ත්‍රිපිටකය
මජ්ඣිමනිකායෙ මජ්ඣිම නිකාය
මජ්ඣිමපණ්ණාසපාළි මජ්ඣිම පණ්ණාසකය
1. ගහපතිවග්ගො 1. ගෘහපති වර්ගය
1. කන්දරකසුත්තං 1. කන්දරක සූත්‍රය
2. අට්ඨකනාගරසුත්තං 2. අට්ඨක නාගර සූත්‍රය
3. සෙඛසුත්තං 3. සෙඛ සූත්‍රය
4. පොතලියසුත්තං 4. පොතලිය සූත්‍රය
5. ජීවකසුත්තං 5. ජීවක සූත්‍රය
6. උපාලිසුත්තං 6. උපාලි සූත්‍රය
7. කුක්කුරවතිකසුත්තං 7. කුක්කුරවතිය සූත්‍රය
8. අභයරාජකුමාරසුත්තං 8. අභය (රාජකුමාර) සූත්‍රය
9. බහුවෙදනීයසුත්තං 9. බහුවෙදනීය සූත්‍රය
10. අපණ්ණකසුත්තං 10. අපණ්ණක සූත්‍රය
92
එවං මෙ සුතං - එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන සාලා නාම කොසලානං බ්‍රාහ්මණගාමො තදවසරි. අස්සොසුං ඛො සාලෙය්‍යකා බ්‍රාහ්මණගහපතිකා - ‘‘සමණො ඛලු භො ගොතමො සක්‍යපුත්තො සක්‍යකුලා පබ්බජිතො කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං සාලං අනුප්පත්තො. තං ඛො පන භවන්තං ගොතමං එවං කල්‍යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො - ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්‍රහ්මකං සස්සමණබ්‍රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල්‍යාණං මජ්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්ථං සබ්‍යඤ්ජනං, කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසෙති. සාධු ඛො පන තථාරූපානං අරහතං දස්සනං හොතී’’ති. අථ ඛො සාලෙය්‍යකා බ්‍රාහ්මණගහපතිකා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා අප්පෙකච්චෙ භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ භගවතා සද්ධිං සම්මොදිංසු; සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ භගවතො සන්තිකෙ නාමගොත්තං සාවෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ තුණ්හීභූතා එකමන්තං නිසීදිංසු.
92
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වල මහත්වූ භික්ෂු සංඝයා සමග සැරිසරා වඩනාසේක් කොසොල් දනව් වැස්සන්ගේ ශාලානම් බමුණුගම යම් තැනෙක්හිද එතැනට වැඩිසේක. ශාලානම් ගම්වැසි බ්‍රාහ්මණ ගෘහපතීහු ශාක්‍යපුත්‍රවූ ශාක්‍ය වංශයෙන් පැවිදිවූ ශ්‍රමණ භවත් ගෞතම තෙම වනාහී කොසොල් දනව්වල මහත්වූ භික්ෂු සංඝයා සමග සැරිසරණසේක් ශාලානම් ගමට පැමිණියේ වෙයි. ඒ භවත් ගෞතමයන්ගේ මෙබඳු යහපත්වූ කීර්ති ශබ්දයක් උස්ව නැංගේ වෙයි.
“ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්හ, සම්‍යක් සම්බුද්ධහ අෂ්ටවිද්‍යා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්තයහ. යහපත් ගති ඇත්තාහ. සියලු ලෝකයන් දන්නාහ. ශ්‍රේෂ්ඨයහ. හික්මවිය යුතු පුරුෂයන් හික්ම වීමෙහි රියැදුරෙකු වැනියහ. දෙවි මිනිසුන්ට ශාස්තෘහ, චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මයන් අවබෝධ කළහ. භාග්‍යවත්හ. ඒ තථාගතයන්වහන්සේ දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ දෙවි මිනිසුන් සහිතවූ, සත්ව වර්ගයා තමන් උසස් ඤාණයෙන් දැන පැහැදිලිකොට ප්‍රකාශ කරන්නාහ. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ අර්ථ සහිතවූ, බ්‍යංජන සහිතවූ, සියලු ලෙසින් සම්පූර්ණවූ, පිරිසිදුවූ ශාසන මාර්ග බ්‍රහ්මචරියාව ගෙන හැර දක්වති. එබඳුවූ රහතුන්ගේ දැකුම් යහපත්ය”
ඉක්බිති ශාලානම් ගම්වැසි බ්‍රාහ්මණ ගෘහපතීහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියාහුය. පැමිණ, සමහරු භාග්‍යවතුන් වහන්සේට වැඳ එක පැත්තක හුන්නාහුය. සමහරු භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවූහ. සතුටුවිය යුතුවූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා එක පැත්තක උන්හ. සමහරු භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද ඒ දෙසට ඇඳිලි බැඳ (අත් එකට තබා වැඳ) එක පැත්තක උන්හ. සමහරු භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි නාම ගොත්‍රය අස්වා එක පැත්තක උන්හ. සමහරු නිශ්ශබ්දවූ වාහු එක පැත්තක උන්හ.
93
එකමන්තං නිසින්නෙ ඛො සාලෙය්‍යකෙ බ්‍රාහ්මණගහපතිකෙ භගවා එතදවොච - ‘‘අත්ථි පන වො, ගහපතයො, කොචි මනාපො සත්ථා යස්මිං වො ආකාරවතී සද්ධා පටිලද්ධා’’ති? ‘‘නත්ථි ඛො නො, භන්තෙ, කොචි මනාපො සත්ථා යස්මිං නො ආකාරවතී සද්ධා පටිලද්ධා’’ති. ‘‘මනාපං වො, ගහපතයො, සත්ථාරං අලභන්තෙහි අයං අපණ්ණකො ධම්මො සමාදාය වත්තිතබ්බො. අපණ්ණකො හි, ගහපතයො, ධම්මො සමත්තො සමාදින්නො, සො වො භවිස්සති දීඝරත්තං හිතාය සුඛාය. කතමො ච, ගහපතයො, අපණ්ණකො ධම්මො’’?
93
එක පැත්තක උන්නාවූම ශාලානම් ගම්වැසිවූ බ්‍රාහ්මණ ගෘහ පතියන්ට භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළේය “ගෘහපතියෙනි, යමෙකු කෙරෙහි නුඹලා විසින් කරුණු සහිතවූ ශ්‍රද්ධාවක් ලබන ලද්දීද, තොපට එබඳුවූ මනාපවූ කිසියම් ශාස්තෘවරයෙක් ඇත්තේද?”
“ස්වාමීනි, යමෙකු කෙරෙහි අප විසින් කරුණු සහිතවූ ශ්‍රද්ධාවක් ලබන ලද්දීද, අපට එබඳුවූ මනාපවූ කිසියම් ශාස්තෘවරයෙක් නැත්තේය.”
“ගෘහපතියෙනි, මනාපවූ ශාස්තෘවරයෙකු නොලබන්නාවූ තොප විසින් මේ ඒකාන්තවූ ධර්මය සමාදන්ව පැවතිය යුතුයි. ගෘහපතියෙනි, ඒ ධර්මය වනාහී සම්පූර්ණ කරන ලද්දේ සමාදන් වන ලද්දේ එය තොපට බොහෝ කලක් හිත පිණිස සැප පිණිස වන්නේය.
“ගෘහපතියෙනි, ඒකාන්තවූ ධර්ම තෙම කවරේද?
94
‘‘සන්ති , ගහපතයො, එකෙ සමණබ්‍රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං; නත්ථි සුකතදුක්කටානං (සුකටදුක්කටානං (සී. ස්‍යා. කං. පී.)) කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො, නත්ථි පරො ලොකො; නත්ථි මාතා, නත්ථි පිතා; නත්ථි සත්තා ඔපපාතිකා; නත්ථි ලොකෙ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා (සමග්ගතා (ක.)) සම්මා පටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී’ති. තෙසංයෙව ඛො, ගහපතයො, සමණබ්‍රාහ්මණානං එකෙ සමණබ්‍රාහ්මණා උජුවිපච්චනීකවාදා. තෙ එවමාහංසු - ‘අත්ථි දින්නං, අත්ථි යිට්ඨං, අත්ථි හුතං; අත්ථි සුකතදුක්කටානං කම්මානං ඵලං විපාකො; අත්ථි අයං ලොකො, අත්ථි පරො ලොකො; අත්ථි මාතා, අත්ථි පිතා; අත්ථි සත්තා ඔපපාතිකා; අත්ථි ලොකෙ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මා පටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී’ති. තං කිං මඤ්ඤථ, ගහපතයො - ‘නනුමෙ සමණබ්‍රාහ්මණා අඤ්ඤමඤ්ඤස්ස උජුවිපච්චනීකවාදා’’’ති? ‘‘එවං, භන්තෙ’’.
94
“ගෘහපතියෙනි, මෙසේ කියන්නාවූ, මෙසේ දෘෂ්ටි ඇත්තාවූ සමහර මහණ බමුණෝ ඇත්තාහ. දුන් දෙයෙහි විපාක නැත. කරන ලද පූජාවෙහි විපාක නැත. මෙහෙයීමෙන් කරනලද සත්කාරයෙහි විපාක නැත. කුසල කර්මයන්ගේ ඵලයක් නැත. විපාකයක් නැත. මෙලොවක් නැත. පරලොවක් නැත. මවට උපකාර අපකාර කිරීමේ විපාක නැත. පියාට උපකාර අපකාර කිරීමේ විපාක නැත. ඔපපාතික සත්වයෝ නැත. ලෝකයෙහී යම් කෙනෙක් මෙලොවද පරලොවද තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කෙරෙද්ද, එබඳු යහපත් මාර්ගයෙහි ගමන් කරන්නාවූ මනා කොට පිළිපදින්නාවූ මහණ බමුණෝ නැතැයි ගෘහපතියෙනි, ඒ මහණ බමුණන්ට සමහර මහණ බමුණෝ කෙළින්ම විරුද්ධවාද ඇත්තෝ වෙත්. ඔව්හු මෙසේ කියත්. දුන් දෙයෙහි විපාක ඇත. කරන ලද පූජාවෙහි විපාක ඇත මෙහෙයීමෙන් කරණලද සත්කාරයෙහි විපාක ඇත. කුසලා කුසල කර්මයන්ගේ ඵලයක් විපාකයක් ඇත. මෙලොවක් ඇත. පරලොවක් ඇත. මවට උපකාර අපකාර කිරීමේ විපාක ඇත. පියාට උපකාර අපකාර කිරීමේ විපාක ඇත. ඔපපාතික සත්වයෝ ඇත. යම් කෙනෙක් මෙලොවද පරලොවද තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කෙරෙත්ද, එබඳුවූ යහපත් මග ගමන් කරන්නාවූ මනාව පිළිපන්නාවූ මහණ බමුණෝ ලෝකයෙහි ඇත්තාහ’යි. ගෘහපතියෙනි, ඒ කුමකැයි හඟිව්ද? මේ මහණ බමුණෝ ඔවුනොවුන්ට කෙළින්ම විරුද්ධවාද ඇත්තෝ නොවෙත්ද?”
“එසේය, ස්වාමීනි.”
95
‘‘තත්‍ර, ගහපතයො, යෙ තෙ සමණබ්‍රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘නත්ථි දින්නං, නත්ථි යිට්ඨං...පෙ.... යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී’ති තෙසමෙතං පාටිකඞ්ඛං? යමිදං (යදිදං (ක.)) කායසුචරිතං, වචීසුචරිතං, මනොසුචරිතං - ඉමෙ තයො කුසලෙ ධම්මෙ අභිනිවජ්ජෙත්වා (අභිනිබ්බජ්ජෙත්වා (ස්‍යා. කං.), අභිනිබ්බිජ්ජිත්වා (ක.)) යමිදං (යදිදං (ක.)) කායදුච්චරිතං, වචීදුච්චරිතං, මනොදුච්චරිතං - ඉමෙ තයො අකුසලෙ ධම්මෙ සමාදාය වත්තිස්සන්ති. තං කිස්ස හෙතු? න හි තෙ භොන්තො සමණබ්‍රාහ්මණා පස්සන්ති අකුසලානං ධම්මානං ආදීනවං ඔකාරං සංකිලෙසං, කුසලානං ධම්මානං නෙක්ඛම්මෙ ආනිසංසං වොදානපක්ඛං. සන්තංයෙව පන පරං ලොකං ‘නත්ථි පරො ලොකො’ තිස්ස දිට්ඨි හොති; සාස්ස හොති මිච්ඡාදිට්ඨි. සන්තංයෙව ඛො පන පරං ලොකං ‘නත්ථි පරො ලොකො’ති සඞ්කප්පෙති; ස්වාස්ස හොති මිච්ඡාසඞ්කප්පො. සන්තංයෙව ඛො පන පරං ලොකං ‘නත්ථි පරො ලොකො’ති වාචං භාසති; සාස්ස හොති මිච්ඡාවාචා. සන්තංයෙව ඛො පන පරං ලොකං ‘නත්ථි පරො ලොකො’ති ආහ; යෙ තෙ අරහන්තො පරලොකවිදුනො තෙසමයං පච්චනීකං කරොති. සන්තංයෙව ඛො පන පරං ලොකං ‘නත්ථි පරො ලොකො’ති පරං සඤ්ඤාපෙති (පඤ්ඤාපෙති (ක.)); සාස්ස හොති අසද්ධම්මසඤ්ඤත්ති (අස්සද්ධම්මපඤ්ඤත්ති (ක.)). තාය ච පන අසද්ධම්මසඤ්ඤත්තියා අත්තානුක්කංසෙති, පරං වම්භෙති. ඉති පුබ්බෙව ඛො පනස්ස සුසීල්‍යං පහීනං හොති, දුස්සීල්‍යං පච්චුපට්ඨිතං - අයඤ්ච මිච්ඡාදිට්ඨි මිච්ඡාසඞ්කප්පො මිච්ඡාවාචා අරියානං පච්චනීකතා අසද්ධම්මසඤ්ඤත්ති අත්තුක්කංසනා පරවම්භනා. එවමස්සිමෙ (එවං’සි’මෙ’ (සී. ස්‍යා. කං. පී.)) අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති මිච්ඡාදිට්ඨිපච්චයා.
‘‘තත්‍ර , ගහපතයො, විඤ්ඤූ පුරිසො ඉති පටිසඤ්චික්ඛති - ‘සචෙ ඛො නත්ථි පරො ලොකො එවමයං භවං පුරිසපුග්ගලො කායස්ස භෙදා සොත්ථිමත්තානං කරිස්සති; සචෙ ඛො අත්ථි පරො ලොකො එවමයං භවං පුරිසපුග්ගලො කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජිස්සති. කාමං ඛො පන මාහු පරො ලොකො, හොතු නෙසං භවතං සමණබ්‍රාහ්මණානං සච්චං වචනං; අථ ච පනායං භවං පුරිසපුග්ගලො දිට්ඨෙව ධම්මෙ විඤ්ඤූනං ගාරය්හො - දුස්සීලො පුරිසපුග්ගලො මිච්ඡාදිට්ඨි නත්ථිකවාදො’ති. සචෙ ඛො අත්ථෙව පරො ලොකො, එවං ඉමස්ස භොතො පුරිසපුග්ගලස්ස උභයත්ථ කලිග්ගහො - යඤ්ච දිට්ඨෙව ධම්මෙ විඤ්ඤූනං ගාරය්හො, යඤ්ච කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජිස්සති. එවමස්සායං අපණ්ණකො ධම්මො දුස්සමත්තො සමාදින්නො, එකංසං ඵරිත්වා තිට්ඨති, රිඤ්චති කුසලං ඨානං.
95
“ගෘහපතියෙනි, එහි යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහුවෙත්ද (එනම්) ‘දුන් දෙයෙහි විපාක නැත. කුසලා කුසලා කර්මයන්ගේ ඵලයක් විපාකයක් නැත. මෙලොවක් නැත. පරලොවක් නැත. මවට සංග්‍රහ කිරීමේ විපාක නැත. පියාට සංග්‍රහ කිරීමේ විපාක නැත. ඔපපාතික සත්වයෝ නැත. යම් කෙනෙක් මෙලොවද පරලොවද තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කෙරෙත්ද, එබඳුවූ යහපත් මග ගමන් කරන්නාවූ මනා කොට පිළි පන්නාවූ මහණ බමුණෝ ලොව නැත්තාහයි’ කියත්ද, ඔවුන් යම් මේ කයින් මනාව හැසිරීමය, වචනයෙන් මනාව හැසිරීමය, සිතින් මනාව හැසිරීමය, යන මේ කුසල ධර්ම තුන දුරුකොට යම් මේ කයින් නොමනා හැසිරීමය, වචනයෙන් නොමනා හැසිරීමය, සිතින් නොමනා හැසිරීමය, යන මේ අකුසල ධර්මතුන සමාදන්ව පවතින්නාහුය, යන මෙය කැමතිවිය යුතුයි. ඊට හේතු කවරේද? ඒ පින්වත් මහණ බමුණෝ අකුසල ධර්මයන්ගේ දෝෂය ලාමක බව කෙලෙසීම, කුසල ධර්මයන්ගේද නෛෂ්ක්‍රම්‍යයෙහි, (අත්හැර දැමීම) ආනිශංසය පිරිසිදු පක්ෂය නොමදකිත්. ඇත්තාවූම පරලොව පරලොවක් නැතැයි ඔහුගේ දෘෂ්ටිය වෙයි. එය මොහුගේ මිථ්‍යා දෘෂ්ටිය වේ. ඇත්තා වූම පරලොව (ගැණ) පරලොවක් නැතැයි කල්පනා කරයි. එය ඔහුගේ මිථ්‍යා කල්පනාව වේ. ඇත්තාවූම පරලොව (ගැන) පරලොවෙක් නැත යන වචනය කියයි. එය මොහුගේ මිථ්‍යා වචනයවේ. ඇත්තාවූම පරලොව (ගැන) පරලොවෙක් නැතැයි කියයි. යම් ඒ පරලොව දන්නාවූ රහත්හු වෙත්ද ඔවුන්ට මෙතෙම විරුද්ධ වෙයි. ඇත්තාවූම පරලොව (ගැන) පරලොවෙක් නැතැයි අනුන්ට හඟවයි. ඒ ඔහුගේ අසත්‍ය ධර්මය හැඟවීමවේ. ඒ අසත්‍යවූ ධර්මය හැඟවීමෙන්ද තමන් උසස් කෙරෙයි. අනුන් පහත් කෙරෙයි. මෙසේ පළමු කොටම ඔහුගේ සිල්වත් බව දුරුවූයේ වෙයි. දුශ්ශීල භාවය එළඹ සිටියේ වෙයි. මේ මිථ්‍යා දෘෂ්ටියද, මිථ්‍යා කල්පනාවද, මිථ්‍යා වචනයද, ආර්‍ය්‍යයන්ට විරුද්ධවීමද, අසත්‍යවූ ධර්මය හැඟවීමද, තමා උසස් කිරීමද, අනුන් පහත් කිරීමදැයි මෙසේ ඔහුට මේ නොයෙක් ලාමකවූ අකුසල ධර්මයෝ මිථ්‍යා දෘෂ්ටි හේතුවෙන් හටගණිත්.
