුහුද පිළිබඳ ප්‍රකාශ වන්නාවූ කථාය, මෙසේ වන්නේය නොවන්නේය. යන මෙ පිළිබඳ කථාවය කියා හෝ යන මේ කථාවලින් යුක්තවූ මහත්වූ පරිව්‍රාජක පිරිස සමග හුන්නේ වෙයි.
සකුළුදායි පරිව්‍රාජක තෙම වනාහි දුරදීම වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුටුයේය. දැක ස්වකීය පිරිස තැන්පත් කෙළේය.
“පින්වත්නි, නිශ්ශබ්ද වෙත්වා, පින්වත්නි, ශබ්ද නොකරව්, මේ ශ්‍රමණ ගෞතම තෙමේ එන්නේය. ඒ ආයුෂ්මත් තෙමේ වනාහි නිශ්ශබ්ද වීම කැමැත්තේය. නිශ්ශබ්ද වීමේ ගුණකියන්නෙක, පිරිස නිශ්ශබ්දයයි දැන මෙහි පැමිණිය යුතුයයි, හඟින්නේ නම් මැනව යනුවෙනි, ඉක්බිති ඒ පරිව්‍රාජකයෝ නිශ්ශබ්ද වූහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සකුළුදායී පරිව්‍රාජක තෙම යම් තැනෙක්හිද එතැනට පැමිණ ඉක්බිති සකුළුදායී පරිව්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මෙහි වඩින සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ වැඩීම යහපති ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ බොහෝ කලකින් මෙහි වැඩීම කළහ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වැඩ හිඳින සේක්වා මේ ආසනය පනවන ලද්දේය” කීය.
“භාග්‍යවතුන් වහන්සේ පනවනලද ආසනයෙහි වැඩ හුන්නේය. සකුළුදායී පරිව්‍රාජක තෙමේද එක්තරා මිටි ආසනයක් ගෙන එක් පැත්තක හුන්නේය. එක පැත්තක හුන්නාවූම සකුළුදායී පරිව්‍රාජකයාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.
238
‘‘කායනුත්ථ , උදායි, එතරහි කථාය සන්නිසින්නා, කා ච පන වො අන්තරාකථා විප්පකතා’’ති? ‘‘තිට්ඨතෙසා, භන්තෙ, කථා යාය මයං එතරහි කථාය සන්නිසින්නා. නෙසා, භන්තෙ, කථා භගවතො දුල්ලභා භවිස්සති පච්ඡාපි සවනාය. පුරිමානි, භන්තෙ, දිවසානි පුරිමතරානි නානාතිත්ථියානං සමණබ්‍රාහ්මණානං කුතූහලසාලායං සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරාකථා උදපාදි - ‘ලාභා වත, භො, අඞ්ගමගධානං, සුලද්ධලාභා වත, භො, අඞ්ගමගධානං! තත්‍රිමෙ (යත්ථිමෙ (සී.)) සමණබ්‍රාහ්මණා සඞ්ඝිනො ගණිනො ගණාචරියා ඤාතා යසස්සිනො තිත්ථකරා සාධුසම්මතා බහුජනස්ස රාජගහං වස්සාවාසං ඔසටා. අයම්පි ඛො පූරණො කස්සපො සඞ්ඝී චෙව ගණී ච ගණාචරියො ච ඤාතො යසස්සී තිත්ථකරො සාධුසම්මතො බහුජනස්ස; සොපි රාජගහං වස්සාවාසං ඔසටො. අයම්පි ඛො මක්ඛලි ගොසාලො...පෙ.... අජිතො කෙසකම්බලො... පකුධො කච්චායනො... සඤ්ජයො බෙලට්ඨපුත්තො... නිගණ්ඨො නාටපුත්තො සඞ්ඝී චෙව ගණී ච ගණාචරියො ච ඤාතො යසස්සී තිත්ථකරො සාධුසම්මතො බහුජනස්ස; සොපි රාජගහං වස්සාවාසං ඔසටො. අයම්පි ඛො සමණො ගොතමො සඞ්ඝී චෙව ගණී ච ගණාචරියො ච ඤාතො යසස්සී තිත්ථකරො සාධුසම්මතො බහුජනස්ස; සොපි රාජගහං වස්සාවාසං ඔසටො. කො නු ඛො ඉමෙසං භවතං සමණබ්‍රාහ්මණානං සඞ්ඝීනං ගණීනං ගණාචරියානං ඤාතානං යසස්සීනං තිත්ථකරානං සාධුසම්මතානං බහුජනස්ස සාවකානං සක්කතො ගරුකතො මානිතො පූජිතො, කඤ්ච පන සාවකා සක්කත්වා ගරුං කත්වා (ගරුකත්වා (සී. ස්‍යා. කං. පී.)) උපනිස්සාය විහරන්තී’’’ති?
238
“උදායීය, දැන් මෙහි කිනම් කථාවකින් යුක්තව හුන්නාහුද? තොප විසින් කිනම් අතුරු කථාවක් අඩාල කරණ ලද්දීද?” “ස්වාමීනි, අපි දැන් යම් කථාවකින් යුක්තව හුන්නමෝද, මේ කථාව තිබේවා. ස්වාමීනි, මේ කථාව භාග්‍යවතුන් වහන්සේට පසුවදා ඇසීමට දුර්ලභ නොවන්නේය. ස්වාමීනි පසුගිය දවස්වල කුතූහල ශාලාවෙහි එක්ව උන්නාවූ රැස්වුනාවූ නොයෙක් තීර්ථකයන් මහණ බමුණන් අතර මේ අතුරු කථාව පහළවිය. පින්වත්නි, අඟුමගද වැස්සන්ට එකාන්තයෙන් ලාභයක. පින්වත්නි, අඟුමගද දනව් වැස්සන්ට ඒකාන්තයෙන් මනාව ලැබුණු ලාභයෙකි. යම් ජනපදයෙක්හි සමූහයා ඇත්තාවූ ගණයා ඇත්තාවූ ගණයාට ආචාර්යවූ ප්‍රසිද්ධවූ යසස් ඇත්තාවූ ආගම් දේශනා කරන්නාවූ බොහෝ දෙනා විසින් යහපතැයි සම්මතවූ මේ මහණ බමුණෝ රජගහනුවරට වැඩ විසුමට රැස්වූවාහුය. මේ පූරණ කාශ්‍යප තෙමේද සමූහයා ඇත්තේද ශිෂ්‍ය ගණයා ඇත්තේද, ශිෂ්‍ය ගණයාට ආචාර්යවූද ප්‍රසිද්ධවූ යසස් ඇත්තාවූ ආගම් දේශනාකරන්නාවූ බොහෝ දෙනා විසින් යහපතැයි සම්මතය, හෙතෙමේද රජගහනුවරට වස් කාලයෙහි විසීමට පැමිණියේ වෙයි. මේ මක්ඛලිගොසාල තෙමේද සමූහයා ඇත්තේ, ශිෂ්‍ය පිරිස ඇත්තේ ශිෂ්‍ය සමූහයාට ආචාර්ය වූයේ, ප්‍රසිද්ධ වූයේ, යසස් ඇත්තේ තීර්ථකරවූයේ බොහෝ දෙනා විසින් යහපතැයි සම්මතවූයේ වේ. හෙතෙමේද වර්ෂා ඍතුවෙහි රජගහ නුවර වාසයට පැමිණියේ වෙයි. අජිත කෙසකම්බලී තෙමේද සමූහයා ඇත්තේ ශිෂ්‍ය පිරිස ඇත්තේ ශිෂ්‍ය සමූහයාට ආචාර්යවූයේ ප්‍රසිද්ධවූයේ යසස් ඇත්තේ තීර්ථකර වූයේ බොහෝ දෙනා විසින් යහපතැයි සම්මතවූයේ වේ. හෙතෙමේද වර්ෂා ඍතුවෙහි රජගහනුවර වාසයට පැමිණියේ වෙයි. පකුධකච්චායන තෙමේද සමූහයා ඇත්තේ, ශිෂ්‍ය පිරිස ඇත්තේ, ශිෂ්‍ය සමූහයාට ආචාර්ය වූයේ, ප්‍රසිද්ධ වූයේ, යසස් ඇත්තේ තීර්ථකර වූයේ බොහෝ දෙනා විසින් යහපතැයි සම්මත වූයේ වේ. හෙතෙමේද වර්ෂා ඍතුවෙහි රජගහනුවර වාසයට පැමිණියේ වෙයි. සඤ්ජය බෙල්ලට්ඨපුත්ත තෙමේද සමූහයා ඇත්තේ, ශිෂ්‍ය පිරිස ඇත්තේ ශිෂ්‍ය සමූහයාට ආචාර්ය වූයේ, ප්‍රසිද්ධ වූයේ යසස් ඇත්තේ තීර්ථකර වූයේ බොහෝ දෙනා විසින් යහපතැයි සම්මත වූයේ වේ. හෙතෙමේද, වර්ෂා ඍතුවෙහි රජගහ නුවර වාසයට පැමිණියේ වෙයි. නිගණ්ඨනාතපුත්‍ර තෙමේද, සමූහ ඇත්තේද ශිෂ්‍ය පිරිස ඇත්තේද, ශිෂ්‍ය සමූහයාට ආචාර්ය වූයේ ප්‍රසිද්ධ වූයේ යසස් ඇත්තේ ආගම් දේශනා කරන්නාවූ බොහෝ දෙනා විසින් යහපතැයි සම්මතවූයේ වේ. හෙතෙමේද රජගහ නුවරට වස් කාලයෙහි විසීමට පැමිණියේ වෙයි. මේ ශ්‍රමණ ගෞතම තෙමේද, සමූහයා ඇත්තේද ශිෂ්‍ය ගණයා ඇත්තේද ශිෂ්‍ය සමූහයාට ආචාර්ය වූයේද ප්‍රසිද්ධවූයේ යසස් ඇත්තේ ආගම් දේශනා කරන්නේ බොහෝ දෙනා විසින් යහපතැයි සම්මතවූයේ වෙයි. හෙතෙමේද, රජගහ නුවරට වැසි කාලයෙහි වාසයට පැමිණියේ වෙයි. සංඝයා ඇත්තාවූ ගණයා ඇත්තාවූ ගණයාට ආචාර්යවූ ප්‍රසිද්ධවූ යසස් ඇත්තාවූ ආගම් දේශනා කරන්නාවූ බොහෝ දෙනා විසින් යහපතැයි සම්මතවූ මේ පින්වත් මහණ බමුණන්ගෙන් කවරෙක් නම්, ශ්‍රාවකයන් විසින් සත්කාර කරණ ලද්දේ ගෞරව කරණ ලද්දේ බුහුමන් කරණ ලද්දේ පුදන ලද්දේ වේද, ශ්‍රාවකයෝ සත්කාර කොට ගෞරව කොට කවරෙකු ආශ්‍රයකොට වාසය කෙරෙත්දැ”යි කථාවක් පහලවිය.
239
‘‘තත්‍රෙකච්චෙ එවමාහංසු - ‘අයං ඛො පූරණො කස්සපො සඞ්ඝී චෙව ගණී ච ගණාචරියො ච ඤාතො යසස්සී තිත්ථකරො සාධුසම්මතො බහුජනස්ස; සො ච ඛො සාවකානං න සක්කතො න ගරුකතො න මානිතො න පූජිතො, න ච පන පූරණං කස්සපං සාවකා සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරන්ති. භූතපුබ්බං පූරණො කස්සපො අනෙකසතාය පරිසාය ධම්මං දෙසෙති. තත්‍රඤ්ඤතරො පූරණස්ස කස්සපස්ස සාවකො සද්දමකාසි - ‘‘මා භොන්තො පූරණං කස්සපං එතමත්ථං පුච්ඡිත්ථ; නෙසො එතං ජානාති; මයමෙතං ජානාම, අම්හෙ එතමත්ථං පුච්ඡථ; මයමෙතං භවන්තානං බ්‍යාකරිස්සාමා’’ති. භූතපුබ්බං පූරණො කස්සපො බාහා පග්ගය්හ කන්දන්තො න ලභති - ‘‘අප්පසද්දා භොන්තො හොන්තු, මා භොන්තො සද්දමකත්ථ. නෙතෙ, භවන්තෙ, පුච්ඡන්ති, අම්හෙ එතෙ පුච්ඡන්ති; මයමෙතෙසං බ්‍යාකරිස්සාමා’’ති. බහූ ඛො පන පූරණස්ස කස්සපස්ස සාවකා වාදං ආරොපෙත්වා අපක්කන්තා - ‘‘න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසි, අහං ඉමං ධම්මවිනයං ආජානාමි , කිං ත්වං ඉමං ධම්මවිනයං ආජානිස්සසි? මිච්ඡාපටිපන්නො ත්වමසි, අහමස්මි සම්මාපටිපන්නො, සහිතං මෙ, අසහිතං තෙ, පුරෙවචනීයං පච්ඡා අවච, පච්ඡාවචනීයං පුරෙ අවච, අධිචිණ්ණං තෙ විපරාවත්තං, ආරොපිතො තෙ වාදො, නිග්ගහිතොසි, චර වාදප්පමොක්ඛාය, නිබ්බෙඨෙහි වා සචෙ පහොසී’’ති. ඉති පූරණො කස්සපො සාවකානං න සක්කතො න ගරුකතො න මානිතො න පූජිතො, න ච පන පූරණං කස්සපං සාවකා සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරන්ති. අක්කුට්ඨො ච පන පූරණො කස්සපො ධම්මක්කොසෙනා’’’ති.
‘‘එකච්චෙ එවමාහංසු - ‘අයම්පි ඛො මක්ඛලි ගොසාලො...පෙ.... අජිතො කෙසකම්බලො... පකුධො කච්චායනො... සඤ්ජයො බෙලට්ඨපුත්තො... නිගණ්ඨො නාටපුත්තො සඞ්ඝී චෙව ගණී ච ගණාචරියො ච ඤාතො යසස්සී තිත්ථකරො සාධුසම්මතො බහුජනස්ස; සො ච ඛො සාවකානං න සක්කතො න ගරුකතො න මානිතො න පූජිතො, න ච පන නිගණ්ඨං නාටපුත්තං සාවකා සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරන්ති. භූතපුබ්බං නිගණ්ඨො නාටපුත්තො අනෙකසතාය පරිසාය ධම්මං දෙසෙති. තත්‍රඤ්ඤතරො නිගණ්ඨස්ස නාටපුත්තස්ස සාවකො සද්දමකාසි - මා භොන්තො නිගණ්ඨං නාටපුත්තං එතමත්ථං පුච්ඡිත්ථ; නෙසො එතං ජානාති; මයමෙතං ජානාම, අම්හෙ එතමත්ථං පුච්ඡථ; මයමෙතං භවන්තානං බ්‍යාකරිස්සාමාති. භූතපුබ්බං නිගණ්ඨො නාටපුත්තො බාහා පග්ගය්හ කන්දන්තො න ලභති - ‘‘අප්පසද්දා භොන්තො හොන්තු, මා භොන්තො සද්දමකත්ථ. නෙතෙ භවන්තෙ පුච්ඡන්ති, අම්හෙ එතෙ පුච්ඡන්ති; මයමෙතෙසං බ්‍යාකරිස්සාමා’’ති. බහූ ඛො පන නිගණ්ඨස්ස නාටපුත්තස්ස සාවකා වාදං ආරොපෙත්වා අපක්කන්තා - ‘‘න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසි, අහං ඉමං ධම්මවිනයං ආජානාමි. කිං ත්වං ඉමං ධම්මවිනයං ආජානිස්සසි? මිච්ඡාපටිපන්නො ත්වමසි. අහමස්මි සම්මාපටිපන්නො. සහිතං මෙ අසහිතං තෙ, පුරෙවචනීයං පච්ඡා අවච, පච්ඡාවචනීයං පුරෙ අවච, අධිචිණ්ණං තෙ විපරාවත්තං, ආරොපිතො තෙ වාදො, නිග්ගහිතොසි, චර වාදප්පමොක්ඛාය, නිබ්බෙඨෙහි වා සචෙ පහොසී’’ති. ඉති නිගණ්ඨො නාටපුත්තො සාවකානං න සක්කතො න ගරුකතො න මානිතො න පූජිතො, න ච පන නිගණ්ඨං නාටපුත්තං සාවකා සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරන්ති. අක්කුට්ඨො ච පන නිගණ්ඨො නාටපුත්තො ධම්මක්කොසෙනා’’’ති.
239
ඔවුන් අතුරෙන් සමහරු මෙසේ කීහ. ‘මේ පූරණකාශ්‍යපය තෙමේ වනාහි සමූහයා ඇත්තේ ශිෂ්‍යගණයා ඇත්තේද ශිෂ්‍ය සමූහයාට ආචාර්යවූයේ ප්‍රසිද්ධවූයේ යසස් ඇත්තේ ආගම් දේශනා කරන්නේ බොහෝ දෙනා විසින් යහපතැයි සම්මත වූයේ වෙයි. හෙතෙමේද ශ්‍රාවකයන් විසින් සත්කාර නොකරණ ලද්දේ ගෞරව නොකරණ ලද්දේ බුහුමන් නුපුදන ලද්දේ වෙයි. පූරණ කාශ්‍යපයන්ට ශ්‍රාවකයෝසත්කාර කොට ගෞරව කොට ඇසුරු කොට වාසය නොකරත්. පෙරවූවක් කියමි. පූරණ කාශ්‍යප තෙමේ නොයෙක් සිය ගණන් පිරිසට ධර්මය දේශනා කරයි. එහි එක්තරා පූරණ කාශ්‍යපගේ ශ්‍රාවකයෙක් ‘පින්වත්නි, මේ කාරණය පූරණ කාශ්‍යපයන් ගෙන් නොඅසව්. එතෙම මෙය නොදනියි. අපි මෙය දනිමු. මේ කාරණය අපෙන් විචාරව්. අපි මෙය පින්වතුන්ට ප්‍රකාශ කරන්නෙමුයි’ ශබ්ද කෙළේය. තවද පෙරවූවක් කියමි. පූරණ කාශ්‍යප තෙමේ දෙඅත් ඔසවා ගෙණ හඬමින්, ‘පින්වත්නි, නිශ්ශබ්ද වෙත්වා. පින්වත්නි ශබ්ද නොකරව්. මොවුහු පින්වතුන්ගෙන් නොඅසත්. මොවුහු අපගෙන් අසත්. අපි මොවුන් ප්‍රකාශ කරන්නෙමුයි’ කියා පිරිස නිශ්ශබ්ද කිරීමට නොහැකිවිය. පූරණ කාශ්‍යපගේ වනාහි බොහෝ ශ්‍රාවකයෝ ‘නුඹ මේ ධර්ම විනය නොදන්නෙහිය. මම මේ ධර්මවිනය දනිමි. කිමෙක්ද නුඹ මේ ධර්ම විනය දන්නෙහිද, නුඹ වරදවා පිළිපන්නෙක් වෙහි. මම මනාකොට පිළිපන්නෙක් වෙමි. මගේ කීම කරුණු සහිතය. නුඹගේ කීම කරුණු සහිත නොවේ. පළමු කියයුත්ත පසුව කීයෙහිය. පසුව කියයුත්ත පළමු කීයෙහිය. නුඹ විසින් බොහෝ කලක් පුරුදු කරණ ලද්ද මා පිට පෙරළුනේය. නුඹ විසින් නගනලද වාදය නිග්‍රහ කරණ ලද්දේය. වාදයෙන් මිදීම පිණිස හැසිරෙව. ඉදින් හැක්කෙහි නම් අවුල් හෝ ලිහවයි.’ වාදය නඟා ඉවත්ව ගියාහුය. මෙසේ පූරණ කාශ්‍යප තෙම ශ්‍රාවකයන්ගෙන් සත්කාර නොලද්දේ ගෞරව නොලද්දේ බුහුමන් නොලද්දේ නුපුදන ලද්දේ වේ. පූරණ කාශ්‍යපයන් ශ්‍රාවකයෝ සත්කාර කොට ගෞරව කොට ඇසුරු කොට වාසය නොකරත්. පූරණ කාශ්‍යප තෙමේ ස්වභාවික ආක්‍රොශයෙන් ආක්‍රොශ කරණ ලද්දේ වේයයි, (සමහරු කීහ)
ඇතැම්හු මෙසේ කීහ. ‘මේ මක්ඛලි ගොසාල තෙමේද සමූහයා ඇත්තේද, ශිෂ්‍ය පිරිසට ආචාර්ය වූයේද, ප්‍රසිද්ධ වූයේද, යසස් ඇත්තේද, තීර්ථකර වූයේද, බොහෝ දෙනා විසින් යහපතැයි සම්මත වූයේද වේ. හෙතෙමේද ශ්‍රාවකයන් ගෙන් සත්කාර නොලද්දේ. බුහුමන් නොලද්දේ, නොපුදන ලද්දේවේ. ශ්‍රාවකයෝ මක්ඛලි ගොසාලයන් සත්කාර කොට ගරු කොට ඇසුරු කොට වාසය නොකරත්. පෙරවූවක් කියමි. මක්ඛලි ගොසාල තෙමේ නොයෙක් සිය ගනන් පිරිසට ධර්මය දේශනා කරයි. එහි මක්ඛලි ගොසාලයාගේ එක්තරා ශ්‍රාවකයෙක් ‘පින්වත්නි මේ කාරණය මක්ඛලි ගොසාලයන් නොවිචාරව්. හෙතෙම මෙය නොදනියි. අපි මෙය දනිමු. මේ කාරණය අපගෙන් විචාරව්. අපි මෙය පින්වතුන්ට කියන්නෙමු’යි ශබ්ද කළේය. පෙරවූවක් කියමි. මක්ඛලි ගොසාල තෙම ‘පින්වත්නි, නිශ්ශබ්ද වෙත්වා පින්වත්නි, ශබ්ද නොකරව්. මොවහු පින්වතුන් නොවිචාරත්. මොවුහු අප විචාරත්. අපි මෙය ප්‍රකාශ කරන්නෙමු’යි දෙඅත් ඔසවා හඬන්නේ නොලැබීය. මක්ඛලි ගොසාලයාගේ බොහෝවූ ශ්‍රාවකයෝද වාද නගා බැහැර ගියාහු වෙත්. නුඹ මේ ධර්ම විනය නොදන්නෙහිය මම මේ ධර්ම විනය නොදන්නෙහිය. මම මේ ධර්ම විනය දනිමි. කිම නුඹ මේ ධර්ම විනය දැනගන්නෙහිද නුඹ වරදවා පිළිපන්නේ වෙහිය. මම මනාව පිළිපන්නේ වෙමි. මට වැඩ සහිතවේ. නුඹට වැඩ සහිත නොවේ. පළමු කිවයුත්ත පසුව කීයෙහිය. පසුව කියයුත්ත පළමු කීයෙහිය. නුඹ විසින් බොහෝ කලක් පුරුදු කරන ලද්ද මා පිට පෙරළුනේය. නුඹ විසින් නගනලද වාදය නිග්‍රහ කරන ලද්දේ වූයේය. වාදයෙන් මිදීම පිණිස හැසිරෙව. හැකි නම් නිරවුල් කරව (කියායි) මෙසේ මක්ඛලි ගොසාල තෙමේ ශ්‍රාවකයන් ගෙන් සත්කාර නොලද්දේ ගෞරව නොලද්දේ බුහුමන් නොලද්දේ පූජා නොලද්දේ වේ. මක්ඛලි ගොසාලයන් ශ්‍රාවකයෝද සත්කාර කොට, ගෞරව කොට ඇසුරු කර ගෙන වාසය නොකරත්. මක්ඛලි ගොසාල තෙමේ වනාහි ස්වාභාවික ආක්‍රොශයෙන් ආක්‍රොශ කරන ලද්දේ වෙයි.
