ත්‍රිපිටකය
2. භික්ඛුවග්ගො 2. භික්ෂු වර්ගය
1. අම්බලට්ඨිකරාහුලොවාදසුත්තං 1. අම්බලට්ඨික රාහුලොවාද සූත්‍රය
2. මහාරාහුලොවාදසුත්තං 2. මහා රාහුලොවාද සූත්‍රය
3. චූළමාලුක්‍යසුත්තං 3. චූල මාලුංක්‍ය සූත්‍රය
4. මහාමාලුක්‍යසුත්තං 4. මහා මාලුංක්‍ය සූත්‍රය
5. භද්දාලිසුත්තං 5. භද්දාලි සූත්‍රය
6. ලටුකිකොපමසුත්තං 6. ලටුකිකොපම සූත්‍රය
7. චාතුමසුත්තං 7. චාතුම සූත්‍රය
157
එවං මෙ සුතං - එකං සමයං භගවා චාතුමායං විහරති ආමලකීවනෙ. තෙන ඛො පන සමයෙන සාරිපුත්තමොග්ගල්ලානප්පමුඛානි පඤ්චමත්තානි භික්ඛුසතානි චාතුමං අනුප්පත්තානි හොන්ති භගවන්තං දස්සනාය. තෙ ච ආගන්තුකා භික්ඛූ නෙවාසිකෙහි භික්ඛූහි සද්ධිං පටිසම්මොදමානා සෙනාසනානි පඤ්ඤාපයමානා පත්තචීවරානි පටිසාමයමානා උච්චාසද්දා මහාසද්දා අහෙසුං. අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි - ‘‘කෙ පනෙතෙ, ආනන්ද, උච්චාසද්දා මහාසද්දා, කෙවට්ටා මඤ්ඤෙ මච්ඡවිලොපෙ’’ති? ‘‘එතානි, භන්තෙ, සාරිපුත්තමොග්ගල්ලානප්පමුඛානි පඤ්චමත්තානි භික්ඛුසතානි චාතුමං අනුප්පත්තානි භගවන්තං දස්සනාය. තෙ ආගන්තුකා භික්ඛූ නෙවාසිකෙහි භික්ඛූහි සද්ධිං පටිසම්මොදමානා සෙනාසනානි පඤ්ඤාපයමානා පත්තචීවරානි පටිසාමයමානා උච්චාසද්දා මහාසද්දා’’ති. ‘‘තෙනහානන්ද, මම වචනෙන තෙ භික්ඛූ ආමන්තෙහි - ‘සත්ථා ආයස්මන්තෙ ආමන්තෙතී’’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුත්වා යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා තෙ භික්ඛූ එතදවොච - ‘‘සත්ථා ආයස්මන්තෙ ආමන්තෙතී’’ති. ‘‘එවමාවුසො’’ති ඛො තෙ භික්ඛූ ආයස්මතො ආනන්දස්ස පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො තෙ භික්ඛූ භගවා එතදවොච - ‘‘කිං නු තුම්හෙ, භික්ඛවෙ, උච්චාසද්දා මහාසද්දා, කෙවට්ටා මඤ්ඤෙ මච්ඡවිලොපෙ’’ති? ‘‘ඉමානි, භන්තෙ, සාරිපුත්තමොග්ගල්ලානප්පමුඛානි පඤ්චමත්තානි භික්ඛුසතානි චාතුමං අනුප්පත්තානි භගවන්තං දස්සනාය. තෙමෙ ආගන්තුකා භික්ඛූ නෙවාසිකෙහි භික්ඛූහි සද්ධිං පටිසම්මොදමානා සෙනාසනානි පඤ්ඤාපයමානා පත්තචීවරානි පටිසාමයමානා උච්චාසද්දා මහාසද්දා’’ති. ‘‘ගච්ඡථ, භික්ඛවෙ, පණාමෙමි වො, න වො මම සන්තිකෙ වත්ථබ්බ’’න්ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො තෙ භික්ඛූ භගවතො පටිස්සුත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා සෙනාසනං සංසාමෙත්වා පත්තචීවරමාදාය පක්කමිංසු.
157
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ චාතුමා නුවර නෙල්ලි වනයෙහි වාසය කළහ. එකල්හි වනාහි සැරියුත් මුගලන් දෙනම ප්‍රධාන කොට ඇති පන්සියයක් පමණ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස චාතුමා නුවරට පැමිණියාහු වෙත්. ඒ ආගන්තුක භික්ෂූහු නේවාසික භික්ෂූන් සමග සතුටු වෙමින් සෙනසුන් පනවන්නාහු පාසිවුරු තැන්පත් කර තබන්නාහු උස් ශබ්ද මහා ශබ්ද ඇත්තෝ වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට කථා කළහ. “ආනන්‍දය, මසුන් අල්ලන තැන කෙවුලන් මෙන් උස් ශබ්ද මහා ශබ්ද කරන්නෝ කවරහුද?” “ස්වාමීනි, මේ සැරියුත් මුගලන් දෙනම ප්‍රධාන කොට ඇති පන්සියයක් පමණ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස චාතුමා නගරයට පැමිණියාහුය. ඒ ආගන්තුක භික්‍ෂූහු නේවාසික භික්‍ෂූන් සමග සතුටු වන්නාහු, සෙනසුන් පනවන්නාහු, පා සිවුරු තැන්පත් කර තබන්නාහු, උස් ශබ්ද මහා ශබ්ද ඇත්තාහුය” යි (කීය.) “ආනන්‍දය, එසේනම් ‘ශාස්තෲන් වහන්සේ ආයුෂ්මකුන් කැඳවති’ යි මාගේ වචනයෙන් ඒ භික්‍ෂූන් කැඳවව” “එසේය ස්වාමීනි” යි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ඒ භික්‍ෂූහු යම් තැනකද එහි පැමිණියේය. එහි පැමිණ, ‘ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් කැඳවති’ යි ඒ භික්‍ෂූන්ට කීය. ‘එසේය ඇවැත්නි’ යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට පිළිවදන් දී, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එහි පැමිණියාහුය. එහි පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක උන්නාහුය. එක් පසෙක හුන් ඒ භික්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය කීය. “මහණෙනි, කුමක් හෙයින් තොපි මසුන් අල්ලන තැන කෙවුලන් මෙන් උස් ශබ්ද මහත් ශබ්ද කරන්නහුද?” “ස්වාමීනි, මේ සැරියුත් මුගලන් දෙනම ප්‍රධාන කොට ඇති පන්සියයක් පමණ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස චාතුමා නගරයට පැමිණියාහුය. ඒ මේ ආගන්තුක භික්‍ෂූහු නේවාසික භික්‍ෂූන් සමග සතුටු වන්නාහු, සෙනසුන් පනවන්නාහු, පා සිවුරු තැන්පත් කර තබන්නාහු, උස් ශබ්ද මහා ශබ්ද ඇත්තාහුය” යි (කීහ.) “මහණෙනි, යව් තොප නෙරපමි. තොප මා වෙත නොවැසිය යුතුය” යි (වදාළහ). “එසේය ස්වාමීනි” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට සෙනසුන් අකුලා තැන්පත්කර තබා පා සිවුරු ගෙන ගියාහුය.
