ත්‍රිපිටකය
3. ඔපම්මවග්ගො 3. ඔපම්ම වර්ගය
1. කකචූපමසුත්තං 1. කකචූපම සූත්‍රය
2. අලගද්දූපමසුත්තං 2. අලගද්දූපම සූත්‍රය
3. වම්මිකසුත්තං 3. වම්මික සූත්‍රය
4. රථවිනීතසුත්තං 4. රථ විනීත සූත්‍රය
5. නිවාපසුත්තං 5. නිවාප සූත්‍රය
6. පාසරාසිසුත්තං 6. අරියපරියෙසන සූත්‍රය
272
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. අථ ඛො සම්බහුලා භික්ඛූ යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං එතදවොචුං - ‘‘චිරස්සුතා නො, ආවුසො ආනන්ද, භගවතො සම්මුඛා ධම්මී කථා. සාධු මයං, ආවුසො ආනන්ද, ලභෙය්‍යාම භගවතො සම්මුඛා ධම්මිං කථං සවනායා’’ති. ‘‘තෙන හායස්මන්තො යෙන රම්මකස්ස බ්‍රාහ්මණස්ස අස්සමො තෙනුපසඞ්කමථ; අප්පෙව නාම ලභෙය්‍යාථ භගවතො සම්මුඛා ධම්මිං කථං සවනායා’’ති. ‘‘එවමාවුසො’’ති ඛො තෙ භික්ඛූ ආයස්මතො ආනන්දස්ස පච්චස්සොසුං.
අථ ඛො භගවා සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි - ‘‘ආයාමානන්ද, යෙන පුබ්බාරාමො මිගාරමාතුපාසාදො තෙනුපසඞ්කමිස්සාම දිවාවිහාරායා’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. අථ ඛො භගවා ආයස්මතා ආනන්දෙන සද්ධිං යෙන පුබ්බාරාමො මිගාරමාතුපාසාදො තෙනුපසඞ්කමි දිවාවිහාරාය. අථ ඛො භගවා සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි - ‘‘ආයාමානන්ද, යෙන පුබ්බකොට්ඨකො තෙනුපසඞ්කමිස්සාම ගත්තානි පරිසිඤ්චිතු’’න්ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි.
272
“මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඩු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කළහ.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ සිවුරු හා පාත්‍රය ගෙන සැවැත් නුවරට පිඬු පිණිස වැඩියහ. එකල්හි බොහෝ භික්ෂූහු ආනන්දස්ථවිරයන් වහන්සේ යම් තැනකද එහි පැමිණියහ. පැමිණ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේ කීහ. “ඇවැත්නි, ආනන්දයෙනි, භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්ම කථාවක් අසන්ට නොලැබී බොහෝ කල් ගතවිය. ඇවැත්නි, ආනන්දයෙනි, අපි භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්ම කථාවක් ඇසීමට ලබන්නෙමුනම් ඉතායෙහෙක” (කියායි) “ආයුෂ්මතුනි, එසේවී නම් රම්මක නම් බමුණාගේ ආශ්‍රමය යම් තැනෙක්හිද එතැනට පැමිණෙව්. ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්ම කථාවක් අසන්නට ලබන්නහුය”යි කීය. “ඇවැත්නි, එසේය.” කියා ඒ භික්ෂූහු ආනන්ද ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර පිඬු පිණිස හැසිර බතින් පසුව පිණ්ඩපාතයෙන් වැළකුනේ ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථා කළහ. “ආනන්දයෙනි, මිගාරමාතා ප්‍රාසාදනම්වූ පූර්වාරාම විහාරය යම් තැනෙක්හිද, දවල්කාලයේ වාසය සඳහා එහි යමු” යි (කීහ) ආනන්ද ස්ථවිරයන් වහන්සේ ‘එසේය ස්වාමීනි,’ කියා භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් වහන්සේද සමග මිගාර මාතා ප්‍රාසාද නම්වූ පූර්වාරාමය යම් තැනෙක්හිද එතැන්හි දවල් කාලයේ වාසය පිණිස වැඩියහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි පලසමවතින් නැගිට ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථාකොට ආනන්දය, ඇඟසෝදා ගනු සඳහා නැගෙනහිර නාන කොටුවට යමු’යි කීහ. ‘එසේය ස්වාමීනි’යි ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ.
273
අථ ඛො භගවා ආයස්මතා ආනන්දෙන සද්ධිං යෙන පුබ්බකොට්ඨකො තෙනුපසඞ්කමි ගත්තානි පරිසිඤ්චිතුං. පුබ්බකොට්ඨකෙ ගත්තානි පරිසිඤ්චිත්වා පච්චුත්තරිත්වා එකචීවරො අට්ඨාසි ගත්තානි පුබ්බාපයමානො. අථ ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච - ‘‘අයං, භන්තෙ, රම්මකස්ස බ්‍රාහ්මණස්ස අස්සමො අවිදූරෙ. රමණීයො, භන්තෙ, රම්මකස්ස බ්‍රාහ්මණස්ස අස්සමො; පාසාදිකො, භන්තෙ, රම්මකස්ස බ්‍රාහ්මණස්ස අස්සමො. සාධු, භන්තෙ, භගවා යෙන රම්මකස්ස බ්‍රාහ්මණස්ස අස්සමො තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායා’’ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
අථ ඛො භගවා යෙන රම්මකස්ස බ්‍රාහ්මණස්ස අස්සමො තෙනුපසඞ්කමි. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ රම්මකස්ස බ්‍රාහ්මණස්ස අස්සමෙ ධම්මියා කථාය සන්නිසින්නා හොන්ති. අථ ඛො භගවා බහිද්වාරකොට්ඨකෙ අට්ඨාසි කථාපරියොසානං ආගමයමානො. අථ ඛො භගවා කථාපරියොසානං විදිත්වා උක්කාසිත්වා අග්ගළං ආකොටෙසි. විවරිංසු ඛො තෙ භික්ඛූ භගවතො ද්වාරං. අථ ඛො භගවා රම්මකස්ස බ්‍රාහ්මණස්ස අස්සමං පවිසිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘කායනුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා? කා ච පන වො අන්තරාකථා විප්පකතා’’ති ? ‘‘භගවන්තමෙව ඛො නො, භන්තෙ, ආරබ්භ ධම්මී කථා විප්පකතා, අථ භගවා අනුප්පත්තො’’ති. ‘‘සාධු, භික්ඛවෙ! එතං ඛො, භික්ඛවෙ, තුම්හාකං පතිරූපං කුලපුත්තානං සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතානං යං තුම්හෙ ධම්මියා කථාය සන්නිසීදෙය්‍යාථ. සන්නිපතිතානං වො, භික්ඛවෙ, ද්වයං කරණීයං - ධම්මී වා කථා, අරියො වා තුණ්හීභාවො’’.
273
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් වහන්සේද සමග නැගෙනහිර නාන කොටුවට වැඩියහ. වැඩ, ඇඟ සෝදා ගොඩනැඟී ඇඟදිය සිඳුවමින් එකම හඳනා සිවුරෙන් යුක්තව වැඩසිටියහ.
ඉක්බිති ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ. “ස්වාමීනි මේ රම්මක නම් බමුණාගේ ආශ්‍රමය සමීපයෙහි වේ. ස්වාමීනි, රම්මක නම් බමුණාගේ ආශ්‍රමය සිත් ගන්නේය. ස්වාමීනි, රම්මක බ්‍රාහ්මණයාගේ ආශ්‍රමය දුටුවන් පහදවන්නේය. ස්වාමීනි, රම්මක බමුණාගේ ආශ්‍රමය යම්තැනෙක්හිද අනුකම්පා කොට එහි වඩිනු මැනවි.” භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද භාවයෙන් ඉවසූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රම්මක බමුණාගේ ආශ්‍රමය යම් තැනෙක්හිද එතැනට වැඩියහ. එකල්හි බොහෝ භික්ෂූහු රම්මක බමුණාගේ ආශ්‍රමයට වී දැහැමි කථාවෙන් යුක්තව උන්නාහුය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ කථාවේ අවසානය බලාපොරොත්තු වෙමින් දොරටුවෙන් පිටත වැඩ සිටියහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කථා කෙළවර දැන කාරා දොර අගුල සමීපයට තට්ටු කළහ. ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට දොර හැරියාහුය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රම්මක බමුණාගේ ආශ්‍රමයට ඇතුල්ව පණවන ලද බුද්ධාසනයෙහි වැඩඋන්හ. වැඩහිඳ, භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ගෙන් මෙසේ ඇසූහ. “මහණෙනි, තෙපි දැන් කිනම් කථාවකින් යුක්තව සිටියහුද? තොපගේ කිනම් අතුරු කථාවක් අඩාල වීද?” (කියාය) “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේම අරභයා පැවති අපගේ දැහැමි කථාව අඩාල විය. එවිට, භාග්‍යවතුන් වහන්සේ වැඩිසේක්ය”යි (කීහ) “මහණෙනි, මැනවි, තොපි දැහැමි කථාවෙන් යුක්තව හුන්නාහුය, යන මේ කාරණය ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූ කුලපුත්‍රවූ තොපට සුදුසු මැයි. මහණෙනි රැස්වූ තොප විසින් දැහැමි කථාවක් පැවැත්වීම හෝ ආර්යවූ තුෂ්ණිම්භාවය හෝ යන දෙකින් එකක් කටයුතුයි.”
274
‘‘ද්වෙමා, භික්ඛවෙ, පරියෙසනා - අරියා ච පරියෙසනා, අනරියා ච පරියෙසනා.
‘‘කතමා ච, භික්ඛවෙ, අනරියා පරියෙසනා? ඉධ, භික්ඛවෙ, එකච්චො අත්තනා ජාතිධම්මො සමානො ජාතිධම්මංයෙව පරියෙසති, අත්තනා ජරාධම්මො සමානො ජරාධම්මංයෙව පරියෙසති, අත්තනා බ්‍යාධිධම්මො සමානො බ්‍යාධිධම්මංයෙව පරියෙසති, අත්තනා මරණධම්මො සමානො මරණධම්මංයෙව පරියෙසති, අත්තනා සොකධම්මො සමානො සොකධම්මංයෙව පරියෙසති, අත්තනා සංකිලෙසධම්මො සමානො සංකිලෙසධම්මංයෙව පරියෙසති.
‘‘කිඤ්ච, භික්ඛවෙ, ජාතිධම්මං වදෙථ? පුත්තභරියං, භික්ඛවෙ, ජාතිධම්මං, දාසිදාසං ජාතිධම්මං, අජෙළකං ජාතිධම්මං, කුක්කුටසූකරං ජාතිධම්මං, හත්ථිගවාස්සවළවං ජාතිධම්මං, ජාතරූපරජතං ජාතිධම්මං. ජාතිධම්මා හෙතෙ, භික්ඛවෙ, උපධයො. එත්ථායං ගථිතො (ගධීතො (ස්‍යා. ක.)) මුච්ඡිතො අජ්ඣාපන්නො අත්තනා ජාතිධම්මො සමානො ජාතිධම්මංයෙව පරියෙසති.
‘‘කිඤ්ච, භික්ඛවෙ, ජරාධම්මං වදෙථ? පුත්තභරියං, භික්ඛවෙ, ජරාධම්මං, දාසිදාසං ජරාධම්මං, අජෙළකං ජරාධම්මං, කුක්කුටසූකරං ජරාධම්මං, හත්ථිගවාස්සවළවං ජරාධම්මං , ජාතරූපරජතං ජරාධම්මං. ජරාධම්මා හෙතෙ, භික්ඛවෙ, උපධයො. එත්ථායං ගථිතො මුච්ඡිතො අජ්ඣාපන්නො අත්තනා ජරාධම්මො සමානො ජරාධම්මංයෙව පරියෙසති.
‘‘කිඤ්ච, භික්ඛවෙ, බ්‍යාධිධම්මං වදෙථ? පුත්තභරියං, භික්ඛවෙ, බ්‍යාධිධම්මං, දාසිදාසං බ්‍යාධිධම්මං, අජෙළකං බ්‍යාධිධම්මං, කුක්කුටසූකරං බ්‍යාධිධම්මං, හත්ථිගවාස්සවළවං බ්‍යාධිධම්මං. බ්‍යාධිධම්මා හෙතෙ, භික්ඛවෙ, උපධයො. එත්ථායං ගථිතො මුච්ඡිතො අජ්ඣාපන්නො අත්තනා බ්‍යාධිධම්මො සමානො බ්‍යාධිධම්මංයෙව පරියෙසති.
‘‘කිඤ්ච, භික්ඛවෙ, මරණධම්මං වදෙථ? පුත්තභරියං, භික්ඛවෙ, මරණධම්මං, දාසිදාසං මරණධම්මං, අජෙළකං මරණධම්මං, කුක්කුටසූකරං මරණධම්මං, හත්ථිගවාස්සවළවං මරණධම්මං. මරණධම්මා හෙතෙ, භික්ඛවෙ, උපධයො. එත්ථායං ගථිතො මුච්ඡිතො අජ්ඣාපන්නො අත්තනා මරණධම්මො සමානො මරණධම්මංයෙව පරියෙසති.
‘‘කිඤ්ච, භික්ඛවෙ, සොකධම්මං වදෙථ? පුත්තභරියං, භික්ඛවෙ, සොකධම්මං, දාසිදාසං සොකධම්මං, අජෙළකං සොකධම්මං, කුක්කුටසූකරං සොකධම්මං, හත්ථිගවාස්සවළවං සොකධම්මං. සොකධම්මා හෙතෙ, භික්ඛවෙ, උපධයො. එත්ථායං ගථිතො මුච්ඡිතො අජ්ඣාපන්නො අත්තනා සොකධම්මො සමානො සොකධම්මංයෙව පරියෙසති.
‘‘කිඤ්ච, භික්ඛවෙ, සංකිලෙසධම්මං වදෙථ? පුත්තභරියං, භික්ඛවෙ, සංකිලෙසධම්මං, දාසිදාසං සංකිලෙසධම්මං, අජෙළකං සංකිලෙසධම්මං , කුක්කුටසූකරං සංකිලෙසධම්මං, හත්ථිගවාස්සවළවං සංකිලෙසධම්මං, ජාතරූපරජතං සංකිලෙසධම්මං. සංකිලෙසධම්මා හෙතෙ, භික්ඛවෙ, උපධයො. එත්ථායං ගථිතො මුච්ඡිතො අජ්ඣාපන්නො අත්තනා සංකිලෙසධම්මො සමානො සංකිලෙසධම්මංයෙව පරියෙසති. අයං, භික්ඛවෙ, අනරියා පරියෙසනා.
274
“මහණෙනි, මේ සෙවීම් දෙකකි. ආර්යයන් විසින් කටයුතු සෙවීමය. අනාර්යයන් (පෘථග්ජනයන්) විසින් කටයුතු සෙවීමය යන මේ දෙකයි. මහණෙනි, අනාර්ය පර්යේෂණ (පෘථග්ජනයන් විසින් කටයුතු සෙවීම) යනු කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් තෙමේ ජාතිය ස්වභාව කෙට ඇත්තෙක්ව ජාතිය ස්වභාවකොට ඇතියක්ම සොයයි. ජරාව ස්වභාව කොට ඇත්තෙක්ව ජරාව ස්වභාව කොට ඇතියක්ම සොයයි. තෙමේ ව්‍යාධිය ස්වභාව කොට ඇත්තෙක්ව ව්‍යාධිය ස්වභාව කොට ඇත්තක්ම සොයයි. තෙමේ මරණය ස්වභාව කොට ඇත්තෙක්ව මරණය ස්වභාවකොට ඇත්තක්ම සොයයි. තෙමේ ශෝකය ස්වභාව කොට ඇත්තෙක්ව ශෝකය ස්වභාව කොට ඇතියක්ම සොයයි. තෙමේ කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තෙක්ව කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තක්ම සොයයි.
