ත්‍රිපිටකය
2. සීහනාදවග්ගො 2. සීහනාද වර්ගය
1. චූළසීහනාදසුත්තං 1. චූල සීහනාද සූත්‍රය
2. මහාසීහනාදසුත්තං 2. මහා සීහනාද සූත්‍රය
3. මහාදුක්ඛක්ඛන්ධසුත්තං 3. මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය
4. චූළදුක්ඛක්ඛන්ධසුත්තං 4. චූල දුක්ඛක්ඛන්ධ සූත්‍රය
175
එවං මෙ සුතං - එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්‍රොධාරාමෙ. අථ ඛො මහානාමො සක්කො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො මහානාමො සක්කො භගවන්තං එතදවොච - ‘‘දීඝරත්තාහං, භන්තෙ, භගවතා එවං ධම්මං දෙසිතං ආජානාමි - ‘ලොභො චිත්තස්ස උපක්කිලෙසො, දොසො චිත්තස්ස උපක්කිලෙසො, මොහො චිත්තස්ස උපක්කිලෙසො’ති. එවඤ්චාහං (එවංපාහං (ක.)), භන්තෙ, භගවතා ධම්මං දෙසිතං ආජානාමි - ‘ලොභො චිත්තස්ස උපක්කිලෙසො, දොසො චිත්තස්ස උපක්කිලෙසො, මොහො චිත්තස්ස උපක්කිලෙසො’ති. අථ ච පන මෙ එකදා ලොභධම්මාපි චිත්තං පරියාදාය තිට්ඨන්ති, දොසධම්මාපි චිත්තං පරියාදාය තිට්ඨන්ති, මොහධම්මාපි චිත්තං පරියාදාය තිට්ඨන්ති. තස්ස මය්හං, භන්තෙ, එවං හොති - ‘කොසු නාම මෙ ධම්මො අජ්ඣත්තං අප්පහීනො යෙන මෙ එකදා ලොභධම්මාපි චිත්තං පරියාදාය තිට්ඨන්ති, දොසධම්මාපි චිත්තං පරියාදාය තිට්ඨන්ති, මොහධම්මාපි චිත්තං පරියාදාය තිට්ඨන්තී’’’ති.
175
මා විසින් මේ සූත්‍රය මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් පුරයෙහිවූ නිග්‍රොධාරාමයෙහි වැඩ වාසය කරති. ඉක්බිති මහානාම ශාක්‍යතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකපැත්තක හුන්නේය. එකපැත්තක උන්නාවූ මහානාම ශාක්‍යතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
“ස්වාමීනි, මම බොහෝ කලක් මුළුල්ලෙහි ලෝභය සිත කෙලසන ධර්මයකි, ද්වේෂය සිත කෙලසන ධර්මයකි, මෝහය සිත කෙලෙසන ධර්මයකි කියා මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද ධර්මය දනිමි. ස්වාමිනි, මෙසේ භාග්‍යවතුන් වහන්සේ වදාළ පරිදි ලෝභය සිත කිළුටු කරන ධර්මයකි. ද්වේෂය සිත කිළුටු කරන ධර්මයකි, මෝහය සිත කිළුටු කරන ධර්මකියි මම දනිමි. එතකුදු වුවත් ඇතැම් කලෙක ලෝභ ධර්මයෝත් මාගේ සිත මැඩගෙන සිටිත්. ද්වේෂ ධර්මයෝද සිත මැඩගෙන සිටිත්. මෝහ ධර්මයෝද සිත මැඩගෙන සිටිත්. ස්වාමීනි, ඒ මට මෙබඳු අදහසක් වෙයි. යමක් හේතුකොට එක් කලෙක ලෝභ ධර්මයෝත් මාගෙ සිත මැඩගෙන සිටිත්ද, ද්වේෂ ධර්මයෝත් මාගේ සිත මැඩගෙන සිටිත්ද, මෝහ ධර්මයෝත් මාගේ සිත අල්වාගෙන සිටිත්ද, ඊට හේතුවූ කිනම් අධ්‍යාත්ම ධර්මයක් මා විසින් පහනොකරන ලද්දේද කියායි.
176
‘‘සො එව ඛො තෙ, මහානාම, ධම්මො අජ්ඣත්තං අප්පහීනො යෙන තෙ එකදා ලොභධම්මාපි චිත්තං පරියාදාය තිට්ඨන්ති, දොසධම්මාපි චිත්තං පරියාදාය තිට්ඨන්ති, මොහධම්මාපි චිත්තං පරියාදාය තිට්ඨන්ති. සො ච හි තෙ, මහානාම, ධම්මො අජ්ඣත්තං පහීනො අභවිස්ස, න ත්වං අගාරං අජ්ඣාවසෙය්‍යාසි, න කාමෙ පරිභුඤ්ජෙය්‍යාසි. යස්මා ච ඛො තෙ, මහානාම, සො එව ධම්මො අජ්ඣත්තං අප්පහීනො තස්මා ත්වං අගාරං අජ්ඣාවසසි, කාමෙ පරිභුඤ්ජසි.
176
“මහානාමය, යමක් හේතු කොට ගෙන එක් කලෙක්හි ලෝභ ධර්මයෝත් තාගේ සිත මැඩගෙන සිටිත්ද, ද්වේෂ ධර්මයෝත් තාගේ සිත මැඩගෙන සිටිත්ද, මෝහ ධර්මයෝත් තාගේ සිත මැඩගෙන සිටිත්ද, ඒ අධ්‍යාත්ම ධර්මයම තොප විසින් පහනොකරන ලද්දේය. මහානාමය, ඒ ධර්මය තා විසින් පහකරන ලද්දේ නම් තෝ ගිහිගෙයි නොවසන්නෙහිය. කාමයන් පරිභොග නොකරන්නෙහිය. මහානාමය, යම් හෙයකින් ඒ ධර්මයම තොප විසින් පහනොකරන ලද්දේය. එහෙයින් නුඹ ගිහිගෙයි වසන්නෙහිය. කාමයන් සේවනය කරන්නෙහිය.
177
‘‘‘අප්පස්සාදා කාමා බහුදුක්ඛා බහුපායාසා, ආදීනවො (බහූපායාසා (සී. ස්‍යා. පී.)) එත්ථ භිය්‍යො’ති - ඉති චෙපි, මහානාම, අරියසාවකස්ස යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං හොති, සො ච (සොව (ක.)) අඤ්ඤත්‍රෙව කාමෙහි අඤ්ඤත්‍ර අකුසලෙහි ධම්මෙහි පීතිසුඛං නාධිගච්ඡති, අඤ්ඤං වා තතො සන්තතරං; අථ ඛො සො නෙව තාව අනාවට්ටී කාමෙසු හොති. යතො ච ඛො, මහානාම, අරියසාවකස්ස ‘අප්පස්සාදා කාමා බහුදුක්ඛා බහුපායාසා, ආදීනවො එත්ථ භිය්‍යො’ති - එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං හොති, සො ච අඤ්ඤත්‍රෙව කාමෙහි අඤ්ඤත්‍ර අකුසලෙහි ධම්මෙහි පීතිසුඛං අධිගච්ඡති අඤ්ඤං වා තතො සන්තතරං; අථ ඛො සො අනාවට්ටී කාමෙසු හොති.
