ත්‍රිපිටකය
3. පරිබ්බාජකවග්ගො 3. පරිබ්‍රාජක වර්ගය
1. තෙවිජ්ජවච්ඡසුත්තං 1. තෙවිජ්ජ වච්ඡගොත්ත සූත්‍රය
2. අග්ගිවච්ඡසුත්තං 2. අග්ගි වච්ඡගොත්ත සූත්‍රය
3. මහාවච්ඡසුත්තං 3. මහා වච්ඡගොත්ත සූත්‍රය
4. දීඝනඛසුත්තං 4. දීඝ නඛ සූත්‍රය
5. මාගණ්ඩියසුත්තං 5. මාගන්දිය සූත්‍රය
6. සන්දකසුත්තං 6. සන්දක සූත්‍රය
223
එවං මෙ සුතං - එකං සමයං භගවා කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. තෙන ඛො පන සමයෙන සන්දකො පරිබ්බාජකො පිලක්ඛගුහායං පටිවසති මහතියා පරිබ්බාජකපරිසාය සද්ධිං පඤ්චමත්තෙහි පරිබ්බාජකසතෙහි. අථ ඛො ආයස්මා ආනන්දො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො භික්ඛූ ආමන්තෙසි - ‘‘ආයාමාවුසො, යෙන දෙවකතසොබ්භො තෙනුපසඞ්කමිස්සාම ගුහාදස්සනායා’’ති. ‘‘එවමාවුසො’’ති ඛො තෙ භික්ඛූ ආයස්මතො ආනන්දස්ස පච්චස්සොසුං. අථ ඛො ආයස්මා ආනන්දො සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං යෙන දෙවකතසොබ්භො තෙනුපසඞ්කමි. තෙන ඛො පන සමයෙන සන්දකො පරිබ්බාජකො මහතියා පරිබ්බාජකපරිසාය සද්ධිං නිසින්නො හොති උන්නාදිනියා උච්චාසද්දමහාසද්දාය අනෙකවිහිතං තිරච්ඡානකථං කථෙන්තියා, සෙය්‍යථිදං - රාජකථං චොරකථං මහාමත්තකථං සෙනාකථං භයකථං යුද්ධකථං අන්නකථං පානකථං වත්ථකථං සයනකථං මාලාකථං ගන්ධකථං ඤාතිකථං යානකථං ගාමකථං නිගමකථං නගරකථං ජනපදකථං ඉත්ථිකථං සූරකථං විසිඛාකථං කුම්භට්ඨානකථං පුබ්බපෙතකථං නානත්තකථං ලොකක්ඛායිකං සමුද්දක්ඛායිකං ඉතිභවාභවකථං ඉති වා. අද්දසා ඛො සන්දකො පරිබ්බාජකො ආයස්මන්තං ආනන්දං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන සකං පරිසං සණ්ඨාපෙසි - ‘‘අප්පසද්දා භොන්තො හොන්තු, මා භොන්තො සද්දමකත්ථ; අයං සමණස්ස ගොතමස්ස සාවකො ආගච්ඡති සමණො ආනන්දො. යාවතා ඛො පන සමණස්ස ගොතමස්ස සාවකා කොසම්බියං පටිවසන්ති, අයං තෙසං අඤ්ඤතරො සමණො ආනන්දො. අප්පසද්දකාමා ඛො පන තෙ ආයස්මන්තො අප්පසද්දවිනීතා අප්පසද්දස්ස වණ්ණවාදිනො; අප්පෙව නාම අප්පසද්දං පරිසං විදිත්වා උපසඞ්කමිතබ්බං මඤ්ඤෙය්‍යා’’ති. අථ ඛො තෙ පරිබ්බාජකා තුණ්හී අහෙසුං.
223
මා විසින් (මේ සූත්‍රය) මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවර ඝොසිතාරාමයෙහි වාසය කළහ. එකල්හි වනාහි සන්දක නම් පරිව්‍රාජක තෙම පිලක්ඛ නම් ගුහායෙහි පන්සියයක් පමණවූ, මහත් පරිව්‍රාජක පිරිස සමග වාසය කරයි. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම සවස් වේලෙහි පලසමවතින් නැගී සිටියේ, භික්ෂූන්ට කථාකළහ. “ඇවැත්නි, යමු. දේවකටසොබ්භය (-වර්ෂාවෙන් සෑරුණු දියවිල) යම් තැනෙක්හිද එහි ගුහාව දැකීම පිණිස එළඹෙන්නෙමුයි”
“ඇවැත්නි, එසේයයි” ඒ භික්ෂූහු ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට උත්තර දුන්හ.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ බොහෝවූ භික්ෂූන් සමග දේවකටසොබ්භ නම් විල යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. එකල්හි වනාහි සන්දක නම් පරිව්‍රාජක තෙම උස්හඬින්ද, මහහඬින්ද, නොයෙක් ප්‍රකාර තිරිසන් කතා කියමින් මහත් ශබ්ද පවත්වන්නාවූ මහත් පිරිවැජි පිරිස සමග හුන්නේ වෙයි. එනම්, රජුන් පිළිබඳ කතාය, සොරුන් පිළිබඳ කතාය, මහ ඇමැතියන් පිළිබඳ කතාය, සේනාවන් පිළිබඳ කතාය, භය පිළිබඳ කතාය, යුද්ධ පිළිබඳ කතාය, ආහාර පිළිබඳ කතාය, බොන දේ පිළිබඳ කතාය, ඇඳුම් පිළිබඳ කතාය, නිදන ආසන පිළිබඳ කතාය, මල්මාලා පිළිබඳ කතාය, සුවඳ පිළිබඳ කතාය, නෑයන් පිළිබඳ කතාය, රථ පිළිබඳ කතාය, ගම් පිළිබඳ කතාය, මහගම් පිළිබඳ කතාය, නගරයන් පිළිබඳ කතාය, ජනපද පිළිබඳ කතාය, ස්ත්‍රීන් පිළිබඳ කතාය, සූරයන් පිළිබඳ කතාය, වීථි පිළිබඳ කතාය, දියතොට පිළිබඳ කතාය, පූර්වඥාති ප්‍රේතයන් පිළිබඳ කතාය, නොයෙක් ස්වභාවයෙන් යුක්ත කතාය, ලෝකය පිළිබඳ ප්‍රකාශ වන්නාවූ කතාය, සමුද්‍රය පිළිබඳව ප්‍රකාශ වන්නාවූ කතාය ‘මෙසේ වන්නේය, මෙසේ නොවන්නේය’ යන මෙය පිළිබඳ කතාය යන මේවායි.
සන්දකනම් පරිව්‍රාජක තෙම එන්නාවූ ආනන්ද ස්ථවිරයන් දුරදීම දුටුයේය. දැක ස්වකීය පිරිස තැන්පත් කෙළේය. “පින්වත්නි, ශබ්ද නොකරව්, මේ ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයන්වූ ශ්‍රමණවූ ආයුෂ්මත් ආනන්දස්ථවිර තෙමේ පැමිණෙයි. යම්තාක්ම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ කොසඹෑ නුවර වෙසෙත්ද, මේ ආනන්ද ශ්‍රමණ තෙමේ ඔවුන්ගෙන් එක්තරා කෙනෙක. ඒ ආයුෂ්මත්හු වනාහි නිශ්ශබ්ද බැව් කැමැත්තෝය. නිශ්ශබ්දවූ බුදුන් විසින් හික්මවන ලද්දාහුය. නිශ්ශබ්දභාවයාගේ ගුණ කියන්නෝය. ඒකාන්තයෙන් නිශ්ශබ්දවූ පිරිසක් බව දැන පැමිණිය යුතුයයි හඟින්නේයයි” කීය. ඉක්බිති පරිව්‍රාජකයෝ නිශ්ශබ්ද වූහ.
224
අථ ඛො ආයස්මා ආනන්දො යෙන සන්දකො පරිබ්බාජකො තෙනුපසඞ්කමි. අථ ඛො සන්දකො පරිබ්බාජකො ආයස්මන්තං ආනන්දං එතදවොච - ‘‘එතු ඛො භවං ආනන්දො, ස්වාගතං භොතො ආනන්දස්ස. චිරස්සං ඛො භවං ආනන්දො ඉමං පරියායමකාසි යදිදං ඉධාගමනාය. නිසීදතු භවං ආනන්දො, ඉදමාසනං පඤ්ඤත්ත’’න්ති. නිසීදි ඛො ආයස්මා ආනන්දො පඤ්ඤත්තෙ ආසනෙ. සන්දකොපි ඛො පරිබ්බාජකො අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො සන්දකං පරිබ්බාජකං ආයස්මා ආනන්දො එතදවොච - ‘‘කායනුත්ථ, සන්දක, එතරහි කථාය සන්නිසින්නා, කා ච පන වො අන්තරාකථා විප්පකතා’’ති? ‘‘තිට්ඨතෙසා, භො ආනන්ද, කථා යාය මයං එතරහි කථාය සන්නිසින්නා. නෙසා භොතො ආනන්දස්ස කථා දුල්ලභා භවිස්සති පච්ඡාපි සවනාය. සාධු වත භවන්තංයෙව ආනන්දං පටිභාතු සකෙ ආචරියකෙ ධම්මීකථා’’ති. ‘‘තෙන හි, සන්දක, සුණාහි , සාධුකං මනසි කරොහි, භාසිස්සාමී’’ති. ‘‘එවං භො’’ති ඛො සන්දකො පරිබ්බාජකො ආයස්මතො ආනන්දස්ස පච්චස්සොසි. ආයස්මා ආනන්දො එතදවොච - ‘‘චත්තාරොමෙ , සන්දක, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන අබ්‍රහ්මචරියවාසා අක්ඛාතා චත්තාරි ච අනස්සාසිකානි බ්‍රහ්මචරියානි අක්ඛාතානි, යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්‍රහ්මචරියං න වසෙය්‍ය, වසන්තො ච (වසන්තො වා (සී. පී.) එවමුපරිපි අනාරාධනපක්ඛෙ) නාරාධෙය්‍ය ඤායං ධම්මං කුසල’’න්ති. ‘‘කතමෙ පන තෙ, භො ආනන්ද, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන චත්තාරො අබ්‍රහ්මචරියවාසා අක්ඛාතා, යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්‍රහ්මචරියං න වසෙය්‍ය, වසන්තො ච නාරාධෙය්‍ය ඤායං ධම්මං කුසල’’න්ති?
224
එකල්හි වනාහි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ සන්දක නම් පරිව්‍රාජකයා යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. එකල්හි සන්දක නම් පරිව්‍රාජක තෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය. “භවත් ආනන්ද තෙමේ පැමිණේවා. භවත් ආනන්ද ස්ථවිරයන්ගේ යහපත් ඊමෙකි. බොහෝ කලකින් භවත් ආනන්ද ස්ථවිර තෙමේ මේ ආකාරය කළේය. එනම් මෙහි පැමිණීමෙනි. පින්වත් ආනන්ද ස්ථවිර තෙමේ වැඩහිඳීවා මේ ආසනය පනවන ලදැයි” කීය. ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම පනවන ලද අස්නෙහි හුන්නේය. සන්දක නම් පරිව්‍රාජක තෙමේද එක්තරා මිටි අස්නක් ගෙණ එක්පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ සන්දක නම් පරිව්‍රාජකයාට ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම මෙසේ කීය. “සන්දකය, දැන් කිනම් කථාවකින් යුක්තව හුන්නහුද, තොපගේ කිනම් අතුරු කථාවක් නතර කරන ලද්දීද?”
“භවත් ආනන්ද ස්ථවිරය, මේ කථාව තිබේවා. අපි යම් කථාවකින් යුක්තව දැන් හුන්නෙමුද, මේ කථාව භවත් ආනන්ද ස්ථවිරයන්ට පසුවද ඇසීමට දුර්ලභ නොවන්නීය. භවත් ආනන්ද ස්ථවිරයන්ටම ස්වකීය ආචාර්යවරයන්ගේ ඉගැන්වීමවූ දැහැමි කථාවක් වැටහේවා. එය මැනවැයි.”
“සන්දකය, එසේ වීනම් අසව. යහපත්කොට මෙනෙහි කරව. කියන්නෙමි.”
“එසේය, පින්වතුන් වහන්සැයි” සන්දක නම් පරිව්‍රාජක තෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට උත්තර දුන්නේය. ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම මෙය වදාළේය.
“සන්දකය, ඒ දන්නාවූ දක්නාවූ සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ විසින් නුවණැති පුරුෂ තෙමේ යමක් ඒකාන්ත උතුම් හැසිරීමකැයි නොවසන්නාවූද වසන්නේ වී නමුත් සම්බන්ධය කුසල ධර්ම මාර්ගයයි, සිත් නොගන්නාවූද අබ්‍රහ්මචරිය වාස සතරක්ද අස් වැසීමක් නැති බ්‍රහ්මචරිය වාස සතරක්ද ප්‍රකාශ කරණ ලද්දාහ.”
“භවත් ආනන්ද ස්ථවිරයෙනි, දන්නාවූ දක්නාවූ සම්‍යක් සම්බුද්ධවු ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් යමක් නුවණ ඇති පුරුෂ තෙම බ්‍රහ්මචරියාවකැයි නොවසන්නේද වසන්නේ හෝ කුසල ධර්ම මාර්ගයයි සිත් නොගන්නේද එවැනි කවර නම් අබ්‍රහ්මචරියවාස සතරක් ප්‍රකාශ කරණ ලද්දාහුද”.
225
‘‘ඉධ, සන්දක, එකච්චො සත්ථා එවංවාදී හොති එවංදිට්ඨි - ‘නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකතදුක්කටානං කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො, නත්ථි පරොලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්ති. චාතුමහාභූතිකො අයං පුරිසො යදා කාලඞ්කරොති, පථවී පථවීකායං අනුපෙති අනුපගච්ඡති, ආපො ආපොකායං අනුපෙති අනුපගච්ඡති, තෙජො තෙජොකායං අනුපෙති අනුපගච්ඡති, වායො වායොකායං අනුපෙති අනුපගච්ඡති , ආකාසං ඉන්ද්‍රියානි සඞ්කමන්ති. ආසන්දිපඤ්චමා පුරිසා මතං ආදාය ගච්ඡන්ති, යාවාළාහනා පදානි පඤ්ඤායන්ති. කාපොතකානි අට්ඨීනි භවන්ති. භස්සන්තා ආහුතියො; දත්තුපඤ්ඤත්තං යදිදං දානං. තෙසං තුච්ඡා මුසා විලාපො යෙ කෙචි අත්ථිකවාදං වදන්ති. බාලෙ ච පණ්ඩිතෙ ච කායස්ස භෙදා උච්ඡිජ්ජන්ති විනස්සන්ති න හොන්ති පරං මරණා’ති.
‘‘තත්‍ර , සන්දක, විඤ්ඤූ පුරිසො ඉති පටිසඤ්චික්ඛති - ‘අයං ඛො භවං සත්ථා එවංවාදී එවංදිට්ඨි - නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකතදුක්කටානං කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො, නත්ථි පරොලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්ති. චාතුමහාභූතිකො අයං පුරිසො යදා කාලඞ්කරොති, පථවී පථවීකායං අනුපෙති අනුපගච්ඡති, ආපො ආපොකායං අනුපෙති අනුපගච්ඡති, තෙජො තෙජොකායං අනුපෙති අනුපගච්ඡති, වායො වායොකායං අනුපෙති අනුපගච්ඡති, ආකාසං ඉන්ද්‍රියානි සඞ්කමන්ති. ආසන්දිපඤ්චමා පුරිසා මතං ආදාය ගච්ඡන්ති, යාවාළාහනා පදානි පඤ්ඤායන්ති. කාපොතකානි අට්ඨීනි භවන්ති. භස්සන්තා ආහුතියො; දත්තුපඤ්ඤත්තං යදිදං දානං. තෙසං තුච්ඡා මුසා විලාපො යෙ කෙචි අත්ථිකවාදං වදන්ති. බාලෙ ච පණ්ඩිතෙ ච කායස්ස භෙදා උච්ඡිජ්ජන්ති විනස්සන්ති න හොන්ති පරං මරණා’ති. සචෙ ඉමස්ස භොතො සත්ථුනො සච්චං වචනං, අකතෙන මෙ එත්ථ කතං, අවුසිතෙන මෙ එත්ථ වුසිතං. උභොපි මයං එත්ථ සමසමා සාමඤ්ඤං පත්තා, යො චාහං න වදාමි ‘උභො කායස්ස භෙදා උච්ඡිජ්ජිස්සාම, විනස්සිස්සාම, න භවිස්සාම පරං මරණා’ති. අතිරෙකං ඛො පනිමස්ස භොතො සත්ථුනො නග්ගියං මුණ්ඩියං උක්කුටිකප්පධානං කෙසමස්සුලොචනං යොහං පුත්තසම්බාධසයනං (පුත්තසම්බාධවසනං (සී.)) අජ්ඣාවසන්තො කාසිකචන්දනං පච්චනුභොන්තො මාලාගන්ධවිලෙපනං ධාරෙන්තො ජාතරූපරජතං සාදියන්තො ඉමිනා භොතා සත්ථාරා සමසමගතිකො භවිස්සාමි. අභිසම්පරායං සොහං කිං ජානන්තො කිං පස්සන්තො ඉමස්මිං සත්ථරි බ්‍රහ්මචරියං චරිස්සාමි? ‘සො අබ්‍රහ්මචරියවාසො අය’න්ති - ඉති විදිත්වා තස්මා බ්‍රහ්මචරියා නිබ්බිජ්ජ පක්කමති (නිබ්බිජ්ජාපක්කමති (සී.)). අයං ඛො, සන්දක, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන පඨමො අබ්‍රහ්මචරියවාසො අක්ඛාතො යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්‍රහ්මචරියං න වසෙය්‍ය, වසන්තො ච නාරාධෙය්‍ය ඤායං ධම්මං කුසලං.