158
තෙන ඛො පන සමයෙන චාතුමෙය්‍යකා සක්‍යා සන්ථාගාරෙ (සන්ධාගාරෙ (ක.)) සන්නිපතිතා හොන්ති කෙනචිදෙව කරණීයෙන. අද්දසංසු ඛො චාතුමෙය්‍යකා සක්‍යා තෙ භික්ඛූ දූරතොව ආගච්ඡන්තෙ; දිස්වාන යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා තෙ භික්ඛූ එතදවොචුං - ‘‘හන්ද, කහං පන තුම්හෙ ආයස්මන්තො ගච්ඡථා’’ති? ‘‘භගවතා ඛො, ආවුසො, භික්ඛුසඞ්ඝො පණාමිතො’’ති. ‘‘තෙනහායස්මන්තො මුහුත්තං නිසීදථ, අප්පෙව නාම මයං සක්කුණෙය්‍යාම භගවන්තං පසාදෙතු’’න්ති. ‘‘එවමාවුසො’’ති ඛො තෙ භික්ඛූ චාතුමෙය්‍යකානං සක්‍යානං පච්චස්සොසුං. අථ ඛො චාතුමෙය්‍යකා සක්‍යා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො චාතුමෙය්‍යකා සක්‍යා භගවන්තං එතදවොචුං - ‘‘අභිනන්දතු, භන්තෙ, භගවා භික්ඛුසඞ්ඝං; අභිවදතු, භන්තෙ, භගවා භික්ඛුසඞ්ඝං. සෙය්‍යථාපි, භන්තෙ , භගවතා පුබ්බෙ භික්ඛුසඞ්ඝො අනුග්ගහිතො, එවමෙව භගවා එතරහි අනුග්ගණ්හාතු භික්ඛුසඞ්ඝං. සන්තෙත්ථ, භන්තෙ, භික්ඛූ නවා අචිරපබ්බජිතා අධුනාගතා ඉමං ධම්මවිනයං. තෙසං භගවන්තං දස්සනාය අලභන්තානං සියා අඤ්ඤථත්තං, සියා විපරිණාමො. සෙය්‍යථාපි, භන්තෙ, බීජානං තරුණානං උදකං අලභන්තානං සියා අඤ්ඤථත්තං සියා විපරිණාමො; එවමෙව ඛො, භන්තෙ, සන්තෙත්ථ භික්ඛූ නවා අචිරපබ්බජිතා අධුනාගතා ඉමං ධම්මවිනයං, තෙසං භගවන්තං දස්සනාය අලභන්තානං සියා අඤ්ඤථත්තං, සියා විපරිණාමො. සෙය්‍යථාපි, භන්තෙ, වච්ඡස්ස තරුණස්ස මාතරං අපස්සන්තස්ස සියා අඤ්ඤථත්තං, සියා විපරිණාමො; එවමෙව ඛො, භන්තෙ, සන්තෙත්ථ භික්ඛූ නවා අචිරපබ්බජිතා අධුනාගතා ඉමං ධම්මවිනයං, තෙසං භගවන්තං අපස්සන්තානං සියා අඤ්ඤථත්තං, සියා විපරිණාමො. අභිනන්දතු, භන්තෙ, භගවා භික්ඛුසඞ්ඝං; අභිවදතු, භන්තෙ, භගවා භික්ඛුසඞ්ඝං. සෙය්‍යථාපි, භන්තෙ, භගවතා පුබ්බෙ භික්ඛුසඞ්ඝො අනුග්ගහිතො; එවමෙව භගවා එතරහි අනුග්ගණ්හාතු භික්ඛුසඞ්ඝ’’න්ති.
158
එසමයෙහි වනාහි චාතුමා නුවර වැසි ශාක්‍යයෝ නගර ශාලාවෙහි රැස්ව හුන්නාහුය. (ඒ) චාතුමා නුවර වැසි ශාක්‍යයෝ දුරදීම එන ඒ භික්‍ෂූන් දුටුවාහුය. දැක ඒ භික්‍ෂූහු යම් තැනකද ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් එතැනට පැමිණියාහුය. පැමිණ ඒ භික්ෂූන්ට “ආයුෂ්මත් නුඹවහන්සේලා මේ දැන් අවුත් මේ දැන් කොහි යන්නහුදැයි?” ඇසූහ.
