ත්‍රිපිටකය
5. චූළයමකවග්ගො 5. චූල යමක වර්ගය
1. සාලෙය්‍යකසුත්තං 1. සාලෙය්‍යක සූත්‍රය
439
එවං මෙ සුතං - එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන සාලා නාම කොසලානං බ්‍රාහ්මණගාමො තදවසරි. අස්සොසුං ඛො සාලෙය්‍යකා බ්‍රාහ්මණගහපතිකා - ‘‘සමණො ඛලු, භො, ගොතමො සක්‍යපුත්තො සක්‍යකුලා පබ්බජිතො කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං සාලං අනුප්පත්තො. තං ඛො පන භවන්තං ගොතමං එවං කල්‍යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො - ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්‍රහ්මකං සස්සමණබ්‍රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල්‍යාණං මජ්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්ථං සබ්‍යඤ්ජනං; කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසෙති’. සාධු ඛො පන තථාරූපානං අරහතං දස්සනං හොතී’’ති.
අථ ඛො සාලෙය්‍යකා බ්‍රාහ්මණගහපතිකා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා අප්පෙකච්චෙ භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු; අප්පෙකච්චෙ භගවතා සද්ධිං සම්මොදිංසු, සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු; අප්පෙකච්චෙ යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා එකමන්තං නිසීදිංසු; අප්පෙකච්චෙ භගවතො සන්තිකෙ නාමගොත්තං සාවෙත්වා එකමන්තං නිසීදිංසු; අප්පෙකච්චෙ තුණ්හීභූතා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො සාලෙය්‍යකා බ්‍රාහ්මණගහපතිකා භගවන්තං එතදවොචුං - ‘‘කො නු ඛො, භො ගොතම, හෙතු, කො පච්චයො, යෙන මිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති ? කො පන, භො ගොතම, හෙතු, කො පච්චයො, යෙන මිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්තී’’ති?
‘‘අධම්මචරියාවිසමචරියාහෙතු ඛො, ගහපතයො, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති. ධම්මචරියාසමචරියාහෙතු ඛො, ගහපතයො, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්තී’’ති .
‘‘න ඛො මයං ඉමස්ස භොතො ගොතමස්ස සංඛිත්තෙන භාසිතස්ස, විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස, විත්ථාරෙන අත්ථං ආජානාම. සාධු නො භවං ගොතමො තථා ධම්මං දෙසෙතු, යථා මයං ඉමස්ස භොතො ගොතමස්ස සංඛිත්තෙන භාසිතස්ස, විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස, විත්ථාරෙන අත්ථං ආජානෙය්‍යාමා’’ති. ‘‘තෙන හි, ගහපතයො, සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස්සාමී’’ති. ‘‘එවං, භො’’ති ඛො සාලෙය්‍යකා බ්‍රාහ්මණගහපතිකා භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
439
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහා භික්ෂු සංඝයා සමග කෙසොල් ජනපදයෙහි හැසිරෙන සේක් කොසලයන්ගේ සාල නම් බමුණු ගම යම් තැනෙක්හිද එහි වැඩියහ. සාල ගම්වැසිවූ බ්‍රාහ්මණ ගෘහපතියෝ ‘ශාක්‍ය පුත්‍රවූ, ශාක්‍ය වංශයෙන් පැවිදිවූ ශ්‍රමණ භවත් ගෞතමතෙමේ මහත් භික්ෂු සමූහයා කැටිව කොසොල් දනව්වෙහි හැසිරෙනසේක් සාල නම් ගමට පැමිණියහ’යි ඇසුවාහුය. ඒ භවත් ගෞතමයින්ගේ මෙබඳුවූ යහපත්වූ කීර්ති ශබ්දයක් උස්ව නැංගේ වෙයි.
“ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්යහ, සම්‍යක් සම්බුද්ධයහ, අෂ්ට විද්‍යා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්තයහ, යහපත් ගති ඇත්තාහ. සියලු ලෝකයන් දන්නාහ. ශ්‍රේෂ්ඨයහ. හික්මවිය යුතු පුරුෂයන් හික්මවීමෙහි රියැදුරෙකු වැනියහ. දෙවි මිනිසුන්ට ශාස්තෘහ, චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මයන් අවබෝධ කළහ. භාග්‍යවත්හ. ඒ තථාගතයන්වහන්සේ දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ දෙවි මිනිසුන් සහිතවූ, සත්ව වර්ගයා තමන් උසස් ඤාණයෙන් දැන පැහැදිලිකොට ප්‍රකාශ කරන්නාහ. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ අර්ථ සහිතවූ, බ්‍යංජන සහිතවූ, සියලු ලෙසින් සම්පූර්ණවූ, පිරිසිදුවූ ශාසන මාර්ග බ්‍රහ්මචරියාව ගෙන හැර දක්වති. එබඳුවූ රහතුන්ගේ දැකුම යහපත්ය” (කියායි) ඉක්බිති සාලගම් වැසි බ්‍රාහ්මණ ගෘහපතියෝ භාග්‍යවතුන්වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ ඇතැම්හු භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පැත්තක හුන්නාහුය. ඇතැම්හු භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එක පැත්තක උන්නාහුය. ඇතැම්හු භාග්‍යවතුන් වහන්සේ සිටින දිශාවට ඇඳිලි බැඳ වැඳ එක පැත්තක උන්නාහුය. ඇතැම්හු භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි (තමන්ගේ) නාම ගොත්‍ර කියා එක පැත්තක උන්නාහුය. ඇතැම්හු නිශ්ශබ්දවම එක පැත්තක උන්නාහුය. එක පැත්තක හුන්නාවූම, සාලගම් වාසීවූ බ්‍රාහ්මණ ගෘහපතියෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාහුය.
