2. සීහනාදවග්ගො | 2. සීහනාද වර්ගය |
1. චූළසීහනාදසුත්තං | 1. චූල සීහනාද සූත්‍රය |
139
එවං
‘‘ඉධෙව, භික්ඛවෙ, සමණො, ඉධ දුතියො සමණො, ඉධ තතියො සමණො, ඉධ චතුත්ථො සමණො; සුඤ්ඤා පරප්පවාදා සමණෙභි
|
139
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අසල අනාථපිණ්ඩික සිටුහු විසින් කරවන ලද ජේතවන නම් විහාරයෙහි වැඩවාසය කරති. එකල භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.
“මහණෙනි, පළමුවැනි (සෝවාන්) ශ්‍රමණ තෙමේද මේ ශාසනයෙහිම ඇත්තේය. දෙවැනි (සකෘදාගාමි) ශ්‍රමණ තෙමේද මේ ශාසනයෙහිම ඇත්තේය. තුන්වැනි (අනාගාමි) ශ්‍රමණ තෙමේද මේ ශාසනයෙහිම ඇත්තේය. සතරවැනි (රහත්) ශ්‍රමණ තෙමේද මේ ශාසනයෙහිම ඇත්තේය. මෙයින් අන්‍ය වූ වාදයෝ (ශාසන) ශ්‍රමණයන්ගෙන් හිස්ය. මහණෙනි මෙසේ මේ සිංහ නාදය මනාකොට නාද කරව්.
|
140
‘‘ඨානං ඛො පනෙතං, භික්ඛවෙ, විජ්ජති යං අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං වදෙය්යුං - ‘කො පනායස්මන්තානං අස්සාසො, කිං බලං, යෙන තුම්හෙ ආයස්මන්තො එවං වදෙථ - ඉධෙව සමණො, ඉධ දුතියො සමණො, ඉධ තතියො සමණො, ඉධ චතුත්ථො සමණො; සුඤ්ඤා පරප්පවාදා සමණෙභි අඤ්ඤෙහී’ති? එවංවාදිනො, භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවමස්සු වචනීයා - ‘අත්ථි ඛො නො, ආවුසො, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන චත්තාරො ධම්මා අක්ඛාතා යෙ මයං අත්තනි සම්පස්සමානා එවං වදෙම - ඉධෙව සමණො, ඉධ දුතියො සමණො, ඉධ තතියො සමණො, ඉධ
|
140
“මහණෙනි, මේ කාරණයක් ඇත්තේය. අන්‍යලබ්ධික පරිබ්‍රාජකයන් මෙසේ කියන්නට පුළුවන. පළමුවැනි ශ්‍රමණ තෙමේද මෙහිමය, දෙවැනි ශ්‍රමණ තෙමේද මෙහිමය, තුන්වැනි ශ්‍රමණ තෙමේද මෙහිමය, සතරවැනි ශ්‍රමණ තෙමේද මෙහිමය, අන්‍ය වූ වාදයෝ ශ්‍රමණයන්ගෙන් හිස්යයි ආයුෂ්මත්වූ තෙපි කියන්නාහුය. මෙසේ කීමට ආයුෂ්මතුන්හට ඇති පිහිට කවරේද? බලය කුමක්දැයි කියන්නාහුය.
“මහණෙනි, මෙසේ කියන්නා වූ අන්‍යලබ්ධික පරිබ්‍රාජකයන්හට තොප විසින් මෙසේ කියයුතුය. ඇවැත්නි, සියල්ල දන්නා වූ, සියල්ල දක්නා වූ, අර්හත් වූ, සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද ධර්ම සතරක් ඇත්තාහුමය. ඒ ධර්ම සතර අප කෙරෙහි ඇති බව දකිමින් අපි පළමුවැනි ශ්‍රමණ තෙමේද මෙහිමය, දෙවැනි ශ්‍රමණ තෙමේද මෙහිමය, තුන්වැනි ශ්‍රමණ තෙමේද මෙහිමය, හතරවැනි ශ්‍රමණ තෙමේද මෙහිමය, අන්‍ය වූ වාදයෝ ශ්‍රමණයන්ගෙන් සූන්‍යයයි කියමු. කවර සතරක්ද යත්? ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ කෙරෙහි අපගේ පැහැදීම ඇත්තේමය. ධර්මයෙහි පැහැදීම ඇත්තේමය. සීලයන් සම්පූර්ණ කරන බව ඇත්තේමය. ගිහිවූද, පැවිදිවූද මේ සියලුදෙන එක්ව ධර්මයෙහි හැසිරෙන්නාහු ඔවුනොවුන්ට ප්‍රිය වෙත්. මනාපවෙත්. ඇවැත්නි, යම් ධර්මයක් අප කෙරෙහි ඇති බව දකිමින් අපි පළමුවැනි ශ්‍රමණ තෙමේද මෙහිමය, දෙවැනි ශ්‍රමණ තෙමේද මෙහිමය, තුන්වැනි ශ්‍රමණ තෙමේද මෙහිමය, හතරවැනි ශ්‍රමණ තෙමේද මෙහිමය. අන්‍ය වූ වාදයෝ ශ්‍රමණයන්ගෙන් සූන්‍යයයි කියමු නම් අපට ඒ සියල්ල දන්නා වූ, සියල්ල දක්නා වූ, අර්හත් වූ, සම්‍යක් සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මේ ධර්ම හතර ඇත්තේමය.
|
141
‘‘ඨානං
‘‘එවංවාදිනො, භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවමස්සු වචනීයා - ‘කිං පනාවුසො, එකා නිට්ඨා, උදාහු පුථු නිට්ඨා’ති? සම්මා බ්‍යාකරමානා, භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං බ්‍යාකරෙය්‍යුං - ‘එකාවුසො, නිට්ඨා, න පුථු නිට්ඨා’ති.
‘‘‘සා පනාවුසො, නිට්ඨා සරාගස්ස උදාහු වීතරාගස්සා’ති? සම්මා බ්‍යාකරමානා, භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා
‘‘‘සා පනාවුසො, නිට්ඨා සදොසස්ස උදාහු වීතදොසස්සා’ති? සම්මා බ්‍යාකරමානා, භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං බ්‍යාකරෙය්‍යුං - ‘වීතදොසස්සාවුසො, සා නිට්ඨා, න සා නිට්ඨා සදොසස්සා’ති.
‘‘‘සා පනාවුසො, නිට්ඨා සමොහස්ස උදාහු වීතමොහස්සා’ති? සම්මා බ්‍යාකරමානා, භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං බ්‍යාකරෙය්‍යුං - ‘වීතමොහස්සාවුසො, සා නිට්ඨා, න සා නිට්ඨා සමොහස්සා’ති.
‘‘‘සා පනාවුසො, නිට්ඨා සතණ්හස්ස උදාහු වීතතණ්හස්සා’ති? සම්මා
‘‘‘සා පනාවුසො, නිට්ඨා සඋපාදානස්ස උදාහු අනුපාදානස්සා’ති? සම්මා බ්‍යාකරමානා, භික්ඛවෙ
‘‘‘සා
‘‘‘සා පනාවුසො, නිට්ඨා අනුරුද්ධප්පටිවිරුද්ධස්ස උදාහු අනනුරුද්ධඅප්පටිවිරුද්ධස්සා’ති? සම්මා බ්‍යාකරමානා, භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං බ්‍යාකරෙය්‍යුං - ‘අනනුරුද්ධඅප්පටිවිරුද්ධස්සාවුසො, සා නිට්ඨා, න සා නිට්ඨා අනුරුද්ධප්පටිවිරුද්ධස්සා’ති.
‘‘‘සා
|
141
“මහණෙනි, (තොප මෙසේ කියූවිට) අන්‍ය ලබ්ධික පරිබ්‍රාජකයන් මෙසේ කියන්නට පුළුවන. ඇවැත්නි යම් කෙනෙක් අපගේ ශාස්තෘ නම්, ඒ ශාස්තෲන්කෙරෙහි අපගේද පැහැදීම ඇත. යමක් අපගේ ධර්මය නම්, ඒ ධර්මයෙහි අපගේද පැහැදීම ඇත. අපගේ යම් සීල වෙත් නම්, ඒ සීලයන් අපිත් සම්පූර්ණ කරන්නෙමු. අපගේද එක්ව ධර්මයෙහි හැසිරෙන්නා වූ ගිහියෝද පැවිද්දෝද ඔවුනොවුන්ට ප්‍රියවෙත්, මනාප වෙත්. ඇවැත්නි මෙහිලා තොපගේද අපගේද වෙනස කවරේද? අදහස කවරේද? වෙනස් කාරණය කුමක්දැ? (යි) කියන්නාහුය.
“මහණෙනි, මෙසේ කියන්නා වූ අන්‍ය ලබ්ධික පරිබ්‍රාජකයන්හට මෙසේ කියයුතුය. ඇවැත්නි, කිමෙක්ද? නිෂ්ඨාව (කෙළවර) එකක්ද, නොහොත් බොහෝදැයි (ඇසිය යුතුය). මහණෙනි, මනාකොට පිළිතුරු දෙන අන්‍යලබ්ධික පරිබ්‍රාජකයෝ මෙසේ කියන්නාහ. “ඇවැත්නි, කෙළවර එකක්ය. බොහෝ නොවෙත්යයි (කියති).
ඇවැත්නි, ඒ නිෂ්ඨාව (කෙළවර) රාග සහිතයාටද නොහොත් රාග නැත්තාටදැයි (ඇසිය යුතුය). මනාකොට පිළිතුරු දෙන අන්‍ය ලබ්ධික පරිබ්‍රාජකයෝ මෙසේ කියන්නාහ. ඇවැත්නි, ඒ කෙළවර රාග නැති තැනැත්තාටය. රාග සහිත තැනැත්තාට නොවේයයි (කියති).
ඇවැත්නි, ඒ කෙළවර ද්වේෂ සහිතයාටද? නොහොත් පහ වූ ද්වේෂ ඇත්තහුට දැයි (ඇසිය යුතුය). මනාකොට පිළිතුරු දෙන අන්‍ය ලබ්ධික පරිබ්‍රාජකයෝ මෙසේ කියන්නාහ. ඇවැත්නි, ඒ කෙළවර පහ වූ ද්වේෂ ඇත්තාහටය, ඒ කෙළවර ද්වේෂ සහිතයාට නොවේ (යයි කියති).
ඇවැත්නි, ඒ කෙළවර මෝහ සහිතයාටද? නොහොත් පහ වූ මෝහ ඇත්තාහටදැයි (ඇසිය යුතුය). මහණෙනි, මනාකොට පිළිතුරු දෙන අන්‍ය ලබ්ධික පරිබ්‍රාජකයෝ මෙසේ කියන්නාහ. ඇවැත්නි, ඒ කෙළවර පහ වූ මෝහ ඇත්තාහටය. ඒ කෙළවර මෝහ සහිතයාට නොවේ යැයි (කියති).
ඇවැත්නි, ඒ කෙළවර තෘෂ්ණාව ඇති තැනැත්තාටද? නොහොත් තෘෂ්ණාව පහකළ තැනැත්තාහටදැයි (ඇසිය යුතුය). මහණෙනි, මනාකොට පිළිතුරු දෙන අන්‍ය ලබ්ධික පරිබ්‍රාජකයෝ මෙසේ කියන්නාහ. ඇවැත්නි, ඒ කෙළවර පහ වූ තෘෂ්ණා ඇත්තාහටය. ඒ කෙළවර තෘෂ්ණා ඇති තැනැත්තාට නොවේයැයි (කියති).
ඇවැත්නි ඒ කෙළවර උපාදාන (තෘෂ්ණා දෘෂ්ටි දෙකින් දැඩිකොට අල්ලා ගැනීම) ඇත්තාහටද? නොහොත් උපාදාන නැත්තාහට දැයි (ඇසිය යුතුය). මහණෙනි, මනාකොට පිළිතුරු දෙන අන්‍ය ලබ්ධික පරිබ්‍රාජකයෝ මෙසේ කියන්නාහ. ඇවැත්නි, ඒ කෙළවර උපාදාන නැත්තාටය. ඒ කෙළවර උපාදාන ඇත්තාට නොවේයයි (කියති).
ඇවැත්නි, ඒ කෙළවර නුවණැතියාටද? නොහොත් මෝඩයාටදැයි (ඇසිය යුතුය). මහණෙනි, මනාකොට පිළිතුරු දෙන අන්‍ය ලබ්ධික පරිබ්‍රාජකයෝ මෙසේ කියන්නාහ. ඇවැත්නි, ඒ කෙළවර නුවණැතියාටය. ඒ කෙළවර මෝඩයාට නොවේයයි (කියති).
ඇවැත්නි, ඒ කෙළවර රාගයෙන් ඇලුණු ක්‍රෝධයෙන් කිපුණු පුද්ගලයාටද? නොහොත් රාගයෙන් නොඇලුණු ක්‍රෝධයෙන් නොකිපුණු පුද්ගලයාටදැයි (ඇසිය යුතුය). මහණෙනි, මනාකොට පිළිතුරු දෙන අන්‍යලබ්ධික පරිබ්‍රාජකයෝ මෙසේ කියන්නාහ. ඇවැත්නි, ඒ කෙළවර රාගයෙන් නොඇලුණු, ක්‍රෝධයෙන් නොකිපුණු පුද්ගලයාටය. රාගයෙන් ඇලුණු, ක්‍රෝධයෙන් කිපුණු පුද්ගලයාහට නොවේයයි (කියති).
“ඇවැත්නි, ඒ කෙළවර තෘෂ්ණා දෘෂ්ටි දෙකින් ප්‍රමාද වීමෙහි ඇලුණහුටද නොහොත් තෘෂ්ණා දෘෂ්ටි දෙකින් ප්‍රමාද නොවූවහුටදැයි (ඇසිය යුතුය). මහණෙනි, මනාකොට පිළිතුරු දෙන අන්‍යලබ්ධික පරිබ්‍රාජකයෝ මෙසේ කියන්නාහ. ඇවැත්නි, ඒ කෙළවර තෘෂ්ණා දෘෂ්ටි දෙකින් ප්රමාදවූවහුට නොවේ. තෘෂ්ණා දෘෂ්ටි දෙකින් ප්‍රමාද නොවූවහුටයයි (කියති).
|
142
‘‘ද්වෙමා, භික්ඛවෙ, දිට්ඨියො - භවදිට්ඨි ච විභවදිට්ඨි ච. යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා භවදිට්ඨිං අල්ලීනා භවදිට්ඨිං උපගතා භවදිට්ඨිං අජ්ඣොසිතා, විභවදිට්ඨියා තෙ පටිවිරුද්ධා. යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා විභවදිට්ඨිං අල්ලීනා විභවදිට්ඨිං උපගතා විභවදිට්ඨිං අජ්ඣොසිතා, භවදිට්ඨියා තෙ පටිවිරුද්ධා. යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා ඉමාසං ද්වින්නං දිට්ඨීනං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානන්ති, ‘තෙ සරාගා තෙ සදොසා තෙ සමොහා තෙ සතණ්හා තෙ සඋපාදානා තෙ අවිද්දසුනො තෙ අනුරුද්ධප්පටිවිරුද්ධා තෙ පපඤ්චාරාමා පපඤ්චරතිනො; තෙ න පරිමුච්චන්ති ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි; න පරිමුච්චන්ති දුක්ඛස්මා’ති වදාමි. යෙ ච ඛො කෙචි, භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා ඉමාසං ද්වින්නං දිට්ඨීනං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානන්ති, ‘තෙ වීතරාගා තෙ වීතදොසා තෙ වීතමොහා තෙ වීතතණ්හා තෙ
|
142
“මහණෙනි, මේ දෘෂ්ටි දෙකක් වෙත්. සාශ්වත දෘෂ්ටියය (නිත්‍ය ආත්මයක් ඇතැයි සිතන දෘෂ්ටිය), උච්ඡේද දෘෂ්ටියය (ආත්මය සිඳේ යයි ගන්නා දෘෂ්ටිය) යන දෙකයි. මහණෙනි, සාශ්වත දෘෂ්ටියෙහි ඇලුණා වූ, සාශ්වත දෘෂ්ටියට පැමිණියා වූ, සාශ්වත දෘෂ්ටියෙහි ගැලුණා වූ යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ වෙත්ද, ඔවුහු උච්ඡේද දෘෂ්ටියට විරුද්ධවෙත්. මහණෙනි, උච්ඡේද දෘෂ්ටියෙහි ඇලුණා වූ, උච්ඡේද දෘෂ්ටියට පැමිණියා වූ, උච්ඡේද දෘෂ්ටියෙහි ගැලුණා වූ යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ වෙත්ද, ඔවුහු සාශ්වත දෘෂ්ටියට විරුද්ධ වෙත්.
“මහණෙනි, යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ දෘෂ්ටි දෙදෙනාගේ හටගැන්මද, නැතිවීමද ආශ්වාදයද, ආදීනවද, දුරුකිරීමද ඇති සැටියෙන් නොදනිත් නම්; ඔවුහු රාග සහිතයෝය. ඔවුහු ද්වේෂ සහිතයෝය, ඔවුහු මෝහ සහිතයෝය, ඔවුහු උපාදාන සහිතයෝය, ඔවුහු මෝඩයෝය, ඔවුහු රාගයෙන් ඇලුණු, ක්‍රෝධයෙන් කිපුණෝය, ඔවුහු ඉපදීමෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, ශෝකයෙන්ද, වැළපීමෙන්ද, ශාරීරික දුකින්ද, දොම්නසින්ද, දැඩි වෙහෙසින්ද, නොමිදෙත්. සියලු සංසාර දුකින් නොමිදෙත් යයි කියමි.
මහණෙනි, යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ දෘෂ්ටීන් දෙදෙනාගේ හටගැන්මද, නැතිවීමද, ආශ්වාදයද, ආදීනවද, දුරු කිරීමද ඇති සැටියෙන් දනිත්ද; ඔවුහු පහ වූ රාග ඇත්තෝය, ඔවුහු පහ වූ ද්වේෂ ඇත්තෝය. ඔවුහු පහ වූ මෝහ ඇත්තෝය, ඔවුහු පහ වූ තෘෂ්ණා ඇත්තෝය, ඔවුහු උපාදාන නැත්තෝය, ඔවුහු නුවණැතියෝය, ඔවුහු ඉපදීමෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, ශෝකයෙන්ද, වැළපීමෙන්ද, ශාරීරික දුකින්ද, මානසික දුකින්ද, දැඩිවෙහෙසින්ද මිදෙන්නාහුය. සියලු සසර දුකින් මිදෙන්නාහුයයි කියමි.
|
143
‘‘චත්තාරිමානි
‘‘සන්ති, භික්ඛවෙ, එකෙ සමණබ්රාහ්මණා සබ්බුපාදානපරිඤ්ඤාවාදා පටිජානමානා. තෙ න සම්මා සබ්බුපාදානපරිඤ්ඤං පඤ්ඤපෙන්ති - කාමුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤපෙන්ති, දිට්ඨුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤපෙන්ති, න සීලබ්බතුපාදානස්ස
‘‘සන්ති, භික්ඛවෙ, එකෙ සමණබ්රාහ්මණා සබ්බුපාදානපරිඤ්ඤාවාදා පටිජානමානා. තෙ න සම්මා සබ්බුපාදානපරිඤ්ඤං පඤ්ඤපෙන්ති - කාමුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤපෙන්ති, දිට්ඨුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤපෙන්ති, සීලබ්බතුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤපෙන්ති, න අත්තවාදුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤපෙන්ති. තං කිස්ස හෙතු? ඉමඤ්හි තෙ භොන්තො සමණබ්රාහ්මණා එකං ඨානං යථාභූතං නප්පජානන්ති. තස්මා තෙ භොන්තො සමණබ්රාහ්මණා සබ්බුපාදානපරිඤ්ඤාවාදා පටිජානමානා; තෙ න සම්මා
(පටිජානමානා න සම්මා (?)) සබ්බුපාදානපරිඤ්ඤං පඤ්ඤපෙන්ති - කාමුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤපෙන්ති, දිට්ඨුපාදානස්ස පරිඤ්ඤං
‘‘එවරූපෙ
|
143
“මහණෙනි, මේ උපාදාන සතරක් වෙත්. කාම උපාදානයය, දිට්ඨි උපාදානයය, ශීලව්‍රත උපාදානයය, ආත්මවාද උපාදානයය, යන සතරයි. මහණෙනි, සියලු උපාදානයන්ගේ නැති කිරීම දන්නෙමුයයි කියන්නා වූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. ඔවුහු සියලු උපාදානයන්ගේ නැති කිරීම මැනවින් නොපණවත්. කාම උපාදානයාගේ නැති කිරීම පණවත්. දෘෂ්ටි උපාදානයාගේ නැති කිරීම නොපණවත්. ශීලව්‍රත උපාදානයාගේ නැති කිරීම නොපණවත්. ආත්මවාද උපාදානයාගේ නැති කිරීම නොපණවත්. ඊට හේතු කවරේද? ඒ පින්වත් මහණ බමුණෝ මේ කරුණු තුන ඇති සැටියෙන් නොදනිත්. එහෙයින් ඒ පින්වත් මහණ බමුණෝ සියලු උපාදානයන්ගේ නැති කිරීම දන්නා බව ප්‍රකාශ කරන නමුත් සියලු උපාදානයන්ගේ නැති කිරීම මැනවින් නොපණවත්. කාම උපාදානයාගේ නැති කිරීම පණවත්, දිට්ඨි උපාදානයාගේ නැති කිරීම නොපණවත්, ශීලව්‍රත උපාදානයාගේ නැති කිරීම නොපණවත්, ආත්මවාද උපාදානයාගේ නැති කිරීම නොපණවත්.
“මහණෙනි, සියලු උපාදානයාගේ නැති කිරීම පණවන්නෙමුයි ප්‍රකාශ කරන්නා වූ ඇතැම් මහණ බමුණෝ වෙත්. ඔවුහු සියලු උපාදානයාගේ නැතිකිරීම මැනවින් නොපණවත්. කාම උපාදානයාගේ නැති කිරීම පණවත්. දෘෂ්ටි උපාදානයාගේ නැති කිරීම පණවත්. ශීලව්‍රත උපාදානයාගේ නැති කිරීම නොපණවත්. ආත්මවාද උපාදානයාගේ නැති කිරීම නොපණවත්. ඊට හේතු කවරේද? ඒ පින්වත් මහණ බමුණෝ මේ කරුණු දෙක ඇතිසැටියෙන් නොදනිත්. එහෙයින් ඒ පින්වත් මහණ බමුණෝ සියලු උපාදානයාගේ නැති කිරීම දන්නා බව ප්‍රකාශ කරන නමුත් සියලු උපාදානයන්ගේ නැති කිරීම හරියට නොපණවත්. කාම උපාදානයාගේ නැති කිරීම පණවත්. දෘෂ්ටි උපාදානයාගේ නැති කිරීම පණවත්. ශීලව්‍රත උපාදානයාගේ නැති කිරීම නොපණවත්. ආත්මවාද උපාදානයාගේ නැති කිරීම නොපණවත්.
“මහණෙනි, සියලු උපාදානයන්ගේ පහ කිරීම පණවන්නෙමුයි ප්‍රකාශ කරන්නා වූ ඇතැම් මහණ බමුණෝ වෙති. ඔවුහු සියලු උපාදානයන්ගේ නැතිකිරීම මැනවින් නොපණවත්. කාම උපාදානයාගේ නැති කිරීම පණවත්. දෘෂ්ටි උපාදානයාගේ නැති කිරීම පණවත්. ශීලව්‍රත උපාදානයාගේ නැති කිරීම පණවත්. ආත්මවාද උපාදානයාගේ නැති කිරීම නොපණවත්. ඊට හේතු කවරේද? ඒ පින්වත් මහණ බමුණෝ මේ එකම කාරණය ඇති සැටියෙන් නොදනිත්. එහෙයින් ඒ පින්වත් මහණ බමුණෝ සියලු උපාදානයන්ගේ නැතිකිරීම දන්නා බව ප්‍රකාශ කරන නමුත් සියලු උපාදානයන්ගේ නැති කිරීම මැනවින් නොපණවත්. කාම උපාදානයාගේ නැති කිරීම පණවත්. දෘෂ්ටි උපාදානයාගේ නැති කිරීම පණවත්. ශීලව්‍රත උපාදානයාගේ නැති කිරීම පණවත්. ආත්මවාද උපාදානයාගේ නැති කිරීම නොපණවත්.
“මහණෙනි, මෙබඳු වූ ශාසනයෙහි ශාස්තෲන් කෙරෙහි යම් පැහැදීමක් වේද, ඒ ප්‍රසාදය මනාව පිහිටියේයයි කියනු නොලැබේ. ධර්මයෙහි යම් පැහැදීමක් වේද, ඒ ප්‍රසාදය මනාව පිහිටියේයයි කියනු නොලැබේ. සීලයන් හොඳින් සම්පූර්ණ කිරීමක් වේද එය මනාව පිහිටියේයයි කියනු නොලැබේ. එක්ව ධර්මයෙහි හැසිරෙන්නවුන් අතර යම් ප්‍රියමනාප බවක් වේද එය මනාව පිහිටියේ යයි කියනු නොලැබේ.
