ත්‍රිපිටකය
2. භික්ඛුවග්ගො 2. භික්ෂු වර්ගය
1. අම්බලට්ඨිකරාහුලොවාදසුත්තං 1. අම්බලට්ඨික රාහුලොවාද සූත්‍රය
107
එවං මෙ සුතං - එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා රාහුලො අම්බලට්ඨිකායං විහරති. අථ ඛො භගවා සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙන අම්බලට්ඨිකා යෙනායස්මා රාහුලො තෙනුපසඞ්කමි. අද්දසා ඛො ආයස්මා රාහුලො භගවන්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන ආසනං පඤ්ඤාපෙසි, උදකඤ්ච පාදානං. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. නිසජ්ජ පාදෙ පක්ඛාලෙසි. ආයස්මාපි ඛො රාහුලො භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි.
107
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කලන්දකනිවාප නම් වේළුවන විහාරයෙහි වැඩ වාසය කළහ. එකල්හි ආයුෂ්මත් රාහුල ස්ථවිරයන් වහන්සේ අම්බලට්ඨිකාවෙහි (වේළුවනාරාමය අසල පිහිටි වඩා විවේක ඇති ආවාසයක) වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි ඵලසමවතින් නැගී සිට අම්බලට්ඨිකාවෙහි ආයුෂ්මත් රාහුල ස්ථවිරයන් යම් තැනෙක්හිද එහි වැඩියහ. ආයුෂ්මත් රාහුල ස්ථවිර තෙමේ එන්නා වූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම දුටුවේය. දැක ආසනයක් පැනවීය. පා සේදීමට දිය තැබීය. භාග්‍යවතුන් වහන්සේ පැමිණ පැන වූ අසුනෙහි වැඩහුන්හ. හිඳ පාදයන් සේදූහ. ආයුෂ්මත් රාහුල ස්ථවිරතෙමේද භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකපැත්තක හුන්නේය.
108
අථ ඛො භගවා පරිත්තං උදකාවසෙසං උදකාධානෙ ඨපෙත්වා ආයස්මන්තං රාහුලං ආමන්තෙසි - ‘‘පස්සසි නො ත්වං, රාහුල, ඉමං පරිත්තං උදකාවසෙසං උදකාධානෙ ඨපිත’’න්ති? ‘‘එවං, භන්තෙ’’. ‘‘එවං පරිත්තකං ඛො, රාහුල, තෙසං සාමඤ්ඤං යෙසං නත්ථි සම්පජානමුසාවාදෙ ලජ්ජා’’ති. අථ ඛො භගවා පරිත්තං උදකාවසෙසං ඡඩ්ඩෙත්වා ආයස්මන්තං රාහුලං ආමන්තෙසි - ‘‘පස්සසි නො ත්වං, රාහුල, පරිත්තං උදකාවසෙසං ඡඩ්ඩිත’’න්ති? ‘‘එවං, භන්තෙ’’. ‘‘එවං ඡඩ්ඩිතං ඛො, රාහුල, තෙසං සාමඤ්ඤං යෙසං නත්ථි සම්පජානමුසාවාදෙ ලජ්ජා’’ති. අථ ඛො භගවා තං උදකාධානං නික්කුජ්ජිත්වා ආයස්මන්තං රාහුලං ආමන්තෙසි - ‘‘පස්සසි නො ත්වං, රාහුල, ඉමං උදකාධානං නික්කුජ්ජිත’’න්ති? ‘‘එවං, භන්තෙ’’. ‘‘එවං නික්කුජ්ජිතං ඛො, රාහුල, තෙසං සාමඤ්ඤං යෙසං නත්ථි සම්පජානමුසාවාදෙ ලජ්ජා’’ති. අථ ඛො භගවා තං උදකාධානං උක්කුජ්ජිත්වා ආයස්මන්තං රාහුලං ආමන්තෙසි - ‘‘පස්සසි නො ත්වං, රාහුල, ඉමං උදකාධානං රිත්තං තුච්ඡ’’න්ති? ‘‘එවං, භන්තෙ’’. ‘‘එවං රිත්තං තුච්ඡං ඛො, රාහුල, තෙසං සාමඤ්ඤං යෙසං නත්ථි සම්පජානමුසාවාදෙ ලජ්ජාති. සෙය්‍යථාපි, රාහුල, රඤ්ඤො නාගො ඊසාදන්තො උරූළ්හවා (උබ්බූළ්හවා (සී. පී.)) අභිජාතො සඞ්ගාමාවචරො සඞ්ගාමගතො පුරිමෙහිපි පාදෙහි කම්මං කරොති, පච්ඡිමෙහිපි පාදෙහි කම්මං කරොති, පුරිමෙනපි කායෙන කම්මං කරොති, පච්ඡිමෙනපි කායෙන කම්මං කරොති, සීසෙනපි කම්මං කරොති, කණ්ණෙහිපි කම්මං කරොති, දන්තෙහිපි කම්මං කරොති, නඞ්ගුට්ඨෙනපි කම්මං කරොති; රක්ඛතෙව සොණ්ඩං. තත්ථ හත්ථාරොහස්ස එවං හොති - ‘අයං ඛො රඤ්ඤො නාගො ඊසාදන්තො උරූළ්හවා අභිජාතො සඞ්ගාමාවචරො සඞ්ගාමගතො පුරිමෙහිපි පාදෙහි කම්මං කරොති, පච්ඡිමෙහිපි පාදෙහි කම්මං කරොති...පෙ.... නඞ්ගුට්ඨෙනපි කම්මං කරොති; රක්ඛතෙව සොණ්ඩං . අපරිච්චත්තං ඛො රඤ්ඤො නාගස්ස ජීවිත’න්ති. යතො ඛො, රාහුල, රඤ්ඤො නාගො ඊසාදන්තො උරූළ්හවා අභිජාතො සඞ්ගාමාවචරො සඞ්ගාමගතො පුරිමෙහිපි පාදෙහි කම්මං කරොති, පච්ඡිමෙහිපි පාදෙහි කම්මං කරොති...පෙ.... නඞ්ගුට්ඨෙනපි කම්මං කරොති, සොණ්ඩායපි කම්මං කරොති, තත්ථ හත්ථාරොහස්ස එවං හොති - ‘අයං ඛො රඤ්ඤො නාගො ඊසාදන්තො උරූළ්හවා අභිජාතො සඞ්ගාමාවචරො සඞ්ගාමගතො පුරිමෙහිපි පාදෙහි කම්මං කරොති, පච්ඡිමෙහිපි පාදෙහි කම්මං කරොති, පුරිමෙනපි කායෙන කම්මං කරොති, පච්ඡිමෙනපි කායෙන කම්මං කරොති, සීසෙනපි කම්මං කරොති, කණ්ණෙහිපි කම්මං කරොති, දන්තෙහිපි කම්මං කරොති, නඞ්ගුට්ඨෙනපි කම්මං කරොති, සොණ්ඩායපි කම්මං කරොති. පරිච්චත්තං ඛො රඤ්ඤො නාගස්ස ජීවිතං. නත්ථි දානි කිඤ්චි රඤ්ඤො නාගස්ස අකරණීය’න්ති. එවමෙව ඛො, රාහුල, යස්ස කස්සචි සම්පජානමුසාවාදෙ නත්ථි ලජ්ජා, නාහං තස්ස කිඤ්චි පාපං අකරණීයන්ති වදාමි. තස්මාතිහ තෙ, රාහුල, ‘හස්සාපි න මුසා භණිස්සාමී’ති - එවඤ්හි තෙ, රාහුල, සික්ඛිතබ්බං.
