ත්‍රිපිටකය
3. ඔපම්මවග්ගො 3. ඔපම්ම වර්ගය
1. කකචූපමසුත්තං 1. කකචූපම සූත්‍රය
2. අලගද්දූපමසුත්තං 2. අලගද්දූපම සූත්‍රය
234
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අරිට්ඨස්ස නාම භික්ඛුනො ගද්ධබාධිපුබ්බස්ස (ගන්ධබාධිපුබ්බස්ස (ක.)) එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං හොති - ‘‘තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා යෙමෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායා’’ති. අස්සොසුං ඛො සම්බහුලා භික්ඛූ - ‘‘අරිට්ඨස්ස කිර නාම භික්ඛුනො ගද්ධබාධිපුබ්බස්ස එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං - ‘තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා යෙමෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායා’’’ති. අථ ඛො තෙ භික්ඛූ යෙන අරිට්ඨො භික්ඛු ගද්ධබාධිපුබ්බො තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා අරිට්ඨං භික්ඛුං ගද්ධබාධිපුබ්බං එතදවොචුං - ‘‘සච්චං කිර තෙ, ආවුසො අරිට්ඨ, එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං - ‘තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා යෙමෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායා’’’ති. ‘‘එවංබ්‍යාඛො (එවං ඛො (?) භගවතො සම්මුඛායෙවස්ස ‘‘එවංබ්‍යාඛො’’ති) අහං, ආවුසො, භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා යෙමෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායා’’ති.
අථ ඛො තෙපි භික්ඛූ අරිට්ඨං භික්ඛුං ගද්ධබාධිපුබ්බං එතස්මා පාපකා දිට්ඨිගතා විවෙචෙතුකාමා සමනුයුඤ්ජන්ති සමනුගාහන්ති (සමනුග්ගාහන්ති (ස්‍යා.)) සමනුභාසන්ති - ‘‘මා හෙවං, ආවුසො අරිට්ඨ, අවච, මා භගවන්තං අබ්භාචික්ඛි; න හි සාධු භගවතො අබ්භක්ඛානං (අබ්භාචික්ඛනං (ක.)), න හි භගවා එවං වදෙය්‍ය. අනෙකපරියායෙනාවුසො අරිට්ඨ, අන්තරායිකා ධම්මා අන්තරායිකා වුත්තා භගවතා, අලඤ්ච පන තෙ පටිසෙවතො අන්තරායාය. අප්පස්සාදා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහුපායාසා,ආදීනවො එත්ථ භිය්‍යො. අට්ඨිකඞ්කලූපමා කාමා වුත්තා භගවතා...පෙ.... මංසපෙසූපමා කාමා වුත්තා භගවතා... තිණුක්කූපමා කාමා වුත්තා භගවතා... අඞ්ගාරකාසූපමා කාමා වුත්තා භගවතා... සුපිනකූපමා කාමා වුත්තා භගවතා... යාචිතකූපමා කාමා වුත්තා භගවතා... රුක්ඛඵලූපමා කාමා වුත්තා භගවතා... අසිසූනූපමා කාමා වුත්තා භගවතා... සත්තිසූලූපමා කාමා වුත්තා භගවතා... සප්පසිරූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහුපායාසා, ආදීනවො එත්ථ භිය්‍යො’’ති. එවම්පි ඛො අරිට්ඨො භික්ඛු ගද්ධබාධිපුබ්බො තෙහි භික්ඛූහි සමනුයුඤ්ජියමානො සමනුගාහියමානො (සමනුග්ගාහියමානො (ස්‍යා. විනයෙපි)) සමනුභාසියමානො තදෙව (තථෙව තං (විනයෙ)) පාපකං දිට්ඨිගතං ථාමසා පරාමාසා අභිනිවිස්ස වොහරති - ‘‘එවංබ්‍යාඛො අහං, ආවුසො, භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා යෙමෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායා’’ති.
234
“මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි (පෙර ගිජුලිහිණියන් නැසූ කුලයෙහි උපන් හෙයින්) ගද්ධබාධි පුබ්බයයි කියනු ලබන අරිට්ඨ නම් භික්ෂුවට මෙබඳුවූ ලාමකවූ වැරදි මතයක් උපන්නේ වෙයි (කෙබඳු මතයක්ද යත්) ‘භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්ම කෙනෙක් ස්වර්ග මොක්ෂ දෙකට අන්තරායකරයයි වදාරණ ලද්දාහුද ඒ ධර්මයෝ සේවනය කරන්නාහට අන්තරාය පිණිස නොවෙත්. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය මම මෙසේ දනිමි’යි (කියායි.)
ඉක්බිති බොහෝ භික්ෂූහු ගද්ධබාධිපුබ්බ අරිට්ඨ නම් භික්ෂුවට මෙබඳු වැරදි මතයක් පහළවී තිබෙන බව ඇසූහ. එනම්:
“භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්මකෙනෙක් ස්වර්ග මොක්ෂ දෙකට අන්තරායකරයයි වදාරණ ලද්දාහුද ඒ ධර්මයෝ සේවනය කරන්නාහට අන්තරාය පිණිස නොවෙත්. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරනලද ධර්මය මම මෙසේ දනිමි’යි (කියායි.)
ඉක්බිති ඒ භික්ෂූහු ගද්ධබාධිපුබ්බ අරිට්ඨ නම් භික්ෂුව යම් තැනෙකද එහි පැමිණියහ. පැමිණ, ගද්ධබාධිපුබ්බ අරිට්ඨ නම් භික්ෂුවට මෙසේ කීහ. “ඇවැත්වූ අරිට්ඨය, තොපට ‘භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්ම කෙනෙක් ස්වර්ග මොක්ෂ දෙකට අන්තරායකරයයි වදාරණ ලද්දාහුද, ඒ ධර්මයෝ සේවනය කරන්නාහට අන්තරාය පිණිස නොවෙත්. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරනලද ධර්මය මම මෙසේ දනිමි යන පහත්වූ වැරදි මතයක් පහළ වී ඇත්තේය යනු සැබෑදැ’යි විචාළහ.”
“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්ම කෙනෙක් ස්වර්ග මොක්ෂ දෙකට අන්තරායකරයයි වදාරන ලද්දාහු නම් ඒ ධර්මයෝ අන්තරාය පිණිස නොවෙත් යන ආකාරයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ඒ ධර්මය මම දනිමි”යි කීහ.
“ඉක්බිති ඒ භික්ෂූහු ගද්ධබාධිපුබ්බ අරිට්ඨ නම් භික්ෂුව ඒ වැරදි මතයෙන් වෙන් කරවනු කැමැත්තාහු මතය විචාරමින් කරුණු කියති, මතයෙහි පිහිටුවමින් කරුණු කියති. ඊට හේතු අසමින් කරුණු කියති.
“ඇවැත් අරිට්ඨයෙනි, මෙසේ නොකියව, ඇවැත් අරිට්ඨයෙනි, මෙසේ නොකියව, භාග්‍යවතුන් වහන්සේට දෝෂාරෝපණය නොකරව. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නොවදාරන්නාහ. ඇවැත් අරිට්ඨයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ස්වර්ග මොක්ෂ දෙකට අන්තරායකර ධර්මයෝ අන්තරායකර ධර්මයෝයයි වදාරණ ලදහ. ඔවුහු සේවනය කරන්නාහට අන්තරාය පිණිස වෙත්.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ස්වල්ප සැපක් ඇත්තාහ. බොහෝ දුක් හා බොහෝ වෙහෙස ඇත්තාහ. මෙහි ආදීනවම බහුලයයි වදාරන ලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ඇට කැබැල්ලකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, මෙහි ආදීනවම බහුලයයි වදාරන ලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ මස් කැටියකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ගිනිසුලකට බඳු උපමා ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ අඟුරු වළකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ සිහිනයකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ඉල්වාගත් දෙයකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරන ලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ගසක ගෙඩියකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ. මෙහි ආදීනවම බොහෝයයි වදාරන ලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ කැත්ත හා මස් ලොඹුවකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරන ලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ආයුධයක් හා හුලකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, මෙහි ආදීනවම බොහෝයයි වදාරන ලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ සර්ප හිසකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝ වන්නේ යයි වදාරනලදැයි” (අවවාද කළාහුය.)
මෙසේද ඒ භික්ෂූන් විසින් මතය විචාරමින් කරුණු කියනු ලැබූ මතයෙහි පිහිටුවමින් කරුණු කියනු ලැබූ ඊට හේතු අසමින් කරුණු කියන ලැබූ ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ අන්තරායකර ධර්ම කෙනෙක් වදාරණ ලද්දාහුද ඒ ධර්මයෝ සේවනය කරන්නාහට අන්තරාය පිණිස නොවෙත්. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය මම එපරිද්දෙන් දනිමි’යි යන ඒ ලාමක වැරදි මතයම තරයේ අල්ලාගෙන ව්‍යවහාර කරයි.
235
යතො ඛො තෙ භික්ඛූ නාසක්ඛිංසු අරිට්ඨං භික්ඛුං ගද්ධබාධිපුබ්බං එතස්මා පාපකා දිට්ඨිගතා විවෙචෙතුං, අථ ඛො තෙ භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං - ‘‘අරිට්ඨස්ස නාම, භන්තෙ, භික්ඛුනො ගද්ධබාධිපුබ්බස්ස එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං - ‘තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා යෙමෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායා’ති. අස්සුම්හ ඛො මයං, භන්තෙ - ‘අරිට්ඨස්ස කිර නාම භික්ඛුනො ගද්ධබාධිපුබ්බස්ස එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං - තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා යෙමෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායා’ති. අථ ඛො මයං, භන්තෙ, යෙන අරිට්ඨො භික්ඛු ගද්ධබාධිපුබ්බො තෙනුපසඞ්කමිම්හ; උපසඞ්කමිත්වා අරිට්ඨං භික්ඛුං ගද්ධබාධිපුබ්බං එතදවොචුම්හ - ‘සච්චං කිර තෙ, ආවුසො අරිට්ඨ, එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං - තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා යෙමෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායා’ති?
‘‘එවං වුත්තෙ, භන්තෙ, අරිට්ඨො භික්ඛු ගද්ධබාධිපුබ්බො අම්හෙ එතදවොච - ‘එවංබ්‍යාඛො අහං, ආවුසො, භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා යෙමෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායා’ති. අථ ඛො මයං, භන්තෙ, අරිට්ඨං භික්ඛුං ගද්ධබාධිපුබ්බං එතස්මා පාපකා දිට්ඨිගතා විවෙචෙතුකාමා සමනුයුඤ්ජිම්හ සමනුගාහිම්හ සමනුභාසිම්හ - ‘මා හෙවං, ආවුසො අරිට්ඨ, අවච, මා භගවන්තං අබ්භාචික්ඛි; න හි සාධු භගවතො අබ්භක්ඛානං , න හි භගවා එවං වදෙය්‍ය. අනෙකපරියායෙනාවුසො අරිට්ඨ, අන්තරායිකා ධම්මා අන්තරායිකා වුත්තා භගවතා, අලඤ්ච පන තෙ පටිසෙවතො අන්තරායාය. අප්පස්සාදා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහුපායාසා, ආදීනවො එත්ථ භිය්‍යො. අට්ඨිකඞ්කලූපමා කාමා වුත්තා භගවතා...පෙ.... සප්පසිරූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහුපායාසා, ආදීනවො එත්ථ භිය්‍යො’ති. එවම්පි ඛො, භන්තෙ, අරිට්ඨො භික්ඛු ගද්ධබාධිපුබ්බො අම්හෙහි සමනුයුඤ්ජියමානො සමනුගාහියමානො සමනුභාසියමානො තදෙව පාපකං දිට්ඨිගතං ථාමසා පරාමාසා අභිනිවිස්ස වොහරති - ‘එවංබ්‍යාඛො අහං, ආවුසො, භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා යෙමෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායා’ති. යතො ඛො මයං, භන්තෙ, නාසක්ඛිම්හ අරිට්ඨං භික්ඛුං ගද්ධබාධිපුබ්බං එතස්මා පාපකා දිට්ඨිගතා විවෙචෙතුං, අථ මයං එතමත්ථං භගවතො ආරොචෙමා’’ති.
235
යම් හෙයකින් ඒ භික්ෂූහු ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුව ඒ ලාමක වැරදි මතයෙන් වෙන් කරවන්නට අසමර්ථ වූවාහුද, එවිට ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැලකළහ.
“ස්වාමීනි, ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුවට භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ අන්තරායකර ධර්ම කෙනෙක් වදාරණ ලද්දාහුද ඒ ධර්මයෝ සේවනය කරන්නාහට අන්තරාය පිණිස නොවෙත්. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය මම එපරිද්දෙන් දනිමි’ යන මෙබඳු ලාමක වැරදි මතයක් උපන්නේය. ස්වාමීනි, අපි ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුවට භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ඒ අන්තරායකර ධර්මකෙනෙක් වදාරන ලද්දාහුද ඒ ධර්මයෝ සේවනය කරන්නා හට අන්තරායකර නොවෙත්, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ඒ ධර්මය මම ඒ ආකාරයෙන් දනිමි, යන ලාමක වැරදි මතයක් උපන් බව ඇසීමු. ස්වාමිනි, ඉක්බිති අප ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුව යම්තැනකද, එතැනට පැමිණියෙමු පැමිණ, අරිට්ඨ භික්ෂුවට මෙසේ කීයෙමු. “ඇවැත් අරිට්ඨයෙනි, තොපට භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ අන්තරායක ධර්ම කෙනෙක් වදාරණ ලද්දාහුද ඒ ධර්මයෝ සේවනය කරන්නා හට අන්තරාය පිණිස නොවෙත්. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය මම එපරිද්දෙන් දනිමි යන මෙබඳු වැරදි ලාමක මතයක් පහළවී ඇත්තේය යනු සැබෑදැයි විචාළෙමු.”
“ස්වාමීනි මෙසේ කී කල්හි ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුව අපට මෙසේ කීයේය. භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ අන්තරායකර ධර්මකෙනෙක් වදාරණ ලද්දාහුද ඒ ධර්මයෝ සේවනය කරන්නාහට අන්තරාය පිණිස නොවෙත්. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය මම එපරිද්දෙන් දනිමි’යි (කියායි.)