සමහරු මෙසේ කීහ. මේ අජිතකෙසකම්බලී තෙමේද, සමූහයා ඇත්තේද, ශිෂ්‍ය පිරිස ඇත්තේද, ශිෂ්‍ය පිරිසට ආචාර්ය වූයේද, ප්‍රසිද්ධ වූයේද, යසස් ඇත්තේද, තීර්ථකර වූයේද, බොහෝ දෙනා විසින් යහපතැයි සම්මත වූයේද වේ. හෙතෙමේද ශ්‍රාවකයන්ගෙන් සත්කාර නොලද්දේ ගෞරව නොලද්දේ බුහුමන් නොලද්දේ නොපුදන ලද්දේ වේ. ශ්‍රාවකයෝ අජිතකෙසකම්බලයන් සත්කාර කොට ගරුකොට ඇසුරු කොට වාසය නොකරත්. පෙරවූවක් කියමි. අජිතකෙසකම්බලි තෙමේ නොයෙක් සිය ගණන් පිරිසට ධර්මය දේශනා කරයි. එහි අජිත කෙසකම්බලගේ එක්තරා ශ්‍රාවකයෙක් ‘පින්වත්නි, මේ කාරණය අජිත කෙසකම්බලයන්ගේ නොවිචාරව්, හෙතෙම මෙය නොදනියි. අපි මෙය දනිමු. මේ කාරණය අපගෙන් විචාරව්. අපි මෙය පින්වතුන්ට කියන්නෙමු’යි ශබ්ද කළේය. පෙරවූවක් කියමි. අජිතකෙසකම්බලි තෙම ‘පින්වත්නි, නිශ්ශබ්ද වෙත්වා. පින්වත්නි, ශබ්ද නොකරව්. මොවුහු පින්වතුන් නොවිචාරත්. මොවුහු අප විචාරත්. අපි මෙය ප්‍රකාශ කරන්නෙමු’යි දෙඅත් ඔසවා හඬන්නේ නොලැබීය. අජිත කෙසකම්බලිගේ බොහෝ වූ ශ්‍රාවකයෝද වාද නගා බැහැර ගියාහුවෙත්. ‘නුඹ මේ ධර්ම විනය නොදන්නෙහිය. මම මේ ධර්ම විනය දනිමි. කිම නුඹ මේ මේ ධර්ම විනය දැනගන්නෙහිද? නුඹ වරදවා පිළිපන්නේ වෙහිය. මම මනාව පිළිපන්නේ වෙමි. මට වැඩ සහිත වේ. නුඹට වැඩ සහිත නොවේ. පළමු කිවයුත්ත පසුව කීයෙහිය පසුව කිවයුත්ත පළමුකීයෙහිය. නුඹ විසින් බොහෝ කලක් පුරුදු කරන ලද්ද මා පිට පෙරලුනේය. නුඹ විසින් නගනලද වාදය නිග්‍රහ කරන ලද්දේ විය. වාදයෙන් මිදීම පිණිස හැසිරෙව. හැකිනම් නිරවුල් කරව, (කියායි). මෙසේ අජිත කෙසකම්බලි තෙමේ ශ්‍රාවකයන්ගෙන් සත්කාර නොලද්දේ ගෞරව නොලද්දේ බුහුමන් නොලද්දේ පූජා නොලද්දේ වේ. අජිත කෙසකම්බලයන් ශ්‍රාවකයෝද, සත්කාර කොට ගෞරව කොට ඇසුරු කරගෙන වාසය නොකරත්. අජිතකෙසකම්බලි තෙමේ වනාහි ස්වාභාවික ආක්‍රොශයෙන් ආක්‍රොශ කරණ ලද්දේ වෙයි.
සමහරු මෙසේ කීහ. මේ පකුධකච්චායන තෙමේද, සමූහයා ඇත්තේද ශිෂ්‍ය පිරිස ඇත්තේද, ශිෂ්‍ය පිරිසට ආචාර්ය වූයේද, ප්‍රසිද්ධ වූයේද, යසස් ඇත්තේද, තීර්ථකර වූයේද බොහෝ දෙනා විසින් යහපතැයි සම්මත වූයේද වේ. හෙතෙමේද ශ්‍රාවකයන් ගෙන් සත්කාර නොලද්දේ, ගෞරව නොලද්දේ, බුහුමන් නොලද්දේ, නොපුදන ලද්දේ වේ. ශ්‍රාවකයෝ පකුධකච්චායනයන් සත්කාර කොට, ගරු කොට, ඇසුරු කොට වාසය නොකරත්. පෙරවූවක් කියමි. පකුධකච්චායන තෙමේ නොයෙක් සියගනන් පිරිසට ධර්ම දේශනා කරයි. එහි පකුධකච්චායනගේ එක්තරා ශ්‍රාවකයෙක් ‘පින්වත්නි, මේ කාරණය පකුධකච්චායනයන් ගෙන් නොවිචාරව්. හෙතෙම මෙය නොදනියි. අපි මෙය නොදනිමු. මේ කාරණය අපගෙන් විචාරව්. අපි මෙය පින්වතුන්ට කියන්නෙමු’යි ශබ්ද කෙළේය. පෙර වූවක් කියමි. පකුධකුච්චායන තෙම ‘පින්වත්නි’ නිශ්ශබ්ද වෙත්වා. පින්වත්නි ශබ්ද නොකරව් මොවුහු පින්වතුන් නොවිචාරත් මොවුහු අපි විචාරත්. අපි මේ ප්‍රකාශ කරන්නෙමු’යි දෙඅත් ඔසවා හඬන්නේ නොලැබීය. පකුධකච්චායනගේ බොහෝවූ ශ්‍රාවකයෝද, වාද නගා බැහැර ගියාහු වෙත්. ‘නුඹ මේ ධර්ම විනය නොදන්නෙහිය. මම මේ ධර්ම විනය දනිමි. කිම නුඹ මේ ධර්මවිනය දන්නෙහිද? නුඹ වරදවා පිළිපන්නේ වෙහිය. මම මනාව පිළිපන්නේ වෙමි. මම වැඩ සහිතවේ. නුඹට වැඩ සහිත නොවේ. පළමු කිව යුත්ත පසුව කීයෙහිය පසුව කිව යුත්ත පළමු කීයෙහිය. නුඹ විසින් බොහෝ කලක් පුරුදු කරන ලද්ද මාපිට පෙරලුනේය. නුඹ විසින් නගන ලද වාදය නිග්‍රහ කරන ලද්දේ, එය වාදයෙන් මිදීම පිණිස හැසිරෙව හැකි නම් නිරවුල් කරව (කියායි) මෙසේ පකුධකච්චායන තෙමේ ශ්‍රාවකයන්ගෙන් සත්කාර නොලද්දේ ගෞරව නොලද්දේ, බුහුමන් නොලද්දේ, පූජා නොලද්දේ පකුධ කච්චායන ශ්‍රාවකයෝද සත්කාර කොට ගෞරවකොට ඇසුරු කරගෙන වාසය නොකරත්. පකුධකච්චායන තෙමේ වනාහි ස්වභාවික ආක්‍රොශයෙන් ආක්‍රොශ කරණ ලද්දේ වෙයි.
සමහරු මෙසේ කීහ. සඤ්ජයබෙල්ලට්ඨි පුත්ත තෙමේද සමූහයා ඇත්තේද, ශිෂ්‍ය පිරිස ඇත්තේද, ශිෂ්‍ය පිරිසට ආචාර්ය වූයේද, ප්‍රසිද්ධ වූයේද, යසස් ඇත්තේද, තීර්ථකර වූයේද, බොහෝ දෙනා විසින් යහපතැයි සම්මත වූයේද, වේ. හෙතෙමේද ශ්‍රාවකයන්ගෙන් සත්කාර නොලද්දේ ගෞරව නොලද්දේ, බුහුමන් නොලද්දේ, නොපුදන ලද්දේ වේ. ශ්‍රාවකයෝ සඤ්ජයබෙල්ලට්ඨි පුත්තයන් සත්කාර කොට, ගරු කොට, ඇසුරු කොට වාසය නොකරත්. පෙරවූවක් කියමි. සඤ්ජයබෙල්ලට්ඨි පුත්ත තෙමේ නොයෙක් සිය ගණන් පිරිසට ධර්ම දේශනා කරයි. එහි සඤ්ජයබෙල්ලට්ඨි පුත්තයන්ගේ එක්තරා ශ්‍රාවකයෙක් ‘පින්වත්නි, මේ කාරණය සඤ්ජයබෙල්ලට්ඨි පුත්තයන්ගෙන් නොවිචාරව්. හෙතෙම මෙය නොදනියි. අපි මෙය දනිමු. මේ කාරණය අපගෙන් විචාරයි. අපි මෙය පින්වතුන්ට කියා දෙන්නෙමු’යි ශබ්ද කෙළේය. පෙරවූවක් කියමි. සඤ්ජයබෙල්ලට්ඨි පුත්ත තෙම ‘පින්වත්නි’ නිශ්ශබ්ද වෙත්වා. පින්වත්නි ශබ්ද නොකරව්. මොවුහු පින්වතුන් නොවිචාරත්. මොවුහු අප විචාරත්. අප මෙය ප්‍රකාශ කරන්නෙමු’යි දෙ අත් ඔසවා හඬන්නේ නොලැබීය. සඤ්ජය බෙල්ලට්ඨි පුත්තගේ බොහෝ ශ්‍රාවකයෝද වාද නගා බැහැර ගියාහු වෙත් ‘නුඹ මේ ධර්ම විනය නොදන්නෙහිය. මම මේ ධර්ම විනය දන්නෙමි. කිම නුඹ මේ ධර්ම විනය දැන ගන්නෙහිද, නුඹ වරදවා පිළිපන්නේ වෙහිය. මම මනාව පිළිපන්නේ වෙමි. මම වැඩ සහිත වේ. නුඹට වැඩ සහිත නොවේ. පළමු කිව යුත්ත පසුව කීයෙහිය. පසුව කිව යුත්ත පළමු කීයෙහිය. නුඹ විසින් බොහෝ කලක් පුරුදු කරණ ලද්ද මා පිට පෙරලුනේය. නුඹ විසින් නගන ලද වාදය නිග්‍රහ කරන ලද්දේ එය වාදයෙන් මිදීම පිණිස හැසිරෙව. නැති නම් නිරවුල් කරව, (කියායි) මෙසේ සඤ්ජයබෙල්ලට්ඨි තෙමේ ශ්‍රාවකයන්ගෙන් සත්කාර නොලද්දේ ගෞරව නොලද්දේ, බුහුමන් නොලද්දේ පූජා නොලද්දේ වේ. සඤ්ජයබෙල්ලට්ඨි පුත්තයන් ශ්‍රාවකයෝද සත්කාර කොට, ගෞරව කොට, ඇසුරු කොට, වාසය නොකරත්. සඤ්ජයබෙල්ලට්ඨි පුත්ත තෙමේ වනාහි ස්වභාවික ආක්‍රොශයෙන් ආක්‍රොශ කරණ ලද්දේ වෙයි.
සමහරු, මෙසේ කීහ. නිගණ්ඨනාත පුත්‍ර තෙමේ සමූහයා ඇත්තේද ශිෂ්‍ය ගණයා ඇත්තේද, ශිෂ්‍යගණයාට ආචාර්යවූයේද, ප්‍රකටවූයේ යසස් ඇත්තේ ආගම් දේශනාකරන්නේ බොහෝදෙනා විසින් යහපතැයි සම්මත කරණ ලද්දේ වේ. හෙතෙමේද ශ්‍රාවකයන්ගෙන් සත්කාර නොලද්දේ ගෞරව නොලද්දේ බුහුමන් නොලද්දේ නුපුදන ලද්දේ වේ. ශ්‍රාවකයෝ නිගණ්ඨනාත පුත්‍රයන් සත්කාරකොට ගරුකොට ඇසුරු කොට වාසය නොකරත්. පෙරවූවක් කියමි. නිගණ්ඨනාත පුත්‍ර තෙමේ නොයෙක් සියගණන් පිරිසට ධර්මය දේශනා කරයි. එහි නිගණ්ඨනාත පුත්‍රයාගේ එක්තරා ශ්‍රාවකයෙක් ‘පින්වත්නි, මේ කාරණය නිගණ්ඨනාත පුත්‍රයන් නොවිචාරව්. හෙතෙම මෙය නොදනියි. අපි මෙය දනිමු. අප මේ කාරණය විචාරව්. අපි මෙය පින්වතුන්ට ප්‍රකාශ කරන්නෙමුයි’ ශබ්ද කෙළේය.
“තවද පෙර වූවක් කියමි. නිගණ්ඨනාත පුත්‍ර තෙම පින්වත්නි, නිශ්ශබ්ද වෙත්වා පින්වත්නි ශබ්ද නොකරව් මොවුහු පින්වතුන් නොවිචාරත්. මොවුහු අප විචාරත්. අපි මෙය ප්‍රකාශ කරන්නෙමුයි’ දෙඅත් ඔසවා හඬන්නේ නිශ්ශබ්ද කරවීම නොලැබීය. නිගණ්ඨනාත පුත්‍රයාගේ බොහෝවූ ශ්‍රාවකයෝද ‘නුඹ මේ ධර්ම විනය නොදන්නෙහිය. මම මේ ධර්ම විනය දනිමි. කිම නුඹ මේ ධර්ම විනය දැනගන්නෙහිද? නුඹ වරදවා පිළිපන්නේ වෙහිය. මම මනාව පිළිපන්නේ වෙමි. මගේ කීම කරුණු සහිතය. නුඹගේ කීම කරුණු සහිත නොවේ. පළමු කියයුත්ත පසුව කීයෙහිය. පසුව කියයුත්ත පළමු කීයෙහිය. නුඹ විසින් බොහෝ කලක් පුරුදු කරණ ලද්ද මාපිට පෙරළුනේය. නුඹ විසින් නගනලද වාදය තෙම නිග්‍රහ කරණ ලද්දේ වූයේය. වාදයෙන් මිදීම පිණිස හැසිරෙව. හැක්කෙහි නම් නිරවුල් හෝ කරවයි’ වාද නඟා ඉවත්ව ගියහ. මෙසේ නිගණ්ඨනාත පුත්‍ර තෙමේ ශ්‍රාවකයන්ගෙන් සත්කාර නොලද්දේ ගෞරව නොලද්දේ බුහුමන් නොලද්දේ පූජා නොලද්දේ වේ. ශ්‍රාවකයෝද නිගණ්ඨනාත පුත්‍රයන් සත්කාරකොට ගෞරවකොට ඇසුරුකොට වාසය නොකරත්. නිගණ්ඨනාත පුත්‍ර තෙමේ වනාහි ස්වාභාවික ආක්‍රොශයෙන් ආක්‍රොශ කරණ ලද්දේ ද වේයයි
240
‘‘එකච්චෙ එවමාහංසු - ‘අයම්පි ඛො සමණො ගොතමො සඞ්ඝී චෙව ගණී ච ගණාචරියො ච ඤාතො යසස්සී තිත්ථකරො සාධුසම්මතො බහුජනස්ස; සො ච ඛො සාවකානං සක්කතො ගරුකතො මානිතො පූජිතො, සමණඤ්ච පන ගොතමං සාවකා සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරන්ති. භූතපුබ්බං සමණො ගොතමො අනෙකසතාය පරිසාය ධම්මං දෙසෙසි. තත්‍රඤ්ඤතරො සමණස්ස ගොතමස්ස සාවකො උක්කාසි. තමෙනාඤ්ඤතරො සබ්‍රහ්මචාරී ජණ්ණුකෙන (ජණ්ණුකෙ (සී.)) ඝට්ටෙසි - ‘‘අප්පසද්දො ආයස්මා හොතු, මායස්මා සද්දමකාසි, සත්ථා නො භගවා ධම්මං දෙසෙසී’’ති. යස්මිං සමයෙ සමණො ගොතමො අනෙකසතාය පරිසාය ධම්මං දෙසෙති, නෙව තස්මිං සමයෙ සමණස්ස ගොතමස්ස සාවකානං ඛිපිතසද්දො වා හොති උක්කාසිතසද්දො වා. තමෙනං මහාජනකායො පච්චාසීසමානරූපො (පච්චාසිං සමානරූපො (සී. ස්‍යා. කං. පී.)) පච්චුපට්ඨිතො හොති - ‘‘යං නො භගවා ධම්මං භාසිස්සති තං නො සොස්සාමා’’ති. සෙය්‍යථාපි නාම පුරිසො චාතුම්මහාපථෙ ඛුද්දමධුං (ඛුද්දං මධුං (සී. ස්‍යා. කං. පී.)) අනෙලකං පීළෙය්‍ය (උප්පීළෙය්‍ය (සී.)). තමෙනං මහාජනකායො පච්චාසීසමානරූපො පච්චුපට්ඨිතො අස්ස. එවමෙව යස්මිං සමයෙ සමණො ගොතමො අනෙකසතාය පරිසාය ධම්මං දෙසෙති, නෙව තස්මිං සමයෙ සමණස්ස ගොතමස්ස සාවකානං ඛිපිතසද්දො වා හොති උක්කාසිතසද්දො වා. තමෙනං මහාජනකායො පච්චාසීසමානරූපො පච්චුපට්ඨිතො හොති - ‘‘යං නො භගවා ධම්මං භාසිස්සති තං නො සොස්සාමා’’ති. යෙපි සමණස්ස ගොතමස්ස සාවකා සබ්‍රහ්මචාරීහි සම්පයොජෙත්වා සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තන්ති තෙපි සත්ථු චෙව වණ්ණවාදිනො හොන්ති, ධම්මස්ස ච වණ්ණවාදිනො හොන්ති, සඞ්ඝස්ස ච වණ්ණවාදිනො හොන්ති, අත්තගරහිනොයෙව හොන්ති අනඤ්ඤගරහිනො, ‘‘මයමෙවම්හා අලක්ඛිකා මයං අප්පපුඤ්ඤා තෙ මයං එවං ස්වාක්ඛාතෙ ධම්මවිනයෙ පබ්බජිත්වා නාසක්ඛිම්හා යාවජීවං පරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං චරිතු’’න්ති. තෙ ආරාමිකභූතා වා උපාසකභූතා වා පඤ්චසික්ඛාපදෙ සමාදාය වත්තන්ති. ඉති සමණො ගොතමො සාවකානං සක්කතො ගරුකතො මානිතො පූජිතො, සමණඤ්ච පන ගොතමං සාවකා සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරන්තී’’’ති.
240
ඇතැම්හු මෙසේ කීහ. “මේ ශ්‍රමණ ගෞතම තෙමේ වනාහි සංඝයා ඇත්තේද ශිෂ්‍යගණයා ඇත්තේද, ශිෂ්‍ය සමූහයාට ආචාර්ය වූයේද ප්‍රකට වූයේ යසස් ඇත්තේ ආගම් දේශනාකරන්නේ බොහෝ දෙනා විසින් යහපතැයි සම්මතද වේ. හෙතෙමේ වනාහි ශ්‍රාවකයන් විසින්ද සත්කාර කරණ ලද්දේ ගෞරව කරණ ලද්දේ, බුහුමන් කරණ ලද්දේ, පූජා කරණ ලද්දේ වේ. ශ්‍රාවකයෝ ශ්‍රමණ ගෞතමයන් සත්කාරකොට ගෞරවකොට ඇසුරුකොට වාසය කරත්. පෙර වූවක් කියමි. ශ්‍රමණ ගෞතම තෙම නොයෙක් සියගණන් පිරිසට ධර්මය දේශනා කරයි. එහි ශ්‍රමණ ගෞතමයන්ගේ එක්තරා ශ්‍රාවකයෙක් කෑරූයේය. ඔහුට එක්තරා බ්‍රහ්මචාරී කෙනෙක් ‘ආයුෂ්මත් තෙමේ නිශ්ශබ්ද වේවා. ආයුෂ්මත් තෙමේ ශබ්ද නොකරේවා. අපගේ ශාස්තෘවූ භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කෙරේයයි,’ දනින් ගැටීම කෙළේය. යම් කලෙක්හි ශ්‍රමණ ගෞතම තෙමේ නොයෙක් සිය ගණන් පිරිසට ධර්මය දේශනා කෙරේද, එකල්හි ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයන්ගේ කිවිසිලි ශබ්දයක් හෝ කෑරුම් ශබ්දයක් හෝ නොමවේ. ජනසමූහය තෙම භාග්‍යවතුන් වහන්සේ අපට යම් ධර්මයක් දේශනා කරන්නේද, එය අපි අසන්නෙමුයි එය බලාපොරොත්තුවෙයි. යම්සේ පුරුෂයෙක් සතරමංසන්ධියෙක්හි මැස්සන් පහවගිය දඬුවැල් මීයක් කඩන්නේද, යම්සේ මහජන සමූහ තෙම එය බලාපොරොත්තුවෙන් පැමිණ සිටින්නේද, එපරිද්දෙන්ම යම් කලෙක්හි ශ්‍රමණ ගෞතම තෙම නොයෙක් සිය ගණන් පිරිසට ධර්මය දේශනා කෙරේද, එකල්හි ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයන්ගේ කිවිසුම් ශබ්දයක් හෝ කෑරීම් ශබ්දයක් හෝ නොම වේ. එය මහජන සමූහ තෙමේ අපට භාග්‍යවතුන් වහන්සේ යම් ධර්මයක් දේශනා කරන්නේද, එය අපි අසන්නෙමුයි බලාපොරොත්තුවෙන් පැමිණ සිටියේ වෙයි. ශ්‍රමණ ගෞතමයන්ගේ යම් ශ්‍රාවකයෝත් සබ්‍රම්සරුන් හා යම් සුලු අරගලයක්කොට ශික්ෂා ප්‍රත්‍යක්ඛ්‍යානය (උපසම්පදාව ඉවත්කිරීම) කොට ගිහි බවට පැමිණෙත්ද, ඔව්හුද ශාස්තෘහුගේ ගුණ කියන්නෝ වෙති. ධර්මයෙහි ගුණ කියන්නෝ වෙති. සංඝයාගේ ගුණ කියන්නෝ වෙති. තමහට ගර්හා කරන්නාහුම වෙත්. යම්බඳු අපි මෙබඳු මනාව ප්‍රකාශ කරණ ලද ශාසනයෙහි පැවිදිව දිවි හිමියෙන් සම්පූර්ණකොට පිරිසිදුකොට බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්ට නොහැකිවීමුද, මෙහි අපිම කාලකන්නිවූවෝ වෙමු. අපි මද පින් ඇත්තෝ වෙමු යනුවෙනි. අනුන්ට ගරහන්නෝ නොවෙත්. ඔව්හු ආරාමික වූවාහු හෝ උපාසක වූවාහු හෝ පඤ්චසීලයන් සමාදන්ව පවතිත්. මෙසේ ශ්‍රමණ ගෞතම තෙම ශ්‍රාවකයන් විසින් සත්කාර කරණ ලද්දේ, ගෞරව කරණ ලද්දේ බුහුමන් කරණ ලද්දේ, පූජාකරණ ලද්දේ වේ. ශ්‍රාවකයෝ ශ්‍රමණ ගෞතමයන්ද සත්කාරකොට ගරුකොට ඇසුරුකොට වාසය කරන්නේයයි කීහ.
