ත්‍රිපිටකය
5. චූළයමකවග්ගො 5. චූල යමක වර්ගය
1. සාලෙය්‍යකසුත්තං 1. සාලෙය්‍යක සූත්‍රය
2. වෙරඤ්ජකසුත්තං 2. වෙරඤ්ජක සූත්‍රය
3. මහාවෙදල්ලසුත්තං 3. මහා වෙදල්ල සූත්‍රය
4. චූළවෙදල්ලසුත්තං 4. චූල වෙදල්ල සූත්‍රය
5. චූළධම්මසමාදානසුත්තං 5. චූල ධම්ම සමාදාන සූත්‍රය
6. මහාධම්මසමාදානසුත්තං 6. මහා ධම්ම සමාදාන සූත්‍රය
7. වීමංසකසුත්තං 7. වීමංසක සූත්‍රය
487
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘භික්ඛවො’’ති. ‘‘භදන්තෙ’’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච - ‘‘වීමංසකෙන, භික්ඛවෙ, භික්ඛුනා පරස්ස චෙතොපරියායං අජානන්තෙන (ආජානන්තෙන (පී. ක.), අජානන්තෙන කින්ති (?)) තථාගතෙ සමන්නෙසනා කාතබ්බා ‘සම්මාසම්බුද්ධො වා නො වා’ ඉති විඤ්ඤාණායා’’ති. ‘‘භගවංමූලකා නො, භන්තෙ, ධම්මා, භගවංනෙත්තිකා භගවංපටිසරණා; සාධු වත, භන්තෙ, භගවන්තංයෙව පටිභාතු එතස්ස භාසිතස්ස අත්ථො; භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තී’’ති. ‘‘තෙන හි, භික්ඛවෙ, සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස්සාමී’’ති . ‘‘එවං, භන්තෙ’’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
487
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවන නම් විහාරයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂූන්ට කථා කළහ. “ස්වාමීන්වහන්ස”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, පරසිත් නොදන්නාවූ විමසන භික්ෂුව විසින් තථාගතයන් වහන්සේ සම්‍යක් සම්බුද්ධද? නැද්ද? යි දැනගනු සඳහා තථාගතයන් වහන්සේ පිළිබඳව විමසා බැලිය යුතුය.”
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ වෙතින් පහළ වන්නාහ, භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහ. ස්වාමීනි, මේ වචනයෙහි අර්ථයද භාග්‍යවතුන් වහන්සේටම වැටහේවා, භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරන්නාහුය.” “මහණෙනි, එසේවීනම් අසව්, මනාකොට මෙනෙහි කරව්, කියන්නෙමි.” “එසේය, ස්වාමීනි”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.
488
‘‘වීමංසකෙන, භික්ඛවෙ, භික්ඛුනා පරස්ස චෙතොපරියායං අජානන්තෙන ද්වීසු ධම්මෙසු තථාගතො සමන්නෙසිතබ්බො චක්ඛුසොතවිඤ්ඤෙය්‍යෙසු ධම්මෙසු - ‘යෙ සංකිලිට්ඨා චක්ඛුසොතවිඤ්ඤෙය්‍යා ධම්මා, සංවිජ්ජන්ති වා තෙ තථාගතස්ස නො වා’ති? තමෙනං සමන්නෙසමානො එවං ජානාති - ‘යෙ සංකිලිට්ඨා චක්ඛුසොතවිඤ්ඤෙය්‍යා ධම්මා, න තෙ තථාගතස්ස සංවිජ්ජන්තී’ති.
‘‘යතො නං සමන්නෙසමානො එවං ජානාති - ‘යෙ සංකිලිට්ඨා චක්ඛුසොතවිඤ්ඤෙය්‍යා ධම්මා, න තෙ තථාගතස්ස සංවිජ්ජන්තී’ති, තතො නං උත්තරිං සමන්නෙසති - ‘යෙ වීතිමිස්සා චක්ඛුසොතවිඤ්ඤෙය්‍යා ධම්මා, සංවිජ්ජන්ති වා තෙ තථාගතස්ස නො වා’ති? තමෙනං සමන්නෙසමානො එවං ජානාති - ‘යෙ වීතිමිස්සා චක්ඛුසොතවිඤ්ඤෙය්‍යා ධම්මා, න තෙ තථාගතස්ස සංවිජ්ජන්තී’ති.
