3. පරිබ්බාජකවග්ගො | 3. පරිබ්‍රාජක වර්ගය |
1. තෙවිජ්ජවච්ඡසුත්තං | 1. තෙවිජ්ජ වච්ඡගොත්ත සූත්‍රය |
185
එවං
|
185
“මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසාලාමහනුවර මහවනයෙහිවූ කූටාගාර ශාලාවෙහි වාසය කළහ. එකල්හි වනාහි වච්ඡගොත්ත නම් පරිව්‍රාජක තෙම එකපුණ්ඩරීක නම්වූ පරිව්‍රාජකාරාමයෙහි වාසය කරයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උදය කාලයෙහි හැඳ පොරවා පා සිව්රු රැගෙණ විසාලා මහනුවර පිඬු පිණිස පැමිණියෝය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට ‘විසාලා මහනුවර පිඬු සිඟීමට තවම කල් වැඩිය. මම එකපුණ්ඩරීක නම්වූ පරිව්‍රාජකාරාමය යම් තැනකද, වච්ඡගොත්ත නම් පරිව්‍රාජක තෙම යම් තැනකද, එතැනට පැමිණෙන්නෙම් නම් යහපතැයි’ අදහස් විය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එකපුණ්ඩරීක නම්වූ පරිව්‍රාජකාරාමය යම් තැනකද, වච්ඡගොත්ත නම් පරිව්‍රාජක තෙම යම් තැනකද, එතැනට පැමිණියෝය.
වච්ඡගොත්ත නම් පරිව්‍රාජක තෙම, වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම දුටුයේය. දැක භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේගේ මෙහි වැඩීම යහපති. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ බොහෝ කලකින් මෙහි වැඩියහ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ වැඩඉන්නා සේක්වා. මේ ආසනය පනවන ලදැයි” කීයේය. භාග්‍යවතුන් වහන්සේ පනවන ලද අස්නෙහි වැඩඋන්හ. වච්ඡගොත්ත නම් පරිව්‍රාජක තෙමේද, එක්තරා මිටි අස්නක් ගෙණ එක් පැත්තක උන්නේය. එක් පැත්තක උන්නාවූම වච්ඡගොත්ත නම් පරිව්‍රාජක තෙම “ස්වාමීනි, ‘ශ්‍රමණ ගෞතම තෙම සර්වඥය සියල්ල දක්නේය, සියල්ල දක්නා ඥානයක් ඇතැයි ප්‍රකාශ කරයි. යන්නාවූද, සිටින්නාවූද, නිදන්නාවූද, නොනිදන්නාවූද, මට නිරන්තරයෙන් සියල්ල දක්නා නුවණ එළඹ සිටියේය’ යන මෙය මා විසින් අසන ලදී. ස්වාමීනි, යම් ඒ කෙනෙක් ‘ශ්‍රමණ ගෞතම තෙම සර්වඥය, සියල්ල දක්නේය. සියල්ල දක්නා ඥානයක් ඇතැයි ප්‍රතිඥා කරයි. යන්නාවූද, සිටින්නාවූද, නිදන්නාවූද, නොනිදන්නාවූද, මට නිරන්තරයෙන් සියල්ල දක්නා නුවණ එළඹ සිටින්නේය’යි මෙසේ කියත්ද, ස්වාමීනි, කිමෙක්ද, ඔව්හු භාග්‍යවතුන් වහන්සේට කියන ලද්දක් කියන්නාහුද, භාග්‍යවතුන් වහන්සේට නැති දෙයකින් දෝෂාරොපන නොකරද්ද, ධර්මයට අනුකූලවූවක් ප්‍රකාශ කෙරෙත්ද, කිසියම් මේ කීම කරුණු සහිතව නුවණැත්තන් විසින් ගැරහිය යුතු තැනට නොපැමිණේද?”යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසීය.
“වච්ඡය, ‘ශ්‍රමණ ගෞතම තෙමේ සර්වඥය, සියල්ල දක්නේය, සියල්ල දක්නා නුවණක් ඇතැයි ප්‍රකාශ කරයි. යන්නාවූද, සිටින්නාවූද, නිදන්නාවූද, නොනිදන්නාවූද, මට නිරන්තරයෙන් සියල්ල දක්නා නුවණ එළඹ සිටියේයයි’ යම් කෙනෙක් මට කීවාහු නම් ඔව්හු මා විසින් කියන ලද්දක් කියන්නෝ නොවෙත්. ඔව්හු මට අසත්‍යයෙන් චොදනා කරත්.”
|
186
‘‘කථං
‘‘‘තෙවිජ්ජො සමණො ගොතමො’ති ඛො, වච්ඡ, බ්යාකරමානො වුත්තවාදී චෙව මෙ අස්ස, න ච මං
‘‘‘තෙවිජ්ජො සමණො ගොතමො’ති
එවං වුත්තෙ, වච්ඡගොත්තො පරිබ්බාජකො භගවන්තං එතදවොච - ‘‘අත්ථි නු ඛො, භො ගොතම, කොචි ගිහී ගිහිසංයොජනං අප්පහාය කායස්ස භෙදා දුක්ඛස්සන්තකරො’’ති? ‘‘නත්ථි ඛො, වච්ඡ, කොචි ගිහී ගිහිසංයොජනං අප්පහාය කායස්ස භෙදා දුක්ඛස්සන්තකරො’’ති.
‘‘අත්ථි
‘‘අත්ථි
‘‘අත්ථි පන, භො ගොතම, කොචි ආජීවකො කායස්ස භෙදා සග්ගූපගො’’ති? ‘‘ඉතො ඛො සො, වච්ඡ, එකනවුතො කප්පො
(ඉතො කො වච්ඡ එකනවුතෙ කප්පෙ (ක.)) යමහං අනුස්සරාමි, නාභිජානාමි කඤ්චි ආජීවකං සග්ගූපගං අඤ්ඤත්ර එකෙන; සොපාසි කම්මවාදී කිරියවාදී’’ති. ‘‘එවං සන්තෙ, භො ගොතම, සුඤ්ඤං අදුං තිත්ථායතනං අන්තමසො සග්ගූපගෙනපී’’ති? ‘‘එවං, වච්ඡ, සුඤ්ඤං අදුං තිත්ථායතනං අන්තමසො සග්ගූපගෙනපී’’ති.
ඉදමවොච භගවා. අත්තමනො වච්ඡගොත්තො පරිබ්බාජකො භගවතො භාසිතං අභිනන්දීති.
|
186
“ස්වාමීනි, කෙසේ ප්‍රකාශ කරන්නාවූ අපි වනාහි භාග්‍යවතුන් වහන්සේට කියන ලද්දක් කියන්නෝ වන්නෙමුද, භාග්‍යවතුන් වහන්සේට අසත්‍යයෙන් දොස්නොකියන්නෙමුද, ධර්මයට අනුකූලවූවක් ප්‍රකාශ කරන්නෙමුද, කරුණු සහිතවූ නුවණැත්තන් විසින් ගැරහිය යුතු බවට නොපැමිණෙන කිසියම් කීමක් වන්නේද?
“වච්ඡය, ‘ශ්‍රමණ ගෞතම තෙම ත්‍රිවිද්‍යාවෙන් යුක්තය’යි ප්‍රකාශ කරණු ලබන්නේ, මට කියන ලද්ද කියන්නේද වන්නේය. මට බොරුවෙන් දොස්ද නොකියන්නේය. ධර්මයට අනුකූලවූවක් ප්‍රකාශ කරන්නේය. ඒ කීම කරුණු සහිතව නුවණැත්තන්ගේ ගැරහිය යුතු බවට නොපැමිණෙන්නේය. වච්ඡය, මම වනාහි යම්තාක්ම කැමැති වෙම්ද, (ඒතාක්) අනෙකප්‍රකාරවූ පෙරවිසූ භව සිහිකරමි. එනම්, එක ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පසක්ද ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති සතළිසක්ද, ජාති පනසක්ද, ජාති සියයක්ද, දහස් ජාතියක්ද, සියක් දහස් ජාතියක්ද, නොයෙක් විනාශ වෙමින් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද, නොයෙක් විනාශවන හෝ හැදෙන කල්පයන්ද, ‘අසුවල් තැන වීමි, මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම්, අසුවල් තැන උපන්නෙමි, එහිදු මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම්, මෙහි උපන්නෙමි’යි මෙසේ ආකාර සහිතවූ, උදෙසීම් සහිතවූ අනෙක ප්‍රකාරවු පෙරවිසුම් සිහිකරමි. වච්ඡය, මම වනාහි යම්තාක්ම කැමැති වෙම්ද, (ඒතාක්) පිරිසිදුවූ මිනිස් ඇස ඉක්ම පැවැත්තාවූ දිව්‍යවූ ඇසින් චුත වන්නාවූද, උපදින්නාවූද, හීනවූද, ප්‍රණීතවූද, යහපත් වර්ණ ඇත්තාවූද, අයහපත් වර්ණ ඇත්තාවූද, සුගතිවල උපන්නාවූද දුර්ගතිවල උපන්නාවූද සත්වයන් දකිමි. ‘මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූහ, වාග් දුශ්චරිතයෙන් යුක්තවූහ. මනො දුශ්චරිතයෙන් යුක්තවූහ. ආර්යයන්ට ගරහන්නෝ වූහ. මිථ්‍යාදෘෂ්ටිකයෝ වූහ, මිථ්‍යාදෘෂ්ටි කර්ම සමාදන්වූවෝ වූහ. ඔවුහු මරණින් මතු සැපයෙන් පහවූ නපුරුවූ දුක්වූ නිරයට පැමිණෙත්. නැතහොත්, මේ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්තවූහ, වාග් සුචරිතයෙන් යුක්තවූහ, මනො සුචරිතයෙන් යුක්ත වූහ, ආර්යයන්ට නොගරහන්නෝ වූහ. සත්‍යය අදහන්නෝ වූහ, සත්‍ය ඇදහීම් සමාදන්වූවෝ වූහ. ඔව්හු මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයට පැමිණියෝ’යි මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුත වන උපදින සත්වයන් දකිමි, මෙසේ පිරිසිදුවූ, මනුෂ්‍යත්වය ඉක්ම සිටියාවූ දිවැසින් චුතවන්නාවූද උපදින්නාවූද පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද හොඳ ලොවට ගියාවූද, නරක ලොවට ගියාවූද, කම්වූ පරිද්දෙන් පරලොව ගියාවූ සත්වයන් දැනගනිමි.
“වච්ඡය, මම වනාහි ආශ්‍රවයන් (කෙළෙස්) ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ සමාධිය කරණකොට මිදීමත්, ප්‍රඥාව කරණකොට මිදීමත්, මේ ආත්මයෙහිම තමන්ම විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂකොට පැමිණ වාසය කරමි. වච්ඡය, ශ්‍රමණ ගෞතම තෙම ත්‍රිවිද්‍යාවෙන් යුක්තයයි, ප්‍රකාශ කරණු ලබන්නේ, මට කියන ලද්ද කියන්නේද වන්නේය. මට අසත්‍යයෙන් නින්දාද නොකරන්නේය. ධර්මයටද අනුකූල වූවක් ප්‍රකාශ කරන්නේය. ඒ කීම කරුණු සහිතව නුවණැතියන් විසින් හැරගිය යුතු තැනටද නොපැමිණෙන්නේයයි” වදාළේය.
මෙසේ වදාළ කල්හි වච්ඡගොත්ත නම් පරිව්‍රාජක තෙම “භවත් ගෞතමයන් වහන්ස, ගිහිබන්ධනය (ගිහියන් විසින් පරිහරණය කරන දෙයෙහි ආශාව) දුරුනොකොට කිසියම් ගිහියෙක් ශරීරයාගේ බිඳීමෙන් පසුදුක් කෙළවර කෙරේදැ”යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසීය.
“වච්ඡය, කිසියම් ගිහියෙක් ගිහිසංයෝජනය දුරු නොකොට ශරීරයාගේ බිඳීමෙන් පසු දුක් කෙළවර කරන්නෙක් නැත්තේය”යි වදාළේය.
“භවත් ගෞතමයන් වහන්ස, කිසියම් ගිහියෙක් ගිහි සංයෝජනය දුරු නොකොට ශරීරයාගේ බිඳීමෙන් පසු දෙව්ලොවට පැමිණෙන්නෙක් ඇත්තේදැ”යි ඇසීය.
“වච්ඡය, ගිහිසංයෝජන දුරු නොකොට මරණින් පසු ස්වර්ගයට ගියාහු සියයක්ද නොවෙයි, දෙසියක්ද නොවෙයි, තුන්සියයක්ද නොවෙයි, සාරසියයක්ද නොවෙයි, පන්සියයක්ද නොවෙයි, හුදෙක් ඉතා බොහෝය”යි වදාළේය.
“භවත් ගෞතමයන් වහන්ස, ශරීරයාගේ බිඳීමෙන් පසු දුක් කෙළවර කරන්නාවූ කිසියම ආජීවකයෙක් ඇත්තේද” “වච්ඡය, ශරීරයාගේ බිඳීමෙන් පසු දුක් කෙළවර කරන්නාවූ කිසියම් ආජීවකයෙක් නැත්තේය.”
“භවත් ගෞතමයන් වහන්ස, කිසියම් ආජීවකයෙක් ශරීරයාගේ බිඳීමෙන් දෙව්ලොව ගියේද, එබන්දෙක් ඇත්තේද?”
“වච්ඡය, මම යම් කල්පයක් සිහිකරම්ද, ඒ මෙයින් ඒකානූවන කල්පයයි. එකෙකු හැර දෙව්ලොව ගියාවූ කිසියම් ආජීවකයෙකු නොදනිමි. හෙතෙමේද කර්මවාද ඇත්තාවූ ක්‍රියාවද ඇත්තාවූ (ආජීවකයෙක්) වූයේයයි” වදාළේය.
“භවත් ගෞතමයන් වහන්ස, මෙසේ ඇති කල්හි මේ තීර්ථායතනය යටත්පිරිසෙයින් ස්වර්ගයට යන්නෙකුගෙනුත් සූන්‍යයයි”
“වච්ඡය, මෙසේ ඇති කල්හි මේ තීර්ථායතනය, යටත් පිරිසෙයින් දෙව්ලොව යන්නෙකුගෙන් පවා හිස්යයි” වදාළේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටු සිත් ඇත්තාවූ වච්ඡගොත්ත නම් පරිව්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේගේ දේසනාව සතුටින් පිළිගත්තේය.
|
2. අග්ගිවච්ඡසුත්තං | 2. අග්ගි වච්ඡගොත්ත සූත්‍රය |
187
එවං
‘‘කිං නු ඛො, භො ගොතම, ‘සස්සතො ලොකො, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති - එවංදිට්ඨි
(එවංදිට්ඨී (සී. ස්‍යා. කං. ක.)) භවං ගොතමො’’ති? ‘‘න ඛො අහං, වච්ඡ, එවංදිට්ඨි - ‘සස්සතො ලොකො, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’’’න්ති.
‘‘කිං පන, භො ගොතම, ‘අසස්සතො ලොකො, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති - එවංදිට්ඨි භවං ගොතමො’’ති? ‘‘න ඛො අහං, වච්ඡ, එවංදිට්ඨි - ‘අසස්සතො ලොකො, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’’’න්ති.
‘‘කිං
‘‘කිං පන, භො ගොතම, ‘අනන්තවා ලොකො, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති - එවංදිට්ඨි භවං ගොතමො’’ති? ‘‘න ඛො අහං, වච්ඡ, එවංදිට්ඨි - ‘අනන්තවා ලොකො, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’’’න්ති.
‘‘කිං නු ඛො, භො ගොතම, ‘තං ජීවං තං සරීරං, ඉදමෙව
‘‘කිං පන, භො ගොතම, ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති - එවංදිට්ඨි භවං ගොතමො’’ති? ‘‘න ඛො අහං, වච්ඡ, එවංදිට්ඨි - ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’’’න්ති.
‘‘කිං නු ඛො, භො ගොතම, ‘හොති තථාගතො පරං මරණා, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති - එවංදිට්ඨි භවං ගොතමො’’ති? ‘‘න ඛො අහං, වච්ඡ, එවංදිට්ඨි - ‘හොති තථාගතො පරං මරණා, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’’’න්ති.
‘‘කිං පන, භො ගොතම, ‘න හොති තථාගතො පරං මරණා, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති - එවංදිට්ඨි භවං ගොතමො’’ති? ‘‘න ඛො අහං, වච්ඡ, එවංදිට්ඨි - ‘න හොති තථාගතො පරං මරණා, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’’’න්ති.
‘‘කිං නු ඛො, භො ගොතම, ‘හොති ච න ච හොති තථාගතො පරං මරණා, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති - එවංදිට්ඨි භවං ගොතමො’’ති
‘‘කිං පන, භො ගොතම, ‘නෙව හොති න න හොති තථාගතො පරං මරණා, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති - එවංදිට්ඨි භවං ගොතමො’’ති? ‘‘න ඛො අහං, වච්ඡ, එවංදිට්ඨි - ‘නෙව හොති න න හොති තථාගතො පරං මරණා, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’’’න්ති.
|
187
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඩු මහ සිටුහුගේ ජේතවන නම්වූ ආරාමයෙහි වාසය කළහ. එකල්හි වච්ඡගොත්ත පරිව්‍රාජක තෙම, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු විය යුතු සිහිකටයුතු කථාව කොට නිමවා එක්පැත්තක උන්නේය. එක්පැත්තක උන්නාවූම වච්ඡගොත්ත නම් පරිව්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය.
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ ‘ලෝකය සදාකාලිකය, මෙයම සත්‍යයි මෙයින් අන්‍යමත සිස්ය, යන මේ දෘෂ්ටිය ඇත්තේද?”
“වච්ඡය, මම ‘ලෝකය සදාකාලිකය, මෙයම සත්‍යයි මෙයින් අන්‍ය මත සිස්ය, යන මෙබඳු දෘෂ්ටිය ඇත්තේ නොවෙමි.”
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ ‘ලෝකය සදාකාලික නොවේ. මෙයම සත්‍යයි මෙයින් අන්‍ය මත හිස්ය, යන මෙබඳු දෘෂ්ටි ඇත්තේද?”
“වච්ඡය, මම ‘ලෝකය සදාකාලික, නොවේ. මෙයම සත්‍යය මෙයින් අන්‍ය මත සිස්ය, යන මෙබඳු දෘෂ්ටිය ඇත්තේ නොවෙමි.”
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ ‘ලෝකයේ කෙළවර ඇත්තේය. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටිය ඇත්තේද?”
“වච්ඡය, මම ‘ලෝකය කෙළවර ඇත්තේය. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත හිස්ය’යි මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමි.”
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ ‘ලෝකය කෙළවර නැත්තේය. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත හිස්ය’යි මෙබඳු දෘෂ්ටිය ඇත්තේද?”
“වච්ඡය, මම ‘ලෝකය කෙළවර නැත්තේය. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත හිස්ය’යි යන මෙබඳු දෘෂ්ටිය ඇත්තේ නොවෙමි.”
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ ‘එයම ජීවය වේ, එයම ශරීරය වේ. මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේද?”
“වච්ඡය මම ‘එයම ජීවය වේ, එයම ශරීරය වේ, මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමි.”
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ ‘ජීවය අනිකක් වේ. ශරීරය අනිකක් වේ. මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේද?”
“වච්ඡය, මම ‘ජීවය අනිකක් වේ. ශරීරය අනිකක් වේ. මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්යයි මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමි.”
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ ‘සත්ව තෙම මරණින් මතු වෙයි. මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේද?”
“වච්ඡය, මම ‘සත්වතෙම මරණින් මතු වේ. මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමි.”
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ ‘සත්ව තෙම මරණින් මතු නොවේ. මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේද?”
“වච්ඡය, මම ‘සත්ව තෙම මරණින් මත්තෙහි නොවේ. මෙයම සත්‍යය මෙයින් අන්‍යමත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමි.”
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ ‘සත්ව තෙම මරණින් මතු වන්නේද වෙයි. නොවන්නේද වෙයි, මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේද?”
“වච්ඡය, මම ‘සත්ව තෙම මරණින් මත්තෙහි වන්නේද වෙයි, නොවන්නේද වෙයි මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමි.”
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ, ‘සත්ව තෙම මරණින් මතු නොම වෙයි. නොවන්නේ නොවෙයි, මෙයම සත්‍යය. මෙයින් අන්‍ය මත සිස්ය’යි මෙබඳු දෘෂ්ටි ඇත්තේද?”
“වච්ඡය, “මම සත්ව තෙම මරණින් මත්තෙහි නොමවෙයි. නොවන්නේ නොවෙයි. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමි.”
|
188
‘‘‘කිං
‘‘‘කිං පන, භො ගොතම, න හොති තථාගතො පරං
‘‘කිං පන භො ගොතමො ආදීනවං සම්පස්සමානො එවං ඉමානි සබ්බසො දිට්ඨිගතානි අනුපගතො’’ති?
|
188
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ, ‘ලෝකය සදාකාලික වේ. මෙයම සත්‍යය. මෙයින් අන්‍ය මත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේදැයි මෙසේ විචාරණ ලද්දේ ‘වච්ඡය මම ලෝකය සදාකාලිකය, මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්ය’යි මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමියි’ කීවෙහිය.
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ, ලෝකය ශාස්වත නොවේ. මෙයම සත්‍යය. මෙයින් අන්‍ය මත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේදැ?’යි මෙසේ විචාරණ ලද්දේද ‘වච්ඡය, මම, ලෝකය සදාකාලික නොවේ. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේද නොවෙමියි කීයෙහිය.
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද, භවත් ගෞතම තෙමේ, ලෝකය කෙළවර ඇත්තේය. මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්ය’යි මෙබඳු දෘෂ්ටි ඇත්තේද?’යි මෙසේ විචාරණ ලද්දේද ‘වච්ඡය, මම ලෝකය කෙළවර ඇත්තේය. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේත් නොවෙමියි’ කීයෙහිය.
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද, භවත් ගෞතම තෙමේ ලෝකය කෙළවර නැත්තේය. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්යයි, මෙබඳු දෘෂ්ටි ඇත්තේදැයි මෙසේ විචාරන ලද්දේද ‘වච්ඡය, මම ලෝකය කෙළවර නැත්තේය. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමියි’ කීයෙහිය.
භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ එයම ජීවයවේ, එයම ශරීරයවේ, මෙයම සත්‍යයි. මෙයින් අන්‍ය මත හිස්යයි, මෙබඳු දෘෂ්ටි ඇත්තේදැ?’යි මෙසේ විචාරණ ලද්දේද, ‘වච්ඡය, මම එය ජීවය එය ශරීරය මෙයම සත්‍යය මෙයින් අන්‍ය මත සිස්යයි මම මෙබඳු දෘෂ්ටි ඇත්තේ නෙවෙමියි’ කීයෙහිය.
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ ජීවය අනිකක, ශරීරය අනිකක, මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්යයි, මෙබඳු දෘෂ්ටි ඇත්තේද?” මෙසේ විචාරණ ලද්දේද, “වච්ඡය, ජීවය අනිකක, ශරීරය අනිකක, මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්යයි, මම මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමියි’ කීයෙහිය.
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද, භවත් ගෞතම තෙමේ, සත්වතෙම මරණින් මත්තෙහි වෙයි. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්යයි, මෙබඳු දෘෂ්ටි ඇත්තේද?” මෙසේ විචාරණ ලද්දේද, ‘වච්ඡය, සත්ව තෙම මරණින් මත්තෙහි වෙයි. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්යයි, මම මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමියි’ කීයෙහිය.
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ, සත්වතෙම මරණින් මත්තෙහි නොවෙයි. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්යයි, මෙබඳු දෘෂ්ටි ඇත්තේදැයි, මෙසේ විචාරණ ලද්දේද, “වච්ඡය, සත්ව තෙම මරණින් මත්තෙහි නොවෙයි. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්යයි මම මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමියි’ කීයෙහිය.
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ, සත්ව තෙම මරණින් මත්තෙහි වන්නේද වෙයි, නොවන්නේද වෙයි, මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්යි මෙබඳු දෘෂ්ටි ඇත්තේද? මෙසේ විචාරණ ලද්දේද, ‘වච්ඡය, මම සත්ව තෙම මරණින් මත්තෙහි වන්නේද වෙයි, නොවන්නේද වෙයි, මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්යයි මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමියි’ කීයෙහිය.
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ, සත්ව තෙම මරණින් මත්තෙහි නොම වෙයි. නොවන්නේත් නොවෙයි. මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේද? මෙසේ විචාරණ ලද්දේද, ‘වච්ඡය, සත්වතෙම මරණින් මත්තෙහි නොමවෙයි. නොවන්නේත් නොවෙයි. මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්යයි, මම මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමියි’ කීයෙහිය.
“භවත් ගෞතම තෙමේ කිනම් ආදීනවයක් දකිමින් මෙසේ මේ සියලු දෘෂ්ටි ගතිවලට නොපැමිණියේ වෙහිද?”
|
189
‘‘‘සස්සතො ලොකො’ති ඛො, වච්ඡ, දිට්ඨිගතමෙතං දිට්ඨිගහනං දිට්ඨිකන්තාරො
(දිට්ඨිකන්තාරං (සී. පී.)) දිට්ඨිවිසූකං දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසංයොජනං සදුක්ඛං සවිඝාතං සඋපායාසං සපරිළාහං, න නිබ්බිදාය න
‘‘අත්ථි පන භොතො ගොතමස්ස කිඤ්චි දිට්ඨිගත’’න්ති? ‘‘දිට්ඨිගතන්ති ඛො, වච්ඡ, අපනීතමෙතං තථාගතස්ස. දිට්ඨඤ්හෙතං, වච්ඡ, තථාගතෙන - ‘ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථඞ්ගමො; ඉති වෙදනා, ඉති වෙදනාය සමුදයො, ඉති වෙදනාය අත්ථඞ්ගමො; ඉති සඤ්ඤා, ඉති සඤ්ඤාය සමුදයො, ඉති සඤ්ඤාය අත්ථඞ්ගමො; ඉති සඞ්ඛාරා, ඉති සඞ්ඛාරානං සමුදයො, ඉති සඞ්ඛාරානං අත්ථඞ්ගමො; ඉති විඤ්ඤාණං, ඉති විඤ්ඤාණස්ස සමුදයො, ඉති විඤ්ඤාණස්ස අත්ථඞ්ගමො’ති. තස්මා තථාගතො සබ්බමඤ්ඤිතානං සබ්බමථිතානං සබ්බඅහංකාරමමංකාරමානානුසයානං ඛයා විරාගා
|
189
“වච්ඡය, ලෝකය ශාස්වතය යන මේ දෘෂ්ටිය, දෘෂ්ටිවනය, දෘෂ්ටිකාන්තාරය, දෘෂ්ටිහුලය, දෘෂ්ටිචපලබව, දෘෂ්ටි සංයෝජනය දුක් සහිතය, උවදුරු සහිතය, වෙහෙස සහිතය, දැවිලි සහිතය, කලකිරීම පිණිස, නොඇලීම පිණිස, දුක් නැතිකිරීම පිණිස, සංසිඳීම පිණිස, දැනීම පිණිස, අවබෝධය පිණිස, නිර්වාණය පිණිස නොපවතියි.
“වච්ඡය, ලෝකය අශාස්වතය යන මේ දෘෂ්ටිය, දෘෂ්ටිවනය, දෘෂ්ටිකාන්තාරය, දෘෂ්ටිවිසකටුව, දෘෂ්ටිචපලබව, දෘෂ්ටි රැහැන දුක් සහිත වේ, උවදුරු සහිතවේ. දැඩි වෙහෙස සහිතවේ. දැවිලි සහිතවේ. කලකිරීම පිණිස, නොඇලීම පිණිස, දුක් නිවීම පිණිස, සංසිඳීම පිණිස, යහපත් දැනීම පිණිස, අවබෝධය පිණිස නිවන් පිණිස නොපවතියි.
“වච්ඡය ලෝකය කෙළවර ඇත්තේය යන මේ දෘෂ්ටිය, දෘෂ්ටිවනය, දෘෂ්ටිකාන්තාරය, දෘෂ්ටිවිසකටුව, දෘෂ්ටි චපලබව දෘෂ්ටිරැහැන දුක්සහිතවේ. උවදුරු සහිතවේ. දැඩි වෙහෙස සහිතවේ. දැවිලි සහිතවේ. කලකිරීම පිණිස, නො ඇලීම පිණිස, දුක් නිවීම පිණිස, සංසිඳීම පිණිස, යහපත් දැනීම පිණිස, අවබෝධය පිණිස, නිවන් පිණිස නොපවතියි.
“වච්ඡය, ලෝකය කෙළවර නැත්තේය යන මේ දෘෂ්ටිය, දෘෂ්ටිවනය, දෘෂ්ටිකාන්තාරය, දෘෂ්ටිවිසකටුව, දෘෂ්ටි චපලබව, දෘෂ්ටිරැහැන දුක්සහිතවේ. උවදුරු සහිතවේ. දැඩි වෙහෙස සහිතවේ. දැවිලි සහිතවේ. කලකිරීම පිණිස, නොඇලීම පිණිස, දුක්නිවීම පිණිස, සංසිඳීම පිණිස, යහපත් දැනීම පිණිස, අවබෝධය පිණිස නිවන් පිණිස, නොපවතියි.
“වච්ඡය, එය ජීවයවේ. එය ශරීරයවේය යන මේ දෘෂ්ටිය දෘෂ්ටිවනය, දෘෂ්ටිකාන්තාරය, දෘෂ්ටිවිසකටුව, දෘෂ්ටි චපලබව, දෘෂ්ටිරැහැන දුක්සහිතවේ. උවදුරු සහිතවේ. දැඩි වෙහෙස සහිතවේ. දැවිලි සහිතවේ. කලකිරීම පිණිස, නොඇලීම පිණිස, දුක්නිවීම පිණිස, සංසිඳීම පිණිස, යහපත් දැනීම පිණිස, අවබෝධය පිණිස, නිවන් පිණිස නොපවතියි.
“වච්ඡය, ජීවය අනිකක, ශරීරය අනිකක යන මේ දෘෂ්ටිය, දෘෂ්ටිවනය, දෘෂ්ටිකාන්තාරය, දෘෂ්ටිවිසකටුව, දෘෂ්ටිචපලබව, දෘෂ්ටිරැහැන දුක්සහිතවේ. උවදුරු සහිතවේ. දැඩිවෙහෙස සහිතවේ. දැවිලි සහිතවේ. කලකිරීම පිණිස, නොඇලීම පිණිස, දුක්නිවීම පිණිස, සංසිඳීම පිණිස, යහපත් දැනීම පිණිස, අවබෝධය පිණිස, නිවන් පිණිස නොපවතියි.
“වච්ඡය, සත්ව තෙම මරණින් මත්තෙහි වේය යන මේ දෘෂ්ටිය, දෘෂ්ටිවනය, දෘෂ්ටිකාන්තාරය, දෘෂ්ටිවිසකටුව, දෘෂ්ටිචපලබව, දෘෂ්ටිරැහැන දුක්සහිතවේ. උවදුරු සහිත වේ. දැඩිවෙහෙස සහිතවේ. දැවිලි සහිතවේ. කලකිරීම පිණිස, නොඇලීම පිණිස, දුක්නිවීම පිණිස, සංසිඳීම පිණිස යහපත් දැනීම පිණිස, අවබෝධය පිණිස, නිවන් පිණිස නොපවතියි.
“වච්ඡය, සත්වතෙම මරණින් මත්තෙහි නොවේය යන මේ දෘෂ්ටිය, දෘෂ්ටිවනය, දෘෂ්ටිකාන්තාරය, දෘෂ්ටිවිසකටුව, දෘෂ්ටිචපලබව, දෘෂ්ටිරැහැන දුක්සහිතවේ. උවදුරු සහිතවේ. දැඩිවෙහෙස සහිතවේ. දැවිලි සහිතවේ. කලකිරීම පිණිස, නොඇලීම පිණිස, දුක්නිවීම පිණිස, සංසිඳීම පිණිස, යහපත් දැනීම පිණිස, අවබෝධය පිණිස, නිවන් පිණිස නොපවතියි.
“වච්ඡය, සත්ව තෙම මරණින් මත්තෙහි වන්නේද වෙයි, නොවන්නේද වෙයි යන මේ දෘෂ්ටිය, දෘෂ්ටිවනය, දෘෂ්ටිකාන්තාරය, දෘෂ්ටිවිසකටුව, දෘෂ්ටිචපලබව, දෘෂ්ටි රැහැන දුක්සහිතවේ. උවදුරු සහිතවේ. දැඩි වෙහෙස සහිතවේ. දැවිලි සහිතවේ. කලකිරීම පිණිස, නොඇලීම පිණිස, දුක් නිවීම පිණිස, සංසිඳීම පිණිස, යහපත් දැනීම පිණිස, අවබෝධය පිණිස නිවන් පිණිස නොපවතියි.
“වච්ඡය, සත්වතෙම මරණින් මත්තෙහි නොමවෙයි. නොවන්නේත් නොවෙයි යන මේ දෘෂ්ටිය දෘෂ්ටිකැලය, දෘෂ්ටිකාන්තාරය, දෘෂටිහුල, දෘෂ්ටිචපලබව, දෘෂ්ටිසංයෝජනය, දුක්සහිතවේ. උවදුරු සහිතවේ. වෙහෙස සහිතවේ. දැවිලි සහිතවේ. කලකිරීම පිණිස, නොඇලීම පිණිස, දුක් නැතිකිරීම පිණිස, සංසිඳීම පිණිස, නුවණින් දැනීම පිණිස, අවබෝධය පිණිස, නිර්වාණය පිණිස නොපවතියි. වච්ඡය, මම මේ දෝෂය දකිමින් මේ දෘෂ්ටිවලට සියලු ආකාරයෙන් නොඑළඹුනේ වෙමියි” කීහ.
“භවත් ගෞතමයන් වහන්සේගේ කිසියම් දෘෂ්ටි ගතියක් ඇද්ද?” “වච්ඡය, දෘෂ්ටිගතිය යන මෙය තථාගතයන් විසින් බැහැර කරන ලදී. වච්ඡය, තථාගතයන් විසින් රූපය මේය, රූපයාගේ හේතුව මේය. රූපයාගේ විනාසය මේය, වේදනාව මේය, වේදනාවගේ හේතුව මේය. වේදනාවගේ විනාසය මේය. සංඥාව මේය, සංඥාවගේ හේතුව මේය. සංඥාවගේ විනාසය මේය. සංස්කාරයෝ මොහුය. සංස්කාරයන්ගේ හේතුව මේය. සංස්කාරයන්ගේ විනාසය මේය. විඤ්ඤාණය මේය, විඤ්ඤාණයාගේ හේතුව මේය. විඤ්ඤාණයාගේ විනාසය මේයයි. දන්නා ලද්දේමය. එහෙයින් තථාගත තෙම සියලු මඤ්ඤිතයන්ගේ (තණ්හාදිට්ඨිමානයන්ගේ) සියලු මථතයන්ගේ (තණ්හාදිට්ඨිමානයන්ගේ) මමයයි ගන්නා දෘෂ්ටිය මගේයයි ගන්නා තෘෂ්ණාව මමයයි හඟින මානය යන අනුශයයන්ගේ නැසීමෙන් දුරුකිරීමෙන් නිරුද්ධ කිරීමෙන්, හැරදැමීමෙන්, උපාදාන රහිතව මිදුනේයි කියමියි” වදාළේය.
|
190
‘‘එවං
‘‘‘එවං
|
190
“භවත් ගෞතමයන් වහන්ස, මෙසේ මිදුනාවූ සිත් ඇති භික්ෂුතෙම වනාහි කොහි උපදීද? “වච්ඡය, උපදී යනු නොයෙදෙයි. “භවත් ගෞතමයන් වහන්ස, එසේවීනම් නූපදීද?”
“වච්ඡය, නූපදී යනුද නොයෙදෙයි (සුදුසු නොවෙයි)”
“භවත් ගෞතමයන් වහන්ස, එසේවීනම් උපදීද, නූපදීද?”
“වච්ඡය, උපදීද, නූපදීද යනුද නොයෙදෙයි.”
“භවත් ගෞතමයන් වහන්ස, එසේවීනම්, නොමඋපදියි, නූපදින්නේත් නොවේද?”
“වච්ඡය, නොම උපදියි නූපදින්නේත් නොවෙයි යනුද නොයෙදේයයි වදාළේය.
“භවත් ගෞතමයන් වහන්ස, මෙසේ මිදුනු සිත් ඇති භික්ෂුතෙම වනාහි කොහි උපදීද?’ මෙසේ විචාරණ ලද්දේද, “වච්ඡය, උපදියි යනු නොයෙදේ යයි” කීයෙහිය.
“භවත් ගෞතමයන් වහන්ස, එසේවීනම් නූපදීද? මෙසේ විචාරණ ලද්දේද “වච්ඡය, නූපදියි යනු නොයෙදේයයි” කීයෙහිය.
“භවත් ගෞතමයන් වහන්ස, එසේවීනම් උපදීද නූපදීද?” මෙසේ විචාරණ ලද්දේද “වච්ඡය, උපදීද නූපදීද යනු නොයෙදේයයි” කීයෙහිය.
“භවත් ගෞතමයන් වහන්ස, නොම උපදියි, නූපදින්නේත් නොවේද?”
මෙසේ විචාරණ ලද්දේ “වච්ඡය, නොම උපදියි නූපදින්නේත් නොවේය යනු නොයෙදේයයි” කීයෙහිය.
“භවත් ගෞතමයන් වහන්ස, මෙහි මම නොදැනීමට පැමිණියෙමි. මෙහි මුළාවට පැමිණියෙමි. භවත් ගෞතමයන් වහන්සේගේ පළමු කථාවෙන් මා හට යම් ප්‍රසාද මාත්‍රයක් ඇතිවීද, එයද දැන් මට නැතිවිය.”
“වච්ඡය, තාගේ නොදැනීමට සුදුසුය. මුළාවීමට සුදුසුය. වච්ඡය, මේ ධර්මය තෙමේ ගැඹුරුය. දැකීම දුෂ්කරය අවබෝධ කිරීම දුෂ්කරය, ශාන්තය, ප්‍රණීතය, තර්කයෙන් බැසගත නොහැක්කේය. සියුම්ය. පණ්ඩිතයන් විසින් දත යුතුය. අන්‍ය දෘෂ්ටිකවූ අනික් දෘෂ්ටියක් පිළිගන්නාවූ අනික් දෘෂ්ටියක් කැමතිවන්නාවූ අනික් දෘෂ්ටියෙක්හි යෙදෙන්නාවූ අනික් දෘෂ්ටියක ගුරුවරුන් ඇත්තාවූ තා විසින් ඒ ධර්මය දැනගැණීම දුෂ්කරය.
|
191
‘‘තෙන හි, වච්ඡ, තඤ්ඤෙවෙත්ථ පටිපුච්ඡිස්සාමි; යථා තෙ ඛමෙය්ය තථා නං බ්යාකරෙය්යාසි. තං කිං මඤ්ඤසි, වච්ඡ, සචෙ තෙ පුරතො අග්ගි ජලෙය්ය, ජානෙය්යාසි ත්වං - ‘අයං මෙ පුරතො අග්ගි ජලතී’’’ති? ‘‘සචෙ මෙ, භො ගොතම, පුරතො අග්ගි ජලෙය්ය, ජානෙය්‍යාහං - ‘අයං මෙ පුරතො අග්ගි ජලතී’’’ති.
‘‘සචෙ පන තං, වච්ඡ, එවං පුච්ඡෙය්ය - ‘යො තෙ අයං පුරතො අග්ගි ජලති අයං අග්ගි කිං පටිච්ච ජලතී’ති, එවං පුට්ඨො ත්වං, වච්ඡ, කින්ති බ්යාකරෙය්යාසී’’ති? ‘‘සචෙ මං, භො ගොතම, එවං පුච්ඡෙය්ය - ‘යො තෙ අයං පුරතො අග්ගි ජලති අයං අග්ගි කිං පටිච්ච ජලතී’ති, එවං පුට්ඨො අහං, භො ගොතම, එවං බ්යාකරෙය්යං
‘‘සචෙ තෙ, වච්ඡ, පුරතො සො අග්ගි නිබ්බායෙය්ය, ජානෙය්යාසි ත්වං - ‘අයං මෙ පුරතො අග්ගි නිබ්බුතො’’’ති? ‘‘සචෙ මෙ, භො ගොතම, පුරතො සො අග්ගි නිබ්බායෙය්ය, ජානෙය්‍යාහං - ‘අයං මෙ පුරතො අග්ගි නිබ්බුතො’’’ති.
‘‘සචෙ
|
191
“වච්ඡය, එසේවීනම් මෙහිලා තගෙන්ම අසමි. තොපට යම්සේ කැමැති වන්නේද එපරිද්දෙන් එය ප්‍රකාශ කරව. වච්ඡය ඒ කුමකැයි හඟින්නෙහිද?”
“ඉදින් තොපගේ ඉදිරියෙහි ගින්නක් ඇවිලෙන්නේය. නුඹ ‘මාගේ ඉදිරියෙහි මේ ගින්න ඇවිලේ යයි දන්නෙහිද?
“භවත් ගෞතමයන් වහන්ස, ඉදින් මාගේ ඉදිරියෙහි ගින්නක් ඇවිලෙන්නේ නම් මේ ගින්න මා ඉදිරියෙහි ඇවිලේයයි මම දනිමි.”
“වච්ඡය, ඉදින් වනාහි තගෙන් ‘යම් මේ ගින්නක් තොප ඉදිරියේ ඇවිලේද, මේ ගින්න කුමක් නිසා ඇවිලේද?” මෙසේ අසන්නේ නම් වච්ඡය මෙසේ අසන ලද්දාවූ නුඹ කුමකැයි ප්‍රකාශ කරන්නෙහිද?
“භවත් ගෞතමයන් වහන්ස, ‘යම් මේ ගින්නක් තොප ඉදිරියේ ඇවිලේද, මේ ගින්න කුමක් නිසා ඇවිලේදැයි, ඉදින් මගෙන් මෙසේ අසන්නේ නම් භවත් ගෞතමයන් වහන්ස, මෙසේ අසනු ලැබූ මම ‘යම් මේ ගින්නක් මා ඉදිරියෙහි ඇවිලේද, මේ ගින්න තෘණ දැව දර නිසා ඇවිලේයයි මෙසේ ප්‍රකාශ කරන්නෙමි.
“වච්ඡය, ඉදින් තොප ඉදිරියෙහි මේ ගින්න නිවෙන්නේ නම් මේ ගින්න මා ඉදිරියෙහි නිවුනේ යයි දන්නෙහිද?”
“භවත් ගෞතමයන් වහන්ස, ඉදින් මා ඉදිරියෙහි ඒ ගින්න නිවුනේ නම්, මේ ගින්න මා ඉදිරියේ නිවුනේ යයි මම දනිමි.”
“වච්ඡය, ‘යම් මේ ගින්නක් තොප ඉදිරියෙහි නිවුනේද ඒ ගින්න මෙතැනින් නැගෙනහිර දිශාවට හෝ බස්නාහිර දිශාවට හෝ උතුරු දිශාවට හෝ දකුණු දිශාවට හෝ කවර නම් දිසාවකට ගියේදැයි, ඉදින් තගෙන් මෙසේ අසන ලද්දේ නම් වච්ඡය, මෙසේ අසන ලද්දාවූ නුඹ කුමකැයි ප්‍රකාශ කරන්නෙහිද?”
“භවත් ගෞතමයන් වහන්ස, එසේ කීම නොයෙදෙයි. භවත් ගෞතමයන් වසන්ස, ඒ ගින්න තෘණ දර ආදී යමක් නිසා ඇවිලුනේද, එය කෙළවර වීමෙන්, දැවීමට අන් දෙයක්ද නැති හෙයින් නිවුණේයයි කියයුතු බවට පැමිණේයයි” (කීයේය.)
|
192
‘‘එවමෙව ඛො, වච්ඡ, යෙන රූපෙන තථාගතං පඤ්ඤාපයමානො පඤ්ඤාපෙය්ය තං රූපං තථාගතස්ස පහීනං උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවංකතං ආයතිං අනුප්පාදධම්මං. රූපසඞ්ඛයවිමුත්තො
(රූපසඞ්ඛාවිමුත්තො (සී. ස්‍යා. කං. පී.) එවං වෙදනාසඞ්ඛයාදීසුපි) ඛො, වච්ඡ, තථාගතො ගම්භීරො අප්පමෙය්යො දුප්පරියොගාළ්හො - සෙය්යථාපි මහාසමුද්දො. උපපජ්ජතීති න උපෙති, න උපපජ්ජතීති න උපෙති, උපපජ්ජති
‘‘යාය වෙදනාය තථාගතං පඤ්ඤාපයමානො පඤ්ඤාපෙය්ය සා වෙදනා තථාගතස්ස පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවංකතා ආයතිං අනුප්පාදධම්මා. වෙදනාසඞ්ඛයවිමුත්තො ඛො, වච්ඡ, තථාගතො ගම්භීරො අප්පමෙය්යො දුප්පරියොගාළ්හො - සෙය්යථාපි මහාසමුද්දො. උපපජ්ජතීති න උපෙති, න උපපජ්ජතීති න උපෙති, උපපජ්ජති ච න ච උපපජ්ජතීති න උපෙති, නෙව උපපජ්ජති න න උපපජ්ජතීති න උපෙති.
‘‘යාය සඤ්ඤාය තථාගතං පඤ්ඤාපයමානො පඤ්ඤාපෙය්ය සා සඤ්ඤා තථාගතස්ස පහීනා
‘‘යෙහි සඞ්ඛාරෙහි තථාගතං පඤ්ඤාපයමානො පඤ්ඤාපෙය්ය තෙ සඞ්ඛාරා තථාගතස්ස පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවංකතා ආයතිං අනුප්පාදධම්මා. සඞ්ඛාරසඞ්ඛයවිමුත්තො ඛො, වච්ඡ, තථාගතො ගම්භීරො අප්පමෙය්යො දුප්පරියොගාළ්හො - සෙය්යථාපි මහාසමුද්දො. උපපජ්ජතීති න උපෙති
‘‘යෙන විඤ්ඤාණෙන තථාගතං පඤ්ඤාපයමානො පඤ්ඤාපෙය්ය තං විඤ්ඤාණං තථාගතස්ස පහීනං උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවංකතං ආයතිං අනුප්පාදධම්මං. විඤ්ඤාණසඞ්ඛයවිමුත්තො ඛො, වච්ඡ, තථාගතො ගම්භීරො අප්පමෙය්යො දුප්පරියොගාළ්හො - සෙය්යථාපි මහාසමුද්දො. උපපජ්ජතීති න උපෙති, න උපපජ්ජතීති න උපෙති, උපපජ්ජති ච න ච උපපජ්ජතීති න උපෙති, නෙව උපපජ්ජති න න උපපජ්ජතීති න උපෙති’’.
එවං වුත්තෙ, වච්ඡගොත්තො පරිබ්බාජකො භගවන්තං එතදවොච - ‘‘සෙය්යථාපි, භො ගොතම, ගාමස්ස වා නිගමස්ස වා අවිදූරෙ
|
192
“වච්ඡය, මෙපරිද්දෙන්ම යම් රූපයක් නිසා තථාගතයන් වහන්සේ සත්වයෙකැයි පනවන්නේද, කියන්නේද, ඒ රූපය තථාගතයන් විසින් ප්‍රහීණ කරණ ලද්දේය. මුල් සිඳින ලද්දේය, කරටිය සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලදී. විනාශ කරණ ලදී. මතු නූපදනා බවට පමුණුවන ලදී. වච්ඡය, රූපය කියන ස්වභාවයෙන් මිදුනාවූ තථාගත තෙම මහා සමුද්‍රය මෙන් ගුණයෙන් ගැඹුරුවූයේ ප්‍රමාණ කළ නොහැක්කේ බැස ගැනීමට නොහැකිවූයේ වෙයි. උපදීයයි කීමටද නුසුදුසුය නූපදීයයි කීමටද නුසුදුසුය. උපදීයයිද නූපදීයයිද, කීමටද නුසුදුසුය. නොම උපදියි, නූපදින්නේද නොවේයයි කීමටද නුසුදුසුය.
“යම් වේදනාවක් නිසා තථාගතයන් වහන්සේ සත්වයෙකැයි පනවන්නේද, කියන්නේද, ඒ වේදනාව තථාගතයන් විසින් පහකරණ ලදී. මුල් සිඳින ලදී කරටිය සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලදී. විනාශ කරණ ලදී. මතු නූපදනා බවට පමුණුවන ලදී. වච්ඡය, වේදනාවයයි කියන ස්වභාවයෙන් මිදුනාවූ තථාගත තෙමේ මහා සමුද්‍රය මෙන් ගුණයෙන් ගැඹුරුවූයේ, ප්‍රමාණ කළ නොහැක්කේ, බැසගැණීමට දුෂ්කරවූයේ වෙයි. උපදීයයි කීමටද නුසුදුසුය. නූපදීයයි කීමටද නුසුදුසුය. උපදීයයිද නූපදීයයිද කීමටද නුසුදුසුය. නොම උපදියි, නූපදින්නේ නොවේ යයිද කීමටද නුසුදුසුය.
“යම් සංඥාවක් නිසා තථාගතයන් වහන්සේ සත්වයෙකැයි පනවන්නේද, කියන්නේද ඒ සංඥාව තථාගතයන් විසින් ප්‍රහීණ කරණ ලදී. මුල් සිඳින ලදී, කරටිය සුන් කළ තල් ගසක් මෙන් කරණලදී. විනාශ කරණ ලදී. මතු නූපදනා බවට පමුණුවන ලදී. වච්ඡය, සංඥාවයයි කියන ස්වභාවයෙන් මිදුනාවූ තථාගත තෙමේ මහා සමුද්‍රය මෙන් ගුණයෙන් ගැඹුරුය. ප්‍රමාණ කළ නොහැක්කේය. බැසගැණීමට දුෂ්කරය. උපදීයයි කීමටද නුසුදුසුය. නූපදීයයි කීමටද නුසුදුසුය. උපදීයයිද නූපදීයයිද කීමටද නුසුදුසුය. නොම උපදියි, නූපදින්නේ නොවේයයිද කීමටද නුසුදුසුය.
“යම් සංස්කාරයක් නිසා තථාගතයන් වහන්සේ සත්වයෙකැයි පනවනු ලබන්නේද, කියනු ලබන්නේද, ඒ සංස්කාරයෝ තථාගතයන් විසින් පහකරණ ලදහ. සිඳින ලදහ. කරටිය සුන් කළ තල් ගසක් මෙන් කරණ ලද්දාහ. විනාශ කරණ ලද්දාහ. මතු නූපදනා බවට පමුණුවනලදහ. වච්ඡය, සංස්කාරයයි කියන ස්වභාවයෙන් මිදුනාවූ තථාගත තෙමේ මහමුහුද මෙන් ගුණයෙන් ගැඹුරුය, ප්‍රමාණ කළ නොහැක්කේය. බැස ගැණීමට දුෂ්කරය. උපදීයයි කීමටද නුසුදුසුය. නූපදීයයි, කීමටද නුසුදුසුය. උපදීයයිද නූපදීයයිද කීමට නුසුදුසුය නොම උපදියි නූපදින්නේ නොවේය කීමටද නුසුදුසුය.
“යම්විඤ්ඤාණයක් නිසා තථාගතයන් වහන්සේ සත්වයකැයි පනවනු ලබන්නේද, කියනු ලබන්නේද ඒ විඤ්ඤාණය තථාගතයන් විසින් පහකරනලදී. මුල් සිඳින ලදී. කරටිය සුන්කළ තල් ගසක් මෙන්කරණ ලදී. විනාශ කරණ ලදී. මතු නූපදනා බවට පමුණුවනලදී. වච්ඡය, විඤ්ඤාණ යයි කියන ස්වභායෙන් මිදුනාවූ තථාගත තෙමේ මහ මුහුද මෙන් ගුණයෙන් ගැඹුරුය. ප්‍රමාණ කළ නොහැක්කේය. බැස ගැණීමට දුෂ්කරය. උපදීයයි කීමටද නුසුදුසුය. නූපදීයයි කීමටද නුසුදුසුය, උපදීයයිද නූපදීයයිද කීමටද නුසුදුසුය නොම උපදියි නූපදින්නේ නොවේයයි කීමටද නුසුදුසුයි.” (වදාළේය.)
මෙසේ වදාළ කල්හි වච්ඡගොත්ත නම් පරිව්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “භවත් ගෞතමයන් වහන්ස, යම්සේ ගමකට හෝ නියම් ගමකට හෝ නුදුරු තන්හි මහසල් රුකක් වේද, එය අනිත්‍ය බැවින් අතු පතර බිඳෙන්නේය. සිවිය හා පතුරු බිඳෙන්නාහුය. ඵලය බිඳෙන්නේය. ඒ ගස පසු කලෙක්හි පහව ගිය අතු පතර ඇත්තේ, ගැලවුන සිවිය හා පතුරු ඇත්තේ, සැලුනු ඵලය ඇත්තේ පිරිසිදුවූ සාරයෙහි පිහිටන්නේය. මෙපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේගේ මේ ධර්මය පහව ගිය අතු පතර ඇති පහවූ සිවිය හා පතුරු ඇති පහවූ ඵලය ඇති පිරිසිදුවූ සාරයෙහි පිහිටියේ වෙයි.
“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත, භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරු කොට තබන ලද්දක් හෝ උඩුකුරු කරන්නේද, වසා තබන ලද්දක් හෝ වැසුම් හරින්නේද මං මුලාවූවෙකුට හෝ මග කියන්නේද, අන්ධකාරයෙහි හෝ ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේද, මෙපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ප්‍රකාරයෙන් ධර්මය දේශනා කරණ ලදී. මේ මම භවත් ගෞතමයන් වහන්සේ සරණ කොට යමි. ධර්මයද භික්ෂු සංඝයාද (සරණකොට යමි) භවත් ගෞතම තෙමේ මා අද පටන් දිවිහිම්කොට සරණ ගියාවූ උපාසකයෙකැයි, දරණසේක්වා”යි (කීය)
|
3. මහාවච්ඡසුත්තං | 3. මහා වච්ඡගොත්ත සූත්‍රය |
193
එවං
|
193
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම්වූ වේළුවනාරාමයෙහි වාසය කළහ. එකල්හි වච්ඡගොත්ත නම් පරිව්‍රාජකතෙම, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු විය යුතුවූ සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූම, වච්ඡගොත්ත නම් පරිව්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීවේය.
“මම භවත් ගෞතමයන් වහන්සේ හා බොහෝ කලක් කළ කථා ඇත්තේ වෙමි. භවත් ගෞතම තෙමේ මට කොටින් කුසල් හා අකුසල් දේශනා කරත්වා.”
“වච්ඡය, මම තොපට කොටින්ද කුසල් අකුසල් දේශනා කරන්නෙමි. වච්ඡය, මම තොපට විස්තර වශයෙන්ද කුසල් අකුසල් දේශනා කරන්නෙමි. වච්ඡය, එතකුදු වුවත් මම තොපට කොටින් කුසල් අකුසල් දේශනා කරන්නෙමි. එය අසව. යහපත් කොට මෙනෙහි කරව, කියන්නෙමියි” වදාළේය.
“එසේය පින්වතුන් වහන්සැ”යි වච්ඡගොත්ත නම් පරිව්‍රාජක තෙම, භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
|
194
‘‘ලොභො ඛො, වච්ඡ, අකුසලං, අලොභො කුසලං; දොසො ඛො, වච්ඡ, අකුසලං, අදොසො කුසලං; මොහො ඛො, වච්ඡ, අකුසලං, අමොහො කුසලං. ඉති ඛො, වච්ඡ, ඉමෙ තයො ධම්මා අකුසලා, තයො ධම්මා කුසලා.
‘‘පාණාතිපාතො ඛො, වච්ඡ, අකුසලං, පාණාතිපාතා වෙරමණී කුසලං; අදින්නාදානං ඛො, වච්ඡ, අකුසලං, අදින්නාදානා වෙරමණී කුසලං; කාමෙසුමිච්ඡාචාරො ඛො, වච්ඡ, අකුසලං, කාමෙසුමිච්ඡාචාරා වෙරමණී කුසලං; මුසාවාදො
‘‘යතො
|
194
“වච්ඡය, ලෝභය වනාහි අකුසල්ය, අලෝභය කුසල්ය, වච්ඡය, ද්වේෂය වනාහි අකුසල්ය, අද්වේෂය කුසල්ය වච්ඡය, මෝහය වනාහි අකුසල්ය, අමෝහය කුසල්ය. වච්ඡය මෙසේ මේ ධර්ම තුන අකුසල් වෙත්. මේ ධර්ම තුන කුසල් වෙත්.
“වච්ඡය, සතුන් මැරීම අකුසල්ය, සතුන් මැරීමෙන් වැලකීම කුසල්ය. වච්ඡය සොරකම් කිරීම අකුසල්ය, සොරකම් කිරීමෙන් වැළකීම කුසල්ය. වච්ඡය, කාමයන්හි වරදවා හැසිරීම අකුසල්ය, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීම කුසල්ය. වච්ඡය; බොරුකීම අකුසල්ය; බොරු කීමෙන් වැළකීම කුසල්ය. වච්ඡය, කේලාම් කීම අකුසල්ය; කේලාම් කීමෙන් වැළකීම කුසල්ය. වච්ඡය, ඵරුෂ වචන කීම අකුසල්ය, ඵරුෂ වචන කීමෙන් වැළකීම කුසල්ය. වච්ඡය, හිස්බස් කීම අකුසල්ය, හිස්බස් කීමෙන් වැළකීම කුසල්ය. වච්ඡය, දැඩි ලෝභය අකුසල්ය; දැඩි ලෝභය නැතිවීම කුසල්ය. වච්ඡය, අනුන් නැසෙත්වායි සිතීම අකුසල්ය, අනුන් නැසෙත්වායි නොසිතීම කුසල්ය. වච්ඡය, මිථ්‍යා දෘෂ්ටිය අකුසල්ය, සම්‍යක් දෘෂ්ටිය කුසල්ය. වච්ඡය, මෙසේ වනාහි මේ ධර්ම දසය අකුසල් වෙත්. මේ ධර්ම දසය කුසල් වෙත්.
“වච්ඡය, යම්හෙයකින් වනාහි භික්ෂූහුගේ තෘෂ්ණාව ප්‍රහීණවූවා සිඳිනලද මුල් ඇත්තී මුදුන සුන්කළ තල්ගස මෙන් කරණ ලද්දී, විනාශ කරණ ලද්දී මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තී වේද, ක්ෂයවූ ආශ්‍රව ඇති, වැස නිමවන ලද බ්‍රහ්මචර්යාව ඇති, කරණ ලද කටයුතු ඇති, බහා තබනලද ස්කන්ධභාරය ඇති, පිළිවෙළින් පැමිණියාවූ අර්හත්වය ඇති, නැතිකළාවූ භවසංයෝජනය ඇති, මනාකොට නුවණින් දැන කෙලෙසුන් කෙරෙන් මිදුනාවූ, ඒ භික්ෂුතෙම රහත්වූයේ වෙයි.”
|
195
‘‘තිට්ඨතු භවං ගොතමො. අත්ථි පන තෙ භොතො ගොතමස්ස එකභික්ඛුපි සාවකො යො ආසවානං ඛයා
(සාවකො ආසවානං ඛයා (සී. ස්‍යා. කං. පී.) එවමුපරිපි) අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං
‘‘තිට්ඨතු භවං ගොතමො, තිට්ඨන්තු භික්ඛූ. අත්ථි පන භොතො ගොතමස්ස එකා භික්ඛුනීපි සාවිකා යා ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ
‘‘තිට්ඨතු භවං ගොතමො, තිට්ඨන්තු භික්ඛූ, තිට්ඨන්තු භික්ඛුනියො. අත්ථි පන භොතො ගොතමස්ස එකුපාසකොපි සාවකො ගිහී ඔදාතවසනො බ්‍රහ්මචාරී යො පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකො තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා’’ති? ‘‘න ඛො, වච්ඡ, එකංයෙව සතං න ද්වෙ සතානි න තීණි සතානි න චත්තාරි සතානි න පඤ්ච සතානි, අථ ඛො භිය්යොව යෙ උපාසකා මම සාවකා ගිහී ඔදාතවසනා බ්රහ්මචාරිනො පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා
‘‘තිට්ඨතු
‘‘තිට්ඨතු
‘‘තිට්ඨතු භවං ගොතමො, තිට්ඨන්තු භික්ඛූ, තිට්ඨන්තු භික්ඛුනියො, තිට්ඨන්තු උපාසකා ගිහී ඔදාතවසනා බ්රහ්මචාරිනො, තිට්ඨන්තු උපාසකා ගිහී ඔදාතවසනා කාමභොගිනො, තිට්ඨන්තු උපාසිකා ගිහිනියො ඔදාතවසනා බ්රහ්මචාරිනියො. අත්ථි පන භොතො ගොතමස්ස එකුපාසිකාපි සාවිකා ගිහිනී ඔදාතවසනා කාමභොගිනී සාසනකරා ඔවාදප්පටිකරා යා තිණ්ණවිචිකිච්ඡා විගතකථංකථා වෙසාරජ්ජප්පත්තා අපරප්පච්චයා සත්ථුසාසනෙ විහරතී’’ති? ‘‘න ඛො, වච්ඡ, එකංයෙව සතං න ද්වෙ
|
195
“භවත් ගෞතමයන් හැර භවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකවූ එක භික්ෂුවකුත් ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධිය හා ප්‍රඥාව මේ ආත්මයෙහිම තෙමේ දැන ප්රත්යක්ෂකොට පැමිණ වාසය කෙරේද?”
“වච්ඡය මාගේ ශ්‍රාවකවූ යම් භික්ෂූහු ආශ්‍රවයන් නැසීමෙන් ආශ්‍රව රහිත අර්හත්ඵල සමාධියට හා ප්‍රඥාවට මේ ආත්මයෙහිම තෙමේ මනානුවණින් දැන ප්රත්යක්ෂකොට පැමිණ වාසය කෙරෙත්ද, ඔව්හු එක්සියයක්ද නොවෙයි. දෙසියයක්ද නොවෙයි. තුන්සියයක්ද නොවෙයි. හාරසියයක්ද නොවෙයි. පන්සියයක්ද නොවෙයි. බොහෝ වූවාහුම වෙත්.”
“භවත් ගෞතමයන්ද හැර, භික්ෂූන්ද හැර, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවිකාවූ එකභික්ෂුණියකුත් ආශ්‍රවයන් ක්ෂයකිරීමෙන් අනාශ්‍රවවූ අර්හත්ඵල සමාධියට හා ප්‍රඥාවට මේ ආත්මයෙහිම තෙමේ මනානුවණින් දැන ප්රත්යක්ෂකොට පැමිණ වාසය කෙරේද?”
“වච්ඡය, මාගේ ශ්‍රාවිකාවූ යම් භික්ෂුණීහු ආශ්‍රවයන් නැසීමෙන් අනාශ්‍රවවූ අර්හත්ඵල සමාධියට හා ප්‍රඥාවට මේ ආත්මයෙහිම තෙමේ මනානුවණින් දැන ප්රත්යක්ෂකොට පැමිණ වාසය කෙරෙත්ද, ඔව්හු එක්සියයක්ම නොවෙයි. දෙසියයක් නොවෙයි. තුන්සියයක් නොවෙයි. හාරසියයක් නොවෙයි. පන්සියයක් නොවෙයි. බොහෝ වූවාහුම වෙත්.”
“භවත් ගෞතමයන්ද හැර, භික්ෂූන්ද හැර, භික්ෂුණීන්ද හැර ගෘහස්ථවූ සුදු වස්ත්‍ර හඳනාවූ බ්‍රහ්මචාරීවූ ඔරම්භාගිය සංයෝජන පස නැතිකිරීමෙන් ඔපපාතික ඉපදීම ඇත්තාවූ එහිදී පිරිනිවීම ඇත්තාවූ ඒ ලෝකයෙන් පෙරලා නොඑන ස්වභාව ඇත්තාවූ භවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකවූ එක උපාසකයෙකුත් ඇත්තේද?”
“වච්ඡය, ශ්‍රාවකවූ ගෘහස්ථවූ සුදුවත් හඳනාවූ බඹසර ඇත්තාවූ ඔරම්භාගිය සංයෝජන පස නැසීමෙන් ඔපපාතිකවූ එහි පිරිනිවීම ඇත්තාවූ ඒ ලෝකයෙන් පෙරලා නොඑන ස්වභාව ඇත්තාවූ යම් උපාසකයෝ වෙත්ද, ඔව්හු එක් සියයක්ම නොවෙයි. දෙසියයක් නොවේ. තුන්සියයක් නොවේ. හාරසියයක් නොවේ. පන්සියයක් නොවේ. බොහෝ වූවාහුම වෙත්.”
“භවත් ගෞතමයන් හැර භික්ෂූන්ද හැර භික්ෂුණීන්ද හැර ගෘහස්ථවූ සුදුපිළි සඳනාවූ බ්‍රහ්මචාරීවූ උපාසකයන්ද හැර භවත් ගෞතමයන් වහන්සේගේ ගිහිවූ සුදු වස්ත්‍ර සඳනාවූ කම්සැප අනුභවකරන්නාවූ අනුශාසනාව කරන්නාවූ අවවාදයට අනුව පිළිපදින්නාවූ, විචිකිච්ඡාව දුරුකළාවූ පහවූ සැකය ඇති, විසාරද බවට පැමිණියාවූ ශාස්තෘශාසනයෙහි අන්‍ය ශාස්තෘවරයන්ගේ පිහිට නොසොයන එක උපාසකයෙකුත් ඇත්ද?”
“වච්ඡය, මාගේ ශ්‍රාවකවූ ගිහිවූ සුදුපිළි සඳනාවූ කම්සැප අනුභව කරන්නාවූ අනුශාසනාව කරන්නාවූ අවවාදය පිළිපදින්නාවූ නැති කළ විචිකිච්ඡාව ඇත්තාවූ පහකළ සැකය ඇත්තාවූ විසාරද බවට පැමිණියාවූ ශාස්තෘශාසනයෙහි අන් පිහිට නොසොයන්නාවූ යම් ඒ උපාසකයෝ වාසය කෙරෙත්ද, ඔව්හු එක්සියයක්ම නොවෙයි. දෙසියයක් නොවෙයි. තුන්සියයක් නොවෙයි. සාරසියයක් නොවෙයි. පන්සියයක් නොවෙයි. බොහෝ වූවාහුමැයි.”
“භවත් ගෞතමයන්ද හැර භික්ෂූන්ද හැර, භික්ෂුණීන්ද හැර, සුදු වස්ත්‍ර හඳනාවූ බ්‍රහ්මචාරීවූ ගිහි උපාසකවරුන්ද හැර, සුදුවත් හඳනාවූ කම් සැප අනුභව කරන්නාවූ, ගිහි උපාසක වරුන්ද හැර, භවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවිකාවූ සුදුවත් හඳනාවූ බ්රහ්මචාරිනිවූ, ඔරම්භාගිය සංයෝජන පස නැසීමෙන් ඔපපාතිකවූ එහි පිරිනිවන්පාන සුළුවූ ඒ ලෝකයෙන් පෙරලා නොඑන ස්වභාව ඇති උපාසිකාවකුත් ඇත්තේද?”
“වච්ඡය, මාගේ ශ්‍රාවිකාවූ ගෘහස්ථ සුදු පිළි හඳනාවූ බ්‍රහ්මචාරිනීවූ ඔරම්භාගිය සංයෝජන පස නැසීමෙන් ඔපපාතිකවූ එහි පිරිනිවෙන සුළුවූ ඒ ලෝකයෙන් පෙරලා නොඑන ස්වභාව ඇත්තාවූ යම් උපාසිකා කෙනෙක් වෙත්ද, ඒ උපාසිකාවරු එක්සියයක්ම නොවෙයි. දෙසියයක් නොවෙයි. තුන්සියයක් නොවෙයි. සාරසියයක් නොවෙයි. පන්සියයක් නොවෙයි. බොහෝ වෙත්.”
“භවත් ගෞතමයන්ද හැර, භික්ෂූන්ද හැර, භික්ෂුණීන්ද හැර, සුදුවත් සඳහා බඹසර රක්නාවූ ගිහි උපාසකවරුන්ද හැර, සුදුවත් හඳනාවූ කම් සැප අනුභව කරන්නාවූ ගිහි උපාසකවරුන්ද හැර, සුදුවත් හඳනාවූ බ්‍රහ්මචාරීවූ ගිහි උපාසිකාවන්ද හැර, භවත් ගෞතමයන් වහන්සේගේ ගිහිශ්රාවිකාවූ සුදුවත් හඳනාවූ කම්සැප අනුභව කරන්නාවූ, අනුශාසනාව කරන්නාවූ අවවාදය පිළිපදින්නාවූ දුරුකළ විචිකිච්ඡා ඇත්තාවූ විසාරද බවට පැමිණියාවූ ශාස්තෘ ශාසනයෙහි අන් පිහිටක් නොසොයන එක උපාසිකාවකුත් ඇත්තේද?”