241
‘‘කති පන ත්වං, උදායි, මයි ධම්මෙ සමනුපස්සසි, යෙහි මමං (මම (සබ්බත්ථ)) සාවකා සක්කරොන්ති ගරුං කරොන්ති (ගරුකරොන්ති (සී. ස්‍යා. කං. පී.)) මානෙන්ති පූජෙන්ති, සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරන්තී’’ති? ‘‘පඤ්ච ඛො අහං, භන්තෙ, භගවති ධම්මෙ සමනුපස්සාමි යෙහි භගවන්තං සාවකා සක්කරොන්ති ගරුං කරොන්ති මානෙන්ති පූජෙන්ති, සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරන්ති. කතමෙ පඤ්ච? භගවා හි, භන්තෙ, අප්පාහාරො, අප්පාහාරතාය ච වණ්ණවාදී. යම්පි, භන්තෙ, භගවා අප්පාහාරො, අප්පාහාරතාය ච වණ්ණවාදී ඉමං ඛො අහං, භන්තෙ, භගවති පඨමං ධම්මං සමනුපස්සාමි යෙන භගවන්තං සාවකා සක්කරොන්ති ගරුං කරොන්ති මානෙන්ති පූජෙන්ති, සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරන්ති.
‘‘පුන චපරං, භන්තෙ, භගවා සන්තුට්ඨො ඉතරීතරෙන චීවරෙන, ඉතරීතරචීවරසන්තුට්ඨියා ච වණ්ණවාදී. යම්පි, භන්තෙ, භගවා සන්තුට්ඨො ඉතරීතරෙන චීවරෙන, ඉතරීතරචීවරසන්තුට්ඨියා ච වණ්ණවාදී, ඉමං ඛො අහං, භන්තෙ, භගවති දුතියං ධම්මං සමනුපස්සාමි යෙන භගවන්තං සාවකා සක්කරොන්ති ගරුං කරොන්ති මානෙන්ති පූජෙන්ති, සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරන්ති.
‘‘පුන චපරං, භන්තෙ, භගවා සන්තුට්ඨො ඉතරීතරෙන පිණ්ඩපාතෙන, ඉතරීතරපිණ්ඩපාතසන්තුට්ඨියා ච වණ්ණවාදී. යම්පි, භන්තෙ, භගවා සන්තුට්ඨො ඉතරීතරෙන පිණ්ඩපාතෙන, ඉතරීතරපිණ්ඩපාතසන්තුට්ඨියා ච වණ්ණවාදී, ඉමං ඛො අහං, භන්තෙ, භගවති තතියං ධම්මං සමනුපස්සාමි යෙන භගවන්තං සාවකා සක්කරොන්ති ගරුං කරොන්ති මානෙන්ති පූජෙන්ති, සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරන්ති.
‘‘පුන චපරං, භන්තෙ, භගවා සන්තුට්ඨො ඉතරීතරෙන සෙනාසනෙන, ඉතරීතරසෙනාසනසන්තුට්ඨියා ච වණ්ණවාදී. යම්පි, භන්තෙ, භගවා සන්තුට්ඨො ඉතරීතරෙන සෙනාසනෙන, ඉතරීතරසෙනාසනසන්තුට්ඨියා ච වණ්ණවාදී, ඉමං ඛො අහං, භන්තෙ, භගවති චතුත්ථං ධම්මං සමනුපස්සාමි යෙන භගවන්තං සාවකා සක්කරොන්ති ගරුං කරොන්ති මානෙන්ති පූජෙන්ති, සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරන්ති.
‘‘පුන චපරං, භන්තෙ, භගවා පවිවිත්තො, පවිවෙකස්ස ච වණ්ණවාදී . යම්පි, භන්තෙ, භගවා පවිවිත්තො, පවිවෙකස්ස ච වණ්ණවාදී, ඉමං ඛො අහං, භන්තෙ, භගවති පඤ්චමං ධම්මං සමනුපස්සාමි යෙන භගවන්තං සාවකා සක්කරොන්ති ගරුං කරොන්ති මානෙන්ති පූජෙන්ති, සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරන්ති.
‘‘ඉමෙ ඛො අහං, භන්තෙ, භගවති පඤ්ච ධම්මෙ සමනුපස්සාමි යෙහි භගවන්තං සාවකා සක්කරොන්ති ගරුං කරොන්ති මානෙන්ති පූජෙන්ති, සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරන්තී’’ති.
241
“උදායීය, යමකින් මාගේ ශ්‍රාවකයෝ සත්කාර කෙරෙත්ද ගෞරව කෙරෙත්ද, බුහුමන් කෙරෙත්ද, පුදත්ද, සත්කාර කොට ගෞරවකොට ඇසුරුකොට වාසය කෙරෙත්ද, එබඳු ධර්මකෙනෙක් නුඹ දන්නෙහිද?” “ස්වාමීනි, මම යමකින් භාග්‍යවතුන් වහන්සේට ශ්‍රාවකයෝ සත්කාර කෙරෙත්ද, ගෞරව කෙරෙත්ද, බුහුමන් කෙරෙත්ද, පුදත්ද, සත්කාර කොට, ගෞරවකොට, ඇසුරුකොට වාසය කෙරෙත්ද, එබඳු ධර්ම පසක් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි දක්නෙමි. කවර පසක්ද? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ වනාහි ස්වල්ප ආහාර ඇත්තේ ස්වල්ප ආහාර ඇති බැව්හි ගුණ කියන්නේද වේ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ස්වල්ප ආහාර ඇත්තේ, ස්වල්ප ආහාර ඇති බැව්හි ගුණ කියන්නේත් වේය යන යමක් ඇද්ද, ස්වාමීනි යමකින් භාග්‍යවතුන් වහන්සේට ශ්‍රාවකයෝ සත්කාර කෙරෙත්ද, ගෞරව කෙරෙත්ද, බුහුමන් කෙරෙත්ද, පූජා කෙරෙත්ද, සත්කාරකොට, ගෞරවකොට, ඇසුරුකොට වාසය කෙරෙත්ද, මේ පළමුවන ධර්මය වනාහි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මම දක්නෙමි.
“නැවත අනිකක්ද කියමි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ලාමක ලාමක සිව්රකින් සතුටුවූයේ ලාමක ලාමක සිව්රකින් සන්තෝෂ වීමෙහි ගුණ කියන්නේද වේ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ලාමක ලාමක සිවුරකින් සතුටුවූයේ ලාමක ලාමක සිව්රකින් සත්තොෂ වීමෙහි ගුණ කියන්නේත් වේය යන යමක් වේද, ස්වාමීනි, යමකින් භාග්‍යවතුන් වහන්සේට ශ්‍රාවකයෝ සත්කාර කෙරෙත්ද, ගෞරව කෙරෙත්ද බුහුමන් කෙරෙත්ද පූජා කෙරෙත්ද, සත්කාර කොට ගෞරව කොට ඇසුරු කොට වාසය කෙරෙත්ද මේ දෙවන ධර්මය වනාහි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මම දක්නෙමි.
“නැවත අනිකක්ද කියමි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ලාමක ලාමකවූ ආහාරයෙන් සතුටුවූයේ ලාමක ලාමක ආහාරයෙන් සන්තෝෂ විමෙහි ගුණකියන්නේද වේ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ලාමක ලාමක ආහාරයෙන් සතුටුවූයේ ලාමක ලාමක ආහාරයෙන් සතුටුවීමෙහි ගුණ කියන්නේත් වේය යන යමක් ඇද්ද, ස්වාමීනි යමකින් භාග්‍යවතුන් වහන්සේට ශ්‍රාවකයෝ සත්කාර කෙරෙත්ද, ගෞරව කෙරෙත්ද, බුහුමන් කෙරෙත්ද, පූජා කෙරෙත්ද සත්කාර කොට ගෞරව කොට ඇසුරු කොට වාසය කෙරෙත්ද, මම මේ තුන්වන ධර්මය භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි දක්නෙමි.
“නැවත අනිකක්ද කියමි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ලාමක ලාමක සෙනාසනයෙන් සතුටුවූයේ ලාමක ලාමක සේනාසනයෙන් සතුටුවීමෙහි ගුණ කියන්නේද වේ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ලාමක ලාමක සෙනාසනයෙන් සතුටුවූයේ ලාමක ලාමක සෙනාසනයෙහි සතුටුවීමෙහි ගුණ කියන්නේත් වේය යන යමක්වේද, ස්වාමීනි, යමකින් භාග්‍යවතුන් වහන්සේට ශ්‍රාවකයෝ සත්කාර කෙරෙත්ද, ගෞරව කෙරෙත්ද, බුහුමන් කෙරෙත්ද, පූජා කෙරෙත්ද, සත්කාර කොට ගෞරවකොට ඇසුරු කොට වාසය කෙරෙත්ද, මේ සතරවන ධර්මය භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මම දක්නෙමි.
“නැවත අනිකක්ද කියමි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ උතුම් විවේක ඇත්තේ උතුම් විවේකයාගේ ගුණ කියන්නේද වේ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ උතුම් විවේක ඇත්තේ උතුම් විවේකයාගේ ගුණ කියන්නේත් වෙයි යන යමක් වේද, ස්වාමීනි, යමකින් භාග්‍යවතුන් වහන්සේට ශ්‍රාවකයෝ සත්කාර කෙරෙත්ද, ගෞරව කෙරෙත්ද බුහුමන් කෙරෙත්ද පූජා කෙරෙත්ද සත්කාර කොට ගෞරව කොට ඇසුරු කොට වාසය කෙරෙත්ද මේ පස්වන ධර්මය මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි දක්නෙමියි’ කීයේය.
“ස්වාමීනි, යමකින් භාග්‍යවතුන් වහන්සේට ශ්‍රාවකයෝ සත්කාර කෙරෙත්ද ගෞරව කෙරෙත්ද බුහුමන් කෙරෙත්ද පුදත්ද, සත්කාර කොට ගෞරව කොට ඇසුරු කරගෙන වාසය කෙරෙත්ද ඒ මේ ධර්ම පස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මම දක්නෙමියි” කීයේය.
242
‘‘‘අප්පාහාරො සමණො ගොතමො, අප්පාහාරතාය ච වණ්ණවාදී’ති, ඉති චෙ මං, උදායි, සාවකා සක්කරෙය්‍යුං ගරුං කරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං, සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරෙය්‍යුං, සන්ති ඛො පන මෙ, උදායි, සාවකා කොසකාහාරාපි අඩ්ඪකොසකාහාරාපි බෙලුවාහාරාපි අඩ්ඪබෙලුවාහාරාපි. අහං ඛො පන, උදායි, අප්පෙකදා ඉමිනා පත්තෙන සමතිත්තිකම්පි භුඤ්ජාමි භිය්‍යොපි භුඤ්ජාමි. ‘අප්පාහාරො සමණො ගොතමො, අප්පාහාරතාය ච වණ්ණවාදී’ති, ඉති චෙ මං, උදායි, සාවකා සක්කරෙය්‍යුං ගරුං කරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං, සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරෙය්‍යුං, යෙ තෙ, උදායි, මම සාවකා කොසකාහාරාපි අඩ්ඪකොසකාහාරාපි බෙලුවාහාරාපි අඩ්ඪබෙලුවාහාරාපි න මං තෙ ඉමිනා ධම්මෙන සක්කරෙය්‍යුං ගරුං කරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං, සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරෙය්‍යුං.
‘‘‘සන්තුට්ඨො සමණො ගොතමො ඉතරීතරෙන චීවරෙන, ඉතරීතරචීවරසන්තුට්ඨියා ච වණ්ණවාදී’ති, ඉති චෙ මං, උදායි, සාවකා සක්කරෙය්‍යුං ගරුං කරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං, සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරෙය්‍යුං, සන්ති ඛො පන මෙ, උදායි, සාවකා පංසුකූලිකා ලූඛචීවරධරා තෙ සුසානා වා සඞ්කාරකූටා වා පාපණිකා වා නන්තකානි (පාපණිකානි වා නන්තකානි වා (සී.)) උච්චිනිත්වා (උච්ඡින්දිත්වා (ක.)) සඞ්ඝාටිං කරිත්වා ධාරෙන්ති. අහං ඛො පනුදායි, අප්පෙකදා ගහපතිචීවරානි ධාරෙමි දළ්හානි සත්ථලූඛානි අලාබුලොමසානි. ‘සන්තුට්ඨො සමණො ගොතමො ඉතරීතරෙන චීවරෙන, ඉතරීතරචීවරසන්තුට්ඨියා ච වණ්ණවාදී’ති, ඉති චෙ මං, උදායි, සාවකා සක්කරෙය්‍යුං ගරුං කරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං, සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරෙය්‍යුං, යෙ තෙ, උදායි, මම සාවකා පංසුකූලිකා ලූඛචීවරධරා තෙ සුසානා වා සඞ්කාරකූටා වා පාපණිකා වා නන්තකානි උච්චිනිත්වා සඞ්ඝාටිං කරිත්වා ධාරෙන්ති, න මං තෙ ඉමිනා ධම්මෙන සක්කරෙය්‍යුං ගරුං කරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං, සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරෙය්‍යුං.
‘‘‘සන්තුට්ඨො සමණො ගොතමො ඉතරීතරෙන පිණ්ඩපාතෙන, ඉතරීතරපිණ්ඩපාතසන්තුට්ඨියා ච වණ්ණවාදී’ති, ඉති චෙ මං, උදායි, සාවකා සක්කරෙය්‍යුං ගරුං කරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං, සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරෙය්‍යුං, සන්ති ඛො පන මෙ, උදායි, සාවකා පිණ්ඩපාතිකා සපදානචාරිනො උඤ්ඡාසකෙ වතෙ රතා, තෙ අන්තරඝරං පවිට්ඨා සමානා ආසනෙනපි නිමන්තියමානා න සාදියන්ති. අහං ඛො පනුදායි, අප්පෙකදා නිමන්තනෙපි (නිමන්තනස්සාපි (ක.)) භුඤ්ජාමි සාලීනං ඔදනං විචිතකාළකං අනෙකසූපං අනෙකබ්‍යඤ්ජනං. ‘සන්තුට්ඨො සමණො ගොතමො ඉතරීතරෙන පිණ්ඩපාතෙන, ඉතරීතරපිණ්ඩපාතසන්තුට්ඨියා ච වණ්ණවාදී’ති, ඉති චෙ මං, උදායි, සාවකා සක්කරෙය්‍යුං ගරුං කරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං, සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරෙය්‍යුං, යෙ තෙ, උදායි, මම සාවකා පිණ්ඩපාතිකා සපදානචාරිනො උඤ්ඡාසකෙ වතෙ රතා තෙ අන්තරඝරං පවිට්ඨා සමානා ආසනෙනපි නිමන්තියමානා න සාදියන්ති, න මං තෙ ඉමිනා ධම්මෙන සක්කරෙය්‍යුං ගරුං කරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං, සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරෙය්‍යුං.
‘‘‘සන්තුට්ඨො සමණො ගොතමො ඉතරීතරෙන සෙනාසනෙන, ඉතරීතරසෙනාසනසන්තුට්ඨියා ච වණ්ණවාදී’ති, ඉති චෙ මං, උදායි, සාවකා සක්කරෙය්‍යුං ගරුං කරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං, සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරෙය්‍යුං, සන්ති ඛො පන මෙ, උදායි, සාවකා රුක්ඛමූලිකා අබ්භොකාසිකා, තෙ අට්ඨමාසෙ ඡන්නං න උපෙන්ති. අහං ඛො පනුදායි, අප්පෙකදා කූටාගාරෙසුපි විහරාමි උල්ලිත්තාවලිත්තෙසු නිවාතෙසු ඵුසිතග්ගළෙසු (ඵුස්සිතග්ගළෙසු (සී. පී.)) පිහිතවාතපානෙසු. ‘සන්තුට්ඨො සමණො ගොතමො ඉතරීතරෙන සෙනාසනෙන, ඉතරීතරසෙනාසනසන්තුට්ඨියා ච වණ්ණවාදී’ති, ඉති චෙ මං, උදායි, සාවකා සක්කරෙය්‍යුං ගරුං කරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං, සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරෙය්‍යුං, යෙ තෙ, උදායි, මම සාවකා රුක්ඛමූලිකා අබ්භොකාසිකා තෙ අට්ඨමාසෙ ඡන්නං න උපෙන්ති, න මං තෙ ඉමිනා ධම්මෙන සක්කරෙය්‍යුං ගරුං කරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං, සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරෙය්‍යුං.
‘‘‘පවිවිත්තො සමණො ගොතමො, පවිවෙකස්ස ච වණ්ණවාදී’ති, ඉති චෙ මං, උදායි, සාවකා සක්කරෙය්‍යුං ගරුං කරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං, සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරෙය්‍යුං, සන්ති ඛො පන මෙ, උදායි, සාවකා ආරඤ්ඤිකා පන්තසෙනාසනා අරඤ්ඤවනපත්ථානි පන්තානි සෙනාසනානි අජ්ඣොගාහෙත්වා විහරන්ති, තෙ අන්වද්ධමාසං සඞ්ඝමජ්ඣෙ ඔසරන්ති පාතිමොක්ඛුද්දෙසාය. අහං ඛො පනුදායි, අප්පෙකදා ආකිණ්ණො විහරාමි භික්ඛූහි භික්ඛුනීහි උපාසකෙහි උපාසිකාහි රඤ්ඤා රාජමහාමත්තෙහි තිත්ථියෙහි තිත්ථියසාවකෙහි. ‘පවිවිත්තො සමණො ගොතමො, පවිවෙකස්ස ච වණ්ණවාදී’ති, ඉති චෙ මං, උදායි, සාවකා සක්කරෙය්‍යුං ගරුං කරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං, සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරෙය්‍යුං, යෙ තෙ, උදායි, මම සාවකා ආරඤ්ඤකා පන්තසෙනාසනා අරඤ්ඤවනපත්ථානි පන්තානි සෙනාසනානි අජ්ඣොගාහෙත්වා විහරන්ති තෙ අන්වද්ධමාසං සඞ්ඝමජ්ඣෙ ඔසරන්ති පාතිමොක්ඛුද්දෙසාය, න මං තෙ ඉමිනා ධම්මෙන සක්කරෙය්‍යුං ගරුං කරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං, සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරෙය්‍යුං.
‘‘ඉති ඛො, උදායි, න මමං සාවකා ඉමෙහි පඤ්චහි ධම්මෙහි සක්කරොන්ති ගරුං කරොන්ති මානෙන්ති පූජෙන්ති, සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරන්ති.
242
“උදායීය, ශ්‍රමණ ගෞතමතෙම ස්වල්ප ආහාර ඇත්තේ ස්වල්ප ආහාර ඇති බැව්හි ගුණ කියන්නේත් වේයයි, ඉදින් මෙසේ මට ශ්‍රාවකයෝ සත්කාර කරන්නාහු නම් ගෞරව කරන්නාහු නම් බුහුමන් කරන්නාහු නම් පූජා කරන්නාහු නම් සත්කාර කොට ගෞරව කොට ඇසුරු කරගෙණ වාසය කරන්නාහු නම්, උදායීය, මාගේ ශ්‍රාවකයෝ වනාහි එක් කුඩා බඳුනක ආහාර වළඳා ජීවත් වන්නෝද වෙත්. එයින් බාගයක් වළඳා ජීවත් වන්නෝද වෙත්. බෙලිගෙඩියක් පමණ ආහාර වළඳා ජීවත් වන්නෝද, බෙලිගෙඩි බාගයක් පමණ ආහාර වළඳා ජීවත් වන්නෝද වෙත්. උදායීය මම වනාහි සමහර දවසක මේ පාත්‍රයෙන් මුවවිට දක්වාද වළඳමි, වැඩියක්ද වළඳමි, ශ්‍රමණ ගෞතම තෙමේ ස්වල්ප ආහාර ඇත්තේ ස්වල්ප ආහාර ඇතිබැව්හි ගුණ කියන්නේත් වේයයි, උදායීය, ඉදින් මට මෙසේ ශ්‍රාවකයෝ සත්කාර කරන්නාහු නම් ගෞරව කරන්නාහු නම් බුහුමන් කරන්නාහු නම් පූජා කරන්නාහු නම් සත්කාරකොට ගෞරවකොට ඇසුරුකොට වාසය කරන්නාහු නම් උදායීය, මාගේ යම් ඒ ශ්‍රාවකයෝ කුඩා භාජනයක ආහාර වළඳා ජීවත් වන්නෝද එයින් බාගයක් වළඳා ජීවත් වන්නෝද බෙලි ගෙඩියක් පමණ ආහාර වළඳන්නෝද බෙලිගෙඩි බාගයක් පමණ ආහාර වළඳන්නේද ඔව්හු මට මේ කාරණයෙන් සත්කාර නොකරන්නාහුය. ගෞරව නොකරන්නාහුය, බුහුමන් නොකරන්නාහුය. පූජා නොකරන්නාහුය, සත්කාර කොට ගෞරව කොට ඇසුරු කොට වාසය නොකරන්නාහුය.
