ත්‍රිපිටකය
2. සීහනාදවග්ගො 2. සීහනාද වර්ගය
1. චූළසීහනාදසුත්තං 1. චූල සීහනාද සූත්‍රය
2. මහාසීහනාදසුත්තං 2. මහා සීහනාද සූත්‍රය
3. මහාදුක්ඛක්ඛන්ධසුත්තං 3. මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය
4. චූළදුක්ඛක්ඛන්ධසුත්තං 4. චූල දුක්ඛක්ඛන්ධ සූත්‍රය
5. අනුමානසුත්තං 5. අනුමාන සූත්‍රය
6. චෙතොඛිලසුත්තං 6. චෙතොඛිල සූත්‍රය
7. වනපත්ථසුත්තං 7. වනපත්ථ සූත්‍රය
8. මධුපිණ්ඩිකසුත්තං 8. මධු පිණ්ඩික සූත්‍රය
9. ද්වෙධාවිතක්කසුත්තං 9. ද්වෙධා විතක්ක සූත්‍රය
206
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘භික්ඛවො’’ති. ‘‘භදන්තෙ’’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
‘‘පුබ්බෙව මෙ, භික්ඛවෙ, සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො එතදහොසි - ‘යංනූනාහං ද්විධා කත්වා ද්විධා කත්වා විතක්කෙ විහරෙය්‍ය’න්ති. සො ඛො අහං, භික්ඛවෙ, යො චායං කාමවිතක්කො යො ච බ්‍යාපාදවිතක්කො යො ච විහිංසාවිතක්කො - ඉමං එකං භාගමකාසිං ; යො චායං නෙක්ඛම්මවිතක්කො යො ච අබ්‍යාපාදවිතක්කො යො ච අවිහිංසාවිතක්කො - ඉමං දුතියං භාගමකාසිං.
206
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඩු මහ සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” කියා භික්ෂූන්ට ආමන්ත්‍රණය කළහ. “ස්වාමීනි” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.
“මහණෙනි, බුදුවන්නට කලින් බුදුනොවූ බොධිසත්වවූ මට මේ අදහස ඇතිවිය ‘මම විතර්කයන් (කල්පනාවන්) දෙකොටසක් දෙකොටසක් කොට බෙදා වාසය කරන්නෙම් නම් හොඳය’ කියායි. “මහණෙනි, ඒ මම යම් මේ කාම විතර්කයක් (කාමයන් පිළිබඳ කල්පනාවක්) වේද යම් ව්‍යාපාද විතර්කයක් (ක්‍රොධ කල්පනාවක්) වේද, යම් විහිංසා විතර්කයක් (හිංසා කල්පනාවක්) වේද, මේ අකුසල කල්පනා එක් කොටසක් කෙළෙමි.
යම් මේ නෛෂ්ක්‍රම්‍ය (කාමයන්ගෙන් වෙන්වීමේ) කල්පනාවක් වේද, යම් අව්‍යාපාද (මෛත්‍රී සහගත) කල්පනාවක් වේද යම් අවිහිංසා (හිංසා නොකිරීමේ) කල්පනාවක් වේද මේ කුසල කල්පනා දෙවෙනි කොටස කෙළෙමි.
207
‘‘තස්ස මය්හං, භික්ඛවෙ, එවං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො උප්පජ්ජති කාමවිතක්කො. සො එවං පජානාමි - ‘උප්පන්නො ඛො මෙ අයං කාමවිතක්කො. සො ච ඛො අත්තබ්‍යාබාධායපි සංවත්තති, පරබ්‍යාබාධායපි සංවත්තති, උභයබ්‍යාබාධායපි සංවත්තති, පඤ්ඤානිරොධිකො විඝාතපක්ඛිකො අනිබ්බානසංවත්තනිකො’ (අනිබ්බානසංවත්තනිකො’’ති (?)). ‘අත්තබ්‍යාබාධාය සංවත්තතී’තිපි මෙ, භික්ඛවෙ, පටිසඤ්චික්ඛතො අබ්භත්ථං ගච්ඡති; ‘පරබ්‍යාබාධාය සංවත්තතී’තිපි මෙ, භික්ඛවෙ, පටිසඤ්චික්ඛතො අබ්භත්ථං ගච්ඡති; ‘උභයබ්‍යාබාධාය සංවත්තතී’තිපි මෙ, භික්ඛවෙ, පටිසඤ්චික්ඛතො අබ්භත්ථං ගච්ඡති; ‘පඤ්ඤානිරොධිකො විඝාතපක්ඛිකො අනිබ්බානසංවත්තනිකො’තිපි මෙ, භික්ඛවෙ, පටිසඤ්චික්ඛතො අබ්භත්ථං ගච්ඡති. සො ඛො අහං, භික්ඛවෙ, උප්පන්නුප්පන්නං කාමවිතක්කං පජහමෙව (අතීතකාලිකකිරියාපදානියෙව) විනොදමෙව (අතීතකාලිකකිරියාපදානියෙව) බ්‍යන්තමෙව (බ්‍යන්තෙව (සී. ස්‍යා. පී.)) නං අකාසිං.
207
“මහණෙනි, මෙසේ අප්‍රමාදව කෙලෙස් තවන වීර්යය ඇතිව වාසය කරන්නාවූ ඒ මට කාම කල්පනාවක් උපදියිද ඒ මම මෙසේ දනිමි. මට මේ කාම කල්පනාව උපන්නීය. ඒ කාම කල්පනාව වනාහි තමහටද දුක් පිණිස පවතියි. අන්‍යයා හටද දුක් පිණිස පවතී. දෙපක්ෂයටමද දුක් පිණිස පවතියි. ප්‍රඥාව වළකන්නීය. දුක් පක්ෂයෙහි සිටියාය. නිවන් පිණිස නොපවත්නීය. මහණෙනි, තමහට දුක් පිණිස පවතීයයි කියා සලකන්නාවූ මගේ සිතේ උපන් කාම කල්පනාව විනාශයට යෙයි. මහණෙනි, පරහට දුක් පිණිස පවතීයයි කියා සලකන්නාවූ මා තුළ උපන් කාම කල්පනාව විනාශයට යෙයි. දෙපක්ෂයටම දුක් පිණිස පවතීයයි සලකන්නාවූ මා තුළ උපන් කාම කල්පනාව විනාශයට යෙයි. ප්‍රඥාව වළකන්නීය. දුක් පක්ෂයෙහි සිටියාය. නිවන් පිණිස නොපවතින්නීයයි සලකන්නාවූ මා තුළ උපන් කාම කල්පනාව විනාශයට යෙයි.
