ත්‍රිපිටකය
මජ්ඣිමනිකායෙ මජ්ඣිම නිකාය
මජ්ඣිමපණ්ණාසපාළි මජ්ඣිම පණ්ණාසකය
1. ගහපතිවග්ගො 1. ගෘහපති වර්ගය
1. කන්දරකසුත්තං 1. කන්දරක සූත්‍රය
2. අට්ඨකනාගරසුත්තං 2. අට්ඨක නාගර සූත්‍රය
3. සෙඛසුත්තං 3. සෙඛ සූත්‍රය
4. පොතලියසුත්තං 4. පොතලිය සූත්‍රය
5. ජීවකසුත්තං 5. ජීවක සූත්‍රය
6. උපාලිසුත්තං 6. උපාලි සූත්‍රය
7. කුක්කුරවතිකසුත්තං 7. කුක්කුරවතිය සූත්‍රය
8. අභයරාජකුමාරසුත්තං 8. අභය (රාජකුමාර) සූත්‍රය
9. බහුවෙදනීයසුත්තං 9. බහුවෙදනීය සූත්‍රය
88
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො පඤ්චකඞ්ගො ථපති යෙනායස්මා උදායී තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මන්තං උදායිං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො පඤ්චකඞ්ගො ථපති ආයස්මන්තං උදායිං එතදවොච - ‘‘කති නු ඛො, භන්තෙ උදායි, වෙදනා වුත්තා භගවතා’’ති? ‘‘තිස්සො ඛො, ථපති (ගහපති (ස්‍යා. කං. පී.)), වෙදනා වුත්තා භගවතා. සුඛා වෙදනා, දුක්ඛා වෙදනා, අදුක්ඛමසුඛා වෙදනා - ඉමා ඛො, ථපති, තිස්සො වෙදනා වුත්තා භගවතා’’ති. එවං වුත්තෙ, පඤ්චකඞ්ගො ථපති ආයස්මන්තං උදායිං එතදවොච - ‘‘න ඛො, භන්තෙ උදායි, තිස්සො වෙදනා වුත්තා භගවතා; ද්වෙ වෙදනා වුත්තා භගවතා - සුඛා වෙදනා, දුක්ඛා වෙදනා. යායං, භන්තෙ, අදුක්ඛමසුඛා වෙදනා සන්තස්මිං එසා පණීතෙ සුඛෙ වුත්තා භගවතා’’ති. දුතියම්පි ඛො ආයස්මා උදායී පඤ්චකඞ්ගං ථපතිං එතදවොච - ‘‘න ඛො, ගහපති, ද්වෙ වෙදනා වුත්තා භගවතා; තිස්සො වෙදනා වුත්තා භගවතා. සුඛා වෙදනා, දුක්ඛා වෙදනා, අදුක්ඛමසුඛා වෙදනා - ඉමා ඛො, ථපති, තිස්සො වෙදනා වුත්තා භගවතා’’ති. දුතියම්පි ඛො පඤ්චකඞ්ගො ථපති ආයස්මන්තං උදායිං එතදවොච - ‘‘න ඛො, භන්තෙ උදායි, තිස්සො වෙදනා වුත්තා භගවතා; ද්වෙ වෙදනා වුත්තා භගවතා - සුඛා වෙදනා, දුක්ඛා වෙදනා. යායං, භන්තෙ , අදුක්ඛමසුඛා වෙදනා සන්තස්මිං එසා පණීතෙ සුඛෙ වුත්තා භගවතා’’ති. තතියම්පි ඛො ආයස්මා උදායී පඤ්චකඞ්ගං ථපතිං එතදවොච - ‘‘න ඛො, ථපති, ද්වෙ වෙදනා වුත්තා භගවතා; තිස්සො වෙදනා වුත්තා භගවතා. සුඛා වෙදනා, දුක්ඛා වෙදනා, අදුක්ඛමසුඛා වෙදනා - ඉමා ඛො, ථපති, තිස්සො වෙදනා වුත්තා භගවතා’’ති. තතියම්පි ඛො පඤ්චකඞ්ගො ථපති ආයස්මන්තං උදායිං එතදවොච - ‘‘න ඛො, භන්තෙ උදායි, තිස්සො වෙදනා වුත්තා භගවතා, ද්වෙ වෙදනා වුත්තා භගවතා - සුඛා වෙදනා, දුක්ඛා වෙදනා. යායං, භන්තෙ, අදුක්ඛමසුඛා වෙදනා සන්තස්මිං එසා පණීතෙ සුඛෙ වුත්තා භගවතා’’ති. නෙව ඛො සක්ඛි ආයස්මා උදායී පඤ්චකඞ්ගං ථපතිං සඤ්ඤාපෙතුං න පනාසක්ඛි පඤ්චකඞ්ගො ථපති ආයස්මන්තං උදායිං සඤ්ඤාපෙතුං.
