ත්‍රිපිටකය
3. ඔපම්මවග්ගො 3. ඔපම්ම වර්ගය
1. කකචූපමසුත්තං 1. කකචූපම සූත්‍රය
2. අලගද්දූපමසුත්තං 2. අලගද්දූපම සූත්‍රය
3. වම්මිකසුත්තං 3. වම්මික සූත්‍රය
249
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා කුමාරකස්සපො අන්ධවනෙ විහරති. අථ ඛො අඤ්ඤතරා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං අන්ධවනං ඔභාසෙත්වා යෙනායස්මා කුමාරකස්සපො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො සා දෙවතා ආයස්මන්තං කුමාරකස්සපං එතදවොච -
‘‘භික්ඛු භික්ඛු, අයං වම්මිකො (වම්මීකො (කත්ථචි) සක්කතානුරූපං) රත්තිං ධූමායති, දිවා පජ්ජලති. බ්‍රාහ්මණො එවමාහ - ‘අභික්ඛණ, සුමෙධ, සත්ථං ආදායා’ති. අභික්ඛණන්තො සුමෙධො සත්ථං ආදාය අද්දස ලඞ්ගිං ‘ලඞ්ගී, භදන්තෙ’ති. බ්‍රාහ්මණො එවමාහ - ‘උක්ඛිප ලඞ්ගිං; අභික්ඛණ, සුමෙධ, සත්ථං ආදායා’ති. අභික්ඛණන්තො සුමෙධො සත්ථං ආදාය අද්දස උද්ධුමායිකං. ‘උද්ධුමායිකා, භදන්තෙ’ති. බ්‍රාහ්මණො එවමාහ - ‘උක්ඛිප උද්ධුමායිකං; අභික්ඛණ, සුමෙධ, සත්ථං ආදායා’ති. අභික්ඛණන්තො සුමෙධො සත්ථං ආදාය අද්දස ද්විධාපථං. ‘ද්විධාපථො, භදන්තෙ’ති. බ්‍රාහ්මණො එවමාහ - ‘උක්ඛිප ද්විධාපථං; අභික්ඛණ, සුමෙධ, සත්ථං ආදායා’ති. අභික්ඛණන්තො සුමෙධො සත්ථං ආදාය අද්දස චඞ්ගවාරං (පඞ්කවාරං (ස්‍යා.), චඞ්කවාරං (ක.)). ‘චඞ්ගවාරො, භදන්තෙ’ති. බ්‍රාහ්මණො එවමාහ - ‘උක්ඛිප චඞ්ගවාරං; අභික්ඛණ, සුමෙධ, සත්ථං ආදායා’ති. අභික්ඛණන්තො සුමෙධො සත්ථං ආදාය අද්දස කුම්මං. ‘කුම්මො , භදන්තෙ’ති. බ්‍රාහ්මණො එවමාහ - ‘උක්ඛිප කුම්මං; අභික්ඛණ, සුමෙධ, සත්ථං ආදායා’ති. අභික්ඛණන්තො සුමෙධො සත්ථං ආදාය අද්දස අසිසූනං. ‘අසිසූනා, භදන්තෙ’ති. බ්‍රාහ්මණො එවමාහ - ‘උක්ඛිප අසිසූනං; අභික්ඛණ, සුමෙධ, සත්ථං ආදායා’ති. අභික්ඛණන්තො සුමෙධො සත්ථං ආදාය අද්දස මංසපෙසිං. ‘මංසපෙසි, භදන්තෙ’ති. බ්‍රාහ්මණො එවමාහ - ‘උක්ඛිප මංසපෙසිං; අභික්ඛණ, සුමෙධ, සත්ථං ආදායා’ති. අභික්ඛණන්තො සුමෙධො සත්ථං ආදාය අද්දස නාගං. ‘නාගො, භදන්තෙ’ති. බ්‍රාහ්මණො එවමාහ - ‘තිට්ඨතු නාගො, මා නාගං ඝට්ටෙසි; නමො කරොහි නාගස්සා’’’ති.