108
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ (පා සෝදා) දිය ස්වල්පයක් දිය බඳුනෙහි ඉතිරිකොට තබා ආයුෂ්මත් රාහුල ස්ථවිරයන්ගෙන් මෙසේ ඇසූහ. “රාහුලය, තෙපි දිය බඳුනෙහි ඉතිරිකොට තබන ලද මේ දිය ස්වල්පය දක්නහුද?”
“එසේය, ස්වාමීනි”
“රාහුලය, යම් භික්ෂුවකට දැන දැන බොරු කීමෙහි ලජ්ජාවක් නැද්ද, ඔහුගේ මහණකමද මෙසේ ස්වල්පයෙකි.”
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ ඉතිරිව තුබූ දිය ස්වල්පය ඉවත් කොට ආයුෂ්මත් රාහුල ස්ථවිරයන්ගෙන් මෙසේ ඇසූහ. “රාහුල, තෙපි ඉවත දමන ලද ඒ ඉතිරිවූ දිය ස්වල්පය දක්නහුද?”
“එසේය, ස්වාමීනි.”
“රාහුලය, යම් භික්ෂුවක් දැන දැන බොරු කීමෙහි ලජ්ජාවක් නැද්ද, ඔවුන් විසින් මහණකම්ද මෙසේ ඉවත දමන ලද්දේය.”
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ දියබඳුන යටිකුරු කොට මුණින් නවා ආයුෂ්මත් රාහුල ස්ථවිරයන්ගෙන් මෙසේ ඇසූහ. “රාහුලය, ඔබ යටිකුරු කළ මේ දියබඳුන දක්නහුද?” “එසේය, ස්වාමීනි.” “රාහුලය, යම් භික්ෂුවකට දැන දැන බොරු කීමෙහි ලජ්ජාවක් නැද්ද ඔහුගේ මහණකම මෙසේ මුණින් නමන ලද්දේය.”
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ දිය බඳුන උඩුකුරු කොට ආයුෂ්මත් රාහුල ස්ථවිරයන්ගෙන් මෙසේ ඇසූහ “රාහුලය, තෙපි හිස්වූ කිසිවක් නැති මේ දිය බඳුන දක්නහුද?” “එසේය, ස්වාමීනි.” “රාහුලය, යම් භික්ෂුවකට දැන දැන බොරු කීමෙහි ලජ්ජාවක් නැද්ද ඔහුගේ මහණකමත් මෙසේ හිස්ය. (මහණකමට අයත් ගුණ කිසිවක් නැත.)
“රාහුලය, යම්සේ රජුගේ, රියකඳක් පමණ මහදළ ඇති උස මහත ඇති ජාතිසම්පන්න, යුදයට බැසගත් ඇතෙක් වේද, ඒ ඇතා යුදයට ගොස් ඉදිරි පාදවලින්ද වැඩ කරයි. පසු පාදවලින්ද වැඩ කරයි. ඉදිරි කයින්ද වැඩ කරයි. පසු කයින්ද වැඩ කරයි. හිසින්ද වැඩ කරයි. දෙකනින්ද වැඩ කරයි. දෙදළින්ද වැඩ කරයි. වලිගයෙන්ද වැඩ කරයි. (නමුත්) සොඬ රකී. එහිදී ඇතුන් බලන්නාට මෙවැනි අදහසක් වෙයි. මහ දළ ඇති උස මහත ඇති ජාතිසම්පන්න, යුදයට බැසගත් රජුගේ මේ ඇතා යුදයට ගොස් ඉදිරි පාදයෙන්ද වැඩ කරයි. පසු පාදයෙන්ද වැඩ කරයි. ඉදිරි කයින්ද වැඩ කරයි. පසු කයින්ද වැඩ කරයි. හිසින්ද වැඩ කරයි. දෙකනින්ද වැඩ කරයි. දෙදළින්ද වැඩ කරයි. වලිගයෙන්ද වැඩ කරයි. (නමුත්) සොඬ රකී. ඇතාගේ ජීවිතය රජුට පරිත්‍යාග නොකෙළේය යනුයි.
“රාහුලය, යම් හෙයකින් මහ දළ ඇති උස මහත ඇති ජාතිසම්පන්න යුදයට බැසගත් රජුගේ ඇතා යුදයට ගොස් ඉදිරි පාදවලින්ද වැඩ කරයි. පසු පාදවලින්ද වැඩ කරයි. ඉදිරි කයින්ද වැඩ කරයි. පසු කයින්ද වැඩ කරයි. හිසින්ද වැඩ කරයි. දෙකනින්ද වැඩ කරයි. දෙදළින්ද වැඩ කරයි. වලිගයෙන්ද වැඩ කරයි. සොඬවැලෙන්ද වැඩ කරයි. එහිදී ඇතුන් බලන්නාට මෙබඳු සිතක් වෙයි. මහ දළ ඇති උස මහත ඇති ජාතිසම්පන්න, රජුගේ මේ ඇතා යුදයට ගොස් ඉදිරි පාදවලින්ද වැඩ කරයි. පසු පාදවලින්ද වැඩ කරයි. ඉදිරි කයින්ද වැඩ කරයි. පසු කයින්ද වැඩ කරයි. හිසින්ද වැඩ කරයි. දෙකනින්ද වැඩ කරයි. දෙදළින්ද වැඩ කරයි. වලිගයෙන්ද වැඩ කරයි. සොඬවැලෙන්ද වැඩ කරයි. ඇතාගේ ජීවිතය රජුහට පරිත්‍යාගය කෙළේය යනුයි. දැන් රජුගේ ඇතා විසින් කළ යුතු අන්දෙයක් නැත. රාහුල, එපරිද්දෙන් යම් කිසිවෙකුට දැන දැන බොරු කීමෙහි ලජ්ජාවක් නැද්ද, ඔහුට නොකළ හැකි කිසි පාපයක් ඇතැයි මම නොකියමි. රාහුලය, එහෙයින් සිනහ වීමටවත් බොරු නොකියන්නෙමියි ඔබ මෙසේ හික්මිය යුතුයි.
109
‘‘තං කිං මඤ්ඤසි, රාහුල, කිමත්ථියො ආදාසො’’ති? ‘‘පච්චවෙක්ඛණත්ථො, භන්තෙ’’ති. ‘‘එවමෙව ඛො, රාහුල, පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා කායෙන කම්මං කත්තබ්බං, පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා වාචාය කම්මං කත්තබ්බං, පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා මනසා කම්මං කත්තබ්බං. යදෙව ත්වං, රාහුල, කායෙන කම්මං කත්තුකාමො අහොසි, තදෙව තෙ කායකම්මං පච්චවෙක්ඛිතබ්බං - ‘යං නු ඛො අහං ඉදං කායෙන කම්මං කත්තුකාමො ඉදං මෙ කායකම්මං අත්තබ්‍යාබාධායපි සංවත්තෙය්‍ය, පරබ්‍යාබාධායපි සංවත්තෙය්‍ය, උභයබ්‍යාබාධායපි සංවත්තෙය්‍ය - අකුසලං ඉදං කායකම්මං දුක්ඛුද්‍රයං (දුක්ඛුන්ද්‍රයං, දුක්ඛුදයං (ක.)) දුක්ඛවිපාක’න්ති? සචෙ ත්වං, රාහුල, පච්චවෙක්ඛමානො එවං ජානෙය්‍යාසි - ‘යං ඛො අහං ඉදං කායෙන කම්මං කත්තුකාමො ඉදං මෙ කායකම්මං අත්තබ්‍යාබාධායපි සංවත්තෙය්‍ය, පරබ්‍යාබාධායපි සංවත්තෙය්‍ය, උභයබ්‍යාබාධායපි සංවත්තෙය්‍ය - අකුසලං ඉදං කායකම්මං දුක්ඛුද්‍රයං දුක්ඛවිපාක’න්ති, එවරූපං තෙ, රාහුල, කායෙන කම්මං සසක්කං න කරණීයං (සංසක්කං න ච කරණීයං (ක.)). සචෙ පන ත්වං, රාහුල, පච්චවෙක්ඛමානො එවං ජානෙය්‍යාසි - ‘යං ඛො අහං ඉදං කායෙන කම්මං කත්තුකාමො ඉදං මෙ කායකම්මං නෙවත්තබ්‍යාබාධායපි සංවත්තෙය්‍ය, න පරබ්‍යාබාධායපි සංවත්තෙය්‍ය, න උභයබ්‍යාබාධායපි සංවත්තෙය්‍ය - කුසලං ඉදං කායකම්මං සුඛුද්‍රයං සුඛවිපාක’න්ති, එවරූපං තෙ, රාහුල, කායෙන කම්මං කරණීයං.
