ත්‍රිපිටකය
5. චූළයමකවග්ගො 5. චූල යමක වර්ගය
1. සාලෙය්‍යකසුත්තං 1. සාලෙය්‍යක සූත්‍රය
2. වෙරඤ්ජකසුත්තං 2. වෙරඤ්ජක සූත්‍රය
3. මහාවෙදල්ලසුත්තං 3. මහා වෙදල්ල සූත්‍රය
4. චූළවෙදල්ලසුත්තං 4. චූල වෙදල්ල සූත්‍රය
5. චූළධම්මසමාදානසුත්තං 5. චූල ධම්ම සමාදාන සූත්‍රය
6. මහාධම්මසමාදානසුත්තං 6. මහා ධම්ම සමාදාන සූත්‍රය
7. වීමංසකසුත්තං 7. වීමංසක සූත්‍රය
8. කොසම්බියසුත්තං 8. කොසම්බිය සූත්‍රය
9. බ්‍රහ්මනිමන්තනිකසුත්තං 9. බ්‍රහ්ම නිමන්තණික සූත්‍රය
10. මාරතජ්ජනීයසුත්තං 10. මාර තජ්ජනීය සූත්‍රය
506
එවං මෙ සුතං - එකං සමයං ආයස්මා මහාමොග්ගල්ලානො භග්ගෙසු විහරති සුසුමාරගිරෙ භෙසකළාවනෙ මිගදායෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා මහාමොග්ගල්ලානො අබ්භොකාසෙ චඞ්කමති. තෙන ඛො පන සමයෙන මාරො පාපිමා ආයස්මතො මහාමොග්ගල්ලානස්ස කුච්ඡිගතො හොති කොට්ඨමනුපවිට්ඨො. අථ ඛො ආයස්මතො මහාමොග්ගල්ලානස්ස එතදහොසි - ‘‘කිං නු ඛො මෙ කුච්ඡි ගරුගරො විය (ගරු ගරු විය (සී. පී. ටීකායං පාඨන්තරං))? මාසාචිතං මඤ්ඤෙ’’ති. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො චඞ්කමා ඔරොහිත්වා විහාරං පවිසිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො පච්චත්තං යොනිසො මනසාකාසි. අද්දසා ඛො ආයස්මා මහාමොග්ගල්ලානො මාරං පාපිමන්තං කුච්ඡිගතං කොට්ඨමනුපවිට්ඨං. දිස්වාන මාරං පාපිමන්තං එතදවොච - ‘‘නික්ඛම, පාපිම; නික්ඛම, පාපිම! මා තථාගතං විහෙසෙසි, මා තථාගතසාවකං. මා තෙ අහොසි දීඝරත්තං අහිතාය දුක්ඛායා’’ති. අථ ඛො මාරස්ස පාපිමතො එතදහොසි - ‘‘අජානමෙව ඛො මං අයං සමණො අපස්සං එවමාහ - ‘නික්ඛම, පාපිම; නික්ඛම, පාපිම! මා තථාගතං විහෙසෙසි, මා තථාගතසාවකං. මා තෙ අහොසි දීඝරත්තං අහිතාය දුක්ඛායා’ති. යොපිස්ස සො සත්ථා සොපි මං නෙව ඛිප්පං ජානෙය්‍ය, කුතො පන (කුතො ච පන (ස්‍යා.)) මං අයං සාවකො ජානිස්සතී’’ති? අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො මාරං පාපිමන්තං එතදවොච - ‘‘එවම්පි ඛො තාහං, පාපිම, ජානාමි, මා ත්වං මඤ්ඤිත්ථො - ‘න මං ජානාතී’ති. මාරො ත්වමසි, පාපිම; තුය්හඤ්හි, පාපිම, එවං හොති - ‘අජානමෙව ඛො මං අයං සමණො අපස්සං එවමාහ - නික්ඛම, පාපිම; නික්ඛම, පාපිම! මා තථාගතං විහෙසෙසි, මා තථාගතසාවකං. මා තෙ අහොසි දීඝරත්තං අහිතාය දුක්ඛායාති. යොපිස්ස සො සත්ථා සොපි මං නෙව ඛිප්පං ජානෙය්‍ය, කුතො පන මං අයං සාවකො ජානිස්සතී’’’ති?
අථ ඛො මාරස්ස පාපිමතො එතදහොසි - ‘‘ජානමෙ ඛො මං අයං සමණො පස්සං එවමාහ - ‘නික්ඛම, පාපිම; නික්ඛම, පාපිම! මා තථාගතං විහෙසෙසි, මා තථාගතසාවකං. මා තෙ අහොසි දීඝරත්තං අහිතාය දුක්ඛායා’’’ති. අථ ඛො මාරො පාපිමා ආයස්මතො මහාමොග්ගල්ලානස්ස මුඛතො උග්ගන්ත්වා පච්චග්ගළෙ අට්ඨාසි.
506
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ භගුනම් දනව්වෙහි, සුංසුමාරගිරි නම් නුවර, භෙසකලා නම් වනයෙහි වාසය කරති. එකල්හි මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ එළිමහනෙහි සක්මන් කරමින් සිටියහ. එකල්හි පාපීවූ මාරතෙම මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේගේ කුසට ඇතුල්වූයේ, ආමාශය ඇතුළට වැදුනේ වෙයි. ඉක්බිති මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේට මෙසේ සිතුනේය. කුමක් හෙයින් මාගේ කුස උඳුබත් කෑ කලෙක මෙන් බරට දැනේද, (කියාය) ඉක්බිති ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ සක්මනින් බැස විහාරයට වැඩ පැණවූ අස්නෙහි, වැඩ හුන්නේය, වැඩහිඳ ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ තමා ගැන කල්පනා කළහ.
මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ කුසට වැදී ආමාශයට ඇතුල්වූ, පාපීවූ මාරයා දුටහ. දැක, පාපීවූ, මාරයාට මෙසේ කීහ. “පාපීය, නික්මෙව, පාපිය, නික්මෙව, තථාගතයන්ට වෙහෙස නොකරව, තථාගත ශ්‍රාවකයින්ට වෙහෙස නොකරව, නුඹට බොහෝ කලක් මුලුල්ලෙහි අහිත පිණිස දුක් පිණිස, නොවේවා යි කීහ. ඉක්බිති පාපීවූ මාරයාට මේ සිතවිය. “මේ ශ්‍රමණතෙම, මා නොදැනම නොදැකම පාපිය නික්මෙව, පාපිය නික්මෙව, තථාගතයන්ට වෙහෙස නොකරව, තථාගත ශ්‍රාවකයන්ට වෙහෙස නොකරව, නුඹට බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස නොවේවා’යි මෙසේ කීයේය. ඔහුගේ යම් ශාස්තෘ කෙනෙක් වේද, හෙතෙමේද මා වහාම දැන නොගන්නේය. මේ ශ්‍රාවකතෙම කෙසේ දන්නේද”, කියායි.
ඉක්බිති ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ පාපීවූ මාරයාට මෙසේ කීහ. “පාපීමාරය, මේ කාරණයෙහිලා මම තා දනිමි. මා නොදනීයයි නුඹ නොසිතව. පාපිය, නුඹ මාරයාවෙහිය. පාපිය නුඹ මෙසේ සිතයි. ‘මේ ශ්‍රමණ තෙම මා නොදැනම, නොදැකම, පාපිය නික්මෙව, පාපිය නික්මෙව, තථාගතයන්ට වෙහෙස නොකරව, තථාගත ශ්‍රාවකයන්ට වෙහෙස නොකරව, නුඹට බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස නොවේවා’යි කියන්නේය. ඔහුගේ යම් ශාස්තෘ කෙනෙක් වේද, හෙතෙමේද, මා වහාම දැන නොගන්නේය. මේ ශ්‍රාවකතෙම කෙසේ නම් දන්නේද?” (කියායි.)
