ත්‍රිපිටකය
2. භික්ඛුවග්ගො 2. භික්ෂු වර්ගය
1. අම්බලට්ඨිකරාහුලොවාදසුත්තං 1. අම්බලට්ඨික රාහුලොවාද සූත්‍රය
2. මහාරාහුලොවාදසුත්තං 2. මහා රාහුලොවාද සූත්‍රය
3. චූළමාලුක්‍යසුත්තං 3. චූල මාලුංක්‍ය සූත්‍රය
4. මහාමාලුක්‍යසුත්තං 4. මහා මාලුංක්‍ය සූත්‍රය
5. භද්දාලිසුත්තං 5. භද්දාලි සූත්‍රය
6. ලටුකිකොපමසුත්තං 6. ලටුකිකොපම සූත්‍රය
7. චාතුමසුත්තං 7. චාතුම සූත්‍රය
8. නළකපානසුත්තං 8. නලකපාන සූත්‍රය
9. ගොලියානිසුත්තං 9. ගුලිස්සානි සූත්‍රය
173
එවං මෙ සුතං - එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ගොලියානි (ගුලිස්සානි (සී. පී.), ගොලිස්සානි (ස්‍යා. කං.)) නාම භික්ඛු ආරඤ්ඤිකො (ආරඤ්ඤකො (සබ්බත්ථ)) පදසමාචාරො (පදරසමාචාරො (සී. ස්‍යා. කං. පී.)) සඞ්ඝමජ්ඣෙ ඔසටො හොති කෙනචිදෙව කරණීයෙන. තත්‍ර ඛො ආයස්මා සාරිපුත්තො ගොලියානිං භික්ඛුං ආරබ්භ භික්ඛූ ආමන්තෙසි -
‘‘ආරඤ්ඤිකෙනාවුසො, භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන සබ්‍රහ්මචාරීසු සගාරවෙන භවිතබ්බං සප්පතිස්සෙන. සචෙ, ආවුසො, ආරඤ්ඤිකො භික්ඛු සඞ්ඝගතො සඞ්ඝෙ විහරන්තො සබ්‍රහ්මචාරීසු අගාරවො හොති අප්පතිස්සො, තස්ස භවන්ති වත්තාරො. ‘කිං පනිමස්සායස්මතො ආරඤ්ඤිකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන, යො අයමායස්මා සබ්‍රහ්මචාරීසු අගාරවො හොති අප්පතිස්සො’ති - තස්ස (අප්පතිස්සොතිස්ස (සී. පී.)) භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤිකෙන භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන සබ්‍රහ්මචාරීසු සගාරවෙන භවිතබ්බං සප්පතිස්සෙන.
‘‘ආරඤ්ඤිකෙනාවුසො, භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන ආසනකුසලෙන භවිතබ්බං - ‘ඉති ථෙරෙ ච භික්ඛූ නානුපඛජ්ජ නිසීදිස්සාමි නවෙ ච භික්ඛූ න ආසනෙන පටිබාහිස්සාමී’ති. සචෙ, ආවුසො, ආරඤ්ඤිකො භික්ඛු සඞ්ඝගතො සඞ්ඝෙ විහරන්තො න ආසනකුසලො හොති, තස්ස භවන්ති වත්තාරො. ‘කිං පනිමස්සායස්මතො ආරඤ්ඤිකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන, යො අයමායස්මා ආසනකුසලො න හොතී’ති (යො අයමායස්මා ආභිසමාචාරිකම්පි ධම්මං න ජානාතීති (සී. ස්‍යා. කං. පී.)) - තස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤිකෙන භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන ආසනකුසලෙන භවිතබ්බං.
‘‘ආරඤ්ඤිකෙනාවුසො, භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන ආභිසමාචාරිකොපි ධම්මො ජානිතබ්බො. සචෙ, ආවුසො, ආරඤ්ඤිකො භික්ඛු සඞ්ඝගතො සඞ්ඝෙ විහරන්තො ආභිසමාචාරිකම්පි ධම්මං න ජානාති, තස්ස භවන්ති වත්තාරො. ‘කිං පනිමස්සායස්මතො ආරඤ්ඤිකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන යො අයමායස්මා ආභිසමාචාරිකම්පි ධම්මං න ජානාතී’ති - තස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤිකෙන භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන ආභිසමාචාරිකොපි ධම්මො ජානිතබ්බො (අයං ආභිසමාචාරිකතතියවාරො සී. ස්‍යා. කං. පී. පොත්ථකෙසු න දිස්සති).
