2. භික්ඛුවග්ගො | 2. භික්ෂු වර්ගය |
1. අම්බලට්ඨිකරාහුලොවාදසුත්තං | 1. අම්බලට්ඨික රාහුලොවාද සූත්‍රය |
107
|
107
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කලන්දකනිවාප නම් වේළුවන විහාරයෙහි වැඩ වාසය කළහ. එකල්හි ආයුෂ්මත් රාහුල ස්ථවිරයන් වහන්සේ අම්බලට්ඨිකාවෙහි (වේළුවනාරාමය අසල පිහිටි වඩා විවේක ඇති ආවාසයක) වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි ඵලසමවතින් නැගී සිට අම්බලට්ඨිකාවෙහි ආයුෂ්මත් රාහුල ස්ථවිරයන් යම් තැනෙක්හිද එහි වැඩියහ. ආයුෂ්මත් රාහුල ස්ථවිර තෙමේ එන්නා වූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම දුටුවේය. දැක ආසනයක් පැනවීය. පා සේදීමට දිය තැබීය. භාග්‍යවතුන් වහන්සේ පැමිණ පැන වූ අසුනෙහි වැඩහුන්හ. හිඳ පාදයන් සේදූහ. ආයුෂ්මත් රාහුල ස්ථවිරතෙමේද භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකපැත්තක හුන්නේය.
|
108
අථ ඛො භගවා පරිත්තං උදකාවසෙසං උදකාධානෙ ඨපෙත්වා ආයස්මන්තං රාහුලං ආමන්තෙසි - ‘‘පස්සසි නො ත්වං, රාහුල, ඉමං පරිත්තං උදකාවසෙසං උදකාධානෙ ඨපිත’’න්ති? ‘‘එවං, භන්තෙ’’. ‘‘එවං පරිත්තකං ඛො, රාහුල, තෙසං සාමඤ්ඤං යෙසං නත්ථි සම්පජානමුසාවාදෙ ලජ්ජා’’ති. අථ ඛො භගවා පරිත්තං උදකාවසෙසං ඡඩ්ඩෙත්වා ආයස්මන්තං රාහුලං ආමන්තෙසි - ‘‘පස්සසි නො ත්වං, රාහුල, පරිත්තං උදකාවසෙසං ඡඩ්ඩිත’’න්ති? ‘‘එවං, භන්තෙ’’. ‘‘එවං ඡඩ්ඩිතං ඛො, රාහුල, තෙසං සාමඤ්ඤං යෙසං නත්ථි සම්පජානමුසාවාදෙ ලජ්ජා’’ති. අථ ඛො භගවා
|
108
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ (පා සෝදා) දිය ස්වල්පයක් දිය බඳුනෙහි ඉතිරිකොට තබා ආයුෂ්මත් රාහුල ස්ථවිරයන්ගෙන් මෙසේ ඇසූහ. “රාහුලය, තෙපි දිය බඳුනෙහි ඉතිරිකොට තබන ලද මේ දිය ස්වල්පය දක්නහුද?”
“එසේය, ස්වාමීනි”
“රාහුලය, යම් භික්ෂුවකට දැන දැන බොරු කීමෙහි ලජ්ජාවක් නැද්ද, ඔහුගේ මහණකමද මෙසේ ස්වල්පයෙකි.”
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ ඉතිරිව තුබූ දිය ස්වල්පය ඉවත් කොට ආයුෂ්මත් රාහුල ස්ථවිරයන්ගෙන් මෙසේ ඇසූහ. “රාහුල, තෙපි ඉවත දමන ලද ඒ ඉතිරිවූ දිය ස්වල්පය දක්නහුද?”
“එසේය, ස්වාමීනි.”
“රාහුලය, යම් භික්ෂුවක් දැන දැන බොරු කීමෙහි ලජ්ජාවක් නැද්ද, ඔවුන් විසින් මහණකම්ද මෙසේ ඉවත දමන ලද්දේය.”
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ දියබඳුන යටිකුරු කොට මුණින් නවා ආයුෂ්මත් රාහුල ස්ථවිරයන්ගෙන් මෙසේ ඇසූහ. “රාහුලය, ඔබ යටිකුරු කළ මේ දියබඳුන දක්නහුද?” “එසේය, ස්වාමීනි.” “රාහුලය, යම් භික්ෂුවකට දැන දැන බොරු කීමෙහි ලජ්ජාවක් නැද්ද ඔහුගේ මහණකම මෙසේ මුණින් නමන ලද්දේය.”
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ දිය බඳුන උඩුකුරු කොට ආයුෂ්මත් රාහුල ස්ථවිරයන්ගෙන් මෙසේ ඇසූහ “රාහුලය, තෙපි හිස්වූ කිසිවක් නැති මේ දිය බඳුන දක්නහුද?” “එසේය, ස්වාමීනි.” “රාහුලය, යම් භික්ෂුවකට දැන දැන බොරු කීමෙහි ලජ්ජාවක් නැද්ද ඔහුගේ මහණකමත් මෙසේ හිස්ය. (මහණකමට අයත් ගුණ කිසිවක් නැත.)
“රාහුලය, යම්සේ රජුගේ, රියකඳක් පමණ මහදළ ඇති උස මහත ඇති ජාතිසම්පන්න, යුදයට බැසගත් ඇතෙක් වේද, ඒ ඇතා යුදයට ගොස් ඉදිරි පාදවලින්ද වැඩ කරයි. පසු පාදවලින්ද වැඩ කරයි. ඉදිරි කයින්ද වැඩ කරයි. පසු කයින්ද වැඩ කරයි. හිසින්ද වැඩ කරයි. දෙකනින්ද වැඩ කරයි. දෙදළින්ද වැඩ කරයි. වලිගයෙන්ද වැඩ කරයි. (නමුත්) සොඬ රකී. එහිදී ඇතුන් බලන්නාට මෙවැනි අදහසක් වෙයි. මහ දළ ඇති උස මහත ඇති ජාතිසම්පන්න, යුදයට බැසගත් රජුගේ මේ ඇතා යුදයට ගොස් ඉදිරි පාදයෙන්ද වැඩ කරයි. පසු පාදයෙන්ද වැඩ කරයි. ඉදිරි කයින්ද වැඩ කරයි. පසු කයින්ද වැඩ කරයි. හිසින්ද වැඩ කරයි. දෙකනින්ද වැඩ කරයි. දෙදළින්ද වැඩ කරයි. වලිගයෙන්ද වැඩ කරයි. (නමුත්) සොඬ රකී. ඇතාගේ ජීවිතය රජුට පරිත්‍යාග නොකෙළේය යනුයි.
“රාහුලය, යම් හෙයකින් මහ දළ ඇති උස මහත ඇති ජාතිසම්පන්න යුදයට බැසගත් රජුගේ ඇතා යුදයට ගොස් ඉදිරි පාදවලින්ද වැඩ කරයි. පසු පාදවලින්ද වැඩ කරයි. ඉදිරි කයින්ද වැඩ කරයි. පසු කයින්ද වැඩ කරයි. හිසින්ද වැඩ කරයි. දෙකනින්ද වැඩ කරයි. දෙදළින්ද වැඩ කරයි. වලිගයෙන්ද වැඩ කරයි. සොඬවැලෙන්ද වැඩ කරයි. එහිදී ඇතුන් බලන්නාට මෙබඳු සිතක් වෙයි. මහ දළ ඇති උස මහත ඇති ජාතිසම්පන්න, රජුගේ මේ ඇතා යුදයට ගොස් ඉදිරි පාදවලින්ද වැඩ කරයි. පසු පාදවලින්ද වැඩ කරයි. ඉදිරි කයින්ද වැඩ කරයි. පසු කයින්ද වැඩ කරයි. හිසින්ද වැඩ කරයි. දෙකනින්ද වැඩ කරයි. දෙදළින්ද වැඩ කරයි. වලිගයෙන්ද වැඩ කරයි. සොඬවැලෙන්ද වැඩ කරයි. ඇතාගේ ජීවිතය රජුහට පරිත්‍යාගය කෙළේය යනුයි. දැන් රජුගේ ඇතා විසින් කළ යුතු අන්දෙයක් නැත. රාහුල, එපරිද්දෙන් යම් කිසිවෙකුට දැන දැන බොරු කීමෙහි ලජ්ජාවක් නැද්ද, ඔහුට නොකළ හැකි කිසි පාපයක් ඇතැයි මම නොකියමි. රාහුලය, එහෙයින් සිනහ වීමටවත් බොරු නොකියන්නෙමියි ඔබ මෙසේ හික්මිය යුතුයි.
|
109
‘‘තං කිං මඤ්ඤසි, රාහුල, කිමත්ථියො ආදාසො’’ති? ‘‘පච්චවෙක්ඛණත්ථො, භන්තෙ’’ති. ‘‘එවමෙව ඛො, රාහුල, පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා කායෙන කම්මං කත්තබ්බං, පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා වාචාය කම්මං කත්තබ්බං, පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා මනසා කම්මං කත්තබ්බං. යදෙව
‘‘කරොන්තෙනපි තෙ, රාහුල, කායෙන කම්මං තදෙව තෙ කායකම්මං පච්චවෙක්ඛිතබ්බං - ‘යං නු ඛො අහං ඉදං කායෙන කම්මං කරොමි ඉදං මෙ කායකම්මං අත්තබ්‍යාබාධායපි
‘‘කත්වාපි තෙ, රාහුල, කායෙන කම්මං තදෙව තෙ කායකම්මං පච්චවෙක්ඛිතබ්බං - ‘යං නු ඛො අහං ඉදං කායෙන කම්මං අකාසිං ඉදං මෙ කායකම්මං අත්තබ්‍යාබාධායපි සංවත්තති
(සංවත්ති (පී.)), පරබ්‍යාබාධායපි සංවත්තති, උභයබ්‍යාබාධායපි සංවත්තති - අකුසලං ඉදං කායකම්මං දුක්ඛුද්රයං දුක්ඛවිපාක’න්ති? සචෙ ඛො ත්වං, රාහුල, පච්චවෙක්ඛමානො එවං ජානෙය්යාසි - ‘යං ඛො අහං ඉදං කායෙන කම්මං අකාසිං, ඉදං මෙ කායකම්මං අත්තබ්‍යාබාධායපි සංවත්තති, පරබ්‍යාබාධායපි සංවත්තති, උභයබ්‍යාබාධායපි සංවත්තති - අකුසලං ඉදං කායකම්මං දුක්ඛුද්රයං දුක්ඛවිපාක’න්ති, එවරූපං තෙ, රාහුල, කායකම්මං සත්ථරි වා විඤ්ඤූසු වා සබ්රහ්මචාරීසු
|
109
“රාහුලය, එය කුමක්යයි සිතන්නෙහිද? කැඩපත කවර ප්‍රයෝජනයක් පිණිසද?” “ස්වාමීනි, (එය) මුහුණ බැලීම පිණිසයි.” “රාහුලය, එලෙසින් බලව. (නුවණින්) බල බලා කයින් කටයුතු කළ යුතුය. (නුවණින්) බල බලා වචනයෙන් කටයුතු කළ යුතුය. (නුවණින්) බල බලා සිතින් කටයුතු කළ යුතුය.
රාහුල, තොප කයින් යම් කටයුත්තක් කරන්ට කැමැතිවුවහු ද තොප විසින් ඒ කයින් කරන කටයුත්ත (කාය කර්මය) සලකා බැලිය යුතුය: “මම කයින් යම් මේ කටයුත්තක් කරනු කැමැත්තෙම් ද මාගේ මේ කයින් කරන කටයුත්ත තමන්ට පීඩා පිණිස පවත්නේද, අනුන්ට පීඩා පිණිස පවත්නේද, දෙදෙනාටම පීඩා පිණිස පවත්නේද, මේ කයින් කරන කටයුත්ත අකුසල්ද, දුක් රැස්කරන්නේද, දුක් විපාක ඇති කරන්නේදැ" යි. රාහුලය, (එසේ) සලකා බලන්නාවූ ඔබ මෙසේ දැනගන්නෙහිද: ‘මම යම් මේ කයින් කරන කටයුත්තක් කරන්ට කැමැත්තෙම් ද මාගේ මේ කයින් කරන කටයුත්ත තමන්ට පීඩා පිණිස පවත්නේය. අනුන්ට පීඩා පිණිස පවත්නේය. තමන්ට හා අනුන්ට පීඩා පිණිස පවත්නේය. මේ කයින් කරන කටයුත්ත අකුසල්ය. දුක් රැස් කරන්නේය. දුක් විපාක ඇති කරන්නේය’යි (කියායි). රාහුලය, තොප විසින් එබඳු කයින් කරන කටයුත්තක් ඒකාන්තයෙන් නොකළ යුතුය. තවද රාහුල, ඉදින් ඔබ සලකා බලන්නේ මෙසේ දැනගන්නෙහිද: ‘මම යම් මේ කයින් කරන කටයුත්තක් කරන්ට කැමැත්තෙම්ද, මාගේ මේ කයින් කරන කටයුත්ත තමන්ට පීඩා පිණිස නොපවත්නේය. අනුන්ට පීඩා පිණිස නොපවත්නේය. තමන්ට හා අනුන්ට පීඩා පිණිස නොපවත්නේය. මේ කයින් කරන කටයුත්ත කුසල්ය. සැප රැස්කරන්නේය. සැප විපාක ඇති කරන්නේය’යි (කියායි). රාහුලය, තොප විසින් එබඳු කයින් කරන කටයුතු කළ යුතුය.
රාහුලය, කයින් කටයුත්තක් කරන කල්හිද තොප විසින් ඒ කයින් කරන කටයුත්ත (කාය කර්මය) සලකා බැලිය යුතුය: "මම යම් මේ කයින් කටයුත්තක් කරම්ද, මාගේ මේ කයින් කරන කටයුත්ත තමන්ට පීඩා පිණිස පවත්නේද? අනුන්ට පීඩා පිණිස පවත්නේද? තමන්ට හා අනුන්ට පීඩා පිණිස පවත්නේද? මේ කයින් කරන කටයුත්ත අකුසල්ද? දුක් රැස්කරන්නේද? දුක් විපාක ඇතිකරන්නේද?"යි යනුවෙනි. රාහුලය, ඉදින් මෙසේ සලකන්නා වූ ඔබ මෙසේ දන්නහු නම්: ‘මම කයින් යම් මේ කටයුත්තක් කරම්ද, මාගේ මේ කයින් කරන කටයුත්ත තමාට පීඩා පිණිස ද පවත්නේය. අනුන්ට පීඩා පිණිස ද පවතින්නේය. තමාට හා අනුන්ට පීඩා පිණිස ද පවත්නේය. මේ කයින් කරන කටයුත්ත අකුසල්ය. දුක් රැස් කරන්නේය. දුක් විපාක ඇති කරන්නේය’යි. රාහුලය, ඔබ එබඳු කයින් කරන කටයුත්තක් නොකරව. රාහුලය, ඉදින් ඔබ සලකා බලන්නේ මෙසේ දන්නහු නම්: 'මම කයින් යම් මේ කටයුත්තක් කරම්ද, මාගේ මේ කයින් කරන කටයුත්ත තමාට පීඩා පිණිස නොපවත්නේය. අනුන්ට පීඩා පිණිස නොපවත්නේය. තමාට හා අනුන්ට පීඩා පිණිස නොපවත්නේය. මේ කයින් කරන කටයුත්ත කුසල්ය. සැප රැස් කරන්නේය. සැප විපාක ඇති කරන්නේය'යි. රාහුල, ඔබ එබඳු කයින් කරන කටයුත්ත නොනවත්වන්නෙහිය. නැවත නැවත කරන්නෙහිය.
රාහුල, තොප විසින් කයින් කටයුත්තක් කොටද, ඒ කයින් කළ කටයුත්ත (කාය කර්මය) සලකා බැලිය යුතුය: ‘මම යම් මේ කයින් කටයුත්තක් කෙළෙම්ද, මාගේ මේ කයින් කළ කටයුත්ත තමාට පීඩා පිණිසද පවත්නේද? අනුන්ට පීඩා පිණිසද පවත්නේද? තමාට හා අනුන්ට පීඩා පිණිසද පවත්නේද? මේ කයින් කළ කටයුත්ත දුක් රැස් කරන්නේද? දුක් විපාක ඇති කරන්නේද? යනුවෙනි. රාහුල, මෙසේ සලකන්නා වූ ඔබ මෙසේ දන්නහු නම්: ‘මම යම් මේ කයින් කටයුත්තක් කෙළෙම්ද, මාගේ මේ කයින් කළ කටයුත්ත තමාට පීඩා පිණිසද පවත්නේය. අනුන්ට පීඩා පිණිසද පවත්නේය. තමන්ට හා අනුන්ට පීඩා පිණිසද පවත්නේය. මේ කයින් කළ කටයුත්ත අකුසල්ය. දුක් රැස් කරන්නේය. දුක් විපාක ඇති කරන්නේය’යි. රාහුල, තොප විසින් එබඳු කයින් කළ කටයුත්තක් ශාස්තෲන් වහන්සේ වෙත හෝ නුවණ ඇති සමානව ඇසුරු කරන්නන් වෙත හෝ පැමිණ කිය යුතුයි. විවෘත කළ යුතුයි. ප්‍රකට කළ යුතුයි. (එසේ) කියා, විවෘත කොට, ප්‍රකට කොට, නැවත සංවරයට පැමිණිය යුතුයි. තවද රාහුල, ඉදින් ඔබ සලකා බලන්නේ මෙසේ දන්නහු ද: ‘මම යම් මේ කයින් කටයුත්තක් කෙළෙම්ද, මාගේ මේ කයින් කළ කටයුත්ත තමාට පීඩා පිණිස නොපවතී. අනුන්ට පීඩා පිණිස නොපවතී. තමාට හා අනුන්ට පීඩා පිණිස නොපවතී. මේ කයින් කළ කටයුත්ත කුසල්ය. සැප රැස් කෙරෙයි' කියායි. රාහුල, ඔබ එයින් (ඇතිවූ) ප්‍රීතියෙන් හා සන්තෝෂයෙන් වාසය කරන්නෙහිය. රෑ දාවල් දෙක්හි කුසල ධර්මයන්හි හික්මෙන්නෙහිය.
|
110
‘‘යදෙව ත්වං, රාහුල, වාචාය කම්මං කත්තුකාමො අහොසි, තදෙව තෙ වචීකම්මං පච්චවෙක්ඛිතබ්බං - ‘යං නු ඛො අහං ඉදං වාචාය කම්මං කත්තුකාමො ඉදං මෙ වචීකම්මං අත්තබ්‍යාබාධායපි සංවත්තෙය්ය, පරබ්‍යාබාධායපි සංවත්තෙය්ය, උභයබ්‍යාබාධායපි සංවත්තෙය්ය - අකුසලං ඉදං වචීකම්මං දුක්ඛුද්රයං දුක්ඛවිපාක’න්ති? සචෙ ත්වං, රාහුල, පච්චවෙක්ඛමානො එවං ජානෙය්යාසි - ‘යං ඛො අහං ඉදං වාචාය කම්මං කත්තුකාමො ඉදං මෙ වචීකම්මං අත්තබ්‍යාබාධායපි සංවත්තෙය්ය, පරබ්‍යාබාධායපි සංවත්තෙය්ය, උභයබ්‍යාබාධායපි සංවත්තෙය්ය - අකුසලං ඉදං වචීකම්මං දුක්ඛුද්රයං දුක්ඛවිපාක’න්ති, එවරූපං තෙ, රාහුල, වාචාය කම්මං සසක්කං න කරණීයං. සචෙ පන ත්වං, රාහුල, පච්චවෙක්ඛමානො එවං ජානෙය්යාසි - ‘යං ඛො අහං ඉදං වාචාය කම්මං කත්තුකාමො ඉදං මෙ වචීකම්මං නෙවත්තබ්‍යාබාධායපි සංවත්තෙය්ය, න පරබ්‍යාබාධායපි සංවත්තෙය්ය - කුසලං ඉදං වචීකම්මං සුඛුද්රයං සුඛවිපාක’න්ති, එවරූපං තෙ, රාහුල, වාචාය කම්මං කරණීයං.
‘‘කරොන්තෙනපි, රාහුල, වාචාය කම්මං තදෙව තෙ වචීකම්මං පච්චවෙක්ඛිතබ්බං - ‘යං නු ඛො අහං ඉදං වාචාය කම්මං කරොමි ඉදං මෙ වචීකම්මං අත්තබ්‍යාබාධායපි සංවත්තති, පරබ්‍යාබාධායපි
‘‘කත්වාපි තෙ, රාහුල, වාචාය කම්මං තදෙව තෙ වචීකම්මං පච්චවෙක්ඛිතබ්බං - ‘යං නු ඛො අහං ඉදං වාචාය කම්මං අකාසිං ඉදං මෙ වචීකම්මං අත්තබ්‍යාබාධායපි සංවත්තති
(සංවත්ති (සී. පී.)), පරබ්‍යාබාධායපි සංවත්තති, උභයබ්‍යාබාධායපි සංවත්තති - අකුසලං ඉදං වචීකම්මං දුක්ඛුද්රයං දුක්ඛවිපාක’න්ති? සචෙ ඛො ත්වං, රාහුල, පච්චවෙක්ඛමානො එවං ජානෙය්යාසි - ‘යං ඛො අහං ඉදං වාචාය කම්මං අකාසිං ඉදං මෙ වචීකම්මං අත්තබ්‍යාබාධායපි සංවත්තති, පරබ්‍යාබාධායපි සංවත්තති, උභයබ්‍යාබාධායපි සංවත්තති - අකුසලං ඉදං වචීකම්මං දුක්ඛුද්රයං දුක්ඛවිපාක’න්ති, එවරූපං තෙ, රාහුල, වචීකම්මං සත්ථරි වා විඤ්ඤූසු වා සබ්රහ්මචාරීසු දෙසෙතබ්බං, විවරිතබ්බං, උත්තානීකත්තබ්බං
|
110
රාහුල, ඔබ වචනයෙන් යම් කටයුත්තක් කරන්ට කැමැතිවුවහු ද (එවිට) තොපගේ ඒ වචනයෙන් කරන කටයුත්ත (වාක් කර්මය) සලකා බැලිය යුතුයි (කෙසේද?): ‘මම වචනයෙන් යම් මේ කටයුත්තක් කරනු කැමැත්තෙම්ද, මාගේ මේ වචනයෙන් කරන කටයුත්ත තමාට පීඩා පිණිස පවත්නේද? අනුන්ට පීඩා පිණිස පවත්නේද? තමාට හා අනුන්ට පීඩා පිණිස පවත්නේද? මේ වචනයෙන් කරන කටයුත්ත අකුසල්ද? දුක් රැස් කරන්නේද? දුක් විපාක ඇති කරන්නේද?’යි (කියායි). රාහුල, ඉදින් (එසේ) සලකා බලන්නේ ඔබ මෙසේ දැන ගන්නෙහිද: ‘මම වචනයෙන් යම් මේ කටයුත්තක් කරනු කැමැත්තෙම්ද, මාගේ මේ වචනයෙන් කරන කටයුත්ත තමාට පීඩා පිණිස ද පවත්නේය. අනුන්ට පීඩා පිණිස ද පවත්නේය. තමාට හා අනුන්ට පීඩා පිණිස ද පවත්නේය. මේ වචනයෙන් කරන කටයුත්ත අකුසල්ය. දුක් රැස් කරන්නේය. දුක් විපාක ඇත්තේය’යි (කියායි). රාහුල, තොප විසින් එබඳු වූ වචනයෙන් කරන කටයුත්ත ඒකාන්තයෙන් නොකළ යුතුය. තවද රාහුල, ඉදින් ඔබ සලකා බලන්නේ මෙසේ දැන ගන්නෙහිද: ‘මම වචනයෙන් යම් මේ කටයුත්තක් කරනු කැමත්තෙම්ද, මේ මාගේ වචනයෙන් කරන කටයුත්ත තමාට පීඩා පිණිස ද නොපවත්නේය. අනුන්ට පීඩා පිණිස ද නොපවත්නේය. තමාට හා අනුන්ට පීඩා පිණිස ද නොපවත්නේය. මේ වචනයෙන් කරන කටයුත්ත කුසල්ය. සැප රැස් කරන්නේය. සැප විපාක ඇත්තේය'යි (කියායි). රාහුලය, තොප විසින් එබඳු වචනයෙන් කරන කටයුත්ත කළ යුතුය.
රාහුලය, තොප වචනයෙන් කටයුත්තක් කරන කල්හිද තොපගේ එම වචනයෙන් කරන කටයුත්ත (වාක් කර්මය) සලකා බැලිය යුතුයි (කෙසේද?): ‘මම යම් මේ වචනයෙන් කටයුත්තක් කරම්ද මාගේ මේ වචනයෙන් කරන කටයුත්ත තමාට පීඩා පිණිස පවත්නේද? අනුන්ට පීඩා පිණිස පවත්නේද? තමාට හා අනුන්ට පීඩා පිණිස පවත්නේද? මේ වචනයෙන් කරන කටයුත්ත අකුසල්ද? දුක් රැස් කරන්නේද? දුක් විපාක ඇති කරන්නේද'යි (යනුවෙනි). රාහුල, ඉදින් මෙසේ සලකන්නාවූ තොප මෙසේ දන්නෙහිද: ‘මාගේ මේ වචනයෙන් කරන කටයුත්ත තමාට පීඩා පිණිස පවත්නේය. අනුන්ට පීඩා පිණිස පවත්නේය. තමාට හා අනුන්ට පීඩා පිණිස පවත්නේය. මේ වචනයෙන් කරන කටයුත්ත අකුසල්ය. දුක් රැස් කරන්නේය. දුක් විපාක ඇති කරන්නේය'යි (කියායි). රාහුල, තොප එබඳු වචනයෙන් කරන කටයුත්ත නොකරන්නෙහිය. තවද රාහුල, ඉදින් තොප සලකා බලන්නේ මෙසේ දැන ගන්නෙහිද: 'මම වචනයෙන් යම් මේ කටයුත්තක් කරන්නෙම්ද, මේ මාගේ වචනයෙන් කරන කටයුත්ත තමාට පීඩා පිණිස ද නොපවත්නේය. අනුන්ට පීඩා පිණිස ද නොපවත්නේය. තමාට හා අනුන්ට පීඩා පිණිස ද නොපවත්නේය. මේ වචනයෙන් කරන කටයුත්ත කුසල්ය. සැප රැස් කරන්නේය. සැප විපාක ඇත්තේය'යි (කියායි). රාහුල එබඳු වචනයෙන් කරන කටයුතු නිතර කරව.
රාහුල, තොප විසින් වචනයෙන් කටයුත්තක් කළ කල්හිද, තොපගේ එම වචනයෙන් කළ කටයුත්ත (වාක් කර්මය) සලකා බැලිය යුතුය: ‘මම යම් මේ වචනයෙන් කරන කටයුත්තක් කෙළෙම්ද, මේ මාගේ වචනයෙන් කළ කටයුත්ත තමාට පීඩා පිණිස ද පවත්නේද? අනුන්ට පීඩා පිණිස ද පවත්නේද? තමන්ට හා අනුන්ට පීඩා පිණිස ද පවත්නේද? මේ වචනයෙන් කළ කටයුත්ත දුක් රැස් කරන්නේද? දුක් විපාක ඇති කරන්නේද?' යි (කියායි). රාහුල ඉදින් තොප සලකා බලන්නේ මෙසේ දන්නෙහිද: ‘මම වචනයෙන් යම් මේ කටයුත්තක් කෙළෙම්ද, මාගේ මේ වචනයෙන් කළ කටයුත්ත තමාට පීඩා පිණිස ද පවත්නේය. අනුන්ට පීඩා පිණිස ද පවත්නේය. තමන්ට හා අනුන්ට පීඩා පිණිස ද පවත්නේය. මේ වචනයෙන් කළ කටයුත්ත අකුසල්ය. දුක් රැස් කරන්නේය. දුක් විපාක ඇති කරන්නේය' යි. රාහුල, තොප විසින් එබඳු මේ වචනයෙන් කළ කටයුත්ත ශාස්තෲන් වහන්සේ වෙත හෝ නුවණ ඇති සමානව ඇසුරු කරන්නන් වෙත හෝ පැමිණ කිය යුතුයි. විවෘත කළ යුතුයි. ප්‍රකට කළ යුතුයි. (එසේ) කියා විවෘත කොට, ප්‍රකට කොට නැවත සංවරයට පැමිණිය යුතුයි. තවද රාහුල, ඉදින් තොප සලකා බලන්නේ මෙසේ දන්නෙහිද: ‘මම වචනයෙන් යම් මේ කටයුත්තක් කෙළෙම්ද, මාගේ මේ වචනයෙන් කළ කටයුත්ත තමාට පීඩා පිණිස ද නොපවතී. අනුන්ට පීඩා පිණිස ද නොපවතී. තමාට හා අනුන්ට පීඩා පිණිස ද නොපවතී. මේ වචනයෙන් කළ කටයුත්ත කුසල්ය. සැප රැස් කරයි. සැප විපාක ඇති කරයි’ කියායි. රාහුල, ඔබ එයින් (ඇතිවූ) ප්‍රීතියෙන් හා සන්තෝෂයෙන් වාසය කරන්නෙහිය. රෑ දාවල් දෙක්හි කුසල ධර්මයන්හි හික්මෙන්නෙහිය.
|
111
‘‘යදෙව ත්වං, රාහුල, මනසා කම්මං කත්තුකාමො අහොසි, තදෙව තෙ මනොකම්මං පච්චවෙක්ඛිතබ්බං - ‘යං නු ඛො අහං ඉදං මනසා කම්මං කත්තුකාමො ඉදං මෙ මනොකම්මං අත්තබ්‍යාබාධායපි සංවත්තෙය්ය, පරබ්‍යාබාධායපි සංවත්තෙය්ය, උභයබ්‍යාබාධායපි සංවත්තෙය්ය - අකුසලං ඉදං මනොකම්මං දුක්ඛුද්රයං දුක්ඛවිපාක’න්ති? සචෙ ත්වං, රාහුල, පච්චවෙක්ඛමානො එවං ජානෙය්යාසි - ‘යං ඛො අහං ඉදං මනසා කම්මං කත්තුකාමො ඉදං මෙ මනොකම්මං අත්තබ්‍යාබාධායපි සංවත්තෙය්ය, පරබ්‍යාබාධායපි සංවත්තෙය්ය, උභයබ්‍යාබාධායපි සංවත්තෙය්ය - අකුසලං ඉදං මනොකම්මං දුක්ඛුද්රයං දුක්ඛවිපාක’න්ති, එවරූපං තෙ, රාහුල, මනසා කම්මං සසක්කං න කරණීයං. සචෙ පන ත්වං, රාහුල, පච්චවෙක්ඛමානො එවං ජානෙය්යාසි - ‘යං ඛො අහං
‘‘කරොන්තෙනපි තෙ, රාහුල, මනසා කම්මං තදෙව තෙ මනොකම්මං පච්චවෙක්ඛිතබ්බං - ‘යං නු ඛො අහං ඉදං මනසා කම්මං කරොමි ඉදං මෙ මනොකම්මං අත්තබ්‍යාබාධායපි සංවත්තති, පරබ්‍යාබාධායපි සංවත්තති, උභයබ්‍යාබාධායපි සංවත්තති - අකුසලං ඉදං මනොකම්මං දුක්ඛුද්රයං දුක්ඛවිපාක’න්ති? සචෙ පන ත්වං, රාහුල, පච්චවෙක්ඛමානො එවං ජානෙය්යාසි - ‘යං ඛො අහං ඉදං මනසා කම්මං කරොමි ඉදං මෙ මනොකම්මං අත්තබ්‍යාබාධායපි සංවත්තති, පරබ්‍යාබාධායපි සංවත්තති, උභයබ්‍යාබාධායපි සංවත්තති - අකුසලං ඉදං මනොකම්මං දුක්ඛුද්රයං දුක්ඛවිපාක’න්ති, පටිසංහරෙය්යාසි ත්වං, රාහුල, එවරූපං මනොකම්මං. සචෙ පන ත්වං, රාහුල, පච්චවෙක්ඛමානො එවං ජානෙය්යාසි - ‘යං ඛො අහං ඉදං මනසා කම්මං කරොමි ඉදං මෙ මනොකම්මං නෙවත්තබ්‍යාබාධායපි සංවත්තති, න පරබ්‍යාබාධායපි සංවත්තති, න උභයබ්‍යාබාධායපි සංවත්තති - කුසලං ඉදං මනොකම්මං සුඛුද්රයං සුඛවිපාක’න්ති, අනුපදජ්ජෙය්යාසි ත්වං, රාහුල, එවරූපං මනොකම්මං.
‘‘කත්වාපි තෙ, රාහුල, මනසා කම්මං තදෙව තෙ මනොකම්මං පච්චවෙක්ඛිතබ්බං - ‘යං නු ඛො අහං ඉදං මනසා කම්මං අකාසිං ඉදං මෙ මනොකම්මං අත්තබ්‍යාබාධායපි සංවත්තති
(සංවත්ති (සී. පී.)), පරබ්‍යාබාධායපි සංවත්තති, උභයබ්‍යාබාධායපි සංවත්තති - අකුසලං ඉදං මනොකම්මං දුක්ඛුද්රයං දුක්ඛවිපාක’න්ති? සචෙ ඛො ත්වං, රාහුල, පච්චවෙක්ඛමානො එවං ජානෙය්යාසි - ‘යං
|
111
රාහුල, තෙපි සිතින් යම් කටයුත්තක් කරනු කැමැත්තේද, තොප විසින් එම සිතින් කරන කටයුත්ත (මනෝ කර්මය) සලකා බැලිය යුතුය (කෙසේද): ‘මම යම් මේ සිතින් කටයුත්තක් කරනු කැමැත්තෙම්ද, මාගේ මේ සිතින් කරන කටයුත්ත තමාට පීඩා පිණිස ද පවත්නේද? අනුන්ට පීඩා පිණිස ද පවත්නේද? තමාට හා අනුන්ට පීඩා පිණිස ද පවත්නේද? මේ සිතින් කරන කටයුත්ත අකුසල්ද? දුක් රැස් කරන්නේද? දුක් විපාක ඇති කරන්නේද?’ යනුවෙනි. රාහුලය, (එසේ) සලකා බලන්නා වූ ඔබ මෙසේ දැනගන්නේද: ‘මම සිතින් යම් මේ කටයුත්තක් කරන්ට කැමැත්තෙම්ද, මාගේ මේ සිතින් කරන කටයුත්ත තමාට පීඩා පිණිස ද පවත්නේය. අනුන්ට පීඩා පිණිස ද පවත්නේය. තමාට හා අනුන්ට පීඩා පිණිස ද පවත්නේය. මේ සිතින් කරන කටයුත්ත අකුසල්ය. දුක් විපාක ඇති කරන්නේය’ කියායි. රාහුලය, තොප විසින් එබඳු සිතින් කරන කටයුත්ත ඒකාන්තයෙන් නොකළ යුතුයි. තවද රාහුල, ඉදින් තොප සලකා බලන්නේ මෙසේ දැනගන්නෙහිද: ‘මම යම් මේ සිතින් කරන කටයුත්තක් කරන්ට කැමැත්තෙම්ද, මාගේ මේ සිතින් කරන කටයුත්ත තමාට පීඩා පිණිස ද නොපවත්නේය. අනුන්ට පීඩා පිණිස ද නොපවත්නේය. තමාට හා අනුන්ට පීඩා පිණිසද නොපවත්නේය. මේ සිතින් කරන කටයුත්ත කුසල්ය. සැප රැස් කරන්නේය. සැප විපාක ඇති කරන්නේය’ කියායි. රාහුල, තොප විසින් එබඳු සිතින් කරන කටයුත්ත කළ යුතුය.
රාහුල, සිතින් කටයුතු කරන්නා වූ තොප, තොපගේ එම සිතින් කරන කටයුත්ත (මනෝ කර්මය) සලකා බැලිය යුතුය (කෙසේද?): “මම සිතින් යම් මේ කටයුත්තක් කරම්ද, මාගේ මේ සිතින් කරන කටයුත්ත තමාට පීඩා පිණිස ද පවත්නේද? අනුන්ට පීඩා පිණිස ද පවත්නේද? තමාට හා අනුන්ට පීඩා පිණිස ද පවත්නේද? මේ සිතින් කරන කටයුත්ත අකුසල්ද? දුක් රැස් කරන්නේද? දුක් විපාක ඇති කරන්නේද?’යි යනුවෙනි. රාහුලය, ඉදින් මෙසේ සලකන්නා වූ ඔබ මෙසේ දන්නෙහිද: ‘මම සිතින් යම් මේ කටයුත්තක් කරම්ද, මාගේ මේ සිතින් කරන කටයුත්ත තමාට පීඩා පිණිස ද පවත්නේය. අනුන්ට පීඩා පිණිස ද පවත්නේය. තමාට හා අනුන්ට පීඩා පිණිස ද පවත්නේය. මේ සිතින් කරන කටයුත්ත අකුසල්ය. දුක් රැස් කරන්නේය. දුක් විපාක ඇති කරන්නේය’යි කියායි. රාහුල, ඔබ එබඳු සිතින් කරන කටයුත්ත නොකරව. තවද රාහුල, ඉදින් ඔබ සලකා බලන්නේ මෙසේ දන්නෙහිද: ‘මම යම් මේ සිතින් කරන කටයුත්තක් කරම්ද, මාගේ මේ සිතින් කරන කටයුත්ත තමාට පීඩා පිණිස ද නොපවත්නේය. අනුන්ට පීඩා පිණිස ද නොපවත්නේය. තමාට හා අනුන්ට පීඩා පිණිස ද නොපවත්නේය. කුසල්ය. සැප රැස් කරන්නේය. සැප විපාක ඇති කරන්නේය'යි (යනුවෙනි). රාහුල, තොප එබඳු සිතින් කරන කටයුත්ත නිතර කරව.
රාහුල, තොප විසින් සිතින් කටයුත්තක් කොටද, තොපගේ එම සිතින් කරන කටයුත්ත (මනෝ කර්මය) සලකා බැලිය යුතුය (කෙසේද?): ‘මම සිතින් යම් මේ කටයුත්තක් කෙළෙම්ද’ මාගේ මේ සිතින් කළ කටයුත්ත තමාට පීඩා පිණිස පවත්නේද? අනුන්ට පීඩා පිණිස පවත්නේද? තමාට හා අනුන්ට පීඩා පිණිස පවත්නේද? මේ සිතින් කළ කටයුත්ත අකුසල්ද? දුක් රැස් කරන්නේද? දුක් විපාක ඇති කරන්නේද?'යි යනුවෙනි. ඉදින් රාහුල, මෙසේ සලකන්නා වූ ඔබ මෙසේ දන්නෙහිද: ‘මම යම් මේ සිතින් කටයුත්තක් කෙලෙම්ද, මාගේ මේ සිතින් කළ කටයුත්ත තමාට පීඩා පිණිස ද පවත්නේය. අනුන්ට පීඩා පිණිස ද පවත්නේය. තමාට හා අනුන්ට පීඩා පිණිස ද පවත්නේය. මේ සිතින් කළ කටයුත්ත අකුසල්ය. දුක් රැස් කරන්නේය. දුක් විපාක ඇති කරන්නේය’යි (කියායි). රාහුලය, තොප විසින් එබඳු සිතින් කළ කටයුත්ත පෙළිය යුතුය. (ඒ පිළිබඳව) ලජ්ජා විය යුතුය. පිළිකුල් කල යුතුය. පෙළා, ලජ්ජා වී, පිළිකුල් කොට නැවත සංවරයට පැමිණිය යුතුය. තවද රාහුල, ඉදින් ඔබ සලකා බලන්නේ මෙසේ දන්නෙහිද: ‘මම සිතින් යම් මේ කටයුත්තක් කෙළෙම්ද, මාගේ මේ සිතින් කළ කටයුත්ත තමාට පීඩා පිණිස නොපවතී. අනුන්ට පීඩා පිණිස නොපවතී. තමාට හා අනුන්ට පීඩා පිණිස නොපවතී. මේ සිතින් කළ කටයුත්ත කුසල්ය. සැප රැස් කරයි. සැප විපාක ඇති කරයි’ යනුවෙනි. රාහුල, තෙපි එම ප්‍රීතියෙන් හා සන්තෝෂයෙන් කුසල ධර්මයන්හි දාවල් රෑ දෙකේ හික්මෙමින් වාසය කරව.
|
112
‘‘යෙ
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා රාහුලො භගවතො භාසිතං අභිනන්දීති.
|
112
“රාහුල, අතීත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කයින් කරන කටයුතු පිරිසිදු කළාහුද, වචනයෙන් කරන කටයුතු පිරිසිදු කළාහුද, සිතින් කරන කටයුතු පිරිසිදු කළාහුද, ඒ සියල්ලෝ එපරිද්දෙන්ම සලක සලකා කයින් කරන කටයුතු පිරිසිදු කළාහුය. සලක සලකා වචනයෙන් කරන කටයුතු පිරිසුදු කළාහුය. සලක සලකා සිතින් කරන කටයුතු පිරිසුදු කළාහුය.
“රාහුල, අනාගත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කයින් කරන කටයුතු පිරිසිදු කරන්නාහුද, වචනයෙන් කරන කටයුතු පිරිසුදු කරන්නාහුද, සිතින් කරන කටයුතු පිරිසුදු කරන්නාහුද, ඒ සියල්ලෝද එපරිද්දෙන්ම සලකා සලකා කයින් කරන කටයුතු පිරිසුදු කරන්නාහුය. සලක සලකා වචනයෙන් කරන කටයුතු පිරිසුදු කරන්නාහුය. සලක සලකා සිතින් කරන කටයුතු පිරිසුදු කරන්නාහුය.
රාහුල, මේ කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කයින් කරන කටයුතු පිරිසුදු කරත්ද, වචනයෙන් කරන කටයුතු පිරිසුදු කරත්ද, සිතින් කරන කටයුතු පිරිසුදු කරත්ද, ඒ සියල්ලෝ සලක සලකා කයින් කරන කටයුතු පිරිසුදු කරත්. සලක සලකා වචනයෙන් කරන කටයුතු පිරිසුදු කරත්. සලක සලකා සිතින් කරන කටයුතු පිරිසිදු කරත්.
“රාහුල, එබැවින් ‘සලක සලකා කයින් කරන කටයුතු පිරිසුදු කරන්නෙමු. සලක සලකා වචනයෙන් කරන කටයුතු පිරිසුදු කරන්නෙමු. සලක සලකා සිතින් කරන කටයුතු පිරිසුදු කරන්නෙමු’යි ඔබ මෙසේ හික්මිය යුතුයි.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටුවූ ආයුෂ්මත් රාහුල ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටු විය.
|
2. මහාරාහුලොවාදසුත්තං | 2. මහා රාහුලොවාද සූත්‍රය |
113
එවං
|
113
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඩු මහ සිටුහුගේ ජේතවන නම්වූ ආරාමයෙහි වැඩ වාසය කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි සිවුරු හැඳ පොරවා පා සිවුරු ගෙණ සැවත් නුවරෙහි පිඬු පිණිස වැඩියහ. ආයුෂ්මත් රාහුල ස්ථවිර තෙමේද පෙරවරු කාලයෙහි සිවුරු හැඳ පොරවා පා සිවුරු ගෙණ භාග්‍යවතුන් වහන්සේගේ පිටුපසින් ගියේය. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ ආයුෂ්මත් රාහුල ස්ථවිරයන් දෙස හැරී බලා මෙසේ කීහ.
“රාහුල, අතීතවූද, අනාගතවූද, වර්තමානවූද තමා තුළ පිහිටියාවූ හෝ බාහිරවූ හෝ ඔලාරික (මහත්) වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ උසස්වූ හෝ යම් කිසි රූපයක් වේද, දුරෙහිවූ හෝ සමීපයෙහිවූ හෝ යම් රූපයක් වේද ඒ සියලු රූපය මාගේ නොවේය. ඒ මම නොවෙමි, ඒ මාගේ ආත්මය නොවේයයි, මෙසේ ඇති සැටියෙන් යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි.
“භාග්‍යවතුන් වහන්ස, රූපය පමණක්ද? සුගතයන් වහන්ස, රූපය පමණක්ද?
“රාහුල, රූපයද; රාහුල, වේදනාවද; රාහුල, සංඥාවද; රාහුල, සංස්කාරයෝද; රාහුල, විඥානයද (එසේය.)”
ඉක්බිති ආයුෂ්මත් රාහුල ස්ථවිරතෙමේ “භාග්‍යවතුන් වහන්සේ හමුවෙන් අවවාදයක් ලැබූ කවරෙක් ගමට පිඬු පිණිස යන්නේදැ”යි (සිතා) එයින් නැවතී එක්තරා රුකක් මුල අරමිනිය ගොතාගෙන කය කෙළින් තබා සිහිය ඉදිරි කොට උපදවා හුන්නේය. ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේද එක්තරා රුකක් මුල අරමිනිය ගොතාගෙන කය කෙළින් තබා සිහිය ඉදිරිකොට උපදවා වැඩහුන් ආයුෂ්මත් රාහුල ස්ථවිරයන් දැක, ආයුෂ්මත් රාහුල ස්ථවිරයන්හට මෙසේ කීහ. “රාහුල, ආණාපාණසති භාවනාව වඩව. රාහුල, ආණාපාණසති භාවනාව වඩව. රාහුල, ආණාපාණසතිය වඩන ලද්දී, බහුල වශයෙන් කරණ ලද්දී, මහත්ඵල වෙයි. මහානිශංස වෙයි.”
|
114
අථ ඛො ආයස්මා රාහුලො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා රාහුලො භගවන්තං එතදවොච - ‘‘කථං භාවිතා නු ඛො, භන්තෙ, ආනාපානස්සති, කථං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා’’ති? ‘‘යං කිඤ්චි, රාහුල, අජ්ඣත්තං පච්චත්තං කක්ඛළං ඛරිගතං උපාදින්නං, සෙය්යථිදං - කෙසා ලොමා නඛා දන්තා තචො මංසං න්හාරු
(නහාරු (සී. ස්‍යා. කං. පී.)) අට්ඨි අට්ඨිමිඤ්ජං වක්කං හදයං යකනං කිලොමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං, යං
|
114
ඉක්බිති ආයුෂ්මත් රාහුල ස්ථවිර තෙම සවස් කාලයෙහි සිත එකඟ කිරීමෙන් නැඟී සිටියේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන් ආයුෂ්මත් රාහුල ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය. “ස්වාමීනි, කෙසේ වඩනලද, කෙසේ බහුල වශයෙන් කරණලද ආණාපාණසතිය මහත්ඵල මහානිශංස වේද?”
