ත්‍රිපිටකය
2. භික්ඛුවග්ගො 2. භික්ෂු වර්ගය
1. අම්බලට්ඨිකරාහුලොවාදසුත්තං 1. අම්බලට්ඨික රාහුලොවාද සූත්‍රය
2. මහාරාහුලොවාදසුත්තං 2. මහා රාහුලොවාද සූත්‍රය
113
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. ආයස්මාපි ඛො රාහුලො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය භගවන්තං පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධි. අථ ඛො භගවා අපලොකෙත්වා ආයස්මන්තං රාහුලං ආමන්තෙසි - ‘‘යං කිඤ්චි, රාහුල, රූපං - අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා - සබ්බං රූපං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බ’’න්ති. ‘‘රූපමෙව නු ඛො, භගවා, රූපමෙව නු ඛො, සුගතා’’ති? ‘‘රූපම්පි, රාහුල, වෙදනාපි, රාහුල, සඤ්ඤාපි, රාහුල, සඞ්ඛාරාපි, රාහුල, විඤ්ඤාණම්පි, රාහුලා’’ති. අථ ඛො ආයස්මා රාහුලො ‘‘කො නජ්ජ (කො නුජ්ජ (ස්‍යා. කං.)) භගවතා සම්මුඛා ඔවාදෙන ඔවදිතො ගාමං පිණ්ඩාය පවිසිස්සතී’’ති තතො පටිනිවත්තිත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසීදි පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. අද්දසා ඛො ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං රාහුලං අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසින්නං පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා . දිස්වාන ආයස්මන්තං රාහුලං ආමන්තෙසි - ‘‘ආනාපානස්සතිං, රාහුල, භාවනං භාවෙහි. ආනාපානස්සති, රාහුල, භාවනා භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා’’ති.
113
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඩු මහ සිටුහුගේ ජේතවන නම්වූ ආරාමයෙහි වැඩ වාසය කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි සිවුරු හැඳ පොරවා පා සිවුරු ගෙණ සැවත් නුවරෙහි පිඬු පිණිස වැඩියහ. ආයුෂ්මත් රාහුල ස්ථවිර තෙමේද පෙරවරු කාලයෙහි සිවුරු හැඳ පොරවා පා සිවුරු ගෙණ භාග්‍යවතුන් වහන්සේගේ පිටුපසින් ගියේය. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ ආයුෂ්මත් රාහුල ස්ථවිරයන් දෙස හැරී බලා මෙසේ කීහ.
“රාහුල, අතීතවූද, අනාගතවූද, වර්තමානවූද තමා තුළ පිහිටියාවූ හෝ බාහිරවූ හෝ ඔලාරික (මහත්) වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ උසස්වූ හෝ යම් කිසි රූපයක් වේද, දුරෙහිවූ හෝ සමීපයෙහිවූ හෝ යම් රූපයක් වේද ඒ සියලු රූපය මාගේ නොවේය. ඒ මම නොවෙමි, ඒ මාගේ ආත්මය නොවේයයි, මෙසේ ඇති සැටියෙන් යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි.
“භාග්‍යවතුන් වහන්ස, රූපය පමණක්ද? සුගතයන් වහන්ස, රූපය පමණක්ද?
“රාහුල, රූපයද; රාහුල, වේදනාවද; රාහුල, සංඥාවද; රාහුල, සංස්කාරයෝද; රාහුල, විඥානයද (එසේය.)”
ඉක්බිති ආයුෂ්මත් රාහුල ස්ථවිරතෙමේ “භාග්‍යවතුන් වහන්සේ හමුවෙන් අවවාදයක් ලැබූ කවරෙක් ගමට පිඬු පිණිස යන්නේදැ”යි (සිතා) එයින් නැවතී එක්තරා රුකක් මුල අරමිනිය ගොතාගෙන කය කෙළින් තබා සිහිය ඉදිරි කොට උපදවා හුන්නේය. ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේද එක්තරා රුකක් මුල අරමිනිය ගොතාගෙන කය කෙළින් තබා සිහිය ඉදිරිකොට උපදවා වැඩහුන් ආයුෂ්මත් රාහුල ස්ථවිරයන් දැක, ආයුෂ්මත් රාහුල ස්ථවිරයන්හට මෙසේ කීහ. “රාහුල, ආණාපාණසති භාවනාව වඩව. රාහුල, ආණාපාණසති භාවනාව වඩව. රාහුල, ආණාපාණසතිය වඩන ලද්දී, බහුල වශයෙන් කරණ ලද්දී, මහත්ඵල වෙයි. මහානිශංස වෙයි.”