“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූහු සංඝයා නෙරපන ලද්දේය.”
“එසේ නම්, ආයුෂ්මතුන් වහන්සේලා මොහොතක් හිඳිනු මැනව. අපි භාග්‍යවතුන් වහන්සේ පහදවන්ට හැකි වන්නෙමු නම් යෙහෙක” කීහ. “එසේය, ඇවැත්නි”යි ඒ භික්ෂූහු චාතුමා නුවර වැසි ශාක්‍යයන්ට පිළිතුරු දුන්නාහුය.
ඉක්බිති චාතුමෙය්‍යක ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක උන්නාහුය. එක් පැත්තක හුන් චාතුමෙය්‍යක ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීවාහුය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාට කැමතිවන සේක්වා ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාට කථා කරණ සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යම් සේ පෙර භික්ෂු සංඝයාට අනුග්‍රහ කරණ ලද්දේද, එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ මෙකල්හිත් අනුග්‍රහ කරණ සේක්වා. ස්වාමීනි, ලඟදී පැවිදිවූ මේ ශාසනයට අලුත පැමිණි නවක භික්ෂූහු ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ දැකීමට නොලැබෙන ඒ භික්ෂූන්ට ශ්‍රද්ධාවේ වෙනසක් වන්නේය. පෙරළීමක් වන්නේය. ස්වාමීනි, යම්සේ වතුර නොලැබෙන ළපැටි බීජයන්ට වෙනසක් වන්නේද, පෙරළීමක් වන්නේද, ස්වාමීනි, එමෙන්ම ලඟදී පැවිදිවූ, මේ ශාසනයට අලුතෙන් පැමිණි නවක භික්ෂූහු ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ දකින්ට නොලැබෙන ඒ භික්ෂූන්ට වෙනසක් වන්නේය, පෙරළියක් වන්නේය, ස්වාමීනි, යම්සේ මව දකින්ට නොලැබෙන වසු පැටවෙකුට වෙනසක් වන්නේද, පෙරළියක් වන්නේද, එමෙන්ම ස්වාමීනි, ලඟදී පැවිදිවූ මේ ශාසනයට අලුතෙන් පැමිණි නවක භික්ෂූහු ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ නොදක්නා ඔවුන්ට අමුත්තක් වන්නේය. පෙරළියක් වන්නේය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාට කැමති වන සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාට කථා කරණ සේක්වා, ස්වාමීනි, යම්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙර භික්ෂු සංඝයාට අනුග්‍රහ කරණ ලද්දේද, එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ මෙකල්හි භික්ෂු සංඝයාට අනුග්‍රහ කරණසේක්වා.
159
අථ ඛො බ්‍රහ්මා සහම්පති භගවතො චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය - සෙය්‍යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං (සම්මිඤ්ජිතං (සී. ස්‍යා. කං. පී.)) වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්‍ය, එවමෙව - බ්‍රහ්මලොකෙ අන්තරහිතො භගවතො පුරතො පාතුරහොසි. අථ ඛො බ්‍රහ්මා සහම්පති එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං එතදවොච - ‘‘අභිනන්දතු, භන්තෙ, භගවා භික්ඛුසඞ්ඝං; අභිවදතු, භන්තෙ, භගවා භික්ඛුසඞ්ඝං. සෙය්‍යථාපි, භන්තෙ, භගවතා පුබ්බෙ භික්ඛුසඞ්ඝො අනුග්ගහිතො; එවමෙව භගවා එතරහි අනුග්ගණ්හාතු භික්ඛුසඞ්ඝං. සන්තෙත්ථ, භන්තෙ, භික්ඛූ නවා අචිරපබ්බජිතා අධුනාගතා ඉමං ධම්මවිනයං, තෙසං භගවන්තං දස්සනාය අලභන්තානං සියා අඤ්ඤථත්තං, සියා විපරිණාමො. සෙය්‍යථාපි, භන්තෙ, බීජානං තරුණානං උදකං අලභන්තානං සියා අඤ්ඤථත්තං, සියා විපරිණාමො; එවමෙව ඛො, භන්තෙ, සන්තෙත්ථ භික්ඛූ නවා අචිරපබ්බජිතා අධුනාගතා ඉමං ධම්මවිනයං, තෙසං භගවන්තං දස්සනාය අලභන්තානං සියා අඤ්ඤථත්තං, සියා විපරිණාමො. සෙය්‍යථාපි භන්තෙ, වච්ඡස්ස තරුණස්ස මාතරං අපස්සන්තස්ස සියා අඤ්ඤථත්තං, සියා විපරිණාමො; එවමෙව ඛො, භන්තෙ, සන්තෙත්ථ භික්ඛූ නවා අචිරපබ්බජිතා අධුනාගතා ඉමං ධම්මවිනයං, තෙසං භගවන්තං අපස්සන්තානං සියා අඤ්ඤථත්තං, සියා විපරිණාමො. අභිනන්දතු, භන්තෙ, භගවා භික්ඛුසඞ්ඝං; අභිවදතු, භන්තෙ, භගවා භික්ඛුසඞ්ඝං. සෙය්‍යථාපි, භන්තෙ, භගවතා පුබ්බෙ භික්ඛුසඞ්ඝො අනුග්ගහිතො; එවමෙව භගවා එතරහි අනුග්ගණ්හාතු භික්ඛුසඞ්ඝ’’න්ති.
