ත්‍රිපිටකය
මජ්ඣිමනිකායෙ මජ්ඣිම නිකාය
මජ්ඣිමපණ්ණාසපාළි මජ්ඣිම පණ්ණාසකය
1. ගහපතිවග්ගො 1. ගෘහපති වර්ගය
1. කන්දරකසුත්තං 1. කන්දරක සූත්‍රය
2. අට්ඨකනාගරසුත්තං 2. අට්ඨක නාගර සූත්‍රය
3. සෙඛසුත්තං 3. සෙඛ සූත්‍රය
4. පොතලියසුත්තං 4. පොතලිය සූත්‍රය
5. ජීවකසුත්තං 5. ජීවක සූත්‍රය
51
එවං මෙ සුතං - එකං සමයං භගවා රාජගහෙ විහරති ජීවකස්ස කොමාරභච්චස්ස අම්බවනෙ. අථ ඛො ජීවකො කොමාරභච්චො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි . එකමන්තං නිසින්නො ඛො ජීවකො කොමාරභච්චො භගවන්තං එතදවොච - ‘‘සුතං මෙතං, භන්තෙ - ‘සමණං ගොතමං උද්දිස්ස පාණං ආරභන්ති (ආරම්භන්ති (ක.)), තං සමණො ගොතමො ජානං උද්දිස්සකතං (උද්දිස්සකටං (සී. පී.)) මංසං පරිභුඤ්ජති පටිච්චකම්ම’න්ති. යෙ තෙ, භන්තෙ, එවමාහංසු - ‘සමණං ගොතමං උද්දිස්ස පාණං ආරභන්ති, තං සමණො ගොතමො ජානං උද්දිස්සකතං මංසං පරිභුඤ්ජති පටිච්චකම්ම’න්ති, කච්චි තෙ, භන්තෙ, භගවතො වුත්තවාදිනො, න ච භගවන්තං අභූතෙන අබ්භාචික්ඛන්ති, ධම්මස්ස චානුධම්මං බ්‍යාකරොන්ති, න ච කොචි සහධම්මිකො වාදානුවාදො ගාරය්හං ඨානං ආගච්ඡතී’’ති?
51
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර (කුමාරයෙකු විසින් පොෂණය කරන ලද හෙයින්) කෝමාරභච්ච නම්වූ ජීවකයන්ගේ අඹ උයනෙහි (කරවන ලද විහාරයෙහි) වැඩ වාසය කරති. එකල්හි වනාහි ජීවක නම් කොමාරභච්ච තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක සිටියේය. එක් පැත්තක සිටි ජීවක නම් කොමාර භච්චතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, මා විසින් මෙය අසනලදී. ‘ශ්‍රමණ ගෞතමයන් උදෙසා සතුන් මරත්, ශ්‍රමණ ගෞතම තෙමේ දැන ගෙන උදෙසා කරන ලද (තමන් පිණිස කරනලද) ඒ මාංසය වළඳන්නේය’ යනුයි. ස්වාමීනි, යම් ඒ කෙනෙක් මෙසේ කීවාහුද? ‘ශ්‍රමණ ගෞතමයන් උදෙසා සතුන් මරත්. ශ්‍රමණ ගෞතමතෙමේ දැනගෙන උදෙසා කරනලද ඒ මාංසය වළඳන්නේයයි’ (කියායි) ස්වාමීනි, කිමෙක්ද ඔවුහු භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද්දක් කියන්නාහුද? භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් දොස් නොකියත්ද? භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද කාරණයට අනුව කරුණු කියත්ද? කිසියම් කරුණු සහිතවූ වාදානුවාදයෙක් ගැරහියයුතු තැනට නොපැමිණේදැයි” (ඇසීය)
52
‘‘යෙ තෙ, ජීවක, එවමාහංසු - ‘සමණං ගොතමං උද්දිස්ස පාණං ආරභන්ති, තං සමණො ගොතමො ජානං උද්දිස්සකතං මංසං පරිභුඤ්ජති පටිච්චකම්ම’න්ති න මෙ තෙ වුත්තවාදිනො, අබ්භාචික්ඛන්ති ච මං තෙ අසතා අභූතෙන. තීහි ඛො අහං, ජීවක, ඨානෙහි මංසං අපරිභොගන්ති වදාමි. දිට්ඨං, සුතං, පරිසඞ්කිතං - ඉමෙහි ඛො අහං, ජීවක , තීහි ඨානෙහි මංසං අපරිභොගන්ති වදාමි. තීහි ඛො අහං, ජීවක, ඨානෙහි මංසං පරිභොගන්ති වදාමි. අදිට්ඨං, අසුතං, අපරිසඞ්කිතං - ඉමෙහි ඛො අහං, ජීවක, තීහි ඨානෙහි මංසං පරිභොගන්ති වදාමි.