“ස්වාමීනි, ඉක්බිති අපි ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුව ඒ ලාමක වැරදි මතයෙන් වෙන් කරවනු පිණිස මතය විචාරමින් කරුණු කීයෙමු, මතයෙහි පිහිටුවමින් කරුණු කියෙමු. ඊට හේතු අසමින් කරුණු කීයෙමු. ඇවැත්නි, අරිට්ඨයෙනි, මෙසේ නොකියව. ඇවැත් අරිට්ඨයෙනි, මෙසේ නොකියව, භාග්‍යවතුන් වහන්සේට දෝෂාරොපනය නොකරව. භාග්‍යවතුන් වහන්සේට දොස් කීම හොඳ නැත. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නොවදාරන්නාහ.
“භාග්‍යවතුන් වහන්සේ කාමයෝ ඇට කැබැල්ලකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, මෙහි ආදීනවම බහුලයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ මස් කැටියකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ. බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ගිනිසුලකට බඳු උපමා ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ අඟුරු වළකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ සිහිනයකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ඉල්වාගත් දෙයකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ගසක ගෙඩියකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ කැත්ත හා මස් ලොඹුවකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ආයුධයක් හා හුලකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, මෙහි ආදීනවම බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ සර්ප හිසකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝ වන්නේ යයි වදාරනලදැ”යි (අවවාද කෙළෙමු.)
“ස්වාමීනි, අප විසින් මෙසේද මතය විචාරමින් කරුණු කියනු ලැබූ මතයෙහි පිහිටුවමින් කරුණු කියනු ලැබූ හේතු විචාරමින් කරුණු කියනු ලැබූ, අරිට්ඨ භික්ෂුව ‘භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ අන්තරායකර ධර්ම කෙනෙක් වදාරන ලද්දාහුද, ඒ ධර්මයෝ සේවනය කරන්නාහට අන්තරාය පිණිස නොවෙත් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය මම එපරිද්දෙන් දනිමියි’ යන ලාමක මතය තරකොට අල්ලාගෙන ඊට ඇතුළත්ව ව්‍යවහාර කරයි. ස්වාමීනි, යම් හෙයකින් අරිට්ඨ භික්ෂුව මේ ලාමක වැරදි මතයෙන් වෙන් කරවන්නට බැරිවූයෙමුද එහෙයින් අපි මේ කාරණය භාග්‍යවතුන් වහන්සේට සැලකරන්නෙමු.”
236
අථ ඛො භගවා අඤ්ඤතරං භික්ඛුං ආමන්තෙසි - ‘‘එහි ත්වං, භික්ඛු, මම වචනෙන අරිට්ඨං භික්ඛුං ගද්ධබාධිපුබ්බං ආමන්තෙහි - ‘සත්ථා තං, ආවුසො අරිට්ඨ, ආමන්තෙතී’’’ති. ‘‘එවං , භන්තෙ’’ති ඛො සො භික්ඛු භගවතො පටිස්සුත්වා, යෙන අරිට්ඨො භික්ඛු ගද්ධබාධිපුබ්බො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා අරිට්ඨං භික්ඛුං ගද්ධබාධිපුබ්බං එතදවොච - ‘‘සත්ථා තං, ආවුසො අරිට්ඨ, ආමන්තෙතී’’ති. ‘‘එවමාවුසො’’ති ඛො අරිට්ඨො භික්ඛු ගද්ධබාධිපුබ්බො තස්ස භික්ඛුනො පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො අරිට්ඨං භික්ඛුං ගද්ධබාධිපුබ්බං භගවා එතදවොච - ‘‘සච්චං කිර තෙ, අරිට්ඨ, එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං - ‘තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා යෙමෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායා’’’ති?
‘‘එවංබ්‍යාඛො අහං, භන්තෙ, භගවතා ධම්මං දෙසිතං ආජානාමි - ‘යථා යෙමෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායා’’’ති. ‘‘කස්ස ඛො නාම ත්වං, මොඝපුරිස, මයා එවං ධම්මං දෙසිතං ආජානාසි? නනු මයා, මොඝපුරිස, අනෙකපරියායෙන අන්තරායිකා ධම්මා අන්තරායිකා වුත්තා? අලඤ්ච පන තෙ පටිසෙවතො අන්තරායාය. අප්පස්සාදා කාමා වුත්තා මයා, බහුදුක්ඛා බහුපායාසා, ආදීනවො එත්ථ භිය්‍යො. අට්ඨිකඞ්කලූපමා කාමා වුත්තා මයා... මංසපෙසූපමා කාමා වුත්තා මයා... තිණුක්කූපමා කාමා වුත්තා මයා... අඞ්ගාරකාසූපමා කාමා වුත්තා මයා... සුපිනකූපමා කාමා වුත්තා මයා... යාචිතකූපමා කාමා වුත්තා මයා... රුක්ඛඵලූපමා කාමා වුත්තා මයා... අසිසූනූපමා කාමා වුත්තා මයා... සත්තිසූලූපමා කාමා වුත්තා මයා... සප්පසිරූපමා කාමා වුත්තා මයා, බහුදුක්ඛා බහුපායාසා, ආදීනවො එත්ථ භිය්‍යො. අථ ච පන ත්වං, මොඝපුරිස, අත්තනා දුග්ගහිතෙන අම්හෙ චෙව අබ්භාචික්ඛසි, අත්තානඤ්ච ඛනසි, බහුඤ්ච අපුඤ්ඤං පසවසි. තඤ්හි තෙ, මොඝපුරිස, භවිස්සති දීඝරත්තං අහිතාය දුක්ඛායා’’ති.
අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, අපි නායං අරිට්ඨො භික්ඛු ගද්ධබාධිපුබ්බො උස්මීකතොපි ඉමස්මිං ධම්මවිනයෙ’’ති? ‘‘කිඤ්හි (කිංති (ක.)) සියා, භන්තෙ; නො හෙතං, භන්තෙ’’ති. එවං වුත්තෙ, අරිට්ඨො භික්ඛු ගද්ධබාධිපුබ්බො තුණ්හීභූතො මඞ්කුභූතො පත්තක්ඛන්ධො අධොමුඛො පජ්ඣායන්තො අප්පටිභානො නිසීදි. අථ ඛො භගවා අරිට්ඨං භික්ඛුං ගද්ධබාධිපුබ්බං තුණ්හීභූතං මඞ්කුභූතං පත්තක්ඛන්ධං අධොමුඛං පජ්ඣායන්තං අප්පටිභානං විදිත්වා අරිට්ඨං භික්ඛුං ගද්ධබාධිපුබ්බං එතදවොච - ‘‘පඤ්ඤායිස්සසි ඛො ත්වං, මොඝපුරිස, එතෙන සකෙන පාපකෙන දිට්ඨිගතෙන. ඉධාහං භික්ඛූ පටිපුච්ඡිස්සාමී’’ති.
236
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්ෂුවක් කැඳවූහ. ‘මහණ, මෙහි එව, මගේ වචනයෙන් ‘ඇවැත් අරිට්ඨය, ශාස්තෲන්වහන්සේ තොප කැඳවති’යි ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුව කැඳවාගෙන එව”යි කීහ. “එසේය ස්වාමීනි”යි කියා ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට උත්තරදී ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුව යම් තැනකද එහි ගියේය. ගොස් ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුවට, ‘ඇවැත්නි අරිට්ඨයෙනි, භාග්‍යවතුන් වහන්සේ තොප කැඳවන්නාහ’යි කීවේය. ‘එසේය ඇවැත්නි’යි කියා ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුව ඒ භික්ෂූන් වහන්සේට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පැත්තක වාඩිවිය. එකත්පසෙක උන් ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුවට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. ‘අරිට්ඨය, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ අන්තරායකර ධර්ම කෙනෙක් වදාරණ ලද්දාහුද ඒ ධර්මයෝ සේවනය කරන්නාහට අන්තරාය පිණිස නොවෙත්. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය මම එපරිද්දෙන් දනිමි’ යන මෙබඳු ලාමක දෘෂ්ටියක් තට උපන්නේය යනු සැබෑදැ”යි ඇසූහ.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් අන්තරායික ධර්මකෙනෙක් වදාරනලද්දාහුද, ඒ ධර්මයෝ සෙවනය කරන්නාහට අන්තරාය පිණිස නොපවත්නාහුයයි මම මේ ආකාරයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කළ ධර්මය දනිමි”යි කීය.
“හිස් පුරුෂය, මා කාහට මෙබඳු ධර්මයක් දේශනා කළ බව තෝ දන්නෙහිද, මා විසින් නොයෙක් ආකාරයෙන් අන්තරායකර ධර්ම අන්තරායකරයයි කියන ලද්දේ නොවේද? සේවනය කරන්නාහට ඒ ධර්මයෝ අන්තරාය පිණිස වෙත්මැයි.
“මා විසින් කාමයෝ ස්වල්ප සැපක් ඇත්තාහ. බොහෝ දුක් හා බොහෝ වෙහෙස ඇත්තාහ. මෙහි ආදීනවම බහුල යයි වදාරනලදී.
“මා විසින් කාමයෝ ඇටසැකිල්ලකට බඳු උපමා ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ. බොහෝ වෙහෙස ඇත්තාහ, මෙහි ආදීනවම බහුලයයි වදාරනලදී.
“මා විසින් කාමයෝ මස්කැටියකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝ යයි වදාරනලදී.
“මා විසින් කාමයෝ ගිනිසුලකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝ යයි වදාරනලදී.
“මා විසින් කාමයෝ අඟුරුවළකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී.
“මා විසින් කාමයෝ සිහිනයකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදිනවම මෙහි බොහෝ යයි වදාරනලදී.
“මා විසින් කාමයෝ ඉල්වාගත් දෙයකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරන ලදී.
“මා විසින් කාමයෝ ගසක ගෙඩියකට බඳු උපමා ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, මෙහි ආදීනවම බොහෝ යයි වදාරනලදී.
“මා විසින් කාමයෝ කැත්ත හා මස්ලොඹුවකට බඳු උපමා ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ. බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනව මෙහි බොහෝයයි වදාරනලදී.
“මා විසින් කාමයෝ ආයුධයක් හා හුලකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, මෙහි ආදීනවම බොහෝයයි වදාරන ලදී.
“මා විසින් කාමයෝ සර්ප හිසකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝ වන්නේයයි වදාරනලදී.
මෙසේ තිබියදීත් හිස් පුරුෂය, තෝ තමා වරදවා ගත් මතයෙන් අපටද දොස් නගන්නෙහිය, තමාද නැසෙන්නෙහිය, බොහෝ පව්ද රැස්කරගන්නෙහිය. හිස් පුරුෂය, තොපට මෙය බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස පවත්නේය.”
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ආමන්ත්‍රණය කළහ.
“මහණෙනි, මේ තොපි කුමක් සිතව්ද, ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුවට මේ ශාසනයෙන් ලබන ඥානය නමැති ගින්නෙහි උණුසුමවත් ඇත්තේද?
“ස්වාමීනි, කෙසේ නම් වන්නේද? ස්වාමීනි, එසේ නොවන්නේය.”
මෙසේ කී කල්හි ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුව නිශ්ශබ්ද වූයේ මකුවූයේ කඳ නමා ගත්තේ මුහුණ පහතට හරවා ගත්තේ කල්පනා කරන්නේ කිසිවක් සිතාගත නොහැකිව හුන්නේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අරිට්ඨ භික්ෂුව නිශ්ශබ්දව, මකුව, කඳ නමාගෙන මුහුණ පහතට හරවාගෙන කල්පනා කරමින් කිසිවක් නොවැටහී සිටිනු දැන, අරිට්ඨ භික්ෂුවට මෙසේ කීහ. “හිස් පුරුෂය, තෝ මේ තොපගේ ලාමක වැරදි මතයෙන් ප්‍රකට වන්නෙහිය. මම භික්ෂූන් විචාරන්නෙමි”යි කියා,
237
අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘තුම්හෙපි මෙ, භික්ඛවෙ , එවං ධම්මං දෙසිතං ආජානාථ යථායං අරිට්ඨො භික්ඛු ගද්ධබාධිපුබ්බො අත්තනා දුග්ගහිතෙන අම්හෙ චෙව අබ්භාචික්ඛති, අත්තානඤ්ච ඛනති, බහුඤ්ච අපුඤ්ඤං පසවතී’’ති? ‘‘නො හෙතං, භන්තෙ. අනෙකපරියායෙන හි නො, භන්තෙ, අන්තරායිකා ධම්මා අන්තරායිකා වුත්තා භගවතා; අලඤ්ච පන තෙ පටිසෙවතො අන්තරායාය. අප්පස්සාදා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහුපායාසා, ආදීනවො එත්ථ භිය්‍යො. අට්ඨිකඞ්කලූපමා කාමා වුත්තා භගවතා...පෙ.... සප්පසිරූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහුපායාසා , ආදීනවො එත්ථ භිය්‍යො’’ති. ‘‘සාධු සාධු, භික්ඛවෙ, සාධු, ඛො මෙ තුම්හෙ, භික්ඛවෙ, එවං ධම්මං දෙසිතං ආජානාථ. අනෙකපරියායෙන හි ඛො, භික්ඛවෙ, අන්තරායිකා ධම්මා වුත්තා මයා, අලඤ්ච පන තෙ පටිසෙවතො අන්තරායාය. අප්පස්සාදා කාමා වුත්තා මයා , බහුදුක්ඛා බහුපායාසා, ආදීනවො එත්ථ භිය්‍යො. අට්ඨිකඞ්කලූපමා කාමා වුත්තා මයා...පෙ.... සප්පසිරූපමා කාමා වුත්තා මයා, බහුදුක්ඛා බහුපායාසා, ආදීනවො එත්ථ භිය්‍යො. අථ ච පනායං අරිට්ඨො භික්ඛු ගද්ධබාධිපුබ්බො අත්තනා දුග්ගහිතෙන අම්හෙ චෙව අබ්භාචික්ඛති, අත්තානඤ්ච ඛනති, බහුඤ්ච අපුඤ්ඤං පසවති. තඤ්හි තස්ස මොඝපුරිසස්ස භවිස්සති දීඝරත්තං අහිතාය දුක්ඛාය. සො වත, භික්ඛවෙ, අඤ්ඤත්‍රෙව කාමෙහි අඤ්ඤත්‍ර කාමසඤ්ඤාය අඤ්ඤත්‍ර කාමවිතක්කෙහි කාමෙ පටිසෙවිස්සතීති - නෙතං ඨානං විජ්ජති’’.
237
භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ගෙන් මෙසේ විචාළහ. “මහණෙනි, මේ ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුව යම්සේ තමා වරදවා ගත් මතයෙන් අපටත් දොස් නගයිද, තමාත් වැනසෙයිද, බොහෝ අකුසලක් රැස් කර ගනියිද, එබඳුවූ ධර්මයක් මා දේශනා කළ බව තොප දන්නහුද?”