“භවත් ගෞතමයාණෙනි, මේ ලෝකයෙහි ඇතැම් සත්ත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් තොරවූ, නපුරු ගති ඇති යටිකුරුව වැටෙන්නාවූ නරකයෙහි උපදිති. ඊට හේතුව කුමක්ද? ඊට ප්‍රත්‍යය කවරේද?
“භවත් ගෞතමයාණෙනි, මේ ලෝකයෙහි ඇතැම් සත්ත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍ය ලෝකයෙහි උපදිති. ඊට හේතු කවරේද? ඊට ප්‍රත්‍යය කවරේද?”
“ගෘහපතියෙනි, මේ ලෝකයෙහි ඇතැම් සත්ත්වයෝ අධාර්මික හැසිරීමයැයි කියන විෂම හැසිරීම හේතුකොටගෙන කය බිඳීමෙන් මරණින් මතු අපාය නම්වූ නපුරුගති ඇති නරකයෙහි උපදිත්. ගෘහපතියෙනි, මේ ලෝකයෙහි ධාර්මික හැසිරීම යැයි කියන සමචර්‍ය්‍යාව හේතුකොටගෙන ඇතැම් සත්ත්වයෝ කාය භෙදයෙන් මරණින් මතු සුගති නම්වූ දිව්‍ය ලෝකයෙහි උපදිත්.”
“අපි භවත් ගෞතමයින්ගේ සංක්ෂෙපයෙන් කියන ලද්දාවූ, විස්තර වශයෙන් අර්ථය නොබෙදන ලද්දාවූ, මේ ධර්මයෙහි විස්තර වසයෙන් අර්ථය නොදනිමු. යම්සේ අපි භවත් ගෞතමයින්ගේ කොටින් දේශනා කරන ලද්දාවූ, විස්තර වශයෙන් අර්ථය නොබෙදන ලද්දාවූ, මේ ධර්මය විස්තර වශයෙන් දැන ගන්නෙමුද, භවත් ගෞතමතෙම එසේ ධර්මය දේශනා කරන සේක්වා.” “ගෘහපතියෙනි, එසේවීනම් අසව්. මනාකොට සිත්හි තබා ගනිව්. කියන්නෙමි” “එසේය පින්වතුන් වහන්ස”යි සාලෙය්‍යක බ්‍රාහ්මණ ගෘහපතියෝ භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
440
‘‘තිවිධං ඛො, ගහපතයො, කායෙන අධම්මචරියාවිසමචරියා හොති, චතුබ්බිධං වාචාය අධම්මචරියාවිසමචරියා හොති, තිවිධං මනසා අධම්මචරියාවිසමචරියා හොති.
‘‘කථඤ්ච, ගහපතයො, තිවිධං කායෙන අධම්මචරියාවිසමචරියා හොති? ඉධ, ගහපතයො, එකච්චො පාණාතිපාතී හොති, ලුද්දො (ලුද්දො දාරුණො (ක.) ටීකා ඔලොකෙතබ්බා) ලොහිතපාණි හතප්පහතෙ නිවිට්ඨො අදයාපන්නො පාණභූතෙසු (සබ්බපාණභූතෙසු (ස්‍යා. කං. ක.)).
‘‘අදින්නාදායී ඛො පන හොති. යං තං පරස්ස පරවිත්තූපකරණං, ගාමගතං වා අරඤ්ඤගතං වා, තං අදින්නං ථෙය්‍යසඞ්ඛාතං ආදාතා හොති.
‘‘කාමෙසුමිච්ඡාචාරී ඛො පන හොති. යා තා මාතුරක්ඛිතා පිතුරක්ඛිතා මාතාපිතුරක්ඛිතා භාතුරක්ඛිතා භගිනිරක්ඛිතා ඤාතිරක්ඛිතා ගොත්තරක්ඛිතා ධම්මරක්ඛිතා සස්සාමිකා සපරිදණ්ඩා අන්තමසො මාලාගුළපරික්ඛිත්තාපි, තථාරූපාසු චාරිත්තං ආපජ්ජිතා හොති. එවං ඛො, ගහපතයො, තිවිධං කායෙන අධම්මචරියාවිසමචරියා හොති.
‘‘කථඤ්ච , ගහපතයො, චතුබ්බිධං වාචාය අධම්මචරියාවිසමචරියා හොති? ඉධ, ගහපතයො, එකච්චො මුසාවාදී හොති. සභාගතො වා පරිසාගතො වා, ඤාතිමජ්ඣගතො වා පූගමජ්ඣගතො වා රාජකුලමජ්ඣගතො වා, අභිනීතො සක්ඛිපුට්ඨො - ‘එහම්භො පුරිස, යං ජානාසි තං වදෙහී’ති , සො අජානං වා ආහ - ‘ජානාමී’ති, ජානං වා ආහ - ‘න ජානාමී’ති, අපස්සං වා ආහ - ‘පස්සාමී’ති, පස්සං වා ආහ - ‘න පස්සාමී’ති (සො ආහ අජානං වා අහං ජානාමීති ජානං වා අහං න ජානාමීති අපස්සං වා අහං පස්සාමීති පස්සං වා අහං න පස්සාමීති (ක.)). ඉති අත්තහෙතු වා පරහෙතු වා ආමිසකිඤ්චික්ඛහෙතු වා සම්පජානමුසා භාසිතා හොති.
‘‘පිසුණවාචො ඛො පන හොති. ඉතො සුත්වා අමුත්‍ර අක්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්‍ර වා සුත්වා ඉමෙසං අක්ඛාතා අමූසං භෙදාය. ඉති සමග්ගානං වා භෙත්තා (භෙදකා (ක.), භෙදෙතා (ස්‍යා. කං.), තදට්ඨකථායං පන භෙත්තාති දිස්සති), භින්නානං වා අනුප්පදාතා, වග්ගාරාමො වග්ගරතො වග්ගනන්දී වග්ගකරණිං වාචං භාසිතා හොති.
