ත්‍රිපිටකය
3. ඔපම්මවග්ගො 3. ඔපම්ම වර්ගය
1. කකචූපමසුත්තං 1. කකචූපම සූත්‍රය
2. අලගද්දූපමසුත්තං 2. අලගද්දූපම සූත්‍රය
3. වම්මිකසුත්තං 3. වම්මික සූත්‍රය
4. රථවිනීතසුත්තං 4. රථ විනීත සූත්‍රය
252
එවං මෙ සුතං - එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අථ ඛො සම්බහුලා ජාතිභූමකා භික්ඛූ ජාතිභූමියං වස්සංවුට්ඨා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො තෙ භික්ඛූ භගවා එතදවොච -
‘‘කො නු ඛො, භික්ඛවෙ, ජාතිභූමියං ජාතිභූමකානං භික්ඛූනං සබ්‍රහ්මචාරීනං එවං සම්භාවිතො - ‘අත්තනා ච අප්පිච්ඡො අප්පිච්ඡකථඤ්ච භික්ඛූනං කත්තා, අත්තනා ච සන්තුට්ඨො සන්තුට්ඨිකථඤ්ච භික්ඛූනං කත්තා, අත්තනා ච පවිවිත්තො පවිවෙකකථඤ්ච භික්ඛූනං කත්තා, අත්තනා ච අසංසට්ඨො අසංසග්ගකථඤ්ච භික්ඛූනං කත්තා, අත්තනා ච ආරද්ධවීරියො වීරියාරම්භකථඤ්ච භික්ඛූනං කත්තා, අත්තනා ච සීලසම්පන්නො සීලසම්පදාකථඤ්ච භික්ඛූනං කත්තා, අත්තනා ච සමාධිසම්පන්නො සමාධිසම්පදාකථඤ්ච භික්ඛූනං කත්තා, අත්තනා ච පඤ්ඤාසම්පන්නො පඤ්ඤාසම්පදාකථඤ්ච භික්ඛූනං කත්තා, අත්තනා ච විමුත්තිසම්පන්නො විමුත්තිසම්පදාකථඤ්ච භික්ඛූනං කත්තා, අත්තනා ච විමුත්තිඤාණදස්සනසම්පන්නො විමුත්තිඤාණදස්සනසම්පදාකථඤ්ච භික්ඛූනං කත්තා, ඔවාදකො විඤ්ඤාපකො සන්දස්සකො සමාදපකො සමුත්තෙජකො සම්පහංසකො සබ්‍රහ්මචාරීන’’’න්ති? ‘‘පුණ්ණො නාම, භන්තෙ, ආයස්මා මන්තාණිපුත්තො ජාතිභූමියං ජාතිභූමකානං භික්ඛූනං සබ්‍රහ්මචාරීනං එවං සම්භාවිතො - ‘අත්තනා ච අප්පිච්ඡො අප්පිච්ඡකථඤ්ච භික්ඛූනං කත්තා, අත්තනා ච සන්තුට්ඨො...පෙ.... ඔවාදකො විඤ්ඤාපකො සන්දස්සකො සමාදපකො සමුත්තෙජකො සම්පහංසකො සබ්‍රහ්මචාරීන’’’න්ති.
252
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලනන්දකනිවාපනම්වූ වෙලුවන විහාරයෙහි වැඩ වාසය කරති.
එකල්හි බොහෝවූ ජාත භූමක භික්ෂූහු (බුදු රජාණන් වහන්සේ උපන් භූමියවූ කිඹුල්වත්පුර නිවැසි භික්ෂූහු) කිඹුල්වත් පුර නුවර වස්වැස පවාරණයෙන් පසු භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකපැත්තක උන්නාහුය. එකපැත්තක උන්නාවූ ඒ භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, කිඹුල්වත්පුර නුවර වාසීවූ සමාන බඹසර ඇති භික්ෂූන් අතුරෙන් කවර නම් භික්ෂුවක් මෙසේ ගරු කරන ලද්දේද? තෙමේත් අල්පෙච්ඡව (ස්වල්පයකින් සතුටුව) භික්ෂූන්ටද අල්පෙච්ඡ කථා කියන්නේද? තෙමේත් ලැබුණ ප්‍රත්‍යයකින් සතුටුව භික්ෂූන්ටද ලද දෙයින් සතුටුවීමේ කථා කියන්නේද? තෙමේත් විවේකව වාසය කරමින් භික්ෂූන්ටද විවේක වාසය පිළිබඳ කථා කියන්නේද? තෙමේත් අන්‍යයන් හා මිශ්‍රනොවී භික්ෂූන්ටත් මිශ්‍ර නොවීම පිළිබඳ කථා කියන්නේද, තෙමේත් පටන් ගත් වීර්ය ඇතිව භික්ෂූන්ටද වීර්ය කිරීම පිළිබඳ කථා කියන්නේද? තෙමේත් ශීලයෙන් යුක්තව භික්ෂූන්ටද සීල සම්පත්තිය පිළිබඳ කථා කියන්නේද? තෙමේත් සමාධියෙන් යුක්තව භික්ෂූන්ටද සමාධි සම්පත්තිය පිළිබඳ කථා කියන්නේද? තෙමේත් ප්‍රඥාවෙන් යුක්තව භික්ෂූන්ටද ප්‍රඥා සම්පත්තිය පිළිබඳ කථා කියන්නේද? තෙමේත් අර්හත් ඵලයෙන් යුක්තව භික්ෂූන්ටද අර්හත් ඵලය පිළිබඳ කථා කියන්නේද? තෙමේත් විමුක්ති ඥාන දර්ශනයෙන් (ප්‍රත්‍යවෙක්ෂා ඥානයෙන්) යුක්තව භික්ෂූන්ටද විමුක්ති ඥානදර්ශන සම්පත්තිය පිළිබඳ කථා කියන්නේද, භික්ෂූන්ට අවවාද කරන්නේද, අවබෝධ කරවන්නේද, කරුණු දක්වන්නේද, සමාදන් කරවන්නේද, උත්සාහ උපදවන්නේද, සතුටු කරවන්නේද, (කියාය.)
ස්වාමීනි, ආයුෂ්මත් මන්තානීපුත්‍ර පුණ්ණ නම් ස්ථවිරයන් වහන්සේ ජාත භූමියෙහි ජාත භූමක භික්ෂූන් විසින් මෙසේ ගරු බුහුමන් කරන ලද්දේය.