52
“ජීවකය, යම් ඒ කෙනෙක් මෙසේ කීවාහුද? ‘ශ්‍රමණ ගෞතමයන් උදෙසා සතුන් මරත්. ශ්‍රමණ ගෞතම තෙමේ දැනගෙන උදෙසා කරනලද ඒ මාංසය පරිභොග කරන්නේ යයි’ (කියායි.) ඔවුහු මා විසින් කරන ලද්දක් කියන්නාහු නොවෙත්. ඔවුහු මට බොරුවකින් දොස් කියන්නාහුද වෙත්. ජීවකය, මම වනාහී කරුණු තුනකින් යුක්තවූ මාංසය පරිභොග නොකට යුතුයයි කියමි. දක්නා ලද්දය, අසන ලද්දය, සැක කරන ලද්දය, යන තුනයි. ජීවකය, මම වනාහී මේ කරුණුතුනෙන් යුක්තවූ මාංසය පරිභොග නොකට යුතුයයි කියමි. ජීවකය, මම වනාහී කරුණු තුනකින් යුක්තවූ මාංසය පරිභොග කටයුතුයයි කියමි. නොදක්නා ලද්දය, නොඅසන ලද්දය, සැක නොකරන ලද්දය, යන තුනයි. ජීවකය, මම වනාහි මේ කරුණු තුනින් යුක්තවූ මාංසය වැළඳිය යුතුයයි කියමි.
53
‘‘ඉධ, ජීවක, භික්ඛු අඤ්ඤතරං ගාමං වා නිගමං වා උපනිස්සාය විහරති. සො මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්‍යාබජ්ඣෙන ඵරිත්වා විහරති. තමෙනං ගහපති වා ගහපතිපුත්තො වා උපසඞ්කමිත්වා ස්වාතනාය භත්තෙන නිමන්තෙති. ආකඞ්ඛමානොව (ආකඞ්ඛමානො (ස්‍යා. කං.)), ජීවක, භික්ඛු අධිවාසෙති . සො තස්සා රත්තියා අච්චයෙන පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන තස්ස ගහපතිස්ස වා ගහපතිපුත්තස්ස වා නිවෙසනං තෙනුපසඞ්කමති; උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදති. තමෙනං සො ගහපති වා ගහපතිපුත්තො වා පණීතෙන පිණ්ඩපාතෙන පරිවිසති. තස්ස න එවං හොති - ‘සාධු වත මායං (මං + අයං = මායං) ගහපති වා ගහපතිපුත්තො වා පණීතෙන පිණ්ඩපාතෙන පරිවිසෙය්‍යාති! අහො වත මායං ගහපති වා ගහපතිපුත්තො වා ආයතිම්පි එවරූපෙන පණීතෙන පිණ්ඩපාතෙන පරිවිසෙය්‍යා’ති - එවම්පිස්ස න හොති. සො තං පිණ්ඩපාතං අගථිතො (අගධිතො (ස්‍යා. කං. ක.)) අමුච්ඡිතො අනජ්ඣොපන්නො (අනජ්ඣාපන්නො (ස්‍යා. කං. ක.)) ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති. තං කිං මඤ්ඤසි, ජීවක , අපි නු සො භික්ඛු තස්මිං සමයෙ අත්තබ්‍යාබාධාය වා චෙතෙති, පරබ්‍යාබාධාය වා චෙතෙති, උභයබ්‍යාබාධාය වා චෙතෙතී’’ති?
‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘නනු සො, ජීවක, භික්ඛු තස්මිං සමයෙ අනවජ්ජංයෙව ආහාරං ආහාරෙතී’’ති?
‘‘එවං, භන්තෙ. සුතං මෙතං, භන්තෙ - ‘බ්‍රහ්මා මෙත්තාවිහාරී’ති. තං මෙ ඉදං, භන්තෙ, භගවා සක්ඛිදිට්ඨො; භගවා හි, භන්තෙ, මෙත්තාවිහාරී’’ති. ‘‘යෙන ඛො, ජීවක, රාගෙන යෙන දොසෙන යෙන මොහෙන බ්‍යාපාදවා අස්ස සො රාගො සො දොසො සො මොහො තථාගතස්ස පහීනො උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවංකතො (අනභාවකතො (සී. පී.), අනභාවංගතො (ස්‍යා. කං.)) ආයතිං අනුප්පාදධම්මො. සචෙ ඛො තෙ, ජීවක, ඉදං සන්ධාය භාසිතං අනුජානාමි තෙ එත’’න්ති. ‘‘එතදෙව ඛො පන මෙ, භන්තෙ, සන්ධාය භාසිතං’’ (භාසිතන්ති (ස්‍යා.)).
53
“ජීවකය, මේ ශාසනයෙහි මහණතෙම එක්තරා ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරුකොට වාසය කරයි. හෙතෙම මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙවන දිශාවය එසේ තුන්වන දිශාවය එසේ සතරවන දිශාවය, මෙසේ උඩ යට සරස සියල්ලෙහි සියළු තැන පතළාවූ සියල්ලෙන් යුක්තවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ව්‍යාපාද නැත්තාවූ මෛත්‍රීසහගත සිතින් පතුරුවා වාසය කරයි. ඒ භික්ෂුව වෙත ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ පැමිණ සෙට දවස පිණිස බතින් පවරයි. ජීවකය, කැමතිවන්නාවූ මහණ තෙම එය ඉවසයි. හෙතෙම ඒ රාත්‍රිය ඉක්මීමෙන් පෙරවරු වේලෙහි හැඳ පොරවා පා සිවුරුගෙණ ඒ ගෘහපතියාගේ හෝ ගෘහපති පුත්‍රයාගේ හෝ ගෘහය යම් තැනෙක්හිද එතැනට පැමිණෙයි. පැමිණ පනවන ලද ආසනයෙහි හිඳියි. ඒ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ ඔහු ප්‍රණීතවූ පිණ්ඩපාතයෙන් වළඳවයි. ඔහුට මෙබඳු සිතක් නොවෙයි. මේ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ ප්‍රණීතවූ පිණ්ඩපාතයෙන් වළඳවයි. එය ඉතා යහපත. මේ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ පසුවද මෙබඳු ප්‍රණීතවූ පිණ්ඩපාතයෙන් වළඳවන්නේ නම් ඉතා යෙහෙකැයි’ මෙබඳු සිතක්ද ඔහුට ඇති නොවෙයි. හෙතෙම ඒ පිණ්ඩපාතය, තෘෂ්ණාවෙන් ගැට නොගැසුනේ මුර්ඡා නොවූයේ එහි නොගිලුනේ දොස් දක්නා සුළුවූයේ නිශ්ශරණ ප්‍රඥාවෙන් යුක්තව වළඳයි. ජීවකය, ඒ කුමකැයි හඟින්නෙහිද? කිම, ඒ මහණතෙම ඒ කාලයෙහි තමහට දුක් පිණිස හෝ සිතයිද? අන්‍යයන්හට දුක් පිණිස හෝ සිතයිද? දෙපසට දුක් පිණිස හෝ සිතයි”ද?
“ස්වාමීනි, එසේ නොසිතයි.”
“ජීවකය, ඒ මහණතෙම ඒ කාලයෙහි නිවැරදිවූම ආහාරය ගන්නේ නොවේද?”