‘‘ඵරුසවාචො ඛො පන හොති. යා සා වාචා අණ්ඩකා (කණ්ඩකා (ක.)) කක්කසා පරකටුකා පරාභිසජ්ජනී කොධසාමන්තා අසමාධිසංවත්තනිකා , තථාරූපිං වාචං භාසිතා හොති.
‘‘සම්ඵප්පලාපී ඛො පන හොති. අකාලවාදී අභූතවාදී අනත්ථවාදී අධම්මවාදී අවිනයවාදී. අනිධානවතිං වාචං භාසිතා හොති අකාලෙන අනපදෙසං අපරියන්තවතිං අනත්ථසංහිතං. එවං ඛො, ගහපතයො, චතුබ්බිධං වාචාය අධම්මචරියාවිසමචරියා හොති.
‘‘කථඤ්ච, ගහපතයො, තිවිධං මනසා අධම්මචරියාවිසමචරියා හොති? ඉධ, ගහපතයො, එකච්චො අභිජ්ඣාලු හොති, යං තං පරස්ස පරවිත්තූපකරණං තං අභිජ්ඣාතා හොති - ‘අහො වත යං පරස්ස තං මමස්සා’’’ති!
‘‘බ්‍යාපන්නචිත්තො ඛො පන හොති පදුට්ඨමනසඞ්කප්පො - ‘ඉමෙ සත්තා හඤ්ඤන්තු වා වජ්ඣන්තු වා උච්ඡිජ්ජන්තු වා විනස්සන්තු වා මා වා අහෙසු’’’න්ති (මා වා අහෙසුං ඉති වාති (සී. පී. ක.)).
‘‘මිච්ඡාදිට්ඨිකො ඛො පන හොති විපරීතදස්සනො - ‘නත්ථි දින්නං නත්ථි යිට්ඨං නත්ථි හුතං, නත්ථි සුකතදුක්කටානං කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො නත්ථි පරො ලොකො, නත්ථි මාතා නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා , නත්ථි ලොකෙ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී’ති. එවං ඛො, ගහපතයො, තිවිධං මනසා අධම්මචරියාවිසමචරියා හොති.
‘‘එවං අධම්මචරියාවිසමචරියාහෙතු ඛො, ගහපතයො, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති.
440
“ගෘහපතියෙනි, තුන් පරිද්දෙකින් කයින් අධම පැවතුම් විෂම පැවතුම් වෙයි. වචනයෙන් සතර ආකාරයකින් අධර්ම පැවතුම් විෂම පැවතුම් වෙයි. සිතින් තුන් ආකාරයකින් අධර්ම පැවතුම් විෂම පැවතුම් වෙයි. ගෘහපතියෙනි, කෙසේ කයින් තුන් ආකාරයකින් අධර්ම පැවතුම් විෂම පැවතුම් වේද? ගෘහපතියෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් රෞද්‍ර වූයේ, ලෙයින් තෙමුණු අත් ඇත්තේ, අන්‍යයන් පෙලීමෙහි, නැසීමෙහි යෙදුනේ, සත්ත්වයන් කෙරෙහි දයාවක් නැතිව ප්‍රාණඝාත කරන්නේ වෙයිද, සොරකම් කරන්නේ වෙයිද, ගමෙහිද, ආරණ්‍යයෙහිද, අන්සතු යමක් වේද, එය සොර සිතින් පැහැර ගන්නේ වෙයිද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වෙයිද, මව විසින් රක්නා ලද්දාවූද, පියා විසින් රක්නා ලද්දාවූද, මව් පියන් විසින් රක්නා ලද්දාවූද, සොහොයුරා විසින් රක්නා ලද්දාවූද, සොහොයුරිය විසින් රක්නා ලද්දාවූද, නෑයන් විසින් රක්නා ලද්දාවූද, ගොත්‍රයෙන් රකින ලද්දාවූද, කුල චාරිත්‍ර ධර්මයෙන් රකින ලද්දාවූද, හිමියන් සහිතවූද, (අසුවල් ස්ත්‍රිය වෙත ගියහොත් දඩයයි නියම කරනලද) දඬුවම් සහිතවූද, යටත්පිරිසෙයින් (මැය මගේ භාර්‍ය්‍යාව වන්නීයයි පිරිමියෙකු විසින්) මල්දමක් දමනු ලැබුවාවූද, යම් ඒ ස්ත්‍රීහු වෙත්ද, එබඳු ස්ත්‍රීන් සමග හැසිරීමට පැමිණියේ වෙයිද, ගෘහපතියෙනි, මෙසේ වනාහි කයින් සිදුවන්නාවූ අධර්ම පැවතුම් විෂම පැවතුම් තුන් ආකාර වෙයි.