88
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ ජේතවන නම් අනේපිඩු මහ සිටුහුගේ ආරාමයෙහි වැඩ වෙසෙන සේක. එකල්හි වනාහී (වෑය, පොරොව, නියන, මිටිය, දැලිනූල යන අංග පසකින් යුක්ත හෙයින්) පඤ්චකංග නම්වූ (දෙටු) වඩු තෙම ආයුෂ්මත් (පණ්ඩිත) උදායි ස්ථවිර තෙමේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් උදායි ස්ථවිරයන්ට වැඳ, එක පැත්තක හුන්නේය. එක පැත්තක හුන්නාවූම පඤ්චකංග නම් වඩුතෙම ආයුෂ්මත් උදායි ස්ථවිරයන්ට මෙය කීයේය. “ස්වාමීනි, උදායි ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් කෙතෙක් වේදනාවෝ වදාරණ ලද්දාහුද?”
“ථපතිය, භාග්‍යවතුන් වහන්සේ විසින් සැප වේදනාවය දුක් වේදනාවය, දුක්ද නොවූ සැපද නොවූ වේදනාවයයි වේදනා තුනක් වදාරණ ලද්දාහුය. ථපතිය, මේ වේදනා තුන වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දාහුය.”
“ස්වාමීනි, උදායි ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා තුනක් නොවදාරණ ලද්දාහ. භාග්‍යවතුන් වහන්සේ විසින් සැප වේදනාය, දුක් වේදනායයි වේදනා දෙකක් වදාරණ ලද්දාහ. ස්වාමීනි, යම් මේ දුක්ද නොවූ සැපද නොවූ වේදනාවක් වේද, මෙය ශාන්තවූ ප්‍රණීතවූ සැපයෙහි (ඇතුළත් කොට) භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දීය.”
දෙවනුවද ආයුෂ්මත් උදායි ස්ථවිරතෙම පඤ්චකංග නම් වඩුවාට මෙය කීයේය. “ථපතිය, භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා දෙකක් නොවදාරණ ලද්දාහ. භාග්‍යවතුන් වහන්සේ විසින් සැප වේදනාය, දුක් වේදනාය, දුක්ද නොවූ සැපද නොවූ වේදනායයි වේදනා තුනක් වදාරණ ලද්දාහ. ථපතිය, මේ වේදනා තුන වනාහී භාග්‍යවතුන්වහන්සේ විසින් වදාරණ ලද්දාහුය.” දෙවනුවද පඤ්චකංග නම් වඩුතෙම “ස්වාමීනි, උදායි ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා තුනක් නොවදාරණ ලද්දාහ. භාග්‍යවතුන් වහන්සේ විසින් සැප වේදනාය, දුක් වේදනායයි වේදනා දෙකක්ම වදාරණ ලද්දාහ. ස්වාමීනි, යම් මේ දුක්ද නොවූ සැපද නොවූ වේදනාවක් වේද, ඕතොමෝ ශාන්තවූ ප්‍රණීතවූ සැපයෙහි (ඇතුළත් කොට) භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දීය.”