“නැත ස්වාමීනි, අපට වනාහි භාග්‍යවතුන් වහන්සේ නොයෙක් පරිද්දෙන් අන්තරායකර ධර්ම අන්තරායකරයයි දේශනා කරන ලදහ. ඒ ධර්මයෝ සේවනය කරන්නාහට අන්තරාය පිණිස වෙත්මය.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ස්වල්ප සැපක් ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ. බොහෝ වෙහෙස ඇත්තාහ. මෙහි ආදීනවම බහුලයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ඇට කැබැල්ලකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ. බොහෝ වෙහෙස ඇත්තාහ, මෙහි ආදීනවම බහුලයයි වදාරනලදි.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ මස් කැටියකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ගිනිසුලකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ අඟුරු වළකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ සිහිනයකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ඉල්වාගත් දෙයකට බඳු උපමා ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරන ලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ගසක ගෙඩියකට බඳු උපමා ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, මෙහි ආදීනවම බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ කැත්ත හා මස් ලොඹුවකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරන ලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ආයුධයක් හා හුලකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, මෙහි ආදීනව බොහෝයයි වදාරන ලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ සර්ප හිසකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝ වන්නේය”යි වදාරන ලදී.
“යහපත මහණෙනි, මා දෙසූ ධර්මය තොප දන්නා සැටි ඉතා මැනවි. මා විසින් තොපට නොයෙක් පරිද්දෙන් අන්තරායකර ධර්ම අන්තරායකරයයි දෙසන ලදී. ඒ ධර්මයෝ සේවනය කරන්නාහට අන්තරාය පිණිස පවතිත්.
“මා විසින් කාමයෝ ස්වල්ප සැපක් ඇත්තාහ, බොහෝ දුක් හා බොහෝ වෙහෙස ඇත්තාහ. මෙහි ආදීනවම බහුල යයි වදාරන ලදී.
“මා විසින් කාමයෝ ඇට කැබැල්ලකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, මෙහි ආදිනවම බහුලයයි වදාරන ලදී.
“මා විසින් කාමයෝ මස් කැටියකට බඳු උපමා ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ. බොහෝ වෙහෙස ඇත්තාහ. ආදීනවම මෙහි බොහෝ යයි වදාරන ලදී.
“මා විසින් කාමයෝ ගිනිසුලකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ. බොහෝ වෙහෙස ඇත්තාහ. ආදීනවම මෙහි බොහෝ යයි වදාරන ලදී.
“මා විසින් කාමයෝ අඟුරු වළකට බඳු උපමා ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝ යයි වදාරන ලදී.
“මා විසින් කාමයෝ මස් සිහිනයකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ. බොහෝ වෙහෙස ඇත්තාහ. ආදීනවම මෙහි බොහෝ යයි වදාරන ලදී.
“මා විසින් කාමයෝ ඉල්වාගත් දෙයකට බඳු උපමා ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ. බොහෝ වෙහෙස ඇත්තාහ. ආදීනවම මෙහි බොහෝ යයි වදාරන ලදී.
“මා විසින් කාමයෝ ගසක ගෙඩියකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ. ආදීනවම මෙහි බොහෝ යයි වදාරන ලදී.
“මා විසින් කාමයෝ කැත්ත හා මස්ලොඹුවකට බඳු උපමා ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ. බොහෝ වෙහෙස ඇත්තාහ. ආදීනවම මෙහි බොහෝ යයි වදාරන ලදී.
“මා විසින් කාමයෝ ආයුධයක් හා හුලකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝ යයි වදාරන ලදී.
“මා විසින් කාමයෝ සර්ප හිසකට බඳු උපමා ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝ යයි වදාරන ලදී.
“එසේද වුවත් මේ ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුව තමා වරදවාගත් මතයෙන් අපටද දොස් නගයි, තමාත් වැනසෙයි, බොහෝ අකුසලුත් රැස්කරගනියි. ඒ වනාහි ඒ හිස් පුරුෂයා හට දීර්ඝ කාලයක් අහිත පිණිස, දුක් පිණිස පවත්නේය.
“මහණෙනි, හෙතෙම ක්ලෙශ කාමයන්ගෙන් වෙන්ව කාම හැඟීම්වලින් වෙන්ව, කාම කල්පනාවලින් වෙන්ව වස්තු කාමයන් සේවනය කරන්නේය යන මේකාරණය සිදු නොවන්නකි.
238
‘‘ඉධ, භික්ඛවෙ, එකච්චෙ මොඝපුරිසා ධම්මං පරියාපුණන්ති - සුත්තං, ගෙය්‍යං, වෙය්‍යාකරණං, ගාථං, උදානං, ඉතිවුත්තකං, ජාතකං, අබ්භුතධම්මං, වෙදල්ලං. තෙ තං ධම්මං පරියාපුණිත්වා තෙසං ධම්මානං පඤ්ඤාය අත්ථං න උපපරික්ඛන්ති. තෙසං තෙ ධම්මා පඤ්ඤාය අත්ථං අනුපපරික්ඛතං න නිජ්ඣානං ඛමන්ති. තෙ උපාරම්භානිසංසා චෙව ධම්මං පරියාපුණන්ති ඉතිවාදප්පමොක්ඛානිසංසා ච. යස්ස චත්ථාය ධම්මං පරියාපුණන්ති තඤ්චස්ස අත්ථං නානුභොන්ති. තෙසං තෙ ධම්මා දුග්ගහිතා දීඝරත්තං අහිතාය දුක්ඛාය සංවත්තන්ති. තං කිස්ස හෙතු? දුග්ගහිතත්තා, භික්ඛවෙ, ධම්මානං.
‘‘සෙය්‍යථාපි, භික්ඛවෙ, පුරිසො අලගද්දත්ථිකො අලගද්දගවෙසී අලගද්දපරියෙසනං චරමානො. සො පස්සෙය්‍ය මහන්තං අලගද්දං. තමෙනං භොගෙ වා නඞ්ගුට්ඨෙ වා ගණ්හෙය්‍ය. තස්ස සො අලගද්දො පටිපරිවත්තිත්වා (පටිනිවත්තිත්වා (ස්‍යා. ක.)) හත්ථෙ වා බාහාය වා අඤ්ඤතරස්මිං වා අඞ්ගපච්චඞ්ගෙ ඩංසෙය්‍ය (ඩසෙය්‍ය (සී. පී.)). සො තතොනිදානං මරණං වා නිගච්ඡෙය්‍ය මරණමත්තං වා දුක්ඛං. තං කිස්ස හෙතු? දුග්ගහිතත්තා, භික්ඛවෙ, අලගද්දස්ස. එවමෙව ඛො, භික්ඛවෙ, ඉධෙකච්චෙ මොඝපුරිසා ධම්මං පරියාපුණන්ති - සුත්තං, ගෙය්‍යං, වෙය්‍යාකරණං, ගාථං, උදානං, ඉතිවුත්තකං, ජාතකං, අබ්භුතධම්මං, වෙදල්ලං. තෙ තං ධම්මං පරියාපුණිත්වා තෙසං ධම්මානං පඤ්ඤාය අත්ථං න උපපරික්ඛන්ති. තෙසං තෙ ධම්මා පඤ්ඤාය අත්ථං අනුපපරික්ඛතං න නිජ්ඣානං ඛමන්ති. තෙ උපාරම්භානිසංසා චෙව ධම්මං පරියාපුණන්ති ඉතිවාදප්පමොක්ඛානිසංසා ච. යස්ස චත්ථාය ධම්මං පරියාපුණන්ති තඤ්චස්ස අත්ථං නානුභොන්ති. තෙසං තෙ ධම්මා දුග්ගහිතා දීඝරත්තං අහිතාය දුක්ඛාය සංවත්තන්ති. තං කිස්ස හෙතු? දුග්ගහිතත්තා භික්ඛවෙ ධම්මානං.
238
“මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් හිස් පුරුෂයෝ සූත්‍ර ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අද්භූතධර්ම, වෙදල්ල යන ධර්ම ඉගෙනගන්නාහුය. ඔහු ඒ ධර්ම ඉගෙන ඒ ධර්මයන්ගේ අර්ථය නුවණින් සලකා නොබලන්නාහුය. නුවණින් අර්ථය සලකා නොබලන්නාවූ ඔවුනට එය හොඳින් නොවැටහෙයි. ඔව්හු අන්‍ය වාදවලට දොස් දැක්වීමේ හෝ තමන්ගේ වාදය අන්‍යයන්ගේ දෝෂාරොපනයෙන් නිදහස් කරගැනීමේ හෝ අදහසින් ධර්මය උගනිති. යම්කිසි ප්‍රයෝජනයක් සඳහා ධර්මය උගනිත් නම් ඒ ප්‍රයෝජනයද නොලබත්. නොමනාව ගන්නා ලද්දාවූ ඔවුන්ගේ ඒ ධර්මය බොහෝ කාලයක් මුළුල්ලෙහි ඔවුනට අවැඩ පිණිස දුක් පිණිස පවතී. ඊට හේතු කවරේද යත්? මහණෙනි, ධර්මය නොමනාව ගත් බැවිනි.
“මහණෙනි, සර්පයින්ගෙන් ප්‍රයෝජන ඇත්තාවූ සර්පයන් සොයන්නාවූ සර්පයන් සෙවීමෙහි හැසිරෙන්නාවූ පුරුෂයෙක් තෙම මහත් සර්පයෙකු දක්නේය. හෙතෙම ඒ සර්පයා කඳෙන් හෝ නගුටින් හෝ අල්වාගන්නේය. ඒ සර්පතෙම ආපසු කරකැවී ඔහුගේ අත හෝ බාහුව හෝ මින් පිටත් අන් අඟපසගක් හෝ දෂ්ට කරන්නේය. හෙතෙම ඒ හේතු කොටගෙන මරණයට හෝ පැමිණෙන්නේය. මරණය සමාන දුකට හෝ පැමිණෙන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, ඒ සර්පයා වරදවා අල්වාගත් හෙයිනි.
“මහණෙනි, එසේම මේ ශාසනයෙහි ඇතැම් හිස් පුරුෂයෝ සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අද්භූතධර්ම, වෙදල්ල යන ධර්ම ඉගෙන ගන්නාහුය. ඔව්හු ඒ ධර්මය ඉගෙන ඒ ධර්මයන්ගේ අර්ථය නුවණින් සලකා නොබලන්නාහුය. නුවණින් අනර්ථය සලකා නොබලන්නාවූ ඔවුනට එය හොඳින් නොවැටහෙයි. ඔව්හු අන්‍ය වාදවලට දෙස් දැක්වීමේ හෝ තමන්ගේ වාදය අන්‍යයන්ගේ දෝෂාරෝපයෙන් නිදහස් කරගැනීමේ හෝ අදහසින් ධර්මය උගනිති. යම්කිසි ප්‍රයෝජනයක් සඳහා ධර්මය උගනිත් නම් ඒ ප්‍රයෝජනයද නොලබත්. නොමනාව ගන්නා ලද්දාවූ ඔවුන්ගේ ඒ ධර්මය බොහෝ කාලයක් මුලුල්ලෙහි ඔවුනට අවැඩ පිණිස දුක් පිණිස පවතී. ඊට හේතු කවරේද යත්? මහණෙනි, ධර්මය නොමනාව ගත් බැවිනි.
239
‘‘ඉධ පන, භික්ඛවෙ, එකච්චෙ කුලපුත්තා ධම්මං පරියාපුණන්ති - සුත්තං, ගෙය්‍යං, වෙය්‍යාකරණං, ගාථං, උදානං, ඉතිවුත්තකං, ජාතකං, අබ්භුතධම්මං, වෙදල්ලං. තෙ තං ධම්මං පරියාපුණිත්වා තෙසං ධම්මානං පඤ්ඤාය අත්ථං උපපරික්ඛන්ති. තෙසං තෙ ධම්මා පඤ්ඤාය අත්ථං උපපරික්ඛතං නිජ්ඣානං ඛමන්ති. තෙ න චෙව උපාරම්භානිසංසා ධම්මං පරියාපුණන්ති න ඉතිවාදප්පමොක්ඛානිසංසා ච (න ච ඉතිවාදප්පමොක්ඛානිසංසා (?)). යස්ස චත්ථාය ධම්මං පරියාපුණන්ති තඤ්චස්ස අත්ථං අනුභොන්ති. තෙසං තෙ ධම්මා සුග්ගහිතා දීඝරත්තං හිතාය සුඛාය සංවත්තන්ති. තං කිස්ස හෙතු? සුග්ගහිතත්තා භික්ඛවෙ ධම්මානං.
‘‘සෙය්‍යථාපි, භික්ඛවෙ, පුරිසො අලගද්දත්ථිකො අලගද්දගවෙසී අලගද්දපරියෙසනං චරමානො. සො පස්සෙය්‍ය මහන්තං අලගද්දං. තමෙනං අජපදෙන දණ්ඩෙන සුනිග්ගහිතං නිග්ගණ්හෙය්‍ය. අජපදෙන දණ්ඩෙන සුනිග්ගහිතං නිග්ගහිත්වා, ගීවාය සුග්ගහිතං ගණ්හෙය්‍ය. කිඤ්චාපි සො, භික්ඛවෙ , අලගද්දො තස්ස පුරිසස්ස හත්ථං වා බාහං වා අඤ්ඤතරං වා අඞ්ගපච්චඞ්ගං භොගෙහි පලිවෙඨෙය්‍ය, අථ ඛො සො නෙව තතොනිදානං මරණං වා නිගච්ඡෙය්‍ය මරණමත්තං වා දුක්ඛං. තං කිස්ස හෙතු? සුග්ගහිතත්තා, භික්ඛවෙ, අලගද්දස්ස. එවමෙව ඛො, භික්ඛවෙ, ඉධෙකච්චෙ කුලපුත්තා ධම්මං පරියාපුණන්ති - සුත්තං, ගෙය්‍යං, වෙය්‍යාකරණං, ගාථං, උදානං, ඉතිවුත්තකං, ජාතකං, අබ්භුතධම්මං, වෙදල්ලං. තෙ තං ධම්මං පරියාපුණිත්වා තෙසං ධම්මානං පඤ්ඤාය අත්ථං උපපරික්ඛන්ති. තෙසං තෙ ධම්මා පඤ්ඤාය අත්ථං උපපරික්ඛතං නිජ්ඣානං ඛමන්ති. තෙ න චෙව උපාරම්භානිසංසා ධම්මං පරියාපුණන්ති, න ඉතිවාදප්පමොක්ඛානිසංසා ච. යස්ස චත්ථාය ධම්මං පරියාපුණන්ති, තඤ්චස්ස අත්ථං අනුභොන්ති. තෙසං තෙ ධම්මා සුග්ගහිතා දීඝරත්තං අත්ථාය හිතාය සුඛාය සංවත්තන්ති. තං කිස්ස හෙතු? සුග්ගහිතත්තා, භික්ඛවෙ, ධම්මානං. තස්මාතිහ, භික්ඛවෙ, යස්ස මෙ භාසිතස්ස අත්ථං ආජානෙය්‍යාථ, තථා නං ධාරෙය්‍යාථ. යස්ස ච පන මෙ භාසිතස්ස අත්ථං න ආජානෙය්‍යාථ, අහං වො තත්ථ පටිපුච්ඡිතබ්බො, යෙ වා පනාස්සු වියත්තා භික්ඛූ.