114
අථ ඛො ආයස්මා රාහුලො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා රාහුලො භගවන්තං එතදවොච - ‘‘කථං භාවිතා නු ඛො, භන්තෙ, ආනාපානස්සති, කථං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා’’ති? ‘‘යං කිඤ්චි, රාහුල, අජ්ඣත්තං පච්චත්තං කක්ඛළං ඛරිගතං උපාදින්නං, සෙය්‍යථිදං - කෙසා ලොමා නඛා දන්තා තචො මංසං න්හාරු (නහාරු (සී. ස්‍යා. කං. පී.)) අට්ඨි අට්ඨිමිඤ්ජං වක්කං හදයං යකනං කිලොමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං, යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං කක්ඛළං ඛරිගතං උපාදින්නං - අයං වුච්චති, රාහුල, අජ්ඣත්තිකා පථවීධාතු (පඨවීධාතු (සී. ස්‍යා. කං. පී.)). යා චෙව ඛො පන අජ්ඣත්තිකා පථවීධාතු යා ච බාහිරා පථවීධාතු, පථවීධාතුරෙවෙසා. තං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති - එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා පථවීධාතුයා නිබ්බින්දති, පථවීධාතුයා චිත්තං විරාජෙති’’.
114
ඉක්බිති ආයුෂ්මත් රාහුල ස්ථවිර තෙම සවස් කාලයෙහි සිත එකඟ කිරීමෙන් නැඟී සිටියේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන් ආයුෂ්මත් රාහුල ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය. “ස්වාමීනි, කෙසේ වඩනලද, කෙසේ බහුල වශයෙන් කරණලද ආණාපාණසතිය මහත්ඵල මහානිශංස වේද?”
“රාහුල, තමා කොට ගන්නා, තමා තුළ පවත්නා ජීවිතෙන්ද්‍රිය සහිතවූ යම් කර්කශ බවක්, තද බවක් වේද, එනම්: කෙස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට, ඇටමිදුලු, වකුගඩුව, හෘදයමාංශය, අක්මාව, දලබුව, බඩදිව, පපුමස, අතුනු (බඩවැල), අතුනුබහන් (බඩවැල දරණු), නොපැසුණු ආහාර, ආහාර මල යන මොහුයි. තමා කොට ගන්නා එයින් අන්‍යවූ ජීවිතෙන්ද්‍රිය සහිත යම් කිසි තදබවක්, රළු බවක් වේද, රාහුල, මේ තමා තුළ පවත්නා පෘථිවිධාතුව යයි කියනු ලැබේ. යම් තමා තුළ පවත්නා පෘථිවිධාතුවක් වේද, යම් බාහිර පෘථිවිධාතුවක් වේද, මේ දෙකම පඨවි ධාතුවමැයි. එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි. මෙසේ එය තත්වූ පරිදි (ඇතිසැටියෙන්) යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි. මෙසේ එය ඇතිසැටියෙන් යහපත් ප්‍රඥාවෙන් (නුවණින්) දැක පඨවි ධාතුවෙහි කලකිරෙයි. පඨවි ධාතුවෙහි සිත නොඇලෙයි.
115
‘‘කතමා ච, රාහුල, ආපොධාතු? ආපොධාතු සියා අජ්ඣත්තිකා, සියා බාහිරා. කතමා ච, රාහුල, අජ්ඣත්තිකා ආපොධාතු ? යං අජ්ඣත්තං පච්චත්තං ආපො ආපොගතං උපාදින්නං, සෙය්‍යථිදං - පිත්තං සෙම්හං පුබ්බො ලොහිතං සෙදො මෙදො අස්සු වසා ඛෙළො සිඞ්ඝාණිකා ලසිකා මුත්තං, යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං ආපො ආපොගතං උපාදින්නං - අයං වුච්චති, රාහුල, අජ්ඣත්තිකා ආපොධාතු. යා චෙව ඛො පන අජ්ඣත්තිකා ආපොධාතු යා ච බාහිරා ආපොධාතු ආපොධාතුරෙවෙසා. තං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති - එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා ආපොධාතුයා නිබ්බින්දති, ආපොධාතුයා චිත්තං විරාජෙති.
115
“රාහුල, ආපො ධාතුව කවරීද, අධ්‍යාත්ම ආපො ධාතුවක් වන්නේය. බාහිර ආපො ධාතුවක් (ද) වන්නේය. රාහුල, අධ්‍යාත්ම ආපෝ ධාතුව කවරීද, තමා තුළ පවත්නා වූ යම් දියාරු බවක්, වැගිරීමක් වේද, එනම්: පිත, සෙම, සැරව, ලෙහෙ, ඩහදිය, මෙදතෙල, කඳුලු, මස් තෙල, කෙල, සොටු, (ඇටසන්ධිවල සිටි-) සඳමිඳුලු, මුත්‍ර යන මොහුද, මෙයින් අන්‍ය වූ යම් කිසි ජීවිතය සහිත වූ දියාරු බවක්, වැගිරෙන බවක් වේද, රාහුල, මේ අධ්‍යාත්මික ආපෝ ධාතුවයයි කියනු ලැබේ. යම් අධ්‍යාත්මික ආපෝ ධාතුවක් වේද, මේ දෙකම ආපෝ ධාතුව මැයි. ‘එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි,’ මෙසේ එය ඇතිසැටියෙන් දත යුතුයි. මෙසේ එය ඇතිසැටියෙන් යහපත් ප්‍රඥාවෙන් දැන ආපෝ ධාතුවෙහි කලකිරෙයි. ආපෝ ධාතුවෙහි සිත නොඇලෙයි.
