ත්‍රිපිටකය
3. පරිබ්බාජකවග්ගො 3. පරිබ්‍රාජක වර්ගය
1. තෙවිජ්ජවච්ඡසුත්තං 1. තෙවිජ්ජ වච්ඡගොත්ත සූත්‍රය
2. අග්ගිවච්ඡසුත්තං 2. අග්ගි වච්ඡගොත්ත සූත්‍රය
3. මහාවච්ඡසුත්තං 3. මහා වච්ඡගොත්ත සූත්‍රය
4. දීඝනඛසුත්තං 4. දීඝ නඛ සූත්‍රය
201
එවං මෙ සුතං - එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ සූකරඛතායං. අථ ඛො දීඝනඛො පරිබ්බාජකො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො දීඝනඛො පරිබ්බාජකො භගවන්තං එතදවොච - ‘‘අහඤ්හි, භො ගොතම, එවංවාදී එවංදිට්ඨි - ‘සබ්බං මෙ නක්ඛමතී’’’ති. ‘‘යාපි ඛො තෙ එසා, අග්ගිවෙස්සන, දිට්ඨි - ‘සබ්බං මෙ නක්ඛමතී’ති, එසාපි තෙ දිට්ඨි නක්ඛමතී’’ති? ‘‘එසා චෙ (එසාපි (ක.)) මෙ, භො ගොතම, දිට්ඨි ඛමෙය්‍ය, තංපස්ස තාදිසමෙව, තංපස්ස තාදිසමෙවා’’ති. ‘‘අතො ඛො තෙ, අග්ගිවෙස්සන, බහූ හි බහුතරා ලොකස්මිං යෙ එවමාහංසු - ‘තංපස්ස තාදිසමෙව, තංපස්ස තාදිසමෙවා’ති. තෙ තඤ්චෙව දිට්ඨිං නප්පජහන්ති අඤ්ඤඤ්ච දිට්ඨිං උපාදියන්ති. අතො ඛො තෙ, අග්ගිවෙස්සන, තනූ හි තනුතරා ලොකස්මිං යෙ එවමාහංසු - ‘තංපස්ස තාදිසමෙව, තංපස්ස තාදිසමෙවා’ති. තෙ තඤ්චෙව දිට්ඨිං පජහන්ති අඤ්ඤඤ්ච දිට්ඨිං න උපාදියන්ති. සන්තග්ගිවෙස්සන, එකෙ සමණබ්‍රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘සබ්බං මෙ ඛමතී’ති; සන්තග්ගිවෙස්සන, එකෙ සමණබ්‍රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘සබ්බං මෙ නක්ඛමතී’ති; සන්තග්ගිවෙස්සන , එකෙ සමණබ්‍රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘එකච්චං මෙ ඛමති, එකච්චං මෙ නක්ඛමතී’ති. තත්‍රග්ගිවෙස්සන, යෙ තෙ සමණබ්‍රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘සබ්බං මෙ ඛමතී’ති තෙසමයං දිට්ඨි සාරාගාය සන්තිකෙ, සඤ්ඤොගාය සන්තිකෙ, අභිනන්දනාය සන්තිකෙ අජ්ඣොසානාය සන්තිකෙ උපාදානාය සන්තිකෙ; තත්‍රග්ගිවෙස්සන යෙ තෙ සමණබ්‍රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘සබ්බං මෙ නක්ඛමතී’ති තෙසමයං දිට්ඨි අසාරාගාය සන්තිකෙ, අසඤ්ඤොගාය සන්තිකෙ, අනභිනන්දනාය සන්තිකෙ, අනජ්ඣොසානාය සන්තිකෙ, අනුපාදානාය සන්තිකෙ’’ති.
201
මා විසින් (මේ සූත්‍රය) මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජ්ජකූට පර්වතයෙහිවූ සූකරක්ඛත නම් ලෙණෙහි වාසය කළහ. එකල්හි දීඝ නඛ නම් පරිව්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වියයුතුවූ සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක් පැත්තක සිටියේය. එක් පැත්තක සිටියාවූ දීඝනඛ නම් පරිව්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීවේය.