239
“මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් කුලපුත්‍රයෝ සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අද්භූත ධර්ම, වෙදල්ල යන ධර්ම පුහුණු කෙරෙති. ඔව්හු ඒ ධර්මය ඉගෙන එහි අර්ථය නුවණින් සලකා බලති. ඒ ධර්මයන් නුවණින් සලකා බලන්නාවූ ඔවුන්හට ඒ ධර්මය හොඳින් වැටහේ. ඔව්හු අන්‍ය වාදවලට දෝෂාරෝපනය කිරීම හෝ තමන්ගේ වාදය අන්‍යයන්ගේ දෝෂාරොපනවලින් නිදහස් කරගැනීමෙන් හෝ අදහසින් ධර්මය නොම උගනිති. යම්කිසි ප්‍රයෝජනයක් සඳහා ධර්මය උගනිත් නම් ඔව්හු ඒ ප්‍රයෝජනයද ලබති. ඊට හේතු කවරේද? ධර්මය මනාව ගන්නාලද හෙයිනි.
“මහණෙනි, සර්පයන්ගෙන් ප්‍රයෝජන ඇත්තාවූ, සර්පයන් සොයන්නාවූ සර්පයන් සෙවීමෙහි හැසිරෙන්නාවූ පුරුෂයෙක් තෙම මහත් සර්පයෙකු දක්නේය. ඔහු ඒ සර්පයා එළු කුරයක් වැනි දණ්ඩකින් හොඳට තදකර ගන්නේය. තද කොට බෙල්ලෙන් අල්ලාගන්නේය. ඒ සර්පයා ඒ පුරුෂයාගේ අතක් හෝ බාහුව හෝ අන්‍ය අවයවයක් හෝ දරණවැලින් වෙලාගත් නමුත් එයින් හෙතෙම මරණයට හෝ මරණය සමාන දුකකට හෝ නොපැමිණෙන්නේය. ඊට හේතු කවරේද? සර්පයා හොඳින් අල්ලාගත් හෙයිනි.
“මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් කුලපුත්‍රයෝ සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අද්භූත ධර්ම, වෙදල්ල යන ධර්ම පුහුණු කෙරෙති. ඔව්හු ඒ ධර්මය ඉගෙන එහි අර්ථය නුවණින් සලකා බලති. ඒ ධර්මයන් නුවණින් සලකා බලන්නාවූ ඔවුන්හට ඒ ධර්මය හොඳින් වැටහේ. ඔව්හු අන්‍ය වාදවලට දෝෂාරෝපනය කිරීම හෝ තමන්ගේ වාදය අන්‍යයන්ගේ දෝෂාරොපනවලින් නිදහස් කරගැනීමේ අදහසින් හෝ ධර්මය නොම උගනිති. යම්කිසි ප්‍රයෝජනයක් සඳහා ධර්මය උගනිත් නම් ඔව්හු ඒ ප්‍රයෝජනයද ලබති. ඊට හේතු කවරේද? ධර්මය මනාව ගන්නාලද හෙයිනි.
“මහණෙනි, මේ නිසා මා දේශනා කළ යම් ධර්මයක අර්ථය දන්නාහු නම් එය එසේ දරව්, යම් ධර්මයක අර්ථය නොදන්නාහු නම් මගෙන් හෝ යම් දක්ෂ භික්ෂූහු වෙත් නම් ඔවුන්ගෙන් හෝ ඇසිය යුතුය.
240
‘‘කුල්ලූපමං වො, භික්ඛවෙ, ධම්මං දෙසෙස්සාමි නිත්ථරණත්ථාය, නො ගහණත්ථාය. තං සුණාථ, සාධුකං මනසිකරොථ, භාසිස්සාමී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච - ‘‘සෙය්‍යථාපි , භික්ඛවෙ, පුරිසො අද්ධානමග්ගප්පටිපන්නො. සො පස්සෙය්‍ය මහන්තං උදකණ්ණවං, ඔරිමං තීරං සාසඞ්කං සප්පටිභයං, පාරිමං තීරං ඛෙමං අප්පටිභයං; න චස්ස නාවා සන්තාරණී උත්තරසෙතු වා අපාරා පාරං ගමනාය. තස්ස එවමස්ස - ‘අයං ඛො මහාඋදකණ්ණවො, ඔරිමං තීරං සාසඞ්කං සප්පටිභයං, පාරිමං තීරං ඛෙමං අප්පටිභයං; නත්ථි ච නාවා සන්තාරණී උත්තරසෙතු වා අපාරා පාරං ගමනාය. යංනූනාහං තිණකට්ඨසාඛාපලාසං සංකඩ්ඪිත්වා, කුල්ලං බන්ධිත්වා, තං කුල්ලං නිස්සාය හත්ථෙහි ච පාදෙහි ච වායමමානො සොත්ථිනා පාරං උත්තරෙය්‍ය’න්ති. අථ ඛො සො, භික්ඛවෙ, පුරිසො තිණකට්ඨසාඛාපලාසං සංකඩ්ඪිත්වා, කුල්ලං බන්ධිත්වා තං කුල්ලං නිස්සාය හත්ථෙහි ච පාදෙහි ච වායමමානො සොත්ථිනා පාරං උත්තරෙය්‍ය. තස්ස පුරිසස්ස උත්තිණ්ණස්ස (තිණ්ණස්ස (පී. ක.)) පාරඞ්ගතස්ස එවමස්ස - ‘බහුකාරො ඛො මෙ අයං කුල්ලො; ඉමාහං කුල්ලං නිස්සාය හත්ථෙහි ච පාදෙහි ච වායමමානො සොත්ථිනා පාරං උත්තිණ්ණො. යංනූනාහං ඉමං කුල්ලං සීසෙ වා ආරොපෙත්වා ඛන්ධෙ වා උච්චාරෙත්වා (උච්චොපෙත්වා (ක.)) යෙන කාමං පක්කමෙය්‍ය’න්ති. තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, අපි නු සො පුරිසො එවංකාරී තස්මිං කුල්ලෙ කිච්චකාරී අස්සා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘කථංකාරී ච සො, භික්ඛවෙ, පුරිසො තස්මිං කුල්ලෙ කිච්චකාරී අස්ස? ඉධ, භික්ඛවෙ, තස්ස පුරිසස්ස උත්තිණ්ණස්ස පාරඞ්ගතස්ස එවමස්ස - ‘බහුකාරො ඛො මෙ අයං කුල්ලො; ඉමාහං කුල්ලං නිස්සාය හත්ථෙහි ච පාදෙහි ච වායමමානො සොත්ථිනා පාරං උත්තිණ්ණො. යංනූනාහං ඉමං කුල්ලං ථලෙ වා උස්සාදෙත්වා (උස්සාරෙත්වා (ක.)) උදකෙ වා ඔපිලාපෙත්වා යෙන කාමං පක්කමෙය්‍ය’න්ති. එවංකාරී ඛො සො, භික්ඛවෙ, පුරිසො තස්මිං කුල්ලෙ කිච්චකාරී අස්ස. එවමෙව ඛො, භික්ඛවෙ, කුල්ලූපමො මයා ධම්මො දෙසිතො නිත්ථරණත්ථාය, නො ගහණත්ථාය. කුල්ලූපමං වො, භික්ඛවෙ, ධම්මං දෙසිතං, ආජානන්තෙහි ධම්මාපි වො පහාතබ්බා පගෙව අධම්මා.
240
“මහණෙනි, තොපට ධර්මය පහුරකට උපමාකොට දෙසන්නෙමි. එය එතරවීම පිණිසය, ගැනීම පිණිස නොවේ. එය අසව්. මනාකොට මෙනෙහි කරව කියන්නෙමි” “එසේය. ස්වාමීනි”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
“මහණෙනි, දීර්ඝ මාර්ගයක යන්නාවූ පුරුෂයෙක් සැක සහිතවූ භය සහිතවූ මෙතෙර ඇති සැක රහිතවූ භය රහිතවූ එතෙර ඇති මහත් සාගරය වැනි ජලයක් දක්නේය. ඔහුට එයින් එතෙරවීම පිණිස පැදයාහැකි නැවක් හෝ උඩින් යනු සඳහා ඒදණ්ඩක් හෝ නැත්තේය. ඔහුට මෙබඳු අදහසක් වන්නේය. ‘මේ මහා ජලස්කන්ධය විශාලය. එහි මෙතෙර සැක සහිතය. භය සහිතය. එතෙර සැක රහිතය. භය රහිතය. එහා මෙහා යාම සඳහා නැවක්වත් ඒදණ්ඩක්වත් නැත. මම තෘණ ලී දඬු අතු කොළ ඇදගෙන පහුරක් බැඳ ඒ පහුර නිසා අත් පාවලින් පදිමින් සුවසේ එතෙර වන්නෙම් නම් යෙහෙකි’ (කියාය) මහණෙනි, ඉක්බිති ඒ පුරුෂ තෙම තෘණ ලීදඬු අතු කොළ රැස්කොට පහුරක් බැඳගෙන අතින් හා පයින් වෑයම් කරමින් සැපසේ එතෙරට යන්නේය.
“එතෙරට ගියාවූ ඔහුට මෙබඳු අදහසක් වන්නේය. ‘මේ පහුර මට බොහෝ උපකාර ඇත්තේය. මම මේ පහුර නිසා අත් පාවලින් උත්සාහ කොට සැපසේ මේ මහ වතුරෙන් එගොඩ වීමි. මේ පහුර හිසෙහි තබාගෙන හෝ කරෙහි තබාගෙන හෝ කැමති තැනකට යන්නෙම් නම් යෙහෙකැ’යි (කියායි.) මහණෙනි, කුමක් සිතව්ද, එසේ කරන්නාවූ ඒ පුරුෂයා ඒ පහුරට නියම කටයුත්ත කළ කෙනෙකැයි සිතන්නාහුද?”
“නැත, ස්වාමීනි.”
“මහණෙනි, කෙසේ ක්‍රියා කරන්නාවූ ඒ පුරුෂයා ඒ පහුරට නියම කටයුත්ත කළ කෙනෙක් වන්නේද? මහණෙනි, එතෙරවූ ඒ පුද්ගලයාට මෙබඳු කල්පනාවක් වෙයි. ‘මේ පහුර මට බොහෝ උපකාරවත් විය. මේ පහුර නිසා මම අතින් පයින් වෑයම් කරමින් සැපසේ එතෙර වීමි. මේ පහුර ගොඩට ඇද දමා හෝ දියෙහි පාකර යවා හෝ කැමති තැනට යන්නෙම් නම් යෙහෙක’ (කියායි) මහණෙනි, මෙසේ කරන්නාවූ ඒ පුද්ගලයා වනාහි ඒ පහුරට නියම කටයුත්ත කරන්නෙක් වන්නේය. එසේම මා විසින් තොපට ධර්මය පහුරකට උපමා කොට දේශනා කරන ලද්දේය. එය එතරවීමට මිස ගැනීමට නොවේ. මහණෙනි, ධර්මය පහුරකට උපමා කොට දෙසනලදැයි දන්නාවූ තොප විසින් ධර්මයෝද දුරු කටයුත්තාහ. අධර්ම ගැන කියනුම කවරේද?
241
‘‘ඡයිමානි, භික්ඛවෙ, දිට්ඨිට්ඨානානි. කතමානි ඡ? ඉධ, භික්ඛවෙ, අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො, සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො, රූපං ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති සමනුපස්සති; වෙදනං ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති සමනුපස්සති; සඤ්ඤං ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති සමනුපස්සති; සඞ්ඛාරෙ ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති සමනුපස්සති; යම්පි තං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං, අනුවිචරිතං මනසා තම්පි ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති සමනුපස්සති; යම්පි තං දිට්ඨිට්ඨානං - සො ලොකො සො අත්තා, සො පෙච්ච භවිස්සාමි නිච්චො ධුවො සස්සතො අවිපරිණාමධම්මො , සස්සතිසමං තථෙව ඨස්සාමීති - තම්පි ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති සමනුපස්සති. සුතවා ච ඛො, භික්ඛවෙ, අරියසාවකො අරියානං දස්සාවී අරියධම්මස්ස කොවිදො අරියධම්මෙ සුවිනීතො, සප්පුරිසානං දස්සාවී සප්පුරිසධම්මස්ස කොවිදො සප්පුරිසධම්මෙ සුවිනීතො, රූපං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති සමනුපස්සති; වෙදනං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති සමනුපස්සති; සඤ්ඤං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති සමනුපස්සති; සඞ්ඛාරෙ ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති සමනුපස්සති; යම්පි තං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං, අනුවිචරිතං මනසා, තම්පි ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති සමනුපස්සති; යම්පි තං දිට්ඨිට්ඨානං - සො ලොකො සො අත්තා, සො පෙච්ච භවිස්සාමි නිච්චො ධුවො සස්සතො අවිපරිණාමධම්මො, සස්සතිසමං තථෙව ඨස්සාමීති - තම්පි ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති සමනුපස්සති. සො එවං සමනුපස්සන්තො අසති න පරිතස්සතී’’ති.
241
“මහණෙනි, මේ දෘෂ්ටි ඇතිවීමේ හේතු සයක් වෙත්, කවර සයක්ද? මහණෙනි, මේ ලෝකයෙහි ආර්යයන් නොදක්නාවූ ආර්ය ධර්මයෙහි අදක්ෂවූ ආර්ය ධර්මයෙහි නොහික්මුණු සත් පුරුෂයන් නොදක්නාවූ, සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණු නූගත් පෘථග්ජන තෙම ‘මේ රූපය මාගේය, රුපය මම වෙමි, රූපය මාගේ ආත්මයයි දකියි. මේ වේදනාව මාගේය, වේදනාව මම වෙමි. වේදනාව මාගේ ආත්මයයි දකියි. මේ සංඥාව මාගේය, සංඥාව මම වෙමි, සංඥාව මාගේ ආත්මයයි දකියි. මේ සංස්කාරය මාගේය, සංස්කාරය මම වෙමි, සංස්කාරය මාගේ ආත්මයයි දකියි. මේ විඤ්ඤාණය මාගේය, විඤ්ඥාණය මම වෙමි. විඤ්ඤාණය මාගේ ආත්මයයි දකියි. යම් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන අරමුණ හා සිතින් දැනගන්නාලද සිතින් පැමිණෙනලද සිතින් සොයනලද සිත හැසිරෙනලද යමක් වේ නම් එය මගේය, එය මම වෙමි. එය මාගේ ආත්මයයි දකියි. එය ලෝකය වෙයි. එය ආත්මය වෙයි. පරලොව නිත්‍යවූ සදාකාලිකවූ විනාශ නොවන්නාවූ ඒ ආත්මය වන්නෙමි. පොළොව ආදී නිත්‍ය දේට සමාන වන්නෙමි යන යම් දෘෂ්ටියක් ඇත්තේද ඒ දෘෂ්ටිය මාගේය, ඒ දෘෂ්ටිය මම වෙමි එය මාගේ ආත්මය’යි දකියි.
