ත්‍රිපිටකය
2. භික්ඛුවග්ගො 2. භික්ෂු වර්ගය
1. අම්බලට්ඨිකරාහුලොවාදසුත්තං 1. අම්බලට්ඨික රාහුලොවාද සූත්‍රය
2. මහාරාහුලොවාදසුත්තං 2. මහා රාහුලොවාද සූත්‍රය
3. චූළමාලුක්‍යසුත්තං 3. චූල මාලුංක්‍ය සූත්‍රය
4. මහාමාලුක්‍යසුත්තං 4. මහා මාලුංක්‍ය සූත්‍රය
5. භද්දාලිසුත්තං 5. භද්දාලි සූත්‍රය
6. ලටුකිකොපමසුත්තං 6. ලටුකිකොපම සූත්‍රය
7. චාතුමසුත්තං 7. චාතුම සූත්‍රය
8. නළකපානසුත්තං 8. නලකපාන සූත්‍රය
9. ගොලියානිසුත්තං 9. ගුලිස්සානි සූත්‍රය
10. කීටාගිරිසුත්තං 10. කීටාගිරි සූත්‍රය
174
එවං මෙ සුතං - එකං සමයං භගවා කාසීසු චාරිකං චරති මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘අහං ඛො, භික්ඛවෙ, අඤ්ඤත්‍රෙව රත්තිභොජනා (රත්තිභොජනං (ක.)) භුඤ්ජාමි. අඤ්ඤත්‍ර ඛො පනාහං, භික්ඛවෙ, රත්තිභොජනා භුඤ්ජමානො අප්පාබාධතඤ්ච සඤ්ජානාමි අප්පාතඞ්කතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්ච. එථ, තුම්හෙපි, භික්ඛවෙ, අඤ්ඤත්‍රෙව රත්තිභොජනා භුඤ්ජථ. අඤ්ඤත්‍ර ඛො පන, භික්ඛවෙ, තුම්හෙපි රත්තිභොජනා භුඤ්ජමානා අප්පාබාධතඤ්ච සඤ්ජානිස්සථ අප්පාතඞ්කතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්චා’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. අථ ඛො භගවා කාසීසු අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන කීටාගිරි නාම කාසීනං නිගමො තදවසරි. තත්‍ර සුදං භගවා කීටාගිරිස්මිං විහරති කාසීනං නිගමෙ.
174
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්ෂු සංඝයා සමග කසී ජනපදයෙහි චාරිකාවෙහි හැසිරෙන්නෝය. එකල භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කථා කළහ. “මහණෙනි, මම රාත්‍රි භෝජනයෙන් තොරව අනුභව කරමි. ඒ රාත්‍රි භෝජනයෙන් වෙන්ව අනුභව කරන්නාවූ මම ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්වීමද, කාය බලයද, සැප විහරණයද ඇති බව දනිමි. මහණෙනි, තොපිද එව, රාත්‍රි භෝජනයෙන් තොරව අනුභව කරව්, රාත්‍රි භෝජනයෙන් තොරව අනුභව කරන්නාවූ තොපිද ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්වීමද, කායබලයද, සැපවිහරණයද දන්නාහුය.”
“එසේය පින්වතුන් වහන්සැ”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනයට උත්තර දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කසී ජනපදවල පිළිවෙළින් චාරිකාවෙහි හැසිරෙමින් කීටාගිරි නම් කසී රට වැස්සන්ගේ නියම් ගම යම් තැනකද, එහි වැඩි සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ කසී රට වැස්සන්ගේ නියම් ගමවූ කීටාගිරියෙහි විසුවාහ.
175
තෙන ඛො පන සමයෙන අස්සජිපුනබ්බසුකා නාම භික්ඛූ කීටාගිරිස්මිං ආවාසිකා හොන්ති. අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන අස්සජිපුනබ්බසුකා භික්ඛූ තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා අස්සජිපුනබ්බසුකෙ භික්ඛූ එතදවොචුං - ‘‘භගවා ඛො, ආවුසො, අඤ්ඤත්‍රෙව රත්තිභොජනා භුඤ්ජති භික්ඛුසඞ්ඝො ච. අඤ්ඤත්‍ර ඛො පනාවුසො, රත්තිභොජනා භුඤ්ජමානා අප්පාබාධතඤ්ච සඤ්ජානන්ති අප්පාතඞ්කතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්ච. එථ, තුම්හෙපි, ආවුසො, අඤ්ඤත්‍රෙව රත්තිභොජනා භුඤ්ජථ. අඤ්ඤත්‍ර ඛො පනාවුසො, තුම්හෙපි රත්තිභොජනා භුඤ්ජමානා අප්පාබාධතඤ්ච සඤ්ජානිස්සථ අප්පාතඞ්කතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්චා’’ති . එවං වුත්තෙ, අස්සජිපුනබ්බසුකා භික්ඛූ තෙ භික්ඛූ එතදවොචුං - ‘‘මයං ඛො, ආවුසො, සායඤ්චෙව භුඤ්ජාම පාතො ච දිවා ච විකාලෙ. තෙ මයං සායඤ්චෙව භුඤ්ජමානා පාතො ච දිවා ච විකාලෙ අප්පාබාධතඤ්ච සඤ්ජානාම අප්පාතඞ්කතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්ච. තෙ මයං කිං සන්දිට්ඨිකං හිත්වා කාලිකං අනුධාවිස්සාම? සායඤ්චෙව මයං භුඤ්ජිස්සාම පාතො ච දිවා ච විකාලෙ’’ති.
යතො ඛො තෙ භික්ඛූ නාසක්ඛිංසු අස්සජිපුනබ්බසුකෙ භික්ඛූ සඤ්ඤාපෙතුං, අථ යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං - ‘‘ඉධ මයං, භන්තෙ, යෙන අස්සජිපුනබ්බසුකා භික්ඛූ තෙනුපසඞ්කමිම්හ; උපසඞ්කමිත්වා අස්සජිපුනබ්බසුකෙ භික්ඛූ එතදවොචුම්හ - ‘භගවා ඛො, ආවුසො, අඤ්ඤත්‍රෙව රත්තිභොජනා භුඤ්ජති භික්ඛුසඞ්ඝො ච; අඤ්ඤත්‍ර ඛො පනාවුසො, රත්තිභොජනා භුඤ්ජමානා අප්පාබාධතඤ්ච සඤ්ජානන්ති අප්පාතඞ්කතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්ච. එථ, තුම්හෙපි, ආවුසො , අඤ්ඤත්‍රෙව රත්තිභොජනා භුඤ්ජථ. අඤ්ඤත්‍ර ඛො පනාවුසො, තුම්හෙපි රත්තිභොජනා භුඤ්ජමානා අප්පාබාධතඤ්ච සඤ්ජානිස්සථ අප්පාතඞ්කතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්චා’ති. එවං වුත්තෙ, භන්තෙ, අස්සජිපුනබ්බසුකා භික්ඛූ අම්හෙ එතදවොචුං - ‘මයං ඛො, ආවුසො, සායඤ්චෙව භුඤ්ජාම පාතො ච දිවා ච විකාලෙ. තෙ මයං සායඤ්චෙව භුඤ්ජමානා පාතො ච දිවා ච විකාලෙ අප්පාබාධතඤ්ච සඤ්ජානාම අප්පාතඞ්කතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්ච. තෙ මයං කිං සන්දිට්ඨිකං හිත්වා කාලිකං අනුධාවිස්සාම? සායඤ්චෙව මයං භුඤ්ජිස්සාම පාතො ච දිවා ච විකාලෙ’ති. යතො ඛො මයං, භන්තෙ, නාසක්ඛිම්හ අස්සජිපුනබ්බසුකෙ භික්ඛූ සඤ්ඤාපෙතුං, අථ මයං එතමත්ථං භගවතො ආරොචෙමා’’ති.
175
ඒ කාලයෙහි අස්සජී - පුනබ්බසුක නම් භික්ෂූහු කීටාගිරියෙහි ආවාසිකයෝ වෙත්. එකල්හි බොහෝ භික්ෂූහු අස්සජී පුනබ්බසුක භික්ෂූන් යම් තැනකද එහි පැමිණියාහුය. පැමිණ අස්සජී පුනබ්බසුක භික්ෂූන්ට මේ කාරණය කීවාහුය. “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේද භික්ෂු සංඝයාද රාත්‍රි භෝජනයෙන් තොරව අනුභව කරති. රාත්‍රි භෝජනයෙන් තොරව අනුභව කරන්නාහු ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්මද, කාය බලයද, සැප විහරණයද ඇති බව දනිත්. ඇවැත්නි, තොපිද එව්. රාත්‍රි භොජනයෙන් තොරව අනුභව කරව්. ඇවැත්නි, රාත්‍රි භෝජනයෙන් තොරව අනුභව කරණ යුෂ්මත්හුද, ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇතිබවද, පහසුවෙන් ඉරියව් පැවැත්මද, කාය බලයද සැප විහරණයද, ඇති බව දැනගනිත්වා.” මෙසේ කී කල්හි අස්සජී පුනබ්බසුක භික්ෂූහු ඒ භික්ෂූන්ට මෙසේ කීවාහුය.