ඊට හේතු කවරේද? මහණෙනි, වරදවා ප්‍රකාශ කරන ලද්දා වූ, වරදවා දන්නා ලද්දා වූ, නිවන් පිණිස නොපවත්නා වූ, කෙලෙස් සංසිඳවීම පිණිස නොපවත්නා වූ, බුදු නොවූවෙකු විසින් කියන ලද්දා වූ ධර්මයක සැටි මෙසේ වීමයි.
|
144
‘‘තථාගතො ච ඛො, භික්ඛවෙ, අරහං සම්මාසම්බුද්ධො සබ්බුපාදානපරිඤ්ඤාවාදො පටිජානමානො සම්මා සබ්බුපාදානපරිඤ්ඤං පඤ්ඤපෙති - කාමුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤපෙති, දිට්ඨුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤපෙති, සීලබ්බතුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤපෙති, අත්තවාදුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤපෙති. එවරූපෙ ඛො, භික්ඛවෙ, ධම්මවිනයෙ යො සත්ථරි පසාදො සො සම්මග්ගතො අක්ඛායති; යො ධම්මෙ පසාදො සො සම්මග්ගතො අක්ඛායති; යා සීලෙසු පරිපූරකාරිතා සා සම්මග්ගතා අක්ඛායති; යා සහධම්මිකෙසු පියමනාපතා සා සම්මග්ගතා අක්ඛායති. තං කිස්ස හෙතු? එවඤ්හෙතං, භික්ඛවෙ, හොති යථා තං ස්වාක්ඛාතෙ ධම්මවිනයෙ සුප්පවෙදිතෙ නිය්යානිකෙ උපසමසංවත්තනිකෙ සම්මාසම්බුද්ධප්පවෙදිතෙ.
|
144
“මහණෙනි, අර්හත් වූ, සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ සියලු උපදානයන්ගේ නැති කිරීම කියන්නේයයි ප්‍රකාශ කරන්නේ; සියලු උපාදානයන්ගේ නැති කිරීම පණවයි. කාම උපාදානයාගේ නැති කිරීම පණවයි. දෘෂ්ටි උපාදානයාගේ නැති කිරීම පණවයි. ශීලව්‍රත උපාදානයාගේ නැති කිරීම පණවයි. ආත්මවාද උපාදනයාගේ නැති කිරීම පණවයි. මහණෙනි, මෙබඳු ශාසනයෙහි වනාහි බුදුන් කෙරෙහි යම් පැහැදීමක් වේද, ඒ මනාව පිහිටියේයයි කියනු ලැබේ. ධර්මයෙහි යම් පැහැදීමක්වේද, ඒ මනාව පිහිටියේයයි කියනු ලැබේ. ශීලයන්හි යම් හොඳින් සම්පූර්ණ කිරීමක්වේද, ඒ මනාව පිහිටියේයයි කියනු ලැබේ. එක්ව ධර්මයෙහි හැසිරෙන්නවුන් අතර යම් ප්‍රියමනාප බවක් වේද, ඒ මනාව පිහිටියේයයි කියනු ලැබේ. මහණෙනි, මනාව ප්‍රකාශ කරන ලද, මනාව අවබෝධ කරගත්, නිවන් පිණිස පවතින්නා වූ, කෙලෙස් සංසිඳීම පිණිස පවතින්නා වූ, සම්‍යක් සම්බුදුවරයෙකු විසින් දේශනා කරන ලද්දා වූ ධර්මයෙහි ආකාරය මෙසේ වීමයි.
|
145
‘‘ඉමෙ ච, භික්ඛවෙ, චත්තාරො උපාදානා. කිංනිදානා කිංසමුදයා කිංජාතිකා කිංපභවා? ඉමෙ චත්තාරො උපාදානා තණ්හානිදානා තණ්හාසමුදයා
‘‘යතො ච ඛො, භික්ඛවෙ, භික්ඛුනො අවිජ්ජා පහීනා හොති විජ්ජා උප්පන්නා, සො අවිජ්ජාවිරාගා විජ්ජුප්පාදා නෙව කාමුපාදානං උපාදියති, න දිට්ඨුපාදානං උපාදියති, න සීලබ්බතුපාදානං උපාදියති, න අත්තවාදුපාදානං උපාදියති. අනුපාදියං න පරිතස්සති, අපරිතස්සං පච්චත්තඤ්ඤෙව පරිනිබ්බායති. ‘ඛීණා ජාති, වුසිතං
ඉදමවොච
|
145
“මහණෙනි, මේ උපාදාන සතර කුමක් මුල්කාරණය කොට ඇත්තාහුද? කුමක් උත්පත්ති හේතුව කොට ඇත්තාහුද? කුමක් ජාති කොට ඇත්තාහුද? කුමකින් පහළ වන්නාහුද? මේ උපාදාන සතර, තෘෂ්ණාව මූලකාරණ කොට ඇත්තාහුය. තෘෂ්ණාව හේතු කොට ඇත්තාහුය. තෘෂ්ණාව ජාති කොට ඇත්තාහුය. තෘෂ්ණාවෙන් පහළ වන්නාහුය.
“මහණෙනි, මේ තෘෂ්ණාව කුමක් මුල් කාරණ කොට ඇත්තීද? කුමක් උත්පත්ති හේතුව කොට ඇත්තීද? කුමක් ජාති කොට ඇත්තීද? කුමකින් පහළ වන්නීද? තෘෂ්ණාව, වේදනාව මුල් කාරණය කොට ඇත්තීය. වේදනාව උත්පත්ති හේතුව කොට ඇත්තීය. වේදනාව ජාති කොට ඇත්තීය. වේදනාවෙන් පහළ වන්නීය.
“මහණෙනි, මේ වේදනාව කුමක් මූල කාරණ කොට ඇත්තීද? කුමක් උත්පත්ති හේතුව කොට ඇත්තීද? කුමක් ජාති කොට ඇත්තීද? කුමකින් පහළ වන්නීද? වේදනාව, ස්පර්ශය මූල කාරණා කොට ඇත්තීය. ස්පර්ශය උත්පත්ති හේතුව කොට ඇත්තීය. ස්පර්ශය ජාති කොට ඇත්තීය. ස්පර්ශය නිසා පහළ වන්නීය.
“මහණෙනි, මේ ස්පර්ශයතෙම කුමක් මුල් කාරණය කොට ඇත්තේද? කුමක් උත්පත්ති කාරණය කොට ඇත්තේද? කුමක් ජාති කොට ඇත්තේද? කුමකින් පහළ වන්නේද? ස්පර්ශයතෙම, ෂඩායතනයන් (ඇස ආදී ආයතන සය) මුල් කාරණය කොට ඇත්තේය. ෂඩායතනයන් උත්පත්ති හේතුව කොට ඇත්තේය. ෂඩායතනයන් නිසා පහළ වන්නේය.
“මහණෙනි, මේ ෂඩායතනය කුමක් මුල් කාරණය කොට ඇත්තේද? කුමක් උත්පත්ති හේතුව කොට ඇත්තේද? කුමක් ජාති කොට ඇත්තේද? කුමකින් පහළ වන්නේද? ෂඩායතනය, නාම රූපයන් මුල් කාරණය කොට ඇත්තේය. නාම රූපයන් උත්පත්ති හේතුව කොට ඇත්තේය. නාම රූපයන් ජාති කොට ඇත්තේය. නාම රූපයන් නිසා පහළ වන්නේය.
“මහණෙනි, මේ නාම රූපය කුමක් මුල් කාරණය කොට ඇත්තේද? කුමක් උත්පත්ති හේතුව කොට ඇත්තේද? කුමක් ජාති කොට ඇත්තේද? කුමකින් පහළ වන්නේද? නාම රූපය, විඤ්ඤාණය මුල් කාරණය කොට ඇත්තේය. විඤ්ඤාණය උත්පත්ති කාරණය කොට ඇත්තේය. විඤ්ඤාණය ජාති කොට ඇත්තේය. විඤ්ඤාණය නිසා පහළ වන්නේය.
“මහණෙනි, මේ විඤ්ඤාණය කුමක් මුල් කාරණය කොට ඇත්තේද? කුමක් උත්පත්ති හේතුව කොට ඇත්තේද? කුමක් ජාති කොට ඇත්තේද? කුමකින් පහළ වන්නේද? විඤ්ඤාණය, සංස්කාරයන් මුල් කාරණය කොට ඇත්තේය. සංස්කාරයන් උත්පත්ති හේතු කොට ඇත්තේය. සංස්කාරයන් උත්පත්ති කාරණය කොට ඇත්තේය. සංස්කාරයන් ජාති කොට ඇත්තේය. සංස්කාරයන් නිසා පහළ වන්නේය.
“මහණෙනි, මේ සංස්කාරයෝ කුමක් මුල් කාරණය කොට ඇත්තාහුද? කුමක් උත්පත්ති කාරණය කොට ඇත්තාහුද? කුමක් ජාති කොට ඇත්තාහුද? කුමක් නිසා පහළ වන්නාහුද? අවිද්‍යාව මුල්කාරණය කොට ඇත්තාහුය. අවිද්‍යාව උත්පත්ති කාරණය කොට ඇත්තාහුය. අවිද්‍යාව ජාති කොට ඇත්තාහුය. අවිද්‍යාව නිසා පහළ වන්නාහුය.
“මහණෙනි, යම් තැනක පටන් භික්ෂුවගේ අවිද්‍යාව නැති වූවා වේද, විද්‍යාව උපන්නී වේද, අවිද්‍යාවෙන් වෙන්වී විද්‍යාව පහළවීම නිසා කාම උපාදාන වශයෙන් නොගනියි. දෘෂ්ටි උපාදාන වශයෙන් නොගනියි. ශීලව්‍රත උපාදාන වශයෙන් නොගනියි. ආත්මවාද උපාදාන වශයෙන් නොගනියි. උපාදාන වශයෙන් නොගන්නේ තැති නොගනියි. තැති නොගන්නේ තෙමේම කෙලෙස් නැති කරයි. ජාතිය කෙළවරවීයයිද, බ්‍රහ්මචර්ය වාසය නිමවන ලදැයිද, මේ ආත්මයෙහි තවත් කළයුතු දෙයක් නැතැයිද දැනගනියි.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙන් සතුටු වූහ.
|
2. මහාසීහනාදසුත්තං | 2. මහා සීහනාද සූත්‍රය |
146
එවං
අථ ඛො ආයස්මා සාරිපුත්තො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය වෙසාලිං පිණ්ඩාය පාවිසි. අස්සොසි ඛො ආයස්මා සාරිපුත්තො සුනක්ඛත්තස්ස ලිච්ඡවිපුත්තස්ස වෙසාලියං පරිසති එවං වාචං භාසමානස්ස - ‘‘නත්ථි සමණස්ස ගොතමස්ස උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසො. තක්කපරියාහතං සමණො ගොතමො ධම්මං දෙසෙති
අථ ඛො ආයස්මා සාරිපුත්තො වෙසාලියං පිණ්ඩාය චරිත්වා
|
146
“මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර නගරයෙන් පිටත බටහිර පැත්තේ පිහිටි වන ලැහැබෙහි වාසය කළහ. එකල්හි සුනක්ඛත්ත නම් ලිච්ඡවිපුත්රතෙම මේ ශාසනයෙන් ඉවත්ව ගොස් නොබෝ කල් ඇත්තේ වෙයි. හෙතෙම විශාලා මහනුවර පිරිස්වල මෙබඳු වචන කියයි.
“ශ්‍රමණ ගෞතමයන්ට මනුෂ්‍ය ධර්මයට වැඩිවූ, ආර්ය භාවයක් ඇති කිරීමට සමර්ථ විශේෂ නුවණක් නැත්තේය. ශ්‍රමණ ගෞතම තෙම කල්පනාවෙන් සලකා නුවණින් විමසා තමහට වැටහෙන්නාවූ ධර්මයක් දේශනාකරයි. ඒ ශ්‍රමණ ගෞතමයන් විසින් යම් අර්ථයක් සඳහා ධර්මය දෙනා කරන ලද්දේද,ඒ ධර්මය තෙම ඊට අනුව ක්‍රියාකරන්නහුගේ දුක් විනාශකිරීම පිණිස පවතී” (කියාය) එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පාත්‍රා සිවුරුගෙන විශාලාමහනුවරට පිඩුපිණිස පැමිණියෝය ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සුනක්ඛත්ත ලිච්ඡවිපුත්‍රයා විශාල මහනුවර පිරිස් මැද “ශ්‍රමණ ගෞතමයන්ට මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්ය භාවයක් ඇති කිරීමට සමර්ථ විශේෂ නුවණක් නැත්තේය. ශ්‍රමණ ගෞතම තෙම කල්පනාවෙන් සලකා නුවණින් විමසා තමහට වැටහෙන්නාවූ ධර්මයක් දේශනා කරයි. ඔහු විසින් යම් ප්‍රයෝජනයක් සඳහා ධර්මය දේශනා කරන ලද්දේද ඒ ධර්මය තෙම ඊට අනුව ක්‍රියාකරන්නහුගේ දුක් විනාශකිරීම පිණිස පවති’යයි මෙසේ කියන වචනය අසන්ට ලැබුණේය.
එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ විශාලා මහනුවර පිඩුපිණිස හැසිර බතින් පසු පිණ්ඩපාතයෙන් වැළකුනේ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටිතැනට පැමිණියේය. පැමිණ එක පැත්තක වාඩිවිය. එක පැත්තක උන්නාවූ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැලකළේය. “ස්වාමීනි සුනක්ඛත්ත නම් ලිච්ඡවි පුත්‍රතෙම මේ ශාසනයෙන් ඉවත්වගිය නොබෝකල් ඇත්තේවෙයි. හෙතෙම විශාලා මහනුවර පිරිස් මැද මෙබඳු වචන කියයි. “ශ්‍රමණ ගෞතමයන්ට මනුෂ්‍ය ධර්මයට වැඩිවූ, ආර්යභාවයක් ඇති කිරීමට සමර්ථ විශේෂ නුවණක් නැත්තේය. ශ්‍රමණ ගෞතමතෙම කල්පනාවෙන් සලකා නුවණින් විමසා තමහට වැටහෙන්නාවූ ධර්මයක් දේශනාකරයි. ඒ ශ්‍රමණ ගෞතමයන් විසින් යමක් සඳහා ධර්මය දේශනා කරණ ලද්දේද ඒ ධර්මය තෙම ඊට අනුව ක්‍රියා කරන්නහුගේ දුක් නැතිකිරීම පිණිස පවතී” (කියායි)
|
147
‘‘කොධනො හෙසො, සාරිපුත්ත, සුනක්ඛත්තො මොඝපුරිසො. කොධා ච පනස්ස එසා වාචා භාසිතා. ‘අවණ්ණං භාසිස්සාමී’ති ඛො, සාරිපුත්ත, සුනක්ඛත්තො මොඝපුරිසො වණ්ණංයෙව තථාගතස්ස
‘‘අයම්පි හි නාම, සාරිපුත්ත, සුනක්ඛත්තස්ස මොඝපුරිසස්ස මයි ධම්මන්වයො න භවිස්සති - ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි, සත්ථා දෙවමනුස්සානං, බුද්ධො භගවා’ති.
‘‘අයම්පි හි නාම, සාරිපුත්ත, සුනක්ඛත්තස්ස මොඝපුරිසස්ස මයි
‘‘අයම්පි
‘‘අයම්පි හි නාම, සාරිපුත්ත, සුනක්ඛත්තස්ස මොඝපුරිසස්ස මයි ධම්මන්වයො න භවිස්සති - ‘ඉතිපි සො භගවා පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානාති - සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති, වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති; සදොසං වා චිත්තං සදොසං චිත්තන්ති පජානාති, වීතදොසං වා චිත්තං වීතදොසං චිත්තන්ති පජානාති; සමොහං වා චිත්තං සමොහං චිත්තන්ති පජානාති, වීතමොහං වා චිත්තං වීතමොහං චිත්තන්ති පජානාති; සංඛිත්තං වා චිත්තං සංඛිත්තං චිත්තන්ති පජානාති
|
147
“ශාරීපුත්‍රය, සුනක්ඛත්ත හිස් පුරුෂතෙම කෝපවන්නෙකි. ඔහු විසින් ක්‍රෝධයෙන්ම මේ වචන කියනලදී. ශාරීපුත්‍රය, ඒ සුනක්ඛත්ත නම් හිස් පුරුෂතෙම තථාගතයන්ගේ අගුණයක් කියන්නෙමියි සිතා තථාගතයන්ගේ ගුණයක්ම කියයි. ශාරීපුත්‍රය, “තථාගතයන් විසින් යමක් සඳහා ධර්මය දේශනා කරන ලද්දේද ඒ ධර්මයතෙම ඊට අනුව ක්‍රියාකරන්නහුගේ දුක් නැති කිරීම පිණිස පවතී” යයි යමෙක් කියා නම් එය තථාගතයන්ගේ ගුණයක්මය.
“ශාරීපුත්‍රය, සුනක්ඛත්ත නම්වූ ඒ හිස් පුරුෂයාහට මා පිළිබඳ ධර්මාවබොධයක් නැත්තේය. මේ කාරණයෙන්ද ඒ භාග්‍යවත්තෙමේ අර්හත්ය, සම්‍යක් සම්බුද්ධය, අෂ්ට විද්‍යාවෙන් හා පසළොස්චරණ ධර්මයෙන් යුක්තය, සුගතය, සියලු ලෝකය දන්නේය. තමන්ට වඩා උතුම්වූ කෙනෙක් නැත. දමනය නොකළහැකි පුරුෂයන් දමනය කිරීමෙහි සාරථියෙකු වැනිය. දෙවි මිනිසුන්ට අනුශාසනා කරන්නේය. බුද්ධය, භගවත්යයි (මා පිළිබඳ දැනීමක් නැත්තේය.)
“ශාරීපුත්‍රය, සුනක්ඛත්ත නම් ඒ හිස් පුරුෂයාහට මා පිළිබඳවූ මේ ධර්මාවබොධයද නැත්තේය. ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද නොයෙක් ආකාරවූ ඍද්ධිවිධි විශේෂයෙන් විඳින්නාහ. කෙසේද? එක් කෙනෙක්ව බොහෝ දෙනෙක් වන්නාහ. බොහෝදෙනෙක්ව එක්කෙනෙක් වන්නාහ. ප්‍රකට බවටද, අප්‍රකට බවටද පැමිණෙන්නාහ. භිත්ති සරසද, ප්‍රාකාර සරසද, පර්වත සරසද අහසේ යම්සේද එසේ නොගැටෙමින් ගමන් කරන්නාහ. දියෙහි මෙන් පොළොවෙහිද කිමිදීම් මතුවීම් කරන්නාහ. පොළොවෙහි මෙන් ජලයෙහිද නොකිමිඳෙමින් යන්නාහ. පක්ෂියෙක් මෙන් අහසෙහි හිඳගෙනම (හිඳීමෙන්ම) යන්නාහ. මහත් ඍද්ධි ඇති මේ සඳ හිරු දෙදෙනද අතින් අල්ලන්නාහ. අතගාන්නාහ. බ්‍රහ්ම ලෝකය දක්වා ශරීරයෙන් තමන්ගේ වසඟයෙහි පවත්වන්නාහ.
“ශාරීපුත්‍රය, සුනක්ඛත්ත නම් ඒ හිස් පුරුෂයාට මා පිළිබඳ මේ ධර්මාවබොධයද නැත්තේය. ඒ භාග්‍යවතුන් වහන්සේ මිනිස් කණ ඉක්ම සිටින්නාවූ පිරිසිදුවූ දිව කණින් දෙවියන් පිළිබඳවූද මිනිසුන් පිළිබඳවූද, දුරවූද, සමීපයෙහිවූද, දෙයාකාර ශබ්දයන් අසයි (යනුයි)
ශාරීපුත්‍රය, සුනක්ඛත්ත නම් ඒ හිස් පුරුෂයාහට මා පිළිබඳවූ මේ ධර්මය දැනීමද නැත්තේය. භාග්‍යවතුන් වහන්සේ අන්යසත්වයින්ගේ ද අන්‍ය පුද්ගලයින්ගේ ද සිත තම සිතින් පිරිසිඳ දන්නාහ. රාග සහිත සිත රාග සහිත සිතයයි දන්නාහ. රාග රහිත සිත රාග රහිත සිතයයි දන්නාහ. හැකුළුණු සිත හැකුළුණු සිතයයි දන්නාහ. විසිරුණු සිත විසුරුණු සිතයයි දන්නාහ. මහත්බවට පැමිණි සිත මහත්බවට පැමිණි සිතයයි දන්නාහ මහත් බවට නොපැමිණි සිත මහත් බවට නොපැමිණි සිතයයි දන්නාහ. උසස් බවට පැමිණි සිත උසස් බවට පැමිණි සිතයයි දන්නාහ. උසස් බවට නොපැමිණි සිත උසස් බවට නොපැමිණි සිතයයි දන්නාහ. සංසිඳුනු සිත සංසිඳුනු සිතයයි දන්නාහ. නොසංසිඳුනු සිත නොසංසිඳුනු සිත යයි දන්නාහ. මිදුනු සිත මිදුනු සිතයයි දන්නාහ. නොමිදුනු සිත නොමිදුනු සිතයයි දන්නාහ. (යනුයි.)
|
148
‘‘දස ඛො පනිමානි, සාරිපුත්ත, තථාගතස්ස තථාගතබලානි යෙහි බලෙහි සමන්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති. කතමානි දස?
‘‘ඉධ, සාරිපුත්ත, තථාගතො ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං පජානාති. යම්පි, සාරිපුත්ත, තථාගතො ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං පජානාති, ඉදම්පි, සාරිපුත්ත, තථාගතස්ස
‘‘පුන චපරං, සාරිපුත්ත, තථාගතො අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති. යම්පි, සාරිපුත්ත, තථාගතො අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති, ඉදම්පි, සාරිපුත්ත, තථාගතස්ස තථාගතබලං හොති යං බලං ආගම්ම තථාගතො ආසභං
‘‘පුන චපරං, සාරිපුත්ත, තථාගතො සබ්බත්ථගාමිනිං පටිපදං යථාභූතං පජානාති. යම්පි
‘‘පුන චපරං, සාරිපුත්ත, තථාගතො අනෙකධාතුනානාධාතුලොකං යථාභූතං පජානාති. යම්පි, සාරිපුත්ත, තථාගතො අනෙකධාතුනානාධාතුලොකං යථාභූතං පජානාති, ඉදම්පි, සාරිපුත්ත, තථාගතස්ස තථාගතබලං හොති යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
‘‘පුන
‘‘පුන චපරං, සාරිපුත්ත, තථාගතො පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්රියපරොපරියත්තං යථාභූතං පජානාති. යම්පි, සාරිපුත්ත, තථාගතො පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්රියපරොපරියත්තං යථාභූතං පජානාති, ඉදම්පි, සාරිපුත්ත, තථාගතස්ස තථාගතබලං හොති යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
‘‘පුන චපරං, සාරිපුත්ත, තථාගතො ඣානවිමොක්ඛසමාධිසමාපත්තීනං සංකිලෙසං වොදානං වුට්ඨානං යථාභූතං පජානාති. යම්පි, සාරිපුත්ත, තථාගතො ඣානවිමොක්ඛසමාධිසමාපත්තීනං
‘‘පුන
‘‘පුන චපරං, සාරිපුත්ත, තථාගතො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන
‘‘පුන චපරං, සාරිපුත්ත, තථාගතො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. යම්පි, සාරිපුත්ත, තථාගතො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති, ඉදම්පි, සාරිපුත්ත, තථාගතස්ස තථාගතබලං හොති යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
‘‘ඉමානි ඛො, සාරිපුත්ත, දස තථාගතස්ස තථාගතබලානි යෙහි බලෙහි සමන්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
|
148
“ශාරීපුත්‍රය, තථාගතයන්ගේ මේ තථාගත බල දශයක් වෙත්. යම් බලවලින් යුක්තවූ තථාගත තෙම තමා ශ්‍රේෂ්ඨයයි ප්‍රකාශ කෙරේද, පිරිස්හි සිංහ නාදය කෙරේද, ශ්‍රේෂ්ඨ ධර්මචක්රය පවත්වාද (එබඳු බල දශයක් වෙත්.) කවර දශයක්ද? ශාරීපුත්‍රය, තථාගත තෙම කාරණය කාරණය වශයෙන්ද අකාරණය අකාරණය වශයෙන්ද ඇතිසැටියෙන් දන්නාහ. ශාරීපුත්‍රය, තථාගතයන් වහන්සේ කාරණය කාරණය වශයෙන්ද අකාරණය අකාරණය වශයෙන්ද ඇති සැටියෙන් දන්නාහ යන යමක් වේද, ශාරීපුත්‍රය යම් බලයක් නිසා තථාගතතෙම තමා ශ්‍රේෂ්ඨයයි ප්‍රකාශ කෙරේද පිරිස්හි සිංහනාද කෙරේද, ශ්‍රේෂ්ඨ ධර්මචක්රය පවත්වාද, මේද තථාගතයන්ගේ තථාගත බලයක් වෙයි.
ශාරීපුත්‍රය, නැවත අනිකක්ද කියමි. තථාගතතෙම අතීත අනාගත වර්තමාන කාලයන්හිවූ සියලු කර්මයන්ගේ විපාක ප්‍රත්‍යය වශයෙන්ද හේතු වශයෙන්ද ඇතිසැටියෙන් දන්නාහ.
“ශාරීපුත්‍රය, තථාගතතෙම අතීත අනාගත වර්තමාන කාලයන්හි වූ සියලු කර්මයන්ගේ විපාක ප්‍රත්‍යය වසයෙන්ද හේතු වසයෙන්ද ඇතිසැටියෙන් දන්නාහ යන යමක් වේද, ශාරිපුත්‍රය, යම් බලයක් නිසා තථාගත තෙම තමා ශ්‍රේෂ්ඨයයි ප්‍රකාශ කෙරේද, පිරිස්හි සිංහනාද කෙරේද, ශ්‍රේෂ්ඨ ධර්මචක්රය පවත්වාද, මේද තථාගතයන්ගේ තථාගත බලයක් වෙයි.
“ශාරීපුත්‍රය, නැවත අනිකක්ද කියමි තථාගතතෙම සියලු ගතිවලට යන්නාවූද නොයන්නාවූද මාර්ගය ඇතිසැටියෙන් දන්නාහ. ශාරීපුත්‍රය, තථාගත තෙමේ සියලු ගතිවලට යන්නාවූද නොයන්නාවූද මාර්ගය ඇතිසැටියෙන් දන්නාහ යන යමක් වේද ශාරීපුත්‍රය, යම් බලයක් නිසා තථාගතතෙම තමා ශ්‍රේෂ්ඨයයි ප්‍රකාශ කෙරේද, පිරිස්හි සිංහනාද කෙරේද ශ්‍රේෂ්ඨ ධර්මචක්රය පවත්වාද, මේද තථාගතයන්ගේ තථාගත බලයක් වෙයි.
