ත්‍රිපිටකය
4. මහායමකවග්ගො 4. මහා යමක වර්ගය
1. චූළගොසිඞ්ගසුත්තං 1. චූලගොසිංග සූත්‍රය
2. මහාගොසිඞ්ගසුත්තං 2. මහා ගොසිංග සූත්‍රය
3. මහාගොපාලකසුත්තං 3. මහා ගොපාල සූත්‍රය
4. චූළගොපාලකසුත්තං 4. චූල ගොපාලක සූත්‍රය
5. චූළසච්චකසුත්තං 5. චූල සච්චක සූත්‍රය
6. මහාසච්චකසුත්තං 6. මහා සච්චක සූත්‍රය
364
එවං මෙ සුතං - එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. තෙන ඛො පන සමයෙන භගවා පුබ්බණ්හසමයං සුනිවත්ථො හොති පත්තචීවරමාදාය වෙසාලිං පිණ්ඩාය පවිසිතුකාමො (පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය... පවිසිතුකාමො හොති (සී.)). අථ ඛො සච්චකො නිගණ්ඨපුත්තො ජඞ්ඝාවිහාරං අනුචඞ්කමමානො අනුවිචරමානො යෙන මහාවනං කූටාගාරසාලා තෙනුපසඞ්කමි. අද්දසා ඛො ආයස්මා ආනන්දො සච්චකං නිගණ්ඨපුත්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන භගවන්තං එතදවොච - ‘‘අයං, භන්තෙ, සච්චකො නිගණ්ඨපුත්තො ආගච්ඡති භස්සප්පවාදකො පණ්ඩිතවාදො සාධුසම්මතො බහුජනස්ස. එසො ඛො, භන්තෙ, අවණ්ණකාමො බුද්ධස්ස, අවණ්ණකාමො ධම්මස්ස, අවණ්ණකාමො සඞ්ඝස්ස. සාධු, භන්තෙ, භගවා මුහුත්තං නිසීදතු අනුකම්පං උපාදායා’’ති. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. අථ ඛො සච්චකො නිගණ්ඨපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි, සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සච්චකො නිගණ්ඨපුත්තො භගවන්තං එතදවොච -
364
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ විසාලා මහනුවර මහාවනයෙහි කූටාගාරශාලාවෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි පා සිව්රු ගෙන විසාලාමහනුවරට පිඩුපිණිස වඩිනු කැමතිව මනාව හැඳ පෙරව වැඩ සිටියහ. එවිට සච්චක නිගණ්ඨ පුත්‍රතෙමේ පයින් සක්මන් කිරීම සඳහා ඇවිදින අතර මහාවනයෙහි කූටාගාර ශාලාව යම් තැනෙක්හිද එහි පැමිණියේය. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ එන්නාවූ සච්චක නිගණ්ඨපුත්‍රයා දුරදීම දුටහ. දැක භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, කථාවෙහි දක්ෂවූ තමා පණ්ඩිතයෙකැයි කියන්නාවූ, බොහෝ දෙනා විසින් සම්මාන කරණ ලද්දාවූ මේ සච්චක නිගණ්ඨ පුත්‍රතෙම එන්නේය. ස්වාමීනි, මෙතෙම වනාහි බුදුන්ගේ අගුණ කියනු කැමැත්තේය. ධර්මයෙහි අගුණ කියනු කැමැත්තේය. සංඝයාගේ අගුණ කියනු කැමැත්තේය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා උපදවා මොහොතක් වැඩහිඳිනු මැනවැ”යි කීහ. භාග්‍යවතුන් වහන්සේ පණවනලද අස්නෙහි වැඩහුන්හ.
ඉක්බිති සච්චක නිගණ්ඨපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනක්හිද එතනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු වියයුතුවූ, සිහිකටයුතුවූ, කථාව කොට නිමවා එකපැත්තක උන්නේය. එක පැත්තක උන්නාවූ සච්චක නිගණ්ඨ පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය.
365
‘‘සන්ති, භො ගොතම, එකෙ සමණබ්‍රාහ්මණා කායභාවනානුයොගමනුයුත්තා විහරන්ති, නො චිත්තභාවනං. ඵුසන්ති හි තෙ, භො ගොතම, සාරීරිකං දුක්ඛං වෙදනං. භූතපුබ්බං, භො ගොතම, සාරීරිකාය දුක්ඛාය වෙදනාය ඵුට්ඨස්ස සතො ඌරුක්ඛම්භොපි නාම භවිස්සති, හදයම්පි නාම ඵලිස්සති, උණ්හම්පි ලොහිතං මුඛතො උග්ගමිස්සති, උම්මාදම්පි පාපුණිස්සති (පාපුණිස්සන්ති (ස්‍යා. කං.)) චිත්තක්ඛෙපං. තස්ස ඛො එතං, භො ගොතම, කායන්වයං චිත්තං හොති, කායස්ස වසෙන වත්තති. තං කිස්ස හෙතු? අභාවිතත්තා චිත්තස්ස. සන්ති පන, භො ගොතම, එකෙ සමණබ්‍රාහ්මණා චිත්තභාවනානුයොගමනුයුත්තා විහරන්ති, නො කායභාවනං. ඵුසන්ති හි තෙ, භො ගොතම, චෙතසිකං දුක්ඛං වෙදනං. භූතපුබ්බං, භො ගොතම, චෙතසිකාය දුක්ඛාය වෙදනාය ඵුට්ඨස්ස සතො ඌරුක්ඛම්භොපි නාම භවිස්සති, හදයම්පි නාම ඵලිස්සති, උණ්හම්පි ලොහිතං මුඛතො උග්ගමිස්සති, උම්මාදම්පි පාපුණිස්සති චිත්තක්ඛෙපං. තස්ස ඛො එසො, භො ගොතම, චිත්තන්වයො කායො හොති, චිත්තස්ස වසෙන වත්තති. තං කිස්ස හෙතු? අභාවිතත්තා කායස්ස . තස්ස මය්හං, භො ගොතම, එවං හොති - ‘අද්ධා භොතො ගොතමස්ස සාවකා චිත්තභාවනානුයොගමනුයුත්තා විහරන්ති, නො කායභාවන’’’න්ති.
365
“භවත් ගෞතමයෙනි, කායභාවනාවෙහි යෙදී වාසය කරන්නාවූ, එහෙත් චිත්ත භාවනාවක් නොකරන්නාවූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. භවත් ගෞතමයෙනි, ඔවුහු ශරීරයෙහි හටගත් දුක් වේදනාව විඳිත්. භවත් ගෞතමයෙනි, පෙරවූවක් කියමි. ශරීරයෙහි හටගත්තාවූ දුක් වේදනා විඳින්නහුට කලවා හිරිවැටීමද, ළයද පැළෙන්නේය. උණුලේද වමනය කරන්නේය. උමතු බවටද, හිත අවුල් බවටද පැමිණෙන්නේය. භවත් ගෞතමයාණෙනි, ඔහුගේ සිත කය අනුව ගියේ වෙයි. කයට අනුව පවතියි. ඊට හේතු කවරේද? සිත නොවැඩූ හෙයිනි, භවත් ගෞතමයෙනි, චිත්තභාවනාවෙහි යෙදෙන්නාවූ එහෙත් කාය භාවනාවක් නොකරන්නාවූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. භවත් ගෞතමයානෙනි, ඔවුහු චෛතසිකවූ දුක් වේදනා විඳිත්. භවත් ගෞතමයෙනි, පෙර වූවක් කියමි. සිතේ දුක් වේදනාවෙන් පෙළෙන්නාහට කලවා තදවීමක්ද වන්නේය. ළයද පැළෙන්නේය. උණුලේද වමනය කරන්නේය. උමතු බවටද, සිත අවුල් බවටද, පැමිණෙන්නේය.
“භවත් ගෞතමයෙනි, ඔහුගේ මේ ශරීරය සිත අනුව ගියේ වෙයි. සිතට අනුව පවතියි. ඊට හේතු කවරේද? ශරීරය නොවැඩූ බැවිනි, භවත් ගෞතමයෙනි, ඒ මට මෙසේ සිතක් වෙයි. ඒකාන්තයෙන් භවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ චිත්ත භාවනානුයොගයෙහි යෙදුනාහු වාසය කරති. කායභාවනාවෙහි නොයෙදුනාහුය”යි (කියායි.)
366
‘‘කින්ති පන තෙ, අග්ගිවෙස්සන, කායභාවනා සුතා’’ති? ‘‘සෙය්‍යථිදං - නන්දො වච්ඡො, කිසො සංකිච්චො, මක්ඛලි ගොසාලො - එතෙහි, භො ගොතම, අචෙලකා මුත්තාචාරා හත්ථාපලෙඛනා නඑහිභද්දන්තිකා නතිට්ඨභද්දන්තිකා (නඑහිභදන්තිකා, නතිට්ඨභදන්තිකා (සී. ස්‍යා. කං. පී. ක.)) න අභිහටං න උද්දිස්සකතං න නිමන්තනං සාදියන්ති, තෙ න කුම්භිමුඛා පටිග්ගණ්හන්ති න කළොපිමුඛා පටිග්ගණ්හන්ති න එළකමන්තරං න දණ්ඩමන්තරං න මුසලමන්තරං න ද්වින්නං භුඤ්ජමානානං න ගබ්භිනියා න පායමානාය න පුරිසන්තරගතාය න සඞ්කිත්තීසු න යත්ථ සා උපට්ඨිතො හොති න යත්ථ මක්ඛිකා සණ්ඩසණ්ඩචාරිනී , න මච්ඡං න මංසං න සුරං න මෙරයං න ථුසොදකං පිවන්ති. තෙ එකාගාරිකා වා හොන්ති එකාලොපිකා, ද්වාගාරිකා වා හොන්ති ද්වාලොපිකා...පෙ.... සත්තාගාරිකා වා හොන්ති සත්තාලොපිකා. එකිස්සාපි දත්තියා යාපෙන්ති, ද්වීහිපි දත්තීහි යාපෙන්ති...පෙ.... සත්තහිපි දත්තීහි යාපෙන්ති. එකාහිකම්පි ආහාරං ආහාරෙන්ති, ද්වීහිකම්පි ආහාරං ආහාරෙන්ති...පෙ.... සත්තාහිකම්පි ආහාරං ආහාරෙන්ති. ඉති එවරූපං අද්ධමාසිකම්පි පරියායභත්තභොජනානුයොගමනුයුත්තා විහරන්තී’’ති.
‘‘කිං පන තෙ, අග්ගිවෙස්සන, තාවතකෙනෙව යාපෙන්තී’’ති? ‘‘නො හිදං, භො ගොතම. අප්පෙකදා, භො ගොතම, උළාරානි උළාරානි ඛාදනීයානි ඛාදන්ති, උළාරානි උළාරානි භොජනානි භුඤ්ජන්ති, උළාරානි උළාරානි සායනීයානි සායන්ති, උළාරානි උළාරානි පානානි පිවන්ති. තෙ ඉමං කායං බලං ගාහෙන්ති නාම, බ්‍රූහෙන්ති නාම, මෙදෙන්ති නාමා’’ති.
‘‘යං ඛො තෙ, අග්ගිවෙස්සන, පුරිමං පහාය පච්ඡා උපචිනන්ති, එවං ඉමස්ස කායස්ස ආචයාපචයො හොති. කින්ති පන තෙ, අග්ගිවෙස්සන, චිත්තභාවනා සුතා’’ති? චිත්තභාවනාය ඛො සච්චකො නිගණ්ඨපුත්තො භගවතා පුට්ඨො සමානො න සම්පායාසි.
366
“අග්ගිවෙස්සනය, නුඹ විසින් කාය භාවනාව කුමකැයි අසන ලදද?”
“මෙසේ අසනලදී. එනම්: භවත් ගෞතමයෙනි, නන්දවච්ඡය, කිසසංකිච්චය, මක්ඛලිගොසාලය යන මොවුහු වස්ත්‍ර නොහඳින්නෝය, යහපත් පැවතුම් නැත්තෝය. අත ලෙවකන්නෝය නොහොත් අතින් මල පිසදමන්නෝය. එව, වහන්ස, කියා දුන් දෙය නොපිළිගනිත්. සිටුව, වහන්ස, කියා දුන් දෙය නොපිළිගනිත්. ඉදිරියෙන් ගෙනෙනලද දෙය නොපිළිගනිත්. ඔවුන් උදෙසා කරනලද දෙය නොපිළිගනිත්. ආරාධනාකොට දුන් දෙය නොපිළිගනිත්. කළකටින් ගෙන දුන් දෙය නොපිළිගනිත්. සැලි කටින් ගෙන දුන් දෙය නොපිළිගනිත්. එලිපත අතරකොට දුන් දෙය නොපිළිගනිත්. දණ්ඩක් අතරකොට සිට දුන් දෙය නොපිළිගනිත්. මෝල්ගසක් අතර කොට දුන් දෙය නොපිළිගනිත්. අනුභව කරන්නාවූ දෙදෙනෙකුගෙන් එකෙකු දුන් දෙය නොපිළිගනිත්. ගැබිණිය විසින් දුන් දෙය නොපිළිගනිත්. කිරි පොවන්නිය විසින් දුන් දෙය නොපිළිගනිත්. පුරුෂයෙකු වෙත ගිය තැනැත්තිය විසින් දුන් දෙය නොපිළිගනිත්. සම්මාදම් කළ දෙයින් කිසිවක් නොපිළිගනිත්. යම් තැනක බල්ලෙක් පැමිණ සිටියේ නම් (ඔහුට නොදී) එහිදී දුන් දෙය නොපිළිගනිත්. යම් තැනක මැස්සෝ කැටි කැටිව හැසිරෙද්ද, එහිදී දුන් දෙය නොපිළිගනිත්. දිය මස් නොකන්නාහ. ගොඩ මස් නොකන්නාහ. සුරා නොබොන්නාහ. (මල් යුසින්) කළ මත් පැන් නොබොන්නාහ කාඩි දිය නොබොන්නාහ. ඔවුහු එක ගෙයකින් පමණක් පිඩු සිඟන්නෝ හෝ වෙත්. එකම බත්පිඩකින් යැපෙන්නෝ හෝ වෙත්. ගෙවල් දෙකක පිඩු සිඟන්නෝ හෝ වෙත්. බත් පිඩු දෙකකින් යැපෙන්නෝ හෝ වෙත්. ගෙවල් සතක පිඩු සිඟන්නෝ හෝ වෙත්. බත් පිඩු සතකින් යැපෙන්නෝ හෝ වෙත්. එක් කුඩා බත් තැටියකින් යැපෙන්නෝ හෝ වෙත්. බත්තැටි දෙකකින් යැපෙන්නෝ හෝ වෙත්. බත් තැටි සතකින් යැපෙන්නෝ හෝ වෙත්. එක දවසකට වරක් හෝ ආහාර ගනිති. දෙදිනකට වරක් හෝ ආහාර ගනිති. සත්දිනකට වරක් හෝ ආහාර ගනිති. මෙසේ අඩමසකට වරක් ආහාර ගනිමින්ද වාර භොජනයෙහි යෙදී වාසය කරන්නාහ.”
“අග්ගිවෙස්සනය, කිමෙක්ද ඔවුහු එපමණකින්ම යැපෙත්ද?”
“භවත් ගෞතමයාණෙනි, ඒ එසේ නොවේමැයි. භවත් ගෞතමයාණෙනි, ඇතැම් දවස්වල ඔවුහු ඉතා ප්‍රණීත කෑම කන්නෝය, ඉතා ප්‍රණීත භොජන වළඳන්නෝය, ඉතා ප්‍රණීත දෙය රසවිඳින්නෝය. ඉතා ප්‍රණීත පාන පානය කරන්නාහුය. ඔවුහු මේ ආහාරයන් කරණ කොටගෙන ශරීරය බලගන්වත්; වඩත්; ඔජා වර්ධනය කරත්.”
“අග්ගිවෙස්සනය, යම් හෙයකින් ඔවුහු පළමු කළ දුෂ්කර ක්‍රියා හැර පසුව ප්‍රණීත ආහාරයෙන් ශරීරය වඩත්ද, මෙසේ මේ ශරීරයාගේ වැඩීම හා නොවැඩීම වෙයි.
“අග්ගිවෙස්සනය, නුඹ විසින් චිත්තභාවනාව කුමකැයි කියා අසන ලදද?” භාග්‍යවතුන් වහන්සේ විසින් චිත්තභාවනාව පිළිබඳව විචාරනු ලැබූ සච්චක නිගණ්ඨපුත්‍රතෙම පිළිතුරක් සොයා කියන්නට අසමර්ථ විය.
367
අථ ඛො භගවා සච්චකං නිගණ්ඨපුත්තං එතදවොච - ‘‘යාපි ඛො තෙ එසා, අග්ගිවෙස්සන, පුරිමා කායභාවනා භාසිතා සාපි අරියස්ස විනයෙ නො ධම්මිකා කායභාවනා. කායභාවනම්පි (කායභාවනං හි (සී. පී. ක.)) ඛො ත්වං, අග්ගිවෙස්සන, න අඤ්ඤාසි, කුතො පන ත්වං චිත්තභාවනං ජානිස්සසි ? අපි ච, අග්ගිවෙස්සන, යථා අභාවිතකායො ච හොති අභාවිතචිත්තො ච, භාවිතකායො ච හොති භාවිතචිත්තො ච. තං සුණාහි, සාධුකං මනසි කරොහි, භාසිස්සාමී’’ති. ‘‘එවං, භො’’ති ඛො සච්චකො නිගණ්ඨපුත්තො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච -
367
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සච්චක නිගණ්ඨ පුත්‍රයාට මෙය කීහ. “අග්ගිවෙස්සනය, නුඹ විසින් පළමුව යම් මේ කායභාවනාවක් කියන ලදද? එය බුද්ධශාසනයෙහි ධර්මයට එකඟවූ කායභාවනාවක් නම් නොවෙයි. අග්ගිවෙස්සනය, නුඹ කායභාවනාවවත් නොදන්නෙහිය. චිත්තභාවනාව කොයින් දන්නේද? එහෙත් අග්ගිවෙස්සනය, යම්සේ නොවඩනලද කායභාවනා ඇත්තේ වේද? නොවඩනලද චිත්තභාවනා ඇත්තේවේද, වඩනලද කායභාවනා ඇත්තේ වේද, වඩනලද චිත්තභාවනා ඇත්තේවේද, එය අසව. මනාකොට සිහියට ගනුව කියන්නෙමි”යි වදාළහ.