116
‘‘කතමා ච, රාහුල, තෙජොධාතු? තෙජොධාතු සියා අජ්ඣත්තිකා, සියා බාහිරා. කතමා ච, රාහුල, අජ්ඣත්තිකා තෙජොධාතු? යං අජ්ඣත්තං පච්චත්තං තෙජො තෙජොගතං උපාදින්නං, සෙය්‍යථිදං - යෙන ච සන්තප්පති යෙන ච ජීරීයති යෙන ච පරිඩය්හති යෙන ච අසිතපීතඛායිතසායිතං සම්මා පරිණාමං ගච්ඡති, යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං තෙජො තෙජොගතං උපාදින්නං - අයං වුච්චති, රාහුල, අජ්ඣත්තිකා තෙජොධාතු. යා චෙව ඛො පන අජ්ඣත්තිකා තෙජොධාතු යා ච බාහිරා තෙජොධාතු තෙජොධාතුරෙවෙසා. තං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති - එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා තෙජොධාතුයා නිබ්බින්දති, තෙජොධාතුයා චිත්තං විරාජෙති.
116
“රාහුල, තෙජො ධාතුව කවරීද, අධ්‍යාත්මික තෙජො ධාතුවක්ද වන්නේය. බාහිර තෙජො ධාතුවක්ද වන්නේය. රාහුල, අධ්‍යාත්මික තෙජො ධාතුව කවරීද, තමා තුළ පවත්නා ජීවිතෙන්ද්‍රිය සහිත යම් උණුසුමක්, උණුසුම් බවක් වේද, එනම්: යම් උණුසුමකින් තැවේද, යම් උණුසුමකින් ශරීරය දිරවයිද, යම් උණුසුමකින් දැවිලි කරයිද, යම් උණුසුමකින් කන බොන ලද ආහාර පාන දිරවයිද, මෙයින් අන්‍යවූ තමා තුළ පවත්නාවූ ජීවිතෙන්ද්‍රිය සහිත යම් උණුසුමක්, උණුසුම් බවක් වේද, රාහුල, මේ අධ්‍යාත්මික තෙජො ධාතුව යයි කියනු ලැබේ. රාහුල, යම් අධ්‍යාත්මික තෙජො ධාතුවක් වේද, බාහිරවූ යම් තෙජො ධාතුවක් වේද, මේ දෙකම තෙජො ධාතුව මැයි. එය මාගේ නොවේය, එය මම නොවෙමි, එය මාගේ ආත්මය නොවෙයි,’ මෙසේ එය ඇතිසැටියෙන් යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි. මෙසේ එය ඇතිසැටියෙන් යහපත් ප්‍රඥාවෙන් දැක තෙජො ධාතුවෙහි කලකිරෙයි. තෙජො ධාතුවෙහි සිත නොඇලෙයි.
117
‘‘කතමා ච, රාහුල, වායොධාතු? වායොධාතු සියා අජ්ඣත්තිකා, සියා බාහිරා. කතමා ච, රාහුල, අජ්ඣත්තිකා වායොධාතු? යං අජ්ඣත්තං පච්චත්තං වායො වායොගතං උපාදින්නං, සෙය්‍යථිදං - උද්ධඞ්ගමා වාතා, අධොගමා වාතා, කුච්ඡිසයා වාතා, කොට්ඨාසයා (කොට්ඨසයා (සී. පී.)) වාතා , අඞ්ගමඞ්ගානුසාරිනො වාතා, අස්සාසො පස්සාසො, ඉති යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං වායො වායොගතං උපාදින්නං - අයං වුච්චති, රාහුල, අජ්ඣත්තිකා වායොධාතු. යා චෙව ඛො පන අජ්ඣත්තිකා වායොධාතු යා ච බාහිරා වායොධාතු වායොධාතුරෙවෙසා. තං ‘නෙතං මම, නෙසොහමස්මි , න මෙසො අත්තා’ති - එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා වායොධාතුයා නිබ්බින්දති, වායොධාතුයා චිත්තං විරාජෙති.
117
“රාහුල, වායො ධාතුව කවරීද, අධ්‍යාත්මික වායො ධාතුවක්ද වන්නේය. බාහිර වායො ධාතුවක්ද වන්නේය. රාහුල, අධ්‍යාත්මික වායො ධාතුව කවරීද, තමා තුළ පවත්නා ජීවිතෙන්ද්‍රිය සහිතවූ යම් වාතයක්, වායුවක් වේද, එනම් උඩට නගින වාතය, පහලට බස්නා වාතය, කුසෙහි (බඩෙහි) පවතින වාතය, බඩවැල් තුළ පවතින වාතය, අඟ පසඟ ක්‍රියා කරන වාතය, ආශ්වාස ප්‍රශ්වාස වාතය යන මේයි. මෙයින් අන්‍යවූද තමා තුළ පවත්නාවූ ජීවිතෙන්ද්‍රිය සහිත යම් වායුවක් වාතයක් වේද රාහුලය, මේ අධ්‍යාත්මික වායො ධාතුවයයි කියනු ලැබේ. අධ්‍යාත්මික යම් වායො ධාතුවක් වේද, බාහිරවූ යම් වායො ධාතුවක් වේද, මේ දෙකම වායො ධාතුව මැයි.’ ‘එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි.’ මෙසේ එය ඇතිසැටියෙන් යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි. මෙසේ එය ඇතිසැටියෙන් යහපත් ප්‍රඥාවෙන් දැක වායො ධාතුවෙහි කලකිරෙයි. වායො ධාතුවෙහි සිත නොඇලෙයි.
