3. ඔපම්මවග්ගො | 3. ඔපම්ම වර්ගය |
1. කකචූපමසුත්තං | 1. කකචූපම සූත්‍රය |
222
එවං
|
222
මා විසින් (මේ සූත්‍රය) මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවන නම් අනේපිඩු මහ සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරති.
එකල්හි මොලියඵග්ගුණ භික්ෂුව වේලාව ඉක්මවා භික්ෂුණීන් හා එක්ව වාසය කරන්නේය.
ඉදින් කිසි භික්ෂුවක් මොලියඵග්ගුණ භික්ෂුව ඉදිරියෙහි ඒ භික්ෂුණීන්ගේ අගුණ කියාද, මොලියඵග්ගුණ භික්ෂුව ඒ භික්ෂුව හා කිපියේ නොසතුටුවූයේ (විනය ධර භික්ෂූන් ඉදිරියෙහි) නඩුද පවරයි. ඉදින් කිසි භික්ෂුවක් ඒ භික්ෂුණීන් ඉදිරියෙහි මොලියඵග්ගුණ භික්ෂුවගේ නුගුණ කියාද, ඒ භික්ෂුණීහු ඒ භික්ෂුව සමග කිපියාහු නොසතුටු සිත් ඇත්තාහු (විනයධර භික්ෂූන් ඉදිරියෙහි) නඩුද කියත්. මොලියඵග්ගුණ භික්ෂුව මෙතරම් භික්ෂුණීන් හා එක්ව වාසය කරයි.
ඉක්බිති එක්තරා භික්ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පැත්තක හුන්නේය. එක්පැත්තක උන්නාවූ ඒ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැලකළේය. “ස්වාමීන් වහන්ස, මොලියඵග්ගුණ භික්ෂුව වේලා ඉක්මවා භික්ෂුණීන් හා එක්ව වාසය කරයි. ස්වාමීන් වහන්ස, ඉදින් යම් භික්ෂුවක් මොලියඵග්ගුණ භික්ෂුව ඉදිරියෙහි ඒ භික්ෂුණීන්ගේ නුගුණ කියාද, එයින් මොලියඵග්ගුණ භික්ෂුව කිපියේ නොසතුටු සිත් ඇත්තේ නඩුද කියයි. ඉදින් කිසි භික්ෂුවක් ඒ භික්ෂුණීන් ඉදිරියෙහි මොලියඵග්ගුණ භික්ෂුවගේ නුගුණ කියාද, එයින් ඒ භික්ෂුණීහු කිපුනාහු නොසතුටු සිත් ඇත්තාහු නඩුද කියත්. ස්වාමීන් වහන්ස, මොලියඵග්ගුණ භික්ෂුව මෙතරම් භික්ෂුණීන් සමග එක්ව වෙසේය’යි (කීය.)
|
223
අථ ඛො භගවා අඤ්ඤතරං භික්ඛුං ආමන්තෙසි - ‘‘එහි ත්වං
‘‘සච්චං කිර ත්වං, ඵග්ගුන, භික්ඛුනීහි සද්ධිං අතිවෙලං සංසට්ඨො විහරසි? එවං සංසට්ඨො කිර ත්වං, ඵග්ගුන, භික්ඛුනීහි සද්ධිං විහරසි - සචෙ කොචි භික්ඛු තුය්හං සම්මුඛා තාසං භික්ඛුනීනං අවණ්ණං භාසති, තෙන ත්වං කුපිතො අනත්තමනො අධිකරණම්පි කරොසි. සචෙ පන කොචි භික්ඛු තාසං භික්ඛුනීනං සම්මුඛා තුය්හං අවණ්ණං භාසති, තෙන තා භික්ඛුනියො කුපිතා අනත්තමනා අධිකරණම්පි කරොන්ති. එවං සංසට්ඨො කිර ත්වං, ඵග්ගුන, භික්ඛුනීහි සද්ධිං විහරසී’’ති? ‘‘එවං, භන්තෙ’’ති. ‘‘නනු ත්වං, ඵග්ගුන, කුලපුත්තො සද්ධා
|
223
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්ෂුවක් කැඳවා, “මහණ මෙහි එව, මගේ වචනයෙන් ‘ශාස්තෘන් වහන්සේ ඔබ කැඳවන්නේය’යි කියා මොලියඵග්ගුණ භික්ෂුව කැඳවා එව’යි වදාළහ. ඒ භික්ෂු තෙම ‘එසේය ස්වාමීනි,’ කියා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරුදී මොලියඵග්ගුණ භික්ෂුව යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ මොලියඵග්ගුණ භික්ෂුවට මෙසේ කීය. ‘ඇවැත්නි, ඵග්ගුණය, ශාස්තෲන් වහන්සේ ඔබ කැඳවනසේකැ’යි කීය. ‘ඇවැත්නි, එසේය’යි කියා මොලියඵග්ගුණ භික්ෂුතෙම ඒ භික්ෂුහට පිළිතුරුදී භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට ගියේය. ගොස්, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පැත්තක හුන්නේය. එක්පැත්තක උන්නාවූ මොලියඵග්ගුණ භික්ෂුවට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
“ඵග්ගුණය, තෝ වේලා ඉක්මවා භික්ෂුණීන් හා එක්ව වාසය කරන්නෙහිය. ඉදින් කිසි භික්ෂුවක් තොප ඉදිරියෙහි ඒ භික්ෂුණීන්ගේ නුගුණ කියාද එයින් කිපියේ නොසතුටු සිත් ඇත්තේ නඩුද කියන්නෙහිය. ඉදින් කිසි භික්ෂුවක් ඒ භික්ෂුණීන් ඉදිරියෙහි තොපගේ අගුණ කියාද, එයින් ඒ භික්ෂුණීහු කිපියාහු නොසතුටු සිත් ඇත්තාහු නඩුද කියත්, ඵග්ගුණය, තොප මෙපරිද්දෙන් භික්ෂුණීන් සමග මිශ්‍රව වාසය කෙරෙහිය යනු සැබෑද?”
“ස්වාමීනි, එසේය.” “ඵග්ගුණය, තොප ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම පැවිදිවූ කුලපුත්‍රයෙක් නොවෙහිද?”
“එසේය, ස්වාමීනි.”
|
224
‘‘න ඛො තෙ එතං, ඵග්ගුන, පතිරූපං කුලපුත්තස්ස සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතස්ස, යං ත්වං භික්ඛුනීහි සද්ධිං අතිවෙලං සංසට්ඨො විහරෙය්යාසි. තස්මාතිහ, ඵග්ගුන, තව චෙපි කොචි සම්මුඛා තාසං භික්ඛුනීනං අවණ්ණං භාසෙය්ය, තත්රාපි ත්වං, ඵග්ගුන, යෙ ගෙහසිතා
(ගෙහස්සිතා (?)) ඡන්දා යෙ ගෙහසිතා විතක්කා තෙ පජහෙය්යාසි. තත්රාපි තෙ, ඵග්ගුන, එවං සික්ඛිතබ්බං - ‘න චෙව මෙ චිත්තං විපරිණතං භවිස්සති, න ච පාපිකං වාචං නිච්ඡාරෙස්සාමි, හිතානුකම්පී ච විහරිස්සාමි මෙත්තචිත්තො, න දොසන්තරො’ති. එවඤ්හි තෙ, ඵග්ගුන, සික්ඛිතබ්බං.
‘‘තස්මාතිහ, ඵග්ගුන, තව චෙපි කොචි සම්මුඛා තාසං භික්ඛුනීනං පාණිනා පහාරං දදෙය්ය, ලෙඩ්ඩුනා පහාරං දදෙය්ය, දණ්ඩෙන පහාරං දදෙය්ය, සත්ථෙන පහාරං දදෙය්ය. තත්රාපි ත්වං, ඵග්ගුන, යෙ ගෙහසිතා ඡන්දා යෙ ගෙහසිතා විතක්කා තෙ පජහෙය්යාසි. තත්රාපි තෙ, ඵග්ගුන, එවං සික්ඛිතබ්බං ‘න චෙව මෙ චිත්තං විපරිණතං භවිස්සති, න ච පාපිකං වාචං නිච්ඡාරෙස්සාමි, හිතානුකම්පී ච විහරිස්සාමි මෙත්තචිත්තො, න දොසන්තරො’ති. එවඤ්හි තෙ, ඵග්ගුන, සික්ඛිතබ්බං.
‘‘තස්මාතිහ, ඵග්ගුන, තව චෙපි කොචි සම්මුඛා අවණ්ණං භාසෙය්ය, තත්රාපි ත්වං, ඵග්ගුන
‘‘තස්මාතිහ, ඵග්ගුන, තව චෙපි කොචි පාණිනා පහාරං දදෙය්ය, ලෙඩ්ඩුනා පහාරං දදෙය්ය, දණ්ඩෙන පහාරං දදෙය්ය, සත්ථෙන පහාරං
|
224
“ඵග්ගුණය, යම් හෙයකින් තොප භික්ෂුණීන් සමග වේලාව ඉක්මවා එකතුව වාසය කරන්නෙහිද, මේ විහරණය ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූ කුල පුත්‍රයෙකුට නුසුදුසුය.
“එහෙයින් ඵග්ගුණය, ඉදින් කිසිවෙක් තොප ඉදිරියෙහි ඒ භික්ෂුණීන්ගේ නුගුණ කියාද ඵග්ගුණය, තොප එහිදු පංචකාම ගුණය ආශ්‍රය කොට ඇති ආශාවෝ වෙත්ද, පංචකාම ආශ්‍රය කොට ඇති යම් කල්පනාවෝ වෙත්ද ඔවුන් දුරුකරව. ඵග්ගුණය, එහිදු ‘මගේ සිත නොපෙරළේවා. ලාමක වචන නොකියන්නෙමි. හිතවත්ව අනුකම්පා කරමින් මෛත්‍රී සිත් ඇත්තේ ද්වේෂ සිත් නැත්තේ වාසය කරන්නෙමි’යි මෙසේ හික්මිය යුතුයි. ඵග්ගුණය, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි. ඵග්ගුණය, එහෙයින් මෙහි තොප ඉදිරියෙහි කිසිවෙක් ඒ භික්ෂුණීන්ට අතින් පහරදෙන්නේද කැටයකින් ආයුධයකින්, දඬුවෙන්, පහර දෙන්නේද, ඵග්ගුණය, තොප එහිදු යම් පංචකාම සහගතවූ ආශාවෝ වෙත්ද, පංචකාම සහගතවූ කල්පනාවෝ වෙත්ද, ඔවුන් දුරු කරව. ඵග්ගුණය, එහිදු තොප විසින් මෙසේ හික්මිය යුතුයි. මාගේ සිත නොපෙරළේවා, ලාමක වචන නොකියන්නෙමි. හිතවත්ව අනුකම්පා ඇත්තේ, මෛත්‍රී සිත් ඇත්තේ, ද්වේෂ සිත් නැත්තේ වාසය කරන්නෙමි’යි ඵග්ගුණය, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි.
“ඵග්ගුණය, එහෙයින් මෙහි තොපට කිසිවෙක් අගුණ කියන්නේ නම් ඵග්ගුණය, එහිදු තොප පංචකාම සහගතවූ ආශාවෝ වෙත්ද, පංචකාම සහගතවූ කල්පනාවෝ වෙත්ද, ඔවුන් දුරු කරව. ඵග්ගුණය, තොප එහිදු මෙසේ හික්මිය යුතුයි. ‘මාගේ සිත නොපෙරළේවා ලාමකවූ වචන නොකියන්නෙමි, හිතවත්ව අනුකම්පා ඇත්තේ මෛත්‍රී සිත් ඇත්තේ, ද්වේෂ සහගත සිත් නැත්තේ වාසය කරන්නෙමි’යි ඵග්ගුණය, මෙසේ වනාහි තොප හික්මිය යුතුයි.
“ඵග්ගුණය, එහෙයින් මෙහි තොපටද, කිසිවෙක් අතින් පහර දෙන්නේද, කැටකින් පහර දෙන්නේද, දණ්ඩකින් පහර දෙන්නේද, ආයුධයකින් පහර දෙන්නේද, ඵග්ගුණය, තොප එහිදු පංචකාම සහගතවූ යම් ආශාවෝ වෙත්ද, පංචකාම සහගතවූ යම් කල්පනාවෝ වෙත්ද ඔවුන් දුරු කරව, ඵග්ගුණය, තොප එහිදු මෙසේ හික්මිය යුතුයි. ‘මාගේ සිත නොපෙරළේවා. ලාමකවූ වචනද නොකියන්නෙමි. හිතවත්ව අනුකම්පා ඇත්තේ මෛත්‍රී සිත් ඇත්තේ ද්වේෂ සහගත සිත් නැත්තේ වාසය කරන්නෙමි’යි ඵග්ගුණය, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුය”යි වදාළහ.
|
225
අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘ආරාධයිංසු වත මෙ, භික්ඛවෙ, භික්ඛූ එකං සමයං චිත්තං. ඉධාහං, භික්ඛවෙ, භික්ඛූ ආමන්තෙසිං - අහං ඛො, භික්ඛවෙ, එකාසනභොජනං භුඤ්ජාමි. එකාසනභොජනං ඛො අහං, භික්ඛවෙ, භුඤ්ජමානො අප්පාබාධතඤ්ච සඤ්ජානාමි අප්පාතඞ්කතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්ච. එථ තුම්හෙපි, භික්ඛවෙ, එකාසනභොජනං භුඤ්ජථ. එකාසනභොජනං ඛො, භික්ඛවෙ, තුම්හෙපි භුඤ්ජමානා අප්පාබාධතඤ්ච සඤ්ජානිස්සථ අප්පාතඞ්කතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්චාති. න මෙ, භික්ඛවෙ, තෙසු භික්ඛූසු අනුසාසනී කරණීයා අහොසි; සතුප්පාදකරණීයමෙව මෙ, භික්ඛවෙ, තෙසු භික්ඛූසු අහොසි.
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, සුභූමියං චතුමහාපථෙ ආජඤ්ඤරථො යුත්තො අස්ස ඨිතො ඔධස්තපතොදො. තමෙනං දක්ඛො යොග්ගාචරියො අස්සදම්මසාරථි අභිරුහිත්වා, වාමෙන හත්ථෙන රස්මියො ගහෙත්වා, දක්ඛිණෙන හත්ථෙන පතොදං ගහෙත්වා, යෙනිච්ඡකං යදිච්ඡකං
‘‘සෙය්යථාපි
|
225
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූසේක. “මහණෙනි, එක් කාලයක (ප්‍රථම බොධි කාලයෙහි) භික්ෂූහු ඒකාන්තයෙන් මාගේ සිත සතුටු කළාහුය. මහණෙනි, එකල්හි භික්ෂූන් ඇමතුයෙමි. (අමතා) ‘මහණෙනි, මම වනාහි එක් වේලේ වළඳන ආහාරය වළඳමි. මහණෙනි, එක් වේලේ වළඳනා භොජනය වළඳන්නේ නිරෝගී බවද උපද්‍රව රහිතව ශරීරයාගේ සැහැල්ලු පැවතුම් ඇති බවද කාය බලයද සැප විහරණයද විඳිමි. මහණෙනි, එව්, තොපිත් එක් වේලේ වළඳව්.
“මහණෙනි, එක් වේලේ වළඳන තෙපිද අල්පාබාධ ඇති බවද, නිරොග බවද, ශරීරයාගේ සැහැල්ලු බවද, ශරීර බලයද, සැප විහරණයද විඳින්නාහුයි කීවෙමි.
“මහණෙනි, එකල භික්ෂූන්හට මා විසින් අනුශාසනාවක් කළයුතු නොවීය. මහණෙනි, ඒ භික්ෂූන්හට මා විසින් සිහි ඉපදවීම පමණක් ප්‍රමාණවත් විය. මහණෙනි, සමබිමක සතර මංසන්ධියක ආජානීය අසුන් යෙදූ රථයක් පහසුවෙන් ගත හැකි සේ තබන ලද කෙවිටි ඇතිව තැබුයේ වෙයිද, අශ්වයන් දමනය කිරීමෙහි දක්ෂවූ අශ්වාචාර්යයෙක් තෙම ඒ මේ රථයට නැඟ වමතින් රැහැන්ගෙන දකුණතින් කෙවිටිගෙන කැමැත්තේ යම් මාර්ගයකින්ද කැමැත්තේ යම් ගමනක්ද එසේ ඉදිරියට එළවන්නේය. ආපසුද එළවන්නේය.
“මහණෙනි, එපරිද්දෙන්ම ඒ භික්ෂූන් කෙරෙහි මා විසින් අනුශාසනාවක් කළ යුතු නොවීය. මහණෙනි ඒ භික්ෂූන්හට සිහි ඉපදවීම පමණක් ප්‍රමාණවත් විය.
“මහණෙනි, එහෙයින් තෙපිත් අකුසලය දුරු කරව්. කුසල ධර්මයන්හි යෙදෙව්. මෙසේ ඇති කල්හි තෙපිත් මේ ශාසනයෙහි (ශීලයෙන්) අභිවෘද්ධියටද (මාර්ගයෙන්) වැඩීමටද (නිර්වාණයෙන්) විපුල බවටද පැමිණෙන්නහුය,
මහණෙනි, ගමට හෝ නියම්ගමට හෝ නුදුරෙහි මහත් සල්වනයක් වෙයි. ඒ සල් වනයද සල් ගස් දූෂණය කරන පිළිලයෙන් ගැවසුනේය. ඒ සල් වනයට යහපත කැමැත්තාවූ හිත කැමැත්තාවූ නිර්භය බව කැමැත්තාවූ කිසියම් පුරුෂයෙක් තෙම පහළවන්නේද හෙතෙම වක්වූ ඕජාව ගලා බස්නාවූ යම් ඒ තරුණ සල්පැල වෙත්ද, ඔවුන් සැස පිටතට දමන්නේද, ඇතුල් සල්වනය මනාව ශුද්ධ කරන්නේද, සෘජුව හටගත්තාවූ මනාව හටගත්තාවූ යම් ඒ තරුණ සල්පැල වෙත්ද, ඔවුන් මනාකොට වඩන්නේද, මහණෙනි, මෙසේ ඇති කල්හි ඒ සල්වනය වෘද්ධියටද වැඩීමටද විපුල බවටද පැමිණෙන්නේය.
“මහණෙනි, එපරිද්දෙන්ම තෙපිත් අකුසලය දුරු කරව් නම්, කුසල ධර්මයන්හි යෙදෙව් නම්, එසේ ඇති කල්හි තෙපිදු මේ ශාසනයෙහි වෘද්ධියටද වැඩීමටද විපුල බවටද පැමිණෙන්නාහුය.
|
226
‘‘භූතපුබ්බං, භික්ඛවෙ, ඉමිස්සායෙව සාවත්ථියා වෙදෙහිකා නාම ගහපතානී අහොසි. වෙදෙහිකාය, භික්ඛවෙ, ගහපතානියා එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො - ‘සොරතා වෙදෙහිකා ගහපතානී, නිවාතා වෙදෙහිකා ගහපතානී, උපසන්තා වෙදෙහිකා ගහපතානී’ති. වෙදෙහිකාය ඛො පන, භික්ඛවෙ, ගහපතානියා කාළී නාම දාසී අහොසි දක්ඛා අනලසා
‘‘අථ ඛො, භික්ඛවෙ, කාළියා දාසියා එතදහොසි - ‘මය්හං ඛො අය්යාය එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො - ‘‘සොරතා වෙදෙහිකා ගහපතානී, නිවාතා වෙදෙහිකා ගහපතානී, උපසන්තා වෙදෙහිකා ගහපතානී’’ති. කිං නු ඛො මෙ අය්යා සන්තංයෙව නු ඛො අජ්ඣත්තං කොපං න පාතුකරොති උදාහු අසන්තං උදාහු මය්හමෙවෙතෙ
(මය්හෙවෙතෙ (සී. පී.)) කම්මන්තා සුසංවිහිතා යෙන මෙ අය්යා සන්තංයෙව අජ්ඣත්තං කොපං න පාතුකරොති, නො අසන්තං? යංනූනාහං අය්යං වීමංසෙය්‍ය’න්ති. අථ ඛො, භික්ඛවෙ, කාළී දාසී දිවා උට්ඨාසි. අථ ඛො, භික්ඛවෙ, වෙදෙහිකා ගහපතානී කාළිං දාසිං එතදවොච - ‘හෙ ජෙ කාළී’ති. ‘කිං, අය්යෙ’ති? ‘කිං, ජෙ, දිවා උට්ඨාසී’ති? ‘න ඛ්වය්‍යෙ
(න ඛො අය්යෙ (සී. පී.)), කිඤ්චී’ති. ‘නො වත රෙ කිඤ්චි, පාපි දාසි
(පාපදාසි (ස්‍යා. ක.)), දිවා උට්ඨාසී’ති කුපිතා අනත්තමනා භාකුටිං
(භූකුටිං (සී. පී.), භකුටීං (ස්‍යා.)) අකාසි. අථ ඛො, භික්ඛවෙ, කාළියා දාසියා
‘‘අථ
‘‘අථ ඛො, භික්ඛවෙ, කාළී දාසී දිවාතරංයෙව උට්ඨාසි. අථ ඛො, භික්ඛවෙ, වෙදෙහිකා ගහපතානී කාළිං දාසිං එතදවොච
‘‘අථ ඛො, භික්ඛවෙ, වෙදෙහිකාය ගහපතානියා අපරෙන සමයෙන එවං පාපකො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡි - ‘චණ්ඩී වෙදෙහිකා ගහපතානී, අනිවාතා වෙදෙහිකා ගහපතානී, අනුපසන්තා වෙදෙහිකා ගහපතානී’ති.
‘‘එවමෙව ඛො, භික්ඛවෙ, ඉධෙකච්චො භික්ඛු තාවදෙව සොරතසොරතො හොති නිවාතනිවාතො
|
226
“මහණෙනි, පෙර වූවක් කියමි. මේ සැවැත් නුවරම වෙදෙහිකා නම්වූ ගෘහණියක් වූවාය. මහණෙනි, ‘වෙදෙහිකා ගෘහපතිනිය, ප්‍රිය වචන කියන්නීය, උඩඟු නොවූවාය, සංසුන් සිත් ඇත්තීය’යි වෙදෙහිකා ගෘහපතිනියගේ මෙබඳුවූ ගුණ කීර්ති ශබ්දයක් පළව ගියේය.
“මහණෙනි, වෙදෙහිකා නම් ගෘහණියගේ දක්ෂවූ අලස නුවූ හොඳින් වැඩපල කරන්නාවූ කාලි නම් දාසියක් වූවාය. මහණෙනි එකල්හි කාලි නම් දාසියට මෙබඳු අදහසක් විය. වෙදෙහිකා නම් ගෘහපතිනිය ප්‍රිය වචන කියන්නීය. උඩඟු නොවූවාය. සංසුන් සිත් ඇත්තීය’යි මාගේ ආර්යාව පිළිබඳව කීර්ති රාවයක් පැතිර ඇත්තේය. කිමෙක්දෝ මාගේ ආර්යාව තමා තුළ ඇත්තාවූම කොපය පහළ නොකරන්නීද, කෝපය නැති නිසාම කෝපයක් පහළ නොකරන්නීද, නැතහොත් හොඳින් මා වැඩපල කරන නිසා තමා තුළ ඇති කෝපය පහළ නොකරන්නීද, අධ්‍යාත්මයෙහි කොපයද නැති නිසා පහළ නොකරන්නීද කියා මම ආර්යාව විමසන්නෙම් නම් යෙහෙකැ’යි සිතුවාය.
“මහණෙනි, ඉක්බිති කාලි දාසිතොම දවල්වී අවදිවූවාය. මහණෙනි, එකල්හි වෙදෙහිකා ගෘහපතිනිය කාලී දාසියට මෙසේ කීවාය. ‘බොල කාලිය,’ ‘ඇයි? ආර්යාවෙනි. කුමක් නිසා දවල්ව නැගිට්ටෙහිද?’ ‘ආර්යාවෙනි කිසිත් නැත.’ ‘බොල පව්කාරිය, කිසිත් නැත්නම් දවල්වී අවදි වූයේ ඇයිදැ’යි කියා කෝප වූවා නොසතුටු සිත් ඇත්තී මුහුණ හකුළුවා ගත්තාය.
“මහණෙනි, ඉක්බිති කාලි නම් දාසියට මෙබඳු අදහසක් විය. ‘මාගේ ආර්යා තොමෝ තමා කෙරෙහි ඇත්තාවූම කොපය පහළ නොකරන්නීය. නැත්තාවූ කොපයක් නොවේ. මා විසින්ම වැඩපළ හොඳින් කරනලද හෙයින් මාගේ ආර්යා තොමෝ තමා කෙරෙහි ඇත්තාවූම කොපය පහළ නොකරන්නීය, නැත්තාවූ කොපයක් නොවේ. මම තවදුරටත් ආර්යාව විමසන්නෙම් නම් යෙහෙක’ කියායි. මහණෙනි, ඉක්බිති කාලී දාසි තොමෝ බොහෝ දහවල්වී නැගිට්ටාය. මහණෙනි, ඉක්බිති වෙදෙහිකා ගෘහපතිනිය කාලී දාසියට මෙය කීවාය. ‘බොල කාලිය,’ ‘කිමෙක්ද? ආර්යාවෙනි,’ බොල කුමට ඉතා දවල්වී නැගිට්ටෙහිදැ’යි ඇසීය. ‘ආර්යාවෙනි, කිසිත් නැත.’ ‘බොල කාලකන්නිය, කිසිවක් නැත්නම් වඩාත් දවල්වී අවදි වූයේ කුමටදැ’යි කෝප වූවා, නොසතුටු සිත් ඇත්තී නොසතුටු වචන කීවාය.
“මහණෙනි, ඉක්බිති කාලි නම් දාසියට මෙබඳු සිතක් විය. ‘මාගේ ආර්යා තොමෝ තමා කෙරෙහි ඇත්තාවූම කෝපය පහළ නොකරන්නීය. නැති කෝපයක් නොවේ. මා විසින් මේ වැඩපල මනාව කරනලද හෙයින් මාගේ ආර්යා තොමෝ තමා කෙරෙහි ඇත්තාවූම කොපය පහළ නොකරන්නීය. නැතිවූවක් නොවේ. මම වැඩියක්ම ආර්යාව විමසන්නෙම් නම්, යෙහෙකැ’යි කියායි.
“මහණෙනි, ඉක්බිති කාලී දාසි තොමෝ තවත් වඩා දහවල්වම අවදි වූවාය. මහණෙනි, එකල්හි වෙදෙහිකා නම් ගෘහපතිනිය, කාලි දාසියට මෙසේ කීවාය. ‘එම්බල කාලිය, ‘කිමෙක්ද ආර්යාවෙනි,’ ‘කිමෙක්ද, එම්බල කාලිය, තී ඉතා දහවල්වී අවදිවූයේ කවර හෙයින්ද? ‘ආර්යාවෙනි, කිසිවක් නැතැයි’ කීය. ‘බොල, පවිටු දාසිය, කිසිවක් නැත්නම් කවර හෙයින් ඉතා දහවල්වී නැගිට්ටෙහිදැ’යි කිපී දොරපොල්ල ගෙන හිසට පහරක් දුන්නාය. හිස පැලුනේය. මහණෙනි, කාලි නම් දාසිය පැලුනු හිසින් ගලන්නාවූ ලෙයින් යුක්තව අසල් වැසියන්හට මෙසේ නුගුණ කීවාය. ‘ආර්යාවෙනි, ප්‍රිය වචන ඇති ස්ත්‍රියගේ වැඩක හැටි බලව්, උඩඟුනොවූ තැනැත්තියකගේ වැඩක හැටි බලව්, සංසුන් සිත් ඇත්තියකගේ වැඩක හැටි බලව්, එක් දාසියක් දහවල්වී නැගිටියායයි කිපී නොසතුටු සිත් ඇතිව, දොරපොල්ල ගෙන හිසට පහරදී පලන්නේදැ’යි (කීවාය.)
“මහණෙනි, ඉන් පසු කාලයෙහි වෙදෙහිකා ගෘහපතිනිය සම්බන්ධයෙන්, වෙදේහිකා ගෘහපතිනිය නපුරුය, වෙදෙහිකා ගෘහපතිනිය උඩඟුය, වෙදෙහිකා ගෘහපතිනිය දරුණුයයි ලාමකවූ අපකීර්තියක් පැනනැංගේය.
“මහණෙනි, එපරිද්දෙන්ම මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් යම්තාක් ඔහුට අමනාපවූ වචන අසන්ට නොලැබෙද්ද ඒතාක් ඉතා යහපත් වෙයි. ඉතා යටහත් පැවතුම් ඇත්තේ වෙයි. ඉතා සංසුන් පැවතුම් ඇත්තේ වෙයි. මහණෙනි, යම් හෙයකින් භික්ෂුවහට අමනාපවූ වචන අසන්ට ලැබේද එකල්හිම යහපත් භික්ෂුවකැයි යටත් පැවතුම් ඇති භික්ෂුවකැයි ශාන්තවූ භික්ෂුවකැයි දත යුත්තේය.
“මහණෙනි, යම් භික්ෂුවක් සිවුරු ආහාර සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර හේතුකොට සුවච වේද, සුවච බවට පැමිණේද ඔහු සුවචයෙකැයි මම නොකියමි. ඊට හේතු කවරේද? මහණෙනි, ඒ මහණ තෙම ඒ චීවර, පිණ්ඩපාත, සෙනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර නොලබන්නේ සුවච නොවෙයි, සුවච බවට නොපැමිණෙයි.
“මහණෙනි, යම්කිසි භික්ෂුවක් ධර්මයම සලකමින්, ධර්මයම ගරුකරමින්, ධර්මයම පුදමින් සුවචවේද, සුවච බවට පැමිණේද, මම ඒ භික්ෂුව සුවචයයි කියමි. මහණෙනි, එහෙයින් මේ ශාසනයෙහි මෙසේ හික්මිය යුතුයි. ධර්මයම සලකමින්, ධර්මයම ගරු කරමින්, ධර්මයම පුදමින් සුවච වන්නෙමි. සුවච බවට පැමිණෙන්නෙමියි මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි.
|
227
‘‘පඤ්චිමෙ, භික්ඛවෙ, වචනපථා යෙහි වො පරෙ වදමානා වදෙය්යුං - කාලෙන වා අකාලෙන වා; භූතෙන වා අභූතෙන වා; සණ්හෙන වා ඵරුසෙන වා; අත්ථසංහිතෙන වා අනත්ථසංහිතෙන වා; මෙත්තචිත්තා වා දොසන්තරා වා. කාලෙන වා, භික්ඛවෙ, පරෙ වදමානා වදෙය්යුං අකාලෙන වා; භූතෙන වා, භික්ඛවෙ, පරෙ වදමානා වදෙය්යුං අභූතෙන වා; සණ්හෙන වා, භික්ඛවෙ, පරෙ වදමානා වදෙය්යුං ඵරුසෙන වා; අත්ථසංහිතෙන වා, භික්ඛවෙ, පරෙ වදමානා වදෙය්යුං අනත්ථසංහිතෙන
|
227
“මහණෙනි, කල්හි හෝ නොකල්හි හෝ සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් හෝ මෘදුව හෝ රළුව හෝ අර්ථ සහිතව හෝ අනර්ථ සහිතව හෝ මෛත්‍රී සහගත සිත් ඇතිව හෝ කිපි සිත් ඇතිව හෝ අන්‍යයන් තොපට කියන්නාවූ මේ වචන පසක් වෙත්. මහණෙනි, අන්‍යයෝ තොපට කල්හි හෝ නොකල්හි හෝ කියන්නාහුද, මහණෙනි, තොපට අන්‍යයෝ සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් හෝ කියන්නාහුද, මහණෙනි, අන්‍යයෝ තොපට මෘදුව හෝ රළුව හෝ කියන්නාහුද, මහණෙනි, අන්‍යයෝ තොපට අර්ථ සහිතව හෝ අනර්ථ සහිතව හෝ කියන්නාහුද, මහණෙනි, තොපට අන්‍යයෝ මෛත්‍රී සිත් ඇතිව හෝ කිපි සිත් ඇතිව හෝ කියන්නාහුද එහි තොප විසින් මෙසේ හික්මිය යුතුයි. අපගේ සිත නොපෙරළේවා. ලාමක වචන නොකියන්නෙමු. අනුකම්පාවෙන් යුක්තව මෛත්‍රී සහගත සිත් ඇතිව නොකිපි සිත් ඇතිව වාසය කරන්නෙමු. ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රී සිත පතුරවා වාසය කරන්නෙමු. මුළු ලෝකයම ඒ මෛත්‍රී චිත්තයාගේ අරමුණ කොට මහත්වූ මහත් බවට ගියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ද්වේෂ නැත්තාවූ මෛත්‍රී සහගත සිතින් යුක්තව වාසය කරන්නෙමුයි, මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු
|
228
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, පුරිසො ආගච්ඡෙය්ය කුදාලපිටකං
(කුද්දාලපිටකං (සී. ස්‍යා. පී.)) ආදාය. සො එවං වදෙය්ය - ‘අහං ඉමං මහාපථවිං අපථවිං කරිස්සාමී’ති
|
228
“මහණෙනි යම්සේ පුරුෂයෙක් තෙම උදැල්ලක් හා කූඩයක් ගෙන එන්නේය. හෙතෙම “මම මේ මහ පොළොව නොපොළොවක් කරමි”යි කියන්නේය. හෙතෙම මහ පොළොව නොපොළොවක් වේවා, නොපොළොවක් වේවා යි කියමින් ඒ ඒ තැන සාරන්නේය. ඒ ඒ තැන පස් විසුරු වන්නේය. ඒ ඒ තැන කාරා දමන්නේය. ඒ ඒ තැන මුත්‍ර කරන්නේය. මහණෙනි, කුමක් සිතන්නහුද, ඒ පුරුෂයා මේ මහපොළොව නොපොළොවක් කරන්නේයයි සිතන්නහුද?”
“ස්වාමීනි, එසේ නොසිතන්නෙමු. ඊට හේතු කවරේද? ස්වාමීනි, මේ මහා පෘථිවිය වනාහි ගැඹුරුය. අති විශාලය, ඒ පෘථිවිය නොපොළොවක් කරන්නට නොහැකිය. ඒ පුරුෂයා නම් ක්ලාන්තයටද වෙහෙසටද හිමි වන්නේය.”
“මහණෙනි, කල්හි හෝ නොකල්හි හෝ සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් හෝ මෘදුව හෝ රළුව හෝ අර්ථ සහිතව හෝ අනර්ථ සහිතව හෝ මෛත්‍රී සහගත සිත් ඇතිව හෝ කිපි සිත් ඇතිව හෝ අන්‍යයන් තොපට කියන්නාවූ මේ වචන පසක් වෙත්. මහණෙනි, අන්‍යයෝ තොපට කල්හි හෝ නොකල්හි හෝ කියන්නාහුද, මහණෙනි, තොපට අන්‍යයෝ සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් හෝ කියන්නාහුද, මහණෙනි, තොපට අන්‍යයෝ මෘදුව හෝ රළුව හෝ කියන්නාහුද, මහණෙනි, තොපට අන්‍යයෝ අර්ථ සහිතව හෝ අනර්ථ සහිතව හෝ කියන්නාහුද, මහණෙනි, තොපට අන්‍යයෝ මෛත්‍රී සිත් ඇතිව හෝ කිපි සිත් ඇතිව හෝ කියන්නාහුද, එහි තොප විසින් මෙසේ හික්මිය යුතුයි. ‘අපගේ සිත නොපෙරළේවා ලාමක වචන නොකියන්නෙමු. අනුකම්පාවෙන් යුක්තව මෛත්‍රී සහගත සිත් ඇතිව නොකිපි සිත් ඇතිව වාසය කරන්නෙමු. ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රී සිත පතුරුවා වාසය කරන්නෙමු. මුළු ලෝකයම ඒ මෛත්‍රී චිත්තයාගේ අරමුණ කොට මහත්වූ මහත් බවට ගියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ද්වේෂ නැත්තාවූ මෛත්‍රී සහගත සිතින් යුක්තව වාසය කරන්නෙමු’යි, මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.
|
229
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, පුරිසො ආගච්ඡෙය්ය ලාඛං වා හලිද්දිං වා නීලං වා මඤ්ජිට්ඨං වා ආදාය. සො එවං වදෙය්ය - ‘අහං ඉමස්මිං ආකාසෙ රූපං ලිඛිස්සාමි, රූපපාතුභාවං කරිස්සාමී’ති. තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, අපි නු සො පුරිසො ඉමස්මිං ආකාසෙ රූපං ලිඛෙය්‍ය, රූපපාතුභාවං කරෙය්යා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තං කිස්ස හෙතු’’? ‘‘අයඤ්හි, භන්තෙ, ආකාසො අරූපී අනිදස්සනො. තත්ථ න සුකරං රූපං ලිඛිතුං, රූපපාතුභාවං කාතුං; යාවදෙව ච පන
|
229
“මහණෙනි, පුරුෂයෙක් තෙම ලාකිරි හෝ කහපාට හෝ නිල්පාට හෝ මදටිය පාට හෝ ගෙන එන්නේය. හෙතෙම මෙසේ කියන්නේය. මම මේ අහසෙහි රූපයන් අඳින්නෙමි. රූප පහළකරන්නෙමි. මහණෙනි, ඒ පුරුෂයා මේ ආකාශයෙහි රූප අඳින්නේය. රූප පහළකරන්නේයි සිතන්නහුද?
“ස්වාමීනි, එසේ නොසිතන්නෙමු. ඊට හේතු කවරේද, මේ ආකාශය රූප රහිතය, දැකීම් රහිතය, එහි රූප ඇඳීම රූප පහළකිරීම පහසු නොවෙයි. ඒ පුරුෂයා නම් වෙහෙසීමට දුකට කොටස්කාරයෙක් වන්නේය.”
“මහණෙනි, කල්හි හෝ නොකල්හි හෝ සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් හෝ මෘදුව හෝ රළුව හෝ අර්ථ සහිතව හෝ අනර්ථ සහිතව හෝ මෛත්‍රී සහගත සිත් ඇතිව හෝ කිපි සිත් ඇතිව හෝ අන්‍යයන් තොපට කියන්නාවූ මේ වචන පසක් වෙත්. මහණෙනි, අන්‍යයෝ තොපට කල්හි හෝ නොකල්හි හෝ කියන්නාහුද, මහණෙනි, තොපට අන්‍යයෝ සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් හෝ කියන්නාහුද, මහණෙනි, තොපට අන්‍යයෝ මෘදුව හෝ රළුව හෝ කියන්නාහුද මහණෙනි, තොපට අන්‍යයෝ අර්ථ සහිතව හෝ අනර්ථ සහිතව හෝ කියන්නාහුද, මහණෙනි, තොපට අන්‍යයෝ මෛත්‍රීසිත් ඇතිව හෝ කිපි සිත් ඇතිව හෝ කියන්නාහුද, එහි තොප විසින් මෙසේ හික්මිය යුතුයි. ‘අපගේ සිත නොපෙරළේවා, ලාමක වචන නොකියන්නෙමු අනුකම්පාවෙන් යුක්තව මෛත්‍රී සහගත සිත් ඇතිව නොකිපි සිත් ඇතිව වාසය කරන්නෙමු. ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රී සිත පතුරුවා වාසය කරන්නෙමු, මුළු ලෝකයම ඒ මෛත්‍රී චිත්තයාගේ අරමුණ කොට මහත්වූ මහත් බවට ගියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ද්වේෂ නැත්තාවූ මෛත්‍රී සහගත සිතින් යුක්තව වාසය කරන්නෙමු’යි, මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය.
|
230
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, පුරිසො ආගච්ඡෙය්ය ආදිත්තං තිණුක්කං ආදාය. සො එවං වදෙය්ය - ‘අහං ඉමාය ආදිත්තාය තිණුක්කාය ගඞ්ගං නදිං සන්තාපෙස්සාමි සංපරිතාපෙස්සාමී’ති. තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, අපි නු සො පුරිසො ආදිත්තාය තිණුක්කාය ගඞ්ගං නදිං සන්තාපෙය්‍ය සංපරිතාපෙය්යා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තං කිස්ස හෙතු’’? ‘‘ගඞ්ගා හි, භන්තෙ, නදී ගම්භීරා අප්පමෙය්යා. සා න සුකරා ආදිත්තාය තිණුක්කාය සන්තාපෙතුං සංපරිතාපෙතුං; යාවදෙව ච පන සො පුරිසො කිලමථස්ස විඝාතස්ස භාගී අස්සා’’ති. ‘‘එවමෙව ඛො, භික්ඛවෙ, පඤ්චිමෙ වචනපථා යෙහි වො පරෙ වදමානා වදෙය්යුං කාලෙන වා අකාලෙන
|
230
“මහණෙනි, පුරුෂයෙක් ඇවිලෙන්නාවූ තණසුලක් ගෙන එන්නේය. හෙතෙම මම මේ ඇවිලෙන්නාවූ තණ සුලෙන් ගංගානම් නදිය උණුකරන්නෙමි, කකාරවන්නෙමියි කියන්නේය. මහණෙනි, ඒ පුරුෂයා ඇවිලගත්තාවු තණ සුලෙන් ගංගානම් නදිය උණුකරන්නේය කකාරවන්නේ යයි සිතන්නහුද?”
“ස්වාමීනි, එසේ නොසිතන්නෙමු. ඊට හේතු කවරේද, ස්වාමීනි, ගංගා නදිය ගැඹුරුය, අප්‍රමාණය, ගංගා නදිය ඇවිල ගත්තාවූ තණ සුලෙන් උණු කරන්නට කකාරවන්නට පහසු නොවේ. ඒ පුරුෂයා නම් වෙහෙසට දුකට කොටස්කාරයෙක් වන්නේය.”
“මහණෙනි, කල්හි හෝ නොකල්හි හෝ සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් හෝ මෘදුව හෝ රළුව හෝ අර්ථ සහිතව හෝ අනර්ථ සහිතව හෝ මෛත්‍රී සහගත සිත් ඇතිව හෝ කිපි සිත් ඇතිව හෝ අන්‍යයන් තොපට කියන්නාවූ මේ වචන පසක් වෙත් මහණෙනි, අන්‍යයෝ තොපට කල්හි හෝ නොකල්හි හෝ කියන්නාහුද මහණෙනි, තොපට අන්‍යයෝ සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් හෝ කියන්නාහුද, මහණෙනි, තොපට අන්‍යයෝ මෘදුව හෝ රළුව හෝ කියන්නාහුද මහණෙනි, තොපට අන්‍යයෝ අර්ථ සහිතව හෝ අනර්ථ සහිතව හෝ කියන්නාහුද, මහණෙනි, තොපට අන්‍යයෝ මෛත්‍රී සිත් ඇතිව හෝ කිපි සිත් ඇතිව හෝ කියන්නාහුද, එහි තොප විසින් මෙසේ හික්මිය යුතුයි. ‘අපගේ සිත නොපෙරළේවා, ලාමක වචන නොකියන්නෙමු. අනුකම්පාවෙන් යුක්තව මෛත්‍රී සහගත සිත් ඇතිව නොකිපි සිත් ඇතිව වාසය කරන්නෙමු. ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රී සිත පතුරවා වාසය කරන්නෙමු. මුළු ලෝකයම ඒ මෛත්‍රී චිත්තයාගේ අරමුණ කොට මහත්වූ මහත් බවට ගියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ද්වේෂ නැත්තාවූ මෛත්‍රී සහගත සිතින් යුක්තව වාසය කරන්නෙමු’යි මහණෙනි, තොපවිසින් මෙසේ හික්මිය යුතුය.
|
231
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, බිළාරභස්තා මද්දිතා සුමද්දිතා සුපරිමද්දිතා, මුදුකා තූලිනී ඡින්නසස්සරා ඡින්නභබ්භරා. අථ පුරිසො ආගච්ඡෙය්ය කට්ඨං වා කථලං
(කඨලං (සී. ස්‍යා. පී.)) වා ආදාය. සො එවං වදෙය්ය - ‘අහං ඉමං බිළාරභස්තං මද්දිතං සුමද්දිතං සුපරිමද්දිතං, මුදුකං තූලිනිං, ඡින්නසස්සරං ඡින්නභබ්භරං කට්ඨෙන වා කථලෙන වා සරසරං කරිස්සාමි භරභරං කරිස්සාමී’ති
|
231
“මහණෙනි, මදින ලද්දාවූ මනාව මදින ලද්දාවූ මෘදුවූ පුළුනක් වැනිවූ සර සර යන ශබ්ද නැති බර බර යන ශබ්ද නැති බළල් සමින් කළ පසුම්බියක් වෙයි. ඉක්බිති දණ්ඩක් හෝ ගල්කැටයක් හෝ ගෙන පුරුෂයෙක් එන්නේය. හෙතෙම මෙසේ කියන්නේය, ‘මම මේ මදිනලද මොනවට මදිනලද හාත්පස මදිනලද මෘදුවූ පුළුන් වැනිවූ සර සර යන ශබ්ද නැති බර බර යන ශබ්ද නැති බළල් සමින් කළ පසුම්බිය දණ්ඩෙන් හෝ ගල්කැටයෙන් හෝ සරසර යන ශබ්ද ඇත්තක් කරන්නෙමි. බර බර යන ශබ්ද ඇත්තක් කරන්නෙමි’යි (කියයි) මහණෙනි, ඒ පුරුෂයා මදිනලද මනාව මදිනලද හාත්පස මදිනලද මෘදුවූ ශබ්ද නැති පුළුන් වැනිවූ සර සර බර බර යන ශබ්ද නැති මේ බළල් සමින් කළ පසුම්බිය දණ්ඩකින් හෝ කැටකින් හෝ සර සර යන ශබ්ද ඇත්තක් කරන්නේද? බර බර යන ශබ්ද ඇත්තක් කරන්නේද?” “ස්වාමීනි, මෙය එසේ නොකළ හැකිය. ඊට හේතු කවරේද? ස්වාමීනි, ඒ බළල් සමින් කළ පසුම්බිය මදිනලද මනාව මදිනලද හාත්පස මදිනලද, මෘදුවූ පුළුනක් වැනිවූ සර සර යන ශබ්ද නැති බර බර යන ශබ්ද නැති දෙයක් වන්නේය. එය කැටකින් හෝ දණ්ඩකින් හෝ සර සර යන ශබ්ද ඇත්තක් කරන්නට බර බර යන ශබ්ද ඇත්තක් කරන්නට පහසු නොවන්නේය. ඒ පුරුෂයා නම් වෙහෙසට දුකට කොටස්කාරයෙක් වන්නේය.”
“මහණෙනි, කල්හි හෝ නොකල්හි හෝ සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් හෝ මෘදුව හෝ රළුව හෝ අර්ථ සහිතව හෝ අනර්ථ සහිතව හෝ මෛත්‍රී සහගත සිත් ඇතිව හෝ කිපි සිත් ඇතිව හෝ අන්‍යයන් තොපට කියන්නාවූ මේ වචන පසක් වෙත් මහණෙනි, තොපට අන්‍යයෝ කල්හි හෝ නොකල්හි හෝ කියන්නාහුද, මහණෙනි, තොපට අන්‍යයෝ සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් හෝ කියන්නාහුද මහණෙනි, තොපට අන්‍යයෝ මෘදුව හෝ රළුව හෝ කියන්නාහුද මහණෙනි, අන්‍යයෝ තොපට අර්ථ සහිතව හෝ අනර්ථ සහිතව හෝ කියන්නාහුද, මහණෙනි, තොපට අන්‍යයෝ මෛත්‍රී සිත් ඇතිව හෝ කිපි සිත් ඇතිව හෝ කියන්නාහුද, එහි තොප විසින් මෙසේ හික්මිය යුතුයි. ‘අපගේ සිත නොපෙරළේවා, ලාමක වචන නොකියන්නෙමු අනුකම්පාවෙන් යුක්තව මෛත්‍රී සහගත සිත් ඇතිව නොකිපි සිත් ඇතිව වාසය කරන්නෙමු. ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රී සිත පතුරුවා වාසය කරන්නෙමු. මුළු ලෝකයම ඒ මෛත්‍රී චිත්තයාගේ අරමුණකොට මහත්වූ මහත් බවට ගියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ද්වේෂ නැත්තාවූ මෛත්‍රී සහගත සිතින් යුක්තව වාසය කරන්නෙමු’යි මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය.
|
232
‘‘උභතොදණ්ඩකෙන චෙපි, භික්ඛවෙ, කකචෙන චොරා ඔචරකා අඞ්ගමඞ්ගානි ඔකන්තෙය්‍යුං, තත්රාපි යො මනො පදූසෙය්ය, න මෙ සො තෙන සාසනකරො. තත්රාපි වො, භික්ඛවෙ
|
232
“මහණෙනි, පහත් ක්‍රියා කරන්නාවූ සොරු දෙපස දඬු ඇති කියතකින් ශරීර අවයව කපන්නාහුද යමෙක් ඒ සිය සිරුර කපන සොරුන් කෙරෙහිද හිත දූෂ්‍ය කරගනී නම් එයින් හෙතෙම මාගේ අවවාදයට අනුව පිළිපදින්නෙක් නොවෙයි. මහණෙනි, එහිදු මෙසේ හික්මිය යුතුයි. ‘අපගේ සිත නොපෙරළේවා, ලාමකවූ වචනද නොකියන්නෙමු, හිතානුකම්පා ඇතිව මෛත්‍රී සිත් ඇතිව ඇතුළත තරහ නැතිව වාසය කරන්නෙමු. ඒ පුද්ගලයා කෙරෙහිද මෛත්‍රී සහගත සිත පතුරුවා වාසය කරන්නෙමු. මුළුලෝකයද ඒ මෛත්‍රී සහගත සිතේ අරමුණ කොට විපුලවූ මහද්ගතවූ අප්‍රමාණවූ අවෛරවූ නිදුක්වූ මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරන්නෙමු’යි (හික්මිය යුතුයි.) මහණෙනි, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි.
|
233
‘‘ඉමඤ්ච
(ඉමඤ්චෙ (?)) තුම්හෙ, භික්ඛවෙ, කකචූපමං ඔවාදං අභික්ඛණං මනසි කරෙය්යාථ. පස්සථ නො තුම්හෙ, භික්ඛවෙ, තං වචනපථං, අණුං වා ථූලං වා, යං තුම්හෙ නාධිවාසෙය්යාථා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තස්මාතිහ, භික්ඛවෙ, ඉමං කකචූපමං ඔවාදං අභික්ඛණං මනසිකරොථ. තං වො භවිස්සති දීඝරත්තං හිතාය සුඛායා’’ති.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
|
233
“මහණෙනි, තොප මේ කකචූපමොවාද ධර්මය නිතර මෙනෙහි කරව්. මහණෙනි, තෙපි යම් හෙයකින් නොඉවසන්නාවූ අල්ප සාවද්‍යවූ හෝ මහා සාවද්‍යවූ හෝ යම් වචනයක් දක්නහුද?” “නැත, ස්වාමිනී”.
“මහණෙනි, එහෙයින් තෙපි මේ කකචූපමොවාද ධර්මය නිතර මෙනෙහි කරව්. ඒ මෙනෙහි කිරීම තොපට බොහෝ කාලයක් මුළුල්ලෙහි වැඩ පිණිසද සැප පිණිසද වන්නේය’යි මේ සූත්‍ර ධර්මය භාග්‍යවතුන් වහන්සේ වදාළහ. සතුටුවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තාහුය.
|
2. අලගද්දූපමසුත්තං | 2. අලගද්දූපම සූත්‍රය |
234
එවං
අථ ඛො තෙපි භික්ඛූ අරිට්ඨං භික්ඛුං ගද්ධබාධිපුබ්බං එතස්මා
|
234
“මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි (පෙර ගිජුලිහිණියන් නැසූ කුලයෙහි උපන් හෙයින්) ගද්ධබාධි පුබ්බයයි කියනු ලබන අරිට්ඨ නම් භික්ෂුවට මෙබඳුවූ ලාමකවූ වැරදි මතයක් උපන්නේ වෙයි (කෙබඳු මතයක්ද යත්) ‘භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්ම කෙනෙක් ස්වර්ග මොක්ෂ දෙකට අන්තරායකරයයි වදාරණ ලද්දාහුද ඒ ධර්මයෝ සේවනය කරන්නාහට අන්තරාය පිණිස නොවෙත්. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය මම මෙසේ දනිමි’යි (කියායි.)
ඉක්බිති බොහෝ භික්ෂූහු ගද්ධබාධිපුබ්බ අරිට්ඨ නම් භික්ෂුවට මෙබඳු වැරදි මතයක් පහළවී තිබෙන බව ඇසූහ. එනම්:
“භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්මකෙනෙක් ස්වර්ග මොක්ෂ දෙකට අන්තරායකරයයි වදාරණ ලද්දාහුද ඒ ධර්මයෝ සේවනය කරන්නාහට අන්තරාය පිණිස නොවෙත්. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරනලද ධර්මය මම මෙසේ දනිමි’යි (කියායි.)
ඉක්බිති ඒ භික්ෂූහු ගද්ධබාධිපුබ්බ අරිට්ඨ නම් භික්ෂුව යම් තැනෙකද එහි පැමිණියහ. පැමිණ, ගද්ධබාධිපුබ්බ අරිට්ඨ නම් භික්ෂුවට මෙසේ කීහ. “ඇවැත්වූ අරිට්ඨය, තොපට ‘භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්ම කෙනෙක් ස්වර්ග මොක්ෂ දෙකට අන්තරායකරයයි වදාරණ ලද්දාහුද, ඒ ධර්මයෝ සේවනය කරන්නාහට අන්තරාය පිණිස නොවෙත්. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරනලද ධර්මය මම මෙසේ දනිමි යන පහත්වූ වැරදි මතයක් පහළ වී ඇත්තේය යනු සැබෑදැ’යි විචාළහ.”
“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්ම කෙනෙක් ස්වර්ග මොක්ෂ දෙකට අන්තරායකරයයි වදාරන ලද්දාහු නම් ඒ ධර්මයෝ අන්තරාය පිණිස නොවෙත් යන ආකාරයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ඒ ධර්මය මම දනිමි”යි කීහ.
“ඉක්බිති ඒ භික්ෂූහු ගද්ධබාධිපුබ්බ අරිට්ඨ නම් භික්ෂුව ඒ වැරදි මතයෙන් වෙන් කරවනු කැමැත්තාහු මතය විචාරමින් කරුණු කියති, මතයෙහි පිහිටුවමින් කරුණු කියති. ඊට හේතු අසමින් කරුණු කියති.
“ඇවැත් අරිට්ඨයෙනි, මෙසේ නොකියව, ඇවැත් අරිට්ඨයෙනි, මෙසේ නොකියව, භාග්‍යවතුන් වහන්සේට දෝෂාරෝපණය නොකරව. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නොවදාරන්නාහ. ඇවැත් අරිට්ඨයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ස්වර්ග මොක්ෂ දෙකට අන්තරායකර ධර්මයෝ අන්තරායකර ධර්මයෝයයි වදාරණ ලදහ. ඔවුහු සේවනය කරන්නාහට අන්තරාය පිණිස වෙත්.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ස්වල්ප සැපක් ඇත්තාහ. බොහෝ දුක් හා බොහෝ වෙහෙස ඇත්තාහ. මෙහි ආදීනවම බහුලයයි වදාරන ලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ඇට කැබැල්ලකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, මෙහි ආදීනවම බහුලයයි වදාරන ලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ මස් කැටියකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ගිනිසුලකට බඳු උපමා ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ අඟුරු වළකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ සිහිනයකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ඉල්වාගත් දෙයකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරන ලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ගසක ගෙඩියකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ. මෙහි ආදීනවම බොහෝයයි වදාරන ලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ කැත්ත හා මස් ලොඹුවකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරන ලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ආයුධයක් හා හුලකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, මෙහි ආදීනවම බොහෝයයි වදාරන ලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ සර්ප හිසකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝ වන්නේ යයි වදාරනලදැයි” (අවවාද කළාහුය.)
මෙසේද ඒ භික්ෂූන් විසින් මතය විචාරමින් කරුණු කියනු ලැබූ මතයෙහි පිහිටුවමින් කරුණු කියනු ලැබූ ඊට හේතු අසමින් කරුණු කියන ලැබූ ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ අන්තරායකර ධර්ම කෙනෙක් වදාරණ ලද්දාහුද ඒ ධර්මයෝ සේවනය කරන්නාහට අන්තරාය පිණිස නොවෙත්. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය මම එපරිද්දෙන් දනිමි’යි යන ඒ ලාමක වැරදි මතයම තරයේ අල්ලාගෙන ව්‍යවහාර කරයි.
|
235
යතො ඛො තෙ භික්ඛූ නාසක්ඛිංසු අරිට්ඨං භික්ඛුං ගද්ධබාධිපුබ්බං
‘‘එවං වුත්තෙ, භන්තෙ, අරිට්ඨො භික්ඛු ගද්ධබාධිපුබ්බො අම්හෙ එතදවොච - ‘එවංබ්‍යාඛො අහං, ආවුසො, භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා යෙමෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායා’ති. අථ ඛො මයං, භන්තෙ, අරිට්ඨං භික්ඛුං ගද්ධබාධිපුබ්බං එතස්මා පාපකා දිට්ඨිගතා විවෙචෙතුකාමා සමනුයුඤ්ජිම්හ සමනුගාහිම්හ සමනුභාසිම්හ
|
235
යම් හෙයකින් ඒ භික්ෂූහු ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුව ඒ ලාමක වැරදි මතයෙන් වෙන් කරවන්නට අසමර්ථ වූවාහුද, එවිට ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැලකළහ.
“ස්වාමීනි, ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුවට භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ අන්තරායකර ධර්ම කෙනෙක් වදාරණ ලද්දාහුද ඒ ධර්මයෝ සේවනය කරන්නාහට අන්තරාය පිණිස නොවෙත්. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය මම එපරිද්දෙන් දනිමි’ යන මෙබඳු ලාමක වැරදි මතයක් උපන්නේය. ස්වාමීනි, අපි ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුවට භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ඒ අන්තරායකර ධර්මකෙනෙක් වදාරන ලද්දාහුද ඒ ධර්මයෝ සේවනය කරන්නා හට අන්තරායකර නොවෙත්, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ඒ ධර්මය මම ඒ ආකාරයෙන් දනිමි, යන ලාමක වැරදි මතයක් උපන් බව ඇසීමු. ස්වාමිනි, ඉක්බිති අප ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුව යම්තැනකද, එතැනට පැමිණියෙමු පැමිණ, අරිට්ඨ භික්ෂුවට මෙසේ කීයෙමු. “ඇවැත් අරිට්ඨයෙනි, තොපට භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ අන්තරායක ධර්ම කෙනෙක් වදාරණ ලද්දාහුද ඒ ධර්මයෝ සේවනය කරන්නා හට අන්තරාය පිණිස නොවෙත්. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය මම එපරිද්දෙන් දනිමි යන මෙබඳු වැරදි ලාමක මතයක් පහළවී ඇත්තේය යනු සැබෑදැයි විචාළෙමු.”
“ස්වාමීනි මෙසේ කී කල්හි ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුව අපට මෙසේ කීයේය. භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ අන්තරායකර ධර්මකෙනෙක් වදාරණ ලද්දාහුද ඒ ධර්මයෝ සේවනය කරන්නාහට අන්තරාය පිණිස නොවෙත්. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය මම එපරිද්දෙන් දනිමි’යි (කියායි.)
“ස්වාමීනි, ඉක්බිති අපි ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුව ඒ ලාමක වැරදි මතයෙන් වෙන් කරවනු පිණිස මතය විචාරමින් කරුණු කීයෙමු, මතයෙහි පිහිටුවමින් කරුණු කියෙමු. ඊට හේතු අසමින් කරුණු කීයෙමු. ඇවැත්නි, අරිට්ඨයෙනි, මෙසේ නොකියව. ඇවැත් අරිට්ඨයෙනි, මෙසේ නොකියව, භාග්‍යවතුන් වහන්සේට දෝෂාරොපනය නොකරව. භාග්‍යවතුන් වහන්සේට දොස් කීම හොඳ නැත. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නොවදාරන්නාහ.
“භාග්‍යවතුන් වහන්සේ කාමයෝ ඇට කැබැල්ලකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, මෙහි ආදීනවම බහුලයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ මස් කැටියකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ. බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ගිනිසුලකට බඳු උපමා ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ අඟුරු වළකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ සිහිනයකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ඉල්වාගත් දෙයකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ගසක ගෙඩියකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ කැත්ත හා මස් ලොඹුවකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ආයුධයක් හා හුලකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, මෙහි ආදීනවම බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ සර්ප හිසකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝ වන්නේ යයි වදාරනලදැ”යි (අවවාද කෙළෙමු.)
“ස්වාමීනි, අප විසින් මෙසේද මතය විචාරමින් කරුණු කියනු ලැබූ මතයෙහි පිහිටුවමින් කරුණු කියනු ලැබූ හේතු විචාරමින් කරුණු කියනු ලැබූ, අරිට්ඨ භික්ෂුව ‘භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ අන්තරායකර ධර්ම කෙනෙක් වදාරන ලද්දාහුද, ඒ ධර්මයෝ සේවනය කරන්නාහට අන්තරාය පිණිස නොවෙත් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය මම එපරිද්දෙන් දනිමියි’ යන ලාමක මතය තරකොට අල්ලාගෙන ඊට ඇතුළත්ව ව්‍යවහාර කරයි. ස්වාමීනි, යම් හෙයකින් අරිට්ඨ භික්ෂුව මේ ලාමක වැරදි මතයෙන් වෙන් කරවන්නට බැරිවූයෙමුද එහෙයින් අපි මේ කාරණය භාග්‍යවතුන් වහන්සේට සැලකරන්නෙමු.”
|
236
අථ ඛො භගවා අඤ්ඤතරං භික්ඛුං ආමන්තෙසි - ‘‘එහි ත්වං, භික්ඛු, මම වචනෙන අරිට්ඨං භික්ඛුං ගද්ධබාධිපුබ්බං ආමන්තෙහි - ‘සත්ථා තං, ආවුසො අරිට්ඨ, ආමන්තෙතී’’’ති. ‘‘එවං
‘‘එවංබ්‍යාඛො අහං, භන්තෙ, භගවතා ධම්මං දෙසිතං ආජානාමි - ‘යථා යෙමෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායා’’’ති. ‘‘කස්ස ඛො නාම ත්වං, මොඝපුරිස, මයා එවං ධම්මං දෙසිතං ආජානාසි? නනු මයා, මොඝපුරිස, අනෙකපරියායෙන අන්තරායිකා ධම්මා අන්තරායිකා වුත්තා? අලඤ්ච පන තෙ පටිසෙවතො අන්තරායාය. අප්පස්සාදා කාමා වුත්තා මයා, බහුදුක්ඛා බහුපායාසා, ආදීනවො එත්ථ භිය්යො. අට්ඨිකඞ්කලූපමා කාමා වුත්තා මයා... මංසපෙසූපමා
අථ
|
236
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්ෂුවක් කැඳවූහ. ‘මහණ, මෙහි එව, මගේ වචනයෙන් ‘ඇවැත් අරිට්ඨය, ශාස්තෲන්වහන්සේ තොප කැඳවති’යි ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුව කැඳවාගෙන එව”යි කීහ. “එසේය ස්වාමීනි”යි කියා ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට උත්තරදී ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුව යම් තැනකද එහි ගියේය. ගොස් ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුවට, ‘ඇවැත්නි අරිට්ඨයෙනි, භාග්‍යවතුන් වහන්සේ තොප කැඳවන්නාහ’යි කීවේය. ‘එසේය ඇවැත්නි’යි කියා ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුව ඒ භික්ෂූන් වහන්සේට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පැත්තක වාඩිවිය. එකත්පසෙක උන් ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුවට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. ‘අරිට්ඨය, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ අන්තරායකර ධර්ම කෙනෙක් වදාරණ ලද්දාහුද ඒ ධර්මයෝ සේවනය කරන්නාහට අන්තරාය පිණිස නොවෙත්. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය මම එපරිද්දෙන් දනිමි’ යන මෙබඳු ලාමක දෘෂ්ටියක් තට උපන්නේය යනු සැබෑදැ”යි ඇසූහ.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් අන්තරායික ධර්මකෙනෙක් වදාරනලද්දාහුද, ඒ ධර්මයෝ සෙවනය කරන්නාහට අන්තරාය පිණිස නොපවත්නාහුයයි මම මේ ආකාරයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කළ ධර්මය දනිමි”යි කීය.
“හිස් පුරුෂය, මා කාහට මෙබඳු ධර්මයක් දේශනා කළ බව තෝ දන්නෙහිද, මා විසින් නොයෙක් ආකාරයෙන් අන්තරායකර ධර්ම අන්තරායකරයයි කියන ලද්දේ නොවේද? සේවනය කරන්නාහට ඒ ධර්මයෝ අන්තරාය පිණිස වෙත්මැයි.
“මා විසින් කාමයෝ ස්වල්ප සැපක් ඇත්තාහ. බොහෝ දුක් හා බොහෝ වෙහෙස ඇත්තාහ. මෙහි ආදීනවම බහුල යයි වදාරනලදී.
“මා විසින් කාමයෝ ඇටසැකිල්ලකට බඳු උපමා ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ. බොහෝ වෙහෙස ඇත්තාහ, මෙහි ආදීනවම බහුලයයි වදාරනලදී.
“මා විසින් කාමයෝ මස්කැටියකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝ යයි වදාරනලදී.
“මා විසින් කාමයෝ ගිනිසුලකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝ යයි වදාරනලදී.
“මා විසින් කාමයෝ අඟුරුවළකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී.
“මා විසින් කාමයෝ සිහිනයකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදිනවම මෙහි බොහෝ යයි වදාරනලදී.
“මා විසින් කාමයෝ ඉල්වාගත් දෙයකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරන ලදී.
“මා විසින් කාමයෝ ගසක ගෙඩියකට බඳු උපමා ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, මෙහි ආදීනවම බොහෝ යයි වදාරනලදී.
“මා විසින් කාමයෝ කැත්ත හා මස්ලොඹුවකට බඳු උපමා ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ. බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනව මෙහි බොහෝයයි වදාරනලදී.
“මා විසින් කාමයෝ ආයුධයක් හා හුලකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, මෙහි ආදීනවම බොහෝයයි වදාරන ලදී.
“මා විසින් කාමයෝ සර්ප හිසකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝ වන්නේයයි වදාරනලදී.
මෙසේ තිබියදීත් හිස් පුරුෂය, තෝ තමා වරදවා ගත් මතයෙන් අපටද දොස් නගන්නෙහිය, තමාද නැසෙන්නෙහිය, බොහෝ පව්ද රැස්කරගන්නෙහිය. හිස් පුරුෂය, තොපට මෙය බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස පවත්නේය.”
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ආමන්ත්‍රණය කළහ.
“මහණෙනි, මේ තොපි කුමක් සිතව්ද, ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුවට මේ ශාසනයෙන් ලබන ඥානය නමැති ගින්නෙහි උණුසුමවත් ඇත්තේද?
“ස්වාමීනි, කෙසේ නම් වන්නේද? ස්වාමීනි, එසේ නොවන්නේය.”
මෙසේ කී කල්හි ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුව නිශ්ශබ්ද වූයේ මකුවූයේ කඳ නමා ගත්තේ මුහුණ පහතට හරවා ගත්තේ කල්පනා කරන්නේ කිසිවක් සිතාගත නොහැකිව හුන්නේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අරිට්ඨ භික්ෂුව නිශ්ශබ්දව, මකුව, කඳ නමාගෙන මුහුණ පහතට හරවාගෙන කල්පනා කරමින් කිසිවක් නොවැටහී සිටිනු දැන, අරිට්ඨ භික්ෂුවට මෙසේ කීහ. “හිස් පුරුෂය, තෝ මේ තොපගේ ලාමක වැරදි මතයෙන් ප්‍රකට වන්නෙහිය. මම භික්ෂූන් විචාරන්නෙමි”යි කියා,
|
237
අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘තුම්හෙපි මෙ, භික්ඛවෙ
|
237
භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ගෙන් මෙසේ විචාළහ. “මහණෙනි, මේ ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුව යම්සේ තමා වරදවා ගත් මතයෙන් අපටත් දොස් නගයිද, තමාත් වැනසෙයිද, බොහෝ අකුසලක් රැස් කර ගනියිද, එබඳුවූ ධර්මයක් මා දේශනා කළ බව තොප දන්නහුද?”
“නැත ස්වාමීනි, අපට වනාහි භාග්‍යවතුන් වහන්සේ නොයෙක් පරිද්දෙන් අන්තරායකර ධර්ම අන්තරායකරයයි දේශනා කරන ලදහ. ඒ ධර්මයෝ සේවනය කරන්නාහට අන්තරාය පිණිස වෙත්මය.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ස්වල්ප සැපක් ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ. බොහෝ වෙහෙස ඇත්තාහ. මෙහි ආදීනවම බහුලයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ඇට කැබැල්ලකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ. බොහෝ වෙහෙස ඇත්තාහ, මෙහි ආදීනවම බහුලයයි වදාරනලදි.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ මස් කැටියකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ගිනිසුලකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ අඟුරු වළකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ සිහිනයකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ඉල්වාගත් දෙයකට බඳු උපමා ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරන ලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ගසක ගෙඩියකට බඳු උපමා ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, මෙහි ආදීනවම බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ කැත්ත හා මස් ලොඹුවකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරන ලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ආයුධයක් හා හුලකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, මෙහි ආදීනව බොහෝයයි වදාරන ලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ සර්ප හිසකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝ වන්නේය”යි වදාරන ලදී.
“යහපත මහණෙනි, මා දෙසූ ධර්මය තොප දන්නා සැටි ඉතා මැනවි. මා විසින් තොපට නොයෙක් පරිද්දෙන් අන්තරායකර ධර්ම අන්තරායකරයයි දෙසන ලදී. ඒ ධර්මයෝ සේවනය කරන්නාහට අන්තරාය පිණිස පවතිත්.
“මා විසින් කාමයෝ ස්වල්ප සැපක් ඇත්තාහ, බොහෝ දුක් හා බොහෝ වෙහෙස ඇත්තාහ. මෙහි ආදීනවම බහුල යයි වදාරන ලදී.
“මා විසින් කාමයෝ ඇට කැබැල්ලකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, මෙහි ආදිනවම බහුලයයි වදාරන ලදී.
“මා විසින් කාමයෝ මස් කැටියකට බඳු උපමා ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ. බොහෝ වෙහෙස ඇත්තාහ. ආදීනවම මෙහි බොහෝ යයි වදාරන ලදී.
“මා විසින් කාමයෝ ගිනිසුලකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ. බොහෝ වෙහෙස ඇත්තාහ. ආදීනවම මෙහි බොහෝ යයි වදාරන ලදී.
“මා විසින් කාමයෝ අඟුරු වළකට බඳු උපමා ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝ යයි වදාරන ලදී.
“මා විසින් කාමයෝ මස් සිහිනයකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ. බොහෝ වෙහෙස ඇත්තාහ. ආදීනවම මෙහි බොහෝ යයි වදාරන ලදී.
“මා විසින් කාමයෝ ඉල්වාගත් දෙයකට බඳු උපමා ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ. බොහෝ වෙහෙස ඇත්තාහ. ආදීනවම මෙහි බොහෝ යයි වදාරන ලදී.
“මා විසින් කාමයෝ ගසක ගෙඩියකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ. ආදීනවම මෙහි බොහෝ යයි වදාරන ලදී.
“මා විසින් කාමයෝ කැත්ත හා මස්ලොඹුවකට බඳු උපමා ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ. බොහෝ වෙහෙස ඇත්තාහ. ආදීනවම මෙහි බොහෝ යයි වදාරන ලදී.
“මා විසින් කාමයෝ ආයුධයක් හා හුලකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝ යයි වදාරන ලදී.