“ශ්‍රමණ ගෞතමතෙම ලාමක ලාමක සිවුරකින් සතුටුවූයේ ලාමක ලාමක සිවුරකින් සන්තොෂ වීමෙහි ගුණ කියන්නේත් වේයයි, උදායීය, ඉදින් මට මෙසේ ශ්‍රාවකයෝ සත්කාර කරන්නාහු නම්, ගෞරව කරන්නාහු නම්, බුහුමන් කරන්නාහු නම්, පූජා කරන්නාහු නම් සත්කාර කොට ගෞරව කොට, ඇසුරු කොට වාසය කරන්නාහු නම්, උදායීය, රළු සිවුරු දරන්නාවූ පංශුකූලිකවූ මාගේ ශ්‍රාවකයෝ වෙත්මය. ඔව්හු සොහොනෙන් හෝ කසලගොඩෙන් හෝ අවුලාගත් වස්ත්‍ර හෝ (කඩපිල් ලඟ දැමූ) වස්ත්‍ර හෝ කෙළවරවල් නැති වස්ත්‍රවලින් එකතුකොට සඟල සිවුරක් කොට දරත්. උදායීය, මම වනාහි සමහර දවසක දළවූ රූක්ෂවූද ලබු වැලෙහි බූව වැනි සියුම් නූලෙන් වියනලද සියුම්වූද ගෘහපතියන් විසින් දෙනලද සිවුරු දරමි. ශ්‍රමණ ගෞතම තෙම ලාමක ලාමක සිවුරෙන් සතුටුවූයේ ලාමක ලාමක සිවුරෙන් සන්තොෂ වීමෙහි ගුණකියන්නේත් වේයයි උදායීය, ඉදින් මෙසේ මට ශ්‍රාවකයෝ සත්කාර කරන්නාහුද ගෞරව කරන්නාහුද, බුහුමන් කරන්නාහුද, පුදන්නාහුද සත්කාර කොට, ගෞරව කොට, ඇසුරු කොට වාසය කරන්නාහුද, උදායීය, යම් ඒ මාගේ ශ්‍රාවකයෝ පාංශුකූලිකවූවාහු රළු සිවුරු දරන්නාහු සොහොනෙන් හෝ කසල ගොඩෙන් හෝ අව්ලාගත් වස්ත්‍ර හෝ කඩපිල් ලඟ දැමූ වස්ත්‍ර හෝ කෙළවරවල් නැති දිරූ වස්ත්‍රයෙන් එකතුකොට සඟල සිවුරක්කොට දරත්ද, ඒ ශ්‍රාවකයෝ මට මේ කාරණයෙන් සත්කාර නොකරන්නාහුය. ගෞරව නොකරන්නාහුය. බුහුමන් නොකරන්නාහුය, පූජා නොකරන්නාහුය, සත්කාර කොට ගෞරව කොට ඇසුරු කොට වාසය නොකරන්නාහුය.
“ශ්‍රමණ ගෞතම තෙම ලාමක ලාමක ආහාරයෙන් සතුටු වූයේ ලාමක ලාමක ආහාරයෙන් සන්තොෂ වීමෙහි ගුණ කියන්නේත් වේයයි, උදායීය, ඉදින් මෙසේ මට ශ්‍රාවකයෝ සත්කාර කරන්නාහුද ගෞරව කරන්නාහුද බුහුමන් කරන්නාහුද පුදන්නාහුද සත්කාර කොට ගෞරව කොට ඇසුරු කොට වාසය කරන්නාහුද, උදායීය, මාගේ ශ්‍රාවකයෝ වනාහි පිණ්ඩපාතිකවූවෝ ගෙපිළිවෙළින් හැසිරෙන්නේ පිඩු සිඟන වතෙහි ඇළුනෝ වෙත්. ඔව්හු ගමට පැමිණියාහු හිඳීමට කැඳවනු ලැබුවාහුද නොඉවසත්. උදායීය, මම වනාහි සමහර දවසක ආරාධනා ලැබූ තැන්වලද අව්ලාදමන ලද කලු ඇට ඇති නොයෙක් සූප ව්‍යඤ්ජන ඇති ඇල්හාලේ බත වළඳිමි.
“උදායීය, ශ්‍රමණ ගෞතම තෙම පහත් පහත් ආහාරයෙන් සතුටු වූයේ සතුටු වීමෙහි ගුණ කියන්නේත් වේයයි, ඉදින් ශ්‍රාවකයෝ මට මෙසේ සත්කාර කරන්නාහු නම් ගෞරව කරන්නාහු නම් බුහුමන් කරන්නාහු නම් පුදන්නාහු නම් සත්කාර කොට ගෞරව කොට ඇසුරු කොට වසන්නාහු නම්, උදායීය, පිණ්ඩපාතයෙන් යැපෙන්නාවූ ගෙපිළිවෙළින් පිඬු පිණිස හැසිරෙන්නාවූ පිඬු සිඟන වතෙහි ඇලුනාවූ ගමට පැමිණියේවී නමුත් හිඳ ගැනීමට කැඳෙව්වත් නොපිළිගන්නාවූ මාගේ ශ්‍රාවකයෝ වෙත්ද, මේ කාරණයෙන් සත්කාර නොකරන්නාහුය. ගෞරව නොකරන්නාහුය. බුහුමන් නොකරන්නාහුය. නොපුදන්නාහුය. සත්කාර කොට ගෞරව කොට ඇසුරු කොට වාසය නොකරන්නාහුය.
“උදායීය, ශ්‍රමණ ගෞතමතෙම පහත් පහත්වූ සෙනසුන් සතුටු වූයේ පහත් පහත් සේනාසනයෙන් සතුටු වීමෙහි ගුණ කියන්නේත් වෙයි’. ඉදින් මෙසේ මට සත්කාර කරන්නාහු නම් ගෞරව කරන්නාහු නම් බුහුමන් කරන්නාහු නම් පුදන්නාහු නම් සත්කාර කොට ගෞරව කොට වාසය කරන්නාහු නම්, උදායීය, ගස්මුල්වල වාසය කරන්නාහු හිස්තැන්වල වාසය කරන්නාවූ මාගේ ශ්‍රාවකයෝ ඇත්තාහ. අටමසක් සෙවිළිකළ තැනකට ඇතුල් නොවෙත්. උදායීය, මම වනාහි සමහර දවසක උඩ යට ආලෙප කරණ ලද්දාවූ වාතය ඇතුල් නොවන්නාහු වසනලද දොර අගුල් ඇත්තාවූ වසනලද ජනෙල් ඇත්තාවූ කුළුගෙවල වලද වාසය කරමි. ශ්‍රමණ ගෞතම තෙමේ පහත් පහත්වූ සේනාසනයෙන් සතුටු වූයේ පහත් පහත්වූ සයනාසනයෙන් සතුටු විමෙහි ගුණ කියන්නේත් වේයයි, උදායීය, ඉදින් මෙසේ මට ශ්‍රාවකයෝ සත්කාර කරන්නාහු නම් ගෞරව කරන්නාහු නම් බුහුමන් කරන්නාහු නම් පුදන්නාහු නම්, සත්කාර කොට ගෞරව කොට ඇසුරුකොට වසන්නාහු නම්, උදායීය, ගස්මුල වසන්නාවූද හිස්තැන්වල වසන්නාවූද මාගේ යම් ඒ ශ්‍රාවකයෝ වෙත්ද, අටමසක් සෙවනකට නොපැමිණෙන්නාවූද, මාගේ යම් ඒ ශ්‍රාවකයෝ වෙත්ද, ඔවුහු මට මේ කාරණයෙන් සත්කාර නොකරන්නාහුය. ගෞරව නොකරන්නාහුය. බුහුමන් නොකරන්නාහුය. නොපුදන්නාහුය. සත්කාර කොට ගෞරව කොට ඇසුරු කොට වාසය නොකරන්නාහුය.
“ශ්‍රමණ ගෞතමතෙමේ උතුම්වූ විවේක ඇත්තේ උතුම්වූ විවේකයාගේ ගුණ කියන්නේත් වේයයි, උදායීය, ඉදින් මෙසේ මට ශ්‍රාවකයෝ සත්කාර කරන්නාහුනම් ගෞරව කරන්නාහුනම් බුහුමන් කරන්නාහුනම් පුදන්නාහුනම් සත්කාර කොට ගෞරව කොට ඇසුරු කොට වාසය කරන්නාහුනම්, උදායීය, ආරණ්‍යයෙහි වසන්නාවූ ඉතා දුර වන සෙනසුන් ඇතිව වනයෙහි ඉතාදුර සෙනසුන්වල වාසය කරන්නාවූ මාගේ ශ්‍රාවකයෝ නැත්තාහ. ඔව්හු අඩමසකට වරක් පොහෝ කිරීම සඳහා සංඝයාමැදට පැමිණෙත්. උදායීය, මම වනාහි සමහර දිනක භික්ෂූන්ගෙන් භික්ෂුණීන්ගෙන් උපාසකයන්ගෙන් උපාසිකාවන්ගෙන් රජුගෙන් රජ මහ ඇමතියන්ගෙන් තීර්ථකයන්ගෙන් තීර්ථක ශ්‍රාවකයන්ගෙන් පිරිවරනලදුවද වාසය කරමි. උදායීය, ශ්‍රමණ ගෞතම තෙම උතුම් විවේක ඇත්තේ උතුම් විවේකයාගේ ගුණ කියන්නේත් වේයයි, ඉදින් මෙසේ මට ශ්‍රාවකයෝ සත්කාර කරන්නාහු නම් ගෞරව කරන්නාහුනම් බුහුමන් කරන්නාහුනම් පුදන්නාහුනම් සත්කාර කොට ගෞරව කොට ඇසුරු කොට වාසය කරන්නාහුනම්, උදායීය, ආරණ්‍යයෙහි වාසය කරන්නාවූ ඉතා දුර වන සෙනසුන් ඇත්තාවූ, ආරණ්‍යයෙහි වනසෙනසුන් වලටද ඉතා දුරවූ සෙනසුන් වලටද ඇතුල්ව වාසය කරන්නාවූද අඩ මසකට වරක් සංඝයා මැදට පොහෝ කිරීම සඳහා රැස්වන්නාවූද යම් ඒ මාගේ ශ්‍රාවකයෝ ඔව්හු මේ කාරණයෙන් මට සත්කාර නොකරන්නාහුය. ගෞරව නොකරන්නාහුය බුහුමන් නොකරන්නාහුය, නුපුදන්නාහුය සත්කාර කොට ගෞරව කොට ඇසුරු කොට වාසය නොකරන්නාහුය. උදායීය, මෙසේ වනාහි ශ්‍රාවකයෝ මට මේ කරුණු පසින් සත්කාර නොකරත්. ගෞරව නොකරත්. බුහුමන් නොකරත්. නුපුදත්. සත්කාර කොට ගෞරව කොට ඇසුරු කොට වාසය නොකරත්.
243
‘‘අත්ථි ඛො, උදායි, අඤ්ඤෙ ච පඤ්ච ධම්මා යෙහි පඤ්චහි ධම්මෙහි මමං සාවකා සක්කරොන්ති ගරුං කරොන්ති මානෙන්ති පූජෙන්ති , සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරන්ති. කතමෙ පඤ්ච? ඉධුදායි, මමං සාවකා අධිසීලෙ සම්භාවෙන්ති - ‘සීලවා සමණො ගොතමො පරමෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො’ති. යම්පුදායි (යමුදායි (ස්‍යා. ක.)), මමං සාවකා අධිසීලෙ සම්භාවෙන්ති - ‘සීලවා සමණො ගොතමො පරමෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො’ති, අයං ඛො, උදායි , පඨමො ධම්මො යෙන මමං සාවකා සක්කරොන්ති ගරුං කරොන්ති මානෙන්ති පූජෙන්ති, සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරන්ති.
243
“උදායීය, යමකින් මට ශ්‍රාවකයෝ සත්කාර කෙරෙත්ද ගෞරව කෙරෙත්ද බුහුමන් කෙරෙත්ද පුදත්ද සත්කාර කොට ගෞරව කොට ඇසුරු කොට වාසය කෙරෙත්ද, එබඳු අන්‍යවුද කරුණු පසක් ඇත්තාහ. කවර පසක්ද යත්? උදායීය, මේ ශාසනයෙහි ශ්‍රාවකයෝ මට ශ්‍රමණ තෙම සිල් ඇත්තේ උතුම්වූ සීල සමූහයෙන් යුක්තවූයේයයි අධිසීලය කරුණුකොට ගරුකරත්. උදායීය, ශ්‍රමණ ගෞතම තෙම සිල් ඇත්තේ උතුම්වූ සීල සමූයෙන් යුක්තවූයේයයි, ශ්‍රාවකයෝ මට අධිසීලය නිමිතිකොට සම්භාවනා කෙරෙත්, යන යමක් වේද, උදායීය, මේ ශ්‍රාවකයන් මට සත්කාර කරන්නාවූ, ගෞරව කරන්නාවූ, බුහුමන් කරන්නාවූ, පුදන්නාවූ, සත්කාර කොට ගෞරව කොට ඇසුරු කොට වාසය කරන්නාවූ පළමුවන කාරණය වේ.
244
‘‘පුන චපරං, උදායි, මමං සාවකා අභික්කන්තෙ ඤාණදස්සනෙ සම්භාවෙන්ති - ‘ජානංයෙවාහ සමණො ගොතමො - ජානාමීති, පස්සංයෙවාහ සමණො ගොතමො - පස්සාමීති; අභිඤ්ඤාය සමණො ගොතමො ධම්මං දෙසෙති නො අනභිඤ්ඤාය; සනිදානං සමණො ගොතමො ධම්මං දෙසෙති නො අනිදානං; සප්පාටිහාරියං සමණො ගොතමො ධම්මං දෙසෙති නො අප්පාටිහාරිය’න්ති. යම්පුදායි, මමං සාවකා අභික්කන්තෙ ඤාණදස්සනෙ සම්භාවෙන්ති - ‘ජානංයෙවාහ සමණො ගොතමො - ජානාමීති, පස්සංයෙවාහ සමණො ගොතමො - පස්සාමීති; අභිඤ්ඤාය සමණො ගොතමො ධම්මං දෙසෙති නො අනභිඤ්ඤාය; සනිදානං සමණො ගොතමො ධම්මං දෙසෙති නො අනිදානං; සප්පාටිහාරියං සමණො ගොතමො ධම්මං දෙසෙති නො අප්පාටිහාරිය’න්ති, අයං ඛො, උදායි, දුතියො ධම්මො යෙන මමං සාවකා සක්කරොන්ති ගරුං කරොන්ති මානෙන්ති පූජෙන්ති, සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරන්ති.
244
“උදායීය, නැවත අනිකක්ද කියමි. ශ්‍රමණ ගෞතමතෙම දැනම දනිමියි කියයි. ශ්‍රමණ ගෞතම තෙම දැකම දකිමියි කියයි. ශ්‍රමණ ගෞතම තෙම මනා නුවණින් දැන ධර්මය දේශනා කරයි. නොදැන නොවෙයි. ශ්‍රමණ ගෞතම තෙම හේතු සහිතව ධර්මය දේශනා කරයි. හේතු රහිතව නොවෙයි. ශ්‍රමණ ගෞතම තෙම කරුණු සහිතව ධර්මදේශනා කරයි. කරුණු රහිතව නොවේයයි ශ්‍රාවකයෝ මට ශ්‍රේෂ්ඨවූ ඥානය (සර්වඥතාඥානය) කරුණුකොට ගරු කරත්. උදායීය, ශ්‍රමණ ගෞතම තෙම දැනම දනිමියි කියයි. ශ්‍රමණ ගෞතම තෙම දැකම දකිමියි කියයි. ශ්‍රමණ ගෞතම තෙම මනා නුවණින් දැන ධර්මය දේශනා කරයි මනා නුවණින් නොදැන නොවෙයි. ශ්‍රමණ ගෞතම තෙම හේතු සහිතව ධර්මය දේශනා කරයි. හේතු රහිතව නොවෙයි. ශ්‍රමණ ගෞතම තෙම කරුණු සහිතව ධර්මය දේශනා කරයි. කරුණු රහිතව නොවේයයි ශ්‍රාවකයෝ මට ශ්‍රේෂ්ඨවූ ඥානය කරුණුකොට ගරු කෙරෙත් යන යමක්වේද, උදායීය, මේ වනාහි ශ්‍රාවකයන් මට සත්කාර කරන්නාවූ ගෞරව කරන්නාවූ බුහුමන් කරන්නාවූ පුදන්නාවූ, සත්කාරකොට ගෞරවකොට ඇසුරුකොට වාසය කරන්නාවූ ඒ දෙවන කාරණය වේ.
245
‘‘පුන චපරං, උදායි, මමං සාවකා අධිපඤ්ඤාය සම්භාවෙන්ති - ‘පඤ්ඤවා සමණො ගොතමො පරමෙන පඤ්ඤාක්ඛන්ධෙන සමන්නාගතො; තං වත අනාගතං වාදපථං න දක්ඛති, උප්පන්නං වා පරප්පවාදං න සහධම්මෙන සුනිග්ගහිතං නිග්ගණ්හිස්සතීති - නෙතං ඨානං විජ්ජති’. තං කිං මඤ්ඤසි, උදායි, අපි නු මෙ සාවකා එවං ජානන්තා එවං පස්සන්තා අන්තරන්තරා කථං ඔපාතෙය්‍යු’’න්ති?
‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘න ඛො පනාහං, උදායි, සාවකෙසු අනුසාසනිං පච්චාසීසාමි (පච්චාසිංසාමි (සී. ස්‍යා. කං. පී.)); අඤ්ඤදත්ථු මමයෙව සාවකා අනුසාසනිං පච්චාසීසන්ති.
‘‘යම්පුදායි, මමං සාවකා අධිපඤ්ඤාය සම්භාවෙන්ති - ‘පඤ්ඤවා සමණො ගොතමො පරමෙන පඤ්ඤාක්ඛන්ධෙන සමන්නාගතො; තං වත අනාගතං වාදපථං න දක්ඛති, උප්පන්නං වා පරප්පවාදං න සහධම්මෙන නිග්ගහිතං නිග්ගණ්හිස්සතීති - නෙතං ඨානං විජ්ජති’. අයං ඛො, උදායි, තතියො ධම්මො යෙන මමං සාවකා සක්කරොන්ති ගරුං කරොන්ති මානෙන්ති පූජෙන්ති, සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරන්ති.
245
“උදායීය නැවත අනිකක්ද කියමි. ශ්‍රමණ ගෞතම තෙම ප්‍රඥා ඇත්තේ උතුම්වූ ප්‍රඥා රාශියෙන් යුක්තවූයේ වෙයි. මතු පැමිණෙන්නාවූ වාද මාර්ග නොදක්නේය. උපන්නාවූ හෝ අනුන්ගේ වාද මාර්ග කරුණු සහිතව මනාව නිග්‍රහ කිරීමෙන් නිග්‍රහ නොකරන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේයයි ශ්‍රාවකයෝ මට අධිප්‍රඥාව (එකෙණෙහි පහළවන නුවණ) නිමිතිකොට ගරු කෙරෙත්. උදායීය, ඒ කුමකැයි හඟින්නෙහිද? එසේ දන්නාවූ, එසේ දක්නාවූ මාගේ ශ්‍රාවකයෝ අතරතුර කථාව හෙලන්නාහුද?”
“ස්වාමීනි, එසේ නැත.”
“උදායීය, මම වනාහි ශ්‍රාවකයන් කෙරෙන් අනුශාසනාවක් බලාපොරොත්තු නොවෙමි. ශ්‍රාවකයෝ ඒකාන්තයෙන් මගෙන්ම අනුශාසනාව බලාපොරොත්තුවෙති. උදායීය, ශ්‍රමණ ගෞතම තෙම ප්‍රඥා ඇත්තේ උතුම්වූ ප්‍රඥා සමූහයෙන් යුක්ත වූයේ වෙයි. මතු පැමිණෙන්නාවූ ඒ වාද මාර්ගය හෝ නොදක්නේය. උපන්නාවූ හෝ අනුන්ගේ වාදය කරුණු සහිතව මනාව නිග්‍රහ කිරීමෙන් නිග්‍රහ නොකරන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේයයි, ශ්‍රාවකයෝ මට අධිප්‍රඥාව කරණකොට ගරුකෙරෙත්, යන යමක් වේද, උදායීය, ශ්‍රාවකයන් මට සත්කාර කරන්නාවූ, ගෞරව කරන්නාවූ, බුහුමන් කරන්නාවූ, පූජාකරන්නාවූ, සත්කාරකොට ගෞරවකොට ඇසුරුකරන්නාවූ තුන්වැනි කරුණ වේ.