159
ඉක්බිති සහම්පතී බ්‍රහ්මතෙම තමාගේ සිතින් භාග්‍යවතුන් වහන්සේගේ සිත පිළිබඳ කල්පනාව දැන යම්සේ බලවත් පුරුෂයෙක් හකුලන ලද අත දිගුකෙරේද, දිගුකළ අත හකුලුවාද, එමෙන් බඹලොවෙහි අතුරුදන්වී (නොපෙනී ගොස්) භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළවිය. ඉක්බිති සහම්පතී බ්‍රහ්මතෙම උතුරු සළුව එකාංශකොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට ඇඟිලි එකට තබා වැඳ නමස්කාර කොට මේකාරණය කීය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාට කැමතිවන සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාට කථා කරණ සේක්වා ස්වාමීනි, යම්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙර භික්ෂු සංඝයාට අනුග්‍රහ කරන ලදද එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ මෙකල්හි භික්ෂු සංඝයාට අනුග්‍රහ කරන සේක්වා. ස්වාමීනි, ළඟදී පැවිදිවූ, මේ ශාසනයට අලුත පැමිණි නවක භික්ෂූහු ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ දැකීමට නොලැබෙන ඒ භික්ෂූන්ට අමුත්තක් වන්නේය. වෙනස්කමක් වන්නේය. ස්වාමීනි, යම්සේ වතුර නොලැබෙන ළපැටි බීජයන්ට වෙනසක් වන්නේද, පෙරළීමක් වන්නේද, ස්වාමීනි, එමෙන්ම ළඟදී පැවිදිවූ, මේ ශාසනයට අලුතෙන් පැමිණි නවක භික්ෂූහු ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ දකින්ට නොලැබෙන ඒ භික්ෂූන්ට අමුත්තක් වන්නේය. වෙනස්කමක් වන්නේය.
“ස්වාමීනි, මව දකින්නට නොලැබෙන වසුපැටවෙකුට අමුත්තක් වන්නේද, වෙනස්කමක් වන්නේද එමෙන්ම ස්වාමීනි, ළඟදී පැවිදිවූ මේ ශාසනයට අලුතෙන් පැමිණි නවක භික්ෂූහු ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ නොදන්නා ඔවුන්ට අමුත්තක් වන්නේය. වෙනස්කමක් වන්නේය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාට කැමතිවන සේක්වා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාට කථා කරන සේක්වා. ස්වාමීනි යම්සේ භාග්‍යවතුන් වහන්සේ පෙර භික්ෂු සංඝයාට අනුග්‍රහ කරන ලද්දේද, එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ මෙකල්හි භික්ෂු සංඝයාට අනුග්‍රහ කරන සේක්වා.”
160
අසක්ඛිංසු ඛො චාතුමෙය්‍යකා ච සක්‍යා බ්‍රහ්මා ච සහම්පති භගවන්තං පසාදෙතුං බීජූපමෙන ච තරුණූපමෙන ච. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො භික්ඛූ ආමන්තෙසි - ‘‘උට්ඨෙථාවුසො, ගණ්හථ පත්තචීවරං. පසාදිතො භගවා චාතුමෙය්‍යකෙහි ච සක්‍යෙහි බ්‍රහ්මුනා ච සහම්පතිනා බීජූපමෙන ච තරුණූපමෙන චා’’ති. ‘‘එවමාවුසො’’ති ඛො තෙ භික්ඛූ ආයස්මතො මහාමොග්ගල්ලානස්ස පටිස්සුත්වා උට්ඨායාසනා පත්තචීවරමාදාය යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං සාරිපුත්තං භගවා එතදවොච - ‘‘කින්ති තෙ, සාරිපුත්ත, අහොසි මයා භික්ඛුසඞ්ඝෙ පණාමිතෙ’’ති? ‘‘එවං ඛො මෙ, භන්තෙ, අහොසි - ‘භගවතා භික්ඛුසඞ්ඝො පණාමිතො. අප්පොස්සුක්කො දානි භගවා දිට්ඨධම්මසුඛවිහාරං අනුයුත්තො විහරිස්සති, මයම්පි දානි අප්පොස්සුක්කා දිට්ඨධම්මසුඛවිහාරමනුයුත්තා විහරිස්සාමා’’’ති. ‘‘ආගමෙහි ත්වං, සාරිපුත්ත, ආගමෙහි ත්වං, සාරිපුත්ත, දිට්ඨධම්මසුඛවිහාර’’න්ති. අථ ඛො භගවා ආයස්මන්තං මහාමොග්ගල්ලානං ආමන්තෙසි - ‘‘කින්ති තෙ, මොග්ගල්ලාන, අහොසි මයා භික්ඛුසඞ්ඝෙ පණාමිතෙ’’ති? ‘‘එවං ඛො මෙ, භන්තෙ, අහොසි - ‘භගවතා භික්ඛුසඞ්ඝො පණාමිතො. අප්පොස්සුක්කො දානි භගවා දිට්ඨධම්මසුඛවිහාරං අනුයුත්තො විහරිස්සති, අහඤ්ච දානි ආයස්මා ච සාරිපුත්තො භික්ඛුසඞ්ඝං පරිහරිස්සාමා’’’ති. ‘‘සාධු සාධු, මොග්ගල්ලාන! අහං වා හි, මොග්ගල්ලාන , භික්ඛුසඞ්ඝං පරිහරෙය්‍යං සාරිපුත්තමොග්ගල්ලානා වා’’ති.