“රාහුල, තමා කොට ගන්නා, තමා තුළ පවත්නා ජීවිතෙන්ද්රිය සහිතවූ යම් කර්කශ බවක්, තද බවක් වේද, එනම්: කෙස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට, ඇටමිදුලු, වකුගඩුව, හෘදයමාංශය, අක්මාව, දලබුව, බඩදිව, පපුමස, අතුනු (බඩවැල), අතුනුබහන් (බඩවැල දරණු), නොපැසුණු ආහාර, ආහාර මල යන මොහුයි. තමා කොට ගන්නා එයින් අන්‍යවූ ජීවිතෙන්ද්රිය සහිත යම් කිසි තදබවක්, රළු බවක් වේද, රාහුල, මේ තමා තුළ පවත්නා පෘථිවිධාතුව යයි කියනු ලැබේ. යම් තමා තුළ පවත්නා පෘථිවිධාතුවක් වේද, යම් බාහිර පෘථිවිධාතුවක් වේද, මේ දෙකම පඨවි ධාතුවමැයි. එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි. මෙසේ එය තත්වූ පරිදි (ඇතිසැටියෙන්) යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි. මෙසේ එය ඇතිසැටියෙන් යහපත් ප්‍රඥාවෙන් (නුවණින්) දැක පඨවි ධාතුවෙහි කලකිරෙයි. පඨවි ධාතුවෙහි සිත නොඇලෙයි.
|
115
‘‘කතමා
|
115
“රාහුල, ආපො ධාතුව කවරීද, අධ්‍යාත්ම ආපො ධාතුවක් වන්නේය. බාහිර ආපො ධාතුවක් (ද) වන්නේය. රාහුල, අධ්‍යාත්ම ආපෝ ධාතුව කවරීද, තමා තුළ පවත්නා වූ යම් දියාරු බවක්, වැගිරීමක් වේද, එනම්: පිත, සෙම, සැරව, ලෙහෙ, ඩහදිය, මෙදතෙල, කඳුලු, මස් තෙල, කෙල, සොටු, (ඇටසන්ධිවල සිටි-) සඳමිඳුලු, මුත්‍ර යන මොහුද, මෙයින් අන්‍ය වූ යම් කිසි ජීවිතය සහිත වූ දියාරු බවක්, වැගිරෙන බවක් වේද, රාහුල, මේ අධ්‍යාත්මික ආපෝ ධාතුවයයි කියනු ලැබේ. යම් අධ්‍යාත්මික ආපෝ ධාතුවක් වේද, මේ දෙකම ආපෝ ධාතුව මැයි. ‘එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි,’ මෙසේ එය ඇතිසැටියෙන් දත යුතුයි. මෙසේ එය ඇතිසැටියෙන් යහපත් ප්‍රඥාවෙන් දැන ආපෝ ධාතුවෙහි කලකිරෙයි. ආපෝ ධාතුවෙහි සිත නොඇලෙයි.
|
116
‘‘කතමා ච, රාහුල, තෙජොධාතු? තෙජොධාතු සියා අජ්ඣත්තිකා, සියා බාහිරා. කතමා ච, රාහුල, අජ්ඣත්තිකා තෙජොධාතු? යං අජ්ඣත්තං පච්චත්තං තෙජො තෙජොගතං උපාදින්නං, සෙය්යථිදං - යෙන ච සන්තප්පති යෙන ච ජීරීයති යෙන ච පරිඩය්හති යෙන ච අසිතපීතඛායිතසායිතං සම්මා පරිණාමං ගච්ඡති, යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං තෙජො තෙජොගතං උපාදින්නං - අයං වුච්චති, රාහුල, අජ්ඣත්තිකා තෙජොධාතු. යා චෙව ඛො පන අජ්ඣත්තිකා තෙජොධාතු යා ච බාහිරා තෙජොධාතු තෙජොධාතුරෙවෙසා. තං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති - එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා තෙජොධාතුයා නිබ්බින්දති, තෙජොධාතුයා චිත්තං විරාජෙති.
|
116
“රාහුල, තෙජො ධාතුව කවරීද, අධ්‍යාත්මික තෙජො ධාතුවක්ද වන්නේය. බාහිර තෙජො ධාතුවක්ද වන්නේය. රාහුල, අධ්‍යාත්මික තෙජො ධාතුව කවරීද, තමා තුළ පවත්නා ජීවිතෙන්ද්රිය සහිත යම් උණුසුමක්, උණුසුම් බවක් වේද, එනම්: යම් උණුසුමකින් තැවේද, යම් උණුසුමකින් ශරීරය දිරවයිද, යම් උණුසුමකින් දැවිලි කරයිද, යම් උණුසුමකින් කන බොන ලද ආහාර පාන දිරවයිද, මෙයින් අන්‍යවූ තමා තුළ පවත්නාවූ ජීවිතෙන්ද්රිය සහිත යම් උණුසුමක්, උණුසුම් බවක් වේද, රාහුල, මේ අධ්‍යාත්මික තෙජො ධාතුව යයි කියනු ලැබේ. රාහුල, යම් අධ්‍යාත්මික තෙජො ධාතුවක් වේද, බාහිරවූ යම් තෙජො ධාතුවක් වේද, මේ දෙකම තෙජො ධාතුව මැයි. එය මාගේ නොවේය, එය මම නොවෙමි, එය මාගේ ආත්මය නොවෙයි,’ මෙසේ එය ඇතිසැටියෙන් යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි. මෙසේ එය ඇතිසැටියෙන් යහපත් ප්‍රඥාවෙන් දැක තෙජො ධාතුවෙහි කලකිරෙයි. තෙජො ධාතුවෙහි සිත නොඇලෙයි.
|
117
‘‘කතමා
|
117
“රාහුල, වායො ධාතුව කවරීද, අධ්‍යාත්මික වායො ධාතුවක්ද වන්නේය. බාහිර වායො ධාතුවක්ද වන්නේය. රාහුල, අධ්‍යාත්මික වායො ධාතුව කවරීද, තමා තුළ පවත්නා ජීවිතෙන්ද්රිය සහිතවූ යම් වාතයක්, වායුවක් වේද, එනම් උඩට නගින වාතය, පහලට බස්නා වාතය, කුසෙහි (බඩෙහි) පවතින වාතය, බඩවැල් තුළ පවතින වාතය, අඟ පසඟ ක්‍රියා කරන වාතය, ආශ්වාස ප්‍රශ්වාස වාතය යන මේයි. මෙයින් අන්‍යවූද තමා තුළ පවත්නාවූ ජීවිතෙන්ද්රිය සහිත යම් වායුවක් වාතයක් වේද රාහුලය, මේ අධ්‍යාත්මික වායො ධාතුවයයි කියනු ලැබේ. අධ්‍යාත්මික යම් වායො ධාතුවක් වේද, බාහිරවූ යම් වායො ධාතුවක් වේද, මේ දෙකම වායො ධාතුව මැයි.’ ‘එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි.’ මෙසේ එය ඇතිසැටියෙන් යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි. මෙසේ එය ඇතිසැටියෙන් යහපත් ප්‍රඥාවෙන් දැක වායො ධාතුවෙහි කලකිරෙයි. වායො ධාතුවෙහි සිත නොඇලෙයි.
|
118
‘‘කතමා ච, රාහුල, ආකාසධාතු? ආකාසධාතු සියා අජ්ඣත්තිකා, සියා බාහිරා. කතමා ච, රාහුල, අජ්ඣත්තිකා ආකාසධාතු? යං අජ්ඣත්තං පච්චත්තං ආකාසං ආකාසගතං උපාදින්නං, සෙය්යථිදං - කණ්ණච්ඡිද්දං නාසච්ඡිද්දං මුඛද්වාරං, යෙන ච අසිතපීතඛායිතසායිතං අජ්ඣොහරති, යත්ථ ච අසිතපීතඛායිතසායිතං සන්තිට්ඨති, යෙන ච අසිතපීතඛායිතසායිතං අධොභාගං
(අධොභාගා (සී. ස්‍යා. කං. පී.)) නික්ඛමති, යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං ආකාසං ආකාසගතං, අඝං අඝගතං, විවරං විවරගතං, අසම්ඵුට්ඨං, මංසලොහිතෙහි උපාදින්නං
|
118
“රාහුල, ආකාශධාතුව කවරීද, අධ්‍යාත්මික ආකාශ ධාතුවක්ද වන්නේය. බාහිරවූ ආකාශ වස්තුවක්ද වන්නේය.
“රාහුල, අධ්‍යාත්මික ආකාශ ධාතුව කවරීද, තමා තුළ පවත්නාවූ ජීවිතෙන්ද්රිය සහිත යම් ආකාශයක්, සිදුරක් වේද, එනම්: කන් සිදුර, නැහැ සිදුර, මුවදොර, යම් තැනෙකින් අනුභව කරන, බොන කන ලොවින දෙය ගිලෙයිද යම් තැනෙක අනුභව කරණ බොන කන ලොවින දෙය සිටීද (නවතීද) යම් තැනෙකින් අනුභවකරණ බොන කන ලොවින දෙය යට කොටසින් නික්මේද, යන මේයි. මෙයින් අන්‍යවූද තමා තුළ පවත්නාවූ ජීවිතෙන්ද්රිය සහිත යම්කිසි ආකාශයක්, සිදුරක් වේද, රාහුල, මේ අධ්‍යාත්මික ආකාශ ධාතුයයි කියනු ලැබේ. යම් අධ්‍යාත්මික ආකාශ ධාතුවක් වීද, යම් බාහිර ආකාශ ධාතුවක් වීද, ඒ දෙකම ආකාශ ධාතුවමැයි. එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි. මෙසේ මෙය ඇති සැටියෙන් යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි. මෙසේ එය ඇති සැටියෙන් යහපත් ප්‍රඥාවෙන් (නුවණින්) දැක ආකාශ ධාතුවෙහි කලකිරෙයි. ආකාශ ධාතුවෙහි සිත නොඇලෙයි.
|
119
‘‘පථවීසමං, රාහුල, භාවනං භාවෙහි. පථවීසමඤ්හි තෙ, රාහුල, භාවනං භාවයතො උප්පන්නා මනාපාමනාපා ඵස්සා චිත්තං න පරියාදාය ඨස්සන්ති. සෙය්යථාපි, රාහුල, පථවියා සුචිම්පි නික්ඛිපන්ති, අසුචිම්පි නික්ඛිපන්ති, ගූථගතම්පි නික්ඛිපන්ති, මුත්තගතම්පි නික්ඛිපන්ති, ඛෙළගතම්පි නික්ඛිපන්ති, පුබ්බගතම්පි නික්ඛිපන්ති, ලොහිතගතම්පි නික්ඛිපන්ති, න ච තෙන පථවී අට්ටීයති වා හරායති වා ජිගුච්ඡති වා; එවමෙව ඛො ත්වං, රාහුල, පථවීසමං භාවනං භාවෙහි. පථවීසමඤ්හි තෙ, රාහුල, භාවනං භාවයතො උප්පන්නා මනාපාමනාපා ඵස්සා චිත්තං න පරියාදාය ඨස්සන්ති.
‘‘ආපොසමං, රාහුල, භාවනං භාවෙහි. ආපොසමඤ්හි තෙ, රාහුල, භාවනං භාවයතො උප්පන්නා මනාපාමනාපා ඵස්සා චිත්තං න පරියාදාය ඨස්සන්ති. සෙය්යථාපි, රාහුල, ආපස්මිං සුචිම්පි
‘‘තෙජොසමං, රාහුල, භාවනං භාවෙහි. තෙජොසමඤ්හි තෙ, රාහුල, භාවනං භාවයතො උප්පන්නා මනාපාමනාපා ඵස්සා චිත්තං න පරියාදාය ඨස්සන්ති. සෙය්යථාපි, රාහුල, තෙජො සුචිම්පි දහති, අසුචිම්පි දහති, ගූථගතම්පි දහති, මුත්තගතම්පි දහති, ඛෙළගතම්පි දහති, පුබ්බගතම්පි දහති, ලොහිතගතම්පි දහති, න ච තෙන තෙජො අට්ටීයති වා හරායති වා ජිගුච්ඡති වා; එවමෙව ඛො ත්වං, රාහුල, තෙජොසමං භාවනං භාවෙහි. තෙජොසමඤ්හි තෙ, රාහුල, භාවනං භාවයතො උප්පන්නා මනාපාමනාපා ඵස්සා චිත්තං න පරියාදාය ඨස්සන්ති.
‘‘වායොසමං, රාහුල, භාවනං භාවෙහි. වායොසමඤ්හි තෙ, රාහුල, භාවනං භාවයතො උප්පන්නා මනාපාමනාපා ඵස්සා චිත්තං න පරියාදාය ඨස්සන්ති. සෙය්යථාපි, රාහුල, වායො සුචිම්පි උපවායති, අසුචිම්පි උපවායති, ගූථගතම්පි උපවායති, මුත්තගතම්පි උපවායති, ඛෙළගතම්පි උපවායති, පුබ්බගතම්පි උපවායති, ලොහිතගතම්පි උපවායති, න ච තෙන වායො අට්ටීයති වා හරායති වා ජිගුච්ඡති වා; එවමෙව ඛො ත්වං, රාහුල, වායොසමං භාවනං භාවෙහි. වායොසමඤ්හි තෙ, රාහුල, භාවනං භාවයතො උප්පන්නා මනාපාමනාපා ඵස්සා චිත්තං න පරියාදාය
‘‘ආකාසසමං, රාහුල, භාවනං භාවෙහි. ආකාසසමඤ්හි තෙ, රාහුල, භාවනං භාවයතො උප්පන්නා මනාපාමනාපා ඵස්සා චිත්තං න පරියාදාය ඨස්සන්ති. සෙය්යථාපි, රාහුල, ආකාසො න කත්ථචි පතිට්ඨිතො; එවමෙව ඛො ත්වං, රාහුල, ආකාසසමං භාවනං භාවෙහි. ආකාසසමඤ්හි තෙ, රාහුල, භාවනං භාවයතො උප්පන්නා මනාපාමනාපා ඵස්සා චිත්තං න පරියාදාය ඨස්සන්ති.
|
119
“රාහුල, පොළොව හා සමකොට භාවනාව වඩව. පොළොව හා සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල්සිත විනාශකොට නොසිටිත්. රාහුල, යම්සේ පොළොවෙහි පිරිසිදු දෙයද දමත්, අපිරිසිදු දෙයද දමත්, මුත්‍රද දමත්, කෙලද හෙළත්, සැරවද දමත්, ලෙහෙද දමත්, එයින් පොළොව අප්‍රිය හෝ නොකරයි. පිළිකුල් හෝ නොකරයි. රාහුල එපරිද්දෙන්ම තොප පොළොව හා සමකොට භාවනාව වඩව්. පොළොව හා සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල් සිත විනාශකොට නොසිටිත්.
“රාහුල, ජලය හා සමකොට භාවනාව වඩව, ජලය සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල් සිත විනාශ කොටගෙන නොසිටිත්. රාහුල, යම්සේ දියෙහි පිරිසිදු දෙයද සෝදත්, අපිරිසිදු දෙයද සෝදත්, අශුචිද සෝදත්, මුත්‍රද සෝදත්, කෙලද සෝදත්, සැරවද සෝදත්, ලෙහෙද සෝදත්, එයින් දිය අප්‍රිය හෝ නොවෙයි. පිළිකුල් හෝ නොකරයි. රාහුල, එපරිද්දෙන්ම ඔබ දිය හා සමකොට භාවනාව වඩව. රාහුල, දිය සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල් සිත විනාශ කොට ගෙන නොසිටිත්.
“රාහුල, ගිනි හා සමකොට භාවනාව වඩව. ගිනි හා සමකොට භාවනා වඩන්නාවූ ඔබට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල් සිත විනාශකොටගෙණ නොසිටිත්. රාහුල, යම්සේ ගින්න පවිත්‍ර දෙයද දවයි. අපවිත්‍ර දෙයද දවයි, අශුචිද දවයි, මුත්‍රද දවයි, කෙලද දවයි, සැරවද දවයි, ලෙහෙද දවයි, එයින් ගින්න අප්‍රිය හෝ නොවෙයි. පිළිකුල් හෝ නොකරයි. රාහුල, එපරිද්දෙන්ම ගින්න හා සම කොට භාවනාව වඩව, රාහුල, ගින්න හා සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල් සිත විනාශ කොට ගෙණ නො සිටිත්.
“රාහුල, වාතය හා සමකොට භාවනාව වඩව, රාහුල, වාතය හා සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන් මනාපවූද අමනාපවූද ස්පර්ශයෝ කුසල් සිත විනාශ කොට ගෙන නොසිටිත්. රාහුල, යම්සේ වාතය පිරිසිදු දේද ගෙන යයි, අපිරිසිදු දේද ගෙනයයි, අශුචිද ගෙනයයි, මුත්‍රද ගෙනයයි, කෙලද ගෙනයයි, සැරවද ගෙනයයි, ලෙහෙද ගෙනයයි. වාතය එයින් අප්‍රිය හෝ නොවෙයි. පිළිකුල් හෝ නොකෙරෙයි. රාහුල, ඔබ එපරිද්දෙන්ම වාතය හා සමකොට භාවනාව වඩව, වාතය හා සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල් සිත විනාශකොට ගෙණ නොසිටිත්.
“රාහුල, අහස හා සමකොට භාවනාව වඩව, රාහුල, අහස හා සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල් සිත විනාශකොට ගෙණ නොසිටිත්. රාහුල, යම්සේ අහස කොතැන්හිවත් නොපිහිටියේද, රාහුල, එපරිද්දෙන්ම ඔබ අහස හා සමකොට භාවනාව වඩව. ‘රාහුල, අහස සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල් සිත විනාශකොට ගෙණ නොසිටිත්.
|
120
‘‘මෙත්තං, රාහුල, භාවනං භාවෙහි. මෙත්තඤ්හි තෙ, රාහුල, භාවනං භාවයතො යො බ්යාපාදො
|
120
“රාහුල, මෛත්‍රී භාවනාව වඩව. රාහුල, මෛත්‍රී භාවනාව වඩන්නාවූ ඔබගේ යම් ක්‍රෝධයක් වේද, එය නැතිවී යන්නේය.
“රාහුල, කරුණා භාවනාව වඩව. රාහුල, කරුණා භාවනාව වඩන්නාවූ ඔබගේ යම් හිංසාවක් වේද, එය නැතිවී යන්නේය.
“රාහුල, මුදිතා භාවනාව වඩව. රාහුල, මුදිතා භාවනාව වඩන්නාවූ ඔබගේ යම් නොඇලීමක් වේද, එය නැතිවී යන්නේය.
“රාහුල, උපෙක්ෂා භාවනාව වඩව. රාහුල, උපෙක්ෂා භාවනාව වඩන්නාවූ ඔබගේ යම් ප්‍රතිඝයක් ද්වේෂයක් වේද, එය නැතිවී යන්නේය.
“රාහුල, අසුභ භාවනාව වඩව. රාහුල, අසුභ භාවනාව වඩන්නාවූ ඔබගේ යම් රාගයක් වේද, එය නැතිවී යන්නේය.
රාහුල, අනිච්චසඤ්ඤා භාවනාව වඩව. රාහුල, අනිච්චසඤ්ඤා (-ඇතිව නැතිවෙයි යන හැඟීම) භාවනාව වඩන්නාවූ ඔබගේ යම් ‘මම වෙමි’ යන මානයක් වේද, එය නැතිවී යන්නේය.
|
121
‘‘ආනාපානස්සතිං, රාහුල, භාවනං භාවෙහි. ආනාපානස්සති හි තෙ, රාහුල, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා. කථං භාවිතා ච, රාහුල, ආනාපානස්සති, කථං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා
‘‘දීඝං වා අස්සසන්තො ‘දීඝං අස්සසාමී’ති පජානාති, දීඝං වා පස්සසන්තො ‘දීඝං පස්සසාමී’ති පජානාති; රස්සං වා අස්සසන්තො ‘රස්සං අස්සසාමී’ති පජානාති, රස්සං වා පස්සසන්තො ‘රස්සං පස්සසාමී’ති පජානාති. ‘සබ්බකායප්පටිසංවෙදී අස්සසිස්සාමී’ති සික්ඛති; ‘සබ්බකායප්පටිසංවෙදී පස්සසිස්සාමී’ති සික්ඛති; ‘පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමී’ති සික්ඛති; ‘පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමී’ති සික්ඛති.
‘‘‘පීතිප්පටිසංවෙදී අස්සසිස්සාමී’ති සික්ඛති; ‘පීතිප්පටිසංවෙදී පස්සසිස්සාමී’ති සික්ඛති; ‘සුඛප්පටිසංවෙදී අස්සසිස්සාමී’ති සික්ඛති; ‘සුඛප්පටිසංවෙදී පස්සසිස්සාමී’ති සික්ඛති; ‘චිත්තසඞ්ඛාරප්පටිසංවෙදී අස්සසිස්සාමී’ති සික්ඛති; ‘චිත්තසඞ්ඛාරප්පටිසංවෙදී පස්සසිස්සාමී’ති සික්ඛති; ‘පස්සම්භයං චිත්තසඞ්ඛාරං අස්සසිස්සාමී’ති සික්ඛති; ‘පස්සම්භයං චිත්තසඞ්ඛාරං පස්සසිස්සාමී’ති සික්ඛති.
‘‘‘චිත්තප්පටිසංවෙදී අස්සසිස්සාමී’ති සික්ඛති; ‘චිත්තප්පටිසංවෙදී පස්සසිස්සාමී’ති සික්ඛති
‘‘‘අනිච්චානුපස්සී
‘‘එවං භාවිතා ඛො, රාහුල, ආනාපානස්සති, එවං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා. එවං භාවිතාය, රාහුල, ආනාපානස්සතියා, එවං
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා රාහුලො භගවතො භාසිතං අභිනන්දීති.
|
121
“රාහුල, ආණාපාණසති (-හුස්ම ගැණීම හැරීම දෙක පිළිබඳ) භාවනාව වඩව. රාහුල, ආණාපාණසති භාවනාව වඩනාලද්දී, බහුලවශයෙන් කරණලද්දී, මහත් ඵල මහානිශංස වේ. රාහුල, කෙසේ වඩනාලද කෙසේ බහුල වශයෙන් කරණ ලද ආණාපානසතිය මහත්ඵල මහානිශංස වේද, රාහුල, මේ ශාසනයෙහි භික්ෂුවක් වනයට ගියේ හෝ රුක් මුලට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ එරමිණිය ගොතා කය ඍජුව තබා සිහිය ඉදිරිපත් කොට උපදවා හිඳියි, ඒ භික්ෂුව සිහි ඇතිවම හුස්ම ගණී, සිහි ඇතිව හුස්ම හරී, දික් හුස්ම ගන්නේ දිගට හුස්ම ගනිමියි දනියි. දිගට හුස්ම හරින්නේ දිගට හුස්ම හරිමියි දනියි. කොටින් හුස්ම ගන්නේ කොටින් හුස්ම ගනිමියි දනී. කොටින් හුස්ම හරින්නේ කොටින් හුස්ම හරිමියි දනී. හුස්ම ගැණීම මුල සිට අග තෙක් සම්පූර්ණයෙන් දැන හුස්ම ගණිමියි හික්මෙයි. (-පුරුදු වෙයි) හුස්ම හැරීම මුල සිට අගතෙක් සම්පූර්ණයෙන් දැන හුස්ම හරිමියි හික්මෙයි. මහත්කොට හුස්ම ගැනීම ධ්‍යාන ප්‍රීතිය දැනගනිමින් හුස්ම ගනිමියි හික්මෙයි. මහත්කොට හුස්ම හැරීම ධ්‍යාන ප්‍රීතිය දැනගනිමින් හුස්ම හරිමියි හික්මෙයි. ධ්‍යාන සැපය දැනගනිමින් හුස්ම ගණිමියි හික්මෙයි. ධ්‍යාන සැපය දැනගනිමින් හුස්ම හරිමියි හික්මෙයි. චිත්ත ව්‍යාපාරය දැනගනිමින් හුස්ම ගණිමියි හික්මෙයි. චිත්ත ව්‍යාපාරය දැනගනිමින් හුස්ම හරිමියි හික්මෙයි. චිත්ත ව්‍යාපාරය සංසිඳුවමින් හුස්ම ගණිමියි හික්මෙයි. චිත්ත ව්‍යාපාරය සංසිඳුවමින් හුස්ම හරිමියි හික්මෙයි. සිත දැනගනිමින් හුස්ම ගණිමියි හික්මෙයි. සිත දැනගනිමින් හුස්ම හරිමියි හික්මෙයි. සිත විශේෂයෙන් තුටුකරමින් හුස්ම ගණිමියි හික්මෙයි. සිත විශේෂයෙන් තුටු කරමින් හුස්ම හරිමියි හික්මෙයි. සිත මනාකොට තබමින් හුස්ම ගණිමියි හික්මෙයි. සිත මනාකොට තබමින් හුස්ම හරිමියි හික්මෙයි. සිත කෙලෙසුන්ගෙන් මුදවමින් හුස්ම ගණිමියි හික්මෙයි. සිත කෙලෙසුන්ගෙන් මුදවමින් හුස්ම හරිමියි හික්මෙයි. අනිත්‍යය අනුව බලමින් හුස්ම ගණිමියි හික්මෙයි. අනිත්‍යය අනුව බලමින් හුස්ම හරිමියි හික්මෙයි නොඇලීම අනුව බලමින් හුස්ම ගණිමියි හික්මෙයි. නොඇලීම අනුව බලමින් හුස්ම හරිමියි හික්මෙයි. නිරෝධය අනුව බලමින් හුස්ම ගණිමියි හික්මෙයි. නිරෝධය අනුව බලමින් හුස්ම හරිමියි හික්මෙයි. දුරලීම අනුව බලමින් හුස්ම ගණිමියි හික්මෙයි. දුරලීම අනුව බලමින් හුස්ම හරිමියි හික්මෙයි.
“රාහුල, මෙසේ වඩනලද මෙසේ බහුල වශයෙන් කරන ලද ආනාපාන සතිය මහත්ඵල මහානිශංසවේ. රාහුල, මෙසේ වඩනලද මෙසේ බහුල වශයෙන් කරණ ලද ආනාපාන සතිය කරණකොට ඔබගේ යම් අවසාන හුස්ම ගැනීමක් හැරීමක් වෙත්ද, ඒවාද දැනගෙනම නැතිවී යත්. නොදැන නැතිවී නොයත්.”
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. ආයුෂ්මත් රාහුල ස්ථවිර තෙමේ සතුටු වූයේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටු විය.
|
3. චූළමාලුක්‍යසුත්තං | 3. චූල මාලුංක්‍ය සූත්‍රය |
122
එවං
|
122
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඩු මහ සිටුහුගේ ජේතවන නම්වූ ආරාමයෙහි වැඩ වාසය කළහ. එකල්හි රහසිගතව සිත එකඟ කළ මාලුංක්‍ය පුත්‍ර තෙරුන් වහන්සේට සිත පිළිබඳ මෙබඳු කල්පනාවක් පහළ විය. (එනම්) ‘ලෝකය සදාකාලිකය කියාද, ලෝකය සදාකාලික නොවේය කියාද, ලෝකය කෙළවරක් ඇත්තේය කියාද, ලෝකය කෙළවරක් නැත්තේය කියාද, ඒ ජීවයම ඒ ශරීරයයි කියාද, ජීවය අනිකෙක ශරීරය අනිකෙක කියාද, සත්වයා මරණින් පසු ඇතිවේය කියාද, සත්වයා මරණින් පසු ඇති නොවේය කියාද, සත්වයා මරණින් පසු ඇතිවේද ඇතිනොවේද කියාද, සත්වයා මරණින් පසු ඇතිනොවේය ඇති නොවන්නේත් නොවේය කියාද, භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ නොකරන ලද, තබන ලද, ප්රතික්ෂෙප කරන ලද යම් මේ දෘෂ්ටීහු වෙත්ද, භාග්‍යවතුන් වහන්සේ මට ඒ දෘෂ්ටි ප්‍රකාශ නොකළහ. භාග්‍යවතුන් වහන්සේ මට යම් දෘෂ්ටි ප්‍රකාශ නොකළෝද මට එය රුචි නොවෙයි. මට එය ඉවසිය නොහැක. ඒ මම භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් ඒ කාරණය විචාරන්නෙමි. ඉදින් මට භාග්‍යවතුන් වහන්සේ ලෝකය සදාකාලිකය කියා හෝ, ලෝකය සදාකාලික නොවේය කියා හෝ, ලෝකය කෙළවරක් ඇත්තේය කියා හෝ, ලෝකය කෙළවරක් නැත්තේය කියා හෝ, ඒ ජීවයම ඒ ශරීරය කියා හෝ, ජීවය අනිකෙක ශරීරය අනිකෙක කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇති නොවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේද ඇති නොවේද කියා හෝ, සත්වයා මරණින් පසු ඇති නොවේය ඇති නොවන්නේත් නොවේය කියා හෝ ප්‍රකාශ කරන්නේ නම් එවිට මම භාග්‍යවතුන් වහන්සේ වෙත මහණකම් කරන්නෙමි.
“ඉදින් මට භාග්‍යවතුන් වහන්සේ ලෝකය සදාකාලිකය කියා හෝ, ලෝකය සදාකාලික නොවේය කියා හෝ ලෝකය කෙළවරක් ඇත්තේය කියා හෝ, ලෝකය කෙළවරක් නැත්තේය කියා හෝ, ඒ ජීවයම ඒ ශරීරය කියා හෝ, ජීවය අනිකෙක ශරීරය අනිකෙක කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇති නොවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේද ඇති නොවේද කියා හෝ සත්වයා මරණින් පසු ඇති නොවේය ඇති නොවන්නේත් නොවේය කියා හෝ ප්‍රකාශ නොකරන්නේ නම් එවිට මම පැවිදිකම හැර ගිහිවන්නෙමි” (කියායි.)
|
123
අථ
|
123
ඉක්බිති ආයුෂ්මත් මාලුංක්‍ය පුත්ත ස්ථවිර තෙම සවස් කාලයෙහි සිත එකඟ කිරීමෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි ගියහ. ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පැත්තෙක හුන්නේය. එක් පැත්තක හුන් මාලුංක්‍ය පුත්ත ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය.
|
124
‘‘ඉධ මය්හං, භන්තෙ, රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි - යානිමානි දිට්ඨිගතානි භගවතා අබ්යාකතානි ඨපිතානි පටික්ඛිත්තානි - ‘සස්සතො ලොකො’තිපි, ‘අසස්සතො ලොකො’තිපි...පෙ.... ‘නෙව හොති න න හොති තථාගතො පරං මරණා’තිපි - තානි මෙ භගවා න බ්යාකරොති. යානි මෙ භගවා න බ්යාකරොති තං මෙ
|
124
“ස්වාමීනි, මෙහි රහසිගතව සිත එකඟ කළ මට සිත පිළිබඳ මෙබඳු කල්පනාවක් පහළ විය. (එනම්) ලෝකය සදාකාලිකය කියාද, ලෝකය සදාකාලික නොවේය කියාද, ලෝකය කෙළවරක් ඇත්තේය කියා හෝ, ලෝකය කෙළවරක් නැත්තේය කියා හෝ, ඒ ජීවය ඒ ශරීරය කියා හෝ, ජීවය අනිකෙක ශරීරය අනිකෙක කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇති නොවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේද ඇති නොවේද කියා හෝ සත්වයා මරණින් පසු ඇති නොවේය ඇති නොවන්නේත් නොවේය කියා හෝ ප්‍රකාශ කරන්නේ නම් මම භාග්‍යවතුන් වහන්සේ වෙත මහණකම් කරන්නෙමි. ඉදින් මට භාග්‍යවතුන් වහන්සේ ලෝකය සදාකාලිකය කියා හෝ, ලෝකය සදාකාලික නොවේය කියා හෝ ලෝකය කෙළවරක් ඇත්තේය කියා හෝ, ලෝකය කෙළවරක් නැත්තේය කියා හෝ, ඒ ජීවය ඒ ශරීරය කියා හෝ, ජීවය අනිකෙක ශරීරය අනිකෙක කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇති නොවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේද ඇති නොවේද කියා හෝ සත්වයා මරණින් පසු ඇති නොවේය ඇති නොවන්නේත් නොවේය කියා හෝ ප්‍රකාශ නොකරන්නේ නම් එවිට මම පැවිදිකම හැර ගිහිවන්නෙමි”යි (කියායි).
“ඉදින් භාග්‍යවතුන් වහන්සේ ලෝකය සදාකාලිකය’යි දනීද, භාග්‍යවතුන් වහන්සේ මට ලෝකය සදාකාලියයි ප්‍රකාශ කෙරේවා. ඉදින් භාග්‍යවතුන් වහන්සේ ලෝකය සදාකාලික නොවේයයි දනීද, මට භාග්‍යවතුන් වහන්සේ ලෝකය සදාකාලික නොවේයයි ප්‍රකාශ කෙරේවා. ඉදින් භාග්‍යවතුන් වහන්සේ ලෝකය සදාකාලිකය කියා හෝ ලෝකය සදාකාලික නොවේය කියා හෝ නොදනීද (එසේ) නොදන්නහුගේ හා නොදක්නහුගේ යම් මේ නොදනිමි නොදකිමි’යි යන මෙයම (-මේ කීමම) ඍජුකම වේ.
“ඉදින් භාග්‍යවතුන් වහන්සේ ලෝකය කෙළවරක් ඇත්තේය කියා දනීද, භාග්‍යවතුන් වහන්සේ මට ලෝකය කෙළවරක් ඇත්තේය’යි ප්‍රකාශ කෙරේවා. ඉදින් භාග්‍යවතුන් වහන්සේ ලෝකය කෙළවරක් නැත්තේය කියා දනීද, භාග්‍යවතුන් වහන්සේ මට ලෝකය කෙළවරක් නැත්තේය’යි ප්‍රකාශ කෙරේවා. ඉදින් භාග්‍යවතුන් වහන්සේ ලෝකය කෙළවරක් ඇත්තේය කියා හෝ ලෝකය කෙළවරක් නැත්තේය කියා හෝ නොදනීද, එසේ නොදන්නහුගේ හා නොදක්නහුගේ යම් මේ ‘නොදනිමි නොදකිමි’යි යන මෙයම (මේ කීමම) ඍජුකම වේ.
“ඉදින් භාග්‍යවතුන් වහන්සේ ඒ ජීවයම ඒ ශරීරය’යි දනීද, භාග්‍යවතුන් වහන්සේ මට ඒ ජීවයම ඒ ශරීරය’යි ප්‍රකාශ කෙරේවා. ඉදින් භාග්‍යවතුන් වහන්සේ ජීවය අනිකෙක, ශරීරය අනිකෙකැයි දනීද, භාග්‍යවතුන් වහන්සේ මට ජීවය අනිකෙක ශරීරය අනිකෙකැයි ප්‍රකාශ කෙරේවා. ඉදින් භාග්‍යවතුන් වහන්සේ ඒ ජීවයම ශරීරය’යි කියා හෝ ජීවය අනිකෙක ශරීරය අනිකෙකැයි කියා හෝ නොදනීද, නොදන්නහුගේ හා නොදක්නහුගේ යම් මේ නොදනිමි නොදකිමි’යි යන මෙයම (-මේ කීමම) ඍජුකම වේ.
“ඉදින් භාග්‍යවතුන් වහන්සේ සත්වයා මරණින් පසු ඇතිවේය’යි දනීද, භාග්‍යවතුන් වහන්සේ මට සත්වයා මරණින් පසු ඇතිවේය’යි ප්‍රකාශ කෙරේවා. ඉදින් භාග්‍යවතුන් වහන්සේ සත්වයා මරණින් පසු ඇති නොවේය’යි දනීද, භාග්‍යවතුන් වහන්සේ මට සත්වයා මරණින් පසු ඇති නොවේය’යි ප්‍රකාශ කෙරේවා. ඉදින් භාග්‍යවතුන් වහන්සේ සත්වයා මරණින් පසු ඇතිවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇති නොවේය කියා හෝ නොදනීද, නොදන්නහුගේ හා නොදක්නහුගේ යම් මේ නොදනිමි නොදකිමි’යි යන මෙයම (මේ කීමම) ඍජුකම වේ.
“ඉදින් භාග්‍යවතුන් වහන්සේ සත්වයා මරණින් පසු ඇතිවේය’යිද ඇති නොවේය’යිද දනීද, මට භාග්‍යවතුන් වහන්සේ සත්වයා මරණින් පසු ඇතිවේය’යිද ඇති නොවේය’යි ද ප්‍රකාශ කෙරේවා. ඉදින් භාග්‍යවතුන් වහන්සේ සත්වයා මරණින් පසු ඇතිනොවේය ඇති නොවන්නෙත් නොවේය’යි දනීද, භාග්‍යවතුන් වහන්සේ මට සත්වයා මරණින් පසු ඇති නොවේය ඇති නොවන්නේත් නොවේයයි ප්‍රකාශ කෙරේවා ඉදින් භාග්‍යවතුන් වහන්සේ සත්වයා මරණින් පසු ඇතිවේ යයිද ඇති නොවේය’යිද නොදනීද සත්වයා මරණින් පසු ඇති නොවේය ඇති නොවන්නේත් නොවේය’යිද නොදනීද නොදන්නහුගේ හා නොදක්නහුගේ යම් මේ නොදනිමි නොදකිමියි යන මෙයම (මේ කීමම) ඍජුකම වේ.”
|
125
‘‘කිං නු
(කිං නු ඛො (ස්‍යා. කං. ක.)) තාහං, මාලුක්‍යපුත්ත, එවං අවචං - ‘එහි ත්වං, මාලුක්‍යපුත්ත, මයි බ්රහ්මචරියං චර, අහං තෙ බ්යාකරිස්සාමි - ‘සස්සතො ලොකො’ති වා, ‘අසස්සතො ලොකො’ති වා, ‘අන්තවා ලොකො’ති වා, ‘අනන්තවා ලොකො’ති වා, ‘තං ජීවං තං සරීර’න්ති වා, ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීර’න්ති වා, ‘හොති තථාගතො පරං මරණා’ති වා, ‘න හොති
|
125
“මාලුංක්‍ය පුත්‍රය, කිමද? ඔබට මම මෙසේ කීයෙම්ද? ‘මාලුංක්‍ය පුත්‍රය, මම ඔබට ලෝකය සදාකාලිකය කියා හෝ, ලෝකය සදාකාලික නොවේය කියා හෝ ලෝකය කෙළවරක් ඇත්තේය කියා හෝ, ලෝකය කෙළවරක් නැත්තේය කියා හෝ, ඒ ජීවයම ඒ ශරීරයයි කියා හෝ, ජීවය අනිකෙක ශරීරය අනිකෙක කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇති නොවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේද ඇති නොවේද කියා හෝ, සත්වයා මරණින් පසු ඇති නොවේය ඇති නොවන්නේත් නොවේය කියා හෝ ප්‍රකාශ කරන්නෙමි. (මෙහි) එව මා වෙත බඹසර (බ්රහ්මචරියායෙහි) හැසිරෙව පැවිදිවෙව”(යි කීයෙම්ද)
“ස්වාමීනි, එබඳු කීමක් නැත.”
“ඔබ හෝ මට, ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට ලෝකය සදාකාලිකය කියා හෝ ලෝකය සදාකාලික නොවේය කියා හෝ ලෝකය කෙළවරක් ඇත්තේය කියා හෝ ලෝකය කෙළවරක් නැත්තේය කියා හෝ, ඒ ජීවයම ඒ ශරීරය කියා හෝ, ජීවය අනිකෙක ශරීරය අනිකෙක කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇති නොවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේද ඇති නොවේද කියා හෝ සත්වයා මරණින් පසු ඇති නොවේය ඇති නොවන්නේත් නොවේ කියා හෝ ප්‍රකාශ කරන්නේ නම් මම භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර හැසිරෙන්නෙමියි පැවිදිවන්නෙමි’යි මෙසේ කීයෙහිද?”
“ස්වාමීනි, එබඳු කීමක් නැත.”
“මාලුංක්‍ය පුත්‍රය, මම ඔබට ලෝකය සදාකාලිකය කියා හෝ, ලෝකය සදාකාලික නොවේය කියා හෝ, ලෝකය කෙළවරක් ඇත්තේය කියා හෝ, ලෝකය කෙළවරක් නැත්තේය කියා හෝ, ඒ ජීවයම ඒ ශරීරය කියා හෝ, ජීවය අනිකෙක ශරීරය අනිකෙක කියා හෝ, සත්වයා මරණින් පසු ඇති වේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇති නොවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේද ඇති නොවේද කියා හෝ සත්වයා මරණින් පසු ඇති නොවේය ඇතිනොවන්නේත් නොවේය කියා හෝ ප්‍රකාශ කරන්නෙමි. එව ඔබ මා වෙත බඹසර හැසිරෙව පැවිදිවෙව යි, මාලුංක්‍ය පුත්‍රය, මම ඔබට මෙසේත් නොකීවෙමි. ඔබ මට ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ලෝකය සදාකාලිකය කියා හෝ ලෝකය සදාකාලික නොවේය කියා හෝ ලෝකය කෙළවරක් ඇත්තේය කියා හෝ, ලෝකය කෙළවරක් නැත්තේය කියා හෝ, ඒ ජීවය ඒ ශරීරය කියා හෝ, ජීවය අනිකෙක ශරීරය අනිකෙක කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇති නොවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේද ඇති නොවේද කියා හෝ සත්වයා මරණින් පසු ඇති නොවේය ඇති නොවන්නේත් නොවේය කියා හෝ ප්‍රකාශ කරන්නේ නම් මම භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර හැසිරෙන්නෙමියි, පැවිදිවන්නෙමි’යි කීයෙහිත් නොවෙයි. පුරුෂය, මෙසේ ඇති කල්හි (මෙසේ නම්) කවරෙක් කවරෙකු යදින්නෙහිද? (කවරෙකු ඉල්වන්නා හෝ ඉල්වනු ලබන්නාවෙහිද)
|
126
‘‘යො ඛො, මාලුක්‍යපුත්ත, එවං වදෙය්ය - ‘න තාවාහං භගවති බ්රහ්මචරියං චරිස්සාමි යාව මෙ භගවා න බ්යාකරිස්සති - ‘‘සස්සතො ලොකො’’ති වා, ‘‘අසස්සතො ලොකො’’ති වා...පෙ....
|
126
“මාලුංක්‍ය පුත්‍රය, යමෙක් මට ‘භාග්‍යවතුන් වහන්සේ ලෝකය සදාකාලිකය කියා හෝ, ලෝකය සදාකාලික නොවේය කියා හෝ, ලෝකය කෙළවරක් ඇත්තේය කියා හෝ, ලෝකය කෙළවරක් නැත්තේය කියා හෝ, ඒ ජීවයම ඒ ශරීරය කියා හෝ, ජීවය අනිකෙක ශරීරය අනිකෙක කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇති නොවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේද ඇති නොවේද කියා හෝ, සත්වයා මරණින් පසු ඇති නොවේය ඇති නොවන්නේත් නොවේය කියා හෝ යම්තාක් ප්‍රකාශ නොකරන්නේද, ඒතාක් මම භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදි නොවන්නෙමියි. මෙසේ කියන්නේ නම්, මාලුංක්‍ය පුත්‍රය, තථාගතයන් වහන්සේ විසින් එය ප්‍රකාශ නොකරණ ලද්දේම වන්නේය. ඉක්බිති ඒ පුද්ගල තෙම කළුරිය කරන්නේය. (ධර්මයෙන් ප්‍රතිකාර නොකළ හැක්කෙක් වන්නේය).
“මාලුංක්‍ය පුත්‍රය, යම්සේ පුරුෂයෙක් තදින් විෂ පෙවූ ඊතලයකින් පුරුෂයෙක් විදින ලද්දේ වන්නේද, (එතැනට) ඔහුගේ මිත්‍ර නෑදෑයෝ ශල්යවෛද්යයෙකු ඉදිරිපත් කරන්නාහුය (එවිට) ඔහු මෙසේ කියන්නේය. ‘යමෙකු විසින් විදින ලද්දේ වෙම්ද (ඒ) ක්ෂත්‍රියයෙක්ද, බ්‍රාහ්මණයෙක්ද, වෛශ්‍යයෙක්ද, ශුද්රයෙක්දැයි යම්තාක් ඒ පුරුෂයා ගැන නොදනිම්ද, ඒතාක් (දැනගන්නාතුරු) මම මේ ඊතලය නොගලවන්නෙමි.’
“ඔහු මෙසේ කියන්නේය. ‘යමෙකු විසින් විදින ලද්දේ වෙම්ද, (ඒ) මේ නම් ඇත්තෙක, මේ ගොත්‍ර ඇත්තෙකැ’යි යම් තාක් ඒ පුරුෂයා ගැණ නොදනිම්ද, ඒතාක් මම මේ ඊතලය නොගලවන්නෙමි.’
“ඔහු මෙසේ කියන්නේය. ‘යමෙකු විසින් විදින ලද්දේ වෙම්ද, ඒ උස කෙනෙක, මිටි කෙනෙක, මධ්‍යම තරමේ කෙනෙකැ’යි යම්තාක් ඒ පුරුෂයා ගැන නොදනිම්ද ඒතාක් මම මේ ඊතලය නොගලවන්නෙමි.’
“ඔහු මෙසේ කියන්නේය. ‘යමෙකු විසින් විදින ලද්දේ වෙම්ද, (ඒ) කලු කෙනෙක, සුදු කෙනෙක, මගුරුවන් (තලේලලු) කෙනෙකැයි යම්තාක් ඒ පුරුෂයා ගැන නොදනිම්ද, ඒතාක් මම මේ ඊතලය නොගලවන්නෙමි.’
“ඔහු මෙසේ කියන්නේය. ‘යමෙකු විසින් විදින ලද්දේ වෙම්ද, (ඔහු) අසවල් ගමේ හෝ නියම්ගමේ හෝ නුවර හෝ යයි’ යම්තාක් ඒ පුරුෂයා ගැණ නොදනිම්ද, ඒතාක් මම මේ ඊතලය නොගලවන්නෙමි.’
“ඔහු මෙසේ කියන්නේය. ‘යමකින් විදින ලද්දේ වෙම්ද, (එය) ඉදින් මහ දුන්නක්ද, ඉදින් කුඩා දුන්නක්දැයි ඒ දුන්න (ගැණ) යම්තාක් නොදනිම්ද, ඒතාක් මම මේ ඊතලය නොගලවන්නෙමි.’
“ඔහු මෙසේ කියන්නේය. ‘යම් දුනු දිය (දුන්නේ බැඳි ලණුව) කින් විදින ලද්දේ වෙම්ද, (ඒ) වරා නූලින් කරන ලද්දක්ද, හණ නූලින් කරන ලද්දක්ද, නහරවලින් කරන ලද්දක්ද, මරුවවරා නූලින් කරන ලද්දක්දැ’යි දුනුදිය (ගැණ) යම්තාක් නොදනිම්ද, ඒතාක් මම මේ ඊතලය නොගලවන්නෙමි.’
“ඔහු මෙසේ කියන්නේය. ‘යම් ඊතලයකින් විදිනලද්දේ වෙම්ද, (එය) ඉදින් පර්වත දියකඩක හටගන්නක්ද, රෝපණය කළ දෙයකින් සාදන ලද්දක්දැ’යි යම්තාක් ඊතලය ගැන නොදනිම්ද, ඒතාක් මම මේ ඊතලය නොගලවන්නෙමි.’
“ඔහු මෙසේ කියන්නේය. ‘යම් ඊතලයකින් විදින ලද්දෙම්ද, (එය) යම් පක්ෂියෙකුගේ පියාපත්වලින් වෙලන ලදද, ඒ ඉදින් ගිජුලිහිණියකුගේද, ඉදින් ලෝතුඩුවකුගේද, උකුස්සෙකුගේද, මොණරකුගේද, කරහීන් ලිහිණියකුගේදැ’යි යම්තාක් නොදනිම්ද, ඒතාක් මම මේ ඊතලය නොගලවන්නෙමි’
“ඔහු මෙසේ කියන්නේය. “යම් ඊතලයකින් විදින ලද්දේ වෙම්ද, (එය) යමෙකුගේ නහරවලින් වෙළන ලදද (ඒ) ඉදින් ගොණෙකුගේද, ඉදින් මීමෙකුගේද ඉදින් කලු සිංහයකුගේද, ඉදින් මුවකුගේදැයි ඒ ඊතලය (ගැණ) යම්තාක් නොදනිම්ද, ඒතාක් මම මේ ඊතලය නොගලවන්නෙමි.’
“ඔහු මෙසේ කියන්නේය. ‘යම් ඊතලයකින් විදින ලද්දේ වෙම්ද, (එය) ඉදින් ඊතලයක්ද, ඉදින් තියුණු ඊතලයක්ද, ඉදින් වෙකණ්ඩයක්ද, ඉදින් නාරාචයක්ද, ඉදින් වසුදතක්ද, ඉදින් කණේරු පතක්දැ’යි ඊය (ගැණ) යම්තාක් නොදනිම්ද, ඒතාක් මම මේ ඊතලය නොගලවන්නෙමි.’
“මාලුංක්‍ය පුත්‍රය, ඒ පුරුෂයා විසින් (යටකී) කරුණු නොදන්නා ලද්දේම වන්නේය. එකල ඒ (විදුම්ලද) පුරුෂයා කළුරිය කරන්නේය.
“මාලුංක්‍ය පුත්‍රය, එපරිද්දෙන්ම යමෙක් යම්තාක් මට භාග්‍යවතුන් වහන්සේ ලෝකය සදාකාලිකය කියා හෝ ලෝකය සදාකාලික නොවේය කියා හෝ ලෝකය කෙළවරක් ඇත්තේය කියා හෝ ලෝකය කෙළවරක් නැත්තේය කියා හෝ, ඒ ජීවය ඒ ශරීරය කියා හෝ, ජීවය අනිකෙක, ශරීරය අනිකෙක කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇති නොවේය කියා හෝ, සත්වයා මරණින් පසු ඇතිවේද ඇති නොවේද කියා හෝ සත්වයා මරණින් පසු ඇති නොවන්නේය. ඇති නොවන්නේත් නොවන්නේයයි ප්‍රකාශ නොකරන්නේද, ඒතාක් මම භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර නොහැසිරෙන්නෙමියි, පැවිදි නොවන්නෙමි යි කියන්නේද, එකල්හිද ඒ පුද්ගලතෙම මැරෙන්නේය. (ධර්මයෙන් වෙන් වන්නේය.)
|
127
‘‘‘සස්සතො ලොකො’ති, මාලුක්‍යපුත්ත, දිට්ඨියා සති බ්රහ්මචරියවාසො අභවිස්සාති
|
127
“මාලුංක්‍ය පුත්‍රය, ලෝකය සදාකාලිකයයි, දැක්ම ඇති කල්හි හෝ බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරීම වන්නේද? එසේ නොවේ. මාලුංක්‍ය පුත්‍රය, ලෝකය සදාකාලික නොවේය කියා දැකීම ඇති කල්හි හෝ බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරීම වන්නේද? එසේත් නොවේය. මාලුංක්‍ය පුත්‍රය, ලෝකය සදාකාලිකයයි දැක්ම ඇති කල්හිද, ලෝකය සදාකාලික නොවේයයි දැක්ම ඇති කල්හිද, ඒ මම මේ ආත්මයේදී යමක් විනාශයයි පැනවීම්ද (ඒ) ඉපදීම ඇත. ජරාව ඇත. මරණය ඇත. ශොක, වැලපීම්, දුක්, දොම්නස්, උපායාසයෝ ඇත්තාහ.