“තෙමේත් අල්පෙච්ඡව (ස්වල්පයකින් සතුටුව) භික්ෂූන්ටද අල්පෙච්ඡ කථා කියන්නේය. තෙමේත් ලැබුණ ප්‍රත්‍යයකින් සතුටුව භික්ෂූන්ටද ලද දෙයින් සතුටු වීමේ කථා කියන්නේය. තෙමේත් විවේකව වාසය කරමින් භික්ෂූන්ටද විවේක වාසය පිළිබඳ කථා කියන්නේය. තෙමේත් අන්‍යයන් හා මිශ්‍ර නොවී භික්ෂූන්ටත් මිශ්‍ර නොවීම පිළිබඳ කථා කියන්නේය. තෙමේත් පටන්ගත් වීර්ය ඇතිව භික්ෂූන්ටද වීර්ය කිරීම පිළිබඳ කථා කියන්නේය. තෙමේත් ශීලයෙන් යුක්තව භික්ෂූන්ටත් සීල සම්පත්තිය පිළිබඳ කථා කියන්නේය. තෙමේත් සමාධියෙන් යුක්තව භික්ෂූන්ටත් සමාධි සම්පත්තිය පිළිබඳ කථා කියන්නේය. තෙමේත් ප්‍රඥාවෙන් යුක්තව භික්ෂූන්ටත් ප්‍රඥා සම්පත්තිය පිළිබඳ කථා කියන්නේය. තෙමේත් අර්හත් ඵලයෙන් යුක්තව භික්ෂූන්ටත් අර්හත්ඵලය පිළිබඳ කථා කියන්නේය. තෙමේත් විමුක්ති ඥාන දර්ශනයෙන් යුක්තව භික්ෂූන්ටත් විමුක්ති ඥාන දර්ශන සම්පත්තිය පිළිබඳ කථා කියන්නේය. භික්ෂූන්ට අවවාද කරන්නේය. අවබෝධ කරවන්නේය. කරුණු දක්වන්නේය. සමාදන් කරවන්නේය. උත්සාහ උපදවන්නේය. සතුටු කරවන්නේය” (කියාය.)
253
තෙන ඛො පන සමයෙන ආයස්මා සාරිපුත්තො භගවතො අවිදූරෙ නිසින්නො හොති. අථ ඛො ආයස්මතො සාරිපුත්තස්ස එතදහොසි - ‘‘ලාභා ආයස්මතො පුණ්ණස්ස මන්තාණිපුත්තස්ස, සුලද්ධලාභා ආයස්මතො පුණ්ණස්ස මන්තාණිපුත්තස්ස, යස්ස විඤ්ඤූ සබ්‍රහ්මචාරී සත්ථු සම්මුඛා අනුමස්ස අනුමස්ස වණ්ණං භාසන්ති, තඤ්ච සත්ථා අබ්භනුමොදති. අප්පෙව නාම මයම්පි කදාචි කරහචි ආයස්මතා පුණ්ණෙන මන්තාණිපුත්තෙන සද්ධිං සමාගච්ඡෙය්‍යාම (සමාගමං ගච්ඡෙය්‍ය (ක.)), අප්පෙව නාම සියා කොචිදෙව කථාසල්ලාපො’’ති.
253
එකල්හි ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි සිටියහ. ඉක්බිති ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මේ කල්පනාව ඇතිවිය. “නුවණැත්තාවූ සමාන බඹසර ඇත්තාවූ භික්ෂූන් ශාස්තෲන් වහන්සේ හමුවෙහි දශ කථා වස්තූන්හට බසිමින් යමෙකුගේ ගුණ මෙසේ කියත්ද ඒ ආයුෂ්මත් මන්තානීපුත්‍ර පුණ්ණ ස්ථවිරයන් වහන්සේට ලාභයකි. මහත් ලාභයකි. අපි කිසියම් දවසක ආයුෂ්මත් මන්තානීපුත්‍ර පුණ්ණ ස්ථවිරයන් හා මුණගැසෙමු නම් හොඳය. කිසියම් කථා සල්ලාපයක් ඇතිවුවහොත් හොඳය’ (කියාය.)
254
අථ ඛො භගවා රාජගහෙ යථාභිරන්තං විහරිත්වා යෙන සාවත්ථි තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන සාවත්ථි තදවසරි. තත්‍ර සුදං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අස්සොසි ඛො ආයස්මා පුණ්ණො මන්තාණිපුත්තො - ‘‘භගවා කිර සාවත්ථිං අනුප්පත්තො; සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ’’ති.
254
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කැමැතිතාක් කල් රජගහනුවර වැඩ සිට, පිළිවෙළින් සැරිසරා සැවැත්නුවරට වැඩියහ. එහි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරති. මන්තානීපුත්ත පුණ්ණ ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරට වැඩ අනේපිඬු සිටුහුගේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරතියි ඇසූහ.
255
අථ ඛො ආයස්මා පුණ්ණො මන්තාණිපුත්තො සෙනාසනං සංසාමෙත්වා පත්තචීවරමාදාය යෙන සාවත්ථි තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන සාවත්ථි ජෙතවනං අනාථපිණ්ඩිකස්ස ආරාමො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං පුණ්ණං මන්තාණිපුත්තං භගවා ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි. අථ ඛො ආයස්මා පුණ්ණො මන්තාණිපුත්තො භගවතා ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙන අන්ධවනං තෙනුපසඞ්කමි දිවාවිහාරාය.
255
ඉක්බිති මන්තානීපුත්ත පුණ්ණස්ථවිරයන් වහන්සේ තමාගේ සේනාසනය තැන්පත්කොට පාත්‍ර සිවුරු ගෙන සැවැත්නුවර යම් තැනකද එහි චාරිකාවෙහි වැඩියහ. පිළිවෙළින් සැරිසරා සැවැත්නුවර ජේතවනාරාමය යම් තැනකද භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එහි ළඟා වූහ. ළඟාවී, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක උන්හ. එකත්පසෙක උන් මන්තානීපුත්ත පුණ්ණ ස්ථවිරයන්ට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කථාවෙන් කරුණු දැක්වූහ. සමාදන් කරවූහ. උත්සාහ කරවූහ. සතුටු කරවූහ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසින් කරුණු දක්වන ලද්දාවූ, සමාදන් කරවන ලද්දාවූ, උත්සාහ කරවන ලද්දාවූ සතුටු කරවන ලද්දාවූ, ආයුෂ්මත් මන්තානීපුත්ත පුණ්ණ ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටුව අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ, පැදකුණු කොට, අන්ධ වනය යම් තැනෙක්හිද එතැන්හි දහවල් විසීම සඳහා වැඩියේය.
256
අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මන්තං සාරිපුත්තං එතදවොච - ‘‘යස්ස ඛො ත්වං, ආවුසො සාරිපුත්ත, පුණ්ණස්ස නාම භික්ඛුනො මන්තාණිපුත්තස්ස අභිණ්හං කිත්තයමානො අහොසි, සො භගවතා ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙන අන්ධවනං තෙන පක්කන්තො දිවාවිහාරායා’’ති.
අථ ඛො ආයස්මා සාරිපුත්තො තරමානරූපො නිසීදනං ආදාය ආයස්මන්තං පුණ්ණං මන්තාණිපුත්තං පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධි සීසානුලොකී. අථ ඛො ආයස්මා පුණ්ණො මන්තාණිපුත්තො අන්ධවනං අජ්ඣොගාහෙත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසීදි. ආයස්මාපි ඛො සාරිපුත්තො අන්ධවනං අජ්ඣොගාහෙත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසීදි.