“වච්ඡය, මාගේ ගිහි ශ්රාවිකවූ සුදු පිළි හඳනාවූ කම්සැප අනුභව කරන්නාවූ අනුශාසනය කරන්නාවූ අවවාදය පිළිපදින්නාවූ දුරුකළ විචිකිච්ඡා ඇත්තාවූ, පහවූ සැකය ඇත්තාවූ විශාරද බවට පැමිණියාවූ ශාස්තෘ ශාසනයෙහි අන් පිහිටක් නොසොයන යම් උපාසිකාවෝ වෙත්ද එබඳු උපාසිකාවරු එක් සියයක්ම නොවෙයි. දෙසියයක් නොවෙයි. තුන්සියයක් නොවෙයි. හාරසියයක් නොවෙයි. පන්සියක් නොවෙයි. බොහෝ වෙත්.”
|
196
‘‘සචෙ
‘‘සචෙ හි, භො ගොතම, ඉමං ධම්මං භවඤ්චෙව ගොතමො ආරාධකො අභවිස්ස, භික්ඛූ ච ආරාධකා අභවිස්සංසු, නො ච ඛො භික්ඛුනියො ආරාධිකා අභවිස්සංසු; එවමිදං බ්රහ්මචරියං අපරිපූරං අභවිස්ස තෙනඞ්ගෙන. යස්මා ච ඛො, භො ගොතම, ඉමං ධම්මං භවඤ්චෙව ගොතමො ආරාධකො, භික්ඛූ
‘‘සචෙ හි, භො ගොතම, ඉමං ධම්මං භවඤ්චෙව ගොතමො ආරාධකො අභවිස්ස, භික්ඛූ ච ආරාධකා අභවිස්සංසු, භික්ඛුනියො ච ආරාධිකා අභවිස්සංසු, නො ච ඛො උපාසකා ගිහී ඔදාතවසනා බ්රහ්මචාරිනො ආරාධකා අභවිස්සංසු; එවමිදං බ්රහ්මචරියං අපරිපූරං අභවිස්ස තෙනඞ්ගෙන. යස්මා ච ඛො, භො ගොතම, ඉමං ධම්මං භවඤ්චෙව ගොතමො ආරාධකො, භික්ඛූ ච ආරාධකා, භික්ඛුනියො ච ආරාධිකා, උපාසකා ච ගිහී
‘‘සචෙ හි, භො ගොතම, ඉමං ධම්මං භවඤ්චෙව ගොතමො ආරාධකො අභවිස්ස, භික්ඛූ ච ආරාධකා අභවිස්සංසු, භික්ඛුනියො ච ආරාධිකා අභවිස්සංසු, උපාසකා ච ගිහී ඔදාතවසනා බ්රහ්මචාරිනො ආරාධකා අභවිස්සංසු, නො ච ඛො උපාසකා ගිහී ඔදාතවසනා කාමභොගිනො ආරාධකා අභවිස්සංසු; එවමිදං බ්රහ්මචරියං අපරිපූරං අභවිස්ස තෙනඞ්ගෙන. යස්මා ච ඛො, භො ගොතම, ඉමං ධම්මං භවඤ්චෙව ගොතමො ආරාධකො, භික්ඛූ ච ආරාධකා, භික්ඛුනියො ච ආරාධිකා, උපාසකා ච ගිහී ඔදාතවසනා බ්රහ්මචාරිනො ආරාධකා, උපාසකා ච ගිහී ඔදාතවසනා කාමභොගිනො ආරාධකා; එවමිදං බ්රහ්මචරියං පරිපූරං තෙනඞ්ගෙන.
‘‘සචෙ
‘‘සචෙ හි, භො ගොතම, ඉමං ධම්මං භවඤ්චෙව ගොතමො ආරාධකො අභවිස්ස, භික්ඛූ ච ආරාධකා අභවිස්සංසු, භික්ඛුනියො ච ආරාධිකා අභවිස්සංසු, උපාසකා ච ගිහී ඔදාතවසනා බ්රහ්මචාරිනො ආරාධකා අභවිස්සංසු, උපාසකා ච ගිහී ඔදාතවසනා කාමභොගිනො ආරාධකා අභවිස්සංසු, උපාසිකා ච ගිහිනියො ඔදාතවසනා බ්රහ්මචාරිනියො ආරාධිකා අභවිස්සංසු, නො ච ඛො උපාසිකා ගිහිනියො ඔදාතවසනා කාමභොගිනියො ආරාධිකා අභවිස්සංසු; එවමිදං බ්රහ්මචරියං අපරිපූරං අභවිස්ස තෙනඞ්ගෙන. යස්මා ච ඛො, භො ගොතම, ඉමං ධම්මං භවඤ්චෙව ගොතමො ආරාධකො, භික්ඛූ ච ආරාධකා, භික්ඛුනියො ච ආරාධිකා, උපාසකා ච ගිහී ඔදාතවසනා බ්රහ්මචාරිනො ආරාධකා, උපාසකා ච ගිහී ඔදාතවසනා කාමභොගිනො ආරාධකා, උපාසිකා ච ගිහිනියො ඔදාතවසනා බ්රහ්මචාරිනියො ආරාධිකා, උපාසිකා ච ගිහිනියො ඔදාතවසනා කාමභොගිනියො ආරාධිකා; එවමිදං බ්රහ්මචරියං පරිපූරං තෙනඞ්ගෙන.
|
196
“භවත් ගෞතමයන් වහන්ස, භවත් ගෞතමයන් වන්සේම මේ ධර්මය සම්පූර්ණ කෙළේ නම් භික්ෂූහු සම්පූර්ණ නොකළාහු නම් ඒ කාරණයෙන් මෙසේ මේ ශාසනය සම්පූර්ණ නොවන්නේය.”
“භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයකින් මේ ධර්මය භවත් ගෞතමයන් වහන්සේ සම්පූර්ණ කළෝය. භික්ෂූහුද සම්පූර්ණ කළහ. ඒ හේතුවෙන් මෙසේ මේ ශාසනය සම්පූර්ණ වූයේය.”
“භවත් ගෞතමයන් වහන්ස, ඉදින් මේ ධර්මය භවත් ගෞතම තෙමේත් සම්පූර්ණ කෙළේද, භික්ෂූහුත් සම්පූර්ණ කළාහුද, භික්ෂුණීහු සම්පූර්ණ නොකළාහු නම් ඒ කාරණයෙන් මෙසේ මේ ශාසනය සම්පූර්ණ නොවන්නේය.
“භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයකින් මේ ධර්මය භවත් ගෞතම තෙමේත් සම්පූර්ණ කෙළේය. භික්ෂූහුත් සම්පූර්ණ කළාහුය. භික්ෂුණීහුත් සම්පූර්ණ කළාහුය. ඒ කාරණයෙන් මෙසේ මේ ශාසනය සම්පූර්ණ විය.”
“භවත් ගෞතමයන් වහන්ස ඉඳින් මේ ධර්මය භවත් ගෞතම තෙමේත් සම්පූර්ණ කෙළේද, භික්ෂූහුත් සම්පූර්ණ කළාහුද, භික්ෂුණීහුත් සම්පූර්ණ කළාහුද ගෘහස්ථ සුදු වස්ත්‍ර හඳනාවූ බ්‍රහ්මචාරිවූ උපාසකවරු සම්පූර්ණ නොකළාහු නම් ඒ කාරණයෙන් මෙසේ මේ ශාසනය අසම්පූර්ණ වන්නේය.
“භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයකිනුත් මේ ධර්මය භවත් ගෞතම තෙමේත් සම්පූර්ණ කෙළේය. භික්ෂූහුත් සම්පූර්ණ කළාහුය. භික්ෂුණීහුත් සම්පූර්ණ කළාහුය. සුදු පිළිහඳනා බ්‍රහ්මචාරීවූ ගිහි උපාසක වරුත් සම්පූර්ණ කළාහුය. ඒ කාරණයෙන් මෙසේ මේ ශාසනය සම්පූර්ණ විය.”
“භවත් ගෞතමයන් වහන්ස, ඉදින් මේ ධර්මය භවත් ගෞතම තෙමේත් සම්පූර්ණ කෙළේද, භික්ෂූහුත් සම්පූර්ණ කළාහුද, භික්ෂුණීහුත් සම්පූර්ණ කළාහුද, සුදුවත් හඳනාවූ බ්‍රහ්මචාරීවූ ගිහි උපාසකවරුත් සම්පූර්ණ කළාහුද, සුදුවත් හඳනාවූ කම් සැප අනුභව කරන්නාවූ ගිහි උපාසකවරු සම්පූර්ණ නොකළාහු නම්, මෙසේ ඒ කාරණයෙන් මේ ශාසනය සම්පූර්ණ නොවන්නේය.
“භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයකින් මේ ධර්මය භවත් ගෞතම තෙමේත් සම්පූර්ණ කෙළේය. භික්ෂූහුත් සම්පූර්ණ කළාහුය, භික්ෂුණීහුත් සම්පූර්ණ කළාහුය. සුදුවත් හඳනා බ්‍රහ්මචාරී ගිහි උපාසකවරුන් සම්පූර්ණ කළාහුය, සුදුවත් හඳනා කම් සැප අනුභව කරන්නා වූ ගිහි උපාසකවරුත් සම්පූර්ණ කළාහුය’ ඒ කාරණයෙන් මෙසේ මේ ශාසනය සම්පූර්ණ විය.
“භවත් ගෞතමයන් වහන්ස, ඉදින් වනාහි මේ ධර්මය භවත් ගෞතම තෙමෙත් සම්පූර්ණ කෙළේද, භික්ෂූහුත් සම්පූර්ණ කළාහුද, භික්ෂුණීහුත් සම්පූර්ණ කළාහුද, සුදුවත් හඳනා බ්‍රහ්මචාරීවූ ගිහි උපාසකවරුත් සම්පූර්ණ කළාහුද, සුදුවත් හඳනා කම්සැප අනුභව කරන්නාවූ ගිහි උපාසකවරුත් සම්පූර්ණ කළාහුද, සුදුවත් හඳනා බ්‍රහ්මචාරිනීවූ ගිහි උපාසිකාවරු සම්පූර්ණ නොකළාහු නම්, ඒ කාරණයෙන් මෙසේ මේ ශාසනය අසම්පූර්ණ වන්නේය. භවත් ගෞතම තෙමේත් සම්පූර්ණ කෙළේය. භික්ෂූහුත් සම්පූර්ණ කළාහුය. භික්ෂුණීහුත් සම්පූර්ණ කළාහුය. සුදු පිළි හඳනා බඹසර රක්නා ගිහි උපාසකවරුත් සම්පූර්ණ කළාහුය. සුදුපිළි හඳනා කම්සැප විඳින්නාවූ ගිහි උපාසකවරුත් සම්පූර්ණ කළාහුය. සුදුපිළි හඳනා බඹසර රක්නා ගිහි උපාසිකාවරුත් සම්පූර්ණ කළාහුය. ඒ කාරණයෙන් මෙසේ මේ ශාසනය සම්පූර්ණ විය. භවත් ගෞතමයන් වහන්ස, ඉදින් වනාහි මේ ධර්මය භවත් ගෞතම තෙමේත් සම්පූර්ණ කෙළේද, භික්ෂූහූත් සම්පූර්ණ කළාහුද, භික්ෂුණීහුත් සම්පූර්ණ කළාහුද, සුදුපිළි හඳනාවූ බ්‍රහ්මචාරීවූ ගිහි උපාසකවරුත් සම්පූර්ණ කළාහුද, සුදුපිළි හඳනාවූ බ්‍රහ්මචාරිනීවූ ගිහි උපාසිකාවෝත් සම්පූර්ණ කළාහුද, සුදුපිළි හඳනා කම්සැප විඳින්නාවූ ගිහි උපාසිකාවෝ සම්පූර්ණ නොකළාහු නම් ඒ කාරණයෙන් මෙසේ මේ ශාසනය අසම්පූර්ණ වන්නේය. භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයකින් මේ ධර්මය භවත් ගෞතම තෙමේත් සම්පූර්ණ කෙළේය. භික්ෂූහුත් සම්පූර්ණ කළාහුය. භික්ෂුණීහුත් සම්පූර්ණ කළාහුය. සුදුවත් හඳනා බ්‍රහ්මචාරීවූ ගිහි උපාසකවරුත් සම්පූර්ණ කළාහුය. සුදුවත් හඳනා කම්සැප විඳින්නාවූ බ්‍රහ්මචාරිනීවූ ගිහි උපාසිකාවෝත් සම්පූර්ණ කළාහුය. සුදුවත් හඳනා කම්සැප විඳින්නාවූ ගිහි උපාසිකාවෝත් සම්පූර්ණ කළාහුය. ඒ කාරණයෙන් මෙසේ මේ ශාසනය සම්පූර්ණ විය.
|
197
‘‘සෙය්යථාපි, භො ගොතම, ගඞ්ගා නදී සමුද්දනින්නා සමුද්දපොණා සමුද්දපබ්භාරා සමුද්දං ආහච්ච තිට්ඨති, එවමෙවායං භොතො ගොතමස්ස පරිසා සගහට්ඨපබ්බජිතා නිබ්බානනින්නා නිබ්බානපොණා නිබ්බානපබ්භාරා නිබ්බානං ආහච්ච තිට්ඨති. අභික්කන්තං, භො ගොතම...පෙ....
අචිරූපසම්පන්නො
|
197
“භවත් ගෞතමයන් වහන්ස, යම්සේ ගංගානම් නදිය සමුද්‍රය වෙත නැමී සමුද්‍රයට හැරී, සමුද්‍රයට බරවී, සමුද්‍රයට වැද සිටීද, එපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේගේ ගිහි පැවිද්දන් සහිතවූ මේ පිරිස නිවණට හැරී, නිවණට බරවී නිවණට වැද සිටී. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. භවත් ගෞතමයන් වහන්ස ඉතා යහපත භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරු කොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වේද, වසා තබන ලද්දක් වැසුම් හරින්නේ හෝ වේද, මංමුලාවූවෙකුට මඟ කියන්නේ හෝ වේද, අන්ධකාරයෙහි හෝ ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේ ද, එපරිද්දෙන්ම භවත් ගෞතමයාණන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප්‍රකාශ කරනලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ කරණකොට යමි. ධර්මයද භික්ෂු සංඝයාද සරණ කොට යමි. මම භවත් ගෞතමයන් වහන්සේගේ සමීපයෙහි මහණකම ලබන්නෙමි. උපසම්පදාව ලබන්නෙමි” (කීයේය.)
“වච්ඡය, පෙර අන්‍යතීර්ථකවූ යමෙක් මේ ශාසනයෙහි මහණකම් කැමැති වේද, උපසම්පදාව කැමැති වේද, හෙතෙම සාරමසක් පිරිවෙස් (පුරුදුවෙමින්) වසයි. සාරමසක්හුගේ ඇවෑමෙන් සතුටු සිත් ඇත්තාවූ භික්ෂූහු, භික්ෂුභාවය පිණිස මහණ කරවත්, උපසම්පදා කරවත්. එතකුදු වූවත් මෙහි මා විසින් පුද්ගලයන්ගේ වෙනස් බව දැනගන්නා ලදැයි” කීය.
“ස්වාමීනි, ඉදින් පෙර අන්‍යතීර්ථක වූවෝ මේ ශාසනයෙහි මහණකම කැමැතිවන්නාහු, උපසම්පදාව කැමැතිවන්නාහු සාරමසක් පිරිවෙස් වසත්ද, සාරමසක්හුගේ ඇවෑමෙන් සතුටුසිත් ඇත්තාවූ භික්ෂූහු භික්ෂුභාවය පිණිස පැවිදි කරවත් නම්, උපසම්පදා කරවත් නම්, මම සතර අවුරුද්දක් පිරිවෙස් වසන්නෙමි. සතර අවුරුද්දක්හුගේ ඇවෑමෙන් සතුටුසිත් ඇත්තාහු භික්ෂූහු මා භික්ෂුභාවය පිණිස පැවිදි කෙරෙත්වා, උපසම්පදා කෙරෙත්වායි” කීය.
වච්ඡගොත්ත පරිව්‍රාජක තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිදිවීම ලැබූයේය. උපසම්පදාව ලැබූයේය.
උපසපන්ව නොබෝ කල් ඇති ආයුෂ්මත් වච්ඡගොත්ත ස්ථවිර තෙමේ වනාහි උපසම්පදාවූ අඩමස් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ආයුෂ්මත් වච්ඡගොත්ත ස්ථවිර තෙමේ, භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළෙය. “ස්වාමීනි, ශෛක්ෂවූ (සෝවාන් සකෘදාගාමි අනාගාමි) ඥානයෙන්, ශෛක්ෂවූ විද්‍යාවෙන් යම් තැනකට පැමිණිය යුතුද, මා විසින් එයට පැමිණෙන ලදී. භාග්‍යවතුන් වහන්සේ මතුධර්මයන් උදෙසා මට ධර්මය දේශනා කරණ සේක්වා.”
“වච්ඡය, එසේවීනම්, නුඹ සමථයත්, විදර්ශනාවත් යන දෙක වැඩියත් වඩව. වච්ඡය, තොප විසින් වැඩියත් වඩන ලද්දාවූ සමථයද, විදර්ශනාවද යන ධර්ම දෙක නොයෙක් ඥාන විශේෂයන් අවබෝධ කිරීම පිණිස පවත්නාහුය.
|
198
‘‘සො ත්වං, වච්ඡ, යාවදෙව
(යාවදෙ (පී.)) ආකඞ්ඛිස්සසි - ‘අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභවෙය්යං - එකොපි හුත්වා බහුධා අස්සං, බහුධාපි හුත්වා එකො අස්සං; ආවිභාවං, තිරොභාවං; තිරොකුට්ටං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානො ගච්ඡෙය්යං, සෙය්යථාපි ආකාසෙ; පථවියාපි උම්මුජ්ජනිමුජ්ජං කරෙය්යං, සෙය්යථාපි උදකෙ; උදකෙපි අභිජ්ජමානෙ ගච්ඡෙය්යං, සෙය්යථාපි පථවියං; ආකාසෙපි පල්ලඞ්කෙන කමෙය්යං, සෙය්යථාපි පක්ඛී සකුණො; ඉමෙපි චන්දිමසූරියෙ එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ පාණිනා පරිමසෙය්යං, පරිමජ්ජෙය්යං; යාවබ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙය්ය’න්ති, තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණිස්සසි, සති සතිආයතනෙ.
‘‘සො ත්වං, වච්ඡ, යාවදෙව ආකඞ්ඛිස්සසි - ‘දිබ්බාය සොතධාතුයා
‘‘සො ත්වං, වච්ඡ, යාවදෙව ආකඞ්ඛිස්සසි - ‘පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානෙය්යං - සරාගං වා චිත්තං සරාගං
‘‘සො ත්වං, වච්ඡ, යාවදෙව ආකඞ්ඛිස්සසි - ‘අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරෙය්යං, සෙය්යථිදං - එකම්පි ජාතිං ද්වෙපි ජාතියො තිස්සොපි ජාතියො චතස්සොපි ජාතියො පඤ්චපි ජාතියො දසපි ජාතියො වීසම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාලීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි; අනෙකෙපි සංවට්ටකප්පෙ අනෙකෙපි විවට්ටකප්පෙ අනෙකෙපි සංවට්ටවිවට්ටකප්පෙ - අමුත්රාසිං
‘‘සො
‘‘සො ත්වං, වච්ඡ, යාවදෙව ආකඞ්ඛිස්සසි - ‘ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්ය’න්ති, තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණිස්සසි, සති සතිආයතනෙ’’ති.
|
198
“වච්ඡය, ඒ නුඹ යම්විටෙක ‘අනෙකප්‍රකාරවූ ඍද්ධිවිධිය අනුභව කරන්නෙමි’යි, කැමති වන්නෙහිද, එකෙක්ව බොහෝ දෙනෙකුවන්නෙම්, බොහෝ දෙනෙක්ව එකෙක් වන්නෙමි. ප්‍රකාශ බවට මුවහ වීමට බිත්තියෙන් පිටතට ප්‍රාකාරයෙන් පිටතට අහසෙහි මෙන් නොගැටෙමින් යන්නෙමි. පොලොවෙහිද දියෙහිමෙන් මතුවීම ගැලීම කරන්නෙමි, දියෙහිද පොලොවෙහිමෙන් නොබිඳිමින් යන්නෙමි. අහසෙහිද පියාපත් ඇති ලිහිණියෙකු මෙන් පර්යංකයෙන් හිඳ ගමන් කරන්නෙමි. මෙසේ මහත් ඍද්ධි ඇත්තාවූ මෙසේ මහත් ආනුභාව ඇත්තාවූ මේ සඳ හිරු දෙදෙනද අතින් අල්වන්නෙමි. පිරිමදින්නෙමි. බඹලොව දක්වාද කයින් වසඟයෙහි පවත් වන්නෙමි’යි කැමති වන්නෙහි නම් ඒ ඒ තන්හිම කරුණු ඇති ඇති කල්හි හැකි බවට පැමිණෙන්නෙහිය.
“වච්ඡය, ඒ නුඹ යම් විටක ‘පිරිසිදුවූ මිනිස්බව ඉක්ම පවත්නාවූ දිව්‍ය ශ්රොත්රයෙන් දිව්යවුද, මනුෂ්‍යවූද දුරවූද ලඟ වූද, යම් ශබ්දයෝ වෙත්ද, ඒ දෙවදෑරුම් ශබ්දයන් අසන්නෙමි’යි, කැමති වන්නෙහිද, ඒ ඒ තන්හිම කරුණ ඇති ඇති කල්හි පැමිණෙන්නෙහිය.
“වච්ඡය, ඒ නුඹ යම්තාක්ම ‘අන්සතුන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ සිත තමන්ගේ සිතින් පිරිසිඳ දැනගන්නෙමි, රාග සහිතවූ හෝ සිත රාග සහිත සිතයයි දැනගන්නෙමි පහවූ රාගය ඇති සිත හෝ පහවූ රාගය ඇති සිතයයි දැනගන්නෙමි. ද්වේෂ සහිතවූ සිත හෝ ද්වේෂ සහිත සිතයයි දැනගන්නෙමි. පහවූ ද්වේෂය ඇති සිත හෝ පහවූ ද්වේෂය ඇති සිතයයි දැනගන්නෙමි. මෝහ සහිතවූ සිත හෝ මෝහ සහිත සිත යයි දැනගන්නෙමි. පහවූ මෝහය ඇති සිත හෝ පහවූ මෝහය ඇති සිතයයි දැනගන්නෙමි. හැකුළුනාවූ සිත හෝ හැකුළුනාවූ සිතයයි දැනගන්නෙමි. විසුරුනාවූ සිත හෝ විසුරුනාවූ සිතයයි දැනගන්නෙමි. මහද්ගතවූ (මහත් බවට පැමිණි) සිත හෝ මහද්ගතවූ සිතයයි දැනගන්නෙමි. මහද්ගතනොවූ සිත හෝ මහද්ගත නොවූ සිතයයි දැනගන්නෙමි. උත්තර සහිතවූ සිත හෝ උත්තර සහිතවූ සිතයයි දැනගන්නෙමි. නිරුත්තරවූ සිත හෝ නිරුත්තරවූ සිතයයි දැනගන්නෙමි. එකඟවූ සිත හෝ එකඟවූ සිතයයි දැනගන්නෙමි. එකඟ නොවූ සිත හෝ එකඟ නොවූ සිතයයි දැනගන්නෙමි. මිදුනාවූ සිත හෝ මිදුනාවූ සිතයයි දැන ගන්නෙමි. නොමිදුනාවූ සිත හෝ නොමිදුනාවූ සිතයයි දැන ගන්නෙමි’යි කැමති වන්නෙහිද ඒ ඒතන්හිම කරුණු ඇති ඇති කල්හි හැකි බවට පැමිණෙන්නෙහිය.
“වච්ඡය, ඒ නුඹ යම් විටෙක ‘අනෙකප්‍රකාරවූ පෙරවිසූ භව පිළිවෙල සිහි කරන්නෙමි’යි කැමති වන්නෙහිද, එනම්, ‘එක ජාතියක්ද, ජාති දෙකක්ද ජාති තුනක්ද ජාති සතරක්ද ජාති පසක්ද ජාති දසයක්ද ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතලිහක්ද ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්තකල්පයන්ද, නොයෙක් විවර්ත කල්පයන්ද, නොයෙක් සංවර්ත විවර්ත කල්පයන්ද අසවල් තන්හි මෙබඳු නම් ඇත්තෙක් මෙබඳු ගොත්‍ර ඇත්තෙක් මෙබඳු වර්ණ ඇත්තෙක් මෙබඳු ආහාර ඇත්තෙක් මෙබඳු සුවදුක් විඳින්නෙක් මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුතවූයේ අසවල් තන්හි ඉපදුනෙමි. එහිදු මෙබඳු නම් ඇත්තෙක් මෙබඳු ගොත්‍ර ඇත්තෙක් මෙබඳු වර්ණ ඇත්තෙක් මෙබඳු ආහාර ඇත්තෙක් මෙබඳු සුවදුක් විඳින්නෙක් මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙක් වීමි. ඒ මම ඉන් චුතවූයේ මෙහි උපන්නේ වෙමියි, මෙසේ ආකාර සහිතවූ උද්දෙස සහිතවූ අනෙක ප්‍රකාරවූ පෙරවිසූ භවපිළිවෙළ සිහිකරන්නෙමි’යි කැමති වන්නෙහිද ඒ ඒ තන්හිම කරුණු ඇති ඇති කල්හි හැකි බවට පැමිණෙන්නෙහිය.
“වච්ඡය, ඒ නුඹ යම් විටක ‘පිරිසිදුවූ මිනිසැස ඉක්ම පවත්නාවූ දිව්‍යවූ ඇසින් චුතවනු ලබන්නාවූද, උපදිනු ලබන්නාවූද හීනවූද ප්‍රණීතවූද යහපත් වර්ණ ඇත්තාවූද අයහපත් වර්ණ ඇත්තාවූද හොඳ ලොව උපන්නාවූද නරක ලොව උපන්නාවූද සත්වයන් දක්නෙමි. ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු වාග්දුශ්චරිතයෙන් යුක්තවූවාහු මනො දුශ්චරිතයෙන් යුක්තවූවාහු ආර්යයන්ට දොස් කියන්නාහු මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහු මිථ්‍යාදෘෂ්ටීන්ගේ කර්ම සමාදන්වූවාහු වෙත්. ඔව්හු ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ නපුරුගති ඇත්තාවූ යටිකුරුව වැටෙන්නාවූ නරකයෙහි උපන්නාහු වෙත්. ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්තවූවාහු වාග් සුචරිතයෙන් යුක්තවූවාහු මනො සුචරිතයෙන් යුක්තවූවාහු ආර්යයන්ට දොස් නොකියන්නාහු සම්‍යක් දෘෂ්ටි ඇත්තාහු, සම්‍යක් දෘෂ්ටිකයන්ගේ කර්ම සමාදන්වූවාහු වෙත්. ඔව්හු ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇත්තාවූ දිව්‍ය ලෝකයෙහි උපන්නාහු වෙත්යයි, මෙසේ පිරිසිදුවූ මිනිසැස ඉක්ම පවත්නාවූ දිව්‍යවූ ඇසින් චුතවනු ලබන්නාවූද උපදිනු ලබන්නාවූද හීනවූද ප්‍රණීතවූද යහපත් වර්ණ ඇත්තාවූද අයහපත් වර්ණ ඇත්තාවූද හොඳ ලොව උපන්නාවූද නරක ලොව උපන්නාවූද කර්මයවූ පරිද්දෙන් පැමිණියාවූ සත්වයන් දැනගන්නෙමි’යි කැමතිවන්නෙහිද ඒ ඒ තන්හිම කරුණු ඇති ඇති කල්හි හැකි බවට පැමිණෙන්නෙහිය.
“වච්ඡය, ඒ නුඹ යම්විටක ‘ආශ්‍රවයන් නැසීමෙන් අනාශ්රවූ අර්හත්ඵලය හා යෙදුන සමාධිය හා ප්‍රඥාව කරණකොට මිදීමට මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂකොට පැමිණ වාසය කරන්නෙමියි,’ කැමැති වන්නෙහිද, ඒ ඒ තන්හිම කරුණු ඇති ඇති කල්හි හැකි බවට පැමිණෙන්නෙහිය.”
|
199
අථ ඛො ආයස්මා වච්ඡගොත්තො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අථ ඛො ආයස්මා වච්ඡගොත්තො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො නචිරස්සෙව - යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං - බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ඛො පනායස්මා වච්ඡගොත්තො අරහතං අහොසි.
|
199
ඉක්බිති ආයුෂ්මත් වච්ඡගොත්ත ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගෙණ අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට සකස් කොට වැඳ ප්රදක්ෂිණාකොට ගියේය. ඉක්බිති ආයුෂ්මත් වච්ඡගොත්ත ස්ථවිර තෙමේ තනිව, වෙන්වූ වාසය ඇත්තේ අප්‍රමාදව කෙලෙස් තවන වීර්ය ඇතිව හරිණ ලද ආත්ම ආලය ඇතිව වාසය කරමින් නොබෝ කලෙකින්ම යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොටම ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, මාර්ග බ්‍රහ්ම චර්යාව කෙළවරකොට ඇති අර්හත්වයට, මේ ආත්මයෙහි තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂකොට පැමිණ වාසය කෙළේය. ඉපදීම නැති කරණ ලදී. මාර්ග බ්‍රහ්ම චර්යාව වැස නිමවන ලදී. කළයුත්ත කරණ ලදී. මේ ආත්ම භාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැන ගත්තේය. ආයුෂ්මත් වච්ඡගොත්ත ස්ථවිර තෙමේ වනාහි රහතුන්ගෙන් එක්තරා නමක් වූයේය.
|
200
තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ භගවන්තං දස්සනාය ගච්ඡන්ති. අද්දසා ඛො ආයස්මා වච්ඡගොත්තො තෙ භික්ඛූ දූරතොව ආගච්ඡන්තෙ. දිස්වාන යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා තෙ භික්ඛූ එතදවොච
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
|
200
එසමයෙහි වනාහි බොහෝවූ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ දැකීමට යත්, ආයුෂ්මත් වච්ඡගොත්ත ස්ථවිර තෙමේ වනාහි යන්නාවූ ඒ භික්ෂූන් යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ඒ භික්ෂූන්ට මෙසේ කීයේය. “ආයුෂ්මත් නුඹවහන්සේලා කොහි යව්ද?” “ඇවැත්නි” අපි භාග්‍යවතුන් වහන්සේ දැකීමට යමුයි” කීහ.
“ආයුෂ්මත්නි, එසේ වීනම් මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳිනු මැනවි.
“ස්වාමීනි, වච්ඡගොත්ත නම් භික්ෂු තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳියි මෙසේද කියයි. මා විසින් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරණ ලද්දේය. මා විසින් සුගතයන් වහන්සේට උපස්ථාන කරන ලද්දේය’ යනුයි.
“ඇවැත්නි, එසේයයි” කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් වච්ඡගොත්ත ස්ථවිරයන්ට උත්තර දුන්හ. ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට මනාකොට වැඳ, එක් පැත්තක හුන්නාහුය. එක් පැත්තක හුන්නාවූම ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළාහුය. “ස්වාමීනි, ආයුෂ්මත් වච්ඡගොත්ත ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳියි. මෙසේද කියයි. ‘භාග්‍යවතුන් වහන්සේට මා විසින් උපස්ථාන කරණ ලදී. සුගතයන් වහන්සේට මා විසින් උපස්ථාන කරණ ලද්දේ” යනුයි.
“මහණෙනි, පළමුව මා විසින් සිතින් සිත පිරිසිඳ වච්ඡගොත්ත භික්ෂුතෙම දන්නා ලද්දේය. වච්ඡගොත්ත භික්ෂුතෙම ත්‍රිවිද්‍යා ඇත්තෙක. මහත් ඍද්ධි ඇත්තෙක. මහත් ආනුභාව ඇත්තෙකැයි දැනගන්නා ලදී. දෙවතාවෝද කීවාහුය. ‘ස්වාමීනි වච්ඡගොත්ත නම් භික්ෂුතෙම ත්‍රිවිද්‍යා ඇත්තේය. මහත් ඍද්ධි ඇත්තේය. මහත් ආනුභාව ඇත්තේය’යි මට මේ කාරණය කීවාහුය.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ කීම සතුටින් පිළිගත්තාහුය.
|
4. දීඝනඛසුත්තං | 4. දීඝ නඛ සූත්‍රය |
201
එවං
|
201
මා විසින් (මේ සූත්‍රය) මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජ්ජකූට පර්වතයෙහිවූ සූකරක්ඛත නම් ලෙණෙහි වාසය කළහ. එකල්හි දීඝ නඛ නම් පරිව්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වියයුතුවූ සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක් පැත්තක සිටියේය. එක් පැත්තක සිටියාවූ දීඝනඛ නම් පරිව්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීවේය.
“භවත් ගෞතමයන් වහන්ස, මම වනාහි ‘සියල්ල මට රුචි නොවේය’ යන මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙමියි” කීය. “අග්ගිවෙස්සනය, ‘සියල්ල මට රුචි නොවේයයි’ තොපගේ යම් මේ දෘෂ්ටියක් වේනම් මේ දෘෂ්ටියද තොපට රුචි නොවේදැයි?” ඇසූහ.
“භවත් ගෞතමයන් වහන්ස, ඉදින් මේ දෘෂ්ටිය මට රුචි වන්නේ නම් ඒ ‘සියල්ල මට රුචිනොවේ’ යන දෘෂ්ටියද එබඳුම වන්නේය.”
“අග්ගිවෙස්සනය, යම් කෙනෙක් ‘එයද එබඳුම වන්නේය’ එයද එබඳුම වන්නේයයි’ කියමින් ඒ දෘෂ්ටිය අත්නොහැරම අනික් දෘෂ්ටියක් ගන්නාහුද ඔව්හුම ලෝකයෙහි ඉතා බොහෝ වෙත්.
“අග්ගිවෙස්සනය, යම් කෙනෙක්, ‘එයද එබඳුම වන්නේය, එයද එබඳුම වන්නේයයි, කියමින් ඒ දෘෂ්ටියද දුරු කරමින් අනික් දෘෂ්ටියක්ද නොගන්නාහුද ඔව්හු ඉතා ස්වල්ප වෙත්.
“අග්නිවෙස්සනය, ‘සියල්ල මට රුචි වේයයි.’ යන මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණෝද ඇත්තාහ. අග්ගිවෙස්සනය, ‘සියල්ල මට රුචිනොවේයි,’ යන මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණෝද ඇත්තාහ. අග්ගිවෙස්සනය, ‘සමහරක් මට රුචි වේ. සමහරක් මට රුචි නොවේයි.’ යන මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති මහණ බමුණෝද ඇත්තාහ.
“අග්ගිවෙස්සනය, ඔවුන් අතුරෙන් යම් ඒ මහණ බමුණෝ ‘සියල්ල මට රුචි වේයයි,’ මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්ද, ඔවුන්ගේ මේ දෘෂ්ටිය රාග වශයෙන් සසරට සමීපවෙයි. සංයෝජන වශයෙන් සසරට සමීපවෙයි. තෘෂ්ණා දෘෂ්ටි දෙකින් සතුටුවීම් වශයෙන් සසරට සමීප වෙයි. තෘෂ්ණා දෘෂ්ටි දෙක්හි ගිලීමෙන් සසරට සමීප වෙයි. අග්ගිවෙස්සනය, ඔවුන් අතුරෙන් යම් ඒ මහණ බමුණෝ ‘සියල්ල මට රුචි නොවේය.’ යන මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්ද, ඔවුන්ගේ ඒ දෘෂ්ටිය සසර නොඇල්මට සමීපවේ. සසර නොබැඳීමට සමීපවේ. තෘෂ්ණා දෘෂ්ටි දෙකින් සතුටු නොවීමට සමීපවෙයි. තෘෂ්ණා දෘෂ්ටි දෙක්හි නොගිලීමට ආසන්න වෙයි.”
|
202
එවං වුත්තෙ, දීඝනඛො පරිබ්බාජකො භගවන්තං එතදවොච - ‘‘උක්කංසෙති
(උක්කංසති (සී. පී. ක.)) මෙ භවං ගොතමො දිට්ඨිගතං, සමුක්කංසෙති
(සම්පහංසති (ක.)) මෙ භවං ගොතමො දිට්ඨිගත’’න්ති. ‘‘තත්රග්ගිවෙස්සන, යෙ තෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘එකච්චං මෙ ඛමති, එකච්චං මෙ නක්ඛමතී’ති. යා
|
202
මෙසේ වදාළ කල්හි දීඝ නඛ නම් පරිව්‍රාජක තෙම, “භවත් ගෞතම තෙමේ මාගේ දෘෂ්ටිය උසස් කෙරෙයි. භවත් ගෞතම තෙමේ මාගේ දෘෂ්ටිය ඉතා උසස් කෙරේය”. භාග්‍යවතුන් වහන්සේට කීය.
“අග්ගිවෙස්සනය, ඔවුන් අතුරෙන් යම් ඒ මහණ බමුණෝ ‘සමහරක් මට රුචිවෙයි. සමහරක් මට රුචි නොවේය’ යන මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්ද, යම් දෘෂ්ටියක් ඔවුන්ට රුචි වේද, ඒ මේ දෘෂ්ටිය රාග වශයෙන් සසරට ළංවේ. සංයෝජන වශයෙන් සසරට ළංවේ. තණ්හා දිට්ඨි (ලෝභය හා වැරදි දැකීම්) වශයෙන් සසරට ළංවේ. තණ්හා දිට්ඨි දෙක්හි ගිලීමෙන් සසරට ළංවේ. යම් දෘෂ්ටියක් ඔවුන්ට රුචි නොවේද ඒ දෘෂ්ටිය සසර නොඇලීමට ළංවේ. නොබැඳීමට ළංවේ. තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් සතුටු නොවීමට ළංවෙයි. තෘෂ්ණා දෘෂ්ටි දෙක්හි නොගිලීමට ළංවෙයි.
“අග්ගිවෙස්සනය, ඔවුන් අතුරෙන් යම් ඒ මහණ බමුණෝ ‘සියල්ල මට රුචි වේයයි,’ මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්ද, එහි නුවණ ඇති පුරුෂතෙම මෙසේ කල්පනා කරයි. ‘සියල්ල මට රුචිවේය’ යන යම් මේ මාගේ දෘෂ්ටියක් වේද, ඉදින් මම මේ දෘෂ්ටිය දැඩි වශයෙන් අල්වාගෙන ඇතුලත්ව මෙයම සත්‍යය, අනික සිස්යයි ව්‍යවහාර කෙරෙම්ද, ඒ මට දෙයාකාරයකින් කොලාහල උපදින්නේය. යම් මේ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘සියල්ල මට රුචි නොවේයයි’. මෙබඳු වාද ඇත්තේද, මෙබඳු දෘෂ්ටි ඇත්තේද, යම් මේ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘සමහරක් මට රුචි වේ. සමහරක් මට රුචි නොවේයයි’ මෙබඳු වාද ඇත්තේ දෘෂ්ටි ඇත්තේත් වේද, මේ දෙයාකාරයෙන් මට කොළාහල උපදින්නේය. මෙසේ කොලාහලය ඇති කල්හි විරුද්ධ වචන කීම වන්නේය. විරුද්ධ වචන කීම ඇති කල්හි පහරදීම වන්නේය. පහරදීම ඇති කල්හි හිංසාව වන්නේය. මෙසේ හෙතෙම කොලාහලයද විවාදයද පහරදීමද හිංසාවද තමාට ඇතිවන බව දැන ඒ දෘෂ්ටියද දුරු කරයි. අනික් දෘෂ්ටියක්ද නොගනියි. මෙසේ මේ දෘෂ්ටීන්ගේ ප්‍රහානයවේ. මෙසේ මේ දෘෂ්ටීන්ගේ දුරලීම වේ.
|
203
‘‘තත්රග්ගිවෙස්සන, යෙ තෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘සබ්බං මෙ නක්ඛමතී’ති තත්ථ විඤ්ඤූ පුරිසො ඉති පටිසඤ්චික්ඛති - ‘යා ඛො මෙ අයං දිට්ඨි - සබ්බං මෙ නක්ඛමතී’ති, ඉමඤ්චෙ අහං දිට්ඨිං ථාමසා පරාමාසා අභිනිවිස්ස වොහරෙය්යං - ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති; ද්වීහි මෙ අස්ස විග්ගහො - යො චායං සමණො වා බ්රාහ්මණො වා එවංවාදී එවංදිට්ඨි
|
203
“අග්ගිවෙස්සනය, ඔවුන් අතුරෙන් යම් ඒ මහණ බමුණෝ මට සියල්ල රුචි නොවේයයි, මෙසේ වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්ද, ඔවුන් අතුරෙන් නුවණ ඇති පුරුෂයෙක් තෙම මෙසේ සලකයි. ‘සියල්ල මට රුචි නොවේ යයි,’ මාගේ යම් මේ දෘෂ්ටියක් වේද, ඉදින් මම ‘මේ දෘෂ්ටිය මෙයම සත්‍යය, අනික සිස්යයි,’ දැඩි වශයෙන් අල්වාගෙණ ඇතුළත්ව වාසය කෙරෙම්ද, මට දෙයාකාරයකින් කොලාහල වන්නෝය. යම් මේ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මට ‘සියල්ල රුචි වේයයි,’ මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වේද, යම් මේ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මට ‘සමහරක් රුචිවේ. සමහරක් මට රුචි නොවේයයි’ මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තෙක් වේද, මේ දෙයාකාරයෙන් මට කලහය වන්නේය. මෙසේ කලහය ඇති කල්හි විවාදය වන්නේය. විවාදය ඇති කල්හි පහරදීම වන්නේය. පහරදීම ඇති කල්හි වෙහෙස වන්නේය.’ මෙසේ හෙතෙම කලහයද, විවාදයද, පහරදීමද, හිංසාවද, තමාට උපදින බව දකිමින් ඒ දෘෂ්ටියද හැරදමයි. අනික් දෘෂ්ටියක්ද අල්වා නොගනියි. මෙසේ මේ දෘෂ්ටීන්ගේ දුරු කිරීම වේ. මේ දෘෂ්ටීන්ගේ දුරලීම වේ.
|
204
‘‘තත්රග්ගිවෙස්සන, යෙ තෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘එකච්චං මෙ ඛමති, එකච්චං මෙ නක්ඛමතී’ති තත්ථ විඤ්ඤූ පුරිසො ඉති පටිසඤ්චික්ඛති - ‘යා ඛො මෙ
|
204
“අග්ගිවෙස්සනය, ඔවුන් අතුරෙන් යම් ඒ මහණ බමුණෙක්, ‘සමහරක් මට රුචිවේ. සමහරක් මට රුචි නොවේයයි, මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටිය ඇත්තෝවේද එහි නුවණ ඇති පුරුෂයෙක් තෙම මෙසේ සලකයි, ‘සමහරක් මට රුචිවේ, සමහරක් මට රුචි නොවේයයි, මාගේ යම් මේ දෘෂ්ටියක් වේද, ඉදින් මම මේ දෘෂ්ටිය දැඩිවශයෙන් අල්වාගණී. වැදගෙණ මෙයම සත්‍යය අනික සිස්යයි, ව්‍යවහාර කෙරෙම්ද, මට දෙයාකාරයකින්, කලහය වන්නේය,’ යම් මේ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘සියල්ල මට රුචි වේයයි,’ මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වේද, යම් මේ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘සියල්ල මට රුචි නොවේයයි,’ මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේත් වේද, මේ දෙයාකාරයෙන් මට කොලහලය වන්නේය. මෙසේ කොලහලය ඇතිකල්හි විරුද්ධ වචන වන්නේය, විරුද්ධ වචන ඇතිකල්හි පහරදීම වන්නේය. පහරදීම ඇතිකල්හි හිංසාව වන්නේය, මෙසේ හෙතෙම කලහයද විවාදයද පහරදීමද හිංසාවද තමාට උපදින බව දකිමින් ඒ දෘෂ්ටියද දුරු කරයි, අනික් දෘෂ්ටියක්ද අල්වා නොගණියි. මෙසේ මේ දෘෂ්ටීන්ගේ ප්‍රහානය වේ. මෙසේ මේ දෘෂ්ටීන්ගේ දුරලීම වේ,
|
205
‘‘අයං
‘‘තිස්සො ඛො ඉමා, අග්ගිවෙස්සන, වෙදනා - සුඛා වෙදනා, දුක්ඛා වෙදනා, අදුක්ඛමසුඛා වෙදනා. යස්මිං, අග්ගිවෙස්සන, සමයෙ සුඛං වෙදනං වෙදෙති
|
205
“අග්ගිවෙස්සනය, සතර මහා භූතයන් ගෙන් හටගත් මවුපිය සම්භවයෙන් හටගත්, බතින් හා කොමුපිඩුවලින් වැඩුණු රූපය අනිත්‍යය. ඇඟඉලීමය, පිරිමැදීමය, බිඳීමය, විනාසය, ස්වභාවකොට ඇත්තාවූ රූපසමූහයක් වන මේ කය අනිත්‍ය වශයෙන් දුක්වශයෙන් රොගවශයෙන් ගඩක් වශයෙන් හුලක් වශයෙන් ලාමකවූවක් වශයෙන් ආබාධයක් වශයෙන් අන්‍යවූවක් වශයෙන් නැසීම් වශයෙන් සූන්‍යවශයෙන් අනාත්ම වශයෙන් දැක්කයුතුය. මේ කය අනිත්‍ය වශයෙන් දුක්වශයෙන් රොගවශයෙන් ගඩක් වශයෙන් හුලක් වශයෙන් විපතක් වශයෙන් ආබාධයක් වශයෙන් අන්‍යවූවක් වශයෙන් නැසෙන්නක් වශයෙන් සූන්‍යවූවක් වශයෙන් අනාත්ම වශයෙන් දක්නාවූ ඔහුගේ කයෙහි යම් ඇල්මෙක් කයෙහි යම් ස්නෙහයෙක් කය අනුව යාමක් වේද, එය දුරුවෙයි.’
“අග්ගිවෙස්සනය, මේ වේදනා තුනක්වෙත්. සැප වේදනාය, දුක් වේදනාය, දුක්දනොවූ සැපද නොවූ වේදනාවය යන වේදනා තුනයි. අග්ගිවෙස්සනය, යම් කලෙක්හි සැපවූ වේදනාව විඳීද, එකල්හි දුක්වූ වේදනාව නොම විඳියි. අග්ගිවෙස්සනය, යම් කලෙක්හි දුක්වූ වේදනාව විඳීද, එකල්හි සැපවූ වේදනාවක් නොම විඳියි. දුක්ද නොවූ සැපද නොවූ වේදනාවක් නොවිඳයි. එකල්හි දුක්වූ වේදනාවම විඳියි අග්ගිවෙස්සනය, යම් කලෙක්හි දුක්නොවූ සැපද නොවූ වේදනාව විඳීද, එකල්හි සැපවූ වේදනා නොම විඳියි. දුක්වූ වේදනාව නොවිඳියි. එකල්හි දුක්ද නොවූ සැපද නොවූ වේදනාවම විඳියි. අග්ගිවෙස්සනය, සැප වේදනාවද අනිත්‍යය, සකස් කරනලදී, හේතුප්‍රත්‍යයන් ගෙන් හටගන්නීය. ක්ෂය වන ස්වභාව ඇත්තීය. විනාසය ස්වභාව කොට ඇත්තීය. විරාගය ස්වභාව කොට ඇත්තීය, නිරෝධය ස්වභාව කොට ඇත්තීය. අග්ගිවෙස්සනය, දුක් වේදනාවද අනිත්‍යය, සකස් කරනලද්දීය. ප්‍රත්‍යයෙන් හටගත්තීය. ක්ෂයවීම ස්වභාව කොට ඇත්තීය, විනාසය ස්වභාව කොට ඇත්තීය, විරාගය ස්වභාව කොට ඇත්තීය, නිරෝධය ස්වභාව කොට ඇත්තීය, අග්ගිවෙස්සනය, දුක්ද නොවූ සැපද නොවූ වේදනාවද අනිත්‍යය සකස් කරන ලද්දීය, ප්‍රත්‍යයෙන් හටගත්තීය, ක්ෂයවන ස්වභාව ඇත්තීය, විනාසවන ස්වභාව ඇත්තීය, විරාග ස්වභාව ඇත්තීය, නිරෝධය ස්වභාව කොට ඇත්තීය,
අග්ගිවෙස්සනය, මෙසේ දක්නාවූ ඇසූ පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවක තෙම සැප වේදනාව කෙරෙහිද කලකිරෙයි. දුක් වේදනාව කෙරෙහිද කලකිරෙයි. දුක්ද නොවූ සැපද නොවූ වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්ෂය කරණ ලද්දීය, බ්‍රහ්මචර්ය වැස නිමවන ලද්දේය. සතර මගින් කළ යුත්ත කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනියි. අග්ගිවෙස්සනය, මෙසේ මිදුනු සිත් ඇත්තාවූ භික්ෂු තෙමේ වනාහි කිසිවෙකු සමගත් විරුද්ධව කථා නොකෙරෙයි. කිසිවෙකු සමගත් විවාද නොකෙරෙයි. ලෝකයෙහි යම් ව්‍යවහාරයක් වේද, ඒ ව්‍යවහාරයෙන් ව්‍යවහාර කරයි. දෘෂ්ටි වශයෙන් නොගනියි.
|
206
තෙන ඛො පන සමයෙන ආයස්මා සාරිපුත්තො භගවතො පිට්ඨිතො
|
206
එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේගේ පිටුපසින් භාග්‍යවතුන් වහන්සේට පවන් සලමින් සිටියේ වෙයි. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ට මෙබඳු අදහස් විය. ‘භාග්‍යවතුන් වහන්සේ වනාහි අපට නුවණින් දැන ඒ ඒ ධර්මයන්ගේ දුරු කිරීම වදාළේය. සුගතයන් වහන්සේ වනාහි අපට නුවණින් දැන ධර්මයන්ගේ දුරලීම වදාළේයයි. මෙසේ මෙනෙහි කරන්නාවූ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ සිත තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් අලවා නොගෙන ආශ්රවයන්ගෙන් මිදුනේය. දීඝනඛ පරිව්‍රාජකයාහට වනාහි යම් කිසිවක් ඉපදීම ස්වභාව කොට ඇත්තේද, ඒ සියල්ල නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේයයි කෙලෙස් රජස් රහිතවූ පහවූ මල ඇති ධර්ම චක්ෂුස (සෝවාන් මාර්ගඥානය) පහලවූයේය.
ඉක්බිති දීඝ නඛ නම් පරිව්‍රාජක තෙමේ දක්නාලද ධර්මය ඇත්තේ පැමිණියාවූ ධර්මය ඇත්තේ දැනගන්නාලද ධර්මය ඇත්තේ බැසගත්තාවූ ධර්මය ඇත්තේ දුරු කළාවූ විචිකිච්ඡා ඇත්තේ පහවූ සැකය ඇත්තේ විසාරද බවට පැමිණියේ ශාස්තෘ ශාසනයෙහි අන් පිහිටක් නොසොයන බවට පැමිණියේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත, භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත, භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරු කොට තබන ලද්දක් හෝ උඩුකුරු කරන්නේද, වසා තබන ලද්දක් හෝ වැසුම් අරින්නේද, මංමුළාවූවෙකුට හෝ මග කියන්නේද අන්ධකාරයෙහි හෝ ‘ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේද, මෙපරිද්දෙන් භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් පකාරයෙන් ධර්මය දේශනා කරණලදී. මේ මම භවත් ගෞතමයන් වහන්සේ සරණ කොටයමි. ධර්මයද භික්ෂු සංඝයාද (සරණ කොටයමි) භවත් ගෞතම තෙමේ මා අද පටන් දිවිහිම් කොට සරණගියාවූ උපාසකයෙකැයි දරණ සේක්වායි” කීය.
|
5. මාගණ්ඩියසුත්තං | 5. මාගන්දිය සූත්‍රය |
207
එවං
|
207
මා විසින් (මේ සූත්‍රය) මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කුරුජනපදයෙහි කම්මාස්සදම්ම නම්වූ කුරුවැස්සන්ගේ නියම් ගමෙහි භාරද්වාජගොත්ත නම්වූ බ්‍රාහ්මණයාගේ ගිනිපුදන ශාලාවෙහි තණ ඇතිරියෙක්හි වාසය කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ උදය කාලයෙහි හැඳ පොරවා පාත්‍රා සිව්රු රැගෙන කම්මාස්සදම්ම නම් ගමට පිණ්ඩපාතය පිණිස පැමිණියෝය. කම්මාස්සදම්ම නම් ගමෙහි පිඬු පිණිස හැසිර බතින් පසු කාලයෙහි පිණ්ඩපාතයෙන් වැලකුනේ එක්තරා වන ලැහැබක් යම් තැනෙක්හිද දවල් වාසය පිණිස එතැනට පැමිණියෝය. ඒ වනලැහැබට ඇතුල්ව එක්තරා ගසක් මුල දවල් වාසය කිරීමෙන් වැඩහුන් සේක.
ඉක්බිති මාගන්දිය නම් පරිව්‍රාජක තෙම (පාගමනින්) සක්මන් කරණු ලබන්නේ, හැසිරෙනු ලබන්නේ භාරද්වාජගොත්ත නම් බ්‍රාහ්මණයාගේ ගිනි පුදන ශාලාව යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. මාගන්දිය නම් පරිව්‍රාජක තෙම භාරද්වාජගොත්ත නම් පරිව්රාජිකයාගේ ගිනි පුදන ශාලාවෙහි පනවනලද තණ ඇතිරිය දුටුයේමය. දැක භාරද්වාජගොත්ත නම් බ්‍රාහ්මණයාට මෙය කීයේය. “පින්වත් භාරද්වාජගේ ගිනි පුදන ශාලාවෙහි ශ්රමණයෙකුගේ සයනයට සුදුසුවූවක් මෙන් පනවන ලද මේ තණ ඇතිරිය කවරෙකුටද?”
“පින්වත් මාගන්දිය, ශාක්‍යපුත්‍රවූ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදිවූ ශ්‍රමණ ගෞතම නම් කෙනෙක් ඇත්තේය. ඒ භාග්‍යවත් ගෞතමයන් වහන්සේගේ වනාහි මෙබඳු යහපත්වූ ගුණ ඝෝෂාවක් උස්ව නැංගේය. ඒ භාග්‍යවත් තෙම මේ කාරණයෙනුත් අර්හත්ය, සම්බුද්ධය, විද්‍යාචරණ සම්පන්නය, සුගතය, ලොකවිදූය, නිරුත්තරවූ පුරුෂයන් දමනය කිරීමෙහි සාර්ථ වාහකයෙකු බඳුය, දෙවි මිනිසුන්ට අනුශාසනා කරන්නෙක. චතුස්සත්‍ය අවබෝධ කෙළේය. සියලු කෙලෙසුන් දුරුකළ සේක යනුවෙනි. ඒ භවත් ගෞතමයන් වහන්සේට මේ සයනය පනවන ලද්දේය.”
“පින්වත් භාරද්වාජය, යම්බඳු අපි ඉන්ද්රියයන්ගේ වැඩීම නසන්නාවූ ඒ භවත් ගෞතමයන්ගේ සයනාසනය දුටුවෙමුද, ඒ අපි දැකීමට (නුසුදුසුවූවක්) දුටුවෙමුයි” කීය.
“මාගන්දිය, මේ වචනය රැකගනුව, මාගන්දිය මේ වචනය රැකගනුව, ඒ භවත් ගෞතමයන්ගේ පිරිසිදු කරුණු වූ කුශල ධර්මයෙහි පැහැදුනාවූද, හික්මුණාවූද ක්ෂත්රීය පණ්ඩිතයෝද, බ්‍රාහ්මණ පණ්ඩිතයෝද, ගෘහපති පණ්ඩිතයෝද, ශ්‍රමණ පණ්ඩිතයෝද බොහෝ වෙත්යයි” කීය.
“පින්වත් භාරද්වාජය, ඉදින් අපි ඒ භවත් ගෞතමයන් ඉදිරියෙහි දක්නෙමුද, ශ්‍රමණ ගෞතම තෙමේ ඉන්ද්රියයන්ගේ වැඩීම නසන්නෙකැයි කියන්නෙමු, ඊට හේතු කවරේද, මෙසේ වනාහි අපගේ සූත්‍රයෙහි ඇතිහෙයිනි. ඉදින් භවත් මාගන්දිය හට එය බරක් නොවේ. නම්, ශ්‍රමණ ගෞතමයන් වහන්සේට මෙය කියන්නෙමියි,” (භාරද්වාජ තෙමේ කීය.) භවත් භාරද්වාජ තෙමේ මාරැකගැනීමට වෙහෙස නොවී මා කියනලද සේම කියවයි” කීය.
|
208
අස්සොසි ඛො භගවා දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය භාරද්වාජගොත්තස්ස
|
208
භාග්‍යවතුන් වහන්සේ පිරිසිදුවූ මිනිසැස ඉක්ම පැවැත්තාවූ දිව්‍යවූ ශ්රොතෘ ධාතුවෙන් (දිවකණින්) භාරද්වාජහොත්ත නම් බ්‍රාහ්මණයාගේ මාගන්දිය නම් පරිව්‍රාජකයා සමගවූ මේ කථාව ඇසුවෝය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි පලසමවතින් නැගී සිටියේ භාරද්වාජගොත්ත නම් බ්‍රාහ්මණයාගේ ගිනි පුදන ශාලාව යම් තැනෙක්හිද, එතැනට පැමිණියහ. පැමිණ පනවනලද්දාවූම තණ ඇතිරියෙහි වැඩහුන්නේය. එකල්හි භාරද්වාජගොත්ත නම් බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු විය යුතු සිහිකටයුතු කථාව කොට නිමවා, එක් පැත්තක උන්නේය. එක් පැත්තක උන්නාවූ භාරද්වාජගොත්ත නම් බ්‍රාහ්මණයාට භාග්‍යවතුන් වහන්සේ මෙය කීවාහුය.
“භාරද්වාජය, මාගන්දිය පරිව්‍රාජකයා සමග මේ තණ ඇතිරිය අරබයා තොපගේ කිසියම් කතා බහක් වූයේද?” මෙසේ ඇසූ කල්හි භාරද්වාජගොත්ත නම් බ්‍රාහ්මණ තෙම ප්‍රීතියෙන් සංවෙගයට පැමිණියේ ලොමු ඩැහැ ගන්නා ලද්දේ භාග්‍යවතුන් වහන්සේට මෙය කීවේය.
“අපි භවත් ගෞතමයන් වහන්සේට මෙයම කියනු කැමැත්තෝ වෙමු. එතකුදු වුවත් භවත් ගෞතමයන් වහන්සේ නොකීම කළහ.” භාග්‍යවතුන් වන්සේ භාරද්වාජගොත්ත නම් බමුණා සමග මේ අතුරු කථාව කොට අවසාන නොකෙළේද.’ එකල්හි මාගන්දිය පරිව්‍රාජකතෙම ගමනින් සක්මන් කරණු ලබන්නේ හැසිරෙනු ලබන්නේ භාරද්වාජගොත්ත නම් බමුණාගේ ගිනි පුදන ශාලාව යම් තැනෙක්හිද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූයේය. සතුටු විය යුතුවූ සිහිකටයුතුවූ කථාවකොට නිමවා එක් පැත්තක උන්නේය. එක් පැත්තක උන්නාවූම මාගන්දිය නම් පරිව්‍රාජකයාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.
|
209
‘‘චක්ඛුං
|
209
“මාගන්දිය ඇස වනාහි රූපය වාසස්ථාන කොට ඇත්තේය. රූපයෙහි ඇළුනේය. රූපයෙන් සතුටු වූයේය. තථාගතයන් වහන්සේ විසින් ඒ ඇස දමනය කරනලදී. භික්ෂුවගේ සංවරය පිණිසද, ධර්මය දේශනාකරති. මාගන්දියය, තොප විසින් ශ්‍රමණ ගෞතමතෙම ඉන්ද්රියයන්ගේ වැඩීම නසන්නෙකැයි කියනලද්දේද මේ සඳහාද?”
“භවත් ගෞතමයන් වසන්ස, මා විසින් මේ සඳහාම ශ්‍රමණ ගෞතම තෙමේ ඉන්ද්රියයන්ගේ වැඩීම නසන්නෙකැයි කියන ලදී. ඊට හේතු කවරේද, මෙසේ වනාහි අපගේ සූත්‍රයෙහි ඇතුළත් වන හෙයිනි.
“මාගන්දියය, කණ වනාහි ශබ්දය (වාසස්ථාන) කොට ඇත්තේය. ශබ්දයෙහි ඇලුනේය, ශබ්දයෙන් සතුටුවිය. එය තථාගතයන් වහන්සේ විසින් ඒ කණ දමනය කරනලදී. රක්නාලදී සංවර කරනලදී. ඒ කණේද සංවරය පිණිස ධර්ම දේශනා කරති. මාගන්දිය, ශ්‍රමණ ගෞතම තෙම ඉන්ද්රියයන්ගේ වැඩීම් නසන්නෙකැ යන මෙය මේ සඳහා කියන ලද්ද?” “භවත් ගෞතමයන් වහන්ස, මා විසින් ශ්‍රමණ ගෞතම තෙම ඉන්ද්රියයන්ගේ වැඩීම් නසන්නෙකැයි මේ සඳහාම කියන ලදී. මෙසේ වනාහි අපගේ සූත්‍රයෙහි ඇතුළත්වන හෙයිනි.”
“මාගන්දිය, නාසය වනාහි ගන්ධය අරමුණු කොට ඇත්තේය. ගන්ධයෙහි ඇලුනේය. ගන්ධයෙන් සතුටු විය. එය තථාගතයන් විසින් දමනය කරනලදී. ආරක්ෂා කරණලදී. සංවර කරනලදී. ඒ නාසයේද සංවරය පිණිස ධර්ම දේශනා කරති. මාගන්දියය, ශ්‍රමණ ගෞතමතෙම ඉන්ද්රියයන්ගේ වැඩීම නසන්නෙක යන මෙය මේ සඳහා කියන ලදද?” “භවත් ගෞතමයන් වහන්ස, මා විසින් ශ්‍රමණ ගෞතම තෙම වැඩීම නසන්නෙකැයි මේ සඳහාම කියන ලදී. මෙසේ වනාහි අපගේ සූත්‍රයෙහි ඇතුළත්වන හෙයිනි.”
“මාගන්දියය, දිව වනාහි රසය අරමුණු කොට ඇත්තේය. රසයෙහි ඇළුනේය. රසයෙන් සතුටුවිය. එම දිව තථාගතයන් විසින් දමනය කරනලදී. ආරක්ෂා කරනලදී. සංවර කරනලදී. ඒ ජිව්හාවගේද, සංවරය පිණිස ධර්මය දේශනා කරති. මාගන්දියය, ශ්‍රමණ ගෞතම තෙම ඉන්ද්‍රියන්ගේ වැඩීම් නසන්නෙක යන මෙය මේ සඳහා කියන ලදද?” “භවත් ගෞතමයන් වහන්ස, මා විසින් ශ්‍රමණ ගෞතම තෙම ඉන්ද්‍රියන්ගේ වැඩීම් නසන්නෙකැයි මේ සඳහාම කියනලද ඊට හේතු කවරේද, මෙසේ වනාහි අපගේ සූත්‍රයෙහි ඇතුළත්වන හෙයිනි.”
“මාගන්දිය, කය වනාහි ස්පර්ශය අරමුණුකොට ඇත්තේය. ස්පර්ශයෙහි ඇලුනේය. ස්පර්ශයෙන් සතුටුවිය එය තථාගතයන්වහන්සේ විසින් දමනය කරනලදී. ආරක්ෂා කරනලදී. සංවර කරනලදී. ශරීරයේද සංවරය පිණිස ධර්මදේශනා කරති. මාගන්දියය, ශ්‍රමණ තෙම ඉන්ද්රියයන්ගේ වැඩීම නසන්නෙක යන මෙය මේ සඳහා කියන ලදද? භවත් ගෞතමයන් වහන්ස මා විසින් ශ්‍රමණ ගෞතම තෙම ඉන්ද්රියයන්ගේ වැඩීම නසන්නෙකැයි මේ සඳහාම කියන ලදී.
“මාගන්දියය, සිත වනාහි ධර්මාරමුණු ආරාමකොට ඇත්තේය. ධර්මාරම්මණයෙහි ඇළුනේය. ධර්මාරම්මණයෙහි සතුටුවූයේ වෙයි. සිත තථාගතයන් විසින් දමනය කරන ලදී. රක්ෂාකරන ලදී. සිතේ සංවරය පිණිස ධර්මය දේශනා කරයි. මාගන්දියය, තොප විසින් ශ්‍රමණ ගෞතම තෙම ඉන්ද්රියයන්ගේ වැඩීම් නසන්නෙක යන මෙය මේ සඳහා කියන ලදද?”
“භවත් ගෞතමයන් වහන්ස, මා විසින් ශ්‍රමණ ගෞතම තෙම ඉන්ද්‍රියන්ගේ වැඩීම් නසන්නෙකැයි, මේ සඳහාම කියන ලදී. ඊට හේතු කවරේද, මෙසේ වනාහි අපගේ ඇතුළත් වන හෙයිනියි (කීයේය.)
|
210
‘‘තං කිං මඤ්ඤසි, මාගණ්ඩිය - ‘ඉධෙකච්චො චක්ඛුවිඤ්ඤෙය්යෙහි
|
210
“මාගන්දියය, ඒ කුමකැයි හඟින්නෙහිද? මේ ශාසනයෙහි ඇතැමෙක් ඇසින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රියස්වභාව ඇත්තාවූ කාමයෙන් යුක්තවූ ඇළුම් කටයුතුවූ රූපවලින් පෙර සිත් පිනවන ලද්දෙක් වන්නේය. හෙතෙම පසු කලෙක්හි රූපයන්ගේ හටගැන්මද නැසීමද රසවිඳීමද දෝෂයද දුරු කිරීමද තත්වූ පරිද්දෙන් දැන රූපයෙහි තෘෂ්ණාව හැර රුපය නිසා හටගත් දැවිල්ල දුරු කොට පහවූ පිපාස ඇත්තේ තමා තුළ සංසිඳවනලද සිත් ඇත්තේ වාසය කරන්නේය. මාගන්දියය, තොප විසින් මොහුට වනාහි කුමක් කියයුතු වන්නේද?”
“භවත් ගෞතමයන් වහන්ස, කිසිවක් නැත.”
“මාගන්දියය, ඒ කුමකැයි හඟින්නෙහිද, “මෙහි ඇතමෙක් කණින් දතයුතුවූ යහපත්වූ සිත් අලවන්නාවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවවූ, ‘ආසාව ඉපදීමට කරුණුවූ, ඇළුම් කටයුතුවූ ශබ්දයන්ගෙන් පෙර සිත් පිනවන ලද්දේත් වන්නේය. හෙතෙම පසු කාලයෙහි ශබ්දයන්ගේ හට ගැන්මද නැසීමද, රස විඳීමද, දෝෂයද දුරු කිරීමද ඇති සැටියෙන් දැන ශබ්දයෙහි තණ්හාව හැර ශබ්දය නිසා හටගත් දැවිල්ල දුරු කොට පහවූ පිපාස ඇත්තේ, තමා තුළ සංසිඳවන ලද සිත් ඇත්තේ වාසය කරන්නේය. මාගන්දියය තොප විසින් මොහු ගැන කුමක් කියයුතු වන්නේද?” “භවත් ගෞතමයන් වහන්ස කිසිවක් නැත.”
