4. මහායමකවග්ගො | 4. මහා යමක වර්ගය |
1. චූළගොසිඞ්ගසුත්තං | 1. චූලගොසිංග සූත්‍රය |
325
එවං
අස්සොසි ඛො ආයස්මා අනුරුද්ධො දායපාලස්ස භගවතා සද්ධිං මන්තයමානස්ස. සුත්වාන දායපාලං එතදවොච - ‘‘මා, ආවුසො දායපාල, භගවන්තං වාරෙසි. සත්ථා නො භගවා අනුප්පත්තො’’ති. අථ ඛො ආයස්මා අනුරුද්ධො යෙනායස්මා ච නන්දියො ආයස්මා ච කිමිලො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මන්තඤ්ච නන්දියං ආයස්මන්තඤ්ච කිමිලං එතදවොච - ‘‘අභික්කමථායස්මන්තො, අභික්කමථායස්මන්තො, සත්ථා නො භගවා
|
325
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ නාදික නම් ගම (ගඩොලින්ම කළ හෙයින්) ‘ගිඤ්ජකාවසථ’ නම් වූ විහාරයෙහි වැඩ වාසය කරති. එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් නන්දිය ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන් වහන්සේද ‘ගොසිංග සාලවන’ නම් වූ ආරණ්‍යයෙහි වාසය කළහ.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි පල සමවතින් නැගී සිටියේ ගොසිංග සාලවන නම් ආරණ්‍ය සේනාසනය යම් තැනකද එතැනට වැඩියහ. වන පාලක පුරුෂ තෙම වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම දුටුවේය. දැක, භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “ශ්‍රමණය, මේ වනයට ඇතුළු නොවනු මැනවි. තමන්ට වැඩ කැමති ස්වභාව ඇත්තාවූ කුල පුත්‍රයෝ තුන් දෙනෙක් මෙහි වාසය කරති. ඔවුන්ට අපහසුවක් නොකරනු මැනවි.”
ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ සමග කරන්නාවූ වනපාලයාගේ කථාව ඇසූහ. අසා වනපාලයාට මෙසේ කීහ. “ඇවැත්නි, වනපාලයෙනි, භාග්‍යවතුන් වහන්සේ නොවළක්වව, අපගේ ශාස්තෘවූ භාග්‍යවතුන් වහන්සේ පැමිණියහ”යි (කීහ) ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් නන්දිය ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන් වහන්සේද යම් තැනකද එතැනට පැමිණියහ. පැමිණ, ආයුෂ්මත් නන්දිය ස්ථවිරයන් වහන්සේටද, ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන් වහන්සේටද, මෙසේ කීහ. “එන්න ආයුෂ්මතුනි, එන්න ආයුෂ්මතුනි, අපගේ ශාස්තෘවූ භාග්‍යවතුන් වහන්සේ වැඩියහ”යි (කීහ.)
එවිට ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් නන්දිය ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන් වහන්සේ ද භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට ගමන් කොට එක නමක් භාග්‍යවතුන්වහන්සේගේ පාත්‍රය හා සිවුරු පිළිගත්තේය. එක නමක් ආසන පැණවීය. එක නමක් පා සේදීමට දිය තැබීය. භාග්‍යවතුන් වහන්සේ පනවනලද ආසනයෙහි වැඩ හිඳ පා සේදූහ. ඒ ආයුෂ්මත්හුද භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පැත්තක හිඳ ගත්හ. එක් පැත්තක උන්නාවූ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
|
326
‘‘කච්චි වො, අනුරුද්ධා, ඛමනීයං, කච්චි යාපනීයං, කච්චි පිණ්ඩකෙන න කිලමථා’’ති
ආයස්මාපි ඛො නන්දියො...පෙ.... ආයස්මාපි ඛො කිමිලො භගවන්තං එතදවොච - ‘‘මය්හම්පි, භන්තෙ, එවං හොති - ‘ලාභා වත මෙ, සුලද්ධං වත මෙ, යොහං එවරූපෙහි සබ්රහ්මචාරීහි සද්ධිං විහරාමී’ති. තස්ස මය්හං, භන්තෙ, ඉමෙසු ආයස්මන්තෙසු මෙත්තං කායකම්මං පච්චුපට්ඨිතං ආවි චෙව රහො ච, මෙත්තං වචීකම්මං පච්චුපට්ඨිතං ආවි චෙව රහො ච, මෙත්තං මනොකම්මං පච්චුපට්ඨිතං ආවි චෙව රහො ච. තස්ස මය්හං, භන්තෙ, එවං හොති - ‘යංනූනාහං සකං
‘‘එවං ඛො මයං, භන්තෙ, සමග්ගා සම්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරාමා’’ති.
|
326
“අනුරුද්ධයෙනි, කිමෙක්ද තොපට ඉරියව් ඉවසිය හැකිද? කිමෙක්ද දිවි පැවැත්විය හැකිද? කිමෙක්ද, පිණ්ඩපාතයෙන් අපහසු නොවන්නාහුද?” ස්වාමීනි, ඉවසිය හැකිය, දිවි පැවත්විය හැකිය. “ස්වාමීනි, අපි පිණ්ඩපාතයෙන් අපහසු නොවන්නෙමු”යි කීහ. “අනුරුද්ධයෙනි, කිමෙක්ද, තෙපි සමගිය, සතුටුව, විරුද්ධවාද නැතිව, කිරිත් වතුරත් මෙන් එක්ව, ඔවුනොවුන් ප්‍රිය ඇසින් බලමින් වාසය කරව්ද?”
“ස්වාමීනි, එකාන්තයෙන් අපි සමගිව, සතුටුව, විරුද්ධවාද නැතිව, කිරිත් වතුරත් මෙන් එක්ව, ඔවුනොවුන් ප්‍රිය ඇසින් දකිමින් වාසය කරමු”යි (කීහ)
“අනුරුද්ධයෙනි, තෙපි කෙසේ නම් සමගිව, සතුටුව, විරුද්ධවාද නැතිව, කිරිත් වතුරත් මෙන් එක්ව, ඔවුනොවුන් ප්‍රිය ඇසින් බලමින් වාසය කරන්නහුද?”
“ස්වාමීනි, මට මෙසේ කල්පනා වෙයි. යම්බඳුවූ මම මෙබඳුවූ සබ්‍රම්සරුන් (එකට මහණ දම් පුරන්නන්) සමග වාසය කරම්ද, ඒ මට එකාන්තයෙන් ලාභයකි, එකාන්තයෙන් හොඳ ලාභයකි’ (යනුවෙනි) මේ ආයුෂ්මතුන් කෙරෙහි, ඉදිරියෙහි ඇති තැනද, ඉදිරියෙහි නැති තැනද ඒ මාගේ මෛත්‍රී සහගත ක්‍රියා ඇත්තීය. ඉදිරියෙහි ඇති තැනද, ඉදිරියෙහි නැති තැනද මෛත්‍රී සහගත වචන ඇත්තේය. ඉදිරියෙහි ඇති තැනද, ඉදිරියෙහි නැති තැනද මෛත්‍රී සහගත සිත් ඇත්තේය. ස්වාමීනි, එසේවූ මට යම් හෙයකින් මගේ සිත යටහත් කර තබා මේ ආයුෂ්මතුන්ලාගේ සිත් අනුවම වාසය කරම් නම් යෙහෙකැයි අදහස් වෙයි. ස්වාමීනි, ඒ මම මගේ සිත යටහත්කර තබා මේ ආයුෂ්මතුන්ලාගේ සිත් අනුවම වාසය කරමි. ස්වාමීනි, අපගේ ශරීර පමණක් වෙන්ව පවත්නාහුය. සිත් වනාහි එකක්මයයි හඟිමි.”
ආයුෂ්මත් නන්දිය ස්ථවිරයන් වහන්සේද භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ. “ස්වාමීනි මට මෙසේ කල්පනාවෙයි. යම්බඳුවූ මම මෙබඳුවූ සබ්‍රම්සරුන් (එකට මහණදම්පුරන්නන්) සමග වාසය කරම්ද, ඒ මට එකාන්තයෙන් ලාභයකි, එකාන්තයෙන් හොඳ ලාභයකි’ (යනුවෙනි.) මේ ආයුෂ්මතුන් කෙරෙහි, ඉදිරියෙහි ඇති තැනද, ඉදිරියෙහි නැති තැනද මෛත්‍රී සහගත ක්‍රියා ඇත්තීය, ඉදිරියෙහි ඇති තැනද, ඉදිරියෙහි නැති තැනද මෛත්‍රී සහගත වචන ඇත්තේය. ඉදිරියෙහි ඇති තැනද ඉදිරියෙහි නැති තැනද මෛත්‍රී සහගත සිත් ඇත්තේය. ස්වාමීනි, එසේවූ මට යම් හෙයකින් මගේ සිත යටහත් කර තබා මේ ආයුෂ්මතුන්ලාගේ සිත් අනුවම වාසය කරම් නම් යෙහෙකැයි අදහස් වෙයි. ස්වාමීනි, ඒ මම මගේ සිත යටහත් කර තබා මේ ආයුෂ්මතුන්ලාගේ සිත් අනුවම වාසය කරමි. ස්වාමීනි, අපගේ ශරීර පමණක් වෙන්ව පවත්නාහුය. සිත් වනාහි එකක්මයයි හඟිමි.”
ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන් වහන්සේද භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ. “ස්වාමීනි, මට මෙසේ කල්පනා වෙයි. ‘යම්බඳුවූ මම මෙබඳුවූ සබ්‍රම්සරුන් සමග වාසය කරම්ද, ඒ මට එකාන්තයෙන් ලාභයකි. එකාන්තයෙන් හොඳ ලාභයකි’ (යනුවෙනි) මේ ආයුෂ්මතුන් කෙරෙහි, ඉදිරියෙහි ඇති තැනද ඉදිරියෙහි නැති තැනද මෛත්‍රී සහගත ක්‍රියා ඇත්තීය. ඉදිරියෙහි ඇති තැනද, ඉදිරියෙහි නැති තැනද මෛත්‍රී සහගත වචන ඇත්තේය. ඉදිරියෙහි ඇති තැනද, ඉදිරියෙහි නැති තැනද මෛත්‍රී සහගත සිත් ඇත්තේය.
ස්වාමීනි, එසේවූ මට යම් හෙයකින් මගේ සිත යටහත් කර තබා මේ ආයුෂ්මතුන්ලාගේ සිත අනුවම වාසය කරම් නම් යෙහෙකැයි අදහස් වෙයි. ස්වාමීනි, ඒ මම මගේ සිත යටහත්කර තබා මේ ආයුෂ්මතුන්ලාගේ සිත් අනුවම වාසය කරමි. ස්වාමීනි, අපගේ ශරීර පමණක් වෙන්ව පවත්නාහුය. සිත් වනාහි එකක්මයයි හඟිමි.”
|
327
‘‘සාධු සාධු, අනුරුද්ධා! කච්චි පන වො, අනුරුද්ධා, අප්පමත්තා ආතාපිනො පහිතත්තා විහරථා’’ති? ‘‘තග්ඝ මයං, භන්තෙ, අප්පමත්තා ආතාපිනො පහිතත්තා විහරාමා’’ති. ‘‘යථා
|
327
“අනුරුද්ධයෙනි, ඉතා යහපත, ඉතා යහපත, අනුරුද්ධයෙනි, කිමෙක්ද? තෙපි අප්‍රමාද වූවාහු, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තාහු, සතර මාර්ගයෙහි යවනලද සිත් ඇත්තාහු වාසය කරව්ද?”
“ස්වාමීනි, අපි එකාන්තයෙන් අප්‍රමාද වූවාහු, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූවාහු, සතර මඟ යවනලද සිත් ඇත්තාහු වාසය කරමු.”
“අනුරුද්ධයෙනි, තෙපි කෙසේ නම් අප්‍රමාද වූවාහු, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තාහු, සතර මඟ යවනලද සිත් ඇත්තාහු වාසය කරව්ද?”
“ස්වාමීනි, මෙහි අප අතුරෙන් යමෙක් පළමු කොට ගමෙන් පිඩු පිණිස හැසිරීමෙන් ආපසු එයිද, හෙතෙම ආසන පණවයි. පානය කළ යුතු ජලයද, පරිභොග කළයුතු ජලයද ගෙනවුත් තබයි. යමෙක් පසුව ගමින් පිඩු පිණිස හැසිරීමෙන් ආපසු එයිද, හෙතෙම ඉදින් අනුභවයෙන් ඉතිරි ඇත්තේ වේනම්, ඉදින් කැමැත්තේ වේනම් වළඳයි. ඉදින් නො කැමති නම් නිල් තණ කොළ නැති තැනක හෝ, (ඉන් නැසෙන) පණුවන් නැති ජලයක හෝ පාකර හරියි. හෙතෙම ආසන තැන්පත් කර තබයි. පියයුතු පැන්ද, පරිභොග කළයුතු පැන්ද තැන්පත් කරයි. වැඩි ආහාර ලන බඳුන් නියම තැන තබයි. බොජුන් හල අමදියි, යමෙක් බොන පැන් තබන කළය හෝ, සෝදන පැන් තබන කළය හෝ, වැසිකිළියෙහි පැන් තබන කළය හෝ හිස්ව තිබෙනු දකීද, හෙතෙම එහි දිය වත්කරයි. ඉදින් ඔහු විසින් එය නොඉසිලිය හැකි වේද, අතින් සංඥා කිරීමෙන් දෙවැන්නකු කැඳවා දෙ අත් එක්කොට අත් උඩ තබා ගැන්මෙන් ගෙන ගොස් තබයි. ස්වාමීනි, අපි ඒ සඳහාවත් කථා නොකරන්නෙමු.
“ස්වාමීනි, අපි පස් දවසකට වරක් මුළු රාත්‍රියෙහිම දැහැමි කථාවෙන් යුක්තව සමගිව හිඳිමු. ස්වාමීනි, මෙපරිද්දෙන් අපි අප්‍රමාද වූවාහු වීර්‍ය්‍යවත් වූවාහු සතර මාර්ගයෙහි යැවූ සිත් ඇත්තාහු වෙසෙමු”යි (කීහ)
|
328
‘‘සාධු සාධු, අනුරුද්ධා! අත්ථි පන වො, අනුරුද්ධා, එවං අප්පමත්තානං ආතාපීනං පහිතත්තානං විහරන්තානං උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසො අධිගතො ඵාසුවිහාරො’’ති? ‘‘කිඤ්හි නො සියා, භන්තෙ! ඉධ මයං, භන්තෙ, යාවදෙව ආකඞ්ඛාම විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරාම. අයං ඛො නො, භන්තෙ, අම්හාකං අප්පමත්තානං ආතාපීනං පහිතත්තානං විහරන්තානං උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසො අධිගතො ඵාසුවිහාරො’’ති.
‘‘සාධු සාධු, අනුරුද්ධා! එතස්ස
‘‘සාධු
‘‘සාධු සාධු, අනුරුද්ධා! එතස්ස පන වො, අනුරුද්ධා, විහාරස්ස සමතික්කමාය එතස්ස විහාරස්ස පටිප්පස්සද්ධියා අත්ථඤ්ඤො උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසො අධිගතො ඵාසුවිහාරො’’ති
‘‘සාධු සාධු, අනුරුද්ධා! එතස්ස පන වො, අනුරුද්ධා, විහාරස්ස සමතික්කමාය එතස්ස විහාරස්ස පටිප්පස්සද්ධියා අත්ථඤ්ඤො උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසො අධිගතො ඵාසුවිහාරො’’ති? ‘‘කිඤ්හි නො සියා, භන්තෙ! ඉධ මයං, භන්තෙ, යාවදෙව ආකඞ්ඛාම සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනං
‘‘සාධු සාධු, අනුරුද්ධා! එතස්ස පන වො, අනුරුද්ධා, විහාරස්ස සමතික්කමාය එතස්ස විහාරස්ස පටිප්පස්සද්ධියා අත්ථඤ්ඤො උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසො අධිගතො ඵාසුවිහාරො’’ති? ‘‘කිඤ්හි නො සියා, භන්තෙ! ඉධ මයං, භන්තෙ, යාවදෙව ආකඞ්ඛාම
|
328
“අනුරුද්ධයෙනි, ඉතා යහපත, ඉතා යහපත. අනුරුද්ධයෙනි, මෙසේ අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, සිවු මඟ යැවූ සිත් ඇතිව වාසය කරන්නාවූ තොප විසින් මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්‍ය්‍යභාවය ඇති කිරීමට සමර්ථවූ සැප විහරණයක් අවබෝධ කරන ලද්දේද?” “ස්වාමීනි, කෙසේ නම් නැත්තේද? අපි යම් විටක කැමති වෙමු නම්, කාමයන් කෙරෙන් වෙන්වම අකුසල ධර්මයන් ගෙන් වෙන්වම විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීති සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරන්නෙමු. ස්වාමීනි, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, මාර්ගඵලයන්ට යැවූ සිත් ඇතිව වාසය කරන්නාවූ අප විසින් මනුෂ්‍ය ධර්මයට වඩා උසස් වූ ආර්‍ය්‍යභාවය ඇති කිරීමට සමර්ථවූ මේ සැප විහරණය අවබෝධ කරන ලද්දේය.”
“අනුරුද්ධයෙනි, ඉතා යහපත, ඉතා යහපත. අනුරුද්ධයෙනි, මේ විහරණය ඉක්මවීම පිණිස, මේ විහරණය සංසිඳවීම පිණිස, මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්‍ය්‍ය භාවය ඇති කිරීමට සමර්ථ වූ වෙනත් සැප විහරණයක් තොප විසින් අවබෝධ කරන ලද්දේද?”
“ස්වාමීනි, කෙසේ නම් නැත්තේද? ස්වාමීනි, අපි මෙහි යම් විටෙක කැමති වෙමු නම්, (එකෙනෙහි) විතර්ක විචාර. සංසිඳවීමෙන් ඇතුළත පැහැදීම සහිත හිතේ එකඟ බව ඇති, විතර්ක රහිතවූ, විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති, ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරන්නෙමු ස්වාමීනි, ඒ විහරණය ඉක්මවීම පිණිස, ඒ විහරණය සංසිඳවීම පිණිස, මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්‍ය්‍ය භාවය ඇති කිරීමට සමර්ථ වූ මේ අනෙක් සැප විහරණය අවබෝධ කරන ලද්දේය.”
“අනුරුද්ධයෙනි, ඉතා යහපත, ඉතා යහපත. අනුරුද්ධයෙනි, මේ විහරණය ඉක්මවීම පිණිස, මේ විහරණය සංසිඳවීම පිණිස, මනුෂ්‍ය ධර්මයට වැඩිවූ, ආර්‍ය්‍යභාවය ඇති කිරීමට සමර්ථ වූ අනික් සැප විහරණයක් තොප විසින් අවබෝධ කරන ලද්දේද?”
ස්වාමීනි, කෙසේ නම් නැත්තේද? ස්වාමීනි, මෙහි අපි යම් විටෙක කැමැත්තෙමු නම්, (එකෙණෙහි) ප්‍රීතියෙහිද, නොඇල්මෙන් මැදහත් බවෙන් යුක්තව සිහියෙන් හා මනා නුවණින් යුක්තව කයින්ද සැපය විඳින්නෙමු. යම් ඒ ධ්‍යානයක් උපෙක්ෂා ඇත්තේ, සිහි ඇත්තේ සැප විහරණයකැයි ආර්‍ය්‍යයෝ කියද්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරන්නෙමු. ස්වාමීනි, ඒ විහරණය ඉක්මවීම පිණිස, ඒ විහරණය සංසිඳවීම පිණිස මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්‍ය්‍ය භාවය ඇති කිරීමට සමර්ථ වූ මේ අනෙක් සැප විහරණය අවබෝධ කරන ලද්දේය.”
“අනුරුද්ධයෙනි, ඉතා යහපත, ඉතා යහපත. අනුරුද්ධයෙනි, මේ විහරණය ඉක්මවීම පිණිස, මේ විහරණය සංසිඳවීම පිණිස, මනුෂ්‍ය ධර්මයට වැඩි වූ, ආර්‍ය්‍ය භාවය ඇති කිරීමට සමර්ථ වූ වෙනත් සැප විහරණයක් තොප විසින් අවබෝධ කරන ලද්දේද?”
“ස්වාමීනි, කෙසේ නම් නැත්තේද? ස්වාමීනි, මෙහි අපි යම් විටෙක කැමැත්තෙමු නම්, (එකෙණෙහි) සැපය නැති කිරීමෙන්ද, දුක නැති කිරීමෙන්ද, පළමුව සොම්නසත් දොම්නසත් නැති කිරීමෙන් දුක්ද නොවූ සැපද නොවූ උපෙක්ෂා සිහියෙන් පිරිසිදුවූ සතර වැනි ධ්‍යානයට පැමිණ වාසය කරන්නෙමු. ස්වාමීනි, ඒ විහරණය ඉක්මවීම පිණිස ඒ විහරණය සංසිඳවීම පිණිස, මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්‍ය්‍ය භාවය ඇති කිරීමට සමර්ථවූ මේ අනෙක් සැප විහරණය අවබෝධ කරන ලද්දේය.”
“අනුරුද්ධයෙනි, ඉතා යහපත, ඉතා යහපත. අනුරුද්ධයෙනි, මේ විහරණය ඉක්ම වීම පිණිස, මේ විහරණය සංසිඳවීම පිණිස, මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්‍ය්‍ය භාවය ඇති කිරීමට සමර්ථවූ වෙනත් සැප විහරණයක් තොප විසින් අවබෝධ කරන ලද්දේද?”
“ස්වාමීනි, කෙසේ නම් නැත්තේද? මෙහි අපි යම් විටෙක කැමැත්තෙමු නම්, සම්පූර්ණයෙන් රූප හැඟීම් ඉක්ම වීමෙන් ගැටීම් හැඟීම් දුරු කිරීමෙන්, නොයෙක් හැඟීම් මෙනෙහි නොකිරීමෙන් ‘ආකාශය අනන්තය’යි ආකාසානඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරන්නෙමු. ස්වාමීනි, ඒ විහරණය ඉක්මවීම පිණිස, ඒ විහරණය සංසිඳවීම පිණිස, මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්‍ය්‍ය භාවය ඇති කිරීමට සමර්ථ වූ මේ අනෙක් සැප විහරණය අවබෝධ කරන ලද්දේය.”
“අනුරුද්ධයෙනි, ඉතා යහපත, ඉතා යහපත. අනුරුද්ධයෙනි, මේ විහරණය ඉක්මවීම පිණිස, මේ විහරණය සංසිඳවීම පිණිස මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්‍ය්‍ය භාවය ඇති කිරීමට සමර්ථවූ වෙනත් සැප විහරණයක් තොප විසින් අවබෝධ කරන ලද්දේද?”
“ස්වාමීනි, කෙසේ නම් නැත්තේද? ස්වාමීනි, මෙහි අපි යම් විටෙක කැමැත්තෙමු නම්, සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරන්නෙමු. ස්වාමීනි, ඒ විහරණය ඉක්මවීම පිණිස, ඒ විහරණය සංසිඳවීම පිණිස, මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්‍ය්‍ය භාවය ඇතිකිරීමට සමර්ථ වූ මේ අනෙක් සැප විහරණය අවබෝධ කරන ලද්දේය.
“අනුරුද්ධයෙනි, ඉතා යහපත, ඉතා යහපත. අනුරුද්ධයෙනි, මේ විහරණය ඉක්මවීම පිණිස, මේ විහරණය සංසිඳවීම පිණිස, මනුෂ්යධර්මයට වැඩිවූ ආර්‍ය්‍යභාවය ඇතිකිරීමට සමර්ථවූ වෙනත් සැප විහරණයක් තොප විසින් අවබෝධ කරන ලද්දේද?”
“ස්වාමීනි, කෙසේ නම් නැත්තේද? ස්වාමීනි, මෙහි අපි යම් විටෙක කැමැත්තෙමු නම්, සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ‘කිසිවක් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානයට පැමිණ වාසය කරමු. ස්වාමීනි, ඒ විහරණය ඉක්මවීම පිණිස, ඒ විහරණය සංසිඳවීම පිණිස, මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්‍ය්‍ය භාවය ඇති කිරීමට සමර්ථවූ මේ අනෙක් සැප විහරණය අවබෝධ කරන ලද්දේය.”
“අනුරුද්ධයෙනි, ඉතා යහපත, ඉතා යහපත. අනුරුද්ධයෙනි, මේ විහරණය ඉක්මවීම පිණිස, මේ විහරණය සංසිඳවීම පිණිස, මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්‍ය්‍ය භාවය ඇති කිරීමට සමර්ථවූ වෙනත් සැප විහරණයක් තොප විසින් අවබෝධ කරන ලද්දේද?”
“ස්වාමීනි, කෙසේ නම් නැත්තේද? ස්වාමීනි, මෙහි අපි යම් විටෙක කැමැත්තෙමු නම්, සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යානයට පැමිණ වාසය කරමු. ස්වාමීනි, ඒ විහරණය ඉක්මවීම පිණිස, ඒ විහරණය සංසිඳවීම පිණිස, මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්‍ය්‍ය භාවය ඇති කිරීමට සමර්ථවූ මේ අනෙක් සැප විහරණය අවබෝධ කරන ලද්දේය.”
|
329
‘‘සාධු සාධු, අනුරුද්ධා! එතස්ස පන වො, අනුරුද්ධා, විහාරස්ස සමතික්කමාය එතස්ස විහාරස්ස පටිප්පස්සද්ධියා අත්ථඤ්ඤො උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසො අධිගතො ඵාසුවිහාරො’’ති? ‘‘කිඤ්හි නො සියා, භන්තෙ! ඉධ මයං, භන්තෙ, යාවදෙව ආකඞ්ඛාම සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරාම, පඤ්ඤාය ච නො දිස්වා ආසවා පරික්ඛීණා. එතස්ස, භන්තෙ, විහාරස්ස සමතික්කමාය එතස්ස විහාරස්ස පටිප්පස්සද්ධියා අයමඤ්ඤො උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසො අධිගතො ඵාසුවිහාරො. ඉමම්හා ච මයං, භන්තෙ, ඵාසුවිහාරා අඤ්ඤං ඵාසුවිහාරං උත්තරිතරං වා පණීතතරං වා න සමනුපස්සාමා’’ති. ‘‘සාධු සාධු, අනුරුද්ධා! ඉමම්හා ඵාසුවිහාරා උත්තරිතරො වා පණීතතරො වා ඵාසුවිහාරො නත්ථී’’ති.
|
329
“අනුරුද්ධයෙනි, ඉතා යහපත, ඉතා යහපත. අනුරුද්ධයෙනි, ඒ විහරණය ඉක්මවීම පිණිස, ඒ විහරණය සංසිඳවීම පිණිස, මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්‍ය්‍ය ඥානදර්ශනය ඇති කිරීමට සමර්ථවූ වෙනත් සැප විහරණයක් තොප විසින් අවබෝධ කරන ලද්දේද?”
“ස්වාමීනි, කෙසේ නම් නැත්තේද? ස්වාමීනි, මෙහි අපි යම් විටෙක කැමැත්තෙමු නම්, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤා වෙදයිත නිරෝධ සමාපත්තියට පැමිණ වාසය කරන්නෙමු. අප විසින් ඒ නිරෝධය ප්‍රඥාවෙනුදු දැක ආශ්‍රව ධර්මයෝ නැති කරන ලදහ. ස්වාමීනි, ඒ විහරණය ඉක්මවීම පිණිස, ඒ විහරණය සංසිඳවීම පිණිස අප විසින් මේ මනුෂ්‍ය ධර්මයට වඩා උතුම්වූ ආර්‍ය්‍ය ඥානදර්ශන විශේෂය ඇති කිරීමෙහි සමර්ථවූ, මේ පහසු විහරණය අවබෝධ කරන ලද්දේය. ස්වාමීනි, මේ පහසු විහරණයට වඩා වැඩිවූද, ප්‍රණීතවූද අනික් පහසු විහරණයක් නොදක්නෙමු’යි (කීහ)
“අනුරුද්ධයෙනි, යහපත, යහපත. මේ පහසු විහරණයට වඩා වැඩිවූද, ප්‍රණීතවූද අනෙක් පහසු විහරණයක් නැත.”
|
330
අථ ඛො භගවා ආයස්මන්තඤ්ච අනුරුද්ධං ආයස්මන්තඤ්ච නන්දියං ආයස්මන්තඤ්ච කිමිලං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා
|
330
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ද, ආයුෂ්මත් නන්දිය ස්ථවිරයන්ද, ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන්ද දැහැමි කථාවකින් කරුණු දක්වා, සමාදන් කරවා, උත්සාහ කරවා, සතුටු කරවා හුන් ආසනයෙන් නැගිට වැඩියහ.
ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් නන්දිය ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන් වහන්සේද භාග්‍යවතුන් වහන්සේට පසු ගමන් කොට ආපසු අවුත්, ආයුෂ්මත් නන්දිය ස්ථවිරයන්වහන්සේද, ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේට මෙසේ කීහ.
“ආයුෂ්මතුන් වහන්සේ බුදුන් ඉදිරියේදී අපගේ අර්හත්වය දක්වා මාර්ගඵල ලබා සිටින බව කීවාහුය. කිමෙක්ද, ‘අපි මේ මේ විහරණ, මේ මේ සමාපත්ති ලැබ සිටින්නෙමුය’යි ඔබ සමග කීයෙමුද?” “අපි මේ මේ විහරණ, මේ මේ සමාපත්ති ලැබ සිටින්නෙමු”යයි ආයුෂ්මත්හු මට නොකීවාහුය. එහෙත් මා විසින් මාගේ සිතින් ආයුෂ්මතුන්ගේ සිත පිරිසිඳ මේ මේ විහරණ, මේ මේ සමාපත්තීන් ලබා සිටින්නාහුයයි දක්නාලදී. දෙවතාවෝද, ආයුෂ්මතුන් මේ මේ විහරණ, මේ මේ සමාපත්තීන් ලබා ඇත්තාහුයයි යන මේ කාරණය මට දැන්වූහ. භාග්‍යවතුන් වහන්සේ විසින් විචාරණ ලද්දාවූ මා විසින් මේ කාරණය ප්‍රකාශ කරනලදී.”
|
331
අථ
‘‘එවමෙතං, දීඝ, එවමෙතං, දීඝ! යස්මාපි, දීඝ, කුලා එතෙ තයො කුලපුත්තා අගාරස්මා අනගාරියං පබ්බජිතා, තඤ්චෙපි කුලං එතෙ තයො කුලපුත්තෙ පසන්නචිත්තං අනුස්සරෙය්ය, තස්සපාස්ස කුලස්ස දීඝරත්තං හිතාය සුඛාය. යස්මාපි, දීඝ, කුලපරිවට්ටා එතෙ තයො කුලපුත්තා අගාරස්මා අනගාරියං
ඉදමවොච
|
331
ඉක්බිති දීඝ නම් යක්ෂ සේනාපති සමූහයට අයත් පරජන නම් යක්ෂ සේනාපතිතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට හොඳින් වැඳ, එකපැත්තක උන්නේය. එක පැත්තක උන්නාවූ දීඝ පරජන යක්ෂ සේනාපති තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
“ස්වාමීනි, යම් තැනක තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේත්, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් නන්දිය ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන් වහන්සේද යන කුල පුත්‍රයෝ තිදෙනාත් වාසය කරද්ද, ඒ වැදෑරට වැසියන්හට, වජ්ජි ජනයාට ලාභයකි, මහත්ලාභයකි”යි (කීයේය)
දීඝ පරජන නම් වූ යක්ෂ සේනාපතියාගේ මේ ශබ්දය අසා බූමාටු දෙවියෝ ‘යම් තැනක තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේත්, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරය, ආයුෂ්මත් නන්දිය ස්ථවිරය, ආයුෂ්මත් කිම්බිල ස්ථවිරය යන කුලපුත්‍රයෝ තිදෙනාත් වාසය කරත්ද, ඒ වැදෑරට වැසියන්ට, වජ්ජි ජනයාට ලාභයකි. මහත් ලාභයකි,’යි ශබ්ද නැගූහ.
බූමාටු දෙවියන්ගේ ශබ්දය අසා චාතුර්මහාරාජික දෙවියෝ “යම් තැනක තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන්වහන්සේත්, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරය, ආයුෂ්මත් නන්දිය ස්ථවිරය, ආයුෂ්මත් කිම්බිල ස්ථවිරය යන කුල පුත්‍රයෝ තිදෙනාත් වාසය කරත්ද, ඒ වැදෑරට වැසියන්ට, වජ්ජි ජනයාට ලාභයකි, මහත් ලාභයකි”යි ශබ්ද නැගූහ.
චාතුර්මහාරාජික දෙවියන්ගේ ශබ්දය අසා තව්තිසා වැසි දෙවියෝ “යම් තැනක තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේත්, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරය, ආයුෂ්මත් නන්දිය ස්ථවිරය, ආයුෂ්මත් කිම්බිල ස්ථවිරය යන කුලපුත්‍රයෝ තිදෙනාත් වාසය කරත්ද, ඒ වැදෑරට වැසියන්ට, වජ්ජි ජනයාට ලාභයකි, මහත් ලාභයකි”යි, ශබ්ද නැගූහ.
තව්තිසා වැසි දෙවියන්ගේ ශබ්දය අසා යාම දෙවියෝ, “යම් තැනක තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේත්, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරය, ආයුෂ්මත් නන්දිය ස්ථවිරය, ආයුෂ්මත් කිම්බිල ස්ථවිරය යන කුල පුත්‍රයෝ තිදෙනාත් වාසය කරත්ද, ඒ වැදෑරට වැසියන්ට, වජ්ජි ජනයාට ලාභයකි, මහත් ලාභයකි”යි ශබ්ද නැගූහ.
යාම දෙවියන්ගේ ශබ්දය අසා තුසිත දෙවියෝ “යම් තැනක තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේත්, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරය, ආයුෂ්මත් නන්දිය ස්ථවිරය, ආයුෂ්මත් කිම්බිල ස්ථවිරය යන කුලපුත්‍රයෝ තිදෙනාත් වාසය කරද්ද, ඒ වැදෑරට වැසියන්ට, වජ්ජි ජනයාට ලාභයකි, මහත් ලාභයකි”යි, ශබ්ද නැගූහ.
තුසිත දෙවියන්ගේ ශබ්දය අසා නිර්මානරතී දෙවියෝ “යම් තැනක තථාගත අර්හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේත්, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරය, ආයුෂ්මත් නන්දිය ස්ථවිරය, ආයුෂ්මත් කිම්බිල ස්ථවිරය යන කුලපුත්‍රයෝ තිදෙනාත් වාසය කරත්ද, ඒ වැදෑරට වැසියන්ට, වජ්ජි ජනයාට ලාභයකි, මහත් ලාභයකි”යි, ශබ්ද නැගූහ.
නිර්මානරතී දෙවියන්ගේ ශබ්දය අසා පරනිර්මිත වසවර්ති දෙවියෝ “යම් තැනක තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේත්, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරය, ආයුෂ්මත් නන්දිය ස්ථවිරය, ආයුෂ්මත් කිම්බිල ස්ථවිරය යන කුලපුත්‍රයෝ තිදෙනාත් වාසය කරත්ද, ඒ වැදෑරට වැසියන්ට, වජ්ජි ජනයාට ලාභයකි, මහත් ලාභයකි”යි, ශබ්ද නැගූහ.
පරනිර්මිත වසවර්ති දෙවියන්ගේ ශබ්දය අසා බ්‍රහ්ම කායික දෙවියෝ “යම් තැනක තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේත්, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරය, ආයුෂ්මත් නන්දිය ස්ථවිරය, ආයුෂ්මත් කිම්බිල ස්ථවිරය යන කුලපුත්‍රයෝ තිදෙනාත් වාසය කරත්ද, ඒ වැදෑරට වැසියන්ට, වජ්ජි ජනයාට ලාභයකි, මහත් ලාභයකි”යි, ශබ්ද නැගූහ.
මෙසේ ඒ ආයුෂ්මත් වරු තිදෙන එකෙණෙහි, ඒ මොහොතෙහි බ්‍රහ්මලෝකය දක්වා ප්‍රසිද්ධවූහ.
“දීඝය, ඒ එසේමය, ඒ එසේමය. දීඝය, මේ කුල පුත්‍රයෝ තිදෙන යම් කුලයකින් ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදි වූවාහුද, ඒ කුලය පවා මේ කුලපුත්‍රයන් තිදෙනා පැහැදුනු සිතින් සිහි කරත් නම්, ඒ කුලයටත් දීර්ඝ කාලයක් මුළුල්ලේ හිත පිණිස, සැප පිණිස වන්නේය.
“දීඝය, මේ කුල පුත්‍රයෝ තිදෙන යම් කුල පරම්පරාවකින් ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදි වූවාහුද, ඒ කුල පරම්පරාව පවා මේ කුල පුත්‍රයන් තිදෙනා, පැහැදුනු සිතින් සිහි කරත් නම් ඒ කුල පරම්පරාවටත් දීර්ඝ කාලයක් මුළුල්ලේ හිත පිණිස, සැප පිණිස වන්නේය.
“දීඝය, මේ කුල පුත්‍රයෝ තිදෙනා යම් ගමකින් ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදි වූවාහුද, ඒ ගම පවා මේ කුලපුත්‍රයන් තිදෙනා, පැහැදුනු සිතින් සිහි කරත් නම් ඒ ගමටත් දීර්ඝ කාලයක් මුළුල්ලේ හිත පිණිස, සැප පිණිස වන්නේය.
“දීඝය, මේ කුල පුත්‍රයෝ තිදෙනා යම් නියම් ගමකින් ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදි වූවාහුද, ඒ නියම් ගම පවා මේ කුල පුත්‍රයන් තිදෙනා, පැහැදුනු සිතින් සිහි කරත්නම් ඒ නියම් ගමටත් දීර්ඝ කාලයක් මුළුල්ලේ හිත පිණිස, සැප පිණිස වන්නේය.
“දීඝය, මේ කුල පුත්‍රයෝ තිදෙන යම් නගරයකින් ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදි වූවාහුද, ඒ නගරය පවා මේ කුලපුත්‍රයන් තිදෙනා පැහැදුනු සිතින් සිහිකරත් නම් ඒ නගරයටත් දීර්ඝ කාලයක් මුළුල්ලේ හිත පිණිස, සැප පිණිස වන්නේය.
“දීඝය, මේ කුල පුත්‍රයෝ තිදෙනා, යම් ජනපදයකින් ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදිවූවාහුද, ඒ ජනපදය පවා මේ කුල පුත්‍රයන් තිදෙනා, පැහැදුනු සිතින් සිහි කරත්නම් ඒ නගරයටත් දීර්ඝ කාලයක් මුළුල්ලේ හිත පිණිස, සැප පිණිස වන්නේය.
“දීඝය, සියලු ක්ෂත්රියයෝ, මේ කුලපුත්‍රයන් තිදෙනා, පැහැදුනු සිතින් සිහි කරත්නම්, ඒ සියලු ක්ෂත්රියයන්ට බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත පිණිස, සැප පිණිස වන්නේය.
“දීඝය, සියලු බ්‍රාහ්මණයෝ මේ කුලපුත්‍රයන් තිදෙනා, පැහැදුනු සිතින් සිහි කරත් නම්, ඒ බ්‍රාහ්මණයන්ට බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත පිණිස, සැප පිණිස වන්නේය.
“දීඝය, සියලු වෛශ්‍යයෝ මේ කුලපුත්‍රයන් තිදෙනා, පැහැදුනු සිතින් සිහි කරත් නම්, ඒ වෛශ්‍යයන්ට දීර්ඝ කාලයක් මුළුල්ලෙහි හිත පිණිස, සැප පිණිස වන්නේය.
“දීඝය, සියලු ශුද්‍රයෝ, මේ කුලපුත්‍රයන් තිදෙනා, පැහැදුනු සිතින් සිහි කරත්නම්, ඒ ශුද්‍රයන්ට බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත පිණිස, සැප පිණිස වන්නේය.
“දීඝය, දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිතවූ, දෙවි මිනිසුන් සහිත ප්රජාවවූ සියලු ලෝවැසියා මේ කුලපුත්‍රයන් තිදෙනා, පැහැදුනු සිතින් සිහි කරත්නම්, දෙවියන් සහිත, මාරයන් සහිත, බ්‍රහ්මයන් සහිත, දෙවිමිනිසුන් සහිත සියලු සත්වයන්ට හිත පිණිස, සැප පිණිස වන්නේය. දීඝය, යම්තාක් මේ කුල පුත්‍රයෝ තිදෙන බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස ලොවට අනුකම්පා පිණිස පිළිපන්නාහුද, ඒ මේ යහපත් ආකාරය බලව”යි වදාළහ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටුවූ දීඝපරජන යක්ෂතෙම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තේය
|
2. මහාගොසිඞ්ගසුත්තං | 2. මහා ගොසිංග සූත්‍රය |
332
එවං
|
332
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ගොසිංග සාලවන නම් අරණ්‍යයෙහි සුප්‍රසිද්ධ සුප්‍රසිද්ධ බොහෝ ස්ථවිර ශ්‍රාවකයන් සමග,-එනම්:- ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්සේ, ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්වහන්සේ, ආයුෂ්මත් රෙවත ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ සහ මෙයින් අන්‍යවූද අතිශයින් ප්‍රසිද්ධව; ස්ථවිර ශ්රාවකයින් වහන්සේලා සමඟ-වැඩ වාසය කරති.
ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි ඵල සමාපත්තියෙන් නැඟී සිට ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ යම් තැනකද එතනට ගියහ. ගොස්, “ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයෙනි, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනකද බණ අසනු පිණිස එහි යමු”යි කීහ. ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ “ඇවැත්නි, එසේය”යි ආයුෂ්මත් මහා මෞද්ගල්‍යාන ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ.
ඉක්බිති ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනකද, බණ අසනු පිණිස එහි ගියහ. එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවීරයන් වහන්සේ යම් තැනකද, බණ අසනු පිණිස එහි යනු දුටහ. දැක ආයුෂ්මත් රෙවත ස්ථවිරයන් වහන්සේ යම් තැනකද එහි ගියහ. ගොස් ආයුෂ්මත් රෙවත ස්ථවිරයන් වහන්සේට මෙසේ කීහ.
“ආයුෂ්මත් රෙවත ස්ථවිරයෙනි, අසවල් සත්පුරුෂයෝ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනකද, බණ අසනු පිණිස එහි යන්නාහ. ආයුෂ්මත් රෙවත ස්ථවිරයෙනි, අපිත් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනකද බණ අසනු පිණිස එහි යමු” (කියායි) ඇවැත්නි, “එසේය”යි ආයුෂ්මත් රෙවත ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ඉක්බිති ආයුෂ්මත් රෙවත ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනකද බණ අසනු පිණිස එහි ගියහ.
|
333
අද්දසා ඛො ආයස්මා සාරිපුත්තො ආයස්මන්තඤ්ච රෙවතං ආයස්මන්තඤ්ච ආනන්දං දූරතොව ආගච්ඡන්තෙ. දිස්වාන ආයස්මන්තං ආනන්දං එතදවොච - ‘‘එතු ඛො ආයස්මා ආනන්දො! ස්වාගතං ආයස්මතො ආනන්දස්ස භගවතො උපට්ඨාකස්ස භගවතො සන්තිකාවචරස්ස! රමණීයං, ආවුසො ආනන්ද, ගොසිඞ්ගසාලවනං, දොසිනා රත්ති, සබ්බඵාලිඵුල්ලා
(සබ්බපාලිඵුල්ලා (සී.)) සාලා, දිබ්බා, මඤ්ඤෙ, ගන්ධා සම්පවන්ති; කථංරූපෙන, ආවුසො ආනන්ද, භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යා’’ති? ‘‘ඉධාවුසො සාරිපුත්ත
|
333
ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ එසේ එන්නාවූ ආයුෂ්මත් රෙවත ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේද දුරදීම දුටහ. දැක, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේ කීහ.
“ආයුෂ්මත් ආනන්දයෙනි, එනු මැනවි. භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායකවූ, භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි හැසිරෙන්නාවූ ආයුෂ්මත් ආනන්දයන්ගේ මෙහි පැමිණීම ඉතා යහපත්ය.
“ඇවැත්නි, ආනන්දයෙනි, ගොසිංගසාලවනය සිත්කලුය, රාත්‍රිය සඳ පහනින් බබලන්නීය. සල්ගස් මුල සිට අග දක්වා පිපී සිටියහ. දිව්යසුගන්ධය වැනි සුවඳ හමයි. ඇවැත් ආනන්දයෙනි, කෙබඳු ස්වභාව ඇති භික්ෂුවක් කරණ කොට ගෙන ගොසිංගසාලවනය හොබනේදැ”යි (විචාළහ.) “ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, මේ සාසනයෙහි භික්ෂුවක් බොහෝ ඇසූපිරූ තැන් ඇත්තේ වෙයිද, ඇසූ දේ සිත්හි දරන්නේ වෙයිද, ඇසූ ධර්මය සිත්හි රැස්කර ගත්තේ වෙයිද, මුල යහපත්වූ මැද යහපත්වූ අග යහපත්වූ අර්ථ සහිත බ්‍යඤ්ජන සහිතවූ යම් ඒ ධර්මකෙනෙක් මුළුමනින් සම්පූර්ණවූ පිරිසිදුවූ බ්‍රහ්මචරියාව ප්‍රකාශ කෙරෙත්ද, එබඳුවූ ධර්ම ඔහු විසින් බොහෝකොට අසන ලද්දාහු වෙත්ද, ප්‍රගුණ කරන ලද්දාහු වෙත්ද, වචනයෙන් කීම් වසයෙන් පුරුදුකරණ ලද්දාහු වෙත්ද, සිතින් සලකන ලද්දාහු වෙත්ද, ප්‍රඥාවෙන් මනාව අවබෝධ කරණ ලද්දාහු වෙත්ද හෙතෙම ආශ්‍රව (කෙලෙස්) නැති කිරීම පිණිස සිවුවණක් පිරිසට පද බ්‍යඤ්ජන සම්පත්තියෙන් සම්පූර්ණ කර ධර්මය දේශනා කරයිද, ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, එබඳු භික්ෂුවක් කරණකොට ගෙන ගොසිංගසාලවනය හොබනේය’යි (කීහ.)
|
334
එවං වුත්තෙ, ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං රෙවතං එතදවොච
|
334
මෙසේ කී කල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් රෙවත ස්ථවිරයන්ට මෙසේ කීහ.
“ඇවැත් රෙවතයෙනි, ආයුෂ්මත් ආනන්දයන් විසින් ස්වකීය වැටහීම පරිදි ප්‍රකාශ කරන ලද්දේය. එහිලා දැන් ආයුෂ්මත් රෙවතයන් විචාරමු. ඇවැත් රෙවතයෙනි, ගොසිංගසාලවනය සිත්කලුය, රාත්‍රිය සඳපහනින් බබලන්නීය. සල්ගස් මුල සිට අග දක්වා පිපී සිටියහ. දිව්‍ය සුගන්ධය වැනි සුවඳ හමයි. ඇවැත් රෙවතයෙනි, කෙබඳු ස්වභාව ඇති භික්ෂුවක් කරණකොටගෙන ගොසිංගසාලවනය හොබනේදැ”යි (විචාළහ.) “ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් පලසමවත්හි ඇලුනේ පලසමවත්හි කැමැත්ත ඇත්තේ තමාගේ හිත සමාධිගත කිරීමෙහි යෙදුනේ පහනොකළ ධ්‍යාන ඇත්තේ විදර්ශනායෙන් යුක්තවූයේ ශූන්‍යාගාරයෙහි භාවනාවන් වඩන්නේ වෙයිද, ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, මෙබඳු භික්ෂුවක් කරණකොටගෙන ගොසිංගසාල වනය හොබනේය”යි (කීහ.)
|
335
එවං වුත්තෙ, ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං අනුරුද්ධං එතදවොච - ‘‘බ්යාකතං ඛො, ආවුසො අනුරුද්ධ, ආයස්මතා රෙවතෙන යථාසකං පටිභානං. තත්ථ දානි මයං ආයස්මන්තං අනුරුද්ධං පුච්ඡාම - ‘රමණීයං, ආවුසො අනුරුද්ධ, ගොසිඞ්ගසාලවනං, දොසිනා රත්ති, සබ්බඵාලිඵුල්ලා සාලා, දිබ්බා, මඤ්ඤෙ, ගන්ධා සම්පවන්ති; කථංරූපෙන, ආවුසො අනුරුද්ධ, භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යා’’’ති? ‘‘ඉධාවුසො සාරිපුත්ත, භික්ඛු දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සහස්සං ලොකානං වොලොකෙති. සෙය්යථාපි, ආවුසො සාරිපුත්ත, චක්ඛුමා පුරිසො උපරිපාසාදවරගතො සහස්සං නෙමිමණ්ඩලානං වොලොකෙය්ය; එවමෙව ඛො, ආවුසො සාරිපුත්ත, භික්ඛු දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සහස්සං ලොකානං වොලොකෙති. එවරූපෙන ඛො, ආවුසො සාරිපුත්ත, භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යා’’ති.
|
335
මෙසේ කී කල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ට මෙසේ කීහ. “ඇවැත් අනුරුද්ධයෙනි, ආයුෂ්මත් රෙවතයන් විසින් ස්වකීය වැටහීම පරිදි ප්‍රකාශ කරන ලද්දේය. එහිලා දැන් අපි ආයුෂ්මත් අනුරුද්ධයන් විචාරමු. ඇවැත්නි, අනුරුද්ධයෙනි, ගොසිංගසාලවනය සිත්කලුය. රාත්‍රිය සඳපහනින් බබලන්නීය. සල්ගස් මුල සිට අග දක්වා පිපී සිටියහ. දිව්‍ය සුගන්ධය වැනි සුවඳ හමයි. ඇවැත් අනුරුද්ධයෙනි, කෙබඳු ස්වභාව ඇති භික්ෂුවක් කරණ කොට ගෙන ගොසිංගසාල වනය හොබනේදැයි, (විචාළහ.)
“ඇවැත්නි, ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, මේ ශාසනයෙහි භික්ෂුව පිරිසුදුවූ, මිනිස්බව ඉක්මවූ දිවඇසින් දහසක් ලොකධාතුව බලයිද, ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, ඇස් ඇති පුරුෂයෙක් උඩුමහල් තලයකට ගියේ නිම්වළලු දහසක් දකින්නේ යම්සේද, එසේම භික්ෂුව පිරිසුදුවූ, මිනිස් බව ඉක්මවූ දිවඇසින් දහසක් ලොකධාතුව බලයිද, ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, මෙබඳු භික්ෂුවක් කරණකොටගෙන ගොසිංගසාලවනය හොබනේය”යි (කීහ.)
|
336
එවං
|
336
මෙසේ කී කල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන්ට මෙසේ කීහ. “ඇවැත් මහා කාශ්‍යප ස්ථවිරයෙනි, ආයුෂ්මත් අනුරුද්ධයන් ස්වකීය වැටහීම පරිදි ප්‍රකාශ කරණ ලද්දේය. එහිලා දැන් අපි ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් විචාරමු. ඇවැත් මහාකාශ්‍යපයෙනි, ගොසිංගසාලවනය සිත්කලුය, රාත්‍රිය සඳ පහනින් බබලන්නීය. සල් ගස් මුල සිට අග දක්වා පිපී සිටියහ. දිව්‍ය සුගන්ධය වැනි සුවඳ හමයි. ඇවැත් මහාකාශ්‍යපයෙනි, කෙබඳු ස්වභාව ඇති භික්ෂුවක් කරණකොටගෙන ගොසිංගසාලවනය හොබනේදැයි (විචාළහ.)
“ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක්, තෙමේද සමාදන්වූ ආරණ්‍යකාංග ඇත්තේවේද, ආරණ්‍යකාංග පිරීමෙහි ගුණ කියන්නේ වේද, තෙමේද පිණ්ඩපාතිකවූයේ පිණ්ඩපාතික වීමෙහි ගුණ කියන්නේවේද, තෙමේද පංශුකූලිකාංග ඇත්තේ පංශුකූලික වීමෙහි ගුණ කියන්නේ වේද, තෙමේද තෙචීවරිකාංග ඇත්තේ, (තුන් සිවුරු පමණක් දැරීම) තෙචීවරික වීමෙහි ගුණ කියන්නේවේද, තෙමේද අල්පෙච්ඡ (ස්වල්පයකින් සතුටුවීම) වූයේ අල්පෙච්ඡ වීමෙහි ගුණකියන්නේවේද, තෙමේද ලදදෙයින් සතුටුවන්නේ ලදදෙයින් සතුටු වීමෙහි ගුණ කියන්නේ වේද, තෙමේද විවේකයෙන් යුක්ත වූයේ විවේකයෙහි ගුණ කියන්නේ වේද, තෙමේද සංසර්ගයෙන් (එකට ගැටී විසීම) තොරවූයේ අසංසර්ගයෙහි ගුණ කියන්නේවේද, තෙමේද පටන්ගත් වීර්‍ය්‍යය ඇත්තේ වීර්‍ය්‍ය කිරීමෙහි ගුණ කියන්නේ වේද, තෙමේද සීලයෙන් යුක්තවූයේ සීල සම්පත්තියෙහි ගුණ කියන්නේ වේද, තෙමේද සමාධියෙන් යුක්තවූයේ සමාධිසම්පත්තියෙහි ගුණ කියන්නේවේද, තෙමේද ප්‍රඥාවෙන් යුක්තවූයේ ප්‍රඥා සම්පත්තියෙහි ගුණ කියන්නේ වේද, තෙමේද විමුක්තියෙන් යුක්ත වූයේ විමුක්ති සම්පත්තියෙහි ගුණ කියන්නේවේද, තෙමේද විමුක්තිඥාන දර්ශනයෙන් යුක්තවූයේ විමුක්ති ඥාන දර්ශන සම්පත්තියෙහි ගුණ කියන්නේ වේද, ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, මෙබඳු භික්ෂුව කරණකොටගෙණ ගොසිංගසාල වනය හොබනේය”යි (කීහ.)
|
337
එවං වුත්තෙ, ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං මහාමොග්ගල්ලානං එතදවොච - ‘‘බ්යාකතං ඛො, ආවුසො මොග්ගල්ලාන, ආයස්මතා මහාකස්සපෙන යථාසකං පටිභානං. තත්ථ දානි මයං ආයස්මන්තං මහාමොග්ගල්ලානං පුච්ඡාම - ‘රමණීයං, ආවුසො මොග්ගල්ලාන, ගොසිඞ්ගසාලවනං, දොසිනා රත්ති, සබ්බඵාලිඵුල්ලා සාලා, දිබ්බා, මඤ්ඤෙ, ගන්ධා සම්පවන්ති; කථංරූපෙන, ආවුසො මොග්ගල්ලාන, භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යා’’’ති? ‘‘ඉධාවුසො සාරිපුත්ත, ද්වෙ භික්ඛූ අභිධම්මකථං කථෙන්ති, තෙ අඤ්ඤමඤ්ඤං පඤ්හං පුච්ඡන්ති, අඤ්ඤමඤ්ඤස්ස පඤ්හං පුට්ඨා විස්සජ්ජෙන්ති, නො ච සංසාදෙන්ති
(සංසාරෙන්ති (ක.)), ධම්මී ච නෙසං කථා පවත්තිනී හොති. එවරූපෙන ඛො, ආවුසො සාරිපුත්ත, භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යා’’ති.
|
337
මෙසේ කී කල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් මහා මෞද්ගල්‍යාන ස්ථවිරයන් වහන්සේට මෙසේ කීහ:- “ඇවැත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයෙනි, ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් විසින් ස්වකීය වැටහීම පරිදි ප්‍රකාශ කරන ලද්දේය. එහිලා දැන් අපි ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් විචාරමු. ඇවැත් මෞද්ගල්‍යායනයෙහි, ගොසිංගසාලවනය සිත්කලුය, රාත්‍රිය සඳ පහනින් බබලන්නීය. සල් ගස්මුල සිට අග දක්වා පිපී සිටියහ. දිව්‍ය සුගන්ධය වැනි සුවඳ හමයි. ඇවැත් මෞද්ගල්‍යායනයෙනි, කෙබඳු ස්වභාව ඇති භික්ෂුවක් කරණකොටගෙන ගොසිංගසාලවනය හොබනේ දැ”යි (විචාළහ.) “ඇවැත් ශාරීපුත්‍රස්ථවිරයෙනි, මේ ශාසනයෙහි භික්ෂූන් දෙනමක් අභිධර්ම කථා පවත්වත්ද, ඔවුහු ඔවුනොවුන් ප්‍රශ්න විචාරත්ද, ඔවුනොවුන් විසින් අසන ලද ප්‍රශ්න විසඳත්ද, කරුණු යටපත් නොකරත්ද, ඔවුන් අතර දැහැමි කථාව පවත්නී වෙයිද, ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, මෙබඳු භික්ෂුව කරණකොටගෙන ගොසිංගසාල වනය හොබනේය’යි (කීහ.)
|
338
අථ
|
338
ඉක්බිති මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙසේ කීහ. “ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, අප හැමදෙනා විසින් අපේ වැටහීම පරිදි ප්‍රකාශ කරන ලදී. මෙහිලා අපි දැන් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් විචාරමු. ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, ගොසිංගසාලවනය සිත්කලුය, රාත්‍රිය සඳ පහනින් බබලන්නීය. සල් ගස් මුල සිට අග දක්වා පිපී සිටියහ. දිව්‍ය සුගන්ධය වැනි සුවඳ හමයි. ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, කෙබඳු ස්වභාව ඇති භික්ෂුවක් කරණ කොට ගෙන ගොසිංගසාලවනය හොබනේදැ”යි, (විචාළහ)
“ඇවැත් මෞද්ගල්‍යායනයෙනි, මේ ශාසනයෙහි භික්ෂුව හිත වසඟ කර ගනියිද හිතට වසඟ වීමෙන් නොපවතියිද, හෙතෙම යම් ධ්‍යාන සමාපත්තියකින් යුක්තව උදය කාලයෙහි වාසය කරන්ට කැමති වේද, ඒ ධ්‍යාන සමාපත්තියෙන් යුක්තව උදය කාලයෙහි වාසය කෙරෙයිද, යම් ධ්‍යාන සමාපත්තියකින් දවල් කාලයෙහි වාසය කරන්ට කැමති වෙයිද, ඒ ධ්‍යාන සමාපත්තියෙන් දවල් කාලයෙහි වාසය කරයිද, සවස් කාලයෙහි යම් ධ්‍යාන සමාපත්තියකින් වාසය කරන්නට කැමතිවෙයිද, සවස් කාලයෙහි ඒ ධ්‍යාන සමාපත්තියෙන් වාසය කරයිද, ඇවැත් මෞද්ගල්‍යායනයෙනි, රජ කෙනෙකුගේ හෝ රාජ මහාමාත්‍යයෙකුගේ හෝ ඇඳුම් ගබඩාව නොයෙක් වර්ණ ඇති ඇඳුම්වලින් පිරුණේ වේද, හෙතෙම උදය කාලයෙහි යම් වස්ත්‍ර දෙකක් අඳින්නට කැමති වෙයි නම් ඒ වස්ත්‍ර දෙක උදය කාලයෙහි අඳියිද, දවල් කාලයෙහි යම් වස්ත්‍ර දෙකක් අඳින්නට කැමති වෙයි නම් ඒ වස්ත්‍ර දෙක දවල් කාලයෙහි අඳියිද, සවස් කාලයෙහි යම් වස්ත්‍ර දෙකක් අඳින්නට කැමති වෙයි නම් ඒ වස්ත්‍ර දෙක සවස් කාලයෙහි අඳියිද, ඇවැත් මෞද්ගල්‍යායනයෙහි, මෙසේම මහණතෙම හිත වසඟ කර ගනියිද, හිතට වසඟව නොපවතියිද, හෙතෙම යම් ධ්‍යාන සමාපත්තියකින් යුක්තව උදය කාලයෙහි වාසය කරන්නට කැමති නම් ඒ ධ්‍යාන සමාපත්තියෙන් යුක්තව උදය කාලයෙහි වාසය කරයිද, යම් ධ්‍යාන සමාපත්තියකින් දාවල් කාලයෙහි වාසය කරන්ට කැමති වෙයි නම් ඒ ධ්‍යාන සමාපත්තියෙන් දවල් කාලයෙහි වාසය කරයිද සවස් කාලයෙහි යම් ධ්‍යාන සමාපත්තියකින් වාසය කරන්නට කැමති වෙයි නම් සවස් කාලයෙහි ඒ ධ්‍යාන සම්පත්තියෙන් වාසය කරයිද, ඇවැත් මෞද්ගල්‍යායනයෙනි, මෙබඳු ස්වභාව ඇති භික්ෂුව කරණ කොට ගෙන ගොසිංගසාලවනය හොබනේය”යි (කීහ.)
|
339
අථ ඛො ආයස්මා සාරිපුත්තො තෙ ආයස්මන්තෙ එතදවොච - ‘‘බ්යාකතං ඛො, ආවුසො, අම්හෙහි සබ්බෙහෙව යථාසකං පටිභානං. ආයාමාවුසො, යෙන භගවා තෙනුපසඞ්කමිස්සාම; උපසඞ්කමිත්වා එතමත්ථං
|
339
ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ඒ ආයුෂ්මතුන් වහන්සේලාට මෙසේ කීහ. “ඇවැත්නි, අප සියලුදෙනා විසින් අපේ දැනීම පරිදි ප්‍රකාශ කරනලදී. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එහි යමු; ගොස්, මේ කාරණය භාග්‍යවතුන් වහන්සේට සැල කරමු. භාග්‍යවතුන් වහන්සේ අපට යම් ආකාරයකින් ප්‍රකාශ කරත් නම් එසේ මෙය දරා ගනිමු”යි (කීහ.) ‘එසේය, ඇවැත්නි’යි ඒ ආයුෂ්මත්වරු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්සේට පිළිතුරු දුන්හ. ඉක්බිති ඒ (සියලු) ආයුෂ්මතුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි ගියහ. ගොස්, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පස්ව උන්හ. එකත්පසෙක උන් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ. “ස්වාමීනි, ආයුෂ්මත් රෙවත තෙමේද, ආයුෂ්මත් ආනන්ද තෙමේද බණ අසනු පිණිස මා වෙත පැමිණියහ. ස්වාමීනි, මම මෙසේ එන්නාවූ ආයුෂ්මත් රෙවතයන් හා ආයුෂ්මත් ආනන්දයන් දුරදීම දුටුවෙමි. දැක, ආයුෂ්මත් ආනන්දයන්ට මෙසේ කීවෙමි.
“භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායකවූ, භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහිම හැසිරෙන්නාවූ ආයුෂ්මත් ආනන්දයන්ගේ මෙහි පැමිණීම යහපත්ය. ඇවැත් ආනන්දයෙනී, ගොසිංගසාල වනය සිත්කලුය, රාත්‍රිය සඳහපනින් බබලන්නීය. සල්ගස් මුල සිට අග දක්වා පිපී සිටියහ. දිව්‍ය සුගන්ධය වැනි සුවඳ හමයි. ඇවැත් ආනන්දයෙනි, කෙබඳු ස්වභාව ඇති භික්ෂුවක් කරණකොටගෙන ගොසිංගසාල වනය හොබනේදැ”යි (ඇසීමි.)