“මහණෙනි, කුමක් ජාතිය ස්වභාවකොට ඇත්තකැයි කියව්ද? මහණෙනි, අඹු දරුවන් ජාතිය ස්වභාව කොට ඇත්තකි. දාසි දාසයන් ජාතිය ස්වභාව කොට ඇත්තකි. එළු-බැටළුවන් ජාතිය ස්වභාව කොට ඇත්තකි. කුකුළන් ඌරන් ජාතිය ස්වභාව කොට ඇත්තකි. ඇත්, අස්, ගව, වෙළඹුන් ජාතිය ස්වභාව කොට ඇත්තකි. රන් රිදී ජාතිය ස්වභාවකොට ඇත්තකි. මහණෙනි, මේ ජාතිය ස්වභාවකොට ඇති ධර්මයෝ උපධීහු නම් වෙත්. මෙහි ගිලුනාවූ මුර්ඡාවූ බැසගත්තාවූ මේ සත්ත්ව තෙමේ තමා ජාතිය ස්වභාව කොට ඇත්තෙක්ව ජාතිය ස්වභාව කොට ඇත්තක්ම සොයයි.
“මහණෙනි, කුමක් ජරාව ස්වභාව කොට ඇත්තකැයි කියව්ද? අඹු දරුවන් ජරාව ස්වභාව කොට ඇත්තකි. දාසි දාසයන් ජරාව ස්වභාවකොට ඇත්තකි. එළු-බැටළුවන් ජරාව ස්වභාව කොට ඇත්තකි. කුකුළන්, ඌරන් ජරාව ස්වභාව කොට ඇත්තකි. ඇත්, අස්, ගව, වෙළඹුන් ජරාව ස්වභාව කොට ඇත්තකි. රන් රිදී ජරාව ස්වභාව කොට ඇත්තකි. මහණෙනි, ජරාව ස්වභාව කොට ඇති ධර්මයෝ උපධීහු නම් වෙත්, මෙහි ගිලුණාවූ මූර්ඡාවූ බැසගත්තාවූ මේ සත්ත්ව තෙමේ තමා ජරාව ස්වභාව කොට ඇත්තෙක්ව ජරාව ස්වභාව කොට ඇත්තක්ම සොයයි.
“මහණෙනි, කුමක් ව්‍යාධිය ස්වභාව කොට ඇත්තකැයි කියව්ද? අඹු දරුවන් ව්‍යාධිය ස්වභාව කොට ඇත්තකි. දාසි දාසයන් ව්‍යාධිය ස්වභාවකොට ඇත්තකි. එළු-බැටළුවන් ව්‍යාධිය ස්වභාව කොට ඇත්තකි. කුකුළන්, ඌරන් ව්‍යාධිය ස්වභාව කොට ඇත්තකි. ඇත්, අස්, ගව, වෙළඹුන් ව්‍යාධිය ස්වභාව කොට ඇත්තකි. රන් රිදී ව්‍යාධි ස්වභාව කොට ඇත්තකි. මහණෙනි, ව්‍යාධි ස්වභාව කොට ඇති ධර්මයෝ උපධීහු නම් වෙත්, මෙහි ගිලුණාවූ මූර්ඡාවූ බැසගත්තාවූ මේ සත්ත්ව තෙමේ තමා ව්‍යාධිය ස්වභාව කොට ඇත්තෙක්ව ව්‍යාධිය ස්වභාව කොට ඇත්තක්ම සොයයි.
“මහණෙනි, කුමක් මරණය ස්වභාවකොට ඇත්තකැයි කියව්ද? අඹු දරුවන් මරණය ස්වභාවකොට ඇත්තකි. දාසි දාසයන් මරණය ස්වභාවකොට ඇත්තකි. එළු බැටළුවන් මරණය ස්වභාවකොට ඇත්තකි. කුකුළන්, ඌරන් මරණය ස්වභාවකොට ඇත්තකි. ඇත්, අස්, ගව, වෙළඹුන් මරණය ස්වභාවකොට ඇත්තකි. රන් රිදී මරණය ස්වභාව කොට ඇත්තකි. මහණෙනි මේ මරණය ස්වභාවකොට ඇති ධර්මයෝ උපධීහු නම් වෙත්. මෙහි වෙළුනාවූ මූර්ඡාවූ බැසගත්තාවූ සත්ත්වතෙම මරණය ස්වභාවකොට ඇත්තෙක්ව මරණය ස්වභාවකොට ඇත්තක්ම සොයයි.
“මහණෙනි කුමක් ශෝකය ස්වභාව කොට ඇත්තකැයි කියව්ද? අඹුදරුවන් ශෝකය ස්වභාවකොට ඇත්තකි. දාසි දාසයන් ශෝකය ස්වභාවකොට ඇත්තකි. එළු-බැටළුවන් ශෝකය ස්වභාවකොට ඇත්තකි. කුකුළන් ඌරන් ශෝකය ස්වභාවකොට ඇත්තකි. ඇත්, අස්, ගව, වෙළඹුන් ශෝකය ස්වභාව කොට ඇත්තකි. රන් රිදී ශෝකය ස්වභාව කොට ඇත්තකි. මේ ශෝකය ස්වභාවකොට ඇති ධර්මයෝ ‘උපධීහු නම්’ වෙත්. මෙහි ගැළුණාවූ මූර්ඡාවූ බැසගත්තාවූ, සත්ව තෙමේ, ශෝකය ස්වභාව කොට ඇත්තෙක්ව ශෝකය ස්වභාවකොට ඇත්තක්ම සොයයි.
“මහණෙනි කුමක් කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තකැයි කියව්ද? අඹුදරුවන් කෙලෙස් සහිත බව ස්වභාවකොට ඇත්තකි. දාසි දාසයන් කෙලෙස් සහිත බව ස්වභාවකොට ඇත්තකි. එළු-බැටළුවන් කෙලෙස් සහිත බව ස්වභාවකොට ඇත්තකි. කුකුළන් ඌරන් කෙලෙස් සහිත බව ස්වභාවකොට ඇත්තකි. ඇත්, අස්, ගව, වෙළඹුන් කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තකි. රන් රිදී කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තකි. මේ කෙලෙස් සහිත බව ස්වභාවකොට ඇති ධර්මයෝ ‘උපධීහු නම්’ වෙත්. මෙහි ගැළුණාවූ මූර්ඡාවූ බැසගත්තාවූ, මේ සත්ව තෙමේ, කෙලෙස් සහිත බව ස්වභාවකොට ඇත්තෙක්ව කෙලෙස් සහිත බව ස්වභාවකොට ඇත්තක්ම සොයයි. මහණෙනි, මේ අනාර්ය (පෘථග්ජනයන්ගේ) සෙවීමයි.
275
‘‘කතමා ච, භික්ඛවෙ, අරියා පරියෙසනා? ඉධ, භික්ඛවෙ, එකච්චො අත්තනා ජාතිධම්මො සමානො ජාතිධම්මෙ ආදීනවං විදිත්වා අජාතං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසති, අත්තනා ජරාධම්මො සමානො ජරාධම්මෙ ආදීනවං විදිත්වා අජරං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසති, අත්තනා බ්‍යාධිධම්මො සමානො බ්‍යාධිධම්මෙ ආදීනවං විදිත්වා අබ්‍යාධිං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසති, අත්තනා මරණධම්මො සමානො මරණධම්මෙ ආදීනවං විදිත්වා අමතං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසති, අත්තනා සොකධම්මො සමානො සොකධම්මෙ ආදීනවං විදිත්වා අසොකං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසති, අත්තනා සංකිලෙසධම්මො සමානො සංකිලෙසධම්මෙ ආදීනවං විදිත්වා අසංකිලිට්ඨං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසති. අයං, භික්ඛවෙ, අරියා පරියෙසනා.
275
“මහණෙනි, ආර්ය පර්යේෂණය (ආර්යයන්ගේ සෙවීම) කවරේද? මහණෙනි, ‘මේ ලෝකයෙහි ඇතැමෙක් ජාතිය ස්වභාව කොට ඇත්තෙක්ව ජාතිය ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැන, ඉපදීමක් නැති, නිරුත්තරවූ, සතර යොගයෙන් මිදුනාවූ නිවණ සොයයි.
“තෙමේ ජරාව ස්වභාවකොට ඇත්තෙක්ව ජරාව ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැන, ජරාවක් නැති, නිරුත්තරවූ, සතර යොගයෙන් මිදුණාවූ නිවණ සොයයි.
“තෙමේ ව්‍යාධිය ස්වභාව කෙට ඇත්තෙක්ව ව්‍යාධිය ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැන, ව්‍යාධියක් නැති, නිරුත්තරවූ, සතර යොගයෙන් මිදුනාවූ නිවණ සොයයි.
“තෙමේ මරණය ස්වභාව කොට ඇත්තෙක්ව මරණය ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැන මරණයක් නැති, නිරුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිවණ සොයයි.
“තෙමේ ශෝකය ස්වභාව කොට ඇත්තෙක්ව ශෝකය ස්වභාවකොට ඇති දෙයෙහි දොෂය දැන ශෝකයක් නැති, නිරුත්තරවූ, සතර යොගයෙන් මිදුණාවූ නිවණ සොයයි.
“තෙමේ කෙලෙස් සහිත බව ස්වභාවකොට ඇත්තෙක්ව කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැන කෙලෙස් සහිත ස්වභාවයක් නැති. නිරුත්තරවූ, සතර යොගයෙන් මිදුණාවූ නිවණ සොයයි. මහණෙනි, මේ ආර්යවූ සෙවීමයි.
276
‘‘අහම්පි සුදං, භික්ඛවෙ, පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධො බොධිසත්තොව සමානො අත්තනා ජාතිධම්මො සමානො ජාතිධම්මංයෙව පරියෙසාමි, අත්තනා ජරාධම්මො සමානො ජරාධම්මංයෙව පරියෙසාමි, අත්තනා බ්‍යාධිධම්මො සමානො බ්‍යාධිධම්මංයෙව පරියෙසාමි, අත්තනා මරණධම්මො සමානො මරණධම්මංයෙව පරියෙසාමි, අත්තනා සොකධම්මො සමානො සොකධම්මංයෙව පරියෙසාමි, අත්තනා සංකිලෙසධම්මො සමානො සංකිලෙසධම්මංයෙව පරියෙසාමි. තස්ස මය්හං, භික්ඛවෙ, එතදහොසි - ‘කිං නු ඛො අහං අත්තනා ජාතිධම්මො සමානො ජාතිධම්මංයෙව පරියෙසාමි, අත්තනා ජරාධම්මො සමානො...පෙ.... බ්‍යාධිධම්මො සමානො... මරණධම්මො සමානො... සොකධම්මො සමානො... අත්තනා සංකිලෙසධම්මො සමානො සංකිලෙසධම්මංයෙව පරියෙසාමි? යංනූනාහං අත්තනා ජාතිධම්මො සමානො ජාතිධම්මෙ ආදීනවං විදිත්වා අජාතං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසෙය්‍යං, අත්තනා ජරාධම්මො සමානො ජරාධම්මෙ ආදීනවං විදිත්වා අජරං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසෙය්‍යං, අත්තනා බ්‍යාධිධම්මො සමානො බ්‍යාධිධම්මෙ ආදීනවං විදිත්වා අබ්‍යාධිං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසෙය්‍යං, අත්තනා මරණධම්මො සමානො මරණධම්මෙ ආදීනවං විදිත්වා අමතං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසෙය්‍යං, අත්තනා සොකධම්මො සමානො සොකධම්මෙ ආදීනවං විදිත්වා අසොකං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසෙය්‍යං, අත්තනා සංකිලෙසධම්මො සමානො සංකිලෙසධම්මෙ ආදීනවං විදිත්වා අසංකිලිට්ඨං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසෙය්‍ය’න්ති.
276
“මහණෙනි, මමද බුදුවන්නට පෙර බුදුනොවූ බෝසත් වූයේම තෙමේ ජාතිය ස්වභාවකොට ඇත්තෙක්ව ජාතිය ස්වභාව කොට ඇත්තක්ම සෙවීමි.
“තෙමේ ජරාව ස්වභාවකොට ඇත්තෙක්ව ජරාව ස්වභාව කොට ඇත්තක්ම සෙවීමි.
“තෙමේ ව්‍යාධිය ස්වභාවකොට ඇත්තෙක්ව ව්‍යාධිය ස්වභාව කොට ඇත්තක්ම සෙවීමි.
“තෙමේ මරණය ස්වභාව කොට ඇත්තෙක්ව මරණය ස්වභාව කොට ඇත්තක්ම සෙවීමි.
“තෙමේ ශෝකය ස්වභාව කොට ඇත්තෙක්ව ශෝකය ස්වභාව කොට ඇත්තක්ම සෙවීමි.
“තෙමේ කෙලෙස් සහිත බව ස්වභාවකොට ඇත්තෙක්ව කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තක්ම සෙවීමි.
“මහණෙනි, ඒ මට මෙබඳු කල්පනාවක් විය. කුමක් හෙයින් මම ජාතිය ස්වභාවකොට ඇත්තෙක්ව ජාතිය ස්වභාව කොට ඇත්තක්ම සොයන්නෙම්ද? කුමක් හෙයින් ජරාව ස්වභාවකොට ඇත්තෙක්ව ජරාව ස්වභාවකොට ඇත්තක්ම සොයන්නෙම්ද? කුමක් හෙයින් ව්‍යාධිය ස්වභාව කොට ඇත්තෙක්ව ව්‍යාධිය ස්වභාව කොට ඇත්තක්ම සොයන්නෙම්ද? කුමක් හෙයින් මරණය ස්වභාවකොට ඇත්තෙක්ව මරණය ස්වභාව කොට ඇත්තක්ම සොයන්නෙම්ද? කුමක් හෙයින් ශෝකය ස්වභාව කොට ඇත්තෙක්ව ශෝකය ස්වභාව කොට ඇත්තක්ම සොයන්නෙම්ද? කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තෙක්ව කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තෙක්ම සොයන්නෙම්ද? යම් හෙයකින් ජාතිය ස්වභාව කොට ඇත්තාවූ මම ජාතිය ස්වභාවකොට ඇති දෙයෙහි දොෂය දැක ජාතියක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිවණ සොයන්නෙම් නම්, ජරාව ස්වභාවකොට ඇත්තාවූ මම ජරාව ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැක ජරාවක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිවණ සොයන්නෙම් නම්, ව්‍යාධිය ස්වභාව කොට ඇත්තාවූ මම ව්‍යාධිය ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැක ව්‍යාධියක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිවණ සොයන්නෙම් නම්. මරණය ස්වභාව කොට ඇත්තාවූ මම මරණය ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැක මරණයක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිවණ සොයන්නෙම් නම්, ශෝකය ස්වභාව කොට ඇත්තාවූ මම ශෝකය ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැක ශෝකයක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිවණ සොයන්නෙම් නම්, කෙලෙස් සහිත බව ස්වභාවකොට ඇති මම කෙලෙස් සහිත බව ස්වභාවකොට ඇති දෙයෙහි දොෂය දැක කෙලෙස් සහිත ස්වභාවයක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිවණ සොයන්නෙම් නම් හොඳය. (යනුවෙනි.)
277
‘‘සො ඛො අහං, භික්ඛවෙ, අපරෙන සමයෙන දහරොව සමානො සුසුකාළකෙසො , භද්‍රෙන යොබ්බනෙන සමන්නාගතො පඨමෙන වයසා අකාමකානං මාතාපිතූනං අස්සුමුඛානං රුදන්තානං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිං. සො එවං පබ්බජිතො සමානො කිං කුසලගවෙසී (කිංකුසලංගවෙසී (ක.)) අනුත්තරං සන්තිවරපදං පරියෙසමානො යෙන ආළාරො කාලාමො තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා ආළාරං කාලාමං එතදවොචං - ‘ඉච්ඡාමහං, ආවුසො කාලාම, ඉමස්මිං ධම්මවිනයෙ බ්‍රහ්මචරියං චරිතු’න්ති. එවං වුත්තෙ, භික්ඛවෙ, ආළාරො කාලාමො මං එතදවොච - ‘විහරතායස්මා; තාදිසො අයං ධම්මො යත්ථ විඤ්ඤූ පුරිසො නචිරස්සෙව සකං ආචරියකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්‍යා’ති. සො ඛො අහං, භික්ඛවෙ, නචිරස්සෙව ඛිප්පමෙව තං ධම්මං පරියාපුණිං. සො ඛො අහං, භික්ඛවෙ, තාවතකෙනෙව ඔට්ඨපහතමත්තෙන ලපිතලාපනමත්තෙන ඤාණවාදඤ්ච වදාමි ථෙරවාදඤ්ච, ‘ජානාමි පස්සාමී’ති ච පටිජානාමි අහඤ්චෙව අඤ්ඤෙ ච. තස්ස මය්හං, භික්ඛවෙ, එතදහොසි - ‘න ඛො ආළාරො කාලාමො ඉමං ධම්මං කෙවලං සද්ධාමත්තකෙන සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමීති පවෙදෙති; අද්ධා ආළාරො කාලාමො ඉමං ධම්මං ජානං පස්සං විහරතී’ති.