225
“සන්දකය මේ ලෝකයෙහි ඇතැම් ශාස්තෘවරයෙක් (ආගම් කතෘවරයෙක්) මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේවෙයි. ‘දන් දීමෙන් පලක් නැත. පූජා කිරීමෙන් පලක් නැත. පුද පඬුරු දීමෙන් පලක් නැත. යහපත් අයහපත් කර්මයන්ගේ ඵලයක් විපාකයක් නැත පරලොව වසන්නවුන්ගේ මෙලොව ඉපදීමක් නැත. මෙලොව වසන්නවුන්ගේ පරලොව ඉපදීමක් නැත. මවට කරණ හොඳ නරකවල විපාක නැත. පියාට කරන හොඳ නරකවල විපාක නැත. මළ පසු නැවතද උපදනා සත්වයෙක් නැත. යමෙක් තුමූ මේ ලෝකයද පරලෝකයද තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කෙරෙත්ද, එබඳුවූ යහපත් මගට පැමිණියාවූ යහපත් මාර්ගයෙහි පිළිපන්නාවූ මහණ බමුණෝ ලෝකයෙහි නැත්තාහ. මේ පුරුෂතෙම සතර මහා භූතයන්ගෙන් හටගත්තාවූ යම් කලෙක මැරෙයිද එකල්හි ශරීරයේ පෘථිවි ධාතුව පිටත පෘථිවිධාතුවට එක්වෙයි. අනුව යයි. ආපොධාතුව ආපොධාතුවට එක්වෙයි. අනුව යයි. තෙජො ධාතුව තෙජො ධාතුවට එක්වෙයි. අනුව යයි. වායො ධාතුව වායො ධාතුවට එක්වෙයි. අනුව යයි. ඉන්ද්‍රියයෝ අහසට යත්. ඇඳ පස්වෙනි කොට ඇති පුරුෂයෝ මලහු ගෙනයත්. පින් කෙළේය පවු කෙළේ යන ගුණයද සොහොන දක්වා පමණක් පැනෙත්. පරෙවියන්ගේ පාටට බඳු පාට ඇති ඇට ඉතිරි වෙත්. දෙනලද දන්පුද අලුවලින් කෙලවර විය. දානය නම් මෝඩයන් විසින් පනවන ලද්දකි. යම් කිසිවෙක් කරණ ලද කර්මයෙහි විපාක ඇතැයි කියත්ද, එය ඔවුන්ගේ හිස්වූ මුසාවූ ප්‍රලාපයකි. බාලයෝත් පණ්ඩිතයෝත් ශරීරයාගේ භේදයෙන් සිඳෙත්, විනාශ වෙත්, මරණින් මත්තෙහි නොවෙත්යයි කියත්ද.
“සන්දකය, එහි නුවණ ඇති පුරුෂ තෙම මෙසේ කල්පනා කරයි. මේ පින්වත් ශාස්තෘ තෙමේ වනාහි මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි. දීමෙන් පලක් නැත. පූජා කිරීමෙන් පලක් නැත. පුද පඬුරු යැවීමෙන් පලක් නැත. කරණ ලද හොඳ නරක කර්මයන්ගේ ඵලයක් විපාකයක් නැත. පරලොව වසන්නවුන්ගේ මෙලොව ඉපදීමක් නැත. මෙලොව වසන්නවුන්ගේ පරලොව ඉපදීමක් නැත. මවට කරන හොඳ නරකවල විපාක නැත. පියාට කරන හොඳ නරකවල විපාක නැත. මළ පසු උපදින්නෙක් නැත. යම් කෙනෙක් මේ ලෝකයද පරලෝකයද තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට ප්‍රකාශ කෙරෙත්ද? ලෝකයෙහි එබඳුවූ යහපත් මාර්ගයට පැමිණියාවූ මනාව පිළිපන්නාවූ මහණ බමුණෝ නැත්තාහුය. සතර මහා භූතයන්ගෙන් හටගත්තාවූ මේ පුරුෂ තෙම යම් කලෙක මැරෙයිද, එකල්හි ශරීරයේ පෘථිවි ධාතු පිටත පෘථිවි ධාතුවට එක්වෙයි. අනුව යයි. ආපො ධාතුව ආපොධාතුවට පැමිණෙයි. අනුව යයි. තෙජො ධාතුව තෙජො ධාතුවට එක්වෙයි. අනුව යයි. වායො ධාතුව වායො ධාතුවට එක්වෙයි. අනුව යයි. ඉන්ද්‍රියයෝ අහසට යත්. ඇඳ පස්වෙනි කොට ඇති පුරුෂයෝ මළහු ගෙන යත්. සොහොන දක්වා ගුණ අගුණ කීම් පැනෙත්. පරෙවියන්ට බඳු පාට ඇති ඇට ඉතිරි වෙත්. කරන ලද දාන පූජා හලුවීමෙන් කෙළවර වෙත්. මේ දානය වනාහි මෝඩයන් විසින් පනවන ලද්දකි. යම් කිසි කෙනෙක් දානයෙහි විපාක ඇත යනාදිය කියත්ද, එය ඔවුන්ගේ හිස්වූ බොරු කථාවකි, අඥානයෝද පණ්ඩිතයෝද ශරීරයාගේ බිඳීමෙන් සිඳෙන්නාහුය. විනාශවන්නාහුය. මරණින් මත්තෙහි නොවෙත්යයි කියත්ද ඉදින් මේ පින්වත් ශාස්තෘහුගේ වචනය සත්‍ය වේ නම් මා විසින් මොහුගේ ශාසනයෙහි නොකරනලද මහණ කමක් කරණ ලදී. මා විසින් මොහුගේ ශාසනයෙහි නොවසනලද බ්‍රහ්ම චර්යාවක් වසන ලදී. මේ මහණදම්හි ශාස්තෘ ශ්‍රාවක යන අපි දෙදෙනම ගුණයෙන් සමවූවාහු සමාන බවට පැමිණියාහු වෙමු. යම් ඒ මම ශරීරයාගේ භේදයෙන් දෙදෙනම සිඳෙන්නෙමු. නැසෙන්නෙමු. මරණින් මත්තෙහි නොවන්නෙමුයි, නොකියමි. මේ පින්වත් ශාස්තෘහුගේ වනාහි නග්න බව මුඩු බව උක්කුටුකව වීර්ය කිරීම හිසකේ රැවුල් ඉදිරීම වැඩියක්වේ. යම් ඒ මම අඹු දරුවන්ගේ පීඩා සහිත සයනයෙන් යුක්තව වාසය කරමින් කසි වස්ත්‍ර සඳුන් පරිභොග කරමින් මල් ගඳ විලවුන් දරමින් රන් රිදී ඉවසමින් මේ පින්වත් ශාස්තෘවරයා හා පරලෙව්හි සමාන ගති ඇත්තෙක් වන්නෙමි. ඒ මම කුමක් දැන කුමක් දැක මේ ශාස්තෘන් වෙත බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙම්දැයි හෙතෙම මේ බ්‍රහ්මචර්ය වාසයක් නොවේයයි මෙසේ දැන ඒ බ්‍රහ්මචර්යයෙන් කලකිරී බැහැර යෙයි. සන්දකය, මේ වනාහි ඒ දන්නාවූ දක්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද්දාවූ නුවණ ඇති පුරුෂ තෙම ඒකාන්තයෙන් නොවසන්නාවූද, වාසය කරන්නේ හෝ කුසලධර්ම මාර්ගයෙකැයි සතුටු නොවන්නාවූද මේ පළමුවන අබ්‍රහ්මචර්ය වාසයවේ.
226
‘‘පුන චපරං, සන්දක, ඉධෙකච්චො සත්ථා එවංවාදී හොති එවංදිට්ඨි - ‘කරොතො කාරයතො ඡින්දතො ඡෙදාපයතො පචතො පාචාපයතො සොචයතො සොචාපයතො කිලමතො කිලමාපයතො ඵන්දතො ඵන්දාපයතො පාණමතිපාතයතො අදින්නං ආදියතො සන්ධිං ඡින්දතො නිල්ලොපං හරතො එකාගාරිකං කරොතො පරිපන්ථෙ තිට්ඨතො පරදාරං ගච්ඡතො මුසා භණතො කරොතො න කරීයති පාපං. ඛුරපරියන්තෙන චෙපි චක්කෙන යො ඉමිස්සා පථවියා පාණෙ එකං මංසඛලං එකං මංසපුඤ්ජං කරෙය්‍ය, නත්ථි තතොනිදානං පාපං, නත්ථි පාපස්ස ආගමො. දක්ඛිණඤ්චෙපි ගඞ්ගාය තීරං ගච්ඡෙය්‍ය හනන්තො ඝාතෙන්තො ඡින්දන්තො ඡෙදාපෙන්තො පචන්තො පචාපෙන්තො, නත්ථි තතොනිදානං පාපං, නත්ථි පාපස්ස ආගමො. උත්තරඤ්චෙපි ගඞ්ගාය තීරං ගච්ඡෙය්‍ය දදන්තො දාපෙන්තො යජන්තො යජාපෙන්තො, නත්ථි තතොනිදානං පුඤ්ඤං, නත්ථි පුඤ්ඤස්ස ආගමො. දානෙන දමෙන සංයමෙන සච්චවජ්ජෙන නත්ථි පුඤ්ඤං, නත්ථි පුඤ්ඤස්ස ආගමො’ති.
‘‘තත්‍ර, සන්දක, විඤ්ඤූ පුරිසො ඉති පටිසඤ්චික්ඛති - ‘අයං ඛො භවං සත්ථා එවංවාදී එවංදිට්ඨි - කරොතො කාරයතො ඡින්දතො ඡෙදාපයතො පචතො පාචාපයතො සොචතො සොචාපයතො කිලමතො කිලමාපයතො ඵන්දතො ඵන්දාපයතො පාණමතිපාතයතො අදින්නං ආදියතො සන්ධිං ඡින්දතො නිල්ලොපං හරතො එකාගාරිකං කරොතො පරිපන්ථෙ තිට්ඨතො පරදාරං ගච්ඡතො මුසා භණතො කරොතො න කරීයති පාපං ඛුරපරියන්තෙන චෙපි චක්කෙන යො ඉමිස්සා පථවියා පාණෙ එකං මංසඛලං එකං මංසපුඤ්ජං කරෙය්‍ය, නත්ථි තතොනිදානං පාපං, නත්ථි පාපස්ස ආගමො. දක්ඛිණඤ්චෙපි ගඞ්ගාය තීරං ගච්ඡෙය්‍ය හනන්තො ඝාතෙන්තො ඡින්දන්තො ඡෙදාපෙන්තො පචන්තො පචාපෙන්තො, නත්ථි තතොනිදානං පාපං, නත්ථි පාපස්ස ආගමො. උත්තරඤ්චෙපි ගඞ්ගාය තීරං ගච්ඡෙය්‍ය දදන්තො දාපෙන්තො යජන්තො යජාපෙන්තො, නත්ථි තතොනිදානං පුඤ්ඤං, නත්ථි පුඤ්ඤස්ස ආගමො. දානෙන දමෙන සංයමෙන සච්චවජ්ජෙන නත්ථි පුඤ්ඤං, නත්ථි පුඤ්ඤස්ස ආගමො’ති. සචෙ ඉමස්ස භොතො සත්ථුනො සච්චං වචනං, අකතෙන මෙ එත්ථ කතං, අවුසිතෙන මෙ එත්ථ වුසිතං. උභොපි මයං එත්ථ සමසමා සාමඤ්ඤං පත්තා, යො චාහං න වදාමි ‘උභින්නං කුරුතං න කරීයති පාප’න්ති. අතිරෙකං ඛො පනිමස්ස භොතො සත්ථුනො නග්ගියං මුණ්ඩියං උක්කුටිකප්පධානං කෙසමස්සුලොචනං යොහං පුත්තසම්බාධසයනං අජ්ඣාවසන්තො කාසිකචන්දනං පච්චනුභොන්තො මාලාගන්ධවිලෙපනං ධාරෙන්තො ජාතරූපරජතං සාදියන්තො ඉමිනා භොතා සත්ථාරා සමසමගතිකො භවිස්සාමි. අභිසම්පරායං සොහං කිං ජානන්තො කිං පස්සන්තො ඉමස්මිං සත්ථරි බ්‍රහ්මචරියං චරිස්සාමි? ‘සො අබ්‍රහ්මචරියවාසො අය’න්ති ඉති විදිත්වා තස්මා බ්‍රහ්මචරියා නිබ්බිජ්ජ පක්කමති. අයං ඛො, සන්දක, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන දුතියො අබ්‍රහ්මචරියවාසො අක්ඛාතො යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්‍රහ්මචරියං න වසෙය්‍ය, වසන්තො ච නාරාධෙය්‍ය ඤායං ධම්මං කුසලං.