“ඇවැත්නි, අපි සවස් කාලයෙහිද අනුභව කරමු. උදේද අනුභව කරමු. දවල් කාලයෙහිද අනුභව කරමු. ඒ උදේද, සවසද, දවල්ද නොකල්හිද අනුභව කරණ අපි ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්මද, කාය බලයද, සැපවිහරණයද දනිමු. ඒ අපි අත්දුටු කරුණු හැර ඉදිරි කල පැමිණිය යුතු ප්‍රයෝජනයට කුමට දුවමුද? අපි සවසද, පෙරවරුද, දවල් නොකල්හිද අනුභව කරමු”යි කීහ. යම් හෙයකින් ඒ භික්ෂූහු අස්සජී පුනබ්බසුක භික්ෂූන්ට ඒ කරුණ අවබෝධ කරවන්ට නොහැකි වූවාහුද, ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පැත්තක හුන්නාහුය. එක් පැත්තක හුන් ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ කීවාහුය.
“ස්වාමීනි, අපි අස්සජී පුනබ්බසුක භික්ෂූහු යම් තැනෙක්හිද එහි පැමිණියෙමු. පැමිණ, අස්සජී පුනබ්බසුක භික්ෂූන්ට මේ කරුණු කීවෙමු. ‘භාග්‍යවතුන් වහන්සේද භික්ෂු සංඝයාද රාත්‍රි භෝජනයෙන් තොරව අනුභව කරති. රාත්‍රි භෝජනයෙන් තොරව අනුභවකරන්නාහු ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියවු පැවැත්මද, කාය බලයද, සැප විහරණයද දනිත්. ඇවැත්නි, යුෂ්මත්හුද එව්. රාත්‍රි භෝජනයෙන් තොරව අනුභව කරව්. ඇවැත්නි, රාත්‍රි භෝජනයෙන් තොරව අනුභව කරණ යුෂ්මත්හුද ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇතිබවද, පහසුවෙන් ඉරියව් පැවැත්මද, කාය බලයද, සැප විහරණයද දනිව් (කියායි.)
“ස්වාමීනි, මෙසේ කී කල්හි අස්සජී පුනබ්බසුක භික්ෂූහු අපට මේ කරුණ කීවාහුය. ‘ඇවැත්නි, අපි සවසද, උදේද, දවල්, නොකල්හිද අනුභව කරමු. සවසද, උදේද, දවල් නොකල්හිද අනුභව කරණ අපි ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇතිබවද, පහසු ඉරියව් පැවැත්මද, කාය බලයද, සැප විහරණයද දනිමු. ඒ අපි දත් කරුණ හැර ඉදිරි කල පැමිණිය යුතු ප්‍රයෝජනයට කුමට දුවමුද? අපි සවසද, උදේද, දවල් නොකල්හිද, අනුභව කරමු’යි කීවාහුය. ස්වාමීනි, අපි යම් හෙයකින් අස්සජී පුනබ්බසුක භික්ෂූන්ට ඒ කරුණු අවබෝධ කරවන්ට නොහැකිවූමුද එහෙයින් අපි මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට දන්වමුයි කීහ.
176
අථ ඛො භගවා අඤ්ඤතරං භික්ඛුං ආමන්තෙසි - ‘‘එහි ත්වං, භික්ඛු, මම වචනෙන අස්සජිපුනබ්බසුකෙ භික්ඛූ ආමන්තෙහි - ‘සත්ථා ආයස්මන්තෙ ආමන්තෙතී’’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො සො භික්ඛු භගවතො පටිස්සුත්වා යෙන අස්සජිපුනබ්බසුකා භික්ඛූ තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා අස්සජිපුනබ්බසුකෙ භික්ඛූ එතදවොච - ‘‘සත්ථා ආයස්මන්තෙ ආමන්තෙතී’’ති. ‘‘එවමාවුසො’’ති ඛො අස්සජිපුනබ්බසුකා භික්ඛූ තස්ස භික්ඛුනො පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො අස්සජිපුනබ්බසුකෙ භික්ඛූ භගවා එතදවොච - ‘‘සච්චං කිර, භික්ඛවෙ, සම්බහුලා භික්ඛූ තුම්හෙ උපසඞ්කමිත්වා එතදවොචුං - ‘භගවා ඛො, ආවුසො, අඤ්ඤත්‍රෙව රත්තිභොජනා භුඤ්ජති භික්ඛුසඞ්ඝො ච. අඤ්ඤත්‍ර ඛො පනාවුසො, රත්තිභොජනා භුඤ්ජමානා අප්පාබාධතඤ්ච සඤ්ජානන්ති අප්පාතඞ්කතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්ච. එථ, තුම්හෙපි, ආවුසො, අඤ්ඤත්‍රෙව රත්තිභොජනා භුඤ්ජථ. අඤ්ඤත්‍ර ඛො පනාවුසො, තුම්හෙපි රත්තිභොජනා භුඤ්ජමානා අප්පාබාධතඤ්ච සඤ්ජානිස්සථ අප්පාතඞ්කතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්චා’ති. එවං වුත්තෙ කිර (කිං නු (ක.)), භික්ඛවෙ, තුම්හෙ තෙ භික්ඛූ එවං අවචුත්ථ - ‘මයං ඛො පනාවුසො, සායඤ්චෙව භුඤ්ජාම පාතො ච දිවා ච විකාලෙ. තෙ මයං සායඤ්චෙව භුඤ්ජමානා පාතො ච දිවා ච විකාලෙ අප්පාබාධතඤ්ච සඤ්ජානාම අප්පාතඞ්කතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්ච. තෙ මයං කිං සන්දිට්ඨිකං හිත්වා කාලිකං අනුධාවිස්සාම? සායඤ්චෙව මයං භුඤ්ජිස්සාම පාතො ච දිවා ච විකාලෙ’’’ති. ‘‘එවං, භන්තෙ’’.
176
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්ෂුවකට කථා කළහ. “මහණ, මෙහි එව්. “ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් කැඳවත්යයි මාගේ වචනයෙන් අස්සජී පුනබ්බසුක භික්ෂූන් කැඳවව.”
“එසේය, පින්වතුන් වහන්සැ’යි ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට පිළිතුරුදී, අස්සජී පුනබ්බසුක භික්ෂූන් යම් තැනෙක්හිද එහි පැමිණියේය. එහි පැමිණ, “ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් කැඳවත්යයි,” අස්සජී පුනබ්බසුක භික්ෂූන්ට කීය. “එසේය, ඇවැත්නියි” අස්සජී පුනබ්බසුක භික්ෂූහු ඒ භික්ෂුවට පිළිතුරුදී භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක් හිද එහි පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් තැනෙක හුන්නාහුය. එක් තැනෙක හුන් අස්සජී පුනබ්බසුක භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.
“මහණෙනි, සැබෑද? බොහෝ භික්ෂූහු තොප වෙත පැමිණ මේ කරුණ කීවාහුද? ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ හා භික්ෂු සංඝයා රාත්‍රි භෝජනයෙන් තොරව අනුභව කරති. ඇවැත්නි, රාත්‍රි භෝජනයෙන් තොරව අනුභව කරන්නාහු ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්මද, කාය බලයද, සැපවිහරණයද ඇති බව දනිත්. ඇවැත්නි, යුෂ්මත්හුද එව්. රාත්‍රි භෝජනයෙන් තොරව අනුභව කරව්. ඇවැත්නි, යුෂ්මත්හුද රාත්‍රි භෝජනයෙන් තොරව අනුභව කරන්නාහු, ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්මද, කාය බලයද, සැපවිහරණයද, දැනගන්නාහුයයි (කියායි)
“මෙසේ කී කල්හි තොපි ඒ භික්ෂූන්ට මෙසේ කීවාහුද? ‘ඇවැත්නි, අපි සවසද, උදේද, දවල් විකාලයෙහිද අනුභව කරමු. පස්වරුද, උදේද, දවල්ද, නොකල්හිද අනුභව කරන්නාවූ අපි ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, කාය බලයද, සැපවිහරණයද දන්නෙමු. ඒ අපි අත් දුටු කරුණ හැර ඉදිරියට ඇති ප්‍රයෝජනය ගැණ කුමට දුවමුද? අපි පස්වරුද, උදේද, දවල්ද, නොකල්හිද අනුභව කරමුය”යි (කීවාහුද)
“එසේය, ස්වාමීනි”
177
‘‘කිං නු මෙ තුම්හෙ, භික්ඛවෙ, එවං ධම්මං දෙසිතං ආජානාථ යං කිඤ්චායං පුරිසපුග්ගලො පටිසංවෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තස්ස අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪන්තී’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘නනු මෙ තුම්හෙ, භික්ඛවෙ, එවං ධම්මං දෙසිතං ආජානාථ ඉධෙකච්චස්ස යං එවරූපං සුඛං වෙදනං වෙදයතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති කුසලා ධම්මා පරිහායන්ති, ඉධ පනෙකච්චස්ස එවරූපං සුඛං වෙදනං වෙදයතො අකුසලා ධම්මා පරිහායන්ති , කුසලා ධම්මා අභිවඩ්ඪන්ති, ඉධෙකච්චස්ස එවරූපං දුක්ඛං වෙදනං වෙදයතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති කුසලා ධම්මා පරිහායන්ති, ඉධ පනෙකච්චස්ස එවරූපං දුක්ඛං වෙදනං වෙදයතො අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪන්ති, ඉධෙකච්චස්ස එවරූපං අදුක්ඛමසුඛං වෙදනං වෙදයතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති කුසලා ධම්මා පරිහායන්ති, ඉධ පනෙකච්චස්ස එවරූපං අදුක්ඛමසුඛං වෙදනං වෙදයතො අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪන්තී’’ති? ‘‘එවං, භන්තෙ’’.