“එසේය පින්වතුන් වහන්ස,”යි කියා සච්චක නිගණ්ඨ පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
368
‘‘කථඤ්ච , අග්ගිවෙස්සන, අභාවිතකායො ච හොති අභාවිතචිත්තො ච? ඉධ, අග්ගිවෙස්සන, අස්සුතවතො පුථුජ්ජනස්ස උප්පජ්ජති සුඛා වෙදනා. සො සුඛාය වෙදනාය ඵුට්ඨො සමානො සුඛසාරාගී ච හොති සුඛසාරාගිතඤ්ච ආපජ්ජති. තස්ස සා සුඛා වෙදනා නිරුජ්ඣති. සුඛාය වෙදනාය නිරොධා උප්පජ්ජති දුක්ඛා වෙදනා. සො දුක්ඛාය වෙදනාය ඵුට්ඨො සමානො සොචති කිලමති පරිදෙවති උරත්තාළිං කන්දති සම්මොහං ආපජ්ජති. තස්ස ඛො එසා, අග්ගිවෙස්සන, උප්පන්නාපි සුඛා වෙදනා චිත්තං පරියාදාය තිට්ඨති අභාවිතත්තා කායස්ස, උප්පන්නාපි දුක්ඛා වෙදනා චිත්තං පරියාදාය තිට්ඨති අභාවිතත්තා චිත්තස්ස. යස්ස කස්සචි, අග්ගිවෙස්සන, එවං උභතොපක්ඛං උප්පන්නාපි සුඛා වෙදනා චිත්තං පරියාදාය තිට්ඨති අභාවිතත්තා කායස්ස, උප්පන්නාපි දුක්ඛා වෙදනා චිත්තං පරියාදාය තිට්ඨති අභාවිතත්තා චිත්තස්ස, එවං ඛො, අග්ගිවෙස්සන, අභාවිතකායො ච හොති අභාවිතචිත්තො ච.
368
“අග්ගිවෙස්සනය, කෙසේ නම් නොවඩනලද කාය භාවනා ඇත්තේවේද? නොවඩනලද චිත්තභාවනා ඇත්තේ වේද? අග්ගිවෙස්සනය, මේ ලෝකයෙහි නූගත් පෘථග්ජනයාට සැප වේදනාවක් උපදියිද. හෙතෙම සැප වේදනාවෙන් ස්පර්ශ කරන ලද්දේම සැපයෙහි ඇලෙයි. සැපයෙහි ඇලීම් බවට පැමිණෙයි, ඔහුගේ ඒ සුඛවේදනා නැතිවෙයිද, සැප වේදනාව නැතිවීමෙන් දුක්වේදනාව උපදියි. හෙතෙම දුක්වේදනාවෙන් ස්පර්ශ කරන ලද්දේම, ශොක කෙරෙයි; ක්ලාන්ත වෙයි; වැළපෙයි; පපුවේ අතගසමින් හඬයි, මුළාවට පැමිණෙයි. අග්ගිවෙස්සනය, ඔහුගේ උපන්නාවූ, සැප වේදනාව කුසල් සිත විනාශ කරයි. (කුමක් හෙයින්ද යත්:) කය නොවැඩූ හෙයිනි. උපන්නාවූද දුක් වේදනාව කුසල් සිත විනාශ කරයි. සිත නොවැඩූ බැවිනි. අග්ගිවෙස්සනය, යමෙකුට මේ දෙයාකාරයෙන් උපන්නාවූ සුඛවේදනාවද, කුසල් සිත විනාශ කරයි. කුමක් හෙයින්ද? කය නොවැඩූ හෙයිනි. උපන් දුක් වේදනාවද කුසල් සිත විනාශ කරයි කුමක් හෙයින්ද? සිත නොවැඩූ හෙයිනි. අග්ගිවෙස්සනය, මෙසේ වනාහි නොවඩනලද කය ඇත්තේත් වෙයි. නොවඩන ලද සිත් ඇත්තේත් වෙයි.
369
‘‘කථඤ්ච, අග්ගිවෙස්සන, භාවිතකායො ච හොති භාවිතචිත්තො ච? ඉධ, අග්ගිවෙස්සන, සුතවතො අරියසාවකස්ස උප්පජ්ජති සුඛා වෙදනා. සො සුඛාය වෙදනාය ඵුට්ඨො සමානො න සුඛසාරාගී ච හොති, න සුඛසාරාගිතඤ්ච ආපජ්ජති. තස්ස සා සුඛා වෙදනා නිරුජ්ඣති. සුඛාය වෙදනාය නිරොධා උප්පජ්ජති දුක්ඛා වෙදනා. සො දුක්ඛාය වෙදනාය ඵුට්ඨො සමානො න සොචති න කිලමති න පරිදෙවති න උරත්තාළිං කන්දති න සම්මොහං ආපජ්ජති. තස්ස ඛො එසා, අග්ගිවෙස්සන, උප්පන්නාපි සුඛා වෙදනා චිත්තං න පරියාදාය තිට්ඨති භාවිතත්තා කායස්ස, උප්පන්නාපි දුක්ඛා වෙදනා චිත්තං න පරියාදාය තිට්ඨති භාවිතත්තා චිත්තස්ස. යස්ස කස්සචි, අග්ගිවෙස්සන, එවං උභතොපක්ඛං උප්පන්නාපි සුඛා වෙදනා චිත්තං න පරියාදාය තිට්ඨති භාවිතත්තා කායස්ස, උප්පන්නාපි දුක්ඛා වෙදනා චිත්තං න පරියාදාය තිට්ඨති භාවිතත්තා චිත්තස්ස. එවං ඛො, අග්ගිවෙස්සන, භාවිතකායො ච හොති භාවිතචිත්තො චා’’ති.
369
“අග්ගිවෙස්සනය, කෙසේනම් වඩනලද කය ඇත්තේ වේද, වඩනාලද සිත් ඇත්තේ වේද, අග්ගිවෙස්සනය, මේ ශාසනයෙහි නුවණ ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකයාහට සැප වේදනාව උපදියිද, හෙතෙම සැපවේදනාවෙන් ස්පර්ශ කරන ලද්දේම, සැපයෙහි නොඇලෙයි, සැපයෙහි ඇලුම් බවට නොපැමිණෙයි, ඔහුගේ ඒ සැපවේදනාව නැතිවෙයි, සැපවේදනාව නැති වීමෙන් දුක්වේදනාව උපදියි, හෙතෙම දුක්වේදනාවෙන් ස්පර්ශ කරන ලද්දේම, ශොක නොකෙරෙයි, ක්ලාන්ත නොවෙයි, නොවැළපෙයි, පපුවේ අතගසමින් නොහඬයි. මුළාවට නොපැමිණෙයි. අග්ගිවෙස්සනය, ඔහුගේ උපන්නාවූද, මේ සැපවේදනාව කුසල් සිත විනාශ නොකරයි. (කුමක් හෙයින්ද යත්:) කය වැඩූ හෙයිනි, උපන්නාවූද, දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි. සිත වැඩූ බැවිනි. අග්ගිවෙස්සනය, යමෙකුට මෙසේ දෙයාකාරයකින් උපන්නාවූද, සැප වේදනාව කුසල් සිත විනාශ නොකරයි. කුමක් හෙයින්ද? කය වැඩූ හෙයිනි. උපන්නාවූද දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි. කුමක් හෙයින්ද? සිත වැඩූ හෙයිනි. අග්ගිවෙස්සනය, මෙසේ වනාහි වඩන ලද කය ඇත්තේත් වෙයි, වඩනලද සිත ඇත්තේත් වෙයි.
370
‘‘එවං පසන්නො අහං භොතො ගොතමස්ස! භවඤ්හි ගොතමො භාවිතකායො ච හොති භාවිතචිත්තො චා’’ති . ‘‘අද්ධා ඛො තෙ අයං, අග්ගිවෙස්සන, ආසජ්ජ උපනීය වාචා භාසිතා, අපි ච තෙ අහං බ්‍යාකරිස්සාමි . යතො ඛො අහං, අග්ගිවෙස්සන, කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතො, තං වත මෙ උප්පන්නා වා සුඛා වෙදනා චිත්තං පරියාදාය ඨස්සති, උප්පන්නා වා දුක්ඛා වෙදනා චිත්තං පරියාදාය ඨස්සතීති නෙතං ඨානං (නෙතං ඛොඨානං (සී. පී.)) විජ්ජතී’’ති.
‘‘න හි නූන (න හනූන (සී. ස්‍යා. කං. පී.)) භොතො ගොතමස්ස උප්පජ්ජති තථාරූපා සුඛා වෙදනා යථාරූපා උප්පන්නා සුඛා වෙදනා චිත්තං පරියාදාය තිට්ඨෙය්‍ය; න හි නූන භොතො ගොතමස්ස උප්පජ්ජති තථාරූපා දුක්ඛා වෙදනා යථාරූපා උප්පන්නා දුක්ඛා වෙදනා චිත්තං පරියාදාය තිට්ඨෙය්‍යා’’ති.
370
“මෙයින් මම භවත් ගෞතමයන් කෙරෙහි පැහැදුනේ වෙමි. භවත් ගෞතම තෙම ඒකාන්තයෙන් වඩන ලද කායභාවනා ඇත්තේ වෙයි. වඩනාලද චිත්තභාවනා ඇත්තේ වෙයි.” “අග්ගිවෙස්සනය, නුඹ විසින් ඒකාන්තයෙන්ම ගුණ ගටා, ගුණ පහළකර මේ වචන කියනලදී. යලිදු මම නුඹට විස්තර කරන්නෙමි. අග්ගිවෙස්සනය, යම් කලක පටන් මම ඉසකේ දැළි රැවූලු බහා, කසාවත් හැඳ, ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයෙම්ද, ඒකාන්තයෙන් ඒ කාලය මුලුල්ලෙහි මට, ‘උපන්නාවූද, සැපවේදනාව කුසල් සිත විනාශ කරන්නේය. උපන්නාවූද, දුක්වේදනාව කුසල් සිත් විනාශ කරන්නේය’ යන මේ කාරණය සිදු නොවෙයි. “භවත් ගෞතමයින්ට යම් බඳුවූ සැප වේදනාවක් කුසල් සිත විනාශ කරයිද, එබඳු සැප වේදනාවක් නූපන්නා විය හැකිය. යම් බඳුවූ දුක් වේදනාවක් කුසල් සිත විනාශ කරයිද, එබඳු දුක් වේදනාවක් නූපන්නා විය හැකිය.”
371
‘‘කිඤ්හි නො සියා, අග්ගිවෙස්සන? ඉධ මෙ, අග්ගිවෙස්සන, පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො එතදහොසි - ‘සම්බාධො ඝරාවාසො රජාපථො, අබ්භොකාසො පබ්බජ්ජා. නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්‍රහ්මචරියං චරිතුං. යංනූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්‍ය’න්ති. සො ඛො අහං, අග්ගිවෙස්සන, අපරෙන සමයෙන දහරොව සමානො, සුසුකාළකෙසො භද්‍රෙන යොබ්බනෙන සමන්නාගතො පඨමෙන වයසා, අකාමකානං මාතාපිතූනං අස්සුමුඛානං රුදන්තානං, කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිං. සො එවං පබ්බජිතො සමානො කිංකුසලගවෙසී අනුත්තරං සන්තිවරපදං පරියෙසමානො යෙන ආළාරො කාලාමො තෙනුපසඞ්කමිං; උපසඞ්කමිත්වා ආළාරං කාලාමං එතදවොචං - ‘ඉච්ඡාමහං, ආවුසො කාලාම, ඉමස්මිං ධම්මවිනයෙ බ්‍රහ්මචරියං චරිතු’න්ති. එවං වුත්තෙ, අග්ගිවෙස්සන, ආළාරො කාලාමො මං එතදවොච - ‘විහරතායස්මා, තාදිසො අයං ධම්මො යත්ථ විඤ්ඤූ පුරිසො නචිරස්සෙව සකං ආචරියකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්‍යා’ති. සො ඛො අහං, අග්ගිවෙස්සන, නචිරස්සෙව ඛිප්පමෙව තං ධම්මං පරියාපුණිං. සො ඛො අහං, අග්ගිවෙස්සන, තාවතකෙනෙව ඔට්ඨපහතමත්තෙන ලපිතලාපනමත්තෙන ඤාණවාදඤ්ච වදාමි ථෙරවාදඤ්ච, ‘ජානාමි පස්සාමී’ති ච පටිජානාමි, අහඤ්චෙව අඤ්ඤෙ ච. තස්ස මය්හං, අග්ගිවෙස්සන, එතදහොසි - ‘න ඛො ආළාරො කාලාමො ඉමං ධම්මං කෙවලං සද්ධාමත්තකෙන සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමීති පවෙදෙති, අද්ධා ආළාරො කාලාමො ඉමං ධම්මං ජානං පස්සං විහරතී’’’ති.
‘‘අථ ඛ්වාහං, අග්ගිවෙස්සන, යෙන ආළාරො කාලාමො තෙනුපසඞ්කමිං; උපසඞ්කමිත්වා ආළාරං කාලාමං එතදවොචං - ‘කිත්තාවතා නො, ආවුසො කාලාම, ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමීති පවෙදෙසී’ති? එවං වුත්තෙ, අග්ගිවෙස්සන, ආළාරො කාලාමො ආකිඤ්චඤ්ඤායතනං පවෙදෙසි. තස්ස මය්හං, අග්ගිවෙස්සන, එතදහොසි - ‘න ඛො ආළාරස්සෙව කාලාමස්ස අත්ථි සද්ධා, මය්හංපත්ථි සද්ධා; න ඛො ආළාරස්සෙව කාලාමස්ස අත්ථි වීරියං, මය්හංපත්ථි වීරියං; න ඛො ආළාරස්සෙව කාලාමස්ස අත්ථි සති, මය්හංපත්ථි සති; න ඛො ආළාරස්සෙව කාලාමස්ස අත්ථි සමාධි, මය්හංපත්ථි සමාධි; න ඛො ආළාරස්සෙව කාලාමස්ස අත්ථි පඤ්ඤා, මය්හංපත්ථි පඤ්ඤා; යංනූනාහං යං ධම්මං ආළාරො කාලාමො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමීති පවෙදෙති තස්ස ධම්මස්ස සච්ඡිකිරියාය පදහෙය්‍ය’න්ති. සො ඛො අහං, අග්ගිවෙස්සන, නචිරස්සෙව ඛිප්පමෙව තං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසිං.
‘‘අථ ඛ්වාහං, අග්ගිවෙස්සන, යෙන ආළාරො කාලාමො තෙනුපසඞ්කමිං; උපසඞ්කමිත්වා ආළාරං කාලාමං එතදවොචං - ‘එත්තාවතා නො, ආවුසො කාලාම , ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසී’ති? ‘එත්තාවතා ඛො අහං, ආවුසො, ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙමී’ති. ‘අහම්පි ඛො, ආවුසො, එත්තාවතා ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමී’ති. ‘ලාභා නො, ආවුසො, සුලද්ධං නො, ආවුසො, යෙ මයං ආයස්මන්තං තාදිසං සබ්‍රහ්මචාරිං පස්සාම. ඉති යාහං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙමි තං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරසි; යං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරසි තමහං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙමි. ඉති යාහං ධම්මං ජානාමි තං ත්වං ධම්මං ජානාසි; යං ත්වං ධම්මං ජානාසි තමහං ධම්මං ජානාමි. ඉති යාදිසො අහං තාදිසො තුවං, යාදිසො තුවං තාදිසො අහං. එහි දානි, ආවුසො, උභොව සන්තා ඉමං ගණං පරිහරාමා’ති. ඉති ඛො, අග්ගිවෙස්සන, ආළාරො කාලාමො ආචරියො මෙ සමානො (අත්තනො) (( ) නත්ථි (සී. පී.)) අන්තෙවාසිං මං සමානං අත්තනා සමසමං ඨපෙසි, උළාරාය ච මං පූජාය පූජෙසි. තස්ස මය්හං, අග්ගිවෙස්සන, එතදහොසි - ‘නායං ධම්මො නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තති, යාවදෙව ආකිඤ්චඤ්ඤායතනූපපත්තියා’ති. සො ඛො අහං, අග්ගිවෙස්සන, තං ධම්මං අනලඞ්කරිත්වා තස්මා ධම්මා නිබ්බිජ්ජ අපක්කමිං.
371
“අග්ගිවෙස්සනය, කෙසේ නම් එසේ නොවන්නේද, අග්ගිවෙස්සනය, බුද්ධත්වයට පළමුවෙන්ම බුදුනොවූ බෝසත්වූම මට මෙබඳු අදහසක් විය. ගිහිගෙයි විසීම අවහිර සහිතය, කෙලෙස් රජස් උපදින මාර්ගයයි. මහණකම අවකාශය මෙන් නිදහස්ය. ගිහිගෙයි වසන්නහු විසින් සියලු ආකාරයෙන් පිරිසිදුවූ සියලු ආකාරයෙන් සම්පූර්ණවූ ලියවනලද සකක් බඳුවූ මේ බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරීම පහසු නොවෙයි. මම හිසකේ දැළි රැවුලු කපා හැර, කසාවත් හැඳ, ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වන්නෙම් නම් ඉතා යෙහෙකැයි (කියාය.) අග්ගිවෙස්සනය, ඒ මම එයින් ටික කලකට පසු තරුණ වයස් ඇත්තේම, කළුවූ හිසකෙස් ඇත්තේම, පළමුවෙනි වයසෙහි යහපත් තරුණ භාවයෙන් යුක්තවූයේම නොකැමතිවූ මවුපියන් අඬද්දී, හිස කෙස් දැළිරැවුල් කපාහැර කසා වත් හැඳගෙන ගිහිගෙන් නික්ම අනගාරිකව පැවිදිවීමි.
“මෙසේ පැවිදිවූ මම කුසල් කුමක්දැයි සොයන්නේ නිරුත්තර උතුම් නිර්වාණය සොයන්නේ ආළාරකාලාම නම් තවුස්තෙම යම් තැනෙක්හිද එතැනට ගියෙමි ගොස්, ආළාරකාලාම තාපසයාට මෙසේ කීවෙමි.