118
‘‘කතමා ච, රාහුල, ආකාසධාතු? ආකාසධාතු සියා අජ්ඣත්තිකා, සියා බාහිරා. කතමා ච, රාහුල, අජ්ඣත්තිකා ආකාසධාතු? යං අජ්ඣත්තං පච්චත්තං ආකාසං ආකාසගතං උපාදින්නං, සෙය්‍යථිදං - කණ්ණච්ඡිද්දං නාසච්ඡිද්දං මුඛද්වාරං, යෙන ච අසිතපීතඛායිතසායිතං අජ්ඣොහරති, යත්ථ ච අසිතපීතඛායිතසායිතං සන්තිට්ඨති, යෙන ච අසිතපීතඛායිතසායිතං අධොභාගං (අධොභාගා (සී. ස්‍යා. කං. පී.)) නික්ඛමති, යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං ආකාසං ආකාසගතං, අඝං අඝගතං, විවරං විවරගතං, අසම්ඵුට්ඨං, මංසලොහිතෙහි උපාදින්නං (ආකාසගතං උපාදින්නං (සී. පී.)) - අයං වුච්චති, රාහුල, අජ්ඣත්තිකා ආකාසධාතු. යා චෙව ඛො පන අජ්ඣත්තිකා ආකාසධාතු යා ච බාහිරා ආකාසධාතු ආකාසධාතුරෙවෙසා. තං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති - එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා ආකාසධාතුයා චිත්තං නිබ්බින්දති, ආකාසධාතුයා චිත්තං විරාජෙති.
118
“රාහුල, ආකාශධාතුව කවරීද, අධ්‍යාත්මික ආකාශ ධාතුවක්ද වන්නේය. බාහිරවූ ආකාශ වස්තුවක්ද වන්නේය.
“රාහුල, අධ්‍යාත්මික ආකාශ ධාතුව කවරීද, තමා තුළ පවත්නාවූ ජීවිතෙන්ද්‍රිය සහිත යම් ආකාශයක්, සිදුරක් වේද, එනම්: කන් සිදුර, නැහැ සිදුර, මුවදොර, යම් තැනෙකින් අනුභව කරන, බොන කන ලොවින දෙය ගිලෙයිද යම් තැනෙක අනුභව කරණ බොන කන ලොවින දෙය සිටීද (නවතීද) යම් තැනෙකින් අනුභවකරණ බොන කන ලොවින දෙය යට කොටසින් නික්මේද, යන මේයි. මෙයින් අන්‍යවූද තමා තුළ පවත්නාවූ ජීවිතෙන්ද්‍රිය සහිත යම්කිසි ආකාශයක්, සිදුරක් වේද, රාහුල, මේ අධ්‍යාත්මික ආකාශ ධාතුයයි කියනු ලැබේ. යම් අධ්‍යාත්මික ආකාශ ධාතුවක් වීද, යම් බාහිර ආකාශ ධාතුවක් වීද, ඒ දෙකම ආකාශ ධාතුවමැයි. එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි. මෙසේ මෙය ඇති සැටියෙන් යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි. මෙසේ එය ඇති සැටියෙන් යහපත් ප්‍රඥාවෙන් (නුවණින්) දැක ආකාශ ධාතුවෙහි කලකිරෙයි. ආකාශ ධාතුවෙහි සිත නොඇලෙයි.
119
‘‘පථවීසමං, රාහුල, භාවනං භාවෙහි. පථවීසමඤ්හි තෙ, රාහුල, භාවනං භාවයතො උප්පන්නා මනාපාමනාපා ඵස්සා චිත්තං න පරියාදාය ඨස්සන්ති. සෙය්‍යථාපි, රාහුල, පථවියා සුචිම්පි නික්ඛිපන්ති, අසුචිම්පි නික්ඛිපන්ති, ගූථගතම්පි නික්ඛිපන්ති, මුත්තගතම්පි නික්ඛිපන්ති, ඛෙළගතම්පි නික්ඛිපන්ති, පුබ්බගතම්පි නික්ඛිපන්ති, ලොහිතගතම්පි නික්ඛිපන්ති, න ච තෙන පථවී අට්ටීයති වා හරායති වා ජිගුච්ඡති වා; එවමෙව ඛො ත්වං, රාහුල, පථවීසමං භාවනං භාවෙහි. පථවීසමඤ්හි තෙ, රාහුල, භාවනං භාවයතො උප්පන්නා මනාපාමනාපා ඵස්සා චිත්තං න පරියාදාය ඨස්සන්ති.