තුන්වෙනුවද ආයුෂ්මත් උදායි ස්ථවිරතෙම පඤ්චකංග නම් වඩුවාට “ථපතිය, භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා දෙකක් නොවදාරණ ලද්දාහ. භාග්‍යවතුන් වහන්සේ විසින් සැප වේදනාය, දුක් වේදනාය, දුකද නොවූ, සැපද නොවූ වේදනායයි වේදනා තුනක් වදාරණ ලද්දාහ. ථපතිය, මේ වේදනා තුන වනාහී භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දාහුය”යි කීය. තුන් වෙනුවද පඤ්චකංග නම් වඩුතෙම ආයුෂ්මත් උදායි ස්ථවිරයන්ට “ස්වාමීනි, උදායි ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා තුනක් නොවදාරණ ලද්දාහ. භාග්‍යවතුන් වහන්සේ විසින් දුක් වේදනාය, සැප වේදනායයි වේදනා දෙකක්ම වදාරණලද්දාහ. ස්වාමීනි, යම් මේ දුක්ද නොවූ සැපද නොවූ වේදනාවක් වේද, මෙය ශාන්තවූ ප්‍රණීතවූ සැපයෙහි (ඇතුළත්කොට) භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දී යයි” කීය. ආයුෂ්මත් උදායි ස්ථවිර තෙමේ පඤ්චකංග නම් වඩුවාට හඟවන්ට නොමහැකි වූයේය. පඤ්චකංග නම් වඩු තෙමේද ආයුෂ්මත් උදායි ස්ථවිරයන්ට හඟවන්ට නොහැකි වූයේය.
89
අස්සොසි ඛො ආයස්මා ආනන්දො ආයස්මතො උදායිස්ස පඤ්චකඞ්ගෙන ථපතිනා සද්ධිං ඉමං කථාසල්ලාපං. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො යාවතකො අහොසි ආයස්මතො උදායිස්ස පඤ්චකඞ්ගෙන ථපතිනා සද්ධිං කථාසල්ලාපො තං සබ්බං භගවතො ආරොචෙසි. එවං වුත්තෙ, භගවා ආයස්මන්තං ආනන්දං එතදවොච - ‘‘සන්තඤ්ඤෙව ඛො, ආනන්ද, පරියායං පඤ්චකඞ්ගො ථපති උදායිස්ස නාබ්භනුමොදි, සන්තඤ්ඤෙව ච පන පරියායං උදායී පඤ්චකඞ්ගස්ස ථපතිස්ස නාබ්භනුමොදි. ද්වෙපානන්ද, වෙදනා වුත්තා මයා පරියායෙන , තිස්සොපි වෙදනා වුත්තා මයා පරියායෙන, පඤ්චපි වෙදනා වුත්තා මයා පරියායෙන, ඡපි වෙදනා වුත්තා මයා පරියායෙන, අට්ඨාරසපි වෙදනා වුත්තා මයා පරියායෙන, ඡත්තිංසපි වෙදනා වුත්තා මයා පරියායෙන, අට්ඨසතම්පි වෙදනා වුත්තා මයා පරියායෙන. එවං පරියායදෙසිතො ඛො, ආනන්ද, මයා ධම්මො. එවං පරියායදෙසිතෙ ඛො, ආනන්ද, මයා ධම්මෙ යෙ අඤ්ඤමඤ්ඤස්ස සුභාසිතං සුලපිතං න සමනුජානිස්සන්ති න සමනුමඤ්ඤිස්සන්ති න සමනුමොදිස්සන්ති තෙසමෙතං පාටිකඞ්ඛං - භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරිස්සන්ති. එවං පරියායදෙසිතො ඛො, ආනන්ද, මයා ධම්මො. එවං පරියායදෙසිතෙ ඛො, ආනන්ද, මයා ධම්මෙ යෙ අඤ්ඤමඤ්ඤස්ස සුභාසිතං සුලපිතං සමනුජානිස්සන්ති සමනුමඤ්ඤිස්සන්ති සමනුමොදිස්සන්ති තෙසමෙතං පාටිකඞ්ඛං - සමග්ගා සම්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරිස්සන්ති’’.