“ස්වාමීනි, මෙසේ කී කල්හි ආයුෂ්මත් ආනන්ද තෙමේ මට මෙසේ කීය. ‘ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් බොහෝ ඇසූපිරූ තැන් ඇත්තේ වෙයිද, ඇසූ දේ හිතෙහි දරන්නේ වෙයිද, ඇසූ ධර්මය සිත්හි රැස්කර ගත්තේ වෙයිද. මුල යහපත්වූ, මැද යහපත්වූ, අග යහපත්වූ, අර්ථ සහිතවූ, බ්‍යඤ්ජන සහිතවූ යම් ඒ ධර්මකෙනෙක් මුළුමනින් සම්පූර්ණවූ පිරිසිදුවූ බ්‍රහ්මචරියාව ප්‍රකාශ කෙරෙත්ද, එබඳුවූ ධර්ම ඔහු විසින් බොහෝකොට අසන ලද්දාහු වෙත්ද, ප්‍රගුණ කරන ලද්දාහු වෙත්ද, වචනයෙන් කීම් වසයෙන් පුරුදුකරණ ලද්දාහු වෙත්ද, සිතින් සලකන ලද්දාහු වෙත්ද, ප්‍රඥාවෙන් මනාව අවබෝධ කරණ ලද්දාහු වෙත්ද හෙතෙම ආශ්‍රව (කෙලෙස්) නැතිකිරීම පිණිස සිවුවණක් පිරිසට පද බ්‍යඤ්ජන සම්පත්තියෙන් සම්පූර්ණ කර ධර්මය දේශනා කරයිද, ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, එබඳු භික්ෂුවක් කරණකොටගෙන ගොසිංගසාලවනය හොබනේය’යි (කීය)
“ශාරීපුත්‍රය, ඉතා යහපති, ඉතා යහපති. ආනන්ද මනාව ප්‍රකාශ කරන්නේ මෙසේ ප්‍රකාශ කරන්නේය. ශාරීපුත්‍රය, ආනන්ද බොහෝ ඇසූපිරූතැන් ඇත්තේය. ඇසූ දේ හිත්හි දරන්නේය, ඇසූ දේ සිත්හි රැස්කරගෙන සිටින්නේය. මුල යහපත්වූ, මැද යහපත්වූ, අග යහපත්වූ, අර්ථ සහිතවූ, බ්‍යඤ්ජන සහිතවූ, යම් ඒ ධර්ම කෙනෙක් මුළුමනින් සම්පූර්ණවූ පිරිසිදු බ්‍රහ්මචරියාව ප්‍රකාශ කරත්ද. එබඳු ධර්ම ඔහු විසින් බොහෝ අසන ලද්දාහු වෙත්. ප්‍රගුණ කරන ලද්දාහු වෙත්. වචනයෙන් කීම් වශයෙන් පුරුදු කරන ලද්දාහු වෙත්, සිතින් සලකන ලද්දාහු වෙත්. හෙතෙම ආශ්‍රව (කෙලෙස්) නැතිකිරීම පිණිස සිව් පිරිසට පද බ්‍යඤ්ජන සම්පත්තියෙන් සම්පූර්ණකර ධර්මය දේශනා කරයි”
|
340
‘‘එවං වුත්තෙ, අහං, භන්තෙ, ආයස්මන්තං රෙවතං එතදවොචං - ‘බ්යාකතං ඛො, ආවුසො රෙවත ආයස්මතා ආනන්දෙන යථාසකං පටිභානං. තත්ථ දානි මයං ආයස්මන්තං රෙවතං පුච්ඡාම - රමණීයං, ආවුසො රෙවත, ගොසිඞ්ගසාලවනං, දොසිනා රත්ති, සබ්බඵාලිඵුල්ලා සාලා, දිබ්බා මඤ්ඤෙ ගන්ධා සම්පවන්ති. කථංරූපෙන, ආවුසො රෙවත, භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යා’ති? එවං වුත්තෙ, භන්තෙ, ආයස්මා රෙවතො මං එතදවොච - ‘ඉධාවුසො සාරිපුත්ත භික්ඛු පටිසල්ලානාරාමො හොති පටිසල්ලානරතො
|
340
“ස්වාමීනි, මෙසේ කී කල්හි මම ආයුෂ්මත් රෙවතයන්ට මෙසේ කීවෙමි. ‘ඇවැත් රෙවතයෙනි, ආයුෂ්මත් ආනන්ද විසින් ස්වකීය වැටහීම පරිදි ප්‍රකාශ කරන ලද්දේය. එහිලා දැන් අපි ආයුෂ්මත් රෙවත ස්ථවිරයන් විචාරමු. ඇවැත් රෙවතයෙනි, ගොසිංග සාලවනය සිත්කලුය, රාත්‍රිය සඳ පහනින් බබලන්නීය සල්ගස් මුලසිට අග දක්වා පිපී සිටියහ. දිව්‍ය සුගන්ධය වැනි සුවඳ හමයි. ඇවැත් රෙවතයෙනි, කෙබඳු ස්වභාව ඇති භික්ෂුවක් කරණ කොට ගෙන ගොසිංගසාල වනය හොබනේදැ’යි (ඇසීමි.) ස්වාමීනි, මෙසේ ඇසූ කල්හි ආයුෂ්මත් රෙවත තෙමේ මට මෙසේ කීයේය. ඇවත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් පලසමවත්හි ඇලුනේ, පලසමවත්හි කැමැත්ත ඇත්තේ, තමාගේ හිත සමාධිගත කිරීමෙහි යෙදුනේ පහනොකළ ධ්‍යාන ඇත්තේ, විදර්ශනායෙහි යුක්ත වූයේ ශූන්‍යාගාරයෙහි භාවනාවන් වඩන්නේ වෙයිද, ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, මෙබඳු භික්ෂුවක් කරණකොටගෙන ගොසිංග සාලවනය හොබනේය’යි (කීය.)
‘ශාරීපුත්‍රය, ඉතා යහපත, ඉතා යහපත. රෙවත මනාව ප්‍රකාශ කරන්නේ මෙසේ ප්‍රකාශ කරන්නේය, ශාරීපුත්‍රය, රෙවත වනාහි පලසමවත්හි ඇළුනේය, පලසමවත්හි කැමැත්ත ඇත්තේය. තමාගේ හිත සමාධිගත කිරීමෙහි යෙදුනේය, පහනොකළ ධ්‍යාන ඇත්තේය, විදර්ශනාවෙන් යුක්තය. ශූන්‍යාගාරයෙහි වඩන භාවනා ඇත්තේය.
|
341
‘‘එවං
|
341
“ස්වාමීනි, මෙසේ කී කල්හි මම ආයුෂ්මත් අනුරුද්ධයන්ට මෙසේ කීවෙමි. ‘ඇවැත් අනුරුද්ධයෙනි, ආයුෂ්මත් රෙවත විසින් ස්වකීය වැටහීම පරිදි ප්‍රකාශ කරණ ලද්දේය. එහිලා දැන් අපි ආයුෂ්මත් අනුරුද්ධයන් විචාරමු. ඇවැත් අනුරුද්ධයෙනි, ගොසිංගසාලවනය සිත්කලුය, රාත්‍රිය සඳ පහනින් බබලන්නීය. සල් ගස් මුල සිට අග දක්වා පිපී සිටියහ. දිව්‍ය සුගන්ධය වැනි සුවඳ හමයි. ඇවැත් අනුරුද්ධයෙනි, කෙබඳු ස්වභාව ඇති භික්ෂුවක් කරණ කොටගෙන ගොසිංගසාලවනය හොබනේදැ’යි (ඇසීමි.) මෙසේ ඇසූ කල්හි ස්වාමීනි, ආයුෂ්මත් අනුරුද්ධ තෙමේ මට මෙසේ කීයේය. ‘ඇවැත් ශාරිපුත්‍රයෙනි, මේ ශාසනයෙහි භික්ෂුව පිරිසිදුවූ මිනිස් බව ඉක්මවූ දිව ඇසින් දහසක් ලොකධාතුව බලයිද, ඇවැත් ශාරිපුත්‍ර ස්ථවිරයෙනි, ඇස් ඇති පුරුෂයෙක් උඩුමහල්තලයකට ගියේ නිම්වළලු දහසක් දකින්නේ යම්සේද, එසේම භික්ෂුව පිරිසිදුවූ මිනිස් බව ඉක්මවූ දිව ඇසින් දහසක් ලොක ධාතුව බලයිද, ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, මෙබඳු භික්ෂුවක් කරණකොටගෙන ගොසිංගසාලවනය හොබනේය’යි (කීහ.)
“ශාරීපුත්‍රය, ඉතා යහපත, ඉතා යහපත. අනුරුද්ධ මනාව ප්‍රකාශ කරන්නේ මෙසේ ප්‍රකාශ කරන්නේය. ශාරීපුත්‍රය, අනුරුද්ධ වනාහි පිරිසිදුවූ, මිනිස් බව ඉක්මවූ දිව ඇසින් දහසක් ලොක ධාතුව බලන්නේය.”
|
342
‘‘එවං වුත්තෙ, අහං, භන්තෙ, ආයස්මන්තං මහාකස්සපං එතදවොචං - ‘බ්යාකතං ඛො, ආවුසො
|
342
“ස්වාමීනි, මෙසේ කී කල්හි මම ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන්ට මෙසේ කීවෙමි. ‘ඇවැත් මහාකාශ්‍යපයෙනි, ආයුෂ්මත් අනුරුද්ධයන් විසින් ස්වකීය වැටහීම පරිදි ප්‍රකාශ කරනලදී. මෙහිදී අපි ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් විචාරමු. ඇවැත් මහාකාශ්‍යපයෙනි, ගොසිංග සාලවනය සිත්කලුය. රාත්‍රිය සඳපහනින් බබලන්නීය. සල්ගස් මුල සිට අග දක්වා පිපී සිටියහ. දිව්‍ය සුගන්ධය වැනි සුවඳ හමයි. ඇවැත් මහා කාශ්‍යපයෙනි, කෙබඳු ස්වභාව ඇති භික්ෂුවක් කරණ කොට ගෙන ගොසිංගසාලවනය හොබනේදැ”යි ඇසීමි.
“ස්වාමීනි, මෙසේ ඇසූ කල්හි ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරතෙමේ මට මෙසේ කීයේය. ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් තෙමේද සමාදන්වූ ආරණ්‍යකාංග “ඇත්තේ ආරණ්‍යකාංග පිරීමෙහි ගුණ කියන්නේ වේද, තෙමේද පිණ්ඩපාතිකවූයේ පිණ්ඩපාතික වීමෙහි ගුණ කියන්නේවේද, තෙමේද පාංශුකූලිකාංග ඇත්තේ පාංශුකූලික වීමෙහි ගුණ කියන්නේ වේද, තෙමේද තෙචීවරිකාංග ඇත්තේ (තුන් සිවුරු පමණක් දැරීම) තෙචීවරික වීමෙහි ගුණ කියන්නේවේද, තෙමේද අල්පෙච්ඡ (ස්වල්පයකින් සතුටුවීම) වූයේ අල්පෙච්ඡවීමෙහි ගුණ කියන්නේ වේද, තෙමේද ලද දෙයින් සතුටුවන්නේ ලදදෙයින් සතුටුවීමෙහි ගුණකියන්නේ වේද, තෙමේද විවේකයෙන් යුක්තවූයේ විවේකයෙහි ගුණ කියන්නේ වේද, තෙමේද සංසර්ගයෙන් (එකට ගැටී විසීම) තොරවූයේ අසංසර්ගයෙහි ගුණ කියන්නේ වේද, තෙමේද පටන්ගත් වීර්‍ය්‍යය ඇත්තේ වීර්‍ය්‍ය කිරීමෙහි ගුණ කියන්නේ වේද, තෙමේද සීලයෙන් යුක්තවූයේ සීල සම්පත්තියෙහි ගුණ කියන්නේ වේද, තෙමේද සමාධියෙන් යුක්තවූයේ සමාධි සම්පත්තියෙහි ගුණ කියන්නේ වේද, තෙමේද ප්‍රඥාවෙන් යුක්තවූයේ ප්‍රඥාසම්පත්තියෙහි ගුණ කියන්නේ වේද, තෙමේද විමුක්තියෙන් යුක්තවූයේ විමුක්ති සම්පත්තියෙහි ගුණ කියන්නේවේද, තෙමේද විමුක්ති ඥානදර්ශනයෙන් යුක්තවූයේ විමුක්තිඥානදර්ශන සම්පත්තියෙහි ගුණ කියන්නේ වේද, ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, මෙබඳු භික්ෂුව කරණ කොටගෙන ගොසිංගසාලවනය හොබනේය”යි (කීය.)
“ශාරීපුත්‍රය, ඉතා යහපත, ඉතා යහපත. කාශ්‍යප මනාව ප්‍රකාශ කරන්නේ මෙසේ ප්‍රකාශ කරන්නේය. ශාරීපුත්‍රය, කාශ්‍යප වනාහි තෙමේ සමාදන්වූ ආරණ්‍යකාංග ඇත්තේ, ආරණ්‍යකාංග පිරීමෙහි ගුණ කියන්නේය. තෙමේද පිණ්ඩපාතික වූයේ, පිණ්ඩපාතික වීමෙහි ගුණ කියන්නේය. තෙමේද පාංශුකූලික වූයේ, පාංශුකූලික වීමෙහි ගුණ කියන්නේය. තෙමේද තෙචීවරිකාංග ඇත්තේ, (තුන් සිවුරු පමණක් දැරීම) තෙචීවරික වීමෙහි ගුණ කියන්නේය. තෙමේද අල්පෙච්ඡ (ස්වල්පයකින් සතුටුවීම) වූයේ, අල්පෙච්ඡ වීමෙහි ගුණ කියන්නේය. තෙමේද ලද දෙයින් සතුටු වන්නේ, ලද දෙයින් සතුටුවීමෙහි ගුණ කියන්නේය. තෙමේද විවේකයෙන් යුක්ත වූයේ, විවේකයෙහි ගුණ කියන්නේය තෙමේද සංසර්ගයෙන් (එකට ගැටී සිටීම) තොරවූයේ, අසංසර්ගයෙහි ගුණ කියන්නේය. තෙමේද පටන්ගත් වීර්‍ය්‍යය ඇත්තේ, වීර්‍ය්‍ය කිරීමෙහි ගුණ කියන්නේය. තෙමේද සීලයෙන් යුක්තවූයේ, සීල සම්පත්තියෙහි ගුණ කියන්නේය. තෙමේද ප්‍රඥාවෙන් යුක්ත වූයේ, ප්‍රඥාසම්පත්තියෙහි ගුණ කියන්නේය තෙමේද විමුක්තියෙන් යුක්තවූයේ, විමුක්ති සම්පත්තියෙහි ගුණ කියන්නේය. තෙමේද විමුක්ති ඥානදර්ශනයෙන්, යුක්තවූයේ විමුක්තිඥාන දර්ශන සම්පත්තියෙහි ගුණ කියන්නේය.
|
343
‘‘එවං වුත්තෙ, අහං භන්තෙ ආයස්මන්තං මහාමොග්ගල්ලානං එතදවොචං - ‘බ්යාකතං ඛො, ආවුසො මොග්ගල්ලාන, ආයස්මතා මහාකස්සපෙන
|
343
“ස්වාමීනි, මෙසේ කීකල්හි මම ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන්ට මෙසේ කීමි. ‘ඇවැත් මෞද්ගල්‍යායනයෙනි, ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් විසින් තමාගේ වැටහීම පරිදි ප්‍රකාශ කරනලදී. මෙහිලා අපි ආයුෂ්මත් මෞද්ගල්‍යායන ස්ථවිරයන් විචාරමු. ආයුෂ්මත් මෞද්ගල්‍යායනයෙනි, ගොසිංගසාලවනය සිත්කලුය, රාත්‍රිය සඳපහනින් බබලන්නීය. සල්ගස් මුල සිට අග දක්වා පිපී සිටියහ. දිව්‍ය සුගන්ධය වැනි සුවඳ හමයි. ඇවැත් මෞද්ගල්‍යායනයෙනි, කෙබඳු ස්වභාව ඇති භික්ෂුවක් කරණ කොටගෙන ගොසිංගසාලවනය හොබනේදැ’යි (ඇසීමි.) ස්වාමීනි, මෙසේ ඇසූ කල්හි ආයුෂ්මත් මෞද්ගල්යායනස්ථවිර තෙමේ මට මෙසේ කීයේය. ‘ඇවැත් ශාරීපුත්‍රයෙනි, මේ ශාසනයෙහි භික්ෂූන් දෙනමක් අභිධර්ම කථා කියත්ද, ඔවුහු ඔවුනොවුන් ප්‍රශ්න විචාරත්ද, ඔවුනොවුන් විසින් අසනලද ප්‍රශ්න විසඳත්ද, කරුණු යටපත් නොකරත්ද, ඔවුන් අතර දැහැමි කථාව පවත්නී වෙයිද, ඇවැත් ශාරීපුත්‍රස්ථවිරයෙනි, මෙබඳු භික්ෂුව කරණකොටගෙන ගොසිංගසාලවනය හොබනේය’යි (කීය.)
“ශාරීපුත්‍රය, ඉතා යහපත, ඉතා යහපත. මෞද්ගල්‍යායන මනාව ප්‍රකාශ කරන්නේ මෙසේ ප්‍රකාශ කරන්නේය. ශාරීපුත්‍රය, මෞද්ගල්‍යායන වනාහි ධර්මකථිකය.”
|
344
එවං වුත්තෙ, ආයස්මා මහාමොග්ගල්ලානො භගවන්තං එතදවොච - ‘‘අථ ඛ්වාහං, භන්තෙ, ආයස්මන්තං සාරිපුත්තං එතදවොචං - ‘බ්යාකතං ඛො, ආවුසො සාරිපුත්ත, අම්හෙහි සබ්බෙහෙව යථාසකං පටිභානං. තත්ථ දානි
|
344
මෙසේ කී කල්හි ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “ඉක්බිති ස්වාමීනි, මම ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්සේට මෙසේ කීවෙමි. ‘ඇවැත් ශාරීපුත්‍රයෙනි, අප හැමදෙනා විසින් අපේ වැටහීම පරිදි ප්‍රකාශ කරනලදී. මෙහිලා අපි දැන් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් විචාරමු. ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, ගොසිංගසාලවනය සිත්කලුය, රාත්‍රිය සඳපහනින් බබලන්නීය. සල්ගස් මුලසිට අග දක්වා පිපී සිටියහ. දිව්‍ය සුගන්ධය වැනි සුවඳ හමයි. ඇවැත් ශාරීපුත්‍රය, කෙබඳු ස්වභාව ඇති භික්ෂුවක් කරණකොටගෙන ගොසිංගසාලවනය හොබනේදැ’යි (ඇසීමි.) ස්වාමීනි, මෙසේ ඇසූ කල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මට මෙසේ කීහ. “ඇවැත් මෞද්ගල්‍යායනයෙනි, මේ ශාසනයෙහි භික්ෂුව හිත වසඟකර ගනියිද, හිතට වසඟ වීමෙන් නොපවතියිද, හෙතෙම යම් සමාපත්තියකින් යුක්තව උදය කාලයෙහි වාසය කරන්ට කැමති වේ නම් ඒ ධ්‍යාන සමාපත්තියෙන් යුක්තව උදය කාලයෙහි වාසය කරයිද, යම් ධ්‍යාන සමාපත්තියකින් දවල් කාලයෙහි වාසය කරන්ට කැමතිවෙයි නම් ඒ ධ්‍යාන සමාපත්තියෙන් දවල් කාලය වාසය කරයිද, සවස් කාලයෙහි යම් ධ්‍යාන සමාපත්තියකින් වාසය කරන්නට කැමති වෙයි නම් සවස් කාලයෙහි ඒ ධ්‍යාන සමාපත්තියෙන් වාසය කරයිද, ඇවැත් මෞද්ගල්‍යායනයෙනි, රජකෙනෙකුගේ හෝ රාජ මහාමාත්‍යයෙකුගේ හෝ ඇඳුම් ගබඩාව නොයෙක් වර්ණ ඇති ඇඳුම් වලින් පිරුනේ වේද, හෙතෙම උදය කාලයෙහි යම් වස්ත්‍ර දෙකක් අඳින්නට කැමති වෙයි නම් ඒ වස්ත්‍ර දෙක උදය කාලයෙහි අඳියි, දවල් කාලයෙහි යම් වස්ත්‍ර දෙකක් අඳින්නට කැමතිවෙයි නම් ඒ වස්ත්‍ර දෙක දවල් කාලයෙහි අඳියි, සවස් කාලයෙහි යම් වස්ත්‍ර දෙකක් අඳින්නට කැමතිවෙයි නම් ඒ වස්ත්‍ර දෙක සවස් කාලයෙහි අඳින්නේද, ඇවැත් මෞද්ගල්‍යායනයෙනි, මෙසේම මහණතෙම හිත වසඟකර ගනියිද, හිතට වසඟව නොපවතියිද, ඇවැත් මෞද්ගල්‍යායනයෙනි, මෙබඳු ස්වභාව ඇති භික්ෂුව කරණ කොටගෙන ගොසිංගසාලවනය හොබනේය”යි (කීහ.)
“මෞද්ගල්‍යායනයෙනි, ඉතා යහපත, ඉතා යහපත, ශාරීපුත්‍ර මනාව ප්රකාශකරන්නේ මෙසේ ප්‍රකාශකරන්නේය. මෞද්ගල්‍යායනයෙනි, ශාරීපුත්‍ර වනාහි උදයකාලයෙහි යම් සමාපත්තියකින් වාසය කරන්නට කැමතිනම් උදය කාලයෙහි ඒ සමාපත්තියෙන් වාසයකරන්නේය. දවල් කාලයෙහි යම් සමාපත්තියකින් වාසය කරන්නට කැමතිනම් දවල් කාලයෙහි ඒ සමාපත්තියෙන් වාසයකරන්නේය. සවස් කාලයෙහි යම් සමාපත්තියකින් වාසය කරන්නට කැමතිනම් සවස් කාලයෙහි ඒ සමාපත්තියෙන් වාසය කරන්නේය.
|
345
එවං
ඉදමවොච භගවා. අත්තමනා තෙ ආයස්මන්තො
(තෙ භික්ඛූ (ක.)) භගවතො භාසිතං අභිනන්දුන්ති.
|
345
මෙසේ කී කල්හි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේකීහ. “ස්වාමීනි, කවරෙකුගේ ප්‍රකාශය යහපත් ප්‍රකාශය වන්නේද?” “ශාරීපුත්‍රය, තොප සියලුදෙනාගේ ප්‍රකාශ ඒ ඒ කාරණයෙන් යහපත් ප්‍රකාශමය. එහෙත් ‘කෙබඳු භික්ෂුවක් කරණ කොටගෙන ගොසිංග සාලවනය හොබනේදැ’යි මගෙන්ද අසව්. ශාරීපුත්‍රය, මේ ශාසනයෙහි මහණ තෙම බතෙන් පසුව පිණ්ඩපාතයෙන් වැළකුණේ පලක් බැඳගෙන කය ඍජුකොට පිහිටුවා සිහිය ඉදිරිකොට පිහිටුවාගෙන, මගේ සිත යම්තාක් උපාදානයන්ගෙන් වෙන්ව, කෙලෙසුන් කෙරෙන් නොමිදෙන්නේද, ඒතාක් පර්ය්යංකය නොබිඳින්නෙමියි හිඳියිද, ශාරීපුත්‍රය, මෙබඳු භික්ෂුව කරණ කොට ගෙණ ගොසිංග සාලවනය හොබනේය.” භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළහ. සතුටු සිත් ඇත්තාවූ ඒ ආයුෂ්මත්හු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්හ.
|
3. මහාගොපාලකසුත්තං | 3. මහා ගොපාල සූත්‍රය |
346
එවං
‘‘එකාදසහි, භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො ගොපාලකො අභබ්බො ගොගණං පරිහරිතුං ඵාතිං කාතුං
(ඵාතිකත්තුං (සී. පී.), ඵාතිකාතුං (ස්‍යා. කං.)). කතමෙහි එකාදසහි? ඉධ, භික්ඛවෙ, ගොපාලකො න රූපඤ්ඤූ හොති, න ලක්ඛණකුසලො හොති, න ආසාටිකං හාරෙතා
(සාටෙතා (සී. ස්‍යා. කං. පී.)) හොති, න වණං පටිච්ඡාදෙතා හොති, න ධූමං කත්තා හොති, න තිත්ථං ජානාති, න පීතං ජානාති, න වීථිං ජානාති, න ගොචරකුසලො හොති අනවසෙසදොහී ච හොති. යෙ තෙ උසභා ගොපිතරො ගොපරිණායකා තෙ න අතිරෙකපූජාය පූජෙතා හොති. ඉමෙහි ඛො, භික්ඛවෙ, එකාදසහි අඞ්ගෙහි සමන්නාගතො ගොපාලකො අභබ්බො ගොගණං පරිහරිතුං ඵාතිං කාතුං. එවමෙව ඛො, භික්ඛවෙ, එකාදසහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අභබ්බො ඉමස්මිං ධම්මවිනයෙ
|
346
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේ පිඩු සිටුහු විසින් කරවන ලද ජේතවන නම් විහාරයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂූන්ට කථා කළහ. “ස්වාමීන්වහන්ස”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
“මහණෙනි, එකොළොස් අංගයකින් යුක්තවූ ගොපලු තෙම ගව සමූහයා හසුරුවන්ටද, දියුණු කරන්ටද නුසුදුසු වෙයි. කවර අංග එකළොසකින්ද යත්: මහණෙනි, මේ ලෝකයෙහි ගොපලු තෙම, ගවයන්ගේ ගණන හෝ වර්ණ සටහන් හෝ නොදන්නේ වේද, (ගවයන්ගේ ශරීරයෙහි ඇති) ලකුණු නොදන්නේ වෙයිද, (ගවසිරුරෙහි හටගත්) වණ බෙහෙත් ලා ශුද්ධ නොකරන්නේ වෙයිද, වණය බෙහෙත් යොදා වසා නොබඳින්නේ වෙයිද, බෙහෙත් දුම් නොඅල්ලන්නේ වෙයිද, තොටවල් මනාව නොදනියිද, ගවයින් පැන් බිවූ හෝ නොබිවුබව නොදනියිද, මඟනොදනියිද, ඒ ඒ දිනවල ගවයන් හැසිරවිය යුතු තැන් නොදනියිද, (පැටවුන්ට ඉතිරි නොකර) සියලු කිරි දොවින්නේ වෙයිද, ගව පියන්වූ. ගව නායකයන්වූ වෘෂභයන්හට විශේෂ සැලකිලි නොකරන්නේ වෙයිද, මහණෙනි, මේ අංග එකොළසින් යුක්තවූ; ගොපලු තෙම ගවසමූහයා හසුරුවන්නටද දියුණු කරන්ටද නුසුදුසු වෙයි. මහණෙනි, එපරිද්දෙන්ම ධර්ම එකොළොසකින් යුක්තවූ, මහණ තෙම මේ ශාසනයෙහි වැඩීමටද, දියුණුවටද, විපුල බවටද පැමිණෙන්ට සුදුසු නොවෙයි. කවර එකොළොසකින්ද යත්:- මහණෙනි, මේ සස්නෙහි මහණතෙම රූප නොදන්නේ වේද, ලක්ෂණ නොදන්නේවේද, පණුබිජු ඉවත්නොකරන්නේ වේද, තුවාල නොවසන්නේ වේද, දුම් නොඅල්ලන්නේ වේද, තොටුපල නොදනීද, බොන ලද්ද නොදනීද, වීථිය නොදනීද, ගොචරයෙහි අදක්ෂ වේද, ඉතිරි නොකර දොවන්නේ වේද, බොහෝ රාත්‍රි දන්නාවූ, පැවිදිවී බොහෝ කල් ගිය ඒ ස්ථවිර භික්ෂූහු වෙත්ද, ඔවුන්ට අන්‍යයන්ට වැඩිවූ පූජාවෙන් නොපුදන්නේ වේද.
|
347
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු න රූපඤ්ඤූ හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු යං කිඤ්චි රූපං සබ්බං රූපං ‘චත්තාරි මහාභූතානි, චතුන්නඤ්ච මහාභූතානං උපාදායරූප’න්ති යථාභූතං නප්පජානාති. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු න රූපඤ්ඤූ හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු න ලක්ඛණකුසලො හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු ‘කම්මලක්ඛණො
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු න ආසාටිකං හාරෙතා හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු උප්පන්නං කාමවිතක්කං අධිවාසෙති, නප්පජහති න විනොදෙති න බ්යන්තී කරොති න අනභාවං ගමෙති. උප්පන්නං බ්යාපාදවිතක්කං...පෙ.... උප්පන්නං විහිංසාවිතක්කං...පෙ.... උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ අධිවාසෙති, නප්පජහති
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු න වණං පටිච්ඡාදෙතා හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු චක්ඛුනා රූපං දිස්වා නිමිත්තග්ගාහී හොති අනුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය න පටිපජ්ජති, න රක්ඛති
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු න ධූමං කත්තා හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු යථාසුතං යථාපරියත්තං ධම්මං න විත්ථාරෙන පරෙසං දෙසෙතා හොති. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු න ධූමං කත්තා හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු න තිත්ථං ජානාති? ඉධ, භික්ඛවෙ, භික්ඛු යෙ තෙ භික්ඛූ බහුස්සුතා ආගතාගමා ධම්මධරා විනයධරා මාතිකාධරා, තෙ කාලෙන කාලං උපසඞ්කමිත්වා න පරිපුච්ඡති, න පරිපඤ්හති - ‘ඉදං, භන්තෙ, කථං? ඉමස්ස කො අත්ථො’ති? තස්ස තෙ ආයස්මන්තො අවිවටඤ්චෙව න විවරන්ති, අනුත්තානීකතඤ්ච න උත්තානී කරොන්ති, අනෙකවිහිතෙසු
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු න පීතං ජානාති? ඉධ, භික්ඛවෙ, භික්ඛු තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ දෙසියමානෙ න ලභති අත්ථවෙදං, න ලභති ධම්මවෙදං, න ලභති ධම්මූපසංහිතං පාමොජ්ජං. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු න පීතං ජානාති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු න
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු න ගොචරකුසලො හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු චත්තාරො සතිපට්ඨානෙ යථාභූතං නප්පජානාති. එවං ඛො, භික්ඛවෙ
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු අනවසෙසදොහී හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛුං සද්ධා ගහපතිකා අභිහට්ඨුං පවාරෙන්ති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරෙහි, තත්ර භික්ඛු මත්තං න ජානාති පටිග්ගහණාය. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු අනවසෙසදොහී හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු යෙ තෙ භික්ඛූ ථෙරා රත්තඤ්ඤූ චිරපබ්බජිතා සඞ්ඝපිතරො සඞ්ඝපරිණායකා තෙ න අතිරෙකපූජාය පූජෙතා හොති
‘‘ඉමෙහි ඛො භික්ඛවෙ එකාදසහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අභබ්බො ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිතුං.
|
347
“මහණෙනි, මහණතෙම කෙසේනම් රූප නොදන්නේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම යම් කිසි රූපයක්වෙයි නම් ඒ සියලු රූපය සතර මහාභූත රූපයන් හා සතර මහා භූතයන් නිසා පවත්නා රූපයයි ඇති සැටියෙන් නොදනීද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම රූප නොදන්නේ වෙයි. මහණෙනි, මහණ තෙම කෙසේනම් ලක්ෂණයෙහි අදක්ෂවේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම අඥානයා (අකුසල) කර්මය ලක්ෂණ කොට ඇත්තේය, ඥානවන්තයා (කුසල) කර්මය ලක්ෂණ කොට ඇත්තේයයි ඇතිසැටියෙන් නොදනීද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම ලක්ෂණයෙහි අදක්ෂවූයේ වෙයි.
“මහණෙනි, මහණ තෙම කෙසේ නම් පණු බිජු ඉවත් නොකරන්නේවේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම තමාගේ සිතෙහි පහළවූ කාමකල්පනා ඉවසාද, දුරුනොකරයිද ඉවත් නොකරයිද, විනාශ නොකරයිද, අභාවයට නොපමුණුවයිද, උපන්නාවූ ව්‍යාපාද කල්පනා ඉවසාද, දුරු නොකරයිද, විනාශ නොකෙරේද, අභාවයට නොපමුණුවයිද. උපන්නාවූ විහිංසා කල්පනා ඉවසාද, දුරු නොකරයිද, ඉවත් නොකෙරේද, විනාශ නොකෙරේද, අභාවයට නොපමුණුවයිද, උපනුපන් ලාමක අකුසල කල්පනා ඉවසාද ඉවත් නොකෙරේද, විනාශ නොකෙරේද, අභාවයට නොපමුණුවාද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම පණු බිජු ඉවත්නොකරන්නේ වේ.
“මහණෙනි, කෙසේ නම් මහණතෙම තුවාල නොවසන්නේවේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ඇසින් රූප දැක ශුභවසයෙන් ගන්නේ වෙයිද, ඉතාහොඳයයි ගන්නේ වෙයිද, යමක් හේතුකොටගෙණ ඇසින් අසංවරව වසන්නහුට දැඩි ලෝභය හා දොම්නස යන ලාමකවූ අකුසල ධර්මයෝ රැස් වන්නාහුද, ඒ ඇස සංවර කරගැනීමට නොපිළිපදියිද, ඇස නොරකියිද, ඇස සම්බන්ධයෙන් සංවරයට නොපැමිණෙයිද, කණින් ශබ්දය අසා ශුභ වශයෙන් ගන්නේ වෙයිද, ඉතා හොඳ යයි ගන්නේ වෙයිද, යමක් හේතු කොට ගෙන කණින් අසංවරව වසන්නහුට දැඩි ලෝභය හා දොම්නස යන ලාමක අකුශල ධර්මයෝ රැස්වන්නාහුද, ඒ කණ සංවර කර නොගනියිද, කණ නොරකියිද, කණ පිළිබඳව සංවරයට නොපැමිණෙයිද, නාසයෙන් සුවඳ දැන ශුභ වශයෙන් ගන්නේ වෙයිද ඉතා හොඳයයි ගන්නේ වෙයිද, යමක් හේතු කොට ගෙණ නාසයෙන් අසංවරව වසන්නහුට දැඩි ලෝභය හා දොම්නස යන ලාමක අකුසල ධර්මයෝ රැස්වන්නාහුද, ඒ නාසය සංවරකර නොගනියිද, නාසය නොරකියිද, නාසයෙහි සංවරයට නොපැමිණෙයිද, දිවෙන් රසය විඳ ශුභ වශයෙන් ගන්නේ වෙයිද, ඉතා හොඳයයි ගන්නේ වෙයිද, යමක් හේතු කොට ගෙන දිවෙන් අසංවරව වසන්නහුට දැඩි ලෝභය හා දොම්නස යන ලාමක අකුශල ධර්මයෝ රැස්වන්නාහුද ඒ දිව සංවර කර නොගනියිද, දිව නොරකියිද, දිව පිළිබඳව සංවරයට නොපැමිණෙයිද, කයින් ස්පර්ශය විඳ ශුභ වශයෙන් ගන්නේ වෙයිද, ඉතා හොඳයයි ගන්නේ වෙයිද, යමක් හේතුකොටගෙන කයින් අසංවරව වසන්නහුට දැඩි ලෝභය හා දොම්නස යන ලාමක අකුශල ධර්මයෝ රැස්වන්නාහුද, ඒ කය සංවරකර නොගනියිද, කය නොරකියිද, කය පිළිබඳව සංවරයට නොපැමිණෙයිද, සිතින් අරමුණු දැන ශුභ වශයෙන් ගන්නේ වෙයිද, ඉතා හොඳයයි ගන්නේ වෙයිද, යමක් හේතු කොට ගෙන (සිත) අසංවරව වසන්නහුට දැඩි ලෝභය හා දොම්නස යන ලාමක අකුශල ධර්මයෝ රැස්වන්නාහුද, ඒ සිත සංවරකර නොගනියිද, සිත නොරකියිද, සිත පිළිබඳව සංවරයට නොපැමිණෙයිද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම පණුබිජු ඉවත් නොකරන්නේ වේ.
“මහණෙනි, මහණතෙම කෙසේ නම් දුම් නොදෙන්නේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ඇසූ පරිදි, පුහුණ කළ පරිදි අනුන්ට විස්තර වශයෙන් ධර්මය නොදෙසන්නේවේද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම දුම් නොදෙන්නේ වෙයි.
“මහණෙනි, මහණතෙම කෙසේනම් තොටවල් නොදන්නේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම බොහෝ ඇසූ පිරූ තැන් ඇති, උගත් ආගම ඇති, දහම් දරන්නාවූ, විනය දරන්නාවූ මාතෘකා පාලි දරන්නාවූ යම් ඒ භික්ෂූහු වෙත්ද, ඔවුන්වෙත කලින්කල පැමිණ, ‘ස්වාමීනි, මෙය කෙසේද, මේ පදයාගේ අර්ථය කවරේදැ’යි නොවිචාරයිද, නැවත නැවත නොවිචාරයිද, ඒ ආයුෂ්මත්හු ඔහුට අප්‍රකට කාරණය ප්‍රකට කර නොදෙත්ද. නොයෙක් සැක කටයුත්තන්හි සැක දුරු නොකරත්ද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම තොටවල් නොදන්නේ වෙයි.
“මහණෙනි, කෙසේනම් මහණතෙම පානය කළයුතු දෙය නොදනීද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම තථාගතයන් වහන්සේ විසින් වදාළාවූ ධර්ම විනය දේශනා කරනු ලබන කල්හි අර්ථය දැනීමෙන් සතුටක් නොලබයිද, පාළිය දැනීමෙන් සතුටක් නොලබයිද, ධර්මයෙන් යුක්තව සතුටක් නොලබයිද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම පානය කළයුත්ත නොදනියි.
“මහණෙනි, මහණතෙම කෙසේනම් වීථිය නොදනීද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ආර්‍ය්‍යවූ අෂ්ටාඩ්ගික මාර්ගය ඇති සැටියෙන් නොදනීද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම වීථිය නොදන්නේ වෙයි.
“මහණෙනි, මහණතෙම කෙසේනම් ගොචරයෙහි අදක්ෂවේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සතර සතිපට්ඨානයන් ඇති සැටියෙන් නොදනියිද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම ගොචරයෙහි අදක්ෂ වෙයි.
“මහණෙනි, මහණතෙම කෙසේනම් ඉතිරි නොකර දොවින්නේවේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවට ශ්‍රද්ධා සිත් ඇත්තාවූ ගිහියෝ සිවුරුය, පිණ්ඩපාතය, සේනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකර යන මෙයින් පවරත්ද, ඒ මහණ තෙම ඒ සිව්පසය පිළිගැනීමෙහි පමණ නොදනීද මහණෙනි, මෙසේ වනාහි මහණතෙම ඉතුරු නොකොට දොවින්නේ වේ.
“මහණෙනි, මහණතෙම බොහෝ රාත්‍රි දන්නාවූ, පැවිදිව බොහෝ කල් ගියාවූ සංඝපිතෘවූ සංඝනායකවූ යම් ඒ ස්ථවිර භික්ෂූහු වෙත්ද, ඔවුන් විශේෂ පූජාවෙන් කෙසේ නොපුදන්නේවේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම බොහෝ රාත්‍රි දන්නාවූ, පැවිදිව බොහොකල් ගියාවූ, සංඝ පිතෘවූ, සංඝනායකවූ යම් ඒ ස්ථවිර භික්ෂූහු වෙද්ද, ඔවුන් කෙරෙහි ඇති තැනද නැති තැනද මෛත්‍රී සහගත කායකර්ම නොපවත්වයිද, ඇතිතැනද නැතිතැනද මෛත්‍රී සහගත වාක් කර්ම නොපවත්වයිද, ඇතිතැනද නැතිතැනද මෛත්‍රී සහගත මනොකර්ම නොපවත්වයිද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම බොහෝ දේ දන්නාවූ, පැවිදිවී බොහෝ කල් ගියාවූ, සංඝපිතෘවූ සංඝනායකවූ යම් ඒ ස්ථවිර භික්ෂුහු වෙත්ද, ඔවුන් විශේෂ පූජාවෙන් නොපුදන්නේ වෙයි. මහණෙනි, මේ අංග එකොළොසින් යුක්තවූ මහණතෙම මේ ශාසනයෙහි වැඩීමටද, අභිවෘද්ධියටද, විපුල භාවයටද පැමිණෙන්ට සුදුසු නොවේ.
|
348
‘‘එකාදසහි
|
348
“මහණෙනි, අංග එකොළොසකින් යුක්තවූ ගොපලු තෙම ගව සමූහය හසුරුවන්ටද, දියුණු කරන්ටද සුදුසු වෙයි. කවර එකොළසකින් ද යත්:- මහණෙනි, මේ ලෝකයෙහි ගොපලු තෙම (ගවයින්ගේ) රූප සටහන් දන්නේ වෙයිද, ලකුණු දන්නේවේද, පණු බිජු ඉවත් කරන්නේ වේද, ගව වණ වසන්නේ වේද, දුම් දෙන්නේ වේද, තොටවල් දන්නේ වේද, පානය දනියිද, මඟ නොමඟ දනියිද, ගොචරයෙහි දක්ෂ වෙයිද, (පැටවුන්ට) ඉතිරිකොට කිරි දොවින්නේ වෙයිද, ගව පිතෘවූ, ගවනායකවූ යම් ඒ වෘෂභයෝ වෙත්ද, ඔවුන්ට විශේෂයෙන් සලකන්නේ වෙයිද,
“මහණෙනි, මේ එකොළොස් අංගයෙන් යුත් ගව පාලක තෙම ගව සමූහය හසුරුවන්ටද දියුණු කරන්ට සුදුසු වෙයි.
“මහණෙනි, එමෙන්ම කරුණු එකොළසකින් යුක්ත වූ භික්ෂුව මේ ශාසනයෙහි දියුණු බවටද, අභිවෘද්ධියටද, මහත් බවටද පැමිණෙන්ට සුදුසු වේ. කවර එකොළසකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම රූප අඳුනන්නේ වේද, ලකුණු දන්නේ වේද, පණු බිජු ඉවත් කරන්නේ වේද, තුවාලය වසන්නේ වේද, දුම් දෙන්නේ වේද, තොට දන්නේ වේද, පානය දන්නේ වේද, වීථිය දන්නේ වේද, ගොචරයෙහි දක්ෂ වේද, ඉතිරිකර දොවන්නේ වේද, බොහෝ රාත්‍රි දන්නාවූ පැවිදිව බොහෝ කල් ගියාවූ සංඝ පිතෘවූ සංඝ නායක වූ යම් ඒ ස්ථවිර භික්ෂූහු වෙද්ද ඔවුන් අතිරේක පූජාවෙන් පුදන්නේ වේද, යන (එකොළසයි)
|
349
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු රූපඤ්ඤූ හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු යං කිඤ්චි රූපං සබ්බං රූපං ‘චත්තාරි මහාභූතානි
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු ලක්ඛණකුසලො හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු කම්මලක්ඛණො බාලො, කම්මලක්ඛණො පණ්ඩිතොති යථාභූතං පජානාති. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු ලක්ඛණකුසලො හොති.
‘‘කථඤ්ච
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු වණං පටිච්ඡාදෙතා හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු චක්ඛුනා
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු ධූමං කත්තා හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං දෙසෙතා හොති. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු ධූමං කත්තා හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු තිත්ථං ජානාති? ඉධ, භික්ඛවෙ, භික්ඛු යෙ තෙ භික්ඛූ බහුස්සුතා ආගතාගමා ධම්මධරා විනයධරා මාතිකාධරා තෙ කාලෙන කාලං
‘‘කථඤ්ච භික්ඛවෙ, භික්ඛු
‘‘කථඤ්ච
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු ගොචරකුසලො හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු චත්තාරො සතිපට්ඨානෙ යථාභූතං පජානාති. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු ගොචරකුසලො හොති.
‘‘කථඤ්ච
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු යෙ තෙ භික්ඛූ ථෙරා රත්තඤ්ඤූ චිරපබ්බජිතා සඞ්ඝපිතරො සඞ්ඝපරිණායකා, තෙ අතිරෙකපූජාය පූජෙතා හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු යෙ තෙ භික්ඛූ ථෙරා රත්තඤ්ඤූ චිරපබ්බජිතා සඞ්ඝපිතරො සඞ්ඝපරිණායකා තෙසු මෙත්තං කායකම්මං පච්චුපට්ඨාපෙති ආවි චෙව රහො
‘‘ඉමෙහි ඛො, භික්ඛවෙ, එකාදසහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු භබ්බො ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිතු’’න්ති.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
|
349
“මහණෙනි, මහණතෙම කෙසේ නම් රූප අඳුනන්නේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම යම් රූපයක් වේද, ‘මේ සියලු රූප සතර මහා භූත රූප හා සතර මහා භූතයන්ගේ උපාදාය රූපයයි ඇති සැටියෙන් දනියි ද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම රූප අඳුනන්නේ වේ.
“මහණෙනි, මහණතෙම කෙසේ නම් ලකුණු අඳුනන්නේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම අඥානයා (අකුසල) කර්මය ලක්ෂණ කොට පවතී, පණ්ඩිතයා (කුසල) කර්මය ලක්ෂණ කොට පවතීයයි ඇතිසැටියෙන් දනීද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම ලකුණු අඳුනන්නේ නම් වේ.
“මහණෙනි, මහණතෙම කෙසේ නම් පණුබිජු ඉවත් කරන්නේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම උපන්නාවූ කාම විතර්කය නොඉවසාද, දුරලයිද, ඉවත් කරයිද, විනාශ කරයිද, අභාවයට පමුණුවයිද, උපන්නාවූ ව්‍යාපාද විතර්කය නොඉවසයිද, දුරලයිද, ඉවත් කරයිද, විනාශ කරයිද, අභාවයට පමුණුවයිද, උපන්නාවූ විහිංසා විතර්කය නොඉවසයිද, දුරලයිද, ඉවත් කරයිද, විනාශ කරයිද, අභාවයට පමුණුවයිද. උපනුපන් ලාමක අකුශල විතර්කයන් නොඉවසයිද, දුරලයිද, ඉවත් කරයිද, විනාශ කරයිද අභාවයට පමුණුවයිද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම පණු බිජු ඉවත් කරන්නේ වේ.
“මහණෙනි, මහණතෙම කෙසේ නම් තුවාලය වසන්නේ වේද? ඇසින් රූපය දැක, ශුභ වශයෙන් නොගන්නේ වෙයි ඉතා හොඳයයි නොගන්නේ වෙයි. යමක් හේතුකොට ගෙන චක්ෂු ඉන්ද්රියය (ඇස) අසංවරව වසන්නහුට දැඩි ලෝභය හා දොම්නස යන අකුසල ධර්මයෝ රැස්වන්නාහුද, ඒ ඇස සංවර කර ගනියි, ඇස රකියි. ඇස පිළිබඳව සංවරයට පැමිණෙයි.
“කණින් ශබ්දය අසා ශුභ වශයෙන් නොගන්නේවෙයි. ඉතා හොඳයයි නොගන්නේ වෙයි. යමක් හේතු කොට ගෙන ශ්‍රොත ඉන්ද්රියය (කණ) අසංවරව වසන්නහුට දැඩි ලෝභය හා දොම්නස යන අකුශලධර්‍මයෝ රැස්වන්නාහුද ඒ කණ සංවර කර ගනියි. කණ රකියි. කණ පිළිබඳව සංවරයට පැමිණෙයි. නාසයෙන් සුවඳ දැන ශුභ වශයෙන් නොගන්නේ වෙයි. ඉතා හොඳයයි නොගන්නේ වෙයි. යමක් හේතු කොට ගෙණ ඝ්‍රාණ ඉන්ද්රියය (නාසය) අසංවරව වසන්නහුට දැඩි ලෝභය හා දොම්නස යන අකුශලධර්‍මයෝ රැස්වන්නාහුද, ඒ නාසය සංවරකර ගනියි. නාසය රකියි. නාසය පිළිබඳව සංවරයට පැමිණෙයි. දිවෙන් රසය විඳ ශුභ වශයෙන් නොගන්නේ වෙයි. ඉතා හොඳයයි නොගන්නේ වෙයි. යමක් හේතු කොට ගෙන ජිව්හා ඉන්ද්රියය (දිව) අසංවරව වසන්නහුට දැඩි ලෝභය හා දොම්නස යන අකුශලධර්‍මයෝ රැස්වන්නාහුද, ඒ දිව සංවර කරගනියි. දිව රකියි. දිව පිළිබඳව සංවරයට පැමිණෙයි.
“කයින් ස්පර්ශය විඳ ශුභ වශයෙන් නොගන්නේ වෙයි. ඉතා හොඳයයි නොගන්නේ වෙයි. යමක් හේතු කොට ගෙන කාය ඉන්ද්රියය (ශරීරය) අසංවරව වසන්නහුට දැඩි ලෝභය හා දොම්නස යන ලාමක අකුශලධර්‍මයෝ රැස්වන්නාහුද ඒ ශරීරය සංවර කර ගනියි. ශරීරය රකියි. ශරීරය පිළිබඳව සංවරයට පැමිණෙයි.
“සිතින් අරමුණු දැන ශුභ වශයෙන් නොගන්නේ වෙයි. ඉතා හොඳයයි නොගන්නේ වෙයි. යමක් හේතු කොට ගෙන මනින්ද්රියය (සිත) අසංවරව වසන්නහුට දැඩි ලෝභය හා දොම්නස යන ලාමක අකුශලධර්‍මයෝ රැස් වන්නාහුද, ඒ සිත සංවර කර ගනියි. සිත රකියි. සිත පිළිබඳව සංවරයට පැමිණෙයි. මහණෙනි, මෙසේ වනාහි මහණතෙම තුවාල වසන්නේ වෙයි.
“මහණෙනි, මහණතෙම කෙසේනම් දුම් දෙන්නේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම අසනලද පරිදි, පුහුණු කරන ලද පරිදි, විස්තර වශයෙන් අනුන්ට ධර්මය දේශනා කරන්නේ වේද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම දුම් දෙන්නේ වෙයි.
“මහණෙනි, මහණතෙම කෙසේ නම් තොටවල් දන්නේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම බොහෝ ඇසූපිරූ තැන් ඇති (උගත්) ආගම් උගත් ධර්මය දරන්නාවූ, විනය දරන්නාවූ මාතෘකාපාලිය (විනය අභිධර්මය) දරන්නාවූ යම් ඒ භික්ෂූහු වෙද්ද, ඔවුන් වෙත කලින් කල පැමිණ, ‘ස්වාමීනි, මෙය කෙසේද? මේ පදයේ තේරුම කවරේදැ’යි අසයි නැවත නැවත අසයි. ඒ ආයුෂ්මත්හු වැසූ අදහසක් පහදා දක්වත්. සැඟවුන දෙයක් ප්‍රකට (එළි) කර දක්වත්. නොයෙක් ආකාරවූ සැක කටයුතුවූ ධර්මයන්හි සැකය දුරලත් මහණෙනි මෙසේ වනාහි මහණතෙම තොට දන්නේ වෙයි.
“මහණෙනි, මහණතෙම කෙසේ නම් පානය දන්නේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම තථාගතයන් වහන්සේ විසින් දේශනා කරනලද ධර්ම විනය දේශනා කරනු ලබන කල්හි අර්ථය දැනීමෙන් ලබන සතුට ලබයිද, ධර්මය අවබෝධයෙන් ලබන සතුට ලබයිද, ධර්මයෙන් යුක්තවූ ප්‍රීතිය ලබයිද, මහණෙනි මහණ තෙම මෙසේ වනාහි පානය දන්නේ වෙයි.
“මහණෙනි, මහණ තෙම කෙසේ නම් මාර්ගය දන්නේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම උතුම්වූ අෂ්ටාංගික මාර්ගය ඇති සැටියෙන් දන්නේ වෙයිද, මහණෙනි, මහණතෙම මෙසේ වනාහි මාර්ගය දන්නේ නම්වේ.
මහණෙනි, මහණතෙම කෙසේනම් අනුභව කළ යුත්ත දන්නේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සතර සතිපට්ඨානයන් ඇති සැටියෙන් දන්නේවේද මහණෙනි, මහණ තෙම මෙසේ වනාහි ගොචරය දන්නේවෙයි.
මහණෙනි, මහණතෙම කෙසේනම් ඉතුරු කොට දොවින්නේ වේද? මහණෙනි මේ ශාසනයෙහි මහණතෙම, ශ්‍රද්ධා ඇත්තාවූ ගිහියෝ සිවුරුය, ආහාරය, සේනාසනය ගිලන්පස හා බෙහෙත් පිරිකර යන මෙයින් කැමතිසේ ගත මැනවැයි පවරත්. එහි භික්ෂුව පිළිගැනීමෙහි ප්‍රමාණය දනියිද, මහණෙනි, මහණතෙම මෙසේ වනාහි ඉතිරි කොට දොවින්නේවේ.
“මහණෙනි, මහණතෙම කෙසේ නම් බොහෝ රාත්‍රි දන්නාවූ, පැවිදිව බොහෝ කල් ගියාවූ සංඝ පීතෘවූ, සංඝ නායකවූ යම් ඒ ස්ථවිර භික්ෂූහු වෙද්ද ඔවුන් විශේෂ පූජාවෙන් පුදන්නේ වේද?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම බොහෝ රාත්‍රි දන්නාවූ, පැවිදිව බොහෝ කල් ගියාවූ සංඝ පිතෘවූ සංඝ නායකවූ, යම් ඒ ස්ථවිර භික්ෂූහු වෙද්ද, ඔවුන් කෙරෙහි මෛත්‍රී සහගත කයින් කරණ කර්මයෙන් ඉදිරි පිටද නැතිතැනද පුදන්නේ වේද, මෛත්‍රී සහගත වචනයෙන් ඉදිරිපිටද නැති තැනද පුදන්නේ වේද, මෛත්‍රී සහගත සිතින් ඉදිරිපිටද නැති තැනද පුදන්නේ වේද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම බොහෝ රාත්‍රි දන්නාවූ, පැවිදිව බොහෝ කල් ගියාවූ සංඝ පිතෘවූ සංඝ නායකවූ, යම් ඒ ස්ථවිර භික්ෂූහු වෙද්ද, ඔවුන් විශේෂ පූජාවෙන් පුදන්නේ වේ.
“මහණෙනි, මේ එකොළොස් ධර්මයන්ගෙන් යුක්තවූ මහණතෙම මේ ධර්ම විනය නම්වූ ශාසනයෙහි වැඩීමටද උසස් බවටද, මහත් බවටද පැමිණෙන්ට සුදුසු වන්නේය.”
භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළහ. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්හ.
|
4. චූළගොපාලකසුත්තං | 4. චූල ගොපාලක සූත්‍රය |
350
එවං
‘‘භූතපුබ්බං
|
350
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ වජ්ජි ජනපදයෙහි උක්කවෙලා නම් නුවර සමීපයෙහි ගංගානම් ගංතෙර වැඩ වාසය කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂූන්ට කථා කළහ. “ස්වාමීන් වහන්ස”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
“මහණෙනි, පෙර වූවක් කියමි. එනම්, ඉතා අඥාන ස්වභාව ඇති මගධ රට වැසිවූ ගොපල්ලෙක් වස්සාන ඍතුවේ අන්තිම මාසයෙහි ශරත් කාලයෙහි, ගංගානම් නදියෙහි මෙතෙර නොසලකා එතෙර නොසලකා විදෙහ රටට එතෙර කරනු පිණිස නුසුදුසු තොටින් ගවයන් ගඟට බැස්වීය.
“මහණෙනි, ඉක්බිති ගවයෝ ගංඟානම් නදියෙහි මැද සැඩ පහරෙහි දිය සුලියකට අසුවී එහිම විනාශයට පත්වූහ. ඊට හේතු කවරේද? මහණෙනි, ඉතා අඥාන ස්වභාව ඇති මගධ රට වැසි ඒ ගවපාලකයා වස්සාන ඍතුවේ අන්තිම මාසයෙහි සරත් කාලයෙහි ගංගා නම් ගඟෙහි මෙතෙර නොසලකා එතෙර නොසලකා විදෙහ රටට එතෙර කරනු පිණිස ගවයන් ගඟට බැස්වීය. (එහෙයිනි.)
“මහණෙනි, එපරිද්දෙන්ම යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ ලෝකය පිළිබඳව අදක්ෂයෝ වෙත්ද, පරලොව පිළිබඳව අදක්ෂයෝ වෙත්ද, මාරයාට අයත්වූවෙහි අදක්ෂයෝ වෙත්ද, මාරයාට අයත් නොවූවෙහි අදක්ෂයෝ වෙත්ද, මැරෙන ස්වභාව ඇති දෙයෙහි අදක්ෂයෝ වෙත්ද, නොමැරෙන ස්වභාව ඇති දෙයෙහි අදක්ෂයෝ වෙත්ද, ඔවුන්ගේ ධර්මය ඇසිය යුතුයයිද, ඇදහිය යුතුයයිද, යම් කෙනෙක් හඟින්නාහුද, ඔවුන්ට ඒ ඇසීම හෝ ඇදහීම හෝ බොහෝ කාලයක් මුලුල්ලෙහි අහිත පිණිස දුක් පිණිස වන්නේය.
|
351
‘‘භූතපුබ්බං, භික්ඛවෙ, මාගධකො ගොපාලකො සප්පඤ්ඤජාතිකො, වස්සානං
|
351
“මහණෙනි, පෙර වූවක් කියමි. නුවණැත්තාවූ මගධරට වැසි ගොපල්ලෙක් වර්ෂා ඍතුවේ අවසාන මාසයෙහි සරත් කාලයෙහි ගංගානම් ගඟෙහි මෙතෙර සලකා බලා එතෙර සලකා බලා විදෙහ රටට එතෙර කරනු පිණිස සුදුසු තොටින් ගවයන් ගඟට බැස්වීය. හෙතෙම පළමු කොටම ගව පියන්වූ, ගවනායකවූ යම් ඒ වෘෂභයෝ වෙත්ද, ඔවුන් ගඟට බැස්වීය. ඒ ගවයෝ ගඟෙහි සැඩපහර සිඳ ගඟ හරහා සැපසේ එතෙරට ගියාහුය. ඊට අනතුරුව බලවත් වූද දමනය කටයුතුවූද ගවයින් ගඟට බැස්වීය. ඔවුහුද සැඩපහර සිඳ ගඟ හරහා සැපසේ එතෙරට ගියාහුය. ඊළඟට නහඹු වැස්සන් හා නහඹු වැස්සියන්ද බැස්වීය. ඔවුහුද සැඩපහර සිඳ ගඟ හරහා සැපසේ එතෙරට ගියාහුය. ඊළඟට කුඩා වසුපැටවුන් ගඟට බැස්වීය. ඔවුහුද සැඩපහර සිඳ ගඟ හරහා සැපසේ එතෙරට ගියාහුය. මහණෙනි, ඉතා බාලවූ එකෙණෙහිම උපන් මවු දෙනගේ හඬින් ගෙන යනු ලබන වසුපැටියා පවා ගඟෙහි සැඩපහර සරසට කපා සුවසේ එතර වීය.
“නුවණ ඇත්තාවූ මගධ රට වැසි ගොපලු තෙම වර්ෂා ඍතුවෙහි අන්තිම මාසයෙහි සරත් ඍතුවෙහි ගංගානම් ගඟෙහි මෙතෙර සලකා බලා එතෙර සලකා බලා එතෙරවූ විදෙහ රටට නිසි තොටින්ම ගවයන් එතෙර කළේය. මහණෙනි, එසේම යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ ලෝකයෙහි (ස්කන්ධ ආයතනාදියෙහි) දක්ෂයෝ වෙද්ද, පරලෝකයෙහි දක්ෂයෝ වෙද්ද, මාරයාට අයත් වූවෙහි දක්ෂයෝ වෙද්ද, මාරයාට අයත් නොවූවෙහි දක්ෂයෝ වෙද්ද, මැරෙන ස්වභාව ඇති දෙයෙහි දක්ෂයෝ වෙද්ද, නොමැරෙන ස්වභාව ඇති දෙයෙහි දක්ෂයෝ වෙද්ද, යමෙක තුමූ ඔවුන්ගේ ධර්මය ඇසියයුතු කොට, ඇදහියයුතු කොට හඟින්නාහුද, ඔවුන්හට ඒ ඇසීම හා ඇදහීම බොහෝ කලක් මුලුල්ලෙහි හිත පිණිස, සැප පිණිස වන්නේය.
|
352
‘‘සෙය්යථාපි
‘‘සෙය්යථාපි තෙ, භික්ඛවෙ, බලවගාවො දම්මගාවො තිරියං ගඞ්ගාය සොතං ඡෙත්වා සොත්ථිනා පාරං අගමංසු, එවමෙව ඛො, භික්ඛවෙ, යෙ තෙ භික්ඛූ පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකා තත්ථ පරිනිබ්බායිනො අනාවත්තිධම්මා තස්මා ලොකා, තෙපි තිරියං මාරස්ස සොතං ඡෙත්වා සොත්ථිනා පාරං ගමිස්සන්ති.
‘‘සෙය්යථාපි තෙ, භික්ඛවෙ, වච්ඡතරා වච්ඡතරියො තිරියං ගඞ්ගාය සොතං ඡෙත්වා සොත්ථිනා පාරං අගමංසු, එවමෙව ඛො, භික්ඛවෙ, යෙ තෙ භික්ඛූ තිණ්ණං සංයොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමිනො සකිංදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරිස්සන්ති, තෙපි තිරියං මාරස්ස සොතං ඡෙත්වා සොත්ථිනා පාරං ගමිස්සන්ති.
‘‘සෙය්යථාපි තෙ, භික්ඛවෙ, වච්ඡකා කිසාබලකා තිරියං ගඞ්ගාය සොතං ඡෙත්වා සොත්ථිනා පාරං අගමංසු, එවමෙව ඛො, භික්ඛවෙ, යෙ තෙ භික්ඛූ තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායනා, තෙපි තිරියං මාරස්ස සොතං ඡෙත්වා සොත්ථිනා පාරං ගමිස්සන්ති.
‘‘සෙය්යථාපි සො, භික්ඛවෙ, වච්ඡකො තරුණකො තාවදෙව ජාතකො මාතුගොරවකෙන
‘‘අහං ඛො පන, භික්ඛවෙ, කුසලො
ඉදමවොච භගවා. ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා -
‘‘අයං ලොකො පරො ලොකො, ජානතා සුප්පකාසිතො;
යඤ්ච මාරෙන සම්පත්තං, අප්පත්තං යඤ්ච මච්චුනා.
‘‘සබ්බං ලොකං අභිඤ්ඤාය, සම්බුද්ධෙන පජානතා;
විවටං අමතද්වාරං, ඛෙමං නිබ්බානපත්තියා.
‘‘ඡින්නං පාපිමතො සොතං, විද්ධස්තං විනළීකතං;
පාමොජ්ජබහුලා හොථ, ඛෙමං පත්තත්ථ
(පත්ථෙථ (ස්‍යා. කං. ක. අට්ඨකථායං සංවණ්ණෙතබ්බපාඨො)) භික්ඛවො’’ති.
|
352
“මහණෙනි, යම්සේ ගවපියන්වූ ගවයින්ට ප්‍රධානවූ යම් ඒ වෘෂභයෝ ගඟෙහි සැඬපහර සිඳගෙන සැපසේ එතෙරට ගියාහුද, මහණෙනි, එපරිද්දෙන්ම යම් ඒ භික්ෂු කෙනෙක් නැතිකළ කෙලෙස් ඇති වැස නිමවූ බ්රහ්මචරියා ඇති, නිමවූ කටයුතු ඇති, බහා තබනලද කෙලෙස් බර ඇති, පිළිවෙළින් පැමිණි රහත්බව ඇති, නැතිකළ භවසංයෝජන ඇති මනා කොට දැන කෙලෙසුන්ගෙන් මිදුන රහතන් වහන්සේලා වෙත්ද, ඔවුහු මාරයාගේ (තෘෂ්ණා) සැඩපහර සිඳ සැපසේ (නිර්වාණයට) එතෙරට යන්නාහ.
“මහණෙනි, යම්සේ ඒ බලවත් ගවයෝද, හික්ම විය යුතු ගවයෝද සැඬපහර සිඳ ගඟ හරහා සුවසේ ගියාහුද, මහණෙනි, එසේම යම් ඒ භික්ෂුකෙනෙක් ඔරංභාගිය සංයෝජනයන් සිඳී මෙන් බඹලොව ඔපපාතිකව ඉපද එයින් කාම ලෝකයට නොපැමිණෙන්නාවූ, අනාගාමි පුද්ගලයෝ වෙත්ද, ඔවුහුද මාරයාගේ සැඬපහර කපා සුවසේ එතරවන්නාහුය.
“මහණෙනි, යම්සේ නහඹු වස්සෝද, නැහැඹි වැස්සියෝද, සැඬපහර සිඳ ගඟ හරහා සුවසේ එතර වූවාහුද, මහණෙනි, එසේම යම් ඒ භික්ෂූහු ත්‍රිවිධ සංයෝජනයන් නැති කිරීමෙන් රාග ද්වේෂ මෝහයන් තුනී කිරීමෙන් සකෘදාගාමිවූවාහු එක් වරක්ම මේ කාමලෝකයට එන ස්වභාව ඇතිව දුක් කෙළවර කරන්නාහු වෙත්ද, ඔවුහුද මාරයාගේ (තණ්හා) සැඬපහර සිඳ සුවසේ එතෙරට යන්නාහුය.
“මහණෙනි, යම්සේ දුර්වලවූ වස්සෝ සැඬපහර සිඳ ගඟ හරහා සුවසේ එතෙර වූවාහුද, මහණෙනි, එපරිද්දෙන්ම යම් ඒ භික්ෂූහු සංයෝජන තුන නැති කිරීමෙන් සෝවාන් වූවාහු සතර අපායෙහි නොවැටෙන සුලුවූවාහු, නියතයෙන්ම රහත් බව ලබන්නාහු වෙත්ද, ඔවුහුද මාරයාගේ (තණ්හා) සැඬ පහර සිඳ සුවසේ එතෙරට යන්නාහුය.
“මහණෙනි, යම්සේ එකෙණෙහි උපන් ළදරු වසු පැටවාද මව්දෙනගේ ශබ්දය අනුව එතර වන්නේ සැඬපහර සිඳ ගඟ හරහා සුවසේ එතෙරට ගියේද, එපරිද්දෙන්ම ධම්මානුසාරීනම් වූද, සංඝානුසාරීනම්වූද යම් ඒ සෝවාන් භික්ෂූහු වෙත්ද, ඔවුහුද මාරයාගේ (තණ්හා) සැඬපහර සිඳ සුවසේ එතෙරට යන්නාහුය.
“මහණෙනි, මම වනාහි මේ ලෝකය පිළිබඳවද දක්ෂවෙමි. පරලෝකය පිළිබඳවද (ස්කන්ධධාතු ආයතනාදියෙහි) දක්ෂවෙමි. මාරයාට අයත් දෙය දැනීමෙහි දක්ෂවෙමි. මාරයාට අයත් නොවූ දෙය දැනීමෙහි දක්ෂවෙමි. මැරෙන ස්වභාව ඇති දෙය දැනීමෙහි දක්ෂවෙමි. නොමැරෙන ස්වභාව ඇති දෙය දැනීමෙහි දක්ෂවෙමි.
“මහණෙනි, යම් කෙනෙක් තුමූ මාගේ ධර්මය ඇසිය යුතුයයි, ඇදහිය යුතුයයි හඟින්නාහුද, ඔවුන්ට එය බොහෝ කාලයක් මුලුල්ලෙහි හිත පිණිස සැප පිණිස වන්නේය.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. මෙය වදාරා ශාස්තෲන් වහන්සේ නැවත මේ ගාථාද ප්‍රකාශ කළහ.
“සියල්ල දත් සර්වඥයන් වහන්සේ විසින් මෙලොව (ස්කන්ධධාතු ආයතනාදිය)ද, පරලොව (ස්කන්ධධාතු ආයතනාදිය) ද මනාව වදාරණලදී. මරහු විසින් පැමිණෙනලද යම් ධර්මයක් වේද, මරහු විසින් නොපැමිණෙනලද යම් ධර්මයක් වේද, සියල්ල දත් සර්වඥයන් වහන්සේ ඒ සියල්ල දැන නිවණට පැමිණීම පිණිස නිර්භයවූ මාර්ග දොරටුව විවෘත කරන ලදී.”