“මාගන්දියය, ඒ කුමකැයි සිතන්නෙහිද? මෙහි ඇතැමෙක් නාසයෙන් දතයුතුවූ යහපත්වූ සිත් අලවන්නාවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවවූ, ආසාව ඉපදීමට කරුණුවූ, ඇළුම් කටයුතුවූ ගන්ධයන්ගෙන් පෙර සිත් පිනවන ලද්දේ වන්නේය. හෙතෙම පසු කාලයෙහි ගන්ධයන්ගේ හටගැන්මද, නැසීමද, රස විඳීමද, දෝෂයද, දුරු කිරීමද ඇති සැටියෙන් දැන ගන්ධයෙහි තණ්හාව හැර ගන්ධය නිසා හටගත් දැවිල්ල දුරු කොට පහවූ පිපාස ඇත්තේ, තමා තුළ සිත් ඇත්තේ වාසය කරන්නේය. මාගන්දිය, තොප විසින් මොහු ගැන කුමක් කියයුතු වන්නේද?”
“භවත් ගෞතමයන් වහන්ස, කිසිවක් නැත,”
“මාගන්දියය, ඒ කුමකැයි සිතන්නේද? මෙහි ඇතමෙක් ජිව්හා විඤ්ඤාණයෙන් (රස දැනගන්නා සිතින්) දත යුතුවූ යහපත්වූ, සිත් අලවන්නාවූ, මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවවූ ආසාව ඉපදීමට කරුණුවූ, ඇළුම් කටයුතුවූ රසයන් ගෙන් පෙර සිත් අලවන ලද්දේ වන්නේය. හෙතෙම මෑත කාලයෙහි රසයන්ගේම හට ගැන්මද, නැසීමද, රසවිඳීමද, දෝෂයද, දුරු කිරීමද ඇති සැටියෙන් දැන රසයෙහි තණ්හාව හැර, රස නිසා හටගත් දැවිල්ල දුරු කොට, පහවූ පිපාස ඇත්තේ, තමා කෙරෙහි සංසුන් සිත් ඇත්තේ වාසය කරන්නේය. මාගන්දිය, තොප විසින් මොහු ගැන කුමක් කිය යුතු වන්නේද?”
“භවත් ගෞතමයන් වහන්ස, කිසිවක් නැත,”
“මාගන්දියය, ඒ කුමකැයි හඟින්නෙහිද? ඇතමෙක් මෙහි හෙතෙම පසු කාලයෙක්හි ස්පර්ශ කළ යුත්තවුන්ගේ හටගැන්මද විනාසයද ආශ්වාදයද ආදීනවයද විඳීමද තත්වූ පරිද්දෙන් දැන ස්පර්ශයෙහි වූ තෘෂ්ණාව හැර ස්පර්ශයෙන් හටගත් දැවිල්ල දුරුකොට පහව ගිය පිපාසා ඇත්තේ තමා තුළ සංසිඳුවන ලද සිත් ඇත්තේ වාසය කරන්නේය. මාගන්දියය තොප විසින් මොහුට වනාහි කුමක් කිය යුතු වන්නේද?
“භවත් ගෞතමයන් වහන්ස, කිසිවක් නැත”
|
211
‘‘අහං
|
211
“මාගන්දියය, මම වනාහි පෙර ගිහිගෙයි වූයේ ඇසින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තාවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ඵලවන්නාවූ, ඇළුම් කටයුතුවූ, රූපයන්ගෙන් යුක්තවූ, පංචකාම ගුණයන්ගෙන් යුක්ත වූයේ සැප විඳිමින් වාසය කෙළෙමි. කණින් දතයුතුවූ, යහපත්වූ, සිත් අලවන්නාවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව වූ, ආසාව ඉපදීමට කරුණුවූ, ඇළුම් කටයුතුවූ, ගන්ධයන් ගෙන් යුක්තවූ පංචකාම ගුණයන්ගෙන් යුක්ත වූයේ, සැප විඳීමෙන් වාසය කෙළෙමි. නාසයෙන් දතයුතුවූ, යහපත්වූ, සිත් අලවන්නාවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාවවූ, ආසාව ඉපදීමට කරුණුවූ, ඇළුම් කටයුතුවූ, ගන්ධයන්ගෙන් යුක්තවූ, පංචකාම ගුණයන්ගෙන් යුක්ත වූයේ සැප විඳිමින් වාසය කෙළෙමි. දිවෙන් දතයුතුවූ, යහපත්වූ, සිත් අලවන්නාවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාවවූ, ආසාව ඉපදීමට, කරුණුවූ, ඇළුම් කටයුතුවූ රසයන්ගෙන් යුක්ත වූයේ සැප විඳිමින් වාසය කෙළෙමි. කයින් දතයුතුවූ, ඉෂ්ටවූ කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම් සැප එලවන්නාවූ, ඇළුම් කටයුතුවූ, ස්ප්‍රෂ්ටව්‍යයන්ගෙන් යුක්තවූ, පස්කම් ගුණයන්ගෙන් යුක්ත වූයේ සැප විඳිමින් වාසය කෙළෙමි. මාගන්දියය, ඒ මට වර්ෂා ඍතුවට එකෙක, හෙමන්ත ඍතුවට එකෙක, ග්‍රීෂ්ම ඍතුවට එකෙක යයි ප්‍රාසාද තුනක් වූහ. මාගන්දියය, ඒ මම වනාහි වර්ෂා ඍතුවට සුදුසුවූ ප්‍රාසාදයෙහි වර්ෂා ඍතුවෙහිවූ සාර මස පුරුෂයන් නැත්තාවූ තූර්යවාදනයන්ගෙන් සිත් පිනවනු ලබන්නේ ප්රාසාදයන් යටට නොබසිමි. ඒ මම පසු කලෙක්හි කාමයන්ගේ හට ගැණීමද නැසීමද රසවිඳීමද ද්වේෂයද දුරු කිරීමද තත්වූ පරිද්දෙන් දැන කාමයන්හි තෘෂ්ණාව හැර කාමයන්ගෙන් හටගත් දැවිල්ල දුරුකොට පහව ගියාවූ පිපාසා ඇත්තේ තමන් තුළ සංසිඳවන ලද සිත් ඇත්තේ වාසය කරමි. ඒ මම කාමයන්හි පහනොවූ රාගය ඇති කාම තෘෂ්ණාවලින් කරනු ලබන්නාවූ කාම දැවිල්ලෙන් දනු ලබන්නාවූ කාමයන් සේවනය කරන්නාවූ අන්‍යයන් දකිම්ද, ඒ මම ඒ සැපයට නොකැමැත්තෙමි එහි සිත් නොඅලවමි. ඊට හේතු කවරේද? මාගන්දියය, කාමයන්ගෙන් වෙන්වූ අකුසල ධර්මයන්ගෙන් වෙන්වූ යම් මේ ඇල්මක් දිව්යසැපය පවා යටත්කොට පවතීද, ඒ ඇල්මෙන් ඇලෙනු ලබන්නේ හීන සැපයට, නොකැමැත්තෙමි. එහි සිත් නො අලවමි.
|
212
‘‘සෙය්යථාපි, මාගණ්ඩිය, ගහපති වා ගහපතිපුත්තො වා අඩ්ඪො මහද්ධනො මහාභොගො පඤ්චහි කාමගුණෙහි සමප්පිතො සමඞ්ගීභූතො පරිචාරෙය්ය චක්ඛුවිඤ්ඤෙය්යෙහි රූපෙහි...පෙ.... ඵොට්ඨබ්බෙහි ඉට්ඨෙහි කන්තෙහි මනාපෙහි පියරූපෙහි කාමූපසංහිතෙහි රජනීයෙහි. සො කායෙන සුචරිතං චරිත්වා වාචාය සුචරිතං චරිත්වා මනසා සුචරිතං චරිත්වා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්ය දෙවානං තාවතිංසානං සහබ්යතං. සො තත්ථ නන්දනෙ වනෙ අච්ඡරාසඞ්ඝපරිවුතො දිබ්බෙහි පඤ්චහි කාමගුණෙහි සමප්පිතො සමඞ්ගීභූතො පරිචාරෙය්ය. සො පස්සෙය්ය ගහපතිං වා ගහපතිපුත්තං වා පඤ්චහි කාමගුණෙහි සමප්පිතං සමඞ්ගීභූතං පරිචාරයමානං.
‘‘තං
|
212
“මාගන්දිය, වැඩුනාවූ මහත්වූ ධන ඇත්තාවූ මහත් සම්පත් ඇත්තාවූ ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ ඇසින් දැක යුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇළුම් කටයුතු වූ රූපයන්ගෙන් යුක්තව පංචකාම ගුණයන්ගෙන් යුක්තව වාසය කරන්නේද, කණින් දතයුතු වූ, ආසාව ඉපදීමට කරුණුවූ, ඇළුම් කටයුතුවූ ශබ්දයන්ගෙන් යුක්ත වූයේ, පංචකාම ගුණයන්ගෙන් යුක්තව වාසය කරන්නේද, නාසයෙන් දතයුතුවූ, යහපත්වූ, සිත් අලවන්නාවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව වූ ආසාව ඉපැදීමට කරුණුවූ, ඇළුම් කටයුතුවූ, ගන්ධයන්ගෙන් යුක්ත වූයේ, පංචකාම ගුණයන්ගෙන් යුක්තව, වාසය කරන්නේද, දිවෙන් දතයුතුවූ, යහපත්වූ, සිත් අලවන්නාවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාවවූ, ආසාව ඉපදීමට කරුණු වූ, ඇළුම් කටයුතුවූ රසයන්ගෙන් යුක්තව වාසය කරන්නේද, කයින් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම් සැප එලවන්නාවූ ඇළුම් කටයුතුවූ, ස්පර්ශයෙන් යුක්තව පස්කම් සැපයෙන් යුක්තව වාසය කරන්නේය. හෙතෙම කයින් සුචරිතයෙහි හැසිර, වචනයෙන් සුචරිතයෙහි හැසිර, සිතින් සුචරිතයෙහි හැසිර, ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති පස්කම් සැපයෙන් යුත් දිව්‍ය ලෝකයෙහි තව්තිසා වැසිදෙවියන්ගේ සහභාවයට පැමිණෙන්නේය. හෙතෙම එහි නන්දන වනයෙහි අප්සරා සමූහයා විසින් පිරිවරණ ලද්දේ දිව්‍යවූ පස්කම් ගුණවලින් යුක්ත වූයේ සතුටු වන්නේය. හෙතෙම පස්කම් ගුණවලින් යුක්ත සතුටු වන්නාවූ ගෘහපතියෙකු හෝ ගෘහපති පුත්‍රයෙකු හෝ දක්නේය.
“මාගන්දිය, ඒ කුමකැයි හඟින්නෙහිද? නන්දන වනයෙහි අප්සරා සමූහයා විසින් පිරිවරණ ලද්දාවූ දිව්‍යවූ පස්කම් ගුණවලින් යුක්තවූ සතුටු වන්නාවූ ඒ දිව්‍යපුත්‍රතෙම මේ ගෘහපතියාට හෝ ගෘහපති පුත්‍රයාට හෝ මිනිසුන් අයත් පස්කම් ගුණයන්ට හෝ කැමැති වන්නේද, මිනිසුන් අයත්වූ කාමයන්ගෙන් හෝ ආපසු හැරෙන්නේද?
“භවත්ගෞතමයන් වහන්ස, එය නොවන්නේ මැයි, ඊට හේතු කවරේද, භවත් ගෞතමයන් වහන්ස මිනිසුන් අයත්වූ කාමයන් දිව්‍යවූ කාමයෝ අතිශයින් සිත් අලවන්නාහුද, අතිශයින් ප්රණීතවූවාහුද වෙත්.”
“මාගන්දියය, එපරිද්දෙන්ම මම පෙර ගිහිගෙයි වූයේම යුක්තවූයේ ඇසින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇළුම් කටයුතුවූ රූපයන්ගෙන් යුක්තවූයේ පංචකාම ගුණයන්ගෙන් යුක්තවූයේ සැපවින්දෙමි. කණින් දතයුතුවූ, යහපත්වූ, සිත් අලවන්නාවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාවවූ, ආසාව ඉපදීමට කරුණුවූ, ඇළුම් කටයුතුවූ ගන්ධයන්ගෙන් යුක්තවූයේ, පංචකාම ගුණයන්ගෙන් යුක්තවූයේ සැපවින්දෙමි. දිවෙන් දතයුතුවූ, යහපත්වූ සිත් අලවන්නාවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාවවූ, ආසාව ඉපදීමට කරුණුවූ, ඇළුම් කටයුතුවූ රසයන්ගෙන් යුක්තවූයේ එක් වූයේම සැපවින්දෙමි. කයින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇළුම් කටයුතුවූ ස්පර්ශයන්ගෙන් යුක්තවූ පංචකාම ගුණයෙන් යුක්තව වාසය කළෙමි. ඒ මම මෑත කලෙක්හි කාමයන්ගේ හටගැණීම්ද විනාසයද රස විඳීමද දෝෂයද විඳීම තත්වූ පරිද්දෙන් දැන කාම තෘෂ්ණාව හැර කාමයන්ගෙන්වූ දැවිල්ල දුරුකොට පහවූ පිපාසා ඇත්තේ තමන් තුළ සංසිඳුනු සිත් ඇත්තේ වාසය කරමි. ඒ මම කාමයන්හි පහනොවූ රාගය ඇති කාමතෘෂ්ණාවෙන් කරනු ලබන්නාවූ කාම දැවිල්ලෙන් දවනු ලබන්නාවූ කාමයන් සේවනය කරන්නාවූ අන්‍යයන් දකිමි. ඒ මම ඒ සැපයට නොකැමැත්තෙමි. එහි සිත් නොඅලවමි. ඊට හේතු කවරේද? මාගන්දියය, යම් මේ ඇල්මක් වනාහි කාමයන්ගෙන් තොරවම අකුසල ධර්මයන්ගෙන් වෙන්වම දිව්‍යවූ සැපය පවා යට කොට සිටීද, ඒ ඇල්මෙන් ඇලෙනු ලබන්නේ හීනවූ සැපයට නොකැමැත්තෙමි. එහි සිත් නොඅලවමි
|
213
‘‘සෙය්යථාපි
‘‘තං කිං මඤ්ඤසි, මාගණ්ඩිය, අපි නු සො පුරිසො අමුස්ස කුට්ඨිස්ස පුරිසස්ස පිහෙය්ය අඞ්ගාරකාසුයා වා භෙසජ්ජං පටිසෙවනාය වා’’ති? ‘‘නො
|
213
“මාගන්දියය, යම්සේ කුෂ්ටරොග ඇත්තාවූ පුරුෂයෙක් වණවූ සිරුර ඇත්තේ පැසවූ සිරුර ඇත්තේ පණුවන් විසින් කනු ලබන්නේ නියවලින් ව්රණමුඛයන් කසනු ලබන්නේ, අඟුරු වළෙක්හි සිරුර තවන්නේද, ඔහුගේ නෑදෑ මිත්‍රයෝ ශල්‍යකර්ම කරන්නාවූ වෙදෙකු කැඳවන්නාහුය. ඔහුට ඒ ශල්‍යවෛද්‍ය තෙම බෙහෙත් කරන්නේය. හෙතෙම ඒ බෙහෙත නිසා කුෂ්ටරොගයෙන් මිදෙන්නේය. නිරොග වූවෙක් සුව ඇත්තෙක් තනිව කටයුතු කළ හැක්කෙක් ශරීරය වසඟවූවෙක් කැමැති පරිදි යා හැක්කෙක් වන්නේය. හෙතෙම වණවූ සිරුර ඇති පැසවූ සිරුර ඇති පණුවන් විසින් කනු ලබන්නාවූ නියෙන් වණමුව කසනු ලබන්නාවූ අඟුරු වළෙක්හි සිරුර තවන්නාවූ කුෂ්ටරොගය ඇති අන් පුරුෂයෙකු දක්නේය. මාගන්දිය, ඒ කුමකැයි හඟින්නෙහිද, මේ පුරුෂ තෙම ඒ කුෂ්ටරොගය ඇති පුරුෂයාට කැමැති වන්නේද, අඟුරුවළට හෝ බෙහෙත් සේවනය කිරීමට හෝ කැමැති වන්නේද?”
“භවත් ගෞතමයන් වහන්ස, මෙය නොවන්නේ මැයි. ඊට හේතු කවරේද? භවත් ගෞතමයන් වහන්ස, රොගය ඇති කල්හිම බෙහෙතින් කටයුතුවේ. රොගය නැති කල්හි බෙහෙතින් කටයුත්තක් නැති හෙයිනි.
“මාගන්දියය, එපරිද්දෙන්ම මම පෙර ගිහිගෙයි වූයේම ඇසින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇළුම් කටයුතුවූ රූපයන්ගෙන් යුක්තවූයේ පංචකාම ගුණයන්ගෙන් යුක්තවූයේ කණින් දතයුතුවූ, යහපත්වූ, සිත් අලවන්නාවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාවවූ, ආසාව ඉපදීමට කරුණුවූ, ඇළුම් කටයුතුවූ ශබ්දයන්ගෙන් යුක්තවූයේ, පංචකාම ගුණයන්ගෙන් යුක්තවූයේ නාසයෙන් දතයුතුවූ, යහපත්වූ, සිත් අලවන්නාවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාවවූ ආසාව ඉපදීමට කරුණුවූ, ඇළුම් කටයුතුවූ, ගන්ධයන්ගෙන් යුක්තවූයේ, පංචකාම ගුණයන්ගෙන් යුක්තවූයේ, සැපවින්දෙමි. දිවෙන් දතයුතුවූ, යහපත්වූ සිත් අලවන්නාවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාවවූ, ආසාව ඉපදීමට කරුණුවූ, ඇළුම් කටයුතුවූ, රසයන්ගෙන් යුක්තවූයේ එක් වූයේම සැපවින්දෙමි. කයින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇළුම් කටයුතුවූ ස්පර්ශයන්ගෙන් යුක්තවූ පඤ්චකාම ගුණයන්ගෙන් යුක්තව වාසය කෙළෙමි. ඒ මම පසු කලෙක්හි කාමයන්ගේ හටගැණීමද, නැසීමද, රසවිඳීමද, දෝෂයද දුරුකිරීමද තත්වූ පරිද්දෙන් දැන කාම තෘෂ්ණාව හැර කාමයෙන්වූ දැවිල්ල දුරුකොට පහවූ පිපාසා ඇත්තේ තමන් තුළ සංසිඳුවන ලද සිත් ඇත්තේ වාසය කරමි. ඒ මම කාමයන්හි පහ නොවූ රාග ඇති, කාම තෘෂ්ණාවලින් කරනු ලබන්නාවූ කාම දැවිල්ලෙන් දවනු ලබන්නාවූ කාමයන් සේවනය කරන්නාවූ, අන්‍ය සත්වයන් දකිමි. ඒ මම ඔවුන්ගේ සැපයට නොකැමැත්තෙමි. එහි සිත් නො අලවමි. ඊට හේතු කවරේද? මාගන්දියය, කාමයන්ගෙන් වෙන්වූ අකුසල ධර්මයන්ගෙන් වෙන්වූ යම් මේ ඇල්මක් දිව්‍යවූ සැපයද මැඩගෙන සිටීද, ඒ ඇල්මෙන් ඇලෙනු ලබන්නේ හීනවූ සැපයකට නොකැමැත්තෙමි. එහි සිත් නොඅලවමි.
|
214
‘‘සෙය්යථාපි
‘‘තං කිං මඤ්ඤසි, මාගණ්ඩිය, අපි නු සො පුරිසො ඉති චිතිචෙව කායං සන්නාමෙය්යා’’ති? ‘‘එවං, භො ගොතම’’. ‘‘තං කිස්ස හෙතු’’? ‘‘අසු හි, භො ගොතම, අග්ගි දුක්ඛසම්ඵස්සො චෙව මහාභිතාපො ච මහාපරිළාහො චා’’ති. ‘‘තං කිං මඤ්ඤසි, මාගණ්ඩිය, ඉදානෙව නු ඛො සො අග්ගි දුක්ඛසම්ඵස්සො චෙව මහාභිතාපො ච මහාපරිළාහො ච උදාහු පුබ්බෙපි සො අග්ගි දුක්ඛසම්ඵස්සො චෙව මහාභිතාපො ච මහාපරිළාහො චා’’ති
|
214
“මාගන්දියය, යම් සේ වණවූ ශරීර ඇති පැසවූ ශරීර ඇති කුෂ්ටරොග ඇති පුරුෂයෙක් තෙම පණුවන් කනු ලබන්නේ නියවලින් වණ මුඛයන් කසනු ලබමින් අඟුරු වළෙක්හි ශරීරය තවන්නේද, ඔහුගේ නෑදෑ හිත මිතුරෝ වෛද්‍යයෙකු කැඳවන්නාහුය. ඒ ශල්‍ය වෛද්‍ය තෙම ඔහුට බෙහෙත් කරන්නේය. හෙතෙම ඒ බෙහෙත් නිසා කුෂ්ට රොගවලින් මිදුනේ නිරොග වූයේ සුවපත් වූයේ තනිව හැසිරිය හැක්කේ ශරීරය වසඟ කර ගත හැක්කේ කැමති පරිදි යාම් ඊම් හැක්කෙක් වන්නේය. ඔහු ශක්තිමත් පුරුෂයෝ දෙදෙනෙක් දෙඅතින් අල්වා
ගෙණ අඟුරු වළකට අදින්නාහුය. මාගන්දිය, ඒ කුමකැයි හඟින්නෙහිද? ඒ පුරුෂ තෙම එහාට මෙහාට සිරුර නමන්නේද?”
“භවත් ගෞතමයන් වහන්ස, එසේය. ඊට හේතු කවරේද? භවත් ගෞතමයන් වහන්ස, මේ ගින්න වනාහි දුක්වූ ස්පර්ශද, මහත්වූ තැවීමද, මහත්වූ දැවිල්ල’ ඇති හෙයිනි.” මාගන්දිය, කුමකැයි සිතන්නෙහිද? දැන් පමණක්ම ඒ ගින්න දුක්වූ ස්පර්ශ ඇත්තේත් මහත්වූ තැවීම ඇත්තේත් මහත්වූ දැවිල්ල ඇත්තේත් වේද, නොහොත් පෙරත් ඒ ගින්න දුක්වූ ස්පර්ශ ඇත්තේත් මහත්වූ තැවීම ඇත්තේත් මහත්වූ දැවිල්ල ඇත්තේත් වේද?”
“භවත් ගෞතමයන් වහන්ස, දැනුදු ඒ ගින්න දුක්වූ ස්පර්ශ ඇත්තේත් මහත්වූ තැවීම ඇත්තේත් මහත්වූ දැවිල්ල ඇත්තේත් වෙයි. පෙරත් ඒ ගින්න දුක්වූ ස්පර්ශ ඇත්තේත් මහත්වූ තැවීම ඇත්තේත් මහත්වූ දැවිල්ල ඇත්තේත් වේ. භවත් ගෞතමයන් වහන්ස, මේ කුෂ්ටරොග ඇති පුරුෂ තෙමේද, වණවූ ශරීර ඇත්තේ පැසවූ ශරීර ඇත්තේ පණුවන් විසින් කනු ලබන්නේ නියවලින් වණ මුඛයන් කසනු ලබන්නේ නැසුණු කායෙන්ද්රිය ඇත්තේ දුක්වූ ස්පර්ශ ඇති ගින්නෙහි සැපය යන විපරිත සංඥාව ලැබුයේය.” “මාගන්දිය, එපරිද්දෙන්ම ඉකුත්වූ කාලයෙහිද කාමයෝ දුක් සර්පශ ඇත්තාහුද, මහත් තැවීම ඇත්තාහුද, මහත් දැවිල්ල ඇත්තාහුද වූහ. මතු කාලයෙහිද කාමයෝ දුක්වූ ස්පර්ශ ඇත්තාහුද, මහත්වූ තැවීම ඇත්තාහුද, මහත්වූ දැවිල්ල ඇත්තාහුද, වන්නාහුය. දැනුදු මේ කාලයෙහි කාමයෝ දුක්වූ ස්පර්ශ ඇත්තාහුද මහත්වූ තැවීම ඇත්තාහුද, මහත්වූ දැවිල්ල ඇත්තාහුද වෙත්. මාගන්දියය, මේ සත්වයෝද කාමයන්හි පහනොවූ රාග ඇත්තාහු කාම තෘෂ්ණාවලින් කනු ලබන්නාහු කාම දැවිල්ලෙන් දවනු ලබන්නාහු නසනලද ප්රඥොන්ද්රිය ඇත්තාහු දුක් ස්පර්ශ ඇත්තාවුම කාමයන්හි සැපය යන විපරීත සංඥාව ලැබුවාහුය.
|
215
‘‘සෙය්යථාපි, මාගණ්ඩිය, කුට්ඨී පුරිසො අරුගත්තො පක්කගත්තො කිමීහි ඛජ්ජමානො නඛෙහි වණමුඛානි විප්පතච්ඡමානො අඞ්ගාරකාසුයා කායං පරිතාපෙති. යථා යථා ඛො, මාගණ්ඩිය, අසු කුට්ඨී පුරිසො අරුගත්තො පක්කගත්තො කිමීහි ඛජ්ජමානො නඛෙහි වණමුඛානි විප්පතච්ඡමානො අඞ්ගාරකාසුයා කායං පරිතාපෙති තථා තථා’ස්ස
(තථා තථා තස්සෙව (ස්‍යා. කං. ක.)) තානි වණමුඛානි අසුචිතරානි
‘‘තං කිං මඤ්ඤසි, මාගණ්ඩිය, අපි නු තෙ දිට්ඨො වා සුතො වා රාජා වා රාජමහාමත්තො වා පඤ්චහි කාමගුණෙහි සමප්පිතො සමඞ්ගීභූතො පරිචාරයමානො කාමතණ්හං අප්පහාය කාමපරිළාහං අප්පටිවිනොදෙත්වා විගතපිපාසො අජ්ඣත්තං වූපසන්තචිත්තො විහාසි වා විහරති වා විහරිස්සති වා’’ති
‘‘ආරොග්යපරමා ලාභා, නිබ්බානං පරමං සුඛං;
අට්ඨඞ්ගිකො ච මග්ගානං, ඛෙමං අමතගාමින’’න්ති.
|
215
“මාගන්දිය, යම්සේ කුෂ්ටරෝග ඇත්තාවූ පුරුෂයෙක් වණවූ සිරුර ඇත්තේ පැසවූ සිරුර ඇත්තේ පණුවන් විසින් කනු ලබන්නේ නියවලින් වණ මුඛයන් කසනු ලබන්නේ අඟුරු වළෙක්හි කය තවාද, මාගන්දියය, යම් යම් ආකාරයකින් මේ කුෂ්ට රොග ඇති පුරුෂතෙම වණවූ සිරුර ඇත්තේ පැසවූ සිරුර ඇත්තේ පණුවන් විසින් කනු ලබන්නේ නියවලින් වණ මුඛයන් කසනු ලබන්නේ අඟුරු වළෙක්හි සිරුර තවාද, ඒ ඒ ආකාරයෙන් මොහුගේ ඒ වණ මුඛයෝ අතිශයින් අපවිත්‍ර වූවාහුද, අතිශයින් දුර්ගන්ධ වූවාහුද, අතිශයින් කුණුවූවාහුද, වෙත්. වණ මුඛයන් කැසීම හේතු කොට ගෙණ කිසියම් ස්වල්ප සැපයක් ස්වල්ප ආශ්වාදයක් වේමය. මාගන්දියය, එපරිද්දෙන්ම කාමයන්හි පහ නොවූ රාගය ඇති සත්වයෝ කාමතෘෂ්ණාවලින් කනු ලබන්නාහු කාම දැවිල්ලෙන් දවනු ලබන්නාහු, කාමයන් සේවනය කරත්. මාගන්දිය, යම් යම් ආකාරයකින් කාමයන්හි පහ නොවූ රාග ඇති සත්වයෝ කාමතෘෂ්ණාවලින් කරනු ලබන්නාහු කාම දැවිල්ලෙන් දවනු ලබන්නාහු කාමයන් සේවනය කරත්ද, ඒ ඒ ආකාරයෙන් ඒ සත්වයන්ගේ කාමතෘෂ්ණාවද වැඬේ. කාම දැවිල්ලෙන්ද දැවෙත්. පස්කම් ගුණයන් නිසා කිසියම් සැප මාත්‍රයක්ද, රසවිඳීම් මාත්‍රයක්ද වේමැයි.
“මාගන්දිය, ඒ කුමකැයි හඟින්නෙහිද? පස්කම් ගුණවලින් පිනවනු ලබන්නාවූ පස්කම්ගුණ සේවනය කරනු ලබන්නාවූ රජෙක් හෝ රාජමහාමාත්‍යයෙක් හෝ කාම තෘෂ්ණාව නොහැර කාම දැවිල්ල දුරු නොකොට පහවූ පිපාසය ඇතිව, තමන් තුළ සංසිඳුණ සිත් ඇතිව වාසය කෙළේයයි හෝ වාසය කෙරේයයි හෝ වාසය කරන්නේයයි හෝ, තොප විසින් දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ වේද?”
“භවත් ගෞතමයන් වහන්ස, එය නොවේමැයි.”
“මාගන්දිය, යහපත, මා විසිනුදු පඤ්චකාමගුණයන්ගෙන් යුක්තවූයේ පඤ්චකාමගුණ සේවනය කරනු ලබන්නාවූ රජෙක් හෝ රජ මහඇමතියෙක් හෝ කාමතෘෂ්ණාව නොහැර කාම දැවිල්ල දුරු නොකොට පහවූ පිපාසා ඇතිව තමා තුළ සංසිඳුණු සිත් ඇතිව වාසය කෙළේයයි හෝ වාසය කෙරේයයි හෝ වාසය කරන්නේයයි හෝ, යන මෙය නොමදක්නා ලදී, නොඅසනලදී.
“මාගන්දිය, තවද යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ, පහවූ පිපාසා ඇතිව තමන් තුළ සංසුන් සිත් ඇතිව වාසය කළාහුද, වාසය කරත්ද, වාසය කරන්නාහුද, ඒ සියල්ලෝ කාමයන්ගේ හටගැන්මද, නැසීමද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූ පරිද්දෙන් දැන කාමතෘෂ්ණාව හැර කාම දැවිල්ල දුරුකොට පහවූ පිපාසා ඇතිව තමන් තුළ සංසුන් සිත් ඇතිව වාසය කළාහුය. වාසය කෙරෙත්. වාසය කරන්නාහුයයි” වදාළේය.
“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ වේලායෙහි මේ ප්‍රීති වාක්‍යය පහළකළ සේක. “නිරෝගී බව උතුම්ම ලාභය වෙයි. නිර්වාණය උතුම්ම සැපය වෙයි. නිවණට පමුණුවන්නාවූ මාර්ගයන් අතුරෙන් භය රහිතවූ නිර්වාණයට පමුණවන අංග අටකින් යුත් මාර්ගයම උතුම් වන්නේය.”
|
216
එවං වුත්තෙ, මාගණ්ඩියො පරිබ්බාජකො භගවන්තං එතදවොච - ‘‘අච්ඡරියං, භො ගොතම, අබ්භුතං, භො ගොතම! යාව සුභාසිතං චිදං භොතා ගොතමෙන - ‘ආරොග්යපරමා
|
216
මෙසේ කී කල්හි මාගන්දිය පරිව්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට, ‘භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්යය, භවත් ගෞතමයන් වහන්ස, අද්භූතය, භවත් ගෞතමයන් වහන්සේ විසින් “නිරෝගීබව උතුම්ම ලාභයවේ, නිවන උතුම්ම සැපය වේ”යයි ඉතා යහපත් වචනයක්ම කියන ලදැයි” කීය.
“භවත් ගෞතමයන් වහන්ස, පෙර සිටි ආචාර්ය ප්රාචාර්ය වූ පරිව්‍රාජකයන් විසින් ‘නිරෝගීබව උතුම්ම ලාභයවේ. නිවන උතුම්ම සැපය වේයයි කියන ලද මේ වචනය මා විසිනුදු අසන ලදී. එයට මෙය සමවේයයි” කීය.
“මාගන්දිය, පූර්වයෙහිවූ ආචාර්ය ප්‍රාචාර්යවූ පරිව්‍රාජකයන් විසින් කියන ලද ‘නිරෝගීබව උතුම්ම ලාභය වෙයි. නිවන උතුම්ම සැපය වෙයි, යන යම් වචනයක් තොප විසින් අසන ලද්දේද, එහි කුමක්නම් නිරෝගීබවද, කුමක්නම් නිවනද?”
මෙසේ වදාළ කල්හි මාගන්දිය පරිව්‍රාජක තෙමේ ස්වකීයවූම ශරීරාවයවයන් අතින් පිරිමදියි. “භවත් ගෞතමයන් වහන්ස, ඒ නිරොගීබව නම් මෙය වේ. ඒ නිවන නම් මෙය වේ. භවත් ගෞතමයන් වහන්ස, මම වනාහි දැන් නිරෝගීව සුවසේ වසමි. මට කිසි රොගයක් පීඩා නොකෙරේ යයි” කීය.
|
217
‘‘සෙය්යථාපි, මාගණ්ඩිය, ජච්චන්ධො පුරිසො; සො න පස්සෙය්ය
‘‘තං කිං මඤ්ඤසි, මාගණ්ඩිය, අපි නු සො ජච්චන්ධො පුරිසො ජානන්තො පස්සන්තො අමුං තෙලමලිකතං සාහුළිචීරං පටිග්ගණ්හෙය්ය, පටිග්ගහෙත්වා පාරුපෙය්ය, පාරුපෙත්වා අත්තමනො අත්තමනවාචං නිච්ඡාරෙය්ය - ‘ඡෙකං වත, භො, ඔදාතං වත්ථං අභිරූපං නිම්මලං සුචී’ති උදාහු චක්ඛුමතො සද්ධායා’’ති? ‘‘අජානන්තො හි, භො ගොතම, අපස්සන්තො සො ජච්චන්ධො පුරිසො අමුං තෙලමලිකතං සාහුළිචීරං පටිග්ගණ්හෙය්ය, පටිග්ගහෙත්වා පාරුපෙය්ය, පාරුපෙත්වා අත්තමනො අත්තමනවාචං නිච්ඡාරෙය්ය - ‘ඡෙකං
‘ආරොග්යපරමා
අට්ඨඞ්ගිකො ච මග්ගානං, ඛෙමං අමතගාමින’න්ති.
|
217
“මාගන්දිය, ජාත්‍යන්ධවූ (උත්පත්තියෙන්ම ඇස් නොපෙනෙන) පුරුෂ තෙම කලු සුදු රූප නොදක්නේය. නිල්පැහැ ඇති රූප නොදක්නේය, රන්වන්වූ රූප නොදක්නේය, ලේපාට රූප නොදක්නේය, මදටියපාට රූප නොදක්නේය, වල ගොඩැලි නොදක්නේය, තාරකා නොදක්නේය, සඳ හිරු දෙදෙන නොදක්නේය. හෙතෙම පින්වත්නි, ඒකාන්තයෙන් සුදු වස්ත්‍රය පිරිසිදුය, ලක්ෂණය, නිර්මලයයි කියන්නාවූ පුරුෂයෙකුගෙන් අසයි. හෙතෙම සුදු වස්ත්‍රයක් සෙවීමෙහි ඇවිදින්නේය. එක්තරා පුරුෂයෙක් තෙල් දැලි තැවරුනාවූ දළ වස්ත්‍රයකින්, ‘පින්වත් පුරුෂය, නුඹගේ මේ සුදු වස්ත්‍රය ලක්ෂණය, නිර්මලය, පිරිසිදුයයි’ ඔහු වඤ්චා කරන්නේය. හෙතෙම එය පිළිගන්නේය. පිළිගෙණ පොරවන්නේය. පොරවාගෙණ සතුටුව, ‘පින්වත, ඒකාන්තයෙන් සුදුවූ වස්ත්‍රය, ලක්ෂණය, නිර්මලය, පිරිසිදුයයි’ සතුටු වාක්‍යය ප්‍රකාශ කරන්නේය. මාගන්දිය, ඒ කුමකැයි හඟින්නෙහිද, ඒ ජාත්‍යන්ධවූ පුරුෂ තෙම දනිමින් දකිමින් මේ තෙල් දැලි තැවරුණු දළ වස්ත්‍රය පිළිගන්නේද, පිළිගෙණ පොරවන්නේද, පොරවා සතුටුව, ‘පින්වත, ඒකාන්තයෙන් සුදුවස්ත්රය ලක්ෂණය, නිර්මලය, පිරිසිදුය’ සතුටු වචන කියන්නේද? නොහොත් ඇස් ඇත්තහු ඇදහීමෙන් කියන්නේද?”
“භවත් ගෞතමයන් වහන්ස, නොදැන නොදැක මේ ජාත්‍යන්ධවූ පුරුෂ තෙම මේ තෙල් දැලි තැවරුණාවූ දළ වස්ත්‍රය පිළිගන්නේය. පිළිගෙණ පොරවන්නේය. පොරවා සතුටුව, ‘පින්වත්නි, ඒකාන්තයෙන් සුදු වස්ත්‍රය ලක්ෂණය, නිර්මලය, පිරිසිදුයයි’ ඇස් ඇත්තහුගේ වචනය ඇදහීමෙන් සතුටු වචන කියන්නේය.”
“මාගන්දිය, එපරිද්දෙන්ම අන්‍ය තීර්ථවූ පරිව්‍රාජකයෝ අන්ධවූවාහු. ඇස් නැත්තාහු නිරොගබව නොදැන, නිවණ නොදැන, නිරෝගීබව උතුම්ම ලාභය වේ. නිවණ උතුම්ම සැපය වෙයි’ යන ගාථාව කියත්.
“මාගන්දිය, පූර්වයෙහිවූ අර්හත්වූ සම්‍යක් සම්බුදුවරයන් විසින් නිරෝගීබව උතුම්ම ලාභයවේ. නිවණ උතුම්ම සැපවේ. මාර්ගයන්ගෙන් භය රහිතවූ, අමෘතය කරා ගමන් කරන්නාවූ, අංග අටකින් යුත් මාර්ගයම ශ්රේෂ්ඨවන්නේය” යන ගාථාව කියන ලදී.
|
218
‘‘සා එතරහි අනුපුබ්බෙන පුථුජ්ජනගාථා
(පුථුජ්ජනගතා (සී. පී.)). අයං ඛො පන, මාගණ්ඩිය, කායො රොගභූතො ගණ්ඩභූතො සල්ලභූතො අඝභූතො ආබාධභූතො, සො ත්වං ඉමං කායං රොගභූතං ගණ්ඩභූතං සල්ලභූතං අඝභූතං ආබාධභූතං - ‘ඉදන්තං, භො ගොතම, ආරොග්යං, ඉදන්තං නිබ්බාන’න්ති වදෙසි. තඤ්හි තෙ, මාගණ්ඩිය, අරියං චක්ඛුං නත්ථි යෙන ත්වං අරියෙන චක්ඛුනා ආරොග්යං ජානෙය්යාසි, නිබ්බානං පස්සෙය්යාසී’’ති. ‘‘එවං පසන්නො අහං භොතො ගොතමස්ස! පහොති මෙ භවං ගොතමො තථා ධම්මං දෙසෙතුං යථාහං ආරොග්යං ජානෙය්යං, නිබ්බානං පස්සෙය්ය’’න්ති.
|
218
“ඒ ගාථාව මේ කාලයෙහි පිළිවෙළින් පෘථග්ජනයන් අතට පැමිණියාය. මාගන්දිය, මේ ශරීරය වනාහි රොගයක් වූයේය, ගඩක් වූයේය, හුලක් වූයේය, විනාසයක් වූයේය, ලෙඩක් වූයේය. ඒ නුඹ රොගයක්වූ, ගඩක්වූ, හුලක්වූ, විනාශයක්වූ, ලෙඩක්වූ මේ ශරීරය, ‘භවත් ගෞතමයන් වහන්ස, නිරෝගී බවකි නිවණකි’යි කීයෙහිය. මාගන්දිය, නුඹ මේ පිරිසිදුවූ ඇසකින් නිරොගබව දැනගන්නෙහිද, නිවණ දක්නෙහිද, ඒ පිරිසිදුවූ ඇස තොපට නැත්තේය”යි (වදාළේය.)
“යම්සේ මම නිරෝගීබව දැනගන්නෙම්ද, නිවණ දකින්නෙම්ද, භවත් ගෞතමයන් වහන්සේ එසේ මට ධර්මය දේශනා කිරීමට පොහොසත් නම් එයින් මම භාග්‍යවතුන් වහන්සේට පැහැදුනෙක් වන්නෙමි.”
|
219
‘‘සෙය්යථාපි
|
219
“මාගන්දිය, ජාත්‍යන්ධවූ පුරුෂ තෙම කළු සුදු රූප නොදක්නේය. නිල්පාට ඇති රූප නොදක්නේය. රන්වන් රූප නොදක්නේය. ලේපාට රූප නොදක්නේය. මදටිය පාට රූප නොදක්නේය. වල ගොඩැලි නොදක්නේය. තාරකා නොදක්නේය. සඳ හිරු දෙදෙන නොදක්නේය. ඔහුගේ නෑදෑ මිතුරෝ ශල්යවෛද්යයෙකු කැඳවන්නාහුය. ඔහුට ඒ වෛද්යතෙම බෙහෙත් කරන්නේය. හෙතෙම ඒ බෙහෙත් නිසා ඇස් නොලබන්නේය. ඇස පිරිසිදු නොවන්නේය. මාගන්දිය, ඒ කුමකැයි හඟින්නෙහිද? ඒ වෙදතෙම ඉතාමත්ම ක්ලාන්තයට වෙහෙසවීමට පැමිණෙන්නේ නොවේද?”
“භවත් ගෞතමයන් වහන්ස, එසේය”
“මාගන්දිය, එපරිද්දෙන්ම මමද තොපට මේ නිරොගබවය, මේ නිර්වාණයයි, ධර්මය දේශනා කරන්නෙමි. ඒ නුඹ නිරෝගීබව නොදන්නෙහි නම් නිවණ නොදක්නෙහි නම් ඒ මට ක්ලාන්තයෙක් වන්නේය. එය මට වෙහෙසක් වන්නේය.”
“යම්සේ මම නිරොගබව දැනගන්නෙම්ද, නිවණ දකින්නෙම්ද, භවත් ගෞතම තෙමේ මට එසේ ඒ ධර්මය දේශනා කරන්ට පොහොසත් නම් මම භවත් ගෞතමයන් වහන්සේට මෙසේ ප්‍රසන්නවූයේ වෙමි,”
|
220
‘‘සෙය්යථාපි, මාගණ්ඩිය, ජච්චන්ධො පුරිසො; සො න පස්සෙය්ය කණ්හසුක්කානි රූපානි, න පස්සෙය්ය නීලකානි රූපානි, න පස්සෙය්ය පීතකානි රූපානි, න පස්සෙය්ය ලොහිතකානි රූපානි, න පස්සෙය්ය මඤ්ජිට්ඨකානි රූපානි, න පස්සෙය්ය සමවිසමං, න පස්සෙය්ය තාරකරූපානි, න පස්සෙය්ය චන්දිමසූරියෙ. සො සුණෙය්ය චක්ඛුමතො භාසමානස්ස - ‘ඡෙකං වත, භො, ඔදාතං වත්ථං අභිරූපං නිම්මලං සුචී’ති! සො ඔදාතපරියෙසනං චරෙය්ය. තමෙනං අඤ්ඤතරො
|
220
“මාගන්දිය, යම්සේ උත්පත්තියෙන් අන්ධවූ පුරුෂතෙම කළු සුදු රූපයන් නොදක්නේය. නිල්පාට ඇති රූප නොදක්නේය. රන්වන්වූ රූප නොදක්නේය. ලේපාට රූප නොදක්නේය. මදටියපාට රූප නොදක්නේය. වල ගොඩැලි දෙක නොදක්නේය. තාරකා නොදක්නේය. සඳු හිරු දෙදෙනා නොදක්නේය. හෙතෙම ‘පින්වත, ඒකාන්තයෙන් සුදු වස්ත්‍රය ලක්ෂණය, නිර්මලය, පිරිසිදුයයි, කියන්නාවූ ඇස් ඇත්තෙකුගේ කීම අසන්නේය. එක්තරා පුරුෂයෙක් තෙල් දැලි තැවරුනාවූ දලවස්ත්රයකින් ‘පින්වත් පුරුෂය, මේ සුදුවූ වස්ත්‍රය ලක්ෂණය, නිර්මලය, පිරිසිදුය’ කියා ඔහු වඤ්චා කරන්නේය. හෙතෙම එය පිළිගන්නේය. පිළිගෙණ පොරවන්නේය. ඔහුගේ නෑදෑ මිත්‍රයෝ ශල්‍යවෛද්‍යවරයෙකු කැඳවන්නාහුය. ඔහුට ඒ ශල්යවෛද්යතෙම ලය විරේක, බඩ විරේක, අඳුන් ගැල්වීම, නැවත අඳුන් ගැල්වීම, නස්‍යකිරීම යන බෙහෙත් කරන්නේය. හෙතෙම ඒ බෙහෙත නිසා ඇස් ලබන්නේය. ඇස් පිරිසිදු කරන්නේය. ඇස් පහලවීම සමගම මේ තෙල් දැලි තැවරුනාවූ දළවස්ත්රයෙහි යම් ඇල්මෙක් වීද, ඒ ඇල්ම ප්‍රහීන වේ. ඔහුද, ඒ පුරුෂයා සතුරෙකු වශයෙන්ද තබන්නේය. පසමිතුරකු වශයෙන්ද තබන්නේය. තවද ‘පින්වත්නි, මේ පුරුෂයා විසින් ඒකාන්තයෙන් මම බොහෝ කලක් තෙල් දැලි තැවරුනාවූ දළවස්ත්රයකින් ‘පින්වත් පුරුෂය, තොපගේ මේ සුදු වස්ත්‍රය, ලක්ෂණය නිර්මලය, පිරිසිදුයි, රවටන ලද්දෙම්, වඤ්චාකරණ ලද්දෙම් ප්‍රයොග කරණ ලද්දෙම් වෙමියි.’ ජීවිතයෙන් තොරකළ යුත්තෙකු කොටද හඟින්නේය. මාගන්දිය, එපරිද්දෙන්ම මමද තොපට මේ නිරෝගී බවය, මේ නිර්වාණයයි, තොපට ධර්මය දේශනා කරන්නෙම්, ඒ නුඹ නිරොග බව දන්නෙහි නම් නිර්වාණය දක්නෙහි නම්, ඒ නුඹගේ ඇස් පහලවීම සමගම පඤ්චූපාදානස්කන්ධයන්හි යම් ආලයෙක් වේද, ඒ දුරු වන්නේය. තවද තොපට ‘පින්වත, ඒකාන්තයෙන් මම බොහෝ කලක් මේ සිත විසින් රවටන ලද්දෙම් වඤ්චා කරණ ලද්දෙම් පොළඹන ලද්දෙම් වෙමි. මම වනාහි රූපයම මමයයි ගනිමින් අල්වා ගතිමි. වේදනාවම මමයයි ගනිමින් අල්වා ගතිමි. සංඥාවම මමයයි ගනිමින් අල්වා ගතිමි. සංස්කාරයන්ම මමයයි ගනිමින් අල්වා ගතිමි. විඤ්ඤාණයම මමයයි ගනිමින් අල්වා ගතිමි. ඒ මට මමයයි අල්වා ගැනීම හේතුකොටගෙන කර්මය ඇතිවිය. කර්මය හේතුකොටගෙන ඉපදීම ඇතිවිය. ඉපදීම හේතුකොටගෙන දිරීමය, මැරීමය, සොකකිරීමය, වැලපීමය, කායික දුකය, මානසික දුකය, ශෝකයෙන් වන දැඩි වෙහෙසය යන මොහු හටගත්තාහ. මෙසේ මේ සියලු දුක් සමූහයාගේ හටගැණීම වේය” යන අදහස පහළ වන්නේය.
“භවත් ගෞතමයන් වහන්සේ යම්සේ මම මේ ආසනයෙන් අන්ධනොවී නැගිටින්නෙම්ද, එසේ මට ධර්මය දේශනා කරන්ට සමර්ථවේ නම්, මම භවත් ගෞතමයන් වහන්සේට එසේ ප්‍රසන්න වූයේ වෙමි.”
|
221
‘‘තෙන හි ත්වං, මාගණ්ඩිය, සප්පුරිසෙ භජෙය්යාසි. යතො ඛො
|
221
“මාගන්දිය, එසේ වී නම්, නුඹ සත්පුරුෂයන් සේවනය කරව. මාගන්දිය, යම් හේතුවකින් නුඹ සත්පුරුෂන් සේවනය කරන්නෙහි නම්, මාගන්දිය, එහෙයින් නුඹ සද්ධර්මය අසන්නෙහිය. මාගන්දිය යම් හේතුවකින් නුඹ සද්ධර්මය අසන්නෙහි නම්, මාගන්දිය, එහෙයින් නුඹ ධර්මයට අනුකූලව පිළිපදින්නෙහිය. මාගන්දිය, යම් හේතුවකින් නුඹ ධර්මයට අනුකූලව පිළිපදින්නෙහි නම්, මාගන්දිය, එහෙයින් නුඹ, මොහු රොගය, ගඩය, හුල්ය, මෙහි රෝග ගඩ හුල් ඉතිරි නොවී නිරුද්ධ වෙත්. ඒ මාහට තණ්හාවෙන් අල්වා ගැණීම නිරුද්ධ කිරීම හේතුකොටගෙන කර්මභවය නිරෝධය වේ. කර්ම භවය නිරුද්ධවීම හේතුකොටගෙන ඉපදීම නිරුද්ධ වේ. ඉපදීම නිරුද්ධවීම හේතුකොටගෙන ජරාවය, මරණය, ශෝකය, වැලපීමය, කායික දුකය, චෛතසික දුකය, ශෝකයෙන් හටගන්නා දැඩිවූ වෙහෙස යන මොහු නිරුද්ධ වෙත්. මෙසේ මේ සියලු දුක් සමූහයාගේ නිරෝධය වේයයි තෙමේම දැනගන්නෙහිය. තෙමේම දක්නෙහියයි” (වදාළේය).
|
222
එවං
|
222
මෙසේ වදාළ කල්හි මාගන්දිය පරිව්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතමයන්වහන්ස, ඉතා යහපත, භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත, භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරු කොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වේද, වසා තබන ලද්දක් වැසුම් හරින්නේ හෝ වේද, මංමුලාවූවෙකුට මග කියන්නේ හෝ වේද, අන්ධකාරයෙහි හෝ ඇස් ඇත්තෝ රූපදකිත්වායි, තෙල් පහනක් දරන්නේ ද, එපරිද්දෙන්ම භවත් ගෞතමයාණන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප්‍රකාශ කරනලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ සරණකොට යමි. ධර්මයද භික්ෂු සංඝයාද සරණ කොට යමි. මම භවත් ගෞතමයන් වහන්සේගේ සමීපයෙහි මහණකම ලබන්නෙමි. උපසම්පදාව ලබන්නෙමියි” (කීයේය.)
“මාගන්දිය, පෙර අන්‍යතීර්ථකවූ යමෙක් මේ ශාසනයෙහි පැවිදිවීම කැමැති වේද, උපසම්පදාව කැමැති වේද, හෙතෙම සාරමසක් පිරිවෙස් වසයි. සාරමසක් ඇවෑමෙන් සතුටු සිත් ඇත්තාවූ භික්ෂූහු, භික්ෂුභාවය පිණිස මහණකරවත්, උපසම්පදා කරවත්. එතකුදු වුවත් මෙහි පුද්ගලයන්ගේ වෙනස් බව දැනගන්නා ලදැයි” වදාළේය.
“ස්වාමීනි, ඉදින් පෙර අන්‍යතීර්ථකවූවෝ මේ ශාසනයෙහි පැවිදිවීම කැමැති වන්නාහු. උපසම්පදාව කැමැති වන්නාහු, සාරමසක් පිරිවෙස් වසත්ද, සාරමසක්හුගේ ඇවෑමෙන් සතුටු සිත් ඇති භික්ෂූහු භික්ෂුභාවය පිණිස පැවිදි කරවත්ද, උපසම්පදා කරවත්ද, මම සතර අවුරුද්දක් පිරිවෙස් වසන්නෙමි. සතර අවුරුද්දක් ඇවෑමෙන් මා සතුටුසිත් ඇති භික්ෂූහු භික්ෂුභාවය පිණිස පැවිදි කෙරෙත්වා, උපසම්පදා කෙරෙත්වායි” කීය.
“මාගන්දිය, පරිව්‍රාජක තෙමේ වනාහි භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිදිබව ලැබීය. උපසම්පදාව ලැබීය. උපසපන්වූ නොබෝ කල් ඇති ආයුෂ්මත් මාගන්දිය ස්ථවිර තෙමේ තනිව වෙන්වූ වාසය ඇත්තේ අප්‍රමාදවූයේ කෙලෙස් තවන වීර්ය ඇත්තේ, අත්හරින ලද ආත්මාලය ඇත්තේ, වාසයකර නොබෝ කලකින්ම, යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොටම ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවරකොට ඇති ඒ රහත්බව මේ ආත්මයෙහිම තෙමේ විශේෂ නුවණින් දැන ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය කෙළේය. ජාතිය කෙළවර කරණ ලදී. මාර්ග බ්‍රහ්මචරියාව වැස නිමවන ලදී. සතරමගින් කළ යුතු දෙය කරණ ලදී. මේ ආත්මභාවය පිණිස අනිකක් නැතැයි වෙසෙසින් දැනගත්තේය. ආයුෂ්මත් මාගන්දිය ස්ථවිර තෙමේ වනාහි රහතුන්ගෙන් එක්තරා කෙනෙක් වූහ.
|
6. සන්දකසුත්තං | 6. සන්දක සූත්‍රය |
223
එවං
|
223
මා විසින් (මේ සූත්‍රය) මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවර ඝොසිතාරාමයෙහි වාසය කළහ. එකල්හි වනාහි සන්දක නම් පරිව්‍රාජක තෙම පිලක්ඛ නම් ගුහායෙහි පන්සියයක් පමණවූ, මහත් පරිව්‍රාජක පිරිස සමග වාසය කරයි. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම සවස් වේලෙහි පලසමවතින් නැගී සිටියේ, භික්ෂූන්ට කථාකළහ. “ඇවැත්නි, යමු. දේවකටසොබ්භය (-වර්ෂාවෙන් සෑරුණු දියවිල) යම් තැනෙක්හිද එහි ගුහාව දැකීම පිණිස එළඹෙන්නෙමුයි”
“ඇවැත්නි, එසේයයි” ඒ භික්ෂූහු ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට උත්තර දුන්හ.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ බොහෝවූ භික්ෂූන් සමග දේවකටසොබ්භ නම් විල යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. එකල්හි වනාහි සන්දක නම් පරිව්‍රාජක තෙම උස්හඬින්ද, මහහඬින්ද, නොයෙක් ප්‍රකාර තිරිසන් කතා කියමින් මහත් ශබ්ද පවත්වන්නාවූ මහත් පිරිවැජි පිරිස සමග හුන්නේ වෙයි. එනම්, රජුන් පිළිබඳ කතාය, සොරුන් පිළිබඳ කතාය, මහ ඇමැතියන් පිළිබඳ කතාය, සේනාවන් පිළිබඳ කතාය, භය පිළිබඳ කතාය, යුද්ධ පිළිබඳ කතාය, ආහාර පිළිබඳ කතාය, බොන දේ පිළිබඳ කතාය, ඇඳුම් පිළිබඳ කතාය, නිදන ආසන පිළිබඳ කතාය, මල්මාලා පිළිබඳ කතාය, සුවඳ පිළිබඳ කතාය, නෑයන් පිළිබඳ කතාය, රථ පිළිබඳ කතාය, ගම් පිළිබඳ කතාය, මහගම් පිළිබඳ කතාය, නගරයන් පිළිබඳ කතාය, ජනපද පිළිබඳ කතාය, ස්ත්‍රීන් පිළිබඳ කතාය, සූරයන් පිළිබඳ කතාය, වීථි පිළිබඳ කතාය, දියතොට පිළිබඳ කතාය, පූර්වඥාති ප්‍රේතයන් පිළිබඳ කතාය, නොයෙක් ස්වභාවයෙන් යුක්ත කතාය, ලෝකය පිළිබඳ ප්‍රකාශ වන්නාවූ කතාය, සමුද්‍රය පිළිබඳව ප්‍රකාශ වන්නාවූ කතාය ‘මෙසේ වන්නේය, මෙසේ නොවන්නේය’ යන මෙය පිළිබඳ කතාය යන මේවායි.
සන්දකනම් පරිව්‍රාජක තෙම එන්නාවූ ආනන්ද ස්ථවිරයන් දුරදීම දුටුයේය. දැක ස්වකීය පිරිස තැන්පත් කෙළේය. “පින්වත්නි, ශබ්ද නොකරව්, මේ ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයන්වූ ශ්‍රමණවූ ආයුෂ්මත් ආනන්දස්ථවිර තෙමේ පැමිණෙයි. යම්තාක්ම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ කොසඹෑ නුවර වෙසෙත්ද, මේ ආනන්ද ශ්‍රමණ තෙමේ ඔවුන්ගෙන් එක්තරා කෙනෙක. ඒ ආයුෂ්මත්හු වනාහි නිශ්ශබ්ද බැව් කැමැත්තෝය. නිශ්ශබ්දවූ බුදුන් විසින් හික්මවන ලද්දාහුය. නිශ්ශබ්දභාවයාගේ ගුණ කියන්නෝය. ඒකාන්තයෙන් නිශ්ශබ්දවූ පිරිසක් බව දැන පැමිණිය යුතුයයි හඟින්නේයයි” කීය. ඉක්බිති පරිව්‍රාජකයෝ නිශ්ශබ්ද වූහ.
|
224
අථ ඛො ආයස්මා ආනන්දො යෙන සන්දකො පරිබ්බාජකො තෙනුපසඞ්කමි. අථ ඛො සන්දකො පරිබ්බාජකො ආයස්මන්තං ආනන්දං එතදවොච - ‘‘එතු ඛො භවං ආනන්දො, ස්වාගතං භොතො ආනන්දස්ස. චිරස්සං ඛො භවං ආනන්දො ඉමං පරියායමකාසි යදිදං ඉධාගමනාය. නිසීදතු භවං ආනන්දො, ඉදමාසනං පඤ්ඤත්ත’’න්ති. නිසීදි ඛො ආයස්මා ආනන්දො
|
224
එකල්හි වනාහි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ සන්දක නම් පරිව්‍රාජකයා යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. එකල්හි සන්දක නම් පරිව්‍රාජක තෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය. “භවත් ආනන්ද තෙමේ පැමිණේවා. භවත් ආනන්ද ස්ථවිරයන්ගේ යහපත් ඊමෙකි. බොහෝ කලකින් භවත් ආනන්ද ස්ථවිර තෙමේ මේ ආකාරය කළේය. එනම් මෙහි පැමිණීමෙනි. පින්වත් ආනන්ද ස්ථවිර තෙමේ වැඩහිඳීවා මේ ආසනය පනවන ලදැයි” කීය. ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම පනවන ලද අස්නෙහි හුන්නේය. සන්දක නම් පරිව්‍රාජක තෙමේද එක්තරා මිටි අස්නක් ගෙණ එක්පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ සන්දක නම් පරිව්‍රාජකයාට ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම මෙසේ කීය. “සන්දකය, දැන් කිනම් කථාවකින් යුක්තව හුන්නහුද, තොපගේ කිනම් අතුරු කථාවක් නතර කරන ලද්දීද?”
“භවත් ආනන්ද ස්ථවිරය, මේ කථාව තිබේවා. අපි යම් කථාවකින් යුක්තව දැන් හුන්නෙමුද, මේ කථාව භවත් ආනන්ද ස්ථවිරයන්ට පසුවද ඇසීමට දුර්ලභ නොවන්නීය. භවත් ආනන්ද ස්ථවිරයන්ටම ස්වකීය ආචාර්යවරයන්ගේ ඉගැන්වීමවූ දැහැමි කථාවක් වැටහේවා. එය මැනවැයි.”
“සන්දකය, එසේ වීනම් අසව. යහපත්කොට මෙනෙහි කරව. කියන්නෙමි.”
“එසේය, පින්වතුන් වහන්සැයි” සන්දක නම් පරිව්‍රාජක තෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට උත්තර දුන්නේය. ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම මෙය වදාළේය.
“සන්දකය, ඒ දන්නාවූ දක්නාවූ සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ විසින් නුවණැති පුරුෂ තෙමේ යමක් ඒකාන්ත උතුම් හැසිරීමකැයි නොවසන්නාවූද වසන්නේ වී නමුත් සම්බන්ධය කුසල ධර්ම මාර්ගයයි, සිත් නොගන්නාවූද අබ්රහ්මචරිය වාස සතරක්ද අස් වැසීමක් නැති බ්‍රහ්මචරිය වාස සතරක්ද ප්‍රකාශ කරණ ලද්දාහ.”
“භවත් ආනන්ද ස්ථවිරයෙනි, දන්නාවූ දක්නාවූ සම්‍යක් සම්බුද්ධවු ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් යමක් නුවණ ඇති පුරුෂ තෙම බ්රහ්මචරියාවකැයි නොවසන්නේද වසන්නේ හෝ කුසල ධර්ම මාර්ගයයි සිත් නොගන්නේද එවැනි කවර නම් අබ්‍රහ්මචරියවාස සතරක් ප්‍රකාශ කරණ ලද්දාහුද”.
|
225
‘‘ඉධ, සන්දක, එකච්චො සත්ථා එවංවාදී හොති එවංදිට්ඨි - ‘නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකතදුක්කටානං කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො, නත්ථි පරොලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්ති. චාතුමහාභූතිකො අයං පුරිසො යදා කාලඞ්කරොති, පථවී පථවීකායං අනුපෙති අනුපගච්ඡති, ආපො ආපොකායං අනුපෙති අනුපගච්ඡති, තෙජො තෙජොකායං අනුපෙති අනුපගච්ඡති, වායො වායොකායං අනුපෙති අනුපගච්ඡති
‘‘තත්ර
|
225
“සන්දකය මේ ලෝකයෙහි ඇතැම් ශාස්තෘවරයෙක් (ආගම් කතෘවරයෙක්) මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේවෙයි. ‘දන් දීමෙන් පලක් නැත. පූජා කිරීමෙන් පලක් නැත. පුද පඬුරු දීමෙන් පලක් නැත. යහපත් අයහපත් කර්මයන්ගේ ඵලයක් විපාකයක් නැත පරලොව වසන්නවුන්ගේ මෙලොව ඉපදීමක් නැත. මෙලොව වසන්නවුන්ගේ පරලොව ඉපදීමක් නැත. මවට කරණ හොඳ නරකවල විපාක නැත. පියාට කරන හොඳ නරකවල විපාක නැත. මළ පසු නැවතද උපදනා සත්වයෙක් නැත. යමෙක් තුමූ මේ ලෝකයද පරලෝකයද තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට ප්‍රකාශ කෙරෙත්ද, එබඳුවූ යහපත් මගට පැමිණියාවූ යහපත් මාර්ගයෙහි පිළිපන්නාවූ මහණ බමුණෝ ලෝකයෙහි නැත්තාහ. මේ පුරුෂතෙම සතර මහා භූතයන්ගෙන් හටගත්තාවූ යම් කලෙක මැරෙයිද එකල්හි ශරීරයේ පෘථිවි ධාතුව පිටත පෘථිවිධාතුවට එක්වෙයි. අනුව යයි. ආපොධාතුව ආපොධාතුවට එක්වෙයි. අනුව යයි. තෙජො ධාතුව තෙජො ධාතුවට එක්වෙයි. අනුව යයි. වායො ධාතුව වායො ධාතුවට එක්වෙයි. අනුව යයි. ඉන්ද්රියයෝ අහසට යත්. ඇඳ පස්වෙනි කොට ඇති පුරුෂයෝ මලහු ගෙනයත්. පින් කෙළේය පවු කෙළේ යන ගුණයද සොහොන දක්වා පමණක් පැනෙත්. පරෙවියන්ගේ පාටට බඳු පාට ඇති ඇට ඉතිරි වෙත්. දෙනලද දන්පුද අලුවලින් කෙලවර විය. දානය නම් මෝඩයන් විසින් පනවන ලද්දකි. යම් කිසිවෙක් කරණ ලද කර්මයෙහි විපාක ඇතැයි කියත්ද, එය ඔවුන්ගේ හිස්වූ මුසාවූ ප්රලාපයකි. බාලයෝත් පණ්ඩිතයෝත් ශරීරයාගේ භේදයෙන් සිඳෙත්, විනාශ වෙත්, මරණින් මත්තෙහි නොවෙත්යයි කියත්ද.
