ත්‍රිපිටකය
2. භික්ඛුවග්ගො 2. භික්ෂු වර්ගය
1. අම්බලට්ඨිකරාහුලොවාදසුත්තං 1. අම්බලට්ඨික රාහුලොවාද සූත්‍රය
2. මහාරාහුලොවාදසුත්තං 2. මහා රාහුලොවාද සූත්‍රය
3. චූළමාලුක්‍යසුත්තං 3. චූල මාලුංක්‍ය සූත්‍රය
4. මහාමාලුක්‍යසුත්තං 4. මහා මාලුංක්‍ය සූත්‍රය
129
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘භික්ඛවො’’ති. ‘‘භදන්තෙ’’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච - ‘‘ධාරෙථ නො තුම්හෙ, භික්ඛවෙ, මයා දෙසිතානි පඤ්චොරම්භාගියානි සංයොජනානී’’ති?
එවං වුත්තෙ, ආයස්මා මාලුක්‍යපුත්තො භගවන්තං එතදවොච - ‘‘අහං ඛො, භන්තෙ, ධාරෙමි භගවතා දෙසිතානි පඤ්චොරම්භාගියානි සංයොජනානී’’ති. ‘‘යථා කථං පන ත්වං, මාලුක්‍යපුත්ත, ධාරෙසි මයා දෙසිතානි පඤ්චොරම්භාගියානි සංයොජනානී’’ති? ‘‘සක්කායදිට්ඨිං ඛො අහං, භන්තෙ, භගවතා ඔරම්භාගියං සංයොජනං දෙසිතං ධාරෙමි; විචිකිච්ඡං ඛො අහං, භන්තෙ, භගවතා ඔරම්භාගියං සංයොජනං දෙසිතං ධාරෙමි; සීලබ්බතපරාමාසං ඛො අහං, භන්තෙ, භගවතා ඔරම්භාගියං සංයොජනං දෙසිතං ධාරෙමි; කාමච්ඡන්දං ඛො අහං, භන්තෙ, භගවතා ඔරම්භාගියං සංයොජනං දෙසිතං ධාරෙමි; බ්‍යාපාදං ඛො අහං, භන්තෙ, භගවතා ඔරම්භාගියං සංයොජනං දෙසිතං ධාරෙමි. එවං ඛො අහං, භන්තෙ, ධාරෙමි භගවතා දෙසිතානි පඤ්චොරම්භාගියානි සංයොජනානී’’ති.
‘‘කස්ස ඛො නාම ත්වං, මාලුක්‍යපුත්ත, ඉමානි එවං පඤ්චොරම්භාගියානි සංයොජනානි දෙසිතානි ධාරෙසි? නනු, මාලුක්‍යපුත්ත , අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා ඉමිනා තරුණූපමෙන උපාරම්භෙන උපාරම්භිස්සන්ති? දහරස්ස හි, මාලුක්‍යපුත්ත, කුමාරස්ස මන්දස්ස උත්තානසෙය්‍යකස්ස සක්කායොතිපි න හොති, කුතො පනස්ස උප්පජ්ජිස්සති සක්කායදිට්ඨි? අනුසෙත්වෙවස්ස (අනුසෙති ත්වෙවස්ස (සී. පී.)) සක්කායදිට්ඨානුසයො. දහරස්ස හි, මාලුක්‍යපුත්ත, කුමාරස්ස මන්දස්ස උත්තානසෙය්‍යකස්ස ධම්මාතිපි න හොති, කුතො පනස්ස උප්පජ්ජිස්සති ධම්මෙසු විචිකිච්ඡා? අනුසෙත්වෙවස්ස විචිකිච්ඡානුසයො. දහරස්ස හි, මාලුක්‍යපුත්ත, කුමාරස්ස මන්දස්ස උත්තානසෙය්‍යකස්ස සීලාතිපි න හොති, කුතො පනස්ස උප්පජ්ජිස්සති සීලෙසු සීලබ්බතපරාමාසො? අනුසෙත්වෙවස්ස සීලබ්බතපරාමාසානුසයො . දහරස්ස හි, මාලුක්‍යපුත්ත, කුමාරස්ස මන්දස්ස උත්තානසෙය්‍යකස්ස කාමාතිපි න හොති, කුතො පනස්ස උප්පජ්ජිස්සති කාමෙසු කාමච්ඡන්දො? අනුසෙත්වෙවස්ස කාමරාගානුසයො. දහරස්ස හි, මාලුක්‍යපුත්ත, කුමාරස්ස මන්දස්ස උත්තානසෙය්‍යකස්ස සත්තාතිපි න හොති, කුතො පනස්ස උප්පජ්ජිස්සති සත්තෙසු බ්‍යාපාදො? අනුසෙත්වෙවස්ස බ්‍යාපාදානුසයො. නනු, මාලුක්‍යපුත්ත, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා ඉමිනා තරුණූපමෙන උපාරම්භෙන උපාරම්භිස්සන්තී’’ති? එවං වුත්තෙ, ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච - ‘‘එතස්ස, භගවා, කාලො, එතස්ස, සුගත, කාලො යං භගවා පඤ්චොරම්භාගියානි සංයොජනානි දෙසෙය්‍ය. භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තී’’ති. ‘‘තෙන හානන්ද, සුණාහි, සාධුකං මනසි කරොහි; භාසිස්සාමී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච -
129
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවත් නුවර අනේපිඬු මහ සිටුහුගේ ජේතවන නම්වූ ආරාමයෙහි වැස වාසය කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂූන්ට කථාකළහ. “ස්වාමීනි”යි භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනයට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.
“මහණෙනි, තොපි මා විසින් දෙසන ලද ඔරම්භාගීය සංයෝජනයන් (යට කොටසයයි කියනු ලබන කාම ලෝකය භජනය කරන සංයෝජනයන්) දරන්නා හුද”
මෙසේ ඇසූ කල්හි මාලුංක්‍ය පුත්‍ර ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය.
“ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසනලද පඤ්ච ඔරම්භාගීය සංයෝජනයන් සිතින් දරමි.”
“මාලුංක්‍ය පුත්‍රය, තෙපි මා විසින් දෙසනලද පඤ්චඔරම්භාගීය සංයෝජනයන් කෙසේ දරන්නා හුද”
“ස්වාමීනි, මම ආත්මයක් ඇත යන භාග්‍යවතුන් වහන්සේ විසින් ඔරම්භාගීය සංයෝජනය වශයෙන් දේශනා කරන ලද සක්කාය දිට්ඨිය දරමි. ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් ඔරම්භාගිය සංයෝජන වශයෙන් වදාළ විචිකිච්ඡාව දරමි ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසනාකළ ඔරම්භාගීය සංයෝජන වශයෙන් සීලබ්බත පරමාසය දරමි. ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් ඔරම්භාගිය සංයෝජන වශයෙන් දේශනාකළ කාමච්ඡන්දය දරමි.
“ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් ඔරම්භාගිය සංයෝජන වශයෙන් වදාළ ව්‍යාපාදය දරමි. ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද පඤ්චඔරම්භාගීය සංයෝජනයන් මෙසේ දරමි.”
“මාලුංක්‍ය පුත්‍රය තොප මා විසින් කවරෙකුට දෙසන ලද පඤ්චඔරම්භාගිය සංයෝජනයන් මෙසේ දරයිද? මාලුංක්‍ය පුත්‍රය, අන්‍ය දෘෂ්ටික පැවිද්දෝ දොස් නගත හැකි මේ ළදරු උපමාවෙන් දොස් නගන්නාහු නොවෙත්ද? (කෙසේද) මාලුංක්‍ය පුත්‍රය, උඩුකුරුව නිදන බිළිඳු කුඩා දරුවෙකුට ස්වකීය ශරීරය යන හැඟීමක් නැත. ඔහුට මම යන දෘෂ්ටියක් කොහින් උපදීද? ඔහුට අනුශය වසයෙන් පවත්නා සක්කාය දෘෂ්ටියම ඇත්තේය. මාලුංක්‍ය පුත්‍රය, උඩුකුරුව නිදන බිලිඳු කුඩා දරුවෙකුට ධර්මයෝයයි හැඟීමක් නැත. ධර්මයන්හි සැකයක් කොයින් උපදීද? ඔහුට අනුශය වශයෙන් පවත්නා විචිකිච්ඡාවම ඇත්තීය. මාලුංක්‍ය පුත්‍රය, උඩුකුරුව නිදන බිලිඳු කුඩා දරුවෙකුට සීලයයි හැඟීමක් නැත. ඔහුට වරදවා ගන්නා සීලයක් ව්‍රතයක් කොහින් උපදීද? අනුශය වශයෙන් පවත්නා සීලබ්බතපරාමාසයම ඇත්තේය. මාලුංක්‍ය පුත්‍රය, උඩුකුරුව නිදන බිළිඳු කුඩා දරුවෙකුට කාමයයි හැඟීමක් නැත. ඔහුට කාමයෙහි කැමැත්ත කොහින් උපදීද? ඔහුට අනුශය වශයෙන් පවත්නා කාමච්ඡන්දයම ඇත්තේය මාලුංක්‍ය පුත්‍රය, උඩුකුරුව නිදන බිළිඳු දරුවෙකුට සත්වයෝයයි හැඟීමක් නැත. එවිට සත්වයන් කෙරෙහි කෝපයක් කොයින් උපදින්නේද? ඔහුට අනුශය වශයෙන් පවත්නා ව්‍යාපාදයම ඇත්තේය. මාලුංක්‍ය පුත්‍රය, අන්‍ය දෘෂ්ටික පැවිද්දෝ දොස් නගන හැකි මේ ළදරු උපමාවෙන් දොස් නගන්නාහු නොවෙත්ද?”
මෙසේ කී කල්හි ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය. “භාග්‍යවතුන් වහන්සේ යම් හෙයකින් පඤ්චඔරම්භාගීය සංයෝජනයන් දෙසත් ද භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරත්ද, (-ඉගෙණ ගණිත්ද) භාග්‍යවතුන් වහන්ස, මේ එයට කාලයයි. සුගතයන් වහන්ස, මේ එයට කාලයයි.”
“ආනන්දය, එසේ නම් අසව, හොඳින් සිහි කරව. කියන්නෙමි,” “එසේය, ස්වාමීනි”යි ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළෝය.
130
‘‘ඉධානන්ද , අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො, සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො සක්කායදිට්ඨිපරියුට්ඨිතෙන චෙතසා විහරති සක්කායදිට්ඨිපරෙතෙන; උප්පන්නාය ච සක්කායදිට්ඨියා නිස්සරණං යථාභූතං නප්පජානාති. තස්ස සා සක්කායදිට්ඨි ථාමගතා අප්පටිවිනීතා ඔරම්භාගියං සංයොජනං. විචිකිච්ඡාපරියුට්ඨිතෙන චෙතසා විහරති විචිකිච්ඡාපරෙතෙන; උප්පන්නාය ච විචිකිච්ඡාය නිස්සරණං යථාභූතං නප්පජානාති. තස්ස සා විචිකිච්ඡා ථාමගතා අප්පටිවිනීතා ඔරම්භාගියං සංයොජනං. සීලබ්බතපරාමාසපරියුට්ඨිතෙන චෙතසා විහරති සීලබ්බතපරාමාසපරෙතෙන; උප්පන්නස්ස ච සීලබ්බතපරාමාසස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති. තස්ස සො සීලබ්බතපරාමාසො ථාමගතො අප්පටිවිනීතො ඔරම්භාගියං සංයොජනං. කාමරාගපරියුට්ඨිතෙන චෙතසා විහරති කාමරාගපරෙතෙන ; උප්පන්නස්ස ච කාමරාගස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති. තස්ස සො කාමරාගො ථාමගතො අප්පටිවිනීතො ඔරම්භාගියං සංයොජනං. බ්‍යාපාදපරියුට්ඨිතෙන චෙතසා විහරති බ්‍යාපාදපරෙතෙන; උප්පන්නස්ස ච බ්‍යාපාදස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති. තස්ස සො බ්‍යාපාදො ථාමගතො අප්පටිවිනීතො ඔරම්භාගියං සංයොජනං.
