ත්‍රිපිටකය
5. චූළයමකවග්ගො 5. චූල යමක වර්ගය
1. සාලෙය්‍යකසුත්තං 1. සාලෙය්‍යක සූත්‍රය
2. වෙරඤ්ජකසුත්තං 2. වෙරඤ්ජක සූත්‍රය
3. මහාවෙදල්ලසුත්තං 3. මහා වෙදල්ල සූත්‍රය
4. චූළවෙදල්ලසුත්තං 4. චූල වෙදල්ල සූත්‍රය
460
එවං මෙ සුතං - එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අථ ඛො විසාඛො උපාසකො යෙන ධම්මදින්නා භික්ඛුනී තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ධම්මදින්නං භික්ඛුනිං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො විසාඛො උපාසකො ධම්මදින්නං භික්ඛුනිං එතදවොච - ‘‘‘සක්කායො සක්කායො’ති, අය්‍යෙ, වුච්චති. කතමො නු ඛො, අය්‍යෙ, සක්කායො වුත්තො භගවතා’’ති? ‘‘පඤ්ච ඛො ඉමෙ, ආවුසො විසාඛ, උපාදානක්ඛන්ධා සක්කායො වුත්තො භගවතා, සෙය්‍යථිදං - රූපුපාදානක්ඛන්ධො, වෙදනුපාදානක්ඛන්ධො, සඤ්ඤුපාදානක්ඛන්ධො, සඞ්ඛාරුපාදානක්ඛන්ධො, විඤ්ඤාණුපාදානක්ඛන්ධො. ඉමෙ ඛො, ආවුසො විසාඛ, පඤ්චුපාදානක්ඛන්ධා සක්කායො වුත්තො භගවතා’’ති.
‘‘සාධය්‍යෙ’’ති ඛො විසාඛො උපාසකො ධම්මදින්නාය භික්ඛුනියා භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා ධම්මදින්නං භික්ඛුනිං උත්තරිං පඤ්හං අපුච්ඡි - ‘‘‘සක්කායසමුදයො සක්කායසමුදයො’ති, අය්‍යෙ, වුච්චති. කතමො නු ඛො, අය්‍යෙ, සක්කායසමුදයො වුත්තො භගවතා’’ති? ‘‘යායං, ආවුසො විසාඛ, තණ්හා පොනොබ්භවිකා නන්දීරාගසහගතා තත්‍රතත්‍රාභිනන්දිනී, සෙය්‍යථිදං - කාමතණ්හා භවතණ්හා විභවතණ්හා; අයං ඛො, ආවුසො විසාඛ, සක්කායසමුදයො වුත්තො භගවතා’’ති.
‘‘‘සක්කායනිරොධො සක්කායනිරොධො’ති, අය්‍යෙ, වුච්චති. කතමො නු ඛො, අය්‍යෙ, සක්කායනිරොධො වුත්තො භගවතා’’ති?
‘‘යො ඛො, ආවුසො විසාඛ, තස්සායෙව තණ්හාය අසෙසවිරාගනිරොධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො; අයං ඛො, ආවුසො විසාඛ, සක්කායනිරොධො වුත්තො භගවතා’’ති.
‘‘‘සක්කායනිරොධගාමිනී පටිපදා සක්කායනිරොධගාමිනී පටිපදා’ති, අය්‍යෙ, වුච්චති. කතමා නු ඛො, අය්‍යෙ, සක්කායනිරොධගාමිනී පටිපදා වුත්තා භගවතා’’ති?
‘‘අයමෙව ඛො, ආවුසො විසාඛ, අරියො අට්ඨඞ්ගිකො මග්ගො සක්කායනිරොධගාමිනී පටිපදා වුත්තා භගවතා, සෙය්‍යථිදං - සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධී’’ති.
‘‘තඤ්ඤෙව නු ඛො, අය්‍යෙ, උපාදානං තෙ (තෙව (සී.)) පඤ්චුපාදානක්ඛන්ධා උදාහු අඤ්ඤත්‍ර පඤ්චහුපාදානක්ඛන්ධෙහි උපාදාන’’න්ති? ‘‘න ඛො, ආවුසො විසාඛ, තඤ්ඤෙව උපාදානං තෙ පඤ්චුපාදානක්ඛන්ධා, නාපි අඤ්ඤත්‍ර පඤ්චහුපාදානක්ඛන්ධෙහි උපාදානං. යො ඛො, ආවුසො විසාඛ, පඤ්චසු උපාදානක්ඛන්ධෙසු ඡන්දරාගො තං තත්ථ උපාදාන’’න්ති.
460
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම්වූ, වේලුවනාරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි, විසාඛනම් උපාසක තෙම ධම්ම දින්නා නම් මෙහෙණිය යම් තැනෙක්හිද, එතැනට ගියේය. ගොස් ධම්මදින්නා මෙහෙණියට වැඳ එක් පැත්තක උන්නේය. එක් පැත්තක උන්නාවූ විසාඛ උපාසක තෙම ධම්මදින්නා මෙහෙණියට මෙසේ කීයේය.
“ආර්‍ය්‍යාවෙනි, සක්කාය සක්කාය යයි කියනු ලැබේ. ආර්‍ය්‍යාවෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කවරක් වනාහි සක්කායයයි වදාරණ ලදද?” “ඇවැත්නි, විසාඛයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ උපාදානස්කන්ධ පස සක්කායයයි වදාරණ ලදී. කවරහුද? රූප උපාදාන ස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය, යන පසයි. ඇවැත්නි, විසාඛයෙනි, මේ පඤ්චවිධ උපාදානස්කන්ධයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් සක්කායයි වදාරණ ලදහ.”
“ආර්‍ය්‍යාවෙනි, යහපතැයි” විසාඛ උපාසක තෙම ධම්ම දින්නා නම් භික්ෂුණියගේ වචනයට සතුටුවී එය පිළිගෙන ධම්ම දින්නා භික්ෂුණියගෙන් ඊළඟ ප්‍රශ්නය විචාළේය. “ආර්‍ය්‍යාවෙනි සක්කාය සමුදය සක්කාය සමුදය (සක්කාය දෘෂ්ටිය පහළ වීමට හේතුව) යයි කියනු ලැබේ. ආර්‍ය්‍යාවෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කවරක් නම් සක්කාය සමුදයයයි වදාරණ ලදද?” ඇවැත් විසාඛයෙනි, නැවත ඉපදීම ඇති කරන්නාවූ, නන්දිරාගය හා එක්ව පැවැත්තාවූ, ඒ ඒ රූපාදි අරමුණෙහි, සතුටු වන්නාවූ, යම් මේ තෘෂ්ණාවක් වේද, එනම්:- (කාම වස්තු විෂයෙහි පැවැති) කාමතෘෂ්ණාවය, (ශාශ්වත දෘෂ්ටි සහගත) භවතෘෂ්ණාවය, (උච්ඡෙද දෘෂ්ටි සහගත) විභව තෘෂ්ණාවය, යන තෘෂ්ණාවයි. ඇවැත්නි, විසාඛයෙනි, මේ තෘෂ්ණාව වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් සක්කාය සමුදයයයි වදාරණ ලදී.”