“මහණෙනි, ආර්යයන් දක්නාවූ, ආර්ය ධර්මයෙහි දක්ෂවූ, ආර්ය ධර්මයෙහි හික්මුණාවූ, සත්පුරුෂයන් දක්නාවූ, සත්පුරුෂ ධර්මයෙහි දක්ෂවූ සත්පුරුෂ ධර්මයෙහි හික්මුණාවූ උගත් පෘථග්ජන තෙම ‘මේ රූපය මාගේ නොවේ. රූපය මම නොවෙමි. රූපය මාගේ ආත්මය නොවේයයි දකියි. මේ වේදනාව මාගේ නොවේ, වේදනාව මම නොවෙමි, වේදනාව මාගේ ආත්මය නොවේයයි දකියි. මේ සංඥාව මාගේ නොවේ, සංඥාව මම නොවෙමි, සංඥාව මාගේ ආත්මය නොවේයයි දකියි. මේ සංස්කාර මගේ නොවෙයි, සංස්කාර මම නොවෙමි, සංස්කාර මාගේ ආත්මය නොවේයයි දකියි. මේ විඤ්ඤාණය මගේ නොවේ, විඤ්ඤාණය මම නොවෙමි, විඤ්ඤාණය මාගේ ආත්මය නොවේයයි දකියි. යම් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන අරමුණු හා සිතින් දැනගන්නා ලද, සිතින් පැමිණෙනලද, සිතින් සොයනලද, සිතින් සිතනලද යමක් වේ නම් එ මගේ නොවේය. ඒ මම නොවෙමි, ඒ මාගේ ආත්මය නොවේයයි දකියි. එය ලෝකය වෙයි. එය ආත්මය වෙයි, ඒ පරලොව නිත්‍යවූ ස්ථිරවූ සදාකාලිකවූ නොපෙරෙලෙන සුලුවූ නිත්‍ය ආත්මය වන්නෙමි. මහපොළොව ආදි නිත්‍ය දේට සමාන වන්නෙමි යන යම් දෘෂ්ටියක් ඇත්තේද, ඒ දෘෂ්ටිය මගේ නොවේය, එය මම නොවෙමි. ඒ මගේ ආත්මය නොවේය’යි දකියි.
“මෙසේ දක්නාවූ හෙතෙම අධ්‍යාත්ම ස්කන්ධ විනාශවීම ගැන තැති නොගනීය”යි (වදාළේය.)
242
එවං වුත්තෙ, අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘සියා නු ඛො, භන්තෙ, බහිද්ධා අසති පරිතස්සනා’’ති? ‘‘සියා, භික්ඛූ’’ති - භගවා අවොච. ‘‘ඉධ භික්ඛු එකච්චස්ස එවං හොති - ‘අහු වත මෙ, තං වත මෙ නත්ථි; සියා වත මෙ, තං වතාහං න ලභාමී’ති. සො සොචති කිලමති පරිදෙවති උරත්තාළිං කන්දති සම්මොහං ආපජ්ජති. එවං ඛො, භික්ඛු, බහිද්ධා අසති පරිතස්සනා හොතී’’ති.
‘‘සියා පන, භන්තෙ, බහිද්ධා අසති අපරිතස්සනා’’ති? ‘‘සියා, භික්ඛූ’’ති - භගවා අවොච. ‘‘ඉධ භික්ඛු එකච්චස්ස න එවං හොති - ‘අහු වත මෙ, තං වත මෙ නත්ථි; සියා වත මෙ, තං වතාහං න ලභාමී’ති. සො න සොචති න කිලමති න පරිදෙවති න උරත්තාළිං කන්දති න සම්මොහං ආපජ්ජති. එවං ඛො, භික්ඛු, බහිද්ධා අසති අපරිතස්සනා හොතී’’ති.
‘‘සියා නු ඛො, භන්තෙ, අජ්ඣත්තං අසති පරිතස්සනා’’ති? ‘‘සියා, භික්ඛූ’’ති - භගවා අවොච. ‘‘ඉධ, භික්ඛු, එකච්චස්ස එවං දිට්ඨි හොති - ‘සො ලොකො සො අත්තා, සො පෙච්ච භවිස්සාමි නිච්චො ධුවො සස්සතො අවිපරිණාමධම්මො, සස්සතිසමං තථෙව ඨස්සාමී’ති. සො සුණාති තථාගතස්ස වා තථාගතසාවකස්ස වා සබ්බෙසං දිට්ඨිට්ඨානාධිට්ඨානපරියුට්ඨානාභිනිවෙසානුසයානං සමුග්ඝාතාය සබ්බසඞ්ඛාරසමථාය සබ්බූපධිපටිනිස්සග්ගාය තණ්හාක්ඛයාය විරාගාය නිරොධාය නිබ්බානාය ධම්මං දෙසෙන්තස්ස. තස්ස එවං හොති - ‘උච්ඡිජ්ජිස්සාමි නාමස්සු, විනස්සිස්සාමි නාමස්සු, නස්සු නාම භවිස්සාමී’ති. සො සොචති කිලමති පරිදෙවති උරත්තාළිං කන්දති සම්මොහං ආපජ්ජති. එවං ඛො, භික්ඛු, අජ්ඣත්තං අසති පරිතස්සනා හොතී’’ති.
‘‘සියා පන, භන්තෙ, අජ්ඣත්තං අසති අපරිතස්සනා’’ති? ‘‘සියා, භික්ඛූ’’ති භගවා අවොච. ‘‘ඉධ, භික්ඛු, එකච්චස්ස න එවං දිට්ඨි හොති - ‘සො ලොකො සො අත්තා, සො පෙච්ච භවිස්සාමි නිච්චො ධුවො සස්සතො අවිපරිණාමධම්මො, සස්සතිසමං තථෙව ඨස්සාමී’ති. සො සුණාති තථාගතස්ස වා තථාගතසාවකස්ස වා සබ්බෙසං දිට්ඨිට්ඨානාධිට්ඨානපරියුට්ඨානාභිනිවෙසානුසයානං සමුග්ඝාතාය සබ්බසඞ්ඛාරසමථාය සබ්බූපධිපටිනිස්සග්ගාය තණ්හාක්ඛයාය විරාගාය නිරොධාය නිබ්බානාය ධම්මං දෙසෙන්තස්ස. තස්ස න එවං හොති - ‘උච්ඡිජ්ජිස්සාමි නාමස්සු, විනස්සිස්සාමි නාමස්සු, නස්සු නාම භවිස්සාමී’ති. සො න සොචති න කිලමති න පරිදෙවති න උරත්තාළිං කන්දති න සම්මොහං ආපජ්ජති. එවං ඛො, භික්ඛු, අජ්ඣත්තං අසති අපරිතස්සනා හොති’’.
242
“මෙසේ වදාළ කල්හි එක් භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ ඇසීය. “ස්වාමීනි, බාහිර පිරිකර විනාශවූ කල්හි තැති ගැන්මක් ඇතිවන්නේද?” “මහණ ඇති වන්නේය’යි භාග්‍යවතුන් වහන්සේ වදාළේය.
“මහණ, මෙහි ඇතමෙකුට මෙබඳු අදහසක් වෙයි. ‘මට යමක් තිබුණේය. දැන් එය නැත, මතුලැබිය යුතු දේද මම නොලබන්නෙමි’යි හෙතෙම ශොක කරයි. ක්ලාන්ත වෙයි, වැළපෙයි. පපුවෙහි අතගසමින් අඬමින් මුළාවට පැමිණෙයි, මහණ, මෙසේ වනාහි බාහිර පිරිකර විනාශවූ කල්හි තැති ගැන්ම වේයයි වදාළහ.
“ස්වාමීනි, බාහිර පිරිකර විනාශවූ කල්හි තැති නොගැන්මක් වේද?” ‘මහණ, වන්නේය’යි භාග්‍යවතුන් වහන්සේ වදාළේය. ‘මහණ මේ සස්නෙහි කිසිවෙකුට මෙබඳු කල්පනාවක් නොවෙයිද, මට යමක් තිබුණේය, දැන් එය නැත, මතු ලැබිය යුතු දේද මම නොලබන්නෙමි’ කියායි. හෙතෙම ශොක නොකරයි, ක්ලාන්ත නොවෙයි, නොවැළපෙයි, පපුවෙහි අත ගසමින් නොහඬයි, මුළාවට නොපැමිණෙයි. මහණ, මෙසේ වනාහි බාහිර පිරිකර විනාශවූ කල්හි තැති නොගැන්ම වන්නේය.”
“ස්වාමීනි, අධ්‍යාත්ම ස්කන්ධ විනාශවූ කල තැතිගැන්මක් වේද?” “මහණෙනි, වන්නේය”යි භාග්‍යවතුන් වහන්සේ වදාළේය. “මහණ, මෙහි කිසිවෙකුට මෙබඳු දෘෂ්ටියක් වෙයිද, එය ලෝකය වෙයි, ‘එය ආත්මය වෙයි, ඒ මම පරලොව නිත්‍යවූ සදාකාලිකවූ, නොපෙරෙළෙන ස්වභාව ඇති, හැමදාම පවතින්නෙක් වන්නෙමි’යි (කියාය.) හෙතෙම සියලු දෘෂ්ටි දෘෂ්ටි හේතු, දෘෂ්ටි පිහිටීම්, දෘෂ්ටි පහළවීම්, දෘෂ්ටියට බැස ගැනීම් නැති කිරීම පිණිසද, සියලු සංස්කාරයන්ගේ සංසිඳීම පිණිසද, සියලු උපධීන්ගේ විනාශය පිණිසද, තෘෂ්ණාව නැති කිරීම පිණිසද, නොඇලීම පිණිසද, නිර්වාණය පිණිසද, ධර්ම දේශනා කරන්නාවූ තථාගතයන් වහන්සේගේ හෝ තථාගත ශ්‍රාවකයෙකුගේ හෝ දේශනාව අසයිද ඔහුට මෙබඳු කල්පනාවක් ඇතිවෙයි, “උත්පත්ති වශයෙන් සිඳෙන්නෙම් නොවෙම්ද වැනසෙන්නෙම් නොවෙම්ද, මතු නො උපදින්නෙම් නොවෙම්ද” (කියායි) හෙතෙම ශොක කරයි, ක්ලාන්ත වෙයි, වැළපෙයි, පපුවෙහි අත් ගසමින් අඬයි, මුළාවට පැමිණෙයි. මහණ, මෙසේ වනාහි අධ්‍යාත්ම ස්කන්ධ විනාශවීම ඇති කල්හි තැති ගැනීම ඇති වන්නේය.”
“ස්වාමීනි, අධ්‍යාත්ම ස්කන්ධ විනාශවීම ඇතිකල්හි තැති නොගැන්මක් වන්නේද?” “මහණෙනි, වන්නේය”යි භාග්‍යවතුන් වහන්සේ වදාළේය. “මහණ මේ සස්නෙහි කිසිවෙකුට මෙබඳු දෘෂ්ටියක් ඇති නොවෙයිද, ‘එය ලෝකයය, එය ආත්මයය ඒ මම පරලොව නිත්‍යවූ, නොපෙරළෙන ස්වභාව ඇති හැම කල්හි පවතින්නෙක් වන්නෙමි’ යන දෘෂ්ටියක් ඇති නොවෙයිද හෙතෙම සියලු දෘෂ්ටි, දෘෂ්ටි හේතු, දෘෂ්ටි පිහිටීම්, දෘෂ්ටි ඉපදීම්, දෘෂ්ටියට බැසගැණීම් නැතිකිරීම පිණිසද, සියලු උපධීන්ගේ (ක්ලෙශ උපධි ආදී පඤ්චවිධ උපධි) විනාශය පිණිසද, තෘෂ්ණාව නැති කිරීම පිණිසද, නොඇල්ම පිණිසද, නිර්වාණය පිණිසද, ධර්මදේශනා කරන්නාවූ තථාගතයන් වහන්සේගේ හෝ තථාගත ශ්‍රාවකයෙකුගේ හෝ දේශනාව අසයිද, ඔහුට මෙබඳු කල්පනාවක් ඇති නොවෙයි. ‘උත්පත්ති වශයෙන් සිඳෙන්නෙම් නොවෙම්ද, වැනසෙන්නෙම් නොවෙම්ද, මතු නොඋපදින්නෙම් නොවෙම්ද’ කියායි. හෙතෙම ශොක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොවැළපෙයි. පපුවේ අත්ගසා නොඅඬයි. මුළාවට නොපැමිණෙයි. මහණ මෙසේ වනාහි අධ්‍යාත්ම ස්කන්ධ පිළිබඳ විනාශය ඇති කල්හි තැති නොගැන්ම වන්නේය.
243
‘‘තං (තඤ්ච (ක.)), භික්ඛවෙ, පරිග්ගහං පරිග්ගණ්හෙය්‍යාථ, ය්වාස්ස (ය්වාස්සු (ක.)) පරිග්ගහො නිච්චො ධුවො සස්සතො අවිපරිණාමධම්මො, සස්සතිසමං තථෙව තිට්ඨෙය්‍ය. පස්සථ නො තුම්හෙ, භික්ඛවෙ, තං පරිග්ගහං ය්වාස්ස පරිග්ගහො නිච්චො ධුවො සස්සතො අවිපරිණාමධම්මො, සස්සතිසමං තථෙව තිට්ඨෙය්‍යා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘සාධු, භික්ඛවෙ. අහම්පි ඛො තං, භික්ඛවෙ, පරිග්ගහං න සමනුපස්සාමි ය්වාස්ස පරිග්ගහො නිච්චො ධුවො සස්සතො අවිපරිණාමධම්මො සස්සතිසමං තථෙව තිට්ඨෙය්‍ය.