“ඇවැත්නි, කාලාමයෙනි, තොපගේ මේ ශාසනයෙහි බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්ට මම කැමැත්තෙමි’යි (කීවෙමි) අග්ගිවෙස්සනය, මම මෙසේ කී කල්හි ආළාරකාලාම තෙම මට මෙසේ කීවේය. “යම් තැනක නුවණ ඇත්තාවූ පුරුෂයෙක් නොබෝ කලකින් තමන්ගේ ආචාර්‍ය්‍යයන්ගේ ධර්මය තමාම නුවණින් දැන අවබෝධ කොට ඊට පැමිණ වාසය කරන්නේද, මේ ධර්මයද එබඳුය, එහෙයින් ආයුෂ්මත් තෙම වාසය කෙරේවා” (කියායි.)
අග්ගිවෙස්සනය, ඒ මම ටික කලකින් වහාම ඔවුන්ගේ ඒ ධර්මය අසාම ඉගෙන ගත්තෙමි. අග්ගිවෙස්සනය, ඒ මම (කියන්ට) තොල පෙරලු පමණින්, (ඔහු) කියනදේ නැවත කී පමණින් මෙබඳු ස්වල්ප කාලයකින් ඤාණවාදයද, (දනිම්යයි කීමද) කියමි. ථෙර වාදයද (එහි ස්ථිරයයි කීමද) දනිමියිද දකිමියිද පිළිගනිමි. මා පමණක් නොව අන්‍යයෝද (මා ගැන) එසේ කියති. අග්ගිවෙස්සනය, ඒ මට මේ සිත විය. ආළාරකාලාම තෙම මේ ධර්මය ඇදහීම් පමණකින් තමාම උසස් නුවණින් අවබෝධ කොට ඊට පැමිණ වාසය කරමියි නොකියයි. ආළාරකාලාම තෙම මේ ධර්මය දැන දැක වාසය කරයි. (කියායි.) අග්ගිවෙස්සනය, ඉන්පසු මම ආළාරකාලාම යම් තැනකද එහි ගියෙමි. ගොස්, ආළාරකාලාමහට මෙසේකීවෙමි. ඇවැත්නි, කාලාමයෙනි, කොපමණකින් මේ ධර්මය තමාම දැන අවබෝධ කොට ඊට පැමිණ ප්‍රකාශ කෙරේදැ’යි (කියායි.)
“අග්ගිවෙස්සනය, මෙසේ කී කල්හි ආළාරකාලාම තෙම ආකිඤ්චඤ්ඤායතනය කෙළවරකොට ඇති සමාපත්තිය දැක්වූයේය. අග්ගිවෙස්සනය, ඒ මට මේ සිත විය. ආළාරකාලාමහට පමණක් ශ්‍රද්ධාව ඇත්තේ නොවෙයි. මටද ශ්‍රද්ධාව ඇත. ආළාරකාලාමහට පමණක් වීර්‍ය්‍යය ඇත්තේ නොවෙයි, මටද වීර්‍ය්‍යය ඇත. ආළාරකාලාමහට පමණක් සිහිය ඇත්තේ නොවෙයි. මටද සිහිය ඇත, ආළාරකාලාමහට පමණක් සමාධිය ඇත්තේ නොවෙයි, මටද සමාධිය ඇත ආළාරකාලාමහට පමණක් ප්‍රඥාව ඇත්තේ නොවෙයි, මටද ප්‍රඥාව ඇත. යම් හේතුවකින් ආළාරකාලාම තෙම යම් ධර්මයක් තමාම නුවණින් දැන ඊට පැමිණ වාසය කරමියි, කියයි නම් ඒ ධර්මය අත්කර ගැණීම පිණිස මම උත්සාහ කරන්නෙම් නම් හොඳය (කියායි.)
“අග්ගිවෙස්සනය, ඒ මම ටික කලකින් වහාම ඒ ධර්මය තමාම නුවණින් දැන අවබෝධකොට ඊට පැමිණ වාසය කෙළෙමි. අග්ගිවෙස්සනය ඉන්පසු මම ආළාරකාලාම තෙම යම් තැනකද එතැනට ගියෙමි. ගොස්, ඇවැත්නි කාලාමයෙනි, මේ ධර්මය දැන අවබෝධකොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නේ මෙපමණකින්දැ’යි (ඇසීමි) ‘ඇවැත්නි, මේ ධර්මය දැන අවබෝධ කොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නෙම් මෙපමණකින්ය’යි (ආළාරකාලාම තෙම) කීය. ‘ඇවැත්නි, මමද මෙපමණකින් මේ ධර්මය දැන අවබෝධකොට ඊට පැමිණ වාසය කරමි’යි (කීවෙමි) ‘ඇවැත්නි, යම් බඳුවූ අපි ආයුෂ්මත්වූ ඔබ වැනිවූ සමාන බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තෙකු දකින්නෙමුද, ඒ අපට ලාභයකි. උතුම් ලාභයකි. මෙසේ මම යම් ධර්මයක් දැන අවබෝධකොට ඊට පැමිණ ප්‍රකාශ කරම්ද, ඔබ ඒ ධර්මය දැන අවබෝධ කොට ඊට පැමිණ වාසය කරන්නෙහිය. ඔබ යම් ධර්මයක් දැන අවබෝධකොට ඊට පැමිණ වාසය කරන්නෙහිද, මමද ඒ ධර්මය දැන අවබෝධකොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නෙමි. මෙසේ මම යම් ධර්මයක් දන්නෙම්ද ඔබද ඒ ධර්මය දන්නෙහිය, යම් හේතුවකින් ඔබ යම් ධර්මයක් දන්නේද, මමද ඒ ධර්මය දන්නෙමි, මෙසේ මම යම් බඳුද ඔබත් එබඳුය. ඔබ යම් බඳුද මාත් එබඳුය. ඇවැත්නි, එනු මැනව, දෙදෙනම එක්ව මේ පිරිස පාලනය කරමු’යි (කීවේය) අග්ගිවෙස්සනය, මෙසේ මාගේ ආචාර්‍ය්‍යවූම ආළාරකාලාම තෙම අතවැසි (ශිෂ්‍ය) වූ ඔහු හා සම සම ස්ථානයෙහි තැබීය. උත්තමවූ පූජාවෙන් මා පිදුවේය.
“අග්ගිවෙස්සනය, ඒ මට මෙසේ සිතුනේය, මේ (තාපස) ධර්මය සසර කලකිරීම පිණිස නොපවතියි. සසර නොඇල්ම පිණිස නොපවතියි. කෙලෙස් නැති කිරීම පිණිස නොපවතියි. (දතයුතු ධර්මයන්) දැනීම පිණිස නොපවතියි. (චතුරාර්‍ය්‍ය සත්‍යය) අවබෝධය පිණිස නොපවතියි. නිර්වාණය පිණිස නොපවතියි. ආකිඤ්චඤ්ඤායතන බ්‍රහ්මලෝකයෙහි ඉපදීම පිණිස පමණක් පවතියි. අග්ගිවෙස්සනය, ඒ මම ඒ ධර්මය ප්‍රමාණ නොවේයයි සිතා, ඒ ධර්මයෙහි කලකිරී ඉවත්ව ගියෙමි.
372
‘‘සො ඛො අහං, අග්ගිවෙස්සන, කිංකුසලගවෙසී අනුත්තරං සන්තිවරපදං පරියෙසමානො යෙන උදකො රාමපුත්තො තෙනුපසඞ්කමිං; උපසඞ්කමිත්වා උදකං රාමපුත්තං එතදවොචං - ‘ඉච්ඡාමහං, ආවුසො (පස්ස ම. නි. 1.278 පාසරාසිසුත්තෙ) ඉමස්මිං ධම්මවිනයෙ බ්‍රහ්මචරියං චරිතු’න්ති. එවං වුත්තෙ, අග්ගිවෙස්සන, උදකො රාමපුත්තො මං එතදවොච - ‘විහරතායස්මා, තාදිසො අයං ධම්මො යත්ථ විඤ්ඤූ පුරිසො නචිරස්සෙව සකං ආචරියකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්‍යා’ති. සො ඛො අහං, අග්ගිවෙස්සන, නචිරස්සෙව ඛිප්පමෙව තං ධම්මං පරියාපුණිං. සො ඛො අහං, අග්ගිවෙස්සන, තාවතකෙනෙව ඔට්ඨපහතමත්තෙන ලපිතලාපනමත්තෙන ඤාණවාදඤ්ච වදාමි ථෙරවාදඤ්ච, ‘ජානාමි පස්සාමී’ති ච පටිජානාමි, අහඤ්චෙව අඤ්ඤෙ ච. තස්ස මය්හං, අග්ගිවෙස්සන, එතදහොසි - ‘න ඛො රාමො ඉමං ධම්මං කෙවලං සද්ධාමත්තකෙන සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමීති පවෙදෙසි. අද්ධා රාමො ඉමං ධම්මං ජානං පස්සං විහාසී’ති. අථ ඛ්වාහං, අග්ගිවෙස්සන, යෙන උදකො රාමපුත්තො තෙනුපසඞ්කමිං; උපසඞ්කමිත්වා උදකං රාමපුත්තං එතදවොචං - ‘කිත්තාවතා නො, ආවුසො රාමො, ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමීති පවෙදෙසී’ති? එවං වුත්තෙ, අග්ගිවෙස්සන, උදකො රාමපුත්තො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං පවෙදෙසි. තස්ස මය්හං, අග්ගිවෙස්සන, එතදහොසි - ‘න ඛො රාමස්සෙව අහොසි සද්ධා, මය්හංපත්ථි සද්ධා; න ඛො රාමස්සෙව අහොසි වීරියං, මය්හංපත්ථි වීරියං; න ඛො රාමස්සෙව අහොසි සති, මය්හංපත්ථි සති; න ඛො රාමස්සෙව අහොසි සමාධි, මය්හංපත්ථි සමාධි; න ඛො රාමස්සෙව අහොසි පඤ්ඤා, මය්හංපත්ථි පඤ්ඤා; යංනූනාහං යං ධම්මං රාමො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමීති පවෙදෙසි තස්ස ධම්මස්ස සච්ඡිකිරියාය පදහෙය්‍ය’න්ති. සො ඛො අහං, අග්ගිවෙස්සන, නචිරස්සෙව ඛිප්පමෙව තං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසිං.
‘‘අථ ඛ්වාහං, අග්ගිවෙස්සන, යෙන උදකො රාමපුත්තො තෙනුපසඞ්කමිං; උපසඞ්කමිත්වා උදකං රාමපුත්තං එතදවොචං - ‘එත්තාවතා නො, ආවුසො, රාමො ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසී’ති? ‘එත්තාවතා ඛො, ආවුසො, රාමො ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසී’ති. ‘අහම්පි ඛො, ආවුසො, එත්තාවතා ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමී’ති. ‘ලාභා නො, ආවුසො, සුලද්ධං නො, ආවුසො, යෙ මයං ආයස්මන්තං තාදිසං සබ්‍රහ්මචාරිං පස්සාම. ඉති යං ධම්මං රාමො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසි, තං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරසි; යං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරසි, තං ධම්මං රාමො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසි. ඉති යං ධම්මං රාමො අභිඤ්ඤාසි තං ත්වං ධම්මං ජානාසි; යං ත්වං ධම්මං ජානාසි තං ධම්මං රාමො අභිඤ්ඤාසි. ඉති යාදිසො රාමො අහොසි තාදිසො තුවං; යාදිසො තුවං තාදිසො රාමො අහොසි. එහි දානි, ආවුසො, තුවං ඉමං ගණං පරිහරා’ති. ඉති ඛො, අග්ගිවෙස්සන, උදකො රාමපුත්තො සබ්‍රහ්මචාරී මෙ සමානො ආචරියට්ඨානෙ ච මං ඨපෙසි, උළාරාය ච මං පූජාය පූජෙසි. තස්ස මය්හං, අග්ගිවෙස්සන, එතදහොසි - ‘නායං ධම්මො නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තති, යාවදෙව නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපපත්තියා’ති. සො ඛො අහං, අග්ගිවෙස්සන, තං ධම්මං අනලඞ්කරිත්වා තස්මා ධම්මා නිබ්බිජ්ජ අපක්කමිං.
372
“අග්ගිවෙස්සනය, ඒ මම කුසල් කුමක්දැයි සොයන්නේ, නිරුත්තරවූ උතුම් නිර්වාණය සොයන්නේ උද්දකරාම පුත්තතෙම යම් තැනකද එතැනට පැමිණියෙමි. පැමිණ, උද්දකරාමපුත්තහට මෙසේ කීවෙමි. ඇවැත්නි, රාමයෙනි, මේ ධර්ම විනයෙහි බ්‍රහ්මචර්‍ය්‍යාව රකින්ට මම කැමැත්තෙමි (කීවෙමි.) “අග්ගිවෙස්සනය, මෙසේ කී කල්හි උද්දකරාමපුත්තතෙම මට මෙසේ කීවේය. “යම් තැනක නුවණ ඇත්තාවූ පුරුෂයෙක් නොබෝ කලකින් තමන්ගේ ආචාර්‍ය්‍යයන්ගේ ධර්මය තමාම නුවණින් දැන අවබෝධකොට ඊට පැමිණ වාසය කරන්නේද මේ ධර්මයද එබඳුය. එහෙයින් ආයුෂ්මත්තෙම වාසය කෙරේවා” (කියායි)
“අග්ගිවෙස්සනය, ඒ මම ටික කලකින් වහාම ඔවුන්ගේ ඒ ධර්මය ඉගෙනගත්තෙමි. අග්ගිවෙස්සනය, ඒ මම කීමට තොල සෙලවූ පමණින්, වචනයක් කී පමණින් දනිමි යන වචනයද, දැනීම ස්ථිරය යන වචනයද ප්‍රකාශ කරමි. මම දනිමි, දකිමියයි කියමි. මා පමණක් නොව අන්‍යයෝද (මා ගැන) එසේ කියති. අග්ගිවෙස්සනය, ඒ මට මේ සිත විය. උද්දකරාමපුත්ත තෙම මේ ධර්මය ඇදහීම් පමණකින් තමාම උසස් නුවණින් දැන අවබෝධකොට ඊට පැමිණ වාසයකරමියි නොකියයි. උද්දකරාම පුත්ත තෙම මේ ධර්මය දැන, දැක වාසය කළේයයි (මට කල්පනා විය.) අග්ගිවෙස්සනය, ඉන්පසු මම උද්දකරාමපුත්ත යම්තැනකද එතැනට ගියෙමි. ගොස්, උද්දකරාම පුත්තහට මෙසේ කීවෙමි. ඇවැත්නි, රාමයෙනි, කොපමණකින් මේ ධර්මය තමාම දැන අවබෝධ කොට ඊට පැමිණ ප්‍රකාශ කෙරේදැයි (කියායි.)
“අග්ගිවෙස්සනය, මෙසේ කී කල්හි උද්දකරාමපුත්ත නෙවසඤ්ඤානාසඤ්ඤායතනය, කෙළවර කොට ඇති සමාපත්තිය දැන්වූයේය. අග්ගිවෙස්සනය, ඒ මට මේ සිත විය. රාමහට පමණක් ශ්‍රද්ධාව ඇත්තේ නොවෙයි. මටද ශ්‍රද්ධාව ඇත. රාමහට පමණක් වීර්‍ය්‍යය ඇත්තේ නොවෙයි. මටද වීර්‍ය්‍යය ඇත. රාමහට පමණක් සිහිය ඇත්තේ නොවෙයි. මටද සිහිය ඇත. රාමහට පමණක් සමාධිය ඇත්තේ නොවෙයි. මටද සමාධිය ඇත. රාමහට පමණක් ප්‍රඥාව ඇත්තේ නොවෙයි. මටද ප්‍රඥාව ඇත. යම් හේතුවකින් රාමපුත්ත තෙම යම් ධර්මයක් තමාම නුවණින් දැන ඊට පැමිණ වාසය කරමියි කියයිනම් ඒ ධර්මය තමන්ම ප්‍රත්‍යක්ෂ කර ගැණීම පිණිස වීර්‍ය්‍යය කරන්නෙම් නම් යහපත්ය. (කියායි.)
“අග්ගිවෙස්සනය, ඒ මම ටික කලකින් වහාම ඒ ධර්මය තමාම නුවණින් දැන අවබෝධ කොට ඊට පැමිණ වාසය කෙළෙමි. අග්ගිවෙස්සනය, ඉන් පසු මම උද්දකරාමපුත්ත යම් තැනකද එතැනට ගියෙමි. ගොස්, උද්දකරාමපුත්තහට මෙසේ කීවෙමි.
“ඇවැත්නි, රාමයෙනි, මේ ධර්මය දැන අවබෝධකොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නේ මෙපමණකින්දැ”යි ඇසීමි. ‘ඇවැත්නි, මේ ධර්මය දැන අවබෝධකොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නෙම් මෙපමණකින්ය’යි (උද්දකරාමතෙම) කීය. ‘ඇවැත්නි, මමද මෙපමණකින් මේ ධර්මය දැන අවබෝධකොට ඊට පැමිණ වාසය කරමි”යි (කීවෙමි)
“ඇවැත්නි, යම්බඳුවූ අපි ආයුෂ්මත්වූ ඔබ වැනිවූ සමාන බ්‍රහ්මචරියා ඇත්තෙකු දකින්නෙමුද ඒ අපට ලාභයකි. මහත් ලාභයකි. මෙසේ මම යම් ධර්මයක් දැන අවබෝධ කොට ඊට පැමිණ ප්‍රකාශ කරම්ද, ඔබ ඒ ධර්මය නුවණින් දැන අවබෝධකොට ඊට පැමිණ වාසය කරන්නෙහිය. ඔබ යම් ධර්මයක් දැන අවබෝධ කොට ඊට පැමිණ වාසය කරන්නෙහිද, මමද ඒ ධර්මය දැන අවබෝධකොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නෙමි. මෙසේ මම යම් ධර්මයක් දන්නේද ඔබද ඒ ධර්මය දන්නෙහිය. ඔබ යම් ධර්මයක් දන්නේද, මමද ඒ ධර්මය දන්නෙමි. මෙසේ මම යම්බඳුද ඔබත් එබඳුය. ඔබ යම් බඳුද මමත් එබඳුය. ඇවැත්නි, එව දෙදෙනම එක්ව මේ පිරිස පාලනය කරමුයි (කීවේය). අග්ගිවෙස්සනය, මෙසේ මාගේ ආචාර්‍ය්‍යවූම උද්දකරාමපුත්ත තෙම අතවැසි (ශිෂ්‍ය) වූ මා ඔහු හා සම සම ස්ථානයෙහි තැබීය උතුම්වූ පූජාවෙන් මට පිදුවේය.