“මා විසින් කාමයෝ සර්ප හිසකට බඳු උපමා ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝ යයි වදාරන ලදී.
“එසේද වුවත් මේ ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුව තමා වරදවාගත් මතයෙන් අපටද දොස් නගයි, තමාත් වැනසෙයි, බොහෝ අකුසලුත් රැස්කරගනියි. ඒ වනාහි ඒ හිස් පුරුෂයා හට දීර්ඝ කාලයක් අහිත පිණිස, දුක් පිණිස පවත්නේය.
“මහණෙනි, හෙතෙම ක්ලෙශ කාමයන්ගෙන් වෙන්ව කාම හැඟීම්වලින් වෙන්ව, කාම කල්පනාවලින් වෙන්ව වස්තු කාමයන් සේවනය කරන්නේය යන මේකාරණය සිදු නොවන්නකි.
|
238
‘‘ඉධ, භික්ඛවෙ, එකච්චෙ මොඝපුරිසා ධම්මං පරියාපුණන්ති - සුත්තං, ගෙය්යං, වෙය්යාකරණං, ගාථං, උදානං, ඉතිවුත්තකං, ජාතකං, අබ්භුතධම්මං, වෙදල්ලං. තෙ තං ධම්මං පරියාපුණිත්වා තෙසං ධම්මානං පඤ්ඤාය අත්ථං න උපපරික්ඛන්ති. තෙසං තෙ ධම්මා පඤ්ඤාය අත්ථං අනුපපරික්ඛතං
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, පුරිසො අලගද්දත්ථිකො අලගද්දගවෙසී අලගද්දපරියෙසනං චරමානො. සො පස්සෙය්ය මහන්තං අලගද්දං. තමෙනං භොගෙ වා නඞ්ගුට්ඨෙ වා ගණ්හෙය්ය. තස්ස සො අලගද්දො පටිපරිවත්තිත්වා
(පටිනිවත්තිත්වා (ස්‍යා. ක.)) හත්ථෙ වා බාහාය වා අඤ්ඤතරස්මිං වා අඞ්ගපච්චඞ්ගෙ ඩංසෙය්ය
(ඩසෙය්‍ය (සී. පී.)). සො තතොනිදානං
|
238
“මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් හිස් පුරුෂයෝ සූත්‍ර ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අද්භූතධර්ම, වෙදල්ල යන ධර්ම ඉගෙනගන්නාහුය. ඔහු ඒ ධර්ම ඉගෙන ඒ ධර්මයන්ගේ අර්ථය නුවණින් සලකා නොබලන්නාහුය. නුවණින් අර්ථය සලකා නොබලන්නාවූ ඔවුනට එය හොඳින් නොවැටහෙයි. ඔව්හු අන්‍ය වාදවලට දොස් දැක්වීමේ හෝ තමන්ගේ වාදය අන්‍යයන්ගේ දෝෂාරොපනයෙන් නිදහස් කරගැනීමේ හෝ අදහසින් ධර්මය උගනිති. යම්කිසි ප්‍රයෝජනයක් සඳහා ධර්මය උගනිත් නම් ඒ ප්රයෝජනයද නොලබත්. නොමනාව ගන්නා ලද්දාවූ ඔවුන්ගේ ඒ ධර්මය බොහෝ කාලයක් මුළුල්ලෙහි ඔවුනට අවැඩ පිණිස දුක් පිණිස පවතී. ඊට හේතු කවරේද යත්? මහණෙනි, ධර්මය නොමනාව ගත් බැවිනි.
“මහණෙනි, සර්පයින්ගෙන් ප්‍රයෝජන ඇත්තාවූ සර්පයන් සොයන්නාවූ සර්පයන් සෙවීමෙහි හැසිරෙන්නාවූ පුරුෂයෙක් තෙම මහත් සර්පයෙකු දක්නේය. හෙතෙම ඒ සර්පයා කඳෙන් හෝ නගුටින් හෝ අල්වාගන්නේය. ඒ සර්පතෙම ආපසු කරකැවී ඔහුගේ අත හෝ බාහුව හෝ මින් පිටත් අන් අඟපසගක් හෝ දෂ්ට කරන්නේය. හෙතෙම ඒ හේතු කොටගෙන මරණයට හෝ පැමිණෙන්නේය. මරණය සමාන දුකට හෝ පැමිණෙන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, ඒ සර්පයා වරදවා අල්වාගත් හෙයිනි.
“මහණෙනි, එසේම මේ ශාසනයෙහි ඇතැම් හිස් පුරුෂයෝ සූත්‍ර, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අද්භූතධර්ම, වෙදල්ල යන ධර්ම ඉගෙන ගන්නාහුය. ඔව්හු ඒ ධර්මය ඉගෙන ඒ ධර්මයන්ගේ අර්ථය නුවණින් සලකා නොබලන්නාහුය. නුවණින් අනර්ථය සලකා නොබලන්නාවූ ඔවුනට එය හොඳින් නොවැටහෙයි. ඔව්හු අන්‍ය වාදවලට දෙස් දැක්වීමේ හෝ තමන්ගේ වාදය අන්‍යයන්ගේ දෝෂාරෝපයෙන් නිදහස් කරගැනීමේ හෝ අදහසින් ධර්මය උගනිති. යම්කිසි ප්‍රයෝජනයක් සඳහා ධර්මය උගනිත් නම් ඒ ප්රයෝජනයද නොලබත්. නොමනාව ගන්නා ලද්දාවූ ඔවුන්ගේ ඒ ධර්මය බොහෝ කාලයක් මුලුල්ලෙහි ඔවුනට අවැඩ පිණිස දුක් පිණිස පවතී. ඊට හේතු කවරේද යත්? මහණෙනි, ධර්මය නොමනාව ගත් බැවිනි.
|
239
‘‘ඉධ
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, පුරිසො අලගද්දත්ථිකො අලගද්දගවෙසී අලගද්දපරියෙසනං චරමානො. සො පස්සෙය්ය මහන්තං අලගද්දං. තමෙනං අජපදෙන දණ්ඩෙන සුනිග්ගහිතං නිග්ගණ්හෙය්ය. අජපදෙන දණ්ඩෙන සුනිග්ගහිතං නිග්ගහිත්වා, ගීවාය සුග්ගහිතං ගණ්හෙය්ය. කිඤ්චාපි සො, භික්ඛවෙ
|
239
“මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් කුලපුත්‍රයෝ සූත්‍ර, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අද්භූත ධර්ම, වෙදල්ල යන ධර්ම පුහුණු කෙරෙති. ඔව්හු ඒ ධර්මය ඉගෙන එහි අර්ථය නුවණින් සලකා බලති. ඒ ධර්මයන් නුවණින් සලකා බලන්නාවූ ඔවුන්හට ඒ ධර්මය හොඳින් වැටහේ. ඔව්හු අන්‍ය වාදවලට දෝෂාරෝපනය කිරීම හෝ තමන්ගේ වාදය අන්‍යයන්ගේ දෝෂාරොපනවලින් නිදහස් කරගැනීමෙන් හෝ අදහසින් ධර්මය නොම උගනිති. යම්කිසි ප්‍රයෝජනයක් සඳහා ධර්මය උගනිත් නම් ඔව්හු ඒ ප්රයෝජනයද ලබති. ඊට හේතු කවරේද? ධර්මය මනාව ගන්නාලද හෙයිනි.
“මහණෙනි, සර්පයන්ගෙන් ප්‍රයෝජන ඇත්තාවූ, සර්පයන් සොයන්නාවූ සර්පයන් සෙවීමෙහි හැසිරෙන්නාවූ පුරුෂයෙක් තෙම මහත් සර්පයෙකු දක්නේය. ඔහු ඒ සර්පයා එළු කුරයක් වැනි දණ්ඩකින් හොඳට තදකර ගන්නේය. තද කොට බෙල්ලෙන් අල්ලාගන්නේය. ඒ සර්පයා ඒ පුරුෂයාගේ අතක් හෝ බාහුව හෝ අන්‍ය අවයවයක් හෝ දරණවැලින් වෙලාගත් නමුත් එයින් හෙතෙම මරණයට හෝ මරණය සමාන දුකකට හෝ නොපැමිණෙන්නේය. ඊට හේතු කවරේද? සර්පයා හොඳින් අල්ලාගත් හෙයිනි.
“මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් කුලපුත්‍රයෝ සූත්‍ර, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අද්භූත ධර්ම, වෙදල්ල යන ධර්ම පුහුණු කෙරෙති. ඔව්හු ඒ ධර්මය ඉගෙන එහි අර්ථය නුවණින් සලකා බලති. ඒ ධර්මයන් නුවණින් සලකා බලන්නාවූ ඔවුන්හට ඒ ධර්මය හොඳින් වැටහේ. ඔව්හු අන්‍ය වාදවලට දෝෂාරෝපනය කිරීම හෝ තමන්ගේ වාදය අන්‍යයන්ගේ දෝෂාරොපනවලින් නිදහස් කරගැනීමේ අදහසින් හෝ ධර්මය නොම උගනිති. යම්කිසි ප්‍රයෝජනයක් සඳහා ධර්මය උගනිත් නම් ඔව්හු ඒ ප්රයෝජනයද ලබති. ඊට හේතු කවරේද? ධර්මය මනාව ගන්නාලද හෙයිනි.
“මහණෙනි, මේ නිසා මා දේශනා කළ යම් ධර්මයක අර්ථය දන්නාහු නම් එය එසේ දරව්, යම් ධර්මයක අර්ථය නොදන්නාහු නම් මගෙන් හෝ යම් දක්ෂ භික්ෂූහු වෙත් නම් ඔවුන්ගෙන් හෝ ඇසිය යුතුය.
|
240
‘‘කුල්ලූපමං වො, භික්ඛවෙ, ධම්මං දෙසෙස්සාමි නිත්ථරණත්ථාය, නො ගහණත්ථාය. තං සුණාථ, සාධුකං මනසිකරොථ, භාසිස්සාමී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච - ‘‘සෙය්යථාපි
|
240
“මහණෙනි, තොපට ධර්මය පහුරකට උපමාකොට දෙසන්නෙමි. එය එතරවීම පිණිසය, ගැනීම පිණිස නොවේ. එය අසව්. මනාකොට මෙනෙහි කරව කියන්නෙමි” “එසේය. ස්වාමීනි”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
“මහණෙනි, දීර්ඝ මාර්ගයක යන්නාවූ පුරුෂයෙක් සැක සහිතවූ භය සහිතවූ මෙතෙර ඇති සැක රහිතවූ භය රහිතවූ එතෙර ඇති මහත් සාගරය වැනි ජලයක් දක්නේය. ඔහුට එයින් එතෙරවීම පිණිස පැදයාහැකි නැවක් හෝ උඩින් යනු සඳහා ඒදණ්ඩක් හෝ නැත්තේය. ඔහුට මෙබඳු අදහසක් වන්නේය. ‘මේ මහා ජලස්කන්ධය විශාලය. එහි මෙතෙර සැක සහිතය. භය සහිතය. එතෙර සැක රහිතය. භය රහිතය. එහා මෙහා යාම සඳහා නැවක්වත් ඒදණ්ඩක්වත් නැත. මම තෘණ ලී දඬු අතු කොළ ඇදගෙන පහුරක් බැඳ ඒ පහුර නිසා අත් පාවලින් පදිමින් සුවසේ එතෙර වන්නෙම් නම් යෙහෙකි’ (කියාය) මහණෙනි, ඉක්බිති ඒ පුරුෂ තෙම තෘණ ලීදඬු අතු කොළ රැස්කොට පහුරක් බැඳගෙන අතින් හා පයින් වෑයම් කරමින් සැපසේ එතෙරට යන්නේය.
“එතෙරට ගියාවූ ඔහුට මෙබඳු අදහසක් වන්නේය. ‘මේ පහුර මට බොහෝ උපකාර ඇත්තේය. මම මේ පහුර නිසා අත් පාවලින් උත්සාහ කොට සැපසේ මේ මහ වතුරෙන් එගොඩ වීමි. මේ පහුර හිසෙහි තබාගෙන හෝ කරෙහි තබාගෙන හෝ කැමති තැනකට යන්නෙම් නම් යෙහෙකැ’යි (කියායි.) මහණෙනි, කුමක් සිතව්ද, එසේ කරන්නාවූ ඒ පුරුෂයා ඒ පහුරට නියම කටයුත්ත කළ කෙනෙකැයි සිතන්නාහුද?”
“නැත, ස්වාමීනි.”
“මහණෙනි, කෙසේ ක්‍රියා කරන්නාවූ ඒ පුරුෂයා ඒ පහුරට නියම කටයුත්ත කළ කෙනෙක් වන්නේද? මහණෙනි, එතෙරවූ ඒ පුද්ගලයාට මෙබඳු කල්පනාවක් වෙයි. ‘මේ පහුර මට බොහෝ උපකාරවත් විය. මේ පහුර නිසා මම අතින් පයින් වෑයම් කරමින් සැපසේ එතෙර වීමි. මේ පහුර ගොඩට ඇද දමා හෝ දියෙහි පාකර යවා හෝ කැමති තැනට යන්නෙම් නම් යෙහෙක’ (කියායි) මහණෙනි, මෙසේ කරන්නාවූ ඒ පුද්ගලයා වනාහි ඒ පහුරට නියම කටයුත්ත කරන්නෙක් වන්නේය. එසේම මා විසින් තොපට ධර්මය පහුරකට උපමා කොට දේශනා කරන ලද්දේය. එය එතරවීමට මිස ගැනීමට නොවේ. මහණෙනි, ධර්මය පහුරකට උපමා කොට දෙසනලදැයි දන්නාවූ තොප විසින් ධර්මයෝද දුරු කටයුත්තාහ. අධර්ම ගැන කියනුම කවරේද?
|
241
‘‘ඡයිමානි, භික්ඛවෙ, දිට්ඨිට්ඨානානි. කතමානි ඡ? ඉධ, භික්ඛවෙ, අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො, සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො, රූපං ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති
|
241
“මහණෙනි, මේ දෘෂ්ටි ඇතිවීමේ හේතු සයක් වෙත්, කවර සයක්ද? මහණෙනි, මේ ලෝකයෙහි ආර්යයන් නොදක්නාවූ ආර්ය ධර්මයෙහි අදක්ෂවූ ආර්ය ධර්මයෙහි නොහික්මුණු සත් පුරුෂයන් නොදක්නාවූ, සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණු නූගත් පෘථග්ජන තෙම ‘මේ රූපය මාගේය, රුපය මම වෙමි, රූපය මාගේ ආත්මයයි දකියි. මේ වේදනාව මාගේය, වේදනාව මම වෙමි. වේදනාව මාගේ ආත්මයයි දකියි. මේ සංඥාව මාගේය, සංඥාව මම වෙමි, සංඥාව මාගේ ආත්මයයි දකියි. මේ සංස්කාරය මාගේය, සංස්කාරය මම වෙමි, සංස්කාරය මාගේ ආත්මයයි දකියි. මේ විඤ්ඤාණය මාගේය, විඤ්ඥාණය මම වෙමි. විඤ්ඤාණය මාගේ ආත්මයයි දකියි. යම් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන අරමුණ හා සිතින් දැනගන්නාලද සිතින් පැමිණෙනලද සිතින් සොයනලද සිත හැසිරෙනලද යමක් වේ නම් එය මගේය, එය මම වෙමි. එය මාගේ ආත්මයයි දකියි. එය ලෝකය වෙයි. එය ආත්මය වෙයි. පරලොව නිත්‍යවූ සදාකාලිකවූ විනාශ නොවන්නාවූ ඒ ආත්මය වන්නෙමි. පොළොව ආදී නිත්‍ය දේට සමාන වන්නෙමි යන යම් දෘෂ්ටියක් ඇත්තේද ඒ දෘෂ්ටිය මාගේය, ඒ දෘෂ්ටිය මම වෙමි එය මාගේ ආත්මය’යි දකියි.
“මහණෙනි, ආර්යයන් දක්නාවූ, ආර්ය ධර්මයෙහි දක්ෂවූ, ආර්ය ධර්මයෙහි හික්මුණාවූ, සත්පුරුෂයන් දක්නාවූ, සත්පුරුෂ ධර්මයෙහි දක්ෂවූ සත්පුරුෂ ධර්මයෙහි හික්මුණාවූ උගත් පෘථග්ජන තෙම ‘මේ රූපය මාගේ නොවේ. රූපය මම නොවෙමි. රූපය මාගේ ආත්මය නොවේයයි දකියි. මේ වේදනාව මාගේ නොවේ, වේදනාව මම නොවෙමි, වේදනාව මාගේ ආත්මය නොවේයයි දකියි. මේ සංඥාව මාගේ නොවේ, සංඥාව මම නොවෙමි, සංඥාව මාගේ ආත්මය නොවේයයි දකියි. මේ සංස්කාර මගේ නොවෙයි, සංස්කාර මම නොවෙමි, සංස්කාර මාගේ ආත්මය නොවේයයි දකියි. මේ විඤ්ඤාණය මගේ නොවේ, විඤ්ඤාණය මම නොවෙමි, විඤ්ඤාණය මාගේ ආත්මය නොවේයයි දකියි. යම් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන අරමුණු හා සිතින් දැනගන්නා ලද, සිතින් පැමිණෙනලද, සිතින් සොයනලද, සිතින් සිතනලද යමක් වේ නම් එ මගේ නොවේය. ඒ මම නොවෙමි, ඒ මාගේ ආත්මය නොවේයයි දකියි. එය ලෝකය වෙයි. එය ආත්මය වෙයි, ඒ පරලොව නිත්‍යවූ ස්ථිරවූ සදාකාලිකවූ නොපෙරෙලෙන සුලුවූ නිත්‍ය ආත්මය වන්නෙමි. මහපොළොව ආදි නිත්‍ය දේට සමාන වන්නෙමි යන යම් දෘෂ්ටියක් ඇත්තේද, ඒ දෘෂ්ටිය මගේ නොවේය, එය මම නොවෙමි. ඒ මගේ ආත්මය නොවේය’යි දකියි.
“මෙසේ දක්නාවූ හෙතෙම අධ්‍යාත්ම ස්කන්ධ විනාශවීම ගැන තැති නොගනීය”යි (වදාළේය.)
|
242
එවං වුත්තෙ, අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘සියා නු ඛො, භන්තෙ, බහිද්ධා අසති පරිතස්සනා’’ති? ‘‘සියා, භික්ඛූ’’ති - භගවා
‘‘සියා පන, භන්තෙ, බහිද්ධා අසති අපරිතස්සනා’’ති? ‘‘සියා, භික්ඛූ’’ති - භගවා අවොච. ‘‘ඉධ භික්ඛු එකච්චස්ස න එවං හොති - ‘අහු වත මෙ, තං වත මෙ නත්ථි; සියා වත මෙ, තං වතාහං න ලභාමී’ති. සො න සොචති
‘‘සියා නු ඛො, භන්තෙ, අජ්ඣත්තං අසති පරිතස්සනා’’ති? ‘‘සියා, භික්ඛූ’’ති - භගවා අවොච. ‘‘ඉධ, භික්ඛු, එකච්චස්ස එවං දිට්ඨි හොති - ‘සො ලොකො සො අත්තා, සො පෙච්ච භවිස්සාමි නිච්චො ධුවො සස්සතො අවිපරිණාමධම්මො, සස්සතිසමං තථෙව ඨස්සාමී’ති. සො සුණාති තථාගතස්ස වා තථාගතසාවකස්ස වා සබ්බෙසං දිට්ඨිට්ඨානාධිට්ඨානපරියුට්ඨානාභිනිවෙසානුසයානං සමුග්ඝාතාය සබ්බසඞ්ඛාරසමථාය සබ්බූපධිපටිනිස්සග්ගාය තණ්හාක්ඛයාය විරාගාය නිරොධාය නිබ්බානාය ධම්මං දෙසෙන්තස්ස. තස්ස එවං හොති
‘‘සියා පන, භන්තෙ, අජ්ඣත්තං අසති අපරිතස්සනා’’ති? ‘‘සියා, භික්ඛූ’’ති
|
242
“මෙසේ වදාළ කල්හි එක් භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ ඇසීය. “ස්වාමීනි, බාහිර පිරිකර විනාශවූ කල්හි තැති ගැන්මක් ඇතිවන්නේද?” “මහණ ඇති වන්නේය’යි භාග්‍යවතුන් වහන්සේ වදාළේය.
“මහණ, මෙහි ඇතමෙකුට මෙබඳු අදහසක් වෙයි. ‘මට යමක් තිබුණේය. දැන් එය නැත, මතුලැබිය යුතු දේද මම නොලබන්නෙමි’යි හෙතෙම ශොක කරයි. ක්ලාන්ත වෙයි, වැළපෙයි. පපුවෙහි අතගසමින් අඬමින් මුළාවට පැමිණෙයි, මහණ, මෙසේ වනාහි බාහිර පිරිකර විනාශවූ කල්හි තැති ගැන්ම වේයයි වදාළහ.
“ස්වාමීනි, බාහිර පිරිකර විනාශවූ කල්හි තැති නොගැන්මක් වේද?” ‘මහණ, වන්නේය’යි භාග්‍යවතුන් වහන්සේ වදාළේය. ‘මහණ මේ සස්නෙහි කිසිවෙකුට මෙබඳු කල්පනාවක් නොවෙයිද, මට යමක් තිබුණේය, දැන් එය නැත, මතු ලැබිය යුතු දේද මම නොලබන්නෙමි’ කියායි. හෙතෙම ශොක නොකරයි, ක්ලාන්ත නොවෙයි, නොවැළපෙයි, පපුවෙහි අත ගසමින් නොහඬයි, මුළාවට නොපැමිණෙයි. මහණ, මෙසේ වනාහි බාහිර පිරිකර විනාශවූ කල්හි තැති නොගැන්ම වන්නේය.”
“ස්වාමීනි, අධ්‍යාත්ම ස්කන්ධ විනාශවූ කල තැතිගැන්මක් වේද?” “මහණෙනි, වන්නේය”යි භාග්‍යවතුන් වහන්සේ වදාළේය. “මහණ, මෙහි කිසිවෙකුට මෙබඳු දෘෂ්ටියක් වෙයිද, එය ලෝකය වෙයි, ‘එය ආත්මය වෙයි, ඒ මම පරලොව නිත්‍යවූ සදාකාලිකවූ, නොපෙරෙළෙන ස්වභාව ඇති, හැමදාම පවතින්නෙක් වන්නෙමි’යි (කියාය.) හෙතෙම සියලු දෘෂ්ටි දෘෂ්ටි හේතු, දෘෂ්ටි පිහිටීම්, දෘෂ්ටි පහළවීම්, දෘෂ්ටියට බැස ගැනීම් නැති කිරීම පිණිසද, සියලු සංස්කාරයන්ගේ සංසිඳීම පිණිසද, සියලු උපධීන්ගේ විනාශය පිණිසද, තෘෂ්ණාව නැති කිරීම පිණිසද, නොඇලීම පිණිසද, නිර්වාණය පිණිසද, ධර්ම දේශනා කරන්නාවූ තථාගතයන් වහන්සේගේ හෝ තථාගත ශ්රාවකයෙකුගේ හෝ දේශනාව අසයිද ඔහුට මෙබඳු කල්පනාවක් ඇතිවෙයි, “උත්පත්ති වශයෙන් සිඳෙන්නෙම් නොවෙම්ද වැනසෙන්නෙම් නොවෙම්ද, මතු නො උපදින්නෙම් නොවෙම්ද” (කියායි) හෙතෙම ශොක කරයි, ක්ලාන්ත වෙයි, වැළපෙයි, පපුවෙහි අත් ගසමින් අඬයි, මුළාවට පැමිණෙයි. මහණ, මෙසේ වනාහි අධ්‍යාත්ම ස්කන්ධ විනාශවීම ඇති කල්හි තැති ගැනීම ඇති වන්නේය.”
“ස්වාමීනි, අධ්‍යාත්ම ස්කන්ධ විනාශවීම ඇතිකල්හි තැති නොගැන්මක් වන්නේද?” “මහණෙනි, වන්නේය”යි භාග්‍යවතුන් වහන්සේ වදාළේය. “මහණ මේ සස්නෙහි කිසිවෙකුට මෙබඳු දෘෂ්ටියක් ඇති නොවෙයිද, ‘එය ලෝකයය, එය ආත්මයය ඒ මම පරලොව නිත්‍යවූ, නොපෙරළෙන ස්වභාව ඇති හැම කල්හි පවතින්නෙක් වන්නෙමි’ යන දෘෂ්ටියක් ඇති නොවෙයිද හෙතෙම සියලු දෘෂ්ටි, දෘෂ්ටි හේතු, දෘෂ්ටි පිහිටීම්, දෘෂ්ටි ඉපදීම්, දෘෂ්ටියට බැසගැණීම් නැතිකිරීම පිණිසද, සියලු උපධීන්ගේ (ක්ලෙශ උපධි ආදී පඤ්චවිධ උපධි) විනාශය පිණිසද, තෘෂ්ණාව නැති කිරීම පිණිසද, නොඇල්ම පිණිසද, නිර්වාණය පිණිසද, ධර්මදේශනා කරන්නාවූ තථාගතයන් වහන්සේගේ හෝ තථාගත ශ්රාවකයෙකුගේ හෝ දේශනාව අසයිද, ඔහුට මෙබඳු කල්පනාවක් ඇති නොවෙයි. ‘උත්පත්ති වශයෙන් සිඳෙන්නෙම් නොවෙම්ද, වැනසෙන්නෙම් නොවෙම්ද, මතු නොඋපදින්නෙම් නොවෙම්ද’ කියායි. හෙතෙම ශොක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොවැළපෙයි. පපුවේ අත්ගසා නොඅඬයි. මුළාවට නොපැමිණෙයි. මහණ මෙසේ වනාහි අධ්‍යාත්ම ස්කන්ධ පිළිබඳ විනාශය ඇති කල්හි තැති නොගැන්ම වන්නේය.
|
243
‘‘තං
(තඤ්ච (ක.)), භික්ඛවෙ, පරිග්ගහං පරිග්ගණ්හෙය්යාථ, ය්වාස්ස
(ය්වාස්සු (ක.)) පරිග්ගහො නිච්චො ධුවො සස්සතො අවිපරිණාමධම්මො, සස්සතිසමං තථෙව තිට්ඨෙය්ය. පස්සථ නො තුම්හෙ, භික්ඛවෙ, තං පරිග්ගහං ය්වාස්ස පරිග්ගහො නිච්චො ධුවො සස්සතො අවිපරිණාමධම්මො, සස්සතිසමං තථෙව තිට්ඨෙය්යා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘සාධු, භික්ඛවෙ. අහම්පි ඛො තං, භික්ඛවෙ, පරිග්ගහං න සමනුපස්සාමි
‘‘තං, භික්ඛවෙ, අත්තවාදුපාදානං උපාදියෙථ, යංස
(යස්ස (ස්‍යා. ක.)) අත්තවාදුපාදානං උපාදියතො න උප්පජ්ජෙය්යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා. පස්සථ නො තුම්හෙ, භික්ඛවෙ, තං අත්තවාදුපාදානං
‘‘තං, භික්ඛවෙ, දිට්ඨිනිස්සයං නිස්සයෙථ යංස දිට්ඨිනිස්සයං නිස්සයතො න උප්පජ්ජෙය්යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා. පස්සථ නො තුම්හෙ, භික්ඛවෙ, තං දිට්ඨිනිස්සයං යංස දිට්ඨිනිස්සයං නිස්සයතො න උප්පජ්ජෙය්යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘සාධු, භික්ඛවෙ. අහම්පි ඛො තං, භික්ඛවෙ, දිට්ඨිනිස්සයං න සමනුපස්සාමි යංස දිට්ඨිනිස්සයං නිස්සයතො
|
243
“මහණෙනි, බාහිර පිරිකරක් නිත්‍ය නම් හැමදාම පවතී නම් නොපෙරළෙන ස්වභාව ඇත්තේ නම් ස්ථිර නම් එබඳු දෙයක් මගේ යයි ගනිව්, මහණෙනි, එසේ නිත්‍යවූ සදාකාලිකවූ නොපෙරළෙන ස්වභාව ඇත්තාවූ ස්ථිරවූ දෙයක් තොපි දක්නහුද?” “නැත ස්වාමීනි,” “යහපති මහණෙනි, ස්ථිරවූ නිත්‍යවූ සදාකාලිකවූ නොපෙරළෙන ස්වභාව ඇත්තාවූ එබන්දක් මමද නොදකිමි.
“මහණෙනි, යමක් මමයයි ගන්නහුට ශොක පරිදෙව, දුක්, දොම්නස්, දැඩි වෙහෙස යන මේවා ඇති නොවන්නේ නම් එබඳු දෙයක් මමයයි ගනිව්. මහණෙනි, යමක් මමයයි ගන්නහුට ශොක, පරිදෙව, දුක් දොම්නස්, දැඩි වෙහෙස යන මේවා ඇති නොවේද, එබඳු දෙයක් තොපි දක්නහුද?” “නැත, ස්වාමීනි.” “යහපති මහණෙනි, යමක් මමයයි ගන්නහුට ශොක පරිදෙව, දුක්, දොම්නස්, දැඩි වෙහෙස යන මේවා ඇති නොවේද, එබඳු දෙයක් මමද නොදකිමි.
“මහණෙනි, දෙසැට මිථ්‍යාදෘෂ්ටි අතුරෙන් යම් දෘෂ්ටියක් ගන්නහුට ශොක, පරිදෙව, දුක් දොම්නස්, දැඩි වෙහෙස යන මේවා ඇති නොවන්නේනම් එබඳු දෘෂ්ටියක් ගනිව්. මහණෙනි, දෙසැට මිථ්‍යාදෘෂ්ටි අතුරෙන් යම් දෘෂ්ටියක් ගන්නහුට ශොක, පරිදෙව, දුක්, දොම්නස්, දැඩි වෙහෙස යන මේවා ඇති නොවේද, එබඳු දෘෂ්ටියක් තොපි දක්නහුද?” “නැත ස්වාමීනි” “යහපති මහණෙනි, දෙසැට මිථ්‍යාදෘෂ්ටි අතුරෙන් යම් දෘෂ්ටියක් ගන්නහුට ශොක, පරිදෙව, දුක්, දොම්නස්, දැඩි වෙහෙස යන මේවා ඇති නොවේද, එබඳු දෘෂ්ටියක් මමත් නොදකිමි.
|
244
‘‘අත්තනි වා, භික්ඛවෙ, සති අත්තනියං මෙ ති අස්සා’’ති?
‘‘එවං, භන්තෙ’’.
‘‘අත්තනියෙ වා, භික්ඛවෙ, සති අත්තා මෙ ති අස්සා’’ති? ‘‘එවං, භන්තෙ’’.
‘‘අත්තනි
‘‘කිඤ්හි නො සියා, භන්තෙ, කෙවලො හි, භන්තෙ, පරිපූරො
(කෙවලො පරිපූරො (සී. පී.)) බාලධම්මො’’ති.
‘‘තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වා’’ති?
‘‘අනිච්චං, භන්තෙ’’
‘‘යං පනානිච්චං, දුක්ඛං වා තං සුඛං වා’’ති?
‘‘දුක්ඛං, භන්තෙ’’.
‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’ති?
‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, වෙදනා...පෙ.... සඤ්ඤා... සඞ්ඛාරා... විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා’’ති?
‘‘අනිච්චං, භන්තෙ’’.
‘‘යං පනානිච්චං, දුක්ඛං
‘‘දුක්ඛං, භන්තෙ’’.
‘‘යං
‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘තස්මාතිහ, භික්ඛවෙ, යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං, අජ්ඣත්තං වා බහිද්ධා වා
|
244
“මහණෙනි, මමයයි ගැනීමක් ඇති කල්හි මේ දේ මගේයයි ගැනීම ඇතිවන්නේද?” “එසේය, ස්වාමීනි.”
“මහණෙනි, මගේයයි ගැනීම ඇති කල්හි මාගේ ආත්මයයයි ගැනීම ඇතිවන්නේද?” “එසේය, ස්වාමීනි.”
“මහණෙනි තමාද තමහට අයත් දෙයක් ස්ථිර වශයෙන් නොලැබෙන කල්හි මෙය ලෝකයය, මෙය ආත්මයය, ඒ මම පරලොව නිත්‍ය හැමදාම පවතින නොපෙරළෙන ස්වභාව ඇති ස්ථිරවූවෙක් වන්නෙමිය යන යම් ගැනීමක් වේද, එය තනිකර සම්පූර්ණයෙන් මෝඩකමක් නොවේද?”
“ස්වාමීනි, කුමක් හෙයින් නොවන්නේද, එය තනිකර සම්පූර්ණ මෝඩකමකි.”
“මහණෙනි, කුමක් සිතව්ද? රූපස්කන්ධය නිත්‍යද අනිත්‍යද?” “ස්වාමීනි,අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යනම් එය දුක් හෝ වේද, සැප හෝ වේද?” “ස්වාමීනි දුකය.” “යමක් අනිත්‍ය නම්, දුකනම්, පෙරළෙනසුලුනම් එය මගේය’ එය මම වෙමි, එය මගේ ආත්මයයි ගැනීමට සුදුසුද?” “නැත, ස්වාමීනි.”
“මහණෙනි කුමක් සිතව්ද? වේදනාස්කන්ධය නිත්‍යද, අනිත්‍යද?” “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ වේද, සැප හෝ වේද?” “ස්වාමීනි, දුකය.” “යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙනසුලු නම් එය මගේය, එය මම වෙමි. එය මගේ ආත්මයයි ගැනීමට සුදුසුද?” “නැත, ස්වාමීනි.”
“මහණෙනි, කුමක් සිතව්ද? සංඥාස්කන්ධය නිත්‍යද අනිත්‍යද?” “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යනම් එය දුක් හෝ වේද, සැප හෝ වේද?” “ස්වාමීනි, දුකය.” “යමක් වනාහි අනිත්‍ය නම් දුක් නම් පෙරළෙනසුලු නම් එය මගේය, එය මම වෙමි එය මගේ ආත්මයයි ගැනීමට සුදුසුද?” “නැත, ස්වාමීනි.”
“මහණෙනි, කුමක් සිතව්ද? සංස්කාරස්කන්ධය නිත්‍යද? අනිත්‍යද?” “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ වේද, සැප හෝ වේද?” “ස්වාමීනි, දුකය.” “යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම් පෙරළෙනසුලු නම් එය මගේය. එය මම වෙමි. එය මගේ ආත්මයයි ගැනීමට සුදුසුද?” “නැත, ස්වාමීනි.”
“මහණෙනි, කුමක් සිතව්ද? විඤ්ඤාණස්කන්ධය නිත්‍යද? අනිත්‍යද?” “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ වේද, සැප හෝ වේද?” “ස්වාමීනි, දුකය.” “යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම් පෙරළෙනසුලු නම් එය මගේය. එය මම වෙමි. එය මගේ ආත්මයයි ගැනීමට සුදුසුද?” “නැත, ස්වාමීනි.”
“මහණෙනි, එහෙයින් මෙහි අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, ආධ්‍යාත්මිකවූද, බාහිරවූද, ඖදාරිකවූද, සූක්ෂම වූද, හීනවූද, ප්‍රණීතවූද, දුරවූද, සමීපවූද යම් කිසි රූපයක් ඇත්තේද ඒ සියලු රූපය මගේ නොවෙයි. මම නොවෙමි. මගේ ආත්මය නොවේයයි මෙසේ යහපත් ප්‍රඥාවෙන් තතුසේ දතයුතුයි.
“මහණෙනි, එහෙයින් මෙහි අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, ආධ්‍යාත්මිකවූද, බාහිරවූද, ඖදාරිකවූද, සූක්ෂම වූද, හීනවූද, ප්‍රණීතවූද, දුරවූද, සමීපවූද යම් කිසි වේදනාවක් ඇත්තේද ඒ සියලු වේදනාව මගේ නොවෙයි. මම නොවෙමි. මගේ ආත්මය නොවේයයි මෙසේ යහපත් ප්‍රඥාවෙන් තතුසේ දතයුතුයි.
“මහණෙනි, එහෙයින් මෙහි අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, ආධ්‍යාත්මිකවූද, බාහිරවූද, ඖදාරිකවූද, සූක්ෂම වූද, හීනවූද, ප්‍රණීතවූද, දුරවූද, සමීපවූද යම්කිසි සංඥාවක් වේද ඒ සියලු සංඥාව මගේ නොවෙයි, මම නොවෙමි, මගේ ආත්මය නොවේයයි මෙසේ යහපත් ප්‍රඥාවෙන් තතුසේ දතයුතුයි.
“මහණෙනි, එහෙයින් මෙහි අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, ආධ්‍යාත්මිකවූද, බාහිරවූද, ඖදාරිකවූද, සූක්ෂම වූද, හීනවූද, ප්‍රණීතවූද, දුරවූද, සමීපවූද යම්කිසි සංස්කාරයක් වේද ඒ සියලු සංස්කාරයන් මගේ නොවෙයි, මම නොවෙමි, මගේ ආත්මය නොවේයයි මෙසේ යහපත් ප්‍රඥාවෙන් තතුසේ දතයුතුයි.
“මහණෙනි, එහෙයින් මෙහි අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, ආධ්‍යාත්මිකවූද, බාහිරවූද, ඖදාරිකවූද, සූක්ෂම වූද, හීනවූද, ප්‍රණීතවූද, දුරවූද, සමීපවූද යම්කිසි විඤ්ඤාණයක් වේද? ඒ සියලු විඤ්ඤාණය මගේ නොවෙයි. මම නොවෙමි. මගේ ආත්මය නොවේයයි මෙසේ යහපත් ප්‍රඥාවෙන් තතුසේ දතයුතුයි.
|
245
‘‘එවං පස්සං, භික්ඛවෙ, සුතවා අරියසාවකො රූපස්මිං නිබ්බින්දති, වෙදනාය නිබ්බින්දති, සඤ්ඤාය නිබ්බින්දති, සඞ්ඛාරෙසු නිබ්බින්දති, විඤ්ඤාණස්මිං නිබ්බින්දති, නිබ්බිදා විරජ්ජති
(නිබ්බින්දං විරජ්ජති (සී. ස්‍යා. පී.)), විරාගා විමුච්චති
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු උක්ඛිත්තපලිඝො හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛුනො අවිජ්ජා පහීනා හොති, උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවංකතා, ආයතිං අනුප්පාදධම්මා. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු උක්ඛිත්තපලිඝො හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු සංකිණ්ණපරික්ඛො හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛුනො පොනොබ්භවිකො
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු අබ්බූළ්හෙසිකො හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛුනො තණ්හා පහීනා හොති, උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවංකතා, ආයතිං අනුප්පාදධම්මා. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු අබ්බූළ්හෙසිකො හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු නිරග්ගළො හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛුනො පඤ්ච ඔරම්භාගියානි සංයොජනානි පහීනානි හොන්ති, උච්ඡින්නමූලානි තාලාවත්ථුකතානි අනභාවංකතානි, ආයතිං අනුප්පාදධම්මානි
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු අරියො පන්නද්ධජො පන්නභාරො විසංයුත්තො හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛුනො අස්මිමානො පහීනො හොති, උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවංකතො
|
245
“මහණෙනි, මෙසේ දක්නා උගත් ආර්ය ශ්‍රාවක තෙම රූපස්කන්ධයෙහිද කලකිරෙයි, වේදනාස්කන්ධයෙහිද කලකිරෙයි, සංඥාස්කන්ධයෙහිද කලකිරෙයි. සංස්කාරස්කන්ධයෙහිද කලකිරෙයි, විඥානස්කන්ධයෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ මාර්ගඥානයෙන් නොඇලෙයි. නොඇලීම නිසා ඵලඥානයෙන් කෙලෙසුන් කෙරෙන් මිදෙයි. කෙලෙසුන් කෙරෙන් මිදුණු කල්හි මිදුනේය යන ප්රත්යවෙක්ෂා ඥානය පහළ වෙයි. ජාතිය කෙළවර විය. බඹසර වැස නිමවනලදී. කළයුත්ත කරන ලදී. අර්හත්වය සඳහා තවත් කළයුතු දෙයක් නැතැයිද දැනගනී.
“මහණෙනි, මේ භික්ෂුව උදුරා දමනලද අවිද්‍යාව නමැති දොර අගුල් ඇත්තෙකැයිද, විනාශ කරනලද සංස්කාර නමැති දිය අගල් ඇත්තෙකැයිද, උදුරා දමනලද තෘෂ්ණාව නමැති ඉන්ද්‍රඛීලය ඇත්තෙකැයිද, ගලවා දමනලද ඔරම්භාගිය සංයෝජන නමැති අගුල් ඇත්තෙකැයිද, ආර්යයෙකැයිද, හෙලන ලද මානය නමැති කොඩිය ඇත්තෙකැයිද, බර බහා තැබූවෙකැයිද සියලු කෙලෙසුන් කෙරෙන් වෙන්වූවෙකැයිද කියනු ලැබේ.
“මහණෙනි, කෙසේ නම් මහණ තෙම උදුරා දැමූ දොර අගුල් ඇත්තේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණහුගේ අවිද්‍යාව නැති වූවා වෙයිද, සුන් කරන ලද මුල් ඇත්තීද, කැපූ තල් කඳක් මෙන් කරන ලද්දීද, අභාවයට පමුණුවන ලද්දීද, මතු නූපදින ස්වභාව ඇත්තීද, මහණෙනි, මෙසේ වනාහි භික්ෂුව උදුරා දැමූ අවිද්‍යාව නමැති දොර අගුල් ඇත්තේ වෙයි.
“මහණෙනි, මහණ තෙම කෙසේ නම් විනාශ කරන ලද දිය අගල් ඇත්තේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂූහු ගේ නැවත ඉපදීම ඇතිකරන්නාවූ ජාති සංසාරය ඇති කරන්නාවූ කර්මය නැතිවූයේ වෙයිද, මුල් සුන් කරන ලද්දේද, කැපූ තල් කඳක් මෙන් කරන ලද්දේද අභාවයට පමුණුවන ලද්දේ මතු නූපදින ස්වභාව ඇත්තේද මහණෙනි, මෙසේ වනාහි භික්ෂුව විනාශ කරන ලද කර්මය නමැති දිය අගල් ඇත්තේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් මහණ තෙම ඉගුළුෑ ඉන්ද්රඛීල ඇත්තේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණහුගේ තෘෂ්ණාව නැතිවූවා වෙයිද, මුල් සුන් කරන ලද්දීද, කැපූ තල් කඳක් මෙන් කරන ලද්දේද, අභාවයට පමුණුවන ලද්දේ මතු නූපදින ස්වභාව ඇත්තේද, මහණෙනි, මෙසේ වනාහි භික්ෂුව උදුරා දැමූ තෘෂ්ණාව නමැති ඉන්ද්රඛීල ඇත්තේ වෙයි.
“මහණෙනි, මහණතෙම කෙසේ නම් අගුල් රහිත වූයේ වෙයිද? මහණෙනි, මේ ශාසනයෙහි මහණහුගේ ඕරම්භාගීයයි කියනුලබන කාමලෝකය භජනයකරන්නාවූ සංයෝජන ධර්ම පස නැති වූවාහු වෙත්ද, මුල් සුන්කරන ලද්දහුද, කැපූ තල් කඳක් මෙන්කරන ලද්දාහුද, අභාවයට පමුණුවන ලද්දාහුද, මතු නූපදින ස්වභාව ඇත්තාහුද මහණෙනි, මෙසේ වනාහි භික්ෂුව ඔරම්භාගිය සංයෝජන අගුල් රහිත වූයේ නම් වෙයි.
“මහණෙනි, මහණ තෙම කෙසේ නම් ආර්යවූ බිම හෙලු කොඩිය ඇත්තෙක් බහා තැබූ බර ඇත්තෙක් කෙලෙසුන් කෙරෙන් වෙන්වූවෙක් වන්නේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණහුගේ (පංචස්කන්ධයෙහි) ‘මම වෙමි’ යන මානය ප්‍රහීණ වූයේ වෙයිද, මුල් සුන්කරන ලද්දේද, කැපූ තල් කඳක් මෙන් කරන ලද්දේද, අභාවයට පමුණුවන ලද්දේද මතු නූපදින ස්වභාව ඇත්තේද, මහණෙනි, මෙසේ වනාහි භික්ෂුව ආර්යවූ බිම හෙලු කොඩිය ඇත්තෙක් බහා තැබූ බර ඇත්තෙක් කෙලෙසුන් කෙරෙන් වෙන් වූවෙක් වන්නේය.
|
246
‘‘එවං විමුත්තචිත්තං ඛො, භික්ඛවෙ, භික්ඛුං සඉන්දා දෙවා සබ්රහ්මකා සපජාපතිකා අන්වෙසං නාධිගච්ඡන්ති - ‘ඉදං නිස්සිතං තථාගතස්ස විඤ්ඤාණ’න්ති. තං කිස්ස හෙතු? දිට්ඨෙවාහං, භික්ඛවෙ, ධම්මෙ තථාගතං අනනුවිජ්ජොති වදාමි. එවංවාදිං ඛො මං, භික්ඛවෙ, එවමක්ඛායිං එකෙ සමණබ්රාහ්මණා අසතා තුච්ඡා මුසා අභූතෙන අබ්භාචික්ඛන්ති - ‘වෙනයිකො සමණො ගොතමො, සතො සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤාපෙතී’ති. යථා චාහං න, භික්ඛවෙ
(භික්ඛවෙ න (සී. ස්‍යා. පී.)), යථා චාහං න වදාමි, තථා මං තෙ භොන්තො සමණබ්රාහ්මණා අසතා තුච්ඡා මුසා අභූතෙන අබ්භාචික්ඛන්ති - ‘වෙනයිකො සමණො ගොතමො, සතො සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤාපෙතී’ති. පුබ්බෙ චාහං භික්ඛවෙ, එතරහි ච දුක්ඛඤ්චෙව පඤ්ඤාපෙමි, දුක්ඛස්ස ච නිරොධං. තත්ර චෙ, භික්ඛවෙ, පරෙ තථාගතං අක්කොසන්ති පරිභාසන්ති රොසෙන්ති විහෙසෙන්ති, තත්ර, භික්ඛවෙ, තථාගතස්ස න හොති ආඝාතො න අප්පච්චයො න චෙතසො අනභිරද්ධි.
‘‘තත්ර චෙ, භික්ඛවෙ, පරෙ තථාගතං සක්කරොන්ති ගරුං කරොන්ති මානෙන්ති පූජෙන්ති, තත්ර, භික්ඛවෙ, තථාගතස්ස න හොති ආනන්දො න සොමනස්සං න චෙතසො උප්පිලාවිතත්තං. තත්ර චෙ, භික්ඛවෙ
|
246
“මහණෙනි, මෙසේ මිදුණු සිත් ඇති භික්ෂුව ශක්‍රයා සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ දෙවියෝ සොයන්නාහු නමුත් අර්හත් පුද්ගලයාගේ සිත මෙය ඇසුරුකර සිටියේ යයි දැනගත නොහැකි වෙති. ඊට හේතු කවරේද? මහණෙනි, මම මේ ආත්මයෙහිම කෙලෙස් නැති කළ සත්වයා එසේ දැනගත නොහැකියයි කියමි.
“මහණෙනි, මෙසේ කියන්නාවූ මට ඇතැම් මහණ බමුණෝ අසත්‍යයෙන්, හිස් බසින් බොරුවෙන්, නොවූවකින් දොස් කියති. ‘ශ්‍රමණ ගෞතම තෙම සත්ත්ව විනාශය ප්‍රකාශ කරන්නෙක, ඇත්තාවූ සත්වයාගේ සිඳීම, වැනසීම, අභාවය පණවාය’යි (දොස් කියති.) මහණෙනි, මම යම්සේ විනාශකයෙක් නොවෙම්ද, යම් පරිද්දෙකින් නොකියම්ද, ඒ පින්වත් මහණ බමුණෝ මට එපරිද්දෙන් අසත්‍යයෙන්, හිස් බසින්, බොරුවෙන්, නොවූවකින්, දොස් කියති. ‘ශ්‍රමණ ගෞතම තෙම සත්ත්ව විනාශය ප්‍රකාශ කරන්නෙක, ඇත්තාවූම සත්ත්වයාගේ සිඳීම, වැනසීම අභාවය පණවාය’යි (දොස් කියති.) මහණෙනි, මම පෙර මහ බෝමැඩදීත්, දැන් ධර්ම දේශනා කිරීමේදීත් දුකද ප්‍රකාශ කරමි. දුකට හේතුවද ප්‍රකාශ කරමි. දුක නැතිකිරීමද ප්‍රකාශ කරමි. දුක නැති කිරීමේ මගද ප්‍රකාශ කරමි.
“මහණෙනි, ඒ කාරණයෙහිලා අන්‍යයෝ තථාගතයන්හට නින්දා කරති, පරිභව කරති, දොස් කියති, වෙහෙස කරති. එසේදවුවත් ඔවුන් කෙරෙහි තථාගතයන් වහන්සේගේ ක්‍රෝධයක් නැත. දොම්නසක් නොසතුටක් නැත. එහිලා යම් කෙනෙක් තථාගතයන් හට සත්කාර කරත්ද, ගරු කරත්ද, බුහුමන් කරත්ද, පුදත්ද එහිද තථාගතයන්ගේ ප්‍රීතියක්, සොම්නසක්, හිත ඉල්පෙන බවක් නැත. මහණෙනි, එහි යම් කෙනෙක් තථාගතයන්හට සත්කාර කරත්ද, ගරු කරත්ද, බුහුමන් කරත්ද, පුදත්ද, එහිදී තථාගතයන් හට මෙබඳු කල්පනාවක් වෙයි ‘යම් මේ පංචස්කන්ධයක් බෝමැඩදීම පිරිසිඳ දැනගන්නා ලද්දේද, ඒ පඤ්චස්කන්ධයට මෙබඳු සත්කාරයෝ කරනු ලැබෙත්’ (කියාය.)
“මහණෙනි, එහෙයින් තොපටද අන්‍යයෝ නින්දා පරිභව කරත් නම්, දොස් කියත් නම් වෙහෙසවත් නම් එහි තොප විසින් කෝපයක් දොමනසක් නොසතුටක් ඇතිකර නොගත යුතුය. මහණෙනි, මේනිසා අන්‍යයෝ තොපට සත්කාර කරත්ද, ගරු කරත්ද, බුහුමන් කරත්ද, පුදත්ද, එහි තොප විසින් ප්‍රීතියක්, සොම්නසක්, හිත ඉල්පෙන බවක්, ඇතිකර නොගත යුතුය. එහිදී තොපටද මෙසේ කල්පනා වන්නේය. ‘යම් මේ පංචස්කන්ධයක් කල් ඇතිවම පිරිසිඳ දැනගන්නා ලද්දේද ඒ පංචස්කන්ධයට මේ සත්කාරයෝ කරනු ලැබෙති’ (කියාය.)
|
247
‘‘තස්මාතිහ, භික්ඛවෙ, යං න තුම්හාකං තං පජහථ; තං වො පහීනං දීඝරත්තං හිතාය සුඛාය භවිස්සති. කිඤ්ච, භික්ඛවෙ, න තුම්හාකං? රූපං, භික්ඛවෙ, න තුම්හාකං, තං පජහථ; තං වො පහීනං දීඝරත්තං හිතාය සුඛාය භවිස්සති. වෙදනා, භික්ඛවෙ, න තුම්හාකං, තං
|
247
“මහණෙනි, එහෙයින් යමක් තොපගේ නොවේනම් එය දුරු කරව්. එය දුරුකිරීම තොපට දීර්ඝ කාලයක් හිත පිණිස සැප පිණිස පවත්නේය.
“මහණෙනි, තොපගේ නොවන්නේ කුමක්ද? මහණෙනි, රූපය තොපගේ නොවේ. එය දුරුකරව්. එය නැති කිරීම තොපට දීර්ඝ කාලයක් හිත පිණිස සැප පිණිස පවත්නේය. මහණෙනි, වේදනාව තොපගේ නොවේ. එය දුරු කරව්. එය දුරුකිරීම තොපට දීර්ඝ කාලයක් හිතපිණිස සැප පිණිස පවත්නේය. මහණෙනි, සංඥාව තොපගේ නොවේ. එය දුරුකරව් එය දුරුකිරීම තොපට දීර්ඝ කාලයක් හිත පිණිස සැප පිණිස පවත්නේය. මහණෙනි, සංස්කාරයෝ තොපගේ නොවෙත්. එය දුරුකරව්. එය දුරු කිරීම තොපට දීර්ඝ කාලයක් හිත පිණිස සැප පිණිස පවත්නේය. මහණෙනි, විඥානය තොපගේ නොවේ. එය දුරුකරව්, එය නැති කිරීම තොපට දීර්ඝ කාලයක් හිත පිණිස සැප පිණිස පවත්නේය.
“මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? මේ ජේතවන විහාරයෙහි යම් බඳුවූ තණ, වියලි දඬු, අතු, කොළ වෙත්ද, එය මහජනයා ගෙනයන්නේ හෝ වේද, දවන්නේ හෝ වේද, කැමති දෙයක් කරන්නේ හෝ වේද, එවිට තොපට මේ ජනයා අප ගෙන යන්නේය, අප දවන්නේය, කැමති දෙයක් කරන්නේය කියා කල්පනා වේද?” “නැත, ස්වාමීනි” “ඊට හේතු කවරේද?” “ස්වාමීනි, එය අප මමයයි ගන්නා දෙයකුත් නොවෙයි. මගේයයි ගන්නා දෙයකුත් නොවෙයි.”
“මහණෙනි, එසේම යමක් තොපගේ නොවේ නම් එය දුරුකරව්, මහණෙනි, එය දුරුකිරීම තොපට දීර්ඝ කාලයක් හිත පිණිස සැප පිණිස පවත්නේය. මහණෙනි, කුමක් තොපගේ නොවන්නේද? මහණෙනි, රූපය තොපගේ නොවේ. එය දුරුකරව්, එය නැතිකිරීම තොපට දීර්ඝ කාලයක් හිත පිණිස සැප පිණිස පවත්නේය. වේදනාව තොපගේ නොවේ. එය දුරුකරව්, එය නැතිකිරීම තොපට දීර්ඝ කාලයක් හිත පිණිස සැප පිණිස පවත්නේය. මහණෙනි, සංඥාව තොපගේ නොවේ එය දුරුකරව්, එය නැතිකිරීම තොපට දීර්ඝ කාලයක් හිත පිණිස සැප පිණිස පවත්නේය. මහණෙනි, සංස්කාරයෝ තොපගේ නොවෙත්. එය දුරුකරව්, එය නැතිකිරීම තොපට දීර්ඝ කාලයක් හිත පිණිස සැප පිණිස පවත්නේය. මහණෙනි, විඥානය තොපගේ නොවේ. එය දුරුකරව්, එය නැතිකිරීමට තොපට දීර්ඝකාලයක් හිත පිණිස සැප පිණිස පවත්නේය.
|
248
‘‘එවං
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
|
248
“මහණෙනි, මා විසින් ධර්මය මෙසේ මොනවට දෙසනලදී. ප්‍රකට කරනලදී. පැහැදිලි කරනලදී. අනාවරණය කරනලදී. කැලිකසල දුරුකරනලදී.
“මහණෙනි, මා විසින් මෙසේ මොනවට දෙසනලද ප්‍රකට කරනලද පැහැදිලි කරනලද අනාවරණය කරනලද කැලිකසල දුරුකරනලද ශාසනයෙහි යම් ඒ කෙලෙස් නැති කළ, වැස නිමවූ බ්රහ්මචරියා ඇති, කළ කටයුතු ඇති බහා තැබූ බර ඇති, ලැබූ පල ඇති, නැති කළ භව බන්ධන ඇති මනාව දැන මිදුණු යම් ඒ රහත්හු වෙත්ද, ඔවුන්හට ඇතැයි දැක්වීමට සංසාරයක් නැත.
“මහණෙනි, මා විසින් ධර්මය මෙසේ මොනවට දෙසනලදී. ප්‍රකට කරනලදී. පැහැදිලි කරනලදී. අනාවරණය කරනලදී. කැලිකසල දුරුකරන ලදී.
“මහණෙනි, මා විසින් මෙසේ මොනවට දෙසනලද, ප්‍රකට කරනලද, පැහැදිලි කරනලද, අනාවරණය කරනලද කැලිකසල දුරු කරන ලද, ශාසනයෙහි යම් භික්ෂුවකගේ කාමලෝකය භජනය කරන සංයෝජන පහ නැතිවූයේ වේද ඒ සියල්ලෝ එහි (ඒ බඹලොව) පිරිනිවන් පානා ඕපපාතිකයෝ වෙත්. ඒ ලෝකයෙන් නැවත මේ කාම ලෝකයට ඉපදීම් වශයෙන් නොඑන්නෝ වෙත්.
“මහණෙනි, මා විසින් මෙසේ ධර්මය මොනවට දෙසනලදී, ප්‍රකට කරනලදී, පැහැදිලි කරනලදී, අනාවරණය කරනලදී, කැලිකසල දුරුකරනලදී. එසේ මොනවට දෙසන ලද, ප්‍රකට කරනලද, පැහැදිලි කරන ලද අනාවරණය කරන ලද කැලිකසල දුරු කරනලද ශාසනයෙහි යම් භික්ෂූන්ගේ සංයෝජන තුන නැති වූවාහු වෙත්ද, රාග දෝෂ මෝහයෝ තුනී වූවාහුද, ඒ සියල්ලෝ සකෘදාගාමි වෙති. එක් වරක් පමණක් මේ ලෝකයට (ඉපදීම වශයෙන්) අවුත් දුක් කෙළවර කරත්.
“මහණෙනි, මා විසින් ධර්මය මෙසේ මොනවට දෙසනලදී, ප්‍රකට කරනලදී, පැහැදිලි කරනලදී, අනාවරණය කරන ලදී, කැලිකසල දුරු කරනලදී, එසේ මොනවට දෙසනලද, ප්‍රකට කරනලද, පැහැදිලි කරනලද, අනාවරණය කරනලද, කැලිකසල දුරුකරනලද ශාසනයෙහි යම් භික්ෂූන්ගේ සංයෝජන තුන නැතිවූවාහු වෙත්ද, ඒ සියල්ලෝ සෝවාන් වෙත්. අපායෙහි නූපදින සුලුයහ, නියත වූවාහු සම්බෝධිය පිහිට කොට ඇත්තාහුය.
“මහණෙනි, මා විසින් ධර්මය මොනවට දෙසනලදී. ප්‍රකට කරනලදී. පැහැදිලි කරනලදී. අනාවරණය කරනලදී. කැලිකසල දුරු කරනලදී.
“මහණෙනි, මා විසින් මෙසේ මොනවට දෙසනලද, ප්‍රකට කරනලද, පැහැදිලි කරනලද, අනාවරණය කරනලද, කැලිකසල දුරු කරනලද ශාසනයෙහි යම් ඒ භික්ෂූහු ධම්මානුසාරී වෙත්ද, සද්ධානුසාරී වෙත්ද, ඒ සියල්ලෝ සම්බෝධිය පිහිට කොට ඇත්තාහුය.
“මහණෙනි, මා විසින් ධර්මය මෙසේ මොනවට දෙනලදී. ප්‍රකට කරනලදී, පැහැදිලි කරනලදී, අනාවරණය කරන ලදී, කැලිකසල දුරුකරනලදී.
එසේ මොනවට දෙසන ලද ප්‍රකට කරනලද අනාවරණය කරනලද කැලිකසල දුරු කරනලද ශාසනයෙහි යම් භික්ෂූන්ට මා කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක් පවතීද, ප්‍රේම මාත්‍රයක් පවතීද, ඒ සියල්ලෝ ස්වර්ගය පිහිටකොට ඇත්තාහ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටුවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්හ.
|
3. වම්මිකසුත්තං | 3. වම්මික සූත්‍රය |
249
එවං
‘‘භික්ඛු
‘‘ඉමෙ
|
249
“මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවන නම් විහාරයෙහි වැඩ වාසය කරති.
එසමයෙහි කුමාර කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ අන්ධ වනයෙහි වාසය කළහ. එකල එක්තරා බ්‍රහ්මරාජයෙක් රාත්‍රියේ පළමුවෙනි යාමය ඉක්මගිය කල්හි, විසිතුරු වර්ණයෙන් සියලු අන්ධවනය එකාලොක කොට බබුලුවා කුමාර කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි එළඹියේය. එළඹ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටියාවූ ඒ බ්‍රහ්මරාජතෙම කුමාර කාශ්‍යප ස්ථවිරයන් වහන්සේට මෙසේ කීයේය.
“මහණ, මහණ, මේ තුඹස රාත්‍රියෙහි දුම්දමයි, දවල් කාලයෙහි ඇවිලෙයි. බ්‍රාහ්මණයෙක් මෙසේ කීයේය ‘සුමෙධය, ආයුධයක් ගෙන සාරව’ (යි කීයේය.) ආයුධයක් ගෙන සාරා බලන්නාවූ සුමේධ තෙම දොර අගුලක් දුටුවේය. (දැක) ‘ස්වාමීනි, දොර අගුලෙකැ’යි කීයේය. බ්‍රාහ්මණ තෙම ‘දොර අගුල ඔසවා දමව, ආයුධය ගෙන සාරව’යි කීයේය. ආයුධය ගෙන සාරවන්නාවූ සුමෙධතෙම (පිම්බෙන වර්ගයේ) මැඩියෙකු දුටුයේය. ‘වහන්ස, මැඩියෙකැ’යි කීයේය. බ්‍රාහ්මණතෙම ‘මැඩියා ඔසවා දමව, සුමෙධය ගෙන සාරව’යි කීයේය. ආයුධය ගෙන සාරන්නාවූ සුමෙධතෙම දෙමංසන්ධියක් දුටුයේය. (දැක) ‘වහන්ස, දෙමංසන්ධියකැ’යි කීයේය. බ්‍රාහ්මණතෙම ‘දෙමංසන්ධිය උදුරා දමව. සුමෙධය, ආයුධය ගෙන සාරව’යි කීයේය. ආයුධය ගෙන, සාරන්නාවූ සුමෙධතෙම, අළු පෙරහනක් දුටුයේය. ‘ස්වාමීනි අළු පෙරහනකැ’යි කීයේය. බ්‍රාහ්මණතෙම ‘අළු පෙරහන උදුරා දමව. සුමෙධය, ආයුධය ගෙන සාරව’යි කීය. ආයුධයක් ගෙන සාරන්නාවූ සුමෙධ තෙම ඉදිබුවෙකු දුටුවේය. ‘ස්වාමීනි, ඉදිබුවෙකැ’යි කීය. බ්‍රාහ්මණ තෙම ‘ඉදිබුවා, ගොඩගනුව, සුමෙධය, ආයුධය ගෙන සාරව’යි කීය. ආයුධය ගෙන සාරන්නාවූ සුමෙධ තෙම මස් කපන කැත්තක් හා මස් ලොඹුවක් දුටුවේය. ‘ස්වාමීනි, මස් කපන කැත්තක් හා මස් ලොඹුවකැ’යි කීය. බ්‍රාහ්මණ තෙම ‘මස් කපන කැත්ත හා මස්ලොඹුව ගොඩගනුව. සුමෙධය, ආයුධය ගෙන සාරව’යි කීය. ආයුධය ගෙන සාරන්නාවූ සුමෙධ තෙම මස්වැදැල්ලක් දුටුයේය. ‘ස්වාමීනි, මස් වැදැල්ලකැ’යි කීය. බ්‍රාහ්මණ තෙම ‘මස් වැදැල්ල ගොඩ ගනුව. සුමෙධය, ආයුධය ගෙන සාරව’යි කීය. ආයුධය ගෙන සාරන්නාවූ සුමෙධතෙම නාගයෙකු දුටුවේය. ‘ස්වාමීනි, නාගයෙකැ’යි කීයේය. බ්‍රාහ්මණතෙම ‘නාගරාජතෙම සිටීවා. නාගරාජයා නොගටව, නාගරාජයාට නමස්කාර කරව’යි කීයේය.
“මහණ, ඔබ මේ ප්රශ්නයන් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ විචාරව, ඔබට භාග්‍යවතුන් වහන්සේ යම්සේ ප්‍රකාශ කොට වදාරණසේක්ද එපරිද්දෙන් ඒ ප්‍රශ්න දරාගනුව, මහණ සර්වඥයන් වහන්සේ හැර, සර්වඥයන් වහන්සේගේ ශ්‍රාවකයන් හැර, මා කෙරෙන් අසා කියන්නවුන් හැර, මේ ප්රශ්නයන් විසඳීමෙන් යමෙක් හිත සතුටු කරන්නේද එබඳු පුද්ගලයෙක් දෙවියන් සහිතවූ මරුන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ ලෝකයෙහිද ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිතවූ දෙවි මිනිසුන් සහිතවූ පිරිස්හිද නොදක්නෙමි’යි කීයේය, මේ වචනය මෙසේ කියා ඒ බ්‍රහ්මරාජ තෙම එතැන්හිම අතුරුදන් වූයේය.
|
250
අථ ඛො ආයස්මා කුමාරකස්සපො තස්සා රත්තියා අච්චයෙන යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා කුමාරකස්සපො භගවන්තං
|
250
“ඉක්බිත්තෙන් ආයුෂ්මත් කුමාර කාශ්‍යප ස්ථවිරතෙම ඒ රාත්‍රියයේ ඇවෑමෙන් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පැත්තක උන්නේය. එක් පැත්තක උන්නාවූ කුමාරකාශ්‍යප ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීවේය.
“ස්වාමීනි, ඉකුත් රාත්‍රියෙහි එක්තරා බ්‍රහ්මයෙක් තමන්ගේ ශරීර ආලෝකයෙන් මුළු අන්ධවනය එකාලොක කොට බබුලුවා මම යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ එක පැත්තක උන්නේය. ස්වාමීනි, එක පැත්තක උන්නාවූ ඒ බ්‍රහ්මයා මටමෙසේ කීවේය.
“මහණ, මහණ, මේ තුඹස රාත්‍රියෙහි දුම් දමයි, දහවල් කාලයෙහි ඇවිලෙයි. බ්‍රාහ්මණයෙක් මෙසේ කීයේය. ‘සුමේධය, ආයුධයක් ගෙන සාරව’යි (කීයේය.) ආයුධයක් ගෙන සාරා බලන්නාවූ සුමේධ තෙම දොර අගුලක් දුටුවේය. (දැක) ‘ස්වාමීනි, දොර අගුලෙකැ”යි කීයේය. බ්‍රාහ්මණ තෙම ‘දොර අගුල ඔසවා දමව, ආයුධය ගෙන සාරව’යි කීයේය. ආයුධය ගෙන සාරවන්නාවූ සුමෙධතෙම මැඩියෙකු දුටුයේය. ‘වහන්ස, මැඩියෙකැ’යි කීයේය. බ්‍රාහ්මණතෙම ‘මැඩියා ඔසවා දමව, සුමෙධය, ආයුධය ගෙන සාරවයි කීයේය. ආයුධය ගෙන සාරන්නාවූ සුමෙධතෙම දෙමංසන්ධියක් දුටුයේය. (දැක) ‘වහන්ස, දෙමංසන්ධියකැයි කීයේය. බ්‍රාහ්මණතෙම ‘දෙමංසන්ධිය උදුරා දමව. සුමෙධය, ආයුධය ගෙන සාරව’යි කීයේය. ආයුධය ගෙන, සාරන්නාවූ සුමෙධතෙම, අළු පෙරහනක් දුටුයේය. ‘ස්වාමීනි අළු පෙරහනකැ’යි කීයේය. බ්‍රාහ්මණතෙම ‘අළු පෙරහන උදුරා දමව. සුමෙධය, ආයුධය ගෙන සාරව’යි කීය. ආයුධයක් ගෙන සාරන්නාවූ සුමෙධ තෙම ඉදිබුවෙකු දුටුවේය. ‘ස්වාමීනි, ඉදිබුවෙකැ’යි කීය. බ්‍රාහ්මණ තෙම ‘ඉදිබුවා, ගොඩගනුව, සුමෙධය, ආයුධය ගෙන සාරව’යි කීය. ආයුධය ගෙන සාරන්නාවූ සුමෙධ තෙම මස් කපන කැත්තක් හා මස් ලොඹුවක් දුටුවේය. ‘ස්වාමීනි, මස් කපන කැත්තක් හා මස් ලොඹුවකැ’යි කීය. බ්‍රාහ්මණ තෙම ‘මස් කපන කැත්ත හා මස්ලොඹුව ගොඩගනුව. සුමෙධය, ආයුධය ගෙන සාරව’යි කීය. ආයුධය ගෙන සාරන්නාවූ සුමෙධ තෙම මස්වැදැල්ලක් දුටුයේය. ‘ස්වාමීනි, මස් වැදැල්ලකැ’යි කීය. බ්‍රාහ්මණ තෙම ‘මස් වැදැල්ල ගොඩගනුව. සුමෙධය, ආයුධය ගෙන සාරව’යි කීය. ආයුධය ගෙන සාරන්නාවූ සුමෙධතෙම නාගයෙකු දුටුවේය. ‘ස්වාමීනි, නාගයෙකැ’යි කීයේය. බ්‍රාහ්මණතෙම ‘නාගරාජතෙම සිටීවා. නාගරාජයා නොගටව, නාගරාජයාට නමස්කාර කරව’යි කීයේය.
“ස්වාමීනි, තුඹස නම් කුමක්ද? රාත්‍රියෙහි දුම් දැමීම නම් කුමක්ද? දහවල් ඇවිලීම නම් කුමක්ද? බ්‍රාහ්මණ නම් කවරෙක්ද? සුමෙධ නම් කවරෙක්ද? ආයුධය නම් කුමක්ද? සෑරීම නම් කුමක්ද? දොර අගුල නම් කුමක්ද? මැඩියානම් කුමක්ද? දෙමංසන්ධිය නම් කවරක්ද? අළුපෙරහන නම් කුමක්ද? ඉදිබුවා නම් කුමක්ද? මස් කපන කැත්ත හා මස් ලොඹුව නම් කුමක්ද? මස්වැදැල්ල නම් කුමක්ද? නාගරාජයා නම් කවරෙක්ද?”
|
251
‘‘‘වම්මිකො’ති
‘‘යං ඛො, භික්ඛු, දිවා කම්මන්තෙ
(කම්මන්තං (ක.)) ආරබ්භ රත්තිං අනුවිතක්කෙති අනුවිචාරෙති - අයං රත්තිං ධූමායනා. යං ඛො, භික්ඛු, රත්තිං අනුවිතක්කෙත්වා අනුවිචාරෙත්වා දිවා කම්මන්තෙ පයොජෙති කායෙන වාචාය ‘මනසා’
(( ) නත්ථි (සී. ස්‍යා.)) - අයං දිවා පජ්ජලනා.
‘‘‘බ්රාහ්මණො’ති
‘‘‘සත්ථ’න්ති ඛො, භික්ඛු, අරියායෙතං පඤ්ඤාය අධිවචනං. ‘අභික්ඛණ’න්ති ඛො, භික්ඛු, වීරියාරම්භස්සෙතං අධිවචනං.
‘‘‘ලඞ්ගී’ති ඛො, භික්ඛු, අවිජ්ජායෙතං අධිවචනං. උක්ඛිප ලඞ්ගිං, පජහ අවිජ්ජං; අභික්ඛණ, සුමෙධ, සත්ථං ආදායාති අයමෙතස්ස අත්ථො.
‘‘‘උද්ධුමායිකා’ති ඛො, භික්ඛු, කොධූපායාසස්සෙතං අධිවචනං. උක්ඛිප උද්ධුමායිකං, පජහ කොධූපායාසං; අභික්ඛණ, සුමෙධ, සත්ථං ආදායාති අයමෙතස්ස අත්ථො.