“භවත් ගෞතමයන් වහන්ස, මම වනාහි ‘සියල්ල මට රුචි නොවේය’ යන මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙමියි” කීය. “අග්ගිවෙස්සනය, ‘සියල්ල මට රුචි නොවේයයි’ තොපගේ යම් මේ දෘෂ්ටියක් වේනම් මේ දෘෂ්ටියද තොපට රුචි නොවේදැයි?” ඇසූහ.
“භවත් ගෞතමයන් වහන්ස, ඉදින් මේ දෘෂ්ටිය මට රුචි වන්නේ නම් ඒ ‘සියල්ල මට රුචිනොවේ’ යන දෘෂ්ටියද එබඳුම වන්නේය.”
“අග්ගිවෙස්සනය, යම් කෙනෙක් ‘එයද එබඳුම වන්නේය’ එයද එබඳුම වන්නේයයි’ කියමින් ඒ දෘෂ්ටිය අත්නොහැරම අනික් දෘෂ්ටියක් ගන්නාහුද ඔව්හුම ලෝකයෙහි ඉතා බොහෝ වෙත්.
“අග්ගිවෙස්සනය, යම් කෙනෙක්, ‘එයද එබඳුම වන්නේය, එයද එබඳුම වන්නේයයි, කියමින් ඒ දෘෂ්ටියද දුරු කරමින් අනික් දෘෂ්ටියක්ද නොගන්නාහුද ඔව්හු ඉතා ස්වල්ප වෙත්.
“අග්නිවෙස්සනය, ‘සියල්ල මට රුචි වේයයි.’ යන මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණෝද ඇත්තාහ. අග්ගිවෙස්සනය, ‘සියල්ල මට රුචිනොවේයි,’ යන මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණෝද ඇත්තාහ. අග්ගිවෙස්සනය, ‘සමහරක් මට රුචි වේ. සමහරක් මට රුචි නොවේයි.’ යන මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති මහණ බමුණෝද ඇත්තාහ.
“අග්ගිවෙස්සනය, ඔවුන් අතුරෙන් යම් ඒ මහණ බමුණෝ ‘සියල්ල මට රුචි වේයයි,’ මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්ද, ඔවුන්ගේ මේ දෘෂ්ටිය රාග වශයෙන් සසරට සමීපවෙයි. සංයෝජන වශයෙන් සසරට සමීපවෙයි. තෘෂ්ණා දෘෂ්ටි දෙකින් සතුටුවීම් වශයෙන් සසරට සමීප වෙයි. තෘෂ්ණා දෘෂ්ටි දෙක්හි ගිලීමෙන් සසරට සමීප වෙයි. අග්ගිවෙස්සනය, ඔවුන් අතුරෙන් යම් ඒ මහණ බමුණෝ ‘සියල්ල මට රුචි නොවේය.’ යන මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්ද, ඔවුන්ගේ ඒ දෘෂ්ටිය සසර නොඇල්මට සමීපවේ. සසර නොබැඳීමට සමීපවේ. තෘෂ්ණා දෘෂ්ටි දෙකින් සතුටු නොවීමට සමීපවෙයි. තෘෂ්ණා දෘෂ්ටි දෙක්හි නොගිලීමට ආසන්න වෙයි.”