අථ ඛො ආයස්මා සාරිපුත්තො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා පුණ්ණො මන්තාණිපුත්තො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මතා පුණ්ණෙන මන්තාණිපුත්තෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං පුණ්ණං මන්තාණිපුත්තං එතදවොච -
256
ඉක්බිති එක්තරා භික්ෂුවක් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනකද එහි ගියේය. ගොස්, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙසේ කීයේය. ඇවැත් ශාරීපුත්‍රයෙනි, ඔබ වහන්සේ යම් මන්තානීපුත්ත පුණ්ණ නම් භික්ෂුවක් ගැන නිතර කියන්නහුද ඒ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේ විසින් කරුණු දක්වන ලද්දේ සමාදන් කරවන ලද්දේ උත්සාහ කරවන ලද්දේ, සතුටු කරවන ලද්දේ, භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටුව, අනුමෝදන්ව, හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ, පැදකුණුකොට අන්ධ වනය යම් තැනෙක්හිද එතැන්හි දහවල් විසීම සඳහා වැඩියේය.” (කියායි.)
ඉක්බිති ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වහා වැඩ හිඳින සම්කඩ ගෙණ මන්තානීපුත්ත පුණ්ණ ස්ථවිරයන් පසු-පස උන්වහන්සේ යන අත බලාගෙන ගියහ. ඉක්බිති මන්තානීපුත්ත පුණ්ණ ස්ථවිරයන් වහන්සේ අන්ධවනයට වැද එක්තරා රුකක් මුල දවල් වාසය සඳහා වැඩහුන්නේය. ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේද අන්ධවනයට පැමිණ, එක්තරා රුකක් මුල දවල් වාසය සඳහා වැඩ උන්හ.
ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි පලසමවතින් නැගිටියේ මන්තානීපුත්ත පුණ්ණ ස්ථවිර තෙම යම් තැනකද එහි ගියහ. ගොස්, මන්තානීපුත්ත පුණ්ණ ස්ථවිරයන් වහන්සේ සමග සතුටුවූහ. සතුටුවිය යුතුවූ, සිහි කටයුතුවූ කථාව කොට නිමවා, එකත්පසෙක වැඩ උන්හ. එකත්පසෙක වැඩඋන් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මන්තානීපුත්ත පුණ්ණ ස්ථවිරයන් වහන්සේට මෙසේ කීහ.
257
‘‘භගවති නො, ආවුසො, බ්‍රහ්මචරියං වුස්සතී’’ති?
‘‘එවමාවුසො’’ති.
‘‘කිං නු ඛො, ආවුසො, සීලවිසුද්ධත්ථං භගවති බ්‍රහ්මචරියං වුස්සතී’’ති?
‘‘නො හිදං, ආවුසො’’.
‘‘කිං පනාවුසො, චිත්තවිසුද්ධත්ථං භගවති බ්‍රහ්මචරියං වුස්සතී’’ති?
‘‘නො හිදං, ආවුසො’’.
‘‘කිං නු ඛො, ආවුසො, දිට්ඨිවිසුද්ධත්ථං භගවති බ්‍රහ්මචරියං වුස්සතී’’ති?
‘‘නො හිදං, ආවුසො’’.
‘‘කිං පනාවුසො, කඞ්ඛාවිතරණවිසුද්ධත්ථං භගවති බ්‍රහ්මචරියං වුස්සතී’’ති?
‘‘නො හිදං, ආවුසො’’.
‘‘කිං නු ඛො, ආවුසො, මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධත්ථං භගවති බ්‍රහ්මචරියං වුස්සතී’’ති?
‘‘නො හිදං, ආවුසො’’.
‘‘කිං පනාවුසො, පටිපදාඤාණදස්සනවිසුද්ධත්ථං භගවති බ්‍රහ්මචරියං වුස්සතී’’ති?
‘‘නො හිදං, ආවුසො’’.
‘‘කිං නු ඛො, ආවුසො, ඤාණදස්සනවිසුද්ධත්ථං භගවති බ්‍රහ්මචරියං වුස්සතී’’ති?
‘‘නො හිදං, ආවුසො’’.
‘‘‘කිං නු ඛො, ආවුසො, සීලවිසුද්ධත්ථං භගවති බ්‍රහ්මචරියං වුස්සතී’ති ඉති පුට්ඨො සමානො ‘නො හිදං, ආවුසො’ති වදෙසි. ‘කිං පනාවුසො, චිත්තවිසුද්ධත්ථං භගවති බ්‍රහ්මචරියං වුස්සතී’ති ඉති පුට්ඨො සමානො ‘නො හිදං, ආවුසො’ති වදෙසි. ‘කිං නු ඛො, ආවුසො, දිට්ඨිවිසුද්ධත්ථං...පෙ.... කඞ්ඛාවිතරණවිසුද්ධත්ථං...පෙ.... මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධත්ථං...පෙ.... පටිපදාඤාණදස්සනවිසුද්ධත්ථං...පෙ.... කිං නු ඛො, ආවුසො, ඤාණදස්සනවිසුද්ධත්ථං භගවති බ්‍රහ්මචරියං වුස්සතී’ති ඉති පුට්ඨො සමානො ‘නො හිදං ආවුසො’ති වදෙසි. කිමත්ථං චරහාවුසො, භගවති බ්‍රහ්මචරියං වුස්සතී’’ති? ‘‘අනුපාදාපරිනිබ්බානත්ථං ඛො, ආවුසො, භගවති බ්‍රහ්මචරියං වුස්සතී’’ති.
‘‘කිං නු ඛො, ආවුසො, සීලවිසුද්ධි අනුපාදාපරිනිබ්බාන’’න්ති?
‘‘නො හිදං, ආවුසො’’.
‘‘කිං පනාවුසො, චිත්තවිසුද්ධි අනුපාදාපරිනිබ්බාන’’න්ති?
‘‘නො හිදං, ආවුසො’’.
‘‘කිං නු ඛො, ආවුසො, දිට්ඨිවිසුද්ධි අනුපාදාපරිනිබ්බාන’’න්ති?
‘‘නො හිදං, ආවුසො’’.
‘‘කිං පනාවුසො කඞ්ඛාවිතරණවිසුද්ධි අනුපාදාපරිනිබ්බාන’’න්ති ?
‘‘නො හිදං, ආවුසො’’.
‘‘කිං නු ඛො, ආවුසො, මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධි අනුපාදාපරිනිබ්බාන’’න්ති?
‘‘නො හිදං, ආවුසො’’.
‘‘කිං පනාවුසො, පටිපදාඤාණදස්සනවිසුද්ධි අනුපාදාපරිනිබ්බාන’’න්ති?
‘‘නො හිදං, ආවුසො’’.
‘‘කිං නු ඛො, ආවුසො, ඤාණදස්සනවිසුද්ධි අනුපාදාපරිනිබ්බාන’’න්ති?
‘‘නො හිදං , ආවුසො’’.
‘‘කිං පනාවුසො, අඤ්ඤත්‍ර ඉමෙහි ධම්මෙහි අනුපාදාපරිනිබ්බාන’’න්ති?
‘‘නො හිදං, ආවුසො’’.