‘‘‘ද්විධාපථො’ති
‘‘‘චඞ්ගවාර’න්ති ඛො, භික්ඛු, පඤ්චන්නෙතං නීවරණානං අධිවචනං, සෙය්යථිදං - කාමච්ඡන්දනීවරණස්ස, බ්යාපාදනීවරණස්ස, ථීනමිද්ධනීවරණස්ස, උද්ධච්චකුක්කුච්චනීවරණස්ස, විචිකිච්ඡානීවරණස්ස. උක්ඛිප චඞ්ගවාරං, පජහ පඤ්ච නීවරණෙ
‘‘‘කුම්මො’ති ඛො, භික්ඛු, පඤ්චන්නෙතං උපාදානක්ඛන්ධානං අධිවචනං, සෙය්යථිදං - රූපුපාදානක්ඛන්ධස්ස, වෙදනුපාදානක්ඛන්ධස්ස, සඤ්ඤුපාදානක්ඛන්ධස්ස, සඞ්ඛාරුපාදානක්ඛන්ධස්ස, විඤ්ඤාණුපාදානක්ඛන්ධස්ස. උක්ඛිප කුම්මං, පජහ පඤ්චුපාදානක්ඛන්ධෙ; අභික්ඛණ, සුමෙධ, සත්ථං ආදායාති අයමෙතස්ස අත්ථො.
‘‘‘අසිසූනා’ති ඛො, භික්ඛු, පඤ්චන්නෙතං කාමගුණානං අධිවචනං - චක්ඛුවිඤ්ඤෙය්‍යානං රූපානං ඉට්ඨානං කන්තානං මනාපානං පියරූපානං කාමූපසංහිතානං රජනීයානං, සොතවිඤ්ඤෙය්‍යානං සද්දානං...පෙ.... ඝානවිඤ්ඤෙය්‍යානං ගන්ධානං...පෙ.... ජිව්හාවිඤ්ඤෙය්‍යානං රසානං...පෙ.... කායවිඤ්ඤෙය්‍යානං
‘‘‘මංසපෙසී’ති ඛො, භික්ඛු, නන්දීරාගස්සෙතං අධිවචනං. උක්ඛිප මංසපෙසිං, පජහ නන්දීරාගං; අභික්ඛණ, සුමෙධ, සත්ථං ආදායාති අයමෙතස්ස අත්ථො.
‘‘‘නාගො’ති ඛො, භික්ඛු, ඛීණාසවස්සෙතං භික්ඛුනො අධිවචනං. තිට්ඨතු නාගො, මා නාගං ඝට්ටෙසි; නමො කරොහි නාගස්සාති අයමෙතස්ස අත්ථො’’ති.
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා කුමාරකස්සපො භගවතො භාසිතං අභිනන්දීති.
|
251
මහණ, තුඹස යනු මවු පිය දෙදෙනා නිසා පහළවූ ආහාර පානයෙන් වැඩුණාවූ, අනිත්‍යවූ, සුවඳ ගැල්වීම් පිරිමැදීම් ආදිය කළ යුතුවූ, කැඩී බිඳී යන සුලුවූ සතර මහාභූතයන්ගෙන් හටගත් මේ ශරීරයට නමකි.
“මහණ, දහවල් කළයුතු ගොවිතැන් වෙළඳාම් ආදී කටයුතු සම්බන්ධයෙන් රාත්‍රි කාලයෙහි නැවත නැවත කල්පනා කරයි. සලකා බලයි. මෙය රාත්‍රියෙහි දුම් දැමීමය.
“මහණ, යමක් රාත්‍රියෙහි කල්පනාකර සලකා බලා, දහවල් ගොවිතැන් වෙළඳාම් ආදියක් කයින් හෝ වචනයෙන් හෝ කරයිද මේ දහවල් ඇවිලීමය.
“මහණ, බ්‍රාහ්මණ යනු අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන්හට නමකි. මහණ, සුමේධ යනු ශෛක්ෂ පුද්ගලයාට (අර්හත් ඵලයට පහළ මාර්ගඵල ලැබූ පුද්ගලයා) නමෙකි.
“මහණ, ආයුධය යනු ආර්ය පුද්ගලයන්ගේ ප්‍රඥාවට නමෙකි. මහණ, සෑරීම යනු වීර්යයට නමකි. මහණ දොර අගුල යනු අවිද්‍යාවට නමකි. සුමෙධය, ආයුධය ගෙන සාරා අවිද්‍යාව නමැති දොර අගුල ගළවා දමව යන අර්ථයි.
“මහණ, (පිම්බෙන වර්ගයේ) මැඩියා යනු ක්‍රෝධයට නමකි. සුමෙධය, ආයුධය ගෙන සාරා බලවත් ක්‍රෝධය නමැති මැඩියා උගුලා දමව යන අර්ථයි.
“මහණ දෙමංසන්ධිය යනු විචිකිච්ඡාවට හෙවත් සැකයට නමකි. සුමෙධය, ආයුධය ගෙන සාරා විචිකිච්ඡාව නමැති දෙමංසන්ධිය දුරුකරව යන අර්ථයි.
“මහණ, අළු පෙරහන යනු කාමච්ඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ධ, උද්ධච්චකුක්කුච්ච, විචිකිච්ඡා යන නීවරණ පහට නමකි ආයුධය ගෙන සාරා පඤ්චනීවරණ නමැති අළු පෙරහන පහකරව යන අර්ථයි.
“මහණ, ඉදිබුවා යනු රූප වේදනා, සඤ්ඤා, සංඛාර විඤ්ඤාණ යන උපාදානස්කන්ධ පහට නමකි. සුමෙධය, ආයුධ ගෙන සාරා පඤ්චස්කන්ධය නමැති ඉදිබුවා උදුරා දැමීම යන අර්ථයි.
“මහණ මස් කපන කැත්ත හා මස් ලොඹුව යනු පංච කාමයට නමකි. (කවර පංචකාමයටද යත්) ඇසින් රසවින්ද යුතුවූ ප්‍රියවූ, කාන්තවූ, මනාපවූ, කාමසහගතවූ, ඇල්ම ඇතිකරන්නාවූ රූපයෝය. කණින් රස වින්ද යුතුවූ ප්‍රියවූ, කාන්තවූ, මනාපවූ, කාමසහගතවූ ඇල්ම ඇති කරන්නාවූ ශබ්දයෝය. නාසයෙන් රස විඳිය යුතුවූ ප්‍රියවූ, කාන්තවූ මනාපවූ කාමසහගතවූ ගන්ධයෝය, දිවෙන් රස වින්ද යුතුවූ ප්‍රියවූ, කාන්තවූ මනාපවූ කාම සහගතවූ ඇල්ම ඇතිකරන්නාවූ රසයෝය. කයින් රස විඳිය යුතුවූ ප්‍රියවූ, කාන්තවූ, මනාපවූ කාම සහගතවූ, ඇල්ම ඇතිකරන්නාවූ ස්පර්ශයෝය. සුමෙධය, ආයුධය ගෙන සාරා කැත්ත හා මස් ලොඹුව වැනි පඤ්චකාම ගුණ උදුරා දමව යන අදහසයි.
මහණ, මස් වැදැල්ල යනු නන්දිරාගයට නමකි. සුමෙධය, ආයුධය ගෙන සාරා මස්වැදැල්ල නම්වූ නන්දිරාගය දුරු කරව යන අර්ථයි.
“මහණ නාගරාජ යනු කෙලෙස් නැතිකළ රහත් භික්ෂුහට නමෙකි. නාගරාජ තෙම සිටීවා, නාගරාජයාට නොගසව, නාගරාජයාහට නමස්කාර කරවයි යන්නෙහි මේ තේරුමය.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටුවූ කුමාර කාශ්‍යප ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේගේ මේ වචනය සතුටින් පිළිගත්තේය.
|
4. රථවිනීතසුත්තං | 4. රථ විනීත සූත්‍රය |
252
එවං
‘‘කො නු ඛො, භික්ඛවෙ, ජාතිභූමියං ජාතිභූමකානං භික්ඛූනං සබ්රහ්මචාරීනං එවං සම්භාවිතො - ‘අත්තනා ච අප්පිච්ඡො අප්පිච්ඡකථඤ්ච භික්ඛූනං කත්තා, අත්තනා ච සන්තුට්ඨො සන්තුට්ඨිකථඤ්ච භික්ඛූනං කත්තා, අත්තනා ච පවිවිත්තො පවිවෙකකථඤ්ච භික්ඛූනං කත්තා, අත්තනා ච අසංසට්ඨො අසංසග්ගකථඤ්ච භික්ඛූනං කත්තා, අත්තනා ච ආරද්ධවීරියො වීරියාරම්භකථඤ්ච භික්ඛූනං කත්තා, අත්තනා ච සීලසම්පන්නො සීලසම්පදාකථඤ්ච භික්ඛූනං කත්තා, අත්තනා ච සමාධිසම්පන්නො සමාධිසම්පදාකථඤ්ච භික්ඛූනං කත්තා, අත්තනා ච පඤ්ඤාසම්පන්නො පඤ්ඤාසම්පදාකථඤ්ච භික්ඛූනං කත්තා, අත්තනා ච විමුත්තිසම්පන්නො විමුත්තිසම්පදාකථඤ්ච භික්ඛූනං කත්තා, අත්තනා ච විමුත්තිඤාණදස්සනසම්පන්නො විමුත්තිඤාණදස්සනසම්පදාකථඤ්ච භික්ඛූනං කත්තා, ඔවාදකො විඤ්ඤාපකො සන්දස්සකො සමාදපකො සමුත්තෙජකො
|
252
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලනන්දකනිවාපනම්වූ වෙලුවන විහාරයෙහි වැඩ වාසය කරති.
එකල්හි බොහෝවූ ජාත භූමක භික්ෂූහු (බුදු රජාණන් වහන්සේ උපන් භූමියවූ කිඹුල්වත්පුර නිවැසි භික්ෂූහු) කිඹුල්වත් පුර නුවර වස්වැස පවාරණයෙන් පසු භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකපැත්තක උන්නාහුය. එකපැත්තක උන්නාවූ ඒ භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, කිඹුල්වත්පුර නුවර වාසීවූ සමාන බඹසර ඇති භික්ෂූන් අතුරෙන් කවර නම් භික්ෂුවක් මෙසේ ගරු කරන ලද්දේද? තෙමේත් අල්පෙච්ඡව (ස්වල්පයකින් සතුටුව) භික්ෂූන්ටද අල්පෙච්ඡ කථා කියන්නේද? තෙමේත් ලැබුණ ප්රත්යයකින් සතුටුව භික්ෂූන්ටද ලද දෙයින් සතුටුවීමේ කථා කියන්නේද? තෙමේත් විවේකව වාසය කරමින් භික්ෂූන්ටද විවේක වාසය පිළිබඳ කථා කියන්නේද? තෙමේත් අන්‍යයන් හා මිශ්‍රනොවී භික්ෂූන්ටත් මිශ්‍ර නොවීම පිළිබඳ කථා කියන්නේද, තෙමේත් පටන් ගත් වීර්ය ඇතිව භික්ෂූන්ටද වීර්ය කිරීම පිළිබඳ කථා කියන්නේද? තෙමේත් ශීලයෙන් යුක්තව භික්ෂූන්ටද සීල සම්පත්තිය පිළිබඳ කථා කියන්නේද? තෙමේත් සමාධියෙන් යුක්තව භික්ෂූන්ටද සමාධි සම්පත්තිය පිළිබඳ කථා කියන්නේද? තෙමේත් ප්‍රඥාවෙන් යුක්තව භික්ෂූන්ටද ප්‍රඥා සම්පත්තිය පිළිබඳ කථා කියන්නේද? තෙමේත් අර්හත් ඵලයෙන් යුක්තව භික්ෂූන්ටද අර්හත් ඵලය පිළිබඳ කථා කියන්නේද? තෙමේත් විමුක්ති ඥාන දර්ශනයෙන් (ප්රත්යවෙක්ෂා ඥානයෙන්) යුක්තව භික්ෂූන්ටද විමුක්ති ඥානදර්ශන සම්පත්තිය පිළිබඳ කථා කියන්නේද, භික්ෂූන්ට අවවාද කරන්නේද, අවබෝධ කරවන්නේද, කරුණු දක්වන්නේද, සමාදන් කරවන්නේද, උත්සාහ උපදවන්නේද, සතුටු කරවන්නේද, (කියාය.)
ස්වාමීනි, ආයුෂ්මත් මන්තානීපුත්‍ර පුණ්ණ නම් ස්ථවිරයන් වහන්සේ ජාත භූමියෙහි ජාත භූමක භික්ෂූන් විසින් මෙසේ ගරු බුහුමන් කරන ලද්දේය.
“තෙමේත් අල්පෙච්ඡව (ස්වල්පයකින් සතුටුව) භික්ෂූන්ටද අල්පෙච්ඡ කථා කියන්නේය. තෙමේත් ලැබුණ ප්රත්යයකින් සතුටුව භික්ෂූන්ටද ලද දෙයින් සතුටු වීමේ කථා කියන්නේය. තෙමේත් විවේකව වාසය කරමින් භික්ෂූන්ටද විවේක වාසය පිළිබඳ කථා කියන්නේය. තෙමේත් අන්‍යයන් හා මිශ්‍ර නොවී භික්ෂූන්ටත් මිශ්‍ර නොවීම පිළිබඳ කථා කියන්නේය. තෙමේත් පටන්ගත් වීර්ය ඇතිව භික්ෂූන්ටද වීර්ය කිරීම පිළිබඳ කථා කියන්නේය. තෙමේත් ශීලයෙන් යුක්තව භික්ෂූන්ටත් සීල සම්පත්තිය පිළිබඳ කථා කියන්නේය. තෙමේත් සමාධියෙන් යුක්තව භික්ෂූන්ටත් සමාධි සම්පත්තිය පිළිබඳ කථා කියන්නේය. තෙමේත් ප්‍රඥාවෙන් යුක්තව භික්ෂූන්ටත් ප්‍රඥා සම්පත්තිය පිළිබඳ කථා කියන්නේය. තෙමේත් අර්හත් ඵලයෙන් යුක්තව භික්ෂූන්ටත් අර්හත්ඵලය පිළිබඳ කථා කියන්නේය. තෙමේත් විමුක්ති ඥාන දර්ශනයෙන් යුක්තව භික්ෂූන්ටත් විමුක්ති ඥාන දර්ශන සම්පත්තිය පිළිබඳ කථා කියන්නේය. භික්ෂූන්ට අවවාද කරන්නේය. අවබෝධ කරවන්නේය. කරුණු දක්වන්නේය. සමාදන් කරවන්නේය. උත්සාහ උපදවන්නේය. සතුටු කරවන්නේය” (කියාය.)
|
253
තෙන ඛො පන සමයෙන ආයස්මා සාරිපුත්තො භගවතො අවිදූරෙ නිසින්නො හොති. අථ ඛො ආයස්මතො සාරිපුත්තස්ස එතදහොසි - ‘‘ලාභා ආයස්මතො පුණ්ණස්ස මන්තාණිපුත්තස්ස, සුලද්ධලාභා ආයස්මතො පුණ්ණස්ස මන්තාණිපුත්තස්ස, යස්ස විඤ්ඤූ සබ්රහ්මචාරී සත්ථු සම්මුඛා අනුමස්ස අනුමස්ස වණ්ණං භාසන්ති, තඤ්ච සත්ථා අබ්භනුමොදති. අප්පෙව නාම මයම්පි කදාචි
|
253
එකල්හි ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි සිටියහ. ඉක්බිති ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මේ කල්පනාව ඇතිවිය. “නුවණැත්තාවූ සමාන බඹසර ඇත්තාවූ භික්ෂූන් ශාස්තෲන් වහන්සේ හමුවෙහි දශ කථා වස්තූන්හට බසිමින් යමෙකුගේ ගුණ මෙසේ කියත්ද ඒ ආයුෂ්මත් මන්තානීපුත්‍ර පුණ්ණ ස්ථවිරයන් වහන්සේට ලාභයකි. මහත් ලාභයකි. අපි කිසියම් දවසක ආයුෂ්මත් මන්තානීපුත්‍ර පුණ්ණ ස්ථවිරයන් හා මුණගැසෙමු නම් හොඳය. කිසියම් කථා සල්ලාපයක් ඇතිවුවහොත් හොඳය’ (කියාය.)
|
254
අථ
|
254
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කැමැතිතාක් කල් රජගහනුවර වැඩ සිට, පිළිවෙළින් සැරිසරා සැවැත්නුවරට වැඩියහ. එහි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරති. මන්තානීපුත්ත පුණ්ණ ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරට වැඩ අනේපිඬු සිටුහුගේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරතියි ඇසූහ.
|
255
අථ ඛො ආයස්මා පුණ්ණො මන්තාණිපුත්තො සෙනාසනං සංසාමෙත්වා පත්තචීවරමාදාය යෙන සාවත්ථි තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන සාවත්ථි ජෙතවනං අනාථපිණ්ඩිකස්ස ආරාමො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං පුණ්ණං මන්තාණිපුත්තං භගවා ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි. අථ ඛො ආයස්මා පුණ්ණො මන්තාණිපුත්තො භගවතා ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙන අන්ධවනං තෙනුපසඞ්කමි දිවාවිහාරාය.
|
255
ඉක්බිති මන්තානීපුත්ත පුණ්ණස්ථවිරයන් වහන්සේ තමාගේ සේනාසනය තැන්පත්කොට පාත්‍ර සිවුරු ගෙන සැවැත්නුවර යම් තැනකද එහි චාරිකාවෙහි වැඩියහ. පිළිවෙළින් සැරිසරා සැවැත්නුවර ජේතවනාරාමය යම් තැනකද භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එහි ළඟා වූහ. ළඟාවී, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක උන්හ. එකත්පසෙක උන් මන්තානීපුත්ත පුණ්ණ ස්ථවිරයන්ට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කථාවෙන් කරුණු දැක්වූහ. සමාදන් කරවූහ. උත්සාහ කරවූහ. සතුටු කරවූහ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසින් කරුණු දක්වන ලද්දාවූ, සමාදන් කරවන ලද්දාවූ, උත්සාහ කරවන ලද්දාවූ සතුටු කරවන ලද්දාවූ, ආයුෂ්මත් මන්තානීපුත්ත පුණ්ණ ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටුව අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ, පැදකුණු කොට, අන්ධ වනය යම් තැනෙක්හිද එතැන්හි දහවල් විසීම සඳහා වැඩියේය.
|
256
අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මන්තං සාරිපුත්තං එතදවොච - ‘‘යස්ස ඛො ත්වං, ආවුසො සාරිපුත්ත, පුණ්ණස්ස නාම භික්ඛුනො මන්තාණිපුත්තස්ස අභිණ්හං කිත්තයමානො අහොසි, සො භගවතා
අථ
අථ
|
256
ඉක්බිති එක්තරා භික්ෂුවක් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනකද එහි ගියේය. ගොස්, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙසේ කීයේය. ඇවැත් ශාරීපුත්‍රයෙනි, ඔබ වහන්සේ යම් මන්තානීපුත්ත පුණ්ණ නම් භික්ෂුවක් ගැන නිතර කියන්නහුද ඒ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේ විසින් කරුණු දක්වන ලද්දේ සමාදන් කරවන ලද්දේ උත්සාහ කරවන ලද්දේ, සතුටු කරවන ලද්දේ, භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටුව, අනුමෝදන්ව, හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ, පැදකුණුකොට අන්ධ වනය යම් තැනෙක්හිද එතැන්හි දහවල් විසීම සඳහා වැඩියේය.” (කියායි.)
ඉක්බිති ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වහා වැඩ හිඳින සම්කඩ ගෙණ මන්තානීපුත්ත පුණ්ණ ස්ථවිරයන් පසු-පස උන්වහන්සේ යන අත බලාගෙන ගියහ. ඉක්බිති මන්තානීපුත්ත පුණ්ණ ස්ථවිරයන් වහන්සේ අන්ධවනයට වැද එක්තරා රුකක් මුල දවල් වාසය සඳහා වැඩහුන්නේය. ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේද අන්ධවනයට පැමිණ, එක්තරා රුකක් මුල දවල් වාසය සඳහා වැඩ උන්හ.
ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි පලසමවතින් නැගිටියේ මන්තානීපුත්ත පුණ්ණ ස්ථවිර තෙම යම් තැනකද එහි ගියහ. ගොස්, මන්තානීපුත්ත පුණ්ණ ස්ථවිරයන් වහන්සේ සමග සතුටුවූහ. සතුටුවිය යුතුවූ, සිහි කටයුතුවූ කථාව කොට නිමවා, එකත්පසෙක වැඩ උන්හ. එකත්පසෙක වැඩඋන් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මන්තානීපුත්ත පුණ්ණ ස්ථවිරයන් වහන්සේට මෙසේ කීහ.
|
257
‘‘භගවති නො, ආවුසො, බ්රහ්මචරියං වුස්සතී’’ති?
‘‘එවමාවුසො’’ති.
‘‘කිං නු ඛො, ආවුසො, සීලවිසුද්ධත්ථං භගවති බ්රහ්මචරියං වුස්සතී’’ති?
‘‘නො හිදං, ආවුසො’’.
‘‘කිං පනාවුසො, චිත්තවිසුද්ධත්ථං භගවති බ්රහ්මචරියං වුස්සතී’’ති?
‘‘නො හිදං, ආවුසො’’.
‘‘කිං නු ඛො, ආවුසො, දිට්ඨිවිසුද්ධත්ථං භගවති බ්රහ්මචරියං වුස්සතී’’ති?
‘‘නො හිදං, ආවුසො’’.
‘‘කිං පනාවුසො, කඞ්ඛාවිතරණවිසුද්ධත්ථං භගවති බ්රහ්මචරියං වුස්සතී’’ති?
‘‘නො හිදං, ආවුසො’’.
‘‘කිං නු ඛො, ආවුසො, මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධත්ථං භගවති බ්රහ්මචරියං වුස්සතී’’ති?
‘‘නො
‘‘කිං පනාවුසො, පටිපදාඤාණදස්සනවිසුද්ධත්ථං භගවති බ්රහ්මචරියං වුස්සතී’’ති?
‘‘නො හිදං, ආවුසො’’.
‘‘කිං නු ඛො, ආවුසො, ඤාණදස්සනවිසුද්ධත්ථං
‘‘නො හිදං, ආවුසො’’.
‘‘‘කිං නු ඛො, ආවුසො, සීලවිසුද්ධත්ථං භගවති බ්රහ්මචරියං වුස්සතී’ති ඉති පුට්ඨො සමානො ‘නො හිදං, ආවුසො’ති වදෙසි. ‘කිං පනාවුසො, චිත්තවිසුද්ධත්ථං භගවති බ්රහ්මචරියං වුස්සතී’ති ඉති පුට්ඨො සමානො ‘නො හිදං, ආවුසො’ති වදෙසි. ‘කිං නු ඛො, ආවුසො, දිට්ඨිවිසුද්ධත්ථං...පෙ.... කඞ්ඛාවිතරණවිසුද්ධත්ථං...පෙ.... මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධත්ථං...පෙ.... පටිපදාඤාණදස්සනවිසුද්ධත්ථං...පෙ.... කිං නු ඛො, ආවුසො, ඤාණදස්සනවිසුද්ධත්ථං භගවති බ්රහ්මචරියං වුස්සතී’ති ඉති පුට්ඨො සමානො ‘නො හිදං ආවුසො’ති වදෙසි. කිමත්ථං චරහාවුසො, භගවති බ්රහ්මචරියං
‘‘කිං නු ඛො, ආවුසො, සීලවිසුද්ධි අනුපාදාපරිනිබ්බාන’’න්ති?
‘‘නො හිදං, ආවුසො’’.
‘‘කිං පනාවුසො, චිත්තවිසුද්ධි අනුපාදාපරිනිබ්බාන’’න්ති?
‘‘නො හිදං, ආවුසො’’.
‘‘කිං නු ඛො, ආවුසො, දිට්ඨිවිසුද්ධි අනුපාදාපරිනිබ්බාන’’න්ති?
‘‘නො
‘‘කිං පනාවුසො කඞ්ඛාවිතරණවිසුද්ධි අනුපාදාපරිනිබ්බාන’’න්ති
‘‘නො හිදං, ආවුසො’’.
‘‘කිං නු ඛො, ආවුසො, මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධි අනුපාදාපරිනිබ්බාන’’න්ති?
‘‘නො හිදං, ආවුසො’’.
‘‘කිං පනාවුසො, පටිපදාඤාණදස්සනවිසුද්ධි අනුපාදාපරිනිබ්බාන’’න්ති?
‘‘නො හිදං, ආවුසො’’.
‘‘කිං නු ඛො, ආවුසො, ඤාණදස්සනවිසුද්ධි අනුපාදාපරිනිබ්බාන’’න්ති?
‘‘නො හිදං
‘‘කිං පනාවුසො, අඤ්ඤත්ර ඉමෙහි ධම්මෙහි අනුපාදාපරිනිබ්බාන’’න්ති?
‘‘නො හිදං, ආවුසො’’.
‘‘‘කිං නු ඛො, ආවුසො, සීලවිසුද්ධි අනුපාදාපරිනිබ්බාන’න්ති ඉති පුට්ඨො සමානො ‘නො හිදං, ආවුසො’ති වදෙසි. ‘කිං පනාවුසො, චිත්තවිසුද්ධි අනුපාදාපරිනිබ්බාන’න්ති ඉති පුට්ඨො සමානො ‘නො හිදං, ආවුසො’ති වදෙසි. ‘කිං නු ඛො, ආවුසො, දිට්ඨිවිසුද්ධි අනුපාදාපරිනිබ්බාන’න්ති...පෙ.... කඞ්ඛාවිතරණවිසුද්ධි... මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධි... පටිපදාඤාණදස්සනවිසුද්ධි... ‘කිං නු ඛො, ආවුසො, ඤාණදස්සනවිසුද්ධි අනුපාදාපරිනිබ්බාන’න්ති ඉති පුට්ඨො සමානො ‘නො හිදං, ආවුසො’ති වදෙසි. ‘කිං පනාවුසො, අඤ්ඤත්ර ඉමෙහි ධම්මෙහි අනුපාදාපරිනිබ්බාන’න්ති ඉති පුට්ඨො සමානො ‘නො හිදං, ආවුසො’ති වදෙසි. යථාකථං පනාවුසො, ඉමස්ස භාසිතස්ස අත්ථො දට්ඨබ්බො’’ති?
|
257
“ඇවැත්නි, නුඹවහන්සේ අපගේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචරියාව පුරන්නහුද?
“ඇවැත්නි, එසේය.’
“ඇවැත්නි, කිමෙක්ද, ශීල විශුද්ධිය (ශීලයේ පිරිසිදු බව) පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචර්යාව පුරන්නේද?
“ඇවැත්නි, එය එසේ නොවේය.’
“ඇවැත්නි, එසේ නම් චිත්ත විශුද්ධිය (හිතේ පිරිසිදු බව) පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචරියාව පුරන්නේද?
“ඇවැත්නි, එය එසේ නොවේය”
“ඇවැත්නි, එසේ නම් දෘෂ්ටි විශුද්ධිය (නාම රූප දෙක ඇති සැටි දැකීම) පිණිස බුදුන් සමීපයෙහි බ්‍රහ්මචරියාව පුරන්නේද?
“ඇවැත්නි, එය එසේ නොවේය’
“ඇවැත්නි, එසේ නම් කංඛාවිතරණ විශුද්ධිය (නාම රූපයන් පිළිබඳ සැක දුරුකිරීම) පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්ම චරියාව රකින්නේද?
“ඇවැත්නි, එය එසේ නොවේය.
“ඇවැත්නි, එසේ නම් මග්ගාමග්ග ඤාණදස්සන විශුද්ධිය (මග නොමග දැනීම) පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි ‘බ්‍රහ්මචරියාව රකින්නේද?’
“ඇවැත්නි, එය එසේ නොවේය.’
“ඇවැත්නි, එසේ නම්, (පටිපදාඤාණදස්සන විශුද්ධිය) මුදුන් පැමිණි විදර්ශනා ඥානය හා (සත්යානුලොමික ඥානය) පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචරියාව රකින්නේද?’
“ඇවැත්නි, එය එසේ නොවේය.’
“ඇවැත්නි, එසේ නම් ඤාණදස්සන විශුද්ධිය (සෝවාන් ආදී සතර මාර්ග ඥානය) පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචරියාව රකින්නේද?’
“ඇවැත්නි, එසේ නොවේය.’
“කිමෙක්ද? ඇවැත්නි, සීල විශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචරියාව රකින්නේ දැයි ප්‍රශ්න කළ විට නැතැයි කියන්නෙහිය. කිමෙක්ද? ඇවැත්නි, චිත්ත විශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචරියාව රකින්නෙහිදැයි ඇසූවිටද නැතැයි කියන්නෙහිය. ඇවැත්නි, කිමෙක්ද? දිට්ඨි විශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචරියාව රකින්නෙහිදැයි ඇසූවිටද නැතැයි කියන්නෙහිය, ඇවැත්නි, කිමෙක්ද? කංඛාවිතරණ විශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචරියාව රකින්නෙහි දැයි ඇසූවිටද නැතැයි කියන්නෙහිය. ඇවැත්නි, කිමෙක්ද? මග්ගාමග්ග ඤාණදස්සන විශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචරියාව රකින්නෙහිදැයි ඇසූවිටද නැතැයි කියන්නෙහිය. ඇවැත්නි, කිමෙක්ද? පටිපදා ඤාණදස්සන විශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචරියාව රකින්නෙහිදැයි ඇසූවිටද නැතැයි කියන්නෙහිය. ඇවැත්නි, කිමෙක්ද? ඤාණදස්සන විශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචරියාව රකින්නෙහි දැයි ඇසූවිටද නැතැයි කියන්නෙහිය.
“ඇවැත්නි, එසේ නම් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි කුමක් පිණිස බ්‍රහ්මචරියාව රකින්නේද? ‘ඇවැත්නි, අනුපාදා පරිනිර්වාණය (හේතු ප්‍රත්‍යයන් නිසා හටගැනීමක් නැති අසංඛත නිර්වාණ ධාතුව) පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචරියාව රකින්නෙමි’.
“කිමෙක්ද? ඇවැත්නි, සීල විශුද්ධිය අනුපාදා පරිනිර්වාණයද,
“ඇවැත්නි, එය එසේ නොවේ.
“කිමෙක්ද? ඇවැත්නි, චිත්ත විශුද්ධිය අනුපාදා පරිනිර්වාණයද?
“ඇවැත්නි’ එය එසේ නොවේ’
“ඇවැත්නි, කිමෙක්ද දිට්ඨි විශුද්ධිය අනුපාදා පරිනිර්වාණයද?
“ඇවැත්නි, එය එසේ නොවේ.’
“ඇවැත්නි, කිමෙක්ද කංඛාවිතරණ විශුද්ධිය අනුපාදා පරිනිර්වාණයද?
“ඇවැත්නි, එය එසේ නොවේ.’
“ඇවැත්නි, කිමෙක්ද, මග්ගාමග්ග ඤාණ දස්සන විශුද්ධිය අනුපාද පරිනිර්වාණයද?
“ඇවැත්නි, එය එසේ නොවේ.’
“ඇවැත්නි කිමෙක්ද, පටිපදා ඤාණදස්සන විශුද්ධිය, අනුපාදා පරිනිර්වාණයද?
“ඇවැත්නි, එය එසේ නොවේ.’
“ඇවැත්නි, කිමෙක්ද ඤාණ දස්සන විශුද්ධිය අනුපාදා පරිනිර්වාණයද?
“ඇවැත්නි, එය එසේ නොවේ.’
“කිමෙක්ද ඇවැත්නි, මේ ධර්ම හැර හෝ මේ ධර්මවලින් පිටත්හි අනුපාදා පරිනිර්වාණය වේද ‘ඇවැත්නි, එය එසේ නොවේ.’
“කිමෙක්ද ඇවැත්නි, සීල විශුද්ධිය අනුපාදා පරිනිර්වාණයදැයි ඇසූ විට නැතැයි කියන්නෙහිය. ඇවැත්නි, කිමෙක්ද, චිත්ත විශුද්ධිය අනුපාදා පරිනිර්වාණයදැයි ඇසූවිට නැතැයි කියන්නෙහිය. කිමෙක්ද ඇවැත්නි, දිට්ඨි විශුද්ධිය අනුපාදා පරිනිර්වාණය දැයි ඇසූ විට නැතැයි කියන්නෙහිය. ඇවැත්නි, කිමෙක්ද කංඛාවිතරණ විශුද්ධිය අනුපාදා පරිනිර්වාණයදැයි ඇසූවිට නැතැයි කියන්නෙහිය. ඇවැත්නි, කිමෙක්ද මග්ගාමග්ග ඤාණ දස්සන විශුද්ධිය අනුපාදා පරිනිර්වාණය දැයි ඇසූවිට නැතැයි කියන්නෙහිය. ඇවැත්නි කිමෙක්ද, පටිපදා ඤාණ දස්සන විශුද්ධිය අනුපාදා පරිනිර්වාණය දැයි ඇසූ විට නැතැයි කියන්නෙහිය. ඇවැත්නි, කිමෙක්ද ඤාණදස්සන විශුද්ධිය අනුපාදා පරිනිර්වාණය දැයි ඇසූවිට නැතැයි කියන්නෙහිය.
“ඇවැත්නි, මේ ධර්ම හැර හෝ මේ ධර්මවලින් පිටත්හි අනුපාදා පරිනිර්වාණය වේදැයි ඇසූවිට නැතැයි කියන්නෙහිය. ඇවැත්නි, මේ කීමෙහි අර්ථය කෙසේ දතයුතුද?”
|
258
‘‘සීලවිසුද්ධිං
|
258
“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ සීල විශුද්ධිය අනුපාදා පරිනිර්වාණයයයි පනවන්නේ නම් උපාදාන (තෘෂ්ණාදියෙන් අල්වා ගැනීම් සහිතවූවක්, ප්‍රත්‍යයෙන් හටගැනීම් සහිත වූවක්ම) අනුපාදා පරිනිර්වාණයයයි පනවන්නේය.
“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ චිත්ත විශුද්ධිය අනුපාදා පරිනිර්වාණයයයි පනවන්නේ නම් උපාදාන සහිතවූ අනුපාදා පරිනිර්වාණයක් පනවන්නේය.
“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ දිට්ඨිවිශුද්ධිය අනුපාදා පරිනිර්වාණයයයි පනවන්නේ නම් උපාදාන සහිතවූ අනුපාදා පරිනිර්වාණයක්ම පනවන්නේය. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ කංඛාවිතරණ විශුද්ධිය අනුපාදා පරිනිර්වාණයයයි පනවන්නේ නම් උපාදාන සහිතවූ අනුපාදා පරිනිර්වාණයක්ම පනවන්නේය. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ මග්ගාමග්ග ඤාණදස්සන විශුද්ධිය අනුපාදා පරිනිර්වාණයයයි පනවන්නේ නම් උපාදාන සහිතවූ අනුපාදා පරිනිර්වාණයක්ම පනවන්නේය. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ පටිපදා ඤාණදස්සන විශුද්ධිය අනුපාදා පරිනිර්වාණයයයි පනවන්නේ නම් උපාදාන සහිතවූ අනුපාදා පරිනිර්වාණයක්ම පනවන්නේය. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ ඤාණදස්සන විශුද්ධිය අනුපාදා පරිනිර්වාණයයයි පනවන්නේ නම් උපාදාන සහිතවූ අනුපාදා පරිනිර්වාණයක්ම පනවන්නේය. ඇවැත්නි, මේ ධර්මවලින් අන්‍යවූ අනුපාදා පරිනිර්වාණයක් පනවන්නේ නම් පෘථග්ජන තෙම පිරිනිවන්පාන්නේය. ඇවැත්නි, මෙයින් අන්‍යවූ පුද්ගලයා නම් පෘථග්ජනයාය.
“ඇවැත්නි, එසේ වීනම් මම ඔබට උපමාවක් දක්වන්නෙමි. උපමාවෙන්ද මේ ලෝකයෙහි ඇතැම් නුවණැත්තෝ කියන දෙයෙහි අර්ථය වටහා ගනිති.
|
259
‘‘සෙය්යථාපි, ආවුසො, රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස සාවත්ථියං පටිවසන්තස්ස
‘‘එවං බ්යාකරමානො ඛො, ආවුසො, රාජා පසෙනදි කොසලො සම්මා බ්යාකරමානො බ්යාකරෙය්ය - ‘ඉධ මෙ සාවත්ථියං පටිවසන්තස්ස සාකෙතෙ කිඤ්චිදෙව අච්චායිකං කරණීයං උප්පජ්ජි
(උප්පජ්ජති (ක.)). තස්ස මෙ අන්තරා ච සාවත්ථිං අන්තරා ච සාකෙතං සත්ත රථවිනීතානි උපට්ඨපෙසුං. අථ ඛ්වාහං සාවත්ථියා
‘‘එවමෙව ඛො, ආවුසො, සීලවිසුද්ධි යාවදෙව චිත්තවිසුද්ධත්ථා, චිත්තවිසුද්ධි යාවදෙව දිට්ඨිවිසුද්ධත්ථා, දිට්ඨිවිසුද්ධි යාවදෙව කඞ්ඛාවිතරණවිසුද්ධත්ථා, කඞ්ඛාවිතරණවිසුද්ධි
|
259
“ඇවැත්නි, සැවැත්නුවර වසන පසෙනදි කොසොල් රජහට සාකෙත නුවර කිසියම් හදිසි කටයුත්තක් ඇතිවෙයි. සැවැත්නුවර හා සාකෙතනුවර අතර ඕහට හික්මුණු ආජානීය අසුන් යෙදූ රථසතක් පිළියෙල කර තබන්නාහුය. ඇවැත්නි, පසෙනදි කොසොල් රජතෙම සැවැත් නුවරින් නික්ම ඇතුළු නුවර දොරටුව අසලදී හික්මුණු අසුන් යෙදූ පළමුවන රථයට නගින්නේය. පළමුවන රථයෙන් හික්මුණු අශ්වයන් යෙදූ දෙවෙනි රථය වෙතට පැමිණෙන්නේය. හික්මුණු අසුන් යෙදූ පළමුවන රථය හරනේය. දෙවන රථයෙන් හික්මුණු අසුන් යෙදූ තුන්වෙනි රථය වෙතට පැමිණෙන්නේය. හික්මුණු අසුන් යෙදූ දෙවෙනි රථය අත්හරින්නේය. හික්මුණු අසුන් යෙදූ තුන්වෙනි රථයෙන් හික්මුණු අසුන් යෙදූ හතරවෙනි රථය වෙතට පැමිණෙන්නේය. හික්මුණු අසුන් යෙදූ තුන්වෙනි රථය අත්හරින්නේය. හික්මුණු අසුන යෙදූ හතරවෙනි රථයෙන් හික්මුණු අසුන් යෙදූ පස්වෙනි රථය වෙතට පැමිණෙන්නේය. හික්මුණු අසුන් යෙදූ හතරවෙනි රථය අත්හරින්නේය. හික්මුණු අසුන් යෙදූ පස්වෙනි රථයෙන් හික්මුණු අසුන් යෙදූ හයවෙනි රථය වෙත පැමිණෙන්නේය. හික්මුණු අසුන් යෙදූ පස්වෙනි රථය අත්හරින්නේය. හික්මුණු අසුන් යෙදූ හයවෙනි රථයෙන් හික්මුණු අසුන් යෙදූ හත්වෙනි රථය ඇති තැනකට පැමිණෙන්නේය. හයවෙනි රථය අත්හරින්නේය. හික්මුණු අසුන් යෙදූ හත්වෙනි රථයෙන් සාකෙත නුවර ඇතුල් නුවර දොර සමීපයට පැමිණෙන්නේය. ඇතුල් නුවර දොරටු කරා ඒ රජු පැමිණි කල්හි මිත්‍රාමාත්‍යයෝද නෑ සහ ලේ නෑයෝද මෙසේ විචාරන්නාහුය. ‘මහරජ, ඔබ මේ රථයෙන් සැවැත්නුවර සිට සාකෙත නුවර දොරටුව කරා පැමිණියෙහිදැ’යි (කියායි.)
“ඇවැත්නි, කෙසේ ප්‍රකාශ කරන්නාවූ පසෙනදී කොසොල් රජ තෙමේ මනාකොට ප්‍රකාශ කරන්නේද?
“ඇවැත්නි, මනාව ප්‍රකාශකරන්නාවූ පසෙනදි කොසොල් රජතෙම මෙසේ ප්‍රකාශ කරන්නේය. ‘සැවැත්නුවර වාසය කරන්නාවූ මට සාකෙතනුවර හදිසි කටයුත්තක් ඇතිවිය. ඒ මට සැවැත්නුවර හා සාකෙත නුවර අතර හික්මුණු අසුන් යෙදූ
රථ හතක් පිළියෙල කළහ. ඉක්බිති මම සැවැත්නුවරින් පිටත්වී ඇතුලු නුවර දොරටුව අසලදී පළමුවෙනි රථයට නැගී ගමන්කර දෙවෙනි රථය වෙත පැමිණියෙමි. පළමුවෙනි රථය අත්හළෙමි. දෙවෙනි රථයෙන් තුන්වෙනි රථය ඇති තැනට පැමිණියෙමි. දෙවෙනි රථය අත්හැරියෙමි. තුන්වෙනි රථයෙන් හතරවෙනි රථය ඇති තැනට පැමිණියෙමි. තුන්වෙනි රථය අත්හැරියෙමි. හතරවෙනි රථයෙන් පස්වෙනි රථය ඇති තැනට පැමිණියෙමි. හතරවෙනි රථය අත්හැරියෙමි. පස්වෙනි රථයෙන් හයවෙනි රථය ඇති තැනට පැමිණියෙමි. පස්වෙනි රථය අත්හැරියෙමි. හයවෙනි රථයෙන් හත්වෙනි රථය ඇති තැනට පැමිණියෙමි. සයවෙනි රථය අත්හැරියෙමි.’
“ඇවැත්නි, මෙසේ ප්‍රකාශ කරන්නාවූ පසෙනදි කොසොල් රජතෙම මනාව ප්‍රකාශ කරන්නේය.
“ඇවැත්නි, සීලවිශුද්ධිය චිත්තවිශුද්ධිය ලැබීම ප්‍රයෝජන කොට ඇත්තීය. චිත්ත විශුද්ධිය දිට්ඨිවිශුද්ධිය ලැබීම ප්‍රයෝජනකොට ඇත්තීය. දිට්ඨිවිශුද්ධිය කංඛාවිතරණ විශුද්ධිය ලැබීම ප්‍රයෝජනකොට ඇත්තීය. කංඛාවිතරණ විශුද්ධිය මග්ගාමග්ග ඤාණදස්සන විශුද්ධිය ලැබීම ප්‍රයෝජන කොට ඇත්තීය. මග්ගාමග්ග ඤාණදස්සන විශුද්ධිය පටිපදා ඤාණස්සන විශුද්ධිය ලැබීම ප්‍රයෝජනකොට ඇත්තීය. පටිපදා ඤාණදස්සන විශුද්ධිය ඤාණදස්සන විශුද්ධිය ලැබීම ප්‍රයෝජනකොට ඇත්තීය. ඤාණදස්සන විශුද්ධිය අනුපාදා පරිනිර්වාණයට පැමිණීම ප්‍රයෝජනකොට ඇත්තීය.
“ඇවැත්නි අනුපාදා පරිනිර්වාණය පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචරියාව පුරන්නේය.”
|
260
එවං වුත්තෙ, ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං පුණ්ණං මන්තාණිපුත්තං එතදවොච - ‘‘කොනාමො ආයස්මා, කථඤ්ච පනායස්මන්තං සබ්රහ්මචාරී ජානන්තී’’ති? ‘‘පුණ්ණොති ඛො මෙ, ආවුසො, නාමං; මන්තාණිපුත්තොති ච පන මං සබ්රහ්මචාරී ජානන්තී’’ති. ‘‘අච්ඡරියං, ආවුසො, අබ්භුතං, ආවුසො! යථා තං සුතවතා සාවකෙන සම්මදෙව සත්ථුසාසනං ආජානන්තෙන, එවමෙව ආයස්මතා
එවං වුත්තෙ, ආයස්මා පුණ්ණො මන්තාණිපුත්තො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච - ‘‘කො නාමො ආයස්මා, කථඤ්ච පනායස්මන්තං සබ්රහ්මචාරී ජානන්තී’’ති? ‘‘උපතිස්සොති ඛො මෙ, ආවුසො, නාමං; සාරිපුත්තොති ච පන මං සබ්රහ්මචාරී ජානන්තී’’ති. ‘‘සත්ථුකප්පෙන වත කිර, භො
(ඛො (ක.)), සාවකෙන සද්ධිං මන්තයමානා න ජානිම්හ - ‘ආයස්මා සාරිපුත්තො’ති. සචෙ හි මයං ජානෙය්යාම ‘ආයස්මා සාරිපුත්තො’ති, එත්තකම්පි නො නප්පටිභාසෙය්ය
(නප්පටිභෙය්ය (?)). අච්ඡරියං, ආවුසො, අබ්භුතං, ආවුසො! යථා තං සුතවතා සාවකෙන සම්මදෙව සත්ථුසාසනං ආජානන්තෙන, එවමෙව ආයස්මතා සාරිපුත්තෙන ගම්භීරා ගම්භීරපඤ්හා අනුමස්ස අනුමස්ස පුච්ඡිතා. ලාභා සබ්රහ්මචාරීනං සුලද්ධලාභා සබ්රහ්මචාරීනං, යෙ ආයස්මන්තං සාරිපුත්තං ලභන්ති දස්සනාය, ලභන්ති පයිරූපාසනාය. චෙලණ්ඩුකෙන චෙපි සබ්රහ්මචාරී ආයස්මන්තං සාරිපුත්තං මුද්ධනා පරිහරන්තා
ඉතිහ තෙ උභොපි මහානාගා අඤ්ඤමඤ්ඤස්ස සුභාසිතං සමනුමොදිංසූති.
|
260
“මෙසේ කීකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් මන්තානීපුත්ත පුණ්ණ ස්ථවිරයන් වහන්සේට මෙය කීහ. “ආයුෂ්මත් තෙම කිනම් ඇත්තේද? ආයුෂ්මතුන්ට කවර නමක් සබ්රම්සරුහු ව්‍යවහාර කරත්ද?” ඇවැත්නි, පුණ්ණය යනු මාගේ නමය. සබ්‍රම්සරහු මට මන්තානීපුත්ත යයිද ව්‍යවහාර කරත්” “ඇවැත්නි, ආශ්චර්යය, අද්භූතය. මනාකොට ශාස්තෘ ශාසනය දන්නාවූ ශ්‍රාවකයකු විසින් යම්සේ නම් එපරිද්දෙන්ම මන්තානීපුත්ත පුණ්ණ ස්ථවිරයන් වහන්සේ විසින් ගැඹුරු ගැඹුරුවූ ප්‍රශ්නයෝ දශ කථා වස්තූන්ට පිවිසෙමින් පිවිසෙමින් ප්‍රකාශ කරන ලද්දාහ.
“යම් කෙනෙක් ආයුෂ්මත් පුණ්ණ ස්ථවිරයන් වහන්සේගේ දැකීම ලබත්ද, සේවනය ලබත් ද ඒ සබ්රම්චාරීන්හට ලාභයක්ම වන්නේය, මහත් ලාභයක්ම වන්නේය. සබ්‍රම්සරහු වස්තු දරණුවක් හිස තබා ආයුෂ්මත් පුණ්ණ ස්ථවිරයන් වහන්සේ එහි වඩා හිඳුවා හිස් මුදුනෙහි තබාගෙන ඇවිදිමින් දැකීම ලබත්ද, සේවනය ලබත්ද, ඔවුන්ටද ලාභයකි. ඔවුන්ටද මහත්ම ලාභයකි. අපිද ආයුෂ්මත් පුණ්ණ ස්ථවිරයන් වහන්සේ දකිමුද, සේවනය කරමුද, එය අපටද ලාභයකි, මහත් ලාභයකි,’ මෙසේ කී කල්හි ආයුෂමත් මන්තානීපුත්ත පුණ්ණ ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය. “ ආයුෂ්මතුන් වහන්සේ කිනම් ඇත්තේද? සබ්‍රම්සරහු ආයුෂ්මතුන් වහන්සේ කවර නමකින් ව්‍යවහාර කරත්ද?”
“ඇවැත්නි, මගේ නම උපතිස්ස සබ්‍රම්සරහු මට ශාරීපුත්රයයි කියති.”
“ශාස්තෲන් වහන්සේ හා සමාන ශ්‍රාවකයෙකු සමග කථා කරමිනුත් ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේයයි නොදනුම්හ. ඉදින් වනාහි අපි ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේයයි දන්නෙමු නම් මෙපමණකුත් කථා නොකරන්නෙමු.
“ඇවැත්නි, ආශ්චර්යය, අද්භූතය, මනාකොට ශාස්තෘ ශාසනය දන්නාවූ ශ්‍රාවකයෙකු විසින් යම්සේ නම් එසේ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ විසින් දශකථාවස්තුවලට බැස බැස ගැඹුරු ගැඹුරුවූ ප්‍රශ්න විචාරන ලදහ.”
“යමෙක් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ දැකීම ලබත්ද, ආශ්‍රය ලබත්ද, එය ඒ සබ්‍රම්සරුන්හට ලාභයකි. මහත්ම ලාභයකි. සබ්රම් සරහු වස්ත්‍ර දරණුවක් හිස තබා ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ එහි වඩාහිඳුවා හිස්මුදුනෙහි තබාගෙන පරිහරණය කරත්ද, දකිත්ද, සෙවනය කරත්ද ඔවුනට ලාභයකි, මහත්ම ලාභයකි. අපිද ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ දකිමුද, ආශ්‍රය කරමුද, ඒ අපටද ලාභයකි. මහත්ම ලාභයකි.”
මෙසේ ඒ මහා නාගයෝ දෙදෙන (මහරහත් දෙනම) අන්‍යොන්‍යයන්ගේ යහපත් වචන සතුටින් අනුමෝදන් වූහ.
|
5. නිවාපසුත්තං | 5. නිවාප සූත්‍රය |
261
එවං
‘‘න
|
261
මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඩු සිටුහු විසින් කරවනලද ජේතවන නම් ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂූන්ට කථාකළහ. “ස්වාමීන් වහන්ස” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.
“මහණෙනි, මුවන් ඇල්ලීමට තණ කොළ වවන තැනැත්තේ ‘මා විසින් මේ වවන තණකොළ අනුභව කරන්නාවූ මුව සමූහයා එය අනුභව කොට දීර්ඝායුෂ වෙත්වා, වර්ණවත් වෙත්වා, බොහෝ කලක් යැපෙත්වායි’ කියා නො වවන්නේය. ඔහු මෙසේ සිතාගෙන වවන්නේය. (කෙසේද?) මුව සමූහයා මා විසින් වවන මේ තණකොළ කොටුවට ඇතුල්වී මුසපත්ව ආහාර අනුභව කරන්නාහුය. ඇතුල්වී මුසපත්ව ආහාර අනුභව කරන්නාහු මත්වන්නාහුය. මත්වූවාහු සිහි නැති බවට පැමිණෙන්නාහ. සිහි නැති වූවාහු මේ තණකොළ කොටුවෙහිදී කැමතිසේ අල්ලාගත හැකි බවට පැමිණෙන්නාහුය’යි සිතා තණ කොටුව වවන්නේය.
|
262
‘‘තත්ර, භික්ඛවෙ, පඨමා මිගජාතා අමුං නිවාපං නිවුත්තං නෙවාපිකස්ස අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජිංසු, තෙ තත්ථ අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජමානා මදං ආපජ්ජිංසු, මත්තා සමානා පමාදං ආපජ්ජිංසු, පමත්තා සමානා යථාකාමකරණීයා අහෙසුං නෙවාපිකස්ස අමුස්මිං නිවාපෙ. එවඤ්හි තෙ, භික්ඛවෙ, පඨමා මිගජාතා න පරිමුච්චිංසු නෙවාපිකස්ස ඉද්ධානුභාවා.
|
262
“මහණෙනි, එහි පළමුවෙනි මුවසමූහය මුවන් ඇල්ලීම පිණිස තණ වවන්නහුගේ තණ කොටුවට ඇතුළුවී මුසපත් වූවාහු බොජුන් අනුභව කළහ. ඔව්හු එහි ඇතුල්ව මුසපත්ව බොජුන් අනුභව කරන්නාහු මත්වීමට පැමිණියාහුය. මත්වූවාහු ප්‍රමාදයට (සිහිනැති බවට) පැමිණියාහුය. ප්‍රමාදවූවාහු මුවන් අල්ලන්නාගේ ඒ කොටුවෙහි කැමැත්තක් කළ හැකි බවට පැමිණියහ. මහණෙනි මෙසේ වනාහි පළමුවෙනි මුව සමූහයා මුවන් අල්ලන්නාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහ.
|
263
‘‘තත්ර, භික්ඛවෙ, දුතියා මිගජාතා එවං සමචින්තෙසුං - ‘යෙ ඛො
|
263
“මහණෙනි, එහි ලා දෙවන මුව සමූහය මෙසේ සිතූහ. ‘යම් ඒ පළමුවෙනි මුව සමූහය ඒ මුවන් අල්ලන්නාගේ තෘණ කොටුවට වැද මුසපත්වූවාහු භොජනයන් අනුභව කළාහුද, ඔව්හු එහි ඇතුල්ව සිහිමුළාව ආහාර අනුභව කරන්නාහු මත්වීමට පැමිණියාහුය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාද වූවාහු ඒ තණකොටුවෙහි මුවන් අල්ලන්නාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියහ. මෙසේ ඒ පළමුවෙනි මුව සමූහය මුවන් අල්ලන්නාගේ උපක්‍රම බලයෙන් නොමිදුණාහ. යම්හෙයකින් අපි ඒ තණ කොටුවේ භොජනයෙන් සම්පූර්ණයෙන් වළකීමු නම් භය සහිත භොජනයෙන් වෙන්ව මහ වනයට වැද වාසය කරන්නෙමු නම් ඉතා යෙහෙක.’ (කියායි) ඔව්හු මුළුමණින් තණ කොටු භෝජනයෙන් වැළැක්කාහුය. බියෙන් අනුභව කටයුතු බොජුනෙන් වැළැක්කාහු මහ වනයට වැද වාසය කළාහුය. ග්‍රීෂ්ම ඍතුවෙහි අන්තිම මාසයෙහි තෘණ හා ජල වියලී ගිය කල්හි ඔවුන්ගේ ශරීරය ඉතා කෙට්ටු බවට පැමිණියේය. ඉතා කෙට්ටු බවට පැමිණි ශරීර ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුණේය. ශක්තිය පිරිහුනු කල්හි මුවන් අල්ලන්නාගේ ඒ තෘණ කොටුවට ආපසු පැමිණියහ. ඔව්හු එහි වැද සිහි මුළාවූවාහු ආහාර අනුභව කළහ. ඔව්හු එහි වැද සිහි මුළාව ආහාර අනුභව කරන්නාහු මත්වීමට පැමිණියාහුය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු ඒ තෘණ කොටුවෙහි මුවන් අල්ලන්නාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියහ. මෙසේ ඒ දෙවෙනි මුව සමූහයද මුවන් අල්ලන්නාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.
|
264
‘‘තත්ර
‘‘තත්ර, භික්ඛවෙ, නෙවාපිකස්ස ච නෙවාපිකපරිසාය ච එතදහොසි - ‘සඨාස්සුනාමිමෙ තතියා මිගජාතා කෙතබිනො, ඉද්ධිමන්තාස්සුනාමිමෙ තතියා මිගජාතා පරජනා; ඉමඤ්ච නාම නිවාපං නිවුත්තං පරිභුඤ්ජන්ති, න ච නෙසං
|
264
“මහණෙනි, එහි තුන්වෙනි මුවසමූහය මෙසේ සිතූහ. ‘යම් ඒ පළමුවෙනි මුව සමූහය මුවන් අල්ලන්නාගේ ඒ තණ කොටුවට වැද සිහිමුළා වූවාහු ආහාර අනුභව කළහ. ඔව්හු එහි ඇතුල්ව සිහිමුළාව ආහාර අනුභව කරන්නාහු මත්වීමට පැමිණියාහුය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු ඒ තණ කොටුවෙහි මුවන් අල්ලන්නාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියහ. මෙසේ ඒ පළමුවැනි මුව සමූහය මුවන් අල්ලන්නාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය. යම් ඒ දෙවෙනි මුව සමූහය මෙසේ සිතූහ. යම් ඒ පළමු වෙනි මුව සමූහය මුවන් අල්ලන්නාගේ තණ කොටුවට වැද සිහි මුළාවූවාහු ආහාර අනුභව කළාහුද? ඔව්හු එහි ඇතුල්ව සිහිමුළාව ආහාර අනුභව කරන්නාහු මත්වීමට පැමිණියාහුය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු ඒ තෘණ කොටුවෙහි මුවන් අල්ලන්නාගේ කැමැත්තක් කළ හැකි බවට පැමිණියාහුය. මෙසේ ඒ පළමුවෙනි මුව සමූහය මුවන් අල්ලන්නාගේ උපක්රමබලයෙන් නොමිදුනාහුය. අපි සම්පූර්ණයෙන් තණ කොටු භොජනයෙන් වෙන්වෙමු නම් භයින් අනුභවකළ යුතු ආහාරයෙන් වෙන්ව වනයටවැද වාසය කරන්නෙමු නම් ඉතා යෙහෙකැයි’ (කියායි) ඔව්හු තෘණ කොටු භොජනයෙන් සම්පූර්ණයෙන් වෙන්වූහ. භයින් අනුභව කළයුතු ආහාරයෙන් වෙන්ව වනයට වැද වාසය කළාහුය. ග්‍රීෂ්ම ඍතුවෙහි අන්තිම මාසයෙහි තණ හා ජලය අවසන්ව ගිය කල්හි ඔවුන්ගේ ශරීරය ඉතා කෙට්ටු බවට පැමිණියේය. ඉතා කෙට්ටු බවට පැමිණි ශරීර ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුනේය. ශක්තිය පිරිහුන කල්හි මුවන් අල්ලන්නාගේ තණ කොටුවට ආපසු පැමිණියහ.
“ඔව්හු එහි වැද සිහි මුළාවූවාහු ආහාර අනුභව කළහ. ඔව්හු එහි වැද සිහිමුළාව ආහාර අනුභව කරන්නාහු මත්වීමට පැමිණියාහුය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාවූ ඒ තෘණ කොටුවෙහි මුවන් අල්ලන්නාගේ කැමැත්තක් කළ හැකි බවට පැමිණියහ. මෙසේ ඒ දෙවෙනි මුව සමූහයද මුවන් අල්ලන්නාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.
“එහෙයින් අපි මුවන් අල්ලන්නාගේ මේ තණ කොටුවට නුදුරුව සැඟවී සිටින තැනක් සදාගන්නෙමු නම් යහපති. එහි වාසය කොට මුවන් අල්ලන්නාගේ තණ කොටුවට ඇතුළු නොවී සිහිමුළා නොවී ආහාර අනුභව කරන්නෙමු. ඇතුළු නොවී සිහි මුළානොවී ආහාර අනුභව කරන්නාහු මත්වීමට නොපැමිණෙන්නෙමු. මත් නොවූවෝම ප්‍රමාදයට නොපැමිණෙන්නෙමු. ප්‍රමාදයට නොපැමිණියෝම ඒ තෘණ කොටුවෙහි මුවන් අල්ලන්නාගේ කැමැත්තක් කළ හැකි බවට නොපැමිණෙන්නේමු’ (කියාය)
“ඔව්හු මුවන් අල්ලන්නාගේ තණ කොටුවට නුදුරුව සැඟවී සිටින ස්ථානයක් කොට වාසය කළාහුය. වාසය කොට මුවන් අල්ලන්නාගේ තණ කොටුවට ඇතුළු නොවී සිහි මුළානොවී ආහාර අනුභව කළාහුය. සිහි මුළානොවී ආහාර අනුභව කරන්නාහු මත්වීමට නොපැමිණියාහුය. මත් නොවූවාහු ප්‍රමාදයට නොපැමිණියාහුය. ප්‍රමාදයට නොපැමිණියාහු ඒ තෘණ කොටුවෙහි මුවන් අල්ලන්නාගේ කැමැත්තක් කළහැකි බවට නොපැමිණියාහ.
“මහණෙනි, එහි මුව වැද්දාටද ඔහුගේ පිරිසටද මෙබඳු සිතක්විය. ‘මේ තුන්වන මුව සමූහය කයිරාටිකය. කපටිය. මේ තුන්වන මුව සමූහයා ඍද්ධි ඇත්තවුන් වැනිය, මොව්හු යක්ෂයන් වැනිය. ඔව්හු තෘණකොටුවේ තෘණද අනුභව කරත්. ඔවුන්ගේ ඊම් හෝ යාම හෝ නොදනිමු. අපි යම් හෙයකින් මේ තණකොටුව හාත්පස දැලකින් වටකරන්නෙමු නම් ඉතා යෙහෙක. යම් තැනෙක ඔව්හු ලැබීමට යන්නාහුද මේ තුන්වන මුව සමූහයාගේ වාසස්ථානය දක්නෙමු නම් ඉතා යෙහෙක (කියායි) ඔව්හු මේ තණ කොටුව හාත්පස මහත් ප්‍රදෙශයක් වටකළාහුය.
“මහණෙනි, මුවන් අල්ලන්නාද ඔහුගේ පිරිසද ඒ තුන්වන මුව සමූහය යම් තැනක ලැගීමට යත්ද ඒ වාසස්ථානය දුටුවාහුය මහණෙනි, ඒ තුන්වන මුව සමූහයාද මෙසේ ඒ මුව වැද්දාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.
|
265
‘‘තත්ර, භික්ඛවෙ, චතුත්ථා මිගජාතා එවං සමචින්තෙසුං - ‘යෙ ඛො තෙ පඨමා මිගජාතා...පෙ.... එවඤ්හි තෙ පඨමා මිගජාතා න පරිමුච්චිංසු නෙවාපිකස්ස ඉද්ධානුභාවා. යෙපි තෙ දුතියා මිගජාතා එවං සමචින්තෙසුං ‘යෙ ඛො තෙ පඨමා මිගජාතා...පෙ.... එවඤ්හි තෙ පඨමා මිගජාතා න පරිමුච්චිංසු නෙවාපිකස්ස ඉද්ධානුභාවා. යංනූන මයං
‘‘තත්ර නෙවාපිකස්ස ච නෙවාපිකපරිසාය ච එතදහොසි - ‘සඨාස්සුනාමිමෙ තතියා මිගජාතා කෙතබිනො, ඉද්ධිමන්තාස්සුනාමිමෙ තතියා
‘‘තත්ර, භික්ඛවෙ, නෙවාපිකස්ස ච නෙවාපිකපරිසාය ච එතදහොසි - ‘සඨාස්සුනාමිමෙ චතුත්ථා මිගජාතා කෙතබිනො, ඉද්ධිමන්තාස්සුනාමිමෙ චතුත්ථා මිගජාතා පරජනා. ඉමඤ්ච නාම නිවාපං නිවුත්තං පරිභුඤ්ජන්ති, න ච නෙසං ජානාම ආගතිං වා ගතිං වා. යංනූන මයං ඉමං නිවාපං
|
265
“මහණෙනි, එහි සතරවෙනි මුව සමූහයා මෙසේ සිතූහ. ‘යම් ඒ පළමුවෙනි මුව සමූහය මුව වැද්දන්ගේ තණ කොටුවට වැද සිහි මුළාවූවාහු ආහාර අනුභව කළාහුය. ඔව්හු එහි ඇතුල්ව සිහි මුළාව ආහාර අනුභව කරන්නාහු මත්වීමට පැමිණියාහුය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු ඒ තෘණ කොටුවෙහි මුව වැද්දාගේ කැමැත්තක් කළ හැකි බවට පැමිණියාහුය.’ මෙසේ ඒ පළමුවෙනි මුව සමූහය මුව වැද්දාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය. යම් ඒ දෙවෙනි මුව සමූහය මෙසේ සිතුවාහුද ‘අපි සම්පූර්ණයෙන් තෘණ කොටු ආහාරයෙන් වෙන්වෙමු නම් භයින් අනුභව කළ යුතු ආහාරයෙන් වෙන්ව වනයට වැද වාසය කරන්නෙමු නම් ඉතා යෙහෙකැයි’ (කියායි) ඔව්හු තණ කොටු ආහාරයෙන් සම්පූර්ණයෙන් වෙන්වූහ. භයින් අනුභව කළයුතු ආහාරයෙන් වෙන්ව වනයට වැද වාසය කළාහුය. ග්‍රීෂ්ම ඍතුවෙහි අන්තිම මාසයෙහි තණ හා ජලය අවසන්ව ගිය කල්හි ඔවුන්ගේ ශරීරය ඉතා කෙට්ටු බවට පැමිණියේය. ඉතා කෙට්ටු බවට පැමිණි ශරීර ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුනේය. ශක්තිය පිරිහුන කල්හි මුව වැද්දාගේ ඒ තණ කොටුවට ආපසු පැමිණියහ.
“ඔව්හු එහි වැද සිහිමුළාවූවාහු ආහාර අනුභව කළහ. ඔව්හු එහි වැද සිහි මුළාව ආහාර අනුභව කරන්නාහු මත්වීමට පැමිණියාහුය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු ඒ තණ කොටුවෙහි මුව වැද්දාගේ කැමැත්තක් කළ හැකි බවට පැමිණියහ. මෙසේ ඒ දෙවෙනි මුව සමූහයද මුවන් අල්ලන්නාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය. (එහෙයින්) අපි මුවන් අල්ලන්නාගේ තණ කොටුවට නුදුරු සැඟවෙන තැනක් කොට වාසය කරන්නෙමු. එසේ වාසය කොට මුවන් අල්ලන්නාගේ තණ කොටුවට ඇතුළු නොවී සිහි මුළානොවී ආහාර අනුභව කරන්නෙමු. ඇතුළු නොවී සිහි මුළා නොවී ආහාර අනුභව කරන්නාහු මත්වීමට නොපැමිණෙන්නෙමු. මත් නොවූවෝම ප්‍රමාදයට නොපැමිණෙන්නෙමු. ප්රමායට නොපැමිණියෝම ඒ තණ කෙටුවෙහි මුව වැද්දාගේ කැමැත්තක් කළහැකි බවට නොපැමිණෙන්නෙමු’ (කියාය)
“ඔව්හු මුවවැද්දාගේ තණකොටුවට නුදුරු සැඟවෙන තැනක් කොට වාසය කළාහුය. වාසය කොට මුව වැද්දාගේ තණකොටුවට ඇතුළු නොවී සිහි මුළා නොවී ආහාර අනුභව කළාහුය. සිහි මුළා නොවී ආහාර අනුභව කරන්නාහු මත්වීමට නොපැමිණියාහුය. මත් නොවූවාහු ප්‍රමාදයට නොපැමිණියාහුය. ප්‍රමාදයට නොපැමිණියාහු ඒ තණකොටුවෙහි මුව වැද්දාගේ කැමැත්තක් නොකළහැකි බවට පැමිණියහ.
“මහණෙනි, එහි මුව වැද්දාටද ඔහුගේ පිරිසටද මෙබඳු සිතක්විය. ‘මේ තුන්වන මුව සමූහය කයිරාටිකය, කපටිය, මේ තුන්වන මුව සමූහයා ඍද්ධි ඇත්තවුන් වැනිය, යක්ෂයන් වැනිය. ඔව්හු තණකොටුවේ තණද අනුභව කරත්. ඔවුන්ගේ ඊම හෝ යාම හෝ නොදනිමු. අපි යම් හෙයකින් මේ තණ කොටුව හාත්පස දැලකින් වටකරන්නෙමු නම් ඉතා යෙහෙක. යම් තැනෙක ඔව්හු ලැගීමට යන්නාහුද මේ තුන්වන මුව සමූහයාගේ වාසස්ථානය දක්නෙමු නම් ඉතා යෙහෙක’ (කියායි)
“ඔව්හු මහත් දැලකින් තණකොටුව හාත්පස මහත් ප්‍රදෙශයක් වටකළාහුය.
“මහණෙනි, මුව වැද්දාද ඔහුගේ පිරිසද ඒ තුන්වන මුව සමූහය යම් තැනක ලගිද්ද ඒ තැන් දුටුවාහුය. මහණෙනි, ඒ තුන්වන මුව සමූහයද මෙසේ ඒ මුව වැද්දාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.
“යම් විධියකින් මුව වැද්දාද ඔහුගේ පිරිසද යම්තැනකට යා නොහැක්කේද අපි එබඳු තැනක් වාසස්ථාන කරන්නෙමු නම් එහි වාසය කොට මුව වැද්දාගේ තණකොටුවට නොවැද සිහි මුළානොවී ආහාර අනුභව කරන්නෙමු නම් නොවැද මුළානොවී ආහාර අනුභව කරන්නෙමු නම් මත්වීමට නොපැමිණෙන්නෙමු නම් මත් නොවූවෝම ප්‍රමාදයට නොපැමිණෙන්නෙමු නම් ප්‍රමාදයට නොපැමිණියෝම මේ තණ කොටුවෙහි මුව වැද්දාගේ කැමැත්තක් කළහැකි බවට නොපැමිණෙන්නෙමු නම් යහපත් යයි සිතූහ. යම් තැනකට මුවවැද්දාද ඔහුගේ පිරිසද නොයන්නේද ඒ ස්ථානය වාසස්ථාන කරගත්හ. එහි වාසය කරමින් මුවවැද්දාගේ තණ කොටුවට නොවැද සිහි මුළානොවී ආහාර අනුභව කළහ. තණ කොටුවට නොවැද සිහි මුළා නොවී ආහාර අනුභව කරන්නාහු මත්වීමට නොපැමිණියාහුය. මත්වීමට නොපැමිණියාහු ප්‍රමාදයට නොපැමිණියාහුය. ප්‍රමාදයට නොපැමිණියාහු ඒ තණ කොටුවෙහි මුවවැද්දාගේ කැමැත්තක් නොකළහැකි බවට පැමිණියාහ.
“මහණෙනි, මුවවැද්දාටද ඔහුගේ පිරිසටද මෙසේ කල්පනා විය. ‘මේ හතරවෙනි මුව සමූහයා කයිරාටිකය කපටිය. මේ හතරවැනි මුව සමූහයා ඍද්ධි ඇත්තවුන් වැනිය. යක්ෂයන් වැනිය. ඔව්හු තණකොටුවද අනුභවකරත්. ඔවුන්ගේ ඊම හෝ යාම හෝ නොදනිමු. අපි යම්හෙයකින් තණ කොටුව හාත්පස මහත් ප්‍රදෙශයක් මහත් දැලකින් වට කරන්නෙමු නම් ඉතා යෙහෙක. යම් තැනෙක ඔව්හු ලගිද්ද මේ හතරවෙනි මුව සමූහයාගේ වාසස්ථානය දක්නෙමු නම් ඉතා යෙහෙක’ (කියායි) ඔව්හු ඒ තණකොටුව හාත්පස මහත් ප්‍රදේශයක් මහත් දැළකින් වටකළාහුය. මහණෙනි, මුවවැද්දාද ඔහුගේ පිරිසද ඒ මුව සමූහයාගේ වාසස්ථානය නුදුටුවාහුය.
