ත්‍රිපිටකය
3. පරිබ්බාජකවග්ගො 3. පරිබ්‍රාජක වර්ගය
1. තෙවිජ්ජවච්ඡසුත්තං 1. තෙවිජ්ජ වච්ඡගොත්ත සූත්‍රය
2. අග්ගිවච්ඡසුත්තං 2. අග්ගි වච්ඡගොත්ත සූත්‍රය
187
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො භගවන්තං එතදවොච -
‘‘කිං නු ඛො, භො ගොතම, ‘සස්සතො ලොකො, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති - එවංදිට්ඨි (එවංදිට්ඨී (සී. ස්‍යා. කං. ක.)) භවං ගොතමො’’ති? ‘‘න ඛො අහං, වච්ඡ, එවංදිට්ඨි - ‘සස්සතො ලොකො, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’’’න්ති.
‘‘කිං පන, භො ගොතම, ‘අසස්සතො ලොකො, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති - එවංදිට්ඨි භවං ගොතමො’’ති? ‘‘න ඛො අහං, වච්ඡ, එවංදිට්ඨි - ‘අසස්සතො ලොකො, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’’’න්ති.
‘‘කිං නු ඛො, භො ගොතම, ‘අන්තවා ලොකො, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති - එවංදිට්ඨි භවං ගොතමො’’ති? ‘‘න ඛො අහං, වච්ඡ, එවංදිට්ඨි - ‘අන්තවා ලොකො, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’’’න්ති.
‘‘කිං පන, භො ගොතම, ‘අනන්තවා ලොකො, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති - එවංදිට්ඨි භවං ගොතමො’’ති? ‘‘න ඛො අහං, වච්ඡ, එවංදිට්ඨි - ‘අනන්තවා ලොකො, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’’’න්ති.
‘‘කිං නු ඛො, භො ගොතම, ‘තං ජීවං තං සරීරං, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති - එවංදිට්ඨි භවං ගොතමො’’ති? ‘‘න ඛො අහං, වච්ඡ, එවංදිට්ඨි - ‘තං ජීවං තං සරීරං, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’’’න්ති.
‘‘කිං පන, භො ගොතම, ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති - එවංදිට්ඨි භවං ගොතමො’’ති? ‘‘න ඛො අහං, වච්ඡ, එවංදිට්ඨි - ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’’’න්ති.
‘‘කිං නු ඛො, භො ගොතම, ‘හොති තථාගතො පරං මරණා, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති - එවංදිට්ඨි භවං ගොතමො’’ති? ‘‘න ඛො අහං, වච්ඡ, එවංදිට්ඨි - ‘හොති තථාගතො පරං මරණා, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’’’න්ති.
‘‘කිං පන, භො ගොතම, ‘න හොති තථාගතො පරං මරණා, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති - එවංදිට්ඨි භවං ගොතමො’’ති? ‘‘න ඛො අහං, වච්ඡ, එවංදිට්ඨි - ‘න හොති තථාගතො පරං මරණා, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’’’න්ති.
‘‘කිං නු ඛො, භො ගොතම, ‘හොති ච න ච හොති තථාගතො පරං මරණා, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති - එවංදිට්ඨි භවං ගොතමො’’ති ? ‘‘න ඛො අහං, වච්ඡ, එවංදිට්ඨි - ‘හොති ච න ච හොති තථාගතො පරං මරණා, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’’’න්ති.
‘‘කිං පන, භො ගොතම, ‘නෙව හොති න න හොති තථාගතො පරං මරණා, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති - එවංදිට්ඨි භවං ගොතමො’’ති? ‘‘න ඛො අහං, වච්ඡ, එවංදිට්ඨි - ‘නෙව හොති න න හොති තථාගතො පරං මරණා, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’’’න්ති.
187
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඩු මහ සිටුහුගේ ජේතවන නම්වූ ආරාමයෙහි වාසය කළහ. එකල්හි වච්ඡගොත්ත පරිව්‍රාජක තෙම, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු විය යුතු සිහිකටයුතු කථාව කොට නිමවා එක්පැත්තක උන්නේය. එක්පැත්තක උන්නාවූම වච්ඡගොත්ත නම් පරිව්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය.
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ ‘ලෝකය සදාකාලිකය, මෙයම සත්‍යයි මෙයින් අන්‍යමත සිස්ය, යන මේ දෘෂ්ටිය ඇත්තේද?”
“වච්ඡය, මම ‘ලෝකය සදාකාලිකය, මෙයම සත්‍යයි මෙයින් අන්‍ය මත සිස්ය, යන මෙබඳු දෘෂ්ටිය ඇත්තේ නොවෙමි.”
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ ‘ලෝකය සදාකාලික නොවේ. මෙයම සත්‍යයි මෙයින් අන්‍ය මත හිස්ය, යන මෙබඳු දෘෂ්ටි ඇත්තේද?”
“වච්ඡය, මම ‘ලෝකය සදාකාලික, නොවේ. මෙයම සත්‍යය මෙයින් අන්‍ය මත සිස්ය, යන මෙබඳු දෘෂ්ටිය ඇත්තේ නොවෙමි.”
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ ‘ලෝකයේ කෙළවර ඇත්තේය. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටිය ඇත්තේද?”
“වච්ඡය, මම ‘ලෝකය කෙළවර ඇත්තේය. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත හිස්ය’යි මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමි.”
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ ‘ලෝකය කෙළවර නැත්තේය. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත හිස්ය’යි මෙබඳු දෘෂ්ටිය ඇත්තේද?”
“වච්ඡය, මම ‘ලෝකය කෙළවර නැත්තේය. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත හිස්ය’යි යන මෙබඳු දෘෂ්ටිය ඇත්තේ නොවෙමි.”
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ ‘එයම ජීවය වේ, එයම ශරීරය වේ. මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේද?”
“වච්ඡය මම ‘එයම ජීවය වේ, එයම ශරීරය වේ, මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමි.”
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ ‘ජීවය අනිකක් වේ. ශරීරය අනිකක් වේ. මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේද?”
“වච්ඡය, මම ‘ජීවය අනිකක් වේ. ශරීරය අනිකක් වේ. මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්යයි මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමි.”
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ ‘සත්ව තෙම මරණින් මතු වෙයි. මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේද?”
“වච්ඡය, මම ‘සත්වතෙම මරණින් මතු වේ. මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමි.”
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ ‘සත්ව තෙම මරණින් මතු නොවේ. මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේද?”
“වච්ඡය, මම ‘සත්ව තෙම මරණින් මත්තෙහි නොවේ. මෙයම සත්‍යය මෙයින් අන්‍යමත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමි.”