160
චාතුමෙය්‍යක ශාක්‍යයෝ හා සහම්පතී බ්‍රහ්මයා බීජොපමාවෙන් හා තරුණොපමාවෙන් භාග්‍යවතුන් වහන්සේ පහදවන්ට හැකිවූහ. ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ භික්ෂූන් කැඳවූහ. “ඇවැත්නි, නැගිටිව්, පාසිවුරු ගනිව්, චාතුමෙය්‍යක ශාක්‍යයන් විසින්ද, සහම්පතී බ්‍රහ්මයා විසින්ද, බීජොපමාවෙන් සහ තරුණොපමාවෙන් භාග්‍යවතුන් වහන්සේ පහදවන ලදහ”. “එසේය ඇවැත්නි”යි ඒ භික්ෂූහු ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට උත්තර දී හුන්තැනින් නැගිට පා සිවුරු ගෙණ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එහි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පැත්තක හුන්නාහුය. එක් පැත්තක හුන් ඇවැත්වූ සැරියුත් තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය කීහ. “ශාරීපුත්තය, මා විසින් භික්ෂූන් නෙරපූ කල්හි ඔබට කුමක් සිතුනේද?’ “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂු සංඝයා නෙරපූ කල්හි මට මෙබඳු සිතක් විය. ‘භාග්‍යවතුන් වහන්සේ දැන් මද උත්සාහ ඇතිව ඵල සමවත් විහරණයෙහි යෙදී වාසය කරති. අපිදු දැන් මද උත්සාහ ඇතිව ඵලසමවත් විහරණයෙහි යෙදී වාසය කරමු’ (කියායි)
“ඉවසව සාරිපුත්ත, ඉවසව සාරිපුත්ත, ඔබ විසින් නැවතත් මෙබඳු සිතක් නොඉපදවිය යුතුය.” ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ මහ මුගලන් තෙරුන්ට කථාකළහ. “මොග්ගල්ලානය, මා විසින් භික්ෂු සංඝයා නෙරපූ කල්හි ඔබට කුමක් සිතුනේ ද?” “භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා නෙරපූ කල්හි මට මෙබඳු සිතක් විය. “භාග්‍යවතුන් වහන්සේ දැන් මද උත්සාහ ඇත්තාහ. ඵලසමවත් සැප විහරණයෙහි යෙදී වාසය කරති. මම ද ආයුෂ්මත් සැරියුත් තෙරහු ද භික්ෂු සංඝයා පරිහරණය කරමු කියායි.”
“මොග්ගල්ලානය, යහපති යහපති, මොග්ගල්ලානය, මම හෝ භික්ෂු සංඝයා පරිහරණය කරන්නෙමි, සැරියුත් මුගලන් දෙදෙනා හෝ පරිහරණය කරන්නාහුය.”
161
අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘චත්තාරිමානි, භික්ඛවෙ, භයානි උදකොරොහන්තෙ පාටිකඞ්ඛිතබ්බානි. කතමානි චත්තාරි? ඌමිභයං (උම්මීභයං (ස්‍යා. කං.)), කුම්භීලභයං, ආවට්ටභයං, සුසුකාභයං - ඉමානි, භික්ඛවෙ, චත්තාරි භයානි උදකොරොහන්තෙ පාටිකඞ්ඛිතබ්බානි. එවමෙව ඛො, භික්ඛවෙ, චත්තාරිමානි භයානි ඉධෙකච්චෙ පුග්ගලෙ ඉමස්මිං ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජිතෙ පාටිකඞ්ඛිතබ්බානි. කතමානි චත්තාරි? ඌමිභයං, කුම්භීලභයං, ආවට්ටභයං, සුසුකාභයං.
161
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කථා කළහ. “මහණෙනි, දියට බසින්නවුන් විසින් බිය සතරක් කැමති විය යුත්තාහුය. ඒ සතර කවරහු ද? රළ වේගයෙන් ඇතිවන බිය, කිඹුලන්ගෙන් ඇති වන බිය, දිය සුළි වලින් ඇති වන බිය, සැඩ මසුන්ගෙන් වන බිය යන මොහුය. දියට බස්නහු විසින් කැමති විය යුතු මේ බිය සතර වෙත්. මහණෙනි, එමෙන්ම ගිහිගෙන් නික්ම මේ සස්නෙහි පැවිදිවන්නහු කෙරෙහි මේ බිය සතරක් කැමති විය යුතුයි. ඒ සතර කවරහු ද? රළ බය, කිඹුල් බය, දිය සුළි බය, සැඩ මසුන් බය (යන සතරයි)
162
‘‘කතමඤ්ච, භික්ඛවෙ, ඌමිභයං? ඉධ, භික්ඛවෙ, එකච්චො කුලපුත්තො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති - ‘ඔතිණ්ණොම්හි ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි දුක්ඛොතිණ්ණො දුක්ඛපරෙතො; අප්පෙව නාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථා’ති. තමෙනං තථා පබ්බජිතං සමානං සබ්‍රහ්මචාරී ඔවදන්ති, අනුසාසන්ති - ‘එවං තෙ අභික්කමිතබ්බං, එවං තෙ පටික්කමිතබ්බං, එවං තෙ ආලොකිතබ්බං, එවං තෙ විලොකිතබ්බං, එවං තෙ සමිඤ්ජිතබ්බං, එවං තෙ පසාරිතබ්බං, එවං තෙ සඞ්ඝාටිපත්තචීවරං ධාරෙතබ්බ’න්ති. තස්ස එවං හොති - ‘මයං ඛො පුබ්බෙ අගාරියභූතා සමානා අඤ්ඤෙ ඔවදාම, අනුසාසාම (ඔවදාමපි අනුසාසාමපි (සී. ස්‍යා. කං. පී.)). ඉමෙ පනම්හාකං පුත්තමත්තා මඤ්ඤෙ, නත්තමත්තා මඤ්ඤෙ, අම්හෙ (එවං (ක.)) ඔවදිතබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්තී’ති. සො සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති. අයං වුච්චති, භික්ඛවෙ, ඌමිභයස්ස භීතො සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තො. ‘ඌමිභය’න්ති ඛො, භික්ඛවෙ, කොධුපායාසස්සෙතං අධිවචනං.