“මහණෙනි, ඒ මම උපන් කාම විතර්කය දුරුකෙළෙම් මය, බැහැර කෙළෙම්මය. එය ඉතිරි නොකෙළෙම්මය.
208
‘‘තස්ස මය්හං, භික්ඛවෙ, එවං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො උප්පජ්ජති බ්‍යාපාදවිතක්කො...පෙ.... උප්පජ්ජති විහිංසාවිතක්කො. සො එවං පජානාමි - ‘උප්පන්නො ඛො මෙ අයං විහිංසාවිතක්කො. සො ච ඛො අත්තබ්‍යාබාධායපි සංවත්තති, පරබ්‍යාබාධායපි සංවත්තති, උභයබ්‍යාබාධායපි සංවත්තති, පඤ්ඤානිරොධිකො විඝාතපක්ඛිකො අනිබ්බානසංවත්තනිකො’. ‘අත්තබ්‍යාබාධාය සංවත්තතී’තිපි මෙ, භික්ඛවෙ, පටිසඤ්චික්ඛතො අබ්භත්ථං ගච්ඡති; ‘පරබ්‍යාබාධාය සංවත්තතී’තිපි මෙ, භික්ඛවෙ, පටිසඤ්චික්ඛතො අබ්භත්ථං ගච්ඡති; ‘උභයබ්‍යාබාධාය සංවත්තතී’තිපි මෙ, භික්ඛවෙ, පටිසඤ්චික්ඛතො අබ්භත්ථං ගච්ඡති; ‘පඤ්ඤානිරොධිකො විඝාතපක්ඛිකො අනිබ්බානසංවත්තනිකො’තිපි මෙ, භික්ඛවෙ, පටිසඤ්චික්ඛතො අබ්භත්ථං ගච්ඡති. සො ඛො අහං, භික්ඛවෙ, උප්පන්නුප්පන්නං විහිංසාවිතක්කං පජහමෙව විනොදමෙව බ්‍යන්තමෙව නං අකාසිං.
‘‘යඤ්ඤදෙව, භික්ඛවෙ, භික්ඛු බහුලමනුවිතක්කෙති අනුවිචාරෙති, තථා තථා නති හොති චෙතසො. කාමවිතක්කං චෙ, භික්ඛවෙ, භික්ඛු බහුලමනුවිතක්කෙති අනුවිචාරෙති, පහාසි නෙක්ඛම්මවිතක්කං, කාමවිතක්කං බහුලමකාසි, තස්ස තං කාමවිතක්කාය චිත්තං නමති. බ්‍යාපාදවිතක්කං චෙ, භික්ඛවෙ...පෙ.... විහිංසාවිතක්කං චෙ, භික්ඛවෙ, භික්ඛු බහුලමනුවිතක්කෙති අනුවිචාරෙති, පහාසි අවිහිංසාවිතක්කං, විහිංසාවිතක්කං බහුලමකාසි, තස්ස තං විහිංසාවිතක්කාය චිත්තං නමති. සෙය්‍යථාපි, භික්ඛවෙ, වස්සානං පච්ඡිමෙ මාසෙ සරදසමයෙ කිට්ඨසම්බාධෙ ගොපාලකො ගාවො රක්ඛෙය්‍ය. සො තා ගාවො තතො තතො දණ්ඩෙන ආකොටෙය්‍ය පටිකොටෙය්‍ය සන්නිරුන්ධෙය්‍ය සන්නිවාරෙය්‍ය. තං කිස්ස හෙතු? පස්සති හි සො, භික්ඛවෙ, ගොපාලකො තතොනිදානං වධං වා බන්ධනං වා ජානිං වා ගරහං වා. එවමෙව ඛො අහං, භික්ඛවෙ, අද්දසං අකුසලානං ධම්මානං ආදීනවං ඔකාරං සංකිලෙසං, කුසලානං ධම්මානං නෙක්ඛම්මෙ ආනිසංසං වොදානපක්ඛං.
208
“මහණෙනි, මෙසේ අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යය ඇතිව වාසය කරන්නාවූ ඒ මට ක්‍රොධ සහගත කල්පනාවක් පහළ වෙයිද, ඒ මම මෙසේ දනිමි. මට මේ ක්‍රොධ සහගත කල්පනාව උපන්නීය. ඒ ක්‍රොධ සහගත කල්පනාව වනාහි තමහටද දුක් පිණිස පවතී. අන්‍යයාහටද දුක් පිණිස පවතී. දෙපක්ෂයටමද දුක් පිණිස පවතියි, ප්‍රඥාව වළකන්නීය. දුක් පක්ෂයෙහි සිටියාය. නිවන් පිණිස නොපවත්නීය.
“මහණෙනි, තමහට දුක් පිණිස පවතීයයි කියා සලකන්නාවූ මගේ සිතේ උපන් ක්‍රොධ සහගත කල්පනාව විනාශයට යෙයි. මහණෙනි, පරහට දුක් පිණිස පවතීයයි කියා සලකන්නාවූ මා තුළ උපන් ක්‍රොධ සහගත කල්පනාව විනාශයට යෙයි. දෙපක්ෂයටම දුක් පිණිස පවතීයයි සලකන්නාවූ මා තුළ උපන් ක්‍රොධ සහගත කල්පනාව විනාශයට යෙයි. ප්‍රඥාව වළකන්නීය, දුක් පක්ෂයෙහි පිහිටියාය, නිවන් පිණිස නොපවතින්නීයයි සලකන්නාවූ මා තුළ උපන් ක්‍රොධ සහගත කල්පනාව විනාශයට යෙයි. මහණෙනි, ඒ මම උපන් ක්‍රොධ සහගත කල්පනාව දුරුකෙළෙම්මය. බැහැර කෙළෙම්මය. ඉතිරි නොකෙළෙම්මය.