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ ‘සත්ව තෙම මරණින් මතු වන්නේද වෙයි. නොවන්නේද වෙයි, මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේද?”
“වච්ඡය, මම ‘සත්ව තෙම මරණින් මත්තෙහි වන්නේද වෙයි, නොවන්නේද වෙයි මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමි.”
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ, ‘සත්ව තෙම මරණින් මතු නොම වෙයි. නොවන්නේ නොවෙයි, මෙයම සත්‍යය. මෙයින් අන්‍ය මත සිස්ය’යි මෙබඳු දෘෂ්ටි ඇත්තේද?”
“වච්ඡය, “මම සත්ව තෙම මරණින් මත්තෙහි නොමවෙයි. නොවන්නේ නොවෙයි. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමි.”
188
‘‘‘කිං නු ඛො, භො ගොතම, සස්සතො ලොකො, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති - එවංදිට්ඨි භවං ගොතමො’ති ඉති පුට්ඨො සමානො ‘න ඛො අහං, වච්ඡ, එවංදිට්ඨි - සස්සතො ලොකො, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති වදෙසි (මොඝමඤ්ඤන්තීති වදෙසි (සී.), මොඝමඤ්ඤන්ති ඉති වදෙසි (?)). ‘කිං පන, භො ගොතම, අසස්සතො ලොකො, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති - එවංදිට්ඨි භවං ගොතමො’ති ඉති පුට්ඨො සමානො ‘න ඛො අහං, වච්ඡ , එවංදිට්ඨි - අසස්සතො ලොකො, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති වදෙසි. ‘කිං නු ඛො, භො ගොතම, අන්තවා ලොකො, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති - එවංදිට්ඨි භවං ගොතමො’ති ඉති පුට්ඨො සමානො ‘න ඛො අහං, වච්ඡ, එවංදිට්ඨි - අන්තවා ලොකො, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති වදෙසි. ‘කිං පන, භො ගොතම, අනන්තවා ලොකො, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති - එවංදිට්ඨි භවං ගොතමො’ති ඉති පුට්ඨො සමානො ‘න ඛො අහං, වච්ඡ, එවංදිට්ඨි - අනන්තවා ලොකො, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති වදෙසි. ‘කිං නු ඛො, භො ගොතම, තං ජීවං තං සරීරං, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති - එවංදිට්ඨි භවං ගොතමො’ති ඉති පුට්ඨො සමානො ‘න ඛො අහං, වච්ඡ, එවංදිට්ඨි - තං ජීවං තං සරීරං, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති වදෙසි. ‘කිං පන, භො ගොතම, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති - එවංදිට්ඨි භවං ගොතමො’ති ඉති පුට්ඨො සමානො ‘න ඛො අහං, වච්ඡ, එවංදිට්ඨි - අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති වදෙසි. ‘කිං නු ඛො, භො ගොතම, හොති තථාගතො පරං මරණා, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති - එවංදිට්ඨි භවං ගොතමො’ති ඉති පුට්ඨො සමානො ‘න ඛො අහං, වච්ඡ, එවංදිට්ඨි - හොති තථාගතො පරං මරණා, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති වදෙසි.
‘‘‘කිං පන, භො ගොතම, න හොති තථාගතො පරං මරණා, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති - එවංදිට්ඨි භවං ගොතමො’ති ඉති පුට්ඨො සමානො ‘න ඛො අහං, වච්ඡ, එවංදිට්ඨි - න හොති තථාගතො පරං මරණා, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති වදෙසි. ‘කිං නු ඛො, භො ගොතම, හොති ච න ච හොති තථාගතො පරං මරණා, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති - එවංදිට්ඨි භවං ගොතමො’ති ඉති පුට්ඨො සමානො ‘න ඛො අහං, වච්ඡ, එවංදිට්ඨි - හොති ච න ච හොති තථාගතො පරං මරණා, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති වදෙසි. ‘කිං පන, භො ගොතම, නෙව හොති න න හොති තථාගතො පරං මරණා, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති - එවංදිට්ඨි භවං ගොතමො’ති ඉති පුට්ඨො සමානො ‘න ඛො අහං, වච්ඡ, එවංදිට්ඨි - නෙව හොති න න හොති තථාගතො පරං මරණා, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති වදෙසි.
‘‘කිං පන භො ගොතමො ආදීනවං සම්පස්සමානො එවං ඉමානි සබ්බසො දිට්ඨිගතානි අනුපගතො’’ති?
188
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ, ‘ලෝකය සදාකාලික වේ. මෙයම සත්‍යය. මෙයින් අන්‍ය මත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේදැයි මෙසේ විචාරණ ලද්දේ ‘වච්ඡය මම ලෝකය සදාකාලිකය, මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්ය’යි මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමියි’ කීවෙහිය.
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ, ලෝකය ශාස්වත නොවේ. මෙයම සත්‍යය. මෙයින් අන්‍ය මත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේදැ?’යි මෙසේ විචාරණ ලද්දේද ‘වච්ඡය, මම, ලෝකය සදාකාලික නොවේ. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේද නොවෙමියි කීයෙහිය.
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද, භවත් ගෞතම තෙමේ, ලෝකය කෙළවර ඇත්තේය. මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්ය’යි මෙබඳු දෘෂ්ටි ඇත්තේද?’යි මෙසේ විචාරණ ලද්දේද ‘වච්ඡය, මම ලෝකය කෙළවර ඇත්තේය. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේත් නොවෙමියි’ කීයෙහිය.
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද, භවත් ගෞතම තෙමේ ලෝකය කෙළවර නැත්තේය. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්යයි, මෙබඳු දෘෂ්ටි ඇත්තේදැයි මෙසේ විචාරන ලද්දේද ‘වච්ඡය, මම ලෝකය කෙළවර නැත්තේය. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමියි’ කීයෙහිය.
භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ එයම ජීවයවේ, එයම ශරීරයවේ, මෙයම සත්‍යයි. මෙයින් අන්‍ය මත හිස්යයි, මෙබඳු දෘෂ්ටි ඇත්තේදැ?’යි මෙසේ විචාරණ ලද්දේද, ‘වච්ඡය, මම එය ජීවය එය ශරීරය මෙයම සත්‍යය මෙයින් අන්‍ය මත සිස්යයි මම මෙබඳු දෘෂ්ටි ඇත්තේ නෙවෙමියි’ කීයෙහිය.
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ ජීවය අනිකක, ශරීරය අනිකක, මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්යයි, මෙබඳු දෘෂ්ටි ඇත්තේද?” මෙසේ විචාරණ ලද්දේද, “වච්ඡය, ජීවය අනිකක, ශරීරය අනිකක, මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්යයි, මම මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමියි’ කීයෙහිය.