‘‘ඉමෙ ඛො ත්වං, භික්ඛු, පඤ්හෙ භගවන්තං උපසඞ්කමිත්වා පුච්ඡෙය්‍යාසි, යථා ච තෙ භගවා බ්‍යාකරොති තථා නං ධාරෙය්‍යාසි. නාහං තං, භික්ඛු, පස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ්මකෙ සස්සමණබ්‍රාහ්මණියා පජාය සදෙවමනුස්සාය, යො ඉමෙසං පඤ්හානං වෙය්‍යාකරණෙන චිත්තං ආරාධෙය්‍ය අඤ්ඤත්‍ර තථාගතෙන වා, තථාගතසාවකෙන වා, ඉතො වා පන සුත්වා’’ති - ඉදමවොච සා දෙවතා. ඉදං වත්වා තත්ථෙවන්තරධායි.
249
“මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවන නම් විහාරයෙහි වැඩ වාසය කරති.
එසමයෙහි කුමාර කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ අන්ධ වනයෙහි වාසය කළහ. එකල එක්තරා බ්‍රහ්මරාජයෙක් රාත්‍රියේ පළමුවෙනි යාමය ඉක්මගිය කල්හි, විසිතුරු වර්ණයෙන් සියලු අන්ධවනය එකාලොක කොට බබුලුවා කුමාර කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි එළඹියේය. එළඹ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටියාවූ ඒ බ්‍රහ්මරාජතෙම කුමාර කාශ්‍යප ස්ථවිරයන් වහන්සේට මෙසේ කීයේය.
“මහණ, මහණ, මේ තුඹස රාත්‍රියෙහි දුම්දමයි, දවල් කාලයෙහි ඇවිලෙයි. බ්‍රාහ්මණයෙක් මෙසේ කීයේය ‘සුමෙධය, ආයුධයක් ගෙන සාරව’ (යි කීයේය.) ආයුධයක් ගෙන සාරා බලන්නාවූ සුමේධ තෙම දොර අගුලක් දුටුවේය. (දැක) ‘ස්වාමීනි, දොර අගුලෙකැ’යි කීයේය. බ්‍රාහ්මණ තෙම ‘දොර අගුල ඔසවා දමව, ආයුධය ගෙන සාරව’යි කීයේය. ආයුධය ගෙන සාරවන්නාවූ සුමෙධතෙම (පිම්බෙන වර්ගයේ) මැඩියෙකු දුටුයේය. ‘වහන්ස, මැඩියෙකැ’යි කීයේය. බ්‍රාහ්මණතෙම ‘මැඩියා ඔසවා දමව, සුමෙධය ගෙන සාරව’යි කීයේය. ආයුධය ගෙන සාරන්නාවූ සුමෙධතෙම දෙමංසන්ධියක් දුටුයේය. (දැක) ‘වහන්ස, දෙමංසන්ධියකැ’යි කීයේය. බ්‍රාහ්මණතෙම ‘දෙමංසන්ධිය උදුරා දමව. සුමෙධය, ආයුධය ගෙන සාරව’යි කීයේය. ආයුධය ගෙන, සාරන්නාවූ සුමෙධතෙම, අළු පෙරහනක් දුටුයේය. ‘ස්වාමීනි අළු පෙරහනකැ’යි කීයේය. බ්‍රාහ්මණතෙම ‘අළු පෙරහන උදුරා දමව. සුමෙධය, ආයුධය ගෙන සාරව’යි කීය. ආයුධයක් ගෙන සාරන්නාවූ සුමෙධ තෙම ඉදිබුවෙකු දුටුවේය. ‘ස්වාමීනි, ඉදිබුවෙකැ’යි කීය. බ්‍රාහ්මණ තෙම ‘ඉදිබුවා, ගොඩගනුව, සුමෙධය, ආයුධය ගෙන සාරව’යි කීය. ආයුධය ගෙන සාරන්නාවූ සුමෙධ තෙම මස් කපන කැත්තක් හා මස් ලොඹුවක් දුටුවේය. ‘ස්වාමීනි, මස් කපන කැත්තක් හා මස් ලොඹුවකැ’යි කීය. බ්‍රාහ්මණ තෙම ‘මස් කපන කැත්ත හා මස්ලොඹුව ගොඩගනුව. සුමෙධය, ආයුධය ගෙන සාරව’යි කීය. ආයුධය ගෙන සාරන්නාවූ සුමෙධ තෙම මස්වැදැල්ලක් දුටුයේය. ‘ස්වාමීනි, මස් වැදැල්ලකැ’යි කීය. බ්‍රාහ්මණ තෙම ‘මස් වැදැල්ල ගොඩ ගනුව. සුමෙධය, ආයුධය ගෙන සාරව’යි කීය. ආයුධය ගෙන සාරන්නාවූ සුමෙධතෙම නාගයෙකු දුටුවේය. ‘ස්වාමීනි, නාගයෙකැ’යි කීයේය. බ්‍රාහ්මණතෙම ‘නාගරාජතෙම සිටීවා. නාගරාජයා නොගටව, නාගරාජයාට නමස්කාර කරව’යි කීයේය.