“ස්වාමීනි, එසේය. ස්වාමීනි, බ්‍රහ්මතෙම මෛත්‍රී විහරණ ඇත්තෙක යන මෙය මා විසින් අසා තිබේ. ස්වාමීනි, මෛත්‍රියෙන් යුක්තවූ භාග්‍යවතුන් වහන්සේ මා විසින් ඇසින්ම දක්නාලදී. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වනාහී මෛත්‍රී විහරණ ඇත්තේය.” “ජීවකය, යම් රාගයකින්, යම් ද්වේෂයකින්, යම් මෝහයකින් ක්‍රොධ ඇත්තෙක් වන්නේද, තථාගතයන් වහන්සේගේ ඒ රාගය ඒ ද්වේෂය ඒ මෝහය පහවූයේ සිඳින ලද මුල් ඇත්තේ මස්තකය සිඳිනලද තල්ගසක් මෙන් කරන ලද්දේ නැවත නොවීම කරන ලද්දේ, මතු නූපදනා ස්වභාව ඇත්තේ වෙයි. ජීවකය, ඉදින් තා විසින් මේ සඳහා කියන ලද්දේ නම් තට එය අනුදනිමියි” වදාළේය. “ස්වාමීනි, මා විසින් ඒ සඳහාම කියනලදී.”
54
‘‘ඉධ, ජීවක, භික්ඛු අඤ්ඤතරං ගාමං වා නිගමං වා උපනිස්සාය විහරති. සො කරුණාසහගතෙන චෙතසා...පෙ.... මුදිතාසහගතෙන චෙතසා...පෙ.... උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්‍යාබජ්ඣෙන ඵරිත්වා විහරති. තමෙනං ගහපති වා ගහපතිපුත්තො වා උපසඞ්කමිත්වා ස්වාතනාය භත්තෙන නිමන්තෙති. ආකඞ්ඛමානොව, ජීවක, භික්ඛු අධිවාසෙති. සො තස්සා රත්තියා අච්චයෙන පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන ගහපතිස්ස වා ගහපතිපුත්තස්ස වා නිවෙසනං තෙනුපසඞ්කමති; උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදති. තමෙනං සො ගහපති වා ගහපතිපුත්තො වා පණීතෙන පිණ්ඩපාතෙන පරිවිසති. තස්ස න එවං හොති - ‘සාධු වත මායං ගහපති වා ගහපතිපුත්තො වා පණීතෙන පිණ්ඩපාතෙන පරිවිසෙය්‍යාති! අහො වත මායං ගහපති වා ගහපතිපුත්තො වා ආයතිම්පි එවරූපෙන පණීතෙන පිණ්ඩපාතෙන පරිවිසෙය්‍යා’ති - එවම්පිස්ස න හොති. සො තං පිණ්ඩපාතං අගථිතො අමුච්ඡිතො අනජ්ඣොපන්නො ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති. තං කිං මඤ්ඤසි, ජීවක, අපි නු සො භික්ඛු තස්මිං සමයෙ අත්තබ්‍යාබාධාය වා චෙතෙති, පරබ්‍යාබාධාය වා චෙතෙති, උභයබ්‍යාබාධාය වා චෙතෙතී’’ති?
‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘නනු සො, ජීවක, භික්ඛු තස්මිං සමයෙ අනවජ්ජංයෙව ආහාරං ආහාරෙතී’’ති?
‘‘එවං, භන්තෙ. සුතං මෙතං, භන්තෙ - ‘බ්‍රහ්මා උපෙක්ඛාවිහාරී’ති. තං මෙ ඉදං, භන්තෙ, භගවා සක්ඛිදිට්ඨො; භගවා හි, භන්තෙ, උපෙක්ඛාවිහාරී’’ති. ‘‘යෙන ඛො, ජීවක, රාගෙන යෙන දොසෙන යෙන මොහෙන විහෙසවා අස්ස අරතිවා අස්ස පටිඝවා අස්ස සො රාගො සො දොසො සො මොහො තථාගතස්ස පහීනො උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවංකතො ආයතිං අනුප්පාදධම්මො. සචෙ ඛො තෙ, ජීවක, ඉදං සන්ධාය භාසිතං, අනුජානාමි තෙ එත’’න්ති. ‘‘එතදෙව ඛො පන මෙ, භන්තෙ, සන්ධාය භාසිතං’’.