“ගෘහපතියෙනි, කෙසේ නම් වචනයෙන් අධර්ම පැවතුම් විෂම පැවතුම් සතර ආකාර වෙයිද? ගෘහපතියෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් බොරු කියන්නේ වෙයිද, සභාවකට ගියේ හෝ පිරිසකට ගියේ හෝ නෑයන් මැදට ගියේ හෝ සමූහයා මැදට ගියේ හෝ රාජකුලයා මැදට ගියේ හෝ ‘පින්වත් පුරුෂය, මෙහි එව යමක් දන්නෙහි නම් එය කියව’යි ඉදිරියට පමුණුවන ලද්දේ සාක්ෂි අසන ලද්දේ නොදැන හෝ දනිමියි කියයි. දැන හෝ නොදනිමියි කියායි. දැක හෝ නුදුටුයෙමියි කියයි. නොදැක හෝ දුටුවෙමියි කියායි. මෙසේ තමා නිසා හෝ අන්‍යයන් නිසා හෝ කිසියම් ලාභයක් නිසා හෝ දැන දැන බොරු කියන්නේ වෙයි. කේලම් කියන්නේ වෙයි. මෙතැනින් අසා මොවුන් බිඳුවනු පිණිස අසුවල්තැන කියන්නේය. අසුවල් තැනින් හෝ අසා අසුවලුන් බිඳුවනු පිණිස මොවුන්ට කියන්නේය. මෙසේ සමගි වූවන් බිඳින්නේ හෝ වෙයි, බිඳුනවුන්හට අනුබල දෙන්නේ හෝ වෙයි. භෙදවීමෙහි ඇලුණේ, භෙද කිරීමෙහි සතුටු වන්නේ, භෙදකරන වචන කියන්නේ වෙයි, ඵරුෂ වචන කියන්නේ වෙයි. යම් ඒ වචනයක් ගැටීම් ගැරහීමාදීන් දොෂ සහිතද, කුණු සැරව වෑහෙන්නාක් මෙන් අප්‍රියද, අන්‍යයන්ගේ සිත් නරක් කරන්නේද, අන්‍යයන්හට පහරක් වැනිද ක්‍රෝධයට කිට්ටුද, සමාධිය පිණිස නොපවතීද, එබඳු වචන කියන්නේ වෙයි. සම්ඵප්‍රලාප (හිස් වචන) කියන්නේ වෙයිද, නුසුදුසු කාලයෙහි කියන්නේද, නුවූවක් කියන්නේ වෙයිද, අනර්ථයක් කියන්නේ වෙයිද, අධර්මයක් කියන්නේ වෙයිද, අවිනයක් කියන්නේ වෙයිද, සිතෙහි තබා ගැනීමට නුසුදුසු වචන කියන්නේ වෙයිද, නුසුදුසු කාලයෙහි, නිදර්ශන දැක්වීම් ආදියක් නැතිව අගක් මුලක් නැති, අවැඩින් යුක්තවූ වචන කියන්නේ වෙයිද, ගෘහපතියෙනි, මෙසේ වචනයෙන් සතර ආකාරයකින් අධර්ම පැවතුම් විෂම පැවතුම් වෙයි.
“ගෘහපතියෙනි, කෙසේ සිතින් තුන් ආකාරයකින් අධර්ම පැවතුම් විෂම පැවතුම් වේද ගෘහපතියෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් දැඩි ලෝභ ඇත්තේ වෙයිද, යම් ඒ අනුන්ගේ වස්තුවක් වේද, එය අධික ලෝභයෙන් බලන්නේද, අනුන්ට අයිති යමක් වේද, ‘අනේ එය මට වන්නේ නම් ඉතා යෙහෙකැ’යි (අධික ලෝභයෙන්) සිතයිද, මේ සත්ත්වයෝ නැසෙත්වා, විනාශ වෙත්වා, සිඳෙත්වා, නැතිවී යෙත්වායි ව්‍යාපාද සිත් ඇත්තේ, නපුරු අදහස් ඇත්තේ වෙයිද, විපරීත දැකීම් ඇති මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වෙයිද, දෙන ලද්දෙහි විපාක නැත, දුන් දෙයෙහි ඵල නැත, පිදූ දෙයෙහි විපාකය නැත, කුශලාකුශල කර්මයන්ගේ ඵලයද විපාකයද නැත, මෙලොවක් නැත, පරලොවක් නැත. මව් කෙරෙහි හොඳ හෝ නරක පැවැත්මෙහි විපාක නැත. පියා කෙරෙහි හොඳ හෝ නරක පැවැත්මෙහි විපාක නැත. මැරී උපදින සත්ත්වයෝ නැත. යහපත් මාර්ගයෙහි ගියාවූ යහපත්ව පිළිපදින්නාවූ යම් කෙනෙක් මේ ලෝකයද පරලෝකයද තුමූ නුවණින් ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කරත්ද, එබඳුවූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නැතැයි ගනිත්ද, ගෘහපතියෙනි, මෙසේ තුන් ආකාරයකින් සිතින් අධර්ම පැවතුම් විෂම පැවතුම් වෙයි. ගෘහපතියෙනි, මෙසේ අධර්ම පැවතුම් විෂම පැවතුම් හේතුකොටගෙන ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, නපුරු වැටීමක් ඇති නිරයෙහි උපදිති.
441
‘‘තිවිධං ඛො, ගහපතයො, කායෙන ධම්මචරියාසමචරියා හොති, චතුබ්බිධං වාචාය ධම්මචරියාසමචරියා හොති, තිවිධං මනසා ධම්මචරියාසමචරියා හොති.
‘‘කථඤ්ච, ගහපතයො, තිවිධං කායෙන ධම්මචරියාසමචරියා හොති? ඉධ, ගහපතයො, එකච්චො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති, නිහිතදණ්ඩො නිහිතසත්ථො ලජ්ජී දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරති.
‘‘අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො හොති. යං තං පරස්ස පරවිත්තූපකරණං, ගාමගතං වා අරඤ්ඤගතං වා, තං නාදින්නං ථෙය්‍යසඞ්ඛාතං ආදාතා හොති.
‘‘කාමෙසුමිච්ඡාචාරං පහාය කාමෙසුමිච්ඡාචාරා පටිවිරතො හොති. යා තා මාතුරක්ඛිතා පිතුරක්ඛිතා මාතාපිතුරක්ඛිතා භාතුරක්ඛිතා භගිනිරක්ඛිතා ඤාතිරක්ඛිතා ගොත්තරක්ඛිතා ධම්මරක්ඛිතා සස්සාමිකා සපරිදණ්ඩා අන්තමසො මාලාගුළපරික්ඛිත්තාපි, තථාරූපාසු න චාරිත්තං ආපජ්ජිතා හොති. එවං ඛො, ගහපතයො, තිවිධං කායෙන ධම්මචරියාසමචරියා හොති.