“මහණෙනි, මෙසේ අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යය ඇතිව වාසය කරන්නාවූ ඒ මට හිංසා කිරීමේ කල්පනාව පහළ වෙයිද, ඒ මම මෙසේ දනිමි. මට මේ හිංසා කිරීමේ කල්පනාව උපන්නීය. ඒ හිංසා කිරීමේ කල්පනාව වනාහි තමහටද දුක් පිණිස පවතී. අන්‍යයාහටද දුක් පිණිස පවතී. දෙපක්ෂයටමද දුක් පිණිස පවතියි. ප්‍රඥාව වළකන්නීය. දුක් පක්ෂයෙහි සිටියාය. නිවන් පිණිස නොපවත්නීය.
“මහණෙනි, තමහට දුක් පිණිස පවතීයයි කියා සලකන්නාවූ මගේ සිතේ උපන් හිංසා කිරීමේ කල්පනාව විනාශයට යෙයි. මහණෙනි, පරහට දුක් පිණිස පවතීයයි කියා සලකන්නාවූ මා තුළ උපන් හිංසා කිරීමේ කල්පනාව විනාශයට යෙයි. දෙපක්ෂයටම දුක් පිණිස පවතීයයි සලකන්නාවූ මා තුළ උපන් හිංසා කිරීමේ කල්පනාව විනාශයට යෙයි. ප්‍රඥාව වළකන්නීය, දුක් පක්ෂයෙහි සිටියාය. නිවන් පිණිස නොපවත්නීයයි සලකන්නාවූ මා තුළ උපන් හිංසා කිරීමේ කල්පනාව විනාශයට යෙයි.
“මහණෙනි, ඒ මම උපන් හිංසා කිරීමේ කල්පනාව දුරු කෙළෙම්මය, බැහැර කෙළෙම්මය, ඉතිරි නොකෙළෙම්මය.
මහණෙනි, මහණතෙම යම් යම් කල්පනාවක් බොහෝ කොට නැවත නැවත කල්පනා කරයිද, නැවත නැවත සිත්හි පවත්වයිද, ඒ ඒ පරිද්දෙන් හිතේ නැමීම වෙයි. මහණෙනි, ඉදින් මහණතෙම කාම විතර්කය බොහෝ කොට නැවත නැවත කල්පනා කෙරේද, නැවත නැවත පවත්වයිද, කාමයන්ගෙන් වෙන්වීමේ කල්පනාව දුරු කෙළේද, කාම කල්පනා බහුල කෙළේද ඔහුගේ ඒ සිත කාම විතර්කය පිණිස නැමෙයි.
“මහණෙනි, ඉදින් මහණතෙම ක්‍රොධ කල්පනා බොහෝ කොට නැවත නැවත කල්පනා කෙරේද, නැවත නැවත සිත්හි පවත්වයි, ක්‍රෝධයෙන් වෙන්වීමේ කල්පනාව දුරු කළේද, ක්‍රොධ කල්පනා බහුල කළේද, ඔහුගේ ඒ සිත ක්‍රොධ කල්පනා පිණිස නැමෙයි.
“මහණෙනි, ඉදින් හිංසා කිරීමේ කල්පනා බොහෝකොට නැවත නැවත කල්පනා කෙරේද, නැවත නැවත සිත්හි පවත්වයිද, විහිංසාවෙන් වෙන්වීමේ කල්පනාව දුරුකෙළේද, විහිංසා කල්පනා බහුල කෙළේද ඔහුගේ ඒ සිත විහිංසා කල්පනාව පිණිස නැමෙයි.
“මහණෙනි, යම්සේ වැහිකාලයට අයත් අන්තිම මාසයෙහි සරත් කාලයෙහි ගොයමට යෑම වැළැක්විය යුතු කල්හි ගොපලුතෙම ගවයන් පාලනය කෙරේද, හෙතෙම ඒ ගවයන්ට ඒ ඒ පැත්තෙන් කෙවිටෙන් පහර දෙන්නේය. නැවත නැවත පහර දෙන්නේය. ඔබ මොබ යානොදී වළක්වන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, ගොපලුතෙම ඒ ගවයන් හොඳින් බලානොගැනීම හේතුකොට ගෙන පැමිණිය හැකි හිංසා පීඩාද, වධ බන්ධනද, ධන හානියද, නින්දා අපහාසද දකියි. මමද මහණෙනි, එසේම අකුශල ධර්මයන්ගේ දෝෂයද, ලාමක බවද, කෙලෙසීමද, කුශල ධර්මයන්ගේද, කාමයන්ගෙන් වෙන්වීමෙහි අනුසස්ද, පිරිසිදු බවද දුටුයෙමි.
209
‘‘තස්ස මය්හං, භික්ඛවෙ, එවං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො උප්පජ්ජති නෙක්ඛම්මවිතක්කො. සො එවං පජානාමි - ‘උප්පන්නො ඛො මෙ අයං නෙක්ඛම්මවිතක්කො. සො ච ඛො නෙවත්තබ්‍යාබාධාය සංවත්තති, න පරබ්‍යාබාධාය සංවත්තති, න උභයබ්‍යාබාධාය සංවත්තති, පඤ්ඤාවුද්ධිකො අවිඝාතපක්ඛිකො නිබ්බානසංවත්තනිකො’. රත්තිං චෙපි නං, භික්ඛවෙ, අනුවිතක්කෙය්‍යං අනුවිචාරෙය්‍යං, නෙව තතොනිදානං භයං සමනුපස්සාමි. දිවසං චෙපි නං, භික්ඛවෙ, අනුවිතක්කෙය්‍යං අනුවිචාරෙය්‍යං, නෙව තතොනිදානං භයං සමනුපස්සාමි. රත්තින්දිවං චෙපි නං, භික්ඛවෙ, අනුවිතක්කෙය්‍යං අනුවිචාරෙය්‍යං, නෙව තතොනිදානං භයං සමනුපස්සාමි. අපි ච ඛො මෙ අතිචිරං අනුවිතක්කයතො අනුවිචාරයතො කායො කිලමෙය්‍ය . කායෙ කිලන්තෙ (කිලමන්තෙ (ක.)) චිත්තං ඌහඤ්ඤෙය්‍ය. ඌහතෙ චිත්තෙ ආරා චිත්තං සමාධිම්හාති. සො ඛො අහං, භික්ඛවෙ, අජ්ඣත්තමෙව චිත්තං සණ්ඨපෙමි සන්නිසාදෙමි එකොදිං කරොමි (එකොදි කරොමි (පී.)) සමාදහාමි. තං කිස්ස හෙතු? ‘මා මෙ චිත්තං ඌහඤ්ඤී’ති (උග්ඝාටීති (ස්‍යා. ක.), ඌහනීති (පී.)).