‘‘‘කිං නු ඛො, ආවුසො, සීලවිසුද්ධි අනුපාදාපරිනිබ්බාන’න්ති ඉති පුට්ඨො සමානො ‘නො හිදං, ආවුසො’ති වදෙසි. ‘කිං පනාවුසො, චිත්තවිසුද්ධි අනුපාදාපරිනිබ්බාන’න්ති ඉති පුට්ඨො සමානො ‘නො හිදං, ආවුසො’ති වදෙසි. ‘කිං නු ඛො, ආවුසො, දිට්ඨිවිසුද්ධි අනුපාදාපරිනිබ්බාන’න්ති...පෙ.... කඞ්ඛාවිතරණවිසුද්ධි... මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධි... පටිපදාඤාණදස්සනවිසුද්ධි... ‘කිං නු ඛො, ආවුසො, ඤාණදස්සනවිසුද්ධි අනුපාදාපරිනිබ්බාන’න්ති ඉති පුට්ඨො සමානො ‘නො හිදං, ආවුසො’ති වදෙසි. ‘කිං පනාවුසො, අඤ්ඤත්‍ර ඉමෙහි ධම්මෙහි අනුපාදාපරිනිබ්බාන’න්ති ඉති පුට්ඨො සමානො ‘නො හිදං, ආවුසො’ති වදෙසි. යථාකථං පනාවුසො, ඉමස්ස භාසිතස්ස අත්ථො දට්ඨබ්බො’’ති?
257
“ඇවැත්නි, නුඹවහන්සේ අපගේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචරියාව පුරන්නහුද?
“ඇවැත්නි, එසේය.’
“ඇවැත්නි, කිමෙක්ද, ශීල විශුද්ධිය (ශීලයේ පිරිසිදු බව) පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචර්යාව පුරන්නේද?
“ඇවැත්නි, එය එසේ නොවේය.’
“ඇවැත්නි, එසේ නම් චිත්ත විශුද්ධිය (හිතේ පිරිසිදු බව) පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචරියාව පුරන්නේද?
“ඇවැත්නි, එය එසේ නොවේය”
“ඇවැත්නි, එසේ නම් දෘෂ්ටි විශුද්ධිය (නාම රූප දෙක ඇති සැටි දැකීම) පිණිස බුදුන් සමීපයෙහි බ්‍රහ්මචරියාව පුරන්නේද?
“ඇවැත්නි, එය එසේ නොවේය’
“ඇවැත්නි, එසේ නම් කංඛාවිතරණ විශුද්ධිය (නාම රූපයන් පිළිබඳ සැක දුරුකිරීම) පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්ම චරියාව රකින්නේද?
“ඇවැත්නි, එය එසේ නොවේය.
“ඇවැත්නි, එසේ නම් මග්ගාමග්ග ඤාණදස්සන විශුද්ධිය (මග නොමග දැනීම) පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි ‘බ්‍රහ්මචරියාව රකින්නේද?’
“ඇවැත්නි, එය එසේ නොවේය.’
“ඇවැත්නි, එසේ නම්, (පටිපදාඤාණදස්සන විශුද්ධිය) මුදුන් පැමිණි විදර්ශනා ඥානය හා (සත්‍යානුලොමික ඥානය) පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචරියාව රකින්නේද?’
“ඇවැත්නි, එය එසේ නොවේය.’
“ඇවැත්නි, එසේ නම් ඤාණදස්සන විශුද්ධිය (සෝවාන් ආදී සතර මාර්ග ඥානය) පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචරියාව රකින්නේද?’
“ඇවැත්නි, එසේ නොවේය.’
“කිමෙක්ද? ඇවැත්නි, සීල විශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචරියාව රකින්නේ දැයි ප්‍රශ්න කළ විට නැතැයි කියන්නෙහිය. කිමෙක්ද? ඇවැත්නි, චිත්ත විශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචරියාව රකින්නෙහිදැයි ඇසූවිටද නැතැයි කියන්නෙහිය. ඇවැත්නි, කිමෙක්ද? දිට්ඨි විශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචරියාව රකින්නෙහිදැයි ඇසූවිටද නැතැයි කියන්නෙහිය, ඇවැත්නි, කිමෙක්ද? කංඛාවිතරණ විශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචරියාව රකින්නෙහි දැයි ඇසූවිටද නැතැයි කියන්නෙහිය. ඇවැත්නි, කිමෙක්ද? මග්ගාමග්ග ඤාණදස්සන විශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචරියාව රකින්නෙහිදැයි ඇසූවිටද නැතැයි කියන්නෙහිය. ඇවැත්නි, කිමෙක්ද? පටිපදා ඤාණදස්සන විශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචරියාව රකින්නෙහිදැයි ඇසූවිටද නැතැයි කියන්නෙහිය. ඇවැත්නි, කිමෙක්ද? ඤාණදස්සන විශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචරියාව රකින්නෙහි දැයි ඇසූවිටද නැතැයි කියන්නෙහිය.
“ඇවැත්නි, එසේ නම් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි කුමක් පිණිස බ්‍රහ්මචරියාව රකින්නේද? ‘ඇවැත්නි, අනුපාදා පරිනිර්වාණය (හේතු ප්‍රත්‍යයන් නිසා හටගැනීමක් නැති අසංඛත නිර්වාණ ධාතුව) පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචරියාව රකින්නෙමි’.
“කිමෙක්ද? ඇවැත්නි, සීල විශුද්ධිය අනුපාදා පරිනිර්වාණයද,
“ඇවැත්නි, එය එසේ නොවේ.
“කිමෙක්ද? ඇවැත්නි, චිත්ත විශුද්ධිය අනුපාදා පරිනිර්වාණයද?
“ඇවැත්නි’ එය එසේ නොවේ’
“ඇවැත්නි, කිමෙක්ද දිට්ඨි විශුද්ධිය අනුපාදා පරිනිර්වාණයද?
“ඇවැත්නි, එය එසේ නොවේ.’
“ඇවැත්නි, කිමෙක්ද කංඛාවිතරණ විශුද්ධිය අනුපාදා පරිනිර්වාණයද?
“ඇවැත්නි, එය එසේ නොවේ.’
“ඇවැත්නි, කිමෙක්ද, මග්ගාමග්ග ඤාණ දස්සන විශුද්ධිය අනුපාද පරිනිර්වාණයද?
“ඇවැත්නි, එය එසේ නොවේ.’
“ඇවැත්නි කිමෙක්ද, පටිපදා ඤාණදස්සන විශුද්ධිය, අනුපාදා පරිනිර්වාණයද?
“ඇවැත්නි, එය එසේ නොවේ.’
“ඇවැත්නි, කිමෙක්ද ඤාණ දස්සන විශුද්ධිය අනුපාදා පරිනිර්වාණයද?
“ඇවැත්නි, එය එසේ නොවේ.’
“කිමෙක්ද ඇවැත්නි, මේ ධර්ම හැර හෝ මේ ධර්මවලින් පිටත්හි අනුපාදා පරිනිර්වාණය වේද ‘ඇවැත්නි, එය එසේ නොවේ.’