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද, භවත් ගෞතම තෙමේ, සත්වතෙම මරණින් මත්තෙහි වෙයි. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්යයි, මෙබඳු දෘෂ්ටි ඇත්තේද?” මෙසේ විචාරණ ලද්දේද, ‘වච්ඡය, සත්ව තෙම මරණින් මත්තෙහි වෙයි. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්යයි, මම මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමියි’ කීයෙහිය.
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ, සත්වතෙම මරණින් මත්තෙහි නොවෙයි. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්යයි, මෙබඳු දෘෂ්ටි ඇත්තේදැයි, මෙසේ විචාරණ ලද්දේද, “වච්ඡය, සත්ව තෙම මරණින් මත්තෙහි නොවෙයි. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්යයි මම මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමියි’ කීයෙහිය.
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ, සත්ව තෙම මරණින් මත්තෙහි වන්නේද වෙයි, නොවන්නේද වෙයි, මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්යි මෙබඳු දෘෂ්ටි ඇත්තේද? මෙසේ විචාරණ ලද්දේද, ‘වච්ඡය, මම සත්ව තෙම මරණින් මත්තෙහි වන්නේද වෙයි, නොවන්නේද වෙයි, මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්යයි මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමියි’ කීයෙහිය.
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ, සත්ව තෙම මරණින් මත්තෙහි නොම වෙයි. නොවන්නේත් නොවෙයි. මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේද? මෙසේ විචාරණ ලද්දේද, ‘වච්ඡය, සත්වතෙම මරණින් මත්තෙහි නොමවෙයි. නොවන්නේත් නොවෙයි. මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්යයි, මම මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමියි’ කීයෙහිය.
“භවත් ගෞතම තෙමේ කිනම් ආදීනවයක් දකිමින් මෙසේ මේ සියලු දෘෂ්ටි ගතිවලට නොපැමිණියේ වෙහිද?”
189
‘‘‘සස්සතො ලොකො’ති ඛො, වච්ඡ, දිට්ඨිගතමෙතං දිට්ඨිගහනං දිට්ඨිකන්තාරො (දිට්ඨිකන්තාරං (සී. පී.)) දිට්ඨිවිසූකං දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසංයොජනං සදුක්ඛං සවිඝාතං සඋපායාසං සපරිළාහං, න නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තති . ‘අසස්සතො ලොකො’ති ඛො, වච්ඡ...පෙ.... ‘අන්තවා ලොකො’ති ඛො, වච්ඡ...පෙ.... ‘අනන්තවා ලොකො’ති ඛො, වච්ඡ...පෙ.... ‘තං ජීවං තං සරීර’න්ති ඛො, වච්ඡ...පෙ.... ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීර’න්ති ඛො, වච්ඡ...පෙ.... ‘හොති තථාගතො පරං මරණා’ති ඛො, වච්ඡ ...පෙ.... ‘න හොති තථාගතො පරං මරණා’ති ඛො, වච්ඡ...පෙ.... ‘හොති ච න ච හොති තථාගතො පරං මරණා’ති ඛො, වච්ඡ...පෙ.... ‘නෙව හොති න න හොති තථාගතො පරං මරණා’ති ඛො, වච්ඡ, දිට්ඨිගතමෙතං දිට්ඨිගහනං දිට්ඨිකන්තාරො දිට්ඨිවිසූකං දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසංයොජනං සදුක්ඛං සවිඝාතං සඋපායාසං සපරිළාහං, න නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තති. ඉමං ඛො අහං, වච්ඡ, ආදීනවං සම්පස්සමානො එවං ඉමානි සබ්බසො දිට්ඨිගතානි අනුපගතො’’ති.
‘‘අත්ථි පන භොතො ගොතමස්ස කිඤ්චි දිට්ඨිගත’’න්ති? ‘‘දිට්ඨිගතන්ති ඛො, වච්ඡ, අපනීතමෙතං තථාගතස්ස. දිට්ඨඤ්හෙතං, වච්ඡ, තථාගතෙන - ‘ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථඞ්ගමො; ඉති වෙදනා, ඉති වෙදනාය සමුදයො, ඉති වෙදනාය අත්ථඞ්ගමො; ඉති සඤ්ඤා, ඉති සඤ්ඤාය සමුදයො, ඉති සඤ්ඤාය අත්ථඞ්ගමො; ඉති සඞ්ඛාරා, ඉති සඞ්ඛාරානං සමුදයො, ඉති සඞ්ඛාරානං අත්ථඞ්ගමො; ඉති විඤ්ඤාණං, ඉති විඤ්ඤාණස්ස සමුදයො, ඉති විඤ්ඤාණස්ස අත්ථඞ්ගමො’ති. තස්මා තථාගතො සබ්බමඤ්ඤිතානං සබ්බමථිතානං සබ්බඅහංකාරමමංකාරමානානුසයානං ඛයා විරාගා නිරොධා චාගා පටිනිස්සග්ගා අනුපාදා විමුත්තොති වදාමී’’ති.
189
“වච්ඡය, ලෝකය ශාස්වතය යන මේ දෘෂ්ටිය, දෘෂ්ටිවනය, දෘෂ්ටිකාන්තාරය, දෘෂ්ටිහුලය, දෘෂ්ටිචපලබව, දෘෂ්ටි සංයෝජනය දුක් සහිතය, උවදුරු සහිතය, වෙහෙස සහිතය, දැවිලි සහිතය, කලකිරීම පිණිස, නොඇලීම පිණිස, දුක් නැතිකිරීම පිණිස, සංසිඳීම පිණිස, දැනීම පිණිස, අවබෝධය පිණිස, නිර්වාණය පිණිස නොපවතියි.
“වච්ඡය, ලෝකය අශාස්වතය යන මේ දෘෂ්ටිය, දෘෂ්ටිවනය, දෘෂ්ටිකාන්තාරය, දෘෂ්ටිවිසකටුව, දෘෂ්ටිචපලබව, දෘෂ්ටි රැහැන දුක් සහිත වේ, උවදුරු සහිතවේ. දැඩි වෙහෙස සහිතවේ. දැවිලි සහිතවේ. කලකිරීම පිණිස, නොඇලීම පිණිස, දුක් නිවීම පිණිස, සංසිඳීම පිණිස, යහපත් දැනීම පිණිස, අවබෝධය පිණිස නිවන් පිණිස නොපවතියි.
“වච්ඡය ලෝකය කෙළවර ඇත්තේය යන මේ දෘෂ්ටිය, දෘෂ්ටිවනය, දෘෂ්ටිකාන්තාරය, දෘෂ්ටිවිසකටුව, දෘෂ්ටි චපලබව දෘෂ්ටිරැහැන දුක්සහිතවේ. උවදුරු සහිතවේ. දැඩි වෙහෙස සහිතවේ. දැවිලි සහිතවේ. කලකිරීම පිණිස, නො ඇලීම පිණිස, දුක් නිවීම පිණිස, සංසිඳීම පිණිස, යහපත් දැනීම පිණිස, අවබෝධය පිණිස, නිවන් පිණිස නොපවතියි.