202
එවං වුත්තෙ, දීඝනඛො පරිබ්බාජකො භගවන්තං එතදවොච - ‘‘උක්කංසෙති (උක්කංසති (සී. පී. ක.)) මෙ භවං ගොතමො දිට්ඨිගතං, සමුක්කංසෙති (සම්පහංසති (ක.)) මෙ භවං ගොතමො දිට්ඨිගත’’න්ති. ‘‘තත්‍රග්ගිවෙස්සන, යෙ තෙ සමණබ්‍රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘එකච්චං මෙ ඛමති, එකච්චං මෙ නක්ඛමතී’ති. යා හි තෙසං ඛමති සායං දිට්ඨි සාරාගාය සන්තිකෙ, සඤ්ඤොගාය සන්තිකෙ, අභිනන්දනාය සන්තිකෙ, අජ්ඣොසානාය සන්තිකෙ, උපාදානාය සන්තිකෙ; යා හි තෙසං නක්ඛමති සායං දිට්ඨි අසාරාගාය සන්තිකෙ, අසඤ්ඤොගාය සන්තිකෙ, අනභිනන්දනාය සන්තිකෙ, අනජ්ඣොසානාය සන්තිකෙ, අනුපාදානාය සන්තිකෙ. තත්‍රග්ගිවෙස්සන, යෙ තෙ සමණබ්‍රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘සබ්බං මෙ ඛමතී’ති තත්ථ විඤ්ඤූ පුරිසො ඉති පටිසඤ්චික්ඛති - ‘යා ඛො මෙ අයං දිට්ඨි - සබ්බං මෙ ඛමතීති, ඉමඤ්චෙ අහං දිට්ඨිං ථාමසා පරාමාසා අභිනිවිස්ස වොහරෙය්‍යං - ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති; ද්වීහි මෙ අස්ස විග්ගහො - යො චායං සමණො වා බ්‍රාහ්මණො වා එවංවාදී එවංදිට්ඨි - සබ්බං මෙ නක්ඛමතීති, යො චායං සමණො වා බ්‍රාහ්මණො වා එවංවාදී එවංදිට්ඨි - එකච්චං මෙ ඛමති, එකච්චං මෙ නක්ඛමතීති - ඉමෙහි අස්ස ද්වීහි විග්ගහො. ඉති විග්ගහෙ සති විවාදො, විවාදෙ සති විඝාතො, විඝාතෙ සති විහෙසා’. ඉති සො විග්ගහඤ්ච විවාදඤ්ච විඝාතඤ්ච විහෙසඤ්ච අත්තනි සම්පස්සමානො තඤ්චෙව දිට්ඨිං පජහති අඤ්ඤඤ්ච දිට්ඨිං න උපාදියති. එවමෙතාසං දිට්ඨීනං පහානං හොති, එවමෙතාසං දිට්ඨීනං පටිනිස්සග්ගො හොති.
202
මෙසේ වදාළ කල්හි දීඝ නඛ නම් පරිව්‍රාජක තෙම, “භවත් ගෞතම තෙමේ මාගේ දෘෂ්ටිය උසස් කෙරෙයි. භවත් ගෞතම තෙමේ මාගේ දෘෂ්ටිය ඉතා උසස් කෙරේය”. භාග්‍යවතුන් වහන්සේට කීය.
“අග්ගිවෙස්සනය, ඔවුන් අතුරෙන් යම් ඒ මහණ බමුණෝ ‘සමහරක් මට රුචිවෙයි. සමහරක් මට රුචි නොවේය’ යන මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්ද, යම් දෘෂ්ටියක් ඔවුන්ට රුචි වේද, ඒ මේ දෘෂ්ටිය රාග වශයෙන් සසරට ළංවේ. සංයෝජන වශයෙන් සසරට ළංවේ. තණ්හා දිට්ඨි (ලෝභය හා වැරදි දැකීම්) වශයෙන් සසරට ළංවේ. තණ්හා දිට්ඨි දෙක්හි ගිලීමෙන් සසරට ළංවේ. යම් දෘෂ්ටියක් ඔවුන්ට රුචි නොවේද ඒ දෘෂ්ටිය සසර නොඇලීමට ළංවේ. නොබැඳීමට ළංවේ. තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් සතුටු නොවීමට ළංවෙයි. තෘෂ්ණා දෘෂ්ටි දෙක්හි නොගිලීමට ළංවෙයි.
“අග්ගිවෙස්සනය, ඔවුන් අතුරෙන් යම් ඒ මහණ බමුණෝ ‘සියල්ල මට රුචි වේයයි,’ මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්ද, එහි නුවණ ඇති පුරුෂතෙම මෙසේ කල්පනා කරයි. ‘සියල්ල මට රුචිවේය’ යන යම් මේ මාගේ දෘෂ්ටියක් වේද, ඉදින් මම මේ දෘෂ්ටිය දැඩි වශයෙන් අල්වාගෙන ඇතුලත්ව මෙයම සත්‍යය, අනික සිස්යයි ව්‍යවහාර කෙරෙම්ද, ඒ මට දෙයාකාරයකින් කොලාහල උපදින්නේය. යම් මේ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘සියල්ල මට රුචි නොවේයයි’. මෙබඳු වාද ඇත්තේද, මෙබඳු දෘෂ්ටි ඇත්තේද, යම් මේ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘සමහරක් මට රුචි වේ. සමහරක් මට රුචි නොවේයයි’ මෙබඳු වාද ඇත්තේ දෘෂ්ටි ඇත්තේත් වේද, මේ දෙයාකාරයෙන් මට කොළාහල උපදින්නේය. මෙසේ කොලාහලය ඇති කල්හි විරුද්ධ වචන කීම වන්නේය. විරුද්ධ වචන කීම ඇති කල්හි පහරදීම වන්නේය. පහරදීම ඇති කල්හි හිංසාව වන්නේය. මෙසේ හෙතෙම කොලාහලයද විවාදයද පහරදීමද හිංසාවද තමාට ඇතිවන බව දැන ඒ දෘෂ්ටියද දුරු කරයි. අනික් දෘෂ්ටියක්ද නොගනියි. මෙසේ මේ දෘෂ්ටීන්ගේ ප්‍රහානයවේ. මෙසේ මේ දෘෂ්ටීන්ගේ දුරලීම වේ.