“මහණෙනි, ඒ මුවවැද්දාටද ඔහුගේ පිරිසටද මෙසේ කල්පනා විය. ‘යම් හෙයකින් අපි මේ සතරවැනි මුව සමූහයා කලබල කරන්නෙමු නම් කලබල කරනු ලැබූ ඔව්හු දුර සිටින අන්‍ය මුවන්ද කලබල කරන්නාහ. ඒ මුවෝද කලබල වූවාහු අන්‍යයන්ද කලබල කරන්නාහ. එසේ වූවිට මේ තණ කොටුව සම්පූර්ණයෙන් මුවන්ගෙන් හිස් වන්නේය. යම් හෙයකින් අපි සතරවෙනි මුව සමූහයා කෙරෙහි උපේක්ෂා වන්නෙමු නම් ඉතා යෙහෙකැයි’ කියායි මහණෙනි, මුව වැද්දාද මුවවැද්දාගේ පිරිසද සතරවැනි මුව සමූහයා කෙරෙහි උපේක්ෂාවූහ, මහණෙනි, මෙසේ වනාහි ඒ සතරවැනි මුව සමූහයා මුවවැද්දාගේ උපක්‍රම බලයෙන් මිදුනාහ.
|
266
‘‘උපමා ඛො මෙ අයං, භික්ඛවෙ, කතා අත්ථස්ස විඤ්ඤාපනාය. අයං චෙවෙත්ථ අත්ථො - නිවාපොති ඛො, භික්ඛවෙ, පඤ්චන්නෙතං කාමගුණානං අධිවචනං. නෙවාපිකොති ඛො, භික්ඛවෙ, මාරස්සෙතං පාපිමතො අධිවචනං. නෙවාපිකපරිසාති ඛො, භික්ඛවෙ, මාරපරිසායෙතං අධිවචනං. මිගජාතාති ඛො, භික්ඛවෙ, සමණබ්රාහ්මණානමෙතං අධිවචනං.
|
266
“මහණෙනි අර්ථය ඇඟවීමට මා විසින් මේ උපමාව දක්වන ලදී. මෙහි අර්ථය මෙසේය. මහණෙනි, තණ කොටුව යනු පංචකාම ගුණයට නමෙකි. මහණෙනි, මුවවැද්දා යනු පාපීවූ මාරයාට නමෙකි. මහණෙනි, ඔහුගේ පිරිස යනු මාර පිරිසට නමෙකි. මහණෙනි, මුව සමූහයා යනු මහණ බමුණන්ට නමෙකි.
|
267
‘‘තත්ර, භික්ඛවෙ, පඨමා සමණබ්රාහ්මණා අමුං නිවාපං නිවුත්තං මාරස්ස අමූනි ච ලොකාමිසානි අනුපඛජ්ජ මුච්ඡිතා
|
267
“මහණෙනි, පළමුවෙනි මහණ බමුණෝ මාරයා විසින් වවන ලද තණ කොටුව නමැති පංචකාමය සිහි මුළාවූවාහු අනුභව කළහ. ඔව්හු එහි සිහි මුළාව පස්කම් සැප අනුභව කිරීමෙන් මත්වීමට පැමිණියහ. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු පඤ්චකාමය නමැති තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළ හැකි බවට පැමිණියාහ.
“මහණෙනි, මෙසේ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය. මහණෙනි, පළමුවෙනි මුව සමූහය යම්සේද, මහණෙනි මේ පළමුවෙනි මහණ බමුණන්ද එබඳුයයි කියමි.
|
268
‘‘තත්ර, භික්ඛවෙ, දුතියා සමණබ්රාහ්මණා එවං සමචින්තෙසුං - ‘යෙ ඛො තෙ පඨමා සමණබ්රාහ්මණා අමුං නිවාපං නිවුත්තං මාරස්ස අමූනි ච ලොකාමිසානි අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජිංසු. තෙ තත්ථ අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජමානා මදං ආපජ්ජිංසු, මත්තා සමානා පමාදං
‘‘තෙසං ගිම්හානං පච්ඡිමෙ මාසෙ, තිණොදකසඞ්ඛයෙ, අධිමත්තකසිමානං පත්තො කායො හොති. තෙසං අධිමත්තකසිමානං
|
268
“මහණෙනි, එහි දෙවැනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මෙසේ සිතූහ. යම් ඒ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මාරයා විසින් වවන ලද පඤ්චකාම තණ කොටුවට ඇතුල්ව සිහිමුළා වූවාහු ආහාර අනුභව කළාහුද ඔව්හු එහි සිහි මුළාව පඤ්චකාමය නමැති ආහාර අනුභව කළාහු මත්වීමට පැමිණියාහුය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. මේ පඤ්චකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණිහ. මෙසේ ඒ පළමුවෙනි ශ්‍රමණ බ්රාහ්ණයෝ මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.
“යම් හේතුවකින් අපි සියලු ආකාරයෙන් පඤ්චකාමය නම්වූ තණ කොටු භෝජනයෙන් වළකින්නෙමු නම් භය සහිත භෝජනයෙන් වෙන්ව මහවනයට වැද වසන්නෙමු නම් ඉතා යෙහෙක. (කියායි) ඔව්හු සම්පූර්ණයෙන් පංචකාම භෝජනයෙන් වෙන් වූවාහුය. භය සහිත භොජනයෙන් වෙන්ව වනයට වැද වාසය කළාහුය. ඔව්හු එහි අමුකොළ බුදින්නෝද වූහ. බඩහමු (අමු) බුදින්නෝද වූහ, ඌරුහැල් අනුභව කරන්නෝද වූහ, සම් කසට අනුභව කරන්නෝද වූහ, ගස්මැලියම් අනුභව කරන්නෝද වූහ, කුඩු අනුභව කරන්නෝද වූහ, දඹු බත් අනුභව කරන්නෝද වූහ, තණ කොළ අනුභව කරන්නෝද වූහ, ළපටි වස්සන්ගේ ගොම අනුභව කරන්නෝද වූහ, වැටුන ගෙඩි අනුභව කරන්නෝද වූහ, වන මුල් ඵල අනුභව කරමින්ද ජීවත් වූහ. ග්‍රීෂ්ම ඍතුවෙහි අන්තිම මාසයෙහි තණ හා ජලය අවසන්ව ගිය කල්හි ඔවුන්ගේ ශරීරය ඉතා කෙට්ටු විය. ඉතා කෙට්ටුවූ ශරීර ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුනේය. ශක්තිය පිරිහුන කල්හි සමාධියෙන් පිරිහුනාහ. සමාධියෙන් පිරිහුන හෙයින් මාරයා විසින් වවන ලද ඒ පංචකාම තණ කොටුවට නැවත පැමිණියහ. ඔව්හු එහි වැද සිහි මුළාවූවාහු පංචකාමය නමැති ආහාර අනුභව කළහ. ඔව්හු එහි වැද සිහිමුළාව පංචකාම ආහාර අනුභව කරන්නාහු මත්වීමට පැමිණියාහුය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු මේ පංචකාමය නමැති තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළ හැකි බවට පැමිණියහ. මහණෙනි, මෙසේ දෙවැනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහයද මාරයාගේ උපක්‍රමයෙන් නොමිදුනාහුය. මහණෙනි, මම දෙවෙනි මුව සමූහය යම්සේද මේ දෙවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයන්ද මෙබඳු යයි කියමි.
|
269
‘‘තත්ර, භික්ඛවෙ, තතියා සමණබ්රාහ්මණා එවං සමචින්තෙසුං - ‘යෙ ඛො තෙ පඨමා සමණබ්රාහ්මණා අමුං නිවාපං නිවුත්තං මාරස්ස අමූනි ච ලොකාමිසානි...පෙ..... එවඤ්හි තෙ පඨමා සමණබ්රාහ්මණා න පරිමුච්චිංසු මාරස්ස ඉද්ධානුභාවා. යෙපි තෙ දුතියා සමණබ්රාහ්මණා එවං සමචින්තෙසුං - ‘යෙ ඛො තෙ පඨමා සමණබ්රාහ්මණා අමුං නිවාපං නිවුත්තං මාරස්ස අමූනි ච ලොකාමිසානි...පෙ..... එවඤ්හි තෙ පඨමා සමණබ්රාහ්මණා න පරිමුච්චිංසු මාරස්ස ඉද්ධානුභාවා. යංනූන මයං සබ්බසො නිවාපභොජනා ලොකාමිසා පටිවිරමෙය්යාම, භයභොගා පටිවිරතා අරඤ්ඤායතනානි අජ්ඣොගාහෙත්වා විහරෙය්යාමා’ති. තෙ සබ්බසො නිවාපභොජනා ලොකාමිසා
‘‘තෙ අමුං නිවාපං නිවුත්තං මාරස්ස අමූනි ච ලොකාමිසානි උපනිස්සාය ආසයං කප්පයිංසු. තත්රාසයං කප්පෙත්වා අමුං නිවාපං නිවුත්තං මාරස්ස අමූනි ච ලොකාමිසානි අනනුපඛජ්ජ අමුච්ඡිතා භොජනානි භුඤ්ජිංසු. තෙ තත්ථ අනනුපඛජ්ජ අමුච්ඡිතා භොජනානි භුඤ්ජමානා න මදං ආපජ්ජිංසු, අමත්තා සමානා න පමාදං ආපජ්ජිංසු, අප්පමත්තා සමානා න යථාකාමකරණීයා අහෙසුං මාරස්ස අමුස්මිං නිවාපෙ අමුස්මිඤ්ච ලොකාමිසෙ
|
269
“මහණෙනි, තුන්වෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහය මෙසේ සිතූහ.’ පළමුවෙනි මහණ බමුණෝ මාරයා විසින් වවන ලද ඒ පංචකාමය නමැති තණ කොටුවට වැද සිහිමුළා වූවාහු පංචකාම නම්වූ ආහාර අනුභව කළහ. ඔව්හු එහි සිහි මුළාව ආහාර අනුභව කළාහු මත්වීමට පැමිණියහ. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු මේ පංචකාම නමැති තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළ හැකි බවට පැමිණියහ. මෙසේ ඒ දෙවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහය මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.
“යම් ඒ දෙවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහය මෙසේ සිතුවාහුද ‘යම් ඒ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහයා ‘මාරයා විසින් වවන ලද පංචකාමය නමැති තණකොටුවට වැද සිහි මුළා වූවාහු පංචකාමය නමැති භොජනය අනුභව කළාහුද ඔව්හු එහි සිහිමුළාව ආහාර අනුභව කළාහු මත්වූවාහුය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු මේ පංචකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළ හැකි බවට පැමිණියහ. මෙසේ ඒ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහයා මාරයාගේ උපක්‍රමයෙන් නොමිදුනාහුය.
“යම් හේතුවකින් අපි සියලු ආකාරයෙන් පඤ්චකාම තණකොටු භෝජනයෙන් වළකින්නෙමු නම් භයසහිත භෝජනයෙන් වෙන්ව වනයට වැද වසන්නෙමුනම් ඉතා යෙහෙක. (කියායි) (මෙසේ) ඔව්හු සම්පූර්ණයෙන් පඤ්චකාමය නමැති තණකොටු භෝජනයෙන් වෙන් වූවාහුය. භය සහිත භෝජනයෙන් වෙන්ව වනයට වැද වාසය කළාහුය. ඔව්හු එහි අමු කොළ බුදින්නෝවූහ. බඩහමු (අමු) බුදින්නෝවූහ. උරුහැල් බුදින්නෝවූහ. සම් කසට බුදින්නෝවූහ. ගස් මැලියම් බුදින්නෝ වූහ. කුඩු බුදින්නෝ වූහ. දඹු බත් බුදින්නෝ වූහ. තණකොළ බුදින්නෝ වූහ. ළපටි වස්සන්ගේ ගොම බුදින්නෝ වූහ. වැටුන ගෙඩි අනුභව කරන්නෝ වූහ. වන මුල් ඵල අනුභව කරන්නාහු ජීවත්වූහ. ග්‍රීෂ්ම ඍතුවෙහි අන්තිම මාසයෙහි තණ හා ජලය අවසන්ව ගිය කල්හි ඔවුන්ගේ ශරීර ඉතා කෙට්ටු විය. ඉතා කෙට්ටුවූ ශරීර ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුනේය. ශක්තිය පිරිහුන කල්හි සමාධිය පිරිහුනේය. සමාධිය පිරිහුන හෙයින් මාරයා විසින් වවන ලද එම පඤ්චකාම තණ කොටුවට නැවත පැමිණියහ. ඔව්හු එහි වැද සිහි මුළා වූවාහු පංචකාම තණ කොටුවල ආහාරය අනුභව කළහ, ඔව්හු එහි වැද සිහි මුළාව පඤ්චකාම ආහාර අනුභව කරන්නාහු මත්වූවාහුය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාද වූවාහු මේ පඤ්චකාම තණකොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළ හැකි බවට පැමිණියහ. මෙසේ මේ දෙවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහයද මාරයාගේ උපක්‍රමයෙන් නොමිදුනාහුය.
“මේ මාරයා විසින් වවනලද පංචකාම නමැති තණ කොටුවට නුදුරුව සැඟවෙන තැනක්කොට (එහි නොවැද) වාසය කරන්නෙමු නම් ඉතා යෙහෙක. එහි වාසය කරමින් මාරයා විසින් වවනලද පඤ්චකාම තණකොටුවට නොවැද සිහි මුළානොවී ආහාර අනුභව කරන්නෙමු එහි නොවැද සිහි මුළානොවී ආහාර අනුභව කරන්නමෝ මත්වීමට නොපැමිණෙන්නෙමු. මත්වීමට නොපැමිණෙන්නමෝ මේ පඤ්චකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් නොකළ හැකි බවට පැමිණෙන්නෙමු’ (කියායි) ඔව්හු මාරයාගේ පඤ්චකාම තණකොටුවට නුදුරුව සැඟවෙන තැනක් කොට (එහි නොවැද) වාසය කළාහුය. එහි වාසය කරමින් මාරයා විසින් වවනලද පඤ්චකාම තණ කොටුවට නොවැද සිහි මුළානොවී ආහාර අනුභව කළාහුය. සිහි මුළානොවී ආහාර අනුභව කළාහු මත්වීමට නොපැමිණියහ. මත්නොවූවාහු ප්‍රමාදයට නොපැමිණියාහුය. ප්‍රමාදයට නොපැමිණියාහු මේ පඤ්චකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් නොකළ හැකි බවට පැමිණියාහුය.
“එසේද වුවත් මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වූහ. ලෝකය සදාකාලිකය කියාද, ලෝකය සදාකාලික නොවේය කියාද, ලෝකය කෙළවර නැත්තේය කියාද ලෝකය කෙළවරක් ඇත්තේය කියාද, එයම ජීවිතය වෙයි. එයම ශරීරය වෙයි, කියාද, ජීවය අනිකෙක ශරීරය අනිකෙක කියාද, සත්ත්වයා මරණින් මතු ඇත්තේය කියාද සත්ත්වයා මරණින් මතු නැත්තේය කියාද සත්ත්වයා මරණින් මතු ඇත්තෙත් නැත. නැත්තෙත් නැත කියාද සත්ත්වයා මරණින් මතු නොම ඇත්තේය නොම ඇත්තෙත් නොවන්නේය කියාද වෙති, මහණෙනි, මෙසේ ඒ තුන්වෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝද මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.
“මහණෙනි, තුන්වෙනි මුව සමූහය යම්සේද මේ තුන්වෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයන් එබඳුයයි මම කියමි.
|
270
‘‘තත්ර, භික්ඛවෙ, චතුත්ථා සමණබ්රාහ්මණා එවං සමචින්තෙසුං - ‘යෙ ඛො තෙ පඨමා සමණබ්රාහ්මණා අමුං නිවාපං නිවුත්තං මාරස්ස...පෙ..... එවඤ්හි තෙ පඨමා සමණබ්රාහ්මණා න පරිමුච්චිංසු
‘‘තෙ අමුං නිවාපං නිවුත්තං මාරස්ස අමූනි ච ලොකාමිසානි උපනිස්සාය ආසයං කප්පයිංසු. තත්රාසයං කප්පෙත්වා අමුං නිවාපං නිවුත්තං මාරස්ස අමූනි ච ලොකාමිසානි අනනුපඛජ්ජ අමුච්ඡිතා භොජනානි භුඤ්ජිංසු. තෙ තත්ථ අනනුපඛජ්ජ අමුච්ඡිතා භොජනානි භුඤ්ජමානා න මදං ආපජ්ජිංසු. අමත්තා සමානා
‘‘තෙ
|
270
“මහණෙනි, එහි සතරවැනි මහණ බමුණෝ මෙසේ සිතූහ. ‘පළමුවෙනි මහණ බමුණෝ සිහි මුළාව මාරයා විසින් වවනලද පඤ්චකාම නම්වූ ආහාර අනුභව කළාහු මත්වීමට පැමිණියහ. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු පංචකාම තණකොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළ හැකි බවට පැමිණියාහුය. මෙසේ ඒ පළමු වැනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.’
“යම් ඒ දෙවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මෙසේ සිතුවාහුද යම් ඒ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මාරයා විසින් වවනලද පඤ්චකාම තණ කොටුවෙහි වැද සිහි මුළා වූවාහු පඤ්චකාමය අනුභව කළාහුද ඔව්හු එහි මුළාව ආහාර අනුභව කළාහු මත් වූවාහුය. මත් වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු මේ පංචකාම තණකොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියාහුය. මෙසේ ඒ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මාරයාගේ උපක්‍රමයෙන් නොමිදුනාහුය.
“යම් හේතුවකින් අපි සියලු ආකාරයෙන් පංචකාම භොජනයෙන් වළකින්නෙමු නම් භය සහිත භොජනයෙන් වෙන්ව වනයට වැද වසන්නෙමු නම් ඉතා යෙහෙක’ (කියායි) (මෙසේ) ඔව්හු සම්පූර්ණයෙන් පංචකාම භෝජනයෙන් වෙන්වූවාහු භය සහිත භොජනයෙන් වෙන්ව වනයට වැද වාසය කළාහුය. ඔව්හු එහි අමු කොළ බුදින්නෝද වූහ. බඩහමු (අමු) බුදින්නෝද වූහ. ඌරුහැල් බුදින්නෝද වූහ. සම් කසට බුදින්නෝද වූහ. ගස්මැලියම් බුදින්නෝද වූහ. කුඩු බුදින්නෝද වූහ. දඹුබත් බුදින්නෝද වූහ. තණකොළ බුදින්නෝද වූහ. ළපටි වස්සන්ගේ ගොම බුදින්නෝද වූහ. වැටුන ගෙඩි අනුභව කරන්නෝද වූහ. වන මුල් පල අනුභව කරමින්ද ජීවත් වූහ. ග්‍රීෂ්ම ඍතුවෙහි අන්තිම මාසයෙහි තණ හා ජලය අවසන්ව ගියකල්හි ඔවුන්ගේ ශරීර ඉතා කෙට්ටුවිය. ඉතා කෙට්ටුවූ ශරීර ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුනේය. ශක්තිය පිරිහුන කල්හි සමාධිය පිරිහුනේය. සමාධිය පිරිහුන හෙයින් මාරයා විසින් වවනලද පංචකාම කොටුවට නැවත පැමිණියහ. ඔව්හු එහි වැද සිහි මුළා වූවාහු ආහාර අනුභව කළහ. ඔව්හු එහි වැද සිහි මුළාව, ආහාර අනුභව කරන්නාහු. මත් වූවාහුය, මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදවූවාහු මේ පංචකාම තණකොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළ හැකි බවට පැමිණියාහුය. මෙසේ මේ දෙවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහයද මාරයාගේ උපක්‍රමයෙන් නොමිදුනාහුය.
“අපි මේ මාරයා විසින් වවනලද පංචකාම තණකොටුවට නුදුරුව සැඟවී සිටින තැනක්කොට එහි නොවැද වාසය කරන්නෙමු නම් ඉතා යෙහෙක. එහි වාසය කරමින් මාරයා විසින් වවනලද පංචකාම තණ කොටුවට නොවැද සිහි මුළානොවී ආහාර අනුභව කරන්නෙමු නම් එහි නොවැද සිහි මුළානොවී ආහාර අනුභව කරන්නමෝ මත්වීමට නොපැමිණෙන්නෙමු නම් මත්වීමට නොපැමිණෙන්නමෝ ප්‍රමාදයට නොපැමිණෙන්නෙමු නම් ප්‍රමාදයට නොපැමිණෙන්නමෝ මේ පංචකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළ හැකි බවට නොපැමිණෙන්නෙමු නම් ඉතා යෙහෙක. (කියායි.) ඔව්හු මාරයා විසින් වවනලද පංචකාම තණ කොටුවට නොවැද එහි වාසය කළාහුය. එහි වාසය කරමින් මාරයාගේ පංචකාම තණකොටුවට නොවැද සිහි මුළා නොවී ආහාර අනුභව කළාහුය. සිහි මුළා නොවී ආහාර අනුභව කළාහු මත්වීමට නොපැමිණියහ. මත් නොවූවාහු ප්‍රමාදයට නොපැමිණියාහුය. ප්‍රමාදයට නොපැමිණියාහු මේ පංචකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් නොකළ හැකි බවට පැමිණියාහුය.
එසේද වුවත් ඔව්හු මෙබඳු දෘෂ්ටි ඇත්තෝවූහ. ලෝකය සදාකාලිකය කියාද, ලෝකය සදාකාලික නොවේය කියාද, ලෝකය කෙළවර ඇත්තේය කියාද, ලෝකය කෙළවර නැත්තේය. එයම ජීවිතය වෙයි, එයම ශරීරය වෙයි කියාද ජීවිතය අනිකෙක ශරීරය අනිකෙක කියාද සත්ත්වයා මරණින් මතු ඇත්තේය කියාද සත්ත්වයා මරණින් මතු නැත්තේය කියාද සත්වයා මරණින් මතු ඇත්තේත් නැත. නැත්තේත් නැත කියාද සත්ත්වයා මරණින්මතු නොම ඇත්තේය. නොම ඇත්තේත් නොවන්නේය කියාද වෙති. මහණෙනි, මෙසේ ඒ තුන්වෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහයද මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය. මහණෙනි, ඒ තුන්වැනි මුව සමූහය යම්සේද මම මේ තුන්වැනි මහණ බමුණු සමූහයත් එබඳුයයි කියමි.
“මහණෙනි, ඒ සතරවැනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මෙසේ සිතූහ. පළමුවෙනි මහණ බමුණෝ මාරයා විසින් වවනලද තණකොටුව නමැති පංචකාමය සිහි මුළාවූවාහු අනුභවකළහ. ඔව්හු එහි සිහිමුළාව පස්කම් සැප අනුභව කළාහු මත්වීමට පැමිණියහ. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු පංචකාමය නමැති තණකොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියාහ. මෙසේ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය. එහි දෙවැනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මෙසේ සිතූහ. යම් ඒ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මාරයා විසින් වවනලද ඒ පංචකාම තණ කොටුවට ඇතුල්ව සිහි මුළාවූවාහු ආහාර අනුභව කළාහුද ඔව්හු එහි සිහිමුළාව පංචකාමය නමැති ආහාර අනුභවකළාහු මත්වීමට පැමිණියාහුය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහු මේ පංචකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියහ. මෙසේ ඒ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.
“යම් හේතුවකින් අපි සියලු ආකාරයෙන් පඤ්චකාමය නම්වූ තණ කොටු භෝජනයෙන් වළකින්නෙමු නම් භය සහිත භෝජනයෙන් වෙන්ව, මහ වනයට වැද වසන්නෙමු නම් ඉතා යෙහෙක’ (කියායි) ඔව්හු සම්පූර්ණයෙන් පංචකාම භොජනයෙන් වෙන් වූවාහුය. භය සහිත භොජනයෙන් වෙන්ව වනයට වැද වාසය කළාහුය.
“ඔව්හු එහි අමුකොළ බුදින්නෝද වූහ. බඩහමු (අමු) බුදින්නෝද වූහ, ඌරුහැල් බුදින්නෝද වූහ, කුඩු බුදින්නෝද වූහ. දඹුබත් බුදින්නෝද වූහ, තණකොළ බුදින්නෝද වූහ, ළපටි වස්සන්ගේ ගොම බුදින්නෝද වූහ. වැටුන ගෙඩි අනුභව කරන්නෝද වූහ. වන මුල් ඵල අනුභව කරමින්ද ජීවිකාව කළාහ. ග්‍රීෂ්ම ඍතුවෙහි අන්තිම මාසයෙහි තණ හා ජලය අවසන්ව ගිය කල්හි ඔවුන්ගේ ශරීර ඉතා කෙට්ටුවිය. ඉතා කෙට්ටුවූ ශරීර ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුනේය. ශක්තිය පිරිහුන කල්හි සමාධියෙන් පිරිහුනාහ. සමාධියෙන් පිරිහුන හෙයින් මාරයා විසින් වවන ලද ඒ පංචකාම තෘණ කොටුවට නැවත පැමිණ එහි වැද සිහි මුළාවූවාහු පංචකාමය නමැති ආහාර අනුභව කළහ. ඔව්හු එහි වැද සිහි මුළාව පංචකාම ආහාර අනුභව කරන්නාහු මත්වීමට පැමිණියාහුය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු මේ පංචකාමය නමැති තණකොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියහ. මෙසේ දෙවැනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහයද මාරයාගේ උපක්‍රමයෙන් නොමිදුනාහුය.
“යම් ඒ තුන්වෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහය මෙසේ සිතූහ. ‘පළමුවෙනි මහණ බමුණෝ මාරයා විසින් වවන ලද ඒ පංචකාමය නමැති තණ කොටුවට වැද සිහි මුළා වූවාහු පංචකාම නම්වූ ආහාර අනුභව කළාහු මත්වීමට පැමිණියහ. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු මේ පංචකාමය නමැති තණකොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළ හැකි බවට පැමිණියහ. මෙසේ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහය මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.
“යම් ඒ දෙවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහය මෙසේ සිතුවාහුද ‘යම් ඒ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහය මාරයා විසින් වවන ලද පංචකාමය නමැති තණ කොටුවට වැද සිහි මුළා වූවාහු පංචකාමය නමැති භොජනය අනුභව කළාහුද ඔව්හු එහි සිහි මුළාව ආහාර අනුභව කළාහු මත්වූවාහුය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු මේ පංචකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියහ. මෙසේ ඒ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහයද මාරයාගේ උපක්‍රමයෙන් නොමිදුනාහුය.
“යම් හේතුවකින් අපි සියලු ආකාරයෙන් පංචකාම තණකොටු භොජනයෙන් වළකින්නෙමු නම් භය සහිත භොජනයෙන් වෙන්ව වනයට වැද වසන්නෙමු නම් ඉතා යෙහෙක’ (කියායි) (මෙසේ) ඔව්හු සම්පූර්ණයෙන් පංචකාමය නමැති තණකොටු භොජනයෙන් වෙන් වූවාහුය, භය සහිත භොජනයෙන් වෙන්ව වනයට වැද වාසය කළාහුය, ඔව්හු එහි අමු කොළ බුදින්නෝද වූහ, බඩහමු (අමු) බුදින්නෝද වූහ, ඌරුහැල් බුදින්නෝද වූහ, සම් කසට බුදින්නෝද වූහ, ගස් මැලියම් බුදින්නෝද වූහ. කුඩු බුදින්නෝද වූහ, දඹු බත් බුදින්නෝද වූහ, තණකොළ බුදින්නෝද වූහ, ළපටි වස්සන්ගේ ගොම බුදින්නෝද වූහ, වැටුන ගෙඩි අනුභව කරන්නෝද වූහ, වනමුල් ඵල අනුභව කරමින්ද ජීවත්වූහ. ග්‍රීෂ්ම ඍතුවෙහි අන්තිම මාසයෙහි තණ හා ජලය අවසන්ව ගිය කල්හි ඔවුන්ගේ ශරීර ඉතා කෙට්ටු විය. ඉතා කෙට්ටුවූ ශරීර ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුනේය. ශක්තිය පිරිහුන කල්හිසමාධිය පිරිහුනේය. සමාධිය පිරිහුන හෙයින් මාරයා විසින් වවනලද එම පංචකාම තණ කොටුවට නැවත පැමිණියහ. ඔව්හු එහි වැද සිහි මුළා වූවාහු පංචකාම තණ කොටු ආහාරය අනුභව කළහ. ඔව්හු එහි වැද සිහි මුළාව, පංචකාම ආහාර අනුභව කරන්නාහු මත්වූවාහුය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාද වූවාහු මේ පංචකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළ හැකි බවට පැමිණියහ. මෙසේ මේ දෙවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝද මාරයාගේ උපක්‍රමයෙන් නොමිදුනාහුය.
“මේ මාරයා විසින් වවනලද පංචකාමය නමැති තණ කොටුවට නුදුරු සැඟවෙන තැනක්කොට (එහි නොවැද) වාසය කරන්නෙමු නම් ඉතා යෙහෙක. එහි වාසය කරමින් මාරයා විසින් වවනලද පංචකාම තණ කොටුවෙහි නොවැද සිහි මුළා නොවී ආහාර අනුභව කරන්නෙමු. එහි නොවැද සිහි මුළා නොවී ආහාර අනුභව කරන්නමෝ මත්වීමට නොපැමිණෙන්නෙමු. ප්‍රමාදයට නොපැමිණෙන්නමෝ මේ පංචකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් නොකළ හැකි බවට පැමිණෙන්නෙමු’ (කියායි) ඔව්හු මාරයාගේ පංචකාම තණ කොටුවට නුදුරු සැඟවෙන තැනක් කොට (එහි නොවැද) වාසය කළාහුය. එහි වාසය කරමින් මාරයා විසින් වවනලද පංචකාම තණ කොටුවට නොවැද සිහි මුළා නොවී ආහාර අනුභව කළාහුය. සිහි මුළා නොවී ආහාර අනුභව කළාහු මත්වීමට නොපැමිණියහ. මත් නොවූවාහු ප්‍රමාදයට නොපැමිණියාහුය. ප්‍රමාදයට නොපැමිණියාහු මේ පංචකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් නොකළ හැකි බවට පැමිණියාහුය.
“එසේද වුවත් මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වූහ. ලෝකය සදාකාලිකය කියාද, ලෝකය සදාකාලික නොවේය කියාද, ලෝකය කෙළවර නැත්තේය කියාද ලෝකය කෙළවරක් ඇත්තේය කියාද, එයම ජීවිතය වෙයි, එයම ශරීරය වෙයි කියාද, ජීවිතය අනිකෙක ශරීරය අනිකෙක කියාද, සත්ත්වයා මරණින් මතු ඇත්තේය කියාද සත්වයා මරණින් මතු නැත්තේය කියාද සත්ත්වයා මරණින් මතු ඇත්තේත් නැත නැත්තේත් නැත කියාද, සත්ත්වයා මරණින් මතු නොම ඇත්තේය. නොම ඇත්තේත් නොවන්නේය කියාද වෙති. මෙසේ ඒ තුන්වෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහයද මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.
“මාරයාත් මාර පිරිසත් යම් තැනකට නොයන්නේද අපි එහි වාසයකරමින් මාරයා විසින් වවනලද පංචකාම තණකොටුවට නොවැද සිහි මුළානොවී ආහාර අනුභව කරන්නෙමු නම්, එහි නොවැද සිහි මුළා නොවී ආහාර අනුභව කරන්නමෝ නම්, මත්වීමට නොපැමිණෙන්නෙමු නම් මත් නොවන්නමෝ ප්‍රමාදයට නොපැමිණෙන්නෙමුනම් ප්‍රමාද නොවන්නමෝ මාරයාගේ කැමැත්තක් කළ හැකි බවට නොපැමිණෙන්නෙමු නම් ඉතා යෙහෙකැයි’ (කියායි.)
“යම් තැනකට මාරයාද මාර පිරිසද නොපැමිණෙද්ද ඔව්හු එහි වාසයට ගියාහුය. එහි වාසය කරමින් මාරයාගේ පංචකාම තණකොටුවට නොවැද සිහි මුලානොවී ආහාර අනුභව කරන්නාහු මත්වීමට නොපැමිණියාහුය. මත් නොවූවාහු ප්‍රමාදයට නොපැමිණියාහුය. ප්‍රමාදයට නොපැමිණියාහු පංචකාම තණකොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට නොපැමිණියහ. මහණෙනි, මෙසේ ඒ සතර වැනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහය මාරයාගේ උපක්‍රම බලයෙන් මිදුනාහුය. මහණෙනි සතරවෙනි මුව සමූහය යම්සේද, මේ සතරවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහයද එබඳු යයි මම කියමි.
|
271
‘‘කථඤ්ච, භික්ඛවෙ, අගති මාරස්ස ච මාරපරිසාය ච? ඉධ, භික්ඛවෙ, භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති, භික්ඛවෙ, භික්ඛු අන්ධමකාසි මාරං, අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති, භික්ඛවෙ...පෙ.... පාපිමතො.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො, සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති යං තං අරියා ආචික්ඛන්ති
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා, පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා, අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණ’න්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති, භික්ඛවෙ...පෙ.... පාපිමතො.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති, භික්ඛවෙ...පෙ.... පාපිමතො.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති. පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. අයං වුච්චති, භික්ඛවෙ, භික්ඛු අන්ධමකාසි මාරං, අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො තිණ්ණො ලොකෙ විසත්තික’’න්ති.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
|
271
“මහණෙනි, මාරයාගේත් මාර පිරිසගේත් නොපැමිණීම නම් කෙසේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ මහණ තෙම මාරයාගේ ඇස අන්ධ කළේයයි ද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස විනාශ කොට නසා මාරයාගේ නොපෙනීමට ගියේයයිද කියනු ලැබේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම විතර්ක විචාරයන්ගේ සන්සිඳීමෙන් ඇතුළත පැහැදීම ඇති හිතේ එකඟ බව ඇති විතර්ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ මහණ තෙම මාරයාගේ ඇස අන්ධ කෙළේයයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස නසා මාරයාගේ නොපෙනීමට ගියේයයි ද කියනු ලැබේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම ප්‍රීතියෙහිද නොඇලීමෙන් උපේක්ෂා ඇත්තේ වාසය කරයිද, සිහියෙන් යුක්තවූයේ, නුවණින් යුක්තවූයේ ශරීරයෙන් සුවය විඳින්නේද, ආර්යයෝ යම් ඒ තෘතීය ධ්‍යානයක් උපේක්ෂා ඇති සිහි ඇති සැප විහරණ ඇත්තේ යයි කියද්ද ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසයකරයිද. මහණෙනි, මේ මහණතෙම මාරයාගේ ඇස අන්ධකෙළේයයිද පිහිටක් නැති සේ මාරයාගේ ඇස නසා මාරයාගේ නොපෙනීමට ගියේයයිද කියනු ලැබේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම සැපය දුරු කිරීමෙන්ද, දුක දුරු කිරීමෙන්ද, (ධ්‍යානය ලැබීමට) පළමුව සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන් නිදුක්වූ නොසැපවූ උපේක්ෂා සිහියෙන් පිරිසිදු බව ඇති සතර වන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ මහණ තෙම මාරයාගේ ඇස අන්ධ කෙළේයයිද මාරයාගේ ඇස පිහිටක් නැතිසේ නසා මාරයාගේ නොපෙනීමට ගියේයයිද කියනු ලැබේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් ගැටීම් සංඥාවන් නැති කිරීමෙන් (නොයෙක්) සංඥාවන් සිහි නොකිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ මහණතෙම මාරයාගේ ඇස අන්ධ කළේයයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස නසා මාරයාගේ නොපෙනීමට ගියේයයිද කියනු ලැබේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරයිද මහණෙනි, මේ මහණතෙම මාරයාගේ ඇස අන්ධ කළේයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස නසා මාරයාගේ නොපෙනීමට ගියේයයිද කියනු ලැබේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානයට පැමිණ වාසය කරයිද මහණෙනි, මේ මහණතෙම මාරයාගේ ඇස අන්ධ කළේයයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස නසා මාරයාගේ නොපෙනීමට ගියේයයිද කියනු ලැබේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤා නාසඤ්ඤායතන ධ්‍යානයට පැමිණ වාසය කරයිද මහණෙනි, මේ මහණතෙම මාරයාගේ ඇස අන්ධ කළේයයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස නසා මාරයාගේ නොපෙනීමට ගියේයයිද කියනු ලැබේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම සියලු ආකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවෙදයිත නිරෝධ සමාපත්තියට පැමිණ වාසය කරයිද මාර්ග ප්‍රඥාවෙන් දැක ඔහුගේ ආශ්‍රවයෝ (කෙලෙස්) නැතිකරන ලද්දාහු වෙත්ද, මහණෙනි, මේ මහණතෙම මාරයාගේ ඇස අන්ධ කළේයයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස නසා මාරයාගේ නොපෙනීමට ගියේයිද ලෝකයෙහි ඇලෙන්නාවූ තෘෂ්ණාවෙන් එතරවූයේයයිද කියනු ලැබේ.”
භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළහ. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තාහුය.
|
6. පාසරාසිසුත්තං | 6. අරියපරියෙසන සූත්‍රය |
272
එවං
අථ ඛො භගවා සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි - ‘‘ආයාමානන්ද, යෙන පුබ්බාරාමො මිගාරමාතුපාසාදො තෙනුපසඞ්කමිස්සාම දිවාවිහාරායා’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. අථ
|
272
“මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඩු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කළහ.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ සිවුරු හා පාත්‍රය ගෙන සැවැත් නුවරට පිඬු පිණිස වැඩියහ. එකල්හි බොහෝ භික්ෂූහු ආනන්දස්ථවිරයන් වහන්සේ යම් තැනකද එහි පැමිණියහ. පැමිණ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේ කීහ. “ඇවැත්නි, ආනන්දයෙනි, භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්ම කථාවක් අසන්ට නොලැබී බොහෝ කල් ගතවිය. ඇවැත්නි, ආනන්දයෙනි, අපි භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්ම කථාවක් ඇසීමට ලබන්නෙමුනම් ඉතායෙහෙක” (කියායි) “ආයුෂ්මතුනි, එසේවී නම් රම්මක නම් බමුණාගේ ආශ්‍රමය යම් තැනෙක්හිද එතැනට පැමිණෙව්. ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්ම කථාවක් අසන්නට ලබන්නහුය”යි කීය. “ඇවැත්නි, එසේය.” කියා ඒ භික්ෂූහු ආනන්ද ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර පිඬු පිණිස හැසිර බතින් පසුව පිණ්ඩපාතයෙන් වැළකුනේ ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථා කළහ. “ආනන්දයෙනි, මිගාරමාතා ප්රාසාදනම්වූ පූර්වාරාම විහාරය යම් තැනෙක්හිද, දවල්කාලයේ වාසය සඳහා එහි යමු” යි (කීහ) ආනන්ද ස්ථවිරයන් වහන්සේ ‘එසේය ස්වාමීනි,’ කියා භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් වහන්සේද සමග මිගාර මාතා ප්‍රාසාද නම්වූ පූර්වාරාමය යම් තැනෙක්හිද එතැන්හි දවල් කාලයේ වාසය පිණිස වැඩියහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි පලසමවතින් නැගිට ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථාකොට ආනන්දය, ඇඟසෝදා ගනු සඳහා නැගෙනහිර නාන කොටුවට යමු’යි කීහ. ‘එසේය ස්වාමීනි’යි ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ.
|
273
අථ ඛො භගවා ආයස්මතා ආනන්දෙන සද්ධිං යෙන පුබ්බකොට්ඨකො තෙනුපසඞ්කමි ගත්තානි පරිසිඤ්චිතුං. පුබ්බකොට්ඨකෙ ගත්තානි පරිසිඤ්චිත්වා පච්චුත්තරිත්වා එකචීවරො අට්ඨාසි ගත්තානි පුබ්බාපයමානො. අථ ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච - ‘‘අයං, භන්තෙ, රම්මකස්ස බ්රාහ්මණස්ස අස්සමො අවිදූරෙ. රමණීයො, භන්තෙ, රම්මකස්ස බ්රාහ්මණස්ස අස්සමො; පාසාදිකො, භන්තෙ, රම්මකස්ස බ්රාහ්මණස්ස අස්සමො. සාධු, භන්තෙ, භගවා යෙන රම්මකස්ස බ්රාහ්මණස්ස අස්සමො තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායා’’ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
අථ
|
273
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් වහන්සේද සමග නැගෙනහිර නාන කොටුවට වැඩියහ. වැඩ, ඇඟ සෝදා ගොඩනැඟී ඇඟදිය සිඳුවමින් එකම හඳනා සිවුරෙන් යුක්තව වැඩසිටියහ.
ඉක්බිති ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ. “ස්වාමීනි මේ රම්මක නම් බමුණාගේ ආශ්‍රමය සමීපයෙහි වේ. ස්වාමීනි, රම්මක නම් බමුණාගේ ආශ්‍රමය සිත් ගන්නේය. ස්වාමීනි, රම්මක බ්‍රාහ්මණයාගේ ආශ්‍රමය දුටුවන් පහදවන්නේය. ස්වාමීනි, රම්මක බමුණාගේ ආශ්‍රමය යම්තැනෙක්හිද අනුකම්පා කොට එහි වඩිනු මැනවි.” භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද භාවයෙන් ඉවසූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රම්මක බමුණාගේ ආශ්‍රමය යම් තැනෙක්හිද එතැනට වැඩියහ. එකල්හි බොහෝ භික්ෂූහු රම්මක බමුණාගේ ආශ්රමයට වී දැහැමි කථාවෙන් යුක්තව උන්නාහුය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ කථාවේ අවසානය බලාපොරොත්තු වෙමින් දොරටුවෙන් පිටත වැඩ සිටියහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කථා කෙළවර දැන කාරා දොර අගුල සමීපයට තට්ටු කළහ. ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට දොර හැරියාහුය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රම්මක බමුණාගේ ආශ්රමයට ඇතුල්ව පණවන ලද බුද්ධාසනයෙහි වැඩඋන්හ. වැඩහිඳ, භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ගෙන් මෙසේ ඇසූහ. “මහණෙනි, තෙපි දැන් කිනම් කථාවකින් යුක්තව සිටියහුද? තොපගේ කිනම් අතුරු කථාවක් අඩාල වීද?” (කියාය) “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේම අරභයා පැවති අපගේ දැහැමි කථාව අඩාල විය. එවිට, භාග්‍යවතුන් වහන්සේ වැඩිසේක්ය”යි (කීහ) “මහණෙනි, මැනවි, තොපි දැහැමි කථාවෙන් යුක්තව හුන්නාහුය, යන මේ කාරණය ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූ කුලපුත්‍රවූ තොපට සුදුසු මැයි. මහණෙනි රැස්වූ තොප විසින් දැහැමි කථාවක් පැවැත්වීම හෝ ආර්යවූ තුෂ්ණිම්භාවය හෝ යන දෙකින් එකක් කටයුතුයි.”
|
274
‘‘ද්වෙමා, භික්ඛවෙ, පරියෙසනා - අරියා ච පරියෙසනා, අනරියා ච පරියෙසනා.
‘‘කතමා ච, භික්ඛවෙ, අනරියා පරියෙසනා? ඉධ, භික්ඛවෙ, එකච්චො අත්තනා ජාතිධම්මො සමානො ජාතිධම්මංයෙව පරියෙසති, අත්තනා ජරාධම්මො සමානො ජරාධම්මංයෙව
‘‘කිඤ්ච, භික්ඛවෙ, ජාතිධම්මං වදෙථ? පුත්තභරියං, භික්ඛවෙ, ජාතිධම්මං, දාසිදාසං ජාතිධම්මං, අජෙළකං ජාතිධම්මං, කුක්කුටසූකරං ජාතිධම්මං, හත්ථිගවාස්සවළවං ජාතිධම්මං, ජාතරූපරජතං ජාතිධම්මං. ජාතිධම්මා හෙතෙ, භික්ඛවෙ, උපධයො. එත්ථායං ගථිතො
(ගධීතො (ස්‍යා. ක.)) මුච්ඡිතො අජ්ඣාපන්නො අත්තනා ජාතිධම්මො සමානො ජාතිධම්මංයෙව පරියෙසති.
‘‘කිඤ්ච, භික්ඛවෙ, ජරාධම්මං වදෙථ? පුත්තභරියං, භික්ඛවෙ, ජරාධම්මං, දාසිදාසං ජරාධම්මං, අජෙළකං ජරාධම්මං, කුක්කුටසූකරං
‘‘කිඤ්ච, භික්ඛවෙ, බ්යාධිධම්මං වදෙථ? පුත්තභරියං, භික්ඛවෙ, බ්යාධිධම්මං, දාසිදාසං බ්යාධිධම්මං, අජෙළකං බ්යාධිධම්මං, කුක්කුටසූකරං බ්යාධිධම්මං, හත්ථිගවාස්සවළවං බ්යාධිධම්මං. බ්යාධිධම්මා හෙතෙ, භික්ඛවෙ, උපධයො. එත්ථායං ගථිතො මුච්ඡිතො අජ්ඣාපන්නො අත්තනා බ්යාධිධම්මො සමානො බ්‍යාධිධම්මංයෙව පරියෙසති.
‘‘කිඤ්ච, භික්ඛවෙ, මරණධම්මං වදෙථ? පුත්තභරියං, භික්ඛවෙ, මරණධම්මං, දාසිදාසං මරණධම්මං, අජෙළකං මරණධම්මං, කුක්කුටසූකරං මරණධම්මං, හත්ථිගවාස්සවළවං මරණධම්මං. මරණධම්මා හෙතෙ, භික්ඛවෙ, උපධයො. එත්ථායං ගථිතො මුච්ඡිතො අජ්ඣාපන්නො අත්තනා මරණධම්මො සමානො මරණධම්මංයෙව පරියෙසති.
‘‘කිඤ්ච, භික්ඛවෙ, සොකධම්මං වදෙථ? පුත්තභරියං, භික්ඛවෙ, සොකධම්මං, දාසිදාසං සොකධම්මං, අජෙළකං සොකධම්මං, කුක්කුටසූකරං සොකධම්මං, හත්ථිගවාස්සවළවං සොකධම්මං. සොකධම්මා හෙතෙ, භික්ඛවෙ, උපධයො. එත්ථායං ගථිතො මුච්ඡිතො අජ්ඣාපන්නො අත්තනා සොකධම්මො සමානො සොකධම්මංයෙව පරියෙසති.
‘‘කිඤ්ච, භික්ඛවෙ, සංකිලෙසධම්මං වදෙථ? පුත්තභරියං, භික්ඛවෙ, සංකිලෙසධම්මං, දාසිදාසං සංකිලෙසධම්මං, අජෙළකං සංකිලෙසධම්මං
|
274
“මහණෙනි, මේ සෙවීම් දෙකකි. ආර්යයන් විසින් කටයුතු සෙවීමය. අනාර්යයන් (පෘථග්ජනයන්) විසින් කටයුතු සෙවීමය යන මේ දෙකයි. මහණෙනි, අනාර්ය පර්යේෂණ (පෘථග්ජනයන් විසින් කටයුතු සෙවීම) යනු කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් තෙමේ ජාතිය ස්වභාව කෙට ඇත්තෙක්ව ජාතිය ස්වභාවකොට ඇතියක්ම සොයයි. ජරාව ස්වභාව කොට ඇත්තෙක්ව ජරාව ස්වභාව කොට ඇතියක්ම සොයයි. තෙමේ ව්‍යාධිය ස්වභාව කොට ඇත්තෙක්ව ව්‍යාධිය ස්වභාව කොට ඇත්තක්ම සොයයි. තෙමේ මරණය ස්වභාව කොට ඇත්තෙක්ව මරණය ස්වභාවකොට ඇත්තක්ම සොයයි. තෙමේ ශෝකය ස්වභාව කොට ඇත්තෙක්ව ශෝකය ස්වභාව කොට ඇතියක්ම සොයයි. තෙමේ කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තෙක්ව කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තක්ම සොයයි.
“මහණෙනි, කුමක් ජාතිය ස්වභාවකොට ඇත්තකැයි කියව්ද? මහණෙනි, අඹු දරුවන් ජාතිය ස්වභාව කොට ඇත්තකි. දාසි දාසයන් ජාතිය ස්වභාව කොට ඇත්තකි. එළු-බැටළුවන් ජාතිය ස්වභාව කොට ඇත්තකි. කුකුළන් ඌරන් ජාතිය ස්වභාව කොට ඇත්තකි. ඇත්, අස්, ගව, වෙළඹුන් ජාතිය ස්වභාව කොට ඇත්තකි. රන් රිදී ජාතිය ස්වභාවකොට ඇත්තකි. මහණෙනි, මේ ජාතිය ස්වභාවකොට ඇති ධර්මයෝ උපධීහු නම් වෙත්. මෙහි ගිලුනාවූ මුර්ඡාවූ බැසගත්තාවූ මේ සත්ත්ව තෙමේ තමා ජාතිය ස්වභාව කොට ඇත්තෙක්ව ජාතිය ස්වභාව කොට ඇත්තක්ම සොයයි.
“මහණෙනි, කුමක් ජරාව ස්වභාව කොට ඇත්තකැයි කියව්ද? අඹු දරුවන් ජරාව ස්වභාව කොට ඇත්තකි. දාසි දාසයන් ජරාව ස්වභාවකොට ඇත්තකි. එළු-බැටළුවන් ජරාව ස්වභාව කොට ඇත්තකි. කුකුළන්, ඌරන් ජරාව ස්වභාව කොට ඇත්තකි. ඇත්, අස්, ගව, වෙළඹුන් ජරාව ස්වභාව කොට ඇත්තකි. රන් රිදී ජරාව ස්වභාව කොට ඇත්තකි. මහණෙනි, ජරාව ස්වභාව කොට ඇති ධර්මයෝ උපධීහු නම් වෙත්, මෙහි ගිලුණාවූ මූර්ඡාවූ බැසගත්තාවූ මේ සත්ත්ව තෙමේ තමා ජරාව ස්වභාව කොට ඇත්තෙක්ව ජරාව ස්වභාව කොට ඇත්තක්ම සොයයි.
“මහණෙනි, කුමක් ව්‍යාධිය ස්වභාව කොට ඇත්තකැයි කියව්ද? අඹු දරුවන් ව්‍යාධිය ස්වභාව කොට ඇත්තකි. දාසි දාසයන් ව්‍යාධිය ස්වභාවකොට ඇත්තකි. එළු-බැටළුවන් ව්‍යාධිය ස්වභාව කොට ඇත්තකි. කුකුළන්, ඌරන් ව්‍යාධිය ස්වභාව කොට ඇත්තකි. ඇත්, අස්, ගව, වෙළඹුන් ව්‍යාධිය ස්වභාව කොට ඇත්තකි. රන් රිදී ව්‍යාධි ස්වභාව කොට ඇත්තකි. මහණෙනි, ව්‍යාධි ස්වභාව කොට ඇති ධර්මයෝ උපධීහු නම් වෙත්, මෙහි ගිලුණාවූ මූර්ඡාවූ බැසගත්තාවූ මේ සත්ත්ව තෙමේ තමා ව්‍යාධිය ස්වභාව කොට ඇත්තෙක්ව ව්‍යාධිය ස්වභාව කොට ඇත්තක්ම සොයයි.
“මහණෙනි, කුමක් මරණය ස්වභාවකොට ඇත්තකැයි කියව්ද? අඹු දරුවන් මරණය ස්වභාවකොට ඇත්තකි. දාසි දාසයන් මරණය ස්වභාවකොට ඇත්තකි. එළු බැටළුවන් මරණය ස්වභාවකොට ඇත්තකි. කුකුළන්, ඌරන් මරණය ස්වභාවකොට ඇත්තකි. ඇත්, අස්, ගව, වෙළඹුන් මරණය ස්වභාවකොට ඇත්තකි. රන් රිදී මරණය ස්වභාව කොට ඇත්තකි. මහණෙනි මේ මරණය ස්වභාවකොට ඇති ධර්මයෝ උපධීහු නම් වෙත්. මෙහි වෙළුනාවූ මූර්ඡාවූ බැසගත්තාවූ සත්ත්වතෙම මරණය ස්වභාවකොට ඇත්තෙක්ව මරණය ස්වභාවකොට ඇත්තක්ම සොයයි.
“මහණෙනි කුමක් ශෝකය ස්වභාව කොට ඇත්තකැයි කියව්ද? අඹුදරුවන් ශෝකය ස්වභාවකොට ඇත්තකි. දාසි දාසයන් ශෝකය ස්වභාවකොට ඇත්තකි. එළු-බැටළුවන් ශෝකය ස්වභාවකොට ඇත්තකි. කුකුළන් ඌරන් ශෝකය ස්වභාවකොට ඇත්තකි. ඇත්, අස්, ගව, වෙළඹුන් ශෝකය ස්වභාව කොට ඇත්තකි. රන් රිදී ශෝකය ස්වභාව කොට ඇත්තකි. මේ ශෝකය ස්වභාවකොට ඇති ධර්මයෝ ‘උපධීහු නම්’ වෙත්. මෙහි ගැළුණාවූ මූර්ඡාවූ බැසගත්තාවූ, සත්ව තෙමේ, ශෝකය ස්වභාව කොට ඇත්තෙක්ව ශෝකය ස්වභාවකොට ඇත්තක්ම සොයයි.
“මහණෙනි කුමක් කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තකැයි කියව්ද? අඹුදරුවන් කෙලෙස් සහිත බව ස්වභාවකොට ඇත්තකි. දාසි දාසයන් කෙලෙස් සහිත බව ස්වභාවකොට ඇත්තකි. එළු-බැටළුවන් කෙලෙස් සහිත බව ස්වභාවකොට ඇත්තකි. කුකුළන් ඌරන් කෙලෙස් සහිත බව ස්වභාවකොට ඇත්තකි. ඇත්, අස්, ගව, වෙළඹුන් කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තකි. රන් රිදී කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තකි. මේ කෙලෙස් සහිත බව ස්වභාවකොට ඇති ධර්මයෝ ‘උපධීහු නම්’ වෙත්. මෙහි ගැළුණාවූ මූර්ඡාවූ බැසගත්තාවූ, මේ සත්ව තෙමේ, කෙලෙස් සහිත බව ස්වභාවකොට ඇත්තෙක්ව කෙලෙස් සහිත බව ස්වභාවකොට ඇත්තක්ම සොයයි. මහණෙනි, මේ අනාර්ය (පෘථග්ජනයන්ගේ) සෙවීමයි.
|
275
‘‘කතමා ච, භික්ඛවෙ, අරියා පරියෙසනා? ඉධ, භික්ඛවෙ, එකච්චො අත්තනා ජාතිධම්මො සමානො ජාතිධම්මෙ ආදීනවං විදිත්වා
|
275
“මහණෙනි, ආර්ය පර්යේෂණය (ආර්යයන්ගේ සෙවීම) කවරේද? මහණෙනි, ‘මේ ලෝකයෙහි ඇතැමෙක් ජාතිය ස්වභාව කොට ඇත්තෙක්ව ජාතිය ස්වභාව කොට ඇති දෙයෙහි දෝෂය දැන, ඉපදීමක් නැති, නිරුත්තරවූ, සතර යොගයෙන් මිදුනාවූ නිවණ සොයයි.
“තෙමේ ජරාව ස්වභාවකොට ඇත්තෙක්ව ජරාව ස්වභාව කොට ඇති දෙයෙහි දෝෂය දැන, ජරාවක් නැති, නිරුත්තරවූ, සතර යොගයෙන් මිදුණාවූ නිවණ සොයයි.
“තෙමේ ව්‍යාධිය ස්වභාව කෙට ඇත්තෙක්ව ව්‍යාධිය ස්වභාව කොට ඇති දෙයෙහි දෝෂය දැන, ව්‍යාධියක් නැති, නිරුත්තරවූ, සතර යොගයෙන් මිදුනාවූ නිවණ සොයයි.
“තෙමේ මරණය ස්වභාව කොට ඇත්තෙක්ව මරණය ස්වභාව කොට ඇති දෙයෙහි දෝෂය දැන මරණයක් නැති, නිරුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිවණ සොයයි.
“තෙමේ ශෝකය ස්වභාව කොට ඇත්තෙක්ව ශෝකය ස්වභාවකොට ඇති දෙයෙහි දෝෂය දැන ශෝකයක් නැති, නිරුත්තරවූ, සතර යොගයෙන් මිදුණාවූ නිවණ සොයයි.
“තෙමේ කෙලෙස් සහිත බව ස්වභාවකොට ඇත්තෙක්ව කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇති දෙයෙහි දෝෂය දැන කෙලෙස් සහිත ස්වභාවයක් නැති. නිරුත්තරවූ, සතර යොගයෙන් මිදුණාවූ නිවණ සොයයි. මහණෙනි, මේ ආර්යවූ සෙවීමයි.
|
276
‘‘අහම්පි සුදං, භික්ඛවෙ, පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධො බොධිසත්තොව සමානො අත්තනා ජාතිධම්මො සමානො ජාතිධම්මංයෙව පරියෙසාමි, අත්තනා ජරාධම්මො සමානො ජරාධම්මංයෙව පරියෙසාමි, අත්තනා
|
276
“මහණෙනි, මමද බුදුවන්නට පෙර බුදුනොවූ බෝසත් වූයේම තෙමේ ජාතිය ස්වභාවකොට ඇත්තෙක්ව ජාතිය ස්වභාව කොට ඇත්තක්ම සෙවීමි.
“තෙමේ ජරාව ස්වභාවකොට ඇත්තෙක්ව ජරාව ස්වභාව කොට ඇත්තක්ම සෙවීමි.
“තෙමේ ව්‍යාධිය ස්වභාවකොට ඇත්තෙක්ව ව්‍යාධිය ස්වභාව කොට ඇත්තක්ම සෙවීමි.
“තෙමේ මරණය ස්වභාව කොට ඇත්තෙක්ව මරණය ස්වභාව කොට ඇත්තක්ම සෙවීමි.
“තෙමේ ශෝකය ස්වභාව කොට ඇත්තෙක්ව ශෝකය ස්වභාව කොට ඇත්තක්ම සෙවීමි.
“තෙමේ කෙලෙස් සහිත බව ස්වභාවකොට ඇත්තෙක්ව කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තක්ම සෙවීමි.
“මහණෙනි, ඒ මට මෙබඳු කල්පනාවක් විය. කුමක් හෙයින් මම ජාතිය ස්වභාවකොට ඇත්තෙක්ව ජාතිය ස්වභාව කොට ඇත්තක්ම සොයන්නෙම්ද? කුමක් හෙයින් ජරාව ස්වභාවකොට ඇත්තෙක්ව ජරාව ස්වභාවකොට ඇත්තක්ම සොයන්නෙම්ද? කුමක් හෙයින් ව්‍යාධිය ස්වභාව කොට ඇත්තෙක්ව ව්‍යාධිය ස්වභාව කොට ඇත්තක්ම සොයන්නෙම්ද? කුමක් හෙයින් මරණය ස්වභාවකොට ඇත්තෙක්ව මරණය ස්වභාව කොට ඇත්තක්ම සොයන්නෙම්ද? කුමක් හෙයින් ශෝකය ස්වභාව කොට ඇත්තෙක්ව ශෝකය ස්වභාව කොට ඇත්තක්ම සොයන්නෙම්ද? කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තෙක්ව කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තෙක්ම සොයන්නෙම්ද? යම් හෙයකින් ජාතිය ස්වභාව කොට ඇත්තාවූ මම ජාතිය ස්වභාවකොට ඇති දෙයෙහි දෝෂය දැක ජාතියක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිවණ සොයන්නෙම් නම්, ජරාව ස්වභාවකොට ඇත්තාවූ මම ජරාව ස්වභාව කොට ඇති දෙයෙහි දෝෂය දැක ජරාවක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිවණ සොයන්නෙම් නම්, ව්‍යාධිය ස්වභාව කොට ඇත්තාවූ මම ව්‍යාධිය ස්වභාව කොට ඇති දෙයෙහි දෝෂය දැක ව්‍යාධියක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිවණ සොයන්නෙම් නම්. මරණය ස්වභාව කොට ඇත්තාවූ මම මරණය ස්වභාව කොට ඇති දෙයෙහි දෝෂය දැක මරණයක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිවණ සොයන්නෙම් නම්, ශෝකය ස්වභාව කොට ඇත්තාවූ මම ශෝකය ස්වභාව කොට ඇති දෙයෙහි දෝෂය දැක ශෝකයක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිවණ සොයන්නෙම් නම්, කෙලෙස් සහිත බව ස්වභාවකොට ඇති මම කෙලෙස් සහිත බව ස්වභාවකොට ඇති දෙයෙහි දෝෂය දැක කෙලෙස් සහිත ස්වභාවයක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිවණ සොයන්නෙම් නම් හොඳය. (යනුවෙනි.)
|
277
‘‘සො ඛො අහං, භික්ඛවෙ, අපරෙන සමයෙන දහරොව සමානො සුසුකාළකෙසො
‘‘අථ ඛ්වාහං, භික්ඛවෙ, යෙන ආළාරො කාලාමො තෙනුපසඞ්කමිං; උපසඞ්කමිත්වා ආළාරං කාලාමං එතදවොචං - ‘කිත්තාවතා නො, ආවුසො කාලාම, ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමීති පවෙදෙසී’ති
(උපසම්පජ්ජ පවෙදෙසීති (සී. ස්‍යා. පී.))? එවං වුත්තෙ, භික්ඛවෙ, ආළාරො කාලාමො ආකිඤ්චඤ්ඤායතනං
‘‘අථ ඛ්වාහං, භික්ඛවෙ, යෙන ආළාරො කාලාමො තෙනුපසඞ්කමිං; උපසඞ්කමිත්වා ආළාරං කාලාමං එතදවොචං -
‘එත්තාවතා නො, ආවුසො කාලාම, ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසී’ති?
‘එත්තාවතා
‘අහම්පි
‘ලාභා නො, ආවුසො, සුලද්ධං නො, ආවුසො, යෙ මයං ආයස්මන්තං තාදිසං සබ්රහ්මචාරිං පස්සාම. ඉති යාහං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙමි තං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරසි. යං ත්වං
|
277
“මහණෙනි, ඒ මම එයින් ටික කලකට පසු, තරුණ වයස් ඇත්තේම කළුවූ හිසකෙස් ඇත්තේම, පළමුවෙනි වයසෙහි යහපත් යෞවන භාවයෙන් යුක්තවූයේ, නොකැමැතිවූ මවුපියන් අඬද්දී, හිසකෙස් රැවුල් බා කහවත් හැඳගෙන ගිහිගෙන් නික්ම අනගාරිකව පැවිදිවීමි. මෙසේ පැවිදිවූ මම කුසල් කුමක් දැයි සොයමින් නිරුත්තරවූ උතුම් නිර්වාණය සොයමින් කාලාම ගොත්‍ර ඇති ආළාර තවුස්තෙම යම් තැනෙක්හිද එතැනට ගියෙමි, ගොස්, කාලාම ගොත්‍ර ඇති ආළාර තාපසයාට මෙසේ කීයෙමි. “ඇවැත්නි කාලාමයෙනි, මම මේ සස්නෙහි උතුම් හැසිරීමෙහි පිළිපැදීමට කැමැත්තෙමි’යි (යනුයි) මහණෙනි, මෙසේ කී කල්හි කාලාම නම්වූ ආළාර තෙම මට මෙසේ කීයේය.” “යම් තැනක නුවණැත්තාවූ පුරුෂයෙක් නොබෝ කලකින් ස්වකීය ආචාර්යවරයාගේ ධර්මය දැන ප්රත්යක්ෂකොට වාසය කරන්නේද මේ ධර්මය තෙම එබඳුය. එහෙයින් ආයුෂ්මත් තෙම වාසය කෙරේවා”යි (යනුවෙනි.)
“මහණෙනි, ඒ මම නොබෝ කලකින් වහාම ඔවුන්ගේ ධර්මය අසා ඉගෙන ගත්තෙමි. මහණෙනි, ඒ මම ඔහු කියූ දෙයට පිළිතුරු දීමට තොල් සෙලවූ පමණින් පිළිතුරු දුන් පමණින් දැනීම ස්ථිරයයි යන වචනයද කියමි. දනිමි, දකිමියිද කියමි. මා පමණක් නොව අන්‍යයෝද (මා ගැන) එසේ ප්‍රකාශ කරති. මහණෙනි, ඒ මට ආළාරකාලාම තෙම මේ ධර්මය හුදෙක් ඇදහීම් පමණකින් තෙමේ විශිෂ්ට ඥානයෙන් ප්රත්යක්ෂ කොට දැන වාසය කරමියි ප්‍රකාශ නොකරයි. ආළාරකාලාම තෙම ඒකාන්තයෙන් මේ ධර්මය දැන දැක වාසය කෙරේය යන අදහස පහළ විය. ඉක්බිති මහණෙනි, මම ආළාරකාලාමයන් වෙත ගොස් මෙසේ ඇසීමි. ‘ඇවැත්නි, කාලාමයෙනි, කොපමණකින් තෙමේ මේ ධර්මය දැන ප්රත්යක්ෂ කොට ඊට එළඹ ප්‍රකාශ කෙරේදැ’යි (කියාය) මහණෙනි මෙසේ කී කල්හි ආළාරකාලාම තෙම ආකිඤ්චඤ්ඤායතනය දක්වා කීයේය. මහණෙනි, ඒ මට මේ අදහස පහළ විය. ආළාරකාලාමහට පමණක් ශ්‍රද්ධාව ඇත්තේ නොවෙයි. මටද ශ්‍රද්ධාව ඇත. ආළාරකාලාම හට පමණක් වීර්ය ඇත්තේ නොවෙයි. මටද වීර්ය ඇත්තේය. ආළාරකාලාම හට පමණක් සිහිය ඇත්තේ නොවෙයි. මටද සිහිය ඇත්තේය. ආළාරකාලාම හට පමණක් සමාධිය ඇත්තේ නොවෙයි. මටද සමාධිය ඇත්තේය. ආළාරකාලාම හට පමණක් ප්‍රඥාව ඇත්තේ නොවෙයි. මටද ප්‍රඥාව ඇත්තේය. ආළාරකාලාමයා යම් ධර්මයක් ප්රත්යක්ෂකොට දැන වාසය කරමියි කියයි නම් ඒ ධර්මය ප්රත්යක්ෂකොට දැනගන්නට වීර්ය කරන්නෙම් නම් හොඳය (කියායි.)
“මහණෙනි, ඒ මම නොබෝ කලකින් වහාම ඒ ධර්මය තමාම දැන ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය කෙළෙමි. මහණෙනි, ඉක්බිති මම ආළාරකාලාම තෙම යම් තැනෙක්හිද එතැනට ගියෙමි, ගොස්, ආළාරකාලාමගෙන් ‘ඇවැත්නි, කාලාමයෙනි, මේ ධර්මය තමා ප්රත්යක්ෂ කොට දැනගෙන ප්‍රකාශ කරන්නේ මෙපමණකින්දැ’යි ඇසීමි. ඇවැත්නි, මේ ධර්මය මා දැනගෙන ප්‍රකාශ කරන්නේ මෙපමණකින්ය’යි (හෙතෙම කීයේය) ‘ඇවැත්නි, මමත් මේ ධර්මය මෙපමණකින් දැනගෙන වාසය කෙරෙමි’යි (කීයෙමි)
“ඇවැත්නි, යම් ඒ අපි ආයුෂ්මතුන් වැනිවූ සමාන බඹසර ඇත්තෙකු දක්නෙමුද ඒ අපට ලාභයෙකි. උතුම් ලාභයකි. මම යම් ධර්මයක් තෙමේම ප්රත්යක්ෂකොට දැන ඊට පැමිණ ප්‍රකාශකරන්නෙම්ද, ඒ ධර්මය ඔබද තෙමේම ප්රත්යක්ෂව දැන ඊට පැමිණ වාසය කරන්නෙහිය. ඔබ යම් ධර්මයක් ප්රත්යක්ෂ කොට දැනගෙන වාසය කරන්නෙහි නම්, ඒ ධර්මය මමද ප්රත්යක්ෂ කොට දැනගෙන ප්‍රකාශකරමි. මෙසේ මම යම් ධර්මයක් දනිම් නම් ඔබද එය දන්නෙහිය, ඔබ යම් ධර්මයක් දන්නෙහි නම් මමද ඒ ධර්මය දනිමි. මෙසේ මම යම්බඳුද ඔබත් එබඳුය. ඔබ යම්බඳුද මාත් එබඳුය. ඇවැත්නි, එනු මැනව. දෙදෙනම එක්ව මේ ශිෂ්‍ය සමූහය පාලනය කරමු’යි (කීයේය.) “මහණෙනි, මෙසේ මාගේ ආචාර්යවූම ආළාරකාලාම තෙම අතවැසිවූ මා සම සම තන්හි තැබීය. උසස් පූජායෙන් පිදීය.
“මහණෙනි, ඒ මට මෙසේ සිත්විය. මේ ධර්මය තෙම කලකිරීම පිණිස, නොඇල්ම පිණිස, කෙලෙස් නැති කිරීම පිණිස, කෙලෙස් සංසිඳීම පිණිස, විශේෂයෙන් දැනගැනීම පිණිස, අවබෝධය පිණිස, නිවන් පිණිස නොපවතියි. ආකිඤ්චඤ්ඤායතන බඹලොව ඉපදීම පිණිස පමණක් පවතියි.
“මහණෙනි, ඒ මම ඒ ධර්මය ප්‍රමාණ නොවේයයි සලකා ඒ ධර්මයෙහි කලකිරීම ඉවත්ව ගියෙමි.
|
278
‘‘සො ඛො අහං, භික්ඛවෙ, කිං කුසලගවෙසී අනුත්තරං සන්තිවරපදං පරියෙසමානො යෙන උදකො
(උද්දකො (සී. ස්‍යා. පී.)) රාමපුත්තො තෙනුපසඞ්කමිං; උපසඞ්කමිත්වා උදකං රාමපුත්තං එතදවොචං - ‘ඉච්ඡාමහං, ආවුසො
(ආවුසො රාම (සී. ස්‍යා. ක.) මහාසත්තො රාමපුත්තමෙව අවොච, න රාමං, රාමො හි තත්ථ ගණාචරියො භවෙය්ය, තදා ච කාලඞ්කතො අසන්තො. තෙනෙවෙත්ථ රාමායත්තානි ක්රියපදානි අතීතකාලවසෙන ආගතානි, උදකො ච රාමපුත්තො මහාසත්තස්ස සබ්රහ්මචාරීත්වෙව වුත්තො, න ආචරියොති. ටීකායං ච ‘‘පාළියං රාමස්සෙව සමාපත්තිලාභිතා ආගතා න උදකස්සා’’ති ආදි පච්ඡාභාගෙ පකාසිතා), ඉමස්මිං ධම්මවිනයෙ බ්රහ්මචරියං චරිතු’න්ති. එවං වුත්තෙ, භික්ඛවෙ, උදකො රාමපුත්තො මං එතදවොච - ‘විහරතායස්මා; තාදිසො අයං ධම්මො යත්ථ විඤ්ඤූ පුරිසො නචිරස්සෙව සකං ආචරියකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්යා’ති. සො ඛො අහං, භික්ඛවෙ, නචිරස්සෙව ඛිප්පමෙව තං ධම්මං පරියාපුණිං. සො ඛො
‘‘අථ ඛ්වාහං, භික්ඛවෙ, යෙන උදකො රාමපුත්තො තෙනුපසඞ්කමිං; උපසඞ්කමිත්වා උදකං රාමපුත්තං එතදවොචං - ‘කිත්තාවතා නො, ආවුසො, රාමො ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ
‘‘අථ ඛ්වාහං, භික්ඛවෙ, යෙන උදකො රාමපුත්තො තෙනුපසඞ්කමිං; උපසඞ්කමිත්වා උදකං රාමපුත්තං එතදවොචං -
‘එත්තාවතා නො, ආවුසො, රාමො ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසී’ති?
‘එත්තාවතා ඛො, ආවුසො, රාමො ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසී’ති.