89
ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම ආයුෂ්මත් උදායි ස්ථවිරයන් වහන්සේත් පඤ්චකංගනම් වඩුවාත් අතර ඇතිවූ මේ කථා සල්ලාපය ඇසුවේමය. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක පැත්තක හුන්නේය. එක පැත්තක හුන්නාවූම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම ආයුෂ්මත් උදායි ස්ථවිරයන් හා පඤ්චකංග නම් වඩුවා අතර ඇතිවූ කථාසල්ලාපය යම් පමණ වූයේද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට කීයේය. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙය වදාළේය. “ආනන්දය, පඤ්චකංග නම් වඩු තෙම උදායි විසින් කියනලද ඇති කාරණයට සතුටු නොවීය. උදායි තෙම පඤ්චකංග නම් වඩුවා විසින් කියනලද ඇති කාරණයට සතුටු නොවීය.
“ආනන්දය, මා විසින් කාරණා වශයෙන් වේදනා දෙකක්ද කියන ලදහ. මා විසින් කාරණාවශයෙන් වේදනා තුනක්ද කියන ලදහ. මා විසින් කාරණා වශයෙන් වේදනා පසක්ද කියන ලදහ. මා විසින් කාරණා වශයෙන් වේදනා සයක්ද කියන ලදහ. මා විසින් කාරණා වශයෙන් වේදනා අටළොසක්ද කියන ලදහ. මා විසින් කාරණා වශයෙන් වේදනා සතිසක්ද කියන ලදහ. මා විසින් කාරණා වශයෙන් වේදනා එකසිය අටක්ද කියන ලදහ. ආනන්දය, මා විසින් ධර්මය තෙම කාරණා වශයෙන් දේශනා කරනලදී. ආනන්දය, මා විසින් ධර්මය මෙසේ කාරණා වශයෙන් දේශනා කරන ලද කල්හි යම් කෙනෙක් ඔවුනොවුන් යහපත් කොට කියන ලදද, මනාකොට කියන ලද්ද නොඅනුදනිත්ද, එකඟ නොවෙත්ද, සතුටු නොවෙත්ද, ඔවුන් හටගත් ඩබර ඇත්තාහු, හටගත් කලහ ඇත්තාහු, විවාදයට පැමිණියාහු, ඔවුනොවුන් මුඛ නමැති හුල්වලින් අනිමින් වාසය කරන්නාහුය යන මෙය කැමති විය යුතුයි. ආනන්දය, මා විසින් ධර්මය තෙම මෙසේ කාරණා වශයෙන් දේශනා කරන ලදී. ආනන්දය, මා විසින් ධර්මය මෙසේ කාරණා වශයෙන් දේශනා කරන ලද කල්හී යම් කෙනෙක් ඔවුනොවුන් යහපත්කොට කියන ලද්ද මනාකොට කියන ලද්ද අනුදන්නාහුද, මනාකොට හඟින්නාහුද, මනාකොට අනුමෝදන් වන්නාහුද, ඔවුන් සමගි වූවාහු, සතුටු වන්නාහු, විවාද නොකරන්නාහු, කිරි හා දිය මෙන් වූවාහු ඔවුනොවුන් ප්‍රිය ඇස් වලින් බලමින් වාසය කරන්නාහුය, යන මෙය කැමති විය යුතුයි.
90
‘‘පඤ්ච ඛො ඉමෙ, ආනන්ද, කාමගුණා. කතමෙ පඤ්ච? චක්ඛුවිඤ්ඤෙය්‍යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, සොතවිඤ්ඤෙය්‍යා සද්දා...පෙ.... ඝානවිඤ්ඤෙය්‍යා ගන්ධා...පෙ.... ජිව්හාවිඤ්ඤෙය්‍යා රසා...පෙ.... කායවිඤ්ඤෙය්‍යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා - ඉමෙ ඛො, ආනන්ද, පඤ්ච කාමගුණා. යං ඛො, ආනන්ද, ඉමෙ පඤ්ච කාමගුණෙ පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං ඉදං වුච්චති කාමසුඛං.