“ආර්‍ය්‍යාවෙනි, සක්කාය නිරෝධය සක්කාය නිරෝධය (සක්කාය දෘෂ්ටිය නැතිකිරීම) යයි කියනු ලැබේ. ආර්‍ය්‍යාවෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලද, සක්කාය නිරෝධය කවරේද?”
“ඇවැත් විසාඛයෙනි, ඒ පළමු දැක්වූ තෘෂ්ණාවගේම ඉතිරි නොකර නැති කිරීමක් වේද, බැහැර කිරීමක් වේද’ දුරලීමක් වේද, මිදීමක් වේද, නොඇල්මක් වේද ඇවැත් විසාඛායෙනි, මෙය වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් සක්කාය නිරෝධයයයි වදාරණ ලද්දේය.”
“ආර්‍ය්‍යාවෙනි, සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාව, සක්කාය නිරෝධය ගාමිනී ප්‍රතිපදාවයයි (සක්කාය දෘෂ්ටිය නැති කිරීමේ මග) කියනු ලැබේ. ආර්‍ය්‍යාවෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කවරක් සක්කාය නිරෝධ ගාමිනි ප්‍රතිපදාව යයි, වදාරණ ලදද?”
“ඇවැත්නි විසාඛයෙනි, මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයම භාග්‍යවතුන් වහන්සේ විසින් සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයයි වදාරණ ලදී. එනම්:- නිවැරදි දැකීමය, නිවැරදි කල්පනාවය, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මොහුයි.”
“ආර්‍ය්‍යාවෙනි, උපාදානයත් උපාදාන, ස්කන්ධ පසත් එකමද? නැතහොත් උපාදානය උපාදාන ස්කන්ධපසෙන් වෙනස්ද?”
“ඇවැත්නි, විසාඛයෙනි, උපාදානයත් උපාදාන ස්කන්ධ පසත් එකම නොවේ. උපාදාන ස්කන්ධ පස හැර උපාදානයක්ද නැත. ඇවැත්නි, විසාඛයෙනි, උපාදාන ස්කන්ධ පස කෙරෙහි යම් ඇලීමක් වේ නම් එය එහි උපාදානයයි”
461
‘‘කථං පනාය්‍යෙ, සක්කායදිට්ඨි හොතී’’ති? ‘‘ඉධාවුසො විසාඛ, අස්සුතවා පුථුජ්ජනො, අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො, සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො, රූපං අත්තතො සමනුපස්සති, රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං. වෙදනං...පෙ.... සඤ්ඤං... සඞ්ඛාරෙ... විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, විඤ්ඤාණවන්තං වා අත්තානං, අත්තනි වා විඤ්ඤාණං, විඤ්ඤාණස්මිං වා අත්තානං. එවං ඛො , ආවුසො විසාඛ, සක්කායදිට්ඨි හොතී’’ති.
‘‘කථං පනාය්‍යෙ, සක්කායදිට්ඨි න හොතී’’ති?
‘‘ඉධාවුසො විසාඛ, සුතවා අරියසාවකො, අරියානං දස්සාවී අරියධම්මස්ස කොවිදො අරියධම්මෙ සුවිනීතො, සප්පුරිසානං දස්සාවී සප්පුරිසධම්මස්ස කොවිදො සප්පුරිසධම්මෙ සුවිනීතො, න රූපං අත්තතො සමනුපස්සති, න රූපවන්තං වා අත්තානං, න අත්තනි වා රූපං, න රූපස්මිං වා අත්තානං. න වෙදනං...පෙ.... න සඤ්ඤං... න සඞ්ඛාරෙ...පෙ.... න විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, න විඤ්ඤාණවන්තං වා අත්තානං , න අත්තනි වා විඤ්ඤාණං, න විඤ්ඤාණස්මිං වා අත්තානං. එවං ඛො, ආවුසො විසාඛ, සක්කායදිට්ඨි න හොතී’’ති.
461
“ආර්‍ය්‍යාවෙනි, කෙසේ නම් සක්කාය දෘෂ්ටිය වේද?
“ඇවැත්නි, විසාඛයෙනි, මේ ලෝකයෙහි බුද්ධාදි ආර්‍ය්‍යයන් නොදැක්කාවූ, ආර්‍ය්‍යධර්මයෙහි අදක්ෂවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි නොහික්මුනාවූ, බුද්ධාදී සත්පුරුෂයන් නුදුටුවාවූ, සත්පුරුෂ ධර්මයෙහි, අදක්ෂවූ සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුනාවූ නූගත් පෘථග්ජනතෙම රූපය තමා වශයෙන් හෝ දකියි තමා රූප සහිත යයි කියා හෝ දකියි. තමා කෙරෙහි රූපය ඇතැයි හෝ දකියි. රූපය තමා කෙරෙහි පිහිටියේයයි හෝ දකියි. වේදනාව තමා වශයෙන් හෝ දකියි තමා වේදනාව සහිතය කියා හෝ දකියි තමා කෙරෙහි වේදනාව පිහිටියේයයි හෝ දකියි. වේදනාවෙහි තමා පිහිටියේයයි හෝ දකියි. සංඥාව තමා වශයෙන් හෝ දකියි. තමා සංඥා සහිතය කියා හෝ දකියි. තමා කෙරෙහි සංඥාව පිහිටියේයයි කියා හෝ දකියි. සංඥාවෙහි තමා පිහිටියේයයි හෝ දකියි. සංස්කාරයන් තමා වශයෙන් හෝ දකියි. තමා සංස්කාර සහිතය කියා හෝ දකියි. තමා කෙරෙහි සංස්කාරයන් පිහිටියේයයි කියා හෝ දකියි. සංස්කාරයන් කෙරෙහි තමා පිහිටියේයයි හෝ දකියි. විඥානය තමා වශයෙන් දකියි. තමා විඥානය සහිතය කියා හෝ දකියි. තමා කෙරෙහි විඥානය පිහිටියේයයි හෝ දකියි. විඥානයෙහි තමා පිහිටියේයයි හෝ දකියි. විසාඛය, මෙසේ වනාහි සක්කාය දෘෂ්ටිය වෙයි.”
“ආර්‍ය්‍යාවෙනි, කෙසේ නම් සක්කාය දෘෂ්ටිය නොවේද?”