ශාරීපුත්‍රය, නැවත අනිකක්ද කියමි. තථාගතතෙම බොහෝ ස්වභාව ධාතු ඇත්තාවූද නොයෙක් ස්වභාව ධාතු ඇත්තාවූද ලෝකය ඇති සැටියෙන් දන්නාහ. ශාරීපුත්‍රය, තථාගත තෙමේ බොහෝ ස්වභාව ධාතු ඇත්තාවූද නොයෙක් ස්වභාව ධාතු ඇත්තාවූද ලෝකය ඇති සැටියෙන් දන්නාහ. යන යමක්වේද, ශාරීපුත්‍රය, යම් බලයක් නිසා තථාගත තෙම තමා ශ්‍රේෂ්ඨයයි ප්‍රකාශ කෙරේද පිරිස්හි සිංහනාද කෙරේද, ශ්‍රේෂ්ඨ ධර්මචක්රය පවත්වාද, මේද තථාගතයන්ගේ තථාගත බලයක් වෙයි.
“ශාරීපුත්‍රය, නැවත අනිකක්ද කියමි. තථාගතතෙම සත්වයන්ගේ නොයෙක් අදහස් ඇති බව ඇති සැටියෙන් දන්නාහ. ශාරීපුත්‍රය, තථාගත තෙම සත්වයන්ගේ නොයෙක් අදහස් ඇති බව දන්නාහ යන යමක් වේද, ශාරීපුත්‍රය යම් බලයක් නිසා තථාගතතෙම තමා ශ්‍රේෂ්ඨයයි ප්‍රකාශ කෙරේද, පිරිස්හි සිංහනාද කෙරේද, ශ්‍රේෂ්ඨ ධර්මචක්රය පවත්වාද, මේද තථාගතයන්ගේ තථාගත බලයක් වෙයි.
“ශාරීපුත්‍රය, නැවත අනිකක්ද කියමි. තථාගත තෙම අන්‍ය සත්ත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ ශ්‍රද්ධාදී ඉන්ද්රියයන් පිළිබඳ අඩු වැඩි බව ඇති සැටියෙන් දන්නාහ. ශාරීපුත්‍රය, තථාගතතෙම අන්‍ය සත්ත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ ඉන්ද්රියයන් පිළිබඳ අඩුවැඩි බව ඇති සැටියෙන් දන්නාහ යන යමක් වේද, ශාරීපුත්‍රය, යම් බලයක් නිසා තථාගත තෙම තමා ශ්‍රේෂ්ඨයයි ප්‍රකාශ කෙරේද, පිරිස්හි සිංහනාද කෙරේද, ශ්‍රේෂ්ඨ ධර්මචක්රය පවත්වාද මේද තථාගතයන්ගේ තථාගත බලයක් වෙයි.
“ශාරීපුත්‍රය, නැවත අනිකක්ද කියමි. තථාගත තෙම ධ්‍යානයන්ගේද, විමොක්ෂයන්ගේද, සමාධීන්ගේද, සමාපත්තීන්ගේද කෙලෙසීම, පිරිසිදු බව, නැගීසිටීම ඇති සැටියෙන් දන්නාහ. ශාරීපුත්‍රය, තථාගත තෙම යම් හේතුවකින් ධ්‍යාන විමොක්ෂ සමාධි සමාපත්තීන්ගේ කෙලෙසීම, පිරිසිදු බව නැගී සිටීම ඇති සැටියෙන් දන්නාහ යන යමක් වේද, ශාරීපුත්‍රය, යම් බලයක් නිසා තථාගතතෙම තමා ශ්‍රේෂ්ඨයයි ප්‍රකාශ කෙරේද, පිරිස්හි සිංහනාද කෙරේද, ශ්‍රේෂ්ඨ ධර්ම චක්‍රය පවත්වාද, මේද තථාගතයන්ගේ තථාගත බලයක් වෙයි.
“ශාරීපුත්‍රය, නැවත අනිකක්ද කියමි. තථාගතතෙම නොයෙක් පෙර විසූ තැන් සිහි කරන්නාහ. එනම්, එක ජාතියක්ද, ජාති දෙකක්ද ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පසක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති සතළිසක්ද, ජාති පණහක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත කල්පයන්ද නොයෙක් විවර්ත කල්පයන්ද නොයෙක් සංවර්ත විවර්ත කල්පයන්ද මෙසේ ආකාර සහිතව දැක්වීම් සහිතව, නොයෙක් ආකාර පූර්වෙනිවාසය සිහි කරන්නාහ.
තථාගත තෙම එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පසක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති සතළිසක්ද, ජාති පණහක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත කල්පයන්ද, නොයෙක් විවර්ත කල්පයන්ද නොයෙක් සංවර්ත විවර්ත කල්පයන්ද, මෙසේ ආකාර සහිතව, දැක්වීම් සහිතව, නොයෙක් ආකාර පූර්වෙනිවාසය සිහි කරන්නාහ යන යමක් වේද, යම් බලයක් නිසා තථාගත තෙම තමා ශ්‍රේෂ්ඨයයි ප්‍රකාශ කෙරේද, පිරිස්හි සිංහනාද කෙරේද ශ්‍රේෂ්ඨ ධර්මචක්රය පවත්වාද මේද තථාගතයන්ගේ තථාගත බලයක් වෙයි.
“ශාරීපුත්‍රය, නැවත අනිකක්ද කියමි. තථාගතතෙම මිනිස් බව ඉක්මවා සිටි දිව ඇසින් චුතවන්නාවූද උපදින්නා වූද, හීනවූද, උසස්වූද, යහපත් වර්ණ ඇත්තාවූද, දුර්වර්ණවූද, යහපත්ගති ඇත්තාවූද, අයහපත්ගති ඇත්තාවූද කම්වූපරිදි මිය පරලොව යන්නාවූ සත්ත්වයන් දැනගනිත්ද එබඳුවූ චිත්ත සමාධිය ලබයි. මේ පින්වත් සත්ත්වයෝ ඒකාන්තයෙන් කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්තවූවාහු, මනො දුශ්චරිතයෙන් යුක්තවූවාහු, ආර්යයන්ට දොස් කියන්නාහු, මිසදිටුවූවාහු, මිථ්‍යාදෘෂ්ටි කර්මයන් සමාදන් වූවාහු මරණින් මතු සැපයෙන් පහවූ හෙයින් අපාය නම්වූ දුකට පමුණුවන හෙයින් දුර්ගතීනම්වූ විවසව (හිස යටිකුරුව) වැටෙන හෙයින් විනිපාත නම්වූ නරකයෙහි උපන්නාහුය. මේ පින්වත් සත්ත්වයෝ කයින් කරන සුචරිතයෙන් යුක්ත වූවාහු, වචනයෙන් කරන සුචරිතයෙන් යුක්ත වූවාහු, හිතින් කරන සුචරිතයෙන් යුක්තවූවාහු, ආර්යයන්ට දොස් නොකියන්නාහු, සම්‍යක් දෘෂ්ටි ඇත්තාහු සම්‍යක්දෘෂ්ටි කර්ම සමාදන් වූවාහු, ශරීර භෙදයෙන්, මරණින් මතු සුගති නම්වූ ස්වර්ග ලෝකයෙහි උපන්නාහුයයි මෙසේ මිනිස් ඇස ඉක්මවූ පිරිසිදු දිවැසින් චුතවන්නාවූද උපදින්නාවූද හීනවූද ප්‍රණීතවූද යහපත් වර්ණ ඇත්තාවූද දුර්වර්ණවූද යහපත් ගති ඇත්තාවූද අයහපත් ගති ඇත්තාවූද කම්වූපරිදි පරලොව යන සත්ත්වයන් දැනගනිත්.
“ශාරීපුත්‍රය, තථාගත තෙම මිනිස් බව ඉක්මවා සිටි දිවැසින් චුත වන්නාවූද උපදින්නාවූද, හීනවූද, උසස්වූද, යහපත් වර්ණ ඇත්තාවූද, දුර්වර්ණවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද කම්වූ පරිදි මිය පරලොව යන්නාවූ සත්ත්වයන් දැනගනිත්ද එබඳුවූ චිත්ත සමාධිය ලබයි. මේ පින්වත් සත්වයෝ එකාන්තයෙන් කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, මනො දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, ආර්යයන්ට දොස් කියන්නාහු, මිසදිටු වූවාහු, මිථ්‍යාදෘෂ්ටි කර්මයන් සමාදන් වූවාහු මරණින් මතු සැපයෙන් පහවූ හෙයින් අපාය නම්වූ දුකට පමුණුවන හෙයින් දුර්ගතිනම් වූ, විවසව (හිස යටිකුරුව) වැටෙන හෙයින් විනිපාත නම්වූ නරකයෙහි උපන්නාහුය මේ පින්වත් සත්වයෝ කයින් කරන සුචරිතයෙන් යුක්ත වූවාහු, වචනයෙන් කරන සුචරිතයෙන් යුක්ත වූවාහු හිතින් කරන සුචරිතයෙන් යුක්ත වූවාහු, ආර්යයන්ට දොස් නොකියන්නාහු සම්‍යක්දෘෂ්ටි ඇත්තාහු සම්‍යක්දෘෂ්ටි කර්ම සමාදන් වූවාහු, ශරීර භෙදයෙන්, මරණින් මතු සුගති නම්වූ ස්වර්ග ලෝකයෙහි උපන්නාහුයයි මෙසේ මිනිස් ඇස ඉක්මවූ, පිරිසිදු දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, හීනවූද, ප්‍රණීතවූද, යහපත් වර්ණ ඇත්තාවූද, දුර්වර්ණවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද කම්වූ පරිදි මිය පරලොව යන සත්ත්වයන් දකිත් යන යමක් වේද ශාරීපුත්‍රය, යම් බලයක් නිසා තථාගත තෙම තමා ශ්‍රේෂ්ඨයයි ප්‍රකාශ කෙරේද, පිරිස්හි සිංහනාද කෙරේද, ශ්‍රේෂ්ඨ ධර්මචක්රය පවත්වාද, මේද තථාගතයන්ගේ තථාගත බලයක් වෙයි.
“ශාරීපුත්‍රය, නැවත අනිකක්ද කියමි. තථාගතතෙම කෙලෙස් නැති කිරීමෙන් කෙලෙස් රහිතවූ අර්හත් ඵලය තමාම දැන ප්රත්යක්ෂ කරගෙන ඊට පැමිණ වාසය කරති. ශාරීපුත්‍රය, තථාගත තෙමේ කෙලෙස් නැති කිරීමෙන් කෙලෙස් රහිතව අර්හත්ඵලය ප්රත්යක්ෂ කොට ඊට පැමිණ වාසය කරත් යන යමක් වේද ශාරීපුත්‍රය, යම් බලයක් නිසා තථාගත තෙම තමා ශ්‍රේෂ්ඨයයි ප්‍රකාශ කෙරේද, පිරිස්හි සිංහනාද කෙරේද, ශ්‍රේෂ්ඨ ධර්මචක්රය පවත්වාද, මේද තථාගතයන්ගේ තථාගත බලයක් වෙයි.
“ශාරීපුත්‍රය, යම් බලයන්ගෙන් යුක්තවූ තථාගත තෙමේ ශ්‍රේෂ්ඨයයි ප්‍රකාශ කෙරේද පිරිස්හි සිංහනාද කෙරේද ශ්‍රේෂ්ඨ ධර්මචක්රය පවත්වයිද තථාගතයන්ගේ මේ ඒ තථාගත බලදසය වෙත්.
|
149
‘‘යො
|
149
“ශාරීපුත්‍රය, මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ මට යමෙක් “ශ්‍රමණ ගෞතමයන්ට මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්ය භාවයක් ඇති කිරීමට සමර්ථ විශේෂ නුවණක් නැත්තේය. ශ්‍රමණ ගෞතම තෙම කල්පනාවෙන් සලකා නුවණින් විමසා තමහට වැටහෙන්නාවූ ධර්මයක් දෙසනා කරයි” කියා කියයි නම් ශාරීපුත්‍රය, (මේ පුද්ගලයා) ඒ වචනය දුරු නොකොට ඒ සිත වෙනස් නොකොට ඒ ගැන්ම දුරු නොකොට (සිටියහොත්) ඔසොවා ගෙනෙන ලද බරක් බිම දමන්නේ යම්සේද එපරිද්දෙන්ම නරකයෙහි වැටෙන්නේය.
“ශාරීපුත්‍රය, ශීලයෙන් යුක්තවූ, සමාධියෙන් යුක්තවූ, ප්‍රඥාවෙන් යුක්තවූ මහණ තෙම යම්සේ මේ ජාතියේදීම රහත් වන්නේද මෙයත් එසේයයි කියමි (ඒ පුද්ගලයා) ඒ වචනය දුරු නොකොට, ඒ සිත වෙනස් නොකොට ඒ ගැනීම දුරු නොකොට (සිටියහොත්) ඔසොවා ගෙනෙනලද බරක් බිම දමන්නේ යම්සේද එපරිද්දෙන්ම නරකයෙහි වැටෙන්නේය.
|
150
‘‘චත්තාරිමානි, සාරිපුත්ත, තථාගතස්ස වෙසාරජ්ජානි යෙහි වෙසාරජ්ජෙහි සමන්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති. කතමානි චත්තාරි?
‘‘‘සම්මාසම්බුද්ධස්ස තෙ පටිජානතො ඉමෙ ධම්මා අනභිසම්බුද්ධා’ති. තත්ර වත මං සමණො වා බ්රාහ්මණො වා දෙවො වා මාරො වා බ්රහ්මා වා කොචි වා ලොකස්මිං සහධම්මෙන
‘‘‘ඛීණාසවස්ස තෙ පටිජානතො ඉමෙ ආසවා අපරික්ඛීණා’ති. තත්ර වත මං සමණො වා බ්රාහ්මණො වා දෙවො වා මාරො වා බ්රහ්මා වා කොචි වා ලොකස්මිං සහධම්මෙන පටිචොදෙස්සතීති නිමිත්තමෙතං, සාරිපුත්ත, න සමනුපස්සාමි. එතමහං, සාරිපුත්ත, නිමිත්තං අසමනුපස්සන්තො ඛෙමප්පත්තො අභයප්පත්තො
‘‘‘යෙ ඛො පන තෙ අන්තරායිකා ධම්මා වුත්තා, තෙ පටිසෙවතො නාලං අන්තරායායා’ති. තත්ර වත මං සමණො වා බ්රාහ්මණො වා දෙවො වා මාරො වා බ්රහ්මා වා කොචි වා ලොකස්මිං සහධම්මෙන පටිචොදෙස්සතීති නිමිත්තමෙතං, සාරිපුත්ත, න සමනුපස්සාමි. එතමහං, සාරිපුත්ත, නිමිත්තං අසමනුපස්සන්තො ඛෙමප්පත්තො අභයප්පත්තො වෙසාරජ්ජප්පත්තො විහරාමි.
‘‘‘යස්ස ඛො පන තෙ අත්ථාය ධම්මො දෙසිතො, සො න නිය්යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායා’ති
‘‘ඉමානි
‘‘යො ඛො මං, සාරිපුත්ත, එවං ජානන්තං එවං පස්සන්තං එවං වදෙය්ය - ‘නත්ථි සමණස්ස ගොතමස්ස උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසො, තක්කපරියාහතං සමණො ගොතමො ධම්මං දෙසෙති වීමංසානුචරිතං සයංපටිභාන’න්ති, තං, සාරිපුත්ත, වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. සෙය්යථාපි, සාරිපුත්ත, භික්ඛු සීලසම්පන්නො සමාධිසම්පන්නො පඤ්ඤාසම්පන්නො දිට්ඨෙව ධම්මෙ
|
150
“ශාරීපුත්‍රය, යම් විශාරද (තැති ගැන්මක් නැති) ඥානයන්ගෙන් යුක්තවූ තථාගත තෙම තමා ශ්‍රේෂ්ඨයයි ප්‍රකාශ කෙරේද පිරිස්හි සිංහ නාදය කෙරේද, ශ්‍රේෂ්ඨ ධර්ම චක්‍රය පවත්වාද තථාගතයන්ගේ මේ විශාරද ඥාන සතරක් වෙත්. කවර සතරක් ද යත්? (මාගේ) සම්‍යක් සම්බුදුබව ප්‍රකාශ කරන්නාවූ තොපට මා විසින් මේ ධර්මයෝ අවබෝධ නොකරණ ලද්දාහුයයි ඒ කාරණයෙහිලා එකාන්තයෙන් මට ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ලෝකයෙහි කිසිවෙක් හෝ කරුණු සහිතව චොදනා කරන්නේය යන මේ කාරණය මම නොදකිමි. ශාරීපුත්‍රය, මම එබඳු පුද්ගලයෙක් හෝ එබඳු ධර්මයක් හෝ නොදක්නේ කිසිම භයක් නැත්තේ විශාරද බවට පැමිණියේ වාසය කරමි.
“ක්ෂිණාශ්රව භාවය (කෙලෙස් සියල්ල නැති කළ බව) ප්‍රකාශ කරන්නාවූ තොපට මේ කෙලෙස් නැති නොකරන ලදැයි මට ඒ කාරණයෙහිලා ඒකාන්තයෙන් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ලෝකයෙහි කිසිවෙක් හෝ කරුණු සහිතව චොදනා කරන්නේය යන මේ කාරණය මම නොදකිමි ශාරීපුත්‍රය, මම එබඳු පුද්ගලයෙක් හෝ එබඳු ධර්මයක් හෝ නොදක්නේ කිසිම භයක් නැත්තේ විශාරද බවට පැමිණියේ වාසය කරමි.
“යම් ඒ කරුණු කොටසක් අන්තරායකරයයි මා විසින් දක්වනලද නම් ඒ කරුණු සේවනය කරන්නාහට ඒවා අන්තරාය පිණිස නොවේ යැයි එකාන්තයෙන් මට ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ලෝකයෙහි කිසිවෙක් හෝ කරුණු සහිතව චොදනා කරන්නේය යන මේ කාරණය මම නොදකිමි. ශාරීපුත්‍රය, මම එබඳු කාරණයක් නොදක්නේ කිසිම භයක් නැත්තේ විශාරද බවට පැමිණියේ වාසය කරමි.
“යම් අර්ථයක් සඳහා ධර්මය දේශනා කරනලද නම් ඒ ධර්මය ඊට අනුව පිළිපදින්නාහට දුක් කෙළවර කිරීම පිණිස නොපවතීයයි එකාන්තයෙන් මට ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ලෝකයෙහි කිසිවෙක් හෝ කරුණු සහිතව චොදනා කරන්නේය යන මේ කාරණය මම නොදකිමි. ශාරීපුත්‍රය මම එබඳු කාරණයක් නොදක්නේ කිසිම භයක් නැත්තේ විශාරද බවට පැමිණියේ වාසය කරමි.
“ශාරීපුත්‍රය, යම් විශාරද ධර්මයන්ගෙන් යුක්තවූ තථාගත තෙම තමා ශ්‍රේෂ්ඨයැයි ප්‍රකාශ කෙරේද, පිරිස්හි සිංහ නාදය කෙරේද, ශ්‍රේෂ්ඨ ධර්ම චක්‍රය පවත්වාද එබඳුවූ විශාරද ධර්ම සතර මේය. ශාරීපුත්‍රය, මෙසේ දන්නාවූ දක්නාවූ මට යමෙක් “ශ්‍රමණ ගෞතමයන්ට මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්ය භාවයක් ඇතිකිරීමට සමර්ථ විශේෂ නුවණක් නැත්තේය. ශ්‍රමණ ගෞතම තෙම කල්පනාවෙන් සලකා නුවණින් විමසා තමහට වැටහෙන්නාවූ ධර්මයක් දේශනා කෙරේය”යි මෙසේ කියන්නේද, ශාරීපුත්‍රය, (ඒ පුද්ගලයා) ඒ වචනය දුරු නොකොට ඒ සිත වෙනස්නොකොට ඒ ගැන්ම දුරුනොකොට (සිටියහොත්) ඔසොවා ගෙනෙනලද බරක් බිම දමන්නේ යම් සේද එපරිද්දෙන්ම නරකයෙහි වැටේ. ශාරීපුත්‍රය ශීලයෙන් යුක්තවූ සමාධියෙන් යුක්තවූ ප්‍රඥාවෙන් යුක්තවූ මහණතෙම යම්සේ මේ ජාතියේදීම රහත් වන්නේද මෙයත් එසේයයි කියමි. (ඒ පුද්ගලයා) ඒ වචනය දුරුනොකොට, ඒ සිත වෙනස් නොකොට ඒ ගැනීම දුරු නොකොට (සිටියහොත්) ඔසොවා ගෙනෙන ලද බරක් බිම දමන්නේ යම්සේද එපරිද්දෙන්ම නරකයෙහි වැටේ.
|
151
‘‘අට්ඨ ඛො ඉමා, සාරිපුත්ත, පරිසා. කතමා අට්ඨ? ඛත්තියපරිසා, බ්රාහ්මණපරිසා, ගහපතිපරිසා, සමණපරිසා, චාතුමහාරාජිකපරිසා
(චාතුම්මහාරාජිකා (සී. ස්‍යා. පී.)), තාවතිංසපරිසා, මාරපරිසා, බ්රහ්මපරිසා - ඉමා ඛො, සාරිපුත්ත, අට්ඨ පරිසා. ඉමෙහි ඛො, සාරිපුත්ත, චතූහි වෙසාරජ්ජෙහි සමන්නාගතො තථාගතො ඉමා අට්ඨ පරිසා උපසඞ්කමති අජ්ඣොගාහති. අභිජානාමි ඛො පනාහං, සාරිපුත්ත, අනෙකසතං ඛත්තියපරිසං උපසඞ්කමිතා. තත්රපි මයා සන්නිසින්නපුබ්බඤ්චෙව, සල්ලපිතපුබ්බඤ්ච, සාකච්ඡා ච සමාපජ්ජිතපුබ්බා. තත්ර වත මං භයං වා සාරජ්ජං වා ඔක්කමිස්සතීති නිමිත්තමෙතං, සාරිපුත්ත, න සමනුපස්සාමි. එතමහං, සාරිපුත්ත, නිමිත්තං අසමනුපස්සන්තො ඛෙමප්පත්තො අභයප්පත්තො වෙසාරජ්ජප්පත්තො විහරාමි.
‘‘අභිජානාමි ඛො පනාහං, සාරිපුත්ත, අනෙකසතං බ්රාහ්මණපරිසං...පෙ.... ගහපතිපරිසං... සමණපරිසං... චාතුමහාරාජිකපරිසං... තාවතිංසපරිසං... මාරපරිසං... බ්රහ්මපරිසං උපසඞ්කමිතා. තත්රපි මයා සන්නිසින්නපුබ්බඤ්චෙව, සල්ලපිතපුබ්බඤ්ච, සාකච්ඡා ච සමාපජ්ජිතපුබ්බා. තත්ර වත මං භයං වා සාරජ්ජං වා ඔක්කමිස්සතීති නිමිත්තමෙතං, සාරිපුත්ත
‘‘යො
|
151
“ශාරීපුත්‍රය, මේ පිරිස් අටක් වෙත්. කවර අටක්ද යත්? ක්ෂත්රිය පිරිසය, බ්‍රාහ්මණ පිරිසය, ගෘහපති පිරිසය, ශ්‍රමණ පිරිස්ය, චාතුර්මහාරාජික පිරිසය, තව්තිසා පිරිසය, මාර පිරිසය, බ්‍රහ්ම පිරිසය. ශාරීපුත්‍රය, මේ පිරිස් අටය.
“ශාරීපුත්‍රය, මේ විශාරද ධර්ම (බිය නොවන කරුණු) හතරෙන් යුක්තවූ තථාගත තෙම මේ අට පිරිස වෙතට පැමිණෙත්ද ඇතුල්වෙත්ද ශාරීපුත්‍රය, මම නොයෙක් සියගණන් ක්ෂත්රියයන් ඇති පිරිස් වෙතට පැමිණි බව දනිමි. එහි මා විසින් හිඳිනා ලද පරිදිද කථාකළ පරිදිද සාකච්ඡාවට පැමිණි පරිදිද දනිමි. ශාරීපුත්‍රය, එහිදී මට ඒකාන්තයෙන් බියක් හෝ තැතිගැන්මක් හෝ පැමිණෙන්නේය යන මේ කාරණය නොදකිමි, ශාරීපුත්‍රය, මම මේ කාරණයද නොදක්නේ ක්ෂේමයට පැමිණියේ නිර්භය බවට පැමිණියේ තැති නොගැන්මට පැමිණියේ වාසය කරමි.
“ශාරීපුත්‍රය, මම නොයෙක් සියගණන් බ්‍රාහ්මණ පිරිස්වලට පැමිණි බව දනිමි. එහි මා විසින් හිඳින ලද පරිදිද කථාකළ පරිදිද සාකච්ඡාවට පැමිණි පරිදිද දනිමි. ශාරීපුත්‍රය, එහිදී මට ඒකාන්තයෙන් බියක් හෝ තැති ගැන්මක් හෝ පැමිණෙන්නේය යන මේ කාරණය නොදකිමි. ශාරීපුත්‍රය මම මේ කාරණයද නොදක්නේ ක්ෂේමයට පැමිණියේ නිර්භය බවට පැමිණියේ තැති නොගන්නා බවට පැමිණියේ වාසය කරමි.
“ශාරීපුත්‍රය, මම නොයෙක් සියගණන් ගෘහපති පිරිස්වලට පැමිණි බව දනිමි. එහි මා විසින් හිඳිනා ලද පරිදිද කථාකළ පරිදිද සාකච්ඡාවට පැමිණි පරිදිද දනිමි. ශාරීපුත්‍රය, එහිදී මට ඒකාන්තයෙන් බියක් හෝ තැති ගැන්මක් හෝ පැමිණෙන්නේය යන මේ කාරණය නොදකිමි. ශාරීපුත්‍රය, මම මේ කාරණයද නොදක්නේ ක්ෂේමයට පැමිණියේ නිර්භය බවට පැමිණියේ තැති නොගැන්මට පැමිණියේ වාසය කරමි.
“ශාරීපුත්‍රය, මම නොයෙක් සියගණන් ශ්‍රමණ පිරිස්වලට පැමිණි බව දනිමි. එහි මා විසින් හිඳිනා ලද පරිදිද කථා කළ පරිදිද සාකච්ඡාවට පැමිණි පරිදිද දනිමි. ශාරීපුත්‍රය, එහිදී මට ඒකාන්තයෙන් බයක් හෝ තැති ගැන්මක් හෝ පැමිණෙන්නේය යන මේ කාරණය නොදකිමි. ශාරීපුත්‍රය, මම මේ කාරණයද නොදක්නේ ක්ෂේමයට පැමිණියේ නිර්භය බවට පැමිණියේ තැති නොගැන්මට පැමිණියේ වාසය කරමි.