‘‘කරොන්තෙනපි තෙ, රාහුල, කායෙන කම්මං තදෙව තෙ කායකම්මං පච්චවෙක්ඛිතබ්බං - ‘යං නු ඛො අහං ඉදං කායෙන කම්මං කරොමි ඉදං මෙ කායකම්මං අත්තබ්‍යාබාධායපි සංවත්තති, පරබ්‍යාබාධායපි සංවත්තති, උභයබ්‍යාබාධායපි සංවත්තති - අකුසලං ඉදං කායකම්මං දුක්ඛුද්‍රයං දුක්ඛවිපාක’න්ති? සචෙ පන ත්වං, රාහුල, පච්චවෙක්ඛමානො එවං ජානෙය්‍යාසි - ‘යං ඛො අහං ඉදං කායෙන කම්මං කරොමි ඉදං මෙ කායකම්මං අත්තබ්‍යාබාධායපි සංවත්තති, පරබ්‍යාබාධායපි සංවත්තති, උභයබ්‍යාබාධායපි සංවත්තති - අකුසලං ඉදං කායකම්මං දුක්ඛුද්‍රයං දුක්ඛවිපාක’න්ති, පටිසංහරෙය්‍යාසි ත්වං, රාහුල, එවරූපං කායකම්මං. සචෙ පන ත්වං, රාහුල, පච්චවෙක්ඛමානො එවං ජානෙය්‍යාසි - ‘යං ඛො අහං ඉදං කායෙන කම්මං කරොමි ඉදං මෙ කායකම්මං නෙවත්තබ්‍යාබාධායපි සංවත්තති, න පරබ්‍යාබාධායපි සංවත්තති, න උභයබ්‍යාබාධායපි සංවත්තති - කුසලං ඉදං කායකම්මං සුඛුද්‍රයං සුඛවිපාක’න්ති, අනුපදජ්ජෙය්‍යාසි ත්වං, රාහුල, එවරූපං කායකම්මං.
‘‘කත්වාපි තෙ, රාහුල, කායෙන කම්මං තදෙව තෙ කායකම්මං පච්චවෙක්ඛිතබ්බං - ‘යං නු ඛො අහං ඉදං කායෙන කම්මං අකාසිං ඉදං මෙ කායකම්මං අත්තබ්‍යාබාධායපි සංවත්තති (සංවත්ති (පී.)), පරබ්‍යාබාධායපි සංවත්තති, උභයබ්‍යාබාධායපි සංවත්තති - අකුසලං ඉදං කායකම්මං දුක්ඛුද්‍රයං දුක්ඛවිපාක’න්ති? සචෙ ඛො ත්වං, රාහුල, පච්චවෙක්ඛමානො එවං ජානෙය්‍යාසි - ‘යං ඛො අහං ඉදං කායෙන කම්මං අකාසිං, ඉදං මෙ කායකම්මං අත්තබ්‍යාබාධායපි සංවත්තති, පරබ්‍යාබාධායපි සංවත්තති, උභයබ්‍යාබාධායපි සංවත්තති - අකුසලං ඉදං කායකම්මං දුක්ඛුද්‍රයං දුක්ඛවිපාක’න්ති, එවරූපං තෙ, රාහුල, කායකම්මං සත්ථරි වා විඤ්ඤූසු වා සබ්‍රහ්මචාරීසු දෙසෙතබ්බං, විවරිතබ්බං, උත්තානීකාතබ්බං; දෙසෙත්වා විවරිත්වා උත්තානීකත්වා ආයතිං සංවරං ආපජ්ජිතබ්බං . සචෙ පන ත්වං, රාහුල, පච්චවෙක්ඛමානො එවං ජානෙය්‍යාසි - ‘යං ඛො අහං ඉදං කායෙන කම්මං අකාසිං ඉදං මෙ කායකම්මං නෙවත්තබ්‍යාබාධායපි සංවත්තති, න පරබ්‍යාබාධායපි සංවත්තති, න උභයබ්‍යාබාධායපි සංවත්තති - කුසලං ඉදං කායකම්මං සුඛුද්‍රයං සුඛවිපාක’න්ති, තෙනෙව ත්වං, රාහුල, පීතිපාමොජ්ජෙන විහරෙය්‍යාසි අහොරත්තානුසික්ඛී කුසලෙසු ධම්මෙසු.
109
“රාහුලය, එය කුමක්යයි සිතන්නෙහිද? කැඩපත කවර ප්‍රයෝජනයක් පිණිසද?” “ස්වාමීනි, (එය) මුහුණ බැලීම පිණිසයි.” “රාහුලය, එලෙසින් බලව. (නුවණින්) බල බලා කයින් කටයුතු කළ යුතුය. (නුවණින්) බල බලා වචනයෙන් කටයුතු කළ යුතුය. (නුවණින්) බල බලා සිතින් කටයුතු කළ යුතුය.
රාහුල, තොප කයින් යම් කටයුත්තක් කරන්ට කැමැතිවුවහු ද තොප විසින් ඒ කයින් කරන කටයුත්ත (කාය කර්මය) සලකා බැලිය යුතුය: “මම කයින් යම් මේ කටයුත්තක් කරනු කැමැත්තෙම් ද මාගේ මේ කයින් කරන කටයුත්ත තමන්ට පීඩා පිණිස පවත්නේද, අනුන්ට පීඩා පිණිස පවත්නේද, දෙදෙනාටම පීඩා පිණිස පවත්නේද, මේ කයින් කරන කටයුත්ත අකුසල්ද, දුක් රැස්කරන්නේද, දුක් විපාක ඇති කරන්නේදැ" යි. රාහුලය, (එසේ) සලකා බලන්නාවූ ඔබ මෙසේ දැනගන්නෙහිද: ‘මම යම් මේ කයින් කරන කටයුත්තක් කරන්ට කැමැත්තෙම් ද මාගේ මේ කයින් කරන කටයුත්ත තමන්ට පීඩා පිණිස පවත්නේය. අනුන්ට පීඩා පිණිස පවත්නේය. තමන්ට හා අනුන්ට පීඩා පිණිස පවත්නේය. මේ කයින් කරන කටයුත්ත අකුසල්ය. දුක් රැස් කරන්නේය. දුක් විපාක ඇති කරන්නේය’යි (කියායි). රාහුලය, තොප විසින් එබඳු කයින් කරන කටයුත්තක් ඒකාන්තයෙන් නොකළ යුතුය. තවද රාහුල, ඉදින් ඔබ සලකා බලන්නේ මෙසේ දැනගන්නෙහිද: ‘මම යම් මේ කයින් කරන කටයුත්තක් කරන්ට කැමැත්තෙම්ද, මාගේ මේ කයින් කරන කටයුත්ත තමන්ට පීඩා පිණිස නොපවත්නේය. අනුන්ට පීඩා පිණිස නොපවත්නේය. තමන්ට හා අනුන්ට පීඩා පිණිස නොපවත්නේය. මේ කයින් කරන කටයුත්ත කුසල්ය. සැප රැස්කරන්නේය. සැප විපාක ඇති කරන්නේය’යි (කියායි). රාහුලය, තොප විසින් එබඳු කයින් කරන කටයුතු කළ යුතුය.