226
“සන්දකය, නැවත අනිකක්ද කියමි. මේ ලෝකයෙහි ඇතැම් ශාස්තෘ කෙනෙක් මෙබඳු වාද ඇත්තේ වෙයි. මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි. ‘පව්කරන්නාහටද පවු කරවන්නාහටද අනුන්ගේ අත් පා ආදිය සිඳින්නාහටද සිදුවන්නාහටද, අනුන් පෙළන්නාහටද, අනුන් පෙළඹවන්නාහටද අනුන්ට ශොක කරන්නාහටද කරවන්නාහටද අනුන් වෙහෙස කරන්නාහටද, කරවන්නාහටද සතුන් මරන්නාහටද, සොරකම් කරන්නාහටද, ගෙවල් බිඳින්නාහටද, ගම් පහරන්නාහටද එක ගෙයක් බිඳින්නාහටද මං පහරන්නාහටද අන් අඹුවන් කරා යන්නා හටද බොරු කියන්නා හටද, ඕනෑ කමින්මපවු කරන්නා හටද පාපය සිදු නොවේ. මුවහත් ආයුධවලින් යුත් චක්‍රයකින් යමෙක් මේ පොළොවෙහි සතුන් එක මස් ගොඩක් එක මස් රැසක් කරන්නේ නම් ඒ හේතුවෙන්ද පාපයක් නැත්තේය. පාපයාගේ පැමිණීමක් නැත්තේය. ඉදින් ගංගානම් ගඟේ දකුණු ඉවුරටද අනුන් මරමින් මරවමින් අත් පා සිඳිමින් සිඳුවමින් අනුන් පෙළමින් පෙළවමින් යන්නේ නම් ඒ හේතුවෙන්ද පාපයක් නැත්තේය. පාපයාගේ පැමිණීමක් නැත්තේය. ඉදින් ගංගානම් ගඟේ උතුරු ඉවුරටද දෙමින් දෙවමින් පුදමින් පුදවමින් යන්නේ නම් ඒ හේතුවෙන්ද පිනක් නැත්තේය. පින් පැමිණීමක් නැත්තේය. දීමෙන් ඉන්ද්‍රිය දමනයෙන් සංවරයෙන් සත්‍ය වචනයෙන් පිනක් නැත්තේය. පින් පැමිණීමක් නැත්තේයයි කියත්ද, සන්දකය, ඒ ශාසනයෙහි නුවණ ඇති පුරුෂ තෙම මෙසේ කල්පනා කරයි. ‘මේ භවත් ශාස්තෘ තෙමේ වනාහි මෙබඳු වාද ඇත්තෙක් මෙබඳු දෘෂ්ටි ඇත්තෙක් වේ. පව් කරන්නාහට, පව් කරවන්නාහට, අත් පා ආදිය සිඳින්නාහට සිඳුවන්නාහට අනුන් පෙළන්නාහට පෙළවන්නාහට අනුන් ශොකකරන්නාහට ශොක කරවන්නාහට අනුන් වෙහෙස කරන්නාහට කරවන්නාහට සතුන් මරන්නාහට සොරකම් කරන්නාහට ගෙවල් බිඳින්නාහට ගම් පහරන්නා හට එක් ගෙයක් බිඳින්නාහට, මං පහරන්නාහට, බොරු කියන්නාහට, ඕනෑකමින්ම පවු කරන්නාහට අන් අඹුවන් කරා යන්නාහට, පාපයක් සිදු නොවේ. මුවහත් ආයුධ ඇති චක්‍රයෙන්ද, ඉදින් යමෙක් මේ පොලොවෙහි සතුන් එක මස් ගොඩක් එක මස් රැසක් කරන්නේ නම් ඒ හේතුවෙන් පාපයක් නැත්තේය. පාපය පැමිණීමක් නැත්තේය. ඉදින් ගංගානම් ගඟේ දකුණු ඉවුරටද මරමින් මරවමින් සිඳිමින් සිඳවමින්. පෙළමින් පෙලවමින් යන්නේ නම් ඒ හේතුවෙන්ද පාපයක් නැත්තේය. පාපයාගේ පැමිණීමක් නැත්තේය. ඉදින් ගංගානම් ගඟේ උතුරු ඉවුරටද දෙමින් දෙවමින්, පුදමින් පුදවමින් යන්නේ නම් ඒ හේතුවෙන්ද, පිනක් නැත්තේය. පින් පැමිණීමක් නැත්තේය. දීමෙන් ඉන්ද්‍රිය දමනයෙන් සංවරයෙන් සත්‍ය වචනයෙන් පිනක් නැත. පින් පැමිණීමක් නැතැයි කියන්නේද ඉදින් පින්වත් ශාස්තෘහුගේ වචනය සත්‍යය නම් මා විසින් මේ ශාසනයෙහි කරණලද නොකරනලද මේ ශාසනයෙහි මා විසින් නොවසනලද බ්‍රහ්මචර්යාවක් වසනලදී. අපි දෙදෙනම මෙහි සම සම ගුණ ඇත්තාහු සමාන බවට පැමිණියාහු වෙමු. යම් ඒ මමත් පවු කරන්නාවූ අප දෙදෙනාට පාපය නොවේයයි නොකියමි. මේ භවත් ශාස්තෘහුගේ වනාහි නග්න බව මුඩු බව උක්කුටුකව වීර්ය කිරීම හිසකේ රැවුල් ඉදිරීම වැඩිවූවක් වේ. යම් ඒ මම පුත්‍ර සම්බාධ ඇත්තාවූ සයනයෙන් යුක්තව වාසය කරමින් කසී වස්ත්‍රයන් පරිභොග කරමින් මල්ගඳ විලවුන් දරමින් රන් රිදී ඉවසමින් මේ මේ භවත් ශාස්තෘන් වහන්සේ හා සම සමවූ ගති ඇතිව පරලෙව්හි වන්නෙ ඒ මම කුමක් දැන කුමක් දැක මේ ශාස්තෘන්වෙත බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නෙම්දැයි හෙතෙම මේ අබ්‍රහ්මචරිය වාසයයි. මෙසේ දැන ඒ බ්‍රහ්මචර්යාවෙන් කලකිරී බැහැර යෙයි. සන්දකය, මේ වනාහි දන්නාවූ දක්නාවූ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද නුවණ ඇති පුරුෂ තෙම ඒකාන්තයෙන් බ්‍රහ්මචර්යාවෙහි නොවසන්නාමද වාසය කරන්නේ හෝ කුසල ධර්ම මාර්ගයයි. සතුටු නොවන්නාවූද දෙවන අබ්‍රහ්මචර්ය වාසය වේ.
227
‘‘පුන චපරං, සන්දක, ඉධෙකච්චො සත්ථා එවංවාදී හොති එවංදිට්ඨි - ‘නත්ථි හෙතු, නත්ථි පච්චයො සත්තානං සංකිලෙසාය; අහෙතූ අප්පච්චයා සත්තා සංකිලිස්සන්ති; නත්ථි හෙතු, නත්ථි පච්චයො සත්තානං විසුද්ධියා; අහෙතූ අප්පච්චයා සත්තා විසුජ්ඣන්ති; නත්ථි බලං, නත්ථි වීරියං, නත්ථි පුරිසථාමො , නත්ථි පුරිසපරක්කමො; සබ්බෙ සත්තා සබ්බෙ පාණා සබ්බෙ භූතා සබ්බෙ ජීවා අවසා අබලා අවීරියා නියතිසඞ්ගතිභාවපරිණතා ඡස්වෙවාභිජාතීසු සුඛදුක්ඛං පටිසංවෙදෙන්තී’ති.
‘‘තත්‍ර, සන්දක, විඤ්ඤූ පුරිසො ඉති පටිසඤ්චික්ඛති - ‘අයං ඛො භවං සත්ථා එවංවාදී එවංදිට්ඨි - නත්ථි හෙතු, නත්ථි පච්චයො සත්තානං සංකිලෙසාය, අහෙතූ අප්පච්චයා සත්තා සංකිලිස්සන්ති. නත්ථි හෙතු නත්ථි පච්චයො සත්තානං විසුද්ධියා, අහෙතූ අප්පච්චයා සත්තා විසුජ්ඣන්ති. නත්ථි බලං, නත්ථි වීරියං, නත්ථි පුරිසථාමො, නත්ථි පුරිසපරක්කමො, සබ්බෙ සත්තා සබ්බෙ පාණා සබ්බෙ භූතා සබ්බෙ ජීවා අවසා අබලා අවීරියා නියතිසඞ්ගතිභාවපරිණතා ඡස්වෙවාභිජාතීසු සුඛදුක්ඛං පටිසංවෙදෙන්තී’ති. සචෙ ඉමස්ස භොතො සත්ථුනො සච්චං වචනං, අකතෙන මෙ එත්ථ කතං, අවුසිතෙන මෙ එත්ථ වුසිතං. උභොපි මයං එත්ථ සමසමා සාමඤ්ඤං පත්තා, යො චාහං න වදාමි ‘උභො අහෙතූ අප්පච්චයා විසුජ්ඣිස්සාමා’ති. අතිරෙකං ඛො පනිමස්ස භොතො සත්ථුනො නග්ගියං මුණ්ඩියං උක්කුටිකප්පධානං කෙසමස්සුලොචනං යොහං පුත්තසම්බාධසයනං අජ්ඣාවසන්තො කාසිකචන්දනං පච්චනුභොන්තො මාලාගන්ධවිලෙපනං ධාරෙන්තො ජාතරූපරජතං සාදියන්තො ඉමිනා භොතා සත්ථාරා සමසමගතිකො භවිස්සාමි. අභිසම්පරායං සොහං කිං ජානන්තො කිං පස්සන්තො ඉමස්මිං සත්ථරි බ්‍රහ්මචරියං චරිස්සාමි? ‘සො අබ්‍රහ්මචරියවාසො අය’න්ති - ඉති විදිත්වා තස්මා බ්‍රහ්මචරියා නිබ්බිජ්ජ පක්කමති. අයං ඛො, සන්දක, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන තතියො අබ්‍රහ්මචරියවාසො අක්ඛාතො යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්‍රහ්මචරියං න වසෙය්‍ය, වසන්තො ච නාරාධෙය්‍ය ඤායං ධම්මං කුසලං.
227
සන්දකය නැවත අනිකක්ද කියමි. මේ ලෝකයෙහි ඇතැම් ශාස්තෘවරයෙක් මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි. ‘සත්වයන්ගේ කෙලසීමට හේතුවක් ප්‍රත්‍යයක් (කරුණක්) නැත. හේතුවක් නැතුව ප්‍රත්‍යයක් නැතුව සත්වයෝ කෙලෙසෙන්නාහුය. සත්වයන්ගේ පිරිසිදුවීමට හේතුවක් ප්‍රත්‍යයක් නැත. හේතුවක් ප්‍රත්‍යයක් නැතිවම සත්වයෝ පිරිසිදු වෙත්. සත්වයන්ගේ පිරිසිදු වීමට හා අපිරිසිදුවීමට බලයක් නැත. වීර්යයක් නැත. පුරුෂ ශක්තියක් නැත. පුරුෂ පරාක්‍රමයක් නැත. සියලු සත්වයෝ සියලු ප්‍රාණීහු සියලු භූතයෝ සියලු ජීවයක් ඇත්තෝ වසඟයක් නැතිව බලයක් නැතිවම වීර්යයක් නැතිවම එක්තරා නියමයකින් ඒ ඒ ජාතිවල ඉපිද සුවදුක් දෙක විඳිත්යයි කියත්. සන්දකය, ඒ ශාසනයෙහි නුවණ ඇති පුරුෂ තෙම මෙසේ සලකයි. “මේ පින්වත් ශාස්තෘතෙමේ වනාහි මෙබඳු වාද ඇත්තෙක් මෙබඳු දෘෂ්ටි ඇත්තෙක් වේ. සත්වයන්ගේ කෙලසීමට හේතුවක් ප්‍රත්‍යයක් නැත. හේතුවක් ප්‍රත්‍යයක් නැතිවම සත්වයෝ කෙලෙසෙන්නාහුය. සත්වයන්ගේ පිරිසිදුවීම හේතුවක් ප්‍රත්‍යයක් නැතුවම සත්වයෝ පිරිසිදු වෙත්. පිරිසිදුවීමට හා අපිරිසිදුවීමට බලයක් වීර්යයක් පුරුෂ ශක්තියක් පුරුෂ පරාක්‍රමයක් නැත. සියලු සත්වයෝ සියලු ප්‍රාණීහු සියලු භූතයෝ සියලු ජීවයෝ වසඟයක් නැතිවම බලයක් නැතිවම වීර්යයක් නැතිවම එක්තරා නියමයකින් ඒ ඒ ජාතිවල ඉපද සැප දුක් දෙක විඳිත්යයි’ කියත්. ඉදින් මේ පින්වත් ශාස්තෘහුගේ වචනය සත්‍යනම් මා විසින් මේ ශාසනයෙහි මහණකමක් මා විසින් නොවසනලද බ්‍රහ්මචර්යාවක් නොකරන ලද අපි දෙදෙනම මෙහි සම සම ගුණ ඇත්තාහු. සමාන බවට පැමිණියාහු වෙමු. ‘යම් ඒ මම දෙදෙන හේතුවක් නැතුව ප්‍රත්‍යයක් නැතුව පිරිසිදු වන්නෙමුයි නොකියමි. මේ භවත් ශාස්තෘහුගේ වනාහි නග්න බව මුඩු බව උක්කුටුකයෙන් වීර්ය කිරීම හිසකේ රැවුල් ඉදිරීම වැඩියක් වේ. යම් බඳු මම අඹුදරු සම්බාධ ඇති සයනයෙන් යුක්තව වාසය කරමින් කසී වස්ත්‍ර සඳුන් පරිභොග කරමින් මල් ගඳ විලවුන් දරමින් රන් රිදී පිළි ගනිමින් මේ පින්වත් ශාස්තෲන් හා පරලෙව්හි සම සමව ගති ඇත්තෙක් වන්නෙමි. එබඳු මම කුමක් දැන කුමක් දැක මේ ශාස්තෲ වෙත මහණ කමෙහි හැසිරෙන්නෙම් දැයි, හෙතෙම මේ අබ්‍රහ්මචර්ය වාසයයි, මෙසේ දැන ඒ මහණකමෙහි කලකිරී බැහැරයෙයි. සන්දකය, මේ වනාහි දන්නාවූ දක්නාවූ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද්දාවූ නුවණ ඇති පුරුෂ තෙම ඒ කාන්තයෙන් බ්‍රහ්මචර්යාවෙහි නොවසන්නාවූද, වසන්නේ හෝ කුසල ධර්ම මාර්ගයයි සතුට නොවන්නාවූද ඒ තුන්වන අබ්‍රහ්මචාර්ය වාසය වේ.
228
‘‘පුන චපරං, සන්දක, ඉධෙකච්චො සත්ථා එවංවාදී හොති එවංදිට්ඨි - ‘සත්තිමෙ කායා අකටා අකටවිධා අනිම්මිතා අනිම්මාතා වඤ්ඣා කූටට්ඨා එසිකට්ඨායිට්ඨිතා, තෙ න ඉඤ්ජන්ති න විපරිණමන්ති න අඤ්ඤමඤ්ඤං බ්‍යාබාධෙන්ති නාලං අඤ්ඤමඤ්ඤස්ස සුඛාය වා දුක්ඛාය වා සුඛදුක්ඛාය වා. කතමෙ සත්ත? පථවීකායො ආපොකායො තෙජොකායො වායොකායො සුඛෙ දුක්ඛෙ ජීවෙ සත්තමෙ - ඉමෙ සත්තකායා අකටා අකටවිධා අනිම්මිතා අනිම්මාතා වඤ්ඣා කූටට්ඨා එසිකට්ඨායිට්ඨිතා. තෙ න ඉඤ්ජන්ති න විපරිණමන්ති න අඤ්ඤමඤ්ඤං බ්‍යාබාධෙන්ති. නාලං අඤ්ඤමඤ්ඤස්ස සුඛාය වා දුක්ඛාය වා සුඛදුක්ඛාය වා. තත්ථ නත්ථි හන්තා වා ඝාතෙතා වා සොතා වා සාවෙතා වා විඤ්ඤාතා වා විඤ්ඤාපෙතා වා. යොපි තිණ්හෙන සත්ථෙන සීසං ඡින්දති, න කොචි කඤ්චි (කිඤ්චි (ක.)) ජීවිතා වොරොපෙති. සත්තන්නංත්වෙව කායානමන්තරෙන සත්ථං විවරමනුපතති. චුද්දස ඛො පනිමානි යොනිපමුඛසතසහස්සානි සට්ඨි ච සතානි ඡ ච සතානි පඤ්ච ච කම්මුනො සතානි පඤ්ච ච කම්මානි තීණි ච කම්මානි, කම්මෙ ච අඩ්ඪකම්මෙ ච, ද්වට්ඨිපටිපදා, ද්වට්ඨන්තරකප්පා, ඡළාභිජාතියො, අට්ඨ පුරිසභූමියො, එකූනපඤ්ඤාස ආජීවකසතෙ, එකූනපඤ්ඤාස පරිබ්බාජකසතෙ, එකූනපඤ්ඤාස නාගාවාසසතෙ, වීසෙ ඉන්ද්‍රියසතෙ, තිංසෙ නිරයසතෙ, ඡත්තිංස රජොධාතුයො, සත්ත සඤ්ඤීගබ්භා, සත්ත අසඤ්ඤීගබ්භා, සත්ත නිගණ්ඨිගබ්භා, සත්ත දෙවා, සත්ත මානුසා, සත්ත පෙසාචා, සත්ත සරා, සත්ත පවුටා, සත්ත පපාතා, සත්ත පපාතසතානි, සත්ත සුපිනා, සත්ත සුපිනසතානි, චුල්ලාසීති (චූළාසීති (සී. ස්‍යා. කං. පී.)) මහාකප්පිනො (මහාකප්පුනො (සී. පී.)) සතසහස්සානි, යානි බාලෙ ච පණ්ඩිතෙ ච සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරිස්සන්ති. තත්ථ නත්ථි ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්‍රහ්මචරියෙන වා අපරිපක්කං වා කම්මං පරිපාචෙස්සාමි, පරිපක්කං වා කම්මං ඵුස්ස ඵුස්ස බ්‍යන්තිං කරිස්සාමීති. හෙවං නත්ථි දොණමිතෙ සුඛදුක්ඛෙ පරියන්තකතෙ සංසාරෙ, නත්ථි හායනවඩ්ඪනෙ, නත්ථි උක්කංසාවකංසෙ. සෙය්‍යථාපි නාම සුත්තගුළෙ ඛිත්තෙ නිබ්බෙඨියමානමෙව පලෙති, එවමෙව බාලෙ ච පණ්ඩිතෙ ච සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරිස්සන්තී’ති.