54
“ජීවකය, මේ ශාසනයෙහි මහණතෙම එක්තරා ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරුකොට වාසය කරයි. හෙතෙම කරුණාසහගතවූ සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවන දිශාවද, එසේම තුන්වන දිශාවද, එසේම සතර වන දිශාවද, මෙසේ උඩ යට සරස සියල්ලෙහි සියලු තැන පතලාවූ සියල්ලෙන් යුක්තවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ක්‍රොධ නැත්තාවූ කරුණා සහගත සිතින් පතුරුවා වාසයකරයි. ඒ භික්ෂුව වෙත ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ පැමිණ සෙට දවස පිණිස බතින් පවරයි. ජීවකය, කැමති වන්නාවූම මහණතෙම එය ඉවසයි. හෙතෙම ඒ රාත්‍රිය ඉක්මීමෙන් පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍රය හා සිවුරු ගෙන ඒ ගෘහපතියාගේ හෝ ගෘහපති පුත්‍රයාගේ හෝ ගෙදර යම් තැනකද එතැනට පැමිණෙයි. පැමිණ පණවන ලද ආසනයෙහි හිඳියි. ඒ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ ඔහු ප්‍රණීතවූ පිණ්ඩපාතයෙන් වළඳවයි. ඔහුට මෙබඳු සිතක් නොවෙයි. මේ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ ප්‍රණීතවූ පිණ්ඩපාතයෙන් මා වළඳවයි. එය ඉතා යහපත, මේ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ පසුවද මෙබඳු ප්‍රණීතවූ පිණ්ඩපාතයෙන් මා වළඳවන්නේ නම් ඉතා යෙහෙකැයි මෙබඳු සිතක්ද ඔහුට නොවෙයි. හෙතෙම පිණ්ඩපාතය, තෘෂ්ණාවෙන් ගැට නොගැසුනේ, මුළා නොවූයේ, එහි නොගිලුණේ දොස් දක්නා සුලුවූයේ නිශ්ශරණ ප්‍රඥාවෙන් යුක්තව වළඳයි. ජීවකය, ඒ කුමකැයි හඟින්නෙහිද? කිම, ඒ මහණ තෙම ඒ කාලයෙහි තමහට දුක් පිණිස හෝ සිතයිද? අනුන්හට දුක් පිණිස හෝ සිතයිද? දෙපසට දුක් පිණිස හෝ සිතයිද?”
“ස්වාමීනි එසේ නොසිතයි.”
“ජීවකය, ඒ මහණතෙම ඒ කාලයෙහි නිවැරදි වූම ආහාරය ගන්නේ නොවේද?”
“ස්වාමීනි, එසේය. ස්වාමීනි, බ්‍රහ්මතෙම කරුණා විහරණ ඇත්තෙක යන මෙය මා විසින් අසා ඇත. ස්වාමීනි, ඒ මේ කාරණය, මා විසින් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ඇසින්ම දක්නා ලදී. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වනාහි කරුණා විහරණ ඇත්තේය.” “ජීවකය, යම් රාගයකින්, යම් ද්වේෂයකින්, යම් මෝහයකින් ව්‍යාපාද සිත් ඇත්තෙක් වන්නේද, තථාගතයන් වහන්සේගේ ඒ රාගය, ඒ ද්වේෂය, ඒ මෝහය නැතිවූයේ මුල් සිඳින ලද්දේ මුදුන සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දේ, නැවත නොවීම කරන ලද්දේ, මතු නූපදනා ස්වභාව ඇත්තේ වෙයි. ජීවකය, ඉදින් තා විසින් ඒ සඳහා කියන ලද්දේද, තට එය අනු දනිමි.”
“ස්වාමීනි, මා විසින් ඒ සඳහාම කියන ලදී.”