“සන්දකය, එහි නුවණ ඇති පුරුෂ තෙම මෙසේ කල්පනා කරයි. මේ පින්වත් ශාස්තෘ තෙමේ වනාහි මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි. දීමෙන් පලක් නැත. පූජා කිරීමෙන් පලක් නැත. පුද පඬුරු යැවීමෙන් පලක් නැත. කරණ ලද හොඳ නරක කර්මයන්ගේ ඵලයක් විපාකයක් නැත. පරලොව වසන්නවුන්ගේ මෙලොව ඉපදීමක් නැත. මෙලොව වසන්නවුන්ගේ පරලොව ඉපදීමක් නැත. මවට කරන හොඳ නරකවල විපාක නැත. පියාට කරන හොඳ නරකවල විපාක නැත. මළ පසු උපදින්නෙක් නැත. යම් කෙනෙක් මේ ලෝකයද පරලෝකයද තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂකොට ප්‍රකාශ කෙරෙත්ද? ලෝකයෙහි එබඳුවූ යහපත් මාර්ගයට පැමිණියාවූ මනාව පිළිපන්නාවූ මහණ බමුණෝ නැත්තාහුය. සතර මහා භූතයන්ගෙන් හටගත්තාවූ මේ පුරුෂ තෙම යම් කලෙක මැරෙයිද, එකල්හි ශරීරයේ පෘථිවි ධාතු පිටත පෘථිවි ධාතුවට එක්වෙයි. අනුව යයි. ආපො ධාතුව ආපොධාතුවට පැමිණෙයි. අනුව යයි. තෙජො ධාතුව තෙජො ධාතුවට එක්වෙයි. අනුව යයි. වායො ධාතුව වායො ධාතුවට එක්වෙයි. අනුව යයි. ඉන්ද්රියයෝ අහසට යත්. ඇඳ පස්වෙනි කොට ඇති පුරුෂයෝ මළහු ගෙන යත්. සොහොන දක්වා ගුණ අගුණ කීම් පැනෙත්. පරෙවියන්ට බඳු පාට ඇති ඇට ඉතිරි වෙත්. කරන ලද දාන පූජා හලුවීමෙන් කෙළවර වෙත්. මේ දානය වනාහි මෝඩයන් විසින් පනවන ලද්දකි. යම් කිසි කෙනෙක් දානයෙහි විපාක ඇත යනාදිය කියත්ද, එය ඔවුන්ගේ හිස්වූ බොරු කථාවකි, අඥානයෝද පණ්ඩිතයෝද ශරීරයාගේ බිඳීමෙන් සිඳෙන්නාහුය. විනාශවන්නාහුය. මරණින් මත්තෙහි නොවෙත්යයි කියත්ද ඉදින් මේ පින්වත් ශාස්තෘහුගේ වචනය සත්‍ය වේ නම් මා විසින් මොහුගේ ශාසනයෙහි නොකරනලද මහණ කමක් කරණ ලදී. මා විසින් මොහුගේ ශාසනයෙහි නොවසනලද බ්‍රහ්ම චර්යාවක් වසන ලදී. මේ මහණදම්හි ශාස්තෘ ශ්‍රාවක යන අපි දෙදෙනම ගුණයෙන් සමවූවාහු සමාන බවට පැමිණියාහු වෙමු. යම් ඒ මම ශරීරයාගේ භේදයෙන් දෙදෙනම සිඳෙන්නෙමු. නැසෙන්නෙමු. මරණින් මත්තෙහි නොවන්නෙමුයි, නොකියමි. මේ පින්වත් ශාස්තෘහුගේ වනාහි නග්න බව මුඩු බව උක්කුටුකව වීර්ය කිරීම හිසකේ රැවුල් ඉදිරීම වැඩියක්වේ. යම් ඒ මම අඹු දරුවන්ගේ පීඩා සහිත සයනයෙන් යුක්තව වාසය කරමින් කසි වස්ත්‍ර සඳුන් පරිභොග කරමින් මල් ගඳ විලවුන් දරමින් රන් රිදී ඉවසමින් මේ පින්වත් ශාස්තෘවරයා හා පරලෙව්හි සමාන ගති ඇත්තෙක් වන්නෙමි. ඒ මම කුමක් දැන කුමක් දැක මේ ශාස්තෘන් වෙත බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙම්දැයි හෙතෙම මේ බ්‍රහ්මචර්ය වාසයක් නොවේයයි මෙසේ දැන ඒ බ්‍රහ්මචර්යයෙන් කලකිරී බැහැර යෙයි. සන්දකය, මේ වනාහි ඒ දන්නාවූ දක්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද්දාවූ නුවණ ඇති පුරුෂ තෙම ඒකාන්තයෙන් නොවසන්නාවූද, වාසය කරන්නේ හෝ කුසලධර්ම මාර්ගයෙකැයි සතුටු නොවන්නාවූද මේ පළමුවන අබ්‍රහ්මචර්ය වාසයවේ.
|
226
‘‘පුන චපරං, සන්දක, ඉධෙකච්චො සත්ථා එවංවාදී හොති එවංදිට්ඨි - ‘කරොතො කාරයතො ඡින්දතො ඡෙදාපයතො පචතො පාචාපයතො සොචයතො සොචාපයතො කිලමතො කිලමාපයතො ඵන්දතො ඵන්දාපයතො පාණමතිපාතයතො අදින්නං ආදියතො සන්ධිං ඡින්දතො නිල්ලොපං හරතො එකාගාරිකං කරොතො පරිපන්ථෙ තිට්ඨතො පරදාරං ගච්ඡතො මුසා භණතො
‘‘තත්ර, සන්දක, විඤ්ඤූ පුරිසො ඉති පටිසඤ්චික්ඛති - ‘අයං ඛො භවං සත්ථා එවංවාදී එවංදිට්ඨි - කරොතො කාරයතො ඡින්දතො ඡෙදාපයතො පචතො පාචාපයතො සොචතො සොචාපයතො කිලමතො කිලමාපයතො ඵන්දතො ඵන්දාපයතො පාණමතිපාතයතො අදින්නං ආදියතො සන්ධිං ඡින්දතො නිල්ලොපං හරතො එකාගාරිකං කරොතො පරිපන්ථෙ තිට්ඨතො පරදාරං ගච්ඡතො මුසා භණතො කරොතො න කරීයති පාපං ඛුරපරියන්තෙන චෙපි චක්කෙන යො ඉමිස්සා පථවියා පාණෙ එකං මංසඛලං එකං මංසපුඤ්ජං කරෙය්ය, නත්ථි තතොනිදානං පාපං, නත්ථි පාපස්ස ආගමො. දක්ඛිණඤ්චෙපි ගඞ්ගාය තීරං ගච්ඡෙය්ය හනන්තො ඝාතෙන්තො ඡින්දන්තො ඡෙදාපෙන්තො පචන්තො පචාපෙන්තො, නත්ථි තතොනිදානං පාපං, නත්ථි පාපස්ස ආගමො. උත්තරඤ්චෙපි ගඞ්ගාය තීරං
|
226
“සන්දකය, නැවත අනිකක්ද කියමි. මේ ලෝකයෙහි ඇතැම් ශාස්තෘ කෙනෙක් මෙබඳු වාද ඇත්තේ වෙයි. මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි. ‘පව්කරන්නාහටද පවු කරවන්නාහටද අනුන්ගේ අත් පා ආදිය සිඳින්නාහටද සිදුවන්නාහටද, අනුන් පෙළන්නාහටද, අනුන් පෙළඹවන්නාහටද අනුන්ට ශොක කරන්නාහටද කරවන්නාහටද අනුන් වෙහෙස කරන්නාහටද, කරවන්නාහටද සතුන් මරන්නාහටද, සොරකම් කරන්නාහටද, ගෙවල් බිඳින්නාහටද, ගම් පහරන්නාහටද එක ගෙයක් බිඳින්නාහටද මං පහරන්නාහටද අන් අඹුවන් කරා යන්නා හටද බොරු කියන්නා හටද, ඕනෑ කමින්මපවු කරන්නා හටද පාපය සිදු නොවේ. මුවහත් ආයුධවලින් යුත් චක්රයකින් යමෙක් මේ පොළොවෙහි සතුන් එක මස් ගොඩක් එක මස් රැසක් කරන්නේ නම් ඒ හේතුවෙන්ද පාපයක් නැත්තේය. පාපයාගේ පැමිණීමක් නැත්තේය. ඉදින් ගංගානම් ගඟේ දකුණු ඉවුරටද අනුන් මරමින් මරවමින් අත් පා සිඳිමින් සිඳුවමින් අනුන් පෙළමින් පෙළවමින් යන්නේ නම් ඒ හේතුවෙන්ද පාපයක් නැත්තේය. පාපයාගේ පැමිණීමක් නැත්තේය. ඉදින් ගංගානම් ගඟේ උතුරු ඉවුරටද දෙමින් දෙවමින් පුදමින් පුදවමින් යන්නේ නම් ඒ හේතුවෙන්ද පිනක් නැත්තේය. පින් පැමිණීමක් නැත්තේය. දීමෙන් ඉන්ද්රිය දමනයෙන් සංවරයෙන් සත්‍ය වචනයෙන් පිනක් නැත්තේය. පින් පැමිණීමක් නැත්තේයයි කියත්ද, සන්දකය, ඒ ශාසනයෙහි නුවණ ඇති පුරුෂ තෙම මෙසේ කල්පනා කරයි. ‘මේ භවත් ශාස්තෘ තෙමේ වනාහි මෙබඳු වාද ඇත්තෙක් මෙබඳු දෘෂ්ටි ඇත්තෙක් වේ. පව් කරන්නාහට, පව් කරවන්නාහට, අත් පා ආදිය සිඳින්නාහට සිඳුවන්නාහට අනුන් පෙළන්නාහට පෙළවන්නාහට අනුන් ශොකකරන්නාහට ශොක කරවන්නාහට අනුන් වෙහෙස කරන්නාහට කරවන්නාහට සතුන් මරන්නාහට සොරකම් කරන්නාහට ගෙවල් බිඳින්නාහට ගම් පහරන්නා හට එක් ගෙයක් බිඳින්නාහට, මං පහරන්නාහට, බොරු කියන්නාහට, ඕනෑකමින්ම පවු කරන්නාහට අන් අඹුවන් කරා යන්නාහට, පාපයක් සිදු නොවේ. මුවහත් ආයුධ ඇති චක්රයෙන්ද, ඉදින් යමෙක් මේ පොලොවෙහි සතුන් එක මස් ගොඩක් එක මස් රැසක් කරන්නේ නම් ඒ හේතුවෙන් පාපයක් නැත්තේය. පාපය පැමිණීමක් නැත්තේය. ඉදින් ගංගානම් ගඟේ දකුණු ඉවුරටද මරමින් මරවමින් සිඳිමින් සිඳවමින්. පෙළමින් පෙලවමින් යන්නේ නම් ඒ හේතුවෙන්ද පාපයක් නැත්තේය. පාපයාගේ පැමිණීමක් නැත්තේය. ඉදින් ගංගානම් ගඟේ උතුරු ඉවුරටද දෙමින් දෙවමින්, පුදමින් පුදවමින් යන්නේ නම් ඒ හේතුවෙන්ද, පිනක් නැත්තේය. පින් පැමිණීමක් නැත්තේය. දීමෙන් ඉන්ද්රිය දමනයෙන් සංවරයෙන් සත්‍ය වචනයෙන් පිනක් නැත. පින් පැමිණීමක් නැතැයි කියන්නේද ඉදින් පින්වත් ශාස්තෘහුගේ වචනය සත්‍යය නම් මා විසින් මේ ශාසනයෙහි කරණලද නොකරනලද මේ ශාසනයෙහි මා විසින් නොවසනලද බ්‍රහ්මචර්යාවක් වසනලදී. අපි දෙදෙනම මෙහි සම සම ගුණ ඇත්තාහු සමාන බවට පැමිණියාහු වෙමු. යම් ඒ මමත් පවු කරන්නාවූ අප දෙදෙනාට පාපය නොවේයයි නොකියමි. මේ භවත් ශාස්තෘහුගේ වනාහි නග්න බව මුඩු බව උක්කුටුකව වීර්ය කිරීම හිසකේ රැවුල් ඉදිරීම වැඩිවූවක් වේ. යම් ඒ මම පුත්‍ර සම්බාධ ඇත්තාවූ සයනයෙන් යුක්තව වාසය කරමින් කසී වස්ත්‍රයන් පරිභොග කරමින් මල්ගඳ විලවුන් දරමින් රන් රිදී ඉවසමින් මේ මේ භවත් ශාස්තෘන් වහන්සේ හා සම සමවූ ගති ඇතිව පරලෙව්හි වන්නෙ ඒ මම කුමක් දැන කුමක් දැක මේ ශාස්තෘන්වෙත බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නෙම්දැයි හෙතෙම මේ අබ්රහ්මචරිය වාසයයි. මෙසේ දැන ඒ බ්‍රහ්මචර්යාවෙන් කලකිරී බැහැර යෙයි. සන්දකය, මේ වනාහි දන්නාවූ දක්නාවූ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද නුවණ ඇති පුරුෂ තෙම ඒකාන්තයෙන් බ්‍රහ්මචර්යාවෙහි නොවසන්නාමද වාසය කරන්නේ හෝ කුසල ධර්ම මාර්ගයයි. සතුටු නොවන්නාවූද දෙවන අබ්‍රහ්මචර්ය වාසය වේ.
|
227
‘‘පුන චපරං, සන්දක, ඉධෙකච්චො සත්ථා එවංවාදී හොති එවංදිට්ඨි - ‘නත්ථි හෙතු, නත්ථි පච්චයො සත්තානං සංකිලෙසාය; අහෙතූ අප්පච්චයා සත්තා
‘‘තත්ර, සන්දක, විඤ්ඤූ පුරිසො ඉති පටිසඤ්චික්ඛති - ‘අයං ඛො භවං සත්ථා එවංවාදී එවංදිට්ඨි - නත්ථි හෙතු, නත්ථි පච්චයො සත්තානං සංකිලෙසාය, අහෙතූ අප්පච්චයා සත්තා සංකිලිස්සන්ති. නත්ථි හෙතු නත්ථි පච්චයො සත්තානං විසුද්ධියා, අහෙතූ අප්පච්චයා සත්තා විසුජ්ඣන්ති. නත්ථි බලං, නත්ථි වීරියං, නත්ථි පුරිසථාමො, නත්ථි පුරිසපරක්කමො, සබ්බෙ සත්තා සබ්බෙ පාණා සබ්බෙ භූතා සබ්බෙ ජීවා අවසා අබලා අවීරියා නියතිසඞ්ගතිභාවපරිණතා ඡස්වෙවාභිජාතීසු සුඛදුක්ඛං පටිසංවෙදෙන්තී’ති. සචෙ ඉමස්ස භොතො සත්ථුනො සච්චං වචනං, අකතෙන මෙ එත්ථ කතං, අවුසිතෙන මෙ එත්ථ වුසිතං. උභොපි මයං එත්ථ සමසමා සාමඤ්ඤං පත්තා, යො චාහං න වදාමි ‘උභො අහෙතූ අප්පච්චයා විසුජ්ඣිස්සාමා’ති. අතිරෙකං ඛො පනිමස්ස භොතො සත්ථුනො නග්ගියං මුණ්ඩියං උක්කුටිකප්පධානං කෙසමස්සුලොචනං යොහං පුත්තසම්බාධසයනං අජ්ඣාවසන්තො කාසිකචන්දනං පච්චනුභොන්තො මාලාගන්ධවිලෙපනං ධාරෙන්තො ජාතරූපරජතං සාදියන්තො ඉමිනා භොතා සත්ථාරා සමසමගතිකො භවිස්සාමි. අභිසම්පරායං සොහං කිං ජානන්තො කිං පස්සන්තො ඉමස්මිං සත්ථරි බ්රහ්මචරියං චරිස්සාමි? ‘සො අබ්රහ්මචරියවාසො අය’න්ති - ඉති විදිත්වා තස්මා
|
227
සන්දකය නැවත අනිකක්ද කියමි. මේ ලෝකයෙහි ඇතැම් ශාස්තෘවරයෙක් මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි. ‘සත්වයන්ගේ කෙලසීමට හේතුවක් ප්‍රත්‍යයක් (කරුණක්) නැත. හේතුවක් නැතුව ප්‍රත්‍යයක් නැතුව සත්වයෝ කෙලෙසෙන්නාහුය. සත්වයන්ගේ පිරිසිදුවීමට හේතුවක් ප්‍රත්‍යයක් නැත. හේතුවක් ප්‍රත්‍යයක් නැතිවම සත්වයෝ පිරිසිදු වෙත්. සත්වයන්ගේ පිරිසිදු වීමට හා අපිරිසිදුවීමට බලයක් නැත. වීර්යයක් නැත. පුරුෂ ශක්තියක් නැත. පුරුෂ පරාක්‍රමයක් නැත. සියලු සත්වයෝ සියලු ප්‍රාණීහු සියලු භූතයෝ සියලු ජීවයක් ඇත්තෝ වසඟයක් නැතිව බලයක් නැතිවම වීර්යයක් නැතිවම එක්තරා නියමයකින් ඒ ඒ ජාතිවල ඉපිද සුවදුක් දෙක විඳිත්යයි කියත්. සන්දකය, ඒ ශාසනයෙහි නුවණ ඇති පුරුෂ තෙම මෙසේ සලකයි. “මේ පින්වත් ශාස්තෘතෙමේ වනාහි මෙබඳු වාද ඇත්තෙක් මෙබඳු දෘෂ්ටි ඇත්තෙක් වේ. සත්වයන්ගේ කෙලසීමට හේතුවක් ප්‍රත්‍යයක් නැත. හේතුවක් ප්‍රත්‍යයක් නැතිවම සත්වයෝ කෙලෙසෙන්නාහුය. සත්වයන්ගේ පිරිසිදුවීම හේතුවක් ප්‍රත්‍යයක් නැතුවම සත්වයෝ පිරිසිදු වෙත්. පිරිසිදුවීමට හා අපිරිසිදුවීමට බලයක් වීර්යයක් පුරුෂ ශක්තියක් පුරුෂ පරාක්‍රමයක් නැත. සියලු සත්වයෝ සියලු ප්‍රාණීහු සියලු භූතයෝ සියලු ජීවයෝ වසඟයක් නැතිවම බලයක් නැතිවම වීර්යයක් නැතිවම එක්තරා නියමයකින් ඒ ඒ ජාතිවල ඉපද සැප දුක් දෙක විඳිත්යයි’ කියත්. ඉදින් මේ පින්වත් ශාස්තෘහුගේ වචනය සත්‍යනම් මා විසින් මේ ශාසනයෙහි මහණකමක් මා විසින් නොවසනලද බ්‍රහ්මචර්යාවක් නොකරන ලද අපි දෙදෙනම මෙහි සම සම ගුණ ඇත්තාහු. සමාන බවට පැමිණියාහු වෙමු. ‘යම් ඒ මම දෙදෙන හේතුවක් නැතුව ප්‍රත්‍යයක් නැතුව පිරිසිදු වන්නෙමුයි නොකියමි. මේ භවත් ශාස්තෘහුගේ වනාහි නග්න බව මුඩු බව උක්කුටුකයෙන් වීර්ය කිරීම හිසකේ රැවුල් ඉදිරීම වැඩියක් වේ. යම් බඳු මම අඹුදරු සම්බාධ ඇති සයනයෙන් යුක්තව වාසය කරමින් කසී වස්ත්‍ර සඳුන් පරිභොග කරමින් මල් ගඳ විලවුන් දරමින් රන් රිදී පිළි ගනිමින් මේ පින්වත් ශාස්තෲන් හා පරලෙව්හි සම සමව ගති ඇත්තෙක් වන්නෙමි. එබඳු මම කුමක් දැන කුමක් දැක මේ ශාස්තෲ වෙත මහණ කමෙහි හැසිරෙන්නෙම් දැයි, හෙතෙම මේ අබ්‍රහ්මචර්ය වාසයයි, මෙසේ දැන ඒ මහණකමෙහි කලකිරී බැහැරයෙයි. සන්දකය, මේ වනාහි දන්නාවූ දක්නාවූ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද්දාවූ නුවණ ඇති පුරුෂ තෙම ඒ කාන්තයෙන් බ්‍රහ්මචර්යාවෙහි නොවසන්නාවූද, වසන්නේ හෝ කුසල ධර්ම මාර්ගයයි සතුට නොවන්නාවූද ඒ තුන්වන අබ්රහ්මචාර්ය වාසය වේ.
|
228
‘‘පුන චපරං, සන්දක, ඉධෙකච්චො සත්ථා එවංවාදී හොති එවංදිට්ඨි - ‘සත්තිමෙ කායා අකටා අකටවිධා අනිම්මිතා අනිම්මාතා වඤ්ඣා කූටට්ඨා එසිකට්ඨායිට්ඨිතා, තෙ න ඉඤ්ජන්ති න විපරිණමන්ති න අඤ්ඤමඤ්ඤං බ්යාබාධෙන්ති නාලං අඤ්ඤමඤ්ඤස්ස සුඛාය වා දුක්ඛාය වා සුඛදුක්ඛාය වා. කතමෙ සත්ත? පථවීකායො ආපොකායො තෙජොකායො වායොකායො සුඛෙ දුක්ඛෙ ජීවෙ සත්තමෙ - ඉමෙ සත්තකායා අකටා අකටවිධා අනිම්මිතා
‘‘තත්ර, සන්දක, විඤ්ඤූ පුරිසො ඉති පටිසඤ්චික්ඛති - ‘අයං ඛො භවං සත්ථා එවංවාදී එවංදිට්ඨි - සත්තිමෙ කායා අකටා අකටවිධා අනිම්මිතා අනිම්මාතා වඤ්ඣා කූටට්ඨා එසිකට්ඨායිට්ඨිතා. තෙ න ඉඤ්ජන්ති න විපරිණමන්ති න අඤ්ඤමඤ්ඤං බ්යාබාධෙන්ති. නාලං අඤ්ඤමඤ්ඤස්ස සුඛාය වා දුක්ඛාය වා සුඛදුක්ඛාය වා. කතමෙ සත්ත
‘‘ඉමෙ
‘‘අච්ඡරියං
|
228
“සන්දකය, නැවතද අනිකක් කියමි. මේ ලෝකයෙහි ඇතැම් ශාස්තෘවරයෙක් මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි. නොකරණ ලද්දාවූ නොකළ විධාන ඇත්තාවූ නිර්මිත නොකරණ ලද්දාවූ නිර්මිත නොකරවන ලද්දාවූ වඳවූ පර්වතකූට මෙන් සිටියාවූ මහකණුවක් මෙන් සිටියාවූ මේ කොටස් සතක් වෙත්. ඔව්හු කම්පා නොවෙත්. නොපෙරලෙත්. ඔවුනොවුන්ට පීඩා නොකෙරෙත්. අන්‍යොන්‍යයන්ගේ සැපය පිණිස හෝ දුක පිණිස හෝ සැප දුක් පිණිස හෝ සමර්ථ නොවෙත්. කවර සතක්ද යත්? පෘථිවිධාතු සමූහය, ආපෝධාතු සමූහය, තේජෝධාතු සමූහය, වායෝධාතු සමූහය, සැපය දුකය ජීවිතෙන්ද්‍රියය යන මේ සතයි. මේ සමූහ හත නොකරණ ලද්දාවූ, නොකළ විධාන ඇත්තාවූ, නොමවන ලද්දාවූ, මැවීම නොකරවන ලද්දාවූ, වඳවූ, පර්වතකූට මෙන් සිටියාවූ කණු මෙන් සිටියාවූ, ස්ථිරව සිටියාවූ, කොටස් සත වෙත්. ඔව්හු කම්පා නොවෙත්. නොපෙරළෙත් ඔවුනොවුන් නොපෙළත්. ඔවුනොවුන්ගේ සැපය පිණිස හෝ දුක පිණිස හෝ සැප දුක් පිණිස හෝ සමර්ථ නොවෙත්. එහි නසන්නෙක් හෝ, නැසීම් කරවන්නෙක් හෝ, අසන්නෙක් හෝ, ඇසීම් කරවන්නෙක් හෝ, දැනගන්නෙක් හෝ, දැනගැණීම කරවන්නෙක් හෝ නැත්තේය. යම් කෙනෙකුන් තියුණුවූ ශස්ත්‍රයෙන් (ආයුධයෙන්) හිස සිඳීද, කිසිවෙක් කිසිවක්හු ජීවිතයෙන්ද තොර නොකෙරෙයි. සත්වැදෑරුම්වූම සමූහ අතරෙන් ආයුධය විවරයට පැමිණෙයි. මේ ප්‍රධාන යෝනි තුදුස්ලක්ෂයක් වෙත්. හැටසියයක්ද, සසියයක්ද වෙත්. කර්මය පිළිබඳ පන්සියයක්ද කර්ම පසක්ද, කර්ම තුනක්ද, කර්ම දෙකක්ද, අර්ධ කර්මයන්ද, දෙසැට දෘෂ්ටි ප්‍රතිපදාද, දෙසැට අන්තර කල්පයෝද, සවැදෑරුම් අභිජාතීහුද, පුරුෂභූමි අටක්ද ආජීවක වෘත්ති එකුන්පණස්සියයක්ද පරිව්‍රාජක ප්‍රව්‍රජ්‍යා එකුන්පණස්සියයක්ද, ඉන්ද්රිය සියක්විස්සක්ද, නිරය සියක් තිසක්ද, රජොධාතූන් (රජස් විසීරෙන තැන්) සතිසක්ද, සංඥා ඇති ගර්භ සතක්ද, සංඥා නැති ගර්භ සතක්ද, නිගණ්ඨි ගර්භ සතක්ද, දෙවියෝ සත්දෙනෙක්ද, මිනිස්සු සත්දෙනෙක්ද, පිසාචයෝ සත්දෙනෙක්ද, මහවිල් සතක්ද, ගණ්ඨිකා (ගැට) සතක්ද, මහා ප්‍රපාත සතක්ද, කුඩා ප්‍රපාත සත්සියයක්ද, මහා සිහින සතක්ද, කුඩා සිහින සත්සියයක්ද, යමක්හු බාලයෝද, පණ්ඩිතයෝද, සන්ධාහනය කොට ගමන්කොට දුක්ඛයාගේ කෙළවර කරන්නාහුද, එබඳු මහා කල්ප සම්බන්ධ අසූහතර ලක්ෂයක් වෙත්. එහි මම මේ සීලයෙන් හෝ මේ වෘතයෙන් හෝ මේ තපසින් හෝ මේ බ්‍රහ්මචර්යාවෙන් හෝ නොපැසුනාවූ කර්මය හෝ පැසවන්නෙමි. පැසවූ කර්මය හෝ ස්පර්ශ කර කෙළවර කරන්නෙමියි, මෙසේ ද්‍රොණයෙන් මැන්නාක් මෙන් කෙළවර කරණ ලද සුවදුක් සංසාරයෙහි නැත්තේය. පිරිහීම හා වැඩීම නැත්තේය. උස් පහත්වීම නැත්තේය. යම්සේ නූල්බෝලයක් දැමූ කල්හි ලිහනු ලැබීමටම පැමිණේද, මෙපරිද්දෙන්ම අඥානයෝද, නුවණැත්තෝද සන්ධාවාහනය කොට, ගමන්කොට දුක් කෙළවර කරන්නාහුයයි කියත්.
“සන්දකය, එහි නුවණඇති පුද්ගල තෙමේ මෙසේ සලකයි. මේ පින්වත් ශාස්තෘ තෙමේ වනාහි මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වේ. නොකරණ ලද්දාවූ නොකරණ ලද විධාන ඇත්තාවූ නොමවන ලද්දාවූ මැවීම නොකරවන ලද්දාවූ වඳවූ පර්වත මෙන් සිටියාවූ නගර දොරටු කණුව මෙන් සිටියාවූ මේ කොටස් හතක් වෙත්. ඔව්හු කම්පා නොවෙත්. වෙනස් නොවෙත්. එකිනෙකට බාධා නොකරත්. ඔවුනොවුන්ගේ සැප පිණිස හෝ දුක් පිණිස හෝ සැප දුක් දෙක පිණිස හෝ සමර්ථ වෙත්. කවර සතක්ද යත්? පෘථිවි ධාතු සමූහය, වායො ධාතු සමූහය, සැපය දුකය ජීවිතෙන්ද්රිය යන මේ සතයි. මේ කොටස් හත නොකරන ලද්දාහු, නොකරවන ලද්දාහු, නොමවන ලද්දාහු නොමවවන ලද්දාහු, පර්වත මෙන් සිටියාහු, නගර දොරටු කණු මෙන් සිටියාහු වෙත්. ඔව්හු නොසෙල්වෙත්. වෙනස් නොවෙත්. ඔවුනොවුන්ට බාධා නොකරත්. ඔවුනොවුන්ගේ සැපය පිණිස හෝ දුක පිණිස හෝ සැප දුක් දෙක පිණිස හෝ සමර්ථ නොවෙත්. ඒ කොටස් සතෙහි නසන්නෙක් හෝ නස්වන්නෙක් හෝ අසන්නෙක් හෝ අස්වන්නෙක් හෝ දැනගන්නෙක් හෝ දැනගන්වන්නෙක් හෝ නැත්තේය. යමෙක් තියුණුවූ ආයුධයකින් යමෙකුගේ හිසසිඳීද, කිසිවෙක් කිසිවකුත් ජීවිතයෙන් තොර නොකෙරෙයි. සත්වැදෑරුම් කොටස් අතරෙන් ආයුධය සිදුරු ඔස්සේ යයි. මේ ප්‍රධාන වර්ග දාහතර ලක්ෂයක් වෙත්. අනික් වර්ග හයදාස්හයසියයක්ද හයසියයක්ද වෙත්. කර්ම පන්සියයක්ද, කර්ම පසක්ද, කර්ම තුනක්ද, කර්මයන්ද, අර්ධ කර්මයන්ද, දෙසැටක් ප්‍රතිපදාද, හැට දෙකක් අතුරු කල්පද, අභිජාති සයක්ද, පුරුෂභූමි අටක්ද, ආජීවක පැවතුම් එක්සියහතලිස්නවයක්ද, පරිව්‍රාජක මහණකම් එක්සියහතලිස්නවයක්ද, නාගමණ්ඩල සතයන් එක්සියහතලිස්නවයක්ද, ඉන්ද්රියයන් දෙදහසක්ද, නිරය තුන්දහසක්ද, අත්පුටු පාපුටු ආදිය සතිසක්ද, ඔටු ගොන් ආදී ජාති සතක්ද, හැල් යව ආදී ජාති සතක්ද, උක් හුණබට ආදී ජාති සතක්ද, දෙවියෝ සත්දෙනෙක්ද, මනුෂ්‍යයෝ සත්දෙනෙක්ද, පිසාචයෝ සත්දෙනෙක්ද, මහවිල් සතක්ද, ගණ්ඨිකා සතක්ද, මහා ප්‍රපාත සතක්ද, කුඩා ප්‍රපාත හත්සියයක්ද, මහා සිහින සතක්ද, කුඩා සිහින හත්සියයක්ද වෙත්. යමක්හු බාලයෝද, පණ්ඩිතයෝද ගමන්කොට දුක් කෙළවර කරන්නාහුද, එබඳු මහාකල්ප අසූහතරලක්ෂයක්ද වෙත්. එහි මම මේ සීලයෙන් හෝ වෘතයෙන් හෝ තපසින් හෝ බ්‍රහ්මචර්යාවෙන් හෝ නොපැසුනාවූ කර්මය හෝ පැසවන්නෙමි. පැසුනාවූ කර්මය හෝ විඳ විඳ කෙළවර කරන්නෙමියි, මෙසේ ද්‍රොණයෙන් (නැලි සතරක බඳුන) මැන්නාක් මෙන් සීමා කළාවූ සැප දුක් සසර නැත්තේය. පිරිහීමක් වැඩීමක් නැත්තේය. උස් පහත්කම් නැත්තේය. යම්සේ නම් නූල් බෝලයක් බිමට දැමූ කල්හි ලිහෙමින් වැටෙයිද, මෙපරිද්දෙන්ම අඥානයෝද, පණ්ඩිතයෝද සසර ගමන්කොට දුක් කෙළවර කරන්නාහුයයි එහි සුවණැති පුරුෂතෙමේ කියත්.
“ඉදින් මේ පින්වත් ශාස්තෘහුගේ වචනය සත්‍ය නම්, මා විසින් මෙහි නොකරන ලද්දක් කරණ ලදී. මා විසින් මෙහි නොවැසුවාවූ බ්‍රහ්මචර්යාවක් වසන ලදී. අපි දෙදෙනම මෙහි සම සම ගුණ ඇත්තෝ සමාන බවට පැමිණියෝ වෙමු. යම්බඳුවූ මමද දෙදෙන ගමන්කොට දුක් කෙළවර කරන්නෙමුයි නොකියමි. මේ පින්වත් ශාස්තෘහුගේ නග්න බව, මුඩුබව, උක්කුටුකයෙන් වීර්යකිරීම, හිසකේ රැවුල් ඉදිරීම වැඩියක්ම වේ. යම්බඳු මම අඹුදරුවන්ගේ කරදර ඇති සයනයෙන් යුක්තව වාසය කරමින් කසීවස්ත්ර සඳුන් පරිභොගකරමින් මල්ගඳ විලවුන් දරමින් රන්රිදී ඉවසමින් මේ පින්වත් ශාස්තෘන් හා පරලෙව්හි සම සම ගති ඇත්තෙක් වන්නෙමි. ඒ මම කුමක් දැන කුමක් දැක මේ ශාස්තෘන් වෙත බ්‍රහ්මචාර්යාවෙහි හැසිරෙන්නෙම්දැයි සිතා හෙතෙම මේ අබ්‍රහ්මචර්ය වාසයයි. මෙසේ දැන ඒ බ්‍රහ්මචර්යාවෙන් කලකිරී බැහැර වෙයි.
“සන්දකය, යම් තැනෙක්හි නුවණ ඇති පුරුෂතෙම ඒකාන්තයෙන් බ්‍රහ්මචර්යාවෙහි නොවසන්නේද, වසන්නේ හෝ කුසල ධර්ම මාර්ගයයි සතුටු නොවන්නේද?”
“සන්දකය, යම් තැනෙක්හි නුවණැති පුරුෂ තෙමේ බ්‍රහ්මචර්යාවෙහි නොවසන්නේද, වසන්නේ හෝ ඒකාන්තයෙන් කුසල ධර්ම මාර්ගයයි සතුටු නොවන්නේද, දන්නාවූ, දක්නාවූ, අර්හත් සම්යක්සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද්දාවූ ඒ මේ අබ්‍රහ්මචර්ය වාස සතර වෙත්.
“පින්වත් ආනන්ද ස්ථවිරයෙනි, යම් තැනෙක්හි නුවණ ඇති පුරුෂතෙම ඒකාන්තයෙන් බ්‍රහ්මචර්යාවෙහි නොවසන්නේද, වසන්නේ හෝ කුසල ධර්ම මාර්ගයයි සතුටු නොවන්නේද, දන්නාවූ දක්නාවූ අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද්දාවූ අස්වැසීමක් නැති ඒ බ්‍රහ්මචර්යා සතර කවරහුද?”
(මෙහි කොටසක් අඩුය)
|
229
‘‘ඉධ, සන්දක, එකච්චො සත්ථා සබ්බඤ්ඤූ සබ්බදස්සාවී අපරිසෙසං ඤාණදස්සනං පටිජානාති - ‘චරතො ච මෙ තිට්ඨතො ච සුත්තස්ස ච ජාගරස්ස ච සතතං සමිතං ඤාණදස්සනං පච්චුපට්ඨිත’න්ති. සො සුඤ්ඤම්පි අගාරං පවිසති, පිණ්ඩම්පි න ලභති, කුක්කුරොපි ඩංසති, චණ්ඩෙනපි හත්ථිනා සමාගච්ඡති, චණ්ඩෙනපි අස්සෙන සමාගච්ඡති, චණ්ඩෙනපි ගොණෙන සමාගච්ඡති, ඉත්ථියාපි පුරිසස්සපි නාමම්පි ගොත්තම්පි පුච්ඡති, ගාමස්සපි නිගමස්සපි නාමම්පි මග්ගම්පි පුච්ඡති. සො ‘කිමිද’න්ති පුට්ඨො සමානො ‘සුඤ්ඤං මෙ අගාරං පවිසිතබ්බං අහොසි’, තෙන පාවිසිං; ‘පිණ්ඩම්පි අලද්ධබ්බං අහොසි’, තෙන නාලත්ථං
|
229
“සන්දකය, මේ ලෝකයෙහි ඇතැම් ශාස්තෘවරයෙක් සර්වඥව, සියල්ල දක්නෙක්ව සුළුවූයේ යන්නාවූද, සිටින්නාවූද නිදන්නාවූද, නොනිදන්නාවූද, මට නිරන්තරයෙන් සියල්ල නුවණින් දැකීම එළඹ සිටියේයයි සියල්ල දක්නා ඥානයක් ඇතැයි ප්‍රකාශ කෙරේද, හෙතෙම හිස් ගෙයටද පැමිණෙයි. පිණ්ඩපාතයද නොලබයි. බල්ලෙක්ද ඔහු දෂ්ටකරයි. නපුරු ඇතෙකුටද සම්මුඛවෙයි. නපුරු අශ්වයෙකුටද සම්මුඛවෙයි. නපුරු ගොනෙකුටද සම්මුඛවෙයි. ස්ත්රියගේද පුරුෂයාගේද නමද ගොත්‍රයද අසයි. ගමකද, මහගමකද නමද මගද අසයි. හෙතෙම මේ කුමක්දැයි අසන ලද්දේ හිස් ගෙයකට මා විසින් පැමිණිය යුතු වූයේය. එහෙයින් පැමිණියෙමි. මා විසින් පිණ්ඩපාතය නොලැබිය යුතු වූයේය. එහෙයින් නොලැබුවෙමි. බල්ලා විසින් දෂ්ට කළ යුතු වූයේය. එහෙයින් දෂ්ට කරණ ලද්දේ වෙමි. නපුරු ඇතෙකුට සම්මුඛ විය යුතු වූයේය. එහෙයින් සම්මුඛ විය. නපුරු අශ්වයෙකුට සම්මුඛ විය යුතු වූයේය. එහෙයින් සම්මුඛ විය. නපුරු ගොනෙකුට සම්මුඛ විය යුතු වූයේය. එහෙයින් සම්මුඛ විය. ස්ත්රියගේද පුරුෂයාගේද නමද ගොත්‍රයද ඇසිය යුතු වූයේය. එහෙයින් ඇසුවෙමි. ගමක නියම්ගමක නමද මගද ඇසිය යුතු වූයේය. එහෙයින් ඇසුවෙමියි කියයි.
“සන්දකය, එහි නුවණ ඇති පුරුෂ තෙම මෙසේ සලකයි. මේ පින්වත් ශාස්තෘ තෙමේ වනාහි සර්වඥව සියල්ල දක්නෙක්ව යන්නාවූද, සිටින්නාවුද, නිදන්නාවූද, නොනිදන්නාවූද, මට නිරන්තරයෙන් සියල්ල නුවණින් දැකීම එළඹ සිටියේයයි නිරවශෙෂවූ ඥාන දර්ශනයක් ප්‍රකාශ කෙරෙයි. හෙතෙම හිස්වූ ගෙයටද පැමිණෙයි. පිණ්ඩපාතයද නොලබයි. බල්ලෙක්ද දෂ්ටකරයි. නපුරු ඇතෙකුටද සම්මුඛ වෙයි. නපුරු අශ්වයෙකුටද සම්මුඛ වෙයි. නපුරු ගොනෙකුටද සම්මුඛ වෙයි. ස්ත්රියගේද පුරුෂයාගේද නමද ගොත්‍රයද අසයි. ගමකද නියම්ගමකද නමද මගද අසයි. හෙතෙම මේ කුමක්දැයි අසන ලද්දේම මා විසින් හිස්වූ ගෙයකට පැමිණිය විය යුතු වූයේය. එහෙයින් පැමිණියෙමි. මා විසින් පිණ්ඩපාතය නොලැබිය යුතු වූයේය. එහෙයින් නොලැබූවෙමි. බල්ලෙකු විසින් දෂ්ටකළ යුතු වූයේය. එහෙයින් දෂ්ට කරණ ලද්දේ වෙමි. නපුරු ඇතෙකුට මුණගැසිය යුතු වූයේය. එහෙයින් මුණගැසුණේය. නපුරු අශ්වයෙකුට මුණගැසිය යුතු වූයේය. එහෙයින් මුණගැසුණේය. නපුරු ගොනෙකුට මුණගැසිය යුතු වූයේය. එහෙයින් මුණගැසුණේය. ස්ත්රියකගේද පුරුෂයෙකුගේද නාමයද ගොත්‍රයද ඇසිය යුතු වූයේය. එහෙයින් ඇසුවෙමි. ගමකද නියම් ගමකද නමද මගද ඇසිය යුතු වූයේය. එහෙයින් ඇසුවෙමියි’ කියයි. හෙතෙම මේ බ්‍රහ්මචර්යාව අස්වැසීම් රහිතයයි’ මෙසේ දැන කලකිරී ඒ බ්‍රහ්මචර්යාවෙන් බැහැර වෙයි. සන්දකය, මේ වනාහි යම්තැනෙක නුවණැති පුරුෂතෙම ඒකාන්තයෙන් බ්‍රහ්මචර්යාවෙහි නොවසන්නේද වසන්නේ හෝ න්‍යාය වශයෙන් කුශලධර්ම මාර්ගයයි සතුටු නොවන්නේද දන්නාවූ දක්නාවූ අර්හත්වූ සම්යක්සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් එබඳු අස්වැසීම් රහිතවූ ප්‍රකාශ කරණ ලද පළමුවන බ්‍රහ්මචර්යාව වේ.
|
230
‘‘පුන චපරං, සන්දක, ඉධෙකච්චො සත්ථා අනුස්සවිකො හොති අනුස්සවසච්චො. සො අනුස්සවෙන ඉතිහිතිහපරම්පරාය පිටකසම්පදාය ධම්මං දෙසෙති. අනුස්සවිකස්ස ඛො පන, සන්දක
|
230
“සන්දකය, නැවත අනිකක්ද කියමි. මේ ලෝකයෙහි ඇතැම් ශාස්තෘවරයෙක් අසන්නෙක් වෙයි. ඇසීම සත්‍යයයි ගන්නෙක් වෙයි. හෙතෙම ඇසීම් වශයෙන් මෙසේ වෙයි. පරම්පරාවෙන් එන වර්ග පණ්ණාසක ඇතුළත් ග්රන්ථවලින්ද ධර්මය දේශනා කරයි.
“සන්දකය, ඇසීමෙන් යුක්තවූ ඇසීම සත්‍යකොට ගත්තාවූ ශාස්තෘවූ විසින් වනාහි මනාකොට අසන ලද්දක්ද වෙයි. නොමනාව අසන ලද්දක්ද වෙයි. අසනලද ආකාරයෙනුත් වෙයි. අන් ආකාරයකිනුත් වෙයි. සන්දකය, එහි නුවණ ඇති පුරුෂ තෙම මෙසේ සලකයි. ‘මේ පින්වත් ශාස්තෘ තෙමේ වනාහි ඇසීමෙන් යුක්තවූයේ ඇසීම සත්‍යකොට ගත්තේය. හෙතෙම ඇසීමෙන් මෙසේද මෙසේද වේයයි පරම්පරාවෙන් ග්රන්ථවලින් ධර්මය දේශනා කරයි. ඇසීමෙන් යුක්තවූ ඇසීම සත්‍යකොට ගත්තාවූ ශාස්තෘහු විසින් වනාහි මනාකොට අසන ලද්දක්ද වෙයි. නොමනාව අසන ලද්දක්ද වෙයි. ඇසූ ආකාරයෙනුත් වෙයි. අන් පරිද්දෙකිනුත් වෙයි (යනුවෙනි). හෙතෙම මේ බ්‍රහ්මචර්යාව අස්වැසීමක් නැතැයි මෙසේ දැන ඒ බ්‍රහ්මචර්යාවෙන් කලකිරී බැහැර වෙයි. සන්දකය, මේ වනාහි පුරුෂ තෙම ඒකාන්තයෙන් බ්‍රහ්මචර්යාවෙහි නොවසන්නේද, වසන්නේ හෝ කුසලධර්ම මාර්ගයයි සතුටු නොවන්නේද දන්නාවූ දක්නාවූ අර්හත්වූ සම්යක්සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද එබඳුවූ අස්වැසීමක් නැත්තාවූ දෙවන බ්‍රහ්මචර්යාව වේ.”
|
231
‘‘පුන
|
231
“සන්දකය, නැවත අනිකක්ද කියමි. මේ ලෝකයෙහි ඇතැම් ශාස්තෘවරයෙක් තර්කයෙන් විමසන්නේ වෙයි. හෙතෙම මාර්ගයෙන් පැමිණෙන ලද විමසීම අනුව ගියාවූ තමන්ගේ වැටහීමෙන් ධර්මය දේශනා කරයි. සන්දකය, තර්ක කරන්නාවූ විමසන්නාවූ ශාස්තෘවරයා විසින් වනාහි මනාව තර්ක කරණ ලද්දක්ද වෙයි. නොමනාව තර්ක කරණ ලද්ද වෙයි. එසේත් වෙයි. අන් පරිද්දෙකිනුත් වෙයි. සන්දකය. එහි නුවණැති පුරුෂ තෙම මෙසේ සලකයි. මේ පින්වත් ශාස්තෘ තෙමේ වනාහි තර්ක කරන්නෙක් විමසන්නෙක් වෙයි. හෙතෙම තර්කයෙන් බැසගන්නාවූ විමසීම අනුව ගියාවූ තමන්ගේ වැටහීම පරිදි ධර්මදේශනා කරයි. තර්ක කරන්නාවූ විමසන්නාවූ ශාස්තෘ විසින් වනාහි මනාව තර්ක කරණ ලද්දක්ද වෙයි. නොමනාව තර්ක කරණ ලද්දක් වෙයි. එසේත් වෙයි. අන් පරිද්දෙනුත් වෙයි. හෙතෙම මේ බ්‍රහ්මචර්යාව අස්වැසීම් රහිතයයි, මෙසේ දැන ඒ බ්‍රහ්මචර්යාවෙන් කලකිරී බැහැර වෙයි. සන්දකය, මේ වනාහි යම් තැනක නුවණැති පුරුෂ තෙම ඒකාන්තයෙන් බ්‍රහ්මචර්යාවෙහි නොවසන්නේද, වසන්නේ හෝ කුසල ධර්මය මාර්ගයයි සතුටු කරන්නේද දන්නාවූ දක්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද එබඳු අස්වැසීමක් නැත්තාවූ තුන්වන බ්‍රහ්මචර්යාව වේ.
|
232
‘‘පුන
‘‘ඉමානි ඛො, (තානි සන්දක, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන චත්තාරි අනස්සාසිකානි බ්රහ්මචරියානි අක්ඛාතානි යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං න වසෙය්ය, වසන්තො ච නාරාධෙය්ය ඤායං ධම්මං කුසල’’න්ති.
‘‘අච්ඡරියං, භො ආනන්ද, අබ්භුතං, භො ආනන්ද! යාවඤ්චිදං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන චත්තාරි අනස්සාසිකානෙව බ්රහ්මචරියානි අනස්සාසිකානි බ්රහ්මචරියානීති අක්ඛාතානි යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං න වසෙය්ය, වසන්තො ච නාරාධෙය්ය ඤායං ධම්මං කුසලං. සො පන, භො ආනන්ද, සත්ථා කිං වාදී කිං අක්ඛායී යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං වසෙය්ය, වසන්තො ච ආරාධෙය්ය ඤායං ධම්මං කුසල’’න්ති.
|
232
“සන්දකය. නැවත අනිකක්ද කියමි. මේ ලෝකයෙහි ඇතැම් ශාස්තෘවරයෙක් මදනුවණ ඇත්තේ අතිශයින් මුලාවූයේ වෙයි. හෙතෙම මදනුවණ ඇති බැවින් අතිශයින් මුලාවූ බැවින් එසේ එසේ ප්‍රශ්න අසන ලද්දේ සීමාවක් නැතිව වචනයෙන් ඉවත දැමීමට පැමිණෙයි. ‘මෙසේත් මට නොවෙයි. එසේත් මට නොවෙයි. අන් පරිදිත් මට නොවෙයි. මට නැත්තේද නොවෙයි. මට නැත්තේ නොවන්නේද නොවේ’යි යනුවෙනි. සන්දකය, එහි නුවණැති පුරුෂ තෙම මෙසේ සලකයි. මේ පින්වත් ශාස්තෘ තෙමේ වනාහි මදනුවණ ඇත්තේ අතිශයින් මුලාවූයේ වෙයි. හෙතෙම මදනුවණ ඇති බැවින් අතිශයින් මුලාවූ බැවින් එසේ එසේ ප්‍රශ්න අසන ලද්දේ සීමාවක් නැති වචනයෙන් ඉවත දැමීමට පැමිණෙයි. ‘මෙසේත් මට නොවෙයි. එසේත් මට නොවෙයි. අන් පරිදිත් මට නොවෙයි. මට නොවන්නේද නොවෙයි. මට නොවන්නේ නොවන්නේද නොවේයි’ කියායි. හෙතෙම මේ අස්වැසීමක් නැත්තාවූ බ්‍රහ්මචර්යාවයයි මෙසේ දැන ඒ බ්‍රහ්මචර්යාවෙන් කලකිරී බැහැර වෙයි.’ සන්දකය, මේ වනාහි යම් තැනක නුවණැති පුරුෂ තෙම ඒකාන්තයෙන් බ්‍රහ්මචර්යාවෙහි නොවසන්නේද වසන්නේ හෝ කුසලධර්ම මාර්ගයයි සතුටු නොවන්නේද, දන්නාවූ දක්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද එබඳු ඇසීමක් නැත්තාහු සතරවන බ්‍රහ්මචර්යාව වේ.
“සන්දකය, මොහු වනාහි යම් තැනක නුවණැති පුරුෂ තෙම ඒකාන්තයෙන් බ්‍රහ්මචර්යාවෙහි නොවසන්නේද වසන්නේ හෝ කුසලධර්ම මාර්ගයයි සතුටු නොවන්නේද, දන්නාවූ දක්නාවූ අර්හත්වූ සම්යක්සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද්දාවූ එබඳුවූ අස්වැසීම් රහිතවූ බ්‍රහ්මචර්යා සතර වෙත්යයි” කීය.
“යම් තැනෙක්හි නුවණැති පුරුෂ තෙම ඒකාන්තයෙන් බ්‍රහ්මචර්යාවෙහි නොවසන්නේද, වසන්නේ හෝ කුසලධර්ම මාර්ගයයි සතුටු නොවන්නේද, ඒ දන්නාවූ දක්නාවූ අර්හත්වූ සම්යක්සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ විසින් යම්තාක්ම අස්වැසීමක් නැත්තාවූම බ්රහ්මචර්යාවෝයයි ප්‍රකාශ කරණ ලද්දාහුද, භවත් ආනන්ද ස්ථවිරය, ඒ දේශනා කිරීම ආශ්චර්යය, භවත් ආනන්ද ස්ථවිරය, පුදුමය.
“භවත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, යම් තැනෙක්හි නුවණැති පුරුෂ තෙම ඒකාන්තයෙන් බ්‍රහ්මචර්යාවෙහි වසන්නේද, වසන්නේ හෝ කුසලධර්ම මාර්ගයයි සතුටු වන්නේද, යම් ඒ ශාස්තෘවරයෙක් එය කුමකැයි කියන්නේ කුමකැයි ප්‍රකාශ කරන්නේද?
|
233
‘‘ඉධ, සන්දක, තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා...පෙ....
(විත්ථාරො ම. නි. 2.9-10 කන්දරකසුත්තෙ) සො ඉමෙ
‘‘පුන චපරං, සන්දක, භික්ඛු විතක්කවිචාරානං වූපසමා...පෙ... දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. යස්මිං ඛො, සන්දක, සත්ථරි සාවකො එවරූපං උළාරවිසෙසං අධිගච්ඡති තත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං වසෙය්ය, වසන්තො ච ආරාධෙය්ය ඤායං ධම්මං කුසලං.
‘‘පුන
‘‘පුන චපරං, සන්දක, භික්ඛු සුඛස්ස ච පහානා...පෙ.... චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. යස්මිං ඛො, සන්දක, සත්ථරි සාවකො එවරූපං උළාරවිසෙසං අධිගච්ඡති තත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං වසෙය්ය, වසන්තො ච ආරාධෙය්ය ඤායං ධම්මං කුසලං.
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ...පෙ.... යථාකම්මූපගෙ සත්තෙ පජානාති. යස්මිං ඛො, සන්දක, සත්ථරි සාවකො එවරූපං උළාරවිසෙසං අධිගච්ඡති
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛසමුදයො’ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛනිරොධො’ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති; ‘ඉමෙ ආසවා’ති යථාභූතං පජානාති, ‘අයං ආසවසමුදයො’ති යථාභූතං පජානාති, ‘අයං ආසවනිරොධො’ති යථාභූතං
|
233
“සන්දකය, මේ ලෝකයෙහි අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ, අෂ්ටවිද්යාපසළොස්වරණධර්මයන්ගෙන් යුක්තවූ ශොභන ගමන් ඇත්තාවූ තුන්ලොව දන්නාවූ පුරුෂයන් දමනය කිරීමෙහි උතුම් සාර්ථවාහකයෙකු බඳුවූ දෙවිමිනිසුන්ට අනුශාසනා කරන්නාවූ චතුස්සත්‍යය අවබෝධ කළාවූ සියලු ක්ලෙශයන් නැතිකළාවූ තථාගතයන් වහන්සේ පහල වෙත්. උන්වහන්සේ දෙවියන් සහිතවූ මාරයන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ මේ ලෝකය, මහණ බමුණන් සහිතවූ දෙවිමිනිසුන් සහිතවූ ප්රජාවද තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂකොට ප්‍රකාශ කෙරෙයි. උන්වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ කෙළවර යහපත්වූ අර්ථ සහිතවූ ව්‍යංජන සහිතවූ ධර්මය දේශනා කරයි. සියල්ලෙන් සම්පූර්ණවූ පිරිසිදුවූ මාර්ග බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරයි. ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ එක්තරා කුලයෙක්හි උපන්නෙක් හෝ ඒ ධර්මය අසයි. හෙතෙම ඒ ධර්මය අසා තථාගතයන් වහන්සේ කෙරෙහි පහදියි. එසේ පැහැදුනාවූ ඔහු මෙසේ සලකයි. ගිහිගෙහි විසීම අවහිර සහිතය, කෙලෙස් දූවිලි උපදින තැනකි, මහණකම වනාහි අවකාශය මෙන් නිදහස්ය. ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් සම්පූර්ණකොට ඒකාන්තයෙන් පිරිසිදු කොට ලියවන ලද සකක් වැනිවූ මේ ශාසන බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්ට පහසු නොවෙයි. ‘මම හිසකෙස් දැළිරැවුල් කපා දමා, සිවුරු හැඳ ගිහිගෙන් නික්ම වන්නෙම් නම් ඉතා යෙහෙක’ (කියායි). හෙතෙම පසුකාලයක ස්වල්පවූ හෝ සම්පත් හැර, බොහෝවූ හෝ සම්පත් හැර, ස්වල්පවූ හෝ නෑදෑ පිරිස් හැර, බොහෝවූ හෝ නෑදෑ පිරිස් හැර, හිසකේ දැළි රැවුල් කපා දමා, සිවුරු හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේම භික්ෂු ශීලයෙන් යුක්තවූයේ ප්‍රාණඝාතය හැර, ප්‍රාණඝාතයෙන් වැලකුනේ වෙයි. බහා තබන ලද දඬු ඇත්තේ, පව්කිරීමට ලජ්ජා ඇත්තේ, කරුණාවෙන් යුක්තවූයේ සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කරයි. නුදුන් දෙය ගැණීම් හැර නුදුන් දෙය ගැණීමෙන් වැලකුනේ වෙයි. දුන් දෙය ගන්නේ දුන් දෙයෙහි බලාපොරොත්තු ඇත්තේ සොරනොවූ පිරිසිදු සිතින් යුක්තව වාසය කරයි.
“අබ්‍රහ්මචරියාව හැර උතුම් පැවතුම් ඇත්තේ ස්ත්‍රී පුරුෂ සංසර්ගය නම් ග්‍රාම ධර්මයෙන් වෙන්ව බ්‍රහ්මචාරීවේ. මුසාවාදය හැර, මුසාවාදයෙන් වැලකුනේ සත්‍ය වචන ඇත්තේ සත්‍යයෙන් සත්‍යය ගලපන්නේ ස්ථිර වචන ඇත්තේ ඇදහිය යුතු වචන ඇත්තේ ලොව මුළා නොකරන්නෙක් වෙයි. කේලාම් කීම හැර කේලාම් කීමෙන් වැලකුනේ වෙයි. මෙයින් අසා මොවුන්ගේ බිඳවීම පිණිස එතන්හි නොකියන්නේ වෙයි. එතණින් අසා ඔවුන් බිඳවීම පිණිස මොවුන්ට නොකියන්නේ වෙයි. මෙසේ බිඳනවුන් ගලපන්නේ හෝ සමගිවූවන්ට අනුබල දෙන්නේ හෝ සමගියෙහි ඇලුනේ සමගියට කැමතිවූයේ සමගියට සතුටුවූයේ සමගි කරන වචන කියන්නේ වෙයි. පරුෂ වචනය හැර පරුෂ වචනයෙන් වැලකුනේ වෙයි. යම් ඒ වචනයක් නිර්දෝෂද, කණට මිහිරිද, ප්‍රෙමණීයද සිත සතුටු කරයිද, යහපත්ද, බොහෝ දෙනාට ප්‍රියද එබඳු වචන කියන්නේ වෙයි. සම්ඵප්‍රලාපය හැර හිස් කථා කිරීමෙන් වැලකුනේ වෙයි. කාලයට සුදුසු වචන ඇත්තේ සත්‍යවූ වචන ඇත්තේ, අර්ථයෙන් යුත් වචන ඇත්තේ ධර්මයෙන් යුත් වචන ඇත්තේ හික්මීමට සුදුසු වචන ඇත්තේ සුදුසු වචන ඇත්තේ සුදුසු කල්හි කියන කරුණු සහිතවූ සීමා සහිත අර්ථයෙන් යුක්තවූ, හිතෙහි තැන්පත් කටයුතුවූ වචන කියන්නේ වෙයි.
“හෙතෙම පැලවෙන තණ, ගස්, වැල් සිඳීම් බිඳීම් ආදියෙන් වැලකුනේ වෙයි. එක් වේලෙහි වළඳන බත් ඇත්තේ රාත්‍රි භොජනයෙන් තොරවූයේ විකල් බොජුනෙන් වැලකුනේ වෙයි. මල් ගඳ විලවුන් සැරසීම් දැරීම් යන මෙයින් වැලකුනේ වෙයි. උස් ආසන මහා ආසනයන්ගෙන් වැලකුනේ වෙයි. රන් රිදී මසු කහවනු පිළිගැන්මෙන් වැලකුනේ වෙයි. අමුමස් පිළිගැනීමෙන් වැලකුනේ වෙයි. ස්ත්‍රීන් හා කුමරියන් පිළිගැන්මෙන් වැලකුනේ වෙයි. දාසයන් හා දාසීන් පිළිගැන්මෙන් වැලකුනේ වෙයි. එළුවන් හා තිරෙළුවන් පිළිගැන්මෙන් වැලකුනේ වෙයි. කුකුළන් හා ඌරන් පිළිගැන්මෙන් වැලකුනේ වෙයි. ඇතුන්ද, ගවයන්ද, අසුන්ද, වෙළඹුන්ද පිළිගැන්මෙන් වැලකුනේ වෙයි. කුඹුරු හා ඉඩම් පිළිගැන්මෙන් වැලකුනේ වෙයි. දූත මෙහෙවර හා පණිවුඩ පණත්වල යෙදීමෙන් වැලකුනේ වෙයි. බඩු විකිණීමෙන් හා මිළදී ගැණීමෙන් වැලකුනේ වෙයි. තරාදියෙන් හොරට වංචා කිරීමය යන මෙයින් වැලකුනේ වෙයි. අල්ලස් ගැණීමය, රැටීමය, කෛරාටික කම් කිරීමය, යන මෙයින් වැලකුනේ වෙයි. අත් පා ආදිය කැපීමය රැහැන් ආදියෙන් බැඳීමය. සැඟවී සිට මං පැහැරීමය, ගම් ආදියට පැන කොල්ලකෑමය, බලහත්කාර කම් කිරීම් යනාදියෙන් වැලකුනේ වෙයි.
“හෙතෙම කයින් පරිහරණය කරන සිවුරෙන්ද, කුසින් පරිහරණය කරණ ආහාරයෙන්ද සතුටුවූයේ වෙයි. හෙතෙම යම් යම් තැනකට යන්නේද, (තමන්ගේ අට පිරිකර පමණක්) අරගෙනම යයි. යම්සේ පියාපත් ඇති පක්ෂියෙක් යම් යම් තැනකට පියාඹන්නේ පියාපත් බර පමණක් ගෙන පියාඹන්නේද, එපරිද්දෙන්ම මහණතෙම කයින් පරිහරණය කරන සිවුරෙන්ද, කුසින් පරිහරණය කරන ආහාරයෙන්ද සතුටු වූයේ වෙයි. යම් යම් තැනකට යන්නේද (අටපිරිකර පමණක්) හැරගෙනම යයි. හෙතෙම මේ උතුම් සීලයෙන් යුක්තවූයේ අධ්‍යාත්මයෙහි නිවැරදිවූ සුවය විඳියි.
“හෙතෙම ඇසින් රූපයක් දැක එය නිමිති වශයෙන් නොගනියි. නැවත නැවත මතක්වනසේ සිතට නොගනියි. යමක් හේතුකොටගෙන චක්ෂු ඉන්ද්රියයෙහි අසංවරව වසන්නහුට ලෝභ ද්වේෂ අකුසල ධර්මයෝ උපදිත්ද, ඒ ඇසෙහි සංවරය පිණිස උපදියි. චක්ෂු ඉන්ද්රිය රකියි. චක්ෂු ඉන්ද්රියයෙහි සංවරයට පැමිණෙයි. කණින් ශබ්දයක් අසා එය නිමිති වශයෙන් නොගනියි. නැවත නැවත මතක්වනසේ සිතට නොගනියි. යමක් හේතුකොටගෙන සොතඉන්ද්රියයෙහි අසංවරව වසන්නහුට ලෝභ ද්වේෂ අකුසල ධර්මයෝ උපදිත්ද, ඒ කණෙහි සංවරය පිණිස පිළිපදියි. සොතඉන්ද්රියය රකියි. සොතඉන්ද්රියයෙහි සංවරයට පැමිණෙයි. නාසයෙන් ගඳක් ආඝ්‍රාණය කොට එය නිමිති වශයෙන් නොගනියි. නැවත නැවත මතක්වනසේ සිතට නොගනියි. යමක් හේතුකොටගෙන ඝ්රාණෙන්ද්රියය අසංවරව වසන්නහුට ලෝභ ද්වේෂ අකුශල ධර්මයෝ උපදිද්ද, ඒ ඝ්‍රාණෙන්ද්‍රියයෙහි සංවරය පිණිස පිළිපදියි. ඝ්රාණඉන්ද්රියය රකියි. ඝ්රාණඉන්ද්රියයෙහි සංවරයට පැමිණෙයි. දිවෙන් රසයක් විඳ එය නිමිති වශයෙන් නොගනියි. නැවත නැවත මතක්වනසේ සිතට නොගනියි. යමක් හේතුකොට ගෙන දිව අසංවරව වසන්නහුට ලෝභ ද්වේෂ අකුශල ධර්මයෝ උපදිත්ද, ඒ ජීව්හා ඉන්ද්රියයෙහි සංවරය පිණිස පිළිපදියි. ජිව්හා ඉන්ද්රියය රකියි. ජව්හා ඉන්ද්රියයෙහි සංවරයට පැමිණෙයි. කයින් පහසක් ස්පර්ශකොට එය නිමිති වශයෙන් නොගනියි. නැවත නැවත මතක්වනසේ සිතට නොගනියි. යමක් හේතු කොටගෙන කය අසංවරව වසන්නහුට ලෝභ ද්වේෂ අකුශල ධර්මයෝ උපදිද්ද, ඒ කය සංවරය පිණිස පිළිපදියි. කායෙන්ද්රියය රකියි. කායෙන්ද්රියයෙහි සංවරයට පැමිණෙයි. සිතින් ධර්ම අරමුණක් දැන එය නිමිති වශයෙන් නොගනියි. නැවත නැවත මතක්වනසේ සිතට නොගනියි. යමක් හේතුකොටගෙන මනින්ද්රියයෙහි අසංවරව වසන්නහුට ලෝභ ද්වේෂ අකුශල ධර්මයෝ උපදිද්ද, ඒ මනින්ද්රියයෙහි සංවරය පිණිස පිළිපදියි. මනින්‍ද්‍රිය රකියි. මනින්ද්රියයෙහි සංවරයට පැමිණෙයි. හෙතෙම මේ උතුම් ඉන්ද්රිය සංවරයෙන් යුක්ත වූයේ තම සන්තානයෙහි කෙලෙසුන්ගෙන් තෙත් නොවූ සැපය විඳයි.
“හෙතෙම ඉදිරියට යාමෙහිද, ආපසු යාමෙහිද, නුවණින් දැන කරන්නේ වෙයි. ඉදිරිය බැලීමෙහිද හැසිරීමෙහිද නුවණින් දැන කරන්නේ වෙයි. අත් පා හැකිලීමෙහිද, දිගු කිරීමෙහිද නුවණින් දැන කරන්නේ වෙයි. සඟල සිවුර හා පාත්‍රා සිවුරු දැරීමෙහිද නුවණින් දැන කරන්නේ වෙයි. ආහාර වැළඳීමෙහිද, බීමෙහිද, රස විඳීමෙහිද නුවණින් දැන කරන්නේ වෙයි. මලමුත්‍ර පහකිරීමෙහිද නුවණින් දැන කරන්නේ වෙයි. යාමෙහිද, සිටීමෙහිද, හිඳීමෙහිද, නිදාගැණීමෙහිද, නිදි දුරුකිරීමෙහිද, කථාකිරීමෙහිද, නිශ්ශබ්දව හිඳීමෙහිද, නුවණින් දැන කරන්නේ වෙයි. හෙතෙම මේ උතුම්වූ ශීල රාශියෙන්ද යුක්තවූයේ මේ ඉන්ද්රිය සංවරයෙන්ද යුක්තවූයේ මේ උතුම් සිහි නුවණ දෙකින් යුක්තවූයේ විවේකයට සුදුසුවූ ආරණ්‍යය, වෘක්ෂ මූලය, පර්වතය, කඳුරැලිය පර්වතය, ගුහාය, සොහොනය, දුරවූ වන සේනාසනය, හිස් තැනය, පිදුරු ගොඩවල්ය යන විවේක සේනාසනයක් සේවනය කරයි.
“හෙතෙම බතින් පසු පිණ්ඩපාතයෙන් වැලකුණේ ශරීරය කෙලින් තබා සිත අරමුණෙක පිහිටුවා හිඳගනියි. හෙතෙම ස්කන්ධලෝකයෙහි ලෝභය දුරුකොට දුරුකරන ලද ලෝභය ඇති සිතින් යුක්තව වාසය කරයි. ලෝභයෙන් සිත පිරිසිදු කරයි. සිත විනාශ කරන්නාවූ ක්‍රෝධය දුරුකොට ක්‍රොධ රහිත සිත් ඇත්තේ සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේ වාසය කරයි. ක්‍රෝධයෙන් සිත පිරිසිදු කරයි. සිතෙහි ගිලන් බවයයි කියන ලද ථීනයද, චෛතසිකයන්ගේ ගිලන්බවයයි කියනලද මිද්ධයද හැර පහවූ ථීනමිද්ධ ඇත්තේ අලොක සංඥා ඇත්තේ සිහිය හා නුවණ ඇත්තේ වාසය කරයි. ථීනමිද්ධයෙන් සිත පිරිසිදුකරයි. නොසන් බව හා පසු තැවීම හැර සන්සුන්වූයේ අධ්‍යාත්මයෙහි සන්සිඳුනු සිත් ඇත්තේ වාසය කරයි. උද්ධච්ච කුක්කුච්චයෙන් සිත පිරිසිදු කරයි. විචිකිච්ඡාව හැර දුරු කරන ලද සැක ඇත්තේ (කුශල ධර්මයන්හි) මෙය කෙසේ කෙසේ වේදැයි පැවත් සැක නැත්තේ වාසය කරයි. විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කරයි. හෙතෙම සිත කිලිටු කරන්නාවූ ප්‍රඥාව දුර්වල කරන්නාවූ මේ පඤ්ච නීවරණයන් හැර කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්වම විතර්කසහිතවූ විචාරසහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති පළමුවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. සන්දකය, යම් ශාස්තෘවරයෙකු වෙත ශ්‍රාවක තෙම මෙබඳුවූ මහත්වූ විශේෂයක් ලබයිද එහි නුවණ ඇති පුරුෂතෙම ඒකාන්තයෙන් බ්‍රහ්මචර්යාවෙහි වසන්නේය. වසන්නේ හෝ කුසල ධර්ම මාර්ගයන් සතුටු වන්නේය.
“සන්දකය, නැවත අනිකක්ද කියමි. භික්ෂුතෙම විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති සිතේ එකඟ බව ඇති විතර්ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. සන්දකය, යම් ශාස්තෘවරයෙකු සමීපයෙහි වනාහී ශ්‍රාවකතෙම මෙබඳුවූ මහත්වූ විශේෂයකට පැමිණේද, එහි නුවණ ඇති පුරුෂතෙම ඒකාන්තයෙන් බ්‍රහ්මචර්යාවෙහි වසන්නේය. වසන්නේ හෝ කුසල ධර්ම මාර්ගයයි සතුටු වන්නේය.
“සන්දකය, නැවත අනිකක්ද කියමි, භික්ෂුතෙම ප්‍රීතියද වැළැක්මෙන් උපේක්ෂා ඇත්තේ සිහිය හා නුවණ ඇත්තේද වාසය කරයි. කයින්ද සුවය විඳියි, යමක් උපේක්ෂා ඇත්තේ, සිහි ඇත්තේ සැප විහරණ ඇත්තේයයි ආර්යයෝ කියත්ද ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. සන්දකය, යම් ශාස්තෘවරයෙකු කෙරෙහි ශ්‍රාවකතෙම මෙබඳු මහත්වූ විශේෂයකට පැමිණේද, එහි නුවණ ඇති පුරුෂතෙම ඒකාන්තයෙන් බ්‍රහ්මචර්යාවෙහි වසන්නේය. වසන්නේ හෝ කුසල ධර්ම මාර්ගයයි සතුටු වන්නේය.
“සන්දකය, නැවත අනිකක්ද කියමි භික්ෂුතෙම සැපයද දුරු කිරීමෙන් දුකද දුරු කිරීමෙන් පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ සංසිඳීමෙන් දුක්ද නොවූ සැපද නොවූ උපේක්ෂා සිහි පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. සන්දකය, යම් ශාස්තෘවරයෙකු කෙරෙහි වනාහි ශ්‍රාවකතෙම මෙබඳු මහත් විශේෂයකට පැමිණේද, එහි නුවණැති පුරුෂතෙම ඒකාන්තයෙන් බ්‍රහ්මචර්යාවෙහි වසන්නේය. වසන්නේ හෝ කුසල ධර්ම මාර්ගයයි සතුටු වන්නේය.
“හෙතෙම මෙසේ සිත එකඟවූ කල්හි පිරිසිදුවූ කල්හි කෙලෙස් රහිතවූ කල්හි උප ක්ලේශයන් පහව ගිය කල්හි මෘදුවූ කල්හි කර්මයට සුදුසුවූ කල්හි, ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, පෙරවිසූ භව පිළිවෙළ දැනගැණීම පිණිස සිත නමයි. හෙතෙම නොයෙක් ආකාරවූ පෙර විසීම සිහි කරයි. එනම් ජාති එකක්ද ජාති දෙකක්ද ජාති තුනක්ද ජාති හතරක්ද, ජාති පහක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් විනාශ වෙමින් පවතින කල්පයන්ද, නෙයෙක් හැදෙමින් පවතින කල්පයන්ද නොයෙක් විනාශවන හෝ හැදෙන කල්පයන්ද, අසුල් තැන වීමි මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මෙබඳු වර්ණ ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙබඳු සුවදුක් වින්දෙමි. මෙබඳු ආයුෂ කෙළවරකොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුත වූයෙම් අසුවල් තැන ඉපදුනෙම් එහිදු මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මෙබඳු වර්ණ ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙබඳු සුවදුක් වින්දෙම්, මෙබඳු ආයුෂ කෙළවරකොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයේ මෙහි උපන්නේ වෙමි”යි මෙසේ ආකාර සහිතවූ, උදෙසීම් සහිතවූ, අනෙක ප්‍රකාරවූ, පෙරවිසීම් සිහි කරයි. සන්දකය, යම් ශාස්තෘවරයෙකු වෙත වනාහි ශ්‍රාවකතෙම මෙබඳු මහත් විශේෂයකට පැමිණේද, එහි නුවණ ඇති පුරුෂ තෙම ඒකාන්තයෙන් බ්‍රහ්මචර්යාවෙහි වසන්නේය. වසන්නේ හෝ කුසල ධර්ම මාර්ගයයි සතුටු වන්නේය.