‘‘යො ඛො, ආනන්ද, එවං වදෙය්‍ය - ‘එතපරමං සත්තා සුඛං සොමනස්සං පටිසංවෙදෙන්තී’ති, ඉදමස්ස නානුජානාමි. තං කිස්ස හෙතු? අත්ථානන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච. කතමඤ්චානන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච? ඉධානන්ද, භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති . ඉදං ඛො, ආනන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
‘‘යො ඛො, ආනන්ද, එවං වදෙය්‍ය - ‘එතපරමං සත්තා සුඛං සොමනස්සං පටිසංවෙදෙන්තී’ති, ඉදමස්ස නානුජානාමි. තං කිස්ස හෙතු? අත්ථානන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච. කතමඤ්චානන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච? ඉධානන්ද, භික්ඛු විතක්කවිචාරානං වූපසමා...පෙ.... දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදං ඛො, ආනන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
‘‘යො ඛො, ආනන්ද, එවං වදෙය්‍ය...පෙ..... කතමඤ්චානන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච? ඉධානන්ද, භික්ඛු පීතියා ච විරාගා...පෙ.... තතියං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදං ඛො, ආනන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
‘‘යො ඛො, ආනන්ද, එවං වදෙය්‍ය...පෙ..... කතමඤ්චානන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච? ඉධානන්ද, භික්ඛු සුඛස්ස ච පහානා...පෙ.... චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදං ඛො, ආනන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
‘‘යො ඛො, ආනන්ද, එවං වදෙය්‍ය...පෙ..... කතමඤ්චානන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච ? ඉධානන්ද, භික්ඛු සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා, පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා, නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. ඉදං ඛො, ආනන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
‘‘යො ඛො, ආනන්ද, එවං වදෙය්‍ය...පෙ..... කතමඤ්චානන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච? ඉධානන්ද, භික්ඛු සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණ’න්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. ඉදං ඛො, ආනන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
‘‘යො ඛො, ආනන්ද, එවං වදෙය්‍ය...පෙ..... කතමඤ්චානන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච? ඉධානන්ද, භික්ඛු සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. ඉදං ඛො, ආනන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
‘‘යො ඛො, ආනන්ද, එවං වදෙය්‍ය...පෙ..... කතමඤ්චානන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච? ඉධානන්ද, භික්ඛු සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. ඉදං ඛො, ආනන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
‘‘යො ඛො, ආනන්ද, එවං වදෙය්‍ය - ‘එතපරමං සත්තා සුඛං සොමනස්සං පටිසංවෙදෙන්තී’ති, ඉදමස්ස නානුජානාමි. තං කිස්ස හෙතු? අත්ථානන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච. කතමඤ්චානන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච? ඉධානන්ද, භික්ඛු සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති. ඉදං ඛො, ආනන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
90
“ආනන්දය, මේ කාම ගුණ පසක් වෙත්. කවර පසක්ද යත්: ඇසින් දැනගත යුතුවූ ඉෂ්ටවූ කැමතිවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමය පිණිස පවත්නාවූ ඇළුම් කටයුතුවූ රූපයෝ වෙත්. කණින් දතයුතුවූ ඉෂ්ටවූ කැමතිවූ මනාප වූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමය පිණිස පවත්නාවූ ඇලුම් කටයුතුවූ ශබ්දයෝ වෙත්. නාසයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කැමතිවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමය පිණිස පවත්නාවූ ඇලුම් කටයුතුවූ ගන්ධයෝ වෙත්. දිවෙන් දතයුතුවූ ඉෂ්ටවූ කැමතිවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමය පිණිස පවත්නාවූ ඇලුම් කටයුතුවූ රසයෝ වෙත්. කයින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාවවූ ඇලීමෙන් යුක්තවූ ඇලුම් කටයුතුවූ ස්පර්ශ යෝ වෙත්. ආනන්දය, මේ වනාහී කාමගුණ පස වෙත්. ආනන්දය, මේ පඤ්චකාම ගුණයන් නිසා යම් සැපයක් සතුටක් උපදීද, මේ කාම සැපයයි කියනු ලැබේ.
