ත්‍රිපිටකය
3. ඔපම්මවග්ගො 3. ඔපම්ම වර්ගය
1. කකචූපමසුත්තං 1. කකචූපම සූත්‍රය
222
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා මොළියඵග්ගුනො භික්ඛුනීහි සද්ධිං අතිවෙලං සංසට්ඨො විහරති. එවං සංසට්ඨො ආයස්මා මොළියඵග්ගුනො භික්ඛුනීහි සද්ධිං විහරති - සචෙ කොචි භික්ඛු ආයස්මතො මොළියඵග්ගුනස්ස සම්මුඛා තාසං භික්ඛුනීනං අවණ්ණං භාසති, තෙනායස්මා මොළියඵග්ගුනො කුපිතො අනත්තමනො අධිකරණම්පි කරොති. සචෙ පන කොචි භික්ඛු තාසං භික්ඛුනීනං සම්මුඛා ආයස්මතො මොළියඵග්ගුනස්ස අවණ්ණං භාසති, තෙන තා භික්ඛුනියො කුපිතා අනත්තමනා අධිකරණම්පි කරොන්ති. එවං සංසට්ඨො ආයස්මා මොළියඵග්ගුනො භික්ඛුනීහි සද්ධිං විහරති. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘ආයස්මා, භන්තෙ, මොළියඵග්ගුනො භික්ඛුනීහි සද්ධිං අතිවෙලං සංසට්ඨො විහරති. එවං සංසට්ඨො, භන්තෙ, ආයස්මා මොළියඵග්ගුනො භික්ඛුනීහි සද්ධිං විහරති - සචෙ කොචි භික්ඛු ආයස්මතො මොළියඵග්ගුනස්ස සම්මුඛා තාසං භික්ඛුනීනං අවණ්ණං භාසති, තෙනායස්මා මොළියඵග්ගුනො කුපිතො අනත්තමනො අධිකරණම්පි කරොති. සචෙ පන කොචි භික්ඛු තාසං භික්ඛුනීනං සම්මුඛා ආයස්මතො මොළියඵග්ගුනස්ස අවණ්ණං භාසති, තෙන තා භික්ඛුනියො කුපිතා අනත්තමනා අධිකරණම්පි කරොන්ති. එවං සංසට්ඨො, භන්තෙ, ආයස්මා මොළියඵග්ගුනො භික්ඛුනීහි සද්ධිං විහරතී’’ති.
222
මා විසින් (මේ සූත්‍රය) මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවන නම් අනේපිඩු මහ සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරති.
එකල්හි මොලියඵග්ගුණ භික්ෂුව වේලාව ඉක්මවා භික්ෂුණීන් හා එක්ව වාසය කරන්නේය.
ඉදින් කිසි භික්ෂුවක් මොලියඵග්ගුණ භික්ෂුව ඉදිරියෙහි ඒ භික්ෂුණීන්ගේ අගුණ කියාද, මොලියඵග්ගුණ භික්ෂුව ඒ භික්ෂුව හා කිපියේ නොසතුටුවූයේ (විනය ධර භික්ෂූන් ඉදිරියෙහි) නඩුද පවරයි. ඉදින් කිසි භික්ෂුවක් ඒ භික්ෂුණීන් ඉදිරියෙහි මොලියඵග්ගුණ භික්ෂුවගේ නුගුණ කියාද, ඒ භික්ෂුණීහු ඒ භික්ෂුව සමග කිපියාහු නොසතුටු සිත් ඇත්තාහු (විනයධර භික්ෂූන් ඉදිරියෙහි) නඩුද කියත්. මොලියඵග්ගුණ භික්ෂුව මෙතරම් භික්ෂුණීන් හා එක්ව වාසය කරයි.
ඉක්බිති එක්තරා භික්ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පැත්තක හුන්නේය. එක්පැත්තක උන්නාවූ ඒ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැලකළේය. “ස්වාමීන් වහන්ස, මොලියඵග්ගුණ භික්ෂුව වේලා ඉක්මවා භික්ෂුණීන් හා එක්ව වාසය කරයි. ස්වාමීන් වහන්ස, ඉදින් යම් භික්ෂුවක් මොලියඵග්ගුණ භික්ෂුව ඉදිරියෙහි ඒ භික්ෂුණීන්ගේ නුගුණ කියාද, එයින් මොලියඵග්ගුණ භික්ෂුව කිපියේ නොසතුටු සිත් ඇත්තේ නඩුද කියයි. ඉදින් කිසි භික්ෂුවක් ඒ භික්ෂුණීන් ඉදිරියෙහි මොලියඵග්ගුණ භික්ෂුවගේ නුගුණ කියාද, එයින් ඒ භික්ෂුණීහු කිපුනාහු නොසතුටු සිත් ඇත්තාහු නඩුද කියත්. ස්වාමීන් වහන්ස, මොලියඵග්ගුණ භික්ෂුව මෙතරම් භික්ෂුණීන් සමග එක්ව වෙසේය’යි (කීය.)
223
අථ ඛො භගවා අඤ්ඤතරං භික්ඛුං ආමන්තෙසි - ‘‘එහි ත්වං , භික්ඛු, මම වචනෙන මොළියඵග්ගුනං භික්ඛුං ආමන්තෙහි - ‘සත්ථා තං, ආවුසො ඵග්ගුන, ආමන්තෙතී’’’ති. ‘‘එවං , භන්තෙ’’ති ඛො සො භික්ඛු භගවතො පටිස්සුත්වා යෙනායස්මා මොළියඵග්ගුනො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මන්තං මොළියඵග්ගුනං එතදවොච - ‘‘සත්ථා තං, ආවුසො ඵග්ගුන, ආමන්තෙතී’’ති. ‘‘එවමාවුසො’’ති ඛො ආයස්මා මොළියඵග්ගුනො තස්ස භික්ඛුනො පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං මොළියඵග්ගුනං භගවා එතදවොච -
‘‘සච්චං කිර ත්වං, ඵග්ගුන, භික්ඛුනීහි සද්ධිං අතිවෙලං සංසට්ඨො විහරසි? එවං සංසට්ඨො කිර ත්වං, ඵග්ගුන, භික්ඛුනීහි සද්ධිං විහරසි - සචෙ කොචි භික්ඛු තුය්හං සම්මුඛා තාසං භික්ඛුනීනං අවණ්ණං භාසති, තෙන ත්වං කුපිතො අනත්තමනො අධිකරණම්පි කරොසි. සචෙ පන කොචි භික්ඛු තාසං භික්ඛුනීනං සම්මුඛා තුය්හං අවණ්ණං භාසති, තෙන තා භික්ඛුනියො කුපිතා අනත්තමනා අධිකරණම්පි කරොන්ති. එවං සංසට්ඨො කිර ත්වං, ඵග්ගුන, භික්ඛුනීහි සද්ධිං විහරසී’’ති? ‘‘එවං, භන්තෙ’’ති. ‘‘නනු ත්වං, ඵග්ගුන, කුලපුත්තො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො’’ති? ‘‘එවං, භන්තෙ’’ති.
223
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්ෂුවක් කැඳවා, “මහණ මෙහි එව, මගේ වචනයෙන් ‘ශාස්තෘන් වහන්සේ ඔබ කැඳවන්නේය’යි කියා මොලියඵග්ගුණ භික්ෂුව කැඳවා එව’යි වදාළහ. ඒ භික්ෂු තෙම ‘එසේය ස්වාමීනි,’ කියා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරුදී මොලියඵග්ගුණ භික්ෂුව යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ මොලියඵග්ගුණ භික්ෂුවට මෙසේ කීය. ‘ඇවැත්නි, ඵග්ගුණය, ශාස්තෲන් වහන්සේ ඔබ කැඳවනසේකැ’යි කීය. ‘ඇවැත්නි, එසේය’යි කියා මොලියඵග්ගුණ භික්ෂුතෙම ඒ භික්ෂුහට පිළිතුරුදී භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට ගියේය. ගොස්, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පැත්තක හුන්නේය. එක්පැත්තක උන්නාවූ මොලියඵග්ගුණ භික්ෂුවට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
“ඵග්ගුණය, තෝ වේලා ඉක්මවා භික්ෂුණීන් හා එක්ව වාසය කරන්නෙහිය. ඉදින් කිසි භික්ෂුවක් තොප ඉදිරියෙහි ඒ භික්ෂුණීන්ගේ නුගුණ කියාද එයින් කිපියේ නොසතුටු සිත් ඇත්තේ නඩුද කියන්නෙහිය. ඉදින් කිසි භික්ෂුවක් ඒ භික්ෂුණීන් ඉදිරියෙහි තොපගේ අගුණ කියාද, එයින් ඒ භික්ෂුණීහු කිපියාහු නොසතුටු සිත් ඇත්තාහු නඩුද කියත්, ඵග්ගුණය, තොප මෙපරිද්දෙන් භික්ෂුණීන් සමග මිශ්‍රව වාසය කෙරෙහිය යනු සැබෑද?”
“ස්වාමීනි, එසේය.” “ඵග්ගුණය, තොප ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම පැවිදිවූ කුලපුත්‍රයෙක් නොවෙහිද?”
“එසේය, ස්වාමීනි.”