“හෙතෙම මෙසේ සිත එකඟවූ කල්හි පිරිසිදුවූ කල්හි නිර්මලවූ කල්හි කෙලෙස් රහිතවූ කල්හි පහව ගිය උපක්ලේශයන් ඇතිකල්හි මෘදුවූ කල්හි කර්මයට සුදුසුවූ කල්හි ස්ථිරවූකල්හි කම්පානොවන බවට පැමිණි කල්හි, සත්වයන්ගේ චුති උත්පත්ති දැනගැණීම පිණිස සිත නමයි. හෙතෙම පිරිසිදුවූ මිනිස් ඇස ඉක්ම පවත්නාවූ දිව්‍යවූ ඇසින් චුතවනු ලබන්නාවූද, උපදිනු ලබන්නාවූද, ලාමකවූද, උතුම්වූද, යහපත් වර්ණ ඇත්තාවූද, අයහපත් වර්ණ ඇත්තාවූද, හොඳ ලොව ගියාවූද, නරක ලොව ගියාවූද සත්වයන් දකියි. ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වූවෝය. වාග් දුශ්චරිතයෙන් යුක්තවූවෝය, මනො දුශ්චරිතයෙන් යුක්තවූවෝය, ආර්යයන්ට දොස් කීවෝය, මිථ්‍යාදෘෂ්ටි ඇත්තෝවූහ, මිථ්‍යාදෘෂ්ටි කර්ම සමාදන් වූවෝ වූහ. ඔව්හු ශරීරය බිඳීමෙන් මරණින් මත්තෙහි නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන්නාවූ නරකයෙහි උපන්නාහුය. නොහොත් මේ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්තවූහ, වාග් සුචරිතයෙන් යුක්ත වූහ, මනො සුචරිතයෙන් යුක්ත වූහ, ආර්යයන්ට දොස් නොකියන්නෝ වූහ. සම්‍යක් දෘෂ්ටි ඇත්තෝ වූහ, සම්‍යක්දෘෂ්ටි කර්ම සමාදන්වූවෝ වූහ. ඔව්හු කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපන්නාහුය. කම්වූ පරිද්දෙන් පැමිණියාවූ සත්වයන් දැන ගණියි. සන්දකය, යම් ශාස්තෘවරයෙකු සමීපයෙහි, වනාහි ශ්‍රාවකතෙම මෙබඳු මහත් විශේෂයකට පැමිණේද එහි නුවණැති පුරුෂතෙම ඒකාන්තයෙන් බ්‍රහ්මචරියාවෙහි වසන්නේය. වසමින් හෝ කුසල ධර්ම මාර්ගයෙහි සතුටු වන්නේය.
“හෙතෙම මෙසේ සිත එකඟවූ කල්හි පිරිසිදුවූ කල්හි නිර්මලවූ කල්හි කෙලෙස් රහිතවූ කල්හි පහවගිය උපක්ලේශ ඇතිකල්හි මෘදුවූ කල්හි කර්මයට සුදුසුවූ කල්හි ස්ථිරවූකල්හි කම්පා නොවීමට පැමිණි කල්හි ආශ්‍රවයන් (කෙලෙස්) ක්ෂය කරන්නාවූ ඥානය පිණිස සිත නමයි. හෙතෙම මේ දුකයයි තත්වූ පරිද්දෙන් දැනගණියි. මේ දුක් ඉපදීමට හේතුයයි, තත්වූ පරිද්දෙන් දැනගණියි. මේ දුක් නැතිකිරීමයයි තත්වූ පරිද්දෙන් දැනගණියි, මේ දුක් නැති කිරීම පිණිස පිළිපදින මාර්ගයයි තත්වූ පරිද්දෙන් දැන ගණියි. මේ ආශ්‍රවයන් හට ගැනීමේ හේතුවයයි තත්වූ පරිද්දෙන් දැන ගණියි. මේ ආශ්‍රවයන් නැති කිරීම යයි තත්වූ පරිද්දෙන් දැන ගණියි. මේ ආශ්‍රවයන් නැති කිරීමේ මාර්ගයයි තත්වූ පරිද්දෙන් දැන ගණියි. මෙසේ දන්නාවූ දක්නාවූ ඔහුගේ සිත කාමාශ්‍රව කෙරෙන්ද මිදෙයි. භවාශ්‍රව කෙරෙන්ද සිත මිදෙයි. අවිද්‍යාශ්‍රව කෙරෙන්ද සිත මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්ෂය කරණ ලද්දීය. බ්‍රහ්මචර්යාව වැස නිමවන ලද්දේය. සතර මගින් කළයුතු දෙය කරණ ලදී. මේ ආත්ම භාවය පිණිස අනිකක් නැතැයි දැන ගනියි. සන්දකය, යම් ශාස්තෘවරයෙකු කෙරෙහි වනාහි ශ්‍රාවකතෙම මෙබඳු මහත් විශේෂයකට පැමිණේද, එහි නුවණැති පුරුෂතෙම ඒකාන්තයෙන් බ්‍රහ්මචර්යාවෙහි වසන්නේය. වසමින් හෝ කුසල ධර්ම මාර්ගයයි සතුටු වන්නේය.
|
234
‘‘යො පන සො, භො ආනන්ද, භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසංයොජනො සම්මදඤ්ඤා විමුත්තො පරිභුඤ්ජෙය්ය
|
234
“භවත් ආනන්ද ස්ථවිරයෙනි, තෙමේ වනාහි රහත්වූයේ ක්ෂය කළ (දුරුකළ) ආශ්‍රව ඇති වැස නිමවූ බ්‍රහ්මචර්යා ඇති සතර මගින් කරනලද කටයුතු ඇති බහා තබනලද කෙලෙස් බර ඇති පිළිවෙළින් පැමිණියාවූ අර්හත්වය ඇති නැසුවාවූ භවසංයෝජන (භවයෙහි බැඳීම්) මනාකොට නුවණින් දැන කෙලෙසුන් කෙරෙන් මිදුනේ වේද, හෙතෙම කම්සැප පරිභොග කරන්නේද?”
“සන්දකය, යම් ඒ භික්ෂුවක් රහත්වූයේ ක්ෂයවූ ආශ්‍රව ඇත්තේ වැස නිමවනලද බ්‍රහ්මචර්යා ඇත්තේ සතර මගින් කරනලද කටයුතු ඇත්තේ බහා තබනලද කෙලෙස් බර ඇත්තේ පිළිවෙළින් පැමිණි රහත් බැව් ඇත්තේ දුරුකළ භවසංයෝජන ඇත්තේ මනාකොට නුවණින් දැන කෙලෙසුන් කෙරෙන් මිදුනේ වේද, හෙතෙම කරුණු පසක් කරන්ට නුසුදුසු වෙයි. රහත් භික්ෂුතෙම දැනගෙණ සතෙකු ජීවිතයෙන් තොරකිරීමට නුසුදුසු වේ. රහත් භික්ෂුතෙම නුදුන්දෙය සොරසිතින් ගැනීමට සුදුසු නොවේ. රහත් භික්ෂුතෙම මෛථුන ධර්මය සේවනය කිරීමට සුදුසු නොවේ. රහත් භික්ෂුතෙම දැනගෙන බොරු කීමට සුදුසු නොවේ. රහත් භික්ෂුතෙම පෙර ගිහිව සිටිද්දී මෙන් තැන්පත්කොට තබාගෙන ආහාර පානාදී කාම වස්තු පරිභොග කරන්ට සුදුසු නොවේ. සන්දකය, යම් ඒ භික්ෂුවක් රහත්වූයේ දුරුකළ ආශ්‍රව ඇත්තේ වැස නිමවූ බ්‍රහ්මචර්යා ඇත්තේ සතර මගින් කරනලද කටයුතු ඇත්තේ බහාතුබූ කෙලෙස බර ඇත්තේ පිළිවෙළින් පැමිණි රහත්බැව් ඇත්තේ දුරුකළ භවසංයෝජන ඇත්තේ මනාකොට නුවණින් දැන කෙලෙසුන් කෙරෙන් මිදුනේ වේද, හෙතෙම මේ කරුණු පස කිරීමට සුදුසු නොවේයයි” කීය.
|
235
‘‘යො
|
235
“භවත් ආනන්ද ස්ථවිරයෙනි, යම් ඒ භික්ෂුවක් තෙම රහත්වූයේ ක්ෂයවූ ආශ්‍රව ඇත්තේ වැස නිමවන ලද බ්‍රහ්මචර්යා ඇත්තේ සතර මගින් කළ කටයුතු ඇත්තේ බහාතුබූ කෙලෙස් බර ඇත්තේ පිළිවෙළින් පැමිණි රහත්බැව් ඇත්තේ දුරුකළ භවසංයෝජන ඇත්තේ මනාකොට නුවණින් දැන කෙලෙසුන් කෙරෙන් මිදුනේ වේද, යන්නාවූද, සිටින්නාවූද, නිදන්නාවූද, නොනිදන්නාවූද ඔහුට මාගේ ආශ්‍රවයෝ දුරු වූවාහුයයි, නිරන්තරයෙන් සියලු ආකාරයෙන් නුවණින් දැකීම එළඹ සිටියේද?”
“සන්දකය, එසේවීනම් තොපට උපමාවක් දක්වන්නෙමි. උපමාවෙන්ද මේ ලෝකයෙහි සමහර නුවණැති පුරුෂයෝ කියන ලද්දෙහි අර්ථය දැන ගණිත්. සන්දකය, යම්සේ පුරුෂයෙකුගේ අත්, පා කපන ලද්දාහු වෙත්ද, යන්නාවූද, සිටින්නාවූද, නිදන්නාවූද, නොනිදන්නාවූද ඔහුගේ හස්ත පාදයෝ නිරන්තරයෙන් සිඳින ලද්දාහුම වෙත්ද, එතකුදු වුවත් එය මෙනෙහි කරණු ලබන්නේ, මාගේ අත්, පා සිඳින ලද්දාහුයයි, දනීද, සන්දකය, එපරිද්දෙන්ම යම් ඒ භික්ෂුවක් තෙම රහත්වූයේ ක්ෂයවූ ආශ්‍රව ඇත්තේ වැස නිමවූ බ්‍රහ්මචර්යා ඇත්තේ සතර මගින් කළ කටයුතු ඇත්තේ, බහාතුබූ කෙලෙස් බර ඇත්තේ පිළිවෙළින් පැමිණි රහත්පල ඇත්තේ ක්ෂය කළාවූ භවසංයෝජන ඇත්තේ මනාකොට නුවණින් දැන කෙලෙසුන්ගෙන් මිදුනේ වේද, යන්නාවූද, සිටින්නාවූද, නිදන්නාවූද, නොනිදන්නාවූද ඔහුගේ ආශ්‍රවයෝ නිරන්තරයෙන් දුරුවූවාහුම වෙත්. එතකුදුවුවත් එය මෙනෙහිකරණු ලබන්නේ ‘මාගේ කෙලෙස් දුරුවූවාහුයයි’ දැන ගන්නේය.
|
236
‘‘කීවබහුකා පන, භො ආනන්ද, ඉමස්මිං ධම්මවිනයෙ නිය්යාතාරො’’ති? ‘‘න ඛො, සන්දක, එකංයෙව සතං න ද්වෙ සතානි න තීණි සතානි න චත්තාරි සතානි න පඤ්ච සතානි, අථ ඛො භිය්යොව යෙ ඉමස්මිං ධම්මවිනයෙ නිය්යාතාරො’’ති. ‘‘අච්ඡරියං, භො ආනන්ද, අබ්භුතං, භො ආනන්ද! න ච නාම සධම්මොක්කංසනා භවිස්සති, න
|
236
“භවත් ආනන්ද ස්ථවිරයෙනි මේ ශාසනයෙහි එතරට පමුණුවන්නෝ කොපමණ බොහෝ වෙත්ද?” “සන්දකය, එක සියයක්ද නොවෙයි, දෙසියයක්ද නොවෙයි, තුන්සියයක්ද නොවෙයි, හාරසියයක්ද නොවෙයි. පන්සියයක්ද නොවෙයි, තවද මේ ශාසනයෙහි එතෙර කරන්නෝ බොහෝ වූ වාහුම වෙත්ය.
“භවත් ආනන්ද ස්ථවිරයෙනි, ආශ්චර්යයකි, භවත් ආනන්ද ස්ථවිරයෙනි, පුදුමයකි. ස්වකීය ධර්මය උසස් කිරීමක් හෝ නොවන්නේය. අනුන්ගේ ධර්මය පහත් කිරීමක් හෝ නැත්තේය. කාරණයෙහි ධර්ම දේශනාව හේතු කොටගෙන එපමණ බොහෝ වූ එතර කරන්නෝ පැමිණෙන්නාහුය. මේ ආජීවකයෝ වනාහි පුතා මළ තැනැත්තියගේ පුත්රවූවෝ තමන්ම උසස් කෙරෙත්. අනුන් පහත් කෙරෙත්. එතරකරන්නෝ තුන්දෙනෙක්ම පණවත් එනම්, නන්ද වච්ඡය කිස සංකිච්චය, මක්ඛලි ගොසාලය යන තුන්දෙනාය.” ඉක්බිති සන්දකනම් පරිව්‍රාජක තෙම ස්වකීය පිරිසට ආමන්ත්‍රණය කෙළේය. “පින්වත්, ශ්‍රමණ ගෞතමයන් වෙත බ්‍රහ්ම චර්ය වාසය කෙරේවා. දැන් අප විසින් ලාභ සත්කාර ප්රශංසාවන් අත්හරින්ට පහසු නොවේයයි” ඔව්හු කීහ. මෙසේ වනාහි සන්දක නම් පරිව්‍රාජක තෙම ස්වකීය පිරිස භාග්‍යවතුන් වහන්සේ වෙත බ්‍රහ්මචර්යාවෙහි යෙදවූයේයි.
|
7. මහාසකුලුදායිසුත්තං | 7. මහා සකුලුදාය සූත්‍රය |
237
එවං
|
237
“මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම්වූ වෙළුවනාරාමයෙහි වාසය කළහ. එකල්හි වනාහි බොහෝවූ ප්රසිද්ධවූ ප්රසිද්ධවූ පරිව්‍රාජකයෝ මෝර නිවාප නම්වූ පරිව්රාජකරාමයෙහි වාසය කෙරෙති. එනම්, අනුගාරය, වරචරය සකුළුදායි පරිව්රාජකයාද අන්‍යවූ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ පරිව්‍රාජකයෝද, වෙත්. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උදය කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිව්රුගෙණ රජගහනුවරට පිණ්ඩපාතය පිණිස ඇතුළුවූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට මෙබඳු සිතක් පහළවිය. ‘තවම රජගහනුවර පිඬු පිණිස හැසිරීමට ඉතා උදෑසනය. මම මෝර නිවාප නම් පරිව්‍රාජකාරාමය යම් තැනකද සකුළුදායි නම් පරිව්‍රාජකතෙම යම් තැනකද එතැනට පැමිණෙන්නෙම්නම් යෙහෙක,’ කියායි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෝර නිවාප නම් පරිව්‍රාජකාරාමය යම් තැනකද එතැනට පැමිණුනහ.
එකල්හි වනාහි සකුළුදායි නම් පරිව්‍රාජක තෙම උස්හඬින් හා මහත් හඬින් ඝොෂා කරන්නාවූ නොයෙක් ආකාර තිරිසන් කථා කියන්නාවූ එනම්, රජුන් පිළිබඳ කථාය සොරුන් පිළිබඳ කථාය, මහඇමතියන් පිළිබඳ කථාය, සේනා කථාය, භය කථාය, යුද්ධ කථාය, ආහාර කථාය, පානය ගැන කථාය, වස්ත්‍ර ගැන කථාය, සයනය ගැන කථාය, මාලා ගැන කථාය, සුවඳවර්ග ගැන කථාය, ඥාතීන් ගැන කථාය, යානාවන් ගැන කථාය, ගම් පිළිබඳ කථාය, නියම්ගම් පිළිබඳ කථාය, නගර පිළිබඳ කථාය, ජනපද පිළිබඳ කථාය, ස්ත්‍රීන් පිළිබඳ කථාය සූරයන් පිළිබඳ කථාය, වීථි පිළිබඳ කථාය දිය තොටවල් පිළිබඳ කථාය, පරලොව ගිය නැහැයන් පිළිබඳ කථාය නොයෙක් ස්වභාවයෙන් යුත් කථාය, ලෝකය පිළිබඳ ප්‍රකාශ වන්නාවූ කථාය, මුහුද පිළිබඳ ප්‍රකාශ වන්නාවූ කථාය, මෙසේ වන්නේය නොවන්නේය. යන මෙ පිළිබඳ කථාවය කියා හෝ යන මේ කථාවලින් යුක්තවූ මහත්වූ පරිව්‍රාජක පිරිස සමග හුන්නේ වෙයි.
සකුළුදායි පරිව්‍රාජක තෙම වනාහි දුරදීම වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුටුයේය. දැක ස්වකීය පිරිස තැන්පත් කෙළේය.
“පින්වත්නි, නිශ්ශබ්ද වෙත්වා, පින්වත්නි, ශබ්ද නොකරව්, මේ ශ්‍රමණ ගෞතම තෙමේ එන්නේය. ඒ ආයුෂ්මත් තෙමේ වනාහි නිශ්ශබ්ද වීම කැමැත්තේය. නිශ්ශබ්ද වීමේ ගුණකියන්නෙක, පිරිස නිශ්ශබ්දයයි දැන මෙහි පැමිණිය යුතුයයි, හඟින්නේ නම් මැනව යනුවෙනි, ඉක්බිති ඒ පරිව්‍රාජකයෝ නිශ්ශබ්ද වූහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සකුළුදායී පරිව්‍රාජක තෙම යම් තැනෙක්හිද එතැනට පැමිණ ඉක්බිති සකුළුදායී පරිව්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මෙහි වඩින සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ වැඩීම යහපති ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ බොහෝ කලකින් මෙහි වැඩීම කළහ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වැඩ හිඳින සේක්වා මේ ආසනය පනවන ලද්දේය” කීය.
“භාග්‍යවතුන් වහන්සේ පනවනලද ආසනයෙහි වැඩ හුන්නේය. සකුළුදායී පරිව්‍රාජක තෙමේද එක්තරා මිටි ආසනයක් ගෙන එක් පැත්තක හුන්නේය. එක පැත්තක හුන්නාවූම සකුළුදායී පරිව්‍රාජකයාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.
|
238
‘‘කායනුත්ථ
|
238
“උදායීය, දැන් මෙහි කිනම් කථාවකින් යුක්තව හුන්නාහුද? තොප විසින් කිනම් අතුරු කථාවක් අඩාල කරණ ලද්දීද?” “ස්වාමීනි, අපි දැන් යම් කථාවකින් යුක්තව හුන්නමෝද, මේ කථාව තිබේවා. ස්වාමීනි, මේ කථාව භාග්‍යවතුන් වහන්සේට පසුවදා ඇසීමට දුර්ලභ නොවන්නේය. ස්වාමීනි පසුගිය දවස්වල කුතූහල ශාලාවෙහි එක්ව උන්නාවූ රැස්වුනාවූ නොයෙක් තීර්ථකයන් මහණ බමුණන් අතර මේ අතුරු කථාව පහළවිය. පින්වත්නි, අඟුමගද වැස්සන්ට එකාන්තයෙන් ලාභයක. පින්වත්නි, අඟුමගද දනව් වැස්සන්ට ඒකාන්තයෙන් මනාව ලැබුණු ලාභයෙකි. යම් ජනපදයෙක්හි සමූහයා ඇත්තාවූ ගණයා ඇත්තාවූ ගණයාට ආචාර්යවූ ප්රසිද්ධවූ යසස් ඇත්තාවූ ආගම් දේශනා කරන්නාවූ බොහෝ දෙනා විසින් යහපතැයි සම්මතවූ මේ මහණ බමුණෝ රජගහනුවරට වැඩ විසුමට රැස්වූවාහුය. මේ පූරණ කාශ්‍යප තෙමේද සමූහයා ඇත්තේද ශිෂ්‍ය ගණයා ඇත්තේද, ශිෂ්‍ය ගණයාට ආචාර්යවූද ප්රසිද්ධවූ යසස් ඇත්තාවූ ආගම් දේශනාකරන්නාවූ බොහෝ දෙනා විසින් යහපතැයි සම්මතය, හෙතෙමේද රජගහනුවරට වස් කාලයෙහි විසීමට පැමිණියේ වෙයි. මේ මක්ඛලිගොසාල තෙමේද සමූහයා ඇත්තේ, ශිෂ්‍ය පිරිස ඇත්තේ ශිෂ්‍ය සමූහයාට ආචාර්ය වූයේ, ප්‍රසිද්ධ වූයේ, යසස් ඇත්තේ තීර්ථකරවූයේ බොහෝ දෙනා විසින් යහපතැයි සම්මතවූයේ වේ. හෙතෙමේද වර්ෂා ඍතුවෙහි රජගහ නුවර වාසයට පැමිණියේ වෙයි. අජිත කෙසකම්බලී තෙමේද සමූහයා ඇත්තේ ශිෂ්‍ය පිරිස ඇත්තේ ශිෂ්‍ය සමූහයාට ආචාර්යවූයේ ප්රසිද්ධවූයේ යසස් ඇත්තේ තීර්ථකර වූයේ බොහෝ දෙනා විසින් යහපතැයි සම්මතවූයේ වේ. හෙතෙමේද වර්ෂා ඍතුවෙහි රජගහනුවර වාසයට පැමිණියේ වෙයි. පකුධකච්චායන තෙමේද සමූහයා ඇත්තේ, ශිෂ්‍ය පිරිස ඇත්තේ, ශිෂ්‍ය සමූහයාට ආචාර්ය වූයේ, ප්‍රසිද්ධ වූයේ, යසස් ඇත්තේ තීර්ථකර වූයේ බොහෝ දෙනා විසින් යහපතැයි සම්මත වූයේ වේ. හෙතෙමේද වර්ෂා ඍතුවෙහි රජගහනුවර වාසයට පැමිණියේ වෙයි. සඤ්ජය බෙල්ලට්ඨපුත්ත තෙමේද සමූහයා ඇත්තේ, ශිෂ්‍ය පිරිස ඇත්තේ ශිෂ්‍ය සමූහයාට ආචාර්ය වූයේ, ප්‍රසිද්ධ වූයේ යසස් ඇත්තේ තීර්ථකර වූයේ බොහෝ දෙනා විසින් යහපතැයි සම්මත වූයේ වේ. හෙතෙමේද, වර්ෂා ඍතුවෙහි රජගහ නුවර වාසයට පැමිණියේ වෙයි. නිගණ්ඨනාතපුත්‍ර තෙමේද, සමූහ ඇත්තේද ශිෂ්‍ය පිරිස ඇත්තේද, ශිෂ්‍ය සමූහයාට ආචාර්ය වූයේ ප්‍රසිද්ධ වූයේ යසස් ඇත්තේ ආගම් දේශනා කරන්නාවූ බොහෝ දෙනා විසින් යහපතැයි සම්මතවූයේ වේ. හෙතෙමේද රජගහ නුවරට වස් කාලයෙහි විසීමට පැමිණියේ වෙයි. මේ ශ්‍රමණ ගෞතම තෙමේද, සමූහයා ඇත්තේද ශිෂ්‍ය ගණයා ඇත්තේද ශිෂ්‍ය සමූහයාට ආචාර්ය වූයේද ප්රසිද්ධවූයේ යසස් ඇත්තේ ආගම් දේශනා කරන්නේ බොහෝ දෙනා විසින් යහපතැයි සම්මතවූයේ වෙයි. හෙතෙමේද, රජගහ නුවරට වැසි කාලයෙහි වාසයට පැමිණියේ වෙයි. සංඝයා ඇත්තාවූ ගණයා ඇත්තාවූ ගණයාට ආචාර්යවූ ප්රසිද්ධවූ යසස් ඇත්තාවූ ආගම් දේශනා කරන්නාවූ බොහෝ දෙනා විසින් යහපතැයි සම්මතවූ මේ පින්වත් මහණ බමුණන්ගෙන් කවරෙක් නම්, ශ්‍රාවකයන් විසින් සත්කාර කරණ ලද්දේ ගෞරව කරණ ලද්දේ බුහුමන් කරණ ලද්දේ පුදන ලද්දේ වේද, ශ්‍රාවකයෝ සත්කාර කොට ගෞරව කොට කවරෙකු ආශ්‍රයකොට වාසය කෙරෙත්දැ”යි කථාවක් පහලවිය.
|
239
‘‘තත්රෙකච්චෙ එවමාහංසු - ‘අයං ඛො පූරණො කස්සපො සඞ්ඝී චෙව ගණී ච ගණාචරියො ච ඤාතො යසස්සී තිත්ථකරො සාධුසම්මතො බහුජනස්ස; සො ච ඛො සාවකානං න සක්කතො න ගරුකතො න මානිතො න
‘‘එකච්චෙ
|
239
ඔවුන් අතුරෙන් සමහරු මෙසේ කීහ. ‘මේ පූරණකාශ්යපය තෙමේ වනාහි සමූහයා ඇත්තේ ශිෂ්‍යගණයා ඇත්තේද ශිෂ්‍ය සමූහයාට ආචාර්යවූයේ ප්රසිද්ධවූයේ යසස් ඇත්තේ ආගම් දේශනා කරන්නේ බොහෝ දෙනා විසින් යහපතැයි සම්මත වූයේ වෙයි. හෙතෙමේද ශ්‍රාවකයන් විසින් සත්කාර නොකරණ ලද්දේ ගෞරව නොකරණ ලද්දේ බුහුමන් නුපුදන ලද්දේ වෙයි. පූරණ කාශ්‍යපයන්ට ශ්රාවකයෝසත්කාර කොට ගෞරව කොට ඇසුරු කොට වාසය නොකරත්. පෙරවූවක් කියමි. පූරණ කාශ්‍යප තෙමේ නොයෙක් සිය ගණන් පිරිසට ධර්මය දේශනා කරයි. එහි එක්තරා පූරණ කාශ්‍යපගේ ශ්‍රාවකයෙක් ‘පින්වත්නි, මේ කාරණය පූරණ කාශ්‍යපයන් ගෙන් නොඅසව්. එතෙම මෙය නොදනියි. අපි මෙය දනිමු. මේ කාරණය අපෙන් විචාරව්. අපි මෙය පින්වතුන්ට ප්‍රකාශ කරන්නෙමුයි’ ශබ්ද කෙළේය. තවද පෙරවූවක් කියමි. පූරණ කාශ්‍යප තෙමේ දෙඅත් ඔසවා ගෙණ හඬමින්, ‘පින්වත්නි, නිශ්ශබ්ද වෙත්වා. පින්වත්නි ශබ්ද නොකරව්. මොවුහු පින්වතුන්ගෙන් නොඅසත්. මොවුහු අපගෙන් අසත්. අපි මොවුන් ප්‍රකාශ කරන්නෙමුයි’ කියා පිරිස නිශ්ශබ්ද කිරීමට නොහැකිවිය. පූරණ කාශ්‍යපගේ වනාහි බොහෝ ශ්‍රාවකයෝ ‘නුඹ මේ ධර්ම විනය නොදන්නෙහිය. මම මේ ධර්මවිනය දනිමි. කිමෙක්ද නුඹ මේ ධර්ම විනය දන්නෙහිද, නුඹ වරදවා පිළිපන්නෙක් වෙහි. මම මනාකොට පිළිපන්නෙක් වෙමි. මගේ කීම කරුණු සහිතය. නුඹගේ කීම කරුණු සහිත නොවේ. පළමු කියයුත්ත පසුව කීයෙහිය. පසුව කියයුත්ත පළමු කීයෙහිය. නුඹ විසින් බොහෝ කලක් පුරුදු කරණ ලද්ද මා පිට පෙරළුනේය. නුඹ විසින් නගනලද වාදය නිග්‍රහ කරණ ලද්දේය. වාදයෙන් මිදීම පිණිස හැසිරෙව. ඉදින් හැක්කෙහි නම් අවුල් හෝ ලිහවයි.’ වාදය නඟා ඉවත්ව ගියාහුය. මෙසේ පූරණ කාශ්‍යප තෙම ශ්‍රාවකයන්ගෙන් සත්කාර නොලද්දේ ගෞරව නොලද්දේ බුහුමන් නොලද්දේ නුපුදන ලද්දේ වේ. පූරණ කාශ්‍යපයන් ශ්‍රාවකයෝ සත්කාර කොට ගෞරව කොට ඇසුරු කොට වාසය නොකරත්. පූරණ කාශ්‍යප තෙමේ ස්වභාවික ආක්‍රොශයෙන් ආක්‍රොශ කරණ ලද්දේ වේයයි, (සමහරු කීහ)
ඇතැම්හු මෙසේ කීහ. ‘මේ මක්ඛලි ගොසාල තෙමේද සමූහයා ඇත්තේද, ශිෂ්‍ය පිරිසට ආචාර්ය වූයේද, ප්‍රසිද්ධ වූයේද, යසස් ඇත්තේද, තීර්ථකර වූයේද, බොහෝ දෙනා විසින් යහපතැයි සම්මත වූයේද වේ. හෙතෙමේද ශ්‍රාවකයන් ගෙන් සත්කාර නොලද්දේ. බුහුමන් නොලද්දේ, නොපුදන ලද්දේවේ. ශ්‍රාවකයෝ මක්ඛලි ගොසාලයන් සත්කාර කොට ගරු කොට ඇසුරු කොට වාසය නොකරත්. පෙරවූවක් කියමි. මක්ඛලි ගොසාල තෙමේ නොයෙක් සිය ගනන් පිරිසට ධර්මය දේශනා කරයි. එහි මක්ඛලි ගොසාලයාගේ එක්තරා ශ්‍රාවකයෙක් ‘පින්වත්නි මේ කාරණය මක්ඛලි ගොසාලයන් නොවිචාරව්. හෙතෙම මෙය නොදනියි. අපි මෙය දනිමු. මේ කාරණය අපගෙන් විචාරව්. අපි මෙය පින්වතුන්ට කියන්නෙමු’යි ශබ්ද කළේය. පෙරවූවක් කියමි. මක්ඛලි ගොසාල තෙම ‘පින්වත්නි, නිශ්ශබ්ද වෙත්වා පින්වත්නි, ශබ්ද නොකරව්. මොවහු පින්වතුන් නොවිචාරත්. මොවුහු අප විචාරත්. අපි මෙය ප්‍රකාශ කරන්නෙමු’යි දෙඅත් ඔසවා හඬන්නේ නොලැබීය. මක්ඛලි ගොසාලයාගේ බොහෝවූ ශ්‍රාවකයෝද වාද නගා බැහැර ගියාහු වෙත්. නුඹ මේ ධර්ම විනය නොදන්නෙහිය මම මේ ධර්ම විනය නොදන්නෙහිය. මම මේ ධර්ම විනය දනිමි. කිම නුඹ මේ ධර්ම විනය දැනගන්නෙහිද නුඹ වරදවා පිළිපන්නේ වෙහිය. මම මනාව පිළිපන්නේ වෙමි. මට වැඩ සහිතවේ. නුඹට වැඩ සහිත නොවේ. පළමු කිවයුත්ත පසුව කීයෙහිය. පසුව කියයුත්ත පළමු කීයෙහිය. නුඹ විසින් බොහෝ කලක් පුරුදු කරන ලද්ද මා පිට පෙරළුනේය. නුඹ විසින් නගනලද වාදය නිග්‍රහ කරන ලද්දේ වූයේය. වාදයෙන් මිදීම පිණිස හැසිරෙව. හැකි නම් නිරවුල් කරව (කියායි) මෙසේ මක්ඛලි ගොසාල තෙමේ ශ්‍රාවකයන් ගෙන් සත්කාර නොලද්දේ ගෞරව නොලද්දේ බුහුමන් නොලද්දේ පූජා නොලද්දේ වේ. මක්ඛලි ගොසාලයන් ශ්‍රාවකයෝද සත්කාර කොට, ගෞරව කොට ඇසුරු කර ගෙන වාසය නොකරත්. මක්ඛලි ගොසාල තෙමේ වනාහි ස්වාභාවික ආක්‍රොශයෙන් ආක්‍රොශ කරන ලද්දේ වෙයි.
සමහරු මෙසේ කීහ. මේ අජිතකෙසකම්බලී තෙමේද, සමූහයා ඇත්තේද, ශිෂ්‍ය පිරිස ඇත්තේද, ශිෂ්‍ය පිරිසට ආචාර්ය වූයේද, ප්‍රසිද්ධ වූයේද, යසස් ඇත්තේද, තීර්ථකර වූයේද, බොහෝ දෙනා විසින් යහපතැයි සම්මත වූයේද වේ. හෙතෙමේද ශ්‍රාවකයන්ගෙන් සත්කාර නොලද්දේ ගෞරව නොලද්දේ බුහුමන් නොලද්දේ නොපුදන ලද්දේ වේ. ශ්‍රාවකයෝ අජිතකෙසකම්බලයන් සත්කාර කොට ගරුකොට ඇසුරු කොට වාසය නොකරත්. පෙරවූවක් කියමි. අජිතකෙසකම්බලි තෙමේ නොයෙක් සිය ගණන් පිරිසට ධර්මය දේශනා කරයි. එහි අජිත කෙසකම්බලගේ එක්තරා ශ්‍රාවකයෙක් ‘පින්වත්නි, මේ කාරණය අජිත කෙසකම්බලයන්ගේ නොවිචාරව්, හෙතෙම මෙය නොදනියි. අපි මෙය දනිමු. මේ කාරණය අපගෙන් විචාරව්. අපි මෙය පින්වතුන්ට කියන්නෙමු’යි ශබ්ද කළේය. පෙරවූවක් කියමි. අජිතකෙසකම්බලි තෙම ‘පින්වත්නි, නිශ්ශබ්ද වෙත්වා. පින්වත්නි, ශබ්ද නොකරව්. මොවුහු පින්වතුන් නොවිචාරත්. මොවුහු අප විචාරත්. අපි මෙය ප්‍රකාශ කරන්නෙමු’යි දෙඅත් ඔසවා හඬන්නේ නොලැබීය. අජිත කෙසකම්බලිගේ බොහෝ වූ ශ්‍රාවකයෝද වාද නගා බැහැර ගියාහුවෙත්. ‘නුඹ මේ ධර්ම විනය නොදන්නෙහිය. මම මේ ධර්ම විනය දනිමි. කිම නුඹ මේ මේ ධර්ම විනය දැනගන්නෙහිද? නුඹ වරදවා පිළිපන්නේ වෙහිය. මම මනාව පිළිපන්නේ වෙමි. මට වැඩ සහිත වේ. නුඹට වැඩ සහිත නොවේ. පළමු කිවයුත්ත පසුව කීයෙහිය පසුව කිවයුත්ත පළමුකීයෙහිය. නුඹ විසින් බොහෝ කලක් පුරුදු කරන ලද්ද මා පිට පෙරලුනේය. නුඹ විසින් නගනලද වාදය නිග්‍රහ කරන ලද්දේ විය. වාදයෙන් මිදීම පිණිස හැසිරෙව. හැකිනම් නිරවුල් කරව, (කියායි). මෙසේ අජිත කෙසකම්බලි තෙමේ ශ්‍රාවකයන්ගෙන් සත්කාර නොලද්දේ ගෞරව නොලද්දේ බුහුමන් නොලද්දේ පූජා නොලද්දේ වේ. අජිත කෙසකම්බලයන් ශ්‍රාවකයෝද, සත්කාර කොට ගෞරව කොට ඇසුරු කරගෙන වාසය නොකරත්. අජිතකෙසකම්බලි තෙමේ වනාහි ස්වාභාවික ආක්‍රොශයෙන් ආක්‍රොශ කරණ ලද්දේ වෙයි.
සමහරු මෙසේ කීහ. මේ පකුධකච්චායන තෙමේද, සමූහයා ඇත්තේද ශිෂ්‍ය පිරිස ඇත්තේද, ශිෂ්‍ය පිරිසට ආචාර්ය වූයේද, ප්‍රසිද්ධ වූයේද, යසස් ඇත්තේද, තීර්ථකර වූයේද බොහෝ දෙනා විසින් යහපතැයි සම්මත වූයේද වේ. හෙතෙමේද ශ්‍රාවකයන් ගෙන් සත්කාර නොලද්දේ, ගෞරව නොලද්දේ, බුහුමන් නොලද්දේ, නොපුදන ලද්දේ වේ. ශ්‍රාවකයෝ පකුධකච්චායනයන් සත්කාර කොට, ගරු කොට, ඇසුරු කොට වාසය නොකරත්. පෙරවූවක් කියමි. පකුධකච්චායන තෙමේ නොයෙක් සියගනන් පිරිසට ධර්ම දේශනා කරයි. එහි පකුධකච්චායනගේ එක්තරා ශ්‍රාවකයෙක් ‘පින්වත්නි, මේ කාරණය පකුධකච්චායනයන් ගෙන් නොවිචාරව්. හෙතෙම මෙය නොදනියි. අපි මෙය නොදනිමු. මේ කාරණය අපගෙන් විචාරව්. අපි මෙය පින්වතුන්ට කියන්නෙමු’යි ශබ්ද කෙළේය. පෙර වූවක් කියමි. පකුධකුච්චායන තෙම ‘පින්වත්නි’ නිශ්ශබ්ද වෙත්වා. පින්වත්නි ශබ්ද නොකරව් මොවුහු පින්වතුන් නොවිචාරත් මොවුහු අපි විචාරත්. අපි මේ ප්‍රකාශ කරන්නෙමු’යි දෙඅත් ඔසවා හඬන්නේ නොලැබීය. පකුධකච්චායනගේ බොහෝවූ ශ්‍රාවකයෝද, වාද නගා බැහැර ගියාහු වෙත්. ‘නුඹ මේ ධර්ම විනය නොදන්නෙහිය. මම මේ ධර්ම විනය දනිමි. කිම නුඹ මේ ධර්මවිනය දන්නෙහිද? නුඹ වරදවා පිළිපන්නේ වෙහිය. මම මනාව පිළිපන්නේ වෙමි. මම වැඩ සහිතවේ. නුඹට වැඩ සහිත නොවේ. පළමු කිව යුත්ත පසුව කීයෙහිය පසුව කිව යුත්ත පළමු කීයෙහිය. නුඹ විසින් බොහෝ කලක් පුරුදු කරන ලද්ද මාපිට පෙරලුනේය. නුඹ විසින් නගන ලද වාදය නිග්‍රහ කරන ලද්දේ, එය වාදයෙන් මිදීම පිණිස හැසිරෙව හැකි නම් නිරවුල් කරව (කියායි) මෙසේ පකුධකච්චායන තෙමේ ශ්‍රාවකයන්ගෙන් සත්කාර නොලද්දේ ගෞරව නොලද්දේ, බුහුමන් නොලද්දේ, පූජා නොලද්දේ පකුධ කච්චායන ශ්‍රාවකයෝද සත්කාර කොට ගෞරවකොට ඇසුරු කරගෙන වාසය නොකරත්. පකුධකච්චායන තෙමේ වනාහි ස්වභාවික ආක්‍රොශයෙන් ආක්‍රොශ කරණ ලද්දේ වෙයි.
සමහරු මෙසේ කීහ. සඤ්ජයබෙල්ලට්ඨි පුත්ත තෙමේද සමූහයා ඇත්තේද, ශිෂ්‍ය පිරිස ඇත්තේද, ශිෂ්‍ය පිරිසට ආචාර්ය වූයේද, ප්‍රසිද්ධ වූයේද, යසස් ඇත්තේද, තීර්ථකර වූයේද, බොහෝ දෙනා විසින් යහපතැයි සම්මත වූයේද, වේ. හෙතෙමේද ශ්‍රාවකයන්ගෙන් සත්කාර නොලද්දේ ගෞරව නොලද්දේ, බුහුමන් නොලද්දේ, නොපුදන ලද්දේ වේ. ශ්‍රාවකයෝ සඤ්ජයබෙල්ලට්ඨි පුත්තයන් සත්කාර කොට, ගරු කොට, ඇසුරු කොට වාසය නොකරත්. පෙරවූවක් කියමි. සඤ්ජයබෙල්ලට්ඨි පුත්ත තෙමේ නොයෙක් සිය ගණන් පිරිසට ධර්ම දේශනා කරයි. එහි සඤ්ජයබෙල්ලට්ඨි පුත්තයන්ගේ එක්තරා ශ්‍රාවකයෙක් ‘පින්වත්නි, මේ කාරණය සඤ්ජයබෙල්ලට්ඨි පුත්තයන්ගෙන් නොවිචාරව්. හෙතෙම මෙය නොදනියි. අපි මෙය දනිමු. මේ කාරණය අපගෙන් විචාරයි. අපි මෙය පින්වතුන්ට කියා දෙන්නෙමු’යි ශබ්ද කෙළේය. පෙරවූවක් කියමි. සඤ්ජයබෙල්ලට්ඨි පුත්ත තෙම ‘පින්වත්නි’ නිශ්ශබ්ද වෙත්වා. පින්වත්නි ශබ්ද නොකරව්. මොවුහු පින්වතුන් නොවිචාරත්. මොවුහු අප විචාරත්. අප මෙය ප්‍රකාශ කරන්නෙමු’යි දෙ අත් ඔසවා හඬන්නේ නොලැබීය. සඤ්ජය බෙල්ලට්ඨි පුත්තගේ බොහෝ ශ්‍රාවකයෝද වාද නගා බැහැර ගියාහු වෙත් ‘නුඹ මේ ධර්ම විනය නොදන්නෙහිය. මම මේ ධර්ම විනය දන්නෙමි. කිම නුඹ මේ ධර්ම විනය දැන ගන්නෙහිද, නුඹ වරදවා පිළිපන්නේ වෙහිය. මම මනාව පිළිපන්නේ වෙමි. මම වැඩ සහිත වේ. නුඹට වැඩ සහිත නොවේ. පළමු කිව යුත්ත පසුව කීයෙහිය. පසුව කිව යුත්ත පළමු කීයෙහිය. නුඹ විසින් බොහෝ කලක් පුරුදු කරණ ලද්ද මා පිට පෙරලුනේය. නුඹ විසින් නගන ලද වාදය නිග්‍රහ කරන ලද්දේ එය වාදයෙන් මිදීම පිණිස හැසිරෙව. නැති නම් නිරවුල් කරව, (කියායි) මෙසේ සඤ්ජයබෙල්ලට්ඨි තෙමේ ශ්‍රාවකයන්ගෙන් සත්කාර නොලද්දේ ගෞරව නොලද්දේ, බුහුමන් නොලද්දේ පූජා නොලද්දේ වේ. සඤ්ජයබෙල්ලට්ඨි පුත්තයන් ශ්‍රාවකයෝද සත්කාර කොට, ගෞරව කොට, ඇසුරු කොට, වාසය නොකරත්. සඤ්ජයබෙල්ලට්ඨි පුත්ත තෙමේ වනාහි ස්වභාවික ආක්‍රොශයෙන් ආක්‍රොශ කරණ ලද්දේ වෙයි.
සමහරු, මෙසේ කීහ. නිගණ්ඨනාත පුත්‍ර තෙමේ සමූහයා ඇත්තේද ශිෂ්‍ය ගණයා ඇත්තේද, ශිෂ්යගණයාට ආචාර්යවූයේද, ප්‍රකටවූයේ යසස් ඇත්තේ ආගම් දේශනාකරන්නේ බොහෝදෙනා විසින් යහපතැයි සම්මත කරණ ලද්දේ වේ. හෙතෙමේද ශ්‍රාවකයන්ගෙන් සත්කාර නොලද්දේ ගෞරව නොලද්දේ බුහුමන් නොලද්දේ නුපුදන ලද්දේ වේ. ශ්‍රාවකයෝ නිගණ්ඨනාත පුත්‍රයන් සත්කාරකොට ගරුකොට ඇසුරු කොට වාසය නොකරත්. පෙරවූවක් කියමි. නිගණ්ඨනාත පුත්‍ර තෙමේ නොයෙක් සියගණන් පිරිසට ධර්මය දේශනා කරයි. එහි නිගණ්ඨනාත පුත්‍රයාගේ එක්තරා ශ්‍රාවකයෙක් ‘පින්වත්නි, මේ කාරණය නිගණ්ඨනාත පුත්‍රයන් නොවිචාරව්. හෙතෙම මෙය නොදනියි. අපි මෙය දනිමු. අප මේ කාරණය විචාරව්. අපි මෙය පින්වතුන්ට ප්‍රකාශ කරන්නෙමුයි’ ශබ්ද කෙළේය.
“තවද පෙර වූවක් කියමි. නිගණ්ඨනාත පුත්‍ර තෙම පින්වත්නි, නිශ්ශබ්ද වෙත්වා පින්වත්නි ශබ්ද නොකරව් මොවුහු පින්වතුන් නොවිචාරත්. මොවුහු අප විචාරත්. අපි මෙය ප්‍රකාශ කරන්නෙමුයි’ දෙඅත් ඔසවා හඬන්නේ නිශ්ශබ්ද කරවීම නොලැබීය. නිගණ්ඨනාත පුත්‍රයාගේ බොහෝවූ ශ්‍රාවකයෝද ‘නුඹ මේ ධර්ම විනය නොදන්නෙහිය. මම මේ ධර්ම විනය දනිමි. කිම නුඹ මේ ධර්ම විනය දැනගන්නෙහිද? නුඹ වරදවා පිළිපන්නේ වෙහිය. මම මනාව පිළිපන්නේ වෙමි. මගේ කීම කරුණු සහිතය. නුඹගේ කීම කරුණු සහිත නොවේ. පළමු කියයුත්ත පසුව කීයෙහිය. පසුව කියයුත්ත පළමු කීයෙහිය. නුඹ විසින් බොහෝ කලක් පුරුදු කරණ ලද්ද මාපිට පෙරළුනේය. නුඹ විසින් නගනලද වාදය තෙම නිග්‍රහ කරණ ලද්දේ වූයේය. වාදයෙන් මිදීම පිණිස හැසිරෙව. හැක්කෙහි නම් නිරවුල් හෝ කරවයි’ වාද නඟා ඉවත්ව ගියහ. මෙසේ නිගණ්ඨනාත පුත්‍ර තෙමේ ශ්‍රාවකයන්ගෙන් සත්කාර නොලද්දේ ගෞරව නොලද්දේ බුහුමන් නොලද්දේ පූජා නොලද්දේ වේ. ශ්‍රාවකයෝද නිගණ්ඨනාත පුත්‍රයන් සත්කාරකොට ගෞරවකොට ඇසුරුකොට වාසය නොකරත්. නිගණ්ඨනාත පුත්‍ර තෙමේ වනාහි ස්වාභාවික ආක්‍රොශයෙන් ආක්‍රොශ කරණ ලද්දේ ද වේයයි
|
240
‘‘එකච්චෙ එවමාහංසු - ‘අයම්පි ඛො සමණො ගොතමො සඞ්ඝී චෙව ගණී ච ගණාචරියො
|
240
ඇතැම්හු මෙසේ කීහ. “මේ ශ්‍රමණ ගෞතම තෙමේ වනාහි සංඝයා ඇත්තේද ශිෂ්‍යගණයා ඇත්තේද, ශිෂ්‍ය සමූහයාට ආචාර්ය වූයේද ප්‍රකට වූයේ යසස් ඇත්තේ ආගම් දේශනාකරන්නේ බොහෝ දෙනා විසින් යහපතැයි සම්මතද වේ. හෙතෙමේ වනාහි ශ්‍රාවකයන් විසින්ද සත්කාර කරණ ලද්දේ ගෞරව කරණ ලද්දේ, බුහුමන් කරණ ලද්දේ, පූජා කරණ ලද්දේ වේ. ශ්‍රාවකයෝ ශ්‍රමණ ගෞතමයන් සත්කාරකොට ගෞරවකොට ඇසුරුකොට වාසය කරත්. පෙර වූවක් කියමි. ශ්‍රමණ ගෞතම තෙම නොයෙක් සියගණන් පිරිසට ධර්මය දේශනා කරයි. එහි ශ්‍රමණ ගෞතමයන්ගේ එක්තරා ශ්‍රාවකයෙක් කෑරූයේය. ඔහුට එක්තරා බ්‍රහ්මචාරී කෙනෙක් ‘ආයුෂ්මත් තෙමේ නිශ්ශබ්ද වේවා. ආයුෂ්මත් තෙමේ ශබ්ද නොකරේවා. අපගේ ශාස්තෘවූ භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කෙරේයයි,’ දනින් ගැටීම කෙළේය. යම් කලෙක්හි ශ්‍රමණ ගෞතම තෙමේ නොයෙක් සිය ගණන් පිරිසට ධර්මය දේශනා කෙරේද, එකල්හි ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයන්ගේ කිවිසිලි ශබ්දයක් හෝ කෑරුම් ශබ්දයක් හෝ නොමවේ. ජනසමූහය තෙම භාග්‍යවතුන් වහන්සේ අපට යම් ධර්මයක් දේශනා කරන්නේද, එය අපි අසන්නෙමුයි එය බලාපොරොත්තුවෙයි. යම්සේ පුරුෂයෙක් සතරමංසන්ධියෙක්හි මැස්සන් පහවගිය දඬුවැල් මීයක් කඩන්නේද, යම්සේ මහජන සමූහ තෙම එය බලාපොරොත්තුවෙන් පැමිණ සිටින්නේද, එපරිද්දෙන්ම යම් කලෙක්හි ශ්‍රමණ ගෞතම තෙම නොයෙක් සිය ගණන් පිරිසට ධර්මය දේශනා කෙරේද, එකල්හි ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයන්ගේ කිවිසුම් ශබ්දයක් හෝ කෑරීම් ශබ්දයක් හෝ නොම වේ. එය මහජන සමූහ තෙමේ අපට භාග්‍යවතුන් වහන්සේ යම් ධර්මයක් දේශනා කරන්නේද, එය අපි අසන්නෙමුයි බලාපොරොත්තුවෙන් පැමිණ සිටියේ වෙයි. ශ්‍රමණ ගෞතමයන්ගේ යම් ශ්‍රාවකයෝත් සබ්‍රම්සරුන් හා යම් සුලු අරගලයක්කොට ශික්ෂා ප්රත්යක්ඛ්යානය (උපසම්පදාව ඉවත්කිරීම) කොට ගිහි බවට පැමිණෙත්ද, ඔව්හුද ශාස්තෘහුගේ ගුණ කියන්නෝ වෙති. ධර්මයෙහි ගුණ කියන්නෝ වෙති. සංඝයාගේ ගුණ කියන්නෝ වෙති. තමහට ගර්හා කරන්නාහුම වෙත්. යම්බඳු අපි මෙබඳු මනාව ප්‍රකාශ කරණ ලද ශාසනයෙහි පැවිදිව දිවි හිමියෙන් සම්පූර්ණකොට පිරිසිදුකොට බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්ට නොහැකිවීමුද, මෙහි අපිම කාලකන්නිවූවෝ වෙමු. අපි මද පින් ඇත්තෝ වෙමු යනුවෙනි. අනුන්ට ගරහන්නෝ නොවෙත්. ඔව්හු ආරාමික වූවාහු හෝ උපාසක වූවාහු හෝ පඤ්චසීලයන් සමාදන්ව පවතිත්. මෙසේ ශ්‍රමණ ගෞතම තෙම ශ්‍රාවකයන් විසින් සත්කාර කරණ ලද්දේ, ගෞරව කරණ ලද්දේ බුහුමන් කරණ ලද්දේ, පූජාකරණ ලද්දේ වේ. ශ්‍රාවකයෝ ශ්‍රමණ ගෞතමයන්ද සත්කාරකොට ගරුකොට ඇසුරුකොට වාසය කරන්නේයයි කීහ.
|
241
‘‘කති පන ත්වං, උදායි, මයි ධම්මෙ සමනුපස්සසි, යෙහි මමං
(මම (සබ්බත්ථ)) සාවකා සක්කරොන්ති ගරුං කරොන්ති
(ගරුකරොන්ති (සී. ස්‍යා. කං. පී.)) මානෙන්ති පූජෙන්ති, සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරන්තී’’ති? ‘‘පඤ්ච ඛො අහං, භන්තෙ, භගවති ධම්මෙ සමනුපස්සාමි යෙහි භගවන්තං සාවකා සක්කරොන්ති ගරුං කරොන්ති මානෙන්ති පූජෙන්ති, සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරන්ති. කතමෙ පඤ්ච? භගවා හි, භන්තෙ, අප්පාහාරො, අප්පාහාරතාය ච වණ්ණවාදී. යම්පි, භන්තෙ, භගවා අප්පාහාරො, අප්පාහාරතාය ච වණ්ණවාදී ඉමං ඛො අහං, භන්තෙ, භගවති
‘‘පුන
‘‘පුන චපරං, භන්තෙ, භගවා සන්තුට්ඨො ඉතරීතරෙන පිණ්ඩපාතෙන, ඉතරීතරපිණ්ඩපාතසන්තුට්ඨියා ච වණ්ණවාදී. යම්පි, භන්තෙ, භගවා සන්තුට්ඨො ඉතරීතරෙන පිණ්ඩපාතෙන, ඉතරීතරපිණ්ඩපාතසන්තුට්ඨියා ච වණ්ණවාදී, ඉමං ඛො අහං, භන්තෙ, භගවති තතියං ධම්මං සමනුපස්සාමි යෙන භගවන්තං සාවකා සක්කරොන්ති ගරුං කරොන්ති මානෙන්ති පූජෙන්ති, සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරන්ති.
‘‘පුන චපරං, භන්තෙ, භගවා සන්තුට්ඨො ඉතරීතරෙන සෙනාසනෙන, ඉතරීතරසෙනාසනසන්තුට්ඨියා ච වණ්ණවාදී. යම්පි, භන්තෙ, භගවා සන්තුට්ඨො ඉතරීතරෙන සෙනාසනෙන, ඉතරීතරසෙනාසනසන්තුට්ඨියා ච වණ්ණවාදී, ඉමං
‘‘පුන චපරං, භන්තෙ, භගවා පවිවිත්තො, පවිවෙකස්ස ච වණ්ණවාදී
‘‘ඉමෙ ඛො අහං, භන්තෙ, භගවති පඤ්ච ධම්මෙ සමනුපස්සාමි යෙහි භගවන්තං සාවකා සක්කරොන්ති
|
241
“උදායීය, යමකින් මාගේ ශ්‍රාවකයෝ සත්කාර කෙරෙත්ද ගෞරව කෙරෙත්ද, බුහුමන් කෙරෙත්ද, පුදත්ද, සත්කාර කොට ගෞරවකොට ඇසුරුකොට වාසය කෙරෙත්ද, එබඳු ධර්මකෙනෙක් නුඹ දන්නෙහිද?” “ස්වාමීනි, මම යමකින් භාග්‍යවතුන් වහන්සේට ශ්‍රාවකයෝ සත්කාර කෙරෙත්ද, ගෞරව කෙරෙත්ද, බුහුමන් කෙරෙත්ද, පුදත්ද, සත්කාර කොට, ගෞරවකොට, ඇසුරුකොට වාසය කෙරෙත්ද, එබඳු ධර්ම පසක් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි දක්නෙමි. කවර පසක්ද? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ වනාහි ස්වල්ප ආහාර ඇත්තේ ස්වල්ප ආහාර ඇති බැව්හි ගුණ කියන්නේද වේ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ස්වල්ප ආහාර ඇත්තේ, ස්වල්ප ආහාර ඇති බැව්හි ගුණ කියන්නේත් වේය යන යමක් ඇද්ද, ස්වාමීනි යමකින් භාග්‍යවතුන් වහන්සේට ශ්‍රාවකයෝ සත්කාර කෙරෙත්ද, ගෞරව කෙරෙත්ද, බුහුමන් කෙරෙත්ද, පූජා කෙරෙත්ද, සත්කාරකොට, ගෞරවකොට, ඇසුරුකොට වාසය කෙරෙත්ද, මේ පළමුවන ධර්මය වනාහි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මම දක්නෙමි.
“නැවත අනිකක්ද කියමි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ලාමක ලාමක සිව්රකින් සතුටුවූයේ ලාමක ලාමක සිව්රකින් සන්තෝෂ වීමෙහි ගුණ කියන්නේද වේ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ලාමක ලාමක සිවුරකින් සතුටුවූයේ ලාමක ලාමක සිව්රකින් සත්තොෂ වීමෙහි ගුණ කියන්නේත් වේය යන යමක් වේද, ස්වාමීනි, යමකින් භාග්‍යවතුන් වහන්සේට ශ්‍රාවකයෝ සත්කාර කෙරෙත්ද, ගෞරව කෙරෙත්ද බුහුමන් කෙරෙත්ද පූජා කෙරෙත්ද, සත්කාර කොට ගෞරව කොට ඇසුරු කොට වාසය කෙරෙත්ද මේ දෙවන ධර්මය වනාහි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මම දක්නෙමි.
“නැවත අනිකක්ද කියමි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ලාමක ලාමකවූ ආහාරයෙන් සතුටුවූයේ ලාමක ලාමක ආහාරයෙන් සන්තෝෂ විමෙහි ගුණකියන්නේද වේ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ලාමක ලාමක ආහාරයෙන් සතුටුවූයේ ලාමක ලාමක ආහාරයෙන් සතුටුවීමෙහි ගුණ කියන්නේත් වේය යන යමක් ඇද්ද, ස්වාමීනි යමකින් භාග්‍යවතුන් වහන්සේට ශ්‍රාවකයෝ සත්කාර කෙරෙත්ද, ගෞරව කෙරෙත්ද, බුහුමන් කෙරෙත්ද, පූජා කෙරෙත්ද සත්කාර කොට ගෞරව කොට ඇසුරු කොට වාසය කෙරෙත්ද, මම මේ තුන්වන ධර්මය භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි දක්නෙමි.
“නැවත අනිකක්ද කියමි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ලාමක ලාමක සෙනාසනයෙන් සතුටුවූයේ ලාමක ලාමක සේනාසනයෙන් සතුටුවීමෙහි ගුණ කියන්නේද වේ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ලාමක ලාමක සෙනාසනයෙන් සතුටුවූයේ ලාමක ලාමක සෙනාසනයෙහි සතුටුවීමෙහි ගුණ කියන්නේත් වේය යන යමක්වේද, ස්වාමීනි, යමකින් භාග්‍යවතුන් වහන්සේට ශ්‍රාවකයෝ සත්කාර කෙරෙත්ද, ගෞරව කෙරෙත්ද, බුහුමන් කෙරෙත්ද, පූජා කෙරෙත්ද, සත්කාර කොට ගෞරවකොට ඇසුරු කොට වාසය කෙරෙත්ද, මේ සතරවන ධර්මය භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මම දක්නෙමි.
“නැවත අනිකක්ද කියමි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ උතුම් විවේක ඇත්තේ උතුම් විවේකයාගේ ගුණ කියන්නේද වේ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ උතුම් විවේක ඇත්තේ උතුම් විවේකයාගේ ගුණ කියන්නේත් වෙයි යන යමක් වේද, ස්වාමීනි, යමකින් භාග්‍යවතුන් වහන්සේට ශ්‍රාවකයෝ සත්කාර කෙරෙත්ද, ගෞරව කෙරෙත්ද බුහුමන් කෙරෙත්ද පූජා කෙරෙත්ද සත්කාර කොට ගෞරව කොට ඇසුරු කොට වාසය කෙරෙත්ද මේ පස්වන ධර්මය මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි දක්නෙමියි’ කීයේය.
“ස්වාමීනි, යමකින් භාග්‍යවතුන් වහන්සේට ශ්‍රාවකයෝ සත්කාර කෙරෙත්ද ගෞරව කෙරෙත්ද බුහුමන් කෙරෙත්ද පුදත්ද, සත්කාර කොට ගෞරව කොට ඇසුරු කරගෙන වාසය කෙරෙත්ද ඒ මේ ධර්ම පස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මම දක්නෙමියි” කීයේය.
|
242
‘‘‘අප්පාහාරො සමණො ගොතමො, අප්පාහාරතාය ච වණ්ණවාදී’ති, ඉති චෙ මං, උදායි, සාවකා සක්කරෙය්‍යුං ගරුං කරෙය්යුං මානෙය්‍යුං පූජෙය්‍යුං, සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරෙය්යුං, සන්ති ඛො පන මෙ, උදායි, සාවකා කොසකාහාරාපි අඩ්ඪකොසකාහාරාපි බෙලුවාහාරාපි අඩ්ඪබෙලුවාහාරාපි. අහං
‘‘‘සන්තුට්ඨො සමණො ගොතමො ඉතරීතරෙන චීවරෙන, ඉතරීතරචීවරසන්තුට්ඨියා
‘‘‘සන්තුට්ඨො සමණො ගොතමො ඉතරීතරෙන පිණ්ඩපාතෙන, ඉතරීතරපිණ්ඩපාතසන්තුට්ඨියා ච වණ්ණවාදී’ති, ඉති චෙ මං, උදායි, සාවකා සක්කරෙය්‍යුං ගරුං කරෙය්යුං මානෙය්‍යුං පූජෙය්‍යුං, සක්කත්වා
‘‘‘සන්තුට්ඨො සමණො ගොතමො ඉතරීතරෙන සෙනාසනෙන, ඉතරීතරසෙනාසනසන්තුට්ඨියා ච වණ්ණවාදී’ති, ඉති චෙ මං, උදායි, සාවකා සක්කරෙය්‍යුං ගරුං කරෙය්යුං මානෙය්‍යුං පූජෙය්‍යුං, සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරෙය්යුං, සන්ති ඛො පන මෙ, උදායි, සාවකා රුක්ඛමූලිකා අබ්භොකාසිකා, තෙ අට්ඨමාසෙ ඡන්නං න උපෙන්ති. අහං ඛො පනුදායි, අප්පෙකදා කූටාගාරෙසුපි විහරාමි උල්ලිත්තාවලිත්තෙසු නිවාතෙසු ඵුසිතග්ගළෙසු
(ඵුස්සිතග්ගළෙසු (සී. පී.)) පිහිතවාතපානෙසු. ‘සන්තුට්ඨො සමණො ගොතමො ඉතරීතරෙන
‘‘‘පවිවිත්තො සමණො ගොතමො, පවිවෙකස්ස ච වණ්ණවාදී’ති, ඉති චෙ මං, උදායි, සාවකා සක්කරෙය්‍යුං ගරුං කරෙය්යුං මානෙය්‍යුං පූජෙය්‍යුං, සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරෙය්යුං, සන්ති ඛො පන මෙ, උදායි, සාවකා ආරඤ්ඤිකා පන්තසෙනාසනා අරඤ්ඤවනපත්ථානි පන්තානි සෙනාසනානි අජ්ඣොගාහෙත්වා විහරන්ති, තෙ අන්වද්ධමාසං සඞ්ඝමජ්ඣෙ ඔසරන්ති පාතිමොක්ඛුද්දෙසාය. අහං ඛො පනුදායි, අප්පෙකදා ආකිණ්ණො විහරාමි භික්ඛූහි භික්ඛුනීහි
‘‘ඉති ඛො, උදායි, න මමං සාවකා ඉමෙහි පඤ්චහි ධම්මෙහි සක්කරොන්ති ගරුං කරොන්ති මානෙන්ති පූජෙන්ති, සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරන්ති.
|
242
“උදායීය, ශ්‍රමණ ගෞතමතෙම ස්වල්ප ආහාර ඇත්තේ ස්වල්ප ආහාර ඇති බැව්හි ගුණ කියන්නේත් වේයයි, ඉදින් මෙසේ මට ශ්‍රාවකයෝ සත්කාර කරන්නාහු නම් ගෞරව කරන්නාහු නම් බුහුමන් කරන්නාහු නම් පූජා කරන්නාහු නම් සත්කාර කොට ගෞරව කොට ඇසුරු කරගෙණ වාසය කරන්නාහු නම්, උදායීය, මාගේ ශ්‍රාවකයෝ වනාහි එක් කුඩා බඳුනක ආහාර වළඳා ජීවත් වන්නෝද වෙත්. එයින් බාගයක් වළඳා ජීවත් වන්නෝද වෙත්. බෙලිගෙඩියක් පමණ ආහාර වළඳා ජීවත් වන්නෝද, බෙලිගෙඩි බාගයක් පමණ ආහාර වළඳා ජීවත් වන්නෝද වෙත්. උදායීය මම වනාහි සමහර දවසක මේ පාත්‍රයෙන් මුවවිට දක්වාද වළඳමි, වැඩියක්ද වළඳමි, ශ්‍රමණ ගෞතම තෙමේ ස්වල්ප ආහාර ඇත්තේ ස්වල්ප ආහාර ඇතිබැව්හි ගුණ කියන්නේත් වේයයි, උදායීය, ඉදින් මට මෙසේ ශ්‍රාවකයෝ සත්කාර කරන්නාහු නම් ගෞරව කරන්නාහු නම් බුහුමන් කරන්නාහු නම් පූජා කරන්නාහු නම් සත්කාරකොට ගෞරවකොට ඇසුරුකොට වාසය කරන්නාහු නම් උදායීය, මාගේ යම් ඒ ශ්‍රාවකයෝ කුඩා භාජනයක ආහාර වළඳා ජීවත් වන්නෝද එයින් බාගයක් වළඳා ජීවත් වන්නෝද බෙලි ගෙඩියක් පමණ ආහාර වළඳන්නෝද බෙලිගෙඩි බාගයක් පමණ ආහාර වළඳන්නේද ඔව්හු මට මේ කාරණයෙන් සත්කාර නොකරන්නාහුය. ගෞරව නොකරන්නාහුය, බුහුමන් නොකරන්නාහුය. පූජා නොකරන්නාහුය, සත්කාර කොට ගෞරව කොට ඇසුරු කොට වාසය නොකරන්නාහුය.
“ශ්‍රමණ ගෞතමතෙම ලාමක ලාමක සිවුරකින් සතුටුවූයේ ලාමක ලාමක සිවුරකින් සන්තොෂ වීමෙහි ගුණ කියන්නේත් වේයයි, උදායීය, ඉදින් මට මෙසේ ශ්‍රාවකයෝ සත්කාර කරන්නාහු නම්, ගෞරව කරන්නාහු නම්, බුහුමන් කරන්නාහු නම්, පූජා කරන්නාහු නම් සත්කාර කොට ගෞරව කොට, ඇසුරු කොට වාසය කරන්නාහු නම්, උදායීය, රළු සිවුරු දරන්නාවූ පංශුකූලිකවූ මාගේ ශ්‍රාවකයෝ වෙත්මය. ඔව්හු සොහොනෙන් හෝ කසලගොඩෙන් හෝ අවුලාගත් වස්ත්‍ර හෝ (කඩපිල් ලඟ දැමූ) වස්ත්‍ර හෝ කෙළවරවල් නැති වස්ත්‍රවලින් එකතුකොට සඟල සිවුරක් කොට දරත්. උදායීය, මම වනාහි සමහර දවසක දළවූ රූක්ෂවූද ලබු වැලෙහි බූව වැනි සියුම් නූලෙන් වියනලද සියුම්වූද ගෘහපතියන් විසින් දෙනලද සිවුරු දරමි. ශ්‍රමණ ගෞතම තෙම ලාමක ලාමක සිවුරෙන් සතුටුවූයේ ලාමක ලාමක සිවුරෙන් සන්තොෂ වීමෙහි ගුණකියන්නේත් වේයයි උදායීය, ඉදින් මෙසේ මට ශ්‍රාවකයෝ සත්කාර කරන්නාහුද ගෞරව කරන්නාහුද, බුහුමන් කරන්නාහුද, පුදන්නාහුද සත්කාර කොට, ගෞරව කොට, ඇසුරු කොට වාසය කරන්නාහුද, උදායීය, යම් ඒ මාගේ ශ්‍රාවකයෝ පාංශුකූලිකවූවාහු රළු සිවුරු දරන්නාහු සොහොනෙන් හෝ කසල ගොඩෙන් හෝ අව්ලාගත් වස්ත්‍ර හෝ කඩපිල් ලඟ දැමූ වස්ත්‍ර හෝ කෙළවරවල් නැති දිරූ වස්ත්‍රයෙන් එකතුකොට සඟල සිවුරක්කොට දරත්ද, ඒ ශ්‍රාවකයෝ මට මේ කාරණයෙන් සත්කාර නොකරන්නාහුය. ගෞරව නොකරන්නාහුය. බුහුමන් නොකරන්නාහුය, පූජා නොකරන්නාහුය, සත්කාර කොට ගෞරව කොට ඇසුරු කොට වාසය නොකරන්නාහුය.
