ත්‍රිපිටකය
මජ්ඣිමනිකායෙ මජ්ඣිම නිකාය
මජ්ඣිමපණ්ණාසපාළි මජ්ඣිම පණ්ණාසකය
1. ගහපතිවග්ගො 1. ගෘහපති වර්ගය
1. කන්දරකසුත්තං 1. කන්දරක සූත්‍රය
2. අට්ඨකනාගරසුත්තං 2. අට්ඨක නාගර සූත්‍රය
3. සෙඛසුත්තං 3. සෙඛ සූත්‍රය
4. පොතලියසුත්තං 4. පොතලිය සූත්‍රය
5. ජීවකසුත්තං 5. ජීවක සූත්‍රය
6. උපාලිසුත්තං 6. උපාලි සූත්‍රය
56
එවං මෙ සුතං - එකං සමයං භගවා නාළන්දායං විහරති පාවාරිකම්බවනෙ. තෙන ඛො පන සමයෙන නිගණ්ඨො නාටපුත්තො (නාථපුත්තො (සී.), නාතපුත්තො (පී.)) නාළන්දායං පටිවසති මහතියා නිගණ්ඨපරිසාය සද්ධිං. අථ ඛො දීඝතපස්සී නිගණ්ඨො නාළන්දායං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන පාවාරිකම්බවනං යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතං ඛො දීඝතපස්සිං නිගණ්ඨං භගවා එතදවොච - ‘‘සංවිජ්ජන්ති ඛො, තපස්සි (දීඝතපස්සි (ස්‍යා. කං. ක.)), ආසනානි; සචෙ ආකඞ්ඛසි නිසීදා’’ති. එවං වුත්තෙ, දීඝතපස්සී නිගණ්ඨො අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො දීඝතපස්සිං නිගණ්ඨං භගවා එතදවොච - ‘‘කති පන, තපස්සි, නිගණ්ඨො නාටපුත්තො කම්මානි පඤ්ඤපෙති පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා’’ති?
‘‘න ඛො, ආවුසො ගොතම, ආචිණ්ණං නිගණ්ඨස්ස නාටපුත්තස්ස ‘කම්මං, කම්ම’න්ති පඤ්ඤපෙතුං; ‘දණ්ඩං, දණ්ඩ’න්ති ඛො, ආවුසො ගොතම, ආචිණ්ණං නිගණ්ඨස්ස නාටපුත්තස්ස පඤ්ඤපෙතු’’න්ති.
‘‘කති පන, තපස්සි, නිගණ්ඨො නාටපුත්තො දණ්ඩානි පඤ්ඤපෙති පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා’’ති?
‘‘තීණි ඛො, ආවුසො ගොතම, නිගණ්ඨො නාටපුත්තො දණ්ඩානි පඤ්ඤපෙති පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියාති, සෙය්‍යථිදං - කායදණ්ඩං, වචීදණ්ඩං, මනොදණ්ඩ’’න්ති.
‘‘කිං පන, තපස්සි, අඤ්ඤදෙව කායදණ්ඩං, අඤ්ඤං වචීදණ්ඩං, අඤ්ඤං මනොදණ්ඩ’’න්ති?
‘‘අඤ්ඤදෙව , ආවුසො ගොතම, කායදණ්ඩං, අඤ්ඤං වචීදණ්ඩං, අඤ්ඤං මනොදණ්ඩ’’න්ති.
‘‘ඉමෙසං පන, තපස්සි, තිණ්ණං දණ්ඩානං එවං පටිවිභත්තානං එවං පටිවිසිට්ඨානං කතමං දණ්ඩං නිගණ්ඨො නාටපුත්තො මහාසාවජ්ජතරං පඤ්ඤපෙති පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා , යදි වා කායදණ්ඩං, යදි වා වචීදණ්ඩං, යදි වා මනොදණ්ඩ’’න්ති?
‘‘ඉමෙසං ඛො, ආවුසො ගොතම, තිණ්ණං දණ්ඩානං එවං පටිවිභත්තානං එවං පටිවිසිට්ඨානං කායදණ්ඩං නිගණ්ඨො නාටපුත්තො මහාසාවජ්ජතරං පඤ්ඤපෙති පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා, නො තථා වචීදණ්ඩං, නො තථා මනොදණ්ඩ’’න්ති.
‘‘කායදණ්ඩන්ති, තපස්සි, වදෙසි’’?
‘‘කායදණ්ඩන්ති, ආවුසො ගොතම, වදාමි’’.
‘‘කායදණ්ඩන්ති, තපස්සි, වදෙසි’’?
‘‘කායදණ්ඩන්ති, ආවුසො ගොතම, වදාමි’’.
‘‘කායදණ්ඩන්ති, තපස්සි, වදෙසි’’?
‘‘කායදණ්ඩන්ති, ආවුසො ගොතම, වදාමී’’ති.
ඉතිහ භගවා දීඝතපස්සිං නිගණ්ඨං ඉමස්මිං කථාවත්ථුස්මිං යාවතතියකං පතිට්ඨාපෙසි.
56
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ නාලන්දා නම් නුවර පාවාරික නම් සිටුහුගේ අඹ උයනෙහි කරවනලද විහාරයෙහි වැඩ වාසය කළහ. එකල්හි වනාහි නිගණ්ඨනාත පුත්‍රතෙමේ මහත්වූ නිගණ්ඨ පිරිසක් සමග නාලන්දා නුවර වාසය කරයි එකල්හි දීඝතපස්සී නම් නිගණ්ඨතෙම නාලන්දා නුවර පිඩු පිණිස හැසිර පසු බත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැලකුනේ පාවාරික නම් අඹ උයන යම් තැනෙක්හිද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට ගියේය. ගොස් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවූයේය. සතුටුවිය යුතුවූ සිහිකට යුතුවූ කථාව කොට නිමවා එක්පැත්තක සිටියේය. එක පැත්තක සිටියාවූම දීඝතපස්සී නම් නිගණ්ඨයාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. “තපස්සීය, ආසන ඇත්තාහ. ඉදින් කැමැත්තෙහි නම් හිඳ ගනුවයි” (කීහ.) මෙසේ කී කල්හි දීඝතපස්සී නම් නිගණ්ඨ තෙම එක්තරා මිටි අස්නක් ගෙණ එක් පැත්තක වාඩිවිය. එක් පැත්තක උන්නාවූ දීඝතපස්සී නම් නිගණ්ඨයාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.
“තපස්සීය, නිගණ්ඨනාත පුත්‍රතෙම පාපකර්මය කිරීම පිණිස පාපකර්මයාගේ පැවැත්ම පිණිස කෙතෙක් කර්ම පනවාදැයි (දක්වාදැයි ඇසූහ.) ”
“ඇවැත්නි, ගෞතමයන් වහන්ස, කර්මය කර්මයයි පනවන්ට නිගණ්ඨනාත පුත්‍රයාහට පුරුද්දක් නැත. ඇවැත්නි, ගෞතමයන් වහන්ස, දණ්ඩය දණ්ඩයයිම පනවන්ට නිගණ්ඨනාත පුත්‍රයාගේ පුරුද්ද වේයයි” කීය.
“තපස්සිය, නිගණ්ඨනාත පුත්‍රතෙම පාප කර්ම කිරීමට පාපකර්මයාගේ පැවැත්මට කෙතෙක් නම් දණ්ඩයන් පනවාද?”
“ඇවැත්නි, ගෞතමයන් වහන්ස, නිගණ්ඨනාත පුත්‍ර තෙම පාපකර්මය කිරීමට පාපකර්මයාගේ පැවැත්මට දණ්ඩ තුනක්ම පනවයි. එනම් කාය දණ්ඩය, වචී දණ්ඩය, මනො දණ්ඩය යන තුනයි.”
“තපස්සිය, කිමෙක්ද? කාය දණ්ඩය අනිකක්මද? වචී දණ්ඩය අනිකක්මද? මනො දණ්ඩය අනිකක්මද”
“ඇවැත්නි, ගෞතමයන් වහන්ස, කාය දණ්ඩය අනිකක්මය, වචී දණ්ඩය අනිකක්මය, මනො දණ්ඩය අනිකක්මය.”
“තපස්සිය, මෙසේ බෙදන ලද්දාවූ මෙසේ වෙන් කරන ලද්දාවූ මේ දණ්ඩ තුන අතුරෙන් කවර නම් දණ්ඩයක් නිගණ්ඨනාත පුත්‍ර තෙම පාප කර්මය කිරීමට පාපකර්මයාගේ පැවැත්මට ඉතා මහත් වරදයයි දක්වාද? ඉදින් කාය දණ්ඩය හෝ වේද ඉදින් වචී දණ්ඩය හෝ වේද? ඉදින් මනො දණ්ඩය හෝ වේද?”
“ඇවැත්නි, ගෞතමයන් වහන්ස, මෙසේ බෙදන ලද්දාවූ මෙසේ වෙන් කරන ලද්දාවූ මේ දණ්ඩ තුන අතුරෙන් කාය දණ්ඩය නිගණ්ඨනාත පුත්‍රතෙම පාපකර්මය කිරීමට පාප කර්මයාගේ පැවැත්මට ඉතා මහත් වරදයයි දක්වයි. වචී දණ්ඩය එසේ නොදක්වයි. මනො දණ්ඩය එසේ නොදක්වයි.”
“තපස්සිය, කාය දණ්ඩයයි කියන්නෙහිද?”
“ඇවැත්නි, ගෞතමයන් වහන්ස, කාය දණ්ඩයයි” කියමි.
“තපස්සිය, කාය දණ්ඩයයි කියන්නෙහිද?”
“ඇවැත්නි, ගෞතමයන් වහන්ස, කාය දණ්ඩය”යි කියමි.
“තපස්සිය, කාය දණ්ඩයයි කියන්නෙහිද?”
“ඇවැත්නි ගෞතමයන් වහන්ස, කාය දණ්ඩයයි කියමි.”
මෙසේ භාග්‍යවතුන් වහන්සේ දීඝතපස්සී නම් නිඝණ්ඨයා මේ කීමෙහි තුන්වෙනි වර දක්වා පිහිටුවූහ.
57
එවං වුත්තෙ, දීඝතපස්සී නිගණ්ඨො භගවන්තං එතදවොච - ‘‘ත්වං පනාවුසො ගොතම, කති දණ්ඩානි පඤ්ඤපෙසි පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා’’ති?
‘‘න ඛො, තපස්සි, ආචිණ්ණං තථාගතස්ස ‘දණ්ඩං, දණ්ඩ’න්ති පඤ්ඤපෙතුං; ‘කම්මං, කම්ම’න්ති ඛො, තපස්සි, ආචිණ්ණං තථාගතස්ස පඤ්ඤපෙතු’’න්ති?
‘‘ත්වං පනාවුසො ගොතම, කති කම්මානි පඤ්ඤපෙසි පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා’’ති?
‘‘තීණි ඛො අහං, තපස්සි, කම්මානි පඤ්ඤපෙමි පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා, සෙය්‍යථිදං - කායකම්මං, වචීකම්මං, මනොකම්ම’’න්ති.
‘‘කිං පනාවුසො ගොතම, අඤ්ඤදෙව කායකම්මං, අඤ්ඤං වචීකම්මං, අඤ්ඤං මනොකම්ම’’න්ති?
‘‘අඤ්ඤදෙව, තපස්සි, කායකම්මං, අඤ්ඤං වචීකම්මං, අඤ්ඤං මනොකම්ම’’න්ති.
‘‘ඉමෙසං පනාවුසො ගොතම, තිණ්ණං කම්මානං එවං පටිවිභත්තානං එවං පටිවිසිට්ඨානං කතමං කම්මං මහාසාවජ්ජතරං පඤ්ඤපෙසි පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා, යදි වා කායකම්මං, යදි වා වචීකම්මං, යදි වා මනොකම්ම’’න්ති?
‘‘ඉමෙසං ඛො අහං, තපස්සි, තිණ්ණං කම්මානං එවං පටිවිභත්තානං එවං පටිවිසිට්ඨානං මනොකම්මං මහාසාවජ්ජතරං පඤ්ඤපෙමි පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා, නො තථා කායකම්මං, නො තථා වචීකම්ම’’න්ති.
‘‘මනොකම්මන්ති, ආවුසො ගොතම, වදෙසි’’?
‘‘මනොකම්මන්ති, තපස්සි, වදාමි’’.
‘‘මනොකම්මන්ති, ආවුසො ගොතම, වදෙසි’’?
‘‘මනොකම්මන්ති, තපස්සි, වදාමි’’.
‘‘මනොකම්මන්ති , ආවුසො ගොතම, වදෙසි’’?
‘‘මනොකම්මන්ති, තපස්සි, වදාමී’’ති.
ඉතිහ දීඝතපස්සී නිගණ්ඨො භගවන්තං ඉමස්මිං කථාවත්ථුස්මිං යාවතතියකං පතිට්ඨාපෙත්වා උට්ඨායාසනා යෙන නිගණ්ඨො නාටපුත්තො තෙනුපසඞ්කමි.
57
මෙසේ වදාළ කල්හි දීඝතපස්සී නම් නිගණ්ඨ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ඇවැත්නි, ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ වනාහී පාපකර්මය කිරීමට පාප කර්මයාගේ පැවැත්මට කෙතෙක් දණ්ඩයන් පනවන්නෙහිද?”
“තපස්සීය, තථාගතයන්ට දණ්ඩය දණ්ඩයයි පනවන්ට පුරුද්දක් නැත. තපස්සිය, කර්මය කර්මයයිම පැනවීම තථාගතයන්ගේ පුරුද්දවේ.”
“ඇවැත්නි, ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ වනාහි පාපකර්මය කිරීමට පාපකර්මයාගේ පැවැත්මට කෙතෙක් කර්මයන් පනවන්නෙහිද?”
“තපස්සිය, මම වනාහි පාපකර්මය කිරීමට පාපකර්මයාගේ පැවැත්මට කර්ම තුනක් දක්වමි. එනම් කායකර්මය, වචීකර්මය, මනොකර්මය යන තුනයි.”
“ඇවැත්නි, ගෞතමයන් වහන්ස, කිම? කායකර්මය, අනිකක්මද? වචීකර්මය අනිකක්මද? මනොකර්මය අනිකක්මද?”
“තපස්සිය, කායකර්මය අනිකක්මය, වචීකර්මය අනිකක්මය. මනො කර්මය අනිකක්මය.”
“ඇවැත්නි, ගෞතමයන් වහන්ස මෙසේ බෙදන ලද්දාවූ මෙසේ වෙන් කරන ලද්දාවූ මේ කර්ම තුන අතුරෙන් කවර නම් කර්මයක් පාප කර්මය කිරීමට පාප කර්මයාගේ පැවැත්මට ඉතා මහත් වරදයයි දක්වන්නෙහිද? ඉදින් කායකර්මය හෝ වේද? ඉදින් වාක් කර්මය හෝ වේද? මනොකර්මය හෝ වේද?”
“තපස්සිය, මම වනාහී මෙසේ බෙදන ලද්දාවූ මෙසේ වෙන් කරන ලද්දාවූ මේ කර්ම තුන අතුරෙන් මනොකර්මය පාප කර්මය කිරීමට, පාපකර්මයාගේ පැවැත්මට ඉතා මහත් වරදයයි දක්වමි. කාය කර්මය එසේ නොවේ, වාක් කර්මය එසේ නොවේ.”
“ඇවැත්නි, ගෞතමයන්වහන්ස, මනො කර්මයයි කියන්නෙහිද?”
“තපස්සිය, මනො කර්මයයි කියමි.”
“ඇවැත්නි, ගෞතමයන් වහන්ස, මනො කර්මයයි කියන්නෙහිද?”
“තපස්සිය, මනොකර්මයයි කියමි.”
“ඇවැත්නි, ගෞතමයන් වහන්ස, මනොකර්මයයි කියන්නෙහිද?”
“තපස්සිය, මනො කර්මයයි කියමි.”
මෙසේ දීඝතපස්සි නිගණ්ඨ තෙම භාග්‍යවතුන් වහන්සේ මේ කීමෙහි තුන්වෙනි වර දක්වා පිහිටුවා හුනස්නෙන් නැගිට නිගණ්ඨනාත පුත්‍ර තෙමේ යම් තැනෙක්හිද එතැනට ගියේය.