162
“මහණෙනි, (සස්නෙහි) රළ වේග බය නම් කුමක් ද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් ‘ඉපදීමෙන්, ජරා මරණ දෙකින්, ශෝකයන් ගෙන්, වැලපීම්වලින්, දුක්වලින්, දොම්නස්වලින්, උපායාසයන්ගෙන් යුතු වූයෙමි. දුකට බැස ගතිමි. දුකින් මඩනා ලද්දෙමි. මේ සියලු දුක් රාසියේ අවසානයක් දැක්කහොත් යෙහෙකැයි, ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙයි. එසේ පැවිදිවූම ඔහුට එක්ව මහණදම් පුරන භික්ෂූහු අවවාද කරත්. අනුශාසනා කරත්. ඔබ මෙසේ ඉදිරියට යා යුතුය. ඔබ මෙසේ පසු හැරී යා යුතුය. ඔබ මෙසේ ඉදිරි දෙස බැලිය යුතුය. ඔබ මෙසේ අනුදිසා බැලිය යුතුය. ඔබ මෙසේ අත් පා දිගු කළ යුතුය. ඔබ මෙසේ දෙපට සිවුර පාත්‍රය තනිපට සිවුර හැඳ පෙරවිය යුතුය. (කියායි.) ඔහුට මෙබඳු සිතක් වෙයි. ‘පෙර ගිහිගෙයි විසූ අපි අනුන්ට අවවාද කෙළෙමු. අනුශාසනා කෙළෙමු. අපගේ පුත්‍රයන් පමණයි සිතිය හැකි අපගේ මුණුපුරන් පමණයයි සිතිය හැකි මොව්හු අප අවවාද කළ යුත්තන් කොට අනුශාසනා කළ යුත්තන් කොට සිතත්” (යයි කියා) ඔහු ශික්ෂාව හැර දමා (-සිවුරු හැර) ගිහිවෙයි. මහණෙනි, ‘මෙතෙම (සස්නෙහි) රළ වේගයට බයවූයේ ශික්ෂාව හැර දමා (-සිවුරු හැර) ගිහි වූයේ යයි’ කියනු ලැබේ. මහණෙනි, රළ වේග බිය යනු ක්‍රොධ උපායාසට (-බලවත් ක්‍රෝධයට) නමකි.
163
‘‘කතමඤ්ච, භික්ඛවෙ, කුම්භීලභයං? ඉධ, භික්ඛවෙ, එකච්චො කුලපුත්තො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති - ‘ඔතිණ්ණොම්හි ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි දුක්ඛොතිණ්ණො දුක්ඛපරෙතො; අප්පෙව නාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථා’ති. තමෙනං තථා පබ්බජිතං සමානං සබ්‍රහ්මචාරී ඔවදන්ති අනුසාසන්ති - ‘ඉදං තෙ ඛාදිතබ්බං, ඉදං තෙ න ඛාදිතබ්බං; ඉදං තෙ භුඤ්ජිතබ්බං, ඉදං තෙ න භුඤ්ජිතබ්බං; ඉදං තෙ සායිතබ්බං, ඉදං තෙ න සායිතබ්බං; ඉදං තෙ පාතබ්බං, ඉදං තෙ න පාතබ්බං; කප්පියං තෙ ඛාදිතබ්බං, අකප්පියං තෙ න ඛාදිතබ්බං; කප්පියං තෙ භුඤ්ජිතබ්බං, අකප්පියං තෙ න භුඤ්ජිතබ්බං; කප්පියං තෙ සායිතබ්බං, අකප්පියං තෙ න සායිතබ්බං ; කප්පියං තෙ පාතබ්බං, අකප්පියං තෙ න පාතබ්බං; කාලෙ තෙ ඛාදිතබ්බං, විකාලෙ තෙ න ඛාදිතබ්බං; කාලෙ තෙ භුඤ්ජිතබ්බං, විකාලෙ තෙ න භුඤ්ජිතබ්බං; කාලෙ තෙ සායිතබ්බං, විකාලෙ තෙ න සායිතබ්බං; කාලෙ තෙ පාතබ්බං, විකාලෙ තෙ න පාතබ්බ’න්ති. තස්ස එවං හොති - ‘මයං ඛො පුබ්බෙ අගාරියභූතා සමානා යං ඉච්ඡාම තං ඛාදාම, යං න ඉච්ඡාම න තං ඛාදාම; යං ඉච්ඡාම තං භුඤ්ජාම, යං න ඉච්ඡාම න තං භුඤ්ජාම; යං ඉච්ඡාම තං සායාම, යං න ඉච්ඡාම න තං සායාම; යං ඉච්ඡාම තං පිවාම (පිපාම (සී. පී.)), යං න ඉච්ඡාම න තං පිවාම; කප්පියම්පි ඛාදාම, අකප්පියම්පි ඛාදාම; කප්පියම්පි භුඤ්ජාම, අකප්පියම්පි භුඤ්ජාම; කප්පියම්පි සායාම, අකප්පියම්පි සායාම; කප්පියම්පි පිවාම, අකප්පියම්පි පිවාම; කාලෙපි ඛාදාම, විකාලෙපි ඛාදාම; කාලෙපි භුඤ්ජාම විකාලෙපි භුඤ්ජාම; කාලෙපි සායාම, විකාලෙපි සායාම; කාලෙපි පිවාම, විකාලෙපි පිවාම. යම්පි නො සද්ධා ගහපතිකා දිවා විකාලෙ පණීතං ඛාදනීයං භොජනීයං දෙන්ති තත්ථපිමෙ මුඛාවරණං මඤ්ඤෙ කරොන්තී’ති. සො සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති. අයං වුච්චති, භික්ඛවෙ, කුම්භීලභයස්ස භීතො සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තො. ‘කුම්භීලභය’න්ති ඛො, භික්ඛවෙ, ඔදරිකත්තස්සෙතං අධිවචනං.