“මහණ, ඔබ මේ ප්‍රශ්නයන් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ විචාරව, ඔබට භාග්‍යවතුන් වහන්සේ යම්සේ ප්‍රකාශ කොට වදාරණසේක්ද එපරිද්දෙන් ඒ ප්‍රශ්න දරාගනුව, මහණ සර්වඥයන් වහන්සේ හැර, සර්වඥයන් වහන්සේගේ ශ්‍රාවකයන් හැර, මා කෙරෙන් අසා කියන්නවුන් හැර, මේ ප්‍රශ්නයන් විසඳීමෙන් යමෙක් හිත සතුටු කරන්නේද එබඳු පුද්ගලයෙක් දෙවියන් සහිතවූ මරුන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ ලෝකයෙහිද ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිතවූ දෙවි මිනිසුන් සහිතවූ පිරිස්හිද නොදක්නෙමි’යි කීයේය, මේ වචනය මෙසේ කියා ඒ බ්‍රහ්මරාජ තෙම එතැන්හිම අතුරුදන් වූයේය.
250
අථ ඛො ආයස්මා කුමාරකස්සපො තස්සා රත්තියා අච්චයෙන යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා කුමාරකස්සපො භගවන්තං එතදවොච - ‘‘ඉමං, භන්තෙ, රත්තිං අඤ්ඤතරා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං අන්ධවනං ඔභාසෙත්වා යෙනාහං තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො, භන්තෙ, සා දෙවතා මං එතදවොච - ‘භික්ඛු භික්ඛු, අයං වම්මිකො රත්තිං ධූමායති, දිවා පජ්ජලති’. බ්‍රාහ්මණො එවමාහ - ‘අභික්ඛණ, සුමෙධ, සත්ථං ආදායා’ති. අභික්ඛණන්තො සුමෙධො සත්ථං ආදාය...පෙ.... ඉතො වා පන සුත්වාති. ඉදමවොච, භන්තෙ, සා දෙවතා. ඉදං වත්වා තත්ථෙවන්තරධායි. ‘කො නු ඛො, භන්තෙ, වම්මිකො, කා රත්තිං ධූමායනා, කා දිවා පජ්ජලනා, කො බ්‍රාහ්මණො, කො සුමෙධො, කිං සත්ථං, කිං අභික්ඛණං, කා ලඞ්ගී, කා උද්ධුමායිකා, කො ද්විධාපථො, කිං චඞ්ගවාරං, කො කුම්මො, කා අසිසූනා , කා මංසපෙසි, කො නාගො’’’ති?
250
“ඉක්බිත්තෙන් ආයුෂ්මත් කුමාර කාශ්‍යප ස්ථවිරතෙම ඒ රාත්‍රියයේ ඇවෑමෙන් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පැත්තක උන්නේය. එක් පැත්තක උන්නාවූ කුමාරකාශ්‍යප ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීවේය.
“ස්වාමීනි, ඉකුත් රාත්‍රියෙහි එක්තරා බ්‍රහ්මයෙක් තමන්ගේ ශරීර ආලෝකයෙන් මුළු අන්ධවනය එකාලොක කොට බබුලුවා මම යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ එක පැත්තක උන්නේය. ස්වාමීනි, එක පැත්තක උන්නාවූ ඒ බ්‍රහ්මයා මටමෙසේ කීවේය.