209
මහණෙනි, මෙසේ අප්‍රමාදව කෙලෙස් තවන වීර්යය ඇතිව කාය ජීවිත පරිත්‍යාග කොට වාසය කරන්නාවූ ඒ මට කාමයන්ගෙන් නික්මීමේ කල්පනාව උපදීද, ඒ මම මෙසේ දනිමි. මට මේ කාමයන්ගෙන් වෙන්වීමේ කල්පනාව උපන්නේය. ඒ වනාහි තමහට දුක් පිණිසද නොවෙයි. පරහට දුක් පිණිසද නොවෙයි. දෙපක්ෂයටමද දුක් පිණිස නොවෙයි. ලෞකික ලොකොත්තර ප්‍රඥාව වඩයි. දුක් උපදවන පක්ෂයෙහි නොවෙයි. නිවන් පිණිස පවත්නේය. මහණෙනි, මුලු රාත්‍රියෙහිම එය කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොටගෙන බයක් නොමදකිමි. දාවල් කාලය මුලුල්ලෙහි එය කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොට ගෙන බයක් නොමදකිමි. රෑ දාවල් දෙක්හිම කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොට ගෙන භයක් නොමදකිමි. එසේද වුවත් බොහෝ වේලාවක් කල්පනා කරන්නාවූ මාගේ ශරීරය ක්ලාන්ත වෙයි, ශරීරය ක්ලාන්තවූවිට සිත නොසන්සුන් වෙයි. සිත නොසන්සුන්වූ කල්හි සමාධිය කෙරෙන් සිත ඈත්වෙයි. මහණෙනි, ඒ මම ඇතුළතින්ම සිත මනාව තබමි, හිඳුවමි, එකඟ කරමි, මනාව පිහිටුවමි. ඊට හේතු කවරේද? මාගේ සිත නොවිසිරේවායි (සිතායි.)
210
‘‘තස්ස මය්හං, භික්ඛවෙ, එවං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො උප්පජ්ජති අබ්‍යාපාදවිතක්කො...පෙ.... උප්පජ්ජති අවිහිංසාවිතක්කො. සො එවං පජානාමි - ‘උප්පන්නො ඛො මෙ අයං අවිහිංසාවිතක්කො. සො ච ඛො නෙවත්තබ්‍යාබාධාය සංවත්තති, න පරබ්‍යාබාධාය සංවත්තති, න උභයබ්‍යාබාධාය සංවත්තති, පඤ්ඤාවුද්ධිකො අවිඝාතපක්ඛිකො නිබ්බානසංවත්තනිකො’. රත්තිං චෙපි නං, භික්ඛවෙ, අනුවිතක්කෙය්‍යං අනුවිචාරෙය්‍යං, නෙව තතොනිදානං භයං සමනුපස්සාමි. දිවසං චෙපි නං, භික්ඛවෙ, අනුවිතක්කෙය්‍යං අනුවිචාරෙය්‍යං, නෙව තතොනිදානං භයං සමනුපස්සාමි. රත්තින්දිවං චෙපි නං, භික්ඛවෙ, අනුවිතක්කෙය්‍යං අනුවිචාරෙය්‍යං, නෙව තතොනිදානං භයං සමනුපස්සාමි. අපි ච ඛො මෙ අතිචිරං අනුවිතක්කයතො අනුවිචාරයතො කායො කිලමෙය්‍ය. කායෙ කිලන්තෙ චිත්තං ඌහඤ්ඤෙය්‍ය. ඌහතෙ චිත්තෙ ආරා චිත්තං සමාධිම්හාති. සො ඛො අහං, භික්ඛවෙ, අජ්ඣත්තමෙව චිත්තං සණ්ඨපෙමි, සන්නිසාදෙමි, එකොදිං කරොමි සමාදහාමි. තං කිස්ස හෙතු? ‘මා මෙ චිත්තං ඌහඤ්ඤී’ති.
‘‘යඤ්ඤදෙව, භික්ඛවෙ, භික්ඛු බහුලමනුවිතක්කෙති අනුවිචාරෙති, තථා තථා නති හොති චෙතසො. නෙක්ඛම්මවිතක්කඤ්චෙ, භික්ඛවෙ, භික්ඛු බහුලමනුවිතක්කෙති අනුවිචාරෙති, පහාසි කාමවිතක්කං, නෙක්ඛම්මවිතක්කං බහුලමකාසි, තස්සං තං නෙක්ඛම්මවිතක්කාය චිත්තං නමති. අබ්‍යාපාදවිතක්කඤ්චෙ, භික්ඛවෙ...පෙ.... අවිහිංසාවිතක්කඤ්චෙ, භික්ඛවෙ, භික්ඛු බහුලමනුවිතක්කෙති අනුවිචාරෙති, පහාසි විහිංසාවිතක්කං, අවිහිංසාවිතක්කං බහුලමකාසි, තස්ස තං අවිහිංසාවිතක්කාය චිත්තං නමති. සෙය්‍යථාපි, භික්ඛවෙ, ගිම්හානං පච්ඡිමෙ මාසෙ සබ්බසස්සෙසු ගාමන්තසම්භතෙසු ගොපාලකො ගාවො රක්ඛෙය්‍ය , තස්ස රුක්ඛමූලගතස්ස වා අබ්භොකාසගතස්ස වා සතිකරණීයමෙව හොති - ‘එතා (එතෙ (ක.)) ගාවො’ති. එවමෙවං ඛො, භික්ඛවෙ, සතිකරණීයමෙව අහොසි - ‘එතෙ ධම්මා’ති.
