ත්‍රිපිටකය
4. මහායමකවග්ගො 4. මහා යමක වර්ගය
1. චූළගොසිඞ්ගසුත්තං 1. චූලගොසිංග සූත්‍රය
2. මහාගොසිඞ්ගසුත්තං 2. මහා ගොසිංග සූත්‍රය
3. මහාගොපාලකසුත්තං 3. මහා ගොපාල සූත්‍රය
4. චූළගොපාලකසුත්තං 4. චූල ගොපාලක සූත්‍රය
5. චූළසච්චකසුත්තං 5. චූල සච්චක සූත්‍රය
6. මහාසච්චකසුත්තං 6. මහා සච්චක සූත්‍රය
7. චූළතණ්හාසඞ්ඛයසුත්තං 7. චූල තණ්හා සංඛය සූත්‍රය
8. මහාතණ්හාසඞ්ඛයසුත්තං 8. මහා තණ්හා සංඛය සූත්‍රය
396
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සාතිස්ස නාම භික්ඛුනො කෙවට්ටපුත්තස්ස එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං හොති - ‘‘තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා තදෙවිදං විඤ්ඤාණං සන්ධාවති සංසරති අනඤ්ඤ’’න්ති. අස්සොසුං ඛො සම්බහුලා භික්ඛූ - ‘‘සාතිස්ස කිර නාම භික්ඛුනො කෙවට්ටපුත්තස්ස එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං - ‘තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා තදෙවිදං විඤ්ඤාණං සන්ධාවති සංසරති, අනඤ්ඤ’’’න්ති. අථ ඛො තෙ භික්ඛූ යෙන සාති භික්ඛු කෙවට්ටපුත්තො තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා සාතිං භික්ඛුං කෙවට්ටපුත්තං එතදවොචුං - ‘‘සච්චං කිර තෙ, ආවුසො සාති, එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං - ‘තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා තදෙවිදං විඤ්ඤාණං සන්ධාවති සංසරති, අනඤ්ඤ’’’න්ති? ‘‘එවං බ්‍යා ඛො අහං, ආවුසො, භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා තදෙවිදං විඤ්ඤාණං සන්ධාවති සංසරති, අනඤ්ඤ’’න්ති. අථ ඛො තෙ භික්ඛූ සාතිං භික්ඛුං කෙවට්ටපුත්තං එතස්මා පාපකා දිට්ඨිගතා විවෙචෙතුකාමා සමනුයුඤ්ජන්ති සමනුගාහන්ති සමනුභාසන්ති - ‘‘මා එවං, ආවුසො සාති, අවච, මා භගවන්තං අබ්භාචික්ඛි, න හි සාධු භගවතො අබ්භක්ඛානං, න හි භගවා එවං වදෙය්‍ය. අනෙකපරියායෙනාවුසො සාති, පටිච්චසමුප්පන්නං විඤ්ඤාණං වුත්තං භගවතා, අඤ්ඤත්‍ර පච්චයා නත්ථි විඤ්ඤාණස්ස සම්භවො’’ති. එවම්පි ඛො සාති භික්ඛු කෙවට්ටපුත්තො තෙහි භික්ඛූහි සමනුයුඤ්ජියමානො සමනුගාහියමානො සමනුභාසියමානො තදෙව පාපකං දිට්ඨිගතං ථාමසා පරාමාසා අභිනිවිස්ස වොහරති - ‘‘එවං බ්‍යා ඛො අහං, ආවුසො, භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා තදෙවිදං විඤ්ඤාණං සන්ධාවති සංසරති අනඤ්ඤ’’න්ති.
396
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ, අනේපිඩු මහ සිටුහු විසින් කරවන ලද ජේතවන නම් ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි වනාහි කෙවට්ටපුත්‍ර වූ සාති නම් භික්ෂුවට මෙබඳු ලාමක වූ මිථ්‍යා දෘෂ්ටියක් උපන්නේ වෙයි. (එනම්) “මේ එකම විඥානය (භවයෙන් භවයට උත්පත්ති වසයෙන්) දුවයි, හැසිරෙයි අනිකක් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ ධර්මය දේශනා කරනලද බව මම දනිමියි” (කියායි.)
කෙවට්ටපුත්‍ර වූ සාති නම් භික්ෂුවට මෙබඳු වූ ලාමක මිථ්‍යාදෘෂ්ටියක් පහළවී තිබෙනබව බොහෝ භික්ෂූන්වහන්සේලා ඇසූහ. (කෙබඳු දෘෂ්ටියක්ද යත්) ‘මේ එකම විඤ්ඤාණය (භවයෙන් භවයට) දුවයි, හැසිරෙයි, අනිකක් නොවෙයි, භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ ධර්මය දේශනා කරනලද බව මම දනිමි” (කියායි.) ඉක්බිති ඒ භික්ෂූහු කෙවට්ටපුත්‍ර වූ සාති භික්ෂුව යම් තැනෙක්හිද එතැනට ගියහ. ගොස්, කෙවට්ටපුත්‍ර වූ සාති භික්ෂුවට මෙසේ කීවාහුය. “ඇවැත්නි, තොපට මෙබඳු ලාමක වූ මිථ්‍යා දෘෂ්ටියක් උපන්නේය, යනු ඇත්තක්ද? ‘මේ එකම විඤ්ඤාණය (භවයෙන් භවයට) දුවයි, හැසිරෙයි, අනිකක් නොවෙයි භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ ධර්මය දේශනා කරනලද බව මම දනිමි’ (කියායි.) “ඇවැත්නි, මේ එකම විඤ්ඤාණය භවයෙන් භවයට යයි හැසිරෙයි, අනිකක් නොවේයයි, භාග්‍යවතුන් වහන්සේ විසින් එපරිද්දෙන් දේශනාකරනලද ධර්මය මම දනිමි’යි (සාති භික්ෂුව කීය.)
ඉක්බිති ඒ භික්ෂූහු, කෙවට්ටපුත්‍රවූ සාති නම් භික්ෂුව, ලාමකවූ මේ මිථ්‍යාදෘෂ්ටියෙන් වෙන් කරණු කැමැත්තාහු මතය විචාරමින් කරුණු කියති, මතයෙහි පිහිටුවමින් කරුණු කියති, ඊටහේතු අසමින් කරුණු කියති. ‘ඇවැත්නි, සාතිය, මෙසේ නොකියව, භාග්‍යවතුන් වහන්සේට දෝෂාරොපණය නොකරව භාග්‍යවතුන් වහන්සේට දොස් කීම හොඳ නැත. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නොවදාරන්නාහ. සාතිය, නොයෙක් ක්‍රමයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් ‘විඥානය ප්‍රත්‍යයෙන් උපදින්නේයයිද, ප්‍රත්‍යයෙන් තොරව විඥානයාගේ පහළවීමක් නැතැ’යිද වදාරණ ලදී. (කියායි.)
මෙසේද ඒ භික්ෂූන් විසින් මතය විචාරමින් කරුණු කියනු ලැබූ, මතයෙහි පිහිටුවමින් කරුණු කියනු ලැබූ, ඊට හේතු අසමින් කරුණු කියනු ලැබූ සාති භික්ෂුව ‘මේ එකම විඤ්ඤාණය (භවයෙන් භවයට) දුවයි, හැසිරෙයි, අනිකක් නොවෙයි, භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ ධර්මය දේශනා කරන ලද බව මම දනිමි’යි ඒ ලාමක මිථ්‍යා දෘෂ්ටියම තරයේ අල්ලා ගෙන ව්‍යවහාර කරයි.
397
යතො ඛො තෙ භික්ඛූ නාසක්ඛිංසු සාතිං භික්ඛුං කෙවට්ටපුත්තං එතස්මා පාපකා දිට්ඨිගතා විවෙචෙතුං, අථ ඛො තෙ භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං - ‘‘සාතිස්ස නාම, භන්තෙ, භික්ඛුනො කෙවට්ටපුත්තස්ස එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං - ‘තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා තදෙවිදං විඤ්ඤාණං සන්ධාවති සංසරති, අනඤ්ඤ’න්ති. අස්සුම්හ ඛො මයං, භන්තෙ, සාතිස්ස කිර නාම භික්ඛුනො කෙවට්ටපුත්තස්ස එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං - ‘තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා තදෙවිදං විඤ්ඤාණං සන්ධාවති සංසරති, අනඤ්ඤ’න්ති. අථ ඛො මයං, භන්තෙ, යෙන සාති භික්ඛු කෙවට්ටපුත්තො තෙනුපසඞ්කමිම්හ; උපසඞ්කමිත්වා සාතිං භික්ඛුං කෙවට්ටපුත්තං එතදවොචුම්හ - ‘සච්චං කිර තෙ, ආවුසො සාති, එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං - ‘‘තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා තදෙවිදං විඤ්ඤාණං සන්ධාවති සංසරති, අනඤ්ඤ’’න්ති? එවං වුත්තෙ, භන්තෙ, සාති භික්ඛු කෙවට්ටපුත්තො අම්හෙ එතදවොච - ‘එවං බ්‍යා ඛො අහං, ආවුසො, භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා තදෙවිදං විඤ්ඤාණං සන්ධාවති සංසරති, අනඤ්ඤ’න්ති. අථ ඛො මයං, භන්තෙ, සාතිං භික්ඛුං කෙවට්ටපුත්තං එතස්මා පාපකා දිට්ඨිගතා විවෙචෙතුකාමා සමනුයුඤ්ජිම්හ සමනුගාහිම්හ සමනුභාසිම්හ - ‘මා එවං, ආවුසො සාති, අවච, මා භගවන්තං අබ්භාචික්ඛි, න හි සාධු භගවතො අබ්භක්ඛානං, න හි භගවා එවං වදෙය්‍ය. අනෙකපරියායෙනාවුසො සාති, පටිච්චසමුප්පන්නං විඤ්ඤාණං වුත්තං භගවතා, අඤ්ඤත්‍ර පච්චයා නත්ථි විඤ්ඤාණස්ස සම්භවො’ති. එවම්පි ඛො, භන්තෙ, සාති භික්ඛු කෙවට්ටපුත්තො අම්හෙහි සමනුයුඤ්ජියමානො සමනුගාහියමානො සමනුභාසියමානො තදෙව පාපකං දිට්ඨිගතං ථාමසා පරාමසා අභිනිවිස්ස වොහරති - ‘එවං බ්‍යා ඛො අහං, ආවුසො, භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා තදෙවිදං විඤ්ඤාණං සන්ධාවති සංසරති, අනඤ්ඤ’න්ති. යතො ඛො මයං, භන්තෙ, නාසක්ඛිම්හ සාතිං භික්ඛුං කෙවට්ටපුත්තං එතස්මා පාපකා දිට්ඨිගතා විවෙචෙතුං, අථ මයං එතමත්ථං භගවතො ආරොචෙමා’’ති.
397
යම් විටෙක ඒ භික්ෂූහු කෙවට්ටපුත්‍රවූ සාති භික්ෂුව ඒ මේ ලාමක මිථ්‍යාදෘෂ්ටියෙන් වෙන්කරන්නට නොහැකි වූවාහුද, එවිට ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක් හිද, එතැනට ගියහ. ගොස්, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකපැත්තක උන්හ. එකපැත්තක උන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාහුය.
“ස්වාමීනි, කෙවට්ටපුත්‍රවූ සාති නම් භික්ෂුවට, ‘මේ එකම විඥානය (භවයෙන් භවයට) දුවයි, හැසිරෙයි, අනිකක් නොවේයයි එසේ භාග්‍යවතුන්වහන්සේ විසින් ධර්මය දේශනා කරනලද බව මම දනිමි’යි, මෙබඳුවූ, ලාමකවූ මිථ්‍යාදෘෂ්ටියක් උපන්නේ වෙයි.
“ස්වාමීනි, කෙවට්ටපුත්‍රවූ සාති භික්ෂුවට ‘මේ එකම විඤ්ඤාණය (භවයෙන් භවයට) දුවයි, හැසිරෙයි, අනිකක් නොවේයයි එසේ භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය දේශනා කරනලද බව දනිමියි’ මෙබඳු ලාමක මිථ්‍යා දෘෂ්ටියක් උපන් බව අපි ඇසීමු.
“ස්වාමීනි, ඉන්පසු අපි කෙවට්ටපුත්‍ර වූ සාති භික්ෂුව යම් තැනකද එහි ගියෙමු ගොස් කෙවට්ටපුත්‍රවූ සාති භික්ෂුව ගෙන් මෙසේ ඇසීමු. ‘ඇවැත්නි, තොපට මෙබඳු වූ ලාමක දෘෂ්ටියක් උපන්නේය යනු ඇත්තක්ද? ‘මේ එකම විඤ්ඤාණය (භවයෙන් භවයට) දුවයි හැසිරෙයි, අනිකක් නොවේ යයි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරනලද ධර්මය මම දනිමි’ (කියාය) මෙසේ ඇසූ කල්හි කෙවට්ටපුත්‍ර වූ සාති භික්ෂුව අපට මෙසේ කීවේය. ‘ඇවැත්නි මේ එකම විඤ්ඤාණය භවයෙන් භවයට යයි හැසිරෙයි භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ ධර්මය දේශනා කරනලද බව මම දනිමි” (කියායි.)
“ස්වාමීනි, ඉන්පසු අපි කෙවට්ටපුත්‍ර වූ සාති භික්ෂුව ලාමක වූ මේ මිථ්‍යාදෘෂ්ටියෙන් මුදනු කැමැත්තමෝ, මතය විචාරමින් කරුණු කීවෙමු. මතයෙහි පිහිටුවමින් කරුණු කීවෙමු. ඊට හේතු අසමින් කරුණු කීවෙමු. ඇවැත් සාතිය, මෙසේනොකියව, භාග්‍යවතුන් වහන්සේට දොස් නොකියව. භාග්‍යවතුන් වහන්සේට දොස් කීම නුසුදුසුය. සාතිය, භාග්‍යවතුන්වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ‘විඤ්ඤාණය ප්‍රත්‍යයෙන් උපදින්නේය, ප්‍රත්‍යයෙන් තොරව විඤ්ඤාණයාගේ ඇතිවීමක් නැතැ’යි දේශනා කරන ලද්දේය. (යනුවෙනි)
“ස්වාමීනි, මෙසේද මතය විචාරමින් කරුණු කියනු ලැබූ මතයෙහි පිහිටුවමින් කරුණු කියනුලැබූ, ඊටහේතු විචාරමින් කරුණු කියනු ලැබූ කෙවට්ටපුත්‍ර සාති භික්ෂුව ‘ඇවැත්නි මේ එකම විඤ්ඤාණය භවයෙන් භවයට යයි. හැසිරෙයි, අනිකක් නොවේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ ධර්මය දේශනා කරනලද බව මම දනිමි’යි ලාමක වූ ඒ මිථ්‍යා දෘෂ්ටියම තදින් අල්වාගෙන ව්‍යවහාර කරයි.
“ස්වාමීනි, යම් විටෙක අපි කෙවට්ටපුත්‍රවූ සාති භික්ෂුව මේ ලාමක දෘෂ්ටියෙන් වෙන්කරන්ට නොහැකි වීමුද, එහෙයින් අපි භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කියමු.”
398
අථ ඛො භගවා අඤ්ඤතරං භික්ඛුං ආමන්තෙසි - ‘‘එහි ත්වං භික්ඛු, මම වචනෙන සාතිං භික්ඛුං කෙවට්ටපුත්තං ආමන්තෙහි - ‘සත්ථා තං, ආවුසො සාති, ආමන්තෙතී’’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො සො භික්ඛු භගවතො පටිස්සුත්වා යෙන සාති භික්ඛු කෙවට්ටපුත්තො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා සාතිං භික්ඛුං කෙවට්ටපුත්තං එතදවොච - ‘‘සත්ථා තං, ආවුසො සාති, ආමන්තෙතී’’ති. ‘‘එවමාවුසො’’ති ඛො සාති භික්ඛු කෙවට්ටපුත්තො තස්ස භික්ඛුනො පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො සාතිං භික්ඛුං කෙවට්ටපුත්තං භගවා එතදවොච - ‘‘සච්චං කිර, තෙ, සාති, එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං - ‘තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා තදෙවිදං විඤ්ඤාණං සන්ධාවති සංසරති, අනඤ්ඤ’’’න්ති? ‘‘එවං බ්‍යා ඛො අහං, භන්තෙ, භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා තදෙවිදං විඤ්ඤාණං සන්ධාවති සංසරති, අනඤ්ඤ’’න්ති. ‘‘කතමං තං, සාති, විඤ්ඤාණ’’න්ති? ‘‘ය්වායං, භන්තෙ, වදො වෙදෙය්‍යො තත්‍ර තත්‍ර කල්‍යාණපාපකානං කම්මානං විපාකං පටිසංවෙදෙතී’’ති. ‘‘කස්ස නු ඛො නාම ත්වං, මොඝපුරිස, මයා එවං ධම්මං දෙසිතං ආජානාසි? නනු මයා, මොඝපුරිස, අනෙකපරියායෙන පටිච්චසමුප්පන්නං විඤ්ඤාණං වුත්තං, අඤ්ඤත්‍ර පච්චයා නත්ථි විඤ්ඤාණස්ස සම්භවොති? අථ ච පන ත්වං, මොඝපුරිස, අත්තනා දුග්ගහිතෙන අම්හෙ චෙව අබ්භාචික්ඛසි, අත්තානඤ්ච ඛණසි, බහුඤ්ච අපුඤ්ඤං පසවසි. තඤ්හි තෙ, මොඝපුරිස, භවිස්සති දීඝරත්තං අහිතාය දුක්ඛායා’’ති.