‘‘ආරඤ්ඤිකෙනාවුසො, භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන නාතිකාලෙන ගාමො පවිසිතබ්බො නාතිදිවා (න දිවා (ස්‍යා. කං. පී. ක.)) පටික්කමිතබ්බං. සචෙ, ආවුසො, ආරඤ්ඤිකො භික්ඛු සඞ්ඝගතො සඞ්ඝෙ විහරන්තො අතිකාලෙන ගාමං පවිසති අතිදිවා පටික්කමති, තස්ස භවන්ති වත්තාරො. ‘කිං පනිමස්සායස්මතො ආරඤ්ඤිකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන යො අයමායස්මා අතිකාලෙන ගාමං පවිසති අතිදිවා පටික්කමතී’ති - තස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤිකෙන භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන නාතිකාලෙන ගාමො පවිසිතබ්බො, නාතිදිවා පටික්කමිතබ්බං.
‘‘ආරඤ්ඤිකෙනාවුසො, භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන න පුරෙභත්තං පච්ඡාභත්තං කුලෙසු චාරිත්තං ආපජ්ජිතබ්බං. සචෙ, ආවුසො, ආරඤ්ඤිකො භික්ඛු සඞ්ඝගතො සඞ්ඝෙ විහරන්තො පුරෙභත්තං පච්ඡාභත්තං කුලෙසු චාරිත්තං ආපජ්ජති, තස්ස භවන්ති වත්තාරො. ‘අයං නූනිමස්සායස්මතො ආරඤ්ඤිකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන විහරතො විකාලචරියා බහුලීකතා, තමෙනං සඞ්ඝගතම්පි සමුදාචරතී’ති - තස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤිකෙන භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන න පුරෙභත්තං පච්ඡාභත්තං කුලෙසු චාරිත්තං ආපජ්ජිතබ්බං.
‘‘ආරඤ්ඤිකෙනාවුසො, භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන අනුද්ධතෙන භවිතබ්බං අචපලෙන. සචෙ, ආවුසො, ආරඤ්ඤිකො භික්ඛු සඞ්ඝගතො සඞ්ඝෙ විහරන්තො උද්ධතො හොති චපලො, තස්ස භවන්ති වත්තාරො. ‘ඉදං නූනිමස්සායස්මතො ආරඤ්ඤිකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන විහරතො උද්ධච්චං චාපල්‍යං බහුලීකතං, තමෙනං සඞ්ඝගතම්පි සමුදාචරතී’ති - තස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤිකෙන භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන අනුද්ධතෙන භවිතබ්බං අචපලෙන.
‘‘ආරඤ්ඤිකෙනාවුසො , භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන අමුඛරෙන භවිතබ්බං අවිකිණ්ණවාචෙන. සචෙ, ආවුසො, ආරඤ්ඤිකො භික්ඛු සඞ්ඝගතො සඞ්ඝෙ විහරන්තො මුඛරො හොති විකිණ්ණවාචො, තස්ස භවන්ති වත්තාරො. ‘කිං පනිමස්සායස්මතො ආරඤ්ඤිකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන යො අයමායස්මා මුඛරො විකිණ්ණවාචො’ති - තස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤිකෙන භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන අමුඛරෙන භවිතබ්බං අවිකිණ්ණවාචෙන.
‘‘ආරඤ්ඤිකෙනාවුසො, භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන සුවචෙන (සුබ්බචෙන (සී. ක.)) භවිතබ්බං කල්‍යාණමිත්තෙන. සචෙ, ආවුසො, ආරඤ්ඤිකො භික්ඛු සඞ්ඝගතො සඞ්ඝෙ විහරන්තො දුබ්බචො හොති පාපමිත්තො, තස්ස භවන්ති වත්තාරො. ‘කිං පනිමස්සායස්මතො ආරඤ්ඤිකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන යො අයමායස්මා දුබ්බචො පාපමිත්තො’ති - තස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤිකෙන භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන සුවචෙන භවිතබ්බං කල්‍යාණමිත්තෙන.
‘‘ආරඤ්ඤිකෙනාවුසො, භික්ඛුනා ඉන්ද්‍රියෙසු ගුත්තද්වාරෙන භවිතබ්බං. සචෙ, ආවුසො, ආරඤ්ඤිකො භික්ඛු ඉන්ද්‍රියෙසු අගුත්තද්වාරො හොති, තස්ස භවන්ති වත්තාරො. ‘කිං පනිමස්සායස්මතො ආරඤ්ඤිකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන යො අයමායස්මා ඉන්ද්‍රියෙසු අගුත්තද්වාරො’ති - තස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤිකෙන භික්ඛුනා ඉන්ද්‍රියෙසු ගුත්තද්වාරෙන භවිතබ්බං.