130
“ආනන්දය, මේ ලෝකයෙහි ආර්‍ය්‍යයන් නොදක්නා, ආර්‍ය්‍ය ධර්මයෙහි අදක්ෂ, ආර්‍ය්‍ය ධර්මයෙහි නොහික්මුනු, නොදක්නා සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂ, සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණු, නූගත් පෘථග්ජනයා සත්කාය දෘෂ්ටියෙන් මඩනාලදුව උපන් සත්කාය දෘෂ්ටිය ඇති සිතින් වාසය කරයිද, උපන් සත්කාය දෘෂ්ටියගේ නැතිකිරීම ඇතිසැටියෙන් නොදනීද, ශක්තිමත්වූ දුරුකිරීමට අපහසුවූ ඔහුගේ සක්කාය දිට්ඨිය ඔරම්භාගීය සංයෝජනයක් වෙයි.
“සැකයෙන් මඩනාලදුව, උපන් සැකය ඇති සිතින් වාසය කරයිද, උපන් සැකයේ නැති කිරීම ඇතිසැටියෙන් නොදනීද, ශක්තිමත්වූ දුරුකිරීමට අපහසුවූ ඔහුගේ විචිකිච්ඡාව ඔරම්භාගීය සංයෝජනයක් වෙයි.
“සීලබ්බත පරාමාසයෙන් මඩනා ලදුව, උපන් සීලබ්බත පරමාශය ඇති සිතින් වාසය කරයිද. උපන් ශීලව්‍රත පරාමාශයේ නැති කිරීම ඇතිසැටියෙන් නොදනීද, ශක්තිමත්වූ දුරු කිරීමට අපහසුවූ ඔහුගේ සීලබ්බත පරාමාසය ඔරම්භාගීය සංයෝජනයක් වෙයි.
“කාම රාගයෙන් මඩනා ලදුව, උපන් කාම රාගයෙන් යුත් සිතින් වාසය කරයිද, උපන් කාම රාගයේ නැති කිරීම ඇතිසැටියෙන් නොදනීද, ශක්තිමත්වූ දුරු කිරීමට අපහසුවූ ඔහුගේ ඡන්ද රාගය ඔරම්භාගීය සංයෝජනයක්වේ.
“කෝපයෙන් මඩනා ලදුව, උපන් කෝපයෙන් යුත් සිතින් වාසය කරයිද, උපන් කෝපයේ නැති කිරීම නොදනී, ශක්තිමත්වූ දුරු කිරීමට අපහසුවූ ඔහුගේ ව්‍යාපාදය ඔරම්භාගීය සංයෝජනයක් වෙයි.
131
‘‘සුතවා ච ඛො, ආනන්ද, අරියසාවකො අරියානං දස්සාවී අරියධම්මස්ස කොවිදො අරියධම්මෙ සුවිනීතො, සප්පුරිසානං දස්සාවී සප්පුරිසධම්මස්ස කොවිදො සප්පුරිසධම්මෙ සුවිනීතො න සක්කායදිට්ඨිපරියුට්ඨිතෙන චෙතසා විහරති න සක්කායදිට්ඨිපරෙතෙන; උප්පන්නාය ච සක්කායදිට්ඨියා නිස්සරණං යථාභූතං පජානාති. තස්ස සා සක්කායදිට්ඨි සානුසයා පහීයති. න විචිකිච්ඡාපරියුට්ඨිතෙන චෙතසා විහරති න විචිකිච්ඡාපරෙතෙන; උප්පන්නාය ච විචිකිච්ඡාය නිස්සරණං යථාභූතං පජානාති. තස්ස සා විචිකිච්ඡා සානුසයා පහීයති. න සීලබ්බතපරාමාසපරියුට්ඨිතෙන චෙතසා විහරති න සීලබ්බතපරාමාසපරෙතෙන; උප්පන්නස්ස ච සීලබ්බතපරාමාසස්ස නිස්සරණං යථාභූතං පජානාති. තස්ස සො සීලබ්බතපරාමාසො සානුසයො පහීයති. න කාමරාගපරියුට්ඨිතෙන චෙතසා විහරති න කාමරාගපරෙතෙන; උප්පන්නස්ස ච කාමරාගස්ස නිස්සරණං යථාභූතං පජානාති. තස්ස සො කාමරාගො සානුසයො පහීයති . න බ්‍යාපාදපරියුට්ඨිතෙන චෙතසා විහරති න බ්‍යාපාදපරෙතෙන; උප්පන්නස්ස ච බ්‍යාපාදස්ස නිස්සරණං යථාභූතං පජානාති. තස්ස සො බ්‍යාපාදො සානුසයො පහීයති.
131
“ආනන්දය, ලෝකයෙහි ආර්‍ය්‍යයන් දක්නා ආර්‍ය්‍ය ධර්මයෙහි දක්ෂ ආර්‍ය්‍ය ධර්මයෙහි හික්මුනු සත්පුරුෂයන් දක්නා සත්පුරුෂ ධර්මයෙහි දක්ෂ සත්පුරුෂ ධර්මයෙහි හික්මුනු උගත් ආර්‍ය්‍ය ශ්‍රාවකයා සත්කායදෘෂ්ටියෙන් නොමඩනා ලද, සත්කායදෘෂ්ටිය නූපන් සිතින් වාසය කරයිද, උපන් සත්කාය දෘෂ්ටි නැති කිරීම ඇතිසැටියෙන් දනීද අනුශය සහිතවූ ඔහුගේ ඒ සත්කායදෘෂ්ටිය නැතිවී යන්නේය.