“ගෘහපතියෙනි, එහි නුවණැති පුරුෂ තෙම මෙසේ කල්පනා කරයි. ඉදින් වනාහී පරලොවෙක් නැත්නම් මෙසේ මේ පින්වත් පුරුෂ පුද්ගලතෙම ශරීරයාගේ භෙදයෙන් තමහට සුවයක් කරන්නේය. ඉදින් වනාහී පරලොවෙක් ඇත්නම් මෙසේ මේ පින්වත් පුරුෂ පුද්ගලතෙම ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ දුක් වන්නාවූ විනාසයට පත් වන්නාවූ නරකයෙහි උපදින්නේය. ඒකාන්තයෙන් පරලොවෙක් නොතිබේවා ඒ පින්වත් මහණ බමුණන්ගේ වචනය සත්‍යවේවා. එතකුදුවුවත් මේ පින්වත් පුරුෂ පුද්ගලතෙම, මේ ආත්මයෙහිම නුවණැත්තන්ගේ ගැරහීමට සුදුසුවූයේ වෙයි. දුශ්ශීලවූ පුරුෂ පුද්ගලතෙම නාස්තීකවාද ඇති මිථ්‍යා දෘෂ්ටිකයෙක් වෙයි, ඉදින් වනාහී පරලොවෙක් ඇත්තේ නම් මේ ආත්මයෙහිම නුවණැත්තන්ගේ ගැරහීමට සුදුසුය, යන යමක් ඇද්ද ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ දුක් වන්නාවූ විනාසයට පත්වන්නාවූ නරකයෙහි උපදින්නේය, යන යමකුත් ඇද්ද, මෙසේ මේ පින්වත් පුරුෂ පුද්ගලයාගේ දෙලොව පරාජය ගන්නේවේ. මෙසේ මොහුගේ මේ එකාන්ත ධර්මය තෙම නපුරුකොට සම්පූර්ණ කරන ලද්දේ සමාදන්වන ලද්දේ එක් කොටසක් පැතිර සිටියි. කුසල්වූ කාරණය හිස්වෙයි.
96
‘‘තත්‍ර , ගහපතයො, යෙ තෙ සමණබ්‍රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘අත්ථි දින්නං...පෙ.... යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී’ති තෙසමෙතං පාටිකඞ්ඛං? යමිදං කායදුච්චරිතං, වචීදුච්චරිතං, මනොදුච්චරිතං - ඉමෙ තයො අකුසලෙ ධම්මෙ අභිනිවජ්ජෙත්වා යමිදං කායසුචරිතං, වචීසුචරිතං, මනොසුචරිතං - ඉමෙ තයො කුසලෙ ධම්මෙ සමාදාය වත්තිස්සන්ති. තං කිස්ස හෙතු? පස්සන්ති හි තෙ භොන්තො සමණබ්‍රාහ්මණා අකුසලානං ධම්මානං ආදීනවං ඔකාරං සංකිලෙසං, කුසලානං ධම්මානං නෙක්ඛම්මෙ ආනිසංසං වොදානපක්ඛං. සන්තංයෙව ඛො පන පරං ලොකං ‘අත්ථි පරො ලොකො’ තිස්ස දිට්ඨි හොති; සාස්ස හොති සම්මාදිට්ඨි. සන්තංයෙව ඛො පන පරං ලොකං ‘අත්ථි පරො ලොකො’ති සඞ්කප්පෙති; ස්වාස්ස හොති සම්මාසඞ්කප්පො. සන්තංයෙව ඛො පන පරං ලොකං ‘අත්ථි පරො ලොකො’ති වාචං භාසති; සාස්ස හොති සම්මාවාචා. සන්තංයෙව ඛො පන පරං ලොකං ‘අත්ථි පරො ලොකො’ති ආහ; යෙ තෙ අරහන්තො පරලොකවිදුනො තෙසමයං න පච්චනීකං කරොති. සන්තංයෙව ඛො පන පරං ලොකං ‘අත්ථි පරො ලොකො’ති පරං සඤ්ඤාපෙති; සාස්ස හොති සද්ධම්මසඤ්ඤත්ති. තාය ච පන සද්ධම්මසඤ්ඤත්තියා නෙවත්තානුක්කංසෙති, න පරං වම්භෙති. ඉති පුබ්බෙව ඛො පනස්ස දුස්සීල්‍යං පහීනං හොති, සුසීල්‍යං පච්චුපට්ඨිතං - අයඤ්ච සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා අරියානං අපච්චනීකතා සද්ධම්මසඤ්ඤත්ති අනත්තුක්කංසනා අපරවම්භනා. එවමස්සිමෙ අනෙකෙ කුසලා ධම්මා සම්භවන්ති සම්මාදිට්ඨිපච්චයා.
‘‘තත්‍ර, ගහපතයො, විඤ්ඤූ පුරිසො ඉති පටිසඤ්චික්ඛති - ‘සචෙ ඛො අත්ථි පරො ලොකො , එවමයං භවං පුරිසපුග්ගලො කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සති. කාමං ඛො පන මාහු පරො ලොකො, හොතු නෙසං භවතං සමණබ්‍රාහ්මණානං සච්චං වචනං; අථ ච පනායං භවං පුරිසපුග්ගලො දිට්ඨෙව ධම්මෙ විඤ්ඤූනං පාසංසො - සීලවා පුරිසපුග්ගලො සම්මාදිට්ඨි අත්ථිකවාදො’ති. සචෙ ඛො අත්ථෙව පරො ලොකො, එවං ඉමස්ස භොතො පුරිසපුග්ගලස්ස උභයත්ථ කටග්ගහො - යඤ්ච දිට්ඨෙව ධම්මෙ විඤ්ඤූනං පාසංසො, යඤ්ච කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සති. එවමස්සායං අපණ්ණකො ධම්මො සුසමත්තො සමාදින්නො, උභයංසං ඵරිත්වා තිට්ඨති, රිඤ්චති අකුසලං ඨානං.
96
“ගෘහපතියෙනි, එහි යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, (එනම්) දුන් දෙයෙහි විපාක ඇත. කරනලද පූජාවෙහි විපාක ඇත. මෙහෙයීමෙන් කළ සත්කාරයෙහි විපාක ඇත. මනාව කළ නොමනාව කළ කර්මයන්ගේ ඵලයක් විපාකයක් ඇත. මෙලොවක් ඇත. පරලොවක් ඇත මවට උපකාර කිරීමේ විපාක ඇත. පියාට උපකාර කිරීමේ විපාක ඇත. ඔපපාතික සත්වයෝ ඇත්තාහ. යම් කෙනෙක් මෙලොවද පරලොවද තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට ප්‍රකාශ කෙරෙත්ද, එබඳුවූ යහපත් මග ගමන් කරන්නාවූ මනාව පිළිපන්නාවූ මහණ බමුණෝ ලෝකයෙහි ඇත්තාහ, ඔවුන් පිළිබඳව මෙය කැමති වියයුතුයි. යම් මේ කයින් නොමනා හැසිරීමක් වේද, වචනයෙන් නොමනා හැසිරීමක් වේද, සිතින් නොමනා හැසිරීමක් වේද, මේ අකුසල ධර්මතුන දුරු කොට යම් මේ කයින් මනා හැසිරීමක් වේද, වචනයෙන් මනා හැසිරීමක් වේද, සිතින් මනා හැසිරීමක් වේද, මේ කුසල ධර්ම තුන සමාදන්ව පවතින්නාහුය. ඊට හේතු කවරේද? ඒ පින්වත් මහණ බමුණෝ අකුසල ධර්මයන්ගේ දෝෂය ලාමක බව කෙලෙසීමද, කුසල ධර්මයන්ගේද නෛෂ්ක්‍රම්‍යයෙහිද ආනිසංසය පිරිසිදු පක්ෂය දකිත්මය. ඇත්තාවූම පරලොව (ගැන) පරලොවක් ඇතැයි ඔහුගේ දෘෂ්ටිය වෙයි. ඕ තොමෝ ඔහුගේ සම්‍යක් දෘෂ්ටිය වේ. ඇත්තාවූම පරලොව (ගැණ) පරලොවක් ඇතැයි කල්පනා කරයි. හෙතෙම මොහුගේ සම්‍යක් කල්පනාව වේ. ඇත්තාවූම පරලොව (ගැණ) පරලොවක් ඇත යන වචනය කියයි. එය මොහුගේ (යහපත් වචනය) සම්‍යක් වාචාවවේ ඇත්තාවූම පරලොව ගැණ පරලොවක් ඇතැයි කීයේද පරලොව දන්නාවූ යම් ඒ රහත්හු වෙත්ද, ඔවුන්ට මෙතෙම විරුද්ධවූවෙක් නොවෙයි.
“ඇත්තාවූම පරලොව (ගැන) පරලොවක් ඇතැයි අනුන්ට හඟවාද එය මොහුගේ සත්‍යවූ ධර්මය හැඟවීම වේ. ඒ සත්‍යවූ ධර්මය හැඟවීමෙන්ද තමා නොම උසස් කෙරෙයි. අනුන් නොම පහත් කෙරෙයි. මෙසේ පළමු කොටම මොහුගේ දුශ්ශීල භාවය දුරුවූයේ වෙයි. සුසීල භාවය එළඹ සිටියේ වෙයි. මේ සම්‍යක් දෘෂ්ටියද, සම්‍යක් කල්පනාවද, සම්‍යක් වචනයද, ආර්‍ය්‍යයන්ට විරුද්ධ නොවීමද, සත්‍යවූ ධර්මය හැඟවීමද, තමා උසස් නොකිරීමද, අනුන් පහත් නොකිරීමදැයි මෙසේ මොහුට මේ නොයෙක් කුසල ධර්මයෝ සම්‍යක් දෘෂ්ටි හේතුවෙන් හටගණිත්.
“ගෘහපතියෙනි, ඔවුන් අතරෙහි නුවණැති පුරුෂයෙක් මෙසේ කල්පනා කරයි. ඉදින් වනාහී පරලොවක් ඇත්නම් මෙසේ මේ පින්වත් පුරුෂ පුද්ගලතෙම ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍ය ලෝකයෙහි උපදින්නේය. ඒකාන්තයෙන්ම පරලොවක් නොවේවා, ඒ පින්වත් මහණ බමුණන්ගේ වචනය සත්‍ය වේවා. එතකුදුවූවත් මේ පින්වත් පුරුෂ පුද්ගල තෙම මේ ආත්මයෙහි නුවණැත්තන්ගේ ප්‍රශංසාවට සුදුසුවේ. සිල්වත්වූ පුරුෂ පුද්ගල තෙම අස්තීකවාද ඇත්තේ, සම්‍යක් දෘෂ්ටිකයෙක් වෙයි, ඉදින් වනාහී පරලොවක් ඇත්තේමද මෙසේ මේ පින්වත් පුරුෂ පුද්ගලයාගේ මේ ආත්මයෙහිම නුවණැත්තන්ගේ පැසසීමට සුදුසුය යන යමක්වේද, ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දෙව්ලොව උපදින්නේය යන යමකුත් වේද, යන මේ දෙලොවෙහි ජය ගැණීම වේ. මෙසේ මොහුගේ මේ එකාන්ත ධර්මය තෙම මනාව සම්පූර්ණ කරන ලද්දේ සමාදන් වන ලද්දේ දෙපසම පැතිර සිටියි. අකුසලය හිස්වේ.
97
‘‘සන්ති, ගහපතයො, එකෙ සමණබ්‍රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘කරොතො කාරයතො, ඡින්දතො ඡෙදාපයතො, පචතො පාචාපයතො, සොචයතො සොචාපයතො, කිලමතො කිලමාපයතො, ඵන්දතො ඵන්දාපයතො, පාණමතිපාතයතො (පාණමතිමාපයතො (සී. පී.), පාණමතිපාතාපයතො (ස්‍යා. කං.), පාණමතිපාපයතො (ක.)), අදින්නං ආදියතො, සන්ධිං ඡින්දතො, නිල්ලොපං හරතො, එකාගාරිකං කරොතො, පරිපන්ථෙ තිට්ඨතො, පරදාරං ගච්ඡතො, මුසා භණතො; කරොතො න කරීයති පාපං. ඛුරපරියන්තෙන චෙපි චක්කෙන යො ඉමිස්සා පථවියා පාණෙ එකං මංසඛලං එකං මංසපුඤ්ජං කරෙය්‍ය, නත්ථි තතොනිදානං පාපං, නත්ථි පාපස්ස ආගමො. දක්ඛිණඤ්චෙපි ගඞ්ගාය තීරං ගච්ඡෙය්‍ය හනන්තො ඝාතෙන්තො, ඡින්දන්තො ඡෙදාපෙන්තො, පචන්තො පාචෙන්තො; නත්ථි තතොනිදානං පාපං, නත්ථි පාපස්ස ආගමො. උත්තරඤ්චෙපි ගඞ්ගාය තීරං ගච්ඡෙය්‍ය දදන්තො දාපෙන්තො, යජන්තො යජාපෙන්තො; නත්ථි තතොනිදානං පුඤ්ඤං, නත්ථි පුඤ්ඤස්ස ආගමො. දානෙන දමෙන සංයමෙන සච්චවජ්ජෙන (සච්චවාචෙන (ක.)) නත්ථි පුඤ්ඤං, නත්ථි පුඤ්ඤස්ස ආගමො’ති. තෙසංයෙව ඛො, ගහපතයො, සමණබ්‍රාහ්මණානං එකෙ සමණබ්‍රාහ්මණා උජුවිපච්චනීකවාදා තෙ එවමාහංසු - ‘කරොතො කාරයතො, ඡින්දතො ඡෙදාපයතො, පචතො පාචාපයතො, සොචයතො සොචාපයතො, කිලමතො කිලමාපයතො, ඵන්දතො ඵන්දාපයතො, පාණමතිපාතයතො, අදින්නං ආදියතො, සන්ධිං ඡින්දතො, නිල්ලොපං හරතො, එකාගාරිකං කරොතො, පරිපන්ථෙ තිට්ඨතො, පරදාරං ගච්ඡතො, මුසා භණතො; කරොතො කරීයති පාපං. ඛුරපරියන්තෙන චෙපි චක්කෙන යො ඉමිස්සා පථවියා පාණෙ එකං මංසඛලං එකං මංසපුඤ්ජං කරෙය්‍ය, අත්ථි තතොනිදානං පාපං, අත්ථි පාපස්ස ආගමො. දක්ඛිණඤ්චෙපි ගඞ්ගාය තීරං ගච්ඡෙය්‍ය හනන්තො ඝාතෙන්තො, ඡින්දන්තො ඡෙදාපෙන්තො, පචන්තො පාචෙන්තො; අත්ථි තතොනිදානං පාපං, අත්ථි පාපස්ස ආගමො. උත්තරඤ්චෙපි ගඞ්ගාය තීරං ගච්ඡෙය්‍ය දදන්තො දාපෙන්තො, යජන්තො යජාපෙන්තො; අත්ථි තතොනිදානං පුඤ්ඤං, අත්ථි පුඤ්ඤස්ස ආගමො. දානෙන දමෙන සංයමෙන සච්චවජ්ජෙන අත්ථි පුඤ්ඤං, අත්ථි පුඤ්ඤස්ස ආගමො’ති. තං කිං මඤ්ඤථ, ගහපතයො, නනුමෙ සමණබ්‍රාහ්මණා අඤ්ඤමඤ්ඤස්ස උජුවිපච්චනීකවාදා’’ති? ‘‘එවං, භන්තෙ’’.