ඉක්බිති පාපීවූ, මාරයාට මෙසේ සිත්විය. “මේ ශ්‍රමණ තෙමේ මා දැනම, දැකම, පාපිය නික්මෙව, පාපිය නික්මෙව, තථාගතයන්ට වෙහෙස නොකරව, තථාගත ශ්‍රාවකයන්ට වෙහෙස නොකරව, ඔබට බොහෝ කලක් අහිත පිණිස, දුක් පිණිස නොවේවා’යි කියන්නේය” (යනු වෙනි)
ඉක්බිති පාපීවූ මාරතෙම ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේගේ මුවින් නික්ම කවුළුවෙන් පිටත සිටියේය.
507
අද්දසා ඛො ආයස්මා මහාමොග්ගල්ලානො මාරං පාපිමන්තං පච්චග්ගළෙ ඨිතං; දිස්වාන මාරං පාපිමන්තං එතදවොච - ‘එත්ථාපි ඛො තාහං, පාපිම, පස්සාමි; මා ත්වං මඤ්ඤිත්ථො ‘‘න මං පස්සතී’’ති. එසො ත්වං, පාපිම, පච්චග්ගළෙ ඨිතො. භූතපුබ්බාහං, පාපිම, දූසී නාම මාරො අහොසිං, තස්ස මෙ කාළී නාම භගිනී. තස්සා ත්වං පුත්තො. සො මෙ ත්වං භාගිනෙය්‍යො අහොසි. තෙන ඛො පන, පාපිම, සමයෙන කකුසන්ධො භගවා අරහං සම්මාසම්බුද්ධො ලොකෙ උප්පන්නො හොති. කකුසන්ධස්ස ඛො පන, පාපිම, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස විධුරසඤ්ජීවං නාම සාවකයුගං අහොසි අග්ගං භද්දයුගං. යාවතා ඛො පන, පාපිම, කකුසන්ධස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස සාවකා. තෙසු න ච කොචි ආයස්මතා විධුරෙන සමසමො හොති යදිදං ධම්මදෙසනාය. ඉමිනා ඛො එවං (එතං (සී. ස්‍යා. පී.)), පාපිම, පරියායෙන ආයස්මතො විධුරස්ස විධුරොතෙව (විධුරස්ස විධුරො විධුරොත්වෙව (සී. ස්‍යා. කං. පී.)) සමඤ්ඤා උදපාදි.
‘‘ආයස්මා පන, පාපිම, සඤ්ජීවො අරඤ්ඤගතොපි රුක්ඛමූලගතොපි සුඤ්ඤාගාරගතොපි අප්පකසිරෙනෙව සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජති. භූතපුබ්බං, පාපිම, ආයස්මා සඤ්ජීවො අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නො නිසින්නො හොති. අද්දසංසු ඛො, පාපිම, ගොපාලකා පසුපාලකා කස්සකා පථාවිනො ආයස්මන්තං සඤ්ජීවං අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නං නිසින්නං; දිස්වාන තෙසං එතදහොසි - ‘අච්ඡරියං වත, භො, අබ්භුතං වත, භො! අයං සමණො නිසින්නකොව කාලඞ්කතො! හන්ද නං දහාමා’ති. අථ ඛො තෙ, පාපිම, ගොපාලකා පසුපාලකා කස්සකා පථාවිනො තිණඤ්ච කට්ඨඤ්ච ගොමයඤ්ච සංකඩ්ඪිත්වා ආයස්මතො සඤ්ජීවස්ස කායෙ උපචිනිත්වා අග්ගිං දත්වා පක්කමිංසු. අථ ඛො, පාපිම, ආයස්මා සඤ්ජීවො තස්සා රත්තියා අච්චයෙන තාය සමාපත්තියා වුට්ඨහිත්වා චීවරානි පප්ඵොටෙත්වා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය ගාමං පිණ්ඩාය පාවිසි. අද්දසංසු ඛො තෙ, පාපිම, ගොපාලකා පසුපාලකා කස්සකා පථාවිනො ආයස්මන්තං සඤ්ජීවං පිණ්ඩාය චරන්තං; දිස්වාන නෙසං එතදහොසි - ‘අච්ඡරියං වත, භො, අබ්භුතං වත, භො! අයං සමණො නිසින්නකොව කාලඞ්කතො, ස්වායං පටිසඤ්ජීවිතො’ති . ඉමිනා ඛො එවං, පාපිම, පරියායෙන ආයස්මතො සඤ්ජීවස්ස සඤ්ජීවොතෙව (සඤ්ජීවො සඤ්ජීවොත්වෙව (සී. ස්‍යා. කං. පී.)) සමඤ්ඤා උදපාදි.
507
ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ කවුළුව අසල සිටියාවූ, පාපීවූ, මාරයා දුටහ. දැක පාපීවූ මාරයාට මෙසේ කීහ. “මාරය ඔතනදීද මම තා දකිමි. මා නොදකීයයි නුඹ නොසිතව පාපිය, මේ නුඹ කවුළුව අසල සිටියෙහිය.
“පාපිය, පෙරවූවක් කියමි. මම දූසීනම් මාරයෙක්වීමි. ඒ මට කාලීනම් නැගනියක් විය. නුඹ ඇගේ පුත්‍රයාය. ඒ නුඹ මාගේ බෑනා විය. මාරය, එකල්හි අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ කකුසඳ නම් භාග්‍යවතුන් වහන්සේ ලෝකයෙහි පහළ වූහ. මාරය, අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ, කකුසඳ භාග්‍යවතුන් වහන්සේ විධුරය සඤ්ජිවයයන නම් ඇති අග්‍රශ්‍රාවක දෙනමක් විය. මාරය, අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ කකුසඳ භාග්‍යවතුන් වහන්සේගේ යම් පමණ ශ්‍රාවක සමූහයා අතුරෙන් ධර්ම දේශනා කිරීමෙහි, විධුර ස්ථවිරයන් වහන්සේ හා සමානවූ කිසිවෙක් නොවූහ. මාරය මේ කාරණයෙන් ආයුෂ්මත් විධුර ස්ථවිරයන් වහන්සේට, ‘විධුරය, විධුරය, කියාම නාමය පහළ විය.