224
‘‘න ඛො තෙ එතං, ඵග්ගුන, පතිරූපං කුලපුත්තස්ස සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතස්ස, යං ත්වං භික්ඛුනීහි සද්ධිං අතිවෙලං සංසට්ඨො විහරෙය්‍යාසි. තස්මාතිහ, ඵග්ගුන, තව චෙපි කොචි සම්මුඛා තාසං භික්ඛුනීනං අවණ්ණං භාසෙය්‍ය, තත්‍රාපි ත්වං, ඵග්ගුන, යෙ ගෙහසිතා (ගෙහස්සිතා (?)) ඡන්දා යෙ ගෙහසිතා විතක්කා තෙ පජහෙය්‍යාසි. තත්‍රාපි තෙ, ඵග්ගුන, එවං සික්ඛිතබ්බං - ‘න චෙව මෙ චිත්තං විපරිණතං භවිස්සති, න ච පාපිකං වාචං නිච්ඡාරෙස්සාමි, හිතානුකම්පී ච විහරිස්සාමි මෙත්තචිත්තො, න දොසන්තරො’ති. එවඤ්හි තෙ, ඵග්ගුන, සික්ඛිතබ්බං.
‘‘තස්මාතිහ, ඵග්ගුන, තව චෙපි කොචි සම්මුඛා තාසං භික්ඛුනීනං පාණිනා පහාරං දදෙය්‍ය, ලෙඩ්ඩුනා පහාරං දදෙය්‍ය, දණ්ඩෙන පහාරං දදෙය්‍ය, සත්ථෙන පහාරං දදෙය්‍ය. තත්‍රාපි ත්වං, ඵග්ගුන, යෙ ගෙහසිතා ඡන්දා යෙ ගෙහසිතා විතක්කා තෙ පජහෙය්‍යාසි. තත්‍රාපි තෙ, ඵග්ගුන, එවං සික්ඛිතබ්බං ‘න චෙව මෙ චිත්තං විපරිණතං භවිස්සති, න ච පාපිකං වාචං නිච්ඡාරෙස්සාමි, හිතානුකම්පී ච විහරිස්සාමි මෙත්තචිත්තො, න දොසන්තරො’ති. එවඤ්හි තෙ, ඵග්ගුන, සික්ඛිතබ්බං.
‘‘තස්මාතිහ, ඵග්ගුන, තව චෙපි කොචි සම්මුඛා අවණ්ණං භාසෙය්‍ය, තත්‍රාපි ත්වං, ඵග්ගුන , යෙ ගෙහසිතා ඡන්දා යෙ ගෙහසිතා විතක්කා තෙ පජහෙය්‍යාසි. තත්‍රාපි තෙ, ඵග්ගුන, එවං සික්ඛිතබ්බං ‘න චෙව මෙ චිත්තං විපරිණතං භවිස්සති, න ච පාපිකං වාචං නිච්ඡාරෙස්සාමි, හිතානුකම්පී ච විහරිස්සාමි මෙත්තචිත්තො, න දොසන්තරො’ති. එවඤ්හි තෙ, ඵග්ගුන, සික්ඛිතබ්බං.
‘‘තස්මාතිහ, ඵග්ගුන, තව චෙපි කොචි පාණිනා පහාරං දදෙය්‍ය, ලෙඩ්ඩුනා පහාරං දදෙය්‍ය, දණ්ඩෙන පහාරං දදෙය්‍ය, සත්ථෙන පහාරං දදෙය්‍ය, තත්‍රාපි ත්වං, ඵග්ගුන, යෙ ගෙහසිතා ඡන්දා යෙ ගෙහසිතා විතක්කා තෙ පජහෙය්‍යාසි. තත්‍රාපි තෙ, ඵග්ගුන, එවං සික්ඛිතබ්බං ‘න චෙව මෙ චිත්තං විපරිණතං භවිස්සති, න ච පාපිකං වාචං නිච්ඡාරෙස්සාමි, හිතානුකම්පී ච විහරිස්සාමි මෙත්තචිත්තො, න දොසන්තරො’ති. එවඤ්හි තෙ, ඵග්ගුන, සික්ඛිතබ්බ’’න්ති.
224
“ඵග්ගුණය, යම් හෙයකින් තොප භික්ෂුණීන් සමග වේලාව ඉක්මවා එකතුව වාසය කරන්නෙහිද, මේ විහරණය ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූ කුල පුත්‍රයෙකුට නුසුදුසුය.
“එහෙයින් ඵග්ගුණය, ඉදින් කිසිවෙක් තොප ඉදිරියෙහි ඒ භික්ෂුණීන්ගේ නුගුණ කියාද ඵග්ගුණය, තොප එහිදු පංචකාම ගුණය ආශ්‍රය කොට ඇති ආශාවෝ වෙත්ද, පංචකාම ආශ්‍රය කොට ඇති යම් කල්පනාවෝ වෙත්ද ඔවුන් දුරුකරව. ඵග්ගුණය, එහිදු ‘මගේ සිත නොපෙරළේවා. ලාමක වචන නොකියන්නෙමි. හිතවත්ව අනුකම්පා කරමින් මෛත්‍රී සිත් ඇත්තේ ද්වේෂ සිත් නැත්තේ වාසය කරන්නෙමි’යි මෙසේ හික්මිය යුතුයි. ඵග්ගුණය, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි. ඵග්ගුණය, එහෙයින් මෙහි තොප ඉදිරියෙහි කිසිවෙක් ඒ භික්ෂුණීන්ට අතින් පහරදෙන්නේද කැටයකින් ආයුධයකින්, දඬුවෙන්, පහර දෙන්නේද, ඵග්ගුණය, තොප එහිදු යම් පංචකාම සහගතවූ ආශාවෝ වෙත්ද, පංචකාම සහගතවූ කල්පනාවෝ වෙත්ද, ඔවුන් දුරු කරව. ඵග්ගුණය, එහිදු තොප විසින් මෙසේ හික්මිය යුතුයි. මාගේ සිත නොපෙරළේවා, ලාමක වචන නොකියන්නෙමි. හිතවත්ව අනුකම්පා ඇත්තේ, මෛත්‍රී සිත් ඇත්තේ, ද්වේෂ සිත් නැත්තේ වාසය කරන්නෙමි’යි ඵග්ගුණය, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි.
“ඵග්ගුණය, එහෙයින් මෙහි තොපට කිසිවෙක් අගුණ කියන්නේ නම් ඵග්ගුණය, එහිදු තොප පංචකාම සහගතවූ ආශාවෝ වෙත්ද, පංචකාම සහගතවූ කල්පනාවෝ වෙත්ද, ඔවුන් දුරු කරව. ඵග්ගුණය, තොප එහිදු මෙසේ හික්මිය යුතුයි. ‘මාගේ සිත නොපෙරළේවා ලාමකවූ වචන නොකියන්නෙමි, හිතවත්ව අනුකම්පා ඇත්තේ මෛත්‍රී සිත් ඇත්තේ, ද්වේෂ සහගත සිත් නැත්තේ වාසය කරන්නෙමි’යි ඵග්ගුණය, මෙසේ වනාහි තොප හික්මිය යුතුයි.
“ඵග්ගුණය, එහෙයින් මෙහි තොපටද, කිසිවෙක් අතින් පහර දෙන්නේද, කැටකින් පහර දෙන්නේද, දණ්ඩකින් පහර දෙන්නේද, ආයුධයකින් පහර දෙන්නේද, ඵග්ගුණය, තොප එහිදු පංචකාම සහගතවූ යම් ආශාවෝ වෙත්ද, පංචකාම සහගතවූ යම් කල්පනාවෝ වෙත්ද ඔවුන් දුරු කරව, ඵග්ගුණය, තොප එහිදු මෙසේ හික්මිය යුතුයි. ‘මාගේ සිත නොපෙරළේවා. ලාමකවූ වචනද නොකියන්නෙමි. හිතවත්ව අනුකම්පා ඇත්තේ මෛත්‍රී සිත් ඇත්තේ ද්වේෂ සහගත සිත් නැත්තේ වාසය කරන්නෙමි’යි ඵග්ගුණය, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුය”යි වදාළහ.
225
අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘ආරාධයිංසු වත මෙ, භික්ඛවෙ, භික්ඛූ එකං සමයං චිත්තං. ඉධාහං, භික්ඛවෙ, භික්ඛූ ආමන්තෙසිං - අහං ඛො, භික්ඛවෙ, එකාසනභොජනං භුඤ්ජාමි. එකාසනභොජනං ඛො අහං, භික්ඛවෙ, භුඤ්ජමානො අප්පාබාධතඤ්ච සඤ්ජානාමි අප්පාතඞ්කතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්ච. එථ තුම්හෙපි, භික්ඛවෙ, එකාසනභොජනං භුඤ්ජථ. එකාසනභොජනං ඛො, භික්ඛවෙ, තුම්හෙපි භුඤ්ජමානා අප්පාබාධතඤ්ච සඤ්ජානිස්සථ අප්පාතඞ්කතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්චාති. න මෙ, භික්ඛවෙ, තෙසු භික්ඛූසු අනුසාසනී කරණීයා අහොසි; සතුප්පාදකරණීයමෙව මෙ, භික්ඛවෙ, තෙසු භික්ඛූසු අහොසි.