‘‘ආරඤ්ඤිකෙනාවුසො, භික්ඛුනා භොජනෙ මත්තඤ්ඤුනා භවිතබ්බං. සචෙ, ආවුසො, ආරඤ්ඤිකො භොජනෙ අමත්තඤ්ඤූ හොති, තස්ස භවන්ති වත්තාරො. ‘කිං පනිමස්සායස්මතො ආරඤ්ඤිකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන යො අයමායස්මා භොජනෙ අමත්තඤ්ඤූ’ති - තස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤිකෙන භික්ඛුනා භොජනෙ මත්තඤ්ඤුනා භවිතබ්බං.
‘‘ආරඤ්ඤිකෙනාවුසො, භික්ඛුනා ජාගරියං අනුයුත්තෙන භවිතබ්බං. සචෙ, ආවුසො, ආරඤ්ඤිකො භික්ඛු ජාගරියං අනනුයුත්තො හොති, තස්ස භවන්ති වත්තාරො. ‘කිං පනිමස්සායස්මතො ආරඤ්ඤිකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන යො අයමායස්මා ජාගරියං අනනුයුත්තො’ති - තස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤිකෙන භික්ඛුනා ජාගරියං අනුයුත්තෙන භවිතබ්බං.
‘‘ආරඤ්ඤිකෙනාවුසො , භික්ඛුනා ආරද්ධවීරියෙන භවිතබ්බං. සචෙ, ආවුසො, ආරඤ්ඤිකො භික්ඛු කුසීතො හොති, තස්ස භවන්ති වත්තාරො. ‘කිං පනිමස්සායස්මතො ආරඤ්ඤිකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන යො අයමායස්මා කුසීතො’ති - තස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤිකෙන භික්ඛුනා ආරද්ධවීරියෙන භවිතබ්බං.
‘‘ආරඤ්ඤිකෙනාවුසො, භික්ඛුනා උපට්ඨිතස්සතිනා භවිතබ්බං. සචෙ, ආවුසො, ආරඤ්ඤිකො භික්ඛු මුට්ඨස්සතී හොති, තස්ස භවන්ති වත්තාරො. ‘කිං පනිමස්සායස්මතො ආරඤ්ඤිකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන යො අයමායස්මා මුට්ඨස්සතී’ති - තස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤිකෙන භික්ඛුනා උපට්ඨිතස්සතිනා භවිතබ්බං.
‘‘ආරඤ්ඤිකෙනාවුසො, භික්ඛුනා සමාහිතෙන භවිතබ්බං. සචෙ, ආවුසො, ආරඤ්ඤිකො භික්ඛු අසමාහිතො හොති, තස්ස භවන්ති වත්තාරො. ‘කිං පනිමස්සායස්මතො ආරඤ්ඤිකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන යො අයමායස්මා අසමාහිතො’ති - තස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤිකෙන භික්ඛුනා සමාහිතෙන භවිතබ්බං.
‘‘ආරඤ්ඤිකෙනාවුසො, භික්ඛුනා පඤ්ඤවතා භවිතබ්බං. සචෙ, ආවුසො, ආරඤ්ඤිකො භික්ඛු දුප්පඤ්ඤො හොති, තස්ස භවන්ති වත්තාරො . ‘කිං පනිමස්සායස්මතො ආරඤ්ඤිකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන යො අයමායස්මා දුප්පඤ්ඤො’ති - තස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤිකෙන භික්ඛුනා පඤ්ඤවතා භවිතබ්බං.
‘‘ආරඤ්ඤිකෙනාවුසො, භික්ඛුනා අභිධම්මෙ අභිවිනයෙ යොගො කරණීයො. සන්තාවුසො, ආරඤ්ඤිකං භික්ඛුං අභිධම්මෙ අභිවිනයෙ පඤ්හං පුච්ඡිතාරො. සචෙ, ආවුසො, ආරඤ්ඤිකො භික්ඛු අභිධම්මෙ අභිවිනයෙ පඤ්හං පුට්ඨො න සම්පායති, තස්ස භවන්ති වත්තාරො. ‘කිං පනිමස්සායස්මතො ආරඤ්ඤිකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන යො අයමායස්මා අභිධම්මෙ අභිවිනයෙ පඤ්හං පුට්ඨො න සම්පායතී’ති - තස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤිකෙන භික්ඛුනා අභිධම්මෙ අභිවිනයෙ යොගො කරණීයො.