“වච්ඡය, ලෝකය කෙළවර නැත්තේය යන මේ දෘෂ්ටිය, දෘෂ්ටිවනය, දෘෂ්ටිකාන්තාරය, දෘෂ්ටිවිසකටුව, දෘෂ්ටි චපලබව, දෘෂ්ටිරැහැන දුක්සහිතවේ. උවදුරු සහිතවේ. දැඩි වෙහෙස සහිතවේ. දැවිලි සහිතවේ. කලකිරීම පිණිස, නොඇලීම පිණිස, දුක්නිවීම පිණිස, සංසිඳීම පිණිස, යහපත් දැනීම පිණිස, අවබෝධය පිණිස නිවන් පිණිස, නොපවතියි.
“වච්ඡය, එය ජීවයවේ. එය ශරීරයවේය යන මේ දෘෂ්ටිය දෘෂ්ටිවනය, දෘෂ්ටිකාන්තාරය, දෘෂ්ටිවිසකටුව, දෘෂ්ටි චපලබව, දෘෂ්ටිරැහැන දුක්සහිතවේ. උවදුරු සහිතවේ. දැඩි වෙහෙස සහිතවේ. දැවිලි සහිතවේ. කලකිරීම පිණිස, නොඇලීම පිණිස, දුක්නිවීම පිණිස, සංසිඳීම පිණිස, යහපත් දැනීම පිණිස, අවබෝධය පිණිස, නිවන් පිණිස නොපවතියි.
“වච්ඡය, ජීවය අනිකක, ශරීරය අනිකක යන මේ දෘෂ්ටිය, දෘෂ්ටිවනය, දෘෂ්ටිකාන්තාරය, දෘෂ්ටිවිසකටුව, දෘෂ්ටිචපලබව, දෘෂ්ටිරැහැන දුක්සහිතවේ. උවදුරු සහිතවේ. දැඩිවෙහෙස සහිතවේ. දැවිලි සහිතවේ. කලකිරීම පිණිස, නොඇලීම පිණිස, දුක්නිවීම පිණිස, සංසිඳීම පිණිස, යහපත් දැනීම පිණිස, අවබෝධය පිණිස, නිවන් පිණිස නොපවතියි.
“වච්ඡය, සත්ව තෙම මරණින් මත්තෙහි වේය යන මේ දෘෂ්ටිය, දෘෂ්ටිවනය, දෘෂ්ටිකාන්තාරය, දෘෂ්ටිවිසකටුව, දෘෂ්ටිචපලබව, දෘෂ්ටිරැහැන දුක්සහිතවේ. උවදුරු සහිත වේ. දැඩිවෙහෙස සහිතවේ. දැවිලි සහිතවේ. කලකිරීම පිණිස, නොඇලීම පිණිස, දුක්නිවීම පිණිස, සංසිඳීම පිණිස යහපත් දැනීම පිණිස, අවබෝධය පිණිස, නිවන් පිණිස නොපවතියි.
“වච්ඡය, සත්වතෙම මරණින් මත්තෙහි නොවේය යන මේ දෘෂ්ටිය, දෘෂ්ටිවනය, දෘෂ්ටිකාන්තාරය, දෘෂ්ටිවිසකටුව, දෘෂ්ටිචපලබව, දෘෂ්ටිරැහැන දුක්සහිතවේ. උවදුරු සහිතවේ. දැඩිවෙහෙස සහිතවේ. දැවිලි සහිතවේ. කලකිරීම පිණිස, නොඇලීම පිණිස, දුක්නිවීම පිණිස, සංසිඳීම පිණිස, යහපත් දැනීම පිණිස, අවබෝධය පිණිස, නිවන් පිණිස නොපවතියි.
“වච්ඡය, සත්ව තෙම මරණින් මත්තෙහි වන්නේද වෙයි, නොවන්නේද වෙයි යන මේ දෘෂ්ටිය, දෘෂ්ටිවනය, දෘෂ්ටිකාන්තාරය, දෘෂ්ටිවිසකටුව, දෘෂ්ටිචපලබව, දෘෂ්ටි රැහැන දුක්සහිතවේ. උවදුරු සහිතවේ. දැඩි වෙහෙස සහිතවේ. දැවිලි සහිතවේ. කලකිරීම පිණිස, නොඇලීම පිණිස, දුක් නිවීම පිණිස, සංසිඳීම පිණිස, යහපත් දැනීම පිණිස, අවබෝධය පිණිස නිවන් පිණිස නොපවතියි.
“වච්ඡය, සත්වතෙම මරණින් මත්තෙහි නොමවෙයි. නොවන්නේත් නොවෙයි යන මේ දෘෂ්ටිය දෘෂ්ටිකැලය, දෘෂ්ටිකාන්තාරය, දෘෂටිහුල, දෘෂ්ටිචපලබව, දෘෂ්ටිසංයෝජනය, දුක්සහිතවේ. උවදුරු සහිතවේ. වෙහෙස සහිතවේ. දැවිලි සහිතවේ. කලකිරීම පිණිස, නොඇලීම පිණිස, දුක් නැතිකිරීම පිණිස, සංසිඳීම පිණිස, නුවණින් දැනීම පිණිස, අවබෝධය පිණිස, නිර්වාණය පිණිස නොපවතියි. වච්ඡය, මම මේ දෝෂය දකිමින් මේ දෘෂ්ටිවලට සියලු ආකාරයෙන් නොඑළඹුනේ වෙමියි” කීහ.
“භවත් ගෞතමයන් වහන්සේගේ කිසියම් දෘෂ්ටි ගතියක් ඇද්ද?” “වච්ඡය, දෘෂ්ටිගතිය යන මෙය තථාගතයන් විසින් බැහැර කරන ලදී. වච්ඡය, තථාගතයන් විසින් රූපය මේය, රූපයාගේ හේතුව මේය. රූපයාගේ විනාසය මේය, වේදනාව මේය, වේදනාවගේ හේතුව මේය. වේදනාවගේ විනාසය මේය. සංඥාව මේය, සංඥාවගේ හේතුව මේය. සංඥාවගේ විනාසය මේය. සංස්කාරයෝ මොහුය. සංස්කාරයන්ගේ හේතුව මේය. සංස්කාරයන්ගේ විනාසය මේය. විඤ්ඤාණය මේය, විඤ්ඤාණයාගේ හේතුව මේය. විඤ්ඤාණයාගේ විනාසය මේයයි. දන්නා ලද්දේමය. එහෙයින් තථාගත තෙම සියලු මඤ්ඤිතයන්ගේ (තණ්හාදිට්ඨිමානයන්ගේ) සියලු මථතයන්ගේ (තණ්හාදිට්ඨිමානයන්ගේ) මමයයි ගන්නා දෘෂ්ටිය මගේයයි ගන්නා තෘෂ්ණාව මමයයි හඟින මානය යන අනුශයයන්ගේ නැසීමෙන් දුරුකිරීමෙන් නිරුද්ධ කිරීමෙන්, හැරදැමීමෙන්, උපාදාන රහිතව මිදුනේයි කියමියි” වදාළේය.