‘‘යතො නං සමන්නෙසමානො එවං ජානාති - ‘යෙ වීතිමිස්සා චක්ඛුසොතවිඤ්ඤෙය්‍යා ධම්මා, න තෙ තථාගතස්ස සංවිජ්ජන්තී’ති, තතො නං උත්තරිං සමන්නෙසති - ‘යෙ වොදාතා චක්ඛුසොතවිඤ්ඤෙය්‍යා ධම්මා, සංවිජ්ජන්ති වා තෙ තථාගතස්ස නො වා’ති? තමෙනං සමන්නෙසමානො එවං ජානාති - ‘යෙ වොදාතා චක්ඛුසොතවිඤ්ඤෙය්‍යා ධම්මා, සංවිජ්ජන්ති තෙ තථාගතස්සා’ති.
‘‘යතො නං සමන්නෙසමානො එවං ජානාති - ‘යෙ වොදාතා චක්ඛුසොතවිඤ්ඤෙය්‍යා ධම්මා, සංවිජ්ජන්ති තෙ තථාගතස්සා’ති, තතො නං උත්තරිං සමන්නෙසති - ‘දීඝරත්තං සමාපන්නො අයමායස්මා ඉමං කුසලං ධම්මං, උදාහු ඉත්තරසමාපන්නො’ති? තමෙනං සමන්නෙසමානො එවං ජානාති - ‘දීඝරත්තං සමාපන්නො අයමායස්මා ඉමං කුසලං ධම්මං, නායමායස්මා ඉත්තරසමාපන්නො’ති.
‘‘යතො නං සමන්නෙසමානො එවං ජානාති - ‘දීඝරත්තං සමාපන්නො අයමායස්මා ඉමං කුසලං ධම්මං, නායමායස්මා ඉත්තරසමාපන්නො’ති, තතො නං උත්තරිං සමන්නෙසති - ‘ඤත්තජ්ඣාපන්නො අයමායස්මා භික්ඛු යසප්පත්තො, සංවිජ්ජන්තස්ස ඉධෙකච්චෙ ආදීනවා’ති? න තාව, භික්ඛවෙ, භික්ඛුනො ඉධෙකච්චෙ ආදීනවා සංවිජ්ජන්ති යාව න ඤත්තජ්ඣාපන්නො හොති යසප්පත්තො. යතො ච ඛො, භික්ඛවෙ, භික්ඛු ඤත්තජ්ඣාපන්නො හොති යසප්පත්තො , අථස්ස ඉධෙකච්චෙ ආදීනවා සංවිජ්ජන්ති. තමෙනං සමන්නෙසමානො එවං ජානාති - ‘ඤත්තජ්ඣාපන්නො අයමායස්මා භික්ඛු යසප්පත්තො, නාස්ස ඉධෙකච්චෙ ආදීනවා සංවිජ්ජන්තී’ති.
‘‘යතො නං සමන්නෙසමානො එවං ජානාති - ‘ඤත්තජ්ඣාපන්නො අයමායස්මා භික්ඛු යසප්පත්තො, නාස්ස ඉධෙකච්චෙ ආදීනවා සංවිජ්ජන්තී’ති, තතො නං උත්තරිං සමන්නෙසති - ‘අභයූපරතො අයමායස්මා, නායමායස්මා භයූපරතො; වීතරාගත්තා කාමෙ න සෙවති ඛයා රාගස්සා’ති? තමෙනං සමන්නෙසමානො එවං ජානාති - ‘අභයූපරතො අයමායස්මා, නායමායස්මා භයූපරතො; වීතරාගත්තා කාමෙ න සෙවති ඛයා රාගස්සා’ති. තඤ්චෙ, භික්ඛවෙ, භික්ඛුං පරෙ එවං පුච්ඡෙය්‍යුං - ‘කෙ පනායස්මතො ආකාරා, කෙ අන්වයා, යෙනායස්මා එවං වදෙසි - අභයූපරතො අයමායස්මා, නායමායස්මා භයූපරතො; වීතරාගත්තා කාමෙ න සෙවති ඛයා රාගස්සා’ති. සම්මා බ්‍යාකරමානො, භික්ඛවෙ, භික්ඛු එවං බ්‍යාකරෙය්‍ය - ‘තථා හි පන අයමායස්මා සඞ්ඝෙ වා විහරන්තො එකො වා විහරන්තො, යෙ ච තත්ථ සුගතා යෙ ච තත්ථ දුග්ගතා, යෙ ච තත්ථ ගණමනුසාසන්ති, යෙ ච ඉධෙකච්චෙ ආමිසෙසු සංදිස්සන්ති, යෙ ච ඉධෙකච්චෙ ආමිසෙන අනුපලිත්තා, නායමායස්මා තං තෙන අවජානාති . සම්මුඛා ඛො පන මෙතං භගවතො සුතං සම්මුඛා පටිග්ගහිතං - අභයූපරතොහමස්මි, නාහමස්මි භයූපරතො, වීතරාගත්තා කාමෙ න සෙවාමි ඛයා රාගස්සා’ති.