‘‘ආපොසමං, රාහුල, භාවනං භාවෙහි. ආපොසමඤ්හි තෙ, රාහුල, භාවනං භාවයතො උප්පන්නා මනාපාමනාපා ඵස්සා චිත්තං න පරියාදාය ඨස්සන්ති. සෙය්‍යථාපි, රාහුල, ආපස්මිං සුචිම්පි ධොවන්ති, අසුචිම්පි ධොවන්ති, ගූථගතම්පි ධොවන්ති, මුත්තගතම්පි ධොවන්ති, ඛෙළගතම්පි ධොවන්ති, පුබ්බගතම්පි ධොවන්ති, ලොහිතගතම්පි ධොවන්ති, න ච තෙන ආපො අට්ටීයති වා හරායති වා ජිගුච්ඡති වා; එවමෙව ඛො ත්වං, රාහුල, ආපොසමං භාවනං භාවෙහි. ආපොසමඤ්හි තෙ, රාහුල, භාවනං භාවයතො උප්පන්නා මනාපාමනාපා ඵස්සා චිත්තං න පරියාදාය ඨස්සන්ති.
‘‘තෙජොසමං, රාහුල, භාවනං භාවෙහි. තෙජොසමඤ්හි තෙ, රාහුල, භාවනං භාවයතො උප්පන්නා මනාපාමනාපා ඵස්සා චිත්තං න පරියාදාය ඨස්සන්ති. සෙය්‍යථාපි, රාහුල, තෙජො සුචිම්පි දහති, අසුචිම්පි දහති, ගූථගතම්පි දහති, මුත්තගතම්පි දහති, ඛෙළගතම්පි දහති, පුබ්බගතම්පි දහති, ලොහිතගතම්පි දහති, න ච තෙන තෙජො අට්ටීයති වා හරායති වා ජිගුච්ඡති වා; එවමෙව ඛො ත්වං, රාහුල, තෙජොසමං භාවනං භාවෙහි. තෙජොසමඤ්හි තෙ, රාහුල, භාවනං භාවයතො උප්පන්නා මනාපාමනාපා ඵස්සා චිත්තං න පරියාදාය ඨස්සන්ති.
‘‘වායොසමං, රාහුල, භාවනං භාවෙහි. වායොසමඤ්හි තෙ, රාහුල, භාවනං භාවයතො උප්පන්නා මනාපාමනාපා ඵස්සා චිත්තං න පරියාදාය ඨස්සන්ති. සෙය්‍යථාපි, රාහුල, වායො සුචිම්පි උපවායති, අසුචිම්පි උපවායති, ගූථගතම්පි උපවායති, මුත්තගතම්පි උපවායති, ඛෙළගතම්පි උපවායති, පුබ්බගතම්පි උපවායති, ලොහිතගතම්පි උපවායති, න ච තෙන වායො අට්ටීයති වා හරායති වා ජිගුච්ඡති වා; එවමෙව ඛො ත්වං, රාහුල, වායොසමං භාවනං භාවෙහි. වායොසමඤ්හි තෙ, රාහුල, භාවනං භාවයතො උප්පන්නා මනාපාමනාපා ඵස්සා චිත්තං න පරියාදාය ඨස්සන්ති.
‘‘ආකාසසමං, රාහුල, භාවනං භාවෙහි. ආකාසසමඤ්හි තෙ, රාහුල, භාවනං භාවයතො උප්පන්නා මනාපාමනාපා ඵස්සා චිත්තං න පරියාදාය ඨස්සන්ති. සෙය්‍යථාපි, රාහුල, ආකාසො න කත්ථචි පතිට්ඨිතො; එවමෙව ඛො ත්වං, රාහුල, ආකාසසමං භාවනං භාවෙහි. ආකාසසමඤ්හි තෙ, රාහුල, භාවනං භාවයතො උප්පන්නා මනාපාමනාපා ඵස්සා චිත්තං න පරියාදාය ඨස්සන්ති.
119
“රාහුල, පොළොව හා සමකොට භාවනාව වඩව. පොළොව හා සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල්සිත විනාශකොට නොසිටිත්. රාහුල, යම්සේ පොළොවෙහි පිරිසිදු දෙයද දමත්, අපිරිසිදු දෙයද දමත්, මුත්‍රද දමත්, කෙලද හෙළත්, සැරවද දමත්, ලෙහෙද දමත්, එයින් පොළොව අප්‍රිය හෝ නොකරයි. පිළිකුල් හෝ නොකරයි. රාහුල එපරිද්දෙන්ම තොප පොළොව හා සමකොට භාවනාව වඩව්. පොළොව හා සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල් සිත විනාශකොට නොසිටිත්.