“ශ්‍රමණ ගෞතම තෙම ලාමක ලාමක ආහාරයෙන් සතුටු වූයේ ලාමක ලාමක ආහාරයෙන් සන්තොෂ වීමෙහි ගුණ කියන්නේත් වේයයි, උදායීය, ඉදින් මෙසේ මට ශ්‍රාවකයෝ සත්කාර කරන්නාහුද ගෞරව කරන්නාහුද බුහුමන් කරන්නාහුද පුදන්නාහුද සත්කාර කොට ගෞරව කොට ඇසුරු කොට වාසය කරන්නාහුද, උදායීය, මාගේ ශ්‍රාවකයෝ වනාහි පිණ්ඩපාතිකවූවෝ ගෙපිළිවෙළින් හැසිරෙන්නේ පිඩු සිඟන වතෙහි ඇළුනෝ වෙත්. ඔව්හු ගමට පැමිණියාහු හිඳීමට කැඳවනු ලැබුවාහුද නොඉවසත්. උදායීය, මම වනාහි සමහර දවසක ආරාධනා ලැබූ තැන්වලද අව්ලාදමන ලද කලු ඇට ඇති නොයෙක් සූප ව්‍යඤ්ජන ඇති ඇල්හාලේ බත වළඳිමි.
“උදායීය, ශ්‍රමණ ගෞතම තෙම පහත් පහත් ආහාරයෙන් සතුටු වූයේ සතුටු වීමෙහි ගුණ කියන්නේත් වේයයි, ඉදින් ශ්‍රාවකයෝ මට මෙසේ සත්කාර කරන්නාහු නම් ගෞරව කරන්නාහු නම් බුහුමන් කරන්නාහු නම් පුදන්නාහු නම් සත්කාර කොට ගෞරව කොට ඇසුරු කොට වසන්නාහු නම්, උදායීය, පිණ්ඩපාතයෙන් යැපෙන්නාවූ ගෙපිළිවෙළින් පිඬු පිණිස හැසිරෙන්නාවූ පිඬු සිඟන වතෙහි ඇලුනාවූ ගමට පැමිණියේවී නමුත් හිඳ ගැනීමට කැඳෙව්වත් නොපිළිගන්නාවූ මාගේ ශ්‍රාවකයෝ වෙත්ද, මේ කාරණයෙන් සත්කාර නොකරන්නාහුය. ගෞරව නොකරන්නාහුය. බුහුමන් නොකරන්නාහුය. නොපුදන්නාහුය. සත්කාර කොට ගෞරව කොට ඇසුරු කොට වාසය නොකරන්නාහුය.
“උදායීය, ශ්‍රමණ ගෞතමතෙම පහත් පහත්වූ සෙනසුන් සතුටු වූයේ පහත් පහත් සේනාසනයෙන් සතුටු වීමෙහි ගුණ කියන්නේත් වෙයි’. ඉදින් මෙසේ මට සත්කාර කරන්නාහු නම් ගෞරව කරන්නාහු නම් බුහුමන් කරන්නාහු නම් පුදන්නාහු නම් සත්කාර කොට ගෞරව කොට වාසය කරන්නාහු නම්, උදායීය, ගස්මුල්වල වාසය කරන්නාහු හිස්තැන්වල වාසය කරන්නාවූ මාගේ ශ්‍රාවකයෝ ඇත්තාහ. අටමසක් සෙවිළිකළ තැනකට ඇතුල් නොවෙත්. උදායීය, මම වනාහි සමහර දවසක උඩ යට ආලෙප කරණ ලද්දාවූ වාතය ඇතුල් නොවන්නාහු වසනලද දොර අගුල් ඇත්තාවූ වසනලද ජනෙල් ඇත්තාවූ කුළුගෙවල වලද වාසය කරමි. ශ්‍රමණ ගෞතම තෙමේ පහත් පහත්වූ සේනාසනයෙන් සතුටු වූයේ පහත් පහත්වූ සයනාසනයෙන් සතුටු විමෙහි ගුණ කියන්නේත් වේයයි, උදායීය, ඉදින් මෙසේ මට ශ්‍රාවකයෝ සත්කාර කරන්නාහු නම් ගෞරව කරන්නාහු නම් බුහුමන් කරන්නාහු නම් පුදන්නාහු නම්, සත්කාර කොට ගෞරව කොට ඇසුරුකොට වසන්නාහු නම්, උදායීය, ගස්මුල වසන්නාවූද හිස්තැන්වල වසන්නාවූද මාගේ යම් ඒ ශ්‍රාවකයෝ වෙත්ද, අටමසක් සෙවනකට නොපැමිණෙන්නාවූද, මාගේ යම් ඒ ශ්‍රාවකයෝ වෙත්ද, ඔවුහු මට මේ කාරණයෙන් සත්කාර නොකරන්නාහුය. ගෞරව නොකරන්නාහුය. බුහුමන් නොකරන්නාහුය. නොපුදන්නාහුය. සත්කාර කොට ගෞරව කොට ඇසුරු කොට වාසය නොකරන්නාහුය.
“ශ්‍රමණ ගෞතමතෙමේ උතුම්වූ විවේක ඇත්තේ උතුම්වූ විවේකයාගේ ගුණ කියන්නේත් වේයයි, උදායීය, ඉදින් මෙසේ මට ශ්‍රාවකයෝ සත්කාර කරන්නාහුනම් ගෞරව කරන්නාහුනම් බුහුමන් කරන්නාහුනම් පුදන්නාහුනම් සත්කාර කොට ගෞරව කොට ඇසුරු කොට වාසය කරන්නාහුනම්, උදායීය, ආරණ්‍යයෙහි වසන්නාවූ ඉතා දුර වන සෙනසුන් ඇතිව වනයෙහි ඉතාදුර සෙනසුන්වල වාසය කරන්නාවූ මාගේ ශ්‍රාවකයෝ නැත්තාහ. ඔව්හු අඩමසකට වරක් පොහෝ කිරීම සඳහා සංඝයාමැදට පැමිණෙත්. උදායීය, මම වනාහි සමහර දිනක භික්ෂූන්ගෙන් භික්ෂුණීන්ගෙන් උපාසකයන්ගෙන් උපාසිකාවන්ගෙන් රජුගෙන් රජ මහ ඇමතියන්ගෙන් තීර්ථකයන්ගෙන් තීර්ථක ශ්‍රාවකයන්ගෙන් පිරිවරනලදුවද වාසය කරමි. උදායීය, ශ්‍රමණ ගෞතම තෙම උතුම් විවේක ඇත්තේ උතුම් විවේකයාගේ ගුණ කියන්නේත් වේයයි, ඉදින් මෙසේ මට ශ්‍රාවකයෝ සත්කාර කරන්නාහු නම් ගෞරව කරන්නාහුනම් බුහුමන් කරන්නාහුනම් පුදන්නාහුනම් සත්කාර කොට ගෞරව කොට ඇසුරු කොට වාසය කරන්නාහුනම්, උදායීය, ආරණ්‍යයෙහි වාසය කරන්නාවූ ඉතා දුර වන සෙනසුන් ඇත්තාවූ, ආරණ්‍යයෙහි වනසෙනසුන් වලටද ඉතා දුරවූ සෙනසුන් වලටද ඇතුල්ව වාසය කරන්නාවූද අඩ මසකට වරක් සංඝයා මැදට පොහෝ කිරීම සඳහා රැස්වන්නාවූද යම් ඒ මාගේ ශ්‍රාවකයෝ ඔව්හු මේ කාරණයෙන් මට සත්කාර නොකරන්නාහුය. ගෞරව නොකරන්නාහුය බුහුමන් නොකරන්නාහුය, නුපුදන්නාහුය සත්කාර කොට ගෞරව කොට ඇසුරු කොට වාසය නොකරන්නාහුය. උදායීය, මෙසේ වනාහි ශ්‍රාවකයෝ මට මේ කරුණු පසින් සත්කාර නොකරත්. ගෞරව නොකරත්. බුහුමන් නොකරත්. නුපුදත්. සත්කාර කොට ගෞරව කොට ඇසුරු කොට වාසය නොකරත්.
|
243
‘‘අත්ථි ඛො, උදායි, අඤ්ඤෙ ච පඤ්ච ධම්මා යෙහි පඤ්චහි ධම්මෙහි මමං සාවකා සක්කරොන්ති ගරුං කරොන්ති මානෙන්ති පූජෙන්ති
|
243
“උදායීය, යමකින් මට ශ්‍රාවකයෝ සත්කාර කෙරෙත්ද ගෞරව කෙරෙත්ද බුහුමන් කෙරෙත්ද පුදත්ද සත්කාර කොට ගෞරව කොට ඇසුරු කොට වාසය කෙරෙත්ද, එබඳු අන්යවුද කරුණු පසක් ඇත්තාහ. කවර පසක්ද යත්? උදායීය, මේ ශාසනයෙහි ශ්‍රාවකයෝ මට ශ්‍රමණ තෙම සිල් ඇත්තේ උතුම්වූ සීල සමූහයෙන් යුක්තවූයේයයි අධිසීලය කරුණුකොට ගරුකරත්. උදායීය, ශ්‍රමණ ගෞතම තෙම සිල් ඇත්තේ උතුම්වූ සීල සමූයෙන් යුක්තවූයේයයි, ශ්‍රාවකයෝ මට අධිසීලය නිමිතිකොට සම්භාවනා කෙරෙත්, යන යමක් වේද, උදායීය, මේ ශ්‍රාවකයන් මට සත්කාර කරන්නාවූ, ගෞරව කරන්නාවූ, බුහුමන් කරන්නාවූ, පුදන්නාවූ, සත්කාර කොට ගෞරව කොට ඇසුරු කොට වාසය කරන්නාවූ පළමුවන කාරණය වේ.
|
244
‘‘පුන චපරං, උදායි, මමං සාවකා අභික්කන්තෙ ඤාණදස්සනෙ සම්භාවෙන්ති - ‘ජානංයෙවාහ සමණො ගොතමො - ජානාමීති, පස්සංයෙවාහ සමණො ගොතමො - පස්සාමීති; අභිඤ්ඤාය සමණො ගොතමො ධම්මං දෙසෙති නො අනභිඤ්ඤාය; සනිදානං සමණො ගොතමො ධම්මං දෙසෙති නො අනිදානං; සප්පාටිහාරියං සමණො ගොතමො ධම්මං දෙසෙති නො අප්පාටිහාරිය’න්ති. යම්පුදායි, මමං සාවකා අභික්කන්තෙ ඤාණදස්සනෙ සම්භාවෙන්ති - ‘ජානංයෙවාහ සමණො ගොතමො - ජානාමීති, පස්සංයෙවාහ සමණො ගොතමො - පස්සාමීති; අභිඤ්ඤාය සමණො ගොතමො ධම්මං දෙසෙති නො අනභිඤ්ඤාය; සනිදානං සමණො ගොතමො ධම්මං දෙසෙති නො අනිදානං; සප්පාටිහාරියං සමණො ගොතමො ධම්මං දෙසෙති නො අප්පාටිහාරිය’න්ති, අයං ඛො, උදායි, දුතියො ධම්මො යෙන මමං සාවකා
|
244
“උදායීය, නැවත අනිකක්ද කියමි. ශ්‍රමණ ගෞතමතෙම දැනම දනිමියි කියයි. ශ්‍රමණ ගෞතම තෙම දැකම දකිමියි කියයි. ශ්‍රමණ ගෞතම තෙම මනා නුවණින් දැන ධර්මය දේශනා කරයි. නොදැන නොවෙයි. ශ්‍රමණ ගෞතම තෙම හේතු සහිතව ධර්මය දේශනා කරයි. හේතු රහිතව නොවෙයි. ශ්‍රමණ ගෞතම තෙම කරුණු සහිතව ධර්මදේශනා කරයි. කරුණු රහිතව නොවේයයි ශ්‍රාවකයෝ මට ශ්‍රේෂ්ඨවූ ඥානය (සර්වඥතාඥානය) කරුණුකොට ගරු කරත්. උදායීය, ශ්‍රමණ ගෞතම තෙම දැනම දනිමියි කියයි. ශ්‍රමණ ගෞතම තෙම දැකම දකිමියි කියයි. ශ්‍රමණ ගෞතම තෙම මනා නුවණින් දැන ධර්මය දේශනා කරයි මනා නුවණින් නොදැන නොවෙයි. ශ්‍රමණ ගෞතම තෙම හේතු සහිතව ධර්මය දේශනා කරයි. හේතු රහිතව නොවෙයි. ශ්‍රමණ ගෞතම තෙම කරුණු සහිතව ධර්මය දේශනා කරයි. කරුණු රහිතව නොවේයයි ශ්‍රාවකයෝ මට ශ්‍රේෂ්ඨවූ ඥානය කරුණුකොට ගරු කෙරෙත් යන යමක්වේද, උදායීය, මේ වනාහි ශ්‍රාවකයන් මට සත්කාර කරන්නාවූ ගෞරව කරන්නාවූ බුහුමන් කරන්නාවූ පුදන්නාවූ, සත්කාරකොට ගෞරවකොට ඇසුරුකොට වාසය කරන්නාවූ ඒ දෙවන කාරණය වේ.
|
245
‘‘පුන
‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘න ඛො පනාහං, උදායි, සාවකෙසු අනුසාසනිං පච්චාසීසාමි
(පච්චාසිංසාමි (සී. ස්‍යා. කං. පී.)); අඤ්ඤදත්ථු මමයෙව සාවකා අනුසාසනිං පච්චාසීසන්ති.
‘‘යම්පුදායි, මමං සාවකා අධිපඤ්ඤාය සම්භාවෙන්ති - ‘පඤ්ඤවා සමණො ගොතමො පරමෙන පඤ්ඤාක්ඛන්ධෙන සමන්නාගතො; තං වත අනාගතං වාදපථං න දක්ඛති, උප්පන්නං වා පරප්පවාදං න සහධම්මෙන නිග්ගහිතං නිග්ගණ්හිස්සතීති - නෙතං ඨානං විජ්ජති’. අයං ඛො, උදායි, තතියො ධම්මො යෙන මමං සාවකා සක්කරොන්ති ගරුං කරොන්ති මානෙන්ති පූජෙන්ති, සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරන්ති.
|
245
“උදායීය නැවත අනිකක්ද කියමි. ශ්‍රමණ ගෞතම තෙම ප්‍රඥා ඇත්තේ උතුම්වූ ප්‍රඥා රාශියෙන් යුක්තවූයේ වෙයි. මතු පැමිණෙන්නාවූ වාද මාර්ග නොදක්නේය. උපන්නාවූ හෝ අනුන්ගේ වාද මාර්ග කරුණු සහිතව මනාව නිග්‍රහ කිරීමෙන් නිග්‍රහ නොකරන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේයයි ශ්‍රාවකයෝ මට අධිප්‍රඥාව (එකෙණෙහි පහළවන නුවණ) නිමිතිකොට ගරු කෙරෙත්. උදායීය, ඒ කුමකැයි හඟින්නෙහිද? එසේ දන්නාවූ, එසේ දක්නාවූ මාගේ ශ්‍රාවකයෝ අතරතුර කථාව හෙලන්නාහුද?”
“ස්වාමීනි, එසේ නැත.”
“උදායීය, මම වනාහි ශ්‍රාවකයන් කෙරෙන් අනුශාසනාවක් බලාපොරොත්තු නොවෙමි. ශ්‍රාවකයෝ ඒකාන්තයෙන් මගෙන්ම අනුශාසනාව බලාපොරොත්තුවෙති. උදායීය, ශ්‍රමණ ගෞතම තෙම ප්‍රඥා ඇත්තේ උතුම්වූ ප්‍රඥා සමූහයෙන් යුක්ත වූයේ වෙයි. මතු පැමිණෙන්නාවූ ඒ වාද මාර්ගය හෝ නොදක්නේය. උපන්නාවූ හෝ අනුන්ගේ වාදය කරුණු සහිතව මනාව නිග්‍රහ කිරීමෙන් නිග්‍රහ නොකරන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේයයි, ශ්‍රාවකයෝ මට අධිප්‍රඥාව කරණකොට ගරුකෙරෙත්, යන යමක් වේද, උදායීය, ශ්‍රාවකයන් මට සත්කාර කරන්නාවූ, ගෞරව කරන්නාවූ, බුහුමන් කරන්නාවූ, පූජාකරන්නාවූ, සත්කාරකොට ගෞරවකොට ඇසුරුකරන්නාවූ තුන්වැනි කරුණ වේ.
|
246
‘‘පුන
|
246
“උදායීය නැවත අනිකක්ද කියමි. මාගේ ශ්‍රාවකයෝ යම් දුකකින් දුකට බැසගත්තාහුද, දුකින් පෙළුනාහුද, ඔව්හු මා කරා පැමිණ දුක්ඛ ආර්යසත්‍යය අසත්. දුක්ඛාර්යසත්‍ය විචාරණ ලද්දාවූ මම ඔවුන්ට ප්‍රකාශ කරමි. මම ඔවුන්ගේ සිත ප්‍රශ්න විසඳීමෙන් සතුටු කරමි. ඔව්හු මා දුක්ඛසමුදය සත්‍යය විචාරත්. ඔවුන්ට මම දුක්ඛ සමුදය සත්‍යය විචාරණ ලද්දේ ප්‍රකාශ කරමි. මම ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමෙන් සිත සතුටු කරමි. ඔව්හු දුක්ඛ නිරෝධ සත්‍යය මා විචාරත්. ඔවුන්ට මම දුක්ඛ නිරෝධ සත්‍යය විචාරන ලද්දේ ප්‍රකාශ කරමි. මම ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමෙන් සිත සතුටු කරමි. දුක් නිරුද්ධ කිරීම පිණිස පිළිපදින මාර්ගයවූ ආර්යසත්‍යය අසත්. ඔවුන්ට දුක්ඛ නිරෝධගාමිනී ප්රතිපදාර්යසත්යය අසන ලද්දාවූ මම ප්‍රකාශ කරමි. මම ප්‍රශ්න විසඳීමෙන් ඔවුන් සතුටු කරමි.
“උදායීය, මාගේ ශ්‍රාවකයෝ යම් දුකකින් දුකට බැස ගත්තාවූද, දුකින් පෙළුනාවූද, ඔව්හු මා වෙත එළඹ දුක්ඛාර්ය සත්‍යය අසත්. අසන ලද්දාවූ මම ඔවුන්ට දුක්ඛාර්යසත්‍යය ප්‍රකාශ කරමි. ඔවුන්ගේ සිත මම ප්‍රශ්න විසඳීමෙන් සතුටු කරමි. ඔව්හු මා දුක්ඛසමුදයාර්යසත්යය විචාරත්. ඔවුන්ට මම දුක්ඛ සමුදය සත්‍යය විචාරණ ලද්දේ ප්‍රකාශ කරමි. මම ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමෙන් සිත සතුටු කරමි. ඔව්හු දුක්ඛ නිරෝධ සත්‍යය මා විචාරත්. ඔවුන්ට මම දුක්ඛ නිරෝධ සත්‍යය විචාරන ලද්දේ ප්‍රකාශ කරමි. මම ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමෙන් සිත සතුටු කරමි. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාර්ය සත්‍යය අසත්. අසන ලද්දාවූ මම දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාර්ය සත්‍යය ප්‍රකාශ කරමි. මම ඔවුන්ගේ සිත ප්‍රශ්න විසඳීමෙන් සතුටු කරමි, යන යමක් වේද, උදායීය, මේ වනාහි යමකින් මට ශ්‍රාවකයන් සත්කාර කරන්නාවූද, ගෞරව කරන්නාවූද, බුහුමන් කරන්නාවූද, පූජාකරන්නාවූද සත්කාරකොට ගෞරවකොට ඇසුරුකොට වාසය කරන්නාවූ සතරවන කරුණ වේ.
|
247
‘‘පුන චපරං, උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා චත්තාරො සතිපට්ඨානෙ භාවෙන්ති. ඉධුදායි, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; වෙදනාසු වෙදනානුපස්සී විහරති... චිත්තෙ චිත්තානුපස්සී විහරති... ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. තත්ර ච පන මෙ සාවකා බහූ අභිඤ්ඤාවොසානපාරමිප්පත්තා විහරන්ති.
‘‘පුන චපරං, උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා චත්තාරො සම්මප්පධානෙ භාවෙන්ති. ඉධුදායි
‘‘පුන
‘‘පුන
‘‘පුන චපරං, උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා පඤ්ච බලානි භාවෙන්ති. ඉධුදායි, භික්ඛු සද්ධාබලං භාවෙති උපසමගාමිං සම්බොධගාමිං; වීරියබලං භාවෙති...පෙ.... සතිබලං භාවෙති... සමාධිබලං භාවෙති... පඤ්ඤාබලං භාවෙති උපසමගාමිං සම්බොධගාමිං. තත්ර ච පන මෙ සාවකා බහූ අභිඤ්ඤාවොසානපාරමිප්පත්තා විහරන්ති.
‘‘පුන චපරං, උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා සත්තබොජ්ඣඞ්ගෙ භාවෙන්ති. ඉධුදායි, භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං; ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං භාවෙති...පෙ.... වීරියසම්බොජ්ඣඞ්ගං භාවෙති... පීතිසම්බොජ්ඣඞ්ගං භාවෙති... පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං භාවෙති... සමාධිසම්බොජ්ඣඞ්ගං භාවෙති... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. තත්ර ච පන මෙ සාවකා බහූ අභිඤ්ඤාවොසානපාරමිප්පත්තා විහරන්ති.
‘‘පුන චපරං, උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්ති. ඉධුදායි, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති, සම්මාසඞ්කප්පං භාවෙති, සම්මාවාචං භාවෙති
|
247
“උදායීය, නැවත අනිකක්ද කියමි. යම්සේ පිළිපැද්දාවූ මාගේ ශ්‍රාවකයෝ සතර සතිපට්ඨානයන් වඩත්ද, එසේ මා විසින් ශ්‍රාවකයන්ට ප්‍රතිපදාව ප්‍රකාශ කරණ ලද්දීය. උදායීය, මේ ශාසනයෙහි භික්ෂු තෙම කෙලෙස් තවන වීර්ය ඇත්තේ නුවණින් යුක්තවූයේ සිහි ඇත්තේ ස්කන්ධ ලෝකයෙහි ලෝභය හා ද්වේෂය දුරුකොට ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කෙරේද, කෙලෙස් තවන වීර්ය ඇත්තේ මනා දැනුම් ඇත්තේ ලෝකයෙහි විෂම ලෝභය හා සිතේ නොසතුට දුරුකොට වේදනාවන්හි වේදනාවන් අනුව බලමින් වාසය කෙරේද, කෙලෙස් තවන වීර්යය ඇත්තේ, මනා දැනුම් ඇත්තේ, ලෝකයෙහි විසම ලෝභය හා සිතේ නොසතුට දුරුකොට සිතෙහි සිත අනුව බලමින් වාසය කෙරේද, කෙලෙස් තවන වීර්ය ඇත්තේ නුවණින් යුක්ත වූයේ සිහි ඇත්තේ ස්කන්ධ ලෝකයෙහි ලෝභ දෝෂයන් දුරු කොට ධර්මයන්හි ධර්මයන් අනුව බලමින් වාසය කෙරේද, ඒ සතරසතිපට්ඨානයන්හි වනාහි මාගේ බොහෝ ශ්‍රාවකයෝ දැනීමේ කෙළවරවන අර්හත්වයට පැමිණ වාසය කරත්.
“උදායීය, නැවත අනිකක්ද කියමි. යම්සේ පිළිපන්නාවූ මාගේ ශ්‍රාවකයෝ සතර සම්‍යක් ප්‍රධානයන් (මහාවීර්ය සතරක්) වඩත්ද, මා විසින් ඒ ප්‍රතිපදාව ශ්‍රාවකයන්ට ප්‍රකාශ කරණ ලද්දීය. උදායීය, මේ ශාසනහෙහි භික්ෂුතෙම නූපන්නාවු ලාමකවූ අකුසල ධර්මයන්ගේ නොඉපදීම පිණිස කැමැත්ත උපදවයි, උත්සාහ කරයි, වීර්ය පටන් ගනියි, සිත ඔසවයි, වීර්යකරයිද, උපන්නාවූ ලාමකවූ අකුසලධර්මයන්ගේ දුරුකිරීම පිණිස කැමැත්ත උපදවයි, ව්‍යායාම කරයි. වීර්ය පටන්ගනියි. සිත ඔසවයි, උත්සාහ කරයිද, නූපන්නාවූ කුසලධර්මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදවයි. ව්‍යායාම කරයි. වීර්ය පටන්ගනියි. සිත ඔසවයි. උත්සාහ කරයිද, උපන්නාවූ කුසලධර්මයන්ගේ පැවැත්ම පිණිස මුලානොවීම පිණිස, වැඩිවීම පිණිස, මහත් බැව් පිණිස, භාවනාව සම්පූර්ණ කිරීම පිණිස, කැමැත්ත උපදවයි, ව්‍යායාම කරයි. වීර්ය පටන් ගනියි, සිත ඔසවයි, උත්සාහ කරයිද, ඒ සම්‍යක් ප්‍රධාන වීර්ය සතරෙහිද වනාහි මාගේ බොහෝවූ ශ්‍රාවකයෝ අභිඤ්ඤාවොසාන පාරමී සංඛ්‍යාතවූ, දැනීමේ කෙළවරවන රහත් බවට පැමිණ වාසය කෙරෙත්.
“උදායීය, නැවත අනිකක්ද කියමි. යම්සේ පිළිපන්නාවූ මාගේ ශ්‍රාවකයෝ සතරඍද්ධිපාදයන් වඩත්ද, මා විසින් ශ්‍රාවකයන්ට ඒ ප්රතිපදාතොමෝ ප්‍රකාශ කරණ ලද්දීය. උදායීය, මේ ශාසනයෙහි භික්ෂු තෙම ඡන්දය නිසා පවත්නා සමාධියෙන් හා වීර්යයෙන් යුත් ඍද්ධිපාදය වඩයි. වීර්ය නිසා පවත්නා සමාධි ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුක්තවූ ඍද්ධිපාදය වඩයි. චිත්තසමාධි ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුක්තවූ ඍද්ධිපාදය වඩයි. ඥානය නිසා පවත්නාවූ සමාධියෙන් හා වීර්යයෙන් යුක්තවූ ඍද්ධිපාදය වඩයි. ඒ සතර ඍද්ධිපාදයන්හිද මාගේ බොහෝ ශ්‍රාවකයෝ නුවණින් කෙළවරට ගිය අර්හත්වයට පැමිණ වාසය කෙරෙත්.
“උදායීය, නැවත අනිකක්ද කියමි. යම්සේ පිළිපන්නාවූ මාගේ ශ්‍රාවකයෝ පඤ්චෙන්ද්රියයන් වඩත්ද, මා විසින් ශ්‍රාවකයන්ට ඒ ප්‍රතිපදාව ප්‍රකාශ කරණ ලද්දීය. උදායීය, මේ ශාසනයෙහි භික්ෂු තෙම ක්ලේශයන් සංසිඳීමට පැමිණෙන්නාවූද, මාර්ග ඥාන අවබෝධයට පමුණුවන්නාවූද ශ්‍රද්ධින්ද්‍රිය වඩයිද, සංසිඳීමට පමුණුවන්නාවූ සම්බොධියට පමුණුවන්නාවූ, වීරියෙන්ද්රිය වඩාද, සංසිඳීමට පමුණුවන්නාවූ සම්බොධියට පමුණුවන්නාවූ ස්මෘතින්ද්රිය වඩාද, සංසිඳීමට පමුණුවන්නාවූ, සම්බොධියට පමුණුවන්නාවූ, සමාධින්ද්රිය වඩාද ක්ලෙශයන් සංසිඳීමට පමුණුවන්නාවූද, මාර්ග ඥානාවබොධයට පමුණුවන්නාවූද, ප්රඥෙන්ද්රියය වඩායි. පඤ්චෙන්ද්රියයන්හිද මාගේ බොහෝවූ ශ්‍රාවකයෝ අභිඥාවොසාන පාරමී යයි කියන ලද රහත් බවට පැමිණියාහු වාසය කෙරෙත්.
“උදායීය, නැවත අනිකක්ද කියමි. යම්සේ පිළිපන්නාවූ මාගේ ශ්‍රාවකයෝ පඤ්ච බලයන් වඩත්ද, උදායීය, මේ ශාසනයෙහි භික්ෂු තෙම කෙළෙසුන් සංසිඳීමට පමුණුවන්නාවූ මාර්ග ඥානයට පමුණුවන්නාවූ ශ්‍රද්ධා බලය වඩාද, සංසිඳීමට පමුණුවන්නාවූ සම්බෝධියට පමුණුවන්නාවූ වීර්ය බලය වඩාද, සංසිඳීමට පමුණුවන්නාවූ, සම්බෝධියට පමුණුවන්නාවූ ස්මෘති බලය වඩාද, සංසිඳීමට පමුණුවන්නාවූ සම්බොධියට පමුණුවන්නාවූ සමාධි බලය වඩාද, කෙළෙසුන් සංසිඳීමට පමුණුවන්නාවූ මාර්ග ඥානයට පමුණුවන්නාවූ ප්‍රඥා බලය වඩාද, එයින්ද වනාහී මාගේ බොහෝවූ ශ්‍රාවකයෝ දැනීමේ කෙළවරට පමුණුවන්නාවූ රහත් බවට පැමිණ වාසය කෙරෙත්.
“උදායීය, නැවත අනිකක්ද කියමි. යම්සේ පිළිපන්නාවූ මාගේ ශ්‍රාවකයෝ සප්තබොද්ධ්යංගයන් වඩත්ද මා විසින් ශ්‍රාවකයන්ට ඒ ප්‍රතිපදාව ප්‍රකාශ කරන ලද්දීය. උදායීය, මේ ශාසනයෙහි භික්ෂුතෙම විවේකය ඇසුරු කළාවූද නොඇලීම ඇසුරු කළාවූද නිරෝධය ඇසුරු කළාවූද නිවණට පමුණුවන්නාවූ සති සම්බොජ්ජංගය වඩාද, විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවණට පමුණුවන්නාවූ ධම්ම විචය සම්බොජ්ජංගය වඩාද, විවේකය ඇසුරු කළාවූ, විරාග ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවණට පමුණුවන්නාවූ, විරිය සම්බොජ්ජංගය වඩාද, විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවණට පමුණුවන්නාවූ, ප්‍රීති සම්බොජ්ජංගය වඩාද, විවේකය ඇසුරු කළාවූ, විරාග ඇසුරු කළාවූ නිරෝධය ඇසුරු කළාවූ නිවණට පමුණුවන්නාවූ පස්සද්ධි සම්බොජ්ජංගය වඩාද, විවේකය ඇසුරු කළාවූ, විරාග ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවණට පමුණුවන්නාවූ සමාධි සම්බොජ්ජංගය වඩාද, විවේකය ඇසුරු කළාවූ නොඇලීම ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට පමුණුවන්නාවූ උපෙක්ඛා සම්බොජ්ජංගය වඩාද, එයිනුදු වනාහි මාගේ බොහෝවූ ශ්‍රාවකයෝ දැනීමේ කෙළවරට පමුණුවන්නාවූ රහත් බවට පැමිණ වාසය කෙරෙත්.
“උදායීය, නැවත අනිකක්ද කියමි. යම්සේ පිළිපන්නාවූ මාගේ ශ්‍රාවකයෝ ආර්යවූ අංග අටකින් යුත් මාර්ගය වඩත්ද, මා විසින් ශ්‍රාවකයන්ට ඒ ප්‍රතිපදාව ප්‍රකාශ කරණ ලද්දීය. උදායීය, මේ ශාසනයෙහි භික්ෂුතෙම සම්‍යක් දෘෂ්ටිය වඩාද, සම්‍යක් සංකල්පය වඩාද, සම්‍යක් වචනය වඩාද, සම්‍යක් කර්මාන්තය වඩාද, සම්‍යක් ආජීවය වඩාද, සම්‍යක් ව්‍යායාමය වඩාද, සම්‍යක් ස්මෘතිය වඩාද, සම්‍යක් සමාධිය වඩාද, එයිනුදු වනාහි මාගේ බොහෝවූ ශ්‍රාවකයෝ දැනීමේ කෙළවරට පමුණුවන්නාවූ රහත් බවට පැමිණ වාසය කෙරෙත්.
|
248
‘‘පුන
|
248
“උදායීය, නැවත අනිකක්ද කියමි. යම්සේ පිළිපන්නාවූ මාගේ ශ්‍රාවකයෝ විරුද්ධ ක්ලෙශයන්ගෙන් මිදීම් අටක් වඩත්ද මා විසින් ශ්‍රාවකයන්ට ඒ ප්‍රතිපදාව ප්‍රකාශ කරණ ලද්දීය. රූප ඇත්තේ රූපයන් දකියි. මේ පළමුවන මිදීමයි. තමන් කෙරෙහි අරූප සංඥා ඇත්තේ පිටත්හි රූපයන් දකියි. මේ දෙවන මිදීම වේ. සුභයයිම අදහස් ඇත්තේ වේ. මේ තුන්වන මිදීමයි. සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවා ප්‍රතිඝ සංඥාවන් නැසීමෙන් නානාත්ව සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාසය කෙළවරක් නැත්තේයයි, ආකාසානඤ්චායතන සමාපත්තියට පැමිණ වාසයකරයි. මේ සතරවන මිදීමයි. සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි, විඤ්ඤාණඤ්චායතන සමාපත්තියට පැමිණ වාසය කරයි. මේ පස්වන මිදීමයි. සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට පැමිණ වාසය කරයි. මේ සවන මිදීමයි. සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියට පැමිණ වාසය කරයි. මේ සත්වන මිදීමයි. සියලු ආකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය ඉක්මවා සංඥා වෙදයිත නිරෝධ සමාපත්තියට පැමිණ වාසය කරයි. මේ අටවන විමොක්ෂයයි. එයිනුදු වනාහි මාගේ බොහෝවූ ශ්‍රාවකයෝ දැනීමේ කෙළවරට පමුණුවන්නාවූ අර්හත්වයට පැමිණ වාසය කෙරෙත්.
|
249
‘‘පුන චපරං, උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා
‘‘අජ්ඣත්තං රූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි සුවණ්ණදුබ්බණ්ණානි. ‘තානි අභිභුය්ය ජානාමි, පස්සාමී’ති එවං සඤ්ඤී හොති. ඉදං දුතියං අභිභායතනං.
‘‘අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවණ්ණදුබ්බණ්ණානි. ‘තානි අභිභුය්ය ජානාමි, පස්සාමී’ති එවං සඤ්ඤී හොති. ඉදං තතියං අභිභායතනං.
‘‘අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි සුවණ්ණදුබ්බණ්ණානි. ‘තානි අභිභුය්ය ජානාමි, පස්සාමී’ති එවං සඤ්ඤී හොති. ඉදං චතුත්ථං අභිභායතනං.
‘‘අජ්ඣත්තං
‘‘අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පීතානි පීතවණ්ණානි පීතනිදස්සනානි පීතනිභාසානි. සෙය්යථාපි නාම කණිකාරපුප්ඵං
‘‘අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ලොහිතකානි ලොහිතකවණ්ණානි ලොහිතකනිදස්සනානි ලොහිතකනිභාසානි. සෙය්යථාපි නාම බන්ධුජීවකපුප්ඵං ලොහිතකං ලොහිතකවණ්ණං ලොහිතකනිදස්සනං ලොහිතකනිභාසං, සෙය්යථාපි වා පන තං වත්ථං බාරාණසෙය්යකං උභතොභාගවිමට්ඨං ලොහිතකං ලොහිතකවණ්ණං ලොහිතකනිදස්සනං ලොහිතකනිභාසං; එවමෙව අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ලොහිතකානි ලොහිතකවණ්ණානි ලොහිතකනිදස්සනානි ලොහිතකනිභාසානි. ‘තානි අභිභුය්ය ජානාමි, පස්සාමී’ති එවං සඤ්ඤී හොති. ඉදං සත්තමං අභිභායතනං.
‘‘අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ඔදාතානි ඔදාතවණ්ණානි ඔදාතනිදස්සනානි ඔදාතනිභාසානි. සෙය්යථාපි නාම ඔසධිතාරකා ඔදාතා ඔදාතවණ්ණා ඔදාතනිදස්සනා ඔදාතනිභාසා, සෙය්යථාපි වා පන තං වත්ථං බාරාණසෙය්යකං උභතොභාගවිමට්ඨං ඔදාතං ඔදාතවණ්ණං ඔදාතනිදස්සනං ඔදාතනිභාසං; එවමෙව අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ඔදාතානි ඔදාතවණ්ණානි ඔදාතනිදස්සනානි ඔදාතනිභාසානි
|
249
“උදායීය, නැවත අනිකක්ද කියමි. යම්සේ පිළිපන්නාවූ මාගේ ශ්‍රාවකයෝ අභිභායතන (විරුද්ධ ධර්මයන් මැඩපවත්වන ධර්ම) අටක් වඩත්ද, මා විසින් ශ්‍රාවකයන්ට ඒ ප්‍රතිපදාව ප්‍රකාශ කරන ලද්දීය. අධ්‍යාත්මයෙහි රූප සංඥා ඇත්තේ එකෙක් පිටත්හිවූ ස්වල්පවූද යහපත් වර්ණ ඇත්තාවූද අයහපත් වර්ණ ඇත්තාවූද රූපයන් දකියි. ඔවුන් මැඩපවත්වා දනිමි, දකිමියි මෙබඳු සංඥා ඇත්තේවේ. මේ පළමුවන අභිභායතනයවේ. අධ්‍යාත්මයෙහි රූප සංඥා ඇත්තේ එකෙක් අප්‍රමාණවූ යහපත් වර්ණ ඇත්තාවූද, අයහපත් වර්ණ ඇත්තාවූද පිටත්හි රූපයන් දකියි. ඔවුන් මැඩපවත්වා දනිමි දකිමි, මෙබඳු සංඥා ඇත්තේවේ. මේ දෙවන අභිභායතනය වේ. අධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ එකෙක් ස්වල්පවූ යහපත් වර්ණ ඇත්තාවූද අයහපත් වර්ණ ඇත්තාවූද පිටත්හි රූපයන් දකියි. ඔවුන් මැඩපවත්වා දනිමි දකිමියි මෙබඳු සංඥා ඇත්තේවේ. මේ තුන්වන අභිභායතනයයයි, අධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තාවූ එකෙක් අප්‍රමාණවූ යහපත් වර්ණ ඇත්තාවූද අයහපත් වර්ණ ඇත්තාවූද පිටත්හි රූපයන් දකියි. ඔවුන් මැඩපවත්වා දනිමි දකිමියි මෙබඳු සංඥා ඇත්තේවේ. මේ සතරවන අභිභායතනයයි අධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ නිල්වූ නීලවර්ණ ඇත්තාවූ නිල් දැකීම් ඇත්තාවූ නිල් බැබලුම් ඇත්තාවූ පිටත්හි රූපයන් දකියි. යම්සේ නම් දියබෙරලිය මල නිල්ද නිල් පැහැයද නිල් දැකීම් සහිතද ඇත්තේද එපරිද්දෙන්ම අධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ එක් පුද්ගලයෙක් සුදුවූ සුදුපාට ඇත්තාවූ සුදුපාට දැකීම් ඇත්තාවූ සුදුපාට බැබලීම් ඇත්තාවූ පිටත්හි රූපයන් දකියි. ඔවුන් මැඩගෙණ දනිමි දකිමියි මෙබඳු සංඥා ඇත්තේ වේ. මේ අටවැනි අභිභායතනයයි. එයිනුදු වනාහි මාගේ බොහෝ ශ්‍රාවකයෝ ධ්යානඅභිඥාවගේ කෙළවරට පැමිණ වාසය කරත්.
|
250
‘‘පුන චපරං, උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා දස කසිණායතනානි භාවෙන්ති. පථවීකසිණමෙකො සඤ්ජානාති උද්ධමධො තිරියං අද්වයං අප්පමාණං; ආපොකසිණමෙකො සඤ්ජානාති...පෙ.... තෙජොකසිණමෙකො සඤ්ජානාති... වායොකසිණමෙකො සඤ්ජානාති... නීලකසිණමෙකො සඤ්ජානාති... පීතකසිණමෙකො සඤ්ජානාති... ලොහිතකසිණමෙකො සඤ්ජානාති... ඔදාතකසිණමෙකො සඤ්ජානාති... ආකාසකසිණමෙකො සඤ්ජානාති
|
250
“උදායීය, නැවත අනිකක්ද කියමි. යම්සේ පිළිපන්නාවූ මාගේ ශ්‍රාවකයෝ දසකසිණ අරමුණු වඩත්ද, මා විසින් ශ්‍රාවකයන්ට ඒ ප්‍රතිපදාව ප්‍රකාශ කරණ ලද්දීය. එක් පුද්ගලයෙක් උඩ භාගයෙහිද යට භාගයෙහිද සරසද හාත්පසද එකක්මවූ අප්‍රමාණවූ පඨවි කසිණය දැනගනියි. එක් පුද්ගලයෙක් උඩ යට සරස එකක්මවූ අප්‍රමාණවූ ආපො කසිණය දැනගනියි. එක් පුද්ගලයෙක් උඩ යට සරස එකක්මවූ අප්‍රමාණවූ තෙජො කසිණය දැනගනියි. එක් පුද්ගලයෙක් උඩ යට සරස එකක්මවූ අප්‍රමාණවූ වායො කසිණය දැනගනියි. එක් පුද්ගලයෙක් උඩ යට සරස එකක්මවූ අප්‍රමාණවූ නීල කසිණය දැනගනියි. එක් පුද්ගලයෙක් උඩ යට සරස එකක්මවූ අප්‍රමාණවූ පීත කසිණය දැනගනියි. එක් පුද්ගලයෙක් උඩ යට සරස එකක්මවූ අප්‍රමාණවූ ලොහිතකසිණය දැනගනියි. එක් පුද්ගලයෙක් උඩ යට සරස එකක්මවූ අප්‍රමාණවූ ඔදාත කසිණය දැනගනියි. එක් පුද්ගලයෙක් උඩ යටසරස එකක්මවූ අප්‍රමාණවූ ආකාස කසිණය දැනගනියි. එක් පුද්ගලයෙක් උඩ භාගයෙහිද යට භාගයෙහිද සරස හාත්පසද එකක්මවූ අප්‍රමාණවූ විඤ්ඤාණ කසිණය දැනගනියි. එයිනුදු වනාහි මාගේ බොහෝ ශ්‍රාවකයෝ ධ්‍යාන අභිඥාවන්ගේ කෙළවරට පැමිණ වාසය කරත්.
|
251
‘‘පුන චපරං, උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා චත්තාරි ඣානානි භාවෙන්ති. ඉධුදායි, භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං විවෙකජෙන පීතිසුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති, නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස විවෙකජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති. සෙය්යථාපි, උදායි, දක්ඛො න්හාපකො
(නහාපකො (සී. පී.)) වා න්හාපකන්තෙවාසී
‘‘පුන චපරං, උදායි, භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං...පෙ.... දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං සමාධිජෙන පීතිසුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති, නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස සමාධිජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති
‘‘පුන චපරං, උදායි, භික්ඛු පීතියා ච විරාගා...පෙ.... තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං නිප්පීතිකෙන සුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති, නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස නිප්පීතිකෙන සුඛෙන අප්ඵුටං හොති. සෙය්යථාපි, උදායි, උප්පලිනියං වා පදුමිනියං වා පුණ්ඩරීකිනියං වා අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවඩ්ඪානි උදකානුග්ගතානි අන්තො නිමුග්ගපොසීනි, තානි යාව චග්ගා යාව ච මූලා සීතෙන වාරිනා අභිසන්නානි පරිසන්නානි පරිපූරානි පරිප්ඵුටානි, නාස්ස කිඤ්චි සබ්බාවතං, උප්පලානං වා පදුමානං වා පුණ්ඩරීකානං වා සීතෙන වාරිනා අප්ඵුටං අස්ස; එවමෙව ඛො, උදායි, භික්ඛු ඉමමෙව කායං නිප්පීතිකෙන සුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති, නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස නිප්පීතිකෙන සුඛෙන අප්ඵුටං හොති.
‘‘පුන චපරං, උදායි, භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන ඵරිත්වා නිසින්නො හොති, නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන අප්ඵුටං හොති. සෙය්යථාපි, උදායි, පුරිසො ඔදාතෙන වත්ථෙන සසීසං පාරුපිත්වා නිසින්නො අස්ස, නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස ඔදාතෙන වත්ථෙන
|
251
“උදායීය, නැවත අනිකක්ද කියමි. යම්සේ පිළිපන්නාවූ මාගේ ශ්‍රාවකයෝ සතරධ්‍යානයන් වඩත්ද, මාවිසින් ශ්‍රාවකයන්ට ඒ ප්‍රතිපදාව ප්‍රකාශ කරණ ලද්දීය. උදායීය, මේ ශාසනයෙහි භික්ෂුතෙම කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම මෙම කය විවේකයෙන් හටගත්තාවූ ප්‍රීති සැපයෙන් මනාව තෙමයි. හාත්පසින් තෙමයි. සම්පූර්ණ කරයි. හාත්පසින් පුරවයි. මොහුගේ සියලු ශරීරය පිළිබඳ කිසිවකුත් විවේකයෙන් හටගත් ප්‍රීති සැපයෙන් නොපැතිරෙන ලද්දේ නොවේ. උදායීය, යම්සේ දක්ෂවූ නාවන්නෙක් හෝ නාවන්නෙකුගේ අතවැසියෙක් හෝ ලොහෝ තලියෙහි නෑමට ගන්නා සුණු බහා ජලයෙන් හන හනා තෙමන්නේද, ඒ මොහුගේ නෑමට ගන්නා සුණු පිඩ හොඳින් ඇනී හොඳින් කලවන් වූයේ ඇතුළත පිටත සමසේ ස්පර්ශ කරණ ලද්දේ යහපත් ආකාරයෙන් වැගිරෙන්නේද, උදායීය, එපරිද්දෙන්ම භික්ෂු තෙම මෙම ශරීරය විවේකයෙන් හටගත් ප්‍රීති සැපයෙන් මනාව තෙමයි. හාත්පස තෙමයි. සම්පූර්ණ කරයි. හාත්පස පතුරුවයි. මොහුගේ සියලුම කය පිළිබඳ කිසිවකුත් විවේකයෙන් හටගත් ප්‍රීති සැපයෙන් නොපැතිරෙන ලද්දේ නොවෙයි.
“උදායීය, නැවත අනිකක්ද කියමි. භික්ෂු තෙම විතර්ක විචාරකයන් සංසිඳීමෙන් ඇතුලත පැහැදීම ඇති, හිතේ එකඟ බව ඇති, විතර්ක රහිතවූ විචාර රහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම මෙම ශරීරය සමාධියෙන් හටගත්තාවූ ප්‍රීති සැපයෙන් මනාව තෙමයි, හාත්පස තෙමයි, සම්පූර්ණ කරයි, හාත්පස පතුරුවයි. මොහුගේ සියලුම කය පිළිබඳ කිසිවකුත් සමාධියෙන් හටගත් ප්‍රීති සැපයෙන් නොපැතිරෙන ලද්දේ නොවෙයි. උදායීය, යම්සේ උල්පත්වලින් එන ජලය ඇති දියවිලක් වේද එයට පූර්වදිශාවෙහි දිය එන්නාවූ දොරටුවක්ද නොවන්නේය, පශ්චිම දිශාවෙහි දිය එන්නාවූ දොරටුවක්ද නොවන්නේය. උතුරු දිශාවෙහි දිය එන්නාවූ දොරටුවක්ද නොවන්නේය. දකුණු දිශාවෙහි දිය එන්නාවූ දොරටුවක්ද නොවන්නේය. වැස්සද කලින් කල මනාකොට නොවස්නේය. එකල්හි ඒ දිය විලෙන්ම සිහිල්වූ ජලධාරාවෝ උඩට නැගී ඒ දියවිලම සිහිල් ජලයෙන් මනාව තෙමන්නේද, හාත්පස තෙමන්නේද පුරවන්නේද පැතිරෙන්නේද මේ සියලුම දියවිලේ කිසිවකුත් සිහිල්වූ ජලයෙන් නොපැතුරුනේ නොවන්නේද, උදායීය, එපරිද්දෙන්ම භික්ෂුතෙම මෙම ශරීරය සමාධියෙන් හටගත් ප්‍රීති සැපයෙන් මනාව තෙමයි හාත්පස තෙමයි, සම්පූර්ණ කරයි. හාත්පස පතුරුවයි. මේ සියලුම ශරීරය පිළිබඳ කිසිවකුත් සමාධියෙන් හටගත් ප්‍රීති සැපයෙන් නොපැතුරුනේ නොවෙයි.
“උදායීය, නැවත අනිකක්ද කියමි. භික්ෂුතෙම ප්‍රීතියෙහිද නොඇල්මෙන් උපෙක්ෂාඇත්තේ වාසය කරයිද, සිහියෙන් යුක්තවූයේ, නුවණින් යුක්තවූයේ, ශරීරයෙන් සුවය විඳින්නේද, යම් ඒ ධ්‍යානයක් උපෙක්ෂා ඇත්තේ සිහි ඇත්තේ, සැප විහරණ ඇත්තේයයි ආර්යයෝ කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම මෙම ශරීරය ප්‍රීති රහිතවූ සැපයෙන් මනාව තෙමයි, හාත්පස තෙමයි, පුරවයි, හාත්පස පතුරුවයි. මොහුගේ සියලුම ශරීරය පිළිබඳ කිසිවකුත් ප්‍රීති රහිතවූ සැපයෙන් නොපැතුරුනේ නොවෙයි. උදායීය, යම්සේ රතු නෙලුම් විලක හෝ මානෙල්විලක හෝ සුදුනෙලුම් විලක හෝ ඇතැම් රතුනෙලුම් හෝ මානෙල් හෝ සුදුනෙලුම් හෝ දියෙහි හටගත්තාහු දියෙහි වැඩුනාහු දියෙන් මතු නොවූවාහු ඇතුළත ගැලී වැඩුණාහු අග දක්වාද මුල දක්වාද සිහිල් ජලයෙන් මනාව තෙමුනාහු හාත්පස තෙමුනාහු සම්පූර්ණ වූවාහු හාත්පස පැතුරුනාහු වෙත්ද, ඒ සියලු රතු නෙළුම්වල හෝ මානෙල්වල හෝ සුදු නෙළුම්වල හෝ කිසිවකුත් සිහිල් දියෙන් නොපැතුරුනේ නොවන්නේද, උදායීය, එපරිද්දෙන්ම භික්ෂු තෙම මෙම ශරීරය ප්‍රීති රහිතවූ සැපයෙන් මනාව තෙමයි, හාත්පස තෙමයි, සම්පූර්ණ කරයි, හාත්පස පතුරුවයි. මේ සියලුම කය පිළිබඳ කිසිවෙකුත් ප්‍රීති රහිතවූ සැපයෙන් නොපැතුරුනේ නොවේ.
“උදායීය, නැවත අනිකක්ද කියමි. භික්ෂුතෙම සැපයද දුරු කිරීමෙන් දුකද දුරු කිරීමෙන් පළමු කොටම සොම්නස් දොම්නස් දෙදෙනා නැසීමෙන් නිදුක්වූ නොසැපවූ උපෙක්ඛා සති දෙදෙනාගේ පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම මෙම ශරීරය පිරිසිදුවූ නිර්මලවූ සිතින් පැතිර හුන්නේ වෙයි. ඔහුගේ සියලුම ශරීරය පිළිබඳ කිසිවකුත් පිරිසිදුවූ නිර්මලවූ සිතින් නොපැතුරුනේ නොවෙයි.
“උදායීය, යම්සේ පුරුෂතෙම සුදුවූ වස්ත්‍රයකින් හිස සහිතව පෙරවා හුන්නෙක් වන්නේද ඔහුගේ සියලුම ශරීරය පිළිබඳ කිසිවකුත් සුදුවූ වස්ත්‍රයෙන් නොපැතුරුනේ නොවන්නේද, උදායීය, එපරිද්දෙන්ම භික්ෂුතෙම මෙම ශරීරය පිරිසිදුවූ නිර්මලවූ සිතින් පැතිර හුන්නේ වේ. මොහුගේ සියලුම ශරීරය පිළිබඳ කිසිවකුත් පිරිසිදුවූ නිර්මලවූ සිතින් නොපැතුරුනේ නොවෙයි. එයිනුදු වනාහි මාගේ බොහෝ ශ්‍රාවකයෝ ධ්‍යාන අභිඥාවගේ කෙළවරට පැමිණ වාසය කරත්.
|
252
‘‘පුන චපරං, උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා එවං පජානන්ති - ‘අයං ඛො මෙ කායො රූපී චාතුමහාභූතිකො මාතාපෙත්තිකසම්භවො ඔදනකුම්මාසූපචයො අනිච්චුච්ඡාදනපරිමද්දනභෙදනවිද්ධංසනධම්මො; ඉදඤ්ච පන මෙ විඤ්ඤාණං එත්ථ සිතං එත්ථ පටිබද්ධං’. සෙය්යථාපි, උදායි, මණි වෙළුරියො සුභො ජාතිමා අට්ඨංසො සුපරිකම්මකතො අච්ඡො විප්පසන්නො සබ්බාකාරසම්පන්නො; තත්රිදං සුත්තං ආවුතං නීලං වා පීතං වා ලොහිතං වා ඔදාතං වා පණ්ඩුසුත්තං වා. තමෙනං චක්ඛුමා පුරිසො හත්ථෙ කරිත්වා පච්චවෙක්ඛෙය්ය - ‘අයං ඛො මණි වෙළුරියො සුභො ජාතිමා අට්ඨංසො සුපරිකම්මකතො අච්ඡො විප්පසන්නො සබ්බාකාරසම්පන්නො; තත්රිදං සුත්තං ආවුතං නීලං වා පීතං වා ලොහිතං වා ඔදාතං වා පණ්ඩුසුත්තං වා’ති. එවමෙව ඛො, උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා එවං පජානන්ති - ‘අයං ඛො මෙ කායො රූපී චාතුමහාභූතිකො මාතාපෙත්තිකසම්භවො ඔදනකුම්මාසූපචයො අනිච්චුච්ඡාදනපරිමද්දනභෙදනවිද්ධංසනධම්මො; ඉදඤ්ච
|
252
“උදායීය, නැවත අනිකක්ද කියමි. යම්සේ පිළිපන්නාවූ මාගේ ශ්‍රාවකයෝ මෙසේ දැනගනිත්ද, මා විසින් ශ්‍රාවකයන්ට ඒ ප්‍රතිපදාව ප්‍රකාශ කරණ ලද්දීය. මාගේ මේ ශරීරය වනාහි රූපයන්ගෙන් යුක්තවූයේ සතර මහා භූතයන්ගෙන් හටගත්තේ මව්පිය දෙදෙනාගේ සම්භවයෙන් (ශුක්‍ර ශ්රොණිතයන්ගෙන්) හටගත්තේ බත් කොමු (තිරිඟු) වලින් වැඩුණේ අනිත්‍යය ඇඟ ඉලීමය, පිරිමැදීමය, බිඳීමය විනාසය යන ස්වභාව කොට මොවුන් ඇත්තේ වේ. මාගේ මේ සිතද මේ කය ඇසුරු කළේ මේ කය පිළිබඳ වූයේයයි දැනගනිත්. උදායීය, යම්සේ යහපත්වූ, ජාතිමත්වූ, අටැස් ඇත්තාවූ, මොනවට ඔප දමන ලද්දාවූ, ප්‍රසන්නවූ, විශේෂයෙන් ප්‍රසන්නවූ, සියලු ආකාරයෙන් යුක්තවූ, දියමන්ති මාණික්‍යයක් වේද, එහි නිල් පාටවූ හෝ කහ පාටවූ හෝ රතු පාටවූ හෝ සුදු පාටවූ හෝ දුුඹුරුපාටවූ හෝ නූලක් අවුනන ලද්දේ වන්නේද, එය ඇස් ඇති පුරුෂයෙක් අතට ගෙන කල්පනා කරන්නේය. මේ මැණික වනාහි යහපත්වූ, ජාතිමත්වූ, අටැස් ඇත්තාවූ, මනාව ඔප දමන ලද්දාවූ, පිරිසිදුවූ, ප්‍රසන්නවූ, සියලු ආකාරයන්ගෙන් යුක්තවූ, දියමන්ති මැණිකක් වේ, නිල්වූ හෝ කහපාටවූ හෝ රතුපාටවූ හෝ සුදුපාටවූ හෝ දුඹුරුපාටවූ නූලක් එහි අවුනන ලද්දේ වේයයි දැනගන්නේය, උදායීය, එපරිද්දෙන්ම මා විසින් යම්සේ පිළිපන්නාවූ මාගේ ශ්‍රාවකයෝ එසේ දැන ගනිද්ද, ශ්‍රාවකයන්ට ඒ ප්‍රතිපදාව ප්‍රකාශ කරණ ලද්දීය. මේ මාගේ ශරීරය වනාහි රූපයෙන් යුක්ත වූයේ සතර මහා භූතයන්ගෙන් හටගත්තේ මව්පිය සම්භවයෙන් හටගත්තේ බතින් හා කොමු පිඬු වලින් (තිරිඟු) වැඩුණෙ අනිත්‍යය ඇඟ ඉලීමය, පිරිමැදීමය, බිඳීමය, නැසීමය යන මොවුන් ස්වභාව කොට ඇත්තේ වේ. මාගේ මේ සිතද වනාහි ඒ කය ඇසුරු කළේ කය පිළිබඳ වූයේ යයි, දැන ගනිත්. එයිනුදු වනාහි මාගේ බොහෝ ශ්‍රාවකයෝ දැනීමේ කෙළවරට පමුණුවන්නාවූ රහත් බවට පැමිණ වාසය කෙරෙත්.
|
253
‘‘පුන චපරං, උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා ඉමම්හා කායා අඤ්ඤං කායං අභිනිම්මිනන්ති රූපිං මනොමයං සබ්බඞ්ගපච්චඞ්ගිං අහීනින්ද්රියං. සෙය්යථාපි, උදායි, පුරිසො මුඤ්ජම්හා ඊසිකං පබ්බාහෙය්ය; තස්ස එවමස්ස - ‘අයං මුඤ්ජො, අයං ඊසිකා; අඤ්ඤො මුඤ්ජො, අඤ්ඤා ඊසිකා; මුඤ්ජම්හාත්වෙව ඊසිකා පබ්බාළ්හා’ති. සෙය්යථා වා පනුදායි, පුරිසො අසිං කොසියා පබ්බාහෙය්ය; තස්ස එවමස්ස - ‘අයං අසි, අයං කොසි; අඤ්ඤො අසි අඤ්ඤා කොසි; කොසියාත්වෙව අසි පබ්බාළ්හො’ති. සෙය්යථා වා, පනුදායි
|
253
“උදායීය, නැවතද අනිකක් කියමි. යම්සේ පිළිපන්නාවූ මාගේ ශ්‍රාවකයෝ මේ ශරීරයෙන් අන්‍යවූ සිතින් නිපදවන ලද්දාවූ සියලු කුඩාමහත් අවයවයන්ගෙන් යුක්තවූ නොබිඳුනු ඉන්ද්රිය ඇති රූප සහිත ශරීරයක් මවත්ද, එබඳු ප්‍රතිපදාවක් කියන ලද්දීය. උදායීය, යම්සේ පුරුෂ තෙම මුදු තණ ගසින් ගොබයක් ඇදගන්නේද, ඔහුට මේ මුදුතණ ගසය මේ ගොබය මුදු තණගස අනිකක්ය ගොබය අනිකක්ය මුදු තණ ගසින්ම ගොබය ඇද ගන්නා ලද්දේ යයි, මෙබඳු සිතක් වන්නේද, උදායීය, යම්සේ හෝ පුරුෂයෙක් කඩුව කොපුවෙන් ඇද ගන්නේද ඔහුට මේ කඩුවය මේ කොපුවය කඩුව අනිකක්ය කොපුව අනිකක්ය කොපුවෙන්ම කඩුව ඇදගන්නා ලද්දේ යයි මෙබඳු සිතක් වන්නේද, උදායීය, යම්සේ හෝ පුරුෂයෙක් තෙම සර්පයෙකු නයි පෙට්ටියෙන් උඩට ගන්නේද, ඔහුට මේ සර්පයාය මේ නයි පෙට්ටියය සර්පයා අනිකෙක නයි පෙට්ටිය අනිකෙක නයි පෙට්ටියෙන්ම සර්පයා උඩට ගන්නා ලද්දේ යයි, මෙබඳු සිතක් වන්නේද, උදායීය, එපරිද්දෙන්ම යම්සේ පිළිපන්නාවූ මාගේ ශ්‍රාවකයෝ මේ ශරීරයෙන් අන්‍යවූ සිතින්ම නිපදවූ සියලු කුඩා මහත් අවයවවලින් යුක්තවූ නොබිඳුනු ඉන්ද්රියයන් ඇති රූපසහිත ශරීරයක් මවත්ද, මා විසින් ශ්‍රාවකයන්ට ඒ ප්‍රතිපදාව ප්‍රකාශ කරණ ලද්දීය. එයිනුදු වනාහි මාගේ බොහෝවූ ශ්‍රාවකයෝ ධ්‍යාන අභිඥාවගේ කෙළවරට පැමිණ වාසය කෙරෙත්.
|
254
‘‘පුන චපරං, උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොන්ති - එකොපි
|
254
“උදායීය, නැවත අනිකක්ද කියමි. යම්සේ පිළිපන්නාවූ මාගේ ශ්‍රාවකයෝ නොයෙක් ආකාරවූ ඍද්ධි විධියක් අනුභව කෙරෙත්ද, ඒ ප්‍රතිපදාව ශ්‍රාවකයන්ට මා විසින් ප්‍රකාශ කරණ ලද්දීය, එනම් එකෙක්වද, බොහෝ දෙනෙක් වෙත්. බොහෝ දෙනෙක්වද එකෙක් වෙත්. පෙනෙන්ටද නොපෙනෙන්ටද අහසෙහි මෙන් භික්තිය සරසටද ප්‍රාකාරය සරසටද පර්වතය සරසටද නොගැටෙමින් යෙත්. පොළොවෙහිද දියෙහි මෙන් මතුවීම කිමිදීම කරත්. දියෙහිද පොළොවෙහි මෙන් දිය නොබිඳ ගමන් කරත්. පියාපත් ඇති පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්යංකයෙන් ගමන් කරත්. මෙසේ මහත් ඍද්ධි ඇත්තාවූ මෙසේ මහත් ආනුභාව ඇත්තාවූ මේ සඳ හිරු දෙදෙනද අතින් අල්වත්. පිරිමදිත්. බඹලොව දක්වාද කයින් වසඟයෙහි පවත්වත්ද, උදායීය, යම්සේ දක්ෂවූ වලන්කරුවෙක් හෝ වලන්කරු අතවැසියෙක් හෝ මනාව පදම් කරණ ලද මැටියෙන් යම් යම් භාජන විශේෂයක් කැමැති වන්නේද, ඒ ඒ දෙයම කරන්නේද නිපදවන්නේද, උදායීය, යම්සේ හෝ දක්ෂවූ දළ කම්කරුවෙක් හෝ දළ කම්කරුවෙකුගේ අතවැසියෙක් හෝ මනාව පදම් කළ දළයෙහි යම් යම් දළ කැටයමක් කැමැති වන්නේද, ඒ කැටයමම කරන්නේද නිපදවන්නේද, උදායීය, යම්සේ හෝ දක්ෂවූ රන් කරුවෙක් හෝ රන් කරුවෙකුගේ අතවැසියෙක් හෝ පදම් කළාවූ ස්වර්ණයෙහි යම් යම් රන්කැට යමක් කැමතිවන්නේද, ඒ කැටයමම කරන්නේද නිපදවන්නේද, උදායීය, එපරිද්දෙන්ම යම්සේ පිළිපන්නාවූ මාගේ ශ්‍රාවකයෝ නොයෙක් ප්‍රකාරවූ ඍද්ධිවිධිය අනුභව කෙරෙත්ද, ඒ ප්‍රතිපදාව මා විසින් ශ්රාවකයින්ට ප්‍රකාශකරණ ලද්දීය. එනම් එකෙක්වද බොහෝ දෙනෙක් වෙත්, බොහෝ දෙනෙක්වද එකෙක් වෙයි. පෙනෙන්ටද නොපෙනෙන්ටද ආකාශයෙහි මෙන්, භික්තිය සරසටද ප්‍රාකාරය සරසටද පර්වතය සරසටද නොගැටෙමින් යත්. පොළොවෙහිද දියෙහි මෙන් මතුවීම කිමිදීම කරත්. දියෙහිද පොළොවෙහි මෙන් දිය නොබිඳ යත්. අහසෙහිද පියාපත් ඇත්තාවූ පක්ෂියෙකු මෙන් පර්යංකයෙන් ගමන් කරත්. මෙසේ මහත් ඍද්ධි ඇත්තාවූ මහත් ආනුභාව ඇත්තාවූ මේ සඳ හිරු දෙදෙනද අතින් අල්වත්. පිරිමදිත්. බඹලොව දක්වාම කයින් වසඟයෙහි පවත්වත්. එහිදු වනාහි බොහෝ ශ්‍රාවකයෝ ධ්‍යාන අභිඥාවන්ගේ කෙළවරට පැමිණ වාසය කරත්.
|
255
‘‘පුන චපරං, උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය උභො සද්දෙ සුණන්ති - දිබ්බෙ ච මානුසෙ ච, යෙ දූරෙ සන්තිකෙ ච. සෙය්යථාපි, උදායි, බලවා සඞ්ඛධමො අප්පකසිරෙනෙව චාතුද්දිසා විඤ්ඤාපෙය්ය; එවමෙව ඛො, උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා
|
255
“උදායිය, නැවත අනිකක්ද කියමි. යම් සේ පිළිපන්නාවූ මාගේ ශ්‍රාවකයෝ පිරිසිදුවූ මිනිස් කණ ඉක්ම පවත්නාවූ දිව්‍යවූ කණින් දිව්‍යවූද මනුෂ්‍යවූද දුරෙහිද ලඟද යම් ශබ්ද කෙනෙක් වෙත්ද ඒ දෙවැදෑරුම්වූ ශබ්දයන් අසත්ද, ඒ ප්‍රතිපදාව මා විසින් ශ්රාවකයින්ට ප්‍රකාශ කරණ ලද්දීය. යම්සේ බලවත්වූ සක් පිඹින්නෙක් පහසුවෙන්ම සතර දිසාවන්ට දන්වන්නේද, උදායීය, එපරිද්දෙන් යම්සේ පිළිපන්නාවූ මාගේ ශ්‍රාවකයෝ පිරිසිදුවූ මිනිස් කණ ඉක්ම පවත්නාවූ දිව්‍යවූ කණින් දිව්‍යවූද මනුෂ්‍යවූද දුරද ලඟද යම් ශබ්ද කෙනෙක් වෙත්ද ඒ දෙවැදෑරුම් ශබ්දයන් අසත්ද, ඒ ප්‍රතිපදාව මා විසින් ශ්‍රාවකයන්ට ප්‍රකාශ කරණ ලද්දීය. එයිනුදු වනාහි මාගේ බොහෝ ශ්‍රාවකයෝ ධ්‍යාන අභිඤඤාවන්ගේ කෙළවරට පැමිණ වාසය කරති.