“සැකයෙන් නොමඬනා ලද, සැකය නූපන් සිතින් වාසය කරයි. උපන් සැකයේ නැති කිරීම ඇතිසැටියෙන් දනී. ඔහුගේ අනුශය සහිතවූ ඒ සැකය නැතිවීයයි,
“ශීලව්‍රත පරාමාශයෙන් නොමඩනා ලද, ශීලව්‍රත පරාමාශය නූපන් සිතින් වාසය කරයි. උපන්නාවූ ශීලව්‍රත පරාමාශයේ නැති කිරීම ඇතිසැටියෙන් දනී. ඔහුගේ අනුශය සහිතවූ ඒ ශීලව්‍රත පරාමාශය නැතිවී යන්නේය.
“කාම රාගයෙන් නොමඩනා ලද, නූපන් කාම රාගය ඇති සිතින් වාසය කරයි. උපන් කාම රාගයේ නැති කිරීම ඇතිසැටියෙන් දනී, ඔහුගේ අනුශය සහිත ඒ කාම රාගය නැතිවී යයි.
“කෝපයෙන් නොමඩනා ලද, නූපන් කෝපය ඇති සිතින් වාසය කරයි. උපන් කෝපයේ නැති කිරීම ඇතිසැටියෙන් දනී, ඔහුගේ අනුශය සහිත ඒ කෝපය නැතිවීයයි.
132
‘‘යො, ආනන්ද, මග්ගො යා පටිපදා පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පහානාය තං මග්ගං තං පටිපදං අනාගම්ම පඤ්චොරම්භාගියානි සංයොජනානි ඤස්සති වා දක්ඛති වා පජහිස්සති වාති - නෙතං ඨානං විජ්ජති. සෙය්‍යථාපි, ආනන්ද, මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො තචං අච්ඡෙත්වා ඵෙග්ගුං අච්ඡෙත්වා සාරච්ඡෙදො භවිස්සතීති - නෙතං ඨානං විජ්ජති; එවමෙව ඛො, ආනන්ද, යො මග්ගො යා පටිපදා පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පහානාය තං මග්ගං තං පටිපදං අනාගම්ම පඤ්චොරම්භාගියානි සංයොජනානි ඤස්සති වා දක්ඛති වා පජහිස්සති වාති - නෙතං ඨානං විජ්ජති.
‘‘යො ච ඛො, ආනන්ද, මග්ගො යා පටිපදා පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පහානාය තං මග්ගං තං පටිපදං ආගම්ම පඤ්චොරම්භාගියානි සංයොජනානි ඤස්සති වා දක්ඛති වා පජහිස්සති වාති - ඨානමෙතං විජ්ජති. සෙය්‍යථාපි, ආනන්ද, මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො තචං ඡෙත්වා ඵෙග්ගුං ඡෙත්වා සාරච්ඡෙදො භවිස්සතීති - ඨානමෙතං විජ්ජති; එවමෙව ඛො, ආනන්ද, යො මග්ගො යා පටිපදා පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පහානාය තං මග්ගං තං පටිපදං ආගම්ම පඤ්චොරම්භාගියානි සංයොජනානි ඤස්සති වා දක්ඛති වා පජහිස්සති වාති - ඨානමෙතං විජ්ජති. සෙය්‍යථාපි, ආනන්ද, ගඞ්ගා නදී පූරා උදකස්ස සමතිත්තිකා කාකපෙය්‍යා. අථ දුබ්බලකො පුරිසො ආගච්ඡෙය්‍ය - ‘අහං ඉමිස්සා ගඞ්ගාය නදියා තිරියං බාහාය සොතං ඡෙත්වා සොත්ථිනා පාරං ගච්ඡිස්සාමී’ති (ගච්ඡාමීති (සී. පී.)); සො න සක්කුණෙය්‍ය ගඞ්ගාය නදියා තිරියං බාහාය සොතං ඡෙත්වා සොත්ථිනා පාරං ගන්තුං. එවමෙව ඛො, ආනන්ද, යෙසං කෙසඤ්චි (යස්ස කස්සචි (සබ්බත්ථ)) සක්කායනිරොධාය ධම්මෙ දෙසියමානෙ චිත්තං න පක්ඛන්දති නප්පසීදති න සන්තිට්ඨති න විමුච්චති; සෙය්‍යථාපි සො දුබ්බලකො පුරිසො එවමෙතෙ දට්ඨබ්බා. සෙය්‍යථාපි, ආනන්ද, ගඞ්ගා නදී පූරා උදකස්ස සමතිත්තිකා කාකපෙය්‍යා. අථ බලවා පුරිසො ආගච්ඡෙය්‍ය - ‘අහං ඉමිස්සා ගඞ්ගාය නදියා තිරියං බාහාය සොතං ඡෙත්වා සොත්ථිනා පාරං ගච්ඡිස්සාමී’ති; සො සක්කුණෙය්‍ය ගඞ්ගාය නදියා තිරියං බාහාය සොතං ඡෙත්වා සොත්ථිනා පාරං ගන්තුං. එවමෙව ඛො, ආනන්ද, යෙසං කෙසඤ්චි සක්කායනිරොධාය ධම්මෙ දෙසියමානෙ චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති විමුච්චති; සෙය්‍යථාපි සො බලවා පුරිසො එවමෙතෙ දට්ඨබ්බා.
132
“ආනන්දය, පඤ්චොරම්භාගීය සංයෝජනයන් නැති කිරීමට යම් මගක්, යම් පිළිපැදීමක් වේද ඒ මගට ඒ පිළිපැදීමට නොපැමිණ පඤ්චොරම්භාගීය සංයෝජනයන් දැනගන්නේය හෝ දක්නේය හෝ පහකරන්නේය හෝ යන මේ කාරණය සිදු නොවන්නකි.