203
‘‘තත්‍රග්ගිවෙස්සන, යෙ තෙ සමණබ්‍රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘සබ්බං මෙ නක්ඛමතී’ති තත්ථ විඤ්ඤූ පුරිසො ඉති පටිසඤ්චික්ඛති - ‘යා ඛො මෙ අයං දිට්ඨි - සබ්බං මෙ නක්ඛමතී’ති, ඉමඤ්චෙ අහං දිට්ඨිං ථාමසා පරාමාසා අභිනිවිස්ස වොහරෙය්‍යං - ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති; ද්වීහි මෙ අස්ස විග්ගහො - යො චායං සමණො වා බ්‍රාහ්මණො වා එවංවාදී එවංදිට්ඨි - සබ්බං මෙ ඛමතීති, යො චායං සමණො වා බ්‍රාහ්මණො වා එවංවාදී එවංදිට්ඨි - එකච්චං මෙ ඛමති එකච්චං මෙ නක්ඛමතීති - ඉමෙහි අස්ස ද්වීහි විග්ගහො. ඉති විග්ගහෙ සති විවාදො, විවාදෙ සති විඝාතො, විඝාතෙ සති විහෙසා’. ඉති සො විග්ගහඤ්ච විවාදඤ්ච විඝාතඤ්ච විහෙසඤ්ච අත්තනි සම්පස්සමානො තඤ්චෙව දිට්ඨිං පජහති අඤ්ඤඤ්ච දිට්ඨිං න උපාදියති. එවමෙතාසං දිට්ඨීනං පහානං හොති, එවමෙතාසං දිට්ඨීනං පටිනිස්සග්ගො හොති.
203
“අග්ගිවෙස්සනය, ඔවුන් අතුරෙන් යම් ඒ මහණ බමුණෝ මට සියල්ල රුචි නොවේයයි, මෙසේ වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්ද, ඔවුන් අතුරෙන් නුවණ ඇති පුරුෂයෙක් තෙම මෙසේ සලකයි. ‘සියල්ල මට රුචි නොවේ යයි,’ මාගේ යම් මේ දෘෂ්ටියක් වේද, ඉදින් මම ‘මේ දෘෂ්ටිය මෙයම සත්‍යය, අනික සිස්යයි,’ දැඩි වශයෙන් අල්වාගෙණ ඇතුළත්ව වාසය කෙරෙම්ද, මට දෙයාකාරයකින් කොලාහල වන්නෝය. යම් මේ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මට ‘සියල්ල රුචි වේයයි,’ මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වේද, යම් මේ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මට ‘සමහරක් රුචිවේ. සමහරක් මට රුචි නොවේයයි’ මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තෙක් වේද, මේ දෙයාකාරයෙන් මට කලහය වන්නේය. මෙසේ කලහය ඇති කල්හි විවාදය වන්නේය. විවාදය ඇති කල්හි පහරදීම වන්නේය. පහරදීම ඇති කල්හි වෙහෙස වන්නේය.’ මෙසේ හෙතෙම කලහයද, විවාදයද, පහරදීමද, හිංසාවද, තමාට උපදින බව දකිමින් ඒ දෘෂ්ටියද හැරදමයි. අනික් දෘෂ්ටියක්ද අල්වා නොගනියි. මෙසේ මේ දෘෂ්ටීන්ගේ දුරු කිරීම වේ. මේ දෘෂ්ටීන්ගේ දුරලීම වේ.