“ඇවැත්නි, විසාඛයෙනි, බුද්ධාදී ආර්‍ය්‍යයන් නුවණැසින් දුටුවාවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි දක්ෂවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි මනාව හික්මුනාවූ බුද්ධාදී සත්පුරුෂයන් දුටුවාවූ, සත්පුරුෂ ධර්මයෙහි දක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි හික්මුනාවූ උගත් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම රූපය තමා වශයෙන් නොදකියි. තමා රූපය සහිතයයි කියා හෝ නොදකියි. තමා කෙරෙහි රූපය ඇතැයි හෝ නොදකියි. රූපයෙහි තමා පිහිටියේයයි හෝ නොදකියි. වේදනාව තමා වශයෙන් හෝ නොදකියි. තමා වේදනාව සහිතයයි හෝ නොදකියි තමාකෙරෙහි වේදනාව පිහිටියේයයි හෝ නොදකියි. වේදනාවෙහි තමා පිහිටියේයයි හෝ නොදකියි. සංඥාව තමා වශයෙන් නොදකියි. තමා සංඥාව සහිතයයි හෝ නොදකියි. තමා කෙරෙහි සංඥාව පිහිටියේයයි හෝ නොදකියි. සංඥාවෙහි තමා පිහිටියේයයි හෝ නොදකියි. සංස්කාරයන් ආත්ම වශයෙන් හෝ නොදකියි. තමා සංස්කාරය සහිතයයි හෝ නොදකියි. තමා කෙරෙහි සංස්කාරයන් පිහිටියේයයි හෝ නොදකියි. සංස්කාරයන්හි තමා පිහිටියේයයි හෝ නොදකියි. විඤ්ඤාණය තමා වශයෙන් හෝ නොදකියි. තමා විඤ්ඤාණය සහිතයයි හෝ නොදකියි. විඤ්ඤාණයෙහි තමා පිහිටියේයයි හෝ නොදකියි. ඇවැත් විසාඛයෙනි, මෙසේ සක්කාය දෘෂ්ටිය නොවේ.”
462
‘‘කතමො පනාය්‍යෙ, අරියො අට්ඨඞ්ගිකො මග්ගො’’ති?
‘‘අයමෙව ඛො, ආවුසො විසාඛ, අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්‍යථිදං - සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධී’’ති. ‘‘අරියො පනාය්‍යෙ, අට්ඨඞ්ගිකො මග්ගො සඞ්ඛතො උදාහු අසඞ්ඛතො’’ති?
‘‘අරියො ඛො, ආවුසො විසාඛ, අට්ඨඞ්ගිකො මග්ගො සඞ්ඛතො’’ති .
‘‘අරියෙන නු ඛො, අය්‍යෙ, අට්ඨඞ්ගිකෙන මග්ගෙන තයො ඛන්ධා සඞ්ගහිතා උදාහු තීහි ඛන්ධෙහි අරියො අට්ඨඞ්ගිකො මග්ගො සඞ්ගහිතො’’ති?
‘‘න ඛො, ආවුසො විසාඛ, අරියෙන අට්ඨඞ්ගිකෙන මග්ගෙන තයො ඛන්ධා සඞ්ගහිතා; තීහි ච ඛො, ආවුසො විසාඛ, ඛන්ධෙහි අරියො අට්ඨඞ්ගිකො මග්ගො සඞ්ගහිතො. යා චාවුසො විසාඛ, සම්මාවාචා යො ච සම්මාකම්මන්තො යො ච සම්මාආජීවො ඉමෙ ධම්මා සීලක්ඛන්ධෙ සඞ්ගහිතා. යො ච සම්මාවායාමො යා ච සම්මාසති යො ච සම්මාසමාධි ඉමෙ ධම්මා සමාධික්ඛන්ධෙ සඞ්ගහිතා. යා ච සම්මාදිට්ඨි යො ච සම්මාසඞ්කප්පො, ඉමෙ ධම්මා පඤ්ඤාක්ඛන්ධෙ සඞ්ගහිතා’’ති.
‘‘කතමො පනාය්‍යෙ, සමාධි, කතමෙ ධම්මා සමාධිනිමිත්තා, කතමෙ ධම්මා සමාධිපරික්ඛාරා, කතමා සමාධිභාවනා’’ති?
‘‘යා ඛො, ආවුසො විසාඛ, චිත්තස්ස එකග්ගතා අයං සමාධි; චත්තාරො සතිපට්ඨානා සමාධිනිමිත්තා; චත්තාරො සම්මප්පධානා සමාධිපරික්ඛාරා. යා තෙසංයෙව ධම්මානං ආසෙවනා භාවනා බහුලීකම්මං, අයං එත්ථ සමාධිභාවනා’’ති.
462
“ආර්‍ය්‍යාවෙනි, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයතෙම කවරේද?”
“ඇවැත්නි, විසාඛයෙනි, අංග අටක් ඇති මේ ආර්‍ය්‍ය මාර්ගය මැයි. එනම් නිවැරදි දැකීමය, නිවැරදි කල්පනාවය, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාවය, නිවැරදි උත්සාහයය, නිවැරදි සිහියය, නිවැරදි සමාධියය’ (යන අටයි)
“ආර්‍ය්‍යාවෙනි, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය තෙම හේතූන් නිසා හටගන්නා ලද්දක්ද? නැතහොත් හේතූන් නිසා හට නොගන්නා ලද්දක්ද?”
“ඇවැත් විසාඛයෙනි, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයතෙම හේතූන් නිසා හටගන්නා ලද්දකි.”
“ආර්‍ය්‍යාවෙනි, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙහි ස්කන්ධ තුන සංග්‍රහ කරන ලද්දාහුද? නැතහොත් සීලාදී ස්කන්ධ තුණෙහි ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය සංග්‍රහ කරන ලද්දේද?”
“ඇවැත් විසාඛයෙනි, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙහි සීලාදී ස්කන්ධ තුන සංග්‍රහ කරණ ලද්දේ නොවේ. ඇවැත්නි විසාඛයෙනි, ස්කන්ධ තුනෙහි ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය සංග්‍රහ කරණලදී. ඇවැත්නි, විසාඛයෙනි, යම් නිවැරදි වචනයක් වේද, යම් නිවැරදි කර්මාන්තයක් වේද, යම් නිවැරදි ජීවිකාවක් වේද, මේ ධර්මයෝ ශීල ස්කන්ධයෙහි ඇතුළත් කරන ලදහ. යම් නිවැරදි උත්සාහයක් වේද, යම් නිවැරදි සිහියක් වේද, යම් නිවැරදි සමාධියක් වේද, මේ ධර්මයෝ සමාධිස්කන්ධයෙහි ඇතුළත් කරන ලදහ. යම් නිවැරදි දැනීමක් වේද, යම් නිවැරදි කල්පනාවක් වේද, මේ ධර්මයෝ ප්‍රඥා ස්කන්ධයෙහි ඇතුළත් කරන ලදහ.”