‘‘තත්‍ර, සන්දක, විඤ්ඤූ පුරිසො ඉති පටිසඤ්චික්ඛති - ‘අයං ඛො භවං සත්ථා එවංවාදී එවංදිට්ඨි - සත්තිමෙ කායා අකටා අකටවිධා අනිම්මිතා අනිම්මාතා වඤ්ඣා කූටට්ඨා එසිකට්ඨායිට්ඨිතා. තෙ න ඉඤ්ජන්ති න විපරිණමන්ති න අඤ්ඤමඤ්ඤං බ්‍යාබාධෙන්ති. නාලං අඤ්ඤමඤ්ඤස්ස සුඛාය වා දුක්ඛාය වා සුඛදුක්ඛාය වා. කතමෙ සත්ත ? පථවීකායො ආපොකායො තෙජොකායො වායොකායො සුඛෙ දුක්ඛෙ ජීවෙ සත්තමෙ - ඉමෙ සත්ත කායා අකටා අකටවිධා අනිම්මිතා අනිම්මාතා වඤ්ඣා කූටට්ඨා එසිකට්ඨායිට්ඨිතා. තෙ න ඉඤ්ජන්ති න විපරිණමන්ති න අඤ්ඤමඤ්ඤං බ්‍යාබාධෙන්ති. නාලං අඤ්ඤමඤ්ඤස්ස සුඛාය වා දුක්ඛාය වා සුඛදුක්ඛාය වා. තත්ථ නත්ථි හන්තා වා ඝාතෙතා වා සොතා වා සාවෙතා වා විඤ්ඤාතා වා විඤ්ඤාපෙතා වා. යොපි තිණ්හෙන සත්ථෙන සීසං ඡින්දති, න කොචි කඤ්චි ජීවිතා වොරොපෙති . සත්තන්නංත්වෙව කායානමන්තරෙන සත්ථං විවරමනුපතති. චුද්දස ඛො පනිමානි යොනිපමුඛසතසහස්සානි සට්ඨි ච සතානි ඡ ච සතානි පඤ්ච ච කම්මුනො සතානි පඤ්ච ච කම්මානි තීණි ච කම්මානි, කම්මෙ ච අඩ්ඪකම්මෙ ච, ද්වට්ඨිපටිපදා, ද්වට්ඨන්තරකප්පා, ඡළාභිජාතියො, අට්ඨ පුරිසභූමියො, එකූනපඤ්ඤාස ආජීවකසතෙ, එකූනපඤ්ඤාස පරිබ්බාජකසතෙ, එකූනපඤ්ඤාස නාගාවාසසතෙ, වීසෙ ඉන්ද්‍රියසතෙ, තිංසෙ නිරයසතෙ, ඡත්තිංස රජොධාතුයො, සත්ත සඤ්ඤීගබ්භා, සත්ත අසඤ්ඤීගබ්භා, සත්ත නිගණ්ඨිගබ්භා, සත්ත දෙවා, සත්ත මානුසා, සත්ත පෙසාචා, සත්ත සරා, සත්ත පවුටා, සත්ත පපාතා, සත්ත පපාතසතානි, සත්ත සුපිනා, සත්ත සුපිනසතානි, චුල්ලාසීති මහාකප්පිනො සතසහස්සානි, යානි බාලෙ ච පණ්ඩිතෙ ච සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරිස්සන්ති. තත්ථ නත්ථි ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්‍රහ්මචරියෙන වා අපරිපක්කං වා කම්මං පරිපාචෙස්සාමි, පරිපක්කං වා කම්මං ඵුස්ස ඵුස්ස බ්‍යන්තිං කරිස්සාමීති, හෙවං නත්ථි දොණමිතෙ සුඛදුක්ඛෙ පරියන්තකතෙ සංසාරෙ, නත්ථි හායනවඩ්ඪනෙ, නත්ථි උක්කංසාවකංසෙ. සෙය්‍යථාපි නාම සුත්තගුළෙ ඛිත්තෙ නිබ්බෙඨියමානමෙව පලෙති, එවමෙව බාලෙ ච පණ්ඩිතෙ ච සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරිස්සන්තී’ති. සචෙ පන ඉමස්ස භොතො සත්ථුනො සච්චං වචනං, අකතෙන මෙ එත්ථ කතං, අවුසිතෙන මෙ එත්ථ වුසිතං. උභොපි මයං එත්ථ සමසමා සාමඤ්ඤං පත්තා, යො චාහං න වදාමි. ‘උභො සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරිස්සාමා’ති. අතිරෙකං ඛො පනිමස්ස භොතො සත්ථුනො නග්ගියං මුණ්ඩියං උක්කුටිකප්පධානං කෙසමස්සුලොචනං යොහං පුත්තසම්බාධසයනං අජ්ඣාවසන්තො කාසිකචන්දනං පච්චනුභොන්තො මාලාගන්ධවිලෙපනං ධාරෙන්තො ජාතරූපරජතං සාදියන්තො ඉමිනා භොතා සත්ථාරා සමසමගතිකො භවිස්සාමි. අභිසම්පරායං සොහං කිං ජානන්තො කිං පස්සන්තො ඉමස්මිං සත්ථරි බ්‍රහ්මචරියං චරිස්සාමි? ‘සො අබ්‍රහ්මචරියවාසො අය’න්ති - ඉති විදිත්වා තස්මා බ්‍රහ්මචරියා නිබ්බිජ්ජ පක්කමති. අයං ඛො, සන්දක, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන චතුත්ථො අබ්‍රහ්මචරියවාසො අක්ඛාතො යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්‍රහ්මචරියං න වසෙය්‍ය, වසන්තො ච නාරාධෙය්‍ය ඤායං ධම්මං කුසලං.
‘‘ඉමෙ ඛො තෙ, සන්දක, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන චත්තාරො අබ්‍රහ්මචරියවාසා අක්ඛාතා යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්‍රහ්මචරියං න වසෙය්‍ය, වසන්තො ච නාරාධෙය්‍ය ඤායං ධම්මං කුසල’’න්ති.
‘‘අච්ඡරියං , භො ආනන්ද, අබ්භුතං, භො ආනන්ද! යාවඤ්චිදං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන චත්තාරො අබ්‍රහ්මචරියවාසාව සමානා ‘අබ්‍රහ්මචරියවාසා’ති අක්ඛාතා යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්‍රහ්මචරියං න වසෙය්‍ය, වසන්තො ච නාරාධෙය්‍ය ඤායං ධම්මං කුසලන්ති. කතමානි පන තානි, භො ආනන්ද, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන චත්තාරි අනස්සාසිකානි බ්‍රහ්මචරියානි අක්ඛාතානි යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්‍රහ්මචරියං න වසෙය්‍ය, වසන්තො ච නාරාධෙය්‍ය ඤායං ධම්මං කුසල’’න්ති?
228
“සන්දකය, නැවතද අනිකක් කියමි. මේ ලෝකයෙහි ඇතැම් ශාස්තෘවරයෙක් මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි. නොකරණ ලද්දාවූ නොකළ විධාන ඇත්තාවූ නිර්මිත නොකරණ ලද්දාවූ නිර්මිත නොකරවන ලද්දාවූ වඳවූ පර්වතකූට මෙන් සිටියාවූ මහකණුවක් මෙන් සිටියාවූ මේ කොටස් සතක් වෙත්. ඔව්හු කම්පා නොවෙත්. නොපෙරලෙත්. ඔවුනොවුන්ට පීඩා නොකෙරෙත්. අන්‍යොන්‍යයන්ගේ සැපය පිණිස හෝ දුක පිණිස හෝ සැප දුක් පිණිස හෝ සමර්ථ නොවෙත්. කවර සතක්ද යත්? පෘථිවිධාතු සමූහය, ආපෝධාතු සමූහය, තේජෝධාතු සමූහය, වායෝධාතු සමූහය, සැපය දුකය ජීවිතෙන්ද්‍රියය යන මේ සතයි. මේ සමූහ හත නොකරණ ලද්දාවූ, නොකළ විධාන ඇත්තාවූ, නොමවන ලද්දාවූ, මැවීම නොකරවන ලද්දාවූ, වඳවූ, පර්වතකූට මෙන් සිටියාවූ කණු මෙන් සිටියාවූ, ස්ථිරව සිටියාවූ, කොටස් සත වෙත්. ඔව්හු කම්පා නොවෙත්. නොපෙරළෙත් ඔවුනොවුන් නොපෙළත්. ඔවුනොවුන්ගේ සැපය පිණිස හෝ දුක පිණිස හෝ සැප දුක් පිණිස හෝ සමර්ථ නොවෙත්. එහි නසන්නෙක් හෝ, නැසීම් කරවන්නෙක් හෝ, අසන්නෙක් හෝ, ඇසීම් කරවන්නෙක් හෝ, දැනගන්නෙක් හෝ, දැනගැණීම කරවන්නෙක් හෝ නැත්තේය. යම් කෙනෙකුන් තියුණුවූ ශස්ත්‍රයෙන් (ආයුධයෙන්) හිස සිඳීද, කිසිවෙක් කිසිවක්හු ජීවිතයෙන්ද තොර නොකෙරෙයි. සත්වැදෑරුම්වූම සමූහ අතරෙන් ආයුධය විවරයට පැමිණෙයි. මේ ප්‍රධාන යෝනි තුදුස්ලක්ෂයක් වෙත්. හැටසියයක්ද, සසියයක්ද වෙත්. කර්මය පිළිබඳ පන්සියයක්ද කර්ම පසක්ද, කර්ම තුනක්ද, කර්ම දෙකක්ද, අර්ධ කර්මයන්ද, දෙසැට දෘෂ්ටි ප්‍රතිපදාද, දෙසැට අන්තර කල්පයෝද, සවැදෑරුම් අභිජාතීහුද, පුරුෂභූමි අටක්ද ආජීවක වෘත්ති එකුන්පණස්සියයක්ද පරිව්‍රාජක ප්‍රව්‍රජ්‍යා එකුන්පණස්සියයක්ද, ඉන්ද්‍රිය සියක්විස්සක්ද, නිරය සියක් තිසක්ද, රජොධාතූන් (රජස් විසීරෙන තැන්) සතිසක්ද, සංඥා ඇති ගර්භ සතක්ද, සංඥා නැති ගර්භ සතක්ද, නිගණ්ඨි ගර්භ සතක්ද, දෙවියෝ සත්දෙනෙක්ද, මිනිස්සු සත්දෙනෙක්ද, පිසාචයෝ සත්දෙනෙක්ද, මහවිල් සතක්ද, ගණ්ඨිකා (ගැට) සතක්ද, මහා ප්‍රපාත සතක්ද, කුඩා ප්‍රපාත සත්සියයක්ද, මහා සිහින සතක්ද, කුඩා සිහින සත්සියයක්ද, යමක්හු බාලයෝද, පණ්ඩිතයෝද, සන්ධාහනය කොට ගමන්කොට දුක්ඛයාගේ කෙළවර කරන්නාහුද, එබඳු මහා කල්ප සම්බන්ධ අසූහතර ලක්ෂයක් වෙත්. එහි මම මේ සීලයෙන් හෝ මේ වෘතයෙන් හෝ මේ තපසින් හෝ මේ බ්‍රහ්මචර්යාවෙන් හෝ නොපැසුනාවූ කර්මය හෝ පැසවන්නෙමි. පැසවූ කර්මය හෝ ස්පර්ශ කර කෙළවර කරන්නෙමියි, මෙසේ ද්‍රොණයෙන් මැන්නාක් මෙන් කෙළවර කරණ ලද සුවදුක් සංසාරයෙහි නැත්තේය. පිරිහීම හා වැඩීම නැත්තේය. උස් පහත්වීම නැත්තේය. යම්සේ නූල්බෝලයක් දැමූ කල්හි ලිහනු ලැබීමටම පැමිණේද, මෙපරිද්දෙන්ම අඥානයෝද, නුවණැත්තෝද සන්ධාවාහනය කොට, ගමන්කොට දුක් කෙළවර කරන්නාහුයයි කියත්.
“සන්දකය, එහි නුවණඇති පුද්ගල තෙමේ මෙසේ සලකයි. මේ පින්වත් ශාස්තෘ තෙමේ වනාහි මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වේ. නොකරණ ලද්දාවූ නොකරණ ලද විධාන ඇත්තාවූ නොමවන ලද්දාවූ මැවීම නොකරවන ලද්දාවූ වඳවූ පර්වත මෙන් සිටියාවූ නගර දොරටු කණුව මෙන් සිටියාවූ මේ කොටස් හතක් වෙත්. ඔව්හු කම්පා නොවෙත්. වෙනස් නොවෙත්. එකිනෙකට බාධා නොකරත්. ඔවුනොවුන්ගේ සැප පිණිස හෝ දුක් පිණිස හෝ සැප දුක් දෙක පිණිස හෝ සමර්ථ වෙත්. කවර සතක්ද යත්? පෘථිවි ධාතු සමූහය, වායො ධාතු සමූහය, සැපය දුකය ජීවිතෙන්ද්‍රිය යන මේ සතයි. මේ කොටස් හත නොකරන ලද්දාහු, නොකරවන ලද්දාහු, නොමවන ලද්දාහු නොමවවන ලද්දාහු, පර්වත මෙන් සිටියාහු, නගර දොරටු කණු මෙන් සිටියාහු වෙත්. ඔව්හු නොසෙල්වෙත්. වෙනස් නොවෙත්. ඔවුනොවුන්ට බාධා නොකරත්. ඔවුනොවුන්ගේ සැපය පිණිස හෝ දුක පිණිස හෝ සැප දුක් දෙක පිණිස හෝ සමර්ථ නොවෙත්. ඒ කොටස් සතෙහි නසන්නෙක් හෝ නස්වන්නෙක් හෝ අසන්නෙක් හෝ අස්වන්නෙක් හෝ දැනගන්නෙක් හෝ දැනගන්වන්නෙක් හෝ නැත්තේය. යමෙක් තියුණුවූ ආයුධයකින් යමෙකුගේ හිසසිඳීද, කිසිවෙක් කිසිවකුත් ජීවිතයෙන් තොර නොකෙරෙයි. සත්වැදෑරුම් කොටස් අතරෙන් ආයුධය සිදුරු ඔස්සේ යයි. මේ ප්‍රධාන වර්ග දාහතර ලක්ෂයක් වෙත්. අනික් වර්ග හයදාස්හයසියයක්ද හයසියයක්ද වෙත්. කර්ම පන්සියයක්ද, කර්ම පසක්ද, කර්ම තුනක්ද, කර්මයන්ද, අර්ධ කර්මයන්ද, දෙසැටක් ප්‍රතිපදාද, හැට දෙකක් අතුරු කල්පද, අභිජාති සයක්ද, පුරුෂභූමි අටක්ද, ආජීවක පැවතුම් එක්සියහතලිස්නවයක්ද, පරිව්‍රාජක මහණකම් එක්සියහතලිස්නවයක්ද, නාගමණ්ඩල සතයන් එක්සියහතලිස්නවයක්ද, ඉන්ද්‍රියයන් දෙදහසක්ද, නිරය තුන්දහසක්ද, අත්පුටු පාපුටු ආදිය සතිසක්ද, ඔටු ගොන් ආදී ජාති සතක්ද, හැල් යව ආදී ජාති සතක්ද, උක් හුණබට ආදී ජාති සතක්ද, දෙවියෝ සත්දෙනෙක්ද, මනුෂ්‍යයෝ සත්දෙනෙක්ද, පිසාචයෝ සත්දෙනෙක්ද, මහවිල් සතක්ද, ගණ්ඨිකා සතක්ද, මහා ප්‍රපාත සතක්ද, කුඩා ප්‍රපාත හත්සියයක්ද, මහා සිහින සතක්ද, කුඩා සිහින හත්සියයක්ද වෙත්. යමක්හු බාලයෝද, පණ්ඩිතයෝද ගමන්කොට දුක් කෙළවර කරන්නාහුද, එබඳු මහාකල්ප අසූහතරලක්ෂයක්ද වෙත්. එහි මම මේ සීලයෙන් හෝ වෘතයෙන් හෝ තපසින් හෝ බ්‍රහ්මචර්යාවෙන් හෝ නොපැසුනාවූ කර්මය හෝ පැසවන්නෙමි. පැසුනාවූ කර්මය හෝ විඳ විඳ කෙළවර කරන්නෙමියි, මෙසේ ද්‍රොණයෙන් (නැලි සතරක බඳුන) මැන්නාක් මෙන් සීමා කළාවූ සැප දුක් සසර නැත්තේය. පිරිහීමක් වැඩීමක් නැත්තේය. උස් පහත්කම් නැත්තේය. යම්සේ නම් නූල් බෝලයක් බිමට දැමූ කල්හි ලිහෙමින් වැටෙයිද, මෙපරිද්දෙන්ම අඥානයෝද, පණ්ඩිතයෝද සසර ගමන්කොට දුක් කෙළවර කරන්නාහුයයි එහි සුවණැති පුරුෂතෙමේ කියත්.
“ඉදින් මේ පින්වත් ශාස්තෘහුගේ වචනය සත්‍ය නම්, මා විසින් මෙහි නොකරන ලද්දක් කරණ ලදී. මා විසින් මෙහි නොවැසුවාවූ බ්‍රහ්මචර්යාවක් වසන ලදී. අපි දෙදෙනම මෙහි සම සම ගුණ ඇත්තෝ සමාන බවට පැමිණියෝ වෙමු. යම්බඳුවූ මමද දෙදෙන ගමන්කොට දුක් කෙළවර කරන්නෙමුයි නොකියමි. මේ පින්වත් ශාස්තෘහුගේ නග්න බව, මුඩුබව, උක්කුටුකයෙන් වීර්යකිරීම, හිසකේ රැවුල් ඉදිරීම වැඩියක්ම වේ. යම්බඳු මම අඹුදරුවන්ගේ කරදර ඇති සයනයෙන් යුක්තව වාසය කරමින් කසීවස්ත්‍ර සඳුන් පරිභොගකරමින් මල්ගඳ විලවුන් දරමින් රන්රිදී ඉවසමින් මේ පින්වත් ශාස්තෘන් හා පරලෙව්හි සම සම ගති ඇත්තෙක් වන්නෙමි. ඒ මම කුමක් දැන කුමක් දැක මේ ශාස්තෘන් වෙත බ්‍රහ්මචාර්යාවෙහි හැසිරෙන්නෙම්දැයි සිතා හෙතෙම මේ අබ්‍රහ්මචර්ය වාසයයි. මෙසේ දැන ඒ බ්‍රහ්මචර්යාවෙන් කලකිරී බැහැර වෙයි.