398
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්ෂුවක් කැඳවූහ: (කැඳවා) “මහණ මෙහි එව මගේ වචනයෙන් ‘ඇවැත්නි සාතිය, ශාස්තෲන් වහන්සේ කැඳවති’යි කෙවට්ට පුත්‍ර සාති භික්ෂුව කැඳවා එව’යි (කීහ.) ‘එසේය, ස්වාමීනි’ යි කියා ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට උත්තරදී කෙවට්ට පුත්‍රවූ සාති භික්ෂුව යම් තැනක්හිද එතැනට ගියේය. ගොස්, කෙවට්ටපුත්‍රවූ සාති භික්ෂුවට මෙසේ කීවේය. ‘ඇවැත් සාතිය, ශාස්තෲන් වහන්සේ තොප කැඳවන්නාහ (කියායි.) ‘එසේය, ඇවැත්නි’යි කෙවට්ටපුත්‍ර වූ සාති භික්ෂුව ඒ භික්ෂුවට උත්තරදී භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක පැත්තක උන්නේය. එක පැත්තක උන්නාවූ කෙවට්ටපුත්‍ර වූ සාති භික්ෂුවගෙන් භාග්‍යවතුන් වහන්සේ මෙසේ ඇසූහ. “සාතිය, තොපට මෙබඳු වූ ලාමක දෘෂ්ටියක් උපන්නේය යනු සැබෑද? ‘මේ එකම විඤ්ඤාණය (භවයෙන් භවයට) යයි, හැසිරෙයි, අනිකක් නොවේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ ධර්මය දේශනා කරනලද බව මම දනිමි”යි (කියායි) “ස්වාමීනි එසේය, ‘මේ එකම විඤ්ඤාණය (භවයෙන් භවයට) යයි, හැසිරෙයි. අනිකක් නොවේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ ධර්මය දේශනා කරනලද බව මම දනිමි”යි (කීය.)
“සාතිය, තොප කියන ඒ විඥානය කුමක්ද?”
“ස්වාමීනි, යමෙක්තෙම කථාකෙරේද? සැපදුක් විඳීද? ඒ ඒ භවයෙහි කුසලාකුසල වූ කර්මයන්ගේ විපාකය විඳීද (මාකියන විඤ්ඤාණය) ඒය.”
“හිස් පුරුෂය, කවරෙකුට නම් මා විසින් මෙසේ ධර්මය දේශනා කරනලද බව තෝ දන්නෙහිද? හිස් පුරුෂය, මාවිසින් නොයෙක් ආකාරයෙන් විඤ්ඤාණය ප්‍රත්‍යයෙන් උපදින්නේයයි කියන ලද්දේ නොවේද? ප්‍රත්‍යයෙන් තොරව විඤ්ඤාණයාගේ හටගැන්මක් නැතැ’යි කියන ලද්දේ නොවේද? එසේ තිබියදීත් හිස් පුරුෂය, තෝ තමා වරදවා ගත් මතයෙන් අපටද දොස් නගන්නෙහිය, තමාද නැසෙන්නෙහිය, බොහෝ පව්ද රැස්කර ගන්නෙහිය. හිස් පුරුෂය, තොපට මෙය බොහෝ කලක් අහිත පිණිස, දුක් පිණිස පවතින්නේය.”
399
අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, අපි නායං සාති භික්ඛු කෙවට්ටපුත්තො උස්මීකතොපි ඉමස්මිං ධම්මවිනයෙ’’ති? ‘‘කිඤ්හි සියා භන්තෙ? නො හෙතං, භන්තෙ’’ති. එවං වුත්තෙ, සාති භික්ඛු කෙවට්ටපුත්තො තුණ්හීභූතො මඞ්කුභූතො පත්තක්ඛන්ධො අධොමුඛො පජ්ඣායන්තො අප්පටිභානො නිසීදි. අථ ඛො භගවා සාතිං භික්ඛුං කෙවට්ටපුත්තං තුණ්හීභූතං මඞ්කුභූතං පත්තක්ඛන්ධං අධොමුඛං පජ්ඣායන්තං අප්පටිභානං විදිත්වා සාතිං භික්ඛුං කෙවට්ටපුත්තං එතදවොච - ‘‘පඤ්ඤායිස්සසි ඛො ත්වං, මොඝපුරිස, එතෙන සකෙන පාපකෙන දිට්ඨිගතෙන. ඉධාහං භික්ඛූ පටිපුච්ඡිස්සාමී’’ති. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘තුම්හෙපි මෙ, භික්ඛවෙ, එවං ධම්මං දෙසිතං ආජානාථ යථායං සාති භික්ඛු කෙවට්ටපුත්තො අත්තනා දුග්ගහිතෙන අම්හෙ චෙව අබ්භාචික්ඛති, අත්තානඤ්ච ඛණති, බහුඤ්ච අපුඤ්ඤං පසවතී’’ති? ‘‘නො හෙතං, භන්තෙ! අනෙකපරියායෙන හි නො, භන්තෙ, පටිච්චසමුප්පන්නං විඤ්ඤාණං වුත්තං භගවතා, අඤ්ඤත්‍ර පච්චයා නත්ථි විඤ්ඤාණස්ස සම්භවො’’ති. ‘‘සාධු සාධු, භික්ඛවෙ! සාධු ඛො මෙ තුම්හෙ, භික්ඛවෙ, එවං ධම්මං දෙසිතං ආජානාථ. අනෙකපරියායෙන හි වො, භික්ඛවෙ, පටිච්චසමුප්පන්නං විඤ්ඤාණං වුත්තං මයා, අඤ්ඤත්‍ර පච්චයා නත්ථි විඤ්ඤාණස්ස සම්භවොති. අථ ච පනායං සාති භික්ඛු කෙවට්ටපුත්තො අත්තනා දුග්ගහිතෙන අම්හෙ චෙව අබ්භාචික්ඛති, අත්තානඤ්ච ඛණති, බහුඤ්ච අපුඤ්ඤං පසවති පසවති. තඤ්හි තස්ස මොඝපුරිසස්ස භවිස්සති දීඝරත්තං අහිතාය දුක්ඛාය.
399
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අනෙක් භික්ෂූන්ගෙන් මෙසේ ඇසූහ. “මහණෙනි, කෙවට්ටපුත්‍රවූ මේ සාති භික්ෂුවට මේ ශාසනයෙන් ලබන ඥානය නමැති ගින්නෙහි උණුසුමවත් ඇත්තේද?”
“ස්වාමීනි, කෙසේ නම් වන්නේද, ස්වාමීනි, එසේ නොවන්නේමය.”
මෙසේ කී කල්හි කෙවට්ටපුත්‍රවූ සාති මහණතෙම නිශ්ශබ්ද වූයේ, හැකුළුනු මුහුණ ඇත්තේ, කඳ නමාගත්තේ, මුහුණ පහතට හරවා ගත්තේ, කල්පනා කරන්නේ, කිසිවක් සිතාගත නොහැකිව උන්නේය. එවිට භාග්‍යවතුන් වහන්සේ කේවට්ටපුත්‍ර සාති භික්ෂුව නිශ්ශබ්දව, හැකුළුනු මුහුණ ඇතිව කඳ නමාගෙන, මුහුණ පහතට හරවාගෙන, කල්පනා කරමින්, කිසිවක් නොවැටහී සිටිනු දැක, කෙවට්ටපුත්‍රවූ සාති භික්ෂුවට මෙසේ වදාළහ.
“හිස් පුරුෂය, තෝ මේ තොපගේ ලාමක වැරදි මතයෙන් ප්‍රකට වන්නෙහිය. මම භික්ෂූන් විචාරන්නෙමි”යි කියා භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ගෙන් මෙසේ විචාළහ.
“මහණෙනි, කෙවට්ටපුත්‍ර වූ සාති භික්ෂුව යම්සේ තමා වරදවා ගත් මතයෙන් අපටත් දොස් නගයිද, තමන් වැනසෙයිද, බොහෝ අකුසලුත් රැස්කර ගනියිද, එබඳුවූ ධර්මයක් මා දේශනා කළ බව තොපි දන්නහුද;”
“නැත ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් අපට නොයෙක් ක්‍රමයෙන් ‘විඥානය ප්‍රත්‍යයෙන් උපදින්නේය’යි වදාරණලදී. ‘ප්‍රත්‍යයෙන් තොරව විඥානයාගේ හටගැන්මක් නැතැ’යි වදාරණලදී.”
“මහණෙනි, යහපත, මාදෙසූ ධර්මය තොප දන්නා සැටි යහපත්ය, මහණෙනි, තොපට මා විසින් නොයෙක් ක්‍රමයෙන් විඤ්ඤාණය ප්‍රත්‍යයෙන් උපන්නේයයිද, ප්‍රත්‍යයෙන් තොරව විඤ්ඤාණයාගේ හටගැන්මක් නැතැයිද කියන ලදී. මේ කෙවට්ට පුත්‍රවූ සාති මහණ තමා විසින් වරදවා ගන්නා ලද්ද නිසා අපටද දෝෂාරොපනය කරයි. තමාද වැනසෙයි. බොහෝ අකුසල්ද රැස් කරයි. ඒ වනාහි ඒ හිස් පුරුෂයාහටද බොහෝ කලක් මුළුල්ලෙහි අහිත පිණිස, දුක් පිණස පවත්නේය.
400
‘‘යං යදෙව, භික්ඛවෙ, පච්චයං පටිච්ච උප්පජ්ජති විඤ්ඤාණං, තෙන තෙනෙව විඤ්ඤාණංත්වෙව සඞ්ඛ්‍යං ගච්ඡති (සඞ්ඛං ගච්ඡති (සී. පී.)). චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති විඤ්ඤාණං, චක්ඛුවිඤ්ඤාණංත්වෙව සඞ්ඛ්‍යං ගච්ඡති; සොතඤ්ච පටිච්ච සද්දෙ ච උප්පජ්ජති විඤ්ඤාණං, සොතවිඤ්ඤාණංත්වෙව සඞ්ඛ්‍යං ගච්ඡති; ඝානඤ්ච පටිච්ච ගන්ධෙ ච උප්පජ්ජති විඤ්ඤාණං, ඝානවිඤ්ඤාණංත්වෙව සඞ්ඛ්‍යං ගච්ඡති; ජිව්හඤ්ච පටිච්ච රසෙ ච උප්පජ්ජති විඤ්ඤාණං, ජිව්හාවිඤ්ඤාණංත්වෙව සඞ්ඛ්‍යං ගච්ඡති; කායඤ්ච පටිච්ච ඵොට්ඨබ්බෙ ච උප්පජ්ජති විඤ්ඤාණං, කායවිඤ්ඤාණංත්වෙව සඞ්ඛ්‍යං ගච්ඡති; මනඤ්ච පටිච්ච ධම්මෙ ච උප්පජ්ජති විඤ්ඤාණං, මනොවිඤ්ඤාණංත්වෙව සඞ්ඛ්‍යං ගච්ඡති.
‘‘සෙය්‍යථාපි, භික්ඛවෙ, යං යදෙව පච්චයං පටිච්ච අග්ගි ජලති තෙන තෙනෙව සඞ්ඛ්‍යං ගච්ඡති. කට්ඨඤ්ච පටිච්ච අග්ගි ජලති, කට්ඨග්ගිත්වෙව සඞ්ඛ්‍යං ගච්ඡති; සකලිකඤ්ච පටිච්ච අග්ගි ජලති, සකලිකග්ගිත්වෙව සඞ්ඛ්‍යං ගච්ඡති; තිණඤ්ච පටිච්ච අග්ගි ජලති, තිණග්ගිත්වෙව සඞ්ඛ්‍යං ගච්ඡති; ගොමයඤ්ච පටිච්ච අග්ගි ජලති, ගොමයග්ගිත්වෙව සඞ්ඛ්‍යං ගච්ඡති; ථුසඤ්ච පටිච්ච අග්ගි ජලති, ථුසග්ගිත්වෙව සඞ්ඛ්‍යං ගච්ඡති; සඞ්කාරඤ්ච පටිච්ච අග්ගි ජලති, සඞ්කාරග්ගිත්වෙව සඞ්ඛ්‍යං ගච්ඡති. එවමෙව ඛො, භික්ඛවෙ, යං යදෙව පච්චයං පටිච්ච උප්පජ්ජති විඤ්ඤාණං, තෙන තෙනෙව සඞ්ඛ්‍යං ගච්ඡති. චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති විඤ්ඤාණං, චක්ඛුවිඤ්ඤාණංත්වෙව සඞ්ඛ්‍යං ගච්ඡති; සොතඤ්ච පටිච්ච සද්දෙ ච උප්පජ්ජති විඤ්ඤාණං, සොතවිඤ්ඤාණංත්වෙව සඞ්ඛ්‍යං ගච්ඡති, ඝානඤ්ච පටිච්ච ගන්ධෙ ච උප්පජ්ජති විඤ්ඤාණං , ඝාණවිඤ්ඤාණංත්වෙව සඞ්ඛ්‍යං ගච්ඡති, ජිව්හඤ්ච පටිච්ච රසෙ ච උප්පජ්ජති විඤ්ඤාණං, ජිව්හාවිඤ්ඤාණංත්වෙව සඞ්ඛ්‍යං ගච්ඡති. කායඤ්ච පටිච්ච ඵොට්ඨබ්බෙ ච උප්පජ්ජති විඤ්ඤාණං, කායවිඤ්ඤාණංත්වෙව සඞ්ඛ්‍යං ගච්ඡති. මනඤ්ච පටිච්ච ධම්මෙ ච උප්පජ්ජති විඤ්ඤාණං, මනොවිඤ්ඤාණංත්වෙව සඞ්ඛ්‍යං ගච්ඡති.
400
“මහණෙනි, යම් යම් ප්‍රත්‍යයක් නිසා විඥානය උපදීද, ඒ ඒ ප්‍රත්‍යයාගේ නාමයෙන්ම ඒ විඤ්ඤාණය ව්‍යවහාරයට යයි. ඇස නිසාද, රූප නිසාද, විඤ්ඤාණයක් උපදී. එය ‘චක්ඛු විඤ්ඤාණය’යි ව්‍යවහාරයට යයි. ශ්‍රොතය (කණ) නිසාද, ශබ්ද නිසාද විඤ්ඤාණයක් උපදී. එය ශ්‍රොත විඤ්ඤාණයයි ව්‍යවහාරයට යයි. ඝ්‍රාණය (නැහැය) නිසාද, ගඳ නිසාද, විඤ්ඤාණයක් උපදී. එය ඝාණවිඤ්ඤාණයයි ව්‍යවහාරයට යයි. දිව නිසාද, රස නිසාද, විඤ්ඤාණයක් උපදී. එය ජිව්හා විඤ්ඤාණයයි ව්‍යවහාරයටයයි. කය නිසාද ස්පර්ශ නිසාද විඤ්ඤාණයක් උපදී. එය කායවිඤ්ඤාණයයි ව්‍යවහාරයට යයි. මනස (හිත) නිසාද ධර්මනිසාද විඤ්ඤාණයක් උපදී. එය මනොවිඤ්ඤාණයයි ව්‍යවහාරයට යයි.
“මහණෙනි, යම් යම් ප්‍රත්‍යයක් නිසා යම්සේ ගින්න ඇවිලේද, ඒ ඒ දෙයෙහි නමින්ම ඒ ගින්න ව්‍යවහාරයට යයි. කාෂ්ටය (දර) නිසා ගින්න ඇවිලේද, එය කාෂ්ට ගින්නයයි ව්‍යවහාරයට යයි. සකලික (ගස් පතුරු) නිසා ගින්න ඇවිලේද, එය සකලික ගින්නයයි ව්‍යවහාරයට යයි. තෘණ (වියලි තණ කොල) නිසා ගින්න ඇවිලේද, එය තෘණ ගින්නයයි ව්‍යවහාරයට යයි. ගොමවැරටි නිසා ගින්න ඇවිලේද, එය ගොම වැරටි ගින්නයයි ව්‍යවහාරයට යයි ථුස (දහයියා) නිසා ගින්න ඇවිලේද, එය ථුස ගින්නයයි ව්‍යවහාරයට යයි. සංකාර (කුණු රොඩු) නිසා ගින්න ඇවිලේද, එය සංකාර ගින්නයයි ව්‍යවහාරයට යයි.
මහණෙනි, එපරිද්දෙන්ම යම් යම් ප්‍රත්‍යයක් නිසා විඤ්ඤාණය උපදීද, ඒ ඒ ප්‍රත්‍යයයන්ගේ නාමයෙන්ම ඒ ඒ විඤ්ඤාණය ව්‍යවහාරයට යයි. ඇස නිසාද, රූපයන් නිසාද, විඤ්ඤාණයක් උපදී. එය චක්ඛුවිඤ්ඤාණයයි කියාම ව්‍යවහාරයට යයි. කණ නිසාද, ශබ්දයන් නිසාද, විඤ්ඤාණයක් උපදී. එය සොතවිඤ්ඤාණයයි කියාම ව්‍යවහාරයට යයි. නාසය නිසාද, ගන්ධයන් නිසාද, විඤ්ඤාණයක් උපදී. එය ඝාණවිඤ්ඤාණයයි කියාම ව්‍යවහාරයට යයි. දිව නිසාද, රසයන් නිසාද විඤ්ඤාණයක් උපදී. එය ජිව්හාවිඤ්ඤාණයයි කියාම ව්‍යවහාරයට යයි. කය නිසාද, ස්පර්ශයන් නිසාද විඤ්ඤාණයක් උපදී. එය කායවිඤ්ඤාණයයි කියාම ව්‍යවහාරයට යයි. සිත නිසාද, ධර්මයන් නිසාද විඤ්ඤාණය උපදී. එය මනොවිඤ්ඤාණයයි කියාම ව්‍යවහාරයට යයි.
401
‘‘භූතමිදන්ති , භික්ඛවෙ, පස්සථා’’ති?
‘‘එවං, භන්තෙ’’.
‘‘තදාහාරසම්භවන්ති, භික්ඛවෙ, පස්සථා’’ති?
‘‘එවං, භන්තෙ’’.
‘‘තදාහාරනිරොධා යං භූතං, තං නිරොධධම්මන්ති, භික්ඛවෙ, පස්සථා’’ති?
‘‘එවං, භන්තෙ’’.
‘‘භූතමිදං නොස්සූති, භික්ඛවෙ, කඞ්ඛතො උප්පජ්ජති විචිකිච්ඡා’’ති?
‘‘එවං, භන්තෙ’’.
‘‘තදාහාරසම්භවං නොස්සූති, භික්ඛවෙ , කඞ්ඛතො උප්පජ්ජති විචිකිච්ඡා’’ති?
‘‘එවං, භන්තෙ’’.
‘‘තදාහාරනිරොධා යං භූතං, තං නිරොධධම්මං නොස්සූති, භික්ඛවෙ, කඞ්ඛතො උප්පජ්ජති විචිකිච්ඡා’’ති?
‘‘එවං, භන්තෙ’’.
‘‘භූතමිදන්ති, භික්ඛවෙ, යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො යා විචිකිච්ඡා සා පහීයතී’’ති?
‘‘එවං, භන්තෙ’’.
‘‘තදාහාරසම්භවන්ති, භික්ඛවෙ, යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතාඑ යා විචිකිච්ඡා සා පහීයතී’’ති?
‘‘එවං, භන්තෙ’’.