210
“මහණෙනි, මෙසේ අප්‍රමාදව කෙලෙස් තවන වීර්යය ඇතිව, කාය ජීවිත පරිත්‍යාග කොට වාසය කරන්නාවූ ඒ මට මෛත්‍රී සහගත කල්පනාව උපදියිද, ඒ මම මෙසේ දනිමි. මට මේ මෛත්‍රි සහගත කල්පනාව උපන්නීය. ඒ වනාහි තමහට දුක් පිණිසද නොවෙයි. පරහට දුක් පිණිසද නොවෙයි. දෙපක්ෂයටම දුක් පිණිසද නොවෙයි. ලෞකික ලොකොත්තර ප්‍රඥාව වඩයි. දුක් උපදවන පක්ෂයෙහි නොවෙයි. නිවන් පිණිස පවත්නේය. මහණෙනි, මුලු රාත්‍රියෙහිම එය කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතු කොට ගෙන භයක් නොමදකිමි. දාවල් කාලය මුලුල්ලෙහි එය කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොටගෙන භයක් නොමදකිමි. රෑ දාවල් දෙක්හිම කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතු කොට ගෙන භයක් නොමදකිමි. එසේද වුවත් බොහෝ වේලාවක් කල්පනා කරන්නාවූ මාගේ ශරීරය ක්ලාන්තය වෙයි. ශරීරය ක්ලාන්ත වූවිට සිත නොසන්සුන් වෙයි. නොසන්සුන්වූ කල්හි සමාධිය කෙරෙන් සිත ඈත්වෙයි. මහණෙනි, ඒ මම ඇතුළත්හිම සිත මනාව තබමි, හිඳුවමි, එකඟ කරමි, මනාව පිහිටුවමි, ඊට හේතු කවරේද? මාගේ සිත නොවිසිරේවායි (සිතායි.)
“මහණෙනි, මෙසේ අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යය ඇතිව, ආත්මය පරිත්‍යාග කොට වාසය කරන්නාවූ මට හිංසා නොකිරීමේ කල්පනාව උපදියිද, ඒ මම මෙසේ දකිමි. මට මේ හිංසා නොකිරීමේ කල්පනාව උපන්නීය. ඒ වනාහි තමහට දුක් පිණිසද නොවෙයි. පරහට දුක් පිණිසද නොවෙයි. දෙපක්ෂයටම දුක් පිණිද නොවෙයි. ලෞකික ලොකොත්තර ප්‍රඥාව වඩයි. දුක් උපදවන පක්ෂයෙහි නොවෙයි. නිවන් පිණිස පවත්නේය. මහණෙනි, මුළු රාත්‍රියෙහිම එය කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොට ගෙන භයක් නොමදකිමි. දාවල් කාලය මුළුල්ලෙහි එය කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොට ගෙන භයක් නොමදකිමි. රෑ දාවල් දෙක්හිම කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොටගෙන භයක් නොදකිමි. එසේද වුවත් බොහෝ වේලාවක් කල්පනා කරන්නාවූ මාගේ ශරීරය ක්ලාන්ත වෙයි. ශරීරය ක්ලාන්තවූවිට සිත නොසන්සුන් වෙයි. සිත නොසන්සුන්වූවිට සමාධිය කෙරෙන් සිත ඈත්වෙයි. මහණෙනි, ඒ මම ඇතුළතම සිත මනාව තබමි, හිඳුවමි, එකඟ කරමි, මනාව පිහිටුවමි. ඊට හේතු කවරේද? මාගේ සිත නොවිසිරේවායි (සිතාය.)
“මහණෙනි, මහණතෙම යම් යම් කල්පනාවක් බහුලව නැවත නැවත කල්පනා කෙරේද, නැවත නැවත සිතේ පවත්වයිද, ඒ ඒ ආකාරයෙන් නැමීම වෙයි. මහණෙනි, ඉදින් මහණතෙම කාමයෙන් වෙන්වීමේ කල්පනාව බොහෝ කොට නැවත නැවත කල්පනා කෙරේද, නැවත නැවත සිතේ පවත්වයිද, කාම කල්පනා බැහැර කෙරේද, කාමයෙන් වෙන්වීමේ කල්පනාව බහුල කෙරේද, ඔහුගේ සිත කාමයෙන් වෙන්වීමේ කල්පනාව පිණිස නැමෙයි.
“මහණෙනි, ඉදින් මහණතෙම මෛත්‍රි කල්පනාව බොහෝ කොට නැවත නැවත කල්පනා කෙරේද, නැවත නැවත සිත්හි කෙරේද, ක්‍රොධ කල්පනා බැහැර කෙරේද, මෛත්‍රී කල්පනා බහුල කෙරේද, ඔහුගේ ඒ සිත මෛත්‍රී කල්පනාව පිණිස නැමෙයි.
“මහණෙනි, ඉදින් මහණතෙම හිංසා නොකිරීමේ කල්පනා බොහෝ කොට කෙරේද, නැවත නැවත සිත්හි කෙරේද, හිංසා කිරීමේ කල්පනා බැහැර කෙරේද, මෛත්‍රී කල්පනා බහුල කෙරේද, ඔහුගේ ඒ සිත මෛත්‍රී කල්පනාව පිණිස නැමෙයි.
“මහණෙනි, යම්සේ ග්‍රීෂ්ම ඍතුවට අයත් අන්තිම මාසයෙහි සියලු ශස්‍යයන් ගමට ගෙනගිය කල්හි ගොපලුතෙම ගවයන් නොරක්නේද, ගසක් යටටවී හෝ එළිමහන් තැනකටවී හෝ මේ ගවයෝයයි සිහිකිරීම පමණක් ඔහුට ප්‍රමාණවත් වෙයිද, මහණෙනි, එපරිද්දෙන්ම මේ ධර්මයෝයයි සිහිකිරීම පමණක් ප්‍රමාණවත්ය.
211
‘‘ආරද්ධං ඛො පන මෙ, භික්ඛවෙ, වීරියං අහොසි අසල්ලීනං, උපට්ඨිතා සති අසම්මුට්ඨා , පස්සද්ධො කායො අසාරද්ධො, සමාහිතං චිත්තං එකග්ගං. සො ඛො අහං, භික්ඛවෙ, විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහාසිං. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහාසිං. පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහාසිං සතො ච සම්පජානො, සුඛඤ්ච කායෙන පටිසංවෙදෙසිං, යං තං අරියා ආචික්ඛන්ති ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති, තතියං ඣානං උපසම්පජ්ජ විහාසිං. සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහාසිං.
211
“මහණෙනි, ඒ මාගේ වීර්යය නොහැකිලී ආරම්භවිය. සිහිය එළඹ සිටියාය. කය සංසිඳුණේය. සැහැල්ලු විය. සිත සමාධිමත් විය. එකඟ විය.