488
“මහණෙනි, පරසිත් නොදන්නාවූ, විමසන්නාවූ භික්ෂුව විසින් ධර්ම දෙකක් පිළිබඳව සර්වඥයන් වහන්සේ පරීක්ෂා කටයුතුයි. (එනම්) ඇසින් හා කණින් (දැකීමෙන් හා ඇසීමෙන්) දතයුතු ධර්මයන්හිය. ඇසින් හා කණින් දතයුතුවූ ක්ලෙශ සහගත යම් ධර්ම වෙත්නම්, ඒ ධර්ම තථාගතයන් වහන්සේට ඇද්ද නැද්දැයි විමසිය යුතුය. ඒ මේ කාරණය විමසන්නාවූ භික්ෂුව මෙසේ දැනගනියි. (එනම්) ඇසින් හා කණින් (දැකීමෙන් හා ඇසීමෙන්) දතයුතුවූ කෙලෙස් සහගත ධර්ම තථාගතයන් වහන්සේට නැත කියාය. යම් විටෙක එසේ විමසා බලන්නේ ඇසින් හා කණින් දතයුතුවූ, කෙලෙස් සහගත ධර්ම තථාගතයන් වහන්සේට නැතැයි දකීද, ඉක්බිති තව දුරටත් විමසා බලන්නේය. ඇසින් හා කණින් දත යුතුවූ මිශ්‍රවූ යම් ධර්ම (කලකදී හොඳ, කලකදී නරක ක්‍රියා හා වචන) වෙත් නම් ඒවා තථාගතයන් වහන්සේට ඇද්ද නැද්දැයි පරීක්ෂා කරන්නේය. ඒ කාරණය පරීක්ෂා කරන්නාවූ භික්ෂුව මෙසේ දැනගනියි. (එනම්) මිශ්‍රවූ යම් ධර්ම වෙත් නම් ඒ ධර්ම තථාගතයන් වහන්සේට නැත කියාය. යම් විටෙක එසේ පරීක්ෂා කරන්නේ හොඳ නරක මිශ්‍ර ධර්ම තථාගතයන් වහන්සේට නැතැයි දැන ගනීද, ඉක්බිති තවදුරටත් සෝදිසි කරන්නේය.
“ඇසින් හා කණින් දතයුතුවූ යම් පිරිසිදු (කෙලෙස් රහිත) ධර්ම කෙනෙක් වෙත්නම් ඒවා තථාගතයන් වහන්සේට ඇද්ද නැද්දැයි විමසා බලන්නේය. ඒ කාරණය පරීක්ෂා කරන භික්ෂුව මෙසේ දැන ගනියි. (එනම්) පිරිසිදුවූ (කෙලෙස් රහිත) යම් ධර්ම වෙත්නම් ඒ ධර්ම තථාගතයන් වහන්සේට ඇත කියාය. යම් විටෙක එසේ පරීක්ෂා කරන්නේ පිරිසිදුවූ ධර්ම තථාගතයන් වහන්සේට ඇතැයි දැනගනීද ඉක්බිති තව දුරටත් පරීක්ෂා කරන්නේය.
“මේ පින්වත් තෙමේ (බුදුන් වහන්සේ) බොහෝ කලක් මුළුල්ලෙහි මේ කුසල ධර්මයෙන් යුක්ත වූයේද නැතහොත් සුලු කාලයක් තුළ එයින් යුක්ත වූයේදැයි පරීක්ෂා කරන්නේය. ඒ මේ කාරණය පරීක්ෂා කරන භික්ෂුව මෙසේ දැන ගනියි. (එනම්) මේ පින්වත් තෙමේ බොහෝ කලක් මුළුල්ලෙහි මේ කුසල ධර්මයෙන් යුක්ත වූයේය. සුලු කාලයක් තුළ නොවේ කියාය. යම් විටෙක එසේ පරීක්ෂා කරන්නේ මේ පින්වත් තෙමේ බොහෝ කාලයක් මුළුල්ලෙහි මේ කුසල ධර්මයෙන් යුක්ත වූයේය, සුලු කාලයක් තුළ නොවේයැයි දැන ගනීද, ඉක්බිති තව දුරටත් පරීක්ෂා කරන්නේය.