“ආර්‍ය්‍යාවෙනි, සමාධිය කවරේද? සමාධි නිමිති කවරහුද? සමාධි පිරිවර කවරහුද? සමාධි භාවනාව කවරීද?”
“ඇවැත් විසාඛයෙනි, හිතෙහි යම් එකඟබවක් වේද ඒ සමාධියයි. සතර සතිපට්ඨානය, සමාධි නිමිත්තයෝය. සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍ය සතර සමාධි පිරිවරය, ඒ ධර්මයන්ගෙන්ම සෙවනය කිරීම, වැඩීම, බහුල කිරීම, යන යමක් ඇද්ද ඒ එහි සමාධි භාවනාවයි.”
463
‘‘කති පනාය්‍යෙ, සඞ්ඛාරා’’ති?
‘‘තයොමෙ, ආවුසො විසාඛ, සඞ්ඛාරා - කායසඞ්ඛාරො, වචීසඞ්ඛාරො, චිත්තසඞ්ඛාරො’’ති.
‘‘කතමො පනාය්‍යෙ, කායසඞ්ඛාරො, කතමො වචීසඞ්ඛාරො, කතමො චිත්තසඞ්ඛාරො’’ති?
‘‘අස්සාසපස්සාසා ඛො, ආවුසො විසාඛ, කායසඞ්ඛාරො, විතක්කවිචාරා වචීසඞ්ඛාරො, සඤ්ඤා ච වෙදනා ච චිත්තසඞ්ඛාරො’’ති.
‘‘කස්මා පනාය්‍යෙ, අස්සාසපස්සාසා කායසඞ්ඛාරො, කස්මා විතක්කවිචාරා වචීසඞ්ඛාරො, කස්මා සඤ්ඤා ච වෙදනා ච චිත්තසඞ්ඛාරො’’ති?
‘‘අස්සාසපස්සාසා ඛො, ආවුසො විසාඛ, කායිකා එතෙ ධම්මා කායප්පටිබද්ධා, තස්මා අස්සාසපස්සාසා කායසඞ්ඛාරො. පුබ්බෙ ඛො, ආවුසො විසාඛ, විතක්කෙත්වා විචාරෙත්වා පච්ඡා වාචං භින්දති, තස්මා විතක්කවිචාරා වචීසඞ්ඛාරො. සඤ්ඤා ච වෙදනා ච චෙතසිකා එතෙ ධම්මා චිත්තප්පටිබද්ධා, තස්මා සඤ්ඤා ච වෙදනා ච චිත්තසඞ්ඛාරො’’ති.
463
“ආර්‍ය්‍යාවෙනි, සංස්කාරයෝ කීදෙනෙක්ද?”
“ඇවැත්නි, විසාඛයෙනි, මේ සංස්කාරයෝ තුන්දෙනෙකි. කාය සංස්කාරය, වාක් සංස්කාරය, චිත්ත සංස්කාරය” (යන තුනයි.)
“ආර්‍ය්‍යාවෙනි, කාය සංස්කාරය කවරේද? වාක් සංස්කාරය කවරේද? චිත්ත සංස්කාරය කවරේද?”
“ඇවැත් විසාඛයෙනි, ආශ්වාස ප්‍රශ්වාසයෝ කාය සංස්කාරයෝයි විතර්ක විචාරයෝ වාක් සංස්කාරයෝ වෙත්. සංඥාවත්, වේදනාවත් චිත්ත සංස්කාරයයි.”
“ආර්‍ය්‍යාවෙනි, ආශ්වාස ප්‍රශ්වාසයෝ කවර හෙයින් කාය සංස්කාර නම් වේද? විතර්ක විචාර දෙක කවර හෙයින් වාක් සංස්කාර නම් වේද? සංඥා වේදනා දෙක කවර හෙයින් චිත්ත සංස්කාර නම් වේද?”
“ඇවැත් විසාඛයෙනි, ආශ්වාස ප්‍රශ්වාසයෝ වනාහි කයෙහි හටගත්තාහුය. මේ ධර්මයෝ වනාහි කය පිළිබඳය (හෙවත් කය ඇතිකල්හි මිස නැති කල්හි ඇති නොවන්නාහ.) එහෙයින් ආශ්වාස ප්‍රශ්වාස දෙක කාය සංස්කාර නමි. ඇවැත් විසාඛයෙනි, පළමුකොටම කල්පනා කොට විචාරණය කොට, පසුව වචන කථාකරනු ලැබේ. එහෙයින් විතර්ක විචාරයෝ වාක් සංස්කාරයි, සංඥාවත් වේදනාවත් සිතෙහි හටගන්නාහුය. මේ ධර්මයෝ සිත පිළිබඳය, (සිත ඇති කල්හි ම හටගන්නාහුය.) එහෙයින් සංඥාවත් වේදනාවත් චිත්ත සංස්කාරයි.”
464
‘‘කථං පනාය්‍යෙ, සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්ති හොතී’’ති?
‘‘න ඛො, ආවුසො විසාඛ, සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජන්තස්ස භික්ඛුනො එවං හොති - ‘අහං සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජිස්ස’න්ති වා, ‘අහං සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජාමී’ති වා, ‘අහං සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නො’ති වා. අථ ඛ්වාස්ස පුබ්බෙව තථා චිත්තං භාවිතං හොති යං තං තථත්තාය උපනෙතී’’ති.
‘‘සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජන්තස්ස පනාය්‍යෙ, භික්ඛුනො කතමෙ ධම්මා පඨමං නිරුජ්ඣන්ති - යදි වා කායසඞ්ඛාරො, යදි වා වචීසඞ්ඛාරො, යදි වා චිත්තසඞ්ඛාරො’’ති? ‘‘සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජන්තස්ස ඛො, ආවුසො විසාඛ, භික්ඛුනො පඨමං නිරුජ්ඣති වචීසඞ්ඛාරො, තතො කායසඞ්ඛාරො, තතො චිත්තසඞ්ඛාරො’’ති.
‘‘කථං පනාය්‍යෙ, සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා වුට්ඨානං හොතී’’ති?
‘‘න ඛො, ආවුසො විසාඛ, සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා වුට්ඨහන්තස්ස භික්ඛුනො එවං හොති - ‘අහං සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා වුට්ඨහිස්ස’න්ති වා, ‘අහං සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා වුට්ඨහාමී’ති වා, ‘අහං සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා වුට්ඨිතො’ති වා. අථ ඛ්වාස්ස පුබ්බෙව තථා චිත්තං භාවිතං හොති යං තං තථත්තාය උපනෙතී’’ති.