58
තෙන ඛො පන සමයෙන නිගණ්ඨො නාටපුත්තො මහතියා ගිහිපරිසාය සද්ධිං නිසින්නො හොති බාලකිනියා පරිසාය උපාලිපමුඛාය. අද්දසා ඛො නිගණ්ඨො නාටපුත්තො දීඝතපස්සිං නිගණ්ඨං දූරතොව ආගච්ඡන්තං; දිස්වාන දීඝතපස්සිං නිගණ්ඨං එතදවොච - ‘‘හන්ද, කුතො නු ත්වං, තපස්සි, ආගච්ඡසි දිවා දිවස්සා’’ති? ‘‘ඉතො හි ඛො අහං, භන්තෙ, ආගච්ඡාමි සමණස්ස ගොතමස්ස සන්තිකා’’ති. ‘‘අහු පන තෙ, තපස්සි, සමණෙන ගොතමෙන සද්ධිං කොචිදෙව කථාසල්ලාපො’’ති ? ‘‘අහු ඛො මෙ, භන්තෙ, සමණෙන ගොතමෙන සද්ධිං කොචිදෙව කථාසල්ලාපො’’ති. ‘‘යථා කථං පන තෙ, තපස්සි, අහු සමණෙන ගොතමෙන සද්ධිං කොචිදෙව කථාසල්ලාපො’’ති? අථ ඛො දීඝතපස්සී නිගණ්ඨො යාවතකො අහොසි භගවතා සද්ධිං කථාසල්ලාපො තං සබ්බං නිගණ්ඨස්ස නාටපුත්තස්ස ආරොචෙසි. එවං වුත්තෙ, නිගණ්ඨො නාටපුත්තො දීඝතපස්සිං නිගණ්ඨං එතදවොච - ‘‘සාධු සාධු, තපස්සි! යථා තං සුතවතා සාවකෙන සම්මදෙව සත්ථුසාසනං ආජානන්තෙන එවමෙව දීඝතපස්සිනා නිගණ්ඨෙන සමණස්ස ගොතමස්ස බ්‍යාකතං. කිඤ්හි සොභති ඡවො මනොදණ්ඩො ඉමස්ස එවං ඔළාරිකස්ස කායදණ්ඩස්ස උපනිධාය! අථ ඛො කායදණ්ඩොව මහාසාවජ්ජතරො පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා, නො තථා වචීදණ්ඩො, නො තථා මනොදණ්ඩො’’ති.
58
එසමයෙහි වනාහි නිගණ්ඨනාත පුත්‍රතෙම උපාලි ගෘහපතියා ප්‍රධාන කොට ඇති බාලක නම් ගම් වැසි මහත්වූ ගිහි පිරිසක් සමග හුන්නේ වෙයි. නිගණ්ඨනාත පුත්‍ර තෙම එන්නාවූ දීඝතපස්සී නම් නිගණ්ඨයා දුරදීම දුටුයේය. දැක දීඝතපස්සී නම් නිගණ්ඨයාට මෙසේ කීයේය.
“තපස්සිය, නුඹ මේ දවල් කාලයෙහි කොහි සිට එන්නෙහිද?” “ස්වාමීනි, මම මේ ශ්‍රමණ ගෞතමයන්ගේ සමීපයෙහි සිට එමි.”
“තපස්සිය, ශ්‍රමණ ගෞතමයන් හා සමග තොපගේ කිසි යම් කථාබහෙක් වූයේද?” “ස්වාමීනි, ශ්‍රමණ ගෞතමයන් හා සමග මාගේ කිසියම් කථා බහෙක් වූයේය.”
“තපස්සිය, ශ්‍රමණගෞතමයන් හා සමග තොපගේ කිසි යම් කථා බහෙක් කෙසේ නම් වූයේද?”
එකල්හි දීඝතපස්සී නිගණ්ඨතෙම භාග්‍යවතුන් වහන්සේ සමග පැවැත්වූ කථා සල්ලාපය යම්තාක් වීද, ඒ සියල්ල නිගණ්ඨනාත පුත්‍රයාට කීයේය.
මෙසේ කීකල්හි නිගණ්ඨනාත පුත්‍රතෙම දීඝතපස්සි නිගණ්ඨයාට මෙය කීයේය. “තපස්සිය, යහපත, යහපත, මනා කොටම ශාස්තෘහුගේ ශාසනය දන්නාවූ උගත් ශ්‍රාවකයෙකු විසින් යම්සේ නම් එසේම දීඝතපස්සී නම් නිගණ්ඨයා විසින් ශ්‍රමණ ගෞතමයන්හට ප්‍රකාශ කරණලදී. මෙසේ මහත්වූ මේ කාය දණ්ඩය හා සමකරන විට ලාමකවූ මනො දණ්ඩය කුමක්ද? කාය දණ්ඩයම පාපකර්ම කිරීමට පාප කර්මයාගේ පැවැත්මට ඉතා මහත් වරදවේ. වාක් දණ්ඩය එසේ නොවේ. මනො දණ්ඩය එසේ නොවේයයි” (කීයේය)
59
එවං වුත්තෙ, උපාලි ගහපති නිගණ්ඨං නාටපුත්තං එතදවොච - ‘‘සාධු සාධු, භන්තෙ දීඝතපස්සී (තපස්සී (සී. පී.))! යථා තං සුතවතා සාවකෙන සම්මදෙව සත්ථුසාසනං ආජානන්තෙන එවමෙවං භදන්තෙන තපස්සිනා සමණස්ස ගොතමස්ස බ්‍යාකතං. කිඤ්හි සොභති ඡවො මනොදණ්ඩො ඉමස්ස එවං ඔළාරිකස්ස කායදණ්ඩස්ස උපනිධාය! අථ ඛො කායදණ්ඩොව මහාසාවජ්ජතරො පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා, නො තථා වචීදණ්ඩො, නො තථා මනොදණ්ඩො. හන්ද චාහං, භන්තෙ, ගච්ඡාමි සමණස්ස ගොතමස්ස ඉමස්මිං කථාවත්ථුස්මිං වාදං ආරොපෙස්සාමි. සචෙ මෙ සමණො ගොතමො තථා පතිට්ඨහිස්සති යථා භදන්තෙන තපස්සිනා පතිට්ඨාපිතං; සෙය්‍යථාපි නාම බලවා පුරිසො දීඝලොමිකං එළකං ලොමෙසු ගහෙත්වා ආකඩ්ඪෙය්‍ය පරිකඩ්ඪෙය්‍ය සම්පරිකඩ්ඪෙය්‍ය, එවමෙවාහං සමණං ගොතමං වාදෙන වාදං ආකඩ්ඪිස්සාමි පරිකඩ්ඪිස්සාමි සම්පරිකඩ්ඪිස්සාමි . සෙය්‍යථාපි නාම බලවා සොණ්ඩිකාකම්මකාරො මහන්තං සොණ්ඩිකාකිලඤ්ජං ගම්භීරෙ උදකරහදෙ පක්ඛිපිත්වා කණ්ණෙ ගහෙත්වා ආකඩ්ඪෙය්‍ය පරිකඩ්ඪෙය්‍ය සම්පරිකඩ්ඪෙය්‍ය, එවමෙවාහං සමණං ගොතමං වාදෙන වාදං ආකඩ්ඪිස්සාමි පරිකඩ්ඪිස්සාමි සම්පරිකඩ්ඪිස්සාමි. සෙය්‍යථාපි නාම බලවා සොණ්ඩිකාධුත්තො වාලං (ථාලං (ක.)) කණ්ණෙ ගහෙත්වා ඔධුනෙය්‍ය නිද්ධුනෙය්‍ය නිප්ඵොටෙය්‍ය (නිච්ඡාදෙය්‍ය (සී. පී. ක.), නිච්චොටෙය්‍ය (ක.), නිප්පොඨෙය්‍ය (ස්‍යා. කං.)), එවමෙවාහං සමණං ගොතමං වාදෙන වාදං ඔධුනිස්සාමි නිද්ධුනිස්සාමි නිප්ඵොටෙස්සාමි . සෙය්‍යථාපි නාම කුඤ්ජරො සට්ඨිහායනො ගම්භීරං පොක්ඛරණිං ඔගාහෙත්වා සාණධොවිකං නාම කීළිතජාතං කීළති, එවමෙවාහං සමණං ගොතමං සාණධොවිකං මඤ්ඤෙ කීළිතජාතං කීළිස්සාමි. හන්ද චාහං, භන්තෙ, ගච්ඡාමි සමණස්ස ගොතමස්ස ඉමස්මිං කථාවත්ථුස්මිං වාදං ආරොපෙස්සාමී’’ති. ‘‘ගච්ඡ ත්වං, ගහපති, සමණස්ස ගොතමස්ස ඉමස්මිං කථාවත්ථුස්මිං වාදං ආරොපෙහි. අහං වා හි, ගහපති, සමණස්ස ගොතමස්ස වාදං ආරොපෙය්‍යං, දීඝතපස්සී වා නිගණ්ඨො, ත්වං වා’’ති.
59
මෙසේ කී කල්හි උපාලි ගෘහපතිතෙම නිගණ්ඨනාත පුත්‍රයාට මෙය කීයේය. “ස්වාමීනි, තපස්සී තෙම යහපත, යහපත, මනාකොටම ශාස්තෘහුගේ ශාසනය දන්නාවූ උගත් ශ්‍රාවකයෙකු විසින් යම්සේද එසේම පින්වත් තපස්සී විසින් ශ්‍රමණ ගෞතමයන්හට ප්‍රකාශ කරනලදී. මේ මෙසේ මහත්වූ මේ කාය දණ්ඩය හා සම කරනවිට, ලාමකවූ මනො දණ්ඩය කුමක්ද? කාය දණ්ඩයම පාපකර්මය කිරීමට, පාප කර්මයාගේ පැවැත්මට ඉතා මහත් වරද වේ. වාක්දණ්ඩය එසේ නොවේ. මනො දණ්ඩය එසේ නොවේ. ස්වාමීනි, එබැවින් මමද යමි. ශ්‍රමණ ගෞතමයන්හට මේ කාරණයෙන් වාදය ආරෝපනය කරන්නෙමි. ඉදින් මට ශ්‍රමණ ගෞතම තෙමේ පින්වත් තපස්සී විසින් යම්සේ (ඒ කීමෙහි) පිහිටුවන ලදද, එසේ පිහිටන්නේ නම් යම්සේ බලවත් පුරුෂයෙක් දික් ලොම් ඇති එළුවෙකු ලොම් වලින් ගෙන මෙහාට අදින්නේද, තල්ලු කරන්නේද, එහාමෙහා අදින්නේද, එපරිද්දෙන්ම මම ශ්‍රමණ ගෞතමයන් වාදයෙන් වාදකොට අදින්නෙමි. තල්ලු කරන්නෙමි. එහාට මෙහාට අදින්නෙමි. යම්සේ නම් බලවත්වූ හණවැහැරි සෝදන්නෙක් මහත්වූ සොණ්ඩිකා කළාලයක් (හණමිටියක්) ගැඹුරුවූ දියවිලෙහි බහා කොන්ගෙණ අදින්නේද, එහාට අදින්නේද මෙහාට අදින්නේද, එපරිද්දෙන්ම මම ශ්‍රමණ ගෞතමයන් වාදයෙන් වාද කොට අදින්නෙමි. එහාට අදින්නෙමි. මෙහාට අදින්නෙමි. එහා මෙහා අදින්නෙමි.
“යම්සේ නම්බලවත් වූ සුරා ධූර්තයෙක් රා පෙරන මටුලු කස්ස කොන් අල්වාගෙණ යටට පිඹින්නේද, ඉවතට පිඹින්නේද, නැවත නැවත ගසාදමන්නේද, එපරිද්දෙන්ම මම ශ්‍රමණ ගෞතමයන් වාදයෙන් වාදකොට පාතට පිඹින්නෙමි. බැහැරට පිඹින්නෙමි. ගසාදමන්නෙමි. යම්සේ නම් හැට අවුරුදුවූ හස්තියෙක් ගැඹුරුවූ පොකුණකට බැස හණදොවීම නම් ක්‍රීඩාවිශේෂයකින් ක්‍රීඩාකෙරේද, එපරිද්දෙන්ම මම ශ්‍රමණ ගෞතමයන් හණදොවීම වැනිවූ ක්‍රීඩාවෙන් ක්‍රීඩා කරන්නෙමි. ස්වාමීනි, එබැවින් මමද යමි. ශ්‍රමණ ගෞතමයන්හට මේ කාරණයෙන් වාදය නගන්නෙමියි” කීයේය. “ගෘහපතිය, යව. නුඹ ශ්‍රමණ ගෞතමයන් සමග මේ කාරණයෙන් වාදකරව. ගෘහපතිය, මම හෝ වනාහී ශ්‍රමණ ගෞතමයාහට වාදය නගන්නෙමි. දීඝ තපස්සී නිගණ්ඨයා හෝ නුඹ හෝ (වාදකරන්නේයයි)” කීය.
60
එවං වුත්තෙ, දීඝතපස්සී නිගණ්ඨො නිගණ්ඨං නාටපුත්තං එතදවොච - ‘‘න ඛො මෙතං, භන්තෙ, රුච්චති යං උපාලි ගහපති සමණස්ස ගොතමස්ස වාදං ආරොපෙය්‍ය. සමණො හි, භන්තෙ, ගොතමො මායාවී ආවට්ටනිං මායං ජානාති යාය අඤ්ඤතිත්ථියානං සාවකෙ ආවට්ටෙතී’’ති. ‘‘අට්ඨානං ඛො එතං, තපස්සි, අනවකාසො යං උපාලි ගහපති සමණස්ස ගොතමස්ස සාවකත්තං උපගච්ඡෙය්‍ය. ඨානඤ්ච ඛො එතං විජ්ජති යං සමණො ගොතමො උපාලිස්ස ගහපතිස්ස සාවකත්තං උපගච්ඡෙය්‍ය. ගච්ඡ, ත්වං, ගහපති, සමණස්ස ගොතමස්ස ඉමස්මිං කථාවත්ථුස්මිං වාදං ආරොපෙහි. අහං වා හි, ගහපති, සමණස්ස ගොතමස්ස වාදං ආරොපෙය්‍යං, දීඝතපස්සී වා නිගණ්ඨො, ත්වං වා’’ති. දුතියම්පි ඛො දීඝතපස්සී...පෙ.... තතියම්පි ඛො දීඝතපස්සී නිගණ්ඨො නිගණ්ඨං නාටපුත්තං එතදවොච - ‘‘න ඛො මෙතං, භන්තෙ, රුච්චති යං උපාලි ගහපති සමණස්ස ගොතමස්ස වාදං ආරොපෙය්‍ය. සමණො හි, භන්තෙ, ගොතමො මායාවී ආවට්ටනිං මායං ජානාති යාය අඤ්ඤතිත්ථියානං සාවකෙ ආවට්ටෙතී’’ති. ‘‘අට්ඨානං ඛො එතං, තපස්සි , අනවකාසො යං උපාලි ගහපති සමණස්ස ගොතමස්ස සාවකත්තං උපගච්ඡෙය්‍ය. ඨානඤ්ච ඛො එතං විජ්ජති යං සමණො ගොතමො උපාලිස්ස ගහපතිස්ස සාවකත්තං උපගච්ඡෙය්‍ය. ගච්ඡ ත්වං, ගහපති, සමණස්ස ගොතමස්ස ඉමස්මිං කථාවත්ථුස්මිං වාදං ආරොපෙහි. අහං වා හි, ගහපති, සමණස්ස ගොතමස්ස වාදං ආරොපෙය්‍යං, දීඝතපස්සී වා නිගණ්ඨො, ත්වං වා’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො උපාලි ගහපති නිගණ්ඨස්ස නාටපුත්තස්ස පටිස්සුත්වා උට්ඨායාසනා නිගණ්ඨං නාටපුත්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙන පාවාරිකම්බවනං යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො උපාලි ගහපති භගවන්තං එතදවොච - ‘‘ආගමා නු ඛ්විධ, භන්තෙ, දීඝතපස්සී නිගණ්ඨො’’ති?
‘‘ආගමා ඛ්විධ, ගහපති, දීඝතපස්සී නිගණ්ඨො’’ති.
‘‘අහු ඛො පන තෙ, භන්තෙ, දීඝතපස්සිනා නිගණ්ඨෙන සද්ධිං කොචිදෙව කථාසල්ලාපො’’ති?
‘‘අහු ඛො මෙ, ගහපති, දීඝතපස්සිනා නිගණ්ඨෙන සද්ධිං කොචිදෙව කථාසල්ලාපො’’ති.
‘‘යථා කථං පන තෙ, භන්තෙ, අහු දීඝතපස්සිනා නිගණ්ඨෙන සද්ධිං කොචිදෙව කථාසල්ලාපො’’ති?
අථ ඛො භගවා යාවතකො අහොසි දීඝතපස්සිනා නිගණ්ඨෙන සද්ධිං කථාසල්ලාපො තං සබ්බං උපාලිස්ස ගහපතිස්ස ආරොචෙසි.