“මේ පින්වත් භික්ෂුව ප්‍රසිද්ධ බවට පැමිණියේය. පිරිවර ආදී යසසට පැමිණියේය. ඔහුට මේ ලෝකයෙහි යම් යම් දොස් ඇත්දැයි පරීක්ෂා කරන්නේය. මහණෙනි, මේ ශාසනයෙහි (භික්ෂුව) යම්තාක් ප්‍රසිද්ධ බවට නොපැමිණියේ වේද, පරිවාර සම්පත්තියට නොපැමිණියේවේද, ඒතාක් ඔහුට යම් යම් දෝෂයෝ ඇති නොවෙත්. මහණෙනි, යම් තැනක පටන් මහණතෙම ප්‍රසිද්ධියට පැමිණියේද, පිරිවර ආදි සම්පත්තියට පැමිණියේද, එවිට ඔහුට මේ ලෝකයෙහි යම් යම් දෝෂයෝ ඇතිවෙත්. ඒ මේ කාරණය පරීක්ෂා කරන්නේ මෙසේ දනියි. මේ ආයුෂ්මත් භික්ෂු තෙමේ ප්‍රසිද්ධ බවට පැමිණියේය. ඔහුට මෙහි යම් යම් දෝෂ නැතැයි කියාය. යම්විටෙක එසේ පරීක්ෂා කරන්නේ මෙසේ දනීද, මේ ආයුෂ්මත් භික්ෂු තෙමේ ප්‍රසිද්ධ බවට පැමිණියහ. පිරිවර ආදි සම්පත්තියට පැමිණියේය. මේ ලෝකයෙහි ඔහුට යම් යම් දෝෂයෝ නැතැයි දැනගනීද, ඉක්බිති තව දුරටත් පරීක්ෂා කරන්නේය.
“මේ ආයුෂ්මත් තෙම නිර්භය වූයේද, මේ ආයුෂ්මත් තෙම භයින් යුක්ත වූයේ නොවේද, රාගය නැති කිරීමෙන් පහවූ රාග ඇති බැවින් කාමයන් සේවනය නොකරන්නේද? කියා පරීක්ෂා කරන්නේය. ඒ මේ කාරණය පරීක්ෂා කරන්නේ මෙසේ දනියි. මේ ආයුෂ්මත් තෙම නිර්භය වූයේය. භයින් යුක්තවූයේ නොවෙයි, පහවූ රාග ඇති බැවින් කාමයන් සේවනය නොකරයි. (කියා දැනගනියි) මහණෙනි, අන්‍යයෝ ඒ භික්ෂුවගෙන් මෙසේ විචාරන්නාහුය. ‘මේ පින්වත් තෙමේ නිර්භය වූයේ, භයින් යුක්ත වූයේ නොවෙයි, රාගය නැතිකිරීමෙන් පහවූ රාග ඇති බැවින් කාමයන් සේවනය නොකරයි කියා කියන්නට ආයුෂ්මතුන්හට ඇති කාරණයෝ කවරහුද? අනුමාන කල්පනා කවරහුදැ’යි (අසන්නාහුය) මහණෙනි, මනාකොට ප්‍රකාශ කරන්නාවූ ඒ මහණ තෙම මෙසේ ප්‍රකාශ කරන්නේය. ‘මේ ආයුෂ්මත් තෙමේ සමූහයා අතරෙහි වාසය කරන්නේ හෝ වේද, තනිව වාසය කරන්නේ හෝ වෙයිද, එහි යම් මනාව පිළිපදින පුද්ගලයෝ වෙත්ද, නොමනාව පිළිපදින පුද්ගලයෝ වෙත්ද, සමූහයා පිරිවරා සිටින පුද්ගලයෝ වෙත්ද, ආහාර පාන ආදි ආමිසයන්හි ගිජුව වාසය කරන්නෝ වෙත්ද, ආමිසයන්හි නොඇලී වාසය කරන්නෝ වෙත්ද, මේ ආයුෂ්මත් තෙම, ඒ ඒ කාරණය නිසා ඒ ඒ පුද්ගලයාට අවමන් නොකරයි. ‘මම නිර්භය වෙමි. මම භයින් යුක්තවූයේ නොවෙමි. රාගය නැති කිරීමෙන් පහවූ රාග ඇති බැවින් කාමයන් සේවනය නොකරමි’යි යන මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වෙතින්ම අසන ලදී. භාග්‍යවතුන් වහන්සේ හමුවෙන් පිළිගන්නා ලදී.