‘‘මය්හම්පි ඛො, මහානාම , පුබ්බෙව සම්බොධා, අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො, ‘අප්පස්සාදා කාමා බහුදුක්ඛා බහුපායාසා, ආදීනවො එත්ථ භිය්‍යො’ති - එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං හොති, සො ච අඤ්ඤත්‍රෙව කාමෙහි අඤ්ඤත්‍ර අකුසලෙහි ධම්මෙහි පීතිසුඛං නාජ්ඣගමං, අඤ්ඤං වා තතො සන්තතරං; අථ ඛ්වාහං නෙව තාව අනාවට්ටී කාමෙසු පච්චඤ්ඤාසිං. යතො ච ඛො මෙ, මහානාම, ‘අප්පස්සාදා කාමා බහුදුක්ඛා බහුපායාසා, ආදීනවො එත්ථ භිය්‍යො’ති - එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං අහොසි, සො ච (සොව (ක.)) අඤ්ඤත්‍රෙව කාමෙහි අඤ්ඤත්‍ර අකුසලෙහි ධම්මෙහි පීතිසුඛං අජ්ඣගමං, අඤ්ඤං වා තතො සන්තතරං; අථාහං අනාවට්ටී කාමෙසු පච්චඤ්ඤාසිං.
177
“කාමයෝ ස්වල්ප සැප ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ. දැඩි වෙහෙස ඇත්තාහ, මෙහි දෝෂය බොහෝ යයි, මහානාමය මෙසේ ආර්ය ශ්‍රාවකයා විසින් තතුසේ දක්නා ලද්දේ ද හෙතෙමේද කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම ප්‍රීති සැපය (ප්‍රථමධ්‍යාන) නොලබයිද ඊට වඩා අතිශයින් ශාන්තවූ (තෘතීය චතුර්ථ) ධ්‍යාන හෝ නොලබයි. එකල්හි හෙතෙම ඒතාක් කාමයන් පරිභොග නොකරන්නෙක් නොවෙයි.
“මහානාමය, යම්තැනක පටන් ආර්ය ශ්‍රාවකයා විසින් ඇතිසැටියෙන් විදර්ශනා නුවණින් හොඳින් දක්නා ලද්දේද, හෙතෙමේද කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම ප්‍රීතිසැපය ලබයි. එයින් අන්‍යවූ අතිශයින් ශාන්තවූ (අර්හත් ඵලය) ලබයි. එකල්හි හෙතෙම කාමයන් පරිභොග නොකරන්නෙක් වෙයි.
“මහානාමය, බුදුවන්නට පළමුකොටම බුදු නොවූ බෝසත්වූම මා විසින්ද කාමයෝ ස්වල්ප සැප ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ. දැඩි ආයාස ඇත්තාහ. මෙහි දෝෂයම බොහෝයයි මෙසේ මෙය ඇති සැටියෙන් යහපත් නුවණින් මනාව දක්නා ලද්දේය. ඒ මම කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම යම්තාක් ධ්‍යාන ප්‍රීතිසැපයට නොපැමිණියෙම්ද එයින් අන්‍යවූ අතිශයින් ශාන්තවූ ධ්‍යාන මාර්ග සැපයන්ට නොපැමිණියෙම්ද මම ඒතාක් කාමයන් පරිභොග නොකරන්නෙක්ම යයි නොකීමි.
“මහානාමය, යම් තැනක පටන් කාමයෝ ස්වල්ප සැප ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ. දැඩි ආයාස ඇත්තාහ. මෙහි ආදීනව බොහෝ යයි මෙසේ මා විසින් ඇති සැටියෙන් යහපත් නුවණින් හොඳින් දක්නා ලද්දේද ඒ මමද කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්වම ධ්‍යාන ප්‍රීති සැපයට පැමිණියෙම්ද එයින් අන්‍යවූ ශාන්තවූ ධ්‍යාන මාර්ග සැපයන්ට පැමිණියෙම්ද එකල්හි මම කාමයන් පරිභොග නොකරන්නෙක්මියි ප්‍රතිඥා කෙළෙමි.
178
‘‘කො ච, මහානාම, කාමානං අස්සාදො? පඤ්චිමෙ, මහානාම, කාමගුණා. කතමෙ පඤ්ච? චක්ඛුවිඤ්ඤෙය්‍යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා; සොතවිඤ්ඤෙය්‍යා සද්දා...පෙ.... ඝානවිඤ්ඤෙය්‍යා ගන්ධා... ජිව්හාවිඤ්ඤෙය්‍යා රසා... කායවිඤ්ඤෙය්‍යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා - ඉමෙ ඛො, මහානාම, පඤ්ච කාමගුණා. යං ඛො, මහානාම, ඉමෙ පඤ්ච කාමගුණෙ පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං - අයං කාමානං අස්සාදො.
‘‘කො ච, මහානාම, කාමානං ආදීනවො? ඉධ, මහානාම, කුලපුත්තො යෙන සිප්පට්ඨානෙන ජීවිකං කප්පෙති - යදි මුද්දාය යදි ගණනාය යදි සඞ්ඛානෙන යදි කසියා යදි වණිජ්ජාය යදි ගොරක්ඛෙන යදි ඉස්සත්ථෙන යදි රාජපොරිසෙන යදි සිප්පඤ්ඤතරෙන, සීතස්ස පුරක්ඛතො උණ්හස්ස පුරක්ඛතො ඩංසමකසවාතාතපසරීංසපසම්ඵස්සෙහි රිස්සමානො ඛුප්පිපාසාය මීයමානො; අයම්පි, මහානාම, කාමානං ආදීනවො සන්දිට්ඨිකො දුක්ඛක්ඛන්ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.
‘‘තස්ස චෙ මහානාම කුලපුත්තස්ස එවං උට්ඨහතො ඝටතො වායමතො තෙ භොගා නාභිනිප්ඵජ්ජන්ති, සො සොචති කිලමති පරිදෙවති උරත්තාළිං කන්දති සම්මොහං ආපජ්ජති ‘මොඝං වත මෙ උට්ඨානං, අඵලො වත මෙ වායාමො’ති. අයම්පි, මහානාම, කාමානං ආදීනවො සන්දිට්ඨිකො දුක්ඛක්ඛන්ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.
‘‘තස්ස චෙ, මහානාම, කුලපුත්තස්ස එවං උට්ඨහතො ඝටතො වායමතො තෙ භොගා අභිනිප්ඵජ්ජන්ති. සො තෙසං භොගානං ආරක්ඛාධිකරණං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති - ‘කින්ති මෙ භොගෙ නෙව රාජානො හරෙය්‍යුං, න චොරා හරෙය්‍යුං, න අග්ගි දහෙය්‍ය, න උදකං වහෙය්‍ය, න අප්පියා වා දායාදා හරෙය්‍යු’න්ති. තස්ස එවං ආරක්ඛතො ගොපයතො තෙ භොගෙ රාජානො වා හරන්ති, චොරා වා හරන්ති, අග්ගි වා දහති, උදකං වා වහති, අප්පියා වා දායාදා හරන්ති. සො සොචති කිලමති පරිදෙවති උරත්තාළිං කන්දති සම්මොහං ආපජ්ජති - ‘යම්පි මෙ අහොසි තම්පි නො නත්ථී’ති. අයම්පි, මහානාම, කාමානං ආදීනවො සන්දිට්ඨිකො දුක්ඛක්ඛන්ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.