“අග්ගිවෙස්සනය, ඒ මට මෙසේ සිතුනේය. මේ (තාපස) ධර්මය සසර කලකිරීම පිණිස නොපවතී. සසර නොඇල්ම පිණිස නොපවතී. කෙලෙස් නැතිකිරීම පිණිස නොපවතී (දතයුතුධර්මයන්) දැනීම පිණිස නොපවතී (චතුරාර්‍ය්‍ය සත්‍යය) අවබෝධය පිණිස නොපවතී. නිර්වාණය පිණිස නොපවතී. යම්තාක් නෙවසඤ්ඤානාසඤ්ඤායතන බ්‍රහ්ම ලෝකයෙහි ඉපදීම පිණිස පමණක් පවතියි. අග්ගිවෙස්සනය, ඒ මම ඒ ධර්මය ප්‍රමාණ නොකොට කලකිරී ඒ ධර්මයෙන් ඉවත්ව ගියෙමි.
373
‘‘සො ඛො අහං, අග්ගිවෙස්සන, කිංකුසලගවෙසී අනුත්තරං සන්තිවරපදං පරියෙසමානො මගධෙසු අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන උරුවෙලා සෙනානිගමො තදවසරිං. තත්ථද්දසං රමණීයං භූමිභාගං, පාසාදිකඤ්ච වනසණ්ඩං, නදිඤ්ච සන්දන්තිං සෙතකං සුපතිත්ථං රමණීයං, සමන්තා ච ගොචරගාමං. තස්ස මය්හං, අග්ගිවෙස්සන, එතදහොසි - ‘රමණීයො වත, භො, භූමිභාගො, පාසාදිකො ච වනසණ්ඩො, නදී ච සන්දති සෙතකා සුපතිත්ථා රමණීයා, සමන්තා ච ගොචරගාමො. අලං වතිදං කුලපුත්තස්ස පධානත්ථිකස්ස පධානායා’ති. සො ඛො අහං, අග්ගිවෙස්සන, තත්ථෙව නිසීදිං ‘අලමිදං පධානායා’ති.
373
“අග්ගිවෙස්සනය, ඒ මම කුසල් කුමක්දැයි සොයමින්, නිරුත්තරවූ නිර්වාණය සොයමින් මගධ ජනපදයෙහි පිළිවෙලින් ගමන්කරන්නේ උරුවෙල් දනව්වෙහි සේනානී නම් නියම්ගම යම් තැනකද එහි පැමිණියෙමි. එහි සුදුවැලි තලා ඇත්තාවූද, යහපත් තොටවල් ඇත්තාවූද, ගලායන ගඟ ඇත්තාවූද, අවට ගොදුරු ගම් ඇත්තාවූද, ප්‍රසාදය ඇති කරන්නාවූද, සිත් සතුටු කරන්නාවූද වනලැහැබක් ඇති බිම් පෙදෙසක් දුටිමි. අග්ගිවෙස්සනය, ඒ මට මේ සිත පහළ විය. ඒකාන්තයෙන් භූමි ප්‍රදෙශය සිත් අලවන්නේය. වන ලැහැබ සතුට උපදවන්නේය, සුදු වැලිතලා ඇති හොඳ තොටුපලවල් ඇති ගංගාවද සිත් අලවන්නීය. හාත්පස ගොදුරු ගමද වෙයි. වීර්‍ය්‍යය කරන කුලපුත්‍රයෙකුට වීර්‍ය්‍යය කිරීමට මෙය ඒකාන්තයෙන් සුදුසුයි. අග්ගිවෙස්සනය, ඒ මම මේ ස්ථානය වීර්‍ය්‍යය කිරීමට සුදුසුයයි සිතා වීර්‍ය්‍ය වැඩීම පිණිස එහිම උන්නෙමි.
374
‘‘අපිස්සුමං, අග්ගිවෙස්සන, තිස්සො උපමා පටිභංසු අනච්ඡරියා පුබ්බෙ අස්සුතපුබ්බා. සෙය්‍යථාපි, අග්ගිවෙස්සන, අල්ලං කට්ඨං සස්නෙහං උදකෙ නික්ඛිත්තං. අථ පුරිසො ආගච්ඡෙය්‍ය උත්තරාරණිං ආදාය - ‘අග්ගිං අභිනිබ්බත්තෙස්සාමි, තෙජො පාතුකරිස්සාමී’ති. තං කිං මඤ්ඤසි, අග්ගිවෙස්සන, අපි නු සො පුරිසො අමුං අල්ලං කට්ඨං සස්නෙහං, උදකෙ නික්ඛිත්තං , උත්තරාරණිං ආදාය අභිමන්ථෙන්තො අග්ගිං අභිනිබ්බත්තෙය්‍ය, තෙජො පාතුකරෙය්‍යා’’ති? ‘‘නො හිදං, භො ගොතම’’. ‘‘තං කිස්ස හෙතු’’? ‘‘අදුඤ්හි, භො ගොතම, අල්ලං කට්ඨං සස්නෙහං, තඤ්ච පන උදකෙ නික්ඛිත්තං. යාවදෙව ච පන සො පුරිසො කිලමථස්ස විඝාතස්ස භාගී අස්සා’’ති. ‘‘එවමෙව ඛො, අග්ගිවෙස්සන, යෙ හි කෙචි සමණා වා බ්‍රාහ්මණා වා කායෙන චෙව චිත්තෙන ච කාමෙහි අවූපකට්ඨා විහරන්ති, යො ච නෙසං කාමෙසු කාමච්ඡන්දො කාමස්නෙහො කාමමුච්ඡා කාමපිපාසා කාමපරිළාහො, සො ච අජ්ඣත්තං න සුප්පහීනො හොති, න සුප්පටිප්පස්සද්ධො, ඔපක්කමිකා චෙපි තෙ භොන්තො සමණබ්‍රාහ්මණා දුක්ඛා තිබ්බා ඛරා කටුකා වෙදනා වෙදයන්ති, අභබ්බාව තෙ ඤාණාය දස්සනාය අනුත්තරාය සම්බොධාය. නො චෙපි තෙ භොන්තො සමණබ්‍රාහ්මණා ඔපක්කමිකා දුක්ඛා තිබ්බා ඛරා කටුකා වෙදනා වෙදයන්ති, අභබ්බාව තෙ ඤාණාය දස්සනාය අනුත්තරාය සම්බොධාය. අයං ඛො මං, අග්ගිවෙස්සන, පඨමා උපමා පටිභාසි අනච්ඡරියා පුබ්බෙ අස්සුතපුබ්බා.
374
“අග්ගිවෙස්සනය, මට ආශ්චර්‍ය්‍යවූ, පෙර නොඇසු විරූ උපමා තුනක් වැටහුනාහුය, අග්ගිවෙස්සනය, යම්සේ කිරි සහිතවූ අමු දියේ දමනලද තෙත්වූ (දිඹුල්) ලීකැබැල්ලක් වේද, ඉක්බිති පුරුෂයෙක් තෙම ගිනිගානා දණ්ඩක් ගෙන ගිනි නිපදවන්නෙමියි ගින්දර ඇතිකරන්නෙමියි, කියා එන්නේය. අග්ගිවෙස්සනය, ඒ පුරුෂතෙම ජලයෙහි බහාලනලද ඒ කිරිසහිත අමු (දිඹුල්) ලී කැබෙල්ල ගිනි ගානා දණ්ඩෙන් මැදීමෙන් ගිනි නිපදවන්නේද? ගිනි පහළ කරන්නේද?” “භවත් ගෞතමයෙනි, එය සිදු නොවන්නේය. ඊට හේතු කවරේදයත්:- භවත් ගෞතමයෙනි, (දිඹුල්) ලී කඩ වනාහි අමුය, කිරි සහිතය, එපමණක් නොව ජලයෙහිද බහා ලන ලද්දේය. (එහෙයිනි) (ඒ ලීයෙන් ගිනි උපදවනු කැමැති) ඒ පුරුෂතෙම ක්ලාන්තයටද, වෙහෙසටද පැමිණීම පමණක් සිදුවන්නේය.” අග්ගිවෙස්සනය, එපරිද්දෙන්ම යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කයින් වස්තු කාමයන්ගෙන් වෙන්ව වාසය නොකරත්ද, කාම වස්තු කෙරෙහි ඔවුන්ගේ යම්කිසි ඇල්මක් වේද, කාම ආසාවක් වේද, කාම මුර්ඡාවක් වේද, කාම පිපාසයක් වේද, කාම දැවිල්ලක් වේද, ඒ ක්ලේශ කාමය තමා තුල මනාව නැති නොවූයේ වේද, මනාව මැඩපවත්වන ලද්දේ නොවේද, ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනාවන් විඳිත්. ඔවුහු ආර්‍ය්‍ය මාර්ගඥාන දර්ශනයටද, නිරුත්තරවූ අවබෝධයටද නුසුදුස්සෝ මය. අග්ගිවෙස්සනය, ආශ්චර්‍ය්‍යවූ පෙර නොඇසුවිරූ මේ පළමුවන උපමාව මට වැටහුණි.
375
‘‘අපරාපි ඛො මං, අග්ගිවෙස්සන, දුතියා උපමා පටිභාසි අනච්ඡරියා පුබ්බෙ අස්සුතපුබ්බා. සෙය්‍යථාපි, අග්ගිවෙස්සන, අල්ලං කට්ඨං සස්නෙහං, ආරකා උදකා ථලෙ නික්ඛිත්තං. අථ පුරිසො ආගච්ඡෙය්‍ය උත්තරාරණිං ආදාය - ‘අග්ගිං අභිනිබ්බත්තෙස්සාමි, තෙජො පාතුකරිස්සාමී’ති. තං කිං මඤ්ඤසි, අග්ගිවෙස්සන, අපි නු සො පුරිසො අමුං අල්ලං කට්ඨං සස්නෙහං, ආරකා උදකා ථලෙ නික්ඛිත්තං, උත්තරාරණිං ආදාය අභිමන්ථෙන්තො අග්ගිං අභිනිබ්බත්තෙය්‍ය තෙජො පාතුකරෙය්‍යා’’ති? ‘‘නො හිදං, භො ගොතම’’. ‘‘තං කිස්ස හෙතු’’? ‘‘අදුඤ්හි, භො ගොතම, අල්ලං කට්ඨං සස්නෙහං, කිඤ්චාපි ආරකා උදකා ථලෙ නික්ඛිත්තං. යාවදෙව ච පන සො පුරිසො කිලමථස්ස විඝාතස්ස භාගී අස්සාති. එවමෙව ඛො, අග්ගිවෙස්සන, යෙ හි කෙචි සමණා වා බ්‍රාහ්මණා වා කායෙන චෙව චිත්තෙන ච කාමෙහි වූපකට්ඨා විහරන්ති, යො ච නෙසං කාමෙසු කාමච්ඡන්දො කාමස්නෙහො කාමමුච්ඡා කාමපිපාසා කාමපරිළාහො සො ච අජ්ඣත්තං න සුප්පහීනො හොති, න සුප්පටිප්පස්සද්ධො, ඔපක්කමිකා චෙපි තෙ භොන්තො සමණබ්‍රාහ්මණා දුක්ඛා තිබ්බා ඛරා කටුකා වෙදනා වෙදයන්ති, අභබ්බාව තෙ ඤාණාය දස්සනාය අනුත්තරාය සම්බොධාය. නො චෙපි තෙ භොන්තො සමණබ්‍රාහ්මණා ඔපක්කමිකා දුක්ඛා තිබ්බා ඛරා කටුකා වෙදනා වෙදයන්ති, අභබ්බාව තෙ ඤාණාය දස්සනාය අනුත්තරාය සම්බොධාය. අයං ඛො මං, අග්ගිවෙස්සන, දුතියා උපමා පටිභාසි අනච්ඡරියා පුබ්බෙ අස්සුතපුබ්බා’’.
375
“අග්ගිවෙස්සනය, ආශ්චර්‍ය්‍යවූ පෙර නොඇසුවිරූ අන්‍යවූ දෙවෙනි උපමාවක්ද මට වැටහිණි. අග්ගිවෙස්සනය යම්සේ කිරි සහිතවූ අමු (දිඹුල්) ලීයක් දියෙන් ඈත්කොට ගොඩබිමෙහි බහා තබන ලද්දේ වේද. ඉක්බිති පුරුෂයෙක් තෙම ගිනිගානා දණ්ඩ ගෙන ගිනි නිපද වන්නෙමි. ගින්න පහළ කරන්නෙමියි, කියා එන්නේය. අග්ගිවෙස්සනය, ඒ පුරුෂතෙම කිරි සහිතවූ, දියෙන් ගෙන ගොඩ තබන ලද්දාවූ, ඒ අමු ලීය ගිනි ගානා දණ්ඩෙන් මැදීමෙන් ගිනි උපදවන්නේද? ගින්දර පහළ කරන්නේද?” “භවත් ගෞතමයෙනි, එය සිදු නොවන්නේය. ඊට හේතු කවරේද යත්:- භවත් ගෞතමයෙනි, ඒ ලී කඩ ජලයෙන් බැහැර කර ගොඩබිමෙහි දමා තිබුණත් කිරි සහිතය (අමුය) එහෙයිනි. ඒ පුරුෂයා ක්ලාන්තයටද, වෙහෙසටද පත්වීම පමණක් නම් සිදුවන්නේය.” “අග්ගිවෙස්සනය, එපරිද්දෙන්ම යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කයින් කාමයන් ගෙන් වෙන්ව වාසය කරත්ද, (එහෙත්) කාම වස්තු කෙරෙහි ඔවුන්ගේ ඇල්මක් වේද, කාම ආශාවක් වේද, කාම මුර්ඡාවක් වේද, කාම පිපාසයක් වේද, කාම දැවිල්ලක් වේද, එය අභ්‍යන්තරයෙහි මනාව නැති නොවූයේ වේද, මනාව මැඩ නොපවත්වන ලද්දේ වේද, ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවූ, දුක්වූ තියුණුවූ, කටුකවූ වේදනාවන් විඳිත්. ඔවුහු ආර්‍ය්‍යඥාන දර්ශනයටද, නිරුත්තර අවබෝධයටද නුසුදුස්සෝමය.
ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනාවන් ඉදින් නොවිඳින්නාහුද, ඥානදර්ශනය ලැබීමටද, නිරුත්තරවූ අවබෝධයටද නුසුදුස්සෝමය. අග්ගිවෙස්සනය, මේ වනාහි මට වැටහුනු පුදුමවූ, පෙර නොඇසුවාවූ දෙවෙනි උපමාවයි.
376
‘‘අපරාපි ඛො මං, අග්ගිවෙස්සන, තතියා උපමා පටිභාසි අනච්ඡරියා පුබ්බෙ අස්සුතපුබ්බා. සෙය්‍යථාපි, අග්ගිවෙස්සන, සුක්ඛං කට්ඨං කොළාපං, ආරකා උදකා ථලෙ නික්ඛිත්තං. අථ පුරිසො ආගච්ඡෙය්‍ය උත්තරාරණිං ආදාය - ‘අග්ගිං අභිනිබ්බත්තෙස්සාමි, තෙජො පාතුකරිස්සාමී’ති. තං කිං මඤ්ඤසි, අග්ගිවෙස්සන, අපි නු සො පුරිසො අමුං සුක්ඛං කට්ඨං කොළාපං, ආරකා උදකා ථලෙ නික්ඛිත්තං, උත්තරාරණිං ආදාය අභිමන්ථෙන්තො අග්ගිං අභිනිබ්බත්තෙය්‍ය, තෙජො පාතුකරෙය්‍යා’’ති? ‘‘එවං, භො ගොතම’’. ‘‘තං කිස්ස හෙතු’’? ‘‘අදුඤ්හි, භො ගොතම, සුක්ඛං කට්ඨං කොළාපං, තඤ්ච පන ආරකා උදකා ථලෙ නික්ඛිත්ත’’න්ති . ‘‘එවමෙව ඛො, අග්ගිවෙස්සන, යෙ හි කෙචි සමණා වා බ්‍රාහ්මණා වා කායෙන චෙව චිත්තෙන ච කාමෙහි වූපකට්ඨා විහරන්ති, යො ච නෙසං කාමෙසු කාමච්ඡන්දො කාමස්නෙහො කාමමුච්ඡා කාමපිපාසා කාමපරිළාහො, සො ච අජ්ඣත්තං සුප්පහීනො හොති සුප්පටිප්පස්සද්ධො, ඔපක්කමිකා චෙපි තෙ භොන්තො සමණබ්‍රාහ්මණා දුක්ඛා තිබ්බා ඛරා කටුකා වෙදනා වෙදයන්ති, භබ්බාව තෙ ඤාණාය දස්සනාය අනුත්තරාය සම්බොධාය. නො චෙපි තෙ භොන්තො සමණබ්‍රාහ්මණා ඔපක්කමිකා දුක්ඛා තිබ්බා ඛරා කටුකා වෙදනා වෙදයන්ති, භබ්බාව තෙ ඤාණාය දස්සනාය අනුත්තරාය සම්බොධාය. අයං ඛො මං, අග්ගිවෙස්සන, තතියා උපමා පටිභාසි අනච්ඡරියා පුබ්බෙ අස්සුතපුබ්බා. ඉමා ඛො මං, අග්ගිවෙස්සන, තිස්සො උපමා පටිභංසු අනච්ඡරියා පුබ්බෙ අස්සුතපුබ්බා.’’