“ශාරීපුත්‍රය, මම නොයෙක් සියගණන් චාතුර්මහාරාජික පිරිස්වලට පැමිණි බව දනිමි. එහි මා විසින් හිඳිනා ලද පරිදිද කථාකළ පරිදිද සාකච්ඡාවට පැමිණි පරිදිද දනිමි. ශාරීපුත්‍රය, එහිදී මට ඒකාන්තයෙන් බියක් හෝ තැතිගැන්මක් හෝ පැමිණෙන්නේය යන මේ කාරණය නොදකිමි. ශාරීපුත්‍රය, මම මේ කාරණයද නොදක්නේ ක්ෂේමයට පැමිණියේ නිර්භය බවට පැමිණියේ තැති නොගැන්මට පැමිණියේ වාසය කරමි.
“ශාරීපුත්‍රය, මම නොයෙක් සියගණන් තව්තිසා පිරිස්වලට පැමිණි බව දනිමි. එහි මා විසින් හිඳිනා ලද පරිදිද කථාකළ පරිදිද සාකච්ඡාවට පැමිණි පරිදිද දනිමි. ශාරීපුත්‍රය, එහිදී මට ඒකාන්තයෙන් බියක් හෝ තැති ගැන්මක් හෝ පැමිණෙන්නේය යන මේ කාරණය නොදකිමි. ශාරීපුත්‍රය, මම මේ කාරණයද නොදක්නේ ක්ෂේමයට පැමිණියේ නිර්භය බවට පැමිණියේ තැති නොගැන්මට පැමිණියේ වාසය කරමි.
“ශාරීපුත්‍රය, මම නොයෙක් සියගණන් මාර පිරිස්වලට පැමිණි බව දනිමි. එහි මා විසින් හිඳිනා ලද පරිදිද කථා කළ පරිදිද සාකච්ඡාවට පැමිණි පරිදිද දනිමි. ශාරීපුත්‍රය, එහිදී මට ඒකාන්තයෙන් බියක් හෝ තැති ගැන්මක් හෝ පැමිණෙන්නේය යන මේ කාරණය නොදකිමි. ශාරීපුත්‍රය, මම මේ කාරණය නොදක්නේ ක්ෂේමයට පැමිණියේ නිර්භය බවට පැමිණියේ තැති නොගැන්මට පැමිණියේ වාසය කරමි.
“ශාරීපුත්‍රය, මම නොයෙක් සියගණන් බ්‍රහ්ම පිරිස්වලට පැමිණි බව දනිමි. එහි මා විසින් හිඳිනාලද පරිදිද කථාකළ පරිදිද සාකච්ඡාවට පැමිණි පරිදිද දනිමි. ශාරීපුත්‍රය, එහිදී මට ඒකාන්තයෙන් බියක් හෝ තැති ගැන්මක් හෝ පැමිණෙන්නේය යන මේ කාරණය නොදකිමි. ශාරීපුත්‍රය, මම මේ කාරණයද නොදක්නේ ක්ෂේමයට පැමිණියේ නිර්භය බවට පැමිණියේ තැති නොගැන්මට පැමිණියේ වාසය කරමි.
“ශාරීපුත්‍රය, මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ මට යමෙක් ශ්‍රමණ ගෞතමයන්ට මනුෂ්‍ය ධර්මයට වැඩිවූ, ආර්යභාවයක් ඇතිකිරීමට සමර්ථ විශේෂ නුවණක් නැත්තේය. ශ්‍රමණ ගෞතම තෙම කල්පනාවෙන් සලකා නුවණින් විමසා තමහට වැටහෙන්නාවූ ධර්මයක් දේශනාකරයි. ඒ ශ්‍රමණ ගෞතමයන් විසින් යම් අර්ථයක් හා ධර්මයක් දෙසනලදද ඒ ධර්මයතෙම ඊට අනුව ක්‍රියා කරන්නහුගේ දුක් විනාශකිරීම පිණිස පවති”යි (කියන්නේද) ශාරීපුත්‍රය, ඒ (පුද්ගලයා) ඒ වචනය දුරුනොකොට ඒ සිත වෙනස් නොකොට ඒ ගැන්ම දුරුනොකොට (සිටියහොත්) ඔසවා ගෙනෙන ලද බරක් බිම දමන්නේ යම්සේද එපරිද්දෙන්ම නරකයෙහි වැටෙන්නේය. ශාරීපුත්‍රය, ශීලයෙන් යුක්තවූ, සමාධියෙන් යුක්තවූ, ප්‍රඥාවෙන් යුක්තවූ මහණතෙම යම්සේ මේ ජාතියේදීම රහත්වන්නේද, මෙයත් එසේයයි කියමි. (ඒ පුද්ගලයා) ඒ වචනය දුරුනොකොට, ඒ සිත වෙනස් නොකොට ඒ ගැන්ම දුරුනොකොට (සිටියහොත්) ඔසවාගෙනන ලද බරක් බිම දමන්නේ යම්සේද එපරිද්දෙන්ම නරකයෙහි වැටෙන්නේය.
|
152
‘‘චතස්සො ඛො ඉමා, සාරිපුත්ත, යොනියො. කතමා චතස්සො? අණ්ඩජා යොනි, ජලාබුජා යොනි, සංසෙදජා යොනි, ඔපපාතිකා යොනි. කතමා ච, සාරිපුත්ත, අණ්ඩජා යොනි? යෙ ඛො තෙ, සාරිපුත්ත, සත්තා අණ්ඩකොසං අභිනිබ්භිජ්ජ ජායන්ති - අයං වුච්චති, සාරිපුත්ත, අණ්ඩජා යොනි. කතමා ච, සාරිපුත්ත, ජලාබුජා යොනි? යෙ ඛො තෙ, සාරිපුත්ත, සත්තා වත්ථිකොසං අභිනිබ්භිජ්ජ ජායන්ති - අයං වුච්චති, සාරිපුත්ත, ජලාබුජා යොනි. කතමා ච, සාරිපුත්ත, සංසෙදජා යොනි? යෙ ඛො තෙ, සාරිපුත්ත, සත්තා පූතිමච්ඡෙ වා ජායන්ති පූතිකුණපෙ වා පූතිකුම්මාසෙ වා චන්දනිකායෙ වා ඔළිගල්ලෙ වා ජායන්ති - අයං වුච්චති, සාරිපුත්ත, සංසෙදජා යොනි. කතමා ච, සාරිපුත්ත, ඔපපාතිකා යොනි? දෙවා, නෙරයිකා, එකච්චෙ ච මනුස්සා, එකච්චෙ ච විනිපාතිකා - අයං වුච්චති, සාරිපුත්ත, ඔපපාතිකා යොනි. ඉමා ඛො, සාරිපුත්ත, චතස්සො යොනියො.
‘‘යො
|
152
“ශාරීපුත්‍රය, මේ යොනි (සත්ත්වයන් උපදින වර්ග) සතරක්වෙත්. කවරසතරක්ද? අණ්ඩජයොනිය, (බිත්තරෙන් හටගන්නා සත්ත්ව වර්ගය) ජලාබුජ යොනිය, (ගර්භ කොෂය තුළ හටගන්නා සත්ත්ව වර්ගය) සංසෙදජ යොනිය (තෙත්වූ තැන්වල හටගන්නා සත්ත්ව වර්ගය) ඕපපාතික යොනිය (මැවුණාක් මෙන් උපදින සත්ත්ව වර්ගය) යන සතරයි. ශාරීපුත්‍රය, අණ්ඩජයොනිය කවරීද? ශාරීපුත්‍රය, යම් ඒ සත්ත්වයෝ බිත්තරය බිඳගෙන උපදිත්ද, ශාරීපුත්‍රය, මේ අණ්ඩජ යොනියයයි කියනු ලැබේ. ශාරීපුත්‍රය, ජලාබුජ යොනිය නම් කවරීද? ශාරීපුත්‍රය, යම් ඒ සත්ත්වයෝ ගර්භකොෂය බිඳ උපදිත්ද, ශාරීපුත්‍රය, මේ ජලාබුජ යොනියයයි කියනු ලැබේ ශාරීපුත්‍රය, සංසෙදජයොනිය කවරීද, ශාරීපුත්‍රය, යම් ඒ සත්ත්ව කෙනෙක් කුණු මසෙහි හෝ උපදිත්ද කුණුවූ ශරීරවල හෝ පිළුණුවූ කොමුපිඩු ආදියෙහි හෝ අපවිත්රාදිය දමන තැන හෝ කුණුදිය ගලාබසින ගම්දොර ගවරවළෙහි හෝ උපදිත්ද, මේ සංසෙදජ යොනියයයි කියනු ලැබේ. ශාරීපුත්‍රය, ඔපපාතික යොනිය කවරීද? දෙවියෝද නිරිසත්තුද ඇතැම් මනුෂ්‍යයෝද ඇතැම් ප්‍රෙතයෝද වෙත්. ශාරීපුත්‍රය, මේ ඔපපාතික යොනියයි කියනු ලැබේ. මේ යොනි සතරයි.
“ශාරීපුත්‍රය, මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ මට යමෙක් “ශ්‍රමණ ගෞතමයන්ට මනුෂ්‍ය ධර්මයට වැඩිවූ, ආර්යභාවයක් ඇතිකිරීමට සමර්ථ විශේෂ නුවණක් නැත්තේය. ශ්‍රමණ ගෞතම තෙම කල්පනාවෙන් සලකා නුවණින් විමසා තමහට වැටහෙන්නාවූ ධර්මයක් දේශනාකරයි. ඒ ශ්‍රමණ ගෞතමයන් විසින් යමක් සඳහා ධර්මය දේශනා කරනලදද ඒ ධර්මයතෙම ඊට අනුව ක්‍රියාකරන්නහුගේ දුක් විනාශකිරීම පිණිස පවතී” කියා කියයි නම් ශාරීපුත්‍රය, (ඒ පුද්ගලයා) ඒ වචනය දුරුනොකොට ඒ සිත වෙනස් නොකොට ඒ ගැන්ම දුරුනොකොට (සිටියහොත්) ඔසොවා ගෙනෙනලද බරක් බිම දමන්නේ යම්සේද එපරිද්දෙන්ම නරකයෙහි වැටෙන්නේය. ශාරීපුත්‍රය, ශීලයෙන් යුක්තවූ සමාධියෙන් යුක්තවූ, ප්‍රඥාවෙන් යුක්තවූ මහණතෙම යම්සේ මේ ජාතියේදීම රහත් වන්නේද, මෙයත් එසේයයි කියමි. (ඒ පුද්ගලයා) ඒ වචනය දුරුනොකොට, ඒ සිත වෙනස් නොකොට ඒ ගැනීම දුරුනොකොට (සිටියහොත්) ඔසවා ගෙනෙනලද බරක් බිම දමන්නේ යම්සේද එපරිද්දෙන්ම නරකයෙහි වැටෙන්නේය.
|
153
‘‘පඤ්ච
|
153
“ශාරීපුත්‍රය, මේ ගති පසෙකි. කවර පසක්ද? නිරය අපාය, තිරිසන් අපාය, ප්‍රේත අපාය, මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝකය, (යනපසයි) ශාරීපුත්‍රය, මම නිරයත් දනිමි. නිරයට යන මාර්ගයද නිරයට යන්නාවූ ප්‍රතිපදාවද දනිමි. යම්සේ පිළිපන්නේ ශරීරය බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් පහවූ නපුරුගති ඇති යටිකුරුව වැටෙන නරකයෙහි උපදීද එයද දනිමි. ශාරීපුත්‍රය, මම තිරිසන් යොනියද දනිමි. තිරිසන් යොනියට යන මගත් දනිමි. තිරිසන් යොනියට යන්නාවූ ප්‍රතිපදාවත් දනිමි. යම්සේ පිළිපන්නේ ශරීරය බිඳීමෙන් මරණින් මත්තෙහි තිරිසන් යෝනියෙහි උපදීද, ඒ ද දනිමි ශාරීපුත්‍රය, මම ප්‍රෙත නිකායද දනිමි. ප්රෙතනිකායට යන මාර්ගයද දනිමි. යම්සේ පිළිපන්නේ ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි ප්‍රෙත නිකායෙහි උපදීද ඒ ප්‍රෙත නිකායට යන ප්‍රතිපදාවද දනිමි. ශාරීපුත්‍රය, මම මනුෂ්‍යයන්ද දනිමි. මිනිස් ලොවට යන මාර්ගයද දනිමි. යම්සේ පිළිපන්නේ ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි මනුෂ්‍ය ලෝකයෙහි උපදීද, මිනිස්ලොවට යන්නාවූ ඒ ප්‍රතිපදාවද දනිමි. ශාරීපුත්‍රය, මම දෙවියන්ද දනිමි. දෙව් ලොවට යන මාර්ගයද දනිමි. යම්සේ පිළිපන්නේ ශරීරයාගේ භෙදයෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදීද ඒ දෙව්ලොව යන ප්‍රතිපදාවද දනිමි. ශාරීපුත්‍රය, මම නිවණද දනිමි. නිවණට යන මාර්ගයද දනිමි. යම්සේ පිළිපන්නේ කෙලෙස් නැති කිරීමෙන් කෙලෙස් රහිතවූ අර්හත් ඵල විමුක්තියද මේ ආත්මයෙහි තෙමේම ප්‍රඥාවෙන් දැක ඊට පැමිණ වාසය කෙරේද, ඒ නිර්වාණයට යන ප්‍රතිපදාවද දනිමි.
|
154
‘‘ඉධාහං, සාරිපුත්ත, එකච්චං පුග්ගලං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි - තථායං පුග්ගලො පටිපන්නො තථා ච ඉරියති තඤ්ච මග්ගං සමාරූළ්හො, යථා කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජිස්සතීති. තමෙනං පස්සාමි අපරෙන සමයෙන දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නං, එකන්තදුක්ඛා තිබ්බා කටුකා වෙදනා වෙදයමානං. සෙය්යථාපි, සාරිපුත්ත, අඞ්ගාරකාසු සාධිකපොරිසා පූරා අඞ්ගාරානං වීතච්චිකානං වීතධූමානං. අථ පුරිසො ආගච්ඡෙය්ය ඝම්මාභිතත්තො ඝම්මපරෙතො කිලන්තො තසිතො පිපාසිතො එකායනෙන මග්ගෙන තමෙව අඞ්ගාරකාසුං පණිධාය. තමෙනං චක්ඛුමා පුරිසො දිස්වා එවං වදෙය්ය - ‘තථායං භවං පුරිසො පටිපන්නො තථා ච
‘‘ඉධ පනාහං, සාරිපුත්ත, එකච්චං පුග්ගලං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි - තථායං පුග්ගලො පටිපන්නො තථා ච ඉරියති තඤ්ච මග්ගං සමාරූළ්හො, යථා කායස්ස භෙදා පරං මරණා තිරච්ඡානයොනිං උපපජ්ජිස්සතීති. තමෙනං පස්සාමි අපරෙන සමයෙන දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන කායස්ස භෙදා පරං මරණා තිරච්ඡානයොනිං උපපන්නං, දුක්ඛා තිබ්බා කටුකා වෙදනා වෙදයමානං. සෙය්යථාපි, සාරිපුත්ත, ගූථකූපො සාධිකපොරිසො, පූරො ගූථස්ස. අථ පුරිසො ආගච්ඡෙය්ය ඝම්මාභිතත්තො ඝම්මපරෙතො
‘‘ඉධ පනාහං, සාරිපුත්ත, එකච්චං පුග්ගලං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි - තථායං පුග්ගලො පටිපන්නො තථා ච ඉරියති තඤ්ච මග්ගං සමාරූළ්හො, යථා කායස්ස භෙදා පරං මරණා පෙත්තිවිසයං උපපජ්ජිස්සතීති. තමෙනං
‘‘ඉධ පනාහං, සාරිපුත්ත, එකච්චං පුග්ගලං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි - තථායං පුග්ගලො පටිපන්නො තථා ච ඉරියති තඤ්ච මග්ගං සමාරූළ්හො යථා කායස්ස භෙදා පරං මරණා මනුස්සෙසු උපපජ්ජිස්සතීති. තමෙනං පස්සාමි අපරෙන සමයෙන දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන කායස්ස භෙදා පරං මරණා මනුස්සෙසු උපපන්නං, සුඛබහුලා වෙදනා වෙදයමානං. සෙය්යථාපි, සාරිපුත්ත, රුක්ඛො සමෙ භූමිභාගෙ ජාතො බහලපත්තපලාසො සන්දච්ඡායො
(සණ්ඩච්ඡායො (ස්‍යා.), සන්තච්ඡායො (ක.)). අථ පුරිසො ආගච්ඡෙය්ය ඝම්මාභිතත්තො ඝම්මපරෙතො කිලන්තො තසිතො පිපාසිතො එකායනෙන මග්ගෙන තමෙව රුක්ඛං පණිධාය. තමෙනං චක්ඛුමා පුරිසො දිස්වා එවං වදෙය්ය - ‘තථායං භවං පුරිසො පටිපන්නො තථා ච ඉරියති තඤ්ච මග්ගං සමාරූළ්හො, යථා ඉමමෙව රුක්ඛං ආගමිස්සතී’ති. තමෙනං පස්සෙය්ය අපරෙන සමයෙන තස්ස රුක්ඛස්ස ඡායාය නිසින්නං වා නිපන්නං වා සුඛබහුලා වෙදනා වෙදයමානං. එවමෙව ඛො අහං, සාරිපුත්ත, ඉධෙකච්චං
‘‘ඉධ
‘‘ඉධ පනාහං, සාරිපුත්ත, එකච්චං පුග්ගලං චෙතසා චෙතො පරිච්ච පජානාමි - තථායං පුග්ගලො පටිපන්නො තථා ච ඉරියති තඤ්ච මග්ගං සමාරූළ්හො, යථා ආසවානං ඛයා අනාසං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සතීති. තමෙනං පස්සාමි අපරෙන සමයෙන ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තං, එකන්තසුඛා වෙදනා වෙදයමානං. සෙය්යථාපි, සාරිපුත්ත, පොක්ඛරණී අච්ඡොදකා
‘‘යො ඛො මං, සාරිපුත්ත, එවං ජානන්තං එවං පස්සන්තං එවං වදෙය්ය - ‘නත්ථි සමණස්ස ගොතමස්ස උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසො; තක්කපරියාහතං සමණො ගොතමො ධම්මං දෙසෙති වීමංසානුචරිතං සයංපටිභාන’න්ති තං, සාරිපුත්ත, වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. සෙය්යථාපි, සාරිපුත්ත, භික්ඛු සීලසම්පන්නො සමාධිසම්පන්නො පඤ්ඤාසම්පන්නො දිට්ඨෙව ධම්මෙ අඤ්ඤං ආරාධෙය්ය, එවං සම්පදමිදං, සාරිපුත්ත, වදාමි ‘තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ’.
|
154
“ශාරීපුත්‍රය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් යම්සේ මරණින් මතු සැපයක් නැති දුක් ගති ඇති යටිකුරුව වැටෙන නරකයෙහි උපදින්නේද ඒ පුද්ගල තෙම එසේ පිළිපන්නේය, එසේම පවතියි, ඒ මාර්ගයටම බැස සිටීයයි ඒ පුද්ගලයාගේ හිත මගේ සිතින් පිරිසිඳ දනිමි. පසු කාලයෙහි ඒ පුද්ගලයා සැපයක් නැති දුක් ඇති යටිකුරුව වැටෙන නිරයෙහි ඉපදී එකාන්තයෙන් දුක්වූ, තියුණුවූ කටුකවූ වේදනාවන් විඳිමින් සිටින බව මිනිස් ඇස ඉක්මවූ පිරිසුදු දිවැසින් දකින්නෙමි.
“ශාරීපුත්‍රය, පුරුෂයෙකුගේ උසටත් වඩා ගැඹුරුවූ, ගිනිදැල් නැති, දුම්නැති අඟුරු පිරුණු වළක් ඇත්තේය. එකල්හි ග්‍රීෂ්මයෙහි තැවුණාවූ ග්‍රීෂ්මයෙන් පීඩිතවූ ක්ලාන්තවූ තැතිගත්තාවූ හටගත් පිපාසා ඇති පුරුෂයෙක් ඒ අඟුරුවළ කරා යන එකම මාර්ගයෙන් ඊට මුහුන ලා යන්නේය.
ඇස් ඇති පුරුෂයෙක් ඔහු දැක මෙසේ කියන්නේය. මේ පින්වත් පුරුෂ තෙම යම්සේ මේ අඟුරු වළටම එන්නේද එසේ පිළිපන්නේය. එසේම ගමන් කරයි. ඒ මාර්ගයට බැස සිටී (කියායි) පසුව අඟුරුවළෙහි වැටුනාවූ එකාන්තයෙන් දුක්වූ තියුණුවූ ක්‍රෑරවූ වේදනාවන් විඳින ඔහු දක්නේය. ශාරීපුත්‍රය, මෙපරිද්දෙන්ම මම මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් යම්සේ මරණින් මතු සැපයක් නැති දුක් ගති ඇති යටිකුරුව වැටෙන නරකයෙහි උපදින්නේද ඒ පුද්ගලතෙම එසේ පිළිපන්නේය. එසේම පවතියි. ඒ මාර්ගයටම බැස සිටීයයි ඒ පුද්ගලයාගේ හිත මගේ සිතින් පිරිසඳ ගනිමි. පසුව ඒ පුද්ගලයා සැපයක් නැති දුක් ඇති යටිකුරුව වැටෙන අපායෙහි ඉපදී ඒකාන්තයෙන් දුක්වූ තියුණුවූ කටුකවූ වේදනාවන් විඳිමින් සිටින බව මිනිස් ඇස ඉක්මවූ පිරිසිදු දිවැසින් දකින්නෙමි.
“ශාරීපුත්‍රය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් යම් සේ මරණින් මතු තිරිසන් යොනියෙහි උපදින්නේද එසේ පිළිපන්නේය. එසේම පවතියි. ඒ මාර්ගයට බැස සිටීයයි ඒ පුද්ගලයාගේ හිත මගේ හිතින් පිරිසිඳ දනිමි. ටික කලකට පසු ඒ පුද්ගලයා තිරිසන් යොනියෙහි ඉපදී දුක්වූ තියුණුවූ ක්‍රෑරවූ වේදනාවන් විඳිමින් සිටින බව මිනිස් ඇස ඉක්මවූ පිරිසුදු දිවැසින් දකින්නෙමි, ශාරීපුත්‍රය, පුරුෂයෙකුගේ උසටත් වඩා ගැඹුරුවූ, අසුචියෙන් පිරුණාවූ අසුචිවළක් ඇත්තේය. ඉක්බිති ග්‍රීෂ්මයෙන් තැවුනාවූ ග්‍රීෂ්මයෙන් පීඩිත වූ ක්ලාන්තවූ තැතිගත්තාවූ පිපාසා ඇති පුරුෂයෙක් ඒ අසුචි වළ කරා යන එකම මාර්ගයෙන් යන්නේය. ඇස් ඇති පුරුෂයෙක් ඔහු දැක මෙසේ කියන්නේය. මේ පින්වත් පුරුෂතෙම යම්සේ මේ අසුචිවළට වැටෙන්නේද එසේ පිළිපන්නේය. එසේම ගමන් කරයි. ඒ මාර්ගයට බැස සිටීයයි (කියායි) පසුව අසූචිවළෙහි වැටුනාවූ ඒකාන්තයෙන් දුක්වූ කටුකවූ ක්‍රෑරවූ වේදනාවන් විඳින ඔහු දක්නේය. ශාරීපුත්‍රය, එපරිද්දෙන්ම මේ ලෝකයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් යම්සේ මරණින් මතු තිරිසන් යොනියෙහි උපදින්නේද ඒ පුද්ගලතෙම එසේ පිළිපන්නේය. එසේම පවතියි, ඒ මාර්ගයටම බැස සිටීයයි ඒ පුද්ගලයාගේ හිත මගේ හිතින් පිරිසිඳ දනිමි. ටික කලකට පසුව ඒ පුද්ගලයා තිරිසන් යොනියෙහි ඉපද ඒකාන්තයෙන් දුක්වූ තියුණුවූ කටුක වේදනාවන් විඳිමින් සිටින බව මිනිස් ඇස ඉක්මවූ පිරිසිදු දිවැසින් දකින්නෙමි.
“ශාරීපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් යම්සේ මරණින් මතු ප්‍රෙත නිකායෙහි උපදින්නේද එසේ මේ පුද්ගලතෙමේ පිළිපන්නේය. එසේ ඉරියව් පවත්වයි. ඒ මාර්ගයටම බැස සිටීයයි ඒ පුද්ගලයාගේ හිත මගේ හිතින් පිරිසිඳ දනිමි. ටික කලකට පසු ඒ පුද්ගලයා ප්රෙතනිකායෙහි ඉපදී ඒකාන්තයෙන් දුක්වූ තියුණුවූ කටුකවූ බොහෝ දුක් වේදනාවන් විඳිමින් සිටින බව මිනිස් ඇස ඉක්ම වූ පිරිසිදුවූ දිවැසින් දකිමි. ශාරීපුත්‍රය, විෂම බිමක හටගත් ඉතා තුනීවට පිහිටි කොළ දලු ඇති කබරසේ (තැනින් තැන) සෙවන ඇති ගසක් ඇත්තේය එකල ග්‍රීෂ්මයෙන් තැවුනාවූ ග්‍රීෂ්මයෙන් පීඩිතවූ, ක්ලාන්තවූ, තැතිගත්තාවූ, පිපාසා ඇති පුරුෂයෙක් තෙම ඒ ගස වෙත යන එකම මාර්ගයෙන් එයි. ඇස් ඇති පුරුෂයෙක් ඔහු දැක මෙසේ කියන්නේය. මේ පින්වත් පුරුෂතෙම යම්සේ මේ ගස යටටම එන්නේද එසේ පිළිපන්නේය. එසේම ගමන් කරයි. ඒ මාර්ගයට බැස සිටීයයි (කියායි) පසුව ඒ ගස සෙවනෙහි හුන්නාවූ හෝ නිදන්නාවූ හෝ බොහෝ දුක් වේදනාවන් විඳින ඔහු දක්නේය. ශාරීපුත්‍රය, මෙපරිද්දෙන්ම මට මේ ලෝකයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් යම්සේ මරණින් මතු ප්‍රේත යොනියෙහි උපදින්නේද ඒ පුද්ගල තෙම එසේ පිළිපන්නේය. එසේම පවතියි. ඒ මාර්ගයටම බැස සිටීයයි ඒ පුද්ගලයාගේ හිත මගේ හිතින් පිරිසිඳ දනිමි. කලකට පසුව ඒ පුද්ගලයා ප්‍රේත යොනියෙහි දුක්වූ තියුණුවූ කටුකවූ බොහෝ වේදනාවන් විඳිමින් සිටින බව මිනිස් ඇස ඉක්මවූ පිරිසිදු දිවැසින් දකින්නෙමි.