‘‘අථ ඛ්වාහං, භික්ඛවෙ, යෙන ආළාරො කාලාමො තෙනුපසඞ්කමිං; උපසඞ්කමිත්වා ආළාරං කාලාමං එතදවොචං - ‘කිත්තාවතා නො, ආවුසො කාලාම, ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමීති පවෙදෙසී’ති (උපසම්පජ්ජ පවෙදෙසීති (සී. ස්‍යා. පී.))? එවං වුත්තෙ, භික්ඛවෙ, ආළාරො කාලාමො ආකිඤ්චඤ්ඤායතනං පවෙදෙසි. තස්ස මය්හං, භික්ඛවෙ, එතදහොසි - ‘න ඛො ආළාරස්සෙව කාලාමස්ස අත්ථි සද්ධා, මය්හංපත්ථි සද්ධා; න ඛො ආළාරස්සෙව කාලාමස්ස අත්ථි වීරියං, මය්හංපත්ථි වීරියං; න ඛො ආළාරස්සෙව කාලාමස්ස අත්ථි සති, මය්හංපත්ථි සති; න ඛො ආළාරස්සෙව කාලාමස්ස අත්ථි සමාධි, මය්හංපත්ථි සමාධි; න ඛො ආළාරස්සෙව කාලාමස්ස අත්ථි පඤ්ඤා, මය්හංපත්ථි පඤ්ඤා. යංනූනාහං යං ධම්මං ආළාරො කාලාමො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමීති පවෙදෙති, තස්ස ධම්මස්ස සච්ඡිකිරියාය පදහෙය්‍ය’න්ති. සො ඛො අහං, භික්ඛවෙ, නචිරස්සෙව ඛිප්පමෙව තං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසිං.
‘‘අථ ඛ්වාහං, භික්ඛවෙ, යෙන ආළාරො කාලාමො තෙනුපසඞ්කමිං; උපසඞ්කමිත්වා ආළාරං කාලාමං එතදවොචං -
‘එත්තාවතා නො, ආවුසො කාලාම, ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසී’ති?
‘එත්තාවතා ඛො අහං, ආවුසො, ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙමී’ති.
‘අහම්පි ඛො, ආවුසො, එත්තාවතා ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමී’ති.
‘ලාභා නො, ආවුසො, සුලද්ධං නො, ආවුසො, යෙ මයං ආයස්මන්තං තාදිසං සබ්‍රහ්මචාරිං පස්සාම. ඉති යාහං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙමි තං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරසි. යං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරසි තමහං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙමි. ඉති යාහං ධම්මං ජානාමි තං ත්වං ධම්මං ජානාසි, යං ත්වං ධම්මං ජානාසි තමහං ධම්මං ජානාමි. ඉති යාදිසො අහං තාදිසො තුවං, යාදිසො තුවං තාදිසො අහං. එහි දානි, ආවුසො, උභොව සන්තා ඉමං ගණං පරිහරාමා’ති. ඉති ඛො, භික්ඛවෙ, ආළාරො කාලාමො ආචරියො මෙ සමානො (අත්තනො) (( ) නත්ථි (සී. ස්‍යා. පී.)) අන්තෙවාසිං මං සමානං අත්තනා (අත්තනො (සී. පී.)) සමසමං ඨපෙසි, උළාරාය ච මං පූජාය පූජෙසි. තස්ස මය්හං, භික්ඛවෙ, එතදහොසි - ‘නායං ධම්මො නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තති, යාවදෙව ආකිඤ්චඤ්ඤායතනූපපත්තියා’ති. සො ඛො අහං, භික්ඛවෙ, තං ධම්මං අනලඞ්කරිත්වා තස්මා ධම්මා නිබ්බිජ්ජ අපක්කමිං.
277
“මහණෙනි, ඒ මම එයින් ටික කලකට පසු, තරුණ වයස් ඇත්තේම කළුවූ හිසකෙස් ඇත්තේම, පළමුවෙනි වයසෙහි යහපත් යෞවන භාවයෙන් යුක්තවූයේ, නොකැමැතිවූ මවුපියන් අඬද්දී, හිසකෙස් රැවුල් බා කහවත් හැඳගෙන ගිහිගෙන් නික්ම අනගාරිකව පැවිදිවීමි. මෙසේ පැවිදිවූ මම කුසල් කුමක් දැයි සොයමින් නිරුත්තරවූ උතුම් නිර්වාණය සොයමින් කාලාම ගොත්‍ර ඇති ආළාර තවුස්තෙම යම් තැනෙක්හිද එතැනට ගියෙමි, ගොස්, කාලාම ගොත්‍ර ඇති ආළාර තාපසයාට මෙසේ කීයෙමි. “ඇවැත්නි කාලාමයෙනි, මම මේ සස්නෙහි උතුම් හැසිරීමෙහි පිළිපැදීමට කැමැත්තෙමි’යි (යනුයි) මහණෙනි, මෙසේ කී කල්හි කාලාම නම්වූ ආළාර තෙම මට මෙසේ කීයේය.” “යම් තැනක නුවණැත්තාවූ පුරුෂයෙක් නොබෝ කලකින් ස්වකීය ආචාර්යවරයාගේ ධර්මය දැන ප්‍රත්‍යක්ෂකොට වාසය කරන්නේද මේ ධර්මය තෙම එබඳුය. එහෙයින් ආයුෂ්මත් තෙම වාසය කෙරේවා”යි (යනුවෙනි.)
“මහණෙනි, ඒ මම නොබෝ කලකින් වහාම ඔවුන්ගේ ධර්මය අසා ඉගෙන ගත්තෙමි. මහණෙනි, ඒ මම ඔහු කියූ දෙයට පිළිතුරු දීමට තොල් සෙලවූ පමණින් පිළිතුරු දුන් පමණින් දැනීම ස්ථිරයයි යන වචනයද කියමි. දනිමි, දකිමියිද කියමි. මා පමණක් නොව අන්‍යයෝද (මා ගැන) එසේ ප්‍රකාශ කරති. මහණෙනි, ඒ මට ආළාරකාලාම තෙම මේ ධර්මය හුදෙක් ඇදහීම් පමණකින් තෙමේ විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට දැන වාසය කරමියි ප්‍රකාශ නොකරයි. ආළාරකාලාම තෙම ඒකාන්තයෙන් මේ ධර්මය දැන දැක වාසය කෙරේය යන අදහස පහළ විය. ඉක්බිති මහණෙනි, මම ආළාරකාලාමයන් වෙත ගොස් මෙසේ ඇසීමි. ‘ඇවැත්නි, කාලාමයෙනි, කොපමණකින් තෙමේ මේ ධර්මය දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට එළඹ ප්‍රකාශ කෙරේදැ’යි (කියාය) මහණෙනි මෙසේ කී කල්හි ආළාරකාලාම තෙම ආකිඤ්චඤ්ඤායතනය දක්වා කීයේය. මහණෙනි, ඒ මට මේ අදහස පහළ විය. ආළාරකාලාමහට පමණක් ශ්‍රද්ධාව ඇත්තේ නොවෙයි. මටද ශ්‍රද්ධාව ඇත. ආළාරකාලාම හට පමණක් වීර්ය ඇත්තේ නොවෙයි. මටද වීර්ය ඇත්තේය. ආළාරකාලාම හට පමණක් සිහිය ඇත්තේ නොවෙයි. මටද සිහිය ඇත්තේය. ආළාරකාලාම හට පමණක් සමාධිය ඇත්තේ නොවෙයි. මටද සමාධිය ඇත්තේය. ආළාරකාලාම හට පමණක් ප්‍රඥාව ඇත්තේ නොවෙයි. මටද ප්‍රඥාව ඇත්තේය. ආළාරකාලාමයා යම් ධර්මයක් ප්‍රත්‍යක්ෂකොට දැන වාසය කරමියි කියයි නම් ඒ ධර්මය ප්‍රත්‍යක්ෂකොට දැනගන්නට වීර්ය කරන්නෙම් නම් හොඳය (කියායි.)
“මහණෙනි, ඒ මම නොබෝ කලකින් වහාම ඒ ධර්මය තමාම දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කෙළෙමි. මහණෙනි, ඉක්බිති මම ආළාරකාලාම තෙම යම් තැනෙක්හිද එතැනට ගියෙමි, ගොස්, ආළාරකාලාමගෙන් ‘ඇවැත්නි, කාලාමයෙනි, මේ ධර්මය තමා ප්‍රත්‍යක්ෂ කොට දැනගෙන ප්‍රකාශ කරන්නේ මෙපමණකින්දැ’යි ඇසීමි. ඇවැත්නි, මේ ධර්මය මා දැනගෙන ප්‍රකාශ කරන්නේ මෙපමණකින්ය’යි (හෙතෙම කීයේය) ‘ඇවැත්නි, මමත් මේ ධර්මය මෙපමණකින් දැනගෙන වාසය කෙරෙමි’යි (කීයෙමි)
“ඇවැත්නි, යම් ඒ අපි ආයුෂ්මතුන් වැනිවූ සමාන බඹසර ඇත්තෙකු දක්නෙමුද ඒ අපට ලාභයෙකි. උතුම් ලාභයකි. මම යම් ධර්මයක් තෙමේම ප්‍රත්‍යක්ෂකොට දැන ඊට පැමිණ ප්‍රකාශකරන්නෙම්ද, ඒ ධර්මය ඔබද තෙමේම ප්‍රත්‍යක්ෂව දැන ඊට පැමිණ වාසය කරන්නෙහිය. ඔබ යම් ධර්මයක් ප්‍රත්‍යක්ෂ කොට දැනගෙන වාසය කරන්නෙහි නම්, ඒ ධර්මය මමද ප්‍රත්‍යක්ෂ කොට දැනගෙන ප්‍රකාශකරමි. මෙසේ මම යම් ධර්මයක් දනිම් නම් ඔබද එය දන්නෙහිය, ඔබ යම් ධර්මයක් දන්නෙහි නම් මමද ඒ ධර්මය දනිමි. මෙසේ මම යම්බඳුද ඔබත් එබඳුය. ඔබ යම්බඳුද මාත් එබඳුය. ඇවැත්නි, එනු මැනව. දෙදෙනම එක්ව මේ ශිෂ්‍ය සමූහය පාලනය කරමු’යි (කීයේය.) “මහණෙනි, මෙසේ මාගේ ආචාර්යවූම ආළාරකාලාම තෙම අතවැසිවූ මා සම සම තන්හි තැබීය. උසස් පූජායෙන් පිදීය.
“මහණෙනි, ඒ මට මෙසේ සිත්විය. මේ ධර්මය තෙම කලකිරීම පිණිස, නොඇල්ම පිණිස, කෙලෙස් නැති කිරීම පිණිස, කෙලෙස් සංසිඳීම පිණිස, විශේෂයෙන් දැනගැනීම පිණිස, අවබෝධය පිණිස, නිවන් පිණිස නොපවතියි. ආකිඤ්චඤ්ඤායතන බඹලොව ඉපදීම පිණිස පමණක් පවතියි.
“මහණෙනි, ඒ මම ඒ ධර්මය ප්‍රමාණ නොවේයයි සලකා ඒ ධර්මයෙහි කලකිරීම ඉවත්ව ගියෙමි.
278
‘‘සො ඛො අහං, භික්ඛවෙ, කිං කුසලගවෙසී අනුත්තරං සන්තිවරපදං පරියෙසමානො යෙන උදකො (උද්දකො (සී. ස්‍යා. පී.)) රාමපුත්තො තෙනුපසඞ්කමිං; උපසඞ්කමිත්වා උදකං රාමපුත්තං එතදවොචං - ‘ඉච්ඡාමහං, ආවුසො (ආවුසො රාම (සී. ස්‍යා. ක.) මහාසත්තො රාමපුත්තමෙව අවොච, න රාමං, රාමො හි තත්ථ ගණාචරියො භවෙය්‍ය, තදා ච කාලඞ්කතො අසන්තො. තෙනෙවෙත්ථ රාමායත්තානි ක්‍රියපදානි අතීතකාලවසෙන ආගතානි, උදකො ච රාමපුත්තො මහාසත්තස්ස සබ්‍රහ්මචාරීත්වෙව වුත්තො, න ආචරියොති. ටීකායං ච ‘‘පාළියං රාමස්සෙව සමාපත්තිලාභිතා ආගතා න උදකස්සා’’ති ආදි පච්ඡාභාගෙ පකාසිතා), ඉමස්මිං ධම්මවිනයෙ බ්‍රහ්මචරියං චරිතු’න්ති. එවං වුත්තෙ, භික්ඛවෙ, උදකො රාමපුත්තො මං එතදවොච - ‘විහරතායස්මා; තාදිසො අයං ධම්මො යත්ථ විඤ්ඤූ පුරිසො නචිරස්සෙව සකං ආචරියකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්‍යා’ති. සො ඛො අහං, භික්ඛවෙ, නචිරස්සෙව ඛිප්පමෙව තං ධම්මං පරියාපුණිං. සො ඛො අහං, භික්ඛවෙ, තාවතකෙනෙව ඔට්ඨපහතමත්තෙන ලපිතලාපනමත්තෙන ඤාණවාදඤ්ච වදාමි ථෙරවාදඤ්ච, ‘ජානාමි පස්සාමී’ති ච පටිජානාමි අහඤ්චෙව අඤ්ඤෙ ච. තස්ස මය්හං, භික්ඛවෙ, එතදහොසි - ‘න ඛො රාමො ඉමං ධම්මං කෙවලං සද්ධාමත්තකෙන සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමීති පවෙදෙසි; අද්ධා රාමො ඉමං ධම්මං ජානං පස්සං විහාසී’ති.
‘‘අථ ඛ්වාහං, භික්ඛවෙ, යෙන උදකො රාමපුත්තො තෙනුපසඞ්කමිං; උපසඞ්කමිත්වා උදකං රාමපුත්තං එතදවොචං - ‘කිත්තාවතා නො, ආවුසො, රාමො ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමීති පවෙදෙසී’ති? එවං වුත්තෙ, භික්ඛවෙ, උදකො රාමපුත්තො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං පවෙදෙසි. තස්ස මය්හං, භික්ඛවෙ, එතදහොසි - ‘න ඛො රාමස්සෙව අහොසි සද්ධා, මය්හංපත්ථි සද්ධා; න ඛො රාමස්සෙව අහොසි වීරියං , මය්හංපත්ථි වීරියං; න ඛො රාමස්සෙව අහොසි සති, මය්හංපත්ථි සති; න ඛො රාමස්සෙව අහොසි සමාධි, මය්හංපත්ථි සමාධි, න ඛො රාමස්සෙව අහොසි පඤ්ඤා, මය්හංපත්ථි පඤ්ඤා. යංනූනාහං යං ධම්මං රාමො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමීති පවෙදෙසි, තස්ස ධම්මස්ස සච්ඡිකිරියාය පදහෙය්‍ය’න්ති. සො ඛො අහං, භික්ඛවෙ, නචිරස්සෙව ඛිප්පමෙව තං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසිං.
‘‘අථ ඛ්වාහං, භික්ඛවෙ, යෙන උදකො රාමපුත්තො තෙනුපසඞ්කමිං; උපසඞ්කමිත්වා උදකං රාමපුත්තං එතදවොචං -
‘එත්තාවතා නො, ආවුසො, රාමො ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසී’ති?
‘එත්තාවතා ඛො, ආවුසො, රාමො ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසී’ති.
‘අහම්පි ඛො, ආවුසො, එත්තාවතා ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමී’ති.