“මාලුංක්‍ය පුත්‍රය, ලෝකය කෙළවරක් ඇත්තේයයි දැක්ම ඇති කල්හි හෝ බඹසර වස වන්නේද? එසේ නොවේ. මාලුංක්‍ය පුත්‍රය, ලෝකය කෙළවරක් නැත්තේය කියා දැකීම ඇති කල්හි හෝ බඹසර වස වන්නේද? එසේත් නොවේමය. මාලුංක්‍ය පුත්‍රය, ලෝකය කෙළවරක් ඇත්තේයයි දැකීම ඇති කල්හි හෝ ලෝකය කෙළවරක් නැත්තේයයි දැකීම ඇති කල්හි හෝ ඒ මම මේ ආත්මයේදී යමක් විනාශය යි පැනවීම්ද ඒ ඉපදීම ඇත. ජරාව ඇත. මරණය ඇත. ශොක වැලපීම් දුක් දොම්නස් උපායාසයෝ ඇත්තාහ.
“මාලුංක්‍ය පුත්‍රය, ඒ ජීවයම ඒ ශරීරය’යි දැක්ම ඇති කල්හි බඹසර වස වන්නේද? එසේ නොවේ. මාලුංක්‍ය පුත්‍රය, ජීවය අනිකක ශරීරය අනිකකැ’යි දැකීම ඇති කල්හි බඹසර වසවන්නේද? එසේද නොවේය. මාලුංක්‍ය පුත්‍රය, ඒ ජීවය ඒ ශරීරය’යි දැකීම ඇති කල්හිද, ජීවය අනිකක, ශරීරය අනිකකැයි දැකීම ඇතිකල්හිද ඒ මම මේ ආත්මයේදී යමක් විනාශයයි පැනවීම්ද, (ඒ) ඉපදීම ඇත, ජරාව ඇත, මරණය ඇත, ශොක වැලපීම් දුක් දොම්නස් උපායාසයෝ ඇත්තාහ.
“මාලුංක්‍ය පුත්‍රය, සත්වයා මරණින් පසු ඇතිවේයයි දැකීම ඇති කල්හි හෝ බඹසර වස වන්නේද? එසේ නොවේ. මාලුංක්‍ය පුත්‍රය, සත්වයා මරණින් පසු ඇති නොවේයයි දැකීම ඇති කල්හි හෝ බඹසර වස වන්නේද? එසේත් නොවේය. මාලුංක්‍ය පුත්‍රය, සත්වයා මරණින් පසු ඇතිවේය’යි දැකීම ඇති කල්හිද, සත්වයා මරණින් පසු ඇති නොවේයයි දැකීම ඇතිකල්හි හෝ ඒ මම මේ ආත්මයේදී යමක් විනාශයයි පැනවීම්ද, ඒ ඉපදීම ඇත, ජරාව ඇත, මරණය ඇත. ශොක, වැළපීම්, දුක්, දොම්නස් උපායාසයෝ ඇත්තාහ.
“මාලුංක්‍ය පුත්‍රය, සත්වයා මරණින් පසු ඇතිවේද, ඇති නොවේදැයි දැකීම ඇතිකල්හි හෝ බඹසර වස වන්නේද? එසේ නොවේ. මාලුංක්‍ය පුත්‍රය, සත්වයා මරණින්පසු ඇති නොවේ. ඇතිනොවන්නේත් නොවේය’යි දැකීම ඇති කල්හි බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරීම වන්නේද? එසේත් නොවේය. මාලුංක්‍ය පුත්‍රය, සත්වයා මරණින් පසු ඇතිවේද ඇතිනොවේ දැයි දැකීම ඇති කල්හිද ඇති නොවේ, ඇති නොවන්නේත් නොවේය කියා දැකීම ඇති කල්හිද, ඒ මම මේ ආත්මයෙදී යමක් විනාශයයි පැනවීම්ද (ඒ) ඉපදීම ඇත, ජරාව ඇත. මරණය ඇත. ශොක, වැලපීම්, දුක්, දොම්නස් උපායාසයෝ ඇත්තාහ.
|
128
‘‘තස්මාතිහ, මාලුක්‍යපුත්ත, අබ්යාකතඤ්ච මෙ අබ්යාකතතො
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා මාලුක්‍යපුත්තො භගවතො භාසිතං අභිනන්දීති.
|
128
“මාලුංක්‍ය පුත්‍රය, එහෙයින් මෙහි මා විසින් ප්‍රකාශ නොකරණ ලද්ද, ප්‍රකාශ නොකරණ ලද්ද වශයෙන් දරව්. මා විසින් ප්‍රකාශ කරණ ලද්ද, ප්‍රකාශ කරණ ලද්ද වශයෙන් දරව්. මාලුංක්‍ය පුත්‍රය, මා විසින් කුමක් ප්‍රකාශ නොකරණ ලදද? මාලුංක්‍ය පුත්‍රය, මා විසින් ලෝකය සදාකාලිකයයිද ප්‍රකාශ නොකරන ලදී. මා විසින් ලෝකය සදාකාලික නොවේයයිද ප්‍රකාශ නොකරනලදී. මා විසින් ලෝකය කෙළවරක් ඇත්තේය’යිද ප්‍රකාශ නොකරන ලදී. මා විසින් ලෝකය කෙළවරක් නැත්තේයයිද ප්‍රකාශ නොකරන ලදී. මා විසින් ඒ ජීවයම ඒ ශරීරයයිද ප්‍රකාශ නොකරනලදී. මා විසින් ජීවය අනිකක ශරීරය අනිකකැයිද ප්‍රකාශ නොකරනලදී. මා විසින් සත්වයා මරණින් පසු ඇතිවේය’යිද ප්‍රකාශ නොකරන ලදී. මා විසින් සත්වයා මරණින් පසු ඇති නොවේය’යිද ප්‍රකාශ නොකරණ ලදී. මා විසින් සත්වයා මරණින් පසු ඇතිවේය ඇති නොවේය’ යිද ප්‍රකාශ නොකරණ ලදී. මා විසින් සත්වයා මරණින් පසු ඇති නොවේය, ඇති නොවන්නේත් නොවේයයිද ප්‍රකාශ නොකරන ලදී. මාලුංක්‍ය පුත්‍රය, කවර හෙයකින් මා විසින් එය ප්‍රකාශ නොකරන ලදද? මාලුංක්‍ය පුත්‍රය, එය අර්ථයෙන් යුක්ත (-ප්‍රයෝජනයක් ඇති දෙයක්) නොවේ, එය මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වන (-ශීල මාත්‍රයකුදු) නොවේ. එය සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, කෙලෙස් නැතිකිරීම පිණිස, කෙලෙස් සංසිඳුවීම පිණිස, නුවණින් දැනීම පිණිස, සත්‍යාවබොධය පිණිස, නිර්වාණය පිණිස නොපවතී. එහෙයින් මා විසින් එය ප්‍රකාශ නොකරන ලදී.
“මාලුංක්‍ය පුත්‍රය, මා විසින් කුමක් ප්‍රකාශ කරන ලදද? මාලුංක්‍ය පුත්‍රය, මා විසින් මේ දුකයයි ප්‍රකාශ කරන ලදී. මා විසින් මේ දුක් උපදවන හේතුවය’යි ප්‍රකාශ කරන ලදී. මා විසින් මේ දුක් නැතිකිරීමයයි ප්‍රකාශ කරන ලදී. මා විසින් මේ දුක් නැතිකිරීමට පමුණුවන පිළිපැදීමය’යි ප්‍රකාශ කරන ලදී. මාලුංක්‍ය පුත්‍රය, මා විසින් එය කවර හෙයකින් ප්‍රකාශ කරන ලදද? මාලුංක්‍ය පුත්‍රය, එය වනාහී අර්ථයෙන් යුක්ත වේ. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවට මුල් වන්නේ වේ. එය සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස. කෙලෙස් නැති කිරීම පිණිස, කෙලෙස් සංසිඳුවීම පිණිස, නුවණින් දැනගැනීම පිණිස, සත්‍යාවබොධය පිණිස, නිර්වාණය පිණිස පවතී. මාලුංක්‍ය පුත්‍රය, එහෙයින් එය මා විසින් ප්‍රකාශ කරන ලදී. මාලුංක්‍ය පුත්‍රය, එහෙයින් මෙහි මා විසින් ප්‍රකාශ නොකරණ ලද්ද, ප්‍රකාශ නොකරණ ලද්ද වශයෙන් දරව්. මා විසින් ප්‍රකාශ කරණ ලද්ද, ප්‍රකාශ කරණ ලද්ද වශයෙන් දරව්.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටු සිත් ඇති මාලුංක්‍ය පුත්‍ර ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේගේ කීමට සතුටු විය.
|
4. මහාමාලුක්යසුත්තං | 4. මහා මාලුංක්‍ය සූත්‍රය |
129
එවං
එවං වුත්තෙ, ආයස්මා මාලුක්‍යපුත්තො භගවන්තං එතදවොච - ‘‘අහං ඛො, භන්තෙ, ධාරෙමි භගවතා දෙසිතානි පඤ්චොරම්භාගියානි සංයොජනානී’’ති. ‘‘යථා කථං පන ත්වං, මාලුක්‍යපුත්ත, ධාරෙසි මයා දෙසිතානි පඤ්චොරම්භාගියානි සංයොජනානී’’ති? ‘‘සක්කායදිට්ඨිං ඛො අහං, භන්තෙ, භගවතා ඔරම්භාගියං
‘‘කස්ස ඛො නාම ත්වං, මාලුක්‍යපුත්ත, ඉමානි එවං පඤ්චොරම්භාගියානි සංයොජනානි දෙසිතානි ධාරෙසි? නනු, මාලුක්‍යපුත්ත
|
129
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවත් නුවර අනේපිඬු මහ සිටුහුගේ ජේතවන නම්වූ ආරාමයෙහි වැස වාසය කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂූන්ට කථාකළහ. “ස්වාමීනි”යි භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනයට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.
“මහණෙනි, තොපි මා විසින් දෙසන ලද ඔරම්භාගීය සංයෝජනයන් (යට කොටසයයි කියනු ලබන කාම ලෝකය භජනය කරන සංයෝජනයන්) දරන්නා හුද”
මෙසේ ඇසූ කල්හි මාලුංක්‍ය පුත්‍ර ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය.
“ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසනලද පඤ්ච ඔරම්භාගීය සංයෝජනයන් සිතින් දරමි.”
“මාලුංක්‍ය පුත්‍රය, තෙපි මා විසින් දෙසනලද පඤ්චඔරම්භාගීය සංයෝජනයන් කෙසේ දරන්නා හුද”
“ස්වාමීනි, මම ආත්මයක් ඇත යන භාග්‍යවතුන් වහන්සේ විසින් ඔරම්භාගීය සංයෝජනය වශයෙන් දේශනා කරන ලද සක්කාය දිට්ඨිය දරමි. ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් ඔරම්භාගිය සංයෝජන වශයෙන් වදාළ විචිකිච්ඡාව දරමි ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසනාකළ ඔරම්භාගීය සංයෝජන වශයෙන් සීලබ්බත පරමාසය දරමි. ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් ඔරම්භාගිය සංයෝජන වශයෙන් දේශනාකළ කාමච්ඡන්දය දරමි.
“ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් ඔරම්භාගිය සංයෝජන වශයෙන් වදාළ ව්‍යාපාදය දරමි. ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද පඤ්චඔරම්භාගීය සංයෝජනයන් මෙසේ දරමි.”
“මාලුංක්‍ය පුත්‍රය තොප මා විසින් කවරෙකුට දෙසන ලද පඤ්චඔරම්භාගිය සංයෝජනයන් මෙසේ දරයිද? මාලුංක්‍ය පුත්‍රය, අන්‍ය දෘෂ්ටික පැවිද්දෝ දොස් නගත හැකි මේ ළදරු උපමාවෙන් දොස් නගන්නාහු නොවෙත්ද? (කෙසේද) මාලුංක්‍ය පුත්‍රය, උඩුකුරුව නිදන බිළිඳු කුඩා දරුවෙකුට ස්වකීය ශරීරය යන හැඟීමක් නැත. ඔහුට මම යන දෘෂ්ටියක් කොහින් උපදීද? ඔහුට අනුශය වසයෙන් පවත්නා සක්කාය දෘෂ්ටියම ඇත්තේය. මාලුංක්‍ය පුත්‍රය, උඩුකුරුව නිදන බිලිඳු කුඩා දරුවෙකුට ධර්මයෝයයි හැඟීමක් නැත. ධර්මයන්හි සැකයක් කොයින් උපදීද? ඔහුට අනුශය වශයෙන් පවත්නා විචිකිච්ඡාවම ඇත්තීය. මාලුංක්‍ය පුත්‍රය, උඩුකුරුව නිදන බිලිඳු කුඩා දරුවෙකුට සීලයයි හැඟීමක් නැත. ඔහුට වරදවා ගන්නා සීලයක් ව්රතයක් කොහින් උපදීද? අනුශය වශයෙන් පවත්නා සීලබ්බතපරාමාසයම ඇත්තේය. මාලුංක්‍ය පුත්‍රය, උඩුකුරුව නිදන බිළිඳු කුඩා දරුවෙකුට කාමයයි හැඟීමක් නැත. ඔහුට කාමයෙහි කැමැත්ත කොහින් උපදීද? ඔහුට අනුශය වශයෙන් පවත්නා කාමච්ඡන්දයම ඇත්තේය මාලුංක්‍ය පුත්‍රය, උඩුකුරුව නිදන බිළිඳු දරුවෙකුට සත්වයෝයයි හැඟීමක් නැත. එවිට සත්වයන් කෙරෙහි කෝපයක් කොයින් උපදින්නේද? ඔහුට අනුශය වශයෙන් පවත්නා ව්‍යාපාදයම ඇත්තේය. මාලුංක්‍ය පුත්‍රය, අන්‍ය දෘෂ්ටික පැවිද්දෝ දොස් නගන හැකි මේ ළදරු උපමාවෙන් දොස් නගන්නාහු නොවෙත්ද?”
මෙසේ කී කල්හි ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය. “භාග්‍යවතුන් වහන්සේ යම් හෙයකින් පඤ්චඔරම්භාගීය සංයෝජනයන් දෙසත් ද භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරත්ද, (-ඉගෙණ ගණිත්ද) භාග්‍යවතුන් වහන්ස, මේ එයට කාලයයි. සුගතයන් වහන්ස, මේ එයට කාලයයි.”
“ආනන්දය, එසේ නම් අසව, හොඳින් සිහි කරව. කියන්නෙමි,” “එසේය, ස්වාමීනි”යි ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළෝය.
|
130
‘‘ඉධානන්ද
|
130
“ආනන්දය, මේ ලෝකයෙහි ආර්‍ය්‍යයන් නොදක්නා, ආර්‍ය්‍ය ධර්මයෙහි අදක්ෂ, ආර්‍ය්‍ය ධර්මයෙහි නොහික්මුනු, නොදක්නා සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂ, සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණු, නූගත් පෘථග්ජනයා සත්කාය දෘෂ්ටියෙන් මඩනාලදුව උපන් සත්කාය දෘෂ්ටිය ඇති සිතින් වාසය කරයිද, උපන් සත්කාය දෘෂ්ටියගේ නැතිකිරීම ඇතිසැටියෙන් නොදනීද, ශක්තිමත්වූ දුරුකිරීමට අපහසුවූ ඔහුගේ සක්කාය දිට්ඨිය ඔරම්භාගීය සංයෝජනයක් වෙයි.
“සැකයෙන් මඩනාලදුව, උපන් සැකය ඇති සිතින් වාසය කරයිද, උපන් සැකයේ නැති කිරීම ඇතිසැටියෙන් නොදනීද, ශක්තිමත්වූ දුරුකිරීමට අපහසුවූ ඔහුගේ විචිකිච්ඡාව ඔරම්භාගීය සංයෝජනයක් වෙයි.
“සීලබ්බත පරාමාසයෙන් මඩනා ලදුව, උපන් සීලබ්බත පරමාශය ඇති සිතින් වාසය කරයිද. උපන් ශීලව්‍රත පරාමාශයේ නැති කිරීම ඇතිසැටියෙන් නොදනීද, ශක්තිමත්වූ දුරු කිරීමට අපහසුවූ ඔහුගේ සීලබ්බත පරාමාසය ඔරම්භාගීය සංයෝජනයක් වෙයි.
“කාම රාගයෙන් මඩනා ලදුව, උපන් කාම රාගයෙන් යුත් සිතින් වාසය කරයිද, උපන් කාම රාගයේ නැති කිරීම ඇතිසැටියෙන් නොදනීද, ශක්තිමත්වූ දුරු කිරීමට අපහසුවූ ඔහුගේ ඡන්ද රාගය ඔරම්භාගීය සංයෝජනයක්වේ.
“කෝපයෙන් මඩනා ලදුව, උපන් කෝපයෙන් යුත් සිතින් වාසය කරයිද, උපන් කෝපයේ නැති කිරීම නොදනී, ශක්තිමත්වූ දුරු කිරීමට අපහසුවූ ඔහුගේ ව්‍යාපාදය ඔරම්භාගීය සංයෝජනයක් වෙයි.
|
131
‘‘සුතවා ච ඛො, ආනන්ද, අරියසාවකො
|
131
“ආනන්දය, ලෝකයෙහි ආර්‍ය්‍යයන් දක්නා ආර්‍ය්‍ය ධර්මයෙහි දක්ෂ ආර්‍ය්‍ය ධර්මයෙහි හික්මුනු සත්පුරුෂයන් දක්නා සත්පුරුෂ ධර්මයෙහි දක්ෂ සත්පුරුෂ ධර්මයෙහි හික්මුනු උගත් ආර්‍ය්‍ය ශ්රාවකයා සත්කායදෘෂ්ටියෙන් නොමඩනා ලද, සත්කායදෘෂ්ටිය නූපන් සිතින් වාසය කරයිද, උපන් සත්කාය දෘෂ්ටි නැති කිරීම ඇතිසැටියෙන් දනීද අනුශය සහිතවූ ඔහුගේ ඒ සත්කායදෘෂ්ටිය නැතිවී යන්නේය.
“සැකයෙන් නොමඬනා ලද, සැකය නූපන් සිතින් වාසය කරයි. උපන් සැකයේ නැති කිරීම ඇතිසැටියෙන් දනී. ඔහුගේ අනුශය සහිතවූ ඒ සැකය නැතිවීයයි,
“ශීලව්‍රත පරාමාශයෙන් නොමඩනා ලද, ශීලව්‍රත පරාමාශය නූපන් සිතින් වාසය කරයි. උපන්නාවූ ශීලව්‍රත පරාමාශයේ නැති කිරීම ඇතිසැටියෙන් දනී. ඔහුගේ අනුශය සහිතවූ ඒ ශීලව්‍රත පරාමාශය නැතිවී යන්නේය.
“කාම රාගයෙන් නොමඩනා ලද, නූපන් කාම රාගය ඇති සිතින් වාසය කරයි. උපන් කාම රාගයේ නැති කිරීම ඇතිසැටියෙන් දනී, ඔහුගේ අනුශය සහිත ඒ කාම රාගය නැතිවී යයි.
“කෝපයෙන් නොමඩනා ලද, නූපන් කෝපය ඇති සිතින් වාසය කරයි. උපන් කෝපයේ නැති කිරීම ඇතිසැටියෙන් දනී, ඔහුගේ අනුශය සහිත ඒ කෝපය නැතිවීයයි.
|
132
‘‘යො, ආනන්ද, මග්ගො යා පටිපදා පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පහානාය තං මග්ගං තං පටිපදං අනාගම්ම පඤ්චොරම්භාගියානි සංයොජනානි ඤස්සති වා දක්ඛති වා පජහිස්සති වාති - නෙතං ඨානං විජ්ජති. සෙය්යථාපි, ආනන්ද, මහතො රුක්ඛස්ස තිට්ඨතො
‘‘යො ච ඛො, ආනන්ද, මග්ගො යා පටිපදා පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පහානාය තං
|
132
“ආනන්දය, පඤ්චොරම්භාගීය සංයෝජනයන් නැති කිරීමට යම් මගක්, යම් පිළිපැදීමක් වේද ඒ මගට ඒ පිළිපැදීමට නොපැමිණ පඤ්චොරම්භාගීය සංයෝජනයන් දැනගන්නේය හෝ දක්නේය හෝ පහකරන්නේය හෝ යන මේ කාරණය සිදු නොවන්නකි.
“ආනන්දය, යම්සේ කෙලින් සිටින හරය ඇති මහ ගසක පොත්ත නොසිඳ එලය නොසිඳ හරය කපන්නේය යන මේ කාරණය සිදුනොවන්නක් වේද, ආනන්දය, එපරිද්දෙන්ම පඤ්චොරම්භාගීය සංයෝජනයන් නැතිකිරීමට යම් මගක් යම් පිළිපැදීමක් වේද ඒ මගට ඒ පිළිපැදීමට නොපැමිණ පඤ්චොරම්භාගීය සංයෝජනයන් දැනගන්නේය හෝ දකින්නේය හෝ නැතිකරන්නේය හෝ යන මේ කාරණය සිදු නොවන්නකි.
“ආනන්දය, පඤ්චොරම්භාගීය සංයෝජනයන්ගේ නැති කිරීමට යම් මගක් යම් පිළිපැදීමක් වේද, ඒ මගට ඒ පිළිපැදීමට පැමිණ පඤ්චොරම්භාගීය සංයෝජනයන් දැන ගන්නේය, කියා හෝ දකින්නේය කියා හෝ නැති කරන්නේය, කියා හෝ යන මේ කාරණය සිදුවන්නකි.
“ආනන්දය, යම්සේ කෙළින් සිටින හරය ඇති මහ ගසක පොතු කපා එලය කපා හරය කපන්නේය යන මේ කාරණය සිදුවන්නක් වේද, ආනන්දය, එමෙන් පඤ්චොරම්භාගීය සංයෝජනයන් නැති කිරීමට යම් මගක් යම් පිළිපැදීමක් වේද, ඒ මගට ඒ පිළිපැදීමට පැමිණ පඤ්චොරම්භාගීය සංයෝජනයන් දැන ගන්නේය හෝ දකින්නේය හෝ නැති කරන්නේය හෝ යන මේ කාරණය සිදුවන්නකි.
“ආනන්දය, යම්සේ කවුඩෙකුට කර නොනමා පානය කළහැකිසේ දෙඉවුර සමව දිය පිරුණු ගංගාවක්වේද, ඉක්බිති මම මේ ගංගාවේ දිය පහර අතින් සිඳගෙන පහසුවෙන් සරස එතරට යන්නෙමි’යි දුබල මිනිසෙක් එන්නේද ඔහු ගංගාවේ දියපහර අතින් සිඳගෙන පහසුවෙන් සරස එතරට යන්ට නොහැකි වන්නේද, ආනන්දය, එමෙන්ම යම්කිසිවෙකුට සක්කාය දෘෂ්ටිය නැති කිරීමට ධර්මය දේශනා කරණ කල්හි එහි බැස නොගනීද, නොපහදීද, නොසිටීද, (කෙළෙසුන් ගෙන්) නොමිදේද, ඒ දුබල මිනිසා යම්සේද ඔවුහුද එසේද දත යුත්තාහ.
“ආනන්දය, යම්සේ කවුඩෙකුට කර නොනමා පානය කළ හැකිසේ දෙඉවුර සමව දිය පිරුණු ගංගාවක්වේද, ඉක්බිති මම මේ ගංගාවේ දිය පහර අතින් සිඳගෙන පහසුවෙන් සරස එතර යන්නෙමි’යි බලවත් මිනිසෙක් එන්නේය. ඔහු ගංගාවේ දිය පහර අතින් සිඳගෙන පහසුවෙන් එතර යන්ට හැකි වන්නේය. ආනන්දය, එමෙන් යම්කිසි වෙකුට සක්කාය දෘෂ්ටිය නැති කිරීමට ධර්මය දේශනා කරන කල්හි සිත එහි බැසගනියිද, පහදීද, සිටීද, (කෙළෙසුන්ගෙන්) මිදේද, ඒ බලවත් මිනිසා යම්සේද, ඔහුද එසේද දත යුත්තාහ.
|
133
‘‘කතමො චානන්ද, මග්ගො, කතමා පටිපදා පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පහානාය? ඉධානන්ද, භික්ඛු උපධිවිවෙකා අකුසලානං ධම්මානං පහානා සබ්බසො කායදුට්ඨුල්ලානං පටිප්පස්සද්ධියා විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. සො යදෙව තත්ථ හොති රූපගතං වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං තෙ ධම්මෙ අනිච්චතො දුක්ඛතො රොගතො ගණ්ඩතො සල්ලතො අඝතො ආබාධතො පරතො පලොකතො සුඤ්ඤතො අනත්තතො සමනුපස්සති. සො තෙහි ධම්මෙහි චිත්තං පටිවාපෙති
(පටිපාපෙති (ස්‍යා.), පතිට්ඨාපෙති (ක.)). සො තෙහි ධම්මෙහි චිත්තං පටිවාපෙත්වා අමතාය ධාතුයා
‘‘පුන චපරං, ආනන්ද, භික්ඛු විතක්කවිචාරානං වූපසමා...පෙ....
‘‘පුන චපරං, ආනන්ද, භික්ඛු සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. සො යදෙව තත්ථ හොති වෙදනාගතං
‘‘පුන චපරං, ආනන්ද, භික්ඛු සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණ’න්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. සො යදෙව තත්ථ හොති වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං...පෙ....
‘‘පුන චපරං, ආනන්ද, භික්ඛු සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. සො යදෙව තත්ථ හොති වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං...පෙ....
‘‘එසො චෙ, භන්තෙ, මග්ගො එසා පටිපදා පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පහානාය, අථ කිඤ්චරහි ඉධෙකච්චෙ භික්ඛූ චෙතොවිමුත්තිනො එකච්චෙ භික්ඛූ පඤ්ඤාවිමුත්තිනො’’ති? ‘‘එත්ථ ඛො පනෙසාහං
(එත්ථ ඛො තෙසාහං (සී. ස්‍යා. කං. පී.)), ආනන්ද, ඉන්ද්රියවෙමත්තතං වදාමී’’ති.
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා ආනන්දො භගවතො භාසිතං අභිනන්දීති.
|
133
“ආනන්දය, පඤ්චොරම්භාගිය සංයෝජනයන් නැති කිරීමේ මාර්ගය කවරේද? පිළිපැදීම කවරීද?
“ආනන්දය, මේ ශාසනයෙහි භික්ෂුව උපධි විවේකයෙන් (-පස්කම් ගුණයෙන් වෙන් වීමෙන්-) අකුසල ධර්මයන්ගෙන් වෙන්ව (-නීවරණයන් දුරලීමෙන්) ශරීරයේ අලස බව සංසිඳවීමෙන්, කාමයන්ගෙන් වෙන්වම, අකුශලයන්ගෙන් තොරව, විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානය පැමිණ වාසය කරයි. ඒ පුද්ගලයා එහි රූපයට අයත් වේදනාවට අයත් සංඥාවට අයත් සංස්කාරයන්ට අයත් විඥානයට අයත් යමක් වේද, ඒ ධර්මයන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝගයක් වශයෙන්, ගඩක් වශයෙන්, හුලක් වශයෙන්, දුකක් වශයෙන් ආබාධයක් වශයෙන්, තමාට අයත් නොවන දෙයක් වශයෙන්, බිඳෙන දෙයක් වශයෙන්, සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් දකී. ඔහු ඒ ධර්මයන්ගෙන් සිත ඉවත් කරයි. ඔහු ඒ ධර්මයන්ගෙන් සිත ඉවත් කොට යම් මේ සියලු සංස්කාරයන්ගේ සංසිඳීමක් වේද, සියලු උපධීන්ගේ දුරලීමක් වේද, තෘෂ්ණාව නැති කිරීමක් වේද, නොඇලීමක් වේද, නැති කිරීමක් වේද, නිර්වාණයක් වේද, මෙය සාන්තය, මෙය ප්‍රණීතයයි අමෘතය නම් නිර්වාණයෙහි සිත යොදවයි. ඔහු එහි සිටියේ ආශ්‍රවයන් ක්ෂයකිරීමට පැමිණෙයි. ආශ්‍රවයන් ක්ෂයකිරීමට නොපැමිණියේ නම් ඒ ධර්මයෙහිම ඇලීමෙන් ඒ ධර්මයෙහි කැමතිවීමෙන් පඤ්චොරම්භාගිය සංයෝජනයන් නැති කිරීමෙන් ඔපපාතික වෙයි. එහි පිරිනිවෙයි. ඒ ලෝකයෙන් නැවත මෙහි නොඑන ස්වභාවය ඇත්තේ වෙයි. ආනන්දය, පඤ්චොරම්භාගිය සංයෝජනයන්ගේ නැති කිරීම පිණිස මේ මාර්ගයයි මේ පිළිපැදීමයි.
“ආනන්දය, නැවත අනිකක් කියමි. භික්ෂුව විතර්ක විචාරයන් සංසිඳවීමෙන් සිතේ සතුට ඇතිකරන සිතේ එකඟ බව ඇති කරණ අවිතර්ක අවිචාර සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඒ පුද්ගලයා එහි රූපයට අයත් වේදනාවට අයත් සංඥාවට අයත් සංස්කාරයන්ට අයත් විඥානයට අයත් යමක්වේද, ඒ ධර්මයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, ගඩක් වශයෙන්, හුලක් වශයෙන්, දුකක් වශයෙන්, ආබාධයක් වශයෙන් තමන්ට අයත් නොවූවක් වශයෙන්, විනාශවන්නක් වශයෙන්, සූන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන් දකී. ඔහු ඒ ධර්මයන්ගෙන් සිත ඉවත් කරයි. ඔහු ඒ ධර්මයන්ගෙන් සිත ඉවත්කොට යම් මේ සියලු සංස්කාරයන්ගේ දුරලීමක් වේද, තණ්හාව නැති කිරීමක් වේද, නොඇලීමක් වේද, නිරුද්ධ කිරීමක් වේද, නිර්වාණයක් වේද මෙය ශාන්තය මෙය ප්‍රණීතය නිර්වාණයයි සිත යොදවයි. ඔහු එහි සිටියේ ආශ්‍රවයන් නැතිකිරීමට පැමිණෙයි. ඉදින් ආශ්‍රවයන් නැති කිරීමට නොපැමිණියේ නම් ඒ ධර්මයෙහි ඇලීමෙන්, ඒ ධර්මය කැමතිවීමෙන් පංච ඔරම්භාගිය සංයෝජනයන් නැති කිරීමෙන් ඔපපාතික වෙයි. එහි පිරිනිවෙයි. ඒ ලෝකයෙන් මෙහි නොඑයි. ආනන්දය, පංචඔරම්භාගිය සංයෝජනයන් නැති කිරීමට මේ මාර්ගයයි, මේ පිළිපැදීමයි.
“ආනන්දය, නැවත අනිකක්ද කියමි. භික්ෂුව ප්‍රීතියේද නොඇලීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කරයිද, සිහියෙන් යුක්තවූයේ නුවණින් යුක්ත වූයේ ශරීරයෙන් සුවය විඳින්නේද යම් ඒ ධ්‍යානයක් උපෙක්ෂා ඇත්තේ සිහි ඇත්තේ සැප විහරණ ඇත්තේයයි ආර්‍ය්‍යයෝ කියද්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඒ පුද්ගලයා එහි රූපයට අයත්, වේදනාවට අයත්, සංඥාවට අයත්, සංස්කාරයන්ට අයත්, විඥානයට අයත් යමක් වේද, ඒ ධර්මයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රොග වශයෙන්, ගඩක් වශයෙන්, හුලක් වශයෙන්, දුකක් වශයෙන්, ආබාධයක් වශයෙන්, තමන්ට අයත් නොවූවක් වශයෙන්, විනාශවන්නක් වශයෙන්, සූන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන් දකී. ඔහු ඒ ධර්මයන් ගෙන් සිත ඉවත් කරයි. ඔහු ඒ ධර්මයන්ගෙන් සිත ඉවත් කොට, යම් මේ සියලු සංස්කාරයන්ගේ දුරලීමක් වේද, තණ්හාව නැති කිරීමක් වේද, නොඇලීමක් වේද, නිරුද්ධ කිරීමක් වේද, නිර්වාණයක් වේද මෙය ශාන්තය මෙය ප්‍රණීතය නිර්වාණයයි සිත යොදවයි. ඔහු එහි සිටියේ ආශ්‍රවයන් ක්ෂය කිරීමට පැමිණෙයි. ඉදින් ආශ්‍රවයන් ක්ෂය කිරීමට නොපැමිණියේ නම්, ඒ ධර්මයෙහි ඇලීමෙන් ඒ ධර්මයෙහි කැමති වීමෙන් පංචඔරම්භාගිය සංයෝජනයන් නැති කිරීමෙන් ඔපපාතික වෙයි. එහි පිරිනිවෙයි. ඒ ලෝකයෙන් මෙහි නොඑයි ආනන්දය, පංච ඔරම්භාගිය සංයෝජන නැති කිරීමට මේ ධර්මයයි, මේ පිළිපැදීමයි.
“ආනන්දය, නැවත අනිකක්ද කියමි. භික්ෂුව සැපය දුරු කිරීමෙන්ද, දුක දුරු කිරීමෙන්ද පළමුව සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන් දුක්ද නොවූ සැපද නොවූ උපෙක්ෂා සිහියෙන් පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඒ පුද්ගලයා එහි රූපයට අයත් වේදනාවට අයත්, සංඥාවට අයත්, සංස්කාරයන්ට අයත්, විඥානයට අයත් යමක් වේද, ඒ ධර්මයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, ගඩක් වශයෙන්, හුලක් වශයෙන්, දුකක් වශයෙන්, ආබාධයක් වශයෙන්, තමන්ට අයත් නොවූවක් වශයෙන්, විනාශ වන්නක් වශයෙන්, සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් දකී. ඔහු ඒ ධර්මයන්ගෙන් සිත ඉවත් කරයි. ඔහු ඒ ධර්මයන් ගෙන් සිත ඉවත් කොට, යම් මේ සියලු සංස්කාරයන්ගේ දුරලීමක් වේද, තණ්හාව නැති කිරීමක් වේද, නො ඇලීමක් වේද, නිරුද්ධ කිරීමක් වේද, නිර්වාණයක් වේද, මෙය ශාන්තය, මෙය ප්‍රණීතය, නිර්වාණයයි සිත යොදවයි. ඔහු එහි සිටියේ ආශ්‍රවයන් ක්ෂය කිරීමට පැමිණෙයි. ඉදින් ආශ්‍රවයන් ක්ෂය කිරීමට නොපැමිණේ නම්, ඒ ධර්මයෙහි ඇලීමෙන්, ඒ ධර්මයෙහි කැමැත්තෙන්, පංච ඔරම්භාගිය සංස්කාරයන් නැති කිරීමෙන් ඔපපාතික වෙයි එහි පිරිනිවෙයි. ඒ ලෝකයෙන් මෙහි නොඑයි. ආනන්දය, පංච ඔරම්භාගිය සංයෝජනයන් නැති කිරීමට මේ මාර්ගයයි, මේ පිළිපැදීමයි.
“ආනන්දය, නැවත අනිකක්ද කියමි. භික්ෂුව සර්වප්රකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝ සංඥාවන් දුරලීමෙන් නානත්ත සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ‘ආකාශය අනන්තය’යි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරයි. ඔහු එහි වේදනාවට අයත් සංඥාවට අයත් සංස්කාරයට අයත් විඥානයට අයත් යමක් වේද, ඒ ධර්මයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, ගඩක් වශයෙන්, හුලක් වශයෙන්, දුකක් වශයෙන්, ආබාධයක් වශයෙන්, තමන්ට අයත් නොවූවක් වශයෙන්, විනාශ වන්නක් වශයෙන්, සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් දකී. ඔහු ඒ ධර්මයන්ගෙන් සිත ඉවත් කරයි. ඔහු ඒ ධර්මයන්ගෙන් සිත ඉවත්කොට යම් මේ සියලු සංස්කාරයන්ගේ දුරලීමක්වේද, තණ්හාව නැතිකිරීමක් වේද, නො ඇලීමක් වේද, නිරුද්ධ කිරීමක් වේද, නිර්වාණයක් වේද, මෙය ශාන්තය, මෙය ප්‍රණීතය, නිර්වාණයයි සිත යොදවයි. ඔහු එහි සිටියේ ආශ්‍රවයන් ක්ෂය කිරීමට පැමිණෙයි. ඉදින් ආශ්‍රවයන් ක්ෂය කිරීමට නොපැමිණියේ නම් ඒ ධර්මයෙහි ඇලීමෙන් ඒ ධර්මයෙහි කැමැත්තෙන් පංච ඔරම්භාගිය සංයෝජනයන් නැති කිරීමෙන් ඔපපාතික වෙයි. එහි පිරිනිවෙයි. ඒ ලෝකයෙන් නොඑන ස්වභාව ඇත්තේ වෙයි. ආනන්දය, පඤ්චොරම්භාගිය සංයෝජනයන් නැති කිරීමට මේ මාර්ගයයි, මේ පිළිපැදීමයි.
“ආනන්දය, නැවත අනිකක්ද කියමි. භික්ෂුව සර්වප්රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයි. ඔහු එහි වේදනාවට අයත් සංඥාවට අයත්, සංස්කාරයන්ට අයත්, විඥානයට අයත්, යමක් වේද, ඒ ධර්මයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රොග වශයෙන්, ගඩක් වශයෙන්, හුලක් වශයෙන්, දුකක් වශයෙන්, ආබාධයක් වශයෙන්, තමන්ට අයත් නොවූවක් වශයෙන්, විනාශවන්නක් වශයෙන්, සූන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන් දකී. ඔහු ඒ ධර්මයන්ගෙන් සිත ඉවත් කරයි. ඔහු ඒ ධර්මයන් ගෙන් සිත ඉවත් කොට යම් මේ සියලු සංස්කාරයන්ගේ දුරලීමක් වේද, තණ්හාව නැති කිරීමක් වේද, නො ඇලීමක් වේද, නිරුද්ධ කිරීමක් වේද, නිර්වාණයක් වේද, මෙය ශාන්තය, මෙය ප්‍රණීතය, නිර්වාණයයි, සිත යොදවයි. ඔහු එහි සිටියේ ආශ්‍රවයන් ක්ෂය කිරීමට පැමිණෙයි. ඉදින් ආශ්‍රවයන් ක්ෂය කිරීමට නොපැමිණියේ නම්, ඒ ධර්මයෙහි ඇලීමෙන්, ඒ ධර්මයෙහි කැමැත්තෙන් පංච ඔරම්භාගිය සංයෝජනයන් නැති කිරීමෙන් ඔපපාතික වෙයි. එහි පිරිනිවෙයි. ඒ ලෝකයෙන් නැවත නොඑන ස්වභාවය ඇත්තේ වෙයි. ආනන්දය, පඤ්ච ඔරම්භාගිය සංයෝජනයන් නැති කිරීමට මේ මාර්ගය වෙයි. මේ පිළිපැදීම වෙයි.
“ආනන්දය, නැවත අනිකක්ද කියමි. භික්ෂුව සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. ඔහු එහි වේදනාවට අයත්, සංඥාවට අයත්, සංස්කාරයන්ට අයත්, විඥානයට අයත් යමක් වේද, ඒ ධර්මයන් අනිත්‍යවශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, ගඩක් වශයෙන්, හුලක් වශයෙන්, දුකක් වශයෙන්, ආබාධයක් වශයෙන්, තමන්ට අයත් නොවූවක් වශයෙන්, විනාශ වන්නක් වශයෙන්, සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් දකී. ඔහු ඒ ධර්මයන් ගෙන් සිත ඉවත් කරයි. ඔහු ඒ ධර්මයන් ගෙන් සිත ඉවත් කොට යම් මේ සියලු සංස්කාරයන්ගේ දුරලීමක් වේද, තණ්හාව නැතිකිරීමක් වේද, නො ඇලීමක් වේද, නිරුද්ධ කිරීමක් වේද, නිර්වාණයක් වේද, මෙය ශාන්තය, මෙය ප්‍රණීතය, නිර්වාණයයි සිත යොදවයි. ඔහු එහි සිටියේ ආශ්‍රවයන් ක්ෂය කිරීමට පැමිණෙයි. ඉදින් ආශ්‍රවයන් ක්ෂය කිරීමට නොපැමිණියේ නම් ඒ ධර්මයෙහි ඇලීමෙන්, ඒ ධර්මයෙහි කැමැත්තෙන් පංච ඔරම්භාගිය සංයෝජනයන් නැති කිරීමෙන් ඔපපාතික වෙයි. එහි පිරිනිවෙයි. ඒ ලෝකයෙන් නොඑන ස්වභාව ඇත්තේ වෙයි. ආනන්දය, පඤ්ච ඔරම්භාගිය සංයෝජනයන් නැති කිරීම පිණිස මේ මාර්ගය වේ. මේ පිළිපැදීම වේ.
“ස්වාමීනි, ඉදින් පංච ඔරම්භාගිය සංයෝජනයන් නැති කිරීමට මේ මාර්ගය, මේ පිළිපැදීම වේ නම් කවර හෙයින් ඇතැම් භික්ෂූහු චිත්ත විමුත්තිය ඇත්තාහු, ඇතැම් භික්ෂූහු පඤ්ඤා විමුත්තිය ඇත්තාහු වෙත්ද, ආනන්දය, ඒ කාරණයෙහි මම ඔවුන්ගේ ඉන්ද්‍රියන් පිළිබඳ වෙනස් බවයයි කියමි.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටු සිත් ඇති ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ කීමට සතුටු වූහ.
|
5. භද්දාලිසුත්තං | 5. භද්දාලි සූත්‍රය |
134
එවං
|
134
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවත් නුවර අනේපිඬු මහ සිටුහුගේ ජේතවන නම්වූ ආරාමයෙහි වැඩ වාසය කළහ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂූන්ට කථා කළහ “පින්වතුන් වහන්ස”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
“මහණෙනි, මම වනාහි උදය කාලයේ ආහාරයම වළඳමි. මහණෙනි, මම උදය කාලයේ ආහාරයම වළඳන්නෙම් ආබාධ නැති බවද, නිදුක් බවද, ශරීර සැහැල්ලු බවද, කාය බලයද, ශරීරයේ සැප විහරණයද ලබමි. මහණෙනි, එව්, තොපිද උදය කාලයේ ආහාරයම වළඳව්. මහණෙනි, තොපිද උදය කාලයේ ආහාරයම වළඳන්නාහු ආබාධ නැති බවද, නිදුක් බවද, ශරීර සැහැල්ලු බවද, කාය බලයද, ශරීර සැප විහරණයද ලබව්” යයි වදාළහ.
මෙසේ වදාළ කළ, ආයුෂ්මත් භද්දාලි නම් භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය. “ස්වාමීනි, මම පෙරවරු (පමණක්) ආහාර වළඳීමට නොහැකිවෙමි. ස්වාමීනි, පෙරවරු (පමණක්) ආහාර වළඳන්නාවූ මට (ජීවත් විය හැකිදැයි) සැකයක් වන්නේය, කණගාටුවක් වන්නේය.”
“භද්දාලිය, එසේ නම් ඔබ යම් තැනෙක ආරාධනා කරන ලද්දේ වන්නෙහිද, එහිදී කොටසක් අනුභවකොට, කොටසක් ගෙණ ගොස් වළඳව, එසේ වළඳන ඔබ යැපෙන්නෙහිය.”
“ස්වාමීනි, මම එසේද වළඳන්ට නොහැකි වෙමි. ස්වාමීනි, එසේද වළඳන්නාවූ මට (ජීවත්විය හැකිදැයි) සැකයක් වන්නේය. කණගාටුවක් වන්නේය.” ඉක්බිති ආයුෂ්මත් භද්දාලි භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ විසින් (විකාල භොජනය) ශික්ෂාපදය පනවනු කල්හි, භික්ෂු සංඝයා ශික්ෂාපදය සමාදන්වනු ලබන කල්හි (එය රැකීමට) නොහැකි බව පළ කළේය. ඉක්බිති ශාස්තෘ ශාසනයෙහි ශික්ෂාව නොපුරන්නෙක් යම්සේද එමෙන් ආයුෂ්මත් භද්දාලි භික්ෂුව තෙමසක් මුළුල්ලෙහි භාග්‍යවතුන් වහන්සේ හමුවීමට නොපැමිණියේය.
|
135
තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ භගවතො චීවරකම්මං කරොන්ති - නිට්ඨිතචීවරො භගවා තෙමාසච්චයෙන චාරිකං පක්කමිස්සතීති. අථ ඛො ආයස්මා භද්දාලි යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා තෙහි භික්ඛූහි සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං භද්දාලිං තෙ භික්ඛූ එතදවොචුං - ‘‘ඉදං ඛො, ආවුසො භද්දාලි, භගවතො චීවරකම්මං කරීයති
(කරණීයං (ක.)). නිට්ඨිතචීවරො භගවා තෙමාසච්චයෙන චාරිකං පක්කමිස්සති. ඉඞ්ඝාවුසො භද්දාලි, එතං දොසකං සාධුකං මනසි කරොහි, මා තෙ පච්ඡා දුක්කරතරං අහොසී’’ති. ‘‘එවමාවුසො’’ති ඛො ආයස්මා
‘‘තග්ඝ
‘‘අච්චයො
|
135
ඒ කාලයෙහි බොහෝ භික්ෂූහු සිවුරෙහි කටයුතු නිමවූ පසු තෙමසකින් භාග්‍යවතුන් වහන්සේ චාරිකාවෙහි වඩිතියි භාග්‍යවතුන් වහන්සේගේ සිවුරක් මසත්.
ඉක්බිති ආයුෂ්මත් භද්දාලි භික්ෂුව, ඒ භික්ෂූහු යම් තැනකද එහි ගියේය. එහි ගොස් ඒ භික්ෂූන් සමග සතුටුවිය. සතුටු විය යුතු සිහි කළ යුතු කථාව කොට එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන් භද්දාලි භික්ෂුවට ඒ භික්ෂූහු මේ කාරණය කීවාහුය. “සිවුරෙහි කටයුතු නිමවූ පසු තුන් මාසයකින් භාග්‍යවතුන් වහන්සේ චාරිකාවෙහි වඩින හෙයින් භාග්‍යවතුන් වහන්සේගේ සිවුරක් මසනු ලැබේ. (කියායි.)
“ආයුෂ්මත් භද්දාලිය, එබැවින් ඒ අපරාධය (-වරද ශික්ෂා පදය පැනවීමෙදී නොපිළිගැනීම) හොඳින් සිහිකරව ඔබට පසුව දුෂ්කරයක් නොවේවා”යි (කීහ.)
ආයුෂ්මත් භද්දාලි භික්ෂුව, “එසේය ඇවැත්නි”යි ඒ භික්ෂූන්ට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. (එහි) පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන් භද්දාලි භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය. “ස්වාමීනි, යම් බඳුවූ මම භාග්‍යවතුන්වහන්සේ විසින් ශික්ෂාපදය පනවන කල්හි, භික්ෂු සංඝයා ශික්ෂාපදය සමාදන්වන කල්හි, අනුත්සාහය පළ කෙළෙම්ද, (ඒ) වරද බාලයකුසේ, මුළාවූවකුසේ, අව්‍යක්තයකුසේ, මා ඉක්ම පැවැත්තේය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ඒ වරද නැවත නොකරනු පිණිස මාගේ වරද වරද වශයෙන් පිළිගන්නා සේක්වා” කියායි
“භද්දාලිය, මා විසින් ශික්ෂාපදය පණවනු ලබන කල්හි, භික්ෂු සංඝයා ශික්ෂාපදය සමාදන් වන කල්හි යම් බඳුවූ ඔබ අනුත්සාහය පළ කළෙහිද එබැවින් බාලයකුසේ, මුළාවූවකුසේ, අව්‍යක්තයකුසේ, ඔබ වරද ඉක්ම පැවැත්තෙහිය. භද්දාලිය, ඔබ විසින් කාලයද දැන නොගන්නා ලද්දේය, භාග්‍යවතුන් වහන්සේද සැවැත්නුවර වසති, භද්දාලි භික්ෂුව ශාස්තෘ ශාසනයෙහි ශික්ෂාවන් නොපුරන්නෙකැ’යි භාග්‍යවතුන් වහන්සේද මා දැනගන්නාහයි යන මේ කාලය (වේලාව) භද්දාලිය, ඔබ විසින් දැනනොගන්නා ලද්දේය.
“භද්දාලිය, ඔබ විසින් කාලයද දැනනොගන්නා ලද්දේය. බොහෝ භික්ෂූහු සැවැත්නුවර වස් වැසුවාහුය, භද්දාලිය භික්ෂුව ශාස්තෘ ශාසනයෙහි ශික්ෂාවන් නොපුරන්නෙකැයි ඒ භික්ෂූහුද භද්දාලි නම් භික්ෂුව ශාස්තෘ ශාසනයෙහි ශික්ෂාව නොපුරන්නෙකැයි මා දැනගනිත් යන මේ කාලයද ඔබ විසින් දැන නොගන්නා ලද්දේය.