246
‘‘පුන චපරං, උදායි, මම සාවකා යෙන දුක්ඛෙන දුක්ඛොතිණ්ණා දුක්ඛපරෙතා තෙ මං උපසඞ්කමිත්වා දුක්ඛං අරියසච්චං පුච්ඡන්ති, තෙසාහං දුක්ඛං අරියසච්චං පුට්ඨො බ්‍යාකරොමි, තෙසාහං චිත්තං ආරාධෙමි පඤ්හස්ස වෙය්‍යාකරණෙන; තෙ මං දුක්ඛසමුදයං... දුක්ඛනිරොධං... දුක්ඛනිරොධගාමිනිං පටිපදං අරියසච්චං පුච්ඡන්ති, තෙසාහං දුක්ඛනිරොධගාමිනිං පටිපදං අරියසච්චං පුට්ඨො බ්‍යාකරොමි , තෙසාහං චිත්තං ආරාධෙමි පඤ්හස්ස වෙය්‍යාකරණෙන. යම්පුදායි, මම සාවකා යෙන දුක්ඛෙන දුක්ඛොතිණ්ණා දුක්ඛපරෙතා තෙ මං උපසඞ්කමිත්වා දුක්ඛං අරියසච්චං පුච්ඡන්ති, තෙසාහං දුක්ඛං අරියසච්චං පුට්ඨො බ්‍යාකරොමි, තෙසාහං චිත්තං ආරාධෙමි පඤ්හස්ස වෙය්‍යාකරණෙන. තෙ මං දුක්ඛසමුදයං ... දුක්ඛනිරොධං... දුක්ඛනිරොධගාමිනිං පටිපදං අරියසච්චං පුච්ඡන්ති. තෙසාහං දුක්ඛනිරොධගාමිනිං පටිපදං අරියසච්චං පුට්ඨො බ්‍යාකරොමි. තෙසාහං චිත්තං ආරාධෙමි පඤ්හස්ස වෙය්‍යාකරණෙන. අයං ඛො, උදායි, චතුත්ථො ධම්මො යෙන මමං සාවකා සක්කරොන්ති ගරුං කරොන්ති මානෙන්ති පූජෙන්ති, සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරන්ති.
246
“උදායීය නැවත අනිකක්ද කියමි. මාගේ ශ්‍රාවකයෝ යම් දුකකින් දුකට බැසගත්තාහුද, දුකින් පෙළුනාහුද, ඔව්හු මා කරා පැමිණ දුක්ඛ ආර්යසත්‍යය අසත්. දුක්ඛාර්යසත්‍ය විචාරණ ලද්දාවූ මම ඔවුන්ට ප්‍රකාශ කරමි. මම ඔවුන්ගේ සිත ප්‍රශ්න විසඳීමෙන් සතුටු කරමි. ඔව්හු මා දුක්ඛසමුදය සත්‍යය විචාරත්. ඔවුන්ට මම දුක්ඛ සමුදය සත්‍යය විචාරණ ලද්දේ ප්‍රකාශ කරමි. මම ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමෙන් සිත සතුටු කරමි. ඔව්හු දුක්ඛ නිරෝධ සත්‍යය මා විචාරත්. ඔවුන්ට මම දුක්ඛ නිරෝධ සත්‍යය විචාරන ලද්දේ ප්‍රකාශ කරමි. මම ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමෙන් සිත සතුටු කරමි. දුක් නිරුද්ධ කිරීම පිණිස පිළිපදින මාර්ගයවූ ආර්යසත්‍යය අසත්. ඔවුන්ට දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාර්යසත්‍යය අසන ලද්දාවූ මම ප්‍රකාශ කරමි. මම ප්‍රශ්න විසඳීමෙන් ඔවුන් සතුටු කරමි.
“උදායීය, මාගේ ශ්‍රාවකයෝ යම් දුකකින් දුකට බැස ගත්තාවූද, දුකින් පෙළුනාවූද, ඔව්හු මා වෙත එළඹ දුක්ඛාර්ය සත්‍යය අසත්. අසන ලද්දාවූ මම ඔවුන්ට දුක්ඛාර්යසත්‍යය ප්‍රකාශ කරමි. ඔවුන්ගේ සිත මම ප්‍රශ්න විසඳීමෙන් සතුටු කරමි. ඔව්හු මා දුක්ඛසමුදයාර්යසත්‍යය විචාරත්. ඔවුන්ට මම දුක්ඛ සමුදය සත්‍යය විචාරණ ලද්දේ ප්‍රකාශ කරමි. මම ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමෙන් සිත සතුටු කරමි. ඔව්හු දුක්ඛ නිරෝධ සත්‍යය මා විචාරත්. ඔවුන්ට මම දුක්ඛ නිරෝධ සත්‍යය විචාරන ලද්දේ ප්‍රකාශ කරමි. මම ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමෙන් සිත සතුටු කරමි. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාර්ය සත්‍යය අසත්. අසන ලද්දාවූ මම දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාර්ය සත්‍යය ප්‍රකාශ කරමි. මම ඔවුන්ගේ සිත ප්‍රශ්න විසඳීමෙන් සතුටු කරමි, යන යමක් වේද, උදායීය, මේ වනාහි යමකින් මට ශ්‍රාවකයන් සත්කාර කරන්නාවූද, ගෞරව කරන්නාවූද, බුහුමන් කරන්නාවූද, පූජාකරන්නාවූද සත්කාරකොට ගෞරවකොට ඇසුරුකොට වාසය කරන්නාවූ සතරවන කරුණ වේ.
247
‘‘පුන චපරං, උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා චත්තාරො සතිපට්ඨානෙ භාවෙන්ති. ඉධුදායි, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; වෙදනාසු වෙදනානුපස්සී විහරති... චිත්තෙ චිත්තානුපස්සී විහරති... ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. තත්‍ර ච පන මෙ සාවකා බහූ අභිඤ්ඤාවොසානපාරමිප්පත්තා විහරන්ති.
‘‘පුන චපරං, උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා චත්තාරො සම්මප්පධානෙ භාවෙන්ති. ඉධුදායි , භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති, වායමති, වීරියං ආරභති, චිත්තං පග්ගණ්හාති, පදහති; උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනෙති, වායමති, වීරියං ආරභති, චිත්තං පග්ගණ්හාති, පදහති; අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති, වායමති, වීරියං ආරභති, චිත්තං පග්ගණ්හාති, පදහති; උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්‍යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති, වායමති, වීරියං ආරභති, චිත්තං පග්ගණ්හාති, පදහති. තත්‍ර ච පන මෙ සාවකා බහූ අභිඤ්ඤාවොසානපාරමිප්පත්තා විහරන්ති.
‘‘පුන චපරං, උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා චත්තාරො ඉද්ධිපාදෙ භාවෙන්ති. ඉධුදායි, භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, වීරියසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, චිත්තසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. තත්‍ර ච පන මෙ සාවකා බහූ අභිඤ්ඤාවොසානපාරමිප්පත්තා විහරන්ති.
‘‘පුන චපරං, උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා පඤ්චින්ද්‍රියානි භාවෙන්ති. ඉධුදායි , භික්ඛු සද්ධින්ද්‍රියං භාවෙති උපසමගාමිං සම්බොධගාමිං; වීරියින්ද්‍රියං භාවෙති...පෙ.... සතින්ද්‍රියං භාවෙති... සමාධින්ද්‍රියං භාවෙති... පඤ්ඤින්ද්‍රියං භාවෙති උපසමගාමිං සම්බොධගාමිං. තත්‍ර ච පන මෙ සාවකා බහූ අභිඤ්ඤාවොසානපාරමිප්පත්තා විහරන්ති.
‘‘පුන චපරං, උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා පඤ්ච බලානි භාවෙන්ති. ඉධුදායි, භික්ඛු සද්ධාබලං භාවෙති උපසමගාමිං සම්බොධගාමිං; වීරියබලං භාවෙති...පෙ.... සතිබලං භාවෙති... සමාධිබලං භාවෙති... පඤ්ඤාබලං භාවෙති උපසමගාමිං සම්බොධගාමිං. තත්‍ර ච පන මෙ සාවකා බහූ අභිඤ්ඤාවොසානපාරමිප්පත්තා විහරන්ති.
‘‘පුන චපරං, උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා සත්තබොජ්ඣඞ්ගෙ භාවෙන්ති. ඉධුදායි, භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං; ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං භාවෙති...පෙ.... වීරියසම්බොජ්ඣඞ්ගං භාවෙති... පීතිසම්බොජ්ඣඞ්ගං භාවෙති... පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං භාවෙති... සමාධිසම්බොජ්ඣඞ්ගං භාවෙති... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. තත්‍ර ච පන මෙ සාවකා බහූ අභිඤ්ඤාවොසානපාරමිප්පත්තා විහරන්ති.
‘‘පුන චපරං, උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්ති. ඉධුදායි, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති, සම්මාසඞ්කප්පං භාවෙති, සම්මාවාචං භාවෙති , සම්මාකම්මන්තං භාවෙති, සම්මාආජීවං භාවෙති, සම්මාවායාමං භාවෙති, සම්මාසතිං භාවෙති, සම්මාසමාධිං භාවෙති. තත්‍ර ච පන මෙ සාවකා බහූ අභිඤ්ඤාවොසානපාරමිප්පත්තා විහරන්ති.
247
“උදායීය, නැවත අනිකක්ද කියමි. යම්සේ පිළිපැද්දාවූ මාගේ ශ්‍රාවකයෝ සතර සතිපට්ඨානයන් වඩත්ද, එසේ මා විසින් ශ්‍රාවකයන්ට ප්‍රතිපදාව ප්‍රකාශ කරණ ලද්දීය. උදායීය, මේ ශාසනයෙහි භික්ෂු තෙම කෙලෙස් තවන වීර්ය ඇත්තේ නුවණින් යුක්තවූයේ සිහි ඇත්තේ ස්කන්ධ ලෝකයෙහි ලෝභය හා ද්වේෂය දුරුකොට ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කෙරේද, කෙලෙස් තවන වීර්ය ඇත්තේ මනා දැනුම් ඇත්තේ ලෝකයෙහි විෂම ලෝභය හා සිතේ නොසතුට දුරුකොට වේදනාවන්හි වේදනාවන් අනුව බලමින් වාසය කෙරේද, කෙලෙස් තවන වීර්යය ඇත්තේ, මනා දැනුම් ඇත්තේ, ලෝකයෙහි විසම ලෝභය හා සිතේ නොසතුට දුරුකොට සිතෙහි සිත අනුව බලමින් වාසය කෙරේද, කෙලෙස් තවන වීර්ය ඇත්තේ නුවණින් යුක්ත වූයේ සිහි ඇත්තේ ස්කන්ධ ලෝකයෙහි ලෝභ දෝෂයන් දුරු කොට ධර්මයන්හි ධර්මයන් අනුව බලමින් වාසය කෙරේද, ඒ සතරසතිපට්ඨානයන්හි වනාහි මාගේ බොහෝ ශ්‍රාවකයෝ දැනීමේ කෙළවරවන අර්හත්වයට පැමිණ වාසය කරත්.
“උදායීය, නැවත අනිකක්ද කියමි. යම්සේ පිළිපන්නාවූ මාගේ ශ්‍රාවකයෝ සතර සම්‍යක් ප්‍රධානයන් (මහාවීර්ය සතරක්) වඩත්ද, මා විසින් ඒ ප්‍රතිපදාව ශ්‍රාවකයන්ට ප්‍රකාශ කරණ ලද්දීය. උදායීය, මේ ශාසනහෙහි භික්ෂුතෙම නූපන්නාවු ලාමකවූ අකුසල ධර්මයන්ගේ නොඉපදීම පිණිස කැමැත්ත උපදවයි, උත්සාහ කරයි, වීර්ය පටන් ගනියි, සිත ඔසවයි, වීර්යකරයිද, උපන්නාවූ ලාමකවූ අකුසලධර්මයන්ගේ දුරුකිරීම පිණිස කැමැත්ත උපදවයි, ව්‍යායාම කරයි. වීර්ය පටන්ගනියි. සිත ඔසවයි, උත්සාහ කරයිද, නූපන්නාවූ කුසලධර්මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදවයි. ව්‍යායාම කරයි. වීර්ය පටන්ගනියි. සිත ඔසවයි. උත්සාහ කරයිද, උපන්නාවූ කුසලධර්මයන්ගේ පැවැත්ම පිණිස මුලානොවීම පිණිස, වැඩිවීම පිණිස, මහත් බැව් පිණිස, භාවනාව සම්පූර්ණ කිරීම පිණිස, කැමැත්ත උපදවයි, ව්‍යායාම කරයි. වීර්ය පටන් ගනියි, සිත ඔසවයි, උත්සාහ කරයිද, ඒ සම්‍යක් ප්‍රධාන වීර්ය සතරෙහිද වනාහි මාගේ බොහෝවූ ශ්‍රාවකයෝ අභිඤ්ඤාවොසාන පාරමී සංඛ්‍යාතවූ, දැනීමේ කෙළවරවන රහත් බවට පැමිණ වාසය කෙරෙත්.
“උදායීය, නැවත අනිකක්ද කියමි. යම්සේ පිළිපන්නාවූ මාගේ ශ්‍රාවකයෝ සතරඍද්ධිපාදයන් වඩත්ද, මා විසින් ශ්‍රාවකයන්ට ඒ ප්‍රතිපදාතොමෝ ප්‍රකාශ කරණ ලද්දීය. උදායීය, මේ ශාසනයෙහි භික්ෂු තෙම ඡන්දය නිසා පවත්නා සමාධියෙන් හා වීර්යයෙන් යුත් ඍද්ධිපාදය වඩයි. වීර්ය නිසා පවත්නා සමාධි ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුක්තවූ ඍද්ධිපාදය වඩයි. චිත්තසමාධි ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුක්තවූ ඍද්ධිපාදය වඩයි. ඥානය නිසා පවත්නාවූ සමාධියෙන් හා වීර්යයෙන් යුක්තවූ ඍද්ධිපාදය වඩයි. ඒ සතර ඍද්ධිපාදයන්හිද මාගේ බොහෝ ශ්‍රාවකයෝ නුවණින් කෙළවරට ගිය අර්හත්වයට පැමිණ වාසය කෙරෙත්.
“උදායීය, නැවත අනිකක්ද කියමි. යම්සේ පිළිපන්නාවූ මාගේ ශ්‍රාවකයෝ පඤ්චෙන්ද්‍රියයන් වඩත්ද, මා විසින් ශ්‍රාවකයන්ට ඒ ප්‍රතිපදාව ප්‍රකාශ කරණ ලද්දීය. උදායීය, මේ ශාසනයෙහි භික්ෂු තෙම ක්ලේශයන් සංසිඳීමට පැමිණෙන්නාවූද, මාර්ග ඥාන අවබෝධයට පමුණුවන්නාවූද ශ්‍රද්ධින්ද්‍රිය වඩයිද, සංසිඳීමට පමුණුවන්නාවූ සම්බොධියට පමුණුවන්නාවූ, වීරියෙන්ද්‍රිය වඩාද, සංසිඳීමට පමුණුවන්නාවූ සම්බොධියට පමුණුවන්නාවූ ස්මෘතින්ද්‍රිය වඩාද, සංසිඳීමට පමුණුවන්නාවූ, සම්බොධියට පමුණුවන්නාවූ, සමාධින්ද්‍රිය වඩාද ක්ලෙශයන් සංසිඳීමට පමුණුවන්නාවූද, මාර්ග ඥානාවබොධයට පමුණුවන්නාවූද, ප්‍රඥෙන්ද්‍රියය වඩායි. පඤ්චෙන්ද්‍රියයන්හිද මාගේ බොහෝවූ ශ්‍රාවකයෝ අභිඥාවොසාන පාරමී යයි කියන ලද රහත් බවට පැමිණියාහු වාසය කෙරෙත්.
“උදායීය, නැවත අනිකක්ද කියමි. යම්සේ පිළිපන්නාවූ මාගේ ශ්‍රාවකයෝ පඤ්ච බලයන් වඩත්ද, උදායීය, මේ ශාසනයෙහි භික්ෂු තෙම කෙළෙසුන් සංසිඳීමට පමුණුවන්නාවූ මාර්ග ඥානයට පමුණුවන්නාවූ ශ්‍රද්ධා බලය වඩාද, සංසිඳීමට පමුණුවන්නාවූ සම්බෝධියට පමුණුවන්නාවූ වීර්ය බලය වඩාද, සංසිඳීමට පමුණුවන්නාවූ, සම්බෝධියට පමුණුවන්නාවූ ස්මෘති බලය වඩාද, සංසිඳීමට පමුණුවන්නාවූ සම්බොධියට පමුණුවන්නාවූ සමාධි බලය වඩාද, කෙළෙසුන් සංසිඳීමට පමුණුවන්නාවූ මාර්ග ඥානයට පමුණුවන්නාවූ ප්‍රඥා බලය වඩාද, එයින්ද වනාහී මාගේ බොහෝවූ ශ්‍රාවකයෝ දැනීමේ කෙළවරට පමුණුවන්නාවූ රහත් බවට පැමිණ වාසය කෙරෙත්.
“උදායීය, නැවත අනිකක්ද කියමි. යම්සේ පිළිපන්නාවූ මාගේ ශ්‍රාවකයෝ සප්තබොද්ධ්‍යංගයන් වඩත්ද මා විසින් ශ්‍රාවකයන්ට ඒ ප්‍රතිපදාව ප්‍රකාශ කරන ලද්දීය. උදායීය, මේ ශාසනයෙහි භික්ෂුතෙම විවේකය ඇසුරු කළාවූද නොඇලීම ඇසුරු කළාවූද නිරෝධය ඇසුරු කළාවූද නිවණට පමුණුවන්නාවූ සති සම්බොජ්ජංගය වඩාද, විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවණට පමුණුවන්නාවූ ධම්ම විචය සම්බොජ්ජංගය වඩාද, විවේකය ඇසුරු කළාවූ, විරාග ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවණට පමුණුවන්නාවූ, විරිය සම්බොජ්ජංගය වඩාද, විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවණට පමුණුවන්නාවූ, ප්‍රීති සම්බොජ්ජංගය වඩාද, විවේකය ඇසුරු කළාවූ, විරාග ඇසුරු කළාවූ නිරෝධය ඇසුරු කළාවූ නිවණට පමුණුවන්නාවූ පස්සද්ධි සම්බොජ්ජංගය වඩාද, විවේකය ඇසුරු කළාවූ, විරාග ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවණට පමුණුවන්නාවූ සමාධි සම්බොජ්ජංගය වඩාද, විවේකය ඇසුරු කළාවූ නොඇලීම ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට පමුණුවන්නාවූ උපෙක්ඛා සම්බොජ්ජංගය වඩාද, එයිනුදු වනාහි මාගේ බොහෝවූ ශ්‍රාවකයෝ දැනීමේ කෙළවරට පමුණුවන්නාවූ රහත් බවට පැමිණ වාසය කෙරෙත්.
“උදායීය, නැවත අනිකක්ද කියමි. යම්සේ පිළිපන්නාවූ මාගේ ශ්‍රාවකයෝ ආර්යවූ අංග අටකින් යුත් මාර්ගය වඩත්ද, මා විසින් ශ්‍රාවකයන්ට ඒ ප්‍රතිපදාව ප්‍රකාශ කරණ ලද්දීය. උදායීය, මේ ශාසනයෙහි භික්ෂුතෙම සම්‍යක් දෘෂ්ටිය වඩාද, සම්‍යක් සංකල්පය වඩාද, සම්‍යක් වචනය වඩාද, සම්‍යක් කර්මාන්තය වඩාද, සම්‍යක් ආජීවය වඩාද, සම්‍යක් ව්‍යායාමය වඩාද, සම්‍යක් ස්මෘතිය වඩාද, සම්‍යක් සමාධිය වඩාද, එයිනුදු වනාහි මාගේ බොහෝවූ ශ්‍රාවකයෝ දැනීමේ කෙළවරට පමුණුවන්නාවූ රහත් බවට පැමිණ වාසය කෙරෙත්.
248
‘‘පුන චපරං, උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා අට්ඨ විමොක්ඛෙ භාවෙන්ති. රූපී රූපානි පස්සති, අයං පඨමො විමොක්ඛො; අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති, අයං දුතියො විමොක්ඛො; සුභන්තෙව අධිමුත්තො හොති, අයං තතියො විමොක්ඛො; සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති, අයං චතුත්ථො විමොක්ඛො; සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණ’න්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති, අයං පඤ්චමො විමොක්ඛො; සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති, අයං ඡට්ඨො විමොක්ඛො; සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති, අයං සත්තමො විමොක්ඛො; සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති, අයං අට්ඨමො විමොක්ඛො. තත්‍ර ච පන මෙ සාවකා බහූ අභිඤ්ඤාවොසානපාරමිප්පත්තා විහරන්ති.
248
“උදායීය, නැවත අනිකක්ද කියමි. යම්සේ පිළිපන්නාවූ මාගේ ශ්‍රාවකයෝ විරුද්ධ ක්ලෙශයන්ගෙන් මිදීම් අටක් වඩත්ද මා විසින් ශ්‍රාවකයන්ට ඒ ප්‍රතිපදාව ප්‍රකාශ කරණ ලද්දීය. රූප ඇත්තේ රූපයන් දකියි. මේ පළමුවන මිදීමයි. තමන් කෙරෙහි අරූප සංඥා ඇත්තේ පිටත්හි රූපයන් දකියි. මේ දෙවන මිදීම වේ. සුභයයිම අදහස් ඇත්තේ වේ. මේ තුන්වන මිදීමයි. සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවා ප්‍රතිඝ සංඥාවන් නැසීමෙන් නානාත්ව සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාසය කෙළවරක් නැත්තේයයි, ආකාසානඤ්චායතන සමාපත්තියට පැමිණ වාසයකරයි. මේ සතරවන මිදීමයි. සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි, විඤ්ඤාණඤ්චායතන සමාපත්තියට පැමිණ වාසය කරයි. මේ පස්වන මිදීමයි. සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට පැමිණ වාසය කරයි. මේ සවන මිදීමයි. සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියට පැමිණ වාසය කරයි. මේ සත්වන මිදීමයි. සියලු ආකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය ඉක්මවා සංඥා වෙදයිත නිරෝධ සමාපත්තියට පැමිණ වාසය කරයි. මේ අටවන විමොක්ෂයයි. එයිනුදු වනාහි මාගේ බොහෝවූ ශ්‍රාවකයෝ දැනීමේ කෙළවරට පමුණුවන්නාවූ අර්හත්වයට පැමිණ වාසය කෙරෙත්.