190
‘‘එවං විමුත්තචිත්තො පන, භො ගොතම, භික්ඛු කුහිං උපපජ්ජතී’’ති? ‘‘උපපජ්ජතීති ඛො, වච්ඡ, න උපෙති’’. ‘‘තෙන හි, භො ගොතම, න උපපජ්ජතී’’ති? ‘‘න උපපජ්ජතීති ඛො, වච්ඡ, න උපෙති’’. ‘‘තෙන හි, භො ගොතම, උපපජ්ජති ච න ච උපපජ්ජතී’’ති? ‘‘උපපජ්ජති ච න ච උපපජ්ජතීති ඛො, වච්ඡ, න උපෙති’’. ‘‘තෙන හි, භො ගොතම, නෙව උපපජ්ජති න න උපපජ්ජතී’’ති? ‘‘නෙව උපපජ්ජති න න උපපජ්ජතීති ඛො, වච්ඡ, න උපෙති’’.
‘‘‘එවං විමුත්තචිත්තො පන, භො ගොතම, භික්ඛු කුහිං උපපජ්ජතී’ති ඉති පුට්ඨො සමානො ‘උපපජ්ජතීති ඛො, වච්ඡ, න උපෙතී’ති වදෙසි. ‘තෙන හි, භො ගොතම, න උපපජ්ජතී’ති ඉති පුට්ඨො සමානො ‘න උපපජ්ජතීති ඛො, වච්ඡ, න උපෙතී’ති වදෙසි. ‘තෙන හි, භො ගොතම, උපපජ්ජති ච න ච උපපජ්ජතී’ති ඉති පුට්ඨො සමානො ‘උපපජ්ජති ච න ච උපපජ්ජතීති ඛො, වච්ඡ, න උපෙතී’ති වදෙසි. ‘තෙන හි, භො ගොතම, නෙව උපපජ්ජති න න උපපජ්ජතී’ති ඉති පුට්ඨො සමානො ‘නෙව උපපජ්ජති න න උපපජ්ජතීති ඛො, වච්ඡ, න උපෙතී’ති වදෙසි. එත්ථාහං, භො ගොතම, අඤ්ඤාණමාපාදිං, එත්ථ සම්මොහමාපාදිං. යාපි මෙ එසා භොතො ගොතමස්ස පුරිමෙන කථාසල්ලාපෙන අහු පසාදමත්තා සාපි මෙ එතරහි අන්තරහිතා’’ති. ‘‘අලඤ්හි තෙ, වච්ඡ, අඤ්ඤාණාය, අලං සම්මොහාය. ගම්භීරො හායං, වච්ඡ, ධම්මො දුද්දසො දුරනුබොධො සන්තො පණීතො අතක්කාවචරො නිපුණො පණ්ඩිතවෙදනීයො. සො තයා දුජ්ජානො අඤ්ඤදිට්ඨිකෙන අඤ්ඤඛන්තිකෙන අඤ්ඤරුචිකෙන අඤ්ඤත්‍රයොගෙන (අඤ්ඤත්‍රායොගෙන (දී. නි. 1.420)) අඤ්ඤත්‍රාචරියකෙන’’ (අඤ්ඤත්ථාචරියකෙන (සී. ස්‍යා. කං. පී.)).
190
“භවත් ගෞතමයන් වහන්ස, මෙසේ මිදුනාවූ සිත් ඇති භික්ෂුතෙම වනාහි කොහි උපදීද? “වච්ඡය, උපදී යනු නොයෙදෙයි. “භවත් ගෞතමයන් වහන්ස, එසේවීනම් නූපදීද?”
“වච්ඡය, නූපදී යනුද නොයෙදෙයි (සුදුසු නොවෙයි)”
“භවත් ගෞතමයන් වහන්ස, එසේවීනම් උපදීද, නූපදීද?”
“වච්ඡය, උපදීද, නූපදීද යනුද නොයෙදෙයි.”
“භවත් ගෞතමයන් වහන්ස, එසේවීනම්, නොමඋපදියි, නූපදින්නේත් නොවේද?”
“වච්ඡය, නොම උපදියි නූපදින්නේත් නොවෙයි යනුද නොයෙදේයයි වදාළේය.
“භවත් ගෞතමයන් වහන්ස, මෙසේ මිදුනු සිත් ඇති භික්ෂුතෙම වනාහි කොහි උපදීද?’ මෙසේ විචාරණ ලද්දේද, “වච්ඡය, උපදියි යනු නොයෙදේ යයි” කීයෙහිය.
“භවත් ගෞතමයන් වහන්ස, එසේවීනම් නූපදීද? මෙසේ විචාරණ ලද්දේද “වච්ඡය, නූපදියි යනු නොයෙදේයයි” කීයෙහිය.
“භවත් ගෞතමයන් වහන්ස, එසේවීනම් උපදීද නූපදීද?” මෙසේ විචාරණ ලද්දේද “වච්ඡය, උපදීද නූපදීද යනු නොයෙදේයයි” කීයෙහිය.
“භවත් ගෞතමයන් වහන්ස, නොම උපදියි, නූපදින්නේත් නොවේද?”
මෙසේ විචාරණ ලද්දේ “වච්ඡය, නොම උපදියි නූපදින්නේත් නොවේය යනු නොයෙදේයයි” කීයෙහිය.
“භවත් ගෞතමයන් වහන්ස, මෙහි මම නොදැනීමට පැමිණියෙමි. මෙහි මුළාවට පැමිණියෙමි. භවත් ගෞතමයන් වහන්සේගේ පළමු කථාවෙන් මා හට යම් ප්‍රසාද මාත්‍රයක් ඇතිවීද, එයද දැන් මට නැතිවිය.”
“වච්ඡය, තාගේ නොදැනීමට සුදුසුය. මුළාවීමට සුදුසුය. වච්ඡය, මේ ධර්මය තෙමේ ගැඹුරුය. දැකීම දුෂ්කරය අවබෝධ කිරීම දුෂ්කරය, ශාන්තය, ප්‍රණීතය, තර්කයෙන් බැසගත නොහැක්කේය. සියුම්ය. පණ්ඩිතයන් විසින් දත යුතුය. අන්‍ය දෘෂ්ටිකවූ අනික් දෘෂ්ටියක් පිළිගන්නාවූ අනික් දෘෂ්ටියක් කැමතිවන්නාවූ අනික් දෘෂ්ටියෙක්හි යෙදෙන්නාවූ අනික් දෘෂ්ටියක ගුරුවරුන් ඇත්තාවූ තා විසින් ඒ ධර්මය දැනගැණීම දුෂ්කරය.