376
“අග්ගිවෙස්සනය, පුදුමවූ පෙර නොඇසුවාවූ තුන් වෙනිවූ අන්‍ය උපමාවක්ද මට වැටහුනේය. අග්ගිවෙස්සනය, වියලුනාවූ, කිරි සිඳුනාවූ, දියෙන් ඈත්කොට ගොඩබිමෙහි තබනලද වියලි දරලීයක් වේද, එකල්හි පුරුෂයෙක් ගිනිගානා දණ්ඩ ගෙන ගිනි උපදවන්නෙමි. ගින්න ඇති කරන්නෙමියි එන්නේය. අග්ගිවෙස්සනය, ඒ පුරුෂතෙම වියලුනාවූ කිරි සිඳුනාවූ, දියෙන් ඈත්කොට ගොඩ තබනලද ඒ ලීය ඒ ගිනි ගානා දණ්ඩ ගෙන මැදීමෙන් ගිනි උපදවන්නේද? ගින්න ඇති කරන්නේද?” “භවත් ගෞතමයෙනි, එසේය. ඊට හේතු කවරේද? භවත් ගෞතමයෙනි, ඒ ලීය වියලුනේ වෙයි, කිරි සිඳුනේවෙයි, දියෙන් ගෙන ගොඩ තබන ලද්දේත් වෙයි.” “අග්ගිවෙස්සනය, එපරිද්දෙන්ම යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කයින් කාමයන්ගෙන් වෙන්ව වාසය කරත්ද, ඔවුන්ගේ කාමවස්තූන් කෙරෙහි යම් ඇල්මක් වේද, කාමආසාවක් වේද, කාම මුර්ඡාවක් වේද, කාම දැවිල්ලක් වේද ඒ කාමආශාව අධ්‍යාත්මයෙහි (ඇතුලත) හොඳින් ප්‍රහීනවූයේ වේද, හොඳින් මැඩ පැවතියේද, ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවූ, තියුණුවූ, කටුකවූ, වේදනාවන් නොවිඳිත්. ඔවුහු මාර්ගඥානදර්ශනය පිණිස, නිරුත්තරවූ අවබෝධය පිණිස සුදුස්සෝමැයි.
“අග්ගිවෙස්සනය, ආශ්චර්‍ය්‍යවූ පෙර නොඇසු විරූ මේ උපමාතුන මට වැටහුනාහුය.
377
‘‘තස්ස මය්හං, අග්ගිවෙස්සන, එතදහොසි - ‘යංනූනාහං දන්තෙභි දන්තමාධාය (පස්ස ම. නි. 1.221 විතක්කසණ්ඨානසුත්තෙ), ජිව්හාය තාලුං ආහච්ච, චෙතසා චිත්තං අභිනිග්ගණ්හෙය්‍යං අභිනිප්පීළෙය්‍යං අභිසන්තාපෙය්‍ය’න්ති. සො ඛො අහං, අග්ගිවෙස්සන, දන්තෙභි දන්තමාධාය, ජිව්හාය තාලුං ආහච්ච, චෙතසා චිත්තං අභිනිග්ගණ්හාමි අභිනිප්පීළෙමි අභිසන්තාපෙමි. තස්ස මය්හං, අග්ගිවෙස්සන, දන්තෙභි දන්තමාධාය ජිව්හාය තාලුං ආහච්ච චෙතසා චිත්තං අභිනිග්ගණ්හතො අභිනිප්පීළයතො අභිසන්තාපයතො කච්ඡෙහි සෙදා මුච්චන්ති. සෙය්‍යථාපි, අග්ගිවෙස්සන, බලවා පුරිසො දුබ්බලතරං පුරිසං සීසෙ වා ගහෙත්වා ඛන්ධෙ වා ගහෙත්වා අභිනිග්ගණ්හෙය්‍ය අභිනිප්පීළෙය්‍ය අභිසන්තාපෙය්‍ය, එවමෙව ඛො මෙ, අග්ගිවෙස්සන, දන්තෙභි දන්තමාධාය, ජිව්හාය තාලුං ආහච්ච, චෙතසා චිත්තං අභිනිග්ගණ්හතො අභිනිප්පීළයතො අභිසන්තාපයතො කච්ඡෙහි සෙදා මුච්චන්ති. ආරද්ධං ඛො පන මෙ, අග්ගිවෙස්සන, වීරියං හොති අසල්ලීනං, උපට්ඨිතා සති අසම්මුට්ඨා, සාරද්ධො ච පන මෙ කායො හොති අප්පටිප්පස්සද්ධො තෙනෙව දුක්ඛප්පධානෙන පධානාභිතුන්නස්ස සතො. එවරූපාපි ඛො මෙ, අග්ගිවෙස්සන, උප්පන්නා දුක්ඛා වෙදනා චිත්තං න පරියාදාය තිට්ඨති.
377
“අග්ගිවෙස්සනය, ඒ මට මේ සිත පහළ විය. යම් හෙයකින් මට යටි දත් පෙළෙහි උඩු දත් පෙළ තදකරගෙන (දත් මිටි කාගෙන,) දිව උඩුතල්ලෙහි තද කරගෙන, කුසල් සිතින් අකුසල් සිත යටපත් කරන්නෙම් නම්, පෙළන්නෙම් නම් යෙහෙක’ (කියායි.) අග්ගිවෙස්සනය, ඒ මම දත්මිටිකාගෙන දිවඋඩුතල්ලෙහි තදකරගෙන, කුසල් සිතින් අකුසල් සිත යටපත් කරමි, පෙළමි, තවමි. අග්ගිවෙස්සනය, දත්මිටි කාගෙන, දිව උඩුතල්ලෙහි තද කරගෙන කුසල් සිතින් අකුසල් සිත යටපත් කරන්නාවූ, පෙළන්නාවූ, තවන්නාවූ ඒ මාගේ කිහිලිවලින් ඩාදිය වැගිරෙන්නේය.
“අග්ගිවෙස්සනය, යම්සේ බලවත් පුරුෂයෙක්තෙම වඩා දුර්වල පුරුෂයෙකු හිසින් හෝ අල්වාගෙන, බෙල්ලෙන් හෝ අල්වාගෙන තදකරන්නේද, පෙළන්නේද, තවන්නේද, අග්ගිවෙස්සනය, එපරිද්දෙන්ම දත්මිටිකාගෙන, දිව උඩු තල්ලෙහි තදකරගෙන කුසල් සිතින් අකුසල් සිත යටපත් කරන්නාවූ, පෙළන්නාවූ, තවන්නාවූ ඒ මාගේ කිහිලිවලින් ඩාදිය වැගිරෙයි.
“අග්ගිවෙස්සනය, මා විසින් නොහැකුළුණු වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේය. සිහිය එළඹ සිටියාය. එහෙයින්ම නුමුළාවිය. ප්‍රධාන වීර්‍ය්‍යයෙන් මඬන ලද්දාවූම මාගේ ශරීරය දාහ සහිත විය. නොසන්සිඳුනේ විය. අග්ගිවෙස්සනය, මට උපන්නාවූ මෙබඳුවූද, දුක්වේදනාව කුසල් සිත විනාශ නොකරයි.
378
‘‘තස්ස මය්හං, අග්ගිවෙස්සන, එතදහොසි - ‘යංනූනාහං අප්පාණකංයෙව ඣානං ඣායෙය්‍ය’න්ති. සො ඛො අහං, අග්ගිවෙස්සන, මුඛතො ච නාසතො ච අස්සාසපස්සාසෙ උපරුන්ධිං. තස්ස මය්හං, අග්ගිවෙස්සන, මුඛතො ච නාසතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු කණ්ණසොතෙහි වාතානං නික්ඛමන්තානං අධිමත්තො සද්දො හොති. සෙය්‍යථාපි නාම කම්මාරගග්ගරියා ධමමානාය අධිමත්තො සද්දො හොති, එවමෙව ඛො මෙ, අග්ගිවෙස්සන, මුඛතො ච නාසතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු කණ්ණසොතෙහි වාතානං නික්ඛමන්තානං අධිමත්තො සද්දො හොති. ආරද්ධං ඛො පන මෙ, අග්ගිවෙස්සන, වීරියං හොති අසල්ලීනං උපට්ඨිතා සති අසම්මුට්ඨා. සාරද්ධො ච පන මෙ කායො හොති අප්පටිප්පස්සද්ධො තෙනෙව දුක්ඛප්පධානෙන පධානාභිතුන්නස්ස සතො. එවරූපාපි ඛො මෙ, අග්ගිවෙස්සන, උප්පන්නා දුක්ඛා වෙදනා චිත්තං න පරියාදාය තිට්ඨති.
‘‘තස්ස මය්හං, අග්ගිවෙස්සන, එතදහොසි - ‘යංනූනාහං අප්පාණකංයෙව ඣානං ඣායෙය්‍ය’න්ති. සො ඛො අහං, අග්ගිවෙස්සන, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙ උපරුන්ධිං. තස්ස මය්හං, අග්ගිවෙස්සන, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු අධිමත්තා වාතා මුද්ධනි ඌහනන්ති (ඌහන්ති (සී.), ඔහනන්ති (ස්‍යා. කං.), උහනන්ති (ක.)). සෙය්‍යථාපි, අග්ගිවෙස්සන, බලවා පුරිසො තිණ්හෙන සිඛරෙන මුද්ධනි අභිමත්ථෙය්‍ය (මුද්ධානං අභිමන්ථෙය්‍ය (සී. පී.), මුද්ධානං අභිමත්ථෙය්‍ය (ස්‍යා. කං.)), එවමෙව ඛො මෙ, අග්ගිවෙස්සන, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු අධිමත්තා වාතා මුද්ධනි ඌහනන්ති. ආරද්ධං ඛො පන මෙ, අග්ගිවෙස්සන, වීරියං හොති අසල්ලීනං උපට්ඨිතා සති අසම්මුට්ඨා. සාරද්ධො ච පන මෙ කායො හොති අප්පටිප්පස්සද්ධො තෙනෙව දුක්ඛප්පධානෙන පධානාභිතුන්නස්ස සතො. එවරූපාපි ඛො මෙ, අග්ගිවෙස්සන, උප්පන්නා දුක්ඛා වෙදනා චිත්තං න පරියාදාය තිට්ඨති.
‘‘තස්ස මය්හං, අග්ගිවෙස්සන, එතදහොසි - ‘යංනූනාහං අප්පාණකංයෙව ඣානං ඣායෙය්‍ය’න්ති. සො ඛො අහං, අග්ගිවෙස්සන, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙ උපරුන්ධිං. තස්ස මය්හං, අග්ගිවෙස්සන, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු අධිමත්තා සීසෙ සීසවෙදනා හොන්ති. සෙය්‍යථාපි, අග්ගිවෙස්සන, බලවා පුරිසො දළ්හෙන වරත්තක්ඛණ්ඩෙන (වරත්තකබන්ධනෙන (සී.)) සීසෙ සීසවෙඨං දදෙය්‍ය, එවමෙව ඛො මෙ, අග්ගිවෙස්සන, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු අධිමත්තා සීසෙ සීසවෙදනා හොන්ති. ආරද්ධං ඛො පන මෙ, අග්ගිවෙස්සන, වීරියං හොති අසල්ලීනං උපට්ඨිතා සති අසම්මුට්ඨා. සාරද්ධො ච පන මෙ කායො හොති අප්පටිප්පස්සද්ධො තෙනෙව දුක්ඛප්පධානෙන පධානාභිතුන්නස්ස සතො. එවරූපාපි ඛො මෙ, අග්ගිවෙස්සන, උප්පන්නා දුක්ඛා වෙදනා චිත්තං න පරියාදාය තිට්ඨති.
‘‘තස්ස මය්හං, අග්ගිවෙස්සන, එතදහොසි - ‘යංනූනාහං අප්පාණකංයෙව ඣානං ඣායෙය්‍ය’න්ති. සො ඛො අහං, අග්ගිවෙස්සන, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙ උපරුන්ධිං. තස්ස මය්හං, අග්ගිවෙස්සන, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු අධිමත්තා වාතා කුච්ඡිං පරිකන්තන්ති. සෙය්‍යථාපි, අග්ගිවෙස්සන, දක්ඛො ගොඝාතකො වා ගොඝාතකන්තෙවාසී වා තිණ්හෙන ගොවිකන්තනෙන කුච්ඡිං පරිකන්තෙය්‍ය, එවමෙව ඛො මෙ, අග්ගිවෙස්සන, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු අධිමත්තා වාතා කුච්ඡිං පරිකන්තන්ති. ආරද්ධං ඛො පන මෙ, අග්ගිවෙස්සන, වීරියං හොති අසල්ලීනං උපට්ඨිතා සති අසම්මුට්ඨා. සාරද්ධො ච පන මෙ කායො හොති අප්පටිප්පස්සද්ධො තෙනෙව දුක්ඛප්පධානෙන පධානාභිතුන්නස්ස සතො. එවරූපාපි ඛො මෙ, අග්ගිවෙස්සන, උප්පන්නා දුක්ඛා වෙදනා චිත්තං න පරියාදාය තිට්ඨති.
‘‘තස්ස මය්හං, අග්ගිවෙස්සන, එතදහොසි - ‘යංනූනාහං අප්පාණකංයෙව ඣානං ඣායෙය්‍ය’න්ති. සො ඛො අහං, අග්ගිවෙස්සන, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙ උපරුන්ධිං. තස්ස මය්හං, අග්ගිවෙස්සන, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු අධිමත්තො කායස්මිං ඩාහො හොති. සෙය්‍යථාපි, අග්ගිවෙස්සන, ද්වෙ බලවන්තො පුරිසා දුබ්බලතරං පුරිසං නානාබාහාසු ගහෙත්වා අඞ්ගාරකාසුයා සන්තාපෙය්‍යුං සම්පරිතාපෙය්‍යුං, එවමෙව ඛො මෙ, අග්ගිවෙස්සන, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු අධිමත්තො කායස්මිං ඩාහො හොති. ආරද්ධං ඛො පන මෙ, අග්ගිවෙස්සන, වීරියං හොති අසල්ලීනං උපට්ඨිතා සති අසම්මුට්ඨා. සාරද්ධො ච පන මෙ කායො හොති අප්පටිප්පස්සද්ධො තෙනෙව දුක්ඛප්පධානෙන පධානාභිතුන්නස්ස සතො. එවරූපාපි ඛො මෙ, අග්ගිවෙස්සන, උප්පන්නා දුක්ඛා වෙදනා චිත්තං න පරියාදාය තිට්ඨති. අපිස්සු මං, අග්ගිවෙස්සන, දෙවතා දිස්වා එවමාහංසු - ‘කාලඞ්කතො සමණො ගොතමො’ති. එකච්චා දෙවතා එවමාහංසු - ‘න කාලඞ්කතො සමණො ගොතමො, අපි ච කාලඞ්කරොතී’ති. එකච්චා දෙවතා එවමාහංසු - ‘න කාලඞ්කතො සමණො ගොතමො, නපි කාලඞ්කරොති, අරහං සමණො ගොතමො, විහාරොත්වෙව සො (විහාරොත්වෙවෙසො (සී.)) අරහතො එවරූපො හොතී’ති (විහාරොත්වෙවෙසො අරහතො’’ති (?)).
378
“අග්ගිවෙස්සනය, ඒ මට මේ සිත පහළ විය යම් හෙයකින් මම ආශ්වාසකිරීම් රහිත ධ්‍යානය වඩන්නෙම් නම් යෙහෙක (කියාය.) අග්ගිවෙස්සනය, ඒ මම කටින්ද, නාසයෙන්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. අග්ගිවෙස්සනය, කටින්ද, නාසයෙන්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි කන් සිදුරුවලින් පිටවන වාතයෙහි අධික ශබ්දය ඇතිවෙයි. මයින හමක් පිඹින කල්හි යම්සේ අධික ශබ්දයක් ඇතිවේද, එපරිද්දෙන්ම අග්ගිවෙස්සනය, මාගේ මුඛයෙන්ද නාසයෙන්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි කන් සිදුරුවලින් පිටවන වාතයෙහි අධික ශබ්දය ඇතිවෙයි.
“අග්ගිවෙස්සනය, මා විසින් නොහැකුළුණු වීර්‍ය්‍යය පටන්ගන්නා ලදී. සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළා නොවීය. ප්‍රධාන වීර්‍ය්‍යයෙන් වීර්‍ය්‍යය වඩන්නාවූ මාගේ ශරීරය දාහ සහිත වෙයි. නොසන්සිඳුනේ වෙයි. අග්ගිවෙස්සනය, මට උපන්නාවූ මෙබඳුවූද, දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි.
“අග්ගිවෙස්සනය, ඒ මට මෙසේ කල්පනා විය. ‘යම් හෙයකින් මම ආශ්වාස රහිත ධ්‍යානයම වඩන්නෙම් නම් යෙහෙක’ (කියායි.) අග්ගිවෙස්සනය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. අග්ගිවෙස්සනය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි අධික වාතය හිස්මුදුන පලන්නාක් මෙන් වෙයි අග්ගිවෙස්සනය, යම්සේ බලවත් පුරුෂයෙක් තියුණු කටුවකින් හිස්මුදුන විදින්නේද, එපරිද්දෙන්ම අග්ගිවෙස්සනය, මගේ මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ, කල්හි අධික වාතය හිස්මුදුන පලන්නා සේ වෙයි
“අග්ගිවෙස්සනය, මා විසින් නොහැකුළුණු වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේමය, සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළාව නොවීය. ප්‍රධාන වීර්‍ය්‍යයෙන් වීර්‍ය්‍යය වඩන්නාවූ මාගේ ශරීරය දාහ සහිත විය. නොසංසිඳුනේ වෙයි. අග්ගිවෙස්සනය, මට උපන්නාවූ මෙබඳුවූද, දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි.
“අග්ගිවෙස්සනය, ඒ මට මෙසේ කල්පනා විය. ‘යම් හෙයකින් මම ආශ්වාස රහිත ධ්‍යානයම වඩන්නෙම් නම් යෙහෙක’ (කියායි.) අග්ගිවෙස්සනය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. අග්ගිවෙස්සනය, මුඛයෙන්ද නාසයෙන්ද කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි හිසෙහි අධික වේදනාව ඇති වෙයි. අග්ගිවෙස්සනය, යම් සේ බලවත් පුරුෂයෙක් දැඩි වරපට බැම්මකින් හිස වෙළයිද, එපරිද්දෙන්ම අග්ගිවෙස්සනය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි මගේ හිසෙහි වේදනාව ඇති වෙයි.
“අග්ගිවෙස්සනය, මා විසින් නොහැකුළුණු වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේමය, සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළාව නොවීය ප්‍රධාන වීර්‍ය්‍යයෙන් වීර්‍ය්‍ය වඩන්නාවූ මාගේ ශරීරය දාහ සහිත විය. නොසංසිඳුනේ වෙයි. අග්ගිවෙස්සනය, මට උපන්නාවූ මෙබඳුවූද දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි.