249
‘‘පුන චපරං, උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා අට්ඨ අභිභායතනානි භාවෙන්ති. අජ්ඣත්තං රූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවණ්ණදුබ්බණ්ණානි. ‘තානි අභිභුය්‍ය ජානාමි, පස්සාමී’ති එවං සඤ්ඤී හොති. ඉදං පඨමං අභිභායතනං.
‘‘අජ්ඣත්තං රූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි සුවණ්ණදුබ්බණ්ණානි. ‘තානි අභිභුය්‍ය ජානාමි, පස්සාමී’ති එවං සඤ්ඤී හොති. ඉදං දුතියං අභිභායතනං.
‘‘අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවණ්ණදුබ්බණ්ණානි. ‘තානි අභිභුය්‍ය ජානාමි, පස්සාමී’ති එවං සඤ්ඤී හොති. ඉදං තතියං අභිභායතනං.
‘‘අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි සුවණ්ණදුබ්බණ්ණානි. ‘තානි අභිභුය්‍ය ජානාමි, පස්සාමී’ති එවං සඤ්ඤී හොති. ඉදං චතුත්ථං අභිභායතනං.
‘‘අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති නීලානි නීලවණ්ණානි නීලනිදස්සනානි නීලනිභාසානි. සෙය්‍යථාපි නාම උමාපුප්ඵං නීලං නීලවණ්ණං නීලනිදස්සනං නීලනිභාසං, සෙය්‍යථාපි වා පන තං වත්ථං බාරාණසෙය්‍යකං උභතොභාගවිමට්ඨං නීලං නීලවණ්ණං නීලනිදස්සනං නීලනිභාසං; එවමෙව අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති නීලානි නීලවණ්ණානි නීලනිදස්සනානි නීලනිභාසානි. ‘තානි අභිභුය්‍ය ජානාමි, පස්සාමී’ති එවං සඤ්ඤී හොති. ඉදං පඤ්චමං අභිභායතනං .
‘‘අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පීතානි පීතවණ්ණානි පීතනිදස්සනානි පීතනිභාසානි. සෙය්‍යථාපි නාම කණිකාරපුප්ඵං පීතං පීතවණ්ණං පීතනිදස්සනං පීතනිභාසං, සෙය්‍යථාපි වා පන තං වත්ථං බාරාණසෙය්‍යකං උභතොභාගවිමට්ඨං පීතං පීතවණ්ණං පීතනිදස්සනං පීතනිභාසං; එවමෙව අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පීතානි පීතවණ්ණානි පීතනිදස්සනානි පීතනිභාසානි. ‘තානි අභිභුය්‍ය ජානාමි, පස්සාමී’ති එවං සඤ්ඤී හොති. ඉදං ඡට්ඨං අභිභායතනං.
‘‘අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ලොහිතකානි ලොහිතකවණ්ණානි ලොහිතකනිදස්සනානි ලොහිතකනිභාසානි. සෙය්‍යථාපි නාම බන්ධුජීවකපුප්ඵං ලොහිතකං ලොහිතකවණ්ණං ලොහිතකනිදස්සනං ලොහිතකනිභාසං, සෙය්‍යථාපි වා පන තං වත්ථං බාරාණසෙය්‍යකං උභතොභාගවිමට්ඨං ලොහිතකං ලොහිතකවණ්ණං ලොහිතකනිදස්සනං ලොහිතකනිභාසං; එවමෙව අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ලොහිතකානි ලොහිතකවණ්ණානි ලොහිතකනිදස්සනානි ලොහිතකනිභාසානි. ‘තානි අභිභුය්‍ය ජානාමි, පස්සාමී’ති එවං සඤ්ඤී හොති. ඉදං සත්තමං අභිභායතනං.
‘‘අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ඔදාතානි ඔදාතවණ්ණානි ඔදාතනිදස්සනානි ඔදාතනිභාසානි. සෙය්‍යථාපි නාම ඔසධිතාරකා ඔදාතා ඔදාතවණ්ණා ඔදාතනිදස්සනා ඔදාතනිභාසා, සෙය්‍යථාපි වා පන තං වත්ථං බාරාණසෙය්‍යකං උභතොභාගවිමට්ඨං ඔදාතං ඔදාතවණ්ණං ඔදාතනිදස්සනං ඔදාතනිභාසං; එවමෙව අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ඔදාතානි ඔදාතවණ්ණානි ඔදාතනිදස්සනානි ඔදාතනිභාසානි . ‘තානි අභිභුය්‍ය ජානාමි , පස්සාමී’ති එවංසඤ්ඤී හොති. ඉදං අට්ඨමං අභිභායතනං. තත්‍ර ච පන මෙ සාවකා බහූ අභිඤ්ඤාවොසානපාරමිප්පත්තා විහරන්ති.
249
“උදායීය, නැවත අනිකක්ද කියමි. යම්සේ පිළිපන්නාවූ මාගේ ශ්‍රාවකයෝ අභිභායතන (විරුද්ධ ධර්මයන් මැඩපවත්වන ධර්ම) අටක් වඩත්ද, මා විසින් ශ්‍රාවකයන්ට ඒ ප්‍රතිපදාව ප්‍රකාශ කරන ලද්දීය. අධ්‍යාත්මයෙහි රූප සංඥා ඇත්තේ එකෙක් පිටත්හිවූ ස්වල්පවූද යහපත් වර්ණ ඇත්තාවූද අයහපත් වර්ණ ඇත්තාවූද රූපයන් දකියි. ඔවුන් මැඩපවත්වා දනිමි, දකිමියි මෙබඳු සංඥා ඇත්තේවේ. මේ පළමුවන අභිභායතනයවේ. අධ්‍යාත්මයෙහි රූප සංඥා ඇත්තේ එකෙක් අප්‍රමාණවූ යහපත් වර්ණ ඇත්තාවූද, අයහපත් වර්ණ ඇත්තාවූද පිටත්හි රූපයන් දකියි. ඔවුන් මැඩපවත්වා දනිමි දකිමි, මෙබඳු සංඥා ඇත්තේවේ. මේ දෙවන අභිභායතනය වේ. අධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ එකෙක් ස්වල්පවූ යහපත් වර්ණ ඇත්තාවූද අයහපත් වර්ණ ඇත්තාවූද පිටත්හි රූපයන් දකියි. ඔවුන් මැඩපවත්වා දනිමි දකිමියි මෙබඳු සංඥා ඇත්තේවේ. මේ තුන්වන අභිභායතනයයයි, අධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තාවූ එකෙක් අප්‍රමාණවූ යහපත් වර්ණ ඇත්තාවූද අයහපත් වර්ණ ඇත්තාවූද පිටත්හි රූපයන් දකියි. ඔවුන් මැඩපවත්වා දනිමි දකිමියි මෙබඳු සංඥා ඇත්තේවේ. මේ සතරවන අභිභායතනයයි අධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ නිල්වූ නීලවර්ණ ඇත්තාවූ නිල් දැකීම් ඇත්තාවූ නිල් බැබලුම් ඇත්තාවූ පිටත්හි රූපයන් දකියි. යම්සේ නම් දියබෙරලිය මල නිල්ද නිල් පැහැයද නිල් දැකීම් සහිතද ඇත්තේද එපරිද්දෙන්ම අධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ එක් පුද්ගලයෙක් සුදුවූ සුදුපාට ඇත්තාවූ සුදුපාට දැකීම් ඇත්තාවූ සුදුපාට බැබලීම් ඇත්තාවූ පිටත්හි රූපයන් දකියි. ඔවුන් මැඩගෙණ දනිමි දකිමියි මෙබඳු සංඥා ඇත්තේ වේ. මේ අටවැනි අභිභායතනයයි. එයිනුදු වනාහි මාගේ බොහෝ ශ්‍රාවකයෝ ධ්‍යානඅභිඥාවගේ කෙළවරට පැමිණ වාසය කරත්.
250
‘‘පුන චපරං, උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා දස කසිණායතනානි භාවෙන්ති. පථවීකසිණමෙකො සඤ්ජානාති උද්ධමධො තිරියං අද්වයං අප්පමාණං; ආපොකසිණමෙකො සඤ්ජානාති...පෙ.... තෙජොකසිණමෙකො සඤ්ජානාති... වායොකසිණමෙකො සඤ්ජානාති... නීලකසිණමෙකො සඤ්ජානාති... පීතකසිණමෙකො සඤ්ජානාති... ලොහිතකසිණමෙකො සඤ්ජානාති... ඔදාතකසිණමෙකො සඤ්ජානාති... ආකාසකසිණමෙකො සඤ්ජානාති ... විඤ්ඤාණකසිණමෙකො සඤ්ජානාති උද්ධමධො තිරියං අද්වයං අප්පමාණං. තත්‍ර ච පන මෙ සාවකා බහූ අභිඤ්ඤාවොසානපාරමිප්පත්තා විහරන්ති.
250
“උදායීය, නැවත අනිකක්ද කියමි. යම්සේ පිළිපන්නාවූ මාගේ ශ්‍රාවකයෝ දසකසිණ අරමුණු වඩත්ද, මා විසින් ශ්‍රාවකයන්ට ඒ ප්‍රතිපදාව ප්‍රකාශ කරණ ලද්දීය. එක් පුද්ගලයෙක් උඩ භාගයෙහිද යට භාගයෙහිද සරසද හාත්පසද එකක්මවූ අප්‍රමාණවූ පඨවි කසිණය දැනගනියි. එක් පුද්ගලයෙක් උඩ යට සරස එකක්මවූ අප්‍රමාණවූ ආපො කසිණය දැනගනියි. එක් පුද්ගලයෙක් උඩ යට සරස එකක්මවූ අප්‍රමාණවූ තෙජො කසිණය දැනගනියි. එක් පුද්ගලයෙක් උඩ යට සරස එකක්මවූ අප්‍රමාණවූ වායො කසිණය දැනගනියි. එක් පුද්ගලයෙක් උඩ යට සරස එකක්මවූ අප්‍රමාණවූ නීල කසිණය දැනගනියි. එක් පුද්ගලයෙක් උඩ යට සරස එකක්මවූ අප්‍රමාණවූ පීත කසිණය දැනගනියි. එක් පුද්ගලයෙක් උඩ යට සරස එකක්මවූ අප්‍රමාණවූ ලොහිතකසිණය දැනගනියි. එක් පුද්ගලයෙක් උඩ යට සරස එකක්මවූ අප්‍රමාණවූ ඔදාත කසිණය දැනගනියි. එක් පුද්ගලයෙක් උඩ යටසරස එකක්මවූ අප්‍රමාණවූ ආකාස කසිණය දැනගනියි. එක් පුද්ගලයෙක් උඩ භාගයෙහිද යට භාගයෙහිද සරස හාත්පසද එකක්මවූ අප්‍රමාණවූ විඤ්ඤාණ කසිණය දැනගනියි. එයිනුදු වනාහි මාගේ බොහෝ ශ්‍රාවකයෝ ධ්‍යාන අභිඥාවන්ගේ කෙළවරට පැමිණ වාසය කරත්.
251
‘‘පුන චපරං, උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා චත්තාරි ඣානානි භාවෙන්ති. ඉධුදායි, භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං විවෙකජෙන පීතිසුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති, නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස විවෙකජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති. සෙය්‍යථාපි, උදායි, දක්ඛො න්හාපකො (නහාපකො (සී. පී.)) වා න්හාපකන්තෙවාසී වා කංසථාලෙ න්හානීයචුණ්ණානි (නහානීයචුණ්ණානි (සී. පී.)) ආකිරිත්වා උදකෙන පරිප්ඵොසකං පරිප්ඵොසකං සන්නෙය්‍ය, සායං න්හානීයපිණ්ඩි (සාස්ස නහානීයපිණ්ඩී (සී. ස්‍යා. කං.)) ස්නෙහානුගතා ස්නෙහපරෙතො සන්තරබාහිරා ඵුටා ස්නෙහෙන න ච පග්ඝරිණී; එවමෙව ඛො, උදායි, භික්ඛු ඉමමෙව කායං විවෙකජෙන පීතිසුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති, නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස විවෙකජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති.
‘‘පුන චපරං, උදායි, භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං...පෙ.... දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං සමාධිජෙන පීතිසුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති, නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස සමාධිජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති . සෙය්‍යථාපි, උදායි, උදකරහදො ගම්භීරො උබ්භිදොදකො (උබ්භිතොදකො (ස්‍යා. කං. ක.)). තස්ස නෙවස්ස පුරත්ථිමාය දිසාය උදකස්ස ආයමුඛං , න පච්ඡිමාය දිසාය උදකස්ස ආයමුඛං, න උත්තරාය දිසාය උදකස්ස ආයමුඛං, න දක්ඛිණාය දිසාය උදකස්ස ආයමුඛං, දෙවො ච න කාලෙන කාලං සම්මා ධාරං අනුප්පවෙච්ඡෙය්‍ය; අථ ඛො තම්හාව උදකරහදා සීතා වාරිධාරා උබ්භිජ්ජිත්වා තමෙව උදකරහදං සීතෙන වාරිනා අභිසන්දෙය්‍ය පරිසන්දෙය්‍ය පරිපූරෙය්‍ය පරිප්ඵරෙය්‍ය, නාස්ස (න නෙසං (සී.)) කිඤ්චි සබ්බාවතො උදකරහදස්ස සීතෙන වාරිනා අප්ඵුටං අස්ස. එවමෙව ඛො, උදායි, භික්ඛු ඉමමෙව කායං සමාධිජෙන පීතිසුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති, නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස සමාධිජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති.
‘‘පුන චපරං, උදායි, භික්ඛු පීතියා ච විරාගා...පෙ.... තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං නිප්පීතිකෙන සුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති, නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස නිප්පීතිකෙන සුඛෙන අප්ඵුටං හොති. සෙය්‍යථාපි, උදායි, උප්පලිනියං වා පදුමිනියං වා පුණ්ඩරීකිනියං වා අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවඩ්ඪානි උදකානුග්ගතානි අන්තො නිමුග්ගපොසීනි, තානි යාව චග්ගා යාව ච මූලා සීතෙන වාරිනා අභිසන්නානි පරිසන්නානි පරිපූරානි පරිප්ඵුටානි, නාස්ස කිඤ්චි සබ්බාවතං, උප්පලානං වා පදුමානං වා පුණ්ඩරීකානං වා සීතෙන වාරිනා අප්ඵුටං අස්ස; එවමෙව ඛො, උදායි, භික්ඛු ඉමමෙව කායං නිප්පීතිකෙන සුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති, නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස නිප්පීතිකෙන සුඛෙන අප්ඵුටං හොති.
‘‘පුන චපරං, උදායි, භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන ඵරිත්වා නිසින්නො හොති, නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන අප්ඵුටං හොති. සෙය්‍යථාපි, උදායි, පුරිසො ඔදාතෙන වත්ථෙන සසීසං පාරුපිත්වා නිසින්නො අස්ස, නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස ඔදාතෙන වත්ථෙන අප්ඵුටං අස්ස; එවමෙව ඛො, උදායි, භික්ඛු ඉමමෙව කායං පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන ඵරිත්වා නිසින්නො හොති, නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන අප්ඵුටං හොති. තත්‍ර ච පන මෙ සාවකා බහූ අභිඤ්ඤාවොසානපාරමිප්පත්තා විහරන්ති.
251
“උදායීය, නැවත අනිකක්ද කියමි. යම්සේ පිළිපන්නාවූ මාගේ ශ්‍රාවකයෝ සතරධ්‍යානයන් වඩත්ද, මාවිසින් ශ්‍රාවකයන්ට ඒ ප්‍රතිපදාව ප්‍රකාශ කරණ ලද්දීය. උදායීය, මේ ශාසනයෙහි භික්ෂුතෙම කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම මෙම කය විවේකයෙන් හටගත්තාවූ ප්‍රීති සැපයෙන් මනාව තෙමයි. හාත්පසින් තෙමයි. සම්පූර්ණ කරයි. හාත්පසින් පුරවයි. මොහුගේ සියලු ශරීරය පිළිබඳ කිසිවකුත් විවේකයෙන් හටගත් ප්‍රීති සැපයෙන් නොපැතිරෙන ලද්දේ නොවේ. උදායීය, යම්සේ දක්ෂවූ නාවන්නෙක් හෝ නාවන්නෙකුගේ අතවැසියෙක් හෝ ලොහෝ තලියෙහි නෑමට ගන්නා සුණු බහා ජලයෙන් හන හනා තෙමන්නේද, ඒ මොහුගේ නෑමට ගන්නා සුණු පිඩ හොඳින් ඇනී හොඳින් කලවන් වූයේ ඇතුළත පිටත සමසේ ස්පර්ශ කරණ ලද්දේ යහපත් ආකාරයෙන් වැගිරෙන්නේද, උදායීය, එපරිද්දෙන්ම භික්ෂු තෙම මෙම ශරීරය විවේකයෙන් හටගත් ප්‍රීති සැපයෙන් මනාව තෙමයි. හාත්පස තෙමයි. සම්පූර්ණ කරයි. හාත්පස පතුරුවයි. මොහුගේ සියලුම කය පිළිබඳ කිසිවකුත් විවේකයෙන් හටගත් ප්‍රීති සැපයෙන් නොපැතිරෙන ලද්දේ නොවෙයි.
“උදායීය, නැවත අනිකක්ද කියමි. භික්ෂු තෙම විතර්ක විචාරකයන් සංසිඳීමෙන් ඇතුලත පැහැදීම ඇති, හිතේ එකඟ බව ඇති, විතර්ක රහිතවූ විචාර රහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම මෙම ශරීරය සමාධියෙන් හටගත්තාවූ ප්‍රීති සැපයෙන් මනාව තෙමයි, හාත්පස තෙමයි, සම්පූර්ණ කරයි, හාත්පස පතුරුවයි. මොහුගේ සියලුම කය පිළිබඳ කිසිවකුත් සමාධියෙන් හටගත් ප්‍රීති සැපයෙන් නොපැතිරෙන ලද්දේ නොවෙයි. උදායීය, යම්සේ උල්පත්වලින් එන ජලය ඇති දියවිලක් වේද එයට පූර්වදිශාවෙහි දිය එන්නාවූ දොරටුවක්ද නොවන්නේය, පශ්චිම දිශාවෙහි දිය එන්නාවූ දොරටුවක්ද නොවන්නේය. උතුරු දිශාවෙහි දිය එන්නාවූ දොරටුවක්ද නොවන්නේය. දකුණු දිශාවෙහි දිය එන්නාවූ දොරටුවක්ද නොවන්නේය. වැස්සද කලින් කල මනාකොට නොවස්නේය. එකල්හි ඒ දිය විලෙන්ම සිහිල්වූ ජලධාරාවෝ උඩට නැගී ඒ දියවිලම සිහිල් ජලයෙන් මනාව තෙමන්නේද, හාත්පස තෙමන්නේද පුරවන්නේද පැතිරෙන්නේද මේ සියලුම දියවිලේ කිසිවකුත් සිහිල්වූ ජලයෙන් නොපැතුරුනේ නොවන්නේද, උදායීය, එපරිද්දෙන්ම භික්ෂුතෙම මෙම ශරීරය සමාධියෙන් හටගත් ප්‍රීති සැපයෙන් මනාව තෙමයි හාත්පස තෙමයි, සම්පූර්ණ කරයි. හාත්පස පතුරුවයි. මේ සියලුම ශරීරය පිළිබඳ කිසිවකුත් සමාධියෙන් හටගත් ප්‍රීති සැපයෙන් නොපැතුරුනේ නොවෙයි.
“උදායීය, නැවත අනිකක්ද කියමි. භික්ෂුතෙම ප්‍රීතියෙහිද නොඇල්මෙන් උපෙක්ෂාඇත්තේ වාසය කරයිද, සිහියෙන් යුක්තවූයේ, නුවණින් යුක්තවූයේ, ශරීරයෙන් සුවය විඳින්නේද, යම් ඒ ධ්‍යානයක් උපෙක්ෂා ඇත්තේ සිහි ඇත්තේ, සැප විහරණ ඇත්තේයයි ආර්යයෝ කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම මෙම ශරීරය ප්‍රීති රහිතවූ සැපයෙන් මනාව තෙමයි, හාත්පස තෙමයි, පුරවයි, හාත්පස පතුරුවයි. මොහුගේ සියලුම ශරීරය පිළිබඳ කිසිවකුත් ප්‍රීති රහිතවූ සැපයෙන් නොපැතුරුනේ නොවෙයි. උදායීය, යම්සේ රතු නෙලුම් විලක හෝ මානෙල්විලක හෝ සුදුනෙලුම් විලක හෝ ඇතැම් රතුනෙලුම් හෝ මානෙල් හෝ සුදුනෙලුම් හෝ දියෙහි හටගත්තාහු දියෙහි වැඩුනාහු දියෙන් මතු නොවූවාහු ඇතුළත ගැලී වැඩුණාහු අග දක්වාද මුල දක්වාද සිහිල් ජලයෙන් මනාව තෙමුනාහු හාත්පස තෙමුනාහු සම්පූර්ණ වූවාහු හාත්පස පැතුරුනාහු වෙත්ද, ඒ සියලු රතු නෙළුම්වල හෝ මානෙල්වල හෝ සුදු නෙළුම්වල හෝ කිසිවකුත් සිහිල් දියෙන් නොපැතුරුනේ නොවන්නේද, උදායීය, එපරිද්දෙන්ම භික්ෂු තෙම මෙම ශරීරය ප්‍රීති රහිතවූ සැපයෙන් මනාව තෙමයි, හාත්පස තෙමයි, සම්පූර්ණ කරයි, හාත්පස පතුරුවයි. මේ සියලුම කය පිළිබඳ කිසිවෙකුත් ප්‍රීති රහිතවූ සැපයෙන් නොපැතුරුනේ නොවේ.
“උදායීය, නැවත අනිකක්ද කියමි. භික්ෂුතෙම සැපයද දුරු කිරීමෙන් දුකද දුරු කිරීමෙන් පළමු කොටම සොම්නස් දොම්නස් දෙදෙනා නැසීමෙන් නිදුක්වූ නොසැපවූ උපෙක්ඛා සති දෙදෙනාගේ පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම මෙම ශරීරය පිරිසිදුවූ නිර්මලවූ සිතින් පැතිර හුන්නේ වෙයි. ඔහුගේ සියලුම ශරීරය පිළිබඳ කිසිවකුත් පිරිසිදුවූ නිර්‍මලවූ සිතින් නොපැතුරුනේ නොවෙයි.