“රාහුල, ජලය හා සමකොට භාවනාව වඩව, ජලය සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල් සිත විනාශ කොටගෙන නොසිටිත්. රාහුල, යම්සේ දියෙහි පිරිසිදු දෙයද සෝදත්, අපිරිසිදු දෙයද සෝදත්, අශුචිද සෝදත්, මුත්‍රද සෝදත්, කෙලද සෝදත්, සැරවද සෝදත්, ලෙහෙද සෝදත්, එයින් දිය අප්‍රිය හෝ නොවෙයි. පිළිකුල් හෝ නොකරයි. රාහුල, එපරිද්දෙන්ම ඔබ දිය හා සමකොට භාවනාව වඩව. රාහුල, දිය සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල් සිත විනාශ කොට ගෙන නොසිටිත්.
“රාහුල, ගිනි හා සමකොට භාවනාව වඩව. ගිනි හා සමකොට භාවනා වඩන්නාවූ ඔබට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල් සිත විනාශකොටගෙණ නොසිටිත්. රාහුල, යම්සේ ගින්න පවිත්‍ර දෙයද දවයි. අපවිත්‍ර දෙයද දවයි, අශුචිද දවයි, මුත්‍රද දවයි, කෙලද දවයි, සැරවද දවයි, ලෙහෙද දවයි, එයින් ගින්න අප්‍රිය හෝ නොවෙයි. පිළිකුල් හෝ නොකරයි. රාහුල, එපරිද්දෙන්ම ගින්න හා සම කොට භාවනාව වඩව, රාහුල, ගින්න හා සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල් සිත විනාශ කොට ගෙණ නො සිටිත්.
“රාහුල, වාතය හා සමකොට භාවනාව වඩව, රාහුල, වාතය හා සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන් මනාපවූද අමනාපවූද ස්පර්ශයෝ කුසල් සිත විනාශ කොට ගෙන නොසිටිත්. රාහුල, යම්සේ වාතය පිරිසිදු දේද ගෙන යයි, අපිරිසිදු දේද ගෙනයයි, අශුචිද ගෙනයයි, මුත්‍රද ගෙනයයි, කෙලද ගෙනයයි, සැරවද ගෙනයයි, ලෙහෙද ගෙනයයි. වාතය එයින් අප්‍රිය හෝ නොවෙයි. පිළිකුල් හෝ නොකෙරෙයි. රාහුල, ඔබ එපරිද්දෙන්ම වාතය හා සමකොට භාවනාව වඩව, වාතය හා සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල් සිත විනාශකොට ගෙණ නොසිටිත්.
“රාහුල, අහස හා සමකොට භාවනාව වඩව, රාහුල, අහස හා සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල් සිත විනාශකොට ගෙණ නොසිටිත්. රාහුල, යම්සේ අහස කොතැන්හිවත් නොපිහිටියේද, රාහුල, එපරිද්දෙන්ම ඔබ අහස හා සමකොට භාවනාව වඩව. ‘රාහුල, අහස සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල් සිත විනාශකොට ගෙණ නොසිටිත්.
120
‘‘මෙත්තං, රාහුල, භාවනං භාවෙහි. මෙත්තඤ්හි තෙ, රාහුල, භාවනං භාවයතො යො බ්‍යාපාදො සො පහීයිස්සති. කරුණං, රාහුල, භාවනං භාවෙහි. කරුණඤ්හි තෙ, රාහුල, භාවනං භාවයතො යා විහෙසා සා පහීයිස්සති. මුදිතං, රාහුල, භාවනං භාවෙහි. මුදිතඤ්හි තෙ, රාහුල, භාවනං භාවයතො යා අරති සා පහීයිස්සති. උපෙක්ඛං , රාහුල, භාවනං භාවෙහි. උපෙක්ඛඤ්හි තෙ, රාහුල, භාවනං භාවයතො යො පටිඝො සො පහීයිස්සති. අසුභං, රාහුල, භාවනං භාවෙහි. අසුභඤ්හි තෙ, රාහුල, භාවනං භාවයතො යො රාගො සො පහීයිස්සති. අනිච්චසඤ්ඤං, රාහුල, භාවනං භාවෙහි. අනිච්චසඤ්ඤඤ්හි තෙ, රාහුල, භාවනං භාවයතො යො අස්මිමානො සො පහීයිස්සති.
120
“රාහුල, මෛත්‍රී භාවනාව වඩව. රාහුල, මෛත්‍රී භාවනාව වඩන්නාවූ ඔබගේ යම් ක්‍රෝධයක් වේද, එය නැතිවී යන්නේය.
“රාහුල, කරුණා භාවනාව වඩව. රාහුල, කරුණා භාවනාව වඩන්නාවූ ඔබගේ යම් හිංසාවක් වේද, එය නැතිවී යන්නේය.
“රාහුල, මුදිතා භාවනාව වඩව. රාහුල, මුදිතා භාවනාව වඩන්නාවූ ඔබගේ යම් නොඇලීමක් වේද, එය නැතිවී යන්නේය.
“රාහුල, උපෙක්ෂා භාවනාව වඩව. රාහුල, උපෙක්ෂා භාවනාව වඩන්නාවූ ඔබගේ යම් ප්‍රතිඝයක් ද්වේෂයක් වේද, එය නැතිවී යන්නේය.
“රාහුල, අසුභ භාවනාව වඩව. රාහුල, අසුභ භාවනාව වඩන්නාවූ ඔබගේ යම් රාගයක් වේද, එය නැතිවී යන්නේය.