‘‘සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා වුට්ඨහන්තස්ස පනාය්‍යෙ, භික්ඛුනො කතමෙ ධම්මා පඨමං උප්පජ්ජන්ති - යදි වා කායසඞ්ඛාරො, යදි වා වචීසඞ්ඛාරො, යදි වා චිත්තසඞ්ඛාරො’’ති? ‘‘සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා වුට්ඨහන්තස්ස ඛො, ආවුසො විසාඛ, භික්ඛුනො පඨමං උප්පජ්ජති චිත්තසඞ්ඛාරො, තතො කායසඞ්ඛාරො, තතො වචීසඞ්ඛාරො’’ති.
‘‘සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා වුට්ඨිතං පනාය්‍යෙ, භික්ඛුං කති ඵස්සා ඵුසන්තී’’ති? ‘‘සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා වුට්ඨිතං ඛො, ආවුසො විසාඛ, භික්ඛුං තයො ඵස්සා ඵුසන්ති - සුඤ්ඤතො ඵස්සො, අනිමිත්තො ඵස්සො, අප්පණිහිතො ඵස්සො’’ති.
‘‘සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා වුට්ඨිතස්ස පනාය්‍යෙ, භික්ඛුනො කිංනින්නං චිත්තං හොති කිංපොණං කිංපබ්භාර’’න්ති? ‘‘සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා වුට්ඨිතස්ස ඛො, ආවුසො විසාඛ, භික්ඛුනො විවෙකනින්නං චිත්තං හොති, විවෙකපොණං විවෙකපබ්භාර’’න්ති.
464
“ආර්‍ය්‍යාවෙනි, කෙසේ වනාහි සඤ්ඤාවෙදයිත නිරෝධ සමාපත්තිය (සංඥා වේදනාවන් නිරුද්ධවීම් ඇති සමාපත්තිය) වේද?”
“ඇවැත් විසාඛයෙනි, නිරෝධ සමාපත්තියට පැමිණෙන්නාවූ භික්ෂුහට ‘මම නිරෝධසමාපත්තියට පැමිණෙන්නෙමි’යි කියා හෝ ‘මම සංඥාවේදයිත නිරෝධ සමාපත්තියට සමවදිමි’ කියා හෝ ‘මම නිරෝධ සමාපත්තියට සමවැදුනෙමි කියා හෝ මෙබඳු සිතක් ඇති නොවෙයි. එහෙත් යම් සිතක් ඒ අචිත්තක භාවය (සිත් නැති බව) පිණිස පමුණුවාද, ඒ සිත නිරෝධ සමාපත්තිය සමවදින්නට පළමුවෙන්ම එසේ වඩන ලද්දේ වෙයි.”
“ආර්‍ය්‍යාවෙනි, සඤ්ඤවේදයිත නිරෝධසමාපත්තියට පැමිණෙන්නාවූ, මහණහට කවර ධර්මයෝ පළමුකොට නැති වෙත්ද? කාය සංස්කාරය හෝ නැතිවේද, වාක්සංස්කාරය හෝ නැතිවේද? චිත්ත සංස්කාරය හෝ නැති වේද?”
“ඇවැත්නි, විශාඛයෙනි, සඤ්ඤාවෙදයිත නිරෝධසමාපත්තියට පැමිණෙන්නාවූ භික්ෂුවහට පළමුව වාක් සංස්කාරය නැති වෙයි. ඉන්පසුව කාය සංස්කාරයද, ඉන්පසු චිත්ත සංස්කාරයද, නැතිවෙයි.”
“ආර්‍ය්‍යාවෙනි, කෙසේ නම් සඤ්ඤාවෙදයිත නිරෝධ සමාපත්තියෙන් නැගී සිටීම වේද?”
“ඇවැත් විසාඛයෙනි, සඤ්ඤාවෙදයිත නිරෝධ සමාප්තියෙන් නැගී සිටින්නාවූ භික්ෂුවහට මෙබඳු අදහසක් නොවෙයි. මම සඤ්ඤාවෙදයිත නිරෝධ සමාපත්තියෙන් නැඟිසිටින්නෙමි කියා හෝ මම සඤ්ඤාවෙදයිත නිරෝධ සමාපත්තියෙන් නැගිටිමි කියා හෝ මම සඤ්ඤාවෙදයිත නිරෝධ සමාපත්තියෙන් නැගිටියෙමි කියා හෝ (අදහස් නොවෙයි) එහෙත් ඔහු විසින් යම් සිතක් ඒ අචිත්තභාවය පිණිස පමුණුවාද, සමවැදීමට පළමු කොටම ඒ සිත එසේ වඩන ලද්දේ වෙයි.”
“ආර්‍ය්‍යාවෙනි, සඤ්ඤාවෙදයිත නිරෝධ සමාපත්තියෙන් නැගී සිටින භික්ෂුවහට කවර ධර්මයෝ පළමු කොට උපදිද්ද? කාය සංස්කාරයද? වාක් සංස්කාරයද? චිත්ත සංස්කාරයද?”
“ඇවැත් විසාඛයෙනි, සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියෙන් නැගීසිටින භික්ෂුවහට පළමුකොට චිත්ත සංස්කාරය උපදියි. ඉන්පසු කාය සංස්කාරය උපදියි. ඊට පසු වාක් සංස්කාරය උපදියි.”
“ආර්‍ය්‍යාවෙනි, සඤ්ඤාවෙදයිත නිරෝධ සමාපත්තියෙන් නැගී සිටියාවූ මහණහු කෙතෙක් ස්පර්ශයෝ ස්පර්ශ කෙරෙත්ද?”
“ඇවැත් විසාඛයෙනි, සඤ්ඤාවෙදයිත නිරෝධසමාපත්තියෙන් නැගී සිටි භික්ෂුව ස්පර්ශ තුනක් ස්පර්ශ කරති, ශූන්‍යතා ස්පර්ශය, අනිමිත්ත ස්පර්ශය, අප්‍රණිහිත ස්පර්ශය යන තුනයි.”
“ආර්‍ය්‍යාවෙනි, සඤ්ඤාවෙදයිත නිරෝධ සමාපත්තියෙන් නැගී සිටියාවූ, භික්ෂුවගේ සිත කුමකට නැමුණේ වේද? කුමකට හැරුණේ වේද? කුමකට බරවූයේ වේද?”
“ඇවැත් විසාඛයෙනි, සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි භික්ෂුවගේ සිත විවේකයට (නිර්වාණයට) නැමුනේවෙයි. නිර්වාණයට හැරුණේවෙයි. නිර්වාණයට බරවූයේ වෙයි.”
465
‘‘කති පනාය්‍යෙ, වෙදනා’’ති?
‘‘තිස්සො ඛො ඉමා, ආවුසො විසාඛ, වෙදනා - සුඛා වෙදනා, දුක්ඛා වෙදනා, අදුක්ඛමසුඛා වෙදනා’’ති.
‘‘කතමා පනාය්‍යෙ, සුඛා වෙදනා, කතමා දුක්ඛා වෙදනා, කතමා අදුක්ඛමසුඛා වෙදනා’’ති?