“උදායීය, යම්සේ පුරුෂතෙම සුදුවූ වස්ත්‍රයකින් හිස සහිතව පෙරවා හුන්නෙක් වන්නේද ඔහුගේ සියලුම ශරීරය පිළිබඳ කිසිවකුත් සුදුවූ වස්ත්‍රයෙන් නොපැතුරුනේ නොවන්නේද, උදායීය, එපරිද්දෙන්ම භික්‍ෂුතෙම මෙම ශරීරය පිරිසිදුවූ නිර්‍මලවූ සිතින් පැතිර හුන්නේ වේ. මොහුගේ සියලුම ශරීරය පිළිබඳ කිසිවකුත් පිරිසිදුවූ නිර්‍මලවූ සිතින් නොපැතුරුනේ නොවෙයි. එයිනුදු වනාහි මාගේ බොහෝ ශ්‍රාවකයෝ ධ්‍යාන අභිඥාවගේ කෙළවරට පැමිණ වාසය කරත්.
252
‘‘පුන චපරං, උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා එවං පජානන්ති - ‘අයං ඛො මෙ කායො රූපී චාතුමහාභූතිකො මාතාපෙත්තිකසම්භවො ඔදනකුම්මාසූපචයො අනිච්චුච්ඡාදනපරිමද්දනභෙදනවිද්ධංසනධම්මො; ඉදඤ්ච පන මෙ විඤ්ඤාණං එත්ථ සිතං එත්ථ පටිබද්ධං’. සෙය්‍යථාපි, උදායි, මණි වෙළුරියො සුභො ජාතිමා අට්ඨංසො සුපරිකම්මකතො අච්ඡො විප්පසන්නො සබ්බාකාරසම්පන්නො; තත්‍රිදං සුත්තං ආවුතං නීලං වා පීතං වා ලොහිතං වා ඔදාතං වා පණ්ඩුසුත්තං වා. තමෙනං චක්ඛුමා පුරිසො හත්ථෙ කරිත්වා පච්චවෙක්ඛෙය්‍ය - ‘අයං ඛො මණි වෙළුරියො සුභො ජාතිමා අට්ඨංසො සුපරිකම්මකතො අච්ඡො විප්පසන්නො සබ්බාකාරසම්පන්නො; තත්‍රිදං සුත්තං ආවුතං නීලං වා පීතං වා ලොහිතං වා ඔදාතං වා පණ්ඩුසුත්තං වා’ති. එවමෙව ඛො, උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා එවං පජානන්ති - ‘අයං ඛො මෙ කායො රූපී චාතුමහාභූතිකො මාතාපෙත්තිකසම්භවො ඔදනකුම්මාසූපචයො අනිච්චුච්ඡාදනපරිමද්දනභෙදනවිද්ධංසනධම්මො; ඉදඤ්ච පන මෙ විඤ්ඤාණං එත්ථ සිතං එත්ථ පටිබද්ධ’න්ති. තත්‍ර ච පන මෙ සාවකා බහූ අභිඤ්ඤාවොසානපාරමිප්පත්තා විහරන්ති.
252
“උදායීය, නැවත අනිකක්ද කියමි. යම්සේ පිළිපන්නාවූ මාගේ ශ්‍රාවකයෝ මෙසේ දැනගනිත්ද, මා විසින් ශ්‍රාවකයන්ට ඒ ප්‍රතිපදාව ප්‍රකාශ කරණ ලද්දීය. මාගේ මේ ශරීරය වනාහි රූපයන්ගෙන් යුක්තවූයේ සතර මහා භූතයන්ගෙන් හටගත්තේ මව්පිය දෙදෙනාගේ සම්භවයෙන් (ශුක්‍ර ශ්‍රොණිතයන්ගෙන්) හටගත්තේ බත් කොමු (තිරිඟු) වලින් වැඩුණේ අනිත්‍යය ඇඟ ඉලීමය, පිරිමැදීමය, බිඳීමය විනාසය යන ස්වභාව කොට මොවුන් ඇත්තේ වේ. මාගේ මේ සිතද මේ කය ඇසුරු කළේ මේ කය පිළිබඳ වූයේයයි දැනගනිත්. උදායීය, යම්සේ යහපත්වූ, ජාතිමත්වූ, අටැස් ඇත්තාවූ, මොනවට ඔප දමන ලද්දාවූ, ප්‍රසන්නවූ, විශේෂයෙන් ප්‍රසන්නවූ, සියලු ආකාරයෙන් යුක්තවූ, දියමන්ති මාණික්‍යයක් වේද, එහි නිල් පාටවූ හෝ කහ පාටවූ හෝ රතු පාටවූ හෝ සුදු පාටවූ හෝ දුුඹුරුපාටවූ හෝ නූලක් අවුනන ලද්දේ වන්නේද, එය ඇස් ඇති පුරුෂයෙක් අතට ගෙන කල්පනා කරන්නේය. මේ මැණික වනාහි යහපත්වූ, ජාතිමත්වූ, අටැස් ඇත්තාවූ, මනාව ඔප දමන ලද්දාවූ, පිරිසිදුවූ, ප්‍රසන්නවූ, සියලු ආකාරයන්ගෙන් යුක්තවූ, දියමන්ති මැණිකක් වේ, නිල්වූ හෝ කහපාටවූ හෝ රතුපාටවූ හෝ සුදුපාටවූ හෝ දුඹුරුපාටවූ නූලක් එහි අවුනන ලද්දේ වේයයි දැනගන්නේය, උදායීය, එපරිද්දෙන්ම මා විසින් යම්සේ පිළිපන්නාවූ මාගේ ශ්‍රාවකයෝ එසේ දැන ගනිද්ද, ශ්‍රාවකයන්ට ඒ ප්‍රතිපදාව ප්‍රකාශ කරණ ලද්දීය. මේ මාගේ ශරීරය වනාහි රූපයෙන් යුක්ත වූයේ සතර මහා භූතයන්ගෙන් හටගත්තේ මව්පිය සම්භවයෙන් හටගත්තේ බතින් හා කොමු පිඬු වලින් (තිරිඟු) වැඩුණෙ අනිත්‍යය ඇඟ ඉලීමය, පිරිමැදීමය, බිඳීමය, නැසීමය යන මොවුන් ස්වභාව කොට ඇත්තේ වේ. මාගේ මේ සිතද වනාහි ඒ කය ඇසුරු කළේ කය පිළිබඳ වූයේ යයි, දැන ගනිත්. එයිනුදු වනාහි මාගේ බොහෝ ශ්‍රාවකයෝ දැනීමේ කෙළවරට පමුණුවන්නාවූ රහත් බවට පැමිණ වාසය කෙරෙත්.
253
‘‘පුන චපරං, උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා ඉමම්හා කායා අඤ්ඤං කායං අභිනිම්මිනන්ති රූපිං මනොමයං සබ්බඞ්ගපච්චඞ්ගිං අහීනින්ද්‍රියං. සෙය්‍යථාපි, උදායි, පුරිසො මුඤ්ජම්හා ඊසිකං පබ්බාහෙය්‍ය; තස්ස එවමස්ස - ‘අයං මුඤ්ජො, අයං ඊසිකා; අඤ්ඤො මුඤ්ජො, අඤ්ඤා ඊසිකා; මුඤ්ජම්හාත්වෙව ඊසිකා පබ්බාළ්හා’ති. සෙය්‍යථා වා පනුදායි, පුරිසො අසිං කොසියා පබ්බාහෙය්‍ය; තස්ස එවමස්ස - ‘අයං අසි, අයං කොසි; අඤ්ඤො අසි අඤ්ඤා කොසි; කොසියාත්වෙව අසි පබ්බාළ්හො’ති. සෙය්‍යථා වා, පනුදායි , පුරිසො අහිං කරණ්ඩා උද්ධරෙය්‍ය; තස්ස එවමස්ස - ‘අයං අහි, අයං කරණ්ඩො; අඤ්ඤො අහි, අඤ්ඤො කරණ්ඩො; කරණ්ඩාත්වෙව අහි උබ්භතො’ති. එවමෙව ඛො, උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා ඉමම්හා කායා අඤ්ඤං කායං අභිනිම්මිනන්ති රූපිං මනොමයං සබ්බඞ්ගපච්චඞ්ගිං අහීනින්ද්‍රියං. තත්‍ර ච පන මෙ සාවකා බහූ අභිඤ්ඤාවොසානපාරමිප්පත්තා විහරන්ති.
253
“උදායීය, නැවතද අනිකක් කියමි. යම්සේ පිළිපන්නාවූ මාගේ ශ්‍රාවකයෝ මේ ශරීරයෙන් අන්‍යවූ සිතින් නිපදවන ලද්දාවූ සියලු කුඩාමහත් අවයවයන්ගෙන් යුක්තවූ නොබිඳුනු ඉන්ද්‍රිය ඇති රූප සහිත ශරීරයක් මවත්ද, එබඳු ප්‍රතිපදාවක් කියන ලද්දීය. උදායීය, යම්සේ පුරුෂ තෙම මුදු තණ ගසින් ගොබයක් ඇදගන්නේද, ඔහුට මේ මුදුතණ ගසය මේ ගොබය මුදු තණගස අනිකක්ය ගොබය අනිකක්ය මුදු තණ ගසින්ම ගොබය ඇද ගන්නා ලද්දේ යයි, මෙබඳු සිතක් වන්නේද, උදායීය, යම්සේ හෝ පුරුෂයෙක් කඩුව කොපුවෙන් ඇද ගන්නේද ඔහුට මේ කඩුවය මේ කොපුවය කඩුව අනිකක්ය කොපුව අනිකක්ය කොපුවෙන්ම කඩුව ඇදගන්නා ලද්දේ යයි මෙබඳු සිතක් වන්නේද, උදායීය, යම්සේ හෝ පුරුෂයෙක් තෙම සර්පයෙකු නයි පෙට්ටියෙන් උඩට ගන්නේද, ඔහුට මේ සර්පයාය මේ නයි පෙට්ටියය සර්පයා අනිකෙක නයි පෙට්ටිය අනිකෙක නයි පෙට්ටියෙන්ම සර්පයා උඩට ගන්නා ලද්දේ යයි, මෙබඳු සිතක් වන්නේද, උදායීය, එපරිද්දෙන්ම යම්සේ පිළිපන්නාවූ මාගේ ශ්‍රාවකයෝ මේ ශරීරයෙන් අන්‍යවූ සිතින්ම නිපදවූ සියලු කුඩා මහත් අවයවවලින් යුක්තවූ නොබිඳුනු ඉන්ද්‍රියයන් ඇති රූපසහිත ශරීරයක් මවත්ද, මා විසින් ශ්‍රාවකයන්ට ඒ ප්‍රතිපදාව ප්‍රකාශ කරණ ලද්දීය. එයිනුදු වනාහි මාගේ බොහෝවූ ශ්‍රාවකයෝ ධ්‍යාන අභිඥාවගේ කෙළවරට පැමිණ වාසය කෙරෙත්.
254
‘‘පුන චපරං, උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොන්ති - එකොපි හුත්වා බහුධා හොන්ති, බහුධාපි හුත්වා එකො හොති; ආවිභාවං, තිරොභාවං; තිරොකුට්ටං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානා ගච්ඡන්ති, සෙය්‍යථාපි ආකාසෙ; පථවියාපි උම්මුජ්ජනිමුජ්ජං කරොන්ති, සෙය්‍යථාපි උදකෙ; උදකෙපි අභිජ්ජමානෙ (අභිජ්ජමානා (ක.)) ගච්ඡන්ති, සෙය්‍යථාපි පථවියං; ආකාසෙපි පල්ලඞ්කෙන කමන්ති, සෙය්‍යථාපි පක්ඛී සකුණො; ඉමෙපි චන්දිමසූරියෙ එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ පාණිනා පරිමසන්ති පරිමජ්ජන්ති, යාව බ්‍රහ්මලොකාපි කායෙන වසං වත්තෙන්ති. සෙය්‍යථාපි, උදායි, දක්ඛො කුම්භකාරො වා කුම්භකාරන්තෙවාසී වා සුපරිකම්මකතාය මත්තිකාය යං යදෙව භාජනවිකතිං ආකඞ්ඛෙය්‍ය තං තදෙව කරෙය්‍ය අභිනිප්ඵාදෙය්‍ය; සෙය්‍යථා වා පනුදායි, දක්ඛො දන්තකාරො වා දන්තකාරන්තෙවාසී වා සුපරිකම්මකතස්මිං දන්තස්මිං යං යදෙව දන්තවිකතිං ආකඞ්ඛෙය්‍ය තං තදෙව කරෙය්‍ය අභිනිප්ඵාදෙය්‍ය; සෙය්‍යථා වා පනුදායි, දක්ඛො සුවණ්ණකාරො වා සුවණ්ණකාරන්තෙවාසී වා සුපරිකම්මකතස්මිං සුවණ්ණස්මිං යං යදෙව සුවණ්ණවිකතිං ආකඞ්ඛෙය්‍ය තං තදෙව කරෙය්‍ය අභිනිප්ඵාදෙය්‍ය. එවමෙව ඛො, උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොන්ති - එකොපි හුත්වා බහුධා හොන්ති, බහුධාපි හුත්වා එකො හොති; ආවිභාවං, තිරොභාවං; තිරොකුට්ටං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානා ගච්ඡන්ති, සෙය්‍යථාපි ආකාසෙ; පථවියාපි උම්මුජ්ජනිමුජ්ජං කරොන්ති, සෙය්‍යථාපි උදකෙ; උදකෙපි අභිජ්ජමානෙ ගච්ඡන්ති , සෙය්‍යථාපි පථවියං; ආකාසෙපි පල්ලඞ්කෙන කමන්ති, සෙය්‍යථාපි පක්ඛී සකුණො; ඉමෙපි චන්දිමසූරියෙ එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ පාණිනා පරිමසන්ති පරිමජ්ජන්ති, යාව බ්‍රහ්මලොකාපි කායෙන වසං වත්තෙන්ති. තත්‍ර ච පන මෙ සාවකා බහූ අභිඤ්ඤාවොසානපාරමිප්පත්තා විහරන්ති.
254
“උදායීය, නැවත අනිකක්ද කියමි. යම්සේ පිළිපන්නාවූ මාගේ ශ්‍රාවකයෝ නොයෙක් ආකාරවූ ඍද්ධි විධියක් අනුභව කෙරෙත්ද, ඒ ප්‍රතිපදාව ශ්‍රාවකයන්ට මා විසින් ප්‍රකාශ කරණ ලද්දීය, එනම් එකෙක්වද, බොහෝ දෙනෙක් වෙත්. බොහෝ දෙනෙක්වද එකෙක් වෙත්. පෙනෙන්ටද නොපෙනෙන්ටද අහසෙහි මෙන් භික්තිය සරසටද ප්‍රාකාරය සරසටද පර්වතය සරසටද නොගැටෙමින් යෙත්. පොළොවෙහිද දියෙහි මෙන් මතුවීම කිමිදීම කරත්. දියෙහිද පොළොවෙහි මෙන් දිය නොබිඳ ගමන් කරත්. පියාපත් ඇති පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්යංකයෙන් ගමන් කරත්. මෙසේ මහත් ඍද්ධි ඇත්තාවූ මෙසේ මහත් ආනුභාව ඇත්තාවූ මේ සඳ හිරු දෙදෙනද අතින් අල්වත්. පිරිමදිත්. බඹලොව දක්වාද කයින් වසඟයෙහි පවත්වත්ද, උදායීය, යම්සේ දක්ෂවූ වලන්කරුවෙක් හෝ වලන්කරු අතවැසියෙක් හෝ මනාව පදම් කරණ ලද මැටියෙන් යම් යම් භාජන විශේෂයක් කැමැති වන්නේද, ඒ ඒ දෙයම කරන්නේද නිපදවන්නේද, උදායීය, යම්සේ හෝ දක්ෂවූ දළ කම්කරුවෙක් හෝ දළ කම්කරුවෙකුගේ අතවැසියෙක් හෝ මනාව පදම් කළ දළයෙහි යම් යම් දළ කැටයමක් කැමැති වන්නේද, ඒ කැටයමම කරන්නේද නිපදවන්නේද, උදායීය, යම්සේ හෝ දක්ෂවූ රන් කරුවෙක් හෝ රන් කරුවෙකුගේ අතවැසියෙක් හෝ පදම් කළාවූ ස්වර්ණයෙහි යම් යම් රන්කැට යමක් කැමතිවන්නේද, ඒ කැටයමම කරන්නේද නිපදවන්නේද, උදායීය, එපරිද්දෙන්ම යම්සේ පිළිපන්නාවූ මාගේ ශ්‍රාවකයෝ නොයෙක් ප්‍රකාරවූ ඍද්ධිවිධිය අනුභව කෙරෙත්ද, ඒ ප්‍රතිපදාව මා විසින් ශ්‍රාවකයින්ට ප්‍රකාශකරණ ලද්දීය. එනම් එකෙක්වද බොහෝ දෙනෙක් වෙත්, බොහෝ දෙනෙක්වද එකෙක් වෙයි. පෙනෙන්ටද නොපෙනෙන්ටද ආකාශයෙහි මෙන්, භික්තිය සරසටද ප්‍රාකාරය සරසටද පර්වතය සරසටද නොගැටෙමින් යත්. පොළොවෙහිද දියෙහි මෙන් මතුවීම කිමිදීම කරත්. දියෙහිද පොළොවෙහි මෙන් දිය නොබිඳ යත්. අහසෙහිද පියාපත් ඇත්තාවූ පක්ෂියෙකු මෙන් පර්යංකයෙන් ගමන් කරත්. මෙසේ මහත් ඍද්ධි ඇත්තාවූ මහත් ආනුභාව ඇත්තාවූ මේ සඳ හිරු දෙදෙනද අතින් අල්වත්. පිරිමදිත්. බඹලොව දක්වාම කයින් වසඟයෙහි පවත්වත්. එහිදු වනාහි බොහෝ ශ්‍රාවකයෝ ධ්‍යාන අභිඥාවන්ගේ කෙළවරට පැමිණ වාසය කරත්.
255
‘‘පුන චපරං, උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය උභො සද්දෙ සුණන්ති - දිබ්බෙ ච මානුසෙ ච, යෙ දූරෙ සන්තිකෙ ච. සෙය්‍යථාපි, උදායි, බලවා සඞ්ඛධමො අප්පකසිරෙනෙව චාතුද්දිසා විඤ්ඤාපෙය්‍ය; එවමෙව ඛො, උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය උභො සද්දෙ සුණන්ති - දිබ්බෙ ච මානුසෙ ච, යෙ දූරෙ සන්තිකෙ ච. තත්‍ර ච පන මෙ සාවකා බහූ අභිඤ්ඤාවොසානපාරමිප්පත්තා විහරන්ති.
255
“උදායිය, නැවත අනිකක්ද කියමි. යම් සේ පිළිපන්නාවූ මාගේ ශ්‍රාවකයෝ පිරිසිදුවූ මිනිස් කණ ඉක්ම පවත්නාවූ දිව්‍යවූ කණින් දිව්‍යවූද මනුෂ්‍යවූද දුරෙහිද ලඟද යම් ශබ්ද කෙනෙක් වෙත්ද ඒ දෙවැදෑරුම්වූ ශබ්දයන් අසත්ද, ඒ ප්‍රතිපදාව මා විසින් ශ්‍රාවකයින්ට ප්‍රකාශ කරණ ලද්දීය. යම්සේ බලවත්වූ සක් පිඹින්නෙක් පහසුවෙන්ම සතර දිසාවන්ට දන්වන්නේද, උදායීය, එපරිද්දෙන් යම්සේ පිළිපන්නාවූ මාගේ ශ්‍රාවකයෝ පිරිසිදුවූ මිනිස් කණ ඉක්ම පවත්නාවූ දිව්‍යවූ කණින් දිව්‍යවූද මනුෂ්‍යවූද දුරද ලඟද යම් ශබ්ද කෙනෙක් වෙත්ද ඒ දෙවැදෑරුම් ශබ්දයන් අසත්ද, ඒ ප්‍රතිපදාව මා විසින් ශ්‍රාවකයන්ට ප්‍රකාශ කරණ ලද්දීය. එයිනුදු වනාහි මාගේ බොහෝ ශ්‍රාවකයෝ ධ්‍යාන අභිඤඤාවන්ගේ කෙළවරට පැමිණ වාසය කරති.
256
‘‘පුන චපරං, උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානන්ති - සරාගං වා චිත්තං ‘සරාගං චිත්ත’න්ති පජානන්ති, වීතරාගං වා චිත්තං ‘වීතරාගං චිත්ත’න්ති පජානන්ති; සදොසං වා චිත්තං ‘සදොසං චිත්ත’න්ති පජානන්ති, වීතදොසං වා චිත්තං ‘වීතදොසං චිත්ත’න්ති පජානන්ති; සමොහං වා චිත්තං ‘සමොහං චිත්ත’න්ති පජානන්ති, වීතමොහං වා චිත්තං ‘වීතමොහං චිත්ත’න්ති පජානන්ති; සංඛිත්තං වා චිත්තං ‘සඞ්ඛිත්තං චිත්ත’න්ති පජානන්ති, වික්ඛිත්තං වා චිත්තං ‘වික්ඛිත්තං චිත්ත’න්ති පජානන්ති; මහග්ගතං වා චිත්තං ‘මහග්ගතං චිත්ත’න්ති පජානන්ති, අමහග්ගතං වා චිත්තං ‘අමහග්ගතං චිත්ත’න්ති පජානන්ති; සඋත්තරං වා චිත්තං ‘සඋත්තරං චිත්ත’න්ති පජානන්ති, අනුත්තරං වා චිත්තං ‘අනුත්තරං චිත්ත’න්ති පජානන්ති; සමාහිතං වා චිත්තං ‘සමාහිතං චිත්ත’න්ති පජානන්ති, අසමාහිතං වා චිත්තං ‘අසමාහිතං චිත්ත’න්ති පජානන්ති; විමුත්තං වා චිත්තං ‘විමුත්තං චිත්ත’න්ති පජානන්ති, අවිමුත්තං වා චිත්තං ‘අවිමුත්තං චිත්ත’න්ති පජානන්ති. සෙය්‍යථාපි, උදායි, ඉත්ථී වා පුරිසො වා දහරො යුවා මණ්ඩනකජාතිකො ආදාසෙ වා පරිසුද්ධෙ පරියොදාතෙ අච්ඡෙ වා උදකපත්තෙ සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො සකණිකං වා ‘සකණික’න්ති (සකණිකඞ්ගං වා සකණිකඞ්ගන්ති (සී.)) ජානෙය්‍ය , අකණිකං වා ‘අකණික’න්ති (අකණිකඞ්ගං වා අකණිකඞ්ගන්ති (සී.)) ජානෙය්‍ය; එවමෙව ඛො, උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානන්ති - සරාගං වා චිත්තං ‘සරාගං චිත්ත’න්ති පජානන්ති, වීතරාගං වා චිත්තං...පෙ.... සදොසං වා චිත්තං... වීතදොසං වා චිත්තං... සමොහං වා චිත්තං... වීතමොහං වා චිත්තං... සඞ්ඛිත්තං වා චිත්තං... වික්ඛිත්තං වා චිත්තං... මහග්ගතං වා චිත්තං... අමහග්ගතං වා චිත්තං... සඋත්තරං වා චිත්තං... අනුත්තරං වා චිත්තං... සමාහිතං වා චිත්තං... අසමාහිතං වා චිත්තං... විමුත්තං වා චිත්තං... අවිමුත්තං වා චිත්තං ‘අවිමුත්තං චිත්ත’න්ති පජානන්ති. තත්‍ර ච පන මෙ සාවකා බහූ අභිඤ්ඤාවොසානපාරමිප්පත්තා විහරන්ති.