රාහුලය, කයින් කටයුත්තක් කරන කල්හිද තොප විසින් ඒ කයින් කරන කටයුත්ත (කාය කර්මය) සලකා බැලිය යුතුය: "මම යම් මේ කයින් කටයුත්තක් කරම්ද, මාගේ මේ කයින් කරන කටයුත්ත තමන්ට පීඩා පිණිස පවත්නේද? අනුන්ට පීඩා පිණිස පවත්නේද? තමන්ට හා අනුන්ට පීඩා පිණිස පවත්නේද? මේ කයින් කරන කටයුත්ත අකුසල්ද? දුක් රැස්කරන්නේද? දුක් විපාක ඇතිකරන්නේද?"යි යනුවෙනි. රාහුලය, ඉදින් මෙසේ සලකන්නා වූ ඔබ මෙසේ දන්නහු නම්: ‘මම කයින් යම් මේ කටයුත්තක් කරම්ද, මාගේ මේ කයින් කරන කටයුත්ත තමාට පීඩා පිණිස ද පවත්නේය. අනුන්ට පීඩා පිණිස ද පවතින්නේය. තමාට හා අනුන්ට පීඩා පිණිස ද පවත්නේය. මේ කයින් කරන කටයුත්ත අකුසල්ය. දුක් රැස් කරන්නේය. දුක් විපාක ඇති කරන්නේය’යි. රාහුලය, ඔබ එබඳු කයින් කරන කටයුත්තක් නොකරව. රාහුලය, ඉදින් ඔබ සලකා බලන්නේ මෙසේ දන්නහු නම්: 'මම කයින් යම් මේ කටයුත්තක් කරම්ද, මාගේ මේ කයින් කරන කටයුත්ත තමාට පීඩා පිණිස නොපවත්නේය. අනුන්ට පීඩා පිණිස නොපවත්නේය. තමාට හා අනුන්ට පීඩා පිණිස නොපවත්නේය. මේ කයින් කරන කටයුත්ත කුසල්ය. සැප රැස් කරන්නේය. සැප විපාක ඇති කරන්නේය'යි. රාහුල, ඔබ එබඳු කයින් කරන කටයුත්ත නොනවත්වන්නෙහිය. නැවත නැවත කරන්නෙහිය.
රාහුල, තොප විසින් කයින් කටයුත්තක් කොටද, ඒ කයින් කළ කටයුත්ත (කාය කර්මය) සලකා බැලිය යුතුය: ‘මම යම් මේ කයින් කටයුත්තක් කෙළෙම්ද, මාගේ මේ කයින් කළ කටයුත්ත තමාට පීඩා පිණිසද පවත්නේද? අනුන්ට පීඩා පිණිසද පවත්නේද? තමාට හා අනුන්ට පීඩා පිණිසද පවත්නේද? මේ කයින් කළ කටයුත්ත දුක් රැස් කරන්නේද? දුක් විපාක ඇති කරන්නේද? යනුවෙනි. රාහුල, මෙසේ සලකන්නා වූ ඔබ මෙසේ දන්නහු නම්: ‘මම යම් මේ කයින් කටයුත්තක් කෙළෙම්ද, මාගේ මේ කයින් කළ කටයුත්ත තමාට පීඩා පිණිසද පවත්නේය. අනුන්ට පීඩා පිණිසද පවත්නේය. තමන්ට හා අනුන්ට පීඩා පිණිසද පවත්නේය. මේ කයින් කළ කටයුත්ත අකුසල්ය. දුක් රැස් කරන්නේය. දුක් විපාක ඇති කරන්නේය’යි. රාහුල, තොප විසින් එබඳු කයින් කළ කටයුත්තක් ශාස්තෲන් වහන්සේ වෙත හෝ නුවණ ඇති සමානව ඇසුරු කරන්නන් වෙත හෝ පැමිණ කිය යුතුයි. විවෘත කළ යුතුයි. ප්‍රකට කළ යුතුයි. (එසේ) කියා, විවෘත කොට, ප්‍රකට කොට, නැවත සංවරයට පැමිණිය යුතුයි. තවද රාහුල, ඉදින් ඔබ සලකා බලන්නේ මෙසේ දන්නහු ද: ‘මම යම් මේ කයින් කටයුත්තක් කෙළෙම්ද, මාගේ මේ කයින් කළ කටයුත්ත තමාට පීඩා පිණිස නොපවතී. අනුන්ට පීඩා පිණිස නොපවතී. තමාට හා අනුන්ට පීඩා පිණිස නොපවතී. මේ කයින් කළ කටයුත්ත කුසල්ය. සැප රැස් කෙරෙයි' කියායි. රාහුල, ඔබ එයින් (ඇතිවූ) ප්‍රීතියෙන් හා සන්තෝෂයෙන් වාසය කරන්නෙහිය. රෑ දාවල් දෙක්හි කුසල ධර්මයන්හි හික්මෙන්නෙහිය.
110
‘‘යදෙව ත්වං, රාහුල, වාචාය කම්මං කත්තුකාමො අහොසි, තදෙව තෙ වචීකම්මං පච්චවෙක්ඛිතබ්බං - ‘යං නු ඛො අහං ඉදං වාචාය කම්මං කත්තුකාමො ඉදං මෙ වචීකම්මං අත්තබ්‍යාබාධායපි සංවත්තෙය්‍ය, පරබ්‍යාබාධායපි සංවත්තෙය්‍ය, උභයබ්‍යාබාධායපි සංවත්තෙය්‍ය - අකුසලං ඉදං වචීකම්මං දුක්ඛුද්‍රයං දුක්ඛවිපාක’න්ති? සචෙ ත්වං, රාහුල, පච්චවෙක්ඛමානො එවං ජානෙය්‍යාසි - ‘යං ඛො අහං ඉදං වාචාය කම්මං කත්තුකාමො ඉදං මෙ වචීකම්මං අත්තබ්‍යාබාධායපි සංවත්තෙය්‍ය, පරබ්‍යාබාධායපි සංවත්තෙය්‍ය, උභයබ්‍යාබාධායපි සංවත්තෙය්‍ය - අකුසලං ඉදං වචීකම්මං දුක්ඛුද්‍රයං දුක්ඛවිපාක’න්ති, එවරූපං තෙ, රාහුල, වාචාය කම්මං සසක්කං න කරණීයං. සචෙ පන ත්වං, රාහුල, පච්චවෙක්ඛමානො එවං ජානෙය්‍යාසි - ‘යං ඛො අහං ඉදං වාචාය කම්මං කත්තුකාමො ඉදං මෙ වචීකම්මං නෙවත්තබ්‍යාබාධායපි සංවත්තෙය්‍ය, න පරබ්‍යාබාධායපි සංවත්තෙය්‍ය - කුසලං ඉදං වචීකම්මං සුඛුද්‍රයං සුඛවිපාක’න්ති, එවරූපං තෙ, රාහුල, වාචාය කම්මං කරණීයං.