‘‘ආරඤ්ඤිකෙනාවුසො , භික්ඛුනා යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා තත්ථ යොගො කරණීයො. සන්තාවුසො, ආරඤ්ඤිකං භික්ඛුං යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා තත්ථ පඤ්හං පුච්ඡිතාරො. සචෙ, ආවුසො, ආරඤ්ඤිකො භික්ඛු යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා තත්ථ පඤ්හං පුට්ඨො න සම්පායති, තස්ස භවන්ති වත්තාරො. ‘කිං පනිමස්සායස්මතො ආරඤ්ඤිකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන යො අයමායස්මා යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා තත්ථ පඤ්හං පුට්ඨො න සම්පායතී’ති - තස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤිකෙන භික්ඛුනා යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා තත්ථ යොගො කරණීයො.
‘‘ආරඤ්ඤිකෙනාවුසො, භික්ඛුනා උත්තරි මනුස්සධම්මෙ යොගො කරණීයො. සන්තාවුසො, ආරඤ්ඤිකං භික්ඛුං උත්තරි මනුස්සධම්මෙ පඤ්හං පුච්ඡිතාරො. සචෙ, ආවුසො, ආරඤ්ඤිකො භික්ඛු උත්තරි මනුස්සධම්මෙ පඤ්හං පුට්ඨො න සම්පායති, තස්ස භවන්ති වත්තාරො. ‘කිං පනිමස්සායස්මතො ආරඤ්ඤිකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන යො අයමායස්මා යස්සත්ථාය පබ්බජිතො තමත්ථං න ජානාතී’ති - තස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤිකෙන භික්ඛුනා උත්තරි මනුස්සධම්මෙ යොගො කරණීයො’’ති.
එවං වුත්තෙ, ආයස්මා මහාමොග්ගල්ලානො (මහාමොග්ගලානො (ක.)) ආයස්මන්තං සාරිපුත්තං එතදවොච - ‘‘ආරඤ්ඤිකෙනෙව නු ඛො, ආවුසො සාරිපුත්ත, භික්ඛුනා ඉමෙ ධම්මා සමාදාය වත්තිතබ්බා උදාහු ගාමන්තවිහාරිනාපී’’ති ? ‘‘ආරඤ්ඤිකෙනාපි ඛො, ආවුසො මොග්ගල්ලාන, භික්ඛුනා ඉමෙ ධම්මා සමාදාය වත්තිතබ්බා පගෙව ගාමන්තවිහාරිනා’’ති.
173
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වෙළුවනයෙහි කලන්දක නිවාප නම් තැන වාසය කළහ. ඒ කාලයෙහි වනාහි වනයෙහි වසන ගොරෝසු පැවතුම් ඇති ගුලිස්සානි භික්ෂුව කිසියම් කටයුත්තක් නිසා සඟ මැදට පැමිණියේ වෙයි. ඒ කාලයෙහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ගුලිස්සානි භික්ෂුව අරභයා (-කරුණු කොට) භික්ෂූන්ට කථා කළහ.
“ඇවැත්නි, සංඝයාට අයත්, සංඝයා අතර හැසිරෙණ වනයෙහි වසන භික්ෂුව විසින් සමාන බඹසර ඇත්තවුන් කෙරෙහි ගෞරව සහිතයකු, බුහුමන් සහිතයකු විය යුතුයි. ඇවැත්නි, ඉදින් සංඝයාට අයත් සංඝයා අතර හැසිරෙන වනයෙහි වසන භික්ෂුව විසින් සමාන බඹසර ඇත්තවුන් කෙරෙහි ගෞරව නැත්තෙකු, බුහුමන් නැත්තෙකු වෙයිද, ‘යම් මේ ආයුෂ්මතෙක් සමාන බඹසර ඇත්තවුන් කෙරෙහි, ගෞරව නැත්තේද, බුහුමන් නැත්තේද ඔහුට ‘වනයෙහි වාසය කරණ ඒ මේ ආයුෂ්මත්හුගේ තනිව කැමතිසේ වනයෙහි වාසය කිරීමෙන්, කවර ප්‍රයෝජනයක් දැයි’ කියන්නෝ වෙත්, එබැවින් සංඝයාට අයත්, සංඝයා අතර හැසිරෙන වනයෙහි වසන භික්ෂුව විසින් සමාන බඹසර ඇත්තවුන් කෙරෙහි, ගෞරව සහිතයකු, බුහුමන් සහිතයකු විය යුතුයි.