“මහණෙනි, ඒ මම කාමයෙන් වෙන්වම සියලු අකුශලයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ, විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට එළඹ වාසය කෙළෙමි. විතර්ක විචාර දෙදෙනාගේ සන්සිඳීමෙන් හිතේ පැහැදීම ඇත්තාවූ, හිතේ එකඟකම ඇත්තාවූ විතර්ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවෙනිවූ ධ්‍යානයට එළඹ වාසය කෙළෙමි. ප්‍රීතිය ඉක්මවීමෙන් උපේක්ෂා ඇත්තේ සිහි නුවණින් යුක්තවූයේ කයින් සැපය වින්දෙමි. යම් ධ්‍යානයක් උපේක්ෂා ඇත්තේ සිහියෙන් යුක්තවූයේ සැප විහරණ ඇත්තේයයි ආර්යයෝ කියත්ද, ඒ තුන්වැනි ධ්‍යානයට එළඹ වාසය කෙළෙමි. සැපද නැති කිරීමෙන් දුක්ද නැති කිරීමෙන් කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන් දුක් නැත්තාවූ සැප නැත්තාවූ උපේක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බැව් ඇති සතරවැනි ධ්‍යානයට එළඹ වාසය කෙළෙමි.
212
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනින්නාමෙසිං. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරාමි. සෙය්‍යථිදං, එකම්පි ජාතිං...පෙ.... ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරාමි. අයං ඛො මෙ, භික්ඛවෙ, රත්තියා පඨමෙ යාමෙ පඨමා විජ්ජා අධිගතා; අවිජ්ජා විහතා විජ්ජා උප්පන්නා; තමො විහතො ආලොකො උප්පන්නො; යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො.
212
“ඒ මම, මෙසේ හිත සමාධියෙන් එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි දීප්තිමත්වූ කල්හි අඩ්ගන (රාගාදී කෙලෙස්) රහිතවූ කල්හි, පහවූ උවදුරු ඇති කල්හි, මෘදුවූ කල්හි, කාර්යයට සුදුසුව සිටි කල්හි චංචල නොවී සිටි කල්හි පෙර විසූ කඳ පිළිවෙල දැනීම පිණිස සිත නැමූයෙමි. ඒ මම නොයෙක් ආකාරවූ පූර්වෙනිවාසය (පෙර උපන් ජාති) සිහි කරමි. එනම්: එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දශයක්ද, ජාති විස්සක්ද ජාති තිසක්ද, ජාති සතළිසක්ද, ජාති පනසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත (විනාශ වන) කල්පයන්ද, නොයෙක් විවර්ත (හැදෙන) කල්පයන්ද, නොයෙක් සංවර්ත විවර්ත කල්පයන්ද අසුවල් තැන උපන්නෙමි. එහි මෙ නම් ඇත්තේ වීමි. මෙබඳු වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු දුක් සැප වින්දෙමි. ඒ මම එයින් චුතව අසුවල් තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තෙක් වීමි. මෙබඳු සැප දුක් විඳින්නෙක් වීමි. මෙබඳු ආයුෂ ඇත්තෙත් වීමි. ඒ මම එතැනින් චුතව මේ මනුෂ්‍ය භවයෙහි උපන්නෙමියි මෙසේ ආකාර සහිතවූ, උදෙසීම් සහිතවූ, නන්වැදෑරුම්වූ පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරමි.
“මහණෙනි, මා විසින් රාත්‍රියේ පළමුවෙනි යාමයෙහි මේ පළමුවන විද්‍යාව (පෙර විසූ තැන් දන්නා නුවණ) ලබන ලදී. එය වසන අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මෝහය) නසන ලද්දේය. ආලෝකය උපන්නේය. අප්‍රමාදව කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ විය.
213
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනින්නාමෙසිං. සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සාමි චවමානෙ උපපජ්ජමානෙ...පෙ.... ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා...පෙ.... ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සාමි චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ, යථාකම්මූපගෙ සත්තෙ පජානාමි. අයං ඛො මෙ, භික්ඛවෙ, රත්තියා මජ්ඣිමෙ යාමෙ දුතියා විජ්ජා අධිගතා; අවිජ්ජා විහතා විජ්ජා උප්පන්නා; තමො විහතො ආලොකො උප්පන්නො; යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො.
213
“ඒ මම මෙසේ හිත සමාධියෙන් එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, අඩ්ගණ (රාගාදී කෙලෙස්) රහිතවූ කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, සිත මෘදුවූ කල්හි, කාර්යයට සුදුසුව සිටි කල්හි, චංචල නොවී සිටි කල්හි සත්ත්වයන්ගේ චුති උත්පත්ති දෙක දැකීම පිණිස සිත නැමීමි ඒ මම පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, ලාමකවූද, ප්‍රණීතවූද, මනා වර්ණ ඇත්තාවූද, මනා වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තා වූද, අයහපත් ගති ඇත්තාවූද, කර්මය පරිදි මියගියාවූ සත්ත්වයන් දකිමි.
“ඒකාන්තයෙන් මේ පින්වත් සත්ත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්තවූවාහු, මනො දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, ආර්යයන්ට දොස් කීවාහු, මිථ්‍යාදෘෂ්ටි ගත්තාහු, මිථ්‍යාදෘෂ්ටි කර්ම අනුමත කළාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන නරකයෙහි උපන්නාහුයයිද, මේ පින්වත් සත්ත්වයෝ වනාහි කාය සුචරිතයෙන් යුක්ත වූවාහු වාක් සුචරිතයෙන් යුක්තවූවාහු මනො සුචරිතයෙන් යුක්ත වූවාහු ආර්යයන්ට දොස්නොකීවාහු සම්‍යක්දෘෂ්ටි ඇත්තාහු සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදන් වූවාහුය. (එහෙයින්) ඔව්හු කය බිඳීමෙන් මරණින් මතු ස්වර්ග ලෝකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින්, චුතවන්නාවූද, උපදින්නාවූද, ලාමකවූද, ප්‍රණීතවූද, මනා වර්ණ ඇත්තාවූද, මනා වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද කර්මය පරිදි මියගියාවූ සත්ත්වයන් දනිමි.
“මහණෙනි, මා විසින් රාත්‍රියෙහි මැදියමෙහි මේ දෙවන විද්‍යාව (චුතවීම, ඉපදීම දක්නා නුවණ) ලබන ලදී. එය වසන අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මෝහය) නසන ලද්දේය. ආලෝකය උපන්නේය. අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ විය.