‘‘තදාහාරනිරොධා යං භූතං, තං නිරොධධම්මන්ති, භික්ඛවෙ, යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතාඑ යා විචිකිච්ඡා සා පහීයතී’’ති?
‘‘එවං , භන්තෙ’’.
‘‘භූතමිදන්ති, භික්ඛවෙ, ඉතිපි වො එත්ථ නිබ්බිචිකිච්ඡා’’ති?
‘‘එවං, භන්තෙ’’.
‘‘තදාහාරසම්භවන්ති, භික්ඛවෙ, ඉතිපි වො එත්ථ නිබ්බිචිකිච්ඡා’’ති?
‘‘එවං, භන්තෙ’’.
‘‘තදාහාරනිරොධා යං භූතං තං නිරොධධම්මන්ති, භික්ඛවෙ, ඉතිපි වො එත්ථ නිබ්බිචිකිච්ඡා’’ති?
‘‘එවං, භන්තෙ’’.
‘‘භූතමිදන්ති, භික්ඛවෙ, යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨ’’න්ති?
‘‘එවං, භන්තෙ’’.
‘‘තදාහාරසම්භවන්ති, භික්ඛවෙ, යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨ’’න්ති?
‘‘එවං, භන්තෙ’’.
‘‘තදාහාරනිරොධා යං භූතං තං නිරොධධම්මන්ති, භික්ඛවෙ, යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨ’’න්ති?
‘‘එවං, භන්තෙ’’.
‘‘ඉමං චෙ තුම්හෙ, භික්ඛවෙ, දිට්ඨිං එවං පරිසුද්ධං එවං පරියොදාතං අල්ලීයෙථ කෙලායෙථ ධනායෙථ මමායෙථ, අපි නු මෙ තුම්හෙ, භික්ඛවෙ, කුල්ලූපමං ධම්මං දෙසිතං ආජානෙය්‍යාථ නිත්ථරණත්ථාය නො ගහණත්ථායා’’ති?
‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘ඉමං චෙ තුම්හෙ, භික්ඛවෙ, දිට්ඨිං එවං පරිසුද්ධං එවං පරියොදාතං න අල්ලීයෙථ න කෙලායෙථ න ධනායෙථ න මමායෙථ, අපි නු මෙ තුම්හෙ, භික්ඛවෙ, කුල්ලූපමං ධම්මං දෙසිතං ආජානෙය්‍යාථ නිත්ථරණත්ථාය නො ගහණත්ථායා’’ති?
‘‘එවං, භන්තෙ’’.
401
“මහණෙනි, මෙය (මේ පංචස්කන්ධය) ප්‍රත්‍යයෙන් හට ගත් එකකැයි දක්නහුද?”
“එසේය, ස්වාමීනි.”
“මහණෙනි, එය ආහාරයෙන් (හේතුවෙන්) හටගත් එකකැයි දක්නහුද?”
“එසේය, ස්වාමීනි.”
“මහණෙනි, ආහාරය (හේතුවෙන්) නැතිවීමෙන්, ආහාරය නිසා හටගත් එය නැති වන ස්වභාව ඇත්තේ යැයි දක්නහුද?”
“එසේය, ස්වාමීනි.”
“මහණෙනි, මෙය (පංචස්කන්ධය) ප්‍රත්‍යයෙන් හටගත්තේද, නැද්දැයි යන සැකයෙන් විචිකිච්ඡාව පහළ වේද?”
“එසේය, ස්වාමීනි.”
“එය ආහාරයෙන් (හේතුවෙන්) හටගත්තේද, නැද්ද යන සැකයෙන් විචිකිච්ඡාව පහළ වේද?”
“එසේය, ස්වාමීනි.”
“මහණෙනි, ආහාරය (හේතුව) නැතිවීමෙන් ආහාරය නිසා හටගත් එය නැතිවන්නේද? නැද්ද? යන සැකයෙන් විචිකිච්ඡාව පහළ වේද?”
“එසේය, ස්වාමීනි.”
“මහණෙනි, මෙය ප්‍රත්‍යයයෙන් හටගත්තේයයි තතුසේ යහපත් නුවණින් දක්නහුට යම් විචිකිච්ඡාවක් වීනම් එය නැති වේද?”
“එසේය, ස්වාමීනි.”
“මහණෙනි, එය ආහාරයෙන් (හේතුවෙන්) හටගත්තේ යයි තතුසේ යහපත් නුවණින් දක්නහුට යම් විචිකිච්ඡාවක් වී නම් එය නැති වේද?”
“එසේය, ස්වාමීනි.”
“මහණෙනි, ඒ ආහාරය (හේතුව) නැතිවීමෙන් ආහාරය නිසා හටගත් එය නැතිවන ස්වභාව ඇත්තේයයි තතුසේ යහපත් නුවණින් දක්නහුට යම් විචිකිච්ඡාවක් වී නම් එය නැතිවේද?”
“එසේය, ස්වාමීනි.”
“මහණෙනි, මේ පංචස්කන්ධය ප්‍රත්‍යයෙන් හටගත්තේය යන කාරණය සම්බන්ධයෙන් තොපට සැක නැද්ද?”
“එසේය, නැත ස්වාමීනි.”
“මහණෙනි, එය ආහාරයෙන් (ප්‍රත්‍යයෙන්) හටගත්තේය යන කාරණය සම්බන්ධයෙන් සැක නැත්ද?”
“එසේය, නැත ස්වාමීනි.”
“මහණෙනි, ප්‍රත්‍යය නැතිවීමෙන් එයින් හටගත් යමක් ඇත්තේද, එය නැතිවන ස්වභාව ඇත්තේය යන කාරණය සම්බන්ධයෙන් සැක නැත්ද?”
“එසේය, නැත ස්වාමීනි.”
“මහණෙනි, මෙය ප්‍රත්‍යයෙන් හටගත්තේයයි, තතුසේ යහපත් නුවණින් දක්නා ලදද?”
“එසේය, ස්වාමීනි.”
“මහණෙනි, එය ආහාර ප්‍රත්‍යයෙන් හටගත්තේය යන කාරණය සම්බන්ධයෙන් සැක නැත්ද?”
“එසේය, නැත ස්වාමීනි.”
“මහණෙනි, ප්‍රත්‍යය නැතිවීමෙන් එයින් හටගත් යමක් ඇත්තේද එය නැති වන ස්වභාව ඇත්තේය යන කාරණය සම්බන්ධයෙන් සැක නැත්ද?”
“එසේය, නැත ස්වාමීනි.”
“මහණෙනි, තෙපි මෙසේ පිරිසිදුවූ, මෙසේ පැහැදිලිවූ මේ දැකීම (තෘෂ්ණා දෘෂ්ටි දෙකින්) අල්වාගනිව් නම්, (තෘෂ්ණා දෘෂ්ටි දෙකින්) ක්‍රීඩා කරව් නම්, (ධනයකට මෙන්) ඊට කැමතිවව් නම් එකෙනෙහි මමත්වයක් ඇතිකර ගනිව් නම්, තෙපි මා විසින් සසර එතෙර කිරීම පිණිස මිස; අල්වා නොගැනීම පිණිස පහුරකට උපමා කොට දේශනා කරනලද ධර්මය දන්නෝ වන්නහුද?”
“නැත, ස්වාමීනි.”
“මහණෙනි, තෙපි මෙසේ පිරිසිදුවූ, මෙසේ පැහැදිලිවූ මේ දැකීම (තෘෂ්ණා දෘෂ්ටි දෙකින්) අල්වා නොගනිව් නම්, (තෘෂ්ණා දෘෂ්ටි දෙකින් ක්‍රීඩා නොකරව් නම්, (ධනයකට මෙන්) ඊට කැමති නොවව් නම්, මමත්වයක් ඇතිකර නොගනිව් නම් තොපි මා විසින් සසර එතෙරකිරීම පිණිස මිස අල්වා නොගැනීම පිණිස පහුරකට උපමාකොට දේශනා කරනලද ධර්මය දන්නෝ වන්නහුද?”
“එසේය, ස්වාමීනි.”
402
‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, ආහාරා භූතානං වා සත්තානං ඨිතියා, සම්භවෙසීනං වා අනුග්ගහාය. කතමෙ චත්තාරො? කබළීකාරො ආහාරො ඔළාරිකො වා සුඛුමො වා, ඵස්සො දුතියො, මනොසඤ්චෙතනා තතියා, විඤ්ඤාණං චතුත්ථං.
‘‘ඉමෙ ච, භික්ඛවෙ, චත්තාරො ආහාරා කිංනිදානා කිංසමුදයා කිංජාතිකා කිංපභවා?
‘‘ඉමෙ චත්තාරො ආහාරා තණ්හානිදානා තණ්හාසමුදයා තණ්හාජාතිකා තණ්හාපභවා.
‘‘තණ්හා චායං, භික්ඛවෙ, කිංනිදානා කිංසමුදයා කිංජාතිකා කිංපභවා?
‘‘තණ්හා වෙදනානිදානා වෙදනාසමුදයා වෙදනාජාතිකා වෙදනාපභවා.
‘‘වෙදනා චායං, භික්ඛවෙ, කිංනිදානා කිංසමුදයා කිංජාතිකා කිංපභවා?
‘‘වෙදනා ඵස්සනිදානා ඵස්සසමුදයා ඵස්සජාතිකා ඵස්සපභවා .
‘‘ඵස්සො චායං, භික්ඛවෙ, කිංනිදානො කිංසමුදයො කිංජාතිකො කිංපභවො?
‘‘ඵස්සො සළායතනනිදානො සළායතනසමුදයො සළායතනජාතිකො සළායතනපභවො.
‘‘සළායතනං චිදං, භික්ඛවෙ, කිංනිදානං කිංසමුදයං කිංජාතිකං කිංපභවං?
‘‘සළායතනං නාමරූපනිදානං නාමරූපසමුදයං නාමරූපජාතිකං නාමරූපපභවං.
‘‘නාමරූපං චිදං, භික්ඛවෙ, කිංනිදානං කිංසමුදයං කිංජාතිකං කිංපභවං?
‘‘නාමරූපං විඤ්ඤාණනිදානං විඤ්ඤාණසමුදයං විඤ්ඤාණජාතිකං විඤ්ඤාණපභවං.
‘‘විඤ්ඤාණං චිදං, භික්ඛවෙ, කිංනිදානං කිංසමුදයං කිංජාතිකං කිංපභවං?
‘‘විඤ්ඤාණං සඞ්ඛාරනිදානං සඞ්ඛාරසමුදයං සඞ්ඛාරජාතිකං සඞ්ඛාරපභවං.
‘‘සඞ්ඛාරා චිමෙ, භික්ඛවෙ, කිංනිදානා කිංසමුදයා කිංජාතිකා කිංපභවා?
‘‘සඞ්ඛාරා අවිජ්ජානිදානා අවිජ්ජාසමුදයා අවිජ්ජාජාතිකා අවිජ්ජාපභවා.
‘‘ඉති ඛො, භික්ඛවෙ, අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමරූපපච්චයා සළායතනං, සළායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.’’’
402
“මහණෙනි, උපන් සත්වයන්ගේ පැවැත්ම පිණිසද, සම්භවය (උත්පත්තිය) සොයන සත්වයන්හට අනුග්‍රහ පිණිසද පවතින මේ ආහාර සතරක් වෙත්. කවර සතරක්ද යත්:- දැඩිවූ හෝ සියුම් හෝ පිඩු කොට ගතයුතු ද්‍රව්‍යයෙන්යුත් කබලිංකාර ආහාරය, දෙවැනිවූ ස්පර්ශ ආහාරය, තුන්වැනිවූ මනොසඤ්චෙතනා ආහාරය, සතර වැනිවූ විඤ්ඤාණ ආහාරය යන සතරයි.
“මහණෙනි, මේ ආහාර සතර කුමක් නිදාන (මූල කාරණ) කොට ඇත්තාහුද? කුමක් උත්පත්තිකොට ඇත්තාහුද? කුමක් ජාතිකොට ඇත්තාහුද? කුමක් ප්‍රභවකොට ඇත්තාහුද? මේ සතර ආහාරයෝ තෘෂ්ණාව නිදානකොට ඇත්තාහ. තෘෂ්ණාව උත්පත්තිකොට ඇත්තාහ. තෘෂ්ණාව ජාතිකොට ඇත්තාහ. තෘෂ්ණාව ප්‍රභවකොට ඇත්තාහ.
“මහණෙනි, මේ තෘෂ්ණාවද, කුමක් නිදානකොට ඇත්තීද? කුමක් සමුදය (පහළවීමට හේතුව) කොට ඇත්තීද? කුමක් ජාතිකොට ඇත්තීද? කුමක් ප්‍රභවකොට ඇත්තීද?” තෘෂ්ණාව, වේදනාව නිදානකොට ඇත්තීය. වේදනාව සමුදය කොට ඇත්තීය. වේදනාව ජාතිකොට ඇත්තීය, වේදනාව ප්‍රභවකොට ඇත්තීය.
“මහණෙනි, මේ වේදනාවද කුමක් නිදානකොට ඇත්තීද? කුමක් සමුදයකොට ඇත්තීද? කුමක් ජාතිකොට ඇත්තීද? කුමක් ප්‍රභවකොට ඇත්තීද? වේදනාව ස්පර්ශය නිදානකොට ඇත්තීය. ස්පර්ශය සමුදයකොට ඇත්තීය. ස්පර්ශය ජාති කොට ඇත්තීය. ස්පර්ශය ප්‍රභවකොට ඇත්තීය.
“මහණෙනි, මේ ස්පර්ශයද කුමක් නිදානකොට ඇත්තේද? කුමක් සමුදයකොට ඇත්තේද? කුමක් ජාතිකොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේද? ස්පර්ශය තෙම ෂඩායතන (ඉන්ද්‍රිය සය) නිදානකොට ඇත්තේය. ෂඩායතන සමුදය කොට ඇත්තේය, ෂඩායතන ජාතිකොට ඇත්තේය, ෂඩායතන ප්‍රභවකොට ඇත්තේය.
“මහණෙනි, මේ ෂඩායතනයෝ කුමක් නිදානකොට ඇත්තාහුද? කුමක් සමුදයකොට ඇත්තාහුද? කුමක් ජාතිකොට ඇත්තාහුද? කුමක් ප්‍රභවකොට ඇත්තාහුද? ෂඩායතනයෝ නාමරූපයන් නිදානකොට ඇත්තාහ. නාමරූපයන් සමුදයකොට ඇත්තාහ. නාමරූපයන් ජාති කොට ඇත්තාහ. නාමරූපයන් ප්‍රභවකොට ඇත්තාහ.
“මහණෙනි, මේ නාම රූපයෝද කුමක් නිදානකොට ඇත්තාහුද? කුමක් සමුදයකොට ඇත්තාහුද? කුමක් ජාතිකොට ඇත්තාහුද? කුමක් ප්‍රභවකොට ඇත්තාහුද? නාමරූපයෝ විඤ්ඤාණය නිදානකොට ඇත්තාහ, විඤ්ඤාණය සමුදයකොට ඇත්තාහ, විඤ්ඤාණය ප්‍රභවකොට ඇත්තාහ.
“මහණෙනි, මේ විඤ්ඤාණය කුමක් නිදානකොට ඇත්තේද? කුමක් සමුදයකොට ඇත්තේද? කුමක් ජාතිකොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේද? විඤ්ඤාණය සංස්කාර නිදානකොට ඇත්තේය, සංස්කාර සමුදයකොට ඇත්තේය සංස්කාර ජාතිකොට ඇත්තේය, සංස්කාර ප්‍රභවකොට ඇත්තේය.
“මහණෙනි, මේ සංස්කාරයෝ කුමක් නිදානකොට ඇත්තාහුද, කුමක් සමුදයකොට ඇත්තාහුද, කුමක් ජාති කොට ඇත්තාහුද, කුමක් ප්‍රභවකොට ඇත්තාහුද, සංස්කාරයෝ අවිද්‍යාව නිදානකොට ඇත්තාහ, අවිද්‍යාව සමුදය කොට ඇත්තාහ, අවිද්‍යාව ජාතිකොට ඇත්තාහ, අවිද්‍යාව ප්‍රභවකොට ඇත්තාහ.
“මහණෙනි, මෙසේ වනාහි අවිද්‍යා ප්‍රත්‍යයෙන් (අවිද්‍යාව නිසා) සංස්කාරයෝ වෙති. සංස්කාරයන් නිසා විඤ්ඤාණය වෙයි. විඤ්ඤාණය නිසා නාමරූපයෝ වෙති. නාමරූපයන් නිසා ෂඩායතනයෝ වෙති. ෂඩායතනයන් නිසා ස්පර්ශය වෙයි. ස්පර්ශය නිසා වේදනාව වන්නීය. වේදනාව නිසා තෘෂ්ණාව වන්නීය, තෘෂ්ණාව නිසා උපදානය වෙයි. උපදානය නිසා භවය වෙයි භවය නිසා ජාතිය වන්නීය. ජාතිය නිසා ජරාවද, මරණයද, සොකය, වැලපීමය, කායික දුකය, චෛතසික දුකය (දොම්නසය), දැඩි වෙහෙසය, යන මොහු වෙත්. මෙසේ මේ සියලු දුක් රාශියගේ හටගැන්ම වෙයි.