489
‘‘තත්‍ර , භික්ඛවෙ, තථාගතොව උත්තරිං පටිපුච්ඡිතබ්බො - ‘යෙ සංකිලිට්ඨා චක්ඛුසොතවිඤ්ඤෙය්‍යා ධම්මා, සංවිජ්ජන්ති වා තෙ තථාගතස්ස නො වා’ති? බ්‍යාකරමානො, භික්ඛවෙ, තථාගතො එවං බ්‍යාකරෙය්‍ය - ‘යෙ සංකිලිට්ඨා චක්ඛුසොතවිඤ්ඤෙය්‍යා ධම්මා, න තෙ තථාගතස්ස සංවිජ්ජන්තී’’’ති.
‘‘යෙ වීතිමිස්සා චක්ඛුසොතවිඤ්ඤෙය්‍යා ධම්මා, සංවිජ්ජන්ති වා තෙ තථාගතස්ස නො වාති? බ්‍යාකරමානො, භික්ඛවෙ, තථාගතො එවං බ්‍යාකරෙය්‍ය - ‘යෙ වීතිමිස්සා චක්ඛුසොතවිඤ්ඤෙය්‍යා ධම්මා, න තෙ තථාගතස්ස සංවිජ්ජන්තී’ති.
‘‘යෙ වොදාතා චක්ඛුසොතවිඤ්ඤෙය්‍යා ධම්මා, සංවිජ්ජන්ති වා තෙ තථාගතස්ස නො වාති? බ්‍යාකරමානො, භික්ඛවෙ, තථාගතො එවං බ්‍යාකරෙය්‍ය - ‘යෙ වොදාතා චක්ඛුසොතවිඤ්ඤෙය්‍යා ධම්මා, සංවිජ්ජන්ති තෙ තථාගතස්ස; එතංපථොහමස්මි, එතංගොචරො (එතපථොහමස්මි එතගොචරො (සී. ස්‍යා. කං. පී.)), නො ච තෙන තම්මයො’ති.
‘‘එවංවාදිං ඛො, භික්ඛවෙ, සත්ථාරං අරහති සාවකො උපසඞ්කමිතුං ධම්මස්සවනාය. තස්ස සත්ථා ධම්මං දෙසෙති උත්තරුත්තරිං පණීතපණීතං කණ්හසුක්කසප්පටිභාගං. යථා යථා ඛො, භික්ඛවෙ, භික්ඛුනො සත්ථා ධම්මං දෙසෙති උත්තරුත්තරිං පණීතපණීතං කණ්හසුක්කසප්පටිභාගං තථා තථා සො තස්මිං ධම්මෙ අභිඤ්ඤාය ඉධෙකච්චං ධම්මං ධම්මෙසු නිට්ඨං ගච්ඡති, සත්ථරි පසීදති - ‘සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො, සුප්පටිපන්නො සඞ්ඝො’ති. තඤ්චෙ, භික්ඛවෙ, භික්ඛුං පරෙ එවං පුච්ඡෙය්‍යුං - ‘කෙ පනායස්මතො ආකාරා, කෙ අන්වයා, යෙනායස්මා එවං වදෙසි - සම්මාසම්බුද්ධො භගවා , ස්වාක්ඛාතො භගවතා ධම්මො, සුප්පටිපන්නො සඞ්ඝො’ති? සම්මා බ්‍යාකරමානො, භික්ඛවෙ, භික්ඛු එවං බ්‍යාකරෙය්‍ය - ‘ඉධාහං, ආවුසො, යෙන භගවා තෙනුපසඞ්කමිං ධම්මස්සවනාය. තස්ස මෙ භගවා ධම්මං දෙසෙති උත්තරුත්තරිං පණීතපණීතං කණ්හසුක්කසප්පටිභාගං. යථා යථා මෙ, ආවුසො , භගවා ධම්මං දෙසෙති උත්තරුත්තරිං පණීතපණීතං කණ්හසුක්කසප්පටිභාගං තථා තථාහං තස්මිං ධම්මෙ අභිඤ්ඤාය ඉධෙකච්චං ධම්මං ධම්මෙසු නිට්ඨමගමං, සත්ථරි පසීදිං - සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා, ධම්මො, සුප්පටිපන්නො සඞ්ඝො’ති.