රාහුල, අනිච්චසඤ්ඤා භාවනාව වඩව. රාහුල, අනිච්චසඤ්ඤා (-ඇතිව නැතිවෙයි යන හැඟීම) භාවනාව වඩන්නාවූ ඔබගේ යම් ‘මම වෙමි’ යන මානයක් වේද, එය නැතිවී යන්නේය.
121
‘‘ආනාපානස්සතිං, රාහුල, භාවනං භාවෙහි. ආනාපානස්සති හි තෙ, රාහුල, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා. කථං භාවිතා ච, රාහුල, ආනාපානස්සති, කථං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා ? ඉධ, රාහුල, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො සතොව අස්සසති සතොව (සතො (සී. ස්‍යා. කං. පී.)) පස්සසති.
‘‘දීඝං වා අස්සසන්තො ‘දීඝං අස්සසාමී’ති පජානාති, දීඝං වා පස්සසන්තො ‘දීඝං පස්සසාමී’ති පජානාති; රස්සං වා අස්සසන්තො ‘රස්සං අස්සසාමී’ති පජානාති, රස්සං වා පස්සසන්තො ‘රස්සං පස්සසාමී’ති පජානාති. ‘සබ්බකායප්පටිසංවෙදී අස්සසිස්සාමී’ති සික්ඛති; ‘සබ්බකායප්පටිසංවෙදී පස්සසිස්සාමී’ති සික්ඛති; ‘පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමී’ති සික්ඛති; ‘පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමී’ති සික්ඛති.
‘‘‘පීතිප්පටිසංවෙදී අස්සසිස්සාමී’ති සික්ඛති; ‘පීතිප්පටිසංවෙදී පස්සසිස්සාමී’ති සික්ඛති; ‘සුඛප්පටිසංවෙදී අස්සසිස්සාමී’ති සික්ඛති; ‘සුඛප්පටිසංවෙදී පස්සසිස්සාමී’ති සික්ඛති; ‘චිත්තසඞ්ඛාරප්පටිසංවෙදී අස්සසිස්සාමී’ති සික්ඛති; ‘චිත්තසඞ්ඛාරප්පටිසංවෙදී පස්සසිස්සාමී’ති සික්ඛති; ‘පස්සම්භයං චිත්තසඞ්ඛාරං අස්සසිස්සාමී’ති සික්ඛති; ‘පස්සම්භයං චිත්තසඞ්ඛාරං පස්සසිස්සාමී’ති සික්ඛති.
‘‘‘චිත්තප්පටිසංවෙදී අස්සසිස්සාමී’ති සික්ඛති; ‘චිත්තප්පටිසංවෙදී පස්සසිස්සාමී’ති සික්ඛති ; ‘අභිප්පමොදයං චිත්තං අස්සසිස්සාමී’ති සික්ඛති; ‘අභිප්පමොදයං චිත්තං පස්සසිස්සාමී’ති සික්ඛති; ‘සමාදහං චිත්තං අස්සසිස්සාමී’ති සික්ඛති; ‘සමාදහං චිත්තං පස්සසිස්සාමී’ති සික්ඛති; ‘විමොචයං චිත්තං අස්සසිස්සාමී’ති සික්ඛති; ‘විමොචයං චිත්තං පස්සසිස්සාමී’ති සික්ඛති.
‘‘‘අනිච්චානුපස්සී අස්සසිස්සාමී’ති සික්ඛති; ‘අනිච්චානුපස්සී පස්සසිස්සාමී’ති සික්ඛති; ‘විරාගානුපස්සී අස්සසිස්සාමී’ති සික්ඛති; ‘විරාගානුපස්සී පස්සසිස්සාමී’ති සික්ඛති; ‘නිරොධානුපස්සී අස්සසිස්සාමී’ති සික්ඛති; ‘නිරොධානුපස්සී පස්සසිස්සාමී’ති සික්ඛති; ‘පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමී’ති සික්ඛති; ‘පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමී’ති සික්ඛති.
‘‘එවං භාවිතා ඛො, රාහුල, ආනාපානස්සති, එවං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා. එවං භාවිතාය, රාහුල, ආනාපානස්සතියා, එවං බහුලීකතාය යෙපි තෙ චරිමකා අස්සාසා තෙපි විදිතාව නිරුජ්ඣන්ති නො අවිදිතා’’ති.
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා රාහුලො භගවතො භාසිතං අභිනන්දීති.