‘‘සෙය්‍යථාපි, භික්ඛවෙ, සුභූමියං චතුමහාපථෙ ආජඤ්ඤරථො යුත්තො අස්ස ඨිතො ඔධස්තපතොදො. තමෙනං දක්ඛො යොග්ගාචරියො අස්සදම්මසාරථි අභිරුහිත්වා, වාමෙන හත්ථෙන රස්මියො ගහෙත්වා, දක්ඛිණෙන හත්ථෙන පතොදං ගහෙත්වා, යෙනිච්ඡකං යදිච්ඡකං සාරෙය්‍යපි පච්චාසාරෙය්‍යපි. එවමෙව ඛො, භික්ඛවෙ, න මෙ තෙසු භික්ඛූසු අනුසාසනී කරණීයා අහොසි, සතුප්පාදකරණීයමෙව මෙ, භික්ඛවෙ, තෙසු භික්ඛූසු අහොසි. තස්මාතිහ, භික්ඛවෙ, තුම්හෙපි අකුසලං පජහථ, කුසලෙසු ධම්මෙසු ආයොගං කරොථ. එවඤ්හි තුම්හෙපි ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිස්සථ.
‘‘සෙය්‍යථාපි , භික්ඛවෙ, ගාමස්ස වා නිගමස්ස වා අවිදූරෙ මහන්තං සාලවනං. තඤ්චස්ස එළණ්ඩෙහි සඤ්ඡන්නං. තස්ස කොචිදෙව පුරිසො උප්පජ්ජෙය්‍ය අත්ථකාමො හිතකාමො යොගක්ඛෙමකාමො. සො යා තා සාලලට්ඨියො කුටිලා ඔජාපහරණියො (ඔජහරණියො (ක.)) තා ඡෙත්වා (තච්ඡෙත්වා (සී. ස්‍යා. පී.)) බහිද්ධා නීහරෙය්‍ය, අන්තොවනං සුවිසොධිතං විසොධෙය්‍ය. යා පන තා සාලලට්ඨියො උජුකා සුජාතා තා සම්මා පරිහරෙය්‍ය. එවඤ්හෙතං, භික්ඛවෙ, සාලවනං අපරෙන සමයෙන වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජෙය්‍ය. එවමෙව ඛො, භික්ඛවෙ, තුම්හෙපි අකුසලං පජහථ, කුසලෙසු ධම්මෙසු ආයොගං කරොථ. එවඤ්හි තුම්හෙපි ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිස්සථ.
225
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූසේක. “මහණෙනි, එක් කාලයක (ප්‍රථම බොධි කාලයෙහි) භික්ෂූහු ඒකාන්තයෙන් මාගේ සිත සතුටු කළාහුය. මහණෙනි, එකල්හි භික්ෂූන් ඇමතුයෙමි. (අමතා) ‘මහණෙනි, මම වනාහි එක් වේලේ වළඳන ආහාරය වළඳමි. මහණෙනි, එක් වේලේ වළඳනා භොජනය වළඳන්නේ නිරෝගී බවද උපද්‍රව රහිතව ශරීරයාගේ සැහැල්ලු පැවතුම් ඇති බවද කාය බලයද සැප විහරණයද විඳිමි. මහණෙනි, එව්, තොපිත් එක් වේලේ වළඳව්.
“මහණෙනි, එක් වේලේ වළඳන තෙපිද අල්පාබාධ ඇති බවද, නිරොග බවද, ශරීරයාගේ සැහැල්ලු බවද, ශරීර බලයද, සැප විහරණයද විඳින්නාහුයි කීවෙමි.
“මහණෙනි, එකල භික්ෂූන්හට මා විසින් අනුශාසනාවක් කළයුතු නොවීය. මහණෙනි, ඒ භික්ෂූන්හට මා විසින් සිහි ඉපදවීම පමණක් ප්‍රමාණවත් විය. මහණෙනි, සමබිමක සතර මංසන්ධියක ආජානීය අසුන් යෙදූ රථයක් පහසුවෙන් ගත හැකි සේ තබන ලද කෙවිටි ඇතිව තැබුයේ වෙයිද, අශ්වයන් දමනය කිරීමෙහි දක්ෂවූ අශ්වාචාර්යයෙක් තෙම ඒ මේ රථයට නැඟ වමතින් රැහැන්ගෙන දකුණතින් කෙවිටිගෙන කැමැත්තේ යම් මාර්ගයකින්ද කැමැත්තේ යම් ගමනක්ද එසේ ඉදිරියට එළවන්නේය. ආපසුද එළවන්නේය.
“මහණෙනි, එපරිද්දෙන්ම ඒ භික්ෂූන් කෙරෙහි මා විසින් අනුශාසනාවක් කළ යුතු නොවීය. මහණෙනි ඒ භික්ෂූන්හට සිහි ඉපදවීම පමණක් ප්‍රමාණවත් විය.
“මහණෙනි, එහෙයින් තෙපිත් අකුසලය දුරු කරව්. කුසල ධර්මයන්හි යෙදෙව්. මෙසේ ඇති කල්හි තෙපිත් මේ ශාසනයෙහි (ශීලයෙන්) අභිවෘද්ධියටද (මාර්ගයෙන්) වැඩීමටද (නිර්වාණයෙන්) විපුල බවටද පැමිණෙන්නහුය,
මහණෙනි, ගමට හෝ නියම්ගමට හෝ නුදුරෙහි මහත් සල්වනයක් වෙයි. ඒ සල් වනයද සල් ගස් දූෂණය කරන පිළිලයෙන් ගැවසුනේය. ඒ සල් වනයට යහපත කැමැත්තාවූ හිත කැමැත්තාවූ නිර්භය බව කැමැත්තාවූ කිසියම් පුරුෂයෙක් තෙම පහළවන්නේද හෙතෙම වක්වූ ඕජාව ගලා බස්නාවූ යම් ඒ තරුණ සල්පැල වෙත්ද, ඔවුන් සැස පිටතට දමන්නේද, ඇතුල් සල්වනය මනාව ශුද්ධ කරන්නේද, සෘජුව හටගත්තාවූ මනාව හටගත්තාවූ යම් ඒ තරුණ සල්පැල වෙත්ද, ඔවුන් මනාකොට වඩන්නේද, මහණෙනි, මෙසේ ඇති කල්හි ඒ සල්වනය වෘද්ධියටද වැඩීමටද විපුල බවටද පැමිණෙන්නේය.
“මහණෙනි, එපරිද්දෙන්ම තෙපිත් අකුසලය දුරු කරව් නම්, කුසල ධර්මයන්හි යෙදෙව් නම්, එසේ ඇති කල්හි තෙපිදු මේ ශාසනයෙහි වෘද්ධියටද වැඩීමටද විපුල බවටද පැමිණෙන්නාහුය.
226
‘‘භූතපුබ්බං, භික්ඛවෙ, ඉමිස්සායෙව සාවත්ථියා වෙදෙහිකා නාම ගහපතානී අහොසි. වෙදෙහිකාය, භික්ඛවෙ, ගහපතානියා එවං කල්‍යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො - ‘සොරතා වෙදෙහිකා ගහපතානී, නිවාතා වෙදෙහිකා ගහපතානී, උපසන්තා වෙදෙහිකා ගහපතානී’ති. වෙදෙහිකාය ඛො පන, භික්ඛවෙ, ගහපතානියා කාළී නාම දාසී අහොසි දක්ඛා අනලසා සුසංවිහිතකම්මන්තා.
‘‘අථ ඛො, භික්ඛවෙ, කාළියා දාසියා එතදහොසි - ‘මය්හං ඛො අය්‍යාය එවං කල්‍යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො - ‘‘සොරතා වෙදෙහිකා ගහපතානී, නිවාතා වෙදෙහිකා ගහපතානී, උපසන්තා වෙදෙහිකා ගහපතානී’’ති. කිං නු ඛො මෙ අය්‍යා සන්තංයෙව නු ඛො අජ්ඣත්තං කොපං න පාතුකරොති උදාහු අසන්තං උදාහු මය්හමෙවෙතෙ (මය්හෙවෙතෙ (සී. පී.)) කම්මන්තා සුසංවිහිතා යෙන මෙ අය්‍යා සන්තංයෙව අජ්ඣත්තං කොපං න පාතුකරොති, නො අසන්තං? යංනූනාහං අය්‍යං වීමංසෙය්‍ය’න්ති. අථ ඛො, භික්ඛවෙ, කාළී දාසී දිවා උට්ඨාසි. අථ ඛො, භික්ඛවෙ, වෙදෙහිකා ගහපතානී කාළිං දාසිං එතදවොච - ‘හෙ ජෙ කාළී’ති. ‘කිං, අය්‍යෙ’ති? ‘කිං, ජෙ, දිවා උට්ඨාසී’ති? ‘න ඛ්වය්‍යෙ (න ඛො අය්‍යෙ (සී. පී.)), කිඤ්චී’ති. ‘නො වත රෙ කිඤ්චි, පාපි දාසි (පාපදාසි (ස්‍යා. ක.)), දිවා උට්ඨාසී’ති කුපිතා අනත්තමනා භාකුටිං (භූකුටිං (සී. පී.), භකුටීං (ස්‍යා.)) අකාසි. අථ ඛො, භික්ඛවෙ, කාළියා දාසියා එතදහොසි - ‘සන්තංයෙව ඛො මෙ අය්‍යා අජ්ඣත්තං කොපං න පාතුකරොති, නො අසන්තං; මය්හමෙවෙතෙ කම්මන්තා සුසංවිහිතා, යෙන මෙ අය්‍යා සන්තංයෙව අජ්ඣත්තං කොපං න පාතුකරොති, නො අසන්තං. යංනූනාහං භිය්‍යොසොමත්තාය අය්‍යං වීමංසෙය්‍ය’’’න්ති.