“කිමෙක්ද ඇවැත්නි, සීල විශුද්ධිය අනුපාදා පරිනිර්වාණයදැයි ඇසූ විට නැතැයි කියන්නෙහිය. ඇවැත්නි, කිමෙක්ද, චිත්ත විශුද්ධිය අනුපාදා පරිනිර්වාණයදැයි ඇසූවිට නැතැයි කියන්නෙහිය. කිමෙක්ද ඇවැත්නි, දිට්ඨි විශුද්ධිය අනුපාදා පරිනිර්වාණය දැයි ඇසූ විට නැතැයි කියන්නෙහිය. ඇවැත්නි, කිමෙක්ද කංඛාවිතරණ විශුද්ධිය අනුපාදා පරිනිර්වාණයදැයි ඇසූවිට නැතැයි කියන්නෙහිය. ඇවැත්නි, කිමෙක්ද මග්ගාමග්ග ඤාණ දස්සන විශුද්ධිය අනුපාදා පරිනිර්වාණය දැයි ඇසූවිට නැතැයි කියන්නෙහිය. ඇවැත්නි කිමෙක්ද, පටිපදා ඤාණ දස්සන විශුද්ධිය අනුපාදා පරිනිර්වාණය දැයි ඇසූ විට නැතැයි කියන්නෙහිය. ඇවැත්නි, කිමෙක්ද ඤාණදස්සන විශුද්ධිය අනුපාදා පරිනිර්වාණය දැයි ඇසූවිට නැතැයි කියන්නෙහිය.
“ඇවැත්නි, මේ ධර්ම හැර හෝ මේ ධර්මවලින් පිටත්හි අනුපාදා පරිනිර්වාණය වේදැයි ඇසූවිට නැතැයි කියන්නෙහිය. ඇවැත්නි, මේ කීමෙහි අර්ථය කෙසේ දතයුතුද?”
258
‘‘සීලවිසුද්ධිං චෙ, ආවුසො, භගවා අනුපාදාපරිනිබ්බානං පඤ්ඤපෙය්‍ය, සඋපාදානංයෙව සමානං අනුපාදාපරිනිබ්බානං පඤ්ඤපෙය්‍ය (පඤ්ඤාපෙස්ස (සී. ස්‍යා.) එවමඤ්ඤත්ථපි). චිත්තවිසුද්ධිං චෙ, ආවුසො, භගවා අනුපාදාපරිනිබ්බානං පඤ්ඤපෙය්‍ය, සඋපාදානංයෙව සමානං අනුපාදාපරිනිබ්බානං පඤ්ඤපෙය්‍ය. දිට්ඨිවිසුද්ධිං චෙ, ආවුසො, භගවා අනුපාදාපරිනිබ්බානං පඤ්ඤපෙය්‍ය, සඋපාදානංයෙව සමානං අනුපාදාපරිනිබ්බානං පඤ්ඤපෙය්‍ය. කඞ්ඛාවිතරණවිසුද්ධිං චෙ, ආවුසො, භගවා අනුපාදාපරිනිබ්බානං පඤ්ඤපෙය්‍ය, සඋපාදානංයෙව සමානං අනුපාදාපරිනිබ්බානං පඤ්ඤපෙය්‍ය . මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධිං චෙ, ආවුසො, භගවා අනුපාදාපරිනිබ්බානං පඤ්ඤපෙය්‍ය, සඋපාදානංයෙව සමානං අනුපාදාපරිනිබ්බානං පඤ්ඤපෙය්‍ය. පටිපදාඤාණදස්සනවිසුද්ධිං චෙ, ආවුසො, භගවා අනුපාදාපරිනිබ්බානං පඤ්ඤපෙය්‍ය, සඋපාදානංයෙව සමානං අනුපාදාපරිනිබ්බානං පඤ්ඤපෙය්‍ය. ඤාණදස්සනවිසුද්ධිං චෙ, ආවුසො, භගවා අනුපාදාපරිනිබ්බානං පඤ්ඤපෙය්‍ය, සඋපාදානංයෙව සමානං අනුපාදාපරිනිබ්බානං පඤ්ඤපෙය්‍ය. අඤ්ඤත්‍ර චෙ, ආවුසො, ඉමෙහි ධම්මෙහි අනුපාදාපරිනිබ්බානං අභවිස්ස, පුථුජ්ජනො පරිනිබ්බායෙය්‍ය. පුථුජ්ජනො හි, ආවුසො, අඤ්ඤත්‍ර ඉමෙහි ධම්මෙහි. තෙන හාවුසො, උපමං තෙ කරිස්සාමි; උපමායපිධෙකච්චෙ විඤ්ඤූ පුරිසා භාසිතස්ස අත්ථං ආජානන්ති.
258
“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ සීල විශුද්ධිය අනුපාදා පරිනිර්වාණයයයි පනවන්නේ නම් උපාදාන (තෘෂ්ණාදියෙන් අල්වා ගැනීම් සහිතවූවක්, ප්‍රත්‍යයෙන් හටගැනීම් සහිත වූවක්ම) අනුපාදා පරිනිර්වාණයයයි පනවන්නේය.
“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ චිත්ත විශුද්ධිය අනුපාදා පරිනිර්වාණයයයි පනවන්නේ නම් උපාදාන සහිතවූ අනුපාදා පරිනිර්වාණයක් පනවන්නේය.
“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ දිට්ඨිවිශුද්ධිය අනුපාදා පරිනිර්වාණයයයි පනවන්නේ නම් උපාදාන සහිතවූ අනුපාදා පරිනිර්වාණයක්ම පනවන්නේය. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ කංඛාවිතරණ විශුද්ධිය අනුපාදා පරිනිර්වාණයයයි පනවන්නේ නම් උපාදාන සහිතවූ අනුපාදා පරිනිර්වාණයක්ම පනවන්නේය. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ මග්ගාමග්ග ඤාණදස්සන විශුද්ධිය අනුපාදා පරිනිර්වාණයයයි පනවන්නේ නම් උපාදාන සහිතවූ අනුපාදා පරිනිර්වාණයක්ම පනවන්නේය. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ පටිපදා ඤාණදස්සන විශුද්ධිය අනුපාදා පරිනිර්වාණයයයි පනවන්නේ නම් උපාදාන සහිතවූ අනුපාදා පරිනිර්වාණයක්ම පනවන්නේය. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ ඤාණදස්සන විශුද්ධිය අනුපාදා පරිනිර්වාණයයයි පනවන්නේ නම් උපාදාන සහිතවූ අනුපාදා පරිනිර්වාණයක්ම පනවන්නේය. ඇවැත්නි, මේ ධර්මවලින් අන්‍යවූ අනුපාදා පරිනිර්වාණයක් පනවන්නේ නම් පෘථග්ජන තෙම පිරිනිවන්පාන්නේය. ඇවැත්නි, මෙයින් අන්‍යවූ පුද්ගලයා නම් පෘථග්ජනයාය.
“ඇවැත්නි, එසේ වීනම් මම ඔබට උපමාවක් දක්වන්නෙමි. උපමාවෙන්ද මේ ලෝකයෙහි ඇතැම් නුවණැත්තෝ කියන දෙයෙහි අර්ථය වටහා ගනිති.