“මාරයාගේ තෘෂ්ණා සැඩපහර සිඳින ලදී, මානය නමැති සුලඟ විනාශ කරනලදී. එහෙයින් මහණෙනි, සතුට බහුලකොට ඇත්තාහු වව්, නිර්වාණය පතව්.
|
5. චූළසච්චකසුත්තං | 5. චූල සච්චක සූත්‍රය |
353
එවං
අථ ඛො ආයස්මා අස්සජි පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය වෙසාලිං පිණ්ඩාය පාවිසි. අද්දසා ඛො සච්චකො නිගණ්ඨපුත්තො වෙසාලියං ජඞ්ඝාවිහාරං අනුචඞ්කමමානො අනුවිචරමානො
|
353
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසාලාමහනුවර මහ වනයෙහිවූ කූටාගාර ශාලාවෙහි වැඩ වාසය කළහ. එකල්හි කථාවෙහි දක්ෂවූ, තමා පණ්ඩිතයෙකැයි කියන්නාවූ, බොහෝදෙනා විසින් උගතෙකැයි කියනු ලබන්නාවූ නිගණ්ඨපුත්‍රවූ සච්චක තෙමේ විසාලාමහනුවර වාසය කරයි. හෙතෙම විසාලාමහනුවර පිරිස්මැද මෙබඳු කථාවක් කියයි. “මා සමග වාදයට පැමිණෙන යම් කිසිවෙක් කම්පා නොවෙයිද, විශේෂයෙන් කම්පා නොවෙයිද, නොවෙවුලා සිටියිද, යමෙකුගේ කිහිලි වලින් ඩහදිය නොපෙරෙයිද, එබඳුවූ ශිෂ්‍ය සමූහ නායකවූ, ගණ නායකවූ, ගණ ආචාරියවූ ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයකු හෝ ‘මම අර්හත් සම්‍යක්සම්බුද්ධය’යි කියාගන්නා කෙනෙකු හෝ නොදකිමි. ඉදින් මම හිත් පිත් නැති කණුවක් හා වාද කරන්නෙම් නම් ඒ කණුවද කම්පාවන්නේය, විශේෂයෙන් කම්පාවන්නේය. වෙවුලා සිටින්නේය. මනුෂ්‍යවූවෙකු ගැන කියනුම කවරේද?” (කියාය.)
එකල්හි ආයුෂ්මත් අස්සජි ස්ථවිරයන් වහන්සේ උදය කාලයෙහි, පාත්‍ර සිවුරු ගෙන පිඩු පිණිස විසාලාමහනුවරට වැඩියහ. විශාලාමහනුවර ඒ මේ තැන පයින් ඇවිදිමින් සිටි නිගණ්ඨ පුත්‍ර සච්චක තෙමේ ඒ එන්නාවූ ආයුෂ්මත් අස්සජි ස්ථවිරයන් වහන්සේ දුරදීම දුටුයේය. දැක, ආයුෂ්මත් අස්සජි ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට ගියේය. ගොස්, ආයුෂ්මත් අස්සජි ස්ථවිරයන්වහන්සේ සමග සතුටුවිය. සතුටු වියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකපැත්තක උන්නේය. එකපැත්තක උන්නාවූ සච්චක නිගණ්ඨ පුත්‍රතෙම ආයුෂ්මත් අස්සජි ස්ථවිරයන් වහන්සේට මෙසේ කීවේය.
“පින්වත් අස්සජි ස්ථවිරයෙනි, ශ්‍රමණ ගෞතමතෙම කෙසේ නම් ශ්‍රාවකයන් හික්මවන්නේද? ශ්‍රාවකයන් විෂයෙහි ශ්‍රමණ ගෞතමයන්ගේ කෙබඳු අනුශාසනාවක් බහුලකොට පවතීද?”
“අග්ගිවෙස්සනය, (සච්චකයාට නමකි.) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වනාහි ශ්‍රාවකයන් හික්මවන්නාහ. ශ්‍රාවකයන් විෂයෙහි භාග්‍යවතුන් වහන්සේගේ මෙබඳු අනුශාසනාව බහුල කොට පවතී: (එනම්) “මහණෙනි, රූපය අනිත්‍යය, වේදනාව අනිත්‍යය, සංඥාව අනිත්‍යය, සංස්කාරයෝ අනිත්‍යයහ, විඥානය අනිත්‍යය, මහණෙනි, රූපය ආත්ම රහිතය, වේදනා තොම ආත්ම රහිතය. සංඥාව ආත්ම රහිතය, සංස්කාරයෝ ආත්ම රහිතයහ, විඥානය ආත්ම රහිතය, සියලු සංස්කාරයෝ අනිත්‍යයහ, සියලු ධර්මයෝ අනාත්මයහ” (කියායි.)
“අග්ගිවෙස්සනය, මේ ආකාරයෙන් භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් හික්මවති. මෙබඳු කොටස් ඇති අනුශාසනාව භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් විෂයෙහි බොහෝ සෙයින් පවත්වන්නාහ.” “පින්වත් අස්සජි ස්ථවිරයෙනි, යම්බඳුවූ අපි ශ්‍රමණ ගෞතමයන් මෙබඳු වාද ඇත්තෙකැයි ඇසුවෙමුද, ඒ අපි නොඇසිය යුත්තක් ඇසුවෙමු. අපි කිසියම් දවසක ඒ භවත් ගෞතමයන් සමග එක්වන්නෙමු නම් ඉතා යෙහෙක. යම් කථා සල්ලාපයක් වන්නේ නම් ඉතා යෙහෙක. ඒ ලාමකවූ මිථ්‍යාදෘෂ්ටියෙන් (ඔවුන්) තොරකරන්නෙමු නම් ඉතා යෙහෙකැයි’යි (කීයේය.)
|
354
තෙන ඛො පන සමයෙන පඤ්චමත්තානි ලිච්ඡවිසතානි සන්ථාගාරෙ
(සන්ධාගාරෙ (ක.)) සන්නිපතිතානි හොන්ති කෙනචිදෙව කරණීයෙන. අථ ඛො සච්චකො නිගණ්ඨපුත්තො යෙන තෙ ලිච්ඡවී තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා තෙ ලිච්ඡවී එතදවොච - ‘‘අභික්කමන්තු භොන්තො ලිච්ඡවී, අභික්කමන්තු භොන්තො ලිච්ඡවී, අජ්ජ මෙ සමණෙන ගොතමෙන සද්ධිං කථාසල්ලාපො භවිස්සති. සචෙ මෙ සමණො ගොතමො තථා පතිට්ඨිස්සති යථා ච මෙ
(යථාස්ස මෙ (සී. පී.)) ඤාතඤ්ඤතරෙන සාවකෙන අස්සජිනා නාම භික්ඛුනා පතිට්ඨිතං, සෙය්යථාපි
|
354
එකල්හි වනාහි කිසියම් කටයුත්තක් සඳහා පන්සියයක් පමණ ලිච්ඡවීහු සන්ථාගාර ශාලාවෙහි රැස්ව සිටියහ. එකල්හි සච්චක නිගණ්ඨපුත්‍ර තෙම ඒ ලිච්ඡවීහු යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ ඒ ලිච්ඡවීන්ට මෙසේ කීවේය. “පින්වත් ලිච්ඡවියෙනි මෙහි එත්වා, පින්වත් ලිච්ඡවියෙනි, මෙහි එත්වා අද ශ්‍රමණ ගෞතමයන් සමග මාගේ කථාවක් වන්නේය. ඉදින් ශ්‍රමණ ගෞතම තෙම ඔහුගේ ප්‍රසිද්ධ ශිෂ්‍යයන් අතුරෙන් එක්තරා කෙනෙකුවූ අස්සජිනම් භික්ෂුව ප්‍රකාශ කළ පරිදිම ප්‍රකාශ කළහොත්, යම්සේ ශක්තිමත් පුරුෂයෙක් දික් ලොම් ඇති එළුවකු ලොම්වලින් ගෙන ඉදිරියට අදින්නේද, පස්සට අදින්නේද, හාත්පස එහා මෙහා අදින්නේද, එපරිද්දෙන්ම මම ශ්‍රමණ ගෞතමයන් කථා මාර්ගයෙන් දෝෂය නගා ඉදිරියට අදින්නෙමි, පස්සට අදින්නෙමි. හාත්පස එහාමෙහා අදින්නෙමි. යම්සේ බලවත්වූ, රා සැලෙහි වැඩකරුවෙක්, රා සැලෙහි එලන කලාලයක් (පැදුරක්) ගැඹුරුවූ දිය විලක බහා කොණකින් අල්වාගෙන ඉදිරියට අදීද, පස්සට අදීද, හාත්පසින් අදීද, එපරිද්දෙන් මම ශ්‍රමණ ගෞතමයන් වාදයෙන් වාදය නඟා ඉදිරියට අදින්නෙමි, පස්සට අදින්නෙමි, හාත්පස අදින්නෙමි. යම්සේ බලවත්වූ සුරාධූර්තයෙක් රා පෙරහන කොනින් අල්වා ගෙන යටිකුරු කොට සොලවාද, උඩුහුරු කොට සොලවාද, නැවත නැවත ගසාද එපරිද්දෙන් මම ශ්‍රමණ ගෞතමයන් වාදයෙන් වාදය නඟා ඉදිරියට අදින්නෙමි. පස්සට අදින්නෙමි හාත්පස අදින්නෙමි. සැටවස් පිරුණු ඇතෙක් ගැඹුරුවූ පොකුණකට බැස සණධොවික (හණ සේදීම නම්වූ ක්‍රීඩා විශේෂය) කෙරේද, එපරිද්දෙන් මම ශ්‍රමණ ගෞතමයන් හා සණධොවික (හණ සෝදන) ක්‍රීඩාව කරන්නාක් මෙන් ක්‍රීඩා කරමි.
“පින්වත් ලිච්ඡවියෙනි, එත්වා, පින්වත් ලිච්ඡවියෙනි, එත්වා. අද ශ්‍රමණ ගෞතමයින් සමග මාගේ කථාවක් වන්නේය’යි (කීයේය.)
ඒ සමූහයෙහි ඇතැම් ලිච්ඡවීහු මෙසේ කීවාහුය. කිමෙක්ද? “ශ්‍රමණ ගෞතමතෙම සච්චක නිගණ්ඨපුත්රයාට වාදය නඟන්නේද? නැතහොත් සච්චක නිගණ්ඨපුත්‍රතෙම ශ්‍රමණ ගෞතමයින්ට වාදය නගන්නේද?” ඇතැම් ලිච්ඡවීහු මෙසේ කීහ. “සච්චක නිගණ්ඨ පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට වාදය නඟන්නේ නම් කෙසේ හොබනේද? භාග්‍යවතුන් වහන්සේම නිගණ්ඨ පුත්‍රවූ සච්චකයාට වාදය නගන්නේය” (කියායි.) ඉක්බිති සච්චක නිගණ්ඨ පුත්‍රතෙම පන්සියයක් පමණ ලිච්ඡවීන් විසින් පිරිවරණ ලද්දේ මහවනයෙහි කූටාගාර සාලාව යම් තැනක්හිද, එහි ගියේය.
|
355
තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ අබ්භොකාසෙ චඞ්කමන්ති. අථ ඛො සච්චකො නිගණ්ඨපුත්තො යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා තෙ භික්ඛූ එතදවොච - ‘‘කහං නු ඛො, භො, එතරහි සො භවං ගොතමො විහරති? දස්සනකාමා හි මයං තං භවන්තං ගොතම’’න්ති
|
355
එකල්හි බොහෝ භික්ෂූහු එළිමහණෙහි සක්මන්කරති. ඉක්බිති සච්චක නිගණ්ඨ පුත්‍රතෙම ඒ භික්ෂූන් යම් තැනෙක්හිද එහි ගියේය. ගොස් ඒ භික්ෂූන්ට මෙසේ කීයේය. “පින්වත්නි, දැන් ඒ පින්වත් ශ්‍රමණ ගෞතම තෙම කොහි වෙසේද? අපි ඒ පින්වත් ගෞතමයන් දකිනු කැමැත්තම්හ.” “අග්ගිවෙස්සනය, භාග්‍යවතුන් වහන්සේ මහවනයට වැද එක්තරා රුකක් සමීපයෙහි දිවා විහරණ වසයෙන් වැඩහිඳිති”යි (කීහ.) ඉක්බිති සච්චක නිගණ්ඨ පුත්‍රතෙම මහත් ලිච්ඡවි පිරිස සමග මහවනයට ගොස් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා, එකපැත්තක උන්නේය. ඒ ලිච්ඡවීහුද සමහරෙක් භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකපැත්තක උන්හ. සමහරෙක් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවූහ. සතුටුවිය යුතුවූ සිහි කටයුතුවූ කථා කොට නිමවා එකපැත්තක හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ යම් පැත්තකද ඒ පැත්තට දොහොත් නගා (වැඳ) එකපැත්තක උන්හ. සමහරෙක් බුදුන් හමුවෙහි තමන්ගේ නම් ගොත් කියා එක පැත්තක උන්හ. සමහරු නිශ්ශබ්දව එක පැත්තක උන්හ.
|
356
එකමන්තං නිසින්නො ඛො සච්චකො නිගණ්ඨපුත්තො භගවන්තං එතදවොච - ‘‘පුච්ඡෙය්යාහං භවන්තං ගොතමං කිඤ්චිදෙව දෙසං, සචෙ මෙ භවං ගොතමො ඔකාසං කරොති පඤ්හස්ස වෙය්‍යාකරණායා’’ති. ‘‘පුච්ඡ, අග්ගිවෙස්සන
‘‘උපමා මං, භො ගොතම, පටිභාතී’’ති. ‘‘පටිභාතු තං, අග්ගිවෙස්සනා’’ති භගවා අවොච.
‘‘සෙය්යථාපි, භො ගොතම, යෙ කෙචිමෙ බීජගාමභූතගාමා වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජන්ති, සබ්බෙ තෙ පථවිං නිස්සාය පථවියං පතිට්ඨාය. එවමෙතෙ බීජගාමභූතගාමා වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජන්ති. සෙය්යථාපි වා පන, භො ගොතම, යෙ කෙචිමෙ බලකරණීයා කම්මන්තා කරීයන්ති, සබ්බෙ තෙ පථවිං නිස්සාය පථවියං පතිට්ඨාය. එවමෙතෙ බලකරණීයා කම්මන්තා කරීයන්ති. එවමෙව ඛො, භො ගොතම, රූපත්තායං පුරිසපුග්ගලො රූපෙ පතිට්ඨාය පුඤ්ඤං වා අපුඤ්ඤං වා පසවති, වෙදනත්තායං පුරිසපුග්ගලො වෙදනායං පතිට්ඨාය පුඤ්ඤං වා
‘‘නනු ත්වං, අග්ගිවෙස්සන, එවං වදෙසි - ‘රූපං මෙ අත්තා, වෙදනා මෙ අත්තා, සඤ්ඤා මෙ අත්තා, සඞ්ඛාරා මෙ අත්තා, විඤ්ඤාණං මෙ අත්තා’’’ති? ‘‘අහඤ්හි, භො ගොතම
‘‘කිඤ්හි තෙ, අග්ගිවෙස්සන, මහතී ජනතා කරිස්සති? ඉඞ්ඝ ත්වං, අග්ගිවෙස්සන, සකඤ්ඤෙව වාදං නිබ්බෙඨෙහී’’ති. ‘‘අහඤ්හි, භො ගොතම, එවං වදාමි - ‘රූපං මෙ අත්තා, වෙදනා මෙ අත්තා, සඤ්ඤා මෙ අත්තා, සඞ්ඛාරා මෙ අත්තා, විඤ්ඤාණං මෙ අත්තා’’’ති.
|
356
එක පැත්තක උන්නාවූ සච්චක නිගණ්ඨ පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “ඉදින් භවත් ගෞතම තෙම ප්‍රශ්න ඇසීම පිණිස මට අවසර දෙන්නේ නම් මම භවත් ගෞතමයින්ගෙන් යමක් අසන්නෙමි”යි (කීයේය.) “අග්ගිවෙස්සනය, යමක් කැමැත්තෙහි නම් (එය) අසව”යි (වදාළහ.) “භවත් ගෞතමයාණෙනි, භවත් ගෞතම තෙමේ කෙසේ වනාහි ශ්‍රාවකයන් හික්මවන්නේද, භවත් ගෞතමයන්ගේ කෙබඳු අනුශාසනාවක් ශ්‍රාවකයන් විෂයෙහි බහුල කොට පවතීදැ”යි (ඇසීය.)
“අග්ගිවෙස්සනය, මම මෙසේ වනාහි ශ්‍රාවකයන් හික්මවමි. ශ්‍රාවකයන් විෂයෙහි මගේ මෙබඳු අනුශාසනාව බහුලකොට පවතියි. “මහණෙනි, රූපය අනිත්‍යය, වේදනාව අනිත්‍යය සංඥා තොමෝ අනිත්‍යය, සංස්කාරයෝ අනිත්‍යයහ. විඤ්ඤාණය අනිත්‍යය. මහණෙනි, රූපය ආත්ම රහිතය, වේදනාව ආත්මරහිතය, සංඥාව ආත්මරහිතය, සංස්කාරයෝ ආත්මරහිතයහ, විඥානය ආත්මරහිතය, සියලු සංස්කාරයෝ අනිත්‍යයහ, සියලු ධර්මයෝ අනාත්මයහ”යි අග්ගිවෙස්සනය, මෙසේ වනාහි මම ශ්‍රාවකයන් හික්මවමි. ශ්‍රාවකයන් විෂයෙහි මෙබඳු මාගේ අනුශාසනාව බහුල කොට පවතීය”යි වදාළ සේක.
“භවත් ගෞතමයිනි, මට උපමාවක් වැටහෙයි” (සච්චක කීය.) “අග්ගිවෙස්සනය, තොපට වැටහේවා”යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ. “භවත් ගෞතමයිනි, යම් ඒ ධාන්‍ය වර්ග හා ගස් වැල් ආදිය පැලවීමට, වැඩීමට, මහත්වීමට පැමිණෙත්ද, ඒ සියල්ල පොළොව නිසා, පොළොවෙහි පිහිටා ඒ ධාන්‍ය ඇට හා ගස්වැල් ආදිය යම්සේ පැල වෙත්ද, වැඩෙත්ද, මහත්වීමට යෙද්ද, භවත් ගෞතමයාණෙනි, යම්සේ ශරීර ශක්තියෙන් කටයුතුවූ යම්කිසි කර්මාන්තයෝ වෙත්ද, ඒ සියලු දෙය පොළොව නිසා පොළොවෙහි පිහිටා යම්සේ කරනු ලැබෙත්ද, භවත් ගෞතමයාණෙනි, එපරිද්දෙන්ම රූපය ආත්මකොට ඇති මේ පුරුෂ තෙම තමා ආත්මයයි ගත් රූපයෙහි පිහිටා පින් හෝ පව් හෝ රැස්කරයි. වේදනාව ආත්මකොට ඇති මේ පුද්ගලතෙම වේදනාවෙහි පිහිටා පින් හෝ පව් හෝ රැස් කරයි. සංඥාව ආත්මකොට ඇති පුද්ගලතෙම සංඥාවෙහි පිහිටා පින් හෝ පව් හෝ රැස් කරයි. සංස්කාරයන් ආත්ම කොට ඇති මේ පුද්ගලතෙම සංස්කාරයන්හි පිහිටා පින් හෝ පව් හෝ රැස් කරයි. විඥානය ආත්මකොට ඇති මේ පුද්ගලතෙම විඥානයෙහි පිහිටා පින් හෝ පව් හෝ රැස් කෙරේය”යි (කීයේය.)
“අග්ගිවෙස්සනය, තොපි රූපය මගේ ආත්මයයි, වේදනාව මාගේ ආත්මයයි, සංඥාව මගේ ආත්මයයි, සංස්කාරයෝ මාගේ ආත්මයයි, විඥානය මාගේ ආත්මය’යි කියා කියන්නහුද?”
“භවත් ගෞතමයෙනි මමද රූපය මාගේ ආත්මයයිද, වේදනාව මාගේ ආත්මයයිද, සංඥාව මාගේ ආත්මයයිද, සංස්කාරයෝ මාගේ ආත්මයයිද, විඤ්ඤාණය මාගේ ආත්මයයිද, මෙසේ කියමි. මේ මහජන සමූහයාද එසේ කියන්නේය”යි (කීය.)
“අග්ගිවෙස්සනය, මහජන සමූහයා කුමක් කරන්නේද? අග්ගිවෙස්සනය, එබැවින් තොපම ස්වකීය වාදය ගැටළු රහිත කරව.”
“භවත් ගෞතමයෙනි, මම වනාහි රූපය මාගේ ආත්මයයිද, වේදනාව මාගේ ආත්මයයිද, සංඥාව මාගේ ආත්මයයිද, සංස්කාරයෝ මාගේ ආත්මයයිද, විඥානය මාගේ ආත්මයයිද මෙසේ කියමි”යි (කීයේය.)
|
357
‘‘තෙන හි, අග්ගිවෙස්සන, තඤ්ඤෙවෙත්ථ පටිපුච්ඡිස්සාමි, යථා තෙ ඛමෙය්ය තථා නං
(තථා තං (ක.)) බ්යාකරෙය්යාසි. තං කිං මඤ්ඤසි
‘‘තං කිං මඤ්ඤසි, අග්ගිවෙස්සන, යං ත්වං එවං වදෙසි - ‘රූපං මෙ අත්තා’ති, වත්තති තෙ
තෙන ඛො පන සමයෙන වජිරපාණි යක්ඛො ආයසං වජිරං ආදාය ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභූතං සච්චකස්ස නිගණ්ඨපුත්තස්ස උපරිවෙහාසං ඨිතො හොති - ‘සචායං
|
357
“අග්ගිවෙස්සනය, එසේ නම් මෙහිලා තොපම විචාරමි. තොප යම්සේ කැමති නම් එසේ ප්‍රකාශ කරව, අග්ගිවෙස්සනය, පසේනදි කොසොල් රජද, මගධරට වෙදෙහි පුත්‍ර අජාසත් රජද වැනි මුදුනෙහි අභිෂෙක කරනු ලැබූ ක්ෂත්රිය රජ කෙනෙකුට තමාගේ රටේ නැසිය යුත්තෙකු නසන්නට හෝ, ධනය විනාශ කළයුත්තෙකුගේ ධනය විනාශ කරන්නට හෝ, රටින් නෙරපිය යුත්තෙකු රටින් නෙරපන්නට හෝ බලයක් ඇත්තේයැයි සිතන්නෙහිද?”
“භවත් ගෞතමයෙනි, පසේනදි කොසොල් රජ මගධ රට වෙදෙහි පුත්‍රවූ අජාසත් රජවැනි මුදුනෙහි අභිෂෙක කරනලද ක්ෂත්රිය රජ කෙනෙකුට තමන්ගේ රටේ නැසිය යුත්තෙකු නසන්නට හෝ, ධනය විනාශ කළයුත්තෙකුගේ ධනය විනාශ කිරීමට හෝ, රටින් නෙරපිය යුත්තෙකු රටින් නෙරපන්නට හෝ බලය ඇත්තේය. භවත් ගෞතමයෙනි, සමූහවූ මහපිරිස් ඇති වැදෑරට වැසි ලිච්ඡවීන්හටද, මල්ල රජවරුන්හටද, තමන්ගේ රටේ නැසිය යුත්තෙකු නසන්නට හෝ, ධනය විනාශ කළ යුත්තෙකුගේ ධනය විනාශ කරන්නට හෝ, රටින් නෙරපිය යුත්තෙකු රටින් නෙරපන්නට හෝ බලය ඇත්තේය.
“පසේනදි කොසොල් රජ මගධ රට වෙදෙහිපුත්රවූ අජාසත් රජ වැනි මුදුනෙහි අභිෂෙක කරනලද ක්ෂත්රිය රජෙකු ගැන කියනුම කවරේද? භවත් ගෞතමයෙනි, ඔවුනට ඒ බලය ඇත්තේමය. තිබෙන්නට සුදුසුමය”
“අග්ගිවෙස්සනය, මේ ගැන තොපගේ කල්පනාව කෙසේද? රූපය මාගේ ආත්මයැයි නුඹ කියන්නෙහිය. ‘මගේ රූපය මෙසේ (ලස්සන) වේවා. මගේ රූපය මෙසේ (අවලස්සන) නොවේවා’ යැයි ඒ රූපය කෙරෙහි තොපට බලයක් පැවැත්විය හැකිද?”
මෙසේ කීකල්හි සච්චක නිගණ්ඨ පුත්‍රතෙමේ නිශ්ශබ්ද විය. දෙවනුවද භාග්‍යවතුන් වහන්සේ සච්චක නිගණ්ඨ පුත්‍රයාට මෙසේ කීහ.
“අග්ගිවෙස්සනය, මේ ගැන තොපගේ කල්පනාව කෙසේද? රූපය මගේ ආත්මයැයි නුඹ කියන්නෙහිය. මාගේ රූපය මෙසේ (ලස්සන) වේවා. මාගේ රූපය මෙසේ (අවලස්සන) නොවේවායැයි ඒ රූපය කෙරෙහි තොපට බලයක් පැවැත්විය හැකිද?”
දෙවනුවද සච්චක නිගණ්ඨ පුත්‍ර තෙමේ නිශ්ශබ්දවිය, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සච්චක නිගණ්ඨ පුත්‍රයාට මෙසේ කීහ. “අග්ගිවෙස්සනය, කියව, තොපට නිශ්ශබ්දවීමට කාලය නොවේ. අග්ගිවෙස්සනය, තථාගතයන් විසින් තුන්වෙනි වර දක්වා කරුණු සහිතව ප්‍රශ්න කරනු ලැබූ යම් කිසිවෙක් පිළිතුරු නොදෙයිද, මෙහිම ඔහුගේ හිස හත්කඩකට පැලෙන්නේය.
එකල්හි වජ්‍රපාණී නම් යක්ෂතෙම (සක්දෙව්රජ) ගිනිගෙන දිලිසෙන හාත්පස ගිනිදැල් සහිතවූ අයොමය වජ්‍රායුධයක්ගෙන සච්චක නිගණ්ඨපුත්‍රයාගේ හිසට උඩින් අහසෙහි සිටියේ වෙයි. (කුමකටද යත්:-) “ඉදින් මේ සච්චක නිගණ්ඨ පුත්‍රතෙම භාග්‍යවතුන්වහන්සේ විසින් තුන්වෙනිවර දක්වා කරුණු සහිතව ප්‍රශ්න විචාරණ ලද්දේ උත්තර නොදෙන්නේද, මෙහිම ඔහුගේ හිස සත්කඩකට පලන්නෙමි”යි (කියායි.) භාග්‍යවතුන් වහන්සේද, සච්චක නිගණ්ඨපුත්‍ර තෙමේද, ඒ වජ්‍රපාණී යක්ෂයා දකියි. (සෙස්සන්ට නොපෙනේ.)
ඉක්බිති සච්චක නිගණ්ඨපුත්‍රතෙම බියපත් වූයේ, සංවේගයට පැමිණියේ, ලොමුදැහැගත්තේ භාග්‍යවතුන් වහන්සේගේම පිහිට සෙවීය. භාග්‍යවතුන් වහන්සේම සැඟවීමට ස්ථානයයි සෙවුවේය. භාග්‍යවතුන් වහන්සේම පිහිටයයි සෙව්වේය. හෙතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “භවත් ගෞතමතෙම මා විචාරාවා ප්‍රකාශ කරන්නෙමි”යි (කීය.)
|
358
‘‘තං කිං මඤ්ඤසි, අග්ගිවෙස්සන, යං ත්වං එවං වදෙසි - ‘රූපං මෙ අත්තා’ති, වත්තති තෙ තස්මිං රූපෙ වසො - එවං මෙ රූපං හොතු, එවං මෙ රූපං මා අහොසී’’ති? ‘‘නො හිදං, භො ගොතම’’.
‘‘මනසි කරොහි, අග්ගිවෙස්සන; මනසි කරිත්වා ඛො, අග්ගිවෙස්සන, බ්යාකරොහි. න ඛො තෙ සන්ධියති පුරිමෙන වා පච්ඡිමං පච්ඡිමෙන වා පුරිමං. තං කිං මඤ්ඤසි, අග්ගිවෙස්සන, යං ත්වං එවං වදෙසි - ‘වෙදනා මෙ අත්තා’ති, වත්තති තෙ තිස්සං වෙදනායං
(තායං වෙදනායං (සී. ස්‍යා.)) වසො - එවං මෙ වෙදනා හොතු, එවං මෙ වෙදනා මා අහොසී’’ති? ‘‘නො හිදං, භො ගොතම’’.
‘‘මනසි කරොහි, අග්ගිවෙස්සන; මනසි කරිත්වා ඛො, අග්ගිවෙස්සන, බ්යාකරොහි. න ඛො තෙ සන්ධියති පුරිමෙන වා පච්ඡිමං, පච්ඡිමෙන වා පුරිමං. තං කිං මඤ්ඤසි, අග්ගිවෙස්සන
‘‘මනසි
‘‘මනසි කරොහි, අග්ගිවෙස්සන; මනසි කරිත්වා ඛො, අග්ගිවෙස්සන, බ්යාකරොහි. න ඛො තෙ සන්ධියති පුරිමෙන වා පච්ඡිමං, පච්ඡිමෙන වා පුරිමං. තං කිං මඤ්ඤසි, අග්ගිවෙස්සන, යං ත්වං එවං වදෙසි - ‘විඤ්ඤාණං මෙ අත්තා’ති, වත්තති තෙ තස්මිං විඤ්ඤාණෙ වසො - එවං මෙ විඤ්ඤාණං හොතු, එවං මෙ විඤ්ඤාණං මා අහොසී’’ති? ‘‘නො හිදං, භො ගොතම’’.
‘‘මනසි කරොහි, අග්ගිවෙස්සන; මනසි කරිත්වා ඛො, අග්ගිවෙස්සන, බ්යාකරොහි. න ඛො තෙ සන්ධියති පුරිමෙන වා පච්ඡිමං, පච්ඡිමෙන වා පුරිමං. තං කිං මඤ්ඤසි, අග්ගිවෙස්සන, රූපං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භො ගොතම’’. ‘‘යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’’ති? ‘‘දුක්ඛං, භො ගොතම’’. ‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - ‘එතං මම, එසොහමස්මි, එසො
‘‘තං කිං මඤ්ඤසි, අග්ගිවෙස්සන, වෙදනා...පෙ.... සඤ්ඤා...පෙ.... සඞ්ඛාරා...පෙ.... තං කිං මඤ්ඤසි, අග්ගිවෙස්සන, විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භො ගොතම’’. ‘‘යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’’ති? ‘‘දුක්ඛං, භො ගොතම’’. ‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං
‘‘තං කිං මඤ්ඤසි, අග්ගිවෙස්සන, යො නු ඛො දුක්ඛං අල්ලීනො දුක්ඛං උපගතො දුක්ඛං අජ්ඣොසිතො
‘‘තං කිං මඤ්ඤසි, අග්ගිවෙස්සන, නනු ත්වං එවං සන්තෙ දුක්ඛං අල්ලීනො දුක්ඛං උපගතො දුක්ඛං අජ්ඣොසිතො, දුක්ඛං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති සමනුපස්සසී’’ති? ‘‘කිඤ්හි නො සියා, භො ගොතම? එවමෙතං භො ගොතමා’’ති.
|
358
“අග්ගිවෙස්සනය, මේ ගැන තොපගේ කල්පනාව කෙසේද? ‘රූපය මගේ ආත්මය යැ’යි නුඹ කියන්නෙහිය, මගේ රූපය මෙසේ (ලස්සන) වේවා. මගේ රූපය මෙසේ (අවලස්සන) නොවේවා’ යි ඒ රූපය කෙරෙහි තොපට බලයක් පැවැත්විය හැකිද?”
“භවත් ගෞතමයෙනි, මෙය නොවේමය.” “අග්ගිවෙස්සනය, සිහි කරව. අග්ගිවෙස්සනය, සිහිකර උත්තර දෙව. නුඹගේ පළමු කථාව හා පසු කථාවද, පසු කථාව හා පළමු කථාවද නොගැළපේමය.
“අග්ගිවෙස්සනය, මේ ගැන තොපගේ කල්පනාව කෙසේද? වේදනාව මගේ ආත්මයයයි නුඹ කියන්නෙහිය, (ආත්ම වශයෙන් ගත්) ‘ඒ මාගේ වේදනාව මෙසේ වේවා. මාගේ වේදනාව මෙසේ නොවේවා’යි ඒ වේදනාව කෙරෙහි නුඹට බලයක් පැවැත්විය හැකිද?”
“භවත් ගෞතමයෙනි, මෙය නොවේමය.”
“අග්ගිවෙස්සනය, සිහි කරව, අග්ගි වෙස්සනය සිහි කර උත්තර කියව. නුඹගේ පළමු කථාව හා පසු කථාවද, පසු කථාව හා පළමු කථාවද නොගැළපේමය.
“අග්ගිවෙස්සනය, මේ ගැන තොපගේ කල්පනාව කෙසේද? නුඹ සංඥාව මාගේ ආත්මයයයි කියන්නෙහිය, (ආත්ම වශයෙන් ගත්) ‘ඒ මාගේ සංඥාව මෙසේ වේවා. මාගේ සංඥාව මෙසේ නොවේවා’යි ඒ සංඥාව කෙරෙහි නුඹට බලයක් පැවැත්විය හැකිද?”
“භවත් ගෞතමයෙනි, මෙය නොවේමය” “අග්ගිවෙස්සනය, සිහි කරව. අග්ගිවෙස්සනය, සිහිකර උත්තර කියව. නුඹගේ පළමු කථාව හා පසු කථාවද, පසු කථාව හා පළමු කථාවද නොගැළපේමය.
“අග්ගිවෙස්සනය, මේ ගැන තොපගේ කලපනාව කෙසේද? නුඹ ‘සංස්කාරයෝ මාගේ ආත්මය ය’යි කියන්නෙහිය. (ආත්මවසයෙන් ගත්) ‘ඒ මාගේ සංස්කාරයෝ මෙසේ වෙත්වා, මාගේ සංස්කාරයෝ මෙසේ නොවෙත්වා’යි ඒ සංස්කාරයන් කෙරෙහි නුඹට බලයක් පැවැත්විය හැකිද?”
“භවත් ගෞතමයෙනි, මෙය නොවේමය.”
“අග්ගිවෙස්සනය, සිහි කරව, අග්ගිවෙස්සනය, සිහි කර උත්තර කියව. නුඹගේ පළම කථාව හා පසු කථාවද පසු කථාව හා පළමු කථාවද නොගැළපේමය.
“අග්ගිවෙස්සනය, මේ ගැන තොපගේ කල්පනාව කෙසේද? විඤ්ඤාණය මාගේ ආත්මයයයි නුඹ කියන්නෙහිය. (ආත්ම වශයෙන් ගත්) ‘ඒ මාගේ විඤ්ඤාණය මෙසේ වේවා. මාගේ විඤ්ඤාණය මෙසේ නොවේවා’යි ඒ විඤ්ඤාණය කෙරෙහි නුඹට බලයක් පැවැත්විය හැකිද?”
“භවත් ගෞතමයෙනි, මෙය නොවේමය. “අග්ගිවෙස්සනය සිහි කරව, අග්ගිවෙස්සනය සිහි කර උත්තර කියව, නුඹගේ පළමු කථාව හා පසු කථාවද, පසු කථාව හා පළමු කථාවද නොගැළපේමය.
“අග්ගිවෙස්සනය, මේ ගැන තොපගේ කල්පනාව කෙසේද? රූපය නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේද?” “භවත් ගෞතමයෙනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ වේද, සැප හෝ වේද?” “භවත් ගෞතමයෙනි, එය දුක්ය” “යමක් අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙනසුළු නම් එය, ‘මෙය මගේය, එය මම වෙමි. ඒ මගේ ආත්මයයැ’යි සලකන්නට සුදුසුද?” “භවත් ගෞතමයෙනි, සුදුසු නොවන්නේය.”
“අග්ගිවෙස්සනය, මේ ගැන තොපගේ කල්පනාව කෙසේද? වේදනාව නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේද, “භවත් ගෞතමයෙනි, අනිත්‍යය” “යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේද? සැප හෝ වේද? “භවත් ගෞතමයෙනි, දුක්ය.” “යමක් අනිත්‍ය නම්, දුක් නම්, පෙරලෙන ස්වභාව ඇත්තේ නම්, එය ‘මෙය මාගේය, මෙය මම වෙමි’ මෙතෙම මාගේ ආත්මය’යි දකින්ට සුදුසුද?” “භවත් ගෞතමයෙනි, සුදුසු නොවන්නේය.”
“අග්ගිවෙස්සනය, මේ ගැන තොපගේ කල්පනාව කෙසේද? සංඥාව නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේද?” “භවත් ගෞතමයෙනි, අනිත්‍යය.” “යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේද, සැප හෝ වේද?” “භවත් ගෞතමයෙනි, දුක්ය.”
“යමක් අනිත්‍ය නම්, දුක් නම්, පෙරලෙන ස්වභාව ඇත්තේ නම් එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි. මෙතෙම මාගේ ආත්මය’යි දකින්ට සුදුසුද?”
“භවත් ගෞතමයෙනි, සුදුසු නොවන්නේය.” “අග්ගිවෙස්සනය, මේ ගැන තොපගේ කල්පනාව කෙසේද? සංස්කාරයෝ නිත්‍ය හෝ වෙත්ද, අනිත්‍ය හෝ වෙත්ද?” “භවත් ගෞතමයෙනි, අනිත්‍යය.” “යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේද, සැප හෝ වේද?” “භවත් ගෞතමයෙනි, ඒ දුක්ය.” “යමක් අනිත්‍ය නම්, දුක් නම්, පෙරලෙන ස්වභාව ඇත්තේ නම්, එය “මෙය මාගේය, මෙය මම වෙමි. මෙය මාගේ ආත්මය’යි ගැනීමට සුදුසුද?” “භවත් ගෞතමයෙනි, සුදුසු නොවන්නේය.” “අග්ගිවෙස්සනය, මේ ගැන තොපගේ කල්පනාව කෙසේද? විඤ්ඤාණය නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේද, “භවත් ගෞතමයෙනි, අනිත්‍යය” “යමක් අනිත්‍ය නම්, එය දුක් හෝ වේද, සැප හෝ වේද?” “භවත් ගෞතමයෙනි, එය දුක්ය”
“යමක් අනිත්‍ය නම්, දුක් නම්, පෙරලෙන ස්වභාව ඇත්තේ නම් එය, ‘මෙය මාගේය, මෙය මම වෙමි. මෙය මාගේ ආත්මය’යි ගැනීමට සුදුසුද?
“භවත් ගෞතමයෙනි, සුදුසු නොවන්නේය.”
|
359
‘‘සෙය්යථාපි
|
359
“අග්ගිවෙස්සනය, හරයෙන් (අරටුවෙන්) ප්‍රයෝජන ඇත්තාවූ, හරය සොයන්නාවූ, හරය සොයමින් හැසිරෙන්නාවූ පුරුෂයෙක් තෙම තියුණු පොරොවක් ගෙන වනයට පිවිසෙන්නේය. හෙතෙම එහි නොමේරූ ඇද නැති අලුත්වූ මහත් කෙසෙල් කඳක් දක්නේය. හෙතෙම ඒ කෙසෙල් කඳ මුලින් සිඳින්නේය. මුල සිඳ අග සිඳින්නේය. අග සිඳ පතුරු ගළවන්නේය. පතුරු ගලවන්නාවූ හෙතෙම එලයක්වත් නොලබන්නේය. හරයක් කොයින් ලබාද? අග්ගිවෙස්සනය, එපරිද්දෙන්ම නුඹ ස්වකීය වාදයෙහි මා විසින් යොදනු ලබන්නේ, කරුණු ගන්වනු ලබන්නේ, කරුණු කියනු ලබන්නේ සාර රහිත වූයේ, එහෙයින්ම ශූන්යවූයේ පැරදුනෙහිය.
“අග්ගිවෙස්සනය, විසාලාමහනුවර පිරිසෙහිදී නුඹ විසින් මේ වචනය කියන ලද්දේ නොවේද? “මා සමග වාදයට පැමිණෙන යම්කිසිවෙක් කම්පා නොවෙයිද, විශේෂයෙන් කම්පා නොවෙයිද, නොවෙවුලා සිටියිද, යමෙකුගේ කිහිලිවලින් ඩහදිය නොගලයිද, එබඳුවූ ශිෂ්‍ය සමූහනායකවූ ගණ නායකවූ, ගණ ආචරියවූ ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ ‘මම අර්හත් සම්‍යක් සම්බුද්ධයැ’යි කියාගන්නා කෙනෙකු හෝ නොදකිමි. ඉදින් මම හිත්පිත් නැති කණුවක් සමග වාද කරන්නෙම් නම් ඒ කණුවද කම්පාවන්නේය, විශේෂයෙන් කම්පාවන්නේය. වෙවුලා සිටින්නේය. මනුෂ්‍යවූවෙකු ගැන කියනුම කවරේද?” (කියාය.)
“අග්ගිවෙස්සනය, නුඹගේ වනාහි ඇතැම් ඩහදිය බිඳු නළලින් ගිලිහුනාහු උතුරු සළුව පලාගෙන බිමට වැටුනාහ. අග්ගිවෙස්සනය, දැන් මාගේ ශරීරයෙහි ඩහදිය නැත්තේය.” මෙසේ භාග්‍යවතුන් වහන්සේ ඒ පිරිසෙහි රන්වන්වූ ශ්‍රී ශරීරය (ගෙළ අසල සතරඟුළක් පමණ) විවෘත කළහ.
මෙසේ කී කල්හි සච්චක නිගණ්ඨ පුත්‍රතෙම නිශ්ශබ්ද වූයේ මකු වූයේ පහතට ලු ගෙළ ඇත්තේ, මුහුණ යටට හරවා ගත්තේ, සිතිවිලි සිතන්නේ, වැටහීම් රහිතවූයේ හුන්නේය.
|
360
අථ ඛො දුම්මුඛො ලිච්ඡවිපුත්තො සච්චකං නිගණ්ඨපුත්තං තුණ්හීභූතං මඞ්කුභූතං පත්තක්ඛන්ධං අධොමුඛං පජ්ඣායන්තං අප්පටිභානං විදිත්වා භගවන්තං එතදවොච - ‘‘උපමා මං, භගවා, පටිභාතී’’ති. ‘‘පටිභාතු තං, දුම්මුඛා’’ති භගවා අවොච. ‘‘සෙය්යථාපි, භන්තෙ, ගාමස්ස වා නිගමස්ස වා අවිදූරෙ පොක්ඛරණී. තත්රාස්ස කක්කටකො. අථ ඛො, භන්තෙ, සම්බහුලා
|
360
ඉක්බිති දුම්මුඛ නම් ලිච්ඡවි රාජපුත්‍රතෙම නිශ්ශබ්දවූ, මකුවූ, පහතට ලු ගෙළ ඇති, යටිකුරුවූ මුහුණ ඇති, සිතිවිලි සිතන, වැටහීම් රහිතවූ සච්චක නිගණ්ඨපුත්රයා දැක, භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: භාග්‍යවතුන් වහන්ස, මට උපමාවක් වැටහේ”යයි (කියායි.)
“දුම්මුඛය, නුඹට වැටහේවා”යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
“ස්වාමීනි, යම්සේ ගමක් හෝ නියම් ගමක් හෝ අසල පොකුණක් ඇත්තේය. ඒ පොකුණෙහි කකුළුවෙක් වෙසෙයි. ස්වාමීනි, එකල බොහෝ ළදරුවෝ හෝ ළදැරියෝ හෝ ඒ ගමින් හෝ නියම්ගමින් හෝ නික්ම ඒ පොකුණ යම් තැනෙක්හිද එතැන්හි පැමිණෙන්නාහ, පැමිණ, ඒ පොකුණට බැස ඒ කකුළුවා දියෙන් ගොඩගෙන ගොඩබිමෙහි තබන්නාහුය. ස්වාමීනි, ඒ කකුළුවා යම්කිසි අඬුවක් ඉදිරියට නමාද ඒ දරුවෝ හෝ ඒ දැරියෝ හෝ ඒ අඬුව ගල්කැටයකින් හෝ කැබලිත්තකින් හෝ සිඳින්නාහුය. බිඳින්නාහුය. හාත්පසින් බිඳින්නාහුය. ස්වාමීනි, මෙසේ වනාහි සියලු අඬු සිඳින ලද්දාවූ, බිඳින ලද්දාවූ ඒ කකුළුතෙම පෙරමෙන් ඒ පොකුණට බසින්නට නුසුදුසු වෙයිද, ස්වාමීනි, එපරිද්දෙන්ම සච්චක නිගණ්ඨ පුත්‍රයාගේ කිසියම් දෘෂ්ටි නමැති හුල් වූවාහුද, දෘෂ්ටි පැවතුම් වූවාහුද, දෘෂ්ටි කම්පන වූවාහුද ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේ විසින් සිඳින ලදහ. බිඳින ලදහ. හාත්පසින් බිඳින ලදහ. ස්වාමීනි, දැන් සච්චක නිගණ්ඨ පුත්‍රතෙම වාද කරන අදහස් ඇතිව නැවත භාග්‍යවතුන් වහන්සේ කරා එළඹෙන්නට නුසුදුසුය.”
මෙසේ කී කල්හි සච්චක නිගණ්ඨ පුත්‍රතෙම දුම්මුඛ ලිච්ඡවි පුත්‍රයාට මෙසේ කීයේය. “දුම්මුඛය, නුඹ නවතුව, දුම්මුඛය, නුඹ නවතුව. අපි තා සමග කථා නොකරමු. මෙහි අපි භවත් ගෞතමයින් සමග කථා කරමු.
|
361
‘‘තිට්ඨතෙසා, භො ගොතම, අම්හාකඤ්චෙව අඤ්ඤෙසඤ්ච පුථුසමණබ්රාහ්මණානං වාචා. විලාපං විලපිතං මඤ්ඤෙ. කිත්තාවතා ච නු ඛො භොතො ගොතමස්ස සාවකො සාසනකරො හොති ඔවාදපතිකරො තිණ්ණවිචිකිච්ඡො විගතකථංකථො වෙසාරජ්ජප්පත්තො අපරප්පච්චයො සත්ථුසාසනෙ විහරතී’’ති? ‘‘ඉධ, අග්ගිවෙස්සන, මම සාවකො යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං රූපං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං
‘‘කිත්තාවතා
|
361
“භවත් ගෞතමයෙනි, අපගේද අන්‍යවූ බොහෝ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේද, මේ කථා තොම තිබුණා වේ, ඒ වචන ප්රලාපයක් මෙනි, නොහොත් ප්‍රලාප මාත්‍රයෙකි. කොපමණකින් භවත් ගෞතමයින්ගේ ශ්‍රාවකතෙම අනුශාසනාව කරන්නේ, අවවාදයට අනුව ක්‍රියා කරන්නේ, සැකයෙන් එතෙරවූයේ, කෙසේ කෙසේදැයි පැවති සැකය පහවූයේ, පහවූ සැක ඇත්තේ, විශාරද බවට පැමිණියේ, අනුන්ගේ පිහිට නොසොයන්නේ, ශාස්තෘ ශාසනයෙහි වාසය කෙරේද?”
“අග්ගිවෙස්සනය, මේ ශාසනයෙහි මාගේ ශ්‍රාවක තෙම පසුගිය කාලය, මතු කාලය, දැන් කාලය යන තුන් කාලයෙහිවූ තමා තුළවූද, පිටත්හිවූද, මහත්වූද, සියුම්වූද, පහත්වූද, උසස්වූද, දුරවූද, ළඟවූද, යම් රූපයක් වේද, ඒ සියලු රූපය ‘මෙය මගේ නොවෙයි, මෙය මම නොවෙමි. මෙය මගේ ආත්මය නොවේ’යයි මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවණින් දකීද, පසුගිය කාලය, මතු කාලය, දැන් කාලය යන තුන් කාලයෙහිවූ තමා තුළ වූද, පිටත්හිවූද, මහත්වූද, සියුම්වූද, පහත්වූද, උසස් වූද, දුරවූද, ළඟවූද, යම් වේදනාවක් වේද, ඒ සියලු වේදනාව ‘මෙය මගේ නොවෙයි. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ’ යයි මෙසේ ඇති සැටියෙන් යහපත් නුවණින් දකීද, පසුගිය කාලය මතු කාලය දැන් කාලය යන තුන් කාලයෙහිවූ, තමා තුළ වූද, පිටත්හිවූද, මහත්වූද, සියුම්වූද, පහත්වූද, උසස්වූද, දුරවූද, ළඟවූද, යම් සංඥාවක් වේද, ඒ සියලු සංඥාව ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ’යයි, මෙසේ ඇති සැටියෙන් යහපත් නුවණින් දකීද, පසුගිය කාලය මතු කාලය දැන් කාලය යන තුන් කාලයෙහිවූ තමාතුළවූද, පිටත්හිවූද, මහත්වූද, සියුම්වූද, පහත්වූද, උස්සවූද, දුරවූද, ලඟවූද, යම් සංස්කාරයෝ වෙත්ද, ඒ සියලු සංස්කාරයෝ ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවණින් දකීද, පසුගිය කාලය, මතු කාලය, දැන් කාලය යන තුන් කාලයෙහි තමා තුල වූද පිටත්හි වූද, මහත්වූද, සියුම්වූද, පහත්වූද, උසස්වූද, දුරවූද, ලඟවූද, යම් විඤ්ඤාණයක් වේද, ඒ සියලු විඤ්ඤාණය ‘මෙය මාගේ නොවෙයි මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවණින් දකීද,
“අග්ගිවෙස්සනය, මෙපමණකින් මාගේ ශ්‍රාවකතෙම අනුශාසනාව කරන්නේ, අවවාදයට අනුව ක්‍රියා කරන්නේ සැකයෙන් එතරවූයේ, කෙසේ කෙසේ දැයි පැවති සැකය පහවූයේ, විශාරද බවටද පැමිණියේ, අනුන්ගේ පිහිට නොසොයන්නේ ශාස්තෘ ශාසනයෙහි වාසය කරයි.”
“භවත් ගෞතමයෙනි, මහණතෙම කොපමණකින් නැතිකළ කෙලෙස් ඇත්තේ, වැස නිමවනලද බ්රහ්මචරියා ඇත්තේ, කළ කටයුතු ඇත්තේ, බහා තබනලද කෙලෙස් බර ඇත්තේ අර්හත් බවට පැමිණියේ භවසංයෝජන (සසර බැඳුම්) විනාශ කළේ, හොඳින් දැන මිදුනේ, අර්හත්වේද?
“අග්ගිවෙස්සනය, මේ ශාසනයෙහි මහණ තෙම පසුගිය කාලය, දැන් කාලය, මතු කාලය යන තුන් කාලයෙහිවූ තමා තුළවූද, පිටත්හිවූද, මහත්වූද, සියුම්වූද, පහත්වූද, උසස්වූද, දුරවූද, ළඟවූද, යම් රූපයක් වේද, ඒ සියලු රූපය ‘මෙය මාගේ නොවෙයි. මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේය’යි මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවණින් දැක තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොගෙන මිදුනේ වෙයිද, පසුගිය කාලය, මතු කාලය, දැන් කාලය යන තුන් කාලයෙහිවූ, තමා තුළවූද, පිටත්හිවූද, මහත්වූද, සියුම්වූද, පහත්වූද, උසස්වූද, දුරවූද, ළඟවූද, යම් වේදනාවක් වේද, ඒ සියලු වේදනාව ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ’ යයි මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවණින් දැක, තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් නොගෙන මිදුනේ වෙයිද, පසුගිය කාලය, මතු කාලය, දැන් කාලය යන තුන් කාලයෙහිවූ, තමා තුළවූද, පිටත්හිවූද, මහත්වූද, සියුම්වූද, පහත්වූද, උසස්වූද, දුරවූද, ළඟවූද, යම් සංඥාවක් වේද, ඒ සියලු සංඥාව ‘මෙය මාගේ නොවෙයි මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවණින් දැක, තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොගෙන මිදුනේ වෙයිද, පසුගිය කාලය, මතු කාලය, දැන් කාලය යන තුන් කාලයෙහිවූ, තමා තුළවූද, පිටත්හිවූද, මහත්වූද, සියුම්වූද, පහත්වූද, උසස්වූද, දුරවූද, ළඟවූද, යම් සංස්කාරයෝ වෙද්ද, ඒ සියලු සංස්කාරයෝ ‘මෙය මාගේ නොවෙයි. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේය’යි මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවණින් දැක, තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොගෙන මිදුනේ වෙයිද, පසුගිය කාලය, මතු කාලය, දැන් කාලය යන තුන් කාලයෙහිවූ, තමා තුළවූද, පිටත්හිවූද, මහත්වූද, සියුම්වූද, පහත්වූද, උසස්වූද, දුරවූද, ළඟවූද, යම් විඤ්ඤාණයක් වේද, ඒ සියලු විඤ්ඤාණය ‘මෙය මාගේ නොවෙයි. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේය’යි මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවණින් දැක, තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොගෙන මිදුනේ වෙයිද,
“අග්ගිවෙස්සනය, මෙපමණකින් මහණතෙම කෙලෙස් නැතිකරන ලද්දේ, වැස නිමවනලද බ්‍රහ්මචරිය ඇත්තේ, කළ කටයුතු ඇත්තේ, බහා තබන ලද කෙලෙස් බර ඇත්තේ, අර්හත් බවට පැමිණියේ, භවසංයෝජන (සසර බැඳුම්) විනාශ කළේ, හොඳින් දැන මිදුනේ, අර්හත් වෙයි.
“අග්ගිවෙස්සනය, මෙසේ මිදුන සිත් ඇති භික්ෂුව දස්සනානුත්තරිය (අර්හත් මාර්ගඥානය,) පටිපදානුත්තරිය (ඉතිරි මාර්ගඥානය,) විමුත්තානුත්තරිය (අර්හත්ඵලය,) යන අනුත්තරිය ධර්ම තුනකින් යුක්තවූයේ වෙයි. අග්ගිවෙස්සනය, මෙසේ මිදුණු සිත් ඇති භික්ෂුව, ‘චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කළාවූ ඒ භාග්‍යවතුන් වහන්සේ චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධය පිණිස ධර්මය දෙසනා කරති. දැමුනාවූ ඒ භාග්‍යවතුන් වහන්සේ (ඉන්ද්රිය) දමනය පිණිස ධර්මය දෙසනා කරති. (සියලු කෙලෙස් සංසිඳීමෙන්) ශාන්තවූ ඒ භාග්‍යවතුන් වහන්සේ කෙලෙස් සංසිඳීම පිණිස ධර්මය දෙසනා කරති. (කෙලෙස් සැඩපහර) තරණය කළාවූ ඒ භාග්‍යවතුන් වහන්සේ (කෙලෙස් සැඩපහර) තරණය පිණිස ධර්මය දෙසනා කරති. (කෙලෙස්) පරිනිර්වාණය කළාවූ ඒ භාග්‍යවතුන් වහන්සේ (කෙලෙස්) පරිනිර්වාණය පිණිස ධර්මය දෙසනා කරති’යි භාග්‍යවතුන් වහන්සේටම සත්කාර කරයි, ගරු කරයි, බුහුමන් කරයි.”
|
362
එවං වුත්තෙ, සච්චකො නිගණ්ඨපුත්තො භගවන්තං එතදවොච
|
362
මෙසේ වදාළ කල්හි, සච්චක නිගණ්ඨ පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “යම්බඳු අපි භවත් ගෞතමයින් වාදයෙන් වාදය ගැටියයුතු කොට සිතුයෙමුද, භවත් ගෞතමයිනි, ඒ අපිම ගුණයෙන් පිරිහුනෙමු. අපිම ආඩම්බර වචන ඇත්තෝ වූවෙමු. භවත් ගෞතමයාණෙනි, මත් ඇතෙකුට පහරදී පුරුෂයෙකුට නිදහසක් ඇත්තේය. භවත් ගෞතමයින්ට ගටා පුරුෂයෙකුට යහපතක් නොවේමැයි. භවත් ගෞතමයාණෙනි, දරුණු විෂ ඇති සර්පයෙකුට පහරදී පුරුෂයෙකුට නිදහස ඇත්තේය. භවත් ගෞතමයන්ට ගටා පුරුෂයෙකුට යහපතක් නොවේමැයි, භවත් ගෞතමයෙනි, දිලිසෙන ගිනිකඳක හැපී පුරුෂයෙකුට නිදහසක් ඇත්තේය. භවත් ගෞතමයන්ට ගටා පුරුෂයෙකුට යහපතක් නොවේමැයි.”
“භවත් ගෞතමයෙනි, යම්බඳු අපි භවත් ගෞතමයින් වාදයෙන් වාදය ගැටියයුතු කොට සිතුයෙමුද, භවත් ගෞතමයිනි, ඒ අපිම ගුණයෙන් පිරිහුනෙමු. අපිම ආඩම්බර වචන ඇත්තෝ වූවෙමු. භවත් ගෞතමතෙම හෙට දවසට භික්ෂු සංඝයා සමග මාගේ බත ඉවසුව මැනව”යි (කීය) භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද භාවයෙන් ඉවසූහ.
|
363
අථ ඛො සච්චකො නිගණ්ඨපුත්තො භගවතො අධිවාසනං විදිත්වා තෙ ලිච්ඡවී ආමන්තෙසි - ‘‘සුණන්තු මෙ භොන්තො ලිච්ඡවී, සමණො
|
363
ඉක්බිති සච්චක නිගණ්ඨ පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන ඒ ලිච්ඡවීන්ට මෙසේ කීය. “පින්වත් ලිච්ඡවියෙනි, මාගේ වචනය අසත්වා. මා විසින් ශ්‍රමණ ගෞතම තෙම භික්ෂු සංඝයා සමග සෙට දවසට බතින් පවරන ලදී. යමක් උන්වහන්සේට කැපයයි හඟිව්ද? මා වෙතට එය එවව්”. ඉක්බිති ලිච්ඡවීහු, ඒ රාත්‍රිහුගේ ඇවෑමෙන් සච්චක නිගණ්ඨ පුත්‍රයාට පන්සියයක් පමණ බත්සැලි යැවූහ. එවිට සච්චක නිගණ්ඨපුත්‍ර තෙම සිය අරමෙහි ප්‍රණීතවූ කෑයුතුදෑද, බුදියයුතුදෑද, පිළියෙල කරවා ‘භවත් ගෞතමයෙනි සුදුසු කාලයයි බත නිමියේය’යි භාග්‍යවතුන් වහන්සේට කාලය මතක් කර යැවීය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාසිවුරු ගෙන සච්චක නිගණ්ඨපුත්‍රයාගේ ආරාමය යම් තැනෙක්හිද එතැන්හි වැඩියහ. වැඩ, භික්ෂු සංඝයා සමග පණවනලද අස්නෙහි උන්හ. ඉක්බිති සච්චක නිගණ්ඨ පුත්‍ර තෙම බුදුන් ප්‍රධානකොට ඇති භික්ෂු සංඝයා ප්‍රණීතවූ කෑ යුත්තෙන්ද, බොජුනෙන් ද, සියතින් වැළඳවීය. ඉක්බිති සච්චක නිගණ්ඨපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේ වළඳා අවසන්වූ පසු එක්තරා මිටි ආසනයක් ගෙන එක්පැත්තක උන්නේය. එක්පැත්තක උන්නාවූ සච්චක නිගණ්ඨපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “භවත් ගෞතමයාණෙනි, දානමය පුණ්‍යක්‍රියාවෙහි යම් මේ පිණකුත් විපාකයකුත් වේ නම් එය මේ දානය එවූ දායකයින්ට සැප පිණිස වේවා”යි (කීයේය.) අග්ගිවෙස්සනය, පහනොකළ රාගය ඇති, පහනොකළ ද්වේෂය ඇති, පහනොකළ මොහෙය ඇති යම්බඳු දක්ෂිණාර්හයෙකු වෙතට පැමිණ ඒ පුණ්‍ය විපාකය දායකයින්ට වන්නේය. අග්ගිවෙස්සනය, පහකළ රාගය ඇති, පහකළ ද්වේෂය ඇති, පහකළ මෝහය ඇති මා වැනි දක්ෂිණාර්හයෙකු වෙත අවුත් ඒ පුණ්‍ය විපාකය නුඹට වන්නේයයි” වදාළහ.
|
6. මහාසච්චකසුත්තං | 6. මහා සච්චක සූත්‍රය |
364
එවං
|
364
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ විසාලා මහනුවර මහාවනයෙහි කූටාගාරශාලාවෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි පා සිව්රු ගෙන විසාලාමහනුවරට පිඩුපිණිස වඩිනු කැමතිව මනාව හැඳ පෙරව වැඩ සිටියහ. එවිට සච්චක නිගණ්ඨ පුත්‍රතෙමේ පයින් සක්මන් කිරීම සඳහා ඇවිදින අතර මහාවනයෙහි කූටාගාර ශාලාව යම් තැනෙක්හිද එහි පැමිණියේය. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ එන්නාවූ සච්චක නිගණ්ඨපුත්රයා දුරදීම දුටහ. දැක භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, කථාවෙහි දක්ෂවූ තමා පණ්ඩිතයෙකැයි කියන්නාවූ, බොහෝ දෙනා විසින් සම්මාන කරණ ලද්දාවූ මේ සච්චක නිගණ්ඨ පුත්‍රතෙම එන්නේය. ස්වාමීනි, මෙතෙම වනාහි බුදුන්ගේ අගුණ කියනු කැමැත්තේය. ධර්මයෙහි අගුණ කියනු කැමැත්තේය. සංඝයාගේ අගුණ කියනු කැමැත්තේය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා උපදවා මොහොතක් වැඩහිඳිනු මැනවැ”යි කීහ. භාග්‍යවතුන් වහන්සේ පණවනලද අස්නෙහි වැඩහුන්හ.
ඉක්බිති සච්චක නිගණ්ඨපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනක්හිද එතනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු වියයුතුවූ, සිහිකටයුතුවූ, කථාව කොට නිමවා එකපැත්තක උන්නේය. එක පැත්තක උන්නාවූ සච්චක නිගණ්ඨ පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය.
|
365
‘‘සන්ති, භො ගොතම, එකෙ සමණබ්රාහ්මණා කායභාවනානුයොගමනුයුත්තා විහරන්ති, නො චිත්තභාවනං. ඵුසන්ති හි තෙ, භො ගොතම, සාරීරිකං දුක්ඛං වෙදනං. භූතපුබ්බං, භො ගොතම, සාරීරිකාය දුක්ඛාය වෙදනාය ඵුට්ඨස්ස සතො ඌරුක්ඛම්භොපි නාම භවිස්සති, හදයම්පි නාම
|
365
“භවත් ගෞතමයෙනි, කායභාවනාවෙහි යෙදී වාසය කරන්නාවූ, එහෙත් චිත්ත භාවනාවක් නොකරන්නාවූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. භවත් ගෞතමයෙනි, ඔවුහු ශරීරයෙහි හටගත් දුක් වේදනාව විඳිත්. භවත් ගෞතමයෙනි, පෙරවූවක් කියමි. ශරීරයෙහි හටගත්තාවූ දුක් වේදනා විඳින්නහුට කලවා හිරිවැටීමද, ළයද පැළෙන්නේය. උණුලේද වමනය කරන්නේය. උමතු බවටද, හිත අවුල් බවටද පැමිණෙන්නේය. භවත් ගෞතමයාණෙනි, ඔහුගේ සිත කය අනුව ගියේ වෙයි. කයට අනුව පවතියි. ඊට හේතු කවරේද? සිත නොවැඩූ හෙයිනි, භවත් ගෞතමයෙනි, චිත්තභාවනාවෙහි යෙදෙන්නාවූ එහෙත් කාය භාවනාවක් නොකරන්නාවූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. භවත් ගෞතමයානෙනි, ඔවුහු චෛතසිකවූ දුක් වේදනා විඳිත්. භවත් ගෞතමයෙනි, පෙර වූවක් කියමි. සිතේ දුක් වේදනාවෙන් පෙළෙන්නාහට කලවා තදවීමක්ද වන්නේය. ළයද පැළෙන්නේය. උණුලේද වමනය කරන්නේය. උමතු බවටද, සිත අවුල් බවටද, පැමිණෙන්නේය.
“භවත් ගෞතමයෙනි, ඔහුගේ මේ ශරීරය සිත අනුව ගියේ වෙයි. සිතට අනුව පවතියි. ඊට හේතු කවරේද? ශරීරය නොවැඩූ බැවිනි, භවත් ගෞතමයෙනි, ඒ මට මෙසේ සිතක් වෙයි. ඒකාන්තයෙන් භවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ චිත්ත භාවනානුයොගයෙහි යෙදුනාහු වාසය කරති. කායභාවනාවෙහි නොයෙදුනාහුය”යි (කියායි.)
|
366
‘‘කින්ති පන තෙ, අග්ගිවෙස්සන, කායභාවනා සුතා’’ති? ‘‘සෙය්යථිදං - නන්දො වච්ඡො, කිසො සංකිච්චො, මක්ඛලි ගොසාලො - එතෙහි, භො ගොතම, අචෙලකා මුත්තාචාරා හත්ථාපලෙඛනා නඑහිභද්දන්තිකා නතිට්ඨභද්දන්තිකා
(නඑහිභදන්තිකා, නතිට්ඨභදන්තිකා (සී. ස්‍යා. කං. පී. ක.)) න අභිහටං න උද්දිස්සකතං න නිමන්තනං සාදියන්ති, තෙ න කුම්භිමුඛා
‘‘කිං පන තෙ, අග්ගිවෙස්සන, තාවතකෙනෙව යාපෙන්තී’’ති? ‘‘නො හිදං, භො ගොතම. අප්පෙකදා, භො ගොතම, උළාරානි උළාරානි ඛාදනීයානි ඛාදන්ති, උළාරානි උළාරානි භොජනානි භුඤ්ජන්ති, උළාරානි උළාරානි සායනීයානි සායන්ති, උළාරානි උළාරානි පානානි පිවන්ති. තෙ ඉමං කායං බලං ගාහෙන්ති නාම, බ්රූහෙන්ති නාම, මෙදෙන්ති නාමා’’ති.