97
“ගෘහපතියෙනි, මෙබඳු වාද ඇත්තාවූ, මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ, ඇතැම් මහණ බමුණෝ වෙත්. (එනම්) ‘කරන්නාහට, කරවන්නාහට, සිඳින්නාහට, සිඳුවන්නාහට, දන්ඩෙන් පීඩා කරන්නාහට, පීඩා කරවන්නාහට, සෝක කරවන්නාහට, ක්ලාන්ත කරන්නාහට, කම්පනය කරන්නාහට, කරවන්නාහට, සතුන් මැරීම කරන්නාහට, කරවන්නාහට, නුදුන් දෙය ගන්නාහට, ගම් පහරන්නාහට, මං පහරන්නාහට, මහත්වූ පැහැර ගැණීම් කරන්නාහට, එක ගෙයක් වට කොට පැහැර ගන්නාහට, මංකොල්ල කෑමෙහි සිටින්නාහට, අනුන්ගේ අඹුවන් කරා යන්නාහට, බොරු කියන්නාහට කරන්නාහට, පාපයක් නැත. මුවහත් කෙළවර ඇති චක්‍රයකින්ද යමෙක් මේ පෘථුවියෙහි ප්‍රාණීන් එක මස් ගොඩක් එක මස් රැසක් කරන්නේද, ඒ හේතුවෙන් පවක් නැත. පාපයාගේ පැමිණීමක් නැත. ගංගානම් ගඟේ දකුණු ඉවුරටද නසමින් විනාශ කරවමින් සිඳිමින් පීඩා කරමින් යන්නේද ඒ හේතුවෙන් පාපයක් නැත. පාපයාගේ පැමිණීමක් නැත. ගංගා නම් ගඟේ උතුරු ඉවුරටද දෙමින් දෙවමින් පුදමින් පූජා කරවමින් යන්නේද, ඒ හේතුවෙන් පිනක් නැත. පින් පැමිණීමක් නැත. දීමෙන් ඉන්ද්‍රිය දමනයෙන් සංවරයෙන් සත්‍ය වචනයෙන් පිනක් නැත පින් පැමිණීමක් නැත’ කියායි.
“ගෘහපතියෙනි, ඒ මහණ බමුණන්ටද ඇතැම් මහණ බමුණෝ කෙළින් විරුද්ධ වාද ඇත්තෝ වෙත්. ඔව්හු මෙසේ කීවාහුය. ‘කරන්නාහට, කරවන්නාහට, සිඳින්නාහට සිඳවන්නාහට, පෙළන්නාහට, පෙළීම කරවන්නාහට, ශෝකය කරවන්නාහට, ක්ලාන්ත කරවන්නාහට, කම්පනය කරන්නාහට, කරවන්නාහට, සතුන් මරන්නාහට, මරවන්නාහට, නුදුන් දෙය ගන්නාහට, ගම්පහරන්නාහට, බලාත්කාරකමින් ගන්නාහට, එක්ගෙයක් පැහැර ගැනීම කරන්නාහට, මං පැහැරීමෙහි සිටින්නාහට, අන් අඹුවන් කරා යන්නාහට, බොරු කියන්නාහට, කරන්නාහට පාපය ඇත. මුවහත් කෙළවර ඇති චක්‍රයකින් යමෙක් මේ පෘථිවියෙහි ප්‍රාණීන් එක මස් ගොඩක්, එක මස් රැසක් කරන්නේද, ඒ හේතුවෙන් පාපය ඇත්තේය. පාපයාගේ පැමිණීම ඇත්තේය. ගංගානම් ගඟේ දකුණු ඉවුරද නසමින් නැසීම කරවමින්, සිඳිමින්, සිඳවමින්, පෙළමින්, පෙළවමින් යන්නේද, ඒ හේතුවෙන් පාපය ඇත්තේය. පාපයාගේ පැමිණීම ඇත්තේය ගංගානම් ගඟේ උතුරු ඉවුරදක්වා දෙමින්, දෙවමින්, පුදමින්, පුදවමින්, යන්නේද, ඒ හේතුවෙන් පිනක් ඇත්තේය. පින් පැමිණීම ඇත්තේය. දීමෙන් ඉන්ද්‍රිය දමනයෙන් සීල සංවරයෙන් සත්‍ය වචනයෙන් පින ඇත්තේය. පින් පැමිණීම ඇත්තේය, (කියායි.)
“ගෘහපතියෙනි, ඒ කුමකැයි හඟිව්ද, මේ මහණ බමුණෝ ඔවුනොවුන්ට කෙළින් විරුද්ධ වාද ඇත්තෝ නොවෙත්ද? “එසේය ස්වාමීනි”
98
‘‘තත්‍ර, ගහපතයො, යෙ තෙ සමණබ්‍රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘කරොතො කාරයතො, ඡින්දතො ඡෙදාපයතො, පචතො පාචාපයතො, සොචයතො සොචාපයතො, කිලමතො කිලමාපයතො, ඵන්දතො ඵන්දාපයතො, පාණමතිපාතයතො, අදින්නං ආදියතො, සන්ධිං ඡින්දතො, නිල්ලොපං හරතො, එකාගාරිකං කරොතො, පරිපන්ථෙ තිට්ඨතො, පරදාරං ගච්ඡතො, මුසා භණතො; කරොතො න කරීයති පාපං. ඛුරපරියන්තෙන චෙපි චක්කෙන යො ඉමිස්සා පථවියා පාණෙ එකං මංසඛලං එකං මංසපුඤ්ජං කරෙය්‍ය, නත්ථි තතොනිදානං පාපං, නත්ථි පාපස්ස ආගමො. දක්ඛිණඤ්චෙපි ගඞ්ගාය තීරං ගච්ඡෙය්‍ය හනන්තො ඝාතෙන්තො...පෙ.... දානෙන දමෙන සංයමෙන සච්චවජ්ජෙන නත්ථි පුඤ්ඤං, නත්ථි පුඤ්ඤස්ස ආගමො’ති තෙසමෙතං පාටිකඞ්ඛං? යමිදං කායසුචරිතං, වචීසුචරිතං, මනොසුචරිතං - ඉමෙ තයො කුසලෙ ධම්මෙ අභිනිවජ්ජෙත්වා යමිදං කායදුච්චරිතං, වචීදුච්චරිතං, මනොදුච්චරිතං - ඉමෙ තයො අකුසලෙ ධම්මෙ සමාදාය වත්තිස්සන්ති. තං කිස්ස හෙතු? න හි තෙ භොන්තො සමණබ්‍රාහ්මණා පස්සන්ති අකුසලානං ධම්මානං ආදීනවං ඔකාරං සංකිලෙසං, කුසලානං ධම්මානං නෙක්ඛම්මෙ ආනිසංසං වොදානපක්ඛං. සන්තංයෙව ඛො පන කිරියං ‘නත්ථි කිරියා’ තිස්ස දිට්ඨි හොති; සාස්ස හොති මිච්ඡාදිට්ඨි. සන්තංයෙව ඛො පන කිරියං ‘නත්ථි කිරියා’ති සඞ්කප්පෙති; ස්වාස්ස හොති මිච්ඡාසඞ්කප්පො. සන්තංයෙව ඛො පන කිරියං ‘නත්ථි කිරියා’ති වාචං භාසති; සාස්ස හොති මිච්ඡාවාචා. සන්තංයෙව ඛො පන කිරියං ‘නත්ථි කිරියා’ති ආහ, යෙ තෙ අරහන්තො කිරියවාදා තෙසමයං පච්චනීකං කරොති. සන්තංයෙව ඛො පන කිරියං ‘නත්ථි කිරියා’ති පරං සඤ්ඤාපෙති; සාස්ස හොති අසද්ධම්මසඤ්ඤත්ති. තාය ච පන අසද්ධම්මසඤ්ඤත්තියා අත්තානුක්කංසෙති, පරං වම්භෙති. ඉති පුබ්බෙව ඛො පනස්ස සුසීල්‍යං පහීනං හොති, දුස්සීල්‍යං පච්චුපට්ඨිතං - අයඤ්ච මිච්ඡාදිට්ඨි මිච්ඡාසඞ්කප්පො මිච්ඡාවාචා අරියානං පච්චනීකතා අසද්ධම්මසඤ්ඤත්ති අත්තුක්කංසනා පරවම්භනා. එවමස්සිමෙ අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති මිච්ඡාදිට්ඨිපච්චයා.
‘‘තත්‍ර, ගහපතයො, විඤ්ඤූ පුරිසො ඉති පටිසඤ්චික්ඛති - ‘සචෙ ඛො නත්ථි කිරියා, එවමයං භවං පුරිසපුග්ගලො කායස්ස භෙදා සොත්ථිමත්තානං කරිස්සති; සචෙ ඛො අත්ථි කිරියා එවමයං භවං පුරිසපුග්ගලො කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජිස්සති. කාමං ඛො පන මාහු කිරියා, හොතු නෙසං භවතං සමණබ්‍රාහ්මණානං සච්චං වචනං; අථ ච පනායං භවං පුරිසපුග්ගලො දිට්ඨෙව ධම්මෙ විඤ්ඤූනං ගාරය්හො - දුස්සීලො පුරිසපුග්ගලො මිච්ඡාදිට්ඨි අකිරියවාදො’ති. සචෙ ඛො අත්ථෙව කිරියා, එවං ඉමස්ස භොතො පුරිසපුග්ගලස්ස උභයත්ථ කලිග්ගහො - යඤ්ච දිට්ඨෙව ධම්මෙ විඤ්ඤූනං ගාරය්හො, යඤ්ච කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජිස්සති. එවමස්සායං අපණ්ණකො ධම්මො දුස්සමත්තො සමාදින්නො, එකංසං ඵරිත්වා තිට්ඨති, රිඤ්චති කුසලං ඨානං.
98
“ස්වාමීනි, ඔවුන් අතුරෙහි යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්ද, (එනම්) කරන්නාහට කරවන්නාහට, සිඳින්නාහට, තළන්නාහට, තළවන්නාහට, ශොක ඇති කරන්නාහට, ශෝකය ඇතිකරවන්නාහට, ක්ලාන්ත කරවන්නාහට, කම්පා කරන්නාහට කරවන්නාහට, සතුන් මරන්නාහට මරවන්නාහට, නුදුන්දෙය ගන්නාහට බලාත්කාරයෙන් ගන්නාහට, එක් ගෙයක් පැහැර ගැනීම කරන්නාහට, මං පහරන්නාහට, අන් අඹුවන් කරා යන්නාහට, බොරු කියන්නාහට, කිසියම් පවක් කරමියි සිතා කළත් පවු නැත. කෙළවර මුවහත් ඇති චක්‍රයකින්ද යමෙක් මේ පොළවෙහි ප්‍රාණීන් එක මස් රැසක් කරන්නේද, ඒ හේතුවෙන් පාපයක් නැත. පාපයාගේ පැමිණීමක් නැත. ගංගා නම් ගඟේ දකුණු ඉවුර දක්වා නසමින්, නැසීම කරවමින්, සිඳිමින්, සිඳීම කරවමින්, තලමින් තැළීම කරවමින් යන්නේ නම්, ඒ හේතුවෙන්ද පවක් නැත. පාපයාගේ පැමිණීමක් නැත. ඉදින් ගංගා නම් ගඟේ උතුරු ඉවුර දක්වාද දෙමින්, දෙවමින්, පුදමින්, පුදවමින් යන්නේ නම් ඒ හේතුවෙන් පිණක්ද නැත. පුණ්‍යයාගේ පැමිණීමක්ද නැත. දීමෙන් ඉන්ද්‍රිය දමනයෙන් සීලසංවරයෙන් සත්‍ය වචනයෙන් පිණක් නැත. පුණ්‍යයාගේ පැමිණීමක් නැත. කියා’යි.
“ඔවුන් පිළිබඳව මෙය කැමති විය යුතුයි. යම් මේ කයින් මනා හැසිරීමක් වේද, වචනයෙන් මනා හැසිරීමක් වේද, සිතින් මනා හැසිරීමක් වේද, මේ කුශල ධර්ම තුන දුරු කොට යම් මේ කයින් නොමනා හැසිරීමක් වේද, වචනයෙන් නොමනා හැසිරීමක් වේද, සිතින් නොමනා හැසිරීමක්වේද මේ අකුශල ධර්ම තුන සමාදන්ව වසන්නාහුය. ඊට හේතු කවරේද? ඒ පින්වත් මහණ බමුණෝ අකුසල ධර්මයන්ගේ දෝෂය, ලාමකබව, කෙලෙසීමද කුසල ධර්මයන්ගේද කම් සැප අත්හැරීමෙහිද ආනිසංසය, පිරිසිදු බව නොදකිත්මය.
“ඇත්තාවූම පව් පින් කිරීම නැත යනු මොහුගේ දෘෂ්ටිය වෙයි. මෙය ඔහුගේ මිථ්‍යා දෘෂ්ටිය වේ. ඇත්තාවූම ක්‍රියාව (ගැන) පව් පින් කිරීම නැතැයි කල්පනා කරයි. එය මොහුගේ මිථ්‍යා කල්පනාව වෙයි. ඇත්තාවූම පව් පින් කිරීම නැත යන වචනය කියයි. මෙය මොහුගේ මිථ්‍යා වචනය වෙයි. ඇත්තාවූම කිරීමක් නැතැයි කීය. යම් ඒ රහත් කෙනෙක් ක්‍රියා වාද ඇත්තෝ වෙත්ද, ඔවුන්ට හෙතෙම විරුද්ධ වෙයි. ඇත්තාවූම ක්‍රියාව ගැන ක්‍රියාවක් නැතැයි අනුන්ට හඟවයි. මෙය මොහුගේ අසත්‍යවූ ධර්මය හැඟවීම වේ. ඒ අසත්‍යවූ ධර්මය හැඟවීමෙන්ද තමන් උසස් කරයි. අනුන් පහත් කරයි. මෙසේ පළමුකොටම මොහුගේ සුසීල භාවය දුරුවූයේ වෙයි. දුශ්ශීල භාවය එළඹ සිටියේ වෙයි. මේ මිථ්‍යාදෘෂ්ටියද, මිථ්‍යා කල්පනාවද, මිථ්‍යා වචනයද, ආර්‍ය්‍යයන්ට විරුද්ධවීමද, අසත්‍යවූ ධර්මය හැඟවීමද, තමා උසස් කිරීමද, අනුන් පහත් කිරීමදැයි මෙසේ මොහුට නොයෙක් ලාමකවූ අකුසල ධර්මයෝ මිථ්‍යාදෘෂ්ටි හේතුවෙන් හටගනිත්.
“ගෘහපතියෙනි, ඒ කාරණයෙහි නුවණැති පුරුෂ තෙම මෙසේ කල්පනා කරයි. ඉදින් ක්‍රියාවක් නැත්නම් මෙසේ මේ පින්වත් පුරුෂ පුද්ගල තෙම ශරීරයාගේ භෙදයෙන් තමහට සුවයක් කරන්නේය. ඉදින් ක්‍රියාවක් ඇත්නම් මෙසේ මේ පින්වත් පුරුෂ පුද්ගල තෙම ශරීර භෙදයෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ දුක් වන්නාවූ විපතට පත්වන්නාවූ නරකයෙහි උපදින්නේය. එකාන්තයෙන්ම ක්‍රියාවක් නොවේවා. ඒ පින්වත් මහණ බමුණන්ගේ වචනය සත්‍යවේවා. එතකුදු වුවත් මේ පින්වත් පුරුෂ පුද්ගල තෙමේ මේ ආත්මයෙහිම නුවණැත්තන්ගේ ගැරහීමට සුදුසුවේ. දුශ්ශීලවූ පුරුෂ පුද්ගල තෙම අකිරීයා වාද ඇත්තාවූ මිථ්‍යාදෘෂ්ටිකයෙක කියායි. ඉදින් ක්‍රියාව ඇත්තේම නම් මෙසේ මේ පින්වත් පුරුෂ පුද්ගලයාගේ මේ ආත්මයෙහිම නුවණැත්තන්ගේ ගැරහීමට සුදුසුය, යන යමක් වේද, ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ, නපුරු ගති ඇත්තාවූ, විපතට පත්වන්නාවූ නරකයෙහි උපදින්නේය, යන යමකුත් වේද, මේ දෙලොවින්ම පරාජය ගන්නේ වේ. මෙසේ මොහුගේ මේ එකාන්ත ධර්ම තෙම නපුරුකොට සම්පූර්ණ කරන ලද්දේ, සමාදන් වන ලද්දේ එක් පසක් පැතිර සිටී, කුසලස්ථානය හිස්වේ.