‘ලාභා නො, ආවුසො, සුලද්ධං නො, ආවුසො, යෙ මයං ආයස්මන්තං තාදිසං සබ්‍රහ්මචාරිං පස්සාම. ඉති යං ධම්මං රාමො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසි, තං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරසි. යං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරසි, තං ධම්මං රාමො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසි. ඉති යං ධම්මං රාමො අභිඤ්ඤාසි තං ත්වං ධම්මං ජානාසි, යං ත්වං ධම්මං ජානාසි, තං ධම්මං රාමො අභිඤ්ඤාසි. ඉති යාදිසො රාමො අහොසි තාදිසො තුවං, යාදිසො තුවං තාදිසො රාමො අහොසි. එහි දානි, ආවුසො, තුවං ඉමං ගණං පරිහරා’ති . ඉති ඛො, භික්ඛවෙ , උදකො රාමපුත්තො සබ්‍රහ්මචාරී මෙ සමානො ආචරියට්ඨානෙ මං ඨපෙසි, උළාරාය ච මං පූජාය පූජෙසි. තස්ස මය්හං, භික්ඛවෙ, එතදහොසි - ‘නායං ධම්මො නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තති, යාවදෙව නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපපත්තියා’ති. සො ඛො අහං, භික්ඛවෙ, තං ධම්මං අනලඞ්කරිත්වා තස්මා ධම්මා නිබ්බිජ්ජ අපක්කමිං.
278
“මහණෙනි, ඒ මම කුසල් කුමක්දැයි සොයමින්, නිරුත්තරවූ උතුම් නිර්වාණය සොයමින් උද්දකරාම පුත්ත තෙම යම් තැනෙක්හිද එතැනට ගියෙමි. ගොස් උද්දකරාම පුත්ත තාපසයාට මෙසේ කීයෙමි. “ඇවැත්නි, මම මේ ධර්මයෙහි හැසිරෙන්ට කැමැත්තෙමි’යි (කීයෙමි) “මහණෙනි, මෙසේ කී කල්හි උද්දකරාම පුත්ත තෙම මට මෙසේ කීයේය. ‘යම් තැනක නුවණැත්තාවූ පුරුෂයෙක් තෙම නොබෝ කලකින් ස්වකීය ආචාර්යවරයාගේ ධර්මය තමාම දැන ප්‍රත්‍යක්ෂකොට වාසය කරන්නේද මේ ධර්මය තෙම එබඳුය එහෙයින් ආයුෂ්මත් තෙම වාසය කෙරේවායි (කියායි.)
“මහණෙනි, ඒ මම නොබෝ කලකින් වහාම ඔවුන්ගේ ධර්මය ඉගෙන ගත්තෙමි.
“මහණෙනි, ඒ මම ඔහුට උත්තර දීමට තොල් සෙලවූ පමණින් වචනයක් කියූ පමණින් දනිමි යන වචනයද දැනීම ස්ථිරය යන වචනයද ප්‍රකාශ කරමි. මම දනිමි. දකිමියි කියමි. මා පමණක් නොව අන්‍යයෝද (මා ගැන) එසේ කියතියි කියමි.
“මහණෙනි, ඒ මට මෙබඳු හිතක් විය. උද්දකරාම පුත්ත තෙම මේ ධර්මය හුදෙක් ඇදහීම් පමණකින් තෙමේම ප්‍රත්‍යක්ෂ කොට දැනගෙන වාසය කරමියි ප්‍රකාශ නොකරයි. උද්දකරාම පුත්තෙම ඒකාන්තයෙන් මේ ධර්මය දැන දැන වාසය කෙළේයයි (මට කල්පනා විය) ඉක්බිති මහණෙනි, මම උද්දකරාම පුත්ත යම් තැනකද එතැනට පැමිණියෙමි පැමිණ මෙසේ ඇසීමි.
“ඇවැත් රාමයෙනි, කොපමණකින් මේ ධර්මය තෙමේම ප්‍රත්‍යක්ෂ කොට ඊට එළඹ ප්‍රකාශ කෙරේදැ’යි (කියාය.) මහණෙනි, මෙසේ කී කල්හි උද්දකරාම පුත්ත තෙම නෙවසඤ්ඤානාසඤ්ඤායතනය දක්වා කීයේය. මහණෙනි, ඒ මට මෙසේ සිත්විය. රාමහටම ශ්‍රද්ධා ඇත්තේ නොවෙයි. මට ද ශ්‍රද්ධා ඇත. රාමහටම වීර්ය ඇත්තේ නොවෙයි. මටද වීර්ය ඇත්තේය. රාම හටම සමාධිය ඇත්තේ නොවෙයි. මටද සමාධිය ඇත්තේය. රාමහටම ප්‍රඥාව ඇත්තේ නොවෙයි, මටද ප්‍රඥාව ඇත්තේය. රාම තෙමේ “යම් ධර්මයක් තමන්ම දැන ප්‍රත්‍යක්ෂ කොට වාසය කරමියි’ කියයි නම් ඒ ධර්මය තමන්ම ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා වීර්ය කරන්නෙම් නම් යහපත්ය (කියාය)
“මහණෙනි, නොබෝ කලකින් වහාම ඒ ධර්මය මම ද ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කෙළෙමි. ‘මහණෙනි, ඉක්බිති මම උද්දකරාම පුත්ත තෙම යම් තැනෙක්හිද එතැනට ගියෙමි. ගොස් උද්දකරාම පුත්ත හට මෙසේ කීවෙමි. ‘ඇවැත් රාමයෙනි, මෙපමණකින් මේ ධර්මය තෙමේම ප්‍රත්‍යක්ෂ කොට දැනගෙන ඊට පැමිණ ප්‍රකාශ කරන්නේදැයි රාම පුත්තගෙන් ඇසීමි. ඇවැත්නි, මේ ධර්මය රාම තෙමේ මෙතෙකින් තෙමේද ප්‍රත්‍යක්ෂකොට දැන ඊට පැමිණ ප්‍රකාශ කෙරේයයි (හෙතෙම කීයේය) ඇවැත්නි, මමත් මේ ධර්මය මෙපමණකින් තමාම ප්‍රත්‍යක්ෂව දැන ඊට පැමිණ වාසය කරමියි කීයෙමි.
“ඇවැත්නි, යම් ඒ අපි ආයුෂ්මතුන් වැනිවූ සමාන බඹසර ඇත්තෙකු දකිමුද ඒ අපට ලාභයෙකි. උතුම් ලාභයකි. මෙසේ යම් ධර්මයක් රාම තෙමේ තමාම ප්‍රත්‍යක්ෂ කොට දැනගෙන ඊට පැමිණ ප්‍රකාශ කෙළේද ඒ ධර්මය ඔබද තමාම ප්‍රත්‍යක්ෂකොට දැන ඊට පැමිණ වාසය කරන්නෙහිය. ඔබ යම් ධර්මයක් ප්‍රත්‍යක්ෂ කොට දැන ඊට පැමිණ වාසය කරන්නෙහිද, ඒ ධර්මය රාම තෙමේ ප්‍රත්‍යක්ෂ කොට දැනගෙන ඊට පැමිණ ප්‍රකාශ කෙළේය. මෙසේ රාම තෙමේ යම් ධර්මයක් දනියිද ඔබද එය දන්නෙහිය, ඔබ යම් ධර්මයක් දන්නෙහිද රාම තෙමේද ඒ ධර්මය දනියි. මෙසේ රාම යම්බඳුද ඔබත් එබඳුය. ඔබ යම්බඳු
ද රාම තෙමේත් එබඳුය. ඇවැත්නි, එව දෙදෙනම එක්ව මේ ශිෂ්‍ය සමූහයා පාලනය කරමුයි (කීයේය.)
“මහණෙනි, මෙසේ එක්ව බඹසර වසන්නෙක්වූ උද්දක රාම පුත්ත තෙමේ මා ආචාර්ය තනතුරෙහි තැබීය. උතුම් පූජායෙන් පිදීය.
“මහණෙනි, ඒ මට මෙසේ සිත් විය. මේ ධර්මයතෙම කලකිරීම පිණිස, නො ඇල්ම පිණිස, කෙලෙස් නැති කිරීම පිණිස, කෙලෙස් සංසිඳීම පිණිස, දැනගැනීම පිණිස, අවබෝධය පිණිස, නිවන් පිණිස, නොපවතියි. නෙවසඤ්ඤා නාසඤ්ඤායතන බඹලොව ඉපදීම පිණිස පමණක් පවතියි.
“මහණෙනි, ඒ මම ඒ ධර්මය ප්‍රමාණ නොකොට ඒ ධර්මයෙහි කලකිරී ඉවත්ව ගියෙමි.
279
‘‘සො ඛො අහං, භික්ඛවෙ, කිං කුසලගවෙසී අනුත්තරං සන්තිවරපදං පරියෙසමානො මගධෙසු අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන උරුවෙලා සෙනානිගමො තදවසරිං. තත්ථද්දසං රමණීයං භූමිභාගං, පාසාදිකඤ්ච වනසණ්ඩං, නදිඤ්ච සන්දන්තිං සෙතකං සුපතිත්ථං රමණීයං, සමන්තා (සාමන්තා (?)) ච ගොචරගාමං . තස්ස මය්හං, භික්ඛවෙ, එතදහොසි - ‘රමණීයො වත, භො, භූමිභාගො, පාසාදිකො ච වනසණ්ඩො, නදී ච සන්දති සෙතකා සුපතිත්ථා රමණීයා, සමන්තා ච ගොචරගාමො. අලං වතිදං කුලපුත්තස්ස පධානත්ථිකස්ස පධානායා’ති. සො ඛො අහං, භික්ඛවෙ, තත්ථෙව නිසීදිං - අලමිදං පධානායාති.
279
“මහණෙනි, ඒ මම කුසල් කුමක්දැයි සොයමින් අනුත්තරවූ නිර්වාණය සොයමින් මගධරට පිළිවෙළින් සැරිසරා යන්නෙම් උරුවල් දනව්වෙහි සේනානි නම් නියම්ගම යම් තැනෙක්හිද එහි ගියෙමි. එහි ගලායන ගඟ ඇත්තාවූද සුදු වැලිතලා ඇත්තාවූද යහපත් තොටවල් ඇත්තාවූද හාත්පස ගොදුරුගම් ඇත්තාවූද ප්‍රසාදය එළවන්නාවූ සිත් සතුටුකරන්නාවූ වන ලැහැබක් ඇති බිම් පෙදෙසක් දිටිමි. මහණෙනි, ඒ මට මෙසේ සිත් විය. ඒකාන්තයෙන් බිම් පෙදෙස සිත්කලුය, වනලැහැබ ප්‍රසාදය එළවන්නේය, දිය ගලා බස්නා සුදු වැලිතලා ඇති මනා තොටු ඇති ගඟද සිත් කලුය. හාත්පස ගොදුරු ගමද වෙයි. වීර්ය කරන කුලපුත්‍රයෙකුට වීර්ය කිරීම පිණිස මේ ස්ථානය සුදුසුයයි (කියායි.)
“මහණෙනි, ඒ මම වීර්ය කිරීම පිණිස මේ තැන සුදුසු යයි සිතා වීර්යය වැඩීම පිණිස එහිම හිඳගත්තෙමි.
280
‘‘සො ඛො අහං, භික්ඛවෙ, අත්තනා ජාතිධම්මො සමානො ජාතිධම්මෙ ආදීනවං විදිත්වා අජාතං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසමානො අජාතං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං අජ්ඣගමං, අත්තනා ජරාධම්මො සමානො ජරාධම්මෙ ආදීනවං විදිත්වා අජරං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසමානො අජරං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං අජ්ඣගමං, අත්තනා බ්‍යාධිධම්මො සමානො බ්‍යාධිධම්මෙ ආදීනවං විදිත්වා අබ්‍යාධිං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසමානො අබ්‍යාධිං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං අජ්ඣගමං, අත්තනා මරණධම්මො සමානො මරණධම්මෙ ආදීනවං විදිත්වා අමතං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං අජ්ඣගමං, අත්තනා සොකධම්මො සමානො සොකධම්මෙ ආදීනවං විදිත්වා අසොකං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං අජ්ඣගමං, අත්තනා සංකිලෙසධම්මො සමානො සංකිලෙසධම්මෙ ආදීනවං විදිත්වා අසංකිලිට්ඨං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසමානො අසංකිලිට්ඨං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං අජ්ඣගමං. ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි - ‘අකුප්පා මෙ විමුත්ති, අයමන්තිමා ජාති, නත්ථි දානි පුනබ්භවො’ති.
280
“මහණෙනි, ඒ මම, තෙමේ ජාතිය ස්වභාවකොට ඇත්තෙක්ව ජාතිය ස්වභාවකොට ඇති දෙයෙහි දොෂය දැන ජාතියක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුනාවූ නිර්වාණය සොයන්නෙම් ජාතියක් නැති අනුත්තරවූ, සතර යොගයෙන් මිදුනාවූ නිවණ අවබෝධ කරගතිමි.
“තෙමේ ජරාව ස්වභාවකොට ඇත්තෙක්ව ජරාව ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැක ජරාවක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුනාවූ නිර්වාණය සොයන්නෙම් ජරාවක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුනාවූ නිවණ අවබෝධ කරගතිමි.
“තෙමේ ව්‍යාධිය ස්වභාවකොට ඇත්තෙක්ව ව්‍යාධිය ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැක ව්‍යාධියක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුනාවූ නිර්වාණය සොයන්නෙම් ව්‍යාධියක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුනාවූ නිවණ අවබෝධ කරගතිමි.
“තෙමේ මරණය ස්වභාවකොට ඇත්තෙක්ව මරණය ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැක මරණයක් නැති, අනුත්තරවූ සතර යොගයෙන් මිදුනාවූ නිර්වාණය සොයන්නෙම් මරණයක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුනාවූ නිවණ අවබෝධ කර ගතිමි.
“තෙමේ ශෝකය ස්වභාව කොට ඇත්තෙක්ව ශෝකය ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැක ශෝකයක් නැති අනුත්තරවූ සතර යෝගයෙන් මිදුණාවූ නිර්වාණය සොයන්නෙම් ශෝකයක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුනාවූ නිවණ අවබෝධ කර ගතිමි.
“තෙමේ කෙලෙස් සහිතබව ස්වභාව කොට ඇත්තෙක්ව කෙලෙස් සහිතබව ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැක කෙලෙස් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිර්වාණය සොයන්නෙම් කෙලෙස් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිවණ අවබෝධ කර ගතිමි.
මට සියල්ල දන්නා නුවණ පහළ විය, මාගේ අර්හත් ඵලය නැවත වෙනස් කළ නොහැකිය, මේ මගේ අන්තිම ජාතියය, නැවත ඉපදීමක් නැත යන දැනීම මට ඇතිවිය.
281
‘‘තස්ස මය්හං, භික්ඛවෙ, එතදහොසි - ‘අධිගතො ඛො ම්‍යායං ධම්මො ගම්භීරො දුද්දසො දුරනුබොධො සන්තො පණීතො අතක්කාවචරො නිපුණො පණ්ඩිතවෙදනීයො. ආලයරාමා ඛො පනායං පජා ආලයරතා ආලයසම්මුදිතා. ආලයරාමා ඛො පනායං පජා ආලයරතාය ආලයසම්මුදිතාය දුද්දසං ඉදං ඨානං යදිදං - ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදො. ඉදම්පි ඛො ඨානං දුද්දසං යදිදං - සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හාක්ඛයො විරාගො නිරොධො නිබ්බානං. අහඤ්චෙව ඛො පන ධම්මං දෙසෙය්‍යං, පරෙ ච මෙ න ආජානෙය්‍යුං, සො මමස්ස කිලමථො, සා මමස්ස විහෙසා’ති. අපිස්සු මං, භික්ඛවෙ, ඉමා අනච්ඡරියා ගාථායො පටිභංසු පුබ්බෙ අස්සුතපුබ්බා -
‘කිච්ඡෙන මෙ අධිගතං, හලං දානි පකාසිතුං;
රාගදොසපරෙතෙහි, නායං ධම්මො සුසම්බුධො.
‘පටිසොතගාමිං නිපුණං, ගම්භීරං දුද්දසං අණුං;
රාගරත්තා න දක්ඛන්ති, තමොඛන්ධෙන ආවුටා’’’ති (ආවටාති (සී.), ආවුතා (ස්‍යා.)).