“සන්දකය, යම් තැනෙක්හි නුවණ ඇති පුරුෂතෙම ඒකාන්තයෙන් බ්‍රහ්මචර්යාවෙහි නොවසන්නේද, වසන්නේ හෝ කුසල ධර්ම මාර්ගයයි සතුටු නොවන්නේද?”
“සන්දකය, යම් තැනෙක්හි නුවණැති පුරුෂ තෙමේ බ්‍රහ්මචර්යාවෙහි නොවසන්නේද, වසන්නේ හෝ ඒකාන්තයෙන් කුසල ධර්ම මාර්ගයයි සතුටු නොවන්නේද, දන්නාවූ, දක්නාවූ, අර්හත් සම්‍යක්සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද්දාවූ ඒ මේ අබ්‍රහ්මචර්ය වාස සතර වෙත්.
“පින්වත් ආනන්ද ස්ථවිරයෙනි, යම් තැනෙක්හි නුවණ ඇති පුරුෂතෙම ඒකාන්තයෙන් බ්‍රහ්මචර්යාවෙහි නොවසන්නේද, වසන්නේ හෝ කුසල ධර්ම මාර්ගයයි සතුටු නොවන්නේද, දන්නාවූ දක්නාවූ අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද්දාවූ අස්වැසීමක් නැති ඒ බ්‍රහ්මචර්යා සතර කවරහුද?”
(මෙහි කොටසක් අඩුය)
229
‘‘ඉධ, සන්දක, එකච්චො සත්ථා සබ්බඤ්ඤූ සබ්බදස්සාවී අපරිසෙසං ඤාණදස්සනං පටිජානාති - ‘චරතො ච මෙ තිට්ඨතො ච සුත්තස්ස ච ජාගරස්ස ච සතතං සමිතං ඤාණදස්සනං පච්චුපට්ඨිත’න්ති. සො සුඤ්ඤම්පි අගාරං පවිසති, පිණ්ඩම්පි න ලභති, කුක්කුරොපි ඩංසති, චණ්ඩෙනපි හත්ථිනා සමාගච්ඡති, චණ්ඩෙනපි අස්සෙන සමාගච්ඡති, චණ්ඩෙනපි ගොණෙන සමාගච්ඡති, ඉත්ථියාපි පුරිසස්සපි නාමම්පි ගොත්තම්පි පුච්ඡති, ගාමස්සපි නිගමස්සපි නාමම්පි මග්ගම්පි පුච්ඡති. සො ‘කිමිද’න්ති පුට්ඨො සමානො ‘සුඤ්ඤං මෙ අගාරං පවිසිතබ්බං අහොසි’, තෙන පාවිසිං; ‘පිණ්ඩම්පි අලද්ධබ්බං අහොසි’, තෙන නාලත්ථං ; ‘කුක්කුරෙන ඩංසිතබ්බං අහොසි’, තෙනම්හි (තෙන (ක.), තෙනාසිං (?)) දට්ඨො; ‘චණ්ඩෙන හත්ථිනා සමාගන්තබ්බං අහොසි’, තෙන සමාගමිං; ‘චණ්ඩෙන අස්සෙන සමාගන්තබ්බං අහොසි’, තෙන සමාගමිං; ‘චණ්ඩෙන ගොණෙන සමාගන්තබ්බං අහොසි’, තෙන සමාගමිං; ‘ඉත්ථියාපි පුරිසස්සපි නාමම්පි ගොත්තම්පි පුච්ඡිතබ්බං අහොසි’, තෙන පුච්ඡිං; ‘ගාමස්සපි නිගමස්සපි නාමම්පි මග්ගම්පි පුච්ඡිතබ්බං අහොසි’, තෙන පුච්ඡින්ති. තත්‍ර, සන්දක, විඤ්ඤූ පුරිසො ඉති පටිසඤ්චික්ඛති - ‘අයං ඛො භවං සත්ථා සබ්බඤ්ඤූ සබ්බදස්සාවී අපරිසෙසං ඤාණදස්සනං පටිජානාති...පෙ.... ‘ගාමස්සපි නිගමස්සපි නාමම්පි මග්ගම්පි පුච්ඡිතබ්බං අහොසි, තෙන පුච්ඡි’න්ති . සො ‘අනස්සාසිකං ඉදං බ්‍රහ්මචරිය’න්ති - ඉති විදිත්වා තස්මා බ්‍රහ්මචරියා නිබ්බිජ්ජ පක්කමති. ඉදං ඛො, සන්දක, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන පඨමං අනස්සාසිකං බ්‍රහ්මචරියං අක්ඛාතං යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්‍රහ්මචරියං න වසෙය්‍ය, වසන්තො ච නාරාධෙය්‍ය ඤායං ධම්මං කුසලං.
229
“සන්දකය, මේ ලෝකයෙහි ඇතැම් ශාස්තෘවරයෙක් සර්වඥව, සියල්ල දක්නෙක්ව සුළුවූයේ යන්නාවූද, සිටින්නාවූද නිදන්නාවූද, නොනිදන්නාවූද, මට නිරන්තරයෙන් සියල්ල නුවණින් දැකීම එළඹ සිටියේයයි සියල්ල දක්නා ඥානයක් ඇතැයි ප්‍රකාශ කෙරේද, හෙතෙම හිස් ගෙයටද පැමිණෙයි. පිණ්ඩපාතයද නොලබයි. බල්ලෙක්ද ඔහු දෂ්ටකරයි. නපුරු ඇතෙකුටද සම්මුඛවෙයි. නපුරු අශ්වයෙකුටද සම්මුඛවෙයි. නපුරු ගොනෙකුටද සම්මුඛවෙයි. ස්ත්‍රියගේද පුරුෂයාගේද නමද ගොත්‍රයද අසයි. ගමකද, මහගමකද නමද මගද අසයි. හෙතෙම මේ කුමක්දැයි අසන ලද්දේ හිස් ගෙයකට මා විසින් පැමිණිය යුතු වූයේය. එහෙයින් පැමිණියෙමි. මා විසින් පිණ්ඩපාතය නොලැබිය යුතු වූයේය. එහෙයින් නොලැබුවෙමි. බල්ලා විසින් දෂ්ට කළ යුතු වූයේය. එහෙයින් දෂ්ට කරණ ලද්දේ වෙමි. නපුරු ඇතෙකුට සම්මුඛ විය යුතු වූයේය. එහෙයින් සම්මුඛ විය. නපුරු අශ්වයෙකුට සම්මුඛ විය යුතු වූයේය. එහෙයින් සම්මුඛ විය. නපුරු ගොනෙකුට සම්මුඛ විය යුතු වූයේය. එහෙයින් සම්මුඛ විය. ස්ත්‍රියගේද පුරුෂයාගේද නමද ගොත්‍රයද ඇසිය යුතු වූයේය. එහෙයින් ඇසුවෙමි. ගමක නියම්ගමක නමද මගද ඇසිය යුතු වූයේය. එහෙයින් ඇසුවෙමියි කියයි.
“සන්දකය, එහි නුවණ ඇති පුරුෂ තෙම මෙසේ සලකයි. මේ පින්වත් ශාස්තෘ තෙමේ වනාහි සර්වඥව සියල්ල දක්නෙක්ව යන්නාවූද, සිටින්නාවුද, නිදන්නාවූද, නොනිදන්නාවූද, මට නිරන්තරයෙන් සියල්ල නුවණින් දැකීම එළඹ සිටියේයයි නිරවශෙෂවූ ඥාන දර්ශනයක් ප්‍රකාශ කෙරෙයි. හෙතෙම හිස්වූ ගෙයටද පැමිණෙයි. පිණ්ඩපාතයද නොලබයි. බල්ලෙක්ද දෂ්ටකරයි. නපුරු ඇතෙකුටද සම්මුඛ වෙයි. නපුරු අශ්වයෙකුටද සම්මුඛ වෙයි. නපුරු ගොනෙකුටද සම්මුඛ වෙයි. ස්ත්‍රියගේද පුරුෂයාගේද නමද ගොත්‍රයද අසයි. ගමකද නියම්ගමකද නමද මගද අසයි. හෙතෙම මේ කුමක්දැයි අසන ලද්දේම මා විසින් හිස්වූ ගෙයකට පැමිණිය විය යුතු වූයේය. එහෙයින් පැමිණියෙමි. මා විසින් පිණ්ඩපාතය නොලැබිය යුතු වූයේය. එහෙයින් නොලැබූවෙමි. බල්ලෙකු විසින් දෂ්ටකළ යුතු වූයේය. එහෙයින් දෂ්ට කරණ ලද්දේ වෙමි. නපුරු ඇතෙකුට මුණගැසිය යුතු වූයේය. එහෙයින් මුණගැසුණේය. නපුරු අශ්වයෙකුට මුණගැසිය යුතු වූයේය. එහෙයින් මුණගැසුණේය. නපුරු ගොනෙකුට මුණගැසිය යුතු වූයේය. එහෙයින් මුණගැසුණේය. ස්ත්‍රියකගේද පුරුෂයෙකුගේද නාමයද ගොත්‍රයද ඇසිය යුතු වූයේය. එහෙයින් ඇසුවෙමි. ගමකද නියම් ගමකද නමද මගද ඇසිය යුතු වූයේය. එහෙයින් ඇසුවෙමියි’ කියයි. හෙතෙම මේ බ්‍රහ්මචර්යාව අස්වැසීම් රහිතයයි’ මෙසේ දැන කලකිරී ඒ බ්‍රහ්මචර්යාවෙන් බැහැර වෙයි. සන්දකය, මේ වනාහි යම්තැනෙක නුවණැති පුරුෂතෙම ඒකාන්තයෙන් බ්‍රහ්මචර්යාවෙහි නොවසන්නේද වසන්නේ හෝ න්‍යාය වශයෙන් කුශලධර්ම මාර්ගයයි සතුටු නොවන්නේද දන්නාවූ දක්නාවූ අර්හත්වූ සම්‍යක්සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් එබඳු අස්වැසීම් රහිතවූ ප්‍රකාශ කරණ ලද පළමුවන බ්‍රහ්මචර්යාව වේ.
230
‘‘පුන චපරං, සන්දක, ඉධෙකච්චො සත්ථා අනුස්සවිකො හොති අනුස්සවසච්චො. සො අනුස්සවෙන ඉතිහිතිහපරම්පරාය පිටකසම්පදාය ධම්මං දෙසෙති. අනුස්සවිකස්ස ඛො පන, සන්දක , සත්ථුනො අනුස්සවසච්චස්ස සුස්සුතම්පි හොති දුස්සුතම්පි හොති තථාපි හොති අඤ්ඤථාපි හොති. තත්‍ර, සන්දක, විඤ්ඤූ පුරිසො ඉති පටිසඤ්චික්ඛති - ‘අයං ඛො භවං සත්ථා අනුස්සවිකො අනුස්සවසච්චො සො අනුස්සවෙන ඉතිහිතිහපරම්පරාය පිටකසම්පදාය ධම්මං දෙසෙති. අනුස්සවිකස්ස ඛො පන සත්ථුනො අනුස්සවසච්චස්ස සුස්සුතම්පි හොති දුස්සුතම්පි හොති තථාපි හොති අඤ්ඤථාපි හොති’. සො ‘අනස්සාසිකං ඉදං බ්‍රහ්මචරිය’න්ති - ඉති විදිත්වා තස්මා බ්‍රහ්මචරියා නිබ්බිජ්ජ පක්කමති. ඉදං ඛො, සන්දක, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන දුතියං අනස්සාසිකං බ්‍රහ්මචරියං අක්ඛාතං යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්‍රහ්මචරියං න වසෙය්‍ය, වසන්තො ච නාරාධෙය්‍ය ඤායං ධම්මං කුසලං.
230
“සන්දකය, නැවත අනිකක්ද කියමි. මේ ලෝකයෙහි ඇතැම් ශාස්තෘවරයෙක් අසන්නෙක් වෙයි. ඇසීම සත්‍යයයි ගන්නෙක් වෙයි. හෙතෙම ඇසීම් වශයෙන් මෙසේ වෙයි. පරම්පරාවෙන් එන වර්ග පණ්ණාසක ඇතුළත් ග්‍රන්ථවලින්ද ධර්මය දේශනා කරයි.
“සන්දකය, ඇසීමෙන් යුක්තවූ ඇසීම සත්‍යකොට ගත්තාවූ ශාස්තෘවූ විසින් වනාහි මනාකොට අසන ලද්දක්ද වෙයි. නොමනාව අසන ලද්දක්ද වෙයි. අසනලද ආකාරයෙනුත් වෙයි. අන් ආකාරයකිනුත් වෙයි. සන්දකය, එහි නුවණ ඇති පුරුෂ තෙම මෙසේ සලකයි. ‘මේ පින්වත් ශාස්තෘ තෙමේ වනාහි ඇසීමෙන් යුක්තවූයේ ඇසීම සත්‍යකොට ගත්තේය. හෙතෙම ඇසීමෙන් මෙසේද මෙසේද වේයයි පරම්පරාවෙන් ග්‍රන්ථවලින් ධර්මය දේශනා කරයි. ඇසීමෙන් යුක්තවූ ඇසීම සත්‍යකොට ගත්තාවූ ශාස්තෘහු විසින් වනාහි මනාකොට අසන ලද්දක්ද වෙයි. නොමනාව අසන ලද්දක්ද වෙයි. ඇසූ ආකාරයෙනුත් වෙයි. අන් පරිද්දෙකිනුත් වෙයි (යනුවෙනි). හෙතෙම මේ බ්‍රහ්මචර්යාව අස්වැසීමක් නැතැයි මෙසේ දැන ඒ බ්‍රහ්මචර්යාවෙන් කලකිරී බැහැර වෙයි. සන්දකය, මේ වනාහි පුරුෂ තෙම ඒකාන්තයෙන් බ්‍රහ්මචර්යාවෙහි නොවසන්නේද, වසන්නේ හෝ කුසලධර්ම මාර්ගයයි සතුටු නොවන්නේද දන්නාවූ දක්නාවූ අර්හත්වූ සම්‍යක්සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද එබඳුවූ අස්වැසීමක් නැත්තාවූ දෙවන බ්‍රහ්මචර්යාව වේ.”
231
‘‘පුන චපරං, සන්දක, ඉධෙකච්චො සත්ථා තක්කී හොති වීමංසී. සො තක්කපරියාහතං වීමංසානුචරිතං සයංපටිභානං ධම්මං දෙසෙති. තක්කිස්ස ඛො පන, සන්දක, සත්ථුනො වීමංසිස්ස සුතක්කිතම්පි හොති දුත්තක්කිතම්පි හොති තථාපි හොති අඤ්ඤථාපි හොති. තත්‍ර, සන්දක, විඤ්ඤූ පුරිසො ඉති පටිසඤ්චික්ඛති - ‘අයං ඛො භවං සත්ථා තක්කී වීමංසී. සො තක්කපරියාහතං වීමංසානුචරිතං සයංපටිභානං ධම්මං දෙසෙති. තක්කිස්ස ඛො පන සත්ථුනො වීමංසිස්ස සුතක්කිතම්පි හොති දුත්තක්කිතම්පි හොති තථාපි හොති අඤ්ඤථාපි හොති’. සො ‘අනස්සාසිකං ඉදං බ්‍රහ්මචරිය’න්ති - ඉති විදිත්වා තස්මා බ්‍රහ්මචරියා නිබ්බිජ්ජ පක්කමති. ඉදං ඛො, සන්දක, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන තතියං අනස්සාසිකං බ්‍රහ්මචරියං අක්ඛාතං යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්‍රහ්මචරියං න වසෙය්‍ය, වසන්තො ච නාරාධෙය්‍ය ඤායං ධම්මං කුසලං.