“ජීවකය, මේ ශාසනයෙහි මහණතෙම එක්තරා ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරුකොට වාසය කරයි. හෙතෙම මුදිතා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවන දිශාවද, එසේම තුන්වන දිශාවද, එසේම සතරවන දිශාවද, මෙසේ උඩ යට සරස සියල්ලෙහි සියලු තැන පතළාවූ සියල්ලෙන් යුක්තවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ වෛර නැත්තාවූ ක්‍රොධ නැත්තාවූ මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කරයි. ඒ භික්ෂුව වෙත ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ පැමිණ සෙට දවස පිණිස බතින් පවරයි. ජීවකය, කැමති වන්නාවූම මහණ තෙම එය ඉවසයි. හෙතෙම ඒ රාත්‍රිය ඉක්මීමෙන් පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍රය හා සිවුරු ගෙන ඒ ගෘහපතියාගේ හෝ ගෘහපති පුත්‍රයාගේ හෝ ගෙදර යම් තැනකද එතනට පැමිණෙයි. පැමිණ පණවන ලද ආසනයෙහි හිඳියි. ඒ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ ප්‍රණීත පිණ්ඩපාතයෙන් ඔහු වළඳවයි. ඔහුට මෙබඳු සිතක් නොවෙයි. මේ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ ප්‍රණීතවූ පිණ්ඩපාතයෙන් මා වළඳවයි. එය ඉතා යහපත. මේ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ මත්තෙහිද මෙබඳු ප්‍රණීතවූ පිණ්ඩපාතයෙන් මා වළඳවන්නේ නම් ඉතා යෙහෙකැයි’ මෙබඳු සිතක්ද ඔහුට නොවෙයි. හෙතෙම ඒ පිණ්ඩපාතය, තෘෂ්ණාවෙන් ගැට නොගැසුනේ මුළා නොවූයේ එහි නොගිලුණේ දොස් දක්නා සුලු වූයේ, නිශ්ශරණ ප්‍රඥාවෙන් යුක්තව වළඳයි. ජීවකය, ඒ කුමකැයි හඟීන්නෙහිද? කිම ඒ මහණතෙම ඒ කාලයෙහි තමහට දුක් පිණිස හෝ සිතයිද? අනුන්ට දුක් පිණිස හෝ සිතයිද? දෙපසට දුක් පිණිස හෝ සිතයිද?”
“ස්වාමීනි මෙය නොවේමැ”යි,
“ජීවකය, ඒ මහණ තෙම ඒ කාලයෙහි නිවැරදිවූම ආහාරය ගන්නේ නොවේද?
“ස්වාමීනි, එසේය. ස්වාමීනි, බ්‍රහ්මතෙම මුදිතා විහරණ ඇත්තෙක යනමෙය මා විසින් අසනලදී. ස්වාමීනි ඒ මේ කාරණය මා විසින් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ඇසින්ම දක්නා ලදී. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වනාහි මුදිතා විහරණ ඇත්තේය.” “ජීවකය, යම් රාගයකින්, යම් ද්වේෂයකින්, යම් මෝහයකින් ව්‍යාපාද සිත් ඇත්තෙක් වන්නේද, තථාගතයන් වහන්සේගේ ඒ රාගය, ඒ ද්වේෂය, ඒ මෝහය නැතිවූයේ මුල් සිඳින ලද්දේ මුදුන සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දේය. නැවත නොවීම කරන ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වෙයි. ජීවකය, ඉදින් තා විසින් ඒ සඳහා කියන ලද්දේ නම්, තට එය අනුදනිමි.”
“ස්වාමීනි, මා විසින් ඒ සඳහාම කියන ලදී.”