“මහණ, මහණ, මේ තුඹස රාත්‍රියෙහි දුම් දමයි, දහවල් කාලයෙහි ඇවිලෙයි. බ්‍රාහ්මණයෙක් මෙසේ කීයේය. ‘සුමේධය, ආයුධයක් ගෙන සාරව’යි (කීයේය.) ආයුධයක් ගෙන සාරා බලන්නාවූ සුමේධ තෙම දොර අගුලක් දුටුවේය. (දැක) ‘ස්වාමීනි, දොර අගුලෙකැ”යි කීයේය. බ්‍රාහ්මණ තෙම ‘දොර අගුල ඔසවා දමව, ආයුධය ගෙන සාරව’යි කීයේය. ආයුධය ගෙන සාරවන්නාවූ සුමෙධතෙම මැඩියෙකු දුටුයේය. ‘වහන්ස, මැඩියෙකැ’යි කීයේය. බ්‍රාහ්මණතෙම ‘මැඩියා ඔසවා දමව, සුමෙධය, ආයුධය ගෙන සාරවයි කීයේය. ආයුධය ගෙන සාරන්නාවූ සුමෙධතෙම දෙමංසන්ධියක් දුටුයේය. (දැක) ‘වහන්ස, දෙමංසන්ධියකැයි කීයේය. බ්‍රාහ්මණතෙම ‘දෙමංසන්ධිය උදුරා දමව. සුමෙධය, ආයුධය ගෙන සාරව’යි කීයේය. ආයුධය ගෙන, සාරන්නාවූ සුමෙධතෙම, අළු පෙරහනක් දුටුයේය. ‘ස්වාමීනි අළු පෙරහනකැ’යි කීයේය. බ්‍රාහ්මණතෙම ‘අළු පෙරහන උදුරා දමව. සුමෙධය, ආයුධය ගෙන සාරව’යි කීය. ආයුධයක් ගෙන සාරන්නාවූ සුමෙධ තෙම ඉදිබුවෙකු දුටුවේය. ‘ස්වාමීනි, ඉදිබුවෙකැ’යි කීය. බ්‍රාහ්මණ තෙම ‘ඉදිබුවා, ගොඩගනුව, සුමෙධය, ආයුධය ගෙන සාරව’යි කීය. ආයුධය ගෙන සාරන්නාවූ සුමෙධ තෙම මස් කපන කැත්තක් හා මස් ලොඹුවක් දුටුවේය. ‘ස්වාමීනි, මස් කපන කැත්තක් හා මස් ලොඹුවකැ’යි කීය. බ්‍රාහ්මණ තෙම ‘මස් කපන කැත්ත හා මස්ලොඹුව ගොඩගනුව. සුමෙධය, ආයුධය ගෙන සාරව’යි කීය. ආයුධය ගෙන සාරන්නාවූ සුමෙධ තෙම මස්වැදැල්ලක් දුටුයේය. ‘ස්වාමීනි, මස් වැදැල්ලකැ’යි කීය. බ්‍රාහ්මණ තෙම ‘මස් වැදැල්ල ගොඩගනුව. සුමෙධය, ආයුධය ගෙන සාරව’යි කීය. ආයුධය ගෙන සාරන්නාවූ සුමෙධතෙම නාගයෙකු දුටුවේය. ‘ස්වාමීනි, නාගයෙකැ’යි කීයේය. බ්‍රාහ්මණතෙම ‘නාගරාජතෙම සිටීවා. නාගරාජයා නොගටව, නාගරාජයාට නමස්කාර කරව’යි කීයේය.