‘‘යං ඛො තෙ, අග්ගිවෙස්සන, පුරිමං පහාය පච්ඡා උපචිනන්ති, එවං ඉමස්ස කායස්ස ආචයාපචයො හොති. කින්ති පන තෙ, අග්ගිවෙස්සන, චිත්තභාවනා සුතා’’ති? චිත්තභාවනාය ඛො
|
366
“අග්ගිවෙස්සනය, නුඹ විසින් කාය භාවනාව කුමකැයි අසන ලදද?”
“මෙසේ අසනලදී. එනම්: භවත් ගෞතමයෙනි, නන්දවච්ඡය, කිසසංකිච්චය, මක්ඛලිගොසාලය යන මොවුහු වස්ත්‍ර නොහඳින්නෝය, යහපත් පැවතුම් නැත්තෝය. අත ලෙවකන්නෝය නොහොත් අතින් මල පිසදමන්නෝය. එව, වහන්ස, කියා දුන් දෙය නොපිළිගනිත්. සිටුව, වහන්ස, කියා දුන් දෙය නොපිළිගනිත්. ඉදිරියෙන් ගෙනෙනලද දෙය නොපිළිගනිත්. ඔවුන් උදෙසා කරනලද දෙය නොපිළිගනිත්. ආරාධනාකොට දුන් දෙය නොපිළිගනිත්. කළකටින් ගෙන දුන් දෙය නොපිළිගනිත්. සැලි කටින් ගෙන දුන් දෙය නොපිළිගනිත්. එලිපත අතරකොට දුන් දෙය නොපිළිගනිත්. දණ්ඩක් අතරකොට සිට දුන් දෙය නොපිළිගනිත්. මෝල්ගසක් අතර කොට දුන් දෙය නොපිළිගනිත්. අනුභව කරන්නාවූ දෙදෙනෙකුගෙන් එකෙකු දුන් දෙය නොපිළිගනිත්. ගැබිණිය විසින් දුන් දෙය නොපිළිගනිත්. කිරි පොවන්නිය විසින් දුන් දෙය නොපිළිගනිත්. පුරුෂයෙකු වෙත ගිය තැනැත්තිය විසින් දුන් දෙය නොපිළිගනිත්. සම්මාදම් කළ දෙයින් කිසිවක් නොපිළිගනිත්. යම් තැනක බල්ලෙක් පැමිණ සිටියේ නම් (ඔහුට නොදී) එහිදී දුන් දෙය නොපිළිගනිත්. යම් තැනක මැස්සෝ කැටි කැටිව හැසිරෙද්ද, එහිදී දුන් දෙය නොපිළිගනිත්. දිය මස් නොකන්නාහ. ගොඩ මස් නොකන්නාහ. සුරා නොබොන්නාහ. (මල් යුසින්) කළ මත් පැන් නොබොන්නාහ කාඩි දිය නොබොන්නාහ. ඔවුහු එක ගෙයකින් පමණක් පිඩු සිඟන්නෝ හෝ වෙත්. එකම බත්පිඩකින් යැපෙන්නෝ හෝ වෙත්. ගෙවල් දෙකක පිඩු සිඟන්නෝ හෝ වෙත්. බත් පිඩු දෙකකින් යැපෙන්නෝ හෝ වෙත්. ගෙවල් සතක පිඩු සිඟන්නෝ හෝ වෙත්. බත් පිඩු සතකින් යැපෙන්නෝ හෝ වෙත්. එක් කුඩා බත් තැටියකින් යැපෙන්නෝ හෝ වෙත්. බත්තැටි දෙකකින් යැපෙන්නෝ හෝ වෙත්. බත් තැටි සතකින් යැපෙන්නෝ හෝ වෙත්. එක දවසකට වරක් හෝ ආහාර ගනිති. දෙදිනකට වරක් හෝ ආහාර ගනිති. සත්දිනකට වරක් හෝ ආහාර ගනිති. මෙසේ අඩමසකට වරක් ආහාර ගනිමින්ද වාර භොජනයෙහි යෙදී වාසය කරන්නාහ.”
“අග්ගිවෙස්සනය, කිමෙක්ද ඔවුහු එපමණකින්ම යැපෙත්ද?”
“භවත් ගෞතමයාණෙනි, ඒ එසේ නොවේමැයි. භවත් ගෞතමයාණෙනි, ඇතැම් දවස්වල ඔවුහු ඉතා ප්‍රණීත කෑම කන්නෝය, ඉතා ප්‍රණීත භොජන වළඳන්නෝය, ඉතා ප්‍රණීත දෙය රසවිඳින්නෝය. ඉතා ප්‍රණීත පාන පානය කරන්නාහුය. ඔවුහු මේ ආහාරයන් කරණ කොටගෙන ශරීරය බලගන්වත්; වඩත්; ඔජා වර්ධනය කරත්.”
“අග්ගිවෙස්සනය, යම් හෙයකින් ඔවුහු පළමු කළ දුෂ්කර ක්‍රියා හැර පසුව ප්‍රණීත ආහාරයෙන් ශරීරය වඩත්ද, මෙසේ මේ ශරීරයාගේ වැඩීම හා නොවැඩීම වෙයි.
“අග්ගිවෙස්සනය, නුඹ විසින් චිත්තභාවනාව කුමකැයි කියා අසන ලදද?” භාග්‍යවතුන් වහන්සේ විසින් චිත්තභාවනාව පිළිබඳව විචාරනු ලැබූ සච්චක නිගණ්ඨපුත්‍රතෙම පිළිතුරක් සොයා කියන්නට අසමර්ථ විය.
|
367
අථ ඛො භගවා සච්චකං නිගණ්ඨපුත්තං එතදවොච - ‘‘යාපි ඛො තෙ එසා, අග්ගිවෙස්සන, පුරිමා කායභාවනා භාසිතා සාපි අරියස්ස විනයෙ නො ධම්මිකා කායභාවනා. කායභාවනම්පි
(කායභාවනං හි (සී. පී. ක.)) ඛො ත්වං, අග්ගිවෙස්සන, න අඤ්ඤාසි, කුතො පන ත්වං චිත්තභාවනං
|
367
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සච්චක නිගණ්ඨ පුත්‍රයාට මෙය කීහ. “අග්ගිවෙස්සනය, නුඹ විසින් පළමුව යම් මේ කායභාවනාවක් කියන ලදද? එය බුද්ධශාසනයෙහි ධර්මයට එකඟවූ කායභාවනාවක් නම් නොවෙයි. අග්ගිවෙස්සනය, නුඹ කායභාවනාවවත් නොදන්නෙහිය. චිත්තභාවනාව කොයින් දන්නේද? එහෙත් අග්ගිවෙස්සනය, යම්සේ නොවඩනලද කායභාවනා ඇත්තේ වේද? නොවඩනලද චිත්තභාවනා ඇත්තේවේද, වඩනලද කායභාවනා ඇත්තේ වේද, වඩනලද චිත්තභාවනා ඇත්තේවේද, එය අසව. මනාකොට සිහියට ගනුව කියන්නෙමි”යි වදාළහ.
“එසේය පින්වතුන් වහන්ස,”යි කියා සච්චක නිගණ්ඨ පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
|
368
‘‘කථඤ්ච
|
368
“අග්ගිවෙස්සනය, කෙසේ නම් නොවඩනලද කාය භාවනා ඇත්තේවේද? නොවඩනලද චිත්තභාවනා ඇත්තේ වේද? අග්ගිවෙස්සනය, මේ ලෝකයෙහි නූගත් පෘථග්ජනයාට සැප වේදනාවක් උපදියිද. හෙතෙම සැප වේදනාවෙන් ස්පර්ශ කරන ලද්දේම සැපයෙහි ඇලෙයි. සැපයෙහි ඇලීම් බවට පැමිණෙයි, ඔහුගේ ඒ සුඛවේදනා නැතිවෙයිද, සැප වේදනාව නැතිවීමෙන් දුක්වේදනාව උපදියි. හෙතෙම දුක්වේදනාවෙන් ස්පර්ශ කරන ලද්දේම, ශොක කෙරෙයි; ක්ලාන්ත වෙයි; වැළපෙයි; පපුවේ අතගසමින් හඬයි, මුළාවට පැමිණෙයි. අග්ගිවෙස්සනය, ඔහුගේ උපන්නාවූ, සැප වේදනාව කුසල් සිත විනාශ කරයි. (කුමක් හෙයින්ද යත්:) කය නොවැඩූ හෙයිනි. උපන්නාවූද දුක් වේදනාව කුසල් සිත විනාශ කරයි. සිත නොවැඩූ බැවිනි. අග්ගිවෙස්සනය, යමෙකුට මේ දෙයාකාරයෙන් උපන්නාවූ සුඛවේදනාවද, කුසල් සිත විනාශ කරයි. කුමක් හෙයින්ද? කය නොවැඩූ හෙයිනි. උපන් දුක් වේදනාවද කුසල් සිත විනාශ කරයි කුමක් හෙයින්ද? සිත නොවැඩූ හෙයිනි. අග්ගිවෙස්සනය, මෙසේ වනාහි නොවඩනලද කය ඇත්තේත් වෙයි. නොවඩන ලද සිත් ඇත්තේත් වෙයි.
|
369
‘‘කථඤ්ච, අග්ගිවෙස්සන, භාවිතකායො ච හොති භාවිතචිත්තො ච? ඉධ, අග්ගිවෙස්සන, සුතවතො අරියසාවකස්ස උප්පජ්ජති සුඛා වෙදනා. සො සුඛාය වෙදනාය ඵුට්ඨො සමානො න සුඛසාරාගී
|
369
“අග්ගිවෙස්සනය, කෙසේනම් වඩනලද කය ඇත්තේ වේද, වඩනාලද සිත් ඇත්තේ වේද, අග්ගිවෙස්සනය, මේ ශාසනයෙහි නුවණ ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකයාහට සැප වේදනාව උපදියිද, හෙතෙම සැපවේදනාවෙන් ස්පර්ශ කරන ලද්දේම, සැපයෙහි නොඇලෙයි, සැපයෙහි ඇලුම් බවට නොපැමිණෙයි, ඔහුගේ ඒ සැපවේදනාව නැතිවෙයි, සැපවේදනාව නැති වීමෙන් දුක්වේදනාව උපදියි, හෙතෙම දුක්වේදනාවෙන් ස්පර්ශ කරන ලද්දේම, ශොක නොකෙරෙයි, ක්ලාන්ත නොවෙයි, නොවැළපෙයි, පපුවේ අතගසමින් නොහඬයි. මුළාවට නොපැමිණෙයි. අග්ගිවෙස්සනය, ඔහුගේ උපන්නාවූද, මේ සැපවේදනාව කුසල් සිත විනාශ නොකරයි. (කුමක් හෙයින්ද යත්:) කය වැඩූ හෙයිනි, උපන්නාවූද, දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි. සිත වැඩූ බැවිනි. අග්ගිවෙස්සනය, යමෙකුට මෙසේ දෙයාකාරයකින් උපන්නාවූද, සැප වේදනාව කුසල් සිත විනාශ නොකරයි. කුමක් හෙයින්ද? කය වැඩූ හෙයිනි. උපන්නාවූද දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි. කුමක් හෙයින්ද? සිත වැඩූ හෙයිනි. අග්ගිවෙස්සනය, මෙසේ වනාහි වඩන ලද කය ඇත්තේත් වෙයි, වඩනලද සිත ඇත්තේත් වෙයි.
|
370
‘‘එවං පසන්නො අහං භොතො ගොතමස්ස! භවඤ්හි ගොතමො භාවිතකායො ච හොති භාවිතචිත්තො චා’’ති
‘‘න හි නූන
(න හනූන (සී. ස්‍යා. කං. පී.)) භොතො ගොතමස්ස උප්පජ්ජති තථාරූපා සුඛා වෙදනා යථාරූපා උප්පන්නා සුඛා වෙදනා චිත්තං පරියාදාය තිට්ඨෙය්ය; න හි නූන භොතො ගොතමස්ස උප්පජ්ජති
|
370
“මෙයින් මම භවත් ගෞතමයන් කෙරෙහි පැහැදුනේ වෙමි. භවත් ගෞතම තෙම ඒකාන්තයෙන් වඩන ලද කායභාවනා ඇත්තේ වෙයි. වඩනාලද චිත්තභාවනා ඇත්තේ වෙයි.” “අග්ගිවෙස්සනය, නුඹ විසින් ඒකාන්තයෙන්ම ගුණ ගටා, ගුණ පහළකර මේ වචන කියනලදී. යලිදු මම නුඹට විස්තර කරන්නෙමි. අග්ගිවෙස්සනය, යම් කලක පටන් මම ඉසකේ දැළි රැවූලු බහා, කසාවත් හැඳ, ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයෙම්ද, ඒකාන්තයෙන් ඒ කාලය මුලුල්ලෙහි මට, ‘උපන්නාවූද, සැපවේදනාව කුසල් සිත විනාශ කරන්නේය. උපන්නාවූද, දුක්වේදනාව කුසල් සිත් විනාශ කරන්නේය’ යන මේ කාරණය සිදු නොවෙයි. “භවත් ගෞතමයින්ට යම් බඳුවූ සැප වේදනාවක් කුසල් සිත විනාශ කරයිද, එබඳු සැප වේදනාවක් නූපන්නා විය හැකිය. යම් බඳුවූ දුක් වේදනාවක් කුසල් සිත විනාශ කරයිද, එබඳු දුක් වේදනාවක් නූපන්නා විය හැකිය.”
|
371
‘‘කිඤ්හි නො සියා, අග්ගිවෙස්සන? ඉධ මෙ, අග්ගිවෙස්සන, පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො එතදහොසි - ‘සම්බාධො ඝරාවාසො රජාපථො, අබ්භොකාසො පබ්බජ්ජා. නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. යංනූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්ය’න්ති. සො ඛො අහං, අග්ගිවෙස්සන, අපරෙන සමයෙන දහරොව සමානො, සුසුකාළකෙසො භද්රෙන යොබ්බනෙන සමන්නාගතො පඨමෙන වයසා, අකාමකානං මාතාපිතූනං අස්සුමුඛානං රුදන්තානං, කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිං. සො එවං පබ්බජිතො සමානො කිංකුසලගවෙසී අනුත්තරං සන්තිවරපදං පරියෙසමානො යෙන ආළාරො කාලාමො තෙනුපසඞ්කමිං; උපසඞ්කමිත්වා ආළාරං කාලාමං එතදවොචං - ‘ඉච්ඡාමහං, ආවුසො කාලාම, ඉමස්මිං ධම්මවිනයෙ බ්රහ්මචරියං චරිතු’න්ති. එවං වුත්තෙ, අග්ගිවෙස්සන, ආළාරො කාලාමො මං එතදවොච - ‘විහරතායස්මා, තාදිසො අයං ධම්මො යත්ථ විඤ්ඤූ පුරිසො නචිරස්සෙව සකං ආචරියකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්යා’ති. සො ඛො අහං, අග්ගිවෙස්සන, නචිරස්සෙව ඛිප්පමෙව තං ධම්මං පරියාපුණිං. සො ඛො අහං, අග්ගිවෙස්සන, තාවතකෙනෙව ඔට්ඨපහතමත්තෙන ලපිතලාපනමත්තෙන ඤාණවාදඤ්ච
‘‘අථ ඛ්වාහං, අග්ගිවෙස්සන, යෙන ආළාරො කාලාමො තෙනුපසඞ්කමිං; උපසඞ්කමිත්වා ආළාරං
‘‘අථ ඛ්වාහං, අග්ගිවෙස්සන, යෙන ආළාරො කාලාමො තෙනුපසඞ්කමිං; උපසඞ්කමිත්වා ආළාරං කාලාමං එතදවොචං - ‘එත්තාවතා නො, ආවුසො කාලාම
|
371
“අග්ගිවෙස්සනය, කෙසේ නම් එසේ නොවන්නේද, අග්ගිවෙස්සනය, බුද්ධත්වයට පළමුවෙන්ම බුදුනොවූ බෝසත්වූම මට මෙබඳු අදහසක් විය. ගිහිගෙයි විසීම අවහිර සහිතය, කෙලෙස් රජස් උපදින මාර්ගයයි. මහණකම අවකාශය මෙන් නිදහස්ය. ගිහිගෙයි වසන්නහු විසින් සියලු ආකාරයෙන් පිරිසිදුවූ සියලු ආකාරයෙන් සම්පූර්ණවූ ලියවනලද සකක් බඳුවූ මේ බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරීම පහසු නොවෙයි. මම හිසකේ දැළි රැවුලු කපා හැර, කසාවත් හැඳ, ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වන්නෙම් නම් ඉතා යෙහෙකැයි (කියාය.) අග්ගිවෙස්සනය, ඒ මම එයින් ටික කලකට පසු තරුණ වයස් ඇත්තේම, කළුවූ හිසකෙස් ඇත්තේම, පළමුවෙනි වයසෙහි යහපත් තරුණ භාවයෙන් යුක්තවූයේම නොකැමතිවූ මවුපියන් අඬද්දී, හිස කෙස් දැළිරැවුල් කපාහැර කසා වත් හැඳගෙන ගිහිගෙන් නික්ම අනගාරිකව පැවිදිවීමි.
“මෙසේ පැවිදිවූ මම කුසල් කුමක්දැයි සොයන්නේ නිරුත්තර උතුම් නිර්වාණය සොයන්නේ ආළාරකාලාම නම් තවුස්තෙම යම් තැනෙක්හිද එතැනට ගියෙමි ගොස්, ආළාරකාලාම තාපසයාට මෙසේ කීවෙමි.
“ඇවැත්නි, කාලාමයෙනි, තොපගේ මේ ශාසනයෙහි බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්ට මම කැමැත්තෙමි’යි (කීවෙමි) අග්ගිවෙස්සනය, මම මෙසේ කී කල්හි ආළාරකාලාම තෙම මට මෙසේ කීවේය. “යම් තැනක නුවණ ඇත්තාවූ පුරුෂයෙක් නොබෝ කලකින් තමන්ගේ ආචාර්‍ය්‍යයන්ගේ ධර්මය තමාම නුවණින් දැන අවබෝධ කොට ඊට පැමිණ වාසය කරන්නේද, මේ ධර්මයද එබඳුය, එහෙයින් ආයුෂ්මත් තෙම වාසය කෙරේවා” (කියායි.)
අග්ගිවෙස්සනය, ඒ මම ටික කලකින් වහාම ඔවුන්ගේ ඒ ධර්මය අසාම ඉගෙන ගත්තෙමි. අග්ගිවෙස්සනය, ඒ මම (කියන්ට) තොල පෙරලු පමණින්, (ඔහු) කියනදේ නැවත කී පමණින් මෙබඳු ස්වල්ප කාලයකින් ඤාණවාදයද, (දනිම්යයි කීමද) කියමි. ථෙර වාදයද (එහි ස්ථිරයයි කීමද) දනිමියිද දකිමියිද පිළිගනිමි. මා පමණක් නොව අන්‍යයෝද (මා ගැන) එසේ කියති. අග්ගිවෙස්සනය, ඒ මට මේ සිත විය. ආළාරකාලාම තෙම මේ ධර්මය ඇදහීම් පමණකින් තමාම උසස් නුවණින් අවබෝධ කොට ඊට පැමිණ වාසය කරමියි නොකියයි. ආළාරකාලාම තෙම මේ ධර්මය දැන දැක වාසය කරයි. (කියායි.) අග්ගිවෙස්සනය, ඉන්පසු මම ආළාරකාලාම යම් තැනකද එහි ගියෙමි. ගොස්, ආළාරකාලාමහට මෙසේකීවෙමි. ඇවැත්නි, කාලාමයෙනි, කොපමණකින් මේ ධර්මය තමාම දැන අවබෝධ කොට ඊට පැමිණ ප්‍රකාශ කෙරේදැ’යි (කියායි.)
“අග්ගිවෙස්සනය, මෙසේ කී කල්හි ආළාරකාලාම තෙම ආකිඤ්චඤ්ඤායතනය කෙළවරකොට ඇති සමාපත්තිය දැක්වූයේය. අග්ගිවෙස්සනය, ඒ මට මේ සිත විය. ආළාරකාලාමහට පමණක් ශ්‍රද්ධාව ඇත්තේ නොවෙයි. මටද ශ්‍රද්ධාව ඇත. ආළාරකාලාමහට පමණක් වීර්‍ය්‍යය ඇත්තේ නොවෙයි, මටද වීර්‍ය්‍යය ඇත. ආළාරකාලාමහට පමණක් සිහිය ඇත්තේ නොවෙයි. මටද සිහිය ඇත, ආළාරකාලාමහට පමණක් සමාධිය ඇත්තේ නොවෙයි, මටද සමාධිය ඇත ආළාරකාලාමහට පමණක් ප්‍රඥාව ඇත්තේ නොවෙයි, මටද ප්‍රඥාව ඇත. යම් හේතුවකින් ආළාරකාලාම තෙම යම් ධර්මයක් තමාම නුවණින් දැන ඊට පැමිණ වාසය කරමියි, කියයි නම් ඒ ධර්මය අත්කර ගැණීම පිණිස මම උත්සාහ කරන්නෙම් නම් හොඳය (කියායි.)
“අග්ගිවෙස්සනය, ඒ මම ටික කලකින් වහාම ඒ ධර්මය තමාම නුවණින් දැන අවබෝධකොට ඊට පැමිණ වාසය කෙළෙමි. අග්ගිවෙස්සනය ඉන්පසු මම ආළාරකාලාම තෙම යම් තැනකද එතැනට ගියෙමි. ගොස්, ඇවැත්නි කාලාමයෙනි, මේ ධර්මය දැන අවබෝධකොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නේ මෙපමණකින්දැ’යි (ඇසීමි) ‘ඇවැත්නි, මේ ධර්මය දැන අවබෝධ කොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නෙම් මෙපමණකින්ය’යි (ආළාරකාලාම තෙම) කීය. ‘ඇවැත්නි, මමද මෙපමණකින් මේ ධර්මය දැන අවබෝධකොට ඊට පැමිණ වාසය කරමි’යි (කීවෙමි) ‘ඇවැත්නි, යම් බඳුවූ අපි ආයුෂ්මත්වූ ඔබ වැනිවූ සමාන බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තෙකු දකින්නෙමුද, ඒ අපට ලාභයකි. උතුම් ලාභයකි. මෙසේ මම යම් ධර්මයක් දැන අවබෝධකොට ඊට පැමිණ ප්‍රකාශ කරම්ද, ඔබ ඒ ධර්මය දැන අවබෝධ කොට ඊට පැමිණ වාසය කරන්නෙහිය. ඔබ යම් ධර්මයක් දැන අවබෝධකොට ඊට පැමිණ වාසය කරන්නෙහිද, මමද ඒ ධර්මය දැන අවබෝධකොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නෙමි. මෙසේ මම යම් ධර්මයක් දන්නෙම්ද ඔබද ඒ ධර්මය දන්නෙහිය, යම් හේතුවකින් ඔබ යම් ධර්මයක් දන්නේද, මමද ඒ ධර්මය දන්නෙමි, මෙසේ මම යම් බඳුද ඔබත් එබඳුය. ඔබ යම් බඳුද මාත් එබඳුය. ඇවැත්නි, එනු මැනව, දෙදෙනම එක්ව මේ පිරිස පාලනය කරමු’යි (කීවේය) අග්ගිවෙස්සනය, මෙසේ මාගේ ආචාර්‍ය්‍යවූම ආළාරකාලාම තෙම අතවැසි (ශිෂ්‍ය) වූ ඔහු හා සම සම ස්ථානයෙහි තැබීය. උත්තමවූ පූජාවෙන් මා පිදුවේය.
“අග්ගිවෙස්සනය, ඒ මට මෙසේ සිතුනේය, මේ (තාපස) ධර්මය සසර කලකිරීම පිණිස නොපවතියි. සසර නොඇල්ම පිණිස නොපවතියි. කෙලෙස් නැති කිරීම පිණිස නොපවතියි. (දතයුතු ධර්මයන්) දැනීම පිණිස නොපවතියි. (චතුරාර්‍ය්‍ය සත්‍යය) අවබෝධය පිණිස නොපවතියි. නිර්වාණය පිණිස නොපවතියි. ආකිඤ්චඤ්ඤායතන බ්‍රහ්මලෝකයෙහි ඉපදීම පිණිස පමණක් පවතියි. අග්ගිවෙස්සනය, ඒ මම ඒ ධර්මය ප්‍රමාණ නොවේයයි සිතා, ඒ ධර්මයෙහි කලකිරී ඉවත්ව ගියෙමි.
|
372
‘‘සො ඛො අහං, අග්ගිවෙස්සන, කිංකුසලගවෙසී අනුත්තරං සන්තිවරපදං
‘‘අථ ඛ්වාහං, අග්ගිවෙස්සන, යෙන උදකො රාමපුත්තො තෙනුපසඞ්කමිං; උපසඞ්කමිත්වා උදකං රාමපුත්තං එතදවොචං - ‘එත්තාවතා නො, ආවුසො, රාමො ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසී’ති? ‘එත්තාවතා ඛො, ආවුසො, රාමො ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසී’ති. ‘අහම්පි ඛො, ආවුසො, එත්තාවතා ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමී’ති. ‘ලාභා නො, ආවුසො, සුලද්ධං නො, ආවුසො, යෙ මයං ආයස්මන්තං තාදිසං සබ්රහ්මචාරිං පස්සාම. ඉති යං ධම්මං රාමො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසි, තං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරසි; යං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරසි, තං ධම්මං රාමො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසි. ඉති යං ධම්මං රාමො අභිඤ්ඤාසි තං ත්වං ධම්මං ජානාසි; යං ත්වං ධම්මං ජානාසි තං ධම්මං රාමො අභිඤ්ඤාසි. ඉති
|
372
“අග්ගිවෙස්සනය, ඒ මම කුසල් කුමක්දැයි සොයන්නේ, නිරුත්තරවූ උතුම් නිර්වාණය සොයන්නේ උද්දකරාම පුත්තතෙම යම් තැනකද එතැනට පැමිණියෙමි. පැමිණ, උද්දකරාමපුත්තහට මෙසේ කීවෙමි. ඇවැත්නි, රාමයෙනි, මේ ධර්ම විනයෙහි බ්‍රහ්මචර්‍ය්‍යාව රකින්ට මම කැමැත්තෙමි (කීවෙමි.) “අග්ගිවෙස්සනය, මෙසේ කී කල්හි උද්දකරාමපුත්තතෙම මට මෙසේ කීවේය. “යම් තැනක නුවණ ඇත්තාවූ පුරුෂයෙක් නොබෝ කලකින් තමන්ගේ ආචාර්‍ය්‍යයන්ගේ ධර්මය තමාම නුවණින් දැන අවබෝධකොට ඊට පැමිණ වාසය කරන්නේද මේ ධර්මයද එබඳුය. එහෙයින් ආයුෂ්මත්තෙම වාසය කෙරේවා” (කියායි)
“අග්ගිවෙස්සනය, ඒ මම ටික කලකින් වහාම ඔවුන්ගේ ඒ ධර්මය ඉගෙනගත්තෙමි. අග්ගිවෙස්සනය, ඒ මම කීමට තොල සෙලවූ පමණින්, වචනයක් කී පමණින් දනිමි යන වචනයද, දැනීම ස්ථිරය යන වචනයද ප්‍රකාශ කරමි. මම දනිමි, දකිමියයි කියමි. මා පමණක් නොව අන්‍යයෝද (මා ගැන) එසේ කියති. අග්ගිවෙස්සනය, ඒ මට මේ සිත විය. උද්දකරාමපුත්ත තෙම මේ ධර්මය ඇදහීම් පමණකින් තමාම උසස් නුවණින් දැන අවබෝධකොට ඊට පැමිණ වාසයකරමියි නොකියයි. උද්දකරාම පුත්ත තෙම මේ ධර්මය දැන, දැක වාසය කළේයයි (මට කල්පනා විය.) අග්ගිවෙස්සනය, ඉන්පසු මම උද්දකරාමපුත්ත යම්තැනකද එතැනට ගියෙමි. ගොස්, උද්දකරාම පුත්තහට මෙසේ කීවෙමි. ඇවැත්නි, රාමයෙනි, කොපමණකින් මේ ධර්මය තමාම දැන අවබෝධ කොට ඊට පැමිණ ප්‍රකාශ කෙරේදැයි (කියායි.)
“අග්ගිවෙස්සනය, මෙසේ කී කල්හි උද්දකරාමපුත්ත නෙවසඤ්ඤානාසඤ්ඤායතනය, කෙළවර කොට ඇති සමාපත්තිය දැන්වූයේය. අග්ගිවෙස්සනය, ඒ මට මේ සිත විය. රාමහට පමණක් ශ්‍රද්ධාව ඇත්තේ නොවෙයි. මටද ශ්‍රද්ධාව ඇත. රාමහට පමණක් වීර්‍ය්‍යය ඇත්තේ නොවෙයි. මටද වීර්‍ය්‍යය ඇත. රාමහට පමණක් සිහිය ඇත්තේ නොවෙයි. මටද සිහිය ඇත. රාමහට පමණක් සමාධිය ඇත්තේ නොවෙයි. මටද සමාධිය ඇත. රාමහට පමණක් ප්‍රඥාව ඇත්තේ නොවෙයි. මටද ප්‍රඥාව ඇත. යම් හේතුවකින් රාමපුත්ත තෙම යම් ධර්මයක් තමාම නුවණින් දැන ඊට පැමිණ වාසය කරමියි කියයිනම් ඒ ධර්මය තමන්ම ප්රත්යක්ෂ කර ගැණීම පිණිස වීර්‍ය්‍යය කරන්නෙම් නම් යහපත්ය. (කියායි.)
“අග්ගිවෙස්සනය, ඒ මම ටික කලකින් වහාම ඒ ධර්මය තමාම නුවණින් දැන අවබෝධ කොට ඊට පැමිණ වාසය කෙළෙමි. අග්ගිවෙස්සනය, ඉන් පසු මම උද්දකරාමපුත්ත යම් තැනකද එතැනට ගියෙමි. ගොස්, උද්දකරාමපුත්තහට මෙසේ කීවෙමි.
“ඇවැත්නි, රාමයෙනි, මේ ධර්මය දැන අවබෝධකොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නේ මෙපමණකින්දැ”යි ඇසීමි. ‘ඇවැත්නි, මේ ධර්මය දැන අවබෝධකොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නෙම් මෙපමණකින්ය’යි (උද්දකරාමතෙම) කීය. ‘ඇවැත්නි, මමද මෙපමණකින් මේ ධර්මය දැන අවබෝධකොට ඊට පැමිණ වාසය කරමි”යි (කීවෙමි)
“ඇවැත්නි, යම්බඳුවූ අපි ආයුෂ්මත්වූ ඔබ වැනිවූ සමාන බ්රහ්මචරියා ඇත්තෙකු දකින්නෙමුද ඒ අපට ලාභයකි. මහත් ලාභයකි. මෙසේ මම යම් ධර්මයක් දැන අවබෝධ කොට ඊට පැමිණ ප්‍රකාශ කරම්ද, ඔබ ඒ ධර්මය නුවණින් දැන අවබෝධකොට ඊට පැමිණ වාසය කරන්නෙහිය. ඔබ යම් ධර්මයක් දැන අවබෝධ කොට ඊට පැමිණ වාසය කරන්නෙහිද, මමද ඒ ධර්මය දැන අවබෝධකොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නෙමි. මෙසේ මම යම් ධර්මයක් දන්නේද ඔබද ඒ ධර්මය දන්නෙහිය. ඔබ යම් ධර්මයක් දන්නේද, මමද ඒ ධර්මය දන්නෙමි. මෙසේ මම යම්බඳුද ඔබත් එබඳුය. ඔබ යම් බඳුද මමත් එබඳුය. ඇවැත්නි, එව දෙදෙනම එක්ව මේ පිරිස පාලනය කරමුයි (කීවේය). අග්ගිවෙස්සනය, මෙසේ මාගේ ආචාර්‍ය්‍යවූම උද්දකරාමපුත්ත තෙම අතවැසි (ශිෂ්‍ය) වූ මා ඔහු හා සම සම ස්ථානයෙහි තැබීය උතුම්වූ පූජාවෙන් මට පිදුවේය.
“අග්ගිවෙස්සනය, ඒ මට මෙසේ සිතුනේය. මේ (තාපස) ධර්මය සසර කලකිරීම පිණිස නොපවතී. සසර නොඇල්ම පිණිස නොපවතී. කෙලෙස් නැතිකිරීම පිණිස නොපවතී (දතයුතුධර්මයන්) දැනීම පිණිස නොපවතී (චතුරාර්‍ය්‍ය සත්‍යය) අවබෝධය පිණිස නොපවතී. නිර්වාණය පිණිස නොපවතී. යම්තාක් නෙවසඤ්ඤානාසඤ්ඤායතන බ්‍රහ්ම ලෝකයෙහි ඉපදීම පිණිස පමණක් පවතියි. අග්ගිවෙස්සනය, ඒ මම ඒ ධර්මය ප්‍රමාණ නොකොට කලකිරී ඒ ධර්මයෙන් ඉවත්ව ගියෙමි.
|
373
‘‘සො ඛො අහං, අග්ගිවෙස්සන, කිංකුසලගවෙසී අනුත්තරං සන්තිවරපදං පරියෙසමානො මගධෙසු අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන උරුවෙලා සෙනානිගමො තදවසරිං. තත්ථද්දසං රමණීයං භූමිභාගං, පාසාදිකඤ්ච වනසණ්ඩං, නදිඤ්ච සන්දන්තිං සෙතකං සුපතිත්ථං රමණීයං, සමන්තා ච ගොචරගාමං. තස්ස මය්හං, අග්ගිවෙස්සන, එතදහොසි - ‘රමණීයො වත, භො, භූමිභාගො, පාසාදිකො ච වනසණ්ඩො, නදී ච සන්දති සෙතකා සුපතිත්ථා රමණීයා, සමන්තා ච ගොචරගාමො. අලං වතිදං කුලපුත්තස්ස පධානත්ථිකස්ස
|
373
“අග්ගිවෙස්සනය, ඒ මම කුසල් කුමක්දැයි සොයමින්, නිරුත්තරවූ නිර්වාණය සොයමින් මගධ ජනපදයෙහි පිළිවෙලින් ගමන්කරන්නේ උරුවෙල් දනව්වෙහි සේනානී නම් නියම්ගම යම් තැනකද එහි පැමිණියෙමි. එහි සුදුවැලි තලා ඇත්තාවූද, යහපත් තොටවල් ඇත්තාවූද, ගලායන ගඟ ඇත්තාවූද, අවට ගොදුරු ගම් ඇත්තාවූද, ප්‍රසාදය ඇති කරන්නාවූද, සිත් සතුටු කරන්නාවූද වනලැහැබක් ඇති බිම් පෙදෙසක් දුටිමි. අග්ගිවෙස්සනය, ඒ මට මේ සිත පහළ විය. ඒකාන්තයෙන් භූමි ප්‍රදෙශය සිත් අලවන්නේය. වන ලැහැබ සතුට උපදවන්නේය, සුදු වැලිතලා ඇති හොඳ තොටුපලවල් ඇති ගංගාවද සිත් අලවන්නීය. හාත්පස ගොදුරු ගමද වෙයි. වීර්‍ය්‍යය කරන කුලපුත්‍රයෙකුට වීර්‍ය්‍යය කිරීමට මෙය ඒකාන්තයෙන් සුදුසුයි. අග්ගිවෙස්සනය, ඒ මම මේ ස්ථානය වීර්‍ය්‍යය කිරීමට සුදුසුයයි සිතා වීර්‍ය්‍ය වැඩීම පිණිස එහිම උන්නෙමි.
|
374
‘‘අපිස්සුමං, අග්ගිවෙස්සන, තිස්සො උපමා පටිභංසු අනච්ඡරියා පුබ්බෙ අස්සුතපුබ්බා. සෙය්යථාපි, අග්ගිවෙස්සන, අල්ලං කට්ඨං සස්නෙහං උදකෙ නික්ඛිත්තං. අථ පුරිසො ආගච්ඡෙය්ය උත්තරාරණිං ආදාය - ‘අග්ගිං අභිනිබ්බත්තෙස්සාමි, තෙජො පාතුකරිස්සාමී’ති. තං කිං මඤ්ඤසි, අග්ගිවෙස්සන, අපි නු සො පුරිසො අමුං අල්ලං කට්ඨං සස්නෙහං, උදකෙ නික්ඛිත්තං
|
374
“අග්ගිවෙස්සනය, මට ආශ්චර්‍ය්‍යවූ, පෙර නොඇසු විරූ උපමා තුනක් වැටහුනාහුය, අග්ගිවෙස්සනය, යම්සේ කිරි සහිතවූ අමු දියේ දමනලද තෙත්වූ (දිඹුල්) ලීකැබැල්ලක් වේද, ඉක්බිති පුරුෂයෙක් තෙම ගිනිගානා දණ්ඩක් ගෙන ගිනි නිපදවන්නෙමියි ගින්දර ඇතිකරන්නෙමියි, කියා එන්නේය. අග්ගිවෙස්සනය, ඒ පුරුෂතෙම ජලයෙහි බහාලනලද ඒ කිරිසහිත අමු (දිඹුල්) ලී කැබෙල්ල ගිනි ගානා දණ්ඩෙන් මැදීමෙන් ගිනි නිපදවන්නේද? ගිනි පහළ කරන්නේද?” “භවත් ගෞතමයෙනි, එය සිදු නොවන්නේය. ඊට හේතු කවරේදයත්:- භවත් ගෞතමයෙනි, (දිඹුල්) ලී කඩ වනාහි අමුය, කිරි සහිතය, එපමණක් නොව ජලයෙහිද බහා ලන ලද්දේය. (එහෙයිනි) (ඒ ලීයෙන් ගිනි උපදවනු කැමැති) ඒ පුරුෂතෙම ක්ලාන්තයටද, වෙහෙසටද පැමිණීම පමණක් සිදුවන්නේය.” අග්ගිවෙස්සනය, එපරිද්දෙන්ම යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කයින් වස්තු කාමයන්ගෙන් වෙන්ව වාසය නොකරත්ද, කාම වස්තු කෙරෙහි ඔවුන්ගේ යම්කිසි ඇල්මක් වේද, කාම ආසාවක් වේද, කාම මුර්ඡාවක් වේද, කාම පිපාසයක් වේද, කාම දැවිල්ලක් වේද, ඒ ක්ලේශ කාමය තමා තුල මනාව නැති නොවූයේ වේද, මනාව මැඩපවත්වන ලද්දේ නොවේද, ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනාවන් විඳිත්. ඔවුහු ආර්‍ය්‍ය මාර්ගඥාන දර්ශනයටද, නිරුත්තරවූ අවබෝධයටද නුසුදුස්සෝ මය. අග්ගිවෙස්සනය, ආශ්චර්‍ය්‍යවූ පෙර නොඇසුවිරූ මේ පළමුවන උපමාව මට වැටහුණි.
|
375
‘‘අපරාපි ඛො මං, අග්ගිවෙස්සන, දුතියා උපමා පටිභාසි අනච්ඡරියා පුබ්බෙ අස්සුතපුබ්බා. සෙය්යථාපි, අග්ගිවෙස්සන, අල්ලං කට්ඨං සස්නෙහං, ආරකා උදකා ථලෙ නික්ඛිත්තං. අථ පුරිසො ආගච්ඡෙය්ය උත්තරාරණිං ආදාය - ‘අග්ගිං අභිනිබ්බත්තෙස්සාමි, තෙජො පාතුකරිස්සාමී’ති. තං කිං මඤ්ඤසි, අග්ගිවෙස්සන, අපි නු සො පුරිසො අමුං අල්ලං කට්ඨං සස්නෙහං, ආරකා උදකා ථලෙ නික්ඛිත්තං, උත්තරාරණිං ආදාය
|
375
“අග්ගිවෙස්සනය, ආශ්චර්‍ය්‍යවූ පෙර නොඇසුවිරූ අන්‍යවූ දෙවෙනි උපමාවක්ද මට වැටහිණි. අග්ගිවෙස්සනය යම්සේ කිරි සහිතවූ අමු (දිඹුල්) ලීයක් දියෙන් ඈත්කොට ගොඩබිමෙහි බහා තබන ලද්දේ වේද. ඉක්බිති පුරුෂයෙක් තෙම ගිනිගානා දණ්ඩ ගෙන ගිනි නිපද වන්නෙමි. ගින්න පහළ කරන්නෙමියි, කියා එන්නේය. අග්ගිවෙස්සනය, ඒ පුරුෂතෙම කිරි සහිතවූ, දියෙන් ගෙන ගොඩ තබන ලද්දාවූ, ඒ අමු ලීය ගිනි ගානා දණ්ඩෙන් මැදීමෙන් ගිනි උපදවන්නේද? ගින්දර පහළ කරන්නේද?” “භවත් ගෞතමයෙනි, එය සිදු නොවන්නේය. ඊට හේතු කවරේද යත්:- භවත් ගෞතමයෙනි, ඒ ලී කඩ ජලයෙන් බැහැර කර ගොඩබිමෙහි දමා තිබුණත් කිරි සහිතය (අමුය) එහෙයිනි. ඒ පුරුෂයා ක්ලාන්තයටද, වෙහෙසටද පත්වීම පමණක් නම් සිදුවන්නේය.” “අග්ගිවෙස්සනය, එපරිද්දෙන්ම යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කයින් කාමයන් ගෙන් වෙන්ව වාසය කරත්ද, (එහෙත්) කාම වස්තු කෙරෙහි ඔවුන්ගේ ඇල්මක් වේද, කාම ආශාවක් වේද, කාම මුර්ඡාවක් වේද, කාම පිපාසයක් වේද, කාම දැවිල්ලක් වේද, එය අභ්‍යන්තරයෙහි මනාව නැති නොවූයේ වේද, මනාව මැඩ නොපවත්වන ලද්දේ වේද, ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවූ, දුක්වූ තියුණුවූ, කටුකවූ වේදනාවන් විඳිත්. ඔවුහු ආර්‍ය්‍යඥාන දර්ශනයටද, නිරුත්තර අවබෝධයටද නුසුදුස්සෝමය.
ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනාවන් ඉදින් නොවිඳින්නාහුද, ඥානදර්ශනය ලැබීමටද, නිරුත්තරවූ අවබෝධයටද නුසුදුස්සෝමය. අග්ගිවෙස්සනය, මේ වනාහි මට වැටහුනු පුදුමවූ, පෙර නොඇසුවාවූ දෙවෙනි උපමාවයි.
|
376
‘‘අපරාපි ඛො මං, අග්ගිවෙස්සන, තතියා උපමා පටිභාසි අනච්ඡරියා
|
376
“අග්ගිවෙස්සනය, පුදුමවූ පෙර නොඇසුවාවූ තුන් වෙනිවූ අන්‍ය උපමාවක්ද මට වැටහුනේය. අග්ගිවෙස්සනය, වියලුනාවූ, කිරි සිඳුනාවූ, දියෙන් ඈත්කොට ගොඩබිමෙහි තබනලද වියලි දරලීයක් වේද, එකල්හි පුරුෂයෙක් ගිනිගානා දණ්ඩ ගෙන ගිනි උපදවන්නෙමි. ගින්න ඇති කරන්නෙමියි එන්නේය. අග්ගිවෙස්සනය, ඒ පුරුෂතෙම වියලුනාවූ කිරි සිඳුනාවූ, දියෙන් ඈත්කොට ගොඩ තබනලද ඒ ලීය ඒ ගිනි ගානා දණ්ඩ ගෙන මැදීමෙන් ගිනි උපදවන්නේද? ගින්න ඇති කරන්නේද?” “භවත් ගෞතමයෙනි, එසේය. ඊට හේතු කවරේද? භවත් ගෞතමයෙනි, ඒ ලීය වියලුනේ වෙයි, කිරි සිඳුනේවෙයි, දියෙන් ගෙන ගොඩ තබන ලද්දේත් වෙයි.” “අග්ගිවෙස්සනය, එපරිද්දෙන්ම යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කයින් කාමයන්ගෙන් වෙන්ව වාසය කරත්ද, ඔවුන්ගේ කාමවස්තූන් කෙරෙහි යම් ඇල්මක් වේද, කාමආසාවක් වේද, කාම මුර්ඡාවක් වේද, කාම දැවිල්ලක් වේද ඒ කාමආශාව අධ්‍යාත්මයෙහි (ඇතුලත) හොඳින් ප්‍රහීනවූයේ වේද, හොඳින් මැඩ පැවතියේද, ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවූ, තියුණුවූ, කටුකවූ, වේදනාවන් නොවිඳිත්. ඔවුහු මාර්ගඥානදර්ශනය පිණිස, නිරුත්තරවූ අවබෝධය පිණිස සුදුස්සෝමැයි.
“අග්ගිවෙස්සනය, ආශ්චර්‍ය්‍යවූ පෙර නොඇසු විරූ මේ උපමාතුන මට වැටහුනාහුය.
|
377
‘‘තස්ස
|
377
“අග්ගිවෙස්සනය, ඒ මට මේ සිත පහළ විය. යම් හෙයකින් මට යටි දත් පෙළෙහි උඩු දත් පෙළ තදකරගෙන (දත් මිටි කාගෙන,) දිව උඩුතල්ලෙහි තද කරගෙන, කුසල් සිතින් අකුසල් සිත යටපත් කරන්නෙම් නම්, පෙළන්නෙම් නම් යෙහෙක’ (කියායි.) අග්ගිවෙස්සනය, ඒ මම දත්මිටිකාගෙන දිවඋඩුතල්ලෙහි තදකරගෙන, කුසල් සිතින් අකුසල් සිත යටපත් කරමි, පෙළමි, තවමි. අග්ගිවෙස්සනය, දත්මිටි කාගෙන, දිව උඩුතල්ලෙහි තද කරගෙන කුසල් සිතින් අකුසල් සිත යටපත් කරන්නාවූ, පෙළන්නාවූ, තවන්නාවූ ඒ මාගේ කිහිලිවලින් ඩාදිය වැගිරෙන්නේය.
“අග්ගිවෙස්සනය, යම්සේ බලවත් පුරුෂයෙක්තෙම වඩා දුර්වල පුරුෂයෙකු හිසින් හෝ අල්වාගෙන, බෙල්ලෙන් හෝ අල්වාගෙන තදකරන්නේද, පෙළන්නේද, තවන්නේද, අග්ගිවෙස්සනය, එපරිද්දෙන්ම දත්මිටිකාගෙන, දිව උඩු තල්ලෙහි තදකරගෙන කුසල් සිතින් අකුසල් සිත යටපත් කරන්නාවූ, පෙළන්නාවූ, තවන්නාවූ ඒ මාගේ කිහිලිවලින් ඩාදිය වැගිරෙයි.
“අග්ගිවෙස්සනය, මා විසින් නොහැකුළුණු වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේය. සිහිය එළඹ සිටියාය. එහෙයින්ම නුමුළාවිය. ප්‍රධාන වීර්‍ය්‍යයෙන් මඬන ලද්දාවූම මාගේ ශරීරය දාහ සහිත විය. නොසන්සිඳුනේ විය. අග්ගිවෙස්සනය, මට උපන්නාවූ මෙබඳුවූද, දුක්වේදනාව කුසල් සිත විනාශ නොකරයි.
|
378
‘‘තස්ස මය්හං, අග්ගිවෙස්සන, එතදහොසි - ‘යංනූනාහං අප්පාණකංයෙව ඣානං ඣායෙය්ය’න්ති. සො ඛො අහං, අග්ගිවෙස්සන, මුඛතො ච නාසතො ච අස්සාසපස්සාසෙ උපරුන්ධිං. තස්ස මය්හං, අග්ගිවෙස්සන, මුඛතො ච නාසතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු කණ්ණසොතෙහි වාතානං නික්ඛමන්තානං අධිමත්තො සද්දො හොති. සෙය්යථාපි නාම කම්මාරගග්ගරියා ධමමානාය අධිමත්තො සද්දො හොති, එවමෙව ඛො මෙ, අග්ගිවෙස්සන, මුඛතො ච නාසතො ච අස්සාසපස්සාසෙසු
‘‘තස්ස මය්හං, අග්ගිවෙස්සන, එතදහොසි - ‘යංනූනාහං අප්පාණකංයෙව ඣානං ඣායෙය්ය’න්ති. සො ඛො අහං, අග්ගිවෙස්සන, මුඛතො ච නාසතො ච කණ්ණතො
‘‘තස්ස මය්හං, අග්ගිවෙස්සන, එතදහොසි - ‘යංනූනාහං අප්පාණකංයෙව ඣානං ඣායෙය්ය’න්ති. සො ඛො අහං, අග්ගිවෙස්සන, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙ උපරුන්ධිං. තස්ස මය්හං, අග්ගිවෙස්සන, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු
‘‘තස්ස මය්හං, අග්ගිවෙස්සන, එතදහොසි - ‘යංනූනාහං අප්පාණකංයෙව ඣානං ඣායෙය්ය’න්ති. සො ඛො අහං, අග්ගිවෙස්සන, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙ උපරුන්ධිං. තස්ස මය්හං, අග්ගිවෙස්සන, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු අධිමත්තා
‘‘තස්ස මය්හං, අග්ගිවෙස්සන, එතදහොසි - ‘යංනූනාහං අප්පාණකංයෙව ඣානං ඣායෙය්ය’න්ති. සො ඛො අහං, අග්ගිවෙස්සන, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙ උපරුන්ධිං. තස්ස මය්හං, අග්ගිවෙස්සන, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු අධිමත්තො කායස්මිං ඩාහො හොති. සෙය්යථාපි, අග්ගිවෙස්සන, ද්වෙ බලවන්තො පුරිසා දුබ්බලතරං පුරිසං නානාබාහාසු ගහෙත්වා අඞ්ගාරකාසුයා සන්තාපෙය්යුං සම්පරිතාපෙය්යුං, එවමෙව ඛො මෙ, අග්ගිවෙස්සන, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු අධිමත්තො කායස්මිං ඩාහො හොති. ආරද්ධං ඛො පන මෙ, අග්ගිවෙස්සන, වීරියං හොති අසල්ලීනං උපට්ඨිතා සති අසම්මුට්ඨා. සාරද්ධො ච පන මෙ කායො හොති අප්පටිප්පස්සද්ධො තෙනෙව දුක්ඛප්පධානෙන පධානාභිතුන්නස්ස සතො. එවරූපාපි ඛො මෙ, අග්ගිවෙස්සන, උප්පන්නා දුක්ඛා වෙදනා චිත්තං න පරියාදාය තිට්ඨති. අපිස්සු මං, අග්ගිවෙස්සන, දෙවතා
|
378
“අග්ගිවෙස්සනය, ඒ මට මේ සිත පහළ විය යම් හෙයකින් මම ආශ්වාසකිරීම් රහිත ධ්‍යානය වඩන්නෙම් නම් යෙහෙක (කියාය.) අග්ගිවෙස්සනය, ඒ මම කටින්ද, නාසයෙන්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. අග්ගිවෙස්සනය, කටින්ද, නාසයෙන්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි කන් සිදුරුවලින් පිටවන වාතයෙහි අධික ශබ්දය ඇතිවෙයි. මයින හමක් පිඹින කල්හි යම්සේ අධික ශබ්දයක් ඇතිවේද, එපරිද්දෙන්ම අග්ගිවෙස්සනය, මාගේ මුඛයෙන්ද නාසයෙන්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි කන් සිදුරුවලින් පිටවන වාතයෙහි අධික ශබ්දය ඇතිවෙයි.
“අග්ගිවෙස්සනය, මා විසින් නොහැකුළුණු වීර්‍ය්‍යය පටන්ගන්නා ලදී. සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළා නොවීය. ප්‍රධාන වීර්‍ය්‍යයෙන් වීර්‍ය්‍යය වඩන්නාවූ මාගේ ශරීරය දාහ සහිත වෙයි. නොසන්සිඳුනේ වෙයි. අග්ගිවෙස්සනය, මට උපන්නාවූ මෙබඳුවූද, දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි.
“අග්ගිවෙස්සනය, ඒ මට මෙසේ කල්පනා විය. ‘යම් හෙයකින් මම ආශ්වාස රහිත ධ්‍යානයම වඩන්නෙම් නම් යෙහෙක’ (කියායි.) අග්ගිවෙස්සනය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. අග්ගිවෙස්සනය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි අධික වාතය හිස්මුදුන පලන්නාක් මෙන් වෙයි අග්ගිවෙස්සනය, යම්සේ බලවත් පුරුෂයෙක් තියුණු කටුවකින් හිස්මුදුන විදින්නේද, එපරිද්දෙන්ම අග්ගිවෙස්සනය, මගේ මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ, කල්හි අධික වාතය හිස්මුදුන පලන්නා සේ වෙයි
“අග්ගිවෙස්සනය, මා විසින් නොහැකුළුණු වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේමය, සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළාව නොවීය. ප්‍රධාන වීර්‍ය්‍යයෙන් වීර්‍ය්‍යය වඩන්නාවූ මාගේ ශරීරය දාහ සහිත විය. නොසංසිඳුනේ වෙයි. අග්ගිවෙස්සනය, මට උපන්නාවූ මෙබඳුවූද, දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි.
“අග්ගිවෙස්සනය, ඒ මට මෙසේ කල්පනා විය. ‘යම් හෙයකින් මම ආශ්වාස රහිත ධ්‍යානයම වඩන්නෙම් නම් යෙහෙක’ (කියායි.) අග්ගිවෙස්සනය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. අග්ගිවෙස්සනය, මුඛයෙන්ද නාසයෙන්ද කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි හිසෙහි අධික වේදනාව ඇති වෙයි. අග්ගිවෙස්සනය, යම් සේ බලවත් පුරුෂයෙක් දැඩි වරපට බැම්මකින් හිස වෙළයිද, එපරිද්දෙන්ම අග්ගිවෙස්සනය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි මගේ හිසෙහි වේදනාව ඇති වෙයි.
“අග්ගිවෙස්සනය, මා විසින් නොහැකුළුණු වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේමය, සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළාව නොවීය ප්‍රධාන වීර්‍ය්‍යයෙන් වීර්‍ය්‍ය වඩන්නාවූ මාගේ ශරීරය දාහ සහිත විය. නොසංසිඳුනේ වෙයි. අග්ගිවෙස්සනය, මට උපන්නාවූ මෙබඳුවූද දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි.
“අග්ගිවෙස්සනය, ඒ මට මෙසේ කල්පනා විය. ‘යම් හෙයකින් මම ආශ්වාස රහිත ධ්‍යානය වඩන්නෙම් නම් යෙහෙක’ (කියායි.) අග්ගිවෙස්සනය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූවෙමි. අග්ගිවෙස්සනය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි අධිකවූ වාතයෝ කුස සිඳිත්.
“අග්ගිවෙස්සනය, දක්ෂවූ ගවයන් මරන්නෙක් හෝ ගවයන් මරන්නෙකුගේ අතවැසියෙක් හෝ ගෙරින් කපන තියුණු ආයුධයකින් බඩ කපන්නේ යම්සේද, එපරිද්දෙන්ම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි අධික වාතය උදරය කපන්නාසේ වෙයි.
“අග්ගිවෙස්සනය, මා විසින් නොහැකුළුණු වීර්‍ය්‍යය පටන් ගන්නා ලද්දේමය, සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළාව නොවීය. ප්‍රධාන වීර්‍ය්‍යයෙන් වීර්‍ය්‍ය කරන්නාවූ මාගේ ශරීරය දාහ සහිත වෙයි. නොසංසිඳුනේ වෙයි. අග්ගිවෙස්සනය, මට උපන්නාවූ මෙබඳුවූද දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි.
“අග්ගිවෙස්සනය, ඒ මට මෙසේ කල්පනා විය. ආශ්වාස රහිතවූ ධ්‍යානය වඩන්නෙම්නම් යෙහෙක’ (කියායි.) අග්ගිවෙස්සනය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වුයෙමි. අග්ගිවෙස්සනය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළක්වූ කල්හි ශරීරයෙහි අධික දැවිල්ලක් වෙයි. අග්ගිවෙස්සනය, යම්සේ බලවත් පුරුෂයෝ දෙදෙනෙක් දුර්වල පුරුෂයෙකු අත් දෙකෙන් අල්ලා ගෙන අඟුරු වළකට අල්ලා තවන්නාහුද, අතිශයින් තවන්නාහුද, අග්ගිවෙස්සනය, එපරිද්දෙන්ම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි මගේ ශරීරයේ අධික දැවිල්ලක් වෙයි.
“අග්ගිවෙස්සනය, මා විසින් වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේමය. සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළාව නොවීය. ප්‍රධාන වීර්‍ය්‍යයෙන් වීර්‍ය්‍යකරන්නාවූ මාගේ ශරීරය දාහ සහිත වීර්‍ය්‍යයෙන්ම විඩා සහිත වෙයි. නොසංසිඳුනේ වෙයි. අග්ගිවෙස්සනය, මට උපන්නාවූ මෙබඳුවූද දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි.
“එකල්හි දේවතාවෝ මා දැක මෙසේ කීහ. ‘ශ්‍රමණ ගෞතම තෙම කළුරිය කළේය’ (කියායි) ඇතැම් දේවතා කෙනෙක් මෙසේ කීහ. ‘ශ්‍රමණ ගෞතමතෙම කළුරිය නොකෙළේය. එහෙත් කළුරිය කරන්නේය’ (කියායි.) ඇතැම් දෙවතා කෙනෙක් ‘ශ්‍රමණ ගෞතම තෙම කලුරිය කළේත් නොවේ. කලුරිය කරන්නේත් නොවෙයි. ශ්‍රමණ ගෞතම තෙම රහත්ය. රහතුන්ගේ වාසය කිරීමකැ’යි (කීහ.)
|
379
‘‘තස්ස
|
379
“අග්ගිවෙස්සනය, ඒ මට මෙසේ කල්පනා විය. යම් හෙයකින් මම මුළුමනින් ආහාර නොවැළඳීම පිණිස පිළිපදින්නෙම් නම් ඉතා යෙහෙක’ (කියායි.) අග්ගිවෙස්සනය, එවිට දේවතාවෝ මා වෙත පැමිණ මෙසේ කීහ. ‘නිදුකාණෙනි, ඔබ මුළුමනින් ආහාර නොගෙන සිටින්නට නොසිතුව මැනවි. යම් හෙයකින් ඔබ මුළුමනින් ආහාර නොගෙන සිටිය හොත් අපි ඔබගේ ලෝම සිදුරුවලින් දිව්‍ය ඕජස් ශරීරගත කරන්නෙමු. ඔබ එයින් යැපෙන්නෙහිය.’ අග්ගිවෙස්සනය, ඒ මට මෙසේ කල්පනා විය. මම වනාහි මුළුමනින් නිරාහාරව සිටීමට සිතින් එකඟ වුනෙමි. එහෙත් මේ දේවතාවෝ මාගේ ලොම් සිදුරුවලින් දිව්‍ය ඕජස ගිල්වන්නාහු නම් එයින් මම යැපෙන්නෙමි. එය මාගේ මුසාවක් වන්නේය. (කියායි.) අග්ගිවෙස්සනය, ඒ මම ඒ දෙවියන් වැළැක්වූයෙමි. වුවමනා නැතැයි කීයෙමි.
|
380
‘‘තස්ස මය්හං, අග්ගිවෙස්සන, එතදහොසි - ‘යංනූනාහං ථොකං ථොකං ආහාරං ආහාරෙය්යං, පසතං පසතං, යදි වා මුග්ගයූසං, යදි වා කුලත්ථයූසං, යදි වා කළායයූසං, යදි වා හරෙණුකයූස’න්ති. සො ඛො අහං, අග්ගිවෙස්සන, ථොකං ථොකං ආහාරං ආහාරෙසිං, පසතං පසතං, යදි වා මුග්ගයූසං, යදි වා කුලත්ථයූසං, යදි වා කළායයූසං, යදි වා හරෙණුකයූසං. තස්ස මය්හං, අග්ගිවෙස්සන, ථොකං ථොකං ආහාරං ආහාරයතො, පසතං පසතං, යදි වා මුග්ගයූසං, යදි වා කුලත්ථයූසං, යදි වා කළායයූසං, යදි වා හරෙණුකයූසං, අධිමත්තකසිමානං පත්තො කායො හොති. සෙය්යථාපි නාම ආසීතිකපබ්බානි වා කාළපබ්බානි වා, එවමෙවස්සු
‘‘සො ඛො අහං, අග්ගිවෙස්සන, උදරච්ඡවිං පරිමසිස්සාමීති පිට්ඨිකණ්ටකංයෙව පරිග්ගණ්හාමි, පිට්ඨිකණ්ටකං පරිමසිස්සාමීති උදරච්ඡවිංයෙව පරිග්ගණ්හාමි, යාවස්සු මෙ, අග්ගිවෙස්සන, උදරච්ඡවි පිට්ඨිකණ්ටකං අල්ලීනා හොති තායෙවප්පාහාරතාය. සො ඛො අහං, අග්ගිවෙස්සන, වච්චං වා මුත්තං වා කරිස්සාමීති තත්ථෙව අවකුජ්ජො පපතාමි තායෙවප්පාහාරතාය. සො ඛො අහං, අග්ගිවෙස්සන, ඉමමෙව කායං අස්සාසෙන්තො පාණිනා ගත්තානි අනුමජ්ජාමි. තස්ස මය්හං, අග්ගිවෙස්සන, පාණිනා ගත්තානි අනුමජ්ජතො පූතිමූලානි ලොමානි කායස්මා පපතන්ති තායෙවප්පාහාරතාය. අපිස්සු මං, අග්ගිවෙස්සන, මනුස්සා
|
380
“අග්ගිවෙස්සනය, ඒ මට මේ සිත පහළ විය. යම් හෙයකින් මම පතක් පතක් පමණවූ මුංතැම්බු දිය හෝ කොල්ලු තැම්බූ දිය හෝ කඩල තැම්බූ දිය හෝ කලතණ තැම්බු දිය හෝ ඉතා ස්වල්පවූ ආහාරයක් වළඳන්නෙම් නම් යෙහෙකි (කියායි.)
“අග්ගිවෙස්සනය, ඒ මම පතක් පතක් පමණවූ, මුංතැම්බූ දිය හෝ කොල්ලු තැම්බු දිය හෝ කඩල තැම්බු දිය හෝ කලතණ තැම්බූ දිය හෝ ඉතා ස්වල්ප වශයෙන් ආහාරය වැළඳුවෙමි. අග්ගිවෙස්සනය, ඒ මම පතක් පතක් පමණවූ මුං තැම්බූ දිය හෝ කොල්ලු තැම්බූ දිය හෝ කඩල තැම්බූ දිය හෝ කලතණ තැම්බූ දිය හෝ ඉතා ස්වල්ප වශයෙන් ආහාර ගන්නාවූ ඒ මාගේ ශරීරය ඉතා කෙට්ටු බවට පැමිණියේ වෙයි. අසූ වසක් ගිය වැලක පුරුක් හෝ කලුවැල් නම් වැලක පුරුක් හෝ යම්සේද මාගේ අඟපසඟ ඒ නිරාහාරභාවය නිසාම එබඳුවිය. ඔටුපියවර යම්සේ මැද ගැඹුරුවේද, එපරිද්දෙන්ම ඒ නිරාහාර භාවයෙන් මාගේ නිසීදනමාංසය (තට්ටම) මැදින් ගැඹුරු විය. රැහැණක ඇවුණු දැව වැටිය යම්සේ අතරතුර උස් මිටි වේද, එපරිද්දෙන් ඒ නිරාහාර භාවයෙන් මාගේ කොඳු ඇටය උස් මිටිවෙයි. යම්සේ දිරූ ශාලාවක පරාල උඩු යටි වශයෙන් නැමුනාහු වෙද්ද, එපරිද්දෙන් මාගේ ඉළඇට උඩුයටි වශයෙන් නැමුනාහු වෙත්. ගැඹුරුවූ ළිඳෙක දියයට පෙණෙන තුරු ගැඹුරට ගියාහු යට බැස්සාහු දක්නා ලැබෙත්ද, එපරිද්දෙන්ම ඒ ස්වල්ප ආහාරය නිසා මාගේ ඇස්වල නෙත්තරු වලගැඹුරට ගියාහු යට බැස්සාහු දක්නා ලැබෙත්. යම්සේ නම් තිත්ත ලබු ගෙඩියක් අමුවෙන් කපන ලද්දේ අව්සුළඟින් හැකුලුණේද මැලවුනේද, එපරිද්දෙන්ම ඒ ස්වල්ප ආහාරය නිසා මගේ හිසේ සම හැකුලුණේ මැලවුනේ වෙයි.
“අග්ගිවෙස්සනය, ඒ මම බඬේ සම අතගාන්නෙමියි පිට කටුවම අතගාන්නෙමි. පිට කටුව අල්වමියි බඬේ සම අල්ලමි. අග්ගිවෙස්සනය, ඒ ස්වල්ප ආහාරය නිසා එපමණට මාගේ බඬේ සම කොඳු ඇටයෙහි ඇලුනේ වෙයි. ඒ මම වර්චස් හෝ මුත්‍ර හෝ කරන්නෙමියි හුන්නේ ඒ ස්වල්ප ආහාරය නිසාම එහිම යටිකුරුව වැටෙමි. මම මේ ශරීරය අස්වසමියි අතින් ශරීරාවයව පිරිමදිමි. අග්ගිවෙස්සනය, එසේ ශරීරයේ අවයව අතගානවිට, ඒ ස්වල්ප ආහාරය නිසාම මුල්කුණුවූ ලොම් ශරීරයෙන් වැටෙත්.