121
“රාහුල, ආණාපාණසති (-හුස්ම ගැණීම හැරීම දෙක පිළිබඳ) භාවනාව වඩව. රාහුල, ආණාපාණසති භාවනාව වඩනාලද්දී, බහුලවශයෙන් කරණලද්දී, මහත් ඵල මහානිශංස වේ. රාහුල, කෙසේ වඩනාලද කෙසේ බහුල වශයෙන් කරණ ලද ආණාපානසතිය මහත්ඵල මහානිශංස වේද, රාහුල, මේ ශාසනයෙහි භික්ෂුවක් වනයට ගියේ හෝ රුක් මුලට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ එරමිණිය ගොතා කය ඍජුව තබා සිහිය ඉදිරිපත් කොට උපදවා හිඳියි, ඒ භික්ෂුව සිහි ඇතිවම හුස්ම ගණී, සිහි ඇතිව හුස්ම හරී, දික් හුස්ම ගන්නේ දිගට හුස්ම ගනිමියි දනියි. දිගට හුස්ම හරින්නේ දිගට හුස්ම හරිමියි දනියි. කොටින් හුස්ම ගන්නේ කොටින් හුස්ම ගනිමියි දනී. කොටින් හුස්ම හරින්නේ කොටින් හුස්ම හරිමියි දනී. හුස්ම ගැණීම මුල සිට අග තෙක් සම්පූර්ණයෙන් දැන හුස්ම ගණිමියි හික්මෙයි. (-පුරුදු වෙයි) හුස්ම හැරීම මුල සිට අගතෙක් සම්පූර්ණයෙන් දැන හුස්ම හරිමියි හික්මෙයි. මහත්කොට හුස්ම ගැනීම ධ්‍යාන ප්‍රීතිය දැනගනිමින් හුස්ම ගනිමියි හික්මෙයි. මහත්කොට හුස්ම හැරීම ධ්‍යාන ප්‍රීතිය දැනගනිමින් හුස්ම හරිමියි හික්මෙයි. ධ්‍යාන සැපය දැනගනිමින් හුස්ම ගණිමියි හික්මෙයි. ධ්‍යාන සැපය දැනගනිමින් හුස්ම හරිමියි හික්මෙයි. චිත්ත ව්‍යාපාරය දැනගනිමින් හුස්ම ගණිමියි හික්මෙයි. චිත්ත ව්‍යාපාරය දැනගනිමින් හුස්ම හරිමියි හික්මෙයි. චිත්ත ව්‍යාපාරය සංසිඳුවමින් හුස්ම ගණිමියි හික්මෙයි. චිත්ත ව්‍යාපාරය සංසිඳුවමින් හුස්ම හරිමියි හික්මෙයි. සිත දැනගනිමින් හුස්ම ගණිමියි හික්මෙයි. සිත දැනගනිමින් හුස්ම හරිමියි හික්මෙයි. සිත විශේෂයෙන් තුටුකරමින් හුස්ම ගණිමියි හික්මෙයි. සිත විශේෂයෙන් තුටු කරමින් හුස්ම හරිමියි හික්මෙයි. සිත මනාකොට තබමින් හුස්ම ගණිමියි හික්මෙයි. සිත මනාකොට තබමින් හුස්ම හරිමියි හික්මෙයි. සිත කෙලෙසුන්ගෙන් මුදවමින් හුස්ම ගණිමියි හික්මෙයි. සිත කෙලෙසුන්ගෙන් මුදවමින් හුස්ම හරිමියි හික්මෙයි. අනිත්‍යය අනුව බලමින් හුස්ම ගණිමියි හික්මෙයි. අනිත්‍යය අනුව බලමින් හුස්ම හරිමියි හික්මෙයි නොඇලීම අනුව බලමින් හුස්ම ගණිමියි හික්මෙයි. නොඇලීම අනුව බලමින් හුස්ම හරිමියි හික්මෙයි. නිරෝධය අනුව බලමින් හුස්ම ගණිමියි හික්මෙයි. නිරෝධය අනුව බලමින් හුස්ම හරිමියි හික්මෙයි. දුරලීම අනුව බලමින් හුස්ම ගණිමියි හික්මෙයි. දුරලීම අනුව බලමින් හුස්ම හරිමියි හික්මෙයි.
“රාහුල, මෙසේ වඩනලද මෙසේ බහුල වශයෙන් කරන ලද ආනාපාන සතිය මහත්ඵල මහානිශංසවේ. රාහුල, මෙසේ වඩනලද මෙසේ බහුල වශයෙන් කරණ ලද ආනාපාන සතිය කරණකොට ඔබගේ යම් අවසාන හුස්ම ගැනීමක් හැරීමක් වෙත්ද, ඒවාද දැනගෙනම නැතිවී යත්. නොදැන නැතිවී නොයත්.”
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. ආයුෂ්මත් රාහුල ස්ථවිර තෙමේ සතුටු වූයේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටු විය.
3. චූළමාලුක්‍යසුත්තං 3. චූල මාලුංක්‍ය සූත්‍රය
4. මහාමාලුක්‍යසුත්තං 4. මහා මාලුංක්‍ය සූත්‍රය
5. භද්දාලිසුත්තං 5. භද්දාලි සූත්‍රය
6. ලටුකිකොපමසුත්තං 6. ලටුකිකොපම සූත්‍රය
7. චාතුමසුත්තං 7. චාතුම සූත්‍රය
8. නළකපානසුත්තං 8. නලකපාන සූත්‍රය
9. ගොලියානිසුත්තං 9. ගුලිස්සානි සූත්‍රය
10. කීටාගිරිසුත්තං 10. කීටාගිරි සූත්‍රය