191
‘‘තෙන හි, වච්ඡ, තඤ්ඤෙවෙත්ථ පටිපුච්ඡිස්සාමි; යථා තෙ ඛමෙය්‍ය තථා නං බ්‍යාකරෙය්‍යාසි. තං කිං මඤ්ඤසි, වච්ඡ, සචෙ තෙ පුරතො අග්ගි ජලෙය්‍ය, ජානෙය්‍යාසි ත්වං - ‘අයං මෙ පුරතො අග්ගි ජලතී’’’ති? ‘‘සචෙ මෙ, භො ගොතම, පුරතො අග්ගි ජලෙය්‍ය, ජානෙය්‍යාහං - ‘අයං මෙ පුරතො අග්ගි ජලතී’’’ති.
‘‘සචෙ පන තං, වච්ඡ, එවං පුච්ඡෙය්‍ය - ‘යො තෙ අයං පුරතො අග්ගි ජලති අයං අග්ගි කිං පටිච්ච ජලතී’ති, එවං පුට්ඨො ත්වං, වච්ඡ, කින්ති බ්‍යාකරෙය්‍යාසී’’ති? ‘‘සචෙ මං, භො ගොතම, එවං පුච්ඡෙය්‍ය - ‘යො තෙ අයං පුරතො අග්ගි ජලති අයං අග්ගි කිං පටිච්ච ජලතී’ති, එවං පුට්ඨො අහං, භො ගොතම, එවං බ්‍යාකරෙය්‍යං - ‘යො මෙ අයං පුරතො අග්ගි ජලති අයං අග්ගි තිණකට්ඨුපාදානං පටිච්ච ජලතී’’’ති.
‘‘සචෙ තෙ, වච්ඡ, පුරතො සො අග්ගි නිබ්බායෙය්‍ය, ජානෙය්‍යාසි ත්වං - ‘අයං මෙ පුරතො අග්ගි නිබ්බුතො’’’ති? ‘‘සචෙ මෙ, භො ගොතම, පුරතො සො අග්ගි නිබ්බායෙය්‍ය, ජානෙය්‍යාහං - ‘අයං මෙ පුරතො අග්ගි නිබ්බුතො’’’ති.
‘‘සචෙ පන තං, වච්ඡ, එවං පුච්ඡෙය්‍ය - ‘යො තෙ අයං පුරතො අග්ගි නිබ්බුතො සො අග්ගි ඉතො කතමං දිසං ගතො - පුරත්ථිමං වා දක්ඛිණං වා පච්ඡිමං වා උත්තරං වා’ති, එවං පුට්ඨො ත්වං, වච්ඡ, කින්ති බ්‍යාකරෙය්‍යාසී’’ති? ‘‘න උපෙති, භො ගොතම, යඤ්හි සො, භො ගොතම, අග්ගි තිණකට්ඨුපාදානං පටිච්ච අජලි (ජලති (ස්‍යා. කං. ක.)) තස්ස ච පරියාදානා අඤ්ඤස්ස ච අනුපහාරා අනාහාරො නිබ්බුතො ත්වෙව සඞ්ඛ්‍යං ගච්ඡතී’’ති.
191
“වච්ඡය, එසේවීනම් මෙහිලා තගෙන්ම අසමි. තොපට යම්සේ කැමැති වන්නේද එපරිද්දෙන් එය ප්‍රකාශ කරව. වච්ඡය ඒ කුමකැයි හඟින්නෙහිද?”
“ඉදින් තොපගේ ඉදිරියෙහි ගින්නක් ඇවිලෙන්නේය. නුඹ ‘මාගේ ඉදිරියෙහි මේ ගින්න ඇවිලේ යයි දන්නෙහිද?
“භවත් ගෞතමයන් වහන්ස, ඉදින් මාගේ ඉදිරියෙහි ගින්නක් ඇවිලෙන්නේ නම් මේ ගින්න මා ඉදිරියෙහි ඇවිලේයයි මම දනිමි.”
“වච්ඡය, ඉදින් වනාහි තගෙන් ‘යම් මේ ගින්නක් තොප ඉදිරියේ ඇවිලේද, මේ ගින්න කුමක් නිසා ඇවිලේද?” මෙසේ අසන්නේ නම් වච්ඡය මෙසේ අසන ලද්දාවූ නුඹ කුමකැයි ප්‍රකාශ කරන්නෙහිද?
“භවත් ගෞතමයන් වහන්ස, ‘යම් මේ ගින්නක් තොප ඉදිරියේ ඇවිලේද, මේ ගින්න කුමක් නිසා ඇවිලේදැයි, ඉදින් මගෙන් මෙසේ අසන්නේ නම් භවත් ගෞතමයන් වහන්ස, මෙසේ අසනු ලැබූ මම ‘යම් මේ ගින්නක් මා ඉදිරියෙහි ඇවිලේද, මේ ගින්න තෘණ දැව දර නිසා ඇවිලේයයි මෙසේ ප්‍රකාශ කරන්නෙමි.
“වච්ඡය, ඉදින් තොප ඉදිරියෙහි මේ ගින්න නිවෙන්නේ නම් මේ ගින්න මා ඉදිරියෙහි නිවුනේ යයි දන්නෙහිද?”
“භවත් ගෞතමයන් වහන්ස, ඉදින් මා ඉදිරියෙහි ඒ ගින්න නිවුනේ නම්, මේ ගින්න මා ඉදිරියේ නිවුනේ යයි මම දනිමි.”
“වච්ඡය, ‘යම් මේ ගින්නක් තොප ඉදිරියෙහි නිවුනේද ඒ ගින්න මෙතැනින් නැගෙනහිර දිශාවට හෝ බස්නාහිර දිශාවට හෝ උතුරු දිශාවට හෝ දකුණු දිශාවට හෝ කවර නම් දිසාවකට ගියේදැයි, ඉදින් තගෙන් මෙසේ අසන ලද්දේ නම් වච්ඡය, මෙසේ අසන ලද්දාවූ නුඹ කුමකැයි ප්‍රකාශ කරන්නෙහිද?”
“භවත් ගෞතමයන් වහන්ස, එසේ කීම නොයෙදෙයි. භවත් ගෞතමයන් වසන්ස, ඒ ගින්න තෘණ දර ආදී යමක් නිසා ඇවිලුනේද, එය කෙළවර වීමෙන්, දැවීමට අන් දෙයක්ද නැති හෙයින් නිවුණේයයි කියයුතු බවට පැමිණේයයි” (කීයේය.)