‘‘අථ ඛො, භික්ඛවෙ, කාළී දාසී දිවාතරංයෙව උට්ඨාසි. අථ ඛො, භික්ඛවෙ, වෙදෙහිකා ගහපතානී කාළිං දාසිං එතදවොච - ‘හෙ ජෙ, කාළී’ති. ‘කිං, අය්‍යෙ’ති? ‘කිං, ජෙ, දිවාතරං උට්ඨාසී’ති? ‘න ඛ්වය්‍යෙ, කිඤ්චී’ති. ‘නො වත රෙ කිඤ්චි, පාපි දාසි, දිවාතරං උට්ඨාසී’ති කුපිතා අනත්තමනා අනත්තමනවාචං නිච්ඡාරෙසි. අථ ඛො, භික්ඛවෙ, කාළියා දාසියා එතදහොසි - ‘සන්තංයෙව ඛො මෙ අය්‍යා අජ්ඣත්තං කොපං න පාතුකරොති, නො අසන්තං. මය්හමෙවෙතෙ කම්මන්තා සුසංවිහිතා, යෙන මෙ අය්‍යා සන්තංයෙව අජ්ඣත්තං කොපං න පාතුකරොති, නො අසන්තං. යංනූනාහං භිය්‍යොසොමත්තාය අය්‍යං වීමංසෙය්‍ය’න්ති.
‘‘අථ ඛො, භික්ඛවෙ, කාළී දාසී දිවාතරංයෙව උට්ඨාසි. අථ ඛො, භික්ඛවෙ, වෙදෙහිකා ගහපතානී කාළිං දාසිං එතදවොච - ‘හෙ ජෙ, කාළී’ති. ‘කිං, අය්‍යෙ’ති? ‘කිං, ජෙ, දිවා උට්ඨාසී’ති? ‘න ඛ්වය්‍යෙ, කිඤ්චී’ති. ‘නො වත රෙ කිඤ්චි, පාපි දාසි, දිවා උට්ඨාසී’ති කුපිතා අනත්තමනා අග්ගළසූචිං ගහෙත්වා සීසෙ පහාරං අදාසි, සීසං වොභින්දි (වි + අව + භින්දි = වොභින්දි). අථ ඛො, භික්ඛවෙ, කාළී දාසී භින්නෙන සීසෙන ලොහිතෙන ගලන්තෙන පටිවිස්සකානං උජ්ඣාපෙසි - ‘පස්සථය්‍යෙ, සොරතාය කම්මං; පස්සථය්‍යෙ, නිවාතාය කම්මං, පස්සථය්‍යෙ, උපසන්තාය කම්මං! කථඤ්හි නාම එකදාසිකාය දිවා උට්ඨාසීති කුපිතා අනත්තමනා අග්ගළසූචිං ගහෙත්වා සීසෙ පහාරං දස්සති, සීසං වොභින්දිස්සතී’ති.
‘‘අථ ඛො, භික්ඛවෙ, වෙදෙහිකාය ගහපතානියා අපරෙන සමයෙන එවං පාපකො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡි - ‘චණ්ඩී වෙදෙහිකා ගහපතානී, අනිවාතා වෙදෙහිකා ගහපතානී, අනුපසන්තා වෙදෙහිකා ගහපතානී’ති.
‘‘එවමෙව ඛො, භික්ඛවෙ, ඉධෙකච්චො භික්ඛු තාවදෙව සොරතසොරතො හොති නිවාතනිවාතො හොති උපසන්තූපසන්තො හොති යාව න අමනාපා වචනපථා ඵුසන්ති. යතො ච, භික්ඛවෙ, භික්ඛුං අමනාපා වචනපථා ඵුසන්ති, අථ භික්ඛු ‘සොරතො’ති වෙදිතබ්බො, ‘නිවාතො’ති වෙදිතබ්බො, ‘උපසන්තො’ති වෙදිතබ්බො. නාහං තං, භික්ඛවෙ, භික්ඛුං ‘සුවචො’ති වදාමි යො චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරහෙතු සුවචො හොති, සොවචස්සතං ආපජ්ජති. තං කිස්ස හෙතු? තඤ්හි සො, භික්ඛවෙ, භික්ඛු චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරං අලභමානො න සුවචො හොති, න සොවචස්සතං ආපජ්ජති. යො ච ඛො, භික්ඛවෙ, භික්ඛු ධම්මංයෙව සක්කරොන්තො, ධම්මං ගරුං කරොන්තො, ධම්මං මානෙන්තො, ධම්මං පූජෙන්තො, ධම්මං අපචායමානො (ධම්මං යෙව සක්කරොන්තො ධම්මං ගරුකරොන්තො ධම්මං අපචායමානො (සී. ස්‍යා. පී.)) සුවචො හොති, සොවචස්සතං ආපජ්ජති, තමහං ‘සුවචො’ති වදාමි. තස්මාතිහ, භික්ඛවෙ, ‘ධම්මංයෙව සක්කරොන්තා, ධම්මං ගරුං කරොන්තා, ධම්මං මානෙන්තා, ධම්මං පූජෙන්තා, ධම්මං අපචායමානා සුවචා භවිස්සාම, සොවචස්සතං ආපජ්ජිස්සාමා’ති. එවඤ්හි වො, භික්ඛවෙ, සික්ඛිතබ්බං.
226
“මහණෙනි, පෙර වූවක් කියමි. මේ සැවැත් නුවරම වෙදෙහිකා නම්වූ ගෘහණියක් වූවාය. මහණෙනි, ‘වෙදෙහිකා ගෘහපතිනිය, ප්‍රිය වචන කියන්නීය, උඩඟු නොවූවාය, සංසුන් සිත් ඇත්තීය’යි වෙදෙහිකා ගෘහපතිනියගේ මෙබඳුවූ ගුණ කීර්ති ශබ්දයක් පළව ගියේය.
“මහණෙනි, වෙදෙහිකා නම් ගෘහණියගේ දක්ෂවූ අලස නුවූ හොඳින් වැඩපල කරන්නාවූ කාලි නම් දාසියක් වූවාය. මහණෙනි එකල්හි කාලි නම් දාසියට මෙබඳු අදහසක් විය. වෙදෙහිකා නම් ගෘහපතිනිය ප්‍රිය වචන කියන්නීය. උඩඟු නොවූවාය. සංසුන් සිත් ඇත්තීය’යි මාගේ ආර්යාව පිළිබඳව කීර්ති රාවයක් පැතිර ඇත්තේය. කිමෙක්දෝ මාගේ ආර්යාව තමා තුළ ඇත්තාවූම කොපය පහළ නොකරන්නීද, කෝපය නැති නිසාම කෝපයක් පහළ නොකරන්නීද, නැතහොත් හොඳින් මා වැඩපල කරන නිසා තමා තුළ ඇති කෝපය පහළ නොකරන්නීද, අධ්‍යාත්මයෙහි කොපයද නැති නිසා පහළ නොකරන්නීද කියා මම ආර්යාව විමසන්නෙම් නම් යෙහෙකැ’යි සිතුවාය.
“මහණෙනි, ඉක්බිති කාලි දාසිතොම දවල්වී අවදිවූවාය. මහණෙනි, එකල්හි වෙදෙහිකා ගෘහපතිනිය කාලී දාසියට මෙසේ කීවාය. ‘බොල කාලිය,’ ‘ඇයි? ආර්යාවෙනි. කුමක් නිසා දවල්ව නැගිට්ටෙහිද?’ ‘ආර්යාවෙනි කිසිත් නැත.’ ‘බොල පව්කාරිය, කිසිත් නැත්නම් දවල්වී අවදි වූයේ ඇයිදැ’යි කියා කෝප වූවා නොසතුටු සිත් ඇත්තී මුහුණ හකුළුවා ගත්තාය.