‘‘තං, භික්ඛවෙ, අත්තවාදුපාදානං උපාදියෙථ, යංස (යස්ස (ස්‍යා. ක.)) අත්තවාදුපාදානං උපාදියතො න උප්පජ්ජෙය්‍යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා. පස්සථ නො තුම්හෙ, භික්ඛවෙ, තං අත්තවාදුපාදානං යංස අත්තවාදුපාදානං උපාදියතො න උප්පජ්ජෙය්‍යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘සාධු, භික්ඛවෙ. අහම්පි ඛො තං, භික්ඛවෙ, අත්තවාදුපාදානං න සමනුපස්සාමි යංස අත්තවාදුපාදානං උපාදියතො න උප්පජ්ජෙය්‍යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා.
‘‘තං, භික්ඛවෙ, දිට්ඨිනිස්සයං නිස්සයෙථ යංස දිට්ඨිනිස්සයං නිස්සයතො න උප්පජ්ජෙය්‍යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා. පස්සථ නො තුම්හෙ, භික්ඛවෙ, තං දිට්ඨිනිස්සයං යංස දිට්ඨිනිස්සයං නිස්සයතො න උප්පජ්ජෙය්‍යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘සාධු, භික්ඛවෙ. අහම්පි ඛො තං, භික්ඛවෙ, දිට්ඨිනිස්සයං න සමනුපස්සාමි යංස දිට්ඨිනිස්සයං නිස්සයතො න උප්පජ්ජෙය්‍යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා’’.
243
“මහණෙනි, බාහිර පිරිකරක් නිත්‍ය නම් හැමදාම පවතී නම් නොපෙරළෙන ස්වභාව ඇත්තේ නම් ස්ථිර නම් එබඳු දෙයක් මගේ යයි ගනිව්, මහණෙනි, එසේ නිත්‍යවූ සදාකාලිකවූ නොපෙරළෙන ස්වභාව ඇත්තාවූ ස්ථිරවූ දෙයක් තොපි දක්නහුද?” “නැත ස්වාමීනි,” “යහපති මහණෙනි, ස්ථිරවූ නිත්‍යවූ සදාකාලිකවූ නොපෙරළෙන ස්වභාව ඇත්තාවූ එබන්දක් මමද නොදකිමි.
“මහණෙනි, යමක් මමයයි ගන්නහුට ශොක පරිදෙව, දුක්, දොම්නස්, දැඩි වෙහෙස යන මේවා ඇති නොවන්නේ නම් එබඳු දෙයක් මමයයි ගනිව්. මහණෙනි, යමක් මමයයි ගන්නහුට ශොක, පරිදෙව, දුක් දොම්නස්, දැඩි වෙහෙස යන මේවා ඇති නොවේද, එබඳු දෙයක් තොපි දක්නහුද?” “නැත, ස්වාමීනි.” “යහපති මහණෙනි, යමක් මමයයි ගන්නහුට ශොක පරිදෙව, දුක්, දොම්නස්, දැඩි වෙහෙස යන මේවා ඇති නොවේද, එබඳු දෙයක් මමද නොදකිමි.
“මහණෙනි, දෙසැට මිථ්‍යාදෘෂ්ටි අතුරෙන් යම් දෘෂ්ටියක් ගන්නහුට ශොක, පරිදෙව, දුක් දොම්නස්, දැඩි වෙහෙස යන මේවා ඇති නොවන්නේනම් එබඳු දෘෂ්ටියක් ගනිව්. මහණෙනි, දෙසැට මිථ්‍යාදෘෂ්ටි අතුරෙන් යම් දෘෂ්ටියක් ගන්නහුට ශොක, පරිදෙව, දුක්, දොම්නස්, දැඩි වෙහෙස යන මේවා ඇති නොවේද, එබඳු දෘෂ්ටියක් තොපි දක්නහුද?” “නැත ස්වාමීනි” “යහපති මහණෙනි, දෙසැට මිථ්‍යාදෘෂ්ටි අතුරෙන් යම් දෘෂ්ටියක් ගන්නහුට ශොක, පරිදෙව, දුක්, දොම්නස්, දැඩි වෙහෙස යන මේවා ඇති නොවේද, එබඳු දෘෂ්ටියක් මමත් නොදකිමි.
244
‘‘අත්තනි වා, භික්ඛවෙ, සති අත්තනියං මෙ ති අස්සා’’ති?
‘‘එවං, භන්තෙ’’.
‘‘අත්තනියෙ වා, භික්ඛවෙ, සති අත්තා මෙ ති අස්සා’’ති? ‘‘එවං, භන්තෙ’’.
‘‘අත්තනි ච, භික්ඛවෙ, අත්තනියෙ ච සච්චතො ථෙතතො අනුපලබ්භමානෙ, යම්පි තං දිට්ඨිට්ඨානං - ‘සො ලොකො සො අත්තා, සො පෙච්ච භවිස්සාමි නිච්චො ධුවො සස්සතො අවිපරිණාමධම්මො, සස්සතිසමං තථෙව ඨස්සාමී’ති - නනායං (න ච ඛොයං (ක.)), භික්ඛවෙ, කෙවලො පරිපූරො බාලධම්මො’’’ති?
‘‘කිඤ්හි නො සියා, භන්තෙ, කෙවලො හි, භන්තෙ, පරිපූරො (කෙවලො පරිපූරො (සී. පී.)) බාලධම්මො’’ති.
‘‘තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වා’’ති?
‘‘අනිච්චං, භන්තෙ’’ .
‘‘යං පනානිච්චං, දුක්ඛං වා තං සුඛං වා’’ති?
‘‘දුක්ඛං, භන්තෙ’’.
‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’ති?
‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, වෙදනා...පෙ.... සඤ්ඤා... සඞ්ඛාරා... විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා’’ති?
‘‘අනිච්චං, භන්තෙ’’.
‘‘යං පනානිච්චං, දුක්ඛං වා තං සුඛං වා’’ති?
‘‘දුක්ඛං, භන්තෙ’’.
‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’ති?
‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘තස්මාතිහ, භික්ඛවෙ, යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං, අජ්ඣත්තං වා බහිද්ධා වා , ඔළාරිකං වා සුඛුමං වා, හීනං වා පණීතං වා, යං දූරෙ සන්තිකෙ වා, සබ්බං රූපං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති - එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. යා කාචි වෙදනා...පෙ.... යා කාචි සඤ්ඤා... යෙ කෙචි සඞ්ඛාරා... යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං, අජ්ඣත්තං වා බහිද්ධා වා, ඔළාරිකං වා සුඛුමං වා, හීනං වා පණීතං වා, යං දූරෙ සන්තිකෙ වා, සබ්බං විඤ්ඤාණං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති - එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං’’.
244
“මහණෙනි, මමයයි ගැනීමක් ඇති කල්හි මේ දේ මගේයයි ගැනීම ඇතිවන්නේද?” “එසේය, ස්වාමීනි.”
“මහණෙනි, මගේයයි ගැනීම ඇති කල්හි මාගේ ආත්මයයයි ගැනීම ඇතිවන්නේද?” “එසේය, ස්වාමීනි.”
“මහණෙනි තමාද තමහට අයත් දෙයක් ස්ථිර වශයෙන් නොලැබෙන කල්හි මෙය ලෝකයය, මෙය ආත්මයය, ඒ මම පරලොව නිත්‍ය හැමදාම පවතින නොපෙරළෙන ස්වභාව ඇති ස්ථිරවූවෙක් වන්නෙමිය යන යම් ගැනීමක් වේද, එය තනිකර සම්පූර්ණයෙන් මෝඩකමක් නොවේද?”
“ස්වාමීනි, කුමක් හෙයින් නොවන්නේද, එය තනිකර සම්පූර්ණ මෝඩකමකි.”
“මහණෙනි, කුමක් සිතව්ද? රූපස්කන්ධය නිත්‍යද අනිත්‍යද?” “ස්වාමීනි,අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යනම් එය දුක් හෝ වේද, සැප හෝ වේද?” “ස්වාමීනි දුකය.” “යමක් අනිත්‍ය නම්, දුකනම්, පෙරළෙනසුලුනම් එය මගේය’ එය මම වෙමි, එය මගේ ආත්මයයි ගැනීමට සුදුසුද?” “නැත, ස්වාමීනි.”
“මහණෙනි කුමක් සිතව්ද? වේදනාස්කන්ධය නිත්‍යද, අනිත්‍යද?” “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ වේද, සැප හෝ වේද?” “ස්වාමීනි, දුකය.” “යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙනසුලු නම් එය මගේය, එය මම වෙමි. එය මගේ ආත්මයයි ගැනීමට සුදුසුද?” “නැත, ස්වාමීනි.”
“මහණෙනි, කුමක් සිතව්ද? සංඥාස්කන්ධය නිත්‍යද අනිත්‍යද?” “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යනම් එය දුක් හෝ වේද, සැප හෝ වේද?” “ස්වාමීනි, දුකය.” “යමක් වනාහි අනිත්‍ය නම් දුක් නම් පෙරළෙනසුලු නම් එය මගේය, එය මම වෙමි එය මගේ ආත්මයයි ගැනීමට සුදුසුද?” “නැත, ස්වාමීනි.”
“මහණෙනි, කුමක් සිතව්ද? සංස්කාරස්කන්ධය නිත්‍යද? අනිත්‍යද?” “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ වේද, සැප හෝ වේද?” “ස්වාමීනි, දුකය.” “යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම් පෙරළෙනසුලු නම් එය මගේය. එය මම වෙමි. එය මගේ ආත්මයයි ගැනීමට සුදුසුද?” “නැත, ස්වාමීනි.”
“මහණෙනි, කුමක් සිතව්ද? විඤ්ඤාණස්කන්ධය නිත්‍යද? අනිත්‍යද?” “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ වේද, සැප හෝ වේද?” “ස්වාමීනි, දුකය.” “යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම් පෙරළෙනසුලු නම් එය මගේය. එය මම වෙමි. එය මගේ ආත්මයයි ගැනීමට සුදුසුද?” “නැත, ස්වාමීනි.”
“මහණෙනි, එහෙයින් මෙහි අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, ආධ්‍යාත්මිකවූද, බාහිරවූද, ඖදාරිකවූද, සූක්ෂම වූද, හීනවූද, ප්‍රණීතවූද, දුරවූද, සමීපවූද යම් කිසි රූපයක් ඇත්තේද ඒ සියලු රූපය මගේ නොවෙයි. මම නොවෙමි. මගේ ආත්මය නොවේයයි මෙසේ යහපත් ප්‍රඥාවෙන් තතුසේ දතයුතුයි.
“මහණෙනි, එහෙයින් මෙහි අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, ආධ්‍යාත්මිකවූද, බාහිරවූද, ඖදාරිකවූද, සූක්ෂම වූද, හීනවූද, ප්‍රණීතවූද, දුරවූද, සමීපවූද යම් කිසි වේදනාවක් ඇත්තේද ඒ සියලු වේදනාව මගේ නොවෙයි. මම නොවෙමි. මගේ ආත්මය නොවේයයි මෙසේ යහපත් ප්‍රඥාවෙන් තතුසේ දතයුතුයි.
“මහණෙනි, එහෙයින් මෙහි අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, ආධ්‍යාත්මිකවූද, බාහිරවූද, ඖදාරිකවූද, සූක්ෂම වූද, හීනවූද, ප්‍රණීතවූද, දුරවූද, සමීපවූද යම්කිසි සංඥාවක් වේද ඒ සියලු සංඥාව මගේ නොවෙයි, මම නොවෙමි, මගේ ආත්මය නොවේයයි මෙසේ යහපත් ප්‍රඥාවෙන් තතුසේ දතයුතුයි.
“මහණෙනි, එහෙයින් මෙහි අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, ආධ්‍යාත්මිකවූද, බාහිරවූද, ඖදාරිකවූද, සූක්ෂම වූද, හීනවූද, ප්‍රණීතවූද, දුරවූද, සමීපවූද යම්කිසි සංස්කාරයක් වේද ඒ සියලු සංස්කාරයන් මගේ නොවෙයි, මම නොවෙමි, මගේ ආත්මය නොවේයයි මෙසේ යහපත් ප්‍රඥාවෙන් තතුසේ දතයුතුයි.
“මහණෙනි, එහෙයින් මෙහි අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, ආධ්‍යාත්මිකවූද, බාහිරවූද, ඖදාරිකවූද, සූක්ෂම වූද, හීනවූද, ප්‍රණීතවූද, දුරවූද, සමීපවූද යම්කිසි විඤ්ඤාණයක් වේද? ඒ සියලු විඤ්ඤාණය මගේ නොවෙයි. මම නොවෙමි. මගේ ආත්මය නොවේයයි මෙසේ යහපත් ප්‍රඥාවෙන් තතුසේ දතයුතුයි.
245
‘‘එවං පස්සං, භික්ඛවෙ, සුතවා අරියසාවකො රූපස්මිං නිබ්බින්දති, වෙදනාය නිබ්බින්දති, සඤ්ඤාය නිබ්බින්දති, සඞ්ඛාරෙසු නිබ්බින්දති, විඤ්ඤාණස්මිං නිබ්බින්දති, නිබ්බිදා විරජ්ජති (නිබ්බින්දං විරජ්ජති (සී. ස්‍යා. පී.)), විරාගා විමුච්චති , විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාති. අයං වුච්චති, භික්ඛවෙ, භික්ඛු උක්ඛිත්තපලිඝො ඉතිපි, සංකිණ්ණපරික්ඛො ඉතිපි, අබ්බූළ්හෙසිකො ඉතිපි, නිරග්ගළො ඉතිපි, අරියො පන්නද්ධජො පන්නභාරො විසංයුත්තො ඉතිපි.
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු උක්ඛිත්තපලිඝො හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛුනො අවිජ්ජා පහීනා හොති, උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවංකතා, ආයතිං අනුප්පාදධම්මා. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු උක්ඛිත්තපලිඝො හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු සංකිණ්ණපරික්ඛො හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛුනො පොනොබ්භවිකො ජාතිසංසාරො පහීනො හොති, උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවංකතො, ආයතිං අනුප්පාදධම්මො. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු සංකිණ්ණපරික්ඛො හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු අබ්බූළ්හෙසිකො හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛුනො තණ්හා පහීනා හොති, උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවංකතා, ආයතිං අනුප්පාදධම්මා. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු අබ්බූළ්හෙසිකො හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු නිරග්ගළො හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛුනො පඤ්ච ඔරම්භාගියානි සංයොජනානි පහීනානි හොන්ති, උච්ඡින්නමූලානි තාලාවත්ථුකතානි අනභාවංකතානි, ආයතිං අනුප්පාදධම්මානි . එවං ඛො, භික්ඛවෙ, භික්ඛු නිරග්ගළො හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු අරියො පන්නද්ධජො පන්නභාරො විසංයුත්තො හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛුනො අස්මිමානො පහීනො හොති, උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවංකතො , ආයතිං අනුප්පාදධම්මො . එවං ඛො, භික්ඛවෙ, භික්ඛු අරියො පන්නද්ධජො පන්නභාරො විසංයුත්තො හොති.