‘‘පුන චපරං, මහානාම, කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු රාජානොපි රාජූහි විවදන්ති, ඛත්තියාපි ඛත්තියෙහි විවදන්ති, බ්‍රාහ්මණාපි බ්‍රාහ්මණෙහි විවදන්ති, ගහපතීපි ගහපතීහි විවදන්ති, මාතාපි පුත්තෙන විවදති, පුත්තොපි මාතරා විවදති, පිතාපි පුත්තෙන විවදති, පුත්තොපි පිතරා විවදති, භාතාපි භාතරා විවදති, භාතාපි භගිනියා විවදති, භගිනීපි භාතරා විවදති, සහායොපි සහායෙන විවදති. තෙ තත්ථ කලහවිග්ගහවිවාදාපන්නා අඤ්ඤමඤ්ඤං පාණීහිපි උපක්කමන්ති, ලෙඩ්ඩූහිපි උපක්කමන්ති, දණ්ඩෙහිපි උපක්කමන්ති, සත්ථෙහිපි උපක්කමන්ති. තෙ තත්ථ මරණම්පි නිගච්ඡන්ති, මරණමත්තම්පි දුක්ඛං . අයම්පි, මහානාම, කාමානං ආදීනවො සන්දිට්ඨිකො දුක්ඛක්ඛන්ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.
‘‘පුන චපරං, මහානාම, කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු අසිචම්මං ගහෙත්වා, ධනුකලාපං සන්නය්හිත්වා, උභතොබ්‍යූළ්හං සඞ්ගාමං පක්ඛන්දන්ති උසූසුපි ඛිප්පමානෙසු, සත්තීසුපි ඛිප්පමානාසු, අසීසුපි විජ්ජොතලන්තෙසු. තෙ තත්ථ උසූහිපි විජ්ඣන්ති, සත්තියාපි විජ්ඣන්ති, අසිනාපි සීසං ඡින්දන්ති. තෙ තත්ථ මරණම්පි නිගච්ඡන්ති, මරණමත්තම්පි දුක්ඛං. අයම්පි, මහානාම, කාමානං ආදීනවො සන්දිට්ඨිකො දුක්ඛක්ඛන්ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.
‘‘පුන චපරං, මහානාම, කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු අසිචම්මං ගහෙත්වා, ධනුකලාපං සන්නය්හිත්වා, අද්දාවලෙපනා උපකාරියො පක්ඛන්දන්ති උසූසුපි ඛිප්පමානෙසු, සත්තීසුපි ඛිප්පමානාසු, අසීසුපි විජ්ජොතලන්තෙසු. තෙ තත්ථ උසූහිපි විජ්ඣන්ති, සත්තියාපි විජ්ඣන්ති, ඡකණකායපි ඔසිඤ්චන්ති, අභිවග්ගෙනපි ඔමද්දන්ති, අසිනාපි සීසං ඡින්දන්ති. තෙ තත්ථ මරණම්පි නිගච්ඡන්ති, මරණමත්තම්පි දුක්ඛං. අයම්පි, මහානාම, කාමානං ආදීනවො සන්දිට්ඨිකො දුක්ඛක්ඛන්ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.
‘‘පුන චපරං, මහානාම, කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු සන්ධිම්පි ඡින්දන්ති, නිල්ලොපම්පි හරන්ති, එකාගාරිකම්පි කරොන්ති, පරිපන්ථෙපි තිට්ඨන්ති, පරදාරම්පි ගච්ඡන්ති. තමෙනං රාජානො ගහෙත්වා විවිධා කම්මකාරණා කාරෙන්ති - කසාහිපි තාළෙන්ති, වෙත්තෙහිපි තාළෙන්ති, අඩ්ඪදණ්ඩකෙහිපි තාළෙන්ති; හත්ථම්පි ඡින්දන්ති, පාදම්පි ඡින්දන්ති, හත්ථපාදම්පි ඡින්දන්ති, කණ්ණම්පි ඡින්දන්ති, නාසම්පි ඡින්දන්ති, කණ්ණනාසම්පි ඡින්දන්ති; බිලඞ්ගථාලිකම්පි කරොන්ති, සඞ්ඛමුණ්ඩිකම්පි කරොන්ති, රාහුමුඛම්පි කරොන්ති, ජොතිමාලිකම්පි කරොන්ති, හත්ථපජ්ජොතිකම්පි කරොන්ති, එරකවත්තිකම්පි කරොන්ති, චීරකවාසිකම්පි කරොන්ති, එණෙය්‍යකම්පි කරොන්ති, බළිසමංසිකම්පි කරොන්ති, කහාපණිකම්පි කරොන්ති, ඛාරාපතච්ඡිකම්පි කරොන්ති, පලිඝපරිවත්තිකම්පි කරොන්ති, පලාලපීඨකම්පි කරොන්ති, තත්තෙනපි තෙලෙන ඔසිඤ්චන්ති, සුනඛෙහිපි ඛාදාපෙන්ති, ජීවන්තම්පි සූලෙ උත්තාසෙන්ති, අසිනාපි සීසං ඡින්දන්ති. තෙ තත්ථ මරණම්පි නිගච්ඡන්ති, මරණමත්තම්පි දුක්ඛං. අයම්පි, මහානාම, කාමානං ආදීනවො සන්දිට්ඨිකො දුක්ඛක්ඛන්ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.
‘‘පුන චපරං, මහානාම, කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු කායෙන දුච්චරිතං චරන්ති, වාචාය දුච්චරිතං චරන්ති, මනසා දුච්චරිතං චරන්ති. තෙ කායෙන දුච්චරිතං චරිත්වා, වාචාය දුච්චරිතං චරිත්වා, මනසා දුච්චරිතං චරිත්වා, කායස්ස භෙදා පරං මරණා, අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති. අයම්පි, මහානාම, කාමානං ආදීනවො සම්පරායිකො , දුක්ඛක්ඛන්ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.
178
“මහානාමය, කාමයන්ගේ ආස්වාදය (රසවිඳීම) කවරේද? මහානාමය, කාම ගුණයෝ මේ පසකි. කවර පසක්ද යත්?
ඇසින් දතයුතුවූ යහපත්වූ, සිත් අලවන්නාවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමයෙන් යුක්තවූ ආශාව ඉපදීමට කරුණුවූ රූප (අරමුණු) වෙත්ද, කණින් දතයුතුවූ, යහපත්වූ, සිත් අලවන්නාවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමයෙන් යුක්තවූ ආශාව ඉපදීමට කරුණුවූ ශබ්දයෝ වෙත්ද, නාසයෙන් දතයුතුවූ යහපත්වූ සිත් අලවන්නාවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමයෙන් යුක්තවූ ආශාව ඉපදීමට කරුණුවූ ගන්ධයෝ වෙත්ද, දිවෙන් දතයුතුවූ යහපත්වූ සිත් අලවන්නාවූ, මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමයෙන් යුක්තවූ ආශාව ඉපදීමට කරුණුවූ රසයෝ වෙත්ද, කයින් දතයුතුවූ යහපත්වූ සිත් අලවන්නාවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ආශාව ඉපදීමට කරුණුවූ ස්පර්ශයෝ වෙත්ද යන මොහු කාම ගුණ පසයි.