177
“මහණෙනි, ‘පුද්ගලයෙක් යම්කිසි සැපක් හෝ දුකක් හෝ සැප දුක් නොවූවක් හෝ විඳීද, ඔහුගේ අකුශල ධර්ම පිරිහෙත්, කුශල ධර්ම වැඩෙත්ය’යි මෙසේ මා විසින් දෙසනලද ධර්මයක් තොපි දනිව්ද?
“ස්වාමීනි, එසේ නොදනිමු.”
“මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳු සැප වේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ වැඩෙත්, කුශල ධර්මයෝ පිරිහෙත්, මේ ලෝකයෙහි මෙබඳු සැපවේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්, කුශල ධර්මයෝ වැඩෙත්. මේ ලෝකයෙහි මෙබඳු දුක් වේදනාවක් විඳින “ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ වැඩෙත්, කුශල ධර්මයෝ පිරිහෙත්, මේ ලෝකයෙහි මෙබඳු දුක් වේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්. කුශල ධර්මයෝ වැඩෙත්. මේ ලෝකයෙහි මෙබඳු සැප දුක් නොවූ වේදනාව විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ වැඩෙත්, කුශල ධර්මයෝ පිරිහෙත්, මේ ලෝකයෙහි මෙබඳු සැප දුක් නොවූ වේදනා විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්, කුශල ධර්මයෝ වැඩෙත්යයි මා විසින් දෙසනලද ධර්මයක් තොපි දන්නාහු නොවෙත්ද?”
“එසේය, ස්වාමීනි,”
178
‘‘සාධු, භික්ඛවෙ! මයා චෙතං, භික්ඛවෙ, අඤ්ඤාතං අභවිස්ස අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං අඵස්සිතං පඤ්ඤාය - ‘ඉධෙකච්චස්ස එවරූපං සුඛං වෙදනං වෙදයතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති කුසලා ධම්මා පරිහායන්තී’ති, එවාහං අජානන්තො ‘එවරූපං සුඛං වෙදනං පජහථා’ති වදෙය්‍යං; අපි නු මෙ එතං, භික්ඛවෙ, පතිරූපං අභවිස්සා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘යස්මා ච ඛො එතං, භික්ඛවෙ, මයා ඤාතං දිට්ඨං විදිතං සච්ඡිකතං ඵස්සිතං පඤ්ඤාය - ‘ඉධෙකච්චස්ස එවරූපං සුඛං වෙදනං වෙදයතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති කුසලා ධම්මා පරිහායන්තී’ති, තස්මාහං ‘එවරූපං සුඛං වෙදනං පජහථා’ති වදාමි. මයා චෙතං, භික්ඛවෙ, අඤ්ඤාතං අභවිස්ස අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං අඵස්සිතං පඤ්ඤාය - ‘ඉධෙකච්චස්ස එවරූපං සුඛං වෙදනං වෙදයතො අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪන්තී’ති, එවාහං අජානන්තො ‘එවරූපං සුඛං වෙදනං උපසම්පජ්ජ විහරථා’ති වදෙය්‍යං; අපි නු මෙ එතං, භික්ඛවෙ, පතිරූපං අභවිස්සා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘යස්මා ච ඛො එතං, භික්ඛවෙ, මයා ඤාතං දිට්ඨං විදිතං සච්ඡිකතං ඵස්සිතං පඤ්ඤාය - ‘ඉධෙකච්චස්ස එවරූපං සුඛං වෙදනං වෙදයතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්තී’ති, තස්මාහං ‘එවරූපං සුඛං වෙදනං උපසම්පජ්ජ විහරථා’ති වදාමි.
178
“මහණෙනි, යහපති, මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳු සැප වේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ වැඩෙත්, කුසල ධර්මයෝ පිරිහෙත්යයි එය මා විසින් නොදන්නා ලද්දේ, නොදක්නා ලද්දේ, නොවිඳිනා ලද්දේ, ප්‍රත්‍යක්ෂ නොකරන ලද්දේ, නුවණින් ස්පර්ශ නොකරන ලද්දේ, වන්නේනම් එසේ මම නොදන්නේ මෙබඳු සැප වේදනාවක් දුරුකරව්යයි කියත් නම්, මහණෙනි, මට එය සුදුසු වන්නේද?”
“ස්වාමීනි, සුදුසු නොවේය.”
“මහණෙනි, යම් හෙයකින් මේ ලෝකයෙහි මෙබඳු සැප වේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ වැඩෙත්, කුශල ධර්මයෝ පිරිහෙත්යයි, එය මා විසින් දන්නා ලද්දේද, දක්නා ලද්දේද, විඳින ලද්දේද, ප්‍රත්‍යක්ෂ කරන ලද්දේද, එහෙයින් මෙබඳු සැප වේදනාවක් දුරුකරව් යයි කියමි.
“මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳු සැප වේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්, කුශල ධර්මයෝ වැඩෙත්ය’යි එය මා විසින් නොදන්නා ලද්දේ, නොදක්නා ලද්දේ, නොවිඳින ලද්දේ, ප්‍රත්‍යක්ෂ නොකරන ලද්දේ, නුවණින් ස්පර්ශ නොකරන ලද්දේ, වන්නේ නම්, එසේ මම නොදන්නේ මෙබඳු සැප වේදනාවකට එළඹ වාසය කරව්ය’යි කියම් නම්, මහණෙනි, මට එය සුදුසු වන්නේද?”
“ස්වාමීනි, සුදුසු නොවේය.”
“මහණෙනි, යම් හෙයකින් මේ ලෝකයෙහි යම්බඳු සැප වේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්. කුශල ධර්මයෝ වැඩෙත්ය’යි එය මා විසින් දන්නා ලද්දේද, දක්නා ලද්දේද, විඳින ලද්දේද, එහෙයින් මම මෙබඳු සැපවේදනාවකට එළඹ වසව්ය’යි කියමි.
179
‘‘මයා චෙතං, භික්ඛවෙ, අඤ්ඤාතං අභවිස්ස අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං අඵස්සිතං පඤ්ඤාය - ‘ඉධෙකච්චස්ස එවරූපං දුක්ඛං වෙදනං වෙදයතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති කුසලා ධම්මා පරිහායන්තී’ති, එවාහං අජානන්තො ‘එවරූපං දුක්ඛං වෙදනං පජහථා’ති වදෙය්‍යං; අපි නු මෙ එතං, භික්ඛවෙ, පතිරූපං අභවිස්සා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘යස්මා ච ඛො එතං, භික්ඛවෙ, මයා ඤාතං දිට්ඨං විදිතං සච්ඡිකතං ඵස්සිතං පඤ්ඤාය - ‘ඉධෙකච්චස්ස එවරූපං දුක්ඛං වෙදනං වෙදයතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති කුසලා ධම්මා පරිහායන්තී’ති, තස්මාහං ‘එවරූපං දුක්ඛං වෙදනං පජහථා’ති වදාමි. මයා චෙතං, භික්ඛවෙ, අඤ්ඤාතං අභවිස්ස අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං අඵස්සිතං පඤ්ඤාය - ‘ඉධෙකච්චස්ස එවරූපං දුක්ඛං වෙදනං වෙදයතො අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪන්තී’ති, එවාහං අජානන්තො ‘එවරූපං දුක්ඛං වෙදනං උපසම්පජ්ජ විහරථා’ති වදෙය්‍යං; අපි නු මෙ එතං, භික්ඛවෙ, පතිරූපං අභවිස්සා’’ති ? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘යස්මා ච ඛො එතං, භික්ඛවෙ, මයා ඤාතං දිට්ඨං විදිතං සච්ඡිකතං ඵස්සිතං පඤ්ඤාය - ‘ඉධෙකච්චස්ස එවරූපං දුක්ඛං වෙදනං වෙදයතො අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪන්තී’ති, තස්මාහං ‘එවරූපං දුක්ඛං වෙදනං උපසම්පජ්ජ විහරථා’ති වදාමි.