“මාරය ආයුෂ්මත් සඤ්ජීව ස්ථවිරයන් වහන්සේ ආරණ්‍යයට ගියේද, වෘක්ෂ මූලයකට ගියේද, ශුන්‍යාගාරයට ගියේද, ඉතා පහසුවෙන් නිරෝධ සමාපත්තියට සමවදියි. මාරය, මම පෙර වූවක් කියමි. ආයුෂ්මත් සඤ්ජීව ස්ථවිරයන් වහන්සේ එක්තරා රුකක් මුල නිරෝධ සමාපත්තියට සමවැදී සිටියහ. මාරය, ගොපල්ලෝද, වෙනත් සිව්පාවුන් රකින්නෝද, ගොවිකම් කරන්නෝද, මගියෝද, එක්තරා රුකක් මුල නිරෝධ සමාපත්තියට සමවැද වැඩහුන් ආයුෂ්මත් සඤ්ජීව ස්ථවිරයන්වහන්සේ දුටුවාහුය. දැක, ඔවුන්ට, මේ අදහස විය. ‘ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයකි, පෙරනුවූ දෙයකි. මේ ශ්‍රමණ තෙම හිඳගෙනම කලුරිය කෙළේය. එබැවින් ඔහු දවමු’යි (කියාය) මාරය, ඉක්බිති ගොපල්ලෝද, වෙනත් සිවුපාවුන් රක්නෝද ගොවියෝද, මගියෝද, එක්ව තණ කොළද, දරද, වියලි ගොමද, ගෙනවුත් ආයුෂ්මත් සඤ්ජීව ස්ථවිරයන්ගේ ශරීරය මතුයෙහි දමා ගිනිතබා ගියාහුය. මාරය ඉක්බිති, ආයුෂ්මත් සඤ්ජීව ස්ථවිරයන් වහන්සේ ඒ රාත්‍රිය ගෙවී ගිය පසු ඒ සමවතින් නැගිට සිවුරු ගසා දමා පෙරවරු කාලයෙහි පාසිවුරු ගෙන ගමට පිඩු පිණිස වැඩියහ. මාරය, ගවපාලකයෝද, සෙසු සිවුපාවුන් රකින්නෝද, මගියෝද, පිඩු පිණිස හැසිරෙන ආයුෂ්මත් සඤ්ජීව ස්ථවිරයන් වහන්සේ දුටුවාහුය. දැක ඔවුන්ට මේ සිතවිය. ‘පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයකි. ඒකාන්තයෙන් අද්භූතයකි. මේ ශ්‍රමණතෙම හිඳගෙනම, කලුරිය කෙළේය. හෙතෙම නැවත ජීවත්වෙයි, (කියාය) මාරය, මේ කාරණයෙන් ආයුෂ්මත් සඤ්ජීව ස්ථවිරයන් වහන්සේට, ‘සඤ්ජීව, සඤ්ජීව, කියාම නාමය පහළ විය.
508
‘‘අථ ඛො, පාපිම, දූසිස්ස මාරස්ස එතදහොසි - ‘ඉමෙසං ඛො අහං භික්ඛූනං සීලවන්තානං කල්‍යාණධම්මානං නෙව ජානාමි ආගතිං වා ගතිං වා. යංනූනාහං බ්‍රාහ්මණගහපතිකෙ අන්වාවිසෙය්‍යං - එථ, තුම්හෙ භික්ඛූ සීලවන්තෙ කල්‍යාණධම්මෙ අක්කොසථ පරිභාසථ රොසෙථ විහෙසෙථ. අප්පෙව නාම තුම්හෙහි අක්කොසියමානානං පරිභාසියමානානං රොසියමානානං විහෙසියමානානං සියා චිත්තස්ස අඤ්ඤථත්තං, යථා තං දූසී මාරො ලභෙථ ඔතාර’න්ති. අථ ඛො තෙ, පාපිම, දූසී මාරො බ්‍රාහ්මණගහපතිකෙ අන්වාවිසි - ‘එථ, තුම්හෙ භික්ඛූ සීලවන්තෙ කල්‍යාණධම්මෙ අක්කොසථ පරිභාසථ රොසෙථ විහෙසෙථ. අප්පෙව නාම තුම්හෙහි අක්කොසියමානානං පරිභාසියමානානං රොසියමානානං විහෙසියමානානං සියා චිත්තස්ස අඤ්ඤථත්තං, යථා තං දූසී මාරො ලභෙථ ඔතාර’න්ති.
‘‘අථ ඛො තෙ, පාපිම, බ්‍රාහ්මණගහපතිකා අන්වාවිසිට්ඨා දූසිනා මාරෙන භික්ඛූ සීලවන්තෙ කල්‍යාණධම්මෙ අක්කොසන්ති පරිභාසන්ති රොසෙන්ති විහෙසෙන්ති - ‘ඉමෙ පන මුණ්ඩකා සමණකා ඉබ්භා කිණ්හා (කණ්හා (ස්‍යා. කං. ක.)) බන්ධුපාදාපච්චා ‘‘ඣායිනොස්මා ඣායිනොස්මා’’ති පත්තක්ඛන්ධා අධොමුඛා මධුරකජාතා ඣායන්ති පජ්ඣායන්ති නිජ්ඣායන්ති අපජ්ඣායන්ති. සෙය්‍යථාපි නාම උලූකො රුක්ඛසාඛායං මූසිකං මග්ගයමානො ඣායති පජ්ඣායති නිජ්ඣායති අපජ්ඣායති; එවමෙවිමෙ මුණ්ඩකා සමණකා ඉබ්භා කිණ්හා බන්ධුපාදාපච්චා ‘‘ඣායිනොස්මා ඣායිනොස්මා’’ති පත්තක්ඛන්ධා අධොමුඛා මධුරකජාතා ඣායන්ති පජ්ඣායන්ති නිජ්ඣායන්ති අපජ්ඣායන්ති. සෙය්‍යථාපි නාම කොත්ථු නදීතීරෙ මච්ඡෙ මග්ගයමානො ඣායති පජ්ඣායති නිජ්ඣායති අපජ්ඣායති; එවමෙවිමෙ මුණ්ඩකා සමණකා ඉබ්භා කිණ්හා බන්ධුපාදාපච්චා ‘‘ඣායිනොස්මා ඣායිනොස්මා’’ති පත්තක්ඛන්ධා අධොමුඛා මධුරකජාතා ඣායන්ති පජ්ඣායන්ති නිජ්ඣායන්ති අපජ්ඣායන්ති. සෙය්‍යථාපි නාම බිළාරො සන්ධිසමලසඞ්කටීරෙ මූසිකං මග්ගයමානො ඣායති පජ්ඣායති නිජ්ඣායති අපජ්ඣායති; එවමෙවිමෙ මුණ්ඩකා සමණකා ඉබ්භා කිණ්හා බන්ධුපාදාපච්චා ‘‘ඣායිනොස්මා ඣායිනොස්මා’’ති පත්තක්ඛන්ධා අධොමුඛා මධුරකජාතා ඣායන්ති පජ්ඣායන්ති නිජ්ඣායන්ති අපජ්ඣායන්ති. සෙය්‍යථාපි නාම ගද්‍රභො වහච්ඡින්නො සන්ධිසමලසඞ්කටීරෙ ඣායති පජ්ඣායති නිජ්ඣායති අපජ්ඣායති, එවමෙවිමෙ මුණ්ඩකා සමණකා ඉබ්භා කිණ්හා බන්ධුපාදාපච්චා ‘‘ඣායිනොස්මා ඣායිනොස්මා’’ති පත්තක්ඛන්ධා අධොමුඛා මධුරකජාතා ඣායන්ති පජ්ඣායන්ති නිජ්ඣායන්ති අපජ්ඣායන්තී’’ති.
‘‘යෙ ඛො පන, පාපිම, තෙන සමයෙන මනුස්සා කාලඞ්කරොන්ති යෙභුය්‍යෙන කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති.