“ජීවකය, මේ ශාසනයෙහි මහණ තෙම එක්තරා ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරු කොට වාසය කරයි. හෙතෙම උපෙක්ෂා සහගතවූ සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවන දිශාවද එසේම තුන්වන දිශාවද එසේම සතරවන දිශාවද මෙසේ උඩ යට සරස සියල්ලෙහි සියළු තැන පතලා වූ සියල්ලෙන් යුක්තවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ක්‍රොධ නැත්තාවූ උපෙක්ෂා සහගතවූ සිතින් පතුරුවා වාසය කරයි. ඔහු වෙත ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ පැමිණ සෙට දවස පිණිස බතින් පවරයි. ජීවකය, කැමතිවන්නාවූම මහණ තෙම ඉවසයි. හෙතෙම ඒ රාත්‍රිය ඇවෑමෙන් පෙරවරු වේලෙහි හැඳ පොරවා පාසිවුරු
ගෙන ඒ ගෘහපතියාගේ හෝ ගෘහපති පුත්‍රයාගේ හෝ ගෙදර යම් තැනෙක්හිද එතැනට පැමිණෙයි. පැමිණ පනවනලද ආසනයෙහි වැඩ හිඳියි. ඒ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ ඔහු ප්‍රණීතවූ පිණ්ඩපාතයෙන් වළඳවයි. ඔහුට මෙබඳු සිතක් නොවෙයි. මේ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ ප්‍රණීතවූ පිණ්ඩපාතයෙන් මා වළඳවයි. එය යහපත. මට මේ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ මත්තෙහිත් මෙබඳු ප්‍රණීතවූ පිණ්ඩපාතය වළඳවන්නේ නම් ඉතා යෙහෙකැයි මෙබඳු සිතක්ද ඔහුට නොවෙයි. හෙතෙම ඒ පිණ්ඩපාතය, තෘෂ්ණාවෙන් ගැට නොගැසුනේ මුසපත් නොවූයේ එහි නොගැලුනේ දොස් දක්නා සුළුවූයේ නිශ්ශරණ ප්‍රඥා ඇත්තේ වළඳයි. ජීවකය, ඒ කුමකැයි හඟින්නෙහිද? කිම ඒ මහණ තෙම ඒ කාලයෙහි තමහට දුක් පිණිස හෝ සිතයිද? අන්‍යයන් හට දුක් පිණිස හෝ සිතයිද? දෙපසටම දුක් පිණිස හෝ සිතයිද?”
“ස්වාමීනි, මෙය නොවේමැයි.”
“ජීවකය, ඒ මහණතෙම ඒ කාලයෙහි නිවැරදිවූම ආහාරය ගන්නේ නොවේද?”
“ස්වාමීනි, එසේය. ස්වාමීනි, බ්‍රහ්මතෙම උපෙක්ෂා විහරණ ඇත්තෙක යන මෙය මා විසින් අසන ලදී. ස්වාමීනි, ඒ මේ කරුණ මා විසින් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ඇසින්ම දක්නාලදී.”
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වනාහී උපෙක්ෂා විහරණ ඇත්තේය.”
“ජීවකය, යම් රාගයකින් යම් ද්වේෂයකින් යම් මෝහයකින් හිංසාව ඇත්තෙක් වන්නේද, නොසතුට ඇත්තෙක් වන්නේද, ක්‍රොධ ඇත්තෙක් වන්නේද, ඒ රාගය ඒ ද්වේෂය ඒ මෝහය තථාගතයන් වහන්සේගේ නැතිවූයේ සිඳිනලද මුල් ඇත්තේ මස්තකය සිඳිනලද තල් ගසක් මෙන් කරන ලද්දේ අභාවය කරණ ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වෙයි. ජීවකය, ඉදින් තොප විසින් ඒ සඳහා කියනලද නම් තට මෙය අනුදනිමි”, “ස්වාමීනි මා විසින් ඒ සඳහාම කියනලදී.”
55
‘‘යො ඛො, ජීවක, තථාගතං වා තථාගතසාවකං වා උද්දිස්ස පාණං ආරභති සො පඤ්චහි ඨානෙහි බහුං අපුඤ්ඤං පසවති. යම්පි සො, ගහපති, එවමාහ - ‘ගච්ඡථ, අමුකං නාම පාණං ආනෙථා’ති, ඉමිනා පඨමෙන ඨානෙන බහුං අපුඤ්ඤං පසවති. යම්පි සො පාණො ගලප්පවෙඨකෙන (ගලප්පවෙධකෙන (බහූසු)) ආනීයමානො දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති, ඉමිනා දුතියෙන ඨානෙන බහුං අපුඤ්ඤං පසවති. යම්පි සො එවමාහ - ‘ගච්ඡථ ඉමං පාණං ආරභථා’ති, ඉමිනා තතියෙන ඨානෙන බහුං අපුඤ්ඤං පසවති. යම්පි සො පාණො ආරභියමානො දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති , ඉමිනා චතුත්ථෙන ඨානෙන බහුං අපුඤ්ඤං පසවති. යම්පි සො තථාගතං වා තථාගතසාවකං වා අකප්පියෙන ආසාදෙති, ඉමිනා පඤ්චමෙන ඨානෙන බහුං අපුඤ්ඤං පසවති. යො ඛො, ජීවක, තථාගතං වා තථාගතසාවකං වා උද්දිස්ස පාණං ආරභති සො ඉමෙහි පඤ්චහි ඨානෙහි බහුං අපුඤ්ඤං පසවතී’’ති.