‘‘කථඤ්ච, ගහපතයො, චතුබ්බිධං වාචාය ධම්මචරියාසමචරියා හොති? ඉධ, ගහපතයො, එකච්චො මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති. සභාගතො වා පරිසාගතො වා, ඤාතිමජ්ඣගතො වා පූගමජ්ඣගතො වා රාජකුලමජ්ඣගතො වා, අභිනීතො සක්ඛිපුට්ඨො - ‘එහම්භො පුරිස, යං ජානාසි තං වදෙහී’ති, සො අජානං වා ආහ - ‘න ජානාමී’ති, ජානං වා ආහ - ‘ජානාමී’ති, අපස්සං වා ආහ - ‘න පස්සාමී’ති, පස්සං වා ආහ - ‘පස්සාමී’ති. ඉති අත්තහෙතු වා පරහෙතු වා ආමිසකිඤ්චික්ඛහෙතු වා න සම්පජානමුසා භාසිතා හොති.
‘‘පිසුණං වාචං පහාය පිසුණාය වාචාය පටිවිරතො හොති, ඉතො සුත්වා න අමුත්‍ර අක්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්‍ර වා සුත්වා න ඉමෙසං අක්ඛාතා අමූසං භෙදාය. ඉති භින්නානං වා සන්ධාතා, සහිතානං වා අනුප්පදාතා, සමග්ගාරාමො සමග්ගරතො සමග්ගනන්දී සමග්ගකරණිං වාචං භාසිතා හොති.
‘‘ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො හොති. යා සා වාචා නෙලා කණ්ණසුඛා පෙමනීයා හදයඞ්ගමා පොරී බහුජනකන්තා බහුජනමනාපා - තථාරූපිං වාචං භාසිතා හොති.
‘‘සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතො හොති. කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී නිධානවතිං වාචං භාසිතා හොති කාලෙන සාපදෙසං පරියන්තවතිං අත්ථසංහිතං. එවං ඛො, ගහපතයො, චතුබ්බිධං වාචාය ධම්මචරියාසමචරියා හොති.
‘‘කථඤ්ච, ගහපතයො, තිවිධං මනසා ධම්මචරියාසමචරියා හොති? ඉධ, ගහපතයො, එකච්චො අනභිජ්ඣාලු හොති, යං තං පරස්ස පරවිත්තූපකරණං තං නාභිජ්ඣාතා හොති - ‘අහො වත යං පරස්ස තං මමස්සා’ති!
‘‘අබ්‍යාපන්නචිත්තො ඛො පන හොති අප්පදුට්ඨමනසඞ්කප්පො - ‘ඉමෙ සත්තා අවෙරා අබ්‍යාබජ්ඣා අනීඝා සුඛී අත්තානං පරිහරන්තූ’ති.
‘‘සම්මාදිට්ඨිකො ඛො පන හොති අවිපරීතදස්සනො - ‘අත්ථි දින්නං අත්ථි යිට්ඨං අත්ථි හුතං, අත්ථි සුකතදුක්කටානං කම්මානං ඵලං විපාකො, අත්ථි අයං ලොකො අත්ථි පරො ලොකො, අත්ථි මාතා අත්ථි පිතා, අත්ථි සත්තා ඔපපාතිකා, අත්ථි ලොකෙ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී’ති. එවං ඛො, ගහපතයො, තිවිධං මනසා ධම්මචරියාසමචරියා හොති.
‘‘එවං ධම්මචරියාසමචරියාහෙතු ඛො, ගහපතයො, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති.
441
“ගෘහපතියෙනි, තුන් ආකාරයකින් කයින් ධර්ම පැවතුම් සමපැවතුම් වෙයි. සතර ආකාරයකින් වචනයෙන් ධර්ම පැවතුම් සමපැවතුම් වෙයි. තුන් ආකාරයකින් සිතින් ධර්ම පැවතුම් සමපැවතුම් වෙයි. ගෘහපතියෙනි, කෙසේ නම් තුන් ආකාරයකින් කයින් ධර්මපැවතුම් සමපැවතුම් වෙයිද? ගෘහපතියනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන් මැරීම හැර සතුන් මැරීමෙන් වැළකුනේ බහා තැබූ දඬු ඇත්තේ, බහා තැබූ ආයුධ ඇත්තේ ලජ්ජා ඇත්තේ කරුණාවත් බවට පැමිණියේ සියලු සත්ත්වයන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේ වෙසෙයිද, නුදුන්දෙය ගැනීම අත්හැර නුදුන් දෙය ගැනීමෙන් වැළකුනේ වෙයිද, ගමෙහිද, අරණ්‍යයෙහිද අනුන් සතුවූ යම් වස්තුවක් වේ නම් එය සොර සිතින් නොගන්නේ වෙයිද. කාමයන්හි වරදවා හැසිරීම හැර කාමමිථ්‍යාචාරයෙන් වැළකුණේ මව විසින් රක්නා ලද්දාවූද, පියා විසින් රක්නා ලද්දාවූද, මව්පියන් විසින් රක්නා ලද්දාවූද, සහෝදරයා විසින් රක්නා ලද්දාවූද, සහෝදරිය විසින් රක්නා ලද්දාවූද, නෑයන් විසින් රක්නා ලද්දාවූද, ගොත්‍රයෙන් රක්නා ලද්දාවූද, කුලචාරිත්‍ර ධර්මයෙන් රක්නා ලද්දාවූද, හිමියන් සහිතවූද, දඬුවම් සහිතවූද, යටත් පිරිසෙයින් මල්දමක් පළඳවන ලද්දාවූද යම් ස්ත්‍රීහු වෙද්ද, එබඳු ස්ත්‍රීන් හා හැසිරීමට නොපැමිණියේ වෙයිද, ගෘහපතියෙනි, මෙසේ වනාහි තුන් ආකාරයකින් කයින් ධර්ම පැවතුම් සමපැවතුම් වෙයි.