“ආනන්දය, යමෙක් වනාහි සත්වයෝ මේ උසස්ම සැපය විඳිත් යයි මෙසේ කියන්නේද, ඔවුන්ගේ ඒ කීමට එකඟ නොවෙමි. ඊට හේතු කවරේද? ආනන්දය, මේ සැපයට වඩා ඉතා යහපත්වූද ඉතා ප්‍රණීතවූද අනික් සැපයක් ඇත්තේය. ආනන්දය, මේ සැපයට වඩා ඉතා යහපත්වූද අතිශයින් ප්‍රණීතවූද අනික් සැපය කවරේද? ආනන්දය, මේ ශාසනයෙහි මහණ තෙම කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති පළමුවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. ආනන්දය, මෙය වනාහී එකී සැපයට වඩා ඉතා යහපත්වූද, අතිශයින් ප්‍රණීතවූද අනික් සැපය වේ.
“ආනන්දය, යමෙක් වනාහී සත්වයෝ මේ උසස්ම සැපය විඳිත්යයි මෙසේ කියන්නේද, ඔහුගේ ඒ කීමට එකඟ නොවෙමි. ඊට හේතු කවරේද? ආනන්දය, මේ සැපයට වඩා ඉතා යහපත්වූද අතිශයින් ප්‍රණිතවූද අනික් සැපයක් ඇත්තේය. ආනන්දය, මේ සැපයට වඩා යහපත්වූද අතිශයින් ප්‍රණීතවූද, අනික් සැපය කවරේද? ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමා කෙරෙහි පැහැදීම ඇත්තාවූ චිත්තයාගේ එකඟ බව ඇති තර්ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. ආනන්දය, මේ වනාහී එකී සැපයට වඩා ඉතා යහපත්වූද අතිශයින් ප්‍රණීතවූද අනික් සැපය වේ.
“ආනන්දය, යමෙක් වනාහි සත්වයෝ මේ උසස්ම සැපය විඳිත්යයි මෙසේ කියන්නේද, ඔහුගේ ඒ කීමට එකඟ නොවෙමි. ඊට හේතු කවරේද? ආනන්දය, මේ සැපයට වඩා ඉතා යහපත්වූද අතිශයින් ප්‍රණීතවූද අනික් සැපයක් ඇත්තේය. ආනන්දය, මේ සැපයට වඩා ඉතා යහපත්වූද අතිශයින් ප්‍රණීතවූද අනික් සැපය කවරේද? ආනන්දය, මේ ශාසනයෙහි, මහණ තෙම ප්‍රීතියගේද වැලක්මෙන් උපෙක්ෂා ඇත්තේ සිහිඇත්තේ මනාදැනුම් ඇත්තේ වාසය කරයි. සැපයද කයින් විඳියි. යමක් ආර්‍ය්‍යයෝ උපෙක්ෂා ඇත්තේය, සිහි ඇත්තේය, සැප විහරණ ඇත්තේ යයි කියත්ද, ඒ තුන්වන ධ්‍යානයට පැමිණ වාසය කරයි. ආනන්දය, මෙය වනාහී එකී සැපයට වඩා ඉතා යහපත්වූද අතිශයින් ප්‍රණීතවූද අනික් සැපය වේ.