508
“ඉක්බිති මාරය, දූසීමාරයාට මෙසේ සිත්විය. මම සිල්වත්වූ යහපත් ස්වභාව ඇති මේ භික්ෂූන්ගේ ඊමක් හෝ යාමක් හෝ නොදනිමි. යම් හෙයකින් මම බමුණු ගෘහපතියන්ට ආවෙශවන්නේ නම් යෙහෙක. ‘එව්. තොපි සිල්වත්වූ යහපත් ස්වභාව ඇති භික්ෂූන්ට (දසවිධ බැණුම් වලින්) බණිව් වචනයෙන් නින්දා කරව්, ගටව්, වෙහෙසව්. තොප විසින් බණිනු ලබන්නාවූ, නින්දාකරනු ලබන්නාවූ, ගටනු ලබන්නාවූ වෙහෙසනු ලබන්නාවූ, ඔවුන්ගේ සිතෙහි දූසි මාරයාට ඉඩක් ලැබෙන පරිදි පෙරළීමක් ඇති වන්නේ නම් මැනවි’ (කියාය)
“මාරය, ඉක්බිති දූසී මාරතෙම ඒ බ්‍රාහ්මණ ගෘහපතියන්ට ආවෙශ විය. ‘එව්, තොපි සිල්වත්වූ, යහපත් ගුණධර්ම ඇති භික්ෂූන්ට බණිව්, නින්දා කරව්, ගටව්, වෙහෙසව්, තොප විසින් බණිනු ලබන්නාවූ, නින්දා කරනු ලබන්නාවූ, ගටනු ලබන්නාවූ, වෙහෙසනු ලබන්නාවූ ඔවුන්ගේ සිතෙහි දූසී මාරයාට ඉඩක් ලැබෙන පරිදි පෙරළීමක් ඇති වන්නේනම් මැනවි, (කියාය)
“මාරය, ඉක්බිති දූසී මාරයා ආවෙශවූ ඒ බ්‍රාහ්මණ ගෘහපතියෝ සිල්වත්වූ, යහපත් ස්වභාව ඇති භික්ෂූන්ට බණිති, නින්දා කරති, ගටති, වෙහෙසති (කෙසේදයත්) ‘මොහු වනාහි මුඩුවූවෝය. ශ්‍රමණ ප්‍රතිරූපකයෝය. දාසයෝය. පව් කාරයෝය. මහා බ්‍රහ්මයාගේ යටි පතුලෙන් උපන්නෝය. ‘අපි ධ්‍යාන ඇත්තෙමු. අපි ධ්‍යාන ඇත්තෙමු’ යයි කියමින් බිම බලා ගත්තාහු, යටිකුරු කළ මුහුණ ඇත්තාහු, කම්මැලි වූවාහු, සිත සිතා සිටිත්. කල්පනා කරමින් සිටිත්.
“යම්සේ වනාහි බකමූණා ගසක අත්තටවී ගොදුරු පිණිස මීයෙකු පරීක්ෂා කරමින්, සිටිද එපරිද්දෙන්ම, මුඩුවූ, ශ්‍රමණ ප්‍රතිරූපකයන්වූ, දාසයන් වැනිවූ, පව්කාරවූ, මහා බ්‍රහ්මයාගේ යටිපතුළෙන් උපන්නාවූ මොවුහු ‘අපි ධ්‍යාන ඇත්තෙමු අපි ධ්‍යාන ඇත්තෙමු’යි කියමින් බිම බලා ගෙන යටිකුරු කළ මුහුණ ඇතිව කම්මැලි කමින් සිත සිතා සිටිත්.
“යම්සේ වනාහි හිවලා ගංතෙරටවී මසුන් සොයමින් සිතිවිල්ලේ යෙදී සිටීද, එපරිද්දෙන් මුඩුවූ, ශ්‍රමණ ප්‍රතිරූපකවූ දාසයන් වැනිවූ, පවිටුවූ, බ්‍රහ්මපාදයෙන් උපන්නාවූ මොවූහු ‘අපි ධ්‍යාන ඇත්තෙමු. අපි ධ්‍යාන ඇත්තෙමු’යි බෙල්ල නමා ගත්තාහු, යටට හෙලු මුහුණු ඇත්තාහු, අලස වූවාහු සිත සිතා සිටිත්. යම්සේ වනාහි බළලා ගෙයි මුලුවලද වැසිකිළි අසල හෝ රොඩු ගොඩක් අසලද සැඟවී මීයෙකු සොයමින් සිතිවිල්ලේ යෙදී සිටීද, එපරිද්දෙන් මුඩුවූ, ශ්‍රමණ ප්‍රතිරූපකවූ දාසයන් වැනිවූ, පවිටුවූ, බ්‍රහ්ම පාදයෙන් උපන්නාවූ මොවුහු ‘අපි ධ්‍යාන ඇත්තෙමු. අපි ධ්‍යාන ඇත්තෙමු’යි බෙල්ල නමා ගත්තාහු යටට හෙලු මුහුණු ඇත්තාහු, අලසවූවාහු, සිතිවිල්ලේ යෙදී සිටිත්.
“උසුලාගෙන ආ බරින් නිදහස්වූ කොටළුවෙක් තෙම, යම්සේ ගෙයි බිත්ති අයිනේද, වැසි කිළි අසල හෝ රොඩු ගොඩක් අසලද සිතිවිල්ලේ යෙදී සිටීද, එපරිද්දෙන් මුඩුවූ, ශ්‍රමණ ප්‍රතිරූපකවූ, දාසයන් වැනිවූ, පවිටුවූ, බ්‍රහ්මපාදයෙන් උපන්නාවූ මොවුහු ‘අපි ධ්‍යාන ඇත්තෙමු. අපි ධ්‍යාන ඇත්තෙමු’යි, බෙල්ල නමා ගත්තාහු, යටට හෙලු මුහුණු ඇත්තාහු, අලසවූවාහු, සිතිවිල්ලේයෙදී සිටිත්. විශේෂයෙන් සිත සිතා සිටිත්. (කියායි)
“මාරය එකල්හි යම් ඒ මනුෂ්‍යයෝ කලුරිය කරත්ද බොහෝ සෙයින් ඔවුහු කාය භෙදයෙන් මරණින් මතු සැපයෙන් පහවූ දුක් ඇති නරකයෙහි උපදිති.
509
‘‘අථ ඛො, පාපිම, කකුසන්ධො භගවා අරහං සම්මාසම්බුද්ධො භික්ඛූ ආමන්තෙසි - ‘අන්වාවිට්ඨා ඛො, භික්ඛවෙ, බ්‍රාහ්මණගහපතිකා දූසිනා මාරෙන - එථ, තුම්හෙ භික්ඛූ සීලවන්තෙ කල්‍යාණධම්මෙ අක්කොසථ පරිභාසථ රොසෙථ විහෙසෙථ, අප්පෙව නාම තුම්හෙහි අක්කොසියමානානං පරිභාසියමානානං රොසියමානානං විහෙසියමානානං සියා චිත්තස්ස අඤ්ඤථත්තං, යථා තං දූසී මාරො ලභෙථ ඔතාර’න්ති. එථ, තුම්හෙ, භික්ඛවෙ, මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරථ, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්‍යාබජ්ඣෙන ඵරිත්වා විහරථ. කරුණාසහගතෙන චෙතසා...පෙ.... මුදිතාසහගතෙන චෙතසා...පෙ.... උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරථ, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්‍යාබජ්ඣෙන ඵරිත්වා විහරථා’ති.
‘‘අථ ඛො තෙ, පාපිම, භික්ඛූ කකුසන්ධෙන භගවතා අරහතා සම්මාසම්බුද්ධෙන එවං ඔවදියමානා එවං අනුසාසියමානා අරඤ්ඤගතාපි රුක්ඛමූලගතාපි සුඤ්ඤාගාරගතාපි මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරිංසු, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්‍යාබජ්ඣෙන ඵරිත්වා විහරිංසු. කරුණාසහගතෙන චෙතසා...පෙ.... මුදිතාසහගතෙන චෙතසා...පෙ.... උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරිංසු, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්‍යාබජ්ඣෙන ඵරිත්වා විහරිංසු .