‘‘කරොන්තෙනපි, රාහුල, වාචාය කම්මං තදෙව තෙ වචීකම්මං පච්චවෙක්ඛිතබ්බං - ‘යං නු ඛො අහං ඉදං වාචාය කම්මං කරොමි ඉදං මෙ වචීකම්මං අත්තබ්‍යාබාධායපි සංවත්තති, පරබ්‍යාබාධායපි සංවත්තති, උභයබ්‍යාබාධායපි සංවත්තති - අකුසලං ඉදං වචීකම්මං දුක්ඛුද්‍රයං දුක්ඛවිපාක’න්ති? සචෙ පන ත්වං, රාහුල, පච්චවෙක්ඛමානො එවං ජානෙය්‍යාසි - ‘යං ඛො අහං ඉදං වාචාය කම්මං කරොමි ඉදං මෙ වචීකම්මං අත්තබ්‍යාබාධායපි සංවත්තති, පරබ්‍යාබාධායපි සංවත්තති, උභයබ්‍යාබාධායපි සංවත්තති - අකුසලං ඉදං වචීකම්මං දුක්ඛුද්‍රයං දුක්ඛවිපාක’න්ති, පටිසංහරෙය්‍යාසි ත්වං, රාහුල, එවරූපං වචීකම්මං. සචෙ පන ත්වං, රාහුල, පච්චවෙක්ඛමානො එවං ජානෙය්‍යාසි - ‘යං ඛො අහං ඉදං වාචාය කම්මං කරොමි ඉදං මෙ වචීකම්මං නෙවත්තබ්‍යාබාධායපි සංවත්තති, න පරබ්‍යාබාධායපි සංවත්තති, න උභයබ්‍යාබාධායපි සංවත්තති - කුසලං ඉදං වචීකම්මං සුඛුද්‍රයං සුඛවිපාක’න්ති, අනුපදජ්ජෙය්‍යාසි, ත්වං රාහුල, එවරූපං වචීකම්මං.
‘‘කත්වාපි තෙ, රාහුල, වාචාය කම්මං තදෙව තෙ වචීකම්මං පච්චවෙක්ඛිතබ්බං - ‘යං නු ඛො අහං ඉදං වාචාය කම්මං අකාසිං ඉදං මෙ වචීකම්මං අත්තබ්‍යාබාධායපි සංවත්තති (සංවත්ති (සී. පී.)), පරබ්‍යාබාධායපි සංවත්තති, උභයබ්‍යාබාධායපි සංවත්තති - අකුසලං ඉදං වචීකම්මං දුක්ඛුද්‍රයං දුක්ඛවිපාක’න්ති? සචෙ ඛො ත්වං, රාහුල, පච්චවෙක්ඛමානො එවං ජානෙය්‍යාසි - ‘යං ඛො අහං ඉදං වාචාය කම්මං අකාසිං ඉදං මෙ වචීකම්මං අත්තබ්‍යාබාධායපි සංවත්තති, පරබ්‍යාබාධායපි සංවත්තති, උභයබ්‍යාබාධායපි සංවත්තති - අකුසලං ඉදං වචීකම්මං දුක්ඛුද්‍රයං දුක්ඛවිපාක’න්ති, එවරූපං තෙ, රාහුල, වචීකම්මං සත්ථරි වා විඤ්ඤූසු වා සබ්‍රහ්මචාරීසු දෙසෙතබ්බං, විවරිතබ්බං, උත්තානීකත්තබ්බං ; දෙසෙත්වා විවරිත්වා උත්තානීකත්වා ආයතිං සංවරං ආපජ්ජිතබ්බං. සචෙ පන ත්වං, රාහුල, පච්චවෙක්ඛමානො එවං ජානෙය්‍යාසි - ‘යං ඛො අහං ඉදං වාචාය කම්මං අකාසිං ඉදං මෙ වචීකම්මං නෙවත්තබ්‍යාබාධායපි සංවත්තති, න පරබ්‍යාබාධායපි සංවත්තති, න උභයබ්‍යාබාධායපි සංවත්තති - කුසලං ඉදං වචීකම්මං සුඛුද්‍රයං සුඛවිපාක’න්ති, තෙනෙව ත්වං, රාහුල, පීතිපාමොජ්ජෙන විහරෙය්‍යාසි අහොරත්තානුසික්ඛී කුසලෙසු ධම්මෙසු.
110
රාහුල, ඔබ වචනයෙන් යම් කටයුත්තක් කරන්ට කැමැතිවුවහු ද (එවිට) තොපගේ ඒ වචනයෙන් කරන කටයුත්ත (වාක් කර්මය) සලකා බැලිය යුතුයි (කෙසේද?): ‘මම වචනයෙන් යම් මේ කටයුත්තක් කරනු කැමැත්තෙම්ද, මාගේ මේ වචනයෙන් කරන කටයුත්ත තමාට පීඩා පිණිස පවත්නේද? අනුන්ට පීඩා පිණිස පවත්නේද? තමාට හා අනුන්ට පීඩා පිණිස පවත්නේද? මේ වචනයෙන් කරන කටයුත්ත අකුසල්ද? දුක් රැස් කරන්නේද? දුක් විපාක ඇති කරන්නේද?’යි (කියායි). රාහුල, ඉදින් (එසේ) සලකා බලන්නේ ඔබ මෙසේ දැන ගන්නෙහිද: ‘මම වචනයෙන් යම් මේ කටයුත්තක් කරනු කැමැත්තෙම්ද, මාගේ මේ වචනයෙන් කරන කටයුත්ත තමාට පීඩා පිණිස ද පවත්නේය. අනුන්ට පීඩා පිණිස ද පවත්නේය. තමාට හා අනුන්ට පීඩා පිණිස ද පවත්නේය. මේ වචනයෙන් කරන කටයුත්ත අකුසල්ය. දුක් රැස් කරන්නේය. දුක් විපාක ඇත්තේය’යි (කියායි). රාහුල, තොප විසින් එබඳු වූ වචනයෙන් කරන කටයුත්ත ඒකාන්තයෙන් නොකළ යුතුය. තවද රාහුල, ඉදින් ඔබ සලකා බලන්නේ මෙසේ දැන ගන්නෙහිද: ‘මම වචනයෙන් යම් මේ කටයුත්තක් කරනු කැමත්තෙම්ද, මේ මාගේ වචනයෙන් කරන කටයුත්ත තමාට පීඩා පිණිස ද නොපවත්නේය. අනුන්ට පීඩා පිණිස ද නොපවත්නේය. තමාට හා අනුන්ට පීඩා පිණිස ද නොපවත්නේය. මේ වචනයෙන් කරන කටයුත්ත කුසල්ය. සැප රැස් කරන්නේය. සැප විපාක ඇත්තේය'යි (කියායි). රාහුලය, තොප විසින් එබඳු වචනයෙන් කරන කටයුත්ත කළ යුතුය.