“අග්ගිවෙස්සනය, සමහර මිනිස්සු මා දැක මෙසේ කීවාහුය. ‘ශ්‍රමණ ගෞතමතෙම කලුය.’ ඇතැම් මිනිස්සු මෙසේ කීවාහුය. ‘ශ්‍රමණ ගෞතමතෙම කලු නොවෙයි පලාවන් පාටය.’ ඇතැම් මනුෂ්‍යයෝ මෙසේ කීවාහුය. ‘ශ්‍රමණ ගෞතමතෙම කලුත් නොවෙයි, පලාවන් පාටත් නොවෙයි, ශ්‍රමණ ගෞතමතෙම රන් වන් සිවි ඇත්තේයි.’ අග්ගිවෙස්සනය, මෙසේ කීමට තරමටම මාගේ පිරිසිදුවූ හාත්පසින් බබලන්නාවූ ශරීරවර්ණය ඒ නිරාහාරභාවය නිසාම නැසුනේ වෙයි.
|
381
‘‘තස්ස මය්හං, අග්ගිවෙස්සන, එතදහොසි - ‘යෙ ඛො කෙචි අතීතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා ඔපක්කමිකා දුක්ඛා තිබ්බා ඛරා කටුකා වෙදනා වෙදයිංසු, එතාවපරමං, නයිතො භිය්යො. යෙපි හි කෙචි අනාගතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා ඔපක්කමිකා දුක්ඛා තිබ්බා ඛරා කටුකා වෙදනා වෙදයිස්සන්ති, එතාවපරමං, නයිතො භිය්යො. යෙපි හි කෙචි එතරහි සමණා වා බ්රාහ්මණා වා ඔපක්කමිකා දුක්ඛා තිබ්බා ඛරා කටුකා වෙදනා වෙදයන්ති, එතාවපරමං, නයිතො භිය්යො. න ඛො පනාහං ඉමාය කටුකාය දුක්කරකාරිකාය අධිගච්ඡාමි උත්තරි මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං. සියා නු ඛො අඤ්ඤො මග්ගො බොධායා’ති? තස්ස මය්හං, අග්ගිවෙස්සන, එතදහොසි - ‘අභිජානාමි ඛො පනාහං පිතු සක්කස්ස කම්මන්තෙ සීතාය ජම්බුච්ඡායාය නිසින්නො විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතා. සියා නු ඛො එසො මග්ගො බොධායා’ති? තස්ස මය්හං, අග්ගිවෙස්සන, සතානුසාරි
|
381
“අග්ගිවෙස්සනය, ඒ මට මෙසේ සිතුනේය. අතීත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ උපක්‍රමයෙන් උපන්නාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනා වින්දාහු නම් ඒ මේ තරම්ම වෙයි. මීට වඩා වැඩි නොවෙයි. අනාගත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ උපක්‍රමයෙන් උපන්නාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනා විඳින්නාහු නම් ඒ මේ තරම්ම වෙයි. මීට වඩා වැඩි නොවෙයි. මේ වර්තමාන කාලයෙහි යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ උපක්‍රමයෙන් උපන්නාවූ දුක්වූ, තියුණුවූ වේදනාවන් විඳිත් නම් ඒ මේ තරම්ම වෙයි මීට වඩා වැඩි නොවෙයි. මම වනාහි මේ කටුකවූ දුෂ්කරක්‍රියාවෙන් මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්‍ය්‍ය භාවය ඇති කිරීමට සමර්ථවූ ඥානදර්ශන විශේෂයක් නොලබමි. මාර්ගාවබොධය පිණිස අන්‍ය මාර්ගයෙක් ඇත්තේදැයි (කල්පනා විය.)
“අග්ගිවෙස්සනය, ඒ මට මේ අදහස විය. මම, පියවූ ශුද්ධොදන ශාක්‍ය රාජයාගේ වප්මගුල් දිනයෙහි සිහිල්වූ දඹ රුක් සෙවනෙහි හුන්නේ කාමයන් ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කළබව දනිමි. ඒ මාර්ගය මාර්ගඥාන අවබෝධය පිණිස වන්නේයි (අදහස් විය.) අග්ගිවෙස්සනය, ඒමට අවබෝධය පිණිස මේ මාර්ගයමැයි සිහිය අනුව පැවති විඤ්ඤාණය පහළවිය. අග්ගිවෙස්සනය, ඒ මට මේ අදහස විය. කාමයන්ගෙන් වෙන්වූ අකුශල ධර්මයන්ගෙන් වෙන්වූ යම් ඒ සැපයක්වේද, මම ඒ සැපයට භය වෙමිද (කියාය.) අග්ගිවෙස්සනය, ඒ මට මේ කල්පනාව ඇතිවිය. කාමයන්ගෙන් වෙන්වූ අකුසල ධර්මයන්ගෙන් වෙන්වූ යම් ඒ සැපයක්වේද, මම ඒ සැපයට භය නොවෙමියි (කීවාය.)
|
382
‘‘තස්ස මය්හං, අග්ගිවෙස්සන, එතදහොසි - ‘න ඛො තං සුකරං සුඛං අධිගන්තුං එවං අධිමත්තකසිමානං පත්තකායෙන, යංනූනාහං ඔළාරිකං ආහාරං ආහාරෙය්යං ඔදනකුම්මාස’න්ති. සො ඛො අහං, අග්ගිවෙස්සන, ඔළාරිකං ආහාරං ආහාරෙසිං ඔදනකුම්මාසං. තෙන ඛො පන මං, අග්ගිවෙස්සන, සමයෙන පඤ්ච
(පඤ්චවග්ගියා (අඤ්ඤසුත්තෙසු)) භික්ඛූ පච්චුපට්ඨිතා හොන්ති - ‘යං ඛො සමණො ගොතමො ධම්මං අධිගමිස්සති, තං නො ආරොචෙස්සතී’ති. යතො ඛො අහං, අග්ගිවෙස්සන, ඔළාරිකං ආහාරං ආහාරෙසිං ඔදනකුම්මාසං, අථ මෙ තෙ පඤ්ච භික්ඛූ නිබ්බිජ්ජ පක්කමිංසු - ‘බාහුල්ලිකො
(බාහුලිකො (සී. පී.) සංඝභෙදසික්ඛාපදටීකාය සමෙති) සමණො ගොතමො, පධානවිබ්භන්තො, ආවත්තො බාහුල්ලායා’ති.
|
382
අග්ගිවෙස්සනය, ඒ මට මේ කල්පනාව ඇතිවිය. මෙ තරම් දුර්වලවූ ශරීරයකින් යුක්තව ඒ (ප්‍රථමධ්‍යාන) සැපය ලබන්නට බැරිය. යම්හෙයකින් මම බත් හා කොමුපිඩු ආදි ඖදාරික ආහාරයක් ගන්නෙම් නම් හොඳය (කියාය.)
“අග්ගිවෙස්සනය, ඒ මම බත්, කොමපිඩුයැයි කියන ඔළාරික ආහාරයක් ගත්තෙමි. අග්ගිවෙස්සනය, ඒ කාලයෙහි ‘ශ්‍රමණ ගෞතමතෙම යම් ලොවුතුරා දහමක් ලැබුයේ නම් එය අපට කියන්නේය’ යන අදහසින් භික්ෂූන් පස්දෙනෙක් මට උපස්ථාන කරමින් සිටියහ. අග්ගිවෙස්සනය, යම් කලක පටන් මම බත් හා කොමුපිඩු ආහාර ගන්නට වූයෙම්ද, එකල්හි ඒ භික්ෂුහු ‘ශ්‍රමණ ගෞතමතෙම ප්‍රත්‍යය බහුලකොට ඇත්තේය. රසයෙහි ගිජුව ප්‍රණීත පිණ්ඩපාතාදිය වැළදීමට හැරුණේය. වීර්‍ය්‍යය කිරීමෙන් පිරිහුණේයැ’යි කියා කලකිරී බැහැර ගියාහුය.
|
383
‘‘සො
|
383
“අග්ගිවෙස්සනය, ඒ මම ඕලාරික ආහාරගෙන ශරීර ශක්තිය ලැබ කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීති සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි අග්ගිවෙස්සනය, උපන්නාවූ මෙබඳුවූද සැප වේදනාව මගේ කුසල් සිත විනාශ නොකරයි.
විතක්ත විචාර සංසිඳීමෙන් අභ්‍යන්තර පැහැදීම ඇති හිතේ එකඟ බව ඇති, විතර්ක රහිතවූ, විචාර රහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. අග්ගිවෙස්සනය, උපන්නාවූ මෙබඳුවූද සැප වේදනාවද මගේ කුසල් සිත විනාශ නොකරයි. මැඩගෙන නොසිටියි. ප්‍රීතිය ඉක්මවීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කෙළෙමි. සිහියෙන් හා මනා නුවණින් යුක්තවූයේ කයින්ද සැපය වින්දෙමි. යමක් උපෙක්ෂා ඇත්තේ සිහියෙන් යුක්තවූයේ, සැප විහරණ ඇත්තේයැයි ආර්‍ය්‍යයෝ කියත්ද. ඒ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. අග්ගිවෙස්සනය, උපන්නාවූ මෙබඳුවූ සැප වේදනාවද මගේ කුසල් හිත විනාශ නොකරයි. සැපය නැති කිරීමෙන්, දුක නැති කිරීමෙන් කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන්, දුක්නැත්තාවූ, සැප නැත්තාවූ, උපෙක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදුබව ඇති සතර වැනි ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. අග්ගිවෙස්සනය, උපන්නාවූ මෙබඳු වූ සැප වේදනාවද මගේ කුසල් හිත විනාශ නොකරයි.
|
384
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණාය
|
384
“ඒ මම මෙසේ හිත සමාධියෙන් එකඟවූ කල්හි, පිරිසිදුවූකල්හි (පිරිසිදු හෙයින්ම) දීප්තිමත්වූ කල්හි අංගන (රාගාදී කෙලෙස්) රහිතවූ කල්හි, පහවූ උවදුරු ඇති කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි සිත ස්ථිරවූ කල්හි පෙර ජාති දැනීමේ ඤාණය පිණිස සිත නැමුයෙමි. ඒ මම නොයෙක් ආකාරවූ පූර්වෙනිවාසය (පෙර උපන් ජාති,) සිහිකරමි. එනම් එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දශයක්ද, ජාති විස්සක්ද, ජාති තිසක්ද, ජාති සතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත (විනාශවන) කල්පයන්ද, නොයෙක් විවර්ත (හැදෙන) කල්පයන්ද, නොයෙක් සංවර්ත විවර්ත කල්පයන්ද අසුවල් තැන උපන්නෙමි, එහිදී මේ නම් ඇත්තේ වීමි, මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු වර්ණ ඇත්තේවීමි. මෙබඳු ආහාර ඇත්තේවීමි. මෙබඳු දුක් සැප වින්දෙමි. ඒ මම එයින් චුතව අසුවල් තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු සැප දුක් වින්දේ වීමි. මෙබඳු ආයුෂ ඇත්තේ වීමි. ඒ මම එතැනින් චුතව මෙහි උපන්නෙමි’යි මෙසේ ආකාර සහිතවූ, දැක්වීම් සහිතවූ, නොයෙක් ආකාරවූ, පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරමි.
“අග්ගිවෙස්සනය, මා විසින් රාත්‍රියේ පළමුවෙනි යාමයෙහි මේ පළමුවන විද්‍යාව (පෙර විසූ තැන් දන්නා නුවණ) ලබන ලදී. (එය වසන) අවිද්‍යාව නසනලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මෝහය) නසන ලද්දේය. ආලෝකය උපන්නේය. අප්‍රමාදව කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේවිය. අග්ගිවෙස්සනය, උපන්නාවූ මෙබඳුවූ සැප වේදනාවද මගේ කුසල් හිත විනාශ නොකරයි.
|
385
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනින්නාමෙසිං. සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සාමි චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාමි...පෙ.... අයං ඛො මෙ, අග්ගිවෙස්සන, රත්තියා මජ්ඣිමෙ යාමෙ දුතියා විජ්ජා අධිගතා; අවිජ්ජා විහතා, විජ්ජා උප්පන්නා; තමො
|
385
“ඒ මම මෙසේ (හිත සමාධියෙන්) එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, (පිරිසුදු හෙයින්) දීප්තිමත්වූ කල්හි, අංගණ (රාගාදි කෙලෙස්) රහිතවූ කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, සිත මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, සිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි සත්ත්වයන්ගේ චුති උත්පත්ති දෙක දැකීම පිණිස සිත නැමීමි. ඒ මම පිරිසිදුවූ, මිනිස් බව ඉක්මවා සිටි දිවඇසින්, චුත වන්නාවූද, උපදින්නාවූද, ලාමකවූද, ප්‍රණීතවූද, මනා වර්ණ ඇත්තාවූද, මනා වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද, කර්මය පරිදි මියගියාවූ, සත්වයන් දකිමි.
“ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, මනොදුශ්චරිතයෙන් යුක්ත වූවාහු, ආර්‍ය්‍යයන්ට දොස් කීවාහු, මිථ්‍යාදෘෂ්ටි ගත්තාහු, මිථ්‍යාදෘෂ්ටි ක්‍රියා අනුමත කළාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන, නරකයෙහි උපන්නාහුයයිද, මේ පින්වත් සත්වයෝ වනාහි කාය සුචරිතයෙන් යුක්ත වූවාහු, වාක් සුචරිතයෙන් යුක්ත වූවාහු, මනො සුචරිතයෙන් යුක්ත වූවාහු, ආර්‍ය්‍යයන්ට දොස් නොකීවාහු සම්‍යක්දෘෂ්ටි ඇත්තාහු සම්‍යක්දෘෂ්ටි කර්ම සමාදන් වූවාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු ස්වර්ග ලෝකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින්, චුත වන්නාවූද, උපදින්නාවූද, ලාමක වූද, ප්‍රණීතවූද, මනා වර්ණ ඇත්තාවූද, මනා වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද කර්මය පරිදි මියගියාවූ සත්වයන් දනිමි.
“අග්ගිවෙස්සනය, මා විසින් රාත්‍රියෙහි මැද යාමයෙහි මේ දෙවන විද්‍යාව (චුතවීම්, ඉපදීම් දක්නා නුවණ) ලබනලදී. (එය වසන) අවිද්‍යාව නසනලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මෝහය) නසන ලද්දේය. ආලෝකය උපන්නේය. අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ වීය. අග්ගිවෙස්සනය, උපන්නාවූ මෙබඳුවූද සැප වේදනාව මගේ කුසල් සිත විනාශ නොකරයි.
|
386
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමෙසිං. සො ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං අබ්භඤ්ඤාසිං, ‘අයං දුක්ඛසමුදයො’ති යථාභූතං අබ්භඤ්ඤාසිං, ‘අයං දුක්ඛනිරොධො’ති යථාභූතං අබ්භඤ්ඤාසිං, ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං අබ්භඤ්ඤාසිං. ‘ඉමෙ ආසවා’ති යථාභූතං අබ්භඤ්ඤාසිං, ‘අයං ආසවසමුදයො’ති යථාභූතං අබ්භඤ්ඤාසිං, ‘අයං ආසවනිරොධො’ති යථාභූතං අබ්භඤ්ඤාසිං, ‘අයං ආසවනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං අබ්භඤ්ඤාසිං. තස්ස මෙ එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චිත්ථ, භවාසවාපි චිත්තං විමුච්චිත්ථ, අවිජ්ජාසවාපි චිත්තං විමුච්චිත්ථ. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං අහොසි. ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති අබ්භඤ්ඤාසිං. අයං ඛො මෙ, අග්ගිවෙස්සන, රත්තියා පච්ඡිමෙ යාමෙ තතියා විජ්ජා අධිගතා; අවිජ්ජා විහතා, විජ්ජා උප්පන්නා; තමො විහතො, ආලොකො උප්පන්නො; යථා
|
386
“ඒ මම මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, සිත මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, සිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, ආශ්‍රව ක්ෂයකර ඥානය (කෙලෙස් නැති කරන නුවණ) පිණිස සිත නැමුයෙමි. ඒ මම, මෙය දුකය’යි තතුසේ දත්තෙමි. මේ ‘දුක් ඉපදීමට හේතුවය’යි තතුසේ දත්තෙමි. මේ ‘දුක් නැති කිරීමය’යි තතුසේ දත්තෙමි. මේ ‘දුක් නැති කිරීමය’යි තතුසේ දත්තෙමි. ‘මේ දුක නැති කිරීමේ මාර්ගය’යයි තතුසේ දත්තෙමි. ‘මොහු ආශ්‍රවයෝය’යි තතුසේ දැනගතිමි. ‘මේ ආශ්‍රවයන්ගේ හටගැන්මය’යි තතුසේ දැනගතිමි. ‘මේ ආශ්‍රවයන්ගේ නැතිකිරීමය’යයි තතුසේ දැනගතිමි. ‘මේ ආශ්‍රවයන් නැති කිරීමේ මාර්ගය’යි තතුසේ දැනගතිමි. මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ ඒ මාගේ සිත කාමාශ්‍රවයන්ගෙන් මිදුනේය. භවාශ්‍රවයන්ගෙන්ද මිදුනේය. අවිද්‍යාශ්‍රවයන්ගෙන්ද මිදුනේය. මිදුන කල්හි මිදුනේයයි දැනීම පහළවිය. උත්පත්තිය කෙළවර විය. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. කළයුතු අනිකක් නැත්තේයයි දැනගතිමි.
“අග්ගිවෙස්සනය, රාත්‍රියෙහි අන්තිම යාමයෙහි මේ තුන්වෙනි විද්‍යාව (ආශ්රවක්ෂයකරඥාන නම්වූ අර්හත් මාර්ගය) මා විසින් ලබනලදී. (එය වසන) අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මෝහය) නසන ලද්දේය. ආලෝකය උපන්නේය. අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ විය. අග්ගිවෙස්සනය, උපන්නාවූ මෙබඳුවූද සැප වේදනාව මගේ කුසල් සිත විනාශ නොකරයි.
|
387
‘‘අභිජානාමි ඛො පනාහං, අග්ගිවෙස්සන, අනෙකසතාය පරිසාය ධම්මං දෙසෙතා. අපිස්සු මං එකමෙකො එවං මඤ්ඤති - ‘මමෙවාරබ්භ සමණො ගොතමො ධම්මං දෙසෙතී’ති. ‘න ඛො පනෙතං, අග්ගිවෙස්සන, එවං දට්ඨබ්බං; යාවදෙව විඤ්ඤාපනත්ථාය තථාගතො පරෙසං ධම්මං
‘‘ඔකප්පනියමෙතං භොතො ගොතමස්ස යථා තං අරහතො සම්මාසම්බුද්ධස්ස. අභිජානාති ඛො පන භවං ගොතමො දිවා සුපිතා’’ති? ‘‘අභිජානාමහං, අග්ගිවෙස්සන, ගිම්හානං පච්ඡිමෙ මාසෙ පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො චතුග්ගුණං සඞ්ඝාටිං පඤ්ඤපෙත්වා දක්ඛිණෙන පස්සෙන සතො සම්පජානො නිද්දං ඔක්කමිතා’’ති. ‘‘එතං ඛො, භො ගොතම, එකෙ සමණබ්රාහ්මණා සම්මොහවිහාරස්මිං
|
387
“අග්ගිවෙස්සනය, මම වනාහි නොයෙක් සියගණන් පිරිසෙහි ධර්මය දේශනා කළ බව දනිමි. (එහිදී) ‘මටම ශ්‍රමණ ගෞතමතෙම ධර්මය දේශනා කරන්නේය’යි එක් එක් පුද්ගලයා සිතයි. අග්ගිවෙස්සනය, මේ කාරණය මෙසේ නොදත යුතුයි. තථාගතතෙම අන්‍යයන්ට ධර්මය අවබෝධ කිරීම පිණිසම ධර්මය දේශනා කරති. අග්ගිවෙස්සනය, ඒ මම ඒ දේශනාව අවසානයෙහිත් මුලදිත් යම් කිසි සමාධියකින් නිතර වාසය කරන්නෙම් නම් ඒ සමාධියෙහිම සිත පිහිටුවමි, හිඳුවමි, එකඟ කරමි, සමාධිගත කරමි.”
“යම් ඵලසමාපත්තියකින් නිතරම වාසයකරමි’යි (වදාරන සේක්ද) අර්හත්වූ සම්‍යක්සම්බුද්ධ කෙනෙකුට යම්සේ නම් එසේම භවත් ගෞතමයින්ගේ මේ සමාපත්තියට සමවැදීම ඇදහිය යුතුය භවත් ගෞතමතෙම දවල් නිදාගත් බවක් දන්න සේක්ද?” “අග්ගිවෙස්සනය, ග්‍රීෂ්ම ඍතුවෙහි අන්තිම මාසයෙහි බතින් පසුව පිණ්ඩපාතයෙන් වැළකුනේ සඟල සිවුර සතර පටක් කොට එලා සිහි ඇතිව මනා නුවණ ඇතිව දකුණු ඇලයෙන් නිදාගත් බව මම දනිමි.” “භවත් ගෞතමයෙනි, ඇතැම් මහණ බමුණෝ මේ දහවල් නිදීම වනාහි සම්මොහ විහරණයයි (මුළාවී වාසය කිරීමක්යයි) කියත්.” “අග්ගිවෙස්සනය, මෙපමණකින් මුළාවූවෙක් හෝ නුමුළාවූවෙක් හෝ නොවෙයි. අග්ගිවෙස්සනය, යම්සේ මුළාවූවෙක් වේද, මුළානොවූවෙක් හෝ වේද, එය අසව, මනාකොට සිතෙහි තබාගනුව, කියන්නෙමි.’ “එසේය, පින්වතුන්වහන්ස” කියා සච්චක නිගණ්ඨ පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
|
388
‘‘යස්ස කස්සචි, අග්ගිවෙස්සන, යෙ ආසවා සංකිලෙසිකා පොනොබ්භවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණියා අප්පහීනා, තමහං ‘සම්මූළ්හො’ති වදාමි. ආසවානඤ්හි, අග්ගිවෙස්සන, අප්පහානා සම්මූළ්හො හොති. යස්ස කස්සචි, අග්ගිවෙස්සන, යෙ ආසවා සංකිලෙසිකා පොනොබ්භවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණියා පහීනා, තමහං ‘අසම්මූළ්හො’ති වදාමි. ආසවානඤ්හි, අග්ගිවෙස්සන, පහානා අසම්මූළ්හො හොති.
‘‘තථාගතස්ස
|
388
“අග්ගිවෙස්සනය, යම් කිසිවෙකුට සිත කෙලෙසන්නාවූ, නැවත ඉපදීම ඇතිකරන්නාවූ දැවිලි සහිතවූ, දුක් විපාක ඇත්තාවූ, මත්තෙහි ජාති ජරා මරණ පිණිස පවත්නාවූ යම් ආශ්‍රවයෝ වෙද්ද, ඔවුහු නැති නොවූවාහුද, ඔහු මුළාවූවෙකැයි මම කියමි. අග්ගිවෙස්සනය, ආශ්‍රවයන්ගේ නැති නොකිරීම නිසා මුළාවෙයි.
“අග්ගිවෙස්සනය, යම් කිසිවෙකුට සිත කෙලෙසන්නාවූ, නැවත ඉපදීම ඇති කරන්නාවූ, දැවිලි සහිතවූ, දුක් විපාක දෙන්නාවූ මත්තෙහි ජාති ජරා මරණ පිණිස පවත්නාවූ යම් ආශ්‍රවකෙනෙක් වෙද්ද, ඔවුහු නැතිවූවාහුද, මම ඔහු නොමුළාවූවෙකැයි කියමි. අග්ගිවෙස්සනය, කෙලෙසුන් නැති කිරීමෙන් නොමුළාවූයේ වෙයි.
“අග්ගිවෙස්සනය, තථාගතයන් වහන්සේට වනාහි සිත කෙලෙසන්නාවූ, නැවත ඉපදීම ඇති කරන්නාවූද, දැවිලි සහිතවූ, දුක් විපාක ඇතිකරන්නාවූ, මත්තෙහි ජාති ජරා මරණ පිණිස පවත්නාවූ යම් ආශ්‍රවයෝ වෙත්ද, ඔවුහු නැති වූවාහුය, සිඳිනලද මුල් ඇත්තාහ. මුලින් උදුරන ලද තල් ගසක් මෙන් කරන ලදහ. විනාශ කරන ලදහ. මත්තෙහි නූපදින ස්වභාව ඇත්තාහ. අග්ගිවෙස්සනය, මුදුන කපන ලද තල් ගසක් යම්සේ නැවත වැඩෙන්නට නොසුදුසුද, අග්ගිවෙස්සනය, එපරිද්දෙන්ම තථාගතයන් වහන්සේගේ, සිත කෙලෙසන්නාවූ, නැවත ඉපදීම ඇති කරන්නාවූ, දැවිලි සහිතවූ, දුක් විපාක ඇති කරන්නාවූ, මත්තෙහි ජාති ජරා මරණ පිණිස පවත්නාවූ යම් ක්ලෙසයෝ වෙත්ද, ඔවුහු නැති වූහ. මුල් සිඳින ලද්දාහ. මුලින් උදුරන ලද තල් ගසක් මෙන් කරන ලදහ. විනාශ කරන ලදහ. මත්තෙහි නූපදින ස්වභාව ඇත්තාහ.
|
389
එවං වුත්තෙ, සච්චකො නිගණ්ඨපුත්තො භගවන්තං එතදවොච - ‘‘අච්ඡරියං, භො ගොතම, අබ්භුතං, භො ගොතම! යාවඤ්චිදං භොතො ගොතමස්ස එවං ආසජ්ජ ආසජ්ජ වුච්චමානස්ස, උපනීතෙහි වචනප්පථෙහි සමුදාචරියමානස්ස, ඡවිවණ්ණො චෙව පරියොදායති, මුඛවණ්ණො ච විප්පසීදති, යථා තං අරහතො සම්මාසම්බුද්ධස්ස. අභිජානාමහං, භො ගොතම, පූරණං කස්සපං වාදෙන වාදං සමාරභිතා. සොපි මයා වාදෙන වාදං සමාරද්ධො අඤ්ඤෙනඤ්ඤං පටිචරි, බහිද්ධා කථං අපනාමෙසි, කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාත්වාකාසි. භොතො පන
(භොතො ඛො පන (සී.)) ගොතමස්ස එවං ආසජ්ජ ආසජ්ජ වුච්චමානස්ස, උපනීතෙහි වචනප්පථෙහි සමුදාචරියමානස්ස, ඡවිවණ්ණො චෙව පරියොදායති, මුඛවණ්ණො ච විප්පසීදති, යථා තං අරහතො සම්මාසම්බුද්ධස්ස. අභිජානාමහං, භො ගොතම, මක්ඛලිං ගොසාලං...පෙ.... අජිතං කෙසකම්බලං... පකුධං කච්චායනං... සඤ්ජයං බෙලට්ඨපුත්තං... නිගණ්ඨං නාටපුත්තං වාදෙන වාදං සමාරභිතා
අථ ඛො සච්චකො නිගණ්ඨපුත්තො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා පක්කාමීති.
|
389
මෙසේ වදාළ කල්හි සච්චක නිගණ්ඨ පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ‘භවත් ගෞතමයාණෙනි, ආශ්චර්‍ය්‍යය, භවත් ගෞතමයාණෙනි, අද්භූතය, මෙසේ ගට ගටා කියනු ලබන්නාවූ, එලව එලවා කියනලද, වචනවලින් ව්‍යවහාර කරනු ලබන්නාවූ භවත් ගෞතමයින්ගේ ශරීරවර්ණයද බබලයි. මුහුණෙහි වර්ණයද පහදියි. අර්හත්වූ සම්‍යක් සම්බුදු කෙනෙකුට යම්සේ නම් එසේය.
“භවත් ගෞතමයාණෙනි, මම පූරණ කාශ්‍යපහට වාද කථාවෙන් වාදය ආරොපණය කළබව දනිමි. හෙතෙම වනාහී මා විසින් වාද කථාවෙන් වාදය පටන් ගන්නා ලද්දේ අන්‍ය කථාවකින්, කථාව යටපත් කෙළේය. කථාව පිටතට නැමීය. කෝපයද, ද්වේෂයද, නොසතුටද පහළ කෙළේය. මෙසේ ගට ගටා කියනු ලබන්නාවූ වෙත පමුනුවන ලද්දාවූ, වචනවලින් ව්‍යවහාර කරනු ලබන්නාවූ භවත් ගෞතමයින්ගේ වනාහි ශරීරවර්ණයද බබලයි. මුහුණෙහි වර්ණයද පහදියි. අර්හත්වූ සම්‍යක් සම්බුදු කෙනෙකුට යම්සේ නම් එසේමය. භවත් ගෞතමයාණෙනි, මක්ඛලිගොසාලහටද, වාදයෙන් වාදය නැගුවා දනිමි. ඔහු වනාහි මා විසින් වාදයෙන් වාදය පටන් ගන්නා ලද්දේ වෙන කථාවකින් කථාව යට කළේය. කථාව පිටතට නැමීය. කෝපයද, ද්වේෂයද, නොසතුටද පහළ කළේය. මෙසේ ගටගටා කියනු ලබන්නාවූ, වෙත පමුණුවනු ලද්දාවූ, වචනවලින් ව්‍යවහාර කරනු ලබන්නාවූ භවත් ගෞතමයින්ගේ වනාහි ශරීර වර්ණයද බබලයි. මුහුණෙහි වර්ණයද පහදියි. අර්හත්වූ සම්මාසම්බුදු කෙනෙකුට යම්සේ නම් එසේයි.
“අජිතකෙසකම්බලහටද, වාදයෙන් වාදය නැගුවා දනිමි. ඔහුවනාහි මා විසින් වාදයෙන් වාදය පටන් ගන්නා ලද්දේ වෙන කථාවකින් කථාව යට කළේය. කථාව පිටතට නැමීය. කොපයද, ද්වේෂයද, නොසතුටද පහළ කළේය. මෙසේ ගට ගටා කියනු ලබන්නාවූ, වෙත පමුණුවන වචනවලින් ව්‍යවහාරකරනු ලබන්නාවූ භවත් ගෞතමයන්ගේ ශරීර වර්ණයද බබලයී. මුහුණෙහි වර්ණයද පහදියි. අර්හත්වූ සම්මා සම්බුදු කෙනෙකුට යම්සේ නම් එසේයි.
“පකුධකච්චායනටද, වාදයෙන් වාදය නැගුවා දනිමි. ඔහු වනාහි මා විසින් වාදයෙන් වාදය පටන් ගන්නා ලද්දේ, වෙන කථාවකින් කථාව යට කළේය. කථාව පිටතට නැමීය. කොපයද, ද්වේෂයද, නොසතුටද පහළ කෙළේය. මෙසේ ගට ගටා කියනු ලබන්නාවූ, වෙත පමුණුවන වචනවලින් ව්‍යවහාර කරනු ලබන්නාවූ භවත් ගෞතමයන්ගේ ශරීර වර්ණයද බබලයි. මුහුණෙහි වර්ණයද පහදියි. අර්හත්වූ සම්මා සම්බුදු කෙනෙකුට යම්සේ නම් එසේය.
“සංජය බෙලට්ඨිපුත්තටද, වාදයෙන් වාදය නැගුවා දනිමි. ඔහු වනාහි මා විසින් වාදයෙන් වාදය පටන්ගන්නා ලද්දේ වෙන කථාවකින් කථාව යට කළේය. කථාව පිටතට නැමීය. කොපයද, ද්වේෂයද, නොසතුටද පහළ කළේය. මෙසේ ගට ගටා කියනු ලබන්නාවූ, වෙත පමුණුවන වචනවලින් ව්‍යවහාර කරනු ලබන්නාවූ භවත් ගෞතමයන්ගේ ශරීර වර්ණයද බබලයි. මුහුණෙහි වර්ණයද පහදියි. අර්හත්වූ සම්මා සම්බුදු කෙනෙකුට යම්සේ නම් එසේය,
“නිගණ්ඨනාතපුත්තටද, වාදයෙන් වාදය නැගුවා දනිමි ඔහු වනාහි මා විසින් වාදයෙන් වාදය පටන් ගන්නා ලද්දේ වෙන කථාවකින් කථාව යට කළේය. කථාව පිටතට නැමීය. කොපයද, ද්වේෂයද, නොසතුටද පහළ කෙළේය. මෙසේ ගටගටා කියනු ලබන්නාවූ, වෙත පමුණුවන වචන වලින් ව්‍යවහාර කරණු ලබන්නාවූ භවත් ගෞතමයන්ගේ ශරීරවර්ණයද බබලයි. මුහුණෙහි වර්ණයද පහදියි. අර්හත්වූ සම්මා සම්බුදු කෙනෙකුට යම්සේ නම් එසේය.
“භවත් ගෞතමයාණෙනි, දැන් අපි යන්නෙමු. අපි බොහෝ වැඩ කටයුතු ඇත්තෝ වෙමු.” “අග්ගිවෙස්සනය, නුඹ යමක් සඳහා සුදුසුයයි හඟින්නෙහිද, දැන් ඊට කාලය”යි වදාළහ. ඉක්බිති සච්චක නිගණ්ඨ පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගෙන උන් ආසනයෙන් නැගිට ගියේය.
|
7. චූළතණ්හාසඞ්ඛයසුත්තං | 7. චූල තණ්හා සංඛය සූත්‍රය |
390
එවං
‘‘ඉධ, දෙවානමින්ද, භික්ඛුනො සුතං හොති - ‘සබ්බෙ ධම්මා නාලං අභිනිවෙසායා’ති. එවඤ්චෙතං, දෙවානමින්ද, භික්ඛුනො සුතං හොති - ‘සබ්බෙ ධම්මා නාලං අභිනිවෙසායා’ති. සො සබ්බං ධම්මං අභිජානාති; සබ්බං ධම්මං අභිඤ්ඤාය සබ්බං ධම්මං පරිජානාති; සබ්බං ධම්මං පරිඤ්ඤාය යං කිඤ්චි වෙදනං වෙදෙති - සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, සො තාසු වෙදනාසු අනිච්චානුපස්සී විහරති, විරාගානුපස්සී විහරති, නිරොධානුපස්සී විහරති, පටිනිස්සග්ගානුපස්සී විහරති. සො තාසු වෙදනාසු අනිච්චානුපස්සී විහරන්තො, විරාගානුපස්සී විහරන්තො, නිරොධානුපස්සී විහරන්තො, පටිනිස්සග්ගානුපස්සී විහරන්තො න කිඤ්චි ලොකෙ උපාදියති. අනුපාදියං න පරිතස්සති, අපරිතස්සං පච්චත්තඤ්ඤෙව පරිනිබ්බායති
අථ ඛො සක්කො දෙවානමින්දො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායි.
|
390
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර පූර්වාරාම නම්වූ මිගාර මාතු ප්‍රාසාදයෙහි වාසයකරති. එකල්හි සක්දෙව් රජතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක පැත්තක උන්නේය. එක පැත්තක උන්නාවූ සක්දෙව් රජ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය. “ස්වාමීනි, භික්ෂුවක් කොතෙක් කරුණුවලින් නිවන් අරමුණුකොට කෙලෙස්වලින් මිදුණු ‘ඉපදීම් මැරීම් දෙක නිමකළ’ ඒකාන්තයෙන් කෙලෙස් බැමිවලින් මිදුණු නිත්‍ය බ්රහ්මචරියා ඇති, ඒකාන්ත කෙළවර ඇති දෙවි මිනිසුන්ට ශ්‍රේෂ්ඨයෙක් වන ප්‍රතිපදාව කොටින් කුමක්දැයි ඇසීය.
“දෙවෙන්ද්‍රය, මේ ශාසනයෙහි මහණහු විසින් (පංචස්කන්ධ, දොළොස්ආයතන, අටලොස්ධාතු යන) සියලු ධර්මයෝ (තෘෂ්ණා දෘෂ්ටි දෙකින්) ‘මමය මාගේය’යි අල්වාගැනීමට සුදුසු නොවේ යයි අසන ලද්දේ වේද, දෙවෙන්ද්‍රය, එසේ භික්ෂුව විසින් සියලු ධර්මයෝ ‘මමය මාගේය’යි ගැනීමට සුදුසු නොවේයයි අසන ලද්දේ නම්, හෙතෙම සියලු ධර්මයන් ස්කන්ධ ධාතු ආදි වශයෙන් පිරිසිඳ දනියි. සියලු ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් පිරිසිඳ දනියි. සියලු ධර්මයන් පිරිසිඳ දැන සැප වූ හෝ දුක් වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ වේදනාවක් විඳියිද, ඒ වේදනා කෙරෙහි අනිත්‍යය අනුව බලමින් වාසය කරයි. විරාගය අනුව බලමින් වාසය කරයි. නිරෝධය අනුව බලමින් වාසය කරයි. දුරලීම අනුව බලමින් වාසය කරයි. හෙතෙම ඒ වේදනාවන් කෙරෙහි අනිත්‍යය අනුව බලමින් වාසය කරන්නේ විරාගය අනුව බලමින් වාසය කරන්නේ, නිරෝධය අනුව බලමින් වාසය කරන්නේ, නොඇලීම අනුව බලමින් වාසය කරන්නේ ලෝකයේ කිසියම් සංස්කාරයක් (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) නොගනියි. (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) නොගන්නේ තැති නොගනියි, තැති නොගන්නේ මේ ආත්මයෙදීම ක්ලෙශ පරිනිර්වාණය කරයි. බ්‍රහ්මචරියාව වැස නිමවන ලදී. කටයුත්ත කරනලදී. මින්පසු තවත් කළයුත්තක් නැත්තේයයි දනියි.
“දෙවෙන්ද්‍රය මෙපමණකින් මහණතෙම කොටින් නිවන් අරමුණු කොට කෙලෙසුන් කෙරෙන් මිදුණ, ඉපදීම් මැරීම් දෙක නිමකළ, කෙලෙස් බැමිවලින් මිදුණ ඒකාන්ත බ්‍රහ්මචරියාව, ඇති ඒකාන්ත කෙළවර ඇති, දෙවි මිනිසුන්ට ශ්‍රේෂ්ඨයෙක් වන්නේය’යි, (වදාළේය)
ඉක්බිති සක්දෙව් රජතෙම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටුවී අනුමෝදන්ව බුදුන් වැඳ පැදකුණු කොට එහිම අතුරුදන්විය.
|
391
තෙන ඛො පන සමයෙන ආයස්මා මහාමොග්ගල්ලානො භගවතො අවිදූරෙ නිසින්නො හොති. අථ ඛො ආයස්මතො මහාමොග්ගල්ලානස්ස එතදහොසි - ‘‘කිං නු ඛො සො යක්ඛො භගවතො
|
391
එකල්හි මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි හුන්හ. ඉක්බිති මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේට මේ සිත පහළ විය ‘කිමෙක්ද සක්දෙව්තෙම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව දැන සතුටුවීද, නොහොත් එසේ නොවීද, යම් හෙයකින් මේ දෙව්තෙම භාග්‍යවතුන්වහන්සේගේ වචන දැන සතුටුවීද, නැතහොත් එසේ නොවීදැයි, දැනගන්නෙම් නම් යහපති’ (කියායි)
ඉක්බිති මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ යම්සේ ශක්තිමත් පුරුෂයෙක් හකුලන ලද අත දික් කරන්නේද, දික්කළ අත හකුලන්නේද, එමෙන් ඇසිල්ලකින් පූර්වාරාමනම්වූ මිගාරමාතු ප්‍රාසාදයෙහි අතුරුදන්වූයේ තව්තිසා දෙව්ලොවෙහි පහළවූහ.
එකල්හි සක්දෙව් රජතෙම එකපුණ්ඩරීක නම් උයනෙහි දිව්‍යමයවූ තූර්‍ය්‍යභාණ්ඩ පන්සියයකින් පිරිවරන ලදුව ඒ (නැටුම් ගැයුම් වැයුම්) රස විඳිමින් සිටියේය. සක්දෙව් රජ තෙම එන්නාවූ මහාමෞද්ගල්ල්‍යායන ස්ථවිරයන් වහන්සේ දුරදීම දැක, ඒ තූර්ය්ය වාදන පන්සියය නවත්වා ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේට මෙසේ කීය. “නිදුක්වූ මෞද්ගල්‍යායනයන් වහන්ස, මෙහි වඩිනු මැනවි, නිදුක්වූ මෞද්ගල්‍යායනයන් වහන්ස සුබ ගමනක් වේවා! නිදුක්වූ මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්ස, බොහෝ කලකින් මෙහි වැඩියහ. පින්වත් මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්ස, පනවා තිබෙන මේ අසුනෙහි වැඩ හිඳිනු මැනවි”. මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ පනවන ලද ආසනයෙහි වැඩහුන්හ. ශක්‍ර දෙවෙන්ද්‍ර තෙමේද, එක්තරා මිටි ආසනයක් ගෙන එක පැත්තක හුන්නේය. එක පැත්තක හුන්නාවූ ශක්රදෙවේන්ද්රයාට මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ මෙසේ කීහ.
“කොසියයෙනි, (ශක්‍රයාට නමකි) භාග්‍යවතුන් වහන්සේ තොපට තෘෂ්ණා විමුක්තිය වදාළේ කෙසේද? අපිද ඒ කථාව ඇසීමට කොටස්කාරයෝ වෙමු නම් හොඳය” (කියාය)
|
392
‘‘මයං ඛො, මාරිස මොග්ගල්ලාන, බහුකිච්චා බහුකරණීයා - අප්පෙව සකෙන කරණීයෙන, අපි ච දෙවානංයෙව තාවතිංසානං කරණීයෙන. අපි ච, මාරිස මොග්ගල්ලාන, සුස්සුතංයෙව හොති සුග්ගහිතං සුමනසිකතං
|
392
“මෞද්ගල්‍යායනයන් වහන්ස, අපි බොහෝ කටයුතු ඇත්තම්හ. වැඩ බහුලයම්හ. ස්වල්පවූ ස්වකීය කටයුතුවලින්ද, තව්තිසා වැසි දෙවියන්ගේ බොහෝ කටයුතුවලින්ද වැඩ බහුලය. එහෙයින් මෞද්ගල්‍යායනයන් වහන්ස, අප විසින් යමක් මනාව අසන ලද්දේද, මනාව ඉගෙන ගන්නා ලද්දේද, මනාව හිත තබා ගන්නා ලද්දේද, මනාව දරණ ලද්දේද, එය වහාම මතක නැතිවීයයි. මෞද්ගල්‍යායනයන් වහන්ස, පෙරවූවක් කියමි. දෙවියන් හා අසුරයන් අතර යුද්ධයක් විය. මෞද්ගල්යයනයන් වහන්ස, ඒ යුද්ධයෙන් දෙවියෝ දිනූහ. අසුරයෝ පැරදුනාහ. පින්වත් මෞද්ගල්‍යායනයන් වහන්ස, ඒ මම වනාහි ඒ යුද්ධය දිනා හැරී අවුත් වෛජයන්ත නම් ප්‍රාසාදයක් මැවීමි. මෞද්ගල්‍යායනයන් වහන්ස, ඒ විජයොත්පායෙහි දොරටු සියයෙකි. එක එක දොරටුවෙහි කුළුගෙවල් සත් සියයෙකි. එක එක කුළුගෙයි දිව්‍යප්සරාවෝ සත් සත් දෙනෙක් වෙත්. එක එක දිව්යප්සරාවට පිරිවර ස්ත්‍රීහු සත් සත් දෙන වෙති. මෞද්ගල්‍යායනයන් වහන්ස, ඔබවහන්සේ වෛජයන්ත ප්‍රාසාදයෙහි රමණීය භාවය දකින්නට සතුටුද?’ මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ එය නිශ්ශබ්දව ඉවසූහ.
|
393
අථ
|
393
ඉක්බිති සක්දෙවි රජද, වෙසවුණු මහරජද මහ මුගලන් තෙරුන්වහන්සේ පෙරටුකොට ගෙන විජයොත් පහය යම් තැනක්හිද එතැනට ගියහ. සක්දෙවිඳුගේ පාදපරිචාරිකා ස්ත්‍රීහු දුරින්ම එන්නාවූ මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ දුටුවාහුමය, දැක බිය වෙමින්ද, ලජ්ජා වෙමින්ද තම තමන්ගේ කාමරවලට වැදුණාහුය. යම්සේ නම් ලේලිය මාමා දැක බියවේද, ලජ්ජා වේද, එපරිද්දෙන්ම සක්දෙවිඳුගේ පාදපරිචාරිකා ස්ත්‍රීහු දුරින්ම එන්නාවූ මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ දැක බිය වෙමින්ද, ලජ්ජා වෙමින්ද තම තමන්ගේ කාමරවලට වැදුණාහුය.
ඉක්බිති සක්දෙව්රජද වෙසවුණු රජද මහ මුගලන් තෙරුන් වහන්සේ විජයොත් පහයෙහි සක්මන් කරවත්, හසුරුවත්, “මෞද්ගල්යානයන් වහන්ස, විජයොත් පහයෙහි මේ රමණීය බවද බලනු මැනව. මෞද්ගල්‍යායනයන් වහන්ස, වෛජයන්ත ප්‍රාසාදයෙහි මේ රමණීය බවද බලනු මැනව” යි කියමින් ප්‍රාසාදය පෙන්වති. පෙර කළ පින් ඇත්තෙකුට යම්සේ නම්, එසේම මෙය ආයුෂ්මත් කොසියයන්හට හොබනේය. කිසියම් රමණීය බවක් දක්නාවූ මනුෂ්‍යයෝද, මෙසේ කියති. ‘තව්තිසා දෙව්ලොව වැසි දෙවියන්ට සුදුසුය.’ (යනුවෙනි) පෙර කළ පින් ඇත්තෙකුට යම්සේනම් එසේම මෙය ආයුෂ්මත් කොසියන්හට සුදුසුයයි (මුගලන් තෙරුන් වහන්සේ කීහ)
ඉක්බිති මහ මුගලන් තෙරුන්වහන්සේට මේ අදහස විය. “මේ දෙවිතෙම ඉතා දැඩිසේ ප්‍රමාදව වෙසෙයි. මම යම්හෙයකින් මේ දෙවියා සංවේගයට පමුණුවන්නෙම් නම් ඉතා යෙහෙක” (කියායි.) ඉක්බිති මහ මුගලන් තෙරණුවෝ යම්සේ විජයොත්පහය පය මාපටැඟිල්ලෙන් ගැසීමෙන් කම්පාවේද, අතිශයින් කම්පාවේද, වෙවුලායාද, එබඳු ඍද්ධියක් කළහ. ඉක්බිති සක්දෙව්රජුද, වෙසෙවුණු රජුද තව්තිසා වැසි දෙවියෝද, ආශ්චර්‍ය්‍ය අද්භූත සිත් ඇත්තෝ වූහ. “යමෙක් වනාහි මේ දිව්‍ය භවනය, පය මාපටැඟිල්ලෙන් කම්පා කෙළේද, විශේෂයෙන් කම්පා කළේද, සෙලවූයේද, පින්වත්නි, ඒකාන්තයෙන් ඒ ශ්රමණයාගේ මහත් ඍද්ධි ඇති බව, මහත් අනුභාව ඇතිබව ආශ්චර්ය්යයි” (කියාය.)
ඉක්බිති මහ මුගලන් ස්ථවිරයන් වහන්සේ, සංවෙගයට පැමිණි, ලොමු ඩැහැගත් බවට පැමිණි සක්දෙව්රජු දැන ඔහුට මෙසේ කීහ. “කොසියයෙනි, භාග්‍යවතුන් වහන්සේ තොපට තෘෂ්ණා විමුක්තිය වදාළේ කෙසේද? අපිද ඒ කථාව ඇසීමට කොටස් කාරයෝ වෙමුනම් මැනවි.” (කියායි)
|
394
‘‘ඉධාහං
‘‘එවං
අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො සක්කස්ස දෙවානමින්දස්ස භාසිතං
|
394
“නිදුක්වූ මෞද්ගල්‍යායනයන් වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියෙමි. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක පැත්තක උන්නෙමි. එක පැත්තක උන්නාවූ මම භාග්‍යවතුන්වහන්සේට මෙසේ කීවෙමි. ‘ස්වාමීනි, කොපමණකින් මහණ තෙම කොටින් තණ්හාවෙන් මිදුනු සිත් ඇත්තේ ඒකාන්ත අවශානය ඇත්තේ, ඒකාන්තයෙන් කෙලෙස් බැමිවලින් මිදුනේ, ඒකාන්ත බ්රහ්මචරියා ඇත්තේ, ඒකාන්ත කෙළවර ඇත්තේ දෙවි මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වේදැ’යි (කියාය) නිදුක්වූ මෞද්ගල්‍යායනයන් වහන්ස මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ මට මෙසේ වදාළෝය.
“දෙවෙන්ද්‍රය, මේ ශාසනයෙහි මහණහු විසින් (පංචස්කන්ධය, දොළොස් ආයතන, අටලොස් ධාතු යන) සියලු ධර්මයෝ (තෘෂ්ණා දෘෂ්ටි දෙකින්) ‘මමය මාගේය’යි අල්වා ගැනීමට සුදුසු නොවේ යයි අසන ලද්දේ වේද, දෙවෙන්ද්‍රය, මෙසේ සියලු ධර්මයෝ ‘මමය මාගේය’යි ගැනීමට සුදුසු නොවේය, යි භික්ෂුව විසින් අසන ලද්දේ නම්, හෙතෙම සියලු ධර්මයන් ස්කන්ධ ධාතු ආදි වශයෙන් පිරිසිඳ දනියි. සියලු ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් පිරිසිඳ දනියි. සියලු ධර්මයන් පිරිසිඳ දැන සැප වූ හෝ දුක් වූ හෝ දුක්ද, නොවූ සැපද නොවූ හෝ වේදනාවක් විඳියිද, ඒ වේදනා කෙරෙහි අනිත්‍යය අනුව බලමින් වාසය කරයි. විරාගය අනුව බලමින් වාසය කරයි. නිරෝධය අනුව බලමින් වාසය කරයි. දුරලීම අනුව බලමින් වාසය කරයි. හෙතෙම ඒ වේදනාවන් කෙරෙහි අනිත්‍යය අනුව බලමින් වාසය කරන්නේ, විරාගය අනුව බලමින් වාසය කරන්නේ නිරෝධය අනුව බලමින් වාසය කරන්නේ, නොඇලීම අනුව බලමින් වාසය කරන්නේ ලෝකයේ කිසියම් සංස්කාරයක් (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) නොගනියි. (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) නොගන්නේ තැති නොගනියි, තැති නොගන්නේ මේ ආත්මයේදීම ක්ලෙශ පරිනිර්වාණය කරයි. ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචරියාව වැස නිමවන ලදී. කටයුත්තකරන ලදී. තවත් කළයුත්තක් මින්පසු නැත්තේයයි දනියි.
“දෙවෙන්ද්‍රය මෙපමණකින් මහණතෙම කොටින් නිවන් අරමුණු කොට කෙලෙසුන් කෙරෙන් මිදුණ, ඉපදීම් මැරීම් දෙක නිමකළ, කෙලෙස් බැමිවලින් මිදුණ ඒකාන්ත බ්‍රහ්ම චරියාව ඇති ඒකාන්ත කෙළවර ඇති දෙවි මිනිසුන්ට ශ්‍රේෂ්ඨයෙක් වන්නේය’යි (වදාළේය.)
“නිදුක් මෞද්ගල්‍යායනයන් වහන්ස, මෙසේ වනාහි භාග්‍යවතුන් වහන්සේ සංක්ෂෙපයෙන් තෘෂ්ණා විමුක්තිය වදාළෝය.”
එවිට මහමුගලන් ස්ථවිරයන් වහන්සේ ශක්රදෙවෙන්ද්රයාගේ වචනයට සතුටුව, අනුමෝදන්ව, යම්සේ ශක්තිමත් පුරුෂයෙක් නැමූ අතක් දිග හරින්නේද, දිග හැරිය අතක් නමන්නේද, එපරිද්දෙන්ම තව්තිසා දිව්‍ය ලෝකයෙහි අතුරුදන්වූයේ පූර්වාරාම නම්වූ මිගාරමාතු ප්‍රාසාදයෙහි පහළවූහ. ඉක්බිති සක්දෙවිඳුගේ පරිචාරිකා ස්ත්‍රීහු මහ මුගලන් තෙරුන් වහන්සේ බැහැර ගිය නොබෝ වේලාවකින් සක්දෙවිඳුට මෙසේ කීවාහ. “නිදුකාණෙනි, ඔබගේ ශාස්තෘවූ ඒ භාග්‍යවතුන් වහන්සේ මුන්වහන්සේදැ”යි (කියාය.) “නිදුකාණෙනි, මෙතෙම මාගේ ශාස්තෲන් වහන්සේ නොවෙයි. මාගේ සබ්රම්සරුවූ (යහළුවූ) මහ මුගලන් තෙරණුවෝය”යි (සක්දෙවිරජ කීය) “නිදුකාණෙනි, යම්බඳු ඔබගේ සබ්‍රහ්ම චාරිතෙම මෙසේ මහත් ඍද්ධි ඇත්තේද, මහත් අනුභාව ඇත්තේද, ඒ ඔබට මහත් ලාභයකි. ඔබගේ ශාස්තෘවූ යම් ඒ භාග්‍යවත් කෙනෙක් වේද, උන්වහන්සේගේ ඍද්ධ්‍යනුභාවය එකාන්තයෙන් මහත් විය යුතුමය.”
|
395
අථ
එවං වුත්තෙ අහං, මොග්ගල්ලාන, සක්කං දෙවානමින්දං එතදවොචං ‘‘ඉධ දෙවානමින්ද භික්ඛුනො සුතං හොති ‘සබ්බෙ ධම්මා නාලං අභිනිවෙසායා’ති. එවං චෙතං දෙවානමින්ද භික්ඛුනො සුතං හොති ‘සබ්බෙ ධම්මා නාලං අභිනිවෙසායා’ති. සො සබ්බං ධම්මං අභිජානාති, සබ්බං ධම්මං අභිඤ්ඤාය සබ්බං ධම්මං පරිජානාති
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා මහාමොග්ගල්ලානො භගවතො භාසිතං අභිනන්දීති.
|
395
ඉන්පසු ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක පැත්තක උන්හ. එකපැත්තක උන්නාවූ මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ලෝකයෙහි ප්‍රසිද්ධ වූවන් අතුරෙන් කෙනෙක්වූ මහෙශාක්‍යවූ දෙවියෙකුට තෘෂ්ණා විමුක්තිය වදාළබව දැන වදාරන්නේද? “මෞද්ගල්‍යායනය, මම එය දේශනා කළ බව දනිමි. සක්දෙව් රජතෙම, මම යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, මට හොඳින් වැඳ, එක පැත්තක උන්නේය. එකපැත්තක උන්නාවූ ශක්‍ර දෙවෙන්ද්‍ර තෙම මට මෙසේ කීවේය. ස්වාමීනි, කොපමණකින් මහණතෙම නිවන් අරමුණුකොට කෙලෙස් බැමිවලින් මිදුනු සිත් ඇත්තේ එකාන්ත අවශානය ඇත්තේ, එකාන්තයෙන් කෙලෙස් බැමිවලින් මිදුනේ, එකාන්ත බ්රහ්මචරියා ඇත්තේ, එකාන්ත කෙළවර ඇත්තේ දෙවි මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වේදැ’යි (කියායි.) මෞද්ගල්‍යායනය, මෙසේ ඇසූ කල්හි ශක්රදෙවෙන්ද්රයාට මම මෙසේ කීවෙමි.
“දෙවෙන්ද්‍රය, මේ ශාසනයෙහි මහණහු විසින් පංචස්කන්ධ, (දොළොස් ආයතන. අටලොස් ධාතු යන) සියලු ධර්මයෝ (තෘෂ්ණා දෘෂ්ටි දෙකින්) ‘මමය මාගේය’යි අල්වා ගැනීමට සුදුසු නොවේ යයි අසන ලද්දේ වේද, දෙවෙන්ද්‍රය මෙසේ සියලු ධර්මයෝ ‘මමය මාගේය’යි ගැනීමට සුදුසු නොවේයයි භික්ෂුව විසින් අසනලද්දේ නම්, හෙතෙම සියලු ධර්මයන් ස්කන්ධ ධාතු ආදි වශයෙන් පිරිසිඳ දනියි. සියලු ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් පිරිසිඳ දනියි. සියලු ධර්මයන් පිරිසිඳ දැන සැප වූ හෝ, දුක් වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ වේදනාවක් විඳියිද, ඒ වේදනාව අනුව බලමින් වාසය කරයි. නිරෝධය අනුව බලමින් වාසය කරයි, දුරලීම අනුව බලමින් වාසය කරයි. හෙතෙම ඒ වේදනාවන් කෙරෙහි අනිත්‍යය අනුව බලමින් වාසය කරන්නේ විරාගය අනුව බලමින් වාසය කරන්නේ, නිරෝධය අනුව බලමින් වාසය කරන්නේ, නොඇලීම අනුව බලමින් වාසය කරන්නේ ලෝකයේ කිසියම් සංස්කාරයක් (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) නොගනියි. (තෘෂ්ණා දාෂ්ටි වශයෙන්) නොගන්නේ තැති නොගනියි, තැති නොගන්නේ මේ ආත්මයේදීම ක්ලෙශ පරිනිර්වාණය කරයි, ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචරියාව වැස නිමවන ලදී. කටයුත්ත කරනලදී. තවත් කළයුත්තක් මින්පසු නැත්තේයයි දනියි.
“මෞද්ගල්‍යායනය, මෙසේ තෘෂ්ණා විමුක්තිය ශක්‍ර දෙවෙන්ද්රයාට කී බව දනිමි”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටු සිත් ඇති ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්හ.
|
8. මහාතණ්හාසඞ්ඛයසුත්තං | 8. මහා තණ්හා සංඛය සූත්‍රය |
396
එවං
|
396
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ, අනේපිඩු මහ සිටුහු විසින් කරවන ලද ජේතවන නම් ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි වනාහි කෙවට්ටපුත්‍ර වූ සාති නම් භික්ෂුවට මෙබඳු ලාමක වූ මිථ්‍යා දෘෂ්ටියක් උපන්නේ වෙයි. (එනම්) “මේ එකම විඥානය (භවයෙන් භවයට උත්පත්ති වසයෙන්) දුවයි, හැසිරෙයි අනිකක් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ ධර්මය දේශනා කරනලද බව මම දනිමියි” (කියායි.)
කෙවට්ටපුත්‍ර වූ සාති නම් භික්ෂුවට මෙබඳු වූ ලාමක මිථ්‍යාදෘෂ්ටියක් පහළවී තිබෙනබව බොහෝ භික්ෂූන්වහන්සේලා ඇසූහ. (කෙබඳු දෘෂ්ටියක්ද යත්) ‘මේ එකම විඤ්ඤාණය (භවයෙන් භවයට) දුවයි, හැසිරෙයි, අනිකක් නොවෙයි, භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ ධර්මය දේශනා කරනලද බව මම දනිමි” (කියායි.) ඉක්බිති ඒ භික්ෂූහු කෙවට්ටපුත්‍ර වූ සාති භික්ෂුව යම් තැනෙක්හිද එතැනට ගියහ. ගොස්, කෙවට්ටපුත්‍ර වූ සාති භික්ෂුවට මෙසේ කීවාහුය. “ඇවැත්නි, තොපට මෙබඳු ලාමක වූ මිථ්‍යා දෘෂ්ටියක් උපන්නේය, යනු ඇත්තක්ද? ‘මේ එකම විඤ්ඤාණය (භවයෙන් භවයට) දුවයි, හැසිරෙයි, අනිකක් නොවෙයි භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ ධර්මය දේශනා කරනලද බව මම දනිමි’ (කියායි.) “ඇවැත්නි, මේ එකම විඤ්ඤාණය භවයෙන් භවයට යයි හැසිරෙයි, අනිකක් නොවේයයි, භාග්‍යවතුන් වහන්සේ විසින් එපරිද්දෙන් දේශනාකරනලද ධර්මය මම දනිමි’යි (සාති භික්ෂුව කීය.)
ඉක්බිති ඒ භික්ෂූහු, කෙවට්ටපුත්‍රවූ සාති නම් භික්ෂුව, ලාමකවූ මේ මිථ්‍යාදෘෂ්ටියෙන් වෙන් කරණු කැමැත්තාහු මතය විචාරමින් කරුණු කියති, මතයෙහි පිහිටුවමින් කරුණු කියති, ඊටහේතු අසමින් කරුණු කියති. ‘ඇවැත්නි, සාතිය, මෙසේ නොකියව, භාග්‍යවතුන් වහන්සේට දෝෂාරොපණය නොකරව භාග්‍යවතුන් වහන්සේට දොස් කීම හොඳ නැත. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නොවදාරන්නාහ. සාතිය, නොයෙක් ක්‍රමයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් ‘විඥානය ප්‍රත්‍යයෙන් උපදින්නේයයිද, ප්‍රත්‍යයෙන් තොරව විඥානයාගේ පහළවීමක් නැතැ’යිද වදාරණ ලදී. (කියායි.)
මෙසේද ඒ භික්ෂූන් විසින් මතය විචාරමින් කරුණු කියනු ලැබූ, මතයෙහි පිහිටුවමින් කරුණු කියනු ලැබූ, ඊට හේතු අසමින් කරුණු කියනු ලැබූ සාති භික්ෂුව ‘මේ එකම විඤ්ඤාණය (භවයෙන් භවයට) දුවයි, හැසිරෙයි, අනිකක් නොවෙයි, භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ ධර්මය දේශනා කරන ලද බව මම දනිමි’යි ඒ ලාමක මිථ්‍යා දෘෂ්ටියම තරයේ අල්ලා ගෙන ව්‍යවහාර කරයි.
|
397
යතො ඛො තෙ භික්ඛූ නාසක්ඛිංසු සාතිං භික්ඛුං කෙවට්ටපුත්තං එතස්මා පාපකා දිට්ඨිගතා විවෙචෙතුං, අථ ඛො තෙ භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං - ‘‘සාතිස්ස නාම, භන්තෙ, භික්ඛුනො කෙවට්ටපුත්තස්ස එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං
|
397
යම් විටෙක ඒ භික්ෂූහු කෙවට්ටපුත්‍රවූ සාති භික්ෂුව ඒ මේ ලාමක මිථ්‍යාදෘෂ්ටියෙන් වෙන්කරන්නට නොහැකි වූවාහුද, එවිට ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක් හිද, එතැනට ගියහ. ගොස්, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකපැත්තක උන්හ. එකපැත්තක උන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාහුය.
“ස්වාමීනි, කෙවට්ටපුත්‍රවූ සාති නම් භික්ෂුවට, ‘මේ එකම විඥානය (භවයෙන් භවයට) දුවයි, හැසිරෙයි, අනිකක් නොවේයයි එසේ භාග්‍යවතුන්වහන්සේ විසින් ධර්මය දේශනා කරනලද බව මම දනිමි’යි, මෙබඳුවූ, ලාමකවූ මිථ්‍යාදෘෂ්ටියක් උපන්නේ වෙයි.
“ස්වාමීනි, කෙවට්ටපුත්‍රවූ සාති භික්ෂුවට ‘මේ එකම විඤ්ඤාණය (භවයෙන් භවයට) දුවයි, හැසිරෙයි, අනිකක් නොවේයයි එසේ භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය දේශනා කරනලද බව දනිමියි’ මෙබඳු ලාමක මිථ්‍යා දෘෂ්ටියක් උපන් බව අපි ඇසීමු.
“ස්වාමීනි, ඉන්පසු අපි කෙවට්ටපුත්‍ර වූ සාති භික්ෂුව යම් තැනකද එහි ගියෙමු ගොස් කෙවට්ටපුත්‍රවූ සාති භික්ෂුව ගෙන් මෙසේ ඇසීමු. ‘ඇවැත්නි, තොපට මෙබඳු වූ ලාමක දෘෂ්ටියක් උපන්නේය යනු ඇත්තක්ද? ‘මේ එකම විඤ්ඤාණය (භවයෙන් භවයට) දුවයි හැසිරෙයි, අනිකක් නොවේ යයි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරනලද ධර්මය මම දනිමි’ (කියාය) මෙසේ ඇසූ කල්හි කෙවට්ටපුත්‍ර වූ සාති භික්ෂුව අපට මෙසේ කීවේය. ‘ඇවැත්නි මේ එකම විඤ්ඤාණය භවයෙන් භවයට යයි හැසිරෙයි භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ ධර්මය දේශනා කරනලද බව මම දනිමි” (කියායි.)
“ස්වාමීනි, ඉන්පසු අපි කෙවට්ටපුත්‍ර වූ සාති භික්ෂුව ලාමක වූ මේ මිථ්‍යාදෘෂ්ටියෙන් මුදනු කැමැත්තමෝ, මතය විචාරමින් කරුණු කීවෙමු. මතයෙහි පිහිටුවමින් කරුණු කීවෙමු. ඊට හේතු අසමින් කරුණු කීවෙමු. ඇවැත් සාතිය, මෙසේනොකියව, භාග්‍යවතුන් වහන්සේට දොස් නොකියව. භාග්‍යවතුන් වහන්සේට දොස් කීම නුසුදුසුය. සාතිය, භාග්‍යවතුන්වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ‘විඤ්ඤාණය ප්‍රත්‍යයෙන් උපදින්නේය, ප්‍රත්‍යයෙන් තොරව විඤ්ඤාණයාගේ ඇතිවීමක් නැතැ’යි දේශනා කරන ලද්දේය. (යනුවෙනි)
“ස්වාමීනි, මෙසේද මතය විචාරමින් කරුණු කියනු ලැබූ මතයෙහි පිහිටුවමින් කරුණු කියනුලැබූ, ඊටහේතු විචාරමින් කරුණු කියනු ලැබූ කෙවට්ටපුත්‍ර සාති භික්ෂුව ‘ඇවැත්නි මේ එකම විඤ්ඤාණය භවයෙන් භවයට යයි. හැසිරෙයි, අනිකක් නොවේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ ධර්මය දේශනා කරනලද බව මම දනිමි’යි ලාමක වූ ඒ මිථ්‍යා දෘෂ්ටියම තදින් අල්වාගෙන ව්‍යවහාර කරයි.