‘අහම්පි ඛො, ආවුසො, එත්තාවතා ඉමං
‘ලාභා නො, ආවුසො, සුලද්ධං නො, ආවුසො, යෙ මයං ආයස්මන්තං තාදිසං සබ්රහ්මචාරිං පස්සාම. ඉති යං ධම්මං රාමො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසි, තං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරසි. යං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරසි, තං ධම්මං රාමො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසි. ඉති යං ධම්මං රාමො අභිඤ්ඤාසි තං ත්වං ධම්මං ජානාසි, යං ත්වං ධම්මං ජානාසි, තං ධම්මං රාමො අභිඤ්ඤාසි. ඉති යාදිසො රාමො අහොසි තාදිසො තුවං, යාදිසො තුවං තාදිසො රාමො අහොසි. එහි දානි, ආවුසො, තුවං ඉමං ගණං පරිහරා’ති
|
278
“මහණෙනි, ඒ මම කුසල් කුමක්දැයි සොයමින්, නිරුත්තරවූ උතුම් නිර්වාණය සොයමින් උද්දකරාම පුත්ත තෙම යම් තැනෙක්හිද එතැනට ගියෙමි. ගොස් උද්දකරාම පුත්ත තාපසයාට මෙසේ කීයෙමි. “ඇවැත්නි, මම මේ ධර්මයෙහි හැසිරෙන්ට කැමැත්තෙමි’යි (කීයෙමි) “මහණෙනි, මෙසේ කී කල්හි උද්දකරාම පුත්ත තෙම මට මෙසේ කීයේය. ‘යම් තැනක නුවණැත්තාවූ පුරුෂයෙක් තෙම නොබෝ කලකින් ස්වකීය ආචාර්යවරයාගේ ධර්මය තමාම දැන ප්රත්යක්ෂකොට වාසය කරන්නේද මේ ධර්මය තෙම එබඳුය එහෙයින් ආයුෂ්මත් තෙම වාසය කෙරේවායි (කියායි.)
“මහණෙනි, ඒ මම නොබෝ කලකින් වහාම ඔවුන්ගේ ධර්මය ඉගෙන ගත්තෙමි.
“මහණෙනි, ඒ මම ඔහුට උත්තර දීමට තොල් සෙලවූ පමණින් වචනයක් කියූ පමණින් දනිමි යන වචනයද දැනීම ස්ථිරය යන වචනයද ප්‍රකාශ කරමි. මම දනිමි. දකිමියි කියමි. මා පමණක් නොව අන්‍යයෝද (මා ගැන) එසේ කියතියි කියමි.
“මහණෙනි, ඒ මට මෙබඳු හිතක් විය. උද්දකරාම පුත්ත තෙම මේ ධර්මය හුදෙක් ඇදහීම් පමණකින් තෙමේම ප්රත්යක්ෂ කොට දැනගෙන වාසය කරමියි ප්‍රකාශ නොකරයි. උද්දකරාම පුත්තෙම ඒකාන්තයෙන් මේ ධර්මය දැන දැන වාසය කෙළේයයි (මට කල්පනා විය) ඉක්බිති මහණෙනි, මම උද්දකරාම පුත්ත යම් තැනකද එතැනට පැමිණියෙමි පැමිණ මෙසේ ඇසීමි.
“ඇවැත් රාමයෙනි, කොපමණකින් මේ ධර්මය තෙමේම ප්රත්යක්ෂ කොට ඊට එළඹ ප්‍රකාශ කෙරේදැ’යි (කියාය.) මහණෙනි, මෙසේ කී කල්හි උද්දකරාම පුත්ත තෙම නෙවසඤ්ඤානාසඤ්ඤායතනය දක්වා කීයේය. මහණෙනි, ඒ මට මෙසේ සිත්විය. රාමහටම ශ්‍රද්ධා ඇත්තේ නොවෙයි. මට ද ශ්‍රද්ධා ඇත. රාමහටම වීර්ය ඇත්තේ නොවෙයි. මටද වීර්ය ඇත්තේය. රාම හටම සමාධිය ඇත්තේ නොවෙයි. මටද සමාධිය ඇත්තේය. රාමහටම ප්‍රඥාව ඇත්තේ නොවෙයි, මටද ප්‍රඥාව ඇත්තේය. රාම තෙමේ “යම් ධර්මයක් තමන්ම දැන ප්රත්යක්ෂ කොට වාසය කරමියි’ කියයි නම් ඒ ධර්මය තමන්ම ප්රත්යක්ෂ කිරීම සඳහා වීර්ය කරන්නෙම් නම් යහපත්ය (කියාය)
“මහණෙනි, නොබෝ කලකින් වහාම ඒ ධර්මය මම ද ප්රත්යක්ෂ කොට ඊට පැමිණ වාසය කෙළෙමි. ‘මහණෙනි, ඉක්බිති මම උද්දකරාම පුත්ත තෙම යම් තැනෙක්හිද එතැනට ගියෙමි. ගොස් උද්දකරාම පුත්ත හට මෙසේ කීවෙමි. ‘ඇවැත් රාමයෙනි, මෙපමණකින් මේ ධර්මය තෙමේම ප්රත්යක්ෂ කොට දැනගෙන ඊට පැමිණ ප්‍රකාශ කරන්නේදැයි රාම පුත්තගෙන් ඇසීමි. ඇවැත්නි, මේ ධර්මය රාම තෙමේ මෙතෙකින් තෙමේද ප්රත්යක්ෂකොට දැන ඊට පැමිණ ප්‍රකාශ කෙරේයයි (හෙතෙම කීයේය) ඇවැත්නි, මමත් මේ ධර්මය මෙපමණකින් තමාම ප්රත්යක්ෂව දැන ඊට පැමිණ වාසය කරමියි කීයෙමි.
“ඇවැත්නි, යම් ඒ අපි ආයුෂ්මතුන් වැනිවූ සමාන බඹසර ඇත්තෙකු දකිමුද ඒ අපට ලාභයෙකි. උතුම් ලාභයකි. මෙසේ යම් ධර්මයක් රාම තෙමේ තමාම ප්රත්යක්ෂ කොට දැනගෙන ඊට පැමිණ ප්‍රකාශ කෙළේද ඒ ධර්මය ඔබද තමාම ප්රත්යක්ෂකොට දැන ඊට පැමිණ වාසය කරන්නෙහිය. ඔබ යම් ධර්මයක් ප්රත්යක්ෂ කොට දැන ඊට පැමිණ වාසය කරන්නෙහිද, ඒ ධර්මය රාම තෙමේ ප්රත්යක්ෂ කොට දැනගෙන ඊට පැමිණ ප්‍රකාශ කෙළේය. මෙසේ රාම තෙමේ යම් ධර්මයක් දනියිද ඔබද එය දන්නෙහිය, ඔබ යම් ධර්මයක් දන්නෙහිද රාම තෙමේද ඒ ධර්මය දනියි. මෙසේ රාම යම්බඳුද ඔබත් එබඳුය. ඔබ යම්බඳු
ද රාම තෙමේත් එබඳුය. ඇවැත්නි, එව දෙදෙනම එක්ව මේ ශිෂ්‍ය සමූහයා පාලනය කරමුයි (කීයේය.)
“මහණෙනි, මෙසේ එක්ව බඹසර වසන්නෙක්වූ උද්දක රාම පුත්ත තෙමේ මා ආචාර්ය තනතුරෙහි තැබීය. උතුම් පූජායෙන් පිදීය.
“මහණෙනි, ඒ මට මෙසේ සිත් විය. මේ ධර්මයතෙම කලකිරීම පිණිස, නො ඇල්ම පිණිස, කෙලෙස් නැති කිරීම පිණිස, කෙලෙස් සංසිඳීම පිණිස, දැනගැනීම පිණිස, අවබෝධය පිණිස, නිවන් පිණිස, නොපවතියි. නෙවසඤ්ඤා නාසඤ්ඤායතන බඹලොව ඉපදීම පිණිස පමණක් පවතියි.
“මහණෙනි, ඒ මම ඒ ධර්මය ප්‍රමාණ නොකොට ඒ ධර්මයෙහි කලකිරී ඉවත්ව ගියෙමි.
|
279
‘‘සො ඛො අහං, භික්ඛවෙ, කිං කුසලගවෙසී අනුත්තරං සන්තිවරපදං පරියෙසමානො මගධෙසු අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන උරුවෙලා සෙනානිගමො තදවසරිං. තත්ථද්දසං
|
279
“මහණෙනි, ඒ මම කුසල් කුමක්දැයි සොයමින් අනුත්තරවූ නිර්වාණය සොයමින් මගධරට පිළිවෙළින් සැරිසරා යන්නෙම් උරුවල් දනව්වෙහි සේනානි නම් නියම්ගම යම් තැනෙක්හිද එහි ගියෙමි. එහි ගලායන ගඟ ඇත්තාවූද සුදු වැලිතලා ඇත්තාවූද යහපත් තොටවල් ඇත්තාවූද හාත්පස ගොදුරුගම් ඇත්තාවූද ප්‍රසාදය එළවන්නාවූ සිත් සතුටුකරන්නාවූ වන ලැහැබක් ඇති බිම් පෙදෙසක් දිටිමි. මහණෙනි, ඒ මට මෙසේ සිත් විය. ඒකාන්තයෙන් බිම් පෙදෙස සිත්කලුය, වනලැහැබ ප්‍රසාදය එළවන්නේය, දිය ගලා බස්නා සුදු වැලිතලා ඇති මනා තොටු ඇති ගඟද සිත් කලුය. හාත්පස ගොදුරු ගමද වෙයි. වීර්ය කරන කුලපුත්‍රයෙකුට වීර්ය කිරීම පිණිස මේ ස්ථානය සුදුසුයයි (කියායි.)
“මහණෙනි, ඒ මම වීර්ය කිරීම පිණිස මේ තැන සුදුසු යයි සිතා වීර්යය වැඩීම පිණිස එහිම හිඳගත්තෙමි.
|
280
‘‘සො ඛො අහං, භික්ඛවෙ, අත්තනා ජාතිධම්මො සමානො ජාතිධම්මෙ ආදීනවං විදිත්වා අජාතං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසමානො අජාතං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං අජ්ඣගමං, අත්තනා ජරාධම්මො සමානො ජරාධම්මෙ ආදීනවං විදිත්වා අජරං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසමානො අජරං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං අජ්ඣගමං, අත්තනා බ්යාධිධම්මො සමානො බ්යාධිධම්මෙ ආදීනවං විදිත්වා අබ්යාධිං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසමානො අබ්යාධිං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං අජ්ඣගමං, අත්තනා මරණධම්මො සමානො මරණධම්මෙ ආදීනවං විදිත්වා අමතං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං අජ්ඣගමං, අත්තනා සොකධම්මො සමානො සොකධම්මෙ ආදීනවං විදිත්වා අසොකං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං අජ්ඣගමං, අත්තනා සංකිලෙසධම්මො සමානො සංකිලෙසධම්මෙ ආදීනවං විදිත්වා අසංකිලිට්ඨං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසමානො අසංකිලිට්ඨං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං අජ්ඣගමං. ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි - ‘අකුප්පා මෙ විමුත්ති, අයමන්තිමා ජාති, නත්ථි දානි පුනබ්භවො’ති.
|
280
“මහණෙනි, ඒ මම, තෙමේ ජාතිය ස්වභාවකොට ඇත්තෙක්ව ජාතිය ස්වභාවකොට ඇති දෙයෙහි දෝෂය දැන ජාතියක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුනාවූ නිර්වාණය සොයන්නෙම් ජාතියක් නැති අනුත්තරවූ, සතර යොගයෙන් මිදුනාවූ නිවණ අවබෝධ කරගතිමි.
“තෙමේ ජරාව ස්වභාවකොට ඇත්තෙක්ව ජරාව ස්වභාව කොට ඇති දෙයෙහි දෝෂය දැක ජරාවක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුනාවූ නිර්වාණය සොයන්නෙම් ජරාවක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුනාවූ නිවණ අවබෝධ කරගතිමි.
“තෙමේ ව්‍යාධිය ස්වභාවකොට ඇත්තෙක්ව ව්‍යාධිය ස්වභාව කොට ඇති දෙයෙහි දෝෂය දැක ව්‍යාධියක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුනාවූ නිර්වාණය සොයන්නෙම් ව්‍යාධියක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුනාවූ නිවණ අවබෝධ කරගතිමි.
“තෙමේ මරණය ස්වභාවකොට ඇත්තෙක්ව මරණය ස්වභාව කොට ඇති දෙයෙහි දෝෂය දැක මරණයක් නැති, අනුත්තරවූ සතර යොගයෙන් මිදුනාවූ නිර්වාණය සොයන්නෙම් මරණයක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුනාවූ නිවණ අවබෝධ කර ගතිමි.
“තෙමේ ශෝකය ස්වභාව කොට ඇත්තෙක්ව ශෝකය ස්වභාව කොට ඇති දෙයෙහි දෝෂය දැක ශෝකයක් නැති අනුත්තරවූ සතර යෝගයෙන් මිදුණාවූ නිර්වාණය සොයන්නෙම් ශෝකයක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුනාවූ නිවණ අවබෝධ කර ගතිමි.
“තෙමේ කෙලෙස් සහිතබව ස්වභාව කොට ඇත්තෙක්ව කෙලෙස් සහිතබව ස්වභාව කොට ඇති දෙයෙහි දෝෂය දැක කෙලෙස් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිර්වාණය සොයන්නෙම් කෙලෙස් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිවණ අවබෝධ කර ගතිමි.
මට සියල්ල දන්නා නුවණ පහළ විය, මාගේ අර්හත් ඵලය නැවත වෙනස් කළ නොහැකිය, මේ මගේ අන්තිම ජාතියය, නැවත ඉපදීමක් නැත යන දැනීම මට ඇතිවිය.
|
281
‘‘තස්ස
‘කිච්ඡෙන මෙ අධිගතං, හලං දානි පකාසිතුං;
රාගදොසපරෙතෙහි, නායං ධම්මො සුසම්බුධො.
‘පටිසොතගාමිං නිපුණං, ගම්භීරං දුද්දසං අණුං;
රාගරත්තා න දක්ඛන්ති, තමොඛන්ධෙන ආවුටා’’’ති
(ආවටාති (සී.), ආවුතා (ස්‍යා.)).
|
281
“මහණෙනි, ඒ මට මෙසේ අදහස් විය. මා විසින් අවබෝධ කරගන්නා ලද මේ ධර්මය ගැඹුරුය, දැකීම දුෂ්කරය, අවබෝධ කර ගැනීම අමාරුය, ශාන්තය, ප්‍රණීතය, තර්කයෙන් බැසගත නොහැක, සියුම්ය, පණ්ඩිතයන් විසින් දතයුතුය. මේ සත්ව ප්‍රජාව පංචකාමයෙහි ඇලී සතුටු වන්නීය. පංචකාමයෙහි ආශා ඇත්තීය. පංචකාමයෙහි සතුටු වූවාය. පංචකාමයෙහි ඇලී සතුටු වන්නාවූ පඤ්ච කාමයට ආශා කරන්නාවූ පඤ්චකාමයෙන් සතුටුවන්නාවූ මේ සත්ත්ව සමූහයා විසින් මේ හේතුවෙන් මේ ඵලය ඇති වන්නේය යන පටිච්ච සමුප්පාදය දැක ගැනීම අපහසුය. සියලු සංස්කාරයන්ගේ සංසිඳීමට හේතුවූ සියලු උපධීන්ගෙන් මිදීමට හේතුවූ තෘෂ්ණාව නැතිවීමට හේතුවූ කෙලෙස් පහ කිරීමට හේතුවූද සියලු දුක් නැති කිරීමට හේතුවූ යම් ඒ නිර්වාණයක් වේද යන මේ කාරණයද දැක ගැනීම අපහසුය.
“මමද ධර්මය දේශනා කරන්නෙම් නම් අන්‍යයෝද මාගෙන් අසා අවබෝධ කර නොගන්නාහු නම් එය මට ක්ලාන්ත බවක් වෙහෙසක් වන්නේය. මහණෙනි, ඉක්බිති මට පෙර නොඇසූ විරූ ආශ්චර්යවූ මේ ගාථාවෝ වැටහුනාහුය.
“මා විසින් දුකසේ අවබෝධ කරගන්නා ලද මේ ධර්මය දැන් ප්‍රකාශ කිරීමට සුදුසු නැත. රාගයෙන් හා ද්වේෂයෙන් මඩනා ලද්දාවුන් විසින් මේ ධර්මය පහසුවෙන් තේරුම් ගත නොහැකි වෙයි.
“ගඟ උඩු අතට ගැලීමක් වැනිවූ සියුම්වූ ගැඹුරුවූ අවබෝධය අපහසුවූ අතිශයින් සියුම්වූ මේ ධර්මය රාගයෙන් රත්වූ මෝහයෙන් වටවූ මේ සත්ත්වයෝ අවබෝධ කර නොගන්නාහ.”
|
282
‘‘ඉතිහ මෙ, භික්ඛවෙ, පටිසඤ්චික්ඛතො අප්පොස්සුක්කතාය චිත්තං නමති, නො ධම්මදෙසනාය. අථ ඛො, භික්ඛවෙ, බ්රහ්මුනො සහම්පතිස්ස මම චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය එතදහොසි - ‘නස්සති වත භො ලොකො, විනස්සති වත භො ලොකො, යත්ර හි නාම තථාගතස්ස අරහතො සම්මාසම්බුද්ධස්ස අප්පොස්සුක්කතාය චිත්තං නමති
(නමිස්සති (?)), නො ධම්මදෙසනායා’ති. අථ ඛො, භික්ඛවෙ, බ්රහ්මා සහම්පති - සෙය්යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්ය, එවමෙව - බ්රහ්මලොකෙ අන්තරහිතො මම පුරතො පාතුරහොසි. අථ ඛො, භික්ඛවෙ, බ්රහ්මා සහම්පති එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙනාහං තෙනඤ්ජලිං පණාමෙත්වා මං එතදවොච - ‘දෙසෙතු, භන්තෙ, භගවා ධම්මං, දෙසෙතු
‘පාතුරහොසි
ධම්මො අසුද්ධො සමලෙහි චින්තිතො;
අපාපුරෙතං
(අවාපුරෙතං (සී.)) අමතස්ස ද්වාරං,
සුණන්තු ධම්මං විමලෙනානුබුද්ධං.
‘සෙලෙ
යථාපි පස්සෙ ජනතං සමන්තතො;
තථූපමං ධම්මමයං සුමෙධ,
පාසාදමාරුය්හ සමන්තචක්ඛු;
සොකාවතිණ්ණං
(සොකාවකිණ්ණං (ස්‍යා.)) ජනතමපෙතසොකො,
අවෙක්ඛස්සු ජාතිජරාභිභූතං.
‘උට්ඨෙහි
සත්ථවාහ අණණ විචර ලොකෙ;
දෙසස්සු
(දෙසෙතු (ස්‍යා. ක.)) භගවා ධම්මං,
අඤ්ඤාතාරො භවිස්සන්තී’’’ති.
|
282
“මහණෙනි, මෙසේ සලකන්නාවූ මාගේ සිත මන්දොත්සාහී බවට (හෙවත් දහම් නොදෙසනු කැමති බවට) නැමෙයිත දහම් දෙසීමට නොනැමෙයි. මහණෙනි, එකල්හි සහම්පතී නම් බ්‍රහ්මයාහට ඔහුගේ සිතින් මාගේ සිත දැනගෙන මෙසේ කල්පනා විය. යම් ලොවක සම්‍යක්සම්බුද්ධයන් වහන්සේගේ සිත මන්දොත්සාහී බවට නැමේද දහම් දෙසීමට නොනැමේද ඒ ලෝකය තෙම නැසෙන්නේය. ඒ ලෝකය තෙම විනාශ වන්නේය’ (කියායි.)
“මහණෙනි, ඉක්බිති සහම්පතී බ්‍රහ්ම තෙම යම්සේ ශක්තිමත් පුරුෂයෙක් හකුලනලද අතක් දික් කරන්නේද දික් කරනලද අතක් හකුලන්නේද එපරිද්දෙන් ඇසිල්ලකින් බඹලොවින් අතුරුදහන්ව මාගේ ඉදිරියෙහි පහළ විය.
“මහණෙනි, ඉක්බිති සහම්පතී බ්‍රහ්ම තෙම උතුරු සළුව ඒකාංශකොට පොරවා මා යම් දිසාවෙක්හිද ඒ දිසාවට දොහොත් නමා මට මෙසේ කීයේය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ධර්මය දෙසන සේක්වා. සුගතයන් වහන්සේ ධර්මය දෙසන සේක්වා, ස්වල්පවූ කෙලෙස් ඇති සත්ත්වයෝ ඇත්තාහ. ඔව්හු ධර්මය අසන්නට නැතිකමින් පිරිහෙති. ධර්මය දැනගන්නෝ ඇත්තාහුය.’ (යනුවෙනි)
“මහණෙනි, සහම්පතී බ්‍රහ්ම තෙම මෙසේ කීයේය. මෙසේ කියා අනතුරුව මෙසේ කීය.
“පෙර මගධ රටෙහි රාගාදී මල සහිත ශාස්තෘන් විසින් සිතන ලද අපිරිසිදුවූ ධර්මයක් පහළ විය. මේ නිර්වාණයට දොරටුවූ ආර්ය මාර්ගය විවෘත කරනු මැනව. රාගාදී මල නැති සර්වඥයන් වහන්සේ විසින් අවබෝධ කළාවූ ධර්මය අසත්වා.
“සමතැස් ඇති සර්වඥයන් වහන්ස, ශෛලමය පර්වතයක් මුදුනෙහි සිටියෙක් හාත්පස ජන සමූහය යම්සේ දකීද, එමෙන් පහවූ ශොක ඇති ඔබවහන්සේ ඒ පර්වතයට උපමා ඇති ධර්මය නමැති ප්‍රාසාදයට නැග,
“ජාතියෙන් හා ජරාවෙන් මඩනාලද ශෝකයෙහි වැටී සිටින සත්ත්ව සමූහයා බලත්වා. දිනනලද පස්මරුන් ඇති, සත්ත්වයන් සසර කතරින් එතර කරන හෙයින් සාර්ථවාහකවූ කාමච්ඡන්දය නමැති ණය නැත්තාවූ වීරයන් වහන්ස, නැගිටිනු මැනව. ලෝකයෙහි හැසුරුණ මැනව. භාග්‍යවතුන් වහන්ස, ධර්මය දෙසනසේක්වා, ඒ ධර්මය දැනගන්නෝ වන්නාහ.’ (යනුවෙනි.)
|
283
‘‘අථ ඛො අහං, භික්ඛවෙ, බ්රහ්මුනො ච අජ්ඣෙසනං විදිත්වා සත්තෙසු ච කාරුඤ්ඤතං පටිච්ච බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙසිං. අද්දසං ඛො අහං, භික්ඛවෙ, බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙන්තො සත්තෙ අප්පරජක්ඛෙ
‘අපාරුතා
යෙ සොතවන්තො පමුඤ්චන්තු සද්ධං;
විහිංසසඤ්ඤී පගුණං න භාසිං,
ධම්මං පණීතං මනුජෙසු බ්රහ්මෙ’’’ති.
‘‘අථ ඛො, භික්ඛවෙ, බ්රහ්මා සහම්පති ‘කතාවකාසො ඛොම්හි භගවතා ධම්මදෙසනායා’ති මං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායි.
|
283
“මහණෙනි, එකල්හි මම බඹහුගේද ආරාධනාව දැන සත්ත්වයන් කෙරෙහිද කරුණාවෙන් බුදු ඇසින් ලෝකය බැලීමි. මහණෙනි, බුදු ඇසින් ලොව බලන්නාවූ මම ස්වල්පවූ රාගාදී කෙලෙස් ඇත්තාවූද මහත්වූ රාගාදී කෙලෙස් ඇත්තාවූද තියුණුවූ ශ්‍රද්ධාදී ඉන්ද්රිය ඇත්තාවූද මෘදුවූ ඉන්ද්රිය ඇත්තාවූද ශ්‍රද්ධාදී යහපත් ආකාර ඇත්තාවූද පහසුවෙන් ධර්මය අවබෝධ කරවිය හැකිවූද, පරලොව හා වරදෙහි භය දකිමින් වාසය කරන්නාවූ සත්ත්වයන් දුටිමි.
“යම්සේ නම් උපුල් විලක හෝ හෙළ උපුල් විලක හෝ හෙළ පියුම් විලක හෝ ඇතැම් උපුල් හෝ පියුම් හෝ හෙළ පියුම් හෝ දියෙහි හටගන්නාහු දියෙහි වැඩුනාහු දියෙන් මතු නොවී දිය ඇතුළේම පොෂ්ය වෙත්ද, ඇතැම් උපුල් හෝ පියුම් හෝ හෙළ පියුම් හෝ දියෙහි හටගත්තාහු දියෙහි වැඩුණාහු දිය හා සමව සිටියාහුද, ඇතැම් උපුල් හෝ පියුම් හෝ හෙළ පියුම් හෝ දියෙහි හටගත්තාහු දියෙහි වැඩුනාහු දියෙන් මතුවී දියෙහි නොවැදී සිටියාහුද, මහණෙනි, එපරිද්දෙන්ම මම බුදු ඇසින් ලෝකය බලන්නෙම් ස්වල්පවූ රාගාදී කෙලෙස් ඇත්තාවූද මහත්වූ කෙලෙස් ඇත්තාවූද තියුණුවූ ශ්‍රද්ධාදී ඉන්ද්රිය ඇත්තාවූද, මෘදුවූ ඉන්ද්රිය ඇත්තාවූද, ශ්‍රද්ධාව ආදී යහපත් ආකාර ඇත්තාවූද පහසුවෙන් ධර්මය අවබෝධ කරවිය හැකිවූද, පරලොව හා වරදෙහි භය දකිමින් වාසය කරන්නාවූද සත්ත්වයන් දුටිමි.
“මහණෙනි, ඉක්බිති මම සහම්පතී බ්‍රහ්මයාට ගාථාවකින් පෙරළා මෙසේ කීමි.
“බ්‍රහ්මය, වෙහෙස පිළිබඳ හැඟීම් ඇතිව ප්‍රගුණවූ උතුම් ධර්මය නොකීයෙමි, ඒ සත්ත්වයන්හට නිවණෙහි දොරටු හරින ලද යම් කෙනෙක් තුමූ කන් ඇත්තාවූද අසනු කැමැත්තාහුද ඔහු ශ්‍රද්ධාව එළවත්වා.”
“මහණෙනි, ඉක්බිති සහම්පතී බ්‍රහ්මතෙම භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම දේශනාව පිණිස කරනලද අවකාශ ඇත්තේ වෙමියි මා වැඳ පැදකුණුකොට එහිම අතුරුදන් විය.
|
284
‘‘තස්ස
‘‘තස්ස මය්හං, භික්ඛවෙ, එතදහොසි - ‘කස්ස නු ඛො අහං පඨමං ධම්මං දෙසෙය්යං; කො ඉමං ධම්මං ඛිප්පමෙව ආජානිස්සතී’ති? තස්ස මය්හං, භික්ඛවෙ, එතදහොසි - ‘අයං ඛො උදකො රාමපුත්තො පණ්ඩිතො වියත්තො මෙධාවී දීඝරත්තං අප්පරජක්ඛජාතිකො. යංනූනාහං උදකස්ස රාමපුත්තස්ස පඨමං ධම්මං දෙසෙය්යං. සො ඉමං ධම්මං ඛිප්පමෙව ආජානිස්සතී’ති. අථ ඛො මං, භික්ඛවෙ, දෙවතා උපසඞ්කමිත්වා එතදවොච - ‘අභිදොසකාලඞ්කතො, භන්තෙ, උදකො රාමපුත්තො’ති. ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි - ‘අභිදොසකාලඞ්කතො උදකො රාමපුත්තො’ති. තස්ස මය්හං, භික්ඛවෙ, එතදහොසි - ‘මහාජානියො ඛො උදකො රාමපුත්තො. සචෙ හි සො ඉමං ධම්මං සුණෙය්ය
‘‘තස්ස මය්හං
|
284
“මහණෙනි, ඒ මට මෙසේ සිත්විය. කවරෙකුට මම මේ ධර්මය පළමුවෙන් දේශනා කරන්නෙම්ද? කවරෙක් මේ ධර්මය වහා අවබෝධ කරගන්නේදැ’යි (කියාය.) මහණෙනි, ඒ මට මේ ආළාරකාලාම තෙම පණ්ඩිතය, නුවණැත්තේය. බොහෝ කලක් මුළුල්ලෙහි ස්වල්පවූ රාගාදී කෙලෙස් ඇත්තෙක. යම් හෙයකින් මම ආළාරකාලාමහට පළමුකොට ධර්මය දෙසන්නෙම් නම් හෙතෙම මේ ධර්මය වහාම අවබෝධ කර ගන්නේයයි, සිත් විය. මහණෙනි, එකල්හි දෙවතාවෙක් මා කරා එළඹ ස්වාමීනි, ආළාරකාලාමතෙම මින් සත්දවසකට පෙර කාලක්‍රියා කළේයයි’ කීය මටද ආළාරකාලාම තෙම සත්දවසකට පෙර කාලක්‍රියා කෙළේය යන ඥානය පහළවිය.
“මහණෙනි, ඒ මට ආළාරකාලාමහට වූයේ මහත් පිරිහීමකි. ඉදින් හෙතෙම මේ ධර්මය ඇසූයේ නම් වහාම අවබෝධකරගන්නේයයි සිත් විය.
“මහණෙනි, ඒ මට මම කවරෙකුට පළමුව ධර්ම දේශනා කරන්නෙම්ද? කවරෙක් මේ ධර්මය වහා අවබෝධ කරන්නේදැයි සිත් විය. මහණෙනි, ඉක්බිති මට මේ උද්දක රාමපුත්තතෙම පණ්ඩිතය, නුවණැත්තේය. බොහෝ කලක් මුළුල්ලෙහි ස්වල්පවූ රාගාදී කෙලෙස් ඇත්තෙක යම් හෙයකින් මම උද්දකරාම පුත්තහට පළමුකොට ධර්මය දෙසන්නෙම් නම් හෙතෙම මේ ධර්මය වහාම දැනගන්නේ යයි අදහස් විය. මහණෙනි, එකල්හි දෙවතාවෙක් මා කරා එළඹ ස්වාමීනි, උද්දකරාම පුත්ත තෙම ඊයේ රාත්‍රි කාලක්‍රියා කෙළේයයි කීය. උද්දකරාම පුත්ත ඊයේ රාත්‍රි කාලක්‍රියා කෙළේය යන ඥානය මටද පහළ විය. ඒ මට කවරෙකුට මම පළමුව ධර්මදේශනා කරන්නෙම්ද? කවරෙක් මේ ධර්මය වහා අවබෝධ කර ගන්නේදැයි අදහස් විය. මහණෙනි, ඒ මට මේ කල්පනාව ඇතිවිය. යම් කෙනෙක් මට ප්‍රධාන වීර්ය කරන කාලයෙහි උපස්ථාන කළාහුද ඒ පස්වග භික්ෂූහු මට බොහෝ උපකාරී වූහ. මම පළමුකොට පස්වග මහණුන්හට ධර්මදේශනා කරන්නෙම් නම් යෙහෙකි (කියාය) මහණෙනි, ඒ මට දැන් පස්වග මහණහු කොතැන්හි වෙසෙත් දැයි අදහස් විය. මහණෙනි, මම පිරිසිදුවූ මිනිස් ඇස ඉක්ම පැවැත්තාවූ දිවැසින් බරණැස් නුවර ඉසිපතනයෙහි මිගදාය නම් ස්ථානයෙහි වාසය කරන්නාවූ පස්වග භික්ෂූන් දුටුවෙමි.
“මහණෙනි, ඉක්බිති මම උරුවෙල් දනව්වෙහි කැමතිතාක් කල් වාසයකොට බරණැස යම් තැනෙක්හිද එතනට ගියෙමි.
|
285
‘‘අද්දසා ඛො මං, භික්ඛවෙ, උපකො ආජීවකො අන්තරා
(ආජීවිකො (සී. පී. ක.)) ච ගයං අන්තරා ච බොධිං අද්ධානමග්ගප්පටිපන්නං. දිස්වාන මං එතදවොච - ‘විප්පසන්නානි ඛො තෙ, ආවුසො, ඉන්ද්රියානි, පරිසුද්ධො ඡවිවණ්ණො පරියොදාතො! කංසි ත්වං, ආවුසො, උද්දිස්ස පබ්බජිතො, කො වා තෙ සත්ථා, කස්ස වා ත්වං ධම්මං රොචෙසී’ති
‘සබ්බාභිභූ සබ්බවිදූහමස්මි, සබ්බෙසු ධම්මෙසු අනූපලිත්තො;
සබ්බඤ්ජහො තණ්හාක්ඛයෙ විමුත්තො, සයං අභිඤ්ඤාය කමුද්දිසෙය්යං.
‘න
සදෙවකස්මිං ලොකස්මිං, නත්ථි මෙ පටිපුග්ගලො.
‘අහඤ්හි අරහා ලොකෙ, අහං සත්ථා අනුත්තරො;
එකොම්හි සම්මාසම්බුද්ධො, සීතිභූතොස්මි නිබ්බුතො.
‘ධම්මචක්කං පවත්තෙතුං, ගච්ඡාමි කාසිනං පුරං;
අන්ධීභූතස්මිං
(අන්ධභූතස්මිං (සී. ස්‍යා. පී.)) ලොකස්මිං, ආහඤ්ඡං අමතදුන්දුභි’න්ති.
‘යථා ඛො ත්වං, ආවුසො, පටිජානාසි, අරහසි අනන්තජිනො’ති!
‘මාදිසා
ජිතා මෙ පාපකා ධම්මා, තස්මාහමුපක ජිනො’ති.
‘‘එවං
|
285
මහණෙනි, උපක නම් ආජීවකයෙක් ගයාවටත් බොධියටත් අතර දීර්ඝ මාර්ගයෙහි යන්නාවූ මා දුටුවේය. දැක මට මෙසේ කීයේය. ‘ඇවැත්නි, ඔබගේ ඉන්ද්රියයෝ ඉතාමත් පැහැපත්ය, ශරීර වර්ණය පිරිසිදුය, හාත්පසින් බබලන්නේය. ඇවැත්නි, ඔබ කවරෙකු උදෙසා පැවිදි වූයෙහිද? ඔබගේ ගුරුවරයා කවරෙක් හෝ වේද? ඔබ කවරෙකුගේ ධර්මය රුචි කරන්නේද? මහණෙනි, මෙසේ කී කල්හි මම උපකනම් ආජීවකයාට ගාථාවලින් මෙසේ කීවෙමි.
“සියලු ත්‍රෛභූමක ධර්මයන් මැඩ පැවැත්වූ සියලු චාතුර් භූමක ධර්මයන් දැනගත්තාවූ සියලු ත්‍රෛභූමික ධර්මයන්හි නොඇලුණාවූ සියලු ත්‍රෛභූමික ධර්මයන් පහකළාවූ නිවන් අරමුණු කිරීමෙන් භවයෙන් මිදුණාවූ මම තෙමේම චතුස්සත්‍යය අවබෝධකොට අනික් කවරෙකු ගුරුවරයා යයි දක්වන්නෙම්ද?
“මට ගුරුවරයෙක් නැත. මට සමාන වූවෙක්ද නැත. දෙවියන් සහිතවූ ලෝකයෙහි මට සමාන පුද්ගලයෙක් නැත. ලෝකයෙහි මම රහත් පුද්ගලයෙක් වෙමි. මම නිරුත්තරවූ ශාස්තෘ වෙමි. කෙලෙස් ගිනි නිවීමෙන් සිසිල්වූ එහෙයින්ම නිවුණාවූ අසහායවූ සම්මාසම්බුද්ධ වෙමි.
“අවිද්‍යාවෙන් අන්ධවූ ලෝකයෙහි අමෘත බෙරය ගසමින් ධර්මචක්රය පැවැත් වීම සඳහා කසීරට බරණැස් නුවර බලා යමි,
“ඇවැත්නි, ඔබ යම්සේ ප්‍රකාශ කෙරෙහිද එසේ නම් අනන්තජින නම් වන්නට සුදුසුය.”
“උපකය, යම් කෙනෙක් තුමූ නිවණට පැමිණියාහුද ඒකාන්තයෙන් එබඳු මා වැන්නෝ ජිනනම් වෙත්. මා විසින් පාපධර්මයෝ දිනන ලදහ. එහෙයින් මම ජින නම් වෙමි’යි (කීයෙමි.)
“මහණෙනි මෙසේ කී කල්හි උපක නම් ආජීවකතෙම ‘ඇවැත්නි, එසේත් විය හැකියයි’ කියා හිස වනා අන් මඟකින් ගියේය.
|
286
‘‘අථ ඛ්වාහං, භික්ඛවෙ, අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන බාරාණසී ඉසිපතනං මිගදායො යෙන පඤ්චවග්ගියා භික්ඛූ තෙනුපසඞ්කමිං. අද්දසංසු ඛො මං, භික්ඛවෙ, පඤ්චවග්ගියා භික්ඛූ දූරතො ආගච්ඡන්තං. දිස්වාන අඤ්ඤමඤ්ඤං සණ්ඨපෙසුං
(අඤ්ඤමඤ්ඤං කතිකං සණ්ඨපෙසුං (විනයපිටකෙ මහාවග්ගෙ)) - ‘අයං ඛො, ආවුසො, සමණො ගොතමො ආගච්ඡති බාහුල්ලිකො
(බාහුලිකො (සී. පී.) සාරත්ථදීපනීටීකාය සමෙති) පධානවිබ්භන්තො ආවත්තො බාහුල්ලාය. සො නෙව අභිවාදෙතබ්බො, න පච්චුට්ඨාතබ්බො; නාස්ස පත්තචීවරං පටිග්ගහෙතබ්බං. අපි ච ඛො ආසනං ඨපෙතබ්බං, සචෙ ආකඞ්ඛිස්සති නිසීදිස්සතී’ති. යථා යථා ඛො අහං, භික්ඛවෙ, උපසඞ්කමිං තථා
‘‘එවං වුත්තෙ, අහං, භික්ඛවෙ, පඤ්චවග්ගියෙ භික්ඛූ එතදවොචං - ‘මා, භික්ඛවෙ, තථාගතං නාමෙන ච ආවුසොවාදෙන ච සමුදාචරථ
(සමුදාචරිත්ථ (සී. ස්‍යා. පී.)). අරහං, භික්ඛවෙ, තථාගතො සම්මාසම්බුද්ධො
‘‘එවං වුත්තෙ, අහං, භික්ඛවෙ, පඤ්චවග්ගියෙ භික්ඛූ එතදවොචං - ‘අභිජානාථ මෙ නො තුම්හෙ, භික්ඛවෙ, ඉතො පුබ්බෙ එවරූපං පභාවිතමෙත’න්ති
(භාසිතමෙතන්ති (සී. ස්‍යා. විනයෙපි))? ‘නො හෙතං, භන්තෙ’. ‘අරහං, භික්ඛවෙ, තථාගතො සම්මාසම්බුද්ධො. ඔදහථ, භික්ඛවෙ, සොතං, අමතමධිගතං, අහමනුසාසාමි, අහං ධම්මං දෙසෙමි. යථානුසිට්ඨං තථා පටිපජ්ජමානා නචිරස්සෙව
‘‘අසක්ඛිං ඛො අහං, භික්ඛවෙ, පඤ්චවග්ගියෙ භික්ඛූ සඤ්ඤාපෙතුං. ද්වෙපි සුදං, භික්ඛවෙ, භික්ඛූ ඔවදාමි, තයො භික්ඛූ පිණ්ඩාය චරන්ති. යං තයො භික්ඛූ පිණ්ඩාය චරිත්වා ආහරන්ති තෙන ඡබ්බග්ගියා
(ඡබ්බග්ගා (සී. ස්‍යා.)) යාපෙම. තයොපි සුදං, භික්ඛවෙ, භික්ඛූ ඔවදාමි, ද්වෙ භික්ඛූ පිණ්ඩාය චරන්ති. යං ද්වෙ භික්ඛූ පිණ්ඩාය චරිත්වා ආහරන්ති තෙන ඡබ්බග්ගියා යාපෙම. අථ ඛො, භික්ඛවෙ, පඤ්චවග්ගියා
|
286
“මහණෙනි, ඉක්බිති මම පිළිවෙලින් ගමන් කරනුයේ බරණැස් නුවර ඉසිපතනයෙහි මිගදාය නම් ස්ථානය යම් තැනෙක්හිද පස්වග මහණහු යම් තැනෙක්හිද, එතැනට පැමිණියෙමි. මහණෙනි, පස්වග භික්ෂූහු එන්නාවූ මා දුරදීම දුටුවාහුය, දැක එකිනෙකා මෙසේ කථා කරගත්හ. ඇවැත්නි, මේ ශ්‍රමණ ගෞතමතෙම චීවරාදී ප්‍රත්‍ය බහුලකොට ඇති බවට පැමිණ වීර්ය කිරීමෙන් පිරිහී චීවරාදි ප්‍රත්‍ය බහුලභාවයට පෙරළී සිට එන්නේය. ඔහු නොවැඳිය යුතුය. ඔහුට පෙර ගමන් නොකළ යුතුය, ඔහුගේ පාත්‍ර සිවුරු නොපිළිගත යුතුය. එහෙත් අස්නක් පැනවිය යුතුය. කැමතිනම් වාඩිවන්නේය. (කියායි) “මහණෙනි, මා ළංවන්නට ළංවන්නට පස්වග මහණහු ස්වකීය කතිකාවෙහි සිටීමට අසමර්ථ වූහ. ඇතැම් කෙනෙක් මට පෙරගමන් කොට පාත්‍ර සිවුරු පිළිගත්තාහුය. ඇතැම් කෙනෙක් අසුන් පැනවූහ. ඇතැම් කෙනෙක් පා සෝදන දිය තැබූහ. එතකුදු වුවත් මට ‘ගෞතම’ යන නමින්ද ‘ඇවැත්නියයි’ ද කථාකරති. මහණෙනි, එසේ කී කල්හි මම පස්වග මහණුන්හට මෙසේ කීයෙමි. මහණෙනි, තථාගතයන් හට නම කියමිනුත් ‘ඇවැත්නි, කියමිනුත් කථා නොකරව්.
“මහණෙනි, තථාගත තෙම රහත්ය. සම්‍යක් සම්බුද්ධය. ධර්ම ශ්‍රවණයට කන් නමව්. නිර්වාණය අවබෝධ කරන ලදී. මම අනුශාසනා කරමි. මම ධර්මය දේශනා කරමි. අනුශාසනය පරිදි පිළිපදින්නාවූ කුලපුත්‍රයෝ යම් නිර්වාණයක් පිණිස මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද මාර්ග බ්‍රහ්මචර්යාව අවසාන කොට ඇති නිරුත්තරවූ ඒ නිර්වාණය මේ ආත්මයෙහිම තුමූ නුවණින් දැන, ප්රත්යක්ෂ කොට ඊට පැමිණ වාසය කරව්යයි’ කීයෙමි.
“මහණෙනි, මෙසේ කී කල්හි පස්වග භික්ෂූහු මට මෙසේ කීවාහුය. ඇවැත්නි ගෞතමයෙනි, ඔබ ඒ දුෂ්කර ඉරියව් පැවැත්වීමෙනුත් ඒ දුෂ්කර පිළිවෙත් පිරීමෙනුත් ඒ දුෂ්කර ක්‍රියාවෙනුත් මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්ය භාවය ඇති කිරීමට සමර්ථ නුවණක් නොලැබුයෙහිය. දැන් බොහෝ සිවුරු පිරිකර ඇතිව වීර්ය කිරීමෙන් පිරිහී සිවුරු ආදිය බහුල කොට ඇති බවට හැරී සිටිමින් මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්ය භාවය ඇති කිරීමට සමර්ථ නුවණක් ලබන්නෙහි දැයි, කීහ.
“මහණෙනි, මෙසේ කී කල්හි මම පස්වග මහණුන්හට මෙසේ කීයෙමි. ‘මහණෙනි, තථාගත තෙම චීවරාදිය බහුල කොට වීර්ය කිරීමෙන් පිරිහුනේ නොවේ, බාහුලික බවට වැටුනේ නොවේ. මහණෙනි, තථාගත තෙම රහත්ය. සම්‍යක් සම්බුද්ධය. ධර්ම ශ්‍රවණයට කන් නමව්. නිර්වාණය අවබෝධ කරන ලදී. මම අනුශාසනා කරමි. මම ධර්මය දේශනාකරමි. අනුශාසනය පරිදි පිළිපදිමින් කුලපුත්‍රයෝ යම් නිර්වාණයක් පිණිස මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති නිරුත්තරවූ ඒ නිර්වාණය මේ ආත්මයෙහි තුමූ නුවණින් දැන ප්රත්යක්ෂ කොට ඊට පැමිණ වාසය කරව්යයි’ කීයෙමි.
“දෙවනුවත් පස්වග මහණහු මට මෙසේ කීහ. ඇවැත්නි ගෞතමයෙනි, ඔබ ඒ දුෂ්කර ඉරියව් පැවැත්වීමෙනුත් ඒ දුෂ්කර පිළිවෙත් පිරීමෙනුත් මේ දුෂ්කර ක්‍රියාවෙනුත් මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්යභාවය ඇතිකිරීමට සමර්ථ නුවණක් නොලැබූයෙහිය. දැන් බොහෝ සිවුරු පිරිකර ඇතිව, වීර්යය කිරීමෙන් පිරිහී, සිවුරු ආදිය බහුල කොට ඇති බවට හැරී සිටිමින් මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්යභාවය ඇති කිරීමට සමර්ථ නුවණක් ලබන්නෙහි දැයි කීහ.
“මහණෙනි, මෙසේ කී කල්හි ම පස්වග මහණුන්ට මෙසේ කීයෙමි. මහණෙනි, ‘තථාගත තෙම චීවරාදිය බහුල කොට ඇත්තෙක් නොවේ. වීර්ය කිරීමෙන් පිරිහුනේ නොවේ. බාහුලික බවට වැටුණේ නොවේ. මහණෙනි, තථාගත තෙම රහත්ය. සම්‍යක් සම්බුද්ධය. ධර්ම ශ්‍රවණයට කන් නමව්. නිර්වාණය අවබෝධකරනලදී. මම අනුශාසනා කරමි. මම ධර්මය දේශනා කරමි. අනුශාසනය පරිදි පිළිපදිමින් කුල පුත්‍රයෝ යම් නිර්වාණයක් පිණිස මැනවින් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද මාර්ග බ්‍රහ්ම චරියාව කෙළවර කොට ඇති නිරුත්තරවූ ඒ නිර්වාණය මේ ආත්මයෙහිම තුමූ නුවණින් දැන, ප්රත්යක්ෂ කොට ඊට පැමිණ වාසය කරව්යයි කීයෙමි.
“තුන්වෙනුවද පස්වග භික්ෂූහු මට මෙසේකීහ. ඇවැත්නි, ගෞතමයෙනි, ඔබ ඒ දුෂ්කර ඉරියව් පැවැත් වීමෙනුත් ඒ දුෂ්කර පිළිවෙත් පිරීමෙනුත් ඒ දුෂ්කර ක්‍රියාවෙනුත් මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්යභාවය ඇති කිරීමට සමර්ථ නුවණක් නොලැබූයෙහිය. දැන් බොහෝ සිවුරු ඇතිව, වීර්ය කිරීමෙන් පිරිහී, සිවුරු ආදිය බහුල කොට ඇති බවට හැරී සිටිමින් මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්යභාවය ඇතිකිරීමට සමර්ථ නුවණක් ලබන්නෙහිදැ’යි කීහ.
“මහණෙනි, මෙසේ කී කල්හි මම පස්වග මහණුන්හට මෙසේ කීයෙමි. ‘මහණෙනි, තථාගත තෙම චීවරාදිය බහුල කොට ඇත්තෙක් නොවේ වීර්ය කිරීමෙන් පිරිහුනේ නොවේ. බාහුලික බවට වැටුණේ නොවේ. මහණෙනි, තථාගත තෙම රහත්ය. සම්‍යක් සම්බුද්ධය. ධර්ම ශ්‍රවණයට කන් නමව්, නිර්වාණය අවබෝධ කරන ලදී. මම අනුශාසනා කරමි. මම ධර්මය දේශනා කරමි. අනුශාසනය පරිදි පිළිපදිමින් කුලපුත්‍රයෝ යම් නිර්වාණයක් පිණිස මැනවින් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවෙත්ද මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති නිරුත්තරවූ ඒ නිර්වාණය මේ ආත්මයෙහිම තුමූ නුවණින් දැන, ප්රත්යක්ෂ කොට ඊට පැමිණවාසය කරව්යයි’ කීයෙමි.
“මහණෙනි, මෙසේ කී කල්හි මම පස්වග මහණුන්ට මෙසේ කීයෙමි. මා විසින් මීට පෙර මෙබන්දක් කියන ලදැයි දන්නහුද නැත ස්වාමීනි, ‘මහණෙනි, තථාගත තෙම චීවරාදිය බහුල කොට ඇත්තෙක් නොවේ. වීර්ය කිරීමෙන් පිරිහුනේ නොවේ. බාහුලික බවට වැටුනේ නොවේ. මහණෙනි, තථාගතතෙම රහත්ය, සම්‍යක් සම්බුද්ධය, ධර්ම ශ්‍රවණයට කන් නමව්, නිර්වාණය අවබෝධ කරන ලදී. මම අනුශාසනා කරමි. මම ධර්මය දේශනාකරමි. අනුශාසනය පරිදි පිළිපදිමින් කුල පුත්‍රයෝ යම් නිර්වාණයක් පිණිස ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවෙත්ද මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති නිරුත්තරවූ ඒ නිර්වාණය මේ ආත්මයෙහිම තුමූ නුවණින් දැන, ප්රත්යක්ෂ කොට ඊට පැමිණ වාසය කරව්යයි’ කීයෙමි.
“මහණෙනි, මා බුදුවූ බව පස්වග මහණුන්හට අඟවන්නට මම සමර්ථ වීමි. මම භික්ෂූන් දෙනමකට අවවාද කරමි. භික්ෂූන් තුන් නමක් පිඬු පිණිස හැසිරෙත්. තුන් නම පිඬු පිණිස හැසිර යමක් ගෙනෙත්ද එයින් අපි සදෙන යැපෙමු. මහණෙනි, භික්ෂූන් තුන් නමකට අවවාද කරමි. භික්ෂූහු දෙනමක් පිඬු පිණිස හැසිරෙත්. භික්ෂූන් දෙනම පිඬු පිණිස හැසිර යමක් ගෙනෙත්ද එයින් අපි සදෙන යැපෙමු.
“මහණෙනි, ඉක්බිති මා විසින් මෙසේ අවවාද කරනු ලබන්නාවූ අනුශාසනා කරනු ලබන්නාවූ පස්වග භික්ෂූහු ජාතිය ස්වභාවකොට ඇත්තාවූ ජාතිය ස්වභාවකොට ඇති දෙයෙහි දෝෂය දැක, ජාතියක් නැති, අනුත්තරවූ සතරයෝගයන්ගෙන් මිදුනාවූ නිවණ සොයන්නාහු ජාතියක් නැති නිරුත්තරවූ සතර යොගයන් කෙරෙන් මිදුණාවූ නිවන් අවබෝධ කළාහුය. තමන් ජරාව ස්වභාවකොට ඇත්තාහු ජරාව ස්වභාව කොට ඇති දෙයෙහි දෝෂය දැක, ජරාවක් නැති අනුත්තරවූ සතරයොගයන්ගෙන් මිදුනාවූ නිවන් සොයන්නාහු ජරාවක් නැති නිරුත්තරවූ සතර යොගයන් කෙරෙන් මිදුණාවූ නිවන් අවබෝධ කළාහුය. තමන් ව්‍යාධිය ස්වභාව කොට ඇත්තාහු ව්‍යාධිය ස්වාභාවකොට ඇති දෙයෙහි දෝෂය දැක ව්‍යාධියක් නැති, අනුත්තරවූ සතර යොගයන්ගෙන් මිදුණාවූ නිවන් සොයන්නාහු ව්‍යාධියක් නැති නිරුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිවන් අවබෝධ කළාහුය. තමන් මරණය ස්වභාව කොට ඇත්තාහු මරණය ස්වභාවකොට ඇති දෙයෙහි දෝෂය දැක, මරණයක් නැති, අනුත්තරවූ, සතර යොගයන්ගෙන් මිදුණාවූ නිවන් සොයන්නාහු මරණයක් නැති නිරුත්තරවූ සතර යොගයන් කෙරෙන් මිදුණාවූ නිවන් අවබෝධ කළාහුය. තමන් ශෝකය ස්වභාව කොට ඇත්තාහු ශෝකය ස්වභාව කොට ඇති දෙයෙහි දෝෂය දැක, ශෝකයක් නැති අනුත්තරවූ සතර යොගයන්ගෙන් මිදුණාවූ නිවන් සොයන්නාහු ශෝකයක් නැති නිරුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිවන් අවබෝධ කළාහුය. තමන් කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තාහු කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇති දෙයෙහි දෝෂය දැක, කෙලෙස් නැති, අනුත්තරවූ, සතර යොගයන්ගෙන් මිදූණාවූ නිවන් සොයන්නාහූ කෙලෙස් නැති නිරුත්තරවූ සතර යොගයන්ගෙන් මිදූණාවූ නිවන් අවබෝධ කළාහුය. ඔවුනට අපගේ රහත් ඵලය නොසෙල්විය හැකිය. මේ අන්තිම ජාතියය, නැවත ඉපදීමක් නැත යන ඥාන දර්ශනය පහළවිය.
|
287
‘‘පඤ්චිමෙ, භික්ඛවෙ, කාමගුණා. කතමෙ පඤ්ච? චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, සොතවිඤ්ඤෙය්යා සද්දා...පෙ.... ඝානවිඤ්ඤෙය්යා ගන්ධා... ජිව්හාවිඤ්ඤෙය්යා රසා... කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො, භික්ඛවෙ, පඤ්ච කාමගුණා. යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා ඉමෙ පඤ්ච කාමගුණෙ ගථිතා මුච්ඡිතා අජ්ඣොපන්නා අනාදීනවදස්සාවිනො අනිස්සරණපඤ්ඤා පරිභුඤ්ජන්ති, තෙ එවමස්සු වෙදිතබ්බා - ‘අනයමාපන්නා බ්යසනමාපන්නා යථාකාමකරණීයා පාපිමතො’
(පාපිමතො’’ති (?)). ‘සෙය්යථාපි, භික්ඛවෙ, ආරඤ්ඤකො මගො බද්ධො පාසරාසිං අධිසයෙය්ය. සො එවමස්ස වෙදිතබ්බො - අනයමාපන්නො බ්යසනමාපන්නො යථාකාමකරණීයො ලුද්දස්ස. ආගච්ඡන්තෙ ච පන ලුද්දෙ යෙන කාමං න පක්කමිස්සතී’ති. එවමෙව ඛො, භික්ඛවෙ, යෙ හි කෙචි සමණා වා බ්රාහ්මණා වා ඉමෙ පඤ්ච කාමගුණෙ ගථිතා මුච්ඡිතා අජ්ඣොපන්නා අනාදීනවදස්සාවිනො අනිස්සරණපඤ්ඤා පරිභුඤ්ජන්ති, තෙ එවමස්සු වෙදිතබ්බා - ‘අනයමාපන්නා බ්යසනමාපන්නා යථාකාමකරණීයා පාපිමතො’. යෙ ච ඛො කෙචි, භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා ඉමෙ පඤ්ච කාමගුණෙ අගථිතා අමුච්ඡිතා අනජ්ඣොපන්නා ආදීනවදස්සාවිනො නිස්සරණපඤ්ඤා
‘‘සෙය්යථාපි
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, ආරඤ්ඤකො මගො අරඤ්ඤෙ පවනෙ චරමානො විස්සත්ථො ගච්ඡති, විස්සත්ථො තිට්ඨති, විස්සත්ථො නිසීදති, විස්සත්ථො සෙය්යං කප්පෙති. තං කිස්ස හෙතු? අනාපාථගතො, භික්ඛවෙ, ලුද්දස්ස. එවමෙව ඛො, භික්ඛවෙ, භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති, භික්ඛවෙ, භික්ඛු අන්ධමකාසි මාරං අපදං, වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති, භික්ඛවෙ...පෙ.... පාපිමතො.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති, සතො ච සම්පජානො, සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති යං තං අරියා ආචික්ඛන්ති ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති තතියං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති, භික්ඛවෙ...පෙ.... පාපිමතො.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති, භික්ඛවෙ...පෙ.... පාපිමතො.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා
‘‘පුන
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති, භික්ඛවෙ...පෙ.... පාපිමතො.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති, පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. අයං වුච්චති, භික්ඛවෙ, භික්ඛු අන්ධමකාසි මාරං අපදං, වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො. තිණ්ණො ලොකෙ විසත්තිකං විස්සත්ථො ගච්ඡති, විස්සත්ථො තිට්ඨති, විස්සත්ථො නිසීදති, විස්සත්ථො සෙය්යං කප්පෙති. තං කිස්ස හෙතු? අනාපාථගතො, භික්ඛවෙ, පාපිමතො’’ති.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
|
287
“මහණෙනි, මේ කාම ගුණ පසකි. කවර පසක්ද යත්? ඇසින් බලා දතයුතුවූ ඉෂ්ටවූ කැමති වන්නාවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීමෙන් යුක්තවූ ඇලුම් කටයුතුවූ යම් රූපයෝ වෙත්ද, කණින් අසා දතයුතුවූ ඉෂ්ටවූ කැමති වන්නාවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීමෙන් යුක්තවූ ඇලුම් කටයුතුවූ යම් ශබ්දයෝ වෙත්ද, නාසයෙන් විඳ දතයුතුවූ ඉෂ්ටවූ කැමති වන්නාවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීමෙන් යුක්තවූ ඇලුම් කටයුතුවූ යම් ගන්ධයෝ වෙත්ද, දිවෙන් දැනගත යුතුවූ ඉෂ්ටවූ කැමති වන්නාවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලිය යුතුවූ ඇලුම් කටයුතුවූ යම් රසයෝ වෙත්ද, කයින් දතයුතුවූ ඉෂ්ටවූ කැමති වන්නාවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීමෙන් යුක්තවූ ඇලුම් කටයුතුවූ යම් ප්රෂ්ටව්යයෝ වෙත්ද, මහණෙනි, මොහු වනාහී පඤ්චකාම ගුණයෝය. මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බුාහ්මණයෝ හෝ මේ පංචකාමයෙහි බැඳුනාහූ, මූර්ඡා වූවාහූ, ගැළුණාහූ, දෝෂය නොදක්නාහූ, එයින් බැහැර වන කල්පනාව නැත්තාහූ කාමයන් සේවනය කරත්ද, ඔවුහූ විපත්තියට පැමිණියාහුය, විනාශයට පැමිණියාහුය, මාරයා විසින් කැමති පරිද්දක් කළ හැකි බවට පැමිණියාහුයයි දතයුතුය.
“මහණෙනි, වනයෙහි මුවෙක් බඳනා ලද්දේ මලපුඩු මතුයෙහි වැතිර සිටීද, ඔහු විපත්තියට පැමිණියේය. විනාශයට පැමිණියේය, වැද්දා විසින් කැමති දෙයක් කළ හැකි බවට පැමිණියේය. වැද්දා එන කල්හී කැමති තැනකට නොයා හැක්කේ යයි දතයුතුය. මහණෙනි, එපරිද්දෙන්ම යම්කිසි ශ්‍රමණයෝ හෝ බුාහ්මණයෝ හෝ මේ පංචකාමයෙහි බැඳුනාහූ, මූර්ඡා වූවාහූ, ගැළුණාහු, දෝෂය නොදක්නාහු, එයින් බැහැරවන කල්පනාව නැත්තාහු කාමයන් සේවනය කරත්ද, ඔව්හු විපත්තියට පැමිණියාහුය, විනාශයට පැමිණියාහුය. මාරයා විසින් කැමති පරිද්දක් කළහැකි බවට පැමිණියාහුයයි දතයුතුය.
“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ පංචකාමයෙහි නොබැඳුනාහු, මූර්ඡා නොවූවාහු නොගැලුනාහු, වරද දක්නා සුලුවූවාහු, එයින් මිදෙන කැමැත්ත ඇත්තාහු මේ පස්කම් සැප අනුභව කරත්ද ඔව්හු විපත්තියට නොපැමිණියාහුය. විනාශයට නොපැමිණියාහුය, මාරයා විසින් කැමති පරිද්දක් නොකළ හැකි බවට පැමිණියාහුයයි දතයුතුය.
මහණෙනි, වනයෙහි වාසය කරන මුවෙක් නොබඳින ලද්දේ මළපුඩු මතුයෙහි වැතිර සිටීද ඔහු විපත්තියට නොපැමිණියේය. විනාශයට නොපැමිණියේය, වැද්දා කැමති පරිද්දක් කළහැකි බවට නොපැමිණියේය. වැද්දා එනවිට කැමති තැනකට යන්නේය යයි දත යුතුය.
“මහණෙනි, එසේම යම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ පංචකාමයෙහි නොබැඳුනාහු, මූර්ඡා නොවූවාහු නොගැලුනාහු, වරද දක්නාසුලු වූවාහු, එයින් මිදෙන කැමැත්ත ඇත්තාහු මේ පස්කම් සැප අනුභව කරත්ද ඔව්හු විපත්තියට පත්නොවූවාහුය. විනාශයට පත් නොවූවාහුය, මාරයා කැමති පරිද්දක් කළ නොහැකි බවට පැමිණියාහුයයි දත යුතුය.
“මහණෙනි, යම්සේ වනයෙහි හැසිරෙන මුවෙක් නිර්භයව යයි නම් නිර්භයව සිටියි නම්, නිර්භයව හිඳියි නම්, නිර්භයව නිදාගනියි නම්, ඊට හේතු කවරේද? මහණෙනි, වැද්දාට අසුනොවීමයි.
“මහණෙනි, එසේම මහණ තෙම කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීති සැප ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයිද මහණෙනි, මේ මහණතෙම මාරයා අන්ධ කෙළේයයිද මාරයාගේ ඇස පිහිටක් නැති සේ නසා පාපී මාරයාගේ නොදැක්මට පැමිණියේයයිද කියනු ලැබේ.
“මහණෙනි, නැවතද මහණතෙම විතක්ක විචාර දෙක සංසිඳීමෙන් අධ්‍යාත්මයෙහි මනා පැහැදීම ඇති කරන්නාවූ හිත පිළිබඳ එකඟ බව ඇති විතර්ක විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීති සැප ඇති දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි නම්, මහණෙනි, මේ මහණතෙම මාරයා අන්ධ කෙළේ යයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස නසා පාපී මාරයාගේ නොදැක්මට පැමිණියේයයිද කියනු ලැබේ.
“මහණෙනි, නැවතද මහණතෙම ප්‍රීතියෙහි නොඇල්මෙන් උපෙක්ෂාව ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් නුවණ ඇත්තේ කයින්ද සැපයක් විඳියි. යම් ධ්‍යානයක් පිළිබඳව උපේක්ෂාවෙන් යුක්තවූයේ සිහි ඇත්තේ සැපයෙන් යුක්තව වාසය කරන්නේයයි ආර්යයෝ කියත්ද ඒ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කරයි නම් මහණෙනි, මේ මහණ තෙම මාරයා අන්ධ කෙළේයයිද මාරයාගේ ඇස පිහිටක් නැතිසේ විනාශ කොට මාරයාගේ නොදැක්මට පැමිණියේද කියනු ලැබේ.
“මහණෙනි, නැවතද මහණතෙමේ සැප දුරුකිරීමෙන්ද දුක් දුරුකිරීමෙන්ද පළමුකොටම සොම්නස් දොම්නස් දෙක නැතිකොට දුක්ද නොවූ, සැපද නොවූ උපේක්ෂාවෙන් හා සිහියෙන් පිරිසිදු සතරවැනි ධ්‍යානයට පැමිණ වාසය කරයි නම්, මහණෙනි, මේ මහණතෙම මාරයා අන්ධ කෙළේ යයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස නිසා මාරයාගේ නොදැක්මට පැමිණියේ යයිද කියනු ලැබේ.
“මහණෙනි, නැවතද මහණතෙම සර්වප්‍රකාරයෙන්ම රූප සංඥාවන් ඉක්මවීමෙන් ගැටීම් සංඥා පහකිරීමෙන් විවිධ සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරයි නම් මහණෙනි මේ මහණ තෙම මාරයා අන්ධ කෙළේ යයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස විනාශ කොට මාරයාගේ නොදැක්මට පැමිණියේයයිද කියනු ලැබේ.
“මහණෙනි, නැවතද මහණතෙම සර්වප්රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයි නම්, මහණෙනි, මේ මහණ තෙම මාරයා අන්ධ කෙළේයයිද, පිහිටක් නැතිසේ මාරයාගේ ඇස විනාශ කොට මාරයාගේ නොදැක්මට පැමිණියේයයිද කියනු ලැබේ.
“මහණෙනි, නැවතද මහණතෙම සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි නම්, මහණෙනි, මේ මහණතෙම මාරයා අන්ධ කෙළේයයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස විනාශකොට මාරයාගේ නොදැක්මට පැමිණියේයයිද කියනු ලැබේ.
“මහණෙනි, නැවතද මහණ තෙම සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤා නාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයි නම්, මහණෙනි, මේ මහණතෙම මාරයා අන්ධ කෙළේයයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස විනාශ කොට මාරයාගේ නොදැක්මට පැමිණියේයයිද කියනු ලැබේ.
“මහණෙනි, නැවතද මහණ තෙම සර්වප්රකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවෙදයිත නිරෝධයට පැමිණ වාසය කරයි නම්, විදර්ශනා නුවණින් දැක ඔහු විසින් ආශ්‍රවයෝ ක්ෂය කරන ලද්දාහු වෙත්ද, මහණෙනි, මේ මහණතෙම මාරයා අන්ධ කෙළේයයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස විනාශ කොට මාරයාගේ නොදැක්මට පැමිණියේයයිද කියනු ලැබේ.
“හෙතෙම ලෝකයෙහි තෘෂ්ණාවෙන් එතෙර වූයේය. හෙතෙම සැක නැතිව යයි. සැක නැතිව සිටියි. සැක නැතිව හිඳියි. සැක නැතිව සයනය කරයි. ඊට හේතු කවරේද? මහණෙනි, මාරයාට අසු නොවීමයි.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට විශේෂයෙන් සතුටුවූහ.
|
7. චූළහත්ථිපදොපමසුත්තං | 7. චූලහත්ථිපදොපම සූත්‍රය |
288
එවං
‘‘හන්ද, කුතො නු භවං වච්ඡායනො ආගච්ඡති දිවාදිවස්සා’’ති?
‘‘ඉතො හි ඛො අහං
‘‘තං කිං මඤ්ඤති, භවං වච්ඡායනො, සමණස්ස ගොතමස්ස පඤ්ඤාවෙය්යත්තියං?
‘‘පණ්ඩිතො මඤ්ඤෙ’’ති.
‘‘කො චාහං, භො, කො ච සමණස්ස ගොතමස්ස පඤ්ඤාවෙය්යත්තියං ජානිස්සාමි! සොපි නූනස්ස තාදිසොව යො සමණස්ස ගොතමස්ස පඤ්ඤාවෙය්යත්තියං ජානෙය්යා’’ති.
‘‘උළාරාය ඛලු භවං වච්ඡායනො සමණං ගොතමං පසංසාය පසංසතී’’ති.
‘‘කො චාහං, භො, කො ච සමණං ගොතමං පසංසිස්සාමි?
‘‘පසත්ථපසත්ථොව සො භවං ගොතමො සෙට්ඨො දෙවමනුස්සාන’’න්ති.
‘‘කං පන භවං වච්ඡායනො අත්ථවසං සම්පස්සමානො සමණෙ ගොතමෙ එවං අභිප්පසන්නො’’ති
(අභිප්පසන්නො හොතීති (ස්‍යා.))?
‘‘සෙය්යථාපි, භො, කුසලො නාගවනිකො නාගවනං පවිසෙය්ය. සො පස්සෙය්ය නාගවනෙ
|
288
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඩු සිටුහු විසින් කරවනලද ජේතවන නම් විහාරයෙහි වැඩ වාසය කරති. එකල්හි ජානුස්සොනි නම් බ්‍රහ්මණ තෙම වෙළඹුන් යෙදූ සියල්ල සුදුවූ රථයකින් මධ්‍යාහ්නයෙහි (මැදි දවල්) සැවැත් නුවර වීථින්හි ගමන් කරයි.
ජානුස්සොනි බ්‍රාහ්මණ තෙම එන්නාවූ පිලොතික නම් පරිබ්‍රාජකයා දුරදීම දුටුවේය, දැක පිලොතික පරිබ්‍රාජකයාට මෙසේ කීයේය. “පින්වත, *වච්ඡායනතෙමේ මේ මැදි දවල් කොහි සිට එන්නෙහිද?”
“පින්වත, මම ශ්‍රමණ භවත් ගෞතමයන් සමීපයෙහි සිට මේ දිශාවෙන් එමි”යි (කීය)
“පින්වත්, වච්ඡායන තෙම ඒ ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ දක්ෂ නුවණ ඇති බව ගැන කුමක් සිතන්නෙහිද? පණ්ඩිතයෙකැයි සිතන්නෙහිදැ?”යි (ඇසීය)
“පින්වත, මම කවරෙක්ද? ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රඥාවෙහි දක්ෂ බව දැන ගැනීමට තරම් මම කවරෙක්ද? යමෙක් ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රඥාවෙහි දක්ෂ බව දැන ගන්නේ නම් ඔහුත් උන්වහන්සේ හා සමාන කෙනෙකු විය යුතුය.”
“පින්වත් වච්ඡායන තෙම ඉතා උසස් ප්රශංසාවෙන්ම ශ්‍රමණ ගෞතමයන්ට ප්‍රශංසා කෙරෙ”යි.
“පින්වත, මම කවරෙක්ද? කවරෙක්වූ මම ශ්‍රමණ ගෞතමයන්ට ප්‍රශංසා කරන්නෙම්ද? “ඒ පින්වත් ශ්‍රමණ ගෞතම තෙම ප්‍රශංසා කළ යුත්තන් (උසස් අය) විසින් දෙවි මිනිසුන්ට ශ්‍රේෂ්ඨයයි ප්‍රශංසා කරනලදී”
“පින්වත් වච්ඡායන තෙම කුමන කාරණයක් දකිමින් ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මෙසේ ඉතා පැහැදුනේද?”
“පින්වත, යම්සේ ඇතුන් වසන වනයක හැසිරෙන දක්ෂ පුද්ගලයෙක් ඇතුන් වසන වනයට ඇතුල් වේද ඔහු ඇතුන් වසන වනයෙහි දිගින්ද දික්වූ පුළුළින්ද පුළුල්වූ, මහත්වූ ඇත්පියවරක් (අඩි සටහනක්) දකින්නේද, පින්වත, ඔහු ඒ මහා ඇතෙක් යයි තීරණයට පැමිණෙයි. පින්වත, එපරිද්දෙන් මමද යම්තැනක පටන් ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි ඥානපද සතරක් (නුවණ පියවර) දුටුයෙම්ද, එතැන් පටන් භාග්‍යවතුන් වහන්සේ සියල්ල තමන්ම, අවබෝධ කළහ. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මැනවින් දේශනා කරන ලදී, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඩ්ඝයා යහපත්ව පිළිපන්නේය කියා තීරණයට පැමිණියෙමි.