“ශාරීපුත්‍රය මට මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් යම්සේ මරණින් මතු මනුෂ්‍යයන් අතර උපදින්නේද මේ පුද්ගලතෙම එසේ පිළිපන්නේය. එසේම පවතියි. ඒ මාර්ගයටම බැස සිටීයයි ඒ පුද්ගලයාගේ හිත මගේ හිතින් පිරිසිඳ දනිමි. කලකට පසු ඒ පුද්ගලයා මනුෂ්‍යයන් අතර ඉපදී සැප බහුල වේදනාවන් විඳිමින් සිටින බව මිනිස් ඇස ඉක්මවූ පිරිසිදු දිවැසින් දකිමි. ශාරීපුත්‍රය, සමබිම් පෙදෙසක හටගත් ඝනවූ කොළ දලු ඇති සෞම්‍ය සෙවනැලි ඇති ගසක් ඇත්තේය. එකල ග්‍රීෂ්මයෙන් තැවුනාවූ ග්‍රීෂ්මයෙන් පීඩිතවූ ක්ලාන්තවූ තැතිගත්තාවූ හටගත් පිපාසා ඇති පුරුෂයෙක් ඒ ගස වෙත යන එකම මාර්ගයෙන් ගමන් කරයි. ඇස් ඇති පුරුෂයෙක් ඔහු දැක මෙසේ කියන්නේය. මේ පින්වත් පුරුෂතෙම යම්සේ මේ ගස කරා එන්නේද එසේ මේ පින්වත් පුරුෂතෙම පිළිපන්නේය. එසේම ගමන් කරමි. ඒ ගමටම බැස සිටියි. (කියායි) ටික කලකට පසු ඒ ගසයට සෙවනෙහි හිඳින්නාවූ හෝ නිදන්නාවූ හෝ සැප බහුල වේදනාවන් විඳින ඒ පුරුෂයා දක්නේය.
“ශාරීපුත්‍රය, එපරිද්දෙන්ම මම මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් යම්සේ මරණින් මතු මනුෂ්‍යයන් අතර උපදින්නේද ඒ පුද්ගල තෙම එසේ පිළිපන්නේය. එසේම පවතියි. ඒ මාර්ගයටම බැස සිටීයයි ඒ පුද්ගලයාගේ හිත මගේ හිතින් පිරිසිඳ දනිමි. ටික කලකට පසුව ඒ පුද්ගලයා මිනිස් ලොව ඉපිද සැප බහුල වේදනා විඳිමින් සිටින බව මිනිස් ඇස ඉක්මවූ පිරිසිදු දිවැසින් දකින්නෙමි.
“ශාරීපුත්‍රය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් යම්සේ කායභෙදයෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදින්නේද, එසේ මේ පුද්ගලතෙම පිළිපන්නේය එසේ පවතියි. ඒ මගටම බැස සිටීයයි ඒ පුද්ගලයාගේ හිත මගේ හිතින් පිරිසිඳ දනිමි. ටික කලකට පසු ඒ පුද්ගලයා ස්වර්ග ලෝකයෙහි ඉපදී ඒකාන්ත සැපවිඳිමින් සිටින බව මිනිස් ඇස ඉක්මවූ දිවැසින් දකිමි.
“ශාරීපුත්‍රය, ප්‍රාසාදයක් ඇත්තේය. එහි ඇතුළත පිටත ආලේපකළ, වාත රහිතවූ දමන ලද අගුල් ඇති, කුළුගෙයක් වන්නේය. එහි කොඳුපලස් අතුරණ ලද්දාවූ සුදු එළුලොම් පලස් අතුරණ ලද්දාවූ ඝන මල් ඇති එළුලොම් ඇතිරිලි අතුරන ලද්දාවූ කෙසෙල්මුව සමින් කළ උතුම් ඇතිරිලි අතුරන ලද්දාවූ උඩුවියන් සහිතවූ දෙපසෙහි තුබූ රතුකොට්ට ඇත්තාවූ ආසනයක් වන්නේය. ඉක්බිති ග්‍රීෂ්මයෙන් තැවුනාවූ ග්‍රීෂ්මයෙන් පීඩිතවූ ක්ලාන්තවූ තැතිගත්තාවූ හටගත් පිපාසා ඇති පුරුෂයෙක් ඒ ප්‍රාසාදයම බලාගෙන ඊට පැමිණෙන එකම මාර්ගයෙන් එන්නේය. ඇස් ඇති පුරුෂයෙක් ඔහු දැක මෙසේ කියන්නේය. මේ පින්වත් පුරුෂතෙම යම්සේ මේ ප්‍රාසාදයටම එන්නේද එසේ පිළිපන්නේය. එසේම ගමන් කරයි. ඒ මඟට බැස සිටියි. (කියාය) පසු කලකදී ඒ පහයෙහි ඒ කුළුගෙයි ඒ ආසනයෙහි හිඳින්නාවූ හෝ නිදන්නාවූ හෝ ඒකාන්තයෙන් සැපවූ වේදනාවන් විඳින ඒ පුද්ගලයා දක්නේද, ශාරීපුත්‍රය, එපරිද්දෙන්ම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් යම්සේ මරණින් මතු සුගති නම් වූ ස්වර්ග ලෝකයෙහි උපදින්නේද එසේ මේ පුද්ගලතෙම පිළිපන්නේය. එසේ පවතියි. ඒ මගට බැස සිටීයයි ඒ පුද්ගලයාගේ හිත මගේ සිතින් පිරිසිඳ ගනිමි. ටික කලකට පසු ඒ පුද්ගලයා ස්වර්ග ලෝකයෙහි ඉපදී ඒකාන්ත සැප විඳිමින් සිටින බව මිනිස් ඇස ඉක්මවූ පිරිසුදු දිවැසින් දකිමි.
“ශාරීපුත්‍රය, මෙහි වනාහි මම ඇතැම් පුද්ගලයෙක් යම්සේ කෙලෙස් නැති කිරීමෙන් කෙලෙස් රහිතවූ අර්හත්ඵල සමාධියද අර්හත්ඵල ප්‍රඥාවද මේ ආත්මයෙහි තෙමේ ශ්‍රේෂ්ඨ ඥානයෙන් ප්රත්යක්ෂකොට ඊට එළඹ වාසය කරන්නේද එසේ මේ පුද්ගලතෙම පිළිපන්නේය. එසේම පවතියි. ඒ මඟට බැස සිටීයයි ඒ පුද්ගලයාගේ හිත මගේ හිතින් පිරිසිඳ දනිමි. කලකට පසු ඔහු කෙලෙස් නැතිකිරීමෙන් කෙලෙස් රහිතවූ අර්හත් ඵලසමාධියද අර්හත්ඵල ප්‍රඥාවද මේ ආත්මයෙහි තෙමේ ශ්‍රේෂ්ඨ ඥානයෙන් ප්රත්යක්ෂ කොට ඊට එළඹ වාසය කරන බව මිනිස් ඇස ඉක්මවූ පිරිසිදු දිවැසින් දකිමි. ශාරීපුත්‍රය, පිරිසිදු දිය ඇති, සැපදායක දිය ඇති, සීතල දිය ඇති, සුදුවැලිතලා ඇති මනාව පිහිටි තොටවල් ඇති, සිත්කලුවූ පොකුණක් ඇත්තේය. ඒ පොකුණට නුදුරෙහි වන ලැහැබක්ද වෙයි. එසේ ඇති කල්හි ග්‍රීෂ්මයෙන් තැවුනාවූ ග්‍රීෂ්මයෙන් පීඩිතවූ ක්ලාන්තවූ තැතිගත්තාවූ පිපාසා ඇති පුරුෂයෙක් එම පොකුණට පැමිණෙන එකම මාර්ගයෙන් පොකුණ කරා එන්නේය. ඇස් ඇති පුරුෂයෙක් ඔහු දැක මෙසේ කියන්නේය. මේ පින්වත් පුරුෂතෙම යම්සේ මේ පොකුණටම එන්නේද, එසේ පිළිපන්නේය. එසේම ගමන් කරයි. ඒ මඟට බැස සිටියි (කියායි) ඉන්පසු මෑත කලක ඒ පොකුණට බැස නා වතුර බී සියලු වෙහෙස ක්ලාන්ත දැවිලි මැඩ එතරට ඒ වන ලැහැබෙහි හිඳින්නාවූ හෝ නිදන්නාවූ හෝ ඒකාන්තයෙන් සැපවූ වේදනාවන් විඳින ඒ පුද්ගලයා දක්නේය. ශාරීපුත්‍රය, එපරිද්දෙන්ම මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් යම්සේ කෙලෙස් නැතිකිරීමෙන් කෙලෙස් රහිතවූ අර්හත්ඵල සමාධියද අර්හත් ඵල ප්‍රඥාවද මේ ආත්මයෙහි තෙමේ විශේෂ ප්‍රඥාවෙන් ප්රත්යක්ෂකොට ඊට එළඹ වාසය කරන්නේද එසේ මෙතෙම පිළිපන්නේය. එසේ පවතියි. ඒ මඟට බැස සිටීයයි මගේ හිතින් ඔහුගේ හිත පිරිසිඳ දනිමි. ටික කලකට පසු ඔහු කෙලෙස් නැතිකිරීමෙන් කෙලෙස් රහිතවූ අර්හත් ඵල සමාධියද අර්හත්ඵල ප්‍රඥාවද මේ ආත්මයෙහි තෙමේ විශිෂ්ටඥානයෙන් ප්රත්යක්ෂ කොට ඊට එළඹ වසන්නාවූ ඒකාන්ත සැප වේදනා විඳින ඒ පුද්ගලයා දකින්නෙමි. ශාරීපුත්‍රය, මේ වනාහි ගති පසය.
“ශාරීපුත්‍රය, යමෙක් වනාහි මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ මට යමෙක් ශ්‍රමණ ගෞතමයන්ට මනුෂ්‍ය ධර්මයට වැඩිවූ, ආර්ය භාවයක් ඇති කිරීමට සමර්ථ විශේෂ නුවණක් නැත්තේය. ශ්‍රමණ ගෞතම තෙම කල්පනාවෙන් සලකා නුවණින් විමසා තමහට වැටහෙන්නාවූ ධර්මයක් දේශනා කෙරේය’යි කියයි නම් ශාරීපුත්‍රය, (ඒ පුද්ගලයා) ඒ වචනය දුරු නොකොට ඒ සිත වෙනස් නොකොට ඒ ගැන්ම දුරු නොකොට (සිටියහොත්) ඔසවා ගෙනෙන ලද බරක් බිම දමන්නේ යම්සේද එපරිද්දෙන්ම නරකයෙහි වැටෙන්නේය. ශාරීපුත්‍රය, ශීලයෙන් යුක්තවූ, සමාධියෙන් යුක්තවූ, ප්‍රඥාවෙන් යුක්තවූ මහණතෙම යම්සේ මේ ජාතියේදීම රහත් වන්නේද, මෙයත් එසේයයි කියමි. (ඒ පුද්ගලයා) ඒ වචනය දුරු නොකොට, ඒ සිත වෙනස් නොකොට ඒ ගැන්ම දුරු නොකොට (සිටියහොත්) ඔසවා ගෙනෙන ලද බරක් බිම දමන්නේ යම්සේද එපරිද්දෙන්ම නරකයෙහි වැටෙන්නේය.
|
155
‘‘අභිජානාමි ඛො පනාහං, සාරිපුත්ත, චතුරඞ්ගසමන්නාගතං බ්රහ්මචරියං
‘‘සො සාකභක්ඛො වා හොමි, සාමාකභක්ඛො වා හොමි, නීවාරභක්ඛො වා හොමි, දද්දුලභක්ඛො වා හොමි, හටභක්ඛො වා හොමි, කණභක්ඛො වා
‘‘සො සාණානිපි ධාරෙමි, මසාණානිපි ධාරෙමි, ඡවදුස්සානිපි ධාරෙමි, පංසුකූලානිපි ධාරෙමි, තිරීටානිපි ධාරෙමි, අජිනම්පි ධාරෙමි, අජිනක්ඛිපම්පි ධාරෙමි, කුසචීරම්පි ධාරෙමි, වාකචීරම්පි ධාරෙමි, ඵලකචීරම්පි ධාරෙමි, කෙසකම්බලම්පි ධාරෙමි, වාළකම්බලම්පි ධාරෙමි, උලූකපක්ඛම්පි ධාරෙමි; කෙසමස්සුලොචකොපි හොමි කෙසමස්සුලොචනානුයොගමනුයුත්තො; උබ්භට්ඨකොපි හොමි ආසනපටික්ඛිත්තො; උක්කුටිකොපි හොමි උක්කුටිකප්පධානමනුයුත්තො; කණ්ටකාපස්සයිකොපි හොමි කණ්ටකාපස්සයෙ සෙය්යං කප්පෙමි
(ඉමස්සානන්තරෙ අඤ්ඤොපි කොචි පාඨපදෙසො අඤ්ඤෙසු ආජීවකවතදීපකසුත්තෙසු දිස්සති); සායතතියකම්පි උදකොරොහනානුයොගමනුයුත්තො විහරාමි - ඉති එවරූපං අනෙකවිහිතං කායස්ස
|
155
“ශාරීපුත්‍රය, මම අඩ්ග සතරකින් යුක්තවූ වීර්යය කළ බව දනිමි. තපස් ඇත්තේ තපස් ඇත්තවුන් අතුරෙන් කෙළවරට ගිය තපස් ඇත්තේ වීමි. රළු පිළිපැදීම් ඇත්තේ රළු පිළිපැදීම් ඇත්තවුන් අතුරෙන් කෙළවරට ගිය රළු පිළිපැදීම් ඇත්තේ වීමි, පාපයට පිළිකුල් කරන්නේ පාපයට පිළිකුල් කරන්නවුන් අතුරෙන් කෙළවරට පැමිණියේ වීමි. උතුම් විවේක ඇත්තේ උතුම් විවේක ඇත්තවුන් අතරින් උසස්ම තැනට පැමිණියේ වීමි. ශාරීපුත්‍රය, මා රැක්ක ඒතපස් මෙසේය. හොඳ පැවතුම් නැති නිර්වස්ත්‍රයෙක් වෙමි. දිවෙන් අතලොවින්නේ නොහොත් මළපහකොට (දණ්ඩක්යයි හිතාගෙන) අතින් පිසින්නේ වෙමි. ආහාර දීම පිණිස එව වහන්සැයි කී කල්හි නොපිළිගන්නේ වෙමි. සිටුව වහන්සැයි කියා දුන්දෙය නොපිළිගනිමි. පෙරටුව ගෙණෙන ලද ආහාරය නොපිළිගනිමි. මා උදෙසා කරණ ලද්ද නොපිළිගනිමි. ආරාධනා කර දුන් බත නොඉවසමි. ඒ මම කළගෙඩි කටින් ගෙන දුන් දෙය නොපිළිගනිමි. සැලිකටින් ගෙණ දුන් දෙය නොපිළිගනිමි. එලිපත අතරකොට සිට දුන්දෙය නොපිළිගනිමි. දණ්ඩක් අතරකොට සිට දුන්දෙය නොපිළිගනිමි. මෝල්ගසක් අතරකොට සිට දුන්දෙය නොපිළිගනිමි. අනුභව කරන්නාවූ දෙදෙනෙකුගෙන් එකෙකු දුන්දෙය නොපිළිගනිමි. ගැබිනිය විසින් දුන්දෙය නොපිළිගනිමි. කිරි පොවන්නිය විසින් දුන්දෙය නොපිළිගනිමි. පුරුෂයෙකු වෙත ගිය තැනැත්තිය විසින් දුන්දෙය නොපිළිගනිමි. සම්මාදම් කළ දෙයින් කිසිවක් නොපිළිගනිමි. යම් තැනක බල්ලෙක් එළඹ සිටියේද (ඔහුට නොදී) එහිදී දුන් දෙය නොපිළිගනිමි. යම් තැනක මැස්සෝ කැටි කැටිව හැසිරෙත්ද එහිදී දුන් දෙය නොපිළිගනිමි. දියමස් අනුභව නොකරමි. ගොඩමස් අනුභව නොකරමි. සුරාව නොබොමි මේරය (මල්යුසින් කළ මත්පැන්) නොබොමි. කාඩිදිය නොබොමි.
ඒ මම පිඬුසිඟීමට එකම ගෙයක් ඇත්තේ හෝ වෙමි. එකම බත් පිඩකින් යැපෙන්නේ හෝ වෙමි. ගෙවල් දෙකක පිඬු සිඟන්නේ හෝ වෙමි. බත් පිඬු දෙකින් යැපෙන්නේ හෝ වෙමි. ගෙවල් සතක පිඬු සිඟන්නේ හෝ වෙමි. බත් පිඬු සතකින් යැපෙන්නේ හෝ වෙමි. එක් කුඩා බත් තැටියකින් යැපෙන්නේ හෝ වෙමි. බත් තැටි දෙකකින් යැපෙන්නෝ හෝ වෙමි. බත් තැටි සතකින් යැපෙන්නේ හෝ වෙමි. එක දවසකට වරක් හෝ ආහාර ගනිමි. දෙදිනකට වරක් හෝ ආහාර ගනිමි. සත්දිනකට වරක් හෝ ආහාර ගනිමි. මෙපරිද්දෙන් අඩමසකට වරක් ආහාර ගනිමින්ද වාර භොජනයෙහි යෙදී වාසය කරමි.
“ඒ මම අමුපලා කන්නේත් වෙමි. බඩහමු කන්නේත් වෙමි. ඌරුහැල් (වනයෙහි ඉබේට හැදෙන වී වර්ගයක්) කන්නේත් වෙමි. සම් කෑලි කන්නේත් වෙමි. මැලියම් කන්නේත් වෙමි. කුඩු අනුභව කරන්නේත් වෙමි. දන්කුඩ කන්නේත් වෙමි. තල් ආදී මුරුවට කන්නේත් වෙමි. ලා තණකොළ කන්නේත් වෙමි. වනමුල් ඵල ආහාර කොට ඇත්තේ ඉබේ වැටුණ ඵල අනුභව කරන්නේත් යැපෙමි. ඒ මම හන වැහැරිත් අඳිමි. මිශ්‍ර වස්ත්‍රත් අඳිමි. මිනියෙන් ඉවත් ළ වස්ත්‍රත් අඳිමි. පාංශුකුළ වස්ත්‍රත් අඳිමි. ගස්වල පතුරුත් අඳිමි. අඳුන්දිවි සම් ද දරමි. මැදින් පැලු අඳුන්දිවි සම්ද අඳිමි. කුසතණ වැහැරීද අඳිමි. නියඳ වැහැරිද අඳිමි. පට්ටාද අඳිමි. ඉසකේවලින් කළ කම්බිලිද දරමි. බකමුහුණු පිහාටුවලින් කළ වැහැරීද දරමි. ඉසකේ රැවුල් උගුල්ලන්නෙක් වෙමි. ඉසකේ රැවුල් ඉගිල්ලීමෙහි යෙදුනේ වෙමි. ආසනවල වාඩිනොවන්නේ උඩුකුරුව සිටියේ වෙමි. උඩුකුරුව සිටීමේ වීර්යයෙන් යුක්තවූයේ උඩුකුරුව සිටින්නේ වෙමි. කටු යහනෙහි හේත්තුවන්නේ වෙමි. කටු ඇතිරිලි මතුයෙහි සයනය කරමි. සවස තුන්වැනි කොට (දවසට තුන්වරක්) දියට බැසීමෙහි යෙදුනේ වාසය කරමි. මෙසේ නොයෙක් අන්දමින් ශරීරය තවන පෙළන තපස්කම්වල යෙදී වාසය කෙළෙමි. ශාරීපුත්‍රය, මාගේ තපස්කම් මෙසේ විය.
|
156
‘‘තත්‍රාස්සු මෙ ඉදං, සාරිපුත්ත, ලූඛස්මිං හොති - නෙකවස්සගණිකං රජොජල්ලං කායෙ සන්නිචිතං හොති පපටිකජාතං. සෙය්යථාපි, සාරිපුත්ත, තින්දුකඛාණු නෙකවස්සගණිකො සන්නිචිතො හොති පපටිකජාතො, එවමෙවාස්සු මෙ, සාරිපුත්ත, නෙකවස්සගණිකං රජොජල්ලං කායෙ සන්නිචිතං හොති පපටිකජාතං. තස්ස මය්හං, සාරිපුත්ත, න එවං හොති - ‘අහො වතාහං ඉමං රජොජල්ලං පාණිනා පරිමජ්ජෙය්යං, අඤ්ඤෙ වා පන මෙ ඉමං රජොජල්ලං පාණිනා පරිමජ්ජෙය්යු’න්ති. එවම්පි මෙ, සාරිපුත්ත
‘‘තත්‍රාස්සු මෙ ඉදං, සාරිපුත්ත, ජෙගුච්ඡිස්මිං හොති - සො ඛො අහං, සාරිපුත්ත, සතොව අභික්කමාමි, සතොව පටික්කමාමි, යාව උදකබින්දුම්හිපි මෙ දයා පච්චුපට්ඨිතා හොති - ‘මාහං ඛුද්දකෙ පාණෙ විසමගතෙ සඞ්ඝාතං ආපාදෙසි’න්ති. ඉදංසු මෙ, සාරිපුත්ත, ජෙගුච්ඡිස්මිං හොති.
‘‘තත්‍රාස්සු මෙ ඉදං, සාරිපුත්ත, පවිවිත්තස්මිං හොති - සො ඛො
‘‘සො ඛො අහං, සාරිපුත්ත, යෙ තෙ ගොට්ඨා පට්ඨිතගාවො අපගතගොපාලකා, තත්ථ චතුක්කුණ්ඩිකො උපසඞ්කමිත්වා යානි තානි වච්ඡකානං
|
156
“ශාරීපුත්‍රය, මාගේ කටුක පැවතුම් මෙසේය. අවුරුදු ගණනක් මුළුල්ලේ බැඳුන දූවිලි ශරීරයෙහි රැස්වී පතුරු සෑදුනේ වෙයි. ශාරීපුත්‍රය, අවුරුදු ගණනක් මුළුල්ලේ පොතු එක්වූ තිඹිරිකණුවක් යම්සේ හටගත් පතුරු ඇත්තේ වේද ශාරීපුත්‍රය, එපරිද්දෙන්ම මාගේ ශාරීරයෙහි අවුරුදු ගණනක් මුළුල්ලේ බැඳුණු දූවිලි ශරීරයෙහි රැස්වී පතුරුසෑදුනේ වෙයි. ශාරීපුත්‍රය, ඒ මට මෙසේ කල්පනා නොවෙයි. මම මේ දූවිලි අතින් පිසදමන්නෙම් නම් අන්කෙනෙක් හෝ අතින් පිස දමන්නාහු නම් ඉතායෙහෙකැයි කියා නොසිතෙයි. ශාරීපුත්‍රය, මේ වනාහි මාගේ කටුක පැවැත්මයි.
“ශාරීපුත්‍රය, මාගේ පාපයට පිළිකුල් බව මෙසේ වෙයි. ශාරීපුත්‍රය, ඒ මම සිහි ඇතිවම ඉදිරියට යමි. සිහි ඇතිව පෙරළා එමි. මම නුසුදුසු තැනකට පැමිණීමෙන් කුඩා ප්‍රාණීන් විනාශයට පත් නොකරන්නෙමි කියා දියබින්දුවක්* කෙරෙහිද මාගේ දයාව පැතිර සිටියා වෙයි. ශාරීපුත්‍රය මෙය මාගේ පාපයෙහි පිළිකුල් බව වෙයි.
“ශාරීපුත්‍රය, මෙය මාගේ උසස් විවේක බව වේ. ශාරීපුත්‍රය, ඒ මම එක්තරා වනයකට වැද වෙසෙමි. යම් විටක ගොපල්ලෙකු හෝ අවශෙෂ සිවුපාවුන් රකින්නෙකු හෝ තණ ගෙනයන්නෙකු හෝ දර ගෙන යන්නෙකු හෝ වනයේ කටයුතු කරන්නෙකු හෝ දකිම්ද, (එවිට මම) සිටි වනයෙන් අන් වනයකටද ලැහැබින් ලැහැබටද බෑවුමෙන් බෑවුමටද ගොඩින් ගොඩටද පනිමි. ඊට හේතු කවරේද? ඔවුහු මා නොදකිත්වා, මමද ඔවුන් නොදකිම්වා කියා (සිතාගෙනය.) ශාරීපුත්‍රය, යම්සේ වනවැසි මුවෙක් මිනිසුන් දැක වනයෙන් වනයට ලැහැබින් ලැහැබට බෑවුමෙන් බෑවුමට ගොස් පනින්නේද එමෙන් මමද ගොපල්ලෙකු හෝ අවශෙෂ සිවුපාවුන් රකින්නෙකු හෝ තණ ගෙන යන්නෙකු හෝ දර ගෙනයන්නෙකු හෝ වනයේ කටයුතු කරන්නෙකු හෝ දකිම්ද, (එවිට මම) සිටි වනයෙන් අන් වනයකටද ලැහැබින් ලැහැබටද බෑවුමෙන් බෑවුමටද ගොඩින් ගොඩටද පනිමි. ඊට හේතු කවරේද? ඔහු මා නොදකිත්වා, මමද ඔවුන් නොදකිම්වා කියා (සිතාගෙනය) ශාරීපුත්‍රය, මෙය උසස් විවේක ඇති බව වෙයි.