|
256
‘‘පුන චපරං, උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානන්ති - සරාගං වා චිත්තං ‘සරාගං චිත්ත’න්ති පජානන්ති, වීතරාගං වා චිත්තං ‘වීතරාගං චිත්ත’න්ති පජානන්ති; සදොසං වා චිත්තං ‘සදොසං චිත්ත’න්ති පජානන්ති, වීතදොසං වා චිත්තං ‘වීතදොසං චිත්ත’න්ති පජානන්ති; සමොහං වා චිත්තං ‘සමොහං චිත්ත’න්ති
|
256
“යම් සේ පිළිපන්නාවූ මගේ ශ්‍රාවකයෝ අන්‍ය සත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ සිත තමන්ගේ සිතින් පිරිසිඳ දැන ගණිත්ද, ඒ ප්‍රතිපදාව මා විසින් ශ්‍රාවකයන්ට ප්‍රකාශ කරණ ලද්දීය, රාග සහිතවූ හෝ සිත රාග සහිත සිතයයි දැන ගණිත්. පහවූ රාග ඇති සිත හෝ පහවූ රාග ඇති සිතයයි දැනගණිත්. දෝෂ සහිත සිත හෝ දෝෂ සහිත සිතයයි දැන ගණිත්. පහවූ දෝෂ ඇති සිත හෝ පහවූ දෝෂ ඇති සිතයයි දැනගනිත්. මෝහ සහිතවූ සිත හෝ මෝහ සහිත සිතයයි දැනගණිත්. පහවූ මෝහය ඇති සිත හෝ පහවූ මෝහය ඇති සිතයයි දැන ගණිත්. හැකුළුනාවූ සිත හෝ හැකුළුනාවූ සිතයයි දැනගණිත්. විසුරුණාවූ සිත හෝ විසුරුණාවූ සිතයයි දැණගණිත්. මහත් බවට ගියාවූ සිත හෝ මහත් බවට ගියාවූ සිතයයි දැනගණිත්. මහත් බවට නොගියාවූ සිත හෝ මහත් බවට නොගියාවූ සිතයයි දැනගණිත්. තමහට වඩා උසස් සිත් සහිතවූ සිත හෝ තමහට වඩා උසස් සිත් සහිතවූ සිතයයි දැණගණිත් තමහට වඩා උසස් සිත් රහිතවූ සිත හෝ තමහට වඩා උසස් සිත් රහිතවූ සිතයයි දැණගණිත්. එකඟවූ සිත හෝ එකඟවූ සිතයයි දැන ගණිත්. එකඟ නොවූ සිත හෝ එකඟ නොවූ සිතයයි දැන ගණිත්. මිදුනාවූ සිත හෝ මිදුනාවූ සිතයයි දැනගණිත්. නොමිදුනාවූ සිත හෝ නොමිදුනාවූ සිතයයි දැනගණිත්. උදායීය, යම්සේ, ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ තරුණවූයේ යෞවන වූයේ සැරසෙන ස්වභාව ඇත්තේ පිරිසිදුවූ නිර්මලවූ කැඩපතෙහි හෝ ප්‍රසන්නවූ දිය භාජනයෙහි හෝ ස්වකීය මුඛ සටහන බලනු ලබන්නේ දෝස සහිත අවයවය හෝ දෝස සහිත අවයවයයි දන්නේද, දෝස රහිත අවයව හෝ දෝස රහිතවූ අවයවයයි දන්නේද උදායීය, එපරිද්දෙන්ම යම්සේ පිළිපන්නා වූ මාගේ ශ්‍රාවකයෝ අන්‍යසත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ සිත තමන්ගේ සිතින් පිරිසිඳ දැන ගණිත්ද, ඒ ප්‍රතිපදාව මා විසින් ශ්‍රාවකයන්ට ප්‍රකාශ කරන ලද්දීය. රාග සහිතවූ සිත හෝ රාග සහිත වූ සිතයයි දැන ගණිත්ද, පහවූ රාග ඇති සිත හෝ පහවූ රාග ඇති සිතයයි දැන ගණිත්ද, ද්වේෂ සහිතවූ සිත හෝ ද්වේෂ සහිත සිතයයි දැනගනිත්ද, මෝහ සහිත සිත හෝ මෝහ සහිත සිතයයි දැනගනිත්ද, පහවූ මෝහය ඇති සිත හෝ පහවූ මෝහය ඇති සිතයයි දැනගනිත්ද, හැකුළුනා වූ සිත හෝ හැකුළුණාවූ සිතයයි දැනගනිත්ද, විසුරුනාවූ සිත හෝ විසුරුනාවූ සිතයයි දැනගනිත්ද, මහත් බවට ගිය සිත හෝ මහත් බවට ගිය සිතයයි දැනගනිත්ද, මහත් බවට නොගියා වූ සිත හෝ මහත් බවට නොගිය සිතයයි දැන ගනිත්ද, උසස් බවට ගිය සිත හෝ උසස් බවට ගිය සිතයයි දැනගනිත්ද, උසස් බවට නොගිය සිත හෝ උසස් බවට නොගිය සිතයයි දැනගනිත්ද, එකඟවූ සිත හෝ එකඟවූ සිතයයි දැන ගනිත්ද, එකඟ නොවූ සිත හෝ එකඟ නොවූ සිතයයි දැන ගනිත්ද, මිදුනාවූ සිත හෝ මිදුනාවූ සිතයයි දැනගනිත්ද, නොමිදුනාවූ සිත හෝ නොමිදුනාවූ සිතයයි දැන ගණිත්ද, එයිනු වනාහි මාගේ බොහෝවූ ශ්‍රාවකයෝ ධ්‍යාන අභිඤ්ඤාවගේ කෙළවරට පැමිණ වාසය කරත්.
|
257
‘‘පුන චපරං, උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා
|
257
“උදායීය, නැවත අනිකක්ද කියමි. යම්සේ පිළිපන්නාවූ මාගේ ශ්‍රාවකයෝ නොයෙක් ආකාරවූ පෙරවිසූ භව පිළිවෙළ සිහි කරත්ද, එනම්, එක ජාතියෙක්ද, ජාති දෙකක්ද ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දහයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතළිසක්ද, ජාති පණසක්ද ජාති සියයක්ද, ජාති දහසක්ද ජාති සියක් දහසක්ද නොයෙක් සංවර්ත කල්පයන්ද නොයෙක් විවර්ත කල්පයන්ද, නොයෙක් සංවර්ත විවර්ත කල්පයන්ද අසවල් තැන මෙනම් ඇත්තෙක් මෙබඳු ගොත්‍ර ඇත්තෙක් මෙබඳු වර්ණ ඇත්තෙක් මෙබඳු ආහාර ඇත්තෙක් මෙබඳු සුවදුක් විඳින්නෙක් මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුතවූයේ අසවල්තන්හි ඉපදුනෙමි. එහිදු මෙනම් ඇත්තෙක් මෙබඳු ගොත්‍ර ඇත්තෙක් මෙබඳු වර්ණ ඇත්තෙක් මෙබඳු ආහාර ඇත්තෙක් මෙබඳු සුවදුක් විඳින්නෙක් මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුතවූයේ මෙහි උපන්නේ වෙමියි, මෙසේ ආකාර සහිතවූ උද්දෙස සහිතවූ අනෙකප්‍රකාරවූ පෙරවිසූ භව පිළිවෙල සිහිකරත්ද, ඒ ප්‍රතිපදාව මා විසින් ශ්‍රාවකයන්ට ප්‍රකාශ කරන ලද්දීය. උදායීය, යම්සේ පුරුෂයෙක් ස්වකීය ගමින් අනික් ගමකට යන්නේද එගමිනුත් අන් ගමකට යන්නේද හෙතෙම ඒ ගමින් ස්වකීය ගමටම පසුව එන්නේද, ඔහුට මෙබඳු අදහසක් වන්නේය. මම වනාහි ස්වකීය ගමන් අසවල් ගමට ගියෙමි. එහි මෙසේ සිටියෙමි. මෙසේ හුන්නෙමි. මෙසේ කතා කෙළෙමි. මෙසේ නිශ්ශබ්ද වීමි. එගමිනුත් අසවල් ගමට ගියෙමි. එහිදු මෙසේ සිටියෙමි. මෙසේ හුන්නෙමි මෙසේ කතා කෙළෙමි. මෙසේ නිශ්ශබ්ද වීමි. ඒ මම එගමින් ස්වකීය ගමටම පෙරලා ආයේ වෙමියි දන්නේද, උදායීය, එපරිද්දෙන්ම යම්සේ පිළිපන්නාවූ මාගේ ශ්‍රාවකයෝ අනෙකප්‍රකාරවූ පෙර විසූ භව පිළිවෙළ සිහිකරත්ද, එනම්, එක ජාතියක්ද ජාති දෙකක්ද ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දහයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතළිහක්ද, ජාති පනසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති සියක් දහසක්ද නොයෙක් සංවර්ත කල්පයන්ද නොයෙක් විවර්ත කල්පයන්ද නොයෙක් සංවර්ත විවර්ත කල්පයන්ද, අසවල් තැන මෙනම් ඇත්තෙක්, මෙබඳු ගොත්‍ර ඇත්තෙක්, මෙබඳු වර්ණ ඇත්තෙක් මෙබඳු ආහාර ඇත්තෙක්, මෙබඳු සුවදුක් විඳින්නෙක් මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුතවූයේ අසවල් තැන ඉපදුනෙමි. එහිද මෙනම් ඇත්තෙක්, මෙබඳු ගොත්‍ර ඇත්තෙක්, මෙබඳු වර්ණ ඇත්තෙක්, මෙබඳු ආහාර ඇත්තෙක්, මෙබඳු සුවදුක් විඳින්නෙක් මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුතවූයේ මෙහි උපන්නේ වෙමියි. මෙසේ ආකාර සහිත වූ උදෙසීම් සහිතවූ අනෙක ප්‍රකාරවූ පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරත්ද, ඒ ප්‍රතිපදාව ශ්‍රාවකයන්ට මා විසින් ප්‍රකාශ කරණ ලද්දීය. එයිනුදු වනාහි මාගේ බොහෝ ශ්‍රාවකයෝ ධ්‍යාන අභිඤ්ඤාවන්ගේ කෙළවරට පැමිණ වාසය කෙරෙත්.
|
258
‘‘පුන චපරං, උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ
|
258
“උදායීය, නැවතද අනිකක් කියමි. යම්සේ පිළිපන්නාවූ මාගේ ශ්‍රාවකයෝ පිරිසිදුවූ මිනිසැස ඉක්ම පවත්නාවූ දිව්‍යවූ ඇසින් චුතවනු ලබන්නාවූද උපදිනු ලබන්නාවූද ලාමකවූද උතුම්වූද යහපත් වර්ණ ඇත්තාවූද අයහපත් වර්ණ ඇත්තාවූද යහපත් ගති ඇත්තාවූද අයහපත් ගති ඇත්තාවූද සත්වයන් දකිත්ද, පින්වත්නි, ඒකාන්තයෙන් මේ සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහුය. වාක් දුශ්චරිතයෙන් යුක්තවූවාහුය. මනොදුශ්චරිතයෙන් යුක්තවූවාහුය. ආර්යයන්ට දොස් කියන්නාහුය. මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහුය. මිථ්‍යාදෘෂ්ටිකයන්ගේ කර්ම සමාදන් වූවාහුය. ඔව්හු ශරීරයාගේ භෙදයෙන් මරණින් මතු සැප නැත්තාවූ දුක්වන්නාවූ යටිකුරුව වැටෙන්නාවූ නරකයෙහි උපන්නාහුය. පින්වත්නි, මේ සත්වයෝ කායසුචරිතයෙන් යුක්තවූවාහුය. වචී සුචරිතයෙන් යුක්තවූවාහුය. මනොසුචරිතයෙන් යුක්ත වූවාහුය. ආර්යන්ට දොස් නොකියන්නාහුය. සම්‍යක් දෘෂ්ටි ඇත්තාහුය. සම්‍යක් දෘෂ්ටිකයන්ගේ කර්ම සමාදන් වූවාහුය. ඔව්හු ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු ශොභන ගති ඇත්තාවූ පස්කම් සැපයෙන් යුක්තවූ දිව්‍යලෝකයෙහි උපන්නාහුයයි, කම්වූ පරිදි පැමිණියාවූ සත්වයන් මෙසේ පිරිසිදුවූ මිනිසැස ඉක්ම පවත්නාවූ දිව්‍යවූ ඇසින් චුතවනු ලබන්නා වූද උපදිනු ලබන්නාවූද, ලාමකවූද, උතුම්වූද, යහපත් වර්ණ ඇත්තාවූද, අයහපත් වර්ණ ඇත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද, සත්වයන් දකිත්ද, කම් වූ පරිද්දෙන් ගියාවූ සත්වයන් දැනගනිත්ද, ඒ ප්‍රතිපදාව මා විසින් ප්‍රකාශ කරන ලද්දීය. උදායීය, යම්සේ දොරටු සහිතවූ ගෙවල් දෙකක් වෙත්ද, එහි ඇස් ඇති පුරුෂයෙක් මැද සිටියේ ගෙවලට ඇතුල් වන්නාවූද, එයින් නික්මෙන්නා වූද, අනුව හැසිරෙන්නාවූද, ඔබමොබ හැසිරෙන්නාවූද මනුෂ්‍යයන් දන්නේද, උදායීය, එපරිද්දෙන්ම යම්සේ පිළිපන්නාවූ මාගේ ශ්‍රාවකයෝ පිරිසිදුවූ මිනිසැස ඉක්ම පවත්නාවූ දිව්‍යවූ ඇසින් චුතවනු ලබන්නාවූද, උපදිනු ලබන්නාවූද හීනවූද, ප්රනීතවූද, යහපත් වර්ණ ඇත්තාවූද, අයහපත් වර්ණ ඇත්තාවූද හොඳ ලොව ගියාවූද, නරක ලොව ගියාවූද සත්වයන් දකිත්. කම් වූ පරිද්දෙන් පැමිණියාවූ සත්වයන් දැනගණිත්. එයිනුදු වනාහි මාගේ බොහෝ ශ්‍රාවකයෝ ධ්‍යාන අභිඥාවන්ගේ කෙළවරට පැමිණ වාසය කරත්.
|
259
‘‘පුන
‘‘ඉමෙ ඛො, උදායි, පඤ්ච ධම්මා යෙහි මමං සාවකා සක්කරොන්ති ගරුං කරොන්ති මානෙන්ති පූජෙන්ති, සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරන්තී’’ති.
ඉදමවොච භගවා. අත්තමනො සකුලුදායී පරිබ්බාජකො භගවතො භාසිතං අභිනන්දීති.
|
259
“උදායීය, නැවත අනිකක්ද කියමි. යම්සේ පිළිපන්නාවූ මාගේ ශ්‍රාවකයෝ ආශ්‍රවයන් නැසීමෙන් ආශ්‍රව නැත්තාවූ අර්හත්ඵල සමාධියටද, අර්හත්ඵල ප්‍රඥාවටද, ඉහාත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂකොට පැමිණ වාසය කෙරෙත්ද, ඒ ප්‍රතිපදාව මා විසින් ශ්‍රාවකයන්ට ප්‍රකාශ කරණ ලද්දීය. උදායීය, යම් සේ කඳුමුදුනක නිර්මලවූ නොකැළඹුනාවූ දිය විලක් වේද, එහි ඉවුරෙහි සිටියාවූ ඇස් ඇති පුරුෂයෙක් තිබෙන්නාවූද හැසිරෙන්නාවූද සිප්පිබෙල්නන් හා සක්බෙල්ලන්ද, ගල්කැට හා කැබිලිතිකටුද, මත්ස්‍ය සමූහයා දක්නේද, උදායීය, එපරිද්දෙන්ම යම්සේ පිළිපන්නාවූ මාගේ ශ්‍රාවකයෝ ආශ්‍රවයන් නැසීමෙන් ආශ්‍රව නැත්තාවූ අර්හත්ඵල සමාධියටද, අර්හත්ඵල ප්‍රඥාවටද මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂකොට පැමිණ වාසය කෙරෙත්. එයිනුදු වනාහි මාගේ බොහෝ ශ්‍රාවකයෝ දැනීමේ කෙළවරට පමුණුවන්නාවූ රහත් බවට පැමිණ වාසය කෙරෙත්. උදායීය, මේ වනාහි යමකින් මට ශ්‍රාවකයෝ සත්කාර කෙරෙත්ද, ගෞරව කෙරෙත්ද, බුහුමන් කෙරෙත්ද පුදත්ද, සත්කාරකොට ගෞරවකොට ඇසුරුකොට වාසය කෙරෙත්ද ඒ පස්වන කරුණ වේ.
“උදායීය, යමකින් මට ශ්‍රාවකයෝ සත්කාර කරත්ද ගෞරව කරත්ද, බුහුමන් කරත්ද, පුදත්ද, සත්කාරකොට ගෞරව කොට ඇසුරුකොට වාසය කරත්ද ඒ මේ කරුණු පස වෙත්යයි” (වදාළේය.)
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇත්තාවූ සකුළුදායි පරිව්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තේය.
|
8. සමණමුණ්ඩිකසුත්තං | 8. සමණ මණ්ඩික සූත්‍රය |
260
එවං
තෙන ඛො පන සමයෙන උග්ගාහමානො පරිබ්බාජකො සමණමුණ්ඩිකාපුත්තො මහතියා පරිබ්බාජකපරිසාය සද්ධිං නිසින්නො හොති උන්නාදිනියා උච්චාසද්දමහාසද්දාය අනෙකවිහිතං තිරච්ඡානකථං කථෙන්තියා, සෙය්යථිදං - රාජකථං චොරකථං මහාමත්තකථං සෙනාකථං භයකථං
අද්දසා ඛො උග්ගාහමානො පරිබ්බාජකො සමණමුණ්ඩිකාපුත්තො පඤ්චකඞ්ගං ථපතිං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන සකං පරිසං සණ්ඨාපෙසි - ‘‘අප්පසද්දා භොන්තො හොන්තු, මා භොන්තො සද්දමකත්ථ; අයං සමණස්ස ගොතමස්ස සාවකො ආගච්ඡති පඤ්චකඞ්ගො ථපති. යාවතා ඛො පන සමණස්ස ගොතමස්ස සාවකා ගිහී ඔදාතවසනා සාවත්ථියං පටිවසන්ති අයං තෙසං අඤ්ඤතරො
|
260
“මා විසින් (මේ සූත්‍රය) මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු මහ සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැසූහ. එකල්හි වනාහි සමණ මණ්ඩිකා පුත්‍රවූ උග්ගහමාන නම් පරිව්‍රාජක තෙමෙ ආගම් පිළිබඳ
කථා කරන්නාවූ තිඹිරි ගස්වලින් වටවූ හෙයින් තින්දුකාචීර නම්වූ මල්ලිකා දේවියගේ උයනෙහි කරවනලද හෙයින් මල්ලිකාරාම නම් එක සාලකනම් ශාලාවෙහි සත්සියයක් පමණවූ මහත් පරිව්‍රාජක පිරිසක් හා සමග වාසය කරයි. එකල්හි (ආයුධ පසක් ඇතිහෙයින්) පඤ්චකංග නම් වඩුතෙම දවල් කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ දැකීමට සැවැත්නුවරින් නික්මුනේය. ඉක්බිති පඤ්චකංග නම් වඩුහට මෙබඳු සිතක් වූයේය. තවම භාග්‍යවතුන් වහන්සේ දැකීමට සුදුසු කල් නොවේ. භාග්‍යවතුන් වහන්සේ පලසම යුක්තවූයේ වෙයි. සිත වැඩීමෙහි යෙදුනාවූ භික්ෂූන් වහන්සේලාගේ ද දැකීමට මෙය කාලය නොවෙයි. සිත දියුණු කරන්නාවූ භික්ෂුහුද ධ්‍යානයන්ට සමවැදී වාසය කරති. මම සමයප්පවාදක නම්වූද තින්දුකාවීර නම්වූද මල්ලිකාරාම නම් වූද එකසාලක නම් ශාලාව යම් තැනද සමණ මණ්ඩිකා පුත්‍රවූ උග්ගහමාන නම් පරිව්‍රාජක තෙම යම් තැනද එතැනට පැමිණෙන්නෙම් නම් යෙහෙකැයි යනුයි. ඉක්බිති පඤ්චකංග නම් ථපති තෙම සමයප්පවාදකවූද තින්දුකාචීර නම්වූද මල්ලිකාරාම නම්වූද එකසාලක නම්වූ ශාලාව යම් තැනෙක්හිද සමණ මණ්ඩිකා පුත්‍රවූ උග්ගහමාන නම් පරිව්‍රාජක තෙම යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. එකල්හි වනාහි සමණ මණ්ඩිකා පුත්‍රවූ උග්ගහමාන නම් පරිව්‍රාජක තෙම උස්හඬ ඇත්තාවූ මහත්හඬ ඇත්තාවූ අනෙක ප්‍රකාර තිරිසන් කථා කියන්නා මහත්කොට ශබ්ද කරන්නාවූ මහත්වූ පරිව්‍රාජක පිරිස සමග හුන්නේ වෙයි. එනම් රජුන් පිළිබඳ කථාය, සොරුන් පිළිබඳ කථාය, මහඇමතියන් පිළිබඳ කථාය, සේනා පිළිබඳ කථාය, භය පිළිබඳ කථාය, යුද්ධ පිළිබඳ කථාය, ආහාර පිළිබඳ කථාය, බීම් පිළිබඳ කථාය, වස්ත්‍ර පිළිබඳ කථාය, සයන පිළිබඳ කථාය, මාලා පිළිබඳ කථාය, සුවඳ පිළිබඳ කථාය, නෑයන් පිළිබඳ කථාය, රථ පිළිබඳ කථාය ගම් පිළිබඳ කථාය. මහගම් පිළිබඳ කථාය, නගර පිළිබඳ කථාය, ජනපද පිළිබඳ කථාය, ස්ත්‍රීන් පිළිබඳ කථාය, සූරයන් පිළිබඳ කථාය, වීථි පිළිබඳ කථාය, දිය ගෙනෙනතැන් පිළිබඳ කථාය, මියගියවුන් පිළිබඳ කථාය, නොයෙක් දේ පිළිබඳ කථාය, ලෝකය පිළිබඳ කථාය, සමුද්‍රය පිළිබඳ කථාය, දියුණුව, පිළිබඳ කථාය හානිය පිළිබඳ කථාය යන කථායි. සමණමණ්ඩිකා පුත්‍රවූ උග්ගහමාන නම් පරිව්‍රාජකතෙම එන්නාවූ පඤ්චකංග නම් වඩුවා දුරදීම දුටුයේය. දැක ස්වකීය පිරිස තැන්පත් කෙළේය. ‘පින්වත්නි, නිශ්ශබ්ද වෙත්වා, පින්වත්නි, ශබ්ද නොකරව්, මේ ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෙක්වූ පඤ්චකංග නම් වඩුතෙමේ එයි ශ්‍රමණ ගෞතමයන්ගේ ගිහිවූ සුදුවත් හඳින්නාවූ යම්තාක් ශ්‍රාවකයෝ සැවැත් නුවර වාසය කෙරෙත්ද, මේ පඤ්චකංග නම් ථපති තෙමේද ඔවුන්ගෙන් එක්තරා කෙනෙකි. ඒ ආයුෂ්මත්හු වනාහි ස්වල්ප ශබ්ද ඇත්තෝය. ස්වල්ප ශබ්ද ඇත්තවුන් විසින් හික්මවන ලද්දෝය. ස්වල්ප ශබ්ද ඇත්තවුන්ගේ ගුණ කියන්නෝය. ස්වල්ප ශබ්ද ඇති පිරිසකැයි සිතා මෙහි පැමිණීමට අදහස් කරන්නේ නම් මැනවයි” කියා පිරිස සන්සුන් කෙළේය. ඉක්බිති ඒ පරිව්‍රාජකයෝ නිශ්ශබ්ද වූහ.
|
261
අථ ඛො පඤ්චකඞ්ගො ථපති යෙන උග්ගාහමානො පරිබ්බාජකො සමණමුණ්ඩිකාපුත්තො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා උග්ගාහමානෙන පරිබ්බාජකෙන සමණමුණ්ඩිකාපුත්තෙන සද්ධිං සම්මොදි
අථ ඛො පඤ්චකඞ්ගො ථපති උග්ගාහමානස්ස පරිබ්බාජකස්ස සමණමුණ්ඩිකාපුත්තස්ස භාසිතං නෙව අභිනන්දි නප්පටික්කොසි. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා උට්ඨායාසනා පක්කාමි - ‘‘භගවතො සන්තිකෙ එතස්ස භාසිතස්ස අත්ථං ආජානිස්සාමී’’ති. අථ ඛො පඤ්චකඞ්ගො ථපති යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො පඤ්චකඞ්ගො ථපති යාවතකො අහොසි උග්ගාහමානෙන
|
261
එකල්හි පඤ්චකංග නම් වඩුතෙම සමණ මණ්ඩිකා පුත්‍රවූ උග්ගහමාන නම් පරිව්‍රාජකතෙම යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ සමණ මණ්ඩිකා පුත්‍රවූ උග්ගහමාන නම් පරිව්‍රාජකයා සමග සතුටු වූයේය. සතුටු වියයුතුවූ සිහි කටයුතුවූ කථාවකොට නිමවා එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ පඤ්චකංග නම් වඩුවාට සමණ මණ්ඩිකා පුත්‍රවූ උග්ගමාන නම් පරිව්‍රජාක තෙම මෙසේ කීයේය.
“ථපතිය, මම කරුණු සතරකින් යුක්තවූ පුරුෂ පුද්ගලයා සම්පූර්ණවූ කුසල් ඇති උතුම්වූ කුසල් ඇති උත්තම පැමිණීමට පැමිණියාවූ වාද කොට සෙලවිය නොහැකි ශ්‍රමණයා යයි කියමි. කවර සතරකින්ද යත්? ථපතිය, මේ ලෝකයෙහි කයින් පව්කම් නොකෙරේද, ලාමකවූ වචන නොකියයිද, පවිටු වූ කල්පනා කල්පනා නොකෙරේද, ලාමකවූ ජීවිකාවෙන් ජීවිකාව නොකෙරේද, ථපතිය, මම වනාහි මේ කරුණු සතරින් යුක්තවූ පුරුෂ පුද්ගලයා සම්පූර්ණ කුසල් ඇති උතුම් කුසල් ඇති උතුම් පැමිණීමට පැමිණියාවූ වාද කොට සෙලවිය නොහැකි ශ්‍රමණයායි ප්‍රකාශ කරමියි” කීය.
ඉක්බිති පඤ්චකංග නම් ථපති තෙම සමණ මණ්ඩිකා පුත්‍රවූ උග්ගහ මාන නම් පරිව්‍රාජකයාගේ කීමට සතුටුද නොවිය. ප්රතික්ෂෙපද නොකෙළේය. සතුටු නොවී ප්රතික්ෂෙප නොකොට හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් මේ කියමනේ අර්ථය දැන ගන්නෙමියි. (සිතා) ගියේය.
ඉක්බිති පඤ්චකංග නම් ථපති තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට මනා කොට වැඳ එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ පඤ්චකංග නම් ථපති තෙම සමණ මණ්ඩිකා පුත්‍රවූ උග්ගහමාන නම් පරිව්‍රාජක සමග කථාබහ යම් පමණ වීද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට දැන්වූයේය.
|
262
එවං වුත්තෙ, භගවා පඤ්චකඞ්ගං ථපතිං එතදවොච - ‘‘එවං සන්තෙ ඛො, ථපති, දහරො කුමාරො මන්දො උත්තානසෙය්යකො සම්පන්නකුසලො භවිස්සති පරමකුසලො උත්තමපත්තිපත්තො සමණො අයොජ්ඣො, යථා උග්ගාහමානස්ස පරිබ්බාජකස්ස සමණමුණ්ඩිකාපුත්තස්ස වචනං. දහරස්ස හි, ථපති, කුමාරස්ස මන්දස්ස උත්තානසෙය්යකස්ස කායොතිපි න හොති, කුතො පන කායෙන පාපකම්මං කරිස්සති, අඤ්ඤත්ර ඵන්දිතමත්තා! දහරස්ස හි, ථපති, කුමාරස්ස මන්දස්ස උත්තානසෙය්යකස්ස
|
262
මෙසේ දැන්වූ කල්හි භාග්‍යවතුන් වහන්සේ පඤ්චකංග නම් වඩුවාට මෙසේ වදාළේය. ‘සමණ මණ්ඩිකා උග්ගහමාන නම් පරිව්‍රාජකයාගේ කීම පරිද්දෙන් ථපතිය, පුත්‍රවූ එසේ නම් ලදරුවූ බාලවූ උඩුකුරුවූ සයනය කරන කුමාර සම්පූර්ණ කුසල් ඇත්තෙක් උතුම්වූ කුසල් ඇත්තෙක් උතුම් පැමිණීමට පැමිණියෙක් වාද කොට සෙලවිය නොහැකි ශ්‍රමණයෙක් වන්නේය. ථපතිය, ලදරුවූ බාලවූ උඩුකුරුව සයනය කරන්නාවූ කුමාර තෙම වනාහි පව් කිරීමට තරම් ශරීරයක්ද නැත කෙසේනම් සෙලවීම් මාත්‍රය හැර කයින් පව්කම් කරන්නේද, ථපතිය, ළදරුවූ බාලවූ උඩුකුරුව සයනය කරන්නාවූ කුමාරයා හට වනාහි වචනයක්ද නැත. කෙසේ නම් හැඬීම පමණක් හැර වචනයෙන් ලාමක වචන කියන්නේද, ථපතිය, බාලවූ ළදරුවූ උඩුකුරුව සයනය කරන්නාවූ කුමාරයාහට කල්පනාවක්ද නැත. කෙසේනම් සිනාසීම් මාත්‍රයක් හැර පවිටු කල්පනා කල්පනා කරන්නේද, ථපතිය, ළදරුවූ බාලවූ උඩුකුරුව නිදන්නාවූ කුමාරයාහට වනාහි ජීවිකාවක්ද නැත. කෙසේනම් මවගේ කිරි බීම හැර ලාමකවූ ජීවිකාවෙන් ජීවිකාව කරන්නේද, ථපතිය, මෙසේ ඇති කල්හි වනාහි සමණමණ්ඩිකා පුත්‍රවූ උග්ගහමාන නම් පරිව්‍රාජකයාගේ කීම පරිදි ළදරුවූ බාලවූ උඩුකුරුව නිදන්නාවූ කුමාරතෙම සම්පූර්ණ කුසල් ඇති උතුම්වූ කුසල් ඇති උතුම් පැමිණීමට පැමිණියාවූ වාදකොට ජය ගත නොහැකි ශ්‍රමණයෙක් වෙයි.
|
263
‘‘චතූහි ඛො අහං, ථපති, ධම්මෙහි සමන්නාගතං පුරිසපුග්ගලං පඤ්ඤපෙමි න චෙව සම්පන්නකුසලං න පරමකුසලං න උත්තමපත්තිපත්තං සමණං අයොජ්ඣං, අපි චිමං දහරං කුමාරං මන්දං උත්තානසෙය්යකං සමධිගය්හ තිට්ඨති. කතමෙහි චතූහි? ඉධ, ථපති, න කායෙන පාපකම්මං කරොති, න පාපකං වාචං භාසති, න පාපකං සඞ්කප්පං සඞ්කප්පෙති, න පාපකං ආජීවං ආජීවති - ඉමෙහි ඛො අහං, ථපති, චතූහි ධම්මෙහි සමන්නාගතං පුරිසපුග්ගලං පඤ්ඤපෙමි න චෙව සම්පන්නකුසලං න පරමකුසලං න උත්තමපත්තිපත්තං සමණං අයොජ්ඣං, අපි චිමං දහරං කුමාරං මන්දං උත්තානසෙය්යකං සමධිගය්හ තිට්ඨති.
‘‘දසහි
‘‘ඉමෙ කුසලා සීලා; තමහං, ථපති, වෙදිතබ්බන්ති වදාමි. ඉතොසමුට්ඨානා කුසලා සීලා; තමහං, ථපති, වෙදිතබ්බන්ති වදාමි. ඉධ කුසලා සීලා අපරිසෙසා නිරුජ්ඣන්ති; තමහං, ථපති, වෙදිතබ්බන්ති වදාමි. එවං පටිපන්නො කුසලානං සීලානං නිරොධාය පටිපන්නො හොති; තමහං, ථපති, වෙදිතබ්බන්ති වදාමි.
‘‘ඉමෙ අකුසලා සඞ්කප්පා; තමහං, ථපති, වෙදිතබ්බන්ති වදාමි. ඉතොසමුට්ඨානා අකුසලා සඞ්කප්පා
‘‘ඉමෙ කුසලා සඞ්කප්පා; තමහං, ථපති, වෙදිතබ්බන්ති වදාමි. ඉතොසමුට්ඨානා කුසලා සඞ්කප්පා
|
263
“ථපතිය, මම වනාහි කුසල් නැත්තාවූද උතුම් කුසල් නැත්තාවූද උතුම් පැමිණීමට නොපැමිණියාවූද වාදකොට සෙලවිය නොහැක්කාවූද තවද මේ ළදරුවූ බාලවූ උඩුකුරුව නිදන්නාවූ කුමාරයාට වඩා විශේෂවූ කරුණු සතරකින් යුක්තවූ සම්පූර්ණවූ පුරුෂ පුද්ගලයෙකු ප්‍රකාශ කරමි.
“කවර සතරකින්ද යත්, ථපතිය, මේ ලෝකයෙහි කයින් පව්කම් නොකෙරේද, ලාමක වචන නොකියාද, ලාමකවූ කල්පනා කල්පනා නොකෙරේද, ලාමකවූ ජීවිකාවෙන් ජීවිකාව නොකෙරෙයිද, ථපතිය, මම වනාහි මේ කරුණු සතරින් යුක්තවූ පුරුෂ පුද්ගලයා සම්පූර්ණ කුසල් නැත්තාවූද, උතුම් කුසල් නැත්තාවූද, උතුම් පැමිණීමට නොපැමිණියාවූද, වාදයෙන් සෙලවිය නොහැක්කාවූද, තවද ළදරුවූ බාලවූ උඩුකුරුව නිදන්නාවූ මේ කුමාරයාට වඩා විශේෂවූද ශ්‍රමණයෙකැයි ප්‍රකාශ කරමි.
“ථපතිය, මම වනාහි කරුණු දසයකින් යුක්තවූ පුරුෂ පුද්ගලයා සම්පූර්ණ ‘කුසල් ඇත්තාවූද, උතුම් කුසල් ඇත්තාවූද, උතුම් පැමිණීමට පැමිණියාවූද, වාදයෙන් නොසෙල්විය හැක්කාවූද ශ්‍රමණයෙකැයි ප්‍රකාශ කරමි.
“ථපතිය, අකුශල ස්වභාවයෝ කවරහුදැයි දතයුතුයයි කියමි. ථපතිය, මේ අකුශල ස්වභාවයෝ කුමක් හේතුකොට ගෙන හටගත්තාහුදැයි දතයුතුදැයි කියමි. ථපතිය, මේ අකුශල ස්වභාවයෝ කොතැන්හි ඉතිරිනොවී නිරුද්ධ වෙත්දැයි දතයුතුයයි කියමි. ථපතිය, කෙසේ පිළිපදින්නාවූ තැනැත්තේ මේ අකුශල ස්වභාවයන්ගේ නිරෝධය පිණිස පිළිපන්නේ වේදැයි දැනගත යුතුයයි කියමි.
“ථපතිය, මේ කුශල ස්වභාවයෝ කවරහුදැයි දත යුතුයයි කියමි. ථපතිය, මේ කුසල ස්වභාව කුමක් හටගන්නාහුදැයයි කියමි. ථපතිය මේ කුශල ස්වභාවයෙන් කොතැන්හි ඉතිරි නොවී නිරුද්ධ වෙත්දැයි දැනගත යුතුයි කියමි. ථපතිය, කෙසේ පිළිපදින මේ කුසල ස්වභාවයන්ගේ නිරෝධය පිණිස පිළිපන්නේදැයි දතයුතුයයි කියමි. ථපතිය, මේ අකුශල කල්පනා කවරහුදැයි දතයුතුයයි කියමි. ථපතිය, මේ අකුශල කල්පනාවෝ කුමකින් හටගන්නාහුදැයි දතයුතුයයි කියමි. ථපතිය, මේ අකුශල කල්පනාවෝ ඉතිරි නොවී කොතැන්හි නිරුද්ධ වෙත්දැයි දතයුතුයයි කියමි. ථපතිය, කෙසේ පිළිපන්නාවූ පුද්ගලතෙමේ මේ අකුසල කල්පනාවන්ගේ නිරෝධය පිණිස පිළිපන්නේදැයි දතයුතුයයි කියමි. ථපතිය, මේ කුසල කල්පනාවෝ කවරහුදැයි දතයුතුයි කියමි. ථපතිය, මේ කුසල කල්පනාවෝ කුමකින් හටගන්නාහුදැයි දතයුතුයයි කියමි. ථපතිය, මේ කුසල කල්පනාවෝ කොතැන්හි ඉතිරි නැතිව නිරුද්ධ වෙත්දැයි දතයුතුයයි කියමි. ථපතිය, කෙසේ පිළිපන්නාවූ පුද්ගල තෙමේ මේ කුසල කල්පනාවන්ගේ නිරෝධය පිළිපදින්නේදැයි දතයුතුයයි කියමි.
|
264
‘‘කතමෙ ච, ථපති, අකුසලා සීලා? අකුසලං කායකම්මං, අකුසලං වචීකම්මං, පාපකො ආජීවො - ඉමෙ වුච්චන්ති, ථපති, අකුසලා සීලා.
‘‘ඉමෙ ච, ථපති, අකුසලා සීලා කිංසමුට්ඨානා? සමුට්ඨානම්පි නෙසං වුත්තං. ‘චිත්තසමුට්ඨානා’තිස්ස වචනීයං. කතමං චිත්තං? චිත්තම්පි හි බහුං අනෙකවිධං නානප්පකාරකං. යං චිත්තං සරාගං සදොසං සමොහං, ඉතොසමුට්ඨානා අකුසලා සීලා.
‘‘ඉමෙ ච, ථපති, අකුසලා සීලා කුහිං අපරිසෙසා නිරුජ්ඣන්ති? නිරොධොපි නෙසං වුත්තො. ඉධ, ථපති, භික්ඛු කායදුච්චරිතං පහාය කායසුචරිතං
‘‘කථං පටිපන්නො, ථපති, අකුසලානං සීලානං නිරොධාය පටිපන්නො හොති? ඉධ, ථපති, භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති වීරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති; උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනෙති වායමති වීරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති; අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති වායමති වීරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති; උප්පන්නානං
|
264
“ථපතිය, අකුසල ස්වභාවයෝ කවරහුද, අකුසල්වූ කාය කර්මය අකුසල්වූ වාග්කර්මය ලාමකවූ ජීවිකාවය යන මොහුයි. ථපතිය, මොව්හු අකුසල ස්වභාවයෝයයි කියනු ලැබෙත්. ථපතිය මේ අකුසල ස්වභාවයෝ කුමක් හේතු කොටගෙන හට ගන්නාහුද? ඔවුන්ගේ ඉපදීමට හේතුව කියනු ලැබේ. සිත නිසා උපදින්නාහුයයි කියයුතු වෙත්. සිත කවරේද? සිත වනාහි බොහෝ වැදෑරුම්හ. නොයෙක් ආකාරය. ඒ සිත රාග සහිතදවේ. ද්වේෂ සහිතදවේ. මෝහ සහිතද වේ. මේ අකුසල ස්වභාවයෝ මේ සිත නිසා හටගත්තාහුය. ථපතිය, මේ අකුසල ස්වභාවයෝ කොතැන්හි ඉතිරි නැතිව නිරුද්ධවෙත්ද, ඔවුන්ගේ නිරෝධය කියනු ලැබේ. ථපතිය, මේ ශාසනයෙහි භික්ෂුතෙම කාය දුශ්චරිතය හැර කාය සුචරිතය වඩාද, වාග් දුශ්චරිතය හැර වාග් සුචරිතය වඩාද, මනො දුශ්චරිතය හැර මනො සුචරිතය වඩාද මිථ්‍යා ආජීවය හැර යහපත් ජීවිකාවෙන් ජීවිකාව කෙරේද, මෙහි මේ අකුසල ස්වභාවයෝ ඉතිරි නොවී නිරුද්ධවෙත්. ගෘහපතිය, කෙසේ පිළිපදින්නාවූ පුද්ගල තෙමේ අකුසල සීලයන්ගේ නිරෝධය පිණිස පිළිපන්නේවේද? ගෘහපතිය, මේ ශාසනයෙහි භික්ෂුතෙම නූපන්නාවූ ලාමකවූ අකුශල ධර්මයන්ගේ නොඉපදීම පිණිස කැමැත්ත උපදවයිද ව්‍යායාම් කරයිද, වීර්ය පටන්ගනියිද, සිත ඔසවයිද, වීර්ය කරයිද, උපන්නාවූ ලාමකවූ අකුශල ධර්මයන්ගේ දුරුකිරීම පිණිස කැමැත්ත උපදවයිද, ව්‍යායාම් කරයිද, වීර්ය පටන්ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද, නූපන්නාවූ කුසල ධර්මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදවයිද, ව්‍යායාම කරයිද, වීර්ය පටන් ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද, උපන්නාවූ කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස, මුලානොවීම පිණිස, වැඩිවීම පිණිස, මහත්බව පිණිස, දියුණු කිරීම පිණිස කැමැත්ත උපදවයිද, ව්‍යායාම කරයිද, වීර්ය පටන්ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද, ගෘහපතිය, මෙසේ පිළිපදින්නාවූ පුද්ගල තෙමේ ස්වභාවයන්ගේ නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
|
265
‘‘කතමෙ ච, ථපති, කුසලා සීලා? කුසලං කායකම්මං, කුසලං වචීකම්මං, ආජීවපරිසුද්ධම්පි ඛො අහං, ථපති, සීලස්මිං වදාමි. ඉමෙ වුච්චන්ති, ථපති, කුසලා සීලා.
‘‘ඉමෙ ච, ථපති, කුසලා සීලා කිංසමුට්ඨානා? සමුට්ඨානම්පි නෙසං වුත්තං. ‘චිත්තසමුට්ඨානා’තිස්ස වචනීයං. කතමං චිත්තං? චිත්තම්පි හි බහුං අනෙකවිධං නානප්පකාරකං. යං චිත්තං වීතරාගං වීතදොසං වීතමොහං, ඉතොසමුට්ඨානා කුසලා සීලා.
‘‘ඉමෙ ච, ථපති, කුසලා සීලා කුහිං අපරිසෙසා නිරුජ්ඣන්ති? නිරොධොපි නෙසං වුත්තො. ඉධ, ථපති, භික්ඛු සීලවා හොති නො ච සීලමයො, තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං පජානාති; යත්ථස්ස තෙ කුසලා සීලා අපරිසෙසා නිරුජ්ඣන්ති.
‘‘කථං පටිපන්නො ච, ථපති, කුසලානං සීලානං නිරොධාය පටිපන්නො හොති? ඉධ, ථපති, භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති වීරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති
|
265
“ගෘහපතිය, කුසල ස්වභාවයෝ කවරහුද? ගෘහපතිය කාය කර්මයද, කුසලවූ කර්යද, පිරිසිදු ජීවිකාවද මම සීලයයි කියමි. ගෘහපතිය, මොව්හු කුසල ස්වභාවයෝයයි කියනු ලැබෙත්. ගෘහපතිය, මේ කුසල ස්වභාවයෝ කුමක් හේතුකොටගෙන උපදින්නාහුද, ඔවුන්ගේ උත්පත්ති හේතුව කියනු ලැබේ. හිත නිසා උපදින්නාහුයයි කියයුතු වෙත්. සිත කවරේද, සිත බොහෝ වැදෑරුම්ය, නානාප්රකාරය. ඒ සිත පහවූ රාග ඇත්තේද, පහවූ ද්වේෂ ඇත්තේද පහවූ මෝහ ඇත්තේද වෙයි. කුසල ස්වභාවයෝ මේ සිත නිසා හටගත්තාහු වෙත්. ගෘහපතිය, මේ කුසල ස්වභාවයෝ කොහිදී ඉතිරි නොවී නිරුද්ධ වෙත්ද? ඔවුන්ගේ නිරෝධය කියතහොත් ගෘහපතිය, මේ ශාසනයෙහි භික්ෂුතෙම සිල්වත් වේද, මින්පසු රැක්කයුතු තවත් සීලයක් නැත්තේද යම්තැනක ඔහුගේ ඒ කුසල ස්වභාවයෝ ඉතිරි නොවී නිරුද්ධ වෙත්ද, ඒ අර්හත්ඵල සමාධියද ඒ අර්හත්ඵල ප්‍රඥාවද තත්වූ පරිද්දෙන් දැනගනියි.
“ගෘහපතිය, කෙසේ පිළිපදින්නේ කුසල ස්වභාවයන්ගේ නිරෝධය පිණිස පිළිපන්නේ වේද? ගෘහපතිය, මේ ශාසනයෙහි භික්ෂුතෙම නූපන්නාවූ ලාමකවූ අකුශල ධර්මයන්ගේ නොඉපදීම පිණිස කැමැත්ත උපදවයිද ව්‍යායාම කරයිද, වීර්ය පටන්ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද උපන්නාවූ ලාමකවූ අකුසල ධර්මයන්ගේ දුරුකිරීම පිණිස කැමැත්ත උපදවයි වෑයම් කරයි. වීර්ය පටන්ගනියි. උත්සාහ කරයි. නූපන්නාවූ කුශල ධර්මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්ය පටන්ගනියි. උත්සාහ කරයි. උපන්නාවූ කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස, මුලානොවීම පිණිස, වැඩිවීම පිණිස, මහත් බැව් පිණිස, දියුණුව පිණිස, කැමැත්ත උපදවයිද, ව්‍යායාම කරයිද, වීර්ය පටන්ගනියිද, සිත ඔසොවයිද, උත්සාහ කරයිද, ගෘහපතිය, මෙසේ පිළිපදින පුද්ගල තෙමේ ස්වභාවයන්ගේ නිරෝධය පිණිස පිළිපන්නේ වේ.
|
266
‘‘කතමෙ ච, ථපති, අකුසලා සඞ්කප්පා? කාමසඞ්කප්පො, බ්යාපාදසඞ්කප්පො, විහිංසාසඞ්කප්පො - ඉමෙ වුච්චන්ති, ථපති, අකුසලා සඞ්කප්පා.
‘‘ඉමෙ ච, ථපති, අකුසලා සඞ්කප්පා කිංසමුට්ඨානා? සමුට්ඨානම්පි නෙසං වුත්තං. ‘සඤ්ඤාසමුට්ඨානා’තිස්ස
‘‘ඉමෙ ච, ථපති, අකුසලා සඞ්කප්පා කුහිං අපරිසෙසා නිරුජ්ඣන්ති? නිරොධොපි නෙසං වුත්තො. ඉධ, ථපති, භික්ඛු විවිච්චෙව කාමෙහි...පෙ.... පඨමං ඣානං
‘‘කථං පටිපන්නො ච, ථපති, අකුසලානං සඞ්කප්පානං නිරොධාය පටිපන්නො හොති? ඉධ, ථපති, භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති වීරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති; උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය...පෙ.... අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය...පෙ.... උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය
|
266
“ගෘහපතිය, අකුසල කල්පනාවෝ කවරහුද? කාම කල්පනාය, ව්‍යාපද කල්පනාය, විහිංසා කල්පනාය. ගෘහපතිය, මොව්හු අකුසල කල්පනාවෝයයි කියනු ලැබෙත්. ගෘහපතිය, මේ අකුසල කල්පනාවෝද කුමකින් හටගන්නාහුද? ඔවුන්ගේ හටගැනීමට හේතුවද කියනු ලැබේ. සංඥාව නිසා හටගන්නාහුයයි කියයුතු වෙත්. සංඥාව නම් කවරීද? සංඥාවද බොහෝ වැදෑරුම්ය, නානාප්රකාරය. කාම සංඥාවෝය, ව්‍යාපද සංඥාය, විහිංසා යන මොහුයි. අකුසල කල්පනාවෝ මේ හේතුකොටගෙන හටගන්නාහු වෙත්. ගෘහපතිය, මේ අකුසල සංකල්පනාවෝ කොහිදී ඉතිරි නැතිව නිරුද්ධ වෙත්ද, ඔවුන්ගේ නිරෝධය ද කියනු ලැබේ. ගෘහපතිය, මේ ශාසනයෙහි භික්ෂුතෙම කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. මෙහි මේ අකුශල සංකල්පනාවෝ ඉතිරිනැතිව නිරුද්ධ වෙත්. ගෘහපතිය, කෙසේ පිළිපදින පුද්ගල තෙමේ අකුශල සංකල්පනාවන්ගේ නිරෝධය පිණිස පිළිපන්නේ වේද, ගෘහපතිය, මේ ශාසනයෙහි භික්ෂුතෙම නූපන්නාවූ ලාමකවූ අකුසල ධර්මයන්ගේ නොඉපදීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්ය පටන්ගනියි. සිත ඔසවයි. උත්සාහ කරයි. උපන්නාවූ ලාමකවූ අකුසල ධර්මයන්ගේ දුරුකිරීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්ය පටන්ගනියි. උත්සාහ කරයි. නූපන්නාවූ කුශල ධර්මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදයි. වෑයම් කරයි. වීර්ය පටන්ගනියි. උත්සාහ කරයි. උපන්නාවූ කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස, මුලානොවීම පිණිස, වැඩිවීම පිණිස, මහත්බැව් පිණිස, දියුණුව පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්ය පටන්ගනියි. සිත ඔසවයි. උත්සාහ කරයි. ගෘහපතිය, මෙසේ පිළිපදින පුද්ගල තෙමේ අකුසල කල්පනාවන්ගේ නිරෝධය පිණිස පිළිපන්නේ වේ.
|
267
‘‘කතමෙ ච, ථපති, කුසලා සඞ්කප්පා? නෙක්ඛම්මසඞ්කප්පො, අබ්යාපාදසඞ්කප්පො, අවිහිංසාසඞ්කප්පො - ඉමෙ වුච්චන්ති, ථපති, කුසලා සඞ්කප්පා.
‘‘ඉමෙ ච, ථපති, කුසලා සඞ්කප්පා කිංසමුට්ඨානා? සමුට්ඨානම්පි නෙසං වුත්තං. ‘සඤ්ඤාසමුට්ඨානා’තිස්ස වචනීයං. කතමා සඤ්ඤා? සඤ්ඤාපි හි බහූ අනෙකවිධා
‘‘ඉමෙ ච, ථපති, කුසලා සඞ්කප්පා කුහිං අපරිසෙසා නිරුජ්ඣන්ති? නිරොධොපි නෙසං වුත්තො. ඉධ, ථපති, භික්ඛු විතක්කවිචාරානං වූපසමා...පෙ.... දුතියං ඣානං උපසම්පජ්ජ විහරති; එත්ථෙතෙ කුසලා සඞ්කප්පා අපරිසෙසා නිරුජ්ඣන්ති.
‘‘කථං
|
267
“ගෘහපතිය, කුසල කල්පනාවෝ කවරහුද? නෛෂ්ක්‍රම්‍ය කල්පනාය, අව්‍යාපද කල්පනාය, අවිහිංසා කල්පනාය යන මොහුයි. ගෘහපතිය, මොව්හු කුසල සංකල්පයෝයයි කියනු ලැබෙත්. ගෘහපතිය, මේ කුසල කල්පනාවෝ කුමකින් හටගන්නාහු වෙත්ද, ඔවුන්ගේ හටගැනීමද කියනලදී. සංඥාව නිසා හටගන්නාහුයයි කියයුතු වෙත්. සංඥා තොමෝ කවරීද? සංඥාවෝද බොහෝ වැදෑරුම්ය, නානාප්රකාරය. කාමයන්ගෙන් සිත නික්මවීම පිළිබඳ සංඥාවය, අනුන්ට වෛර නොකිරීම පිළිබඳ සංඥාවය, හිංසා නොකිරීම පිළිබඳ සංඥාවය යන මොහුයි. කුසල කල්පනාවෝ මේ සංඥා නිසා හටගන්නාහු වෙත්. ගෘහපතිය, මේ අකුසල සංකල්පනාවෝ කොහිදී ඉතිරි නැතිව නිරුද්ධ වෙත්ද, ඔවුන්ගේ නිරෝධයද කියනලදී. ගෘහපතිය, මේ ශාසනයෙහි භික්ෂුතෙම් විතර්ක විචාරයන්ගෙන් සංසිඳීමෙන් ඇතුලත පැහැදීම ඇති හිතේ එකඟබව ඇති විතර්ක රහිතවූ විචාර සහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. මෙහි මේ කුසල කල්පනාවෝ ඉතිරිනොවී නිරුද්ධ වෙත්. ගෘහතිය, මෙසේ පිළිපදින්නේ කුසල කල්පනාවන්ගේ නිරෝධය පිණිස පිළිපන්නේ වේද, ගෘහපතිය, මේ ශාසනයෙහි භික්ෂුතෙම නූපන්නාවූ ලාමකවූ අකුසල ධර්මයන්ගේ නොඉපදීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්ය පටන්ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද, උපන්නාවූ ලාමකවු අකුසල ධර්මයන්ගේ දුරුකිරීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්ය පටන්ගනියි. උත්සාහ කරයි. නූපන්නාවූ කුශල ධර්මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදයි. වෑයම් කරයි. වීර්ය පටන්ගනියි. උත්සාහ කරයි. උපන්නාවූ කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස, මුළා නොවීම පිණිස, වැඩිවීම පිණිස, මහත් බැව් පිණිස, දියුණුව පිණිස, කැමැත්ත උපදවයි. වෑයම් කරයි, වීර්ය පටන්ගනියි, සිත ඔසවයි, උත්සාහ කරයි. ගෘහපතිය, මෙසේ පිළිපන්නේම කුසල කල්පනාවන්ගේ නිරෝධය පිණිස පිළිපන්නේ වේ.
|
268
‘‘කතමෙහි චාහං, ථපති, දසහි ධම්මෙහි සමන්නාගතං පුරිසපුග්ගලං පඤ්ඤපෙමි
ඉදමවොච භගවා. අත්තමනො පඤ්චකඞ්ගො ථපති භගවතො භාසිතං අභිනන්දීති.
|
268
“ගෘහපතිය, මම කවර නම් කරුණු දසයකින් යුක්තවූ පුරුෂ පුද්ගලයා සම්පූර්ණ කුසල් ඇති, උතුම් කුසල් ඇති, උතුම් පැමිණීමට පැමිණියාවූ, වාදයෙන් නොසෙල්විය හැකිවූ ශ්‍රමණයයි ප්‍රකාශ කරම්ද? ගෘහපතිය, මේ ශාසනයෙහි භික්ෂු තෙම අශෛක්ෂ වූ (රහත්වූ) සම්‍යක් දෘෂ්ටියෙන් (යහපත් දැකීමෙන්) යුක්තවූයේ වේද, අශෛක්ෂවූ (රහත්වූ) සම්‍යක් සංකල්පනයෙන් (යහපත් කල්පනාවෙන්) යුක්තවූයේ වේද, අශෛක්ෂවූ (රහත්) සම්‍යක් වචනයෙන් (යහපත් වචනයෙන්) යුක්තවූයේ වේද, අශෛක්ෂවූ (රහත්) සම්‍යක් කර්මාන්තයෙන් (යහපත් කිරීමෙන්) යුක්තවූයේ වේද, අශෛක්ෂවූ (රහත්) සම්‍යක් ආජීවයෙන් (යහපත් ජීවිකාවෙන්) යුක්තවූයේ වේද, අශෛක්ෂවූ (රහත්) සම්‍යක් ව්‍යායාමයෙන් (යහපත් උත්සාහයෙන්) යුක්තවූයේ වේද, අශෛක්ෂවූ (රහත්) සම්‍යක් ස්මෘතියෙන් (යහපත් සිහියෙන්) යුක්තවූයේ වේද, අශෛක්ෂවූ (රහත්) සම්‍යක් සමාධියෙන් (යහපත් සිතේ එකඟබවෙන්) යුක්තවූයේ වේද, අශෛක්ෂවූ (රහත්) සම්‍යක් ඥානයෙන් (යහපත් නුවණින්) යුක්තවූයේ වේද, අශෛක්ෂවූ (රහත්) සම්‍යක් විමුක්තියෙන් (යහපත් මිදීමෙන්) යුක්තවූයේ වේද, ගෘහපතිය, මම වනාහි මේ කරුණු දහයෙන් යුක්තවූ පුරුෂ පුද්ගලයා සම්පූර්ණ කුසල් ඇති උතුම්වූ කුසල් ඇති, උතුම්වූ පැමිණීමට පැමිණියාවූ වාදයෙන් නොසෙල්විය හැකි ශ්‍රමණයෙකැයි ප්‍රකාශ කරමි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක සතුටු සිත් ඇත්තාවූ පඤ්චකංග නම්ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තේය.
|
9. චූළසකුලුදායිසුත්තං | 9. චූල සකුළුදායී සූත්‍රය |
269
එවං
තෙන ඛො පන සමයෙන සකුලුදායී පරිබ්බාජකො මහතියා පරිබ්බාජකපරිසාය සද්ධිං නිසින්නො හොති උන්නාදිනියා උච්චාසද්දමහාසද්දාය
|
269
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම්වූ වෙළුවනාරාමයෙහි වැඩ විසූහ.
එකල්හි වනාහි සකුළුදායී නම් පරිව්‍රාජක තෙම මෝරනිවාප නම්වූ පරිබ්‍රාජකාරාමයෙහි මහත්වූ පරිබ්‍රාජක පිරිස සමග වාසය කරයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උදය කාලයෙහි හැඳපෙරවා පාසිව්රු ගෙණ රජගහ නුවරට පිඬු පිණිස පැමිණියෝය. එකල්හි භාග්‍යවතුන් වහන්සේට මෙබඳු සිතක් විය. තවම රජගහනුවරට පිඬුපිණිස පැමිණෙන්ට ඉතා උදෑසන වේ. ‘මම මෝරනිවාප නම් පරිබ්‍රාජකාරාමය යම් තැන තැනකද, සකුළුදායී නම් පරිව්‍රාජක තෙම යම් තැනකද එහි එළඹෙන්නෙම් නම් යෙහෙක, කියායි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෝරනිවාප නම් පරිබ්‍රාජකාරාමය යම් තැනකද එතැනට පැමිණියෝය. එකල්හි වනාහි සකුළුදායී නම් පරිබ්‍රාජක තෙම උස්හඬින් හා මහත්වූ හඬින් ඝෝෂා කරමින් නොයෙක් තිරිසන් කථා කියන්නාවූ මහත් පරිබ්‍රාජක පිරිස සමග හුන්නේ වෙයි. එනම්, රජුන් පිළිබඳ කථාය, සොරුන් පිළිබඳ කථාය, මහ ඇමතියන් පිළිබඳ කථාය, සේනා පිළිබඳ කථාය, භය පිළිබඳ කථාය, යුද්ධ ගැන කථාය, ආහාර ගැන කථාය, බීම ගැන කථාය, වස්ත්‍ර ගැන කථාය, සයන ගැන කථාය, මාලා ගැන කථාය, ගන්ධ ගැන කථාය, නෑයන් ගැන කථාය, යානා ගැන කථාය, ගම් ගැන කථාය, මහගම් ගැන කථාය, නගර ගැන කථාය, ජනපද ගැන කථාය, ස්ත්රින් ගැන කථාය, සූරයන් ගැන කථාය. වීථි ගැන කථාය, දිය ගන්නා තැන් ගැන කථාය, මළවුන් ගැන කථාය. නොයෙක් නොයෙක් කථාය, ලෝකය ගැන කථාය, සමුද්‍රය ගැන කථාය, පිරිහීම නොපිරිහීම ගැන කථාය යන මේයි. සකුළුදායී පරිව්‍රාජක තෙම දුරදීම එන්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුටුයේය. දැක තම පිරිස තැන්පත් කෙළේය. ‘පින්වත්නි නිශ්ශබ්ද වෙත්වා පින්වත්නි ශබ්ද නොකරව්. මේ ශ්‍රමණ ගෞතම තෙමේ එන්නේය. ඒ ආයුෂ්මත් තෙමේ වනාහි නිශ්ශබ්ද වීම කැමැත්තේ නිශ්ශබ්ද වූවහුගේ ගුණ කියන්නේ වේ. නිශ්ශබ්ද වු පිරිසක් බව දැන මෙහි පැමිණිය යුතුයයි හැඟෙන්නේනම් ඉතා යෙහකැයි,’ (පිරිස සන්සුන් කෙළේය.) ඉක්බිති ඒ පරිව්‍රාජකයෝ නිශ්ශබ්ද වූහ.
|
270
අථ ඛො භගවා යෙන සකුලුදායී පරිබ්බාජකො තෙනුපසඞ්කමි. අථ ඛො සකුලුදායී පරිබ්බාජකො භගවන්තං එතදවොච - ‘‘එතු ඛො, භන්තෙ, භගවා. ස්වාගතං, භන්තෙ, භගවතො. චිරස්සං ඛො, භන්තෙ, භගවා ඉමං පරියායමකාසි යදිදං ඉධාගමනාය. නිසීදතු, භන්තෙ, භගවා; ඉදමාසනං පඤ්ඤත්ත’’න්ති. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. සකුලුදායීපි ඛො
|
270
එකල්හි භාග්‍යවතුන් වහන්සේ සකුළුදායි පරිව්‍රාජක තෙම යම් තැනකද එතැනට පැමිණියෝය. එකල්හි සකුළුදායි පරිව්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට ‘ස්වාමිනී, භාග්‍යවතුන් වහන්සේ වඩින සේක්වා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේගේ වැඩමවීම යහපත්ය. ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ බොහෝ කලකින් මේ ආකාරය කළසේක. එනම් මෙහි වැඩම වීමෙනි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නා සේක්වා. මේ ආසනය පණවන ලදැයි, කීය. භාග්‍යවතුන් වහන්සේ පණවන ලද ආසනයෙහි වැඩහුන්සේක. සකුළුදායී පරිව්‍රාජක තෙමේද එක්තරා මිටි අස්නක් ගෙණ එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාමවූ සකුළුදායී පරිව්‍රාජකයාට භාග්‍යවතුන් වහන්සේ මෙසේ කීහ.
“උදායීය, දැන් කවර කථාවකින් යුක්තව හුන්නාහුද තොපගේ කිනම් කථාවක් අඩාල වූවාද, යනුයි” ස්වාමීනි, අපි දැන් යම් කථාවකින් යුක්තව හුන්නමුද, ඒ කථාව තිබේවා. ස්වාමිනි, මේ කථාව භාග්‍යවතුන් වහන්සේට පසුවද ඇසීමට දුර්ලභ නොවන්නීය. ස්වාමීනි, මම යම් කලෙක මේ පිරිසට නොපැමිණියෙම්ද, එකල්හි මේ පිරිස නොයෙක් ආකාර තිරිසන් කථා කියමින් හුන්නීය. ස්වාමීනි, යම් කලෙකින් මම මේ පිරිසට පැමිණියෙම්ද, එකල්හි මේ පිරිස මාගේ මුහුණම බලමින්, උදායීය, ‘ශ්‍රමණ තෙම අපට යමක් කියන්නේද අපි එය අසන්නෙමුයි’ හුන්නීවෙයි. ස්වාමීනි, යම්කලක භාග්‍යවතුන් වහන්සේ මේ පිරිසට පැමිණියේ වේද, එකල්හි මමද මේ පිරිසද භාග්‍යවතුන් වහන්සේගේම මුහුණ බලමින් භාග්‍යවතුන් වහන්සේ අපට යම් ධර්මයක් දේශනා කරන්නේද අපි එය අසන්නෙමුයි, හුන්නෝ වෙමුයි,” කීය.
|
271
‘‘තෙනහුදායි, තංයෙවෙත්ථ පටිභාතු යථා මං පටිභාසෙය්යා’’සි. ‘‘පුරිමානි
‘‘යො ඛො, උදායි, අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරෙය්ය, සෙය්යථිදං - එකම්පි ජාතිං ද්වෙපි ජාතියො...පෙ.... ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරෙය්ය, සො වා මං පුබ්බන්තං ආරබ්භ පඤ්හං පුච්ඡෙය්ය, තං වාහං පුබ්බන්තං ආරබ්භ පඤ්හං පුච්ඡෙය්යං; සො වා මෙ පුබ්බන්තං ආරබ්භ පඤ්හස්ස
‘‘යො
‘‘අපි ච, උදායි, තිට්ඨතු පුබ්බන්තො, තිට්ඨතු අපරන්තො. ධම්මං තෙ දෙසෙස්සාමි - ඉමස්මිං සති ඉදං හොති, ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති; ඉමස්මිං අසති ඉදං න හොති, ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣතී’’ති.