* වච්ඡායන නම් ගොත්‍ර ඇතිහෙයින් එසේ කීය.
|
289
‘‘කතමානි චත්තාරි? ඉධාහං, භො, පස්සාමි එකච්චෙ ඛත්තියපණ්ඩිතෙ නිපුණෙ කතපරප්පවාදෙ වාලවෙධිරූපෙ, තෙ භින්දන්තා
(වොභින්දන්තා (සී. පී.) වි + අව + භින්දන්තා) මඤ්ඤෙ චරන්ති පඤ්ඤාගතෙන දිට්ඨිගතානි. තෙ සුණන්ති - ‘සමණො ඛලු, භො, ගොතමො අමුකං නාම ගාමං වා නිගමං වා ඔසරිස්සතී’ති. තෙ පඤ්හං අභිසඞ්ඛරොන්ති - ‘ඉමං මයං පඤ්හං සමණං ගොතමං උපසඞ්කමිත්වා පුච්ඡිස්සාම. එවං චෙ නො පුට්ඨො එවං බ්යාකරිස්සති, එවමස්ස මයං වාදං ආරොපෙස්සාම. එවං චෙපි නො පුට්ඨො එවං බ්යාකරිස්සති, එවම්පිස්ස මයං වාදං ආරොපෙස්සාමා’ති. තෙ සුණන්ති - ‘සමණො ඛලු, භො, ගොතමො අමුකං නාම ගාමං වා නිගමං වා ඔසටො’ති. තෙ යෙන සමණො ගොතමො තෙනුපසඞ්කමන්ති. තෙ සමණො ගොතමො ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති. තෙ සමණෙන ගොතමෙන ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තෙජිතා සම්පහංසිතා න චෙව සමණං ගොතමං පඤ්හං පුච්ඡන්ති, කුතොස්ස
(කුතස්ස (සී. ස්‍යා. පී.)) වාදං ආරොපෙස්සන්ති? අඤ්ඤදත්ථු
‘‘පුන චපරාහං, භො, පස්සාමි ඉධෙකච්චෙ බ්රාහ්මණපණ්ඩිතෙ...පෙ.... ගහපතිපණ්ඩිතෙ...පෙ.... සමණපණ්ඩිතෙ නිපුණෙ කතපරප්පවාදෙ වාලවෙධිරූපෙ තෙ භින්දන්තා මඤ්ඤෙ චරන්ති පඤ්ඤාගතෙන දිට්ඨිගතානි. තෙ සුණන්ති - ‘සමණො ඛලු භො ගොතමො අමුකං නාම
‘‘යතො
|
289
“කවර ඤාණපද සතරක්ද යත්, පින්වත මේ ලෝකයෙහි සියුම් බුද්ධි ඇති අනුන් හා වාද කිරීමෙහි පුරුද්ද ඇති වාලවෙධීන් (විදුලි එලියෙන් අස්ලොමට විදීමට සමතුන්) වැනිවූ ප්‍රඥා බලයෙන් අන්‍ය දෘෂ්ටීන් බිඳිමින් හැසිරෙත්යයි සලකන යම් ක්ෂත්රීය පණ්ඩිතයෙක් දක්නෙම් ද, ඔව්හු ශ්‍රමණ භවත් ගෞතමයන් අසුවල් නම් ගමට හෝ නියම්ගමට හෝ පැමිණෙතියි අසත්ද, අපි ශ්‍රමණ ගෞතමයින් කරා ගොස් මේ ප්‍රශ්න අසන්නෙමුයි ඔව්හු ප්‍රශ්න සූදානම් කරත්. “ඉදින් අප විසින් අසන ලද්දේ මෙසේ උත්තර කියන්නාහ. එවිට අපි මෙසේ උන්වහන්සේට වාදාරොපනය කරමු. ඉදින් අප විසින් මෙසේත් අසන ලද්දේ මෙසේ උත්තර දෙන්නේය. එවිට අපි මෙසේත් වාදය නගමු”යි (කියයි) අසුවල් නම් ගමට හෝ නියම්ගමට හෝ ශ්‍රමණ ගෞතමයින් පැමිණියහයි අසා ඔව්හු ශ්‍රමණ ගෞතමයන් යම් තැනකද එතැනට පැමිණෙත්. ශ්‍රමණ ගෞතමයෝ ධර්මානුකූල කථාවෙන් කරුණු දක්වා ඔවුන් එහි සමාදන් කරවත්, උත්සාහ කරවත්, සතුටු කරවත්. ඔව්හු ශ්‍රමණ ගෞතමයන් විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලද්දාහු සමාදන් කරවන ලද්දාහු, උත්සාහ කරන ලද්දාහු, සතුටු කරවන ලද්දාහු ශ්‍රමණ ගෞතමයන්ගෙන් ප්‍රශ්නවත් නොඅසති, උන්වහන්සේට කොයින් වාදාරොපනයක් කරද්ද (වාදය පිණිස කථා නොකරති) ඔව්හු ඒකාන්තයෙන් ශ්‍රමණ ගෞතමන්ගේම ශ්‍රාවකයෝ වෙත්. පින්වත, යම් කලක ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මේ පළමුවන ඤාණපදය දුටුයෙම්ද, එතැන් සිට ‘භාග්‍යවතුන් වහන්සේ සියල්ල තමන්ම අවබෝධ කළහ. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය හොඳින් දේශනා කරන ලදී. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඩ්ඝයා යහපත්ව පිළිපන්නේය කියා තීරණයට පැමිණියෙමි.
“නැවතද පින්වත, මේ ලෝකයෙහි සියුම් බුද්ධි ඇති අනුන් හා වාද කිරීමෙහි පුරුද්ද ඇති වාලවෙධීන් වැනිවූ ප්‍රඥා බලයෙන් අන්‍ය දෘෂ්ටීන් බිඳිමින් හැසිරෙත් යයි සලකන යම් බ්‍රාහ්මණ පණ්ඩිතයෙක් මම දකිම්ද, ඔව්හු ශ්‍රමණ භවත් ගෞතමයන් අසවල් නම් ගමට හෝ නියම්ගමට හෝ පැමිණෙතියි අසත්ද, ‘අපි ශ්‍රමණ ගෞතමයින් කරා ගොස් මෙසේ අසන්නෙමු’යි ඔව්හු ප්‍රශ්න සූදානම් කරත්. ඉදින් අප විසින් අසන ලද්දේ මෙසේ උත්තර කියන්නාහ. එවිට අපි මෙසේ උන්වහන්සේට වාදාරොපනය කරමු. ඉදින් අප විසින් මෙසේත් අසන ලද්දේ මෙසේ උත්තර කියන්නාහ. එවිට අපි මෙසේත් වාදය නගහු”යි (කියාය.) ඔව්හු අසවල් නම් ගමට හෝ නියම්ගමට හෝ ශ්‍රමණ ගෞතමයන් පැමිණියහයි (අසා) ශ්‍රමණ ගෞතමයින් යම් තැනකද එතැනට පැමිණෙත් (එසේ පැමිණි කල්හි) ශ්‍රමණ ගෞතමයෝ ධර්මානුකූල කථාවෙන් කරුණු දක්වා ඔවුන් එහි සමාදන් කරවත්, උත්සාහ කරවත්, සතුටු කරවත්. ඔව්හු ශ්‍රමණ ගෞතමයින් විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලද්දාහු, සමාදන් කරවන ලද්දාහු, උත්සාහ කරවන ලද්දාහු, සතුටු කරවන ලද්දාහු, ශ්‍රමණ ගෞතමයින්ගෙන් ප්‍රශ්නවත් නොඅසති. උන්වහන්සේට කොයින් වාදාරොපනය කරත්ද? ඔව්හු ඒකාන්තයෙන් ශ්‍රමණ ගෞතමයන්ගේම ශ්‍රාවකයෝ වෙත්.
“පින්වත, යම් කලක ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මේ දෙවෙනි ඤාණ පදය දුටුයෙම්ද, එතැන් සිට භාග්‍යවතුන් වහන්සේ සියල්ල තමන්ම අවබෝධ කළහ. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය හොඳින් දේශනා කරනලදී. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා යහපත්ව පිළිපන්නේය කියා තීරණයට පැමිණියෙමි.
“නැවතද පින්වත, මේ ලෝකයෙහි සියුම් බුද්ධි ඇති අනුන් හා වාද කිරීමෙහි පුරුද්ද ඇති, වාලවෙධීන් වැනිවූ ප්‍රඥා බලයෙන් අන්‍ය දෘෂ්ටීන් බිඳිමින් හැසිරෙත්යයි සලකන යම් ගෘහපති පණ්ඩිතයන් මම දකිම්ද ඔව්හු ශ්‍රමණ භවත් ගෞතමයන් අසවල් නම් ගමට හෝ නියම්ගමට හෝ පැමිණෙත්යයි අසත්ද, ‘අපි ශ්‍රමණ ගෞතමයන් කරා ගොස් මේ ප්‍රශ්න අසමුයි ඔව්හු ප්‍රශ්න සූදානම් කරති. ඉදින් අප විසින් අසන ලද්දේ මෙසේ උත්තර කියන්නාහ. එවිට අපි මෙසේ උන්වහන්සේට වාදාරොපනය කරමු. ‘ඉදින් අප විසින් මෙසේත් අසන ලද්දේ මෙසේ උත්තර දෙන්නාහ. එවිට අපි මෙසේත් වාදය නගමුයි’ (කියාය) ඔව්හු අසවල් නම් ගමට හෝ නියම් ගමට හෝ ශ්‍රමණ ගෞතමයින් පැමිණියහයි (අසා) ශ්‍රමණ ගෞතමයින් යම් තැනකද එතැනට පැමිණෙත්, ශ්‍රමණ ගෞතමයෝ ධර්මානුකූල කථාවෙන් කරුණු දක්වා ඔවුන් එහි සමාදන් කරවත්, උත්සාහ කරවත්, සතුටු කරවත්, ඔව්හු ශ්‍රමණ ගෞතමයින් විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලද්දාහු සමාදන් කරවන ලද්දාහු උත්සාහ කරවන ලද්දාහු සතුටු කරවන ලද්දාහු ශ්‍රමණ ගෞතමයින් ගෙන් ප්‍රශ්නවත් නොඅසති. උන්වහන්සේට කොයින් වාදාරොපනය කරද්ද? ඔව්හු ඒකාන්තයෙන් ශ්‍රමණ ගෞතමයින්ගේ ශ්‍රාවකයෝ වෙත්. පින්වත, යම් කලෙක ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මේ තුන්වෙනි ඤාණපදය දුටුයෙම්ද, එතැන් සිට භාග්‍යවතුන් වහන්සේ සියල්ල තමන්ම අවබෝධ කළහ. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය හොඳින් දේශනා කරන ලදී, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා යහපත්ව පිළිපන්නේය කියා තීරණයට පැමිණියෙමි.
“නැවතද පින්වත, මේ ලෝකයෙහි සියුම් බුද්ධි ඇති අනුන් හා වාද කිරීමෙහි පුරුද්ද ඇති, වාලවේධීන් වැනිවූ ප්‍රඥා බලයෙන් අන්යදෘෂ්ටීන් බිඳිමින් හැසිරෙත් යයි සලකන යම් ශ්‍රමණ පණ්ඩිතයන් මම දකිම්ද, ඔව්හු ශ්‍රමණ භවත් ගෞතමයන් අසවල් නම් ගමට හෝ නියම් ගමට හෝ පැමිණෙතියි අසත්ද, ඔව්හු ‘අපි ශ්‍රමණ ගෞතමයින් කරා ගොස් මේ ප්‍රශ්න අසමු’යි ප්‍රශ්න සූදානම් කරති. ‘ඉදින් අප විසින් අසන ලද්දේ මෙසේ උත්තර දෙන්නාහ’ එවිට අපි උන්වහන්සේට මෙසේ වාදාරොපනය කරමු. අප විසින් මෙසේත් අසන ලද්දේ මෙසේ උත්තර දෙන්නාහ. එවිට අපි මෙසේත් වාදය නගමු’යි (කියාය) අසවල් නම් ගමට හෝ නියම් ගමට හෝ ශ්‍රමණභවත් ගෞතමයෝ පැමිණියහයි අසා, ඔව්හු ශ්‍රමණභවත් ගෞතමයින් යම් තැනකද එතැනට පැමිණෙත්. ශ්‍රමණභවත් ගෞතමයෝ ධර්මානුකූල කථාවෙන් කරුණු දක්වා ඔවුන් එහි සමාදන් කරවත්. උත්සාහ කරවත් සතුටු කරවත්. ඔව්හු ශ්‍රමණභවත් ගෞතමයන් විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලද්දාහු, එහි සමාදන් කරවන ලද්දාහු, උත්සාහ කරවන ලද්දාහු, සතුටු කරවන ලද්දාහු ශ්‍රමණ භවත් ගෞතමයන් ගෙන් ප්‍රශ්නවත් නො අසත්. උන්වහන්සේට කොයින් වාදාරොපනය කරත්ද, ඔව්හු ඒකාන්තයෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීම පිණිස ශ්‍රමණ ගෞතමයන්ගෙන් අවසර ඉල්වත්. ශ්‍රමණ ගෞතමයෝ ඔවුන් පැවිදි කරවති. උපසම්පදාද කරවති. ඔව්හු එහි පැවිදිවූවාහුම හුදකලා (තනි) වූවාහු, සමූහයෙන් වෙන්වූවාහු, අප්‍රමාද වූවාහු, කෙලෙස් තවන වීර්යය ඇත්තාහු සතර මාර්ගයෙහි යොදවනලද සිත් ඇත්තාහු වාසය කරන්නාහුය, කුල පුත්‍රයෝ යම් මාර්ගඵලයක් පිණිස ගිහිගෙන් නික්ම ශාසනයෙහි මහණ වෙද්ද, නොබෝ කලකින් බ්‍රහ්මචරියාව කෙළවර කොට ඇති උතුම්වූ ඒ අර්හත් ඵලය මේ ආත්මයේදීම උසස් නුවණින් අවබෝධ කොට ඊට පැමිණ වාසය කරත්. ඔව්හු මෙසේ කියන්නාහ.
“පින්වත්නි, අපි තව ස්වල්පයකින් නැසුනෝ වන්නෙමු. තව ස්වල්පයකින් වැනසුනෝ වන්නෙමු. අපි වනාහි ශ්රමණයන් නොවීම ශ්‍රමණයෝ වෙමුයි කියාගතිමු. බ්‍රාහ්මණයන් නොවීම බ්‍රාහ්මණයෝ වෙමුයි කියාගතිමු. රහතුන් නොවීම රහත්හු වෙමුයි කියාගතිමු. දැන් වනාහි අපි ශ්‍රමණයෝත් වෙමු. දැන් වනාහි බ්‍රාහ්මණයෝත් වෙමු. දැන් වනාහි රහත්වූවෝත් වෙමුයි (කියති.)
“පින්වත, යම් කලක ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මේ සතරවෙනි ඤාණපදය දුටුයෙම්ද, එතැන් සිට භාග්‍යවතුන් වහන්සේ සියල්ල තමන්ම අවබෝධ කළහ. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය යහපත් කොට දේශනා කරනලදී. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා යහපත්ව පිළිගන්නේය කියා තීරණයට පැමිණියෙමියි, (කීය)
|
290
එවං වුත්තෙ, ජාණුස්සොණි බ්රාහ්මණො සබ්බසෙතා වළවාභිරථා ඔරොහිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා තික්ඛත්තුං උදානං උදානෙසි - ‘‘නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස; නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස; නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස. අප්පෙව නාම මයම්පි කදාචි කරහචි
|
290
“මෙසේ කී කල්හි ජාණුස්සෝනි බ්‍රාහ්මණ තෙම වෙළඹුන් යෙදූ සියල්ල සුදුවූ රථයෙන් බැස උතුරු සළුව ඒකාංශකොට (එක උරයකට) පොරවා දමාගෙන භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින දෙසට ඇඳිලි බැඳගෙන මේ ප්‍රීති වාක්‍යය තුන් වරක් කීයේය. “භාග්‍යවත්වූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා, භාග්‍යවත්වූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා. භාග්‍යවත් වූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා, යම් දවසක කෙසේ හෝ ඒ භවත් ගෞතමයන් සමග අපි එක් වන්නෙමු නම් ඉතා යෙහෙක. එක්වී කිසියම් සතුටු සාමීචි කථාවක් වන්නේනම් ඉතා යෙහෙක’ (කියායි)
ඉක්බිති ඒ ජාණුස්සෝනි බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එක පැත්තක හිඳගත්තේය. එක පැත්තක හිඳගත්තාවූ ජාණුස්සෝනි බ්‍රාහ්මණ තෙම, පිලොතික පරිබ්‍රාජකයා සමග යම් කථාවක් වීද ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේ සමග කීයේය.
මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ ජාණුස්සෝනි බ්‍රාහ්මණයා හට මෙසේ වදාළාහ. ‘බ්‍රාහ්මණය, මෙපමණකින් හත්ථිපදොපමාව (ඇත් පා උපමාව) විස්තර වශයෙන් සම්පූර්ණ වූයේ නොවෙයි. බ්‍රාහ්මණය, යලිත් හත්ථිපදොපමාව යම් සේ විස්තර වශයෙන් සම්පූර්ණ වේද එය හොඳින් අසව, හොඳින් සිත තබා ගනුවකියන්නෙමි”යි වදාළහ. “එසේය පින්වතුන් වහන්සැ”යි ජාණුස්සෝනි බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.
|
291
‘‘සෙය්යථාපි, බ්‍රාහ්මණ, නාගවනිකො නාගවනං පවිසෙය්ය. සො පස්සෙය්ය නාගවනෙ මහන්තං
‘‘සො තමනුගච්ඡති. තමනුගච්ඡන්තො පස්සති නාගවනෙ මහන්තං හත්ථිපදං, දීඝතො ච ආයතං, තිරියඤ්ච විත්ථතං, උච්චා ච නිසෙවිතං. යො හොති කුසලො නාගවනිකො නෙව තාව නිට්ඨං ගච්ඡති - ‘මහා වත, භො, නාගො’ති. තං කිස්ස හෙතු? සන්ති හි, බ්‍රාහ්මණ, නාගවනෙ උච්චා කාළාරිකා නාම හත්ථිනියො මහාපදා, තාසං පෙතං පදං අස්සාති.
‘‘සො
‘‘සො තමනුගච්ඡති. තමනුගච්ඡන්තො පස්සති නාගවනෙ මහන්තං හත්ථිපදං, දීඝතො ච ආයතං, තිරියඤ්ච විත්ථතං, උච්චා ච නිසෙවිතං, උච්චා ච දන්තෙහි ආරඤ්ජිතානි, උච්චා ච සාඛාභඞ්ගං. තඤ්ච නාගං පස්සති රුක්ඛමූලගතං වා අබ්භොකාසගතං වා ගච්ඡන්තං වා තිට්ඨන්තං වා නිසින්නං වා නිපන්නං වා. සො නිට්ඨං ගච්ඡති - ‘අයමෙව සො මහානාගො’ති.
‘‘එවමෙව ඛො
|
291
“බ්‍රාහ්මණය, යම්සේ ඇතුන්වසන වනයෙහි හැසිරෙන්නෙක් ඇතුන් වසන වනයට ඇතුල් වේද, හෙතෙම ඇතුන් වසන වනයෙහි දිගින් දික්වූද, පුළුලින් පුළුල්වූද මහත්වූ ඇත් අඩියක් දක්නේද, ඒ ඇත් වනයෙහි හැසිරෙන්නා (ඇත් ශිල්පයෙහි) දක්ෂයෙක් වේනම් (හෙතෙම) ‘පින්වත මේ මහා ඇතෙක් ය’යි එයින් තීරණයට නොපැමිණෙයි.
“ඊට හේතු කවරේද? බ්‍රාහ්මණය ඇත් වනයෙහි මහත්වූ පාද ඇති “වාමනිකා” නම් ඇතින්නියෝ ඇත්තාහ. මේ ඇත් අඩිය ඔවුන්ගේ විය හැකියයි සිතා ඔහු ඒ අනුව යන්නේය. ඒ අනුව යන ඔහු ඇත් වනයෙහි දිගින් දික්වූ පළලින් පළල්වූ මහත් ඇත් අඩියක්ද ගස්වල උඩ අතු කැඩූතැන් හා ගැටුන තැන්ද දකියි. ඒ ඇත් වනයෙහි හැසිරෙන්නා දක්ෂයෙක් වේනම් (ඔහු) පින්වත, මේ මහාඇතෙකැයි’ එයිනුදු තීරණයට නොපැමිණෙයි. ඊට හේතු කවරේද? බ්‍රාහ්මණය, ඇත් වනයෙහි මහත්වූ පාද ඇති “උච්චා කාළාරිකා” නම් ඇතින්නියෝ ඇත්තාහ. මේ ඔවුන්ගේ අඩියක් විය හැකියයි හෙතෙම ඒ අනුව යන්නේය. ඒ අනුව යන ඔහු ඇත් වනයෙහි දිගින් දික්වූ පළලින් පළල්වූ මහත් ඇත් අඩියක්ද ගස්වල උඩ අතු කැඩූ තැන්ද ගැටුන තැන්ද උඩ දළවලින් අනින ලද තැන්ද දකියි. ඒ ඇත් වනයෙහි හැසිරෙන්නා දක්ෂයෙක් වේනම් මේ මහා ඇතෙක්යයි තීරණයට නොපැමිණෙයි. ඊට හේතු කවරේද? බ්‍රාහ්මණය, ඇත් වනයෙහි ‘උච්චා කණෙරුකා’ නම් ඇතින්නියෝ ඇත්තාහ. මේ පාද ඔවුන්ගේ විය හැකියයි හෙතෙම ඒ අනුව යන්නේය. ඒ අනුව යන ඔහු ඇත් වනයෙහි දිගින් දික්වූ පළලින් පළල්වූ මහත් ඇත් අඩියක්ද, (ගස්වල) උඩ අතුකැඩූ තැන් හා ගැටුනු තැන්ද උඩ දළ වලින් අනිනලදතැන්ද, උඩ බිඳුන තැන්ද දකියි. රුක්මුලකට ගියාවූ හෝ හිස් අවකාශ ස්ථානයකට ගියාවූ හෝ යන්නාවූ හෝ සිටින්නාවූ හෝ නිදා සිටින්නාවූ හෝ ඒ මහා ඇත් රාජයාත් දකියි. (එවිට) හෙතෙම මේ ඒ මහා ඇත් රාජයා යයි තීරණයට පැමිණෙයි.
“බ්‍රාහ්මණය, එසේම මේ ලෝකයෙහි අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ, විද්‍යාචරණ සම්පන්නවූ යහපත් ගති ඇත්තාවූ සියලු ලෝකයන් දන්නාවූ, ශ්‍රේෂ්ඨවූ, හික්මවිය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනිවූ, දෙවිමිනිසුන්ට ගුරුවරයෙක්වූ, චතුස්සත්‍යය අවබෝධ කළාවූ තථාගත කෙනෙක් මෙලොව උපදනාහ. ඒ තථාගත තෙමේ දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ මහණ බමුණන් සහිතවූ, දෙව් මිනිසුන් සහිතවූ, මේ ලෝකය ස්වකීය විශේෂ ඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට ප්‍රකාශ කරයි. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ මැද යහපත්වූ අවසානය යහපත්වූ අර්ථ සහිතවූ, දස වැදෑරුම් අක්ෂර සම්පත්තියෙන් යුක්තවූ සියලු ආකාරයෙන් සම්පූර්ණවූ පිරිසිදුවූ, ශාසන බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරති.
“ඒ ධර්මය ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ අන් කුල අතුරෙන් එක් කුලයක උපන්නෙක් හෝ අසයිද ඔහු ඒ ධර්මය අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරයි. ඔහු ඒ ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ මෙසේ සලකන්නේය. ගිහිගෙයි විසීම් අවහිර සහිතය. කෙලෙස් දූවිලි උපදින තැනකි. මහණකම වනාහි කිසිවක් නොමැති අවකාශය මෙන් නිදහස්ය. ගිහි ගෙයි වසන්නහු විසින් සියලු ආකාරයෙන් සම්පූර්ණවූ, සියලු ආකාරයෙන් පිරිසිදුවූ, ලියවූ සක්ගෙඩියක් වැනි මෙම බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්ට නොහැක්කේය. මම කෙස් දැළි රැවුලු කපාදමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වන්නෙම් නම් ඉතා යහපතැයි කියාය.
“ඔහු පසු කාලයක ස්වල්පවූ හෝ බොහෝවූ හෝ සම්පත් හැර, ස්වල්පවූ හෝ බොහෝ වූ නෑපිරිස් හැර, කෙස් දැළි රැවුලු කපාදමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වන්නේය.
|
292
‘‘සො එවං පබ්බජිතො සමානො භික්ඛූනං සික්ඛාසාජීවසමාපන්නො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති, නිහිතදණ්ඩො
‘‘අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො හොති දින්නාදායී දින්නපාටිකඞ්ඛී. අථෙනෙන සුචිභූතෙන අත්තනා විහරති.
‘‘අබ්රහ්මචරියං පහාය බ්‍රහ්මචාරී හොති ආරාචාරී විරතො මෙථුනා ගාමධම්මා.
‘‘මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති සච්චවාදී සච්චසන්ධො ථෙතො
(ඨෙතො (ස්‍යා. කං.)) පච්චයිකො අවිසංවාදකො ලොකස්ස.
‘‘පිසුණං වාචං පහාය පිසුණාය වාචාය පටිවිරතො හොති, ඉතො සුත්වා න අමුත්ර අක්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්ර වා සුත්වා න ඉමෙසං අක්ඛාතා අමූසං භෙදාය. ඉති භින්නානං වා සන්ධාතා සහිතානං වා අනුප්පදාතා, සමග්ගාරාමො සමග්ගරතො සමග්ගනන්දී සමග්ගකරණිං වාචං භාසිතා හොති
‘‘ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො හොති. යා සා වාචා නෙලා කණ්ණසුඛා පෙමනීයා හදයඞ්ගමා පොරී බහුජනකන්තා බහුජනමනාපා
‘‘සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතො හොති කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී, නිධානවතිං වාචං භාසිතා කාලෙන සාපදෙසං පරියන්තවතිං අත්ථසංහිතං.
|
292
“එසේ මහණවූ හෙතෙම භික්ෂු සීලයෙන් යුක්තවූයේ, ප්‍රාණවධය හැර ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ බහාතබන ලද දඬු ඇත්තේ, බහා තබන ලද ආයුධ ඇත්තේ, පව් කිරීමෙහි ලජ්ජා ඇත්තේ, කරුණාවන්ත වූයේ, සියලු ප්‍රාණීන් කෙරෙහි හිත අනුකම්පාව ඇතුව වාසය කෙරේ. නොදුන් දෙය ගැනීමෙන් වෙන්ව, එයින් සම්පූර්ණයෙන් වැළකුණේ, දුන් දෙයම ගන්නේ, දුන් දෙයම කැමති වන්නේ, සොර නොවූ, පිරිසිදුවූ සිතින් යුක්ත වාසයකෙරේ. අබ්‍රහ්මචර්යාව හැර උතුම් පැවතුම් ඇත්තේ ස්ත්‍රී පුරුෂ සංසර්ගය නම්වූ ග්‍රාම ධර්මයෙන් වෙන් වූයේ බ්‍රහ්මචාරීවේ. බොරු කීමෙන් දුරුව, ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ, සැබෑ වචන කියන්නේ, සැබැවින් සැබව ගළපන ගති ඇතුව ස්ථිර කථා ඇත්තේ, ඇදහිය යුතු වචන ඇත්තේ ලෝකයා අතර විරුද්ධ කථා ඇති නොකෙරේ. පිසුනු බස් හැර, ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ, මෙතැනින් අසා මොවුන් බිඳවීම පිණිස එතැන නොකියන ගති ඇත්තේ, එතැනින් අසා මොවුන් බිඳවීම පිණිස මෙතැන නොකියන ගති ඇත්තේ, මෙසේ භෙද වූවන් ගළපන්නේ සමගි වූවන්ගේ සමගිය තහවුරු කිරීමට අනුබල දෙන්නේ, සමගියෙහි ඇලුම් බහුල කොට ඇත්තේ, සමගිකම්හි ඇලුනේ, සමගිකම්හි සතුටුවන ගති ඇත්තේ, සමගිය ඇති කරන වචන කියන්නේය. ඵරුෂ වචනය හැර ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ, යම් වචනයක් නිදොස් වේද, කණට මිහිරිද, ප්‍රෙමණීයද, සතුටු කරයිද, යහපත්ද, බොහෝ දෙනාට ප්‍රියද, බොහෝ දෙනාගේ හිත් ප්‍රියකරන්නේද, එබඳු වචනම කියන්නේ වේ. හිස්වූ ප්‍රලාප කථා හැර ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ, කාලයට සුදුසු කථා කරන්නේ, සිදුවූ වචනම කියන්නේ, අර්ථයෙන් යුක්තවූ, ධර්මයෙන් යුක්තවූ විනයයෙන් යුක්තවූ වචන කියන්නේ සුදුසු කල්හි, උපමා හා කරුණු සහිතවූ, සීමා ඇති, අර්ථයෙන් යුත්, නිධානයක් මෙන් සිතෙහි තැබිය යුතු වචන කියන්නේ වේ.
|
293
‘‘සො
|
293
“හෙතෙම තණ, ගස්, වැල් සිඳීම් බිඳීම් ආදියෙන් වැළකුණේ වෙයි. එක් වේලක් වළඳන්නේ රාත්‍රි භොජනයෙන් හා විකාල භොජනයෙන් වැළකුණේ වෙයි. ‘නැටීම් ගී කීම් බෙර ආදිය වැයීම්’ විසුලු දැකීම් යන මෙයින් වැළකුණේ වෙයි. මල්, ගඳ, විලවුන් පැළඳීම ඉන් සැරසීම, අඩු තැන් පිරවීමෙන් අලඩ්කාර කිරීම යන මෙයින් වැළකුණේ වෙයි. උස් අසුන් මහ අසුන් යන මෙයින් වැළකුණේ වෙයි. රන් රිදී මසු කහවණු පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. අමු ධාන්‍ය වර්ග පිළිගැන්මෙන් තොරවූයේ වෙයි. අමු මස් පිළිගැන්මෙන් තොරවූයේ වෙයි. ස්ත්‍රීන් තරුණියන් පිළිගැන්මෙන් තොර වූයේ වෙයි. වැඩකරුවන් වැඩකාරියන් පිළිගැන්මෙන් තොර වූයේ වෙයි, එළුවන් බැටළුවන් පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. ඌරන්, කුකුළන් පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. ඇතුන්, ගවයින්, අසුන්, වෙළඹුන්, පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. කෙත්, වත්, පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. ගිහීන්ගේ දූත මෙහෙවරය, ගෙන්ගෙට යන මහත් මෙහෙවරය යන මෙයින් වැළකුණේ වෙයි. විකිණීම මිළට ගැනීම යන මෙයින් වැළකුණේ වෙයි. තරාදියෙන් හොර කිරීම, රන් නොරන් කිරීමාදියෙන් හොර කිරීම මැනීමෙන් හොර කිරීමාදියෙන් වැළකුණේ වෙයි. හිමියන් අහිමි කිරීමාදිය සඳහා අල්ලස් ගැන්මය, උපායෙන් අනුන් රැවටීමය, යකඩ ආදී ලොහ රන් රිදීයයි අඟවා වඤ්චා කිරීමය, නොයෙක් ආකාරවූ කුටිල ප්‍රයොගය යන මෙයින් වැළකුණේ වෙයි. කැපීමය, බැඳීමය, සැඟවී සිට වස්තු පැහැරගැන්මය, ගම් නියම් ගම් ආදිය පැහැරීමය, බලාත්කාරකමින් වස්තු පැහැර ගැන්මය, යන මෙයින් වැළකුණේ වෙයි.
|
294
‘‘සො සන්තුට්ඨො හොති කායපරිහාරිකෙන චීවරෙන කුච්ඡිපරිහාරිකෙන පිණ්ඩපාතෙන. සො යෙන යෙනෙව
|
294
“හෙතෙමේ යන්තම් කය වැසීමට තරම්වූ සිවුරෙන්ද, යැපීමට ප්‍රමාණවූ ආහාරයෙන්ද සතුටු වන්නේවේ. ඔහු යම් යම් තැනකට යේ නම් ඒ ඒ තැනට එය ගෙනයන්නේ වෙයි. යම්සේ පක්ෂියෙක් යම් තැනකට පියාඹා යේ නම් ඒ සියලු තැන පියාපත් බර පමණකින් යුක්තව පියාඹායේද, එපරිද්දෙන්ම භික්ෂු තෙමේද ශරීරය වැසීමට ප්‍රමාණවූ සිවුරෙන්ද යැපීමට ප්‍රමාණවූ ආහාරයෙන්ද සතුටුවන්නේවේ. ඔහු යම් තැනකට යා නම් ඒ ඒ තැන එය රැගෙනම යයි. හෙතෙමේ මේ උතුම් සීලයෙන් යුක්තවූයේ තම සන්තානයෙහි නිරවද්‍යවූ සැපය විඳින්නේය.
|
295
‘‘සො චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්වා...පෙ.... ඝානෙන ගන්ධං ඝායිත්වා... ජිව්හාය රසං සායිත්වා... කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා... මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති
‘‘සො අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී හොති, ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී හොති
|
295
“හෙතෙමේ, ඇසින් රූපයක් දැක එහි මහත් සටහන් සිතට ගන්නේ නැත. කුඩා සටහන් සිතට ගන්නේ නැත. චක්ෂු ඉන්ද්රියයෙහි අසංවරව වසන්නහුට යමක් හේතු කොට ගෙන ලෝභ ද්වේෂ අකුශල ධර්මයෝ හිතට ඇතුල් වන්නාහුද, එහි සංවරය පිණිස ඔහු පිළිපදී. ඔහු තමාගේ චක්ෂු ඉන්ද්රියය රකී, චක්ෂු ඉන්ද්රියයෙහි සංවරයට පැමිණේ.
කනින් ශබ්දයක් අසා එය නිමිති වශයෙන් ගන්නේ නොවේ. නැවත නැවත මතක්වනසේ අල්ලා ගන්නේ නොවේ. යමක් හේතු කොට ගෙන ශ්රොතෙන්ද්රිය (කන්) අසංවරව වසන්නහුට ලෝභ ද්වේෂ අකුශල ධර්මයෝ උපදිත්ද ඒ ශ්රොතෙන්ද්රියෙහි සංවරය පිණිස පිළිපදියි. ශ්‍රොත ඉන්ද්රිය රකී. ශ්රොතෙන්ද්රියෙහි සංවරයට පැමිණෙයි.
“නාසයෙන් ගඳක් ආඝ්‍රාණය කොට එය නිමිති වශයෙන් නොගනී. නැවත නැවත මතක්වනසේ සිතට නොගනී. යමක් හේතු කොට ගෙන ඝානෙන්ද්රිය (නාසය) අසංවරව වාසය කරන්නහුට ලෝභ ද්වේෂ අකුසල ධර්මයෝ උපදිත්ද එහි සංවරය පිණිස පිළිපදියි. ඝානෙන්ද්රිය රකියි. ඝානෙන්ද්රියාගේ සංවරයට පැමිණෙයි. දිවෙන් රසක් විඳ එය අරමුණු වශයෙන් නොගනී. නැවත නැවත මතක්වනසේ නොගනී. යමක් හේතු කොට ගෙන, ජිව්හේන්ද්රිය සංවර නොකොට වාසය කරන්නාහට ලෝභ ද්වේෂ අකුශල ධර්මයෝ උපදිත්ද එහි සංවරය පිණිස පිළිපදියි ජිව්හෙන්ද්රිය (දිව) ආරක්ෂා කරයි. ජිව්හේන්ද්රියයෙහි සංවරයට පැමිණෙයි.
“කයින් පහසක් ස්පර්ශ කොට නිමිති වශයෙන් නොගනියි. නැවත නැවත මතක්වනසේ සිතට නොගනියි. යමක් හේතු කොට කායෙන්ද්රිය අසංවරව වාසය කරන්නහුට ලෝභ ද්වේෂ අකුසල ධර්මයෝ උපදිත්ද ඒ කායෙන්ද්රිය සංවරය පිණිස පිළිපදියි. කායෙන්ද්රිය ආරක්ෂාකරයි. කායෙන්ද්රියේ සංවරයට පැමිණෙයි. සිතින් ධර්මාරම්මණයක් දැන නිමිති වශයෙන් නොගනී. නැවත නැවතත් මතක්වනසේ සිතට නොගනී. යම් හෙයකින් සිත අසංවරව වාසය කරන්නහුට ලෝභ ද්වේෂ අකුශල ධර්මයෝ උපදිත්ද, ඒ මනින්‍ද්‍රිය (සිත) සංවරය පිණිස පිළිපදියි. මනින්‍ද්‍රිය රකී. මනින්‍ද්‍රිය සංවරයට පැමිණෙයි. හෙතෙමේ මේ උතුම් ඉන්ද්රිය සංවරයෙන් යුක්තවූයේ තම සන්තානයෙහි කෙලෙසුන්ගෙන් තෙත් නොවූ සැපය විඳින්නේය.
“හෙතෙමේ ඉදිරියට යාමෙහිද ආපසු යාමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. ඉදිරිපස බැලීමෙහිද හැරී බැලීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. අත් පා හැකිලීමෙහිද දිගුකිරීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. සඟළ සිවුර සහ පාත්‍රා සිවුරු දැරීමෙහි නුවණින් යුක්තවූයේ වෙයි. අනුභව කිරීමය, පානය කිරීමය. රස විඳීමය යන මෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. මල මුත්‍ර පහකිරීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. යෑම්, සිටීම්, හිඳීම්, සැතපීම්, නිදි තොර කිරීම්, කථාකිරීම්, නිශ්ශබ්ද වීම් යන මෙහිද නුවණින් යුක්තවූයේ වෙයි.
|
296
‘‘සො ඉමිනා ච අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො, (ඉමාය ච අරියාය සන්තුට්ඨියා සමන්නාගතො)
(( ) එත්ථන්තරෙ පාඨො ඉධ නදිස්සති, චතුක්කඞ්ගුත්තරෙ පන ඉමස්මිං ඨානෙ දිස්සති, අට්ඨකථාටීකාසු ච තදත්ථො පකාසිතො. තස්මා සො එත්ථ පටීපූරිතො) ඉමිනා ච අරියෙන ඉන්ද්රියසංවරෙන සමන්නාගතො, ඉමිනා ච අරියෙන සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො විවිත්තං සෙනාසනං භජති අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජං. සො පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා, උජුං කායං පණිධාය, පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො අභිජ්ඣං ලොකෙ පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරති, අභිජ්ඣාය චිත්තං පරිසොධෙති. බ්යාපාදප්පදොසං පහාය අබ්යාපන්නචිත්තො විහරති, සබ්බපාණභූතහිතානුකම්පී බ්යාපාදප්පදොසා චිත්තං පරිසොධෙති. ථිනමිද්ධං පහාය විගතථිනමිද්ධො විහරති ආලොකසඤ්ඤී සතො සම්පජානො, ථිනමිද්ධා චිත්තං පරිසොධෙති. උද්ධච්චකුක්කුච්චං පහාය අනුද්ධතො විහරති, අජ්ඣත්තං වූපසන්තචිත්තො උද්ධච්චකුක්කුච්චා චිත්තං පරිසොධෙති. විචිකිච්ඡං පහාය තිණ්ණවිචිකිච්ඡො විහරති අකථංකථී කුසලෙසු ධම්මෙසු, විචිකිච්ඡාය චිත්තං පරිසොධෙති.
|
296
“උතුම්වූ මේ සීලසමූහයෙන් යුක්තවූද උතුම්වූ මේ ඉන්ද්රිය සංවරයෙන් යුක්තවූද, මේ උතුම්වූ සතිසම්පජඤ්ඤයෙන් යුක්තවූද, ඒ භික්ෂු තෙමේ කැලයද, ගහක් මුලද, පර්වතද, කඳුරැලිද, ගල්ගුහාද, සොහොන්ද, ඉතාදුරවූ කැලෑද, හිස්තැන්ද, පිදුරු ගොඩවල්ද යන මේ විවේක සෙනාසන භජනය කෙරෙයි. ඔහු පසුබත් කාලයෙහි පිණ්ඩපාත ආහාරයෙන් වැළකුණේ, පර්යංක බැඳ, ශරීරයේ කෙළින් තබා සිත අරමුණෙහි පිහිටුවා හිඳගනියි.
“ඔහු ස්කන්ධ ලෝකයෙහි ලෝභය පහකොට ලෝභ රහිත සිතින් යුක්තව වාසය කෙරේ. ලෝභයෙන් සිත පිරිසිදු කෙරේ. සිත කෙලෙසන්නාවූ ක්‍රෝධය පහකොට, ක්‍රෝධයෙන් දුරුවූ සිත් ඇතිව වාසය කරයි. සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කරයි ක්‍රෝධයෙන් සිත පිරිසිදු කෙරේ. කාය චිත්ත දෙදෙනාගේ අලස බව දුරු කොට කය සිත පිළිබඳ පහවූ අලස බව ඇත්තේ ආලෝක සංඥා ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් ප්‍රඥා ඇත්තෙක්ව ථීනමිද්ධයෙන් සිත පිරිසිදු කෙරේ. නොසන්සුන්කම හා පසුතැවීම දුරුකොට, සංසිඳුනු සිත් ඇතිව වාසය කෙරේ. ඇතුළත සංසිඳුනු සිත් ඇත්තේ, උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කෙරේ. සැකය දුරු කොට, පහකළ සැක ඇත්තේ කුශල ධර්ම විෂයෙහි එසේද මෙසේදැයි සැක නැතිව විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කෙරේ.
|
297
‘‘සො ඉමෙ පඤ්ච නීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ, විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදම්පි වුච්චති, බ්‍රාහ්මණ, තථාගතපදං ඉතිපි, තථාගතනිසෙවිතං ඉතිපි, තථාගතාරඤ්ජිතං ඉතිපි. න ත්වෙව තාව අරියසාවකො නිට්ඨං ගච්ඡති - ‘සම්මාසම්බුද්ධො
‘‘පුන චපරං, බ්‍රාහ්මණ, භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදම්පි වුච්චති, බ්‍රාහ්මණ...පෙ....
‘‘පුන
‘‘පුන චපරං, බ්‍රාහ්මණ, භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා, පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා, අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදම්පි වුච්චති, බ්‍රාහ්මණ, තථාගතපදං ඉතිපි, තථාගතනිසෙවිතං ඉතිපි, තථාගතාරඤ්ජිතං ඉතිපි. න ත්වෙව තාව අරියසාවකො නිට්ඨං ගච්ඡති - ‘සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො, සුප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො’ති.
|
297
“හෙතෙම සිත කිලුටු කරන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ මේ පංච නීවරණයන් දුරුකොට, කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයිද, බ්‍රාහ්මණය, මෙයද තථාගතයන් වහන්සේගේ (ඤාණ) පදයයි කියාද, තථාගතයන් වහන්සේ විසින් (ප්‍රඥාවෙන්) ගටනාලද ස්ථානයයි කියාද, තථාගතයන් වහන්සේ විසින් (නුවණ නමැති දළවලින්) අනිනලද ස්ථානයයි කියාද, කියනු ලැබේ.
“මෙතෙකිනුදු ආර්ය ශ්‍රාවකතෙම භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධයයි කියාද, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය යහපත් කොට දේශනා කරන ලද්දේයයි කියාද, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම යහපත්ව පිළිපන්නේය, කියාද තීරණයට නොපැමිණෙයි.
“බ්‍රාහ්මණය, නැවත අනිකක්ද කියමි. මහණ තෙම විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් ඇතුළත පැහැදීම ඇති, හිතේ එකඟ බව ඇති විතර්ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයිද, බ්‍රාහ්මණය, මෙයද තථාගතයන් වහන්සේගේ (ඤාණ) පදයයි කියාද, තථාගතයන් වහන්සේ විසින් (ප්‍රඥාවෙන්) ගටනාලද ස්ථානයයි කියාද තථාගතයන් වහන්සේ විසින් (නුවණ නමැති දළවලින්) අනිනලද ස්ථානයයි කියාද, කියනු ලැබේ. මෙතෙකිනුත් ආර්ය ශ්‍රාවකතෙම භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධයයි කියාද භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය යහපත්කොට දේශනා කරන ලද්දේයයි කියාද, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම යහපත්ව පිළිපන්නේය කියාද තීරණයට නොපැමිණෙයි.
“බ්‍රාහ්මණය, නැවත අනිකක්ද කියමි. මහණ තෙම ප්‍රීතියෙහිද නොඇලීමෙන් උපේක්ෂා ඇත්තේ වාසය කරයිද සිහියෙන් යුක්ත වූයේ, නුවණින් යුක්තවූයේ ශරීරයෙන් සුවය විඳින්නේද, ආර්යයෝ යම් ඒ ධ්‍යානයක් උපේක්ෂා ඇති, සැප විහරණය ඇත්තේයයි කියද්ද, ඒ තෘතීයධ්‍යානයට පැමිණ වාසය කරයිද, බ්‍රාහ්මණය, මෙයද තථාගතයන් වහන්සේගේ (ඤාණ) පදයයි කියාද, තථාගතයන් වහන්සේ විසින් (ප්‍රඥාවෙන්) ගටනාලද ස්ථානයයි කියාද, තථාගතයන් වහන්සේ විසින් (නුවණ නමැති දළවලින්) අනිනලද ස්ථානයයි කියාද කියනු ලැබේ. මෙතෙකිනුදු ආර්ය ශ්‍රාවක තෙම භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධයයි කියාද, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය යහපත් කොට දේශනා කරන ලද්දේය කියාද, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම යහපත්ව පිළිපන්නේය කියාද තීරණයට නොපැමිණෙයි.
“බ්‍රාහ්මණය, නැවත අනිකක්ද කියමි. මහණ තෙම සැපය දුරු කිරීමෙන්ද, දුක දුරු කිරීමෙන්ද (ධ්‍යානය ලැබීමට) පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන් දුක්ද නොවූ, සැපද නොවූ උපේක්ෂා සිහියෙන් පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, බ්‍රාහ්මණය, මෙයද තථාගතයන් වහන්සේගේ (ඤාණ) පදයයි කියාද, තථාගතයන් වහන්සේ විසින් (ප්‍රඥාවෙන්) ගටනාලද ස්ථානයයි කියාද, තථාගතයන් වහන්සේ විසින් (නුවණ නමැති දළවලින්) අනිනලද ස්ථානයයි කියාද කියනු ලැබේ. මෙතෙකිනුදු ආර්ය ශ්‍රාවක තෙම, භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධයයි කියාද, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය යහපත් කොට දේශනා කරන ලද්දේයයි කියාද, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම යහපත්ව පිළිපන්නේය කියාද, තීරණයට නොපැමිණෙයි.
|
298
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්යථිදං - එකම්පි ජාතිං, ද්වෙපි ජාතියො...පෙ.... ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. ඉදම්පි වුච්චති, බ්‍රාහ්මණ, තථාගතපදං ඉතිපි, තථාගතනිසෙවිතං ඉතිපි, තථාගතාරඤ්ජිතං ඉතිපි. න ත්වෙව තාව අරියසාවකො නිට්ඨං ගච්ඡති - ‘සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො, සුප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො’ති.
‘‘සො
|
298
“හෙතෙමේ මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිතවූ කල්හි ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පානොවන බවට පැමිණි කල්හි පෙර ජාති සිහිකිරීමේ ඥානය පිණිස සිත නමයි. හේ තෙමේ නොයෙක් විදියේ පෙර විසීම් සිහි කෙරෙයි. කෙසේදයත්, ‘එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පසක්ද, ජාති දසයක්ද ජාති විස්සක්ද, ජාති තිසක්ද, ජාති සතළිසක්ද, ජාති පනසක්ද, ජාති සියයක්ද, දහස් ජාතියක්ද, සියක්දහස් ජාතියක්ද, නොයෙක් විනාශ වෙමින් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද, නොයෙක් විනාශවන හෝ හැදෙන කල්පයන්ද ‘අසුවල් තැන වීමි. මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම්, අසුවල් තැන උපන්නෙම්, එහිදු මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම් මේ කෑම ඇත්තෙම්, මේ සැපදුක් වින්දෙම්, මේ ආයුෂකෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම් මෙහි උපන්නෙමි’යි මෙසේ ආකාර සහිතව, දැක්වීම් සහිතව, නොයෙක් විදියේ පෙර ජිවිත සිහි කෙරෙයි. බ්‍රාහ්මණය මෙයද තථාගතයන් වහන්සේගේ (ඤාණ) පදයයි කියාද, තථාගතයන් වහන්සේ විසින් (ප්‍රඥාවෙන්) ගටනාලද ස්ථානයයි කියාද, තථාගතයන් වහන්සේ විසින් (නුවණ නමැති දළවලින්) අනිනලද ස්ථානයයි කියාද කියනු ලැබේ. මෙතෙකිනුත් ආර්ය ශ්‍රාවක තෙම භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධයයි කියාද, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය යහපත්ව දේශනා කරන ලද්දේ යයි කියාද, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම යහපත්ව පිළිපන්නේයයි කියාද තීරණයට නොපැමිණෙයි.
“ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, කෙලෙස් පහවගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, චුති උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත නමයි. හේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූ, දිව ඇසින් චුතවන උපදින සත්ත්වයන් දකී. පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද හොඳ ලොව උපදින්නාවූද නරක ලොව උපදින්නාවූද කර්මයට අනුව උපදින්නාවූ සත්ත්වයන් දකී. ‘මේ පින්වත් සත්ත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වූහ, වාග් දුශ්චරිතයෙන් යුක්ත වූහ, ආර්යයන්ට ගරහන්නෝවූහ, මිථ්යාදෘෂ්ටිකයෝවූහ, මිථ්‍යා දෘෂ්ටි කර්ම සමාදන් වූහ. ඔව්හු මරණින් මතු සැපයෙන් පහවූ නපුරුවූ දුක්වූ, නිරයට පැමිණෙත් නැතහොත්, මේ පින්වත් සත්ත්වයෝ කාය සුචරිතයෙන් යුක්තවූහ, වාක් සුචරිතයෙන් යුක්ත වූහ, මනො සුචරිතයෙන් යුක්ත වූහ, ආර්යයන්ට නොගරහන්නෝවූහ, සත්‍යය අදහන්නෝ වූහ, සත්‍ය ඇදහීම් සමාදන් වූහ. ඔව්හු මරණින් මතු යහපත් ස්වර්ග ලෝකයට පැමිණියෝ”යි මෙසේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුතවන උපදින සත්ත්වයන් දකී, මෙසේ පිරිසිදුවූ මනුෂ්‍යත්වය ඉක්මසිටියාවූ දිවැසින් චුතවන්නාවූද උපදින්නාවූද පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද හොඳ ලොවට ගියාවූද නරක ලොවට ගියාවූද ධර්මය ලෙස පැමිණි සත්ත්වයන් දකී.
“බ්‍රාහ්මණය, මෙයද තථාගතයන් වහන්සේගේ (ඤාණ) පදයයි කියාද, තථාගතයන් වහන්සේ විසින් (ප්‍රඥාවෙන්) ගටනා ලද ස්ථානයයි කියාද, තථාගතයන් වහන්සේ විසින් (නුවණ නැමති දළවලින්) අනින ලද ස්ථානයයි කියාද කියනු ලැබේ. මෙතෙකිනුදු ආර්ය ශ්‍රාවක තෙම, භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධයයි කියාද, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය යහපත්ව දේශනා කරන ලද්දේයයි කියාද, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම යහපත්ව පිළිපන්නේය කියාද තීරණයට නො පැමිණෙයි.
|
299
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය
‘‘තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චති
එවං වුත්තෙ, ජාණුස්සොණි බ්රාහ්මණො භගවන්තං එතදවොච - ‘‘අභික්කන්තං, භො ගොතම, අභික්කන්තං, භො ගොතම! සෙය්යථාපි, භො ගොතම, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය - චක්ඛුමන්තො රූපානි දක්ඛන්තීති; එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භවන්තං ගොතමං සරණං ගච්ඡාමි, ධම්මඤ්ච, භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’’න්ති.
|
299
“ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, ක්ලේශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි සිතේ පැසවන කෙලෙස් පහකිරීමේ ඥානය පිණිස සිත නමයි. ඔහු මේ දුකයයි තතු ලෙස දැනගනී, මේ දුක් ඉපදීමේ හේතුවයයි තතු ලෙස දැනගනී, මේ දුක් නැති කිරීමයයි තතු ලෙස දැනගනී. මේ දුක් නැතිකිරීමේ මාර්ගයයි තතුලෙස දැනගනී. මේ පැසවන කෙලෙස්යයි තතු ලෙස දැනගනී, මේ පැසවන ක්ලේශයන්ගේ හේතුවයයි තතු ලෙස දැනගනී. මේ ඒ කෙලෙස් නැති කිරීමයයි තතු ලෙස දැනගනී. මේ ඒ කෙලෙස් නැති කිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගනී.
“බ්‍රාහ්මණය, මෙයද තථාගතයන් වහන්සේගේ (ඤාණ)පදයයි කියාද, තථාගතයන් වහන්සේ විසින් (ප්‍රඥාවෙන්) ගටනාලද ස්ථානයයි කියාද තථාගතයන් වහන්සේ විසින් (නුවණ නමැති දළවලින්) අනිනලද ස්ථානයයි කියාද කියනු ලැබේ. මෙතෙකිනුදු ආර්ය ශ්‍රාවක තෙම භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධයයි කියාද, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය යහපත්ව දේශනා කරන ලද්දේයයි කියාද, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙම යහපත්ව පිළිපන්නේය කියාද තීරණයට නොපැමිණෙයි.
“මෙසේ දන්නා දක්නා ඔහුගේ සිත කාම ආශ්‍රවය කෙරෙන්ද මිදේ, භව ආශ්‍රවය කෙරෙන්ද සිත මිදේ, අවිද්‍යා ශ්‍රවය කෙරෙන්ද සිත මිදේ, මිදුනු කල්හි මිදුනේය යන ඥානය පහළ වෙයි. ඉපදීම නැති විය. උතුම් හැසිරීමෙහි වසන ලදී, කටයුත්ත කරන ලදී. මින්පසු මේ සඳහා කළ යුත්තක් නැතැයි’ද දැනගනී.
“බ්‍රාහ්මණය, ආර්ය ශ්‍රාවක තෙම මෙතෙකින් භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධයයිද භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය යහපත් කොට දේශනා කරන ලද්දේයයි කියාද, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම යහපත්ව පිළිපන්නේයයි කියාද තීරණයට පැමිණෙයි. බ්‍රාහ්මණය, හස්තිපදය (ඇත් අඩිය) උපමා කොට ඇති ධර්මය මෙපමණින් සම්පූර්ණ වේය”යි වදාළහ.
මෙසේ වදාළකල්හි ජාණුස්සෝනි බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය “භවත් ගෞතමයාණන් වහන්ස, ධර්ම දේශනාව යහපති, ස්වාමිනි, ඉතාම යහපති ස්වාමීනි, (යමෙක්) යටිකුරු කරන ලද්දේ යම්සේ උඩුකුරු කරන්නේද වැසුමක් එලිදරව් කරන්නේද, මුළාවූවකුට මග කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, එලෙසින්ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්මය දේශනා කරන ලද්දේය. ස්වාමීනි, (ඒ ඇසූ) මම භාග්‍යවතුන් වහන්සේද, ධර්මයද සංඝයාද සරණ කොට ගනිමි. අද පටන් දිවිහිමි කොට සරණ ගිය උපාසකයෙකු කොට භාග්‍යවතුන් වහන්සේ මා සලකන සේක්වා.”
|
8. මහාහත්ථිපදොපමසුත්තං | 8. මහා හත්ථිපදොපම සූත්‍රය |
300
එවං
|
300
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර, ජේතවන නම් වූ අනේපිඩු සිටුහුගේ ආරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ “ඇවැත්නි මහණෙනියි” භික්ෂූන්ට කථා කළහ. “ඇවැත්නි”යි ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙසේ කීහ.
“ඇවැත්නි, පොළොවෙහි හැසිරෙන්නාවූ (පා ඇති) ප්‍රාණීන්ගේ යම්කිසි පා සටහන් වෙත්ද, ඒ සියල්ල ඇත් පියවරෙහි ඇතුළත් වෙත්ද ඔවුන් අතුරෙන් ඇත් පියවර මහත් බැවින් අග්‍රයයි යම්සේ කියනු ලැබේද, එපරිද්දෙන්ම ඇවැත්නි, යම්කිසි කුසල ධර්මයෝ වෙත්ද, ඒ සියල්ල චතුරාර්ය සත්‍යයෙහි ඇතුළත් වෙත්. කවර සතරෙක්හිද යත්? දුක්ඛ ආර්ය සත්‍යයෙහි, දුක්ඛ සමුදය ආර්ය සත්‍යයෙහි, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයෙහි, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යයෙහි යන මේ සතරෙහිය.
|
301
‘‘කතමඤ්චාවුසො, දුක්ඛං අරියසච්චං? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාපි දුක්ඛා, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං; සංඛිත්තෙන, පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා. කතමෙ චාවුසො, පඤ්චුපාදානක්ඛන්ධා? සෙය්යථිදං - රූපුපාදානක්ඛන්ධො, වෙදනුපාදානක්ඛන්ධො, සඤ්ඤුපාදානක්ඛන්ධො, සඞ්ඛාරුපාදානක්ඛන්ධො, විඤ්ඤාණුපාදානක්ඛන්ධො.
‘‘කතමො චාවුසො, රූපුපාදානක්ඛන්ධො? චත්තාරි ච මහාභූතානි, චතුන්නඤ්ච මහාභූතානං උපාදාය රූපං.
‘‘කතමා චාවුසො, චත්තාරො මහාභූතා? පථවීධාතු, ආපොධාතු
|
301
“ඇවැත්නි, දුක්ඛ ආර්ය සත්‍යය නම් කවරේද? ඉපදීමද දුකය, ජරාවද (මහලු වීම) දුකය, මරණයද දුකය, ශෝකයද දුකය, (විලාප කියා) හැඬීමද දුකය, කායික දුකද දුකය, සිතේ දුකද දුකය, දැඩි වෙහෙසද දුකය, කැමති වන යමක් නොලබාද එයද දුකය, කොටින්ම පස් වැදෑරුම් උපාදාන ස්කන්ධයෝම දුක් වන්නාහ. ඇවැත්නි, පස්වැදෑරුම් උපාදාන ස්කන්ධයෝ නම්කවරහුද? ඒ මොව්හුය. රූප උපාදාන ස්කන්ධය, වේදනා උපාදාන ස්කන්ධය, සංඥා උපාදාන ස්කන්ධය, සංස්කාර උපාදාන ස්කන්ධය, විඤ්ඤාණ උපාදාන ස්කන්ධය, (යන මේයි.)
“ඇවැත්නි, රූප උපාදාන ස්කන්ධය නම් කවරේද? මහා භූත රූප සතර හා සතර මහා භූතයන්ගේ උපාදාය රූපයෝය.
“ඇවැත්නි, සතර මහා භූතයෝ කවරහුද? පඨවි ධාතුවද, (තද ගතිය) ආපෝ ධාතුවද, (බැඳීම් ගතිය) තෙජෝ ධාතුවද, (උෂ්ණ ගතිය) වායෝ ධාතුවද, (පිම්බෙන ගතිය) යන සතරයි.
|
302
‘‘කතමා චාවුසො, පථවීධාතු? පථවීධාතු සියා අජ්ඣත්තිකා, සියා බාහිරා. කතමා චාවුසො, අජ්ඣත්තිකා පථවීධාතු? යං අජ්ඣත්තං පච්චත්තං කක්ඛළං ඛරිගතං උපාදින්නං, සෙය්යථිදං - කෙසා ලොමා නඛා දන්තා තචො මංසං න්හාරු අට්ඨි අට්ඨිමිඤ්ජං වක්කං හදයං යකනං කිලොමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං, යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං
‘‘හොති
‘‘තඤ්චෙ, ආවුසො, භික්ඛුං පරෙ අක්කොසන්ති පරිභාසන්ති රොසෙන්ති විහෙසෙන්ති, සො එවං පජානාති - ‘උප්පන්නා ඛො මෙ අයං සොතසම්ඵස්සජා දුක්ඛවෙදනා
‘‘තඤ්චෙ, ආවුසො, භික්ඛුං පරෙ අනිට්ඨෙහි අකන්තෙහි අමනාපෙහි සමුදාචරන්ති - පාණිසම්ඵස්සෙනපි ලෙඩ්ඩුසම්ඵස්සෙනපි දණ්ඩසම්ඵස්සෙනපි සත්ථසම්ඵස්සෙනපි. සො එවං පජානාති - ‘තථාභූතො ඛො අයං කායො යථාභූතස්මිං කායෙ පාණිසම්ඵස්සාපි කමන්ති, ලෙඩ්ඩුසම්ඵස්සාපි කමන්ති, දණ්ඩසම්ඵස්සාපි කමන්ති, සත්ථසම්ඵස්සාපි කමන්ති. වුත්තං ඛො පනෙතං භගවතා කකචූපමොවාදෙ - ‘‘උභතොදණ්ඩකෙන චෙපි, භික්ඛවෙ, කකචෙන චොරා ඔචරකා අඞ්ගමඞ්ගානි ඔකන්තෙය්‍යුං, තත්රාපි යො මනො පදූසෙය්ය න මෙ සො තෙන සාසනකරො’’ති. ආරද්ධං ඛො පන මෙ වීරියං භවිස්සති අසල්ලීනං, උපට්ඨිතා සති අසම්මුට්ඨා, පස්සද්ධො කායො අසාරද්ධො, සමාහිතං චිත්තං එකග්ගං. කාමං දානි ඉමස්මිං කායෙ පාණිසම්ඵස්සාපි කමන්තු, ලෙඩ්ඩුසම්ඵස්සාපි කමන්තු, දණ්ඩසම්ඵස්සාපි කමන්තු, සත්ථසම්ඵස්සාපි කමන්තු, කරීයති හිදං බුද්ධානං සාසන’න්ති.
‘‘තස්ස චෙ, ආවුසො, භික්ඛුනො එවං බුද්ධං අනුස්සරතො එවං ධම්මං අනුස්සරතො එවං සඞ්ඝං
|
302
“ඇවැත්නි, පෘථිවි ධාතුව කවරීද? ආධ්‍යාත්මිකවූ පෘථිවි ධාතුවක්ද වන්නීය, බාහිරවූ පෘථිවි ධාතුවක්ද වන්නීය, ඇවැත්නි, ආධ්‍යාත්මිකවූ පෘථිවි ධාතුව කවරීද? තමා තුළවූ කර්කසවූ, තදවූ, ජීවිතය සහිතවූ, යම් ද්‍රව්‍යයක් වේද, එනම් කෙස්ය, ලොමය, නියය, දත්ය, සමය, මස්ය, නහරය, ඇටය, ඇටමිදුලුය, වකුගඩුය, හෘදයමාංසයය, අක්මාවය, දලබුවය, බඩදිවය, පපුමසය, බඩවැලය, නොපැසුණු ආහාරය, පැසුණු ආහාරය, (මලය) යන මෙයද, මෙයින් අන්‍යවූ ආධ්‍යාත්මිකවූ, වෙන් වශයෙන්වූ, රළුවූ තදවූ, ජීවිතය සහිතවූ යම් කිසිවක් හෝ ඇද්ද, ඇවැත්නි, මේ සියල්ල ආධ්‍යාත්මික පෘථිවි ධාතුවයයි කියනු ලැබේ. යම් ආධ්‍යාත්මික පඨවි ධාතුවක් වේද? යම් බාහිර පඨවි ධාතුවක් වේද? මේ දෙකම පඨවි ධාතුවමැයි. ඒ මේ දෙයාකාර පඨවි ධාතුවම ‘මගේ’ නොවෙයි. ‘මම’ නොවෙමි. මේ මාගේ ‘ආත්මය’ නොවෙයි. ‘මම’ නොවෙමි. මෙය මාගේ ‘ආත්මය’ නොවේ යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් (විදර්ශනා) නුවණින් දත යුතුයි. මෙසේ මෙය ඇති සැටියෙන් යහපත් (විදර්ශනා) නුවණින් දැක, පෘථිවි ධාතුව කෙරෙහි කලකිරෙයි. පෘථිවි ධාතුව කෙරෙහි සිත නොඅලවයි.
“ඇවැත්නි, යම් හෙයකින් බාහිර ආපො ධාතුව (බැඳීම්ගතිය) කිපේද, එබඳු කාලයක් වේමැයි. එකල්හි බාහිර පෘථිවි ධාතුව අතුරුදහන්වෙයි. ඇවැත්නි, ඒ තරම් වැඩුණ ඒ බාහිර පෘථිවි ධාතුවගේ අනිත්‍ය බව පෙනෙන්නේය. නැතිවන ස්වභාව පෙනෙන්නේය. විනාශ වන ස්වභාව පෙනෙන්නේය. වෙනස් වන ස්වභාව පෙනෙන්නේය. ස්වල්ප කාලයක් පවතින්නාවූ, තණ්හාවෙන් අල්වා ගන්නා ලද්දාවූ, මේ ශරීරය ගැන ‘මම’ය කියා හෝ ‘මාගේය’ කියා හෝ ‘මම වෙමි’යි කියා ගැනීම කිමෙක වන්නේද? එසේ ඇති කල්හි මේ පෘථිවි ධාතු විෂයෙහි (එබඳු ගැන්මක්) ඔහුට නොවේමැයි.
“ඇවැත්නි, ඒ මහණහට අන්‍යයෝ ආක්‍රොෂ කෙරෙද්ද, අපහාස කෙරෙද්ද, කොප කරවද්ද, වෙහෙසද්ද, හෙතෙම මෙසේ දනියි (සොතද්වාරයෙහි) කනෙහි හටගත් ස්පර්ශයෙන් උපන් දුක් වේදනාවක් මට උපන්නී වෙයි. ඒ වේදනාවද ප්‍රත්‍යයෙන් හටගත්තේයි ප්‍රත්‍යය රහිත නොවෙයි කුමක් ප්‍රත්‍යය කොටද? ස්පර්ශය ප්‍රත්‍යය කොටය, හෙතෙමේ ස්පර්ශය අනිත්‍යයයි දකියි, වේදනාව අනිත්‍යයයි දකියි, සංඥාව අනිත්‍යයයි දකියි, සංස්කාරයෝ අනිත්‍යයහයි දකියි, විඤ්ඤාණය අනිත්‍යයයි දකියි, ඔහුගේ සිත ධාතු අරමුණුකොටගෙනම පවතියි, එහිම පහදියි, එහිම සිටියි, ස්ථිර බවට පැමිණෙයි.
“ඇවැත්නි, ඒ භික්ෂුවට අන්‍යයෝ ප්‍රිය නොවූ කැමති නොවූ, සිත් නොගන්නාවූ දෙයින් එනම්, අතින් පහරදීමෙන්ද, කැට කැබළිතිවලින් පහර දීමෙන්ද දඬුවලින් පහර දීමෙන්ද හැසිරෙත්. (එකල්හි) හෙතෙම මෙසේ දකියි. යම්බඳු ස්වභාවක් ඇති ශරීරයෙහි අත් වදිද්ද, කැට කැබලිති වදිද්ද දඬු වදිද්ද, මේ ශරීරය එබඳු ස්වභාව ඇත්තේය. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය කකචූපම (කියත් උපමා) අවවාදයෙහිදී මෙසේ වදාරණ ලදී.
“මහණෙනි, පහත් පැවතුම් ඇති සොරු දෙපස දඬු (මිටවල්) ඇති කියතකින් අඟ පසඟ කපද්ද ඒ සොරුන් කෙරෙහිද යමෙක් සිත නරක් කෙරේද, ඒ ඔහු මාගේ අනුශාසනාව කරන්නේ නොවේ”යයි වදාරණ ලදී. ‘මා විසින් වීර්යය පටන්ගන්නා ලද්දේය (මගේ) වීර්යය නොහැකුළුණේය සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළා නොවීය. කය සංසිඳුනේය. බර සැහැල්ලු විය. සිත සමාධියට පැමිණියේය එකඟ විය. කැමතිසේ මේ ශරීරයෙහි අත් වදිත්වා, කැට කැබිලිති වදිත්වා, දඬු වදිත්වා, කඩු වදිත්වා, මේ (මා විසින්) බුද්ධානුශාසනය කරනු ලැබේ’ (කියායි.)
“ඇවැත්නි, මෙසේ බුදුන් වහන්සේ සිහි කරන්නාවූ මෙසේ ධර්මය සිහිකරන්නාවූ,මෙසේ සංඝයා සිහිකරන්නාවූ ඒ භික්ෂුවහට විදර්ශනා උපෙක්ෂා කුසලය ඇති නොවෙයි. ඒ භික්ෂුව එය කරණකොටගෙන සංවේගයට පැමිණෙයි. මෙසේ බුදුන්වහන්සේ සිහි කරන්නාවූ, මෙසේ ධර්මය සිහි කරන්නාවූ, මෙසේ සංඝයා සිහි කරන්නාවූ, යම්බඳුවූ, මට විදර්ශනා උපෙක්ෂා කුසලය පහළ නොවේද, එය ඒකාන්තයෙන් මට ලාභයක් නොවෙයි. අලාභයෙකි. යහපත් ලැබීමක් නොවෙයි අයහපත් ලැබීමකි.’ (කියායි)
“ඇවැත්නි, යම්සේ ලේලිය පුරුෂයාගේ පියා දැක (බය ලැජ්ජා ගතියකට) පැමිණෙයිද, ඇවැත්නි, එපරිද්දෙන්ම මෙසේ බුදුන් වහන්සේ සිහි කරන්නාවූ, මෙසේ ධර්මය සිහිකරන්නාවූ, මෙසේ සංඝයා සිහිකරන්නාවූ, ඒ භික්ෂුවට විදර්ශනා කුසල උපේක්ෂාව නොපිහිටයිද, ඒ භික්ෂුව එයින් කලකිරෙයි. සංවේගයට පැමිණෙයි. මෙසේ බුදුන්වහන්සේ සිහි කරන්නාවූ, මෙසේ ධර්මය සිහි කරන්නාවූ, මෙසේ සංඝයා සිහි කරන්නාවූ ඒ මට විදර්ශනා කුශල උපේක්ෂාව නොපිහිටයිද, එය මට ඒකාන්තයෙන් ලාභයෙක් නොවෙයි, අලාභයකි එකාන්තයෙන් යහපත් ලැබීමක් නොවෙයි. නොමනා ලැබීමකි, (කියායි) ‘ඇවැත්නි, මෙසේ බුදුන්වහන්සේ සිහිකරන්නාවූ ඒ භික්ෂුවට ඡළඩ්ග උපෙක්ෂාව පහළ වෙයිද ඒ භික්ෂුව එයින් සතුටට පැමිණෙයි. ඇවැත්නි, මෙපමණින්ද භික්ෂුව විසින් බොහෝවූ ගුණධර්ම සපයන ලද්දේ වෙයි.
|
303
‘‘කතමා චාවුසො, ආපොධාතු? ආපොධාතු සියා අජ්ඣත්තිකා, සියා බාහිරා. කතමා චාවුසො අජ්ඣත්තිකා ආපොධාතු? යං අජ්ඣත්තං පච්චත්තං ආපො ආපොගතං උපාදින්නං, සෙය්යථිදං - පිත්තං සෙම්හං පුබ්බො ලොහිතං සෙදො මෙදො අස්සු වසා ඛෙළො සිඞ්ඝාණිකා ලසිකා මුත්තං, යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං ආපො ආපොගතං උපාදින්නං - අයං වුච්චතාවුසො, අජ්ඣත්තිකා ආපොධාතු. යා
‘‘හොති ඛො සො, ආවුසො, සමයො යං බාහිරා ආපොධාතු පකුප්පති. සා ගාමම්පි වහති, නිගමම්පි වහති, නගරම්පි වහති, ජනපදම්පි වහති, ජනපදපදෙසම්පි වහති. හොති ඛො සො, ආවුසො, සමයො යං මහාසමුද්දෙ යොජනසතිකානිපි උදකානි ඔගච්ඡන්ති, ද්වියොජනසතිකානිපි උදකානි ඔගච්ඡන්ති, තියොජනසතිකානිපි උදකානි ඔගච්ඡන්ති, චතුයොජනසතිකානිපි උදකානි ඔගච්ඡන්ති, පඤ්චයොජනසතිකානිපි උදකානි ඔගච්ඡන්ති, ඡයොජනසතිකානිපි උදකානි ඔගච්ඡන්ති, සත්තයොජනසතිකානිපි උදකානි ඔගච්ඡන්ති. හොති ඛො සො, ආවුසො, සමයො යං මහාසමුද්දෙ
|
303
“ඇවැත්නි, ආපො ධාතුව කවරීද? ඇවැත්නි, ආධ්‍යාත්මිකවූ ආපො ධාතුවක් වන්නීය, බාහිරවූ ආපො ධාතුවක් වන්නීය, ඇවැත්නි, ආධ්‍යාත්මික ආපො ධාතුව කවරීද? යමක් තමා තුළ පැවැත්තේද තමා නිසා පැවැත්තේද ජීවිතය හා එක්ව පවත්නාවූ දියගතිය ඇත්තාවූ, ආපො ධාතුවක් වේද, එනම් පිතය, සෙමය, සැරවය, ලේය, ඩහදියය, මේදයය, කඳුලුය, මස් තෙලය, කෙලය, සොටුය, සඳමිදුලුය, මුත්‍රය, මෙයින් අන්‍යවූ යමක් තමා තුළ පැවැත්තේද, තමා නිසා පැවැත්තේද ජීවිතය ඇත්තාවූ, දියගතිය ඇත්තාවූ යම් ආපො ධාතුවක් වේද මෙය ආධ්‍යාත්මික ආපො ධාතුවයි යම් ආධ්‍යාත්මික ආපොධාතුවක් වේද, යම් බාහිර ආපො ධාතුවක් වේද මේ දෙකම ආපො ධාතුවමැයි ඒ මේ ආපො ධාතුව ‘මාගේ’ නොවෙයි, මේ ආපො ධාතුව ‘මම’ නොවෙමි. මෙය මාගේ ‘ආත්මය’ නොවෙයි. මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් (විදර්ශනා) නුවණින් දතයුතුයි. මෙසේ මෙය ඇතිසැටියෙන් යහපත් (විදර්ශනා) නුවණින් දැක ආපො ධාතුව කෙරෙහි සංවේගයට පැමිණෙයි. ආපො ධාතුව කෙරෙහි සිත නොඅලවයි.