“අග්ගිවෙස්සනය, ඒ මට මෙසේ කල්පනා විය. ‘යම් හෙයකින් මම ආශ්වාස රහිත ධ්‍යානය වඩන්නෙම් නම් යෙහෙක’ (කියායි.) අග්ගිවෙස්සනය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූවෙමි. අග්ගිවෙස්සනය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි අධිකවූ වාතයෝ කුස සිඳිත්.
“අග්ගිවෙස්සනය, දක්ෂවූ ගවයන් මරන්නෙක් හෝ ගවයන් මරන්නෙකුගේ අතවැසියෙක් හෝ ගෙරින් කපන තියුණු ආයුධයකින් බඩ කපන්නේ යම්සේද, එපරිද්දෙන්ම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි අධික වාතය උදරය කපන්නාසේ වෙයි.
“අග්ගිවෙස්සනය, මා විසින් නොහැකුළුණු වීර්‍ය්‍යය පටන් ගන්නා ලද්දේමය, සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළාව නොවීය. ප්‍රධාන වීර්‍ය්‍යයෙන් වීර්‍ය්‍ය කරන්නාවූ මාගේ ශරීරය දාහ සහිත වෙයි. නොසංසිඳුනේ වෙයි. අග්ගිවෙස්සනය, මට උපන්නාවූ මෙබඳුවූද දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි.
“අග්ගිවෙස්සනය, ඒ මට මෙසේ කල්පනා විය. ආශ්වාස රහිතවූ ධ්‍යානය වඩන්නෙම්නම් යෙහෙක’ (කියායි.) අග්ගිවෙස්සනය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වුයෙමි. අග්ගිවෙස්සනය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළක්වූ කල්හි ශරීරයෙහි අධික දැවිල්ලක් වෙයි. අග්ගිවෙස්සනය, යම්සේ බලවත් පුරුෂයෝ දෙදෙනෙක් දුර්වල පුරුෂයෙකු අත් දෙකෙන් අල්ලා ගෙන අඟුරු වළකට අල්ලා තවන්නාහුද, අතිශයින් තවන්නාහුද, අග්ගිවෙස්සනය, එපරිද්දෙන්ම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි මගේ ශරීරයේ අධික දැවිල්ලක් වෙයි.
“අග්ගිවෙස්සනය, මා විසින් වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේමය. සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළාව නොවීය. ප්‍රධාන වීර්‍ය්‍යයෙන් වීර්‍ය්‍යකරන්නාවූ මාගේ ශරීරය දාහ සහිත වීර්‍ය්‍යයෙන්ම විඩා සහිත වෙයි. නොසංසිඳුනේ වෙයි. අග්ගිවෙස්සනය, මට උපන්නාවූ මෙබඳුවූද දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි.
“එකල්හි දේවතාවෝ මා දැක මෙසේ කීහ. ‘ශ්‍රමණ ගෞතම තෙම කළුරිය කළේය’ (කියායි) ඇතැම් දේවතා කෙනෙක් මෙසේ කීහ. ‘ශ්‍රමණ ගෞතමතෙම කළුරිය නොකෙළේය. එහෙත් කළුරිය කරන්නේය’ (කියායි.) ඇතැම් දෙවතා කෙනෙක් ‘ශ්‍රමණ ගෞතම තෙම කලුරිය කළේත් නොවේ. කලුරිය කරන්නේත් නොවෙයි. ශ්‍රමණ ගෞතම තෙම රහත්ය. රහතුන්ගේ වාසය කිරීමකැ’යි (කීහ.)
379
‘‘තස්ස මය්හං, අග්ගිවෙස්සන, එතදහොසි - ‘යංනූනාහං සබ්බසො ආහාරුපච්ඡෙදාය පටිපජ්ජෙය්‍ය’න්ති. අථ ඛො මං, අග්ගිවෙස්සන, දෙවතා උපසඞ්කමිත්වා එතදවොචුං - ‘මා ඛො ත්වං, මාරිස, සබ්බසො ආහාරුපච්ඡෙදාය පටිපජ්ජි. සචෙ ඛො ත්වං, මාරිස, සබ්බසො ආහාරුපච්ඡෙදාය පටිපජ්ජිස්සසි, තස්ස තෙ මයං දිබ්බං ඔජං ලොමකූපෙහි අජ්ඣොහාරෙස්සාම (අජ්ඣොහරිස්සාම (ස්‍යා. කං. පී. ක.)), තාය ත්වං යාපෙස්සසී’ති. තස්ස මය්හං, අග්ගිවෙස්සන, එතදහොසි - ‘අහඤ්චෙව ඛො පන සබ්බසො අජජ්ජිතං (අජද්ධුකං (සී. පී.), ජද්ධුකං (ස්‍යා. කං.)) පටිජානෙය්‍යං, ඉමා ච මෙ දෙවතා දිබ්බං ඔජං ලොමකූපෙහි අජ්ඣොහාරෙය්‍යුං (අජ්ඣොහරෙය්‍යුං (ස්‍යා. කං. පී. ක.)), තාය චාහං යාපෙය්‍යං, තං මමස්ස මුසා’ති. සො ඛො අහං, අග්ගිවෙස්සන, තා දෙවතා පච්චාචික්ඛාමි, ‘හල’න්ති වදාමි.
379
“අග්ගිවෙස්සනය, ඒ මට මෙසේ කල්පනා විය. යම් හෙයකින් මම මුළුමනින් ආහාර නොවැළඳීම පිණිස පිළිපදින්නෙම් නම් ඉතා යෙහෙක’ (කියායි.) අග්ගිවෙස්සනය, එවිට දේවතාවෝ මා වෙත පැමිණ මෙසේ කීහ. ‘නිදුකාණෙනි, ඔබ මුළුමනින් ආහාර නොගෙන සිටින්නට නොසිතුව මැනවි. යම් හෙයකින් ඔබ මුළුමනින් ආහාර නොගෙන සිටිය හොත් අපි ඔබගේ ලෝම සිදුරුවලින් දිව්‍ය ඕජස් ශරීරගත කරන්නෙමු. ඔබ එයින් යැපෙන්නෙහිය.’ අග්ගිවෙස්සනය, ඒ මට මෙසේ කල්පනා විය. මම වනාහි මුළුමනින් නිරාහාරව සිටීමට සිතින් එකඟ වුනෙමි. එහෙත් මේ දේවතාවෝ මාගේ ලොම් සිදුරුවලින් දිව්‍ය ඕජස ගිල්වන්නාහු නම් එයින් මම යැපෙන්නෙමි. එය මාගේ මුසාවක් වන්නේය. (කියායි.) අග්ගිවෙස්සනය, ඒ මම ඒ දෙවියන් වැළැක්වූයෙමි. වුවමනා නැතැයි කීයෙමි.
380
‘‘තස්ස මය්හං, අග්ගිවෙස්සන, එතදහොසි - ‘යංනූනාහං ථොකං ථොකං ආහාරං ආහාරෙය්‍යං, පසතං පසතං, යදි වා මුග්ගයූසං, යදි වා කුලත්ථයූසං, යදි වා කළායයූසං, යදි වා හරෙණුකයූස’න්ති. සො ඛො අහං, අග්ගිවෙස්සන, ථොකං ථොකං ආහාරං ආහාරෙසිං, පසතං පසතං, යදි වා මුග්ගයූසං, යදි වා කුලත්ථයූසං, යදි වා කළායයූසං, යදි වා හරෙණුකයූසං. තස්ස මය්හං, අග්ගිවෙස්සන, ථොකං ථොකං ආහාරං ආහාරයතො, පසතං පසතං, යදි වා මුග්ගයූසං, යදි වා කුලත්ථයූසං, යදි වා කළායයූසං, යදි වා හරෙණුකයූසං, අධිමත්තකසිමානං පත්තො කායො හොති. සෙය්‍යථාපි නාම ආසීතිකපබ්බානි වා කාළපබ්බානි වා, එවමෙවස්සු මෙ අඞ්ගපච්චඞ්ගානි භවන්ති තායෙවප්පාහාරතාය. සෙය්‍යථාපි නාම ඔට්ඨපදං, එවමෙවස්සු මෙ ආනිසදං හොති තායෙවප්පාහාරතාය. සෙය්‍යථාපි නාම වට්ටනාවළී, එවමෙවස්සු මෙ පිට්ඨිකණ්ටකො උණ්ණතාවනතො හොති තායෙවප්පාහාරතාය. සෙය්‍යථාපි නාම ජරසාලාය ගොපාණසියො ඔලුග්ගවිලුග්ගා භවන්ති, එවමෙවස්සු මෙ ඵාසුළියො ඔලුග්ගවිලුග්ගා භවන්ති තායෙවප්පාහාරතාය. සෙය්‍යථාපි නාම ගම්භීරෙ උදපානෙ උදකතාරකා ගම්භීරගතා ඔක්ඛායිකා දිස්සන්ති, එවමෙවස්සු මෙ අක්ඛිකූපෙසු අක්ඛිතාරකා ගම්භීරගතා ඔක්ඛායිකා දිස්සන්ති තායෙවප්පාහාරතාය. සෙය්‍යථාපි නාම තිත්තකාලාබු ආමකච්ඡින්නො වාතාතපෙන සංඵුටිතො හොති සම්මිලාතො, එවමෙවස්සු මෙ සීසච්ඡවි සංඵුටිතා හොති සම්මිලාතා තායෙවප්පාහාරතාය.
‘‘සො ඛො අහං, අග්ගිවෙස්සන, උදරච්ඡවිං පරිමසිස්සාමීති පිට්ඨිකණ්ටකංයෙව පරිග්ගණ්හාමි, පිට්ඨිකණ්ටකං පරිමසිස්සාමීති උදරච්ඡවිංයෙව පරිග්ගණ්හාමි, යාවස්සු මෙ, අග්ගිවෙස්සන, උදරච්ඡවි පිට්ඨිකණ්ටකං අල්ලීනා හොති තායෙවප්පාහාරතාය. සො ඛො අහං, අග්ගිවෙස්සන, වච්චං වා මුත්තං වා කරිස්සාමීති තත්ථෙව අවකුජ්ජො පපතාමි තායෙවප්පාහාරතාය. සො ඛො අහං, අග්ගිවෙස්සන, ඉමමෙව කායං අස්සාසෙන්තො පාණිනා ගත්තානි අනුමජ්ජාමි. තස්ස මය්හං, අග්ගිවෙස්සන, පාණිනා ගත්තානි අනුමජ්ජතො පූතිමූලානි ලොමානි කායස්මා පපතන්ති තායෙවප්පාහාරතාය. අපිස්සු මං, අග්ගිවෙස්සන, මනුස්සා දිස්වා එවමාහංසු - ‘කාළො සමණො ගොතමො’ති. එකච්චෙ මනුස්සා එවමාහංසු - ‘න කාළො සමණො ගොතමො, සාමො සමණො ගොතමො’ති. එකච්චෙ මනුස්සා එවමාහංසු - ‘න කාළො සමණො ගොතමො , නපි සාමො, මඞ්ගුරච්ඡවි සමණො ගොතමො’ති. යාවස්සු මෙ, අග්ගිවෙස්සන, තාව පරිසුද්ධො ඡවිවණ්ණො පරියොදාතො උපහතො හොති තායෙවප්පාහාරතාය.
380
“අග්ගිවෙස්සනය, ඒ මට මේ සිත පහළ විය. යම් හෙයකින් මම පතක් පතක් පමණවූ මුංතැම්බු දිය හෝ කොල්ලු තැම්බූ දිය හෝ කඩල තැම්බූ දිය හෝ කලතණ තැම්බු දිය හෝ ඉතා ස්වල්පවූ ආහාරයක් වළඳන්නෙම් නම් යෙහෙකි (කියායි.)
“අග්ගිවෙස්සනය, ඒ මම පතක් පතක් පමණවූ, මුංතැම්බූ දිය හෝ කොල්ලු තැම්බු දිය හෝ කඩල තැම්බු දිය හෝ කලතණ තැම්බූ දිය හෝ ඉතා ස්වල්ප වශයෙන් ආහාරය වැළඳුවෙමි. අග්ගිවෙස්සනය, ඒ මම පතක් පතක් පමණවූ මුං තැම්බූ දිය හෝ කොල්ලු තැම්බූ දිය හෝ කඩල තැම්බූ දිය හෝ කලතණ තැම්බූ දිය හෝ ඉතා ස්වල්ප වශයෙන් ආහාර ගන්නාවූ ඒ මාගේ ශරීරය ඉතා කෙට්ටු බවට පැමිණියේ වෙයි. අසූ වසක් ගිය වැලක පුරුක් හෝ කලුවැල් නම් වැලක පුරුක් හෝ යම්සේද මාගේ අඟපසඟ ඒ නිරාහාරභාවය නිසාම එබඳුවිය. ඔටුපියවර යම්සේ මැද ගැඹුරුවේද, එපරිද්දෙන්ම ඒ නිරාහාර භාවයෙන් මාගේ නිසීදනමාංසය (තට්ටම) මැදින් ගැඹුරු විය. රැහැණක ඇවුණු දැව වැටිය යම්සේ අතරතුර උස් මිටි වේද, එපරිද්දෙන් ඒ නිරාහාර භාවයෙන් මාගේ කොඳු ඇටය උස් මිටිවෙයි. යම්සේ දිරූ ශාලාවක පරාල උඩු යටි වශයෙන් නැමුනාහු වෙද්ද, එපරිද්දෙන් මාගේ ඉළඇට උඩුයටි වශයෙන් නැමුනාහු වෙත්. ගැඹුරුවූ ළිඳෙක දියයට පෙණෙන තුරු ගැඹුරට ගියාහු යට බැස්සාහු දක්නා ලැබෙත්ද, එපරිද්දෙන්ම ඒ ස්වල්ප ආහාරය නිසා මාගේ ඇස්වල නෙත්තරු වලගැඹුරට ගියාහු යට බැස්සාහු දක්නා ලැබෙත්. යම්සේ නම් තිත්ත ලබු ගෙඩියක් අමුවෙන් කපන ලද්දේ අව්සුළඟින් හැකුලුණේද මැලවුනේද, එපරිද්දෙන්ම ඒ ස්වල්ප ආහාරය නිසා මගේ හිසේ සම හැකුලුණේ මැලවුනේ වෙයි.
“අග්ගිවෙස්සනය, ඒ මම බඬේ සම අතගාන්නෙමියි පිට කටුවම අතගාන්නෙමි. පිට කටුව අල්වමියි බඬේ සම අල්ලමි. අග්ගිවෙස්සනය, ඒ ස්වල්ප ආහාරය නිසා එපමණට මාගේ බඬේ සම කොඳු ඇටයෙහි ඇලුනේ වෙයි. ඒ මම වර්චස් හෝ මුත්‍ර හෝ කරන්නෙමියි හුන්නේ ඒ ස්වල්ප ආහාරය නිසාම එහිම යටිකුරුව වැටෙමි. මම මේ ශරීරය අස්වසමියි අතින් ශරීරාවයව පිරිමදිමි. අග්ගිවෙස්සනය, එසේ ශරීරයේ අවයව අතගානවිට, ඒ ස්වල්ප ආහාරය නිසාම මුල්කුණුවූ ලොම් ශරීරයෙන් වැටෙත්.
“අග්ගිවෙස්සනය, සමහර මිනිස්සු මා දැක මෙසේ කීවාහුය. ‘ශ්‍රමණ ගෞතමතෙම කලුය.’ ඇතැම් මිනිස්සු මෙසේ කීවාහුය. ‘ශ්‍රමණ ගෞතමතෙම කලු නොවෙයි පලාවන් පාටය.’ ඇතැම් මනුෂ්‍යයෝ මෙසේ කීවාහුය. ‘ශ්‍රමණ ගෞතමතෙම කලුත් නොවෙයි, පලාවන් පාටත් නොවෙයි, ශ්‍රමණ ගෞතමතෙම රන් වන් සිවි ඇත්තේයි.’ අග්ගිවෙස්සනය, මෙසේ කීමට තරමටම මාගේ පිරිසිදුවූ හාත්පසින් බබලන්නාවූ ශරීරවර්ණය ඒ නිරාහාරභාවය නිසාම නැසුනේ වෙයි.
381
‘‘තස්ස මය්හං, අග්ගිවෙස්සන, එතදහොසි - ‘යෙ ඛො කෙචි අතීතමද්ධානං සමණා වා බ්‍රාහ්මණා වා ඔපක්කමිකා දුක්ඛා තිබ්බා ඛරා කටුකා වෙදනා වෙදයිංසු, එතාවපරමං, නයිතො භිය්‍යො. යෙපි හි කෙචි අනාගතමද්ධානං සමණා වා බ්‍රාහ්මණා වා ඔපක්කමිකා දුක්ඛා තිබ්බා ඛරා කටුකා වෙදනා වෙදයිස්සන්ති, එතාවපරමං, නයිතො භිය්‍යො. යෙපි හි කෙචි එතරහි සමණා වා බ්‍රාහ්මණා වා ඔපක්කමිකා දුක්ඛා තිබ්බා ඛරා කටුකා වෙදනා වෙදයන්ති, එතාවපරමං, නයිතො භිය්‍යො. න ඛො පනාහං ඉමාය කටුකාය දුක්කරකාරිකාය අධිගච්ඡාමි උත්තරි මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං. සියා නු ඛො අඤ්ඤො මග්ගො බොධායා’ති? තස්ස මය්හං, අග්ගිවෙස්සන, එතදහොසි - ‘අභිජානාමි ඛො පනාහං පිතු සක්කස්ස කම්මන්තෙ සීතාය ජම්බුච්ඡායාය නිසින්නො විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතා. සියා නු ඛො එසො මග්ගො බොධායා’ති? තස්ස මය්හං, අග්ගිවෙස්සන, සතානුසාරි විඤ්ඤාණං අහොසි - ‘එසෙව මග්ගො බොධායා’ති. තස්ස මය්හං, අග්ගිවෙස්සන, එතදහොසි - ‘කිං නු ඛො අහං තස්ස සුඛස්ස භායාමි, යං තං සුඛං අඤ්ඤත්‍රෙව කාමෙහි අඤ්ඤත්‍ර අකුසලෙහි ධම්මෙහී’ති? තස්ස මය්හං, අග්ගිවෙස්සන, එතදහොසි - ‘න ඛො අහං තස්ස සුඛස්ස භායාමි, යං තං සුඛං අඤ්ඤත්‍රෙව කාමෙහි අඤ්ඤත්‍ර අකුසලෙහි ධම්මෙහී’ති.