‘‘යං ඛො, ආවුසො විසාඛ, කායිකං වා චෙතසිකං වා සුඛං සාතං වෙදයිතං - අයං සුඛා වෙදනා. යං ඛො, ආවුසො විසාඛ, කායිකං වා චෙතසිකං වා දුක්ඛං අසාතං වෙදයිතං - අයං දුක්ඛා වෙදනා. යං ඛො, ආවුසො විසාඛ, කායිකං වා චෙතසිකං වා නෙව සාතං නාසාතං වෙදයිතං - අයං අදුක්ඛමසුඛා වෙදනා’’ති.
‘‘සුඛා පනාය්‍යෙ, වෙදනා කිංසුඛා කිංදුක්ඛා, දුක්ඛා වෙදනා කිංසුඛා කිංදුක්ඛා, අදුක්ඛමසුඛා වෙදනා කිංසුඛා කිංදුක්ඛා’’ති?
‘‘සුඛා ඛො, ආවුසො විසාඛ, වෙදනා ඨිතිසුඛා විපරිණාමදුක්ඛා; දුක්ඛා වෙදනා ඨිතිදුක්ඛා විපරිණාමසුඛා ; අදුක්ඛමසුඛා වෙදනා ඤාණසුඛා අඤ්ඤාණදුක්ඛා’’ති.
‘‘සුඛාය පනාය්‍යෙ, වෙදනාය කිං අනුසයො අනුසෙති, දුක්ඛාය වෙදනාය කිං අනුසයො අනුසෙති, අදුක්ඛමසුඛාය වෙදනාය කිං අනුසයො අනුසෙතී’’ති?
‘‘සුඛාය ඛො, ආවුසො විසාඛ, වෙදනාය රාගානුසයො අනුසෙති, දුක්ඛාය වෙදනාය පටිඝානුසයො අනුසෙති, අදුක්ඛමසුඛාය වෙදනාය අවිජ්ජානුසයො අනුසෙතී’’ති.
‘‘සබ්බාය නු ඛො, අය්‍යෙ, සුඛාය වෙදනාය රාගානුසයො අනුසෙති, සබ්බාය දුක්ඛාය වෙදනාය පටිඝානුසයො අනුසෙති, සබ්බාය අදුක්ඛමසුඛාය වෙදනාය අවිජ්ජානුසයො අනුසෙතී’’ති?
‘‘න ඛො, ආවුසො විසාඛ, සබ්බාය සුඛාය වෙදනාය රාගානුසයො අනුසෙති, න සබ්බාය දුක්ඛාය වෙදනාය පටිඝානුසයො අනුසෙති, න සබ්බාය අදුක්ඛමසුඛාය වෙදනාය අවිජ්ජානුසයො අනුසෙතී’’ති.
‘‘සුඛාය පනාය්‍යෙ, වෙදනාය කිං පහාතබ්බං, දුක්ඛාය වෙදනාය කිං පහාතබ්බං, අදුක්ඛමසුඛාය වෙදනාය කිං පහාතබ්බ’’න්ති?
‘‘සුඛාය ඛො, ආවුසො විසාඛ, වෙදනාය රාගානුසයො පහාතබ්බො, දුක්ඛාය වෙදනාය පටිඝානුසයො පහාතබ්බො, අදුක්ඛමසුඛාය වෙදනාය අවිජ්ජානුසයො පහාතබ්බො’’ති.
‘‘සබ්බාය නු ඛො, අය්‍යෙ, සුඛාය වෙදනාය රාගානුසයො පහාතබ්බො, සබ්බාය දුක්ඛාය වෙදනාය පටිඝානුසයො පහාතබ්බො, සබ්බාය අදුක්ඛමසුඛාය වෙදනාය අවිජ්ජානුසයො පහාතබ්බො’’ති?
‘‘න ඛො, ආවුසො විසාඛ, සබ්බාය සුඛාය වෙදනාය රාගානුසයො පහාතබ්බො, න සබ්බාය දුක්ඛාය වෙදනාය පටිඝානුසයො පහාතබ්බො , න සබ්බාය අදුක්ඛමසුඛාය වෙදනාය අවිජ්ජානුසයො පහාතබ්බො. ඉධාවුසො විසාඛ, භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. රාගං තෙන පජහති, න තත්ථ රාගානුසයො අනුසෙති. ඉධාවුසො විසාඛ, භික්ඛු ඉති පටිසඤ්චික්ඛති - ‘කුදාස්සු නාමාහං තදායතනං උපසම්පජ්ජ විහරිස්සාමි යදරියා එතරහි ආයතනං උපසම්පජ්ජ විහරන්තී’ති? ඉති අනුත්තරෙසු විමොක්ඛෙසු පිහං උපට්ඨාපයතො උප්පජ්ජති පිහාප්පච්චයා දොමනස්සං. පටිඝං තෙන පජහති, න තත්ථ පටිඝානුසයො අනුසෙති. ඉධාවුසො විසාඛ, භික්ඛු සුඛස්ස ච පහානා, දුක්ඛස්ස ච පහානා, පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා, අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අවිජ්ජං තෙන පජහති, න තත්ථ අවිජ්ජානුසයො අනුසෙතී’’ති.
465
“ආර්‍ය්‍යාවෙනි, වේදනාවෝ කෙතෙක්ද?”
“ඇවැත් විසාඛයෙනි, වේදනා තුනකි. සැප වේදනාවය, දුක් වේදනාවය, උපෙක්ෂා වේදනාවය” (යන තුනය)
“ආර්‍ය්‍යාවෙනි, සැප වේදනාව කවරීද? දුක් වේදනාව කවරීද? උපෙක්ෂා වේදනාව කවරීද?”
“ඇවැත් විසාඛයෙනි, කයෙහි හටගත්තාවූද, සිතෙහි හටගත්තාවූද, සැපවූ, මධුරවූ, යම් වේදනාවක් වේද, මේ සැප වේදනාවයි. ඇවැත් විසාඛයෙනි, කයෙහි හටගත්තාවූද, සිතෙහි හටගත්තාවූද, දුක්වූ, අමිහිරිවූ, යම් වේදනාවක්වේද, මේ දුක් වේදනාවයි. ඇවැත් විසාඛයෙනි, කයෙහි හටගත්තාවූද, සිතෙහි හටගත්තාවූද, මිහිරිද නොවූ, අමිහිරිද නොවූ යම් වේදනාවක් වේද, මෙය උපෙක්ෂා වේදනාවයි.”
“ආර්‍ය්‍යාවෙනි, සැප වේදනාව කුමක් සැපකොට ඇත්තීද? කුමක් දුක් කොට ඇත්තීද? දුක් වේදනාව කුමක් දුක් කොට ඇත්තීද? කුමක් සැප කොට ඇත්තීද? උපෙක්ෂා වේදනාව කුමක් දුක් කොට ඇත්තීද? කුමක් සැප කොට ඇත්තීද?”