60
මෙසේ කී කල්හි දීඝතපස්සී නිගණ්ඨතෙම නිගණ්ඨනාත පුත්‍රයාට මෙය කීයේය. “ස්වාමීනි, උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයන්හට වාදය නගන්නේය යන යමක්වේද, මෙය මට රුචිනොවේ. ස්වාමීනි, ශ්‍රමණ ගෞතමතෙම වනාහී මායා දන්නේය. යම් මායාවකින් අන්‍ය තීර්ථකයන්ගේ ශ්‍රාවකයන් හරවාගනීද, එබඳුවූ පෙරළීම කරන්නාවූ මායාවක් දනීයයි” (කීය) තපස්සිය, උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයාගේ ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන යමක් වේද, මෙයට කරුණු නැත්තේය. අවකාශ නැත්තේය. ශ්‍රමණ ගෞතමතෙම උපාලි ගෘහපතියාගේ ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන යමක් වේද, මෙයට නම් කරුණු ඇත්තේය. ගෘහපතිය, යව. නුඹ ශ්‍රමණ ගෞතමයන් හා සමග මේ කාරණයෙන් වාදකරව. ගෘහපතිය, මම හෝ වනාහි ශ්‍රමණ ගෞතමයාහට වාදය නගන්නෙමි. දීඝතපස්සි නිගණ්ඨතෙමේ හෝ (එසේ කරන්නේය) නුඹ හෝ එසේ කෙරෙහියයි” (කීයේය.)
දෙවනුවද දීඝ තපස්සී නිගණ්ඨතෙම නිගණ්ඨනාත පුත්‍රයාට මෙය කීයේය. “ස්වාමීනි, උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයන්හට වාදය නගන්නේය යන යමක් වේද මෙය මට රුචි නොවෙයි. ස්වාමීනි ශ්‍රමණ ගෞතම තෙම මායා දන්නේය. යම් මායාවකින් අන්‍ය තීර්ථකයන්ගේ ශ්‍රාවකයන් පෙරලා ගණීද, එබඳුවූ පෙරලීම කරන්නාවූ මායාවක් දනී.” “තපස්සීය, උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයාගේ ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන යමක් වේද, මෙයට කරුණු නැත්තේය. අවකාශ නැත්තේය. ශ්‍රමණ ගෞතම තෙම උපාලි ගෘහපතියාගේ ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන යමක්වේද මෙයට කරුණු ඇත්තේමය. ගෘහපතිය, යව. නුඹ ශ්‍රමණ ගෞතමයන් සමග මේ කාරණයෙහි වාද කරව. ගෘහපතිය, මම හෝ ශ්‍රමණ ගෞතමයාහට වාදය නගන්නෙමි. දීඝ තපස්සී නිගණ්ඨ තෙමේ හෝ නගන්නේය. නුඹ හෝ එසේ කෙරෙහිය.”
තුන්වෙනුවද, දීඝ තපස්සී නිගණ්ඨතෙම නිගණ්ඨනාත පුත්‍රයාහට මෙසේ කීවේය. “ස්වාමීනි, උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයන්හට වාදය නගන්නේය යන යමක් වේද මෙය මට රුචි නොවෙයි. ස්වාමීනි, ශ්‍රමණ ගෞතම තෙම මායා දන්නේය. යම් මායාවකින් අන්‍ය තීර්ථකයන්ගේ ශ්‍රාවකයන් පෙරලා ගණීද එබඳුවූ පෙරලීම කරන්නාවූ මායාවක් දනී.” “තපස්සීය, උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන යමක්වේද, එයට කරුණක් නැත. අවකාශයක් නැත. ශ්‍රමණ ගෞතම තෙමේ උපාලි ගෘහපතියාගේ ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන යමක් වේද මෙයට නම් කරුණු ඇත්තේය. ගෘශපතිය, යව. නුඹ ශ්‍රමණ ගෞතමයන් සමග මේ කාරණයෙන් වාද කරව. ගෘහපතිය, මම හෝ ශ්‍රමණ ගෞතමයන්හට වාදය නගන්නෙමි. දීඝ තපස්සී නිගණ්ඨ තෙම හෝ නගන්නේය. නුඹ හෝ එසේ කරන්නෙහියයි” කීයේය.
“ස්වාමීනි, එසේයයි” කියා උපාලි ගෘහපතිතෙම නිගණ්ඨනාත පුත්‍රයාට උත්තරදී හුනස්නෙන් නැගිට නමස්කාර කොට පාවාරික නම් අඹ උයන යම් තැනකද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට ගියේය. ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පැත්තක සිටියේය. එක් පැත්තක සිටියාවූ උපාලි ගෘහපතිතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, දීඝතපස්සී නිගණ්ඨ තෙම මෙහි ආයේද?” “ගෘහපතිය, දීඝතපස්සී නිගණ්ඨ තෙම මෙහි ආයේයයි” (වදාළහ.) “ස්වාමීනි, ඔබ වහන්සේගේ දීඝතපස්සී නිගණ්ඨයා සමග කිසියම් කථාබහෙක් වීදැයි” (ඇසීය). “ගෘහපතිය, දීඝතපස්සී නිගණ්ඨයා සමග මාගේ කිසියම් කථාබහෙක් වීයයි” (වදාළේය). “ස්වාමීනි, දීඝතපස්සී නිගණ්ඨයා සමග ඔබ වහන්සේගේ කෙබඳු කථාවක් වීදැයි” ඇසීය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දීඝතපස්සී නිගණ්ඨයා සමග වූ කථාසල්ලාපය යම්තාක් වීද? ඒ සියල්ල උපාලි ගෘහපතියාහට කීහ.
61
එවං වුත්තෙ, උපාලි ගහපති භගවන්තං එතදවොච - ‘‘සාධු සාධු, භන්තෙ තපස්සී! යථා තං සුතවතා සාවකෙන සම්මදෙව සත්ථුසාසනං ආජානන්තෙන එවමෙවං දීඝතපස්සිනා නිගණ්ඨෙන භගවතො බ්‍යාකතං. කිඤ්හි සොභති ඡවො මනොදණ්ඩො ඉමස්ස එවං ඔළාරිකස්ස කායදණ්ඩස්ස උපනිධාය? අථ ඛො කායදණ්ඩොව මහාසාවජ්ජතරො පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා, නො තථා වචීදණ්ඩො, නො තථා මනොදණ්ඩො’’ති. ‘‘සචෙ ඛො ත්වං, ගහපති, සච්චෙ පතිට්ඨාය මන්තෙය්‍යාසි සියා නො එත්ථ කථාසල්ලාපො’’ති. ‘‘සච්චෙ අහං, භන්තෙ, පතිට්ඨාය මන්තෙස්සාමි; හොතු නො එත්ථ කථාසල්ලාපො’’ති.
61
මෙසේ කී කල්හි උපාලි ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, යහපත, යහපත, තපස්සී තෙම මනාකොටම ශාස්තෘහුගේ අනුශාසනය දන්නාවූ උගත් ශ්‍රාවකයෙකු විසින් යම් සේද එපරිද්දෙන්ම දීඝතපස්සී නිගණ්ඨයා විසින් භාග්‍යවතුන් වහන්සේට ප්‍රකාශ කරණලදී.
“මෙසේ මහත්වූ මේ කායදණ්ඩය හා සමකර බලනවිට ලාමකවූ මනොදණ්ඩය කුමක්ද? පාපකර්මය කිරීමට පාප කර්මයාගේ පැවැත්මට කායදණ්ඩයම ඉතා මහත් වරදවේ. වාක්දණ්ඩය එසේ නොවේ. මනොදණ්ඩය එසේ නොවේය”යි (කීයේය).
“ගෘහපතිය, ඉදින් නුඹ සත්‍යයෙහි පිහිටා කථාකරන්නෙහි නම් මෙහි අපගේ කථාසල්ලාපය වන්නේය”යි (වදාළහ) “ස්වාමීනි, මම සත්‍යයෙහි පිහිටා කථාකරන්නෙමි. මෙහි අපගේ කථාසල්ලාපය වේවා”යි (කීයේය).
62
‘‘තං කිං මඤ්ඤසි, ගහපති, ඉධස්ස නිගණ්ඨො ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො සීතොදකපටික්ඛිත්තො උණ්හොදකපටිසෙවී. සො සීතොදකං අලභමානො කාලඞ්කරෙය්‍ය. ඉමස්ස පන, ගහපති, නිගණ්ඨො නාටපුත්තො කත්ථූපපත්තිං පඤ්ඤපෙතී’’ති?
‘‘අත්ථි, භන්තෙ, මනොසත්තා නාම දෙවා තත්ථ සො උපපජ්ජති’’.
‘‘තං කිස්ස හෙතු’’?
‘‘අසු හි, භන්තෙ , මනොපටිබද්ධො කාලඞ්කරොතී’’ති.
‘‘මනසි කරොහි, ගහපති (ගහපති ගහපති මනසි කරොහි (සී. ස්‍යා. කං.), ගහපති මනසි කරොහි (ක.), ගහපති ගහපති (පී.)), මනසි කරිත්වා ඛො, ගහපති, බ්‍යාකරොහි. න ඛො තෙ සන්ධියති පුරිමෙන වා පච්ඡිමං, පච්ඡිමෙන වා පුරිමං. භාසිතා ඛො පන තෙ, ගහපති, එසා වාචා - ‘සච්චෙ අහං, භන්තෙ, පතිට්ඨාය මන්තෙස්සාමි, හොතු නො එත්ථ කථාසල්ලාපො’’’ති. ‘‘කිඤ්චාපි, භන්තෙ, භගවා එවමාහ, අථ ඛො කායදණ්ඩොව මහාසාවජ්ජතරො පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා, නො තථා වචීදණ්ඩො, නො තථා මනොදණ්ඩො’’ති.
62
“ගෘහපතිය, එය කුමකැයි හඟින්නෙහිද? මේ ලෝකයෙහි නිගණ්ඨයෙක් හටගත් ආබාධ ඇත්තේ, දුකට පැමිණියේ, දැඩි ගිලන්වූයේ, සිහිල්දිය අත්හැරියේ උණු දිය සේවනය කරන්නෙක් වන්නේය. හෙතෙම සිහිල්දිය නොලබන්නේ කළුරිය කරන්නේය. ගෘහපතිය, නිගණ්ඨනාත පුත්‍රතෙම මොහු කොතැන්හි උපදීයැයි දක්වන්නේද?”
“ස්වාමීනි, මනොසත්ත නම් දෙවි කොටසක් ඇත්තේය. හෙතෙම එහි උපදියි.”
“එයට හේතු කවරේද?”
“ස්වාමීනි, හෙතෙම වනාහී සිත පිළිබඳ වූයේ කළුරිය කෙරේ”යයි (කීයේය).
“ගෘහපතිය, ගෘහපතිය, කල්පනාකොට ප්‍රකාශකරව. නුඹගේ පළමු කීම හා පසුව කීම හෝ පසුව කීම හා පළමු කීම හෝ නොගැළපේ. ගෘහපතිය, ‘ස්වාමීනි, මම සත්‍යයෙහි පිහිටා කථා කරන්නෙමි. මෙහි අපගේ කථා සල්ලාපය වේවා’ යන මේ වචනය තොප විසින් කියන ලද්දේමය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මෙසේ කියන නමුත් කායදණ්ඩයම පාපකර්මය කිරීමට පාපකර්මයාගේ පැවැත්මට ඉතා මහත් වරදවේ. වාක්දණ්ඩය එසේ නොවේ. මනො දණ්ඩය එසේ නෙවේ”යයි (කීයේය).
63
‘‘තං කිං මඤ්ඤසි, ගහපති , ඉධස්ස නිගණ්ඨො නාටපුත්තො චාතුයාමසංවරසංවුතො සබ්බවාරිවාරිතො සබ්බවාරියුත්තො සබ්බවාරිධුතො සබ්බවාරිඵුටො. සො අභික්කමන්තො පටික්කමන්තො බහූ ඛුද්දකෙ පාණෙ සඞ්ඝාතං ආපාදෙති. ඉමස්ස පන, ගහපති, නිගණ්ඨො නාටපුත්තො කං විපාකං පඤ්ඤපෙතී’’ති?
‘‘අසඤ්චෙතනිකං, භන්තෙ, නිගණ්ඨො නාටපුත්තො නො මහාසාවජ්ජං පඤ්ඤපෙතී’’ති.
‘‘සචෙ පන, ගහපති, චෙතෙතී’’ති?
‘‘මහාසාවජ්ජං, භන්තෙ, හොතී’’ති.
‘‘චෙතනං පන, ගහපති, නිගණ්ඨො නාටපුත්තො කිස්මිං පඤ්ඤපෙතී’’ති?
‘‘මනොදණ්ඩස්මිං, භන්තෙ’’ති.
‘‘මනසි කරොහි, ගහපති , මනසි කරිත්වා ඛො, ගහපති, බ්‍යාකරොහි. න ඛො තෙ සන්ධියති පුරිමෙන වා පච්ඡිමං, පච්ඡිමෙන වා පුරිමං. භාසිතා ඛො පන තෙ, ගහපති, එසා වාචා - ‘සච්චෙ අහං, භන්තෙ, පතිට්ඨාය මන්තෙස්සාමි; හොතු නො එත්ථ කථාසල්ලාපො’’’ති. ‘‘කිඤ්චාපි, භන්තෙ, භගවා එවමාහ, අථ ඛො කායදණ්ඩොව මහාසාවජ්ජතරො පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා, නො තථා වචීදණ්ඩො, නො තථා මනොදණ්ඩො’’ති.
63
“ගෘහපතිය, එය කුමකැයි හඟින්නෙහිද? මේ ලෝකයෙහි නිගණ්ඨයෙක් තෙම සතර ආකාර සංවරයෙන් සංවරවූයේ, සියලු පව්වලින් වැළකීමෙන් වලකින ලද පව් ඇත්තේ සියලු පව්වලින් වැලකීමෙන් යුක්ත වූයේ, සියලු පවින් වැලකීමෙන් දුරුකරන ලද පව් ඇත්තේ, සියලු පවින් වැලකීමෙන් ස්පර්ෂ කරන ලද්දෙක් වන්නේය. හෙතෙම ඉදිරියට ගමන් කරන්නේද පස්සට ගමන් කරන්නේද බොහෝවූ කුඩා සතුන් නසයි. ගෘහපතිය, නිගණ්ඨනාත පුත්‍රතෙම මොහුට කවර විපාකයක් දක්වාදැ”යි (ඇසූහ).
“ස්වාමීනි, නිගණ්ඨනාත පුත්‍රතෙම නොසිතා කළ කර්මය මහාසාවද්‍ය (මහත් වරද) යයි නොදක්වන්නේය”යි (කීයේය).
“ගෘහපතිය, ඉදින් සිතා කරයි නම්, (කෙසේද?)
“ස්වාමීනි, මහාසාවද්‍යවේ.”
“ගෘහපතිය, නිගණ්ඨනාත පුත්‍රතෙම චෙතනාව කවර කොටසෙක්හි නියම කෙරේද?”
“ස්වාමීනි, මනොදණ්ඩ කොටසෙහිය”යි (කීයේය).
“ගෘහපතිය, ගෘහපතිය, කල්පනාකොට ප්‍රකාශ කරව. නුඹගේ පළමු වචනය හා පසුව කී වචනයද පසුව කී වචනය හා පළමු කී වචනයද නොගැළපේමය. ගෘහපතිය, ‘ස්වාමීනි, මම සත්‍යයෙහි පිහිටා කථා කරන්නෙමි. මෙහි අපගේ කථා සල්ලාපය වේවා’යි තොප විසින් මේ වචනය කියන ලදමය.” “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මෙසේ කියන නමුත් කාය දණ්ඩයම පාපකර්මය කිරීමට පාපකර්මයාගේ පැවැත්මට මහාසාවද්‍යවේ. වාක්දණ්ඩය එසේ නොවේ. මනොදණ්ඩය එසේ නොවේ”යයි (කීයේය).
64
‘‘තං කිං මඤ්ඤසි, ගහපති, අයං නාළන්දා ඉද්ධා චෙව ඵීතා ච බහුජනා ආකිණ්ණමනුස්සා’’ති?
‘‘එවං, භන්තෙ, අයං නාළන්දා ඉද්ධා චෙව ඵීතා ච බහුජනා ආකිණ්ණමනුස්සා’’ති.
‘‘තං කිං මඤ්ඤසි, ගහපති, ඉධ පුරිසො ආගච්ඡෙය්‍ය උක්ඛිත්තාසිකො. සො එවං වදෙය්‍ය - ‘අහං යාවතිකා ඉමිස්සා නාළන්දාය පාණා තෙ එකෙන ඛණෙන එකෙන මුහුත්තෙන එකං මංසඛලං එකං මංසපුඤ්ජං කරිස්සාමී’ති. තං කිං මඤ්ඤසි, ගහපති, පහොති නු ඛො සො පුරිසො යාවතිකා ඉමිස්සා නාළන්දාය පාණා තෙ එකෙන ඛණෙන එකෙන මුහුත්තෙන එකං මංසඛලං එකං මංසපුඤ්ජං කාතු’’න්ති?