“ඇවැත්නි, සංඝයාට අයත්, සංඝයා අතර හැසිරෙණ වනයෙහි වසන භික්ෂුව විසින් ‘මෙසේ ස්ථවිර භික්ෂූන් ගටා (-තදකොට) නොහිඳින්නෙමි. නවක (-අලුත්) භික්ෂූන් ආසනයෙන් අස් නොකරන්නෙමියි’ ආසන දැනීමෙහි දක්ෂයෙකු විය යුතුයි. ඇවැත්නි, ඉදින් සංඝයාට අයත්, සංඝයා අතර හැසිරෙන වනයෙහි වසන භික්ෂුව ආසන දැනීමෙහි දක්ෂයෙකු නොවෙයිද, ‘යම් මේ ආයුෂ්මතෙක් වත් පිළිවෙත් නොදන්නේද, ඔහුට වනයෙහි වාසය කරණ මේ ආයුෂ්මත්හුගේ තනිව කැමතිසේ වනයෙහි වාසය කිරීමෙන් කවර ප්‍රයෝජනයක්දැ’යි කියන්නෝ වෙත්. එබැවින් සංඝයාට අයත් සංඝයා අතර හැසිරෙන වනයෙහි වසන භික්ෂුව විසින් ආසන දැනීමෙහි දක්ෂයෙකු විය යුතුයි.
“ඇවැත්නි, සංඝයාට අයත් සංඝයා අතර හැසිරෙණ වනයෙහි වසන භික්ෂුව විසින් ඉතා කලින් ගමට නොයායුතු, ඉතා දවල් පෙරළා නොආ යුතුයි. ඇවැත්නි, ඉඳින් සංඝයාට අයත් සංඝයා අතර හැසිරෙන වනයෙහි වසන භික්ෂුව ඉතා කලින් ගමට යයිද, ඉතා දවල් ආපසු එයිද, ඔහුට ‘ඉතා කලින් ගමට යයි. ඉතා දවල් ආපසු එයි. වනයෙහි වාසයකරණ මේ ආයුෂ්මත්හුගේ තනිව කැමතිසේ වනයෙහි වාසය කිරීමෙන් කවර ප්‍රයෝජනයක්දැ’යි කියන්නෝ වෙත්. එබැවින් සංඝයාට අයත් සංඝයා අතර හැසිරෙණ වනයෙහි වසන භික්ෂුව විසින් ඉතා කලින් ගමට නොයායුතුයි. ඉතා දවල් ආපසු නොආ යුතුයි.
“ඇවැත්නි, සංඝයාට, අයත්, සංඝයා අතර හැසිරෙණ වනයෙහි වසන භික්ෂුව විසින් පෙරවරුද පස්වරුද ගෙවල්වල ඇවිදීමට නොපැමිණිය යුතුයි. ඇවැත්නි, ඉදින් සංඝයාට අයත් සංඝයා අතර හැසිරෙණ වනයෙහි වසන භික්ෂුව පෙරවරුද පස්වරුද ගෙවල්වල ඇවිදීමට පැමිණෙයිද, ඔහුට ‘වනයෙහි වසන තනිව වනයෙහි කැමතිසේ වසන මේ ආයුෂ්මත්හුගේ නොකල්හි හැසිරීම වැඩි වශයෙන් කරණ ලදී. සංඝයා මැදට පැමිණි ඔහුටද එසේ ව්‍යවහාර කරන්නේය’යි කියන්නෝ වෙත්. එබැවින් සංඝයාට අයත් සංඝයා අතර හැසිරෙන වනයෙහි වසන භික්ෂුව විසින් පෙරවරුද පස්වරුද ගෙවල්වල ඇවිදීමට නොපැමිණිය යුතුයි.
“ඇවැත්නි, සංඝයාට අයත් සංඝයා අතර හැසිරෙන වනයෙහි වසන භික්ෂුව නොසන්සුන් නොවූවෙකු චපල නොවූවකු විය යුතුයි. ඇවැත්නි, ඉදින් සංඝයාට අයත් සංඝයා අතර හැසිරෙන වනයෙහි වසන භික්ෂුව නොසන්සුන් වූවෙක් චපලවූවෙක් වෙයිද, ඔහුට ‘වනයෙහි වසන තනිව වනයෙහි කැමතිසේ වසන මේ ආයුෂ්මත්හුගේ නොසන්සුන් බව හා චපල බව වැඩිව කරණ ලදැයි’ කියන්නෝ වෙත්. එබැවින් සංඝයාට අයත් සංඝයා අතර හැසිරෙන වනයෙහි වසන භික්ෂුව නොසන්සුන් නොවූවකු, චපල නොවූවකු විය යුතුයි.