163
“මහණෙනි, කිඹුල් බිය කුමක් ද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් ‘ඉපදීමෙන් ජරා මරණ දෙකින්, ශෝකයන්ගෙන් වැලපීම් වලින් දුක් වලින්, දොම්නස් වලින්, උපායාසයන්ගෙන් යුතුවූයෙමි. දුකට බැස ගතිමි. දුකින් මඩනා ලද්දෙමි. මේ සියලු දුක් රාශියේ අවසානයක් දැක්කහොත් යෙහෙකැයි. ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙයි. එසේ පැවිදිවූම ඔහුට සමාන බඹසර ඇත්තාහු අවවාද කරත්. අනුශාසනා කරත්. ‘ඔබ මෙය කෑයුතුය. ඔබ මෙය නොකෑයුතුය. ඔබ මෙය අනුභව කළ යුතුය. ඔබ මෙය අනුභව නොකළ යුතුය. ඔබ මෙය රස විඳිය යුතුය. ඔබ මෙය රස නොවිඳිය යුතුය. ඔබ මෙය පානය කළ යුතුය. ඔබ මෙය පානය නොකළ යුතුය. ඔබ කැප දෙය කෑ යුතුය. ඔබ අකැප දෙය නොකෑ යුතුය. ඔබ කැප දෙය අනුභව කළ යුතුය. ඔබ අකැප දෙය අනුභව නොකළ යුතුය. ඔබ කැප දෙය රස විඳිය යුතුය. ඔබ අකැප දෙය රස නොවිඳිය යුතුය. ඔබ කැප දෙය පානය කළ යුතුය. ඔබ අකැප දෙය පානය නොකළ යුතුය. ඔබ කාලයෙහි කෑ යුතුය. ඔබ නොකල්හි නොකෑ යුතුය. ඔබ කාලයෙහි අනුභව කළ යුතුය. ඔබ නොකල්හි අනුභව නොකළ යුතුය. ඔබ කාලයෙහි රස විඳිය යුතුය. ඔබ නොකල්හි රස නොවිඳිය යුතුය. ඔබ කාලයෙහි පානය කළ යුතුය. ඔබ නොකල්හි පානය නොකළ යුතුය, (කියායි.) ඔහුට මෙබඳු සිතක් වෙයි. පෙර ගිහිගෙයි විසූ අපි යමක් කැමති වෙමුද, එය කෑවෙමු. යමක් නොකැමැත්තෙමුද, එය නොකෑවෙමු, යමක් කැමති වෙමුද, එය අනුභව කෙළෙමු. යමක් නොකැමැති වෙමුද, එය අනුභව නොකෙළෙමු. යමක් කැමති වෙමුද, එය රස වින්දෙමු, යමක් කැමති වෙමුද, එය පානය කෙළෙමු. යමක් කැමති නොවෙමුද, එය පානය නොකෙළෙමු. කැප දෙයද කෑවෙමු. අකැප දෙයද කෑවෙමු. කැප දෙයද අනුභව කෙළෙමු. අකැප දෙයද අනුභව කෙළෙමු. කැප දෙයද රස වින්දෙමු. අකැප දෙයද රස වින්දෙමු. කැප දෙයද පානය කෙළෙමු. අකැප දෙයද පානය කෙළෙමු. කාලයෙහිද කෑවෙමු. නොකල්හිද කෑවෙමු. කාලයෙහිද අනුභව කෙළෙමු. නොකල්හිද අනුභව කෙළෙමු. කාලයෙහිද රස වින්දෙමු. නොකල්හිද රස වින්දෙමු. කාලයෙහිද පානය කෙළෙමු. නොකල්හිද පානය කෙළෙමු. අපට සැදැහැවත් ගෘහපතියෝ දවල් නොකල්හි යම් රසවත් කන දෙයක් අනුභව කළ යුතු දෙයක් (-කන බොන දෙයක්) දෙත්ද, එහිදු මාගේ කටවැසීමක් කරන්නාක් මෙන් වැටහේය’යි ඔහු ශික්ෂාව හැර (-සිවුරු හැර) ගිහිවෙයි. මහණෙනි, මොහු කිඹුල් බයට බයව ශික්ෂාව හැරදමා ගිහිවූයේයයි කියනු ලැබේ. මහණෙනි, කිඹුල් බය යනු කෑදර කමට නමකි.
164
‘‘කතමඤ්ච, භික්ඛවෙ, ආවට්ටභයං? ඉධ, භික්ඛවෙ, එකච්චො කුලපුත්තො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති - ‘ඔතිණ්ණොම්හි ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි දුක්ඛොතිණ්ණො දුක්ඛපරෙතො; අප්පෙව නාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථා’ති. සො එවං පබ්බජිතො සමානො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසති. අරක්ඛිතෙනෙව කායෙන අරක්ඛිතාය වාචාය අනුපට්ඨිතාය සතියා අසංවුතෙහි ඉන්ද්‍රියෙහි සො තත්ථ පස්සති ගහපතිං වා ගහපතිපුත්තං වා පඤ්චහි කාමගුණෙහි සමප්පිතං සමඞ්ගීභූතං පරිචාරයමානං (පරිචාරියමානං (ස්‍යා. කං. ක.)). තස්ස එවං හොති - ‘මයං ඛො පුබ්බෙ අගාරියභූතා සමානා පඤ්චහි කාමගුණෙහි සමප්පිතා සමඞ්ගීභූතා පරිචාරිම්හා. සංවිජ්ජන්ති ඛො පන මෙ කුලෙ (සංවිජ්ජන්ති ඛො කුලෙ (සී. ස්‍යා. කං. පී.)) භොගා. සක්කා භොගෙ ච භුඤ්ජිතුං පුඤ්ඤානි ච කාතු’න්ති. සො සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති. අයං වුච්චති, භික්ඛවෙ, ආවට්ටභයස්ස භීතො සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තො. ‘ආවට්ටභය’න්ති ඛො, භික්ඛවෙ, පඤ්චන්නෙතං කාමගුණානං අධිවචනං.