509
“මාරය ඉක්බිති අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ, කකුසඳ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට මෙසේ කීහ. ‘මහණෙනි, දූසී මාරයා ‘එව්, තොප සිල්වත්වූ යහපත් ගුණධර්ම ඇති භික්ෂූන්ට බණිව්, නින්දා කරව්, ගටව්, වෙහෙසව්, තොප විසින් බණිනු ලබන්නාවූ, නින්දා කරනු ලබන්නාවූ, ගටනු ලබන්නාවූ, වෙහෙසනු ලබන්නාවූ, ඔවුන්ගේ සිතෙහි දූසී මාරයාට ඉඩක් ලැබෙන පරිදි පෙරළීමක් ඇති වන්නේ නම් මැනව’යි බ්‍රාහ්මණ ගෘහපතියන්හට ආවෙශවී සිටියි. මහණෙනි, එව් තෙපි, මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පැතිර වාසය කරව්, එසේම දෙවෙනි දිශාවද, එසේ තුන්වෙනි දිශාවද, එසේම සතර වෙනි දිශාවද මෙසේ උඩ යට සරස සියලු තන්හි සියල්ලෙන් යුක්තවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ, වෛර රහිතවූ, ව්‍යාපාද රහිතවූ, මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරව්.
“කරුණා සහගත සිතින් එක් දිශාවක් පැතිර වාසය කරව්. එසේම දෙවෙනි දිශාවද, එසේම තුන් වෙනි දිශාවද එසේම සතර වෙනි දිශාවද මෙසේ උඩ යට සරස සියලු තන්හි සියල්ලෙන් යුක්තවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ, වයිර රහිතවූ, ව්‍යාපාද රහිතවූ, කරුණා සහගත සිතින් පතුරුවා වාසය කරව්.
“මුදිතා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරව්. එසේම දෙවෙනි දිශාවද, එසේම තුන් වෙනි දිශාවද, එසේම සතරවෙනි දිශාවද මෙසේ උඩ යට සරස සියලු තන්හි සියල්ලෙන් යුක්තවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ, වයිර රහිතවූ, ව්‍යාපාද රහිතවූ, මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කරව්.
“උපෙක්ෂා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරව්. එසේම දෙවෙනි දිශාවද, එසේම තුන්වෙනි දිශාවද, එසේම සතරවෙනි දිශාවද මෙසේ උඩ යට සරස සියලු තන්හි සියල්ලෙන් යුක්තවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ, වයිර රහිතවූ, ව්‍යාපාද රහිතවූ, උපෙක්ෂා සහගත සිතින් පතුරුවා වාසය කරව්ය’යි (වදාළහ)
“මාරය, ඉක්බිති ඒ භික්ෂූහු, අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, කකුසඳ භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ අවවාද කරනු ලබන්නාහු, මෙසේ අනුශාසනා කරනු ලබන්නාහු, ආරණ්‍යයට ගියාහුද, වෘක්ෂ මූලයට ගියාහුද, ශුන්‍යාගාරයට ගියාහුද මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කළහ. එසේම දෙවෙනි දිශාවද, එසේම තුන්වෙනි දිශාවද, එසේම සතරවෙනි දිශාවද මෙසේ උඩ යට සරස සියලු තන්හි සියල්ලෙන් යුක්තවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර රහිතවූ ව්‍යාපාද රහිතවූ මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කළහ.
“කරුණා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කළහ. එසේම දෙවෙනි දිශාවද, එසේම තුන් වෙනි දිශාවද, එසේම සතර වෙනි දිශාවද මෙසේ උඩ යට සරස සියලු තන්හි සියල්ලෙන් යුක්තවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ, වයිර රහිතවූ, ව්‍යාපාද රහිතවූ කරුණා සහගත සිතින් පතුරුවා වාසය කළහ.”
“මුදිතා සහගත සිතින් එක්දිශාවක් පතුරුවා වාසය කළහ. එසේම දෙවෙනි දිශාවද, එසේම තුන් වෙනි දිශාවද, එසේම සතර වෙනි දිශාවද, මෙසේ උඩ යට සරස සියලු තන්හි සියල්ලෙන් යුක්තවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ, වයිර රහිතවූ, ව්‍යාපාද රහිතවූ මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කළහ.”
“උපෙක්ෂා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කළහ. එසේම දෙවෙනි දිශාවද, එසේම තුන්වෙනි දිශාවද, එසේම සතර වෙනි දිශාවද මෙසේ උඩ යට සරස සියලු තන්හි සියල්ලෙන් යුක්තවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ, වයිර රහිතවූ, ව්‍යාපාද රහිතවූ උපෙක්ෂා සහගත සිතින් පතුරුවා වාසය කළහ.”
510
‘‘අථ ඛො, පාපිම, දූසිස්ස මාරස්ස එතදහොසි - ‘එවම්පි ඛො අහං කරොන්තො ඉමෙසං භික්ඛූනං සීලවන්තානං කල්‍යාණධම්මානං නෙව ජානාමි ආගතිං වා ගතිං වා, යංනූනාහං බ්‍රාහ්මණගහපතිකෙ අන්වාවිසෙය්‍යං - එථ, තුම්හෙ භික්ඛූ සීලවන්තෙ කල්‍යාණධම්මෙ සක්කරොථ ගරුං කරොථ මානෙථ පූජෙථ , අප්පෙව නාම තුම්හෙහි සක්කරියමානානං ගරුකරියමානානං මානියමානානං පූජියමානානං සියා චිත්තස්ස අඤ්ඤථත්තං, යථා තං දූසී මාරො ලභෙථ ඔතාර’න්ති . අථ ඛො තෙ, පාපිම, දූසී මාරො බ්‍රාහ්මණගහපතිකෙ අන්වාවිසි - ‘එථ, තුම්හෙ භික්ඛූ සීලවන්තෙ කල්‍යාණධම්මෙ සක්කරොථ ගරුං කරොථ මානෙථ පූජෙථ, අප්පෙව නාම තුම්හෙහි සක්කරියමානානං ගරුකරියමානානං මානියමානානං පූජියමානානං සියා චිත්තස්ස අඤ්ඤථත්තං, යථා තං දූසී මාරො ලභෙථ ඔතාර’න්ති. අථ ඛො තෙ, පාපිම, බ්‍රාහ්මණගහපතිකා අන්වාවිට්ඨා දූසිනා මාරෙන භික්ඛූ සීලවන්තෙ කල්‍යාණධම්මෙ සක්කරොන්ති ගරුං කරොන්ති මානෙන්ති පූජෙන්ති.
‘‘යෙ ඛො පන, පාපිම, තෙන සමයෙන මනුස්සා කාලඞ්කරොන්ති යෙභුය්‍යෙන කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති.
510
“මාරය ඉක්බිති දුසීමාරයාට මේ අදහසවිය. ‘මම මෙසේ කරන්නාවූද සිල්වත්වූ යහපත් ස්වභාව ඇති, මේ භික්ෂූන්ගේ ඊමක් හෝ යාමක් හෝ නොදනිමි. යම්හෙයකින් මම බ්‍රාහ්මණ ගෘහපතියන්ට ආවෙශ වන්නෙම් නම් යෙහෙක එව්, තොපි සිල්වත්වූ, යහපත් ස්වභාව ඇති භික්ෂූන්ට සත්කාර කරව්, ගරු කරව්, බුහුමන් කරව්, පුදව්, තොප විසින් සත්කාර කරනු ලබන්නාවූ, ගරු කරනු ලබන්නාවූ, බුහුමන් කරනු ලබන්නාවූ, පුදනු ලබන්නාවූ, ඒ භික්ෂූන්ගේ සිතෙහි දුසී මාරයාට ඉඩක් ලැබෙන පරිදි පෙරළීමක් ඇති වන්නේ නම් යෙහෙක, (කියාය)
“මාරය, ඉක්බිති ඒ දූසී මාරතෙම බ්‍රාහ්මණ ගෘහපතියන්හට ආවෙශවිය. ‘එව්, තොපි සිල්වත්වූ, යහපත් ස්වභාව ඇති භික්ෂූන්ට සත්කාර කරව්, ගරු කරව්, බුහුමන් කරව්, පුදව්, තොප විසින් සත්කාර කරනු ලබන්නාවූ, ගරු කරනු ලබන්නාවූ, බුහුමන් කරනු ලබන්නාවූ, පුදනු ලබන්නාවූ, ඒ භික්ෂූන්ගේ සිතෙහි දූසී මාරයාට ඉඩක් ලැබෙන පරිදි පෙරළීමක් ඇතිවන්නේනම් යෙහෙක’ (කියාය)
“මාරය, ඉක්බිති දුසී මාරයා ආවෙශවූ ඒ බ්‍රාහ්මණ ගෘහ පතියෝ සිල්වත්වූ, යහපත් ස්වභාව ඇති භික්ෂූන්ට සත්කාර කරත්. ගරු කරත්. බුහුමන් කරත්, පුදත්. මාරය, එකල්හි යම් ඒ මනුෂ්‍ය කෙනෙක් කලුරිය කරත්ද, ඔහු කය බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි බොහෝ සෙයින් උපදිත්.