“ශාරීපුත්‍රය, ඒ මම නික්මුණු ගවයන් ඇති ගොපළුන් නැති යම් ඒ ගාල් වෙත්ද එහි චතුගුණ්ඩිකව (දෙදණ දෙවැළ මිටි බිම තබා) දෙනුන් වෙතට කිරිබීමට පැමිණෙන්නාවූ බාලවූ වස්සන්ගේ යම් ඒ ගොම ඇත්ද ඒ ගොම අනුභව කරමි. ශාරීපුත්‍රය, මළමුත්රකොට අවසානවීමට පෙර තමාගේම මළ මුත්‍ර ගෙන අනුභව කරමි. ශාරීපුත්‍රය, මෙය මාගේ විශේෂ මහත් භෝජනය වෙයි.
* ඒ තාපසයෝ වතුර බිංදු ගල්කැට ආදියත් කුඩා ප්‍රාණීන් මෙන් සලකති.
|
157
‘‘සො ඛො අහං, සාරිපුත්ත, අඤ්ඤතරං භිංසනකං වනසණ්ඩං අජ්ඣොගාහෙත්වා විහරාමි. තත්රාස්සුදං, සාරිපුත්ත, භිංසනකස්ස වනසණ්ඩස්ස භිංසනකතස්මිං හොති - යො කොචි අවීතරාගො තං වනසණ්ඩං පවිසති, යෙභුය්යෙන ලොමානි හංසන්ති. සො ඛො අහං, සාරිපුත්ත, යා තා රත්තියො සීතා හෙමන්තිකා අන්තරට්ඨකා හිමපාතසමයා
(අන්තරට්ඨකෙ හිමපාතසමයෙ (සී. පී.)) තථාරූපාසු රත්තීසු රත්තිං අබ්භොකාසෙ විහරාමි, දිවා වනසණ්ඩෙ; ගිම්හානං පච්ඡිමෙ මාසෙ දිවා අබ්භොකාසෙ විහරාමි, රත්තිං වනසණ්ඩෙ. අපිස්සු මං, සාරිපුත්ත, අයං අනච්ඡරියගාථා පටිභාසි පුබ්බෙ අස්සුතපුබ්බා -
‘‘සොතත්තො සොසින්නො
(සොසීනො (සී. පී. ක.), සොසිනො (ස්‍යා.), සොසින්දො (සද්දනීති)) චෙව, එකො භිංසනකෙ වනෙ;
නග්ගො න චග්ගිමාසීනො, එසනාපසුතො මුනී’’ති.
‘‘සො ඛො අහං, සාරිපුත්ත, සුසානෙ සෙය්යං කප්පෙමි ඡවට්ඨිකානි උපධාය. අපිස්සු මං, සාරිපුත්ත, ගාමණ්ඩලා
(ගොමණ්ඩලා (බහූසු) චරියාපිටකඅට්ඨකථා ඔලොකෙතබ්බා) උපසඞ්කමිත්වා ඔට්ඨුභන්තිපි, ඔමුත්තෙන්තිපි, පංසුකෙනපි ඔකිරන්ති, කණ්ණසොතෙසුපි සලාකං පවෙසෙන්ති. න ඛො පනාහං, සාරිපුත්ත, අභිජානාමි තෙසු පාපකං චිත්තං උප්පාදෙතා. ඉදංසු මෙ, සාරිපුත්ත, උපෙක්ඛාවිහාරස්මිං හොති.
|
157
“ශාරීපුත්‍රය, ඒ මම කිසියම් භයානකවූ වන ලැහැබකට පිවිස වෙසෙමි. ශාරීපුත්‍රය, ඒ භයානක වන ලැහැබෙහි භයානක කම මෙසේය. යම්කිසි වීතරාගී නොවූවෙක් (රාග සහිත කෙනෙක්) ඒ වන ලැහැබට ගියහොත් බොහෝසෙයින් ලොමු ඩැහගනිත්. ශාරීපුත්‍රය, ඒ මම පිනි වැටෙන කාලයවූ නවන් මැදින් දෙමස අතර අටදවසෙහිවූ හිම ඍතුවේ ශීතල අධිකවූ යම් ඒ රාත්‍රීහු වෙත්ද, එබඳු රාත්‍රීන්හි එළිමහනේ වාසය කරමි. දවල් වන ලැහැබෙහි වාසය කරමි. ග්‍රීෂ්ම ඍතුවේ අන්තිම මාසයෙහි දවල් එළිමහනේ වාසය කරමි. රාත්‍රියෙහි වන ලැහැබෙහි වාසය කරමි. ශාරීපුත්‍රය, මට පෙර නොඇසූ මේ ආශ්චර්යවූ ගාථාව වැටහිණ,
“ශුද්ධිය සෙවීමෙහි යෙදුනු ඒ මම උෂ්ණයෙන් අතිශයින් තැවුනේ සිහිලක් නොසෙවීමි. අතිශයින් සීතලවූ භයානක වනයෙහි තනියම නග්නව වාසය කරමිනුත් ගින්න වෙත නොගියෙමි.”
“ශාරීපුත්‍රය, ඒ මම සොහොනෙහි මිනී ඇට කොට්ට වශයෙන් තබා ශයනය කරමි. ශාරීපුත්‍රය, ගවපාලක දරුවෝ මා වෙත පැමිණ (ඇඟට) කැසි කාරා දමත්, මුත්‍රද කරත්. පස්ද වීසිකරත්, කන්සිදුරුවල ඉරටුගසත්, ශාරීපුත්‍රය, මම වනාහි ඔවුන් කෙරෙහි පවිටු සිතක් ඉපදවූ බවත් නොදනිමි. ශාරීපුත්‍රය, මෙය මාගේ උපෙක්ෂා විහරණයයි.
|
158
‘‘සන්ති
|
158
“ශාරීපුත්‍රය, ආහාරය කරණකොටගෙණ ශුද්ධියවේයයි කියන්නාවූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහුමය. ඔව්හු (අපි) ඩෙබරවලින් යැපෙමුයයි කියති. ඔව්හු ඩෙබරද කත්, ඩෙබර කූඩුද කත්, ඩෙබර මිරිකා ගත් දියද බොත්. ඩෙබරවලින් කළ නානාප්‍රකාරවූ ආහාරද අනුභව කරත්. ශාරීපුත්‍රය, මම වනාහි එකම ඩෙබර ඵලයක් ආහාර කොට ගත් බව දනිමි. ශාරීපුත්‍රය, ඒ කාලයේ ඩෙබර ගෙඩි බොහෝ ලොකුවට තිබෙන්නට ඇතැයි තොපට කල්පනා වෙනවාද, ශාරීපුත්‍රය, එසේ නොසිතිය යුතුය. එකල්හිද ඩෙබර ගෙඩිය අද තරම්ම විය.
“ශාරීපුත්‍රය, එකම ඩෙබර ඵලය ආහාරකොට ගන්නාවූ ඒ මාගේ ශරීරය අතිශයින් කෙට්ටු බවට පැමිණියේ වෙයි. ඒ ස්වල්ප ආහාරය ඇති බව නිසාම මගේ ශරීර අවයව අසූ අවුරුදු ගිය වැල් පුරුක් හෝ කලුවැල් පුරුක් හෝ යම්සේද එපරිද්දෙන්ම විය. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මාගේ නිසීදන මාංශය (තට්ටම) ඔටුවෙකුගේ කුරයක් යම්සේද එසේ විය. රැහැණින් අමුණනලද ලීවැටිය යම්සේද එපරිද්දෙන්ම ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මාගේ කොඳු ඇටය උඩට යටට නැමුනේ වෙයි. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මාගේ ඉළඇට දිරූ ශාලාවක පරාල යම්සේ උඩු යටිව කැඩී නැමුනාහු වෙත්ද එපරිද්දෙන්ම උඩු යටිව නැමී වැටුණාහු වෙත්. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මගේ ඇස්වල කළු ඉංගිරියා ගැඹුරු ලිඳක තාරකා ඡායා ගැඹුරට ගියාහු ඇතුළට කාවැදී දක්නාලැබෙත්ද එපරිද්දෙන්ම ගැඹුරට ගියාහු ඇතුළට පිවිසියාහු දක්නා ලැබෙත්. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මගේ ඉසේ හම අමුවෙන් කැපූ තිත්ත ලබු ගෙඩියක් අව්වෙන් හා සුළඟින් ඇකිළී මලානිකවී යන්නේ යම්සේද එපරිද්දෙන්ම ඇකිළී මලානික වූයේ වෙයි.
“ශාරීපුත්‍රය, ඒ මම බඩ අතගාන්නෙමියි පිටකොන්දම අතගාමි. පිටකොන්ද අතගාන්නෙමියි බඩම අතගාමි. (කවර හෙයින්ද?) ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මගේ බඬේ සම පිටකොන්දට ඇලී පැවති හෙයිනි.
“ශාරීපුත්‍රය, මම මළ හෝ මුත්‍ර හෝ පහ කරන්නෙමියි (වාඩිවූ කල) එහිම යටිකුරුව ඇදවැටෙමි. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාමය ශාරීපුත්‍රය, ඒ මම ඒ ශරීරය අස්වසන්නේ අතින් ශරීරාවයව පිරිමදිමි ශාරීපුත්‍රය, අතින් අවයව පිරිමදින්නාවූ ඒ මාගේ ශරීරයෙන් මුල් කුණුවූ ලොම් වැටෙත්. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාමය.
|
159
‘‘සන්ති ඛො පන, සාරිපුත්ත, එකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘ආහාරෙන සුද්ධී’ති. තෙ එවමාහංසු - ‘මුග්ගෙහි යාපෙම...පෙ.... තිලෙහි යාපෙම...පෙ.... තණ්ඩුලෙහි යාපෙමා’ති. තෙ තණ්ඩුලම්පි ඛාදන්ති, තණ්ඩුලචුණ්ණම්පි ඛාදන්ති, තණ්ඩුලොදකම්පි
‘‘තායපි ඛො අහං, සාරිපුත්ත, ඉරියාය තාය පටිපදාය තාය දුක්කරකාරිකාය නාජ්ඣගමං උත්තරිං මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං. තං කිස්ස හෙතු? ඉමිස්සායෙව අරියාය පඤ්ඤාය අනධිගමා, යායං අරියා පඤ්ඤා අධිගතා අරියා නිය්යානිකා, නිය්යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයාය.
|
159
“ශාරීපුත්‍රය, ආහාරය කරණකොට ගෙන ශුද්ධිය වේයයි කියන්නාවූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහුය. ඔවුහු අපි මුං ඇටවලින් යැපෙමුයයි කියති. ඔව්හු මුං ඇටද කත් මුං ඇට කුඩුද කත්. මුං ඇට තම්බාගත් දියද බොත්. මුං ඇටවලින් කළ නානාප්‍රකාරවූ ආහාර අනුභව කරත්. ශාරීපුත්‍රය, මම වනාහි එකම මුං ඇටයක් ආහාරකොට ගත් බව දනිමි. ශාරීපුත්‍රය, ඒ කාලයේ මුං ඇට මහත්ව තිබෙන්නට ඇතැයි තොපට කල්පනා වෙනවාද, ශාරීපුත්‍රය, එසේ නොසිතිය යුතුය, එකල්හිදු මුං ඇට අද තරම්ම විය.
“ශාරීපුත්‍රය, එකම මුං ඇටයක් ආහාර කොට ගන්නාවූ ඒ මාගේ ශරීරය අතිශයින් කෙට්ටු බවට පැමිණියේ වෙයි. ඒ ස්වල්ප ආහාරය ඇති බව නිසාම මගේ ශරීර අවයව අසූ අවුරුදු ගිය වැල් පුරුක් හෝ කලුවැල් පුරුක් හෝ යම්සේද එපරිද්දෙන්ම විය. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මාගේ නිසීදන මාංශය (තට්ටම) ඔටුවෙකුගේ කුරයක් යම්සේද එසේ විය. ලණුවෙන් අමුණන ලද ලී වැටිය යම්සේද එපරිද්දෙන්ම ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මාගේ කොඳු ඇටය උඩට යටට නැමුනේ වෙයි. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මාගේ ඉළඇට දිරූ ශාලාවක පරාල යම්සේ උඩුයටිව කැඩී නැමුනාහු වෙත්ද එපරිද්දෙන් උඩුයටිව නැමී වැටුණාහු වෙත්. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මගේ ඇස්වළ කළු ඉංගිරියා ගැඹුරු ලිඳක තාරකා ඡායා ගැඹුරට ගියාහු ඇතුළට කාවැදී දක්නා ලැබෙත්ද එපරිද්දෙන්ම ගැඹුරට ගියාහු ඇතුළට පිවිසියාහු දක්නා ලැබෙත්. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මගේ ඉසේ හම අමුවෙන් කැපූ තිත්ත ලබු ගෙඩියක් අව්වෙන් හා සුළඟින් ඇකිළී මලානිකවී යන්නේ යම්සේද එපරිද්දෙන්ම ඇකිළී මලානික වූයේ වෙයි.
“ශාරීපුත්‍රය, ඒ මම බඩ අතගාන්නෙමියි පිටිකොන්දම අතගායි. පිටිකොන්ද අතගාන්නෙමියි. බඩම අතගාමි. (කවර හෙයින්ද?) ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මගේ බඬේ සම පිටකොන්දට ඇලී පැවති හෙයිනි.
“ශාරීපුත්‍රය, මම මළ හෝ මුත්‍ර හෝ පහ කරන්නෙමියි (වාඩිවූකල) එහිම යටිකුරුව ඇදවැටෙමි. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාමය. ශාරීපුත්‍රය, ඒ මම ඒ ශරීරය අස්වසන්නේ අතින් ශරීරාවයව පිරිමදිමි. ශාරීපුත්‍රය, අතින් අවයව පිරිමදින්නාවූ ඒ මාගේ ශරීරයෙන් මුල්කුණුවූ ලොම් වැටෙත්. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාමය.
“ශාරීපුත්‍රය, ආහාරය කරණකොට ගෙන ශුද්ධිය වේයයි කියන්නාවූ ඇතැම් මහණබමුණෝ ඇත්තාහුය. ඔවුහු අපි තලවලින් යැපෙමුයයි කියති. ඔවුහු තලද කත්. තල කුඩුද කත්. තල මිරිකා ගත් දියද බොත්. තලවලින් කළ ආහාරද අනුභව කරත්. ශාරීපුත්‍රය, මම වනාහි එකම තල ඇටයක් ආහාර කොට ගත් බව දනිමි. ශාරීපුත්‍රය, ඒ කාලයේ තල ඇට බොහෝ ලොකුවට තිබෙන්නට ඇතැයි තොපට කල්පනා වෙනවාද, ශාරීපුත්‍රය, එසේ නොසිතිය යුතුය. එකල්හිදු තල ඇට අද තරම්මය.
“ශාරීපුත්‍රය, එකම තල ඇටය ආහාර කොට ගන්නාවූ ඒ මාගේ ශරීරය අතිශයින් කෙට්ටු වූයේ වෙයි. ඒ ස්වල්ප ආහාරය ඇති බව නිසාම මගේ ශරීර අවයව අසූ අවුරුදු ගිය වැල් පුරුක් හෝ කලුවැල් පුරුක් හෝ යම්සේද එපරිද්දෙන්ම විය. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මාගේ නිසීදන මාංශය (තට්ටම) ඔටුවකුගේ කුරයක් යම්සේද එසේ විය. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මාගේ කොඳුඇටය ලණුවකින් අමුණනලද ලී වැටිය යම්සේද එපරිද්දෙන්ම උඩට යටට නැමුනේ වෙයි. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මාගේ ඉළ ඇට දිරාගිය ශාලාවක පරාල යම්සේ උඩුයටිව කැඩී නැමුනාහු වෙත් ද එපරිද්දෙන් උඩුයටිව නැමී වැටුණාහු වෙත්. ඒ ස්වල්ප ආහාර ඇතිබව නිසාම මගේ ඇස්වල කළු ඉංගිරියා ගැඹුරු ලිඳක තාරකා ඡායාව ගැඹුරට ගියාහු ඇතුළට කාවැදී දක්නා ලැබෙත්ද එපරිද්දෙන්ම ගැඹුරට ගියාහු ඇතුළට පිවිසියාහු දක්නා ලැබෙත්. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මගේ ඉසේ හම අමුවෙන් කැපූ තිත්ත ලබුගෙඩියක් අව්වෙන් හා සුළඟින් ඇකිළී මලානිකවී යන්නේ යම්සේද එපරිද්දෙන්ම ඇකිළී මළානික වූයේ වෙයි.
“ශාරීපුත්‍රය, ඒ මම බඩ අතගාන්නෙමියි පිටිකොන්දම අතගාමි. පිටිකොන්ද අතගාන්නෙමියි. බඩම අතගාමි. (කවර හෙයින්ද?) ඒ ස්වල්ප ආහාර ඇතිබව නිසාම මගේ බඬේ සම පිටි කොන්දට ඇලී පැවතී හෙයිනි.
“ශාරීපුත්‍රය, මම මළ හෝ මුත්‍ර හෝ පහකරන්නෙමියි (වාඩිවූ කල) එහිම යටිකුරුව ඇදවැටෙමි. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාමය. ශාරීපුත්‍රය, මම ඒ ශරීරය අස්වසන්නේ අතින් ශරීරාවයව පිරිමදිමි. ශාරීපුත්‍රය, අතින් අවයව පිරිමදින්නාවූ ඒ මාගේ ශරීරයෙන් මුල් කුණුවූ ලොම් වැටෙත් ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාමය.
“ශාරීපුත්‍රය, ආහාරය කරණකොට ගෙන ශුද්ධිය වේයයි කියන්නාවූ ඇතැම් මහණබමුණෝ ඇත්තාහුය. ඔවුහු අපි සහල්වලින් යැපෙමුයයි කියති. ඔවුහු බත්ද කත් සහල් සුණුද කත්, සහල් මිරිකා ගත් දියද බොත්. සහල්වලින් කළ නානාප්‍රකාරවූ ආහාරද අනුභව කරත්. ශාරීපුත්‍රය මම වනාහි එකම සහල් ඇටයක් ආහාර කොට ගත් බව දනිමි. ශාරීපුත්‍රය, ඒ කාලයේ සහල් ඇට බොහෝ ලොකුවට තිබෙන්නට ඇතැයි තොපට කල්පනා වෙනවාද, ශාරීපුත්‍රය, එසේ නොසිතිය යුතුය. එකල්හිදු සහල් ඇටය අද තරම්ම විය.
“ශාරීපුත්‍රය, එකම සහල් ඇටයක් ආහාරකොට ගන්නාවූ ඒ මාගේ ශරීරය අතිශයින් කෙට්ටු වූයේ වෙයි. ඒ ස්වල්ප ආහාරය ඇති බව නිසාම මගේ ශරීර අවයව අසූ අවුරුදු ගිය වැල්පුරුක් හෝ කලු වැල්පුරුක් හෝ යම්සේද එපරිද්දෙන්ම විය ඒ ස්වල්ප ආහාර ඇතිබව නිසාම මාගේ නිසීදන මාංශය (තට්ටම) ඔටු කුරයක් යම්සේද එසේ විය. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මගේ කොඳුඇටය ලණුවකින් අමුණන ලද ලීවැටියක් සේ උඩට යටට නැමුනේ වෙයි. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මාගේ ඉළඇට දිරාගිය ශාලාවක පරාල යම්සේ උඩුයටිව කැඩී නැමුනාහු වෙත්ද එපරිද්දෙන් උඩු යටිව නැමී වැටුණාහු වෙත්. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මගේ ඇස්වල කළු ඉංගිරියා ගැඹුරු ලිඳක තාරකා ඡායා ගැඹුරට ගියාහු ඇතුළට කාවැදී දක්නා ලැබෙත්ද එපරිද්දෙන්ම ගැඹුරට ගියාහු ඇතුළට පිවිසියාහු දක්නා ලැබෙත්. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මගේ ඉසේ හම අමුවෙන් කැපූ තිත්ත ලබු ගෙඩියක් අව්වෙන් හා සුළඟින් ඇකිළී මලානිකවී යන්නේ යම්සේද එපරිද්දෙන්ම ඇකිළී මලානික වූයේ වෙයි.
“ශාරීපුත්‍රය, ඒ මම බඩ අතගාන්නෙමියි පිටිකොන්දම අතගාමි. පිටිකොන්ද අතගාන්නෙමියි බඩම අතගාමි. (කවර හෙයින්ද?) ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මගේ බඬේ සම පිටකොන්දට ඇලී පැවති හෙයිනි.
“ශාරීපුත්‍රය, මම මළ හෝ මුත්‍ර හෝ පහ කරන්නෙමියි (වාඩිවූවිට) එහිම යටිකුරුව ඇදවැටෙමි. ඒ ස්වල්ප ආහාර ඇතිබව නිසාමය. ශාරීපුත්‍රය, ඒ මම ඒ ශරීරය අස්වසන්නේ අතින් ශරීරාවයව අතගාමි. ශාරීපුත්‍රය, අතින් අවයව පිරිමදින්නාවූ ඒ මාගේ ශරීරයෙන් මුල් කුණුවූ ලොම් වැටෙත්. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාමය.
“ශාරීපුත්‍රය, මම ඒ පැවතුම්වලින්ද ඒ දුෂ්කරක්රියාවලින්ද මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්යභාවයක් ඇතිකිරීමට සමර්ථ විශේෂ නුවණක් නොලැබීමි. කවර හෙයින්ද යත්? දැන් මා විසින් ආර්යවූ නිවනට පමුණුවන්නාවූ, ඊට අනුව පිළිපදින්නාහුගේ දුක් කෙළවර කරන්නාවූ යම් ප්‍රඥාවක් අවබෝධ කරන ලද්දේ වේද ඒ ප්‍රඥාව අවබෝධ නොකළ බැවිනි.
|
160
‘‘සන්ති ඛො පන, සාරිපුත්ත, එකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘සංසාරෙන සුද්ධී’ති. න ඛො පන සො
(න ඛො පනෙසො (සී. ස්‍යා.)), සාරිපුත්ත, සංසාරො සුලභරූපො
‘‘සන්ති ඛො පන, සාරිපුත්ත, එකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘උපපත්තියා
‘‘සන්ති ඛො පන, සාරිපුත්ත, එකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘ආවාසෙන සුද්ධී’ති. න ඛො පන සො, සාරිපුත්ත, ආවාසො සුලභරූපො යො මයා අනාවුට්ඨපුබ්බො
(අනාවුත්ථපුබ්බො (සී. පී.)) ඉමිනා දීඝෙන අද්ධුනා, අඤ්ඤත්ර සුද්ධාවාසෙහි දෙවෙහි. සුද්ධාවාසෙ චාහං, සාරිපුත්ත, දෙවෙ ආවසෙය්යං, නයිමං ලොකං පුනරාගච්ඡෙය්‍යං.
‘‘සන්ති ඛො පන, සාරිපුත්ත, එකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘යඤ්ඤෙන සුද්ධී’ති. න ඛො පන සො, සාරිපුත්ත, යඤ්ඤො සුලභරූපො යො මයා අයිට්ඨපුබ්බො ඉමිනා දීඝෙන අද්ධුනා, තඤ්ච ඛො රඤ්ඤා වා සතා ඛත්තියෙන මුද්ධාවසිත්තෙන බ්රාහ්මණෙන වා මහාසාලෙන.
‘‘සන්ති ඛො පන, සාරිපුත්ත, එකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘අග්ගිපරිචරියාය සුද්ධී’ති. න ඛො පන සො, සාරිපුත්ත, අග්ගි සුලභරූපො යො මයා අපරිචිණ්ණපුබ්බො ඉමිනා දීඝෙන අද්ධුනා, තඤ්ච ඛො රඤ්ඤා වා සතා ඛත්තියෙන මුද්ධාවසිත්තෙන බ්රාහ්මණෙන වා මහාසාලෙන.
|
160
“ශාරීපුත්‍රය සසර සැරිසරීමෙන් ශුද්ධිය වේයයි කියන්නාවූ ඒ ලබ්ධිය ඇති ඇතැම් මහණ බමුණෝ ඇත්තාහුමය. ශාරීපුත්‍රය, මේ දීර්ඝකාලයෙහි සුද්ධාවාස දෙව්ලොව හැර මා විසින් නොවසන ලද සංසාරයක් නැත. ශාරීපුත්‍රය, මම ශුද්ධාවාස දෙව්ලොව හැසුරුනෙම් නම් මේ ලෝකයට නැවත නොඑන්නෙමි.
“ශාරීපුත්‍රය, බොහෝකොට ඉපදීමෙන් ශුද්ධිය වේයයි කියන්නාවූ ඒ ලබ්ධිය ඇති ඇතැම් මහණ බමුණෝ ඇත්තාහුමය. ශාරීපුත්‍රය, මේ දීර්ඝ කාලයෙහි ශුද්ධාවාස දෙව්ලොව හැර මා නූපන් උත්පත්තියක් නැත. ශාරීපුත්‍රය, ශුද්ධාවාස දෙව්ලොව ඉපදුනේ නම් මේ ලෝකයට නැවත නොඑන්නෙමි.
“ශාරීපුත්‍රය, බොහෝ කොට විසීමෙන් ශුද්ධිය වේයයි කියන්නාවූ ඒ ලබ්ධිය ඇති ඇතැම් මහණ බමුණෝ ඇත්තාහුමය. ශාරීපුත්‍රය මේ දීර්ඝකාලයෙහි ශුද්ධාවාස දෙවියන් හැර මා නොවිසූ සත්ත්වාවාසයක් නැත. ශාරීපුත්‍රය, මම ශුද්ධාවාස දෙව්ලොව විසූයෙම් නම් මේ ලෝකයට නැවත නොඑන්නෙමි. ශාරීපුත්‍රය බොහෝ යාග කිරීමෙන් ශුද්ධිය වේයයි කියන්නාවූ ඒ ලබ්ධිය ඇති ඇතැම් මහණ බමුණෝ ඇත්තාහුමය මේ දීර්ඝකාලයෙහි මා විසින් නොකරණ ලද යාගයත් සුලභ නොවේ. ඒ යාග කිරීමද අභිෂෙක කරණ ලද ක්ෂත්රිය රජවූ හෝ මහාසාර කුලවල බ්‍රාහ්මණවූ හෝ මා විසින් කරන ලදී.