‘‘දසපි, භන්තෙ, පුරිසා, වීසම්පි, භන්තෙ, පුරිසා, තිංසම්පි, භන්තෙ, පුරිසා, චත්තාරීසම්පි, භන්තෙ, පුරිසා, පඤ්ඤාසම්පි, භන්තෙ, පුරිසා නප්පහොන්ති යාවතිකා ඉමිස්සා නාළන්දාය පාණා තෙ එකෙන ඛණෙන එකෙන මුහුත්තෙන එකං මංසඛලං එකං මංසපුඤ්ජං කාතුං. කිඤ්හි සොභති එකො ඡවො පුරිසො’’ති!
‘‘තං කිං මඤ්ඤසි, ගහපති , ඉධ ආගච්ඡෙය්‍ය සමණො වා බ්‍රාහ්මණො වා ඉද්ධිමා චෙතොවසිප්පත්තො. සො එවං වදෙය්‍ය - ‘අහං ඉමං නාළන්දං එකෙන මනොපදොසෙන භස්මං කරිස්සාමී’ති. තං කිං මඤ්ඤසි, ගහපති, පහොති නු ඛො සො සමණො වා බ්‍රාහ්මණො වා ඉද්ධිමා චෙතොවසිප්පත්තො ඉමං නාළන්දං එකෙන මනොපදොසෙන භස්මං කාතු’’න්ති ?
‘‘දසපි, භන්තෙ, නාළන්දා, වීසම්පි නාළන්දා, තිංසම්පි නාළන්දා, චත්තාරීසම්පි නාළන්දා, පඤ්ඤාසම්පි නාළන්දා පහොති සො සමණො වා බ්‍රාහ්මණො වා ඉද්ධිමා චෙතොවසිප්පත්තො එකෙන මනොපදොසෙන භස්මං කාතුං. කිඤ්හි සොභති එකා ඡවා නාළන්දා’’ති!
‘‘මනසි කරොහි, ගහපති, මනසි කරිත්වා ඛො, ගහපති, බ්‍යාකරොහි. න ඛො තෙ සන්ධියති පුරිමෙන වා පච්ඡිමං, පච්ඡිමෙන වා පුරිමං. භාසිතා ඛො පන තෙ, ගහපති, එසා වාචා - ‘සච්චෙ අහං, භන්තෙ, පතිට්ඨාය මන්තෙස්සාමි; හොතු නො එත්ථ කථාසල්ලාපො’’’ති.
‘‘කිඤ්චාපි, භන්තෙ, භගවා එවමාහ, අථ ඛො කායදණ්ඩොව මහාසාවජ්ජතරො පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා, නො තථා වචීදණ්ඩො, නො තථා මනොදණ්ඩො’’ති.
64
“ගෘහපතිය, එය කුමකැයි හඟින්නෙහිද? මේ නාලන්දාව සමෘද්ධි වූවාද ඉතා සමෘද්ධි වූවාද බොහෝ ජනයා ඇත්තීද? මිනිසුන්ගෙන් ගැවසීගන්නා ලද්දීද?”
“ස්වාමීනි, එසේය. මේ නාලන්දාව සමෘද්ධි වූවාද ඉතා සමෘද්ධි වූවාද බොහෝ ජනයා ඇත්තීද, මිනිසුන්ගෙන් ගැවසීගන්නා ලද්දීද වේ.
“ගෘහපතිය, එය කුමකැයි හඟින්නෙහිද? මෙහි ඔසවාගත් කඩුවක් ඇති පුරුෂයෙක් එන්නේය. හෙතෙම මෙසේ කියන්නේය. ‘මම මේ නාලන්දා නුවර යම් පමණ ප්‍රාණීහු වෙත්ද, ඔවුන් එක ක්ෂණයකින් එක මොහොතකින් එකම මස් ගොඩක් එකම මස් රැසක් කරන්නෙමි’යි (කියන්නේය). ගෘහපතිය, එය කුමකැයි හඟින්නෙහිද? ඒ පුරුෂතෙම මේ නාලන්දා නුවර යම් පමණ ප්‍රාණීහු වෙත්ද, ඔවුන් එක ක්ෂණයකින් එක මොහොතකින් එකම මස් ගොඩක් එකම මස් රැසක් කරන්ට සමර්ථ වේද?”
“ස්වාමීනි, පුරුෂයන් දසදෙනෙකුත් විසිදෙනෙකුන් තිස් දෙනෙකුත් හතලිස් දෙනෙකුත් පණස් දෙනෙකුත් මේ නාලන්දා නුවර යම්තාක් ප්‍රාණීහු වෙත්ද, ඔවුන් එක ක්ෂණයකින් එක මොහොතකින් එකම මස් ගොඩක් එකම මස් රැසක් කරන්ට අසමර්ථ වෙත්. ලාමකවූ එක් පුරුෂයෙක් කෙසේ නම් සමර්ථ වේද”
“ගෘහපතිය, එය කුමකැයි හඟින්නෙහිද? ඍද්ධිබල ඇති, හිත වසඟ කරගත් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මෙහි එන්නේය. හෙතෙම මෙසේ කියන්නේය. ‘මම මේ නාලන්දා නුවර එකම සිත දූෂ්‍යවීමකින් හළු කරන්නෙමි’යි (කියන්නේය). ගෘහපතිය, එය කුමකැයි හඟින්නෙහිද? ඍද්ධිබල ඇති, හිත වසඟ කරගත් එ මහණ තෙමේ හෝ බමුණු තෙමේ හෝ මේ නාලන්දා නුවර එකම සිත් දූෂ්‍යවීමකින් හළු කරන්ට සමර්ථ වේද?”
“ස්වාමීනි, නාලන්දාව වැනි නුවරවල් දසයකුදු විස්සකුදු තිහකුදු හතලිහකුදු පණසකුදු සිත වසඟ කරගත් ඒ මහණ තෙමේ හෝ බමුණු තෙමේ හෝ එකම සිත් දූෂ්‍යවීමකින් හළු කරන්ට සමර්ථවේ. කුඩාවූ එකම නාලන්දා නුවර ගැන කියනු කිම?”
“ගෘහපතිය, ගෘහපතිය, කල්පනා කොට කියව. නුඹගේ පළමු කීම හා පසුව කීමද පසුව කීම හා පළමු කීමද නොගැළපේමය. ගෘහපතිය, ‘ස්වාමීනි, මම සත්‍යයෙහි පිහිටා කථාකරන්නෙමි. මෙහි අපගේ කථාසල්ලාපය වේවා’යි මේ වචනය තොප විසින් කියන ලද මය.”
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මෙසේ කියන නමුත් කායදණ්ඩයම පාපකර්ම කිරීමට පාපකර්ම පැවැත්මට අතිශයින් මහාසාවද්‍යවේ. වචීදණ්ඩය එසේ නොවේ. මනොදණ්ඩය එසේ නොවේ”යයි (කීයේය).
65
‘‘තං කිං මඤ්ඤසි, ගහපති, සුතං තෙ දණ්ඩකීරඤ්ඤං (දණ්ඩකාරඤ්ඤං (සී. පී.)) කාලිඞ්ගාරඤ්ඤං මජ්ඣාරඤ්ඤං (මෙජ්ඣාරඤ්ඤං (සී. ස්‍යා. කං. පී.)) මාතඞ්ගාරඤ්ඤං අරඤ්ඤං අරඤ්ඤභූත’’න්ති?
‘‘එවං, භන්තෙ, සුතං මෙ දණ්ඩකීරඤ්ඤං කාලිඞ්ගාරඤ්ඤං මජ්ඣාරඤ්ඤං මාතඞ්ගාරඤ්ඤං අරඤ්ඤං අරඤ්ඤභූත’’න්ති.
‘‘තං කිං මඤ්ඤසි, ගහපති, කින්ති තෙ සුතං කෙන තං දණ්ඩකීරඤ්ඤං කාලිඞ්ගාරඤ්ඤං මජ්ඣාරඤ්ඤං මාතඞ්ගාරඤ්ඤං අරඤ්ඤං අරඤ්ඤභූත’’න්ති?
‘‘සුතං මෙතං, භන්තෙ, ඉසීනං මනොපදොසෙන තං දණ්ඩකීරඤ්ඤං කාලිඞ්ගාරඤ්ඤං මජ්ඣාරඤ්ඤං මාතඞ්ගාරඤ්ඤං අරඤ්ඤං අරඤ්ඤභූත’’න්ති.
‘‘මනසි කරොහි, ගහපති, මනසි කරිත්වා ඛො, ගහපති, බ්‍යාකරොහි. න ඛො තෙ සන්ධියති පුරිමෙන වා පච්ඡිමං, පච්ඡිමෙන වා පුරිමං. භාසිතා ඛො පන තෙ, ගහපති, එසා වාචා - ‘සච්චෙ අහං, භන්තෙ, පතිට්ඨාය මන්තෙස්සාමි; හොතු නො එත්ථ කථාසල්ලාපො’’’ති.
65
“ගෘහපතිය, එය කුමකැයි හඟින්නෙහිද? දණ්ඩ කාරණ්‍යය, කාලිංගාරණ්‍යය, මෙද්ධ්‍යාරණ්‍යය, මාතංගාරණ්‍යය (යන මහවනයන්) ගම් විනාශවී මහා වනයන් වූ සැටි නුඹ විසින් අසන ලදද?”
“ස්වාමීනි, එසේය. දණ්ඩකාරණ්‍යය, කාලිංගාරණ්‍යය, මෙධ්‍යාරණ්‍යය, මාතංගාරණ්‍යය ගම් විනාශ වී මහා වනයන්වූ සැටි මා විසින් අසන ලදී.
“ගෘහපතිය, ඒ කුමකැයි හඟින්නෙහිද? කවර කාරණයකින් ඒ දණ්ඩකාරණ්‍යය, කාලිංගාරණ්‍යය, මෙද්ධ්‍යරණ්‍යය, මාතංගාරණ්‍යය ගම් විනාශවී මහ වන වූයේ දැයි තොප විසින් අසන ලදද?”
“ස්වාමීනි, ඍෂීන්ගේ සිත් දූෂ්‍යවීමෙන් ඒ දණ්ඩකාරණ්‍යය, කාලිංගාරණ්‍යය, මෙද්ධ්‍යාරණ්‍යය, මාතංගාරණ්‍යය, ගම් විනාශ වී ආරණ්‍යය වීයයි මෙය මා විසින් අසනලදී.”
“ගෘහපතිය, ගෘහපතිය, කල්පනාකොට කියව. තොපගේ පළමු කීම හා පසුව කීමද පසුව කීම හා පළමු කීමද නොගැළපේමය. ගෘහපතිය, ‘ස්වාමීනි, මම සත්‍යයෙහි පිහිටා කථාකරන්නෙමි. මෙහි අපගේ කථා සල්ලාපය වේවා’යි මේ වචනය තොප විසින් කියන ලදමයයි” (වදාළහ).
66
‘‘පුරිමෙනෙවාහං , භන්තෙ, ඔපම්මෙන භගවතො අත්තමනො අභිරද්ධො. අපි චාහං ඉමානි භගවතො විචිත්‍රානි පඤ්හපටිභානානි සොතුකාමො, එවාහං භගවන්තං පච්චනීකං කාතබ්බං අමඤ්ඤිස්සං. අභික්කන්තං, භන්තෙ, අභික්කන්තං, භන්තෙ! සෙය්‍යථාපි, භන්තෙ, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්‍ය - චක්ඛුමන්තො රූපානි දක්ඛන්තීති; එවමෙවං භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං, භන්තෙ, භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’’න්ති.
66
“ස්වාමීනි, මම පළමු උපමාවෙන්ම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සතුටු සිත් ඇත්තේ පැහැදුනෙමි. එතකුදු වුවත් මම මේ භාග්‍යවතුන් වහන්සේගේ විසිතුරුවූ ප්‍රශ්න විසඳීම් අසනුකැමැත්තේම මම භාග්‍යවතුන්වහන්සේට විරුද්ධව කථා කළ යුතුයයි හැඟීමි. ස්වාමීනි, ඉතා යහපත, ස්වාමීනි ඉතා යහපත. ස්වාමීනි, යම්සේ යටිකුරුකොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වේද, වසා තබන ලද්දක් වැසුම් හරින්නේ හෝ වේද, මංමුළාවූවෙකුට මඟ කියන්නේ හෝ වේද, අන්ධකාරයෙහි ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේ හෝ වේද, එපරිද්දෙන්ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ප්‍රකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී. ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේ සරණකොට යමි. ධර්මයද භික්ෂු සංඝයාද (සරණකොට යමි). භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවිහිම් කොට සරණ ගියාවූ උපාසකයෙකැයි මා දරණසේක්වා”යි (කීයේය).
67
‘‘අනුවිච්චකාරං ඛො, ගහපති, කරොහි, අනුවිච්චකාරො තුම්හාදිසානං ඤාතමනුස්සානං සාධු හොතී’’ති. ‘‘ඉමිනාපාහං, භන්තෙ, භගවතො භිය්‍යොසොමත්තාය අත්තමනො අභිරද්ධො යං මං භගවා එවමාහ - ‘අනුවිච්චකාරං ඛො, ගහපති, කරොහි, අනුවිච්චකාරො තුම්හාදිසානං ඤාතමනුස්සානං සාධු හොතී’ති. මඤ්හි, භන්තෙ, අඤ්ඤතිත්ථියා සාවකං ලභිත්වා කෙවලකප්පං නාළන්දං පටාකං පරිහරෙය්‍යුං - ‘උපාලි අම්හාකං ගහපති සාවකත්තං උපගතො’ති. අථ ච පන මං භගවා එවමාහ - ‘අනුවිච්චකාරං ඛො, ගහපති, කරොහි, අනුවිච්චකාරො තුම්හාදිසානං ඤාතමනුස්සානං සාධු හොතී’ති. එසාහං, භන්තෙ, දුතියම්පි භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’’න්ති.
67
“ගෘහපතිය, සිතා බලා සුදුස්සක් කරව. සිතා බලා කිරීම නුඹ වැනි ප්‍රසිද්ධ මනුෂ්‍යයන්ට යහපත් වේ” යයි (වදාළහ). “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ‘සිතා බලා සුදුස්සක් කරව, සිතා බලා කටයුතු කිරීම තොප වැනි ප්‍රසිද්ධ මිනිසුන්ට යහපත් වෙයි, යන යමක් මට මෙසේ කීයේද, මේ කාරණයෙනුත් මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි වැඩියක්ම සතුටු සිත් ඇත්තේ ප්‍රසන්න වූයේ වෙමි. ස්වාමීනි, අන්‍ය තීර්ථකයෝ වූකලී මා වැනියකු ශ්‍රාවකයෙකු (වශයෙන්) ලැබී නම් සියළු නාලන්දා නුවර උපාලි සිටුතෙම අපගේ ශ්‍රාවක බවට පැමිණියේයයි කොඩි නංවන්නාහුය. එතකුදු වුවත් භාග්‍යවතුන් වහන්සේ මට මෙසේ වදාළහ. ‘ගෘහපතිය, හිතා බලා සුදුස්සක් කරව. හිතා බලා කටයුතු කිරීම තොප වැනි ප්‍රසිද්ධ මිනිසුන්ට යහපත් වේ’ (කියායි). ස්වාමීනි, ඒ මම දෙවනුත් භාග්‍යවතුන් වහන්සේ සරණකොට යමි. ධර්මයද භික්ෂු සංඝයාද (සරණකොට යමි). භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් දිවිහිම්කොට සරණ ගියාවූ උපාසකයෙකැයි දරණ සේක්වා”යි (කීයේය)
68
‘‘දීඝරත්තං ඛො තෙ, ගහපති, නිගණ්ඨානං ඔපානභූතං කුලං යෙන නෙසං උපගතානං පිණ්ඩකං දාතබ්බං මඤ්ඤෙය්‍යාසී’’ති. ‘‘ඉමිනාපාහං, භන්තෙ, භගවතො භිය්‍යොසොමත්තාය අත්තමනො අභිරද්ධො යං මං භගවා එවමාහ - ‘දීඝරත්තං ඛො තෙ, ගහපති, නිගණ්ඨානං ඔපානභූතං කුලං යෙන නෙසං උපගතානං පිණ්ඩකං දාතබ්බං මඤ්ඤෙය්‍යාසී’ති. සුතං මෙතං, භන්තෙ, සමණො ගොතමො එවමාහ - ‘මය්හමෙව දානං දාතබ්බං, නාඤ්ඤෙසං දානං දාතබ්බං; මය්හමෙව සාවකානං දානං දාතබ්බං, නාඤ්ඤෙසං සාවකානං දානං දාතබ්බං; මය්හමෙව දින්නං මහප්ඵලං, නාඤ්ඤෙසං දින්නං මහප්ඵලං; මය්හමෙව සාවකානං දින්නං මහප්ඵලං, නාඤ්ඤෙසං සාවකානං දින්නං මහප්ඵල’න්ති. අථ ච පන මං භගවා නිගණ්ඨෙසුපි දානෙ සමාදපෙති. අපි ච, භන්තෙ, මයමෙත්ථ කාලං ජානිස්සාම. එසාහං, භන්තෙ, තතියම්පි භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’’න්ති.