“ස්වාමීනි, තුඹස නම් කුමක්ද? රාත්‍රියෙහි දුම් දැමීම නම් කුමක්ද? දහවල් ඇවිලීම නම් කුමක්ද? බ්‍රාහ්මණ නම් කවරෙක්ද? සුමෙධ නම් කවරෙක්ද? ආයුධය නම් කුමක්ද? සෑරීම නම් කුමක්ද? දොර අගුල නම් කුමක්ද? මැඩියානම් කුමක්ද? දෙමංසන්ධිය නම් කවරක්ද? අළුපෙරහන නම් කුමක්ද? ඉදිබුවා නම් කුමක්ද? මස් කපන කැත්ත හා මස් ලොඹුව නම් කුමක්ද? මස්වැදැල්ල නම් කුමක්ද? නාගරාජයා නම් කවරෙක්ද?”
251
‘‘‘වම්මිකො’ති ඛො, භික්ඛු, ඉමස්සෙතං චාතුමහාභූතිකස්ස (චාතුම්මහාභූතිකස්ස (සී. ස්‍යා. පී.)) කායස්ස අධිවචනං, මාතාපෙත්තිකසම්භවස්ස ඔදනකුම්මාසූපචයස්ස අනිච්චුච්ඡාදන-පරිමද්දනභෙදන-විද්ධංසන-ධම්මස්ස.
‘‘යං ඛො, භික්ඛු, දිවා කම්මන්තෙ (කම්මන්තං (ක.)) ආරබ්භ රත්තිං අනුවිතක්කෙති අනුවිචාරෙති - අයං රත්තිං ධූමායනා. යං ඛො, භික්ඛු, රත්තිං අනුවිතක්කෙත්වා අනුවිචාරෙත්වා දිවා කම්මන්තෙ පයොජෙති කායෙන වාචාය ‘මනසා’ (( ) නත්ථි (සී. ස්‍යා.)) - අයං දිවා පජ්ජලනා.
‘‘‘බ්‍රාහ්මණො’ති ඛො, භික්ඛු, තථාගතස්සෙතං අධිවචනං අරහතො සම්මාසම්බුද්ධස්ස. ‘සුමෙධො’ති ඛො භික්ඛු සෙක්ඛස්සෙතං භික්ඛුනො අධිවචනං.
‘‘‘සත්ථ’න්ති ඛො, භික්ඛු, අරියායෙතං පඤ්ඤාය අධිවචනං. ‘අභික්ඛණ’න්ති ඛො, භික්ඛු, වීරියාරම්භස්සෙතං අධිවචනං.
‘‘‘ලඞ්ගී’ති ඛො, භික්ඛු, අවිජ්ජායෙතං අධිවචනං. උක්ඛිප ලඞ්ගිං, පජහ අවිජ්ජං; අභික්ඛණ, සුමෙධ, සත්ථං ආදායාති අයමෙතස්ස අත්ථො.
‘‘‘උද්ධුමායිකා’ති ඛො, භික්ඛු, කොධූපායාසස්සෙතං අධිවචනං. උක්ඛිප උද්ධුමායිකං, පජහ කොධූපායාසං; අභික්ඛණ, සුමෙධ, සත්ථං ආදායාති අයමෙතස්ස අත්ථො.
‘‘‘ද්විධාපථො’ති ඛො, භික්ඛු, විචිකිච්ඡායෙතං අධිවචනං. උක්ඛිප ද්විධාපථං, පජහ විචිකිච්ඡං; අභික්ඛණ, සුමෙධ, සත්ථං ආදායාති අයමෙතස්ස අත්ථො.
‘‘‘චඞ්ගවාර’න්ති ඛො, භික්ඛු, පඤ්චන්නෙතං නීවරණානං අධිවචනං, සෙය්‍යථිදං - කාමච්ඡන්දනීවරණස්ස, බ්‍යාපාදනීවරණස්ස, ථීනමිද්ධනීවරණස්ස, උද්ධච්චකුක්කුච්චනීවරණස්ස, විචිකිච්ඡානීවරණස්ස. උක්ඛිප චඞ්ගවාරං, පජහ පඤ්ච නීවරණෙ ; අභික්ඛණ, සුමෙධ, සත්ථං ආදායාති අයමෙතස්ස අත්ථො.