256
“යම් සේ පිළිපන්නාවූ මගේ ශ්‍රාවකයෝ අන්‍ය සත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ සිත තමන්ගේ සිතින් පිරිසිඳ දැන ගණිත්ද, ඒ ප්‍රතිපදාව මා විසින් ශ්‍රාවකයන්ට ප්‍රකාශ කරණ ලද්දීය, රාග සහිතවූ හෝ සිත රාග සහිත සිතයයි දැන ගණිත්. පහවූ රාග ඇති සිත හෝ පහවූ රාග ඇති සිතයයි දැනගණිත්. දෝෂ සහිත සිත හෝ දෝෂ සහිත සිතයයි දැන ගණිත්. පහවූ දෝෂ ඇති සිත හෝ පහවූ දෝෂ ඇති සිතයයි දැනගනිත්. මෝහ සහිතවූ සිත හෝ මෝහ සහිත සිතයයි දැනගණිත්. පහවූ මෝහය ඇති සිත හෝ පහවූ මෝහය ඇති සිතයයි දැන ගණිත්. හැකුළුනාවූ සිත හෝ හැකුළුනාවූ සිතයයි දැනගණිත්. විසුරුණාවූ සිත හෝ විසුරුණාවූ සිතයයි දැණගණිත්. මහත් බවට ගියාවූ සිත හෝ මහත් බවට ගියාවූ සිතයයි දැනගණිත්. මහත් බවට නොගියාවූ සිත හෝ මහත් බවට නොගියාවූ සිතයයි දැනගණිත්. තමහට වඩා උසස් සිත් සහිතවූ සිත හෝ තමහට වඩා උසස් සිත් සහිතවූ සිතයයි දැණගණිත් තමහට වඩා උසස් සිත් රහිතවූ සිත හෝ තමහට වඩා උසස් සිත් රහිතවූ සිතයයි දැණගණිත්. එකඟවූ සිත හෝ එකඟවූ සිතයයි දැන ගණිත්. එකඟ නොවූ සිත හෝ එකඟ නොවූ සිතයයි දැන ගණිත්. මිදුනාවූ සිත හෝ මිදුනාවූ සිතයයි දැනගණිත්. නොමිදුනාවූ සිත හෝ නොමිදුනාවූ සිතයයි දැනගණිත්. උදායීය, යම්සේ, ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ තරුණවූයේ යෞවන වූයේ සැරසෙන ස්වභාව ඇත්තේ පිරිසිදුවූ නිර්මලවූ කැඩපතෙහි හෝ ප්‍රසන්නවූ දිය භාජනයෙහි හෝ ස්වකීය මුඛ සටහන බලනු ලබන්නේ දෝස සහිත අවයවය හෝ දෝස සහිත අවයවයයි දන්නේද, දෝස රහිත අවයව හෝ දෝස රහිතවූ අවයවයයි දන්නේද උදායීය, එපරිද්දෙන්ම යම්සේ පිළිපන්නා වූ මාගේ ශ්‍රාවකයෝ අන්‍යසත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ සිත තමන්ගේ සිතින් පිරිසිඳ දැන ගණිත්ද, ඒ ප්‍රතිපදාව මා විසින් ශ්‍රාවකයන්ට ප්‍රකාශ කරන ලද්දීය. රාග සහිතවූ සිත හෝ රාග සහිත වූ සිතයයි දැන ගණිත්ද, පහවූ රාග ඇති සිත හෝ පහවූ රාග ඇති සිතයයි දැන ගණිත්ද, ද්වේෂ සහිතවූ සිත හෝ ද්වේෂ සහිත සිතයයි දැනගනිත්ද, මෝහ සහිත සිත හෝ මෝහ සහිත සිතයයි දැනගනිත්ද, පහවූ මෝහය ඇති සිත හෝ පහවූ මෝහය ඇති සිතයයි දැනගනිත්ද, හැකුළුනා වූ සිත හෝ හැකුළුණාවූ සිතයයි දැනගනිත්ද, විසුරුනාවූ සිත හෝ විසුරුනාවූ සිතයයි දැනගනිත්ද, මහත් බවට ගිය සිත හෝ මහත් බවට ගිය සිතයයි දැනගනිත්ද, මහත් බවට නොගියා වූ සිත හෝ මහත් බවට නොගිය සිතයයි දැන ගනිත්ද, උසස් බවට ගිය සිත හෝ උසස් බවට ගිය සිතයයි දැනගනිත්ද, උසස් බවට නොගිය සිත හෝ උසස් බවට නොගිය සිතයයි දැනගනිත්ද, එකඟවූ සිත හෝ එකඟවූ සිතයයි දැන ගනිත්ද, එකඟ නොවූ සිත හෝ එකඟ නොවූ සිතයයි දැන ගනිත්ද, මිදුනාවූ සිත හෝ මිදුනාවූ සිතයයි දැනගනිත්ද, නොමිදුනාවූ සිත හෝ නොමිදුනාවූ සිතයයි දැන ගණිත්ද, එයිනු වනාහි මාගේ බොහෝවූ ශ්‍රාවකයෝ ධ්‍යාන අභිඤ්ඤාවගේ කෙළවරට පැමිණ වාසය කරත්.
257
‘‘පුන චපරං, උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරන්ති, සෙය්‍යථිදං - එකම්පි ජාතිං ද්වෙපි ජාතියො තිස්සොපි ජාතියො චතස්සොපි ජාතියො පඤ්චපි ජාතියො දසපි ජාතියො වීසම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාලීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි, අනෙකෙපි සංවට්ටකප්පෙ අනෙකෙපි විවට්ටකප්පෙ අනෙකෙපි සංවට්ටවිවට්ටකප්පෙ - ‘අමුත්‍රාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛප්පටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො අමුත්‍ර උදපාදිං; තත්‍රාපාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛප්පටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො ඉධූපපන්නො’ති. ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්‍යථාපි, උදායි, පුරිසො සකම්හා ගාමා අඤ්ඤං ගාමං ගච්ඡෙය්‍ය, තම්හාපි ගාමා අඤ්ඤං ගාමං ගච්ඡෙය්‍ය; සො තම්හා ගාමා සකංයෙව ගාමං පච්චාගච්ඡෙය්‍ය; තස්ස එවමස්ස - ‘අහං ඛො සකම්හා ගාමා අඤ්ඤං ගාමං අගච්ඡිං, තත්‍ර එවං අට්ඨාසිං එවං නිසීදිං එවං අභාසිං එවං තුණ්හී අහොසිං; තම්හාපි ගාමා අමුං ගාමං අගච්ඡිං, තත්‍රාපි එවං අට්ඨාසිං එවං නිසීදිං එවං අභාසිං එවං තුණ්හී අහොසිං, සොම්හි තම්හා ගාමා සකංයෙව ගාමං පච්චාගතො’ති. එවමෙව ඛො, උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරන්ති, සෙය්‍යථිදං - එකම්පි ජාතිං...පෙ.... ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරන්ති. තත්‍ර ච පන මෙ සාවකා බහූ අභිඤ්ඤාවොසානපාරමිප්පත්තා විහරන්ති.
257
“උදායීය, නැවත අනිකක්ද කියමි. යම්සේ පිළිපන්නාවූ මාගේ ශ්‍රාවකයෝ නොයෙක් ආකාරවූ පෙරවිසූ භව පිළිවෙළ සිහි කරත්ද, එනම්, එක ජාතියෙක්ද, ජාති දෙකක්ද ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දහයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතළිසක්ද, ජාති පණසක්ද ජාති සියයක්ද, ජාති දහසක්ද ජාති සියක් දහසක්ද නොයෙක් සංවර්ත කල්පයන්ද නොයෙක් විවර්ත කල්පයන්ද, නොයෙක් සංවර්ත විවර්ත කල්පයන්ද අසවල් තැන මෙනම් ඇත්තෙක් මෙබඳු ගොත්‍ර ඇත්තෙක් මෙබඳු වර්ණ ඇත්තෙක් මෙබඳු ආහාර ඇත්තෙක් මෙබඳු සුවදුක් විඳින්නෙක් මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුතවූයේ අසවල්තන්හි ඉපදුනෙමි. එහිදු මෙනම් ඇත්තෙක් මෙබඳු ගොත්‍ර ඇත්තෙක් මෙබඳු වර්ණ ඇත්තෙක් මෙබඳු ආහාර ඇත්තෙක් මෙබඳු සුවදුක් විඳින්නෙක් මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුතවූයේ මෙහි උපන්නේ වෙමියි, මෙසේ ආකාර සහිතවූ උද්දෙස සහිතවූ අනෙකප්‍රකාරවූ පෙරවිසූ භව පිළිවෙල සිහිකරත්ද, ඒ ප්‍රතිපදාව මා විසින් ශ්‍රාවකයන්ට ප්‍රකාශ කරන ලද්දීය. උදායීය, යම්සේ පුරුෂයෙක් ස්වකීය ගමින් අනික් ගමකට යන්නේද එගමිනුත් අන් ගමකට යන්නේද හෙතෙම ඒ ගමින් ස්වකීය ගමටම පසුව එන්නේද, ඔහුට මෙබඳු අදහසක් වන්නේය. මම වනාහි ස්වකීය ගමන් අසවල් ගමට ගියෙමි. එහි මෙසේ සිටියෙමි. මෙසේ හුන්නෙමි. මෙසේ කතා කෙළෙමි. මෙසේ නිශ්ශබ්ද වීමි. එගමිනුත් අසවල් ගමට ගියෙමි. එහිදු මෙසේ සිටියෙමි. මෙසේ හුන්නෙමි මෙසේ කතා කෙළෙමි. මෙසේ නිශ්ශබ්ද වීමි. ඒ මම එගමින් ස්වකීය ගමටම පෙරලා ආයේ වෙමියි දන්නේද, උදායීය, එපරිද්දෙන්ම යම්සේ පිළිපන්නාවූ මාගේ ශ්‍රාවකයෝ අනෙකප්‍රකාරවූ පෙර විසූ භව පිළිවෙළ සිහිකරත්ද, එනම්, එක ජාතියක්ද ජාති දෙකක්ද ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දහයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතළිහක්ද, ජාති පනසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති සියක් දහසක්ද නොයෙක් සංවර්ත කල්පයන්ද නොයෙක් විවර්ත කල්පයන්ද නොයෙක් සංවර්ත විවර්ත කල්පයන්ද, අසවල් තැන මෙනම් ඇත්තෙක්, මෙබඳු ගොත්‍ර ඇත්තෙක්, මෙබඳු වර්ණ ඇත්තෙක් මෙබඳු ආහාර ඇත්තෙක්, මෙබඳු සුවදුක් විඳින්නෙක් මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුතවූයේ අසවල් තැන ඉපදුනෙමි. එහිද මෙනම් ඇත්තෙක්, මෙබඳු ගොත්‍ර ඇත්තෙක්, මෙබඳු වර්ණ ඇත්තෙක්, මෙබඳු ආහාර ඇත්තෙක්, මෙබඳු සුවදුක් විඳින්නෙක් මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුතවූයේ මෙහි උපන්නේ වෙමියි. මෙසේ ආකාර සහිත වූ උදෙසීම් සහිතවූ අනෙක ප්‍රකාරවූ පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරත්ද, ඒ ප්‍රතිපදාව ශ්‍රාවකයන්ට මා විසින් ප්‍රකාශ කරණ ලද්දීය. එයිනුදු වනාහි මාගේ බොහෝ ශ්‍රාවකයෝ ධ්‍යාන අභිඤ්ඤාවන්ගේ කෙළවරට පැමිණ වාසය කෙරෙත්.
258
‘‘පුන චපරං, උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සන්ති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානන්ති - ‘ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා; ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා’ති. ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සන්ති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානන්ති. සෙය්‍යථාපි, උදායි, ද්වෙ අගාරා සද්වාරා (සන්නද්වාරා (ක.)). තත්‍ර චක්ඛුමා පුරිසො මජ්ඣෙ ඨිතො පස්සෙය්‍ය මනුස්සෙ ගෙහං පවිසන්තෙපි නික්ඛමන්තෙපි අනුචඞ්කමන්තෙපි අනුවිචරන්තෙපි; එවමෙව ඛො, උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සන්ති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානන්ති...පෙ.... තත්‍ර ච ප මෙ සාවකා බහූ අභිඤ්ඤාවොසානපාරමිප්පත්තා විහරන්ති.
258
“උදායීය, නැවතද අනිකක් කියමි. යම්සේ පිළිපන්නාවූ මාගේ ශ්‍රාවකයෝ පිරිසිදුවූ මිනිසැස ඉක්ම පවත්නාවූ දිව්‍යවූ ඇසින් චුතවනු ලබන්නාවූද උපදිනු ලබන්නාවූද ලාමකවූද උතුම්වූද යහපත් වර්ණ ඇත්තාවූද අයහපත් වර්ණ ඇත්තාවූද යහපත් ගති ඇත්තාවූද අයහපත් ගති ඇත්තාවූද සත්වයන් දකිත්ද, පින්වත්නි, ඒකාන්තයෙන් මේ සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහුය. වාක් දුශ්චරිතයෙන් යුක්තවූවාහුය. මනොදුශ්චරිතයෙන් යුක්තවූවාහුය. ආර්යයන්ට දොස් කියන්නාහුය. මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහුය. මිථ්‍යාදෘෂ්ටිකයන්ගේ කර්ම සමාදන් වූවාහුය. ඔව්හු ශරීරයාගේ භෙදයෙන් මරණින් මතු සැප නැත්තාවූ දුක්වන්නාවූ යටිකුරුව වැටෙන්නාවූ නරකයෙහි උපන්නාහුය. පින්වත්නි, මේ සත්වයෝ කායසුචරිතයෙන් යුක්තවූවාහුය. වචී සුචරිතයෙන් යුක්තවූවාහුය. මනොසුචරිතයෙන් යුක්ත වූවාහුය. ආර්යන්ට දොස් නොකියන්නාහුය. සම්‍යක් දෘෂ්ටි ඇත්තාහුය. සම්‍යක් දෘෂ්ටිකයන්ගේ කර්ම සමාදන් වූවාහුය. ඔව්හු ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු ශොභන ගති ඇත්තාවූ පස්කම් සැපයෙන් යුක්තවූ දිව්‍යලෝකයෙහි උපන්නාහුයයි, කම්වූ පරිදි පැමිණියාවූ සත්වයන් මෙසේ පිරිසිදුවූ මිනිසැස ඉක්ම පවත්නාවූ දිව්‍යවූ ඇසින් චුතවනු ලබන්නා වූද උපදිනු ලබන්නාවූද, ලාමකවූද, උතුම්වූද, යහපත් වර්ණ ඇත්තාවූද, අයහපත් වර්ණ ඇත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද, සත්වයන් දකිත්ද, කම් වූ පරිද්දෙන් ගියාවූ සත්වයන් දැනගනිත්ද, ඒ ප්‍රතිපදාව මා විසින් ප්‍රකාශ කරන ලද්දීය. උදායීය, යම්සේ දොරටු සහිතවූ ගෙවල් දෙකක් වෙත්ද, එහි ඇස් ඇති පුරුෂයෙක් මැද සිටියේ ගෙවලට ඇතුල් වන්නාවූද, එයින් නික්මෙන්නා වූද, අනුව හැසිරෙන්නාවූද, ඔබමොබ හැසිරෙන්නාවූද මනුෂ්‍යයන් දන්නේද, උදායීය, එපරිද්දෙන්ම යම්සේ පිළිපන්නාවූ මාගේ ශ්‍රාවකයෝ පිරිසිදුවූ මිනිසැස ඉක්ම පවත්නාවූ දිව්‍යවූ ඇසින් චුතවනු ලබන්නාවූද, උපදිනු ලබන්නාවූද හීනවූද, ප්‍රනීතවූද, යහපත් වර්ණ ඇත්තාවූද, අයහපත් වර්ණ ඇත්තාවූද හොඳ ලොව ගියාවූද, නරක ලොව ගියාවූද සත්වයන් දකිත්. කම් වූ පරිද්දෙන් පැමිණියාවූ සත්වයන් දැනගණිත්. එයිනුදු වනාහි මාගේ බොහෝ ශ්‍රාවකයෝ ධ්‍යාන අභිඥාවන්ගේ කෙළවරට පැමිණ වාසය කරත්.
259
‘‘පුන චපරං, උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්ති. සෙය්‍යථාපි, උදායි, පබ්බතසඞ්ඛෙපෙ උදකරහදො අච්ඡො විප්පසන්නො අනාවිලො, තත්ථ චක්ඛුමා පුරිසො තීරෙ ඨිතො පස්සෙය්‍ය සිප්පිසම්බුකම්පි (සිප්පිකසම්බුකම්පි (ස්‍යා. කං. ක.)) සක්ඛරකඨලම්පි මච්ඡගුම්බම්පි චරන්තම්පි තිට්ඨන්තම්පි. තස්ස එවමස්ස - ‘අයං ඛො උදකරහදො අච්ඡො විප්පසන්නො අනාවිලො, තත්‍රිමෙ සිප්පිසම්බුකාපි සක්ඛරකඨලාපි මච්ඡගුම්බාපි චරන්තිපි තිට්ඨන්තිපී’ති. එවමෙව ඛො, උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්ති. තත්‍ර ච පන මෙ සාවකා බහූ අභිඤ්ඤාවොසානපාරමිප්පත්තා විහරන්ති. අයං ඛො, උදායි, පඤ්චමො ධම්මො යෙන මම සාවකා සක්කරොන්ති ගරුං කරොන්ති මානෙන්ති පූජෙන්ති, සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරන්ති.
‘‘ඉමෙ ඛො, උදායි, පඤ්ච ධම්මා යෙහි මමං සාවකා සක්කරොන්ති ගරුං කරොන්ති මානෙන්ති පූජෙන්ති, සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරන්තී’’ති.
ඉදමවොච භගවා. අත්තමනො සකුලුදායී පරිබ්බාජකො භගවතො භාසිතං අභිනන්දීති.
259
“උදායීය, නැවත අනිකක්ද කියමි. යම්සේ පිළිපන්නාවූ මාගේ ශ්‍රාවකයෝ ආශ්‍රවයන් නැසීමෙන් ආශ්‍රව නැත්තාවූ අර්හත්ඵල සමාධියටද, අර්හත්ඵල ප්‍රඥාවටද, ඉහාත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට පැමිණ වාසය කෙරෙත්ද, ඒ ප්‍රතිපදාව මා විසින් ශ්‍රාවකයන්ට ප්‍රකාශ කරණ ලද්දීය. උදායීය, යම් සේ කඳුමුදුනක නිර්මලවූ නොකැළඹුනාවූ දිය විලක් වේද, එහි ඉවුරෙහි සිටියාවූ ඇස් ඇති පුරුෂයෙක් තිබෙන්නාවූද හැසිරෙන්නාවූද සිප්පිබෙල්නන් හා සක්බෙල්ලන්ද, ගල්කැට හා කැබිලිතිකටුද, මත්ස්‍ය සමූහයා දක්නේද, උදායීය, එපරිද්දෙන්ම යම්සේ පිළිපන්නාවූ මාගේ ශ්‍රාවකයෝ ආශ්‍රවයන් නැසීමෙන් ආශ්‍රව නැත්තාවූ අර්හත්ඵල සමාධියටද, අර්හත්ඵල ප්‍රඥාවටද මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට පැමිණ වාසය කෙරෙත්. එයිනුදු වනාහි මාගේ බොහෝ ශ්‍රාවකයෝ දැනීමේ කෙළවරට පමුණුවන්නාවූ රහත් බවට පැමිණ වාසය කෙරෙත්. උදායීය, මේ වනාහි යමකින් මට ශ්‍රාවකයෝ සත්කාර කෙරෙත්ද, ගෞරව කෙරෙත්ද, බුහුමන් කෙරෙත්ද පුදත්ද, සත්කාරකොට ගෞරවකොට ඇසුරුකොට වාසය කෙරෙත්ද ඒ පස්වන කරුණ වේ.
“උදායීය, යමකින් මට ශ්‍රාවකයෝ සත්කාර කරත්ද ගෞරව කරත්ද, බුහුමන් කරත්ද, පුදත්ද, සත්කාරකොට ගෞරව කොට ඇසුරුකොට වාසය කරත්ද ඒ මේ කරුණු පස වෙත්යයි” (වදාළේය.)
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇත්තාවූ සකුළුදායි පරිව්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තේය.
8. සමණමුණ්ඩිකසුත්තං 8. සමණ මණ්ඩික සූත්‍රය
9. චූළසකුලුදායිසුත්තං 9. චූල සකුළුදායී සූත්‍රය
10. වෙඛනසසුත්තං 10. වෙඛණ සූත්‍රය