රාහුලය, තොප වචනයෙන් කටයුත්තක් කරන කල්හිද තොපගේ එම වචනයෙන් කරන කටයුත්ත (වාක් කර්මය) සලකා බැලිය යුතුයි (කෙසේද?): ‘මම යම් මේ වචනයෙන් කටයුත්තක් කරම්ද මාගේ මේ වචනයෙන් කරන කටයුත්ත තමාට පීඩා පිණිස පවත්නේද? අනුන්ට පීඩා පිණිස පවත්නේද? තමාට හා අනුන්ට පීඩා පිණිස පවත්නේද? මේ වචනයෙන් කරන කටයුත්ත අකුසල්ද? දුක් රැස් කරන්නේද? දුක් විපාක ඇති කරන්නේද'යි (යනුවෙනි). රාහුල, ඉදින් මෙසේ සලකන්නාවූ තොප මෙසේ දන්නෙහිද: ‘මාගේ මේ වචනයෙන් කරන කටයුත්ත තමාට පීඩා පිණිස පවත්නේය. අනුන්ට පීඩා පිණිස පවත්නේය. තමාට හා අනුන්ට පීඩා පිණිස පවත්නේය. මේ වචනයෙන් කරන කටයුත්ත අකුසල්ය. දුක් රැස් කරන්නේය. දුක් විපාක ඇති කරන්නේය'යි (කියායි). රාහුල, තොප එබඳු වචනයෙන් කරන කටයුත්ත නොකරන්නෙහිය. තවද රාහුල, ඉදින් තොප සලකා බලන්නේ මෙසේ දැන ගන්නෙහිද: 'මම වචනයෙන් යම් මේ කටයුත්තක් කරන්නෙම්ද, මේ මාගේ වචනයෙන් කරන කටයුත්ත තමාට පීඩා පිණිස ද නොපවත්නේය. අනුන්ට පීඩා පිණිස ද නොපවත්නේය. තමාට හා අනුන්ට පීඩා පිණිස ද නොපවත්නේය. මේ වචනයෙන් කරන කටයුත්ත කුසල්ය. සැප රැස් කරන්නේය. සැප විපාක ඇත්තේය'යි (කියායි). රාහුල එබඳු වචනයෙන් කරන කටයුතු නිතර කරව.
රාහුල, තොප විසින් වචනයෙන් කටයුත්තක් කළ කල්හිද, තොපගේ එම වචනයෙන් කළ කටයුත්ත (වාක් කර්මය) සලකා බැලිය යුතුය: ‘මම යම් මේ වචනයෙන් කරන කටයුත්තක් කෙළෙම්ද, මේ මාගේ වචනයෙන් කළ කටයුත්ත තමාට පීඩා පිණිස ද පවත්නේද? අනුන්ට පීඩා පිණිස ද පවත්නේද? තමන්ට හා අනුන්ට පීඩා පිණිස ද පවත්නේද? මේ වචනයෙන් කළ කටයුත්ත දුක් රැස් කරන්නේද? දුක් විපාක ඇති කරන්නේද?' යි (කියායි). රාහුල ඉදින් තොප සලකා බලන්නේ මෙසේ දන්නෙහිද: ‘මම වචනයෙන් යම් මේ කටයුත්තක් කෙළෙම්ද, මාගේ මේ වචනයෙන් කළ කටයුත්ත තමාට පීඩා පිණිස ද පවත්නේය. අනුන්ට පීඩා පිණිස ද පවත්නේය. තමන්ට හා අනුන්ට පීඩා පිණිස ද පවත්නේය. මේ වචනයෙන් කළ කටයුත්ත අකුසල්ය. දුක් රැස් කරන්නේය. දුක් විපාක ඇති කරන්නේය' යි. රාහුල, තොප විසින් එබඳු මේ වචනයෙන් කළ කටයුත්ත ශාස්තෲන් වහන්සේ වෙත හෝ නුවණ ඇති සමානව ඇසුරු කරන්නන් වෙත හෝ පැමිණ කිය යුතුයි. විවෘත කළ යුතුයි. ප්‍රකට කළ යුතුයි. (එසේ) කියා විවෘත කොට, ප්‍රකට කොට නැවත සංවරයට පැමිණිය යුතුයි. තවද රාහුල, ඉදින් තොප සලකා බලන්නේ මෙසේ දන්නෙහිද: ‘මම වචනයෙන් යම් මේ කටයුත්තක් කෙළෙම්ද, මාගේ මේ වචනයෙන් කළ කටයුත්ත තමාට පීඩා පිණිස ද නොපවතී. අනුන්ට පීඩා පිණිස ද නොපවතී. තමාට හා අනුන්ට පීඩා පිණිස ද නොපවතී. මේ වචනයෙන් කළ කටයුත්ත කුසල්ය. සැප රැස් කරයි. සැප විපාක ඇති කරයි’ කියායි. රාහුල, ඔබ එයින් (ඇතිවූ) ප්‍රීතියෙන් හා සන්තෝෂයෙන් වාසය කරන්නෙහිය. රෑ දාවල් දෙක්හි කුසල ධර්මයන්හි හික්මෙන්නෙහිය.
111
‘‘යදෙව ත්වං, රාහුල, මනසා කම්මං කත්තුකාමො අහොසි, තදෙව තෙ මනොකම්මං පච්චවෙක්ඛිතබ්බං - ‘යං නු ඛො අහං ඉදං මනසා කම්මං කත්තුකාමො ඉදං මෙ මනොකම්මං අත්තබ්‍යාබාධායපි සංවත්තෙය්‍ය, පරබ්‍යාබාධායපි සංවත්තෙය්‍ය, උභයබ්‍යාබාධායපි සංවත්තෙය්‍ය - අකුසලං ඉදං මනොකම්මං දුක්ඛුද්‍රයං දුක්ඛවිපාක’න්ති? සචෙ ත්වං, රාහුල, පච්චවෙක්ඛමානො එවං ජානෙය්‍යාසි - ‘යං ඛො අහං ඉදං මනසා කම්මං කත්තුකාමො ඉදං මෙ මනොකම්මං අත්තබ්‍යාබාධායපි සංවත්තෙය්‍ය, පරබ්‍යාබාධායපි සංවත්තෙය්‍ය, උභයබ්‍යාබාධායපි සංවත්තෙය්‍ය - අකුසලං ඉදං මනොකම්මං දුක්ඛුද්‍රයං දුක්ඛවිපාක’න්ති, එවරූපං තෙ, රාහුල, මනසා කම්මං සසක්කං න කරණීයං. සචෙ පන ත්වං, රාහුල, පච්චවෙක්ඛමානො එවං ජානෙය්‍යාසි - ‘යං ඛො අහං ඉදං මනසා කම්මං කත්තුකාමො ඉදං මෙ මනොකම්මං නෙවත්තබ්‍යාබාධායපි සංවත්තෙය්‍ය, න පරබ්‍යාබාධායපි සංවත්තෙය්‍ය, න උභයබ්‍යාබාධායපි සංවත්තෙය්‍ය - කුසලං ඉදං මනොකම්මං සුඛුද්‍රයං සුඛවිපාක’න්ති, එවරූපං තෙ, රාහුල, මනසා කම්මං කරණීයං.
‘‘කරොන්තෙනපි තෙ, රාහුල, මනසා කම්මං තදෙව තෙ මනොකම්මං පච්චවෙක්ඛිතබ්බං - ‘යං නු ඛො අහං ඉදං මනසා කම්මං කරොමි ඉදං මෙ මනොකම්මං අත්තබ්‍යාබාධායපි සංවත්තති, පරබ්‍යාබාධායපි සංවත්තති, උභයබ්‍යාබාධායපි සංවත්තති - අකුසලං ඉදං මනොකම්මං දුක්ඛුද්‍රයං දුක්ඛවිපාක’න්ති? සචෙ පන ත්වං, රාහුල, පච්චවෙක්ඛමානො එවං ජානෙය්‍යාසි - ‘යං ඛො අහං ඉදං මනසා කම්මං කරොමි ඉදං මෙ මනොකම්මං අත්තබ්‍යාබාධායපි සංවත්තති, පරබ්‍යාබාධායපි සංවත්තති, උභයබ්‍යාබාධායපි සංවත්තති - අකුසලං ඉදං මනොකම්මං දුක්ඛුද්‍රයං දුක්ඛවිපාක’න්ති, පටිසංහරෙය්‍යාසි ත්වං, රාහුල, එවරූපං මනොකම්මං. සචෙ පන ත්වං, රාහුල, පච්චවෙක්ඛමානො එවං ජානෙය්‍යාසි - ‘යං ඛො අහං ඉදං මනසා කම්මං කරොමි ඉදං මෙ මනොකම්මං නෙවත්තබ්‍යාබාධායපි සංවත්තති, න පරබ්‍යාබාධායපි සංවත්තති, න උභයබ්‍යාබාධායපි සංවත්තති - කුසලං ඉදං මනොකම්මං සුඛුද්‍රයං සුඛවිපාක’න්ති, අනුපදජ්ජෙය්‍යාසි ත්වං, රාහුල, එවරූපං මනොකම්මං.