489
“මහණෙනි, එහිලා, ඇසින් හා කණින් දතයුතු යම් ලාමක ධර්මකෙනෙක් වෙත්ද, ඔහු තථාගතයන් වහන්සේට ඇද්ද නැද්දැයි තථාගතයන් වහන්සේගෙන්ම ඇසිය යුතුය. ප්‍රකාශ කරන්නාවූ තථාගත තෙම මෙසේ ප්‍රකාශ කරන්නේය.
“ඇසින් හා කණින් දතයුතුවූ යම් කෙලෙස් සහිත ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයෝ තථාගතයන් වහන්සේට නැත. ඇසින් හා කණින් දතයුතුවූ යම් මිශ්‍රවූ ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයෝ තථාගතයන් වහන්සේට ඇද්ද නැද්දැයි (තථාගතයන් වහන්සේ ගෙන් ම ඇසිය යුතුය) ප්‍රකාශ කරන්නාවූ තථාගත තෙම මෙසේ ප්‍රකාශ කරන්නේය. ‘ඇසින් හා කණින් දත යුතුවූ යම් මිශ්‍රවූ ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයෝ තථාගතයන් වහන්සේට නැත’ (කියාය.) ඇසින් හා කණින් දතයුතුවූ යම් පිරිසිදුවූ ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයෝ තථාගතයන් වහන්සේට ඇද්ද, නැද්දැයි (තථාගතයන් වහන්සේ ගෙන්ම ඇසියයුතුයි) ප්‍රකාශ කරන්නාවූ, තථාගතතෙම මෙසේ ප්‍රකාශ කරන්නේය. ‘ඇසින් හා කණින් දතයුතුවූ පිරිසිදුවූ යම් ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයෝ තථාගතයන් කෙරෙහි වෙති’ (කියාය.) මම මේ ආජීවාෂ්ටමක ශීලය මාර්ගකොට ඇත්තේ වෙමි. මේ ආජීවාෂ්ටමක ශීලය ගොචර කොට ඇත්තේ වෙමි. ඒ පිරිසිදු ශීලයෙන් තෘෂ්ණා සහිත නොවෙමි. මහණෙනි, මෙසේ කියන්නාවූ ශාස්තෲන් වහන්සේ කරා ශ්‍රාවක තෙම, බණ ඇසීම පිණිස යන්නට සුදුසුය. ශාස්තෲන් වහන්සේ ඔහුට අතිශයින් ශ්‍රේෂ්ඨවූ, අතිශයින් ප්‍රණීතවූ කුසලාකුසල ධර්ම විභාග සහිතවූ, ධර්මය දේශනා කරති. මහණෙනි, ශාස්තෲන්වහන්සේ භික්ෂුවහට අතිශයින් ශ්‍රේෂ්ඨවූ, අතිශයින් ප්‍රණීතවූ කුසලාකුසල විපාක විභාග සහිතවූ, ධර්මය යම් යම් ආකාරයකින් දෙසනා කෙරේද, ඒ ඒ ආකාරයෙන් හෙතෙම ඒ දේශනාකළ ධර්මය දැන ඒ ධර්මයන් අතුරෙන් එක් ධර්මයක් දැන, ධර්මයන්හි නිෂ්ඨාවට පැමිණෙයි. භාග්‍යවතුන් වහන්සේ සියල්ල මනාව තෙමේම අවබෝධකළ උත්තමයායි කියාද, භාග්‍යවතුන්වහන්සේ විසින් ධර්මය මනාව ප්‍රකාශ කරනලදයයි කියාද, ආර්‍ය්‍ය සංඝතෙම මනාව පිළිපන්නේයයි කියාද, ශාස්තෲන් වහන්සේ කෙරෙහි පහදියි.