204
‘‘තත්‍රග්ගිවෙස්සන, යෙ තෙ සමණබ්‍රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘එකච්චං මෙ ඛමති, එකච්චං මෙ නක්ඛමතී’ති තත්ථ විඤ්ඤූ පුරිසො ඉති පටිසඤ්චික්ඛති - ‘යා ඛො මෙ අයං දිට්ඨි - එකච්චං මෙ ඛමති, එකච්චං මෙ නක්ඛමතීති, ඉමඤ්චෙ අහං දිට්ඨිං ථාමසා පරාමාසා අභිනිවිස්ස වොහරෙය්‍යං - ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති; ද්වීහි මෙ අස්ස විග්ගහො - යො චායං සමණො වා බ්‍රාහ්මණො වා එවංවාදී එවංදිට්ඨි - සබ්බං මෙ ඛමතීති, යො චායං සමණො වා බ්‍රාහ්මණො වා එවංවාදී එවංදිට්ඨි - සබ්බං මෙ නක්ඛමතීති - ඉමෙහි අස්ස ද්වීහි විග්ගහො. ඉති විග්ගහෙ සති විවාදො, විවාදෙ සති විඝාතො, විඝාතෙ සති විහෙසා’. ඉති සො විග්ගහඤ්ච විවාදඤ්ච විඝාතඤ්ච විහෙසඤ්ච අත්තනි සම්පස්සමානො තඤ්චෙව දිට්ඨිං පජහති අඤ්ඤඤ්ච දිට්ඨිං න උපාදියති. එවමෙතාසං දිට්ඨීනං පහානං හොති, එවමෙතාසං දිට්ඨීනං පටිනිස්සග්ගො හොති.
204
“අග්ගිවෙස්සනය, ඔවුන් අතුරෙන් යම් ඒ මහණ බමුණෙක්, ‘සමහරක් මට රුචිවේ. සමහරක් මට රුචි නොවේයයි, මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටිය ඇත්තෝවේද එහි නුවණ ඇති පුරුෂයෙක් තෙම මෙසේ සලකයි, ‘සමහරක් මට රුචිවේ, සමහරක් මට රුචි නොවේයයි, මාගේ යම් මේ දෘෂ්ටියක් වේද, ඉදින් මම මේ දෘෂ්ටිය දැඩිවශයෙන් අල්වාගණී. වැදගෙණ මෙයම සත්‍යය අනික සිස්යයි, ව්‍යවහාර කෙරෙම්ද, මට දෙයාකාරයකින්, කලහය වන්නේය,’ යම් මේ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘සියල්ල මට රුචි වේයයි,’ මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වේද, යම් මේ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘සියල්ල මට රුචි නොවේයයි,’ මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේත් වේද, මේ දෙයාකාරයෙන් මට කොලහලය වන්නේය. මෙසේ කොලහලය ඇතිකල්හි විරුද්ධ වචන වන්නේය, විරුද්ධ වචන ඇතිකල්හි පහරදීම වන්නේය. පහරදීම ඇතිකල්හි හිංසාව වන්නේය, මෙසේ හෙතෙම කලහයද විවාදයද පහරදීමද හිංසාවද තමාට උපදින බව දකිමින් ඒ දෘෂ්ටියද දුරු කරයි, අනික් දෘෂ්ටියක්ද අල්වා නොගණියි. මෙසේ මේ දෘෂ්ටීන්ගේ ප්‍රහානය වේ. මෙසේ මේ දෘෂ්ටීන්ගේ දුරලීම වේ,
205
‘‘අයං ඛො පනග්ගිවෙස්සන, කායො රූපී චාතුමහාභූතිකො (චාතුම්මහාභූතිකො (සී. ස්‍යා.)) මාතාපෙත්තිකසම්භවො ඔදනකුම්මාසුපචයො අනිච්චුච්ඡාදනපරිමද්දනභෙදනවිද්ධංසනධම්මො, අනිච්චතො දුක්ඛතො රොගතො ගණ්ඩතො සල්ලතො අඝතො ආබාධතො පරතො පලොකතො සුඤ්ඤතො අනත්තතො සමනුපස්සිතබ්බො . තස්සිමං කායං අනිච්චතො දුක්ඛතො රොගතො ගණ්ඩතො සල්ලතො අඝතො ආබාධතො පරතො පලොකතො සුඤ්ඤතො අනත්තතො සමනුපස්සතො යො කායස්මිං කායඡන්දො කායස්නෙහො කායන්වයතා සා පහීයති.