231
“සන්දකය, නැවත අනිකක්ද කියමි. මේ ලෝකයෙහි ඇතැම් ශාස්තෘවරයෙක් තර්කයෙන් විමසන්නේ වෙයි. හෙතෙම මාර්ගයෙන් පැමිණෙන ලද විමසීම අනුව ගියාවූ තමන්ගේ වැටහීමෙන් ධර්මය දේශනා කරයි. සන්දකය, තර්ක කරන්නාවූ විමසන්නාවූ ශාස්තෘවරයා විසින් වනාහි මනාව තර්ක කරණ ලද්දක්ද වෙයි. නොමනාව තර්ක කරණ ලද්ද වෙයි. එසේත් වෙයි. අන් පරිද්දෙකිනුත් වෙයි. සන්දකය. එහි නුවණැති පුරුෂ තෙම මෙසේ සලකයි. මේ පින්වත් ශාස්තෘ තෙමේ වනාහි තර්ක කරන්නෙක් විමසන්නෙක් වෙයි. හෙතෙම තර්කයෙන් බැසගන්නාවූ විමසීම අනුව ගියාවූ තමන්ගේ වැටහීම පරිදි ධර්මදේශනා කරයි. තර්ක කරන්නාවූ විමසන්නාවූ ශාස්තෘ විසින් වනාහි මනාව තර්ක කරණ ලද්දක්ද වෙයි. නොමනාව තර්ක කරණ ලද්දක් වෙයි. එසේත් වෙයි. අන් පරිද්දෙනුත් වෙයි. හෙතෙම මේ බ්‍රහ්මචර්යාව අස්වැසීම් රහිතයයි, මෙසේ දැන ඒ බ්‍රහ්මචර්යාවෙන් කලකිරී බැහැර වෙයි. සන්දකය, මේ වනාහි යම් තැනක නුවණැති පුරුෂ තෙම ඒකාන්තයෙන් බ්‍රහ්මචර්යාවෙහි නොවසන්නේද, වසන්නේ හෝ කුසල ධර්මය මාර්ගයයි සතුටු කරන්නේද දන්නාවූ දක්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද එබඳු අස්වැසීමක් නැත්තාවූ තුන්වන බ්‍රහ්මචර්යාව වේ.
232
‘‘පුන චපරං, සන්දක, ඉධෙකච්චො සත්ථා මන්දො හොති මොමූහො. සො මන්දත්තා මොමූහත්තා තත්ථ තත්ථ (තථා තථා (සී. ස්‍යා. කං. පී.)) පඤ්හං පුට්ඨො සමානො වාචාවික්ඛෙපං ආපජ්ජති අමරාවික්ඛෙපං - ‘එවන්තිපි (එවම්පි (සී. පී.)) මෙ නො, තථාතිපි (තථාපි (සී. පී.)) මෙ නො, අඤ්ඤථාතිපි (අඤ්ඤථාපි (සී. පී.) ( ) සබ්බත්ථ නත්ථි) මෙ නො, නොතිපි මෙ නො, නො නොතිපි මෙ නො’ති. තත්‍ර, සන්දක, විඤ්ඤූ පුරිසො ඉති පටිසඤ්චික්ඛති - ‘අයං ඛො භවං සත්ථා මන්දො මොමූහො. සො මන්දත්තා මොමූහත්තා තත්ථ තත්ථ පඤ්හං පුට්ඨො සමානො වාචාවික්ඛෙපං ආපජ්ජති අමරාවික්ඛෙපං - එවන්තිපි මෙ නො, තථාතිපි මෙ නො, අඤ්ඤථාතිපි මෙ නො, නොතිපි මෙ නො, නො නොතිපි මෙ නො’ති. සො ‘අනස්සාසිකං ඉදං බ්‍රහ්මචරිය’න්ති - ඉති විදිත්වා තස්මා බ්‍රහ්මචරියා නිබ්බිජ්ජ පක්කමති. ඉදං ඛො, සන්දක, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන චතුත්ථං අනස්සාසිකං බ්‍රහ්මචරියං අක්ඛාතං යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්‍රහ්මචරියං න වසෙය්‍ය, වසන්තො ච නාරාධෙය්‍ය ඤායං ධම්මං කුසලං.
‘‘ඉමානි ඛො, (තානි සන්දක, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන චත්තාරි අනස්සාසිකානි බ්‍රහ්මචරියානි අක්ඛාතානි යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්‍රහ්මචරියං න වසෙය්‍ය, වසන්තො ච නාරාධෙය්‍ය ඤායං ධම්මං කුසල’’න්ති.
‘‘අච්ඡරියං, භො ආනන්ද, අබ්භුතං, භො ආනන්ද! යාවඤ්චිදං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන චත්තාරි අනස්සාසිකානෙව බ්‍රහ්මචරියානි අනස්සාසිකානි බ්‍රහ්මචරියානීති අක්ඛාතානි යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්‍රහ්මචරියං න වසෙය්‍ය, වසන්තො ච නාරාධෙය්‍ය ඤායං ධම්මං කුසලං. සො පන, භො ආනන්ද, සත්ථා කිං වාදී කිං අක්ඛායී යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්‍රහ්මචරියං වසෙය්‍ය, වසන්තො ච ආරාධෙය්‍ය ඤායං ධම්මං කුසල’’න්ති.
232
“සන්දකය. නැවත අනිකක්ද කියමි. මේ ලෝකයෙහි ඇතැම් ශාස්තෘවරයෙක් මදනුවණ ඇත්තේ අතිශයින් මුලාවූයේ වෙයි. හෙතෙම මදනුවණ ඇති බැවින් අතිශයින් මුලාවූ බැවින් එසේ එසේ ප්‍රශ්න අසන ලද්දේ සීමාවක් නැතිව වචනයෙන් ඉවත දැමීමට පැමිණෙයි. ‘මෙසේත් මට නොවෙයි. එසේත් මට නොවෙයි. අන් පරිදිත් මට නොවෙයි. මට නැත්තේද නොවෙයි. මට නැත්තේ නොවන්නේද නොවේ’යි යනුවෙනි. සන්දකය, එහි නුවණැති පුරුෂ තෙම මෙසේ සලකයි. මේ පින්වත් ශාස්තෘ තෙමේ වනාහි මදනුවණ ඇත්තේ අතිශයින් මුලාවූයේ වෙයි. හෙතෙම මදනුවණ ඇති බැවින් අතිශයින් මුලාවූ බැවින් එසේ එසේ ප්‍රශ්න අසන ලද්දේ සීමාවක් නැති වචනයෙන් ඉවත දැමීමට පැමිණෙයි. ‘මෙසේත් මට නොවෙයි. එසේත් මට නොවෙයි. අන් පරිදිත් මට නොවෙයි. මට නොවන්නේද නොවෙයි. මට නොවන්නේ නොවන්නේද නොවේයි’ කියායි. හෙතෙම මේ අස්වැසීමක් නැත්තාවූ බ්‍රහ්මචර්යාවයයි මෙසේ දැන ඒ බ්‍රහ්මචර්යාවෙන් කලකිරී බැහැර වෙයි.’ සන්දකය, මේ වනාහි යම් තැනක නුවණැති පුරුෂ තෙම ඒකාන්තයෙන් බ්‍රහ්මචර්යාවෙහි නොවසන්නේද වසන්නේ හෝ කුසලධර්ම මාර්ගයයි සතුටු නොවන්නේද, දන්නාවූ දක්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද එබඳු ඇසීමක් නැත්තාහු සතරවන බ්‍රහ්මචර්යාව වේ.
“සන්දකය, මොහු වනාහි යම් තැනක නුවණැති පුරුෂ තෙම ඒකාන්තයෙන් බ්‍රහ්මචර්යාවෙහි නොවසන්නේද වසන්නේ හෝ කුසලධර්ම මාර්ගයයි සතුටු නොවන්නේද, දන්නාවූ දක්නාවූ අර්හත්වූ සම්‍යක්සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද්දාවූ එබඳුවූ අස්වැසීම් රහිතවූ බ්‍රහ්මචර්යා සතර වෙත්යයි” කීය.
“යම් තැනෙක්හි නුවණැති පුරුෂ තෙම ඒකාන්තයෙන් බ්‍රහ්මචර්යාවෙහි නොවසන්නේද, වසන්නේ හෝ කුසලධර්ම මාර්ගයයි සතුටු නොවන්නේද, ඒ දන්නාවූ දක්නාවූ අර්හත්වූ සම්‍යක්සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ විසින් යම්තාක්ම අස්වැසීමක් නැත්තාවූම බ්‍රහ්මචර්යාවෝයයි ප්‍රකාශ කරණ ලද්දාහුද, භවත් ආනන්ද ස්ථවිරය, ඒ දේශනා කිරීම ආශ්චර්යය, භවත් ආනන්ද ස්ථවිරය, පුදුමය.
“භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, යම් තැනෙක්හි නුවණැති පුරුෂ තෙම ඒකාන්තයෙන් බ්‍රහ්මචර්යාවෙහි වසන්නේද, වසන්නේ හෝ කුසලධර්ම මාර්ගයයි සතුටු වන්නේද, යම් ඒ ශාස්තෘවරයෙක් එය කුමකැයි කියන්නේ කුමකැයි ප්‍රකාශ කරන්නේද?
233
‘‘ඉධ, සන්දක, තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා...පෙ.... (විත්ථාරො ම. නි. 2.9-10 කන්දරකසුත්තෙ) සො ඉමෙ පඤ්ච නීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. යස්මිං ඛො (යස්මිං ඛො පන (ස්‍යා. කං. ක.)), සන්දක, සත්ථරි සාවකො එවරූපං උළාරවිසෙසං අධිගච්ඡති තත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්‍රහ්මචරියං වසෙය්‍ය, වසන්තො ච ආරාධෙය්‍ය ඤායං ධම්මං කුසලං.
‘‘පුන චපරං, සන්දක, භික්ඛු විතක්කවිචාරානං වූපසමා...පෙ... දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. යස්මිං ඛො, සන්දක, සත්ථරි සාවකො එවරූපං උළාරවිසෙසං අධිගච්ඡති තත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්‍රහ්මචරියං වසෙය්‍ය, වසන්තො ච ආරාධෙය්‍ය ඤායං ධම්මං කුසලං.
‘‘පුන චපරං, සන්දක, භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති...පෙ.... තතියං ඣානං උපසම්පජ්ජ විහරති. යස්මිං ඛො, සන්දක, සත්ථරි සාවකො එවරූපං උළාරවිසෙසං අධිගච්ඡති තත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්‍රහ්මචරියං වසෙය්‍ය, වසන්තො ච ආරාධෙය්‍ය ඤායං ධම්මං කුසලං.
‘‘පුන චපරං, සන්දක, භික්ඛු සුඛස්ස ච පහානා...පෙ.... චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. යස්මිං ඛො, සන්දක, සත්ථරි සාවකො එවරූපං උළාරවිසෙසං අධිගච්ඡති තත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්‍රහ්මචරියං වසෙය්‍ය, වසන්තො ච ආරාධෙය්‍ය ඤායං ධම්මං කුසලං.
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්‍යථිදං - එකම්පි ජාතිං ද්වෙපි ජාතියො...පෙ.... ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. යස්මිං ඛො, සන්දක, සත්ථරි සාවකො එවරූපං උළාරවිසෙසං අධිගච්ඡති තත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්‍රහ්මචරියං වසෙය්‍ය, වසන්තො ච ආරාධෙය්‍ය ඤායං ධම්මං කුසලං.
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ...පෙ.... යථාකම්මූපගෙ සත්තෙ පජානාති. යස්මිං ඛො, සන්දක, සත්ථරි සාවකො එවරූපං උළාරවිසෙසං අධිගච්ඡති තත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්‍රහ්මචරියං වසෙය්‍ය, වසන්තො ච ආරාධෙය්‍ය ඤායං ධම්මං කුසලං.
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛසමුදයො’ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛනිරොධො’ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති; ‘ඉමෙ ආසවා’ති යථාභූතං පජානාති, ‘අයං ආසවසමුදයො’ති යථාභූතං පජානාති, ‘අයං ආසවනිරොධො’ති යථාභූතං පජානාති, ‘අයං ආසවනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති. තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චති, භවාසවාපි චිත්තං විමුච්චති, අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාති. යස්මිං ඛො, සන්දක, සත්ථරි සාවකො එවරූපං උළාරවිසෙසං අධිගච්ඡති තත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්‍රහ්මචරියං වසෙය්‍ය, වසන්තො ච ආරාධෙය්‍ය ඤායං ධම්මං කුසල’’න්ති.
233
“සන්දකය, මේ ලෝකයෙහි අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ, අෂ්ටවිද්‍යාපසළොස්වරණධර්මයන්ගෙන් යුක්තවූ ශොභන ගමන් ඇත්තාවූ තුන්ලොව දන්නාවූ පුරුෂයන් දමනය කිරීමෙහි උතුම් සාර්ථවාහකයෙකු බඳුවූ දෙවිමිනිසුන්ට අනුශාසනා කරන්නාවූ චතුස්සත්‍යය අවබෝධ කළාවූ සියලු ක්ලෙශයන් නැතිකළාවූ තථාගතයන් වහන්සේ පහල වෙත්. උන්වහන්සේ දෙවියන් සහිතවූ මාරයන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ මේ ලෝකය, මහණ බමුණන් සහිතවූ දෙවිමිනිසුන් සහිතවූ ප්‍රජාවද තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට ප්‍රකාශ කෙරෙයි. උන්වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ කෙළවර යහපත්වූ අර්ථ සහිතවූ ව්‍යංජන සහිතවූ ධර්මය දේශනා කරයි. සියල්ලෙන් සම්පූර්ණවූ පිරිසිදුවූ මාර්ග බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරයි. ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ එක්තරා කුලයෙක්හි උපන්නෙක් හෝ ඒ ධර්මය අසයි. හෙතෙම ඒ ධර්මය අසා තථාගතයන් වහන්සේ කෙරෙහි පහදියි. එසේ පැහැදුනාවූ ඔහු මෙසේ සලකයි. ගිහිගෙහි විසීම අවහිර සහිතය, කෙලෙස් දූවිලි උපදින තැනකි, මහණකම වනාහි අවකාශය මෙන් නිදහස්ය. ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් සම්පූර්ණකොට ඒකාන්තයෙන් පිරිසිදු කොට ලියවන ලද සකක් වැනිවූ මේ ශාසන බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්ට පහසු නොවෙයි. ‘මම හිසකෙස් දැළිරැවුල් කපා දමා, සිවුරු හැඳ ගිහිගෙන් නික්ම වන්නෙම් නම් ඉතා යෙහෙක’ (කියායි). හෙතෙම පසුකාලයක ස්වල්පවූ හෝ සම්පත් හැර, බොහෝවූ හෝ සම්පත් හැර, ස්වල්පවූ හෝ නෑදෑ පිරිස් හැර, බොහෝවූ හෝ නෑදෑ පිරිස් හැර, හිසකේ දැළි රැවුල් කපා දමා, සිවුරු හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේම භික්ෂු ශීලයෙන් යුක්තවූයේ ප්‍රාණඝාතය හැර, ප්‍රාණඝාතයෙන් වැලකුනේ වෙයි. බහා තබන ලද දඬු ඇත්තේ, පව්කිරීමට ලජ්ජා ඇත්තේ, කරුණාවෙන් යුක්තවූයේ සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කරයි. නුදුන් දෙය ගැණීම් හැර නුදුන් දෙය ගැණීමෙන් වැලකුනේ වෙයි. දුන් දෙය ගන්නේ දුන් දෙයෙහි බලාපොරොත්තු ඇත්තේ සොරනොවූ පිරිසිදු සිතින් යුක්තව වාසය කරයි.
“අබ්‍රහ්මචරියාව හැර උතුම් පැවතුම් ඇත්තේ ස්ත්‍රී පුරුෂ සංසර්ගය නම් ග්‍රාම ධර්මයෙන් වෙන්ව බ්‍රහ්මචාරීවේ. මුසාවාදය හැර, මුසාවාදයෙන් වැලකුනේ සත්‍ය වචන ඇත්තේ සත්‍යයෙන් සත්‍යය ගලපන්නේ ස්ථිර වචන ඇත්තේ ඇදහිය යුතු වචන ඇත්තේ ලොව මුළා නොකරන්නෙක් වෙයි. කේලාම් කීම හැර කේලාම් කීමෙන් වැලකුනේ වෙයි. මෙයින් අසා මොවුන්ගේ බිඳවීම පිණිස එතන්හි නොකියන්නේ වෙයි. එතණින් අසා ඔවුන් බිඳවීම පිණිස මොවුන්ට නොකියන්නේ වෙයි. මෙසේ බිඳනවුන් ගලපන්නේ හෝ සමගිවූවන්ට අනුබල දෙන්නේ හෝ සමගියෙහි ඇලුනේ සමගියට කැමතිවූයේ සමගියට සතුටුවූයේ සමගි කරන වචන කියන්නේ වෙයි. පරුෂ වචනය හැර පරුෂ වචනයෙන් වැලකුනේ වෙයි. යම් ඒ වචනයක් නිර්දෝෂද, කණට මිහිරිද, ප්‍රෙමණීයද සිත සතුටු කරයිද, යහපත්ද, බොහෝ දෙනාට ප්‍රියද එබඳු වචන කියන්නේ වෙයි. සම්ඵප්‍රලාපය හැර හිස් කථා කිරීමෙන් වැලකුනේ වෙයි. කාලයට සුදුසු වචන ඇත්තේ සත්‍යවූ වචන ඇත්තේ, අර්ථයෙන් යුත් වචන ඇත්තේ ධර්මයෙන් යුත් වචන ඇත්තේ හික්මීමට සුදුසු වචන ඇත්තේ සුදුසු වචන ඇත්තේ සුදුසු කල්හි කියන කරුණු සහිතවූ සීමා සහිත අර්ථයෙන් යුක්තවූ, හිතෙහි තැන්පත් කටයුතුවූ වචන කියන්නේ වෙයි.