“ආනන්දය, යම්සේ කෙලින් සිටින හරය ඇති මහ ගසක පොත්ත නොසිඳ එලය නොසිඳ හරය කපන්නේය යන මේ කාරණය සිදුනොවන්නක් වේද, ආනන්දය, එපරිද්දෙන්ම පඤ්චොරම්භාගීය සංයෝජනයන් නැතිකිරීමට යම් මගක් යම් පිළිපැදීමක් වේද ඒ මගට ඒ පිළිපැදීමට නොපැමිණ පඤ්චොරම්භාගීය සංයෝජනයන් දැනගන්නේය හෝ දකින්නේය හෝ නැතිකරන්නේය හෝ යන මේ කාරණය සිදු නොවන්නකි.
“ආනන්දය, පඤ්චොරම්භාගීය සංයෝජනයන්ගේ නැති කිරීමට යම් මගක් යම් පිළිපැදීමක් වේද, ඒ මගට ඒ පිළිපැදීමට පැමිණ පඤ්චොරම්භාගීය සංයෝජනයන් දැන ගන්නේය, කියා හෝ දකින්නේය කියා හෝ නැති කරන්නේය, කියා හෝ යන මේ කාරණය සිදුවන්නකි.
“ආනන්දය, යම්සේ කෙළින් සිටින හරය ඇති මහ ගසක පොතු කපා එලය කපා හරය කපන්නේය යන මේ කාරණය සිදුවන්නක් වේද, ආනන්දය, එමෙන් පඤ්චොරම්භාගීය සංයෝජනයන් නැති කිරීමට යම් මගක් යම් පිළිපැදීමක් වේද, ඒ මගට ඒ පිළිපැදීමට පැමිණ පඤ්චොරම්භාගීය සංයෝජනයන් දැන ගන්නේය හෝ දකින්නේය හෝ නැති කරන්නේය හෝ යන මේ කාරණය සිදුවන්නකි.
“ආනන්දය, යම්සේ කවුඩෙකුට කර නොනමා පානය කළහැකිසේ දෙඉවුර සමව දිය පිරුණු ගංගාවක්වේද, ඉක්බිති මම මේ ගංගාවේ දිය පහර අතින් සිඳගෙන පහසුවෙන් සරස එතරට යන්නෙමි’යි දුබල මිනිසෙක් එන්නේද ඔහු ගංගාවේ දියපහර අතින් සිඳගෙන පහසුවෙන් සරස එතරට යන්ට නොහැකි වන්නේද, ආනන්දය, එමෙන්ම යම්කිසිවෙකුට සක්කාය දෘෂ්ටිය නැති කිරීමට ධර්මය දේශනා කරණ කල්හි එහි බැස නොගනීද, නොපහදීද, නොසිටීද, (කෙළෙසුන් ගෙන්) නොමිදේද, ඒ දුබල මිනිසා යම්සේද ඔවුහුද එසේද දත යුත්තාහ.
“ආනන්දය, යම්සේ කවුඩෙකුට කර නොනමා පානය කළ හැකිසේ දෙඉවුර සමව දිය පිරුණු ගංගාවක්වේද, ඉක්බිති මම මේ ගංගාවේ දිය පහර අතින් සිඳගෙන පහසුවෙන් සරස එතර යන්නෙමි’යි බලවත් මිනිසෙක් එන්නේය. ඔහු ගංගාවේ දිය පහර අතින් සිඳගෙන පහසුවෙන් එතර යන්ට හැකි වන්නේය. ආනන්දය, එමෙන් යම්කිසි වෙකුට සක්කාය දෘෂ්ටිය නැති කිරීමට ධර්මය දේශනා කරන කල්හි සිත එහි බැසගනියිද, පහදීද, සිටීද, (කෙළෙසුන්ගෙන්) මිදේද, ඒ බලවත් මිනිසා යම්සේද, ඔහුද එසේද දත යුත්තාහ.
133
‘‘කතමො චානන්ද, මග්ගො, කතමා පටිපදා පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පහානාය? ඉධානන්ද, භික්ඛු උපධිවිවෙකා අකුසලානං ධම්මානං පහානා සබ්බසො කායදුට්ඨුල්ලානං පටිප්පස්සද්ධියා විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. සො යදෙව තත්ථ හොති රූපගතං වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං තෙ ධම්මෙ අනිච්චතො දුක්ඛතො රොගතො ගණ්ඩතො සල්ලතො අඝතො ආබාධතො පරතො පලොකතො සුඤ්ඤතො අනත්තතො සමනුපස්සති. සො තෙහි ධම්මෙහි චිත්තං පටිවාපෙති (පටිපාපෙති (ස්‍යා.), පතිට්ඨාපෙති (ක.)). සො තෙහි ධම්මෙහි චිත්තං පටිවාපෙත්වා අමතාය ධාතුයා චිත්තං උපසංහරති - ‘එතං සන්තං එතං පණීතං යදිදං සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හාක්ඛයො විරාගො නිරොධො නිබ්බාන’න්ති. සො තත්ථ ඨිතො ආසවානං ඛයං පාපුණාති; නො චෙ ආසවානං ඛයං පාපුණාති තෙනෙව ධම්මරාගෙන තාය ධම්මනන්දියා පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති, තත්ථ පරිනිබ්බායී, අනාවත්තිධම්මො තස්මා ලොකා. අයම්පි ඛො, ආනන්ද, මග්ගො අයං පටිපදා පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පහානාය.
‘‘පුන චපරං, ආනන්ද, භික්ඛු විතක්කවිචාරානං වූපසමා...පෙ.... දුතියං ඣානං උපසම්පජ්ජ විහරති... තතියං ඣානං... චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සො යදෙව තත්ථ හොති රූපගතං වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං... අනාවත්තිධම්මො තස්මා ලොකා. අයම්පි ඛො, ආනන්ද, මග්ගො අයං පටිපදා පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පහානාය.
‘‘පුන චපරං, ආනන්ද, භික්ඛු සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. සො යදෙව තත්ථ හොති වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං...පෙ.... අනාවත්තිධම්මො තස්මා ලොකා. අයම්පි ඛො, ආනන්ද, මග්ගො අයං පටිපදා පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පහානාය.