‘‘තිස්සො ඛො ඉමා, අග්ගිවෙස්සන, වෙදනා - සුඛා වෙදනා, දුක්ඛා වෙදනා, අදුක්ඛමසුඛා වෙදනා. යස්මිං, අග්ගිවෙස්සන, සමයෙ සුඛං වෙදනං වෙදෙති , නෙව තස්මිං සමයෙ දුක්ඛං වෙදනං වෙදෙති, න අදුක්ඛමසුඛං වෙදනං වෙදෙති; සුඛංයෙව තස්මිං සමයෙ වෙදනං වෙදෙති. යස්මිං, අග්ගිවෙස්සන, සමයෙ දුක්ඛං වෙදනං වෙදෙති, නෙව තස්මිං සමයෙ සුඛං වෙදනං වෙදෙති, න අදුක්ඛමසුඛං වෙදනං වෙදෙති; දුක්ඛංයෙව තස්මිං සමයෙ වෙදනං වෙදෙති. යස්මිං, අග්ගිවෙස්සන, සමයෙ අදුක්ඛමසුඛං වෙදනං වෙදෙති, නෙව තස්මිං සමයෙ සුඛං වෙදනං වෙදෙති, න දුක්ඛං වෙදනං වෙදෙති; අදුක්ඛමසුඛංයෙව තස්මිං සමයෙ වෙදනං වෙදෙති. සුඛාපි ඛො, අග්ගිවෙස්සන, වෙදනා අනිච්චා සඞ්ඛතා පටිච්චසමුප්පන්නා ඛයධම්මා වයධම්මා විරාගධම්මා නිරොධධම්මා; දුක්ඛාපි ඛො, අග්ගිවෙස්සන, වෙදනා අනිච්චා සඞ්ඛතා පටිච්චසමුප්පන්නා ඛයධම්මා වයධම්මා විරාගධම්මා නිරොධධම්මා; අදුක්ඛමසුඛාපි ඛො, අග්ගිවෙස්සන, වෙදනා අනිච්චා සඞ්ඛතා පටිච්චසමුප්පන්නා ඛයධම්මා වයධම්මා විරාගධම්මා නිරොධධම්මා. එවං පස්සං, අග්ගිවෙස්සන, සුතවා අරියසාවකො සුඛායපි වෙදනාය නිබ්බින්දති, දුක්ඛායපි වෙදනාය නිබ්බින්දති, අදුක්ඛමසුඛායපි වෙදනාය නිබ්බින්දති ; නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති. විමුත්තස්මිං, විමුත්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාති. එං විමුත්තචිත්තො ඛො, අග්ගිවෙස්සන, භික්ඛු න කෙනචි සංවදති, න කෙනචි විවදති, යඤ්ච ලොකෙ වුත්තං තෙන වොහරති, අපරාමස’’න්ති.
205
“අග්ගිවෙස්සනය, සතර මහා භූතයන් ගෙන් හටගත් මවුපිය සම්භවයෙන් හටගත්, බතින් හා කොමුපිඩුවලින් වැඩුණු රූපය අනිත්‍යය. ඇඟඉලීමය, පිරිමැදීමය, බිඳීමය, විනාසය, ස්වභාවකොට ඇත්තාවූ රූපසමූහයක් වන මේ කය අනිත්‍ය වශයෙන් දුක්වශයෙන් රොගවශයෙන් ගඩක් වශයෙන් හුලක් වශයෙන් ලාමකවූවක් වශයෙන් ආබාධයක් වශයෙන් අන්‍යවූවක් වශයෙන් නැසීම් වශයෙන් සූන්‍යවශයෙන් අනාත්ම වශයෙන් දැක්කයුතුය. මේ කය අනිත්‍ය වශයෙන් දුක්වශයෙන් රොගවශයෙන් ගඩක් වශයෙන් හුලක් වශයෙන් විපතක් වශයෙන් ආබාධයක් වශයෙන් අන්‍යවූවක් වශයෙන් නැසෙන්නක් වශයෙන් සූන්‍යවූවක් වශයෙන් අනාත්ම වශයෙන් දක්නාවූ ඔහුගේ කයෙහි යම් ඇල්මෙක් කයෙහි යම් ස්නෙහයෙක් කය අනුව යාමක් වේද, එය දුරුවෙයි.’