99
‘‘තත්‍ර, ගහපතයො, යෙ තෙ සමණබ්‍රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘කරොතො කාරයතො, ඡින්දතො ඡෙදාපයතො, පචතො පාචාපයතො, සොචයතො සොචාපයතො, කිලමතො කිලමාපයතො, ඵන්දතො ඵන්දාපයතො, පාණමතිපාතයතො, අදින්නං ආදියතො, සන්ධිං ඡින්දතො, නිල්ලොපං හරතො, එකාගාරිකං කරොතො, පරිපන්ථෙ තිට්ඨතො, පරදාරං ගච්ඡතො, මුසා භණතො; කරොතො කරීයති පාපං. ඛුරපරියන්තෙන චෙපි චක්කෙන යො ඉමිස්සා පථවියා පාණෙ එකං මංසඛලං එකං මංසපුඤ්ජං කරෙය්‍ය, අත්ථි තතොනිදානං පාපං, අත්ථි පාපස්ස ආගමො. දක්ඛිණඤ්චෙපි ගඞ්ගාය තීරං ගච්ඡෙය්‍ය හනන්තො ඝාතෙන්තො, ඡින්දන්තො ඡෙදාපෙන්තො, පචන්තො පාචෙන්තො, අත්ථි තතොනිදානං පාපං, අත්ථි පාපස්ස ආගමො. උත්තරඤ්චෙපි ගඞ්ගාය තීරං ගච්ඡෙය්‍ය දදන්තො දාපෙන්තො, යජන්තො යජාපෙන්තො, අත්ථි තතොනිදානං පුඤ්ඤං, අත්ථි පුඤ්ඤස්ස ආගමො. දානෙන දමෙන සංයමෙන සච්චවජ්ජෙන අත්ථි පුඤ්ඤං, අත්ථි පුඤ්ඤස්ස ආගමො’ති තෙසමෙතං පාටිකඞ්ඛං? යමිදං කායදුච්චරිතං, වචීදුච්චරිතං , මනොදුච්චරිතං - ඉමෙ තයො අකුසලෙ ධම්මෙ අභිනිවජ්ජෙත්වා යමිදං කායසුචරිතං, වචීසුචරිතං, මනොසුචරිතං - ඉමෙ තයො කුසලෙ ධම්මෙ සමාදාය වත්තිස්සන්ති. තං කිස්ස හෙතු? පස්සන්ති හි තෙ භොන්තො සමණබ්‍රාහ්මණා අකුසලානං ධම්මානං ආදීනවං ඔකාරං සංකිලෙසං, කුසලානං ධම්මානං නෙක්ඛම්මෙ ආනිසංසං වොදානපක්ඛං. සන්තංයෙව ඛො පන කිරියං ‘අත්ථි කිරියා’ තිස්ස දිට්ඨි හොති; සාස්ස හොති සම්මාදිට්ඨි. සන්තංයෙව ඛො පන කිරියං ‘අත්ථි කිරියා’ති සඞ්කප්පෙති; ස්වාස්ස හොති සම්මාසඞ්කප්පො. සන්තංයෙව ඛො පන කිරියං ‘අත්ථි කිරියා’ති වාචං භාසති; සාස්ස හොති සම්මාවාචා. සන්තංයෙව ඛො පන කිරියං ‘අත්ථි කිරියා’ති ආහ; යෙ තෙ අරහන්තො කිරියවාදා තෙසමයං න පච්චනීකං කරොති. සන්තංයෙව ඛො පන කිරියං ‘අත්ථි කිරියා’ති පරං සඤ්ඤාපෙති; සාස්ස හොති සද්ධම්මසඤ්ඤත්ති. තාය ච පන සද්ධම්මසඤ්ඤත්තියා නෙවත්තානුක්කංසෙති, න පරං වම්භෙති. ඉති පුබ්බෙව ඛො පනස්ස දුස්සීල්‍යං පහීනං හොති, සුසීල්‍යං පච්චුපට්ඨිතං - අයඤ්ච සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා අරියානං අපච්චනීකතා සද්ධම්මසඤ්ඤත්ති අනත්තුක්කංසනා අපරවම්භනා. එවමස්සිමෙ අනෙකෙ කුසලා ධම්මා සම්භවන්ති සම්මාදිට්ඨිපච්චයා.
‘‘තත්‍ර, ගහපතයො, විඤ්ඤූ පුරිසො ඉති පටිසඤ්චික්ඛති - ‘සචෙ ඛො අත්ථි කිරියා, එවමයං භවං පුරිසපුග්ගලො කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සති. කාමං ඛො පන මාහු කිරියා, හොතු නෙසං භවතං සමණබ්‍රාහ්මණානං සච්චං වචනං; අථ ච පනායං භවං පුරිසපුග්ගලො දිට්ඨෙව ධම්මෙ විඤ්ඤූනං පාසංසො - සීලවා පුරිසපුග්ගලො සම්මාදිට්ඨි කිරියවාදො’ති. සචෙ ඛො අත්ථෙව කිරියා, එවං ඉමස්ස භොතො පුරිසපුග්ගලස්ස උභයත්ථ කටග්ගහො - යඤ්ච දිට්ඨෙව ධම්මෙ විඤ්ඤූනං පාසංසො, යඤ්ච කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සති. එවමස්සායං අපණ්ණකො ධම්මො සුසමත්තො සමාදින්නො, උභයංසං ඵරිත්වා තිට්ඨති, රිඤ්චති අකුසලං ඨානං.
99
“ගෘහපතියෙනි, ඔවුන් අතරෙහි යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තෝ, මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්ද, (එනම්) කරන්නාහට, කරවන්නාහට, සිඳින්නාහට, සිඳවන්නාහට, පෙළන්නාහට, පෙළවන්නාහට, ශොක කරන්නාහට, ශොක ඇති කරවන්නාහට, ක්ලාන්ත කරවන්නාහට, කම්පා කරන්නාහට, කම්පා ඇති කරවන්නාහට, සතුන් මරන්නාහට, මරවන්නාහට, නුදුන් දෙය ගන්නාහට, ගෙවල් බිඳින්නාහට, බලහත්කාරයෙන් ගන්නාහට, එක් ගෙයක් පැහැර ගැණීම කරන්නාහට, මං පැහැරීම කරන්නාහට, අන් අඹුවන් කරා යන්නාහට, බොරු කියන්නාහට, පාපය ඇත. කෙළවර මුවහත් ඇති චක්‍රයකින්ද යමෙක් මේ පොළොවෙහි ප්‍රාණීන් එක මස් ගොඩක්, එක මස් රැසක් කරන්නේද, ඒ හේතුවෙන් පාපයක් ඇත. පාපයාගේ පැමිණීමක් ඇත. ඉදින් ගංගානම් ගඟේ දකුණු ඉවුරටද, මරමින්, මරවමින්, සිඳිමින්, සිඳවමින්, පෙළමින්, පෙළවමින් යන්නේ නම් ඒ හේතුවෙන් පාපයක් ඇත. පාපයාගේ පැමිණීමක් ඇත. ඉදින් ගංගානම් ගඟේ උතුරු ඉවුර දක්වාද, දෙමින් දෙවමින් පුදමින්, පුදවමින් යන්නේ නම් ඒ හේතුවෙන් පිනක් ඇත.
“ඔවුන් පිළිබඳව මෙය කැමති විය යුතුයි. යම් මේ කයින් අයහපත් හැසිරීමක් වේද, වචනයෙන් අයහපත් හැසිරීමක් වේද, සිතින් අයහපත් හැසිරීමක් වේද, මේ අකුසලධර්ම තුන දුරුකොට යම් මේ කයින් යහපත් හැසිරීමක් වේද, වචනයෙන් යහපත් හැසිරීමක් වේද, සිතින් යහපත් හැසිරීමක් වේද, මේ කුසල ධර්ම තුන සමාදන්ව වසන්නාහුය. ඊට හේතු කවරේද? ඒ පින්වත් මහණ බමුණෝ අකුසල ධර්මයන්ගේ දෝෂය, ලාමක බව කෙලෙසීමද, කුසල ධර්මයන්ගේද කාමයන්ගේ වෙන්වීමෙහිද, ආනිසංසය, පිරිසිදු බවද දකිත්මය.
“ඇත්තාවූම ක්‍රියාව (ගැන) ක්‍රියාවක් ඇතැයි මොහුගේ දෘෂ්ටිය වේ. මෙය මොහුගේ (යහපත් ඇදහීම) සම්‍යක්දෘෂ්ටිය වේ. ඇත්තාවූම ක්‍රියාව ගැන ක්‍රියාවක් ඇතැයි කල්පනා කරයි. හෙතෙම මොහුගේ යහපත් කල්පනාව වේ. ඇත්තාවූම ක්‍රියාව ගැන ක්‍රියාවක් ඇතයන වචනය කියයි. එය මොහුගේ සම්‍යක්වචනය වේ. ඇත්තාවූම ක්‍රියාව ගැන ක්‍රියාවක් ඇතැයි කීයේය. යම් මේ රහත්හු ක්‍රියා වාද ඇත්තෝ වෙත්ද, ඔවුන්ට මෙතෙම විරුද්ධ නොවෙයි. ඇත්තාවූම ක්‍රියාව ගැන ක්‍රියාවක් ඇතැයි අනුන්ට හඟවයි. එය මොහුගේ සත්‍යවූ ධර්මය හැඟවීම වේ. ඒ ධර්මය හැඟවීමෙන්ද තමන් උසස් නොකෙරෙයි. අනුන් පහත් නොකෙරෙයි. මෙසේ පළමු කොටම මොහුගේ දුශ්ශීල භාවය දුරුවූයේ වෙයි. සුසීල භාවය එළඹ සිටියේ වෙයි. මේ සම්‍යක්දෘෂ්ටියද, සම්‍යක් කල්පනාවද, සම්‍යක් වචනයද ආර්‍ය්‍යයන්ට විරුද්ධ නොවීමද, සත්‍යවූ ධර්මය හැඟවීමද තමන් උසස් නොකිරීමද අනුන් පහත් නොකිරීමදැයි මෙසේ මොහුට මේ නොයෙක් කුසල ධර්මයෝ සම්‍යක්දෘෂ්ටි හේතුවෙන් හටගණිත්.
“ගෘහපතියෙනි, ඔවුන් අතරෙහි නුවණැති පුරුෂ තෙම මෙසේ කල්පනා කරයි. ඉදින් ක්‍රියාව ඇත්නම් මෙසේ මේ පින්වත් පුරුෂ පුද්ගලතෙම ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදින්නේය. එකාන්තයෙන්ම ක්‍රියාව නොවේ නම් ඒ පින්වත් මහණ බමුණන්ගේ වචනය සත්‍ය වේවා. එතකුදු වූවත් මේ පින්වත් පුරුෂ පුද්ගල තෙම ඉහාත්මයෙහිම නුවණැත්තන්ගේ ප්‍රශංසාවට සුදුස්සෙක් වේ. සිල්වත්වූ පුරුෂ පුද්ගල තෙම ක්‍රියා වාද ඇත්තාවූ සම්‍යක්දෘෂ්ටිකයෙක කියායි. ඉදින් ක්‍රියාව ඇත්තේම නම් මෙසේ මේ පින්වත් පුරුෂ පුද්ගලයාගේ මේ ආත්මයෙහිම නුවණැත්තන්ගේ ප්‍රශංසාවට සුදුසුය යන යමක් වේද, ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදින්නේය යන යමකුත් වේද, මේ දෙලොවින්ම ජයගැණීම වේ. මෙසේ මොහුගේ මේ එකාන්තවූ ධර්මය තෙම මනාව සම්පූර්ණ කරන ලද්දේ, සමාදන්වන ලද්දේ, දෙපසම පැතිර සිටියි. අකුසල්වූ කාරණය හිස් වේ.
100
‘‘සන්ති , ගහපතයො, එකෙ සමණබ්‍රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘නත්ථි හෙතු, නත්ථි පච්චයො සත්තානං සංකිලෙසාය; අහෙතූ අප්පච්චයා සත්තා සංකිලිස්සන්ති. නත්ථි හෙතු, නත්ථි පච්චයො සත්තානං විසුද්ධියා; අහෙතූ අප්පච්චයා සත්තා විසුජ්ඣන්ති. නත්ථි බලං, නත්ථි වීරියං (විරියං (සී. ස්‍යා. කං. පී.)), නත්ථි පුරිසථාමො, නත්ථි පුරිසපරක්කමො; සබ්බෙ සත්තා සබ්බෙ පාණා සබ්බෙ භූතා සබ්බෙ ජීවා අවසා අබලා අවීරියා නියතිසංගතිභාවපරිණතා ඡස්වෙවාභිජාතීසු සුඛදුක්ඛං පටිසංවෙදෙන්තී’ති. තෙසංයෙව ඛො, ගහපතයො, සමණබ්‍රාහ්මණානං එකෙ සමණබ්‍රාහ්මණා උජුවිපච්චනීකවාදා. තෙ එවමාහංසු - ‘අත්ථි හෙතු, අත්ථි පච්චයො සත්තානං සංකිලෙසාය; සහෙතූ සප්පච්චයා සත්තා සංකිලිස්සන්ති. අත්ථි හෙතු, අත්ථි පච්චයො සත්තානං විසුද්ධියා; සහෙතූ සප්පච්චයා සත්තා විසුජ්ඣන්ති. අත්ථි බලං, අත්ථි වීරියං, අත්ථි පුරිසථාමො, අත්ථි පුරිසපරක්කමො; න සබ්බෙ සත්තා සබ්බෙ පාණා සබ්බෙ භූතා සබ්බෙ ජීවා අවසා අබලා අවීරියා (අත්ථි පුරිසපරක්කමො, සබ්බෙ සත්තා... සවසා සබලා සවීරියා (ස්‍යා. කං. ක.)) නියතිසංගතිභාවපරිණතා ඡස්වෙවාභිජාතීසු සුඛදුක්ඛං පටිසංවෙදෙන්තී’ති. තං කිං මඤ්ඤථ, ගහපතයො, නනුමෙ සමණබ්‍රාහ්මණා අඤ්ඤමඤ්ඤස්ස උජුවිපච්චනීකවාදා’ති? ‘එවං, භන්තෙ’.
100
“ගෘහපතියෙනි, මෙබඳු වාද ඇත්තාවූ, මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණෝ වෙත්. සත්වයන්ගේ කෙලෙසීමට හේතුවක් නැත. ප්‍රත්‍යයක් නැත. හේතුවක් නැතිව ප්‍රත්‍යයක් නැතිව සත්වයෝ කෙලෙසෙන්නාහුය. සත්වයන්ගේ පිරිසිදුවීමට හේතුවක් නැත. ප්‍රත්‍යයක් නැත. හේතුවක් නැතිව ප්‍රත්‍යයක් නැතිව සත්වයෝ පිරිසිදු වෙත්. බලයක් නැත. වීර්‍ය්‍යයක් නැත. පුරුෂ ශක්තියක් නැත. පුරුෂ පරාක්‍රමයක් නැත. සියළු සත්වයෝ සියළු ප්‍රාණීහු සියළු භූතයෝ සියළු ජීවයෝ අවසඟන වූවාහු බලයක් නැත්තාහු වීර්‍ය්‍ය නැත්තාහු නියමය සංගමය ස්වභාවය යන මෙයින් නොයෙක් ප්‍රකාරයට පැමිණියාහු සවැදෑරුම්වූම ජාතිවල සැප දුක් විඳිත්යයි, දෘෂ්ටි ඇත්තෝ වෙත්. ගෘහපතියෙනි, ඒ මහණ බමුණන්ටම සමහර මහණ බමුණෝ කෙළින්ම විරුද්ධ වාද ඇත්තෝ වෙත් ඔව්හු මෙසේ කීහ. ‘සත්වයන්ගේ කෙලෙසීමට හේතුවක් ඇත. ප්‍රත්‍යයක් ඇත. හේතුවක් ඇතිව ප්‍රත්‍යයක් ඇතිව සත්වයෝ කිළුටුවන්නාහ. සත්වයන්ගේ පිරිසිදු වීමට හේතුවක් ඇත. ප්‍රත්‍යයක් ඇත. හේතුවක් ඇතිව ප්‍රත්‍යයක් ඇතිව සත්වයෝ පිරිසිදු වෙත්. බලයක් ඇත. වීර්‍ය්‍යයක් ඇත. පුරුෂ ශක්තියක් ඇත. පුරුෂ පරාක්‍රමයක් ඇත. සියළු සත්වයෝ සියළු ප්‍රාණීහු සියළු භූතයෝ සියළු ජීවයෝ වසඟ වූවාහු බලයක් නැත්තාහු වීර්‍ය්‍යයක් නැත්තාහු නියමය සංගමය ස්වභාවය යන මෙයින් නානාප්‍රකාර බවට පැමිණියාහු සවැදෑරුම්වූ ජාතිවල සැප දුක් නොවිඳිත්යයි’ ගනිත්, ගෘහපතියනි, ඒ කුමකැයි හඟිව්ද? මේ මහණ බමුණෝ ඔවුනොවුන්ට කෙළින්ම විරුද්ධ වාද ඇත්තෝ නොවෙත්ද?” “එසේය, ස්වාමීනි.”
101
‘‘තත්‍ර , ගහපතයො, යෙ තෙ සමණබ්‍රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘නත්ථි හෙතු, නත්ථි පච්චයො සත්තානං සංකිලෙසාය; අහෙතූ අප්පච්චයා සත්තා සංකිලිස්සන්ති. නත්ථි හෙතු, නත්ථි පච්චයො සත්තානං විසුද්ධියා; අහෙතූ අප්පච්චයා සත්තා විසුජ්ඣන්ති. නත්ථි බලං, නත්ථි වීරියං, නත්ථි පුරිසථාමො, නත්ථි පුරිසපරක්කමො; සබ්බෙ සත්තා සබ්බෙ පාණා සබ්බෙ භූතා සබ්බෙ ජීවා අවසා අබලා අවීරියා නියතිසංගතිභාවපරිණතා ඡස්වෙවාභිජාතීසු සුඛදුක්ඛං පටිසංවෙදෙන්තී’ති තෙසමෙතං පාටිකඞ්ඛං? යමිදං කායසුචරිතං, වචීසුචරිතං, මනොසුචරිතං - ඉමෙ තයො කුසලෙ ධම්මෙ අභිනිවජ්ජෙත්වා යමිදං කායදුච්චරිතං, වචීදුච්චරිතං, මනොදුච්චරිතං - ඉමෙ තයො අකුසලෙ ධම්මෙ සමාදාය වත්තිස්සන්ති. තං කිස්ස හෙතු? න හි තෙ භොන්තො සමණබ්‍රාහ්මණා පස්සන්ති අකුසලානං ධම්මානං ආදීනවං ඔකාරං සංකිලෙසං, කුසලානං ධම්මානං නෙක්ඛම්මෙ ආනිසංසං වොදානපක්ඛං. සන්තංයෙව ඛො පන හෙතුං ‘නත්ථි හෙතූ’ තිස්ස දිට්ඨි හොති; සාස්ස හොති මිච්ඡාදිට්ඨි. සන්තංයෙව ඛො පන හෙතුං ‘නත්ථි හෙතූ’ති සඞ්කප්පෙති ; ස්වාස්ස හොති මිච්ඡාසඞ්කප්පො. සන්තංයෙව ඛො පන හෙතුං ‘නත්ථි හෙතූ’ති වාචං භාසති; සාස්ස හොති මිච්ඡාවාචා. සන්තංයෙව ඛො පන හෙතුං ‘නත්ථි හෙතූ’ති ආහ; යෙ තෙ අරහන්තො හෙතුවාදා තෙසමයං පච්චනීකං කරොති. සන්තංයෙව ඛො පන හෙතුං ‘නත්ථි හෙතූ’ති පරං සඤ්ඤාපෙති; සාස්ස හොති අසද්ධම්මසඤ්ඤත්ති. තාය ච පන අසද්ධම්මසඤ්ඤත්තියා අත්තානුක්කංසෙති, පරං වම්භෙති. ඉති පුබ්බෙව ඛො පනස්ස සුසීල්‍යං පහීනං හොති, දුස්සීල්‍යං පච්චුපට්ඨිතං - අයඤ්ච මිච්ඡාදිට්ඨි මිච්ඡාසඞ්කප්පො මිච්ඡාවාචා අරියානං පච්චනීකතා අසද්ධම්මසඤ්ඤත්ති අත්තානුක්කංසනා පරවම්භනා. එවමස්සිමෙ අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති මිච්ඡාදිට්ඨිපච්චයා.