‘‘අහඤ්හි, භන්තෙ, යාවතකම්පි මෙ ඉමිනා අත්තභාවෙන පච්චනුභූතං තම්පි නප්පහොමි සාකාරං සඋද්දෙසං අනුස්සරිතුං, කුතො පනාහං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරිස්සාමි, සෙය්යථිදං - එකම්පි ජාතිං ද්වෙපි ජාතියො...පෙ.... ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරිස්සාමි, සෙය්යථාපි භගවා? අහඤ්හි, භන්තෙ, එතරහි පංසුපිසාචකම්පි න පස්සාමි, කුතො පනාහං දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සිස්සාමි චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානිස්සාමි, සෙය්යථාපි භගවා? යං පන මං, භන්තෙ, භගවා එවමාහ - ‘අපි ච, උදායි, තිට්ඨතු පුබ්බන්තො, තිට්ඨතු
|
271
“උදායීය, එසේවී නම් යම්සේ මට ධර්මදේශනාවට කරුණුකර ගැනීම සඳහා තොපිම එක් කාරණයක් ප්‍රකාශ කරව්.” “ස්වාමීනි ඊයේ පෙරේදා පළමුදා දවස්වල සර්වඥය, සියල්ල දක්නේය, යන්නාවූද සිටින්නාවූද, නිදන්නාවූද, නොනිදන්නාවූද, මට නිරන්තරයෙන් සියල්ල නුවණින් දැකීම එළඹ සිටියේයයි, නිරවශෙෂ (ඉතිරි නැති) නුවණින් දැකීම ප්‍රකාශ කරන්නෙක් වීද මා විසින් අතීතය අරබයා ප්‍රශ්නයක් අසන ලද්දාවූ හෙතෙම අනිකකින් අනිකක් වසා කීයේය. කථාව පිටතට හැර වීය. කොපයද ද්වේෂයද නොසතුටු බවද පහළ කෙළේය. ස්වාමීනි, මට ඒ භාග්‍යවතුන් වහන්සේම අරබයා ප්‍රීතිය පහළවූයේය. යමෙක් මේ ධර්මයෙහි දක්ෂවූයේද ඒ භාග්‍යවතුන් වහන්සේ ඉතායහපත ඒ සුගතයන් වහන්සේ ඉතා යහපතැයි, උදායීය, මේ කවරෙක් වනාහි සර්වඥය සියල්ල දක්නේය. යන්නාවූද සිටින්නාවූද නිදන්නාවූද නොනිදින්නාවූද මග නිරන්තරයෙන් සියල්ල නුවණින් දැකීම එළඹ සිටියේයයි, නිර්වශෙෂ ඥාන දර්ශනයක් ප්‍රකාශ කරන්නේ වීද, තොප විසින් අතීතය අරබයා ප්‍රශ්නයක් විචාරණ ලද්දේම අනිකකින් අනිකක් වසා කීයේ, කථාව බැහැර කෙළේ, කොපයද ද්වේෂයද නොසතුටද පහළ කෙළේ කවරෙක්ද?” “ස්වාමීනි, නිගණ්ඨ නාත පුත්‍ර තෙමේය” “උදායීය, යමෙක් වනාහි අනෙකප්‍රකාරවූ පෙරවිසූ කඳ පිළිවෙළ සිහිකරන්නේද, එනම් ජාති එකක්ද ජාති දෙකක්ද ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති සතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති සියක් දහසක්ද, නොයෙක් සංවර්ත කල්පයක්ද, විවර්ත කල්පයන්ද, නොයෙක් සංවර්ත විවර්ත කල්පයන්ද අසවල් තැන වීම්, මෙනම් ඇත්තෙක් මේ ගොත්‍ර ඇත්තෙම් මෙබඳු වර්ණ ඇත්තෙම් මෙබඳු ආහාර ඇත්තෙම් මෙබඳු සුවදුක් වින්දෙම් මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුත වූයෙමි. අසවල් තැන ඉපදුනෙමි. එහිද මෙනම් ඇත්තෙම්, මෙබඳු ගොත්‍ර ඇත්තෙම්, මෙබඳු වර්ණ ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙබඳු සුවදුක් වින්දෙම් මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතව මෙහි උපන්නේ වෙමි’යි මෙසේ ආකාර සහිතවූ උදෙසීම් සහිතවූ අනෙකප්‍රකාරවූ පෙරවිසූ භව පිළිවෙළ සිහිකරන්නේද, හෙතෙම මාගෙන් අතීතය අරබයා ප්‍රශ්න අසන්නේ, නම් මම පූර්ව කෙළවර අරබයා ඔහුගෙන්ද ප්‍රශ්න අසන්නෙමි. හෙතෙම පූර්ව කෙළවර අරබයා ප්‍රශ්න විසඳීමෙන් මාගේ සිත සතුටු කරන්නේ නම් මමද පූර්ව කෙළවර අරබයා ප්‍රශ්න විසඳීමෙන් ඔහුගේ සිත සතුටු කරන්නෙමි. උදායීය, යමෙක් වනාහි පිරිසිදුවූ මිනිසැස ඉක්ම පවත්නාවූ දිව්‍යවූ ඇසින් චුතවනු ලබන්නාවූද, උපදිනු ලබන්නාවූද හීනවූද ප්‍රණීතවූද යහපත් වර්ණ ඇත්තාවූද අයහපත් වර්ණ ඇත්තාවූද හොඳලොව ගියාවූද නරක ලොව ගියාවූද, සත්වයන් දකින්නේද මේ පින්වත් සත්වයෝ ඒකාන්තයෙන් කාය දුශ්චරිතයෙන් යුක්ත වූහ. වාග් දුශ්චරිතයෙන් යුක්ත වූහ. මනො දුශ්චරිතයෙන් යුක්ත වූහ. ආර්යයන් දොස් කියන්නෝ වූහ. මිථ්‍යා දෘෂ්ටිකයෝ වූහ. මිථ්‍යා දෘෂ්ටි කර්ම සමාදන් වූවෝ වූහ. ඔවුහු ශරීරය බිඳීමෙන් මරණින් මතු නපුරු ගති ඇති යටිකුරුව වැටෙන්නාවූ නරකයෙහි උපන්නාහුය. හෙවත් මේ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්ත වූහ. වාග් සුචරිතයෙන් යුක්ත වූහ. මනො සුචරිතයෙන් යුක්ත වූහ. ආර්යයන්ට දොස් නොකියන්නාහු. සම්ය දෘෂ්ටි ඇත්තෝ වූහ. සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදන් වූවෝ වූහ. ඔව්හු ශරීරය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියාවූ සත්වයන් දකින්නේද, පහත්වූද උසස්වූද, යහපත් වර්ණ ඇත්තාවූද, හොඳ ලොවට ගියාවූද, නරක ලොවට ගියාවූද චුතවනු ලබන්නාවූද, උපදිනු ලබන්නාවූද කම්වූ පරිද්දෙන් පැමිණියාවූ සත්වයන් දැන ගන්නේද හෙතෙම අනාගතය අරභයා මගෙන් ප්‍රශ්න අසන්නේ නම් මමද අනාගතය අරභයා ඔහුගෙන් ප්‍රශ්න අසන්නෙමි. හෙතෙම අනාගතය අරබයා ප්‍රශ්න විසඳීමෙන් මාගේ සිත සතුටු කරන්නේ නම්, මමද අනාගතය අරබයා ප්‍රශ්න විසඳීමෙන් ඔහුගේ සිත සතුටු කරන්නෙමි. උදායීය, එතකුදු වුවත් අතීතය තිබේවා. අනාගතය තිබේවා, මෙය ඇතිකල්හි මෙය වෙයි. මොහුගේ ඉපදීමෙන් මෙය උපදියි. මෙය නැතිකල්හි මෙය නොවෙයි මොහුගේ නිරුද්ධවීමෙන් මෙය නිරුද්ධවේයයි, ධර්මය තොපට දේශනාකරන්නෙමි. ස්වාමීනි, මම ජීවිතයෙන් යම්තාක් කල් ගත කෙළෙම්ද, එයද මෙසේ ආකාර සහිතව දැක්වීම් සහිතව සිහිකරන්ට නොපොහොසත් වෙමි. මම කෙසේ නම් නොයෙක් ආකාරවූ පෙරවිසූ භව පිළිවෙළ සිහිකරන්නෙම්ද එනම්, ජාති එකක්ද ජාති දෙකක්ද ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දහයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති සතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති සියක් දහසක්ද, නොයෙක් සංවර්ත කල්පයක්ද, විවර්ත කල්පයන්ද, නොයෙක් සංවර්ත විවර්ත කල්පයන්ද අසවල් තැන වීම්, මෙනම් ඇත්තෙම් මේ ගොත්‍ර ඇත්තෙම්, මෙබඳු වර්ණ ඇත්තෙම් මෙබඳු ආහාර ඇත්තෙම් මෙබඳු සුවදුක් වින්දෙම් මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුත වූයෙමි. අසවල් තැන ඉපදුනෙමි. එහිද මෙනම් ඇත්තෙම්. මෙබඳු ගොත්‍ර ඇත්තෙම්, මෙබඳු වර්ණ ඇත්තෙම් මෙබඳු ආහාර ඇත්තෙම්, මෙබඳු සුවදුක් වින්දෙම්, මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතව මෙහි උපන්නේ වෙමි’යි මෙසේ ආකාර සහිතවූ උදෙසීම් සහිතවූ අනෙකප්‍රකාරවූ පෙර විසූ භව පිළිවෙළ භාග්‍යවතුන් වහන්සේ මෙන් කෙසේනම් සිහිකරන්නෙම්ද, ස්වාමීනි මම වනාහි දැන් පංශු පිසාචයෙකුවත් නොදන්නෙමි. මම කෙසේ නම් පිරිසිදුවූ මිනිසැස ඉක්ම පවත්නාවූ දිව්‍යවූ ඇසින් චුතවනු ලබන්නාවූද උපදිනු ලබන්නාවූද හීනවූ ප්‍රණීතවූ යහපත් වර්ණ ඇත්තාවූ අයහපත් වර්ණ ඇත්තාවූද හොඳ ලොව ගියාවූද නරකලොව ගියාවූද සත්වයන් දක්නෙම්ද? මේ පින්වත් සත්වයෝ එකාන්තයෙන් කාය දුශ්චරිතයෙන් යුක්තවූහ. වාග් දුශ්චරිතයෙන් යුක්තවූහ. මනො දුශ්චරිතයෙන් යුක්තවූහ. ආර්යයන් දොස් කියන්නෝ වූහ. මිථ්‍යාදෘෂ්ටිකයෝ වූහ. මිථ්‍යාදෘෂ්ටි කර්ම සමාදන්වූවෝ වූහ. ඔවුහු ශරීරය බිඳීමෙන් මරණින් මතු නපුරු ගති ඇති යටිකුරුව වැටෙන්නාවූ නරකයෙහි උපන්නාහුය හෙවත් මේ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්තවූහ. වාග් සුචරිතයෙන් යුක්තවූහ. මනො සුචරිතයෙන් යුක්තවූහ. ආර්යයන්ට දොස් නොකියන්නාහු සම්‍යක්දෘෂ්ටි ඇත්තෝ වූහ. සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදන්වූවෝ වූහ. ඔවුහු ශරීරය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් කම් වූ පරිද්දෙන් මිය පරලොව ගියාවූ සත්වයන් දකින්නේද, පහත්වූද, උසස්වූද, යහපත් වර්ණ ඇත්තාවූද, අයහපත් වර්ණ ඇත්තාවුද, හොඳ ලොවට ගියා වූද, නරක ලොවට ගියාවූද, චුතවනු ලබන්නාවූද, උපදිනු ලබන්නාවූද, කම් වූ පරිද්දෙන් පැමිණියාවූ සත්වයන් භාග්‍යවතුන් වහන්සේ මෙන් දැනගන්නෙම්ද? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට’ උදායීය, එතකුදු වුවත් අතීතය තිබේවා. අනාගතය තිබේවා. මෙය ඇති කල්හි මෙය වේ. මෙය ඉපදීමෙන් මෙය උපදියි. මෙය නැති කල්හි මෙය නොවේ. මෙය නැතිවීමෙන් මෙය නැතිවේයයි තොපට ධර්මය දේශනා කරන්නෙමි යන යම් වචනයක් වදාළේද, එය මට වැඩියක් නොවැටහෙන්නේය. ස්වාමීනි, මම ස්වකීය ආචාර්යවරයන්ගේ ඉගැන්වීම වන ප්‍රශ්න විසඳීමෙන් භාග්‍යවතුන් වහන්සේගේ සිත සතුටු කරන්නෙම් නම් ඉතා යෙහෙක.
|
272
‘‘කින්ති පන තෙ, උදායි, සකෙ ආචරියකෙ හොතී’’ති? ‘‘අම්හාකං, භන්තෙ, සකෙ ආචරියකෙ එවං හොති - ‘අයං පරමො වණ්ණො, අයං පරමො වණ්ණො’’’ති.
‘‘යං
‘‘කතමො පන සො පරමො වණ්ණො යස්මා වණ්ණා අඤ්ඤො වණ්ණො උත්තරිතරො වා පණීතතරො වා නත්ථී’’ති? ‘‘යස්මා
‘‘දීඝාපි ඛො තෙ එසා, උදායි, ඵරෙය්ය - ‘යස්මා, භන්තෙ, වණ්ණා අඤ්ඤො වණ්ණො උත්තරිතරො වා පණීතතරො වා නත්ථි සො පරමො වණ්ණො’ති වදෙසි, තඤ්ච වණ්ණං න පඤ්ඤපෙසි. සෙය්යථාපි, උදායි, පුරිසො එවං වදෙය්ය - ‘අහං යා ඉමස්මිං ජනපදෙ ජනපදකල්යාණී තං ඉච්ඡාමි, තං කාමෙමී’ති. තමෙනං එවං වදෙය්යුං - ‘අම්භො
‘‘තං කිං මඤ්ඤසි, උදායි - නනු එවං සන්තෙ, තස්ස පුරිසස්ස අප්පාටිහීරකතං භාසිතං සම්පජ්ජතී’’ති? ‘‘අද්ධා ඛො, භන්තෙ, එවං සන්තෙ තස්ස පුරිසස්ස අප්පාටිහීරකතං භාසිතං සම්පජ්ජතී’’ති.
‘‘එවමෙව ඛො ත්වං, උදායි, ‘යස්මා, භන්තෙ, වණ්ණා අඤ්ඤො වණ්ණො උත්තරිතරො වා පණීතතරො වා නත්ථි සො පරමො වණ්ණො’ති වදෙසි, තඤ්ච වණ්ණං න පඤ්ඤපෙසී’’ති.
‘‘සෙය්යථාපි, භන්තෙ, මණි වෙළුරියො සුභො ජාතිමා අට්ඨංසො සුපරිකම්මකතො පණ්ඩුකම්බලෙ
|
272
“උදායීය, කුමක් නම් තොපගේ ආචාර්යයන්ගේ ඉගැන්වීම වේද? ස්වාමීනි, අපගේ ආචාර්යයන්ගේ ඉගැන්වීම මෙසේ වන්නේය. මේ ආත්මය උතුම් වර්ණ ඇත්තේය. මේ ආත්මය උතුම් වර්ණ ඇත්තේය යනුයි. උදායීය, තොපගේ ස්වකීය ආචාර්යයන්ගේ ඉගැන්වීම මේ ආත්මය උතුම් වර්ණ ඇත්තේය, මේ ආත්මය උතුම් වර්ණ ඇත්තේය යනු නම් ඒ උතුම් වර්ණ නම් කුමක්ද? ස්වාමීනි, යම් වර්ණයකට වඩා වැඩිවූද, උසස්වූද අන් වර්ණයක් නැත්නම් එය උතුම් වර්ණයයි. උදායීය, යම් වර්ණයකට වඩා උසස්වූද වැඩිවූද යම්වර්ණයක් නැති ඒ උතුම් වර්ණය නම් කුමක්ද? ස්වාමීනි, යම් වර්ණයකට වඩා වැඩිවූද උසස්වූද අන් වර්ණයක් නැත්නම් එය උතුම් වර්ණයයි. උදායීය, තොපගේ මේ වචනය දිගින් දිගට යන්නේය. ස්වාමීනි, යම් වර්ණයකට වඩා වැඩිවූද උසස්වූද අන් වර්ණයක් නැත්නම් එය උතුම් වර්ණයයි කියන්නෙහිය. ඒ වර්ණයද නොකියන්නෙහිය. උදායීය, යම්සේ පුරුෂයෙක් මෙසේ කියන්නේද? මම මේ ජනපදයෙහි යම් ජනපද කල්‍යාණිය (ඉතා රූපත් ස්ත්‍රීය) කැමතිවෙමි, පතමියි කියන්නේය. ඔහුට මෙසේ කියන්නාහුය. පින්වත් පුරුෂය, නුඹ ජනපද කල්‍යාණිය කැමැත්තෙහිය, පතන්නෙහිය. නුඹ, ජනපද කල්‍යාණිය ක්ෂත්රියාවක්දැයි හෝ බ්රාහ්මණියක්දැයි හෝ වෛශ්යවංශ ඇත්තියක්දැයි හෝ ශුද්රවංශ ඇත්තියක්දැයි හෝ මෙසේ දන්නෙහිදැ’යි අසන ලද්දේ නැතැයි කියන්නේය. ඔහුට මෙසේ කියන්නාහුය. ‘පින්වත් පුරුෂය, නුඹ යම් ජනපද කල්‍යාණියක් කැමැත්තෙහිද, පතන්නෙහිද, නුඹ ඒ ජනපද කල්‍යාණිය මෙනම් ඇත්තීයයි හෝ මෙනම් ගොත්‍ර ඇත්තීයයි හෝ දන්නෙහිදැයි මෙසේ අසන ලද්දේ නැතැයි කියන්නේය. උස් තැනැත්තියක් හෝ මිටි තැනැත්තියක් හෝ මධ්‍යම තැනැත්තියක් හෝ වේයයි දන්නෙහිදැයි මෙසේ අසන ලද්දේ නැතැයි කියන්නේය. කලු තැනැත්තියක් හෝ හෙලලු වන් තැනැත්තියක් හෝ දුඹුරු පාට තැනැත්තියක් හෝ වේයයි දන්නෙහිදැයි, මෙසේ අසන ලද්දේ ‘නැතැයි, කියන්නේය. අසවල් ගමෙහි හෝ නියම් ගමෙහි හෝ නගරයෙහි හෝ වේදැයි මෙසේ අසන ලද්දේ ‘නැතැයි, කියන්නේය. ඔහුට මෙසේ කියන්නාහුය. ‘පින්වත් පුරුෂය, නුඹ යම් ස්ත්‍රීයක් නොදන්නෙහිද, නොදක්නෙහිද, නුඹ ඇය කැමැතිවන්නෙහිද පතන්නෙහිදැයි, මෙසේ අසන ලද්දේ ‘එසේයයි, කියන්නේය. උදායීය, ඒ කුමකැයි හඟින්නෙහිද, මෙසේ ඇතිකල්හි ඒ පුරුෂයාගේ කීම නිරර්ථකවූ කීමක් බවට නොපැමිණෙන්නේද?” “ස්වාමීනි, ඒකාන්තයෙන්ම එසේ ඇති කල්හි, ඒ පුරුෂයාගේ කීම නිරර්ථකවූ කීමක් බවට පැමිණෙන්නේය, වන්නේය. උදායීය, එපරිද්දෙන්ම යම් වර්ණයකට වඩා වැඩිවූද උසස්වූද අන් වර්ණයක් නැත්නම් ඒ වර්ණය උතුම් වර්ණය වේයයි, කියන්නෙහිය. ඒ වර්ණයද නොකියන්නෙහිය.
“ස්වාමීනි, යම්සේ යහපත්වූ ජාති සම්පන්නවූ, අටැස්වූ, මනාව ඔප දමන ලද්දාවූ වෛධූර්ය මාණික්‍යය කම්බිලියෙක්හි බහා තබන ලද්දේ බබලයිද, දිලිසෙයිද මරණින් මත්තෙහි උවදුරක් නැතිව පවත්නා ආත්මය මේ වර්ණය ඇත්තේය.
|
273
‘‘තං
‘‘තං කිං මඤ්ඤසි, උදායි, යො වා රත්තන්ධකාරතිමිසාය කිමි ඛජ්ජොපනකො, යො වා රත්තන්ධකාරතිමිසාය තෙලප්පදීපො - ඉමෙසං උභින්නං වණ්ණානං කතමො වණ්ණො අභික්කන්තතරො ච පණීතතරො චා’’ති? ‘‘ය්වායං, භන්තෙ, රත්තන්ධකාරතිමිසාය තෙලප්පදීපො - අයං ඉමෙසං උභින්නං වණ්ණානං අභික්කන්තතරො ච පණීතතරො චා’’ති.
‘‘තං කිං මඤ්ඤසි, උදායි, යො වා රත්තන්ධකාරතිමිසාය තෙලප්පදීපො, යො වා රත්තන්ධකාරතිමිසාය මහාඅග්ගික්ඛන්ධො - ඉමෙසං උභින්නං වණ්ණානං කතමො වණ්ණො අභික්කන්තතරො ච පණීතතරො චා’’ති? ‘‘ය්වායං, භන්තෙ, රත්තන්ධකාරතිමිසාය මහාඅග්ගික්ඛන්ධො - අයං ඉමෙසං උභින්නං වණ්ණානං අභික්කන්තතරො ච පණීතතරො චා’’ති.
‘‘තං කිං මඤ්ඤසි, උදායි, යො වා රත්තන්ධකාරතිමිසාය මහාඅග්ගික්ඛන්ධො, යා වා රත්තියා පච්චූසසමයං විද්ධෙ විගතවලාහකෙ දෙවෙ ඔසධිතාරකා - ඉමෙසං උභින්නං වණ්ණානං කතමො වණ්ණො අභික්කන්තතරො
‘‘තං කිං මඤ්ඤසි, උදායි, යා වා රත්තියා පච්චූසසමයං විද්ධෙ විගතවලාහකෙ දෙවෙ ඔසධිතාරකා, යො වා තදහුපොසථෙ පන්නරසෙ විද්ධෙ විගතවලාහකෙ දෙවෙ අභිදො
(අභිදෙ (ක. සී.), අභිදොසං (ක.) අභිදොති අභිසද්දෙන සමානත්ථනිපාතපදං (ඡක්කඞ්ගුත්තරටීකා මහාවග්ග අට්ඨමසුත්තවණ්ණනා)) අඩ්ඪරත්තසමයං චන්දො
‘‘තං
‘‘අතො ඛො තෙ, උදායි, බහූ හි බහුතරා දෙවා යෙ ඉමෙසං චන්දිමසූරියානං ආභා නානුභොන්ති, ත්යාහං
‘‘කිං පන ත්වං, උදායි, එවං වදෙසි - ‘අච්ඡිදං භගවා කථං, අච්ඡිදං සුගතො කථං’’’ති? ‘‘අම්හාකං, භන්තෙ, සකෙ ආචරියකෙ එවං හොති - ‘අයං පරමො වණ්ණො, අයං පරමො වණ්ණො’ති. තෙ මයං, භන්තෙ, භගවතා සකෙ ආචරියකෙ සමනුයුඤ්ජියමානා සමනුග්ගාහියමානා සමනුභාසියමානා රිත්තා තුච්ඡා අපරද්ධා’’ති.
|
273
“උදායීය, ඒ කුමකැයි හඟින්නෙහිද? යහපත්වූ, ජාතිමත්වූ, අටැස් ඇත්තාවූ, මනාව ඔප දමන ලද්දාවූ, වෛධූර්ය මාණික්‍යය පඬුවන් කම්බිලියෙක්හි බහා තබන ලද්දේ බබලයිද, දිලිසෙයිද, මහත්වූ අන්ධකාර ඇති රාත්‍රියෙක්හි යම් කදෝපැනි නම් පණුවෙක් (කණාමැදිරියෙක්) වේද, මේ වර්ණයන් දෙදෙනාගෙන් කවර වර්ණයක් මෙ ඉතා වඩා බබලන්නේත් වඩා උසස් වන්නේත් වේද?”
“ස්වාමීනි, මහත් අන්ධකාර ඇති රාත්‍රියෙහි යම් මේ කදෝපැනිනම් පණුවෙක් වේද, හෙතෙම මේ වර්ණ දෙක අතුරෙන් වඩා බබලන්නේත් වඩා උසස් වන්නේත් වෙයි.” උදායීය, ඒ කුමකැයි හඟින්නෙහිද? මහත් අන්ධකාර ඇති රාත්‍රියෙහි යම් කදෝපැනි නම් පණුවෙක් හෝ වේද, මහත් අන්ධකාර ඇති රාත්‍රියෙහි යම් තෙල් පහණක් හෝ වේද මේ වර්ණ දෙක අතුරෙන් කවර වර්ණයක් තෙම වඩා බබලන්නේත්, වඩා උසස් වන්නේත් වේද?
“ස්වාමීනි, මහත් අඳුරු ඇති රාත්‍රියෙහි යම් මේ තෙල් පහනක් වේද, මෙය මේ වර්ණ දෙක අතුරෙන් වඩා බබලන්නේත් වඩා උසස් වන්නේත් වෙයි”. “උදායීය, ඒ කුමකැයි හඟින්නෙහිද? මහත් අඳුරු ඇති රාත්‍රියෙහි යම් තෙල් පහනක් හෝ වේද, මහත් අඳුරු ඇති රාත්‍රියෙහි යම් මහ ගිනිකඳක් හෝ වේද, මේ වර්ණ දෙක අතුරෙන් කවර වර්ණයක් වඩා බබලන්නේත් වඩා උසස් වන්නේත් වේද?” “ස්වාමීනි, මහත් අඳුරු ඇති රාත්‍රියෙහි යම් මේ මහත් ගිනි කඳක් වේද, මේ වර්ණ දෙක අතුරෙන් වඩා බබලන්නේත් වඩා උසස් වන්නේත් වෙයි.”
“උදායීය, ඒ කුමකැයි හඟින්නෙහිද, මහත් අඳුරු ඇති රාත්‍රියෙහි යම් මහත් ගිනිකඳක් හෝ වේද, රාත්‍රි අළුයම් කාලයෙහි පහව ගියාවූ වැස්ස ඇති දුරුවූ වළාකුල් ඇති අහසෙහි යම් ඔසධී (පහන්) තාරකාවක් හෝ වේද, මේ වර්ණ දෙක අතුරෙන් කවර නම් වර්ණයක් වඩා බබලන්නේත් වඩා උසස් වන්නේත් වේද? ස්වාමීනි රාත්‍රි බලවත් වැස්ස ඇති අළුයම් කාලයෙහි දුරුවූ පහවූ වළාකුල් ඇති අහසෙහි යම් ඔසධී (පහන්) තාරකාවක් වේද, මෙය මේ උභය වර්ණයන්ගෙන් වඩා යහපත් වන්නේද වඩා උසස් වන්නේද? උදායීය, ඒ කුමකැයි හඟින්නෙහිද, රාත්‍රි අළුයම් කාලයෙහි දුරුවූ වැස්ස ඇති පහවූ වලාකුල් ඇති අහසෙහි යම් පහන් තරුවක් හෝ එදවස්හි පොහොය ඇති පසළොස්වක්හි දුරුවූ පහවූ වළාකුල් ඇති අහසෙහි සම්පූර්ණ අඩ රෑ වැස්ස ඇති කාලයෙහි යම් පුන්සඳක් වේද, මේ වර්ණදෙක අතුරෙන් කවර වර්ණයක් වඩා බබලන්නේත් වඩා උසස් වන්නේත් වේද?”
“ස්වාමීනි, යම් මේ එදවස්හිවූ පොහොය ඇති පසළොස්වක්හි දුරුව ගියාවූ වැස්ස ඇති, පහවූ වළාකුල් ඇති අහසෙහි සම්පූර්ණ අඩ රෑ කාලයෙහි පුන්සඳ වේද, මෙය මේ වර්ණ දෙක අතුරෙන් වඩා බබලන්නේත් වඩා උසස් වන්නේත් වෙයි. උදායීය, ඒ කුමකැයි හඟින්නෙහිද, එදවස්හි පොහොය ඇති පසළොස්වක්හි දුරුව ගියාවූ වැස්ස ඇති, පහවූ පළාකුල් ඇති. අහසෙහි සම්පූර්ණ අඩ රෑ කාලයෙහි යම් පුන්සඳක් හෝ වේද, වැසි කාලයේ අන්තිම මාසය වන සරත් කාලයෙහි දුරුව ගියාවූ වැස්ස ඇති, පහවූ වළාකුල් ඇති අහසෙහි සම්පූර්ණ ඉරමුදුන් කාලයෙහි යම් සූර්යයෙක් හෝ වේද, මේ වර්ණදෙක අතුරෙන් කවර නම් වර්ණයක් වඩා බබලන්නේත් වඩා උසස් වන්නේත් වේද?”
“ස්වාමීනි, යම් මේ වැසිකාලයේ අන්තිම මාසය වන සරත් කාලයෙහි දුරුව ගියාවූ වැස්ස ඇති, පහවූ වළාකුල් ඇති අහසෙහි සම්පූර්ණ ඉරමුදුන් කාලයෙහි සූර්යයා වේද, එය මේ වර්ණදෙක අතුරෙන් වඩා බබලන්නේත් වඩා උසස් වන්නේත් වෙයි.
“උදායීය, මේ සඳ හිරු දෙදෙනාගෙන් ආලෝකය නොලබා තම ශරීරයෙන්ම මීටද වඩා ආලෝකවත්වූ දෙවියෝ බොහෝ වෙත්. ඉතා බොහෝ වෙත්. මම ඔවුන්ද දනිමි. එහෙත් යම් වර්ණයකට වඩා අතිශයින් උසස්වූද අතිශයින් ප්‍රණීතවූද අනික් වර්ණයෙක් නැත්තේ යයි මම නොකියමි. එතකුදු වුවත් උදායීය, නුඹ මේ කණමැදිරි පණුවෙකුගේ වර්ණයටත් වඩා පහත්වූද, පිළිකුල්වූද වර්ණයක් උතුම් වර්ණයයි කීයෙහිය. ඒ වර්ණයද පනවන්නෙහිය”.
“භාග්‍යවතුන් වහන්සේ කථාව කපා හැරියේය. සුගතයන් වහන්සේ කථාව කපා හැරියේය.”
“උදායීය, කුමක් හෙයින් නුඹ ‘භාග්‍යවතුන් වහන්සේ කථාව කපා හැරියේය. සුගතයන් වහන්සේ කථාව කපා හැරියේයයි, මෙසේ කීයෙහිද?’
“ස්වාමීනි, අපගේ ස්වකීය ආචාර්යයන්ගේ ඉගැන්වීමෙහි මෙසේ ඇත්තේය. මේ ආත්මය උතුම් වර්ණ ඇත්තේය. මේ ආත්මය උතුම් වර්ණය ඇත්තේය යනුයි. ස්වාමීනි, ස්වකීය ආචාර්යයන්ගේ ඉගැන්වීම පිළිබඳව පැහැදිලි කරනු ලබන්නාවූ, කරුණු දක්වනු ලබන්නාවූ, කරුණු කියනු ලබන්නාවූ අපි භාග්‍යවතුන් වහන්සේ විසින් හිස්කරන ලද්දෝ වැරැද්දට පමුණුවන ලද්දෝ වෙමු”
|
274
‘‘කිං පනුදායි, අත්ථි එකන්තසුඛො ලොකො, අත්ථි ආකාරවතී පටිපදා එකන්තසුඛස්ස ලොකස්ස සච්ඡිකිරියායා’’ති? ‘‘අම්හාකං, භන්තෙ, සකෙ ආචරියකෙ එවං හොති - ‘අත්ථි එකන්තසුඛො ලොකො, අත්ථි ආකාරවතී පටිපදා එකන්තසුඛස්ස ලොකස්ස සච්ඡිකිරියායා’’’ති.
‘‘කතමා
‘‘තං කිං මඤ්ඤසි, උදායි, යස්මිං සමයෙ පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති, එකන්තසුඛී වා තස්මිං සමයෙ අත්තා හොති සුඛදුක්ඛී වා’’ති? ‘‘සුඛදුක්ඛී, භන්තෙ’’.
‘‘තං කිං මඤ්ඤසි, උදායි, යස්මිං සමයෙ අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො හොති, එකන්තසුඛී වා තස්මිං සමයෙ අත්තා හොති සුඛදුක්ඛී වා’’ති? ‘‘සුඛදුක්ඛී, භන්තෙ’’.
‘‘තං කිං මඤ්ඤසි, උදායි, යස්මිං සමයෙ කාමෙසුමිච්ඡාචාරං පහාය කාමෙසුමිච්ඡාචාරා පටිවිරතො හොති, එකන්තසුඛී වා තස්මිං සමයෙ අත්තා හොති සුඛදුක්ඛී වා’’ති? ‘‘සුඛදුක්ඛී, භන්තෙ’’.
‘‘තං කිං මඤ්ඤසි, උදායි, යස්මිං සමයෙ මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති, එකන්තසුඛී වා තස්මිං සමයෙ අත්තා හොති සුඛදුක්ඛී වා’’ති? ‘‘සුඛදුක්ඛී, භන්තෙ’’.
‘‘තං කිං මඤ්ඤසි, උදායි, යස්මිං සමයෙ අඤ්ඤතරං තපොගුණං සමාදාය වත්තති, එකන්තසුඛී වා තස්මිං සමයෙ අත්තා හොති සුඛදුක්ඛී වා’’ති? ‘‘සුඛදුක්ඛී, භන්තෙ’’.
‘‘තං කිං මඤ්ඤසි, උදායි, අපි නු ඛො වොකිණ්ණසුඛදුක්ඛං පටිපදං ආගම්ම එකන්තසුඛස්ස
‘‘කිං පන ත්වං, උදායි, වදෙසි - ‘අච්ඡිදං භගවා කථං, අච්ඡිදං සුගතො කථං’’’ති? ‘‘අම්හාකං, භන්තෙ, සකෙ ආචරියකෙ එවං හොති - ‘අත්ථි එකන්තසුඛො ලොකො, අත්ථි ආකාරවතී පටිපදා එකන්තසුඛස්ස ලොකස්ස
|
274
“උදායීය, කිමෙක්ද ඒකාන්තයෙන් සැප ඇත්තාවූ ලෝකයක් ඇත්තේද? ඒකාන්ත සැප ඇත්තාවූ ලෝකයට පැමිණීම පිණිස කරුණු සහිත මාර්ගයක් ඇත්තේද? “ස්වාමීනි, අපගේ ස්වකීය ආචාර්යයන්ගේ ඉගැන්වීමෙහි එකාන්තයෙන් සැප ඇත්තාවූ ලෝකයක් ඇත්තේය. එකාන්ත සැප ඇත්තාවූ ලෝකයට පැමිණීම පිණිස කරුණු සහිතවූ මාර්ගයක් ඇත්තේය යන ඉගැන්වීම වෙයි.”
“උදායීය, ඒකාන්ත සැප ඇත්තාවූ ලෝකයට පැමිණීම පිණිස (පවත්නාවූ) ඒ කරුණු සහිත මාර්ගය කුමක්ද?” ස්වාමීනි, මේ ලෝකයෙහි ඇතමෙක් ප්‍රාණඝාතය හැර ප්‍රාණඝාතයෙන් වැලකුනේ වෙයි. සොරකම් කිරීම හැර සොරකමින් වැලකුනේ වෙයි. කාමයෙහි වරදවා හැසිරීම හැර කාමයෙහි වරදවා හැසිරීමෙන් වැලකුනේ වෙයි. බොරුකීම හැර බොරුකීමෙන් වැලකුනේ වෙයි. එක්තරා තපස් ගුණයක් හෝ සමාදන්ව පවතියි. ස්වාමීනි, මේ වනාහි ඒකාන්ත සැප ඇත්තාවූ ලෝකයට පැමිණීම පිණිස පවත්නා ඒ කරුණු සහිතවූ මාර්ගය වේ.”
“උදායීය, ඒ කුමකැයි හඟින්නෙහිද? යම් කලෙක්හි ප්‍රාණඝාතය හැර ප්‍රාණඝාතයෙන් වැලකුනේ වේද, එකල්හි ඒකාන්ත සුව ඇත්තාවූ ආත්මය හෝ වේද, සුවදුක් දෙකින් යුක්තවූ ආත්මය හෝ වේද?” “ස්වාමීනි, සුවදුක් දෙකින් යුක්තවූ ආත්මය ඇත්තේ වෙයි”
“උදායීය, ඒ කුමකැයි හඟින්නෙහිද? යම් කලෙක්හි සොරකම් හැර සොරකමින් වැලකුනේ වේද, එකල්හි ඒකාන්ත සුව ඇත්තාවූ ආත්මය හෝ වේද, සුවදුක් දෙකින් යුක්තවූ ආත්මය හෝ වේද?” “ස්වාමීනි, සුවදුක් දෙකින් යුක්තවූ ආත්මය වේ.
“උදායීය, ඒ කුමකැයි හඟින්නෙහිද? යම් කලෙක්හි කාම මිථ්‍යාචාරය හැර කාම මිථ්‍යාචාරයෙන් වැලකුනේ වේද, එකල්හි ඒකාන්ත සුව ඇත්තාවූ ආත්මය හෝ වේද, සුවදුක් දෙකින් යුක්තවූ ආත්මය හෝ වේද?” “ස්වාමීනි, සුවදුක් දෙකින් යුක්තව ආත්මය වේ.”
“උදායීය, ඒ කුමකැයි හඟින්නෙහිද? යම් කලෙක්හි මුසාවාදය හැර මුසාවාදයෙන් වැලකුනේ වේද, එකල්හි ඒකාන්ත සුව ඇත්තාවූ ආත්මය හෝ වේද, සුවදුක් දෙකින් යුක්තවූ ආත්මය හෝ වේද?” “ස්වාමීනි, සුවදුක් දෙකින් යුක්තවූ ආත්මය වේ.”
“උදායීය, ඒ කුමකැයි හඟින්නෙහිද? යම් කලෙක්හි එක්තරා තපස් ගුණයක් සමාදන්ව පවතීද, එකල්හි ඒකාන්ත සුව ඇත්තාවූ ආත්මය, හෝ වේද, සුවදුක් දෙකින් යුක්තවූ ආත්මය හෝ වේද?” “ස්වාමීනි, සුවදුක් දෙකින් යුක්තවූ ආත්මය වේ.”
“උදායීය, ඒ කුමකැයි හඟින්නෙහිද? කිම, සැපදුක් දෙකින් මිශ්‍ර වූයේ සුවදුක් දෙකම ඇති ප්‍රතිපදාවකට පැමිණ ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයට පැමිණීමෙක්වේද?” “භාග්‍යවතුන් වහන්සේ කථාව සින්දේය සුගතයන් වහන්සේ කථාව සිංදේය” “උදායීය, නුඹ කුමකට වනාහි භාග්‍යවතුන් වහන්සේ කථාව සින්දේය, සුගතයන් වහන්සේ කථාව සින්දේයයි, මෙසේ කීයෙහිද?” “ස්වාමීනි, අපගේ ස්වකීයවූ ආචාර්යයන්ගේ ඉගැන්වීමෙහි ඒකාන්ත සැප ඇති ලෝකයක් ඇත්තේය. ‘ඒකාන්ත සැප ඇත්තාවූ ලෝකයට පැමිණීම පිණිස කරුණු සහිතවූ මාර්ගයෙක් ඇත්තේය’ යන මේ ඉගැන්වීම වෙයි. ස්වාමීනි, ස්වකීය ආචාර්යයන්ගේ ඉගැන්වීම මනාව ගෙනහැර දක්වනු ලබන්නාවූ මනාව ගන්වනු ලබන්නාවූ මනාව කියනු ලබන්නාවූ ඒ අපි භාග්‍යවතුන් වහන්සේ විසින් හිස් කරන ලද්දේ නින්දා කරන ලද්දේ වරදට පමුණුවන ලද්දේ වෙමු.
|
275
‘‘කිං
‘‘කතමා පන සා, භන්තෙ, ආකාරවතී පටිපදා එකන්තසුඛස්ස ලොකස්ස සච්ඡිකිරියායා’’ති? ‘‘ඉධුදායි, භික්ඛු විවිච්චෙව කාමෙහි...පෙ.... පඨමං ඣානං උපසම්පජ්ජ විහරති; විතක්කවිචාරානං වූපසමා... දුතියං ඣානං උපසම්පජ්ජ විහරති; පීතියා ච විරාගා... තතියං ඣානං උපසම්පජ්ජ විහරති - අයං ඛො සා, උදායි, ආකාරවතී පටිපදා එකන්තසුඛස්ස ලොකස්ස සච්ඡිකිරියායා’’ති.
‘‘න
(කිං නු (ස්‍යා. කං. ක.)) ඛො සා, භන්තෙ, ආකාරවතී පටිපදා එකන්තසුඛස්ස ලොකස්ස සච්ඡිකිරියාය, සච්ඡිකතො හිස්ස, භන්තෙ, එත්තාවතා එකන්තසුඛො ලොකො හොතී’’ති. ‘‘න ඛ්වාස්ස, උදායි, එත්තාවතා එකන්තසුඛො ලොකො සච්ඡිකතො හොති; ආකාරවතීත්වෙව සා පටිපදා එකන්තසුඛස්ස ලොකස්ස සච්ඡිකිරියායා’’ති.
එවං
අථ ඛො සකුලුදායී පරිබ්බාජකො තෙ පරිබ්බාජකෙ අප්පසද්දෙ
|
275
“ස්වාමීනි, කිම, ඒකාන්ත සුවයක් ඇත්තාවූ ලෝකයක් ඇත්තේද, ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයට පැමිණීම පිණිස කරුණු සහිතවූ මාර්ගයක් ඇත්තේද?” “උදායීය, ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයක් ඇත්තේය. ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයට පැමිණීම පිණිස කරුණු සහිතවූ මාර්ගයෙක් ඇත්තේය. ස්වාමීනි, ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයට පැමිණීම පිණිස පවත්නා ඒ කරුණු සහිතවූ ඒ මාර්ගය කවරේද?”
“උදායීය, මේ ශාසනයෙහි භික්ෂු තෙම කාමයන්ගෙන් වෙන්වම විචාරත්. ඔවුන්ට මම දුක්ඛ සමුදය සත්‍යය විචාරණ ලද්දේ ප්‍රකාශකරමි. මම ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමෙන් සිත සතුටු කරමි. ඔව්හු දුක්ඛනිරෝධසත්යය මා විචාරත්. ඔවුන්ට මම දුක්ඛනිරෝධ සත්‍යය විචාරන ලද්දේ ප්‍රකාශ කරමි. මම ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමෙන් සිත සතුටු කරමි. (භික්ෂුතෙම) ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයි, විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් කෙලෙස් තවන වීර්යය ඇත්තේ, මනා දැනුම් ඇත්තේ ලෝකයෙහි විසම ලෝභය හා සිතේ නොසතුට දුරුකොට වේදනාවන්හි වේදනාවන් අනුව බලමින් වාසය කෙරේද, කෙලෙස් තවන වීර්යය ඇත්තේ මනා දැනුම් ඇත්තේ ලෝකයෙහි විසම ලෝභය හා සිතේ නොසතුට දුරුකොට සිතෙහි සිත අනුව බලමින් වාසය කෙරේද, ද්විතීය ධ්‍යානයට ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුක්තවූ ඍද්ධිපාදය වඩයි. චිත්ත සමාධි ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුක්තවූ ඍද්ධිපාදය වඩයි. තෘතීයධ්‍යානයට පැමිණ වාසය කරයි, උදායීය, මේ වනාහි ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයට පැමිණීම පිණිස පවත්නා ඒ කරුණු සහිතවූ මාර්ගයයි” “ස්වාමීනි, ඒ වනාහි ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයට පැමිණීම පිණිස පවත්නා මාර්ගය නොවෙයි. ස්වාමීනි, මෙතෙකින් ඔහු විසින් ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයට පැමිණෙන ලද්දේ වෙයි.” “උදායීය, මෙතෙකින් ඔහු ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයට නොපැමිණියේ වෙයි. මෙය ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයට පැමිණීම පිණිස ඇති කරුණු සහිතවූ මාර්ගය වන්නේය.
මෙසේ වදාළ කල්හි “අපි මෙහි ආචාර්යයන් සහිතව නැසුනෙමු. අපි මෙහි ආචාර්යයන් සහිතව නැසුනෙමු. අපි මීට වඩා වැඩිදෙයක් නොදනිමුයි” සකුළුදායි පරිබ්‍රාජකයාගේ පිරිස උස් හඬින් මහ හඬින් කෑ ගැසීය. ඉක්බිති සකුළුදායි පරිබ්‍රාජක තෙම ඒ පරිබ්‍රාජකයන් නිශ්ශබ්ද කොට භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “ස්වාමීනි, කොපමණකින් වනාහි මොහු විසින් ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයට පැමිණෙන ලද්දෝවේද?” “උදායීය, මේ ශාසනයෙහි භික්ෂුතෙම සුවයද දුරුකිරීමෙන් සංසිඳීමට පමුණුවන්නාවූ, සම්බොධියට පමුණුවන්නාවූ විරියෙන්ද්රිය වඩාද, සංසිඳීමට පමුණුවන්නාවූ සම්බොධියට පමුණුවන්නාවූ ස්මෘතින්ද්රිය වඩාද, සංසිඳීමට පමුණුවන්නාවූ, සම්බොධියට පමුණුවන්නාවූ සමාධින්ද්රිය වඩාද, චතුර්ථධ්යානයට පැමිණ වාසය කරයි. යම්තාක් දෙවියෝ ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයෙහි උපන්නාහුද, ඒ දෙවියන් සමග එක්ව සිටියිද, එක්ව කථාකරයිද, සාකච්ඡාවටද, පැමිණෙයිද, උදායීය, මෙතෙකින් වනාහි මොහු විසින් ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයට පැමිණෙන ලද්දේ වෙයි.”.
|
276
‘‘එතස්ස නූන, භන්තෙ, එකන්තසුඛස්ස ලොකස්ස සච්ඡිකිරියාහෙතු භික්ඛූ භගවති බ්රහ්මචරියං චරන්තී’’ති? ‘‘න ඛො, උදායි, එකන්තසුඛස්ස ලොකස්ස සච්ඡිකිරියාහෙතු භික්ඛූ මයි බ්රහ්මචරියං චරන්ති. අත්ථි ඛො, උදායි
‘‘කතමෙ
‘‘පුන චපරං, උදායි, භික්ඛු විතක්කවිචාරානං
‘‘සො
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ...පෙ.... යථාකම්මූපගෙ සත්තෙ පජානාති. අයම්පි ඛො, උදායි, ධම්මො උත්තරිතරො ච පණීතතරො ච යස්ස සච්ඡිකිරියාහෙතු භික්ඛූ මයි බ්රහ්මචරියං චරන්ති.
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය
|
276
“ස්වාමීනි, ඒකාන්තයෙන් මේ ඒකාන්ත සුව ඇති ලෝකයට පැමිණීම පිණිස භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි උතුම් හැසිරීමෙහි හැසිරෙද්ද?” “උදායීය, මේ ඒකාන්ත සුව ඇත්තාවූ ලෝකයට පැමිණීම පිණිස භික්ෂුහු මාගේ ශාසනයෙහි (බඹසර) උතුම් හැසිරීමෙහි නොහැසිරෙත්. උදායීය, යම් ධර්මයන් ප්රත්යක්ෂ කිරීම සඳහා භික්ෂූහු මාගේ ශාසනයෙහි උතුම් හැසිරීමෙහි හැසිරෙත්ද, මෙයින් අන්‍යවූ ඒ ඉතා උතුම්වූද, ඉතා ප්‍රණීතවූද ධර්මයෝ ඇත්තාහ.”
“ස්වාමීනි, යම් ධර්මයන් ප්රත්යක්ෂ කිරීම සඳහා භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි උතුම් හැසිරීමෙහි හැසිරෙද්ද, මෙයින් අන්‍යවූ ඒ අතිශයින් උතුම්වූද, අතිශයින් ප්‍රණීතවූද ඒ ධර්මයෝ කවරහුද?”
“උදායීය, එසේම මේ ලෝකයෙහි අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ, විද්‍යාචරණ සම්පන්නවූ, යහපත් ගති ඇත්තාවූ, සියලු ලෝකයන් දන්නාවූ, ශ්‍රේෂ්ඨවූ, හික්මවිය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනිවූ, දෙවිමිනිසුන්ට ගුරුවරයෙක්වූ, චතුස්සත්‍ය අවබෝධ කළාවූ තථාගත කෙනෙක් මෙලොව උපදනාහ. ඒ තථාගත තෙමේ දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, මේ ලෝකය ස්වකීය විශේෂ ඥානයෙන් දැන ප්රත්යක්ෂකොට ප්‍රකාශ කරයි. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ, අවසානය යහපත්වූ, අර්ථ සහිතවූ, දස වැදෑරුම් අක්ෂර සම්පත්තියෙන් යුක්තවූ සියලු ආකාරයෙන් සම්පූර්ණවූ, පිරිසිදුවූ, ශාසන බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරති.
“ඒ ධර්මය ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ අන් කුල අතුරෙන් එක් කුලයක උපන්නෙක් හෝ අසයිද, ඔහු ඒ ධර්මය අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරයි ඔහු ඒ ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ මෙසේ සලකන්නේය. ගිහිගෙයි විසීම අවහිර සහිතය. කෙලෙස් දූවිලි උපදින තැනකි. මහණකම වනාහි කිසිවක් නොමැති අවකාශය මෙන් නිදහස්ය. ගිහිගෙයි වසන්නහු විසින් සියලු ආකාරයෙන් සම්පූර්ණවූ, සියලු ආකාරයෙන් පිරිසිදුවූ, ලියවූ හක්ගෙඩියක් වැනි මෙම බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්ට නොහැක්කේය. මම කෙස් දැළිරැවුලු කපාදමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වන්නෙම් නම් ඉතා යහපතැයි කියායි.
“ඔහු පසු කාලයක ස්වල්පවූ හෝ බොහෝවූ හෝ සම්පත් හැර, ස්වල්පවූ හෝ බොහෝවූ නෑපිරිස් හැර, කෙස් දැළිරැවුලු කපාදමා සිවුරු හැඳ, ගිහිගෙන් නික්ම, සස්නෙහි මහණ වන්නේය. එසේ මහණවූ හෙතෙම භික්ෂු සීලයෙන් යුක්තවූයේ, ප්‍රාණවධය හැර, ඉන් සම්පූර්ණයෙන් වැළකුනේ, බහා තබන ලද දඬු ඇත්තේ, බහා තබන ලද ආයුධ ඇත්තේ, පව්කිරීමෙහි ලජ්ජා ඇත්තේ, කරුණාවන්ත වූයේ, සියලු ප්‍රාණීන් කෙරෙහි හිත අනුකම්පාව ඇතුව වාසය කෙරේ. නොදුන් දෙය ගැනීමෙන් වෙන්ව, එයින් සම්පූර්ණයෙන් වැළකුණේ, දුන් දෙයම ගන්නේ, දුන් දෙයම කැමති වන්නේ, සොර නොවූ, පිරිසිදුවූ සිතින් යුක්තව වාසයකෙරේ. අබ්‍රහ්මචර්යාව හැර උතුම් පැවතුම් ඇත්තේ ස්ත්‍රී පුරුෂ සංසර්ගය නම්වූ ග්‍රාම ධර්මයෙන් වෙන් වූයේ බ්‍රහ්මචාරීවේ. බොරු කීමෙන් දුරුව, ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ, සැබෑ වචන කියන්නේ, සැබැවින් සැබව ගළපන ගති ඇතුව ස්ථිර කථා ඇත්තේ, ඇදහිය යුතු වචන ඇත්තේ ලෝකයා අතර විරුද්ධ කථා ඇති නොකෙරේ. පිසුනුබස් හැර, ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ, මෙතැනින් අසා මොවුන් බිඳවීම පිණිස එතැන නොකියන ගති ඇත්තේ, එතැනින් අසා මොවුන් බිඳවීම පිණිස මෙතැන නොකියන ගති ඇත්තේ, මෙසේ භෙද වූවන් ගළපන්නේ, සමගි වූවන්ගේ සමගිය තහවුරු කිරීමට අනුබල දෙන්නේ, සමගියෙහි ඇලුම් බහුල කොට ඇත්තේ, සමගිකම්හි ඇලුනේ, සමගිකම්හි සතුටුවන ගති ඇත්තේ, සමගිය ඇතිකරණ වචන කියන්නේය. පරුෂ වචනය හැර ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ, යම් වචනයක් නිදොස් වේද, කණට මිහිරිද ප්‍රෙමණීයද, සතුටු කරයිද, යහපත්ද, බොහෝදෙනාට ප්‍රියද, බොහෝදෙනාගේ හිත් ප්‍රිය කරන්නේද, එබඳු වචනම කියන්නේ වේ. හිස්වූ ප්‍රලාප කථා හැර ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ, කාලයට සුදුසු කථා කරන්නේ, සිදුවූ වචනම කියන්නේ, අර්ථයෙන් යුක්තවූ, ධර්මයෙන් යුක්තවූ, විනයයෙන් යුක්තවූ, වචන කියන්නේ, සුදුසු කල්හි උපමා හා කරුණු සහිතවූ, සීමා ඇති, අර්ථයෙන් යුත්, නිධානයක් මෙන් සිතෙහි තැබිය යුතු වචන කියන්නේ වේ.
“හෙතෙම තණ, ගස්, වැල් සිඳීම් බිඳීම් ආදියෙන් වැළකුණේ වෙයි එක් වේලක් වළඳන්නේ රාත්‍රි භොජනයෙන් හා විකාල භොජනයෙන් වැළකුණේ වෙයි. නැටීම්, ගී කීම්, බෙර ආදිය වැයීම්, විසුලු දැකීම් යන මෙයින් වැළකුණේ වෙයි. මල්, ගඳ, විලවුන් පැළඳීම, ඉන් සැරසීම, අඩු තැන් පිරවීමෙන් අලංකාර කිරීම යන මෙයින් වැළකුණේ වෙයි. උස් අසුන් මහ අසුන් යන මෙයින් වැළකුණේ වෙයි. රන්, රිදී, මසු, කහවණු පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. අමු ධාන්‍ය වර්ග පිළිගැන්මෙන් තොරවූයේ වෙයි. අමු මස් පිළිගැන්මෙන් තොරවූයේ වෙයි. ස්ත්‍රීන් තරුණින් පිළිගැන්මෙන් තොර වූයේ වෙයි. වැඩකරුවන් වැඩකාරියන් පිළිගැන්මෙන් තොර වූයේ වෙයි. එළුවන් බැටළුවන් පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. ඌරන්, කුකුළන් පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. ඇතුන්, ගවයින්, අසුන්, වෙළඹුන්, පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. කෙත්, වත්, පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. ගිහින්ගේ දූත මෙහෙවරය, ගෙන් ගෙට යන මහත් මෙහෙවරය යන මෙයින් වැළකුණේ වෙයි. විකිණීම මිළට ගැනීම යන මෙයින් වැළකුණේ වෙයි. තරාදියෙන් හොරට කිරීම, රන් නොරන් කිරීමාදියෙන්, හොරකිරීම, මැනීමෙන් හොර කිරීමාදියෙන් වැළකුණේ වෙයි. හිමියන් අහිමි කිරීමාදිය සඳහා අල්ලස් ගැන්මය, උපායෙන් අනුන් රැවටීමය, යකඩ ආදී ලොහ රන් රිදීයයි අගවා වඤ්චා කිරීමය, නොයෙක් ආකාරවූ කුටිල ප්‍රයොගය යන මෙයින් වැළකුණේ වෙයි. කැපීමය, බැඳීමය, සැඟවී සිට වස්තු පැහැරගැන්මය, ගම් නියම්ගම් ආදිය පැහැරීමය, බලාත්කාරකමින් වස්තු පැහැර ගැන්මය යන මෙයින් වැළකුණේ වෙයි.
“හෙතෙමේ යන්තම් කය වැසීමට තරම්වූ සිවුරෙන්ද, යැපීමට ප්‍රමාණවූ ආහාරයෙන්ද සතුටුවන්නේ වේ. ඔහු යම් යම් තැනකට යේ නම් ඒ ඒ තැනට එය ගෙනයන්නේ වෙයි. යම්සේ පක්ෂියෙක් යම් තැනකට පියාඹා යේ නම් ඒ සියලු තැන පියාපත් බර පමණකින් යුක්තව පියාඹා යේද, එපරිද්දෙන්ම භික්ෂු තෙමේද ශරීරය වැසීමට ප්‍රමාණවූ සිවුරෙන්ද, යැපීමට ප්‍රමාණවූ ආහාරයෙන්ද සතුටුවන්නේ වේ. ඔහු යම් තැනකට යා නම් ඒ ඒ තැන එය රැගෙණම යයි. හෙතෙමේ මේ උතුම් සීලයෙන් යුක්තවූයේ තම සන්තානයෙහි නිරවද්‍යවූ සැපය විඳින්නේය.
“හෙතෙමේ, ඇසින් රූපයක් දැක එහි මහත් සටහන් සිතට ගන්නේ නැත. කුඩා සටහන් සිතට ගන්නේ නැත. චක්ෂු ඉන්ද්රියයෙහි අසංවරව වසන්නහුට යමක් හේතු කොට ගෙන ලෝභ ද්වේෂ අකුශල ධර්මයෝ හිතට ඇතුල් වන්නාහුද, එහි සංවරය පිණිස ඔහු පිළිපදී. ඔහු තමාගේ චක්ෂු ඉන්ද්රියය රකී, චක්ෂු ඉන්ද්රියයෙහි සංවරයට පැමිණේ.
“කණින් ශබ්දයක් අසා එය නිමිති වශයෙන් ගන්නේ නොවේ. නැවත නැවත මතක් වනසේ අල්ලා ගන්නේ නොවේ. යමක් හේතු කොට ගෙන ශ්රොතෙන්ද්රිය (කන්) අසංවරව වසන්නහුට ලෝභ ද්වේෂ අකුශල ධර්මයෝ උපදිත්ද, ඒ ශ්රොතෙන්ද්රියෙහි සංවරය පිණිස පිළිපදියි. ශ්රොතඉන්ද්රිය රකී. ශ්රොතෙන්ද්රියෙහි සංවරයට පැමිණෙයි.
“නාසයෙන් ගඳක් ආඝ්‍රාණය කොට එය නිමිති වශයෙන් නොගනී. නැවත නැවත මතක් වනසේ සිතට නොගනී. යමක් හේතු කොට ගෙන ඝානෙන්ද්රිය (නාසය) අසංවරව වාසය කරන්නහුට ලෝභ ද්වේෂ අකුසල ධර්මයෝ උපදිත්ද එහි සංවරය පිණිස පිළිපදියි. ඝානෙන්ද්රිය රකියි. ඝානෙන්ද්රියාගේ සංවරයට පැමිණෙයි. දිවෙන් රසක් විඳ එය අරමුණු වශයෙන් නොගනී. නැවත නැවත මතක්වනසේ නොගනී. යමක් හේතු කොට ගෙන, ජිව්හේන්ද්රිය සංවර නොකොට වාසයකරන්නාහට ලෝභ ද්වේෂ අකුශල ධර්මයෝ උපදිත්ද එහි සංවරය පිළිපදියි. ජීව්හෙන්ද්රිය (දිව) ආරක්ෂා කරයි. ජිව්හේන්ද්රියයෙහි සංවරයට පැමිණෙයි.
“කයින් පහසක් ස්පර්ශකොට නිමිති වශයෙන් නොගනියි. නැවත නැවත මතක් වන සේ සිතට නොගනියි. යමක් හේතු කොට කායෙන්ද්රිය අසංවරව වාසය කරන්නහුට ලෝභ ද්වේෂ අකුසල ධර්මයෝ උපදිත්ද, ඒ කායෙන්ද්රිය සංවරය පිණිස පිළිපදියි. කායෙන්ද්රිය ආරක්ෂා කරයි. කායෙන්ද්රියේ සංවරයට පැමිණෙයි. සිතින් ධර්මාරම්මණයක් දැන නිමිති වශයෙන් නොගනී. නැවත නැවතත් මතක් වන සේ සිතට නොගනී. යම් හෙයකින් සිත අසංවරව වාසය කරන්නහුට ලෝභ ද්වේෂ අකුශල ධර්මයෝ උපදිත්ද, ඒ මනින්‍ද්‍රිය (සිත) සංවරය පිණිස පිළිපදියි. මනින්‍ද්‍රිය රකී. මනින්‍ද්‍රිය සංවරයට පැමිණෙයි. හෙතෙමේ මේ උතුම් ඉන්ද්රිය සංවරයෙන් යුක්තවූයේ තම සන්තානයෙහි කෙලෙසුන්ගෙන් තෙත් නොවූ සැපය විඳින්නේය.
“හෙතෙමේ ඉදිරියට යාමෙහිද ආපසු යාමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. ඉදිරිපස බැලීමෙහිද හැරී බැලීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. අත් පා හැකිලීමෙහිද දිගුකිරීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. සඟළ සිවුර සහ පාත්‍රා සිවුරු දැරීමෙහි නුවණින් යුක්තවූයේ වෙයි.
“අනුභව කිරීමය, පානය කිරීමය, රස විඳීමය යන මෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. මල මුත්‍ර පහකිරීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. යෑම්, සිටීම්, හිඳීම්, සැතපීම්, නිදි තොර කිරීම්, කථාකිරීම්, නිශ්ශබ්ද වීම් යන මෙහිද නුවණින් යුක්තවූයේ වෙයි.
“උතුම්වූ මේ සීලසමූහයෙන් යුක්තවූද උතුම්වූ මේ ඉන්ද්රිය සංවරයෙන් යුක්තවූද, මේ උතුම්වූ සතිසම්පජඤ්ඤයෙන් යුක්තවූද, ඒ භික්ෂු තෙමේ කැලයද, ගහක් මුලද, පර්වතද, කඳුරැලිද, ගල්ගුහාද, සොහොන්ද, ඉතා දුරවූ කැලෑද, හිස්තැන්ද, පිදුරු ගොඩවල්ද යන මේ විවේක සෙනාසන භජනය කෙරෙයි. ඔහු පසුබත් කාලයෙහි පිණ්ඩපාත ආහාරයෙන් වැළකුණේ, පර්යංක බැඳ, ශරීරය කෙළින් තබා සිත අරමුණෙහි පිහිටුවා හිඳගනියි.
“ඔහු ස්කන්ධ ලෝකයෙහි ලෝභය පහකොට ලෝභ රහිත සිතින් යුක්තව වාසය කෙරේ. ලෝභයෙන් සිත පිරිසිදු කෙරේ. සිත කෙලෙසන්නාවූ ක්‍රෝධය පහකොට, ක්‍රෝධයෙන් දුරුවූ සිත් ඇතිව වාසය කරයි. සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කරයි. ක්‍රෝධයෙන් සිත පිරිසිදු කෙරේ. කාය චිත්ත දෙදෙනාගේ අලස බව දුරු කොට කය-සිත පිළිබඳ පහවූ අලස බව ඇත්තේ ආලෝක සංඥා ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් ප්‍රඥා ඇත්තෙක්ව ථිනමිද්ධයෙන් සිත පිරිසිදු කෙරේ. නොසන්සුන්කම හා පසුතැවීම දුරුකොට, සංසිඳුනු සිත් ඇතිව වාසය කෙරේ. ඇතුළත සංසිඳුනු සිත් ඇත්තේ, උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කෙරේ. සැකය දුරු කොට, පහකළ සැක ඇත්තේ කුශල ධර්ම විෂයෙහි එසේද මෙසේදැයි සැක නැතිව විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කෙරේ.
“හෙතෙම සිත කිලුටු කරන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ මේ පංච නීවරණයන් දුරුකොට, කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයිද, උදායීය, යමක් ප්රත්යක්ෂ කිරීම පිණිස භික්ෂූහු මාගේ ශාසනයෙහි උතුම් හැසිරීමෙහි හැසිරෙත්ද අතිශයින් උතුම්වූද, අතිශයින් ප්‍රණීතවූද මේ ධර්මයද වේ. උදායීය, නැවත අනිකක්ද කියමි. මහණ තෙම විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් ඇතුලත පැහැදීම ඇති, හිතේ එකඟ බව ඇති, විතර්ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයිද, උදායීය, යමක් ප්රත්යක්ෂ කිරීම පිණිස භික්ෂූහු මාගේ ශාසනයෙහි උතුම් හැසිරීමෙහි හැසිරෙත්ද අතිශයින් උතුම්වූද, අතිශයින් ප්‍රණීතවූද මේ ධර්මයද වේ.
“උදායීය, නැවත අනිකක්ද කියමි. මහණතෙම ප්‍රීතියෙහිද නොඇලීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කරයිද, සිහියෙන් යුක්ත වූයේ, නුවූණින් යුක්තවූයේ ශරීරයෙන් සුවය විඳින්නේද, ආර්යයෝ යම් ඒ ධ්‍යානයක් උපෙක්ෂා ඇති සිහි ඇති සැප විහරණ ඇත්තේයයි කියද්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයිද, උදායීය, යමක් ප්රත්යක්ෂ කිරීම සඳහා භික්ෂුහු මාගේ ශාසනයෙහි උතුම් හැසිරීමෙහි හැසිරෙත්ද, අතිශයින් උතුම්වූද අතිශයින් ප්‍රණීතවූද මේ ධර්මයද වේ.
“උදායීය, නැවත අනිකක්ද කියමි. මහණ තෙම සැපය දුරු කිරීමෙන්ද, දුක දුරු කිරීමෙන්ද, (ධ්‍යානය ලැබීමට) පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන් දුක්ද නොවූ, සැපද නොවූ උපෙක්ෂා සිහියෙන් පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයිද,
“හෙතෙමේ මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පානොවන බවට පැමිණි කල්හි, පෙර ජාති සිහි කිරීමේ ඥානය පිණිස සිත නමයි. හේ තෙමේ නොයෙක් විදියේ පෙර විසීම් සිහි කෙරෙයි. කෙසේදයත්, ‘එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පසක්ද, ජාති දසයක්ද ජාති විස්සක්ද, ජාති තිසක්ද, ජාති සතළිසක්ද, ජාති පනසක්ද, ජාති සියයක්ද, දහස් ජාතියක්ද, සියක් දහස් ජාතියක්ද, නොයෙක් විනාශ වෙමින් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද, නොයෙක් විනාශවන හෝ හැදෙන කල්පයන්ද, ‘අසුවල් තැන වීමි. මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම්, අසුවල් තැන උපන්නෙම්, එහිදු මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම් මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම්, මෙහි උපන්නෙමි’යි මෙසේ ආකාර සහිතව, දැක්වීම් සහිතව, නොයෙක් විදියේ පෙර ජීවිත සිහි කෙරෙයි. උදායීය, යමක් ප්රත්යක්ෂ කිරීම පිණිස භික්ෂූහු මාගේ ශාසනයෙහි උතුම් හැසිරීමෙහි හැසිරෙත්ද අතිශයින් උතුම් වූද, අතිශයින් ප්‍රණීතවූද, මේ ධර්මයද වේ.
“ඔහු මේ මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, චුති උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත නමයි. හේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූ, දිව ඇසින් චුතවන උපදින සත්ත්වයන් දකී. පහත්වූද උසස්වූද, ලක්ෂණවූද, අවලක්ෂණවූද, හොඳ ලොව උපදින්නාවූද, නරක ලොව උපදින්නාවූද, කර්මයට අනුව උපදින්නාවූ සත්ත්වයන් දකී. ‘මේ පින්වත් සත්ත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූහ. වාග් දුශ්චරිතයෙන් යුක්තවූහ. මනො දුශ්චරිතයෙන් යුක්තවූහ. ආර්යයන්ට ගරහන්නෝ වූහ, මිථ්‍යාදෘෂ්ටිකයෝ වූහ. මිථ්‍යාදෘෂ්ටි කර්ම සමාදන්වූවෝ වූහ. ඔව්හු මරණින් මතු සැපයෙන් පහවූ නපුරුවූ දුක්වූ නිරයට පැමිණෙත්. නැතහොත්, මේ පින්වත් සත්ත්වයෝ කාය සුචරිතයෙන් යුක්තවූහ. වාක් සුචරිතයෙන් යුක්ත වූහ, මනො සුචරිතයෙන් යුක්ත වූහ, ආර්යයන්ට නොගරහන්නෝ වූහ, සත්‍යය අදහන්නෝ වූහ, සත්‍ය ඇදහීම් සමාදන් වූහ. ඔව්හු මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයට පැමිණියෝ”යි මෙසේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුතවන උපදින සත්ත්වයන් දකී. මෙසේ පිරිසිදුවූ මනුෂ්‍යත්වය ඉක්ම සිටියාවූ දිවැසින් චුතවන්නාවූද උපදින්නාවූද පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද හොඳ ලොවට ගියාවූද නරක ලොවට ගියාවූද කර්මය ලෙස පැමිණි සත්ත්වයන් දනී.
“ඔහු මේ මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පානොවන බවට පැමිණි කල්හි සිතේ පැසවන කෙලෙස් පහකිරීමේ ඥානය පිණිස සිත නමයි. ඔහු මේ දුකයයි තතු ලෙස දැනගණී, මේ දුක් ඉපදීමේ හේතුවයයි තතු ලෙස දැනගණී, මේ දුක් නැතිකිරීමයයි තතු ලෙස දැන ගණී, මේ දුක් නැතිකිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගණී, මේ පැසවන කෙලෙස්යයි තතු ලෙස දැනගණී මේ පැසවන ක්ලේශයන්ගේ හේතුවයයි තතු ලෙස දැනගණී, මේ ඒ කෙලෙස් නැතිකිරීමයයි තතු ලෙස දැනගනී, මේ ඒ කෙළෙස් නැතිකිරීමේ මාර්ගයයයි තතුලෙස දැනගනී
“මෙසේ දන්නා දක්නා ඔහුගේ සිත කාම ආශ්‍රවය කෙරෙන්ද මිදේ, භව ආශ්‍රවය කෙරෙන්ද සිත මිදේ අවිද්‍යාශ්‍රවය කෙරෙන්ද සිත මිදේ, මිදුනු කල්හි මිදුනේය යන ඥානය පහළවෙයි. ඉපදීම නැති විය. උතුම් හැසිරීමෙහි වසනලදි, කටයුත්ත කරණ ලදී, මින් පසු මේ සඳහා කළ යුත්තක් නැතැ’යිද දැනගණී.
“උදායීය, යමක් ප්රත්යක්ෂ කිරීම පිණිස භික්ෂූහු මාගේ ශාසනයෙහි උතුම් හැසිරීමෙහි හැසිරෙත්ද මේ වනාහි ඒ ඉතා උතුම්වූද, ඉතා ප්‍රණීතවූද ධර්මය වේ. උදායීය, යම් ධර්මයන් ප්රත්යක්ෂ කිරීම සඳහා භික්ෂූහු මාගේ ශාසනයෙහි උතුම් හැසිරීමෙහි හැසිරෙත්ද මේ වනාහි ඉතා උතුම්වූද, ඉතා ප්‍රණීතවූද ධර්මයෝ වෙතියි” වදාළේය.
|
277
එවං වුත්තෙ, සකුලුදායී පරිබ්බාජකො භගවන්තං එතදවොච - ‘‘අභික්කන්තං, භන්තෙ
එවං
|
277
මෙසේ වදාළ කල්හි සකුළුදායී පරිබ්‍රාජක තෙමෙ භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනී, ඉතා යහපත. ස්වාමීනි, ඉතා යහපත. ස්වාමීනි, යම්සේ යටිකුරු කොට තබන ලද්දක් උඩුකුරු කරන්නේද, වසා තබන ලද්දක් හෝ විවෘත කරන්නේද, මං මුලාවූවෙකුට හෝ මග කියන්නේද, අන්ධකාරයෙහි හෝ ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේද, එපරිද්දෙන්ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය දේශනා කරණ ලදී. ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේ සරණකොට යමි. ධර්මයද භික්ෂු සංඝයාද (සරණකොට යමි) ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිදිවීම ලබන්නෙමියි” මෙසේ කී කල්හි සකුළුදායී පරිබ්‍රාජකයාගේ පිරිස සකුළුදායී පරිව්‍රාජකයාට මෙසේ කීයේය.
“භවත් උදායීය, ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි බ්‍රහ්මචර්යාවෙහි නොහැසිරේවා. භවත් උදායී තෙමේ ආචාර්යයෙක්ව සිට අතවැසිව වාසය නොකෙරේවා. යම්සේ නම් මහ දිය සැලියක්ව දිය ඉසින කිනිස්සක් වන්නේද, භවත් උදායීහුගේ මේ කාරණය එසේ වන්නේය. උදායීය ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි බ්‍රහ්ම චර්යාවෙහි නොහැසිරේවා. භවත් උදායීය තෙමේ ගුරුවරයෙක්ව සිට අතවැසිව නොවෙසේවා” යනුයි.
මෙසේ වනාහි සකුළුදායී පරිබ්‍රාජකයාගේ පිරිස සකුළුදායී පරිබ්‍රාජකයාගේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බ්‍රහ්මචර්යාවෙහි හැසිරීමට අනතුරු කෙළේය.
|
10. වෙඛනසසුත්තං | 10. වෙඛණ සූත්‍රය |
278
එවං
|