192
‘‘එවමෙව ඛො, වච්ඡ, යෙන රූපෙන තථාගතං පඤ්ඤාපයමානො පඤ්ඤාපෙය්‍ය තං රූපං තථාගතස්ස පහීනං උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවංකතං ආයතිං අනුප්පාදධම්මං. රූපසඞ්ඛයවිමුත්තො (රූපසඞ්ඛාවිමුත්තො (සී. ස්‍යා. කං. පී.) එවං වෙදනාසඞ්ඛයාදීසුපි) ඛො, වච්ඡ, තථාගතො ගම්භීරො අප්පමෙය්‍යො දුප්පරියොගාළ්හො - සෙය්‍යථාපි මහාසමුද්දො. උපපජ්ජතීති න උපෙති, න උපපජ්ජතීති න උපෙති, උපපජ්ජති ච න ච උපපජ්ජතීති න උපෙති, නෙව උපපජ්ජති න න උපපජ්ජතීති න උපෙති.
‘‘යාය වෙදනාය තථාගතං පඤ්ඤාපයමානො පඤ්ඤාපෙය්‍ය සා වෙදනා තථාගතස්ස පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවංකතා ආයතිං අනුප්පාදධම්මා. වෙදනාසඞ්ඛයවිමුත්තො ඛො, වච්ඡ, තථාගතො ගම්භීරො අප්පමෙය්‍යො දුප්පරියොගාළ්හො - සෙය්‍යථාපි මහාසමුද්දො. උපපජ්ජතීති න උපෙති, න උපපජ්ජතීති න උපෙති, උපපජ්ජති ච න ච උපපජ්ජතීති න උපෙති, නෙව උපපජ්ජති න න උපපජ්ජතීති න උපෙති.
‘‘යාය සඤ්ඤාය තථාගතං පඤ්ඤාපයමානො පඤ්ඤාපෙය්‍ය සා සඤ්ඤා තථාගතස්ස පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවංකතා ආයතිං අනුප්පාදධම්මා. සඤ්ඤාසඞ්ඛයවිමුත්තො ඛො, වච්ඡ, තථාගතො ගම්භීරො අප්පමෙය්‍යො දුප්පරියොගාළ්හො - සෙය්‍යථාපි මහාසමුද්දො. උපපජ්ජතීති න උපෙති, න උපපජ්ජතීති න උපෙති, උපපජ්ජති ච න ච උපපජ්ජතීති න උපෙති, නෙව උපපජ්ජති න න උපපජ්ජතීති න උපෙති.
‘‘යෙහි සඞ්ඛාරෙහි තථාගතං පඤ්ඤාපයමානො පඤ්ඤාපෙය්‍ය තෙ සඞ්ඛාරා තථාගතස්ස පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවංකතා ආයතිං අනුප්පාදධම්මා. සඞ්ඛාරසඞ්ඛයවිමුත්තො ඛො, වච්ඡ, තථාගතො ගම්භීරො අප්පමෙය්‍යො දුප්පරියොගාළ්හො - සෙය්‍යථාපි මහාසමුද්දො. උපපජ්ජතීති න උපෙති , න උපපජ්ජතීති න උපෙති, උපපජ්ජති ච න ච උපපජ්ජතීති න උපෙති, නෙව උපපජ්ජති න න උපපජ්ජතීති න උපෙති.
‘‘යෙන විඤ්ඤාණෙන තථාගතං පඤ්ඤාපයමානො පඤ්ඤාපෙය්‍ය තං විඤ්ඤාණං තථාගතස්ස පහීනං උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවංකතං ආයතිං අනුප්පාදධම්මං. විඤ්ඤාණසඞ්ඛයවිමුත්තො ඛො, වච්ඡ, තථාගතො ගම්භීරො අප්පමෙය්‍යො දුප්පරියොගාළ්හො - සෙය්‍යථාපි මහාසමුද්දො. උපපජ්ජතීති න උපෙති, න උපපජ්ජතීති න උපෙති, උපපජ්ජති ච න ච උපපජ්ජතීති න උපෙති, නෙව උපපජ්ජති න න උපපජ්ජතීති න උපෙති’’.
එවං වුත්තෙ, වච්ඡගොත්තො පරිබ්බාජකො භගවන්තං එතදවොච - ‘‘සෙය්‍යථාපි, භො ගොතම, ගාමස්ස වා නිගමස්ස වා අවිදූරෙ මහාසාලරුක්ඛො. තස්ස අනිච්චතා සාඛාපලාසා පලුජ්ජෙය්‍යුං (සාඛාපලාසං පලුජ්ජෙය්‍ය), තචපපටිකා පලුජ්ජෙය්‍යුං, ඵෙග්ගූ පලුජ්ජෙය්‍යුං (ඵෙග්ගු පලුජ්ජෙය්‍ය (සී. ස්‍යා. කං. පී.)); සො අපරෙන සමයෙන අපගතසාඛාපලාසො අපගතතචපපටිකො අපගතඵෙග්ගුකො සුද්ධො අස්ස, සාරෙ පතිට්ඨිතො; එවමෙව භොතො ගොතමස්ස පාවචනං අපගතසාඛාපලාසං අපගතතචපපටිකං අපගතඵෙග්ගුකං සුද්ධං, සාරෙ පතිට්ඨිතං. අභික්කන්තං, භො ගොතම...පෙ.... උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’’න්ති.
192
“වච්ඡය, මෙපරිද්දෙන්ම යම් රූපයක් නිසා තථාගතයන් වහන්සේ සත්වයෙකැයි පනවන්නේද, කියන්නේද, ඒ රූපය තථාගතයන් විසින් ප්‍රහීණ කරණ ලද්දේය. මුල් සිඳින ලද්දේය, කරටිය සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලදී. විනාශ කරණ ලදී. මතු නූපදනා බවට පමුණුවන ලදී. වච්ඡය, රූපය කියන ස්වභාවයෙන් මිදුනාවූ තථාගත තෙම මහා සමුද්‍රය මෙන් ගුණයෙන් ගැඹුරුවූයේ ප්‍රමාණ කළ නොහැක්කේ බැස ගැනීමට නොහැකිවූයේ වෙයි. උපදීයයි කීමටද නුසුදුසුය නූපදීයයි කීමටද නුසුදුසුය. උපදීයයිද නූපදීයයිද, කීමටද නුසුදුසුය. නොම උපදියි, නූපදින්නේද නොවේයයි කීමටද නුසුදුසුය.