381
“අග්ගිවෙස්සනය, ඒ මට මෙසේ සිතුනේය. අතීත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ උපක්‍රමයෙන් උපන්නාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනා වින්දාහු නම් ඒ මේ තරම්ම වෙයි. මීට වඩා වැඩි නොවෙයි. අනාගත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ උපක්‍රමයෙන් උපන්නාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනා විඳින්නාහු නම් ඒ මේ තරම්ම වෙයි. මීට වඩා වැඩි නොවෙයි. මේ වර්තමාන කාලයෙහි යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ උපක්‍රමයෙන් උපන්නාවූ දුක්වූ, තියුණුවූ වේදනාවන් විඳිත් නම් ඒ මේ තරම්ම වෙයි මීට වඩා වැඩි නොවෙයි. මම වනාහි මේ කටුකවූ දුෂ්කරක්‍රියාවෙන් මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්‍ය්‍ය භාවය ඇති කිරීමට සමර්ථවූ ඥානදර්ශන විශේෂයක් නොලබමි. මාර්ගාවබොධය පිණිස අන්‍ය මාර්ගයෙක් ඇත්තේදැයි (කල්පනා විය.)
“අග්ගිවෙස්සනය, ඒ මට මේ අදහස විය. මම, පියවූ ශුද්ධොදන ශාක්‍ය රාජයාගේ වප්මගුල් දිනයෙහි සිහිල්වූ දඹ රුක් සෙවනෙහි හුන්නේ කාමයන් ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කළබව දනිමි. ඒ මාර්ගය මාර්ගඥාන අවබෝධය පිණිස වන්නේයි (අදහස් විය.) අග්ගිවෙස්සනය, ඒමට අවබෝධය පිණිස මේ මාර්ගයමැයි සිහිය අනුව පැවති විඤ්ඤාණය පහළවිය. අග්ගිවෙස්සනය, ඒ මට මේ අදහස විය. කාමයන්ගෙන් වෙන්වූ අකුශල ධර්මයන්ගෙන් වෙන්වූ යම් ඒ සැපයක්වේද, මම ඒ සැපයට භය වෙමිද (කියාය.) අග්ගිවෙස්සනය, ඒ මට මේ කල්පනාව ඇතිවිය. කාමයන්ගෙන් වෙන්වූ අකුසල ධර්මයන්ගෙන් වෙන්වූ යම් ඒ සැපයක්වේද, මම ඒ සැපයට භය නොවෙමියි (කීවාය.)
382
‘‘තස්ස මය්හං, අග්ගිවෙස්සන, එතදහොසි - ‘න ඛො තං සුකරං සුඛං අධිගන්තුං එවං අධිමත්තකසිමානං පත්තකායෙන, යංනූනාහං ඔළාරිකං ආහාරං ආහාරෙය්‍යං ඔදනකුම්මාස’න්ති. සො ඛො අහං, අග්ගිවෙස්සන, ඔළාරිකං ආහාරං ආහාරෙසිං ඔදනකුම්මාසං. තෙන ඛො පන මං, අග්ගිවෙස්සන, සමයෙන පඤ්ච (පඤ්චවග්ගියා (අඤ්ඤසුත්තෙසු)) භික්ඛූ පච්චුපට්ඨිතා හොන්ති - ‘යං ඛො සමණො ගොතමො ධම්මං අධිගමිස්සති, තං නො ආරොචෙස්සතී’ති. යතො ඛො අහං, අග්ගිවෙස්සන, ඔළාරිකං ආහාරං ආහාරෙසිං ඔදනකුම්මාසං, අථ මෙ තෙ පඤ්ච භික්ඛූ නිබ්බිජ්ජ පක්කමිංසු - ‘බාහුල්ලිකො (බාහුලිකො (සී. පී.) සංඝභෙදසික්ඛාපදටීකාය සමෙති) සමණො ගොතමො, පධානවිබ්භන්තො, ආවත්තො බාහුල්ලායා’ති.
382
අග්ගිවෙස්සනය, ඒ මට මේ කල්පනාව ඇතිවිය. මෙ තරම් දුර්වලවූ ශරීරයකින් යුක්තව ඒ (ප්‍රථමධ්‍යාන) සැපය ලබන්නට බැරිය. යම්හෙයකින් මම බත් හා කොමුපිඩු ආදි ඖදාරික ආහාරයක් ගන්නෙම් නම් හොඳය (කියාය.)
“අග්ගිවෙස්සනය, ඒ මම බත්, කොමපිඩුයැයි කියන ඔළාරික ආහාරයක් ගත්තෙමි. අග්ගිවෙස්සනය, ඒ කාලයෙහි ‘ශ්‍රමණ ගෞතමතෙම යම් ලොවුතුරා දහමක් ලැබුයේ නම් එය අපට කියන්නේය’ යන අදහසින් භික්ෂූන් පස්දෙනෙක් මට උපස්ථාන කරමින් සිටියහ. අග්ගිවෙස්සනය, යම් කලක පටන් මම බත් හා කොමුපිඩු ආහාර ගන්නට වූයෙම්ද, එකල්හි ඒ භික්ෂුහු ‘ශ්‍රමණ ගෞතමතෙම ප්‍රත්‍යය බහුලකොට ඇත්තේය. රසයෙහි ගිජුව ප්‍රණීත පිණ්ඩපාතාදිය වැළදීමට හැරුණේය. වීර්‍ය්‍යය කිරීමෙන් පිරිහුණේයැ’යි කියා කලකිරී බැහැර ගියාහුය.
383
‘‘සො ඛො අහං, අග්ගිවෙස්සන, ඔළාරිකං ආහාරං ආහාරෙත්වා, බලං ගහෙත්වා, විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහාසිං. එවරූපාපි ඛො මෙ, අග්ගිවෙස්සන, උප්පන්නා සුඛා වෙදනා චිත්තං න පරියාදාය තිට්ඨති. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහාසිං. එවරූපාපි ඛො මෙ, අග්ගිවෙස්සන, උප්පන්නා සුඛා වෙදනා චිත්තං න පරියාදාය තිට්ඨති. පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහාසිං, සතො ච සම්පජානො. සුඛඤ්ච කායෙන පටිසංවෙදෙසිං යං තං අරියා ආචික්ඛන්ති - ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති තතියං ඣානං උපසම්පජ්ජ විහාසිං. එවරූපාපි ඛො මෙ, අග්ගිවෙස්සන, උප්පන්නා සුඛා වෙදනා චිත්තං න පරියාදාය තිට්ඨති. සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා, පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා, අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහාසිං. එවරූපාපි ඛො මෙ, අග්ගිවෙස්සන, උප්පන්නා සුඛා වෙදනා චිත්තං න පරියාදාය තිට්ඨති.
383
“අග්ගිවෙස්සනය, ඒ මම ඕලාරික ආහාරගෙන ශරීර ශක්තිය ලැබ කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීති සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි අග්ගිවෙස්සනය, උපන්නාවූ මෙබඳුවූද සැප වේදනාව මගේ කුසල් සිත විනාශ නොකරයි.
විතක්ත විචාර සංසිඳීමෙන් අභ්‍යන්තර පැහැදීම ඇති හිතේ එකඟ බව ඇති, විතර්ක රහිතවූ, විචාර රහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. අග්ගිවෙස්සනය, උපන්නාවූ මෙබඳුවූද සැප වේදනාවද මගේ කුසල් සිත විනාශ නොකරයි. මැඩගෙන නොසිටියි. ප්‍රීතිය ඉක්මවීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කෙළෙමි. සිහියෙන් හා මනා නුවණින් යුක්තවූයේ කයින්ද සැපය වින්දෙමි. යමක් උපෙක්ෂා ඇත්තේ සිහියෙන් යුක්තවූයේ, සැප විහරණ ඇත්තේයැයි ආර්‍ය්‍යයෝ කියත්ද. ඒ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. අග්ගිවෙස්සනය, උපන්නාවූ මෙබඳුවූ සැප වේදනාවද මගේ කුසල් හිත විනාශ නොකරයි. සැපය නැති කිරීමෙන්, දුක නැති කිරීමෙන් කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන්, දුක්නැත්තාවූ, සැප නැත්තාවූ, උපෙක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදුබව ඇති සතර වැනි ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. අග්ගිවෙස්සනය, උපන්නාවූ මෙබඳු වූ සැප වේදනාවද මගේ කුසල් හිත විනාශ නොකරයි.
384
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනින්නාමෙසිං. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරාමි , සෙය්‍යථිදං - එකම්පි ජාතිං...පෙ.... ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරාමි. අයං ඛො මෙ, අග්ගිවෙස්සන, රත්තියා පඨමෙ යාමෙ පඨමා විජ්ජා අධිගතා; අවිජ්ජා විහතා, විජ්ජා උප්පන්නා; තමො විහතො, ආලොකො උප්පන්නො; යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො. එවරූපාපි ඛො මෙ, අග්ගිවෙස්සන, උප්පන්නා සුඛා වෙදනා චිත්තං න පරියාදාය තිට්ඨති.
384
“ඒ මම මෙසේ හිත සමාධියෙන් එකඟවූ කල්හි, පිරිසිදුවූකල්හි (පිරිසිදු හෙයින්ම) දීප්තිමත්වූ කල්හි අංගන (රාගාදී කෙලෙස්) රහිතවූ කල්හි, පහවූ උවදුරු ඇති කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි සිත ස්ථිරවූ කල්හි පෙර ජාති දැනීමේ ඤාණය පිණිස සිත නැමුයෙමි. ඒ මම නොයෙක් ආකාරවූ පූර්වෙනිවාසය (පෙර උපන් ජාති,) සිහිකරමි. එනම් එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දශයක්ද, ජාති විස්සක්ද, ජාති තිසක්ද, ජාති සතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත (විනාශවන) කල්පයන්ද, නොයෙක් විවර්ත (හැදෙන) කල්පයන්ද, නොයෙක් සංවර්ත විවර්ත කල්පයන්ද අසුවල් තැන උපන්නෙමි, එහිදී මේ නම් ඇත්තේ වීමි, මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු වර්ණ ඇත්තේවීමි. මෙබඳු ආහාර ඇත්තේවීමි. මෙබඳු දුක් සැප වින්දෙමි. ඒ මම එයින් චුතව අසුවල් තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු සැප දුක් වින්දේ වීමි. මෙබඳු ආයුෂ ඇත්තේ වීමි. ඒ මම එතැනින් චුතව මෙහි උපන්නෙමි’යි මෙසේ ආකාර සහිතවූ, දැක්වීම් සහිතවූ, නොයෙක් ආකාරවූ, පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරමි.
“අග්ගිවෙස්සනය, මා විසින් රාත්‍රියේ පළමුවෙනි යාමයෙහි මේ පළමුවන විද්‍යාව (පෙර විසූ තැන් දන්නා නුවණ) ලබන ලදී. (එය වසන) අවිද්‍යාව නසනලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මෝහය) නසන ලද්දේය. ආලෝකය උපන්නේය. අප්‍රමාදව කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේවිය. අග්ගිවෙස්සනය, උපන්නාවූ මෙබඳුවූ සැප වේදනාවද මගේ කුසල් හිත විනාශ නොකරයි.
385
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනින්නාමෙසිං. සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සාමි චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාමි...පෙ.... අයං ඛො මෙ, අග්ගිවෙස්සන, රත්තියා මජ්ඣිමෙ යාමෙ දුතියා විජ්ජා අධිගතා; අවිජ්ජා විහතා, විජ්ජා උප්පන්නා; තමො විහතො, ආලොකො උප්පන්නො; යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො . එවරූපාපි ඛො මෙ, අග්ගිවෙස්සන , උප්පන්නා සුඛා වෙදනා චිත්තං න පරියාදාය තිට්ඨති.
385
“ඒ මම මෙසේ (හිත සමාධියෙන්) එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, (පිරිසුදු හෙයින්) දීප්තිමත්වූ කල්හි, අංගණ (රාගාදි කෙලෙස්) රහිතවූ කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, සිත මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, සිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි සත්ත්වයන්ගේ චුති උත්පත්ති දෙක දැකීම පිණිස සිත නැමීමි. ඒ මම පිරිසිදුවූ, මිනිස් බව ඉක්මවා සිටි දිවඇසින්, චුත වන්නාවූද, උපදින්නාවූද, ලාමකවූද, ප්‍රණීතවූද, මනා වර්ණ ඇත්තාවූද, මනා වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද, කර්මය පරිදි මියගියාවූ, සත්වයන් දකිමි.
“ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, මනොදුශ්චරිතයෙන් යුක්ත වූවාහු, ආර්‍ය්‍යයන්ට දොස් කීවාහු, මිථ්‍යාදෘෂ්ටි ගත්තාහු, මිථ්‍යාදෘෂ්ටි ක්‍රියා අනුමත කළාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන, නරකයෙහි උපන්නාහුයයිද, මේ පින්වත් සත්වයෝ වනාහි කාය සුචරිතයෙන් යුක්ත වූවාහු, වාක් සුචරිතයෙන් යුක්ත වූවාහු, මනො සුචරිතයෙන් යුක්ත වූවාහු, ආර්‍ය්‍යයන්ට දොස් නොකීවාහු සම්‍යක්දෘෂ්ටි ඇත්තාහු සම්‍යක්දෘෂ්ටි කර්ම සමාදන් වූවාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු ස්වර්ග ලෝකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින්, චුත වන්නාවූද, උපදින්නාවූද, ලාමක වූද, ප්‍රණීතවූද, මනා වර්ණ ඇත්තාවූද, මනා වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද කර්මය පරිදි මියගියාවූ සත්වයන් දනිමි.
“අග්ගිවෙස්සනය, මා විසින් රාත්‍රියෙහි මැද යාමයෙහි මේ දෙවන විද්‍යාව (චුතවීම්, ඉපදීම් දක්නා නුවණ) ලබනලදී. (එය වසන) අවිද්‍යාව නසනලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මෝහය) නසන ලද්දේය. ආලෝකය උපන්නේය. අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ වීය. අග්ගිවෙස්සනය, උපන්නාවූ මෙබඳුවූද සැප වේදනාව මගේ කුසල් සිත විනාශ නොකරයි.
386
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමෙසිං. සො ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං අබ්භඤ්ඤාසිං, ‘අයං දුක්ඛසමුදයො’ති යථාභූතං අබ්භඤ්ඤාසිං, ‘අයං දුක්ඛනිරොධො’ති යථාභූතං අබ්භඤ්ඤාසිං, ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං අබ්භඤ්ඤාසිං. ‘ඉමෙ ආසවා’ති යථාභූතං අබ්භඤ්ඤාසිං, ‘අයං ආසවසමුදයො’ති යථාභූතං අබ්භඤ්ඤාසිං, ‘අයං ආසවනිරොධො’ති යථාභූතං අබ්භඤ්ඤාසිං, ‘අයං ආසවනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං අබ්භඤ්ඤාසිං. තස්ස මෙ එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චිත්ථ, භවාසවාපි චිත්තං විමුච්චිත්ථ, අවිජ්ජාසවාපි චිත්තං විමුච්චිත්ථ. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං අහොසි. ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති අබ්භඤ්ඤාසිං. අයං ඛො මෙ, අග්ගිවෙස්සන, රත්තියා පච්ඡිමෙ යාමෙ තතියා විජ්ජා අධිගතා; අවිජ්ජා විහතා, විජ්ජා උප්පන්නා; තමො විහතො, ආලොකො උප්පන්නො; යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො. එවරූපාපි ඛො මෙ, අග්ගිවෙස්සන, උප්පන්නා සුඛා වෙදනා චිත්තං න පරියාදාය තිට්ඨති.
386
“ඒ මම මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, සිත මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, සිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, ආශ්‍රව ක්ෂයකර ඥානය (කෙලෙස් නැති කරන නුවණ) පිණිස සිත නැමුයෙමි. ඒ මම, මෙය දුකය’යි තතුසේ දත්තෙමි. මේ ‘දුක් ඉපදීමට හේතුවය’යි තතුසේ දත්තෙමි. මේ ‘දුක් නැති කිරීමය’යි තතුසේ දත්තෙමි. මේ ‘දුක් නැති කිරීමය’යි තතුසේ දත්තෙමි. ‘මේ දුක නැති කිරීමේ මාර්ගය’යයි තතුසේ දත්තෙමි. ‘මොහු ආශ්‍රවයෝය’යි තතුසේ දැනගතිමි. ‘මේ ආශ්‍රවයන්ගේ හටගැන්මය’යි තතුසේ දැනගතිමි. ‘මේ ආශ්‍රවයන්ගේ නැතිකිරීමය’යයි තතුසේ දැනගතිමි. ‘මේ ආශ්‍රවයන් නැති කිරීමේ මාර්ගය’යි තතුසේ දැනගතිමි. මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ ඒ මාගේ සිත කාමාශ්‍රවයන්ගෙන් මිදුනේය. භවාශ්‍රවයන්ගෙන්ද මිදුනේය. අවිද්‍යාශ්‍රවයන්ගෙන්ද මිදුනේය. මිදුන කල්හි මිදුනේයයි දැනීම පහළවිය. උත්පත්තිය කෙළවර විය. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. කළයුතු අනිකක් නැත්තේයයි දැනගතිමි.
“අග්ගිවෙස්සනය, රාත්‍රියෙහි අන්තිම යාමයෙහි මේ තුන්වෙනි විද්‍යාව (ආශ්‍රවක්ෂයකරඥාන නම්වූ අර්හත් මාර්ගය) මා විසින් ලබනලදී. (එය වසන) අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මෝහය) නසන ලද්දේය. ආලෝකය උපන්නේය. අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ විය. අග්ගිවෙස්සනය, උපන්නාවූ මෙබඳුවූද සැප වේදනාව මගේ කුසල් සිත විනාශ නොකරයි.