214
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමෙසිං. සො ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං අබ්භඤ්ඤාසිං, ‘අයං දුක්ඛසමුදයො’ති යථාභූතං අබ්භඤ්ඤාසිං, ‘අයං දුක්ඛනිරොධො’ති යථාභූතං අබ්භඤ්ඤාසිං, ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං අබ්භඤ්ඤාසිං . ‘ඉමෙ ආසවා’ති යථාභූතං අබ්භඤ්ඤාසිං, ‘අයං ආසවසමුදයො’ති යථාභූතං අබ්භඤ්ඤාසිං, ‘අයං ආසවනිරොධො’ති යථාභූතං අබ්භඤ්ඤාසිං, ‘අයං ආසවනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං අබ්භඤ්ඤාසිං. තස්ස මෙ එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චිත්ථ, භවාසවාපි චිත්තං විමුච්චිත්ථ, අවිජ්ජාසවාපි චිත්තං විමුච්චිත්ථ, විමුත්තස්මිං විමුත්තමිති ඤාණං අහොසි - ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති අබ්භඤ්ඤාසිං. අයං ඛො මෙ, භික්ඛවෙ, රත්තියා පච්ඡිමෙ යාමෙ තතියා විජ්ජා අධිගතා; අවිජ්ජා විහතා විජ්ජා උප්පන්නා; තමො විහතො ආලොකො උප්පන්නො; යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො.
214
“ඒ මම මෙසේ සිත එකඟවූ කල්හි ආශ්‍රව ක්ෂයකර ඥානය (කෙලෙස් නැති කරන නුවණ) පිණිස සිත නැමුයෙමි. ඒ මම මෙය දුකයයි තතුසේ දත්තෙමි. මේ දුක් ඉපදීමට හේතුවයයි තතුසේ දත්තෙමි. මේ දුක් නැති කිරීමයයි තතු සේ දත්තෙමි. මේ දුක නැතිකිරීමේ මාර්ගයයයි තතුසේ දත්තෙමි. මොහු ආශ්‍රවයෝ (කාම ආදී කෙලෙස්) යයි තතුසේ දැන ගතිමි. මේ ආශ්‍රවයන්ගේ හටගැන්මයයි තතුසේ දැනගතිමි. මේ ආශ්‍රවයන්ගේ නැතිකිරීමයයි තතුසේ දැනගතිමි. මේ ආශ්‍රවයන් නැතිකිරීමේ මාර්ගයයි තතුසේ දැනගත්තෙමි. මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ ඒ මාගේ සිත කාමාශ්‍රවයෙන්ද මිදුනේය. භවාශ්‍රවයෙන්ද මිදුනේය. අවිද්‍යාශ්‍රවයෙන්ද මිදුනේය. මිදුන කල්හි මිදුනේයයි දැනීම පහළ විය. උත්පත්තිය කෙළවර විය.
“මාර්ග බ්‍රහ්මචර්යාව වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මේ අර්හත්වය පිණිස කළයුතු අනිකක් නැත්තේයයි දත්තෙමි.
“මහණෙනි, රාත්‍රියෙහි පශ්චිම යාමයෙහි මේ තුන්වෙනි විද්‍යාව (ආශ්‍රව ක්ෂයකර ඥාන නම්වූ අර්හත් මාර්ගය) මා විසින් ලබනලදී. එය වසන අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මෝහය) නසන ලද්දේය. ආලෝකය උපන්නේය. අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේම විය.
215
‘‘සෙය්‍යථාපි, භික්ඛවෙ, අරඤ්ඤෙ පවනෙ මහන්තං නින්නං පල්ලලං. තමෙනං මහාමිගසඞ්ඝො උපනිස්සාය විහරෙය්‍ය. තස්ස කොචිදෙව පුරිසො උප්පජ්ජෙය්‍ය අනත්ථකාමො අහිතකාමො අයොගක්ඛෙමකාමො. සො ය්වාස්ස මග්ගො ඛෙමො සොවත්ථිකො පීතිගමනීයො තං මග්ගං පිදහෙය්‍ය, විවරෙය්‍ය කුම්මග්ගං, ඔදහෙය්‍ය ඔකචරං, ඨපෙය්‍ය ඔකචාරිකං. එවඤ්හි සො, භික්ඛවෙ, මහාමිගසඞ්ඝො අපරෙන සමයෙන අනයබ්‍යසනං (අනයබ්‍යසනං තනුත්තං (සී. ස්‍යා. පී.)) ආපජ්ජෙය්‍ය. තස්සෙව ඛො පන, භික්ඛවෙ, මහතො මිගසඞ්ඝස්ස කොචිදෙව පුරිසො උප්පජ්ජෙය්‍ය අත්ථකාමො හිතකාමො යොගක්ඛෙමකාමො. සො ය්වාස්ස මග්ගො ඛෙමො සොවත්ථිකො පීතිගමනීයො තං මග්ගං විවරෙය්‍ය, පිදහෙය්‍ය කුම්මග්ගං, ඌහනෙය්‍ය ඔකචරං, නාසෙය්‍ය ඔකචාරිකං. එවඤ්හි සො, භික්ඛවෙ, මහාමිගසඞ්ඝො අපරෙන සමයෙන වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජෙය්‍ය.