“ආනන්දය, යමෙක් වනාහි සත්වයෝ මේ උසස්ම සැපය විඳිත්යයි මෙසේ කියන්නේද, ඔහුගේ ඒ වචනයට එකඟ නොවෙමි. ඊට හේතු කවරේද? ආනන්දය, එකී සැපයට වඩා ඉතා යහපත්වූද අතිශයින් ප්‍රණීතවූද අනික් සැපයක් ඇත්තේය. ආනන්දය, එකී සැපයට වඩා ඉතා යහපත්වූද අතිශයින් ප්‍රණීතවූද අනික් සැපය කවරේද? ආනන්දය, මේ ශාසනයෙහි මහණ තෙම සුඛයාගේද දුරු කිරීමෙන් දුක්ඛයාගේද දුරු කිරීමෙන් පළමුකොටම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන් දුක් නැත්තාවූ සැප නැත්තාවූ උපෙක්ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. ආනන්දය, මෙය වනාහි මෙකී සැපයට වඩා ඉතා යහපත්වූද අතිශයින් ප්‍රණීතවූද අනික් සැපය වේ.
“ආනන්දය, යමෙක් වනාහි සත්වයෝ මේ උසස්ම සැපය විඳිත්යයි මෙසේ කියන්නේද? ඔහුගේ ඒ වචනයට එකඟ නොවෙමි ඊට හේතු කවරේද? ආනන්දය, එකී සැපයට වඩා ඉතා යහපත්වූද, අතිශයින් ප්‍රණීතවූද අනික් සැපයක් ඇත්තේය. ආනන්දය, එකී සැපයට වඩා ඉතා යහපත්වූද ඉතා උතුම්වූද අනික් සැපය කවරේද? ආනන්දය, මේ ශාසනයෙහි, මහණ තෙම සියළු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මීමෙන් ප්‍රතිඝ සංඥාවන් නැසීමෙන් නානාත්ව සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් අනන්තවූ ආකාශයයි ආකාශාණඤ්චායතන සමාපත්තියට පැමිණ වාසය කරයි. ආනන්දය, මෙය වනාහී මෙකී සැපයට වඩා ඉතා යහපත්වූද, ඉතා උතුම්වූද අනික් සැපයවේ.
“ආනන්දය, යමෙක් වනාහී සත්වයෝ මේ උසස්මවූ සැපය විඳිත්යයි, මෙසේ කියන්නේද, ඔහුගේ ඒ කීමට එකඟ නොවෙමි.
“ඊට හේතු කවරේද? ආනන්දය, එකී සැපයට වඩා ඉතා යහපත්වූද, ඉතා උතුම්වූද අනික් සැපයක් ඇත්තේය. ආනන්දය, එකී සැපයට වඩා ඉතා යහපත්වූද, ඉතා උතුම්වූද අනික් සැපය කවරේද? ආනන්දය, මේ ශාසනයෙහි මහණ තෙම සියළු ආකාරයෙන් ආකාශානඤ්චායතනය ඉක්මවා අනන්තවූ විඤ්ඤාණයයි විඤ්ඤාණඤ්චායතන සමාපත්තියට පැමිණ වාසය කරයි. ආනන්දය, මෙය වනාහී එකී සැපයට වඩා ඉතා යහපත්වූද, ඉතා උතුම්වූද අනික් සැපයවේ.
“ආනන්දය, යමෙක් වනාහී සත්වයෝ මේ උසස්මවූ සැපය, විඳිත්යයි මෙසේ කියන්නේද? ඔහුගේ ඒ කීමට එකඟ නොවෙමි.
“ඊට හේතු කවරේද? ආනන්දය, එකී සැපයට වඩා ඉතා යහපත්වූද, ඉතා උතුම්වූද අනික් සැපයක් ඇත්තේය. ආනන්දය, එකී සැපයට වඩා ඉතා යහපත්වූද, ඉතා උතුම්වූද අනික් සැපය කවරේද? ආනන්දය, මේ ශාසනයෙහි මහණ තෙම සියළු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට පැමිණ වාසය කරයි. ආනන්දය, මෙය වනාහී එකී සැපයට වඩා ඉතා යහපත්වූද, ඉතා උතුම්වූද අනික් සැපයවේ.