“යම් වේදනාවක් නිසා තථාගතයන් වහන්සේ සත්වයෙකැයි පනවන්නේද, කියන්නේද, ඒ වේදනාව තථාගතයන් විසින් පහකරණ ලදී. මුල් සිඳින ලදී කරටිය සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලදී. විනාශ කරණ ලදී. මතු නූපදනා බවට පමුණුවන ලදී. වච්ඡය, වේදනාවයයි කියන ස්වභාවයෙන් මිදුනාවූ තථාගත තෙමේ මහා සමුද්‍රය මෙන් ගුණයෙන් ගැඹුරුවූයේ, ප්‍රමාණ කළ නොහැක්කේ, බැසගැණීමට දුෂ්කරවූයේ වෙයි. උපදීයයි කීමටද නුසුදුසුය. නූපදීයයි කීමටද නුසුදුසුය. උපදීයයිද නූපදීයයිද කීමටද නුසුදුසුය. නොම උපදියි, නූපදින්නේ නොවේ යයිද කීමටද නුසුදුසුය.
“යම් සංඥාවක් නිසා තථාගතයන් වහන්සේ සත්වයෙකැයි පනවන්නේද, කියන්නේද ඒ සංඥාව තථාගතයන් විසින් ප්‍රහීණ කරණ ලදී. මුල් සිඳින ලදී, කරටිය සුන් කළ තල් ගසක් මෙන් කරණලදී. විනාශ කරණ ලදී. මතු නූපදනා බවට පමුණුවන ලදී. වච්ඡය, සංඥාවයයි කියන ස්වභාවයෙන් මිදුනාවූ තථාගත තෙමේ මහා සමුද්‍රය මෙන් ගුණයෙන් ගැඹුරුය. ප්‍රමාණ කළ නොහැක්කේය. බැසගැණීමට දුෂ්කරය. උපදීයයි කීමටද නුසුදුසුය. නූපදීයයි කීමටද නුසුදුසුය. උපදීයයිද නූපදීයයිද කීමටද නුසුදුසුය. නොම උපදියි, නූපදින්නේ නොවේයයිද කීමටද නුසුදුසුය.
“යම් සංස්කාරයක් නිසා තථාගතයන් වහන්සේ සත්වයෙකැයි පනවනු ලබන්නේද, කියනු ලබන්නේද, ඒ සංස්කාරයෝ තථාගතයන් විසින් පහකරණ ලදහ. සිඳින ලදහ. කරටිය සුන් කළ තල් ගසක් මෙන් කරණ ලද්දාහ. විනාශ කරණ ලද්දාහ. මතු නූපදනා බවට පමුණුවනලදහ. වච්ඡය, සංස්කාරයයි කියන ස්වභාවයෙන් මිදුනාවූ තථාගත තෙමේ මහමුහුද මෙන් ගුණයෙන් ගැඹුරුය, ප්‍රමාණ කළ නොහැක්කේය. බැස ගැණීමට දුෂ්කරය. උපදීයයි කීමටද නුසුදුසුය. නූපදීයයි, කීමටද නුසුදුසුය. උපදීයයිද නූපදීයයිද කීමට නුසුදුසුය නොම උපදියි නූපදින්නේ නොවේය කීමටද නුසුදුසුය.
“යම්විඤ්ඤාණයක් නිසා තථාගතයන් වහන්සේ සත්වයකැයි පනවනු ලබන්නේද, කියනු ලබන්නේද ඒ විඤ්ඤාණය තථාගතයන් විසින් පහකරනලදී. මුල් සිඳින ලදී. කරටිය සුන්කළ තල් ගසක් මෙන්කරණ ලදී. විනාශ කරණ ලදී. මතු නූපදනා බවට පමුණුවනලදී. වච්ඡය, විඤ්ඤාණ යයි කියන ස්වභායෙන් මිදුනාවූ තථාගත තෙමේ මහ මුහුද මෙන් ගුණයෙන් ගැඹුරුය. ප්‍රමාණ කළ නොහැක්කේය. බැස ගැණීමට දුෂ්කරය. උපදීයයි කීමටද නුසුදුසුය. නූපදීයයි කීමටද නුසුදුසුය, උපදීයයිද නූපදීයයිද කීමටද නුසුදුසුය නොම උපදියි නූපදින්නේ නොවේයයි කීමටද නුසුදුසුයි.” (වදාළේය.)
මෙසේ වදාළ කල්හි වච්ඡගොත්ත නම් පරිව්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “භවත් ගෞතමයන් වහන්ස, යම්සේ ගමකට හෝ නියම් ගමකට හෝ නුදුරු තන්හි මහසල් රුකක් වේද, එය අනිත්‍ය බැවින් අතු පතර බිඳෙන්නේය. සිවිය හා පතුරු බිඳෙන්නාහුය. ඵලය බිඳෙන්නේය. ඒ ගස පසු කලෙක්හි පහව ගිය අතු පතර ඇත්තේ, ගැලවුන සිවිය හා පතුරු ඇත්තේ, සැලුනු ඵලය ඇත්තේ පිරිසිදුවූ සාරයෙහි පිහිටන්නේය. මෙපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේගේ මේ ධර්මය පහව ගිය අතු පතර ඇති පහවූ සිවිය හා පතුරු ඇති පහවූ ඵලය ඇති පිරිසිදුවූ සාරයෙහි පිහිටියේ වෙයි.
“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත, භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරු කොට තබන ලද්දක් හෝ උඩුකුරු කරන්නේද, වසා තබන ලද්දක් හෝ වැසුම් හරින්නේද මං මුලාවූවෙකුට හෝ මග කියන්නේද, අන්ධකාරයෙහි හෝ ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේද, මෙපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ප්‍රකාරයෙන් ධර්මය දේශනා කරණ ලදී. මේ මම භවත් ගෞතමයන් වහන්සේ සරණ කොට යමි. ධර්මයද භික්ෂු සංඝයාද (සරණකොට යමි) භවත් ගෞතම තෙමේ මා අද පටන් දිවිහිම්කොට සරණ ගියාවූ උපාසකයෙකැයි, දරණසේක්වා”යි (කීය)
3. මහාවච්ඡසුත්තං 3. මහා වච්ඡගොත්ත සූත්‍රය
4. දීඝනඛසුත්තං 4. දීඝ නඛ සූත්‍රය
5. මාගණ්ඩියසුත්තං 5. මාගන්දිය සූත්‍රය
6. සන්දකසුත්තං 6. සන්දක සූත්‍රය
7. මහාසකුලුදායිසුත්තං 7. මහා සකුලුදාය සූත්‍රය
8. සමණමුණ්ඩිකසුත්තං 8. සමණ මණ්ඩික සූත්‍රය
9. චූළසකුලුදායිසුත්තං 9. චූල සකුළුදායී සූත්‍රය
10. වෙඛනසසුත්තං 10. වෙඛණ සූත්‍රය