281
“මහණෙනි, ඒ මට මෙසේ අදහස් විය. මා විසින් අවබෝධ කරගන්නා ලද මේ ධර්මය ගැඹුරුය, දැකීම දුෂ්කරය, අවබෝධ කර ගැනීම අමාරුය, ශාන්තය, ප්‍රණීතය, තර්කයෙන් බැසගත නොහැක, සියුම්ය, පණ්ඩිතයන් විසින් දතයුතුය. මේ සත්ව ප්‍රජාව පංචකාමයෙහි ඇලී සතුටු වන්නීය. පංචකාමයෙහි ආශා ඇත්තීය. පංචකාමයෙහි සතුටු වූවාය. පංචකාමයෙහි ඇලී සතුටු වන්නාවූ පඤ්ච කාමයට ආශා කරන්නාවූ පඤ්චකාමයෙන් සතුටුවන්නාවූ මේ සත්ත්ව සමූහයා විසින් මේ හේතුවෙන් මේ ඵලය ඇති වන්නේය යන පටිච්ච සමුප්පාදය දැක ගැනීම අපහසුය. සියලු සංස්කාරයන්ගේ සංසිඳීමට හේතුවූ සියලු උපධීන්ගෙන් මිදීමට හේතුවූ තෘෂ්ණාව නැතිවීමට හේතුවූ කෙලෙස් පහ කිරීමට හේතුවූද සියලු දුක් නැති කිරීමට හේතුවූ යම් ඒ නිර්වාණයක් වේද යන මේ කාරණයද දැක ගැනීම අපහසුය.
“මමද ධර්මය දේශනා කරන්නෙම් නම් අන්‍යයෝද මාගෙන් අසා අවබෝධ කර නොගන්නාහු නම් එය මට ක්ලාන්ත බවක් වෙහෙසක් වන්නේය. මහණෙනි, ඉක්බිති මට පෙර නොඇසූ විරූ ආශ්චර්යවූ මේ ගාථාවෝ වැටහුනාහුය.
“මා විසින් දුකසේ අවබෝධ කරගන්නා ලද මේ ධර්මය දැන් ප්‍රකාශ කිරීමට සුදුසු නැත. රාගයෙන් හා ද්වේෂයෙන් මඩනා ලද්දාවුන් විසින් මේ ධර්මය පහසුවෙන් තේරුම් ගත නොහැකි වෙයි.
“ගඟ උඩු අතට ගැලීමක් වැනිවූ සියුම්වූ ගැඹුරුවූ අවබෝධය අපහසුවූ අතිශයින් සියුම්වූ මේ ධර්මය රාගයෙන් රත්වූ මෝහයෙන් වටවූ මේ සත්ත්වයෝ අවබෝධ කර නොගන්නාහ.”
282
‘‘ඉතිහ මෙ, භික්ඛවෙ, පටිසඤ්චික්ඛතො අප්පොස්සුක්කතාය චිත්තං නමති, නො ධම්මදෙසනාය. අථ ඛො, භික්ඛවෙ, බ්‍රහ්මුනො සහම්පතිස්ස මම චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය එතදහොසි - ‘නස්සති වත භො ලොකො, විනස්සති වත භො ලොකො, යත්‍ර හි නාම තථාගතස්ස අරහතො සම්මාසම්බුද්ධස්ස අප්පොස්සුක්කතාය චිත්තං නමති (නමිස්සති (?)), නො ධම්මදෙසනායා’ති. අථ ඛො, භික්ඛවෙ, බ්‍රහ්මා සහම්පති - සෙය්‍යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්‍ය, එවමෙව - බ්‍රහ්මලොකෙ අන්තරහිතො මම පුරතො පාතුරහොසි. අථ ඛො, භික්ඛවෙ, බ්‍රහ්මා සහම්පති එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙනාහං තෙනඤ්ජලිං පණාමෙත්වා මං එතදවොච - ‘දෙසෙතු, භන්තෙ, භගවා ධම්මං, දෙසෙතු සුගතො ධම්මං. සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා, අස්සවනතා ධම්මස්ස පරිහායන්ති. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරො’ති. ඉදමවොච, භික්ඛවෙ, බ්‍රහ්මා සහම්පති. ඉදං වත්වා අථාපරං එතදවොච -
‘පාතුරහොසි මගධෙසු පුබ්බෙ,
ධම්මො අසුද්ධො සමලෙහි චින්තිතො;
අපාපුරෙතං (අවාපුරෙතං (සී.)) අමතස්ස ද්වාරං,
සුණන්තු ධම්මං විමලෙනානුබුද්ධං.
‘සෙලෙ යථා පබ්බතමුද්ධනිට්ඨිතො,
යථාපි පස්සෙ ජනතං සමන්තතො;
තථූපමං ධම්මමයං සුමෙධ,
පාසාදමාරුය්හ සමන්තචක්ඛු;
සොකාවතිණ්ණං (සොකාවකිණ්ණං (ස්‍යා.)) ජනතමපෙතසොකො,
අවෙක්ඛස්සු ජාතිජරාභිභූතං.
‘උට්ඨෙහි වීර විජිතසඞ්ගාම,
සත්ථවාහ අණණ විචර ලොකෙ;
දෙසස්සු (දෙසෙතු (ස්‍යා. ක.)) භගවා ධම්මං,
අඤ්ඤාතාරො භවිස්සන්තී’’’ති.
282
“මහණෙනි, මෙසේ සලකන්නාවූ මාගේ සිත මන්දොත්සාහී බවට (හෙවත් දහම් නොදෙසනු කැමති බවට) නැමෙයිත දහම් දෙසීමට නොනැමෙයි. මහණෙනි, එකල්හි සහම්පතී නම් බ්‍රහ්මයාහට ඔහුගේ සිතින් මාගේ සිත දැනගෙන මෙසේ කල්පනා විය. යම් ලොවක සම්‍යක්සම්බුද්ධයන් වහන්සේගේ සිත මන්දොත්සාහී බවට නැමේද දහම් දෙසීමට නොනැමේද ඒ ලෝකය තෙම නැසෙන්නේය. ඒ ලෝකය තෙම විනාශ වන්නේය’ (කියායි.)
“මහණෙනි, ඉක්බිති සහම්පතී බ්‍රහ්ම තෙම යම්සේ ශක්තිමත් පුරුෂයෙක් හකුලනලද අතක් දික් කරන්නේද දික් කරනලද අතක් හකුලන්නේද එපරිද්දෙන් ඇසිල්ලකින් බඹලොවින් අතුරුදහන්ව මාගේ ඉදිරියෙහි පහළ විය.
“මහණෙනි, ඉක්බිති සහම්පතී බ්‍රහ්ම තෙම උතුරු සළුව ඒකාංශකොට පොරවා මා යම් දිසාවෙක්හිද ඒ දිසාවට දොහොත් නමා මට මෙසේ කීයේය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ධර්මය දෙසන සේක්වා. සුගතයන් වහන්සේ ධර්මය දෙසන සේක්වා, ස්වල්පවූ කෙලෙස් ඇති සත්ත්වයෝ ඇත්තාහ. ඔව්හු ධර්මය අසන්නට නැතිකමින් පිරිහෙති. ධර්මය දැනගන්නෝ ඇත්තාහුය.’ (යනුවෙනි)
“මහණෙනි, සහම්පතී බ්‍රහ්ම තෙම මෙසේ කීයේය. මෙසේ කියා අනතුරුව මෙසේ කීය.
“පෙර මගධ රටෙහි රාගාදී මල සහිත ශාස්තෘන් විසින් සිතන ලද අපිරිසිදුවූ ධර්මයක් පහළ විය. මේ නිර්වාණයට දොරටුවූ ආර්ය මාර්ගය විවෘත කරනු මැනව. රාගාදී මල නැති සර්වඥයන් වහන්සේ විසින් අවබෝධ කළාවූ ධර්මය අසත්වා.
“සමතැස් ඇති සර්වඥයන් වහන්ස, ශෛලමය පර්වතයක් මුදුනෙහි සිටියෙක් හාත්පස ජන සමූහය යම්සේ දකීද, එමෙන් පහවූ ශොක ඇති ඔබවහන්සේ ඒ පර්වතයට උපමා ඇති ධර්මය නමැති ප්‍රාසාදයට නැග,
“ජාතියෙන් හා ජරාවෙන් මඩනාලද ශෝකයෙහි වැටී සිටින සත්ත්ව සමූහයා බලත්වා. දිනනලද පස්මරුන් ඇති, සත්ත්වයන් සසර කතරින් එතර කරන හෙයින් සාර්ථවාහකවූ කාමච්ඡන්දය නමැති ණය නැත්තාවූ වීරයන් වහන්ස, නැගිටිනු මැනව. ලෝකයෙහි හැසුරුණ මැනව. භාග්‍යවතුන් වහන්ස, ධර්මය දෙසනසේක්වා, ඒ ධර්මය දැනගන්නෝ වන්නාහ.’ (යනුවෙනි.)
283
‘‘අථ ඛො අහං, භික්ඛවෙ, බ්‍රහ්මුනො ච අජ්ඣෙසනං විදිත්වා සත්තෙසු ච කාරුඤ්ඤතං පටිච්ච බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙසිං. අද්දසං ඛො අහං, භික්ඛවෙ, බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙන්තො සත්තෙ අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ, තික්ඛින්ද්‍රියෙ මුදින්ද්‍රියෙ, ස්වාකාරෙ ද්වාකාරෙ, සුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙ, අප්පෙකච්චෙ පරලොකවජ්ජභයදස්සාවිනෙ (දස්සාවිනො (ස්‍යා. කං. ක.)) විහරන්තෙ, අප්පෙකච්චෙ න පරලොකවජ්ජභයදස්සාවිනෙ (දස්සාවිනො (ස්‍යා. කං. ක.)) විහරන්තෙ. සෙය්‍යථාපි නාම උප්පලිනියං වා පදුමිනියං වා පුණ්ඩරීකිනියං වා අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවඩ්ඪානි උදකානුග්ගතානි අන්තොනිමුග්ගපොසීනි, අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවඩ්ඪානි උදකානුග්ගතානි සමොදකං ඨිතානි, අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවඩ්ඪානි උදකං අච්චුග්ගම්ම ඨිතානි (තිට්ඨන්ති (සී. ස්‍යා. පී.)) අනුපලිත්තානි උදකෙන; එවමෙව ඛො අහං, භික්ඛවෙ, බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙන්තො අද්දසං සත්තෙ අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ, තික්ඛින්ද්‍රියෙ මුදින්ද්‍රියෙ, ස්වාකාරෙ ද්වාකාරෙ, සුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙ, අප්පෙකච්චෙ පරලොකවජ්ජභයදස්සාවිනෙ විහරන්තෙ, අප්පෙකච්චෙ න පරලොකවජ්ජභයදස්සාවිනෙ විහරන්තෙ. අථ ඛ්වාහං, භික්ඛවෙ, බ්‍රහ්මානං සහම්පතිං ගාථාය පච්චභාසිං -
‘අපාරුතා තෙසං අමතස්ස ද්වාරා,
යෙ සොතවන්තො පමුඤ්චන්තු සද්ධං;
විහිංසසඤ්ඤී පගුණං න භාසිං,
ධම්මං පණීතං මනුජෙසු බ්‍රහ්මෙ’’’ති.
‘‘අථ ඛො, භික්ඛවෙ, බ්‍රහ්මා සහම්පති ‘කතාවකාසො ඛොම්හි භගවතා ධම්මදෙසනායා’ති මං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායි.
283
“මහණෙනි, එකල්හි මම බඹහුගේද ආරාධනාව දැන සත්ත්වයන් කෙරෙහිද කරුණාවෙන් බුදු ඇසින් ලෝකය බැලීමි. මහණෙනි, බුදු ඇසින් ලොව බලන්නාවූ මම ස්වල්පවූ රාගාදී කෙලෙස් ඇත්තාවූද මහත්වූ රාගාදී කෙලෙස් ඇත්තාවූද තියුණුවූ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ඇත්තාවූද මෘදුවූ ඉන්ද්‍රිය ඇත්තාවූද ශ්‍රද්ධාදී යහපත් ආකාර ඇත්තාවූද පහසුවෙන් ධර්මය අවබෝධ කරවිය හැකිවූද, පරලොව හා වරදෙහි භය දකිමින් වාසය කරන්නාවූ සත්ත්වයන් දුටිමි.
“යම්සේ නම් උපුල් විලක හෝ හෙළ උපුල් විලක හෝ හෙළ පියුම් විලක හෝ ඇතැම් උපුල් හෝ පියුම් හෝ හෙළ පියුම් හෝ දියෙහි හටගන්නාහු දියෙහි වැඩුනාහු දියෙන් මතු නොවී දිය ඇතුළේම පොෂ්‍ය වෙත්ද, ඇතැම් උපුල් හෝ පියුම් හෝ හෙළ පියුම් හෝ දියෙහි හටගත්තාහු දියෙහි වැඩුණාහු දිය හා සමව සිටියාහුද, ඇතැම් උපුල් හෝ පියුම් හෝ හෙළ පියුම් හෝ දියෙහි හටගත්තාහු දියෙහි වැඩුනාහු දියෙන් මතුවී දියෙහි නොවැදී සිටියාහුද, මහණෙනි, එපරිද්දෙන්ම මම බුදු ඇසින් ලෝකය බලන්නෙම් ස්වල්පවූ රාගාදී කෙලෙස් ඇත්තාවූද මහත්වූ කෙලෙස් ඇත්තාවූද තියුණුවූ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ඇත්තාවූද, මෘදුවූ ඉන්ද්‍රිය ඇත්තාවූද, ශ්‍රද්ධාව ආදී යහපත් ආකාර ඇත්තාවූද පහසුවෙන් ධර්මය අවබෝධ කරවිය හැකිවූද, පරලොව හා වරදෙහි භය දකිමින් වාසය කරන්නාවූද සත්ත්වයන් දුටිමි.
“මහණෙනි, ඉක්බිති මම සහම්පතී බ්‍රහ්මයාට ගාථාවකින් පෙරළා මෙසේ කීමි.
“බ්‍රහ්මය, වෙහෙස පිළිබඳ හැඟීම් ඇතිව ප්‍රගුණවූ උතුම් ධර්මය නොකීයෙමි, ඒ සත්ත්වයන්හට නිවණෙහි දොරටු හරින ලද යම් කෙනෙක් තුමූ කන් ඇත්තාවූද අසනු කැමැත්තාහුද ඔහු ශ්‍රද්ධාව එළවත්වා.”
“මහණෙනි, ඉක්බිති සහම්පතී බ්‍රහ්මතෙම භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම දේශනාව පිණිස කරනලද අවකාශ ඇත්තේ වෙමියි මා වැඳ පැදකුණුකොට එහිම අතුරුදන් විය.
284
‘‘තස්ස මය්හං, භික්ඛවෙ, එතදහොසි - ‘කස්ස නු ඛො අහං පඨමං ධම්මං දෙසෙය්‍යං; කො ඉමං ධම්මං ඛිප්පමෙව ආජානිස්සතී’ති? තස්ස මය්හං, භික්ඛවෙ, එතදහොසි - ‘අයං ඛො ආළාරො කාලාමො පණ්ඩිතො වියත්තො මෙධාවී දීඝරත්තං අප්පරජක්ඛජාතිකො. යංනූනාහං ආළාරස්ස කාලාමස්ස පඨමං ධම්මං දෙසෙය්‍යං. සො ඉමං ධම්මං ඛිප්පමෙව ආජානිස්සතී’ති. අථ ඛො මං, භික්ඛවෙ, දෙවතා උපසඞ්කමිත්වා එතදවොච - ‘සත්තාහකාලඞ්කතො, භන්තෙ, ආළාරො කාලාමො’ති. ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි - ‘සත්තාහකාලඞ්කතො ආළාරො කාලාමො’ති. තස්ස මය්හං, භික්ඛවෙ, එතදහොසි - ‘මහාජානියො ඛො ආළාරො කාලාමො. සචෙ හි සො ඉමං ධම්මං සුණෙය්‍ය, ඛිප්පමෙව ආජානෙය්‍යා’ති.