“මහානාමය, මේ පඤ්චකාම ගුණයන් නිසා යම් කායික සැපක් හෝ මානසික සැපක් උපදීද, මෙය කාමයන්ගේ ආස්වාදය (රසවිඳීම) නම් වෙයි.
“මහානාමය, කාමයන්ගේ ආදීනව (දෝෂය) කවරේද? මහානාමය, මේ ලෝකයෙහි කුලපුත්‍රතෙම යම්කිසි ශිල්පකින් ජීවිකාව කරයිද, එනම්: රෙඛා ශාස්ත්‍ර කීමෙන්, ගණන් තැබීමෙන්, සංඛ්‍යා ලෙඛන තැබීමෙන්, ගොවිකමින්, වෙළඳාමෙන්, ගව පාලනයෙන්, (රජුන්ට) උපස්ථාන කිරීමෙන්, රාජ භටයෙකු වීමෙන්, මෙයින් අන්‍යවූ, (ඇත්, අස්, ආදී) ශිල්පයකින් (ජීවත්වනු සඳහා) සීතෙන් පෙළනු ලබන්නේ, උෂ්ණයෙන් පෙළනු ලබන්නේ ඩැහැ ලේ බොන මැස්සෝය, මදුරුවෝය, සුලඟය, අව්වය, සර්පයෝය යන මොවුන්ගේ ස්පර්ශයෙන් ගැටෙමින් බඩගින්නෙන් හා පිපාසයෙන් මිරිකෙමින් ජීවිතය පවත්වයි. මහානාමය, මෙලොවදීම විඳිය යුතුවූ මේ දුක් රාශිය කාමය හේතුකොට ගෙන කාමය මුල් කරුණු කොටගෙන, කාමය නිසා උපදින කාමයන්ගේ දෝෂයයි. මහානාමය, වීර්ය කරන්නාවූ ගැටෙන්නාවූ උත්සව කරන්නාවූ ඒ කුලපුත්‍රයාට ඒ භොගයෝ (වස්තුව) හොඳින් නොඋපදිත්ද, (අත්පත් නොවෙත්ද) හෙතෙම ඒකාන්තයෙන් මාගේ වීර්යය හිස්ය, මාගේ උත්සාහ නිෂ්ඵලයයි කියා ශොක වෙයි, වෙහෙස වෙයි, වැළපෙයි, පපුවේ අත් ගසමින් හඬයි, සිහි නැති බවට පැමිණෙයි. මහානාමය, මෙලොවදීම විඳිය යුතුවූ මේ දුක් රාශිය කාමය හේතුකොට කාමය මුල් කාරණයකොට, කාමය කරණකොට, කාමයන් නිසා උපදින කාමයන්ගේ දෝෂයයි.
“මහානාමය, මෙසේ වීර්යකරන්නාවූ ගැටෙන්නාවූ උත්සාහ කරන්නාවූ ඒ කුලපුත්‍රයාට ඒ සම්පත්තීහු සමෘද්ධ වෙත්ද, (දියුණු වෙත්ද) ඔහු ඒ සම්පත්තිය ආරක්ෂා කරණු පිණිස කය සිත යන දෙකින් දුක් විඳියි. කෙසේ නම් මාගේ මේ සම්පත්තිය රජවරු පැහැර නොගන්නාහුද, සොරු පැහැර නොගන්නාහුද ගින්නෙන් නොදැවෙන්නේද දියෙන් විනාශ නොවන්නේද, සතුරෝ නොගන්නාහුදැයි මෙසේ රකින්නාවූ පාලනය කරන්නාවූ ඔහුගේ ඒ සම්පත්තීහු රජවරු පැහැර ගනිත්. සොරුද පැහැර ගනිත් ගින්න හෝ දවයි. වතුර හෝ නසයි. අප්‍රියවූවෝ හෝ ගනිති. මා විසින් මේ වස්තුවකුත් උපදවන ලද්දේවේද, එයද අපට නැතැයි හෙතෙම ශොක කරයි. වෙහෙස වෙයි, වැළපෙයි, පපුවේ අත් ගසමින් හඬයි. සිහිනැති බවට පැමිණෙයි. මහානාමය මෙලොවදීම විඳිය යුතුවූ මේ දුක් රාසිය කාමය හේතුකොට, කාමය මුල් කරුණ කොට කාමය කරණකොටගෙණ කාමය නිසා උපදින කාමයන්ගේ දෝෂයයි.
“මහානාමය, නැවත අනිකක්ද කියමි. කාමය හේතුකොට කාමය මුල් කරුණ කොට කාමය කරණ කොට ගෙණ කාමය නිසා රජවරුද රජවරු සමග කලහ කරති. ක්ෂත්‍රියයෝද ක්ෂත්‍රියයන් සමග කලහ කරති. බමුණෝද බමුණන් සමග කලහ කරති. ගෘහපතියෝද ගෘහපතීන් සමග කලහ කරති, මවද පුතා සමග කලහ කරයි. පුතාද මව සමග කලහ කරයි. පියා ද පුතා සමග කලහ කරයි. පුතාද පියා සමග කලහ කරයි, සහෝදරයාද සහෝදරයා සමග කලහ කරයි. සහෝදරයාද සහෝදරිය සමග කලහ කරයි. සහෝදරිය සහෝදරයා සමග කලහ කරයි. යහළුවා යහළුවා සමග කලහ කරයි. ඔව්හු කෝලාහල, විරුද්ධකම්, විවාද යන මීට පැමිණියාහු එකිනෙකාට අතින්ද පහර දෙති. කැට කැබිලිතිවලින්ද පහර දෙති. පොලුවලින්ද පහර දෙති. (කඩු ආදී) ආයුධවලින්ද පහර දෙති ඔව්හු එයින් මරණයටද පැමිණෙත්. මරණය සමාන දුකටද පැමිණෙත් මහානාමය, මෙලොවදීම විඳියයුතුවූ මේ දුක් රාසිය කාමය හේතු කොට කාමය මුල් කරුණකොට කාමය කරණකොට ගෙන කාමය නිසා උපදිති. මෙයද කාමයන්ගේ දෝෂයයි.
“මහානාමය, නැවත අනිකක්ද කියමි. කාමය හේතුකොට කාමය මුල් කරුණ කොට කාමය කරණ කොට ගෙණ කාමය නිසා කඩුව හා පලිහ ගෙණ දුන්නා හා හියවුර (ඊතල දමන කොපුව) බැඳ දෙපසින් රැස්ව යුද්ධ භූමියට පනිති. ඊතල විදින කල්හි කඩු කරකවන කල්හි එහි ඔවුන්ට ඊතලවලින්ද විදිත්, අඩයටිවලින්ද අනිත්, කඩුවෙන් හිසද සිඳිත්, ඔව්හු එහි මරණයටද පැමිණෙත්, මරණය සමාන දුකටද පැමිණෙත්.
“මහානාමය, මෙලොවදීම විඳියයුතුවූ මේ දුක් රාසිය කාමය හේතුකොට කාමය මුල් කරුණ කොට ගෙන කාමය කරණකොට ගෙන කාමය නිසා උපදින කාමයන්ගේ දෝෂයයි.