403
‘‘ජාතිපච්චයා ජරාමරණන්ති ඉති ඛො පනෙතං වුත්තං; ජාතිපච්චයා නු ඛො, භික්ඛවෙ, ජරාමරණං, නො වා, කථං වා එත්ථ (කථං වා වො එත්ථ (?)) හොතී’’ති? ‘‘ජාතිපච්චයා, භන්තෙ, ජරාමරණං; එවං නො එත්ථ හොති (එවං නො එත්ථ හොතීති (ක.)) - ජාතිපච්චයා ජරාමරණ’’න්ති. ‘‘භවපච්චයා ජාතීති ඉති ඛො පනෙතං වුත්තං; භවපච්චයා නු ඛො, භික්ඛවෙ, ජාති, නො වා, කථං වා එත්ථ හොතී’’ති? ‘‘භවපච්චයා, භන්තෙ , ජාති; එවං නො එත්ථ හොති - භවපච්චයා ජාතී’’ති . ‘‘උපාදානපච්චයා භවොති ඉති ඛො පනෙතං වුත්තං; උපාදානපච්චයා නු ඛො, භික්ඛවෙ, භවො, නො වා, කථං වා එත්ථ හොතී’’ති? ‘‘උපාදානපච්චයා, භන්තෙ, භවො; එවං නො එත්ථ හොති - උපාදානපච්චයා භවො’’ති. ‘‘තණ්හාපච්චයා උපාදානන්ති ඉති ඛො පනෙතං වුත්තං, තණ්හාපච්චයා නු ඛො, භික්ඛවෙ, උපාදානං, නො වා, කථං වා එත්ථ හොතී’’ති? ‘‘තණ්හාපච්චයා, භන්තෙ, උපාදානං; එවං නො එත්ථ හොති - තණ්හාපච්චයා උපාදාන’’න්ති. ‘‘වෙදනාපච්චයා තණ්හාති ඉති ඛො පනෙතං වුත්තං; වෙදනාපච්චයා නු ඛො, භික්ඛවෙ, තණ්හා, නො වා, කථං වා එත්ථ හොතී’’ති? ‘‘වෙදනාපච්චයා, භන්තෙ, තණ්හා; එවං නො එත්ථ හොති - වෙදනාපච්චයා තණ්හා’’ති. ‘‘ඵස්සපච්චයා වෙදනාති ඉති ඛො පනෙතං වුත්තං; ඵස්සපච්චයා නු ඛො, භික්ඛවෙ, වෙදනා, නො වා, කථං වා එත්ථ හොතී’’ති? ‘‘ඵස්සපච්චයා, භන්තෙ, වෙදනා; එවං නො එත්ථ හොති - ඵස්සපච්චයා වෙදනා’’ති. ‘‘සළායතනපච්චයා ඵස්සොති ඉති ඛො පනෙතං වුත්තං; සළායතනපච්චයා නු ඛො, භික්ඛවෙ, ඵස්සො, නො වා, කථං වා එත්ථ හොතී’’ති? ‘‘සළායතනපච්චයා, භන්තෙ, ඵස්සො; එවං නො එත්ථ හොති - සළායතනපච්චයා ඵස්සො’’ති. ‘‘නාමරූපපච්චයා සළායතනන්ති ඉති ඛො පනෙතං වුත්තං; නාමරූපපච්චයා නු ඛො, භික්ඛවෙ, සළායතනං, නො වා, කථං වා එත්ථ හොතී’’ති? ‘‘නාමරූපපච්චයා, භන්තෙ, සළායතනං; එවං නො එත්ථ හොති - නාමරූපපච්චයා සළායතන’’න්ති. ‘‘විඤ්ඤාණපච්චයා නාමරූපන්ති ඉති ඛො පනෙතං වුත්තං; විඤ්ඤාණපච්චයා නු ඛො, භික්ඛවෙ, නාමරූපං, නො වා, කථං වා එත්ථ හොතී’’ති? ‘‘විඤ්ඤාණපච්චයා, භන්තෙ, නාමරූපං; එවං නො එත්ථ හොති - විඤ්ඤාණපච්චයා නාමරූප’’න්ති. ‘‘සඞ්ඛාරපච්චයා විඤ්ඤාණන්ති ඉති ඛො පනෙතං වුත්තං; සඞ්ඛාරපච්චයා නු ඛො, භික්ඛවෙ, විඤ්ඤාණං, නො වා, කථං වා එත්ථ හොතී’’ති? ‘‘සඞ්ඛාරපච්චයා, භන්තෙ, විඤ්ඤාණං; එවං නො එත්ථ හොති - සඞ්ඛාරපච්චයා විඤ්ඤාණ’’න්ති. ‘‘අවිජ්ජාපච්චයා සඞ්ඛාරාති ඉති ඛො පනෙතං වුත්තං; අවිජ්ජාපච්චයා නු ඛො, භික්ඛවෙ, සඞ්ඛාරා, නො වා, කථං වා එත්ථ හොතී’’ති? ‘‘අවිජ්ජාපච්චයා, භන්තෙ, සඞ්ඛාරා; එවං නො එත්ථ හොති - අවිජ්ජාපච්චයා සඞ්ඛාරා’’ති.
403
“ජාති ප්‍රත්‍යයෙන් (ජාතිය නිසා) ජරා මරණ දෙක ඇති වේයයි” මෙසේ මෙය කියනලදී. මහණෙනි, ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණ වේද? නොවේද? තොපට මෙහිලා කෙසේ අදහස් වේද?” ස්වාමීනි, ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ වෙති. ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණ වන්නාහයි මෙසේ අපට මෙහි අදහස් වෙයි.
“භවප්‍රත්‍යයෙන් ජාතිය වේයයි” මෙසේ මෙය කියන ලදී. “මහණෙනි භවප්‍රත්‍යයෙන් ජාතිය වේද? නොවේද? තොපට මෙහි කෙසේ අදහස් වේද?” “ස්වාමීනි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි. භවප්‍රත්‍යයෙන් ජාතියවේයයි, අපට මෙහි අදහස් වෙයි.
“උපාදාන ප්‍රත්‍යයෙන් භවය වේය”යි මෙසේ මෙය කියන ලදි. “මහණෙනි, උපාදාන ප්‍රත්‍යයෙන් භවය වේද? නොවේද? තොපට මෙහි කෙසේ අදහස් වේද?” “ස්වාමීනි, උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි. උපාදාන ප්‍රත්‍යයෙන් භවය වේයයි මෙසේ අපට මෙහි අදහස් වේ.
“තණ්හා ප්‍රත්‍යයෙන් උපාදානය වේය”යි මෙසේ මෙය කියනලදී. මහණෙනි, තණ්හා ප්‍රත්‍යයෙන් උපාදානය වේද? නොවේද? තොපට මෙහි කෙසේ අදහස් වේද?” ස්වාමීනි, තණ්හා ප්‍රත්‍යයෙන් උපාදානය වෙයි තණ්හා ප්‍රත්‍යයෙන් උපාදානය වේයයි මෙසේ අපට මෙහි අදහස් වේ.
වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව වන්නීය”යි මෙසේ මෙය කියනලදී. “මහණෙනි, වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව වන්නීද? නොවන්නීද? තොපට මෙහි කෙසේ අදහස් වේද?” ස්වාමීනි, වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව වෙයි. වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව වේයයි” මෙසේ අපට මෙහි අදහස් වේ.
“ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වේයයි’ මෙසේ මෙය කියනලදී. “මහණෙනි, ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වන්නීද? නොවන්නීද? තොපට මෙහි කෙසේ අදහස් වේද?” “ස්වාමීනි, ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වන්නීය. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වන්නීයයි” මෙසේ අපට මෙහි අදහස් වේ.
“ෂඩායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශය වේය’යි මෙසේ මෙය කියන ලදී. මහණෙනි, ෂඩායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශය වේද? නොවේද? තොපට මෙහි කෙසේ අදහස් වේද?” “ස්වාමීනි, ෂඩායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශ වෙයි. ෂඩායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශය වේයයි” මෙසේ අපට මෙහි අදහස් වේ.
“නාමරූප ප්‍රත්‍යයෙන් ෂඩායතන වෙත්ය’යි මෙසේ මෙය කියනලදී. මහණෙනි, නාමරූප ප්‍රත්‍යයෙන් ෂඩායතන වෙත්ද? නොවෙත්ද? තොපට මෙහි කෙසේ අදහස් වේද? “ස්වාමීනි, නාමරූප ප්‍රත්‍යයෙන් ෂඩායතන වෙත්. නාම රූප ප්‍රත්‍යයෙන් ෂඩායතන වෙත්යයී මෙසේ අපට මෙහි අදහස් වේ.
“විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප වෙත්ය’යි මෙසේ මෙය කියනලදී “මහණෙනි, විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප වෙත්ද? නොවෙත්ද? තොපට මෙහි කෙසේ අදහස් වේද? “ස්වාමීනි විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප වෙත්. විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප වෙත්යයි මෙසේ අපට මෙහි අදහස් වේ.
“සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය වේය’යි මෙසේ මෙය කියනලදී මහණෙනි, සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය වේද? නොවේද? තොපට මෙහි කෙසේ අදහස් වේද?” “ස්වාමීනි, සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය වෙයි. සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය වේයයි, මෙසේ අපට මෙහි අදහස් වේ.
“අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙත්ය’යි මෙසේ මෙය කියනලදී. මහණෙනි, අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙත්ද? නොවෙත්ද? තොපට මෙහි කෙසේ අදහස් වේද?” “ස්වාමීනි, අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙත්. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙත්යයි මෙසේ අපට මෙහි අදහස් වේ.
404
‘‘සාධු, භික්ඛවෙ. ඉති ඛො, භික්ඛවෙ, තුම්හෙපි එවං වදෙථ, අහම්පි එවං වදාමි - ඉමස්මිං සති ඉදං හොති, ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති, යදිදං - අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමරූපපච්චයා සළායතනං, සළායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
‘‘අවිජ්ජායත්වෙව අසෙසවිරාගනිරොධා සඞ්ඛාරනිරොධො, සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො, විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධො, නාමරූපනිරොධා සළායතනනිරොධො , සළායතනනිරොධා ඵස්සනිරොධො, ඵස්සනිරොධා වෙදනානිරොධො, වෙදනානිරොධා තණ්හානිරොධො, තණ්හානිරොධා උපාදානනිරොධො, උපාදානනිරොධා භවනිරොධො, භවනිරොධා ජාතිනිරොධො, ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති.
404
“මහණෙනි මැනවි. මහණෙනි, මෙය වනාහි තොපිද මෙසේ කියව්, මමද එසේ කියමි. මෙසේ මේ හේතුව ඇති කල්හි මේ ඵලය වෙයි. මොහුගේ උත්පත්තියෙන් මේ ඵලය උපදියි. එනම්-අවිද්‍යාව ප්‍රත්‍යය කොට සංස්කාරයෝ වෙත්. සංස්කාර ප්‍රත්‍යය කොට විඤ්ඤාණය වෙයි. විඤ්ඤාණය ප්‍රත්‍යය කොට නාමරූපය වෙයි. නාම රූප ප්‍රත්‍යය කොට ෂඩායතනය වෙයි. ෂඩායතනය ප්‍රත්‍යයකොට ස්පර්ශය වෙයි. ස්පර්ශය ප්‍රත්‍යයකොට වේදනාව වෙයි. වේදනාව ප්‍රත්‍යය කොට තණ්හාව වෙයි. තණ්හාව ප්‍රත්‍යයකොට භවය වෙයි. භවය ප්‍රත්‍යයකොට ජාතිය වෙයි. ජාතිය ප්‍රත්‍යය කොට ජරාව, මරණය, ශෝකය, වැළපීමය, කායික දුකය, මානසික දුකය, දැඩි වෙහෙසය යන මොහු හටගනිත්.” මෙසේ මේ සියලු දුක් රාශියගේ හටගැන්ම වෙයි.
“අවිද්‍යාවගේම ඉතිරි නොකර නැතිකිරීමෙන් සංස්කාරයෝ නිරුද්ධ (නැතිකිරීම) වෙත්. සංස්කාර නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධය වෙයි. විඤ්ඤාණ නිරෝධයෙන් නාම රූප නිරුද්ධ වෙයි. නාමරූපය නිරුද්ධවීමෙන් ෂඩායතනය නිරුද්ධ වෙයි. ෂඩායතනය නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙයි. ස්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වෙයි. වේදනාව නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙයි. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදානය නිරුද්ධ වෙයි. උපාදානය නිරුද්ධවීමෙන් භවය නිරුද්ධ වෙයි භවය නිරුද්ධවීමෙන් ජාතිය නිරුද්ධ වෙයි. ජාතිය නිරුද්ධවීමෙන් ජරා, මරණ, ශොක, වැළපීම, දුක්, දොම්නස්, දැඩි වෙහෙස යන මොවුහු නිරුද්ධ වෙත්. මෙසේ සියලු දුක් රාසියගේ නිරෝධය වෙයි.
405
‘‘ජාතිනිරොධා ජරාමරණනිරොධොති ඉති ඛො පනෙතං වුත්තං; ජාතිනිරොධා නු ඛො, භික්ඛවෙ, ජරාමරණනිරොධො, නො වා, කථං වා එත්ථ හොතී’’ති? ‘‘ජාතිනිරොධා, භන්තෙ, ජරාමරණනිරොධො; එවං නො එත්ථ හොති - ජාතිනිරොධා ජරාමරණනිරොධො’’ති. ‘‘භවනිරොධා ජාතිනිරොධොති ඉති ඛො පනෙතං වුත්තං; භවනිරොධා නු ඛො, භික්ඛවෙ, ජාතිනිරොධො, නො වා, කථං වා එත්ථ හොතී’’ති? ‘‘භවනිරොධා, භන්තෙ, ජාතිනිරොධො; එවං නො එත්ථ හොති - භවනිරොධා ජාතිනිරොධො’’ති. ‘‘උපාදානනිරොධා භවනිරොධොති ඉති ඛො පනෙතං වුත්තං; උපාදානනිරොධා නු ඛො, භික්ඛවෙ, භවනිරොධො, නො වා, කථං වා එත්ථ හොතී’’ති? ‘‘උපාදානනිරොධා, භන්තෙ, භවනිරොධො; එවං නො එත්ථ හොති - උපාදානනිරොධා භවනිරොධො’’ති. ‘‘තණ්හානිරොධා උපාදානනිරොධොති ඉති ඛො පනෙතං වුත්තං; තණ්හානිරොධා නු ඛො, භික්ඛවෙ, උපාදානනිරොධො, නො වා, කථං වා එත්ථ හොතී’’ති? ‘‘තණ්හානිරොධා, භන්තෙ, උපාදානනිරොධො; එවං නො එත්ථ හොති - තණ්හානිරොධා උපාදානනිරොධො’’ති. ‘‘වෙදනානිරොධා තණ්හානිරොධොති ඉති ඛො පනෙතං වුත්තං; වෙදනානිරොධා නු ඛො, භික්ඛවෙ, තණ්හානිරොධො, නො වා, කථං වා එත්ථ හොතී’’ති? ‘‘වෙදනානිරොධා, භන්තෙ, තණ්හානිරොධො; එවං නො එත්ථ හොති - වෙදනානිරොධා තණ්හානිරොධො’’ති. ‘‘ඵස්සනිරොධා වෙදනානිරොධොති ඉති ඛො පනෙතං වුත්තං; ඵස්සනිරොධා නු ඛො, භික්ඛවෙ, වෙදනානිරොධො, නො වා, කථං වා එත්ථ හොතී’’ති? ‘‘ඵස්සනිරොධා, භන්තෙ, වෙදනානිරොධො; එවං නො එත්ථ හොති - ඵස්සනිරොධා වෙදනානිරොධො’’ති. ‘‘සළායතනනිරොධා ඵස්සනිරොධොති ඉති ඛො පනෙතං වුත්තං; සළායතනනිරොධා නු ඛො, භික්ඛවෙ, ඵස්සනිරොධො, නො වා , කථං වා එත්ථ හොතීති? සළායතනනිරොධා, භන්තෙ, ඵස්සනිරොධො; එවං නො එත්ථ හොති - සළායතනනිරොධා ඵස්සනිරොධො’’ති. ‘‘නාමරූපනිරොධා සළායතනනිරොධොති ඉති ඛො පනෙතං වුත්තං; නාමරූපනිරොධා නු ඛො, භික්ඛවෙ, සළායතනනිරොධො, නො වා, කථං වා එත්ථ හොතී’’ති? ‘‘නාමරූපනිරොධා, භන්තෙ, සළායතනනිරොධො; එවං නො එත්ථ හොති - නාමරූපනිරොධා සළායතනනිරොධො’’ති. ‘‘විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධොති ඉති ඛො පනෙතං වුත්තං; විඤ්ඤාණනිරොධා නු ඛො, භික්ඛවෙ, නාමරූපනිරොධො, නො වා, කථං වා එත්ථ හොතී’’ති? ‘‘විඤ්ඤාණනිරොධා, භන්තෙ, නාමරූපනිරොධො; එවං නො එත්ථ හොති - විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධො’’ති. ‘‘සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධොති ඉති ඛො පනෙතං වුත්තං; සඞ්ඛාරනිරොධා නු ඛො, භික්ඛවෙ, විඤ්ඤාණනිරොධො, නො වා, කථං වා එත්ථ හොතී’’ති? ‘‘සඞ්ඛාරනිරොධා, භන්තෙ , විඤ්ඤාණනිරොධො; එවං නො එත්ථ හොති - සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො’’ති. ‘‘අවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධොති ඉති ඛො පනෙතං වුත්තං; අවිජ්ජානිරොධා නු ඛො, භික්ඛවෙ, සඞ්ඛාරනිරොධො, නො වා, කථං වා එත්ථ හොතී’’ති? ‘‘අවිජ්ජානිරොධා, භන්තෙ, සඞ්ඛාරනිරොධො; එවං නො එත්ථ හොති - අවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධො’’ති.
405
“ජාති නිරෝධයෙන් ජරා, මරණ, නිරෝධය වේය’ යි මෙසේ මෙය කියන ලදී. මහණෙනි, ජාති නිරෝධයෙන් ජරා මරණ නිරෝධය වේද? නොවේද? මෙහි තොපට කෙසේ හෝ අදහස් වේද?
“ස්වාමීනි, ජාති නිරෝධයෙන් ජරා මරණ නිරෝධය වෙයි. ජාති නිරෝධයෙන් ජරා මරණ නිරෝධය වේයයි මෙසේ අපට මෙහි අදහස් වෙයි.” “භවය නිරුද්ධවීමෙන් ජාතිය නිරුද්ධ වේයයි’ මෙසේ මෙය කියනලදී. මහණෙනි, භවය නිරුද්ධ වීමෙන් ජාතිය නිරුද්ධ වේද? නොවේද? මෙහි තොපට කෙසේ හෝ අදහස් වේද? “ස්වාමීනි, භවය නිරුද්ධ වීමෙන් ජාතිය නිරුද්ධවේ. භවය නිරුද්ධ වීමෙන් ජාතිය නිරුද්ධ වේයයි මෙසේ අපට මෙහි අදහස්වේ.”
“උපාදානය නිරුද්ධවීමෙන් භවය නිරුද්ධ වේය’යි මෙසේ මෙය කියනලදී. “මහණෙනි, උපාදානය නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වේද? නොවේද? තොපට කෙසේ හෝ අදහස් වේද? “ස්වාමීනි, උපාදානය නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙයි. උපාදානය නිරුද්ධවීමෙන් භවය නිරුද්ධ වේයයි, මෙසේ අපට මෙහි අදහස් වේ.