“ඇවැත්නි, සංඝයාට අයත් සංඝයා අතර හැසිරෙන වනයෙහි වසන භික්ෂුව රළු වචන නැත්තෙකු විසිර ගිය වචන නැත්තෙකු විය යුතුයි. ඇවැත්නි, ඉදින් සංඝයාට අයත්, සංඝයා අතර හැසිරෙන, වනයෙහි වසන භික්ෂුව, රළු වචන කියන්නෙක් විසිරුණු වචන කියන්නෙක් වෙයිද, ‘යම් මේ ආයුෂ්මත්තෙමේ රළු වචන කියන්නෙක විසුරුණු වචන කියන්නෙක වනයෙහි වසන මේ ආයුෂ්මත්හුගේ තනිව වනයෙහි කැමතිසේ විසීමෙන් කවර ප්‍රයෝජනයක්දැ’යි කියන්නෝ වෙත්. එබැවින් සංඝයාට අයත් සංඝයා අතර හැසිරෙන වනයෙහි වසන භික්ෂුව රළු වචන නැත්තෙකු, විසිර ගිය වචන නැත්තෙකු විය යුතුයි.
“ඇවැත්නි, සංඝයාට අයත්, සංඝයා අතර හැසිරෙන වනයෙහි වසන භික්ෂුව සුවචවූවකු, යහපත් මිතුරන් ඇත්තකු විය යුතුයි. ඇවැත්නි, ඉදින් සංඝයාට අයත් සංඝයා අතර හැසිරෙන වනයෙහි වසන භික්ෂුව දුර්වචයෙක් පවිටු මිතුරන් ඇත්තෙක් වෙයිද, ඔහුට ‘යම් මේ ආයුෂ්මත් තෙමේ දුර්වචයෙක පවිටු මිතුරන් ඇත්තෙක වනයෙහි වසන මේ ආයුෂ්මත්හුගේ තනිව වනයෙහි කැමතිසේ විසීමෙන් කවර ප්‍රයෝජනයක්දැ’යි කියන්නාහු වෙත්. එබැවින් සංඝයාට අයත්, සංඝයා අතර හැසිරෙන වනයෙහි වසන භික්ෂුව සුවචවූවකු යහපත් මිතුරන් ඇත්තකු විය යුතුයි.
“ඇවැත්නි, වනයෙහි වසන භික්ෂුව ඉඳුරන්හි වසනලද දොර ඇත්තකු වියයුතුයි. ඇවැත්නි, ඉදින් වනයෙහි වසන භික්ෂුව ඉඳුරන්හි නොවසනලද දොර ඇත්තෙක් වෙයිද, ඔහුට ‘යම් මේ ආයුෂ්මත්තෙමේ ඉඳුරන්හි නොවසන ලද දොර ඇත්තෙක වනයෙහි වසන මේ ආයුෂ්මත්හුගේ තනිව වනයෙහි කැමතිසේ විසීමෙන් කවර ප්‍රයෝජනයක්දැ’යි කියන්නෝ වෙත්. එබැවින් වනයෙහි වසන භික්ෂුව ඉඳුරන්හි වසනලද දොර ඇත්තකු විය යුතුයි.
“ඇවැත්නි, වනයෙහි වසන භික්ෂුව වැළඳීමෙහි, පමණ දන්නෙකු විය යුතුයි. ඇවැත්නි, ඉදින් වනයෙහි වසන භික්ෂුව වැළඳීමෙහි පමණ නොදන්නෙක් වෙයිද ඔහුට ‘යම් මේ ආයුෂ්මත්තෙමේ වැළඳීමෙහි පමණ නොදන්නෙක වනයෙහි වසන මේ ආයුෂ්මත්හුගේ තනිව වනයෙහි කැමතිසේ විසීමෙන් කවර ප්‍රයෝජනයක්දැයි’ කියන්නෝ වෙත්. එබැවින් වනයෙහි වසන භික්ෂුව වැළඳීමෙහි පමණ දන්නකු විය යුතුයි.