245
“මහණෙනි, මෙසේ දක්නා උගත් ආර්ය ශ්‍රාවක තෙම රූපස්කන්ධයෙහිද කලකිරෙයි, වේදනාස්කන්ධයෙහිද කලකිරෙයි, සංඥාස්කන්ධයෙහිද කලකිරෙයි. සංස්කාරස්කන්ධයෙහිද කලකිරෙයි, විඥානස්කන්ධයෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ මාර්ගඥානයෙන් නොඇලෙයි. නොඇලීම නිසා ඵලඥානයෙන් කෙලෙසුන් කෙරෙන් මිදෙයි. කෙලෙසුන් කෙරෙන් මිදුණු කල්හි මිදුනේය යන ප්‍රත්‍යවෙක්ෂා ඥානය පහළ වෙයි. ජාතිය කෙළවර විය. බඹසර වැස නිමවනලදී. කළයුත්ත කරන ලදී. අර්හත්වය සඳහා තවත් කළයුතු දෙයක් නැතැයිද දැනගනී.
“මහණෙනි, මේ භික්ෂුව උදුරා දමනලද අවිද්‍යාව නමැති දොර අගුල් ඇත්තෙකැයිද, විනාශ කරනලද සංස්කාර නමැති දිය අගල් ඇත්තෙකැයිද, උදුරා දමනලද තෘෂ්ණාව නමැති ඉන්ද්‍රඛීලය ඇත්තෙකැයිද, ගලවා දමනලද ඔරම්භාගිය සංයෝජන නමැති අගුල් ඇත්තෙකැයිද, ආර්යයෙකැයිද, හෙලන ලද මානය නමැති කොඩිය ඇත්තෙකැයිද, බර බහා තැබූවෙකැයිද සියලු කෙලෙසුන් කෙරෙන් වෙන්වූවෙකැයිද කියනු ලැබේ.
“මහණෙනි, කෙසේ නම් මහණ තෙම උදුරා දැමූ දොර අගුල් ඇත්තේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණහුගේ අවිද්‍යාව නැති වූවා වෙයිද, සුන් කරන ලද මුල් ඇත්තීද, කැපූ තල් කඳක් මෙන් කරන ලද්දීද, අභාවයට පමුණුවන ලද්දීද, මතු නූපදින ස්වභාව ඇත්තීද, මහණෙනි, මෙසේ වනාහි භික්ෂුව උදුරා දැමූ අවිද්‍යාව නමැති දොර අගුල් ඇත්තේ වෙයි.
“මහණෙනි, මහණ තෙම කෙසේ නම් විනාශ කරන ලද දිය අගල් ඇත්තේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂූහු ගේ නැවත ඉපදීම ඇතිකරන්නාවූ ජාති සංසාරය ඇති කරන්නාවූ කර්මය නැතිවූයේ වෙයිද, මුල් සුන් කරන ලද්දේද, කැපූ තල් කඳක් මෙන් කරන ලද්දේද අභාවයට පමුණුවන ලද්දේ මතු නූපදින ස්වභාව ඇත්තේද මහණෙනි, මෙසේ වනාහි භික්ෂුව විනාශ කරන ලද කර්මය නමැති දිය අගල් ඇත්තේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් මහණ තෙම ඉගුළුෑ ඉන්ද්‍රඛීල ඇත්තේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණහුගේ තෘෂ්ණාව නැතිවූවා වෙයිද, මුල් සුන් කරන ලද්දීද, කැපූ තල් කඳක් මෙන් කරන ලද්දේද, අභාවයට පමුණුවන ලද්දේ මතු නූපදින ස්වභාව ඇත්තේද, මහණෙනි, මෙසේ වනාහි භික්ෂුව උදුරා දැමූ තෘෂ්ණාව නමැති ඉන්ද්‍රඛීල ඇත්තේ වෙයි.
“මහණෙනි, මහණතෙම කෙසේ නම් අගුල් රහිත වූයේ වෙයිද? මහණෙනි, මේ ශාසනයෙහි මහණහුගේ ඕරම්භාගීයයි කියනුලබන කාමලෝකය භජනයකරන්නාවූ සංයෝජන ධර්ම පස නැති වූවාහු වෙත්ද, මුල් සුන්කරන ලද්දහුද, කැපූ තල් කඳක් මෙන්කරන ලද්දාහුද, අභාවයට පමුණුවන ලද්දාහුද, මතු නූපදින ස්වභාව ඇත්තාහුද මහණෙනි, මෙසේ වනාහි භික්ෂුව ඔරම්භාගිය සංයෝජන අගුල් රහිත වූයේ නම් වෙයි.
“මහණෙනි, මහණ තෙම කෙසේ නම් ආර්යවූ බිම හෙලු කොඩිය ඇත්තෙක් බහා තැබූ බර ඇත්තෙක් කෙලෙසුන් කෙරෙන් වෙන්වූවෙක් වන්නේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණහුගේ (පංචස්කන්ධයෙහි) ‘මම වෙමි’ යන මානය ප්‍රහීණ වූයේ වෙයිද, මුල් සුන්කරන ලද්දේද, කැපූ තල් කඳක් මෙන් කරන ලද්දේද, අභාවයට පමුණුවන ලද්දේද මතු නූපදින ස්වභාව ඇත්තේද, මහණෙනි, මෙසේ වනාහි භික්ෂුව ආර්යවූ බිම හෙලු කොඩිය ඇත්තෙක් බහා තැබූ බර ඇත්තෙක් කෙලෙසුන් කෙරෙන් වෙන් වූවෙක් වන්නේය.
246
‘‘එවං විමුත්තචිත්තං ඛො, භික්ඛවෙ, භික්ඛුං සඉන්දා දෙවා සබ්‍රහ්මකා සපජාපතිකා අන්වෙසං නාධිගච්ඡන්ති - ‘ඉදං නිස්සිතං තථාගතස්ස විඤ්ඤාණ’න්ති. තං කිස්ස හෙතු? දිට්ඨෙවාහං, භික්ඛවෙ, ධම්මෙ තථාගතං අනනුවිජ්ජොති වදාමි. එවංවාදිං ඛො මං, භික්ඛවෙ, එවමක්ඛායිං එකෙ සමණබ්‍රාහ්මණා අසතා තුච්ඡා මුසා අභූතෙන අබ්භාචික්ඛන්ති - ‘වෙනයිකො සමණො ගොතමො, සතො සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤාපෙතී’ති. යථා චාහං න, භික්ඛවෙ (භික්ඛවෙ න (සී. ස්‍යා. පී.)), යථා චාහං න වදාමි, තථා මං තෙ භොන්තො සමණබ්‍රාහ්මණා අසතා තුච්ඡා මුසා අභූතෙන අබ්භාචික්ඛන්ති - ‘වෙනයිකො සමණො ගොතමො, සතො සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤාපෙතී’ති. පුබ්බෙ චාහං භික්ඛවෙ, එතරහි ච දුක්ඛඤ්චෙව පඤ්ඤාපෙමි, දුක්ඛස්ස ච නිරොධං. තත්‍ර චෙ, භික්ඛවෙ, පරෙ තථාගතං අක්කොසන්ති පරිභාසන්ති රොසෙන්ති විහෙසෙන්ති, තත්‍ර, භික්ඛවෙ, තථාගතස්ස න හොති ආඝාතො න අප්පච්චයො න චෙතසො අනභිරද්ධි.
‘‘තත්‍ර චෙ, භික්ඛවෙ, පරෙ තථාගතං සක්කරොන්ති ගරුං කරොන්ති මානෙන්ති පූජෙන්ති, තත්‍ර, භික්ඛවෙ, තථාගතස්ස න හොති ආනන්දො න සොමනස්සං න චෙතසො උප්පිලාවිතත්තං. තත්‍ර චෙ, භික්ඛවෙ , පරෙ වා තථාගතං සක්කරොන්ති ගරුං කරොන්ති මානෙන්ති පූජෙන්ති, තත්‍ර, භික්ඛවෙ, තථාගතස්ස එවං හොති - ‘යං ඛො ඉදං පුබ්බෙ පරිඤ්ඤාතං තත්ථ මෙ එවරූපා කාරා (සක්කාරා (ක.)) කරීයන්තී’ති. තස්මාතිහ, භික්ඛවෙ, තුම්හෙ චෙපි පරෙ අක්කොසෙය්‍යුං පරිභාසෙය්‍යුං රොසෙය්‍යුං විහෙසෙය්‍යුං, තත්‍ර තුම්හෙ හි න ආඝාතො න අප්පච්චයො න චෙතසො අනභිරද්ධි කරණීයා. තස්මාතිහ, භික්ඛවෙ, තුම්හෙ චෙපි පරෙ සක්කරෙය්‍යුං ගරුං කරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං, තත්‍ර තුම්හෙහි න ආනන්දො න සොමනස්සං න චෙතසො උප්පිලාවිතත්තං කරණීයං. තස්මාතිහ, භික්ඛවෙ, තුම්හෙ චෙපි පරෙ සක්කරෙය්‍යුං ගරුං කරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං, තත්‍ර තුම්හාකං එවමස්ස - ‘යං ඛො ඉදං පුබ්බෙ පරිඤ්ඤාතං, තත්ථ මෙ (තත්ථ නො (ක.) තත්ථ + ඉමෙති පදච්ඡෙදො) එවරූපා කාරා කරීයන්තී’ති.
246
“මහණෙනි, මෙසේ මිදුණු සිත් ඇති භික්ෂුව ශක්‍රයා සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ දෙවියෝ සොයන්නාහු නමුත් අර්හත් පුද්ගලයාගේ සිත මෙය ඇසුරුකර සිටියේ යයි දැනගත නොහැකි වෙති. ඊට හේතු කවරේද? මහණෙනි, මම මේ ආත්මයෙහිම කෙලෙස් නැති කළ සත්වයා එසේ දැනගත නොහැකියයි කියමි.
“මහණෙනි, මෙසේ කියන්නාවූ මට ඇතැම් මහණ බමුණෝ අසත්‍යයෙන්, හිස් බසින් බොරුවෙන්, නොවූවකින් දොස් කියති. ‘ශ්‍රමණ ගෞතම තෙම සත්ත්ව විනාශය ප්‍රකාශ කරන්නෙක, ඇත්තාවූ සත්වයාගේ සිඳීම, වැනසීම, අභාවය පණවාය’යි (දොස් කියති.) මහණෙනි, මම යම්සේ විනාශකයෙක් නොවෙම්ද, යම් පරිද්දෙකින් නොකියම්ද, ඒ පින්වත් මහණ බමුණෝ මට එපරිද්දෙන් අසත්‍යයෙන්, හිස් බසින්, බොරුවෙන්, නොවූවකින්, දොස් කියති. ‘ශ්‍රමණ ගෞතම තෙම සත්ත්ව විනාශය ප්‍රකාශ කරන්නෙක, ඇත්තාවූම සත්ත්වයාගේ සිඳීම, වැනසීම අභාවය පණවාය’යි (දොස් කියති.) මහණෙනි, මම පෙර මහ බෝමැඩදීත්, දැන් ධර්ම දේශනා කිරීමේදීත් දුකද ප්‍රකාශ කරමි. දුකට හේතුවද ප්‍රකාශ කරමි. දුක නැතිකිරීමද ප්‍රකාශ කරමි. දුක නැති කිරීමේ මගද ප්‍රකාශ කරමි.
“මහණෙනි, ඒ කාරණයෙහිලා අන්‍යයෝ තථාගතයන්හට නින්දා කරති, පරිභව කරති, දොස් කියති, වෙහෙස කරති. එසේදවුවත් ඔවුන් කෙරෙහි තථාගතයන් වහන්සේගේ ක්‍රෝධයක් නැත. දොම්නසක් නොසතුටක් නැත. එහිලා යම් කෙනෙක් තථාගතයන් හට සත්කාර කරත්ද, ගරු කරත්ද, බුහුමන් කරත්ද, පුදත්ද එහිද තථාගතයන්ගේ ප්‍රීතියක්, සොම්නසක්, හිත ඉල්පෙන බවක් නැත. මහණෙනි, එහි යම් කෙනෙක් තථාගතයන්හට සත්කාර කරත්ද, ගරු කරත්ද, බුහුමන් කරත්ද, පුදත්ද, එහිදී තථාගතයන් හට මෙබඳු කල්පනාවක් වෙයි ‘යම් මේ පංචස්කන්ධයක් බෝමැඩදීම පිරිසිඳ දැනගන්නා ලද්දේද, ඒ පඤ්චස්කන්ධයට මෙබඳු සත්කාරයෝ කරනු ලැබෙත්’ (කියාය.)
“මහණෙනි, එහෙයින් තොපටද අන්‍යයෝ නින්දා පරිභව කරත් නම්, දොස් කියත් නම් වෙහෙසවත් නම් එහි තොප විසින් කෝපයක් දොමනසක් නොසතුටක් ඇතිකර නොගත යුතුය. මහණෙනි, මේනිසා අන්‍යයෝ තොපට සත්කාර කරත්ද, ගරු කරත්ද, බුහුමන් කරත්ද, පුදත්ද, එහි තොප විසින් ප්‍රීතියක්, සොම්නසක්, හිත ඉල්පෙන බවක්, ඇතිකර නොගත යුතුය. එහිදී තොපටද මෙසේ කල්පනා වන්නේය. ‘යම් මේ පංචස්කන්ධයක් කල් ඇතිවම පිරිසිඳ දැනගන්නා ලද්දේද ඒ පංචස්කන්ධයට මේ සත්කාරයෝ කරනු ලැබෙති’ (කියාය.)