‘‘තත්‍ර, ගහපතයො, විඤ්ඤූ පුරිසො ඉති පටිසඤ්චික්ඛති - ‘සචෙ ඛො නත්ථි හෙතු, එවමයං භවං පුරිසපුග්ගලො කායස්ස භෙදා පරං මරණා සොත්ථිමත්තානං කරිස්සති; සචෙ ඛො අත්ථි හෙතු, එවමයං භවං පුරිසපුග්ගලො කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජිස්සති. කාමං ඛො පන මාහු හෙතු, හොතු නෙසං භවතං සමණබ්‍රාහ්මණානං සච්චං වචනං; අථ ච පනායං භවං පුරිසපුග්ගලො දිට්ඨෙව ධම්මෙ විඤ්ඤූනං ගාරය්හො - දුස්සීලො පුරිසපුග්ගලො මිච්ඡාදිට්ඨි අහෙතුකවාදො’ති. සචෙ ඛො අත්ථෙව හෙතු, එවං ඉමස්ස භොතො පුරිසපුග්ගලස්ස උභයත්ථ කලිග්ගහො - යඤ්ච දිට්ඨෙව ධම්මෙ විඤ්ඤූනං ගාරය්හො, යඤ්ච කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජිස්සති. එවමස්සායං අපණ්ණකො ධම්මො දුස්සමත්තො සමාදින්නො, එකංසං ඵරිත්වා තිට්ඨති, රිඤ්චති කුසලං ඨානං.
101
“ගෘහපතියෙනි, ඔවුන් අතරෙහි යම් මේ මහණ බමුණෝ මෙබඳුවාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්ද, (එනම්) සත්වයන්ගේ කෙලෙසීමට හේතුවක් නැත. ප්‍රත්‍යයක් නැත. හේතුවක් නැතිව ප්‍රත්‍යයක් නැතිව සත්වයෝ කෙලෙසෙන්නාහ. සත්වයන්ගේ පිරිසිදු වීමට හේතුවක් නැතිව ප්‍රත්‍යයක් නැතිව සත්වයෝ පිරිසිදුවෙත්. බලයක්නැත. වීර්‍ය්‍යයක් නැත පුරුෂ ශක්තියක් නැත. පුරුෂ පරාක්‍රමයක් නැත. සියළු සත්වයෝ සියළු ප්‍රාණීහු සියළු භූතයෝ සියළු ජීවයෝ වසග නොවන්නාහු බලයක් නැත්තාහු වීර්‍ය්‍යයක් නැත්තාහු නියමය සංගමය ස්වභාවය යන මෙයින් නොයෙක් ප්‍රකාර බවට පැමිණියාහු සවැදෑරුම්වූ ජාතිවල සැපදුක් විඳිත් යයි ගනිත්ද, ඔවුන් පිළිබඳව මෙය කැමති වියයුතුයි. යම් මේ කයින් යහපත් හැසිරීමක් වේද, වචනයෙන් යහපත් හැසිරීමක් වේද, හිතින් යහපත් හැසිරීමක් වේද, මේ කුසල ධර්ම තුන දුරුකොට යම් මේ කයින් අයහපත් හැසිරීමක් වේද, වචනයෙන් අයහපත් හැසිරීමක් වේද, සිතින් අයහපත් හැසිරීමක් වේද, මේ අකුසල ධර්මතුන සමාදන්ව වසන්නාහුය. ඊට හේතු කවරේද? ඒ පින්වත් මහණ බමුණෝ අකුසල ධර්මයන්ගේ දෝෂය, ලාමක බව, කෙලෙසීමද, කුසල ධර්මයන්ගේද, කාමයන්ගෙන් වෙන්වීමෙහිද ආනිශංසය, පිරිසිදු බව නොදකිත්මැයි. ඇත්තාවූම හේතුවක් නැතැයි මොහුගේ දෘෂ්ටියවෙයි. මෙය මොහුගේ මිථ්‍යා දෘෂ්ටියවේ. ඇත්තාවූම හේතුවක් නැතැයි කල්පනා කරයි. හෙතෙම මොහුගේ මිථ්‍යා කල්පනා වේ. ඇත්තාවූම හේතුව හේතුවක් නැත යන වචනය කියයි. ඒ මොහුගේ මිථ්‍යා වචනයවේ. ඇත්තාවූම හේතුව, හේතුවක් නැතැයි කියයි. යම් මේ රහත්හු හේතුවාද ඇත්තෝ වෙත්ද, ඔවුන්ට මෙතෙම විරුද්ධ වෙයි. ඇත්තාවූම හේතුව, හේතුවක් නැතැයි අනුන්ට හඟවයි එය මොහුගේ අසත්‍යවූ ධර්මය හැඟවීමවේ. ඒ අසත්‍යවූ ධර්මය හැඟවීමෙන්ද තමා උසස් කරයි. අනුන් පහත් කරයි. මෙසේ පළමුකොටම මොහුගේ සුසීල භාවය දුරුවූයේ වෙයි දුශ්ශීල භාවය එළඹ සිටියේ වෙයි. මේ මිථ්‍යා දෘෂ්ටියද මිථ්‍යා කල්පනාවද මිථ්‍යා වචනයද, ආර්‍ය්‍යයන්ට විරුද්ධවීමද, අසත්‍යවූ ධර්මය හැඟවීමද, තමන් උසස් කිරීමද අනුන් පහත් කිරීමදැයි මෙසේ මොහුට මේ නොයෙක් ලාමකවූ අකුසල ධර්මයෝ මිථ්‍යා දෘෂ්ටි හේතුවෙන් හටගණිත්.
“ගෘහපතිවරුනි, ඔවුන් අතර නුවණැති පුරුෂ තෙම මෙසේ කල්පනා කරයි. ඉදින් හේතුවක් නැත්නම් මෙසේ මේ පින්වත් පුරුෂ පුද්ගලතෙම ශරීරයාගේ භෙදයෙන් තමහට සුවයක් කරන්නේය. ඉදින් හේතුව ඇත්නම් මෙසේ මේ පින්වත් පුරුෂපුද්ගලතෙම ශරීරයාගේ භෙදයෙන් මරණින්මතු සැප නැත්තාවූ නපුරු ගති ඇත්තාවූ විපතට පත්වන්නාවූ නරකයෙහි උපදින්නේය. ඒකාන්තයෙන්ම හේතුව නොවීද, ඒ පින්වත් මහණ බමුණන්ගේ වචනය සත්‍යවේවා. එතකුදු වූවත් මේ පින්වත් පුරුෂ පුද්ගලතෙම මෙ ආත්මයෙහිම නුවණැත්තන්ගේ ගැරහීමට සුදුසුවේ. දුශ්ශීලවූ පුරුෂ පුද්ගලතෙම අහේතුවාද ඇත්තාවූ මිථ්‍යා දෘෂ්ටියෙක කියායි. ඉදින් හේතුවක් ඇත්තේම නම් මේ පින්වත් පුරුෂ පුද්ගලයාගේ මේ ආත්මයෙහිම නුවණැත්තන්ගේ ගැරහීමට සුදුසුය යන යමක් ඇද්ද ශරීරයාගේ භෙදයෙන් මරණින්මතු සැප නැත්තාවූ නපුරු ගති ඇත්තාවූ විපතට පත්වන්නාවූ නරකයෙහි උපදින්නේය යන යමකුත් ඇද්ද, මේ දෙලොවෙන්ම පරාජය වේ. මෙසේ මොහුට මේ එකාන්තවූ ධර්මය තෙම අයහපත් කොට සම්පූර්ණ කරන ලද්දේ, සමාදන්වන ලද්දේ එක්පැත්තක පැතිර සිටියි. කුසල කාරණය හිස් වෙයි.
102
‘‘තත්‍ර, ගහපතයො, යෙ තෙ සමණබ්‍රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘අත්ථි හෙතු, අත්ථි පච්චයො සත්තානං සංකිලෙසාය; සහෙතූ සප්පච්චයා සත්තා සංකිලිස්සන්ති. අත්ථි හෙතු, අත්ථි පච්චයො සත්තානං විසුද්ධියා; සහෙතූ සප්පච්චයා සත්තා විසුජ්ඣන්ති. අත්ථි බලං, අත්ථි වීරියං, අත්ථි පුරිසථාමො, අත්ථි පුරිසපරක්කමො; න සබ්බෙ සත්තා සබ්බෙ පාණා සබ්බෙ භූතා සබ්බෙ ජීවා අවසා අබලා අවීරියා නියතිසංගතිභාවපරිණතා ඡස්වෙවාභිජාතීසු සුඛදුක්ඛං පටිසංවෙදෙන්තී’ති තෙසමෙතං පාටිකඞ්ඛං? යමිදං කායදුච්චරිතං, වචීදුච්චරිතං, මනොදුච්චරිතං - ඉමෙ තයො අකුසලෙ ධම්මෙ අභිනිවජ්ජෙත්වා යමිදං කායසුචරිතං, වචීසුචරිතං, මනොසුචරිතං - ඉමෙ තයො කුසලෙ ධම්මෙ සමාදාය වත්තිස්සන්ති. තං කිස්ස හෙතු? පස්සන්ති හි තෙ භොන්තො සමණබ්‍රාහ්මණා අකුසලානං ධම්මානං ආදීනවං ඔකාරං සංකිලෙසං, කුසලානං ධම්මානං නෙක්ඛම්මෙ ආනිසංසං වොදානපක්ඛං. සන්තංයෙව ඛො පන හෙතුං ‘අත්ථි හෙතූ’ තිස්ස දිට්ඨි හොති; සාස්ස හොති සම්මාදිට්ඨි. සන්තංයෙව ඛො පන හෙතුං ‘අත්ථි හෙතූ’ති සඞ්කප්පෙති; ස්වාස්ස හොති සම්මාසඞ්කප්පො. සන්තංයෙව ඛො පන හෙතුං ‘අත්ථි හෙතූ’ති වාචං භාසති; සාස්ස හොති සම්මාවාචා. සන්තංයෙව ඛො පන හෙතුං ‘අත්ථි හෙතූ’ති ආහ, යෙ තෙ අරහන්තො හෙතුවාදා තෙසමයං න පච්චනීකං කරොති. සන්තංයෙව ඛො පන හෙතුං ‘අත්ථි හෙතූ’ති පරං සඤ්ඤාපෙති; සාස්ස හොති සද්ධම්මසඤ්ඤත්ති. තාය ච පන සද්ධම්මසඤ්ඤත්තියා නෙවත්තානුක්කංසෙති, න පරං වම්භෙති. ඉති පුබ්බෙව ඛො පනස්ස දුස්සීල්‍යං පහීනං හොති, සුසීල්‍යං පච්චුපට්ඨිතං - අයඤ්ච සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා අරියානං අපච්චනීකතා සද්ධම්මසඤ්ඤත්ති අනත්තුක්කංසනා අපරවම්භනා. එවමස්සිමෙ අනෙකෙ කුසලා ධම්මා සම්භවන්ති සම්මාදිට්ඨිපච්චයා.
‘‘තත්‍ර, ගහපතයො, විඤ්ඤූ පුරිසො ඉති පටිසඤ්චික්ඛති - ‘සචෙ ඛො අත්ථි හෙතු, එවමයං භවං පුරිසපුග්ගලො කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සති. කාමං ඛො පන මාහු හෙතු, හොතු නෙසං භවතං සමණබ්‍රාහ්මණානං සච්චං වචනං; අථ ච පනායං භවං පුරිසපුග්ගලො දිට්ඨෙව ධම්මෙ විඤ්ඤූනං පාසංසො - සීලවා පුරිසපුග්ගලො සම්මාදිට්ඨි හෙතුවාදො’ති. සචෙ ඛො අත්ථි හෙතු , එවං ඉමස්ස භොතො පුරිසපුග්ගලස්ස උභයත්ථ කටග්ගහො - යඤ්ච දිට්ඨෙව ධම්මෙ විඤ්ඤූනං පාසංසො, යඤ්ච කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සති. එවමස්සායං අපණ්ණකො ධම්මො සුසමත්තො සමාදින්නො, උභයංසං ඵරිත්වා තිට්ඨති, රිඤ්චති අකුසලං ඨානං.
102
“ගෘහපතියෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්ද (එනම්) සත්වයන්ගේ කෙලෙසීමට හේතුවක් ඇත ප්‍රත්‍යයක් ඇත. හේතු සහිතව ප්‍රත්‍ය සහිතව සත්වයෝ කිළුටු වන්නාහ. සත්වයන්ගේ පිරිසිදුවීමට හේතුවක් ඇත. හේතු සහිතව ප්‍රත්‍ය සහිතව සත්වයෝ පිරිසිදුවෙත්. බලයක් ඇත. වීර්‍ය්‍යයක් ඇත. පුරුෂ ශක්තියක් ඇත. පුරුෂ පරාක්‍රමයක් ඇත. සියළු සත්වයෝ සියළු ප්‍රාණය ඇත්තෝ සියළු හටගැණීම ඇත්තෝ සියළු ජීවය ඇත්තෝ වසඟ නොවන්නාහු බල නැත්තාහු වීර්‍ය්‍ය නැත්තාහු නියමය සංගමය ස්වභාවය යන මෙයින් නොයෙක් ප්‍රකාර බවට පැමිණියාහු සවැදෑරුම්වූ ජාතිවල සැපදුක් නොවිඳිත්ය කියායි. ඔවුන් ගැන මෙය කැමතිවිය යුතුයි. යම් මේ කයින් අයහපත් හැසිරීමක් වේද වචනයෙන් අයහපත් හැසිරීමක් වේද සිතින් අයහපත් හැසිරීමක් වේද, මේ අකුසල ධර්මතුන දුරුකොට යම් මේ කයින් යහපත් හැසිරීමක් වේද වචනයෙන් යහපත් හැසිරීමක් වේද, සිතින් යහපත් හැසිරීමක් වේද, මේ කුසල ධර්ම තුන සමාදන්ව වසන්නාහුය. ඊට හේතු කවරේද? ඒ පින්වත් මහණ බමුණෝ අකුසල ධර්මයන්ගේ දෝෂය ලාමක බව කෙලෙසීම කුසල ධර්මයන්ගේ, කාමයන්ගෙන් වෙන් වීමෙහිද ආනිසංසය පිරිසිදු බව දකිත්මැයි. ඇත්තා වූම හේතුවගේ හේතුවක් ඇතැයි මොහුගේ දෘෂ්ටිය වෙයි. මෙය මොහුගේ සම්‍යක් දෘෂ්ටියවේ. ඇත්තාවූම හේතුව, හේතුවක් ඇතැයි කල්පනා කරයි. එය මොහුගේ සම්‍යක් සංකල්පය වේ. ඇත්තාවූම හේතුව, හේතුවක් ඇතැයි යන වචනය කියයි. ඒ මොහුගේ සම්‍යක් වචනයවේ. ඇත්තාවූම හේතුව හේතුවක් ඇතැයි කීය. යම් මේ රහත්හු හේතු වාද ඇත්තෝද ඔවුන්ට මෙතෙම විරුද්ධ නොවෙයි. ඇත්තාවූම හේතුව හේතුවක් ඇතැයි අනුන්ට හඟවයි. එය මොහුගේ සත්‍යවූ ධර්මය හැඟවීමවේ. ඒ සත්‍යවූ ධර්මය හැඟවීමෙන්ද තමන් උසස් නොකරයි. අනුන් පහත් නොකරයි. මෙසේ පළමුකොටම මොහුගේ දුශ්ශීල භාවය දුරුවූයේ වෙයි. සුසීල භාවය එළඹ සිටියේ වෙයි. මේ සම්‍යක් දෘෂ්ටියද සම්‍යක් සංකල්පයද සම්‍යක් වචනයද ආර්‍ය්‍යයන්ට විරුද්ධ නොවීමද සත්‍යවූ ධර්මය හැඟවීමද තමන් උසස් නොකිරීමද අනුන් පහත් නොකිරීමදැයි මෙසේ මොහුට මේ නොයෙක් කුසල ධර්මයෝ සම්‍යක් දෘෂ්ටි හේතුවෙන් හට ගණිත්.
ගෘහපතියෙනි, ඔවුන් අතර නුවණැති පුරුෂතෙම මෙසේ කල්පනා කරයි. ඉදින් හේතුව ඇත්නම් මෙසේ මේ පින්වත් පුරුෂ පුද්ගල තෙම ශරීරයාගේ භෙදයෙන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ ස්වර්ග ලෝකයෙහි උපදින්නේය. එකාන්තයෙන්ම හේතුවක් නොවේද, ඒ පින්වත් මහණ බමුණන්ගේ වචනය සත්‍ය වේවා. එතකුදු වුවත් මේ පින්වත් පුරුෂ පුද්ගලතෙම මේ ආත්මයෙහිම නුවණැත්තන්ගේ ප්‍රශංසාවට සුදුසුවේ. සිල්වත්වූ පුරුෂ පුද්ගල තෙමේ හේතු වාද ඇත්තාවූ සම්‍යක් දෘෂ්ටියෙක කියායි. ඉදින් හේතුව ඇත්තේම නම් මෙසේ මේ පින්වත් පුරුෂපුද්ගලයාගේ මේ ආත්මයෙහිම නුවණැත්තන්ගේ ප්‍රශංසාවට සුදුසුය යන යමක් ඇද්ද ශරීරයාගේ භෙදයෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදින්නේය යන යමකුත් ඇද්ද මේ දෙලොවෙන්ම ජය ගැණීම වේ. මෙසේ මොහුගේ මේ එකාන්ත ධර්මය තෙම මනාකොට සම්පූර්ණ කරන ලද්දේ සමාදන්වන ලද්දේ දෙපසම පැතිර සිටියි. අකුසල කාරණය හිස් වේ.