179
“මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳු දුක් වේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ වැඩෙත්, කුශලධර්මයෝ පිරිහෙත්යයි මා විසින් එය නොදන්නා ලද්දේ, නොදක්නා ලද්දේ, නොවිඳින ලද්දේ, ප්‍රත්‍යක්ෂ නොකරන ලද්දේ වන්නේ නම්, මෙසේ මම නොදන්නේ මෙබඳු දුක් වේදනාවක් දුරුකරව්ය’යි කියන්නෙම් නම්, එය මට සුදුසු වන්නේද?”
“ස්වාමීනි, සුදුසු නොවේය”
“මහණෙනි, යම් හෙයකින් මේ ලෝකයෙහි මෙබඳු දුක් වේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ වැඩෙත්, කුශල ධර්මයෝ පිරිහෙත්යයි, එය මා විසින් දන්නා ලද්දේද, දක්නා ලද්දේද, විඳින ලද්දේද, ප්‍රත්‍යක්ෂ කරන ලද්දේද, එහෙයින් මෙබඳු දුක් වේදනාවක් දුරුකරව් යයි කියමි.
“මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳු දුක් වේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්, කුශල ධර්මයෝ වැඩෙත්ය’යි එය මා විසින් නොදන්නා ලද්දේ, නොදක්නා ලද්දේ, නොවිඳින ලද්දේ, ප්‍රත්‍යක්ෂ නොකරන ලද්දේ, නුවණින් ස්පර්ශ නොකරන ලද්දේ, වන්නේ නම්, එසේ මම නොදන්නේ මෙබඳු දුක් වේදනාවක් එළඹ වාසය කරව්ය’යි කියම් නම්, මහණෙනි, මට එය සුදුසු වන්නේද?”
“ස්වාමීනි, සුදුසු නොවේය.”
“මහණෙනි, යම් හේතුවකින් මේ ලෝකයෙහි මෙබඳු දුක් වේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුසල ධර්මයෝ වැඩෙත්. කුසල ධර්මයෝ පිරිහෙත්ය’යි එය මා විසින් දන්නා ලද්දේද, දක්නා ලද්දේද, විඳින ලද්දේද, එහෙයින් මම මෙබඳු දුක් වේදනාවකට එළඹ වසව්ය’යි කියමි.
180
‘‘මයා චෙතං, භික්ඛවෙ, අඤ්ඤාතං අභවිස්ස අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං අඵස්සිතං පඤ්ඤාය - ‘ඉධෙකච්චස්ස එවරූපං අදුක්ඛමසුඛං වෙදනං වෙදයතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති කුසලා ධම්මා පරිහායන්තී’ති, එවාහං අජානන්තො ‘එවරූපං අදුක්ඛමසුඛං වෙදනං පජහථා’ති වදෙය්‍යං; අපි නු මෙ එතං, භික්ඛවෙ, පතිරූපං අභවිස්සා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘යස්මා ච ඛො එතං, භික්ඛවෙ, මයා ඤාතං දිට්ඨං විදිතං සච්ඡිකතං ඵස්සිතං පඤ්ඤාය - ‘ඉධෙකච්චස්ස එවරූපං අදුක්ඛමසුඛං වෙදනං වෙදයතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති කුසලා ධම්මා පරිහායන්තී’ති, තස්මාහං ‘එවරූපං අදුක්ඛමසුඛං වෙදනං පජහථා’ති වදාමි’’. මයා චෙතං, භික්ඛවෙ, අඤ්ඤාතං අභවිස්ස අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං අඵස්සිතං පඤ්ඤාය - ‘ඉධෙකච්චස්ස එවරූපං අදුක්ඛමසුඛං වෙදනං වෙදයතො අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪන්තී’ති, එවාහං අජානන්තො ‘එවරූපං අදුක්ඛමසුඛං වෙදනං උපසම්පජ්ජ විහරථා’ති වදෙය්‍යං; අපි නු මෙ එතං, භික්ඛවෙ, පතිරූපං අභවිස්සා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘යස්මා ච ඛො එතං, භික්ඛවෙ, මයා ඤාතං දිට්ඨං විදිතං සච්ඡිකතං ඵස්සිතං පඤ්ඤාය - ‘ඉධෙකච්චස්ස එවරූපං අදුක්ඛමසුඛං වෙදනං වෙදයතො අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪන්තී’ති, තස්මාහං ‘එවරූපං අදුක්ඛමසුඛං වෙදනං උපසම්පජ්ජ විහරථා’ති වදාමි.
180
“මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳු දුක් නොවූ සැපද නොවූ වේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ වැඩෙත්, කුසල ධර්මයෝ පිරිහෙත්යයි මා විසින් එය නොදන්නා ලද්දේ, නොදක්නා ලද්දේ, නොවිඳිනා ලද්දේ, ප්‍රත්‍යක්ෂ නොකරන ලද්දේ වන්නෙම් නම්, මෙසේ මම නොදන්නේ මෙබඳු දුක් වේදනාවක් දුරුකරව්යයි’ කියන්නෙම් නම් එය මට සුදුසු වන්නේද?”
“ස්වාමීනි, සුදුසු නොවේය”.
“මහණෙනි, යම් හෙයකින් මේ ලෝකයෙහි මෙබඳු දුක් නොවූ සැපද නොවූ වේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ වැඩෙත්, කුශල ධර්මයෝ පිරිහෙත්යයි, එය මා විසින් දන්නා ලද්දේද, දක්නා ලද්දේද, විඳින ලද්දේද, ප්‍රත්‍යක්ෂ කරන ලද්දේද, එහෙයින් මෙබඳු දුක් නොවූ සැපද නොවූ වේදනාවක් දුරුකරව් යයි කියමි.
“මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳු දුක් නොවූ සැපද නොවූ වේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්, කුශල ධර්මයෝ වැඩෙත්ය’යි එය මා විසින් නොදන්නා ලද්දේ, නොදක්නා ලද්දේ, නොවිඳින ලද්දේ, ප්‍රත්‍යක්ෂ නොකරන ලද්දේ, නුවණින් ස්පර්ශ නොකරන ලද්දේ, වන්නේ නම්, එසේ මම නොදන්නේ මෙබඳු දුක් නොවූ සැපද නොවූ වේදනාවකට එළඹ වාසය කරව්ය’යි කියම් නම්, මහණෙනි, මට එය සුදුසු වන්නේද?”
“ස්වාමීනි, සුදුසු නොවේය.”
“මහණෙනි, යම් හේතුවකින් මේ ලෝකයෙහි මෙබඳු දුක්ද නොවූ සැපද නොවූ වේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ වැඩෙත්, කුශල ධර්මයෝ පිරිහෙත් යයි මා විසින් දන්නා ලද්දේද, දක්නා ලද්දේද, විඳිනා ලද්දේද, එහෙයින් මම මෙබඳු දුක්ද නොවූ සැපද නොවූ වේදනාවකට එළඹ වාසය කරව්යයි කියමි.
181
‘‘නාහං, භික්ඛවෙ, සබ්බෙසංයෙව භික්ඛූනං ‘අප්පමාදෙන කරණීය’න්ති වදාමි; න පනාහං, භික්ඛවෙ, සබ්බෙසංයෙව භික්ඛූනං ‘න අප්පමාදෙන කරණීය’න්ති වදාමි. යෙ තෙ, භික්ඛවෙ, භික්ඛූ අරහන්තො ඛීණාසවා වුසිතවන්තො කතකරණීයා ඔහිතභාරා අනුප්පත්තසදත්ථා පරික්ඛීණභවසංයොජනා සම්මදඤ්ඤා විමුත්තා, තථාරූපානාහං, භික්ඛවෙ, භික්ඛූනං ‘න අප්පමාදෙන කරණීය’න්ති වදාමි. තං කිස්ස හෙතු? කතං තෙසං අප්පමාදෙන. අභබ්බා තෙ පමජ්ජිතුං. යෙ ච ඛො තෙ, භික්ඛවෙ, භික්ඛූ සෙක්ඛා අප්පත්තමානසා අනුත්තරං යොගක්ඛෙමං පත්ථයමානා විහරන්ති, තථාරූපානාහං, භික්ඛවෙ, භික්ඛූනං ‘අප්පමාදෙන කරණීය’න්ත්න්ත්ති වදාමි. තං කිස්ස හෙතු? අප්පෙව නාමිමෙ ආයස්මන්තො අනුලොමිකානි සෙනාසනානි පටිසෙවමානා කල්‍යාණමිත්තෙ භජමානා ඉන්ද්‍රියානි සමන්නානයමානා - යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං - බ්‍රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්‍යුන්ති! ඉමං ඛො අහං, භික්ඛවෙ, ඉමෙසං භික්ඛූනං අප්පමාදඵලං සම්පස්සමානො ‘අප්පමාදෙන කරණීය’න්ත්න්ත්ති වදාමි.