“ස්වාමීනි, යම් විටෙක අපි කෙවට්ටපුත්‍රවූ සාති භික්ෂුව මේ ලාමක දෘෂ්ටියෙන් වෙන්කරන්ට නොහැකි වීමුද, එහෙයින් අපි භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කියමු.”
|
398
අථ ඛො භගවා අඤ්ඤතරං භික්ඛුං ආමන්තෙසි - ‘‘එහි ත්වං
|
398
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්ෂුවක් කැඳවූහ: (කැඳවා) “මහණ මෙහි එව මගේ වචනයෙන් ‘ඇවැත්නි සාතිය, ශාස්තෲන් වහන්සේ කැඳවති’යි කෙවට්ට පුත්‍ර සාති භික්ෂුව කැඳවා එව’යි (කීහ.) ‘එසේය, ස්වාමීනි’ යි කියා ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට උත්තරදී කෙවට්ට පුත්‍රවූ සාති භික්ෂුව යම් තැනක්හිද එතැනට ගියේය. ගොස්, කෙවට්ටපුත්‍රවූ සාති භික්ෂුවට මෙසේ කීවේය. ‘ඇවැත් සාතිය, ශාස්තෲන් වහන්සේ තොප කැඳවන්නාහ (කියායි.) ‘එසේය, ඇවැත්නි’යි කෙවට්ටපුත්‍ර වූ සාති භික්ෂුව ඒ භික්ෂුවට උත්තරදී භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක පැත්තක උන්නේය. එක පැත්තක උන්නාවූ කෙවට්ටපුත්‍ර වූ සාති භික්ෂුවගෙන් භාග්‍යවතුන් වහන්සේ මෙසේ ඇසූහ. “සාතිය, තොපට මෙබඳු වූ ලාමක දෘෂ්ටියක් උපන්නේය යනු සැබෑද? ‘මේ එකම විඤ්ඤාණය (භවයෙන් භවයට) යයි, හැසිරෙයි, අනිකක් නොවේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ ධර්මය දේශනා කරනලද බව මම දනිමි”යි (කියායි) “ස්වාමීනි එසේය, ‘මේ එකම විඤ්ඤාණය (භවයෙන් භවයට) යයි, හැසිරෙයි. අනිකක් නොවේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ ධර්මය දේශනා කරනලද බව මම දනිමි”යි (කීය.)
“සාතිය, තොප කියන ඒ විඥානය කුමක්ද?”
“ස්වාමීනි, යමෙක්තෙම කථාකෙරේද? සැපදුක් විඳීද? ඒ ඒ භවයෙහි කුසලාකුසල වූ කර්මයන්ගේ විපාකය විඳීද (මාකියන විඤ්ඤාණය) ඒය.”
“හිස් පුරුෂය, කවරෙකුට නම් මා විසින් මෙසේ ධර්මය දේශනා කරනලද බව තෝ දන්නෙහිද? හිස් පුරුෂය, මාවිසින් නොයෙක් ආකාරයෙන් විඤ්ඤාණය ප්‍රත්‍යයෙන් උපදින්නේයයි කියන ලද්දේ නොවේද? ප්‍රත්‍යයෙන් තොරව විඤ්ඤාණයාගේ හටගැන්මක් නැතැ’යි කියන ලද්දේ නොවේද? එසේ තිබියදීත් හිස් පුරුෂය, තෝ තමා වරදවා ගත් මතයෙන් අපටද දොස් නගන්නෙහිය, තමාද නැසෙන්නෙහිය, බොහෝ පව්ද රැස්කර ගන්නෙහිය. හිස් පුරුෂය, තොපට මෙය බොහෝ කලක් අහිත පිණිස, දුක් පිණිස පවතින්නේය.”
|
399
අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, අපි නායං සාති භික්ඛු කෙවට්ටපුත්තො උස්මීකතොපි ඉමස්මිං ධම්මවිනයෙ’’ති? ‘‘කිඤ්හි සියා භන්තෙ? නො හෙතං, භන්තෙ’’ති. එවං වුත්තෙ, සාති භික්ඛු කෙවට්ටපුත්තො තුණ්හීභූතො මඞ්කුභූතො පත්තක්ඛන්ධො අධොමුඛො පජ්ඣායන්තො අප්පටිභානො නිසීදි. අථ ඛො භගවා සාතිං
|
399
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අනෙක් භික්ෂූන්ගෙන් මෙසේ ඇසූහ. “මහණෙනි, කෙවට්ටපුත්‍රවූ මේ සාති භික්ෂුවට මේ ශාසනයෙන් ලබන ඥානය නමැති ගින්නෙහි උණුසුමවත් ඇත්තේද?”
“ස්වාමීනි, කෙසේ නම් වන්නේද, ස්වාමීනි, එසේ නොවන්නේමය.”
මෙසේ කී කල්හි කෙවට්ටපුත්‍රවූ සාති මහණතෙම නිශ්ශබ්ද වූයේ, හැකුළුනු මුහුණ ඇත්තේ, කඳ නමාගත්තේ, මුහුණ පහතට හරවා ගත්තේ, කල්පනා කරන්නේ, කිසිවක් සිතාගත නොහැකිව උන්නේය. එවිට භාග්‍යවතුන් වහන්සේ කේවට්ටපුත්ර සාති භික්ෂුව නිශ්ශබ්දව, හැකුළුනු මුහුණ ඇතිව කඳ නමාගෙන, මුහුණ පහතට හරවාගෙන, කල්පනා කරමින්, කිසිවක් නොවැටහී සිටිනු දැක, කෙවට්ටපුත්‍රවූ සාති භික්ෂුවට මෙසේ වදාළහ.
“හිස් පුරුෂය, තෝ මේ තොපගේ ලාමක වැරදි මතයෙන් ප්‍රකට වන්නෙහිය. මම භික්ෂූන් විචාරන්නෙමි”යි කියා භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ගෙන් මෙසේ විචාළහ.
“මහණෙනි, කෙවට්ටපුත්‍ර වූ සාති භික්ෂුව යම්සේ තමා වරදවා ගත් මතයෙන් අපටත් දොස් නගයිද, තමන් වැනසෙයිද, බොහෝ අකුසලුත් රැස්කර ගනියිද, එබඳුවූ ධර්මයක් මා දේශනා කළ බව තොපි දන්නහුද;”
“නැත ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් අපට නොයෙක් ක්‍රමයෙන් ‘විඥානය ප්‍රත්‍යයෙන් උපදින්නේය’යි වදාරණලදී. ‘ප්‍රත්‍යයෙන් තොරව විඥානයාගේ හටගැන්මක් නැතැ’යි වදාරණලදී.”
“මහණෙනි, යහපත, මාදෙසූ ධර්මය තොප දන්නා සැටි යහපත්ය, මහණෙනි, තොපට මා විසින් නොයෙක් ක්‍රමයෙන් විඤ්ඤාණය ප්‍රත්‍යයෙන් උපන්නේයයිද, ප්‍රත්‍යයෙන් තොරව විඤ්ඤාණයාගේ හටගැන්මක් නැතැයිද කියන ලදී. මේ කෙවට්ට පුත්‍රවූ සාති මහණ තමා විසින් වරදවා ගන්නා ලද්ද නිසා අපටද දෝෂාරොපනය කරයි. තමාද වැනසෙයි. බොහෝ අකුසල්ද රැස් කරයි. ඒ වනාහි ඒ හිස් පුරුෂයාහටද බොහෝ කලක් මුළුල්ලෙහි අහිත පිණිස, දුක් පිණස පවත්නේය.
|
400
‘‘යං යදෙව, භික්ඛවෙ, පච්චයං පටිච්ච උප්පජ්ජති විඤ්ඤාණං, තෙන තෙනෙව විඤ්ඤාණංත්වෙව සඞ්ඛ්‍යං ගච්ඡති
(සඞ්ඛං ගච්ඡති (සී. පී.)). චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති විඤ්ඤාණං, චක්ඛුවිඤ්ඤාණංත්වෙව
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, යං යදෙව පච්චයං පටිච්ච අග්ගි ජලති තෙන තෙනෙව සඞ්ඛ්‍යං ගච්ඡති. කට්ඨඤ්ච පටිච්ච අග්ගි ජලති, කට්ඨග්ගිත්වෙව සඞ්ඛ්‍යං ගච්ඡති; සකලිකඤ්ච පටිච්ච අග්ගි ජලති, සකලිකග්ගිත්වෙව සඞ්ඛ්‍යං ගච්ඡති; තිණඤ්ච පටිච්ච අග්ගි ජලති, තිණග්ගිත්වෙව සඞ්ඛ්‍යං ගච්ඡති; ගොමයඤ්ච පටිච්ච අග්ගි ජලති, ගොමයග්ගිත්වෙව සඞ්ඛ්‍යං ගච්ඡති; ථුසඤ්ච පටිච්ච අග්ගි ජලති, ථුසග්ගිත්වෙව සඞ්ඛ්‍යං ගච්ඡති; සඞ්කාරඤ්ච පටිච්ච අග්ගි ජලති, සඞ්කාරග්ගිත්වෙව සඞ්ඛ්‍යං ගච්ඡති. එවමෙව ඛො, භික්ඛවෙ, යං යදෙව පච්චයං පටිච්ච උප්පජ්ජති විඤ්ඤාණං, තෙන තෙනෙව සඞ්ඛ්‍යං ගච්ඡති. චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති විඤ්ඤාණං, චක්ඛුවිඤ්ඤාණංත්වෙව සඞ්ඛ්‍යං ගච්ඡති; සොතඤ්ච පටිච්ච සද්දෙ ච උප්පජ්ජති විඤ්ඤාණං, සොතවිඤ්ඤාණංත්වෙව සඞ්ඛ්‍යං ගච්ඡති, ඝානඤ්ච පටිච්ච ගන්ධෙ ච උප්පජ්ජති විඤ්ඤාණං
|
400
“මහණෙනි, යම් යම් ප්‍රත්‍යයක් නිසා විඥානය උපදීද, ඒ ඒ ප්‍රත්‍යයාගේ නාමයෙන්ම ඒ විඤ්ඤාණය ව්‍යවහාරයට යයි. ඇස නිසාද, රූප නිසාද, විඤ්ඤාණයක් උපදී. එය ‘චක්ඛු විඤ්ඤාණය’යි ව්‍යවහාරයට යයි. ශ්‍රොතය (කණ) නිසාද, ශබ්ද නිසාද විඤ්ඤාණයක් උපදී. එය ශ්‍රොත විඤ්ඤාණයයි ව්‍යවහාරයට යයි. ඝ්‍රාණය (නැහැය) නිසාද, ගඳ නිසාද, විඤ්ඤාණයක් උපදී. එය ඝාණවිඤ්ඤාණයයි ව්‍යවහාරයට යයි. දිව නිසාද, රස නිසාද, විඤ්ඤාණයක් උපදී. එය ජිව්හා විඤ්ඤාණයයි ව්‍යවහාරයටයයි. කය නිසාද ස්පර්ශ නිසාද විඤ්ඤාණයක් උපදී. එය කායවිඤ්ඤාණයයි ව්‍යවහාරයට යයි. මනස (හිත) නිසාද ධර්මනිසාද විඤ්ඤාණයක් උපදී. එය මනොවිඤ්ඤාණයයි ව්‍යවහාරයට යයි.
“මහණෙනි, යම් යම් ප්‍රත්‍යයක් නිසා යම්සේ ගින්න ඇවිලේද, ඒ ඒ දෙයෙහි නමින්ම ඒ ගින්න ව්‍යවහාරයට යයි. කාෂ්ටය (දර) නිසා ගින්න ඇවිලේද, එය කාෂ්ට ගින්නයයි ව්‍යවහාරයට යයි. සකලික (ගස් පතුරු) නිසා ගින්න ඇවිලේද, එය සකලික ගින්නයයි ව්‍යවහාරයට යයි. තෘණ (වියලි තණ කොල) නිසා ගින්න ඇවිලේද, එය තෘණ ගින්නයයි ව්‍යවහාරයට යයි. ගොමවැරටි නිසා ගින්න ඇවිලේද, එය ගොම වැරටි ගින්නයයි ව්‍යවහාරයට යයි ථුස (දහයියා) නිසා ගින්න ඇවිලේද, එය ථුස ගින්නයයි ව්‍යවහාරයට යයි. සංකාර (කුණු රොඩු) නිසා ගින්න ඇවිලේද, එය සංකාර ගින්නයයි ව්‍යවහාරයට යයි.
මහණෙනි, එපරිද්දෙන්ම යම් යම් ප්‍රත්‍යයක් නිසා විඤ්ඤාණය උපදීද, ඒ ඒ ප්‍රත්‍යයයන්ගේ නාමයෙන්ම ඒ ඒ විඤ්ඤාණය ව්‍යවහාරයට යයි. ඇස නිසාද, රූපයන් නිසාද, විඤ්ඤාණයක් උපදී. එය චක්ඛුවිඤ්ඤාණයයි කියාම ව්‍යවහාරයට යයි. කණ නිසාද, ශබ්දයන් නිසාද, විඤ්ඤාණයක් උපදී. එය සොතවිඤ්ඤාණයයි කියාම ව්‍යවහාරයට යයි. නාසය නිසාද, ගන්ධයන් නිසාද, විඤ්ඤාණයක් උපදී. එය ඝාණවිඤ්ඤාණයයි කියාම ව්‍යවහාරයට යයි. දිව නිසාද, රසයන් නිසාද විඤ්ඤාණයක් උපදී. එය ජිව්හාවිඤ්ඤාණයයි කියාම ව්‍යවහාරයට යයි. කය නිසාද, ස්පර්ශයන් නිසාද විඤ්ඤාණයක් උපදී. එය කායවිඤ්ඤාණයයි කියාම ව්‍යවහාරයට යයි. සිත නිසාද, ධර්මයන් නිසාද විඤ්ඤාණය උපදී. එය මනොවිඤ්ඤාණයයි කියාම ව්‍යවහාරයට යයි.
|
401
‘‘භූතමිදන්ති
‘‘එවං, භන්තෙ’’.
‘‘තදාහාරසම්භවන්ති, භික්ඛවෙ, පස්සථා’’ති?
‘‘එවං, භන්තෙ’’.
‘‘තදාහාරනිරොධා
‘‘එවං, භන්තෙ’’.
‘‘භූතමිදං නොස්සූති, භික්ඛවෙ, කඞ්ඛතො උප්පජ්ජති විචිකිච්ඡා’’ති?
‘‘එවං, භන්තෙ’’.
‘‘තදාහාරසම්භවං නොස්සූති, භික්ඛවෙ
‘‘එවං, භන්තෙ’’.
‘‘තදාහාරනිරොධා යං භූතං, තං නිරොධධම්මං නොස්සූති, භික්ඛවෙ, කඞ්ඛතො උප්පජ්ජති විචිකිච්ඡා’’ති?
‘‘එවං, භන්තෙ’’.
‘‘භූතමිදන්ති, භික්ඛවෙ, යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො යා විචිකිච්ඡා සා පහීයතී’’ති?
‘‘එවං, භන්තෙ’’.
‘‘තදාහාරසම්භවන්ති, භික්ඛවෙ, යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතාඑ යා විචිකිච්ඡා සා පහීයතී’’ති?
‘‘එවං, භන්තෙ’’.
‘‘තදාහාරනිරොධා යං භූතං, තං නිරොධධම්මන්ති, භික්ඛවෙ, යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතාඑ යා විචිකිච්ඡා සා පහීයතී’’ති?
‘‘එවං
‘‘භූතමිදන්ති, භික්ඛවෙ, ඉතිපි වො එත්ථ නිබ්බිචිකිච්ඡා’’ති?
‘‘එවං, භන්තෙ’’.
‘‘තදාහාරසම්භවන්ති, භික්ඛවෙ, ඉතිපි වො එත්ථ නිබ්බිචිකිච්ඡා’’ති?
‘‘එවං, භන්තෙ’’.
‘‘තදාහාරනිරොධා යං භූතං තං නිරොධධම්මන්ති, භික්ඛවෙ, ඉතිපි වො එත්ථ නිබ්බිචිකිච්ඡා’’ති?
‘‘එවං, භන්තෙ’’.
‘‘භූතමිදන්ති, භික්ඛවෙ, යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨ’’න්ති?
‘‘එවං, භන්තෙ’’.
‘‘තදාහාරසම්භවන්ති, භික්ඛවෙ, යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨ’’න්ති?
‘‘එවං, භන්තෙ’’.
‘‘තදාහාරනිරොධා යං භූතං තං නිරොධධම්මන්ති, භික්ඛවෙ, යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨ’’න්ති?
‘‘එවං, භන්තෙ’’.
‘‘ඉමං
‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘ඉමං චෙ තුම්හෙ, භික්ඛවෙ, දිට්ඨිං එවං පරිසුද්ධං එවං පරියොදාතං
‘‘එවං, භන්තෙ’’.
|
401
“මහණෙනි, මෙය (මේ පංචස්කන්ධය) ප්‍රත්‍යයෙන් හට ගත් එකකැයි දක්නහුද?”
“එසේය, ස්වාමීනි.”
“මහණෙනි, එය ආහාරයෙන් (හේතුවෙන්) හටගත් එකකැයි දක්නහුද?”
“එසේය, ස්වාමීනි.”
“මහණෙනි, ආහාරය (හේතුවෙන්) නැතිවීමෙන්, ආහාරය නිසා හටගත් එය නැති වන ස්වභාව ඇත්තේ යැයි දක්නහුද?”
“එසේය, ස්වාමීනි.”
“මහණෙනි, මෙය (පංචස්කන්ධය) ප්‍රත්‍යයෙන් හටගත්තේද, නැද්දැයි යන සැකයෙන් විචිකිච්ඡාව පහළ වේද?”
“එසේය, ස්වාමීනි.”
“එය ආහාරයෙන් (හේතුවෙන්) හටගත්තේද, නැද්ද යන සැකයෙන් විචිකිච්ඡාව පහළ වේද?”
“එසේය, ස්වාමීනි.”
“මහණෙනි, ආහාරය (හේතුව) නැතිවීමෙන් ආහාරය නිසා හටගත් එය නැතිවන්නේද? නැද්ද? යන සැකයෙන් විචිකිච්ඡාව පහළ වේද?”
“එසේය, ස්වාමීනි.”
“මහණෙනි, මෙය ප්‍රත්‍යයයෙන් හටගත්තේයයි තතුසේ යහපත් නුවණින් දක්නහුට යම් විචිකිච්ඡාවක් වීනම් එය නැති වේද?”
“එසේය, ස්වාමීනි.”
“මහණෙනි, එය ආහාරයෙන් (හේතුවෙන්) හටගත්තේ යයි තතුසේ යහපත් නුවණින් දක්නහුට යම් විචිකිච්ඡාවක් වී නම් එය නැති වේද?”
“එසේය, ස්වාමීනි.”
“මහණෙනි, ඒ ආහාරය (හේතුව) නැතිවීමෙන් ආහාරය නිසා හටගත් එය නැතිවන ස්වභාව ඇත්තේයයි තතුසේ යහපත් නුවණින් දක්නහුට යම් විචිකිච්ඡාවක් වී නම් එය නැතිවේද?”
“එසේය, ස්වාමීනි.”
“මහණෙනි, මේ පංචස්කන්ධය ප්‍රත්‍යයෙන් හටගත්තේය යන කාරණය සම්බන්ධයෙන් තොපට සැක නැද්ද?”
“එසේය, නැත ස්වාමීනි.”
“මහණෙනි, එය ආහාරයෙන් (ප්‍රත්‍යයෙන්) හටගත්තේය යන කාරණය සම්බන්ධයෙන් සැක නැත්ද?”
“එසේය, නැත ස්වාමීනි.”
“මහණෙනි, ප්‍රත්‍යය නැතිවීමෙන් එයින් හටගත් යමක් ඇත්තේද, එය නැතිවන ස්වභාව ඇත්තේය යන කාරණය සම්බන්ධයෙන් සැක නැත්ද?”
“එසේය, නැත ස්වාමීනි.”
“මහණෙනි, මෙය ප්‍රත්‍යයෙන් හටගත්තේයයි, තතුසේ යහපත් නුවණින් දක්නා ලදද?”
“එසේය, ස්වාමීනි.”
“මහණෙනි, එය ආහාර ප්‍රත්‍යයෙන් හටගත්තේය යන කාරණය සම්බන්ධයෙන් සැක නැත්ද?”
“එසේය, නැත ස්වාමීනි.”
“මහණෙනි, ප්‍රත්‍යය නැතිවීමෙන් එයින් හටගත් යමක් ඇත්තේද එය නැති වන ස්වභාව ඇත්තේය යන කාරණය සම්බන්ධයෙන් සැක නැත්ද?”
“එසේය, නැත ස්වාමීනි.”
“මහණෙනි, තෙපි මෙසේ පිරිසිදුවූ, මෙසේ පැහැදිලිවූ මේ දැකීම (තෘෂ්ණා දෘෂ්ටි දෙකින්) අල්වාගනිව් නම්, (තෘෂ්ණා දෘෂ්ටි දෙකින්) ක්‍රීඩා කරව් නම්, (ධනයකට මෙන්) ඊට කැමතිවව් නම් එකෙනෙහි මමත්වයක් ඇතිකර ගනිව් නම්, තෙපි මා විසින් සසර එතෙර කිරීම පිණිස මිස; අල්වා නොගැනීම පිණිස පහුරකට උපමා කොට දේශනා කරනලද ධර්මය දන්නෝ වන්නහුද?”
“නැත, ස්වාමීනි.”
“මහණෙනි, තෙපි මෙසේ පිරිසිදුවූ, මෙසේ පැහැදිලිවූ මේ දැකීම (තෘෂ්ණා දෘෂ්ටි දෙකින්) අල්වා නොගනිව් නම්, (තෘෂ්ණා දෘෂ්ටි දෙකින් ක්‍රීඩා නොකරව් නම්, (ධනයකට මෙන්) ඊට කැමති නොවව් නම්, මමත්වයක් ඇතිකර නොගනිව් නම් තොපි මා විසින් සසර එතෙරකිරීම පිණිස මිස අල්වා නොගැනීම පිණිස පහුරකට උපමාකොට දේශනා කරනලද ධර්මය දන්නෝ වන්නහුද?”
“එසේය, ස්වාමීනි.”
|
402
‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, ආහාරා භූතානං වා සත්තානං ඨිතියා, සම්භවෙසීනං වා අනුග්ගහාය. කතමෙ චත්තාරො? කබළීකාරො ආහාරො ඔළාරිකො වා සුඛුමො වා, ඵස්සො දුතියො, මනොසඤ්චෙතනා තතියා, විඤ්ඤාණං චතුත්ථං.
‘‘ඉමෙ ච, භික්ඛවෙ, චත්තාරො ආහාරා කිංනිදානා කිංසමුදයා කිංජාතිකා කිංපභවා?
‘‘ඉමෙ චත්තාරො ආහාරා තණ්හානිදානා තණ්හාසමුදයා තණ්හාජාතිකා තණ්හාපභවා.
‘‘තණ්හා චායං, භික්ඛවෙ, කිංනිදානා කිංසමුදයා කිංජාතිකා කිංපභවා?
‘‘තණ්හා වෙදනානිදානා වෙදනාසමුදයා වෙදනාජාතිකා වෙදනාපභවා.
‘‘වෙදනා චායං, භික්ඛවෙ, කිංනිදානා කිංසමුදයා කිංජාතිකා කිංපභවා?
‘‘වෙදනා ඵස්සනිදානා ඵස්සසමුදයා ඵස්සජාතිකා ඵස්සපභවා
‘‘ඵස්සො චායං, භික්ඛවෙ, කිංනිදානො කිංසමුදයො කිංජාතිකො කිංපභවො?
‘‘ඵස්සො
‘‘සළායතනං චිදං, භික්ඛවෙ, කිංනිදානං කිංසමුදයං
‘‘සළායතනං නාමරූපනිදානං නාමරූපසමුදයං නාමරූපජාතිකං නාමරූපපභවං.
‘‘නාමරූපං චිදං, භික්ඛවෙ, කිංනිදානං කිංසමුදයං කිංජාතිකං කිංපභවං?
‘‘නාමරූපං විඤ්ඤාණනිදානං විඤ්ඤාණසමුදයං විඤ්ඤාණජාතිකං විඤ්ඤාණපභවං.
‘‘විඤ්ඤාණං චිදං, භික්ඛවෙ, කිංනිදානං කිංසමුදයං කිංජාතිකං කිංපභවං?
‘‘විඤ්ඤාණං සඞ්ඛාරනිදානං සඞ්ඛාරසමුදයං සඞ්ඛාරජාතිකං සඞ්ඛාරපභවං.
‘‘සඞ්ඛාරා චිමෙ, භික්ඛවෙ, කිංනිදානා කිංසමුදයා කිංජාතිකා කිංපභවා?
‘‘සඞ්ඛාරා අවිජ්ජානිදානා අවිජ්ජාසමුදයා අවිජ්ජාජාතිකා අවිජ්ජාපභවා.
‘‘ඉති ඛො, භික්ඛවෙ, අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමරූපපච්චයා සළායතනං, සළායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.’’’
|
402
“මහණෙනි, උපන් සත්වයන්ගේ පැවැත්ම පිණිසද, සම්භවය (උත්පත්තිය) සොයන සත්වයන්හට අනුග්‍රහ පිණිසද පවතින මේ ආහාර සතරක් වෙත්. කවර සතරක්ද යත්:- දැඩිවූ හෝ සියුම් හෝ පිඩු කොට ගතයුතු ද්‍රව්‍යයෙන්යුත් කබලිංකාර ආහාරය, දෙවැනිවූ ස්පර්ශ ආහාරය, තුන්වැනිවූ මනොසඤ්චෙතනා ආහාරය, සතර වැනිවූ විඤ්ඤාණ ආහාරය යන සතරයි.
“මහණෙනි, මේ ආහාර සතර කුමක් නිදාන (මූල කාරණ) කොට ඇත්තාහුද? කුමක් උත්පත්තිකොට ඇත්තාහුද? කුමක් ජාතිකොට ඇත්තාහුද? කුමක් ප්‍රභවකොට ඇත්තාහුද? මේ සතර ආහාරයෝ තෘෂ්ණාව නිදානකොට ඇත්තාහ. තෘෂ්ණාව උත්පත්තිකොට ඇත්තාහ. තෘෂ්ණාව ජාතිකොට ඇත්තාහ. තෘෂ්ණාව ප්‍රභවකොට ඇත්තාහ.
“මහණෙනි, මේ තෘෂ්ණාවද, කුමක් නිදානකොට ඇත්තීද? කුමක් සමුදය (පහළවීමට හේතුව) කොට ඇත්තීද? කුමක් ජාතිකොට ඇත්තීද? කුමක් ප්‍රභවකොට ඇත්තීද?” තෘෂ්ණාව, වේදනාව නිදානකොට ඇත්තීය. වේදනාව සමුදය කොට ඇත්තීය. වේදනාව ජාතිකොට ඇත්තීය, වේදනාව ප්‍රභවකොට ඇත්තීය.
“මහණෙනි, මේ වේදනාවද කුමක් නිදානකොට ඇත්තීද? කුමක් සමුදයකොට ඇත්තීද? කුමක් ජාතිකොට ඇත්තීද? කුමක් ප්‍රභවකොට ඇත්තීද? වේදනාව ස්පර්ශය නිදානකොට ඇත්තීය. ස්පර්ශය සමුදයකොට ඇත්තීය. ස්පර්ශය ජාති කොට ඇත්තීය. ස්පර්ශය ප්‍රභවකොට ඇත්තීය.
“මහණෙනි, මේ ස්පර්ශයද කුමක් නිදානකොට ඇත්තේද? කුමක් සමුදයකොට ඇත්තේද? කුමක් ජාතිකොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේද? ස්පර්ශය තෙම ෂඩායතන (ඉන්ද්රිය සය) නිදානකොට ඇත්තේය. ෂඩායතන සමුදය කොට ඇත්තේය, ෂඩායතන ජාතිකොට ඇත්තේය, ෂඩායතන ප්‍රභවකොට ඇත්තේය.
“මහණෙනි, මේ ෂඩායතනයෝ කුමක් නිදානකොට ඇත්තාහුද? කුමක් සමුදයකොට ඇත්තාහුද? කුමක් ජාතිකොට ඇත්තාහුද? කුමක් ප්‍රභවකොට ඇත්තාහුද? ෂඩායතනයෝ නාමරූපයන් නිදානකොට ඇත්තාහ. නාමරූපයන් සමුදයකොට ඇත්තාහ. නාමරූපයන් ජාති කොට ඇත්තාහ. නාමරූපයන් ප්‍රභවකොට ඇත්තාහ.
“මහණෙනි, මේ නාම රූපයෝද කුමක් නිදානකොට ඇත්තාහුද? කුමක් සමුදයකොට ඇත්තාහුද? කුමක් ජාතිකොට ඇත්තාහුද? කුමක් ප්‍රභවකොට ඇත්තාහුද? නාමරූපයෝ විඤ්ඤාණය නිදානකොට ඇත්තාහ, විඤ්ඤාණය සමුදයකොට ඇත්තාහ, විඤ්ඤාණය ප්‍රභවකොට ඇත්තාහ.
“මහණෙනි, මේ විඤ්ඤාණය කුමක් නිදානකොට ඇත්තේද? කුමක් සමුදයකොට ඇත්තේද? කුමක් ජාතිකොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේද? විඤ්ඤාණය සංස්කාර නිදානකොට ඇත්තේය, සංස්කාර සමුදයකොට ඇත්තේය සංස්කාර ජාතිකොට ඇත්තේය, සංස්කාර ප්‍රභවකොට ඇත්තේය.
“මහණෙනි, මේ සංස්කාරයෝ කුමක් නිදානකොට ඇත්තාහුද, කුමක් සමුදයකොට ඇත්තාහුද, කුමක් ජාති කොට ඇත්තාහුද, කුමක් ප්‍රභවකොට ඇත්තාහුද, සංස්කාරයෝ අවිද්‍යාව නිදානකොට ඇත්තාහ, අවිද්‍යාව සමුදය කොට ඇත්තාහ, අවිද්‍යාව ජාතිකොට ඇත්තාහ, අවිද්‍යාව ප්‍රභවකොට ඇත්තාහ.
“මහණෙනි, මෙසේ වනාහි අවිද්‍යා ප්‍රත්‍යයෙන් (අවිද්‍යාව නිසා) සංස්කාරයෝ වෙති. සංස්කාරයන් නිසා විඤ්ඤාණය වෙයි. විඤ්ඤාණය නිසා නාමරූපයෝ වෙති. නාමරූපයන් නිසා ෂඩායතනයෝ වෙති. ෂඩායතනයන් නිසා ස්පර්ශය වෙයි. ස්පර්ශය නිසා වේදනාව වන්නීය. වේදනාව නිසා තෘෂ්ණාව වන්නීය, තෘෂ්ණාව නිසා උපදානය වෙයි. උපදානය නිසා භවය වෙයි භවය නිසා ජාතිය වන්නීය. ජාතිය නිසා ජරාවද, මරණයද, සොකය, වැලපීමය, කායික දුකය, චෛතසික දුකය (දොම්නසය), දැඩි වෙහෙසය, යන මොහු වෙත්. මෙසේ මේ සියලු දුක් රාශියගේ හටගැන්ම වෙයි.
|
403
‘‘ජාතිපච්චයා ජරාමරණන්ති ඉති ඛො පනෙතං වුත්තං; ජාතිපච්චයා නු ඛො, භික්ඛවෙ, ජරාමරණං, නො වා, කථං වා එත්ථ
(කථං වා වො එත්ථ (?)) හොතී’’ති? ‘‘ජාතිපච්චයා, භන්තෙ, ජරාමරණං; එවං නො එත්ථ හොති
(එවං නො එත්ථ හොතීති (ක.)) - ජාතිපච්චයා ජරාමරණ’’න්ති. ‘‘භවපච්චයා ජාතීති ඉති ඛො පනෙතං වුත්තං; භවපච්චයා නු ඛො, භික්ඛවෙ, ජාති, නො වා, කථං වා එත්ථ හොතී’’ති? ‘‘භවපච්චයා, භන්තෙ
|
403
“ජාති ප්‍රත්‍යයෙන් (ජාතිය නිසා) ජරා මරණ දෙක ඇති වේයයි” මෙසේ මෙය කියනලදී. මහණෙනි, ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණ වේද? නොවේද? තොපට මෙහිලා කෙසේ අදහස් වේද?” ස්වාමීනි, ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ වෙති. ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණ වන්නාහයි මෙසේ අපට මෙහි අදහස් වෙයි.
“භවප්‍රත්‍යයෙන් ජාතිය වේයයි” මෙසේ මෙය කියන ලදී. “මහණෙනි භවප්‍රත්‍යයෙන් ජාතිය වේද? නොවේද? තොපට මෙහි කෙසේ අදහස් වේද?” “ස්වාමීනි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි. භවප්‍රත්‍යයෙන් ජාතියවේයයි, අපට මෙහි අදහස් වෙයි.
“උපාදාන ප්‍රත්‍යයෙන් භවය වේය”යි මෙසේ මෙය කියන ලදි. “මහණෙනි, උපාදාන ප්‍රත්‍යයෙන් භවය වේද? නොවේද? තොපට මෙහි කෙසේ අදහස් වේද?” “ස්වාමීනි, උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි. උපාදාන ප්‍රත්‍යයෙන් භවය වේයයි මෙසේ අපට මෙහි අදහස් වේ.
“තණ්හා ප්‍රත්‍යයෙන් උපාදානය වේය”යි මෙසේ මෙය කියනලදී. මහණෙනි, තණ්හා ප්‍රත්‍යයෙන් උපාදානය වේද? නොවේද? තොපට මෙහි කෙසේ අදහස් වේද?” ස්වාමීනි, තණ්හා ප්‍රත්‍යයෙන් උපාදානය වෙයි තණ්හා ප්‍රත්‍යයෙන් උපාදානය වේයයි මෙසේ අපට මෙහි අදහස් වේ.
වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව වන්නීය”යි මෙසේ මෙය කියනලදී. “මහණෙනි, වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව වන්නීද? නොවන්නීද? තොපට මෙහි කෙසේ අදහස් වේද?” ස්වාමීනි, වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව වෙයි. වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව වේයයි” මෙසේ අපට මෙහි අදහස් වේ.
“ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වේයයි’ මෙසේ මෙය කියනලදී. “මහණෙනි, ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වන්නීද? නොවන්නීද? තොපට මෙහි කෙසේ අදහස් වේද?” “ස්වාමීනි, ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වන්නීය. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වන්නීයයි” මෙසේ අපට මෙහි අදහස් වේ.
“ෂඩායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශය වේය’යි මෙසේ මෙය කියන ලදී. මහණෙනි, ෂඩායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශය වේද? නොවේද? තොපට මෙහි කෙසේ අදහස් වේද?” “ස්වාමීනි, ෂඩායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශ වෙයි. ෂඩායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශය වේයයි” මෙසේ අපට මෙහි අදහස් වේ.
“නාමරූප ප්‍රත්‍යයෙන් ෂඩායතන වෙත්ය’යි මෙසේ මෙය කියනලදී. මහණෙනි, නාමරූප ප්‍රත්‍යයෙන් ෂඩායතන වෙත්ද? නොවෙත්ද? තොපට මෙහි කෙසේ අදහස් වේද? “ස්වාමීනි, නාමරූප ප්‍රත්‍යයෙන් ෂඩායතන වෙත්. නාම රූප ප්‍රත්‍යයෙන් ෂඩායතන වෙත්යයී මෙසේ අපට මෙහි අදහස් වේ.
“විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප වෙත්ය’යි මෙසේ මෙය කියනලදී “මහණෙනි, විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප වෙත්ද? නොවෙත්ද? තොපට මෙහි කෙසේ අදහස් වේද? “ස්වාමීනි විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප වෙත්. විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප වෙත්යයි මෙසේ අපට මෙහි අදහස් වේ.
“සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය වේය’යි මෙසේ මෙය කියනලදී මහණෙනි, සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය වේද? නොවේද? තොපට මෙහි කෙසේ අදහස් වේද?” “ස්වාමීනි, සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය වෙයි. සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය වේයයි, මෙසේ අපට මෙහි අදහස් වේ.
“අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙත්ය’යි මෙසේ මෙය කියනලදී. මහණෙනි, අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙත්ද? නොවෙත්ද? තොපට මෙහි කෙසේ අදහස් වේද?” “ස්වාමීනි, අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙත්. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙත්යයි මෙසේ අපට මෙහි අදහස් වේ.
|
404
‘‘සාධු, භික්ඛවෙ. ඉති ඛො, භික්ඛවෙ, තුම්හෙපි එවං වදෙථ, අහම්පි එවං වදාමි - ඉමස්මිං සති ඉදං හොති, ඉමස්සුප්පාදා
‘‘අවිජ්ජායත්වෙව
|
404
“මහණෙනි මැනවි. මහණෙනි, මෙය වනාහි තොපිද මෙසේ කියව්, මමද එසේ කියමි. මෙසේ මේ හේතුව ඇති කල්හි මේ ඵලය වෙයි. මොහුගේ උත්පත්තියෙන් මේ ඵලය උපදියි. එනම්-අවිද්‍යාව ප්‍රත්‍යය කොට සංස්කාරයෝ වෙත්. සංස්කාර ප්‍රත්‍යය කොට විඤ්ඤාණය වෙයි. විඤ්ඤාණය ප්‍රත්‍යය කොට නාමරූපය වෙයි. නාම රූප ප්‍රත්‍යය කොට ෂඩායතනය වෙයි. ෂඩායතනය ප්‍රත්‍යයකොට ස්පර්ශය වෙයි. ස්පර්ශය ප්‍රත්‍යයකොට වේදනාව වෙයි. වේදනාව ප්‍රත්‍යය කොට තණ්හාව වෙයි. තණ්හාව ප්‍රත්‍යයකොට භවය වෙයි. භවය ප්‍රත්‍යයකොට ජාතිය වෙයි. ජාතිය ප්‍රත්‍යය කොට ජරාව, මරණය, ශෝකය, වැළපීමය, කායික දුකය, මානසික දුකය, දැඩි වෙහෙසය යන මොහු හටගනිත්.” මෙසේ මේ සියලු දුක් රාශියගේ හටගැන්ම වෙයි.
“අවිද්‍යාවගේම ඉතිරි නොකර නැතිකිරීමෙන් සංස්කාරයෝ නිරුද්ධ (නැතිකිරීම) වෙත්. සංස්කාර නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධය වෙයි. විඤ්ඤාණ නිරෝධයෙන් නාම රූප නිරුද්ධ වෙයි. නාමරූපය නිරුද්ධවීමෙන් ෂඩායතනය නිරුද්ධ වෙයි. ෂඩායතනය නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙයි. ස්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වෙයි. වේදනාව නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙයි. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදානය නිරුද්ධ වෙයි. උපාදානය නිරුද්ධවීමෙන් භවය නිරුද්ධ වෙයි භවය නිරුද්ධවීමෙන් ජාතිය නිරුද්ධ වෙයි. ජාතිය නිරුද්ධවීමෙන් ජරා, මරණ, ශොක, වැළපීම, දුක්, දොම්නස්, දැඩි වෙහෙස යන මොවුහු නිරුද්ධ වෙත්. මෙසේ සියලු දුක් රාසියගේ නිරෝධය වෙයි.
|
405
‘‘ජාතිනිරොධා ජරාමරණනිරොධොති ඉති ඛො පනෙතං වුත්තං; ජාතිනිරොධා නු ඛො, භික්ඛවෙ, ජරාමරණනිරොධො, නො වා, කථං වා එත්ථ හොතී’’ති? ‘‘ජාතිනිරොධා, භන්තෙ, ජරාමරණනිරොධො; එවං නො එත්ථ හොති - ජාතිනිරොධා ජරාමරණනිරොධො’’ති. ‘‘භවනිරොධා ජාතිනිරොධොති ඉති ඛො පනෙතං වුත්තං; භවනිරොධා නු ඛො, භික්ඛවෙ, ජාතිනිරොධො, නො වා, කථං වා එත්ථ හොතී’’ති? ‘‘භවනිරොධා, භන්තෙ, ජාතිනිරොධො; එවං නො එත්ථ හොති - භවනිරොධා ජාතිනිරොධො’’ති. ‘‘උපාදානනිරොධා භවනිරොධොති ඉති ඛො පනෙතං වුත්තං; උපාදානනිරොධා නු ඛො, භික්ඛවෙ, භවනිරොධො, නො වා, කථං වා එත්ථ හොතී’’ති? ‘‘උපාදානනිරොධා, භන්තෙ, භවනිරොධො; එවං නො එත්ථ හොති - උපාදානනිරොධා භවනිරොධො’’ති. ‘‘තණ්හානිරොධා උපාදානනිරොධොති ඉති ඛො පනෙතං වුත්තං; තණ්හානිරොධා නු ඛො, භික්ඛවෙ, උපාදානනිරොධො, නො වා, කථං වා එත්ථ හොතී’’ති? ‘‘තණ්හානිරොධා, භන්තෙ, උපාදානනිරොධො; එවං නො එත්ථ හොති - තණ්හානිරොධා උපාදානනිරොධො’’ති. ‘‘වෙදනානිරොධා
|
405
“ජාති නිරෝධයෙන් ජරා, මරණ, නිරෝධය වේය’ යි මෙසේ මෙය කියන ලදී. මහණෙනි, ජාති නිරෝධයෙන් ජරා මරණ නිරෝධය වේද? නොවේද? මෙහි තොපට කෙසේ හෝ අදහස් වේද?
“ස්වාමීනි, ජාති නිරෝධයෙන් ජරා මරණ නිරෝධය වෙයි. ජාති නිරෝධයෙන් ජරා මරණ නිරෝධය වේයයි මෙසේ අපට මෙහි අදහස් වෙයි.” “භවය නිරුද්ධවීමෙන් ජාතිය නිරුද්ධ වේයයි’ මෙසේ මෙය කියනලදී. මහණෙනි, භවය නිරුද්ධ වීමෙන් ජාතිය නිරුද්ධ වේද? නොවේද? මෙහි තොපට කෙසේ හෝ අදහස් වේද? “ස්වාමීනි, භවය නිරුද්ධ වීමෙන් ජාතිය නිරුද්ධවේ. භවය නිරුද්ධ වීමෙන් ජාතිය නිරුද්ධ වේයයි මෙසේ අපට මෙහි අදහස්වේ.”
“උපාදානය නිරුද්ධවීමෙන් භවය නිරුද්ධ වේය’යි මෙසේ මෙය කියනලදී. “මහණෙනි, උපාදානය නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වේද? නොවේද? තොපට කෙසේ හෝ අදහස් වේද? “ස්වාමීනි, උපාදානය නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙයි. උපාදානය නිරුද්ධවීමෙන් භවය නිරුද්ධ වේයයි, මෙසේ අපට මෙහි අදහස් වේ.
“තණ්හාව නිරුද්ධවීමෙන් උපාදානය නිරුද්ධවේය’යි මෙසේ මෙය කියනලදී. මහණෙනි, තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදානය නිරුද්ධ වේද? නොවේද? මෙහි තොපට කෙසේ හෝ අදහස් වේද?” “ස්වාමීනි, තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදානය නිරුද්ධ වෙයි. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදානය නිරුද්ධවේයයි මෙසේ අපට මෙහි අදහස් වෙයි.”
“වේදනාව නිරුද්ධවීමෙන් තණ්හාව නිරුද්ධ වේය’යි මෙසේ මෙය කියන ලදී. මහණෙනි, වේදනාව නිරුද්ධවීමෙන් තණ්හාව නිරුද්ධ වේද? නොවේද? තොපට මෙහි කෙසේ හෝ අදහස් වේද?” “ස්වාමීනි, වේදනාව නිරුද්ධවීමෙන් තණ්හාව නිරුද්ධවේ. වේදනාව නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වේයයි මෙසේ අපට මෙහි අදහස් වේ.”
“ස්පර්ශය නිරුද්ධවීමෙන් වේදනාව නිරුද්ධවේය’යි මෙසේ මෙය කියන ලදී. මහණෙනි, ස්පර්ශය නිරුද්ධවීමෙන් වේදනාව නිරුද්ධ වේද? නොවේද? තොපට මෙහි කෙසේ හෝ අදහස් වේද?” “ස්වාමීනි, ස්පර්ශය නිරුද්ධවීමෙන් වේදනාව නිරුද්ධ වේ. ස්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වේයයි මෙසේ අපට මෙහි අදහස් වේ.”
“ෂඩායතන නිරුද්ධවීමෙන් ස්පර්ශය නිරුද්ධවේය’යි මෙසේ මෙය කියනලදී. “මහණෙනි, ෂඩායතන නිරුද්ධවීමෙන් ස්පර්ශය නිරුද්ධ වේද? නොවේද? තොපට මෙහි කෙසේ හෝ අදහස් වේද? “ස්වාමීනි, ෂඩායතන නිරුද්ධවීමෙන් ස්පර්ශය නිරුද්ධවෙයි. ෂඩායතන නිරුද්ධවීමෙන් ස්පර්ශය නිරුද්ධ වේයයි මෙසේ අපට මෙහි අදහස් වේ.”
“නාමරූප නිරුද්ධවීමෙන් ෂඩායතනය නිරුද්ධ වේය’යි මෙසේ මෙය කියනලදී. මහණෙනි, නාමරූප නිරුද්ධවීමෙන් ෂඩායතනය නිරුද්ධ වේද? නොවේද? තොපට මෙහි කෙසේ හෝ අදහස් වේද?” “ස්වාමීනි, නාම රූප නිරුද්ධවීමෙන් ෂඩායතන නිරුද්ධ වෙයි. නාම රූප නිරුද්ධවීමෙන් ෂඩායතනය නිරුද්ධ වේය’යි මෙසේ අපට මෙහි අදහස් වේ”
“විඤ්ඤාණය නිරුද්ධවීමෙන් නාම රූපය නිරුද්ධ වේය’යි මෙසේ මෙය කියනලදී. මහණෙනි, විඤ්ඤාණය නිරුද්ධ වීමෙන් නාම රූපය නිරුද්ධ වේද? නොවේද? තොපට මෙහි කෙසේ හෝ අදහස් වේද?” “ස්වාමීනි, විඤ්ඤාණය නිරුද්ධවීමෙන් නාම රූපය නිරුද්ධ වේ. විඤ්ඤාණය නිරුද්ධවීමෙන් නාම රූපය නිරුද්ධවේයයි මෙසේ අපට මෙහි අදහස් වේ.”
“සංස්කාරයන්ගේ නිරුද්ධවීමෙන් විඤ්ඤාණය නිරුද්ධවේය’යි මෙසේ මෙය කියනලදී. මහණෙනි, සංස්කාරයන්ගේ නිරුද්ධවීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වේද? නොවේද? තොපට මෙහි කෙසේ හෝ අදහස් වේද?” “ස්වාමීනි, සංස්කාරයන්ගේ නිරුද්ධවීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වේ. සංස්කාරයන්ගේ නිරුද්ධවීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වේයයි මෙසේ අපට මෙහි අදහස් වේ.”
“අවිද්‍යාව නිරුද්ධවීමෙන් සංස්කාරයෝ නිරුද්ධ වෙත්ය’යි මෙසේ මෙය කියනලදී. මහණෙනි, අවිද්‍යාව නිරුද්ධවීමෙන් සංස්කාරයෝ නිරුද්ධ වෙත්ද? නොවෙත්ද? තොපට මෙහි කෙසේ හෝ අදහස් වේද?” “ස්වාමීනි, අවිද්‍යාව නිරුද්ධවීමෙන් සංස්කාරයෝ නිරුද්ධ වෙත්. අවිද්‍යාව නිරුද්ධවීමෙන් සංස්කාරයෝ නිරුද්ධ වෙත්ය’යි මෙසේ අපට මෙහි අදහස් වේ.”
|
406
‘‘සාධු, භික්ඛවෙ. ඉති ඛො, භික්ඛවෙ, තුම්හෙපි එවං වදෙථ, අහම්පි එවං වදාමි - ඉමස්මිං අසති ඉදං න හොති, ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති, යදිදං - අවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධො, සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො, විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධො, නාමරූපනිරොධා සළායතනනිරොධො, සළායතනනිරොධා ඵස්සනිරොධො, ඵස්සනිරොධා වෙදනානිරොධො, වෙදනානිරොධා තණ්හානිරොධො, තණ්හානිරොධා උපාදානනිරොධො, උපාදානනිරොධා භවනිරොධො, භවනිරොධා ජාතිනිරොධො, ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති.
|
406
“මහණෙනි, මැනවි. මහණෙනි, මෙය වනාහි තොපද මෙසේ කියන්නාහුය. මමද එසේ කියන්නෙමි. මේ හේතුව නැතිකල්හි මේ ඵලය නොවෙයි. මේ හේතුහුගේ නිරෝධයෙන් මේ ඵලය නිරුද්ධ වෙයි. එනම් අවිද්‍යාව නිරුද්ධවීමෙන් සංස්කාර නිරුද්ධවෙයි. සංස්කාර නිරුද්ධවීමෙන් නාමරූප නිරුද්ධ වෙයි. නාම රූප නිරුද්ධ වීමෙන් ෂඩායතනය නිරුද්ධ වෙයි. ෂඩායතනය නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙයි. ස්පර්ශය නිරුද්ධවීමෙන් වේදනාව නිරුද්ධ වෙයි. වේදනාව නිරුද්ධවීමෙන් තණ්හාව නිරුද්ධ වෙයි. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙයි. උපාදානය නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙයි. භවය නිරුද්ධ වීමෙන් ජාතිය නිරුද්ධ වෙයි. ජාතිය නිරුද්ධවීමෙන් ජරා, මරණ, ශොක, වැලපීම, දුක්, දොම්නස්, දැඩි වෙහෙස යන මොවුහු නිරුද්ධ වෙත්. මෙසේ මේ සියලු දුක් රාශියගේ නිරෝධය වෙයි.
|
407
‘‘අපි නු තුම්හෙ, භික්ඛවෙ, එවං ජානන්තා එවං පස්සන්තා පුබ්බන්තං
‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘අපි
‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘අපි නු තුම්හෙ, භික්ඛවෙ, එවං ජානන්තා එවං පස්සන්තා එතරහි වා පච්චුප්පන්නමද්ධානං අජ්ඣත්තං කථංකථී අස්සථ - අහං නු ඛොස්මි, නො නු ඛොස්මි, කිං නු ඛොස්මි, කථං නු ඛොස්මි, අයං නු ඛො සත්තො කුතො ආගතො, සො කුහිංගාමී භවිස්සතී’’ති?
‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘අපි නු තුම්හෙ, භික්ඛවෙ, එවං ජානන්තා එවං පස්සන්තා එවං වදෙය්යාථ - සත්ථා නො ගරු, සත්ථුගාරවෙන ච මයං එවං වදෙමා’’ති?
‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘අපි නු තුම්හෙ, භික්ඛවෙ, එවං ජානන්තා එවං පස්සන්තා එවං වදෙය්යාථ - සමණො එවමාහ, සමණා ච නාම මයං එවං වදෙමා’’ති?
‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘අපි නු තුම්හෙ, භික්ඛවෙ, එවං ජානන්තා එවං පස්සන්තා අඤ්ඤං සත්ථාරං
‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘අපි නු තුම්හෙ, භික්ඛවෙ, එවං ජානන්තා එවං පස්සන්තා යානි තානි පුථුසමණබ්රාහ්මණානං වත කොතූහලමඞ්ගලානි තානි සාරතො පච්චාගච්ඡෙය්යාථා’’ති?
‘‘නො
‘‘නනු, භික්ඛවෙ, යදෙව තුම්හාකං සාමං ඤාතං සාමං දිට්ඨං සාමං විදිතං, තදෙව තුම්හෙ වදෙථා’’ති.
‘‘එවං, භන්තෙ’’.
‘‘සාධු, භික්ඛවෙ, උපනීතා ඛො මෙ තුම්හෙ, භික්ඛවෙ, ඉමිනා සන්දිට්ඨිකෙන ධම්මෙන අකාලිකෙන එහිපස්සිකෙන ඔපනෙය්යිකෙන පච්චත්තං වෙදිතබ්බෙන විඤ්ඤූහි. සන්දිට්ඨිකො අයං, භික්ඛවෙ, ධම්මො අකාලිකො එහිපස්සිකො ඔපනෙය්‍යිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහි - ඉති යන්තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්ත’’න්ති.
|
407
“මහණෙනි, තෙපි මෙසේ දන්නාහු, මෙසේ දක්නාහු, ‘අපි අතීතකාලයෙහි වූයෙමුද? නොවූයෙමුද? අතීත කාලයෙහි කවුරුන් වූයෙමුද? අතීත කාලයෙහි කෙසේ හෝ වූයෙමුද? අතීත කාලයෙහි කවුරුන් වී කවුරුන් වීමුදැ’යි (තෘෂ්ණා දෘෂ්ටි වසයෙන්) අතීතයට දුවන්නාහුද?”
“නැත, ස්වාමීනි.”
“මහණෙනි, තෙපි මෙසේ දන්නාහු, මෙසේ දක්නාහු, අපි අනාගත කාලයෙහි වන්නෙමුද? අනාගත කාලයෙහි නොවන්නෙමුද? අනාගත කාලයෙහි කවරෙක් වන්නෙමුද? අනාගත කාලයෙහි කෙසේ හෝ වන්නෙමුද? අනාගත කාලයෙහි කවුරුන්වී කවුරුන් වන්නෙමුද? කියා අනාගත කෙළවරට (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) දුවන්නහුද?
“නැත, ස්වාමීනි.”
“මහණෙනි, තෙපි මෙසේ දන්නාහු, මෙසේ දක්නාහු මම වෙම්ද? මම නොවෙම්ද? කුමක් වෙම්ද? කෙසේ වෙම්ද? මේ සත්වතෙම කොයින් ආයේද? හෙතෙම කොහි යන්නෙක් වන්නේදැයි දැන් පවත්නා කාලය සම්බන්ධයෙන් තමා ගැන කෙසේ කෙසේදැයි පැවැති සැක ඇත්තාහුද?”
“නැත, ස්වාමීනි.”
“මහණෙනි, තෙපි මෙසේ දන්නාහු, මෙසේ දක්නාහු, අපගේ ශාස්තෲන් වහන්සේ ගරු කටයුත්තෙක, අපි ශාස්තෲන් වහන්සේ කෙරෙහි, ගෞරවයෙන් මෙසේ කියමු’යි කියන්නහුද?”
“නැත, ස්වාමීනි.”
“මහණෙනි, තෙපි මෙසේ දන්නාහු, මෙසේ දක්නාහු, ‘ශ්‍රමණ තෙම අපට මෙසේ කීයේය. ශ්‍රමණයන්ගේ වචනයෙන් අපි මෙසේ කියමු”යි කියන්නාහුද?”
“නැත, ස්වාමීනි.”
“මහණෙනි, තෙපි මෙසේ දන්නාහු, මෙසේ දක්නාහු, අන්‍ය ශාස්තෘවරයෙකු අදහන්නාහුද?”
“නැත, ස්වාමීනි.”
“මහණෙනි, තෙපි මෙසේ දන්නාහු, මෙසේ දක්නාහු නොයෙක් තීර්ථකයන්ගේ හා බමුණන්ගේ වත් පිළිවෙත් හා ඇදහීම් සාර වසයෙන් පිළිගන්නාහුද?”
“නැත, ස්වාමීනි.”
“මහණෙනි, තෙපි, තමන් විසින් යමක් දැන ගන්නා ලද නම්, තමන් විසින් යමක් දක්නාලද නම් තමන් විසින් යමක් අවබෝධ කරගන්නාලද නම් තොප කියන්නේ එයම නොවේද?”
“එසේය, ස්වාමීනි.”
“මහණෙනි, යහපත මහණෙනි, මා විසින් මේ මෙ ලොවදීම විපාක දෙන්නාවූ, කල් නොයවා විපාක දෙන්නාවූ, එව, බලව, යන විධියට සුදුසුවූ, තම තමන්ගේ සිතට පැමිණවිය යුතුවූ. නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහිලා දතයුතුවූ ධර්මයෙන් තෙපි (නිර්වාණයට) පමුණුවන ලද්දාහ. මහණෙනි, මේ ධර්මය මොලොව දීම විපාක දෙන සුළුය, කල් නොයවා විපාක දෙන සුළුය, එව, බලව යන විධියට සුදුසුය. තම තමන්ගේ සිතට එලවිය යුතු ගුණයෙන් යුක්තය. නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහිලා දතයුතුයැ’යි මෙසේ යමක් කියන ලදද? එය මේ සඳහා කියනලදී.
|
408
‘‘තිණ්ණං ඛො පන, භික්ඛවෙ, සන්නිපාතා ගබ්භස්සාවක්කන්ති හොති. ඉධ මාතාපිතරො ච සන්නිපතිතා හොන්ති, මාතා ච න උතුනී හොති, ගන්ධබ්බො ච න පච්චුපට්ඨිතො හොති, නෙව තාව ගබ්භස්සාවක්කන්ති
|
408
“මහණෙනි, කරුණු තුනකගේ එක්වීමෙන් ගර්භයාගේ හටගැනීම වෙයි. මේ ලෝකයෙහි මව්පිය දෙදෙනා එක්වූවාහු නමුත් මවුතොමෝත් ඔසප් නොවූවාද, ගන්ධර්වයා (ගර්භයෙහි ඉපදිය යුතු තැනැත්තා) එළඹ නොසිටියේවේද ඒතාක් ගර්භය හටගැනීමක් නොවේ. මෙහි, මවුපිය දෙදෙනා එක්වූවාහු වෙත්ද, මවුතොමෝත් ඔසප්වූවා වේද, ඉපදිය යුතු පුද්ගලයා එළඹ නොසිටියේ නම් ඒතාක් ගර්භය හටගැණීම නොසිදු වෙයි.
“මහණෙනි, යම් හෙයකින් මව්පිය දෙදෙන එක්වූවාහුද මව් තොමෝද ඔසප්වූවා වේද, ඉපදිය යුතු පුද්ගලයාත් එළඹ සිටියේ වේද, මේ කරුණු තුන එක්වීමෙන් ගර්භයාගේ හටගැනීම වෙයි, මහණෙනි, මව්තොම නවමසක් හෝ දසමසක් හෝ මහත්වූ ජීවිත සැකයෙන් යුක්තවූ ඒ මේ ගැබ කුසින් පාලනය කරයි. මහණෙනි, නවමසක් ඇවෑමෙන් හෝ දසමසක් ඇවෑමෙන් හෝ මහත් සැකයෙන් යුක්තව ඒ දරුගැබ වදයි. මවුතොමෝ උපන්නාවූ මොහු සිය ලෙයින් පොෂ්ය කරයි. මහණෙනි, තනකිරිය යි යමක් වේද, එය මේ ශාසනයෙහි ‘ලේ’ යයි ව්‍යවහාර වෙයි.
“මහණෙනි, ඒ මේ කුමාර තෙම වැඩීමට පැමිණ, ඉන්ද්රියයන්ගේ මේරීමට පැමිණ, කුමරුවන්ගේ යම් ක්‍රීඩා භාණ්ඩයෝ වෙත්ද, එයින් සෙල්ලම් කරයි. එනම්:- (ගම්දරුවන් සෙල්ලම් කරන) කුඩා නගුල්ය, ගුඩු ගැසීමය, රෝද ගැසීමය, හුළංපෙති කරකැවීමය, වැලි කෙළීමය, කුඩාරථ පැදීමය, කුඩා දුනුවලින් විදීමය (යන සෙල්ලම් කරයි.)
“මහණෙනි, ඒ මේ කුමාරතෙම වැඩීමට පැමිණ, ඉන්ද්රියයන්ගේ මේරීමට පැමිණ, පංචකාම සම්පත්තියෙන් සම්පූර්ණ වූයේ, යුක්තවූයේ ඉන්ද්රියයන් පිනවයි. ඇසින් බලා දතයුතුවූ යහපත්වූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇති, ආසාව ඇති කරන්නාවූ, සිත් අලවන්නාවූ රූපයන්ගෙන්ද, කණින් අසා දතයුතුවූ යහපත්වූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇති ආසාව ඇති කරන්නාවූ, සිත් අලවන්නාවූ, ශබ්දයන් ගෙන්ද, නාසයෙන්ද විඳ දතයුතුවූ යහපත්වූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇති, ආසාව ඇති කරන්නාවූ, සිත් අලවන්නාවූ ගන්ධයෙන්ද, දිවෙන් විඳ දතයුතුවූ යහපත්වූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇති, ආසාව ඇති කරන්නාවූ, සිත් අලවන්නාවූ, රසයෙන්ද, කයින් විඳ දතයුතුවූ යහපත්වූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇති, ආසාව ඇති කරන්නාවූ, සිත් අලවන්නාවූ ස්පර්ශයෙන්ද, (පස්කම් සැප විඳියි)
|
409
‘‘සො
|
409
“හෙතෙම ඇසින් රූපය දැක, ප්‍රිය ස්වභාව ඇති රූපාරම්මණයෙහි ඇලෙයි. ප්‍රිය ස්වභාව නැති රූපයෙහි නොසතුටට පැමිණෙයි. ශරීරය පිළිබඳව සිහිය නැතිව, අකුසල් සිත් ඇතිව වාසය කරයි. යම් තැනෙක ඔහුගේ මේ ලාමක අකුසලයෝ ඉතිරි නොවී නැති වෙත්ද, ඒ චෙතො විමුක්තිය හෝ ප්‍රඥා විමුක්තිය හෝ නොදනියි.
“හෙතෙම මෙසේ රාගයට හා ද්වේෂයට (තරහවට) පැමිණියේ සැපවූද, දුක්වූද, උපෙක්ෂා සහගතවූද, යම්කිසි වේදනාවක් විඳීද, හෙතෙම ඒ වේදනාව තෘෂ්ණා වසයෙන් ගෙන සතුටු වෙයි. අනේ සැපයයි කියයි. එහිම ගිලී සිටියි. ඒ වේදනාවෙන් සතුටු වන්නාවූ, එය සැපයයි කියන්නාවූ, එහිම ගැලී සිටින්නාවූ ඔහුට තණ්හාව උපදියි. වේදනාවන් කෙරෙහි යම් තෘෂ්ණාවක් වේද, එය උපාදානයයි. ඕහට උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි. භවය ප්‍රත්‍යයකොට ජාතිය වෙයි. ජාතිය ප්‍රත්‍යයකොට ජරාවය, මරණය, ශෝකය, වැළපීමය, කයෙහි දුකය, සිතෙහි දුකය, දැඩි වෙහෙසය යන මොවුහු ඇති වෙත්. මෙසේ මේ සියලු දුක් රාසිය ඇතිවීම වෙයි.
“කණින් ශබ්දය අසා ප්‍රිය ස්වභාව ඇති ශබ්දයෙහි ඇලෙයි. අප්‍රිය ස්වභාව ඇති ශබ්දයෙහි නොසතුටට පැමිණෙයි. කය පිළිබඳ සිහිය එළඹ නොසිටියේ අකුසල් සිත් ඇතිව වාසය කරයි. යම් තැනක ඔහුගේ ලාමකවූ අකුසල් ධර්මයෝ සම්පූර්ණයෙන් විනාශ වෙත්ද, ඒ චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද ඇති සැටියෙන් නොදනී. හෙතෙම මෙසේ රාග ද්වේෂ දෙකට පැමිණියේ සැපවූද, දුක්වූද උපෙක්ෂා සහගතවූද, යම් කිසි වේදනාවක් විඳීද, ඒ වේදනාව තෘෂ්ණා වශයෙන් ගෙන සතුටුවෙයි. තෘෂ්ණා වශයෙන් ගෙන සැපයයි කියයි. තෘෂ්ණාවෙන් ගැලී සිටියි. ඒ වේදනාවෙන් සතුටු වන්නාවූ, මගේ යයි කියන්නාවූ, ගැලී සිටින්නාවූ ඔහුට තෘෂ්ණාව උපදී. වේදනාවන් කෙරෙහි යම් තෘෂ්ණාවක් වේද, එය උපාදානයයි. ඔහුට උපාදානය ප්‍රත්‍යයෙන් භවය වෙයි. භවය ප්‍රත්‍යය කොට ජාතිය වෙයි. ජාතිය ප්‍රත්‍යයකොට ජරාව, මරණය, ශෝකය, වැළපීමය, කයෙහි දුකය, සිතෙහි දුකය, දැඩි වෙහෙසය යන මොවූහු ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක් රාසියගේ ඇතිවීම වෙයි.
“නාසයෙන් ගන්ධය ආඝ්‍රාණයකොට ප්‍රිය ස්වභාව ඇති ගන්ධයෙහි ඇලෙයි. අප්‍රිය ස්වභාව ඇති ගන්ධයෙහි නොසතුටට පැමිණෙයි. කය පිළිබඳ සිහිය එළඹ නොසිටියේ, අකුසල් සිත් ඇතිව වාසය කරයි. යම් තැනක ඔහුගේ ලාමකවූ අකුසල ධර්මයෝ සම්පූර්ණයෙන් විනාශ වෙද්ද, ඒ චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද ඇතිසැටියෙන් නොදනී. හෙතෙම මෙසේ රාග ද්වේෂ දෙකට පැමිණියේ, සැපවූද, දුක්වූද, උපෙක්ෂා සහගතවූද, යම්කිසි වේදනාවක් විඳීද, ඒ වේදනාව තෘෂ්ණා වශයෙන් ගෙන සතුටු වෙයි (තෘෂ්ණා වශයෙන් ගෙන සැපයයි) කියයි. තෘෂ්ණාවෙන් ගැලී සිටියි. ඒ වේදනාවෙන් සතුටු වන්නාවූ, මගේයයි කියන්නාවූ, ගැලී සිටින්නාවූ ඔහුට තෘෂ්ණාව උපදී. වේදනාවන් කෙරෙහි යම් තෘෂ්ණාවක් වේද, එය උපාදානයයි. ඔහුට උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි. භවය ප්‍රත්‍යය කොට ජාතිය වෙයි. ජාතිය ප්‍රත්‍යයකොට ජරාව, මරණය, ශෝකය, වැළපීමය, කයෙහි දුකය, සිතෙහි දුකය, දැඩි වෙහෙසය යන මොවුහු ඇති වෙත්. මෙසේ මේ සියලු දුක් රාසියගේ ඇතිවීම වෙයි.