“ඇවැත්නි, වනයෙහි වසන භික්ෂුව නිදි දුරුකිරීමෙහි යෙදුනකු විය යුතුයි. ඇවැත්නි, ඉදින් වනයෙහි වසන භික්ෂුව නිදි දුරු කිරීමෙහි නොයෙදුනෙක් වෙයිද, ඔහුට ‘යම් මේ ආයුෂ්මත්තෙමේ නිදි දුරුකිරීමෙහි නොයෙදුනෙක් වෙයි. වනයෙහි වසන මේ ආයුෂ්මත්හුගේ තනිව වනයෙහි කැමතිසේ විසීමෙන් කවර ප්‍රයෝජනයක්දැ’යි කියන්නෝ වෙත්. එහෙයින් වනයෙහි වසන භික්ෂුව නිදි දුරු කිරීමෙහි යෙදුනකු විය යුතුයි.
“ඇවැත්නි, වනයෙහි වසන භික්ෂුව පටන් ගත් වීර්ය ඇත්තකු විය යුතුයි. ඇවැත්නි, ඉදින් වනයෙහි වසන භික්ෂුව කුසීත වෙයිද, ඔහුට ‘යම් මේ ආයුෂ්මත්තෙමේ කුසීතයෙක වනයෙහි වසන මේ ආයුෂ්මත්හුගේ තනිව වනයෙහි කැමතිසේ විසීමෙන් කවර ප්‍රයෝජනයක් දැයි’ කියන්නෝ වෙත්. එහෙයින් වනයෙහි වසන භික්ෂුව පටන්ගත් වීර්ය ඇත්තකු විය යුතුයි.
ඇවැත්නි, වනයෙහි වසන භික්ෂුව එළඹ සිටි සිහි ඇත්තකු විය යුතුයි. ඇවැත්නි, ඉදින් වනයෙහි වසන භික්ෂුව මුළා සිහි ඇත්තෙකු වෙයිද, ඔහුට ‘යම් මේ ආයුෂ්මත් තෙමේ මුළා සිහි ඇත්තෙක වනයෙහි වසන මේ ආයුෂ්මත්හුගේ තනිව වනයෙහි විසීමෙන් කවර ප්‍රයෝජනයක් දැයි’ කියන්නෝ වෙත්. එහෙයින් වනයෙහි වසන භික්ෂුව එළඹ සිටි සිහි ඇත්තෙකු විය යුතුයි.
“ඇවැත්නි, වනයෙහි වසන භික්ෂුව එකඟ සිත් ඇත්තකු විය යුතුයි. ඇවැත්නි, ඉදින් වනයෙහි වසන භික්ෂුව එකඟ සිත් නැත්තෙක් වෙයිද, ඔහුට, ‘යම් මේ ආයුෂ්මත්තෙමේ එකඟ සිත් නැත්තෙක, වනයෙහි වසන මේ ආයුෂ්මත්හුගේ තනිව වනයෙහි කැමතිසේ විසීමෙන් කවර ප්‍රයෝජනයක් දැයි’ කියන්නෝ වෙත්. එහෙයින් වනයෙහි වසන භික්ෂුව එකඟ සිත් ඇත්තකු විය යුතුයි.
“ඇවැත්නි, වනයෙහි වසන භික්ෂුව නුවණැත්තකු විය යුතු. ඇවැත්නි, ඉදින් වනයෙහි වසන භික්ෂුව නුවණ නැත්තෙක් වෙයිද, ඔහුට, ‘යම් මේ ආයුෂ්මත්තෙමේ නුවණ නැත්තෙක, වනයෙහි වසන මේ ආයුෂ්මත්හුගේ තනිව වනයෙහි කැමතිසේ විසීමෙන් කවර ප්‍රයෝජනයක්දැ’යි කියන්නෝ වෙත්. එහෙයින් වනයෙහි වසන භික්ෂුව නුවණැත්තකු විය යුතුයි.
“ඇවැත්නි, වනයෙහි වසන භික්ෂුව අභිධර්ම පිටකයද, විනය පිටකයද ඉගෙණීමෙහි උත්සාහ කළ යුතුයි. ඇවැත්නි, වනයෙහි වසන භික්ෂුවගෙන් අභිධර්ම පිටකයෙහිද විනය පිටකයෙහිද ප්‍රශ්න අසන්නෝ වෙත්. ඇවැත්නි ඉදින් වනයෙහි වසන භික්ෂුවගෙන් අභිධර්මයෙහිද විනයෙහිද ප්‍රශ්න අසන ලද්දේ විසඳන්ට නොහැකි වෙයිද ඔහුට ‘යම් මේ ආයුෂ්මත්තෙමේ අභිධර්මයෙහිද විනයෙහිද ප්‍රශ්න විචාරණ ලද්දේ විසඳන්ට නොහැකිය. වනයෙහි වසන මේ ආයුෂ්මත්හුගේ තනිව වනයෙහි කැමතිසේ විසීමෙන් කවර ප්‍රයෝජනයක් දැයි’ කියන්නෝ වෙත්. එහෙයින් වනයෙහි වසන භික්ෂුව අභිධර්ම පිටකයද විනය පිටකයද ඉගෙණීමෙහි උත්සාහ කළ යුතුයි.