68
“ගෘහපතිය, නුඹගේ කුලය බොහෝ කලක් නිගණ්ඨයන්ට පිළියෙල කළ ලිඳක් (පැන්මඩුවක්) මෙන් වේද? එහෙයින් ගෙට ආවාවූ ඔවුන්ට ආහාර දිය යුතුයයි හඟින්නෙහිය”යි (වදාළහ). “ස්වාමීනි යම්හෙයකින් මට භාග්‍යවතුන් වහන්සේ ‘ගෘහපතිය, බොහෝ කලක් තොපගේ කුලය නිගණ්ඨයන්ට පිළියෙල කළ ලිඳක් මෙන් වීද, එහෙයින් පැමිණියාවූ ඔවුන්ට ආහාරය දිය යුතු කොට හඟින්නෙහිය’යි මෙසේ වදාළේද, මෙයින්ද මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි වැඩියක්ම සතුටු සිත් ඇත්තේ ප්‍රසන්න වූයේ වෙමි.
“ස්වාමීනි, ‘ශ්‍රමණ ගෞතම තෙම මටම දානය දිය යුතුයි අන්‍යයන්ට දානය දිය යුතු නොවේ. මගේම ශ්‍රාවකයන්ට දානය දිය යුතුයි. අනුන්ගේ ශ්‍රාවකයන්ට දානය දිය යුතු නොවේ. මටම දෙන ලද්ද මහත් ඵල වෙයි. අනුන්ට දෙන ලද්ද මහත් ඵල නොවෙයි. මගේම ශ්‍රාවකයන්ට දෙන ලද්ද මහත්ඵල වෙයි. අනුන්ගේ ශ්‍රාවකයන්ට දෙන ලද්ද මහත් ඵල නොවේය’යයි කියන්නේයයි මා විසින් අසන ලදී. එතකුදු වුවත් භාග්‍යවතුන් වහන්සේ මා නිගණ්ඨයන් හටද දීමෙහි සමාදන් කරවයි. ස්වාමීනි, එහෙත් ඒ දීමෙහි අපි මෙහි කල් දනිමු. ස්වාමීනි, ඒ මම තුන්වෙනුවත් භාග්‍යවතුන් වහන්සේ සරණකොට යමි. ධර්මයද භික්ෂු සංඝයාද (සරණ කොට යමි). භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් දිවිහිම් කොට සරණගියාවූ උපාසකයෙකැයි දරණ සේක්වා”යි (කීයේය).
69
අථ ඛො භගවා උපාලිස්ස ගහපතිස්ස අනුපුබ්බිං කථං (ආනුපුබ්බීකථං (සී.), ආනුපුබ්බිකථං (පී.), අනුපුබ්බිකථං (ස්‍යා. කං. ක.)) කථෙසි, සෙය්‍යථිදං - දානකථං සීලකථං සග්ගකථං, කාමානං ආදීනවං ඔකාරං සංකිලෙසං, නෙක්ඛම්මෙ ආනිසංසං පකාසෙසි. යදා භගවා අඤ්ඤාසි උපාලිං ගහපතිං කල්ලචිත්තං මුදුචිත්තං විනීවරණචිත්තං උදග්ගචිත්තං පසන්නචිත්තං, අථ යා බුද්ධානං සාමුක්කංසිකා ධම්මදෙසනා තං පකාසෙසි - දුක්ඛං, සමුදයං, නිරොධං, මග්ගං. සෙය්‍යථාපි නාම සුද්ධං වත්ථං අපගතකාළකං සම්මදෙව රජනං පටිග්ගණ්හෙය්‍ය, එවමෙව උපාලිස්ස ගහපතිස්ස තස්මිංයෙව ආසනෙ විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි - ‘යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්ම’න්ති. අථ ඛො උපාලි ගහපති දිට්ඨධම්මො පත්තධම්මො විදිතධම්මො පරියොගාළ්හධම්මො තිණ්ණවිචිකිච්ඡො විගතකථංකථො වෙසාරජ්ජප්පත්තො අපරප්පච්චයො සත්ථුසාසනෙ භගවන්තං එතදවොච - ‘‘හන්ද ච දානි මයං, භන්තෙ, ගච්ඡාම, බහුකිච්චා මයං බහුකරණීයා’’ති. ‘‘යස්සදානි ත්වං, ගහපති, කාලං මඤ්ඤසී’’ති.
69
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උපාලි ගෘහපතියාහට පිළිවෙල කථාව වදාළේය. එනම් දානය පිළිබඳ කථාවය, සීලය පිළිබඳ කථාවය, ස්වර්ගය පිළිබඳ කථාවය, පඤ්ච කාමයන්ගේ දොෂය, ලාමක බවය, කෙලෙසීමය, නෛෂ්ක්‍රම්‍යයෙහි ආනිසංසය ප්‍රකාශ කළහ. භාග්‍යවතුන් වහන්සේ යම් කලක උපාලි ගෘහපතියා නිරෝගි සිත් ඇත්තෙකු, මෘදු සිත් ඇත්තකු නීවරණයන් පහව ගිය සිත් ඇත්තකු, ඔද වැඩි සිත් ඇත්තකු, ප්‍රශන්න සිත් ඇත්තකු යයි දැනගත් සේක්ද? එකල්හි බුදුවරයන්ගේ තමන් විසින්ම අවබෝධ කරගන්නාලද දුකය, දුකට හේතුය, දුක් නැති කිරීමය, දුක් නැති කිරීමේ මාර්ගය යන චතුස්සත්‍ය ධර්මයක් වේද, එය ප්‍රකාශ කළහ.
යම්සේ නම් පහව ගිය කළු පැහැ ඇති පිරිසිදු වස්ත්‍රය මනාකොටම රජනය (සායම) අල්වා ගන්නේද, එපරිද්දෙන් උපාලි ගෘහපතියා ඒ ආසනයෙහිම යම් කිසිවක් හටගැණීම ස්වභාව කොට ඇත්තේද, ඒ සියල්ල නැතිවීම ස්වභාව කොට ඇත්තේය යන රාගාදී රජස් රහිතවූ පහවූ රාගාදී මළ ඇති ධර්ම චක්ෂුස (සොතාපත්ති මාර්ග ඥානය) පහල වූයේය.
ඉක්බිති උපාලි ගෘහපති තෙම දක්නා ලද ආර්‍ය්‍ය සත්‍ය ධර්ම ඇත්තේ පැමිණෙනලද සත්‍ය ධර්ම ඇත්තේ, දැන ගන්නා ලද සත්‍ය ධර්ම ඇත්තේ, බැසගත් සත්‍ය ධර්ම ඇත්තේ, තරණය කළාවූ සැක ඇත්තේ, පහවගියාවූ සැක ඇත්තේ, විශාරද බවට පැමිණියේ, ශාස්තෘ ශාසනයෙහි පරප්‍රත්‍ය රහිත වූයේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “ස්වාමීනි, දැන් අපියමු. අපි බොහෝ කෘත්‍ය ඇත්තෝ බොහෝ කටයුතු ඇත්තෝ වෙමු.” “ගෘහපතිය, නුඹ දැන් ඊට කාලය දනුව”යි (වදාළහ.)
70
අථ ඛො උපාලි ගහපති භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙන සකං නිවෙසනං තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා දොවාරිකං ආමන්තෙසි - ‘‘අජ්ජතග්ගෙ, සම්ම දොවාරික, ආවරාමි ද්වාරං නිගණ්ඨානං නිගණ්ඨීනං, අනාවටං ද්වාරං භගවතො භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං. සචෙ කොචි නිගණ්ඨො ආගච්ඡති තමෙනං ත්වං එවං වදෙය්‍යාසි - ‘තිට්ඨ, භන්තෙ, මා පාවිසි. අජ්ජතග්ගෙ උපාලි ගහපති සමණස්ස ගොතමස්ස සාවකත්තං උපගතො. ආවටං ද්වාරං නිගණ්ඨානං නිගණ්ඨීනං, අනාවටං ද්වාරං භගවතො භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං . සචෙ තෙ, භන්තෙ, පිණ්ඩකෙන අත්ථො, එත්ථෙව තිට්ඨ, එත්ථෙව තෙ ආහරිස්සන්තී’’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො දොවාරිකො උපාලිස්ස ගහපතිස්ස පච්චස්සොසි.
70
ඉක්බිත්තෙන් උපාලි ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ මනා කොට වැඳ ස්වකීය ගෘහය යම් තැනකද එතැනට ගියේය. ගොස් දොරටු පාලයා කැඳවීය. (කැඳවා) යහළු දොරටු පාලය, අද පටන් නිගණ්ඨයන්ට හා නිගණ්ඨීන්ට දොර වසමි. භාග්‍යවතුන් වහන්සේගේ භික්ෂූන්ටද භික්ෂූණීන්ටද උපාසකයන්ටද උපාසිකාවන්ටද දොර නොවසන ලද්දේ වෙයි. ඉදින් කිසියම් නිගණ්ඨයෙක් එයි නම් ඔහුට නුඹ මෙසේ කියව, “ස්වාමීනි, සිටුව මැනව, ඇතුල් නොවෙව, අද පටන් උපාලි සිටුතෙම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණියේය. නිගණ්ඨයන්ටද නිගණ්ඨියන්ටද දොර වසනලදී. භාග්‍යවතුන් වහන්සේගේ භික්ෂූන්ටද භික්ෂූණීන්ටද උපාසකයන්ටද උපාසිකාවන්ටද දොර හරිනලදී. ස්වාමීනි, ඉදින් ඔබට ආහාරයෙන් ප්‍රයෝජන ඇත්තේ නම් මෙහිම සිටුව මැනව, මෙහිම ඔබට ආහාර ගෙනෙන්නාහුය’යි (කියව) “එසේය ස්වාමීනි”යි දොරටු පාල තෙම උපාලි සිටුහට උත්තර දුන්නේය.
71
අස්සොසි ඛො දීඝතපස්සී නිගණ්ඨො - ‘‘උපාලි කිර ගහපති සමණස්ස ගොතමස්ස සාවකත්තං උපගතො’’ති. අථ ඛො දීඝතපස්සී නිගණ්ඨො යෙන නිගණ්ඨො නාටපුත්තො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා නිගණ්ඨං නාටපුත්තං එතදවොච - ‘‘සුතං මෙතං, භන්තෙ, උපාලි කිර ගහපති සමණස්ස ගොතමස්ස සාවකත්තං උපගතො’’ති. ‘‘අට්ඨානං ඛො එතං, තපස්සි , අනවකාසො යං උපාලි ගහපති සමණස්ස ගොතමස්ස සාවකත්තං උපගච්ඡෙය්‍ය. ඨානඤ්ච ඛො එතං විජ්ජති යං සමණො ගොතමො උපාලිස්ස ගහපතිස්ස සාවකත්තං උපගච්ඡෙය්‍යා’’ති . දුතියම්පි ඛො දීඝතපස්සී නිගණ්ඨො...පෙ.... තතියම්පි ඛො දීඝතපස්සී නිගණ්ඨො නිගණ්ඨං නාටපුත්තං එතදවොච - ‘‘සුතං මෙතං, භන්තෙ ...පෙ.... උපාලිස්ස ගහපතිස්ස සාවකත්තං උපගච්ඡෙය්‍යා’’ති. ‘‘හන්දාහං, භන්තෙ, ගච්ඡාමි යාව ජානාමි යදි වා උපාලි ගහපති සමණස්ස ගොතමස්ස සාවකත්තං උපගතො යදි වා නො’’ති. ‘‘ගච්ඡ ත්වං, තපස්සි, ජානාහි යදි වා උපාලි ගහපති සමණස්ස ගොතමස්ස සාවකත්තං උපගතො යදි වා නො’’ති.
71
දීඝතපස්සී නිගණ්ඨතෙම, උපාලි ගෘහපති තෙම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණියේය යන්න ඇසුවේය. ඉක්බිති දීඝතපස්සී නිගණ්ඨ තෙම නිගණ්ඨනාත පුත්‍රයා යම් තැනෙක්හිද, එතැනට ගියේය. ගොස් නිගණ්ඨනාත පුත්‍රයාට මෙසේ කීයේය. “ස්වාමීනි, උපාලි ගෘහපති තෙමේ ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණියේය. යන මෙය මා විසින් අසන ලදී.” “තපස්සිය, උපාලි ගෘහපති තෙම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන යමක් වේද, ඊට හේතු නැත. අවකාශ නැත. ශ්‍රමණ ගෞතම තෙම උපාලි ගෘහපතියාගේ ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන යමක් වේද, මෙයට කරුණු ඇත්තේය.”
දෙවනුවද දීඝ තපස්සී නිගණ්ඨතෙම නිගණ්ඨනාත පුත්‍රයාට මෙය කීයේය. “ස්වාමීනි, උපාලි ගෘහපති තෙමේ ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණියේය යන මෙය මා විසින් අසනලදී.” “තපස්සිය, උපාලි ගෘහපති තෙම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන යමක් වේද, ඊට හේතු නැත. අවකාශ නැත. ශ්‍රමණ ගෞතම තෙම උපාලි ගෘහපතියාගේ ශ්‍රාවක බවට පැමිණේන්නේය යන යමක් වේද, ඊට කරුණු ඇත්තේය” තුන් වෙනුවද දීඝ තපස්සී නිගණ්ඨතෙම නිගණ්ඨනාත පුත්‍රයාට මෙය කීයේය. “ස්වාමීනි, උපාලි ගෘහපතිතෙමේ වනාහි ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණියේය යන මෙය මා විසින් අසනලදී.” “තපස්සිය, උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන යමක්වේද, ඊට කරුණු නැත. ශ්‍රමණ ගෞතම තෙම උපාලි ගෘහපතියාගේ ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන යමක් වේද ඊටම කරුණු ඇත්තේය”යි (කීයේය.)
“එසේනම් ස්වාමීනි, මම යමි. ඉදින් උපාලි ගෘහපති තෙමේ ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණියේ හෝ වේද, නොපැමිණියේ හෝ වේදැයි දැනගනිමි.” “තපස්සිය, නුඹ යව. උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණියේ හෝ වේද, නොපැමිණියේ හෝ වේදැයි දැනගනුව”යි (කීයේය)
72
අථ ඛො දීඝතපස්සී නිගණ්ඨො යෙන උපාලිස්ස ගහපතිස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. අද්දසා ඛො දොවාරිකො දීඝතපස්සිං නිගණ්ඨං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන දීඝතපස්සිං නිගණ්ඨං එතදවොච - ‘‘තිට්ඨ, භන්තෙ, මා පාවිසි. අජ්ජතග්ගෙ උපාලි ගහපති සමණස්ස ගොතමස්ස සාවකත්තං උපගතො. ආවටං ද්වාරං නිගණ්ඨානං නිගණ්ඨීනං, අනාවටං ද්වාරං භගවතො භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං . සචෙ තෙ, භන්තෙ, පිණ්ඩකෙන අත්ථො, එත්ථෙව තිට්ඨ, එත්ථෙව තෙ ආහරිස්සන්තී’’ති. ‘‘න මෙ, ආවුසො, පිණ්ඩකෙන අත්ථො’’ති වත්වා තතො පටිනිවත්තිත්වා යෙන නිගණ්ඨො නාටපුත්තො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා නිගණ්ඨං නාටපුත්තං එතදවොච - ‘‘සච්චංයෙව ඛො, භන්තෙ, යං උපාලි ගහපති සමණස්ස ගොතමස්ස සාවකත්තං උපගතො. එතං ඛො තෙ අහං, භන්තෙ, නාලත්ථං න ඛො මෙ, භන්තෙ, රුච්චති යං උපාලි ගහපති සමණස්ස ගොතමස්ස වාදං ආරොපෙය්‍ය. සමණො හි, භන්තෙ, ගොතමො මායාවී ආවට්ටනිං මායං ජානාති යාය අඤ්ඤතිත්ථියානං සාවකෙ ආවට්ටෙතීති. ආවට්ටො ඛො තෙ, භන්තෙ, උපාලි ගහපති සමණෙන ගොතමෙන ආවට්ටනියා මායායා’’ති. ‘‘අට්ඨානං ඛො එතං, තපස්සි, අනවකාසො යං උපාලි ගහපති සමණස්ස ගොතමස්ස සාවකත්තං උපගච්ඡෙය්‍ය. ඨානඤ්ච ඛො එතං විජ්ජති යං සමණො ගොතමො උපාලිස්ස ගහපතිස්ස සාවකත්තං උපගච්ඡෙය්‍යා’’ති. දුතියම්පි ඛො දීඝතපස්සී නිගණ්ඨො නිගණ්ඨං නාටපුත්තං එතදවොච - ‘‘සච්චංයෙව, භන්තෙ...පෙ.... උපාලිස්ස ගහපතිස්ස සාවකත්තං උපගච්ඡෙය්‍යා’’ති. තතියම්පි ඛො දීඝතපස්සී නිගණ්ඨො නිගණ්ඨං නාටපුත්තං එතදවොච - ‘‘සච්චංයෙව ඛො, භන්තෙ...පෙ.... උපාලිස්ස ගහපතිස්ස සාවකත්තං උපගච්ඡෙය්‍යා’’ති. ‘‘හන්ද චාහං , තපස්සි, ගච්ඡාමි යාව චාහං සාමංයෙව ජානාමි යදි වා උපාලි ගහපති සමණස්ස ගොතමස්ස සාවකත්තං උපගතො යදි වා නො’’ති.