103
‘‘සන්ති, ගහපතයො, එකෙ සමණබ්‍රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘නත්ථි සබ්බසො ආරුප්පා’ති. තෙසංයෙව ඛො, ගහපතයො, සමණබ්‍රාහ්මණානං එකෙ සමණබ්‍රාහ්මණා උජුවිපච්චනීකවාදා. තෙ එවමාහංසු - ‘අත්ථි සබ්බසො ආරුප්පා’ති. තං කිං මඤ්ඤථ, ගහපතයො, නනුමෙ සමණබ්‍රාහ්මණා අඤ්ඤමඤ්ඤස්ස උජුවිපච්චනීකවාදා’’ති? ‘‘එවං, භන්තෙ’’. ‘‘තත්‍ර , ගහපතයො, විඤ්ඤූ පුරිසො ඉති පටිසඤ්චික්ඛති - යෙ ඛො තෙ භොන්තො සමණබ්‍රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘නත්ථි සබ්බසො ආරුප්පා’ති, ඉදං මෙ අදිට්ඨං; යෙපි තෙ භොන්තො සමණබ්‍රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘අත්ථි සබ්බසො ආරුප්පා’ති, ඉදං මෙ අවිදිතං. අහඤ්චෙව (අහඤ්චෙ (?)) ඛො පන අජානන්තො අපස්සන්තො එකංසෙන ආදාය වොහරෙය්‍යං - ඉදමෙව සච්චං, මොඝමඤ්ඤන්ති, න මෙතං අස්ස පතිරූපං. යෙ ඛො තෙ භොන්තො සමණබ්‍රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘නත්ථි සබ්බසො ආරුප්පා’ති, සචෙ තෙසං භවතං සමණබ්‍රාහ්මණානං සච්චං වචනං, ඨානමෙතං විජ්ජති - යෙ තෙ දෙවා රූපිනො මනොමයා, අපණ්ණකං මෙ තත්‍රූපපත්ති භවිස්සති. යෙ පන තෙ භොන්තො සමණබ්‍රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘අත්ථි සබ්බසො ආරුප්පා’ති, සචෙ තෙසං භවතං සමණබ්‍රාහ්මණානං සච්චං වචනං, ඨානමෙතං විජ්ජති - යෙ තෙ දෙවා අරූපිනො සඤ්ඤාමයා, අපණ්ණකං මෙ තත්‍රූපපත්ති භවිස්සති. දිස්සන්ති ඛො පන රූපාධිකරණං (රූපකාරණා (ක.)) දණ්ඩාදාන-සත්ථාදාන-කලහ-විග්ගහ-විවාද-තුවංතුවං-පෙසුඤ්ඤ-මුසාවාදා. ‘නත්ථි ඛො පනෙතං සබ්බසො අරූපෙ’’’ති. සො ඉති පටිසඞ්ඛාය රූපානංයෙව නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති.
103
“ගෘහපතියෙනි, මෙබඳු වාද ඇත්තාවූ මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ සමහර මහණ බමුණෝ වෙත්. සියළු ආකාරයෙන් අරූප බ්‍රහ්ම ලෝක නැතැයි කියායි.
“ගෘහපතියෙනි, ඒ මහණ බමුණන්ටම ඇතැම් මහණ බමුණෝ කෙළින්ම විරුද්ධ වාද ඇත්තෝ වෙත්. ඔව්හු මෙසේ කීහ. සියළු ආකාරයෙන් අරූප බ්‍රහ්මලෝක ඇත’ යනුයි. ගෘහපතියෙනි, ඒ කුමකැයි හඟිව්ද? මේ මහණ බමුණෝ ඔවුනොවුන්ට කෙළින්ම විරුද්ධ වාද ඇත්තෝ නොවෙත්ද?”
“එසේය, ස්වාමීනි”
“ගෘහපතියෙනි, ඔවුන් අතුරෙහි නුවණැති පුරුෂ තෙම මෙසේ කල්පනා කරයි. යම් ඒ පින්වත් මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු, මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද (එනම්) ‘සියළු ආකාරයෙන් අරූප බ්‍රහ්ම ලෝක නැත යනුයි. මෙය මා විසින් නොදක්නා ලදී. යම් ඒ පින්වත් මහණ බමුණෝද මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද (එනම්) සියළු ආකාරයෙන් අරූප බ්‍රහ්මලොක ඇත යනුයි. මෙය මා විසින් නොදක්නා ලදී. මමද වනාහී නොදන්නෙම් නොදක්නෙම් මෙයම සත්‍යය අනික හිස්යයි ඒකාන්තයෙන් ගෙණ ව්‍යවහාර කරන්නෙම්ද, මෙය මට සුදුසු නොවන්නේය.’ යම් මේ පින්වත් මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද (එනම්) සියළු ආකාරයෙන් අරූප බ්‍රහ්මලොක නැත යනුයි. ඉදින් ඒ පින්වත් මහණ බමුණන්ගේ වචනය සත්‍ය නම්, මේ කරුණ විද්‍යමාන වේ. යම් ඒ රූපාවචර දෙවියෝ ධ්‍යාන සිතින් උපන්නාහු වෙත්ද, එහි මාගේ ඉපදීම එකාන්ත වන්නේය. යම් ඒ පින්වත් මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද (එනම්) සියළු ආකාරයෙන් අරූප බ්‍රහ්මලෝක ඇත යනුයි. ඉදින් ඒ පින්වත් මහණ බමුණන්ගේ වචනය සත්‍යය නම්, මේ කරුණ විද්‍යමාන වේ. යම් ඒ අරූපාවචර දෙවියෝ අරූපාවචර සංඥාවෙන් උපන්නාහු වෙත්ද, එකාන්තයෙන් මාගේ එහි ඉපදීම වන්නේය. රූපය හේතු කොට ගෙන දඬු ගැණීම ආයුධ ගැණීම, කලහ කිරීමය, ඩබර කිරීමය, විරුද්ධ වාදය, නුඹය නුඹය කීමය, කේලාම් කීමය, බොරු කීමය, යන මොහු දක්නා ලැබෙත්මය. මෙය වනාහි සියළු ආකාරයෙන් අරූප ලෝකයෙහි නැතැයි හෙතෙම මෙසේ කල්පනාකොට රූපයන්ගේම කලකිරීම පිණිස නො ඇලීම පිණිස නැති කිරීම පිළිපදින්නේ වෙයි.
104
‘‘සන්ති, ගහපතයො, එකෙ සමණබ්‍රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘නත්ථි සබ්බසො භවනිරොධො’ති. තෙසංයෙව ඛො, ගහපතයො, සමණබ්‍රාහ්මණානං එකෙ සමණබ්‍රාහ්මණා උජුවිපච්චනීකවාදා. තෙ එවමාහංසු - ‘අත්ථි සබ්බසො භවනිරොධො’ති. තං කිං මඤ්ඤථ, ගහපතයො, නනුමෙ සමණබ්‍රාහ්මණා අඤ්ඤමඤ්ඤස්ස උජුවිපච්චනීකවාදා’’ති? ‘‘එවං, භන්තෙ’’. ‘‘තත්‍ර, ගහපතයො, විඤ්ඤූ පුරිසො ඉති පටිසඤ්චික්ඛති - යෙ ඛො තෙ භොන්තො සමණබ්‍රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘නත්ථි සබ්බසො භවනිරොධො’ති, ඉදං මෙ අදිට්ඨං; යෙපි තෙ භොන්තො සමණබ්‍රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘අත්ථි සබ්බසො භවනිරොධො’ති, ඉදං මෙ අවිදිතං. අහඤ්චෙව ඛො පන අජානන්තො අපස්සන්තො එකංසෙන ආදාය වොහරෙය්‍යං - ඉදමෙව සච්චං, මොඝමඤ්ඤන්ති, න මෙතං අස්ස පතිරූපං. යෙ ඛො තෙ භොන්තො සමණබ්‍රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘නත්ථි සබ්බසො භවනිරොධො’ති, සචෙ තෙසං භවතං සමණබ්‍රාහ්මණානං සච්චං වචනං, ඨානමෙතං විජ්ජති - යෙ තෙ දෙවා අරූපිනො සඤ්ඤාමයා අපණ්ණකං මෙ තත්‍රූපපත්ති භවිස්සති. යෙ පන තෙ භොන්තො සමණබ්‍රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘අත්ථි සබ්බසො භවනිරොධො’ති, සචෙ තෙසං භවතං සමණබ්‍රාහ්මණානං සච්චං වචනං, ඨානමෙතං විජ්ජති - යං දිට්ඨෙව ධම්මෙ පරිනිබ්බායිස්සාමි . යෙ ඛො තෙ භොන්තො සමණබ්‍රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘නත්ථි සබ්බසො භවනිරොධො’ති, තෙසමයං දිට්ඨි සාරාගාය (සරාගාය (ස්‍යා. කං.)) සන්තිකෙ, සංයොගාය සන්තිකෙ, අභිනන්දනාය සන්තිකෙ, අජ්ඣොසානාය සන්තිකෙ, උපාදානාය සන්තිකෙ. යෙ පන තෙ භොන්තො සමණබ්‍රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘අත්ථි සබ්බසො භවනිරොධො’ති, තෙසමයං දිට්ඨි අසාරාගාය සන්තිකෙ, අසංයොගාය සන්තිකෙ, අනභිනන්දනාය සන්තිකෙ, අනජ්ඣොසානාය සන්තිකෙ, අනුපාදානාය සන්තිකෙ’’’ති. සො ඉති පටිසඞ්ඛාය භවානංයෙව නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති.
104
“ගෘහපතියෙනි, මෙබඳු වාද ඇත්තාවූ මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ සමහර මහණ බමුණෝ වෙත් (එනම්) ‘සියළු ආකාරයෙන් භව නිරෝධයක් (උත්පත්තිය නැති කිරීමක්) නැත යනුයි. ගෘහපතියෙනි, ඒ මහණ බමුණන්ටම සමහර මහණ බමුණෝ කෙළින්ම විරුද්ධ වාද ඇත්තෝ වෙත්.’ ඔවුහු මෙසේ කීවාහුය. සියළු ආකාරයෙන් භවනිරෝධයක් ඇත යනුයි. ගෘහපතියෙනි, ඒ කුමකැයි හඟිව්ද? මේ මහණ බමුණෝ ඔවුනොවුන්ට විරුද්ධ වාද ඇත්තෝ නොවෙත්ද?” “එසේය ස්වාමීනි”
“ගෘහපතියෙනි, ඔවුන් අතර නුවණැති පුරුෂ තෙම මෙසේ කල්පනා කරයි. යම් මේ පින්වත් මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද (එනම්) ‘සියළු ආකාරයෙන් භවනිරෝධයක් නැත යනුයි. මෙය මා විසින් නොදක්නා ලදී.’ යම් මේ මහණ බමුණෝද මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, (එනම්) ‘සියළු ආකාරයෙන් භවනිරෝධයක් ඇත යනුයි. මෙය මා විසින් නොදන්නාලදී. මමද වනාහී නොදන්නෙම් නොදක්නෙම්, මෙයම සත්‍යය. අනික හිස්යයි එකාන්තයෙන් ගෙන ව්‍යවහාර කරන්නෙම්ද මෙය මට සුදුසු නොවන්නේය.’ යම් මේ පින්වත් මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද (එනම්) ‘සියළු ආකාරයෙන් නිවණක්, භව නිරෝධයක් නැත යනුයි. ඉදින් ඒ පින්වත් මහණ බමුණන්ගේ වචනය සත්‍යය නම් මේ කාරණය විද්‍යමාන වේ. යම් ඒ අරූපාවචර දෙවියෝ ධ්‍යාන සංඥාවෙන් උපන්නාහුවෙත්ද, එකාන්තයෙන් මාගේ එහි ඉපදීම වන්නේය.’ යම් ඒ පින්වත් මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, (එනම්) ‘සියළු ආකාරයෙන් භවනිරෝධයක් ඇත යනුයි. ඉදින් ඒ පින්වත් මහණ බමුණන්ගේ වචනය සත්‍යය නම් මේ කාරණය විද්‍යමාන වේ. මේ ආත්මයෙහිම පරිනිර්වාණයට පැමිණෙන්නෙමි. ‘යම් ඒ පින්වත් මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, (එනම්) ‘සියළු ආකාරයෙන් භවනිරෝධයක් නැත යනුයි.’ ඔවුන්ගේ මේ දෘෂ්ටිය රාගයාගේ සමීපයෙහි, සංයෝජනයාගේ සමීපයෙහි, ආශාවෙන් සතුටුවීමගේ සමීපයෙහි, ක්ලෙශයන්හි බැසගැනීමගේ සමීපයෙහි, උපාදානයන්ගේ සමීපයෙහි වේ. යම් ඒ පින්වත් මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු, මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද? (එනම්) ‘සියළු ආකාරයෙන් භවනිරෝධයක් ඇත යනුයි.’ ඔවුන්ගේ මේ දෘෂ්ටිය නොඇලීමගේ සමීපයෙහි නොබැඳීමගේ සමීපයෙහි, ආශාවෙන් සතුටු නොවීමගේ සමීපයෙහි, ක්ලෙශයන්හි බැසනොගැනීමගේ සමීපයෙහි, අනුපාදානයන්ගේ සමීපයෙහි වේයයි.’ හෙතෙම මෙසේ කල්පනා කොට භවයන්ගේම කලකිරීමට, නොඇලීමට, නැති කිරීමට පිළිපදින්නේ වෙයි
105
‘‘චත්තාරොමෙ, ගහපතයො, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො? ඉධ, ගහපතයො, එකච්චො පුග්ගලො අත්තන්තපො හොති අත්තපරිතාපනානුයොගමනුයුත්තො. ඉධ, ගහපතයො, එකච්චො පුග්ගලො පරන්තපො හොති පරපරිතාපනානුයොගමනුයුත්තො. ඉධ, ගහපතයො, එකච්චො පුග්ගලො අත්තන්තපො ච හොති අත්තපරිතාපනානුයොගමනුයුත්තො පරන්තපො ච පරපරිතාපනානුයොගමනුයුත්තො. ඉධ, ගහපතයො, එකච්චො පුග්ගලො නෙවත්තන්තපො හොති නාත්තපරිතාපනානුයොගමනුයුත්තො න පරන්තපො න පරපරිතාපනානුයොගමනුයුත්තො; සො අනත්තන්තපො අපරන්තපො දිට්ඨෙව ධම්මෙ නිච්ඡාතො නිබ්බුතො සීතීභූතො සුඛප්පටිසංවෙදී බ්‍රහ්මභූතෙන අත්තනා විහරති.
105
“ගෘහපතියෙනි, මේ පුද්ගලයෝ සතරදෙනෙක් ලෝකයෙහි ඇත්තාහු විද්‍යමාන වෙත්. කවර සතරදෙනෙක්දයත්? ගෘහපතියෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තමා තවන්ගේ තමන් තැවීමෙහි යෙදුනේ වෙයි. ගෘහපතියෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් අනුන් තවන්නේ, අනුන් තැවීමෙහි යෙදුනේ වෙයි. ගෘහපතියෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තමන් තවන්නේ, තමන් තැවීමෙහි යෙදුනේද, අනුන් තවන්නේ, අනුන් තැවීමෙහි යෙදුනේද වෙයි. ගෘහපතියෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තමන් නොතවන්නේ තමන් තැවීමෙහි නොයෙදුනේද, අනුන් නොතවන්නේ අනුන් තැවීමෙහි නොයෙදුනේද වෙයි. හෙතෙම තමන්ද නොතවන්නේ අනුන්ද නොතවන්නේ ඉහාත්මයෙහිම තෘෂ්ණා රහිතවූයේ නිවියේ සිහිල්වූයේ සැප විඳින සුළුවූයේ ශ්‍රේෂ්ඨවූ ආත්මයෙන් යුක්තව වාසය කරයි.
106
‘‘කතමො ච, ගහපතයො, පුග්ගලො අත්තන්තපො අත්තපරිතාපනානුයොගමනුයුත්තො ? ඉධ, ගහපතයො, එකච්චො පුග්ගලො අචෙලකො හොති මුත්තාචාරො හත්ථාපලෙඛනො...පෙ.... (විත්ථාරො ම. නි. 2.6-7 කන්දරකසුත්තෙ) ඉති එවරූපං අනෙකවිහිතං කායස්ස ආතාපනපරිතාපනානුයොගමනුයුත්තො විහරති. අයං වුච්චති, ගහපතයො, පුග්ගලො අත්තන්තපො අත්තපරිතාපනානුයොගමනුයුත්තො.
‘‘කතමො ච, ගහපතයො, පුග්ගලො පරන්තපො පරපරිතාපනානුයොගමනුයුත්තො? ඉධ, ගහපතයො, එකච්චො පුග්ගලො ඔරබ්භිකො හොති සූකරිකො...පෙ.... යෙ වා පනඤ්ඤෙපි කෙචි කුරූරකම්මන්තා. අයං වුච්චති, ගහපතයො, පුග්ගලො පරන්තපො පරපරිතාපනානුයොගමනුයුත්තො.