“තණ්හාව නිරුද්ධවීමෙන් උපාදානය නිරුද්ධවේය’යි මෙසේ මෙය කියනලදී. මහණෙනි, තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදානය නිරුද්ධ වේද? නොවේද? මෙහි තොපට කෙසේ හෝ අදහස් වේද?” “ස්වාමීනි, තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදානය නිරුද්ධ වෙයි. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදානය නිරුද්ධවේයයි මෙසේ අපට මෙහි අදහස් වෙයි.”
“වේදනාව නිරුද්ධවීමෙන් තණ්හාව නිරුද්ධ වේය’යි මෙසේ මෙය කියන ලදී. මහණෙනි, වේදනාව නිරුද්ධවීමෙන් තණ්හාව නිරුද්ධ වේද? නොවේද? තොපට මෙහි කෙසේ හෝ අදහස් වේද?” “ස්වාමීනි, වේදනාව නිරුද්ධවීමෙන් තණ්හාව නිරුද්ධවේ. වේදනාව නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වේයයි මෙසේ අපට මෙහි අදහස් වේ.”
“ස්පර්ශය නිරුද්ධවීමෙන් වේදනාව නිරුද්ධවේය’යි මෙසේ මෙය කියන ලදී. මහණෙනි, ස්පර්ශය නිරුද්ධවීමෙන් වේදනාව නිරුද්ධ වේද? නොවේද? තොපට මෙහි කෙසේ හෝ අදහස් වේද?” “ස්වාමීනි, ස්පර්ශය නිරුද්ධවීමෙන් වේදනාව නිරුද්ධ වේ. ස්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වේයයි මෙසේ අපට මෙහි අදහස් වේ.”
“ෂඩායතන නිරුද්ධවීමෙන් ස්පර්ශය නිරුද්ධවේය’යි මෙසේ මෙය කියනලදී. “මහණෙනි, ෂඩායතන නිරුද්ධවීමෙන් ස්පර්ශය නිරුද්ධ වේද? නොවේද? තොපට මෙහි කෙසේ හෝ අදහස් වේද? “ස්වාමීනි, ෂඩායතන නිරුද්ධවීමෙන් ස්පර්ශය නිරුද්ධවෙයි. ෂඩායතන නිරුද්ධවීමෙන් ස්පර්ශය නිරුද්ධ වේයයි මෙසේ අපට මෙහි අදහස් වේ.”
“නාමරූප නිරුද්ධවීමෙන් ෂඩායතනය නිරුද්ධ වේය’යි මෙසේ මෙය කියනලදී. මහණෙනි, නාමරූප නිරුද්ධවීමෙන් ෂඩායතනය නිරුද්ධ වේද? නොවේද? තොපට මෙහි කෙසේ හෝ අදහස් වේද?” “ස්වාමීනි, නාම රූප නිරුද්ධවීමෙන් ෂඩායතන නිරුද්ධ වෙයි. නාම රූප නිරුද්ධවීමෙන් ෂඩායතනය නිරුද්ධ වේය’යි මෙසේ අපට මෙහි අදහස් වේ”
“විඤ්ඤාණය නිරුද්ධවීමෙන් නාම රූපය නිරුද්ධ වේය’යි මෙසේ මෙය කියනලදී. මහණෙනි, විඤ්ඤාණය නිරුද්ධ වීමෙන් නාම රූපය නිරුද්ධ වේද? නොවේද? තොපට මෙහි කෙසේ හෝ අදහස් වේද?” “ස්වාමීනි, විඤ්ඤාණය නිරුද්ධවීමෙන් නාම රූපය නිරුද්ධ වේ. විඤ්ඤාණය නිරුද්ධවීමෙන් නාම රූපය නිරුද්ධවේයයි මෙසේ අපට මෙහි අදහස් වේ.”
“සංස්කාරයන්ගේ නිරුද්ධවීමෙන් විඤ්ඤාණය නිරුද්ධවේය’යි මෙසේ මෙය කියනලදී. මහණෙනි, සංස්කාරයන්ගේ නිරුද්ධවීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වේද? නොවේද? තොපට මෙහි කෙසේ හෝ අදහස් වේද?” “ස්වාමීනි, සංස්කාරයන්ගේ නිරුද්ධවීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වේ. සංස්කාරයන්ගේ නිරුද්ධවීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වේයයි මෙසේ අපට මෙහි අදහස් වේ.”
“අවිද්‍යාව නිරුද්ධවීමෙන් සංස්කාරයෝ නිරුද්ධ වෙත්ය’යි මෙසේ මෙය කියනලදී. මහණෙනි, අවිද්‍යාව නිරුද්ධවීමෙන් සංස්කාරයෝ නිරුද්ධ වෙත්ද? නොවෙත්ද? තොපට මෙහි කෙසේ හෝ අදහස් වේද?” “ස්වාමීනි, අවිද්‍යාව නිරුද්ධවීමෙන් සංස්කාරයෝ නිරුද්ධ වෙත්. අවිද්‍යාව නිරුද්ධවීමෙන් සංස්කාරයෝ නිරුද්ධ වෙත්ය’යි මෙසේ අපට මෙහි අදහස් වේ.”
406
‘‘සාධු, භික්ඛවෙ. ඉති ඛො, භික්ඛවෙ, තුම්හෙපි එවං වදෙථ, අහම්පි එවං වදාමි - ඉමස්මිං අසති ඉදං න හොති, ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති, යදිදං - අවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධො, සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො, විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධො, නාමරූපනිරොධා සළායතනනිරොධො, සළායතනනිරොධා ඵස්සනිරොධො, ඵස්සනිරොධා වෙදනානිරොධො, වෙදනානිරොධා තණ්හානිරොධො, තණ්හානිරොධා උපාදානනිරොධො, උපාදානනිරොධා භවනිරොධො, භවනිරොධා ජාතිනිරොධො, ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති.
406
“මහණෙනි, මැනවි. මහණෙනි, මෙය වනාහි තොපද මෙසේ කියන්නාහුය. මමද එසේ කියන්නෙමි. මේ හේතුව නැතිකල්හි මේ ඵලය නොවෙයි. මේ හේතුහුගේ නිරෝධයෙන් මේ ඵලය නිරුද්ධ වෙයි. එනම් අවිද්‍යාව නිරුද්ධවීමෙන් සංස්කාර නිරුද්ධවෙයි. සංස්කාර නිරුද්ධවීමෙන් නාමරූප නිරුද්ධ වෙයි. නාම රූප නිරුද්ධ වීමෙන් ෂඩායතනය නිරුද්ධ වෙයි. ෂඩායතනය නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙයි. ස්පර්ශය නිරුද්ධවීමෙන් වේදනාව නිරුද්ධ වෙයි. වේදනාව නිරුද්ධවීමෙන් තණ්හාව නිරුද්ධ වෙයි. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙයි. උපාදානය නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙයි. භවය නිරුද්ධ වීමෙන් ජාතිය නිරුද්ධ වෙයි. ජාතිය නිරුද්ධවීමෙන් ජරා, මරණ, ශොක, වැලපීම, දුක්, දොම්නස්, දැඩි වෙහෙස යන මොවුහු නිරුද්ධ වෙත්. මෙසේ මේ සියලු දුක් රාශියගේ නිරෝධය වෙයි.
407
‘‘අපි නු තුම්හෙ, භික්ඛවෙ, එවං ජානන්තා එවං පස්සන්තා පුබ්බන්තං වා පටිධාවෙය්‍යාථ - ‘අහෙසුම්හ නු ඛො මයං අතීතමද්ධානං, නනු ඛො අහෙසුම්හ අතීතමද්ධානං, කිං නු ඛො අහෙසුම්හ අතීතමද්ධානං, කථං නු ඛො අහෙසුම්හ අතීතමද්ධානං, කිං හුත්වා කිං අහෙසුම්හ නු ඛො මයං අතීතමද්ධාන’’’න්ති?
‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘අපි නු තුම්හෙ, භික්ඛවෙ, එවං ජානන්තා එවං පස්සන්තා අපරන්තං වා පටිධාවෙය්‍යාථ - භවිස්සාම නු ඛො මයං අනාගතමද්ධානං, නනු ඛො භවිස්සාම අනාගතමද්ධානං, කිං නු ඛො භවිස්සාම අනාගතමද්ධානං, කථං නු ඛො භවිස්සාම අනාගතමද්ධානං, කිං හුත්වා කිං භවිස්සාම නු ඛො මයං අනාගතමද්ධාන’’න්ති?
‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘අපි නු තුම්හෙ, භික්ඛවෙ, එවං ජානන්තා එවං පස්සන්තා එතරහි වා පච්චුප්පන්නමද්ධානං අජ්ඣත්තං කථංකථී අස්සථ - අහං නු ඛොස්මි, නො නු ඛොස්මි, කිං නු ඛොස්මි, කථං නු ඛොස්මි, අයං නු ඛො සත්තො කුතො ආගතො, සො කුහිංගාමී භවිස්සතී’’ති?
‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘අපි නු තුම්හෙ, භික්ඛවෙ, එවං ජානන්තා එවං පස්සන්තා එවං වදෙය්‍යාථ - සත්ථා නො ගරු, සත්ථුගාරවෙන ච මයං එවං වදෙමා’’ති?
‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘අපි නු තුම්හෙ, භික්ඛවෙ, එවං ජානන්තා එවං පස්සන්තා එවං වදෙය්‍යාථ - සමණො එවමාහ, සමණා ච නාම මයං එවං වදෙමා’’ති?
‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘අපි නු තුම්හෙ, භික්ඛවෙ, එවං ජානන්තා එවං පස්සන්තා අඤ්ඤං සත්ථාරං උද්දිසෙය්‍යාථා’’ති?
‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘අපි නු තුම්හෙ, භික්ඛවෙ, එවං ජානන්තා එවං පස්සන්තා යානි තානි පුථුසමණබ්‍රාහ්මණානං වත කොතූහලමඞ්ගලානි තානි සාරතො පච්චාගච්ඡෙය්‍යාථා’’ති?
‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘නනු, භික්ඛවෙ, යදෙව තුම්හාකං සාමං ඤාතං සාමං දිට්ඨං සාමං විදිතං, තදෙව තුම්හෙ වදෙථා’’ති.
‘‘එවං, භන්තෙ’’.
‘‘සාධු, භික්ඛවෙ, උපනීතා ඛො මෙ තුම්හෙ, භික්ඛවෙ, ඉමිනා සන්දිට්ඨිකෙන ධම්මෙන අකාලිකෙන එහිපස්සිකෙන ඔපනෙය්‍යිකෙන පච්චත්තං වෙදිතබ්බෙන විඤ්ඤූහි. සන්දිට්ඨිකො අයං, භික්ඛවෙ, ධම්මො අකාලිකො එහිපස්සිකො ඔපනෙය්‍යිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහි - ඉති යන්තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්ත’’න්ති.
407
“මහණෙනි, තෙපි මෙසේ දන්නාහු, මෙසේ දක්නාහු, ‘අපි අතීතකාලයෙහි වූයෙමුද? නොවූයෙමුද? අතීත කාලයෙහි කවුරුන් වූයෙමුද? අතීත කාලයෙහි කෙසේ හෝ වූයෙමුද? අතීත කාලයෙහි කවුරුන් වී කවුරුන් වීමුදැ’යි (තෘෂ්ණා දෘෂ්ටි වසයෙන්) අතීතයට දුවන්නාහුද?”
“නැත, ස්වාමීනි.”
“මහණෙනි, තෙපි මෙසේ දන්නාහු, මෙසේ දක්නාහු, අපි අනාගත කාලයෙහි වන්නෙමුද? අනාගත කාලයෙහි නොවන්නෙමුද? අනාගත කාලයෙහි කවරෙක් වන්නෙමුද? අනාගත කාලයෙහි කෙසේ හෝ වන්නෙමුද? අනාගත කාලයෙහි කවුරුන්වී කවුරුන් වන්නෙමුද? කියා අනාගත කෙළවරට (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) දුවන්නහුද?
“නැත, ස්වාමීනි.”
“මහණෙනි, තෙපි මෙසේ දන්නාහු, මෙසේ දක්නාහු මම වෙම්ද? මම නොවෙම්ද? කුමක් වෙම්ද? කෙසේ වෙම්ද? මේ සත්වතෙම කොයින් ආයේද? හෙතෙම කොහි යන්නෙක් වන්නේදැයි දැන් පවත්නා කාලය සම්බන්ධයෙන් තමා ගැන කෙසේ කෙසේදැයි පැවැති සැක ඇත්තාහුද?”
“නැත, ස්වාමීනි.”
“මහණෙනි, තෙපි මෙසේ දන්නාහු, මෙසේ දක්නාහු, අපගේ ශාස්තෲන් වහන්සේ ගරු කටයුත්තෙක, අපි ශාස්තෲන් වහන්සේ කෙරෙහි, ගෞරවයෙන් මෙසේ කියමු’යි කියන්නහුද?”
“නැත, ස්වාමීනි.”
“මහණෙනි, තෙපි මෙසේ දන්නාහු, මෙසේ දක්නාහු, ‘ශ්‍රමණ තෙම අපට මෙසේ කීයේය. ශ්‍රමණයන්ගේ වචනයෙන් අපි මෙසේ කියමු”යි කියන්නාහුද?”
“නැත, ස්වාමීනි.”
“මහණෙනි, තෙපි මෙසේ දන්නාහු, මෙසේ දක්නාහු, අන්‍ය ශාස්තෘවරයෙකු අදහන්නාහුද?”
“නැත, ස්වාමීනි.”
“මහණෙනි, තෙපි මෙසේ දන්නාහු, මෙසේ දක්නාහු නොයෙක් තීර්ථකයන්ගේ හා බමුණන්ගේ වත් පිළිවෙත් හා ඇදහීම් සාර වසයෙන් පිළිගන්නාහුද?”
“නැත, ස්වාමීනි.”
“මහණෙනි, තෙපි, තමන් විසින් යමක් දැන ගන්නා ලද නම්, තමන් විසින් යමක් දක්නාලද නම් තමන් විසින් යමක් අවබෝධ කරගන්නාලද නම් තොප කියන්නේ එයම නොවේද?”
“එසේය, ස්වාමීනි.”
“මහණෙනි, යහපත මහණෙනි, මා විසින් මේ මෙ ලොවදීම විපාක දෙන්නාවූ, කල් නොයවා විපාක දෙන්නාවූ, එව, බලව, යන විධියට සුදුසුවූ, තම තමන්ගේ සිතට පැමිණවිය යුතුවූ. නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහිලා දතයුතුවූ ධර්මයෙන් තෙපි (නිර්වාණයට) පමුණුවන ලද්දාහ. මහණෙනි, මේ ධර්මය මොලොව දීම විපාක දෙන සුළුය, කල් නොයවා විපාක දෙන සුළුය, එව, බලව යන විධියට සුදුසුය. තම තමන්ගේ සිතට එලවිය යුතු ගුණයෙන් යුක්තය. නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහිලා දතයුතුයැ’යි මෙසේ යමක් කියන ලදද? එය මේ සඳහා කියනලදී.
408
‘‘තිණ්ණං ඛො පන, භික්ඛවෙ, සන්නිපාතා ගබ්භස්සාවක්කන්ති හොති. ඉධ මාතාපිතරො ච සන්නිපතිතා හොන්ති, මාතා ච න උතුනී හොති, ගන්ධබ්බො ච න පච්චුපට්ඨිතො හොති, නෙව තාව ගබ්භස්සාවක්කන්ති හොති. ඉධ මාතාපිතරො ච සන්නිපතිතා හොන්ති, මාතා ච උතුනී හොති, ගන්ධබ්බො ච න පච්චුපට්ඨිතො හොති, නෙව තාව ගබ්භස්සාවක්කන්ති හොති. යතො ච ඛො, භික්ඛවෙ, මාතාපිතරො ච සන්නිපතිතා හොන්ති, මාතා ච උතුනී හොති, ගන්ධබ්බො ච පච්චුපට්ඨිතො හොති - එවං තිණ්ණං සන්නිපාතා ගබ්භස්සාවක්කන්ති හොති. තමෙනං, භික්ඛවෙ, මාතා නව වා දස වා මාසෙ ගබ්භං කුච්ඡිනා පරිහරති මහතා සංසයෙන ගරුභාරං (ගරුම්භාරං (සී. පී.)). තමෙනං, භික්ඛවෙ, මාතා නවන්නං වා දසන්නං වා මාසානං අච්චයෙන විජායති මහතා සංසයෙන ගරුභාරං. තමෙනං ජාතං සමානං සකෙන ලොහිතෙන පොසෙති. ලොහිතඤ්හෙතං, භික්ඛවෙ, අරියස්ස විනයෙ යදිදං මාතුථඤ්ඤං. ස ඛො සො, භික්ඛවෙ, කුමාරො වුද්ධිමන්වාය ඉන්ද්‍රියානං පරිපාකමන්වාය යානි තානි කුමාරකානං කීළාපනකානි තෙහි කීළති, සෙය්‍යථිදං - වඞ්කකං ඝටිකං මොක්ඛචිකං චිඞ්ගුලකං පත්තාළ්හකං රථකං ධනුකං. ස ඛො සො, භික්ඛවෙ, කුමාරො වුද්ධිමන්වාය ඉන්ද්‍රියානං පරිපාකමන්වාය පඤ්චහි කාමගුණෙහි සමප්පිතො සමඞ්ගීභූතො පරිචාරෙති - චක්ඛුවිඤ්ඤෙය්‍යෙහි රූපෙහි ඉට්ඨෙහි කන්තෙහි මනාපෙහි පියරූපෙහි කාමූපසංහිතෙහි රජනීයෙහි, සොතවිඤ්ඤෙය්‍යෙහි සද්දෙහි... ඝානවිඤ්ඤෙය්‍යෙහි ගන්ධෙහි... ජිව්හාවිඤ්ඤෙය්‍යෙහි රසෙහි... කායවිඤ්ඤෙය්‍යෙහි ඵොට්ඨබ්බෙහි ඉට්ඨෙහි කන්තෙහි මනාපෙහි පියරූපෙහි කාමූපසංහිතෙහි රජනීයෙහි.
408
“මහණෙනි, කරුණු තුනකගේ එක්වීමෙන් ගර්භයාගේ හටගැනීම වෙයි. මේ ලෝකයෙහි මව්පිය දෙදෙනා එක්වූවාහු නමුත් මවුතොමෝත් ඔසප් නොවූවාද, ගන්ධර්වයා (ගර්භයෙහි ඉපදිය යුතු තැනැත්තා) එළඹ නොසිටියේවේද ඒතාක් ගර්භය හටගැනීමක් නොවේ. මෙහි, මවුපිය දෙදෙනා එක්වූවාහු වෙත්ද, මවුතොමෝත් ඔසප්වූවා වේද, ඉපදිය යුතු පුද්ගලයා එළඹ නොසිටියේ නම් ඒතාක් ගර්භය හටගැණීම නොසිදු වෙයි.