“මහණෙනි, අන්‍යයෝ ඒ භික්ෂුවගෙන් මෙසේ විචාරන්නාහුය. (එනම්) ‘ආයුෂ්මත් තෙමේ, භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට ප්‍රකාශ කරන ලද්දේය. සංඝතෙම මනාව පිළිපන්නේය යි මෙසේ කියන්නෙහිය. ආයුෂ්මත්හට එසේ කීමට ඇති අනුමාන කල්පනා කවරහුද?’ මහණෙනි, මනාකොට, ප්‍රකාශ කරන්නාවූ, මහණතෙම, මෙසේ කියන්නේය. ඇවැත්නි, මෙහි මම ධර්මශ්‍රවණය පිණිස භාග්‍යවතුන්වහන්සේ යම් තැනෙක්හිද, එතැනට ගියෙමි. භාග්‍යවතුන් වහන්සේ ඒ මට අතිශයින් ශ්‍රේෂ්ඨවූ අතිශයින් ප්‍රණීතවූ කුසලාකුසල ධර්ම විභාග සහිතවූ, ධර්මය දේශනා කරන සේක. ඇවැත්නි, යම් යම් ආකාරයකින් භාග්‍යවතුන් වහන්සේ අතිශ්‍රේෂ්ඨවූ, අතිශයින් ප්‍රණීතවූ, කුසලා කුසල ධර්ම විභාග විපාක දැක්වීම් සහිතවූ, ධර්මය දේශනා කරත්ද, ඒ ඒ පරිද්දෙන් මම ඒ දේශනා කළ ධර්මය දැන, ඒ ධර්ම අතුරෙන් එක්තරා ධර්මයක් දැන ධර්මයන්හි නිමාවට පැමිණියෙමි. භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාව ප්‍රකාශ කරනලදී. සංඝතෙම, මනාව පිළිපන්නේයයි ශාස්තෲන්වහන්සේ කෙරෙහි පැහැදුනෙමියි, (කියන්නේය.)
490
‘‘යස්ස කස්සචි, භික්ඛවෙ, ඉමෙහි ආකාරෙහි ඉමෙහි පදෙහි ඉමෙහි බ්‍යඤ්ජනෙහි තථාගතෙ සද්ධා නිවිට්ඨා හොති මූලජාතා පතිට්ඨිතා, අයං වුච්චති, භික්ඛවෙ, ආකාරවතී සද්ධා දස්සනමූලිකා, දළ්හා; අසංහාරියා සමණෙන වා බ්‍රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්‍රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං. එවං ඛො, භික්ඛවෙ, තථාගතෙ ධම්මසමන්නෙසනා හොති. එවඤ්ච පන තථාගතො ධම්මතාසුසමන්නිට්ඨො හොතී’’ති.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
490
“මහණෙනි, යම් කිසිවෙකුට, ශාස්තෲන්වහන්සේ පරීක්ෂා කරන මේ ක්‍රමවලින්, මේ පදවලින්, මේ ව්‍යඤ්ජනවලින් තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටියාද, (සෝවාන් මාර්ගයට පැමිණීම් වශයෙන්) හටගත් මුල් ඇත්තීද, මහණෙනි, මේ ශ්‍රද්ධාව වනාහි කරුණු සොයා පිළිගත් හෙයින් කරුණු සහිතයයිද සෝවාන්මාර්ගය මුල්කොට ඇත්තීයයිද, ස්ථිරයයිද, ශ්‍රමණයෙකු විසින් හෝ බමුණෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බ්‍රහ්මයෙකු විසින් හෝ ලෝකයෙහි කිසිවෙකු විසින් හෝ පැහැරගත නොහැකියයිද කියනු ලැබේ. මහණෙනි, මෙසේ වනාහි, තථාගතයන් වහන්සේ පිළිබඳ ඇති සැටියෙන් කරුණු සෙවීම වෙයි. මෙසේ වනාහි, තථාගතතෙම, ඇති සැටියෙන් මනාව පරීක්ෂා කරන ලද්දේ වේ” යයි වදාළහ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇති ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්හ.
8. කොසම්බියසුත්තං 8. කොසම්බිය සූත්‍රය
9. බ්‍රහ්මනිමන්තනිකසුත්තං 9. බ්‍රහ්ම නිමන්තණික සූත්‍රය
10. මාරතජ්ජනීයසුත්තං 10. මාර තජ්ජනීය සූත්‍රය