259
‘‘සෙය්‍යථාපි, ආවුසො, රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස සාවත්ථියං පටිවසන්තස්ස සාකෙතෙ කිඤ්චිදෙව අච්චායිකං කරණීයං උප්පජ්ජෙය්‍ය. තස්ස අන්තරා ච සාවත්ථිං අන්තරා ච සාකෙතං සත්ත රථවිනීතානි උපට්ඨපෙය්‍යුං. අථ ඛො, ආවුසො, රාජා පසෙනදි කොසලො සාවත්ථියා නික්ඛමිත්වා අන්තෙපුරද්වාරා පඨමං රථවිනීතං අභිරුහෙය්‍ය, පඨමෙන රථවිනීතෙන දුතියං රථවිනීතං පාපුණෙය්‍ය, පඨමං රථවිනීතං විස්සජ්ජෙය්‍ය දුතියං රථවිනීතං අභිරුහෙය්‍ය. දුතියෙන රථවිනීතෙන තතියං රථවිනීතං පාපුණෙය්‍ය, දුතියං රථවිනීතං විස්සජ්ජෙය්‍ය, තතියං රථවිනීතං අභිරුහෙය්‍ය. තතියෙන රථවිනීතෙන චතුත්ථං රථවිනීතං පාපුණෙය්‍ය, තතියං රථවිනීතං විස්සජ්ජෙය්‍ය, චතුත්ථං රථවිනීතං අභිරුහෙය්‍ය. චතුත්ථෙන රථවිනීතෙන පඤ්චමං රථවිනීතං පාපුණෙය්‍ය, චතුත්ථං රථවිනීතං විස්සජ්ජෙය්‍ය, පඤ්චමං රථවිනීතං අභිරුහෙය්‍ය. පඤ්චමෙන රථවිනීතෙන ඡට්ඨං රථවිනීතං පාපුණෙය්‍ය, පඤ්චමං රථවිනීතං විස්සජ්ජෙය්‍ය, ඡට්ඨං රථවිනීතං අභිරුහෙය්‍ය. ඡට්ඨෙන රථවිනීතෙන සත්තමං රථවිනීතං පාපුණෙය්‍ය, ඡට්ඨං රථවිනීතං විස්සජ්ජෙය්‍ය, සත්තමං රථවිනීතං අභිරුහෙය්‍ය. සත්තමෙන රථවිනීතෙන සාකෙතං අනුපාපුණෙය්‍ය අන්තෙපුරද්වාරං. තමෙනං අන්තෙපුරද්වාරගතං සමානං මිත්තාමච්චා ඤාතිසාලොහිතා එවං පුච්ඡෙය්‍යුං - ‘ඉමිනා ත්වං, මහාරාජ, රථවිනීතෙන සාවත්ථියා සාකෙතං අනුප්පත්තො අන්තෙපුරද්වාර’න්ති ? කථං බ්‍යාකරමානො නු ඛො, ආවුසො, රාජා පසෙනදි කොසලො සම්මා බ්‍යාකරමානො බ්‍යාකරෙය්‍යා’’ති?
‘‘එවං බ්‍යාකරමානො ඛො, ආවුසො, රාජා පසෙනදි කොසලො සම්මා බ්‍යාකරමානො බ්‍යාකරෙය්‍ය - ‘ඉධ මෙ සාවත්ථියං පටිවසන්තස්ස සාකෙතෙ කිඤ්චිදෙව අච්චායිකං කරණීයං උප්පජ්ජි (උප්පජ්ජති (ක.)). තස්ස මෙ අන්තරා ච සාවත්ථිං අන්තරා ච සාකෙතං සත්ත රථවිනීතානි උපට්ඨපෙසුං. අථ ඛ්වාහං සාවත්ථියා නික්ඛමිත්වා අන්තෙපුරද්වාරා පඨමං රථවිනීතං අභිරුහිං. පඨමෙන රථවිනීතෙන දුතියං රථවිනීතං පාපුණිං, පඨමං රථවිනීතං විස්සජ්ජිං දුතියං රථවිනීතං අභිරුහිං. දුතියෙන රථවිනීතෙන තතියං රථවිනීතං පාපුණිං, දුතියං රථවිනීතං විස්සජ්ජිං, තතියං රථවිනීතං අභිරුහිං. තතියෙන රථවිනීතෙන චතුත්ථං රථවිනීතං පාපුණිං, තතියං රථවිනීතං විස්සජ්ජිං, චතුත්ථං රථවිනීතං අභිරුහිං. චතුත්ථෙන රථවිනීතෙන පඤ්චමං රථවිනීතං පාපුණිං, චතුත්ථං රථවිනීතං විස්සජ්ජිං, පඤ්චමං රථවිනීතං අභිරුහිං. පඤ්චමෙන රථවිනීතෙන ඡට්ඨං රථවිනීතං පාපුණිං, පඤ්චමං රථවිනීතං විස්සජ්ජිං, ඡට්ඨං රථවිනීතං අභිරුහිං. ඡට්ඨෙන රථවිනීතෙන සත්තමං රථවිනීතං පාපුණිං, ඡට්ඨං රථවිනීතං විස්සජ්ජිං, සත්තමං රථවිනීතං අභිරුහිං. සත්තමෙන රථවිනීතෙන සාකෙතං අනුප්පත්තො අන්තෙපුරද්වාර’න්ති. එවං බ්‍යාකරමානො ඛො, ආවුසො, රාජා පසෙනදි කොසලො සම්මා බ්‍යාකරමානො බ්‍යාකරෙය්‍යා’’ති.
‘‘එවමෙව ඛො, ආවුසො, සීලවිසුද්ධි යාවදෙව චිත්තවිසුද්ධත්ථා, චිත්තවිසුද්ධි යාවදෙව දිට්ඨිවිසුද්ධත්ථා, දිට්ඨිවිසුද්ධි යාවදෙව කඞ්ඛාවිතරණවිසුද්ධත්ථා, කඞ්ඛාවිතරණවිසුද්ධි යාවදෙව මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධත්ථා, මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධි යාවදෙව පටිපදාඤාණදස්සනවිසුද්ධත්ථා, පටිපදාඤාණදස්සනවිසුද්ධි යාවදෙව ඤාණදස්සනවිසුද්ධත්ථා, ඤාණදස්සනවිසුද්ධි යාවදෙව අනුපාදාපරිනිබ්බානත්ථා. අනුපාදාපරිනිබ්බානත්ථං ඛො, ආවුසො, භගවති බ්‍රහ්මචරියං වුස්සතී’’ති.