‘‘තස්ස මය්හං, භික්ඛවෙ, එතදහොසි - ‘කස්ස නු ඛො අහං පඨමං ධම්මං දෙසෙය්‍යං; කො ඉමං ධම්මං ඛිප්පමෙව ආජානිස්සතී’ති? තස්ස මය්හං, භික්ඛවෙ, එතදහොසි - ‘අයං ඛො උදකො රාමපුත්තො පණ්ඩිතො වියත්තො මෙධාවී දීඝරත්තං අප්පරජක්ඛජාතිකො. යංනූනාහං උදකස්ස රාමපුත්තස්ස පඨමං ධම්මං දෙසෙය්‍යං. සො ඉමං ධම්මං ඛිප්පමෙව ආජානිස්සතී’ති. අථ ඛො මං, භික්ඛවෙ, දෙවතා උපසඞ්කමිත්වා එතදවොච - ‘අභිදොසකාලඞ්කතො, භන්තෙ, උදකො රාමපුත්තො’ති. ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි - ‘අභිදොසකාලඞ්කතො උදකො රාමපුත්තො’ති. තස්ස මය්හං, භික්ඛවෙ, එතදහොසි - ‘මහාජානියො ඛො උදකො රාමපුත්තො. සචෙ හි සො ඉමං ධම්මං සුණෙය්‍ය , ඛිප්පමෙව ආජානෙය්‍යා’ති.
‘‘තස්ස මය්හං , භික්ඛවෙ, එතදහොසි - ‘කස්ස නු ඛො අහං පඨමං ධම්මං දෙසෙය්‍යං; කො ඉමං ධම්මං ඛිප්පමෙව ආජානිස්සතී’ති? තස්ස මය්හං, භික්ඛවෙ, එතදහොසි - ‘බහුකාරා ඛො මෙ පඤ්චවග්ගියා භික්ඛූ, යෙ මං පධානපහිතත්තං උපට්ඨහිංසු. යංනූනාහං පඤ්චවග්ගියානං භික්ඛූනං පඨමං ධම්මං දෙසෙය්‍ය’න්ති. තස්ස මය්හං, භික්ඛවෙ, එතදහොසි - ‘කහං නු ඛො එතරහි පඤ්චවග්ගියා භික්ඛූ විහරන්තී’ති? අද්දසං ඛො අහං, භික්ඛවෙ, දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන පඤ්චවග්ගියෙ භික්ඛූ බාරාණසියං විහරන්තෙ ඉසිපතනෙ මිගදායෙ. අථ ඛ්වාහං, භික්ඛවෙ, උරුවෙලායං යථාභිරන්තං විහරිත්වා යෙන බාරාණසී තෙන චාරිකං පක්කමිං (පක්කාමිං (ස්‍යා. පී. ක.)).
284
“මහණෙනි, ඒ මට මෙසේ සිත්විය. කවරෙකුට මම මේ ධර්මය පළමුවෙන් දේශනා කරන්නෙම්ද? කවරෙක් මේ ධර්මය වහා අවබෝධ කරගන්නේදැ’යි (කියාය.) මහණෙනි, ඒ මට මේ ආළාරකාලාම තෙම පණ්ඩිතය, නුවණැත්තේය. බොහෝ කලක් මුළුල්ලෙහි ස්වල්පවූ රාගාදී කෙලෙස් ඇත්තෙක. යම් හෙයකින් මම ආළාරකාලාමහට පළමුකොට ධර්මය දෙසන්නෙම් නම් හෙතෙම මේ ධර්මය වහාම අවබෝධ කර ගන්නේයයි, සිත් විය. මහණෙනි, එකල්හි දෙවතාවෙක් මා කරා එළඹ ස්වාමීනි, ආළාරකාලාමතෙම මින් සත්දවසකට පෙර කාලක්‍රියා කළේයයි’ කීය මටද ආළාරකාලාම තෙම සත්දවසකට පෙර කාලක්‍රියා කෙළේය යන ඥානය පහළවිය.
“මහණෙනි, ඒ මට ආළාරකාලාමහට වූයේ මහත් පිරිහීමකි. ඉදින් හෙතෙම මේ ධර්මය ඇසූයේ නම් වහාම අවබෝධකරගන්නේයයි සිත් විය.
“මහණෙනි, ඒ මට මම කවරෙකුට පළමුව ධර්ම දේශනා කරන්නෙම්ද? කවරෙක් මේ ධර්මය වහා අවබෝධ කරන්නේදැයි සිත් විය. මහණෙනි, ඉක්බිති මට මේ උද්දක රාමපුත්තතෙම පණ්ඩිතය, නුවණැත්තේය. බොහෝ කලක් මුළුල්ලෙහි ස්වල්පවූ රාගාදී කෙලෙස් ඇත්තෙක යම් හෙයකින් මම උද්දකරාම පුත්තහට පළමුකොට ධර්මය දෙසන්නෙම් නම් හෙතෙම මේ ධර්මය වහාම දැනගන්නේ යයි අදහස් විය. මහණෙනි, එකල්හි දෙවතාවෙක් මා කරා එළඹ ස්වාමීනි, උද්දකරාම පුත්ත තෙම ඊයේ රාත්‍රි කාලක්‍රියා කෙළේයයි කීය. උද්දකරාම පුත්ත ඊයේ රාත්‍රි කාලක්‍රියා කෙළේය යන ඥානය මටද පහළ විය. ඒ මට කවරෙකුට මම පළමුව ධර්මදේශනා කරන්නෙම්ද? කවරෙක් මේ ධර්මය වහා අවබෝධ කර ගන්නේදැයි අදහස් විය. මහණෙනි, ඒ මට මේ කල්පනාව ඇතිවිය. යම් කෙනෙක් මට ප්‍රධාන වීර්ය කරන කාලයෙහි උපස්ථාන කළාහුද ඒ පස්වග භික්ෂූහු මට බොහෝ උපකාරී වූහ. මම පළමුකොට පස්වග මහණුන්හට ධර්මදේශනා කරන්නෙම් නම් යෙහෙකි (කියාය) මහණෙනි, ඒ මට දැන් පස්වග මහණහු කොතැන්හි වෙසෙත් දැයි අදහස් විය. මහණෙනි, මම පිරිසිදුවූ මිනිස් ඇස ඉක්ම පැවැත්තාවූ දිවැසින් බරණැස් නුවර ඉසිපතනයෙහි මිගදාය නම් ස්ථානයෙහි වාසය කරන්නාවූ පස්වග භික්ෂූන් දුටුවෙමි.
“මහණෙනි, ඉක්බිති මම උරුවෙල් දනව්වෙහි කැමතිතාක් කල් වාසයකොට බරණැස යම් තැනෙක්හිද එතනට ගියෙමි.
285
‘‘අද්දසා ඛො මං, භික්ඛවෙ, උපකො ආජීවකො අන්තරා (ආජීවිකො (සී. පී. ක.)) ච ගයං අන්තරා ච බොධිං අද්ධානමග්ගප්පටිපන්නං. දිස්වාන මං එතදවොච - ‘විප්පසන්නානි ඛො තෙ, ආවුසො, ඉන්ද්‍රියානි, පරිසුද්ධො ඡවිවණ්ණො පරියොදාතො! කංසි ත්වං, ආවුසො, උද්දිස්ස පබ්බජිතො, කො වා තෙ සත්ථා, කස්ස වා ත්වං ධම්මං රොචෙසී’ති ? එවං වුත්තෙ, අහං, භික්ඛවෙ, උපකං ආජීවකං ගාථාහි අජ්ඣභාසිං -
‘සබ්බාභිභූ සබ්බවිදූහමස්මි, සබ්බෙසු ධම්මෙසු අනූපලිත්තො;
සබ්බඤ්ජහො තණ්හාක්ඛයෙ විමුත්තො, සයං අභිඤ්ඤාය කමුද්දිසෙය්‍යං.
‘න මෙ ආචරියො අත්ථි, සදිසො මෙ න විජ්ජති;
සදෙවකස්මිං ලොකස්මිං, නත්ථි මෙ පටිපුග්ගලො.
‘අහඤ්හි අරහා ලොකෙ, අහං සත්ථා අනුත්තරො;
එකොම්හි සම්මාසම්බුද්ධො, සීතිභූතොස්මි නිබ්බුතො.
‘ධම්මචක්කං පවත්තෙතුං, ගච්ඡාමි කාසිනං පුරං;
අන්ධීභූතස්මිං (අන්ධභූතස්මිං (සී. ස්‍යා. පී.)) ලොකස්මිං, ආහඤ්ඡං අමතදුන්දුභි’න්ති.
‘යථා ඛො ත්වං, ආවුසො, පටිජානාසි, අරහසි අනන්තජිනො’ති!
‘මාදිසා වෙ ජිනා හොන්ති, යෙ පත්තා ආසවක්ඛයං;
ජිතා මෙ පාපකා ධම්මා, තස්මාහමුපක ජිනො’ති.
‘‘එවං වුත්තෙ, භික්ඛවෙ, උපකො ආජීවකො ‘හුපෙය්‍යපාවුසො’ති (හුවෙය්‍යපාවුසො (සී. පී.), හුවෙය්‍යාවුසො (ස්‍යා.)) වත්වා සීසං ඔකම්පෙත්වා උම්මග්ගං ගහෙත්වා පක්කාමි.
285
මහණෙනි, උපක නම් ආජීවකයෙක් ගයාවටත් බොධියටත් අතර දීර්ඝ මාර්ගයෙහි යන්නාවූ මා දුටුවේය. දැක මට මෙසේ කීයේය. ‘ඇවැත්නි, ඔබගේ ඉන්ද්‍රියයෝ ඉතාමත් පැහැපත්ය, ශරීර වර්ණය පිරිසිදුය, හාත්පසින් බබලන්නේය. ඇවැත්නි, ඔබ කවරෙකු උදෙසා පැවිදි වූයෙහිද? ඔබගේ ගුරුවරයා කවරෙක් හෝ වේද? ඔබ කවරෙකුගේ ධර්මය රුචි කරන්නේද? මහණෙනි, මෙසේ කී කල්හි මම උපකනම් ආජීවකයාට ගාථාවලින් මෙසේ කීවෙමි.
“සියලු ත්‍රෛභූමක ධර්මයන් මැඩ පැවැත්වූ සියලු චාතුර් භූමක ධර්මයන් දැනගත්තාවූ සියලු ත්‍රෛභූමික ධර්මයන්හි නොඇලුණාවූ සියලු ත්‍රෛභූමික ධර්මයන් පහකළාවූ නිවන් අරමුණු කිරීමෙන් භවයෙන් මිදුණාවූ මම තෙමේම චතුස්සත්‍යය අවබෝධකොට අනික් කවරෙකු ගුරුවරයා යයි දක්වන්නෙම්ද?
“මට ගුරුවරයෙක් නැත. මට සමාන වූවෙක්ද නැත. දෙවියන් සහිතවූ ලෝකයෙහි මට සමාන පුද්ගලයෙක් නැත. ලෝකයෙහි මම රහත් පුද්ගලයෙක් වෙමි. මම නිරුත්තරවූ ශාස්තෘ වෙමි. කෙලෙස් ගිනි නිවීමෙන් සිසිල්වූ එහෙයින්ම නිවුණාවූ අසහායවූ සම්මාසම්බුද්ධ වෙමි.
“අවිද්‍යාවෙන් අන්ධවූ ලෝකයෙහි අමෘත බෙරය ගසමින් ධර්මචක්‍රය පැවැත් වීම සඳහා කසීරට බරණැස් නුවර බලා යමි,
“ඇවැත්නි, ඔබ යම්සේ ප්‍රකාශ කෙරෙහිද එසේ නම් අනන්තජින නම් වන්නට සුදුසුය.”
“උපකය, යම් කෙනෙක් තුමූ නිවණට පැමිණියාහුද ඒකාන්තයෙන් එබඳු මා වැන්නෝ ජිනනම් වෙත්. මා විසින් පාපධර්මයෝ දිනන ලදහ. එහෙයින් මම ජින නම් වෙමි’යි (කීයෙමි.)
“මහණෙනි මෙසේ කී කල්හි උපක නම් ආජීවකතෙම ‘ඇවැත්නි, එසේත් විය හැකියයි’ කියා හිස වනා අන් මඟකින් ගියේය.
286
‘‘අථ ඛ්වාහං, භික්ඛවෙ, අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන බාරාණසී ඉසිපතනං මිගදායො යෙන පඤ්චවග්ගියා භික්ඛූ තෙනුපසඞ්කමිං. අද්දසංසු ඛො මං, භික්ඛවෙ, පඤ්චවග්ගියා භික්ඛූ දූරතො ආගච්ඡන්තං. දිස්වාන අඤ්ඤමඤ්ඤං සණ්ඨපෙසුං (අඤ්ඤමඤ්ඤං කතිකං සණ්ඨපෙසුං (විනයපිටකෙ මහාවග්ගෙ)) - ‘අයං ඛො, ආවුසො, සමණො ගොතමො ආගච්ඡති බාහුල්ලිකො (බාහුලිකො (සී. පී.) සාරත්ථදීපනීටීකාය සමෙති) පධානවිබ්භන්තො ආවත්තො බාහුල්ලාය. සො නෙව අභිවාදෙතබ්බො, න පච්චුට්ඨාතබ්බො; නාස්ස පත්තචීවරං පටිග්ගහෙතබ්බං. අපි ච ඛො ආසනං ඨපෙතබ්බං, සචෙ ආකඞ්ඛිස්සති නිසීදිස්සතී’ති. යථා යථා ඛො අහං, භික්ඛවෙ, උපසඞ්කමිං තථා තථා පඤ්චවග්ගියා භික්ඛූ නාසක්ඛිංසු සකාය කතිකාය සණ්ඨාතුං. අප්පෙකච්චෙ මං පච්චුග්ගන්ත්වා පත්තචීවරං පටිග්ගහෙසුං, අප්පෙකච්චෙ ආසනං පඤ්ඤපෙසුං, අප්පෙකච්චෙ පාදොදකං උපට්ඨපෙසුං. අපි ච ඛො මං නාමෙන ච ආවුසොවාදෙන ච සමුදාචරන්ති.
‘‘එවං වුත්තෙ, අහං, භික්ඛවෙ, පඤ්චවග්ගියෙ භික්ඛූ එතදවොචං - ‘මා, භික්ඛවෙ, තථාගතං නාමෙන ච ආවුසොවාදෙන ච සමුදාචරථ (සමුදාචරිත්ථ (සී. ස්‍යා. පී.)). අරහං, භික්ඛවෙ, තථාගතො සම්මාසම්බුද්ධො . ඔදහථ, භික්ඛවෙ, සොතං, අමතමධිගතං, අහමනුසාසාමි, අහං ධම්මං දෙසෙමි. යථානුසිට්ඨං තථා පටිපජ්ජමානා නචිරස්සෙව - යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං - බ්‍රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථා’ති. එවං වුත්තෙ, භික්ඛවෙ, පඤ්චවග්ගියා භික්ඛූ මං එතදවොචුං - ‘තායපි ඛො ත්වං, ආවුසො ගොතම, ඉරියාය තාය පටිපදාය තාය දුක්කරකාරිකාය නාජ්ඣගමා උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං, කිං පන ත්වං එතරහි බාහුල්ලිකො පධානවිබ්භන්තො ආවත්තො බාහුල්ලාය අධිගමිස්සසි උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙස’න්ති? එවං වුත්තෙ, අහං, භික්ඛවෙ, පඤ්චවග්ගියෙ භික්ඛූ එතදවොචං - ‘න, භික්ඛවෙ, තථාගතො බාහුල්ලිකො, න පධානවිබ්භන්තො, න ආවත්තො බාහුල්ලාය . අරහං, භික්ඛවෙ, තථාගතො සම්මාසම්බුද්ධො. ඔදහථ, භික්ඛවෙ, සොතං, අමතමධිගතං, අහමනුසාසාමි, අහං ධම්මං දෙසෙමි. යථානුසිට්ඨං තථා පටිපජ්ජමානා නචිරස්සෙව - යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං - බ්‍රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථා’ති. දුතියම්පි ඛො, භික්ඛවෙ, පඤ්චවග්ගියා භික්ඛූ මං එතදවොචුං - ‘තායපි ඛො ත්වං, ආවුසො ගොතම, ඉරියාය තාය පටිපදාය තාය දුක්කරකාරිකාය නාජ්ඣගමා උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං, කිං පන ත්වං එතරහි බාහුල්ලිකො පධානවිබ්භන්තො ආවත්තො බාහුල්ලාය අධිගමිස්සසි උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙස’න්ති? දුතියම්පි ඛො අහං, භික්ඛවෙ, පඤ්චවග්ගියෙ භික්ඛූ එතදවොචං - ‘න, භික්ඛවෙ, තථාගතො බාහුල්ලිකො...පෙ.... උපසම්පජ්ජ විහරිස්සථා’ති. තතියම්පි ඛො, භික්ඛවෙ, පඤ්චවග්ගියා භික්ඛූ මං එතදවොචුං - ‘තායපි ඛො ත්වං, ආවුසො ගොතම, ඉරියාය තාය පටිපදාය තාය දුක්කරකාරිකාය නාජ්ඣගමා උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං, කිං පන ත්වං එතරහි බාහුල්ලිකො පධානවිබ්භන්තො ආවත්තො බාහුල්ලාය අධිගමිස්සසි උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙස’න්ති?