“භද්දාලිය, ඔබ විසින් කාලයද දැනනොගන්නා ලද්දේය, බොහෝ භික්ෂුණීහුද සැවැත්නුවර වස් එළඹියාහුය, භද්දාලි නම් භික්ෂුව ශාස්තෘ ශාසනයෙහි ශික්ෂාව නොපුරන්නෙකැ’යි ඒ භික්ෂුණීහුද මා දැනගන්නාහ යන මේ කාලය භද්දාලිය, ඔබ විසින් දැනනොගන්නා ලද්දේය.
“භද්දාලිය, ඔබ විසින් කාලයද දැනනොගන්නා ලද්දේය, බොහෝ උපාසකයෝ සැවැත්නුවර වෙසෙත්. භද්දාලි භික්ෂුව ශාස්තෘ ශාසනයෙහි ශික්ෂාවන් නොපුරන්නෙකැ’යි ඔව්හුද මා දැනගන්නාහුය යන මේ කාලය, භද්දාලිය, ඔබ විසින් දැන නොගන්නා ලද්දේය.
“භද්දාලිය, ඔබ විසින් කාලයද දැනනොගන්නා ලද්දේය, බොහෝ උපාසිකාවෝ සැවැත්නුවර වෙසෙත්. භද්දාලි නම් භික්ෂුව ශාස්තෘ ශාසනයෙහි ශික්ෂාවන් නොපුරන්නෙකැ’යි ඒ උපාසිකාවෝද මා දැනගන්නාහ යන මේ කාලය භද්දාලිය, ඔබ විසින් දැන නොගන්නා ලද්දේය.
“භද්දාලිය, ඔබ විසින් කාලයද දැනනොගන්නා ලද්දේය, නොයෙක් අන්‍ය තීර්ථක මහණ බමුණෝ සැවැත්නුවර වස් එළඹියාහුය. භද්දාලි නම් භික්ෂුව ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක තෙරුන් අතරෙන් කෙනෙක්වද ශාස්තෲන් වහන්සේගේ ශාසනයෙහි ශික්ෂාවන් නොපුරන්නෙකැ’යි ඔවුහුද මා දැනගන්නාහ යන මේ කාලය භද්දාලිය, ඔබ විසින් දැන නොගන්නා ලද්දේය.”
“ස්වාමීනි, යම්බඳුවූ මම භාග්‍යවතුන් වහන්සේ විසින් ශික්ෂාපදය පනවන කල්හි, භික්ෂු සංඝයා ශික්ෂාපදය සමාදන් වන කල්හි අනුත්සාහය පළ කෙළෙම්ද (ඒ) වරද බාලයකුසේ, මුළාවූවකුසේ, අව්‍යක්තයකුසේ, මා ඉක්ම පැවැත්තේය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ඒ වරද නැවත නොකරණු පිණිස මාගේ වරද වරද වශයෙන් පිළිගන්නා සේක්වා.”
“භද්දාලිය, මා විසින් ශික්ෂාපදය පනවනු ලබන කල්හි භික්ෂු සංඝයා ශික්ෂාපදය සමාදන් වන කල්හි යම්බඳුවූ ඔබ අනුත්සාහය පළ කෙළෙහිද එබැවින් බාලයකුසේ මුළාවූවකු සේ, අව්‍යක්තයකුසේ ඔබ වරද ඉක්ම පැවැත්තෙහිය.
|
136
‘‘තං කිං මඤ්ඤසි, භද්දාලි, ඉධස්ස භික්ඛු උභතොභාගවිමුත්තො, තමහං එවං වදෙය්යං - ‘එහි මෙ ත්වං, භික්ඛු, පඞ්කෙ සඞ්කමො හොහී’ති, අපි නු ඛො සො සඞ්කමෙය්ය වා අඤ්ඤෙන වා කායං සන්නාමෙය්ය, ‘නො’ති වා වදෙය්යා’’ති?
‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘තං කිං මඤ්ඤසි, භද්දාලි, ඉධස්ස භික්ඛු පඤ්ඤාවිමුත්තො... කායසක්ඛි... දිට්ඨිප්පත්තො... සද්ධාවිමුත්තො... ධම්මානුසාරී... සද්ධානුසාරී, තමහං එවං වදෙය්යං - ‘එහි මෙ ත්වං, භික්ඛු, පඞ්කෙ සඞ්කමො හොහී’ති, අපි නු ඛො සො සඞ්කමෙය්ය වා අඤ්ඤෙන වා කායං සන්නාමෙය්ය, ‘නො’ති වා වදෙය්යා’’ති?
‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘තං කිං
‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘නනු ත්වං, භද්දාලි, තස්මිං සමයෙ රිත්තො තුච්ඡො අපරද්ධො’’ති?
‘‘එවං
|
136
“භද්දාලිය, ඒ කුමකැයි සිතන්නෙහිද? මේ ශාසනයෙහි (චිත්ත, පඤ්ඤා යන) දෙපසින් මිදුනු හෙයින් උභතොභාග විමුත්තවූ භික්ෂුවක් වේද, මම ඒ භික්ෂුවට ‘භික්ෂුව, ඔබ මාවෙත එව, මේ මඩෙහි සක්මන් කරවයි කියන්නෙම් නම්, ඉදින් ඒ භික්ෂුව (එසේ) සක්මන් කරන්නේද, අන් දෙසකට හැරී යන්නේද, නොහැකියයි කියන්නේද?”
“ස්වාමීනි, එසේ නොවන්නේය.”
“භද්දාලිය, ඒ කුමකැයි සිතන්නෙහිද? මේ ශාසනයෙහී පඤ්ඤාවිමුක්ත භික්ෂුවක් වන්නේද, මම ඒ භික්ෂුවට ‘මහණ, ඔබ මාවෙත එව, මේ මඩෙහි සක්මන් කරවයි කියන්නෙම් නම්, ඉදින් ඒ භික්ෂුව සක්මන් කරන්නේද, අන් දෙසකට හැරී යන්නේද, නොහැකියයි කියන්නේද?”
“ස්වාමීනි, එසේ නොවන්නේය.”
“භද්දාලිය, ඒ කුමකැයි සිතන්නේද? මේ ශාසනයෙහි කායසක්ඛී භික්ෂුවක් වන්නේද, මම ඒ භික්ෂුවට ‘මහණ, ඔබ මා වෙත එව, මේ මඩෙහි සක්මන් කරවයි කියන්නෙම් නම්, ඉදින් ඒ භික්ෂුව සක්මන් කරන්නේද, අන් දෙසකට හැරී යන්නේද, නොහැකියයි කියන්නේද?”
“ස්වාමීනි, එසේ නොවන්නේය.”
“භද්දාලිය, ඒ කුමකැයි සිතන්නේද? මේ ශාසනයෙහි දිට්ඨප්පත්ත භික්ෂුවක් වන්නේද, මම ඒ භික්ෂුවට ‘මහණ, ඔබ මා වෙත එව, මේ මඩෙහි සක්මන් කරවයි කියන්නෙම් නම්, ඉදින් ඒ භික්ෂුව සක්මන් කරන්නේද, අන් දෙසකට හැරී යන්නේද, නොහැකියයි කියන්නේද?”
“ස්වාමීනි, එසේ නොවන්නේය.”
“භද්දාලිය, ඒ කුමකැයි සිතන්නේද? මේ ශාසනයෙහි සද්ධාවිමුත්ත භික්ෂුවක් වන්නේද, මම ඒ භික්ෂුවට ‘මහණ, ඔබ මා වෙත එව, මේ මඩෙහි සක්මන් කරවයි කියන්නෙම් නම්, ඉදින් ඒ භික්ෂුව සක්මන් කරන්නේද, අන් දෙසකට හැරී යන්නේද, නොහැකියයි කියන්නේද?”
“ස්වාමීනි, එසේ නොවන්නේය.”
“භද්දාලිය, ඒ කුමකැයි සිතන්නේද? මේ ශාසනයෙහි ධම්මානුසාරී භික්ෂුවක් වන්නේද, මම ඒ භික්ෂුවට ‘මහණ, ඔබ මා වෙත එව, මේ මඩෙහි සක්මන් කරවයි කියන්නෙම් නම්, ඉදින් ඒ භික්ෂුව සක්මන් කරන්නේද, අන් දෙසකට හැරී යන්නේද, නොහැකියයි කියන්නේද?”
“ස්වාමීනි, එසේ නොවන්නේය.”
“භද්දාලිය, ඒ කුමකැයි සිතන්නේද? මේ ශාසනයෙහි සද්ධානුසාරී භික්ෂුවක් වන්නේද, මම ඒ භික්ෂුවට ‘භික්ෂුව, ඔබ මා වෙත එව, මේ මඩෙහි සක්මන් කරවයි කියන්නෙම් නම්, ඉදින් ඒ භික්ෂුව (එසේ) සක්මන් කරන්නේද, අන් දෙසකට හැරී යන්නේද, නොහැකියයි කියන්නේද?” “ස්වාමීනි, එසේ නොවන්නේය.”
“භද්දාලිය, ඒ කුමකැයි සිතන්නෙහිද? භද්දාලිය, ඉදින් ඔබ ඒ කාලයෙහි උභතොභාග විමුත්තයෙක් හෝ, පඤ්ඤා විමුත්තයෙක් හෝ, කායසක්ඛී වූවෙක් හෝ, දිට්ඨප්පත්තයෙක් හෝ, සද්ධාවිමුත්තයෙක් හෝ, ධම්මානුසාරී වූවෙක් හෝ, සද්ධානුසාරී වූවෙක් හෝ වූයෙහිද, “එසේ නො වූයේය.’ භද්දාලිය, එකල්හි ඔබ හිස්වූයෙක් නොවේද? බැහැර කරන ලද්දෙක් නොවේද, වරද කරන ලද්දෙක් නොවේද?”
“එසේය, ස්වාමීනි. ස්වාමීනි, යම් බඳු මම භාග්‍යවතුන් වහන්සේ ශික්ෂාපදය පනවන කල්හි, භික්ෂු සංඝයා ශික්ෂාපදය සමාදන් වන කල්හි අනුත්සාහය පළ කෙළෙම්ද, බාලයකුසේ මුළාවූවකුසේ, අදක්ෂයකුසේ වරද මා ඉක්ම පැවැත්තේය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ඒ මාගේ වරද වරද වශයෙන් නැවත සංවරය පිණිස පිළිගන්නාසේක්වා.”
“භද්දාලිය, යම්බඳු ඔබ මා විසින් ශික්ෂාපදය පනවන කල්හි, භික්ෂු සංඝයා ශික්ෂාපදය සමාදන් වන කල්හි, අනුත්සාහය පළකෙළෙහිද, එබැවින් ඔබ බාලයෙකුසේ මුළාවූවකුසේ, අදක්ෂයකුසේ වරද ඉක්මවා ගියේය. භද්දාලිය, ඔබ වරද වරද වශයෙන් දැන ධර්මයවූ පරිදි පිළියම් කෙරෙහිද, ඔබගේ ඒ වරද අපි පිළිගණිමු. භද්දාලිය, යමෙක් වරද වරද වශයෙන් දැක ධර්මයවූ පරිදි පිළියම් කරයිද, නැවත සංවරයට පැමිණේද, එය ආර්ය්යවිනයයි කියනලද මේ ශාසනයෙහි දියුණුවවේ.
|
137
‘‘ඉධ, භද්දාලි, එකච්චො භික්ඛු සත්ථුසාසනෙ සික්ඛාය අපරිපූරකාරී හොති. තස්ස එවං හොති - ‘යංනූනාහං විවිත්තං සෙනාසනං භජෙය්යං අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං
|
137
“භද්දාලිය, මේ ශාස්තෘ ශාසනයෙහි ඇතැම් භික්ෂුවක් ශික්ෂාපදයන් නොරකින්නෙක් වේද, ඔහුට මෙබඳු සිතක් වෙයි. ‘මම මනුෂ්‍ය ධර්මයට වඩා උසස්වූ අර්ය්යභාවය කිරීමට සමර්ථ විශේෂ ඥානයක් ප්රත්යක්ෂ කරන්නෙම් නම් ඉතා යෙහෙකි. (එය ලැබීමට) ආරණ්‍යය, රුක්මූලය, කඳුරැලිය, පර්වතය, ගුහාය, සොහොන්ය, පිදුරුබිස්සය යන විවේක ඇති සෙනසුන් භාවිතය කරන්නෙම් නම් යෙහෙකි’ (කියායි.)
“(ඉක්බිති) ඒ භික්ෂුව ආරණ්‍යය, රුක් මූලය, පර්වතමූලය කඳු රැලිය, පර්වත ගුහාය, සොහොනය, වනයෙහි ඉතා දුර සෙනසුනය, අභ්‍යවකාසය, පිදුරුබිස්සය යන විවේක ඇති සෙනසුන් භාවිතය කරයි. එසේ විවේකව වසන ඒ භික්ෂුවට ශාස්තෲන් වහන්සේද දොස් කියයි, එකට වසන නුවණැති සමාන බඹසර ඇති භික්ෂූහුද, කාරණය දැන දොස් කියත්. දේවතාවෝද දොස් කියත්. තමාම තමාට දොස් කියයි. ඒ භික්ෂුව ශාස්තෲන් වහන්සේ විසින්ද දොස් කියන ලද්දේ, නුවණ ඇති එකට වසන සමාන බඹසර ඇත්තවුන් විසින්ද දොස් කියන ලද්දේ දේවතාවන් විසින්ද දොස් කියන ලද්දේ, තමාවිසින්ම තමහට දොස් කියන ලද්දේ, මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ආර්‍ය්‍ය භාවය කිරීමට සමර්ථ විශේෂඥානයක් ප්රත්යක්ෂ නොකරයි. ඊට හේතු කවරේද? භද්දාලිය, ශාස්තෘ ශාසනයෙහි ශික්ෂාව සම්පූර්ණ නොකරන්නාහට එය එසේම වෙයි.”
|
138
‘‘ඉධ පන, භද්දාලි, එකච්චො භික්ඛු සත්ථුසාසනෙ සික්ඛාය පරිපූරකාරී හොති. තස්ස එවං හොති - ‘යංනූනාහං විවිත්තං සෙනාසනං භජෙය්යං අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං
|
138
“භද්දාලිය, මේ ශාස්තෘ ශාසනයෙහි, ඇතැම් භික්ෂුවක් ශික්ෂාපද රකින්නෙක් වේද, ඔහුට මෙබඳු සිතක් වෙයි. ‘මම මනුෂ්‍ය ධර්මයට වඩා උසස්වූ ආර්‍ය්‍ය භාවය කිරීමට සමර්ථ විශේෂඥානයක් ප්රත්යක්ෂ කරන්නෙම් නම් ඉතා යෙහෙකි. (එය ලැබීමට) ආරණ්‍යය, රුක්මූලය, පර්වතය, කඳුරැලිය, පර්වත ගුහාවය, සොහොනය, ඉතා දුර වනය, අභ්‍යවකාශය, පිදුරු බිස්සය යන විවේක ඇති සෙනසුන් භාවිතය කරන්නෙම් නම් යෙහෙකි’ (කියායි.) ඉක්බිති ඒ භික්ෂුව ආරණ්‍යය, රුක්මුලය, පර්වතය, කඳුරැලිය, පර්වත ගුහාය, සොහොනය, වනයෙහි ඉතා දුර වනය, අභ්‍යවකාශය, පිදුරුබිස්සය යන විවේක ඇති සෙනසුන් භාවිතය කරයි. එසේ විවේකව වසන ඒ භික්ෂුවට ශාස්තෲන් වහන්සේ දොස් නොකියයි. නුවණ ඇති එකට වසන සමාන බඹසර ඇති භික්ෂූහුද දොස් නොකියත්. දේවතාවෝද දොස් නොකියත්. තමාම තමහට දොස් නොකියයි. (ඉක්බිති) ඒ භික්ෂුව ශාස්තෲන් වහන්සේ විසින්ද දොස් නොකියන ලද්දේ, නුවණ ඇති එකට වසන සමාන බඹසර ඇති භික්ෂූන් විසින්ද දොස් නොකියන ලද්දේ, දේවතාවන් විසින්ද දොස් නොකියන ලද්දේ, මා විසින්ද තමාට දොස් නොකියන ලද්දේ, මනුෂ්‍ය ධර්මයට වඩා උසස්වූ ආර්‍ය්‍යභාවය කිරීමට සමර්ථ විශේෂ ඥානයක් ප්රත්යක්ෂ කරයි. ඒ භික්ෂුව කාමයන්ගෙන් වෙන්ව විතර්ක සහිත විචාර සහිත ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයි. එයට හේතු කවරේද, භද්දාලිය, ශාස්තෘ ශාසනයෙහි ශික්ෂාව සම්පූර්ණ කරන්නාහට එය එසේම වෙයි.
|
139
‘‘පුන චපරං, භද්දාලි, භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. තං කිස්ස හෙතු? එවඤ්හි තං, භද්දාලි, හොති යථා තං සත්ථුසාසනෙ සික්ඛාය පරිපූරකාරිස්ස.
‘‘පුන චපරං, භද්දාලි, භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති, සතො ච සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති, යං තං අරියා ආචික්ඛන්ති - ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති තතියං ඣානං
‘‘පුන චපරං, භද්දාලි, භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. තං කිස්ස හෙතු? එවඤ්හි තං, භද්දාලි, හොති යථා තං සත්ථුසාසනෙ සික්ඛාය පරිපූරකාරිස්ස.
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්යථිදං - එකම්පි ජාතිං ද්වෙපි ජාතියො...පෙ.... ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. තං කිස්ස හෙතු? එවඤ්හි
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ
‘‘සො
|
139
“නැවතද භද්දාලිය, භික්ෂු තෙම විතර්ක විචාරයන් සංසිඳවීමෙන් සිත තුළ පැහැදීම ඇති, සිතේ එකඟ බැව් ඇති අවිතර්ක අවිචාර සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇත් ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඊට හේතු කවරේද, භද්දාලිය, ශාස්තෘ ශාසනයෙහි ශික්ෂාව සම්පූර්ණ කරන්නාහට එය එසේම වෙයි.
“නැවතද, භද්දාලිය, භික්ෂු තෙම, ප්‍රීතියේ නො ඇලී උපෙක්ෂා ඇත්තෙක්ව වාසය කරයි. සිහියෙන් යුත්ත වූයේ යහපත් නුවණ ඇතිව කයින් සැපවිඳී, ආර්‍ය්‍යයෝ යම් ධ්‍යානයක් උපෙක්ෂාව ඇත්තෙක්ව සිහි ඇත්තෙක්ව සැප විහරණය ඇත්තෙකැයි කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඊට හේතු කවරේද, භද්දාලිය, ශාස්තෘ ශාසනයෙහි ශික්ෂාව සම්පූර්ණ කරන්නාහට එය එසේම වෙයි.
“නැවතද භද්දාලිය, භික්ෂු තෙම සැපදුක් හැර පළමුවම සොම්නස් දොම්නස් දුරුකොට දුක්ද නොවූ සැපද නොවූ උපෙක්ෂා සිහියෙන් පිරිසුදු බව ඇති චතුර්ථ ධ්‍යානයට එළඹ වාසය කරයි. ඊට හේතු කවරේද? භද්දාලිය, ශාස්තෘ ශාසනයෙහි ශික්ෂාව සම්පූර්ණ කරන්නාහට එය එසේම වෙයි.
“ඒ භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසුදුවූ කල්හි, කෙළෙස් නැති කල්හි, කෙලෙස් රහිත කල්හි, මොලොක්වූ කල්හි, කටයුත්තට සුදුසුව පැවති කල්හි, ස්ථිරව සිටි කල්හි, නොසැලෙන කල්හි, පෙරවිසූ කඳපිළිවෙළ දැන ගැනීමට සිත නමයි (මෙහෙයවයි.) ඒ භික්ෂුව නොයෙක් ආකාර පෙර විසූ කඳ පිළිවෙළ (උපන් ආත්ම පරම්පරාව) සිහි කරයි. කෙසේද? එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පසක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිසක්ද, ජාති සතලිසක්ද, ජාති පණහක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති සියක් දහසක්ද නොයෙක් විනාස වෙමින් පවතින කල්පයන්ද නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද නොයෙක් විනාශවන හෝ හැදෙන කල්පයන්ද, අසුවල් තැන වීම් මෙනම් ඇත්තෙම් මේ ගොත්‍ර ඇත්තෙම් මේ පාට ඇත්තෙම් මේ කෑම ඇත්තෙම් මේ සැප දුක් වින්දෙම් මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුත වූයෙම් අසුවල් තැන උපන්නෙමි. එහිදු මෙනම් ඇත්තෙම් මේ ගොත්‍ර ඇත්තෙම් මේ පාට ඇත්තෙම් මේ කෑම ඇත්තෙම් මේ සැප දුක් වින්දෙම් මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම් මෙහි උපන්නෙමියි. මෙසේ ආකාර උද්දෙස සහිත නොයෙක් ආකාර පෙර විසූ කඳ පිළිවෙළ සිහිකරයි. ඊට හේතු කවරේද? භද්දාලිය, ශාස්තෘශාසනයෙහි ශික්ෂාව සම්පූර්ණ කරන්නාහට එය එසේම වෙයි.
“ඒ භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, හාත්පසින් පිරිසිදුවූ කල්හි, කෙලෙස් රහිත කල්හි, කෙලෙස් උවදුරු නැති කල්හි, මොලොක්වූ කල්හි, කටයුත්තට සුදුසුව පැවති කල්හි, ස්ථිරව සිටි කල්හි, නොසැලෙන කල්හි. ඒ භික්ෂුව පිරිසුදු මිනිස්බව ඉක්මවූ දිවැසින් චුතවන (මැරෙන) උපදින හීන (පහත්). ප්‍රණීත (උසස්) සුවර්ණ (හොඳ පාට ඇති) දුර්වර්ණ (නරක පාට ඇති) යහපත් ගතිවලට ගියාවූ අයහපත් ගතිවලට ගියාවූ, කර්මයට අනුව උපදින සත්වයන් දකී. මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූහ. වාග්දුශ්චරිතයෙන් යුක්තවූහ. මනො දුශ්චරිතයෙන් යුක්ත වූහ. ආර්‍ය්‍යයන්ට ගරහන්නෝ වූහ. මිථ්‍යාදෘෂ්ටිකයෝ වූහ. මිථ්‍යාදෘෂ්ටි කර්ම සමාදන්වූවෝ වූහ. ඔවුහු මරණින් මතු සැපයෙන් පහවූ නපුරුවූ දුක්වූ නිරයට පැමිණෙත්. නැතහොත් මේ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්ත වූහ. වාග් සුචරිතයෙන් යුක්ත වූහ. මනො සුචරිතයෙන් යුක්ත වූහ. ආර්‍ය්‍යයන්ට නොගරහන්නෝ වූහ. සත්‍යය අදහන්නෝ වූහ. සත්‍ය ඇදහීම් සමාදන් වූවෝ වූහ. ඔවුහු මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයට පැමිණියෝයි. මෙසේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී. මෙසේ පිරිසිදුවූ මනුෂ්‍යත්වය ඉක්ම සිටියාවූ දිව ඇසින් චුත වන්නාවූද උපදින්නාවූද පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද හොඳ ලොවට ගියාවූ නරක ලොවට ගියාවූද කම්වූ පරිදි මියපරලොව ගිය සත්වයන් දනී, ඊට හේතු කවරේද? භද්දාලිය, ශාස්තෘශාසනයෙහි ශික්ෂාව සම්පූර්ණ කරන්නාහට එය එසේම වෙයි.
“ඒ භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි කෙලෙස් රහිත කල්හි, කෙලෙස් උවදුරු නැති කල්හි, මොලොක්වූ කල්හි, කටයුත්තට සුදුසුව පැවති කල්හි, ස්ථිරව සිටි කල්හි නොසැලෙන කල්හි, ආශ්‍රවයන් ක්ෂය කරන නුවණ පිණිස සිත නමයි (යොමුකරයි). ඒ භික්ෂුව මේ දුකයයි ඇති සැටියෙන් දනී. මේ දුක් ඉපදීමේ හේතුවයයි ඇති සැටියෙන් දනී. මේ දුක් නැතිකිරීමයයි ඇති සැටියෙන් දනී. මේ දුක් නැති කිරීමේ මාර්ගයයි ඇති සැටියෙන් දනී. මේ ආශ්‍රවයයි තතුලෙස දනී. මේ ආශ්‍රවයන්ගේ හේතුවයයි තතු ලෙස දනී. මේ ඒ ආශ්‍රවයන් නැති කිරීමයයි තතු ලෙස දැනගනී. මේ ආශ්‍රවයන් නැති කිරීමට පමුණුවන පිළිවෙතයයි තතුලෙස දනී. මෙසේ දන්නාවූ ඒ භික්ෂුවගේ සිත කාමාසාවයෙන් (කාමයේ ඇල්මෙන්) ද වෙන් වෙයි. භව (භවයේ ඇල්මෙන්) ආසාවයෙන්ද වෙන්වෙයි අවිජ්ජාසවයෙන් (මෝහයෙන්) ද වෙන්වෙයි. සිත ඔවුන්ගෙන් වෙන්ව ගිය කල (ඔවුන්ගෙන්) වෙනස්විය යන දැනීම ඇති වෙයි. (එවිට) ඉපදීම නැතිකරණ ලද්දීවෙයි. බඹසර (ශ්‍රේෂ්ඨ හැසිරීමෙහි) වාසය කිරීම අවසන් කරණ ලද්දී වෙයි. කටයුත්ත කරණ ලද්දේ වෙයි. මේ ආත්ම භාවයෙන් පසු නැවත ඉපදීමක් නැතැයි දැන ගණී. ඊට හේතු කවරේද? භද්දාලිය, ශාස්තෘශාසනයෙහි ශික්ෂාව සම්පූර්ණ කරන්නාහට එය එසේම වෙයි.
|
140
එවං වුත්තෙ, ආයස්මා භද්දාලි භගවන්තං එතදවොච - ‘‘කො නු ඛො, භන්තෙ, හෙතු, කො පච්චයො යෙන මිධෙකච්චං භික්ඛුං පසය්හ පසය්හ
(පවය්හ පවය්හ (සී. ස්‍යා. කං. පී.)) කාරණං කරොන්ති? කො පන, භන්තෙ, හෙතු, කො පච්චයො යෙන මිධෙකච්චං භික්ඛුං නො තථා පසය්හ පසය්හ කාරණං කරොන්තී’’ති? ‘‘ඉධ, භද්දාලි, එකච්චො භික්ඛු අභිණ්හාපත්තිකො හොති ආපත්තිබහුලො. සො භික්ඛූහි වුච්චමානො අඤ්ඤෙනඤ්ඤං පටිචරති, බහිද්ධා කථං අපනාමෙති, කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති, න සම්මා වත්තති, න ලොමං පාතෙති, න නෙත්ථාරං වත්තති, ‘යෙන සඞ්ඝො අත්තමනො හොති තං කරොමී’ති නාහ. තත්ර, භද්දාලි, භික්ඛූනං එවං හොති - අයං ඛො, ආවුසො, භික්ඛු
|
140
“මෙසේ කී කල්හි ආයුෂ්මත් භද්දාලි භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ කීය. “ස්වාමීනි, යම් හෙයකින් මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවක් සුළු වරදෙහිද නිග්‍රහ කොට හික්මවත්. ඊට හේතු කවරහුද? එයට ප්‍රත්‍යය (කරුණු) මොනවාද? ස්වාමීනි, යම් හෙයකින් මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවක් නැවත නැවත අවවාද කොට නොහික්ම වත්. ඊට හේතුකවරහුද? එයට ප්‍රත්‍යය (කරුණු) මොනවාද?’ “භද්දාලිය, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවක් නිතර ඇවැත්වලට පැමිණෙන්නෙක් වෙයි. ඇවැත් බහුල වූවෙක් වෙයි. භික්ෂූන් විසින් අවවාද කරන ලද්දාවූ ඒ භික්ෂුව අන් කරුණකින් ඒ කාරණය වසාදමයි. කථාව අන් අතකට හරවයි. කෝපය, ද්වේෂය, නොසතුට ඇති කරයි. මනා කොට නො පවතී. මනා පැවැත්මට අනුව නො පවතී. ඉක්මණින් ඇවතෙන් නැගී සිටීමට කැමති ඇත්තෙක් නොවෙයි. යමකින් සංඝයා සතුටු වෙයිද, එය නොකරමියි කියයි. භද්දාලිය, එකල්හි භික්ෂූන්ට මෙබඳු සිතක් වෙයි. ‘ඇවැත්නි, මේ භික්ෂුව නිතර ඇවැත්වලට පැමිණෙන්නෙක, ඇවැත් බහුල වූවෙක, භික්ෂූන් විසින් අවවාද කරන ලද්දාවූ ඒ භික්ෂුව අන් කරුණකින් ඒ කාරණය වසාදමයි. කථාව අන් අතකට හරවයි. කෝපයද, ද්වේෂයද, නොසතුටද, ඇතිකරයි. මනාකොට නොපවතී. මනාපැවැත්මට අනුව නොපවතී. ඉක්මණින් ඇවතින් නැඟී සිටීමට කැමති ඇත්තෙක් නොවෙයි. යමකින් සංඝයා සතුටු වෙයිද, එය කරමියි නොකියයි. ඇවැත්නි, මේ භික්ෂුවගේ මේ අධිකරණය (නඩුව) යමසේ වහා නොසංසිඳේද එසේ ඒ ඒ ආකාරයෙන් කල් දම දමා විනිශ්චය කිරීම යෙහෙකැයි සිතා, භද්දාලිය, භික්ෂූහු යම්සේ ඒ භික්ෂුවගේ මේ අධිකරණය වහා නොසංසිඳේද ඒ ඒ ආකාරයෙන් කල් දම දමා විනිශ්චය කරත්.
|
141
‘‘ඉධ පන, භද්දාලි, එකච්චො භික්ඛු අභිණ්හාපත්තිකො හොති ආපත්තිබහුලො. සො භික්ඛූහි වුච්චමානො නාඤ්ඤෙනඤ්ඤං පටිචරති, බහිද්ධා කථං න අපනාමෙති, න කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති, සම්මා වත්තති, ලොමං පාතෙති, නෙත්ථාරං වත්තති, ‘යෙන සඞ්ඝො අත්තමනො
|
141
“භද්දාලිය, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවක් නිතර ඇවැත්වලට පැමිණෙන්නේ වෙයිද, ඇවැත් බහුල වූවෙක් වෙයිද, ඒ භික්ෂුව භික්ෂූන් විසින් අවවාද කරන ලද්දේ අන් කරුණකින් කරුණ වසා නොදමයිද, කථාව අන් අතකට නොහරවයිද, කෝපය, ද්වේෂය, නොසතුට ඇති නොකරයිද මනාකොට පවතීද, මනා පැවතුමට අනුව පවතියිද, ඉක්මණින් ඇවතින් නැඟී සිටීමට කැමති වෙයිද, යමකින් සංඝයා සතුටු වෙයිද එයකරමියි කියයිද, භද්දාලිය, එකල්හි භික්ෂූන්ට මෙබඳු සිතක් වෙයි. ‘ඇවැත්නි, මේ භික්ෂුව නිතර ඇවැත්වලට පැමිණෙන්නෙක, ඇවැත් බහුල වූවෙක, ඒ භික්ෂුව භික්ෂූන් විසින් අවවාද කරන ලද්දේ අන් කරුණකින් කරුණ වසා නොදමයි. කථාව අන් අතකට නොහරවයි. කෝපයද, ද්වේෂයද, නොසතුටද, ඇති නොකරයි. මනාකොට පවතී. මනා පැවතුමට අනුව පවතී. ඉක්මණින් ඇවැතින් නැඟී සිටීමට කැමති වෙයි. යමකින් සංඝයා සතුටු වෙයිද, එය කරමියි කියයි. ඇවැත්නි, මේ භික්ෂුවගේ මේ අධිකරණය (නඩුව) යම් සේ වහා සංසිඳේද ඒ ඒ ආකාරයෙන් විනිශ්චය කිරීම යහපත්යයි සිතා, (ඉක්බිති) භද්දාලිය, භික්ෂූහු යම් සේ ඒ භික්ෂුවගේ මේ අධිකරණය වහා සංසිඳේද ඒ ඒ ආකාරයෙන් විනිශ්චය කරත්.
|
142
‘‘ඉධ, භද්දාලි, එකච්චො භික්ඛු අධිච්චාපත්තිකො හොති අනාපත්තිබහුලො. සො භික්ඛූහි වුච්චමානො අඤ්ඤෙනඤ්ඤං පටිචරති, බහිද්ධා කථං අපනාමෙති, කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති, න සම්මා වත්තති, න ලොමං පාතෙති, න නෙත්ථාරං වත්තති, ‘යෙන සඞ්ඝො අත්තමනො හොති තං කරොමී’ති නාහ. තත්ර, භද්දාලි, භික්ඛූනං එවං හොති - අයං ඛො, ආවුසො, භික්ඛු අධිච්චාපත්තිකො අනාපත්තිබහුලො
|
142
“භද්දාලිය, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවක් වරින්වර ඇවැත්වලට පැමිණෙන්නේ වෙයිද, ඇවැත් බහුලකොට ඇත්තේ නොවෙයිද, ඒ භික්ෂුව භික්ෂූන් විසින් අවවාද කරන ලද්දේ අන් කරුණකින් කරුණ වසා දමයිද. කථාව අන් අතකට හරවයිද කෝපය, ද්වේෂය, නොසතුට ඇති කරයිද, මනාකොට නොපවතීද, මනා පැවැත්මට අනුව නොපවතීද, ඉක්මණින් ඇවැතින් නැගී සිටීමට කැමති නොවෙයිද. යමකින් සංඝයා සතුටු වෙයිද, එය කරමියි නොකියයිද, භද්දාලිය, එහි භික්ෂූන්ට මෙබඳු සිතක් වෙයි. ‘ඇවැත්නි, මේ භික්ෂුව වරින්වර ඇවැත්වලට පැමිණෙන්නෙක, ඇවැත් බහුල නොවූවෙක, ඒ භික්ෂුව භික්ෂූන් විසින් අවවාද කරන ලද්දේ අන් කරුණකින් කරුණ වසාදමයි, කථාව අන් අතකට හරවයි. කෝපයද, ද්වේෂයද, නොසතුටද ඇතිකරයි. මනාකොට නොපවතියි. මනාපැවැත්මට අනුව නොපවතියි. ඉක්මණින් ඇවැතින් නැගී සිටීමට කැමැති නොවෙයි. යමකින් සංඝයා සතුටු වෙයිද, එය කරමියි නොකියයි. ඇවැත්නි, මේ භික්ෂුවගේ මේ අධිකරණය යම් සේ වහා නොසංසිඳේද, ඒ ඒ ආකාරයෙන් විනිශ්චය කිරීම යෙහෙක කියායි. (ඉක්බිති) භද්දාලිය, භික්ෂූහු යම් සේ ඒ භික්ෂුවගේ මේ අධිකරණය වහා නොසංසිඳේද, ඒ ඒ ආකාරයෙන් විනිශ්චය කරත්.
|
143
‘‘ඉධ පන, භද්දාලි, එකච්චො භික්ඛු අධිච්චාපත්තිකො හොති අනාපත්තිබහුලො. සො භික්ඛූහි වුච්චමානො නාඤ්ඤෙනඤ්ඤං පටිචරති, න බහිද්ධා කථං අපනාමෙති, න කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති, සම්මා වත්තති, ලොමං පාතෙති, නෙත්ථාරං වත්තති, ‘යෙන සඞ්ඝො අත්තමනො හොති තං කරොමී’ති ආහ. තත්ර, භද්දාලි, භික්ඛූනං එවං හොති - අයං ඛො, ආවුසො, භික්ඛු අධිච්චාපත්තිකො අනාපත්තිබහුලො. සො භික්ඛූහි වුච්චමානො නාඤ්ඤෙනඤ්ඤං පටිචරති, න බහිද්ධා කථං අපනාමෙති, න කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති, සම්මා වත්තති, ලොමං පාතෙති, නෙත්ථාරං වත්තති, ‘යෙන සඞ්ඝො
|
143
“භද්දාලිය, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවක් වරින් වර ඇවැත්වලට පැමිණෙන්නේ වෙයිද, ඇවැත් බහුලකොට ඇත්තේ නොවෙයිද, ඒ භික්ෂුව භික්ෂූන් විසින් අවවාද කරන ලද්දේ අන් කරුණකින් කරුණ වසා නොදමයිද, කථාව අන් අතකට නොහරවයිද, කෝපය, ද්වේෂය, නොසතුට ඇති නොකරයිද මනාකොට පවතීද, මනා පැවතුමට අනුව පවතීද, ඉක්මණින් ඇවතින් නැඟී සිටීමට කැමති වෙයිද, යමකින් සංඝයා සතුටු වෙයිද, එය කරමියි කියයිද, භද්දාලිය, එහි භික්ෂූන්ට මෙබඳු සිතක් වෙයි. ඇවැත්නි, මේ භික්ෂුව වරින් වර ඇවැත්වලට පැමිණෙන්නෙක. ඇවැත් බහුල නොවූවෙක, ඒ භික්ෂුව භික්ෂූන් විසින් අවවාද කරනලද්දේ අන් කරුණකින් වසා නොදමයි. පිටතින් කථාවක් ඉදිරිපත් නොකරයි. කෝපයද, ද්වේෂයද, නොසතුටද ඇතිනොකරයි. මනාකොට පවතියි. මනා පැවතුමට අනුව පවතියි. ඉක්මණින් ඇවතින් නැඟීසිටීම කැමති වෙයි. යමකින් සංඝයා සතුටු වෙයිද එය කරමියි කියයි. ඇවැත්නි, මේ භික්ෂුවගේ මේ අධිකරණය යම්සේ වහා සංසිඳේද, ඒ ඒ ආකාරයෙන් විනිශ්චය කිරීම යෙහෙක කියායි, (ඉක්බිති) භද්දාලිය, භික්ෂූහු යම්සේ ඒ භික්ෂුවගේ මේ අධිකරණය වහා සංසිඳේද ඒ ඒ ආකාරයෙන් විනිශ්චය කරත්.
|
144
‘‘ඉධ
|
144
“භද්දාලිය, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවක් ආචාර්ය්ය උපාධ්‍යායයන් කෙරෙහි ඇති සුලු භක්තියකින් සුලු ආදරයකින් මහණ කම් කරයිද, භද්දාලිය, එහි භික්ෂූන්ට මෙබඳු සිතක් වෙයි. ඇවැත්නි, මේ භික්ෂුතෙම ආචාර්ය්ය උපාධ්‍යායයන් කෙරෙහි ඇති සුලු භක්තියකින් සුලු ආදරයකින් මහණකම කරයි. භක්ති මාත්‍රයෙන් ප්‍රෙම මාත්‍රයෙන් මහණකම කරයි (කියායි.)
“භද්දාලිය, යම්සේ පුරුෂයෙකුගේ එක් ඇසක්වේද, ඔහුගේ මිත්‍රයන් හා එක ලේ ඇති නෑයෝ ඔහුගේ යම් ඒ ඇසක් වීද එයින්ද නොපිරිහෙවයි. ඒ එක ඇස රක්නාහුද, භද්දාලිය, එමෙන්ම මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවක් භක්ති මාත්‍රයකින් හා ප්‍රේම මාත්‍රයකින් මහණකම් කරයි. භද්දාලිය, එහි භික්ෂූන්ට මෙබඳු සිතක් වෙයි. ඇවැත්නි, මේ භික්ෂුව භක්ති මාත්‍රයකින් හා ප්රේමමාත්රයකින් මහණකම් කරයි. ඒ භික්ෂුවගේ යම් භක්තිමාත්‍රයක් ප්රේමමාත්රයක් වී ද එයින්ද නොපිරිහෙවයි. නැවත නැවත අවවාද කරන්නෙමු (කියායි.) භද්දාලිය, යම් හෙයකින් මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට නැවත නැවත අවවාද කරයි නම් මේ ඊට හේතුවවේ. මේ ප්‍රත්‍යයවේ. භද්දාලිය, යම් හෙයකින් මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට එසේ නැවත නැවත අවවාද නොකරත් නම් මේ ඊට හේතුවයි. මේ ප්‍රත්‍යයයි.
|
145
‘‘‘කො
|
145
“ස්වාමීනි, යම් හෙයකින් පෙර ශික්ෂාපද ස්වල්පයක් වූහ. බොහෝ භික්ෂූහු රහත්වූහ. ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද? දැන් ශික්ෂාපද බොහෝ වෙත්. භික්ෂූන් ටිකදෙනෙක් රහත් වෙත්. ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“භද්දාලිය, එය එසේ වෙයි සත්වයන් ධර්මයෙන් පිරිහෙන කල්හි, ප්‍රතිපත්තිය පිරිහෙන කල්හි, ශික්ෂාපද බොහෝ වෙත්. භික්ෂූහු ස්වල්ප දෙනෙක් රහත් වෙත්. භද්දාලිය, මේ ශාසනයෙහි සංඝයා කෙරෙහි ආශ්‍රවයන්ට හේතුවූ ඇතැම් කරුණු පහළ නොවෙත්ද, ඒතාක් ශාස්තෲන් වහන්සේ ශ්‍රවකයන්ට ශික්ෂාපද නොපනවත්, භද්දාලිය, යම් දිනක පටන් සංඝයා කෙරෙහි ආශ්‍රවයන්ට හේතුවූ කරුණු ඇති වෙත්ද, ශාස්තෲන් වහන්සේ ඒ වැරදි නැති කරණු පිණිස ශ්‍රාවකයන්ට ශික්ෂාපද පනවත්.
“භද්දාලිය, මේ ශාසනයෙහි සංඝයා යම්තාක් බොහෝ බවට නොපැමිණියේද, ඒතාක් සංඝයා අතර වැරදි පහළ නොවෙත්. භද්දාලිය, යම් දිනෙක පටන් සංඝයා බොහෝ බවට පැමිණියේද, ඉක්බිති මේ ශාසනයෙහි ඇතැම් වැරදි ඇති වෙත්. ඉක්බිති ශාස්තෲන් වහන්සේ ඒ වැරදි නැති කරණු පිණිස ශ්‍රාවකයන්ට ශික්ෂාපද පනවත්.
“භද්දාලිය, යම්තාක් සංඝයා ලාභයෙන් අගතැන් නො පැමිණේද එතාක් මේ ශාසනයෙහි සංඝයා අතර වැරදි ඇති නොවෙත්. භද්දාලිය, යම් දිනෙක පටන් සංඝයා ලාභයෙන් අග්‍ර වේද, එකල්හි මේ ශාසනයෙහි සංඝයා අතර ඇතැම් වැරදි ඇති වෙත්. එකල්හි ශාස්තෲන් වහන්සේ ඒ දෝෂයන් නැති කිරීම පිණිස ශ්‍රාවකයන්ට ශික්ෂාපද පණවත්.
“භද්දාලිය මේ ශාසනයෙහි සංඝයා යම්තාක් යසසින් අග්‍ර බවට නොපැමිණේද ඒතාක් සංඝයා අතර වැරදි පහළ නොවෙත්. භද්දාලිය, යම් දිනක පටන් සංඝයා යසසින් අග්‍ර බවට පැමිණේද, එකල්හි මේ ශාසනයෙහි සංඝයා අතර ඇතැම් වැරදි ඇති වෙත්. එකල්හි ශාස්තෲන් වහන්සේ ඒ දෝෂයන් නැති කිරීම පිණිස ශ්‍රාවකයන්ට ශික්ෂාපද පනවත්.
“භද්දාලිය, මේ ශාසනයෙහි සංඝයා යම් තාක් බොහෝ දැන ඉගෙනගත් බවට නොපැමිණේද, ඒ තාක් සංඝයා අතර වැරදි පහළ නොවෙත්. භද්දාලිය, යම් දිනක පටන් සංඝයා දැන ඉගෙනගත් බවට පැමිණේද, එකල්හි මේ ශාසනයෙහි සංඝයා අතර වැරදි පහළ වෙත්. එකල්හි ශාස්තෲන් වහන්සේ ඒ දෝෂයන් නැතිකිරීම පිණිස ශ්‍රාවකයන්ට ශික්ෂාපද පනවත්.
“භද්දාලිය, මේ ශාසනයෙහි සංඝයා යම්තාක් කල් ගිය බවට නොපැමිණේද එතාක් සංඝයා අතර වැරදි පහළ නොවෙත්.
“භද්දාලිය, යම් දිනෙක පටන් සංඝයා කල්ගිය බවට පැමිණේද, එකල්හි මේ ශාසනයෙහි සංඝයා අතර ඇතැම් වැරදි ඇතිවෙත්. ඉක්බිති ශාස්තෲන් වහන්සේ ඒ වැරදි නැති කරුණු පිණිස ශ්‍රාවකයන්ට ශික්ෂාපද පනවත්.
|
146
‘‘අප්පකා ඛො තුම්හෙ, භද්දාලි, තෙන සමයෙන අහුවත්ථ යදා වො අහං ආජානීයසුසූපමං ධම්මපරියායං දෙසෙසිං. තං සරසි
(සරසි ත්වං (සී. පී.), සරසි තං (?)) භද්දාලී’’ති
‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘තත්ර, භද්දාලි, කං හෙතුං පච්චෙසී’’ති?
‘‘සො හි නූනාහං, භන්තෙ, දීඝරත්තං සත්ථුසාසනෙ සික්ඛාය අපරිපූරකාරී අහොසි’’න්ති.
‘‘න ඛො, භද්දාලි, එසෙව හෙතු, එස පච්චයො. අපි ච මෙ ත්වං, භද්දාලි, දීඝරත්තං චෙතසා
|
146
“භද්දාලිය, යම් දිනෙක මම තොපට අජානීය අශ්වයාගේ උපමාව දේශනා කෙළෙම්ද ඒ කාලයෙහි තොපි ස්වල්පදෙනෙක්වූහ. භද්දාලිය එය ඔබට මතක ඇත්තෙහිද?”
“නැත. ස්වාමීනි”
“භද්දාලිය, එය කුමක් නිසාදැයි සිතන්නෙහිද?”
“ස්වාමීනි, ඒ මම ශාස්තෘ ශාසනයෙහි බොහෝ කාලයක් ශික්ෂාපද නොපුරන්නෙක් වීම්ද?” (ඒ නිසායයි සිතමි)
“භද්දාලිය, එයම හේතුව නොවේ. එයම ප්‍රත්‍යය (කරුණු) නොවේ. තවද භද්දාලිය, මේ හිස් පුරුෂ තෙම මා ධර්මය දෙශන කල්හි අර්ථයෙන් යුක්ත කොට සිතෙහි තබා ගෙන සියල්ල සිතට ඇතුලත් කරගෙන කන් යොමා බණ නොඅසා යයි ඔබගේ සිත මගේ සිතින් පිරිසිඳ දැන ගන්නා ලද්දේය. භද්දාලිය, නැවතත් අජානීය අශ්වයා උපමාකළ ධර්ම ක්‍රමය ඔබට දෙසමි. එය අසව. මනා කොට මෙනෙහි කරව. මම කියන්නෙමි.” “එසේය, වහන්සැ’යි ආයුෂ්මත් භද්දාලි භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.
|
147
‘‘සෙය්යථාපි, භද්දාලි, දක්ඛො අස්සදමකො භද්‍රං අස්සාජානීයං ලභිත්වා පඨමෙනෙව මුඛාධානෙ කාරණං කාරෙති. තස්ස මුඛාධානෙ කාරණං කාරියමානස්ස හොන්තියෙව විසූකායිතානි විසෙවිතානි විප්ඵන්දිතානි කානිචි කානිචි, යථා තං අකාරිතපුබ්බං කාරණං කාරියමානස්ස. සො අභිණ්හකාරණා අනුපුබ්බකාරණා තස්මිං ඨානෙ පරිනිබ්බායති. යතො ඛො, භද්දාලි, භද්රො අස්සාජානීයො අභිණ්හකාරණා අනුපුබ්බකාරණා තස්මිං ඨානෙ පරිනිබ්බුතො හොති, තමෙනං අස්සදමකො උත්තරි කාරණං කාරෙති යුගාධානෙ. තස්ස යුගාධානෙ කාරණං කාරියමානස්ස හොන්තියෙව විසූකායිතානි විසෙවිතානි විප්ඵන්දිතානි කානිචි කානිචි, යථා තං අකාරිතපුබ්බං කාරණං කාරියමානස්ස. සො අභිණ්හකාරණා අනුපුබ්බකාරණා තස්මිං
‘‘එවමෙව ඛො, භද්දාලි, දසහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙහි දසහි? ඉධ, භද්දාලි, භික්ඛු අසෙඛාය සම්මාදිට්ඨියා සමන්නාගතො හොති, අසෙඛෙන සම්මාසඞ්කප්පෙන සමන්නාගතො හොති, අසෙඛාය
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා භද්දාලි භගවතො භාසිතං අභිනන්දීති.
|
147
“භද්දාලිය, යම්සේ දක්ෂ අශ්වයන් දමනය කරන්නෙක් යහපත් ආජානීය අශ්වයකු ලැබ පළමු කොට කටකලියාව දැමීමේ හික්මවීම කරයි. ඒ කටකලියාව දැමීමෙන් හික්මවනු ලබන අශ්වයාගේ පෙර නොකරනු ලැබූ දෙයක් කරන කල්හි යම් යම් දැඟලුම් නොහික්මුම් ඇතිවෙත්. හික්මවීම නිසා ඒ කාරණයෙන් හික්මෙන්නේය.