“ශාරීපුත්‍රය, බොහෝකොට ගිනිදෙවියන් පිදීමෙන් ශුද්ධිය වේයයි කියන්නාවූ ඒ ලබ්ධිය ඇති ඇතැම් මහණ බමුණෝ ඇත්තාහුමය. මා විසින් නොපුදන ලද ඒ ගින්නත් සුලභ නොවේ. ඒ අග්නිපරිචරියාවද (ගිනි පූජාව) අභිෂෙක කරන ලද ක්ෂත්රිය රජවූ හෝ මහාසාර කුලවත් බ්‍රාහ්මණවූ හෝ මා විසින් කරන ලදී.
|
161
‘‘සන්ති ඛො පන, සාරිපුත්ත, එකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘යාවදෙවායං භවං පුරිසො දහරො හොති යුවා
|
161
“ශාරීපුත්‍රය, යම්තාක්කල් මේ පින්වත් පුරුෂතෙම කළුකෙස් ඇති යහපත් යෞවනයෙන් යුක්තවූ පළමුවෙනි වයසෙහි සිටි තරුණයෙක් වේද ඒතාක් කල් උතුම්වූ නුවණින් යුක්තවෙයි යම් කලක පටන් මේ පින්වත් පුරුෂතෙම ජරාවෙන් ජීර්ණවූයේද වැඩිසිටි අඟපසඟ ඇත්තේද මහලුද බොහෝ කල් ඉක්මවූයේද තුන්වන වයසට පැමිණියේ උත්පත්තියෙන් අසූවයස් ඇත්තේ හෝ අනූ වයස් ඇත්තේ හෝ සියක් වස් ඇත්තේ හෝ වේද එවිට ඒ උතුම් නුවණින් පිරිහේයයි, කියන්නාවූ ඒ ලබ්ධිය ඇත්තාවූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ.
“ශාරීපුත්‍රය, මේ කාරණය මෙසේ නොදත යුතුයි. ශාරීපුත්‍රය, මම වනාහි දැන් ජරාජීර්ණය, වැඩී සිටියෙමි. මහලු වෙමි. කල් ඉක්මවූයෙමි. තුන්වන වයසට පැමිණියෙමි. මාගේ අසූවැනි වයස පවතියි. ශාරීපුත්‍රය, මාගේ මේ ශාසනයෙහි වර්ෂ සියයක් ආයු ඇති වර්ෂ සියයක් ජීත්වන සුලු උතුම්වූ සිහියෙන් (පද දහසක් වුවත් එකවර ඇසූ පමණින් ඉගෙන ගැණීමට සමර්ථවූ) ගතියෙන්ද (උගත් දේ දැරීමෙන්ද දැරීම, හැදෑරීම ආදියෙහි) වීර්යයෙන්ද, උතුම්වූ ප්‍රඥා ව්‍යක්ත භාවයෙන්ද යුක්තවූ ශ්‍රාවකයෝ සතරදෙනෙක් වෙත්ද, ශාරීපුත්‍රය, බොහෝ කල් උගත් ශිල්ප ඇති පළපුරුද්ද ඇති රාජකුලාදියෙහි දැක්වූ ශිල්ප ඇති දෙදහසකගේ බල ඇති දුනු දරන්නෙක් තෙම සැහැල්ලු ඊයකින් කිසි අමාරුවක් නැතිව එක්වියත් සතරඟුල් පමණ තල් සෙවන සරස ඉක්මවන්නේද මෙසේ ඉතා සිහි ඇත්තාවූ ඉතා ප්‍රඥා ඇත්තාවූ අධික වීර්ය ඇත්තාවූ ප්‍රඥාව සම්බන්ධ උතුම් ව්‍යක්තභාවයෙන් යුක්තවූ ඒ ශ්‍රාවකයෝ සතරදෙන සතර සතිපට්ඨානයන් අතුරෙන් එකිනෙක ගෙන මා ප්‍රශ්න විචාරන්නාහුද විචාළ විචාළ දෙය මම ඔවුන්ට ප්‍රකාශ කරන්නෙමි. මා විසින් ප්‍රකාශ කරන ලද්ද ප්‍රකාශකරන ලද්ද වශයෙන් ඔව්හු දරන්නාහුය. දෙවැනි වරක් මා නොවිචාරන්නාහුය. (මෙසේ) කෑම බීම ආදිය සඳහා යන කාලය මළමුත්‍ර පහකිරීම සඳහා යන කාලය නිදිමත ක්ලාන්ත ගතිය හැරගන්නා කාලය (යන මේවා) හැර (අවශෙෂ සියලු කාලයෙහි ප්‍රශ්න විචාළත්) ශාරීපුත්‍රය තථාගතයන්ගේ ධර්ම දෙනාව නොඅඩුවන්නෙමැයි තථාගතයන් වහන්සේගේ ධර්මපදයන්ගේ වැටහීම නොඅඩුවමය. තථාගතයන් වහන්සේගේ ප්‍රශ්න වැටහීම නොඅඩුවන්නේ මැයි.
ඉක්බිති වර්ෂ සියයක් ආයු ඇති වර්ෂ සියයක් ජීවත්වන සුලු ඒ මාගේ ශ්‍රාවකයෝ සතරදෙන වර්ෂ සියයක් ඉක්මීමෙන් කලුරිය කරන්නාහුද? ශාරීපුත්‍රය, මා දුර්වලකාලයක ඇඳක තබාගෙන හැසිරෙන්නාහුද (එකලද) තථාගතයන් වහන්සේගේ ප්‍රඥාව පිළිබඳ ව්‍යක්ත භාවයෙහි වෙනස් බවක් නොම ඇත්තේ මැයි.
“ශාරීපුත්‍රය, යමෙකු සඳහා “නුමුළා ස්වභාව ඇති සත්ත්වයෙක් තෙම ලෝකයෙහි බොහෝදෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සැප පිණිස උපන්නේය”යි යමෙක් හරියට කියන්නේ නම් ඒ වචනය මා සඳහාම “නුමුළා ස්වභාව ඇති සත්වයෙක් තෙම ලෝකයෙහි බොහෝදෙනාට වැඩ පිණිස බොහෝදෙනාට සැප පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සැප පිණිස උපන්නේය”යි හරියට කියන්නේය.
|
162
තෙන ඛො පන සමයෙන ආයස්මා නාගසමාලො භගවතො පිට්ඨිතො ඨිතො හොති භගවන්තං බීජයමානො. අථ ඛො ආයස්මා නාගසමාලො භගවන්තං එතදවොච - ‘‘අච්ඡරියං, භන්තෙ, අබ්භුතං, භන්තෙ! අපි හි මෙ, භන්තෙ, ඉමං ධම්මපරියායං සුත්වා ලොමානි හට්ඨානි. කොනාමො අයං, භන්තෙ, ධම්මපරියායො’’ති? ‘‘තස්මාතිහ ත්වං, නාගසමාල, ඉමං ධම්මපරියායං ලොමහංසනපරියායො ත්වෙව නං ධාරෙහී’’ති.
ඉදමවොච
|
162
එකල්හි නාගසමාල ආයුෂ්මත් තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පිටුපසෙහි භාග්‍යවතුන් වහන්සේට පවන් සලමින් සිටියේය. ඉක්බිති ඒ ආයුෂ්මත් නාගසමාල ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන්වහන්සේට ස්වාමීනි, ඉතා ආශ්චර්යයකි. ඉතා පුදුමයකි. මේ ධර්මදේශනාව අසා මාගේ ලොම්ඩැහැගත්හ. මේ ධර්ම ක්‍රමය කවර නාමයක් ඇත්තේදැයි සැලකෙළේය. එසේ නම් නාගසමාලා තොප මේ ධර්ම ක්‍රමය ලොමහංස ධර්ම ක්‍රමයයි දැනගනුවයි වදාළේය. සතුටුවූ නාගසමාල ස්ථවිරයන් වහන්සේ දේශනාවට සතුටු විය.
|
3. මහාදුක්ඛක්ඛන්ධසුත්තං | 3. මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය |
163
එවං
|
163
මා විසින් මෙසේ අසන ලදී. එක්කලක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අසල අනාථ පිණ්ඩික සිටුහු විසින් කරවා පූජාකරන ලද ජේතවන නම් ආරාමයෙහි වාසය කරති. එකල බොහෝ භික්ෂූහු පෙරවරු කාලයෙහි සිවුරු හැඳ පොරවා පාත්‍රයද සිවුරුද ගෙන සැවැත්නුවර පිණ්ඩපාතය පිණිස ගියාහුය. එකල ඒ භික්ෂූන්ට මේ සිත ඇතිවිය. තවම සැවැත්නුවර පිණ්ඩපාතය පිණිස හැසිරෙන්ට කල් වැඩිය. යම් හෙයකින් අපි ‘අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින්ගේ (ශාසනයෙන් පිට මහණවූවන්ගේ) ආරාමය යම් තැනකද එතනට පැමිණෙන්නෙමු නම් යහපතැයි කියායි.
එකල ඒ භික්ෂූහු අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින්ගේ ආරාමය යම් තැනකද එතනට පැමිණියාහුය. පැමිණ, ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් සමග සතුටුවූවාහුය. සතුටු විය යුතුවූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා එක පැත්තක හුන්නාහුය. ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ එක පැත්තක හුන්නාවූ ඒ භික්ෂූන්ට මෙසේ කීවාහුය. “ඇවැත්නි, ශ්‍රමණ ගෞතමතෙම කාමයන්ගේ නැති කිරීම (පණවයි) ප්‍රකාශ කරයි. අපිත් කාමයන්ගේ නැතිකිරීම ප්රකාශකරමු. ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙම රූපයන්ගේ නැතිකිරීම ප්‍රකාශ කරයි. අපිත් රූපයන්ගේ නැතිකිරීම ප්‍රකාශ කරමු. ඇවැත්නි, ශ්‍රමණ ගෞතමතෙම වේදනාවන්ගේ නැතිකිරීම ප්‍රකාශ කරයි. අපිත් වේදනාවන්ගේ නැතිකිරීම ප්‍රකාශ කරමු. ඇවැත්නි, මෙහි ශ්‍රමණ ගෞතමයන්ගේ දේශනාවෙන් අපගේ දේශනාවෙහි හෝ අනුශාසනාවෙන් අපගේ අනුශාසනාවෙහි හෝ වෙනස කවරේද, වෙනස් අදහස කවරේද වෙනස් කාරණය කුමක්ද කියායි.
එවිට ඒ භික්ෂූහු ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින්ගේ වචනයට සතුටු නුවූහ, ඉවතද නොදැමූහ. සතුටුද නොවී, ඉවතද නොදමා භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහිදී මේ කථාවේ අර්ථය දැනගන්නෙමුයි හුන් ආසනයෙන් නැගිට පිටත්ව ගියාහුය.
|
164
අථ ඛො තෙ භික්ඛූ සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං - ‘‘ඉධ මයං, භන්තෙ, පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං
|
164
එකල ඒ භික්ෂූහු සැවැත්නුවර පිණ්ඩපාතය පිණිස හැසිර සවස් කාලයෙහි පිණ්ඩාපතයෙන් වැළකුනාහු, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතනට පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකපැත්තක උන්නාහුය. එක පැත්තක හුන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ දැන්නුවෝය. “ස්වාමීනි, මේ දවසෙහි අපි පෙරවරු කාලයෙහි සිවුරු හැඳ පොරවා පාත්‍රාද සිවුරුද ගෙන සැවැත්නුවර පිණ්ඩපාතය පිණිස ගියෙමු. ස්වාමීනි, එකල අපට මේ සිත ඇතිවිය. තවම සැවැත්නුවර පිණ්ඩපාතය පිණිස හැසිරෙන්ට කල් වැඩිය. යම්හෙයකින් අපි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින්ගේ ආරාමය යම් තැනකද එතනට පැමිණෙන්නෙමු නම් යහපතැයි’ කියායි.
එකල අපි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින්ගේ ආරාමය යම් තැනකද එතනට පැමිණියෙමු. පැමිණ ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් සමග සතුටු වුනෙමු. සතුටු විය යුතුවූ සිහිකටයුතුවූ කථා කොට නිමවා එක පැත්තක උන්නෙමු. ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ එක පැත්තක උන්නාවූ අපට මෙසේ කීවාහුය. “ඇවැත්නි, ශ්‍රමණ ගෞතමතෙම. කාමයන්ගේ නැතිකිරීම ප්‍රකාශකරයි, අපිත් කාමයන්ගේ නැතිකිරීම ප්රකාශකරමු. ඇවැත්නි, ශ්‍රමණ ගෞතමතෙම රූපයන්ගේ නැතිකිරීම ප්‍රකාශකරයි, අපිත් රූපයන්ගේ නැතිකිරීම ප්‍රකාශ කරමු. ඇවැත්නි, ශ්‍රමණ ගෞතමතෙම වේදනාවන්ගේ නැතිකිරීම ප්‍රකාශකරයි, අපිත් වේදනාවන්ගේ නැතිකිරීම ප්රකාශකරමු, ඇවැත්නි, මෙහි ශ්‍රමණ ගෞතමයන්ගේ දේශනාවෙන් අපගේ ධර්මදේශනාවෙහි හෝ අනුශාසනාවෙන් අපගේ අනුශාසනාවෙහි හෝ වෙනස කවරේද? වෙනස් අදහස කවරේද? වෙනස් කාරණය කුමක්ද?” කියායි.
“ස්වාමීනි අප එකල්හි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින්ගේ කියමන සතුටින් පිළිගැනීමද නොකෙළෙමු. ඉවතද නොදැමීමු. සතුටුද නොවී ඉවතද නොදමා හුන් ආසනයෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ කියමනේ අර්ථය දැනගන්නෙමුයි” පිටත්ව ගියෙමු.
|
165
‘‘එවංවාදිනො, භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවමස්සු වචනීයා - ‘කො පනාවුසො, කාමානං අස්සාදො, කො ආදීනවො, කිං නිස්සරණං? කො රූපානං අස්සාදො, කො ආදීනවො, කිං නිස්සරණං? කො වෙදනානං අස්සාදො, කො ආදීනවො, කිං නිස්සරණ’න්ති? එවං පුට්ඨා, භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා න චෙව සම්පායිස්සන්ති, උත්තරිඤ්ච විඝාතං ආපජ්ජිස්සන්ති. තං කිස්ස හෙතු? යථා තං, භික්ඛවෙ, අවිසයස්මිං. නාහං තං, භික්ඛවෙ, පස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය යො ඉමෙසං පඤ්හානං වෙය්යාකරණෙන චිත්තං ආරාධෙය්ය, අඤ්ඤත්ර තථාගතෙන වා තථාගතසාවකෙන වා, ඉතො වා පන සුත්වා.
|
165
“මහණෙනි, මෙසේ කියන්නාවූ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ කියයුතු වන්නේය. (කෙසේද?) ඇවැත්නි, කාමයන්ගේ සැපය කවරේද? දෝෂය කවරේද? (කාමයන්ගෙන්) නික්මීම කවරේද? රූපයන්ගේ සැපය කවරේද? දෝෂය කවරේද? (රූපයන්ගෙන්) නික්මීම කවරේද? වේදනාවන්ගේ සැපය කවරේද? දෝෂය කවරේද? වේදනාවන්ගෙන් නික්මීම කවරේද? මහණෙනි, මෙසේ විචාරණ ලද්දාවූ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ සම්පූර්ණ කොට නොකියන්නාහ. මත්තෙහිද දුකට පැමිණෙන්නාහ. ඊට හේතු කවරේද? මහණෙනි, නොවැටහෙන දෙයෙහි ඒ එසේමය. මහණෙනි, තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු හෝ මේ ශාසනයෙන් ඇසුවෙකු හෝ හැර, (වෙන) යමෙක් මේ ප්රශ්නය විසඳීමෙන් සිත සතුටු කරන්නේද, එබඳු කෙනෙකු දෙවියන් සහිතවූ මරුන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ලෝකයෙහි දෙවි මිනිසුන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ ප්‍රජාවෙහි ඇති බව නුවණින් නොම දකිමි.
|
166
‘‘කො ච, භික්ඛවෙ, කාමානං අස්සාදො? පඤ්චිමෙ, භික්ඛවෙ, කාමගුණා. කතමෙ පඤ්ච? චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, සොතවිඤ්ඤෙය්යා සද්දා...පෙ.... ඝානවිඤ්ඤෙය්යා ගන්ධා
|
166
“මහණෙනි, කාමයන්ගේ සැපය කවරේද? මහණෙනි, කාමගුණයෝ මේ පසකි. කවර පසක්දයත්? චක්ඛු විඤ්ඤාණයෙන් (රූපය දැනගන්නා සිතින්) දත යුතුවූ, යහපත්වූ, සිත් අලවන්නාවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාවවූ ආශාව ඉපදීමට කරුණුවූ රූපාරම්මණයෝද යහපත්වූද කැමති වන්නාවූද මන වඩන්නාවුද ප්‍රියවූද ඇලීමෙන් යුක්තවූද ඇලිය යුත්තා වූද සොත විඤ්ඤාණයෙන් (ශබ්දය දැනගන්නා සිතින්) දත යුතුවූ ශබ්දයෝද, ඝාණවිඤ්ඤාණයෙන් (ගඳ සුවඳ දැනගන්නා සිතින්) දතයුතුවූ ගන්ධයෝද, ජිව්හාවිඤ්ඤාණයෙන් (රස දැනගන්නා සිතින්) දතයුතුවූ රසයෝද, කාය විඤ්ඤාණයෙන් (ස්පර්ශය දැනගන්නා සිතින්) දත යුතුවූ ස්පර්ශයෝද යන මොහු කාම ගුණ පසයි.
“මහණෙනි, මේ පංචකාම ගුණයන් යම් කායික සැපක් හෝ මානසික සැපක් උපදවයිද, මෙය කාමයන්ගේ සැපය වන්නේය.
|
167
‘‘කො ච, භික්ඛවෙ, කාමානං ආදීනවො? ඉධ, භික්ඛවෙ, කුලපුත්තො යෙන සිප්පට්ඨානෙන
‘‘තස්ස චෙ, භික්ඛවෙ, කුලපුත්තස්ස එවං උට්ඨහතො ඝටතො වායමතො තෙ භොගා නාභිනිප්ඵජ්ජන්ති. සො සොචති කිලමති පරිදෙවති උරත්තාළිං කන්දති, සම්මොහං ආපජ්ජති - ‘මොඝං වත මෙ උට්ඨානං, අඵලො වත මෙ වායාමො’ති. අයම්පි, භික්ඛවෙ, කාමානං ආදීනවො සන්දිට්ඨිකො දුක්ඛක්ඛන්ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.
‘‘තස්ස චෙ, භික්ඛවෙ, කුලපුත්තස්ස එවං උට්ඨහතො ඝටතො වායමතො තෙ භොගා අභිනිප්ඵජ්ජන්ති. සො තෙසං භොගානං ආරක්ඛාධිකරණං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති - ‘කින්ති මෙ භොගෙ නෙව රාජානො හරෙය්යුං, න චොරා හරෙය්යුං, න අග්ගි දහෙය්ය, න උදකං වහෙය්ය
(වාහෙය්ය (ක.)), න අප්පියා දායාදා හරෙය්යු’න්ති. තස්ස
|
167
“මහණෙනි, කාමයන්ගේ දෝෂය (විපත) කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි කුලපුත්‍ර තෙම යම්කිසි ශිල්පයකින් ජීවත් වෙයිද, එනම් රේඛා ශාස්ත්‍ර කීමෙන්, ගණන් තැබීමෙන් සංඛ්‍යාලේඛන ගැනීමෙන්, ගොවිකමින්, වෙළඳාමෙන්, ගව පාලනයෙන්, (රජුන්ට) උපස්ථාන කිරීමෙන්. රාජ භටයෙකු වීමෙන්, මෙයින් අන්‍යවූ (ඇත්, අස්) ශිල්පයකින්ද, (ජීවත්වනු සඳහා) සිතෙන් පෙළනු ලබන්නේ, උෂ්ණයෙන් පෙළනු ලබන්නේ, ඩැහැ ලේ බොන මැස්සෝය, මදුරුවෝය, සුළඟය අව්වය, සර්පයෝය යන මොවුන්ගේ ස්පර්ශයෙන් ගැටෙමින්, බඩගින්නෙන් හා පිපාසයෙන් මිරිකෙමින් ජීවිතය පවත්වයිද මහණෙනි, මෙයද කාමය හේතුකොට ගෙන, කාමය මුල් කරුණ කොට ගෙන, කාමය කරණකොට ගෙන, කාමය නිසා මෙලොවම වින්ද යුතුවූ ආදීනව රාශිය, දුක් රාශිය වන්නේය.
“මහණෙනි, මෙසේ වීර්ය කරන්නාවූ, උත්සාහ කරන්නාවූ ඒ කුලපුත්‍රයාහට ඒ වස්තු සම්පත් හොඳින් නොඋපදිද්ද නොලබත්ද හෙතෙම ඒකාන්තයෙන් මාගේ වීර්ය හිස්විය, මාගේ උත්සාහය නිෂ්ඵලවීයයි කියා ශොකවෙයි. වෙහෙස වෙයි වැලපෙයි. පපුවේ අත් ගසමින් හඬයි. සිහි නැති බවට පැමිණෙයි. මහණෙනි, මෙයද කාමය හේතුකොට, කාමය මුල් කාරණයකොට, කාමය කරණකොට කාමයන් නිසා මෙලොවදීම වින්දයුතුවූ ආදීනව රාශිය, දුක් රාශිය වන්නේය.
“මහණෙනි, මෙසේ වීර්ය කරන්නාවූ, උත්සාහකරන්නාවූ ඒ කුලපුත්‍රයාගේ ඒ සම්පත්තීහු උපදිත් ද ලබත්ද ඔහු ඒ ලැබූ සම්පත්තිය ආරක්ෂාකරනු පිණිස කයිනුත් සිතිනුත් දුක් විඳියි, කෙසේද? මාගේ මේ සම්පත්තිය රජවරු පැහැර නොගන්නාහු නම්, සොරු පැහැර නොගන්නාහු නම්, ගින්නෙන් නොදැවෙන්නේ නම් දියෙහි නොයානම්, අප්‍රියවූවෝ නොගන්නාහු නම් යෙහෙකැයි කියායි. මෙසේ රකින්නාවූ, පාලනය කරන්නාවූ, ඔහුගේ ඒ සම්පත්තීහු රජවරුද පැහැර ගනිත්, සොරුද පැහැර ගනිත්, ගින්නෙන් හෝ දැවෙයි, දියෙහි හෝ යයි. අප්‍රියවූවෝ හෝ ගනිති. මා විසින් යම් වස්තුවකුත් උපදවන ලද්දේවී ද එයද දැන් අපට නැතැයි ශොක කෙරෙයි. වෙහෙස වෙයි. වැලපෙයි. පපුවේ අත් ගසමින් හඬයි. සිහි නැති බවට පැමිණෙයි. මහණෙනි, කාමය හේතුකොට කාමය මුල් කරුණකොට, කාමය කරණකොට ගෙන, කාමය නිසා මෙලොවදීම වින්දයුතුවූ ආදීනව රාශිය, දුක් රාශිය වන්නේය.
|
168
‘‘පුන චපරං, භික්ඛවෙ, කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු රාජානොපි රාජූහි විවදන්ති, ඛත්තියාපි ඛත්තියෙහි විවදන්ති
‘‘පුන චපරං, භික්ඛවෙ, කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු අසිචම්මං ගහෙත්වා, ධනුකලාපං සන්නය්හිත්වා, උභතොබ්යූළ්හං සඞ්ගාමං පක්ඛන්දන්ති උසූසුපි ඛිප්පමානෙසු
‘‘පුන චපරං, භික්ඛවෙ, කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු අසිචම්මං ගහෙත්වා, ධනුකලාපං සන්නය්හිත්වා, අද්දාවලෙපනා
(අට්ටාවලෙපනා (ස්‍යා. ක.)) උපකාරියො පක්ඛන්දන්ති උසූසුපි ඛිප්පමානෙසු, සත්තීසුපි ඛිප්පමානාසු
|
168
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. කාමය හේතු කොට කාමය මුල් කරුණ කොට, කාමය කරණකොට ගෙන කාමය නිසා රජවරුද රජවරු සමග කලහ කරති. ක්ෂත්රියයෝද ක්ෂත්රියයන් සමග කලහ කරති. බමුණෝද බමුණන් සමග කලහ කරති. ගෘහපතියෝද ගෘහපතීන් සමග කලහ කරති. මවද පුතා සමග කලහ කරයි. පුතාද මව සමග කලහ කරයි. පියාද පුතා සමග කලහ කරයි. පුතාද පියා සමග කලහ කරයි. සහෝදරයාද සහෝදරයා සමග කලහ කරයි, සහෝදරයාද සහෝදරිය සමග කලහ කරයි. සහෝදරියද සහෝදරයා සමග කලහ කරයි. යහළුවාද යහළුවා සමග කලහ කරයි. ඔවුහු කෝලාහල, විරුද්ධකම්, විවාද යන මීට පැමිණියාහු එකිනෙකා අතින්ද පහරදෙති, කැට කැබලිතිවලින්ද පහර දෙති, පොලුවලින්ද පහර දෙති. (කඩු ආදී) ආයුධවලින්ද පහර දෙති. ඔවුහු එයින් මරණයටද පැමිණෙත්. මරණය සමාන දුකටද පැමිණෙත්. මහණෙනි, මෙයද කාමය හේතුකොට, කාමය මුල් කරුණකොට, කාමය කරණ කොටගෙන, කාමය නිසා මෙලොවදීම වින්දයුතුවූ ආදීනව රාශිය දුක් රාශිය වන්නේය.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. කාමය හේතුකොට, කාමය මුල් කරුණ කොට, කාමය කරණකොට ගෙන කාමය නිසා කඩුව හා පලිහ ගෙන දුන්න හා හියවුර (ඊතල දමන කොපුව) බැඳ දෙපසින් රැස්ව යුද්ධ භූමියට පනිති. ඊතල විඳින කල්හි, කඩු කරකවන කල්හි, එහි ඔවුහු ඊතලවලින්ද විදිනු ලබත්. අඩයටිවලින්ද විදිනු ලබත්. කඩුවෙන් හිස සිඳිනු ලබත්, ඔවුහු එහි මරණයටද පැමිණෙත්. මරණය සමාන දුකටද පැමිණෙත්. මහණෙනි, මෙයද කාමය හේතුකොට කාමය මුල් කරුණ කොට, කාමය කරණ කොට ගෙන, කාමය නිසාම මෙලොවදීම වින්දයුතුවූ ආදීනව රාශිය දුක් රාශිය වන්නේය.