511
‘‘අථ ඛො, පාපිම, කකුසන්ධො භගවා අරහං සම්මාසම්බුද්ධො භික්ඛූ ආමන්තෙසි - ‘අන්වාවිට්ඨා ඛො, භික්ඛවෙ, බ්‍රාහ්මණගහපතිකා දූසිනා මාරෙන - එථ, තුම්හෙ භික්ඛූ සීලවන්තෙ කල්‍යාණධම්මෙ සක්කරොථ ගරුං කරොථ මානෙථ පූජෙථ, අප්පෙව නාම තුම්හෙහි සක්කරියමානානං ගරුකරියමානානං මානියමානානං පූජියමානානං සියා චිත්තස්ස අඤ්ඤථත්තං, යථා තං දූසී මාරො ලභෙථ ඔතාරන්ති. එථ, තුම්හෙ, භික්ඛවෙ, අසුභානුපස්සිනො කායෙ විහරථ, ආහාරෙ පටිකූලසඤ්ඤිනො, සබ්බලොකෙ අනභිරතිසඤ්ඤිනො (අනභිරතසඤ්ඤීනො (සී. ස්‍යා. කං. පී.)), සබ්බසඞ්ඛාරෙසු අනිච්චානුපස්සිනො’ති.
‘‘අථ ඛො තෙ, පාපිම, භික්ඛූ කකුසන්ධෙන භගවතා අරහතා සම්මාසම්බුද්ධෙන එවං ඔවදියමානා එවං අනුසාසියමානා අරඤ්ඤගතාපි රුක්ඛමූලගතාපි සුඤ්ඤාගාරගතාපි අසුභානුපස්සිනො කායෙ විහරිංසු, ආහාරෙ පටිකූලසඤ්ඤිනො, සබ්බලොකෙ අනභිරතිසඤ්ඤිනො, සබ්බසඞ්ඛාරෙසු අනිච්චානුපස්සිනො.
511
“මාරය, එකල්හි අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ කකුසඳ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට මෙසේ කීහ. මහණෙනි, බ්‍රාහ්මණ ගෘහපතීන්ට දූසී මාරයා ආවෙශවිය. එව් තොපි, සිල්වත්වූ යහපත් ගුණධර්ම ඇති භික්ෂූන්ට සත්කාර කරව්, ගරු කරව්, බුහුමන් කරව්, පුදව්. තොප විසින් සත්කාර කරනු ලබන්නාවූ, ගරු කරනු ලබන්නාවූ, බුහුමන් කරනු ලබන්නාවූ, පුදනු ලබන්නාවූ, ඔවුන්ගේ හිතෙහි දූසී මාරයාට ඉඩක් ලැබෙන පරිදි පෙරළීමක් ඇති වන්නේ නම් යෙහෙක කියාය. මහණෙනි, මෙහි එව්, තෙපි ශරීරයෙහි අශුභය අනුව දකිමින් වාසය කරව්, ආහාරයෙහි පිළිකුල් සංඥාව ඇතිව වාසය කරව්, සියලු ලෝකයෙහි නොඇලීම් සංඥා ඇතිව වාසය කරව්. සියලු සංස්කාරයන්හි, අනිත්‍යය අනුව දකිමින් වාසය කරව්.” (කියාය)
“මාරය ඉක්බිති, අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, කකුසඳ භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ අවවාද කරනු ලබන්නාවූ මෙසේ අනුශාසනා කරනු ලබන්නාවූ ඒ භික්ෂූහු ආරණ්‍යයට ගියාහුද, වෘක්ෂ මූලයට ගියාහුද, ශුන්‍යාගාරයට ගියාහුද, කයෙහි අශුභය අනුව දකිමින් විසූහ. ආහාරයෙහි, පිළිකුල් සංඥා ඇතිව සියලු ලෝකයෙහි, නොඇලීම් සංඥාව ඇතිව සියලු සංස්කාරයන්හි අනිත්‍යය අනුව දකිමින් වාසය කළහ.
512
‘‘අථ ඛො, පාපිම, කකුසන්ධො භගවා අරහං සම්මාසම්බුද්ධො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය ආයස්මතා විධුරෙන පච්ඡාසමණෙන ගාමං පිණ්ඩාය පාවිසි. අථ ඛො, පාපිම, දූසී මාරො අඤ්ඤතරං කුමාරකං (කුමාරං (සී. පී.)) අන්වාවිසිත්වා සක්ඛරං ගහෙත්වා ආයස්මතො විධුරස්ස සීසෙ පහාරමදාසි; සීසං වොභින්දි (සීසං තෙ භින්දිස්සාමීති (ක.)). අථ ඛො, පාපිම, ආයස්මා විධුරො භින්නෙන සීසෙන ලොහිතෙන ගළන්තෙන කකුසන්ධංයෙව භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධි. අථ ඛො , පාපිම, කකුසන්ධො භගවා අරහං සම්මාසම්බුද්ධො නාගාපලොකිතං අපලොකෙසි - ‘න වායං දූසී මාරො මත්තමඤ්ඤාසී’ති. සහාපලොකනාය ච පන, පාපිම, දූසී මාරො තම්හා ච ඨානා චවි මහානිරයඤ්ච උපපජ්ජි.
‘‘තස්ස ඛො පන, පාපිම, මහානිරයස්ස තයො නාමධෙය්‍යා හොන්ති - ඡඵස්සායතනිකො ඉතිපි, සඞ්කුසමාහතො ඉතිපි, පච්චත්තවෙදනියො ඉතිපි. අථ ඛො මං, පාපිම, නිරයපාලා උපසඞ්කමිත්වා එතදවොචුං - යදා ඛො තෙ (යතො තෙ (ක.)), මාරිස, සඞ්කුනා සඞ්කු හදයෙ සමාගච්ඡෙය්‍ය. අථ නං ත්වං ජානෙය්‍යාසි - ‘වස්සසහස්සං මෙ නිරයෙ පච්චමානස්සා’ති. සො ඛො අහං, පාපිම, බහූනි වස්සානි බහූනි වස්සසතානි බහූනි වස්සසහස්සානි තස්මිං මහානිරයෙ අපච්චිං. දසවස්සසහස්සානි තස්සෙව මහානිරයස්ස උස්සදෙ අපච්චිං වුට්ඨානිමං නාම වෙදනං වෙදියමානො. තස්ස මය්හං, පාපිම, එවරූපො කායො හොති, සෙය්‍යථාපි මනුස්සස්ස. එවරූපං සීසං හොති, සෙය්‍යථාපි මච්ඡස්ස.