එවං වුත්තෙ, ජීවකො කොමාරභච්චො භගවන්තං එතදවොච - ‘‘අච්ඡරියං, භන්තෙ, අබ්භුතං, භන්තෙ! කප්පියං වත, භන්තෙ, භික්ඛූ ආහාරං ආහාරෙන්ති ; අනවජ්ජං වත, භන්තෙ, භික්ඛූ ආහාරං ආහාරෙන්ති. අභික්කන්තං, භන්තෙ, අභික්කන්තං, භන්තෙ...පෙ.... උපාසකං මං භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’’න්ති.
55
“ජීවකය, යමෙක් වනාහි තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු හෝ උදෙසා සතෙකු මරාද, හෙතෙම කරුණු පසකින් බොහෝ පව් රැස්කරයි. හෙතෙමේ ‘යව් අසවල් සතා ගෙනෙව්’ යන යම් වචනයක් කියයිද, මේ පළමුවන කාරණයෙන් බොහෝ පව් රැස්කරයි. ඒ සතා බෙල්ලෙන් බැඳ ගෙනෙනු ලබන්නේ යම් දුකක් දොම්නසක් විඳියිද, මේ දෙවෙනි කරුණෙන්ද බොහෝ පව් රැස් කරයි. හෙතෙම ‘යව්, මේ සතා මරව්’ යන යම් වචනයක් කියයිද, මේ තුන්වන කරුණෙන්ද බොහෝ පව් රැස් කරයි. ඒ සතා මරණු ලබන්නේ යම් දුකක් දොම්නසක් විඳියිද, මේ සතරවන කරුණෙන් බොහෝ පව් රැස්කරයි. යම් හෙයකිනුත් හෙතෙම තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු හෝ නොකැපවූ දෙයින් වළඳවාද මේ පස්වන කරුණෙන් බොහෝ පව් රැස් කරයි. ජීවකය, යමෙක් වනාහි තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු හෝ උදෙසා සතෙකු මරාද, හෙතෙම මේ කරුණු පසින් බොහෝ පව් රැස් කෙරේයයි” වදාළහ.
මෙසේ වදාළ කල්හි ජීවක නම් කොමාර භච්චතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, ආශ්චර්‍ය්‍යයකි, ස්වාමීනි, නුවූ විරූ දෙයක්ය. ස්වාමීනි, භික්ෂූහු ඒකාන්තයෙන් කැපවූ ආහාරයක්ම වළඳත්. ස්වාමීනි, භික්ෂූහු එකාන්තයෙන් නිවැරදිවූ ආහාරයම වළඳත්. ස්වාමීනි, ඉතා යහපත, ස්වාමීනි ඉතා යහපත ස්වාමීනි යටිකුරු කරන ලද්දක් යම්සේ උඩුකුරු කරන්නේද වැසුමක් එලිදරව් කරන්නේද, මුළාවූවෙකුට මග කියන්නේද ඇස් ඇත්තෝ රූප දකිත්වායි, අඳුරෙහි තෙල් පහනක් දරන්නේද එලෙසින්ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය දේශනා කරනලද්දේය. ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේ සරණ කොට යමි. ධර්මයද භික්ෂු සංඝයාද (සරණකොටයමි) භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවිහිම් කොට සරණගියාවූ උපාසකයෙකැයි මා දරණසේක්වායි” කීයේය.
6. උපාලිසුත්තං 6. උපාලි සූත්‍රය
7. කුක්කුරවතිකසුත්තං 7. කුක්කුරවතිය සූත්‍රය
8. අභයරාජකුමාරසුත්තං 8. අභය (රාජකුමාර) සූත්‍රය
9. බහුවෙදනීයසුත්තං 9. බහුවෙදනීය සූත්‍රය
10. අපණ්ණකසුත්තං 10. අපණ්ණක සූත්‍රය