‘‘‘කුම්මො’ති ඛො, භික්ඛු, පඤ්චන්නෙතං උපාදානක්ඛන්ධානං අධිවචනං, සෙය්‍යථිදං - රූපුපාදානක්ඛන්ධස්ස, වෙදනුපාදානක්ඛන්ධස්ස, සඤ්ඤුපාදානක්ඛන්ධස්ස, සඞ්ඛාරුපාදානක්ඛන්ධස්ස, විඤ්ඤාණුපාදානක්ඛන්ධස්ස. උක්ඛිප කුම්මං, පජහ පඤ්චුපාදානක්ඛන්ධෙ; අභික්ඛණ, සුමෙධ, සත්ථං ආදායාති අයමෙතස්ස අත්ථො.
‘‘‘අසිසූනා’ති ඛො, භික්ඛු, පඤ්චන්නෙතං කාමගුණානං අධිවචනං - චක්ඛුවිඤ්ඤෙය්‍යානං රූපානං ඉට්ඨානං කන්තානං මනාපානං පියරූපානං කාමූපසංහිතානං රජනීයානං, සොතවිඤ්ඤෙය්‍යානං සද්දානං...පෙ.... ඝානවිඤ්ඤෙය්‍යානං ගන්ධානං...පෙ.... ජිව්හාවිඤ්ඤෙය්‍යානං රසානං...පෙ.... කායවිඤ්ඤෙය්‍යානං ඵොට්ඨබ්බානං ඉට්ඨානං කන්තානං මනාපානං පියරූපානං කාමූපසංහිතානං රජනීයානං. උක්ඛිප අසිසූනං, පජහ පඤ්ච කාමගුණෙ; අභික්ඛණ, සුමෙධ, සත්ථං ආදායාති අයමෙතස්ස අත්ථො.
‘‘‘මංසපෙසී’ති ඛො, භික්ඛු, නන්දීරාගස්සෙතං අධිවචනං. උක්ඛිප මංසපෙසිං, පජහ නන්දීරාගං; අභික්ඛණ, සුමෙධ, සත්ථං ආදායාති අයමෙතස්ස අත්ථො.
‘‘‘නාගො’ති ඛො, භික්ඛු, ඛීණාසවස්සෙතං භික්ඛුනො අධිවචනං. තිට්ඨතු නාගො, මා නාගං ඝට්ටෙසි; නමො කරොහි නාගස්සාති අයමෙතස්ස අත්ථො’’ති.
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා කුමාරකස්සපො භගවතො භාසිතං අභිනන්දීති.
251
මහණ, තුඹස යනු මවු පිය දෙදෙනා නිසා පහළවූ ආහාර පානයෙන් වැඩුණාවූ, අනිත්‍යවූ, සුවඳ ගැල්වීම් පිරිමැදීම් ආදිය කළ යුතුවූ, කැඩී බිඳී යන සුලුවූ සතර මහාභූතයන්ගෙන් හටගත් මේ ශරීරයට නමකි.
“මහණ, දහවල් කළයුතු ගොවිතැන් වෙළඳාම් ආදී කටයුතු සම්බන්ධයෙන් රාත්‍රි කාලයෙහි නැවත නැවත කල්පනා කරයි. සලකා බලයි. මෙය රාත්‍රියෙහි දුම් දැමීමය.
“මහණ, යමක් රාත්‍රියෙහි කල්පනාකර සලකා බලා, දහවල් ගොවිතැන් වෙළඳාම් ආදියක් කයින් හෝ වචනයෙන් හෝ කරයිද මේ දහවල් ඇවිලීමය.
“මහණ, බ්‍රාහ්මණ යනු අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන්හට නමකි. මහණ, සුමේධ යනු ශෛක්ෂ පුද්ගලයාට (අර්හත් ඵලයට පහළ මාර්ගඵල ලැබූ පුද්ගලයා) නමෙකි.
“මහණ, ආයුධය යනු ආර්ය පුද්ගලයන්ගේ ප්‍රඥාවට නමෙකි. මහණ, සෑරීම යනු වීර්යයට නමකි. මහණ දොර අගුල යනු අවිද්‍යාවට නමකි. සුමෙධය, ආයුධය ගෙන සාරා අවිද්‍යාව නමැති දොර අගුල ගළවා දමව යන අර්ථයි.