“අග්ගිවෙස්සනය, මේ වේදනා තුනක්වෙත්. සැප වේදනාය, දුක් වේදනාය, දුක්දනොවූ සැපද නොවූ වේදනාවය යන වේදනා තුනයි. අග්ගිවෙස්සනය, යම් කලෙක්හි සැපවූ වේදනාව විඳීද, එකල්හි දුක්වූ වේදනාව නොම විඳියි. අග්ගිවෙස්සනය, යම් කලෙක්හි දුක්වූ වේදනාව විඳීද, එකල්හි සැපවූ වේදනාවක් නොම විඳියි. දුක්ද නොවූ සැපද නොවූ වේදනාවක් නොවිඳයි. එකල්හි දුක්වූ වේදනාවම විඳියි අග්ගිවෙස්සනය, යම් කලෙක්හි දුක්නොවූ සැපද නොවූ වේදනාව විඳීද, එකල්හි සැපවූ වේදනා නොම විඳියි. දුක්වූ වේදනාව නොවිඳියි. එකල්හි දුක්ද නොවූ සැපද නොවූ වේදනාවම විඳියි. අග්ගිවෙස්සනය, සැප වේදනාවද අනිත්‍යය, සකස් කරනලදී, හේතුප්‍රත්‍යයන් ගෙන් හටගන්නීය. ක්ෂය වන ස්වභාව ඇත්තීය. විනාසය ස්වභාව කොට ඇත්තීය. විරාගය ස්වභාව කොට ඇත්තීය, නිරෝධය ස්වභාව කොට ඇත්තීය. අග්ගිවෙස්සනය, දුක් වේදනාවද අනිත්‍යය, සකස් කරනලද්දීය. ප්‍රත්‍යයෙන් හටගත්තීය. ක්ෂයවීම ස්වභාව කොට ඇත්තීය, විනාසය ස්වභාව කොට ඇත්තීය, විරාගය ස්වභාව කොට ඇත්තීය, නිරෝධය ස්වභාව කොට ඇත්තීය, අග්ගිවෙස්සනය, දුක්ද නොවූ සැපද නොවූ වේදනාවද අනිත්‍යය සකස් කරන ලද්දීය, ප්‍රත්‍යයෙන් හටගත්තීය, ක්ෂයවන ස්වභාව ඇත්තීය, විනාසවන ස්වභාව ඇත්තීය, විරාග ස්වභාව ඇත්තීය, නිරෝධය ස්වභාව කොට ඇත්තීය,
අග්ගිවෙස්සනය, මෙසේ දක්නාවූ ඇසූ පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවක තෙම සැප වේදනාව කෙරෙහිද කලකිරෙයි. දුක් වේදනාව කෙරෙහිද කලකිරෙයි. දුක්ද නොවූ සැපද නොවූ වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්ෂය කරණ ලද්දීය, බ්‍රහ්මචර්ය වැස නිමවන ලද්දේය. සතර මගින් කළ යුත්ත කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනියි. අග්ගිවෙස්සනය, මෙසේ මිදුනු සිත් ඇත්තාවූ භික්ෂු තෙමේ වනාහි කිසිවෙකු සමගත් විරුද්ධව කථා නොකෙරෙයි. කිසිවෙකු සමගත් විවාද නොකෙරෙයි. ලෝකයෙහි යම් ව්‍යවහාරයක් වේද, ඒ ව්‍යවහාරයෙන් ව්‍යවහාර කරයි. දෘෂ්ටි වශයෙන් නොගනියි.