“මහණෙනි, යම් හෙයකින් මව්පිය දෙදෙන එක්වූවාහුද මව් තොමෝද ඔසප්වූවා වේද, ඉපදිය යුතු පුද්ගලයාත් එළඹ සිටියේ වේද, මේ කරුණු තුන එක්වීමෙන් ගර්භයාගේ හටගැනීම වෙයි, මහණෙනි, මව්තොම නවමසක් හෝ දසමසක් හෝ මහත්වූ ජීවිත සැකයෙන් යුක්තවූ ඒ මේ ගැබ කුසින් පාලනය කරයි. මහණෙනි, නවමසක් ඇවෑමෙන් හෝ දසමසක් ඇවෑමෙන් හෝ මහත් සැකයෙන් යුක්තව ඒ දරුගැබ වදයි. මවුතොමෝ උපන්නාවූ මොහු සිය ලෙයින් පොෂ්‍ය කරයි. මහණෙනි, තනකිරිය යි යමක් වේද, එය මේ ශාසනයෙහි ‘ලේ’ යයි ව්‍යවහාර වෙයි.
“මහණෙනි, ඒ මේ කුමාර තෙම වැඩීමට පැමිණ, ඉන්ද්‍රියයන්ගේ මේරීමට පැමිණ, කුමරුවන්ගේ යම් ක්‍රීඩා භාණ්ඩයෝ වෙත්ද, එයින් සෙල්ලම් කරයි. එනම්:- (ගම්දරුවන් සෙල්ලම් කරන) කුඩා නගුල්ය, ගුඩු ගැසීමය, රෝද ගැසීමය, හුළංපෙති කරකැවීමය, වැලි කෙළීමය, කුඩාරථ පැදීමය, කුඩා දුනුවලින් විදීමය (යන සෙල්ලම් කරයි.)
“මහණෙනි, ඒ මේ කුමාරතෙම වැඩීමට පැමිණ, ඉන්ද්‍රියයන්ගේ මේරීමට පැමිණ, පංචකාම සම්පත්තියෙන් සම්පූර්ණ වූයේ, යුක්තවූයේ ඉන්ද්‍රියයන් පිනවයි. ඇසින් බලා දතයුතුවූ යහපත්වූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇති, ආසාව ඇති කරන්නාවූ, සිත් අලවන්නාවූ රූපයන්ගෙන්ද, කණින් අසා දතයුතුවූ යහපත්වූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇති ආසාව ඇති කරන්නාවූ, සිත් අලවන්නාවූ, ශබ්දයන් ගෙන්ද, නාසයෙන්ද විඳ දතයුතුවූ යහපත්වූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇති, ආසාව ඇති කරන්නාවූ, සිත් අලවන්නාවූ ගන්ධයෙන්ද, දිවෙන් විඳ දතයුතුවූ යහපත්වූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇති, ආසාව ඇති කරන්නාවූ, සිත් අලවන්නාවූ, රසයෙන්ද, කයින් විඳ දතයුතුවූ යහපත්වූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇති, ආසාව ඇති කරන්නාවූ, සිත් අලවන්නාවූ ස්පර්ශයෙන්ද, (පස්කම් සැප විඳියි)
409
‘‘සො චක්ඛුනා රූපං දිස්වා පියරූපෙ රූපෙ සාරජ්ජති, අප්පියරූපෙ රූපෙ බ්‍යාපජ්ජති, අනුපට්ඨිතකායසති ච විහරති පරිත්තචෙතසො. තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති - යත්ථස්ස තෙ පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති. සො එවං අනුරොධවිරොධං සමාපන්නො යං කිඤ්චි වෙදනං වෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, සො තං වෙදනං අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. තස්ස තං වෙදනං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො උප්පජ්ජති නන්දී . යා වෙදනාසු නන්දී තදුපාදානං, තස්සුපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. සොතෙන සද්දං සුත්වා...පෙ.... ඝානෙන ගන්ධං ඝායිත්වා...පෙ.... ජිව්හාය රසං සායිත්වා...පෙ.... කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා...පෙ.... මනසා ධම්මං විඤ්ඤාය පියරූපෙ ධම්මෙ සාරජ්ජති, අප්පියරූපෙ ධම්මෙ බ්‍යාපජ්ජති, අනුපට්ඨිතකායසති ච විහරති පරිත්තචෙතසො. තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති - යත්ථස්ස තෙ පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති. සො එවං අනුරොධවිරොධං සමාපන්නො යං කිඤ්චි වෙදනං වෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, සො තං වෙදනං අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. තස්ස තං වෙදනං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො උප්පජ්ජති නන්දී. යා වෙදනාසු නන්දී තදුපාදානං, තස්සුපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
409
“හෙතෙම ඇසින් රූපය දැක, ප්‍රිය ස්වභාව ඇති රූපාරම්මණයෙහි ඇලෙයි. ප්‍රිය ස්වභාව නැති රූපයෙහි නොසතුටට පැමිණෙයි. ශරීරය පිළිබඳව සිහිය නැතිව, අකුසල් සිත් ඇතිව වාසය කරයි. යම් තැනෙක ඔහුගේ මේ ලාමක අකුසලයෝ ඉතිරි නොවී නැති වෙත්ද, ඒ චෙතො විමුක්තිය හෝ ප්‍රඥා විමුක්තිය හෝ නොදනියි.
“හෙතෙම මෙසේ රාගයට හා ද්වේෂයට (තරහවට) පැමිණියේ සැපවූද, දුක්වූද, උපෙක්ෂා සහගතවූද, යම්කිසි වේදනාවක් විඳීද, හෙතෙම ඒ වේදනාව තෘෂ්ණා වසයෙන් ගෙන සතුටු වෙයි. අනේ සැපයයි කියයි. එහිම ගිලී සිටියි. ඒ වේදනාවෙන් සතුටු වන්නාවූ, එය සැපයයි කියන්නාවූ, එහිම ගැලී සිටින්නාවූ ඔහුට තණ්හාව උපදියි. වේදනාවන් කෙරෙහි යම් තෘෂ්ණාවක් වේද, එය උපාදානයයි. ඕහට උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි. භවය ප්‍රත්‍යයකොට ජාතිය වෙයි. ජාතිය ප්‍රත්‍යයකොට ජරාවය, මරණය, ශෝකය, වැළපීමය, කයෙහි දුකය, සිතෙහි දුකය, දැඩි වෙහෙසය යන මොවුහු ඇති වෙත්. මෙසේ මේ සියලු දුක් රාසිය ඇතිවීම වෙයි.
“කණින් ශබ්දය අසා ප්‍රිය ස්වභාව ඇති ශබ්දයෙහි ඇලෙයි. අප්‍රිය ස්වභාව ඇති ශබ්දයෙහි නොසතුටට පැමිණෙයි. කය පිළිබඳ සිහිය එළඹ නොසිටියේ අකුසල් සිත් ඇතිව වාසය කරයි. යම් තැනක ඔහුගේ ලාමකවූ අකුසල් ධර්මයෝ සම්පූර්ණයෙන් විනාශ වෙත්ද, ඒ චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද ඇති සැටියෙන් නොදනී. හෙතෙම මෙසේ රාග ද්වේෂ දෙකට පැමිණියේ සැපවූද, දුක්වූද උපෙක්ෂා සහගතවූද, යම් කිසි වේදනාවක් විඳීද, ඒ වේදනාව තෘෂ්ණා වශයෙන් ගෙන සතුටුවෙයි. තෘෂ්ණා වශයෙන් ගෙන සැපයයි කියයි. තෘෂ්ණාවෙන් ගැලී සිටියි. ඒ වේදනාවෙන් සතුටු වන්නාවූ, මගේ යයි කියන්නාවූ, ගැලී සිටින්නාවූ ඔහුට තෘෂ්ණාව උපදී. වේදනාවන් කෙරෙහි යම් තෘෂ්ණාවක් වේද, එය උපාදානයයි. ඔහුට උපාදානය ප්‍රත්‍යයෙන් භවය වෙයි. භවය ප්‍රත්‍යය කොට ජාතිය වෙයි. ජාතිය ප්‍රත්‍යයකොට ජරාව, මරණය, ශෝකය, වැළපීමය, කයෙහි දුකය, සිතෙහි දුකය, දැඩි වෙහෙසය යන මොවූහු ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක් රාසියගේ ඇතිවීම වෙයි.
“නාසයෙන් ගන්ධය ආඝ්‍රාණයකොට ප්‍රිය ස්වභාව ඇති ගන්ධයෙහි ඇලෙයි. අප්‍රිය ස්වභාව ඇති ගන්ධයෙහි නොසතුටට පැමිණෙයි. කය පිළිබඳ සිහිය එළඹ නොසිටියේ, අකුසල් සිත් ඇතිව වාසය කරයි. යම් තැනක ඔහුගේ ලාමකවූ අකුසල ධර්මයෝ සම්පූර්ණයෙන් විනාශ වෙද්ද, ඒ චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද ඇතිසැටියෙන් නොදනී. හෙතෙම මෙසේ රාග ද්වේෂ දෙකට පැමිණියේ, සැපවූද, දුක්වූද, උපෙක්ෂා සහගතවූද, යම්කිසි වේදනාවක් විඳීද, ඒ වේදනාව තෘෂ්ණා වශයෙන් ගෙන සතුටු වෙයි (තෘෂ්ණා වශයෙන් ගෙන සැපයයි) කියයි. තෘෂ්ණාවෙන් ගැලී සිටියි. ඒ වේදනාවෙන් සතුටු වන්නාවූ, මගේයයි කියන්නාවූ, ගැලී සිටින්නාවූ ඔහුට තෘෂ්ණාව උපදී. වේදනාවන් කෙරෙහි යම් තෘෂ්ණාවක් වේද, එය උපාදානයයි. ඔහුට උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි. භවය ප්‍රත්‍යය කොට ජාතිය වෙයි. ජාතිය ප්‍රත්‍යයකොට ජරාව, මරණය, ශෝකය, වැළපීමය, කයෙහි දුකය, සිතෙහි දුකය, දැඩි වෙහෙසය යන මොවුහු ඇති වෙත්. මෙසේ මේ සියලු දුක් රාසියගේ ඇතිවීම වෙයි.
“දිවෙන් රසයවිඳ ප්‍රිය ස්වභාව ඇති රසයෙහි ඇලෙයි. අප්‍රිය ස්වභාව ඇති රසයෙහි නොසතුටට පැමිණෙයි. කයපිළිබඳ සිහිය එළඹ නොසිටියේ, අකුසල් සිත් ඇතිව වාසය කරයි. යම් තැනක ඔහුගේ ලාමකවූ අකුසල ධර්මයෝ සම්පූර්ණයෙන් විනාශ වෙද්ද, ඒ චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද ඇති සැටියෙන් නොදනී. හෙතෙම මෙසේ රාග ද්වේෂ දෙකට පැමිණියේ සැපවූද, දුක්වූද උපෙක්ෂා සහගතවූද, යම් කිසි වේදනාවක් විඳීද, ඒ වේදනාව තෘෂ්ණා වශයෙන් ගෙන සතුටු වෙයි. (තෘෂ්ණා වශයෙන් ගෙන සැපයයි) කියයි. තෘෂ්ණාවෙන් ගැලී සිටියි. ඒ වේදනාවෙන් සතුටු වන්නාවූ, මගේයයි කියන්නාවූ ගැලී සිටින්නාවූ ඔහුට තෘෂ්ණාව උපදී. වේදනාවන් කෙරෙහි යම් තෘෂ්ණාවක් වේද, එය උපාදානයයි. ඔහු උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි. භවය ප්‍රත්‍යය කොට ජාතිය වෙයි. ජාතිය ප්‍රත්‍යයකොට ජරාව, මරණය, ශෝකය, වැළපීමය, කයෙහි දුකය, සිතෙහි දුකය, දැඩි වෙහෙසය යන මොවුහු ඇති වෙත්. මෙසේ මේ සියලු දුක් රාසියගේ ඇතිවීම වෙයි.
“කයින් ස්පර්ශයක් ස්පර්ශකොට ප්‍රිය ස්වභාවය ඇති ස්පර්ශයෙහි ඇලෙයි. අප්‍රිය ස්වභාව ඇති ස්පර්ශයෙහි නොසතුටට පැමිණෙයි. කය පිළිබඳ සිහිය එළඹ නොසිටියේ, අකුසල් සිත් ඇතිව වාසය කරයි. යම් තැනක ඔහුගේ ලාමකවූ අකුසල ධර්මයෝ සම්පූර්ණයෙන් විනාශ වෙද්ද, ඒ චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද ඇති සැටියෙන් නොදනී. හෙතෙම මෙසේ රාග ද්වේෂ දෙකට පැමිණියේ සැපවූද, දුක්වූද උපෙක්ෂා සහගතවූද, යම් කිසි වේදනාවක් විඳීද, ඒ වේදනාව තෘෂ්ණා වශයෙන් ගෙන සතුටු වෙයි. (තෘෂ්ණා වශයෙන් ගෙන සැපයයි) කියයි. තෘෂ්ණාවෙන් ගැලී සිටියි. ඒ වේදනාවෙන් සතුටු වන්නාවූ, මගේයයි කියන්නාවූ, ගැලී සිටින්නාවූ ඔහුට තෘෂ්ණාව උපදී. වේදනාවන් කෙරෙහි යම් තෘෂ්ණාවක් වේද, එය උපාදානයයි. ඔහුට උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි. භවය ප්‍රත්‍යය කොට ජාතිය වෙයි. ජාතිය ප්‍රත්‍යයකොට ජරාව, මරණය, ශෝකය, වැළපීමය, කයෙහි දුකය, සිතෙහි දුකය, දැඩි වෙහෙසය යන මොවුහු ඇති වෙත්. මෙසේ මේ සියලු දුක් රාසියගේ ඇතිවීම වෙයි.
“සිතින් ධර්ම අරමුණු දැන ප්‍රිය ස්වභාව ඇති අරමුණෙහි ඇලෙයි. අප්‍රිය ස්වභාව ඇති අරමුණෙහි නොසතුටට පැමිණෙයි. කය පිළිබඳ සිහිය එළඹ නොසිටියේ අකුසල් සිත් ඇතිව වාසය කරයි. යම් තැනක ඔහුගේ ලාමකවූ අකුසල ධර්මයෝ සම්පූර්ණයෙන් විනාශ වෙද්ද, ඒ චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද, ඇති සැටියෙන් නොදනී. හෙතෙම මෙසේ රාග ද්වේෂ දෙකට පැමිණියේ සැපවූද, දුක්වූද උපෙක්ෂා සහගතවූද, යම්කිසි වේදනාවක් විඳීද, ඒ වේදනාව තෘෂ්ණා වශයෙන් ගෙන සතුටු වෙයි, (තෘෂ්ණා වශයෙන් ගෙන සැපයයි) කියයි. තෘෂ්ණාවෙන් ගැලීසිටියි. ඒ වේදනාවෙන් සතුටු වන්නාවූ, මගේයයි කියන්නාවූ, ගැලී සිටින්නාවූ ඔහුට තෘෂ්ණාව උපදී. වේදනාවන් කෙරෙහි යම් තෘෂ්ණාවක් වේද, එය උපාදානයයි. ඔහුට උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි. භවය ප්‍රත්‍යයකොට ජාතිය වෙයි. ජාතිය ප්‍රත්‍යයකොට ජරාව, මරණය, ශෝකය, වැළපීමය, කයෙහි දුකය සිතෙහි දුකය දැඩි වෙහෙසය යන මොවුහු ඇති වෙත්. මෙසේ මේ සියලු දුක් රාසියගේ ඇතිවීම වෙයි.
410
‘‘ඉධ, භික්ඛවෙ, තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්‍රහ්මකං සස්සමණබ්‍රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල්‍යාණං මජ්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්ථං සබ්‍යඤ්ජනං; කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසෙති. තං ධම්මං සුණාති ගහපති වා ගහපතිපුත්තො වා අඤ්ඤතරස්මිං වා කුලෙ පච්චාජාතො. සො තං ධම්මං සුත්වා තථාගතෙ සද්ධං පටිලභති. සො තෙන සද්ධාපටිලාභෙන සමන්නාගතො ඉති පටිසඤ්චික්ඛති - ‘සම්බාධො ඝරාවාසො රජාපථො, අබ්භොකාසො පබ්බජ්ජා. නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්‍රහ්මචරියං චරිතුං. යංනූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා, කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා, අගාරස්මා අනගාරියං පබ්බජෙය්‍ය’’’න්ති. සො අපරෙන සමයෙන අප්පං වා භොගක්ඛන්ධං පහාය, මහන්තං වා භොගක්ඛන්ධං පහාය, අප්පං වා ඤාතිපරිවට්ටං පහාය, මහන්තං වා ඤාතිපරිවට්ටං පහාය, කෙසමස්සුං ඔහාරෙත්වා, කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා, අගාරස්මා අනගාරියං පබ්බජති.
410
“මහණෙනි, එසේම මේලෝකයෙහි අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, විද්‍යාචරණ සම්පන්නවූ, යහපත් ගති ඇත්තාවූ, සියලු ලෝකයන් දන්නාවූ, ශ්‍රේෂ්ඨවූ, හික්මවිය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනිවූ, දෙවිමිනිසුන්ට ගුරුවරයෙක්වූ, චතුස්සත්‍යය අවබෝධ කළාවූ තථාගත කෙනෙක් මෙලොව උපදනාහ. ඒ තථාගත තෙමේ දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, දෙව් මිනිසුන් සහිතවූ, මේ ලෝකය ස්වකීය විශේෂ ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කරයි. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූද, මැද යහපත්වූ අවසානය යහපත්වූද, අර්ථ සහිතවූ, දස වැදෑරුම් අක්ෂර සම්පත්තියෙන් යුක්තවූ සියලු ආකාරයෙන් සම්පූර්ණවූ පිරිසිදුවූ, ශාසන බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කරති.