අථ ඛො නිගණ්ඨො නාටපුත්තො මහතියා නිගණ්ඨපරිසාය සද්ධිං යෙන උපාලිස්ස ගහපතිස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. අද්දසා ඛො දොවාරිකො නිගණ්ඨං නාටපුත්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන නිගණ්ඨං නාටපුත්තං එතදවොච - ‘‘තිට්ඨ, භන්තෙ, මා පාවිසි. අජ්ජතග්ගෙ උපාලි ගහපති සමණස්ස ගොතමස්ස සාවකත්තං උපගතො. ආවටං ද්වාරං නිගණ්ඨානං නිගණ්ඨීනං, අනාවටං ද්වාරං භගවතො භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං. සචෙ තෙ, භන්තෙ, පිණ්ඩකෙන අත්ථො, එත්ථෙව තිට්ඨ, එත්ථෙව තෙ ආහරිස්සන්තී’’ති. ‘‘තෙන හි, සම්ම දොවාරික, යෙන උපාලි ගහපති තෙනුපසඞ්කම; උපසඞ්කමිත්වා උපාලිං ගහපතිං එවං වදෙහි - ‘නිගණ්ඨො, භන්තෙ, නාටපුත්තො මහතියා නිගණ්ඨපරිසාය සද්ධිං බහිද්වාරකොට්ඨකෙ ඨිතො; සො තෙ දස්සනකාමො’’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො දොවාරිකො නිගණ්ඨස්ස නාටපුත්තස්ස පටිස්සුත්වා යෙන උපාලි ගහපති තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා උපාලිං ගහපතිං එතදවොච - ‘‘නිගණ්ඨො, භන්තෙ, නාටපුත්තො මහතියා නිගණ්ඨපරිසාය සද්ධිං බහිද්වාරකොට්ඨකෙ ඨිතො; සො තෙ දස්සනකාමො’’ති. ‘‘තෙන හි, සම්ම දොවාරික, මජ්ඣිමාය ද්වාරසාලාය ආසනානි පඤ්ඤපෙහී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො දොවාරිකො උපාලිස්ස ගහපතිස්ස පටිස්සුත්වා මජ්ඣිමාය ද්වාරසාලාය ආසනානි පඤ්ඤපෙත්වා යෙන උපාලි ගහපති තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා උපාලිං ගහපතිං එතදවොච - ‘‘පඤ්ඤත්තානි ඛො, භන්තෙ, මජ්ඣිමාය ද්වාරසාලාය ආසනානි. යස්සදානි කාලං මඤ්ඤසී’’ති.
72
එකල්හි දීඝ තපස්සී නිගණ්ඨ තෙම උපාලි ගෘහපතියාගේ ගෘහය යම් තැනෙක්හිද, එහි ගියේය.
දොරටුපාලතෙම එන්නාවූ දීඝ තපස්සී නම්වූ නිගණ්ඨයා දුරදීම දුටුයේය. දැක දීඝ තපස්සී නම් නිගණ්ඨයාට මෙය කීයේය. “ස්වාමීනි, සිටිනු මැනව. ඇතුල් නොවෙනු මැනව. අද පටන් උපාලි සිටුතෙම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණියේය. නිගණ්ඨයන්ටද නිගණ්ඨින්ටද දොර වසනලදී. භාග්‍යවතුන් වහන්සේගේ භික්ෂූන්ටද භික්ෂුණීන්ටද උපාසකයන්ටද උපාසිකාවන්ටද දොර හරිනලදී. ස්වාමීනි, ඉදින් නුඹ වහන්සේට ආහාරයෙන් ප්‍රයෝජන ඇත්තේ නම් මෙහිම සිටිනු මැනව. මෙතැනට ගෙනෙනවා ඇතැ”යි කීයේය.
“ඇවැත්නි, මට ආහාරයෙන් ප්‍රයොජනයක් නැතැ”යි කියා එයින් පෙරළා නිගණ්ඨනාත පුත්‍රතෙම යම් තැනෙක්හිද එහි ගියේය. ගොස්, නිගණ්ඨනාත පුත්‍රයාට මෙය කීයේය. ‘ස්වාමීනි, උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණියේය යන යමක් ඇද්ද එය සැබෑමය.’
“ස්වාමීනි, උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයන්ට වාදාරෝපනය කරන්නේය යන යමක් වේද, මෙය මට රුචි නොවේමය, ස්වාමීනි, ශ්‍රමණ ගෞතම තෙමේ වනාහි මායා කාරයෙක. යම් මායාවකින් අන්‍යතීර්ථකයන්ගේ ශ්‍රාවකයන් පෙරළා ගනීද, එබඳු පෙරළාගන්නා මායාවක් දනීය”යි මා කීවිට ඔබවහන්සේගෙන් ඊට අවසර නොලැබීමි. ස්වාමීනි, නුඹවහන්සේගේ උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයන් විසින් ආවර්තනිමායාවෙන් පෙරළා ගන්නාලද්දේමයයි” (කීයේය)
“තපස්සිය, උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන යමක් වේද, එයට හේතු නැත. ශ්‍රමණ ගෞතම තෙම උපාලි ගෘහපතියාගේ ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන යමක් වේද, එයටම හේතු ඇත.”
දෙවනුවද දීඝ තපස්සි නිගණ්ඨතෙම නිගණ්ඨනාත පුත්‍රයාට මෙය කීයේය. “ස්වාමීනි, උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණියේය යන යමක් වේද එය සැබෑමය. ස්වාමීනි, උපාලි ගෘහපති තෙම ශ්‍රමණ ගෞතමයන්ට වාදාරොපනය කරන්නේය යන යමක් වේද, මෙය මට රුචි නොවේමය. ස්වාමීනි ශ්‍රමණ ගෞතම තෙම මායාකාරයෙකි. යම් මායාවකින් අන්‍ය තීර්ථකයන්ගේ ශ්‍රාවකයන් පෙරලා ගනීද එබඳු ආවර්තනී මායාවක් දනීයයි මා කීවිට ඔබවහන්සේ ගෙන් ඊට අවසර නොලැබුනේය. ස්වාමීනි ඔබ වහන්සේගේ උපාලි ගෘහපති තෙම ශ්‍රමණ ගෞතමයන් විසින් ආවර්තනී මායාවෙන් පෙරලා ගන්නා ලද්දේයයි” කීය. “තපස්සිය, උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන යමක් වේද ඊට හේතු නැත් මැයි. ශ්‍රමණ ගෞතම තෙම උපාලි ගෘහපතියාගේ ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන යමක් වේද ඊටම හේතු ඇත්තේ වේ.’ තුන්වෙනුවද දීඝ තපස්සී නිගණ්ඨතෙම නිගණ්ඨනාත පුත්‍රයාට මෙය කීයේය ‘ස්වාමීනි, උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණියේය යන යමක් වේද, එය සැබෑමය. ‘ස්වාමීනි, උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයන්හට වාදාරෝපනය කරන්නේය යන යමක් වේද මෙය මට රුචිනොවේමය. ස්වාමීනි, ශ්‍රමණ ගෞතම තෙමේ වනාහී මායාකාරයෙක. යම් මායාවකින් අන්‍ය තීර්ථකයන්ගේ ශ්‍රාවකයන් පෙරළාගනීද, එබඳුවූ ආවර්තනි මායාවක් දනීයයි මා කීවිට ඔබවහන්සේ ගෙන් ඊට අවසර නොලැබුණේය. ස්වාමීනි, නුඹ වහන්සේගේ උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයන් විසින් ආවර්තනී මායාවෙන් පෙරළා ගන්නා ලද්දේමයයි” කීය. “තප්සසිය, උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන යමක්වේද, ඊට කරුණු නැත්තේමය, අවකාශයක් නැත. ශ්‍රමණ ගෞතම තෙම උපාලි ගෘහපතියාගේ ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන යමක් වේද, ඊටම කරුණු ඇත. තපස්සිය, එබැවින් මමද යමි. ඉදින් උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණියේ හෝ වේද, නොපැමිණියේ හෝ වේදැයි මමම දැන ගනිමි”යි (කීය). ඉක්බිති නිගණ්ඨනාත පුත්‍රතෙම මහත්වූ නිගණ්ඨ පිරිස හා සමග උපාලි ගෘහපතියාගේ ගෘහය යම් තැනෙක්හිද එහි ගියේය.
දොරටු පාලතෙම එන්නාවූ නිගණ්ඨනාත පුත්‍රයා දුර දීම දුටුයේය. දැක නිගණ්ඨනාත පුත්‍රයාට මෙය කීයේය. “ස්වාමීනි, සිටිනුමැනව ඇතුළු නොවෙනු මැනව. අද පටන් උපාලි සිටුතෙම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණියේය. නිගණ්ඨයන්ටද නිගන්ඨින්ටද දොර වසනලදී. භාග්‍යවතුන් වහන්සේගේ භික්ෂූන්ටද භික්ෂුණීන්ටද උපාසකයන්ටද උපාසිකාවන්ටද දොර හරිනලදී. ස්වාමීනි, ඉදින් නුඹ වහන්සේට ආහාරයෙන් ප්‍රයෝජන ඇත්තේනම් මෙහිම සිටිනු මැනව මෙතැනට ගෙනෙනවා ඇතැයි” කීය.
“යහළු දොරටු පාලය එසේවීනම්, උපාලි ගෘහපතිතෙම යම තැනකද එහි යව. ගොස් උපාලි ගෘහපතියාට මෙසේ කියව. “ස්වාමීනි, නිගණ්ඨනාත පුත්‍රතෙම මහත්වූ නිගණ්ඨ පිරිස සමග දොර කොටුවෙන් පිටත සිටියේය. හෙතෙමෙ නුඹ වහන්සේගේ දැකීම කැමැත්තේයයි. (කියව)” “එසේය ස්වාමීනි” කියා දොරටු පාලතෙම නිගණ්ඨනාත පුත්‍රයාට උත්තරදී උපාලි ගෘහපතියා යම් තැනකද එහි ගියේය. ගොස් උපාලි ගෘහපතියාට මෙය කීයේය. “ස්වාමීනි, නිගණ්ඨනාත පුත්‍රතෙම මහත්වූ නිගණ්ඨ පිරිස සමග දොරටුකොටුවෙන් පිටත සිටියේය. හෙතෙම නුඹ වහන්සේගේ දැකීම කැමැත්තේයයි” (කීය.)
“යහළු දොරටු පාලය, එසේ වී නම් මද්ධ්‍යම ද්වාරශාලාවෙහි ආසන පනවවයි” (කීය.) “එසේය ස්වාමීනි,” කියා දොරටු පාලතෙම උපාලි ගෘහපතියාට උත්තරදී, මද්ධ්‍යම ද්වාර ශාලාවෙහි අසුන් පනවා උපාලි ගෘහපතිතෙම යම් තැනෙක්හිද එහි ගියේය. ගොස් උපාලි ගෘහපතියාට මෙය කීයේය. “ස්වාමීනි, මැදවූ දොරටු ශාලාවෙහි නුඹ වහන්සේට අසුන් පනවන ලදහ. එයට දැන් කල් දන්නෙහියයි” (කීයේය.)
73
අථ ඛො උපාලි ගහපති යෙන මජ්ඣිමා ද්වාරසාලා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා යං තත්ථ ආසනං අග්ගඤ්ච සෙට්ඨඤ්ච උත්තමඤ්ච පණීතඤ්ච තත්ථ සාමං නිසීදිත්වා දොවාරිකං ආමන්තෙසි - ‘‘තෙන හි, සම්ම දොවාරික, යෙන නිගණ්ඨො නාටපුත්තො තෙනුපසඞ්කම; උපසඞ්කමිත්වා නිගණ්ඨං නාටපුත්තං එවං වදෙහි - ‘උපාලි, භන්තෙ, ගහපති එවමාහ - පවිස කිර, භන්තෙ, සචෙ ආකඞ්ඛසී’’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො දොවාරිකො උපාලිස්ස ගහපතිස්ස පටිස්සුත්වා යෙන නිගණ්ඨො නාටපුත්තො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා නිගණ්ඨං නාටපුත්තං එතදවොච - ‘‘උපාලි, භන්තෙ, ගහපති එවමාහ - ‘පවිස කිර, භන්තෙ, සචෙ ආකඞ්ඛසී’’’ති. අථ ඛො නිගණ්ඨො නාටපුත්තො මහතියා නිගණ්ඨපරිසාය සද්ධිං යෙන මජ්ඣිමා ද්වාරසාලා තෙනුපසඞ්කමි. අථ ඛො උපාලි ගහපති - යං සුදං පුබ්බෙ යතො පස්සති නිගණ්ඨං නාටපුත්තං දූරතොව ආගච්ඡන්තං දිස්වාන තතො පච්චුග්ගන්ත්වා යං තත්ථ ආසනං අග්ගඤ්ච සෙට්ඨඤ්ච උත්තමඤ්ච පණීතඤ්ච තං උත්තරාසඞ්ගෙන සම්මජ්ජිත්වා (පමජ්ජිත්වා (සී. පී.)) පරිග්ගහෙත්වා නිසීදාපෙති සො - දානි යං තත්ථ ආසනං අග්ගඤ්ච සෙට්ඨඤ්ච උත්තමඤ්ච පණීතඤ්ච තත්ථ සාමං නිසීදිත්වා නිගණ්ඨං නාටපුත්තං එතදවොච - ‘‘සංවිජ්ජන්ති ඛො, භන්තෙ, ආසනානි; සචෙ ආකඞ්ඛසි, නිසීදා’’ති. එවං වුත්තෙ, නිගණ්ඨො නාටපුත්තො උපාලිං ගහපතිං එතදවොච - ‘‘උම්මත්තොසි ත්වං, ගහපති, දත්තොසි ත්වං, ගහපති! ‘ගච්ඡාමහං, භන්තෙ, සමණස්ස ගොතමස්ස වාදං ආරොපෙස්සාමී’ති ගන්ත්වා මහතාසි වාදසඞ්ඝාටෙන පටිමුක්කො ආගතො. සෙය්‍යථාපි, ගහපති, පුරිසො අණ්ඩහාරකො ගන්ත්වා උබ්භතෙහි අණ්ඩෙහි ආගච්ඡෙය්‍ය, සෙය්‍යථා වා පන ගහපති පුරිසො අක්ඛිකහාරකො ගන්ත්වා උබ්භතෙහි අක්ඛීහි ආගච්ඡෙය්‍ය; එවමෙව ඛො ත්වං, ගහපති, ‘ගච්ඡාමහං, භන්තෙ, සමණස්ස ගොතමස්ස වාදං ආරොපෙස්සාමී’ති ගන්ත්වා මහතාසි වාදසඞ්ඝාටෙන පටිමුක්කො ආගතො. ආවට්ටොසි ඛො ත්වං, ගහපති, සමණෙන ගොතමෙන ආවට්ටනියා මායායා’’ති.
73
ඉක්බිති උපාලි ගෘහපතිතෙම මැද ද්වාරශාලාව යම් තැනකද එහි ගියේය. ගොස් එහි යම් ආසනයක් අග්‍රවීද, ශ්‍රේෂ්ඨ වීද, උතුම්වීද, ප්‍රණීතවීද එහි හිඳ දොරටුපාලයාට මෙසේ කීය. “යහළු දොරටුපාලය, එසේවීනම් නිගණ්ඨනාත පුත්‍රයා යම් තැනෙක්හිද, එහි යව. ගොස් නිගණ්ඨනාත පුත්‍රයාට “ස්වාමීනි, ඉදින් කැමතිනම් ඇතුල්වුව මැනවයි උපාලි ගෘහපතිතෙම කියන්නේයයි කියව”, “එසේය ස්වාමීනි” කියා දොරටුපාල තෙම උපාලි ගෘහපතියාට උත්තර දී නිගණ්ඨනාත පුත්‍රයා යම් තැනෙක්හිද එහි ගියේය. ගොස් නිගණ්ඨනාත පුත්‍රයාට මෙය කීයේය.