512
“මාරය, එකල්හි අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ, කකුසඳ භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාසිවුරු ගෙණ පිටුපසින් ගමන්කරන ආයුෂ්මත් විධුර ස්ථවිරයන් වහන්සේ සමග පිඬු පිණිස ගමට පිවිසියහ. මාරය, ඉක්බිති දූසී මාරතෙම, එක්තරා ළමයෙකුට ආවෙශවී ගල්කැටක් ගෙන ආයුෂ්මත් විධුර ස්ථවිරයන් වහන්සේගේ හිසට පහරක් දුන්නේය. හිස පැලුනේය. මාරය, ඉක්බිති ආයුෂ්මත් විධුර ස්ථවිරයන් වහන්සේ පැළුණ හිසින් යුක්තව ගලන්නාවූ ලෙයින් යුක්තව අර්හත්වූ, සම්‍යක්සම්බුද්ධවූ කකුසඳ භාග්‍යවතුන් වහන්සේ පසු පස්සේම ගියහ. මාරය, ඉක්බිති අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, කකුසඳ භාග්‍යවතුන් වහන්සේ මේ දූසී මාරයා පමණ දැන නොගන්නේයැයි කියමින් නාගාපලොකනය (ඇතෙකු මෙන් මුළු ශරීරයෙන් ආපසු හැරී පිටුපස බැලීම) කළහ. මාරය ඒ බැලීම සමගම, දූසී මාරතෙම, ඒ ස්ථානයෙන් චුතව මහ නිරයෙහි උපන්නේය.
“මාරය, ඒ මහ නිරයට නම් තුනක් වෙත්. ඊට “ජඵස්සායතනික” යයිද, “සංකුසමාහත” යයිද, “පච්චත්ත වෙදනීය” යයිද කියනු ලැබේ. ඉක්බිති මාරය, මා කරා නිරය පාලයෝ පැමිණ මෙසේ කීහ. නිදුකාණෙනි, ‘යම් කලෙක නුඹගේ පපුවෙහි යහුලින් යහුල එක්වන්නේද, එකල්හි නරකයෙහි පැසෙනු ලබන්නාවූ තට, අවුරුදු දහසක් සම්පූර්ණයයි දැනගනුව. මාරය, ඒ මම බොහෝ අවුරුදු ගණන්, බොහෝ අවුරුදු සිය ගණන් බොහෝ අවුරුදු දහස් ගණන්, මහ නරකයෙහි පැසුනෙමි, ඒ දස දහසක් අවුරුදු ඒ මහනිරය පිළිබඳවූ, ඔසුපත් නිරයෙහි, (කර්ම විපාකයෙන් හටගත් වේදනා හෙයින්) “චූට්ඨානිම” නම්වූ වේදනාව විඳිමින් පැසුණෙමි. මාරය ඒ මාගේ ශරීරය මිනිසෙකුගේ මෙන් විය. හිස මාළුවෙකුගේ මෙන් විය.
513
‘‘කීදිසො නිරයො ආසි, යත්ථ දූසී අපච්චථ;
විධුරං සාවකමාසජ්ජ, කකුසන්ධඤ්ච බ්‍රාහ්මණං.
‘‘සතං ආසි අයොසඞ්කූ, සබ්බෙ පච්චත්තවෙදනා;
ඊදිසො නිරයො ආසි, යත්ථ දූසී අපච්චථ;
විධුරං සාවකමාසජ්ජ, කකුසන්ධඤ්ච බ්‍රාහ්මණං.
‘‘යො එතමභිජානාති, භික්ඛු බුද්ධස්ස සාවකො;
තාදිසං භික්ඛුමාසජ්ජ, කණ්හ දුක්ඛං නිගච්ඡසි.
‘‘මජ්ඣෙ සරස්ස තිට්ඨන්ති, විමානා කප්පට්ඨායිනො;
වෙළුරියවණ්ණා රුචිරා, අච්චිමන්තො පභස්සරා;
අච්ඡරා තත්ථ නච්චන්ති, පුථු නානත්තවණ්ණියො.
‘‘යො එතමභිජානාති, භික්ඛු බුද්ධස්ස සාවකො;
තාදිසං භික්ඛුමාසජ්ජ, කණ්හ දුක්ඛං නිගච්ඡසි.
‘‘යො වෙ බුද්ධෙන චොදිතො, භික්ඛු සඞ්ඝස්ස පෙක්ඛතො;
මිගාරමාතුපාසාදං, පාදඞ්ගුට්ඨෙන කම්පයි.
‘‘යො එතමභිජානාති, භික්ඛු බුද්ධස්ස සාවකො;
තාදිසං භික්ඛුමාසජ්ජ, කණ්හ දුක්ඛං නිගච්ඡසි.
‘‘යො වෙජයන්තං පාසාදං, පාදඞ්ගුට්ඨෙන කම්පයි;
ඉද්ධිබලෙනුපත්ථද්ධො, සංවෙජෙසි ච දෙවතා.
‘‘යො එතමභිජානාති, භික්ඛු බුද්ධස්ස සාවකො;
තාදිසං භික්ඛුමාසජ්ජ, කණ්හ දුක්ඛං නිගච්ඡසි.
‘‘යො වෙජයන්තපාසාදෙ, සක්කං සො පරිපුච්ඡති;
අපි වාසව ජානාසි, තණ්හාක්ඛයවිමුත්තියො;
තස්ස සක්කො වියාකාසි, පඤ්හං පුට්ඨො යථාතථං.
‘‘යො එතමභිජානාති, භික්ඛු බුද්ධස්ස සාවකො;
තාදිසං භික්ඛුමාසජ්ජ, කණ්හ දුක්ඛං නිගච්ඡසි.
‘‘යො බ්‍රහ්මං පරිපුච්ඡති, සුධම්මායාභිතො සභං;
අජ්ජාපි ත්‍යාවුසො දිට්ඨි, යා තෙ දිට්ඨි පුරෙ අහු;
පස්සසි වීතිවත්තන්තං, බ්‍රහ්මලොකෙ පභස්සරං.
‘‘තස්ස බ්‍රහ්මා වියාකාසි, අනුපුබ්බං යථාතථං;
න මෙ මාරිස සා දිට්ඨි, යා මෙ දිට්ඨි පුරෙ අහු.
‘‘පස්සාමි වීතිවත්තන්තං, බ්‍රහ්මලොකෙ පභස්සරං;
සොහං අජ්ජ කථං වජ්ජං, අහං නිච්චොම්හි සස්සතො.
‘‘යො එතමභිජානාති, භික්ඛු බුද්ධස්ස සාවකො;
තාදිසං භික්ඛුමාසජ්ජ, කණ්හ දුක්ඛං නිගච්ඡසි.
‘‘යො මහාමෙරුනො කූටං, විමොක්ඛෙන අඵස්සයි;
වනං පුබ්බවිදෙහානං, යෙ ච භූමිසයා නරා.
‘‘යො එතමභිජානාති, භික්ඛු බුද්ධස්ස සාවකො;
තාදිසං භික්ඛුමාසජ්ජ, කණ්හ දුක්ඛං නිගච්ඡසි.
‘‘න වෙ අග්ගි චෙතයති (වෙඨයති (සී.)), ‘අහං බාලං ඩහාමී’ති;
බාලො ච ජලිතං අග්ගිං, ආසජ්ජ නං ස ඩය්හති.
‘‘එවමෙව තුවං මාර, ආසජ්ජ නං තථාගතං;
සයං ඩහිස්සසි අත්තානං, බාලො අග්ගිංව සංඵුසං.
‘‘අපුඤ්ඤං පසවී මාරො, ආසජ්ජ නං තථාගතං;
කින්නු මඤ්ඤසි පාපිම, න මෙ පාපං විපච්චති.
‘‘කරොතො චීයති පාපං, චිරරත්තාය අන්තක;
මාර නිබ්බින්ද බුද්ධම්හා, ආසං මාකාසි භික්ඛුසු.