“මහණෙනි, ඉක්බිති කාලි නම් දාසියට මෙබඳු අදහසක් විය. ‘මාගේ ආර්යා තොමෝ තමා කෙරෙහි ඇත්තාවූම කොපය පහළ නොකරන්නීය. නැත්තාවූ කොපයක් නොවේ. මා විසින්ම වැඩපළ හොඳින් කරනලද හෙයින් මාගේ ආර්යා තොමෝ තමා කෙරෙහි ඇත්තාවූම කොපය පහළ නොකරන්නීය, නැත්තාවූ කොපයක් නොවේ. මම තවදුරටත් ආර්යාව විමසන්නෙම් නම් යෙහෙක’ කියායි. මහණෙනි, ඉක්බිති කාලී දාසි තොමෝ බොහෝ දහවල්වී නැගිට්ටාය. මහණෙනි, ඉක්බිති වෙදෙහිකා ගෘහපතිනිය කාලී දාසියට මෙය කීවාය. ‘බොල කාලිය,’ ‘කිමෙක්ද? ආර්යාවෙනි,’ බොල කුමට ඉතා දවල්වී නැගිට්ටෙහිදැ’යි ඇසීය. ‘ආර්යාවෙනි, කිසිත් නැත.’ ‘බොල කාලකන්නිය, කිසිවක් නැත්නම් වඩාත් දවල්වී අවදි වූයේ කුමටදැ’යි කෝප වූවා, නොසතුටු සිත් ඇත්තී නොසතුටු වචන කීවාය.
“මහණෙනි, ඉක්බිති කාලි නම් දාසියට මෙබඳු සිතක් විය. ‘මාගේ ආර්යා තොමෝ තමා කෙරෙහි ඇත්තාවූම කෝපය පහළ නොකරන්නීය. නැති කෝපයක් නොවේ. මා විසින් මේ වැඩපල මනාව කරනලද හෙයින් මාගේ ආර්යා තොමෝ තමා කෙරෙහි ඇත්තාවූම කොපය පහළ නොකරන්නීය. නැතිවූවක් නොවේ. මම වැඩියක්ම ආර්යාව විමසන්නෙම් නම්, යෙහෙකැ’යි කියායි.
“මහණෙනි, ඉක්බිති කාලී දාසි තොමෝ තවත් වඩා දහවල්වම අවදි වූවාය. මහණෙනි, එකල්හි වෙදෙහිකා නම් ගෘහපතිනිය, කාලි දාසියට මෙසේ කීවාය. ‘එම්බල කාලිය, ‘කිමෙක්ද ආර්යාවෙනි,’ ‘කිමෙක්ද, එම්බල කාලිය, තී ඉතා දහවල්වී අවදිවූයේ කවර හෙයින්ද? ‘ආර්යාවෙනි, කිසිවක් නැතැයි’ කීය. ‘බොල, පවිටු දාසිය, කිසිවක් නැත්නම් කවර හෙයින් ඉතා දහවල්වී නැගිට්ටෙහිදැ’යි කිපී දොරපොල්ල ගෙන හිසට පහරක් දුන්නාය. හිස පැලුනේය. මහණෙනි, කාලි නම් දාසිය පැලුනු හිසින් ගලන්නාවූ ලෙයින් යුක්තව අසල් වැසියන්හට මෙසේ නුගුණ කීවාය. ‘ආර්යාවෙනි, ප්‍රිය වචන ඇති ස්ත්‍රියගේ වැඩක හැටි බලව්, උඩඟුනොවූ තැනැත්තියකගේ වැඩක හැටි බලව්, සංසුන් සිත් ඇත්තියකගේ වැඩක හැටි බලව්, එක් දාසියක් දහවල්වී නැගිටියායයි කිපී නොසතුටු සිත් ඇතිව, දොරපොල්ල ගෙන හිසට පහරදී පලන්නේදැ’යි (කීවාය.)
“මහණෙනි, ඉන් පසු කාලයෙහි වෙදෙහිකා ගෘහපතිනිය සම්බන්ධයෙන්, වෙදේහිකා ගෘහපතිනිය නපුරුය, වෙදෙහිකා ගෘහපතිනිය උඩඟුය, වෙදෙහිකා ගෘහපතිනිය දරුණුයයි ලාමකවූ අපකීර්තියක් පැනනැංගේය.
“මහණෙනි, එපරිද්දෙන්ම මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් යම්තාක් ඔහුට අමනාපවූ වචන අසන්ට නොලැබෙද්ද ඒතාක් ඉතා යහපත් වෙයි. ඉතා යටහත් පැවතුම් ඇත්තේ වෙයි. ඉතා සංසුන් පැවතුම් ඇත්තේ වෙයි. මහණෙනි, යම් හෙයකින් භික්ෂුවහට අමනාපවූ වචන අසන්ට ලැබේද එකල්හිම යහපත් භික්ෂුවකැයි යටත් පැවතුම් ඇති භික්ෂුවකැයි ශාන්තවූ භික්ෂුවකැයි දත යුත්තේය.
“මහණෙනි, යම් භික්ෂුවක් සිවුරු ආහාර සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර හේතුකොට සුවච වේද, සුවච බවට පැමිණේද ඔහු සුවචයෙකැයි මම නොකියමි. ඊට හේතු කවරේද? මහණෙනි, ඒ මහණ තෙම ඒ චීවර, පිණ්ඩපාත, සෙනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර නොලබන්නේ සුවච නොවෙයි, සුවච බවට නොපැමිණෙයි.
“මහණෙනි, යම්කිසි භික්ෂුවක් ධර්මයම සලකමින්, ධර්මයම ගරුකරමින්, ධර්මයම පුදමින් සුවචවේද, සුවච බවට පැමිණේද, මම ඒ භික්ෂුව සුවචයයි කියමි. මහණෙනි, එහෙයින් මේ ශාසනයෙහි මෙසේ හික්මිය යුතුයි. ධර්මයම සලකමින්, ධර්මයම ගරු කරමින්, ධර්මයම පුදමින් සුවච වන්නෙමි. සුවච බවට පැමිණෙන්නෙමියි මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි.
227
‘‘පඤ්චිමෙ, භික්ඛවෙ, වචනපථා යෙහි වො පරෙ වදමානා වදෙය්‍යුං - කාලෙන වා අකාලෙන වා; භූතෙන වා අභූතෙන වා; සණ්හෙන වා ඵරුසෙන වා; අත්ථසංහිතෙන වා අනත්ථසංහිතෙන වා; මෙත්තචිත්තා වා දොසන්තරා වා. කාලෙන වා, භික්ඛවෙ, පරෙ වදමානා වදෙය්‍යුං අකාලෙන වා; භූතෙන වා, භික්ඛවෙ, පරෙ වදමානා වදෙය්‍යුං අභූතෙන වා; සණ්හෙන වා, භික්ඛවෙ, පරෙ වදමානා වදෙය්‍යුං ඵරුසෙන වා; අත්ථසංහිතෙන වා, භික්ඛවෙ, පරෙ වදමානා වදෙය්‍යුං අනත්ථසංහිතෙන වා ; මෙත්තචිත්තා වා, භික්ඛවෙ, පරෙ වදමානා වදෙය්‍යුං දොසන්තරා වා. තත්‍රාපි වො, භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං - ‘න චෙව නො චිත්තං විපරිණතං භවිස්සති, න ච පාපිකං වාචං නිච්ඡාරෙස්සාම, හිතානුකම්පී ච විහරිස්සාම මෙත්තචිත්තා, න දොසන්තරා. තඤ්ච පුග්ගලං මෙත්තාසහගතෙන චෙතසා ඵරිත්වා විහරිස්සාම, තදාරම්මණඤ්ච සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චිත්තෙන විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්‍යාබජ්ඣෙන (අබ්‍යාපජ්ඣෙන (සී. ස්‍යා. පී.), අබ්‍යාපජ්ජෙන (ක.) අඞ්ගුත්තරතිකනිපාතටීකා ඔලොකෙතබ්බා) ඵරිත්වා විහරිස්සාමා’ති. එවඤ්හි වො, භික්ඛවෙ, සික්ඛිතබ්බං.