“ඇවැත්නි, යම් කලක පිටතවූ ආපො ධාතුව විශේෂයෙන් කිපුනේවේද, එබඳු කාලයක් වේමැයි. එකල්හි වනාහි (දිය වශයෙන් වැඩුනු) ඒ ආපො ධාතුව ගමත් යට කරගෙන ගලයි. නගරද යට කරයි, ජනපදද යට කරයි. ජනපද ප්රදෙශද යට කරයි. ඇවැත්නි, මහා සාගරයෙහි යොදුන් සියයක් පමණ තැන පැතිර සිටි ජලයද සිඳී බසියි. දෙසියයක් පමණ තැන පැතිරසිටි ජලයද සිඳී බසියි. යොදුන් තුන්සියයක් පමණ තැන පැතිරසිටි ජලයද සිඳී, බසියි. යොදුන් හාරසියයක් පමණ තැන පැතිර සිටි ජලයද සිඳී බසියි යොදුන් පන්සියයක් පමණ තැන පැතිර සිටි ජලයද සිඳී බසියි. යොදුන් හය සියයක් පමණ තැන පැතිර සිටි ජලයද සිඳී, බසියි. යොදුන් සත්සියයක් පමණ තැන පැතිර සිටි ජලයද සිඳී, බසියි.
“යම් කලක මහමුහුදෙහි ජලය සත් තලක් (තල්ගස් සතක්) පමණ සිටියිද, සයතලක් පමණ සිටියිද පස් තලක් පමණ සිටියිද, සිව් තලක් පමණ සිටියිද, තුන් තලක් පමණ සිටියිද, දෙතලක් පමණ සිටියිද, තලක් පමණ සිටියිද එබඳු කාලයක් මැයි.
“ඇවැත්නි යම් කලක මහමුහුදෙහි ජලය පුරුෂ ප්‍රමාණ (මිනිසෙකුගේ උස) සතක් සිටියිද, පුරුෂ ප්‍රමාණ සයක් ජලය සිටියිද, පුරුෂ ප්‍රමාණ පසක් ජලය සිටියිද, පුරුෂ ප්‍රමාණ සතරක් ජලය සිටියිද, පුරුෂ ප්‍රමාණ තුනක් ජලය සිටියිද, පුරුෂ ප්‍රමාණ දෙකක් ජලය ජලය සිටියිද, එක් පුරුෂ ප්‍රමාණයක් ජලය සිටියිද එබඳු කාලයක් වේමැයි.
“ඇවැත්නි, යම් කලෙක මහ මුහුදෙහි පුරුෂ ප්‍රමාණයකින් අඩක් ජලය සිටියිද, ගොප්මස පමණට ජලය සිටියිද, ඇවැත්නි, යම් කලෙක මහමුහුදෙහි ජලය ඇඟිලි පුරුකක් තෙමෙන පමණකුත් නොවෙයිද එබඳු කාලයක් වේමැයි.
“එහෙයින් ඇවැත්නි, එපමණ මහත්වූ බාහිර ආපො ධාතුවෙහිද, අනිත්‍ය ස්වභාවය පෙනෙන්නේය. නැතිවන ස්වභාවය පෙනෙන්නේය. විනාශ වන ස්වභාවය පෙනෙන්නේය. වෙනස් වන ස්වභාවය පෙනෙන්නේය. ස්වල්ප කාලයක් පවතින්නාවූ, තණ්හාවෙන් අල්වාගන්නා ලද්දාවූ, මේ ශරීරය ගැන ‘මම’ය කියා හෝ, ‘මාගේ’ය කියා හෝ ‘මම වෙමි’යි කියා හෝ කිමෙක වන්නේද? එසේ ඇති කල්හි මේ ආපො ධාතුව විෂයෙහි (එබඳු ගැන්මක්) ඔහුට නොවේමැයි.
“ඇවැත්නි, ඒ භික්ෂුවට අන්‍යයෝ ආක්‍රෝෂ කෙරෙද්ද, අපහාස කෙරෙද්ද, (භික්ෂුව) කොප කරවද්ද, වෙහෙසවද්ද, හෙතෙම මෙසේ දනියි, සොතද්වාරයෙහි ඇතිවූ ස්පර්ශයෙන් උපන් දුක් වේදනාවක් උපන්නී වෙයි. ඒ වේදනාවද ප්‍රත්‍යය නිසා හටගත්තීය. ප්‍රත්‍ය රහිතව නොවෙයි. කුමක් ප්‍රත්‍යය කොටද? ස්පර්ශය ප්‍රත්‍යය කොටය. ඒ ස්පර්ශය අනිත්‍යයයි දකියි. ඒ වේදනාව අනිත්‍යයයි දකියි. සංඥාව අනිත්‍යය යයි දකියි. සංස්කාරයෝ අනිත්‍යයයි දකියි. විඤ්ඤාණය අනිත්‍යය යයි දකියි. ඔහුගේ සිත ධාතු අරමුණු කොටගෙනම පවතියි, එහිම පහදියි, එහිම සිටියි. ස්ථිර බවට පැමිණෙයි.
“ඇවැත්නි, ඒ භික්ෂුවට අන්‍යයෝ ප්‍රිය නොවූ, කැමති නොවූ, සිත් නොගන්නාවූ දෙයින් එනම් අතින් පහර දීමෙන්ද, කැට කැබිලිතිවලින් පහර දීමෙන්ද, දඬුවලින් පහර දීමෙන්ද, හැසිරෙත්. (එකල්හි) හෙතෙම මෙසේ දකියි. යම්බඳු ස්වභාවයක් ඇති මේ ශරීරයෙහි අත් වදිද්ද, කැට කැබලිති වදිද්ද, දඬු වදිද්ද, මේ ශරීරය එබඳු ස්වභාව ඇත්තේය. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය කකචූපම අවවාදයෙහිදීද මෙසේ වදාරණ ලදී.
“මහණෙනි, පහත් පැවතුම් ඇති සොරු දෙපස දඬු ඇති කියතකින් අඟ පසඟ කපද්ද, ඒ සොරුන් කෙරෙහිද යමෙක් සිත නරක් කෙරේද, ඒ ඔහු මාගේ අනුශාසනාව කරන්නේ නොවෙයි, (කියාය.) “මා විසින් වීර්ය පටන්ගන්නා ලද්දේය. වීර්යය නොහැකුළුණේය. සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළා නොවීය. කය සංසිඳුණේය. කයෙහි බර ඇරුනේය. බර සැහැල්ලු විය. සිත සමාධියට පැමිණියේය. එකඟය. කැමතිසේ මේ ශරීරයෙහි අත් වදිත්වා කැට කැබලිති වදිත්වා, දඬු වදිත්වා, කඩු වදිත්වා මේ (මා විසින්) බුද්ධානුශාසනය කරනු ලැබේ”යි කියායි.
“ඇවැත්නි, මෙසේ බුදුන් වහන්සේ සිහිකරන්නාවූ, මෙසේ ධර්මය සිහිකරන්නාවූ, මෙසේ සංඝයා සිහි කරන්නාවූ ඒ භික්ෂුවහට විදර්ශනා කුසල උපේක්ෂාව පහළ නොවෙයි. ඒ භික්ෂුව එය කරණ කොට ගෙන සංවේගයට පැමිණෙයි.
“මෙසේ බුදුන් වහන්සේ සිහි කරන්නාවූ, මෙසේ ධර්මය සිහි කරන්නාවූ, මෙසේ සංඝයා සිහි කරන්නාවූ, සම්බුදුවූ මට විදර්ශනා කුශල උපේක්ෂාව පහළ නොවේද, එය එකාන්තයෙන් මට ලාභයක් නොවේ, අලාභයෙකි. ඒකාන්තයෙන් මට යහපත් ලැබීමක් නොවේ, අයහපත් ලැබීමකි. (කියායි)
“ඇවැත්නි, යම්සේ ලේලිය පුරුෂයාගේ පියා දැක (බය ලැජ්ජා ගතියකට) පැමිණෙයිද, ඇවැත්නි, එපරිද්දෙන්ම මෙසේ බුදුන් වහන්සේ සිහිකරන්නාවූ, මෙසේ ධර්මය සිහිකරන්නාවූ, සංඝයා සිහිකරන්නාවූ ඒ භික්ෂුවට විදර්ශනා කුශල උපෙක්ෂාව නොසිටියි. ඒ භික්ෂුව එයින් කලකිරෙයි සංවේගයට පැමිණෙයි.
“මෙසේ බුදුන් වහන්සේ සිහි කරන්නාවූ, මෙසේ ධර්මය සිහි කරන්නාවූ, මෙසේ සංඝයා සිහි කරන්නාවූ, යම් බඳුවූ මට විදර්ශනා කුශල උපෙක්ෂාව, පහළ නොවේද එය ඒකාන්තයෙන් ලාභයක් නොව අලාභයකි. එකාන්තයෙන් යහපත් ලැබීමක් නොව නොමනා ලැබීමකි.”
“මෙසේ බුදුන් වහන්සේ සිහි කරන්නාවූ මෙසේ ධර්මය සිහිකරන්නාවූ මෙසේ සංඝයා සිහිකරන්නාවූ භික්ෂුවට ජලඩ්ග උපෙක්ෂාව පහළවෙයිද, එකල්හි ඒ භික්ෂුව එයින් සතුටට පැමිණෙයි. ඇවැත්නි, මෙපමණින්ද භික්ෂුව විසින් බොහෝවූ ගුණ ධර්මයක් සපයන ලද්දේ වෙයි.
|
304
‘‘කතමා චාවුසො, තෙජොධාතු? තෙජොධාතු සියා අජ්ඣත්තිකා, සියා බාහිරා. කතමා චාවුසො, අජ්ඣත්තිකා තෙජොධාතු? යං අජ්ඣත්තං පච්චත්තං තෙජො තෙජොගතං උපාදින්නං, සෙය්යථිදං - යෙන ච සන්තප්පති, යෙන ච ජීරීයති, යෙන ච පරිඩය්හති, යෙන ච අසිතපීතඛායිතසායිතං සම්මා පරිණාමං ගච්ඡති, යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං තෙජො තෙජොගතං උපාදින්නං - අයං වුච්චතාවුසො, අජ්ඣත්තිකා තෙජොධාතු. යා චෙව ඛො පන අජ්ඣත්තිකා තෙජොධාතු යා ච බාහිරා තෙජොධාතු, තෙජොධාතුරෙවෙසා. ‘තං නෙතං මම
‘‘හොති
|
304
“ඇවැත්නි, තෙජො ධාතුව කවරීද? තෙජො ධාතුව ආධ්‍යාත්මික තෙජො ධාතුවක්ද වන්නීය. බාහිර තෙජො ධාතුවක්ද වන්නීය. ඇවැත්නි, ආධ්‍යාත්මික තෙජො ධාතුව කවරීද?
“යමක් තමා තුළ පැවැත්තේද, තමා නිසා පැවැත්තේද, ජීවිතය සමග පවත්නාවූ, උණුසුම් ස්වභාව ලක්ෂණවූ යම් තෙජො ධාතුවක් වේද, එනම් (කිපුනාවූ) යමකින් (උණ රොගාදියෙන්) තැවේද, යමකින් (මේ ශරීරය) දිරාද, යමකින් දැවේද, යමකින් අනුභව කරනලද බොනලද, කඩා කනලද රස විඳිනාලද දේ හොඳින් පැසවීමට යේද, මෙයින් අන්‍යවූද තමා තුළ පවත්නාවූ තමා නිසා පවත්නාවූ ජීවිතය සමග පවත්නාවූ, උණුගතිය ඇත්තාවූ යම් තෙජො ධාතුවක් වේද මෙය ආධ්‍යාත්මික තෙජෝ ධාතුවයි. යම් ආධ්‍යාත්මික තෙජෝ ධාතුවක් වේද, යම් බාහිර තෙජො ධාතුවක් වේද, (මේ දෙකම) තෙජො ධාතුවමය. ඒ මේ තෙජො ධාතුව ‘මාගේ’ නොවෙයි. ‘මම’ නොවෙයි. මෙය ආත්මය නොවෙයි. මෙසේ මෙය ඇති සැටියෙන් යහපත් (විදර්ශනා) නුවණින් දත යුතුයි. මෙසේ මෙය ඇති සැටියෙන් යහපත් නුවණින් දැක තෙජො ධාතුව කෙරෙහි සංවේගයට පැමිණෙයි. තෙජො ධාතුව කෙරෙහි සිත නො අලවයි.
“ඇවැත්නි, යම් හෙයකින් බාහිර තෙජො ධාතුව කිපේද එබඳු කාලයක් වේමය. (එකල) ඒ තෙජො ධාතුව ගමත් දවයි, නියම් ගමත් (විශාල ගම්) දවයි, නගරත් දවයි, ජනපදත් දවයි, ජනපද ප්රදෙශද දවයි, ඕතොම නිල්පාට තෙත් තණ (කොළ) වෙතට පැමිණ හෝ, පර්වතයක් ලඟට පැමිණ හෝ ජලය ලඟට පැමිණ හෝ විසිතුරු (කොළරොඩු ආදිය නැති) භූමි භාගයට පැමිණ හෝ ප්‍රත්‍ය රහිත වූවා (ඇවිලෙන්ට දෙයක් නැති නිසා) නිවෙයි. කුකුල් පිහාටුවලින්ද සම් වැරලියෙන්ද ගිනි සොයද්ද, එබඳු කාලයක් වේමැයි.
“එහෙයින් ඇවැත්නි, එපමණ මහත්වූ බාහිර තෙජො ධාතුවෙහි අනිත්‍ය ස්වභාවය පෙනෙන්නේය. නැතිවන ස්වභාවය පෙනෙන්නේය. විනාශවන ස්වභාවය පෙනෙන්නේය. වෙනස්වන ස්වභාවය පෙනෙන්නේය. ස්වල්ප කාලයක් පවතින්නාවූ, තණ්හාවෙන් අල්වාගන්නාවූ, මේ ශරීරය ගැන ‘මම’ය කියා හෝ ‘මාගේ’ය කියා හෝ ‘මම වෙමියි’ කියා ගැනීමක් කිමෙක වන්නේද, එසේ ඇති කල්හි මේ තෙජො ධාතු විෂයෙහි එබඳු ගැන්මක් ඔහුට නොවේමැයි.
“ඇවැත්නි, ඒ භික්ෂුවට අන්‍යයෝ ආක්‍රොෂ කෙරෙද්ද, අපහාස කෙරෙද්ද, (ඔහු) කොප කරවද්ද වෙහෙසද්ද, හෙතෙම මෙසේ දනියි, සොතද්වාරයේ ඇතිවූ ස්පර්ශයෙන් උපන් දුක් වේදනාවක් උපන්නී වෙයි. ඒ වේදනාවද ප්‍රත්‍යය නිසා හට ගත්තීය. ප්‍රත්‍යය රහිතව නොවෙයි. කුමක් ප්‍රත්‍යය කොටද, ස්පර්ශය ප්‍රත්‍යය කොටය. ඒ ස්පර්ශය අනිත්‍යයයි දකියි. ඒ වේදනාව අනිත්‍යයයි දකියි. සංඥාව අනිත්‍යයයි දකියි. සංස්කාරයෝ අනිත්‍යයහයි දකියි. විඤ්ඤාණය අනිත්‍යයයි යයි දකියි. ඔහුගේ සිත ධාතු අරමුණු කොටගෙන පවතියි. එහිම පහදියි එහිම සිටියි. ස්ථිර බවට පැමිණෙයි.
“ඇවැත්නි, ඒ භික්ෂුවට අන්‍යයෝ ප්රියනොවූ, කැමති නොවූ, සිත් නොගන්නාවූ දෙයින්, එනම් අතින් පහර දීමෙන්ද කැට කැබලිතිවලින් පහර දීමෙන්ද? දඬුවලින් පහර දීමෙන්ද හැසිරෙත්. (එකල්හි) හෙතෙම මෙසේ දකියි. යම්බදු ස්වභාවයක් ඇති මේ ශරීරයෙහි අත් වදිද්ද කැට කැබිලිති වදිද්ද, දඬු වදිද්ද, මේ ශරීරය එබඳු ස්වභාව ඇත්තේය. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය කකචූපම අවවාදයෙහිද මෙසේ වදාරණ ලදී.
“මහණෙනි, පහත් පැවතුම් ඇති සොරු දෙපස දඬු ඇති කියතකින් අඟ පසඟ කපද්ද, ඒ සොරුන් කෙරෙහිද යමෙක් සිත නරක් කෙරේද, ඒ ඔහු මාගේ අනුශාසනාව කරන්නේ නොවෙයි” (කියාය)
“මා විසින් වීර්යය පටන්ගන්නා ලද්දේය, වීර්යය නො හැකුළුණේය. සිහිය එළඹ සිටියේය. (එහෙයින්ම) මුළා නොවීය. කය සංසිඳුණේය. බර සැහැල්ලුවිය. සිත සමාධියට පැමිණියේය. එකඟවිය. කැමතිසේ මේ ශරීරයෙහි අත් වදිත්වා, කැට කැබිලිති වදිත්වා මේ (මා විසින්) බුද්ධානුශාසනය කරනු ලැබේ” කියායි.
“ඇවැත්නි, මෙසේ බුදුන් වහන්සේ සිහි කරන්නාවූ මෙසේ ධර්මය සිහි කරන්නාවූ මෙසේ සංඝයා සිහිකරන්නාවූ ඒ භික්ෂුවහට විදර්ශනා කුසල උපෙක්ෂාව එළඹ නොසිටී. ඒ භික්ෂුව ඒ කරණකොටගෙන සංවේගයට පැමිණෙයි. මෙසේ බුදුන් වහන්සේ සිහිකරන්නාවූ, මෙසේ ධර්මය සිහිකරන්නාවූ මෙසේ සංඝයා සිහිකරන්නාවූ, යම් බඳුවූ මට විදර්ශනා කුසල උපෙක්ෂාව එළඹ නොසිටියිද, එය ඒකාන්තයෙන් මට ලාභයක් නොවේ. අලාභයකි. ඒකාන්තයෙන් මට යහපත් ලැබීමක් නොවේ, අයහපත් ලැබීමකි කියායි.”
“ඇවැත්නි, යම්සේ ලේලිය පුරුෂයාගේ පියා දැක බය ලජ්ජාවට පැමිණෙයිද ඇවැත්නි, එපරිද්දෙන්ම මෙසේ බුදුන් වහන්සේ සිහි කරන්නාවූ, මෙසේ ධර්මය සිහි කරන්නාවූ, මෙසේ සංඝයා සිහිකරන්නාවූ, ඒ භික්ෂුවට විදර්ශනා කුසල උපේක්ෂාව නොපිහිටයිද, ඒ භික්ෂුව එයින් කලකිරෙයි. සංවේගයට පැමිණෙයි.
“මෙසේ බුදුන් වහන්සේ සිහි කරන්නාවූ, මෙසේ ධර්මය සිහි කරන්නාවූ, මෙසේ සංඝයා සිහි කරන්නාවූ යම්බඳුවූ මට ඒකාන්තයෙන් ලාභයක් නොව අලාභයකි, ඒකාන්තයෙන් යහපත් ලැබීමක් නොව අයහපත් ලැබීමකි.”
“මෙසේ බුදුන් වහන්සේ සිහි කරන්නාවූ, මෙසේ ධර්මය සිහි කරන්නාවූ, මෙසේ සංඝයා සිහි කරන්නාවූ, ඒ භික්ෂුවට ජළඩ්ග උපෙක්ෂාව පහළ වෙයිද (එකල්හි) ඒ භික්ෂුව එයින් සතුටට පැමිණෙයි. ඇවැත්නි, මෙපමණින්ද භික්ෂුව විසින් බොහෝවූ ගුණ ධර්ම සපයන ලද්දේ වෙයි.
|
305
‘‘කතමා චාවුසො, වායොධාතු? වායොධාතු සියා අජ්ඣත්තිකා, සියා බාහිරා. කතමා චාවුසො, අජ්ඣත්තිකා වායොධාතු? යං අජ්ඣත්තං පච්චත්තං වායො වායොගතං උපාදින්නං, සෙය්යථිදං - උද්ධඞ්ගමා වාතා, අධොගමා වාතා, කුච්ඡිසයා වාතා, කොට්ඨාසයා
(කොට්ඨසයා (සී. පී.)) වාතා, අඞ්ගමඞ්ගානුසාරිනො
‘‘හොති
‘‘තඤ්චෙ, ආවුසො, භික්ඛුං පරෙ අක්කොසන්ති පරිභාසන්ති රොසෙන්ති විහෙසෙන්ති. සො එවං පජානාති, උප්පන්නා ඛො මෙ අයං සොතසම්ඵස්සජා දුක්ඛා වෙදනා. සා ච ඛො පටිච්ච, නො අපටිච්ච. කිං පටිච්ච? ඵස්සං පටිච්ච. සොපි ඵස්සො අනිච්චොති පස්සති, වෙදනා අනිච්චාති
‘‘තඤ්චෙ, ආවුසො, භික්ඛුං පරෙ අනිට්ඨෙහි අකන්තෙහි අමනාපෙහි සමුදාචරන්ති, පාණිසම්ඵස්සෙනපි ලෙඩ්ඩුසම්ඵස්සෙනපි දණ්ඩසම්ඵස්සෙනපි සත්ථසම්ඵස්සෙනපි. සො එවං පජානාති ‘තථාභූතො ඛො අයං කායො යථාභූතස්මිං කායෙ පාණිසම්ඵස්සාපි කමන්ති, ලෙඩ්ඩුසම්ඵස්සාපි කමන්ති, දණ්ඩසම්ඵස්සාපි කමන්ති, සත්ථසම්ඵස්සාපි කමන්ති. වුත්තං ඛො පනෙතං භගවතා කකචූපමොවාදෙ ‘‘උභතොදණ්ඩකෙන චෙපි, භික්ඛවෙ, කකචෙන චොරා ඔචරකා අඞ්ගමඞ්ගානි ඔකන්තෙය්‍යුං. තත්රාපි යො මනො පදූසෙය්ය, න මෙ සො තෙන සාසනකරො’’ති. ආරද්ධං ඛො පන මෙ වීරියං භවිස්සති අසල්ලීනං, උපට්ඨිතා සති අසම්මුට්ඨා, පස්සද්ධො කායො අසාරද්ධො, සමාහිතං චිත්තං එකග්ගං. කාමං දානි ඉමස්මිං කායෙ පාණිසම්ඵස්සාපි කමන්තු, ලෙඩ්ඩුසම්ඵස්සාපි කමන්තු, දණ්ඩසම්ඵස්සාපි කමන්තු, සත්ථසම්ඵස්සාපි කමන්තු. කරීයති හිදං බුද්ධානං සාසන’න්ති.
‘‘තස්ස චෙ, ආවුසො, භික්ඛුනො එවං බුද්ධං අනුස්සරතො, එවං ධම්මං අනුස්සරතො, එවං සඞ්ඝං අනුස්සරතො උපෙක්ඛා කුසලනිස්සිතා න සණ්ඨාති. සො තෙන සංවිජ්ජති සංවෙගං ආපජ්ජති - ‘අලාභා වත මෙ, න වත මෙ ලාභා, දුල්ලද්ධං වත මෙ, න වත මෙ සුලද්ධං. යස්ස මෙ එවං බුද්ධං
|
305
“ඇවැත්නි, වායොධාතුව කවරීද? ආධ්‍යාත්මික වායෝ ධාතුවක්ද වන්නීය. බාහිර වායෝධාතුවක්ද වන්නීය. ආධ්‍යාත්මික වායෝ ධාතුව කවරීද? යම් වායෝ ධාතුවක් තමා තුළ පවත්නේද ශරීරයෙහි පවත්නේද එනම් උඩට නගින වාතයද, පහළට බස්නා වාතයද බඩවැලින් පිටත පවත්නා වාතයද, බඩවැල ඇතුළත පවත්නා වාතයද, ශරීරයෙහි අවයව ක්‍රියාකරවන වාතයද, ආශ්වාස (නාසයෙන් ඇතුල් වන) වාතයද, ප්‍රශ්වාස (නාසයෙන් පිටවන) වාතයද යන මේ වාතයෝද මෙයින් අන්‍යවූ යම් වායුවක් තමා තුළ පවත්නේද ශරීරයෙහි පවත්නේද මේ ආධ්‍යාත්මික වායෝධාතු නමි. යම් ආධ්‍යාත්මික වායෝ ධාතුවක් වේද, යම් බාහිර වායෝ ධාතුවක් වේද මේ දෙකම වායො ධාතුවමය. ඒ මේ වායෝ ධාතුව ‘මාගේ’ නොවෙයි. මෙය ‘මම’ නොවෙයි. මෙය ‘ආත්මය’ නොවෙයි මෙසේ මෙය ඇති සැටියෙන් යහපත් (විදර්ශනා) නුවණින් දතයුතුයි. මෙසේ මෙය ඇති සැටියෙන් යහපත් නුවණින් දැක වායෝ ධාතුව කෙරෙහි සංවේගයට පැමිණෙයි. වායෝ ධාතුව කෙරෙහි සිත නොඅලවයි.
“ඇවැත්නි, යම් හෙයකින් බාහිර වායෝ ධාතුව කිපේද, එබඳු කාලයක් වේමය (එකල) ඒ වායෝධාතුව ගමද (විනාශ කර) ගෙන යයි නියම්ගමද (විනාශකර) ගෙන යයි. නගරයද (විනාශ කර) ගෙන යයි. ජනපදයද (විනාශ කර) ගෙන යයි. ජනපද ප්රදෙශද (විනාශ කර) ගෙන යයි. ඇවැත්නි, යම් හෙයකින් ග්‍රීෂ්ම කාලයෙහි අන්තිම මාසයෙහි තල් අත්තෙන්ද විජිනිපතින්ද, වායුව සොයද්ද, වහලෙහිවූ තණ අගද නොසෙල වෙද්ද එබඳු කාලයකුත් වේමය.
“එහෙයින් ඇවැත්නි, එපමණ මහත්වූ බාහිර වායෝ ධාතුවෙහි අනිත්‍ය ස්වභාවය පෙනෙන්නේය. නැතිවන ස්වභාවය පෙනෙන්නේය. වෙනස්වන ස්වභාවය පෙනෙන්නේය. ස්වල්ප කාලයක් පවතින්නාවූ තණ්හාවෙන් අල්වා ගන්නා ලද්දාවූ මේ ශරීරය ගැන ‘මම’ය කියා හෝ ‘මාගේ’ය කියා හෝ ‘මම වෙමි’ කියා හෝ කිමෙක ගන්නේද? එසේ ඇති කල්හි මේ වායෝධාතු විෂයෙහි (එබඳු ගැන්මක්) ඔහුට නොවේමය.
“ඇවැත්නි, ඒ භික්ෂුවට අන්‍යයෝ ආක්‍රොෂ කෙරෙද්ද අපහාස කෙරෙද්ද, (ඔහු) කොප කරවද්ද, වෙහෙසද්ද, (එකල්හි) හෙතෙම මෙසේ දකී මට සොතද්වාරයෙහි හටගත් ස්පර්ශයෙන් උපන් දුක් වේදනාවක් උපන්නීය. ඒ වේදනාවද ප්‍රත්‍යය නිසා හටගත්තීය. ප්‍රත්‍යය රහිතව නොවෙයි. කුමක් ප්‍රත්‍යය කොටද? ස්පර්ශය ප්රත්යකොටය. ඒ ස්පර්ශයද අනිත්‍යයයි දකියි. ඒ වේදනාවද අනිත්‍යයයි දකියි. සංඥාවද අනිත්‍ය යයි දකියි. සංඛාරයෝද අනිත්‍යයයි දකියි. විඤ්ඤාණයද අනිත්‍යයයි දකියි. ඔහුගේ සිත ධාතු අරමුණක් ගෙන පවතියි. එහිම පහදියි. එහිම සිටියි. ස්ථිර බවට පැමිණෙයි.
“ඇවැත්නි, ඒ භික්ෂුවට අන්‍යයෝ ප්‍රිය නොවූ, කැමති නොවූ, සිත් නොගන්නාවූ දෙයින් එනම් අතින් පහරදීමෙන්ද කැට කැබලිතිවලින් පහර දීමෙන්ද හැසිරෙත්. (එකල්හි) හෙතෙම මෙසේ දකියි. යම්බඳු ස්වභාවයක් ඇති මේ ශරීරයෙහි අත් වදිද්ද, කැට කැබලිති වදිද්ද, දඬු වදිද්ද, මේ ශරීරය එබඳු ස්වභාවය ඇත්තේය, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය කකචූපම අවවාදයෙහිදීද මෙසේ වදාරණ ලදී.
“මහණෙනි, පහත් පැවතුම් ඇති සොරු දෙපස දඬු ඇති කියතකින් අඟ පසඟ කපද්ද, ඒ සොරුන් කෙරෙහිද, යමෙක් සිත නරක් කෙරේද, ඒ ඔහු මාගේ අනුශාසනය කරන්නේ නොවෙයි.” (කියායි)
“මා විසින් වීර්ය පටන්ගන්නා ලද්දේය. වීර්යය නොහැකුළුණේය. සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළා නොවීය. කය සංසිඳුණේය. බර සැහැල්ලු විය. සිත සමාධියට පැමිණියේ එකඟවිය. කැමතිසේ මේ ශරීරයෙහි අත් වදිත්වා, කැට කැබලිති වදිත්වා, දඬු වදිත්වා, කඩු වදිත්වා. මේ (මා විසින්) බුද්ධානුශාසනය කරනු ලැබේ.” කියායි.
“ඇවැත්නි, මෙසේ බුදුන් වහන්සේ සිහිකරන්නාවූ, මෙසේ ධර්මය සිහි කරන්නාවූ, මෙසේ සංඝයා සිහි කරන්නාවූ, ඒ භික්ෂුවට කුසල නිශ්රීතවූ විදර්ශනා උපෙක්ෂාව පහළ නොවෙයි ඒ භික්ෂුව ඒ කරණකොටගෙන සංවේගයට පැමිණෙයි.
“මෙසේ බුදුන් සිහි කරන්නාවූ, මෙසේ ධර්මය සිහිකරන්නාවූ, මෙසේ සංඝයා සිහිකරන්නාවූ, යම්බඳුවූ මට කුසල නිශ්රීතවූ විදර්ශනා උපෙක්ෂාව පහළ නොවෙයිද එය මට ඒකාන්තයෙන් ලාභයක් නොවේ, අලාභයකි. ඒකාන්තයෙන් මට යහපත් ලැබීමක් නොවේ. අයහපත් ලැබීමකි කියායි.
“ඇවැත්නි, යම්සේ ලේලිය පුරුෂයාගේ පියා දැක බය ලැජ්ජාවට පැමිණෙයිද, ඇවැත්නි, එපරිද්දෙන්ම මෙසේ බුදුන් වහන්සේ සිහි කරන්නාවූ, මෙසේ ධර්මය සිහි කරන්නාවූ, මෙසේ සංඝයා සිහි කරන්නාවූ, ඒ භික්ෂුවට කුසල නිශ්රීතවූ උපෙක්ෂාව නොපිහිටයිද ඒ භික්ෂුව එයින් කලකිරෙයි. සංවේගයට පැමිණෙයි.
“මෙසේ බුදුන් වහන්සේ සිහි කරන්නාවූ, මෙසේ ධර්මය සිහිකරන්නාවූ, මෙසේ සංඝයා සිහිකරන්නාවූ යම්බඳුවූ මට කුසල නිශ්රීතවූ විදර්ශනා උපෙක්ෂාව පහළ නොවේද එය ඒකාන්තයෙන් ලාභයක් නොව අලාභයකි. ඒකාන්තයෙන් යහපත් ලැබීමක් නොව අයහපත් ලැබීමකි.’
“මෙසේ බුදුන් වහන්සේ සිහිකරන්නාවූ, මෙසේ ධර්මය සිහි කරන්නාවූ, මෙසේ සංඝයා සිහි කරන්නාවූ ඒ භික්ෂුවට කුසල නිශ්‍රීත ඡළඩ්ග උපෙක්ෂාව පහළ වෙයිද (එකල්හි) ඒ භික්ෂුව එයින් සතුටට පැමිණෙයි. ඇවැත්නි, මෙපමණින්ද භික්ෂුව විසින් බොහෝවූ ගුණධර්ම සපයන ලද්දේ වෙයි.
|
306
‘‘සෙය්යථාපි, ආවුසො, කට්ඨඤ්ච පටිච්ච වල්ලිඤ්ච පටිච්ච තිණඤ්ච පටිච්ච මත්තිකඤ්ච පටිච්ච ආකාසො පරිවාරිතො අගාරං ත්වෙව සඞ්ඛං ගච්ඡති; එවමෙව ඛො, ආවුසො, අට්ඨිඤ්ච
‘‘සො එවං පජානාති - ‘එවඤ්හි කිර ඉමෙසං පඤ්චන්නං උපාදානක්ඛන්ධානං සඞ්ගහො සන්නිපාතො සමවායො හොති. වුත්තං ඛො පනෙතං භගවතා - ‘යො පටිච්චසමුප්පාදං පස්සති
‘‘අජ්ඣත්තිකඤ්චෙව, ආවුසො, සොතං අපරිභින්නං හොති...පෙ.... ඝානං අපරිභින්නං හොති... ජිව්හා අපරිභින්නා හොති... කායො අපරිභින්නො හොති... මනො අපරිභින්නො හොති, බාහිරා ච ධම්මා න ආපාථං ආගච්ඡන්ති
ඉදමවොච
|
306
“ඇවැත්නි, යම්සේ (සිටුවන කණු ආදී) ලී හේතු කොට ගෙනද, (බඳිනා) වැල් හේතු කොට ගෙනද, සෙවිලි කරන තෘණ හේතු කොට ගෙනද (ආලෙප කරන) මැටි හේතු කොට ගෙනද (යන මෙයින්) අහස වට කරන ලද්දේ ගෙයක් යන ව්‍යවහාරයට යයි. ඇවැත්නි, එපරිද්දෙන්ම ඇට නිසාද, නහර නිසාද, මස් නිසාද, සම නිසාද, අහස පිරිවරා සිටියේ රූපයක්යයි ව්‍යවහාරයට යයි.
“ඇවැත්නි, ආධ්‍යාත්මිකවූ චක්ෂු ප්‍රසාදය නොබිඳුනේ වේද බාහිර රූප අරමුණු ඇස හමුවට නොපැමිණියේ වේද, ඊට අනුකූලවූ මෙනෙහි කිරීම නොවෙයිද ඒ තාක් ඊට අනුරූප විඥාන කොට්ඨාශයාගේ පහළවීම නොවෙයි.
ඇවැත්නි, ආධ්‍යාත්මිකවූ චක්ෂුප්රසාදය නොබිඳුනේ වේද බාහිර රූපයෝ ඉදිරියට පැමිණෙද්ද, ඊට අනුකූලවූ මෙනෙහි කිරීම නැත්තේ වේද ඒ තාක් ඊට අනුරූපවූ විඥාන කොට්ඨාශයාගේ පහළවීම නොවෙයි.
“ඇවැත්නි, යම්හෙයකින් ආධ්‍යාත්මිකවූ ඇස නොබිඳුනේ වේද, චක්ෂුප්රසාදය නොබිඳුනේ වේද, බාහිරවූ රූපයෝ ඇස හමුවට පැමිණෙද්ද, ඊට අනුකූලවූ මෙනෙහිකිරීම වෙයිද ඒතාක් ඊට අනුරූප වූ විඥාන කොට්ඨාශයාගේ පහළවීම වෙයි. ඒ චක්ෂුර්විඥානය සමග ඇතිවූ රූපයක් වේද, එය රූප උපාදාන ස්කන්ධයෙහි ඇතුළත් වෙයි. ඒ චක්ෂුර්විඥානය සමග ඇතිවූ යම් වේදනාවක් වේද, එය වේදනා උපාදාන ස්කන්ධයෙහි ඇතුළත් වෙයි. ඒ චක්ෂුර්විඥානය සමග ඇතිවූ යම් සංඥාවක් වේද, එය සංඥා උපාදාන ස්කන්ධයෙහි ඇතුළත් වෙයි. ඒ චක්ෂුර්විඥානය සමග ඇතිවූ යම් සංස්කාරයෝ වෙද්ද ඔව්හු සංස්කාර උපාදාන ස්කන්ධයෙහි ඇතුළත් වෙත්. ඒ චක්ෂුර්විඥානය සමග ඇතිවූ යම් විඥානයක් වේද, එය විඥාන උපාදාන ස්කන්ධයෙහි ඇතුළත් වෙයි ඔහු මෙසේ දකියි. මෙසේ පඤ්ච උපාදාන ස්කන්ධයන්ගේ සංග්‍රහය, එක්වීම රැස්වීම වෙයි (කියායි) භාග්‍යවතුන් වහන්සේ විසින්ද මෙසේ වදාරණ ලද්දේමය.’
“යමෙක් පටිච්චසමුප්පාදය දකී නම් හෙතෙම ධර්මය දකියි. යමෙක් ධර්මය දකී නම් හෙතෙම පටිච්චසමුප්පාදය දකියි (යනුවෙනි.)
“මේ පස් වැදෑරුම් උපාදානස්කන්ධයෝ වෙද්ද ඔව්හු ප්‍රත්‍යයෙන් උපන්නාහු වෙති. මේ පස් වැදෑරුම් උපාදාන ස්කන්ධයන් කෙරෙහි යම් කැමැත්තක් වේද යම් ඇලීමක් වේද, යම් අනුකූල බවක් වේද, යම් බලවත් ඇල්මක් වේද, එය දුක් ඉපදීමේ හේතුවයි.
“මේ පස් වැදෑරුම් උපාදාන ස්කන්ධයන් කෙරෙහිවූ තණ්හාවගේ යම් දුරුකිරීමක් වේද, තණ්හාවගේ යම් නැති කිරීමක් වේද, එය දුක් නැතිකිරීමයි ඇවැත්නි, මෙපමණකින්ද, භික්ෂුව විසින් බොහෝ සෙයින් බුද්ධානුශාසනය කරන ලද්දේ වෙයි.
“ඇවැත්නි, ආධ්‍යාත්මිකවූ ශ්‍රොතප්‍රසාදය නොබිඳුණේ වෙයිද බාහිර ශබ්ද අරමුණු කණ හමුවට නොපැමිණෙද්ද, ඊට අනුකූලවූ මෙනෙහිකිරීම නොවෙයිද, ඒතාක් ඊට අනුරූපවූ විඥාන කොට්ඨාශයාගේ පහළවීම නොවෙයි.
“ඇවැත්නි, ආධ්‍යාත්මිකවූ ශ්‍රොතප්‍රසාදය නොබිඳුණේ වෙයිද බාහිර ශබ්දයෝ (කණ) හමුවට පැමිණෙද්ද, ඊට අනුකූලවූ මෙනෙහිකිරීම නොවෙයි. ඒතාක් ඊට අනුරූපවූ විඥාන කොට්ඨාශයාගේ පහළවීම නොවෙයි.
“ඇවැත්නි, යම් හෙයකින් ආධ්‍යාත්මිකවූ ශ්‍රොතප්‍රසාදය නොබිඳුණේ වෙයිද, බාහිරවූ ශබ්දයෝ (කණ) හමුවට පැමිණෙද්ද, ඊට අනුකූලවූ මනසිකාරය වෙයිද, එකල්හි ඊට අනුරූපවූ විඥාන කොට්ඨාශයාගේ පහළවීම වෙයි. ඒ ශ්‍රොත විඥානය හා ඇතිවූ රූපයක් වේද, එය රූප උපාදාන ස්කන්ධයෙහි ඇතුළත් වෙයි. ඒ ශ්‍රොත විඥානය හා ඇතිවූ යම් වේදනාවක් වේද, එය වේදනා උපාදාන ස්කන්ධයෙහි ඇතුළත් වෙයි. ඒ ශ්‍රොත විඥානය හා ඇතිවූ යම් සංඥාවක් වේද, එය සංඥා උපාදාන ස්කන්ධයෙහි ඇතුළත් වෙයි. ඒ සොතවිඤ්ඤාණය සමග ඇතිවූ යම් සංස්කාරයෝ වෙද්ද, ඔව්හු සංස්කාරස්කන්ධයෙහි ඇතුළත් වෙත්. ඒ සොත විඤ්ඤාණය සමග ඇතිවූ යම් විඥානයක් වේද, එය විඥාන ස්කන්ධයෙහි ඇතුළත් වෙයි. ඔහු මෙසේ දනියි. ‘මේ පස්වැදෑරුම් උපාදාන ස්කන්ධයන්ගේ සංග්‍රහය, එක්වීම, රැස්වීම වෙයි, යනුවෙනි. භාග්‍යවතුන් වහන්සේ විසින්ද මෙසේ වදාරණ ලද්දේමය.’
“යමෙක් පටිච්ච සමුප්පාදය දනීද, හෙතෙම ධර්මය දකියි. යමෙක් ධර්මය දකීද, හෙතෙම පටිච්ච සමුප්පාදය දකියි වදාළහ.
“යම් මේ පස් වැදෑරුම් උපාදාන ස්කන්ධයෝ වෙද්ද මොහු ප්‍රත්‍යයෙන් (හේතුවෙන්) හටගන්නාහුමය. මේ පස්වැදෑරුම් උපාදාන ස්කන්ධයන්හි යම් කැමැත්තෙක් වේද, යම් ඇලීමක් වේද, යම් අනුකූල බවක් වේද, යම් බලවත් ඇල්මක් වේද, එය දුක් ඇතිවීමේ හේතුවයි.
“මේ පස් වැදෑරුම් උපාදාන ස්කන්ධයන් කෙරෙහිවූ තණ්හාවගේ යම් දුරුකිරීමක් වේද, ඒ තණ්හාවගේ යම් නැති කිරීමක් වේද, එය දුක් නැති කිරීමයි. ඇවැත්නි, මෙපමණින්ද භික්ෂුව විසින් බොහෝ සෙයින් බුද්ධානුශාසනය කරන ලද්දේ වෙයි.
“ඇවැත්නි, ආධ්‍යාත්මිකවූ ඝාන ප්‍රසාදය නොබිඳුණේ වේද, බාහිර ගඳ සුවඳ අරමුණු (නාසය) හමුවට නොපැමිණෙද්ද, ඊට අනුකූල මෙනෙහිකිරීම නොවෙයිද ඒතාක් ඊට අනුරූප විඥාන කොට්ඨාශයාගේ පහළවීම නොවෙයි.
“ඇවැත්නි, ආධ්‍යාත්මිකවූ ඝාන ප්‍රසාදය නොබිඳුණේ වේද, බාහිර ගඳ සුවඳ අරමුණු නාසය හමුවට පැමිණෙද්ද, ඊට අනුකූල මෙනෙහි කිරීම නොවෙයිද, ඒතාක් ඊට අනුරූපවූ විඤ්ඤාණ කොට්ඨාශය පහළ නොවෙයි.
“ඇවැත්නි, යම් හෙයකින් ආධ්‍යාත්මිකවූ නාසය නො බිඳුනේ වේද, බාහිරවූ ගඳ සුවඳ අරමුණු නාසය හමුවට පැමිණෙද්ද ඊට අනුකූල මෙනෙහි කිරීම වෙයිද මෙසේ ඊට අනුරූප ඝ්‍රාණ විඥාන කොට්ඨාශයාගේ පහළ වීම වෙයි. ඒ ඝාණවිඤ්ඤාණය සමග ඇතිවූ යම් රූප අරමුණක් වේද, එය රූප උපාදාන ස්කන්ධයෙහි ඇතුළත් වෙයි. ඒ ඝාණවිඤ්ඤාණය සමග ඇතිවූ යම් බඳුවූ වේදනාවක් වේද, ඕතොම වේදනා උපාදානස්කන්ධයෙහි ඇතුළත් වෙයි. ඒ ඝාණවිඤ්ඤාණය සමග ඇතිවූ යම්බඳුවූ සංඥාවක් වේද, එය සංඥා උපාදාන ස්කන්ධයෙහි ඇතුළත් වෙයි. ඒ ඝාණවිඤ්ඤාණය සමග ඇතිවූ යම්බඳුවූ සංස්කාරයෝ වෙද්ද, ඔව්හු සංස්කාර උපාදාන ස්කන්ධයෙහි ඇතුළත් වෙත්. ඒ ඝාණවිඤ්ඤාණය සමග ඇතිවූ යම් බඳුවූ විඥානයක් වේද, එය විඥාන උපාදාන ස්කන්ධයෙහි ඇතුළත් වෙයි. ඔහු මෙසේ දකියි. “මේ පස්වැදෑරුම් උපාදාන ස්කන්ධයන්ගේ සංග්‍රහය, එක්වීම, රැස්වීම වෙයි (කියාය) භාග්‍යවතුන් වහන්සේ විසින්ද මෙසේ වදාරණ ලද්දේමය.
“යමෙක් පටිට්චසමුප්පාදය දකීද හෙතෙම ධර්මය දකියි. යමෙක් ධර්මය දකීද, හෙතෙම පටිච්චසමුප්පාදය දකියි, (වදාළහ)
“යම් මේ පස් වැදෑරුම් උපාදාන ස්කන්ධයෝ වෙත්ද, ඔව්හු ප්‍රත්‍යයෙන් (හේතුවෙන්) හටගත්තාහුය. මේ පස් වැදෑරුම් උපාදන ස්කන්ධයන් කෙරෙහි යම් කැමැත්තක් වේද, යම් ඇල්මක් වේද, යම් අනුකූල බවක් වේද, යම් බලවත් ඇල්මක් වේද එය දුක් ඇතිවීමේ හේතුවයි.
“මේ පස්වැදෑරුම් උපාදාන ස්කන්ධයන් කෙරෙහිවූ තණ්හාවගේ යම් දුරුකිරීමක් වේද, ඒ තණ්හාවගේ යම් නැති කිරීමක් (නිවණක්) වේද එය දුක නැති කිරීමය, ඇවැත්නි, මෙපමණින්ද භික්ෂුව විසින් බොහෝ සෙයින් බුද්ධානුශාසනය කරන ලද්දේ වෙයි.
“ඇවැත්නි, ආධ්‍යාත්මිකවූ දිව (ජිව්හා ප්‍රසාදය) නොබිඳුණේ වේද බාහිර රස අරමුණු දිව හමුවට නොපැමිණෙද්ද, ඊට අනුකූල මෙනෙහි කිරීම නොවෙයිද, ඒතාක් ඊට අනුරූපවූ විඥාන කොට්ඨාශයාගේ පහළවීම නොවේය.
“ඇවැත්නි, ආධයාත්මිකවූ දිව නොබිඳුණේ වේද, බාහිර රසයෝ දිව හමුවට පැමිණෙද්ද, ඊට අනුකූල මෙනෙහිකිරීම නොවෙයිද ඒතාක් ඊට අනුරූපවූ විඥාන කොට්ඨාශයාගේ පහළවීම නොවෙයි.
“ඇවැත්නි, ආධ්‍යාත්මිකවූ දිව නොබිඳුනේ වේද, බාහිර රසයෝ දිව හමුවට පැමිණෙද්ද, ඊට අනුකූල මෙනෙහි කිරීම වෙයිද ඊට අනුරූපවූ විඥාන කොඨාශයාගේ පහළවීම වෙයි. ඒ ජීව්හාවිඤ්ඤාණය සමග ඇතිවූ යම් රූප අරමුණක් වේද, එය රූප උපාදානස්කන්ධයෙහි ඇතුළත් වෙයි. ඒ ජිව්හා විඤ්ඤාණය සමග ඇතිවූ යම් බඳුවූ වේදනාවක් වේද, එය වේදනා උපාදාන ස්කන්ධයෙහි ඇතුළත්වේ, ඒ ජිව්හාවිඤ්ඤාණය සමග ඇතිවූ යම් බඳුවූ සංඥාවක් වේද එය සංඥා උපාදාන ස්කන්ධයෙහි ඇතුළත්වේ. ඒ ජිව්හාවිඤ්ඤාණය සමග ඇතිවූ යම් බඳුවූ සංස්කාරයෝ වෙද්ද ඔව්හු සංස්කාර ස්කන්ධයෙහි ඇතුළත් වෙත්. ඒ ජිව්හා විඤ්ඤාණය සමග ඇතිවූ යම්බඳුවූ විඥානයක් වේද, එය විඥාන උපාදාන ස්කන්ධයෙහි ඇතුළත් වෙයි. ඔහු මෙසේ දකියි, මේ පස්වැදෑරුම් උපාදාන ස්කන්ධයන්ගේ සංග්‍රහය, එක්වීම, රැස්වීම වෙයි (කියාය.) භාග්‍යවතුන් වහන්සේ විසින්ද මෙසේ වදාරණ ලද්දේමය.’
“යමෙක් පටිච්චසමුප්පාදය දකීද හෙතෙම ධර්මය දකී, යමෙක් ධර්මය දකීද, හෙතෙම පටිච්චසමුප්පාදය දකීය’යි (වදාළහ.)
“යම් මේ පස්වැදෑරුම් උපාදානස්කන්ධයෝ වෙද්ද, මොහු ප්‍රත්‍යයෙන් (හේතුවෙන්) හටගත්තාහුය. මේ පස් වැදෑරුම් උපාදානස්කන්ධයන් කෙරෙහි යම් කැමැත්තක් වේද, යම් ඇලීමක් වේද, යම් අනුකූල බවක් වේද, යම් බලවත් ඇල්මක් වේද එය දුක් ඇතිවීමේ හේතුවයි.
“මේ පස්වැදෑරුම් උපාදානස්කන්ධයන් කෙරෙහිවූ තණ්හාවගේ යම් දුරු කිරීමක් වේද, තණ්හාවගේ යම් නැති කිරීමක් (නිවණක්) වේද එය දුක් නැතිකිරීමයි. ඇවැත්නි, මෙපමණින්ද භික්ෂුව විසින් බොහෝසෙයින් බුද්ධානුශාසනය කරන ලද්දේ වෙයි.
“ඇවැත්නි, ආධ්‍යාත්මිකවූ කය නොබිඳුණේ වේද බාහිර ස්පර්ශ අරමුණු කය හමුවට නොපැමිණෙද්ද, ඊට අනුකූල මෙනෙහිකිරීම සිත නොවෙයිද, ඒතාක් ඊට අනුරූප විඥාන කොට්ඨාශයාගේ පහළවීම නොවෙයි.
“ඇවැත්නි, ආධ්‍යාත්මිකවූ කය (කායප්‍රසාදය) නොබිඳුණේ වේද, ස්පර්ශ අරමුණු කය හමුවට පැමිණෙද්ද, ඊට අනුකූල මෙනෙහිකිරීම නොවෙයිද, ඒ තාක් ඊට අනුරූප විඥාන කොට්ඨාශයාගේ පහළවීම නොවෙයි.
“ඇවැත්නි, යම් හෙයකින් ආධ්‍යාත්මිකවූ කය නොබිඳුනේවේද, බාහිර ස්පර්ශයෝ කය හමුවට පැමිණෙද්ද, ඊට අනුකූල මෙනෙහිකිරීම වෙයිද, මෙසේ ඊට අනුරූප විඥාන කොඨාශයාගේ පහළවීම වෙයි. ඒ කායවිඤ්ඤාණයාගේ යම්බඳුවූ රූප අරමුණක් වේද, එය රූප උපාදාන ස්කන්ධයෙහි ඇතුළත් වෙයි. ඒ කායවිඤ්ඤාණය සමඟ ඇතිවූ යම්බඳුවූ වේදනාවක් වේද, එය වේදනා උපාදාන ස්කන්ධයෙහි ඇතුළත් වෙයි. ඒ කාය විඤ්ඤාණය සමග ඇතිවූ යම්බඳුවූ සංඥාවක් වේද එය සංඥා උපාදාන ස්කන්ධයෙහි ඇතුළත් වෙයි. ඒ කාය විඤ්ඤාණය සමග ඇතිවූ යම්බඳු සංස්කාරයෝ වෙද්ද, ඔව්හු සංස්කාර උපාදානස්කන්ධයෙහි ඇතුළත් වෙති. ඒ කාය විඤ්ඤාණය සමග ඇතිවූ යම් බඳුවූ විඥානයක් වේද, එය විඥාන උපාදානස්කන්ධයෙහි ඇතුළත් වෙයි. ඔහු මෙසේ දකී. මේ පස් වැදෑරුම් උපාදාන ස්කන්ධයන්ගේ සංග්‍රහය, එක්වීම, රැස්වීම වෙයි’ (කියාය.) භාග්‍යවතුන් වහන්සේ විසින්ද මෙසේ වදාරණ ලද්දේමය.
“යමෙක් පටිච්චසමුප්පාදය දකීද, හෙතෙමේ ධර්මය දකී. යමෙක් ධර්මය දකීද හෙතෙමේ පටිච්චසමුප්පාදය දකීය”යි (වදාළහ)
“යම් මේ පස්වැදෑරුම් උපාදානස්කන්ධයෝ වෙද්ද, මොහු ප්‍රත්‍යයෙන් (හේතුවෙන්) හටගත්තාහුමය. මේ පස් වැදෑරුම් උපාදානස්කන්ධයන් කෙරෙහි යම් කැමැත්තක් වේද, යම් ඇලීමක් වේද, යම් අනුකූලබවක් වේද එය දුක් ඇතිවීමේ හේතුවයි.
“මේ පස්වැදෑරුම් උපාදානස්කන්ධයන් කෙරෙහිවූ තණ්හාවගේ යම් දුරු කිරීමක් වේද, තණ්හාවගේ යම් නැති කිරීමක් වේද, එය දුක්නැතිකිරීමයි. ඇවැත්නි, මෙපමණින්ද මහණහු විසින් බොහෝසෙයින් බුද්ධානුශාසනය කරන ලද්දේ වෙයි.
“ඇවැත්නි, ආධ්‍යාත්මිකවූ මනොද්වාරය නොබිඳුණේ වේද, බාහිර ධර්ම අරමුණු සිත හමුවට නොපැමිණෙද්ද, ඊට අනුකූල මනසිකාරය නොවෙයිද ඒතාක් ඊට අනුරූප විඥාන කොට්ඨාශයාගේ පහළවීම නොවෙයි.
“ඇවැත්නි, ආධ්‍යාත්මිකවූ මනොද්වාරය නොබිඳුණේ වේද, බාහිර ධර්ම අරමුණු සිත හමුවට පැමිණෙද්ද, ඊට අනුකූල මනසිකාරය නොවෙයිද ඒතාක් ඊට අනුරූප විඥාන කොට්ඨාශයාගේ පහළවීම නොවෙයි.
“ඇවැත්නි, ආධ්‍යාත්මිකවූ මනොද්වාරය නොනැසුණේ වේද, බාහිර ධර්ම අරමුණු සිත හමුවට පැමිණෙද්ද, ඊට අනුකූලවූ මනසිකාරය වෙයිද, එකල්හි ඊට අනුරූප විඥාන කොට්ඨාශයාගේ පහළවීම වෙයි. ඒ මනොවිඤ්ඤාණය සමග යම් රූපයක් වේද, එය රූප උපාදානස්කන්ධයෙහි ඇතුළත් වෙයි. ඒ මනොවිඤ්ඤාණය සමග යම් වේදනාවක් වේද එය වේදනා උපාදානස්කන්ධයෙහි ඇතුළත් වෙයි. ඒ මනොවිඤ්ඤාණය සමග යම් සංඥාවක් වේද, එය සංඥා උපාදාන ස්කන්ධයෙහි ඇතුළත් වෙයි. ඒ මනොවිඤ්ඤාණය සමග යම් සංස්කාරයෝ වෙද්ද, ඔව්හු සංස්කාර උපාදාන ස්කන්ධයෙහි ඇතුළත් වෙත්. ඒ මනොවිඤ්ඤාණය සමග යම් විඥානයක් වේද එය විඥාන උපාදාන ස්කන්ධයෙහි ඇතුළත් වෙයි ඔහු මෙසේ දනී. ‘මේ පස්වැදෑරුම් උපාදන ස්කන්ධයන්ගේ සංග්‍රහය, එක්වීම, රැස්වීම වෙයි’ (කියාය) භාග්‍යවතුන් වහන්සේ විසින්ද මෙසේ වදාරණ ලද්දේමය.
“යමෙක් පටිච්චසමුප්පාදය දකී නම් හෙතෙමේ ධර්මය දකී. යමෙක් ධර්මය දකී නම් හෙතෙමේ පටිච්චසමුප්පාදය දකිය’යි (වදාළහ.)
“යම් මේ පස්වැදෑරුම් උපාදානස්කන්ධයෝ වෙද්ද, මොහු ප්‍රත්‍යයෙන් (හේතුවෙන්) හටගත්තාහුමය. මේ පස් වැදෑරුම් උපාදාන ස්කන්ධයන් කෙරෙහි යම් කැමැත්තක් වේද යම් ඇලීමක් වේද, යම් අනුකූල බවක් වේද, යම් බලවත් ඇල්මක් වේද එය දුක් ඉපදීමේ හේතුවයි.
“මේ පස්වැදෑරුම් උපාදානස්කන්ධයන් කෙරෙහිවූ තණ්හාවගේ යම් දුරුකිරීමක් වේද තණ්හාවගේ යම් නැතිකිරීමක් වේද එය දුක් නැතිකිරීමයි. ඇවැත්නි, මෙපමණින්ද භික්ෂුව විසින් බොහෝ සෙයින් බුද්ධානුශාසනය කරන ලද්දේ වෙයි.”
ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය වදාළහ. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ දේශනාව පිළිගත්හ.
|
9. මහාසාරොපමසුත්තං | 9. මහා සාරොපම සූත්‍රය |
307
එවං
‘‘ඉධ, භික්ඛවෙ, එකච්චො කුලපුත්තො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති - ‘ඔතිණ්ණොම්හි ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, දුක්ඛොතිණ්ණො දුක්ඛපරෙතො, අප්පෙව නාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථා’ති. සො එවං පබ්බජිතො සමානො ලාභසක්කාරසිලොකං අභිනිබ්බත්තෙති. සො තෙන ලාභසක්කාරසිලොකෙන අත්තමනො හොති පරිපුණ්ණසඞ්කප්පො. සො තෙන ලාභසක්කාරසිලොකෙන අත්තානුක්කංසෙති පරං වම්භෙති - ‘අහමස්මි ලාභසක්කාරසිලොකවා
(ලාභී සිලොකවා (සී. පී.), ලාභී සක්කාර සිලොකවා (ස්‍යා.)), ඉමෙ පනඤ්ඤෙ භික්ඛූ අප්පඤ්ඤාතා අප්පෙසක්ඛා’ති. සො තෙන ලාභසක්කාරසිලොකෙන මජ්ජති පමජ්ජති පමාදං ආපජ්ජති, පමත්තො සමානො දුක්ඛං විහරති.
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව සාරං අතික්කම්ම ඵෙග්ගුං අතික්කම්ම තචං අතික්කම්ම පපටිකං, සාඛාපලාසං ඡෙත්වා ආදාය පක්කමෙය්ය ‘සාර’න්ති මඤ්ඤමානො. තමෙනං චක්ඛුමා පුරිසො දිස්වා එවං වදෙය්ය - ‘න වතායං භවං පුරිසො අඤ්ඤාසි
|
307
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ දෙව්දත් තෙරුන් බැහැර ගිය නොබෝ කල්හි රජගහනුවර ගිජ්ජකූට පර්වතයෙහි වසනසේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ දෙව්දත් තෙරුන් අරබයා භික්ෂූන්ට කථා කළසේක.
“මහණෙනි, මෙහි ඇතැම් කුල පුත්‍රයෙක්, ‘ඉපදීමෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, ශෝකයෙන්ද, වැළපීම්වලින්ද, කායික දුකින්ද, සිතේ දුකින්ද, බලවත් වෙහෙසින්ද, මැඩුනේ වෙමි. දුකින් මැඩුනේ වෙමි. දුකින් පීඩා විඳින්නේ වෙමි. මේ සියලු දුක් රාශියගේ කෙළවර කිරීමක් පෙනේ නම් ඉතා යෙහෙකැ’යි (සිතා) ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේම සිව්පසය ලැබීමය, සත්කාර ලැබීමය, කීර්තිය ලැබීමය යන මේවා උපදවයි. හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තියෙන් සම්පූර්ණවූ අදහස් ඇතිව සතුටු වෙයි. හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා තමන් උසස් කොට සිතයි. අනුන් පහත්කොට සිතයි.‘මම ලාභ ඇත්තේ වෙමි. අන්‍යවූ මේ භික්ෂූහු ප්‍රසිද්ධ නැත. අල්පෙශාක්යය’යි සිතයි. ඔහු ඒ ලාභ සත්කාර කීර්තියෙන් මත්වෙයි. විශේෂයෙන් මත්වෙයි, ප්‍රමාදයට පැමිණෙයි මත්වූයේම දුකසේ වාසය කරයි.
“මහණෙනි, යම්සේ අරටුවෙන් ප්‍රයෝජන ඇත්තාවූ, අරටු සොයන්නාවූ, අරටු සොයමින් හැසිරෙන්නාවූ පුරුෂයෙක් (යම් තැනක) පිහිටි අරටුව ඇති ගසක අරටුව ඉක්මවා, (අත්හැර) ඵලය ඉක්මවා, සුඹුල (පොත්ත) ඉක්මවා, පතුරු ඉක්මවා, අරටුවයයි සිතා අතු හා දලු සිඳ ගෙනයන්නේය. ඇස් ඇත්තාවූ පුරුෂයෙක් ඔහු දැක මෙසේ කියන්නේය, ‘මේ පින්වත් පුරුෂයා ඒකාන්තයෙන් අරටුව නොදත්තේය. ඵලය නොදත්තේය. පොත්ත නොදත්තේය, පතුරු නොදත්තේය, අතු හා දලු නොදත්තේය. ඒ නිසා මේ පින්වත් පුරුෂයා අරටුවෙන් ප්‍රයෝජන ඇත්තේ, අරටු සොයන්නේ, අරටු සොයමින් හැසිරෙන්නේ (යම් තැනක) පිහිටි අරටුව ඇති ගසක අරටුව ඉක්මවා ඵලය ඉක්මවා පොත්ත ඉක්මවා, පතුරු ඉක්මවා අරටුවයි සිතා අතු හා දලු සිඳ ගෙන ගියේය. ඔහුට අරටුවෙන් යම් වැඩක් ඇත්තේද, ඔහුගේ ඒ වැඩය සිදුනොවන්නේය.
“මහණෙනි, එමෙන්ම මේ ශාසනයෙහි ඇතැම් කුල පුත්‍රයෙක්, ඉපදීමෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, ශෝකයෙන්ද, වැළපීම්වලින්ද, කායික දුකින්ද, සිතේ දුකින්ද, බලවත් වෙහෙසින්ද, මැඩුනේ වෙමි. දුකින් මැඩුනේ වෙමි. දුකින් පීඩා විඳින්නේ වෙමි. මේ සියලු දුක් රාශියගේ කෙළවර කිරීමක් පෙනේ නම් ඉතා යෙහෙකැ’යි (සිතා) ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේම සිව්පසය ලැබීමය, සත්කාර ලැබීමය, කීර්තිය ලැබීමය යන මේවා උපදවයි. හෙතෙම, ඒ ලාභ සත්කාර කීර්තියෙන් සම්පූර්ණවූ අදහස් ඇත්තේ සතුටු වෙයි හෙතෙම ඒ ලාභ සත්කාර කීර්ති නිසා තමන් උසස් කොට සිතයි. අනුන් පහත් කොට සිතයි. ‘මම ලාභ සත්කාර කීර්ති ඇත්තේ වෙමි. අන්‍යවූ මේ භික්ෂූහු ප්‍රසිද්ධ නැත. අල්පෙශාක්යය’යි සිතයි. ඔහු ඒ ලාභ සත්කාර කීර්තියෙන් මත් වෙයි. විශේෂයෙන් මත්වෙයි. ප්‍රමාදයට පැමිණෙයි. මත්වූයේම දුකසේ වාසය කරයි. මහණෙනි, ඒ මහණතෙම මේ ශාසනබ්රහ්මචරියාවෙහි කොලඅතු ගත්තේයයිද එයින්ම කෙළවරට පැමිණියේයයිද කියනු ලැබේ.
|
308
‘‘ඉධ පන, භික්ඛවෙ, එකච්චො කුලපුත්තො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති - ‘ඔතිණ්ණොම්හි ජාතියා ජරාය මරණෙන සොකෙහි
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව සාරං අතික්කම්ම ඵෙග්ගුං අතික්කම්ම තචං, පපටිකං ඡෙත්වා ආදාය පක්කමෙය්ය ‘සාර’න්ති මඤ්ඤමානො. තමෙනං චක්ඛුමා පුරිසො දිස්වා එවං වදෙය්ය - ‘න වතායං භවං පුරිසො අඤ්ඤාසි සාරං, න අඤ්ඤාසි ඵෙග්ගුං, න අඤ්ඤාසි තචං, න අඤ්ඤාසි පපටිකං, න අඤ්ඤාසි සාඛාපලාසං. තථා හයං භවං පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව සාරං
‘‘එවමෙව
|
308
“මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් ඉපදීමෙන්ද, ජරාවෙන්ද මරණයෙන්ද ශෝකයෙන්ද, වැළපීම්වලින්ද, කායික දුකින්ද, සිතේ දුකින්ද, බලවත් වෙහෙසින්ද මැඩුනේ වෙමි. දුකින් මැඩුනේ වෙමි. දුකින් පීඩා විඳින්නේ වෙමි. මේ සියලු දුක් රාශියගේ කෙළවර කිරීමක් පෙනේ නම් ඉතා යෙහෙකැයි’ (සිතා) ශ්‍රද්ධාවෙන් ගිහි ගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේම සිව්පසය ලැබීමිය, සත්කාර ලැබීමය, කීර්තිය ලැබීමය යන මේවා උපදවයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිය නිසා සතුටු නොවෙයි. සම්පූර්ණවූ අදහස් ඇත්තේ නොවෙයි. හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා තමා උසස්කොට නොසලකයි. අනුන් පහත්කොට නොසලකයි. හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා මත් නොවෙයි. විශේෂයෙන් මත් නොවෙයි. ප්‍රමාදයට නො පැමිණෙයි. ප්‍රමාද නොවූයේම සීල සම්පත්තිය සම්පූර්ණ කරයි. හෙතෙම ඒ සීලසම්පත්තියෙන් සතුටු වෙයි, සම්පූර්ණවූ අදහස් ඇත්තේ වෙයි. හෙතෙම ඒ සීල සම්පත්තිය නිසා තමන් උසස් කොට සලකයි. අනුන් පහත් කොට සලකයි. ‘මම යහපත් ගුණධර්ම ඇති සිල්වතෙක් වෙමි. අන්‍යවූ මේ භික්ෂූහු පවිටු ස්වභාව ඇති දුශ්ශීලයෝය’ කියායි. හෙතෙම ඒ සීල සම්පත්තියෙන් මත්වෙයි. විශේෂයෙන් මත් වෙයි. ප්‍රමාදයට පැමිණෙයි. ප්‍රමාදයට පැමිණියේම දුකසේ වාසය කරයි.
“මහණෙනි, යම්සේ (ගහක) අරටුවෙන් ප්‍රයෝජන ඇත්තාවූද, අරටු සොයන්නාවූ, අරටු සොයමින් හැසිරෙන්නාවූ පුරුෂයෙක් (යම් තැනක) පිහිටි අරටුව ඇති ගසක අරටුව ඉක්මවා, (අත්හැර) ඵලය ඉක්මවා, සුඹුලු ඉක්මවා අරටුව යයි සිතා පතුරු සිඳ ගෙන යන්නේය. ඇස් ඇත්තාවූ පුරුෂයෙක් ඒ ඔහු දැක මෙසේ කියන්නේය. මේ පින්වත් පුරුෂයා ඒකාන්තයෙන් අරටුව නොදත්තේය. ඵලය නොදත්තේය, පොත්ත නොදත්තේය, පතුරු නොදත්තේය. එහෙයින් මේ පින්වත් පුරුෂයා අරටුවෙන් ප්‍රයෝජන ඇත්තේ, අරටු සොයන්නේ, අරටු සොයමින් හැසිරෙන්නේ (යම් තැනක) පිහිටි අරටුව ඇති ගසක අරටුව ඉක්මවා ඵලය ඉක්මවා පොත්ත ඉක්මවා, අරටුවයයි සිතා පතුරු සිඳ ගෙන යන්නේය. ඔහුට අරටුවෙන් යම් වැඩක් ඇත්තේද, ඔහුගේ ඒ වැඩය නොසිදු වන්නේය.
“මහණෙනි, එමෙන්ම මේලෝකයෙහි ඇතැම් කුල පුත්‍රයෙක්, ඉපදීමෙන්ද ජරාවෙන්ද, මරණයෙන්ද, වැළපීම්වලින්ද, කායික දුකින්ද, සිතේ දුකින්ද, බලවත් වෙහෙසින්ද මැඩුනේ වෙමි. දුකින් මැඩුනේ වෙමි. දුකින් පීඩා විඳින්නේ වෙමි. මේ සියලු දුක් රාශියගේ කෙළවර කිරීමක් පෙනේනම් ඉතා යෙහෙකැ’යි (සිතා) ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයේ වෙයි. හෙතෙමේ මෙසේ පැවිදිවූයේම සිව්පසය ලැබීමය, සත්කාර ලැබීමය, කීර්තිය ලැබීමය යන මේවා උපදවයි. හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා සතුටු නොවෙයි. සම්පූර්ණවූ අදහස් ඇත්තේ නොවෙයි. හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා තමා උසස්කොට නොසලකයි. අනුන් පහත්කොට නොසලකයි. හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා මත් නොවෙයි. විශේෂයෙන් මත් නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි. ප්‍රමාද නොවූයේම සීල සම්පත්තිය සම්පූර්ණ කරයි. හෙතෙම ඒ සීල සම්පත්තියෙන් සතුටු වෙයි. සම්පූර්ණවූ අදහස් ඇත්තේ වෙයි. හෙතෙම ඒ සීල සම්පත්තිය නිසා තමන් උසස්කොට සලකයි. අනුන් පහත්කොට සලකයි. ‘මම යහපත් ගුණධර්ම ඇති සිල්වතෙක් වෙමි. අන්‍යවූ මේ භික්ෂූහු පවිටු ස්වභාව ඇති දුශ්ශීලයෝය’ කියාය. හෙතෙම ඒ සීල සම්පත්තියෙන් මත් වෙයි. විශේෂයෙන් මත් වෙයි. ප්‍රමාදයට පැමිණෙයි. ප්‍රමාදයට පැමිණියේම දුකසේ වාසය කරයි.