“ඒ ධර්මය ගෘහපතියෙක් හෝ, ගෘහපති පුත්‍රයෙක් හෝ, අන් කුල අතුරෙන් එක් කුලයක උපන්නෙක් හෝ අසයිද, ඔහු ඒ ධර්මය අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරයි. ඔහු ඒ ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ මෙසේ සලකන්නේය. ‘ගිහිගෙයි විසීම අවහිර සහිතය. කෙලෙස් දූවිලි උපදින තැනකි. මහණකම වනාහි කිසිවක් නොමැති අවකාශය මෙන් නිදහස්ය. ගිහිගෙයි වසන්නහු විසින් සියලු ආකාරයෙන් සම්පූර්ණවූ, සියලු ආකාරයෙන් පිරිසිදුවූ, ලියවූ හක්ගෙඩියක් වැනි මෙම බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්ට නොහැක්කේය. මම කෙස් දැළිරැවුලු කපාදමා සිවූරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වන්නෙම් නම් ඉතා යහපතැයි කියායි.
“ඔහු පසු කාලයක ස්වල්පවූ හෝ බොහෝවූ හෝ සම්පත්හැර, ස්වල්පවූ හෝ බොහෝවූ හෝ නෑ පිරිස් හැර, කෙස් දැළිරැවුලු කපා දමා, සිවුරු හැඳ, ගිහිගෙන් නික්ම, සස්නෙහි මහණ වන්නේය.
411
‘‘සො එවං පබ්බජිතො සමානො භික්ඛූනං සික්ඛාසාජීවසමාපන්නො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති, නිහිතදණ්ඩො නිහිතසත්ථො ලජ්ජී දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරති.
‘‘අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො හොති, දින්නාදායී දින්නපාටිකඞ්ඛී අථෙනෙන සුචිභූතෙන අත්තනා විහරති.
‘‘අබ්‍රහ්මචරියං පහාය බ්‍රහ්මචාරී හොති, ආරාචාරී විරතො මෙථුනා ගාමධම්මා.
‘‘මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති, සච්චවාදී සච්චසන්ධො ථෙතො පච්චයිකො අවිසංවාදකො ලොකස්ස.
‘‘පිසුණං වාචං පහාය පිසුණාය වාචාය පටිවිරතො හොති - ඉතො සුත්වා න අමුත්‍ර අක්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්‍ර වා සුත්වා න ඉමෙසං අක්ඛාතා අමූසං භෙදාය. ඉති භින්නානං වා සන්ධාතා, සහිතානං වා අනුප්පදාතා සමග්ගාරාමො සමග්ගරතො සමග්ගනන්දී, සමග්ගකරණිං වාචං භාසිතා හොති.
‘‘ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො හොති - යා සා වාචා නෙලා කණ්ණසුඛා පෙමනීයා හදයඞ්ගමා පොරී බහුජනකන්තා බහුජනමනාපා තථාරූපිං වාචං භාසිතා හොති.
‘‘සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතො හොති, කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී, නිධානවතිං වාචං භාසිතා කාලෙන, සාපදෙසං පරියන්තවතිං අත්ථසංහිතං.
‘‘සො බීජගාමභූතගාමසමාරම්භා පටිවිරතො හොති, එකභත්තිකො හොති රත්තූපරතො, විරතො විකාලභොජනා. නච්චගීතවාදිතවිසූකදස්සනා පටිවිරතො හොති, මාලාගන්ධවිලෙපනධාරණමණ්ඩනවිභූසනට්ඨානා පටිවිරතො හොති, උච්චාසයනමහාසයනා පටිවිරතො හොති, ජාතරූපරජතපටිග්ගහණා පටිවිරතො හොති, ආමකධඤ්ඤපටිග්ගහණා පටිවිරතො හොති, ආමකමංසපටිග්ගහණා පටිවිරතො හොති, ඉත්ථිකුමාරිකපටිග්ගහණා පටිවිරතො හොති, දාසිදාසපටිග්ගහණා පටිවිරතො හොති, අජෙළකපටිග්ගහණා පටිවිරතො හොති, කුක්කුටසූකරපටිග්ගහණා පටිවිරතො හොති, හත්ථිගවාස්සවළවපටිග්ගහණා පටිවිරතො හොති, ඛෙත්තවත්ථුපටිග්ගහණා පටිවිරතො හොති, දූතෙය්‍යපහිණගමනානුයොගා පටිවිරතො හොති, කයවික්කයා පටිවිරතො හොති, තුලාකූටකංසකූටමානකූටා පටිවිරතො හොති, උක්කොටනවඤ්චන-නිකති-සාචියොගා පටිවිරතො හොති, ඡෙදන-වධබන්ධනවිපරාමොස-ආලොප-සහසාකාරා පටිවිරතො හොති (පස්ස ම. නි. 1.293 චූළහත්ථිපදොපමෙ).
‘‘සො සන්තුට්ඨො හොති කායපරිහාරිකෙන චීවරෙන කුච්ඡිපරිහාරිකෙන පිණ්ඩපාතෙන. සො යෙන යෙනෙව පක්කමති සමාදායෙව පක්කමති . සෙය්‍යථාපි නාම පක්ඛී සකුණො යෙන යෙනෙව ඩෙති සපත්තභාරොව ඩෙති, එවමෙව භික්ඛු සන්තුට්ඨො හොති කායපරිහාරිකෙන චීවරෙන, කුච්ඡිපරිහාරිකෙන පිණ්ඩපාතෙන. සො යෙන යෙනෙව පක්කමති සමාදායෙව පක්කමති. සො ඉමිනා අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො අජ්ඣත්තං අනවජ්ජසුඛං පටිසංවෙදෙති.
‘‘සො චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති නානුබ්‍යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්‍යුං තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති චක්ඛුන්ද්‍රියං, චක්ඛුන්ද්‍රියෙ සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්වා...පෙ.... ඝානෙන ගන්ධං ඝායිත්වා...පෙ.... ජිව්හාය රසං සායිත්වා...පෙ.... කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා...පෙ.... මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති නානුබ්‍යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං මනින්ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්‍යුං තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති මනින්ද්‍රියං මනින්ද්‍රියෙ සංවරං ආපජ්ජති. සො ඉමිනා අරියෙන ඉන්ද්‍රියසංවරෙන සමන්නාගතො අජ්ඣත්තං අබ්‍යාසෙකසුඛං පටිසංවෙදෙති.
‘‘සො අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී හොති, ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී හොති , සමිඤ්ජිතෙ පසාරිතෙ සම්පජානකාරී හොති, සඞ්ඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී හොති, අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී හොති, උච්චාරපස්සාවකම්මෙ සම්පජානකාරී හොති, ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජානකාරී හොති.
411
“එසේ මහණවූ හෙතෙම භික්ෂු සීලයෙන් යුක්තවූයේ, ප්‍රාණවධය හැර, ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ බහා තබන ලද දඬු ඇත්තේ, බහා තබන ලද ආයුධ ඇත්තේ, පව් කිරීමෙහි ලජ්ජා ඇත්තේ, කරුණාවන්ත වූයේ, සියලු ප්‍රාණීන් කෙරෙහි හිත අනුකම්පාව ඇතුව වාසය කෙරේ නොදුන් දෙය ගැනීමෙන් වෙන්ව, එයින් සම්පූර්ණයෙන් වැළකුණේ, දුන් දෙයම ගන්නේ, දුන් දෙයම කැමති වන්නේ, සොර නොවූ, පිරිසිදුවූ සිතින් යුක්තව වාසයකෙරේ. අබ්‍රහ්මචර්‍ය්‍යාව හැර උතුම් පැවතුම් ඇත්තේ ස්ත්‍රී පුරුෂ සංසර්ගය නම්වූ ග්‍රාම ධර්මයෙන් වෙන් වූයේ බ්‍රහ්මචාරීවේ. බොරු කීමෙන් දුරුව, ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ, සැබෑ වචන කියන්නේ, සැබැවින් සැබව ගළපන ගති ඇතුව ස්ථිර කථා ඇත්තේ, ඇදහිය යුතු වචන ඇත්තේ, ලෝකයා අතර විරුද්ධ කථා ඇති නොකෙරේ. පිසුනු බස් හැර, ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ, මෙතැනින් අසා මොවුන් බිඳවීම පිණිස එතැන නොකියන ගති ඇත්තේ, එතැනින් අසා මොවුන් බිඳවීම පිණිස මෙතැන නොකියන ගති ඇත්තේ, මෙසේ භෙද වූවන් ගලපන්නේ, සමගි වූවන්ගේ සමගිය තහවුරු කිරීමට අනුබල දෙන්නේ, සමගියෙහි ඇලුම් බහුල කොට ඇත්තේ, සමගිකම්හි ඇලුනේ, සමගිකම්හි සතුටුවන ගති ඇත්තේ සමගිය ඇති කරණ වචන කියන්නේය. ඵරුෂ වචනය හැර ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ, යම් වචනයක් නිදොස් වේද, කණට මිහිරිද, ප්‍රෙමණීයද, සතුටු කරයිද, යහපත්ද, බොහෝ දෙනාට ප්‍රියද, බොහෝ දෙනාගේ හිත් ප්‍රිය කරන්නේද, එබඳු වචනම කියන්නේ වේ. හිස්වූ ප්‍රලාප කථා හැර ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ, කාලයට සුදුසු කථා කරන්නේ, සිදුවූ වචනම කියන්නේ, අර්ථයෙන් යුක්තවූ, ධර්මයෙන් යුක්තවූ විනයයෙන් යුක්තවූ වචන කියන්නේ, සුදුසු කල්හි, උපමා හා කරුණු සහිතවූ, සීමා ඇති, අර්ථයෙන් යුත්, නිධානයක් මෙන් සිතෙහි තැබිය යුතු වචන කියන්නේ වේ.
“හෙතෙම තණ, ගස්, වැල්, සිඳීම් බිඳීම් ආදියෙන් වැළකුණේ වෙයි, එක් වේලක් වළඳන්නේ රාත්‍රි භොජනයන් හා විකාල භොජනයන් වැළකුණේ වෙයි. නැටීම්, ගී කීම්, බෙර ආදිය වැයීම්, විසුලු දැකීම් යන මෙයින් වැළකුණේ වෙයි. මල්, ගඳ විලවුන් පැළඳීම, ඉන් සැරසීම, අඩු තැන් පිරවීමෙන් අලංකාර කිරීම යන මෙයින් වැළකුණේ වෙයි. උස් අසුන් මහ අසුන් යන මෙයින් වැළකුණේ වෙයි. රින් රිදී මසු කහවණු පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. අමු ධාන්‍ය වර්ග පිළිගැන්මෙන් තොරවූයේ වෙයි. අමු මස් පිළිගැන්මෙන් තොරවූයේ වෙයි. ස්ත්‍රීන්, තරුණියන් පිළිගැන්මෙන් තොර වූයේ වෙයි. වැඩකරුවන් වැඩකාරියන් පිළිගැන්මෙන් තොර වූයේවෙයි, එළුවන් බැටලුවන් පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. ඌරන්, කුකුළන් පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. ඇතුන්, ගවයින්, අසුන්, වෙළඹුන් පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. කෙත්, වත්, පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. ගිහියන්ගේ දූත මෙහෙවරය, ගෙන්ගෙට යන මහත් මෙහෙවරය යන මෙයින් වැළකුණේ වෙයි. විකිණීම මිළට ගැනීම යන මෙයින් වැළකුණේ වෙයි. තරාදියෙන් හොර කිරීම, රන් නොරන් කිරීමාදියෙන් හොර කිරීම, මැනීමෙන් හොර කිරීමාදියෙන් වැළකුණේ වෙයි. හිමියන් අහිමි කිරීමාදිය සඳහා අල්ලස් ගැන්මය, උපායෙන් අනුන් රැවටීමය, යකඩ ආදී ලොහ රන් රිදීයයි අඟවා වඤ්චා කිරීමය, නොයෙක් ආකාරවූ කුටිල ප්‍රයොගය යන මෙයින් වැළකුණේ වෙයි. කැපීමය, බැඳීමය, සැඟවී සිට වස්තු පැහැරගැන්මය, ගම් නියම් ගම් ආදිය පැහැරීමය, බලාත්කාරකමින් වස්තු පැහැර ගැන්මය, යන මෙයින් වැළකුණේ වෙයි.
“හෙතෙමේ යම්තම් කය වැසීමට තරම්වූ සිවුරෙන්ද යැපීමට ප්‍රමාණවූ ආහාරයෙන්ද සතුටු වන්නේ වේ. ඔහු යම් යම් තැනකට යේ නම් ඒ ඒ තැනට එය ගෙන යන්නේ වෙයි. යම්සේ පක්ෂියෙක් යම් තැනකට පියාඹා යේ නම් ඒ සියලු තැන පියාපත් බර පමණින් යුක්තව පියඹා යේ ද, එපරිද්දෙන්ම භික්ෂු තෙමේද ශරීරය වැසීමට ප්‍රමාණවූ සිවුරෙන්ද, යැපීමට ප්‍රමාණවූ ආහාරයෙන්ද සතුටු වන්නේවේ. ඔහු යම් තැනකට යා නම් ඒ ඒ තැන එය රැගෙණම යයි. හෙතෙමේ මේ උතුම් සීලයෙන් යුක්තවූයේ තම සන්තානයෙහි නිරවද්‍යවූ සැපය විඳින්නේය.
“හෙතෙමේ, ඇසින් රූපයක් දැක, එය නිමිති වශයෙන් නොගනී. නැවත නැවත මතක් වන සේ සිතට නොගනී. යමක් හේතුකොටගෙන ලෝභ, ද්වේෂ අකුශල ධර්මයෝ හිතට ඇතුල් වන්නාහුද, එහි සංවරය පිණිස ඔහු පිළිපදී. ඔහු තමාගේ චක්ෂු ඉන්ද්‍රියය රකී, චක්ෂු ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.
“කණින් ශබ්දයක් අසා එය නිමිති වශයෙන් නොගනී. නැවත නැවත මතක්වනසේ නොගනී යමක් හේතුකොටගෙන ශ්‍රොතෙන්ද්‍රිය (කන්) අසංවරව වසන්නහුට ලෝභ ද්වේෂ අකුශල ධර්මයෝ උපදිත්ද, ඒ ශ්‍රොත ඉන්ද්‍රියයෙහි සංවරය පිණිස පිළිපදියි. ශ්‍රොත ඉන්ද්‍රියය රකී. ශ්‍රොත ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි.
“නාසයෙන් ගඳක් ආඝ්‍රාණය කොට එය නිමිති වශයෙන් නොගනී. නැවත නැවත මතක්වනසේ සිතට නොගනී. යමක් හේතුකොටගෙන ඝ්‍රානෙන්ද්‍රියය (නාසය) අසංවරව වාසය කරන්නහුට ලෝභ ද්වේෂ අකුශල ධර්මයෝ උපදිත්ද, එහි සංවරය පිණිස පිළිපදියි. ඝානෙන්ද්‍රියය රකියි. ඝානෙන්ද්‍රියයාගේ සංවරයට පැමිණෙයි. දිවෙන් රසයක් විඳ එය අරමුණු වශයෙන් නොගනී. නැවත නැවත මතක් වනසේ සිතට නොගනී. යමක් හේතුකොටගෙන ජිව්හේන්ද්‍රියය සංවර නොකොට වාසය කරන්නාහට ලෝභ ද්වේෂ අකුශල ධර්මයෝ උපදිත්ද එහි සංවරය පිණිස පිළිපදියි. ජිව්හේන්ද්‍රියය (දිව) ආරක්ෂා කරයි. ජිව්හේන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි.
“කයින් පහසක් ස්පර්ශකොට නිමිති වශයෙන් නොගනියි. නැවත නැවත මතක්වනසේ සිතට නොගනියි. යමක් හේතු කොට කායෙන්ද්‍රියය අසංවරව වාසය කරන්නහුට ලෝභ ද්වේෂ අකුසල ධර්මයෝ උපදිත්ද, ඒ කායෙන්ද්‍රියය සංවරය පිණිස පිළිපදියි. කායෙන්ද්‍රියය ආරක්ෂාකරයි. කායෙන්ද්‍රියේ සංවරයට පැමිණෙයි. සිතින් ධර්මාරම්මණයක් දැන නිමිති වශයෙන් නොගනී. නැවත නැවතත් මතක්වනසේ සිතට නොගනී. යම් හෙයකින් සිත අසංවරව වාසය කරන්නහුට ලෝභ ද්වේෂ අකුශල ධර්මයෝ උපදිත්ද, ඒ මනින්ද්‍රියය (සිත) සංවරය පිණිස පිළිපදියි. මනින්ද්‍රියය රකී. මනින්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. හෙතෙමේ මේ උතුම් ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වූයේ තම සන්තානයෙහි කෙලෙසුන්ගෙන් තෙත් නොවූ සැපය විඳින්නේය.
“හෙතෙමේ ඉදිරියට යාමෙහිද, ආපසු යාමෙහිද, නුවණින් යුක්තවූයේ වෙයි. ඉදිරිපස බැලීමෙහිද හැරී බැලීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. අත් පා පැකිලීමෙහිද දිගු කිරීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. සඟළ සිවුරු සහ පාත්‍රා, සිව්රු දැරීමෙහි නුවණින් යුක්තවූයේ වෙයි.
අනුභව කිරීමය, පානය කිරීමය, රස විඳීමය යන මෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. මල මුත්‍ර පහකිරීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. යෑම්, සිටීම්, හිඳීම්, සැතපීම්, නිදි තොර කිරීම්, කථාකිරීම්, නිශ්ශබ්ද වීම් යන මෙහිද නුවණින් යුක්තවූයේ වෙයි.
412
‘‘සො ඉමිනා ච අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො, (ඉමාය ච අරියාය සන්තුට්ඨියා සමන්නාගතො) (පස්ස ම. නි. 1.296 චූළහත්ථිපදොපමෙ), ඉමිනා ච අරියෙන ඉන්ද්‍රියසංවරෙන සමන්නාගතො, ඉමිනා ච අරියෙන සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො, විවිත්තං සෙනාසනං භජති - අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජං. සො පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා, උජුං කායං පණිධාය, පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො අභිජ්ඣං ලොකෙ පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරති, අභිජ්ඣාය චිත්තං පරිසොධෙති; බ්‍යාපාදපදොසං පහාය අබ්‍යාපන්නචිත්තො විහරති, සබ්බපාණභූතහිතානුකම්පී, බ්‍යාපාදපදොසා චිත්තං පරිසොධෙති; ථීනමිද්ධං පහාය විගතථීනමිද්ධො විහරති ආලොකසඤ්ඤී, සතො සම්පජානො, ථීනමිද්ධා චිත්තං පරිසොධෙති; උද්ධච්චකුක්කුච්චං පහාය අනුද්ධතො විහරති අජ්ඣත්තං වූපසන්තචිත්තො, උද්ධච්චකුක්කුච්චා චිත්තං පරිසොධෙති; විචිකිච්ඡං පහාය තිණ්ණවිචිකිච්ඡො විහරති අකථංකථී කුසලෙසු ධම්මෙසු, විචිකිච්ඡාය චිත්තං පරිසොධෙති.