‘‘කතමො ච, ගහපතයො, පුග්ගලො අත්තන්තපො ච අත්තපරිතාපනානුයොගමනුයුත්තො පරන්තපො ච පරපරිතාපනානුයොගමනුයුත්තො? ඉධ, ගහපතයො, එකච්චො පුග්ගලො රාජා වා හොති ඛත්තියො මුද්ධාවසිත්තො...පෙ.... තෙපි දණ්ඩතජ්ජිතා භයතජ්ජිතා අස්සුමුඛා රුදමානා පරිකම්මානි කරොන්ති. අයං වුච්චති, ගහපතයො, පුග්ගලො අත්තන්තපො ච අත්තපරිතාපනානුයොගමනුයුත්තො පරන්තපො ච පරපරිතාපනානුයොගමනුයුත්තො.
‘‘කතමො ච, ගහපතයො, පුග්ගලො නෙවත්තන්තපො නාත්තපරිතාපනානුයොගමනුයුත්තො න පරන්තපො න පරපරිතාපනානුයොගමනුයුත්තො; සො අනත්තන්තපො අපරන්තපො දිට්ඨෙව ධම්මෙ නිච්ඡාතො නිබ්බුතො සීතීභූතො සුඛප්පටිසංවෙදී බ්‍රහ්මභූතෙන අත්තනා විහරති? ඉධ, ගහපතයො, තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො...පෙ.... සො ඉමෙ පඤ්ච නීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං...පෙ.... තතියං ඣානං... චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති.
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති සෙය්‍යථිදං - එකම්පි ජාතිං ද්වෙපි ජාතියො...පෙ.... ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ, සුගතෙ දුග්ගතෙ...පෙ.... යථාකම්මූපගෙ සත්තෙ පජානාති. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං පජානාති...පෙ.... ‘අයං ආසවනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති. තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චති, භවාසවාපි චිත්තං විමුච්චති, අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාති. අයං වුච්චති, ගහපතයො, පුග්ගලො නෙවත්තන්තපො නාත්තපරිතාපනානුයොගමනුයුත්තො න පරන්තපො න පරපරිතාපනානුයොගමනුයුත්තො; සො අනත්තන්තපො අපරන්තපො දිට්ඨෙව ධම්මෙ නිච්ඡාතො නිබ්බුතො සීතීභූතො සුඛප්පටිසංවෙදී බ්‍රහ්මභූතෙන අත්තනා විහරතී’’ති.
එවං වුත්තෙ, සාලෙය්‍යකා බ්‍රාහ්මණගහපතිකා භගවන්තං එතදවොචුං - ‘‘අභික්කන්තං, භො ගොතම, අභික්කන්තං, භො ගොතම! සෙය්‍යථාපි, භො ගොතම, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්‍ය ‘චක්ඛුමන්තො රූපානි දක්ඛන්තී’ති; එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එතෙ මයං භවන්තං ගොතමං සරණං ගච්ඡාම ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකෙ නො භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතෙ’’ති.
106
“ගෘහපතියෙනි, තමන් තවන්නාවූ, තමන් තැවීමෙහි යෙදුනාවූ පුද්ගල තෙම කවරේද? ගෘහපතියෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නිර්වස්ත්‍ර වෙයි, හරණලද ආචාර ඇත්තේ වෙයි, අත ලෙවකෑම නොහොත් මලපහකොට අතින් පිස දැමීම කරන්නේ වෙයි. ‘එව ස්වාමීනි,’ කීවිට නොඑන්නේ වෙයි. ‘සිටිනු ස්වාමීනියි,’ කීවිට නොසිටින්නේවෙයි, පළමුකොට දුන් දෙය නොපිළිගනියි, උදෙසා කරන ලද්ද නොපිළිගනියි, පැවරීම නොඉවසයි, හෙතෙම සැළි මුවින් ගෙන දුන් දෙය නොපිළිගනියි, භාජන මුවින් ගෙන දුන් දෙය නොපිළිගනියි, එළිපත අතර කොට දුන් දෙය නොපිළිගනියි, දණ්ඩක් අතර කොට දුන් දෙය නොපිළිගනියි, මොහොලක් අතර කොට දුන්දෙය නොපිළිගනියී, වළඳන්නාවූ දෙදෙනෙකු අතුරින් දුන් දෙය නොපිළිගනියි, ගැබිණියකගෙන් නොපිළිගනියි, කිරි පොවන්නියකගෙන් නොපිළිගනියි, පුරුෂයන් අතරට ගිය තැනැත්තියකගෙන් නොපිළිගනියි, සමාදන් කොට දුන් කල්හි නොපිළිගනියි, යම් තැනක සුනඛයෙක් සිටියේද එතන්හි නොපිළිගනියි, යම් තැනක මැස්සෝ රංචු රංචු ගැවසෙත්ද එතැන්හි නොපිළිගනියි, මත්ස්‍ය ආහාරය නොපිළිගනියි, මස් නොපිළිගනියි, මත්පැන් නොපිළිගනියි, කාඩිදිය නොබොයි, හෙතෙම එක ගෙයකින් ලැබුන ආහාර ඇත්තේ හෝ වෙයි, එක පිඩකින් යැපෙන්නේ හෝ වෙයි, ගෙවල් දෙකකින් ලැබූ ආහාර ඇත්තේ හෝ වෙයි, පිඩු දෙකකින් යැපෙන්නේ හෝ වෙයි, ගෙවල් සතකින් ලැබූ ආහාර ඇත්තේ හෝ වෙයි, පිඩු සතකින් යැපෙන්නේ හෝ වෙයි, එකම දත්තියකින් (කුඩාවූ ආහාර භාජනයකින්) ද යැපෙයි, දත්ති දෙකකින්ද යැපෙයි, දත්ති සතකින්ද යැපෙයි, එක් දවසක් හැර දවසක්ද ආහාරය ගනියි, දෙදවසක් හැර දවසක්ද ආහාරය ගනියි, මෙසේ මෙබඳු අඩ මසක් හැර දවසක්ද පර්‍ය්‍යාය භක්ත භොජනානුයොගයෙහි යෙදුනේ වාසය කරයි. හෙතෙම අමු කොළ අනුභව කරන්නේ හෝ වෙයි, බඩ අමු අනුභව කරන්නේ හෝ වෙයි, ඌරු හැල් අනුභව කරන්නේ හෝ වෙයි, සම් කසට අනුභව කරන්නේ හෝ වෙයි, මැලියම් අනුභව කරන්නේ හෝ වෙයි, කුඩු අනුභව කරන්නේ හෝ වෙයි, දඹු බත් අනුභව කරන්නේ හෝ වෙයි, තල මුරුවට අනුභව කරන්නේ හෝ වෙයි, තණකොළ අනුභව කරන්නේ හෝ වෙයි, ගොම අනුභව කරන්නේ හෝ වෙයි, වනයෙහි අල වර්ග හා ගෙඩි වර්ග ආහාර කොට ඇත්තේ වැටුනු ඵල අනුභව කිරීම ඇත්තේ එයින් යැපෙයි.
“හෙතෙම හණ වැහැරිද දරයි. මල සිරුරෙන් දැමූ වස්ත්‍රද දරයි, පාංශුකූල වස්ත්‍රද දරයි, රිටි සුඹුලෙන් කළ වස්ත්‍රද දරයි, අඳුන් දිවි සම්ද දරයි, කුර සහිත අඳුන් දිවි සම්ද දරයි, කුස තණ වැහැරිද දරයි, කෙඳිවලින් කළ වැහැරිද දරයි, පතුරු වලින් කළ වැහැරිද දරයි, මිනී කෙස්වලින් කළ කම්බිලියද දරයි, අස් ලොම් ආදියෙන් කළ කම්බිලියද දරයි, බකමුහුණු පිහාටු ගොතා කළ වස්ත්‍රද දරයි, හිසකේ රැවුලු ඉදිරීමයයි කියනලද පිළිවෙතෙහි යෙදුනේ වෙයි, ආසන ප්‍රතික්ෂෙප කරන ලද්දේ උඩ බලා සිටින්නේ වෙයි, උක්කුටික වූයේද වෙයි, කටු ඇතිරියෙහිද සයනය කරයි, දවසට තුන්වරක් දියට බසින පිළිවෙතෙහි යෙදුනේ වාසය කරයි. මෙසේ මෙබඳු අනෙක ප්‍රකාරවූ ශරීරය තවන අතිශයින් තවන පිළිවෙතෙහි යෙදුනේ වාසය කරයි. ගෘහපතියෙනි, මේ පුද්ගල තෙම තමන් තවන්නේ, තමන් තවන පිළිවෙතෙහි යෙදුනේ යයි කියනු ලැබේ.
“ගෘහපතියෙනි, අනුන් තවන්නාවූ, අනුන් තවන පිළිවෙතෙහි යෙදුනාවූ පුද්ගලතෙම කවරේද? ගෘහපතියෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් එළුවන් මරා ජීවත්වන්නෙක්වේද, ඌරන් මරා ජීවත් වන්නෙක් වේද, ලිහිණින් මරන්නේ වෙයිද. මුවන් මරන්නේ වෙයිද, රෞද්‍රවූයේ වෙයිද, මසුන් මරන්නේ වෙයිද, සොරකම් කරන්නේ වෙයිද, සොරකම් පිණිස මිනිසුන් මරන්නේ වෙයිද, සිරගෙවල පාලකයෝදවෙත්ද, අන්‍යවූද යම්කිසි ක්‍රෑර කර්මාන්ත ඇත්තේ වෙත්ද, ගෘහපතියෙනි, මේ පුද්ගලතෙම අනුන් තවන්නේ, අනුන් තැවීමෙහි යෙදුනේයයි කියනු ලැබේ.
“ගෘහපතියෙනි, තමන් තවන්නාවූ, තමන් තවන අනුයෝගයෙහි යෙදුනාවූද, අනුන් තවන්නාවූ අනුන් තවන අනුයෝගයෙහි යෙදුනාවූද පුද්ගලතෙම කවරේද? ගෘහපතිවරුනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ක්ෂත්‍රියවූ මස්තකයෙහි අභිෂෙක කළාවූ රජෙක් හෝ වෙයි. මහාසාර බ්‍රාහ්මණයෙක් හෝ වෙයි. හෙතෙම නුවරට පෙරදිග අළුත්වූ යාග ශාලාවක් කරවා හිසකේ රැවුල් බහවා කුරසහිත අඳුන් දිවි සමක් ඇඳ ගිතෙලින් හා තල තෙලින් සිරුර තවරා මුව අගින් පිට කසමින් මෙහෙසියද පෙරෙවි බමුණාද සමග යාග ශාලාවට පිවිසෙති. හෙතෙම එහී නොඅතුරනලද ගොම පිරිබඩ කළාවූ බිම නිදයි. ස්වරූපයෙන් සමාන වස්සන් ඇති එක දෙනකගේ තනයෙක්හි යම් කිරක් වේද, එයින් රජ තෙම යැපෙයි. දෙවෙනි තනයෙහි යම් කිරක් වේද, එයින් මෙහෙසිය යැපෙයි. තෙවන තනයෙන් යම් කිරක් වේද, එයින් පෙරෙවි බමුණා යැපෙයි. සිව්වන තනයෙහි යම් කිරක් වේද එයින් ගිනි පුදත්. ඉතිරි වූවකින් වස්සා යැපෙයි. හෙතෙම මෙසේ කියයි. යාගය පිණිස මෙපමණ ගවයෝ නසත්වා. යාගය පිණිස මෙපමණ බලවත් වස්සෝ නසත්වා යාගය පිණිස මෙපමණ බලවත් වැස්සියෝ නසත්වා. යාගය පිණිස මෙපමණ එළුවෝ නසත්වා. යාගය පිණිස මෙපමණ තිරෙළුවෝ නසත්වා යාග කණු පිණිස මෙපමණ රුක් සිඳිත්වා. යාග භූමිය වට කිරීම පිණිස හා ඇතිරීම පිණිසද මෙතෙක් කුසතණ සිඳිත්වා ඔහුගේ යම් ඒ දාසයෝය කියා හෝ පණිවුඩ කාරයෝය කියා හෝ කම්කරුවෝය කියා හෝ කෙනෙක් වෙත්ද, ඔවුහුද දණ්ඩෙන් තැතිගත්තාහු භයින් තැතිගත්තාහු කඳුළු පිරුණු මුහුණු ඇත්තාහු හඬමින් පරිකම් කරත්. ගෘහපතියෙනි, මේ පුද්ගලතෙම තමාත් තවන්නේ තමන් තැවීමෙහි යෙදුනේද අනුන් තවන්නේ අනුන් තැවීමෙහි යෙදුනේද වේයයි කියනු ලැබේ.
“ගෘහපතිවරුනි, තමන් නොමතවන්නාවූද තමන් නොතැවී මෙහි යෙදුනාවූද අනුන් නොතවන්නාවූද අනුන් නොතැවීමෙහි යෙදුනාවූද පුද්ගල තෙම කවරේද? හෙතෙම තමන්ද නොතවන්නේ අනුන්ද නොතවන්නේ මේ ආත්මයෙහිම තෘෂ්ණා රහිතවූයේ නිවියේ සිහිල්වූයේ සැප විඳින සුලුවූයේ ශ්‍රේෂ්ඨවූ ආත්මයෙන් යුක්තව වාසය කරයි.
“ගෘහපතියෙනි, එසේම මේ ලෝකයෙහි අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ, විද්‍යාචරණ සම්පන්නවූ යහපත් ගති ඇත්තාවූ, සියලු ලෝකයන් දන්නාවූ, ශ්‍රේෂ්ඨවූ, හික්මවිය යුතු පුරුෂයන් දමනයකිරීමෙහි රියැදුරෙකු වැනිවූ, දෙවි මිනිසුන්ට ගුරුවරයෙක්වූ, චතුස්සත්‍ය අවබෝධ කළාවූ තථාගත කෙනෙක් මොලොව උපදනාහ. ඒ තථාගත තෙමේ දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, මේ ලෝකය ස්වකීය විශේෂ ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කරයි. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ අවසානය යහපත්වූ අර්ථ සහිතවූ, දස වැදෑරුම් අක්ෂර සම්පත්තියෙන් යුක්තවූ සියලු ආකාරයෙන් සම්පූර්ණවූ පිරිසිදුවූ, ශාසන බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කරති.
“ඒ ධර්මය ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ අන් කුල අතුරෙන් එක් කුලයක උපන්නෙක් හෝ අසයිද ඔහු ඒ ධර්මය අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරයි. ඔහු ඒ ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ මෙසේ සලකන්නේය. ගිහි ගෙයි විසීම අවහිර සහිතය. කෙලෙස් දූවිලි උපදින තැනකි. මහණකම වනාහි කිසිවක් නොමැති අවකාශය මෙන් නිදහස්ය. ගිහි ගෙයි වසන්නහු විසින් සියලු අකාරයෙන් සම්පූර්ණවූ, සියලු ආකාරයෙන් පිරිසිදුවූ, ලියවූ හක්ගෙඩියක් වැනි මෙම බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්ට නොහැක්කේය. මම කෙස් දැළිරැවුල කපාදමා සිවුරු හැඳ ගිහි ගෙන් නික්ම සස්නෙහි මහණ වන්නෙමි නම් ඉතා යහපතැයි කියායි.
“ඔහු පසු කාලයක ස්වල්පවූ හෝ බොහෝවූ හෝ සම්පත් හැර, ස්වල්පවූ හෝ බොහෝවූ හෝ නෑපිරිස් හැර, කෙස් දැළි රැවුලු කපාදමා, සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වන්නේය. එසේ මහණවූ හෙතෙම භික්ෂු සීලයෙන් යුක්තවූයේ, ප්‍රාණවධ හැර ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ බහා තබන ලද දඬු ඇත්තේ, බහා තබන ලද ආයුධ ඇත්තේ පව් කිරීමෙහි ලජ්ජා ඇත්තේ, කරුණාවන්ත වූයේ, සියලු ප්‍රාණීන් කෙරෙහි හිත අනුකම්පාව ඇතුව වාසය කෙරේ නොදුන් දෙය ගැනීමෙන් වෙන්ව, එයින් සම්පූර්ණයෙන් වැළකුණේ. දුන් දෙයම ගන්නේ, දුන් දෙයම කැමති වන්නේ, සොර නොවූ, පිරිසිදු සිතින් යුක්තව වාසය කෙරේ. අබ්‍රහ්මචර්‍ය්‍යාව හැර උතුම් පැවතුම් ඇත්තේ ස්ත්‍රී පුරුෂ සංසර්ගය නම්වූ ග්‍රාම ධර්මයෙන් වෙන් වූයේ බ්‍රහ්මචාරීවේ. බොරු කීමෙන් දුරුව, ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ, සැබෑ වචන කියන්නේ, සැබවින් සැබව ගළපන ගති ඇතුව ස්ථිරකථා ඇත්තේ, ඇදහිය යුතු වචන ඇත්තේ ලෝකයා අතර විරුද්ධ කථා ඇති නොකෙරේ. පිසුනු බස් හැර, ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ, මෙතැනින් අසා ඔවුන් බිඳීම පිණිස එතැන නොකියන ගති ඇත්තේ, එතැනින් අසා මොවුන් බිඳීම පිණිස මෙතැන නොකියන ගති ඇත්තේ, මෙසේ භෙද වූවන් ගළපන්නේ සමගි වූවන්ගේ සමගිය තහවුරු කිරීමට අනුබල දෙන්නේ, සමගියෙහි ඇලුම් බහුල කොට ඇත්තේ, සමගිකම්හි ඇලුනේ, සමගිකම්හි සතුටුවන ගති ඇත්තේ සමගිය ඇති කරණ වචන කියන්නේය ඵරුෂ වචනය හැර ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ, යම් වචනයක් නිදොස් වේද, කණට මිහිරිද, ප්‍රෙමණීයද, සතුටු කරයිද, යහපත්ද, බොහෝ දෙනාට ප්‍රියද, බොහෝ දෙනාගේ හිත් ප්‍රියකරන්නේද, එබඳු වචනම කියන්නේ වේ. හිස්වූ ප්‍රලාප කථා හැර ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ, කාලයට සුදුසු කථා කරන්නේ, සිදුවූ වචනම කියන්නේ, අර්ථයෙන් යුක්තවූ, ධර්මයෙන් යුක්තවූ විනයයෙන් යුක්තවූ වචන කියන්නේ සුදුසු කල්හි, උපමා හා කරුණු සහිතවූ, සීමා ඇති, අර්ථයෙන් යුත්, නිධානයක් මෙන් සිතෙහි තැබිය යුතු වචන කියන්නේ වේ.