“ස්වාමීනි, ඉදින් කැමැත්තෙහි නම් ඇතුල්වුව මැනවයි උපාලි සිටු තෙමේ කීයේය”යි කීය.
ඉක්බිති නිගණ්ඨනාත පුත්‍රතෙම මහත්වූ නිගණ්ඨ පිරිස සමග මැද ද්වාර ශාලාව යම් තැනකද එතැනට පැමිණියේය. එකල්හි උපාලි ගෘහපතිතෙම පෙර යම් නිගණ්ඨනාත පුත්‍රයෙකු දුරදීම එන්නහු යම් තැනකදී දකීද, එතැනදී පෙර ගමන්කොට එහි යම් ආසනයක් අග්‍රද, ශ්‍රේෂ්ඨද, උතුම්ද ප්‍රණීතද, එය උතුරු සළුවෙන් පිසදමා හාත්පසින් අල්වා ගෙන හිඳුවාද, හෙතෙම දැන් එහි යම් ආසනයක් අග්‍රද, ශ්‍රේෂ්ඨද, උත්තමද, ප්‍රණීතද, එහි තෙමේ හිඳ, නිගණ්ඨනාත පුත්‍රයාට මෙය කීයේය. “ස්වාමීනි ආසන ඇත්තාහ. ඉදින් කැමැත්තෙහි නම් හිඳගනු මැනව”යි (යනුයි)
මෙසේ කීකල්හි නිගණ්ඨනාත පුත්‍රතෙම උපාලි ගෘහපතියාට මෙය කීයේය. “ගෘහපතිය, නුඹ උමතු වූයෙහිද? ගෘහපතිය, නුඹ ජඩවූ යෙහිද? ‘ස්වාමීනි, මම යමි. ශ්‍රමණ ගෞතමයන්ට වදාරොපනය කරන්නෙමි’යි ගොස් මහත්වූ වාද බැම්මකින් වෙළී ආයේ වෙහිද? ගෘහපතිය, යම්සේ අණ්ඩහාරක පුරුෂයෙක් (සතුන් කප්පාදු කරන්නෙක්) ගොස් තමාගේ අණ්ඩය උදුරා දමනු ලැබ එන්නේද, ගෘහපතිය, යම්සේ හෝ ඇස් උදුරන්නාවූ පුරුෂයෙක් ගොස් උදුරණලද ඇස් වලින් යුක්තව එන්නේද, ගෘහපතිය, එපරිද්දෙන්ම නුඹ ‘ස්වාමීනි, මම යමි. ශ්‍රමණ ගෞතමයන්ට වාදාරොපණය කරන්නෙමි’යි ගොස් මහත්වූ වාද බැම්මකින් වෙළී ආයෙහිය ගෘහපතිය, නුඹ වනාහි ශ්‍රමණ ගෞතමයන් විසින් ආවර්තනී මායාවෙන් පෙරළා ගත්තෙහිය”යි (කීයේය.)
74
‘‘භද්දිකා, භන්තෙ, ආවට්ටනී මායා; කල්‍යාණී, භන්තෙ, ආවට්ටනී මායා; පියා මෙ, භන්තෙ, ඤාතිසාලොහිතා ඉමාය ආවට්ටනියා ආවට්ටෙය්‍යුං; පියානම්පි මෙ අස්ස ඤාතිසාලොහිතානං දීඝරත්තං හිතාය සුඛාය; සබ්බෙ චෙපි, භන්තෙ, ඛත්තියා ඉමාය ආවට්ටනියා ආවට්ටෙය්‍යුං; සබ්බෙසානම්පිස්ස ඛත්තියානං දීඝරත්තං හිතාය සුඛාය; සබ්බෙ චෙපි, භන්තෙ, බ්‍රාහ්මණා...පෙ.... වෙස්සා...පෙ.... සුද්දා ඉමාය ආවට්ටනියා ආවට්ටෙය්‍යුං; සබ්බෙසානම්පිස්ස සුද්දානං දීඝරත්තං හිතාය සුඛාය; සදෙවකො චෙපි, භන්තෙ, ලොකො සමාරකො සබ්‍රහ්මකො සස්සමණබ්‍රාහ්මණී පජා සදෙවමනුස්සා ඉමාය ආවට්ටනියා ආවට්ටෙය්‍යුං; සදෙවකස්සපිස්ස ලොකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමණබ්‍රාහ්මණියා පජාය සදෙවමනුස්සාය දීඝරත්තං හිතාය සුඛායාති. තෙන හි, භන්තෙ, උපමං තෙ කරිස්සාමි. උපමාය පිධෙකච්චෙ විඤ්ඤූ පුරිසා භාසිතස්ස අත්ථං ආජානන්ති.
74
“ස්වාමීනි, ආවර්තනීමායාව හොඳය. ස්වාමීනි, ආවර්තනී මායාව යහපති. ස්වාමීනි, මාගේ ප්‍රිය නෑ සහ ලේ නෑයෝ මේ ආවර්තනී මායාවෙන් පෙරළෙන්නාහු නම්, එය මගේ ප්‍රියවූ, නෑ සහ ලේ නෑයන්ට බොහෝ කලක් හිත පිණිස සැප පිණිස වන්නේය. ස්වාමීනි, සියලු ක්ෂත්‍රියයෝ මේ ආවර්තනී මායාවෙන් පෙරළෙන්නාහු නම්, එය, ඒ සියලු ක්ෂත්‍රියයන්ට බොහෝ කලක් හිත පිණිස සැප පිණිස වන්නේය. ස්වාමීනි, ඉදින් සියළු බ්‍රාහ්මණයෝද මේ ආවර්තනී මායාවෙන් පෙරලෙන්නාහු නම්, ඒ සියලු බ්‍රාහ්මණයන්ටද බොහෝ කලක් හිත පිණිස සැප පිණිස වන්නේය, ඉදින් සියලු වෛශ්‍යයෝද මේ ආවර්තනී මායාවෙන් පෙර ලෙන්නාහු නම්, එය සියලු වෛශ්‍යයන්ටද බොහෝ කාලයක් හිත පිණිස සැප පිණිස වන්නේය. ඉදින් සියලු ශුද්‍රයෝද මේ ආවර්තනී මායාවෙන් පෙරලෙන්නාහු නම් එය සියළු ශුද්‍රයන්ටද බොහෝ කලක් හිත පිණිස සැප පිණිස වන්නේය. ස්වාමීනි, ඉදින් දෙවියන් සහිතවූ මාරයන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ ලෝකයද, මහණ බමුණන් සහිතවූ දෙවි මිනිසුන් සහිතවූ ප්‍රජාවද මේ ආවර්තනීමායාවෙන් පෙරලෙන්නේ නම්, එය දෙවියන් සහිතවූ මාරයන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ ලෝකයටද, මහණ බමුණන් සහිතවූ දෙවි මිනිසුන් සහිතවූ ප්‍රජාවටද බොහෝ කලක් හිත පිණිස සැප පිණිස වන්නේය. ස්වාමීනි, එසේ වීනම් නුඹ වහන්සේට උපමාවක් කියන්නෙමි. මේ ලෝකයෙහි සමහර නුවණැති පුරුෂයෝ උපමාවෙන්ද කියූ දෙයෙහි අර්ථය දැනගනිත්.
75
‘‘භූතපුබ්බං , භන්තෙ, අඤ්ඤතරස්ස බ්‍රාහ්මණස්ස ජිණ්ණස්ස වුඩ්ඪස්ස මහල්ලකස්ස දහරා මාණවිකා පජාපතී අහොසි ගබ්භිනී උපවිජඤ්ඤා. අථ ඛො, භන්තෙ, සා මාණවිකා තං බ්‍රාහ්මණං එතදවොච - ‘ගච්ඡ ත්වං, බ්‍රාහ්මණ, ආපණා මක්කටච්ඡාපකං කිණිත්වා ආනෙහි, යො මෙ කුමාරකස්ස කීළාපනකො භවිස්සතී’ති. එවං වුත්තෙ, සො බ්‍රාහ්මණො තං මාණවිකං එතදවොච - ‘ආගමෙහි තාව, භොති, යාව විජායති. සචෙ ත්වං, භොති, කුමාරකං විජායිස්සසි, තස්සා තෙ අහං ආපණා මක්කටච්ඡාපකං කිණිත්වා ආනෙස්සාමි, යො තෙ කුමාරකස්ස කීළාපනකො භවිස්සති. සචෙ පන ත්වං, භොති, කුමාරිකං විජායිස්සසි, තස්සා තෙ අහං ආපණා මක්කටච්ඡාපිකං කිණිත්වා ආනෙස්සාමි, යා තෙ කුමාරිකාය කීළාපනිකා භවිස්සතී’ති. දුතියම්පි ඛො, භන්තෙ, සා මාණවිකා...පෙ.... තතියම්පි ඛො, භන්තෙ, සා මාණවිකා තං බ්‍රාහ්මණං එතදවොච - ‘ගච්ඡ ත්වං, බ්‍රාහ්මණ, ආපණා මක්කටච්ඡාපකං කිණිත්වා ආනෙහි, යො මෙ කුමාරකස්ස කීළාපනකො භවිස්සතී’ති. අථ ඛො, භන්තෙ, සො බ්‍රාහ්මණො තස්සා මාණවිකාය සාරත්තො පටිබද්ධචිත්තො ආපණා මක්කටච්ඡාපකං කිණිත්වා ආනෙත්වා තං මාණවිකං එතදවොච - ‘අයං තෙ, භොති, ආපණා මක්කටච්ඡාපකො කිණිත්වා ආනීතො, යො තෙ කුමාරකස්ස කීළාපනකො භවිස්සතී’ති. එවං වුත්තෙ, භන්තෙ, සා මාණවිකා තං බ්‍රාහ්මණං එතදවොච - ‘ගච්ඡ ත්වං, බ්‍රාහ්මණ, ඉමං මක්කටච්ඡාපකං ආදාය යෙන රත්තපාණි රජතපුත්තො තෙනුපසඞ්කම; උපසඞ්කමිත්වා රත්තපාණිං රජකපුත්තං එවං වදෙහි - ඉච්ඡාමහං, සම්ම රත්තපාණි, ඉමං මක්කටච්ඡාපකං පීතාවලෙපනං නාම රඞ්ගජාතං රජිතං ආකොටිතපච්චාකොටිතං උභතොභාගවිමට්ඨ’න්ති.
‘‘අථ ඛො, භන්තෙ, සො බ්‍රාහ්මණො තස්සා මාණවිකාය සාරත්තො පටිබද්ධචිත්තො තං මක්කටච්ඡාපකං ආදාය යෙන රත්තපාණි රජකපුත්තො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා රත්තපාණිං රජකපුත්තං එතදවොච - ‘ඉච්ඡාමහං, සම්ම රත්තපාණි, ඉමං මක්කටච්ඡාපකං පීතාවලෙපනං නාම රඞ්ගජාතං රජිතං ආකොටිතපච්චාකොටිතං උභතොභාගවිමට්ඨ’න්ති. එවං වුත්තෙ, භන්තෙ, රත්තපාණි රජකපුත්තො තං බ්‍රාහ්මණං එතදවොච - ‘අයං ඛො තෙ, මක්කටච්ඡාපකො රඞ්ගක්ඛමො හි ඛො, නො ආකොටනක්ඛමො , නො විමජ්ජනක්ඛමො’ති. එවමෙව ඛො, භන්තෙ, බාලානං නිගණ්ඨානං වාදො රඞ්ගක්ඛමො හි ඛො බාලානං නො පණ්ඩිතානං, නො අනුයොගක්ඛමො, නො විමජ්ජනක්ඛමො. අථ ඛො, භන්තෙ, සො බ්‍රාහ්මණො අපරෙන සමයෙන නවං දුස්සයුගං ආදාය යෙන රත්තපාණි රජකපුත්තො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා රත්තපාණිං රජකපුත්තං එතදවොච - ‘ඉච්ඡාමහං, සම්ම රත්තපාණි, ඉමං නවං දුස්සයුගං පීතාවලෙපනං නාම රඞ්ගජාතං රජිතං ආකොටිතපච්චාකොටිතං උභතොභාගවිමට්ඨ’න්ති. එවං වුත්තෙ, භන්තෙ, රත්තපාණි රජකපුත්තො තං බ්‍රාහ්මණං එතදවොච - ‘ඉදං ඛො තෙ, භන්තෙ, නවං දුස්සයුගං රඞ්ගක්ඛමඤ්චෙව ආකොටනක්ඛමඤ්ච විමජ්ජනක්ඛමඤ්චා’ති. එවමෙව ඛො, භන්තෙ, තස්ස භගවතො වාදො අරහතො සම්මාසම්බුද්ධස්ස රඞ්ගක්ඛමො චෙව පණ්ඩිතානං නො බාලානං, අනුයොගක්ඛමො ච විමජ්ජනක්ඛමො චා’’ති.
‘‘සරාජිකා ඛො, ගහපති, පරිසා එවං ජානාති - ‘උපාලි ගහපති නිගණ්ඨස්ස නාටපුත්තස්ස සාවකො’ති. කස්ස තං, ගහපති, සාවකං ධාරෙමා’’ති? එවං වුත්තෙ, උපාලි ගහපති උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා නිගණ්ඨං නාටපුත්තං එතදවොච - ‘‘තෙන හි, භන්තෙ, සුණොහි යස්සාහං සාවකො’’ති -
75
“ස්වාමීනි, පෙරවූ දෙයක් කියමි. ජරාවට ගියාවූ වයස් ගතවූ මහළුවූ එක්තරා බ්‍රාහ්මණයෙකුගේ ගැබිණිවූ වැදීමට ලන්වූ තරුණ මෙනෙවි අඹුවක් විය. ස්වාමීනි, ඉක්බිති ඒ මෙණෙවිය ඒ බමුණාට මෙසේ කීය. ‘බ්‍රාහ්මණය, නුඹ යව. මාගේ කුමාරයාට සෙල්ලම් කරනු ‘පිණිස කඩ පිළෙන් වඳුරු පැටවෙකු මිළදී ගෙනෙව’ (කියාය) ස්වාමීනි, මෙසේ කීකල්හි ඒ බමුණුතෙම ඒ මෙනෙවියට මෙසේ කීයේය. ‘පින්වතිය, යම්තාක් වදන්නෙහිද, ඒ තාක් බලාපොරොත්තු වෙව, පින්වතිය, ඉදින් නුඹ කුමරෙකු වදන්නෙහි නම් නුඹගේ ඒ කුමරුවාට සෙල්ලම් කරනු පිණිස කඩ පිලෙන් වඳුරු පැටවෙකු මිළදී ගෙනෙන්නෙමි. පින්වතිය, ඉදින් නුඹ කුමරියක් වදන්නෙහි නම් නුඹගේ ඒ කුමරියට සෙල්ලම් කරන පිණිස කඩපිළෙන් වඳුරු පැටවියක් මිළදී ගෙණෙන්නෙමි’යි කීයේය.
“ස්වාමීනි, දෙවනුවද ඒ මෙණෙවිය ඒ බමුණාට මෙය කීය. ‘බ්‍රාහ්මණය, මගේ කුමරුවාට සෙල්ලම් කරන පිණිස කඩපිළෙන් වඳුරු පැටවෙකු මිළදී ගෙණෙව’ ස්වාමීනි, දෙවනුවත් ඒ බමුණුතෙම ඒ මෙණෙවියට මෙය කීයේය. ‘පින්වතිය, යම්තාක් වදන්නෙහිද ඒ තාක් බලාපොරොත්තු වෙව. පින්වතිය, ඉදින් නුඹ කුමරෙකු වදන්නෙහි නම් නුඹගේ ඒ කුමරුට සෙල්ලම් කරනු පිණිස මම කඩපිළෙන් වඳුරු පැටවෙකු මිළදී ගෙනෙන්නෙමි. පින්වතිය, ඉදින් නුඹ කුමරියක් වදන්නෙහි නම් නුඹගේ ඒ කුමරියට සෙල්ලම් කරනු පිණිස මම කඩපිළෙන් වඳුරු පැටවියක් මිළදී ගෙනෙන්නෙමි.’