“ආනන්දය, යමෙක් වනාහී සත්වයෝ මේ උසස්ම සැපය, විඳිත්යයි මෙසේ කියන්නේද, ඔහුගේ ඒ කීමට එකඟ නොවෙමි.
“ඊට හේතු කවරේද? ආනන්දය, එකී සැපයට වඩා ඉතා යහපත්වූද, ඉතා උතුම්වූද අනික් සැපයක් ඇත්තේය. ආනන්දය, එකී සැපයට වඩා ඉතා යහපත්වූද, ඉතා උතුම්වූද අනික් සැපය කවරේද? ආනන්දය, මේ ශාසනයෙහි මහණ තෙම සියළු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියට පැමිණ වාසය කරයි. ආනන්දය, මෙය වනාහී මෙකී සැපයට වඩා ඉතා යහපත්වූද, ඉතා උතුම්වූද අනික් සැපයවේ.
“ආනන්දය, යමෙක් වනාහී සත්වයෝ මේ උසස්ම සැපය, විඳින්නේයයි මෙසේ කියන්නේද, ඔහුගේ ඒ වචනයට එකඟ නොවෙමි.
“ඊට හේතු කවරේද? ආනන්දය, එකී සැපයට වඩා ඉතා යහපත්වූද, ඉතා උතුම්වූද අනික් සැපයක් ඇත්තේය. ආනන්දය, එකී සැපයට වඩා ඉතා යහපත්වූද, ඉතා උතුම්වූද අනික් සැපය කවරේද, ආනන්දය, මේ ශාසනයෙහි මහණ තෙම සියළු ආකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවෙදයිත නිරෝධ සමාපත්තියට පැමිණ වාසය කරයි. ආනන්දය, මෙය වනාහී මෙකී සැපයට වඩා ඉතා යහපත්වූද, ඉතා උතුම්වූද අනික් සැපයවේ.
91
‘‘ඨානං ඛො පනෙතං, ආනන්ද, විජ්ජති යං අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං වදෙය්‍යුං - ‘සඤ්ඤාවෙදයිතනිරොධං සමණො ගොතමො ආහ; තඤ්ච සුඛස්මිං පඤ්ඤපෙති. තයිදං කිංසු, තයිදං කථංසූ’ති? එවංවාදිනො, ආනන්ද, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවමස්සු වචනීයා - ‘න ඛො, ආවුසො, භගවා සුඛංයෙව වෙදනං සන්ධාය සුඛස්මිං පඤ්ඤපෙති; අපි ච, ආවුසො, යත්ථ යත්ථ සුඛං උපලබ්භති යහිං යහිං තං තං තථාගතො සුඛස්මිං පඤ්ඤපෙතී’’’ති.
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා ආනන්දො භගවතො භාසිතං අභිනන්දීති.
91
“ආනන්දය, අන්‍ය තීර්ථකවූ පරිව්‍රාජකයෝ ශ්‍රමණ ගෞතම තෙම සඤ්ඤාවෙදයිතනිරෝධය කියයි. එය සැපයයිද පනවයි. ඒ කුමක්ද? එය කෙසේ වන්නක් දැයි මෙසේ කියන්නාහුය යන යමක් වේද, මීට කරුණු ඇත්තේය. ආනන්දය, එසේ කියන්නාවූ අන්‍ය තීර්ථක පරිව්‍රාජකයන්ට මෙසේ කියයුතුය. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ සැපවූ වේදනාව සඳහාම සැපයයි නොම පනවයි. ඇවැත්නි, එතකුදුවූවත් යම් යම් කාරණයෙක්හි යම් යම් තැනක සැපය ලැබේද, ඒ ඒ කරුණ තථාගතතෙම සැපයෙහි පනවා යයි (වදාළසේක.)
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සතුටු සිත් ඇත්තාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තේය.
10. අපණ්ණකසුත්තං 10. අපණ්ණක සූත්‍රය