“ගෘහපතියෙනි, කෙසේ නම් වචනයෙන් සතර ආකාරවූ ධර්මපැවතුම් සමපැවතුම් වෙයිද? ගෘහපතියෙනි, මේ ලෝකයෙහි ඇතමෙක් බොරුකීම අත්හැර බොරු කීමෙන් වැළකුණේ වෙයි. සභාවකට ගියේ හෝ පිරිසකට ගියේ හෝ නෑයන් මැදට ගියේ හෝ සමූහයා මැදට ගියේ හෝ රාජකුලයා මැදට ගියේ හෝ, ‘පින්වත් පුරුෂය, මෙහි එව, යමක් දන්නෙහි නම් එය කියව’යි ඉදිරියට පමුණුවන ලද්දේ, සාක්ෂි අසන ලද්දේ හෙතෙම නොදන්නේ හෝ නොදනිමියි කියයි. දන්නේ හෝ දනිමියි කියයි. නුදුටුයේ හෝ නොදුටුවෙමියිද, දුටුයේ හෝ දුටුවෙමියිද කියයි. මෙසේ තමන් නිසා හෝ අනුන් නිසා හෝ කිසියම් ලාභයක් නිසා හෝ දැන දැන බොරු නොකියන්නේ වෙයි. කේලාම් කීම අත්හැර, කේලාම් කීමෙන් වැළකුණේ වෙයි. මෙතැනින් අසා මොවුන් බිඳවීම පිණිස අසුවල් තැන නොකියන්නේය. අසුවල් තැනින් අසා අසුවලුන් බිඳවීම පිණිස මොවුන්ට නොකියන්නේය. මෙසේ බිඳුනවුන් ගළපන්නේ වෙයි. එක්වූවන්ට සමගියෙහි අනුසස් කියා අනුබල දෙන්නේ වෙයි. සමගියෙහි ඇලුනේ, සමගියෙහි ආශා ඇත්තේ, සමගියට සතුටුවන්නේ, සමගි වචන කියන්නේ වෙයි. යම් ඒ වචනයක් දොෂ රහිතද, කණට සැපද ප්‍රෙම කටයුතුද, හෘදයංගමද, ගුණයෙන් පිරුණේද, බොහෝදෙනාට කැමතිද, බොහෝදෙනාට මනාපද, එබඳු වචන කියන්නේ වෙයි. හිස්වචන කීම අත්හැර හිස්වචන කීමෙන් දුරුවූයේ සුදුසු කාලයෙහි කියන්නේ, වූවක්ම කියන්නේ, වැඩ ඇති දෙයක්ම කියන්නේ, ඇතිවූවක්ම කියන්නේ, හික්මීම පිළිබඳ වූවක්ම කියන්නේ, සිතෙහි තැන්පත් කර ගැණීමට සුදුසුවූ, කාලයෙහි කියන්නාවූ, කරුණු සහිතවූ, දැක්වීම් සහිතවූ, වැඩ දායකවූ වචන කියන්නේ වෙයි. ගෘහපතියනි, මෙසේ වචනයෙන් සතර ආකාරවූ ධර්මපැවතුම් සමපැවතුම් වෙයි
“ගෘහපතියෙනි, කෙසේනම් සිතින් තුන් ආකාරවූ ධර්මපැවතුම් සමපැවතුම් වේද? ගෘහපතියනි, මේ ලෝකයෙහි ඇතමෙක් අධික ලෝභ නැත්තේද, අනුන්ගේ සිත් සතුටු කරන යම් ඒ අන්සතු වස්තුවක් වේද, එය අධික ලෝභයෙන් නොබලන්නේ වේද, ‘යමක් අනුන් සතුව ඇද්ද එය මට වන්නේ නම් ඉතා යෙහෙකැ’යි නොසිතන්නේ වේද, ක්‍රොධ සිත් නැත්තේ, පිරිසිදුවූ යහපත් කල්පනා ඇත්තේ, මෙසේද මේ සත්වයෝ වෛර නැත්තෝ, ක්‍රොධ නැත්තෝ, දුක් නැත්තෝ සුවසේ ආත්ම පරිහරනය කරත්වායි (සිතන්නේද,) වරදවා ගැනීම් නැත්තේ සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, දුන් දෙයෙහි විපාක ඇත. පරිත්‍යාග කරන ලද්දෙහි විපාක ඇත. පිදූ දෙයෙහි විපාක ඇත. කරන ලද යහපත් අයහපත් කර්මයන්ගේ ඵල විපාක ඇත. මේ ලෝකය ඇත. පරලෝකය ඇත. මව් කෙරෙහි හොඳ හෝ නරක පැවැත්මෙහි විපාක ඇත. පියා කෙරෙහි හොඳ හෝ නරක පැවැත්මෙහි විපාක ඇත. මැරී උපදින සත්වයෝ ඇත. යහපත් මාර්ගයෙහි ගියාවූ, යහපත්ව පිළිපදින්නාවූ යම් කෙනෙක් මේ ලෝකයද පරලෝකයද තුමූ ප්‍රඥාවෙන් අවබෝධකොට ප්‍රකාශ කරද්ද, එබඳුවූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇතැයි (සිතද්ද) ගෘහපතියෙනි, මෙසේ සිතින් තුන් ආකාර ධර්මපැවතුම් සමපැවතුම් වෙයි. ගෘහපතියනි, මෙසේ ධර්ම පැවතුම් සමපැවතුම් හේතුකොටගෙන ලෝකයෙහි ඇතැම් කෙනෙක් කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදිති.