247
‘‘තස්මාතිහ, භික්ඛවෙ, යං න තුම්හාකං තං පජහථ; තං වො පහීනං දීඝරත්තං හිතාය සුඛාය භවිස්සති. කිඤ්ච, භික්ඛවෙ, න තුම්හාකං? රූපං, භික්ඛවෙ, න තුම්හාකං, තං පජහථ; තං වො පහීනං දීඝරත්තං හිතාය සුඛාය භවිස්සති. වෙදනා, භික්ඛවෙ, න තුම්හාකං, තං පජහථ; සා වො පහීනා දීඝරත්තං හිතාය සුඛාය භවිස්සති. සඤ්ඤා, භික්ඛවෙ, න තුම්හාකං, තං පජහථ; සා වො පහීනා දීඝරත්තං හිතාය සුඛාය භවිස්සති. සඞ්ඛාරා, භික්ඛවෙ, න තුම්හාකං, තෙ පජහථ; තෙ වො පහීනා දීඝරත්තං හිතාය සුඛාය භවිස්සන්ති. විඤ්ඤාණං, භික්ඛවෙ, න තුම්හාකං, තං පජහථ; තං වො පහීනං දීඝරත්තං හිතාය සුඛාය භවිස්සති. තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, යං ඉමස්මිං ජෙතවනෙ තිණකට්ඨසාඛාපලාසං, තං ජනො හරෙය්‍ය වා දහෙය්‍ය වා යථාපච්චයං වා කරෙය්‍ය. අපි නු තුම්හාකං එවමස්ස - ‘අම්හෙ ජනො හරති වා දහති වා යථාපච්චයං වා කරොතී’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තං කිස්ස හෙතු’’? ‘‘න හි නො එතං, භන්තෙ, අත්තා වා අත්තනියං වා’’ති. ‘‘එවමෙව ඛො, භික්ඛවෙ, යං න තුම්හාකං තං පජහථ; තං වො පහීනං දීඝරත්තං හිතාය සුඛාය භවිස්සති. කිඤ්ච, භික්ඛවෙ, න තුම්හාකං? රූපං, භික්ඛවෙ, න තුම්හාකං, තං පජහථ; තං වො පහීනං දීඝරත්තං හිතාය සුඛාය භවිස්සති. වෙදනා, භික්ඛවෙ...පෙ.... සඤ්ඤා, භික්ඛවෙ... සඞ්ඛාරා, භික්ඛවෙ...පෙ.... විඤ්ඤාණං, භික්ඛවෙ, න තුම්හාකං, තං පජහථ; තං වො පහීනං දීඝරත්තං හිතාය සුඛාය භවිස්සති.
247
“මහණෙනි, එහෙයින් යමක් තොපගේ නොවේනම් එය දුරු කරව්. එය දුරුකිරීම තොපට දීර්ඝ කාලයක් හිත පිණිස සැප පිණිස පවත්නේය.
“මහණෙනි, තොපගේ නොවන්නේ කුමක්ද? මහණෙනි, රූපය තොපගේ නොවේ. එය දුරුකරව්. එය නැති කිරීම තොපට දීර්ඝ කාලයක් හිත පිණිස සැප පිණිස පවත්නේය. මහණෙනි, වේදනාව තොපගේ නොවේ. එය දුරු කරව්. එය දුරුකිරීම තොපට දීර්ඝ කාලයක් හිතපිණිස සැප පිණිස පවත්නේය. මහණෙනි, සංඥාව තොපගේ නොවේ. එය දුරුකරව් එය දුරුකිරීම තොපට දීර්ඝ කාලයක් හිත පිණිස සැප පිණිස පවත්නේය. මහණෙනි, සංස්කාරයෝ තොපගේ නොවෙත්. එය දුරුකරව්. එය දුරු කිරීම තොපට දීර්ඝ කාලයක් හිත පිණිස සැප පිණිස පවත්නේය. මහණෙනි, විඥානය තොපගේ නොවේ. එය දුරුකරව්, එය නැති කිරීම තොපට දීර්ඝ කාලයක් හිත පිණිස සැප පිණිස පවත්නේය.
“මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? මේ ජේතවන විහාරයෙහි යම් බඳුවූ තණ, වියලි දඬු, අතු, කොළ වෙත්ද, එය මහජනයා ගෙනයන්නේ හෝ වේද, දවන්නේ හෝ වේද, කැමති දෙයක් කරන්නේ හෝ වේද, එවිට තොපට මේ ජනයා අප ගෙන යන්නේය, අප දවන්නේය, කැමති දෙයක් කරන්නේය කියා කල්පනා වේද?” “නැත, ස්වාමීනි” “ඊට හේතු කවරේද?” “ස්වාමීනි, එය අප මමයයි ගන්නා දෙයකුත් නොවෙයි. මගේයයි ගන්නා දෙයකුත් නොවෙයි.”
“මහණෙනි, එසේම යමක් තොපගේ නොවේ නම් එය දුරුකරව්, මහණෙනි, එය දුරුකිරීම තොපට දීර්ඝ කාලයක් හිත පිණිස සැප පිණිස පවත්නේය. මහණෙනි, කුමක් තොපගේ නොවන්නේද? මහණෙනි, රූපය තොපගේ නොවේ. එය දුරුකරව්, එය නැතිකිරීම තොපට දීර්ඝ කාලයක් හිත පිණිස සැප පිණිස පවත්නේය. වේදනාව තොපගේ නොවේ. එය දුරුකරව්, එය නැතිකිරීම තොපට දීර්ඝ කාලයක් හිත පිණිස සැප පිණිස පවත්නේය. මහණෙනි, සංඥාව තොපගේ නොවේ එය දුරුකරව්, එය නැතිකිරීම තොපට දීර්ඝ කාලයක් හිත පිණිස සැප පිණිස පවත්නේය. මහණෙනි, සංස්කාරයෝ තොපගේ නොවෙත්. එය දුරුකරව්, එය නැතිකිරීම තොපට දීර්ඝ කාලයක් හිත පිණිස සැප පිණිස පවත්නේය. මහණෙනි, විඥානය තොපගේ නොවේ. එය දුරුකරව්, එය නැතිකිරීමට තොපට දීර්ඝකාලයක් හිත පිණිස සැප පිණිස පවත්නේය.
248
‘‘එවං ස්වාක්ඛාතො, භික්ඛවෙ, මයා ධම්මො උත්තානො විවටො පකාසිතො ඡින්නපිලොතිකො. එවං ස්වාක්ඛාතෙ, භික්ඛවෙ, මයා ධම්මෙ උත්තානෙ විවටෙ පකාසිතෙ ඡින්නපිලොතිකෙ යෙ තෙ භික්ඛූ අරහන්තො ඛීණාසවා වුසිතවන්තො කතකරණීයා ඔහිතභාරා අනුප්පත්තසදත්ථා පරික්ඛීණභවසංයොජනා සම්මදඤ්ඤා විමුත්තා, වට්ටං තෙසං නත්ථි පඤ්ඤාපනාය. එවං ස්වාක්ඛාතො, භික්ඛවෙ, මයා ධම්මො උත්තානො විවටො පකාසිතො ඡින්නපිලොතිකො. එවං ස්වාක්ඛාතෙ, භික්ඛවෙ, මයා ධම්මෙ උත්තානෙ විවටෙ පකාසිතෙ ඡින්නපිලොතිකෙ යෙසං භික්ඛූනං පඤ්චොරම්භාගියානි සංයොජනානි පහීනානි, සබ්බෙ තෙ ඔපපාතිකා, තත්ථ පරිනිබ්බායිනො, අනාවත්තිධම්මා තස්මා ලොකා. එවං ස්වාක්ඛාතො, භික්ඛවෙ, මයා ධම්මො උත්තානො විවටො පකාසිතො ඡින්නපිලොතිකො. එවං ස්වාක්ඛාතෙ, භික්ඛවෙ, මයා ධම්මෙ උත්තානෙ විවටෙ පකාසිතෙ ඡින්නපිලොතිකෙ යෙසං භික්ඛූනං තීණි සංයොජනානි පහීනානි, රාගදොසමොහා තනුභූතා, සබ්බෙ තෙ සකදාගාමිනො, සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරිස්සන්ති. එවං ස්වාක්ඛාතො, භික්ඛවෙ, මයා ධම්මො උත්තානො විවටො පකාසිතො ඡින්නපිලොතිකො. එවං ස්වාක්ඛාතෙ, භික්ඛවෙ, මයා ධම්මෙ උත්තානෙ විවටෙ පකාසිතෙ ඡින්නපිලොතිකෙ යෙසං භික්ඛූනං තීණි සංයොජනානි පහීනානි, සබ්බෙ තෙ සොතාපන්නා, අවිනිපාතධම්මා , නියතා සම්බොධිපරායනා. එවං ස්වාක්ඛාතො, භික්ඛවෙ, මයා ධම්මො උත්තානො විවටො පකාසිතො ඡින්නපිලොතිකො. එවං ස්වාක්ඛාතෙ, භික්ඛවෙ, මයා ධම්මෙ උත්තානෙ විවටෙ පකාසිතෙ ඡින්නපිලොතිකෙ යෙ තෙ භික්ඛූ ධම්මානුසාරිනො සද්ධානුසාරිනො සබ්බෙ තෙ සම්බොධිපරායනා. එවං ස්වාක්ඛාතො, භික්ඛවෙ, මයා ධම්මො උත්තානො විවටො පකාසිතො ඡින්නපිලොතිකො. එවං ස්වාක්ඛාතෙ, භික්ඛවෙ, මයා ධම්මෙ උත්තානෙ විවටෙ පකාසිතෙ ඡින්නපිලොතිකෙ යෙසං මයි සද්ධාමත්තං පෙමමත්තං සබ්බෙ තෙ සග්ගපරායනා’’ති.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
248
“මහණෙනි, මා විසින් ධර්මය මෙසේ මොනවට දෙසනලදී. ප්‍රකට කරනලදී. පැහැදිලි කරනලදී. අනාවරණය කරනලදී. කැලිකසල දුරුකරනලදී.
“මහණෙනි, මා විසින් මෙසේ මොනවට දෙසනලද ප්‍රකට කරනලද පැහැදිලි කරනලද අනාවරණය කරනලද කැලිකසල දුරුකරනලද ශාසනයෙහි යම් ඒ කෙලෙස් නැති කළ, වැස නිමවූ බ්‍රහ්මචරියා ඇති, කළ කටයුතු ඇති බහා තැබූ බර ඇති, ලැබූ පල ඇති, නැති කළ භව බන්ධන ඇති මනාව දැන මිදුණු යම් ඒ රහත්හු වෙත්ද, ඔවුන්හට ඇතැයි දැක්වීමට සංසාරයක් නැත.
“මහණෙනි, මා විසින් ධර්මය මෙසේ මොනවට දෙසනලදී. ප්‍රකට කරනලදී. පැහැදිලි කරනලදී. අනාවරණය කරනලදී. කැලිකසල දුරුකරන ලදී.
“මහණෙනි, මා විසින් මෙසේ මොනවට දෙසනලද, ප්‍රකට කරනලද, පැහැදිලි කරනලද, අනාවරණය කරනලද කැලිකසල දුරු කරන ලද, ශාසනයෙහි යම් භික්ෂුවකගේ කාමලෝකය භජනය කරන සංයෝජන පහ නැතිවූයේ වේද ඒ සියල්ලෝ එහි (ඒ බඹලොව) පිරිනිවන් පානා ඕපපාතිකයෝ වෙත්. ඒ ලෝකයෙන් නැවත මේ කාම ලෝකයට ඉපදීම් වශයෙන් නොඑන්නෝ වෙත්.
“මහණෙනි, මා විසින් මෙසේ ධර්මය මොනවට දෙසනලදී, ප්‍රකට කරනලදී, පැහැදිලි කරනලදී, අනාවරණය කරනලදී, කැලිකසල දුරුකරනලදී. එසේ මොනවට දෙසන ලද, ප්‍රකට කරනලද, පැහැදිලි කරන ලද අනාවරණය කරන ලද කැලිකසල දුරු කරනලද ශාසනයෙහි යම් භික්ෂූන්ගේ සංයෝජන තුන නැති වූවාහු වෙත්ද, රාග දෝෂ මෝහයෝ තුනී වූවාහුද, ඒ සියල්ලෝ සකෘදාගාමි වෙති. එක් වරක් පමණක් මේ ලෝකයට (ඉපදීම වශයෙන්) අවුත් දුක් කෙළවර කරත්.
“මහණෙනි, මා විසින් ධර්මය මෙසේ මොනවට දෙසනලදී, ප්‍රකට කරනලදී, පැහැදිලි කරනලදී, අනාවරණය කරන ලදී, කැලිකසල දුරු කරනලදී, එසේ මොනවට දෙසනලද, ප්‍රකට කරනලද, පැහැදිලි කරනලද, අනාවරණය කරනලද, කැලිකසල දුරුකරනලද ශාසනයෙහි යම් භික්ෂූන්ගේ සංයෝජන තුන නැතිවූවාහු වෙත්ද, ඒ සියල්ලෝ සෝවාන් වෙත්. අපායෙහි නූපදින සුලුයහ, නියත වූවාහු සම්බෝධිය පිහිට කොට ඇත්තාහුය.
“මහණෙනි, මා විසින් ධර්මය මොනවට දෙසනලදී. ප්‍රකට කරනලදී. පැහැදිලි කරනලදී. අනාවරණය කරනලදී. කැලිකසල දුරු කරනලදී.
“මහණෙනි, මා විසින් මෙසේ මොනවට දෙසනලද, ප්‍රකට කරනලද, පැහැදිලි කරනලද, අනාවරණය කරනලද, කැලිකසල දුරු කරනලද ශාසනයෙහි යම් ඒ භික්ෂූහු ධම්මානුසාරී වෙත්ද, සද්ධානුසාරී වෙත්ද, ඒ සියල්ලෝ සම්බෝධිය පිහිට කොට ඇත්තාහුය.
“මහණෙනි, මා විසින් ධර්මය මෙසේ මොනවට දෙනලදී. ප්‍රකට කරනලදී, පැහැදිලි කරනලදී, අනාවරණය කරන ලදී, කැලිකසල දුරුකරනලදී.
එසේ මොනවට දෙසන ලද ප්‍රකට කරනලද අනාවරණය කරනලද කැලිකසල දුරු කරනලද ශාසනයෙහි යම් භික්ෂූන්ට මා කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක් පවතීද, ප්‍රේම මාත්‍රයක් පවතීද, ඒ සියල්ලෝ ස්වර්ගය පිහිටකොට ඇත්තාහ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටුවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්හ.
3. වම්මිකසුත්තං 3. වම්මික සූත්‍රය
4. රථවිනීතසුත්තං 4. රථ විනීත සූත්‍රය
5. නිවාපසුත්තං 5. නිවාප සූත්‍රය
6. පාසරාසිසුත්තං 6. අරියපරියෙසන සූත්‍රය
7. චූළහත්ථිපදොපමසුත්තං 7. චූලහත්ථිපදොපම සූත්‍රය
8. මහාහත්ථිපදොපමසුත්තං 8. මහා හත්ථිපදොපම සූත්‍රය
9. මහාසාරොපමසුත්තං 9. මහා සාරොපම සූත්‍රය
10. චූළසාරොපමසුත්තං 10. චූලසාරොපම සූත්‍රය