227
“මහණෙනි, කල්හි හෝ නොකල්හි හෝ සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් හෝ මෘදුව හෝ රළුව හෝ අර්ථ සහිතව හෝ අනර්ථ සහිතව හෝ මෛත්‍රී සහගත සිත් ඇතිව හෝ කිපි සිත් ඇතිව හෝ අන්‍යයන් තොපට කියන්නාවූ මේ වචන පසක් වෙත්. මහණෙනි, අන්‍යයෝ තොපට කල්හි හෝ නොකල්හි හෝ කියන්නාහුද, මහණෙනි, තොපට අන්‍යයෝ සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් හෝ කියන්නාහුද, මහණෙනි, අන්‍යයෝ තොපට මෘදුව හෝ රළුව හෝ කියන්නාහුද, මහණෙනි, අන්‍යයෝ තොපට අර්ථ සහිතව හෝ අනර්ථ සහිතව හෝ කියන්නාහුද, මහණෙනි, තොපට අන්‍යයෝ මෛත්‍රී සිත් ඇතිව හෝ කිපි සිත් ඇතිව හෝ කියන්නාහුද එහි තොප විසින් මෙසේ හික්මිය යුතුයි. අපගේ සිත නොපෙරළේවා. ලාමක වචන නොකියන්නෙමු. අනුකම්පාවෙන් යුක්තව මෛත්‍රී සහගත සිත් ඇතිව නොකිපි සිත් ඇතිව වාසය කරන්නෙමු. ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රී සිත පතුරවා වාසය කරන්නෙමු. මුළු ලෝකයම ඒ මෛත්‍රී චිත්තයාගේ අරමුණ කොට මහත්වූ මහත් බවට ගියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ද්වේෂ නැත්තාවූ මෛත්‍රී සහගත සිතින් යුක්තව වාසය කරන්නෙමුයි, මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු
228
‘‘සෙය්‍යථාපි, භික්ඛවෙ, පුරිසො ආගච්ඡෙය්‍ය කුදාලපිටකං (කුද්දාලපිටකං (සී. ස්‍යා. පී.)) ආදාය. සො එවං වදෙය්‍ය - ‘අහං ඉමං මහාපථවිං අපථවිං කරිස්සාමී’ති . සො තත්‍ර තත්‍ර විඛණෙය්‍ය (ඛණෙය්‍ය (සී. ස්‍යා. පී.)), තත්‍ර තත්‍ර විකිරෙය්‍ය, තත්‍ර තත්‍ර ඔට්ඨුභෙය්‍ය, තත්‍ර තත්‍ර ඔමුත්තෙය්‍ය - ‘අපථවී භවසි, අපථවී භවසී’ති. තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, අපි නු සො පුරිසො ඉමං මහාපථවිං අපථවිං කරෙය්‍යා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තං කිස්ස හෙතු’’? ‘‘අයඤ්හි, භන්තෙ, මහාපථවී ගම්භීරා අප්පමෙය්‍යා. සා න සුකරා අපථවී කාතුං; යාවදෙව ච පන සො පුරිසො කිලමථස්ස විඝාතස්ස භාගී අස්සා’’ති. ‘‘එවමෙව ඛො, භික්ඛවෙ, පඤ්චිමෙ වචනපථා යෙහි වො පරෙ වදමානා වදෙය්‍යුං - කාලෙන වා අකාලෙන වා; භූතෙන වා අභූතෙන වා; සණ්හෙන වා ඵරුසෙන වා; අත්ථසංහිතෙන වා අනත්ථසංහිතෙන වා; මෙත්තචිත්තා වා දොසන්තරා වා. කාලෙන වා , භික්ඛවෙ, පරෙ වදමානා වදෙය්‍යුං අකාලෙන වා; භූතෙන වා භික්ඛවෙ, පරෙ වදමානා වදෙය්‍යුං අභූතෙන වා; සණ්හෙන වා, භික්ඛවෙ, පරෙ වදමානා වදෙය්‍යුං ඵරුසෙන වා; අත්ථසංහිතෙන වා, භික්ඛවෙ, පරෙ වදමානා වදෙය්‍යුං අනත්ථසංහිතෙන වා; මෙත්තචිත්තා වා, භික්ඛවෙ, පරෙ වදමානා වදෙය්‍යුං දොසන්තරා වා. තත්‍රාපි වො, භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං - ‘න චෙව නො චිත්තං විපරිණතං භවිස්සති, න ච පාපිකං වාචං නිච්ඡාරෙස්සාම, හිතානුකම්පී ච විහරිස්සාම මෙත්තචිත්තා න දොසන්තරා. තඤ්ච පුග්ගලං මෙත්තාසහගතෙන චෙතසා ඵරිත්වා විහරිස්සාම, තදාරම්මණඤ්ච සබ්බාවන්තං ලොකං පථවිසමෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්‍යාබජ්ඣෙන ඵරිත්වා විහරිස්සාමා’ති. එවඤ්හි වො, භික්ඛවෙ, සික්ඛිතබ්බං.
228
“මහණෙනි යම්සේ පුරුෂයෙක් තෙම උදැල්ලක් හා කූඩයක් ගෙන එන්නේය. හෙතෙම “මම මේ මහ පොළොව නොපොළොවක් කරමි”යි කියන්නේය. හෙතෙම මහ පොළොව නොපොළොවක් වේවා, නොපොළොවක් වේවා යි කියමින් ඒ ඒ තැන සාරන්නේය. ඒ ඒ තැන පස් විසුරු වන්නේය. ඒ ඒ තැන කාරා දමන්නේය. ඒ ඒ තැන මුත්‍ර කරන්නේය. මහණෙනි, කුමක් සිතන්නහුද, ඒ පුරුෂයා මේ මහපොළොව නොපොළොවක් කරන්නේයයි සිතන්නහුද?”
“ස්වාමීනි, එසේ නොසිතන්නෙමු. ඊට හේතු කවරේද? ස්වාමීනි, මේ මහා පෘථිවිය වනාහි ගැඹුරුය. අති විශාලය, ඒ පෘථිවිය නොපොළොවක් කරන්නට නොහැකිය. ඒ පුරුෂයා නම් ක්ලාන්තයටද වෙහෙසටද හිමි වන්නේය.”
“මහණෙනි, කල්හි හෝ නොකල්හි හෝ සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් හෝ මෘදුව හෝ රළුව හෝ අර්ථ සහිතව හෝ අනර්ථ සහිතව හෝ මෛත්‍රී සහගත සිත් ඇතිව හෝ කිපි සිත් ඇතිව හෝ අන්‍යයන් තොපට කියන්නාවූ මේ වචන පසක් වෙත්. මහණෙනි, අන්‍යයෝ තොපට කල්හි හෝ නොකල්හි හෝ කියන්නාහුද, මහණෙනි, තොපට අන්‍යයෝ සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් හෝ කියන්නාහුද, මහණෙනි, තොපට අන්‍යයෝ මෘදුව හෝ රළුව හෝ කියන්නාහුද, මහණෙනි, තොපට අන්‍යයෝ අර්ථ සහිතව හෝ අනර්ථ සහිතව හෝ කියන්නාහුද, මහණෙනි, තොපට අන්‍යයෝ මෛත්‍රී සිත් ඇතිව හෝ කිපි සිත් ඇතිව හෝ කියන්නාහුද, එහි තොප විසින් මෙසේ හික්මිය යුතුයි. ‘අපගේ සිත නොපෙරළේවා ලාමක වචන නොකියන්නෙමු. අනුකම්පාවෙන් යුක්තව මෛත්‍රී සහගත සිත් ඇතිව නොකිපි සිත් ඇතිව වාසය කරන්නෙමු. ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රී සිත පතුරුවා වාසය කරන්නෙමු. මුළු ලෝකයම ඒ මෛත්‍රී චිත්තයාගේ අරමුණ කොට මහත්වූ මහත් බවට ගියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ද්වේෂ නැත්තාවූ මෛත්‍රී සහගත සිතින් යුක්තව වාසය කරන්නෙමු’යි, මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.
229
‘‘සෙය්‍යථාපි, භික්ඛවෙ, පුරිසො ආගච්ඡෙය්‍ය ලාඛං වා හලිද්දිං වා නීලං වා මඤ්ජිට්ඨං වා ආදාය. සො එවං වදෙය්‍ය - ‘අහං ඉමස්මිං ආකාසෙ රූපං ලිඛිස්සාමි, රූපපාතුභාවං කරිස්සාමී’ති. තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, අපි නු සො පුරිසො ඉමස්මිං ආකාසෙ රූපං ලිඛෙය්‍ය, රූපපාතුභාවං කරෙය්‍යා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තං කිස්ස හෙතු’’? ‘‘අයඤ්හි, භන්තෙ, ආකාසො අරූපී අනිදස්සනො. තත්ථ න සුකරං රූපං ලිඛිතුං, රූපපාතුභාවං කාතුං; යාවදෙව ච පන සො පුරිසො කිලමථස්ස විඝාතස්ස භාගී අස්සා’’ති. ‘‘එවමෙව ඛො, භික්ඛවෙ, පඤ්චිමෙ වචනපථා යෙහි වො පරෙ වදමානා වදෙය්‍යුං කාලෙන වා අකාලෙන වා ...පෙ.... ‘න චෙව... තදාරම්මණඤ්ච සබ්බාවන්තං ලොකං ආකාසසමෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්‍යාබජ්ඣෙන ඵරිත්වා විහරිස්සාමා’ති. එවඤ්හි වො, භික්ඛවෙ, සික්ඛිතබ්බං.
229
“මහණෙනි, පුරුෂයෙක් තෙම ලාකිරි හෝ කහපාට හෝ නිල්පාට හෝ මදටිය පාට හෝ ගෙන එන්නේය. හෙතෙම මෙසේ කියන්නේය. මම මේ අහසෙහි රූපයන් අඳින්නෙමි. රූප පහළකරන්නෙමි. මහණෙනි, ඒ පුරුෂයා මේ ආකාශයෙහි රූප අඳින්නේය. රූප පහළකරන්නේයි සිතන්නහුද?
“ස්වාමීනි, එසේ නොසිතන්නෙමු. ඊට හේතු කවරේද, මේ ආකාශය රූප රහිතය, දැකීම් රහිතය, එහි රූප ඇඳීම රූප පහළකිරීම පහසු නොවෙයි. ඒ පුරුෂයා නම් වෙහෙසීමට දුකට කොටස්කාරයෙක් වන්නේය.”