“හෙතෙම පැලවෙන තණ, ගස්, වැල් සිඳීම් බිඳීම් ආදියෙන් වැලකුනේ වෙයි. එක් වේලෙහි වළඳන බත් ඇත්තේ රාත්‍රි භොජනයෙන් තොරවූයේ විකල් බොජුනෙන් වැලකුනේ වෙයි. මල් ගඳ විලවුන් සැරසීම් දැරීම් යන මෙයින් වැලකුනේ වෙයි. උස් ආසන මහා ආසනයන්ගෙන් වැලකුනේ වෙයි. රන් රිදී මසු කහවනු පිළිගැන්මෙන් වැලකුනේ වෙයි. අමුමස් පිළිගැනීමෙන් වැලකුනේ වෙයි. ස්ත්‍රීන් හා කුමරියන් පිළිගැන්මෙන් වැලකුනේ වෙයි. දාසයන් හා දාසීන් පිළිගැන්මෙන් වැලකුනේ වෙයි. එළුවන් හා තිරෙළුවන් පිළිගැන්මෙන් වැලකුනේ වෙයි. කුකුළන් හා ඌරන් පිළිගැන්මෙන් වැලකුනේ වෙයි. ඇතුන්ද, ගවයන්ද, අසුන්ද, වෙළඹුන්ද පිළිගැන්මෙන් වැලකුනේ වෙයි. කුඹුරු හා ඉඩම් පිළිගැන්මෙන් වැලකුනේ වෙයි. දූත මෙහෙවර හා පණිවුඩ පණත්වල යෙදීමෙන් වැලකුනේ වෙයි. බඩු විකිණීමෙන් හා මිළදී ගැණීමෙන් වැලකුනේ වෙයි. තරාදියෙන් හොරට වංචා කිරීමය යන මෙයින් වැලකුනේ වෙයි. අල්ලස් ගැණීමය, රැටීමය, කෛරාටික කම් කිරීමය, යන මෙයින් වැලකුනේ වෙයි. අත් පා ආදිය කැපීමය රැහැන් ආදියෙන් බැඳීමය. සැඟවී සිට මං පැහැරීමය, ගම් ආදියට පැන කොල්ලකෑමය, බලහත්කාර කම් කිරීම් යනාදියෙන් වැලකුනේ වෙයි.
“හෙතෙම කයින් පරිහරණය කරන සිවුරෙන්ද, කුසින් පරිහරණය කරණ ආහාරයෙන්ද සතුටුවූයේ වෙයි. හෙතෙම යම් යම් තැනකට යන්නේද, (තමන්ගේ අට පිරිකර පමණක්) අරගෙනම යයි. යම්සේ පියාපත් ඇති පක්ෂියෙක් යම් යම් තැනකට පියාඹන්නේ පියාපත් බර පමණක් ගෙන පියාඹන්නේද, එපරිද්දෙන්ම මහණතෙම කයින් පරිහරණය කරන සිවුරෙන්ද, කුසින් පරිහරණය කරන ආහාරයෙන්ද සතුටු වූයේ වෙයි. යම් යම් තැනකට යන්නේද (අටපිරිකර පමණක්) හැරගෙනම යයි. හෙතෙම මේ උතුම් සීලයෙන් යුක්තවූයේ අධ්‍යාත්මයෙහි නිවැරදිවූ සුවය විඳියි.
“හෙතෙම ඇසින් රූපයක් දැක එය නිමිති වශයෙන් නොගනියි. නැවත නැවත මතක්වනසේ සිතට නොගනියි. යමක් හේතුකොටගෙන චක්ෂු ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට ලෝභ ද්වේෂ අකුසල ධර්මයෝ උපදිත්ද, ඒ ඇසෙහි සංවරය පිණිස උපදියි. චක්ෂු ඉන්ද්‍රිය රකියි. චක්ෂු ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. කණින් ශබ්දයක් අසා එය නිමිති වශයෙන් නොගනියි. නැවත නැවත මතක්වනසේ සිතට නොගනියි. යමක් හේතුකොටගෙන සොතඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට ලෝභ ද්වේෂ අකුසල ධර්මයෝ උපදිත්ද, ඒ කණෙහි සංවරය පිණිස පිළිපදියි. සොතඉන්ද්‍රියය රකියි. සොතඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. නාසයෙන් ගඳක් ආඝ්‍රාණය කොට එය නිමිති වශයෙන් නොගනියි. නැවත නැවත මතක්වනසේ සිතට නොගනියි. යමක් හේතුකොටගෙන ඝ්‍රාණෙන්ද්‍රියය අසංවරව වසන්නහුට ලෝභ ද්වේෂ අකුශල ධර්මයෝ උපදිද්ද, ඒ ඝ්‍රාණෙන්ද්‍රියයෙහි සංවරය පිණිස පිළිපදියි. ඝ්‍රාණඉන්ද්‍රියය රකියි. ඝ්‍රාණඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. දිවෙන් රසයක් විඳ එය නිමිති වශයෙන් නොගනියි. නැවත නැවත මතක්වනසේ සිතට නොගනියි. යමක් හේතුකොට ගෙන දිව අසංවරව වසන්නහුට ලෝභ ද්වේෂ අකුශල ධර්මයෝ උපදිත්ද, ඒ ජීව්හා ඉන්ද්‍රියයෙහි සංවරය පිණිස පිළිපදියි. ජිව්හා ඉන්ද්‍රියය රකියි. ජව්හා ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. කයින් පහසක් ස්පර්ශකොට එය නිමිති වශයෙන් නොගනියි. නැවත නැවත මතක්වනසේ සිතට නොගනියි. යමක් හේතු කොටගෙන කය අසංවරව වසන්නහුට ලෝභ ද්වේෂ අකුශල ධර්මයෝ උපදිද්ද, ඒ කය සංවරය පිණිස පිළිපදියි. කායෙන්ද්‍රියය රකියි. කායෙන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. සිතින් ධර්ම අරමුණක් දැන එය නිමිති වශයෙන් නොගනියි. නැවත නැවත මතක්වනසේ සිතට නොගනියි. යමක් හේතුකොටගෙන මනින්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට ලෝභ ද්වේෂ අකුශල ධර්මයෝ උපදිද්ද, ඒ මනින්ද්‍රියයෙහි සංවරය පිණිස පිළිපදියි. මනින්ද්‍රිය රකියි. මනින්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. හෙතෙම මේ උතුම් ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වූයේ තම සන්තානයෙහි කෙලෙසුන්ගෙන් තෙත් නොවූ සැපය විඳයි.
“හෙතෙම ඉදිරියට යාමෙහිද, ආපසු යාමෙහිද, නුවණින් දැන කරන්නේ වෙයි. ඉදිරිය බැලීමෙහිද හැසිරීමෙහිද නුවණින් දැන කරන්නේ වෙයි. අත් පා හැකිලීමෙහිද, දිගු කිරීමෙහිද නුවණින් දැන කරන්නේ වෙයි. සඟල සිවුර හා පාත්‍රා සිවුරු දැරීමෙහිද නුවණින් දැන කරන්නේ වෙයි. ආහාර වැළඳීමෙහිද, බීමෙහිද, රස විඳීමෙහිද නුවණින් දැන කරන්නේ වෙයි. මලමුත්‍ර පහකිරීමෙහිද නුවණින් දැන කරන්නේ වෙයි. යාමෙහිද, සිටීමෙහිද, හිඳීමෙහිද, නිදාගැණීමෙහිද, නිදි දුරුකිරීමෙහිද, කථාකිරීමෙහිද, නිශ්ශබ්දව හිඳීමෙහිද, නුවණින් දැන කරන්නේ වෙයි. හෙතෙම මේ උතුම්වූ ශීල රාශියෙන්ද යුක්තවූයේ මේ ඉන්ද්‍රිය සංවරයෙන්ද යුක්තවූයේ මේ උතුම් සිහි නුවණ දෙකින් යුක්තවූයේ විවේකයට සුදුසුවූ ආරණ්‍යය, වෘක්ෂ මූලය, පර්වතය, කඳුරැලිය පර්වතය, ගුහාය, සොහොනය, දුරවූ වන සේනාසනය, හිස් තැනය, පිදුරු ගොඩවල්ය යන විවේක සේනාසනයක් සේවනය කරයි.
“හෙතෙම බතින් පසු පිණ්ඩපාතයෙන් වැලකුණේ ශරීරය කෙලින් තබා සිත අරමුණෙක පිහිටුවා හිඳගනියි. හෙතෙම ස්කන්ධලෝකයෙහි ලෝභය දුරුකොට දුරුකරන ලද ලෝභය ඇති සිතින් යුක්තව වාසය කරයි. ලෝභයෙන් සිත පිරිසිදු කරයි. සිත විනාශ කරන්නාවූ ක්‍රෝධය දුරුකොට ක්‍රොධ රහිත සිත් ඇත්තේ සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේ වාසය කරයි. ක්‍රෝධයෙන් සිත පිරිසිදු කරයි. සිතෙහි ගිලන් බවයයි කියන ලද ථීනයද, චෛතසිකයන්ගේ ගිලන්බවයයි කියනලද මිද්ධයද හැර පහවූ ථීනමිද්ධ ඇත්තේ අලොක සංඥා ඇත්තේ සිහිය හා නුවණ ඇත්තේ වාසය කරයි. ථීනමිද්ධයෙන් සිත පිරිසිදුකරයි. නොසන් බව හා පසු තැවීම හැර සන්සුන්වූයේ අධ්‍යාත්මයෙහි සන්සිඳුනු සිත් ඇත්තේ වාසය කරයි. උද්ධච්ච කුක්කුච්චයෙන් සිත පිරිසිදු කරයි. විචිකිච්ඡාව හැර දුරු කරන ලද සැක ඇත්තේ (කුශල ධර්මයන්හි) මෙය කෙසේ කෙසේ වේදැයි පැවත් සැක නැත්තේ වාසය කරයි. විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කරයි. හෙතෙම සිත කිලිටු කරන්නාවූ ප්‍රඥාව දුර්වල කරන්නාවූ මේ පඤ්ච නීවරණයන් හැර කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්වම විතර්කසහිතවූ විචාරසහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති පළමුවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. සන්දකය, යම් ශාස්තෘවරයෙකු වෙත ශ්‍රාවක තෙම මෙබඳුවූ මහත්වූ විශේෂයක් ලබයිද එහි නුවණ ඇති පුරුෂතෙම ඒකාන්තයෙන් බ්‍රහ්මචර්යාවෙහි වසන්නේය. වසන්නේ හෝ කුසල ධර්ම මාර්ගයන් සතුටු වන්නේය.
“සන්දකය, නැවත අනිකක්ද කියමි. භික්ෂුතෙම විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති සිතේ එකඟ බව ඇති විතර්ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. සන්දකය, යම් ශාස්තෘවරයෙකු සමීපයෙහි වනාහී ශ්‍රාවකතෙම මෙබඳුවූ මහත්වූ විශේෂයකට පැමිණේද, එහි නුවණ ඇති පුරුෂතෙම ඒකාන්තයෙන් බ්‍රහ්මචර්යාවෙහි වසන්නේය. වසන්නේ හෝ කුසල ධර්ම මාර්ගයයි සතුටු වන්නේය.
“සන්දකය, නැවත අනිකක්ද කියමි, භික්ෂුතෙම ප්‍රීතියද වැළැක්මෙන් උපේක්ෂා ඇත්තේ සිහිය හා නුවණ ඇත්තේද වාසය කරයි. කයින්ද සුවය විඳියි, යමක් උපේක්ෂා ඇත්තේ, සිහි ඇත්තේ සැප විහරණ ඇත්තේයයි ආර්යයෝ කියත්ද ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. සන්දකය, යම් ශාස්තෘවරයෙකු කෙරෙහි ශ්‍රාවකතෙම මෙබඳු මහත්වූ විශේෂයකට පැමිණේද, එහි නුවණ ඇති පුරුෂතෙම ඒකාන්තයෙන් බ්‍රහ්මචර්යාවෙහි වසන්නේය. වසන්නේ හෝ කුසල ධර්ම මාර්ගයයි සතුටු වන්නේය.
“සන්දකය, නැවත අනිකක්ද කියමි භික්ෂුතෙම සැපයද දුරු කිරීමෙන් දුකද දුරු කිරීමෙන් පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ සංසිඳීමෙන් දුක්ද නොවූ සැපද නොවූ උපේක්ෂා සිහි පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. සන්දකය, යම් ශාස්තෘවරයෙකු කෙරෙහි වනාහි ශ්‍රාවකතෙම මෙබඳු මහත් විශේෂයකට පැමිණේද, එහි නුවණැති පුරුෂතෙම ඒකාන්තයෙන් බ්‍රහ්මචර්යාවෙහි වසන්නේය. වසන්නේ හෝ කුසල ධර්ම මාර්ගයයි සතුටු වන්නේය.
“හෙතෙම මෙසේ සිත එකඟවූ කල්හි පිරිසිදුවූ කල්හි කෙලෙස් රහිතවූ කල්හි උප ක්ලේශයන් පහව ගිය කල්හි මෘදුවූ කල්හි කර්මයට සුදුසුවූ කල්හි, ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, පෙරවිසූ භව පිළිවෙළ දැනගැණීම පිණිස සිත නමයි. හෙතෙම නොයෙක් ආකාරවූ පෙර විසීම සිහි කරයි. එනම් ජාති එකක්ද ජාති දෙකක්ද ජාති තුනක්ද ජාති හතරක්ද, ජාති පහක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් විනාශ වෙමින් පවතින කල්පයන්ද, නෙයෙක් හැදෙමින් පවතින කල්පයන්ද නොයෙක් විනාශවන හෝ හැදෙන කල්පයන්ද, අසුල් තැන වීමි මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මෙබඳු වර්ණ ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙබඳු සුවදුක් වින්දෙමි. මෙබඳු ආයුෂ කෙළවරකොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුත වූයෙම් අසුවල් තැන ඉපදුනෙම් එහිදු මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මෙබඳු වර්ණ ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙබඳු සුවදුක් වින්දෙම්, මෙබඳු ආයුෂ කෙළවරකොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයේ මෙහි උපන්නේ වෙමි”යි මෙසේ ආකාර සහිතවූ, උදෙසීම් සහිතවූ, අනෙක ප්‍රකාරවූ, පෙරවිසීම් සිහි කරයි. සන්දකය, යම් ශාස්තෘවරයෙකු වෙත වනාහි ශ්‍රාවකතෙම මෙබඳු මහත් විශේෂයකට පැමිණේද, එහි නුවණ ඇති පුරුෂ තෙම ඒකාන්තයෙන් බ්‍රහ්මචර්යාවෙහි වසන්නේය. වසන්නේ හෝ කුසල ධර්ම මාර්ගයයි සතුටු වන්නේය.
“හෙතෙම මෙසේ සිත එකඟවූ කල්හි පිරිසිදුවූ කල්හි නිර්මලවූ කල්හි කෙලෙස් රහිතවූ කල්හි පහව ගිය උපක්ලේශයන් ඇතිකල්හි මෘදුවූ කල්හි කර්මයට සුදුසුවූ කල්හි ස්ථිරවූකල්හි කම්පානොවන බවට පැමිණි කල්හි, සත්වයන්ගේ චුති උත්පත්ති දැනගැණීම පිණිස සිත නමයි. හෙතෙම පිරිසිදුවූ මිනිස් ඇස ඉක්ම පවත්නාවූ දිව්‍යවූ ඇසින් චුතවනු ලබන්නාවූද, උපදිනු ලබන්නාවූද, ලාමකවූද, උතුම්වූද, යහපත් වර්ණ ඇත්තාවූද, අයහපත් වර්ණ ඇත්තාවූද, හොඳ ලොව ගියාවූද, නරක ලොව ගියාවූද සත්වයන් දකියි. ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වූවෝය. වාග් දුශ්චරිතයෙන් යුක්තවූවෝය, මනො දුශ්චරිතයෙන් යුක්තවූවෝය, ආර්යයන්ට දොස් කීවෝය, මිථ්‍යාදෘෂ්ටි ඇත්තෝවූහ, මිථ්‍යාදෘෂ්ටි කර්ම සමාදන් වූවෝ වූහ. ඔව්හු ශරීරය බිඳීමෙන් මරණින් මත්තෙහි නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන්නාවූ නරකයෙහි උපන්නාහුය. නොහොත් මේ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්තවූහ, වාග් සුචරිතයෙන් යුක්ත වූහ, මනො සුචරිතයෙන් යුක්ත වූහ, ආර්යයන්ට දොස් නොකියන්නෝ වූහ. සම්‍යක් දෘෂ්ටි ඇත්තෝ වූහ, සම්‍යක්දෘෂ්ටි කර්ම සමාදන්වූවෝ වූහ. ඔව්හු කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපන්නාහුය. කම්වූ පරිද්දෙන් පැමිණියාවූ සත්වයන් දැන ගණියි. සන්දකය, යම් ශාස්තෘවරයෙකු සමීපයෙහි, වනාහි ශ්‍රාවකතෙම මෙබඳු මහත් විශේෂයකට පැමිණේද එහි නුවණැති පුරුෂතෙම ඒකාන්තයෙන් බ්‍රහ්මචරියාවෙහි වසන්නේය. වසමින් හෝ කුසල ධර්ම මාර්ගයෙහි සතුටු වන්නේය.