412
“උතුම්වූ මේ සීලසමූහයෙන් යුක්තවූද, උතුම්වූ මේ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තවූද, මේ උතුම්වූ සතිසම්පජඤ්ඤයෙන් යුක්තවූද, ඒ භික්ෂු තෙමේ කැලයද, ගහක් මුලද, පර්වතද, කඳුරැලිද, ගල් ගුහාද, සොහොන්ද, ඉතා දුරවූ කැලෑද, හිස් තැන්ද, පිදුරු ගොඩවල්ද යන මේ විවේක සෙනාසන භජනය කෙරෙයි. ඔහු පසුබත් කාලයෙහි පිණ්ඩපාත ආහාරයෙන් වැළකුණේ, පර්‍ය්‍යංක බැඳ, ශරීරය කෙළින් තබා සිත අරමුණෙහි පිහිටුවා හිඳගනියි.
“ඔහු ස්කන්ධ ලෝකයෙහි ලෝභය පහකොට ලෝභ රහිත සිතින් යුක්තව වාසය කෙරේ. ලෝභයෙන් සිත පිරිසිදු කෙරේ. සිත කෙලසන්නාවූ ක්‍රෝධය පහකොට, ක්‍රෝධයෙන් දුරුවූ සිත් ඇතිව වාසය කරයි. සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කරයි. ක්‍රෝධයෙන් සිත පිරිසිදු කෙරේ. කාය චිත්ත දෙදෙනාගේ අලස බව දුරු කොට කය-සිත පිළිබඳ පහවූ අලස බව ඇත්තේ ආලෝක සංඥා ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් ප්‍රඥා ඇත්තෙක්ව ථිනමිද්ධයෙන් සිත පිරිසිදු කෙරේ. නොසන්සුන්කම හා පසුතැවීම දුරු කොට, සංසිඳුනු සිත් ඇතිව වාසය කෙරේ. ඇතුළත සංසිඳුනු සිත් ඇත්තේ, උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කෙරේ. සැකය දුරු කොට, පහකළ සැක ඇත්තේ, කුශල ධර්ම විෂයෙහි එසේද මෙසේදැයි සැක නැතිව විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කෙරේ.
413
‘‘සො ඉමෙ පඤ්ච නීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ, විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. පුන චපරං, භික්ඛවෙ, භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං...පෙ.... තතියං ඣානං...පෙ.... චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති.
413
“හෙතෙම සිත කිලුටු කරන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ මේ පංචනීවරණයන් දුරුකොට, කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් ඇතුලත පැහැදීම ඇති, හිතේ එකඟ බව ඇති, විතර්ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම ප්‍රීතියෙහිද නොඇලීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කරයි. සිහියෙන් යුක්ත වූයේ, නුවණින් යුක්තවූයේ ශරීරයෙන් සුවය විඳින්නේද, ආර්‍ය්‍යයෝ යම් ඒ ධ්‍යානයක් උපෙක්ෂා ඇති සිහි ඇති, සැප විහරණ ඇත්තේයයි කියද්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම සැපය දුරු කිරීමෙන්ද, දුක දුරු කිරීමෙන්ද (ධ්‍යානය ලැබීමට) පළමුව සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන්, දුක්ද නොවූ, සැපද නොවූ, උපෙක්ෂා සිහියෙන් පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයිද,
414
‘‘සො චක්ඛුනා රූපං දිස්වා පියරූපෙ රූපෙ න සාරජ්ජති, අප්පියරූපෙ රූපෙ න බ්‍යාපජ්ජති, උපට්ඨිතකායසති ච විහරති අප්පමාණචෙතසො. තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං පජානාති - යත්ථස්ස තෙ පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති. සො එවං අනුරොධවිරොධවිප්පහීනො යං කිඤ්චි වෙදනං වෙදෙති, සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, සො තං වෙදනං නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති. තස්ස තං වෙදනං අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය තිට්ඨතො යා වෙදනාසු නන්දී සා නිරුජ්ඣති. තස්ස නන්දීනිරොධා උපාදානනිරොධො, උපාදානනිරොධා භවනිරොධො, භවනිරොධා ජාතිනිරොධො, ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති. සොතෙන සද්දං සුත්වා...පෙ.... ඝානෙන ගන්ධං ඝායිත්වා...පෙ.... ජිව්හාය රසං සායිත්වා...පෙ.... කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා...පෙ.... මනසා ධම්මං විඤ්ඤාය පියරූපෙ ධම්මෙ න සාරජ්ජති, අප්පියරූපෙ ධම්මෙ න බ්‍යාපජ්ජති, උපට්ඨිතකායසති ච විහරති අප්පමාණචෙතසො, තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං පජානාති - යත්ථස්ස තෙ පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති. සො එවං අනුරොධවිරොධවිප්පහීනො යං කිඤ්චි වෙදනං වෙදෙති, සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, සො තං වෙදනං නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති. තස්ස තං වෙදනං අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය තිට්ඨතො යා වෙදනාසු නන්දී සා නිරුජ්ඣති. තස්ස නන්දීනිරොධා උපාදානනිරොධො, උපාදානනිරොධා භවනිරොධො, භවනිරොධා ජාතිනිරොධො, ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති. ඉමං ඛො මෙ තුම්හෙ, භික්ඛවෙ, සංඛිත්තෙන තණ්හාසඞ්ඛයවිමුත්තිං ධාරෙථ, සාතිං පන භික්ඛුං කෙවට්ටපුත්තං මහාතණ්හාජාලතණ්හාසඞ්ඝාටප්පටිමුක්ක’’න්ති.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
414
“හෙතෙම ඇසින් රූපය දැක, ප්‍රිය ස්වභාව ඇති රූප අරමුණෙහි නොඇලෙයි, අප්‍රිය ස්වභාව ඇති රූපයෙහි නොසතුටට නොපැමිණෙයි. ශරීරය පිළිබඳව සිහිය එළඹ සිටියේ, කුසල් සිත් ඇතිව වාසය කරයි. යම්තැනක ඔහුගේ ලාමකවූ අකුසල ධර්මයෝ සම්පූර්ණයෙන් විනාශ වෙද්ද, ඒ චිත්තවිමුක්තියද, ප්‍රඥා විමුක්තියද ඇති සැටියෙන් දනී. හෙතෙම මෙසේ රාග ද්වේෂ දෙකට නො පැමිණියේ, සැපවූද, දුක්වූද, උපෙක්ෂා සහගතවූද, යම්කිසි වේදනාවක් විඳීද, ඒ වේදනාව තෘෂ්ණා වශයෙන් ගෙන සතුටු නොවෙයි; සැපයයි නොකියයි. (තෘෂ්ණාවෙන්) ගැලී නොසිටියි. ඒ වේදනාවෙන් සතුටු නොවන්නාවූ, (මගේයයි) නොකියන්නාවූ ඔහුට තෘෂ්ණාව නූපදී. ඒ තෘෂ්ණාවගේ නිරුද්ධවීමෙන් (නැතිවීම) උපාදාන නිරෝධය වෙයි. උපාදානයන්ගේ නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙයි. භවය නිරුද්ධ වීමෙන් ජාතිය (උත්පත්තිය) නිරුද්ධ වෙයි. ජාතිය නිරුද්ධ වීමෙන් ජරා, මරණ, සොක, වැළපීම, කයෙහි දුක, සිතෙහි දුක, දැඩි වෙහෙස යන මොවුහු නිරුද්ධ (නැති) වෙත්. මෙසේ මේ සියලු දුක් රාසිය නැතිවීම වෙයි.
“හෙතෙම කණින් ශබ්දය අසා, ප්‍රිය ස්වභාව ඇති ශබ්දයෙහි නොසතුටට නොපැමිණෙයි. අප්‍රිය ස්වභාව ඇති ශබ්දයෙහි නොසතුටට නොපැමිණෙයි. ශරීරය පිළිබඳව සිහිය එළඹ සිටියේ, කුසල් සිත් ඇතිව වාසය කරයි. යම් තැනක ඔහුගේ ලාමකවූ අකුසල ධර්මයෝ සම්පූර්ණයෙන් විනාශ වෙද්ද, ඒ චිත්තවිමුක්තියද, ප්‍රඥා විමුක්තියද ඇති සැටියෙන් දනී. හෙතෙම මෙසේ රාග ද්වේෂ දෙකට නොපැමිණියේ, සැපවූද, දුක්වූද, උපෙක්ෂා සහගතවූද යම් කිසි වේදනාවක් විඳීද, ඒ වේදනාව තෘෂ්ණා වශයෙන් ගෙන සතුටු නොවෙයි, සැපයයි නොකියයි. (තෘෂ්ණාවෙන්) ගැලී නොසිටියි. ඒ වේදනාවෙන් සතුටු නොවන්නාවූ, (මගේයයි) නොකියන්නාවූ ඔහුට තෘෂ්ණාව නූපදී. ඒ තෘෂ්ණාවගේ නිරුද්ධ වීමෙන් (නැතිවීම) උපාදාන නිරෝධය වෙයි. උපාදානයන්ගේ නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙයි. භවය නිරුද්ධ වීමෙන් ජාතිය (උත්පත්තිය) නිරුද්ධ වෙයි. ජාතිය නිරුද්ධ වීමෙන් ජරා, මරණ, සොක වැළපීම, කයෙහි දුක, සිතෙහි දුක, දැඩි වෙහෙස යන මොවුහු නිරුද්ධ (නැති) වෙත්. මෙසේ මේ සියලු දුක් රාසිය නැතිවීම වෙයි.
“හෙතෙම නාසයෙන් ගන්ධය විඳ, ප්‍රිය ස්වභාව ඇති ගන්ධයෙහි නො ඇලෙයි. අප්‍රිය ස්වභාව ඇති ගන්ධයෙහි නොසතුටට නොපැමිණෙයි. ශරීරය පිළිබඳව සිහිය එළඹ සිටියේ, කුසල් සිත් ඇතිව වාසය කරයි. යම් තැනක ඔහුගේ ලාමකවූ අකුසල ධර්මයෝ සම්පූර්ණයෙන් විනාශ වෙද්ද, ඒ චිත්තවිමුක්තියද, ප්‍රඥා විමුක්තියද ඇති සැටියෙන් දනී. හෙතෙම මෙසේ රාග ද්වේෂ දෙකට නොපැමිණියේ, සැපවූද, දුක්වූද, උපෙක්ෂා සහගතවූද යම් කිසි වේදනාවක් විඳීද, ඒ වේදනාව තෘෂ්ණා වශයෙන් ගෙන සතුටු නොවෙයි. සැපයයි නොකියයි. (තෘෂ්ණාවෙන්) ගැලී නොසිටියි. ඒ වේදනාවෙන් සතුටු නොවන්නාවූ, (මගේ යයි) නොකියන්නාවූ ඔහුට තෘෂ්ණාව නූපදී. ඒ තෘෂ්ණාවගේ නිරුද්ධ වීමෙන් (නැතිවීම) උපාදාන නිරෝධය වෙයි. උපාදානයන්ගේ නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙයි. භවය නිරුද්ධ වීමෙන් ජාතිය (උත්පත්තිය) නිරුද්ධ වෙයි. ජාතිය නිරුද්ධ වීමෙන් ජරා, මරණ, සොක, වැළපීම, කයෙහි දුක, සිතෙහි දුක, දැඩි වෙහෙස යන මොවුහු නිරුද්ධ (නැති) වෙත්. මෙසේ මේ සියලු දුක් රාසිය නැතිවීම වෙයි.
“හෙතෙම දිවෙන් රසය විඳ, ප්‍රිය ස්වභාව ඇති රසයෙහි නොඇලෙයි. අප්‍රිය ස්වභාව ඇති රසයෙහි නොසතුටට නොපැමිණෙයි. ශරීරය පිළිබඳව සිහිය එළඹ සිටියේ, කුසල් සිත් ඇතිව වාසය කරයි. යම් තැනක ඔහුගේ ලාමකවූ අකුසල ධර්මයෝ සම්පූර්ණයෙන් විනාශ වෙද්ද, ඒ චිත්ත විමුක්තියද ප්‍රඥා විමුක්තියද ඇති සැටියෙන් දනී. හෙතෙම මෙසේ රාග ද්වේෂ දෙකට නොපැමිණියේ, සැපවූද, දුක්වූද, උපෙක්ෂා සහගතවූද යම් කිසි වේදනාවක් විඳීද, ඒ වේදනාව තෘෂ්ණා වශයෙන් ගෙන සතුටු නොවෙයි. සැපයයි නොකියයි, (තෘෂ්ණාවෙන්) ගැලී නොසිටියි. ඒ වේදනාවෙන් සතුටු නොවන්නාවූ, (මගේයයි) නොකියන්නාවූ ඔහුට තෘෂ්ණාව නූපදී. ඒ තෘෂ්ණාවගේ නිරුද්ධ වීමෙන් (නැතිවීම) උපාදාන නිරෝධය වෙයි. උපාදානයන්ගේ නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙයි. භවය නිරුද්ධවීමෙන් ජාතිය (උත්පත්තිය) නිරුද්ධ වෙයි. ජාතිය නිරුද්ධවීමෙන් ජරා, මරණ, සොක, වැළපීම, කයෙහි දුක, සිතෙහි දුක, දැඩි වෙහෙස යන මොවුහු නිරුද්ධ (නැති) වෙත්. මෙසේ මේ සියලු දුක් රාසිය නැතිවීම වෙයි.
“හෙතෙම කයින් ස්පර්ශයක් විඳ, ප්‍රිය ස්වභාව ඇති ස්පර්ශයෙහි නො ඇලෙයි. අප්‍රිය ස්වභාව ඇති ස්පර්ශයෙහි නොසතුටට නොපැමිණෙයි. ශරීරය පිළිබඳව සිහිය එළඹ සිටියේ, කුසල් සිත් ඇතිව වාසය කරයි. යම් තැනක ඔහුගේ ලාමකවූ අකුසල ධර්මයෝ සම්පූර්ණයෙන් විනාශ වෙද්ද, ඒ චිත්ත විමුක්තියද ප්‍රඥා විමුක්තියද ඇති සැටියෙන් දනී. හෙතෙම මෙසේ රාග ද්වේෂ දෙකට නොපැමිණියේ, සැපවූද, දුක්වූද, උපෙක්ෂා සහගතවූද, යම් කිසි වේදනාවක් විඳීද, ඒ වේදනාව තෘෂ්ණා වශයෙන් ගෙන සතුටු නොවෙයි. සැපයයි නොකියයි. (තෘෂ්ණාවෙන්) ගැලි නොසිටියි. ඒ වේදනාවෙන් සතුටු නොවන්නාවූ, (මගේයයි) නොකියන්නාවූ ඔහුට තෘෂ්ණාව නූපදී. ඒ තෘෂ්ණාවගේ නිරුද්ධවීමෙන් (නැතිවීම) උපාදාන නිරෝධය වෙයි. උපාදානයන්ගේ නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙයි. භවය නිරුද්ධ වීමෙන් ජාතිය (උත්පත්තිය) නිරුද්ධ වෙයි. ජාතිය නිරුද්ධ වීමෙන් ජරා, මරණ, සොක, වැළපීම, කයෙහි දුක, සිතෙහි දුක, දැඩි වෙහෙස යන මොවුහු නිරුද්ධ (නැති) වෙත්. මෙසේ මේ සියලු දුක් රාසිය නැතිවීම වෙයි.
“හෙතෙම සිතින් ධර්ම අරමුණක් විඳ ප්‍රිය ස්වභාව ඇති ධර්මයෙහි නොඇලෙයි. අප්‍රිය ස්වභාව ඇති ධර්මයෙහි නොසතුටට නොපැමිණෙයි. ශරීරය පිළිබඳව සිහිය එළඹ සිටියේ, කුසල් සිත් ඇතිව වාසය කරයි. යම් තැනක ඔහුගේ ලාමකවූ අකුසල ධර්මයෝ සම්පූර්ණයෙන් විනාශ වෙද්ද, ඒ චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද ඇති සැටියෙන් දනී. හෙතෙම මෙසේ රාග ද්වේෂ දෙකට නොපැමිණියේ, සැපවූද, දුක්වූද, උපෙක්ෂා සහගතවූද යම් කිසි වේදනාවක් විඳීද, ඒ වේදනාව තෘෂ්ණා වශයෙන් ගෙන සතුටු නොවෙයි, සැපයයි නොකියයි. (තෘෂ්ණාවෙන්) ගැලී නොසිටියි. ඒ වේදනාවෙන් සතුටු නොවන්නාවූ, (මගේයයි) නොකියන්නාවූ ඔහුට තෘෂ්ණාව නූපදී. ඒ තෘෂ්ණාවගේ නිරුද්ධ වීමෙන් (නැතිවීම) උපාදාන නිරෝධය වෙයි. උපාදානයන්ගේ නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙයි. භවය නිරුද්ධ වීමෙන් ජාති (උත්පත්තිය) නිරුද්ධ වෙයි. ජාතිය නිරුද්ධ වීමෙන් ජරා, මරණ, සොක, වැළපීම්, කයෙහි දුක, සිතෙහි දුක, දැඩි වෙහෙස යන මොවුහු නිරුද්ධ (නැති) වෙත්. මෙසේ මේ සියලු දුක් රාසිය නැතිවීම වෙයි.
“මහණෙනි, තොපි මා විසින් සංක්ෂෙපයෙන් දේශනා කරනලද තෘෂ්ණාක්ෂයවිමුක්ති ධර්මය නිතර දරව්, කෙවට්ට පුත්‍ර වූ සාති භික්ෂුව මහත් තෘෂ්ණා නැමැති දැලෙහි තෘෂ්ණා නැමැති අවුලෙහි ගැළුණෙකු කොට සලකව්.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටු වූහ.
9. මහාඅස්සපුරසුත්තං 9. මහා අස්සපුර සූත්‍රය
10. චූළඅස්සපුරසුත්තං 10. චූල අස්සපුර සූත්‍රය