“මහණෙනි, කල්හි හෝ නොකල්හි හෝ සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් හෝ මෘදුව හෝ රළුව හෝ අර්ථ සහිතව හෝ අනර්ථ සහිතව හෝ මෛත්‍රී සහගත සිත් ඇතිව හෝ කිපි සිත් ඇතිව හෝ අන්‍යයන් තොපට කියන්නාවූ මේ වචන පසක් වෙත්. මහණෙනි, අන්‍යයෝ තොපට කල්හි හෝ නොකල්හි හෝ කියන්නාහුද, මහණෙනි, තොපට අන්‍යයෝ සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් හෝ කියන්නාහුද, මහණෙනි, තොපට අන්‍යයෝ මෘදුව හෝ රළුව හෝ කියන්නාහුද මහණෙනි, තොපට අන්‍යයෝ අර්ථ සහිතව හෝ අනර්ථ සහිතව හෝ කියන්නාහුද, මහණෙනි, තොපට අන්‍යයෝ මෛත්‍රීසිත් ඇතිව හෝ කිපි සිත් ඇතිව හෝ කියන්නාහුද, එහි තොප විසින් මෙසේ හික්මිය යුතුයි. ‘අපගේ සිත නොපෙරළේවා, ලාමක වචන නොකියන්නෙමු අනුකම්පාවෙන් යුක්තව මෛත්‍රී සහගත සිත් ඇතිව නොකිපි සිත් ඇතිව වාසය කරන්නෙමු. ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රී සිත පතුරුවා වාසය කරන්නෙමු, මුළු ලෝකයම ඒ මෛත්‍රී චිත්තයාගේ අරමුණ කොට මහත්වූ මහත් බවට ගියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ද්වේෂ නැත්තාවූ මෛත්‍රී සහගත සිතින් යුක්තව වාසය කරන්නෙමු’යි, මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය.
230
‘‘සෙය්‍යථාපි, භික්ඛවෙ, පුරිසො ආගච්ඡෙය්‍ය ආදිත්තං තිණුක්කං ආදාය. සො එවං වදෙය්‍ය - ‘අහං ඉමාය ආදිත්තාය තිණුක්කාය ගඞ්ගං නදිං සන්තාපෙස්සාමි සංපරිතාපෙස්සාමී’ති. තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, අපි නු සො පුරිසො ආදිත්තාය තිණුක්කාය ගඞ්ගං නදිං සන්තාපෙය්‍ය සංපරිතාපෙය්‍යා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තං කිස්ස හෙතු’’? ‘‘ගඞ්ගා හි, භන්තෙ, නදී ගම්භීරා අප්පමෙය්‍යා. සා න සුකරා ආදිත්තාය තිණුක්කාය සන්තාපෙතුං සංපරිතාපෙතුං; යාවදෙව ච පන සො පුරිසො කිලමථස්ස විඝාතස්ස භාගී අස්සා’’ති. ‘‘එවමෙව ඛො, භික්ඛවෙ, පඤ්චිමෙ වචනපථා යෙහි වො පරෙ වදමානා වදෙය්‍යුං කාලෙන වා අකාලෙන වා...පෙ.... ‘න චෙව... තදාරම්මණඤ්ච සබ්බාවන්තං ලොකං ගඞ්ගාසමෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්‍යාබජ්ඣෙන ඵරිත්වා විහරිස්සාමා’’ති. එවඤ්හි වො, භික්ඛවෙ, සික්ඛිතබ්බං.
230
“මහණෙනි, පුරුෂයෙක් ඇවිලෙන්නාවූ තණසුලක් ගෙන එන්නේය. හෙතෙම මම මේ ඇවිලෙන්නාවූ තණ සුලෙන් ගංගානම් නදිය උණුකරන්නෙමි, කකාරවන්නෙමියි කියන්නේය. මහණෙනි, ඒ පුරුෂයා ඇවිලගත්තාවු තණ සුලෙන් ගංගානම් නදිය උණුකරන්නේය කකාරවන්නේ යයි සිතන්නහුද?”
“ස්වාමීනි, එසේ නොසිතන්නෙමු. ඊට හේතු කවරේද, ස්වාමීනි, ගංගා නදිය ගැඹුරුය, අප්‍රමාණය, ගංගා නදිය ඇවිල ගත්තාවූ තණ සුලෙන් උණු කරන්නට කකාරවන්නට පහසු නොවේ. ඒ පුරුෂයා නම් වෙහෙසට දුකට කොටස්කාරයෙක් වන්නේය.”
“මහණෙනි, කල්හි හෝ නොකල්හි හෝ සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් හෝ මෘදුව හෝ රළුව හෝ අර්ථ සහිතව හෝ අනර්ථ සහිතව හෝ මෛත්‍රී සහගත සිත් ඇතිව හෝ කිපි සිත් ඇතිව හෝ අන්‍යයන් තොපට කියන්නාවූ මේ වචන පසක් වෙත් මහණෙනි, අන්‍යයෝ තොපට කල්හි හෝ නොකල්හි හෝ කියන්නාහුද මහණෙනි, තොපට අන්‍යයෝ සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් හෝ කියන්නාහුද, මහණෙනි, තොපට අන්‍යයෝ මෘදුව හෝ රළුව හෝ කියන්නාහුද මහණෙනි, තොපට අන්‍යයෝ අර්ථ සහිතව හෝ අනර්ථ සහිතව හෝ කියන්නාහුද, මහණෙනි, තොපට අන්‍යයෝ මෛත්‍රී සිත් ඇතිව හෝ කිපි සිත් ඇතිව හෝ කියන්නාහුද, එහි තොප විසින් මෙසේ හික්මිය යුතුයි. ‘අපගේ සිත නොපෙරළේවා, ලාමක වචන නොකියන්නෙමු. අනුකම්පාවෙන් යුක්තව මෛත්‍රී සහගත සිත් ඇතිව නොකිපි සිත් ඇතිව වාසය කරන්නෙමු. ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රී සිත පතුරවා වාසය කරන්නෙමු. මුළු ලෝකයම ඒ මෛත්‍රී චිත්තයාගේ අරමුණ කොට මහත්වූ මහත් බවට ගියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ද්වේෂ නැත්තාවූ මෛත්‍රී සහගත සිතින් යුක්තව වාසය කරන්නෙමු’යි මහණෙනි, තොපවිසින් මෙසේ හික්මිය යුතුය.
231
‘‘සෙය්‍යථාපි, භික්ඛවෙ, බිළාරභස්තා මද්දිතා සුමද්දිතා සුපරිමද්දිතා, මුදුකා තූලිනී ඡින්නසස්සරා ඡින්නභබ්භරා. අථ පුරිසො ආගච්ඡෙය්‍ය කට්ඨං වා කථලං (කඨලං (සී. ස්‍යා. පී.)) වා ආදාය. සො එවං වදෙය්‍ය - ‘අහං ඉමං බිළාරභස්තං මද්දිතං සුමද්දිතං සුපරිමද්දිතං, මුදුකං තූලිනිං, ඡින්නසස්සරං ඡින්නභබ්භරං කට්ඨෙන වා කථලෙන වා සරසරං කරිස්සාමි භරභරං කරිස්සාමී’ති . තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, අපි නු සො පුරිසො අමුං බිළාරභස්තං මද්දිතං සුමද්දිතං සුපරිමද්දිතං, මුදුකං තූලිනිං, ඡින්නසස්සරං ඡින්නභබ්භරං කට්ඨෙන වා කථලෙන වා සරසරං කරෙය්‍ය, භරභරං කරෙය්‍යා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තං කිස්ස හෙතු’’? ‘‘අමු හි, භන්තෙ, බිළාරභස්තා මද්දිතා සුමද්දිතා සුපරිමද්දිතා, මුදුකා තූලිනී, ඡින්නසස්සරා ඡින්නභබ්භරා. සා න සුකරා කට්ඨෙන වා කථලෙන වා සරසරං කාතුං භරභරං කාතුං; යාවදෙව ච පන සො පුරිසො කිලමථස්ස විඝාතස්ස භාගී අස්සා’’ති. ‘‘එවමෙව ඛො, භික්ඛවෙ, පඤ්චිමෙ වචනපථා යෙහි වො පරෙ වදමානා වදෙය්‍යුං කාලෙන වා අකාලෙන වා; භූතෙන වා අභූතෙන වා; සණ්හෙන වා ඵරුසෙන වා; අත්ථසංහිතෙන වා අනත්ථසංහිතෙන වා; මෙත්තචිත්තා වා දොසන්තරා වා. කාලෙන වා භික්ඛවෙ පරෙ වදමානා වදෙය්‍යුං අකාලෙන වා; භූතෙන වා, භික්ඛවෙ, පරෙ වදමානා වදෙය්‍යුං අභූතෙන වා; සණ්හෙන වා, භික්ඛවෙ, පරෙ වදමානා වදෙය්‍යුං ඵරුසෙන වා; අත්ථසංහිතෙන වා, භික්ඛවෙ, පරෙ වදමානා වදෙය්‍යුං අනත්ථසංහිතෙන වා; මෙත්තචිත්තා වා, භික්ඛවෙ, පරෙ වදමානා වදෙය්‍යුං දොසන්තරා වා. තත්‍රාපි වො, භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං - ‘න චෙව නො චිත්තං විපරිණතං භවිස්සති, න ච පාපිකං වාචං නිච්ඡාරෙස්සාම හිතානුකම්පී ච විහරිස්සාම මෙත්තචිත්තා න දොසන්තරා. තඤ්ච පුග්ගලං මෙත්තාසහගතෙන චෙතසා ඵරිත්වා විහරිස්සාම, තදාරම්මණඤ්ච සබ්බාවන්තං ලොකං බිළාරභස්තාසමෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්‍යාබජ්ඣෙන ඵරිත්වා විහරිස්සාමා’ති. එවඤ්හි වො, භික්ඛවෙ, සික්ඛිතබ්බං.