‘‘පුන චපරං, ආනන්ද, භික්ඛු සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණ’න්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. සො යදෙව තත්ථ හොති වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං...පෙ.... අනාවත්තිධම්මො තස්මා ලොකා. අයම්පි ඛො, ආනන්ද, මග්ගො අයං පටිපදා පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පහානාය.
‘‘පුන චපරං, ආනන්ද, භික්ඛු සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. සො යදෙව තත්ථ හොති වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං...පෙ.... අනාවත්තිධම්මො තස්මා ලොකා. අයම්පි ඛො, ආනන්ද, මග්ගො අයං පටිපදා පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පහානායා’’ති.
‘‘එසො චෙ, භන්තෙ, මග්ගො එසා පටිපදා පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පහානාය, අථ කිඤ්චරහි ඉධෙකච්චෙ භික්ඛූ චෙතොවිමුත්තිනො එකච්චෙ භික්ඛූ පඤ්ඤාවිමුත්තිනො’’ති? ‘‘එත්ථ ඛො පනෙසාහං (එත්ථ ඛො තෙසාහං (සී. ස්‍යා. කං. පී.)), ආනන්ද, ඉන්ද්‍රියවෙමත්තතං වදාමී’’ති.
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා ආනන්දො භගවතො භාසිතං අභිනන්දීති.
133
“ආනන්දය, පඤ්චොරම්භාගිය සංයෝජනයන් නැති කිරීමේ මාර්ගය කවරේද? පිළිපැදීම කවරීද?
“ආනන්දය, මේ ශාසනයෙහි භික්ෂුව උපධි විවේකයෙන් (-පස්කම් ගුණයෙන් වෙන් වීමෙන්-) අකුසල ධර්මයන්ගෙන් වෙන්ව (-නීවරණයන් දුරලීමෙන්) ශරීරයේ අලස බව සංසිඳවීමෙන්, කාමයන්ගෙන් වෙන්වම, අකුශලයන්ගෙන් තොරව, විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානය පැමිණ වාසය කරයි. ඒ පුද්ගලයා එහි රූපයට අයත් වේදනාවට අයත් සංඥාවට අයත් සංස්කාරයන්ට අයත් විඥානයට අයත් යමක් වේද, ඒ ධර්මයන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝගයක් වශයෙන්, ගඩක් වශයෙන්, හුලක් වශයෙන්, දුකක් වශයෙන් ආබාධයක් වශයෙන්, තමාට අයත් නොවන දෙයක් වශයෙන්, බිඳෙන දෙයක් වශයෙන්, සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් දකී. ඔහු ඒ ධර්මයන්ගෙන් සිත ඉවත් කරයි. ඔහු ඒ ධර්මයන්ගෙන් සිත ඉවත් කොට යම් මේ සියලු සංස්කාරයන්ගේ සංසිඳීමක් වේද, සියලු උපධීන්ගේ දුරලීමක් වේද, තෘෂ්ණාව නැති කිරීමක් වේද, නොඇලීමක් වේද, නැති කිරීමක් වේද, නිර්වාණයක් වේද, මෙය සාන්තය, මෙය ප්‍රණීතයයි අමෘතය නම් නිර්වාණයෙහි සිත යොදවයි. ඔහු එහි සිටියේ ආශ්‍රවයන් ක්ෂයකිරීමට පැමිණෙයි. ආශ්‍රවයන් ක්ෂයකිරීමට නොපැමිණියේ නම් ඒ ධර්මයෙහිම ඇලීමෙන් ඒ ධර්මයෙහි කැමතිවීමෙන් පඤ්චොරම්භාගිය සංයෝජනයන් නැති කිරීමෙන් ඔපපාතික වෙයි. එහි පිරිනිවෙයි. ඒ ලෝකයෙන් නැවත මෙහි නොඑන ස්වභාවය ඇත්තේ වෙයි. ආනන්දය, පඤ්චොරම්භාගිය සංයෝජනයන්ගේ නැති කිරීම පිණිස මේ මාර්ගයයි මේ පිළිපැදීමයි.
“ආනන්දය, නැවත අනිකක් කියමි. භික්ෂුව විතර්ක විචාරයන් සංසිඳවීමෙන් සිතේ සතුට ඇතිකරන සිතේ එකඟ බව ඇති කරණ අවිතර්ක අවිචාර සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඒ පුද්ගලයා එහි රූපයට අයත් වේදනාවට අයත් සංඥාවට අයත් සංස්කාරයන්ට අයත් විඥානයට අයත් යමක්වේද, ඒ ධර්මයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, ගඩක් වශයෙන්, හුලක් වශයෙන්, දුකක් වශයෙන්, ආබාධයක් වශයෙන් තමන්ට අයත් නොවූවක් වශයෙන්, විනාශවන්නක් වශයෙන්, සූන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන් දකී. ඔහු ඒ ධර්මයන්ගෙන් සිත ඉවත් කරයි. ඔහු ඒ ධර්මයන්ගෙන් සිත ඉවත්කොට යම් මේ සියලු සංස්කාරයන්ගේ දුරලීමක් වේද, තණ්හාව නැති කිරීමක් වේද, නොඇලීමක් වේද, නිරුද්ධ කිරීමක් වේද, නිර්වාණයක් වේද මෙය ශාන්තය මෙය ප්‍රණීතය නිර්වාණයයි සිත යොදවයි. ඔහු එහි සිටියේ ආශ්‍රවයන් නැතිකිරීමට පැමිණෙයි. ඉදින් ආශ්‍රවයන් නැති කිරීමට නොපැමිණියේ නම් ඒ ධර්මයෙහි ඇලීමෙන්, ඒ ධර්මය කැමතිවීමෙන් පංච ඔරම්භාගිය සංයෝජනයන් නැති කිරීමෙන් ඔපපාතික වෙයි. එහි පිරිනිවෙයි. ඒ ලෝකයෙන් මෙහි නොඑයි. ආනන්දය, පංචඔරම්භාගිය සංයෝජනයන් නැති කිරීමට මේ මාර්ගයයි, මේ පිළිපැදීමයි.