181
“මහණෙනි, මම සියලුම භික්ෂූන්ට ‘නොපමාවෙන් (කටයුතු) කළයුතුය’යි නොකියමි. මහණෙනි, මම සියලුම භික්ෂූන්ට නොපමා නොවීමෙන් (කටයුතු) කළයුතුය’යි නොකියමි. මහණෙනි, රහත්වූ ආශ්‍රවයන් ක්ෂයකළ, වැස නිමවූ බඹසර ඇති, කළ යුතු දේ කළ, බහා තැබූ ස්කන්ධාදී බර ඇති, පැමිණි ස්වකියාර්ථය (-රහත් බව) ඇති, භව බන්ධනය නැතිකළ, මනාව දැන සසරින් මිදුනු, යම් ඒ භික්ෂූහු වෙත්ද, මහණෙනි, මම එවැනි භික්ෂූන්ට නොපමාවෙන් (කටයුතු) කළ යුතුය’යි නොකියමි, ඊට හේතු කවරේද? ඔවුන් නොපමාවෙන් (කටයුතු) කරන ලද්දාහ. ඔවුහු පමාවන්ට නුසුදුස්සෝය. මහණෙනි, සෙඛ (-නිවන් ලැබීමට හික්මෙන) රහත් බවට නොපැමිණි, උතුම් නිවන් පතමින් යම් ඒ භික්ෂූහු වසත්ද, මහණෙනි, මම එවැනි භික්ෂූන්ට නොපමාවෙන් (කටයුතු) කළ යුතුය’යි කියමි. ඊට හේතු කවරේද? මේ ආයුෂ්මත්හු, සුදුසු සෙනසුන් සෙවනය කරමින්, කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරමින්, ඉඳුරන් සමකරමින්, යමක් නිසා කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙත්ද, බ්‍රහ්මචරියාව කෙළවර කොට ඇති, ඒ උතුම් නිර්වාණය මේ අත්බැව්හි තමා නුවණින් දැන, ප්‍රත්‍යක්ෂ කොට (රහත් බවට) පැමිණ වාසය කරන්නාහුනම්, යෙහෙකැයි (කියායි) මහණෙනි, මම මේ භික්ෂූන්ගේ මේ අප්‍රමාද ඵලය බලමින් නොපමාවෙන් (කටයුතු) කළ යුතුයයි කියමි.
182
‘‘සත්තිමෙ , භික්ඛවෙ, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ සත්ත? උභතොභාගවිමුත්තො, පඤ්ඤාවිමුත්තො, කායසක්ඛි, දිට්ඨිප්පත්තො, සද්ධාවිමුත්තො, ධම්මානුසාරී, සද්ධානුසාරී.
‘‘කතමො ච, භික්ඛවෙ, පුග්ගලො උභතොභාගවිමුත්තො? ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා තෙ කායෙන ඵුසිත්වා (ඵස්සිත්වා (සී. පී.)) විහරති පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. අයං වුච්චති, භික්ඛවෙ, පුග්ගලො උභතොභාගවිමුත්තො ඉමස්ස ඛො අහං, භික්ඛවෙ, භික්ඛුනො ‘න අප්පමාදෙන කරණීය’න්ති වදාමි. තං කිස්ස හෙතු? කතං තස්ස අප්පමාදෙන. අභබ්බො සො පමජ්ජිතුං.
‘‘කතමො ච, භික්ඛවෙ, පුග්ගලො පඤ්ඤාවිමුත්තො? ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා තෙ න කායෙන ඵුසිත්වා විහරති, පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. අයං වුච්චති, භික්ඛවෙ, පුග්ගලො පඤ්ඤාවිමුත්තො. ඉමස්සපි ඛො අහං, භික්ඛවෙ, භික්ඛුනො ‘න අප්පමාදෙන කරණීය’න්ති වදාමි. තං කිස්ස හෙතු? කතං තස්ස අප්පමාදෙන. අභබ්බො සො පමජ්ජිතුං.
‘‘කතමො ච, භික්ඛවෙ, පුග්ගලො කායසක්ඛි? ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා තෙ කායෙන ඵුසිත්වා විහරති, පඤ්ඤාය චස්ස දිස්වා එකච්චෙ ආසවා පරික්ඛීණා හොන්ති. අයං වුච්චති, භික්ඛවෙ, පුග්ගලො කායසක්ඛි. ඉමස්ස ඛො අහං, භික්ඛවෙ, භික්ඛුනො ‘අප්පමාදෙන කරණීය’න්ති වදාමි. තං කිස්ස හෙතු? අප්පෙව නාම අයමායස්මා අනුලොමිකානි සෙනාසනානි පටිසෙවමානො කල්‍යාණමිත්තෙ භජමානො ඉන්ද්‍රියානි සමන්නානයමානො - යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං - බ්‍රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්‍යාති! ඉමං ඛො අහං, භික්ඛවෙ, ඉමස්ස භික්ඛුනො අප්පමාදඵලං සම්පස්සමානො ‘අප්පමාදෙන කරණීය’න්ත්න්ත්ති වදාමි.
‘‘කතමො ච, භික්ඛවෙ, පුග්ගලො දිට්ඨිප්පත්තො? ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා තෙ න කායෙන ඵුසිත්වා විහරති, පඤ්ඤාය චස්ස දිස්වා එකච්චෙ ආසවා පරික්ඛීණා හොන්ති, තථාගතප්පවෙදිතා චස්ස ධම්මා පඤ්ඤාය වොදිට්ඨා හොන්ති වොචරිතා. අයං වුච්චති, භික්ඛවෙ, පුග්ගලො දිට්ඨිප්පත්තො. ඉමස්සපි ඛො අහං, භික්ඛවෙ, භික්ඛුනො ‘අප්පමාදෙන කරණීය’න්ති වදාමි. තං කිස්ස හෙතු? අප්පෙව නාම අයමායස්මා අනුලොමිකානි සෙනාසනානි පටිසෙවමානො කල්‍යාණමිත්තෙ භජමානො ඉන්ද්‍රියානි සමන්නානයමානො - යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං - බ්‍රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්‍යාති! ඉමං ඛො අහං, භික්ඛවෙ, ඉමස්ස භික්ඛුනො අප්පමාදඵලං සම්පස්සමානො ‘අප්පමාදෙන කරණීය’න්ත්න්ත්ති වදාමි.
‘‘කතමො ච, භික්ඛවෙ, පුග්ගලො සද්ධාවිමුත්තො. ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා තෙ න කායෙන ඵුසිත්වා විහරති, පඤ්ඤාය චස්ස දිස්වා එකච්චෙ ආසවා පරික්ඛීණා හොන්ති, තථාගතෙ චස්ස සද්ධා නිවිට්ඨා හොති මූලජාතා පතිට්ඨිතා. අයං වුච්චති, භික්ඛවෙ, පුග්ගලො සද්ධාවිමුත්තො. ඉමස්සපි ඛො අහං, භික්ඛවෙ, භික්ඛුනො ‘අප්පමාදෙන කරණීය’න්ත්න්ත්ති වදාමි. තං කිස්ස හෙතු? අප්පෙව නාම අයමායස්මා අනුලොමිකානි සෙනාසනානි පටිසෙවමානො කල්‍යාණමිත්තෙ භජමානො ඉන්ද්‍රියානි සමන්නානයමානො - යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං - බ්‍රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්‍යාති! ඉමං ඛො අහං, භික්ඛවෙ, ඉමස්ස භික්ඛුනො අප්පමාදඵලං සම්පස්සමානො ‘අප්පමාදෙන කරණීය’න්ත්න්ත්ති වදාමි.