“හෙතෙම තණ, ගස්, වැල් සිඳීම් බිඳීම් ආදියෙන් වැළකුණේ වෙයි, එක් වේලක් වළඳන්නේ රාත්‍රි භොජනයෙන් වැළකුණේ විකාල භොජනයෙන් වැළකුණේ වෙයි. නැටීම්, ගී කීම්, බෙර ආදිය වැයීම්, විසුලු දැකීම් යන මෙයින් වැළකුණේ වෙයි. මල්, ගඳ, විළවුන් පැළදීම, ඉන් සැරසීම අඩු තැන් පිරවීම අලංකාර කිරීම යන මෙයින් වැළකුණේ වෙයි, උස් අසුන් මහ අසුන් යන මෙයින් වැළකුණේ වෙයි. රන් රිදී මසු කහවණු පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. අමු ධාන්‍ය වර්ග පිළිගැන්මෙන් තොරවූයේ වෙයි. අමු මස් පිළිගැන්මෙන් තොරවූයේ වෙයි. ස්ත්‍රීන් තරුණියන් පිළිගැන්මෙන් තොරවූයේවෙයි, එළුවන් බැටළුවන් පිළිගැන්මෙන් වැළකුණේවෙයි. ඌරන් කුකුළන් පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. ඇතුන් ගවයින්, අසුන්, වෙළඹුන්, පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. කෙත්, වත්, පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. ගිහීන්ගේ දුත මෙහෙවරය, ගෙන්ගෙට යන මහත් මෙහෙවරය යන මෙයින් වැළකුණේ වෙයි. විකිණීම මිළට ගැණීම යන මෙයින් වැළකුණේ වෙයි. තරාදියෙන් හොර කිරීම, රන් නොරන් කිරීමාදියෙන් හොර කිරීම මැනීමෙන් හොර කිරීමාදියෙන් වැළකුණේ වෙයි. හිමියන් අහිමි කිරීමාදිය සඳහා අල්ලස් ගැන්මය, උපායෙන් අනුන් රැවටීමය, යකඩ ආදී ලොහ රන් රිදීයයි අඟවා වඤ්චා කිරීමය, නොයෙක් ආකාරවූ කුටිල ප්‍රයොග යන මෙයින් වැළකුණේ වෙයි. කැපීමය, බැඳීමය, සැඟවී සිට වස්තු පැහැර ගැන්මය, ගම් නියම්ගම් ආදිය පැහැරීමය, බලාත්කාර කමින් වස්තු පැහැර ගැන්මය, යන මෙයින් වැළකුණේ වෙයි.
“හෙතෙමේ යම්තම් කය වැසීමට තරම්වූ සිවුරෙන්ද, යැපීමට ප්‍රමාණවූ ආහාරයෙන්ද සතුටු වන්නේ වේ. ඔහු යම් යම් තැනකට යේ නම් ඒ ඒ තැනට එය ගෙන යන්නේ වෙයි යම්සේ පක්ෂියෙක් යම් තැනකට පියාඹා යේ නම් ඒ සියලු තැන පියාපත් බර පමණකින් යුක්තව පියාඹා යේද, එපරිද්දෙන්ම භික්ෂු තෙමේද ශරීරය වැසීමට ප්‍රමාණවූ සිවුරෙන්ද යැපීමට ප්‍රමාණවූ ආහාරයෙන්ද සතුටු වන්නේවේ. ඔහු යම් තැනකට යා නම් ඒ ඒ තැන එය රැගෙණම යයි. හෙතෙමේ මේ උතුම් සීලයෙන් යුක්තවූයේ තම සන්තානයෙහි නිරවද්‍යවූ සැපය විඳින්නේය.
“හෙතෙමේ, ඇසින් රූපයක් දැක එහි මහත් සටහන් සිතට ගන්නේ නැත. කුඩා සටහන් සිතට ගන්නේ නැත. චක්ෂු ඉන්ද්‍රියෙහි අසංවරව වසන්නහුට යමක් හේතු කොට ගෙන ලෝභ ද්වේෂ අකුශල ධර්මයෝ හිතට ඇතුල් වන්නාහුද, එහි සංවරය පිණිස ඔහු පිළිපදී. ඔහු තමාගේ චක්ෂු ඉන්ද්‍රියය රකී චක්ෂු ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.
“කණින් ශබ්දයක් අසා එය නිමිති වශයෙන් ගන්නේ නොවේ. නැවත නැවත මතක්වනසේ අල්ලා ගන්නේ නොවේ. යමක් හේතු කොට ගෙන ශ්‍රොතෙන්ද්‍රිය (කන්) අසංවරව වසන්නහුට ලෝභ ද්වේෂ අකුසල ධර්මයෝ උපදිද්ද ඒ ශ්‍රොතෙන්ද්‍රියන් සංවරය පිණිස පිළිපදියි. ශ්‍රොතෙන්ද්‍රිය රකී. ශ්‍රොතෙන්ද්‍රියෙහි සංවරයට පැමිණෙයි.
“නාසයෙන් ගඳක් ආඝ්‍රාණය කොට එය නිමිති වශයෙන් නොගනී. නැවත නැවත මතක්වනසේ සිතට නොගනී. යමක් හේතු කොට ගෙන ඝ්‍රානෙන්ද්‍රිය (නාසය) අසංවරව වාසය කරන්නහුට ලෝභ ද්වේෂ අකුසල ධර්මයෝ උපදිත්ද, එහි සංවරය පිණිස පිළිපදියි. ඝ්‍රානෙන්ද්‍රිය රකියි. ඝ්‍රානෙන්ද්‍රියයාගේ සංවරයට පැමිණෙයි. දිවෙන් රසක් විඳ එය අරමුණු වශයෙන් නොගනී. නැවත නැවත මතක්වනසේ නොගනී. යමක් හේතු කොට ගෙන ජීව්හේන්ද්‍රිය සංවර නොකොට වාසය කරන්නාහට ලෝභ ද්වේෂ අකුශල ධර්මයෝ උපදිත්ද, එහි සංවරය පිණිස පිළිපදියි. ජිව්හෙන්ද්‍රිය (දිව) ආරක්ෂාකරයි. ජිව්හෙන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි.
“කයින් පහසක් ස්පර්ශකොට නිමිති වශයෙන් නොගනියි නැවත නැවත මතක්වනසේ සිතට නොගනී. යමක් හේතු කොට කායෙන්ද්‍රිය අසංවරව වාසය කරන්නහුට ලෝභ ද්වේෂ අකුසල ධර්මයෝ උපදිත්ද, ඒ කායෙන්ද්‍රිය සංවරය පිණිස පිළිපදියි. කායෙන්ද්‍රිය ආරක්ෂාකරයි. කායෙන්ද්‍රියේ සංවරයට පැමිණෙයි. සිතින් ධර්මාරම්මණයක් දැන නිමිති වශයෙන් නොගනී. නැවත නැවතත් මතක්වනසේ සිතට නොගනී. යම් හෙයකින් සිත අසංවරව වාසය කරන්නහුට ලෝභ ද්වේෂ අකුශල ධර්මයෝ උපදිත්ද, ඒ මනින්ද්‍රිය (සිත) සංවරය පිණිස පිළිපදියි. මනින්ද්‍රිය රකී. මනින්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. හෙතෙමේ මේ උතුම් ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තවූයේ තම සන්තානයෙහි කෙලෙසුන්ගෙන් තෙත් නොවූ සැපය විඳින්නේය.
“හෙතෙමේ ඉදිරියට යාමෙහිද ආපසු යාමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. ඉදිරිපස බැලීමෙහිද හැරී බැලීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. අත් පා හැකිලීමෙහිද දිගුකිරීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. සඟල සිවුර සහ පාත්‍ර සිව්රු දැරීමෙහි නුවණින් යුක්තවූයේ වෙයි. අනුභව කිරීමය, පානය කිරීමය, රස විඳීමය යන මෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. මල මුත්‍ර පහකිරීමෙහිද නුවණින් යුක්ත වූයේ වෙයි. යැම්, සිටීම්, හිඳීම්, සැතපීම්, නිදි තොර කිරීම්, කථාකිරීම්, නිශ්ශබ්ද වීම් යන මෙහිද නුවණින් යුක්ත වූයේ වෙයි.
“උතුම්වූ මේ සීලසමූහයෙන් යුක්තවූද උතුම්වු මේ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තවූද, මේ උතුම්වූ සතිසම්පජඤ්ඤයෙන් යුක්තවූද, ඒ භික්ෂු තෙමේ කැලයද, ගහක් මුලද, පර්වතද, කඳුරැලිද, ගල් ගුහාද, සොහොන්ද, ඉතා දුරවූ කැලෑද හිස්තැන්ද, පිදුරු ගොඩවල්ද යන මේ විවේක සෙනාසන භජනය කෙරෙයි. ඔහු පසුබත් කාලයෙහි පිණ්ඩපාත ආහාරයෙන් වැළකුණේ, පර්‍ය්‍යංකය බැඳ, ශරීරය කෙළින් තබා සිත අරමුණෙහි පිහිටුවා හිඳගනියි.
“ඔහු ස්කන්ධ ලෝකයෙහි ලෝභය පහකොට ලෝභ රහිත සිතින් යුක්තව වාසය කෙරේ. ලෝභයෙන් සිත පිරිසිදු කෙරේ. සිත කෙලසන්නාවූ ක්‍රෝධය පහකොට, ක්‍රෝධයෙන් දුරුවූ සිත් ඇතිව වාසය කරයි. සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කරයි. ක්‍රෝධයෙන් සිත පිරිසිදු කෙරේ. කාය චිත්ත දෙදෙනාගේ අලස බව දුරු කොට කය-සිත පිළිබඳ පහවූ අලස බව ඇත්තේ ආලෝක සංඥා ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් ප්‍රඥා ඇත්තෙක්ව ථිනමිද්ධයෙන් සිත පිරිසිදු කෙරේ. නොසන්සුන්කම හා පසුතැවීම දුරු කොට, සංසිඳුනු සිත් ඇතිව වාසය කෙරේ. ඇතුළත සංසිඳුනු සිත් ඇත්තේ, උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කෙරේ. සැකය දුරු කොට, පහකළ සැක ඇත්තේ කුශල ධර්ම විෂයෙහි එසේද මෙසේදැයි සැක නැතිව විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කෙරේ.
“හෙතෙම සිත කිලුටු කරන්නාවූද, ප්‍රඥාව දුර්වල කරන්නාවූ මේ පංච නීවරණයන් දුරුකොට, කාමයන් ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයිද,
“ගෘහපතියෙනි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් ඇතුලත පැහැදීම ඇති, හිතේ එකඟ බව ඇති, විතර්ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාසය කරයිද,
“ගෘහපතියෙනි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම ප්‍රීතියෙහිද නොඇලීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කරයිද, සිහියෙන් යුක්ත වූයේ, නුවණින් යුක්ත වූයේ ශරීරයෙන් සුවය විදින්නේද, ආර්‍ය්‍යයෝ යම් ඒ ධ්‍යානයක් උපෙක්ෂා ඇති, සැප විහරණ ඇත්තේයයි කියද්ද, ඒ තෘතියධ්‍යානයට පැමිණ වාසය කරයිද,
“ගෘහපතියනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම සැපය දුරු කිරීමෙන්ද, දුක දුරු කිරීමෙන්ද (ධ්‍යානය ලැබීමට) පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන්, දුක්ද නොවූ, සැපද නොවූ උපෙක්ෂා සිහියෙන් පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයිද,
“හෙතෙමේ මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, පෙර ජාති සිහි කිරීමේ ඥානය පිණිස සිත නමයි. හේ තෙමේ නොයෙක් විදියේ පෙර විසීම් සිහි කෙරෙයි. කෙසේද යත්? “එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පසක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති සතළිසක්ද, ජාති පනසක්ද, ජාති සියයක්ද, දහස් ජාතියක්ද, සියක් දහස් ජාතියක්ද නොයෙක් විනාශ වෙමින් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද, නොයෙක් විනාශවන හෝ හැදෙන කල්පයන්ද, ‘අසුවල් තැන වීමි, මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම්, අසුවල් තැන උපන්නෙම්, එහිදු මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම්, මෙහි උපන්නෙමි’යි මෙසේ ආකාර සහිතව, දැක්වීම් සහිතව, නොයෙක් විදියේ පෙර ජීවිත සිහි කෙරෙයි.
“ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, චුති උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත නමයි. හේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී. පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද හොඳලොව උපදින්නාවූද නරක ලොව උපදින්නාවූද කර්මයට අනුව උපදින්නාවූ සත්වයන් දකී. ‘මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූහ, වාග් දුශ්චරිතයෙන් යුක්තවූහ මනො දුශ්චරිතයෙන් යුක්තවූහ. ආර්‍ය්‍යයන්ට ගරහන්නෝ වූහ. මිථ්‍යාදෘෂ්ටිකයෝ වූහ, මිථ්‍යාදෘෂ්ටිකර්ම සමාදන්වූවෝ වූහ. ඔවුහු මරණින් මතු සැපයෙන් පහවූ නපුරුවූ දුක්වූ නිරයට පැමිණෙත්. නැතහොත්, මේ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්තවූහ, වාග් සුචරිතයෙන් යුක්තවූහ, මනො සුචරිතයෙන් යුක්ත වූහ, ආර්‍ය්‍යයන්ට නොගරහන්නෝ වූහ. සත්‍යය අදහන්නෝ වූහ, සත්‍ය ඇදහීම් සමාදන්වූවෝ වූහ. ඔව්හු මරණින් මතු යහපත් ගතිඇති ස්වර්ග ලෝකයට පැමිණියෝ’යි මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුත වන උපදින සත්වයන් දකී. මෙසේ පිරිසිදුවූ, මනුෂ්‍යත්වය ඉක්ම සිටියාවූ දිවැසින් චුතවන්නාවූද උපදින්නාවූද පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද හොඳ ලොවට ගියාවූද නරක ලොවට ගියාවූද සත්වයන් දනී.
“ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පානොවන බවට පැමිණි කල්හි, ආශ්‍රව කෙලෙස් පහකිරීමේ ඥානය පිණිස සිත නමයි. ඔහු මේ දුකයයි තතු ලෙස දැනගනී. මේ දුක් ඉපදීමේ හේතුවයයි තතු ලෙස දැනගණී, මේ දුක් නැති කිරීමයයි තතු ලෙස දැන ගණී, මේ දුක් නැති කිරීමේ මාර්ගයයයි තතු ලෙස දැනගණී, මේ ආශ්‍රව ක්ලෙශයන්ගේ හේතුවයයි තතු ලෙස දැනගණී, මේ ඒ කෙලෙස් නැති කිරීමයයි තතු ලෙස දැනගණී, මම ඒ කෙලෙස් නැති කිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගනී.
“මෙසේ දන්නා දක්නා ඔහුගේ සිත කාම ආශ්‍රවය කෙරෙන්ද මිදේ, භව ආශ්‍රවය කෙරෙන්ද මිදේ, අවිද්‍යාශ්‍රවය කෙරෙන්ද මිදේ, මිදුනු කල්හි මිදුනේය යන ඥානය පහළ වෙයි. ඉපදීම නැති විය. උතුම් හැසිරීමෙහි වසනලදී. කටයුත්ත කරණ ලදී, මින් පසු මේ සඳහා කළ යුත්තක් නැතැ’යිද දැනගණී.
“ගෘහපතියෙනි, මේ පුද්ගලතෙම තමාද නොතවන්නේ, තමන් නොතවන ප්‍රතිපදාවෙහි යෙදුනේ, අනුන්ද නොතවන්නේ, අනුන් නොතවන ප්‍රතිපදාවෙහි යෙදුනේයයි කියනු ලැබේ. හෙතෙම තමන්ද නොතවන්නේ, අනුන්ද නොතවන්නේ මේආත්මයෙහිම තෘෂ්ණා රහිත වූයේ, නිවියේ, සිහිල් වූයේ, සැප විඳිනසුළු වූයේ, ශ්‍රේෂ්ඨවූ ආත්මයෙන් යුක්තව වාසය කෙරේයයි” වදාළේය.
මෙසේ වදාළ කල්හි ශාලා නම් ගම්වැසි බ්‍රාහ්මණ ගෘහපතියෝ භාග්‍යවතුන් වහන්සේට මෙය කීවාහුය.
“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරුකොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වේද, වසා තබන ලද්දක් වැසුම් හරින්නේ හෝ වේද, මංමුලාවූවෙකුට මඟ කියන්නේ හෝ වේද, අන්ධකාරයෙහි ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේ හෝ වේද, මෙපරිද්දෙන්ම භවත් ගෞතමයාණන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප්‍රකාශ කරනලදී. මේ අපි භවත් ගෞතමයන් වහන්සේ සරණකොට යමු. ධර්මයද භික්ෂු සංඝයාද (සරණ කොට යමු). භවත් ගෞතම තෙමේ අප අද පටන් දිවිහිම් කොට සරණ ගියාවූ උපාසකයන්යයි දරණ සේක්වා.”