‘‘එවං වුත්තෙ, අහං, භික්ඛවෙ, පඤ්චවග්ගියෙ භික්ඛූ එතදවොචං - ‘අභිජානාථ මෙ නො තුම්හෙ, භික්ඛවෙ, ඉතො පුබ්බෙ එවරූපං පභාවිතමෙත’න්ති (භාසිතමෙතන්ති (සී. ස්‍යා. විනයෙපි))? ‘නො හෙතං, භන්තෙ’. ‘අරහං, භික්ඛවෙ, තථාගතො සම්මාසම්බුද්ධො. ඔදහථ, භික්ඛවෙ, සොතං, අමතමධිගතං, අහමනුසාසාමි, අහං ධම්මං දෙසෙමි. යථානුසිට්ඨං තථා පටිපජ්ජමානා නචිරස්සෙව - යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං - බ්‍රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථා’ති.
‘‘අසක්ඛිං ඛො අහං, භික්ඛවෙ, පඤ්චවග්ගියෙ භික්ඛූ සඤ්ඤාපෙතුං. ද්වෙපි සුදං, භික්ඛවෙ, භික්ඛූ ඔවදාමි, තයො භික්ඛූ පිණ්ඩාය චරන්ති. යං තයො භික්ඛූ පිණ්ඩාය චරිත්වා ආහරන්ති තෙන ඡබ්බග්ගියා (ඡබ්බග්ගා (සී. ස්‍යා.)) යාපෙම. තයොපි සුදං, භික්ඛවෙ, භික්ඛූ ඔවදාමි, ද්වෙ භික්ඛූ පිණ්ඩාය චරන්ති. යං ද්වෙ භික්ඛූ පිණ්ඩාය චරිත්වා ආහරන්ති තෙන ඡබ්බග්ගියා යාපෙම. අථ ඛො, භික්ඛවෙ, පඤ්චවග්ගියා භික්ඛූ මයා එවං ඔවදියමානා එවං අනුසාසියමානා අත්තනා ජාතිධම්මා සමානා ජාතිධම්මෙ ආදීනවං විදිත්වා අජාතං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසමානා අජාතං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං අජ්ඣගමංසු, අත්තනා ජරාධම්මා සමානා ජරාධම්මෙ ආදීනවං විදිත්වා අජරං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසමානා අජරං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං අජ්ඣගමංසු, අත්තනා බ්‍යාධිධම්මා සමානා...පෙ.... අත්තනා මරණධම්මා සමානා... අත්තනා සොකධම්මා සමානා... අත්තනා සංකිලෙසධම්මා සමානා සංකිලෙසධම්මෙ ආදීනවං විදිත්වා අසංකිලිට්ඨං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසමානා අසංකිලිට්ඨං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං අජ්ඣගමංසු. ඤාණඤ්ච පන නෙසං දස්සනං උදපාදි - ‘අකුප්පා නො විමුත්ති (අකුප්පා නෙසං විමුත්ති (ක.)), අයමන්තිමා ජාති, නත්ථි දානි පුනබ්භවො’ති.
286
“මහණෙනි, ඉක්බිති මම පිළිවෙලින් ගමන් කරනුයේ බරණැස් නුවර ඉසිපතනයෙහි මිගදාය නම් ස්ථානය යම් තැනෙක්හිද පස්වග මහණහු යම් තැනෙක්හිද, එතැනට පැමිණියෙමි. මහණෙනි, පස්වග භික්ෂූහු එන්නාවූ මා දුරදීම දුටුවාහුය, දැක එකිනෙකා මෙසේ කථා කරගත්හ. ඇවැත්නි, මේ ශ්‍රමණ ගෞතමතෙම චීවරාදී ප්‍රත්‍ය බහුලකොට ඇති බවට පැමිණ වීර්ය කිරීමෙන් පිරිහී චීවරාදි ප්‍රත්‍ය බහුලභාවයට පෙරළී සිට එන්නේය. ඔහු නොවැඳිය යුතුය. ඔහුට පෙර ගමන් නොකළ යුතුය, ඔහුගේ පාත්‍ර සිවුරු නොපිළිගත යුතුය. එහෙත් අස්නක් පැනවිය යුතුය. කැමතිනම් වාඩිවන්නේය. (කියායි) “මහණෙනි, මා ළංවන්නට ළංවන්නට පස්වග මහණහු ස්වකීය කතිකාවෙහි සිටීමට අසමර්ථ වූහ. ඇතැම් කෙනෙක් මට පෙරගමන් කොට පාත්‍ර සිවුරු පිළිගත්තාහුය. ඇතැම් කෙනෙක් අසුන් පැනවූහ. ඇතැම් කෙනෙක් පා සෝදන දිය තැබූහ. එතකුදු වුවත් මට ‘ගෞතම’ යන නමින්ද ‘ඇවැත්නියයි’ ද කථාකරති. මහණෙනි, එසේ කී කල්හි මම පස්වග මහණුන්හට මෙසේ කීයෙමි. මහණෙනි, තථාගතයන් හට නම කියමිනුත් ‘ඇවැත්නි, කියමිනුත් කථා නොකරව්.
“මහණෙනි, තථාගත තෙම රහත්ය. සම්‍යක් සම්බුද්ධය. ධර්ම ශ්‍රවණයට කන් නමව්. නිර්වාණය අවබෝධ කරන ලදී. මම අනුශාසනා කරමි. මම ධර්මය දේශනා කරමි. අනුශාසනය පරිදි පිළිපදින්නාවූ කුලපුත්‍රයෝ යම් නිර්වාණයක් පිණිස මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද මාර්ග බ්‍රහ්මචර්යාව අවසාන කොට ඇති නිරුත්තරවූ ඒ නිර්වාණය මේ ආත්මයෙහිම තුමූ නුවණින් දැන, ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරව්යයි’ කීයෙමි.
“මහණෙනි, මෙසේ කී කල්හි පස්වග භික්ෂූහු මට මෙසේ කීවාහුය. ඇවැත්නි ගෞතමයෙනි, ඔබ ඒ දුෂ්කර ඉරියව් පැවැත්වීමෙනුත් ඒ දුෂ්කර පිළිවෙත් පිරීමෙනුත් ඒ දුෂ්කර ක්‍රියාවෙනුත් මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්ය භාවය ඇති කිරීමට සමර්ථ නුවණක් නොලැබුයෙහිය. දැන් බොහෝ සිවුරු පිරිකර ඇතිව වීර්ය කිරීමෙන් පිරිහී සිවුරු ආදිය බහුල කොට ඇති බවට හැරී සිටිමින් මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්ය භාවය ඇති කිරීමට සමර්ථ නුවණක් ලබන්නෙහි දැයි, කීහ.
“මහණෙනි, මෙසේ කී කල්හි මම පස්වග මහණුන්හට මෙසේ කීයෙමි. ‘මහණෙනි, තථාගත තෙම චීවරාදිය බහුල කොට වීර්ය කිරීමෙන් පිරිහුනේ නොවේ, බාහුලික බවට වැටුනේ නොවේ. මහණෙනි, තථාගත තෙම රහත්ය. සම්‍යක් සම්බුද්ධය. ධර්ම ශ්‍රවණයට කන් නමව්. නිර්වාණය අවබෝධ කරන ලදී. මම අනුශාසනා කරමි. මම ධර්මය දේශනාකරමි. අනුශාසනය පරිදි පිළිපදිමින් කුලපුත්‍රයෝ යම් නිර්වාණයක් පිණිස මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති නිරුත්තරවූ ඒ නිර්වාණය මේ ආත්මයෙහි තුමූ නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරව්යයි’ කීයෙමි.
“දෙවනුවත් පස්වග මහණහු මට මෙසේ කීහ. ඇවැත්නි ගෞතමයෙනි, ඔබ ඒ දුෂ්කර ඉරියව් පැවැත්වීමෙනුත් ඒ දුෂ්කර පිළිවෙත් පිරීමෙනුත් මේ දුෂ්කර ක්‍රියාවෙනුත් මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්යභාවය ඇතිකිරීමට සමර්ථ නුවණක් නොලැබූයෙහිය. දැන් බොහෝ සිවුරු පිරිකර ඇතිව, වීර්යය කිරීමෙන් පිරිහී, සිවුරු ආදිය බහුල කොට ඇති බවට හැරී සිටිමින් මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්යභාවය ඇති කිරීමට සමර්ථ නුවණක් ලබන්නෙහි දැයි කීහ.
“මහණෙනි, මෙසේ කී කල්හි ම පස්වග මහණුන්ට මෙසේ කීයෙමි. මහණෙනි, ‘තථාගත තෙම චීවරාදිය බහුල කොට ඇත්තෙක් නොවේ. වීර්ය කිරීමෙන් පිරිහුනේ නොවේ. බාහුලික බවට වැටුණේ නොවේ. මහණෙනි, තථාගත තෙම රහත්ය. සම්‍යක් සම්බුද්ධය. ධර්ම ශ්‍රවණයට කන් නමව්. නිර්වාණය අවබෝධකරනලදී. මම අනුශාසනා කරමි. මම ධර්මය දේශනා කරමි. අනුශාසනය පරිදි පිළිපදිමින් කුල පුත්‍රයෝ යම් නිර්වාණයක් පිණිස මැනවින් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද මාර්ග බ්‍රහ්ම චරියාව කෙළවර කොට ඇති නිරුත්තරවූ ඒ නිර්වාණය මේ ආත්මයෙහිම තුමූ නුවණින් දැන, ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරව්යයි කීයෙමි.
“තුන්වෙනුවද පස්වග භික්ෂූහු මට මෙසේකීහ. ඇවැත්නි, ගෞතමයෙනි, ඔබ ඒ දුෂ්කර ඉරියව් පැවැත් වීමෙනුත් ඒ දුෂ්කර පිළිවෙත් පිරීමෙනුත් ඒ දුෂ්කර ක්‍රියාවෙනුත් මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්යභාවය ඇති කිරීමට සමර්ථ නුවණක් නොලැබූයෙහිය. දැන් බොහෝ සිවුරු ඇතිව, වීර්ය කිරීමෙන් පිරිහී, සිවුරු ආදිය බහුල කොට ඇති බවට හැරී සිටිමින් මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්යභාවය ඇතිකිරීමට සමර්ථ නුවණක් ලබන්නෙහිදැ’යි කීහ.
“මහණෙනි, මෙසේ කී කල්හි මම පස්වග මහණුන්හට මෙසේ කීයෙමි. ‘මහණෙනි, තථාගත තෙම චීවරාදිය බහුල කොට ඇත්තෙක් නොවේ වීර්ය කිරීමෙන් පිරිහුනේ නොවේ. බාහුලික බවට වැටුණේ නොවේ. මහණෙනි, තථාගත තෙම රහත්ය. සම්‍යක් සම්බුද්ධය. ධර්ම ශ්‍රවණයට කන් නමව්, නිර්වාණය අවබෝධ කරන ලදී. මම අනුශාසනා කරමි. මම ධර්මය දේශනා කරමි. අනුශාසනය පරිදි පිළිපදිමින් කුලපුත්‍රයෝ යම් නිර්වාණයක් පිණිස මැනවින් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවෙත්ද මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති නිරුත්තරවූ ඒ නිර්වාණය මේ ආත්මයෙහිම තුමූ නුවණින් දැන, ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණවාසය කරව්යයි’ කීයෙමි.
“මහණෙනි, මෙසේ කී කල්හි මම පස්වග මහණුන්ට මෙසේ කීයෙමි. මා විසින් මීට පෙර මෙබන්දක් කියන ලදැයි දන්නහුද නැත ස්වාමීනි, ‘මහණෙනි, තථාගත තෙම චීවරාදිය බහුල කොට ඇත්තෙක් නොවේ. වීර්ය කිරීමෙන් පිරිහුනේ නොවේ. බාහුලික බවට වැටුනේ නොවේ. මහණෙනි, තථාගතතෙම රහත්ය, සම්‍යක් සම්බුද්ධය, ධර්ම ශ්‍රවණයට කන් නමව්, නිර්වාණය අවබෝධ කරන ලදී. මම අනුශාසනා කරමි. මම ධර්මය දේශනාකරමි. අනුශාසනය පරිදි පිළිපදිමින් කුල පුත්‍රයෝ යම් නිර්වාණයක් පිණිස ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවෙත්ද මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති නිරුත්තරවූ ඒ නිර්වාණය මේ ආත්මයෙහිම තුමූ නුවණින් දැන, ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරව්යයි’ කීයෙමි.
“මහණෙනි, මා බුදුවූ බව පස්වග මහණුන්හට අඟවන්නට මම සමර්ථ වීමි. මම භික්ෂූන් දෙනමකට අවවාද කරමි. භික්ෂූන් තුන් නමක් පිඬු පිණිස හැසිරෙත්. තුන් නම පිඬු පිණිස හැසිර යමක් ගෙනෙත්ද එයින් අපි සදෙන යැපෙමු. මහණෙනි, භික්ෂූන් තුන් නමකට අවවාද කරමි. භික්ෂූහු දෙනමක් පිඬු පිණිස හැසිරෙත්. භික්ෂූන් දෙනම පිඬු පිණිස හැසිර යමක් ගෙනෙත්ද එයින් අපි සදෙන යැපෙමු.
“මහණෙනි, ඉක්බිති මා විසින් මෙසේ අවවාද කරනු ලබන්නාවූ අනුශාසනා කරනු ලබන්නාවූ පස්වග භික්ෂූහු ජාතිය ස්වභාවකොට ඇත්තාවූ ජාතිය ස්වභාවකොට ඇති දෙයෙහි දොෂය දැක, ජාතියක් නැති, අනුත්තරවූ සතරයෝගයන්ගෙන් මිදුනාවූ නිවණ සොයන්නාහු ජාතියක් නැති නිරුත්තරවූ සතර යොගයන් කෙරෙන් මිදුණාවූ නිවන් අවබෝධ කළාහුය. තමන් ජරාව ස්වභාවකොට ඇත්තාහු ජරාව ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැක, ජරාවක් නැති අනුත්තරවූ සතරයොගයන්ගෙන් මිදුනාවූ නිවන් සොයන්නාහු ජරාවක් නැති නිරුත්තරවූ සතර යොගයන් කෙරෙන් මිදුණාවූ නිවන් අවබෝධ කළාහුය. තමන් ව්‍යාධිය ස්වභාව කොට ඇත්තාහු ව්‍යාධිය ස්වාභාවකොට ඇති දෙයෙහි දොෂය දැක ව්‍යාධියක් නැති, අනුත්තරවූ සතර යොගයන්ගෙන් මිදුණාවූ නිවන් සොයන්නාහු ව්‍යාධියක් නැති නිරුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිවන් අවබෝධ කළාහුය. තමන් මරණය ස්වභාව කොට ඇත්තාහු මරණය ස්වභාවකොට ඇති දෙයෙහි දොෂය දැක, මරණයක් නැති, අනුත්තරවූ, සතර යොගයන්ගෙන් මිදුණාවූ නිවන් සොයන්නාහු මරණයක් නැති නිරුත්තරවූ සතර යොගයන් කෙරෙන් මිදුණාවූ නිවන් අවබෝධ කළාහුය. තමන් ශෝකය ස්වභාව කොට ඇත්තාහු ශෝකය ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැක, ශෝකයක් නැති අනුත්තරවූ සතර යොගයන්ගෙන් මිදුණාවූ නිවන් සොයන්නාහු ශෝකයක් නැති නිරුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිවන් අවබෝධ කළාහුය. තමන් කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තාහු කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැක, කෙලෙස් නැති, අනුත්තරවූ, සතර යොගයන්ගෙන් මිදූණාවූ නිවන් සොයන්නාහූ කෙලෙස් නැති නිරුත්තරවූ සතර යොගයන්ගෙන් මිදූණාවූ නිවන් අවබෝධ කළාහුය. ඔවුනට අපගේ රහත් ඵලය නොසෙල්විය හැකිය. මේ අන්තිම ජාතියය, නැවත ඉපදීමක් නැත යන ඥාන දර්‍ශනය පහළවිය.