“ස්වාමීනි, තුන්වනුවද ඒ මෙණෙවිය ඒ බමුණාට මෙය කීය. ‘බ්‍රාහ්මණය, නුඹ යව, මගේ කුමරුවාට සෙල්ලම් කරන පිණිස කඩ පිළෙන් වඳුරු පැටවෙකු මිළදී ගෙනෙව.’ ස්වාමීනි, එකල්හි ඒ බමුණුතෙම ඒ මෙණෙවිය කෙරෙහි ඇලුම් ඇත්තේ පිළිබඳ සිත් ඇත්තේ කඩපිළෙන් වඳුරු පැටවෙකු මිළදී ගෙණවුත් ඒ මෙණෙවියට මෙසේ කීයේය. ‘පින්වතිය නුඹගේ කුමරුට සෙල්ලම් කරනු පිණිස නුඹට කඩපිළෙන් මේ වඳුරු පැටවා මිළදී ගෙන ආවෙමියි’ කීය. ස්වාමීනි, මෙසේ කීකල්හි ඒ මෙණෙවිය ඒ බමුණාට මෙසේ කීය. ‘බ්‍රාහ්මණය, නුඹ යව, මේ වඳුරු පැටවා ගෙණ රක්තපාණී නම් රජක පුත්‍රයා (සායම් ගාන්නා) යම් තැනකද එතැනට ගොස් රක්තපාණී නම් රජක පුත්‍රයාට මෙසේ කියව. යහළු රක්තපාණිය, මම මේ වඳුරු පැටවා පීතාවලෙපන නම් රන්වන් පාට කරන සායමින් සායම් කරන ලද්දකු, නැවත නැවත සායම් පොවන ලද්දෙකු දෙපස මදින ලද්දෙකු කරනු කැමැත්තෙමියි.’ (කියව) ස්වාමීනි, ඉක්බිති ඒ බමුණු තෙම ඒ මෙණෙවිය කෙරෙහි ඇලුම් ඇත්තේ පිළිබඳ සිත් ඇත්තේ ඒ වඳුරු පැටවා ගෙණ රක්තපාණී නම් රජක පුත්‍රයා යම් තැනකද එහි ගියේය. ගොස් රක්තපාණී නම් රජකපුත්‍රයාට මෙය කීයේය. ‘යහළු රක්තපාණිය, මම මේ වඳුරු පැටවා රන්වන්පාට කරන පීතාවලෙපන නම් සායමින් සායම් කරන ලද්දෙකු නැවත නැවත පොවන ලද්දෙකු දෙපස මදින ලද්දෙකු කරනු කැමැත්තෙමියි කීය. ස්වාමීනි මෙසේ කීකල්හි රක්තපාණී නම් රජකපුත්‍ර තෙම ඒ බමුණාට මෙය කීයේය. ‘ස්වාමීනි, නුඹගේ මේ වඳුරු පැටවා පාටකිරීමට සුදුසුය. නැවත නැවත තලා පෙවීමට සුදුසු නොවෙයි නැවත නැවත මැදීමට සුදුසු නොවේය’යි (කීයේය.)
“ස්වාමීනි, එපරිද්දෙන්ම අඥානවූ නිගණ්ඨයන්ගේ වාදය අඥානයන්ට පිටතින් පාට කිරීමට නම් සුදුසු වේමැයි. නුවණැත්තන්ට යෙදීමටවත් විමසීමටවත් සුදුසු නොවේ, ස්වාමීනි, ඉක්බිති ඒ බ්‍රාහ්මණ තෙමේ මෑත කලෙක අළුත්වූ වස්ත්‍ර දෙකක් ගෙණ රක්තපාණී නම්, රජක පුත්‍රයා යම් තැනකද එහි ගියේය. ගොස් රක්තපාණී නම් රජක පුත්‍රයාට මෙය කීයේය. ‘යහළු රක්තපාණීය, මේ අළුත්වූ වස්ත්‍ර දෙක (රන්වන් පැහැයෙන් පාට කරණ ලද්දක්) නැවත නැවත තලා පොවන ලද්දක් දෙපස මදින ලද්දක් (කරනු) කැමැත්තෙමි’යි (කීය). ස්වාමීනි, මෙසේ කී කල්හි රක්තපාණී නම් රජක පුත්‍රතෙම ඒ බමුණාට මෙය කීයේය. ‘ස්වාමීනි, නුඹගේ මේ අළුත්වූ වස්ත්‍ර දෙක සායම්, පෙවීමටද සුදුසුමය, පොඩිකිරීමටද සුදුසුය මැදීමටද සුදුසුයයි’ (කීය) ස්වාමීනි, එපරිද්දෙන්ම ඒ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේගේ වාදය නුවණැත්තන්ට ප්‍රියවීමටද සුදුසු වේ මැයි. අඥානයන්ට ප්‍රිය නොවේ. නැවත නැවත යෙදීමටද සුදුසුවේ. විමසීමටද සුදුසු වේයයි” (කීයේය)
“ගෘහපතිය, රජුන් සහිත පිරිස උපාලි ගෘහපතිතෙම නිගණ්ඨනාත පුත්‍රයාගේ ශ්‍රාවකයෙකැයි දනියි. ගෘහපතිය තොප කවරෙකුගේ ශ්‍රාවකයෙකැයි දරම්දැයි” (ඇසීය) මෙසේ කී කල්හි උපාලි ගෘහපති තෙම හුනස්නෙන් නැගිට උතුරු සළුව ඒකාංසකොට, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එදෙසට දොහොත් මුදුන්දී වැඳ නිගණ්ඨ නාත පුත්‍රයාට මෙය කීයේය. “ස්වාමීනි, එසේ වී නම් මම යමෙකුගේ ශ්‍රාවකයෙක්ද යනු අසනු මැනව.
76
‘‘ධීරස්ස විගතමොහස්ස, පභින්නඛීලස්ස විජිතවිජයස්ස;
අනීඝස්ස සුසමචිත්තස්ස, වුද්ධසීලස්ස සාධුපඤ්ඤස්ස;
වෙසමන්තරස්ස (වෙස්සන්තරස්ස (සී. පී.)) විමලස්ස, භගවතො තස්ස සාවකොහමස්මි.
‘‘අකථංකථිස්ස තුසිතස්ස, වන්තලොකාමිසස්ස මුදිතස්ස;
කතසමණස්ස මනුජස්ස, අන්තිමසාරීරස්ස නරස්ස;
අනොපමස්ස විරජස්ස, භගවතො තස්ස සාවකොහමස්මි.
‘‘අසංසයස්ස කුසලස්ස, වෙනයිකස්ස සාරථිවරස්ස;
අනුත්තරස්ස රුචිරධම්මස්ස, නික්කඞ්ඛස්ස පභාසකස්ස (පභාසකරස්ස (සී. ස්‍යා. පී.));
මානච්ඡිදස්ස වීරස්ස, භගවතො තස්ස සාවකොහමස්මි.
‘‘නිසභස්ස අප්පමෙය්‍යස්ස, ගම්භීරස්ස මොනපත්තස්ස;
ඛෙමඞ්කරස්ස වෙදස්ස, ධම්මට්ඨස්ස සංවුතත්තස්ස;
සඞ්ගාතිගස්ස මුත්තස්ස, භගවතො තස්ස සාවකොහමස්මි.
‘‘නාගස්ස පන්තසෙනස්ස, ඛීණසංයොජනස්ස මුත්තස්ස;
පටිමන්තකස්ස (පටිමන්තස්ස (ක.)) ධොනස්ස, පන්නධජස්ස වීතරාගස්ස;
දන්තස්ස නිප්පපඤ්චස්ස, භගවතො තස්ස සාවකොහමස්මි.
‘‘ඉසිසත්තමස්ස අකුහස්ස, තෙවිජ්ජස්ස බ්‍රහ්මපත්තස්ස;
න්හාතකස්ස (නහාතකස්ස (සී. ස්‍යා. පී.)) පදකස්ස, පස්සද්ධස්ස විදිතවෙදස්ස;
පුරින්දදස්ස සක්කස්ස, භගවතො තස්ස සාවකොහමස්මි.
‘‘අරියස්ස භාවිතත්තස්ස, පත්තිපත්තස්ස වෙය්‍යාකරණස්ස;
සතිමතො විපස්සිස්ස, අනභිනතස්ස නො අපනතස්ස;
අනෙජස්ස වසිප්පත්තස්ස, භගවතො තස්ස සාවකොහමස්මි .
‘‘සමුග්ගතස්ස (සම්මග්ගතස්ස (සී. ස්‍යා. පී.)) ඣායිස්ස, අනනුගතන්තරස්ස සුද්ධස්ස;
අසිතස්ස හිතස්ස (අප්පහීනස්ස (සී. පී.), අප්පභීතස්ස (ස්‍යා.)), පවිවිත්තස්ස අග්ගප්පත්තස්ස;
තිණ්ණස්ස තාරයන්තස්ස, භගවතො තස්ස සාවකොහමස්මි.
‘‘සන්තස්ස භූරිපඤ්ඤස්ස, මහාපඤ්ඤස්ස වීතලොභස්ස;
තථාගතස්ස සුගතස්ස, අප්පටිපුග්ගලස්ස අසමස්ස;
විසාරදස්ස නිපුණස්ස, භගවතො තස්ස සාවකොහමස්මි.
‘‘තණ්හච්ඡිදස්ස බුද්ධස්ස, වීතධූමස්ස අනුපලිත්තස්ස;
ආහුනෙය්‍යස්ස යක්ඛස්ස, උත්තමපුග්ගලස්ස අතුලස්ස;
මහතො යසග්ගපත්තස්ස, භගවතො තස්ස සාවකොහමස්මී’’ති.
76
[1] “මම, පණ්ඩිතවූ, පහවූ මෝහය ඇති විශේෂයෙන් බිඳිනලද පඤ්චචෙතොඛිල (පස්වැදෑරුම් හිතේ උල්) ඇති මාරයන් පරදවා ලබනලද විජය ඇති, නිදුක්වූ මනා සමවූ සිත් ඇති, වැඩුනාවූ ආචාර සිල් ඇති යහපත් ප්‍රඥා ඇති රාගාදී විෂම තරණය කළාවූ රාගාදීමල රහිතවූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.
[2] මම, සැක නැත්තාවූ සතුටු සිත් ඇත්තාවූ වමාරණ ලද කාම ගුණ ඇති, මෘදුවූ, කරනලද මහණදම් ඇති, අසහාය මනුෂ්‍යවූ අන්තිම ශරීරය ඇති මනුෂ්‍යවූ, උපමා රහිතවූ, පහවූ රාගාදි රජස් ඇති ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.
[3] මම, සැක රහිතවූ දක්ෂවූ සත්වයන් හික්මවන්නාවූ උතුම් සාර්ථවාහකයෙකු බඳුවූ නිරුත්තරවූ පවිත්‍ර ධර්ම ඇත්තාවූ සැක රහිතවූ ආලෝක කරන්නාවූ සිඳින ලද මානය ඇත්තාවූ වීර්‍ය්‍ය සම්පන්නවූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.
[4] “මම, නිසභවූ (සියල්ලන්හට ශ්‍රේෂ්ඨවූ) ප්‍රමාණ රහිතවූ ගුණයෙන් ගැඹුරුවූ, නුවණට පැමිණියාවූ නිර්භය කරන්නාවූ ඤාණය ඇත්තාවූ, ධර්මයෙහි පිහිටියාවූ සංවර කරනලද ආත්මය ඇති, රාගාදී කෙලෙස් පහකළාවූ කෙලෙසුන්ගෙන් මිදුනාවූ, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.
[5] “මම කරුණු සතරකින් ශ්‍රේෂ්ඨවූ, වනසෙනසුන් ඇත්තාවූ, විනාශ කරන ලද සංයෝජන ඇත්තාවූ, මිදුනාවූ, ප්‍රතිමන්ත්‍රණ ප්‍රඥාවෙන් යුක්තවූ, සෝදාහළ කෙලෙස් ඇත්තාවූ, මානය නැති කළාවූ, පහවූ රාග ඇති, දමනයවූ, ප්‍රපඤ්ච රහිතවූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.
[6] “මම, සත්වන ඍෂිවූ, කුහකනොවූ, ත්‍රිවිද්‍යා ඇත්තාවූ, ශ්‍රේෂ්ඨ බවට පැමිණියාවූ, සෝදාහළ කෙලෙස් ඇති, ගාථා පදකිරීමෙහි දක්ෂවූ, සැහැල්ලුවූ, දන්නාලද නුවණ ඇති, සියල්ලන්ට පළමු ධර්මදානය දුන්නාවූ, සමර්ථවූ, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.
[7] “මම, ආර්‍ය්‍යවූ, වඩනාලද සිත් ඇති, පැමිණියයුතු ගුණයන්ට පැමිණියාවූ, විස්තරකොට අර්ථ ප්‍රකාශකරන්නාවූ, සිහි ඇත්තාවූ, විශේෂයෙන් දක්නා නුවණ ඇති, අර්හත්වූ, දුෂ්ටනොවූ, තෘෂ්ණා රහිතවූ, වසඟභාවයට පැමිණියාවූ, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.
[8] “මම, යහපත් මාර්ගයට පැමිණියාවූ, ධ්‍යාන ඇත්තාවූ, කෙලෙසුන් විසින් අනුමානය නොකරණලද සිත් ඇත්තාවූ, පිරිසිදුවූ, නොබැඳුනාවූ, ප්‍රහීණ නොවූ, උතුම් විවේකය ඇත්තාවූ, අග්‍ර බවට පැමිණියාවූ, තෙමේ එතෙරවූ, අනුන් එතෙර කරන්නාවූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.
[9] “මම, සාන්තවූ, පොළොවක් මෙන් පතළාවූ නුවණ ඇති, මහත්වූ ප්‍රඥා ඇති, පහව ගියාවූ ලෝභ ඇති, තථාගතවූ, මනා ගමන් ඇති, සමාන පුද්ගලයන් නැත්තවූ, අසමවූ, විශාරදවූ, නිපුණවූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.
[10] “මම, සිඳිනලද තෘෂ්ණා ඇති, චතුස්සත්‍යය අවබෝධ කළාවූ, පහවූ කෙලෙස් දුම් ඇති, තෘෂ්ණාදෘෂ්ටි තැවරීම් වලින් නොතැවරුණාවූ, පූජා පිළිගැනීමට සුදුසු වූ, ආනුභා සම්පන්නවූ, උත්තම පුද්ගලවූ, අසමවූ, මහත් වූ, යසසින් අග පැමිණියාවූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි”යි (කීයේය.)
77
‘‘කදා සඤ්ඤූළ්හා පන තෙ, ගහපති, ඉමෙ සමණස්ස ගොතමස්ස වණ්ණා’’ති? ‘‘සෙය්‍යථාපි, භන්තෙ, නානාපුප්ඵානං මහාපුප්ඵරාසි , තමෙනං දක්ඛො මාලාකාරො වා මාලාකාරන්තෙවාසී වා විචිත්තං මාලං ගන්ථෙය්‍ය; එවමෙව ඛො, භන්තෙ, සො භගවා අනෙකවණ්ණො අනෙකසතවණ්ණො. කො හි, භන්තෙ, වණ්ණාරහස්ස වණ්ණං න කරිස්සතී’’ති? අථ ඛො නිගණ්ඨස්ස නාටපුත්තස්ස භගවතො සක්කාරං අසහමානස්ස තත්ථෙව උණ්හං ලොහිතං මුඛතො උග්ගච්ඡීති (උග්ගඤ්ඡි (සී. ස්‍යා. පී.)).
77
“ගෘහපතිය, ශ්‍රමණ ගෞතමයන්ගේ මේ ගුණයෝ තොප විසින් කවර කලෙක රැස්කරගන්නා ලද්දාහුද?” (ගොතන ලද්දාහුද?) “ස්වාමීනි, යම්සේ නොයෙක් මල් ඇති මහත්වූ මල් රැසක් වේද, එයින් දක්ෂවූ මාලාකාරයෙක් හෝ මාලාකාරයෙකුගේ අතවැසියෙක් හෝ විසිතුරු මල් මාලාවක් ගොතන්නේද, ස්වාමීනි, එපරිද්දෙන්ම ඒ භාග්‍යවතුන් වහන්සේගේ නොයෙක් ගුණ ඇත්තාහ. නොයෙක් සිය ගණන් ගුණ ඇත්තාහ. ස්වාමීනි, කවරෙක් වනාහි ගුණ කියයුත්තාගේ ගුණ වර්ණනා නොකරන්නේදැ?”යි (කීයේය.) එකල්හි භාග්‍යවතුන් වහන්සේට කරන සත්කාරය නොඉවසන්නාවූ නිගණ්ඨනාත පුත්‍රයාගේ මුවින් එතැනම උණු ලේ පිට විය.
7. කුක්කුරවතිකසුත්තං 7. කුක්කුරවතිය සූත්‍රය
8. අභයරාජකුමාරසුත්තං 8. අභය (රාජකුමාර) සූත්‍රය
9. බහුවෙදනීයසුත්තං 9. බහුවෙදනීය සූත්‍රය
10. අපණ්ණකසුත්තං 10. අපණ්ණක සූත්‍රය