“මහානාමය, නැවත අනිකක්ද කියමි. කාමය හේතුකොට, කාමය මුල් කරුණකොට, කාමය කරණ කොට ගෙන කාමය නිසා කඩුව හා පලිහ ගෙණ දුන්න හා හියවුර (ඊතල දමන කොපුව) බැඳ තෙත් මඩ තැවරූ පවුරු වළලු ලඟට පැනයෙත්, ඊතල විදින කල්හි, අඩයටි දමාගසන කල්හි, කඩු කරවන කල්හි, එහි ඔව්හු ඊතලවලින්ද විදිනු ලබත්, අඩයටිවලින්ද, විදිනු ලබත්. ලෝදියද ඉසිත්, (සත්දන්ත නම්) දණ්ඩෙන් මඩිත්, කඩුවෙන්ද හිස සිඳිත්, ඔව්හු එහි මරණයටද පැමිණෙත්, මරණය සමාන දුකටද පැමිණෙත්
“මහානාමය, මෙලොවදීම විඳිය යුතුවූ මේ දුක් රාසිය කාමය හේතු කොට කාමය මුල් කරුණකොට කාමය කරණ කොට ගෙන කාමය නිසා උපදින කාමයන්ගේ දෝෂයයි.
“මහානාමය, නැවත අනිකක්ද කියමි. කාමය හේතුකොට ගෙවල් බිඳිති. ගම් පැහැරීමෙන් (වස්තුව) ගෙන යති, ගෙයි වැසියන් පණපිටින් ගෙණ වස්තුව පැහැරගණිති, මං පැහැරීම (මංකොල්ලකෑම) කරති. පරස්ත්‍රීන් කරාද යති, (මෙසේ කරන) ඒ මේ සොරුන් රජවරු අල්වා නොයෙක් කම් කටුළු කරවත්. කසවලින්ද තලත්. වේවැල්වලින්ද තලත්, දෙකට පැලු (දෙරියන් පමණ) දඬුවලින්ද තලත්, අතද කපත්, පයද කපත්, අත් පා සියල්ලද කපත්, කණද කපත්, නාසයද කපත්, කන් නාසා ද කපත්, බිලංගථාලික (හිස් කබල ගලවා මොලය උතුරවමින් කරන) නම් වධය කරත්. සංඛමුණ්ඩික (හිසේ කෙස් හා සම ගලවා බොරළු ලා උලා සුදු කිරීම) නම් වධය කරත්. රාහුමුඛ (අඬුවෙන් කට අරවා එහි තුළ ගිනිදැල්වීම) නම් වධය කරත් ජෝතිමාලික (ශරීරය තෙල් රෙදිවලින් වෙලා ගිනි දැල්වීම) නම් වධය දෙත්, හත්ථපජ්ජොතික (අත්දෙකේ තෙල් රෙදි වෙලා ගිනි දැල්වීම) නම් වධය දෙත්, එරකවත්තික (බෙල්ලෙහි පටන් ඇස්වටය දක්වා හම ගලවා ඔහු ලවා පෑගවීම) නම් වධය දෙත්, වීරකවාසික (බෙල්ලෙහි පටන් තුනටිය දක්වා සම ගලවා තබා එතැනින් පටන්ගෙණ ඇස්වටය දක්වා සම ගලවා තැබීම) නම් වධය දෙත්, එණෙය්‍යක (දෙදන දෙවැලමිටිවල යවුල් ගසා වටකොට ගිනි කිරීම) නම් වධය යත්, බලිසමංසික (දෙපැත්තෙන් තුඩු ඇති බිලියෙන් ගසා මස් කැඩීම) නම් වධය දෙත්. කහාපණක (කහවණු සේ මස් කැපීම) නම් වධය දෙත්, ඛාරාපතච්ඡික (සිරුර සිදුරු කොට කාරම්දිය ඉසීම) නම් වධය දෙත්, පළිඝපරිවත්තික (ඇලයකින් බිම හොවා කණෙහි යවුල් ගසා පය ගෙණ කරකැවීම) නම් වධය දෙත්, පලාලපීඨික (සම නොබිඳෙන සේ ඇට මස් තලා පිදුරු වැටියක්සේ ඇකිලීම) නම් වධය දෙත්, රත්වූ තෙල් ඉසිත්, බල්ලන් ලවා කවත්, ජීවිතය තිබියදීම උලෙහි ඉඳුවත්, කඩුවෙන් හිස සිඳිත්, ඔව්හු එහි මරණයටද පැමිණෙත්, මරණය සමාන දුකටද පැමිණෙත්, මහානාමය, මෙලොවදීම විඳියයුතුවූ මේ දුක් රාසිය කාමය හේතුකොට, කාමය මුල් කරුණකොට, කාමය කරණකොට ගෙන කාමය නිසා ඇතිවන කාමයන්ගේ දෝෂයයි.
“මහානාමය, නැවත අනිකක්ද කියමි. කාමය හේතුකොට, කාමය මුල් කරුණ කොට, කාමය කරණකොට ගෙන කාමය නිසා කයින් දුසිරිතෙහි හැසිරෙති, වචනයෙන් දුසිරිතෙහි හැසිරෙති, සිතින් දුසිරිතෙහි හැසිරෙති, ඔව්හු කයින් දුසිරිතෙහි හැසිර වචනයෙන් දුසිරිතෙහි හැසිර, සිතින් දුසිරිතෙහි හැසිර, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් පහවූ නපුරු ගති ඇති නපුරු වැටීමක් ඇත්තාවූ නිරයෙහි උපදිති. මහානාමය, පරලොවදී විඳිය යුතුවූ මේ දුක් රාසිය කාමය හේතුකොට, කාමය මුල් කරුණ කොට කාමය කරණ කොට ගෙන, කාමය නිසා ඇතිවන කාමයන්ගේ දෝෂයයි.
179
‘‘එකමිදාහං, මහානාම, සමයං රාජගහෙ විහරාමි ගිජ්ඣකූටෙ පබ්බතෙ. තෙන ඛො පන සමයෙන සම්බහුලා නිගණ්ඨා (නිගන්ථා (ස්‍යා. ක.)) ඉසිගිලිපස්සෙ කාළසිලායං උබ්භට්ඨකා හොන්ති ආසනපටික්ඛිත්තා, ඔපක්කමිකා දුක්ඛා තිබ්බා ඛරා කටුකා වෙදනා වෙදයන්ති. අථ ඛ්වාහං, මහානාම, සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙන ඉසිගිලිපස්සෙ කාළසිලා යෙන තෙ නිගණ්ඨා තෙනුපසඞ්කමිං; උපසඞ්කමිත්වා තෙ නිගණ්ඨෙ එතදවොචං - ‘කින්නු තුම්හෙ, ආවුසො, නිගණ්ඨා උබ්භට්ඨකා ආසනපටික්ඛිත්තා, ඔපක්කමිකා දුක්ඛා තිබ්බා ඛරා කටුකා වෙදනා වෙදයථා’ති? එවං වුත්තෙ, මහානාම, තෙ නිගණ්ඨා මං එතදවොචුං - ‘නිගණ්ඨො, ආවුසො, නාටපුත්තො (නාථපුත්තො (සී. පී.)) සබ්බඤ්ඤූ සබ්බදස්සාවී අපරිසෙසං ඤාණදස්සනං පටිජානාති - ‘‘චරතො ච මෙ තිට්ඨතො ච සුත්තස්ස ච ජාගරස්ස ච සතතං සමිතං ඤාණදස්සනං පච්චුපට්ඨිත’’න්ති. සො එවමාහ - ‘‘අත්ථි ඛො වො (අත්ථි ඛො භො (ස්‍යා. ක.)), නිගණ්ඨා, පුබ්බෙ පාපකම්මං කතං, තං ඉමාය කටුකාය දුක්කරකාරිකාය නිජ්ජීරෙථ (නිජ්ජරෙථ (සී. ස්‍යා. පී.)); යං පනෙත්ථ (මයං පනෙත්ථ (ක.)) එතරහි කායෙන සංවුතා වාචාය සංවුතා මනසා සංවුතා තං ආයතිං පාපස්ස කම්මස්ස අකරණං; ඉති පුරාණානං කම්මානං තපසා බ්‍යන්තිභාවා, නවානං කම්මානං අකරණා, ආයතිං අනවස්සවො; ආයතිං අනවස්සවා කම්මක්ඛයො, කම්මක්ඛයා දුක්ඛක්ඛයො, දුක්ඛක්ඛයා වෙදනාක්ඛයො, වෙදනාක්ඛයා සබ්බං දුක්ඛං නිජ්ජිණ්ණං භවිස්සතී’’ති. තඤ්ච පනම්හාකං රුච්චති චෙව ඛමති ච, තෙන චම්හ අත්තමනා’ති.