“දිවෙන් රසයවිඳ ප්‍රිය ස්වභාව ඇති රසයෙහි ඇලෙයි. අප්‍රිය ස්වභාව ඇති රසයෙහි නොසතුටට පැමිණෙයි. කයපිළිබඳ සිහිය එළඹ නොසිටියේ, අකුසල් සිත් ඇතිව වාසය කරයි. යම් තැනක ඔහුගේ ලාමකවූ අකුසල ධර්මයෝ සම්පූර්ණයෙන් විනාශ වෙද්ද, ඒ චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද ඇති සැටියෙන් නොදනී. හෙතෙම මෙසේ රාග ද්වේෂ දෙකට පැමිණියේ සැපවූද, දුක්වූද උපෙක්ෂා සහගතවූද, යම් කිසි වේදනාවක් විඳීද, ඒ වේදනාව තෘෂ්ණා වශයෙන් ගෙන සතුටු වෙයි. (තෘෂ්ණා වශයෙන් ගෙන සැපයයි) කියයි. තෘෂ්ණාවෙන් ගැලී සිටියි. ඒ වේදනාවෙන් සතුටු වන්නාවූ, මගේයයි කියන්නාවූ ගැලී සිටින්නාවූ ඔහුට තෘෂ්ණාව උපදී. වේදනාවන් කෙරෙහි යම් තෘෂ්ණාවක් වේද, එය උපාදානයයි. ඔහු උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි. භවය ප්‍රත්‍යය කොට ජාතිය වෙයි. ජාතිය ප්‍රත්‍යයකොට ජරාව, මරණය, ශෝකය, වැළපීමය, කයෙහි දුකය, සිතෙහි දුකය, දැඩි වෙහෙසය යන මොවුහු ඇති වෙත්. මෙසේ මේ සියලු දුක් රාසියගේ ඇතිවීම වෙයි.
“කයින් ස්පර්ශයක් ස්පර්ශකොට ප්‍රිය ස්වභාවය ඇති ස්පර්ශයෙහි ඇලෙයි. අප්‍රිය ස්වභාව ඇති ස්පර්ශයෙහි නොසතුටට පැමිණෙයි. කය පිළිබඳ සිහිය එළඹ නොසිටියේ, අකුසල් සිත් ඇතිව වාසය කරයි. යම් තැනක ඔහුගේ ලාමකවූ අකුසල ධර්මයෝ සම්පූර්ණයෙන් විනාශ වෙද්ද, ඒ චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද ඇති සැටියෙන් නොදනී. හෙතෙම මෙසේ රාග ද්වේෂ දෙකට පැමිණියේ සැපවූද, දුක්වූද උපෙක්ෂා සහගතවූද, යම් කිසි වේදනාවක් විඳීද, ඒ වේදනාව තෘෂ්ණා වශයෙන් ගෙන සතුටු වෙයි. (තෘෂ්ණා වශයෙන් ගෙන සැපයයි) කියයි. තෘෂ්ණාවෙන් ගැලී සිටියි. ඒ වේදනාවෙන් සතුටු වන්නාවූ, මගේයයි කියන්නාවූ, ගැලී සිටින්නාවූ ඔහුට තෘෂ්ණාව උපදී. වේදනාවන් කෙරෙහි යම් තෘෂ්ණාවක් වේද, එය උපාදානයයි. ඔහුට උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි. භවය ප්‍රත්‍යය කොට ජාතිය වෙයි. ජාතිය ප්‍රත්‍යයකොට ජරාව, මරණය, ශෝකය, වැළපීමය, කයෙහි දුකය, සිතෙහි දුකය, දැඩි වෙහෙසය යන මොවුහු ඇති වෙත්. මෙසේ මේ සියලු දුක් රාසියගේ ඇතිවීම වෙයි.
“සිතින් ධර්ම අරමුණු දැන ප්‍රිය ස්වභාව ඇති අරමුණෙහි ඇලෙයි. අප්‍රිය ස්වභාව ඇති අරමුණෙහි නොසතුටට පැමිණෙයි. කය පිළිබඳ සිහිය එළඹ නොසිටියේ අකුසල් සිත් ඇතිව වාසය කරයි. යම් තැනක ඔහුගේ ලාමකවූ අකුසල ධර්මයෝ සම්පූර්ණයෙන් විනාශ වෙද්ද, ඒ චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද, ඇති සැටියෙන් නොදනී. හෙතෙම මෙසේ රාග ද්වේෂ දෙකට පැමිණියේ සැපවූද, දුක්වූද උපෙක්ෂා සහගතවූද, යම්කිසි වේදනාවක් විඳීද, ඒ වේදනාව තෘෂ්ණා වශයෙන් ගෙන සතුටු වෙයි, (තෘෂ්ණා වශයෙන් ගෙන සැපයයි) කියයි. තෘෂ්ණාවෙන් ගැලීසිටියි. ඒ වේදනාවෙන් සතුටු වන්නාවූ, මගේයයි කියන්නාවූ, ගැලී සිටින්නාවූ ඔහුට තෘෂ්ණාව උපදී. වේදනාවන් කෙරෙහි යම් තෘෂ්ණාවක් වේද, එය උපාදානයයි. ඔහුට උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි. භවය ප්‍රත්‍යයකොට ජාතිය වෙයි. ජාතිය ප්‍රත්‍යයකොට ජරාව, මරණය, ශෝකය, වැළපීමය, කයෙහි දුකය සිතෙහි දුකය දැඩි වෙහෙසය යන මොවුහු ඇති වෙත්. මෙසේ මේ සියලු දුක් රාසියගේ ඇතිවීම වෙයි.
|
410
‘‘ඉධ, භික්ඛවෙ, තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා
|
410
“මහණෙනි, එසේම මේලෝකයෙහි අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, විද්‍යාචරණ සම්පන්නවූ, යහපත් ගති ඇත්තාවූ, සියලු ලෝකයන් දන්නාවූ, ශ්‍රේෂ්ඨවූ, හික්මවිය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනිවූ, දෙවිමිනිසුන්ට ගුරුවරයෙක්වූ, චතුස්සත්‍යය අවබෝධ කළාවූ තථාගත කෙනෙක් මෙලොව උපදනාහ. ඒ තථාගත තෙමේ දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, දෙව් මිනිසුන් සහිතවූ, මේ ලෝකය ස්වකීය විශේෂ ඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට ප්‍රකාශ කරයි. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූද, මැද යහපත්වූ අවසානය යහපත්වූද, අර්ථ සහිතවූ, දස වැදෑරුම් අක්ෂර සම්පත්තියෙන් යුක්තවූ සියලු ආකාරයෙන් සම්පූර්ණවූ පිරිසිදුවූ, ශාසන බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කරති.
“ඒ ධර්මය ගෘහපතියෙක් හෝ, ගෘහපති පුත්‍රයෙක් හෝ, අන් කුල අතුරෙන් එක් කුලයක උපන්නෙක් හෝ අසයිද, ඔහු ඒ ධර්මය අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරයි. ඔහු ඒ ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ මෙසේ සලකන්නේය. ‘ගිහිගෙයි විසීම අවහිර සහිතය. කෙලෙස් දූවිලි උපදින තැනකි. මහණකම වනාහි කිසිවක් නොමැති අවකාශය මෙන් නිදහස්ය. ගිහිගෙයි වසන්නහු විසින් සියලු ආකාරයෙන් සම්පූර්ණවූ, සියලු ආකාරයෙන් පිරිසිදුවූ, ලියවූ හක්ගෙඩියක් වැනි මෙම බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්ට නොහැක්කේය. මම කෙස් දැළිරැවුලු කපාදමා සිවූරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වන්නෙම් නම් ඉතා යහපතැයි කියායි.
“ඔහු පසු කාලයක ස්වල්පවූ හෝ බොහෝවූ හෝ සම්පත්හැර, ස්වල්පවූ හෝ බොහෝවූ හෝ නෑ පිරිස් හැර, කෙස් දැළිරැවුලු කපා දමා, සිවුරු හැඳ, ගිහිගෙන් නික්ම, සස්නෙහි මහණ වන්නේය.
|
411
‘‘සො එවං පබ්බජිතො සමානො භික්ඛූනං සික්ඛාසාජීවසමාපන්නො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති, නිහිතදණ්ඩො නිහිතසත්ථො ලජ්ජී දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරති.
‘‘අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො
‘‘අබ්රහ්මචරියං පහාය බ්‍රහ්මචාරී හොති, ආරාචාරී විරතො මෙථුනා ගාමධම්මා.
‘‘මුසාවාදං
‘‘පිසුණං වාචං පහාය පිසුණාය වාචාය පටිවිරතො හොති - ඉතො සුත්වා න අමුත්ර අක්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්ර වා සුත්වා න ඉමෙසං අක්ඛාතා අමූසං භෙදාය. ඉති භින්නානං වා සන්ධාතා, සහිතානං වා අනුප්පදාතා සමග්ගාරාමො සමග්ගරතො සමග්ගනන්දී, සමග්ගකරණිං වාචං භාසිතා හොති.
‘‘ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො හොති - යා සා වාචා නෙලා කණ්ණසුඛා පෙමනීයා හදයඞ්ගමා පොරී බහුජනකන්තා බහුජනමනාපා තථාරූපිං වාචං භාසිතා හොති.
‘‘සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතො හොති, කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී, නිධානවතිං වාචං භාසිතා කාලෙන, සාපදෙසං පරියන්තවතිං අත්ථසංහිතං.
‘‘සො
‘‘සො සන්තුට්ඨො හොති කායපරිහාරිකෙන චීවරෙන කුච්ඡිපරිහාරිකෙන පිණ්ඩපාතෙන. සො යෙන යෙනෙව පක්කමති සමාදායෙව පක්කමති
‘‘සො චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්වා...පෙ.... ඝානෙන ගන්ධං ඝායිත්වා...පෙ.... ජිව්හාය රසං සායිත්වා...පෙ.... කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා...පෙ.... මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති මනින්ද්රියං මනින්ද්රියෙ සංවරං ආපජ්ජති. සො ඉමිනා අරියෙන ඉන්ද්රියසංවරෙන සමන්නාගතො අජ්ඣත්තං අබ්යාසෙකසුඛං
‘‘සො අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී හොති, ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී හොති
|
411
“එසේ මහණවූ හෙතෙම භික්ෂු සීලයෙන් යුක්තවූයේ, ප්‍රාණවධය හැර, ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ බහා තබන ලද දඬු ඇත්තේ, බහා තබන ලද ආයුධ ඇත්තේ, පව් කිරීමෙහි ලජ්ජා ඇත්තේ, කරුණාවන්ත වූයේ, සියලු ප්‍රාණීන් කෙරෙහි හිත අනුකම්පාව ඇතුව වාසය කෙරේ නොදුන් දෙය ගැනීමෙන් වෙන්ව, එයින් සම්පූර්ණයෙන් වැළකුණේ, දුන් දෙයම ගන්නේ, දුන් දෙයම කැමති වන්නේ, සොර නොවූ, පිරිසිදුවූ සිතින් යුක්තව වාසයකෙරේ. අබ්‍රහ්මචර්‍ය්‍යාව හැර උතුම් පැවතුම් ඇත්තේ ස්ත්‍රී පුරුෂ සංසර්ගය නම්වූ ග්‍රාම ධර්මයෙන් වෙන් වූයේ බ්‍රහ්මචාරීවේ. බොරු කීමෙන් දුරුව, ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ, සැබෑ වචන කියන්නේ, සැබැවින් සැබව ගළපන ගති ඇතුව ස්ථිර කථා ඇත්තේ, ඇදහිය යුතු වචන ඇත්තේ, ලෝකයා අතර විරුද්ධ කථා ඇති නොකෙරේ. පිසුනු බස් හැර, ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ, මෙතැනින් අසා මොවුන් බිඳවීම පිණිස එතැන නොකියන ගති ඇත්තේ, එතැනින් අසා මොවුන් බිඳවීම පිණිස මෙතැන නොකියන ගති ඇත්තේ, මෙසේ භෙද වූවන් ගලපන්නේ, සමගි වූවන්ගේ සමගිය තහවුරු කිරීමට අනුබල දෙන්නේ, සමගියෙහි ඇලුම් බහුල කොට ඇත්තේ, සමගිකම්හි ඇලුනේ, සමගිකම්හි සතුටුවන ගති ඇත්තේ සමගිය ඇති කරණ වචන කියන්නේය. ඵරුෂ වචනය හැර ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ, යම් වචනයක් නිදොස් වේද, කණට මිහිරිද, ප්‍රෙමණීයද, සතුටු කරයිද, යහපත්ද, බොහෝ දෙනාට ප්‍රියද, බොහෝ දෙනාගේ හිත් ප්‍රිය කරන්නේද, එබඳු වචනම කියන්නේ වේ. හිස්වූ ප්‍රලාප කථා හැර ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ, කාලයට සුදුසු කථා කරන්නේ, සිදුවූ වචනම කියන්නේ, අර්ථයෙන් යුක්තවූ, ධර්මයෙන් යුක්තවූ විනයයෙන් යුක්තවූ වචන කියන්නේ, සුදුසු කල්හි, උපමා හා කරුණු සහිතවූ, සීමා ඇති, අර්ථයෙන් යුත්, නිධානයක් මෙන් සිතෙහි තැබිය යුතු වචන කියන්නේ වේ.
“හෙතෙම තණ, ගස්, වැල්, සිඳීම් බිඳීම් ආදියෙන් වැළකුණේ වෙයි, එක් වේලක් වළඳන්නේ රාත්‍රි භොජනයන් හා විකාල භොජනයන් වැළකුණේ වෙයි. නැටීම්, ගී කීම්, බෙර ආදිය වැයීම්, විසුලු දැකීම් යන මෙයින් වැළකුණේ වෙයි. මල්, ගඳ විලවුන් පැළඳීම, ඉන් සැරසීම, අඩු තැන් පිරවීමෙන් අලංකාර කිරීම යන මෙයින් වැළකුණේ වෙයි. උස් අසුන් මහ අසුන් යන මෙයින් වැළකුණේ වෙයි. රින් රිදී මසු කහවණු පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. අමු ධාන්‍ය වර්ග පිළිගැන්මෙන් තොරවූයේ වෙයි. අමු මස් පිළිගැන්මෙන් තොරවූයේ වෙයි. ස්ත්‍රීන්, තරුණියන් පිළිගැන්මෙන් තොර වූයේ වෙයි. වැඩකරුවන් වැඩකාරියන් පිළිගැන්මෙන් තොර වූයේවෙයි, එළුවන් බැටලුවන් පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. ඌරන්, කුකුළන් පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. ඇතුන්, ගවයින්, අසුන්, වෙළඹුන් පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. කෙත්, වත්, පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. ගිහියන්ගේ දූත මෙහෙවරය, ගෙන්ගෙට යන මහත් මෙහෙවරය යන මෙයින් වැළකුණේ වෙයි. විකිණීම මිළට ගැනීම යන මෙයින් වැළකුණේ වෙයි. තරාදියෙන් හොර කිරීම, රන් නොරන් කිරීමාදියෙන් හොර කිරීම, මැනීමෙන් හොර කිරීමාදියෙන් වැළකුණේ වෙයි. හිමියන් අහිමි කිරීමාදිය සඳහා අල්ලස් ගැන්මය, උපායෙන් අනුන් රැවටීමය, යකඩ ආදී ලොහ රන් රිදීයයි අඟවා වඤ්චා කිරීමය, නොයෙක් ආකාරවූ කුටිල ප්‍රයොගය යන මෙයින් වැළකුණේ වෙයි. කැපීමය, බැඳීමය, සැඟවී සිට වස්තු පැහැරගැන්මය, ගම් නියම් ගම් ආදිය පැහැරීමය, බලාත්කාරකමින් වස්තු පැහැර ගැන්මය, යන මෙයින් වැළකුණේ වෙයි.
“හෙතෙමේ යම්තම් කය වැසීමට තරම්වූ සිවුරෙන්ද යැපීමට ප්‍රමාණවූ ආහාරයෙන්ද සතුටු වන්නේ වේ. ඔහු යම් යම් තැනකට යේ නම් ඒ ඒ තැනට එය ගෙන යන්නේ වෙයි. යම්සේ පක්ෂියෙක් යම් තැනකට පියාඹා යේ නම් ඒ සියලු තැන පියාපත් බර පමණින් යුක්තව පියඹා යේ ද, එපරිද්දෙන්ම භික්ෂු තෙමේද ශරීරය වැසීමට ප්‍රමාණවූ සිවුරෙන්ද, යැපීමට ප්‍රමාණවූ ආහාරයෙන්ද සතුටු වන්නේවේ. ඔහු යම් තැනකට යා නම් ඒ ඒ තැන එය රැගෙණම යයි. හෙතෙමේ මේ උතුම් සීලයෙන් යුක්තවූයේ තම සන්තානයෙහි නිරවද්‍යවූ සැපය විඳින්නේය.
“හෙතෙමේ, ඇසින් රූපයක් දැක, එය නිමිති වශයෙන් නොගනී. නැවත නැවත මතක් වන සේ සිතට නොගනී. යමක් හේතුකොටගෙන ලෝභ, ද්වේෂ අකුශල ධර්මයෝ හිතට ඇතුල් වන්නාහුද, එහි සංවරය පිණිස ඔහු පිළිපදී. ඔහු තමාගේ චක්ෂු ඉන්ද්රියය රකී, චක්ෂු ඉන්ද්රියයෙහි සංවරයට පැමිණේ.
“කණින් ශබ්දයක් අසා එය නිමිති වශයෙන් නොගනී. නැවත නැවත මතක්වනසේ නොගනී යමක් හේතුකොටගෙන ශ්රොතෙන්ද්රිය (කන්) අසංවරව වසන්නහුට ලෝභ ද්වේෂ අකුශල ධර්මයෝ උපදිත්ද, ඒ ශ්‍රොත ඉන්ද්රියයෙහි සංවරය පිණිස පිළිපදියි. ශ්‍රොත ඉන්ද්රියය රකී. ශ්‍රොත ඉන්ද්රියයෙහි සංවරයට පැමිණෙයි.
“නාසයෙන් ගඳක් ආඝ්‍රාණය කොට එය නිමිති වශයෙන් නොගනී. නැවත නැවත මතක්වනසේ සිතට නොගනී. යමක් හේතුකොටගෙන ඝ්රානෙන්ද්රියය (නාසය) අසංවරව වාසය කරන්නහුට ලෝභ ද්වේෂ අකුශල ධර්මයෝ උපදිත්ද, එහි සංවරය පිණිස පිළිපදියි. ඝානෙන්ද්රියය රකියි. ඝානෙන්ද්රියයාගේ සංවරයට පැමිණෙයි. දිවෙන් රසයක් විඳ එය අරමුණු වශයෙන් නොගනී. නැවත නැවත මතක් වනසේ සිතට නොගනී. යමක් හේතුකොටගෙන ජිව්හේන්ද්රියය සංවර නොකොට වාසය කරන්නාහට ලෝභ ද්වේෂ අකුශල ධර්මයෝ උපදිත්ද එහි සංවරය පිණිස පිළිපදියි. ජිව්හේන්ද්රියය (දිව) ආරක්ෂා කරයි. ජිව්හේන්ද්රියයෙහි සංවරයට පැමිණෙයි.
“කයින් පහසක් ස්පර්ශකොට නිමිති වශයෙන් නොගනියි. නැවත නැවත මතක්වනසේ සිතට නොගනියි. යමක් හේතු කොට කායෙන්ද්රියය අසංවරව වාසය කරන්නහුට ලෝභ ද්වේෂ අකුසල ධර්මයෝ උපදිත්ද, ඒ කායෙන්ද්රියය සංවරය පිණිස පිළිපදියි. කායෙන්ද්රියය ආරක්ෂාකරයි. කායෙන්ද්රියේ සංවරයට පැමිණෙයි. සිතින් ධර්මාරම්මණයක් දැන නිමිති වශයෙන් නොගනී. නැවත නැවතත් මතක්වනසේ සිතට නොගනී. යම් හෙයකින් සිත අසංවරව වාසය කරන්නහුට ලෝභ ද්වේෂ අකුශල ධර්මයෝ උපදිත්ද, ඒ මනින්ද්රියය (සිත) සංවරය පිණිස පිළිපදියි. මනින්ද්රියය රකී. මනින්ද්රියයෙහි සංවරයට පැමිණෙයි. හෙතෙමේ මේ උතුම් ඉන්ද්රිය සංවරයෙන් යුක්ත වූයේ තම සන්තානයෙහි කෙලෙසුන්ගෙන් තෙත් නොවූ සැපය විඳින්නේය.
“හෙතෙමේ ඉදිරියට යාමෙහිද, ආපසු යාමෙහිද, නුවණින් යුක්තවූයේ වෙයි. ඉදිරිපස බැලීමෙහිද හැරී බැලීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. අත් පා පැකිලීමෙහිද දිගු කිරීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. සඟළ සිවුරු සහ පාත්‍රා, සිව්රු දැරීමෙහි නුවණින් යුක්තවූයේ වෙයි.
අනුභව කිරීමය, පානය කිරීමය, රස විඳීමය යන මෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. මල මුත්‍ර පහකිරීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. යෑම්, සිටීම්, හිඳීම්, සැතපීම්, නිදි තොර කිරීම්, කථාකිරීම්, නිශ්ශබ්ද වීම් යන මෙහිද නුවණින් යුක්තවූයේ වෙයි.
|
412
‘‘සො ඉමිනා ච අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො, (ඉමාය ච අරියාය සන්තුට්ඨියා සමන්නාගතො)
(පස්ස ම. නි. 1.296 චූළහත්ථිපදොපමෙ), ඉමිනා ච අරියෙන ඉන්ද්රියසංවරෙන සමන්නාගතො, ඉමිනා ච අරියෙන සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො, විවිත්තං සෙනාසනං භජති - අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජං. සො පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා, උජුං කායං පණිධාය, පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො අභිජ්ඣං ලොකෙ පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරති, අභිජ්ඣාය චිත්තං පරිසොධෙති; බ්යාපාදපදොසං පහාය
|
412
“උතුම්වූ මේ සීලසමූහයෙන් යුක්තවූද, උතුම්වූ මේ ඉන්ද්රිය සංවරයෙන් යුක්තවූද, මේ උතුම්වූ සතිසම්පජඤ්ඤයෙන් යුක්තවූද, ඒ භික්ෂු තෙමේ කැලයද, ගහක් මුලද, පර්වතද, කඳුරැලිද, ගල් ගුහාද, සොහොන්ද, ඉතා දුරවූ කැලෑද, හිස් තැන්ද, පිදුරු ගොඩවල්ද යන මේ විවේක සෙනාසන භජනය කෙරෙයි. ඔහු පසුබත් කාලයෙහි පිණ්ඩපාත ආහාරයෙන් වැළකුණේ, පර්‍ය්‍යංක බැඳ, ශරීරය කෙළින් තබා සිත අරමුණෙහි පිහිටුවා හිඳගනියි.
“ඔහු ස්කන්ධ ලෝකයෙහි ලෝභය පහකොට ලෝභ රහිත සිතින් යුක්තව වාසය කෙරේ. ලෝභයෙන් සිත පිරිසිදු කෙරේ. සිත කෙලසන්නාවූ ක්‍රෝධය පහකොට, ක්‍රෝධයෙන් දුරුවූ සිත් ඇතිව වාසය කරයි. සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කරයි. ක්‍රෝධයෙන් සිත පිරිසිදු කෙරේ. කාය චිත්ත දෙදෙනාගේ අලස බව දුරු කොට කය-සිත පිළිබඳ පහවූ අලස බව ඇත්තේ ආලෝක සංඥා ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් ප්‍රඥා ඇත්තෙක්ව ථිනමිද්ධයෙන් සිත පිරිසිදු කෙරේ. නොසන්සුන්කම හා පසුතැවීම දුරු කොට, සංසිඳුනු සිත් ඇතිව වාසය කෙරේ. ඇතුළත සංසිඳුනු සිත් ඇත්තේ, උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කෙරේ. සැකය දුරු කොට, පහකළ සැක ඇත්තේ, කුශල ධර්ම විෂයෙහි එසේද මෙසේදැයි සැක නැතිව විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කෙරේ.
|
413
‘‘සො
|
413
“හෙතෙම සිත කිලුටු කරන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ මේ පංචනීවරණයන් දුරුකොට, කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් ඇතුලත පැහැදීම ඇති, හිතේ එකඟ බව ඇති, විතර්ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම ප්‍රීතියෙහිද නොඇලීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කරයි. සිහියෙන් යුක්ත වූයේ, නුවණින් යුක්තවූයේ ශරීරයෙන් සුවය විඳින්නේද, ආර්‍ය්‍යයෝ යම් ඒ ධ්‍යානයක් උපෙක්ෂා ඇති සිහි ඇති, සැප විහරණ ඇත්තේයයි කියද්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම සැපය දුරු කිරීමෙන්ද, දුක දුරු කිරීමෙන්ද (ධ්‍යානය ලැබීමට) පළමුව සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන්, දුක්ද නොවූ, සැපද නොවූ, උපෙක්ෂා සිහියෙන් පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයිද,
|
414
‘‘සො චක්ඛුනා රූපං දිස්වා පියරූපෙ රූපෙ න සාරජ්ජති, අප්පියරූපෙ රූපෙ න බ්යාපජ්ජති, උපට්ඨිතකායසති ච විහරති අප්පමාණචෙතසො. තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං පජානාති - යත්ථස්ස තෙ පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති. සො එවං අනුරොධවිරොධවිප්පහීනො
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
|
414
“හෙතෙම ඇසින් රූපය දැක, ප්‍රිය ස්වභාව ඇති රූප අරමුණෙහි නොඇලෙයි, අප්‍රිය ස්වභාව ඇති රූපයෙහි නොසතුටට නොපැමිණෙයි. ශරීරය පිළිබඳව සිහිය එළඹ සිටියේ, කුසල් සිත් ඇතිව වාසය කරයි. යම්තැනක ඔහුගේ ලාමකවූ අකුසල ධර්මයෝ සම්පූර්ණයෙන් විනාශ වෙද්ද, ඒ චිත්තවිමුක්තියද, ප්‍රඥා විමුක්තියද ඇති සැටියෙන් දනී. හෙතෙම මෙසේ රාග ද්වේෂ දෙකට නො පැමිණියේ, සැපවූද, දුක්වූද, උපෙක්ෂා සහගතවූද, යම්කිසි වේදනාවක් විඳීද, ඒ වේදනාව තෘෂ්ණා වශයෙන් ගෙන සතුටු නොවෙයි; සැපයයි නොකියයි. (තෘෂ්ණාවෙන්) ගැලී නොසිටියි. ඒ වේදනාවෙන් සතුටු නොවන්නාවූ, (මගේයයි) නොකියන්නාවූ ඔහුට තෘෂ්ණාව නූපදී. ඒ තෘෂ්ණාවගේ නිරුද්ධවීමෙන් (නැතිවීම) උපාදාන නිරෝධය වෙයි. උපාදානයන්ගේ නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙයි. භවය නිරුද්ධ වීමෙන් ජාතිය (උත්පත්තිය) නිරුද්ධ වෙයි. ජාතිය නිරුද්ධ වීමෙන් ජරා, මරණ, සොක, වැළපීම, කයෙහි දුක, සිතෙහි දුක, දැඩි වෙහෙස යන මොවුහු නිරුද්ධ (නැති) වෙත්. මෙසේ මේ සියලු දුක් රාසිය නැතිවීම වෙයි.
“හෙතෙම කණින් ශබ්දය අසා, ප්‍රිය ස්වභාව ඇති ශබ්දයෙහි නොසතුටට නොපැමිණෙයි. අප්‍රිය ස්වභාව ඇති ශබ්දයෙහි නොසතුටට නොපැමිණෙයි. ශරීරය පිළිබඳව සිහිය එළඹ සිටියේ, කුසල් සිත් ඇතිව වාසය කරයි. යම් තැනක ඔහුගේ ලාමකවූ අකුසල ධර්මයෝ සම්පූර්ණයෙන් විනාශ වෙද්ද, ඒ චිත්තවිමුක්තියද, ප්‍රඥා විමුක්තියද ඇති සැටියෙන් දනී. හෙතෙම මෙසේ රාග ද්වේෂ දෙකට නොපැමිණියේ, සැපවූද, දුක්වූද, උපෙක්ෂා සහගතවූද යම් කිසි වේදනාවක් විඳීද, ඒ වේදනාව තෘෂ්ණා වශයෙන් ගෙන සතුටු නොවෙයි, සැපයයි නොකියයි. (තෘෂ්ණාවෙන්) ගැලී නොසිටියි. ඒ වේදනාවෙන් සතුටු නොවන්නාවූ, (මගේයයි) නොකියන්නාවූ ඔහුට තෘෂ්ණාව නූපදී. ඒ තෘෂ්ණාවගේ නිරුද්ධ වීමෙන් (නැතිවීම) උපාදාන නිරෝධය වෙයි. උපාදානයන්ගේ නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙයි. භවය නිරුද්ධ වීමෙන් ජාතිය (උත්පත්තිය) නිරුද්ධ වෙයි. ජාතිය නිරුද්ධ වීමෙන් ජරා, මරණ, සොක වැළපීම, කයෙහි දුක, සිතෙහි දුක, දැඩි වෙහෙස යන මොවුහු නිරුද්ධ (නැති) වෙත්. මෙසේ මේ සියලු දුක් රාසිය නැතිවීම වෙයි.
“හෙතෙම නාසයෙන් ගන්ධය විඳ, ප්‍රිය ස්වභාව ඇති ගන්ධයෙහි නො ඇලෙයි. අප්‍රිය ස්වභාව ඇති ගන්ධයෙහි නොසතුටට නොපැමිණෙයි. ශරීරය පිළිබඳව සිහිය එළඹ සිටියේ, කුසල් සිත් ඇතිව වාසය කරයි. යම් තැනක ඔහුගේ ලාමකවූ අකුසල ධර්මයෝ සම්පූර්ණයෙන් විනාශ වෙද්ද, ඒ චිත්තවිමුක්තියද, ප්‍රඥා විමුක්තියද ඇති සැටියෙන් දනී. හෙතෙම මෙසේ රාග ද්වේෂ දෙකට නොපැමිණියේ, සැපවූද, දුක්වූද, උපෙක්ෂා සහගතවූද යම් කිසි වේදනාවක් විඳීද, ඒ වේදනාව තෘෂ්ණා වශයෙන් ගෙන සතුටු නොවෙයි. සැපයයි නොකියයි. (තෘෂ්ණාවෙන්) ගැලී නොසිටියි. ඒ වේදනාවෙන් සතුටු නොවන්නාවූ, (මගේ යයි) නොකියන්නාවූ ඔහුට තෘෂ්ණාව නූපදී. ඒ තෘෂ්ණාවගේ නිරුද්ධ වීමෙන් (නැතිවීම) උපාදාන නිරෝධය වෙයි. උපාදානයන්ගේ නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙයි. භවය නිරුද්ධ වීමෙන් ජාතිය (උත්පත්තිය) නිරුද්ධ වෙයි. ජාතිය නිරුද්ධ වීමෙන් ජරා, මරණ, සොක, වැළපීම, කයෙහි දුක, සිතෙහි දුක, දැඩි වෙහෙස යන මොවුහු නිරුද්ධ (නැති) වෙත්. මෙසේ මේ සියලු දුක් රාසිය නැතිවීම වෙයි.
“හෙතෙම දිවෙන් රසය විඳ, ප්‍රිය ස්වභාව ඇති රසයෙහි නොඇලෙයි. අප්‍රිය ස්වභාව ඇති රසයෙහි නොසතුටට නොපැමිණෙයි. ශරීරය පිළිබඳව සිහිය එළඹ සිටියේ, කුසල් සිත් ඇතිව වාසය කරයි. යම් තැනක ඔහුගේ ලාමකවූ අකුසල ධර්මයෝ සම්පූර්ණයෙන් විනාශ වෙද්ද, ඒ චිත්ත විමුක්තියද ප්‍රඥා විමුක්තියද ඇති සැටියෙන් දනී. හෙතෙම මෙසේ රාග ද්වේෂ දෙකට නොපැමිණියේ, සැපවූද, දුක්වූද, උපෙක්ෂා සහගතවූද යම් කිසි වේදනාවක් විඳීද, ඒ වේදනාව තෘෂ්ණා වශයෙන් ගෙන සතුටු නොවෙයි. සැපයයි නොකියයි, (තෘෂ්ණාවෙන්) ගැලී නොසිටියි. ඒ වේදනාවෙන් සතුටු නොවන්නාවූ, (මගේයයි) නොකියන්නාවූ ඔහුට තෘෂ්ණාව නූපදී. ඒ තෘෂ්ණාවගේ නිරුද්ධ වීමෙන් (නැතිවීම) උපාදාන නිරෝධය වෙයි. උපාදානයන්ගේ නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙයි. භවය නිරුද්ධවීමෙන් ජාතිය (උත්පත්තිය) නිරුද්ධ වෙයි. ජාතිය නිරුද්ධවීමෙන් ජරා, මරණ, සොක, වැළපීම, කයෙහි දුක, සිතෙහි දුක, දැඩි වෙහෙස යන මොවුහු නිරුද්ධ (නැති) වෙත්. මෙසේ මේ සියලු දුක් රාසිය නැතිවීම වෙයි.
“හෙතෙම කයින් ස්පර්ශයක් විඳ, ප්‍රිය ස්වභාව ඇති ස්පර්ශයෙහි නො ඇලෙයි. අප්‍රිය ස්වභාව ඇති ස්පර්ශයෙහි නොසතුටට නොපැමිණෙයි. ශරීරය පිළිබඳව සිහිය එළඹ සිටියේ, කුසල් සිත් ඇතිව වාසය කරයි. යම් තැනක ඔහුගේ ලාමකවූ අකුසල ධර්මයෝ සම්පූර්ණයෙන් විනාශ වෙද්ද, ඒ චිත්ත විමුක්තියද ප්‍රඥා විමුක්තියද ඇති සැටියෙන් දනී. හෙතෙම මෙසේ රාග ද්වේෂ දෙකට නොපැමිණියේ, සැපවූද, දුක්වූද, උපෙක්ෂා සහගතවූද, යම් කිසි වේදනාවක් විඳීද, ඒ වේදනාව තෘෂ්ණා වශයෙන් ගෙන සතුටු නොවෙයි. සැපයයි නොකියයි. (තෘෂ්ණාවෙන්) ගැලි නොසිටියි. ඒ වේදනාවෙන් සතුටු නොවන්නාවූ, (මගේයයි) නොකියන්නාවූ ඔහුට තෘෂ්ණාව නූපදී. ඒ තෘෂ්ණාවගේ නිරුද්ධවීමෙන් (නැතිවීම) උපාදාන නිරෝධය වෙයි. උපාදානයන්ගේ නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙයි. භවය නිරුද්ධ වීමෙන් ජාතිය (උත්පත්තිය) නිරුද්ධ වෙයි. ජාතිය නිරුද්ධ වීමෙන් ජරා, මරණ, සොක, වැළපීම, කයෙහි දුක, සිතෙහි දුක, දැඩි වෙහෙස යන මොවුහු නිරුද්ධ (නැති) වෙත්. මෙසේ මේ සියලු දුක් රාසිය නැතිවීම වෙයි.
“හෙතෙම සිතින් ධර්ම අරමුණක් විඳ ප්‍රිය ස්වභාව ඇති ධර්මයෙහි නොඇලෙයි. අප්‍රිය ස්වභාව ඇති ධර්මයෙහි නොසතුටට නොපැමිණෙයි. ශරීරය පිළිබඳව සිහිය එළඹ සිටියේ, කුසල් සිත් ඇතිව වාසය කරයි. යම් තැනක ඔහුගේ ලාමකවූ අකුසල ධර්මයෝ සම්පූර්ණයෙන් විනාශ වෙද්ද, ඒ චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද ඇති සැටියෙන් දනී. හෙතෙම මෙසේ රාග ද්වේෂ දෙකට නොපැමිණියේ, සැපවූද, දුක්වූද, උපෙක්ෂා සහගතවූද යම් කිසි වේදනාවක් විඳීද, ඒ වේදනාව තෘෂ්ණා වශයෙන් ගෙන සතුටු නොවෙයි, සැපයයි නොකියයි. (තෘෂ්ණාවෙන්) ගැලී නොසිටියි. ඒ වේදනාවෙන් සතුටු නොවන්නාවූ, (මගේයයි) නොකියන්නාවූ ඔහුට තෘෂ්ණාව නූපදී. ඒ තෘෂ්ණාවගේ නිරුද්ධ වීමෙන් (නැතිවීම) උපාදාන නිරෝධය වෙයි. උපාදානයන්ගේ නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙයි. භවය නිරුද්ධ වීමෙන් ජාති (උත්පත්තිය) නිරුද්ධ වෙයි. ජාතිය නිරුද්ධ වීමෙන් ජරා, මරණ, සොක, වැළපීම්, කයෙහි දුක, සිතෙහි දුක, දැඩි වෙහෙස යන මොවුහු නිරුද්ධ (නැති) වෙත්. මෙසේ මේ සියලු දුක් රාසිය නැතිවීම වෙයි.
“මහණෙනි, තොපි මා විසින් සංක්ෂෙපයෙන් දේශනා කරනලද තෘෂ්ණාක්ෂයවිමුක්ති ධර්මය නිතර දරව්, කෙවට්ට පුත්‍ර වූ සාති භික්ෂුව මහත් තෘෂ්ණා නැමැති දැලෙහි තෘෂ්ණා නැමැති අවුලෙහි ගැළුණෙකු කොට සලකව්.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටු වූහ.
|
9. මහාඅස්සපුරසුත්තං | 9. මහා අස්සපුර සූත්‍රය |
415
එවං
‘‘සමණා සමණාති වො, භික්ඛවෙ, ජනො සඤ්ජානාති. තුම්හෙ ච පන ‘කෙ තුම්හෙ’ති පුට්ඨා සමානා ‘සමණාම්හා’ති පටිජානාථ; තෙසං වො, භික්ඛවෙ, එවංසමඤ්ඤානං සතං එවංපටිඤ්ඤානං සතං ‘යෙ ධම්මා සමණකරණා ච බ්රාහ්මණකරණා ච තෙ ධම්මෙ සමාදාය වත්තිස්සාම, එවං නො අයං අම්හාකං සමඤ්ඤා ච සච්චා භවිස්සති පටිඤ්ඤා ච භූතා. යෙසඤ්ච මයං චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරං පරිභුඤ්ජාම, තෙසං තෙ කාරා අම්හෙසු මහප්ඵලා භවිස්සන්ති මහානිසංසා, අම්හාකඤ්චෙවායං පබ්බජ්ජා අවඤ්ඣා භවිස්සති සඵලා සඋද්‍රයා’ති. එවඤ්හි වො, භික්ඛවෙ, සික්ඛිතබ්බං.
|
415
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ අඟු දනව් වැසියන්ගේ අස්සපුර නම් නියම්ගමෙහි වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි’යි කියා භික්ෂූන්ට කථා කළහ. “ස්වාමීනි” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. ‘මහණෙනි, මහජනයා තොප ශ්‍රමණයෝය, ශ්‍රමණයෝය’ කියා හඳුනයි. තොපිදු ‘තෙපි කවරහුදැ’යි විචාරණ ලද්දාහු, ‘අපි ශ්‍රමණයෝ වෙමු’යි ප්‍රතිඥා කරන්නහුය. මහණෙනි, මෙසේ හඳුනනු ලබන්නාවූ, මෙසේ ප්‍රතිඥා කරන්නාවූ ඒ තොපගේ ශ්‍රමණ බව ඇතිකරන්නාවූද, බ්‍රාහ්මණ බව ඇතිකරන්නාවූද යම් ධර්ම කෙනෙක් වෙද්ද, ඒ ධර්මයන් සමාදන්ව පවතින්නෙමු නම් මෙසේ ඒ හැඳින්වීම සත්‍යවන්නේය. අපගේ ප්‍රතිඥාවද ඇත්තක් වන්නේය. අපි යම් කෙණෙකුන්ගේ සිව්රු, පිණ්ඩපාතය, සේනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකර වළඳමුද අප විෂයෙහි කරන්නාවූ ඔවුන්ගේ ඒ සත්කාරයෝ මහත් ඵල, මහත් අනුසස් වන්නාහ. අපගේද මේ මහණකම හිස් නොවූ, ඵල සහිතවූ, වැඩීම් සහිතවූ එකක් වන්නේය’යි මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය.
|
416
‘‘කතමෙ ච, භික්ඛවෙ, ධම්මා සමණකරණා ච බ්රාහ්මණකරණා ච? ‘හිරොත්තප්පෙන සමන්නාගතා භවිස්සාමා’ති එවඤ්හි වො, භික්ඛවෙ, සික්ඛිතබ්බං. සියා ඛො පන, භික්ඛවෙ, තුම්හාකං එවමස්ස - ‘හිරොත්තප්පෙනම්හ සමන්නාගතා
|
416
“මහණෙනි, ශ්‍රමණ බව කරන්නාවූද, බ්‍රාහ්මණ බව කරන්නාවූද. ධර්මයෝ කවරහුද? ‘හිරි ඔතප් (ලජ්ජා, භය) දෙකින් යුක්ත වූවෝ වන්නෙමු’යි මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි. මහණෙනි, තොපට මෙබඳු අදහසක් විය හැක්කේය. ‘අපි හිරි ඔතප් දෙකින් යුක්තවීමු. මේ ප්‍රමාණ වන්නේය. මෙපමණකින් කටයුතු කෙළෙමු. අප විසින් මහණකමෙහි පල ලබනලදී. මින්පසු කළයුත්තක් නැතැ’යි තෙපි මෙපමණකින්ම සතුටට පැමිණිය හැකිය.
“මහණෙනි, තොපට කියමි. මහණෙනි, තොපට දන්වමි. මත්තෙහි කටයුතු ඇති කල්හි මහණකමින් පල ලබනු කැමති තොපගේ මහණකමෙහි පලය නොපිරිහේවා.
|
417
‘‘කිඤ්ච, භික්ඛවෙ, උත්තරිං කරණීයං? ‘පරිසුද්ධො නො කායසමාචාරො
|
417
“මහණෙනි, මත්තෙහි කටයුතු නම් කුමක්ද? ‘අපගේ කයින් හැසිරීම පිරිසිදු වන්නේය. ප්රකටය. නොවැසුනේය. සිදුරු නැත්තේය. සංවර වූයේය. ඒ කයින් පිරිසුදු බව ඇතිකම නිසා තමන් උසස්කොට නොදකින්නෙමු, අනුන් පහත් කොට නොදකින්නෙමු’යි මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.
“මහණෙනි, තොපට මෙබඳු අදහසක් වියහැකිය. ‘අපි හිරි ඔතප් දෙකින් යුක්තවූවෝ වෙමු. අපගේ කයින් හැසිරීම පිරිසිදුය. මෙපමණක් ඇත. මෙපමණකින් කටයුතු කළෝ වෙමු. අප විසින් මහණ කමෙහි ඵලය ලබනලදී. අපට මත්තෙහි කළයුතු කිසිවක් නැතැ’යි තෙපි මෙපමණකින් සතුටට පැමිණිය හැකිය.
“මහණෙනි, තොපට කියමි. මහණෙනි, තොපට දන්වමි. මහණෙනි, මත්තෙහි කටයුතු ඇතිකල්හි මහණකමින් පල ලබනු කැමති තොපගේ මහණකමෙහි පලය නොපිරිහේවා
|
418
‘‘කිඤ්ච, භික්ඛවෙ, උත්තරිං කරණීයං? ‘පරිසුද්ධො නො වචීසමාචාරො භවිස්සති උත්තානො විවටො න ච ඡිද්දවා සංවුතො ච. තාය ච පන පරිසුද්ධවචීසමාචාරතාය නෙවත්තානුක්කංසෙස්සාම න පරං වම්භෙස්සාමා’ති එවඤ්හි වො, භික්ඛවෙ, සික්ඛිතබ්බං. සියා ඛො පන, භික්ඛවෙ, තුම්හාකං එවමස්ස - ‘හිරොත්තප්පෙනම්හ සමන්නාගතා, පරිසුද්ධො නො කායසමාචාරො, පරිසුද්ධො වචීසමාචාරො; අලමෙත්තාවතා කතමෙත්තාවතා, අනුප්පත්තො නො සාමඤ්ඤත්ථො, නත්ථි නො කිඤ්චි උත්තරිං කරණීය’න්ති තාවතකෙනෙව තුට්ඨිං ආපජ්ජෙය්යාථ. ආරොචයාමි වො
|
418
“මහණෙනි, මත්තෙහි කටයුතු නම් කුමක්ද අපගේ වචනයේ පැවැත්ම පිරිසිදුය, ප්රකටය, නොවැසුනේය. සිදුරු නැත්තේය සංවර වූයේය ඒ පිරිසිදු වචන ඇති බැවින් තමන් උසස්කොට නොදක්නෙමු, අනුන් පහත් කොට නොදක්නෙමු’යි මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.
“මහණෙනි, තොපට මෙබඳු අදහසක් වියහැකිය. ‘අපි හිරි ඔතප් දෙකින් යුක්තවූවෝ වෙමු. අපගේ කයින් හැසිරීම පිරිසිදුය වචනයේ පැවැත්ම පිරිසිදුය මෙපමණක් ඇත. මෙපමණකින් කටයුතු කරණලදී. අප විසින් මහණ කමෙහි ඵල ලබනලදී. අපට මින්පසු කළයුතු කිසිවක් නැතැ මෙපමණකින් සතුටට පැමිණිය හැකිය.
“මහණෙනි, තොපට කියමි. තොපට දන්වමි. මහණෙනි, මත්තෙහි කටයුතු ඇති කල්හි, මහණකමින් පල ලබනු කැමති තොපගේ මහණකමෙහි පලය නොපිරිහේවා,
|
419
‘‘කිඤ්ච, භික්ඛවෙ, උත්තරිං කරණීයං? ‘පරිසුද්ධො නො මනොසමාචාරො භවිස්සති උත්තානො විවටො න ච ඡිද්දවා සංවුතො ච. තාය ච පන
|
419
“මහණෙනි, මත්තෙහි කටයුතු කුමක්ද? ‘අපගේ සිතේ පැවැත්ම පිරිසිදුය, ප්රකටය, නොවැසුනේය, සිදුරු නැත්තේය, සංවරවූයේය. ඒ පිරිසිදු සිතේ පැවැත්ම ඇති බැවින් තමන් උසස්කොට නොදකින්නෙමු. අනුන් පහත්කොට නොදකින්නෙමු’යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.
“මහණෙනි, තොපට මෙබඳු අදහසක් විය හැකිය. ‘අපි හිරි ඔතප් දෙකින් යුක්තවුවෝ වෙමු. අපගේ කයේ පැවැත්ම පිරිසිදුය. වචනයේ පැවැත්ම පිරිසිදුය. සිතේ පැවැත්ම පිරිසිදුය. මෙපමණක් ඇත. මෙපමණකින් කටයුතු කරනලදී. අප විසින් මහණකමෙහි පල ලබනලදී. අපට මත්තෙහි කළයුතු කිසිවක් නැතැ’යි මෙපමණකින් සතුටට පැමිණිය හැකිය.
“මහණෙනි, තොපට කියමි. මහණෙනි, තොපට දන්වමි. තොපට මත්තෙහි කටයුතු ඇති කල්හි, මහණකමින් පල ලබනු කැමති තොපගේ මහණකමෙහි පලය නොපිරිහේවා.
|
420
‘‘කිඤ්ච, භික්ඛවෙ, උත්තරිං කරණීයං? ‘පරිසුද්ධො නො ආජීවො භවිස්සති උත්තානො විවටො න ච ඡිද්දවා සංවුතො ච. තාය ච පන පරිසුද්ධාජීවතාය නෙවත්තානුක්කංසෙස්සාම න පරං වම්භෙස්සාමා’ති එවඤ්හි වො, භික්ඛවෙ, සික්ඛිතබ්බං. සියා ඛො පන, භික්ඛවෙ, තුම්හාකං එවමස්ස - ‘හිරොත්තප්පෙනම්හ සමන්නාගතා, පරිසුද්ධො නො කායසමාචාරො, පරිසුද්ධො වචීසමාචාරො, පරිසුද්ධො මනොසමාචාරො, පරිසුද්ධො ආජීවො; අලමෙත්තාවතා
|
420
“මහණෙනි, මත්තෙහි කටයුතු කුමක්ද? ‘අපගේ ජීවිකාව පිරිසිදුය, ප්රකටය, නොවැසුණේය, සිදුරු නැත්තේය, සංවර කරන ලද්දේය. ඒ පිරිසිදු ජීවිකාව ඇති බැවින් තමන් උසස් කොට නොදක්නෙමු. අනුන් පහත්කොට නොදක්නෙමු’යි මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.
“මහණෙනි, තොපට මෙබඳු අදහසක් විය හැකිය. ‘අපි හිරි ඔතප් දෙකින් යුක්තවූවෝ වෙමු. අපගේ කයේ පැවැත්ම පිරිසිදුය. වචනයේ පැවැත්ම පිරිසිදුය. සිතේ පැවැත්ම පිරිසිදුය. ජීවිකාව පිරිසිදුය. මෙපමණක් ඇත. මෙපමණකින් කටයුතු කරනලදී. අප විසින් මහණකමෙහි පල ලබන ලදී. අපට මත්තෙහි කළයුතු කිසිවක් නැතැ’යි මෙපමණකින් සතුටට පැමිණිය හැකිය.
“මහණෙනි, තොපට කියමි. මහණෙනි, තොපට දන්වමි. තොපට මත්තෙහි කටයුතු ඇති කල්හි මහණකමින් පල ලබනු කැමති තොපගේ මහණ කමේ පලය නොපිරිහේවා.
|
421
‘‘කිඤ්ච, භික්ඛවෙ, උත්තරිං කරණීයං? ‘ඉන්ද්රියෙසු ගුත්තද්වාරා භවිස්සාම; චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජිස්සාම, රක්ඛිස්සාම චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජිස්සාම. සොතෙන සද්දං සුත්වා...පෙ.... ඝානෙන ගන්ධං ඝායිත්වා...පෙ.... ජිව්හාය රසං සායිත්වා...පෙ.... කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා...පෙ.... මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජිස්සාම, රක්ඛිස්සාම මනින්ද්රියං, මනින්ද්රියෙ සංවරං ආපජ්ජිස්සාමා’ති එවඤ්හි වො, භික්ඛවෙ, සික්ඛිතබ්බං. සියා ඛො පන, භික්ඛවෙ, තුම්හාකං එවමස්ස - ‘හිරොත්තප්පෙනම්හ
|
421
“මහණෙනි, මත්තෙහි කටයුතු කුමක්ද? ‘ඉන්ද්රියයන්හි වසන ලද දොරවල් ඇත්තෝ වන්නෙමු. ඇසින් රූපය දැක සිතට නොගන්නේ, නැවත නැවත මතක් වනසේ සිතට නොගන්නේ මේ චක්ෂුරෙන්ද්රිය (ඇස) අසංවරව වාසය කරන්නාහට යමක් හේතු කොට ගෙන ලෝභ ද්වේෂ ආදී අකුශල ධර්මයෝ රැස් වන්නාහුද, ඒ චක්ෂුරින්ද්රියයාගේ සංවරය පිණිස පිළිපදින්නෙමු. චක්‍ෂුරින්‍ද්‍රිය රකින්නෙමු. චක්ෂුරින්ද්රියෙහි සංවරයට පැමිණෙන්නෙමු.
“කණින් ශබ්දය අසා සිතට නොගන්නේ තදින් සිතට නොගන්නේ, මේ සොත ඉන්ද්රියය අසංවරව වාසය කරන්නාහට යමක් හේතු කොට ගෙන ලෝභ දොස අකුශල ධර්මයෝ රැස්වන්නාහුද, ඒ සොත ඉන්ද්රියයාගේ සංවරය පිණිස පිළිපදින්නෙමු. ඒ සොත ඉන්ද්රියය රකින්නෙමු. ඒ සොත ඉන්ද්රියයෙහි සංවරයට පැමිණෙන්නෙමු.
“නාසයෙන් ගන්ධය දැන එය සිතට නොගන්නේ, තදින් සිතට නොගන්නේ, මේ ඝාණ ඉන්ද්රියය අසංවරව වාසය කරන්නාහට යමක් හේතු කොට ගෙන ලෝභ දොස ආදී අකුශල ධර්මයෝ රැස්වන්නාහුද, ඒ ඝාණ ඉන්ද්රියය සංවරය පිණිස පිළිපදින්නෙමු. ඒ ඝාණ ඉන්ද්රිය රකින්නෙමු. ඒ ඝාණ ඉන්ද්රියයෙහි සංවරයට පැමිණෙන්නෙමු.
“දිවෙන් රසය විඳ එය සිතට නොගන්නේ, තදින් සිතට නොගන්නේ, මේ ජිව්හා ඉන්ද්රියය අසංවරව වාසය කරන්නාහට යමක් හේතු කොට ගෙන දැඩි ආසාව හා කලකිරීම ආදී අකුසල ධර්මයෝ රැස්වන්නාහුද, ඒ ජිව්හා ඉන්ද්රියය සංවරය පිණිස පිළිපදින්නෙමු. ඒ ජිව්හා ඉන්ද්රියය රකින්නෙමු. ඒ ජිව්හා ඉන්ද්රියයෙහි සංවරයට පැමිණෙන්නෙමු.
“කයින් ස්පර්ශයක් විඳ එය සිතට නොගන්නේ, තදින් සිතට නොගන්නේ, මේ කාය ඉන්ද්රියය අසංවරව වාසය කරන්නාහට යමක් හේතු කොට ගෙන ලෝභ දොස ආදි අකුශල ධර්මයෝ රැස්වන්නාහුද, ඒ කාය ඉන්ද්රියය සංවරය පිණිස පිළිපදින්නෙමු. ඒ කාය ඉන්ද්රියය රකින්නෙමු. ඒ කාය ඉන්ද්රියයෙහි සංවරයට පැමිණෙන්නෙමු.
“සිතින් යම් (ධර්ම) අරමුණක් දැන එය සිතට නොගන්නේ, තදින් සිතට නොගන්නේ, මේ මනො ඉන්ද්රියය අසංවරව වාසය කරන්නාහට යමක් හේතු කොට ගෙන ලෝභ දොස ආදී අකුශල ධර්මයෝ රැස්වන්නාහුද, ඒ මනො ඉන්ද්රිය සංවරය පිණිස පිළිපදින්නෙමු. ඒ මනො ඉන්ද්රියය රකින්නෙමු. ඒ මනො ඉන්ද්රියයෙහි සංවරයට පැමිණෙන්නෙමු’යි මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතුය.
“මහණෙනි, තොපට මෙබඳු අදහසක් විය හැකිය. ‘අපි හිරි ඔතප් දෙකින් යුක්තයෝ වෙමු. අපගේ කයේ පැවැත්ම පිරිසිදුය. වචනයේ පැවැත්ම පිරිසිදුය. සිතේ පැවැත්ම පිරිසිදුය. ජීවිකාව පිරිසිදුය. ඉන්ද්රියයන්හි වසනලද දොරවල් ඇත්තෙමු. මෙපමණක් ඇත. මෙපමණකින් කටයුතු කරන ලදී. අප විසින් මහණකමෙහි ඵලය ලබනලදී. අපට මත්තෙහි කළයුතු කිසිවක් නැතැ’යි මෙපමණකින් සතුටට පැමිණිය හැකිය.
“මහණෙනි, තොපට කියමි. මහණෙනි, තොපට දන්වමි. මත්තෙහි කටයුතු ඇතිකල්හි, මහණකමින් පල ලබනු කැමති තොපගේ මහණකමෙහි පලය නොපිරිහේවා,
|
422
‘‘කිඤ්ච, භික්ඛවෙ, උත්තරිං කරණීයං? ‘භොජනෙ මත්තඤ්ඤුනො භවිස්සාම, පටිසඞ්ඛා යොනිසො ආහාරං ආහරිස්සාම, නෙව දවාය න මදාය න මණ්ඩනාය න විභූසනාය යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය, විහිංසූපරතියා, බ්රහ්මචරියානුග්ගහාය, ඉති පුරාණඤ්ච වෙදනං පටිහඞ්ඛාම නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාම, යාත්‍රා ච නො භවිස්සති, අනවජ්ජතා ච, ඵාසු විහාරො චා’ති එවඤ්හි වො, භික්ඛවෙ, සික්ඛිතබ්බං. සියා ඛො පන, භික්ඛවෙ, තුම්හාකං එවමස්ස - ‘හිරොත්තප්පෙනම්හ සමන්නාගතා, පරිසුද්ධො නො කායසමාචාරො, පරිසුද්ධො වචීසමාචාරො, පරිසුද්ධො මනොසමාචාරො, පරිසුද්ධො ආජීවො, ඉන්ද්රියෙසුම්හ ගුත්තද්වාරා, භොජනෙ මත්තඤ්ඤුනො; අලමෙත්තාවතා කතමෙත්තාවතා, අනුප්පත්තො නො සාමඤ්ඤත්ථො, නත්ථි නො කිඤ්චි උත්තරිං කරණීය’න්ති තාවතකෙනෙව තුට්ඨිං ආපජ්ජෙය්යාථ. ආරොචයාමි වො, භික්ඛවෙ, පටිවෙදයාමි වො, භික්ඛවෙ - ‘මා වො, සාමඤ්ඤත්ථිකානං සතං සාමඤ්ඤත්ථො පරිහායි සති උත්තරිං කරණීයෙ’.
|
422
“මහණෙනි, මත්තෙහි කටයුතු කුමක්ද? ‘භොජනයෙහි පමණ දන්නෝ වන්නෙමු. නුවණින් සලකා බලා ආහාර අනුභව කරන්නෙමු. (ඒ අනුභවය) ක්‍රීඩා පිණිස නොවෙයි. මද වැඩීම පිණිස නොවෙයි. සැරසීම පිණිස නොවෙයි, අලංකාරය පිණිස නොවෙයි. යම්තම් මේ ශරීරයාගේ පැවැත්ම පිණිස යැපීම පිණිස, හිංසා දුරලීම පිණිස, බ්‍රහ්මචරියාවට අනුග්‍රහ පිණිසය. මෙසේ පැරණි වේදනාවන් නසන්නෙමි. අලුත් වේදනාවන් නො උපදවන්නෙමි, මාගේ දිවි පැවැත්මද වන්නේය. නිවරැදි බවද, සැප විහරණයද වන්නේය’ (කියායි) මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.
“මහණෙනි, තොපට මෙබඳු අදහසක් විය හැකිය. ‘අපි හිරි ඔතප් දෙකින් යුක්ත වෙමු. අපගේ කයේ පැවැත්ම පිරිසිදුය, වචනයේ පැවැත්ම පිරිසිදුය, සිතේ පැවැත්ම පිරිසිදුය, ජීවිකාව පිරිසිදුය, ඉන්ද්රියයන්හි වසනලද දොරවල් ඇත්තෙමු, භොජනයෙහි පමණ දැන වළඳන්නෙමු, මෙපමණක් ඇත මෙපමණකින් සිව් මග කටයුතු කරනලදී. අප විසින් මහණකමෙහි පල ලබනලදී. අපට මත්තෙහි කළයුතු කිසිවක් නැතැ’යි මෙපමණකින් සතුටට පැමිණිය හැකිය.
“මහණෙනි, තොපට කියමි තොපට දන්වමි. මහණෙනි, මත්තෙහි කටයුතු ඇතිකල්හි, මහණකමින් පල ලබනු කැමති තොපගේ මහණකමෙහි පලය නොපිරිහේවා.
|
423
‘‘කිඤ්ච
|
423
“මහණෙනි, මත්තෙහි කටයුතු කුමක්ද? ‘නිදි තොරකිරීමෙහි යෙදුනෝ වන්නෙමු. දවල් කාලය මුලුල්ලෙහි සක්මන් කිරීමෙන් හිඳීමෙන් නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරන්නෙමු. රාත්‍රියෙහි ප්‍රථම යාමය සක්මනින්ද, හිඳීමෙන්ද, නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරන්නෙමු. රාත්‍රියෙහි මධ්‍යම යාමය දකුණු ඇලයෙන් දකුණු පයෙහි වම් පය මදක් ඇද තබා සිහියෙන් යුක්තව, හොඳ ප්‍රඥාව ඇතිව, නැගිටිමි යන සංඥාව සිත්හි තබාගෙන සිංහසෙය්‍යාවෙන් සැතපෙන්නෙමු. රාත්‍රියෙහි අන්තිම යාමයෙහි නැගිට සක්මන් කිරීමෙන්ද, හිඳීමෙන්ද, නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරන්නෙමු’යි මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.
“මහණෙනි, තොපට මෙබඳු අදහසක් විය හැකිය. ‘අපි හිරි ඔතප් දෙකින් යුක්තවූවෝ වෙමු. ‘අපගේ කායසමාචාරය පිරිසිදුය, වචීසමාචාරය පිරිසිදුය, මනොසමාචාරය පිරිසිදුය, ජීවිකාව පිරිසිදුය, ඉන්ද්රියයන්හි වසනලද දොරටු ඇත්තෝ වෙමු. භොජනයෙහි පමණ දැන වළඳන්නෝ වෙමු. නිදි තොර කිරීමෙහි යෙදුනෝ වෙමු. මෙපමණක් ඇත. මෙපමණකින් කටයුතු කරනලදී. අප විසින් මහණකමෙහි පල ලබන ලදී. අපට මත්තෙහි කළයුතු කිසිවක් නැත’යි මෙපමණකින් සතුටට පැමිණිය හැකිය.
“මහණෙනි, තොපට කියමි. මහණෙනි, තොපට දන්වමි තොපට මත්තෙහි කටයුතු ඇති කල්හි මහණකමින් පල ලබනු කැමති තොපගේ මහණකමෙහි පලය නොපිරිහේවා.
|
424
‘‘කිඤ්ච, භික්ඛවෙ, උත්තරිං කරණීයං? ‘සතිසම්පජඤ්ඤෙන සමන්නාගතා භවිස්සාම, අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී, ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී, සමිඤ්ජිතෙ පසාරිතෙ සම්පජානකාරී, සඞ්ඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී, අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී, උච්චාරපස්සාවකම්මෙ සම්පජානකාරී, ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජානකාරී’ති, එවඤ්හි වො, භික්ඛවෙ, සික්ඛිතබ්බං. සියා ඛො පන, භික්ඛවෙ, තුම්හාකං එවමස්ස
|
424
“මහණෙනි, මත්තෙහි කටයුතු කුමක්ද? ‘සිහියෙන් හා යහපත් ප්‍රඥාවෙන් යුක්තවූවෝ වන්නෙමු. ඉදිරි ගමනෙහිද, ආපසු ගමනෙහිද, නුවණින් ක්‍රියා කරන්නේය. ඉදිරි බැලීමෙහිද, වට පිට බැලීමෙහිද නුවණින් බලන්නේය. අත්පා හැකිලීමෙහිද දිගු කිරීමෙහිද මනා නුවණින් යුක්තව එසේ කරන්නේය. දෙපට සිවුරය, පාත්‍රය, සිවුරුය යන මේ දේ දැරීමෙහිද, මනා නුවණින් දැන එසේ කරන්නේය. අනුභව කිරීමය, පානය කිරීමය, වැළඳීමය, රස විඳීමය යන මෙහිද මනා නුවණින් යෙදී එසේ කරන්නේය. මල මුත්‍ර පහකිරීමද නුවණින් සලකා කරන්නේය. යෑම්, සිටීම්, හිඳීම්, සැතපීම්, නිදි තොරකිරීම්, කථා කිරීම්, නිශ්ශබ්දව සිටීම් යන මේ දේ මනා නුවණින් දැන එසේ කරන්නේය’යි මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතුය.
“මහණෙනි, තොපට මෙබඳු අදහසක් විය හැකිය, ‘අපි හිරි ඔතප් දෙකින් යුක්තවූවෝ වෙමු, අපගේ කාය සමාචාරය පිරිසිදුය, වචී සමාචාරය පිරිසිදුය, මනො සමාචාරය පිරිසිදුය, ජීවිකාව පිරිසිදුය, ඉන්ද්රියයන්හි වසන ලද දොරටු ඇත්තෝ වෙමු. භොජනයෙහි පමණ දැන වළඳන්නෝ වෙමු. නිදි තොර කිරීමෙහි යෙදුනෝ වෙමු. සිහියෙන් හා යහපත් නුවණින් යුක්තවූවෝ වෙමු. මෙපමණක් ඇත. මෙපමණකින් කටයුතු කරනලදී. අප විසින් මහණකමෙහි පල ලබනලදී. අපට මත්තෙහි කළයුතු කිසිවක් නැතැ’යි මෙපමණකින් සතුටට පැමිණිය හැකිය.