‘‘කතමො ච, භික්ඛවෙ, පුග්ගලො ධම්මානුසාරී? ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා තෙ න කායෙන ඵුසිත්වා විහරති, පඤ්ඤාය චස්ස දිස්වා එකච්චෙ ආසවා පරික්ඛීණා (දිස්වා ආසවා අපරික්ඛීණා (සී. පී.)) හොන්ති, තථාගතප්පවෙදිතා චස්ස ධම්මා පඤ්ඤාය මත්තසො නිජ්ඣානං ඛමන්ති, අපි චස්ස ඉමෙ ධම්මා හොන්ති, සෙය්‍යථිදං - සද්ධින්ද්‍රියං, වීරියින්ද්‍රියං, සතින්ද්‍රියං, සමාධින්ද්‍රියං, පඤ්ඤින්ද්‍රියං. අයං වුච්චති, භික්ඛවෙ, පුග්ගලො ධම්මානුසාරී. ඉමස්සපි ඛො අහං, භික්ඛවෙ, භික්ඛුනො ‘අප්පමාදෙන කරණීය’න්ති වදාමි. තං කිස්ස හෙතු? අප්පෙව නාම අයමායස්මා අනුලොමිකානි සෙනාසනානි පටිසෙවමානො කල්‍යාණමිත්තෙ භජමානො ඉන්ද්‍රියානි සමන්නානයමානො - යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං - බ්‍රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්‍යාති ! ඉමං ඛො අහං, භික්ඛවෙ, ඉමස්ස භික්ඛුනො අප්පමාදඵලං සම්පස්සමානො ‘අප්පමාදෙන කරණීය’න්ති වදාමි.
‘‘කතමො ච, භික්ඛවෙ, පුග්ගලො සද්ධානුසාරී? ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා තෙ න කායෙන ඵුසිත්වා විහරති, පඤ්ඤාය චස්ස දිස්වා එකච්චෙ ආසවා පරික්ඛීණා (දිස්වා ආසවා අපරික්ඛීණා (සී. පී.)) හොන්ති, තථාගතෙ චස්ස සද්ධාමත්තං හොති පෙමමත්තං, අපි චස්ස ඉමෙ ධම්මා හොන්ති, සෙය්‍යථිදං - සද්ධින්ද්‍රියං, වීරියින්ද්‍රියං, සතින්ද්‍රියං, සමාධින්ද්‍රියං, පඤ්ඤින්ද්‍රියං. අයං වුච්චති, භික්ඛවෙ, පුග්ගලො සද්ධානුසාරී. ඉමස්සපි ඛො අහං, භික්ඛවෙ, භික්ඛුනො ‘අප්පමාදෙන කරණීය’න්ත්න්ත්ති වදාමි. තං කිස්ස හෙතු? අප්පෙව නාම අයමායස්මා අනුලොමිකානි සෙනාසනානි පටිසෙවමානො කල්‍යාණමිත්තෙ භජමානො ඉන්ද්‍රියානි සමන්නානයමානො - යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං - බ්‍රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්‍යාති! ඉමං ඛො අහං, භික්ඛවෙ, ඉමස්ස භික්ඛුනො අප්පමාදඵලං සම්පස්සමානො ‘අප්පමාදෙන කරණීය’න්ත්න්ත්ති වදාමි.
182
“මහණෙනි, මේ ලෝකයෙහි මේ නම් පුද්ගලයෝ සත්දෙනෙක් වෙත්. ඒ සත්දෙන කවරහුද? උභතොභාග විමුත්තය, පඤ්ඤාවිමුත්තය, කායසක්ඛිය, දිට්ඨප්පත්තය, සද්ධාවිමුත්තිය, ධම්මානුසාරීය, සද්ධානුසාරිය (යන සත්දෙනයි.)
“මහණෙනි, උභතොභාග විමුක්ත පුද්ගලයා නම් කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් යම් ඒ ශාන්ත විමොක්ෂ යයි කියන ලද අරූපාවචර ධ්‍යානයෝ වෙත්ද, රූප ධ්‍යානයන් ඉක්මවා ඒ අරූප ධ්‍යානයන් කයින් ස්පර්ශ කොට වාසය කෙරේද, ඔහුගේ විදර්ශනා නුවණින් දැන ආශ්‍රවයෝ ක්ෂය වූවාහුද, මහණෙනි, මේ පුද්ගල තෙමේ උභතොභාග විමුක්ත පුද්ගලයායයි, කියනු ලැබේ. මහණෙනි, මම මේ භික්ෂුවට අප්‍රමාදයෙන් (කටයුතු) කළ යුතුයයි නොකියමි. ඊට හේතු කවරේද, ඔහු අප්‍රමාදයෙන් (කටයුතු) කරණ ලද්දාහ. ඔහු ප්‍රමාද වීමට නුසුදුසුය.
“මහණෙනි, පඤ්ඤාවිමුත්ත පුද්ගලයා නම් කවරේද, මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපාවචර ධ්‍යානයන් ඉක්මවා යම් ඒ ශාන්ත විමොක්ෂ යයි කියන ලද අරූපාවචර ධ්‍යානයෝ වෙත්ද, ඒ අරූප ධ්‍යානයන් කයින් ස්පර්ශ නොකොට වාසය කෙරේද, ඔහුගේ විදර්ශනා නුවණින් දැන ආශ්‍රවයෝ ක්ෂය වූවාහුද, මහණෙනි, මේ තෙමේ පඤ්ඤාවිමුත්ත පුද්ගලයා යයි කියනු ලැබේ. මහණෙනි, මම මේ භික්ෂුවටද අප්‍රමාදයෙන් (කටයුතු) කළ යුතු යයි නොකියමි. ඊට හේතු කවරේද, ඔහු අප්‍රමාදයෙන් (කටයුතු) කරණ ලදහ. ඔහු ප්‍රමාද වීමට නුසුදුසුය.
“මහණෙනි, කායසක්ඛී පුද්ගලයා නම් කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපාවචර ධ්‍යානයන් ඉක්මවා යම් ඒ ශාන්ත විමොක්ෂ යයි කියන ලද අරූපාවචර ධ්‍යානයෝ වෙත්ද, ඒ අරූපධ්‍යානයන් කයින් ස්පර්ශ කොට වාසය නොකෙරේද, ඔහුගේ නුවණින් දැක ඇතැම් ආශ්‍රවයෝ ක්ෂය වූවාහු වෙත්ද, මහණෙනි, මේ පුද්ගලයා කායසක්ඛී ය’යි කියනු ලැබේ. මහණෙනි, මම මේ භික්ෂුවට අප්‍රමාදයෙන් (කටයුතු) කළ යුතු යයි කියමි. ඊට හේතු කවරේද? මේ ආයුෂ්මත් තෙමේ සුදුසු සෙනසුන් සෙවනය කරමින් කළ්‍යාණ මිත්‍රයන් ඇසුරු කරමින්, ඉඳුරන් සමකරමින්, යමක් නිසා කුලපුත්‍රයෝ මනා කොට ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙත්ද, ඒ මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති, අනුත්තර නිර්වාණය, මේ ආත්මයෙහි තමා නුවණින් දැන, ප්‍රත්‍යක්ෂ කොට, (රහත් බවට) පැමිණ වාසය කරන්නේ නම් යෙහෙකැයි’ (කියා) මහණෙනි මම මේ භික්ෂුවට මේ අප්‍රමාද ඵලය දකිමින් අප්‍රමාදයෙන් කටයුතු කළ යුතු යයි කියමි.
“මහණෙනි, දිට්ඨප්පත්ත පුද්ගලයා නම් කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපාවචර ධ්‍යානයන් ඉක්මවා ශාන්ත විමොක්ෂ යයි කියනලද යම් ඒ අරූප ධ්‍යාන කෙනෙක් වෙත්ද, ඒ අරූප ධ්‍යානයන් නාම කයින් ස්පර්ශ කොට වාසය නොකරයිද, ඔහුගේ විදර්ශනා නුවණින් දැක ඇතැම් ආශ්‍රවක්ෂය වූවාහු වෙත්ද, තථාගතයන් වහන්සේ විසින් දැන ගන්නා ලද ධර්මයෝ ඔහුගේ නුවණින් මනා කොට දැන ගන්නා ලද්දාහුද, මහණෙනි, මේ තෙමේ දිට්ඨප්පත්ත පුද්ගලයාය’යි කියනු ලැබේ. මහණෙනි, මම මේ භික්ෂුවටද අප්‍රමාදයෙන් (කටයුතු) කළ යුතුයයි කියමි. ඊට හේතු කවරේද? මේ ආයුෂ්මත් තෙමේ සුදුසු සෙනසුන් සේවනය කරමින් කළ්‍යාණ මිත්‍රයින්, ආශ්‍රය කරමින්, ඉන්ද්‍රියයන් සම කරමින්, යමක් නිසා කුල පුත්‍රයෝ මනා කොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති ඒ නිර්වාණය මේ ආත්මයෙහි තමා නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරන්නාහු නම් යෙහෙකැයි (කියායි). මහණෙනි, මම මේ භික්ෂුවගේ අප්‍රමාද ඵලය බලමින් නො පමාවෙන් (කටයුතු) කළ යුතුයයි කියමි.