‘‘කත්වාපි තෙ, රාහුල, මනසා කම්මං තදෙව තෙ මනොකම්මං පච්චවෙක්ඛිතබ්බං - ‘යං නු ඛො අහං ඉදං මනසා කම්මං අකාසිං ඉදං මෙ මනොකම්මං අත්තබ්‍යාබාධායපි සංවත්තති (සංවත්ති (සී. පී.)), පරබ්‍යාබාධායපි සංවත්තති, උභයබ්‍යාබාධායපි සංවත්තති - අකුසලං ඉදං මනොකම්මං දුක්ඛුද්‍රයං දුක්ඛවිපාක’න්ති? සචෙ ඛො ත්වං, රාහුල, පච්චවෙක්ඛමානො එවං ජානෙය්‍යාසි - ‘යං ඛො අහං ඉදං මනසා කම්මං අකාසිං ඉදං මෙ මනොකම්මං අත්තබ්‍යාබාධායපි සංවත්තති, පරබ්‍යාබාධායපි සංවත්තති, උභයබ්‍යාබාධායපි සංවත්තති - අකුසලං ඉදං මනොකම්මං දුක්ඛුද්‍රයං දුක්ඛවිපාක’න්ති, එවරූපං පන (එවරූපෙ (සී. පී.), එවරූපෙ පන (ස්‍යා. කං.)) තෙ, රාහුල, මනොකම්මං (මනොකම්මෙ (සී. ස්‍යා. කං. පී.)) අට්ටීයිතබ්බං හරායිතබ්බං ජිගුච්ඡිතබ්බං; අට්ටීයිත්වා හරායිත්වා ජිගුච්ඡිත්වා ආයතිං සංවරං ආපජ්ජිතබ්බං. සචෙ පන ත්වං, රාහුල, පච්චවෙක්ඛමානො එවං ජානෙය්‍යාසි - ‘යං ඛො අහං ඉදං මනසා කම්මං අකාසිං ඉදං මෙ මනොකම්මං නෙවත්තබ්‍යාබාධායපි සංවත්තති, න පරබ්‍යාබාධායපි සංවත්තති, න උභයබ්‍යාබාධායපි සංවත්තති - කුසලං ඉදං මනොකම්මං සුඛුද්‍රයං සුඛවිපාක’න්ති, තෙනෙව ත්වං, රාහුල, පීතිපාමොජ්ජෙන විහරෙය්‍යාසි අහොරත්තානුසික්ඛී කුසලෙසු ධම්මෙසු.
111
රාහුල, තෙපි සිතින් යම් කටයුත්තක් කරනු කැමැත්තේද, තොප විසින් එම සිතින් කරන කටයුත්ත (මනෝ කර්මය) සලකා බැලිය යුතුය (කෙසේද): ‘මම යම් මේ සිතින් කටයුත්තක් කරනු කැමැත්තෙම්ද, මාගේ මේ සිතින් කරන කටයුත්ත තමාට පීඩා පිණිස ද පවත්නේද? අනුන්ට පීඩා පිණිස ද පවත්නේද? තමාට හා අනුන්ට පීඩා පිණිස ද පවත්නේද? මේ සිතින් කරන කටයුත්ත අකුසල්ද? දුක් රැස් කරන්නේද? දුක් විපාක ඇති කරන්නේද?’ යනුවෙනි. රාහුලය, (එසේ) සලකා බලන්නා වූ ඔබ මෙසේ දැනගන්නේද: ‘මම සිතින් යම් මේ කටයුත්තක් කරන්ට කැමැත්තෙම්ද, මාගේ මේ සිතින් කරන කටයුත්ත තමාට පීඩා පිණිස ද පවත්නේය. අනුන්ට පීඩා පිණිස ද පවත්නේය. තමාට හා අනුන්ට පීඩා පිණිස ද පවත්නේය. මේ සිතින් කරන කටයුත්ත අකුසල්ය. දුක් විපාක ඇති කරන්නේය’ කියායි. රාහුලය, තොප විසින් එබඳු සිතින් කරන කටයුත්ත ඒකාන්තයෙන් නොකළ යුතුයි. තවද රාහුල, ඉදින් තොප සලකා බලන්නේ මෙසේ දැනගන්නෙහිද: ‘මම යම් මේ සිතින් කරන කටයුත්තක් කරන්ට කැමැත්තෙම්ද, මාගේ මේ සිතින් කරන කටයුත්ත තමාට පීඩා පිණිස ද නොපවත්නේය. අනුන්ට පීඩා පිණිස ද නොපවත්නේය. තමාට හා අනුන්ට පීඩා පිණිසද නොපවත්නේය. මේ සිතින් කරන කටයුත්ත කුසල්ය. සැප රැස් කරන්නේය. සැප විපාක ඇති කරන්නේය’ කියායි. රාහුල, තොප විසින් එබඳු සිතින් කරන කටයුත්ත කළ යුතුය.
රාහුල, සිතින් කටයුතු කරන්නා වූ තොප, තොපගේ එම සිතින් කරන කටයුත්ත (මනෝ කර්මය) සලකා බැලිය යුතුය (කෙසේද?): “මම සිතින් යම් මේ කටයුත්තක් කරම්ද, මාගේ මේ සිතින් කරන කටයුත්ත තමාට පීඩා පිණිස ද පවත්නේද? අනුන්ට පීඩා පිණිස ද පවත්නේද? තමාට හා අනුන්ට පීඩා පිණිස ද පවත්නේද? මේ සිතින් කරන කටයුත්ත අකුසල්ද? දුක් රැස් කරන්නේද? දුක් විපාක ඇති කරන්නේද?’යි යනුවෙනි. රාහුලය, ඉදින් මෙසේ සලකන්නා වූ ඔබ මෙසේ දන්නෙහිද: ‘මම සිතින් යම් මේ කටයුත්තක් කරම්ද, මාගේ මේ සිතින් කරන කටයුත්ත තමාට පීඩා පිණිස ද පවත්නේය. අනුන්ට පීඩා පිණිස ද පවත්නේය. තමාට හා අනුන්ට පීඩා පිණිස ද පවත්නේය. මේ සිතින් කරන කටයුත්ත අකුසල්ය. දුක් රැස් කරන්නේය. දුක් විපාක ඇති කරන්නේය’යි කියායි. රාහුල, ඔබ එබඳු සිතින් කරන කටයුත්ත නොකරව. තවද රාහුල, ඉදින් ඔබ සලකා බලන්නේ මෙසේ දන්නෙහිද: ‘මම යම් මේ සිතින් කරන කටයුත්තක් කරම්ද, මාගේ මේ සිතින් කරන කටයුත්ත තමාට පීඩා පිණිස ද නොපවත්නේය. අනුන්ට පීඩා පිණිස ද නොපවත්නේය. තමාට හා අනුන්ට පීඩා පිණිස ද නොපවත්නේය. කුසල්ය. සැප රැස් කරන්නේය. සැප විපාක ඇති කරන්නේය'යි (යනුවෙනි). රාහුල, තොප එබඳු සිතින් කරන කටයුත්ත නිතර කරව.