179
“මහානාමය, මම එක් කලෙක රජගහනුවර ගිජ්ජකූට නම්වූ පර්වතයෙහි වාසය කරමි. එකල්හි බොහෝවූ නිගණ්ඨයෝ, ඉසිගිලි පර්වතය අසලවූ කලුගල් තලාවෙහි උඩුකුරුව සිටියාහු ආසනවල වාඩි නොවන්නාහු උත්සාහයෙන් ඇතිකරගත් දුක්වූ තියුණුවූ වේදනාවන් විඳිත්. මහානාමය, එකල්හි මම සවස් කාලයෙහි, උතුම් පලසමවතින් නැගිටියේ ඉසිගිලි පර්වතය අසල කලුගල් තලාව යම් තැනෙක්හිද, ඒ නිගණ්ඨයෝ යම් තැනෙක්හිද එතැනට ගියෙමි. ගොස් නිගණ්ඨයන්ට මෙසේ කීයෙමි. ‘ඇවැත්නි, නිගණ්ඨයෙනි, තෙපි කුමකට උඩුකුරු වූවාහු අසුන්වල වාඩි නොවන්නාහු උත්සාහයෙන් ඇතිකරගත් තියුණුවූ වේදනාවෙන් විඳින්නාහුදැ’යි ඇසීමි.
“මහානාමය, මෙසේ කීකල්හි, ඒ නිගණ්ඨයෝ මට මෙසේ කීවාහුය. ‘ඇවැත්නි, නිගණ්ඨනාත පුත්‍රතෙම, හැසිරෙන්නා වූද, සිටින්නාවූද, නිදන්නාවූද, නිදි නැතිව සිටින්නාවූද මට සියල්ල දන්නාවූ, සියල්ල දක්නාවූ ඥාන දර්ශනය නිතරම එළඹ සිටියේයයි ප්‍රතිඥා කරයි. ඒ නිගණ්ඨනාත පුත්‍ර තෙම මෙසේ කියයි. නිගණ්ඨයෙනි, තෙපි සියලුදෙන විසින් කරන ලද පාපකර්ම ඇත්තේය. එය කටුකවූ මේ දුෂ්කර ක්‍රියාවෙන් දිරවව්. යම් හෙයකින් මෙහි දැන් කයින් සංවර වූවාහුද වචනයෙන් සංවර වූවාහුද සිතින් සංවර වූවාහුද ඒ සංවරය නම් මත්තෙහි විපාක දෙන්නාවූ පාපකර්ම නොකිරීමයි. මෙසේ පූර්ව කර්ම තපස් බලයෙන් තුනීකිරීමෙන් අළුත් කර්ම නොකිරීමෙන් මත්තෙහි කර්ම රැස්නොවීම වෙයි. කර්ම රැස්නොවීමෙන් කර්මයන්ගේ අවසන්වීම වෙයි. කර්ම අවසන් වීමෙන් දුක් කෙළවර වෙයි. දුක් කෙළවර වීමෙන් වේදනා කෙළවර වේ. වේදනාවන්ගේ කෙළවර වීමෙන් සියලු දුක් දිරූයේ වන්නේයයි (කියයි) අපට ඒ ක්‍රමය රුචිද වෙයි. කැමතිද වෙයි. එයින් අපි සතුටු වෙමු”යි (කීහ.)
180
‘‘එවං වුත්තෙ, අහං, මහානාම, තෙ නිගණ්ඨෙ එතදවොචං - ‘කිං පන තුම්හෙ, ආවුසො නිගණ්ඨා, ජානාථ - අහුවම්හෙව මයං පුබ්බෙ න නාහුවම්හා’ති? ‘නො හිදං, ආවුසො’. ‘කිං පන තුම්හෙ, ආවුසො නිගණ්ඨා, ජානාථ - අකරම්හෙව මයං පුබ්බෙ පාපකම්මං න නාකරම්හා’ති? ‘නො හිදං, ආවුසො’. ‘කිං පන තුම්හෙ, ආවුසො නිගණ්ඨා, ජානාථ - එවරූපං වා එවරූපං වා පාපකම්මං අකරම්හා’ති? ‘නො හිදං, ආවුසො’. ‘කිං පන තුම්හෙ, ආවුසො නිගණ්ඨා, ජානාථ - එත්තකං වා දුක්ඛං නිජ්ජිණ්ණං, එත්තකං වා දුක්ඛං නිජ්ජීරෙතබ්බං , එත්තකම්හි වා දුක්ඛෙ නිජ්ජිණ්ණෙ සබ්බං දුක්ඛං නිජ්ජිණ්ණං භවිස්සතී’ති? ‘නො හිදං, ආවුසො’. ‘කිං පන තුම්හෙ, ආවුසො නිගණ්ඨා, ජානාථ - දිට්ඨෙව ධම්මෙ අකුසලානං ධම්මානං පහානං, කුසලානං ධම්මානං උපසම්පද’න්ති? ‘නො හිදං, ආවුසො’.