“මහණෙනි, සද්ධාවිමුත්ත පුද්ගලයා නම් කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපාවචර ධ්‍යානයන් ඉක්මවා යම් ඒ ශාන්තවිමොක්ෂ යයි කියනලද අරූපාවචර ධ්‍යාන කෙනෙක් වෙත්ද, ඒ අරූප ධ්‍යානයන් කයින් ස්පර් නොකොට වාසය කරයිද, ඔහුගේ විදර්ශනා නුවණින් දැක ඇතම් ආශ්‍රවයෝ ක්ෂයවූවාහු වෙත්ද, තථාගතයන් වහන්සේ කෙරෙහි ඔහුගේ ශ්‍රද්ධාව බැසගත්තීවේද, මුල් බැස පිහිටියාවේද, මහණෙනි, මේ තෙමේ සද්ධාවිමුත්ත පුද්ගලයායි කියනු ලැබේ. මහණෙනි, මම මේ භික්ෂුවටද, අප්‍රමාදයෙන් කටයුතු කළ යුතුයයි කියමි. ඊට හේතු කවරේද? මේ ආයුෂ්මත් තෙමේ සුදුසු සෙනසුන් සේවනය කරමින් කළ්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කරමින්, ඉන්ද්‍රියයන් සම කරමින්, යමක් නිසා කුලපුත්‍රයො මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙද්ද, මාර්ගබ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති ඒ නිර්වාණය මේ ආත්මයෙහිම තමා නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරන්නේ නම් යෙහෙකැයි (කියායි). මහණෙනි, මම මේ භික්ෂුවගේ මේ අප්‍රමාද ඵලය දකිමින් අප්‍රමාදයෙන් (කටයුතු) කළ යුතුයයි කියමි.
“මහණෙනි, ධම්මානුසාරී පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපාවචර ධ්‍යානයන් ඉක්මවා යම් ඒ ශාන්ත විමොක්ෂයයි කියන ලද අරූපාවචර ධ්‍යානයෝ වෙත්ද, ඒ අරූප ධ්‍යානයන් නාම කයින් ස්පර්ශ නොකොට වාසය කරයිද, ඔහුගේ නුවණින් දැක ආශ්‍රවයෝ ක්ෂය නොවූවාහු වෙත්ද, තථාගතයන් වහන්සේ විසින් දැනගන්නා ලද ධර්මය ඔහුගේ නුවණින් පමණකින් දැකීමට පැමිණෙත්. තවද ඔහුට මේ ධර්මයෝ වෙත්, කවරහුද? සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්චෙන්ද්‍රිය ය (යන මොහුයි) මහණෙනි, මේ තෙමේ ධම්මානුසාරි පුද්ගලයායයි කියනු ලැබේ. මහණෙනි, මම මේ භික්ෂුවටද අප්‍රමාදයෙන් කටයුතු කළයුතුයයි කියමි. ඊට හේතු කවරේද? මේ ආයුෂ්මත් තෙමේ සුදුසු සෙනසුන් සේවනය කරමින් කළ්‍යාණ මිත්‍රයන්, ආශ්‍රය කරමින්, ඉන්ද්‍රියන් සමකරමින් යමක් නිසා කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයිද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති ඒ නිර්වාණය මේ ආත්මයෙහි තමා නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරන්නේ නම් යෙහෙකැයි (කියායි). මහණෙනි, මම මේ භික්ෂුවගේ අප්‍රමාද ඵලය දකිමින් අප්‍රමාදයෙන් කටයුතු කළයුතුයයි කියමි.
“මහණෙනි, සද්ධානුසාරී පුද්ගලයා නම් කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපාවචර ධ්‍යානයන් ඉක්මවා යම් ඒ ශාන්ත විමොක්ෂයයි කියන ලද අරූපාවචර ධ්‍යානයෝ වෙත්ද, ඒ අරූප ධ්‍යානයන් නාම කයින් ස්පර්ශ කොට වාසය නොකරයිද, ඔහුගේ නුවණින් දැක ආශ්‍රවයෝ ක්ෂය නොවූවාහු වෙත්ද, තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පමණක් භක්තිය පමණක් වෙයිද, තවද ඔහුට මේ ධර්මයෝ වෙත්, එනම් සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය (යන මොහුයි) මහණෙනි, මේ තෙමේ සද්ධානුසාරී පුද්ගලයායි කියනු ලැබේ. මහණෙනි. මම මේ භික්ෂුවට අප්‍රමාදයෙන් කටයුතු කළ යුතුයයි කියමි. ඊට හේතු කවරේද?
මේ ආයුෂ්මතෙමේ සුදුසු සෙනසුන් සේවනය කරමින් කළ්‍යාණ මිත්‍රයන්, ආශ්‍රය කරමින්, ඉන්ද්‍රියයන් සමකරමින්, යමක් නිසා කුල පුත්‍රයෝ මනා කොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, මාර්ගබ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති ඒ නිර්වාණය මේ ආත්මයෙහිම තමා නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරන්නේ නම් යෙහෙකැයි (කියායි) මහණෙනි, මම මේ භික්ෂුවගේ අප්‍රමාද ඵලය දකිමින් අප්‍රමාදයෙන් කටයුතු කළ යුතුයයි කියමි.
183
‘‘නාහං, භික්ඛවෙ, ආදිකෙනෙව අඤ්ඤාරාධනං වදාමි; අපි ච, භික්ඛවෙ, අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බපටිපදා අඤ්ඤාරාධනා හොති. කථඤ්ච, භික්ඛවෙ, අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බපටිපදා අඤ්ඤාරාධනා හොති? ඉධ, භික්ඛවෙ, සද්ධාජාතො උපසඞ්කමති, උපසඞ්කමන්තො පයිරුපාසති, පයිරුපාසන්තො සොතං ඔදහති, ඔහිතසොතො ධම්මං සුණාති, සුත්වා ධම්මං ධාරෙති, ධතානං (ධාතානං (ක.)) ධම්මානං අත්ථං උපපරික්ඛති, අත්ථං උපපරික්ඛතො ධම්මා නිජ්ඣානං ඛමන්ති, ධම්මනිජ්ඣානක්ඛන්තියා සති ඡන්දො ජායති, ඡන්දජාතො උස්සහති, උස්සාහෙත්වා තුලෙති, තුලයිත්වා පදහති, පහිතත්තො සමානො කායෙන චෙව පරමසච්චං සච්ඡිකරොති, පඤ්ඤාය ච නං අතිවිජ්ඣ පස්සති. සාපි නාම, භික්ඛවෙ, සද්ධා නාහොසි; තම්පි නාම, භික්ඛවෙ, උපසඞ්කමනං නාහොසි; සාපි නාම, භික්ඛවෙ, පයිරුපාසනා නාහොසි; තම්පි නාම, භික්ඛවෙ, සොතාවධානං නාහොසි ; තම්පි නාම, භික්ඛවෙ, ධම්මස්සවනං නාහොසි; සාපි නාම, භික්ඛවෙ, ධම්මධාරණා නාහොසි; සාපි නාම, භික්ඛවෙ, අත්ථූපපරික්ඛා නාහොසි; සාපි නාම, භික්ඛවෙ, ධම්මනිජ්ඣානක්ඛන්ති නාහොසි; සොපි නාම, භික්ඛවෙ, ඡන්දො නාහොසි; සොපි නාම, භික්ඛවෙ, උස්සාහො නාහොසි; සාපි නාම, භික්ඛවෙ, තුලනා නාහොසි; තම්පි නාම, භික්ඛවෙ, පධානං නාහොසි. විප්පටිපන්නාත්ථ, භික්ඛවෙ, මිච්ඡාපටිපන්නාත්ථ, භික්ඛවෙ. කීව දූරෙවිමෙ, භික්ඛවෙ, මොඝපුරිසා අපක්කන්තා ඉමම්හා ධම්මවිනයා.
183
“මහණෙනි, මම එක්වරටම රහත්වීම නොකියමි. එසේවුවත් මහණෙනි, පිළිවෙළින් හික්මීමෙන්, පිළිවෙළින් කටයුතු කිරීමෙන් පිළිවෙළින් පිළිවෙත් පිරීමෙන් රහත් බවට පැමිණීම වේ.