442
‘‘ආකඞ්ඛෙය්‍ය චෙ, ගහපතයො, ධම්මචාරී සමචාරී - ‘අහො වතාහං කායස්ස භෙදා පරං මරණා ඛත්තියමහාසාලානං සහබ්‍යතං උපපජ්ජෙය්‍ය’න්ති; ඨානං ඛො පනෙතං විජ්ජති, යං සො කායස්ස භෙදා පරං මරණා ඛත්තියමහාසාලානං සහබ්‍යතං උපපජ්ජෙය්‍ය. තං කිස්ස හෙතු? තථා හි සො ධම්මචාරී සමචාරී.
‘‘ආකඞ්ඛෙය්‍ය චෙ, ගහපතයො, ධම්මචාරී සමචාරී - ‘අහො වතාහං කායස්ස භෙදා පරං මරණා බ්‍රාහ්මණමහාසාලානං...පෙ.... ගහපතිමහාසාලානං සහබ්‍යතං උපපජ්ජෙය්‍ය’න්ති; ඨානං ඛො පනෙතං විජ්ජති, යං සො කායස්ස භෙදා පරං මරණා ගහපතිමහාසාලානං සහබ්‍යතං උපපජ්ජෙය්‍ය. තං කිස්ස හෙතු? තථා හි සො ධම්මචාරී සමචාරී.
‘‘ආකඞ්ඛෙය්‍ය චෙ, ගහපතයො, ධම්මචාරී සමචාරී - ‘අහො වතාහං කායස්ස භෙදා පරං මරණා චාතුමහාරාජිකානං දෙවානං සහබ්‍යතං උපපජ්ජෙය’න්ති; ඨානං ඛො පනෙතං විජ්ජති, යං සො කායස්ස භෙදා පරං මරණා චාතුමහාරාජිකානං දෙවානං සහබ්‍යතං උපපජ්ජෙය්‍ය. තං කිස්ස හෙතු? තථා හි සො ධම්මචාරී සමචාරී.
‘‘ආකඞ්ඛෙය්‍ය චෙ, ගහපතයො, ධම්මචාරී සමචාරී - ‘අහො වතාහං කායස්ස භෙදා පරං මරණා තාවතිංසානං දෙවානං...පෙ.... යාමානං දෙවානං... තුසිතානං දෙවානං... නිම්මානරතීනං දෙවානං... පරනිම්මිතවසවත්තීනං දෙවානං... බ්‍රහ්මකායිකානං දෙවානං සහබ්‍යතං උපපජ්ජෙය්‍ය’න්ති; ඨානං ඛො පනෙතං විජ්ජති, යං සො කායස්ස භෙදා පරං මරණා බ්‍රහ්මකායිකානං දෙවානං සහබ්‍යතං උපපජ්ජෙය්‍ය. තං කිස්ස හෙතු? තථා හි සො ධම්මචාරී සමචාරී.
‘‘ආකඞ්ඛෙය්‍ය චෙ, ගහපතයො, ධම්මචාරී සමචාරී - ‘අහො වතාහං කායස්ස භෙදා පරං මරණා ආභානං දෙවානං සහබ්‍යතං උපපජ්ජෙය්‍ය’න්ති; ඨානං ඛො පනෙතං විජ්ජති, යං සො කායස්ස භෙදා පරං මරණා ආභානං දෙවානං සහබ්‍යතං උපපජ්ජෙය්‍ය. තං කිස්ස හෙතු? තථා හි සො ධම්මචාරී සමචාරී.
‘‘ආකඞ්ඛෙය්‍ය චෙ, ගහපතයො, ධම්මචාරී සමචාරී - ‘අහො වතාහං කායස්ස භෙදා පරං මරණා පරිත්තාභානං දෙවානං...පෙ.... අප්පමාණාභානං දෙවානං... ආභස්සරානං දෙවානං... පරිත්තසුභානං දෙවානං... අප්පමාණසුභානං දෙවානං... සුභකිණ්හානං දෙවානං... වෙහප්ඵලානං දෙවානං... අවිහානං දෙවානං... අතප්පානං දෙවානං... සුදස්සානං දෙවානං... සුදස්සීනං දෙවානං... අකනිට්ඨානං දෙවානං... ආකාසානඤ්චායතනූපගානං දෙවානං... විඤ්ඤාණඤ්චායතනූපගානං දෙවානං ... ආකිඤ්චඤ්ඤායතනූපගානං දෙවානං... නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපගානං දෙවානං සහබ්‍යතං උපපජ්ජෙය්‍ය’න්ති; ඨානං ඛො පනෙතං විජ්ජති, යං සො කායස්ස භෙදා පරං මරණා නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපගානං දෙවානං සහබ්‍යතං උපපජ්ජෙය්‍ය. තං කිස්ස හෙතු? තථා හි සො ධම්මචාරී සමචාරී.
‘‘ආකඞ්ඛෙය්‍ය චෙ, ගහපතයො, ධම්මචාරී සමචාරී - ‘අහො වතාහං ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්‍ය’න්ති; ඨානං ඛො පනෙතං විජ්ජති, යං සො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්‍ය. තං කිස්ස හෙතු? තථා හි සො ධම්මචාරී සමචාරී’’ති.