“ආනන්දය, නැවත අනිකක්ද කියමි. භික්ෂුව ප්‍රීතියේද නොඇලීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කරයිද, සිහියෙන් යුක්තවූයේ නුවණින් යුක්ත වූයේ ශරීරයෙන් සුවය විඳින්නේද යම් ඒ ධ්‍යානයක් උපෙක්ෂා ඇත්තේ සිහි ඇත්තේ සැප විහරණ ඇත්තේයයි ආර්‍ය්‍යයෝ කියද්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඒ පුද්ගලයා එහි රූපයට අයත්, වේදනාවට අයත්, සංඥාවට අයත්, සංස්කාරයන්ට අයත්, විඥානයට අයත් යමක් වේද, ඒ ධර්මයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රොග වශයෙන්, ගඩක් වශයෙන්, හුලක් වශයෙන්, දුකක් වශයෙන්, ආබාධයක් වශයෙන්, තමන්ට අයත් නොවූවක් වශයෙන්, විනාශවන්නක් වශයෙන්, සූන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන් දකී. ඔහු ඒ ධර්මයන් ගෙන් සිත ඉවත් කරයි. ඔහු ඒ ධර්මයන්ගෙන් සිත ඉවත් කොට, යම් මේ සියලු සංස්කාරයන්ගේ දුරලීමක් වේද, තණ්හාව නැති කිරීමක් වේද, නොඇලීමක් වේද, නිරුද්ධ කිරීමක් වේද, නිර්වාණයක් වේද මෙය ශාන්තය මෙය ප්‍රණීතය නිර්වාණයයි සිත යොදවයි. ඔහු එහි සිටියේ ආශ්‍රවයන් ක්ෂය කිරීමට පැමිණෙයි. ඉදින් ආශ්‍රවයන් ක්ෂය කිරීමට නොපැමිණියේ නම්, ඒ ධර්මයෙහි ඇලීමෙන් ඒ ධර්මයෙහි කැමති වීමෙන් පංචඔරම්භාගිය සංයෝජනයන් නැති කිරීමෙන් ඔපපාතික වෙයි. එහි පිරිනිවෙයි. ඒ ලෝකයෙන් මෙහි නොඑයි ආනන්දය, පංච ඔරම්භාගිය සංයෝජන නැති කිරීමට මේ ධර්මයයි, මේ පිළිපැදීමයි.
“ආනන්දය, නැවත අනිකක්ද කියමි. භික්ෂුව සැපය දුරු කිරීමෙන්ද, දුක දුරු කිරීමෙන්ද පළමුව සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන් දුක්ද නොවූ සැපද නොවූ උපෙක්ෂා සිහියෙන් පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඒ පුද්ගලයා එහි රූපයට අයත් වේදනාවට අයත්, සංඥාවට අයත්, සංස්කාරයන්ට අයත්, විඥානයට අයත් යමක් වේද, ඒ ධර්මයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, ගඩක් වශයෙන්, හුලක් වශයෙන්, දුකක් වශයෙන්, ආබාධයක් වශයෙන්, තමන්ට අයත් නොවූවක් වශයෙන්, විනාශ වන්නක් වශයෙන්, සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් දකී. ඔහු ඒ ධර්මයන්ගෙන් සිත ඉවත් කරයි. ඔහු ඒ ධර්මයන් ගෙන් සිත ඉවත් කොට, යම් මේ සියලු සංස්කාරයන්ගේ දුරලීමක් වේද, තණ්හාව නැති කිරීමක් වේද, නො ඇලීමක් වේද, නිරුද්ධ කිරීමක් වේද, නිර්වාණයක් වේද, මෙය ශාන්තය, මෙය ප්‍රණීතය, නිර්වාණයයි සිත යොදවයි. ඔහු එහි සිටියේ ආශ්‍රවයන් ක්ෂය කිරීමට පැමිණෙයි. ඉදින් ආශ්‍රවයන් ක්ෂය කිරීමට නොපැමිණේ නම්, ඒ ධර්මයෙහි ඇලීමෙන්, ඒ ධර්මයෙහි කැමැත්තෙන්, පංච ඔරම්භාගිය සංස්කාරයන් නැති කිරීමෙන් ඔපපාතික වෙයි එහි පිරිනිවෙයි. ඒ ලෝකයෙන් මෙහි නොඑයි. ආනන්දය, පංච ඔරම්භාගිය සංයෝජනයන් නැති කිරීමට මේ මාර්ගයයි, මේ පිළිපැදීමයි.
“ආනන්දය, නැවත අනිකක්ද කියමි. භික්ෂුව සර්වප්‍රකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝ සංඥාවන් දුරලීමෙන් නානත්ත සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ‘ආකාශය අනන්තය’යි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරයි. ඔහු එහි වේදනාවට අයත් සංඥාවට අයත් සංස්කාරයට අයත් විඥානයට අයත් යමක් වේද, ඒ ධර්මයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, ගඩක් වශයෙන්, හුලක් වශයෙන්, දුකක් වශයෙන්, ආබාධයක් වශයෙන්, තමන්ට අයත් නොවූවක් වශයෙන්, විනාශ වන්නක් වශයෙන්, සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් දකී. ඔහු ඒ ධර්මයන්ගෙන් සිත ඉවත් කරයි. ඔහු ඒ ධර්මයන්ගෙන් සිත ඉවත්කොට යම් මේ සියලු සංස්කාරයන්ගේ දුරලීමක්වේද, තණ්හාව නැතිකිරීමක් වේද, නො ඇලීමක් වේද, නිරුද්ධ කිරීමක් වේද, නිර්වාණයක් වේද, මෙය ශාන්තය, මෙය ප්‍රණීතය, නිර්වාණයයි සිත යොදවයි. ඔහු එහි සිටියේ ආශ්‍රවයන් ක්ෂය කිරීමට පැමිණෙයි. ඉදින් ආශ්‍රවයන් ක්ෂය කිරීමට නොපැමිණියේ නම් ඒ ධර්මයෙහි ඇලීමෙන් ඒ ධර්මයෙහි කැමැත්තෙන් පංච ඔරම්භාගිය සංයෝජනයන් නැති කිරීමෙන් ඔපපාතික වෙයි. එහි පිරිනිවෙයි. ඒ ලෝකයෙන් නොඑන ස්වභාව ඇත්තේ වෙයි. ආනන්දය, පඤ්චොරම්භාගිය සංයෝජනයන් නැති කිරීමට මේ මාර්ගයයි, මේ පිළිපැදීමයි.