“හෙතෙම මෙසේ සිත එකඟවූ කල්හි පිරිසිදුවූ කල්හි නිර්මලවූ කල්හි කෙලෙස් රහිතවූ කල්හි පහවගිය උපක්ලේශ ඇතිකල්හි මෘදුවූ කල්හි කර්මයට සුදුසුවූ කල්හි ස්ථිරවූකල්හි කම්පා නොවීමට පැමිණි කල්හි ආශ්‍රවයන් (කෙලෙස්) ක්ෂය කරන්නාවූ ඥානය පිණිස සිත නමයි. හෙතෙම මේ දුකයයි තත්වූ පරිද්දෙන් දැනගණියි. මේ දුක් ඉපදීමට හේතුයයි, තත්වූ පරිද්දෙන් දැනගණියි. මේ දුක් නැතිකිරීමයයි තත්වූ පරිද්දෙන් දැනගණියි, මේ දුක් නැති කිරීම පිණිස පිළිපදින මාර්ගයයි තත්වූ පරිද්දෙන් දැන ගණියි. මේ ආශ්‍රවයන් හට ගැනීමේ හේතුවයයි තත්වූ පරිද්දෙන් දැන ගණියි. මේ ආශ්‍රවයන් නැති කිරීම යයි තත්වූ පරිද්දෙන් දැන ගණියි. මේ ආශ්‍රවයන් නැති කිරීමේ මාර්ගයයි තත්වූ පරිද්දෙන් දැන ගණියි. මෙසේ දන්නාවූ දක්නාවූ ඔහුගේ සිත කාමාශ්‍රව කෙරෙන්ද මිදෙයි. භවාශ්‍රව කෙරෙන්ද සිත මිදෙයි. අවිද්‍යාශ්‍රව කෙරෙන්ද සිත මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්ෂය කරණ ලද්දීය. බ්‍රහ්මචර්යාව වැස නිමවන ලද්දේය. සතර මගින් කළයුතු දෙය කරණ ලදී. මේ ආත්ම භාවය පිණිස අනිකක් නැතැයි දැන ගනියි. සන්දකය, යම් ශාස්තෘවරයෙකු කෙරෙහි වනාහි ශ්‍රාවකතෙම මෙබඳු මහත් විශේෂයකට පැමිණේද, එහි නුවණැති පුරුෂතෙම ඒකාන්තයෙන් බ්‍රහ්මචර්යාවෙහි වසන්නේය. වසමින් හෝ කුසල ධර්ම මාර්ගයයි සතුටු වන්නේය.
234
‘‘යො පන සො, භො ආනන්ද, භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසංයොජනො සම්මදඤ්ඤා විමුත්තො පරිභුඤ්ජෙය්‍ය සො කාමෙ’’ති? ‘‘යො සො, සන්දක, භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසංයොජනො සම්මදඤ්ඤා විමුත්තො අභබ්බො සො පඤ්චට්ඨානානි අජ්ඣාචරිතුං. අභබ්බො ඛීණාසවො භික්ඛු සඤ්චිච්ච පාණං ජීවිතා වොරොපෙතුං, අභබ්බො ඛීණාසවො භික්ඛු අදින්නං ථෙය්‍යසඞ්ඛාතං ආදාතුං, අභබ්බො ඛීණාසවො භික්ඛු මෙථුනං ධම්මං පටිසෙවෙතුං, අභබ්බො ඛීණාසවො භික්ඛු සම්පජානමුසා භාසිතුං, අභබ්බො ඛීණාසවො භික්ඛු සන්නිධිකාරකං කාමෙ පරිභුඤ්ජිතුං, සෙය්‍යථාපි පුබ්බෙ අගාරියභූතො. යො සො, සන්දක, භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසංයොජනො සම්මදඤ්ඤා විමුත්තො අභබ්බො සො ඉමානි පඤ්චට්ඨානානි අජ්ඣාචරිතු’’න්ති.
234
“භවත් ආනන්ද ස්ථවිරයෙනි, තෙමේ වනාහි රහත්වූයේ ක්ෂය කළ (දුරුකළ) ආශ්‍රව ඇති වැස නිමවූ බ්‍රහ්මචර්යා ඇති සතර මගින් කරනලද කටයුතු ඇති බහා තබනලද කෙලෙස් බර ඇති පිළිවෙළින් පැමිණියාවූ අර්හත්වය ඇති නැසුවාවූ භවසංයෝජන (භවයෙහි බැඳීම්) මනාකොට නුවණින් දැන කෙලෙසුන් කෙරෙන් මිදුනේ වේද, හෙතෙම කම්සැප පරිභොග කරන්නේද?”
“සන්දකය, යම් ඒ භික්ෂුවක් රහත්වූයේ ක්ෂයවූ ආශ්‍රව ඇත්තේ වැස නිමවනලද බ්‍රහ්මචර්යා ඇත්තේ සතර මගින් කරනලද කටයුතු ඇත්තේ බහා තබනලද කෙලෙස් බර ඇත්තේ පිළිවෙළින් පැමිණි රහත් බැව් ඇත්තේ දුරුකළ භවසංයෝජන ඇත්තේ මනාකොට නුවණින් දැන කෙලෙසුන් කෙරෙන් මිදුනේ වේද, හෙතෙම කරුණු පසක් කරන්ට නුසුදුසු වෙයි. රහත් භික්ෂුතෙම දැනගෙණ සතෙකු ජීවිතයෙන් තොරකිරීමට නුසුදුසු වේ. රහත් භික්ෂුතෙම නුදුන්දෙය සොරසිතින් ගැනීමට සුදුසු නොවේ. රහත් භික්ෂුතෙම මෛථුන ධර්මය සේවනය කිරීමට සුදුසු නොවේ. රහත් භික්ෂුතෙම දැනගෙන බොරු කීමට සුදුසු නොවේ. රහත් භික්ෂුතෙම පෙර ගිහිව සිටිද්දී මෙන් තැන්පත්කොට තබාගෙන ආහාර පානාදී කාම වස්තු පරිභොග කරන්ට සුදුසු නොවේ. සන්දකය, යම් ඒ භික්ෂුවක් රහත්වූයේ දුරුකළ ආශ්‍රව ඇත්තේ වැස නිමවූ බ්‍රහ්මචර්යා ඇත්තේ සතර මගින් කරනලද කටයුතු ඇත්තේ බහාතුබූ කෙලෙස බර ඇත්තේ පිළිවෙළින් පැමිණි රහත්බැව් ඇත්තේ දුරුකළ භවසංයෝජන ඇත්තේ මනාකොට නුවණින් දැන කෙලෙසුන් කෙරෙන් මිදුනේ වේද, හෙතෙම මේ කරුණු පස කිරීමට සුදුසු නොවේයයි” කීය.
235
‘‘යො පන සො, භො ආනන්ද, භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසංයොජනො සම්මදඤ්ඤා විමුත්තො තස්ස චරතො චෙව තිට්ඨතො ච සුත්තස්ස ච ජාගරස්ස ච සතතං සමිතං ඤාණදස්සනං පච්චුපට්ඨිතං - ‘ඛීණා මෙ ආසවා’’’ති? ‘‘තෙන හි, සන්දක, උපමං තෙ කරිස්සාමි; උපමායපිධෙකච්චෙ විඤ්ඤූ පුරිසා භාසිතස්ස අත්ථං ආජානන්ති. සෙය්‍යථාපි, සන්දක, පුරිසස්ස හත්ථපාදා ඡින්නා; තස්ස චරතො චෙව තිට්ඨතො ච සුත්තස්ස ච ජාගරස්ස ච සතතං සමිතං (ජානාති - ‘ඡින්නා මෙ හත්ථපාදා’ති, උදාහු පච්චවෙක්ඛමානො ජානාති - ‘ඡින්නා මෙ හත්ථපාදා’’’ති? ‘‘න ඛො, භො ආනන්ද, සො පුරිසො සතතං සමිතං ජානාති - ‘ඡින්නා මෙ හත්ථපාදා’ ති.) ((ඡින්නාව හත්ථපාදා,) (සී. ස්‍යා. කං. පී.)) අපි ච ඛො පන නං පච්චවෙක්ඛමානො ජානාති - ‘ඡින්නා මෙ හත්ථපාදා’’’ති. ‘‘එවමෙව ඛො, සන්දක, යො සො භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසංයොජනො සම්මදඤ්ඤා විමුත්තො තස්ස චරතො චෙව තිට්ඨතො ච සුත්තස්ස ච ජාගරස්ස ච සතතං සමිතං (ඤාණදස්සනං න පච්චුපට්ඨිතං - ‘ඛීණා මෙ ආසවා’ති;) ((ඛීණාව ආසවා,) (සී. ස්‍යා. කං. පී.)) අපි ච ඛො පන නං පච්චවෙක්ඛමානො ජානාති - ‘ඛීණා මෙ ආසවා’’’ති.
235
“භවත් ආනන්ද ස්ථවිරයෙනි, යම් ඒ භික්ෂුවක් තෙම රහත්වූයේ ක්ෂයවූ ආශ්‍රව ඇත්තේ වැස නිමවන ලද බ්‍රහ්මචර්යා ඇත්තේ සතර මගින් කළ කටයුතු ඇත්තේ බහාතුබූ කෙලෙස් බර ඇත්තේ පිළිවෙළින් පැමිණි රහත්බැව් ඇත්තේ දුරුකළ භවසංයෝජන ඇත්තේ මනාකොට නුවණින් දැන කෙලෙසුන් කෙරෙන් මිදුනේ වේද, යන්නාවූද, සිටින්නාවූද, නිදන්නාවූද, නොනිදන්නාවූද ඔහුට මාගේ ආශ්‍රවයෝ දුරු වූවාහුයයි, නිරන්තරයෙන් සියලු ආකාරයෙන් නුවණින් දැකීම එළඹ සිටියේද?”
“සන්දකය, එසේවීනම් තොපට උපමාවක් දක්වන්නෙමි. උපමාවෙන්ද මේ ලෝකයෙහි සමහර නුවණැති පුරුෂයෝ කියන ලද්දෙහි අර්ථය දැන ගණිත්. සන්දකය, යම්සේ පුරුෂයෙකුගේ අත්, පා කපන ලද්දාහු වෙත්ද, යන්නාවූද, සිටින්නාවූද, නිදන්නාවූද, නොනිදන්නාවූද ඔහුගේ හස්ත පාදයෝ නිරන්තරයෙන් සිඳින ලද්දාහුම වෙත්ද, එතකුදු වුවත් එය මෙනෙහි කරණු ලබන්නේ, මාගේ අත්, පා සිඳින ලද්දාහුයයි, දනීද, සන්දකය, එපරිද්දෙන්ම යම් ඒ භික්ෂුවක් තෙම රහත්වූයේ ක්ෂයවූ ආශ්‍රව ඇත්තේ වැස නිමවූ බ්‍රහ්මචර්යා ඇත්තේ සතර මගින් කළ කටයුතු ඇත්තේ, බහාතුබූ කෙලෙස් බර ඇත්තේ පිළිවෙළින් පැමිණි රහත්පල ඇත්තේ ක්ෂය කළාවූ භවසංයෝජන ඇත්තේ මනාකොට නුවණින් දැන කෙලෙසුන්ගෙන් මිදුනේ වේද, යන්නාවූද, සිටින්නාවූද, නිදන්නාවූද, නොනිදන්නාවූද ඔහුගේ ආශ්‍රවයෝ නිරන්තරයෙන් දුරුවූවාහුම වෙත්. එතකුදුවුවත් එය මෙනෙහිකරණු ලබන්නේ ‘මාගේ කෙලෙස් දුරුවූවාහුයයි’ දැන ගන්නේය.
236
‘‘කීවබහුකා පන, භො ආනන්ද, ඉමස්මිං ධම්මවිනයෙ නිය්‍යාතාරො’’ති? ‘‘න ඛො, සන්දක, එකංයෙව සතං න ද්වෙ සතානි න තීණි සතානි න චත්තාරි සතානි න පඤ්ච සතානි, අථ ඛො භිය්‍යොව යෙ ඉමස්මිං ධම්මවිනයෙ නිය්‍යාතාරො’’ති. ‘‘අච්ඡරියං, භො ආනන්ද, අබ්භුතං, භො ආනන්ද! න ච නාම සධම්මොක්කංසනා භවිස්සති, න පරධම්මවම්භනා, ආයතනෙ ච ධම්මදෙසනා තාව බහුකා ච නිය්‍යාතාරො පඤ්ඤායිස්සන්ති. ඉමෙ පනාජීවකා පුත්තමතාය පුත්තා අත්තානඤ්චෙව උක්කංසෙන්ති, පරෙ ච වම්භෙන්ති තයො චෙව නිය්‍යාතාරො පඤ්ඤපෙන්ති, සෙය්‍යථිදං - නන්දං වච්ඡං, කිසං සංකිච්චං, මක්ඛලිං ගොසාල’’න්ති. අථ ඛො සන්දකො පරිබ්බාජකො සකං පරිසං ආමන්තෙසි - ‘‘චරන්තු භොන්තො සමණෙ ගොතමෙ බ්‍රහ්මචරියවාසො. න දානි සුකරං අම්හෙහි ලාභසක්කාරසිලොකෙ පරිච්චජිතු’’න්ති. ඉති හිදං සන්දකො පරිබ්බාජකො සකං පරිසං උය්‍යොජෙසි භගවති බ්‍රහ්මචරියෙති.
236
“භවත් ආනන්ද ස්ථවිරයෙනි මේ ශාසනයෙහි එතරට පමුණුවන්නෝ කොපමණ බොහෝ වෙත්ද?” “සන්දකය, එක සියයක්ද නොවෙයි, දෙසියයක්ද නොවෙයි, තුන්සියයක්ද නොවෙයි, හාරසියයක්ද නොවෙයි. පන්සියයක්ද නොවෙයි, තවද මේ ශාසනයෙහි එතෙර කරන්නෝ බොහෝ වූ වාහුම වෙත්ය.
“භවත් ආනන්ද ස්ථවිරයෙනි, ආශ්චර්යයකි, භවත් ආනන්ද ස්ථවිරයෙනි, පුදුමයකි. ස්වකීය ධර්මය උසස් කිරීමක් හෝ නොවන්නේය. අනුන්ගේ ධර්මය පහත් කිරීමක් හෝ නැත්තේය. කාරණයෙහි ධර්ම දේශනාව හේතු කොටගෙන එපමණ බොහෝ වූ එතර කරන්නෝ පැමිණෙන්නාහුය. මේ ආජීවකයෝ වනාහි පුතා මළ තැනැත්තියගේ පුත්‍රවූවෝ තමන්ම උසස් කෙරෙත්. අනුන් පහත් කෙරෙත්. එතරකරන්නෝ තුන්දෙනෙක්ම පණවත් එනම්, නන්ද වච්ඡය කිස සංකිච්චය, මක්ඛලි ගොසාලය යන තුන්දෙනාය.” ඉක්බිති සන්දකනම් පරිව්‍රාජක තෙම ස්වකීය පිරිසට ආමන්ත්‍රණය කෙළේය. “පින්වත්, ශ්‍රමණ ගෞතමයන් වෙත බ්‍රහ්ම චර්ය වාසය කෙරේවා. දැන් අප විසින් ලාභ සත්කාර ප්‍රශංසාවන් අත්හරින්ට පහසු නොවේයයි” ඔව්හු කීහ. මෙසේ වනාහි සන්දක නම් පරිව්‍රාජක තෙම ස්වකීය පිරිස භාග්‍යවතුන් වහන්සේ වෙත බ්‍රහ්මචර්යාවෙහි යෙදවූයේයි.
7. මහාසකුලුදායිසුත්තං 7. මහා සකුලුදාය සූත්‍රය
8. සමණමුණ්ඩිකසුත්තං 8. සමණ මණ්ඩික සූත්‍රය
9. චූළසකුලුදායිසුත්තං 9. චූල සකුළුදායී සූත්‍රය
10. වෙඛනසසුත්තං 10. වෙඛණ සූත්‍රය