231
“මහණෙනි, මදින ලද්දාවූ මනාව මදින ලද්දාවූ මෘදුවූ පුළුනක් වැනිවූ සර සර යන ශබ්ද නැති බර බර යන ශබ්ද නැති බළල් සමින් කළ පසුම්බියක් වෙයි. ඉක්බිති දණ්ඩක් හෝ ගල්කැටයක් හෝ ගෙන පුරුෂයෙක් එන්නේය. හෙතෙම මෙසේ කියන්නේය, ‘මම මේ මදිනලද මොනවට මදිනලද හාත්පස මදිනලද මෘදුවූ පුළුන් වැනිවූ සර සර යන ශබ්ද නැති බර බර යන ශබ්ද නැති බළල් සමින් කළ පසුම්බිය දණ්ඩෙන් හෝ ගල්කැටයෙන් හෝ සරසර යන ශබ්ද ඇත්තක් කරන්නෙමි. බර බර යන ශබ්ද ඇත්තක් කරන්නෙමි’යි (කියයි) මහණෙනි, ඒ පුරුෂයා මදිනලද මනාව මදිනලද හාත්පස මදිනලද මෘදුවූ ශබ්ද නැති පුළුන් වැනිවූ සර සර බර බර යන ශබ්ද නැති මේ බළල් සමින් කළ පසුම්බිය දණ්ඩකින් හෝ කැටකින් හෝ සර සර යන ශබ්ද ඇත්තක් කරන්නේද? බර බර යන ශබ්ද ඇත්තක් කරන්නේද?” “ස්වාමීනි, මෙය එසේ නොකළ හැකිය. ඊට හේතු කවරේද? ස්වාමීනි, ඒ බළල් සමින් කළ පසුම්බිය මදිනලද මනාව මදිනලද හාත්පස මදිනලද, මෘදුවූ පුළුනක් වැනිවූ සර සර යන ශබ්ද නැති බර බර යන ශබ්ද නැති දෙයක් වන්නේය. එය කැටකින් හෝ දණ්ඩකින් හෝ සර සර යන ශබ්ද ඇත්තක් කරන්නට බර බර යන ශබ්ද ඇත්තක් කරන්නට පහසු නොවන්නේය. ඒ පුරුෂයා නම් වෙහෙසට දුකට කොටස්කාරයෙක් වන්නේය.”
“මහණෙනි, කල්හි හෝ නොකල්හි හෝ සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් හෝ මෘදුව හෝ රළුව හෝ අර්ථ සහිතව හෝ අනර්ථ සහිතව හෝ මෛත්‍රී සහගත සිත් ඇතිව හෝ කිපි සිත් ඇතිව හෝ අන්‍යයන් තොපට කියන්නාවූ මේ වචන පසක් වෙත් මහණෙනි, තොපට අන්‍යයෝ කල්හි හෝ නොකල්හි හෝ කියන්නාහුද, මහණෙනි, තොපට අන්‍යයෝ සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් හෝ කියන්නාහුද මහණෙනි, තොපට අන්‍යයෝ මෘදුව හෝ රළුව හෝ කියන්නාහුද මහණෙනි, අන්‍යයෝ තොපට අර්ථ සහිතව හෝ අනර්ථ සහිතව හෝ කියන්නාහුද, මහණෙනි, තොපට අන්‍යයෝ මෛත්‍රී සිත් ඇතිව හෝ කිපි සිත් ඇතිව හෝ කියන්නාහුද, එහි තොප විසින් මෙසේ හික්මිය යුතුයි. ‘අපගේ සිත නොපෙරළේවා, ලාමක වචන නොකියන්නෙමු අනුකම්පාවෙන් යුක්තව මෛත්‍රී සහගත සිත් ඇතිව නොකිපි සිත් ඇතිව වාසය කරන්නෙමු. ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රී සිත පතුරුවා වාසය කරන්නෙමු. මුළු ලෝකයම ඒ මෛත්‍රී චිත්තයාගේ අරමුණකොට මහත්වූ මහත් බවට ගියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ද්වේෂ නැත්තාවූ මෛත්‍රී සහගත සිතින් යුක්තව වාසය කරන්නෙමු’යි මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය.
232
‘‘උභතොදණ්ඩකෙන චෙපි, භික්ඛවෙ, කකචෙන චොරා ඔචරකා අඞ්ගමඞ්ගානි ඔකන්තෙය්‍යුං, තත්‍රාපි යො මනො පදූසෙය්‍ය, න මෙ සො තෙන සාසනකරො. තත්‍රාපි වො, භික්ඛවෙ , එවං සික්ඛිතබ්බං - ‘න චෙව නො චිත්තං විපරිණතං භවිස්සති, න ච පාපිකං වාචං නිච්ඡාරෙස්සාම, හිතානුකම්පී ච විහරිස්සාම මෙත්තචිත්තා න දොසන්තරා. තඤ්ච පුග්ගලං මෙත්තාසහගතෙන චෙතසා ඵරිත්වා විහරිස්සාම තදාරම්මණඤ්ච සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්‍යාබජ්ඣෙන ඵරිත්වා විහරිස්සාමා’ති. එවඤ්හි වො, භික්ඛවෙ, සික්ඛිතබ්බං.
232
“මහණෙනි, පහත් ක්‍රියා කරන්නාවූ සොරු දෙපස දඬු ඇති කියතකින් ශරීර අවයව කපන්නාහුද යමෙක් ඒ සිය සිරුර කපන සොරුන් කෙරෙහිද හිත දූෂ්‍ය කරගනී නම් එයින් හෙතෙම මාගේ අවවාදයට අනුව පිළිපදින්නෙක් නොවෙයි. මහණෙනි, එහිදු මෙසේ හික්මිය යුතුයි. ‘අපගේ සිත නොපෙරළේවා, ලාමකවූ වචනද නොකියන්නෙමු, හිතානුකම්පා ඇතිව මෛත්‍රී සිත් ඇතිව ඇතුළත තරහ නැතිව වාසය කරන්නෙමු. ඒ පුද්ගලයා කෙරෙහිද මෛත්‍රී සහගත සිත පතුරුවා වාසය කරන්නෙමු. මුළුලෝකයද ඒ මෛත්‍රී සහගත සිතේ අරමුණ කොට විපුලවූ මහද්ගතවූ අප්‍රමාණවූ අවෛරවූ නිදුක්වූ මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරන්නෙමු’යි (හික්මිය යුතුයි.) මහණෙනි, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි.
233
‘‘ඉමඤ්ච (ඉමඤ්චෙ (?)) තුම්හෙ, භික්ඛවෙ, කකචූපමං ඔවාදං අභික්ඛණං මනසි කරෙය්‍යාථ. පස්සථ නො තුම්හෙ, භික්ඛවෙ, තං වචනපථං, අණුං වා ථූලං වා, යං තුම්හෙ නාධිවාසෙය්‍යාථා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තස්මාතිහ, භික්ඛවෙ, ඉමං කකචූපමං ඔවාදං අභික්ඛණං මනසිකරොථ. තං වො භවිස්සති දීඝරත්තං හිතාය සුඛායා’’ති.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
233
“මහණෙනි, තොප මේ කකචූපමොවාද ධර්මය නිතර මෙනෙහි කරව්. මහණෙනි, තෙපි යම් හෙයකින් නොඉවසන්නාවූ අල්ප සාවද්‍යවූ හෝ මහා සාවද්‍යවූ හෝ යම් වචනයක් දක්නහුද?” “නැත, ස්වාමිනී”.
“මහණෙනි, එහෙයින් තෙපි මේ කකචූපමොවාද ධර්මය නිතර මෙනෙහි කරව්. ඒ මෙනෙහි කිරීම තොපට බොහෝ කාලයක් මුළුල්ලෙහි වැඩ පිණිසද සැප පිණිසද වන්නේය’යි මේ සූත්‍ර ධර්මය භාග්‍යවතුන් වහන්සේ වදාළහ. සතුටුවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තාහුය.
2. අලගද්දූපමසුත්තං 2. අලගද්දූපම සූත්‍රය
3. වම්මිකසුත්තං 3. වම්මික සූත්‍රය
4. රථවිනීතසුත්තං 4. රථ විනීත සූත්‍රය
5. නිවාපසුත්තං 5. නිවාප සූත්‍රය
6. පාසරාසිසුත්තං 6. අරියපරියෙසන සූත්‍රය
7. චූළහත්ථිපදොපමසුත්තං 7. චූලහත්ථිපදොපම සූත්‍රය
8. මහාහත්ථිපදොපමසුත්තං 8. මහා හත්ථිපදොපම සූත්‍රය
9. මහාසාරොපමසුත්තං 9. මහා සාරොපම සූත්‍රය
10. චූළසාරොපමසුත්තං 10. චූලසාරොපම සූත්‍රය