රාහුල, තොප විසින් සිතින් කටයුත්තක් කොටද, තොපගේ එම සිතින් කරන කටයුත්ත (මනෝ කර්මය) සලකා බැලිය යුතුය (කෙසේද?): ‘මම සිතින් යම් මේ කටයුත්තක් කෙළෙම්ද’ මාගේ මේ සිතින් කළ කටයුත්ත තමාට පීඩා පිණිස පවත්නේද? අනුන්ට පීඩා පිණිස පවත්නේද? තමාට හා අනුන්ට පීඩා පිණිස පවත්නේද? මේ සිතින් කළ කටයුත්ත අකුසල්ද? දුක් රැස් කරන්නේද? දුක් විපාක ඇති කරන්නේද?'යි යනුවෙනි. ඉදින් රාහුල, මෙසේ සලකන්නා වූ ඔබ මෙසේ දන්නෙහිද: ‘මම යම් මේ සිතින් කටයුත්තක් කෙලෙම්ද, මාගේ මේ සිතින් කළ කටයුත්ත තමාට පීඩා පිණිස ද පවත්නේය. අනුන්ට පීඩා පිණිස ද පවත්නේය. තමාට හා අනුන්ට පීඩා පිණිස ද පවත්නේය. මේ සිතින් කළ කටයුත්ත අකුසල්ය. දුක් රැස් කරන්නේය. දුක් විපාක ඇති කරන්නේය’යි (කියායි). රාහුලය, තොප විසින් එබඳු සිතින් කළ කටයුත්ත පෙළිය යුතුය. (ඒ පිළිබඳව) ලජ්ජා විය යුතුය. පිළිකුල් කල යුතුය. පෙළා, ලජ්ජා වී, පිළිකුල් කොට නැවත සංවරයට පැමිණිය යුතුය. තවද රාහුල, ඉදින් ඔබ සලකා බලන්නේ මෙසේ දන්නෙහිද: ‘මම සිතින් යම් මේ කටයුත්තක් කෙළෙම්ද, මාගේ මේ සිතින් කළ කටයුත්ත තමාට පීඩා පිණිස නොපවතී. අනුන්ට පීඩා පිණිස නොපවතී. තමාට හා අනුන්ට පීඩා පිණිස නොපවතී. මේ සිතින් කළ කටයුත්ත කුසල්ය. සැප රැස් කරයි. සැප විපාක ඇති කරයි’ යනුවෙනි. රාහුල, තෙපි එම ප්‍රීතියෙන් හා සන්තෝෂයෙන් කුසල ධර්මයන්හි දාවල් රෑ දෙකේ හික්මෙමින් වාසය කරව.
112
‘‘යෙ හි කෙචි, රාහුල, අතීතමද්ධානං සමණා වා බ්‍රාහ්මණා වා කායකම්මං පරිසොධෙසුං, වචීකම්මං පරිසොධෙසුං, මනොකම්මං පරිසොධෙසුං, සබ්බෙ තෙ එවමෙවං පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා කායකම්මං පරිසොධෙසුං, පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා වචීකම්මං පරිසොධෙසුං, පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා මනොකම්මං පරිසොධෙසුං. යෙපි හි කෙචි, රාහුල, අනාගතමද්ධානං සමණා වා බ්‍රාහ්මණා වා කායකම්මං පරිසොධෙස්සන්ති, වචීකම්මං පරිසොධෙස්සන්ති, මනොකම්මං පරිසොධෙස්සන්ති, සබ්බෙ තෙ එවමෙවං පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා කායකම්මං පරිසොධෙස්සන්ති, පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා වචීකම්මං පරිසොධෙස්සන්ති , පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා මනොකම්මං පරිසොධෙස්සන්ති. යෙපි හි කෙචි, රාහුල, එතරහි සමණා වා බ්‍රාහ්මණා වා කායකම්මං පරිසොධෙන්ති, වචීකම්මං පරිසොධෙන්ති, මනොකම්මං පරිසොධෙන්ති, සබ්බෙ තෙ එවමෙවං පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා කායකම්මං පරිසොධෙන්ති, පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා වචීකම්මං පරිසොධෙන්ති, පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා මනොකම්මං පරිසොධෙන්ති. තස්මාතිහ, රාහුල, ‘පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා කායකම්මං පරිසොධෙස්සාමි, පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා වචීකම්මං පරිසොධෙස්සාමි, පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා මනොකම්මං පරිසොධෙස්සාමී’ති - එවඤ්හි තෙ, රාහුල, සික්ඛිතබ්බ’’න්ති.
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා රාහුලො භගවතො භාසිතං අභිනන්දීති.
112
“රාහුල, අතීත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කයින් කරන කටයුතු පිරිසිදු කළාහුද, වචනයෙන් කරන කටයුතු පිරිසිදු කළාහුද, සිතින් කරන කටයුතු පිරිසිදු කළාහුද, ඒ සියල්ලෝ එපරිද්දෙන්ම සලක සලකා කයින් කරන කටයුතු පිරිසිදු කළාහුය. සලක සලකා වචනයෙන් කරන කටයුතු පිරිසුදු කළාහුය. සලක සලකා සිතින් කරන කටයුතු පිරිසුදු කළාහුය.
“රාහුල, අනාගත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කයින් කරන කටයුතු පිරිසිදු කරන්නාහුද, වචනයෙන් කරන කටයුතු පිරිසුදු කරන්නාහුද, සිතින් කරන කටයුතු පිරිසුදු කරන්නාහුද, ඒ සියල්ලෝද එපරිද්දෙන්ම සලකා සලකා කයින් කරන කටයුතු පිරිසුදු කරන්නාහුය. සලක සලකා වචනයෙන් කරන කටයුතු පිරිසුදු කරන්නාහුය. සලක සලකා සිතින් කරන කටයුතු පිරිසුදු කරන්නාහුය.
රාහුල, මේ කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කයින් කරන කටයුතු පිරිසුදු කරත්ද, වචනයෙන් කරන කටයුතු පිරිසුදු කරත්ද, සිතින් කරන කටයුතු පිරිසුදු කරත්ද, ඒ සියල්ලෝ සලක සලකා කයින් කරන කටයුතු පිරිසුදු කරත්. සලක සලකා වචනයෙන් කරන කටයුතු පිරිසුදු කරත්. සලක සලකා සිතින් කරන කටයුතු පිරිසිදු කරත්.
“රාහුල, එබැවින් ‘සලක සලකා කයින් කරන කටයුතු පිරිසුදු කරන්නෙමු. සලක සලකා වචනයෙන් කරන කටයුතු පිරිසුදු කරන්නෙමු. සලක සලකා සිතින් කරන කටයුතු පිරිසුදු කරන්නෙමු’යි ඔබ මෙසේ හික්මිය යුතුයි.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටුවූ ආයුෂ්මත් රාහුල ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටු විය.
2. මහාරාහුලොවාදසුත්තං 2. මහා රාහුලොවාද සූත්‍රය
3. චූළමාලුක්‍යසුත්තං 3. චූල මාලුංක්‍ය සූත්‍රය
4. මහාමාලුක්‍යසුත්තං 4. මහා මාලුංක්‍ය සූත්‍රය
5. භද්දාලිසුත්තං 5. භද්දාලි සූත්‍රය
6. ලටුකිකොපමසුත්තං 6. ලටුකිකොපම සූත්‍රය
7. චාතුමසුත්තං 7. චාතුම සූත්‍රය
8. නළකපානසුත්තං 8. නලකපාන සූත්‍රය
9. ගොලියානිසුත්තං 9. ගුලිස්සානි සූත්‍රය
10. කීටාගිරිසුත්තං 10. කීටාගිරි සූත්‍රය