‘‘ඉති මාරං අතජ්ජෙසි, භික්ඛු භෙසකළාවනෙ;
තතො සො දුම්මනො යක්ඛො, නතත්ථෙවන්තරධායථා’’ති.
513
“විධුර නම් අග්‍රශ්‍රාවකයින් වහන්සේද, කකුසඳ භාග්‍යවතුන් වහන්සේද, ගටා යම් තැනෙක, දූසී නම් මාරයා පැසුනේද, ඒ නරකය, කෙබඳු වීද?
“විධුර අග්‍ර ශ්‍රාවකයින් වහන්සේද, කකුසඳ බුදුන්ද ගටා යම් තැනක දුසීනම් මාරයා පැසුනේද, එය සියල්ල තෙමේම වේදනා උපදවන්නාවූ, යවුල් සියයක් ඇති මෙබඳු නරකයක් විය.
“සර්වඥ ශ්‍රාවකවූ, යම් මොග්ගල්ලාන නම් භික්ෂුවක් තෙම, මේ නිරයෙහි දුක් විභාගය දනීද, මාරය, එබඳු භික්ෂුවක් ගටා දුකට පැමිණෙන්නෙහිය.
“මහාසමුද්‍රය මැද දියමතුපිට පිහිටියාවූ, කල්පයක් පවතින්නාවූ වෛඩූර්‍ය්‍ය වර්ණ ඇත්තාවූ, සිත්කලුවූ, පර්වත මුදුනෙහි බබලන ගිනි කඳක්සේ රශ්මියෙන් යුක්තවූ, දිලිසෙන දිව්‍ය විමානයෝ වෙති. එහි බොහෝවූ, නොයෙක් පාට ඇති දිව්‍යප්සරාවෝ (දිව්‍යාංගනාවෝ) නටත්.
“තථාගත ශ්‍රාවකවූ, යම් භික්ෂුවක් තෙම, මේ විමාන වස්තු විස්තරය, දනීද, මාරය, එබඳු භික්ෂුවක් ගටා දුකට පැමිණෙන්නෙහිය.
“යම් භික්ෂුවක් සර්වඥයන් වහන්සේ විසින් නියම කරන ලද්දේ, භික්ෂු සංඝයා බලා සිටිද්දී, මිගාරමාතා ප්‍රාසාදය පය මාපටැඟිල්ලෙන් (ගසා) කම්පා කෙළේද,
“සර්වඥ ශ්‍රාවකවූ, යම් මහා මොග්ගල්ලාන නම් භික්ෂුවක් මේ ඍද්ධිය දනීද, මාරය, එබඳු භික්ෂුවක් ගටා දුකට පැමිණෙන්නෙහිය.
“යමෙක් තෙම, ඍද්ධි බලයෙන් උපකාර ලද්දේ විජයොත් පහය, පය මාපටඟිල්ලෙන් ගසා කම්පා කෙළේද, දෙවියන් සංවේගයට පැමිණවූයේද,
“බුද්ධ ශ්‍රාවකවූ යම් මොග්ගල්ලාන නම් භික්ෂුවක් මෙය දනීද, මාරය, තා එබඳු භික්ෂුවක් ගටා දුකට පැමිණෙන්නෙහිය.
“යම් ඒ මොග්ගල්ලාන නම් භික්ෂුවක් “ඇවැත්නි, තෘෂ්ණා ක්ෂය විමුක්තිය දන්නෙහිදැ’යි, විජයොත් පහයේදී ශක්‍රයාගෙන් ප්‍රශ්න කෙළේද, ප්‍රශ්න විචාරණ ලද්දාවූ, ශක්‍රතෙම උන් වහන්සේට සර්වඥයන් වහන්සේ වදාළ පරිදි ප්‍රකාශ කෙළේය.
“බුද්ධ ශ්‍රාවකවූ යම් මොග්ගල්ලාන නම් භික්ෂුවක් මෙය දනීද, මාරය, තා එබඳු භික්ෂුවක් ගටා දුකට පැමිණෙන්නෙහිය.
“යමෙක් තෙම, බ්‍රහ්ම ලෝකයෙහි සුධර්මා නම් බ්‍රහ්ම සභාවෙහිදී, බඹුගෙන් “ඇවැත්නි, නුඹට පූර්ව කාලයෙහි යම් මිථ්‍යා දෘෂ්ටියක් වීද, නුඹගේ ඒ මිථ්‍යාදෘෂ්ටිය අදත් ඇද්දැයි ප්‍රශ්න කෙළේද, බඹලොව අන්‍ය බ්‍රහ්මයන්ගේ ආලෝකය මැඩ පවත්වන්නාවූ, (ශාරීපුත්‍ර ස්ථවීරාදීන් පිරිවරා තෙජොධාතුවටසමවැදසිටි) සර්වඥයන් වහන්සේගේ ආලෝකය දක්නෙහිදැයි ඇසුවේද?
“බ්‍රහ්ම තෙම උන්වහන්සේට, පිළිවෙලින් ඇතිසැටි යම්සේ නම් එසේ ප්‍රකාශ කෙළේය. ‘පූර්වකාලයෙහි මට යම් ශාස්වත දෘෂ්ටියක් වීද, නිදුකානෙනි, මට ඒ දෘෂ්ටිය දැන් නැත්තේය,
“බඹලොව අනිකුත් ආලෝක ඉක්ම බබලන බුද්ධා ලෝකය දකිමි. “මම නිත්‍යවෙමි. සදාකාලික වෙමි”යි ඒ මම කෙසේ කියම්ද?
“බුද්ධ ශ්‍රාවකවූ යම් මොග්ගල්ලාන නම් භික්ෂුවක් මෙය දනීද, මාරය, තා එබඳු භික්ෂුවක් ගටා දුකට පැමිණෙන්නෙහිය.
“යමෙක්තෙම, ධ්‍යාන බලයෙන් මහාමෙරු පර්වතයෙහි මුදුන ස්පර්ශ කෙළේද, ජම්ඹුද්වීපයද, පූර්ව විදෙහීන්ගේ ද්වීපයද, අපරගොයාන ද්වීපය හා උත්තරකුරු ද්වීපයද ස්පර්ශ කළේද.
“බුද්ධ ශ්‍රාවකවූ යම් මොග්ගල්ලාන නම් භික්ෂුවක් මෙය දනීද, මාරය, තා එබඳු භික්ෂුවක් ගටා දුකට පැමිණෙන්නෙහිය.
“ගින්න, මම බාලයා දවමි’යි, ඒකාන්තයෙන් නොවෙළයි. බාලයාම දිලිසෙන ගින්නට පැමිණ දනු ලැබේ.
“මාරය එපරිද්දෙන්ම, නුඹද තථාගතයන් ගටා ගින්න ස්පර්ශ කරන්නාවූ, බාලයෙකු මෙන් තෙමේ දැවෙන්නෙහිය.
“මාරතෙම තථාගතයන් ගටා අකුසලයක් රැස් කෙළේය. මාරය, “මාගේ පාපය විපාක නොදෙන්නේ ය”යි සිතන්නෙහිද?
“මාරය, පව්කම් කරන්නහුගේ පාපය බොහෝ කලක් මුලුල්ලෙහි රැස්වෙයි. එහෙයින් මාරය, සර්වඥයන් වහන්සේ කෙරෙහි නොඇලී යව, භික්ෂූන් වෙහෙසන ආසාව නොකරව.”
මෙසේ මහා මොග්ගල්ලාන භික්ෂූන් වහන්සේ, භෙසකලා නම් වනයෙහිදී මාරයා වෙහෙසූසේක, එයින් හටගත් නොසතුටු සිත්ඇති ඒ වසවර්ති මාරතෙම එහිම නොපෙණී ගියේය.