259
“ඇවැත්නි, සැවැත්නුවර වසන පසෙනදි කොසොල් රජහට සාකෙත නුවර කිසියම් හදිසි කටයුත්තක් ඇතිවෙයි. සැවැත්නුවර හා සාකෙතනුවර අතර ඕහට හික්මුණු ආජානීය අසුන් යෙදූ රථසතක් පිළියෙල කර තබන්නාහුය. ඇවැත්නි, පසෙනදි කොසොල් රජතෙම සැවැත් නුවරින් නික්ම ඇතුළු නුවර දොරටුව අසලදී හික්මුණු අසුන් යෙදූ පළමුවන රථයට නගින්නේය. පළමුවන රථයෙන් හික්මුණු අශ්වයන් යෙදූ දෙවෙනි රථය වෙතට පැමිණෙන්නේය. හික්මුණු අසුන් යෙදූ පළමුවන රථය හරනේය. දෙවන රථයෙන් හික්මුණු අසුන් යෙදූ තුන්වෙනි රථය වෙතට පැමිණෙන්නේය. හික්මුණු අසුන් යෙදූ දෙවෙනි රථය අත්හරින්නේය. හික්මුණු අසුන් යෙදූ තුන්වෙනි රථයෙන් හික්මුණු අසුන් යෙදූ හතරවෙනි රථය වෙතට පැමිණෙන්නේය. හික්මුණු අසුන් යෙදූ තුන්වෙනි රථය අත්හරින්නේය. හික්මුණු අසුන යෙදූ හතරවෙනි රථයෙන් හික්මුණු අසුන් යෙදූ පස්වෙනි රථය වෙතට පැමිණෙන්නේය. හික්මුණු අසුන් යෙදූ හතරවෙනි රථය අත්හරින්නේය. හික්මුණු අසුන් යෙදූ පස්වෙනි රථයෙන් හික්මුණු අසුන් යෙදූ හයවෙනි රථය වෙත පැමිණෙන්නේය. හික්මුණු අසුන් යෙදූ පස්වෙනි රථය අත්හරින්නේය. හික්මුණු අසුන් යෙදූ හයවෙනි රථයෙන් හික්මුණු අසුන් යෙදූ හත්වෙනි රථය ඇති තැනකට පැමිණෙන්නේය. හයවෙනි රථය අත්හරින්නේය. හික්මුණු අසුන් යෙදූ හත්වෙනි රථයෙන් සාකෙත නුවර ඇතුල් නුවර දොර සමීපයට පැමිණෙන්නේය. ඇතුල් නුවර දොරටු කරා ඒ රජු පැමිණි කල්හි මිත්‍රාමාත්‍යයෝද නෑ සහ ලේ නෑයෝද මෙසේ විචාරන්නාහුය. ‘මහරජ, ඔබ මේ රථයෙන් සැවැත්නුවර සිට සාකෙත නුවර දොරටුව කරා පැමිණියෙහිදැ’යි (කියායි.)
“ඇවැත්නි, කෙසේ ප්‍රකාශ කරන්නාවූ පසෙනදී කොසොල් රජ තෙමේ මනාකොට ප්‍රකාශ කරන්නේද?
“ඇවැත්නි, මනාව ප්‍රකාශකරන්නාවූ පසෙනදි කොසොල් රජතෙම මෙසේ ප්‍රකාශ කරන්නේය. ‘සැවැත්නුවර වාසය කරන්නාවූ මට සාකෙතනුවර හදිසි කටයුත්තක් ඇතිවිය. ඒ මට සැවැත්නුවර හා සාකෙත නුවර අතර හික්මුණු අසුන් යෙදූ
රථ හතක් පිළියෙල කළහ. ඉක්බිති මම සැවැත්නුවරින් පිටත්වී ඇතුලු නුවර දොරටුව අසලදී පළමුවෙනි රථයට නැගී ගමන්කර දෙවෙනි රථය වෙත පැමිණියෙමි. පළමුවෙනි රථය අත්හළෙමි. දෙවෙනි රථයෙන් තුන්වෙනි රථය ඇති තැනට පැමිණියෙමි. දෙවෙනි රථය අත්හැරියෙමි. තුන්වෙනි රථයෙන් හතරවෙනි රථය ඇති තැනට පැමිණියෙමි. තුන්වෙනි රථය අත්හැරියෙමි. හතරවෙනි රථයෙන් පස්වෙනි රථය ඇති තැනට පැමිණියෙමි. හතරවෙනි රථය අත්හැරියෙමි. පස්වෙනි රථයෙන් හයවෙනි රථය ඇති තැනට පැමිණියෙමි. පස්වෙනි රථය අත්හැරියෙමි. හයවෙනි රථයෙන් හත්වෙනි රථය ඇති තැනට පැමිණියෙමි. සයවෙනි රථය අත්හැරියෙමි.’
“ඇවැත්නි, මෙසේ ප්‍රකාශ කරන්නාවූ පසෙනදි කොසොල් රජතෙම මනාව ප්‍රකාශ කරන්නේය.
“ඇවැත්නි, සීලවිශුද්ධිය චිත්තවිශුද්ධිය ලැබීම ප්‍රයෝජන කොට ඇත්තීය. චිත්ත විශුද්ධිය දිට්ඨිවිශුද්ධිය ලැබීම ප්‍රයෝජනකොට ඇත්තීය. දිට්ඨිවිශුද්ධිය කංඛාවිතරණ විශුද්ධිය ලැබීම ප්‍රයෝජනකොට ඇත්තීය. කංඛාවිතරණ විශුද්ධිය මග්ගාමග්ග ඤාණදස්සන විශුද්ධිය ලැබීම ප්‍රයෝජන කොට ඇත්තීය. මග්ගාමග්ග ඤාණදස්සන විශුද්ධිය පටිපදා ඤාණස්සන විශුද්ධිය ලැබීම ප්‍රයෝජනකොට ඇත්තීය. පටිපදා ඤාණදස්සන විශුද්ධිය ඤාණදස්සන විශුද්ධිය ලැබීම ප්‍රයෝජනකොට ඇත්තීය. ඤාණදස්සන විශුද්ධිය අනුපාදා පරිනිර්වාණයට පැමිණීම ප්‍රයෝජනකොට ඇත්තීය.
“ඇවැත්නි අනුපාදා පරිනිර්වාණය පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචරියාව පුරන්නේය.”
260
එවං වුත්තෙ, ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං පුණ්ණං මන්තාණිපුත්තං එතදවොච - ‘‘කොනාමො ආයස්මා, කථඤ්ච පනායස්මන්තං සබ්‍රහ්මචාරී ජානන්තී’’ති? ‘‘පුණ්ණොති ඛො මෙ, ආවුසො, නාමං; මන්තාණිපුත්තොති ච පන මං සබ්‍රහ්මචාරී ජානන්තී’’ති. ‘‘අච්ඡරියං, ආවුසො, අබ්භුතං, ආවුසො! යථා තං සුතවතා සාවකෙන සම්මදෙව සත්ථුසාසනං ආජානන්තෙන, එවමෙව ආයස්මතා පුණ්ණෙන මන්තාණිපුත්තෙන ගම්භීරා ගම්භීරපඤ්හා අනුමස්ස අනුමස්ස බ්‍යාකතා. ලාභා සබ්‍රහ්මචාරීනං, සුලද්ධලාභා සබ්‍රහ්මචාරීනං, යෙ ආයස්මන්තං පුණ්ණං මන්තාණිපුත්තං ලභන්ති දස්සනාය, ලභන්ති පයිරූපාසනාය. චෙලණ්ඩුකෙන (චෙලණ්ඩකෙන (ක.), චෙලණ්ඩුපෙකෙන (?)) චෙපි සබ්‍රහ්මචාරී ආයස්මන්තං පුණ්ණං මන්තාණිපුත්තං මුද්ධනා පරිහරන්තා ලභෙය්‍යුං දස්සනාය, ලභෙය්‍යුං පයිරූපාසනාය, තෙසම්පි ලාභා තෙසම්පි සුලද්ධං, අම්හාකම්පි ලාභා අම්හාකම්පි සුලද්ධං, යෙ මයං ආයස්මන්තං පුණ්ණං මන්තාණිපුත්තං ලභාම දස්සනාය, ලභාම පයිරූපාසනායා’’ති.