164
“මහණෙනි, දියසුලි බය කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ‘ඉපදීමෙන්, ජරා මරණ දෙකින් ශෝකයන්ගෙන් වැළපීම්වලින් දුක්වලින් දොම්නස්වලින් උපායාසයන්ගෙන් යුතුවූයෙමි. දුකට බැස ගතිමි. දුකින් මඩනා ලද්දෙමි. මේ සියලු දුක් රාසියේ අවසානයක් දැක්කහොත් යෙහෙකැයි’ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙයි. ඔහු මෙසේ පැවිදිවූයේම පෙරවරු කල හැඳ පොරවා පා සිවුරු ගෙණ ගමට හෝ නියම් ගමට හෝ නොරක්නා ලද කයින්, නොරක්නාලද වචනයෙන්, නොඑළඹී සිහියෙන් අසංවර ඉන්ද්‍රියයන්ගෙන් යුක්තව, පිඩු පිණිස පිවිසෙයි, ඔහු එහි පස්කම් ගුණයෙන් යුක්තව කම් සැප විඳින ගෘහපතියෙකු හෝ ගෘහපති පුත්‍රයෙකු හෝ දකී. ඔහුට මෙබඳු සිතක් වෙයි. ‘අපි පෙර ගිහි වූවාහුම පස්කම් ගුණයෙන් සම්පූර්ණ වූවාහු’ යුක්ත වූවාහු කම්සැප වින්දෙමු. ගෙදර සම්පත්ද වෙත්. සම්පත් අනුභව කරන්ටද පින් කරන්ටද පුළුවන’ කියායි. ඔහු ශික්ෂාව හැර (-සිවුරු හැර) ගිහි වෙයි. මොහු දියසුලි බයට බයවූයේ ශික්ෂාව හැර (සිවුරු හැර) ගිහිවූයේයයි කියනු ලැබේ. මහණෙනි, දියසුලි බය යනු පස්කම් ගුණයට නමකි.
165
‘‘කතමඤ්ච , භික්ඛවෙ, සුසුකාභයං? ඉධ, භික්ඛවෙ, එකච්චො කුලපුත්තො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති - ‘ඔතිණ්ණොම්හි ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි දුක්ඛොතිණ්ණො දුක්ඛපරෙතො; අප්පෙව නාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථා’ති. සො එවං පබ්බජිතො සමානො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසති. අරක්ඛිතෙනෙව කායෙන අරක්ඛිතාය වාචාය අනුපට්ඨිතාය සතියා අසංවුතෙහි ඉන්ද්‍රියෙහි සො තත්ථ පස්සති මාතුගාමං දුන්නිවත්ථං වා දුප්පාරුතං වා. තස්ස මාතුගාමං දිස්වා දුන්නිවත්ථං වා දුප්පාරුතං වා රාගො චිත්තං අනුද්ධංසෙති. සො රාගානුද්ධංසෙන (අනුද්ධස්තෙන (සී. පී.)) චිත්තෙන සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති . අයං වුච්චති, භික්ඛවෙ, සුසුකාභයස්ස භීතො සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තො. ‘සුසුකාභය’න්ති ඛො, භික්ඛවෙ, මාතුගාමස්සෙතං අධිවචනං. ඉමානි ඛො, භික්ඛවෙ, චත්තාරි භයානි, ඉධෙකච්චෙ පුග්ගලෙ ඉමස්මිං ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජිතෙ පාටිකඞ්ඛිතබ්බානී’’ති.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
165
“මහණෙනි, සැඩමස් බය කුමක්ද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් (මෙසේ සිතයි) ‘ඉපදීමෙන් ජරා මරණ දෙකින්, ශෝකයන්ගෙන්, වැළපීම්වලින් දුක් වලින්, දොම්නස් වලින් යුතුවූයෙමි. දුකට බැස ගතිමි. දුකින් මඩනා ලද්දෙමි. මේ සියලු දුක් රාසියේ අවසානයක් දැක්කහොත් යෙහෙකැයි,’ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙයි. ඔහු මෙසේ පැවිදිවූයේම, පෙරවරුකල හැඳ පොරවා පා සිවුරු ගෙණ ගමට හෝ නියම් ගමට හෝ නොරක්නාලද කයින් නොරක්නාලද වචනයෙන්, නොඑළඹි සිහියෙන්, අසංවර ඉන්ද්‍රියයන්ගෙන් යුක්තව, පිඬු පිණිස පිවිසෙයි. ඒ භික්ෂුව ඒ ගමෙහි හරිහැටි නොහැන්ද, හොඳට නොපෙරෙවූ ස්ත්‍රියක් දැක රාගය තෙමේ භික්ෂුවගේ සිත නසයි. ඒ භික්ෂුව රාගයෙන් විනාශ කළ සිතින් යුක්තව, ශික්ෂාව හැර (-සිවුරු හැර) ගිහි වෙයි. මහණෙනි, සැඬමස් බය යනු මාගමට (-ස්ත්‍රියට) නමකි.
“මහණෙනි, ගිහිගෙන් නික්ම මේ සස්නෙහි පැවිදිවූ මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයන් වෙත මේ බය සතර කැමැති විය යුත්තාහ.”
භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළහ. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටු වූහ.
8. නළකපානසුත්තං 8. නලකපාන සූත්‍රය
9. ගොලියානිසුත්තං 9. ගුලිස්සානි සූත්‍රය
10. කීටාගිරිසුත්තං 10. කීටාගිරි සූත්‍රය