“භද්දාලිය, යම් හෙයකින් යහපත් ආජානීය අශ්වතෙම නිතර හික්මවීමෙන් පිළිවෙළින් හික්මවීමෙන් ඒ කාරණයෙන් හික්මුණේ වේද අශ්වයන් දමනය කරන්නා ඒ අශ්වයා නැවත යුගය (-වියකර) තැබීමෙහි හික්මවයි, ඒ විය කර තැබීම පුරුදු කරන කල්හිද, පෙර නොකරන ලද දෙයක් කරවනු ලබන අශ්වයාගේ යම් යම් දැඟලුම් නොහික්මුම් ඇතිවෙත්. ඒ අශ්වයා නිතර කිරීමෙන් පිළිවෙළින් කිරීමෙන් එහිද හික්මෙන්නේය.
“භද්දාලිය, යම් හෙයකින් යහපත් ආජානීය අශ්වතෙම නිතර කිරීමෙන්, පිළිවෙළින් කිරීමෙන් එහි හික්මුණේ වෙයිද, අශ්වයන් දමනය කරන්නා ඒ අශ්වයා නැවත සිවුපා එකට ඔසවා තැබීමෙහිද, (බිම වැටුනු දෙයක් ගත හැකිසේ) නැමීමෙහිද, ඛුර අගින් යාමෙහිද, සීඝ්‍ර ධාවනයෙහිද, (යුදයෙහි ඇතිවන) ශබ්දයන්ට බිය නොවීමෙහිද, රජු විසින් දතයුතු ගුණයෙහිද, අශ්වරාජ වංශයෙහිද, ජවසම්පත්තියෙන් (-ශ්‍රේෂ්ඨ වේගයෙහි) ශ්‍රේෂ්ඨ අශ්වයෙක් වීමෙහිද, මෘදු වචනයට කීකරු වීමෙහිද, (යන කරුණු දසය) පුරුදු කරවයි. ජවසම්පත්තියෙහි හික්මවීමෙහිද ශ්‍රේෂ්ඨ අශ්වයෙක් කිරීමෙහිද, මෘදු වචනයට කීකරු කිරීමෙහිද පෙර නොකළ දෙයක් කරන අශ්වයාටද යම් යම් දැඟලීම් නොහික්මීම ඇතිවෙත්මය. ඒ අශ්වයා නිතර කිරීමෙන් පිළිවෙළින් කිරීමෙන් එහි නික්මෙන්නේය, භද්දාලිය යම්හෙයකින් අශ්වතෙමේ නිතර කිරීමෙන් පිළිවෙළින් කිරීමෙන් අශ්වයා හික්මුනේවෙයිද අසුන් දමනය කරන්නා නැවත ඒ අශ්වයා තැලීම විදීම ආදී අශ්ව දමන කර්ම විශේෂයන්ට ඇතුල් කරයි. (-යොදවයි) භද්දාලිය, මේ දශ අංගයන් ගෙන් යුත් යහපත් ආජානීය අශ්වයා රජුන්ට සුදුසු වේ රජු විසින් පරිභොග කළ යුතුවේ. රජුගේ අංගය යන සංඛ්‍යාවට ඇතුළත් වෙයි.
“භද්දාලිය, එමෙන්ම දසවිධ ධර්මයන්ගෙන් යුත් භික්ෂුව ආහුනෙය්‍ය (-දුරසිට ඇවිත් පිදියයුතු) වෙයි, පාහුණෙය්‍ය (-අභිනව දෙයින් පිදියයුතු) වෙයි, දක්ෂිණෙය්ය (-පින් කැමතිව පිදියයුතු) වෙයි, වැඳියයුතු වෙයි, ලෝකයාට උතුම් පිංකෙත වෙයි, කවර දසයකින්ද, භද්දාලිය, මේ ශාසනයෙහි භික්ෂුතෙම අසෙඛ (-හික්මී අවසානවූ) සම්මාදිට්ඨියෙන් (-යහපත් දැකීමෙන්) යුතු වෙයි, අසෙඛ සම්මාසංකප්පයෙන් (-යහපත් කල්පනාවෙන්) යුතු වෙයි, අසෙඛ සම්මාවාචායෙන් (-යහපත් වචනයෙන්) යුතුවෙයි. අසෙඛ සම්මාකම්මන්තයෙන් (-යහපත් කර්මාන්තයෙන්) යුතුවෙයි. අසෙඛ සම්මා ආජීවයෙන් (-යහපත් දිවි පැවැත්මෙන්) යුතුවෙයි අසෙඛ සම්මාවායාමයෙන් (-යහපත් උත්සාහයෙන්) යුතුවෙයි. අසෙඛ සම්මාසතියෙන් (යහපත් සිහියෙන්) යුතුවෙයි. අසෙඛ සම්මාසාමධියෙන් (-යහපත් සිත එකඟ කිරීමෙන්) යුතුවෙයි අසෙඛ සම්මාඤාණයෙන් යුතු වෙයි, අසෙඛ සම්මාවිමුත්තියෙන් යුතුවෙයි. භද්දාලිය මේ දසවිධ ධර්මයන්ගෙන් යුත් භික්ෂුව ආහුණෙය්‍ය (-දුරසිට ඇවිත් පිදියයුතු) වෙයි, පාහුණෙය්‍ය (-අභිනව දෙයින් පිදියයුතු) වෙයි, දක්ඛිණෙය්‍ය (පින් කැමතිව පිදියයුතු) වෙයි, වැඳියයුතු වෙයි, ලොවට උතුම් පින් කෙත වෙයි.
භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය දෙසූ සේක සතුටු සිත් ඇති ආයුෂ්මත් භද්දාලි භික්ෂුව භාග්‍යවතුන් වහන්සේගේ කීමට සතුටු විය.
|
6. ලටුකිකොපමසුත්තං | 6. ලටුකිකොපම සූත්‍රය |
148
එවං
|
148
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ අංගුත්තරාප නම් ජනපදයෙහි අංගුත්තරාප වැසියන්ගේ මහගමක්වූ ආපණ නම් ගමෙහි වාසය කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි සිවුරු හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙණ ආපණ නම් ගමට වැඩියහ. ආපණ නම් ගමෙහි පිඩු පිණිස හැසිර සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ එක්තරා වනලැහැබක් යම් තැනකද දවල් කාලයෙහි විසීම සඳහා එහි වැඩියහ. ඒ වනලැහැබට පැමිණ, එක්තරා රුකක් මුල දවල් වාසය පිණිස හුන්නේය. ආයුෂ්මත් උදායි ස්ථවිර තෙමේද සිවුරු හැඳ පොරවා පා සිවුරු ගෙණ පෙරවරු කාලයෙහි ආපණයෙහි පිඬුපිණිස පිවිසියේය. ආපණයෙහි පිඬු පිණිස හැසිර සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැලකී ඒ වනලැහැබ යම් තැනකද එහි දවල් වාසය පිණිස ගියේය. ඒ වනලැහැබට පැමිණ, එක් රුකක් මුල දවල් වාසය පිණිස හුන්නේය.
ඉක්බිති විවේකව තනිව සිටියාවූ ආයුෂ්මත් උදායි ස්ථවිරයන්ට මෙබඳු අදහසක් ඇතිවිය. භාග්‍යවතුන්වහන්සේ ඒකාන්තයෙන් අපගේ බොහෝ දුක් දුරු කරන්නෙක. භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් අපගේ බොහෝ සැප රැස්කරන්නෙක. භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් අපගේ බොහෝ අකුසලධර්මයන් දුරුකරන්නෙක. භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් අපගේ බොහෝ කුසලධර්මයන් රැස්කරන්නෙක’ (යන අදහසයි.) ඉක්බිති ආයුෂ්මත් උදායි ස්ථවිර තෙමේ සවස් කාලයෙහි ඵලසමාපත්තියෙන් නැගිට, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එහි පැමිණියේය. එහි පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පැත්තක හුන්නේය.
|
149
එකමන්තං නිසින්නො ඛො ආයස්මා උදායී භගවන්තං එතදවොච
|
149
එක් පැත්තක හුන් ආයුෂ්මත් උදායි ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය.
“ස්වාමීනි, මෙහි විවේකව තනිව වාසය කළ මට මෙබඳු අදහසක් ඇතිවිය. භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් අපගේ බොහෝ දුක් දුරු කරන්නෙක. භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් අපගේ බොහෝ සැප රැස්කරන්නෙක. භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් අපගේ බොහෝ අකුසල ධර්මයන් දුරු කරන්නෙක. භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් අපගේ බොහෝ කුසලධර්මයන් රැස් කරන්නෙක (කියායි.) ස්වාමීනි, අපි පෙර හවසද, උදයද, දවල්ද නොකල්හිද අනුභව කෙළෙමු. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ, යම් හෙයකින් භික්ෂූන් කැඳවා ‘මහණෙනි, එසේ නම් තොපි මේ දවල් නොකල්හි භෝජනය අත්හරිව් (යන නියමය කළ) කාලයක් වීද, ස්වාමීනි, ඒ අවස්ථාවෙහි මගේ හිත වෙනස්විය. දොම්නසක්ද ඇතිවිය. කෙසේද, අපට සැදැහැවත් ගෘහපතියෝ දවල් නොකල්හි යම් ප්‍රණීත කන දෙයක් හෝ අනුභව කරණ දෙයක් හෝ දෙත්ද, එයද අපට භාග්‍යවතුන් වහන්සේ ඉවත් කරන්නට කියත්. සුගතයන් වහන්සේ එය අපට දුරුකරන්ට කියත්’ යනුවෙනි. ස්වාමීනි, ඒ අපි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි (ඇති) ප්‍රේමයද ගෞරවයද ලජ්ජාවද, භයද, සලකමින් මෙසේ ඒ දවල් නොකල්හි භෝජනය දුරුකෙළෙමු. ස්වාමීනි, ඒ අපි සවසද, උදේද අනුභව කෙළෙමු. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේ, යම් හේතුවකින් භික්ෂූන් කැඳවා ‘මහණෙනි, එසේ නම් තොපි රාත්‍රි නොකල්හි භෝජනයද අත්හරිව්’ (යන නිමය කළ) කාලයක් වීද ස්වාමීනි, ඒ අවස්ථාවෙහිද මගේ හිත වෙනස් විය. දොම්නස්ද ඇති විය. කෙසේද, ‘අපට උදේ රාත්‍රි ආහාර වේල් දෙකින් ආහාර වේලක් ඉතා ප්‍රණීත වීද, එයද භාග්‍යවතුන් වහන්සේ අපට ඉවත් කරන්ට කියත්. සුගතයන් වහන්සේ එයද දුරුකරන්ට කියත්’ (යනුවෙනි). ස්වාමීනි, පෙර එක් පුරුෂයෙකුට දවල් මස් මාලු ආදියක් ලැබී මෙසේ කීය. ‘එසේ නම් මෙය තබව්. සවස සියලුදෙන එකතුව අනුභව කරමු’ කියායි. ස්වාමීනි, යම්කිසි මනාව පිළියෙල කළ කෑම ජාති වෙත්නම් ඒ සියල්ල රාත්‍රියෙහිම අනුභව කරත්, දවල් අනුභව කරන්නේ ස්වල්පයකි. ස්වාමීනි, ඒ අපි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ප්‍රේමයද, ගෞරවයද, ලජ්ජාවද, භයද සලකමින් මෙසේ ඒ රාත්‍රි නොකල්හි භෝජනය අත්හැරියෙමු.
“ස්වාමීනි, පෙර භික්ෂූහු රෑ අඳුරු කලුවරෙහි පිඬු පිණිස හැසිරෙන්නාහු ගම්දොර ගවර වලෙහිද වැටෙත්. ඉඳුල් දිය දමන වලෙහිද වැටෙත්. කටුවැටටද නගිත්. ලැගහුන් දෙන පිටද නගිත්. සොරකම් කළ හෝ නොකළ හොරු හා එකතු වෙත්. ස්ත්‍රීහුද අසද්ධර්මය සඳහා කැඳවත්. ස්වාමීනි, මම පෙර රෑ අඳුරු කලුවරෙහි පිඬු පිණිස හැසුරුනෙමි. (එකල) බදුනක් සෝදන එක් ස්ත්‍රියක් විදුලි එලියෙන් මා දැක්කාය. මා දැක බියවී ‘මා නැසුණේය. අමනුෂ්‍යයෙක්! අමනුෂ්‍යයෙක්! (කියා) කෑගැසීය. එසේ කෑගැසූ කල්හි, ස්වාමීනි මම ඒ ස්ත්‍රියට මෙසේ කීයෙමි. ‘නැගණිය, මම අමනුෂ්‍යයෙක් නොවෙමි. පිඬු පිණිස වැඩ සිටි භික්ෂුවකි’. ‘භික්ෂුවගේ පියා මැරුණේද? මව මළාද? භික්ෂූන් වහන්ස, රෑ අඳුරෙහි කුස නිසා පිඬු පිණිස හැසිරෙනවාට වඩා තියුණු ගෙරිකපන කැත්තෙන් කුස කපා දැමීම හොඳයයි’ කීය. ස්වාමීනි, එය සිහිවෙන මට මෙබඳු සිතක් වෙයි. ‘භාග්‍යවතුන් වහන්සේ අපගේ බොහෝ දුක් දුරුකරන්නෙක. භාග්‍යවතුන් වහන්සේ අපගේ බොහෝ සැප රැස්කරන්නෙක, භාග්‍යවතුන් වහන්සේ අපගේ බොහෝ අකුශලධර්මයන් දුරුකරන්නෙක. භාග්‍යවතුන් වහන්සේ අපගේ බොහෝ කුශලධර්මයන් රැස් කරන්නෙක, (කියායි.)
|
150
‘‘එවමෙව පනුදායි, ඉධෙකච්චෙ මොඝපුරිසා ‘ඉදං පජහථා’ති මයා
|
150
“උදායීය, එය එසේමය. මා විසින් මෙය දුරුකරව්යයි කියනු ලබන කල්හි ඇතැම් හිස් පුරුෂයෙක් ‘මේ ශ්‍රමණ තෙමේ මේ සුලුදේ ගැන කුඩාදේ ගැන කියන්නේ කුමටද, සොයන්නේ කුමට දැයි’ කියත්. ඔවුහු එයද අත්නොහරිත්. උදායීය, ශික්ෂාව කැමති (සිල්වත්) යම් භික්ෂූහු වෙත්ද ඔවුන් කෙරෙහි නොසතුට උපදවත්. ඒ හිස් පුරුෂයන්ට එය බලවත් බැඳුමක්, දැඩි බැඳුමක්, ස්ථිර බැඳුමක් බෙල්ලේ එල්ලු මහ ලීයක් මෙන් වෙයි.
“උදායීය, යම්සේ හුළං කිරිල්ලියක් රසකිඳ වැලකින් බඳනා ලද්දී එහි වධයට හෝ බන්ධනයට හෝ මරණයට හෝ පැමිණෙයි. ඇයට එය සවි නැති බැඳුමෙක, දුබල බැඳුමෙක, අස්ථිර බැඳුමෙක, හරනැති බැඳුමෙකැයි යමෙක් කියයි නම් උදායීය, ඔහු හරිවූවක් කියන්නේද?” “ස්වාමීනි, එසේ නොවේය. ස්වාමීනි, රසකිඳ, වැලෙන් බඳින ලද ඒ හුළං කිරිල්ලිය එතැනම වධයට හෝ බන්ධනයට හෝ මරණයට හෝ පැමිණෙයි. එය ඇයට බලවත් බැඳුමෙක, දැඩි බැඳුමෙක, ස්ථිර බැඳුමෙක, ශක්තිමත් බැඳුමෙක, බෙල්ලේ එල්ලු මහ ලීයක් වැනිය.
“උදායීය, එමෙන්ම ඇතැම් හිස් පුරුෂයෝ මෙය දුරකරව් යයි මා විසින් කියන ලද කල්හි ඔව්හු ‘මේ සුළු කරුණ කුමටද, කුඩා කරුණ කුමටද? මේ ශ්‍රමණ තෙම මේ සුළු කරුණෙහිත් බොහෝ උත්සාහ කරත්යයි, කියත්. ඔවුහු එය අත්නොහරිත්. මා කෙරෙහිද ශික්ෂාව කැමති (-සිල්වත්) යම් භික්ෂූහු වෙත්ද, ඔවුන් කෙරෙහිද නොසතුට පහළ කරත්. ඔවුන්ට එය බලවත් බැඳුමක්, දැඩි බැඳුමක් ස්ථිර බැඳුමක්, ශක්තිමත් බැඳුමක් බෙල්ලේ එල්ලු මහ ලීයක් මෙන් වෙයි.
|
151
‘‘ඉධ
|
151
“උදායීය, මේ ශාසනයෙහි ඇතැම් කුලපුත්‍රයෝ ‘මෙය දුරුකරව්යයි’ මා විසින් කියනු ලබන කල්හි ඔවුහු, භාග්‍යවතුන් වහන්සේ අපට යමක් දුරු කිරීමට කියත්ද එය ඉතා සුළු දෙයක් කුඩා දෙයක් නොවේදැයි, ‘කියත්. ඔව්හු එය අත්හරිත්. මා කෙරෙහිද, ශික්ෂාව කැමති (සිල්වත්) යම් භික්ෂූහු වෙත්ද ඔවුන් කෙරෙහිද නොසතුට පහළ නොකරත්. ඔව්හු එය දුරුකොට වෙනසක් නැතිව, ලොමු දැහැගැනුම් නැතිව, අනුන් දෙන දෙයින් යැපෙන්නෝව, (අද හෙට කෙසේද යන) බලාපොරොත්තු නැති සිතින් යුක්තව වාසය කරත්. උදායීය, එය ඔවුන්ට සවි නැති බැඳුමෙක, දුබල බැඳුමෙක, අස්ථිර බැඳුමෙක, හරනැති බැඳුමෙක.
“උදායීය, යම්සේ නගුලිස් වැනි දත් ඇති, උදුරා දැමීමෙහි දක්ෂ, වංශවත්, යුදයට යන ඇතා දැඩි වර පට ඇත්තාවූ බැඳුමෙන් බඳනා ලද්දේ ශරීරය ටිකක් නමා ඒ බැඳුම් සිඳ බිඳ දමා කැමති තැනකින් ගමන් කරයි. උදායීය, නගුලිස් වැනි දත් ඇති, උදුරා දැමීමෙහි දක්ෂ, වංශවත්, යුදයට යන ඇතා දැඩි වරපටින් බඳනා ලද්දේ ශරීරය ටිකක් නමා ඒ බැඳුම් සිඳ බිඳ කැමති තැනකින් ගමන් කරයිද, ඒ ඇතාට එය බලවත් බැඳුමෙක, දැඩි බැඳුමෙක, තිර බැඳුමෙක, නොවෙනස් බැඳුමෙක, බෙල්ලේ එල්ලු මහලීයක් මෙන් වේයයි යමෙක් කියන්නේ නම්, උදායීය, ඔහු හරිවූවක් කියන්නේද”?
“ස්වාමීනි, එසේ නොවේය.”
“ස්වාමීනි, නගුලිස් වැනි දත් ඇති, උදුරු දැමීමෙහි දක්ෂ, වංශවත්. යුදයට ගිය, ඒ ඇතා දැඩි වරපට ඇති බැඳුමෙන් බඳනා ලද්දේ ශරීරය ටිකක් නමා ඒ බැඳුම්සිඳ බිඳ දමා කැමති තැනකින් ගමන් කරයිද, එය ඔහුට සවි නැති බැඳුමෙක, දුබල බැඳුමෙක, අස්ථිර බැඳුමෙක, හරනැති බැඳුමෙක.” “උදායීය, එමෙන් මේ ශාසනයෙහි ඇතැම් කුල පුත්‍රයෝ මෙය අත්හරිව්යයි මා විසින් කියනු ලබන කල්හි ‘භාග්‍යවතුන් වහන්සේ අපට යමක් දුරලීමට කී සේක්ද, මේ කිමෙක්ද, සුළු ඉතා සුළු පහකළ යුතු කරුණකියි. ‘කියත්. ඔවුහු එය අත්හරිත්. මා කෙරෙහිද, ශික්ෂාව කැමති (සිල්වත්) භික්ෂූහු වෙත්ද, ඔවුන් කෙරෙහිද නොසතුට පළ නොකරත්. ඔව්හු එය දුරුකොට වෙහෙසක් නැතිව, ලොමුදැහැගැනුම් නැතිව, අනුන් දෙන දෙයින් යැපෙන්නෝව, (අද හෙට කෙසේද යන) බලාපොරොත්තු නැති සිතින් යුක්තව වාසය කරත්. උදායීය, එය ඔවුන්ට සවි නැති බැඳුමෙක, දුබල බැඳුමෙක, අස්ථිර බැඳුමෙක, හරනැති බැඳුමෙක.
|
152
‘‘සෙය්යථාපි, උදායි, පුරිසො දලිද්දො අස්සකො අනාළ්හියො; තස්ස’ස්ස එකං අගාරකං ඔලුග්ගවිලුග්ගං කාකාතිදායිං
(කාකාතිඩායිං (?)) නපරමරූපං, එකා ඛටොපිකා
(කළොපිකා (ක.)) ඔලුග්ගවිලුග්ගා නපරමරූපා, එකිස්සා කුම්භියා
|
152
“උදායීය, යම්සේ දිළිඳු, තමාගේයයි කියයුතු කිසි දෙයක් නැති දුප්පත් මිනිසෙක් වෙයිද, ඔහුට කැඩී බිඳී එල්බෙන, කපුටන් එහා මෙහා යන එක් ගෙපැලක් ඇත්තේය. ඉරීගිය එක් වැල් ඇඳක් ඇත්තේය. කුරහන්, ලබු ඇට, මෑඇට දැමූ එක්මුට්ටියක් ඇත්තේය. ඔහුට අවලක්ෂණ බිරිඳක් ඇත්තේය. ඒ මිනිසා ආරාමයක අත් පා සෝදා පිරිසුදු කොට හොඳ අහර වළඳා, සිහිල් සෙවනක හිඳ, සිත එකඟ කළ භික්ෂුවක් දක්නේය. (එවිට) ඔහුට මෙබඳු සිතක් වන්නේය. ‘පින්වත, මහණකම සැපය, පින්වත, මහණකම නීරොගය’ (කියායි) (ඔහුට) යම්බඳුවූ ‘මම කෙස්රැවුල් කපා කසාවත් හැඳ පොරවා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වන්නෙම් නම් හොඳයයි සිතෙන්නේය.’ එහෙත් ඔහුට කැඩී බිඳී එල්බෙන, කපුටන් එහා මෙහා යන ගෙපැල හැර දමා ඉරීගිය වැල් ඇඳ හැරදමා, කුරහන්, ලබු ඇට, මෑ ඇට මුට්ටිය හැරදමා, අවලක්ෂණ බිරිඳ හැරදමා, කෙස් රැවුල් බහා කසාවත් හැඳ පොරවා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවන්ට නොහැකිවෙයි.
“උදායීය, යම්බඳු බැඳුමකින් බැඳුනු ඒ මිනිසා කැඩී බිඳී එල්බෙන, කපුටන් එහා මෙහා යන ගෙපැල හැරදමා ඉරීගිය වැල් ඇඳ හැර දමා, කුරහන්, ලබු ඇට මෑ ඇට මුට්ටිය හැරදමා, අවලක්ෂණ බිරිඳ හැරදමා කෙස් රැවුල් බහා කසාවත් හැඳ පොරවා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවන්ට නොහැක්කේද, ඔහුගේ ඒ බැඳුම සවිනැති බැඳුමෙක, දුබල බැඳුමෙක, අස්ථිර බැඳුමෙක, හර නැති බැඳුමකැයි යමෙක් කියන්නේද, උදායිය, ඔහු හරිවූවක් කියන්නේද?” “නැත ස්වාමීනි”. යම් බැඳුමකින් බැඳුනු ඒ මිනිසා, කැඩී බිඳී එල්බෙන, කපුටන් එහා මෙහා යන ගෙපැල හැර දමා, ඉරී ගිය වැල් ඇඳ හැරදමා, කුරහන්, ලබු ඇට, මෑ ඇට මුට්ටිය හැරදමා, අවලක්ෂණ බිරිඳ හැරදමා කෙස් රැවුල් බහා කසාවත් හැඳ පොරවා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවන්ට නොහැක්කේද. ඔහුගේ ඒ බැඳුම් සවි ඇති බැඳුමෙක, දැඩි බැඳුමෙක, ස්ථිර බැඳුමෙක, හර බැඳුමෙක, බෙල්ලේ බැඳි මහා ලීයක් වැනිය.
“උදායීය, එමෙන්ම, මේ ශාසනයෙහි ඇතැම් හිස් පුරුෂයෝ, මෙය අත්හරීවායයි මා විසින් කියනු ලබන කල්හි ‘මේ සුළු කරුණ කුමටද? මේ කුඩා කරුණ කුමටද? මේ ශ්‍රමණ තෙම කුඩා දෙයෙහි බොහෝ උත්සාහ කරතියි” කියත්. ඔවුහු එය නොහරිත්. මා කෙරෙහිද, ශික්ෂාව කැමති (-සිල්වත්) යම් භික්ෂූහු වෙත්ද, ඔවුන් කෙරෙහිද නොසතුට පහළ කරත්. ඔවුන්ට එය බලවත් බැඳුමක්, දැඩි බැඳුමක්, ස්ථිර බැඳුමක්, ශක්තිමත් බැඳුමක්, බෙල්ලේ බැඳ මහලීයක් මෙන් වෙයි.
|
153
‘‘සෙය්යථාපි
|
153
“උදායීය, යම්සේ නොයෙක් රන් මිළ රැස් කළාවූද, නොයෙක් වී ආදී ධාන්‍ය රැස් කළාවූද, නොයෙක් කුඹුරු රැස් කළාවූද නොයෙක් වතුපිටි රැස් කළාවූද, නොයෙක් භාර්යා සමූහ ඇත්තාවූද, නොයෙක් දාස සමූහයා ඇත්තාවුද, නොයෙක් දාසි සමූහයා ඇත්තාවූද, පොහොසත් ධනවත් සැපවත් ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ වෙත්ද, ඔව්හු අත් පා සෝදා පිරිසුදු කළ, හොඳ අහර වැළඳූ, සිහිල් සෙවනක හිඳ සිත එකඟ කළ, භික්ෂුවක් දක්නේය. (එවිට) ඔහුට මෙබඳු සිතක් වන්නේය. “පින්වත, මහණකම සැපය, පින්වත, මහණකම නිරෝගය (කියායි.) ඔහු යම් බඳුවූම, මම කෙස් රැවුල් බහා කසාවත් හැඳ පොරවා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වන්නෙම් නම් හොඳයයි සිතන්නේය. ඔවුන්ට නොයෙක් රන් රාසි හැර, නොයෙක් ධාන්‍ය රාසි හැර, නොයෙක් කුඹුරු හැර, නොයෙක් භාර්යාවන් හැර, නොයෙක් වතුපිටි හැර නොයෙක් දාස සමූහයන් හැර, නොයෙක් දාසි සමූහයන් හැර, කෙස් රැවුල් කපා, කසාවත් හැඳ පොරවා, ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවන්ට හැකිවන්නේය. උදායීය, ඒ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ යම් බැඳුමකින් බැඳුනේ නොයෙක් රන් රාසි හැර, නොයෙක් ධාන්‍ය රාසි හැර, නොයෙක් කුඹුරු හැර, නොයෙක් වතුපිටි හැර, නොයෙක් භාර්යා සමූහයන් හැර, නොයෙක් දාස සමූහයන් හැර, නොයෙක් දාසි සමූහයන් හැර, කෙස් රැවුල් බහා, කසාවත් හැඳ පොරවා ශාසනයෙහි පැවිදි වන්ට හැක්කේය. එය ඔහුට බලවත් බැඳුමෙක, දැඩි බැඳුමෙක, තිර බැඳුමෙක, ශක්තිමත් බැඳුමෙක, බෙල්ලේ බැඳි මහ ලීයක් වැනි’යි කියන්නේද? උදායීය, ඔහු හරිවූවක් කියන්නේද?”
“ස්වාමීනි, එසේ නොවේය.”
“ස්වාමීනි, යම් බැඳුම්වලින් බැඳුනු ඒ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ නොයෙක් රන් රාශි හැර, නොයෙක් ධාන්‍ය රාශි හැර, නොයෙක් කුඹුරු හැර, නොයෙක් වතුපිටි හැර, නොයෙක් භාර්යා සමූහයන් හැර, නොයෙක් දාස සමූහයන් හැර, නොයෙක් දාසි සමූහයන් හැර, කෙස් රැවුල් බහා. කසාවත් හැඳ පොරවා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවන්ට හැකිවෙයි. එය ඔහුට සවි නැති බැඳුමෙක, අස්ථිර බැඳුමෙක, හර නැති බැඳුමෙක.
“උදායීය, එමෙන්ම මේ ශාසනයෙහි ඇතැම් කුල පුත්‍රයෝ මෙය අත්හරිව්යයි මා විසින් කියනු ලබන කල්හි ‘භාග්‍යවතුන් වහන්සේ අපට යමක් පහ කිරීමට කියත්ද, සුගතයන් වහන්සේ අපට යමක් දුරලීමට කියත්ද මේ කිමෙක්ද? සුළු ඉතා සුළු පහකළ යුතුකරුණකියි. ‘කියත්. ඔවුහු එය අත් හරිත්, මා කෙරෙහිද ශික්ෂාව කැමති (සිල්වත්) යම් භික්ෂූහු වෙත්ද, ඔවුන් කෙරෙහිද නොසතුට පහළ නොකරත්. ඔවුහු එය දුරු කොට, වෙහෙසක් නැතිව, ලොමු දැහැගැනුම් නැතිව, අනුන් දෙන දෙයින් යැපෙන්නෝව, (අද හෙට කෙසේද යන) බලාපොරොත්තු නැති සිතින් යුක්ත වාසය කරත්. උදායීය, එය ඔවුන්ට සවිනැති බැඳුමෙක, අබල බැඳුමෙක, අස්ථිර බැඳුමෙක.
|
154
‘‘චත්තාරොමෙ
‘‘ඉධ පනුදායි, එකච්චො පුග්ගලො උපධිපහානාය පටිපන්නො හොති උපධිපටිනිස්සග්ගාය. තමෙනං උපධිපහානාය පටිපන්නං උපධිපටිනිස්සග්ගාය උපධිපටිසංයුත්තා සරසඞ්කප්පා සමුදාචරන්ති. සො තෙ නාධිවාසෙති, පජහති, විනොදෙති, බ්යන්තීකරොති, අනභාවං ගමෙති. ඉමම්පි ඛො අහං, උදායි
‘‘ඉධ පනුදායි, එකච්චො පුග්ගලො උපධිපහානාය පටිපන්නො හොති උපධිපටිනිස්සග්ගාය. තමෙනං උපධිපහානාය පටිපන්නං උපධිපටිනිස්සග්ගාය කදාචි කරහචි සතිසම්මොසා උපධිපටිසංයුත්තා සරසඞ්කප්පා සමුදාචරන්ති; දන්ධො, උදායි, සතුප්පාදො. අථ ඛො නං ඛිප්පමෙව පජහති, විනොදෙති, බ්යන්තීකරොති, අනභාවං ගමෙති. සෙය්යථාපි, උදායි, පුරිසො දිවසංසන්තත්තෙ
(දිවසසන්තත්තෙ (සී. ස්‍යා. කං. පී.)) අයොකටාහෙ ද්වෙ වා තීණි වා උදකඵුසිතානි නිපාතෙය්ය; දන්ධො, උදායි, උදකඵුසිතානං නිපාතො. අථ ඛො නං ඛිප්පමෙව පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්ය. එවමෙව ඛො, උදායි, ඉධෙකච්චො
‘‘ඉධ පනුදායි, එකච්චො පුග්ගලො ‘උපධි දුක්ඛස්ස මූල’න්ති - ඉති විදිත්වා නිරුපධි හොති, උපධිසඞ්ඛයෙ විමුත්තො. ඉමං ඛො අහං, උදායි, පුග්ගලං ‘විසංයුත්තො’ති වදාමි නො ‘සංයුත්තො’ති
|
154
“උදායීය, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙනෙක් වෙත්. ඒ සතර දෙන කවරහුද? උදායීය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් උපධි දුරුකිරීම පිණිස, උපධි පහ කිරීම පිණිස පිළිපන්නේ වෙයි. උපධි දුරලීම පිණිස, උපධි පහකිරීම පිණිස, පිළිපන්නාවූ ඒ පුද්ගලයා උපධි හා යෙදුනු කල්පනාවෝ යට කරත්. ඔහු ඒ උපධීන් ඉවසයි. දුරු නොකරයි. නොසංසිඳුවයි. අවසන් නොකරයි. නැතිබවට නොපමුණුවයි. උදායීය, මම මේ පුද්ගලයා කෙලෙස් සහිත යයි කියමි. කෙලෙස් රහිතයයි නොකියමි. එයට හේතු කවරේද? උදායීය, මා විසින් මේ පුද්ගලයා කෙරෙහි ඉඳුරන්ගේ වෙනස් බව දන්නා ලදී.
“උදායීය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් උපධි දුරලීම පිණිස, උපධි පහකිරීම පිණිස, පිළිපදින්නේ වෙයි. උපධි දුරලීම පිණිස, උපධි පහකිරීම පිණිස පිළිපදින ඔහු උපධි හා යෙදුන කල්පනාවෝ යට කරත්. ඔහු ඒ උපධීන් නොඉවසයි. දුරු කෙරෙයි, සංසිඳුවයි, අවසන්කරයි. උදායීය, මම මේ පුද්ගලයාද කෙලෙස් සහිතයෙකැයි කියමි. කෙලෙස් රහිතයයි නොකියමි. එයට හේතු කවරේද? උදායීය, මා විසින් මේ පුද්ගලයා කෙරෙහි ඉඳුරන්ගේ වෙනස් බව දන්නා ලදී.
“උදායීය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් උපධි දුරලීම පිණිස, උපධි පහකිරීම පිණිස පිළිපන්නේ වෙයි. උපධි දුරලීම පිණිස, උපධි පහකිරීම පිණිස පිළිපන් ඔහු ඇතැම් විටෙක සිහි මුළාව හේතුකොට ගෙන උපධි හා යෙදුනු කල්පනාවෝ යට කරත්. උදායීය, (ඔහුට) සිහිය පහළවීම ප්‍රමාදය. සිහිය පහළවනවාත් සමඟම එය වහාම දුරුකරයි. සංසිඳුවයි. අවසන් කරයි නැති බවට පමුණුවයි. උදායීය, යම්සේ දවසක් මුලුල්ලෙහිම රත්කරණ ලද යකඩ තැටියක දියබිංදු දෙකක් තුනක් වැටේද උදායීය, දියබිඳු වැටීම ප්රමාදවෙයිද, වැටෙනවා සමගම ඒ දියබිඳු වහා ක්ෂයවීමට, අවසානයට යන්නේද, උදායීය, එමෙන් මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් උපධි දුරලීම පිණිස උපධි නැතිකිරීම පිණිස පිළිපදින්නේවේද, උපධි දුරලීම පිණිස උපධි අතහැර දැමීම පණිස පිළිපදින ඔහු කිසිවිටෙක සිහි මුළාව නිසා උපධි හා කල්පනාවෝ යට කරත්ද, උදායීය, සිහිය පහළවීම ප්‍රමාද වෙයි. සිහිය පහළ වනු සමගම වහාම එය දුරු කරයි. සංසිඳුවයි. අවසන් කරයි. නැති බවට පමුණුවයි. උදායීය මම මේ පුද්ගලයාද කෙලෙස් සහිතයයි කියමි. කෙලෙස් රහිතයයි නොකියමි. එයට හේතු කවරේද? උදායීය, මේ පුද්ගලයා කෙරෙහි මා විසින් ඉඳුරන්ගේ වෙනස් බව දන්නා ලදී.
උදායීය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් පඤ්චස්කන්ධ උපධිය දුකට මුලයයි දැන ක්ලේශ උපධිය නැත්තෙක් වේද නිවන අරමුණු කිරීමෙන් කෙලෙසුන් කෙරෙන් මිදුනේද, උදායීය මම මේ පුද්ගලයා කෙලෙස් රහිතයෙකැයි කියමි. කෙලෙස් සහිතයෙකැයි නොකියමි. එයට හේතු කවරේද? උදායීය මේ පුද්ගලයා කෙරෙහි ඉඳුරන්ගේ වෙනස් බව මා විසින් දන්නා ලදී.
|
155
‘‘පඤ්ච ඛො ඉමෙ, උදායි, කාමගුණා. කතමෙ පඤ්ච? චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, සොතවිඤ්ඤෙය්යා සද්දා...පෙ.... ඝානවිඤ්ඤෙය්යා ගන්ධා... ජිව්හාවිඤ්ඤෙය්යා රසා... කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො, උදායි, පඤ්ච කාමගුණා. යං ඛො, උදායි, ඉමෙ පඤ්ච කාමගුණෙ පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං ඉදං වුච්චති කාමසුඛං මිළ්හසුඛං
(මීළ්හසුඛං (සී. පී.)) පුථුජ්ජනසුඛං අනරියසුඛං, න සෙවිතබ්බං, න භාවෙතබ්බං, න බහුලීකාතබ්බං; ‘භායිතබ්බං
|
155
උදායීය, මේ කාමගුණ පසෙකි. ඔහු කවරහුද? ඉෂ්ට කාන්ත මන වඩන ප්‍රිය ස්වභාවය ඇති ඇලුම් කරණ ඇසින් දැක්ක යුතු රූපයෝය. ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රියවූ කාමයෙන් යුතු කණින් ඇසියයුතු ශබ්දයෝය. ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රියවූ කාමයෙන් යුතු නාසයෙන් දත යුතු ගන්ධයෝය. ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රියවූ කාමයෙන් යුතු දිවෙන් දතයුතු රසයෝය. ඉෂ්ට කාන්ත මන වඩන ප්‍රිය කයින් දතයුතු ස්පර්ශයෝ යන මොහු පස්කම් ගුණයෝය.
“උදායීය, මේ පස්කම් ගුණ නිසා යම් සැප සොම්නසක් උපදීද, මේ කාම සැපය, අසුචි සැපයෙක, පුහුදුන් සැපයෙක, අනාර්ය සැපයෙක, සේවනය නොකළ යුත්තෙක, නොවැඩිය යුත්තෙක, බහුල නොකළ යුත්තෙකැයි කියනු ලැබේ. මේ සැපයට බිය විය යුතුයයි කියමි.
|
156
‘‘ඉධුදායි
‘‘ඉධුදායි, භික්ඛු විවිච්චෙව කාමෙහි...පෙ.... පඨමං ඣානං උපසම්පජ්ජ විහරති; ඉදං ඛො අහං, උදායි, ඉඤ්ජිතස්මිං වදාමි. කිඤ්ච තත්ථ ඉඤ්ජිතස්මිං? යදෙව තත්ථ විතක්කවිචාරා අනිරුද්ධා හොන්ති ඉදං තත්ථ ඉඤ්ජිතස්මිං. ඉධුදායි, භික්ඛු විතක්කවිචාරානං වූපසමා...පෙ.... දුතියං ඣානං උපසම්පජ්ජ විහරති; ඉදම්පි ඛො අහං, උදායි, ඉඤ්ජිතස්මිං වදාමි. කිඤ්ච තත්ථ ඉඤ්ජිතස්මිං? යදෙව තත්ථ පීතිසුඛං අනිරුද්ධං හොති ඉදං තත්ථ ඉඤ්ජිතස්මිං. ඉධුදායි, භික්ඛු පීතියා ච විරාගා...පෙ....
‘‘ඉධුදායි
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා උදායී භගවතො භාසිතං අභිනන්දීති.
|
156
උදායීය, මේ ශාසනයෙහි භික්ෂුවක් කාමයන්ගෙන් වෙන්ව අකුසලයන්ගෙන් වෙන්ව, විතර්ක විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධ්‍යානයට එළඹ වාසය කරයිද, විතර්ක විචාරයන්ගේ සංසිඳවීමෙන් සිතෙහි පැහැදීම ඇති. සිත පිළිබඳ එකඟබව ඇති, අවිතර්ක අවිචාර සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයිද, ප්‍රීතියෙහිද නො ඇලීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කරයිද, සිහියෙන් යුක්ත වූයේ නුවණින් යුක්තවූයේ ශරීරයෙන් සුවය විඳින්නේද, යම් ඒ ධ්‍යානයක් උපේක්ෂා ඇත්තේ සිහි ඇත්තේ සැප විහරණ ඇත්තේයයි ආර්යයෝ කියත්ද ඒ තුන්වන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, සැපය දුරු කිරීමෙන්ද, දුක දුරු කිරීමෙන්ද, පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැති කිරීමෙන් දුක්ද නොවූ සැපද නොවූ උපේක්ෂා සිහියෙන්. පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මේ කාමයෙන් නික්මුනු සැපයයිද, විවේකයෙන් ලත් සැපයයිද, කෙලෙස් සංසිඳුවීමෙන් ලත් සැපයයිද, මාර්ගාවබෝධය පිණිස සැපයයිද, සේවනය කළයුතු සැපයයිද, වැඩිය යුතු සැපයයිද, බහුල කළයුතු සැපයයිද කියනු ලැබේ. මේ සැපයට බිය නොවිය යුතුයයි කියමි.
“උදායීය, මේ ශාසනයෙහි භික්ෂුවක් කාමයන්ගෙන් වෙන්ව අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයිද, උදායීය, මම මෙය කම්පාවන ස්වභාවය ඇත්තේයයි කියමි. එහි කම්පාවීම නම් කුමක්ද, එහි නිරුද්ධ නොකළාවූ විතර්ක විචාරයෝ වෙත්ද, මේ එහි කම්පාවීමයි. උදායීය, මේ ශාසනයෙහි භික්ෂුවක් විතර්ක විචාරයන්ගේ සංසිඳවීමෙන් තමා තුළ පැහැදීම ඇති, හිතේ එකඟ බව ඇති, විතර්ක රහිතවූ, විචාර රහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයිද, උදායීය, මෙයද මම කම්පාවන ස්වභාවය ඇත්තේයයි කියමි. එහි කම්පාවීම නම් කුමක්ද? එහි යම් නිරුද්ධ නොකළාවූ ප්‍රීතිය හා සැපය වේද මේ එහි කම්පාවීමයි. උදායීය, මේ ශාසනයෙහි භික්ෂුවක් ප්‍රීතියේද නොඇලීමෙන් උපේක්ෂා ඇත්තේ වාසය කරයි, සිහියෙන් යුක්තවූ නුවණින් යුක්තවූයේ ශරීරයෙන් සුවය විඳින්නේද, යම් ඒ ධ්‍යානයක් උපෙක්ෂා ඇත්තේ සිහි ඇත්තේ සැප විහරණ ඇත්තේයයි ආර්යයෝ කියද්ද, ඒ තුන්වන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, උදායීය, මම මෙයද කම්පාවන ස්වභාවය ඇත්තේ යයි කියමි. එහි කම්පාවීම නම් කුමක්ද? එහි නිරුද්ධ නොකළාවූ උපේක්ෂා සැපයක් වේද, මේ එහි කම්පාවීමයි. උදායීය, මේ ශාසනයෙහි භික්ෂුවක් සැපය දුරු කිරීමෙන්ද, දුක දුරුකිරීමෙන්ද, පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන් දුක්ද නොවූ සැපද නොවූ උපේක්ෂා සිහියෙන් පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, උදායීය, මෙය මම කම්පා නොවන ස්වභාවය ඇත්තේයයි කියමි.
“උදායීය, මේ ශාසනයෙහි භික්ෂුවක් කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති පළමුවන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, උදායීය, මෙය මම සෑහේයයි නොකියමි. ‘දුරුකරව්’ යයි කියමි. ‘ඉක්මවව්’ යයි කියමි. එහි ඉක්මවීම නම් කුමක්ද? උදායීය, මේ ශාසනයෙහි භික්ෂුවක් විතර්ක විචාරයන් සන්සිඳවීමෙන් තමා තුළ පැහැදීම ඇති. හිතේ එකඟබව ඇති, විතර්ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මේ එය ඉක්මවීමයි. උදායීය, මෙයද මම සෑහේයයි නොකියමි. දුරුකරව්යයි කියමි. ඉක්මවව්යයි කියමි. එහි ඉක්මවීම නම් කුමක්ද? උදායීය, මේ ලෝකයෙහි භික්ෂුවක් ප්‍රීතියගේද නො ඇලීමෙන් උපේක්ෂා ඇත්තේ වාසය කරයි. සිහියෙන් යුක්තවූයේ නුවණින් යුක්තවූයේ ශරීරයෙන් සුවය විඳින්නේද, යම් ඒ ධ්‍යානයක් උපේක්ෂා ඇත්තේ සිහි ඇත්තේ සැප විහරණ ඇත්තේයයි ආර්යයෝ කියද්ද, ඒ තුන්වන ධ්‍යානයට පැමිණ වාසය කරයිද මේ එය ඉක්මවීමයි. උදායීය, මම මෙයද සෑහේයයි නොකියමි. ‘දුරු කරව්’යයි කියමි. ඉක්මවව්’යයි කියමි. එහි ඉක්මවීම නම් කුමක්ද? උදායීය, මේ ශාසනයෙහි භික්ෂුවක් සැපයද පහ කිරීමෙන් දුකද පහකිරීමෙන් පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන් දුක්ද නොවූ සැපද නොවූ උපෙක්ෂා සිහියෙන් පිරිසිදු බව ඇති ඒ සිවුවන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මේ එය ඉක්මීමයි. උදායීය, මම මෙයද සෑහේයයි නොකියමි. ‘දුරු කරව්’යයි කියමි. ‘ඉක්මවව්’යයි කියමි. එහි ඉක්මවීම කුමක්ද, උදායීය, මේ ශාසනයෙහි භික්ෂුවක් සර්වප්රකාරයෙන් රූපසංඥාවන්ගේ ඉක්ම වීමෙන්, පටිඝසංඥාවන්ගේ දුරලීමෙන් නානත්තසංඥාවන්ගේ මෙනෙහි නොකිරීමෙන් ආකාශය අනන්තයයි ආකාශානඤ්චායතනයට පැමිණ වාසය කරයි. මේ එය ඉක්මවීමයි. උදායීය, මම මෙයද සෑහේයයි නොකියමි. ‘දුරුකරව්’යයි කියමි. ‘ඉක්මවව්’යයි කියමි. එය ඉක්මවීම කවරේද? උදායීය, මේ ශාසනයෙහි භික්ෂුවක් සර්වප්රකාරයෙන් ආකාශානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයි. මේ එය ඉක්මවීමයි. උදායීය, මම මෙයද සෑහේයයි නොකියමි. ‘දුරුකරව්’යයි කියමි. ‘ඉක්මවව්ය’යි කියමි. එය ඉක්මවීම නම් කුමක්ද, උදායීය, මේ ශාසනයෙහි භික්ෂුවක් සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. මේ එය ඉක්ම වීමයි. උදායීය. මම මෙයද, සෑහේයයි නොකියමි. ‘දුරු කරව්’යයි කියමි. ‘ඉක්මවව්’යයි කියමි. එහි ඉක්මවීම කුමක්ද?
“උදායීය, මේ ශාසනයෙහි භික්ෂුවක් සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤාණාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. මේ එය ඉක්මවීමයි. උදායීය, මම මෙයද සෑහේයයි නොකියමි. ‘දුරුකරව්’යයි කියමි. ‘ඉක්මවව්’යයි කියමි. උදායීය, මේ ශාසනයෙහි භික්ෂුවක් සර්වප්රකාරයෙන් නෙවසඤ්ඤාණාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවෙදයිත නිරෝධයට පැමිණ වාසය කරයි. මේ එය ඉක්මවීමයි. උදායීය, මෙසේ මම නෙවසඤ්ඤානාසඤ්ඤායතනයාගේද දුරු කිරීම කියමි. උදායීය, මම කුඩාවූ හෝ මහත්වූ හෝ යම් සංයෝජනයක්හුගේ පහකිරීම නොකියම්ද එවැනි සංයෝජනයක් දක්නෙහිද?
“ස්වාමීනි, එසේ නොවේය”යි කීය.
“භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය දෙසනා කළහ. ආයුෂ්මත් උදායී ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ කීමට සතුටු විය.
|
7. චාතුමසුත්තං | 7. චාතුම සූත්‍රය |
157
එවං
|
157
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ චාතුමා නුවර නෙල්ලි වනයෙහි වාසය කළහ. එකල්හි වනාහි සැරියුත් මුගලන් දෙනම ප්‍රධාන කොට ඇති පන්සියයක් පමණ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස චාතුමා නුවරට පැමිණියාහු වෙත්. ඒ ආගන්තුක භික්ෂූහු නේවාසික භික්ෂූන් සමග සතුටු වෙමින් සෙනසුන් පනවන්නාහු පාසිවුරු තැන්පත් කර තබන්නාහු උස් ශබ්ද මහා ශබ්ද ඇත්තෝ වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථා කළහ. “ආනන්දය, මසුන් අල්ලන තැන කෙවුලන් මෙන් උස් ශබ්ද මහා ශබ්ද කරන්නෝ කවරහුද?” “ස්වාමීනි, මේ සැරියුත් මුගලන් දෙනම ප්‍රධාන කොට ඇති පන්සියයක් පමණ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස චාතුමා නගරයට පැමිණියාහුය. ඒ ආගන්තුක භික්ෂූහු නේවාසික භික්ෂූන් සමග සතුටු වන්නාහු, සෙනසුන් පනවන්නාහු, පා සිවුරු තැන්පත් කර තබන්නාහු, උස් ශබ්ද මහා ශබ්ද ඇත්තාහුය” යි (කීය.) “ආනන්දය, එසේනම් ‘ශාස්තෲන් වහන්සේ ආයුෂ්මකුන් කැඳවති’ යි මාගේ වචනයෙන් ඒ භික්ෂූන් කැඳවව” “එසේය ස්වාමීනි” යි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ඒ භික්ෂූහු යම් තැනකද එහි පැමිණියේය. එහි පැමිණ, ‘ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් කැඳවති’ යි ඒ භික්ෂූන්ට කීය. ‘එසේය ඇවැත්නි’ යි ඒ භික්ෂූහු ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට පිළිවදන් දී, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එහි පැමිණියාහුය. එහි පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක උන්නාහුය. එක් පසෙක හුන් ඒ භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය කීය. “මහණෙනි, කුමක් හෙයින් තොපි මසුන් අල්ලන තැන කෙවුලන් මෙන් උස් ශබ්ද මහත් ශබ්ද කරන්නහුද?” “ස්වාමීනි, මේ සැරියුත් මුගලන් දෙනම ප්‍රධාන කොට ඇති පන්සියයක් පමණ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස චාතුමා නගරයට පැමිණියාහුය. ඒ මේ ආගන්තුක භික්ෂූහු නේවාසික භික්ෂූන් සමග සතුටු වන්නාහු, සෙනසුන් පනවන්නාහු, පා සිවුරු තැන්පත් කර තබන්නාහු, උස් ශබ්ද මහා ශබ්ද ඇත්තාහුය” යි (කීහ.) “මහණෙනි, යව් තොප නෙරපමි. තොප මා වෙත නොවැසිය යුතුය” යි (වදාළහ). “එසේය ස්වාමීනි” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට සෙනසුන් අකුලා තැන්පත්කර තබා පා සිවුරු ගෙන ගියාහුය.
|
158
තෙන ඛො පන සමයෙන චාතුමෙය්යකා සක්යා සන්ථාගාරෙ
(සන්ධාගාරෙ (ක.)) සන්නිපතිතා හොන්ති කෙනචිදෙව
|
158
එසමයෙහි වනාහි චාතුමා නුවර වැසි ශාක්‍යයෝ නගර ශාලාවෙහි රැස්ව හුන්නාහුය. (ඒ) චාතුමා නුවර වැසි ශාක්‍යයෝ දුරදීම එන ඒ භික්ෂූන් දුටුවාහුය. දැක ඒ භික්ෂූහු යම් තැනකද ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් එතැනට පැමිණියාහුය. පැමිණ ඒ භික්ෂූන්ට “ආයුෂ්මත් නුඹවහන්සේලා මේ දැන් අවුත් මේ දැන් කොහි යන්නහුදැයි?” ඇසූහ.
“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූහු සංඝයා නෙරපන ලද්දේය.”
“එසේ නම්, ආයුෂ්මතුන් වහන්සේලා මොහොතක් හිඳිනු මැනව. අපි භාග්‍යවතුන් වහන්සේ පහදවන්ට හැකි වන්නෙමු නම් යෙහෙක” කීහ. “එසේය, ඇවැත්නි”යි ඒ භික්ෂූහු චාතුමා නුවර වැසි ශාක්‍යයන්ට පිළිතුරු දුන්නාහුය.
ඉක්බිති චාතුමෙය්‍යක ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක උන්නාහුය. එක් පැත්තක හුන් චාතුමෙය්‍යක ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීවාහුය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාට කැමතිවන සේක්වා ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාට කථා කරණ සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යම් සේ පෙර භික්ෂු සංඝයාට අනුග්‍රහ කරණ ලද්දේද, එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ මෙකල්හිත් අනුග්‍රහ කරණ සේක්වා. ස්වාමීනි, ලඟදී පැවිදිවූ මේ ශාසනයට අලුත පැමිණි නවක භික්ෂූහු ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ දැකීමට නොලැබෙන ඒ භික්ෂූන්ට ශ්‍රද්ධාවේ වෙනසක් වන්නේය. පෙරළීමක් වන්නේය. ස්වාමීනි, යම්සේ වතුර නොලැබෙන ළපැටි බීජයන්ට වෙනසක් වන්නේද, පෙරළීමක් වන්නේද, ස්වාමීනි, එමෙන්ම ලඟදී පැවිදිවූ, මේ ශාසනයට අලුතෙන් පැමිණි නවක භික්ෂූහු ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ දකින්ට නොලැබෙන ඒ භික්ෂූන්ට වෙනසක් වන්නේය, පෙරළියක් වන්නේය, ස්වාමීනි, යම්සේ මව දකින්ට නොලැබෙන වසු පැටවෙකුට වෙනසක් වන්නේද, පෙරළියක් වන්නේද, එමෙන්ම ස්වාමීනි, ලඟදී පැවිදිවූ මේ ශාසනයට අලුතෙන් පැමිණි නවක භික්ෂූහු ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ නොදක්නා ඔවුන්ට අමුත්තක් වන්නේය. පෙරළියක් වන්නේය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාට කැමති වන සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාට කථා කරණ සේක්වා, ස්වාමීනි, යම්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙර භික්ෂු සංඝයාට අනුග්‍රහ කරණ ලද්දේද, එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ මෙකල්හි භික්ෂු සංඝයාට අනුග්‍රහ කරණසේක්වා.
|
159
අථ ඛො බ්රහ්මා සහම්පති භගවතො චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය - සෙය්යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං
(සම්මිඤ්ජිතං (සී. ස්‍යා. කං. පී.)) වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්ය, එවමෙව - බ්රහ්මලොකෙ
|
159
ඉක්බිති සහම්පතී බ්‍රහ්මතෙම තමාගේ සිතින් භාග්‍යවතුන් වහන්සේගේ සිත පිළිබඳ කල්පනාව දැන යම්සේ බලවත් පුරුෂයෙක් හකුලන ලද අත දිගුකෙරේද, දිගුකළ අත හකුලුවාද, එමෙන් බඹලොවෙහි අතුරුදන්වී (නොපෙනී ගොස්) භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළවිය. ඉක්බිති සහම්පතී බ්‍රහ්මතෙම උතුරු සළුව එකාංශකොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට ඇඟිලි එකට තබා වැඳ නමස්කාර කොට මේකාරණය කීය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාට කැමතිවන සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාට කථා කරණ සේක්වා ස්වාමීනි, යම්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙර භික්ෂු සංඝයාට අනුග්‍රහ කරන ලදද එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ මෙකල්හි භික්ෂු සංඝයාට අනුග්‍රහ කරන සේක්වා. ස්වාමීනි, ළඟදී පැවිදිවූ, මේ ශාසනයට අලුත පැමිණි නවක භික්ෂූහු ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ දැකීමට නොලැබෙන ඒ භික්ෂූන්ට අමුත්තක් වන්නේය. වෙනස්කමක් වන්නේය. ස්වාමීනි, යම්සේ වතුර නොලැබෙන ළපැටි බීජයන්ට වෙනසක් වන්නේද, පෙරළීමක් වන්නේද, ස්වාමීනි, එමෙන්ම ළඟදී පැවිදිවූ, මේ ශාසනයට අලුතෙන් පැමිණි නවක භික්ෂූහු ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ දකින්ට නොලැබෙන ඒ භික්ෂූන්ට අමුත්තක් වන්නේය. වෙනස්කමක් වන්නේය.
“ස්වාමීනි, මව දකින්නට නොලැබෙන වසුපැටවෙකුට අමුත්තක් වන්නේද, වෙනස්කමක් වන්නේද එමෙන්ම ස්වාමීනි, ළඟදී පැවිදිවූ මේ ශාසනයට අලුතෙන් පැමිණි නවක භික්ෂූහු ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ නොදන්නා ඔවුන්ට අමුත්තක් වන්නේය. වෙනස්කමක් වන්නේය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාට කැමතිවන සේක්වා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාට කථා කරන සේක්වා. ස්වාමීනි යම්සේ භාග්‍යවතුන් වහන්සේ පෙර භික්ෂු සංඝයාට අනුග්‍රහ කරන ලද්දේද, එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ මෙකල්හි භික්ෂු සංඝයාට අනුග්‍රහ කරන සේක්වා.”
|
160
අසක්ඛිංසු ඛො චාතුමෙය්යකා ච සක්යා බ්රහ්මා ච සහම්පති භගවන්තං පසාදෙතුං බීජූපමෙන ච තරුණූපමෙන ච. අථ
|
160
චාතුමෙය්‍යක ශාක්‍යයෝ හා සහම්පතී බ්‍රහ්මයා බීජොපමාවෙන් හා තරුණොපමාවෙන් භාග්‍යවතුන් වහන්සේ පහදවන්ට හැකිවූහ. ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ භික්ෂූන් කැඳවූහ. “ඇවැත්නි, නැගිටිව්, පාසිවුරු ගනිව්, චාතුමෙය්‍යක ශාක්‍යයන් විසින්ද, සහම්පතී බ්‍රහ්මයා විසින්ද, බීජොපමාවෙන් සහ තරුණොපමාවෙන් භාග්‍යවතුන් වහන්සේ පහදවන ලදහ”. “එසේය ඇවැත්නි”යි ඒ භික්ෂූහු ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට උත්තර දී හුන්තැනින් නැගිට පා සිවුරු ගෙණ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එහි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පැත්තක හුන්නාහුය. එක් පැත්තක හුන් ඇවැත්වූ සැරියුත් තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය කීහ. “ශාරීපුත්තය, මා විසින් භික්ෂූන් නෙරපූ කල්හි ඔබට කුමක් සිතුනේද?’ “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂු සංඝයා නෙරපූ කල්හි මට මෙබඳු සිතක් විය. ‘භාග්‍යවතුන් වහන්සේ දැන් මද උත්සාහ ඇතිව ඵල සමවත් විහරණයෙහි යෙදී වාසය කරති. අපිදු දැන් මද උත්සාහ ඇතිව ඵලසමවත් විහරණයෙහි යෙදී වාසය කරමු’ (කියායි)
“ඉවසව සාරිපුත්ත, ඉවසව සාරිපුත්ත, ඔබ විසින් නැවතත් මෙබඳු සිතක් නොඉපදවිය යුතුය.” ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ මහ මුගලන් තෙරුන්ට කථාකළහ. “මොග්ගල්ලානය, මා විසින් භික්ෂු සංඝයා නෙරපූ කල්හි ඔබට කුමක් සිතුනේ ද?” “භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා නෙරපූ කල්හි මට මෙබඳු සිතක් විය. “භාග්‍යවතුන් වහන්සේ දැන් මද උත්සාහ ඇත්තාහ. ඵලසමවත් සැප විහරණයෙහි යෙදී වාසය කරති. මම ද ආයුෂ්මත් සැරියුත් තෙරහු ද භික්ෂු සංඝයා පරිහරණය කරමු කියායි.”
“මොග්ගල්ලානය, යහපති යහපති, මොග්ගල්ලානය, මම හෝ භික්ෂු සංඝයා පරිහරණය කරන්නෙමි, සැරියුත් මුගලන් දෙදෙනා හෝ පරිහරණය කරන්නාහුය.”
|
161
අථ
|
161
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කථා කළහ. “මහණෙනි, දියට බසින්නවුන් විසින් බිය සතරක් කැමති විය යුත්තාහුය. ඒ සතර කවරහු ද? රළ වේගයෙන් ඇතිවන බිය, කිඹුලන්ගෙන් ඇති වන බිය, දිය සුළි වලින් ඇති වන බිය, සැඩ මසුන්ගෙන් වන බිය යන මොහුය. දියට බස්නහු විසින් කැමති විය යුතු මේ බිය සතර වෙත්. මහණෙනි, එමෙන්ම ගිහිගෙන් නික්ම මේ සස්නෙහි පැවිදිවන්නහු කෙරෙහි මේ බිය සතරක් කැමති විය යුතුයි. ඒ සතර කවරහු ද? රළ බය, කිඹුල් බය, දිය සුළි බය, සැඩ මසුන් බය (යන සතරයි)
|
162
‘‘කතමඤ්ච, භික්ඛවෙ, ඌමිභයං? ඉධ, භික්ඛවෙ, එකච්චො කුලපුත්තො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති - ‘ඔතිණ්ණොම්හි ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි දුක්ඛොතිණ්ණො දුක්ඛපරෙතො; අප්පෙව නාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථා’ති. තමෙනං තථා පබ්බජිතං සමානං සබ්රහ්මචාරී ඔවදන්ති, අනුසාසන්ති - ‘එවං තෙ අභික්කමිතබ්බං, එවං තෙ පටික්කමිතබ්බං, එවං තෙ ආලොකිතබ්බං, එවං තෙ විලොකිතබ්බං, එවං තෙ සමිඤ්ජිතබ්බං, එවං තෙ පසාරිතබ්බං, එවං තෙ සඞ්ඝාටිපත්තචීවරං ධාරෙතබ්බ’න්ති. තස්ස එවං හොති - ‘මයං ඛො පුබ්බෙ අගාරියභූතා සමානා අඤ්ඤෙ ඔවදාම, අනුසාසාම
(ඔවදාමපි අනුසාසාමපි (සී. ස්‍යා. කං. පී.)). ඉමෙ පනම්හාකං පුත්තමත්තා මඤ්ඤෙ, නත්තමත්තා මඤ්ඤෙ, අම්හෙ
(එවං (ක.)) ඔවදිතබ්බං
|
162
“මහණෙනි, (සස්නෙහි) රළ වේග බය නම් කුමක් ද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් ‘ඉපදීමෙන්, ජරා මරණ දෙකින්, ශෝකයන් ගෙන්, වැලපීම්වලින්, දුක්වලින්, දොම්නස්වලින්, උපායාසයන්ගෙන් යුතු වූයෙමි. දුකට බැස ගතිමි. දුකින් මඩනා ලද්දෙමි. මේ සියලු දුක් රාසියේ අවසානයක් දැක්කහොත් යෙහෙකැයි, ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙයි. එසේ පැවිදිවූම ඔහුට එක්ව මහණදම් පුරන භික්ෂූහු අවවාද කරත්. අනුශාසනා කරත්. ඔබ මෙසේ ඉදිරියට යා යුතුය. ඔබ මෙසේ පසු හැරී යා යුතුය. ඔබ මෙසේ ඉදිරි දෙස බැලිය යුතුය. ඔබ මෙසේ අනුදිසා බැලිය යුතුය. ඔබ මෙසේ අත් පා දිගු කළ යුතුය. ඔබ මෙසේ දෙපට සිවුර පාත්‍රය තනිපට සිවුර හැඳ පෙරවිය යුතුය. (කියායි.) ඔහුට මෙබඳු සිතක් වෙයි. ‘පෙර ගිහිගෙයි විසූ අපි අනුන්ට අවවාද කෙළෙමු. අනුශාසනා කෙළෙමු. අපගේ පුත්‍රයන් පමණයි සිතිය හැකි අපගේ මුණුපුරන් පමණයයි සිතිය හැකි මොව්හු අප අවවාද කළ යුත්තන් කොට අනුශාසනා කළ යුත්තන් කොට සිතත්” (යයි කියා) ඔහු ශික්ෂාව හැර දමා (-සිවුරු හැර) ගිහිවෙයි. මහණෙනි, ‘මෙතෙම (සස්නෙහි) රළ වේගයට බයවූයේ ශික්ෂාව හැර දමා (-සිවුරු හැර) ගිහි වූයේ යයි’ කියනු ලැබේ. මහණෙනි, රළ වේග බිය යනු ක්‍රොධ උපායාසට (-බලවත් ක්‍රෝධයට) නමකි.
|
163
‘‘කතමඤ්ච, භික්ඛවෙ, කුම්භීලභයං? ඉධ, භික්ඛවෙ, එකච්චො කුලපුත්තො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති - ‘ඔතිණ්ණොම්හි ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි දුක්ඛොතිණ්ණො දුක්ඛපරෙතො; අප්පෙව නාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථා’ති. තමෙනං තථා පබ්බජිතං සමානං සබ්රහ්මචාරී ඔවදන්ති අනුසාසන්ති - ‘ඉදං තෙ ඛාදිතබ්බං, ඉදං තෙ න ඛාදිතබ්බං; ඉදං තෙ භුඤ්ජිතබ්බං, ඉදං තෙ න භුඤ්ජිතබ්බං; ඉදං තෙ සායිතබ්බං, ඉදං තෙ න සායිතබ්බං; ඉදං තෙ පාතබ්බං, ඉදං තෙ න පාතබ්බං; කප්පියං තෙ ඛාදිතබ්බං, අකප්පියං තෙ න ඛාදිතබ්බං; කප්පියං තෙ භුඤ්ජිතබ්බං, අකප්පියං තෙ න භුඤ්ජිතබ්බං; කප්පියං තෙ සායිතබ්බං, අකප්පියං තෙ න සායිතබ්බං
|
163
“මහණෙනි, කිඹුල් බිය කුමක් ද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් ‘ඉපදීමෙන් ජරා මරණ දෙකින්, ශෝකයන්ගෙන් වැලපීම් වලින් දුක් වලින්, දොම්නස් වලින්, උපායාසයන්ගෙන් යුතුවූයෙමි. දුකට බැස ගතිමි. දුකින් මඩනා ලද්දෙමි. මේ සියලු දුක් රාශියේ අවසානයක් දැක්කහොත් යෙහෙකැයි. ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙයි. එසේ පැවිදිවූම ඔහුට සමාන බඹසර ඇත්තාහු අවවාද කරත්. අනුශාසනා කරත්. ‘ඔබ මෙය කෑයුතුය. ඔබ මෙය නොකෑයුතුය. ඔබ මෙය අනුභව කළ යුතුය. ඔබ මෙය අනුභව නොකළ යුතුය. ඔබ මෙය රස විඳිය යුතුය. ඔබ මෙය රස නොවිඳිය යුතුය. ඔබ මෙය පානය කළ යුතුය. ඔබ මෙය පානය නොකළ යුතුය. ඔබ කැප දෙය කෑ යුතුය. ඔබ අකැප දෙය නොකෑ යුතුය. ඔබ කැප දෙය අනුභව කළ යුතුය. ඔබ අකැප දෙය අනුභව නොකළ යුතුය. ඔබ කැප දෙය රස විඳිය යුතුය. ඔබ අකැප දෙය රස නොවිඳිය යුතුය. ඔබ කැප දෙය පානය කළ යුතුය. ඔබ අකැප දෙය පානය නොකළ යුතුය. ඔබ කාලයෙහි කෑ යුතුය. ඔබ නොකල්හි නොකෑ යුතුය. ඔබ කාලයෙහි අනුභව කළ යුතුය. ඔබ නොකල්හි අනුභව නොකළ යුතුය. ඔබ කාලයෙහි රස විඳිය යුතුය. ඔබ නොකල්හි රස නොවිඳිය යුතුය. ඔබ කාලයෙහි පානය කළ යුතුය. ඔබ නොකල්හි පානය නොකළ යුතුය, (කියායි.) ඔහුට මෙබඳු සිතක් වෙයි. පෙර ගිහිගෙයි විසූ අපි යමක් කැමති වෙමුද, එය කෑවෙමු. යමක් නොකැමැත්තෙමුද, එය නොකෑවෙමු, යමක් කැමති වෙමුද, එය අනුභව කෙළෙමු. යමක් නොකැමැති වෙමුද, එය අනුභව නොකෙළෙමු. යමක් කැමති වෙමුද, එය රස වින්දෙමු, යමක් කැමති වෙමුද, එය පානය කෙළෙමු. යමක් කැමති නොවෙමුද, එය පානය නොකෙළෙමු. කැප දෙයද කෑවෙමු. අකැප දෙයද කෑවෙමු. කැප දෙයද අනුභව කෙළෙමු. අකැප දෙයද අනුභව කෙළෙමු. කැප දෙයද රස වින්දෙමු. අකැප දෙයද රස වින්දෙමු. කැප දෙයද පානය කෙළෙමු. අකැප දෙයද පානය කෙළෙමු. කාලයෙහිද කෑවෙමු. නොකල්හිද කෑවෙමු. කාලයෙහිද අනුභව කෙළෙමු. නොකල්හිද අනුභව කෙළෙමු. කාලයෙහිද රස වින්දෙමු. නොකල්හිද රස වින්දෙමු. කාලයෙහිද පානය කෙළෙමු. නොකල්හිද පානය කෙළෙමු. අපට සැදැහැවත් ගෘහපතියෝ දවල් නොකල්හි යම් රසවත් කන දෙයක් අනුභව කළ යුතු දෙයක් (-කන බොන දෙයක්) දෙත්ද, එහිදු මාගේ කටවැසීමක් කරන්නාක් මෙන් වැටහේය’යි ඔහු ශික්ෂාව හැර (-සිවුරු හැර) ගිහිවෙයි. මහණෙනි, මොහු කිඹුල් බයට බයව ශික්ෂාව හැරදමා ගිහිවූයේයයි කියනු ලැබේ. මහණෙනි, කිඹුල් බය යනු කෑදර කමට නමකි.
|
164
‘‘කතමඤ්ච, භික්ඛවෙ, ආවට්ටභයං? ඉධ, භික්ඛවෙ, එකච්චො කුලපුත්තො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති - ‘ඔතිණ්ණොම්හි ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි දුක්ඛොතිණ්ණො දුක්ඛපරෙතො; අප්පෙව නාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථා’ති. සො එවං පබ්බජිතො සමානො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසති. අරක්ඛිතෙනෙව කායෙන අරක්ඛිතාය
|
164
“මහණෙනි, දියසුලි බය කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ‘ඉපදීමෙන්, ජරා මරණ දෙකින් ශෝකයන්ගෙන් වැළපීම්වලින් දුක්වලින් දොම්නස්වලින් උපායාසයන්ගෙන් යුතුවූයෙමි. දුකට බැස ගතිමි. දුකින් මඩනා ලද්දෙමි. මේ සියලු දුක් රාසියේ අවසානයක් දැක්කහොත් යෙහෙකැයි’ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙයි. ඔහු මෙසේ පැවිදිවූයේම පෙරවරු කල හැඳ පොරවා පා සිවුරු ගෙණ ගමට හෝ නියම් ගමට හෝ නොරක්නා ලද කයින්, නොරක්නාලද වචනයෙන්, නොඑළඹී සිහියෙන් අසංවර ඉන්ද්රියයන්ගෙන් යුක්තව, පිඩු පිණිස පිවිසෙයි, ඔහු එහි පස්කම් ගුණයෙන් යුක්තව කම් සැප විඳින ගෘහපතියෙකු හෝ ගෘහපති පුත්‍රයෙකු හෝ දකී. ඔහුට මෙබඳු සිතක් වෙයි. ‘අපි පෙර ගිහි වූවාහුම පස්කම් ගුණයෙන් සම්පූර්ණ වූවාහු’ යුක්ත වූවාහු කම්සැප වින්දෙමු. ගෙදර සම්පත්ද වෙත්. සම්පත් අනුභව කරන්ටද පින් කරන්ටද පුළුවන’ කියායි. ඔහු ශික්ෂාව හැර (-සිවුරු හැර) ගිහි වෙයි. මොහු දියසුලි බයට බයවූයේ ශික්ෂාව හැර (සිවුරු හැර) ගිහිවූයේයයි කියනු ලැබේ. මහණෙනි, දියසුලි බය යනු පස්කම් ගුණයට නමකි.
|
165
‘‘කතමඤ්ච
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
|
165
“මහණෙනි, සැඩමස් බය කුමක්ද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් (මෙසේ සිතයි) ‘ඉපදීමෙන් ජරා මරණ දෙකින්, ශෝකයන්ගෙන්, වැළපීම්වලින් දුක් වලින්, දොම්නස් වලින් යුතුවූයෙමි. දුකට බැස ගතිමි. දුකින් මඩනා ලද්දෙමි. මේ සියලු දුක් රාසියේ අවසානයක් දැක්කහොත් යෙහෙකැයි,’ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙයි. ඔහු මෙසේ පැවිදිවූයේම, පෙරවරුකල හැඳ පොරවා පා සිවුරු ගෙණ ගමට හෝ නියම් ගමට හෝ නොරක්නාලද කයින් නොරක්නාලද වචනයෙන්, නොඑළඹි සිහියෙන්, අසංවර ඉන්ද්රියයන්ගෙන් යුක්තව, පිඬු පිණිස පිවිසෙයි. ඒ භික්ෂුව ඒ ගමෙහි හරිහැටි නොහැන්ද, හොඳට නොපෙරෙවූ ස්ත්‍රියක් දැක රාගය තෙමේ භික්ෂුවගේ සිත නසයි. ඒ භික්ෂුව රාගයෙන් විනාශ කළ සිතින් යුක්තව, ශික්ෂාව හැර (-සිවුරු හැර) ගිහි වෙයි. මහණෙනි, සැඬමස් බය යනු මාගමට (-ස්ත්‍රියට) නමකි.
“මහණෙනි, ගිහිගෙන් නික්ම මේ සස්නෙහි පැවිදිවූ මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයන් වෙත මේ බය සතර කැමැති විය යුත්තාහ.”
භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළහ. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටු වූහ.
|
8. නළකපානසුත්තං | 8. නලකපාන සූත්‍රය |
166
එවං
|
166
මාගේ ඇසීම මෙසේය, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් ජනපදයෙහි නලකපාන නම් ගමේ කෑල (-එරබඳු) වනයෙහි වාසය කළහ. ඒ කාලයෙහි බොහෝ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ කුල පුත්‍රයෝ භාග්‍යවතුන් වහන්සේ උදෙසා ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහු වෙත්. ආයුෂ්මත් අනුරුද්ධ, ආයුෂ්මත් නන්දිය, ආයුෂ්මත් කිම්බිල, ආයුෂ්මත් භගු, ආයුෂ්මත් කුණ්ඩධාන, ආයුෂ්මත් රෙවත, ආයුෂ්මත් ආනන්ද (සහ) වෙනත් ප්‍රසිද්ධ ප්‍රසිද්ධ කුල පුත්‍රයෝ වෙත්. ඒ කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් විසින් පිරිවරණ ලද්දේ හිස් තැනෙක වැඩහුන්නේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ කුල පුත්‍රයන් අරබයා භික්ෂූන්ට කථාකොට, “මහණෙනි, යම් ඒ කුලපුත්‍රයෝ මා උදෙසා ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම, සස්නෙහි පැවිදි වූවාහුද, මහණෙනි, කිම ඒ භික්ෂූහු බ්‍රහ්මචර්යාවෙහි ඇලුනාහුද?” මෙසේ කීකල්හි ඒ භික්ෂූහු නිශ්ශබ්ද වූහ. දෙවෙනි වරත් භාග්‍යවතුන් වහන්සේ ඒ කුල පුත්‍රයන් අරබයා භික්ෂූන්ට, කථාකොට, “මහණෙනි, යම් ඒ කුල පුත්‍රයෝ මා උදෙසා ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහුද, මහණෙනි, කිම ඒ භික්ෂූහු බ්‍රහ්මචර්යාවෙහි ඇලුනාහුද” දෙවෙනි වරත් ඒ භික්ෂූහු නිශ්ශබ්ද වූහ. තුන්වෙනි වරත් භාග්‍යවතුන් වහන්සේ ඒ කුලපුත්‍රයන් උදෙසා භික්ෂූන්ට කථාකොට, “මහණෙනි, යම් ඒ කුලපුත්‍රයෝ මා උදෙසා ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවූවාහුද මහණෙනි, කීම ඒ භික්ෂූහු බ්‍රහ්මචර්යාවෙහි ඇලුනාහුද? තුන් වන වරත් ඒ භික්ෂූහු නිශ්ශබ්ද වූහ.
|
167
අථ ඛො භගවතො එතදහොසි - ‘‘යංනූනාහං තෙ කුලපුත්තෙ පුච්ඡෙය්ය’’න්ති! අථ ඛො භගවා ආයස්මන්තං අනුරුද්ධං ආමන්තෙසි - ‘‘කච්චි තුම්හෙ, අනුරුද්ධා, අභිරතා බ්රහ්මචරියෙ’’ති? ‘‘තග්ඝ මයං, භන්තෙ, අභිරතා බ්රහ්මචරියෙ’’ති. ‘‘සාධු සාධු, අනුරුද්ධා! එතං ඛො, අනුරුද්ධා, තුම්හාකං පතිරූපං කුලපුත්තානං සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතානං යං තුම්හෙ අභිරමෙය්යාථ බ්රහ්මචරියෙ. යෙන තුම්හෙ අනුරුද්ධා, භද්රෙන යොබ්බනෙන සමන්නාගතා පඨමෙන වයසා සුසුකාළකෙසා කාමෙ පරිභුඤ්ජෙය්යාථ තෙන තුම්හෙ, අනුරුද්ධා, භද්‍රෙනපි යොබ්බනෙන සමන්නාගතා පඨමෙන වයසා සුසුකාළකෙසා අගාරස්මා අනගාරියං පබ්බජිතා. තෙ ච ඛො පන තුම්හෙ, අනුරුද්ධා, නෙව රාජාභිනීතා අගාරස්මා අනගාරියං පබ්බජිතා, න චොරාභිනීතා අගාරස්මා
‘‘විවෙකං, අනුරුද්ධා, කාමෙහි විවෙකං අකුසලෙහි ධම්මෙහි පීතිසුඛං අධිගච්ඡති අඤ්ඤං වා තතො සන්තතරං, තස්ස අභිජ්ඣාපි චිත්තං න පරියාදාය තිට්ඨති, බ්යාපාදොපි චිත්තං න පරියාදාය තිට්ඨති, ථීනමිද්ධම්පි චිත්තං න පරියාදාය තිට්ඨති, උද්ධච්චකුක්කුච්චම්පි චිත්තං න පරියාදාය තිට්ඨති, විචිකිච්ඡාපි චිත්තං න පරියාදාය තිට්ඨති, අරතීපි චිත්තං න පරියාදාය තිට්ඨති, තන්දීපි චිත්තං න පරියාදාය තිට්ඨති. විවෙකං, අනුරුද්ධා, කාමෙහි විවෙකං අකුසලෙහි ධම්මෙහි පීතිසුඛං අධිගච්ඡති අඤ්ඤං වා තතො සන්තතරං.
|
167
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට, මම ඒ කුලපුත්රයන්ගෙන්ම අසන්නෙම් නම් යෙහෙකැයි අදහස් විය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ට කථා කළහ. “අනුරුද්ධයෙනි, කිම තොපි බ්‍රහ්මචර්යාවෙහි ඇලුනාහුද?” “ස්වාමීනි, ඒකාන්තයෙන්ම අපි බ්‍රහ්මචර්යාවෙහි ඇලුනෝ වමු” “අනුරුද්ධයෙනි, යහපත, යහපත, අනුරුද්ධයෙනි, තොපි බ්‍රහ්මචර්යාවෙහි කැමතිවන්නාහු නම් එය ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම පැවිදිවූ තොප වැනි කුලපුත්‍රයන්ට, සුදුසුය. අනුරුද්ධයෙනි, හොඳ තරුණවයසින් යුත්, මුල් වයසෙහි සිටි, තරුණවූ කලු කෙස් ඇති යම්බඳු තොපි කම්සැප අනුභව කරන්නෝ වෙත්ද, අනුරුද්ධයෙනි, හොඳ තරුණ වයසින් යුත්, මුල්වයසෙහි සිටි, තරුණවූ කලුකෙස් ඇති, ඒ තොපි ගිහිගෙන් නික්ම සස්නෙහි නොපැවිදි වූවාහුය, අනුරුද්ධයෙනි, තොපි රජුන්ට බයව පැනගොස් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහු නොවෙති, සොරුන්ට බයව පැනගොස් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවූවාහු නොවෙති, ණයෙන් පීඩාවී ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහු නොවෙති, බයෙන් පීඩාවී ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහු නොවෙති. ජීවත්වන්ට නොහැකිව ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවූවාහු නොවෙති. එතකුදුවුවත්: ‘ඉපදීමෙන්, ජරාමරණ දෙකින් සොකයන්ගෙන්, වැලපීම්වලින්, දුක්වලින්, දොම්නස්වලින්, උපායාසයන්ගෙන් යුක්ත වූයෙමි, දුකට බැසගතිමි, දුකින් මඩනා ලද්දෙමි. මේ සියලු දුක් රාශියේ අවසානය දක්ක හොත් යෙහෙකැ’යි, අනුරුද්ධයෙනි, මෙසේ තොපි ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහු නොවෙත්ද?”
“එසේය, ස්වාමීනි.”
“අනුරුද්ධයෙනි, මෙසේ පැවිදිවූ කුලපුත්‍රයා විසින් කුමක් කළ යුතු වන්නේද? අනුරුද්ධයෙනි, කාමයන්ගෙන් වෙන්වූ අකුශලධර්‍මයන්ගෙන් වෙන්වූ ප්‍රීති සැපයට හෝ නොපැමිණෙයිද, ඊට වඩා උසස් අනික් සැපයකට නොපැමිණෙයිද,
“ලෝභයද ඔහුගේ සිත මැඩගෙන සිටියි. ව්‍යාපාදයද ඔහුගේ සිත මැඩගෙන සිටියි, ථීනමිද්ධයද ඔහුගේ සිත මැඩගෙන සිටී, උද්ධච්ච කුක්කුච්චයද, ඔහුගේ සිත මැඩගෙන සිටී, විචිකිච්ඡාවද, ඔහුගේ සිත මැඩගෙන සිටියි. නොඇල්මද ඔහුගේ සිත මැඩගෙන සිටී. අලසකමද, ඔහුගේ සිත මැඩගෙණ සිටියි. අනුරුද්ධයෙනි, කාමයන්ගෙන් වෙන්වූ අකුශලයන්ගෙන් වෙන්ව ප්‍රීති සැපය හෝ එයින් අන්‍යවූ සැපයක් හෝ නොලබන්නේ නම් මෙසේ වන්නේය.
“අනුරුද්ධයෙනි, කාමයන්ගෙන් වෙන්වූ අකුශල ධර්මයන්ගෙන් වෙන්වූ ප්‍රීතිසැපයට හෝ පැමිණේද, ඊට වඩා උසස් අනික් සැපයකට හෝ පැමිණේද, ඔහුගේ සිත ලෝභයෙන් අල්වාගෙණ නොසිටී. ඔහුගේ සිත ව්‍යාපාදයෙන් අල්වාගෙණ නොසිටී. ඔහුගේ සිත ථීනමිද්ධයෙන් අල්වාගෙණ නොසිටී. ඔහුගේ සිත උද්ධච්ච කුක්කුච්චයෙන් අල්වාගෙණ නොසිටී. ඔහුගේ සිත විචිකිච්ඡාවෙන් අල්වාගෙණ නොසිටී. ඔහුගේ සිත නොඇල්මෙන් අල්වාගෙණ නොසිටී. ඔහුගේ සිත අලසබවෙන් අල්වාගෙණ නොසිටී. අනුරුද්ධයෙනි, කාමයන්ගෙන් වෙන්වූ අකුශල ධර්මයන්ගෙන් වෙන්වූ ප්‍රීති සැපයට හෝ පැමිණෙයිද, ඊට වඩා උසස් සැපයකට හෝ පැමිණෙයිද ඔහුට මෙසේ වන්නේය.
|
168
‘‘කින්ති වො, අනුරුද්ධා, මයි හොති - ‘යෙ ආසවා සංකිලෙසිකා පොනොබ්භවිකා
(පොනොභවිකා (සී. පී.)) සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණියා, අප්පහීනා තෙ තථාගතස්ස; තස්මා තථාගතො සඞ්ඛායෙකං පටිසෙවති, සඞ්ඛායෙකං අධිවාසෙති, සඞ්ඛායෙකං පරිවජ්ජෙති, සඞ්ඛායෙකං විනොදෙතී’’’ති? ‘‘න ඛො
‘‘තං කිං මඤ්ඤසි, අනුරුද්ධා, කං අත්ථවසං සම්පස්සමානො තථාගතො සාවකෙ අබ්භතීතෙ කාලඞ්කතෙ උපපත්තීසු බ්යාකරොති - ‘අසු අමුත්ර උපපන්නො; අසු අමුත්ර උපපන්නො’’’ති? ‘‘භගවංමූලකා
|
168
“අනුරුද්ධයෙනි, කිමද? කෙලෙසන, නැවත ඉපදීම ඇතිකරණ පීඩා සහිත, දුක් විපාක ඇති, නැවත ඉපදීම ජරාව මරණය ඇතිකරණ, යම් ආශ්‍රවයෝ (වෙත්ද) තථාගතයන් වහන්සේගේ ඒ ආශ්‍රවයෝ ප්‍රහීණ නොවූවාහුය. එහෙයින් තථාගතයන් වහන්සේ සේවනය කළ යුතු කොටස දැන සේවනය කරයි. ඉවසිය යුතු කොටස දැන ඉවසයි. දුරුකළ යුතු කොටස දැන දුරුකරයි. සංසිඳවිය යුතු කොටස දැන සංසිඳවයි.” කියා මා කෙරෙහි තොපි මෙසේ සිතව්ද?
“ස්වාමීනි, කෙලෙසන, නැවත ඉපදීම ඇතිකරණ පීඩා සහිත, දුක් විපාක ඇති, නැවත ඉපදීම, ජරාව, මරණය ඇතිකරණ යම් ආශ්‍රවයෝ (වෙත්ද) තථාගතයන් වහන්සේගේ ඒ ආශ්‍රවයෝ ප්‍රහීණ නොවූවාහු වෙත්, එහෙයින් තථාගතයන් වහන්සේ සේවනය කළ යුතු කොටස දැන සේවනය කරයි. ඉවසිය යුතු කොටස දැන ඉවසයි. දුරු කළ යුතු කොටස දැන දුරුකරයි. සංසිඳවිය යුතු කොටස දැන සංසිඳවයි කියා තථාගතයන් වහන්සේ කෙරෙහි අපට එබඳු සිතක් නැත.
“ස්වාමීනි, කෙලෙසන, නැවත ඉපදීම ඇතිකරණ, පීඩා සහිත දුක් විපාක ඇති, නැවත ඉපදීම ජරාව මරණය ඇතිකරණ, යම් ආශ්‍රවයෝ වෙත්ද, තථාගතයන් වහන්සේගේ ඒ ආශ්‍රවයෝ ප්‍රහීණ වූවාහු වෙත්. එහෙයින් තථාගතයන් වහන්සේ සේවනය කළ යුතු කොටස දැන සේවනය කරයි. ඉවසිය යුතු කොටස දැන ඉවසයි. දුරුකළ යුතු කොටස දැන දුරුකරයි. සංසිඳිය යුතු කොටස දැන සංසිඳවයි.” භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අපට මේ අදහස් වන්නේය.
“අනුරුද්ධයෙනි, යහපත, යහපත, අනුරුද්ධයෙනි, කෙලෙසන, නැවත ඉපදීම ඇතිකරණ, පීඩා සහිත දුක් විපාක ඇති, නැවත ඉපදීම, ජරාව, මරණය ඇතිකරණ, යම් ආශ්‍රවයෝ වූවාහුද, තථාගතයන් වහන්සේගේ (ඒ ආශ්‍රවයෝ) ප්‍රහීණ වූවාහුය. මුළුසුන්කරණ ලද්දාහුය. මස්තකය සිඳි තල්ගසක් මෙන් කරණ ලද්දාහුය. විනාශ කරණ ලද්දාහුය. නැවත ඉපදීම නැතිකරණලද්දාහුය. අනුරුද්ධයෙනි, යම්සේ මස්තකය සිඳින ලද තල්ගස නැවත වැඩීමට සුදුසු නොවේද, අනුරුද්ධයෙනි, එමෙන්ම කෙලෙසන නැවත ඉපදීම ඇතිකරණ, පීඩා සහිත, දුක් විපාක ඇති නැවත ඉපදීම ජරාව මරණය ඇතිකරණ යම් ආශ්‍රවයෝ වෙත්ද (ඒ ආශ්‍රවයෝ) තථාගතයන් වහන්සේ විසින් පහකරන ලද්දාහුය. මුලුසුන් කරණලද්දාහුය. මස්තකය සිඳින තල් වත්තක් මෙන් කරණ ලද්දාහුය. විනාශකරන ලද්දාහුය. නැවත ඉපදීම නැතිකරණ ලද්දාහුය. එහෙයින් තථාගතයන් වහන්සේ සේවනය කළ යුතු කොටස දැන සේවනය කරයි. ඉවසිය යුතු කොටස දැන ඉවසයි. දුරු කළ යුතු කොටස දැන දුරුකරයි. සංසිඳවිය යුතු කොටස දැන සංසිඳවයි කියා තථාගතයන් වහන්සේ කෙරෙහි මේ අදහස වන්නේය.
“අනුරුද්ධයෙනි, ඒ කුමකැයි සිතන්නහුද? කවර ප්‍රයෝජනයක් බලාපොරොත්තුවන තථාගතයන් වහන්සේ ‘අසුවලා අසුවල් තැන උපන්නේය, අසුවලා අසුවල් තැන උපන්නේය’යි ඉකුත්වූ කාලක්‍රියා කළ ශ්‍රාවකයන් පිළිබඳ උප්පත්තීන් ප්‍රකාශ කරයිද?”
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ ආදිකොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිහිටකොට ඇත්තාහ. ස්වාමීනි, මේ කරුණ පිළිබඳ අර්ථය භාග්‍යවතුන් වහන්සේටම වැටහෙන සේක්නම් යහපති. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරත්” යයි (කීවාහුය.) අනුරුද්ධයෙනි, තථාගතයන් වහන්සේ ජනයන් පුදුම කරවනු පිණිස, ජනයන් පොළඹවනු පිණිස, ලාභ සත්කාර කීර්තිය පිණිස ‘මා ජනයා මෙසේ දැන හැඳිනගණිවා’යි ‘අසුවලා අසුවල් තැන උපන්නේය. අසුවලා අසුවල් තැන උපන්නේය’යි ඉකුත්වූ මැරීගිය ශ්‍රාවකයන් පිළිබඳ උප්පත්තිය ප්‍රකාශ නොකරයි. අනුරුද්ධයෙනි, ශ්‍රද්ධාව ඇති, බොහෝ සතුටු ඇති, බොහෝ මහත් සතුටු ඇති කුලපුත්‍රයෝ ඇත්තාහුය. ඔව්හු එය අසා ශ්රාවකභාවය (-පැවිදිබව) පිණිස සිත එලවත්. අනුරුද්ධයෙනි, ඔවුන්ට එය බොහෝ කලක් හිත සැප පිණිස වෙයි.
|
169
‘‘ඉධානුරුද්ධා, භික්ඛු සුණාති - ‘ඉත්ථන්නාමො භික්ඛු කාලඞ්කතො
(කාලකතො (සී. ස්‍යා. කං. පී.)); සො භගවතා බ්යාකතො - අඤ්ඤාය සණ්ඨහී’ති. සො ඛො පනස්ස ආයස්මා සාමං දිට්ඨො වා හොති අනුස්සවස්සුතො වා - ‘එවංසීලො සො ආයස්මා අහොසි ඉතිපි, එවංධම්මො සො ආයස්මා අහොසි ඉතිපි, එවංපඤ්ඤො සො ආයස්මා අහොසි ඉතිපි, එවංවිහාරී සො ආයස්මා අහොසි ඉතිපි, එවංවිමුත්තො සො ආයස්මා අහොසි ඉතිපී’ති. සො තස්ස සද්ධඤ්ච සීලඤ්ච සුතඤ්ච චාගඤ්ච පඤ්ඤඤ්ච අනුස්සරන්තො තදත්ථාය චිත්තං උපසංහරති. එවම්පි ඛො, අනුරුද්ධා, භික්ඛුනො ඵාසුවිහාරො හොති.
‘‘ඉධානුරුද්ධා
‘‘ඉධානුරුද්ධා, භික්ඛු සුණාති - ‘ඉත්ථන්නාමො භික්ඛු කාලඞ්කතො; සො භගවතා බ්යාකතො - තිණ්ණං සංයොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමී සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරිස්සතී’ති. සො ඛො පනස්ස ආයස්මා සාමං දිට්ඨො වා හොති අනුස්සවස්සුතො වා - ‘එවංසීලො සො ආයස්මා අහොසි ඉතිපි, එවංධම්මො...පෙ.... එවංපඤ්ඤො... එවංවිහාරී... එවංවිමුත්තො සො ආයස්මා අහොසි ඉතිපී’ති. සො තස්ස සද්ධඤ්ච සීලඤ්ච සුතඤ්ච චාගඤ්ච පඤ්ඤඤ්ච අනුස්සරන්තො තදත්ථාය චිත්තං
‘‘ඉධානුරුද්ධා, භික්ඛු සුණාති - ‘ඉත්ථන්නාමො භික්ඛු කාලඞ්කතො; සො භගවතා බ්යාකතො - තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො’ති. සො ඛො පනස්ස ආයස්මා සාමං දිට්ඨො වා හොති අනුස්සවස්සුතො වා - ‘එවංසීලො සො ආයස්මා අහොසි ඉතිපි, එවංධම්මො...පෙ.... එවංපඤ්ඤො... එවංවිහාරී... එවංවිමුත්තො සො ආයස්මා අහොසි
|
169
“අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් ‘මෙනම් භික්ෂුව කාලක්‍රියා කෙළේය. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ඒ භික්ෂුව රහත් බැව්හි පිහිටියේයයි’ ප්‍රකාශ කරණ ලද්දේයයි අසයි. ඒ ආයුෂ්මත්තෙම තමා විසින්ම දක්නා ලද්දේ හෝ වෙයිද, ඒ ආයුෂ්මත්තෙමේ මෙබඳු සිල් ඇත්තෙකැයිද, ඒ ආයුෂ්මත්තෙම මෙබඳු ස්වභාව ඇත්තෙකැයිද, ඒ ආයුෂ්මත්තෙම මෙබඳු නුවණ ඇත්තෙකැයි කියාද, ඒ ආයුෂ්මත්තෙම මෙබඳු හැසුරුම් ඇත්තෙකැයිද, ඒ ආයුෂ්මත් තෙම මෙසේ භවයෙන් මිදුනේයයිද, අසනලද්දේ හෝ වෙයිද, ඒ භික්ෂුව ඒ ආයුෂ්මත්හුගේ ශ්රද්ධාවද, ශීලයද, උගත් බවද, ත්‍යාගයද, ප්‍රඥාවද සිහි කරමින් ඒ බව පිණිස සිත යොදවයි. අනුරුද්ධයෙනි මෙසේද භික්ෂුවගේ සැපවිහරණය වේ.
“අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් ‘මෙනම් භික්ෂුව කාල ක්‍රියා කෙළේය. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ භික්ෂුව කාමලෝකය භජනය කරන සංයෝජන පස නැති කිරීමෙන් ඔපපාතිකව එහි පිරිනිවෙන ස්වභාවය ඇති ඒ ලෝකයෙන් මෙහි නොඑන ස්වභාව ඇත්තේයයි ප්‍රකාශ කරණ ලද්දේයයි අසයිද, ඒ භික්සුව තමා විසින් දකින ලද්දේ හෝ වෙයිද, ‘ඒ ආයුෂ්මත්තෙමේ මෙබඳු සිල් ඇත්තෙකැයි ඒ ආයුෂ්මතෙමේ මෙබඳු ස්වභාව ඇත්තෙකැයි ඒ ආයුෂ්මත් තෙමේ මෙසේ භවයෙන් මිදුනේයයි’ අසනලද්දේ හෝ වෙයිද, ඒ භික්ෂුව ඒ ආයුෂ්මත්හුගේ ශ්රද්ධාවද, ශීලයද, උගත් බවද ත්‍යාගයද, ප්‍රඥාවද, සිහිකරමින් ඒ බව පිණිස සිත යොදවයි. අනුරුද්ධයෙනි, මෙසේ භික්ෂුවට සැපවිහරණය වේ.
“අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක්, ‘මෙනම් භික්ෂුව කාලක්‍රියා කෙළේය. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ඒ භික්ෂුව සංයෝජන (භවබන්ධන) තුනක් නැතිකිරීමෙන්, රාග ද්වේෂ මෝහයන් තුනී කිරීමෙන් සකෘදාගාමීව මේ ලෝකයට එක් වරක්ම (උප්පත්ති වශයෙන්) පැමිණ දුක් කෙළවර කරන්නේයයි ප්‍රකාශ කරණ ලද්දේයයි’ අසයිද, ‘ඒ භික්ෂුව තමා විසින්ම දක්නා ලද්දේ හෝ වෙයිද, ඒ ආයුෂ්මත්තෙමේ මෙබඳු සිල් ඇත්තෙක. ඒ ආයුෂ්මත්තෙම මෙබඳු ස්වභාව ඇත්තෙක. ඒ ආයුෂ්මත්තෙමේ මෙබඳු නුවණ ඇත්තෙක. ඒ ආයුෂ්මත්තෙම මෙබඳු හැසුරුම් ඇත්තෙක. ඒ ආයුෂ්මත්තෙම මෙසේ භවයෙන් මිදුනේයයි’ අසන ලද්දේ හෝ වෙයිද, ඒ භික්ෂුව ඒ ආයුෂ්මත්හුගේ ශ්රද්ධාවද, ශීලයද, උගත්බවද, ත්‍යාගයද, ප්‍රඥාවද, සිහිකරමින් ඒ බව පිණිස සිතයොදවයි. අනුරුද්ධයෙනි, මෙසේද භික්ෂුවට සැපවිහරණය වේ.
“අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් ‘මෙනම් භික්ෂුව කාලක්‍රියා කෙළේය. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ භික්ෂුව සංයෝජන (භවබන්ධන) තුනක් නැති කිරීමෙන් සෝවාන්ව, අපායෙහි උපදින ස්වභාවය නැත්තෙක්ව නියමයෙන්ම නිවන් පිහිටකොට ඇත්තෙක් වීයයි. ප්‍රකාශ කරණ ලද්දේය’යි, අසයිද ‘ඒ භික්ෂුව තමන් විසින්ම දක්නා ලද්දේ හෝ වෙයිද’ ඒ ආයුෂ්මත්තෙමේ මෙබඳු සිල් ඇත්තෙක ඒ ආයුෂ්මත්තෙමේ මෙබඳු ස්වභාවඇත්කෙ. ඒ ආයුෂ්මත්තෙමේ මෙබඳු නුවණ ඇත්තෙක. ඒ ආයුෂ්මත් තෙමේ මෙබඳු හැසුරුම් ඇත්තෙක. ඒ ආයුෂ්මත්තෙමේ මෙසේ භවයෙන් මිදුනේයයි’ අසන ලද්දේ හෝ වෙයිද. ඒ භික්ෂුව ඒ ආයුෂ්මත්හුගේ ශ්රද්ධාවද, ශීලයද, උගත්බවද, ත්‍යාගයද, ප්‍රඥාවද, සිහිකරමින් ඒ බව පිණිස සිතයොදවයි. අනුරුද්ධයෙනි මෙසේද භික්ෂුවට සැප විහරණය වේ.
|
170
‘‘ඉධානුරුද්ධා, භික්ඛුනී සුණාති - ‘ඉත්ථන්නාමා භික්ඛුනී කාලඞ්කතා; සා භගවතා බ්යාකතා - අඤ්ඤාය සණ්ඨහී’ති. සා ඛො පනස්සා භගිනී සාමං දිට්ඨා වා හොති අනුස්සවස්සුතා වා - ‘එවංසීලා සා භගිනී අහොසි ඉතිපි, එවංධම්මා සා භගිනී අහොසි ඉතිපි
‘‘ඉධානුරුද්ධා
‘‘ඉධානුරුද්ධා, භික්ඛුනී සුණාති - ‘ඉත්ථන්නාමා භික්ඛුනී කාලඞ්කතා; සා භගවතා බ්යාකතා - තිණ්ණං සංයොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමිනී සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරිස්සතී’ති. සා ඛො පනස්සා භගිනී සාමං දිට්ඨා වා හොති අනුස්සවස්සුතා වා - ‘එවංසීලා සා භගිනී අහොසි ඉතිපි, එවංධම්මා...පෙ.... එවංපඤ්ඤා... එවංවිහාරිනී... එවංවිමුත්තා සා භගිනී අහොසි ඉතිපී’ති. සා තස්සා සද්ධඤ්ච සීලඤ්ච සුතඤ්ච චාගඤ්ච පඤ්ඤඤ්ච අනුස්සරන්තී තදත්ථාය චිත්තං උපසංහරති. එවම්පි ඛො, අනුරුද්ධා, භික්ඛුනියා ඵාසුවිහාරො හොති.
‘‘ඉධානුරුද්ධා, භික්ඛුනී සුණාති - ‘ඉත්ථන්නාමා භික්ඛුනී කාලඞ්කතා; සා භගවතා බ්යාකතා - තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා’ති
|
170
“අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි භික්ෂුණියක් ‘මෙනම් භික්ෂුණිය කාලක්‍රියා කළාය. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ඒ භික්ෂුණිය රහත් බැව්හි පිහිටියායයි ප්‍රකාශ කරණ ලද්දේයයි, අසයිද, ‘ඒ භික්ෂුණිය තමා විසින්ම දක්නා ලද්දී හෝ වෙයිද, ඒ නැගනිය මෙබඳු සිල් ඇත්තීය. ඒ නැගනිය මෙබඳු ස්වභාව ඇත්තීය. ඒ නැගනිය මෙබඳු නුවණ ඇත්තීය. ඒ නැගනිය මෙබඳු හැසුරුම් ඇත්තීය. ඒ නැගනිය මෙසේ භවයෙන් මිදුනීයයි’ අසන ලද්දී හෝ වෙයිද. ඒ භික්ෂුණියගේ ශ්රද්ධාවද, ශීලයද, උගත්බවද, ත්‍යාගයද, ප්‍රඥාවද, සිහිකරමින් ඒ බව පිණිස සිත යොදවයි. අනුරුද්ධයෙනි, මෙසේද භික්ෂුණියට සැප විහරණය වේ.
“අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි භික්ෂුණියක් ‘මෙනම් භික්ෂුණිය කාලක්‍රියා කළාය. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ භික්ෂුණිය, කාම ලෝකය භජනය කරණ සංයෝජන පස නැතිකිරීමෙන් ඔපපාතිකව එහි පිරිනිවෙන ඒ ලෝකයෙන් මෙහි නොඑන ස්වභාව ඇත්තේයයි’ ප්‍රකාශ කරණ ලද්දීය. ඒ භික්ෂුණිය තමා විසින් දක්නා ලද්දී හෝ වෙයිද, ඒ නැගණිය ‘මෙබඳු සිල් ඇත්තීය, ඒ නැගනිය මෙබඳු ස්වභාව ඇත්තීය, ඒ නැගනිය මෙබඳු නුවණ ඇත්තීය, ඒ නැගනිය මෙබඳු හැසිරීම් ඇත්තීය, ඒ නැගනිය මෙසේ භවයෙන් මිදුනීයයි’ අසන ලද්දී හෝ වෙයි. ඒ භික්ෂුණිය ඒ භික්ෂුණියගේ ශ්රද්ධාවද, සීලයද, උගත්බවද, ත්‍යාගයද, ප්‍රඥාවද සිහි කරමින්, ඒ බව පිණිස සිත යොදවයි. අනුරුද්ධයෙනි, මෙසේද භික්ෂුණියට සැපවිහරණය වේ.
“අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි භික්ෂුණියක් ‘මෙනම් භික්ෂුණිය කාලක්‍රියා කළාය. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ භික්ෂුණිය සංයෝජන (භවබන්ධන) තුන නැති කිරීමෙන් රාග දොස මෝහයන්ගේ තුනීකිරීමෙන් සකෘදාගාමීව මේ ලෝකයට එකවරක්ම (උප්පත්ති වශයෙන්) පැමිණ දුක් කෙළවර කරන්නීයයි ප්‍රකාශ කරණ ලද්දීයයි, අසයිද, ඒ භික්ෂුණිය තමා විසින්ම දක්නා ලද්දී හෝ වෙයිද, ඒ නැගනිය මෙබඳු සිල් ඇත්තීය. ඒ නැගනිය මෙබඳු ස්වභාව ඇත්තීය, ඒ නැගනිය මෙබඳු නුවණ ඇත්තීය, ඒ නැගනිය මෙබඳු හැසිරීම් ඇත්තීය, ඒ නැගනිය මෙසේ භවයෙන් මිදුනීය’යි, අසන ලද්දී හෝ වෙයිද, ඒ භික්ෂුණිය ඒ භික්ෂුණියගේ ශ්රද්ධාවද, සීලයද, උගත් බවද, ත්‍යාගයද, ප්‍රඥාවද සිහිකරමින්, ඒ බව පිණිස සිත යොදවයි. අනුරුද්ධයෙනි, මෙසේද භික්ෂුණියට සැපවිහරණය වේ.
“අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි භික්ෂුණියක් ‘මෙනම් භික්ෂුණිය කාලක්‍රියා කළාය. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ භික්ෂුණිය සංයෝජන (භවබන්ධන) තුනක් නැතිකිරීමෙන් සෝවාන්ව සතර අපායෙහි ඉපදීමට නොපැමිණෙන්නියක්ව නියමයෙන්ම නිවන් පිහිටකොට ඇත්තියක් වීයයි ප්‍රකාශ කරණ ලද්දීයයි අසයිද. ඒ භික්ෂුණිය තමා විසින්ම දක්නා ලද්දී හෝ වෙයිද, ඒ නැගනිය මෙබඳු සිල් ඇත්තීය, ඒ නැගනිය මෙබඳු ස්වභාව ඇත්තීය, ඒ නැගනිය මෙබඳු නුවණ ඇත්තීය, ඒ නැගනිය මෙබඳු හැසිරීම් ඇත්තීය. ඒ නැගනිය මෙසේ භවයෙන් මිදුනීයයි අසන ලද්දී හෝ වෙයිද, ඒ භික්ෂුණිය ඒ භික්ෂුණියගේ ශ්රද්ධාවද, සීලයද, උගත් බවද, ත්‍යාගයද, ප්‍රඥාවද, සිහිකරමින් ඒ බව පිණිස සිත යොදවයි. අනුරුද්ධයෙනි, මෙසේද භික්ෂුණියට සැප විහරණය වේ.
|
171
‘‘ඉධානුරුද්ධා, උපාසකො සුණාති - ‘ඉත්ථන්නාමො උපාසකො කාලඞ්කතො; සො භගවතා බ්යාකතො - පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකො තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා
‘‘ඉධානුරුද්ධා, උපාසකො සුණාති - ‘ඉත්ථන්නාමො උපාසකො කාලඞ්කතො; සො භගවතා බ්යාකතො - තිණ්ණං සංයොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමී සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරිස්සතී’ති. සො ඛො පනස්ස ආයස්මා සාමං දිට්ඨො වා හොති අනුස්සවස්සුතො වා - ‘එවංසීලො සො ආයස්මා අහොසි ඉතිපි, එවංධම්මො... එවංපඤ්ඤො... එවංවිහාරී... එවංවිමුත්තො සො ආයස්මා අහොසි ඉතිපී’ති. සො තස්ස සද්ධඤ්ච සීලඤ්ච සුතඤ්ච චාගඤ්ච පඤ්ඤඤ්ච අනුස්සරන්තො තදත්ථාය චිත්තං උපසංහරති. එවම්පි ඛො, අනුරුද්ධා, උපාසකස්ස ඵාසුවිහාරො හොති.
‘‘ඉධානුරුද්ධා, උපාසකො සුණාති - ‘ඉත්ථන්නාමො උපාසකො කාලඞ්කතො; සො භගවතා බ්යාකතො - තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො’ති. සො ඛො පනස්ස ආයස්මා සාමං දිට්ඨො වා හොති අනුස්සවස්සුතො වා - ‘එවංසීලො සො ආයස්මා අහොසි ඉතිපි, එවංධම්මො...පෙ....
|
171
“අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි උපාසකයෙක් ‘මෙනම් උපාසකයා කාලක්‍රියාකළේය. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ උපාසකයා කාමලෝකය භජනය කරන සංයෝජන පස නැතිකිරීමෙන් ඔපපාතිකව එහි පිරිනිවෙන, ඒ ලෝකයෙන් මෙහි නොඑන ස්වභාව ඇත්තේයයි ප්‍රකාශ කරණ ලද්දේයයි’ අසයිද, ඒ උපාසකයා තමා විසින්ම දක්නා ලද්දේ හෝ වෙයිද, ‘ඒ උපාසකයා මෙබඳු සිල් ඇත්තෙක, ඒ උපාසකයා මෙබඳු ස්වභාව ඇත්තෙක, ඒ උපාසකයා මෙබඳු නුවණ ඇත්තෙක, ඒ උපාසකයා මෙබඳු හැසිරීම් ඇත්තෙක, ඒ උපාසකයා මෙසේ භවයෙන් මිදුනේයයි’ අසන ලද්දේ හෝ වෙයිද, ඒ උපාසකයා ඒ උපාසකයාගේ ශ්රද්ධාවද, සීලයද, උගත් බවද, ත්‍යාගයද, ප්‍රඥාවද සිහිකරමින් ඒ බව පිණිස සිත යොදවයි. අනුරුද්ධයෙනි, මෙසේද උපාසකයාට සැපවිහරණය වේ.
“අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි උපාසකයෙක් ‘මෙනම් උපාසකයා කාලක්‍රියා කෙළේය. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ උපාසකයා සංයෝජන තුනක් නැතිකිරීමෙන් රාග, දොස, මෝහයන්ගේ තුනී කිරීමෙන් සකෘදාගාමීව මේ ලෝකයට එක්වරක්ම (උප්පත්ති වශයෙන්) පැමිණ දුක් කෙළවර කරන්නේයයි ප්‍රකාශ කරණ ලද්දේයයි’ අසයිද, ඒ උපාසකයා තමා විසින්ම දක්නා ලද්දේද, ‘ඒ උපාසකයා මෙබඳු සිල් ඇත්තෙක, ඒ උපාසකයා මෙබඳු ස්වභාව ඇත්තෙක, ඒ උපාසකයා මෙබඳු නුවණ ඇත්තෙක, ඒ උපාසකයා මෙබඳු හැසිරීම් ඇත්තෙක, ඒ උපාසකයා මෙසේ භවයෙන් මිදුනේ යයිද,’ අසන ලද්දේ හෝ වෙයිද. ඒ උපාසකයා ඒ උපාසකයාගේ ශ්රද්ධාවද සීලයද, උගත් බවද, ත්‍යාගයද, ප්‍රඥාවද සිහිකරමින් ඒ බව පිණිස සිත යොදවයි. අනුරුද්ධයෙනි, මෙසේද උපාසකයාහට සැපවිහරණය වේ.
“අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි උපාසකයෙක් ‘මෙනම් උපාසකයා කාලක්‍රියා කෙළේය. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ උපාසකයා සංයෝජන (භව බන්ධන) තුනක් නැති කිරීමෙන් සෝවාන්ව, අපාය ලෝකයන්හි ඉපදීමට නොපැමිණෙන්නෙක්ව නියමයෙන්ම නිවන් පිහිට කොට ඇත්තෙක් වීයයි ප්‍රකාශ කරණ ලද්දේයයි’ අසයිද, ඒ උපාසකයා තමා විසින්ම දක්නා ලද්දේ හෝ වෙයිද, ‘ඒ උපාසකයා මෙබඳු සිල් ඇත්තෙක, ඒ උපාසකයා මෙබඳු ස්වභාව ඇත්තෙක, ඒ උපාසකයා මෙබඳු හැසිරීම් ඇත්තෙක, ඒ උපාසකයා මෙසේ භවයෙන් මිදුනේයයි,’ අසන ලද්දේ හෝ වෙයිද, ඒ උපාසකයා ඒ උපාසකයාගේ ශ්රද්ධාවද, සීලයද, උගත් බවද, ත්‍යාගයද, ප්‍රඥාවද, සිහිකරමින් ඒ බව පිණිස සිත යොදවයි. අනුරුද්ධයෙනි, මෙසේද උපාසකයාට සැපවිහරණය වේ.
|
172
‘‘ඉධානුරුද්ධා
‘‘ඉධානුරුද්ධා, උපාසිකා සුණාති - ‘ඉත්ථන්නාමා උපාසිකා කාලඞ්කතා; සා භගවතා බ්යාකතා - තිණ්ණං සංයොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමිනී සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරිස්සතී’ති. සා ඛො පනස්සා භගිනී සාමං දිට්ඨා වා හොති අනුස්සවස්සුතා වා - ‘එවංසීලා සා භගිනී අහොසි ඉතිපි, එවංධම්මා... එවංපඤ්ඤා... එවංවිහාරිනී... එවංවිමුත්තා සා භගිනී අහොසි ඉතිපී’ති. සා තස්සා සද්ධඤ්ච සීලඤ්ච සුතඤ්ච චාගඤ්ච පඤ්ඤඤ්ච අනුස්සරන්තී තදත්ථාය
‘‘ඉධානුරුද්ධා, උපාසිකා සුණාති - ‘ඉත්ථන්නාමා උපාසිකා කාලඞ්කතා; සා භගවතා බ්යාකතා - තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා’ති. සා ඛො පනස්සා භගිනී සාමං දිට්ඨා වා හොති අනුස්සවස්සුතා වා - ‘එවංසීලා සා භගිනී අහොසි ඉතිපි, එවංධම්මා සා භගිනී අහොසි ඉතිපි, එවංපඤ්ඤා සා භගිනී අහොසි ඉතිපි, එවංවිහාරිනී සා භගිනී අහොසි ඉතිපි, එවංවිමුත්තා සා භගිනී අහොසි ඉතිපී’ති. සා තස්සා සද්ධඤ්ච සීලඤ්ච සුතඤ්ච චාගඤ්ච පඤ්ඤඤ්ච අනුස්සරන්තී තදත්ථාය චිත්තං උපසංහරති. එවම්පි ඛො, අනුරුද්ධා, උපාසිකාය ඵාසුවිහාරො හොති.
‘‘ඉති
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා අනුරුද්ධො භගවතො භාසිතං අභිනන්දීති.
|
172
“අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි උපාසිකාවක් ‘මෙනම් උපාසිකාව කාලක්‍රියා කළාය. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ උපාසිකාව කාම ලෝකය භජනය කරන සංයෝජන පස නැතිකිරීමෙන් ඔපපාතිකව එහි පිරිනිවෙන ඒ ලෝකයෙන් මෙහි නොඑන ස්වභාව ඇත්තීයයි ප්‍රකාශ කරණ ලද්දීයයි අසයිද, ‘ඒ උපාසිකාව තමා විසින්ම දක්නා ලද්දීද, ‘ඒ උපාසිකාව මෙබඳු සිල් ඇත්තීයයිද, ඒ උපාසිකාව මෙබඳු ස්වභාව ඇත්තීයයිද, ඒ උපාසිකාව මෙබඳු නුවණ ඇත්තීයද, ඒ උපාසිකාව මෙබඳු හැසිරිම් ඇත්තීය. ඒ උපාසිකාව මෙසේ භවයෙන් මිදුනීයයි,’ අසන ලද්දේ හෝ වෙයිද. ඒ උපාසිකාව, ඒ උපාසිකාවගේ ශ්රද්ධාවද, සීලයද, උගත්කමද, ත්‍යාගය හා ප්‍රඥාවද සිහිකරමින් ඒ බව පිණිස සිත යොදවයි. අනුරුද්ධයෙනි, මෙසේද උපාසිකාවට සැපවිහරණය වේ.
“අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි උපාසිකාවක් ‘මෙනම් උපාසිකාව කාලක්‍රියා කළාය. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ උපාසිකාව සංයෝජන (-භවබන්ධන) තුන නැතිකිරීමෙන් රාග, ද්වේස, මෝහයන්ගේ තුනී කිරීමෙන් සකෘදාගාමීව මේ ලෝකයට එක වරක්ම (උප්පත්ති වශයෙන්) පැමිණ දුක් කෙළවර කරන්නීයයි ප්‍රකාශ කරණ ලද්දීයයි’ අසයිද, ඒ උපාසිකාව තමා විසින්ම දක්නා ලද්දී හෝ වෙයිද, ‘ඒ උපාසිකාව මෙබඳු සිල් ඇත්තීය, ඒ උපාසිකාව මෙබඳු ස්වභාව ඇත්තීය, ඒ උපාසිකාව මෙබඳු නුවණ ඇත්තීය, ඒ උපාසිකාව මෙබඳු හැසිරීම් ඇත්තීය, ඒ උපාසිකාව මෙසේ භවයෙන් මිදුනීයයි’ අසන ලද්දේ හෝ වෙයිද, ඒ උපාසිකාවගේ ශ්රද්ධාවද, සීලයද උගත් බවද, ත්‍යාගයද, ප්‍රඥාවද සිහිකරමින් ඒ බව පිණිස සිත යොදවයි. අනුරුද්ධයෙනි, මෙසේද උපාසිකාවට සැපවිහරණය වේ.
“අනුරුද්ධයෙනි, මේ ශාසනයෙහි උපාසිකාවක් ‘මෙනම් උපාසිකාව කාලක්‍රියා කළාය. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ උපාසිකාව සංයෝජන (-භවබන්ධන) තුනක් නැති කිරීමෙන් සෝවාන්ව, අපාය ලෝකයන්හි ඉපදීමට නොපැමිණෙන්නියක්ව, නියමයෙන්ම නිවන් පිහිටකොට ඇත්තියක් වීයයි ප්‍රකාශ කරණ ලද්දීයයි’ අසයිද, ඒ උපාසිකාව තමා විසින් දක්නා ලද්දී හෝ වෙයිද, ‘ඒ උපාසිකාව මෙබඳු සිල් ඇත්තීය, ඒ උපාසිකාව මෙබඳු ස්වභාවඇත්තීය, ඒ උපාසිකාව මෙබඳු නුවණ ඇත්තීය, ඒ උපාසිකාව මෙබඳු හැසිරීම් ඇත්තීය, ඒ උපාසිකාව මෙසේ භවයෙන් මිදුනීයයි අසන ලද්දේ හෝ වෙයිද, ඒ උපාසිකාව, ඒ උපාසිකාවගේ ශ්රද්ධාවද, සීලයද, උගත් බවද, ත්‍යාගයද, ප්‍රඥාවද, සිහි කරමින් ඒ බව පිණිස සිත යොදවයි අනුරුද්ධයෙනි, මෙසේද උපාසිකාවට සැපවිහරණය වේ.”
(මෙහි කොටසක් අඩුය)
භාග්‍යවතුන් වහන්සේ මෙය දෙසූ සේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටු විය.
|
9. ගොලියානිසුත්තං | 9. ගුලිස්සානි සූත්‍රය |
173
එවං
‘‘ආරඤ්ඤිකෙනාවුසො, භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන සබ්රහ්මචාරීසු සගාරවෙන භවිතබ්බං සප්පතිස්සෙන. සචෙ, ආවුසො, ආරඤ්ඤිකො භික්ඛු සඞ්ඝගතො සඞ්ඝෙ විහරන්තො සබ්රහ්මචාරීසු අගාරවො හොති අප්පතිස්සො, තස්ස භවන්ති වත්තාරො. ‘කිං පනිමස්සායස්මතො ආරඤ්ඤිකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන, යො අයමායස්මා සබ්රහ්මචාරීසු අගාරවො හොති අප්පතිස්සො’ති - තස්ස
(අප්පතිස්සොතිස්ස (සී. පී.)) භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤිකෙන භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන සබ්රහ්මචාරීසු සගාරවෙන භවිතබ්බං සප්පතිස්සෙන.
‘‘ආරඤ්ඤිකෙනාවුසො, භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන ආසනකුසලෙන භවිතබ්බං - ‘ඉති ථෙරෙ ච භික්ඛූ නානුපඛජ්ජ නිසීදිස්සාමි නවෙ ච භික්ඛූ න ආසනෙන පටිබාහිස්සාමී’ති. සචෙ, ආවුසො, ආරඤ්ඤිකො
‘‘ආරඤ්ඤිකෙනාවුසො, භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන ආභිසමාචාරිකොපි ධම්මො ජානිතබ්බො. සචෙ, ආවුසො, ආරඤ්ඤිකො භික්ඛු සඞ්ඝගතො සඞ්ඝෙ විහරන්තො ආභිසමාචාරිකම්පි ධම්මං න ජානාති, තස්ස භවන්ති වත්තාරො. ‘කිං පනිමස්සායස්මතො ආරඤ්ඤිකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන යො අයමායස්මා ආභිසමාචාරිකම්පි ධම්මං
‘‘ආරඤ්ඤිකෙනාවුසො, භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන නාතිකාලෙන ගාමො පවිසිතබ්බො නාතිදිවා
(න දිවා (ස්‍යා. කං. පී. ක.)) පටික්කමිතබ්බං. සචෙ, ආවුසො, ආරඤ්ඤිකො භික්ඛු සඞ්ඝගතො සඞ්ඝෙ විහරන්තො අතිකාලෙන ගාමං පවිසති අතිදිවා පටික්කමති, තස්ස භවන්ති වත්තාරො. ‘කිං පනිමස්සායස්මතො ආරඤ්ඤිකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන යො අයමායස්මා අතිකාලෙන ගාමං පවිසති අතිදිවා පටික්කමතී’ති - තස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤිකෙන භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන නාතිකාලෙන ගාමො පවිසිතබ්බො, නාතිදිවා පටික්කමිතබ්බං.
‘‘ආරඤ්ඤිකෙනාවුසො, භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන න
‘‘ආරඤ්ඤිකෙනාවුසො, භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන අනුද්ධතෙන භවිතබ්බං අචපලෙන. සචෙ, ආවුසො, ආරඤ්ඤිකො භික්ඛු සඞ්ඝගතො සඞ්ඝෙ විහරන්තො උද්ධතො හොති චපලො, තස්ස භවන්ති වත්තාරො. ‘ඉදං නූනිමස්සායස්මතො ආරඤ්ඤිකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන විහරතො උද්ධච්චං චාපල්යං බහුලීකතං, තමෙනං සඞ්ඝගතම්පි සමුදාචරතී’ති - තස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤිකෙන භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන අනුද්ධතෙන භවිතබ්බං අචපලෙන.
‘‘ආරඤ්ඤිකෙනාවුසො
‘‘ආරඤ්ඤිකෙනාවුසො, භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන සුවචෙන
(සුබ්බචෙන (සී. ක.)) භවිතබ්බං කල්යාණමිත්තෙන. සචෙ, ආවුසො, ආරඤ්ඤිකො භික්ඛු සඞ්ඝගතො සඞ්ඝෙ විහරන්තො දුබ්බචො හොති පාපමිත්තො, තස්ස භවන්ති වත්තාරො. ‘කිං පනිමස්සායස්මතො ආරඤ්ඤිකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන යො අයමායස්මා දුබ්බචො පාපමිත්තො’ති - තස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤිකෙන භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන සුවචෙන භවිතබ්බං කල්යාණමිත්තෙන.
‘‘ආරඤ්ඤිකෙනාවුසො, භික්ඛුනා ඉන්ද්රියෙසු ගුත්තද්වාරෙන භවිතබ්බං. සචෙ, ආවුසො, ආරඤ්ඤිකො භික්ඛු ඉන්ද්රියෙසු අගුත්තද්වාරො හොති, තස්ස භවන්ති වත්තාරො. ‘කිං පනිමස්සායස්මතො ආරඤ්ඤිකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන යො අයමායස්මා
‘‘ආරඤ්ඤිකෙනාවුසො, භික්ඛුනා භොජනෙ මත්තඤ්ඤුනා භවිතබ්බං. සචෙ, ආවුසො, ආරඤ්ඤිකො භොජනෙ අමත්තඤ්ඤූ හොති, තස්ස භවන්ති වත්තාරො. ‘කිං පනිමස්සායස්මතො ආරඤ්ඤිකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන යො අයමායස්මා භොජනෙ අමත්තඤ්ඤූ’ති - තස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤිකෙන භික්ඛුනා භොජනෙ මත්තඤ්ඤුනා
‘‘ආරඤ්ඤිකෙනාවුසො, භික්ඛුනා ජාගරියං අනුයුත්තෙන භවිතබ්බං. සචෙ, ආවුසො, ආරඤ්ඤිකො භික්ඛු ජාගරියං අනනුයුත්තො හොති, තස්ස
‘‘ආරඤ්ඤිකෙනාවුසො
‘‘ආරඤ්ඤිකෙනාවුසො, භික්ඛුනා උපට්ඨිතස්සතිනා භවිතබ්බං. සචෙ, ආවුසො, ආරඤ්ඤිකො භික්ඛු මුට්ඨස්සතී හොති, තස්ස භවන්ති වත්තාරො. ‘කිං පනිමස්සායස්මතො ආරඤ්ඤිකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන යො අයමායස්මා මුට්ඨස්සතී’ති - තස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤිකෙන භික්ඛුනා උපට්ඨිතස්සතිනා භවිතබ්බං.
‘‘ආරඤ්ඤිකෙනාවුසො, භික්ඛුනා සමාහිතෙන භවිතබ්බං. සචෙ, ආවුසො, ආරඤ්ඤිකො භික්ඛු අසමාහිතො හොති, තස්ස භවන්ති වත්තාරො. ‘කිං පනිමස්සායස්මතො ආරඤ්ඤිකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන
‘‘ආරඤ්ඤිකෙනාවුසො, භික්ඛුනා පඤ්ඤවතා භවිතබ්බං. සචෙ, ආවුසො, ආරඤ්ඤිකො භික්ඛු දුප්පඤ්ඤො හොති, තස්ස භවන්ති වත්තාරො
‘‘ආරඤ්ඤිකෙනාවුසො, භික්ඛුනා අභිධම්මෙ අභිවිනයෙ යොගො කරණීයො. සන්තාවුසො, ආරඤ්ඤිකං භික්ඛුං අභිධම්මෙ අභිවිනයෙ පඤ්හං පුච්ඡිතාරො. සචෙ, ආවුසො, ආරඤ්ඤිකො භික්ඛු අභිධම්මෙ අභිවිනයෙ පඤ්හං පුට්ඨො න සම්පායති, තස්ස භවන්ති වත්තාරො. ‘කිං පනිමස්සායස්මතො ආරඤ්ඤිකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන යො අයමායස්මා අභිධම්මෙ අභිවිනයෙ පඤ්හං පුට්ඨො න සම්පායතී’ති - තස්ස භවන්ති වත්තාරො. තස්මා
‘‘ආරඤ්ඤිකෙනාවුසො
‘‘ආරඤ්ඤිකෙනාවුසො, භික්ඛුනා උත්තරි මනුස්සධම්මෙ යොගො කරණීයො. සන්තාවුසො, ආරඤ්ඤිකං භික්ඛුං උත්තරි මනුස්සධම්මෙ පඤ්හං පුච්ඡිතාරො. සචෙ, ආවුසො, ආරඤ්ඤිකො භික්ඛු උත්තරි මනුස්සධම්මෙ පඤ්හං පුට්ඨො න සම්පායති, තස්ස භවන්ති වත්තාරො. ‘කිං පනිමස්සායස්මතො ආරඤ්ඤිකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන යො අයමායස්මා යස්සත්ථාය පබ්බජිතො තමත්ථං න ජානාතී’ති - තස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤිකෙන භික්ඛුනා උත්තරි මනුස්සධම්මෙ යොගො කරණීයො’’ති.
එවං වුත්තෙ, ආයස්මා මහාමොග්ගල්ලානො
(මහාමොග්ගලානො (ක.)) ආයස්මන්තං සාරිපුත්තං එතදවොච - ‘‘ආරඤ්ඤිකෙනෙව නු ඛො, ආවුසො සාරිපුත්ත, භික්ඛුනා ඉමෙ ධම්මා සමාදාය වත්තිතබ්බා උදාහු ගාමන්තවිහාරිනාපී’’ති
|
173
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වෙළුවනයෙහි කලන්දක නිවාප නම් තැන වාසය කළහ. ඒ කාලයෙහි වනාහි වනයෙහි වසන ගොරෝසු පැවතුම් ඇති ගුලිස්සානි භික්ෂුව කිසියම් කටයුත්තක් නිසා සඟ මැදට පැමිණියේ වෙයි. ඒ කාලයෙහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ගුලිස්සානි භික්ෂුව අරභයා (-කරුණු කොට) භික්ෂූන්ට කථා කළහ.
“ඇවැත්නි, සංඝයාට අයත්, සංඝයා අතර හැසිරෙණ වනයෙහි වසන භික්ෂුව විසින් සමාන බඹසර ඇත්තවුන් කෙරෙහි ගෞරව සහිතයකු, බුහුමන් සහිතයකු විය යුතුයි. ඇවැත්නි, ඉදින් සංඝයාට අයත් සංඝයා අතර හැසිරෙන වනයෙහි වසන භික්ෂුව විසින් සමාන බඹසර ඇත්තවුන් කෙරෙහි ගෞරව නැත්තෙකු, බුහුමන් නැත්තෙකු වෙයිද, ‘යම් මේ ආයුෂ්මතෙක් සමාන බඹසර ඇත්තවුන් කෙරෙහි, ගෞරව නැත්තේද, බුහුමන් නැත්තේද ඔහුට ‘වනයෙහි වාසය කරණ ඒ මේ ආයුෂ්මත්හුගේ තනිව කැමතිසේ වනයෙහි වාසය කිරීමෙන්, කවර ප්‍රයෝජනයක් දැයි’ කියන්නෝ වෙත්, එබැවින් සංඝයාට අයත්, සංඝයා අතර හැසිරෙන වනයෙහි වසන භික්ෂුව විසින් සමාන බඹසර ඇත්තවුන් කෙරෙහි, ගෞරව සහිතයකු, බුහුමන් සහිතයකු විය යුතුයි.
“ඇවැත්නි, සංඝයාට අයත්, සංඝයා අතර හැසිරෙණ වනයෙහි වසන භික්ෂුව විසින් ‘මෙසේ ස්ථවිර භික්ෂූන් ගටා (-තදකොට) නොහිඳින්නෙමි. නවක (-අලුත්) භික්ෂූන් ආසනයෙන් අස් නොකරන්නෙමියි’ ආසන දැනීමෙහි දක්ෂයෙකු විය යුතුයි. ඇවැත්නි, ඉදින් සංඝයාට අයත්, සංඝයා අතර හැසිරෙන වනයෙහි වසන භික්ෂුව ආසන දැනීමෙහි දක්ෂයෙකු නොවෙයිද, ‘යම් මේ ආයුෂ්මතෙක් වත් පිළිවෙත් නොදන්නේද, ඔහුට වනයෙහි වාසය කරණ මේ ආයුෂ්මත්හුගේ තනිව කැමතිසේ වනයෙහි වාසය කිරීමෙන් කවර ප්‍රයෝජනයක්දැ’යි කියන්නෝ වෙත්. එබැවින් සංඝයාට අයත් සංඝයා අතර හැසිරෙන වනයෙහි වසන භික්ෂුව විසින් ආසන දැනීමෙහි දක්ෂයෙකු විය යුතුයි.
“ඇවැත්නි, සංඝයාට අයත් සංඝයා අතර හැසිරෙණ වනයෙහි වසන භික්ෂුව විසින් ඉතා කලින් ගමට නොයායුතු, ඉතා දවල් පෙරළා නොආ යුතුයි. ඇවැත්නි, ඉඳින් සංඝයාට අයත් සංඝයා අතර හැසිරෙන වනයෙහි වසන භික්ෂුව ඉතා කලින් ගමට යයිද, ඉතා දවල් ආපසු එයිද, ඔහුට ‘ඉතා කලින් ගමට යයි. ඉතා දවල් ආපසු එයි. වනයෙහි වාසයකරණ මේ ආයුෂ්මත්හුගේ තනිව කැමතිසේ වනයෙහි වාසය කිරීමෙන් කවර ප්‍රයෝජනයක්දැ’යි කියන්නෝ වෙත්. එබැවින් සංඝයාට අයත් සංඝයා අතර හැසිරෙණ වනයෙහි වසන භික්ෂුව විසින් ඉතා කලින් ගමට නොයායුතුයි. ඉතා දවල් ආපසු නොආ යුතුයි.
“ඇවැත්නි, සංඝයාට, අයත්, සංඝයා අතර හැසිරෙණ වනයෙහි වසන භික්ෂුව විසින් පෙරවරුද පස්වරුද ගෙවල්වල ඇවිදීමට නොපැමිණිය යුතුයි. ඇවැත්නි, ඉදින් සංඝයාට අයත් සංඝයා අතර හැසිරෙණ වනයෙහි වසන භික්ෂුව පෙරවරුද පස්වරුද ගෙවල්වල ඇවිදීමට පැමිණෙයිද, ඔහුට ‘වනයෙහි වසන තනිව වනයෙහි කැමතිසේ වසන මේ ආයුෂ්මත්හුගේ නොකල්හි හැසිරීම වැඩි වශයෙන් කරණ ලදී. සංඝයා මැදට පැමිණි ඔහුටද එසේ ව්‍යවහාර කරන්නේය’යි කියන්නෝ වෙත්. එබැවින් සංඝයාට අයත් සංඝයා අතර හැසිරෙන වනයෙහි වසන භික්ෂුව විසින් පෙරවරුද පස්වරුද ගෙවල්වල ඇවිදීමට නොපැමිණිය යුතුයි.
“ඇවැත්නි, සංඝයාට අයත් සංඝයා අතර හැසිරෙන වනයෙහි වසන භික්ෂුව නොසන්සුන් නොවූවෙකු චපල නොවූවකු විය යුතුයි. ඇවැත්නි, ඉදින් සංඝයාට අයත් සංඝයා අතර හැසිරෙන වනයෙහි වසන භික්ෂුව නොසන්සුන් වූවෙක් චපලවූවෙක් වෙයිද, ඔහුට ‘වනයෙහි වසන තනිව වනයෙහි කැමතිසේ වසන මේ ආයුෂ්මත්හුගේ නොසන්සුන් බව හා චපල බව වැඩිව කරණ ලදැයි’ කියන්නෝ වෙත්. එබැවින් සංඝයාට අයත් සංඝයා අතර හැසිරෙන වනයෙහි වසන භික්ෂුව නොසන්සුන් නොවූවකු, චපල නොවූවකු විය යුතුයි.
“ඇවැත්නි, සංඝයාට අයත් සංඝයා අතර හැසිරෙන වනයෙහි වසන භික්ෂුව රළු වචන නැත්තෙකු විසිර ගිය වචන නැත්තෙකු විය යුතුයි. ඇවැත්නි, ඉදින් සංඝයාට අයත්, සංඝයා අතර හැසිරෙන, වනයෙහි වසන භික්ෂුව, රළු වචන කියන්නෙක් විසිරුණු වචන කියන්නෙක් වෙයිද, ‘යම් මේ ආයුෂ්මත්තෙමේ රළු වචන කියන්නෙක විසුරුණු වචන කියන්නෙක වනයෙහි වසන මේ ආයුෂ්මත්හුගේ තනිව වනයෙහි කැමතිසේ විසීමෙන් කවර ප්‍රයෝජනයක්දැ’යි කියන්නෝ වෙත්. එබැවින් සංඝයාට අයත් සංඝයා අතර හැසිරෙන වනයෙහි වසන භික්ෂුව රළු වචන නැත්තෙකු, විසිර ගිය වචන නැත්තෙකු විය යුතුයි.
“ඇවැත්නි, සංඝයාට අයත්, සංඝයා අතර හැසිරෙන වනයෙහි වසන භික්ෂුව සුවචවූවකු, යහපත් මිතුරන් ඇත්තකු විය යුතුයි. ඇවැත්නි, ඉදින් සංඝයාට අයත් සංඝයා අතර හැසිරෙන වනයෙහි වසන භික්ෂුව දුර්වචයෙක් පවිටු මිතුරන් ඇත්තෙක් වෙයිද, ඔහුට ‘යම් මේ ආයුෂ්මත් තෙමේ දුර්වචයෙක පවිටු මිතුරන් ඇත්තෙක වනයෙහි වසන මේ ආයුෂ්මත්හුගේ තනිව වනයෙහි කැමතිසේ විසීමෙන් කවර ප්‍රයෝජනයක්දැ’යි කියන්නාහු වෙත්. එබැවින් සංඝයාට අයත්, සංඝයා අතර හැසිරෙන වනයෙහි වසන භික්ෂුව සුවචවූවකු යහපත් මිතුරන් ඇත්තකු විය යුතුයි.
“ඇවැත්නි, වනයෙහි වසන භික්ෂුව ඉඳුරන්හි වසනලද දොර ඇත්තකු වියයුතුයි. ඇවැත්නි, ඉදින් වනයෙහි වසන භික්ෂුව ඉඳුරන්හි නොවසනලද දොර ඇත්තෙක් වෙයිද, ඔහුට ‘යම් මේ ආයුෂ්මත්තෙමේ ඉඳුරන්හි නොවසන ලද දොර ඇත්තෙක වනයෙහි වසන මේ ආයුෂ්මත්හුගේ තනිව වනයෙහි කැමතිසේ විසීමෙන් කවර ප්‍රයෝජනයක්දැ’යි කියන්නෝ වෙත්. එබැවින් වනයෙහි වසන භික්ෂුව ඉඳුරන්හි වසනලද දොර ඇත්තකු විය යුතුයි.
“ඇවැත්නි, වනයෙහි වසන භික්ෂුව වැළඳීමෙහි, පමණ දන්නෙකු විය යුතුයි. ඇවැත්නි, ඉදින් වනයෙහි වසන භික්ෂුව වැළඳීමෙහි පමණ නොදන්නෙක් වෙයිද ඔහුට ‘යම් මේ ආයුෂ්මත්තෙමේ වැළඳීමෙහි පමණ නොදන්නෙක වනයෙහි වසන මේ ආයුෂ්මත්හුගේ තනිව වනයෙහි කැමතිසේ විසීමෙන් කවර ප්‍රයෝජනයක්දැයි’ කියන්නෝ වෙත්. එබැවින් වනයෙහි වසන භික්ෂුව වැළඳීමෙහි පමණ දන්නකු විය යුතුයි.
“ඇවැත්නි, වනයෙහි වසන භික්ෂුව නිදි දුරුකිරීමෙහි යෙදුනකු විය යුතුයි. ඇවැත්නි, ඉදින් වනයෙහි වසන භික්ෂුව නිදි දුරු කිරීමෙහි නොයෙදුනෙක් වෙයිද, ඔහුට ‘යම් මේ ආයුෂ්මත්තෙමේ නිදි දුරුකිරීමෙහි නොයෙදුනෙක් වෙයි. වනයෙහි වසන මේ ආයුෂ්මත්හුගේ තනිව වනයෙහි කැමතිසේ විසීමෙන් කවර ප්‍රයෝජනයක්දැ’යි කියන්නෝ වෙත්. එහෙයින් වනයෙහි වසන භික්ෂුව නිදි දුරු කිරීමෙහි යෙදුනකු විය යුතුයි.
“ඇවැත්නි, වනයෙහි වසන භික්ෂුව පටන් ගත් වීර්ය ඇත්තකු විය යුතුයි. ඇවැත්නි, ඉදින් වනයෙහි වසන භික්ෂුව කුසීත වෙයිද, ඔහුට ‘යම් මේ ආයුෂ්මත්තෙමේ කුසීතයෙක වනයෙහි වසන මේ ආයුෂ්මත්හුගේ තනිව වනයෙහි කැමතිසේ විසීමෙන් කවර ප්‍රයෝජනයක් දැයි’ කියන්නෝ වෙත්. එහෙයින් වනයෙහි වසන භික්ෂුව පටන්ගත් වීර්ය ඇත්තකු විය යුතුයි.
ඇවැත්නි, වනයෙහි වසන භික්ෂුව එළඹ සිටි සිහි ඇත්තකු විය යුතුයි. ඇවැත්නි, ඉදින් වනයෙහි වසන භික්ෂුව මුළා සිහි ඇත්තෙකු වෙයිද, ඔහුට ‘යම් මේ ආයුෂ්මත් තෙමේ මුළා සිහි ඇත්තෙක වනයෙහි වසන මේ ආයුෂ්මත්හුගේ තනිව වනයෙහි විසීමෙන් කවර ප්‍රයෝජනයක් දැයි’ කියන්නෝ වෙත්. එහෙයින් වනයෙහි වසන භික්ෂුව එළඹ සිටි සිහි ඇත්තෙකු විය යුතුයි.
“ඇවැත්නි, වනයෙහි වසන භික්ෂුව එකඟ සිත් ඇත්තකු විය යුතුයි. ඇවැත්නි, ඉදින් වනයෙහි වසන භික්ෂුව එකඟ සිත් නැත්තෙක් වෙයිද, ඔහුට, ‘යම් මේ ආයුෂ්මත්තෙමේ එකඟ සිත් නැත්තෙක, වනයෙහි වසන මේ ආයුෂ්මත්හුගේ තනිව වනයෙහි කැමතිසේ විසීමෙන් කවර ප්‍රයෝජනයක් දැයි’ කියන්නෝ වෙත්. එහෙයින් වනයෙහි වසන භික්ෂුව එකඟ සිත් ඇත්තකු විය යුතුයි.
“ඇවැත්නි, වනයෙහි වසන භික්ෂුව නුවණැත්තකු විය යුතු. ඇවැත්නි, ඉදින් වනයෙහි වසන භික්ෂුව නුවණ නැත්තෙක් වෙයිද, ඔහුට, ‘යම් මේ ආයුෂ්මත්තෙමේ නුවණ නැත්තෙක, වනයෙහි වසන මේ ආයුෂ්මත්හුගේ තනිව වනයෙහි කැමතිසේ විසීමෙන් කවර ප්‍රයෝජනයක්දැ’යි කියන්නෝ වෙත්. එහෙයින් වනයෙහි වසන භික්ෂුව නුවණැත්තකු විය යුතුයි.
“ඇවැත්නි, වනයෙහි වසන භික්ෂුව අභිධර්ම පිටකයද, විනය පිටකයද ඉගෙණීමෙහි උත්සාහ කළ යුතුයි. ඇවැත්නි, වනයෙහි වසන භික්ෂුවගෙන් අභිධර්ම පිටකයෙහිද විනය පිටකයෙහිද ප්‍රශ්න අසන්නෝ වෙත්. ඇවැත්නි ඉදින් වනයෙහි වසන භික්ෂුවගෙන් අභිධර්මයෙහිද විනයෙහිද ප්‍රශ්න අසන ලද්දේ විසඳන්ට නොහැකි වෙයිද ඔහුට ‘යම් මේ ආයුෂ්මත්තෙමේ අභිධර්මයෙහිද විනයෙහිද ප්‍රශ්න විචාරණ ලද්දේ විසඳන්ට නොහැකිය. වනයෙහි වසන මේ ආයුෂ්මත්හුගේ තනිව වනයෙහි කැමතිසේ විසීමෙන් කවර ප්‍රයෝජනයක් දැයි’ කියන්නෝ වෙත්. එහෙයින් වනයෙහි වසන භික්ෂුව අභිධර්ම පිටකයද විනය පිටකයද ඉගෙණීමෙහි උත්සාහ කළ යුතුයි.
“ඇවැත්නි, වනයෙහි වසන භික්ෂුව රූපාවචර ධ්‍යානයන් ඉක්මවා ඇති යම් ඒ ශාන්ත විමොක්ෂ අරූපාවචර ධ්‍යානයෝ වෙත්ද, එහි උත්සාහ කළ යුතුයි. ඇවැත්නි, වනයෙහි වසන භික්ෂුවගෙන් රූපාවචර ධ්‍යාන ඉක්මවා ඇති යම් ඒ ශාන්ත විමොක්ෂ අරූපාවචර ධ්‍යානයෝ වෙත්ද, එහි ප්‍රශ්න අසන්නෝ වෙත්. ඇවැත්නි, ඉදින් වනයෙහි වසන භික්ෂුව රූපාවචර ධ්‍යානයන් ඉක්මවා ඇති ශාන්ත විමොක්ෂ අරූපාවචර ධ්‍යාන වෙත්ද, එහි ප්‍රශ්න විචාරණ ලද්දේ විසඳන්ට නොහැකිවෙයිද, ඔහුට ‘යම් මේ ආයුෂ්මත්තෙමේ රූපාවචර ධ්‍යානයන් ඉක්මවා ඇති යම් ඒ ශාන්ත විමොක්ෂ අරූපාවචර ධ්‍යානයෝ වෙත්ද, එහි ප්‍රශ්න විචාරණ ලද්දේ විසඳන්ට නොහැක්කේය. වනයෙහි වසන මේ ආයුෂ්මත්හුගේ තනිව වනයෙහි කැමතිසේ විසීමෙන් කවර ප්‍රයෝජනයක්දැයි’ කියන්නෝ වෙත්. එහෙයින් වනයෙහි වසන භික්ෂුව විසින් රූපාවචර ධ්‍යානයන් ඉක්මවා ඇති යම් ඒ ශාන්ත විමොක්ෂ අරූපාවචර ධ්‍යානයෝ වෙත්ද එහි උත්සාහ කළ යුතුයි.