206
තෙන ඛො පන සමයෙන ආයස්මා සාරිපුත්තො භගවතො පිට්ඨිතො ඨිතො හොති භගවන්තං බීජයමානො (වීජයමානො (සී. පී.)). අථ ඛො ආයස්මතො සාරිපුත්තස්ස එතදහොසි - ‘‘තෙසං තෙසං කිර නො භගවා ධම්මානං අභිඤ්ඤා පහානමාහ, තෙසං තෙසං කිර නො සුගතො ධම්මානං අභිඤ්ඤා පටිනිස්සග්ගමාහා’’ති. ඉති හිදං ආයස්මතො සාරිපුත්තස්ස පටිසඤ්චික්ඛතො අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චි. දීඝනඛස්ස පන පරිබ්බාජකස්ස විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි - ‘‘යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්ම’’න්ති. අථ ඛො දීඝනඛො පරිබ්බාජකො දිට්ඨධම්මො පත්තධම්මො විදිතධම්මො පරියොගාළ්හධම්මො තිණ්ණවිචිකිච්ඡො විගතකථංකථො වෙසාරජ්ජප්පත්තො අපරප්පච්චයො සත්ථුසාසනෙ භගවන්තං එතදවොච - ‘‘අභික්කන්තං, භො ගොතම, අභික්කන්තං, භො ගොතම! සෙය්‍යථාපි, භො ගොතම, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්‍ය - චක්ඛුමන්තො රූපානි දක්ඛන්තීති - එවමෙව ඛො භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භවන්තං ගොතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’’න්ති.
206
එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේගේ පිටුපසින් භාග්‍යවතුන් වහන්සේට පවන් සලමින් සිටියේ වෙයි. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ට මෙබඳු අදහස් විය. ‘භාග්‍යවතුන් වහන්සේ වනාහි අපට නුවණින් දැන ඒ ඒ ධර්මයන්ගේ දුරු කිරීම වදාළේය. සුගතයන් වහන්සේ වනාහි අපට නුවණින් දැන ධර්මයන්ගේ දුරලීම වදාළේයයි. මෙසේ මෙනෙහි කරන්නාවූ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ සිත තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් අලවා නොගෙන ආශ්‍රවයන්ගෙන් මිදුනේය. දීඝනඛ පරිව්‍රාජකයාහට වනාහි යම් කිසිවක් ඉපදීම ස්වභාව කොට ඇත්තේද, ඒ සියල්ල නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේයයි කෙලෙස් රජස් රහිතවූ පහවූ මල ඇති ධර්ම චක්ෂුස (සෝවාන් මාර්ගඥානය) පහලවූයේය.
ඉක්බිති දීඝ නඛ නම් පරිව්‍රාජක තෙමේ දක්නාලද ධර්මය ඇත්තේ පැමිණියාවූ ධර්මය ඇත්තේ දැනගන්නාලද ධර්මය ඇත්තේ බැසගත්තාවූ ධර්මය ඇත්තේ දුරු කළාවූ විචිකිච්ඡා ඇත්තේ පහවූ සැකය ඇත්තේ විසාරද බවට පැමිණියේ ශාස්තෘ ශාසනයෙහි අන් පිහිටක් නොසොයන බවට පැමිණියේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත, භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත, භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරු කොට තබන ලද්දක් හෝ උඩුකුරු කරන්නේද, වසා තබන ලද්දක් හෝ වැසුම් අරින්නේද, මංමුළාවූවෙකුට හෝ මග කියන්නේද අන්ධකාරයෙහි හෝ ‘ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේද, මෙපරිද්දෙන් භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් පකාරයෙන් ධර්මය දේශනා කරණලදී. මේ මම භවත් ගෞතමයන් වහන්සේ සරණ කොටයමි. ධර්මයද භික්ෂු සංඝයාද (සරණ කොටයමි) භවත් ගෞතම තෙමේ මා අද පටන් දිවිහිම් කොට සරණගියාවූ උපාසකයෙකැයි දරණ සේක්වායි” කීය.
5. මාගණ්ඩියසුත්තං 5. මාගන්දිය සූත්‍රය
6. සන්දකසුත්තං 6. සන්දක සූත්‍රය
7. මහාසකුලුදායිසුත්තං 7. මහා සකුලුදාය සූත්‍රය
8. සමණමුණ්ඩිකසුත්තං 8. සමණ මණ්ඩික සූත්‍රය
9. චූළසකුලුදායිසුත්තං 9. චූල සකුළුදායී සූත්‍රය
10. වෙඛනසසුත්තං 10. වෙඛණ සූත්‍රය