“ආනන්දය, නැවත අනිකක්ද කියමි. භික්ෂුව සර්වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයි. ඔහු එහි වේදනාවට අයත් සංඥාවට අයත්, සංස්කාරයන්ට අයත්, විඥානයට අයත්, යමක් වේද, ඒ ධර්මයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රොග වශයෙන්, ගඩක් වශයෙන්, හුලක් වශයෙන්, දුකක් වශයෙන්, ආබාධයක් වශයෙන්, තමන්ට අයත් නොවූවක් වශයෙන්, විනාශවන්නක් වශයෙන්, සූන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන් දකී. ඔහු ඒ ධර්මයන්ගෙන් සිත ඉවත් කරයි. ඔහු ඒ ධර්මයන් ගෙන් සිත ඉවත් කොට යම් මේ සියලු සංස්කාරයන්ගේ දුරලීමක් වේද, තණ්හාව නැති කිරීමක් වේද, නො ඇලීමක් වේද, නිරුද්ධ කිරීමක් වේද, නිර්වාණයක් වේද, මෙය ශාන්තය, මෙය ප්‍රණීතය, නිර්වාණයයි, සිත යොදවයි. ඔහු එහි සිටියේ ආශ්‍රවයන් ක්ෂය කිරීමට පැමිණෙයි. ඉදින් ආශ්‍රවයන් ක්ෂය කිරීමට නොපැමිණියේ නම්, ඒ ධර්මයෙහි ඇලීමෙන්, ඒ ධර්මයෙහි කැමැත්තෙන් පංච ඔරම්භාගිය සංයෝජනයන් නැති කිරීමෙන් ඔපපාතික වෙයි. එහි පිරිනිවෙයි. ඒ ලෝකයෙන් නැවත නොඑන ස්වභාවය ඇත්තේ වෙයි. ආනන්දය, පඤ්ච ඔරම්භාගිය සංයෝජනයන් නැති කිරීමට මේ මාර්ගය වෙයි. මේ පිළිපැදීම වෙයි.
“ආනන්දය, නැවත අනිකක්ද කියමි. භික්ෂුව සර්වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. ඔහු එහි වේදනාවට අයත්, සංඥාවට අයත්, සංස්කාරයන්ට අයත්, විඥානයට අයත් යමක් වේද, ඒ ධර්මයන් අනිත්‍යවශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, ගඩක් වශයෙන්, හුලක් වශයෙන්, දුකක් වශයෙන්, ආබාධයක් වශයෙන්, තමන්ට අයත් නොවූවක් වශයෙන්, විනාශ වන්නක් වශයෙන්, සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් දකී. ඔහු ඒ ධර්මයන් ගෙන් සිත ඉවත් කරයි. ඔහු ඒ ධර්මයන් ගෙන් සිත ඉවත් කොට යම් මේ සියලු සංස්කාරයන්ගේ දුරලීමක් වේද, තණ්හාව නැතිකිරීමක් වේද, නො ඇලීමක් වේද, නිරුද්ධ කිරීමක් වේද, නිර්වාණයක් වේද, මෙය ශාන්තය, මෙය ප්‍රණීතය, නිර්වාණයයි සිත යොදවයි. ඔහු එහි සිටියේ ආශ්‍රවයන් ක්ෂය කිරීමට පැමිණෙයි. ඉදින් ආශ්‍රවයන් ක්ෂය කිරීමට නොපැමිණියේ නම් ඒ ධර්මයෙහි ඇලීමෙන්, ඒ ධර්මයෙහි කැමැත්තෙන් පංච ඔරම්භාගිය සංයෝජනයන් නැති කිරීමෙන් ඔපපාතික වෙයි. එහි පිරිනිවෙයි. ඒ ලෝකයෙන් නොඑන ස්වභාව ඇත්තේ වෙයි. ආනන්දය, පඤ්ච ඔරම්භාගිය සංයෝජනයන් නැති කිරීම පිණිස මේ මාර්ගය වේ. මේ පිළිපැදීම වේ.
“ස්වාමීනි, ඉදින් පංච ඔරම්භාගිය සංයෝජනයන් නැති කිරීමට මේ මාර්ගය, මේ පිළිපැදීම වේ නම් කවර හෙයින් ඇතැම් භික්ෂූහු චිත්ත විමුත්තිය ඇත්තාහු, ඇතැම් භික්ෂූහු පඤ්ඤා විමුත්තිය ඇත්තාහු වෙත්ද, ආනන්දය, ඒ කාරණයෙහි මම ඔවුන්ගේ ඉන්ද්‍රියන් පිළිබඳ වෙනස් බවයයි කියමි.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටු සිත් ඇති ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ කීමට සතුටු වූහ.
5. භද්දාලිසුත්තං 5. භද්දාලි සූත්‍රය
6. ලටුකිකොපමසුත්තං 6. ලටුකිකොපම සූත්‍රය
7. චාතුමසුත්තං 7. චාතුම සූත්‍රය
8. නළකපානසුත්තං 8. නලකපාන සූත්‍රය
9. ගොලියානිසුත්තං 9. ගුලිස්සානි සූත්‍රය
10. කීටාගිරිසුත්තං 10. කීටාගිරි සූත්‍රය