“මහණ, (පිම්බෙන වර්ගයේ) මැඩියා යනු ක්‍රෝධයට නමකි. සුමෙධය, ආයුධය ගෙන සාරා බලවත් ක්‍රෝධය නමැති මැඩියා උගුලා දමව යන අර්ථයි.
“මහණ දෙමංසන්ධිය යනු විචිකිච්ඡාවට හෙවත් සැකයට නමකි. සුමෙධය, ආයුධය ගෙන සාරා විචිකිච්ඡාව නමැති දෙමංසන්ධිය දුරුකරව යන අර්ථයි.
“මහණ, අළු පෙරහන යනු කාමච්ඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ධ, උද්ධච්චකුක්කුච්ච, විචිකිච්ඡා යන නීවරණ පහට නමකි ආයුධය ගෙන සාරා පඤ්චනීවරණ නමැති අළු පෙරහන පහකරව යන අර්ථයි.
“මහණ, ඉදිබුවා යනු රූප වේදනා, සඤ්ඤා, සංඛාර විඤ්ඤාණ යන උපාදානස්කන්ධ පහට නමකි. සුමෙධය, ආයුධ ගෙන සාරා පඤ්චස්කන්ධය නමැති ඉදිබුවා උදුරා දැමීම යන අර්ථයි.
“මහණ මස් කපන කැත්ත හා මස් ලොඹුව යනු පංච කාමයට නමකි. (කවර පංචකාමයටද යත්) ඇසින් රසවින්ද යුතුවූ ප්‍රියවූ, කාන්තවූ, මනාපවූ, කාමසහගතවූ, ඇල්ම ඇතිකරන්නාවූ රූපයෝය. කණින් රස වින්ද යුතුවූ ප්‍රියවූ, කාන්තවූ, මනාපවූ, කාමසහගතවූ ඇල්ම ඇති කරන්නාවූ ශබ්දයෝය. නාසයෙන් රස විඳිය යුතුවූ ප්‍රියවූ, කාන්තවූ මනාපවූ කාමසහගතවූ ගන්ධයෝය, දිවෙන් රස වින්ද යුතුවූ ප්‍රියවූ, කාන්තවූ මනාපවූ කාම සහගතවූ ඇල්ම ඇතිකරන්නාවූ රසයෝය. කයින් රස විඳිය යුතුවූ ප්‍රියවූ, කාන්තවූ, මනාපවූ කාම සහගතවූ, ඇල්ම ඇතිකරන්නාවූ ස්පර්ශයෝය. සුමෙධය, ආයුධය ගෙන සාරා කැත්ත හා මස් ලොඹුව වැනි පඤ්චකාම ගුණ උදුරා දමව යන අදහසයි.
මහණ, මස් වැදැල්ල යනු නන්දිරාගයට නමකි. සුමෙධය, ආයුධය ගෙන සාරා මස්වැදැල්ල නම්වූ නන්දිරාගය දුරු කරව යන අර්ථයි.
“මහණ නාගරාජ යනු කෙලෙස් නැතිකළ රහත් භික්ෂුහට නමෙකි. නාගරාජ තෙම සිටීවා, නාගරාජයාට නොගසව, නාගරාජයාහට නමස්කාර කරවයි යන්නෙහි මේ තේරුමය.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටුවූ කුමාර කාශ්‍යප ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේගේ මේ වචනය සතුටින් පිළිගත්තේය.
4. රථවිනීතසුත්තං 4. රථ විනීත සූත්‍රය
5. නිවාපසුත්තං 5. නිවාප සූත්‍රය
6. පාසරාසිසුත්තං 6. අරියපරියෙසන සූත්‍රය
7. චූළහත්ථිපදොපමසුත්තං 7. චූලහත්ථිපදොපම සූත්‍රය
8. මහාහත්ථිපදොපමසුත්තං 8. මහා හත්ථිපදොපම සූත්‍රය
9. මහාසාරොපමසුත්තං 9. මහා සාරොපම සූත්‍රය
10. චූළසාරොපමසුත්තං 10. චූලසාරොපම සූත්‍රය