387
‘‘අභිජානාමි ඛො පනාහං, අග්ගිවෙස්සන, අනෙකසතාය පරිසාය ධම්මං දෙසෙතා. අපිස්සු මං එකමෙකො එවං මඤ්ඤති - ‘මමෙවාරබ්භ සමණො ගොතමො ධම්මං දෙසෙතී’ති. ‘න ඛො පනෙතං, අග්ගිවෙස්සන, එවං දට්ඨබ්බං; යාවදෙව විඤ්ඤාපනත්ථාය තථාගතො පරෙසං ධම්මං දෙසෙති. සො ඛො අහං, අග්ගිවෙස්සන, තස්සායෙව කථාය පරියොසානෙ, තස්මිංයෙව පුරිමස්මිං සමාධිනිමිත්තෙ අජ්ඣත්තමෙව චිත්තං සණ්ඨපෙමි සන්නිසාදෙමි එකොදිං කරොමි සමාදහාමි, යෙන සුදං නිච්චකප්පං විහරාමී’’’ති.
‘‘ඔකප්පනියමෙතං භොතො ගොතමස්ස යථා තං අරහතො සම්මාසම්බුද්ධස්ස. අභිජානාති ඛො පන භවං ගොතමො දිවා සුපිතා’’ති? ‘‘අභිජානාමහං, අග්ගිවෙස්සන, ගිම්හානං පච්ඡිමෙ මාසෙ පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො චතුග්ගුණං සඞ්ඝාටිං පඤ්ඤපෙත්වා දක්ඛිණෙන පස්සෙන සතො සම්පජානො නිද්දං ඔක්කමිතා’’ති. ‘‘එතං ඛො, භො ගොතම, එකෙ සමණබ්‍රාහ්මණා සම්මොහවිහාරස්මිං වදන්තී’’ති ? ‘‘න ඛො, අග්ගිවෙස්සන, එත්තාවතා සම්මූළ්හො වා හොති අසම්මූළ්හො වා. අපි ච, අග්ගිවෙස්සන, යථා සම්මූළ්හො ච හොති අසම්මූළ්හො ච, තං සුණාහි, සාධුකං මනසි කරොහි, භාසිස්සාමී’’ති. ‘‘එවං, භො’’ති ඛො සච්චකො නිගණ්ඨපුත්තො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච -
387
“අග්ගිවෙස්සනය, මම වනාහි නොයෙක් සියගණන් පිරිසෙහි ධර්මය දේශනා කළ බව දනිමි. (එහිදී) ‘මටම ශ්‍රමණ ගෞතමතෙම ධර්මය දේශනා කරන්නේය’යි එක් එක් පුද්ගලයා සිතයි. අග්ගිවෙස්සනය, මේ කාරණය මෙසේ නොදත යුතුයි. තථාගතතෙම අන්‍යයන්ට ධර්මය අවබෝධ කිරීම පිණිසම ධර්මය දේශනා කරති. අග්ගිවෙස්සනය, ඒ මම ඒ දේශනාව අවසානයෙහිත් මුලදිත් යම් කිසි සමාධියකින් නිතර වාසය කරන්නෙම් නම් ඒ සමාධියෙහිම සිත පිහිටුවමි, හිඳුවමි, එකඟ කරමි, සමාධිගත කරමි.”
“යම් ඵලසමාපත්තියකින් නිතරම වාසයකරමි’යි (වදාරන සේක්ද) අර්හත්වූ සම්‍යක්සම්බුද්ධ කෙනෙකුට යම්සේ නම් එසේම භවත් ගෞතමයින්ගේ මේ සමාපත්තියට සමවැදීම ඇදහිය යුතුය භවත් ගෞතමතෙම දවල් නිදාගත් බවක් දන්න සේක්ද?” “අග්ගිවෙස්සනය, ග්‍රීෂ්ම ඍතුවෙහි අන්තිම මාසයෙහි බතින් පසුව පිණ්ඩපාතයෙන් වැළකුනේ සඟල සිවුර සතර පටක් කොට එලා සිහි ඇතිව මනා නුවණ ඇතිව දකුණු ඇලයෙන් නිදාගත් බව මම දනිමි.” “භවත් ගෞතමයෙනි, ඇතැම් මහණ බමුණෝ මේ දහවල් නිදීම වනාහි සම්මොහ විහරණයයි (මුළාවී වාසය කිරීමක්යයි) කියත්.” “අග්ගිවෙස්සනය, මෙපමණකින් මුළාවූවෙක් හෝ නුමුළාවූවෙක් හෝ නොවෙයි. අග්ගිවෙස්සනය, යම්සේ මුළාවූවෙක් වේද, මුළානොවූවෙක් හෝ වේද, එය අසව, මනාකොට සිතෙහි තබාගනුව, කියන්නෙමි.’ “එසේය, පින්වතුන්වහන්ස” කියා සච්චක නිගණ්ඨ පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
388
‘‘යස්ස කස්සචි, අග්ගිවෙස්සන, යෙ ආසවා සංකිලෙසිකා පොනොබ්භවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණියා අප්පහීනා, තමහං ‘සම්මූළ්හො’ති වදාමි. ආසවානඤ්හි, අග්ගිවෙස්සන, අප්පහානා සම්මූළ්හො හොති. යස්ස කස්සචි, අග්ගිවෙස්සන, යෙ ආසවා සංකිලෙසිකා පොනොබ්භවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණියා පහීනා, තමහං ‘අසම්මූළ්හො’ති වදාමි. ආසවානඤ්හි, අග්ගිවෙස්සන, පහානා අසම්මූළ්හො හොති.
‘‘තථාගතස්ස ඛො, අග්ගිවෙස්සන, යෙ ආසවා සංකිලෙසිකා පොනොබ්භවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණියා පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවංකතා ආයතිං අනුප්පාදධම්මා . සෙය්‍යථාපි, අග්ගිවෙස්සන, තාලො මත්ථකච්ඡින්නො අභබ්බො පුන විරූළ්හියා, එවමෙව ඛො, අග්ගිවෙස්සන, තථාගතස්ස යෙ ආසවා සංකිලෙසිකා පොනොබ්භවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණියා පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවංකතා ආයතිං අනුප්පාදධම්මා’’ති.
388
“අග්ගිවෙස්සනය, යම් කිසිවෙකුට සිත කෙලෙසන්නාවූ, නැවත ඉපදීම ඇතිකරන්නාවූ දැවිලි සහිතවූ, දුක් විපාක ඇත්තාවූ, මත්තෙහි ජාති ජරා මරණ පිණිස පවත්නාවූ යම් ආශ්‍රවයෝ වෙද්ද, ඔවුහු නැති නොවූවාහුද, ඔහු මුළාවූවෙකැයි මම කියමි. අග්ගිවෙස්සනය, ආශ්‍රවයන්ගේ නැති නොකිරීම නිසා මුළාවෙයි.
“අග්ගිවෙස්සනය, යම් කිසිවෙකුට සිත කෙලෙසන්නාවූ, නැවත ඉපදීම ඇති කරන්නාවූ, දැවිලි සහිතවූ, දුක් විපාක දෙන්නාවූ මත්තෙහි ජාති ජරා මරණ පිණිස පවත්නාවූ යම් ආශ්‍රවකෙනෙක් වෙද්ද, ඔවුහු නැතිවූවාහුද, මම ඔහු නොමුළාවූවෙකැයි කියමි. අග්ගිවෙස්සනය, කෙලෙසුන් නැති කිරීමෙන් නොමුළාවූයේ වෙයි.
“අග්ගිවෙස්සනය, තථාගතයන් වහන්සේට වනාහි සිත කෙලෙසන්නාවූ, නැවත ඉපදීම ඇති කරන්නාවූද, දැවිලි සහිතවූ, දුක් විපාක ඇතිකරන්නාවූ, මත්තෙහි ජාති ජරා මරණ පිණිස පවත්නාවූ යම් ආශ්‍රවයෝ වෙත්ද, ඔවුහු නැති වූවාහුය, සිඳිනලද මුල් ඇත්තාහ. මුලින් උදුරන ලද තල් ගසක් මෙන් කරන ලදහ. විනාශ කරන ලදහ. මත්තෙහි නූපදින ස්වභාව ඇත්තාහ. අග්ගිවෙස්සනය, මුදුන කපන ලද තල් ගසක් යම්සේ නැවත වැඩෙන්නට නොසුදුසුද, අග්ගිවෙස්සනය, එපරිද්දෙන්ම තථාගතයන් වහන්සේගේ, සිත කෙලෙසන්නාවූ, නැවත ඉපදීම ඇති කරන්නාවූ, දැවිලි සහිතවූ, දුක් විපාක ඇති කරන්නාවූ, මත්තෙහි ජාති ජරා මරණ පිණිස පවත්නාවූ යම් ක්ලෙසයෝ වෙත්ද, ඔවුහු නැති වූහ. මුල් සිඳින ලද්දාහ. මුලින් උදුරන ලද තල් ගසක් මෙන් කරන ලදහ. විනාශ කරන ලදහ. මත්තෙහි නූපදින ස්වභාව ඇත්තාහ.
389
එවං වුත්තෙ, සච්චකො නිගණ්ඨපුත්තො භගවන්තං එතදවොච - ‘‘අච්ඡරියං, භො ගොතම, අබ්භුතං, භො ගොතම! යාවඤ්චිදං භොතො ගොතමස්ස එවං ආසජ්ජ ආසජ්ජ වුච්චමානස්ස, උපනීතෙහි වචනප්පථෙහි සමුදාචරියමානස්ස, ඡවිවණ්ණො චෙව පරියොදායති, මුඛවණ්ණො ච විප්පසීදති, යථා තං අරහතො සම්මාසම්බුද්ධස්ස. අභිජානාමහං, භො ගොතම, පූරණං කස්සපං වාදෙන වාදං සමාරභිතා. සොපි මයා වාදෙන වාදං සමාරද්ධො අඤ්ඤෙනඤ්ඤං පටිචරි, බහිද්ධා කථං අපනාමෙසි, කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාත්වාකාසි. භොතො පන (භොතො ඛො පන (සී.)) ගොතමස්ස එවං ආසජ්ජ ආසජ්ජ වුච්චමානස්ස, උපනීතෙහි වචනප්පථෙහි සමුදාචරියමානස්ස, ඡවිවණ්ණො චෙව පරියොදායති, මුඛවණ්ණො ච විප්පසීදති, යථා තං අරහතො සම්මාසම්බුද්ධස්ස. අභිජානාමහං, භො ගොතම, මක්ඛලිං ගොසාලං...පෙ.... අජිතං කෙසකම්බලං... පකුධං කච්චායනං... සඤ්ජයං බෙලට්ඨපුත්තං... නිගණ්ඨං නාටපුත්තං වාදෙන වාදං සමාරභිතා . සොපි මයා වාදෙන වාදං සමාරද්ධො අඤ්ඤෙනඤ්ඤං පටිචරි, බහිද්ධා කථං අපනාමෙසි, කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාත්වාකාසි. භොතො පන ගොතමස්ස එවං ආසජ්ජ ආසජ්ජ වුච්චමානස්ස, උපනීතෙහි වචනප්පථෙහි සමුදාචරියමානස්ස, ඡවිවණ්ණො චෙව පරියොදායති, මුඛවණ්ණො ච විප්පසීදති, යථා තං අරහතො සම්මාසම්බුද්ධස්ස. හන්ද ච දානි මයං, භො ගොතම, ගච්ඡාම. බහුකිච්චා මයං, බහුකරණීයා’’ති. ‘‘යස්සදානි ත්වං, අග්ගිවෙස්සන, කාලං මඤ්ඤසී’’ති.
අථ ඛො සච්චකො නිගණ්ඨපුත්තො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා පක්කාමීති.
389
මෙසේ වදාළ කල්හි සච්චක නිගණ්ඨ පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ‘භවත් ගෞතමයාණෙනි, ආශ්චර්‍ය්‍යය, භවත් ගෞතමයාණෙනි, අද්භූතය, මෙසේ ගට ගටා කියනු ලබන්නාවූ, එලව එලවා කියනලද, වචනවලින් ව්‍යවහාර කරනු ලබන්නාවූ භවත් ගෞතමයින්ගේ ශරීරවර්ණයද බබලයි. මුහුණෙහි වර්ණයද පහදියි. අර්හත්වූ සම්‍යක් සම්බුදු කෙනෙකුට යම්සේ නම් එසේය.
“භවත් ගෞතමයාණෙනි, මම පූරණ කාශ්‍යපහට වාද කථාවෙන් වාදය ආරොපණය කළබව දනිමි. හෙතෙම වනාහී මා විසින් වාද කථාවෙන් වාදය පටන් ගන්නා ලද්දේ අන්‍ය කථාවකින්, කථාව යටපත් කෙළේය. කථාව පිටතට නැමීය. කෝපයද, ද්වේෂයද, නොසතුටද පහළ කෙළේය. මෙසේ ගට ගටා කියනු ලබන්නාවූ වෙත පමුනුවන ලද්දාවූ, වචනවලින් ව්‍යවහාර කරනු ලබන්නාවූ භවත් ගෞතමයින්ගේ වනාහි ශරීරවර්ණයද බබලයි. මුහුණෙහි වර්ණයද පහදියි. අර්හත්වූ සම්‍යක් සම්බුදු කෙනෙකුට යම්සේ නම් එසේමය. භවත් ගෞතමයාණෙනි, මක්ඛලිගොසාලහටද, වාදයෙන් වාදය නැගුවා දනිමි. ඔහු වනාහි මා විසින් වාදයෙන් වාදය පටන් ගන්නා ලද්දේ වෙන කථාවකින් කථාව යට කළේය. කථාව පිටතට නැමීය. කෝපයද, ද්වේෂයද, නොසතුටද පහළ කළේය. මෙසේ ගටගටා කියනු ලබන්නාවූ, වෙත පමුණුවනු ලද්දාවූ, වචනවලින් ව්‍යවහාර කරනු ලබන්නාවූ භවත් ගෞතමයින්ගේ වනාහි ශරීර වර්ණයද බබලයි. මුහුණෙහි වර්ණයද පහදියි. අර්හත්වූ සම්මාසම්බුදු කෙනෙකුට යම්සේ නම් එසේයි.
“අජිතකෙසකම්බලහටද, වාදයෙන් වාදය නැගුවා දනිමි. ඔහුවනාහි මා විසින් වාදයෙන් වාදය පටන් ගන්නා ලද්දේ වෙන කථාවකින් කථාව යට කළේය. කථාව පිටතට නැමීය. කොපයද, ද්වේෂයද, නොසතුටද පහළ කළේය. මෙසේ ගට ගටා කියනු ලබන්නාවූ, වෙත පමුණුවන වචනවලින් ව්‍යවහාරකරනු ලබන්නාවූ භවත් ගෞතමයන්ගේ ශරීර වර්ණයද බබලයී. මුහුණෙහි වර්ණයද පහදියි. අර්හත්වූ සම්මා සම්බුදු කෙනෙකුට යම්සේ නම් එසේයි.
“පකුධකච්චායනටද, වාදයෙන් වාදය නැගුවා දනිමි. ඔහු වනාහි මා විසින් වාදයෙන් වාදය පටන් ගන්නා ලද්දේ, වෙන කථාවකින් කථාව යට කළේය. කථාව පිටතට නැමීය. කොපයද, ද්වේෂයද, නොසතුටද පහළ කෙළේය. මෙසේ ගට ගටා කියනු ලබන්නාවූ, වෙත පමුණුවන වචනවලින් ව්‍යවහාර කරනු ලබන්නාවූ භවත් ගෞතමයන්ගේ ශරීර වර්ණයද බබලයි. මුහුණෙහි වර්ණයද පහදියි. අර්හත්වූ සම්මා සම්බුදු කෙනෙකුට යම්සේ නම් එසේය.
“සංජය බෙලට්ඨිපුත්තටද, වාදයෙන් වාදය නැගුවා දනිමි. ඔහු වනාහි මා විසින් වාදයෙන් වාදය පටන්ගන්නා ලද්දේ වෙන කථාවකින් කථාව යට කළේය. කථාව පිටතට නැමීය. කොපයද, ද්වේෂයද, නොසතුටද පහළ කළේය. මෙසේ ගට ගටා කියනු ලබන්නාවූ, වෙත පමුණුවන වචනවලින් ව්‍යවහාර කරනු ලබන්නාවූ භවත් ගෞතමයන්ගේ ශරීර වර්ණයද බබලයි. මුහුණෙහි වර්ණයද පහදියි. අර්හත්වූ සම්මා සම්බුදු කෙනෙකුට යම්සේ නම් එසේය,
“නිගණ්ඨනාතපුත්තටද, වාදයෙන් වාදය නැගුවා දනිමි ඔහු වනාහි මා විසින් වාදයෙන් වාදය පටන් ගන්නා ලද්දේ වෙන කථාවකින් කථාව යට කළේය. කථාව පිටතට නැමීය. කොපයද, ද්වේෂයද, නොසතුටද පහළ කෙළේය. මෙසේ ගටගටා කියනු ලබන්නාවූ, වෙත පමුණුවන වචන වලින් ව්‍යවහාර කරණු ලබන්නාවූ භවත් ගෞතමයන්ගේ ශරීරවර්ණයද බබලයි. මුහුණෙහි වර්ණයද පහදියි. අර්හත්වූ සම්මා සම්බුදු කෙනෙකුට යම්සේ නම් එසේය.
“භවත් ගෞතමයාණෙනි, දැන් අපි යන්නෙමු. අපි බොහෝ වැඩ කටයුතු ඇත්තෝ වෙමු.” “අග්ගිවෙස්සනය, නුඹ යමක් සඳහා සුදුසුයයි හඟින්නෙහිද, දැන් ඊට කාලය”යි වදාළහ. ඉක්බිති සච්චක නිගණ්ඨ පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගෙන උන් ආසනයෙන් නැගිට ගියේය.
7. චූළතණ්හාසඞ්ඛයසුත්තං 7. චූල තණ්හා සංඛය සූත්‍රය
8. මහාතණ්හාසඞ්ඛයසුත්තං 8. මහා තණ්හා සංඛය සූත්‍රය
9. මහාඅස්සපුරසුත්තං 9. මහා අස්සපුර සූත්‍රය
10. චූළඅස්සපුරසුත්තං 10. චූල අස්සපුර සූත්‍රය