‘‘උපමා ඛො මෙ අයං, භික්ඛවෙ, කතා අත්ථස්ස විඤ්ඤාපනාය . අයං චෙවෙත්ථ අත්ථො - මහන්තං නින්නං පල්ලලන්ති ඛො, භික්ඛවෙ, කාමානමෙතං අධිවචනං. මහාමිගසඞ්ඝොති ඛො, භික්ඛවෙ, සත්තානමෙතං අධිවචනං. පුරිසො අනත්ථකාමො අහිතකාමො අයොගක්ඛෙමකාමොති ඛො, භික්ඛවෙ, මාරස්සෙතං පාපිමතො අධිවචනං. කුම්මග්ගොති ඛො, භික්ඛවෙ, අට්ඨඞ්ගිකස්සෙතං මිච්ඡාමග්ගස්ස අධිවචනං, සෙය්‍යථිදං - මිච්ඡාදිට්ඨියා මිච්ඡාසඞ්කප්පස්ස මිච්ඡාවාචාය මිච්ඡාකම්මන්තස්ස මිච්ඡාආජීවස්ස මිච්ඡාවායාමස්ස මිච්ඡාසතියා මිච්ඡාසමාධිස්ස. ඔකචරොති ඛො, භික්ඛවෙ, නන්දීරාගස්සෙතං අධිවචනං. ඔකචාරිකාති ඛො, භික්ඛවෙ, අවිජ්ජායෙතං අධිවචනං. පුරිසො අත්ථකාමො හිතකාමො යොගක්ඛෙමකාමොති ඛො, භික්ඛවෙ, තථාගතස්සෙතං අධිවචනං අරහතො සම්මාසම්බුද්ධස්ස. ඛෙමො මග්ගො සොවත්ථිකො පීතිගමනීයොති ඛො , භික්ඛවෙ, අරියස්සෙතං අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස අධිවචනං, සෙය්‍යථිදං - සම්මාදිට්ඨියා සම්මාසඞ්කප්පස්ස සම්මාවාචාය සම්මාකම්මන්තස්ස සම්මාආජීවස්ස සම්මාවායාමස්ස සම්මාසතියා සම්මාසමාධිස්ස.
‘‘ඉති ඛො, භික්ඛවෙ, විවටො මයා ඛෙමො මග්ගො සොවත්ථිකො පීතිගමනීයො, පිහිතො කුම්මග්ගො, ඌහතො ඔකචරො, නාසිතා ඔකචාරිකා. යං, භික්ඛවෙ, සත්ථාරා කරණීයං සාවකානං හිතෙසිනා අනුකම්පකෙන අනුකම්පං උපාදාය, කතං වො තං මයා. එතානි, භික්ඛවෙ , රුක්ඛමූලානි, එතානි සුඤ්ඤාගාරානි; ඣායථ, භික්ඛවෙ, මා පමාදත්ථ; මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ. අයං වො අම්හාකං අනුසාසනී’’ති.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
215
“මහණෙනි, මහ වනයෙහි මහ වන ලැහැබෙක මහත්වූ මිටිවූ තැනිතලාවක් යම් සේ වේද, ඒ මේ තැනිතලාවක් ඇසුරුකොට මහත් මුව සමූහයෙක් වාසය කෙරෙයි. ඒ මෘග සමූහයාට අනර්ථය කැමැත්තාවූ අවැඩ කැමැත්තාවූ, අභය නොකැමැත්තාවූ කිසියම් පුරුෂයෙක් තෙම පහළ වෙයි. හෙතෙම ඒ ස්ථානයට භය නැතිව පහසුවෙන් යාහැකි මාර්ගය වසන්නේය. නපුරු මග විවෘත කරන්නේය. දඩමුවා සිටුවන්නේය. දඩමුවදෙන සිටුවන්නේය. මහණෙනි, මෙසේවූ කල්හි ටික කලකින් ඒ මහා මුව සමූහයා විනාශයට තුනී බවට පැමිණෙන්නේය. මහණෙනි, එම මහත් මුව සමූහයාගේ අභිවෘද්ධිය කැමැත්තාවූ වැඩ කැමැත්තාවූ අභය කැමැත්තාවූ කිසියම් පුරුෂයෙක් පහළ වෙයි. හෙතෙම ඒ ස්ථානයට භයනැතිව පහසුවෙන් යාහැකි මාර්ගය විවෘත කරන්නේය. නපුරු මාර්ගය වසන්නේය. දඩමුවා නසන්නේය දඩමුවදෙන නසන්නේය. මහණෙනි, මෙසේවූ කල්හි ඒ මහත් මුව සමූහය ටික කලකින් අභිවර්ධනයටද දියුණුවටද, ස්ථිර බවටද මහත් බවටද පැමිණෙන්නේය.
“මහණෙනි, අර්ථය තේරුම් කිරීම පිණිස මා විසින් මේ උපමාව දක්වන ලදී. මෙහි මේ අර්ථයයි. මහණෙනි, මහත්වූ මිටියාවත යනු පංචකාමයන්ට නමෙකි. මහණෙනි, මහා මෘග සමූහය යනු සත්ත්වයන්ට නමකි. අවැඩ කැමති, අනර්ථය කැමති අභය නොකැමැති පුරුෂයා යනු මාරයාට නමකි. නපුරු මාර්ගය යනු අඩ්ග අටකින් යුක්තවූ වැරදි මාර්ගයට නමකි. එනම් වැරදි දැකීම, වැරදි කල්පනාව, වැරදි වචනය, වැරදි කර්මාන්තය, වැරදි ආජීවය, වැරදි ව්‍යායාමය, වැරදි සිහිය, වැරදි සමාධිය යන අටයි. මහණෙනි, දඩමුවා යනු තෘෂ්ණාවට නමෙකි. මහණෙනි, දඩමුවදෙන යනු අවිද්‍යාවට නමකි. වැඩකැමති අර්ථය කැමති, අභයකැමති පුරුෂයා යනු අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේට මේ නමකි. යහපත් මාර්ගය යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයට නමකි. එනම්, නිවැරැදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යනඅටයි.
“මහණෙනි, මෙසේ වනාහි මා විසින් නිර්භයවූ සැප පමුණුවන්නාවූ පහසුවෙන් යා හැකි මාර්ගය විවෘත කරන ලද්දේය. නොමඟ වසන ලද්දේය. දඩමුවා නසන ලද්දේය. දඩමුවදෙන නසන ලද්දීය.
“මහණෙනි, ශ්‍රාවකයන්ට හිතවත්වූ අනුකම්පා ඇති ශාස්තෘ කෙනෙකු විසින් අනුකම්පාවෙන් යම්බදු යහපතක් කළයුතුද එය මා විසින් තොපට නොඅඩුව කරනලදී.
“මහණෙනි, මේ ගස් මුල් ඇත්තාහ. හිස් ගෙවල් ඇත්තාහ. එහි ගොස් භාවනා කරව්. ප්‍රමාද නොවව්, ප්‍රමාදවී පසුතැවිලි නොවව්. තොපට අපගේ මේ අනුශාසනාවයි.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සතුටුවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුය.
10. විතක්කසණ්ඨානසුත්තං 10. විතක්ක සණ්ඨාන සූත්‍රය