287
‘‘පඤ්චිමෙ, භික්ඛවෙ, කාමගුණා. කතමෙ පඤ්ච? චක්ඛුවිඤ්ඤෙය්‍යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, සොතවිඤ්ඤෙය්‍යා සද්දා...පෙ.... ඝානවිඤ්ඤෙය්‍යා ගන්ධා... ජිව්හාවිඤ්ඤෙය්‍යා රසා... කායවිඤ්ඤෙය්‍යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො, භික්ඛවෙ, පඤ්ච කාමගුණා. යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්‍රාහ්මණා වා ඉමෙ පඤ්ච කාමගුණෙ ගථිතා මුච්ඡිතා අජ්ඣොපන්නා අනාදීනවදස්සාවිනො අනිස්සරණපඤ්ඤා පරිභුඤ්ජන්ති, තෙ එවමස්සු වෙදිතබ්බා - ‘අනයමාපන්නා බ්‍යසනමාපන්නා යථාකාමකරණීයා පාපිමතො’ (පාපිමතො’’ති (?)). ‘සෙය්‍යථාපි, භික්ඛවෙ, ආරඤ්ඤකො මගො බද්ධො පාසරාසිං අධිසයෙය්‍ය. සො එවමස්ස වෙදිතබ්බො - අනයමාපන්නො බ්‍යසනමාපන්නො යථාකාමකරණීයො ලුද්දස්ස. ආගච්ඡන්තෙ ච පන ලුද්දෙ යෙන කාමං න පක්කමිස්සතී’ති. එවමෙව ඛො, භික්ඛවෙ, යෙ හි කෙචි සමණා වා බ්‍රාහ්මණා වා ඉමෙ පඤ්ච කාමගුණෙ ගථිතා මුච්ඡිතා අජ්ඣොපන්නා අනාදීනවදස්සාවිනො අනිස්සරණපඤ්ඤා පරිභුඤ්ජන්ති, තෙ එවමස්සු වෙදිතබ්බා - ‘අනයමාපන්නා බ්‍යසනමාපන්නා යථාකාමකරණීයා පාපිමතො’. යෙ ච ඛො කෙචි, භික්ඛවෙ, සමණා වා බ්‍රාහ්මණා වා ඉමෙ පඤ්ච කාමගුණෙ අගථිතා අමුච්ඡිතා අනජ්ඣොපන්නා ආදීනවදස්සාවිනො නිස්සරණපඤ්ඤා පරිභුඤ්ජන්ති, තෙ එවමස්සු වෙදිතබ්බා - ‘න අනයමාපන්නා න බ්‍යසනමාපන්නා න යථාකාමකරණීයා පාපිමතො’.
‘‘සෙය්‍යථාපි , භික්ඛවෙ, ආරඤ්ඤකො මගො අබද්ධො පාසරාසිං අධිසයෙය්‍ය. සො එවමස්ස වෙදිතබ්බො - ‘න අනයමාපන්නො න බ්‍යසනමාපන්නො න යථාකාමකරණීයො ලුද්දස්ස. ආගච්ඡන්තෙ ච පන ලුද්දෙ යෙන කාමං පක්කමිස්සතී’ති. එවමෙව ඛො, භික්ඛවෙ, යෙ හි කෙචි සමණා වා බ්‍රාහ්මණා වා ඉමෙ පඤ්ච කාමගුණෙ අගථිතා අමුච්ඡිතා අනජ්ඣොපන්නා ආදීනවදස්සාවිනො නිස්සරණපඤ්ඤා පරිභුඤ්ජන්ති, තෙ එවමස්සු වෙදිතබ්බා - ‘න අනයමාපන්නා න බ්‍යසනමාපන්නා න යථාකාමකරණීයා පාපිමතො’.
‘‘සෙය්‍යථාපි, භික්ඛවෙ, ආරඤ්ඤකො මගො අරඤ්ඤෙ පවනෙ චරමානො විස්සත්ථො ගච්ඡති, විස්සත්ථො තිට්ඨති, විස්සත්ථො නිසීදති, විස්සත්ථො සෙය්‍යං කප්පෙති. තං කිස්ස හෙතු? අනාපාථගතො, භික්ඛවෙ, ලුද්දස්ස. එවමෙව ඛො, භික්ඛවෙ, භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති, භික්ඛවෙ, භික්ඛු අන්ධමකාසි මාරං අපදං, වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති, භික්ඛවෙ...පෙ.... පාපිමතො.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති, සතො ච සම්පජානො, සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති යං තං අරියා ආචික්ඛන්ති ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති තතියං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති, භික්ඛවෙ...පෙ.... පාපිමතො.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති, භික්ඛවෙ...පෙ.... පාපිමතො.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති, භික්ඛවෙ...පෙ.... පාපිමතො.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණ’න්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති, භික්ඛවෙ...පෙ.... පාපිමතො.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති, භික්ඛවෙ...පෙ.... පාපිමතො.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති, භික්ඛවෙ...පෙ.... පාපිමතො.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති, පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. අයං වුච්චති, භික්ඛවෙ, භික්ඛු අන්ධමකාසි මාරං අපදං, වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො. තිණ්ණො ලොකෙ විසත්තිකං විස්සත්ථො ගච්ඡති, විස්සත්ථො තිට්ඨති, විස්සත්ථො නිසීදති, විස්සත්ථො සෙය්‍යං කප්පෙති. තං කිස්ස හෙතු? අනාපාථගතො, භික්ඛවෙ, පාපිමතො’’ති.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
287
“මහණෙනි, මේ කාම ගුණ පසකි. කවර පසක්ද යත්? ඇසින් බලා දතයුතුවූ ඉෂ්ටවූ කැමති වන්නාවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීමෙන් යුක්තවූ ඇලුම් කටයුතුවූ යම් රූපයෝ වෙත්ද, කණින් අසා දතයුතුවූ ඉෂ්ටවූ කැමති වන්නාවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීමෙන් යුක්තවූ ඇලුම් කටයුතුවූ යම් ශබ්දයෝ වෙත්ද, නාසයෙන් විඳ දතයුතුවූ ඉෂ්ටවූ කැමති වන්නාවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීමෙන් යුක්තවූ ඇලුම් කටයුතුවූ යම් ගන්ධයෝ වෙත්ද, දිවෙන් දැනගත යුතුවූ ඉෂ්ටවූ කැමති වන්නාවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලිය යුතුවූ ඇලුම් කටයුතුවූ යම් රසයෝ වෙත්ද, කයින් දතයුතුවූ ඉෂ්ටවූ කැමති වන්නාවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීමෙන් යුක්තවූ ඇලුම් කටයුතුවූ යම් ප්‍රෂ්ටව්‍යයෝ වෙත්ද, මහණෙනි, මොහු වනාහී පඤ්චකාම ගුණයෝය. මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බුාහ්මණයෝ හෝ මේ පංචකාමයෙහි බැඳුනාහූ, මූර්ඡා වූවාහූ, ගැළුණාහූ, දොෂය නොදක්නාහූ, එයින් බැහැර වන කල්පනාව නැත්තාහූ කාමයන් සේවනය කරත්ද, ඔවුහූ විපත්තියට පැමිණියාහුය, විනාශයට පැමිණියාහුය, මාරයා විසින් කැමති පරිද්දක් කළ හැකි බවට පැමිණියාහුයයි දතයුතුය.
“මහණෙනි, වනයෙහි මුවෙක් බඳනා ලද්දේ මලපුඩු මතුයෙහි වැතිර සිටීද, ඔහු විපත්තියට පැමිණියේය. විනාශයට පැමිණියේය, වැද්දා විසින් කැමති දෙයක් කළ හැකි බවට පැමිණියේය. වැද්දා එන කල්හී කැමති තැනකට නොයා හැක්කේ යයි දතයුතුය. මහණෙනි, එපරිද්දෙන්ම යම්කිසි ශ්‍රමණයෝ හෝ බුාහ්මණයෝ හෝ මේ පංචකාමයෙහි බැඳුනාහූ, මූර්ඡා වූවාහූ, ගැළුණාහු, දොෂය නොදක්නාහු, එයින් බැහැරවන කල්පනාව නැත්තාහු කාමයන් සේවනය කරත්ද, ඔව්හු විපත්තියට පැමිණියාහුය, විනාශයට පැමිණියාහුය. මාරයා විසින් කැමති පරිද්දක් කළහැකි බවට පැමිණියාහුයයි දතයුතුය.
“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ පංචකාමයෙහි නොබැඳුනාහු, මූර්ඡා නොවූවාහු නොගැලුනාහු, වරද දක්නා සුලුවූවාහු, එයින් මිදෙන කැමැත්ත ඇත්තාහු මේ පස්කම් සැප අනුභව කරත්ද ඔව්හු විපත්තියට නොපැමිණියාහුය. විනාශයට නොපැමිණියාහුය, මාරයා විසින් කැමති පරිද්දක් නොකළ හැකි බවට පැමිණියාහුයයි දතයුතුය.
මහණෙනි, වනයෙහි වාසය කරන මුවෙක් නොබඳින ලද්දේ මළපුඩු මතුයෙහි වැතිර සිටීද ඔහු විපත්තියට නොපැමිණියේය. විනාශයට නොපැමිණියේය, වැද්දා කැමති පරිද්දක් කළහැකි බවට නොපැමිණියේය. වැද්දා එනවිට කැමති තැනකට යන්නේය යයි දත යුතුය.
“මහණෙනි, එසේම යම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ පංචකාමයෙහි නොබැඳුනාහු, මූර්ඡා නොවූවාහු නොගැලුනාහු, වරද දක්නාසුලු වූවාහු, එයින් මිදෙන කැමැත්ත ඇත්තාහු මේ පස්කම් සැප අනුභව කරත්ද ඔව්හු විපත්තියට පත්නොවූවාහුය. විනාශයට පත් නොවූවාහුය, මාරයා කැමති පරිද්දක් කළ නොහැකි බවට පැමිණියාහුයයි දත යුතුය.
“මහණෙනි, යම්සේ වනයෙහි හැසිරෙන මුවෙක් නිර්භයව යයි නම් නිර්භයව සිටියි නම්, නිර්භයව හිඳියි නම්, නිර්භයව නිදාගනියි නම්, ඊට හේතු කවරේද? මහණෙනි, වැද්දාට අසුනොවීමයි.
“මහණෙනි, එසේම මහණ තෙම කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීති සැප ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයිද මහණෙනි, මේ මහණතෙම මාරයා අන්ධ කෙළේයයිද මාරයාගේ ඇස පිහිටක් නැති සේ නසා පාපී මාරයාගේ නොදැක්මට පැමිණියේයයිද කියනු ලැබේ.
“මහණෙනි, නැවතද මහණතෙම විතක්ක විචාර දෙක සංසිඳීමෙන් අධ්‍යාත්මයෙහි මනා පැහැදීම ඇති කරන්නාවූ හිත පිළිබඳ එකඟ බව ඇති විතර්ක විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීති සැප ඇති දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි නම්, මහණෙනි, මේ මහණතෙම මාරයා අන්ධ කෙළේ යයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස නසා පාපී මාරයාගේ නොදැක්මට පැමිණියේයයිද කියනු ලැබේ.
“මහණෙනි, නැවතද මහණතෙම ප්‍රීතියෙහි නොඇල්මෙන් උපෙක්ෂාව ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් නුවණ ඇත්තේ කයින්ද සැපයක් විඳියි. යම් ධ්‍යානයක් පිළිබඳව උපේක්ෂාවෙන් යුක්තවූයේ සිහි ඇත්තේ සැපයෙන් යුක්තව වාසය කරන්නේයයි ආර්යයෝ කියත්ද ඒ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කරයි නම් මහණෙනි, මේ මහණ තෙම මාරයා අන්ධ කෙළේයයිද මාරයාගේ ඇස පිහිටක් නැතිසේ විනාශ කොට මාරයාගේ නොදැක්මට පැමිණියේද කියනු ලැබේ.
“මහණෙනි, නැවතද මහණතෙමේ සැප දුරුකිරීමෙන්ද දුක් දුරුකිරීමෙන්ද පළමුකොටම සොම්නස් දොම්නස් දෙක නැතිකොට දුක්ද නොවූ, සැපද නොවූ උපේක්ෂාවෙන් හා සිහියෙන් පිරිසිදු සතරවැනි ධ්‍යානයට පැමිණ වාසය කරයි නම්, මහණෙනි, මේ මහණතෙම මාරයා අන්ධ කෙළේ යයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස නිසා මාරයාගේ නොදැක්මට පැමිණියේ යයිද කියනු ලැබේ.
“මහණෙනි, නැවතද මහණතෙම සර්වප්‍රකාරයෙන්ම රූප සංඥාවන් ඉක්මවීමෙන් ගැටීම් සංඥා පහකිරීමෙන් විවිධ සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරයි නම් මහණෙනි මේ මහණ තෙම මාරයා අන්ධ කෙළේ යයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස විනාශ කොට මාරයාගේ නොදැක්මට පැමිණියේයයිද කියනු ලැබේ.
“මහණෙනි, නැවතද මහණතෙම සර්වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයි නම්, මහණෙනි, මේ මහණ තෙම මාරයා අන්ධ කෙළේයයිද, පිහිටක් නැතිසේ මාරයාගේ ඇස විනාශ කොට මාරයාගේ නොදැක්මට පැමිණියේයයිද කියනු ලැබේ.
“මහණෙනි, නැවතද මහණතෙම සර්වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි නම්, මහණෙනි, මේ මහණතෙම මාරයා අන්ධ කෙළේයයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස විනාශකොට මාරයාගේ නොදැක්මට පැමිණියේයයිද කියනු ලැබේ.
“මහණෙනි, නැවතද මහණ තෙම සර්වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤා නාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයි නම්, මහණෙනි, මේ මහණතෙම මාරයා අන්ධ කෙළේයයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස විනාශ කොට මාරයාගේ නොදැක්මට පැමිණියේයයිද කියනු ලැබේ.
“මහණෙනි, නැවතද මහණ තෙම සර්වප්‍රකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවෙදයිත නිරෝධයට පැමිණ වාසය කරයි නම්, විදර්ශනා නුවණින් දැක ඔහු විසින් ආශ්‍රවයෝ ක්ෂය කරන ලද්දාහු වෙත්ද, මහණෙනි, මේ මහණතෙම මාරයා අන්ධ කෙළේයයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස විනාශ කොට මාරයාගේ නොදැක්මට පැමිණියේයයිද කියනු ලැබේ.
“හෙතෙම ලෝකයෙහි තෘෂ්ණාවෙන් එතෙර වූයේය. හෙතෙම සැක නැතිව යයි. සැක නැතිව සිටියි. සැක නැතිව හිඳියි. සැක නැතිව සයනය කරයි. ඊට හේතු කවරේද? මහණෙනි, මාරයාට අසු නොවීමයි.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට විශේෂයෙන් සතුටුවූහ.
7. චූළහත්ථිපදොපමසුත්තං 7. චූලහත්ථිපදොපම සූත්‍රය
8. මහාහත්ථිපදොපමසුත්තං 8. මහා හත්ථිපදොපම සූත්‍රය
9. මහාසාරොපමසුත්තං 9. මහා සාරොපම සූත්‍රය
10. චූළසාරොපමසුත්තං 10. චූලසාරොපම සූත්‍රය