“ඇවැත් විසාඛයෙනි, සැප වේදනාවගේ පැවැත්ම සැපය, නැතිවීම දුක්ය. දුක් වේදනාව පැවැත්ම දුක්ය. නැතිවීම සැපය. උපෙක්ෂා වේදනාව දැනීම සැපය. නොදැනීම දුකය.”
“ආර්‍ය්‍යාවෙනි, සැප වේදනාවෙහි කවර අනුශය ධර්මයක් (අනුව සයනය කළාක්මෙන්) එක්ව හැසිරේද? දුක් වේදනාවෙහි කවර අනුසය ධර්මයක් එක්ව හැසිරේද? උපෙක්ෂා වේදනාවෙහි කවර අනුසය ධර්මයක් එක්ව හැසිරේද?”
“ඇවැත් විසාඛයෙනි, සැප වේදනාවෙහි රාග අනුශය එක්ව හැසිරෙයි. දුක් වේදනාවෙහි ප්‍රතිඝ අනුසය එක්ව හැසිරෙයි, උපෙක්ෂා වේදනාවෙහි අවිද්‍යා අනුසය එක්ව හැසිරෙයි.”
“ආර්‍ය්‍යාවෙනි, සියලු සැප වේදනාවෙහි රාගානුසය එක්ව හැසිරේද? සියලු දුක් වේදනාවෙහි, ප්‍රතිඝානුසය, එක්ව හැසිරේද? සියලු උපෙක්ෂා වේදනාවෙහි, අවිද්‍යානුසය එක්ව හැසිරේද?”
“ඇවැත්නි, විසාඛයෙනි, සියලු සැප වේදනාවෙහි රාගානුසය එක්ව නොහැසිරෙයි. සියලු දුක් වේදනාවෙහි ප්‍රතිඝානුසය එක්ව නොහැසිරෙයි. සියලු උපෙක්ෂා වේදනාවෙහි අවිද්‍යානුසය එක්ව නොහැසිරෙයි.”
“ආර්‍ය්‍යාවෙනි, සැප වේදනාවෙහි කුමක් පහකළ යුතුද? දුක් වේදනාවෙහි කුමක් පහකළ යුතුද? උපෙක්ෂා වේදනාවෙහි කුමක් පහකළ යුතුද?” “ඇවැත් විසාඛයෙනි, සැප වේදනාවෙහි රාගානුසය පහකළ යුතුයි. දුක් වේදනාවෙහි ප්‍රතිඝානුසය පහකළ යුතුය. උපෙක්ෂා වේදනාවෙහි, අවිද්‍යානුසය පහකළ යුතුය.”
“ආර්‍ය්‍යාවෙනි, සියලු සැප වේදනාවෙහි, රාගානුසය පහකළ යුතුද? සියලු දුක් වේදනාවෙහි ප්‍රතිඝානුසය පහකළ යුතුද? සියලු උපෙක්ෂා වේදනාවෙහි අවිද්‍යානුසය පහකළ යුතුද?”
“ඇවැත් විසාඛයෙනි, සියලු සැප වේදනාවෙහි රාගානුසය පහකළ යුතු නොවෙයි. සියලු දුක් වේදනාවෙහි ප්‍රතිඝානුසය පහකළ යුතු නොවෙයි. සියලු උපෙක්ෂා වේදනාවෙහි අවිද්‍යානුසය පහකළ යුතු නොවෙයි. ඇවැත් විසාඛයෙනි, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඒ ප්‍රථමධ්‍යානය කරණකොටගෙන රාගය දුරලයි. ඒ ප්‍රථම ධ්‍යානයෙහි, රාගානුසය තෙම එක්ව නොහැසිරේ.
“ඇවැත් විසාඛයෙනි, මේ ශාසනයෙහි මහණතෙම, මෙසේ බලාපොරොත්තු වෙයි. ‘දැන් ආර්‍ය්‍යයන් වහන්සේලා (රහත් ඵලයයි කියනු ලබන) යම් ආයතනයකට පැමිණ වෙසෙද්ද, ඒ අර්හත්වයට මම කවර දවසෙක පැමිණ වාසය කරන්නෙම්ද?’ මෙසේ උතුම්වූ, (අර්හත් මාර්ගඵලයයි කියන ලද) මිදීමෙහි කැමැත්ත ඇතිකරන්නහුට ප්‍රාර්ථනාව මුල්කොට ඇති දොම්නස උපදියි. එයින් ප්‍රතිඝය දුරු කරයි. එහි ප්‍රතිඝානුසය එක්ව නොහැසිරේ. ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම සැප නැති කිරීමෙන්ද, දුක් නැති කිරීමෙන්ද පළමු කොටම සොම්නස් දොම්නස් දෙක දුරලීමෙන් දුක්ද නොවූ, සැපද නොවූ, උපෙක්ෂා සිහි පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. එයින් අවිද්‍යාව දුරු කරයි. එහි අවිද්‍යානුසය එක්ව නොහැසිරේ.”
466
‘‘සුඛාය පනාය්‍යෙ, වෙදනාය කිං පටිභාගො’’ති?
‘‘සුඛාය ඛො, ආවුසො විසාඛ, වෙදනාය දුක්ඛා වෙදනා පටිභාගො’’ති.
‘‘දුක්ඛාය පන්නාය්‍යෙ, වෙදනාය කිං පටිභාගො’’ති?
‘‘දුක්ඛාය ඛො, ආවුසො විසාඛ, වෙදනාය සුඛා වෙදනා පටිභාගො’’ති.
‘‘අදුක්ඛමසුඛාය පනාය්‍යෙ, වෙදනාය කිං පටිභාගො’’ති?
‘‘අදුක්ඛමසුඛාය ඛො, ආවුසො විසාඛ, වෙදනාය අවිජ්ජා පටිභාගො’’ති.
‘‘අවිජ්ජාය පනාය්‍යෙ, කිං පටිභාගො’’ති?
‘‘අවිජ්ජාය ඛො, ආවුසො විසාඛ, විජ්ජා පටිභාගො’’ති.
‘‘විජ්ජාය පනාය්‍යෙ, කිං පටිභාගො’’ති?
‘‘විජ්ජාය ඛො, ආවුසො විසාඛ, විමුත්ති පටිභාගො’’ති.
‘‘විමුත්තියා පනාය්‍යෙ , කිං පටිභාගො’’ති?
‘‘විමුත්තියා ඛො, ආවුසො විසාඛ, නිබ්බානං පටිභාගො’’ති.