“මහණෙනි, මේ මහණතෙම ශාසන බ්‍රහ්මචර්යාවෙහි (මාර්ග ඵල නමැති අරටුව ඇති ගසෙහි) පතුරු ගත්තේ යයිද එයින්ම කෙළවරට පැමිණියේ යයිද කියනු ලැබේ.
|
309
‘‘ඉධ පන, භික්ඛවෙ, එකච්චො කුලපුත්තො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති - ‘ඔතිණ්ණොම්හි ජාතියා ජරාය මරණෙන සොකෙහි
‘‘සෙය්යථාපි
‘‘එවමෙව ඛො, භික්ඛවෙ, ඉධෙකච්චො කුලපුත්තො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති - ‘ඔතිණ්ණොම්හි ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, දුක්ඛොතිණ්ණො දුක්ඛපරෙතො, අප්පෙව නාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථා’’ති. සො එවං පබ්බජිතො සමානො ලාභසක්කාරසිලොකං අභිනිබ්බත්තෙති. සො තෙන ලාභසක්කාරසිලොකෙන න අත්තමනො හොති න පරිපුණ්ණසඞ්කප්පො. සො තෙන ලාභසක්කාරසිලොකෙන න අත්තානුක්කංසෙති, න පරං වම්භෙති. සො තෙන ලාභසක්කාරසිලොකෙන න මජ්ජති නප්පමජ්ජති න පමාදං ආපජ්ජති, අප්පමත්තො සමානො සීලසම්පදං ආරාධෙති. සො තාය සීලසම්පදාය අත්තමනො හොති නො ච ඛො පරිපුණ්ණසඞ්කප්පො. සො තාය සීලසම්පදාය න අත්තානුක්කංසෙති, න පරං වම්භෙති. සො තාය සීලසම්පදාය න මජ්ජති නප්පමජ්ජති න පමාදං ආපජ්ජති, අප්පමත්තො සමානො සමාධිසම්පදං ආරාධෙති. සො තාය සමාධිසම්පදාය අත්තමනො හොති පරිපුණ්ණසඞ්කප්පො. සො තාය සමාධිසම්පදාය අත්තානුක්කංසෙති, පරං වම්භෙති - ‘අහමස්මි
|
309
“මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් ඉපදීමෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද ශෝකයෙන්ද, වැළපීම්වලින්ද, කායික දුකින්ද සිතේ දුකින්ද, බලවත් වෙහෙසින්ද මැඩුනේ වෙමි. දුකින් මැඩුනේ වෙමි. දුකින්ද පීඩා විඳින්නේ වෙමි. මේ සියලු දුක් රාශියගේ කෙළවර කිරීමක් පෙනේ නම් ඉතා යෙහෙකැයි’ (සිතා) ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේම සිව්පසය ලැබීමය, සත්කාර ලැබීමය, කීර්තිය ලැබීමය යන මේවා උපදවයි. හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා තමන් උසස් කොට නොසිතයි. අනුන් පහත්කොට නොසිතයි. හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා මත් නොවෙයි. විශේෂයෙන් මත් නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි. ප්‍රමාදයට නොපැමිණියේම සීල සම්පත්තිය සම්පූර්ණ කරයි. ඔහු ඒ සීල සම්පත්තියෙන් සතුටු සිත් ඇත්තේ වෙයි. (එහෙත්) හෙතෙම ඒ සීල සම්පත්තියෙන් සම්පූර්ණවූ අදහස් ඇත්තේ නොවෙයි. හෙතෙම ඒ සීල සම්පත්තිය නිසා තමන් උසස්කොට නොසිතයි, අනුන් පහත්කොට නොසිතයි. හෙතෙම ඒ සීල සම්පත්තිය නිසා මත් නොවෙයි. විශේෂයෙන් මත් නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි. ප්‍රමාදයට නොපැමිණියේම සමාධි සම්පත්තිය සම්පූර්ණ කරයි. හෙතෙම ඒ සමාධි සම්පත්තියෙන් සතුටට පැමිණෙයි. සම්පූර්ණවූ අදහස් ඇත්තේ වෙයි. හෙතෙම ඒ සමාධි සම්පත්තිය නිසා තමන් උසස් කොට සිතයි. අනුන් පහත් කොට සිතයි. ‘මම සමාධි ගත වූයේ එකඟවූ සිත් ඇත්තේ වෙමි. අන්‍යවූ මේ භික්ෂූහු වනාහි සමාධිගත නුවූහ. කැළඹුණු සිත් ඇත්තාහ’ කියායි. ඔහු ඒ සමාධි සම්පත්තිය නිසා මත් වෙයි. විශේෂයෙන් මත් වෙයි. ප්‍රමාදයට පැමිණෙයි. ප්‍රමාදයට පැමිණියේම දුකසේ වාසය කරයි.
“මහණෙනි, යම්සේ අරටුවෙන් ප්‍රයෝජන ඇත්තාවූ, අරටු සොයන්නාවූ, අරට සොයමින් හැසිරෙන්නාවූ යම් පුරුෂයෙක් (යම් තැනක) පිහිටි අරටුව ඇති ගසක අරටුව ඉක්මවා (අත්හැර) ඵලය ඉක්මවා අරටුවයි සිතා සුඹුල (පොත්ත) සිඳගෙන යන්නේය. ඇස් ඇත්තාවූ පුරුෂයෙක් ඒ ඔහු දැක මෙසේ කියන්නේය. මේ පින්වත් පුරුෂයා ඒකාන්තයෙන් අරටුව නොදත්තේය. ඵලය නොදත්තේය. සුඹුල නොදත්තේය. පතුරු නොදත්තේය. අතු හා දලු නොදත්තේය. එහෙයින් මේ පින්වත් පුරුෂයා අරටුවෙන් ප්‍රයෝජන ඇත්තේ අරටු සොයන්නේ, අරටු සොයමින් හැසිරෙන්නේ (යම් තැනක) එහි අරටුව ඇති ගසක අරටුව ඉක්මවා ඵලය ඉක්මවා අරටුව යයි සිතා පොත්ත සිඳ ගෙන ගියේය. ඔහුට අරටුවෙන් යම් වැඩක් ඇත්තේද, ඒ වැඩය නොසිදු වන්නේය’ කියායි.
“මහණෙනි, එමෙන්ම මේ ලෝකයෙහි ඇතැම් කුල පුත්‍රයෙක්, ඉපදීමෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, ශෝකයෙන්ද, වැළපීම්වලින්ද, කායික දුකින්ද, සිතේ දුකින්ද, බලවත් වෙහෙසින්ද මැඩුනේ වෙයි. දුකින් මැඩුනේ වෙමි. දුකින් පීඩා විඳින්නේ වෙමි. මේ සියලු දුක් රාශියගේ කෙළවර කිරීමක් පෙනේ නම් ඉතා යෙහෙකැයි’ (සිතා) ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ වෙයි. හෙතෙමේ මෙසේ පැවිදිවූයේම, සිවුපසය ලැබීමය, සත්කාර ලැබීමය, කීර්තිය ලැබීමය යන මේවා උපදවයි. හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා තමන් උසස්කොට නොසිතයි අනුන් පහත්කොට නොසිතයි. හෙතෙම ලාභසත්කාර කීර්තිය නිසා මත් නොවෙයි. විශේෂයෙන්ම මත් නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි. ප්‍රමාදයට නොපැමිණියේම සීල සම්පත්තිය සම්පූර්ණ කරයි. හෙතෙම ඒ සීල සම්පත්තියෙන් සතුටු වෙයි. (එහෙත්) ඒ සීලසම්පත්තිය නිසා සම්පූර්ණවූ අදහස් ඇත්තේ නොවෙයි. හෙතෙම ඒ සීලසම්පත්තිය නිසා තමන් උසස්කොට නොසලකයි. අනුන් පහත් කොට නොසලකයි. හෙතෙම ඒ සීලසම්පත්තිය නිසා මත් නොවෙයි. විශේෂයෙන් මත් නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි. ප්‍රමාදයට නොපැමිණියේම සමාධිසම්පත්තිය සම්පූර්ණ කරයි. හෙතෙම ඒ සමාධි සම්පත්තියෙන් සතුටට පැමිණෙයි. සම්පූර්ණවූ අදහස් ඇත්තේ වෙයි හෙතෙම ඒ සමාධි සම්පත්තිය නිසා තමන් උසස්කොට සිතයි. අනුන් පහත්කොට සිතයි. ‘මම සමාධිගතවූයේ එකඟවූ සිත් ඇත්තේ වෙමි. අන්‍යවූ මේ භික්ෂූහු වනාහි සමාධිගත නුවූවාහු කැළඹුණු සිත් ඇත්තාහ, කියායි. හෙතෙම ඒ සමාධිසම්පත්තිය නිසා මත්වෙයි. විශේෂයෙන් මත් වෙයි: ප්‍රමාදයට පැමිණෙයි. ප්‍රමාදයට පැමිණියේම දුකසේ වාසය කරයි මහණෙනි, මේ මහණතෙම ශාසන බ්රහ්මචර්යායෙහි පොත්ත ගත්තේයයිද එයින්ම කෙළවරට පැමිණියේයයිද කියනු ලැබේ.
|
310
‘‘ඉධ පන, භික්ඛවෙ, එකච්චො කුලපුත්තො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති - ‘ඔතිණ්ණොම්හි ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, දුක්ඛොතිණ්ණො දුක්ඛපරෙතො, අප්පෙව නාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව සාරං ඵෙග්ගුං ඡෙත්වා ආදාය පක්කමෙය්ය ‘සාර’න්ති මඤ්ඤමානො. තමෙනං චක්ඛුමා පුරිසො දිස්වා එවං වදෙය්ය - ‘න වතායං භවං පුරිසො අඤ්ඤාසි සාරං න අඤ්ඤාසි ඵෙග්ගුං න අඤ්ඤාසි තචං න අඤ්ඤාසි පපටිකං න අඤ්ඤාසි සාඛාපලාසං. තථා හයං භවං පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස
|
310
“මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් කුලපුත්‍රයෙක්, ඉපදීමෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, ශෝකයෙන්ද, වැළපීම්වලින්ද, කායික දුකින්ද, සිතේ දුකින්ද, බලවත් වෙහෙසින්ද මැඩුනේ වෙමි. දුකින් මැඩුනේ වෙමි. දුකින් පීඩා විඳින්නේ වෙමි. මේ සියලු දුක් රාශියගේ කෙළවර කිරීමක් පෙනේ නම් ඉතා යෙහෙකැ’යි (සිතා) ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේම සිව්පසය ලැබීමය, සත්කාර ලැබීමය, කීර්තිය ලැබීමය යන මේවා උපදවයි. ඔහු ඒ ලාභ සත්කාර කීර්තිය නිසා තමන් උසස්කොට නොසිතයි. අනුන් පහත්කොට නොසිතයි. හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා මත් නොවෙයි. විශේෂයෙන්ම මත් නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි. ප්‍රමාදයට නොපැමිණියේම සීලසම්පත්තිය සම්පූර්ණ කරයි. හෙතෙම ඒ සීලසම්පත්තියෙන් සතුටට පත් වෙයි. (එහෙත්) හෙතෙම ඒ සීල සම්පත්තිය නිසා සම්පූර්ණවූ අදහස් ඇත්තේ නොවෙයි. හෙතෙම ඒ සීලසම්පත්තිය නිසා තමන් උසස්කොට නොසිතයි. අනුන් පහත් කොට නොසිතයි. ඔහු ඒ සීල සම්පත්තිය නිසා මත් නොවෙයි. විශේෂයෙන් මත් නොවේ. ප්‍රමාදයට නොපැමිණෙයි. ප්‍රමාදයට නොපැමිණියේම සමාධිසම්පත්තිය සම්පූර්ණ කරයි. හෙතෙම ඒ සමාධිසම්පත්තිය නිසා සතුටට පැමිණෙයි. (එහෙත්) සම්පූර්ණවූ අදහස් ඇත්තේ නොවෙයි. හෙතෙම ඒ සමාධිසම්පත්තිය නිසා තමන් උසස්කොට නොසලකයි. අනුන් පහත්කොට නොසලකයි. ඔහු ඒ සමාධි සම්පත්තිය නිසා මත් නොවෙයි. විශේෂයෙන් මත් නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි. ප්‍රමාදයට නොපැමිණියේම ඥාන දර්ශනය (පංච අභිඥාව) උපදවයි. හෙතෙම ඒ ඥාන දර්ශනයෙන් (පංච අභිඥාවෙන්) සතුටුවෙයි. සම්පූර්ණවූ අදහස් ඇත්තෙක් වෙයි. හෙතෙම ඒ ඥාන දර්ශනය (පංච අභිඥාව) නිසා මම දන්නෙක් වෙමි. දකින්නෙක් වෙමි’යි තමන් උසස්කොට සිතයි. අනුන් පහත්කොට සිතයි. ‘මේ අන්‍යවූ භික්ෂූහු නොදන්නාහු නොදක්නාහුම වෙසෙත්’යි කියායි. හෙතෙම ඒ ඥාන දර්ශනයෙන් (පංච අභිඥාවෙන්) මත් වෙයි, විශේෂයෙන් මත් වෙයි. ප්‍රමාදයට පැමිණෙයි, ප්‍රමාදයට පැමිණියේම දුකසේ වාසය කරයි.
“මහණෙනි, යම්සේ අරටුවෙන් ප්‍රයෝජන ඇත්තාවූ අරටු සොයන්නාවූ, අරටු සොයමින් හැසිරෙන්නාවූ යම් පුරුෂයෙක් (යම් තැනක) පිහිටි අරටුව ඇති මහ ගසක අරටුව ඉක්මවා (හැර) අරටුවයයි සිතා එලය කපා අරගෙන යන්නේය. ඇස් ඇත්තාවූ පුරුෂයෙක් ඒ ඔහු දැක මෙසේ කියන්නේය. ‘මේ පින්වත් පුරුෂයා ඒකාන්තයෙන් අරටුව නොදත්තේය, එලය නොදත්තේය, පොත්ත නොදත්තේය, පතුරු නොදත්තේය, අතු හා දලු නොදත්තේය. එහෙයින් මේ පින්වත් පුරුෂයා අරටුවෙන් ප්‍රයෝජන ඇත්තේ. අරටු සොයන්නේ, අරටු සොයමින් හැසිරෙන්නේ (යම් තැනක) පිහිටි අරටුව ඇති මහගසක අරටුව ඉක්මවා අරටුවයයි සිතා එලය සිඳ අරගෙන යන්නේය. ඔහුට අරටුවෙන් යම් වැඩක් ඇත්තේද ඒ වැඩය නොසිදුවන්නේය කියායි.
“මහණෙනි, එමෙන්ම මේ ශාසනයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ‘ඉපදීමෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, ශෝකයෙන්ද, වැළපීම්වලින්ද, කායික දුකින්ද, සිතේ දුකින්ද, බලවත් වෙහෙසින්ද, මැඩුනේ වෙමි. දුකින් මැඩුනේ වෙමි. දුකින් පීඩා විඳින්නේ වෙමි. මේ සියලු දුක් රාශියගේ කෙළවර කිරීමක් පෙනේ නම් ඉතා යෙහෙකැ’යි (සිතා) ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයේ වෙයි. හෙතෙමේ මෙසේ පැවිදිවූයේම සිව්පසය ලැබීමය, සත්කාර ලැබීමය, කීර්තිය ලැබීමය යන මේවා උපදවයි. ඔහු ඒ ලාභ සත්කාර කීර්තිය නිසා තමන් උසස්කොට නොසිතයි. අනුන් පහත්කොට නොසිතයි. හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා මත් නොවෙයි. විශේෂයෙන් මත් නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි. ප්‍රමාදයට නොපැමිණියේම සීල සම්පත්තිය සම්පූර්ණ කරයි. හෙතෙම ඒ සීල සම්පත්තියෙන් සතුටට පැමිණෙයි. හෙතෙම ඒ සීල සම්පත්තිය නිසා සම්පූර්ණවූ අදහස් ඇත්තේ නොවෙයි. හෙතෙම ඒ සීල සම්පත්තිය නිසා තමන් උසස්කොට නොසිතයි. හෙතෙම අනුන් පහත් කොට නොසිතයි. හෙතම ඒ සීල සම්පත්තිය නිසා මත් නොවෙයි. විශේෂයෙන් මත් නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි, ප්‍රමාදයට නොපැමිණියේම සමාධි සම්පත්තිය සම්පූර්ණ කරයි. හෙතෙම ඒ සමාධි සම්පත්තියෙන් සතුටට පැමිණෙයි. සම්පූර්ණවූ අදහස් ඇත්තේ නොවෙයි. හෙතෙම ඒ සමාධි සම්පත්තිය නිසා තමන් උසස් කොට නොසිතයි. අනුන් පහත්කොට නොසිතයි. හෙතෙම ඒ සමාධි සම්පත්තිය නිසා මත් නොවෙයි. විශේෂයෙන් මත් නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි, ප්‍රමාදයට නොපැමිණියේම ඥාන දර්ශනය (පංච අභිඥාව) උපදවයි. හෙතෙම ඒ ඥාන දර්ශනයෙන් සතුටට පැමිණෙයි. සම්පූර්ණවූ අදහස් ඇත්තේ වෙයි. හෙතෙම ඒ ඥාන දර්ශනය නිසා ‘මම දන්නෙක් වෙමි. දකින්නෙක් වෙමි’යි තමන් උසස් කොට සිතයි, අනුන් පහත්කොට සිතයි. මේ අන්‍යවූ භික්ෂූහු නොදන්නාහු, නොදක්නාහුම වෙසෙත්’යි කියායි. ඔහු ඒ ඥාන දර්ශනයෙන් මත් වෙයි. විශේෂයෙන් මත්වෙයි. ප්‍රමාදයට පැමිණෙයි. ප්‍රමාදයට පැමිණියේම දුකසේ වාසය කරයි. මහණෙනි, මේ මහණතෙම ශාසන බ්‍රහ්මචර්යාවෙහි ඵලය ගත්තේ යයිද එයින්ම කෙළවරට පැමිණියේ යයිද කියනු ලැබේ.
|
311
‘‘ඉධ පන, භික්ඛවෙ, එකච්චො කුලපුත්තො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති - ‘ඔතිණ්ණොම්හි ජාතියා ජරාය මරණෙන සොකෙහි
‘‘සෙය්යථාපි
‘‘එවමෙව ඛො, භික්ඛවෙ, ඉධෙකච්චො කුලපුත්තො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති - ‘ඔතිණ්ණොම්හි ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, දුක්ඛොතිණ්ණො දුක්ඛපරෙතො, අප්පෙව නාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථා’ති. සො
‘‘ඉති ඛො, භික්ඛවෙ, නයිදං බ්රහ්මචරියං ලාභසක්කාරසිලොකානිසංසං, න සීලසම්පදානිසංසං, න සමාධිසම්පදානිසංසං, න ඤාණදස්සනානිසංසං. යා ච ඛො අයං, භික්ඛවෙ, අකුප්පා චෙතොවිමුත්ති - එතදත්ථමිදං, භික්ඛවෙ, බ්රහ්මචරියං, එතං සාරං එතං පරියොසාන’’න්ති.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
|
311
“මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් ඉපදීමෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, ශෝකයෙන්ද, වැළපීම්වලින්ද, කායික දුකින්ද, සිතේ දුකින්ද, බලවත් වෙහෙසින්ද මැඩුනේ වෙමි. දුකින් මැඩුනේ වෙමි. දුකින් පෙලුනේ වෙමි. මේ සියලු දුක් රාශියගේ කෙළවර කිරීමක් පෙනේ නම් ඉතා යෙහෙකැයි’යි (සිතා) ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේම සිව් පසය ලැබීමය, සත්කාර ලැබීමය, කීර්තිය ලැබීමය යන මේවා උපදියි. ඔහු ඒ ලාභ සත්කාර කීර්තිය නිසා සතුටුවෙයි, සම්පූර්ණවූ අදහස් ඇත්තේ නොවෙයි. හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා තමන් උසස්කොට නොසිතයි. අනුන් පහත්කොට නොසිතයි. හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා මත් නොවෙයි, විශේෂයෙන් මත් නොවෙයි, ප්‍රමාදයට නොපැමිණෙයි. ප්‍රමාදයට නොපැමිණියේම සීල සම්පත්තිය සම්පූර්ණ කරයි. හෙතෙම ඒ සීල සම්පත්තියෙන් සතුටට පැමිණෙයි. සම්පූර්ණවූ අදහස් ඇත්තේ නොවෙයි. හෙතෙම ඒ සීල සම්පත්තිය නිසා තමන් උසස්කොට නොසිතයි. අනුන් පහත්කොට නොසිතයි. හෙතෙම ඒ සීල සම්පත්තිය නිසා මත්නොවෙයි, විශේෂයෙන් මත් නොවෙයි, ප්‍රමාදයට නොපැමිණෙයි. ප්‍රමාදයට නොපැමිණියේම සමාධි සම්පත්තිය උපදවයි. හෙතෙම ඒ සමාධි සම්පත්තිය නිසා සතුටට පැමිණෙයි. සම්පූර්ණවූ අදහස් ඇත්තේ නොවෙයි. හෙතෙම ඒ සමාධි සම්පත්තිය නිසා තමන් උසස් කොට නොසිතයි. අනුන් පහත් කොට නොසිතයි. හෙතෙම ඒ සමාධි සම්පත්තිය නිසා මත් නොවෙයි. විශේෂයෙන් මත් නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි, ප්‍රමාදයට නොපැමිණියේම ඥාන දර්ශනය (පංච අභිඥා) උපදවයි හෙතෙම ඒ ඥාන දර්ශනය (පංච අභිඥාව) නිසා සතුටට පැමිණෙයි. සම්පූර්ණවූ අදහස් ඇත්තේ නොවෙයි. හෙතෙම ඒ ඥාන දර්ශන සම්පත්තිය නිසා තමන් උසස් කොට නොසිතයි. අනුන් පහත් කොට නොසිතයි. හෙතෙම ඒ ඥාන දර්ශන සම්පත්තිය නිසා මත් නොවෙයි. විශේෂයෙන් මත් නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි. ප්‍රමාදයට නොපැමිණියේම රහත් බව සම්පූර්ණ කරයි. මහණෙනි, යම් හෙයකින් ඒ භික්ෂුව ඒ රහත් බවෙන් පිරිහෙන්නේය යනු හේතු රහිතයි ප්‍රත්‍ය රහිතයි (හෙවත් ඒ රහත් බවෙන් පිරිහීමක් නොසිදු වෙයි.)
“මහණෙනි, යම්සේ අරටුවෙන් ප්‍රයෝජන ඇත්තාවූ අරටු සොයන්නාවූ, අරටු සොයමින් හැසිරෙන්නාවූ යම් පුරුෂයෙක් (යම් තැනක) පිහිටි අරටුව ඇති මහ ගසක අරටුව යයි දැනගෙනම අරටුව සිඳගෙන යන්නේය. ඇස් ඇත්තාවූ පුරුෂයෙක් ඒ ඔහු දැක මෙසේ කියන්නේය. ‘මේ පින්වත් පුරුෂයා ඒකාන්තයෙන් අරටුව දත්තේය. එලය දත්තේය, පොත්ත දත්තේය, පතුර දත්තේය, අතු හා දළු දත්තේය. එහෙයින් මේ පින්වත් පුරුෂයා අරටුවෙන් ප්‍රයෝජන ඇත්තේ, අරටු සොයන්නේ, අරටු සොයමින් හැසිරෙන්නේ (යම් තැනක) පිහිටි මහත්වූ ගසක අරටුවයයි දැනගෙනම අරටුව සිඳගෙන ගියේය. ඔහුට අරටුවෙන් යම් වැඩක් ඇත්තේද, ඒ වැඩය හොඳින් සිදු වන්නේය’ කියායි.
“මහණෙනි, එසේම මේ ශාසනයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් ඉපදීමෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, ශෝකයෙන්ද, වැළපීම්වලින්ද, කායික දුකින්ද, සිතේ දුකින්ද, බලවත් වෙහෙසින්ද මැඩුනේ වෙමි. දුකින් මැඩුනේ වෙමි. දුකින් පෙළුනේ වෙමි. මේ සියලු දුක් රාශියගේ කෙළවර කිරීමක් පෙනේ නම් ඉතා යෙහෙකැයි (සිතා) ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූයේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේම සිව්පසය ලැබීමය, සත්කාර ලැබීමය කීර්තිය ලැබීමය යන මේවා උපදවයි. ඔහු ඒ ලාභ සත්කාර කීර්තිය නිසා සතුටුවෙයි, සම්පූර්ණවූ අදහස් ඇත්තේ නොවෙයි හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා තමන් උසස් කොට නොසිතයි, අනුන් පහත් කොට නොසිතයි. හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා මත් නොවෙයි. විශේෂයෙන් මත් නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි. ප්‍රමාදයට නොපැමිණියේම සීල සම්පත්තිය සම්පූර්ණ කරයි. හෙතෙම ඒ සීල සම්පත්තියෙන් සතුටට පැමිණෙයි. සම්පූර්ණවූ අදහස් ඇත්තේ නොවෙයි. හෙතෙම ඒ සීල සම්පත්තිය නිසා තමන් උසස් කොට නොසිතයි, අනුන් පහත්කොට නොසිතයි. හෙතෙම ඒ සීලසම්පත්තිය නිසා මත්නොවෙයි. විශේෂයෙන් මත්නොවෙයි, ප්‍රමාදයට නොපැමිණෙයි. ප්‍රමාදයට නොපැමිණියේම සමාධි සම්පත්තිය සම්පූර්ණ කරයි. හෙතෙම ඒ සමාධි සම්පත්තිය නිසා සතුටට පැමිණෙයි, සම්පූර්ණවූ අදහස් ඇත්තේ නොවෙයි. ඔහු ඒ සමාධි සම්පත්තිය නිසා තමන් උසස් කොට නොසිතයි. අනුන් පහත්කොට නොසිතයි. හෙතෙම ඒ සමාධි සම්පත්තිය නිසා මත් නොවෙයි. විශේෂයෙන් මත් නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි, ප්‍රමාදයට නොපැමිණියේම ඥාන දර්ශනය (පංච අභිඥා) උපදවයි, හෙතෙම ඒ ඥාන දර්ශනය (පංච අභිඥා) නිසා සතුටට පැමිණෙයි. සම්පූර්ණවූ අදහස් ඇත්තේ නොවෙයි. හෙතෙම ඒ ඥාන දර්ශනය නිසා තමන් උසස්කොට නොසිතයි. අනුන් පහත්කොට නොසිතයි. හෙතෙම ඒ ඥාන දර්ශනය නිසා මත් නොවෙයි. විශේෂයෙන් මත් නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි. ප්‍රමාදයට නොපැමිණියේම රහත් බව සම්පූර්ණ කරයි.
“මහණෙනි, යම් හෙයකින් ඒ භික්ෂුව ඒ රහත් බවෙන් පිරිහෙන්නේ නම්, එය හේතු රහිතයි. ප්‍රත්‍යය රහිතයි. (හෙවත් ඒ රහත් බවෙන් පිරිහීමක් නොසිදු වෙයි.)
“මහණෙනි, මෙසේ වනාහි මේ ශාසන බ්‍රහ්මචර්යාව ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පිණිස නොවෙයි. සීල සම්පත්තිය පිණිස නොවෙයි. සමාධි සම්පත්තිය පිණිස නොවෙයි. ඥාන දර්ශනය (පංච අභිඥාව) පිණිස නොවෙයි. මහණෙනි, යම් මේ රහත්බවෙක් වේද, මහණෙනි, මේ ශාසන බ්‍රහ්මචර්යාව මේ රහත් බව පිණිසමැයි.
“මේ රහත් බව ශාසන බ්‍රහ්මචර්යාවෙහි සාරයයි (හරයයි) මේ රහත් බව (ශාසන බ්‍රහ්මචර්යාවෙහි) කෙළවරයි. (අවසානයයි”)
|
10. චූළසාරොපමසුත්තං | 10. චූලසාරොපම සූත්‍රය |
312
එවං
|
312
මා විසින් මෙසේ අසන ලදි. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර, අනේපිඩු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වෙසෙති, එකල්හි වනාහි පිංගලකොච්ඡ නම් බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එක්පැත්තක උන්නේය. එක පැත්තක උන්නාවූ පිංගලකොච්ඡ බුමුණු තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය.
“භවත් ගෞතමයන් වහන්ස, පැවිදිවූ සංඝ සමූහයා ඇත්තා වූද එබඳු සමූහයාගේ ගුරුන්වූද ප්‍රසිද්ධ වූද කීර්තිය ඇත්තා වූද බොහෝ දෙනා විසින් උතුමන්යයි සම්මත කරන ලද්දාවූද යම් මේ ශ්‍රමණ බ්‍රහ්මණ කෙනෙක් ඇත්තාහුද එනම්, පූරණකස්සපය, මක්ඛලිගොසාලය, අජිත කෙසකම්බලීය, පකුධකච්චායනය, සංජය බෙල්ලට්ඨි පුත්තය, නිගණ්ඨනාත පුත්තය යන මොහුය. ඒ සියලු දෙන ඔවුන් කියන්නාසේම දැනගත්තාහුද? සියලු දෙනාම එසේ නොදැනගත්තාහුද? නැතහොත් සමහරු දැනගත්තාහුද, සමහරු නොදැන ගත්තාහුද?
“බ්‍රාහ්මණය, ඒ සියලුදෙන ඔවුන් කියන්නාසේම දැනගත්තාහුද? සියලු දෙනාම එසේ නොදත්තාහුද? නැතහොත් සමහරු දැනගත්තාහුද? සමහරු නොදැනගත්තාහුද? යන මේ දැනගැණීමෙන් වැඩක් නැත. ඒ ප්‍රශ්ණය තිබේවා! බ්‍රාහ්මණය, මම තොපට ධර්මය දේශනා කරන්නෙමි. එය අසව්, හොඳින් සිහි කරව්”යි (භාග්‍යවතුන් වහන්සේ වදාළහ.)
“එසේය පින්වතුන් වහන්සැයි” පිංගලකොච්ඡ බමුණු තෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
|
313
‘‘සෙය්යථාපි, බ්‍රාහ්මණ, පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව සාරං අතික්කම්ම ඵෙග්ගුං අතික්කම්ම තචං
|
313
“බ්‍රාහ්මණය, යම්සේ අරටුවෙන් ප්‍රයෝජන ඇත්තාවූ, අරටු සොයන්නාවූ, අරටු සොයමින් හැසිරෙන්නාවූ පුරුෂයෙක් (යම් තැනක) පිහිටි අරටුව ඇති මහ ගසක අරටුව ඉක්මවා එලය ඉක්මවා, පොත්ත ඉක්මවා, සුඹුල ඉක්මවා අරටුවයයි සිතා අතු හා දලු සිඳ ගෙන යන්නේය. ඇස් ඇත්තාවූ පුරුෂයෙක් ඔහු දැක මෙසේ කියන්නේය. “මේ පින්වත් පුරුෂයා ඒකාන්තයෙන් අරටුව නොදත්තේය, එලය නොදත්තේය, පොත්ත නොදත්තේය, පතුරු නොදත්තේය, අතු හා දලු නොදත්තේය. එනිසා මේ පින්වත් පුරුෂයා, අරටුවෙන් ප්‍රයෝජන ඇත්තේ අරටු සොයන්නේ, අරටු සොයමින් හැසිරෙන්නේ (යම් තැනක) පිහිටි ගසක අරටුව ඉක්මවා එලය ඉක්මවා, පොත්ත ඉක්මවා, සුඹුල ඉක්මවා අරටුවයයි සිතා අතු හා දලු සිඳ ගෙනයන්නේය. ඔහුට අරටුවෙන් යම් වැඩක් ඇත්තේද ඒ වැඩය නොසිදු වන්නේය’ කියායි.
|
314
‘‘සෙය්යථාපි වා පන, බ්‍රාහ්මණ, පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො
|
314
“බ්‍රාහ්මණය, යම්සේ අරටුවෙන් ප්‍රයෝජන ඇත්තාවූ, අරටු සොයන්නාවූ, අරටු සොයමින් හැසිරෙන්නාවූ පුරුෂයෙක් (යම් තැනක) පිහිටි අරටුව ඇති මහ ගසක අරටුව ඉක්මවා, එලය ඉක්මවා පොත්ත ඉක්මවා අරටුවයයි සිතා සුඹුල ගෙන යන්නේය. ඇස් ඇත්තාවූ පුරුෂයෙක් ඒ ඔහු දැක මෙසේ කියන්නේය. ‘මේ පින්වත් පුරුෂයා ඒකාන්තයෙන් අරටුව නොදත්තේය, එලය නොදත්තේය, පොත්ත නොදත්තේය, සුඹුල නොදත්තේය, අතු හා දලු නොදත්තේය, ඒ නිසා මේ පින්වත් පුරුෂයා අරටුවෙන් ප්‍රයෝජන ඇත්තේ, අරටු සොයන්නේ, අරටු සොයමින් හැසිරෙන්නේ (යම් තැනක) පිහිටි ගසක අරටුව ඉක්මවා, එලය ඉක්මවා පොත්ත ඉක්මවා අරටුවයයි සිතා සුඹුල සිඳ ගෙන යන්නේය. ඔහුට අරටුවෙන් යම් වැඩක් ඇත්තේද ඒ වැඩය නොසිදු වන්නේය’කියායි.
|
315
‘‘සෙය්යථාපි වා පන, බ්‍රාහ්මණ, පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො
|
315
“බ්‍රාහ්මණය, යම්සේ අරටුවෙන් ප්‍රයෝජන ඇත්තාවූ, අරටු සොයන්නාවූ, අරටු සොයමින් හැසිරෙන්නාවූ පුරුෂයෙක් (යම් තැනක පිහිටි) අරටුව ඇති මහ ගසක අරටුව ඉක්මවා, එලය ඉක්මවා, අරටුව යයි සිතා පොත්ත සිඳ ගෙන යන්නේය. ඇස් ඇත්තාවූ පුරුෂයෙක් ඒ ඔහු දැක මෙසේ කියන්නේය. ‘මේ පින්වත් පුරුෂයා ඒකාන්තයෙන් අරටුව නොදත්තේය. එලය නොදත්තේය, පොත්ත නොදත්තේය, පතුරු නොදත්තේය, අතු හා දලු නොදත්තේය, ඒ නිසා මේ පින්වත් පුරුෂයා අරටුවෙන් ප්‍රයෝජන ඇත්තේ, අරටු සොයන්නේ, අරටු සොයමින් හැසිරෙන්නේ, අරටුව ඉක්මවා එලය ඉක්මවා අරටුවයයි සිතා පොත්ත සිඳ ගෙන යන්නේය. ඔහුට අරටුවෙන් යම් වැඩක් ඇත්තේද, ඒ වැඩය නොසිදු වන්නේය’කියායි.
|
316
‘‘සෙය්යථාපි වා පන, බ්‍රාහ්මණ, පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව සාරං, ඵෙග්ගුං ඡෙත්වා ආදාය පක්කමෙය්ය ‘සාර’න්ති මඤ්ඤමානො. තමෙනං චක්ඛුමා පුරිසො දිස්වා එවං වදෙය්ය - ‘න වතායං භවං පුරිසො අඤ්ඤාසි සාරං, න අඤ්ඤාසි ඵෙග්ගුං, න අඤ්ඤාසි තචං, න අඤ්ඤාසි පපටිකං, න අඤ්ඤාසි සාඛාපලාසං. තථා හයං භවං පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව සාරං, ඵෙග්ගුං ඡෙත්වා ආදාය පක්කන්තො ‘සාර’න්ති මඤ්ඤමානො. යඤ්චස්ස සාරෙන සාරකරණීයං තඤ්චස්ස අත්ථං නානුභවිස්සතී’ති.
|
316
“බ්‍රාහ්මණය, යම්සේ අරටුවෙන් ප්‍රයෝජන ඇත්තාවූ අරටු සොයන්නාවූ, අරටු සොයමින් හැසිරෙන්නාවූ පුරුෂයෙක් (යම් තැනක) පිහිටි අරටුව ඇති මහ ගසක අරටුව ඉක්මවා, අරටුවයයි සිතා එලය සිඳ ගෙන යන්නේය. ඇස් ඇත්තාවූ පුරුෂයෙක් ඒ ඔහු දැක මෙසේ කියන්නේය. ‘මේ පින්වත් පුරුෂයා ඒකාන්තයෙන් අරටුව නොදත්තේය, එලය නොදත්තේය, පොත්ත නොදත්තේය, පතුරු නොදත්තේය, අතු හා දලු නොදත්තේය. ඒ නිසා මේ පින්වත් පුරුෂයා අරටුවෙන් ප්‍රයෝජන ඇත්තේ අරටු සොයන්නේ අරටු සොයමින් හැසිරෙන්නේ (යම් තැනක) පිහිටි අරටුව ඇති මහ ගසක අරටුව ඉක්මවා අරටුව යයි සිතා එලය සිඳගෙන යන්නේය. ඔහුට අරටුවෙන් යම් වැඩක් ඇත්තේද ඒ වැඩය නොසිදු වන්නේය’ කියායි.
|
317
‘‘සෙය්යථාපි වා පන, බ්‍රාහ්මණ, පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො
|
317
“බ්‍රාහ්මණය, යම්සේ අරටුවෙන් ප්‍රයෝජන ඇත්තාවූ අරටු සොයන්නාවූ, අරටු සොයමින් හැසිරෙන්නාවූ පුරුෂයෙක් (යම් තැනක) පිහිටි අරටුව ඇති මහ ගසක අරටුවයයි දැනගෙනම අරටුව සිඳ ගෙන යන්නේය. ඇස් ඇත්තාවූ පුරුෂයෙක් ඒ ඔහු දැක මෙසේ කියන්නේය. ‘මේ පින්වත් පුරුෂයා එකාන්තයෙන් අරටුව දන්නේය, එලය දන්නේය, පොත්ත දන්නේය, පතුරු දන්නේය, අතු හා දලු දන්නේය. ඒ නිසා මේ පින්වත් පුරුෂයා අරටුවෙන් ප්‍රයෝජන ඇත්තේ, අරටු සොයන්නේ, අරටු සොයමින් හැසිරෙන්නේ (යම් තැනක) පිහිටි අරටුව ඇති මහ ගසක අරටුවයයි දැනගෙනම අරටුව සිඳ ගෙන යන්නේය. ඔහුට අරටුවෙන් යම් වැඩක් ඇත්තේද ඒ වැඩය සිදු වන්නේය’ කියායි.
|
318
‘‘එවමෙව ඛො, බ්‍රාහ්මණ, ඉධෙකච්චො පුග්ගලො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති - ‘ඔතිණ්ණොම්හි ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, දුක්ඛොතිණ්ණො දුක්ඛපරෙතො, අප්පෙව නාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථා’ති. සො එවං පබ්බජිතො සමානො ලාභසක්කාරසිලොකං අභිනිබ්බත්තෙති. සො තෙන ලාභසක්කාරසිලොකෙන අත්තමනො හොති පරිපුණ්ණසඞ්කප්පො. සො තෙන ලාභසක්කාරසිලොකෙන අත්තානුක්කංසෙති, පරං වම්භෙති - ‘අහමස්මි ලාභසක්කාරසිලොකවා, ඉමෙ පනඤ්ඤෙ භික්ඛූ අප්පඤ්ඤාතා අප්පෙසක්ඛා’ති. ලාභසක්කාරසිලොකෙන ච යෙ අඤ්ඤෙ ධම්මා උත්තරිතරා ච පණීතතරා ච තෙසං ධම්මානං සච්ඡිකිරියාය න ඡන්දං ජනෙති, න වායමති, ඔලීනවුත්තිකො ච හොති සාථලිකො. සෙය්යථාපි සො, බ්‍රාහ්මණ, පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව සාරං අතික්කම්ම ඵෙග්ගුං අතික්කම්ම තචං අතික්කම්ම පපටිකං, සාඛාපලාසං ඡෙත්වා
|
318
“බ්‍රාහ්මණය, එපරිද්දෙන්ම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක්, ඉපදීමෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, ශෝකයෙන්ද, වැලපීමෙන්ද, කායික දුකින්ද, මානසික දුකින්ද දැඩි වෙහෙසින්ද මැඩුනේ වෙමි, දුකින් මැඩුනේ වෙමි, දුකින් පීඩා විඳින්නේ වෙමි. මේ සියලු දුක් රාශියගේ කෙළවර කිරීමක් පෙනේ නම් ඉතා යෙහෙකැ’යි (සිතා) ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ වෙයිද, හෙතෙම මෙසේ පැවිදි වූයේම ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා උපදවයිද, ඔහු ඒ සත්කාර කීර්තිය නිසා සතුටට පැමිණෙයිද, සම්පූර්ණවූ අදහස් ඇත්තේ වෙයිද, ඔහු ඒ ලාභ සත්කාර කීර්තිය නිසා තමන් උසස්කොට සිතයිද, අනුන් පහත්කොට සිතයිද, ‘මම ලාභ සත්කාර කීර්ති ඇත්තෙක් වෙමි. අන්‍යවූ මේ භික්ෂූහු ප්‍රසිද්ධ නැත, පහත්ය’යි (සිතයි.) ඔහු ඒ ලාභ සත්කාර කීර්තියට වඩා අතිශයින් උසස් වූ ඉතා ප්‍රණීතවූ යම් ඒ (මාර්ග ඵල ආදී) ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයන් අත්කර ගැණීම පිණිස කැමැත්ත නූපදවයිද, උත්සාහ නොකරයිද, පසුබටවූ පැවතුම් ඇත්තේ, ලිහිල් වූ වීර්‍ය්‍යය ඇත්තේ වෙයිද,
“බ්‍රාහ්මණය, යම්සේ අරටුවෙන් ප්‍රයෝජන ඇත්තාවූ අරටු සොයන්නාවූ, අරටු සොයමින් හැසිරෙන්නාවූ පුරුෂයෙක් (යම් තැනක) පිහිටි අරටුව ඇති මහගසක අරටුව ඉක්මවා, එලය ඉක්මවා, පොත්ත ඉක්මවා, සුඹුලු ඉක්මවා අරටුවයයි සිතා අතු හා දලු සිඳ ගෙන යන්නේය. ඔහුට අරටුවෙන් යම් වැඩක් ඇත්තේද ඒ වැඩය නොසිදුවන්නේය. බ්‍රාහ්මණය, මම මේ පුද්ගලයාද ඒ අරටුව සොයන පුරුෂයා වැනියයි කියමි.
|
319
‘‘ඉධ පන, බ්‍රාහ්මණ, එකච්චො පුග්ගලො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති - ‘ඔතිණ්ණොම්හි ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, දුක්ඛොතිණ්ණො දුක්ඛපරෙතො, අප්පෙව නාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථා’ති. සො එවං පබ්බජිතො සමානො ලාභසක්කාරසිලොකං අභිනිබ්බත්තෙති. සො තෙන ලාභසක්කාරසිලොකෙන න
|
319
“බ්‍රාහ්මණය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ‘ඉපදීමෙන්ද ජරාවට පැමිණීමෙන්ද, මරණයෙන්ද, ශෝකයෙන්ද, වැලපීමෙන්ද, කායික දුකින්ද, මානසික දුකින්ද දැඩි වෙහෙසින්ද මැඩුනේ වෙමි. දුකින් මැඩුනේ වෙමි. දුකින් පීඩා විඳින්නේ වෙමි. මේ සියලු දුක් රාසියගේ කෙළවර කිරීමක් පෙනේ නම් ඉතා යෙහෙකැ’යි, (සිතා) ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ වෙයිද, හෙතෙම මෙසේ පැවිදි වූයේම ලාභ සත්කාර කීර්ති උපදවයිද, ඔහු ඒ ලාභ සත්කාර කීර්තිය නිසා සතුටට නොපැමිණෙයිද, සම්පූර්ණ වූ අදහස් ඇත්තේ නොවෙයිද, ඔහු ඒ ලාභ සත්කාර කීර්තිය නිසා තමන් උසස් කොට නොසිතයිද, අනුන් පහත් කොට නොසිතයිද, “ඔහු ඒ ලාභ සත්කාර කීර්තියට වඩා ඉතා උසස්වූ ඉතා ප්‍රණීතවූ, යම් ඒ ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයන් අත්කර, ගැණීම පිණිස කැමැත්ත උපදවයිද, උත්සාහ කරයිද, හෙතෙමේ නොපසුබට වූ පැවතුම් ඇත්තේ සීල සම්පත්තිය සම්පූර්ණ කරයිද, ඔහු ඒ සීල සම්පත්තියෙන් සතුටු වෙයිද, සම්පූර්ණ වූ අදහස් ඇත්තේ වෙයිද, ඔහු ඒ සීල සම්පත්තිය නිසා ‘අන්‍යවූ මේ භික්ෂූහු දුස්සීලයෝය, පව්කම් ඇත්තෝය’යි තමන් උසස් කොට සිතයිද, අනුන් පහත් කොට සිතයිද, ඔහු ඒ සීල සම්පත්තියට වඩා ඉතා උසස්වූද, ඉතා ප්‍රණීතවූද යම් ඒ ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයන් අත් කර ගැණීම පිණිස කැමැත්ත නොඋපදවයි, උත්සාහ නොකරයි. පසුබටවූ පැවතුම් ඇත්තේ වෙයි. ලිහිල්වූ වීර්‍ය්‍යය ඇත්තේ වෙයි.
“බ්‍රාහ්මණය, යම්සේ අරටුවෙන් ප්‍රයෝජන ඇත්තාවූ අරටු සොයන්නාවූ, අරටු සොයමින් හැසිරෙන්නාවූ පුරුෂයෙක් (යම් තැනක) පිහිටි අරටුව ඇති මහ ගසක අරටුව ඉක්මවා, එලය ඉක්මවා පොත්ත ඉක්මවා අරටුවයයි සිතා සුඹුල සිඳගෙන යන්නේද ඔහුට අරටුවෙන් යම් වැඩක් ඇත්තේ නම් ඒ වැඩය නොසිදු වන්නේය. බ්‍රාහ්මණය, මම මේ පුද්ගලයාද ඒ අරටුව සොයන පුරුෂයා වැනියයි කියමි.
|
320
‘‘ඉධ පන, බ්‍රාහ්මණ, එකච්චො පුග්ගලො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති - ‘ඔතිණ්ණොම්හි ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, දුක්ඛොතිණ්ණො දුක්ඛපරෙතො, අප්පෙව නාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථා’ති. සො එවං පබ්බජිතො සමානො ලාභසක්කාරසිලොකං අභිනිබ්බත්තෙති. සො තෙන ලාභසක්කාරසිලොකෙන න අත්තමනො හොති, න පරිපුණ්ණසඞ්කප්පො. සො තෙන ලාභසක්කාරසිලොකෙන න අත්තානුක්කංසෙති, න පරං වම්භෙති. ලාභසක්කාරසිලොකෙන ච යෙ අඤ්ඤෙ ධම්මා උත්තරිතරා ච පණීතතරා ච තෙසං ධම්මානං සච්ඡිකිරියාය ඡන්දං ජනෙති, වායමති, අනොලීනවුත්තිකො ච හොති අසාථලිකො. සො සීලසම්පදං ආරාධෙති. සො තාය සීලසම්පදාය අත්තමනො හොති නො ච ඛො පරිපුණ්ණසඞ්කප්පො. සො තාය සීලසම්පදාය න අත්තානුක්කංසෙති, න පරං වම්භෙති. සීලසම්පදාය ච යෙ අඤ්ඤෙ ධම්මා උත්තරිතරා ච පණීතතරා ච තෙසං ධම්මානං සච්ඡිකිරියාය ඡන්දං ජනෙති, වායමති, අනොලීනවුත්තිකො ච හොති අසාථලිකො
|
320
“බ්‍රාහ්මණය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ‘ඉපදීමෙන්ද, ජරාවට පැමිණීමෙන්ද, මරණයෙන්ද, ශෝකයෙන්ද, වැලපීමෙන්ද, කායික දුකින්ද, මානසික දුකින්ද, දැඩි වෙහෙසින්ද මැඩුනේ වෙමි. දුකින් මැඩුනේ වෙමි. දුකින් පීඩා විඳින්නේ වෙමි. මේ සියලු දුක් රාසියගේ කෙළවර කිරීමක් පෙනේ නම් ඉතා යෙහෙකැයි (සිතා) ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ වෙයිද, හෙතෙම මෙසේ පැවිදි වූයේම ලාභ සත්කාර කීර්ති යන මේවා උපදවයිද, ඔහු ඒ ලාභ සත්කාර කීර්තිය නිසා සතුටු වෙයිද, සම්පූර්ණවූ අදහස් ඇත්තේ නොවෙයිද, ඔහු ඒ ලාභ සත්කාර කීර්තිය නිසා තමන් උසස් කොට නොසිතයිද, අනුන් පහත් කොට නොසිතයිද. “ඔහු ඒ ලාභ සත්කාර කීර්තියට වඩා ඉතා උසස්වූද, ඉතා ප්‍රණීතවූද යම් ඒ ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයන් අත්කර ගැණීම පිණිස කැමැත්ත උපදවයි, උත්සාහ කරයි, නොපසුබට වූ පැවතුම් ඇත්තේ, පටන්ගත් වීර්‍ය්‍යය ඇත්තේ, සීල සම්පත්තිය සම්පූර්ණ කරයිද, ඔහු ඒ සීල සම්පත්තියෙන් සතුටු වෙයිද, සම්පූර්ණවූ අදහස් ඇත්තේ නොවෙයිද, ඔහු ඒ සීල සම්පත්තිය නිසා තමන් උසස් කොට නොසිතයිද, අනුන් පහත් කොට නොසිතයිද, ඒ සීල සම්පත්තියටද වඩා ඉතා උසස් වූද, ඉතා ප්‍රණීත වූද, යම් ඒ ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයන් අත්කර ගැණීම පිණිස කැමැත්ත උපදවයි. උත්සාහ කරයි. නොපසු බට වූ පැවතුම් ඇත්තේ පටන් ගත් වීර්‍ය්‍යය ඇත්තේ, ඔහු සමාධි සම්පත්තිය සම්පූර්ණ කරයිද, ඔහු ඒ සමාධි සම්පත්තිය නිසා සතුටු වෙයිද, සම්පූර්ණවූ අදහස් ඇත්තේ වෙයිද, ඔහු ඒ සමාධි සම්පත්තිය නිසා, මම ‘සංසිඳුනු සිත් ඇත්තේ වෙමි. එකඟවූ සිත් ඇත්තේ වෙමි. අන්‍ය වූ මේ භික්ෂූහු නොසංසිඳුනු සිත් ඇත්තෝ, කැලඹුන සිත් ඇත්තෝ වෙති’යි තමන් උසස් කොට සිතයිද, අනුන් පහත් කොට සිතයිද, ඒ සමාධි සම්පත්තියටද වඩා ඉතා උසස්වූද ඉතා ප්‍රණීත වූද යම් ඒ ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයන් අත්කර ගැණීම පිණිස කැමැත්ත නූපදවයිද, උත්සාහ නොකරයිද, පසුබට වූ පැවතුම් ඇත්තේ ලිහිල්වූ වීර්‍ය්‍යය ඇත්තේ වෙයිද,
“බ්‍රාහ්මණය, යම්සේ අරටුවෙන් ප්‍රයෝජන ඇත්තා වූ අරටු සොයන්නාවූ, අරටු සොයමින් හැසිරෙන්නාවූ පුරුෂයෙක් (යම් තැනක) පිහිටි අරටුව ඇති මහ ගසක අරටුව ඉක්මවා, එලය ඉක්මවා අරටුවයයි සිතා පොත්ත සිඳ ගෙන යන්නේය. ඔහුට අරටුවෙන් යම් වැඩක් ඇත්තේද, ඒ වැඩය නොසිදු වන්නේය. බ්‍රාහ්මණය, මම මේ පුද්ගලයාද ඒ සාර පරියෙසක (අරටු සොයන) පුද්ගලයා වැනියයි කියමි.
|
321
‘‘ඉධ පන, බ්‍රාහ්මණ, එකච්චො පුග්ගලො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති - ‘ඔතිණ්ණොම්හි ජාතියා ජරාය මරණෙන...පෙ....
|
321
“බ්‍රාහ්මණය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ඉපදීමෙන්ද, ජරාවට පැමිණීමෙන්ද, මරණයෙන්ද, ශෝකයෙන්ද, වැලපීමෙන්ද, කායික දුකින්ද, මානසික දුකින්ද, දැඩි වෙහෙසින්ද මැඩුනේ වෙමි. දුකින් මැඩුනේ වෙමි. දුකින් පීඩා විඳින්නේ වෙමි. මේ සියලු දුක් රාසියගේ කෙළවර කිරීම පෙනේ නම් ඉතා යෙහෙකැයි, (සිතා) ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේම සිව්පසය ලැබීමය, සත්කාර ලැබීමය, ගුණ කීමය යන මේවා උපදවයි. ඔහු ඒ ලාභ සත්කාර කීර්තිය නිසා සතුටු වෙයි. සම්පූර්ණ වූ අදහස් ඇත්තේ නොවෙයි. ඔහු ඒ ලාභ සත්කාර කීර්තිය නිසා තමන් උසස් කොට නොසිතයි, අනුන් පහත් කොට නොසිතයි. ඔහු ඒ ලාභ සත්කාර කීර්තියට වඩා ඉතා උසස්වූද, ඉතා ප්‍රණීතවූද යම් ඒ ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයන් අත්කර ගැණීම පිණිස කැමැත්ත උපදවයි, උත්සාහ කරයි. නොපසු බටවූ පැවතුම් ඇත්තේ වෙයි. පටන් ගත් වීර්‍ය්‍යය ඇත්තේ සීල සම්පත්තිය සම්පූර්ණ කරයි. ඔහු ඒ සීල සම්පත්තියෙන් සතුටු වෙයි. සම්පූර්ණ වූ අදහස් ඇත්තේ නොවෙයි. ඔහු ඒ සීල සම්පත්තිය නිසා තමන් උසස් කොට නොසිතයි. අනුන් පහත් කොට නොසිතයි. ඒ සීල සම්පත්තියටද වඩා ඉතා උසස් වූද, ඉතා ප්‍රණීතවූද යම් ඒ ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයන් අත්කර ගැණීම පිණිස කැමැත්ත උපදවයි. උත්සාහ කරයි. නොපසු බටවූ පැවතුම් ඇත්තේ පටන් ගත් වීර්‍ය්‍යය ඇත්තේ සමාධි සම්පත්තිය උපදවයි. ඔහු ඒ සමාධි සම්පත්තිය නිසා සතුටු වෙයි. සම්පූර්ණවූ අදහස් ඇත්තේ නොවෙයි. ඔහු ඒ සමාධි සම්පත්තිය නිසා තමන් උසස්කොට නොසිතයි. අනුන් පහත් කොට නොසිතයි. ඒ සමාධි සම්පත්තියටද වඩා ඉතා උසස් වූද, ප්‍රණීත වූද යම් ඒ ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයන් අත් කර ගැණීම සඳහා කැමැත්ත උපදවයි, උත්සාහ කරයි. නොපසුබටවූ පැවතුම් ඇත්තේ, පටන් ගත් වීර්‍ය්‍යය ඇත්තේ ඥාන දර්ශන (පංච අභිඥාව) උපදවයි. ඔහු ඒ ඥාන දර්ශනයෙන් (පංච අභිඥාවෙන්) සතුටු වෙයි. සම්පූර්ණවූ අදහස් ඇත්තේ වෙයි. ඔහු ඒ ඥාන දර්ශනය (පංච අභිඥාව) නිසා තමන් උසස් කොට සිතයි. අනුන් පහත්කොට සිතයි. ‘මම දන්නෙමි, දකින්නෙමි, අන්‍යවූ මේ භික්ෂූහු නොදන්නේ නොදක්නේ වාසය කරති’ (කියායි.) ඒ ඥාන දර්ශනයටද වඩා ඉතා උසස්වූද, ප්‍රණීතවූ යම් ඒ ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයන් අත්කර ගැණීමට කැමැත්ත නූපදවයි. උත්සාහ නොකරයි, පසුබටවූ පැවතුම් ඇත්තේ වෙයි. ලිහිල්වූ වීර්‍ය්‍යය ඇත්තේ වෙයි.
“බ්‍රාහ්මණය, යම්සේ අරටුවෙන් ප්‍රයෝජන ඇත්තාවූ, අරටු සොයන්නාවූ, අරටු සොයමින් හැසිරෙන්නාවූ පුරුෂයෙක් (යම් තැනක) පිහිටි ගසක අරටුව ඉක්මවා අරටුවයයි සිතා එලය සිඳගෙන යන්නේද, ඔහුට අරටුවෙන් යම් වැඩක් ඇත්තේද ඒ වැඩය නොසිදු වන්නේය. බ්‍රාහ්මණය, මම මේ පුද්ගලයා ඒ සාර පරියෙසක (අරටු සොයන) පුරුෂයා වැනියයි කියමි.
|
322
‘‘ඉධ පන, බ්‍රාහ්මණ, එකච්චො පුග්ගලො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති - ‘ඔතිණ්ණොම්හි ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි
|
322
“බ්‍රාහ්මණය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ‘ඉපදීමෙන්ද, ජරාවට පැමිණීමෙන්ද, මරණයෙන්ද, ශෝකයෙන්ද, වැළපීමෙන්ද, කායික දුකින්ද, මානසික දුකින්ද, දැඩි වෙහෙසින්ද මැඩුනේ වෙමි. දුකින් මැඩුනේ වෙමි. දුකින් පීඩා විඳින්නේ වෙමි. මේ සියලු දුක් රාසියගේ නැති කිරීම පෙනේ නම් ඉතා යෙහෙකැ’යි (සිතා) ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේම ලාභ, සත්කාර, කීර්තිය යන මේවා උපදවයි. ඔහු ඒ ලාභ සත්කාර කීර්තිය නිසා සතුටු වෙයි. සම්පූර්ණවූ අදහස ඇත්තේ නොවෙයි. ඔහු ඒ ලාභ සත්කාර කීර්තිය නිසා තමන් උසස් කොට නොසිතයි. අනුන් පහත් කොට නොසිතයි. ඔහු ඒ ලාභ සත්කාර කීර්තියටද වඩා ඉතා උසස් වූද, ඉතා ප්‍රණීතවූද යම් ඒ ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයන් අත්කර ගැණීම පිණිස කැමැත්ත උපදවයි. උත්සාහ කරයි. නොපසුබට වූ පැවතුම් ඇත්තේ පටන්ගත් වීර්‍ය්‍යය ඇත්තේ සීල සම්පත්තිය සම්පූර්ණ කරයි. ඔහු ඒ සීල සම්පත්තියෙන් සතුටු වෙයි. සම්පූර්ණවූ අදහස් ඇත්තේ නොවෙයි. ඔහු ඒ සීල සම්පත්තිය නිසා තමන් උසස් කොට නොසිතයි. අනුන් පහත්කොට නොසිතයි. ඒ සීල සම්පත්තියටද වඩා ඉතා උසස්වූද, ඉතා ප්‍රණීතවූද, යම් ඒ ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයන් අත්කර ගැණීම පිණිස කැමැත්ත උපදවයි. උත්සාහ කරයි. නොපසුබටවූ පැවතුම් ඇත්තේ පටන්ගත් වීර්‍ය්‍යය ඇත්තේ සමාධි සම්පත්තිය උපදවයි. ඔහු ඒ සමාධි සම්පත්තිය නිසා සතුටු වෙයි. සම්පූර්ණවූ අදහස් ඇත්තේ නොවෙයි. ඔහු ඒ සමාධි සම්පත්තිය නිසා තමන් උසස්කොට නොසිතයි. අනුන් පහත්කොට නොසිතයි. ඒ සමාධි සම්පත්තියටද වඩා ඉතා උස්සවූද, ඉතා ප්‍රණීතවූද යම් ඒ ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයන් අත්කර ගැණීම පිණිස කැමැත්ත උපදවයි. උත්සාහ කරයි. නොපසුබටවූ පැවතුම් ඇත්තේ පටන්ගත් වීර්‍ය්‍යය ඇත්තේ ඥානදර්ශනය (පංච අභිඥාව) උපදවයි. ඔහු ඒ ඥානදර්ශනය නිසා සතුටු වෙයි. සම්පූර්ණවූ අදහස් ඇත්තේ නොවෙයි. ඔහු ඒ ඥාන දර්ශනය නිසා තමන් උසස්කොට නොසිතයි. අනුන් පහත්කොට නොසිතයි. ඒ ඥානදර්ශනයටද වඩා ඉතා උසස්වූද, ප්‍රණීතවූද යම් ඒ ධර්මයෝ වෙද්ද ඒ ධර්මයන් අත්කර ගැණීම පිණිස කැමැත්ත උපදවයි. උත්සාහ කරයි. නොපසුබටවූ පැවතුම් ඇත්තේ වෙයි. පටන්ගත් වීර්‍ය්‍යය ඇත්තේ වෙයි.
|
323
‘‘කතමෙ ච, බ්‍රාහ්මණ, ධම්මා ඤාණදස්සනෙන උත්තරිතරා ච පණීතතරා ච? ඉධ, බ්‍රාහ්මණ, භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. අයම්පි ඛො, බ්‍රාහ්මණ, ධම්මො ඤාණදස්සනෙන උත්තරිතරො ච පණීතතරො ච.
‘‘පුන චපරං, බ්‍රාහ්මණ, භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. අයම්පි ඛො, බ්‍රාහ්මණ, ධම්මො ඤාණදස්සනෙන උත්තරිතරො ච පණීතතරො ච.
‘‘පුන චපරං, බ්‍රාහ්මණ, භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති, සතො ච සම්පජානො
‘‘පුන චපරං, බ්‍රාහ්මණ, භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයම්පි ඛො, බ්‍රාහ්මණ, ධම්මො ඤාණදස්සනෙන උත්තරිතරො ච පණීතතරො ච.
‘‘පුන චපරං, බ්‍රාහ්මණ, භික්ඛු සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයම්පි ඛො, බ්‍රාහ්මණ, ධම්මො ඤාණදස්සනෙන උත්තරිතරො ච පණීතතරො ච.
‘‘පුන චපරං, බ්‍රාහ්මණ, භික්ඛු සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණ’න්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයම්පි ඛො, බ්‍රාහ්මණ, ධම්මො ඤාණදස්සනෙන උත්තරිතරො ච පණීතතරො ච.
‘‘පුන චපරං, බ්‍රාහ්මණ, භික්ඛු සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයම්පි ඛො, බ්‍රාහ්මණ, ධම්මො ඤාණදස්සනෙන උත්තරිතරො ච පණීතතරො ච.
‘‘පුන
‘‘පුන චපරං, බ්‍රාහ්මණ, භික්ඛු සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති, පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. අයම්පි ඛො, බ්‍රාහ්මණ, ධම්මො ඤාණදස්සනෙන උත්තරිතරො ච පණීතතරො ච. ඉමෙ ඛො, බ්‍රාහ්මණ, ධම්මා ඤාණදස්සනෙන උත්තරිතරා ච පණීතතරා ච.
|
323
“බ්‍රාහ්මණය, ඒ ඥානදර්ශනයට වඩා ඉතා උසස්වූද, ප්‍රණීතවූද, ඒ ධර්මයෝ කවරහුද යත්?
“බ්‍රාහ්මණය, මේ ශාසනයෙහි භික්ෂුතෙම කාම වස්තූන් ගෙන් වෙන්ව, විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. බ්‍රාහ්මණය, මෙයද ඥානදර්ශනයට වඩා ඉතා උසස්වූද ඉතා ප්‍රණීතවූද ධර්මයකි.
“බ්‍රාහ්මණය, නැවතද භික්ෂුව විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳීමෙන් ඇතුළත පැහැදීම ඇතිකරන්නාවූ සිතෙහි එකඟ බවයයි කියනලද විතර්ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවැනිවූ ධ්‍යානයට පැමිණ වාසය කරයි. බ්‍රාහ්මණය, මෙයද ඥාන දර්ශනයට වඩා ඉතා උසස්වූද ඉතා ප්‍රණීතවූද ධර්මයකි.
“බ්‍රාහ්මණය, නැවතද ඒ භික්ෂුව ප්‍රීතියෙන් වෙන්වී මෙන්ද, උපේක්ෂාව (මැදහත් බව) ඇතිවද වාසය කරයි සිහියෙන් යුක්තවූයේ යහපත් ප්‍රඥාවෙන් යුක්තවූයේ කයින් සැපය විඳියි. යමක් උපෙක්ෂා සහිතවූයේ සිහියෙන් යුක්තවූයේ සැප විහරණ ඇත්තේයයි ආර්‍ය්‍යයෝ (බුද්ධාදිඋත්තමයෝ) කියත්ද. ඒ තුන්වැනිවූ ධ්‍යානයට පැමිණ වාසය කරයි. බ්‍රාහ්මණය, මෙයද ඥානදර්ශනයට වඩා ඉතා උසස්වූද, ඉතා ප්‍රණීත වූද ධර්මයකි.
“බ්‍රාහ්මණය, නැවතද භික්ෂුව (කායික) සැපය දුරු කිරීමෙන්ද, (කායික) දුක දුරු කිරීමෙන්ද පෙරමෙන් සතුට හා අසතුට (චෛතසික සැප දුක්) දුරු කිරීමෙන්ද, දුක් නැත්තාවූ සැප නැත්තාවූ, උපෙක්ෂාවෙන් (මැදහත් බවෙන්) හටගත් පිරිසිදු සිහිය ඇති සතර වැනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. බ්‍රාහ්මණය, මෙයද ඥාන දර්ශනයට වඩා ඉතා උසස්වූද ඉතා ප්‍රණීතවූද ධර්මයකි.
“බ්‍රාහ්මණය, නැවතද භික්ෂුව සියලු ආකාරයෙන් රූප සංඥාවන්ගේ ඉක්මීම හේතු කොට ගෙන, ගැටීම් සංඥාවන්ගේ විනාශයෙන්ද, නානත්ත සංඥාවන්ගේ සිහි නොකිරීමෙන්ද, අනන්ත ආකාසය” යි (කියා) ආකාසානඤ්චායතන සමාපත්තියට පැමිණ වාසය කරන්නේය. බ්‍රාහ්මණය, මෙයද ඥාන දර්ශනයට වඩා ඉතා උසස්වූද ඉතා ප්‍රණීතවූද ධර්මයකි.
“බ්‍රාහ්මණය, නැවතද භික්ෂුව සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතන සමාපත්තිය ඉක්මවා, ‘අනන්තවූ විඤ්ඤාණය’යි (කියා) විඤ්ඤාණඤ්චායතන සමාපත්තියට පැමිණ වාසය කරන්නේය. බ්‍රාහ්මණය, මෙයද ඥානදර්ශනයට වඩා ඉතා උසස්වූද, ඉතා ප්‍රණීතවූද ධර්මයකි.
“බ්‍රාහ්මණය, නැවතද භික්ෂුව සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය ඉක්මවා ‘කිසිවක් නැතැ’යි (කියා) ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට පැමිණ වාසය කරයි. බ්‍රාහ්මණය, මෙයද ඥානදර්ශනයට වඩා ඉතා උසස් වූද ඉතා ප්‍රණීතවූද ධර්මයකි.
“බ්‍රාහ්මණය, නැවතද භික්ෂුව සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය ඉක්මවා නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්තියට පැමිණ වාසය කරයි. බ්‍රාහ්මණය, මෙයද ඥානදර්ශනයට වඩා ඉතා උසස්වූද ඉතා ප්‍රණීතවූද ධර්මයකි.
“බ්‍රාහ්මණය, නැවතද භික්ෂුව සියලු ආකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය ඉක්මවා සඤ්ඤා වෙදයිත නිරෝධ සමාපත්තියට පැමිණ වාසය කරන්නේය. ප්‍රඥාවෙන්ද දැකීමෙන් ඔහුගේ කෙලෙස් විනාශ වූවාහු වෙති. “බ්‍රාහ්මණය, මෙයද ඥානදර්ශනයට වඩා ඉතා උසස්වූද ඉතා ප්‍රණීතවූද ධර්මයකි.
|
324
‘‘සෙය්යථාපි
‘‘ඉති ඛො, බ්‍රාහ්මණ, නයිදං බ්රහ්මචරියං ලාභසක්කාරසිලොකානිසංසං, න සීලසම්පදානිසංසං, න සමාධිසම්පදානිසංසං, න ඤාණදස්සනානිසංසං. යා ච ඛො අයං
එවං වුත්තෙ, පිඞ්ගලකොච්ඡො බ්රාහ්මණො භගවන්තං එතදවොච - ‘‘අභික්කන්තං, භො ගොතම, අභික්කන්තං, භො ගොතම...පෙ.... උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’’න්ති.
|
324
“බ්‍රාහ්මණය, යම්සේ අරටුවෙන් ප්‍රයෝජන ඇත්තාවූ, අරටු සොයන්නාවූ, අරටු සොයමින් හැසිරෙන්නාවූ පුරුෂයෙක් (යම් තැනක) පිහිටි අරටුව ඇති මහ ගසක අරටුවයයි දැනගෙනම අරටුව සිඳගෙන යන්නේ ඔහුට අරටුවෙන් යම් වැඩක් ඇත්තේද ඒ වැඩය හොඳින් සිදුවන්නේය.
“බ්‍රාහ්මණය, මම මේ පුද්ගලයාද ඒ සාර පරියෙසක (අරටුව සොයන) පුරුෂයා වැනියයි කියමි.
“බ්‍රාහ්මණය, මෙසේ මේ ශාසන බ්‍රහ්මචරියාව ලාභ සත්කාර කීර්තිප්‍රශංසා පිණිස නොවන්නේය. සීල සමාපත්තිය පිණිස නොවන්නේය, ඥාන දර්ශනය පිණිස නොවන්නේය. බ්‍රාහ්මණය, යම් අර්හත් ඵල සමාධියක් වේද, බ්‍රාහ්මණය, මේ ශාසන බ්‍රහ්මචර්‍ය්‍යය මෙය අර්ථ (ප්‍රධාන) කොට ඇත්තේය. මෙය හරයයි. මේ අර්හත් ඵලය කෙළවරයයි” වදාළහ.
මෙසේ වදාළ කල පිංගල කොච්ඡ බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය.
“පින්වත් ගෞතමයන් වහන්ස, ධර්ම දේශනාව යහපත්ය, පින්වත් ගෞතමයන් වහන්ස, ධර්ම දේශනාව ඉතා යහපත්ය, පින්වත් ගෞතමයන් වහන්ස, යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ යම්සේද, මංමුළා වූවෙකුට මග කියන්නේ හෝ යම්සේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අන්ධකාරයෙහි තෙල් පහණක් දරන්නේ හෝ යම්සේද, එපරිද්දෙන්ම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය දේශනා කරන ලද්දේය. මේ මම පින්වත් ගෞතමයාණන් වහන්සේද, ධර්මයද භික්ෂු සංඝයාද සරණකොට යමි. පින්වත් ගෞතමයාණන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයෙකුයයි මා දරා ගන්නා සේක්වායි” කීය.
|