“මහණෙනි, තොපට කියමි, මහණෙනි, තොපට දන්වමි. තොපට මත්තෙහි කටයුතු ඇති කල්හි, මහණකමින් පල ලබනු කැමති තොපගේ මහණකමෙහි පලය නොපිරිහේවා.
|
425
‘‘කිඤ්ච, භික්ඛවෙ, උත්තරිං කරණීයං? ඉධ, භික්ඛවෙ, භික්ඛු විවිත්තං සෙනාසනං භජති - අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනප්පත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජං. සො පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා, උජුං කායං පණිධාය
|
425
“මහණෙනි, මත්තෙහි කටයුතු කුමක්ද? මේ ශාසනයෙහි මහණතෙම, ආරණ්‍ය සෙනාසනය, වෘක්ෂමූලය, පර්වතය, කඳුරැළිය, පර්වතගුහාය, සොහොනය, ඈත වන මැද සෙනාසනය, එළිමහනය, පිදුරු බිස්සය යන විවේක සෙනසුනක් සෙවනය කරයි. හෙතෙම බතින් පසුව පිණ්ඩපාතයෙන් වැළකුණේ පර්ය්යංකය බැඳ ශරීරය කෙලින් තබා සිහිය ඉදිරිකොට තබා හිඳියි. හෙතෙම ශරීර නමැති ලෝකයෙහි අභිද්‍යාව (ආශාව) දුරුකොට පහවූ අභිද්‍යා ඇත්තේ අභිද්යාවෙන් හිත පිරිසිදු කරයි, ව්‍යාපාදය (ක්‍රෝධය) හැර ව්‍යාපාද රහිත සිත් ඇත්තේ, සියලු ප්‍රාණීන් කෙරෙහි හිත අනුකම්පා ඇත්තේ වාසය කරයි. ව්‍යාපාදයෙන් හිත පිරිසිදු කරයි. ථීනමිද්ධය හැර පහවූ ථීනමිද්ධ ඇත්තේ, ආලෝක සංඥා ඇත්තේ, සිහියෙන් යුක්තවූයේ යහපත් ප්‍රඥා ඇත්තේ වාසය කරයි. ථීනමිද්ධයෙන් සිත පිරිසිදු කරයි, උද්ධච්චකුක්කුච්චය හැර විසිරනොගිය සිත් ඇතිව වාසය කරයි. ඇතුළත සංසිඳුනු සිත් ඇත්තේ උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කරයි. විචිකිච්ඡාව දුරලා පහකළ විචිකිච්ඡා ඇත්තේ, කුසල ධර්මයන්හි, කෙසේ කෙසේදැයි, පැවති සැකනැතිව වාසය කරයි, විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කරයි.
|
426
‘‘සෙය්යථාපි
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, පුරිසො ආබාධිකො අස්ස දුක්ඛිතො බාළ්හගිලානො, භත්තඤ්චස්ස නච්ඡාදෙය්ය, න චස්ස කායෙ බලමත්තා. සො අපරෙන සමයෙන තම්හා ආබාධා මුච්චෙය්ය, භත්තඤ්චස්ස ඡාදෙය්ය, සියා චස්ස කායෙ බලමත්තා. තස්ස එවමස්ස - ‘අහං ඛො පුබ්බෙ ආබාධිකො අහොසිං දුක්ඛිතො බාළ්හගිලානො, භත්තඤ්ච මෙ නච්ඡාදෙසි, න ච මෙ ආසි කායෙ බලමත්තා, සොම්හි එතරහි තම්හා ආබාධා මුත්තො, භත්තඤ්ච මෙ ඡාදෙති, අත්ථි ච මෙ කායෙ බලමත්තා’ති. සො තතොනිදානං ලභෙථ පාමොජ්ජං, අධිගච්ඡෙය්ය සොමනස්සං.
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, පුරිසො බන්ධනාගාරෙ බද්ධො අස්ස. සො අපරෙන සමයෙන තම්හා බන්ධනා මුච්චෙය්ය සොත්ථිනා අබ්භයෙන
(අබ්‍යයෙන (සී. පී.)), න චස්ස කිඤ්චි භොගානං වයො. තස්ස එවමස්ස - ‘අහං ඛො පුබ්බෙ බන්ධනාගාරෙ බද්ධො අහොසිං, සොම්හි එතරහි
‘‘සෙය්යථාපි
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, පුරිසො සධනො සභොගො කන්තාරද්ධානමග්ගං පටිපජ්ජෙය්ය
(සීලක්ඛන්ධවග්ගපාළියා කිඤ්චි විසදිසං). සො අපරෙන සමයෙන තම්හා කන්තාරා නිත්ථරෙය්ය සොත්ථිනා අබ්භයෙන, න චස්ස කිඤ්චි භොගානං වයො. තස්ස එවමස්ස - ‘අහං ඛො පුබ්බෙ සධනො සභොගො කන්තාරද්ධානමග්ගං පටිපජ්ජිං. සොම්හි එතරහි තම්හා කන්තාරා නිත්ථිණ්ණො සොත්ථිනා අබ්භයෙන, නත්ථි ච මෙ කිඤ්චි භොගානං වයො’ති. සො තතොනිදානං ලභෙථ පාමොජ්ජං, අධිගච්ඡෙය්ය සොමනස්සං.
‘‘එවමෙව ඛො, භික්ඛවෙ, භික්ඛු යථා ඉණං යථා රොගං යථා බන්ධනාගාරං යථා දාසබ්යං යථා කන්තාරද්ධානමග්ගං, ඉමෙ පඤ්ච නීවරණෙ අප්පහීනෙ අත්තනි සමනුපස්සති. සෙය්යථාපි, භික්ඛවෙ, ආණණ්යං යථා ආරොග්යං යථා බන්ධනාමොක්ඛං යථා භුජිස්සං යථා ඛෙමන්තභූමිං; එවමෙව භික්ඛු ඉමෙ පඤ්ච නීවරණෙ
|
426
“මහණෙනි, යම්සේ පුරුෂයෙක් තෙම ණයට මුදල් ගෙන කර්මාන්තයන්හි යොදවයිද, ඔහුගේ ඒ කර්මාන්තයෝ දියුණු වෙත්ද, හෙතෙම ඒ පැරණි ණයත් ගෙවන්නේද, අඹු දරුවන් පොෂණය පිණිසද යම් මුදලක් ඉතිරිවන්නේද, ඔහුට මෙසේ අදහස් වන්නේය. මම වනාහි පෙර ණය ගෙන කර්මාන්තයන්හි යෙදූයෙමි. ඒ මාගේ කර්මාන්තයෝ දියුණුවූහ. ඒ මම පැරණි යම් ණය මුදලක් වීනම් ඒ මුදල්ද ගෙව්වෙමි අඹු දරුවන් පොෂණයටද මුදල් ඉතිරිවීයයි හෙතෙම ඒ හේතු කොට ගෙන සතුට ලබයිද, සොම්නසටද පැමිණෙයිද.
“මහණෙනි, යම්සේ පුරුෂයෙක් තෙම ආබාධයකින් යුක්තවූයේ, එයින් හටගත් දුක් ඇත්තේ, දැඩි ගිලන් වෙයිද, ඔහුට ආහාරයද, රුචි නොවන්නේය. ඔහුගේ ශරීරයෙහි ශක්තියද නැත්තේය. ටික කලකින් හෙතෙම ඒ රොගයෙන් මිදුනේ, ඔහුට බතද රුචි වන්නේය. ඔහුගේ ශරීරයෙහි බලයද වන්නේය. ඔහුට මෙබඳු අදහසක් වන්නේය. මම වනාහි පෙර ලෙඩ වූයෙමි, එයින් හටගත් දුක් වේදනා ඇත්තේ වීමි. දැඩි ගිලන්වීමි. මට බතද රුචි නොවීය. මාගේ ශරීරයෙහි ශක්තියද නැතිවිය. ඒ මම දැන් ඒ රොගයෙන් මිදුනෙමි. මට බතද රුචිය. මාගේ කයෙහි ශක්තිය ඇත. හෙතෙම ඒ හේතු කොටගෙන සතුටට පත්වෙයිද, සොම්නසටද පැමිණෙයිද
“මහණෙනි, යම්සේ පුරුෂයෙක්තෙම සිරගෙයි බැඳුනේද, හෙතෙම පසු කලෙක ඒ බන්ධනයෙන් සැපසේ වියදමක් නැතිව මිදෙන්නේද, ඔහුගේ භොගයන්ගේ කිසි විනාශයකුත් නොවන්නේද, ඔහුට මෙසේ අදහස් වන්නේය. මම වනාහි පෙර සිරගෙයි බඳනා ලද්දෙක් වීමි. ඒ මම දැන් ඒ බන්ධනයෙන් සැපසේ වියදමක් නැතිව මිදුනෙමි. මාගේ භොගයන්ගේ කිසි හානියක්ද නැත. හෙතෙම ඒ හේතු කොටගෙන සතුට ලබයිද සොම්නසටද පැමිණෙයිද
“මහණෙනි, යම්සේ පුරුෂයෙක් තෙම තමා ප්‍රධාන නොවූ, අන්‍යයෙකුට යටත්වූ, කැමතිසේ හැසිරෙන්නට ඉඩ නොලබන දාසයෙක් වේද, හෙතෙම පසු කලෙක ඒ දාසභාවයෙන් මිදී තමාම ප්‍රධාන කොට ඇත්තේ, අනුන් ස්වාමි කොට නැත්තේ නිදහස් වූයේ කැමති සේ හැසිරෙන්නට ඉඩ ලබයිද, ඔහුට මෙසේ අදහස් වන්නේය. මම වනාහි පෙර ස්වාධීන නොවූ අනුන්ට යටත්වූ, කැමතිතැනක නොයා හැකිවූ දාසයෙක්වීමි. ඒ මම දැන් ඒ දාස භාවයෙන් මිදුනේ ස්වාධීනවූයේ, පරාධීන නොවූයේ කැමති තැනකට යාහැකි වූයෙමියි. හෙතෙම ඒ හේතුකොටගෙන සතුට ලබයිද. සොම්නසටද පැමිණෙයිද.
“මහණෙනි, යම්සේ පුරුෂයෙක් තෙම ධන සහිතවූයේ, භොග සහිත වූයේ, කාන්තාරයෙහි දීර්ඝ මාර්ගයකට බැස්සේ වෙයිද, හෙතෙම ටික කලකට පසු ඒ කාන්තාරයෙන් සැපසේ වියදමක් නැතිව එතර වන්නේය. ඔහුගේ සම්පත්තීන්ගේ කිසිහානියක්ද නොවන්නේය. ඔහුට මෙබඳු අදහසක් වන්නේය. මම වනාහි පෙර ධන සහිත වූයේ භොග සහිතවූයේ කාන්තාරයෙහි දීර්ඝ මාර්ගයට පැමිණියෙමි. ඒ මම දැන් ඒ කාන්තාරයෙන් සැපසේ, වියදමක් නැතිව එතර වූයෙමි. මාගේ සම්පත්තීන්හි කිසි හානියක්ද නැතැයි, හෙතෙම ඒ හේතුකොටගෙන සතුට ලබයිද, සොම්නසටද පැමිණෙයිද,
“මහණෙනි, මහණතෙම ණය යම්සේද, රෝගය යම්සේද, සිරගෙය යම්සේද, දාසභාවය යම්සේද, කාන්තාර මාර්ගය යම්සේද එපරිද්දෙන්ම නැති නොවූ මේ පංචනීවරණ ධර්මයන් තමා කෙරෙහි දකියි. මහණෙනි, ණය රහිත බව යම්සේද, නිරෝගී බව යම්සේද, හිරගෙයින් මිදීම යම්සේද, නිදහස් බව යම්සේද, නිර්භය ස්ථානය යම්සේද, එපරිද්දෙන්ම මහණතෙම නැතිවූ මේ පංචනීවරණයන් තමා කෙරෙහි දකියි.
|
427
‘‘සො ඉමෙ පඤ්ච නීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ, විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි, සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං විවෙකජෙන පීතිසුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති, නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස විවෙකජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති. සෙය්යථාපි, භික්ඛවෙ, දක්ඛො න්හාපකො
(නහාපකො (සී. ස්‍යා. කං. පී.)) වා න්හාපකන්තෙවාසී වා කංසථාලෙ න්හානීයචුණ්ණානි
(නහානීයචුණ්ණානි (සී. ස්‍යා. කං. පී.)) ආකිරිත්වා උදකෙන පරිප්ඵොසකං පරිප්ඵොසකං සන්නෙය්ය. සායං න්හානීයපිණ්ඩි ස්නෙහානුගතා ස්නෙහපරෙතා සන්තරබාහිරා, ඵුටා ස්නෙහෙන න ච පග්ඝරිණී. එවමෙව ඛො, භික්ඛවෙ, භික්ඛු ඉමමෙව කායං විවෙකජෙන පීතිසුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති, නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස විවෙකජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති.
|
427
“හෙතෙම හිත කෙලෙසන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ මේ පංචනීවරණ ධර්මයන් දුරුකොට කාමයන්ගෙන් වෙන් වූයේම, අකුශල ධර්මයන් කෙරෙන් වෙන්වූයෙම විතර්ක සහිතවූ, විචාර සහිතවූ සිතෙහි විවේකයෙන් උපන් ප්‍රීතියම සැප කොට ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි, හෙතෙම මේ ශරීරය විවේකයෙන් හටගත් ප්‍රීති සැපයෙන් තෙමයි. හාත්පසින් තෙමයි, පුරවයි, හාත්පසින් ස්පර්ශ කරයි ඔහුගේ සියලු ශරීරයෙහි කිසියම් ප්‍රදෙශයක් ප්‍රීති සැපයෙන් ස්පර්ශ නොකරන ලද්දේ නොවෙයි. මහණෙනි, යම්සේ දක්ෂවූ නාවන්නෙක් හෝ නාවන්නෙකුගේ අතවැසියෙක් හෝ ලොහො තලියක ඇඟගාන සුවඳසුණු දමා දියෙන් තෙම තෙමා පිඩුකරන්නේය. ඒ නහණ සුණු පිඩ දියෙන් යුක්ත වූයේ දියෙන් වළඳනා ලද්දේ, ඇතුළත පිටත දියෙන් ස්පර්ශ කරන ලද්දේ වෙයිද, එයින් දිය නොවැගිරෙයිද, මහණෙනි, එපරිද්දෙන්ම භික්ෂුව විවේකයෙන් හටගත් ප්‍රීති සැපයෙන් මේ ශරීරය තෙමයි, හාත්පසින් තෙමයි, සම්පූර්ණයෙන් පුරවයි. සැම තන්හි පතුරුවයි, ඔහුගේ සියලු ශරීරයෙහි ප්‍රීති සැපයෙන් ස්පර්ශ නොකරනලද තැනක් නැත.
|
428
‘‘පුන
|
428
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණෙනි, භික්ෂුව, විතක්ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමා තුළ මනා පැහැදීම ඇතිකරන්නාවූ සිත පිළිබඳ එකඟ බව ඇති, සමාධියෙන් හටගත් ප්‍රීතිසැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම මේ ශරීරයම ද්විතීය ධ්‍යාන සමාධියෙන් හටගත්තාවූ ප්‍රීතිය හා සැපයෙන් තෙමයි. හාත්පසින් තෙමයි. පුරවයි, පතුරුවයි, ඔහුගේ සියලු ශරීරයෙහි සමාධියෙන් හටගත් ප්‍රීති සැපයෙන් ස්පර්ශ නොකරනලද තැනක් නැත්තේය. මහණෙනි, උල්පතින් ජලය ලැබෙන දිය විලක් යම්සේ වේද, ඒ විලට නැගෙනහිරින්ද, ජලය ඇතුළුවන මාර්ගයක් නැත්තේය. බටහිර දිගින්ද ජලය ඇතුළුවන මාර්ගයක් නැත්තේය. උතුරු දිගින්ද ජලය ඇතුළුවන මාර්ගයක් නැත්තේය. දකුණු දිගින්ද ජලය ඇතුළුවන මාර්ගයක් නැත්තේය. වැස්සද කලින් කල ඊට හොඳින් නොවසින්නේය. එහෙත් ඒ දිය විලෙන්ම සිසිල්වූ ජලධාරාවෝ උඩට නැඟී ඒ දිය විල මුළුල්ලම සිසිල් ජලයෙන් තෙමන්නේය. හාත්පසින් තෙමන්නේය, සම්පූර්ණයෙන් පුරවන්නේය, ඒ මුළු දිය විලෙහි කිසියම් පෙදෙසක් සිසිල් දියෙන් ස්පර්ශ නොකරන ලද්දේ නොවෙයිද,
“මහණෙනි, එපරිද්දෙන්ම භික්ෂුව සමාධියෙන් හටගත් ප්‍රීති සැපයෙන් මේ ශරීරය තෙමයි, හාත්පසින් තෙමයි, සම්පූර්ණයෙන් පුරවයි, සැම තන්හි පතුරුවයි, ඔහුගේ සියලු ශරීරයෙහි සමාධියෙන් හටගත් ප්රිති සැපයෙන් ස්පර්ශ නොකරනලද තැනක් නැත.
|
429
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති, සතො ච සම්පජානො, සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති, යං තං අරියා ආචික්ඛන්ති - ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං නිප්පීතිකෙන සුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති, නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස නිප්පීතිකෙන සුඛෙන අප්ඵුටං හොති. සෙය්යථාපි, භික්ඛවෙ, උප්පලිනියං වා පදුමිනියං වා පුණ්ඩරීකිනියං වා අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවඩ්ඪානි උදකානුග්ගතානි අන්තොනිමුග්ගපොසීනි, තානි යාව චග්ගා යාව ච මූලා
|
429
“මහණෙනි, නැවත අනෙකක් ද කියමි. භික්ෂුව ප්‍රීතියෙහිද නොඇල්මෙන් මැදහත් බව ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් නුවණ ඇත්තේ කයින්ද සැපයක් විඳියි. යම් ධ්‍යානයක් උපෙක්ෂා (මැදහත්) විඳීම ඇත්තේ, සිහි ඇත්තේ, සැප විහරණ ඇත්තේයයි ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම මේ ශරීරය ප්‍රීති රහිතවූ සැපයෙන් හාත්පසින් තෙමයි, සම්පූර්ණයෙන් පුරවයි, සෑම තන්හි පතුරුවයි, ඔහුගේ සියලු ශරීරයෙහි ප්‍රීති රහිත සැපයෙන් ස්පර්ශ නොකරනලද තැනක් නැත. මහණෙනි, යම්සේ උපුල් විලක හෝ පියුම් විලක හෝ හෙළපියුම් විලක හෝ ඇතැම් උපුල් හෝ පියුම් හෝ හෙළපියුම් හෝ දියෙහි හටගත්තාහු, දියෙහි වැඩුනාහු, දිය අනුව ගියාහු, ඇතුළත වැද වැඩෙන්නාහු, අගදක්වාද, මුලදක්වාද, සිහිල් දියෙන් තෙමුනාහු, හාත්පසින් තෙමුනාහු, පිරුණාහු දියෙන් ස්පර්ශ කරන ලද්දාහු වෙත්ද, ඒ උපුල් අතුරෙන් හෝ පියුම් අතුරෙන් හෝ හෙළ පියුම් අතුරෙන් හෝ කිසිවක් මුළුමනින් සිහිල් දියෙන් ස්පර්ශ නොකරන ලද්දේ නොවන්නේද, මහණෙනි, එපරිද්දෙන්ම භික්ෂුව ප්‍රීති රහිත සැපයෙන් මේ ශරීරය තෙමයි, හාත්පසින් තෙමයි, සම්පූර්ණයෙන් පුරවයි, සැම තන්හි පතුරුවයි, ඔහුගේ සියලු ශරීරයෙහි ප්‍රීති රහිත සැපයෙන් ස්පර්ශ නොකරනලද තැනක් නැත්තේය.
|
430
‘‘පුන
|
430
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්ෂුව සැපය දුරු කිරීමෙන්ද, දුක දුරු කිරීමෙන්ද, පළමු කොටම සැප දුක් වේදනා නැතිව යාමෙන් දුක්ද නොවූ, සැපද නොවූ උපෙක්ෂාසති යන මොවුන්ගේ පිරිසිදු බව ඇති හතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. පිරිසිදුවූ පැහැදිලිවූ සිතින් පතුරුවා උන්නේවෙයි, ඔහුගේ සියලු අවයව ඇති ශරීරයාගේ කිසියම් ප්‍රදෙශයක් පිරිසිදුවූ පැහැදිලිවූ සිතින් ස්පර්ශ නොකරණ ලද්දේ නොවෙයි. මහණෙනි, යම්සේ පුරුෂයෙක් තෙම සුදු වස්ත්‍රයකින් හිස සහිතව පොරවා හුන්නේද, ඔහුගේ මුළු ශරීරයේ කිසියම් ප්‍රදෙශයක් පිරිසිදු සුදුවස්ත්රයෙන් නොවැසුණේ නොවෙයි. මහණෙනි, එපරිද්දෙන්ම මහණතෙම මේ ශරීරයම පිරිසුදුවූ පැහැදිලිවූ සිතින් පැතිර වාසය කරයි. ඔහුගේ මුළු ශරීරයේ කොතැනක්වත් පිරිසුදුවූ පැහැදිලිවූ හිතින් ස්පර්ශ නොකරන ලද්දේ නොවෙයි.
|
431
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං
|
431
“හෙතෙමේ මෙසේ සිත එඟකවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිතවූ කල්හි, කෙලෙස් පහව ගිය කල්හි. මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, පෙර ජාති සිහිකිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කරයි. ඉදිරිපත්කොට (ඊට) නමයි. හේ තෙමේ නොයෙක් විදියේ පෙර විසීම් සිහි කරයි. කෙසේදයත්: එක් ජාතියක් ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද ජාති පහක්ද, ජාති දහයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතළිහක්ද, ජාති පණහක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති සියක්දහසක්ද, නොයෙක් විනාශවෙමින් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද, නොයෙක් විනාශවන හෝ හැදෙන කල්පයන්ද, ‘අසුවල් තැන වීමි මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවරකොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම්, අසුවල් තැන උපන්නෙමි; එහිදු මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම්, මෙහි උපන්නෙමි’යි මෙසේ ආකාර සහිතව, දැක්වීම් සහිතව, නොයෙක් විදියේ පෙර ජීවිත සිහි කරයි.
“මහණෙනි, පුරුෂයෙක් යම්සේ තම ගමින් අන් ගමකට යන්නේද, ඒ ගමිනුත් අන් ගමකට යන්නේද, ඒ ගමිනුත් තමන්ගේ ගමට එන්නේද, ‘මම, සිය ගමින් අසුවල් ගමට ගියෙමි, එහි මෙසේ සිටියෙමි, මෙසේ හුන්නෙමි, මෙසේ කථාකෙළෙමි, මෙසේ නිශ්ශබ්ද වීමි. එගමිනුදු අසුවල් ගමට ගියෙමි, එහිද මෙසේ සිටියෙමි, මෙසේ හුන්නෙමි, මෙසේ කථාකෙළෙමි, මෙසේ නිශ්ශබ්ද වීමි. ඒ මම ඒ ගමින් සිය ගමට පැමිණියෙමි’යි හෙතෙම දන්නේය
“මහණෙනි, එපරිද්දෙන්ම භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, කෙලෙස් පහවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවටපැමිණි කල්හි, පෙර ජාති සිහිකිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කරයි. ඉදිරිපත් කොට නමයි. හේ නොයෙක් පෙරවිසීම් සිහි කරයි. කෙසේදයත්: එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති සතළිසක්ද, ජාති පණහක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති සියක් දහසක්ද නොයෙක් විනාශවෙමින් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් හෝ විනාශවෙමින් හෝ පවතින කල්පයන්ද, අසුවල් තැන වීමි. මෙබඳු නම් ඇත්තෙම්, මෙබඳු ගොත්‍ර ඇත්තෙම්, මෙබඳු පාට ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම් මෙබඳු සැප දුක් වින්දෙම්, මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතව අසුවල්තැන උපන්නෙමි; එහිදු මෙනම් ඇත්තෙම්, මෙබඳු ගොත්‍ර ඇත්තෙම්, මෙබඳු පාට ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙබඳු සුව දුක් වින්දෙම්, මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතව මෙහි උපන්නෙමි’යි මෙසේ ආකාර සහිත, (පෙරවිසූ පිළිවෙළ) දැක්වීම් සහිත, නොයෙක් ආකාරවූ පෙරවිසීම් සිහි කරයි.
|
432
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ
|
432
“ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, සත්වයන්ගේ මරණින් පසු උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත ඉදිරිපත් කරයි, ඉදිරිපත් කොට නමයි. හේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවූ, දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී. පහත්වූද, උසස්වූද, ලක්ෂණවූද, අවලක්ෂණවූද, හොඳ ලොව ගියාවූද, නරක ලොව ගියාවූද, කර්මය ලෙස පැමිණි සත්වයන් දනී. ‘මේ පින්වත් සත්වයෝ කාය (ශරීර) දුශ්චරිතයෙන් යුක්තය, වාග් (වචනය) දුශ්චරිතයෙන් යුක්තය, මනො (හිතේ) දුශ්චරිතයෙන් යුක්තය, උත්තමයන්ට බණින්නෝය, මිථ්‍යා දෘෂ්ටිකයෝය, මිථ්‍යාදෘෂ්ටි කර්ම සමාදන් වූවෝය. ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරුවූ ගති ඇති යටිකුරුව වැටෙන්නාවූ නිරයට පැමිණෙත්. නැතහොත්, මේ පින්වත් සත්වයෝ කාය (ශරීර) සුචරිතයෙන් යුක්තය, වාග් (වචන) සුචරිතයෙන් යුක්තය, මනො (හිතේ) සුචරිතයෙන් යුක්තය, උත්තමයින්ට නොබණින්නෝය, සත්‍යය අදහන්නෝය, සත්‍ය ඇදහීම් සමාදන් වූවෝය. මරණින් මතු යහපත් පැමිණීමවූ ස්වර්ගලෝකයෙහි උපන්නාවූ මෙසේ පිරිසුදුවූ මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී. පහත්වූද, උසස්වූද, ලක්ෂණවූද, අවලක්ෂණ වූද, හොඳ ලොව ගියාවූද නරක ලොව ගියාවූද කර්මය ලෙස පැමිණි සත්වයන් දනී
“මහණෙනි, දොරවල් සහිතවූ ගෙවල් දෙකක් යම්සේ වන්නාහුද, එහි ඇස් ඇති පුරුෂයෙක් තෙම මධ්‍යයෙහි සිටියේ ගෙට පිවිසෙන්නාවූද, නික්මෙන්නාවූද, සක්මන් කරන්නාවූද, මනුෂ්‍යයන් දක්නේද, මහණෙනි, එපරිද්දෙන්ම මහණතෙම පිරිසුදුවූ මිනිස් ඇස ඉක්මවූ, දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී. පහත්වූද, උසස්වූද, ලක්ෂණවූද, අවලක්ෂණවූද, හොඳ ලොව ගියාවූද, නරක ලොව ගියාවූද, කර්මය ලෙස උපන් සත්වයන් දකී.
“මහණෙනි, එසේම භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිතවූ කල්හි, කෙලෙස්පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, සිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, සත්වයන්ගේ චුති උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත ඉදිරිපත් කරයි, සිත ඉදිරිපත් කොට නමයි. හේ මිනිස් ඇස ඉක්මවූ දිවඇසින් චුතවන උපදින සත්වයන් දකී. පහත්වූද, උසස්වූද, ලක්ෂණවූද, අවලක්ෂණවූද, හොඳ ලොව ගියාවූද නරක ලොව ගියාවූද කර්මය ලෙස පැමිණි සත්වයන් දනි. මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තය, වාග් දුශ්චරිතයෙන් යුක්තය, මනො දුශ්චරිතයෙන් යුක්තය, උත්තමයින්ට බණින්නෝය, මිථ්‍යාදෘෂ්ටිකයෝය, මිථ්‍යාදෘෂ්ටි කර්ම සමාදන් වූවෝය. ඔවුහු ශරීරය බිඳීමෙන් මරණින් මතු අපායවූ, දුර්ගතියවූ, දුකවූ, නිරයට පැමිණෙත්.’ නැතහොත්, ‘මේ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්තය, වාග් සුචරිතයෙන් යුක්තය, මනො සුචරිතයෙන් යුක්තය, උත්තමයින්ට නොබනින්නෝය, සත්‍යය අදහන්නෝය, සත්‍ය ඇදහීම් සමාදන් වූවෝය. ඔවුහු ශරීරය බිඳීමෙන් මරණින් මතු සුගතියවූ, ස්වර්ගලෝකයට පැමිණියෝ’යි මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී, පහත්වූද උස්සවූද ලක්ෂණවූද අවලක්ෂණවූද සුගතියට පැමිණියාවූද දුර්ගතියට පැමිණියාවූද කර්මයලෙස පැමිණි සත්වයන් දනී.
|
433
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, පබ්බතසඞ්ඛෙපෙ උදකරහදො අච්ඡො විප්පසන්නො අනාවිලො. තත්ථ චක්ඛුමා පුරිසො තීරෙ ඨිතො පස්සෙය්ය සිප්පිසම්බුකම්පි
(සිප්පිකසම්බුකම්පි (ස්‍යා. කං. ක.)) සක්ඛරකථලම්පි මච්ඡගුම්බම්පි, චරන්තම්පි තිට්ඨන්තම්පි. තස්ස එවමස්ස - ‘අයං ඛො උදකරහදො අච්ඡො විප්පසන්නො අනාවිලො. තත්රිමෙ සිප්පිසම්බුකාපි
|
433
“ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි කම්පා නොවන බවට පැමිණි කල්හි, සිතේ පැසවන කෙලෙස් පහකිරීමේ ඥානය (ආශ්‍රව ක්ෂයකර ඥානය) පිණිස සිත ඉදිරිපත් කරයි, ඉදිරිපත් කොට නමයි. ඔහු මේ දුකයයි තතුලෙස දැනගනී, මේ දුක් ඉපදීමේ හේතුවයයි තතු ලෙස දැනගනී, මේ දුක් නැති කිරීමයයි තතු ලෙස දැනගනී, මේ දුක් නැතිකිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගනී, මේ පැසවන කෙලෙස් (ආශ්‍රව) යයි තතු ලෙස දැනගනී, මේ පැසවන ක්ලේශයන්ගේ හේතුයයි තතු ලෙස දැනගනී, මේ ඒ කෙළෙස් නැතිකිරීමයයි තතු ලෙස දැනගනී, මේ ඒ කෙළෙස් නැති කිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගනී. මෙසේ දන්නා ඔහුගේ සිත කාම ආශ්‍රවයන් කෙරෙන්ද මිදේ, භව ආශ්‍රවයන් කෙරෙන්ද මිදේ, අවිද්‍යා ආශ්‍රවයන් කෙරෙන්ද සිත මිදේ. මිදුනු කල්හි මිදුනේය යන සිත වෙයි. ඉපදීම නැතිවිය උතුම් හැසිරීමෙහි වසන ලදී, කටයුත්ත කරණලදී, මින්පසු වෙනත් කළයුත්තක් නැතැ’යිද දැනගනී.
“මහණෙනි, යම්සේ පර්වත මුදුනක පිරිසිදු, සිත් සතුටු කරන නොකැළඹුණු, දිය විලක් වේද, එහි ඉවුරේ ඇස් ඇති පුරුෂයෙක් සිටියේ, නැවතී තිබෙන්නාවූ සිප්පිබෙල්ලන් හා සක්බෙල්ලන්ද, කැටකැබලිතිද, එහා මෙහා යන්නාවූ මසුන් රෑන්ද, දක්නේද, ඔහුට මෙසේ සිතෙන්නේය: ‘මේ දිය විල පිරිසිදුය, මනා සිත් ප්‍රිය කරන්නේය, නොකැළඹුණේය. එහි මේ සිප්පි බෙල්ලන් හා සක් බෙල්ලන්ද, කැටකැබලිතිද, නැවතී තිබේ. මසුන් තිබේ. මසුන් රෑන් හැසිරෙත්ය’ කියායි. මහණෙනි, එලෙසින්ම භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමසිත් රහිත කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, බොහෝ කල් සිට එන ක්ලෙශයන් නැතිකිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කරයි. ඉදිරිපත්කොට නමයි. ඔහු මේ දුකයයි තතු ලෙස දැනගණී, මේ දුක් ඉපදීමේ හේතුවයයි තතු ලෙස දැනගණී, මේ දුක් නැතිකිරීමයයි තතු ලෙස දැනගණී. මේ දුක් නැතිකිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගණී, මේ කෙලෙස්, යයි තතු ලෙස දැනගණී, මේ කෙලෙස් හේතුයයි තතු ලෙස දැනගණී, මේ කෙලෙස් නැති කිරීමයයි තතු ලෙස දැනගණී. මේ කෙලෙස් නැතිකිරීමේ මාර්ගයයි තතුලෙස දැනගණී. මෙසේ දන්නා ඔහුගේ සිත කාම ආශ්‍රවයන් කෙරෙන්ද මිදේ, භව ආශ්‍රවයන් කෙරෙන්ද මිදේ. අවිද්‍යා ආශ්‍රවයන් කෙරෙන්ද සිත මිදේ. මිදුනු කල්හි මිදුනේය යන සිත වෙය. ඉපදීම නැති විය, උතුම් හැසිරීමෙහි වසනලදී. කටයුත්ත කරණලදී. මින් පසු අනික් කළයුත්තක් නැතැ’යිද දැනගනී.
|
434
‘‘අයං වුච්චති, භික්ඛවෙ, භික්ඛු ‘සමණො’ ඉතිපි ‘බ්රාහ්මණො’ඉතිපි ‘න්හාතකො’ඉතිපි ‘වෙදගූ’ඉතිපි ‘සොත්තියො’ඉතිපි ‘අරියො’ඉතිපි ‘අරහං’ඉතිපි. කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු සමණො හොති? සමිතාස්ස හොන්ති පාපකා අකුසලා ධම්මා, සංකිලෙසිකා, පොනොබ්භවිකා, සදරා, දුක්ඛවිපාකා
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු බ්රාහ්මණො හොති? බාහිතාස්ස හොන්ති පාපකා අකුසලා ධම්මා
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු න්හාතකො
(නහාතකො (සී. ස්‍යා. කං. පී.)) හොති? න්හාතාස්ස හොන්ති පාපකා අකුසලා ධම්මා, සංකිලෙසිකා, පොනොබ්භවිකා, සදරා, දුක්ඛවිපාකා, ආයතිං, ජාතිජරාමරණියා. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු න්හාතකො හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු වෙදගූ හොති? විදිතාස්ස හොන්ති පාපකා අකුසලා ධම්මා, සංකිලෙසිකා, පොනොබ්භවිකා, සදරා, දුක්ඛවිපාකා, ආයතිං, ජාතිජරාමරණියා. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු වෙදගූ හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු සොත්තියො හොති? නිස්සුතාස්ස හොන්ති පාපකා අකුසලා ධම්මා, සංකිලෙසිකා, පොනොබ්භවිකා, සදරා, දුක්ඛවිපාකා, ආයතිං, ජාතිජරාමරණියා. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු සොත්තියො හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු අරියො හොති
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු අරහං හොති? ආරකාස්ස හොන්ති පාපකා අකුසලා ධම්මා, සංකිලෙසිකා, පොනොබ්භවිකා, සදරා, දුක්ඛවිපාකා, ආයතිං, ජාතිජරාමරණියා. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු අරහං හොතී’’ති.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
|
434
“මහණෙනි, මේ මහණ තෙම, ‘සමණ’ යයිද, ‘බ්‍රාහ්මණ’ යයිද, ‘නහාතක’ යයිද, ‘වෙදගූ’ යයිද, ‘සොත්තිය’ යයිද, ‘ආර්‍ය්‍ය’ යයිද, ‘අර්හත්’ යයිද, කියනු ලැබේ.
“මහණෙනි, කෙසේ මහණ තෙම “ශ්‍රමණ” නම් වේද? ලාමකවූ කෙලසීම කරන්නාවූ, නැවත ඉපදීම ඇති කරන්නාවූ, දැවිලි සහිතවූ, දුක් විපාක ඇත්තාවූ මත්තෙහි ජාති, ජරා, මරණ ඇතිකරන්නාවූ, අකුශල ධර්මයෝ යමෙක් විසින් සංසිඳුවන ලද්දාහු වෙත්ද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම ශ්‍රමණ නම් වෙයි
“මහණෙනි, මහණතෙම කෙසේ “බ්‍රාහ්මණ” නම් වේද? කෙලෙසීම කරන්නාවූ, නැවත ඉපදීම ඇති කරන්නාවූ, දැවිලි සහිතවූ, දුක් විපාක ඇත්තාවූ මත්තෙහි ජාති, ජරා, මරණ ඇති කරන්නාවූ ලාමකවූ අකුසල ධර්මයෝ යමෙකු විසින් බැහැර කරණ ලද්දාහු වෙත්ද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම බ්‍රාහ්මණ නම් වෙයි.
“මහණෙනි, මහණතෙම කෙසේ “නහාතක” නම් වේද? කෙලෙසන්නාවූ, නැවත ඉපදීම ඇති කරන්නාවූ, දැවිලි සහිතවූ, දුක් විපාක ඇත්තාවූ, මත්තෙහි ජාති, ජරා, මරණ ඇති කරන්නාවූ ලාමකවූ අකුසල ධර්මයෝ යමෙකු විසින් සෝදා හරින ලද්දාහු වෙත්ද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම “නහාතක” නම් වේ.
“මහණෙනි, මහණතෙම කෙසේ “වෙදගූ” නම් වේද? කෙලෙසන්නාවූ, නැවත ඉපදීම ඇති කරන්නාවූ, දැවිලි සහිතවූ, දුක් විපාක ඇත්තාවූ, මත්තෙහි ජාති, ජරා, මරණ ඇතිකරන්නාවූ ලාමක අකුසල ධර්මයෝ යමෙකු විසින් (සතර මාර්ගඥානයෙන්) දන්නා ලද්දාහු වෙත්ද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම ‘වෙදගූ’ නම් වේ.
මහණෙනි, මහණතෙම කෙසේ “සොත්තිය” නම් වේද? කෙලෙසන්නාවූ, නැවත ඉපදීම ඇති කරන්නාවූ, දැවිලි සහිතවූ, දුක් විපාක ඇත්තාවූ, මත්තෙහි ජාති-ජරා-මරණ ඇති කරන්නාවූ ලාමක අකුසල ධර්මයෝ යමෙකු විසින් ඉවත් කරන ලද්දාහු වෙත්ද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම “සොත්තිය” නම් වේ.
මහණෙනි, මහණතෙම කෙසේ “අරිය” නම් වේද? කෙලෙසන්නාවූ, නැවත ඉපදීම ඇති කරන්නාවූ, දැවිලි සහිතවූ, දුක් විපාක ඇත්තාවූ, මත්තෙහි ජාති-ජරා-මරණ ඇති කරන්නාවූ ලාමක අකුසල ධර්මයෝ යමෙකු විසින් දුරු කරන ලද්දාහු වෙත්ද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම “අරිය” නම් වේ.
මහණෙනි, මහණතෙම කෙසේ “අර්හත්” නම් වේද? කෙලෙසන්නාවූ, නැවත ඉපදීම ඇතිකරන්නාවූ, දැවිලි සහිතවූ, දුක් විපාක ඇත්තාවූ, මත්තෙහි ජාති, ජරා, මරණ ඇති කරන්නාවූ ලාමක අකුසල ධර්මයෝ යමෙකු විසින් ඈත්කරන ලද්දාහු වෙත්ද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම ‘අර්හත්’ නම් වෙයි.”
භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළහ. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්හ.
|
10. චූළඅස්සපුරසුත්තං | 10. චූල අස්සපුර සූත්‍රය |
435
එවං
|
435
මා විසින් මෙසේ අසනලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ අඟු ජනපද වාසීන්ගේ අස්සපුර නම් නියම් ගමෙහි වැඩ වාසය කරති. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂූන්ට කථා කළහ. “ස්වාමීනි”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
“මහණෙනි, මහජනයා තොප ශ්‍රමණයෝය, ශ්‍රමණයෝ යයි හඳුනයි. තොපද, තොප කවරහුදැයි විචාරණ ලද්දාහු, “අපි ශ්‍රමණයෝ වෙමු”යි ප්‍රතිඥා කරන්නාහුය. මහණෙනි, මෙසේ හඳුනනු ලබන්නාවූ, මෙසේ ප්‍රතිඥා කරන්නාවූ ඒ තොපගේ ශ්‍රමණයන්ට සුදුසුවූ යම් (සාමීචි ප්‍රතිපදාවක්) පිළිපැදීමක් වේද, ඒ ප්‍රතිපත්තිය පිළිපදින්නෙමු නම් මෙසේ අපගේ ඒ හැඳිනීමද සත්‍යවන්නේය ප්‍රතිඥාවද ඇත්තක් වන්නේය. අපි යම් කෙනෙකුන්ගේ සිව්රුය. පිණ්ඩාහාරය. සෙනාසනය, ගිලන්පසය, බෙහෙත් පිරිකරය යන මෙය වළඳමුද, අපට ඔවුන්ගේ ඒ දන්දීම්ද, මහත්ඵල වන්නාහුය. මහා ආනිසංස වන්නාහුය, අපගේද, මේ මහණකම හිස් නොවන්නේය, ඵල සහිත වන්නේය, වැඩීම් සහිත වන්නේයයි. මහණෙනි, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි.
|
436
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු න සමණසාමීචිප්පටිපදං පටිපන්නො හොති? යස්ස කස්සචි, භික්ඛවෙ, භික්ඛුනො අභිජ්ඣාලුස්ස අභිජ්ඣා අප්පහීනා හොති, බ්‍යාපන්නචිත්තස්ස බ්යාපාදො අප්පහීනො හොති, කොධනස්ස කොධො අප්පහීනො හොති, උපනාහිස්ස උපනාහො අප්පහීනො හොති, මක්ඛිස්ස මක්ඛො අප්පහීනො හොති, පළාසිස්ස පළාසො අප්පහීනො හොති, ඉස්සුකිස්ස ඉස්සා අප්පහීනා හොති, මච්ඡරිස්ස මච්ඡරියං අප්පහීනං හොති
|
436
“මහණෙනි, මහණතෙම කෙසේ නම් ශ්‍රමණ සාමීචි ප්‍රතිපදාව පිළිපදින්නෙක් වෙයිද, මහණෙනි, අභිද්‍යා (දැඩිලෝභය) බහුලවූ යම්කිසි මහණෙකුගේ දැඩි ලෝභය නැති නොවූයේ වේද, ව්‍යාපාද සිත් (අනුන්ගේ විනාශය කැමති සිත්) ඇත්තහුගේ ඒ ව්‍යාපාදය, නැති නොවූයේ වේද, ක්‍රොධ කරන (කිපෙනසුළු) පුද්ගලයාගේ ඒ ක්‍රෝධය නැති නොවූයේ වේද, බද්ධ වෛර ඇත්තහුගේ ඒ බද්ධ වෛරය, නැති නූවූයේ වේද, මකුගුණ ඇත්තහුගේ ඒ මකුගුණය, නැති නූවූයේ වේද, යුගග්‍රාහ (ගුණ නැතිව සිටිමින් උසස් ගුණවතුන් හා තමා සමානයයි සැලකීම) ඇත්තහුගේ ඒ යුගග්‍රාහය, නැති නූවූයේ වේද, ඊර්ෂ්‍යාව ඇත්තහුගේ ඒ ඊර්ෂ්‍යාව නැති නූවූයේ වේද, මාත්සර්‍ය්‍යය (මසුරුකම) ඇත්තහුගේ මාත්සර්‍ය්‍යය නැති නූවූයේ වේද, කෛරාටික වූවහුගේ ඒ කෛරාටික බව නැති නුවූයේ වේද, රැවටිලි ඇත්තහුගේ ඒ රැවටිල්ල නැති නුවූයේ වේද, ලාමක අදහස් ඇත්තහුගේ ඒ ලාමක අදහස් නැති නුවූයේ වේද, මිථ්‍යාදෘෂ්ටි ඇත්තහුගේ ඒ මිථ්‍යාදෘෂ්ටිය නැති නුවූයේ වේද, මහණෙනි, මම වනාහි ශ්රමණයන් කිලිටි කරන ශ්‍රමණ මලයන්වූ, ශ්රමණයන් දූෂ්‍ය කරන ශ්‍රමණ දෝෂයන්වූ ශ්රමණයන් සාර රහිත කරන ශ්‍රමණ කසටයන්වූ, අපායෙහි ඉපදීමට කරුණුවූ, දුගතියෙහි, විපාක විඳීමට සලසන්නාවූ, මේ දෝෂයන් නැති නොකළ තැනැත්තා ශ්‍රමණ ප්‍රතිපදාවෙහි පිළිපන්නේයයි නොකියමි. මහණෙනි, යම්සේ දෙපස මුවහත් ඇති පණපොවා මුවහත් තැබුවාවූ, මටජ නම් ආයුධ විශේෂයක් වේද, එය දෙපොට සිවුරකින් වසන ලද්දේ මනාව වෙළන ලද්දේ වේද, මහණෙනි, මෙබඳු මහණහුගේ මහණකම සිවුරෙන් වැසූ මටජ නම් දෙපැත්ත කැපෙන ආයුධයට සමාන යයි කියමි.
|
437
‘‘නාහං, භික්ඛවෙ, සඞ්ඝාටිකස්ස සඞ්ඝාටිධාරණමත්තෙන සාමඤ්ඤං වදාමි. නාහං, භික්ඛවෙ, අචෙලකස්ස අචෙලකමත්තෙන සාමඤ්ඤං වදාමි. නාහං, භික්ඛවෙ, රජොජල්ලිකස්ස රජොජල්ලිකමත්තෙන සාමඤ්ඤං වදාමි. නාහං, භික්ඛවෙ
‘‘සඞ්ඝාටිකස්ස චෙ, භික්ඛවෙ, සඞ්ඝාටිධාරණමත්තෙන අභිජ්ඣාලුස්ස
‘‘අචෙලකස්ස චෙ, භික්ඛවෙ...පෙ.... රජොජල්ලිකස්ස චෙ, භික්ඛවෙ...පෙ.... උදකොරොහකස්ස චෙ, භික්ඛවෙ...පෙ.... රුක්ඛමූලිකස්ස
|
437
“මහණෙනි, සඟළ සිවුරු දරන්නහුගේ සඟළ සිව්රු දැරීම් පමණින් ශ්‍රමණ වේයයි මම නොකියමි. මහණෙනි, මම අචෙලකයාගේ (වස්ත්‍ර නොඅඳින්නාගේ) අචෙලක කමින් පමණක් ශ්‍රමණ වේයයි මම නොකියමි.
“මහණෙනි, දූවිලි දැලි දරන්නහුගේ ඒ දූවිලි දැලි දැරීම් පමණින් ඔහු ශ්‍රමණයයි මම නොකියමි. මහණෙනි, (දවසට තුන් වරක් ව්‍රත පිණිස) දියට බසින්නහුගේ ඒ දියට බැසීම පමණින් ඔහු ශ්‍රමණයයි මම නොකියමි. මහණෙනි, ගසක් මුල හිඳින්න හුගේ ඒ ගසමුල හිඳීම් පමණින් ඔහු ශ්‍රමණයයි මම නොකියමි මහණෙනි, අභ්‍යවකාශයෙහි (එළිමහනෙහි) සිටින්නහුගේ ඒ අභ්‍යවකාශයෙහි සිටීම් පමණින් ඔහු ශ්‍රමණයයි මම නොකියමි. මහණෙනි, උඩුකුරුව සිටින්නහුගේ ඒ උඩුකුරුවසිටීම් පමණින් ඔහු ශ්‍රමණයයි මම නොකියමි. මහණෙනි, වාර භක්තිකයාගේ (පක්ෂයකට හෝ මසකට වරක් බත් කන්නහුගේ) ඒ වාර භක්තමාත්‍රයෙන් ඔහු ශ්‍රමණයයි මම නොකියමි. මහණෙනි, මන්ත්‍ර හදාරන්නහුගේ ඒ මන්ත්‍ර, හැදෑරීම් පමණින් ඔහු ශ්‍රමණයයි මම නොකියමි. මහණෙනි ජටා දරන්නහුගේ ඒ ජටා දැරීම් පමණින් ඔහු ශ්‍රමණයයි මම නොකියමි.
“මහණෙනි, දැඩි ලෝභය බහුල කොට ඇති සඟල සිවුරු දරන්නාගේ ඒ සඟල සිවුරු දැරීම් පමණින් දැඩි ලෝභය නැතිවන්නේ නම්, ව්‍යාපාද සිත් ඇත්තාගේ ව්‍යාපාද සිත නැතිවන්නේ නම්, ක්‍රොධ කරන්නාගේ ක්‍රෝධය නැතිවන්නේ නම්, බද්ධ වෛර ඇත්තහුගේ බද්ධ වෛරය නැතිවන්නේ නම්, ගුණමකු බව ඇත්තහුගේ ගුණමකු බව නැතිවන්නේ නම්, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තහුගේ, අනුන්ගේ දොස් සොයන ගතිය නැතිවන්නේ නම්, ඊර්ෂ්‍යාව ඇත්තහුගේ ඊර්ෂ්‍යාව නැතිවන්නේ නම් මසුරු බව ඇත්තහුගේ මසුරු බව නැතිවන්නේ නම්, කෛරාටික වූවහුගේ කෛරාටික බව නැතිවන්නේ නම්, රැවටිලි ඇත්තහුගේ රැවටිලි ගතිය නැති වන්නේ නම්, ලාමක අදහස් ඇත්තහුගේ ලාමක අදහස් නැතිවන්නේ නම්, මිථ්‍යාදෘෂ්ටි ඇත්තහුගේ මිථ්‍යාදෘෂ්ටිය නැතිවන්නේ නම්, අඳුනන මිත්‍රයෝද නෑ සහ ලේ නෑයෝද ඔහු උපන් කෙනෙහිම සිවුරු දරන්නෙකු කරන්නාහුය. සිවුරු දැරීමෙහි සමාදන් කරවන්නාහුය. (කෙසේද?) යහපත් තැනැත්ත මෙහි එව, නුඹ සඟල සිවුරු දරන්නෙක් වෙව, සඟල සිවුරු දරන්නාවූම දැඩි ලෝභ බහුලවූ නුඹගේ දැඩි ලෝභය පහවන්නේය. ව්‍යාපාද සිත් ඇති නුඹගේ ව්‍යාපාද සිත පහවන්නේය. ක්‍රොධ සිත් ඇති නුඹගේ ක්‍රොධ සිත පහවන්නේය. බද්ධ වෛරය ඇති නුඹගේ බද්ධවෛරය පහවන්නේය. ගුණමකු බව ඇති නුඹගේ ගුණමකු බව පහවන්නේය. අනුන්ගේ දොස් සොයන ගති ඇති නුඹගේ අනුන්ගේ දොස් සොයන ගතිය පහවන්නේය. ඊර්ෂ්‍යාව ඇති නුඹගේ ඊර්ෂ්‍යාව පහවන්නේය. මසුරු බව ඇති නුඹගේ මසුරු බව පහවන්නේය. කෛරාටික බව ඇති නුඹගේ කෛරාටික බව පහවන්නේය. රැවටිලි ඇති නුඹගේ රැවටිලි බව පහවන්නේය. ලාමක අදහස් ඇති නුඹගේ ලාමක අදහස් පහවන්නේය. මිථ්‍යාදෘෂ්ටි ඇති නුඹගේ මිථ්‍යා දෘෂ්ටිය පහවන්නේය. (කියායි.)
“මහණෙනි, යම් හේතුවකින් මේ ලෝකයෙහි දැඩි ලෝභ බහුලවූ, ව්‍යාපාද සිත් ඇත්තාවූ, ක්‍රොධ සිත් ඇත්තාවූ, බද්ධ වෛර ඇත්තාවූ, ගුණමකු බව ඇත්තාවූ, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාවූ, ඊර්ෂ්‍යාව කරන්නාවූ, මසුරුවූ, කෛරාටිකවූ, රැවටිලි සහිතවූ, ලාමක අදහස් ඇත්තාවූ, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාවූ, සඟළ සිවුරු දරන්නෙකු දකිම්ද, එහෙයින් මම සඟළ සිවුරු දරන්නෙකුගේ සඟළ සිවුර දැරීම් පමණින් ඔහු ශ්‍රමණයයි නොකියමි.
“මහණෙනි, දැඩි ලෝභය බහුල කොට ඇති අචෙලකයාගේ (වස්ත්‍ර නැතිව තපස් කරන්නාගේ) ඒ අචෙලක බවෙන්ම දැඩි ලෝභය නැති වන්නේ නම්, ව්‍යාපාද සිත් ඇත්තාගේ ව්‍යාපාද සිත නැතිවන්නේ නම්, ක්‍රොධ කරන්නාගේ ක්‍රෝධය නැතිවන්නේ නම්, බද්ධ වෛර ඇත්තහුගේ බද්ධ වෛරය නැතිවන්නේ නම්, ගුණමකු බව ඇත්තාගේ ගුණමකු බව නැතිවන්නේ නම්, අනුන්ගේ දොස් සොයන තැනැත්තාගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැතිවන්නේ නම්, ඊර්ෂ්‍යාව ඇත්තාගේ ඊර්ෂ්‍යාව නැතිවන්නේ නම්, මසුරු බව ඇත්තාගේ මසුරු බව නැතිවන්නේ නම්, කෛරාටික වූවහුගේ කෛරාටික බව නැතිවන්නේ නම්, රැවටිලි ඇත්තාගේ රැවටිලි ඇති බව නැතිවන්නේ නම්, ලාමක අදහස් ඇත්තාගේ ලාමක අදහස් නැතිවන්නේ නම්, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාගේ මිථ්‍යාදෘෂ්ටිය නැතිවන්නේ නම්, අඳුනන මිත්‍රයෝද නෑ සහ ලේ නෑයෝද ඔහු උපන් කෙණෙහිම අචෙලකයෙකු කරන්නාහුය. අචෙලක බවෙහිම සමාදන් කරවන්නාහුය. (කෙසේද?) යහපත් තැනැත්ත, මෙහි එව, නුඹ අචෙලකයෙක් වෙව. අචෙලක වූ විට දැඩි ලෝභ බහුලවූ නුඹගේ දැඩි ලෝභය නැතිවන්නේය. ව්‍යාපාද සිත් ඇති නුඹගේ ව්‍යාපාද සිත නැතිවන්නේය. ක්‍රොධ සිත් ඇති නුඹගේ ක්‍රොධ සිත නැතිවන්නේය. බද්ධ වෛරය ඇති නුඹගේ බද්ධ වෛරය නැතිවන්නේය. ගුණ මකු බව ඇති නුඹගේ ගුණමකු බව නැතිවන්නේය. අනුන්ගේ දොස් සොයන ගති ඇති නුඹගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැතිවන්නේය. ඊර්ෂ්‍යාව ඇති නුඹගේ ඊර්ෂ්‍යාව නැතිවන්නේය. මසුරු බව ඇති නුඹගේ මසුරු බව නැතිවන්නේය, කෛරාටික බව ඇති නුඹගේ කෛරාටික බව නැතිවන්නේය. රැවටිලි බව ඇති නුඹගේ රැවටිලි බව නැතිවන්නේය. ලාමක අදහස් ඇති නුඹගේ ලාමක අදහස් නැතිවන්නේය. මිථ්‍යාදෘෂ්ටි ඇති නුඹගේ මිථ්‍යාදෘෂ්ටිය නැති වන්නේය (කියාය.)
“මහණෙනි, යම් හේතුවකින් මේ ලෝකයෙහි දැඩි ලෝභ බහුලවූ, ව්‍යාපාද සිත් ඇත්තාවූ, ක්‍රොධ සිත් ඇත්තාවූ, බද්ධ වෛර ඇත්තාවූ, ගුණමකු බව ඇත්තාවූ අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාවූ ඊර්ෂ්‍යා කරන්නාවූ, මසුරුවූ, කෛරාටික වූ රැවටිලි සහිතවූ, ලාමක අදහස් ඇත්තාවූ, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාවූ අචෙලකයෙකු දකිම්ද, එහෙයින් අචෙලකයෙකු අචෙලක වත දැරූ පමණින් ශ්‍රමණයයි නොකියමි.
“මහණෙනි, දැඩි ලෝභය බහුල කොට ඇති දූවිලි දැලි දරන්නාගේ ඒ දූවිලි දැලි දැරීම් පමණින් දැඩි ලෝභය නැති වන්නේ නම්, ව්‍යාපාද සිත් ඇත්තාගේ ව්‍යාපාද සිත නැති වන්නේ නම්, ක්‍රොධ කරන්නාගේ ක්‍රෝධය නැතිවන්නේ නම්, බද්ධ වෛර ඇත්තාගේ බද්ධ වෛරය නැතිවන්නේ නම්, ගුණමකු බව ඇත්තාගේ ගුණමකු බව නැතිවන්නේ නම්, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැතිවන්නේ නම්, ඊර්ෂ්‍යාව ඇත්තාගේ ඊර්ෂ්‍යාව නැතිවන්නේ නම්, මසුරු බව ඇත්තාගේ මසුරු බව නැති වන්නේ නම්, කෛරාටික වූවහුගේ කෛරාටික බව නැති වන්නේ නම්, රැවටිලි ඇත්තාගේ රැවටිලි ගතිය නැතිවන්නේ නම්, ලාමක අදහස් ඇත්තාගේ ලාමක අදහස් නැතිවන්නේ නම්, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාගේ මිථ්‍යාදෘෂ්ටිය නැතිවන්නේ නම්, ඔහුගේ අඳුනන මිත්‍රයෝද නෑ සහලේ නෑයෝද ඔහු උපන් කෙණෙහිම දූවිලි දැලි දරන්නෙකු කරන්නාහුය. දූවිලි දැලි දරන බවෙහිම සමාදන් කරවන්නාහුය (කෙසේද?) යහපත් තැනැත්ත, මෙහි එව, නුඹ දූවිලි දැලි දරන්නෙක් වෙව. දූවිලි දැලි දරන්නාවූම දැඩි ලෝභ බහුලවූ නුඹගේ දැඩි ලෝභය නැති වන්නේය. ව්‍යාපාද සිත් ඇති නුඹගේ ව්‍යාපාද සිත නැති වන්නේය. ක්‍රොධ සිත් ඇති නුඹගේ ක්‍රොධ සිත නැති වන්නේය. බද්ධ වෛරය ඇති නුඹගේ බද්ධ වෛරය නැති වන්නේය. ගුණ මකු බව ඇති නුඹගේ ගුණමකු බව නැති වන්නේය. අනුන්ගේ දොස් සොයන ගති ඇති නුඹගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැති වන්නේය. ඊර්ෂ්‍යාව ඇති නුඹගේ ඊර්ෂ්‍යාව නැති වන්නේය. මසුරු බව ඇති නුඹගේ මසුරු බව නැති වන්නේය. කෛයිරාටික බව ඇති නුඹගේ කෛරාටික බව නැති වන්නේය. රැවටිලි ගති ඇති නුඹගේ රැවටිලි ගතිය නැති වන්නේය. ලාමක අදහස් ඇති නුඹගේ ලාමක අදහස් නැති වන්නේය. මිථ්‍යාදෘෂ්ටි ඇති නුඹගේ මිථ්‍යාදෘෂ්ටිය නැති වන්නේය’ (කියායි.)
“මහණෙනි, යම් හේතුවකින් මේ ලෝකයෙහි දැඩි ලෝභ බහුලවූ, ව්‍යාපාද සිත් ඇත්තාවූ, ක්‍රොධ සිත් ඇත්තාවූ, බද්ධ වෛර ඇත්තාවූ, ගුණමකු බව ඇත්තාවූ, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාවූ, ඊර්ෂ්‍යා කරන්නාවූ, මසුරුවූ, කෛරාටිකවූ, රැවටිලි සහිතවූ, ලාමක අදහස් ඇත්තාවූ, මිථ්‍යා දෘෂ්ටි ඇත්තාවූ, දූවිලි දැලි දරන්නෙකු දකිම්ද, එහෙයින් දූවිලි දැලි දරන්නෙකුගේ ඒ දූවිලි දැලි දැරීම් පමණින් ඔහු ‘ශ්‍රමණ’ යයි නොකියමි.
“මහණෙනි, දැඩි ලෝභය බහුල කොට ඇති (ශුද්ධිය පිණිස) දියට බසින්නාගේ ඒ දියට බැසීම් පමණින් දැඩි ලෝභය නැති වන්නේ නම්, ව්‍යාපාද සිත් ඇත්තාගේ ව්‍යාපාද සිත නැති වන්නේ නම්, ක්‍රොධ කරන්නාගේ ක්‍රොධ සිත නැති වන්නේනම්, බද්ධ වෛර ඇත්තාගේ බද්ධ වෛරය නැතිවන්නේ නම්, ගුණමකු බව ඇත්තාගේ ගුණමකු බව නැති වන්නේ නම්, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාගේ අනුන්ගේ දොස් සොයන ගති නැති වන්නේ නම්, ඊර්ෂ්‍යාව ඇත්තාගේ ඊර්ෂ්‍යාව නැති වන්නේ නම්, මසුරු බව ඇත්තාගේ මසුරු බව නැති වන්නේ නම්, කෛරාටික වූවහුගේ කෛරාටික බව නැති වන්නේ නම්, රැවටිලි ඇත්තාගේ රැවටිලි ගතිය නැති වන්නේ නම්, ලාමක අදහස් ඇත්තාගේ ලාමක අදහස් නැති වන්නේ නම්, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාගේ මිථ්‍යාදෘෂ්ටිය නැති වන්නේ නම්, ඔහුගේ අඳුනන මිත්‍රයෝද නෑ සහ ලේ නෑයෝද ඔහු උපන් කෙණෙහිම දියට බැසීමේ වත ඇත්තෙකු කරන්නාහුය. දියට බසින වතෙහිම සමාදන් කරවන්නාහුය. (කෙසේද?) යහපත් තැනැත්ත, මෙහි එව, නුඹ දියට බසින වත ඇත්තෙක් වෙව, දියට බසින වත ඇත්තාවූම දැඩි ලෝභ බහුලවූ නුඹගේ දැඩි ලෝභය නැති වන්නේය. ව්‍යාපාද සිත් ඇති නුඹගේ ව්‍යාපාද සිත නැති වන්නේය. ක්‍රෝධය ඇති නුඹගේ ක්‍රෝධය නැති වන්නේය. බද්ධ වෛරය ඇති නුඹගේ බද්ධ වෛරය නැති වන්නේය. ගුණමකු බව ඇති නුඹගේ ගුණමකු බව නැති වන්නේය. අනුන්ගේ දොස් සොයන ගති ඇති නුඹගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැති වන්නේය. ඊර්ෂ්‍යාව ඇති නුඹගේ ඊර්ෂ්‍යාව නැතිවන්නේය. මසුරු බව ඇති නුඹගේ මසුරු බව නැති වන්නේය. කෛරාටික බව ඇති නුඹගේ කෛරාටික බව නැති වන්නේය. රැවටිලි ගති ඇති නුඹගේ රැවටිලි ගතිය නැති වන්නේය. ලාමක අදහස් ඇති නුඹගේ ලාමක අදහස් නැති වන්නේය. මිථ්‍යාදෘෂ්ටිය ඇති නුඹගේ මිථ්‍යාදෘෂ්ටිය නැති වන්නේය’ (කියාය.)
“මහණෙනි, යම් හේතුවකින් මේ ලෝකයෙහි දැඩි ලෝභ බහුලවූ, ව්‍යාපාද සිත් ඇත්තාවූ, ක්‍රොධ සිත් ඇත්තාවූ, බද්ධ වෛර ඇත්තාවූ, ගුණමකු බව ඇත්තාවූ, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාවූ, ඊර්ෂ්‍යා කරන්නාවූ, මසුරුවූ, කෛරාටිකවූ, රැවටිලි සහිතවූ, ලාමක අදහස් ඇත්තාවූ, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාවූ, (ශුද්ධිය පිණිස) දියට බසින වත ඇත්තෙකු දකිම්ද, එහෙයින් දියට බසින වත ඇත්තෙකුගේ දියට බසින වත ඇති පමණින් ඔහු ‘ශ්‍රමණ’යයි මම නොකියමි
“මහණෙනි, දැඩි ලෝභය බහුලකොට ඇති රුක් මුල හිඳින්නාගේ ඒ රුක් මුල හිඳීම් පමණින් දැඩි ලෝභය නැති වන්නේ නම්, ව්‍යාපාද සිත් ඇත්තාගේ ව්‍යාපාද සිත නැති වන්නේ නම්, ක්‍රොධ කරන්නාගේ ක්‍රෝධය නැති වන්නේ නම් බද්ධවෛර ඇත්තාගේ බද්ධවෛරය නැති වන්නේ නම්, ඊර්ෂ්‍යාව ඇත්තාගේ ඊර්ෂ්‍යාව නැති වන්නේ නම්, මසුරුබව ඇත්තාගේ මසුරුබව නැතිවන්නේ නම්, කෛරාටික වූවහුගේ කෛරාටික බව නැති වන්නේ නම්, රැවටිලි ගතිය ඇත්තහුගේ රැවටිලි ගතිය නැති වන්නේ නම්, ලාමක අදහස් ඇත්තාගේ ලාමක අදහස් නැති වන්නේ නම්, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාගේ මිථ්‍යාදෘෂ්ටිය නැති වන්නේ නම්, ඔහුගේ අඳුනන මිත්‍රයෝද නෑ සහ ලේ නෑයෝද ඔහු උපන් කෙනෙහිම රුක් මුල හිඳීමේ වත ඇත්තෙකු කරන්නාහුය. රුක් මුල හිඳීමේ වතෙහිම සමාදන් කරවන්නාහුය. (කෙසේද?) යහපත් තැනැත්ත, මෙහි එව, නුඹ රුක් මුල හිඳීමේ වත ඇත්තෙක් වෙව. රුක් මුල හිඳීමේ වත දරන්නාවූ ම දැඩි ලෝභ බහුලවූ නුඹගේ දැඩි ලෝභය, නැති වන්නේය. ව්‍යාපාද සිත් ඇති නුඹගේ ව්‍යාපාද සිත නැති වන්නේය.
“මහණෙනි, යම් හේතුවකින් දැඩි ලෝභ බහුලවූ, ව්‍යාපාද සිත් ඇත්තාවූ, ක්‍රොධ සිත් ඇත්තාවූ, බද්ධ වෛර ඇත්තාවූ, අනුන්ගේ දොස් සොයන්නාවූ, ඊර්ෂ්‍යා කරන්නාවූ, මසුරුවූ, කෛරාටිකවූ, රැවටිලි සහිතවූ, ලාමක අදහස් ඇත්තාවූ, මිථ්‍යාදෘෂ්ටිවූ රුක්මුල හිඳින වත ඇත්තෙකු දකිම්ද, එහෙයින් රුක්මුල හිඳින වත ඇත්තෙකුගේ ඒ රුක්මුල හිඳීම් පමණින් ඔහු ‘ශ්‍රමණ’යයි නොකියමි.
|