‘‘‘ඉති කිර තුම්හෙ, ආවුසො නිගණ්ඨා, න ජානාථ - අහුවම්හෙව මයං පුබ්බෙ න නාහුවම්හාති, න ජානාථ - අකරම්හෙව මයං පුබ්බෙ පාපකම්මං න නාකරම්හාති, න ජානාථ - එවරූපං වා එවරූපං වා පාපකම්මං අකරම්හාති, න ජානාථ - එත්තකං වා දුක්ඛං නිජ්ජිණ්ණං, එත්තකං වා දුක්ඛං නිජ්ජීරෙතබ්බං, එත්තකම්හි වා දුක්ඛෙ නිජ්ජිණ්ණෙ සබ්බං දුක්ඛං නිජ්ජිණ්ණං භවිස්සතීති. න ජානාථ - දිට්ඨෙව ධම්මෙ අකුසලානං ධම්මානං පහානං, කුසලානං ධම්මානං උපසම්පදං. එවං සන්තෙ, ආවුසො නිගණ්ඨා, යෙ ලොකෙ ලුද්දා ලොහිතපාණිනො කුරූරකම්මන්තා මනුස්සෙසු පච්චාජාතා තෙ නිගණ්ඨෙසු පබ්බජන්තී’ති? ‘න ඛො, ආවුසො ගොතම, සුඛෙන සුඛං අධිගන්තබ්බං, දුක්ඛෙන ඛො සුඛං අධිගන්තබ්බං; සුඛෙන චාවුසො ගොතම, සුඛං අධිගන්තබ්බං අභවිස්ස, රාජා මාගධො සෙනියො බිම්බිසාරො සුඛං අධිගච්ඡෙය්‍ය, රාජා මාගධො සෙනියො බිම්බිසාරො සුඛවිහාරිතරො ආයස්මතා ගොතමෙනා’ති.
‘‘‘අද්ධායස්මන්තෙහි නිගණ්ඨෙහි සහසා අප්පටිසඞ්ඛා වාචා භාසිතා - න ඛො, ආවුසො ගොතම, සුඛෙන සුඛං අධිගන්තබ්බං, දුක්ඛෙන ඛො සුඛං අධිගන්තබ්බං; සුඛෙන චාවුසො ගොතම, සුඛං අධිගන්තබ්බං අභවිස්ස, රාජා මාගධො සෙනියො බිම්බිසාරො සුඛං අධිගච්ඡෙය්‍ය, රාජා මාගධො සෙනියො බිම්බිසාරො සුඛවිහාරිතරො ආයස්මතා ගොතමෙනා’’ති. අපි ච අහමෙව තත්ථ පටිපුච්ඡිතබ්බො - කො නු ඛො ආයස්මන්තානං සුඛවිහාරිතරො රාජා වා මාගධො සෙනියො බිම්බිසාරො ආයස්මා වා ගොතමො’ති? අද්ධාවුසො ගොතම, අම්හෙහි සහසා අප්පටිසඞ්ඛා වාචා භාසිතා, න ඛො, ආවුසො ගොතම, සුඛෙන සුඛං අධිගන්තබ්බං, දුක්ඛෙන ඛො සුඛං අධිගන්තබ්බං; සුඛෙන චාවුසො ගොතම, සුඛං අධිගන්තබ්බං අභවිස්ස, රාජා මාගධො සෙනියො බිම්බිසාරො සුඛං අධිගච්ඡෙය්‍ය, රාජා මාගධො සෙනියො බිම්බිසාරො සුඛවිහාරිතරො ආයස්මතා ගොතමෙනාති. අපි ච තිට්ඨතෙතං, ඉදානිපි මයං ආයස්මන්තං ගොතමං පුච්ඡාම - කො නු ඛො ආයස්මන්තානං සුඛවිහාරිතරො රාජා වා මාගධො සෙනියො බිම්බිසාරො ආයස්මා වා ගොතමො’ති?
‘‘‘තෙන හාවුසො නිගණ්ඨා, තුම්හෙව තත්ථ පටිපුච්ඡිස්සාමි, යථා වො ඛමෙය්‍ය තථා නං බ්‍යාකරෙය්‍යාථ. තං කිං මඤ්ඤථාවුසො නිගණ්ඨා, පහොති රාජා මාගධො සෙනියො බිම්බිසාරො, අනිඤ්ජමානො කායෙන, අභාසමානො වාචං, සත්ත රත්තින්දිවානි එකන්තසුඛං පටිසංවෙදී විහරිතු’න්ති? ‘නො හිදං, ආවුසො’.
‘‘‘තං කිං මඤ්ඤථාවුසො නිගණ්ඨා, පහොති රාජා මාගධො සෙනියො බිම්බිසාරො, අනිඤ්ජමානො කායෙන, අභාසමානො වාචං, ඡ රත්තින්දිවානි...පෙ.... පඤ්ච රත්තින්දිවානි... චත්තාරි රත්තින්දිවානි... තීණි රත්තින්දිවානි... ද්වෙ රත්තින්දිවානි... එකං රත්තින්දිවං එකන්තසුඛං පටිසංවෙදී විහරිතු’න්ති? ‘නො හිදං, ආවුසො’.
‘‘‘අහං ඛො, ආවුසො නිගණ්ඨා, පහොමි අනිඤ්ජමානො කායෙන, අභාසමානො වාචං, එකං රත්තින්දිවං එකන්තසුඛං පටිසංවෙදී විහරිතුං. අහං ඛො, ආවුසො නිගණ්ඨා, පහොමි අනිඤ්ජමානො කායෙන, අභාසමානො වාචං, ද්වෙ රත්තින්දිවානි... තීණි රත්තින්දිවානි... චත්තාරි රත්තින්දිවානි... පඤ්ච රත්තින්දිවානි... ඡ රත්තින්දිවානි... සත්ත රත්තින්දිවානි එකන්තසුඛං පටිසංවෙදී විහරිතුං. තං කිං මඤ්ඤථාවුසො නිගණ්ඨා, එවං සන්තෙ කො සුඛවිහාරිතරො රාජා වා මාගධො සෙනියො බිම්බිසාරො අහං වා’ති? ‘එවං සන්තෙ ආයස්මාව ගොතමො සුඛවිහාරිතරො රඤ්ඤා මාගධෙන සෙනියෙන බිම්බිසාරෙනා’’’ති.
ඉදමවොච භගවා. අත්තමනො මහානාමො සක්කො භගවතො භාසිතං අභිනන්දීති.
180
“මහානාමය මෙසේ කීකල්හි මම ඒ නිගණ්ඨයන්ට මෙසේ කීවෙමි. ඇවැත් නිගණ්ඨයෙනි, කිමෙක්ද? තෙපි පෙර අපි වීමුද, නොවීමුදැයි, දන්නහුද? ඇවැත්නි, අපි නොදන්නෙමු. කිමෙක්ද? ඇවැත්වූ නිගණ්ඨයෙනි, තෙපි පෙර පව්කම් කෙළෙමුද නොකෙළෙමුදැයි දන්නාහුද? ඇවැත්නි, නොදන්නෙමු. ඇවැත්නි, නිගණ්ඨයෙනි, අපි පෙර මෙබඳු මෙබඳුවූ පව්කම් කෙළෙමුයයි දන්නාහුද? ඇවැත්නි, නොදන්නෙමු. ඇවැත්නි, නිගණ්ඨයෙනි, කිමෙක්ද? තෙපි මෙපමණ දුක් දිරා ගියේය. මෙපමණ දුක් දිරවිය යුතුය, මෙපමණ දුක් දිරූ කල්හි සියලු දුක දිරූයේ වන්නේයයි දන්නහුද? ඇවැත්නි, නොදන්නෙමු. ඇවැත්නි, නිගණ්ඨයෙනි. කිමෙක්ද? තෙපි මේ ආත්මයෙහිම අකුශලධර්මයන් නැතිකිරීමද කුසල ධර්මයන් රැස්කිරීමද දන්නහුද? ඇවැත්නි, මෙය නොදන්නෙමු.