‘‘නිබ්බානස්ස පනාය්‍යෙ, කිං පටිභාගො’’ති? ‘‘අච්චයාසි, ආවුසො (අච්චසරාවුසො (සී. පී.), අච්චස්සරාවුසො (ස්‍යා. කං.)) විසාඛ, පඤ්හං, නාසක්ඛි පඤ්හානං පරියන්තං ගහෙතුං. නිබ්බානොගධඤ්හි, ආවුසො විසාඛ, බ්‍රහ්මචරියං, නිබ්බානපරායනං නිබ්බානපරියොසානං. ආකඞ්ඛමානො ච ත්වං, ආවුසො විසාඛ, භගවන්තං උපසඞ්කමිත්වා එතමත්ථං පුච්ඡෙය්‍යාසි, යථා ච තෙ භගවා බ්‍යාකරොති තථා නං ධාරෙය්‍යාසී’’ති.
466
“ආර්‍ය්‍යාවෙනි, සැප වේදනාවට කුමක් ප්‍රතිවිරුද්ධද?”
“ඇවැත්නි, විසාඛයෙනි, සැප වේදනාවට දුක් වේදනාව ප්‍රතිවිරුද්ධයි.”
“ආර්‍ය්‍යාවෙනි, දුක් වේදනාවට කුමක් ප්‍රතිවිරුද්ධද?”
“ඇවැත් විසාඛයෙනි, දුක් වේදනාවට සැප වේදනාව ප්‍රතිවිරුද්ධයි.”
“ආර්‍ය්‍යාවෙනි, උපෙක්ෂා වේදනාවට කුමක් ප්‍රතිවිරුද්ධද?”
“ඇවැත් විසාඛයෙනි, උපෙක්ෂා වේදනාවට අවිද්‍යාව ප්‍රතිවිරුද්ධයි.”
“ආර්‍ය්‍යාවෙනි, අවිද්‍යාවට කුමක් ප්‍රතිවිරුද්ධද?”
“ඇවැත් විසාඛයෙනි, අවිද්‍යාවට, විද්‍යාව ප්‍රති විරුද්ධයි.”
“ආර්‍ය්‍යාවෙනි, විද්‍යාවට කුමක් ප්‍රතිවිරුද්ධද?”
“ඇවැත් විසාඛයෙනි, විද්‍යාවට විමුක්තිය අර්හත්ඵලය ප්‍රතිවිරුද්ධයි.”
“ආර්‍ය්‍යාවෙනි, විමුක්තියට කුමක් ප්‍රතිවිරුද්ධද?”
“ඇවැත්නි විසාඛයෙනි, විමුක්තියට නිර්වාණය ප්‍රතිවිරුද්ධයි.”
“ආර්‍ය්‍යාවෙනි, නිර්වාණයට කුමක් ප්‍රතිවිරුද්ධද?”
“ඇවැත් විසාඛයෙනි, ප්‍රශ්නය සීමාව ඉක්මවා ගියේය. ප්‍රශ්නයන්ගේ කෙළවර ගන්නට නොහැකිය. ඇවැත් විසාඛයෙනි, මාර්ග බ්‍රහ්මචරියාව නිර්වාණයට පිවිසුනේ වෙයි. නිර්වාණය පිහිට කොට ඇත්තේ වෙයි. නිර්වාණය අවසන්කොට ඇත්තේ වෙයි. ඇවැත් විසාඛයෙනි, ඔබ කැමැත්තෙහි නම් භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් මේ කාරණය විචාරව යම්සේ භාග්‍යවතුන් වහන්සේ වදාරණසේක්ද, එසේ පිළිගනුව.”
467
අථ ඛො විසාඛො උපාසකො ධම්මදින්නාය භික්ඛුනියා භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා ධම්මදින්නං භික්ඛුනිං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො විසාඛො උපාසකො යාවතකො අහොසි ධම්මදින්නාය භික්ඛුනියා සද්ධිං කථාසල්ලාපො තං සබ්බං භගවතො ආරොචෙසි. එවං වුත්තෙ, භගවා විසාඛං උපාසකං එතදවොච - ‘‘පණ්ඩිතා, විසාඛ, ධම්මදින්නා භික්ඛුනී, මහාපඤ්ඤා, විසාඛ, ධම්මදින්නා භික්ඛුනී. මං චෙපි ත්වං, විසාඛ, එතමත්ථං පුච්ඡෙය්‍යාසි, අහම්පි තං එවමෙවං බ්‍යාකරෙය්‍යං, යථා තං ධම්මදින්නාය භික්ඛුනියා බ්‍යාකතං. එසො චෙවෙතස්ස (එසොවෙතස්ස (ස්‍යා. කං.)) අත්ථො. එවඤ්ච නං (එවමෙතං (සී. ස්‍යා. කං.)) ධාරෙහී’’ති.
ඉදමවොච භගවා. අත්තමනො විසාඛො උපාසකො භගවතො භාසිතං අභිනන්දීති.
467
ඉක්බිති විසාඛ උපාසක තෙම ධම්මදින්නා භික්ෂුණින් වහන්සේගේ දේශනාවට සතුටුවී එය පිළිගෙන හුනස්නෙන් නැඟිට ධම්මදින්නා භික්ෂුණිය වැඳ පැදකුණුකොට භාග්‍යවතුන් වහන්සේ යම්තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකපැත්තක උන්නේය. එක පැත්තක උන්නාවූ, විසාඛ උපාසක තෙම ධම්මදින්නා භික්ෂුණිය සමග පැවති කථාව යම් තරමක් වීද, ඒ සියල්ල භාග්‍යවතුන්වහන්සේට කීවේය. මෙසේ කීකල්හි භාග්‍යවතුන් වහන්සේ විසාඛ උපාසකයාට මෙය කීහ. විසාඛය, ධම්මදින්නා භික්ෂුණිය පණ්ඩිතය. විසාඛය, ධම්මදින්නා භික්ෂුණිය ගැඹුරු ප්‍රඥාව ඇත්තීය. විසාඛයෙනි, නුඹ මාගෙන්ද මේ කාරණය ඇසුවෙහි නම් යම්සේ එය ධම්මදින්නා භික්ෂූණිය විසින් ප්‍රකාශ කරන ලදද, මමද, එය එපරිද්දෙන්ම ප්‍රකාශ කරන්නෙමි. මෙහි අර්ථය මෙයමැයි. මෙසේ මෙය දරව”යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. සතුටුවූ විසාඛ උපාසක තෙම භාග්‍යවතුන්වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තේය.
5. චූළධම්මසමාදානසුත්තං 5. චූල ධම්ම සමාදාන සූත්‍රය
6. මහාධම්මසමාදානසුත්තං 6. මහා ධම්ම සමාදාන සූත්‍රය
7. වීමංසකසුත්තං 7. වීමංසක සූත්‍රය
8. කොසම්බියසුත්තං 8. කොසම්බිය සූත්‍රය
9. බ්‍රහ්මනිමන්තනිකසුත්තං 9. බ්‍රහ්ම නිමන්තණික සූත්‍රය
10. මාරතජ්ජනීයසුත්තං 10. මාර තජ්ජනීය සූත්‍රය