442
“ගෘහපතියෙනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ ඒකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු ක්ෂත්‍රිය මහා සාරයන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණන්නෙමි’යි ඉදින් කැමැතිවන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු ක්ෂත්‍රිය මහාසරයන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදුවෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය. (එහෙයිනි)
“ගෘහපතියනි ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු බ්‍රාහ්මණ මහාසාරයන් හා එක්වීමට උත්පත්ත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු බ්‍රාහ්මණ මහාසාර කුලය හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදු වෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)
“ගෘහපතියනි, ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු ගෘහපති මහාසාර කුලයට එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමැති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු ගෘහපති මහාසාර කුලය හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදු වෙයි. ඊට හේතු කවරේද, හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)
“ගෘහපතියනි, ‘ධර්චර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ ඒකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු චාතුර්මහාරාජික දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, කය බිඳීමෙන් මරණින් මතු චාතුර්මහාරාජික දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණ සිදු වෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)
“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් තව්තිසා වැසි දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු තව්තිසා වැසි දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදු වෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි)
“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු යාම දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු යාම දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදු වෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)
“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු තුසිත දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු තුසිත දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදු වෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)
“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු නිම්මාණරතී දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු නිම්මාණරතී දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදුවෙයි. ඊට හේතු කවරේද හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි)
“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු පරනිම්මිත වසවත්ති දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු පරනිම්මිත වසවත්ති දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදුවෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)
“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු බ්‍රහ්මකායික දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු බ්‍රහ්ම කායික දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදු වෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)
“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු ආභ නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු ආභ දෙවියන් හා එක් වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදුවෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි)
“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු පරිත්තාභ නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු පරිත්තාභ දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදුවෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)
“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු අප්පමාණභ නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු අප්පමාණභ නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදුවෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)
“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු ආභස්සර නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු ආභස්සර නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදු වෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)
“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු සුභනම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සුභ නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදුවෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)
“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු පරිත්තසුභ නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු පරිත්තසුභ නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදුවෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)
“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු අප්පමාණසුභ නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු අප්පමාණසුභ නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදු වෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)
“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු සුභකිණ්ණක නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සුභකිණ්ණක නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදු වෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)
“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු වෙහප්ඵල දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු වෙහප්ඵල දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදුවෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)
“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු අවිහ නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු අවිහ නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදුවෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)
“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු අතප්ප නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු අතප්ප නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදුවෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)
“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු සුදස්ස නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සුදස්ස නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදු වෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි)
“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු සුදස්සී නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සුදස්සී නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදු වෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)
“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු අකනිට්ඨක නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු අකනිට්ඨක නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදු වෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි)
“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු ආකාසානඤ්චායතන දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු ආකාසානඤ්චායතන දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදු වෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි)
“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු විඤ්ඤාණඤ්චායතන දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු විඤ්ඤාණඤ්චායතන දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදු වෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි)
“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු ආකිඤ්චඤ්ඤායතන දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු ආකිඤ්චඤ්ඤායතන දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදු වෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)
“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදුවෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)
“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ ඒකාන්තයෙන් කෙලෙස් නැතිකිරීමෙන් කෙලෙස් රහිතවූ චිත්තවිමුක්තියද ප්‍රඥාවිමුක්තියද මේ ආත්මයෙහි තෙමේ දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වෙසෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කෙලෙස් නැතිකිරීමෙන්, කෙලෙස් රහිතවූ චිත්තවිමුක්තියද, ප්‍රඥාවිමුක්තියද මේ ආත්මයෙහිම තෙමේ දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කරන්නේය යන මේ කාරණය සිදුවෙයි. ඊටහේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය” (එහෙයිනි.)
443
එවං වුත්තෙ, සාලෙය්‍යකා බ්‍රාහ්මණගහපතිකා භගවන්තං එතදවොචුං - ‘‘අභික්කන්තං, භො ගොතම, අභික්කන්තං, භො ගොතම! සෙය්‍යථාපි, භො ගොතම, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්‍ය, චක්ඛුමන්තො රූපානි දක්ඛන්තීති. එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එතෙ මයං භවන්තං ගොතමං සරණං ගච්ඡාම ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකෙ නො භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතෙ (පාණුපෙතං (ක.)) සරණං ගතෙ’’ති.
443
මෙසේ වදාළ කල්හි සාලෙය්‍යක ගම්වැසි බ්‍රහ්මණ ගෘහපතියෝ භාග්‍යවතුන් වහන්සේට මෙය කීහ.
“භවත් ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේගේ ධර්ම දේශනාව යහපත. භවත් ගෞතමයන්වහන්ස, ඉතා යහපත. භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරු කළ බඳුනක් උඩුකුරු කරන්නේද, වැසී තිබුන දෙයක් විවෘත කරන්නේද, මංමුළා වූවෙකුට මග කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහණක් දරන්නේද, එපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප්‍රකාශ කරනලදී. ඒ ධර්මය ඇසුවාවූ අපි භවත් ගෞතමයන් වහන්සේ සරණ යමු. ධර්මයද භික්ෂු සංඝයාද සරණ යමු. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණ ගියාවූ උපාසකයන් කොට අප සලකන සේක්වා.
2. වෙරඤ්ජකසුත්තං 2. වෙරඤ්ජක සූත්‍රය
3. මහාවෙදල්ලසුත්තං 3. මහා වෙදල්ල සූත්‍රය
4. චූළවෙදල්ලසුත්තං 4. චූල වෙදල්ල සූත්‍රය
5. චූළධම්මසමාදානසුත්තං 5. චූල ධම්ම සමාදාන සූත්‍රය
6. මහාධම්මසමාදානසුත්තං 6. මහා ධම්ම සමාදාන සූත්‍රය
7. වීමංසකසුත්තං 7. වීමංසක සූත්‍රය
8. කොසම්බියසුත්තං 8. කොසම්බිය සූත්‍රය
9. බ්‍රහ්මනිමන්තනිකසුත්තං 9. බ්‍රහ්ම නිමන්තණික සූත්‍රය
10. මාරතජ්ජනීයසුත්තං 10. මාර තජ්ජනීය සූත්‍රය