“ඇවැත්නි, වනයෙහි වසන භික්ෂුව ලෝකෝත්තර ධර්මයෙහි උත්සාහ කළ යුතුයි. ඇවැත්නි, වනයෙහි වසන භික්ෂුවගෙන් ලෝකෝත්තර ධර්මයෙහි ප්‍රශ්න විචාරන්නෝ වෙත්. ඇවැත්නි. ඉඳින් වනයෙහි වසන භික්ෂුව ලෝකෝත්තර ධර්මයෙහි ප්‍රශ්න විචාරණ ලද්දේ විසඳන්ට නොහැකි වෙයිද, ඔහුට ‘මේ ආයුෂ්මත්තෙමේ යම් ප්‍රයෝජනයක් නිසා පැවිදිවීද ඒ ප්‍රයෝජනය නොදන්නේය වනයෙහි වසන මේ ආයුෂ්මත්හුගේ තනිව වනයෙහි කැමතිසේ විසීමෙන් කවර ප්‍රයෝජනයක්දැ’යි කියන්නෝ වෙත්. එහෙයින් වනයෙහි වසන භික්ෂුව විසින් ලෝකෝත්තර ධර්මයෙහි උත්සාහ කළ යුතුයි.”
මෙසේ දෙසූ කල්හි ආයුෂ්මත් මහ මුගලන් තෙරුන් වහන්සේ සැරියුත් තෙරුන්ට මේ කරුණ කීහ. “ආයුෂ්මත් ශාරිපුත්‍රය, වනයෙහි වසන භික්ෂුව විසින්ම මේ ධර්මයන් ගෙණ පැවතිය යුතුද නැතහොත් ගමෙහි වසන භික්ෂුව විසිනුත් එසේ පැවතිය යුතුද?”
“ආයුෂ්මත් මොග්ගල්ලානය, වනයෙහි වසන භික්ෂුව විසින්ද මේ ධර්මයන් ගෙණ පැවතිය යුතුය. ගමෙහි වසන භික්ෂුවට වනාහි කියනුම කවරේදැ”යි වදාළහ.
|
10. කීටාගිරිසුත්තං | 10. කීටාගිරි සූත්‍රය |
174
එවං
|
174
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්ෂු සංඝයා සමග කසී ජනපදයෙහි චාරිකාවෙහි හැසිරෙන්නෝය. එකල භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කථා කළහ. “මහණෙනි, මම රාත්‍රි භෝජනයෙන් තොරව අනුභව කරමි. ඒ රාත්‍රි භෝජනයෙන් වෙන්ව අනුභව කරන්නාවූ මම ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්වීමද, කාය බලයද, සැප විහරණයද ඇති බව දනිමි. මහණෙනි, තොපිද එව, රාත්‍රි භෝජනයෙන් තොරව අනුභව කරව්, රාත්‍රි භෝජනයෙන් තොරව අනුභව කරන්නාවූ තොපිද ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්වීමද, කායබලයද, සැපවිහරණයද දන්නාහුය.”
“එසේය පින්වතුන් වහන්සැ”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනයට උත්තර දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කසී ජනපදවල පිළිවෙළින් චාරිකාවෙහි හැසිරෙමින් කීටාගිරි නම් කසී රට වැස්සන්ගේ නියම් ගම යම් තැනකද, එහි වැඩි සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ කසී රට වැස්සන්ගේ නියම් ගමවූ කීටාගිරියෙහි විසුවාහ.
|
175
තෙන ඛො පන සමයෙන අස්සජිපුනබ්බසුකා නාම භික්ඛූ කීටාගිරිස්මිං ආවාසිකා හොන්ති. අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන අස්සජිපුනබ්බසුකා භික්ඛූ තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා අස්සජිපුනබ්බසුකෙ භික්ඛූ එතදවොචුං - ‘‘භගවා ඛො, ආවුසො, අඤ්ඤත්රෙව රත්තිභොජනා භුඤ්ජති භික්ඛුසඞ්ඝො ච. අඤ්ඤත්ර ඛො පනාවුසො, රත්තිභොජනා භුඤ්ජමානා අප්පාබාධතඤ්ච සඤ්ජානන්ති අප්පාතඞ්කතඤ්ච
යතො
|
175
ඒ කාලයෙහි අස්සජී - පුනබ්බසුක නම් භික්ෂූහු කීටාගිරියෙහි ආවාසිකයෝ වෙත්. එකල්හි බොහෝ භික්ෂූහු අස්සජී පුනබ්බසුක භික්ෂූන් යම් තැනකද එහි පැමිණියාහුය. පැමිණ අස්සජී පුනබ්බසුක භික්ෂූන්ට මේ කාරණය කීවාහුය. “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේද භික්ෂු සංඝයාද රාත්‍රි භෝජනයෙන් තොරව අනුභව කරති. රාත්‍රි භෝජනයෙන් තොරව අනුභව කරන්නාහු ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්මද, කාය බලයද, සැප විහරණයද ඇති බව දනිත්. ඇවැත්නි, තොපිද එව්. රාත්‍රි භොජනයෙන් තොරව අනුභව කරව්. ඇවැත්නි, රාත්‍රි භෝජනයෙන් තොරව අනුභව කරණ යුෂ්මත්හුද, ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇතිබවද, පහසුවෙන් ඉරියව් පැවැත්මද, කාය බලයද සැප විහරණයද, ඇති බව දැනගනිත්වා.” මෙසේ කී කල්හි අස්සජී පුනබ්බසුක භික්ෂූහු ඒ භික්ෂූන්ට මෙසේ කීවාහුය.
“ඇවැත්නි, අපි සවස් කාලයෙහිද අනුභව කරමු. උදේද අනුභව කරමු. දවල් කාලයෙහිද අනුභව කරමු. ඒ උදේද, සවසද, දවල්ද නොකල්හිද අනුභව කරණ අපි ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්මද, කාය බලයද, සැපවිහරණයද දනිමු. ඒ අපි අත්දුටු කරුණු හැර ඉදිරි කල පැමිණිය යුතු ප්‍රයෝජනයට කුමට දුවමුද? අපි සවසද, පෙරවරුද, දවල් නොකල්හිද අනුභව කරමු”යි කීහ. යම් හෙයකින් ඒ භික්ෂූහු අස්සජී පුනබ්බසුක භික්ෂූන්ට ඒ කරුණ අවබෝධ කරවන්ට නොහැකි වූවාහුද, ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පැත්තක හුන්නාහුය. එක් පැත්තක හුන් ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ කීවාහුය.
“ස්වාමීනි, අපි අස්සජී පුනබ්බසුක භික්ෂූහු යම් තැනෙක්හිද එහි පැමිණියෙමු. පැමිණ, අස්සජී පුනබ්බසුක භික්ෂූන්ට මේ කරුණු කීවෙමු. ‘භාග්‍යවතුන් වහන්සේද භික්ෂු සංඝයාද රාත්‍රි භෝජනයෙන් තොරව අනුභව කරති. රාත්‍රි භෝජනයෙන් තොරව අනුභවකරන්නාහු ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියවු පැවැත්මද, කාය බලයද, සැප විහරණයද දනිත්. ඇවැත්නි, යුෂ්මත්හුද එව්. රාත්‍රි භෝජනයෙන් තොරව අනුභව කරව්. ඇවැත්නි, රාත්‍රි භෝජනයෙන් තොරව අනුභව කරණ යුෂ්මත්හුද ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇතිබවද, පහසුවෙන් ඉරියව් පැවැත්මද, කාය බලයද, සැප විහරණයද දනිව් (කියායි.)
“ස්වාමීනි, මෙසේ කී කල්හි අස්සජී පුනබ්බසුක භික්ෂූහු අපට මේ කරුණ කීවාහුය. ‘ඇවැත්නි, අපි සවසද, උදේද, දවල්, නොකල්හිද අනුභව කරමු. සවසද, උදේද, දවල් නොකල්හිද අනුභව කරණ අපි ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇතිබවද, පහසු ඉරියව් පැවැත්මද, කාය බලයද, සැප විහරණයද දනිමු. ඒ අපි දත් කරුණ හැර ඉදිරි කල පැමිණිය යුතු ප්‍රයෝජනයට කුමට දුවමුද? අපි සවසද, උදේද, දවල් නොකල්හිද, අනුභව කරමු’යි කීවාහුය. ස්වාමීනි, අපි යම් හෙයකින් අස්සජී පුනබ්බසුක භික්ෂූන්ට ඒ කරුණු අවබෝධ කරවන්ට නොහැකිවූමුද එහෙයින් අපි මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට දන්වමුයි කීහ.
|
176
අථ ඛො භගවා අඤ්ඤතරං භික්ඛුං ආමන්තෙසි - ‘‘එහි ත්වං, භික්ඛු, මම වචනෙන අස්සජිපුනබ්බසුකෙ භික්ඛූ ආමන්තෙහි - ‘සත්ථා ආයස්මන්තෙ ආමන්තෙතී’’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො සො භික්ඛු භගවතො පටිස්සුත්වා යෙන අස්සජිපුනබ්බසුකා භික්ඛූ තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා අස්සජිපුනබ්බසුකෙ භික්ඛූ එතදවොච - ‘‘සත්ථා ආයස්මන්තෙ ආමන්තෙතී’’ති. ‘‘එවමාවුසො’’ති ඛො අස්සජිපුනබ්බසුකා භික්ඛූ තස්ස භික්ඛුනො පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො අස්සජිපුනබ්බසුකෙ භික්ඛූ භගවා එතදවොච - ‘‘සච්චං කිර, භික්ඛවෙ, සම්බහුලා භික්ඛූ තුම්හෙ උපසඞ්කමිත්වා
|
176
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්ෂුවකට කථා කළහ. “මහණ, මෙහි එව්. “ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් කැඳවත්යයි මාගේ වචනයෙන් අස්සජී පුනබ්බසුක භික්ෂූන් කැඳවව.”
“එසේය, පින්වතුන් වහන්සැ’යි ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට පිළිතුරුදී, අස්සජී පුනබ්බසුක භික්ෂූන් යම් තැනෙක්හිද එහි පැමිණියේය. එහි පැමිණ, “ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් කැඳවත්යයි,” අස්සජී පුනබ්බසුක භික්ෂූන්ට කීය. “එසේය, ඇවැත්නියි” අස්සජී පුනබ්බසුක භික්ෂූහු ඒ භික්ෂුවට පිළිතුරුදී භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක් හිද එහි පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් තැනෙක හුන්නාහුය. එක් තැනෙක හුන් අස්සජී පුනබ්බසුක භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.
“මහණෙනි, සැබෑද? බොහෝ භික්ෂූහු තොප වෙත පැමිණ මේ කරුණ කීවාහුද? ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ හා භික්ෂු සංඝයා රාත්‍රි භෝජනයෙන් තොරව අනුභව කරති. ඇවැත්නි, රාත්‍රි භෝජනයෙන් තොරව අනුභව කරන්නාහු ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්මද, කාය බලයද, සැපවිහරණයද ඇති බව දනිත්. ඇවැත්නි, යුෂ්මත්හුද එව්. රාත්‍රි භෝජනයෙන් තොරව අනුභව කරව්. ඇවැත්නි, යුෂ්මත්හුද රාත්‍රි භෝජනයෙන් තොරව අනුභව කරන්නාහු, ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්මද, කාය බලයද, සැපවිහරණයද, දැනගන්නාහුයයි (කියායි)
“මෙසේ කී කල්හි තොපි ඒ භික්ෂූන්ට මෙසේ කීවාහුද? ‘ඇවැත්නි, අපි සවසද, උදේද, දවල් විකාලයෙහිද අනුභව කරමු. පස්වරුද, උදේද, දවල්ද, නොකල්හිද අනුභව කරන්නාවූ අපි ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, කාය බලයද, සැපවිහරණයද දන්නෙමු. ඒ අපි අත් දුටු කරුණ හැර ඉදිරියට ඇති ප්‍රයෝජනය ගැණ කුමට දුවමුද? අපි පස්වරුද, උදේද, දවල්ද, නොකල්හිද අනුභව කරමුය”යි (කීවාහුද)
“එසේය, ස්වාමීනි”
|
177
‘‘කිං නු මෙ තුම්හෙ, භික්ඛවෙ, එවං ධම්මං දෙසිතං ආජානාථ යං කිඤ්චායං පුරිසපුග්ගලො පටිසංවෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තස්ස අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪන්තී’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘නනු මෙ තුම්හෙ, භික්ඛවෙ, එවං ධම්මං දෙසිතං ආජානාථ ඉධෙකච්චස්ස යං එවරූපං සුඛං වෙදනං වෙදයතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති කුසලා ධම්මා පරිහායන්ති, ඉධ පනෙකච්චස්ස එවරූපං සුඛං වෙදනං වෙදයතො අකුසලා ධම්මා පරිහායන්ති
|
177
“මහණෙනි, ‘පුද්ගලයෙක් යම්කිසි සැපක් හෝ දුකක් හෝ සැප දුක් නොවූවක් හෝ විඳීද, ඔහුගේ අකුශල ධර්ම පිරිහෙත්, කුශල ධර්ම වැඩෙත්ය’යි මෙසේ මා විසින් දෙසනලද ධර්මයක් තොපි දනිව්ද?
“ස්වාමීනි, එසේ නොදනිමු.”
“මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳු සැප වේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ වැඩෙත්, කුශල ධර්මයෝ පිරිහෙත්, මේ ලෝකයෙහි මෙබඳු සැපවේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්, කුශල ධර්මයෝ වැඩෙත්. මේ ලෝකයෙහි මෙබඳු දුක් වේදනාවක් විඳින “ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ වැඩෙත්, කුශල ධර්මයෝ පිරිහෙත්, මේ ලෝකයෙහි මෙබඳු දුක් වේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්. කුශල ධර්මයෝ වැඩෙත්. මේ ලෝකයෙහි මෙබඳු සැප දුක් නොවූ වේදනාව විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ වැඩෙත්, කුශල ධර්මයෝ පිරිහෙත්, මේ ලෝකයෙහි මෙබඳු සැප දුක් නොවූ වේදනා විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්, කුශල ධර්මයෝ වැඩෙත්යයි මා විසින් දෙසනලද ධර්මයක් තොපි දන්නාහු නොවෙත්ද?”
“එසේය, ස්වාමීනි,”
|
178
‘‘සාධු, භික්ඛවෙ! මයා චෙතං, භික්ඛවෙ, අඤ්ඤාතං අභවිස්ස අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං අඵස්සිතං පඤ්ඤාය - ‘ඉධෙකච්චස්ස එවරූපං සුඛං වෙදනං වෙදයතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති කුසලා ධම්මා පරිහායන්තී’ති, එවාහං අජානන්තො ‘එවරූපං සුඛං වෙදනං පජහථා’ති වදෙය්යං; අපි නු මෙ එතං, භික්ඛවෙ, පතිරූපං අභවිස්සා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘යස්මා ච ඛො එතං, භික්ඛවෙ, මයා ඤාතං දිට්ඨං විදිතං සච්ඡිකතං ඵස්සිතං පඤ්ඤාය - ‘ඉධෙකච්චස්ස එවරූපං සුඛං වෙදනං වෙදයතො අකුසලා ධම්මා
|
178
“මහණෙනි, යහපති, මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳු සැප වේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ වැඩෙත්, කුසල ධර්මයෝ පිරිහෙත්යයි එය මා විසින් නොදන්නා ලද්දේ, නොදක්නා ලද්දේ, නොවිඳිනා ලද්දේ, ප්රත්යක්ෂ නොකරන ලද්දේ, නුවණින් ස්පර්ශ නොකරන ලද්දේ, වන්නේනම් එසේ මම නොදන්නේ මෙබඳු සැප වේදනාවක් දුරුකරව්යයි කියත් නම්, මහණෙනි, මට එය සුදුසු වන්නේද?”
“ස්වාමීනි, සුදුසු නොවේය.”
“මහණෙනි, යම් හෙයකින් මේ ලෝකයෙහි මෙබඳු සැප වේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ වැඩෙත්, කුශල ධර්මයෝ පිරිහෙත්යයි, එය මා විසින් දන්නා ලද්දේද, දක්නා ලද්දේද, විඳින ලද්දේද, ප්රත්යක්ෂ කරන ලද්දේද, එහෙයින් මෙබඳු සැප වේදනාවක් දුරුකරව් යයි කියමි.
“මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳු සැප වේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්, කුශල ධර්මයෝ වැඩෙත්ය’යි එය මා විසින් නොදන්නා ලද්දේ, නොදක්නා ලද්දේ, නොවිඳින ලද්දේ, ප්රත්යක්ෂ නොකරන ලද්දේ, නුවණින් ස්පර්ශ නොකරන ලද්දේ, වන්නේ නම්, එසේ මම නොදන්නේ මෙබඳු සැප වේදනාවකට එළඹ වාසය කරව්ය’යි කියම් නම්, මහණෙනි, මට එය සුදුසු වන්නේද?”
“ස්වාමීනි, සුදුසු නොවේය.”
“මහණෙනි, යම් හෙයකින් මේ ලෝකයෙහි යම්බඳු සැප වේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්. කුශල ධර්මයෝ වැඩෙත්ය’යි එය මා විසින් දන්නා ලද්දේද, දක්නා ලද්දේද, විඳින ලද්දේද, එහෙයින් මම මෙබඳු සැපවේදනාවකට එළඹ වසව්ය’යි කියමි.
|
179
‘‘මයා චෙතං, භික්ඛවෙ, අඤ්ඤාතං අභවිස්ස අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං අඵස්සිතං පඤ්ඤාය - ‘ඉධෙකච්චස්ස එවරූපං දුක්ඛං වෙදනං වෙදයතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති කුසලා ධම්මා පරිහායන්තී’ති, එවාහං අජානන්තො ‘එවරූපං දුක්ඛං වෙදනං පජහථා’ති වදෙය්යං; අපි නු මෙ එතං, භික්ඛවෙ, පතිරූපං අභවිස්සා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘යස්මා ච ඛො එතං, භික්ඛවෙ, මයා ඤාතං දිට්ඨං විදිතං සච්ඡිකතං ඵස්සිතං පඤ්ඤාය - ‘ඉධෙකච්චස්ස එවරූපං දුක්ඛං වෙදනං වෙදයතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති කුසලා ධම්මා පරිහායන්තී’ති, තස්මාහං ‘එවරූපං දුක්ඛං වෙදනං පජහථා’ති වදාමි. මයා චෙතං, භික්ඛවෙ, අඤ්ඤාතං අභවිස්ස අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං අඵස්සිතං පඤ්ඤාය - ‘ඉධෙකච්චස්ස එවරූපං දුක්ඛං වෙදනං වෙදයතො අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪන්තී’ති, එවාහං අජානන්තො ‘එවරූපං දුක්ඛං වෙදනං උපසම්පජ්ජ විහරථා’ති වදෙය්යං; අපි නු මෙ එතං, භික්ඛවෙ, පතිරූපං අභවිස්සා’’ති
|
179
“මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳු දුක් වේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ වැඩෙත්, කුශලධර්‍මයෝ පිරිහෙත්යයි මා විසින් එය නොදන්නා ලද්දේ, නොදක්නා ලද්දේ, නොවිඳින ලද්දේ, ප්රත්යක්ෂ නොකරන ලද්දේ වන්නේ නම්, මෙසේ මම නොදන්නේ මෙබඳු දුක් වේදනාවක් දුරුකරව්ය’යි කියන්නෙම් නම්, එය මට සුදුසු වන්නේද?”
“ස්වාමීනි, සුදුසු නොවේය”
“මහණෙනි, යම් හෙයකින් මේ ලෝකයෙහි මෙබඳු දුක් වේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ වැඩෙත්, කුශල ධර්මයෝ පිරිහෙත්යයි, එය මා විසින් දන්නා ලද්දේද, දක්නා ලද්දේද, විඳින ලද්දේද, ප්රත්යක්ෂ කරන ලද්දේද, එහෙයින් මෙබඳු දුක් වේදනාවක් දුරුකරව් යයි කියමි.
“මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳු දුක් වේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්, කුශල ධර්මයෝ වැඩෙත්ය’යි එය මා විසින් නොදන්නා ලද්දේ, නොදක්නා ලද්දේ, නොවිඳින ලද්දේ, ප්රත්යක්ෂ නොකරන ලද්දේ, නුවණින් ස්පර්ශ නොකරන ලද්දේ, වන්නේ නම්, එසේ මම නොදන්නේ මෙබඳු දුක් වේදනාවක් එළඹ වාසය කරව්ය’යි කියම් නම්, මහණෙනි, මට එය සුදුසු වන්නේද?”
“ස්වාමීනි, සුදුසු නොවේය.”
“මහණෙනි, යම් හේතුවකින් මේ ලෝකයෙහි මෙබඳු දුක් වේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුසල ධර්මයෝ වැඩෙත්. කුසල ධර්මයෝ පිරිහෙත්ය’යි එය මා විසින් දන්නා ලද්දේද, දක්නා ලද්දේද, විඳින ලද්දේද, එහෙයින් මම මෙබඳු දුක් වේදනාවකට එළඹ වසව්ය’යි කියමි.
|
180
‘‘මයා චෙතං, භික්ඛවෙ, අඤ්ඤාතං අභවිස්ස අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං අඵස්සිතං පඤ්ඤාය - ‘ඉධෙකච්චස්ස එවරූපං අදුක්ඛමසුඛං වෙදනං වෙදයතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති කුසලා ධම්මා පරිහායන්තී’ති, එවාහං අජානන්තො ‘එවරූපං අදුක්ඛමසුඛං වෙදනං පජහථා’ති වදෙය්යං; අපි නු මෙ එතං, භික්ඛවෙ, පතිරූපං අභවිස්සා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘යස්මා ච ඛො එතං, භික්ඛවෙ, මයා ඤාතං දිට්ඨං විදිතං සච්ඡිකතං ඵස්සිතං පඤ්ඤාය
|
180
“මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳු දුක් නොවූ සැපද නොවූ වේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ වැඩෙත්, කුසල ධර්මයෝ පිරිහෙත්යයි මා විසින් එය නොදන්නා ලද්දේ, නොදක්නා ලද්දේ, නොවිඳිනා ලද්දේ, ප්රත්යක්ෂ නොකරන ලද්දේ වන්නෙම් නම්, මෙසේ මම නොදන්නේ මෙබඳු දුක් වේදනාවක් දුරුකරව්යයි’ කියන්නෙම් නම් එය මට සුදුසු වන්නේද?”
“ස්වාමීනි, සුදුසු නොවේය”.
“මහණෙනි, යම් හෙයකින් මේ ලෝකයෙහි මෙබඳු දුක් නොවූ සැපද නොවූ වේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ වැඩෙත්, කුශල ධර්මයෝ පිරිහෙත්යයි, එය මා විසින් දන්නා ලද්දේද, දක්නා ලද්දේද, විඳින ලද්දේද, ප්රත්යක්ෂ කරන ලද්දේද, එහෙයින් මෙබඳු දුක් නොවූ සැපද නොවූ වේදනාවක් දුරුකරව් යයි කියමි.
“මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳු දුක් නොවූ සැපද නොවූ වේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්, කුශල ධර්මයෝ වැඩෙත්ය’යි එය මා විසින් නොදන්නා ලද්දේ, නොදක්නා ලද්දේ, නොවිඳින ලද්දේ, ප්රත්යක්ෂ නොකරන ලද්දේ, නුවණින් ස්පර්ශ නොකරන ලද්දේ, වන්නේ නම්, එසේ මම නොදන්නේ මෙබඳු දුක් නොවූ සැපද නොවූ වේදනාවකට එළඹ වාසය කරව්ය’යි කියම් නම්, මහණෙනි, මට එය සුදුසු වන්නේද?”
“ස්වාමීනි, සුදුසු නොවේය.”
“මහණෙනි, යම් හේතුවකින් මේ ලෝකයෙහි මෙබඳු දුක්ද නොවූ සැපද නොවූ වේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ වැඩෙත්, කුශල ධර්මයෝ පිරිහෙත් යයි මා විසින් දන්නා ලද්දේද, දක්නා ලද්දේද, විඳිනා ලද්දේද, එහෙයින් මම මෙබඳු දුක්ද නොවූ සැපද නොවූ වේදනාවකට එළඹ වාසය කරව්යයි කියමි.
|
181
‘‘නාහං, භික්ඛවෙ, සබ්බෙසංයෙව භික්ඛූනං ‘අප්පමාදෙන කරණීය’න්ති වදාමි; න පනාහං, භික්ඛවෙ, සබ්බෙසංයෙව භික්ඛූනං ‘න අප්පමාදෙන කරණීය’න්ති වදාමි. යෙ තෙ, භික්ඛවෙ, භික්ඛූ අරහන්තො ඛීණාසවා වුසිතවන්තො කතකරණීයා ඔහිතභාරා අනුප්පත්තසදත්ථා පරික්ඛීණභවසංයොජනා සම්මදඤ්ඤා විමුත්තා, තථාරූපානාහං, භික්ඛවෙ, භික්ඛූනං ‘න අප්පමාදෙන කරණීය’න්ති වදාමි. තං කිස්ස හෙතු? කතං තෙසං අප්පමාදෙන. අභබ්බා තෙ පමජ්ජිතුං. යෙ ච ඛො තෙ, භික්ඛවෙ, භික්ඛූ සෙක්ඛා අප්පත්තමානසා අනුත්තරං යොගක්ඛෙමං පත්ථයමානා විහරන්ති, තථාරූපානාහං, භික්ඛවෙ, භික්ඛූනං ‘අප්පමාදෙන කරණීය’න්ත්න්ත්ති වදාමි. තං කිස්ස හෙතු? අප්පෙව නාමිමෙ ආයස්මන්තො අනුලොමිකානි සෙනාසනානි පටිසෙවමානා කල්යාණමිත්තෙ භජමානා ඉන්ද්රියානි සමන්නානයමානා - යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං - බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්යුන්ති! ඉමං ඛො අහං, භික්ඛවෙ, ඉමෙසං භික්ඛූනං අප්පමාදඵලං සම්පස්සමානො ‘අප්පමාදෙන කරණීය’න්ත්න්ත්ති වදාමි.
|
181
“මහණෙනි, මම සියලුම භික්ෂූන්ට ‘නොපමාවෙන් (කටයුතු) කළයුතුය’යි නොකියමි. මහණෙනි, මම සියලුම භික්ෂූන්ට නොපමා නොවීමෙන් (කටයුතු) කළයුතුය’යි නොකියමි. මහණෙනි, රහත්වූ ආශ්‍රවයන් ක්ෂයකළ, වැස නිමවූ බඹසර ඇති, කළ යුතු දේ කළ, බහා තැබූ ස්කන්ධාදී බර ඇති, පැමිණි ස්වකියාර්ථය (-රහත් බව) ඇති, භව බන්ධනය නැතිකළ, මනාව දැන සසරින් මිදුනු, යම් ඒ භික්ෂූහු වෙත්ද, මහණෙනි, මම එවැනි භික්ෂූන්ට නොපමාවෙන් (කටයුතු) කළ යුතුය’යි නොකියමි, ඊට හේතු කවරේද? ඔවුන් නොපමාවෙන් (කටයුතු) කරන ලද්දාහ. ඔවුහු පමාවන්ට නුසුදුස්සෝය. මහණෙනි, සෙඛ (-නිවන් ලැබීමට හික්මෙන) රහත් බවට නොපැමිණි, උතුම් නිවන් පතමින් යම් ඒ භික්ෂූහු වසත්ද, මහණෙනි, මම එවැනි භික්ෂූන්ට නොපමාවෙන් (කටයුතු) කළ යුතුය’යි කියමි. ඊට හේතු කවරේද? මේ ආයුෂ්මත්හු, සුදුසු සෙනසුන් සෙවනය කරමින්, කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරමින්, ඉඳුරන් සමකරමින්, යමක් නිසා කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙත්ද, බ්‍රහ්මචරියාව කෙළවර කොට ඇති, ඒ උතුම් නිර්වාණය මේ අත්බැව්හි තමා නුවණින් දැන, ප්රත්යක්ෂ කොට (රහත් බවට) පැමිණ වාසය කරන්නාහුනම්, යෙහෙකැයි (කියායි) මහණෙනි, මම මේ භික්ෂූන්ගේ මේ අප්‍රමාද ඵලය බලමින් නොපමාවෙන් (කටයුතු) කළ යුතුයයි කියමි.
|
182
‘‘සත්තිමෙ
‘‘කතමො
‘‘කතමො ච, භික්ඛවෙ, පුග්ගලො පඤ්ඤාවිමුත්තො? ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා තෙ න කායෙන ඵුසිත්වා විහරති, පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. අයං වුච්චති, භික්ඛවෙ, පුග්ගලො
‘‘කතමො ච, භික්ඛවෙ, පුග්ගලො කායසක්ඛි? ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා
‘‘කතමො ච, භික්ඛවෙ, පුග්ගලො දිට්ඨිප්පත්තො? ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා තෙ න කායෙන ඵුසිත්වා විහරති, පඤ්ඤාය චස්ස දිස්වා එකච්චෙ ආසවා පරික්ඛීණා හොන්ති, තථාගතප්පවෙදිතා චස්ස ධම්මා පඤ්ඤාය වොදිට්ඨා හොන්ති වොචරිතා. අයං වුච්චති, භික්ඛවෙ, පුග්ගලො දිට්ඨිප්පත්තො. ඉමස්සපි ඛො අහං, භික්ඛවෙ, භික්ඛුනො ‘අප්පමාදෙන කරණීය’න්ති වදාමි. තං කිස්ස
‘‘කතමො ච, භික්ඛවෙ, පුග්ගලො සද්ධාවිමුත්තො. ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා තෙ න කායෙන ඵුසිත්වා විහරති, පඤ්ඤාය චස්ස දිස්වා එකච්චෙ ආසවා පරික්ඛීණා හොන්ති, තථාගතෙ චස්ස සද්ධා නිවිට්ඨා හොති මූලජාතා පතිට්ඨිතා. අයං වුච්චති, භික්ඛවෙ, පුග්ගලො සද්ධාවිමුත්තො. ඉමස්සපි ඛො අහං, භික්ඛවෙ, භික්ඛුනො ‘අප්පමාදෙන කරණීය’න්ත්න්ත්ති වදාමි. තං කිස්ස හෙතු? අප්පෙව නාම අයමායස්මා අනුලොමිකානි සෙනාසනානි
‘‘කතමො ච, භික්ඛවෙ, පුග්ගලො ධම්මානුසාරී? ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා තෙ න කායෙන ඵුසිත්වා විහරති, පඤ්ඤාය චස්ස දිස්වා එකච්චෙ ආසවා පරික්ඛීණා
(දිස්වා ආසවා අපරික්ඛීණා (සී. පී.)) හොන්ති, තථාගතප්පවෙදිතා චස්ස
‘‘කතමො
|
182
“මහණෙනි, මේ ලෝකයෙහි මේ නම් පුද්ගලයෝ සත්දෙනෙක් වෙත්. ඒ සත්දෙන කවරහුද? උභතොභාග විමුත්තය, පඤ්ඤාවිමුත්තය, කායසක්ඛිය, දිට්ඨප්පත්තය, සද්ධාවිමුත්තිය, ධම්මානුසාරීය, සද්ධානුසාරිය (යන සත්දෙනයි.)
“මහණෙනි, උභතොභාග විමුක්ත පුද්ගලයා නම් කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් යම් ඒ ශාන්ත විමොක්ෂ යයි කියන ලද අරූපාවචර ධ්‍යානයෝ වෙත්ද, රූප ධ්‍යානයන් ඉක්මවා ඒ අරූප ධ්‍යානයන් කයින් ස්පර්ශ කොට වාසය කෙරේද, ඔහුගේ විදර්ශනා නුවණින් දැන ආශ්‍රවයෝ ක්ෂය වූවාහුද, මහණෙනි, මේ පුද්ගල තෙමේ උභතොභාග විමුක්ත පුද්ගලයායයි, කියනු ලැබේ. මහණෙනි, මම මේ භික්ෂුවට අප්‍රමාදයෙන් (කටයුතු) කළ යුතුයයි නොකියමි. ඊට හේතු කවරේද, ඔහු අප්‍රමාදයෙන් (කටයුතු) කරණ ලද්දාහ. ඔහු ප්‍රමාද වීමට නුසුදුසුය.
“මහණෙනි, පඤ්ඤාවිමුත්ත පුද්ගලයා නම් කවරේද, මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපාවචර ධ්‍යානයන් ඉක්මවා යම් ඒ ශාන්ත විමොක්ෂ යයි කියන ලද අරූපාවචර ධ්‍යානයෝ වෙත්ද, ඒ අරූප ධ්‍යානයන් කයින් ස්පර්ශ නොකොට වාසය කෙරේද, ඔහුගේ විදර්ශනා නුවණින් දැන ආශ්‍රවයෝ ක්ෂය වූවාහුද, මහණෙනි, මේ තෙමේ පඤ්ඤාවිමුත්ත පුද්ගලයා යයි කියනු ලැබේ. මහණෙනි, මම මේ භික්ෂුවටද අප්‍රමාදයෙන් (කටයුතු) කළ යුතු යයි නොකියමි. ඊට හේතු කවරේද, ඔහු අප්‍රමාදයෙන් (කටයුතු) කරණ ලදහ. ඔහු ප්‍රමාද වීමට නුසුදුසුය.
“මහණෙනි, කායසක්ඛී පුද්ගලයා නම් කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපාවචර ධ්‍යානයන් ඉක්මවා යම් ඒ ශාන්ත විමොක්ෂ යයි කියන ලද අරූපාවචර ධ්‍යානයෝ වෙත්ද, ඒ අරූපධ්‍යානයන් කයින් ස්පර්ශ කොට වාසය නොකෙරේද, ඔහුගේ නුවණින් දැක ඇතැම් ආශ්‍රවයෝ ක්ෂය වූවාහු වෙත්ද, මහණෙනි, මේ පුද්ගලයා කායසක්ඛී ය’යි කියනු ලැබේ. මහණෙනි, මම මේ භික්ෂුවට අප්‍රමාදයෙන් (කටයුතු) කළ යුතු යයි කියමි. ඊට හේතු කවරේද? මේ ආයුෂ්මත් තෙමේ සුදුසු සෙනසුන් සෙවනය කරමින් කළ්‍යාණ මිත්‍රයන් ඇසුරු කරමින්, ඉඳුරන් සමකරමින්, යමක් නිසා කුලපුත්‍රයෝ මනා කොට ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙත්ද, ඒ මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති, අනුත්තර නිර්වාණය, මේ ආත්මයෙහි තමා නුවණින් දැන, ප්රත්යක්ෂ කොට, (රහත් බවට) පැමිණ වාසය කරන්නේ නම් යෙහෙකැයි’ (කියා) මහණෙනි මම මේ භික්ෂුවට මේ අප්‍රමාද ඵලය දකිමින් අප්‍රමාදයෙන් කටයුතු කළ යුතු යයි කියමි.
“මහණෙනි, දිට්ඨප්පත්ත පුද්ගලයා නම් කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපාවචර ධ්‍යානයන් ඉක්මවා ශාන්ත විමොක්ෂ යයි කියනලද යම් ඒ අරූප ධ්‍යාන කෙනෙක් වෙත්ද, ඒ අරූප ධ්‍යානයන් නාම කයින් ස්පර්ශ කොට වාසය නොකරයිද, ඔහුගේ විදර්ශනා නුවණින් දැක ඇතැම් ආශ්රවක්ෂය වූවාහු වෙත්ද, තථාගතයන් වහන්සේ විසින් දැන ගන්නා ලද ධර්මයෝ ඔහුගේ නුවණින් මනා කොට දැන ගන්නා ලද්දාහුද, මහණෙනි, මේ තෙමේ දිට්ඨප්පත්ත පුද්ගලයාය’යි කියනු ලැබේ. මහණෙනි, මම මේ භික්ෂුවටද අප්‍රමාදයෙන් (කටයුතු) කළ යුතුයයි කියමි. ඊට හේතු කවරේද? මේ ආයුෂ්මත් තෙමේ සුදුසු සෙනසුන් සේවනය කරමින් කළ්‍යාණ මිත්රයින්, ආශ්‍රය කරමින්, ඉන්ද්රියයන් සම කරමින්, යමක් නිසා කුල පුත්‍රයෝ මනා කොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති ඒ නිර්වාණය මේ ආත්මයෙහි තමා නුවණින් දැන ප්රත්යක්ෂ කොට ඊට පැමිණ වාසය කරන්නාහු නම් යෙහෙකැයි (කියායි). මහණෙනි, මම මේ භික්ෂුවගේ අප්‍රමාද ඵලය බලමින් නො පමාවෙන් (කටයුතු) කළ යුතුයයි කියමි.
“මහණෙනි, සද්ධාවිමුත්ත පුද්ගලයා නම් කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපාවචර ධ්‍යානයන් ඉක්මවා යම් ඒ ශාන්තවිමොක්ෂ යයි කියනලද අරූපාවචර ධ්‍යාන කෙනෙක් වෙත්ද, ඒ අරූප ධ්‍යානයන් කයින් ස්පර් නොකොට වාසය කරයිද, ඔහුගේ විදර්ශනා නුවණින් දැක ඇතම් ආශ්‍රවයෝ ක්ෂයවූවාහු වෙත්ද, තථාගතයන් වහන්සේ කෙරෙහි ඔහුගේ ශ්‍රද්ධාව බැසගත්තීවේද, මුල් බැස පිහිටියාවේද, මහණෙනි, මේ තෙමේ සද්ධාවිමුත්ත පුද්ගලයායි කියනු ලැබේ. මහණෙනි, මම මේ භික්ෂුවටද, අප්‍රමාදයෙන් කටයුතු කළ යුතුයයි කියමි. ඊට හේතු කවරේද? මේ ආයුෂ්මත් තෙමේ සුදුසු සෙනසුන් සේවනය කරමින් කළ්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කරමින්, ඉන්ද්රියයන් සම කරමින්, යමක් නිසා කුලපුත්‍රයො මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙද්ද, මාර්ගබ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති ඒ නිර්වාණය මේ ආත්මයෙහිම තමා නුවණින් දැන ප්රත්යක්ෂ කොට ඊට පැමිණ වාසය කරන්නේ නම් යෙහෙකැයි (කියායි). මහණෙනි, මම මේ භික්ෂුවගේ මේ අප්‍රමාද ඵලය දකිමින් අප්‍රමාදයෙන් (කටයුතු) කළ යුතුයයි කියමි.
“මහණෙනි, ධම්මානුසාරී පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපාවචර ධ්‍යානයන් ඉක්මවා යම් ඒ ශාන්ත විමොක්ෂයයි කියන ලද අරූපාවචර ධ්‍යානයෝ වෙත්ද, ඒ අරූප ධ්‍යානයන් නාම කයින් ස්පර්ශ නොකොට වාසය කරයිද, ඔහුගේ නුවණින් දැක ආශ්‍රවයෝ ක්ෂය නොවූවාහු වෙත්ද, තථාගතයන් වහන්සේ විසින් දැනගන්නා ලද ධර්මය ඔහුගේ නුවණින් පමණකින් දැකීමට පැමිණෙත්. තවද ඔහුට මේ ධර්මයෝ වෙත්, කවරහුද? සද්ධින්ද්රිය, විරියින්ද්රිය, සතින්ද්රිය, සමාධින්ද්රිය, පඤ්චෙන්ද්රිය ය (යන මොහුයි) මහණෙනි, මේ තෙමේ ධම්මානුසාරි පුද්ගලයායයි කියනු ලැබේ. මහණෙනි, මම මේ භික්ෂුවටද අප්‍රමාදයෙන් කටයුතු කළයුතුයයි කියමි. ඊට හේතු කවරේද? මේ ආයුෂ්මත් තෙමේ සුදුසු සෙනසුන් සේවනය කරමින් කළ්‍යාණ මිත්‍රයන්, ආශ්‍රය කරමින්, ඉන්ද්‍රියන් සමකරමින් යමක් නිසා කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයිද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති ඒ නිර්වාණය මේ ආත්මයෙහි තමා නුවණින් දැන ප්රත්යක්ෂ කොට ඊට පැමිණ වාසය කරන්නේ නම් යෙහෙකැයි (කියායි). මහණෙනි, මම මේ භික්ෂුවගේ අප්‍රමාද ඵලය දකිමින් අප්‍රමාදයෙන් කටයුතු කළයුතුයයි කියමි.
“මහණෙනි, සද්ධානුසාරී පුද්ගලයා නම් කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපාවචර ධ්‍යානයන් ඉක්මවා යම් ඒ ශාන්ත විමොක්ෂයයි කියන ලද අරූපාවචර ධ්‍යානයෝ වෙත්ද, ඒ අරූප ධ්‍යානයන් නාම කයින් ස්පර්ශ කොට වාසය නොකරයිද, ඔහුගේ නුවණින් දැක ආශ්‍රවයෝ ක්ෂය නොවූවාහු වෙත්ද, තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පමණක් භක්තිය පමණක් වෙයිද, තවද ඔහුට මේ ධර්මයෝ වෙත්, එනම් සද්ධින්ද්රිය, විරියින්ද්රිය සතින්ද්රිය, සමාධින්ද්රිය, පඤ්ඤින්ද්රිය (යන මොහුයි) මහණෙනි, මේ තෙමේ සද්ධානුසාරී පුද්ගලයායි කියනු ලැබේ. මහණෙනි. මම මේ භික්ෂුවට අප්‍රමාදයෙන් කටයුතු කළ යුතුයයි කියමි. ඊට හේතු කවරේද?
මේ ආයුෂ්මතෙමේ සුදුසු සෙනසුන් සේවනය කරමින් කළ්‍යාණ මිත්‍රයන්, ආශ්‍රය කරමින්, ඉන්ද්රියයන් සමකරමින්, යමක් නිසා කුල පුත්‍රයෝ මනා කොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, මාර්ගබ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති ඒ නිර්වාණය මේ ආත්මයෙහිම තමා නුවණින් දැන ප්රත්යක්ෂ කොට ඊට පැමිණ වාසය කරන්නේ නම් යෙහෙකැයි (කියායි) මහණෙනි, මම මේ භික්ෂුවගේ අප්‍රමාද ඵලය දකිමින් අප්‍රමාදයෙන් කටයුතු කළ යුතුයයි කියමි.
|
183
‘‘නාහං, භික්ඛවෙ, ආදිකෙනෙව අඤ්ඤාරාධනං වදාමි; අපි ච, භික්ඛවෙ, අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බපටිපදා
|
183
“මහණෙනි, මම එක්වරටම රහත්වීම නොකියමි. එසේවුවත් මහණෙනි, පිළිවෙළින් හික්මීමෙන්, පිළිවෙළින් කටයුතු කිරීමෙන් පිළිවෙළින් පිළිවෙත් පිරීමෙන් රහත් බවට පැමිණීම වේ.
“මහණෙනි, කෙසේ පිළිවෙළින් හික්මීමෙන් පිළිවෙළින් කටයුතු කිරීමෙන් පිළිවෙළින් පිළිවෙත් පිරීමෙන් රහත් බවට පැමිණීම වේද? මහණෙනි, මේ ශාසනයෙහි ශ්‍රද්ධාව හටගත් තැනැත්තේ ගුරුන්වෙත එළඹෙයි, ගුරුන්වෙත එළඹුනේ, ආශ්‍රය කරයි. ආශ්‍රය කරන්නේ, කණ එළවා තබයි, කණ එළවා තැබූයේ, බණ අසයි, බණ අසා දරාගනියි, දරාගන්නේ ධර්මයන්ගේ අර්ථය සලකා බලයි, අර්ථය සලකා බලන්නේ වැටහෙන නුවණ උපදියි. වැටහෙන නුවණ ඇතිවූ කල්හි කැමැත්ත ඇතිවෙයි, කැමැත්ත ඇත්තේ, උත්සාහ කරයි. උත්සාහ කොට අනිත්‍ය දුඃඛ අනාත්මයයි විමසාබලයි. විමසා බලා දැන මාර්ගය ලැබීමට උත්සාහ කරයි. මාර්ගය ලැබීමට උත්සාහ කළේ නාමකයින් නිවන්සුව අවබෝධ කරයි. මාර්ග ප්‍රඥාවෙන් විනිවිද බලයි, මහණෙනි, ඒ ශ්‍රද්ධාව නොවීද, මහණෙනි, ඒ ගුරුන්වෙත එළඹීමද, නොවීද මහණෙනි, ඒ ආශ්‍රය නොවේද, මහණෙනි, ඒ කණ එළවා තැබීමද නොවේ. මහණෙනි, ඒ බණ ඇසීම නොවීද, මහණෙනි ඒ ධර්මය දැරීමද, නොවේ. මහණෙනි, ඒ දරන ලද ධර්මයාගේ අර්ථය සලකා බැලීම නොවේද, මහණෙනි, ඒ ධර්මය වටහා ගත් නුවණ නොවේ, මහණෙනි, ඒ කැමැත්ත නොවීද, මහණෙනි, ඒ උත්සාහය නොවේ, මහණෙනි, ඒ විමසා බැලීම නොවීද, මහණෙනි, ඒ මාර්ගය ලැබීමේ උත්සාහය නොවේ. මහණෙනි, විරුද්ධව පිළිපන්නෝ වූවාහුය. මහණෙනි, වරදවා පිළිපන්නෝ වූවාහුය, මහණෙනි, මේ හිස් පුරුෂයෝ කොතරම් දුර මේ ශාසනයෙන් පහවගියාහු වෙත්ද?
|
184
‘‘අත්ථි
ඉදමවොච
|
184
“මහණෙනි, මේ උදෙසීමක් (-කොටින් කීමක්) හේතු කොට ගෙන නුවණ ඇති පුරුෂ තෙමේ නොබෝ කලකින් නුවණින් අර්ථය (-කාරණය) දනීද, ඒ සතර පද (චතුස් සත්‍ය) ප්‍රකාශයක් ඇත්තේය.
“මහණෙනි, තොපට (එය) කොටින් කියමි. එය දැනගණිව්” “ස්වාමීනි, අපි කවුරුද, ධර්මය දැන ගන්නෝ කවුරුද” (අපි ධර්මය දැනගැනීමට තරම් නොවෙමු යන අදහසයි) “මහණෙනි, යම් ඒ ශාස්තෘවරයෙක් ආමිෂය ගරු කොට ඇත්තේ, ආමිෂය දායාද කොට ඇත්තේ. ආමිෂයෙහි ඇලී වසයිද, ඔහුගේ ධර්මයෙහිද, ‘අපට මෙසේ වන්නේ නම් මෙසේ කරන්නෙමු. අපට එසේ නොවන්නේ නම් එය නොකරන්නෙමුය’යි මෙවැනි මිළ නියම කිරීමක් හා අඩුවෙන් ඉල්ලීමක් නැත.
“මහණෙනි, කිමෙක්ද? තථාගතතෙම සර්වප්රකාරයෙන් ආමිෂයෙන් වෙන්ව වසන්නේ නොවේද? (ඒ තථාගතයන්ගේ ශාසනයෙහි එවැනි මිළ නියම කිරීමක් හෝ අඩුකර ඉල්ලීමක් කෙසේ නම් යෙදෙන්නේ?) මහණෙනි, ශාස්තෲන් වහන්සේගේ අනුශාසනයන් උසස් කොට ගෙණ ගන්නා සැදැහැවත් ශ්‍රාවකයාගේ මේ ස්වභාවය වෙයි. භාග්‍යවතුන් වහන්සේ ශාස්තෘ වෙයි. මම ශ්‍රාවක වෙමි. භාග්‍යවතුන් වහන්සේ දනී. මම නොදනිමි.
“මහණෙනි, ශාස්තෲන් වහන්සේගේ අනුශාසනයන් උසස්කොට ගන්නා ශ්රාවකයා නිසා ශාස්තෘ ශාසනය දියුණු වේ. ඕජාවත් වේ.
“මහණෙනි, ශාස්තෲන් වහන්සේගේ අනුශාසනයන් උසස් කොට ගන්නා සැදැහැවත් කුලපුත්‍රයාගේ මේ ස්වභාව වේ. ‘ඒකාන්තයෙන් ශරීරයෙහි සම, නහර, ඇට, ඉතිරිවේවා මස් ලේ වියලේවා, යම් ඒ පුරුෂ ශක්තියකින් පුරුෂ වීර්යයකින්, පුරුෂ පරාක්රමයකින්, යමකට පැමිණිය යුතුද, ඊට නොපැමිණ වීර්යයාගේ නැවැත්මක් නොවන්නේය. (කියායි)
“මහණෙනි, ශාස්තෘ ශාසනයන් උසස් කොට ගන්නා සැදැහැවත් කුලපුත්‍රයා දෙවදෑරුම් ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතු. මේ අත්බැව්හි රහත් බව හෝ ස්කන්ධය ඉතිරිව ඇතිකල්හි අනාගාමි බව හෝ ය.”
භාග්‍යවතුන් වහන්සේ මෙය දෙසූ සේක. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ කීමට සතුටු වූහ.
|