“ඇවැත්නි, වනයෙහි වසන භික්ෂුව රූපාවචර ධ්‍යානයන් ඉක්මවා ඇති යම් ඒ ශාන්ත විමොක්ෂ අරූපාවචර ධ්‍යානයෝ වෙත්ද, එහි උත්සාහ කළ යුතුයි. ඇවැත්නි, වනයෙහි වසන භික්ෂුවගෙන් රූපාවචර ධ්‍යාන ඉක්මවා ඇති යම් ඒ ශාන්ත විමොක්ෂ අරූපාවචර ධ්‍යානයෝ වෙත්ද, එහි ප්‍රශ්න අසන්නෝ වෙත්. ඇවැත්නි, ඉදින් වනයෙහි වසන භික්ෂුව රූපාවචර ධ්‍යානයන් ඉක්මවා ඇති ශාන්ත විමොක්ෂ අරූපාවචර ධ්‍යාන වෙත්ද, එහි ප්‍රශ්න විචාරණ ලද්දේ විසඳන්ට නොහැකිවෙයිද, ඔහුට ‘යම් මේ ආයුෂ්මත්තෙමේ රූපාවචර ධ්‍යානයන් ඉක්මවා ඇති යම් ඒ ශාන්ත විමොක්ෂ අරූපාවචර ධ්‍යානයෝ වෙත්ද, එහි ප්‍රශ්න විචාරණ ලද්දේ විසඳන්ට නොහැක්කේය. වනයෙහි වසන මේ ආයුෂ්මත්හුගේ තනිව වනයෙහි කැමතිසේ විසීමෙන් කවර ප්‍රයෝජනයක්දැයි’ කියන්නෝ වෙත්. එහෙයින් වනයෙහි වසන භික්ෂුව විසින් රූපාවචර ධ්‍යානයන් ඉක්මවා ඇති යම් ඒ ශාන්ත විමොක්ෂ අරූපාවචර ධ්‍යානයෝ වෙත්ද එහි උත්සාහ කළ යුතුයි.
“ඇවැත්නි, වනයෙහි වසන භික්ෂුව ලෝකෝත්තර ධර්මයෙහි උත්සාහ කළ යුතුයි. ඇවැත්නි, වනයෙහි වසන භික්ෂුවගෙන් ලෝකෝත්තර ධර්මයෙහි ප්‍රශ්න විචාරන්නෝ වෙත්. ඇවැත්නි. ඉඳින් වනයෙහි වසන භික්ෂුව ලෝකෝත්තර ධර්මයෙහි ප්‍රශ්න විචාරණ ලද්දේ විසඳන්ට නොහැකි වෙයිද, ඔහුට ‘මේ ආයුෂ්මත්තෙමේ යම් ප්‍රයෝජනයක් නිසා පැවිදිවීද ඒ ප්‍රයෝජනය නොදන්නේය වනයෙහි වසන මේ ආයුෂ්මත්හුගේ තනිව වනයෙහි කැමතිසේ විසීමෙන් කවර ප්‍රයෝජනයක්දැ’යි කියන්නෝ වෙත්. එහෙයින් වනයෙහි වසන භික්ෂුව විසින් ලෝකෝත්තර ධර්මයෙහි උත්සාහ කළ යුතුයි.”
මෙසේ දෙසූ කල්හි ආයුෂ්මත් මහ මුගලන් තෙරුන් වහන්සේ සැරියුත් තෙරුන්ට මේ කරුණ කීහ. “ආයුෂ්මත් ශාරිපුත්‍රය, වනයෙහි වසන භික්ෂුව විසින්ම මේ ධර්මයන් ගෙණ පැවතිය යුතුද නැතහොත් ගමෙහි වසන භික්ෂුව විසිනුත් එසේ පැවතිය යුතුද?”
“ආයුෂ්මත් මොග්ගල්ලානය, වනයෙහි වසන භික්ෂුව විසින්ද මේ ධර්මයන් ගෙණ පැවතිය යුතුය. ගමෙහි වසන භික්ෂුවට වනාහි කියනුම කවරේදැ”යි වදාළහ.
10. කීටාගිරිසුත්තං 10. කීටාගිරි සූත්‍රය