එවං වුත්තෙ, ආයස්මා පුණ්ණො මන්තාණිපුත්තො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච - ‘‘කො නාමො ආයස්මා, කථඤ්ච පනායස්මන්තං සබ්‍රහ්මචාරී ජානන්තී’’ති? ‘‘උපතිස්සොති ඛො මෙ, ආවුසො, නාමං; සාරිපුත්තොති ච පන මං සබ්‍රහ්මචාරී ජානන්තී’’ති. ‘‘සත්ථුකප්පෙන වත කිර, භො (ඛො (ක.)), සාවකෙන සද්ධිං මන්තයමානා න ජානිම්හ - ‘ආයස්මා සාරිපුත්තො’ති. සචෙ හි මයං ජානෙය්‍යාම ‘ආයස්මා සාරිපුත්තො’ති, එත්තකම්පි නො නප්පටිභාසෙය්‍ය (නප්පටිභෙය්‍ය (?)). අච්ඡරියං, ආවුසො, අබ්භුතං, ආවුසො! යථා තං සුතවතා සාවකෙන සම්මදෙව සත්ථුසාසනං ආජානන්තෙන, එවමෙව ආයස්මතා සාරිපුත්තෙන ගම්භීරා ගම්භීරපඤ්හා අනුමස්ස අනුමස්ස පුච්ඡිතා. ලාභා සබ්‍රහ්මචාරීනං සුලද්ධලාභා සබ්‍රහ්මචාරීනං, යෙ ආයස්මන්තං සාරිපුත්තං ලභන්ති දස්සනාය, ලභන්ති පයිරූපාසනාය. චෙලණ්ඩුකෙන චෙපි සබ්‍රහ්මචාරී ආයස්මන්තං සාරිපුත්තං මුද්ධනා පරිහරන්තා ලභෙය්‍යුං දස්සනාය, ලභෙය්‍යුං පයිරූපාසනාය, තෙසම්පි ලාභා තෙසම්පි සුලද්ධං, අම්හාකම්පි ලාභා අම්හාකම්පි සුලද්ධං, යෙ මයං ආයස්මන්තං සාරිපුත්තං ලභාම දස්සනාය, ලභාම පයිරූපාසනායා’’ති.
ඉතිහ තෙ උභොපි මහානාගා අඤ්ඤමඤ්ඤස්ස සුභාසිතං සමනුමොදිංසූති.
260
“මෙසේ කීකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් මන්තානීපුත්ත පුණ්ණ ස්ථවිරයන් වහන්සේට මෙය කීහ. “ආයුෂ්මත් තෙම කිනම් ඇත්තේද? ආයුෂ්මතුන්ට කවර නමක් සබ්‍රම්සරුහු ව්‍යවහාර කරත්ද?” ඇවැත්නි, පුණ්ණය යනු මාගේ නමය. සබ්‍රම්සරහු මට මන්තානීපුත්ත යයිද ව්‍යවහාර කරත්” “ඇවැත්නි, ආශ්චර්යය, අද්භූතය. මනාකොට ශාස්තෘ ශාසනය දන්නාවූ ශ්‍රාවකයකු විසින් යම්සේ නම් එපරිද්දෙන්ම මන්තානීපුත්ත පුණ්ණ ස්ථවිරයන් වහන්සේ විසින් ගැඹුරු ගැඹුරුවූ ප්‍රශ්නයෝ දශ කථා වස්තූන්ට පිවිසෙමින් පිවිසෙමින් ප්‍රකාශ කරන ලද්දාහ.
“යම් කෙනෙක් ආයුෂ්මත් පුණ්ණ ස්ථවිරයන් වහන්සේගේ දැකීම ලබත්ද, සේවනය ලබත් ද ඒ සබ්‍රම්චාරීන්හට ලාභයක්ම වන්නේය, මහත් ලාභයක්ම වන්නේය. සබ්‍රම්සරහු වස්තු දරණුවක් හිස තබා ආයුෂ්මත් පුණ්ණ ස්ථවිරයන් වහන්සේ එහි වඩා හිඳුවා හිස් මුදුනෙහි තබාගෙන ඇවිදිමින් දැකීම ලබත්ද, සේවනය ලබත්ද, ඔවුන්ටද ලාභයකි. ඔවුන්ටද මහත්ම ලාභයකි. අපිද ආයුෂ්මත් පුණ්ණ ස්ථවිරයන් වහන්සේ දකිමුද, සේවනය කරමුද, එය අපටද ලාභයකි, මහත් ලාභයකි,’ මෙසේ කී කල්හි ආයුෂමත් මන්තානීපුත්ත පුණ්ණ ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය. “ ආයුෂ්මතුන් වහන්සේ කිනම් ඇත්තේද? සබ්‍රම්සරහු ආයුෂ්මතුන් වහන්සේ කවර නමකින් ව්‍යවහාර කරත්ද?”
“ඇවැත්නි, මගේ නම උපතිස්ස සබ්‍රම්සරහු මට ශාරීපුත්‍රයයි කියති.”
“ශාස්තෲන් වහන්සේ හා සමාන ශ්‍රාවකයෙකු සමග කථා කරමිනුත් ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේයයි නොදනුම්හ. ඉදින් වනාහි අපි ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේයයි දන්නෙමු නම් මෙපමණකුත් කථා නොකරන්නෙමු.
“ඇවැත්නි, ආශ්චර්යය, අද්භූතය, මනාකොට ශාස්තෘ ශාසනය දන්නාවූ ශ්‍රාවකයෙකු විසින් යම්සේ නම් එසේ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ විසින් දශකථාවස්තුවලට බැස බැස ගැඹුරු ගැඹුරුවූ ප්‍රශ්න විචාරන ලදහ.”
“යමෙක් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ දැකීම ලබත්ද, ආශ්‍රය ලබත්ද, එය ඒ සබ්‍රම්සරුන්හට ලාභයකි. මහත්ම ලාභයකි. සබ්‍රම් සරහු වස්ත්‍ර දරණුවක් හිස තබා ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ එහි වඩාහිඳුවා හිස්මුදුනෙහි තබාගෙන පරිහරණය කරත්ද, දකිත්ද, සෙවනය කරත්ද ඔවුනට ලාභයකි, මහත්ම ලාභයකි. අපිද ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ දකිමුද, ආශ්‍රය කරමුද, ඒ අපටද ලාභයකි. මහත්ම ලාභයකි.”
මෙසේ ඒ මහා නාගයෝ දෙදෙන (මහරහත් දෙනම) අන්‍යොන්‍යයන්ගේ යහපත් වචන සතුටින් අනුමෝදන් වූහ.
5. නිවාපසුත්තං 5. නිවාප සූත්‍රය
6. පාසරාසිසුත්තං 6. අරියපරියෙසන සූත්‍රය
7. චූළහත්ථිපදොපමසුත්තං 7. චූලහත්ථිපදොපම සූත්‍රය
8. මහාහත්ථිපදොපමසුත්තං 8. මහා හත්ථිපදොපම සූත්‍රය
9. මහාසාරොපමසුත්තං 9. මහා සාරොපම සූත්‍රය
10. චූළසාරොපමසුත්තං 10. චූලසාරොපම සූත්‍රය