“නිගණ්ඨයෙනි, මෙසේ වනාහි තෙපි “පෙර අපි වීමුද, නොවීමුදැයි කියාත් නොදන්නහුය. අපි පෙර පව්කම් කෙළෙමුද, නොකෙළෙමුදැයි කියාත් නොදන්නහුය. අපි පෙර මෙබඳු මෙබඳුවූ පව්කම් කෙළෙමුයයි කියාත් නොදන්නහුය. මෙපමණ දුක් දිරුවේය. මෙපමණ දුක් දිරවිය යුතුය. මෙපමණවූ දුක් දිරූකල්හි සියලු දුක් දිරූයේ වන්නේයයි කියාත් නොදන්නහුය. මේ ආත්මයෙහි අකුසල ධර්මයන් නැතිකිරීම හා කුසල ධර්මයන් රැස්කිරීමත් නොදන්නහුය. ඇවැත්නි නිගණ්ඨයෙනි, මෙසේ ඇතිකල්හි මිනිසුන් අතර උපන් රෞද්‍රවූ ලේ තැවරුණ අත් ඇති ක්‍රෑර ක්‍රියා ඇති යම් මනුෂ්‍ය කෙනෙක් වෙත්ද, ඔව්හු නිගණ්ඨයන් අතර පැවිදි වෙතියයි (කීමි.)
“ඇවැත්නි, ගෞතමයෙනි, සැපයෙන් සැපය නොලැබිය හැකිය, දුකින්ම සැපය ලැබිය යුතුය. ඇවැත්නි, ගෞතමයෙනි, සැපයෙන් සැපය ලැබිය හැකි වන්නේ නම්, මගධ රටට අධිපති සෙනිය බිම්බිසාර රජතෙම සැප ලබන්නේය. ආයුෂ්මත් ගෞතමයන්ට වඩා මගධ රටට අධිපතිවූ සෙනිය බිම්බිසාර රජතෙම අතිශයින් සැප විහරණ ඇත්තේයයි (කීවාහුය.) ආයුෂ්මත් නිගණ්ඨයන් විසින් ඒකාන්තයෙන් වහා කරුණු නොසලකා, ඇවැත් ගෞතමයෙනි, සැපයෙන් සැපය නොලැබිය හැකිය. දුකින්ම සැපය ලැබිය යුතුය. ඇවැත් ගෞතමයෙනි, සැපයෙන් සැපය ලැබිය හැකි වන්නේ නම්, මගධ රටට අධිපති සෙනිය බිම්බිසාර රජතෙම සැප ලබන්නේය. ආයුෂ්මත් ගෞතමයන්ට වඩා මගධරටට අධිපති සෙනිය බිම්බිසාර රජතෙම අතිශයින් සැපවිහරණ ඇත්තේය යන වචනය කියනලදී, නොඑසේ නම් තොප විසින් ආයුෂ්මතුන් අතුරෙන් මගධ රටට අධිපති සේනා ඇති බිම්සර රජ වඩා සැප විහරණ ඇත්තේද ආයුෂ්මත් ගෞතම තෙමේ වඩා සැපවිහරණ ඇත්තේදැයි මගෙන්ම ඇසිය යුත්තේය.
“ඇවැත් ගෞතමයෙනි, අප විසින් “ඇවැත්නි ගෞතමයෙනි, සැපයෙන් සැපය නොලැබිය හැකිය. දුකින්ම සැපය ලැබිය යුතුය. ඇවැත්නි, ගෞතමයෙනි සැපයෙන් සැපය ලැබිය හැකි වන්නේ නම්, මගධ රටට අධිපති සෙනිය බිම්බිසාර රජතෙම සැපය ලබන්නේය. ආයුෂ්මත් ගෞතමයන්ට වඩා මගධ රටට අධිපතිවූ සෙනිය බිම්බිසාර රජතෙම අතිශයින් සැප විහරණ ඇත්තේය” යන වචනය එකාන්තයෙන්ම කරුණු නොසලකා වහා කියන ලද්දේය.
ඒ වචනය තිබේවා, දැන් අපි ආයුෂ්මත් ගෞතමයන්ගෙන් විචාරන්නෙමු. ‘මගධ රටට අධිපතිවූ සේනා ඇති බිම්බිසාර නම්වූ රජත් ආයුෂ්මත් ගෞතමයෝත් යන දෙදෙනා අතුරෙන් කවරෙක් අතිශයින් සැපවිහරණ ඇත්තේදැයි (අසමු.)
“ඇවැත්නි, නිගණ්ඨයෙනි, එසේ වීනම් එහිලා තොපම විචාරන්නෙමි. යම්සේ තොපට රුචිවේද, එසේ එය ප්‍රකාශ කරව්. ඇවැත්නි, නිගණ්ඨයෙනි, මගධෙශ්වරවූ සෙනිය බිම්බිසාර රජතෙම කයින් නොසෙල්වෙමින් වචනයක් නොකියමින් සත් රෑ දවාලක් මුළුල්ලෙහි නිරතුරු සැප විඳිමින් වාසය කරන්නට සමර්ථ වේද? නැත ඇවැත්නි, රෑ දාවල් සයක් වාසය කරන්ට හැකිවේද, රෑ දාවල් පහක් - රෑ දාවල් හතරක් - රෑ දාවල් තුනක් -රෑ දාවල් දෙකක් - රෑ දාවල් එකක් වාසය කරන්ට හැකිවේද, නැත ඇවැත්නි,
“ඇවැත්නි නිගණ්ඨයෙනි, මම වනාහි කයින් නොසෙල්වෙමින් වචනයක් නොකියමින් එක් රෑ දවාලක් මුළුල්ලෙහි එකාන්තයෙන් සැපවිඳිමින් වාසය කරන්ට පොහොසත් වෙමි. රෑ දාවල් දෙකක් - රෑ දාවල් තුනක් - රෑ දාවල් හතරක් - රෑ දාවල් පහක් - රෑ දාවල් හයක් - රෑ දාවල් හතක් - මුළුල්ලෙහි එකාන්තයෙන් සැප විඳිමින් වාසය කරන්ට සමර්ථවෙමි. (ඇවැත්නි) මෙසේ ඇතිකල්හි මගධෙශ්වරවූ සෙනිය බිම්බිසාරය, මමය යන අප දෙදෙනා අතුරෙන් කවරෙක් අතිශයින් සැපවිහරණ ඇත්තේදැයි සිතන්නහුද? මෙසේ ඇතිකල්හි ආයුෂ්මත් ගෞතම තෙමේම, මගධෙශ්වරවූ සෙනිය බිම්බිසාර රජුට වඩා අතිශයින් සැපවිහරණ ඇත්තේය”යි කීවාහුය.
මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ වදාළහ. සතුටුවූ මහානාම ශාක්‍ය රජතෙම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තේය.
5. අනුමානසුත්තං 5. අනුමාන සූත්‍රය
6. චෙතොඛිලසුත්තං 6. චෙතොඛිල සූත්‍රය
7. වනපත්ථසුත්තං 7. වනපත්ථ සූත්‍රය
8. මධුපිණ්ඩිකසුත්තං 8. මධු පිණ්ඩික සූත්‍රය
9. ද්වෙධාවිතක්කසුත්තං 9. ද්වෙධා විතක්ක සූත්‍රය
10. විතක්කසණ්ඨානසුත්තං 10. විතක්ක සණ්ඨාන සූත්‍රය