“මහණෙනි, කෙසේ පිළිවෙළින් හික්මීමෙන් පිළිවෙළින් කටයුතු කිරීමෙන් පිළිවෙළින් පිළිවෙත් පිරීමෙන් රහත් බවට පැමිණීම වේද? මහණෙනි, මේ ශාසනයෙහි ශ්‍රද්ධාව හටගත් තැනැත්තේ ගුරුන්වෙත එළඹෙයි, ගුරුන්වෙත එළඹුනේ, ආශ්‍රය කරයි. ආශ්‍රය කරන්නේ, කණ එළවා තබයි, කණ එළවා තැබූයේ, බණ අසයි, බණ අසා දරාගනියි, දරාගන්නේ ධර්මයන්ගේ අර්ථය සලකා බලයි, අර්ථය සලකා බලන්නේ වැටහෙන නුවණ උපදියි. වැටහෙන නුවණ ඇතිවූ කල්හි කැමැත්ත ඇතිවෙයි, කැමැත්ත ඇත්තේ, උත්සාහ කරයි. උත්සාහ කොට අනිත්‍ය දුඃඛ අනාත්මයයි විමසාබලයි. විමසා බලා දැන මාර්ගය ලැබීමට උත්සාහ කරයි. මාර්ගය ලැබීමට උත්සාහ කළේ නාමකයින් නිවන්සුව අවබෝධ කරයි. මාර්ග ප්‍රඥාවෙන් විනිවිද බලයි, මහණෙනි, ඒ ශ්‍රද්ධාව නොවීද, මහණෙනි, ඒ ගුරුන්වෙත එළඹීමද, නොවීද මහණෙනි, ඒ ආශ්‍රය නොවේද, මහණෙනි, ඒ කණ එළවා තැබීමද නොවේ. මහණෙනි, ඒ බණ ඇසීම නොවීද, මහණෙනි ඒ ධර්මය දැරීමද, නොවේ. මහණෙනි, ඒ දරන ලද ධර්මයාගේ අර්ථය සලකා බැලීම නොවේද, මහණෙනි, ඒ ධර්මය වටහා ගත් නුවණ නොවේ, මහණෙනි, ඒ කැමැත්ත නොවීද, මහණෙනි, ඒ උත්සාහය නොවේ, මහණෙනි, ඒ විමසා බැලීම නොවීද, මහණෙනි, ඒ මාර්ගය ලැබීමේ උත්සාහය නොවේ. මහණෙනි, විරුද්ධව පිළිපන්නෝ වූවාහුය. මහණෙනි, වරදවා පිළිපන්නෝ වූවාහුය, මහණෙනි, මේ හිස් පුරුෂයෝ කොතරම් දුර මේ ශාසනයෙන් පහවගියාහු වෙත්ද?
184
‘‘අත්ථි , භික්ඛවෙ, චතුප්පදං වෙය්‍යාකරණං යස්සුද්දිට්ඨස්ස විඤ්ඤූ පුරිසො නචිරස්සෙව පඤ්ඤායත්ථං ආජානෙය්‍ය. උද්දිසිස්සාමි වො (උද්දිට්ඨස්සාපි (ක.)), භික්ඛවෙ, ආජානිස්සථ මෙ ත’’න්ති? ‘‘කෙ ච මයං, භන්තෙ, කෙ ච ධම්මස්ස අඤ්ඤාතාරො’’ති? යොපි සො, භික්ඛවෙ, සත්ථා ආමිසගරු ආමිසදායාදො ආමිසෙහි සංසට්ඨො විහරති තස්ස පායං එවරූපී පණොපණවියා න උපෙති - ‘එවඤ්ච නො අස්ස අථ නං කරෙය්‍යාම, න ච නො එවමස්ස න නං කරෙය්‍යාමා’ති, කිං පන, භික්ඛවෙ, යං තථාගතො සබ්බසො ආමිසෙහි විසංසට්ඨො විහරති. සද්ධස්ස, භික්ඛවෙ, සාවකස්ස සත්ථුසාසනෙ පරියොගාහිය (පරියොගාය (සී. පී. ක.), පරියොගය්හ (ස්‍යා. කං.)) වත්තතො අයමනුධම්මො හොති - ‘සත්ථා භගවා, සාවකොහමස්මි; ජානාති භගවා, නාහං ජානාමී’ති. සද්ධස්ස, භික්ඛවෙ, සාවකස්ස සත්ථුසාසනෙ පරියොගාහිය වත්තතො රුළ්හනීයං (රුම්හනියං (සී. පී.)) සත්ථුසාසනං හොති ඔජවන්තං. සද්ධස්ස, භික්ඛවෙ, සාවකස්ස සත්ථුසාසනෙ පරියොගාහිය වත්තතො අයමනුධම්මො හොති - ‘කාමං තචො ච න්හාරු ච අට්ඨි ච අවසිස්සතු, සරීරෙ උපසුස්සතු (උපසුස්සතු සරීරෙ (සී.), සරීරෙ අවසුස්සතු (ක.)) මංසලොහිතං, යං තං පුරිසථාමෙන පුරිසවීරියෙන පුරිසපරක්කමෙන පත්තබ්බං න තං අපාපුණිත්වා වීරියස්ස සණ්ඨානං (සන්ථානං (සී. ස්‍යා. පී.)) භවිස්සතී’ති. සද්ධස්ස, භික්ඛවෙ, සාවකස්ස සත්ථුසාසනෙ පරියොගාහිය වත්තතො ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං - දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා’’ති.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
184
“මහණෙනි, මේ උදෙසීමක් (-කොටින් කීමක්) හේතු කොට ගෙන නුවණ ඇති පුරුෂ තෙමේ නොබෝ කලකින් නුවණින් අර්ථය (-කාරණය) දනීද, ඒ සතර පද (චතුස් සත්‍ය) ප්‍රකාශයක් ඇත්තේය.
“මහණෙනි, තොපට (එය) කොටින් කියමි. එය දැනගණිව්” “ස්වාමීනි, අපි කවුරුද, ධර්මය දැන ගන්නෝ කවුරුද” (අපි ධර්මය දැනගැනීමට තරම් නොවෙමු යන අදහසයි) “මහණෙනි, යම් ඒ ශාස්තෘවරයෙක් ආමිෂය ගරු කොට ඇත්තේ, ආමිෂය දායාද කොට ඇත්තේ. ආමිෂයෙහි ඇලී වසයිද, ඔහුගේ ධර්මයෙහිද, ‘අපට මෙසේ වන්නේ නම් මෙසේ කරන්නෙමු. අපට එසේ නොවන්නේ නම් එය නොකරන්නෙමුය’යි මෙවැනි මිළ නියම කිරීමක් හා අඩුවෙන් ඉල්ලීමක් නැත.
“මහණෙනි, කිමෙක්ද? තථාගතතෙම සර්වප්‍රකාරයෙන් ආමිෂයෙන් වෙන්ව වසන්නේ නොවේද? (ඒ තථාගතයන්ගේ ශාසනයෙහි එවැනි මිළ නියම කිරීමක් හෝ අඩුකර ඉල්ලීමක් කෙසේ නම් යෙදෙන්නේ?) මහණෙනි, ශාස්තෲන් වහන්සේගේ අනුශාසනයන් උසස් කොට ගෙණ ගන්නා සැදැහැවත් ශ්‍රාවකයාගේ මේ ස්වභාවය වෙයි. භාග්‍යවතුන් වහන්සේ ශාස්තෘ වෙයි. මම ශ්‍රාවක වෙමි. භාග්‍යවතුන් වහන්සේ දනී. මම නොදනිමි.
“මහණෙනි, ශාස්තෲන් වහන්සේගේ අනුශාසනයන් උසස්කොට ගන්නා ශ්‍රාවකයා නිසා ශාස්තෘ ශාසනය දියුණු වේ. ඕජාවත් වේ.
“මහණෙනි, ශාස්තෲන් වහන්සේගේ අනුශාසනයන් උසස් කොට ගන්නා සැදැහැවත් කුලපුත්‍රයාගේ මේ ස්වභාව වේ. ‘ඒකාන්තයෙන් ශරීරයෙහි සම, නහර, ඇට, ඉතිරිවේවා මස් ලේ වියලේවා, යම් ඒ පුරුෂ ශක්තියකින් පුරුෂ වීර්යයකින්, පුරුෂ පරාක්‍රමයකින්, යමකට පැමිණිය යුතුද, ඊට නොපැමිණ වීර්යයාගේ නැවැත්මක් නොවන්නේය. (කියායි)
“මහණෙනි, ශාස්තෘ ශාසනයන් උසස් කොට ගන්නා සැදැහැවත් කුලපුත්‍රයා දෙවදෑරුම් ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතු. මේ අත්බැව්හි රහත් බව හෝ ස්කන්ධය ඉතිරිව ඇතිකල්හි අනාගාමි බව හෝ ය.”
භාග්‍යවතුන් වහන්සේ මෙය දෙසූ සේක. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ කීමට සතුටු වූහ.