|
169
‘‘පුන චපරං, භික්ඛවෙ, කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු සන්ධිම්පි ඡින්දන්ති, නිල්ලොපම්පි හරන්ති, එකාගාරිකම්පි කරොන්ති, පරිපන්ථෙපි තිට්ඨන්ති, පරදාරම්පි ගච්ඡන්ති. තමෙනං රාජානො ගහෙත්වා විවිධා කම්මකාරණා කාරෙන්ති - කසාහිපි තාළෙන්ති, වෙත්තෙහිපි තාළෙන්ති, අඩ්ඪදණ්ඩකෙහිපි තාළෙන්ති; හත්ථම්පි ඡින්දන්ති, පාදම්පි ඡින්දන්ති, හත්ථපාදම්පි
‘‘පුන චපරං, භික්ඛවෙ, කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු කායෙන දුච්චරිතං චරන්ති, වාචාය දුච්චරිතං චරන්ති, මනසා දුච්චරිතං චරන්ති. තෙ කායෙන දුච්චරිතං චරිත්වා, වාචාය දුච්චරිතං චරිත්වා, මනසා දුච්චරිතං චරිත්වා, කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති. අයම්පි, භික්ඛවෙ, කාමානං ආදීනවො සම්පරායිකො, දුක්ඛක්ඛන්ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.
|
169
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. කාමය හේතුකොට, කාමය මුල් කරුණකොට, කාමය කරණකොට ගෙන, කාමය නිසා ගෙවල් බිඳිති, ගම් පැහැරීමෙන් (වස්තුව) ගෙන යත්, ගෙයි වැසියන් පණපිටින් අල්වාගෙන වස්තුව පැහැර ගනිති. මංපැහැරීම (මංකොල්ලකෑම) කරති. පර ස්ත්‍රීන් දූෂ්යද කරති. ඒ සොරුන් රජවරු අල්වා නොයෙක් කම්කටොළු කරවත්, කසවලින් තලවත්, වේවැල්වලින් තලවත්, දෙකට පැලු (දෙරියන් පමණ) අඬුවලින් තළවත්, අත්ද කපත්, පයද කපත්, අත් පා සියල්ලමත් කපත්, කණත් කපත්, නාසයත් කපත්, කන් නාසාත් කපත්, බිලංගථාග්රික (ඉස්කබල ගලවා මොළය උතුරවමින් කරන) නම් වධය කරත්, සංඛමුණ්ඩික (හිසේ කෙස් හා සම ගලවා බොරළු ලා උලා සුදු කිරීම) නම් වධය දෙති, රාහු මුඛ (අඩුවෙන් කට අරවා එහි තුළ ගිනි දැල්වීම) නම් වධය දෙත්, ජෝතිමාලික (ශරීරය තෙල් රෙදිවලින් වෙලා ගිනි දැල්වීම) නම් වධය දෙත්, හත්ථපජ්ජොතික (අත්දෙකේ තෙල් රෙදි වෙලා ගිනි දැල්වීම) නම් වධය දෙත්, එරකවත්තික (බෙල්ලෙහි පටන් ඇස්වටය දක්වා හම ගලවා ඔහු ලවා පෑගවීම) නම් වධය දෙත්, චීරක වාසික (බෙල්ලෙහි පටන් තුනටිය දක්වා සම ගලවා තබා එතනින් පටන්ගෙන ඇස්වටය දක්වා සම ගලවා තැබීම) නම් වධය දෙත්, එණෙය්‍යක (දෙදන දෙවැලමිටිවල යවුල් ගසා වටකොට ගිනිතැබීම) නම් වධය දෙත්, බලිස මංසික (දෙපැත්තෙන් තුඩු ඇති බිලියෙන් ගසා මස් කැඩීම) නම් වධය දෙත්, කහාපණක (කහවනු සේ මස් කැපීම) නම් වධය දෙත්, ඛාරාපතච්ඡික (සිරුර සිදුරුකොට කාරම් දිය ඉසීම) නම් වධය දෙත්, පළිඝ පරිවත්තික (ඇලයකින් බිම හොවා කණෙහි යවුල් ගසා පය ගෙන කරකැවීම) නම් වධය දෙත්, පලාල පිඨික (සම නොබිඳෙන සේ ඇට මස් තළා පිදුරු වැටියක් සේ ඇකිලීම) නම් වධය දෙත්, රත්වූ තෙල් ඉසිත්, බල්ලන් ලවා කවත්, ජීවිතය තිබියදීම උලෙහි ඉඳුවත්, කඩුවෙන් හිස් සිඳිත්, ඔවුහු එහි මරණයටද පැමිණෙත්, මරණය සමාන දුකටද පැමිණෙත්. මහණෙනි, මෙයද කාමය හේතුකොට, කාමය මුල් කරුණකොට, කාමය කරණකොට ගෙන, කාමය නිසාම මෙලොවදීම වින්දයුතුවූ ආදීනව රාශිය, දුක් රාශිය වන්නේය. මෙයද කාමයන්ගේ දෝෂයකි.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. කාමය හේතුකොට, කාමය මුල් කරුණ කොට, කාමය කරණකොට ගෙන කාමය නිසා කයින් දුසිරිතෙහි හැසිරෙති, වචනයෙන් දුසිරිතෙහි හැසිරෙති, සිතින් දුසිරිතෙහි හැසිරෙති. ඔවුහු කයින් දුසිරිතෙහි හැසිර, වචනයෙන් දුසිරිතෙහි හැසිර, සිතින් දුසිරිතෙහි හැසිර, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් පහවූ නපුරු ගති ඇති නපුරුකොට වැටීමක් ඇත්තාවූ නිරයෙහි උපදිති. මහණෙනි, මෙය කාමය හේතු කොට, කාමය මුල් කරුණකොට, කාමය කරණකොට ගෙන, කාමය නිසා පරලොව වින්දයුතු ආදීනව රාශිය, දුක් රාශිය වන්නේය.
|
170
‘‘කිඤ්ච, භික්ඛවෙ, කාමානං නිස්සරණං? යො ඛො, භික්ඛවෙ, කාමෙසු ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං - ඉදං කාමානං නිස්සරණං.
‘‘යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා එවං
|
170
“මහණෙනි, කාමයන්ගේ නැතිකිරීම කවරේද? මහණෙනි, කාමයන්හි ආශාව මැඩ දුරුකිරීමක් වේද, ආශාව නැතිකිරීමක් වේද, මෙය කාමයන්ගෙන් නිදහස්වීමයි. මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙසේ කාමයන්ගේ සැපය සැපය වශයෙන්ද, දෝෂය දෝෂය වශයෙන්ද වෙන්වීම වෙන්වීම වශයෙන්ද තත්වූ පරිද්දෙන් නොදනිත්ද, ඔහු ඒකාන්තයෙන් තමා හෝ කාමයන් පහකරන්නේය. අන්‍යයෙකු යම්සේ පිළිපැදීමෙන් ඒ කාමයන් දුරුකරන්නේද ඒ ආකාරයෙන් සමාදන් කරවන්නේය. (යොදවන්නේය) යන මේ කාරණය විද්‍යමාන නොවෙයි, (සිදුනොවෙයි.)
“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙසේ කාමයන්ගේ සැපය, සැපය වශයෙන් ද දෝෂය දෝෂය වශයෙන්ද වෙන්වීම වෙන්වීම වශයෙන්ද තත්වූ පරිද්දෙන් දනිත්ද, ඔව්හු ඒකාන්තයෙන් තමා හෝ කාමයන් පහ කරන්නේය, අන්‍යයකු හෝ යම්සේ පිළිපැදීමෙන් ඒ කාමයන් පහකරන්නේද ඒ ආකාරයෙන් සමාදන් කරවන්නෝය. (යොදවන්නෝය) යන මේ කාරණය විද්‍යමාන වෙයි. (සිදුවෙයි.)
|
171
‘‘කො ච, භික්ඛවෙ, රූපානං අස්සාදො? සෙය්යථාපි, භික්ඛවෙ, ඛත්තියකඤ්ඤා වා බ්රාහ්මණකඤ්ඤා වා ගහපතිකඤ්ඤා වා පන්නරසවස්සුද්දෙසිකා වා සොළසවස්සුද්දෙසිකා වා, නාතිදීඝා නාතිරස්සා නාතිකිසා නාතිථූලා නාතිකාළී නාච්චොදාතා පරමා සා, භික්ඛවෙ, තස්මිං සමයෙ සුභා
‘‘කො ච, භික්ඛවෙ, රූපානං ආදීනවො? ඉධ, භික්ඛවෙ, තමෙව භගිනිං පස්සෙය්ය අපරෙන සමයෙන ආසීතිකං වා නාවුතිකං වා වස්සසතිකං වා ජාතියා, ජිණ්ණං ගොපානසිවඞ්කං
‘‘පුන චපරං, භික්ඛවෙ, තමෙව භගිනිං පස්සෙය්ය ආබාධිකං දුක්ඛිතං බාළ්හගිලානං, සකෙ මුත්තකරීසෙ පලිපන්නං සෙමානං
(සෙය්යමානං (ක.)), අඤ්ඤෙහි වුට්ඨාපියමානං, අඤ්ඤෙහි සංවෙසියමානං. තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, යා පුරිමා සුභා වණ්ණනිභා සා අන්තරහිතා, ආදීනවො පාතුභූතොති? ‘එවං, භන්තෙ’. අයම්පි, භික්ඛවෙ, රූපානං ආදීනවො.
|
171
“මහණෙනි, රූපයන්ගේ සැපය කවරේද? මහණෙනි, පසළොස් වයස් ඇත්තාවූ හෝ සොළොස් වයස් ඇත්තාවූ හෝ ඉතා උස් නොවූ, ඉතා මිටි නොවූ, ඉතා කෙට්ටු නොවූ, ඉතා මහත නොවූ, ඉතා කළු නොවූ, ඉතා සුදු නොවූ ක්ෂත්රිය කන්‍යාවක් හෝ බ්‍රාහ්මණ කන්‍යාවක් හෝ ගෘහපති කන්‍යාවක් හෝ යම්සේ වන්නීද, මහණෙනි, ඒ කාලයෙහි ශරීර වර්ණය යහපත් වේද? “ස්වාමීනි, එසේය” මහණෙනි, යම්හෙයකින් ඒ යහපත් ශරීර වර්ණය නිසා යම් කායික සැපක් හෝ මානසික සැපක් හෝ උපදීද, මෙය රූපයන්ගේ සැපය වේ.
“මහණෙනි, රූපයන්ගේ දෝෂය කවරේද? මහණෙනි, පසු කලෙකදී අසූවයස් ගියාවූ හෝ, අනූවයස් ගියාවූ හෝ සියක්වයස් ගියාවූ හෝ ජරාජීර්ණවූද, (මහලුවූද) ගොනැස්සක් (වකුටු යටලීයක්) සේ වක්වූ, කොන්ද මැදින් බිඳුනාවූ, සැරයටිය පිහිටකොට ඇති, වෙවුලමින් යන්නාවූ, රොගීවූ, තරුණ බව නැතිවූ දත් වැටුනු, කෙස් පැහුනු, හිසකෙස් සිඳුනු හිසේ තට්ටය පෑදුනු, ඇඟ රැලි වැටුනාවූ, ශරීරය කැලැල්වලින් කිලුටුවූ ඒ නැගනියම දක්නේද, මහණෙනි, ඒ කුමකැයි හඟින්නහුද, පෙරවූ යම් යහපත් වර්ණයක්වීද, එයම අතුරුදන්වී දෝෂය පහළ වූයේද? “ස්වාමීනි, එසේය.” මහණෙනි, මේත් රූපයන්ගේ දෝෂයයි.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. හටගත් ආබාධ ඇති, හටගත් දුක් ඇති, දැඩි ගිලන්වූ, තමන්ගේම මළමුත්‍රයෙහි වැටුණාවූ, එහිම සයනය කරන්නාවූ, අනුන් විසින් නැගිටුවනු ලබන්නාවූ, අනුන් විසින් හොවවනු (සයනය කරවනු) ලබන්නාවූ ඒ නැගනියම දක්නේද, මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? පෙරවූ යම් යහපත් වර්ණයක් වීද, එය අතුරුදන්වී දෝෂය පහළවීද? “ස්වාමීනි, එසේය” මහණෙනි, මේත් රූපයන්ගේ දෝෂයයි.
|
172
‘‘පුන චපරං, භික්ඛවෙ, තමෙව භගිනිං පස්සෙය්ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං - එකාහමතං වා ද්වීහමතං වා තීහමතං වා, උද්ධුමාතකං විනීලකං විපුබ්බකජාතං. තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, යා පුරිමා සුභා වණ්ණනිභා සා අන්තරහිතා, ආදීනවො පාතුභූතොති? ‘එවං, භන්තෙ’. අයම්පි, භික්ඛවෙ, රූපානං ආදීනවො.
‘‘පුන චපරං, භික්ඛවෙ, තමෙව භගිනිං පස්සෙය්ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං - කාකෙහි වා ඛජ්ජමානං, කුලලෙහි වා ඛජ්ජමානං, ගිජ්ඣෙහි වා ඛජ්ජමානං, කඞ්කෙහි වා ඛජ්ජමානං, සුනඛෙහි වා ඛජ්ජමානං, බ්‍යග්ඝෙහි වා ඛජ්ජමානං, දීපීහි වා ඛජ්ජමානං, සිඞ්ගාලෙහි වා ඛජ්ජමානං, විවිධෙහි වා පාණකජාතෙහි ඛජ්ජමානං. තං කිං මඤ්ඤථ, භික්ඛවෙ
‘‘පුන චපරං, භික්ඛවෙ, තමෙව භගිනිං පස්සෙය්ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං - අට්ඨිකසඞ්ඛලිකං සමංසලොහිතං න්හාරුසම්බන්ධං, අට්ඨිකසඞ්ඛලිකං
‘‘පුන චපරං, භික්ඛවෙ, තමෙව භගිනිං පස්සෙය්ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං - අට්ඨිකානි සෙතානි සඞ්ඛවණ්ණපටිභාගානි, අට්ඨිකානි පුඤ්ජකිතානි තෙරොවස්සිකානි, අට්ඨිකානි පූතීනි චුණ්ණකජාතානි. තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, යා පුරිමා සුභා වණ්ණනිභා සා අන්තරහිතා, ආදීනවො පාතුභූතොති? ‘එවං, භන්තෙ’. අයම්පි, භික්ඛවෙ, රූපානං ආදීනවො.
‘‘කිඤ්ච, භික්ඛවෙ, රූපානං නිස්සරණං? යො, භික්ඛවෙ, රූපෙසු ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං - ඉදං රූපානං නිස්සරණං.
‘‘යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා එවං රූපානං අස්සාදඤ්ච අස්සාදතො ආදීනවඤ්ච ආදීනවතො නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං නප්පජානන්ති තෙ වත සාමං වා රූපෙ පරිජානිස්සන්ති, පරං වා තථත්තාය සමාදපෙස්සන්ති යථා පටිපන්නො රූපෙ පරිජානිස්සතීති - නෙතං ඨානං විජ්ජති. යෙ ච ඛො කෙචි, භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා එවං රූපානං අස්සාදඤ්ච අස්සාදතො ආදීනවඤ්ච ආදීනවතො නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං පජානන්ති තෙ වත සාමං වා රූපෙ පරිජානිස්සන්ති පරං වා තථත්තාය සමාදපෙස්සන්ති යථා පටිපන්නො රූපෙ පරිජානිස්සතීති
|
172
“මහණෙනි, මැරී එක් දවසක්වූද, මැරී දෙදවසක්වූද, මැරී තුන් දවසක්වූද ඉදිමී ගියාවූද, තද නිල් පැහැවූද, හටගත් පූයා (සැරව) ඇත්තාවූද සොහොනෙහි දමන ලද මළ සිරුරක්වූ ඒ නැගනියම දක්නේද, මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? පෙරවූ යම් යහපත් වර්ණයක් වීද, එය අතුරුදන්වී දෝෂය පහළවීද? “ස්වාමීනි එසේය” මහණෙනි, මෙයද රූපයන්ගේ දෝෂයයි.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. කපුටන් විසින් කඩා කනුලබන්නාවූ, උකුස්සන් විසින් කඩා කනුලබන්නාවූ, ගිජුලිහිණියන් විසින් කඩා කනුලබන්නාවූ, බල්ලන් විසින් කඩා කනුලබන්නාවූ, සිවලුන් විසින් කඩා කනුලබන්නාවූ, නොයෙක් කුඩා සතුන් විසින් කඩා කනුලබන්නාවූ සොහොනෙහි දමන ලද මළ සිරුරක්වූ ඒ නැගනියම දක්නේද මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? පෙරවූ යම් යහපත් වර්ණයක් වීද එය අතුරුදන්වී දෝෂය පහළවීද “ස්වාමීනි, එසේය” මහණෙනි, මෙයද රූපයන්ගේ දෝෂයයි.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මස් ලේ සහිතවූ නහරින් බැඳුනාවූ, ඇටසැකිල්ලක්වූ සොහොනෙහි දමනලද මළසිරුරක්වූ ඒ නැගනියම දක්නේද, මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? පෙරවූ යම් යහපත් වර්ණයක් වීද එය අතුරුදන්වී දෝෂය පහළවීද? “ස්වාමීනි එසේය” මහණෙනි, මෙයද රූපයන්ගේ දෝෂයයි.
මස් නැති, ලෙයින් තැවරුනාවූ, නහරින් බැඳුනාවූ, ඇටසැකිල්ලක්වූ සොහොනෙහි දමනලද මළ සිරුරක්වූ ඒ නැගනියම දක්නේද, මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? පෙරවූ යම් යහපත් වර්ණයක් වීද එය අතුරුදන්වී දෝෂය පහළවීද? “ස්වාමීනි එසේය” මහණෙනි, මෙයද රූපයන්ගේ දෝෂයයි.
මස් ලේ නැති, නහරින් බැඳුනාවූ ඇටසැකිල්ලක්වූ සොහොනෙහි දමන ලද මළ සිරුරක්වූ ඒ නැගනියම දක්නේද මහණෙනි, ඒ ඒ කුමකැයි සිතන්නහුද? පෙරවූ යම් යහපත් වර්ණයක් වීද, එය අතුරුදන්වී දෝෂය පහළවීද? ස්වාමීනි, එසේයි. මහණෙනි, මෙයද රූපයන්ගේ දෝෂයයි.
සම්බන්ධයෙන් (සන්දිවලින්) වෙන්වූ, දිසා අනුදිසාවන්හි විසුරුනු ඇට ඇති (හෙවත්) වෙන දිසාවක අත් ඇටද, වෙන දිසාවක පා ඇටද, වෙන දිසාවක කෙණ්ඩා ඇටද, වෙන දිසාවක කලවා ඇටද, වෙන දිසාවක කටි ඇටයද, වෙන දිසාවක කොඳු ඇටයද, වෙන දිසාවක හිස්කබලද වූ සොහොනෙහි දමන ලද මළ සිරුරක්වූ ඒ නැගනියම දක්නේද, මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? පෙරවූ යම් යහපත් වර්ණයක්වීද, එය අතුරුදන්වී දෝෂය පහළවීද? ස්වාමීනි, එසේය. මහණෙනි, මෙයද රූපයන්ගේ දෝෂයයි.
සක් ගෙඩියකට බඳු පැහැය ඇති, සුදුවූ, ඇට ඇති සොහොනෙහි දමනලද මළසිරුරක්වූ ඒ නැගනියම දක්නේද මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? පෙරවූ යම් යහපත් වර්ණයක්වීද, එය අතුරුදන්වී දෝෂය පහළවීද? “ස්වාමීනි එසේය” මහණෙනි, මෙයද රූපයන්ගේ දෝෂයයි.
අවුරුදු ගණන් ඉක්මගියාවූද, කැටිගැසුනාවූද, ඇට ඇති සොහොනෙහි දමන ලද මළ සිරුරක්වූ ඒ නැගනියම දක්නේද, කුණුවූ, සුනුවූ ඇට ඇති සොහොනෙහි දමනලද මළ සිරුරක්වූ ඒ නැගනියම දක්නේද? මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද, පෙරවූ යම් යහපත් වර්ණයක් වීද එය අතුරුදන්වී දෝෂය පහළවීද? “ස්වාමීනි, එසේය” මහණෙනි, මෙයද රූපයන්ගේ දෝෂයයි.
“මහණෙනි, රූපයන්ගෙන් නිදහස්වීම නම් කුමක්ද? මහණෙනි, රූපයන්හි ආශාව මැඩ පැවැත්වීමක් වේද, ආශාව නැති කිරීමක් වේද, මෙය රූපයන්ගෙන් නිදහස් වීමයි.
“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙසේ රූපයන්ගේ සැපය සැපය වශයෙන්ද දෝෂය දෝෂය වශයෙන්ද වෙන්වීම වෙන්වීම වශයෙන්ද තත්වූ පරිද්දෙන් නොදනිත්ද, ඔව්හු ඒකාන්තයෙන් තමා හෝ රූපය දුරු කරන්නේය. අන්‍යයකු හෝ යම්සේ පිළිපැදීමෙන් ඒ රූපයන් දුරුකරන්නේද එසේ සමාදන් කරවන්නෝය. (යොදවන්නෝය.) යන මේ කාරණය විද්‍යමාන නොවෙයි. (සිදුනොවෙයි)
“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙසේ රූපයන්ගේ සැපය සැපය වශයෙන්ද, දෝෂය දෝෂය වශයෙන්ද වෙන්වීම වෙන්වීම වශයෙන්ද, තත්වූ පරිද්දෙන් දනිත්ද, ඔව්හු ඒකාන්තයෙන් තමා හෝ රූපයන් දුරුකරන්නේය, අනුන් හෝ ඒ පිණිස සමාදන් කරවන්නෝය. (යොදන්නෝය) යන මේ කාරණය විද්‍යමාන වෙයි. (සිදුවෙයි.)
|
173
‘‘කො ච, භික්ඛවෙ, වෙදනානං අස්සාදො? ඉධ, භික්ඛවෙ, භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. යස්මිං සමයෙ, භික්ඛවෙ, භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, නෙව තස්මිං සමයෙ අත්තබ්‍යාබාධායපි චෙතෙති, න පරබ්‍යාබාධායපි චෙතෙති, න උභයබ්‍යාබාධායපි
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං
|
173
“මහණෙනි, වේදනාවන්ගේ සැපය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව කාමයන්ගෙන් වෙන්ව අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක විචාර සහිතවූ, විවේකයෙන් උපන් ප්‍රීති සැපයෙන් යුක්තවූ ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කෙරේද?
“මහණෙනි, භික්ෂුව යම්කලෙක්හි කාමයන්ගෙන් වෙන්ව අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක විචාර සහිතවූ විවේකයෙන් උපන් ප්‍රීති සැපයෙන් යුක්තවූ ප්‍රථම ධ්‍යානයට සමවැද වාසය කෙරේද, ඒ කාලයෙහි තමන්ට වෙහෙස (දුක්) පිණිස උත්සාහ නොකරයි. අනුන්ට වෙහෙස (දුක්) පිණිස උත්සාහ නොකරයි. දෙකොටසටම වෙහෙස පිණිස උත්සාහ නොකරයි. ඒ කාලයෙහි නිදුක්වූම වේදනාව විඳියි. මහණෙනි, නිදුක් බවම කෙළවර කොට ඇති බව වේදනාවන්ගේ සැප යයි මම කියමි.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්ෂුව විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳවීමෙන් තමන්ගේ සිතෙහි යහපත් පැහැදීම ඇතිකරන්නාවූ, සිතේ එකඟ බව ඇති විතර්ක විචාර රහිතවූ, සමාධියෙන් උපන් ප්‍රීති සුවය ඇති, ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කෙරේද, තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කෙරේද, මහණෙනි, භික්ෂුව යම්කලෙක සැපය නැති කිරීමෙන්ද දුක නැති කිරීමෙන්ද, පළමුකොටම සොම්නස් දොම්නස් දෙදෙනාගේ දුරලීමෙන්ද දුක් නැත්තාවූ, සැප නැත්තාවූ උපෙක්ෂා සිහි පිරිසිදු බව ඇති චතුර්ථ ධ්‍යානයට පැමිණ වාසය කෙරේද, ඒ කාලයෙහි තමන්ට වෙහෙස පිණිස උත්සාහ නොකරයි. අනුන්ට වෙහෙස පිණිස උත්සාහ නොකරයි. දෙකොටසටම වෙහෙස පිණිස උත්සාහ නොකරයි. ඒ කාලයෙහි නිදුක්වූම වේදනාව විඳියි. මහණෙනි, නිදුක් බවම කෙළවර කොට ඇති බව වේදනාවන්ගේ සැප යයි මම කියමි.
|
174
‘‘කො ච, භික්ඛවෙ, වෙදනානං ආදීනවො? යං, භික්ඛවෙ, වෙදනා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා - අයං වෙදනානං ආදීනවො.
‘‘කිඤ්ච, භික්ඛවෙ, වෙදනානං නිස්සරණං? යො, භික්ඛවෙ, වෙදනාසු ඡන්දරාගවිනයො, ඡන්දරාගප්පහානං - ඉදං වෙදනානං නිස්සරණං.
‘‘යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා එවං වෙදනානං අස්සාදඤ්ච අස්සාදතො ආදීනවඤ්ච ආදීනවතො නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං නප්පජානන්ති, තෙ වත සාමං වා වෙදනං පරිජානිස්සන්ති, පරං වා තථත්තාය සමාදපෙස්සන්ති යථා පටිපන්නො වෙදනං පරිජානිස්සතීති - නෙතං ඨානං විජ්ජති. යෙ ච ඛො
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
|
174
“මහණෙනි, වේදනාවන්ගේ දෝෂය කවරේද? මහණෙනි, යම්හෙයකින් වේදනාවෝ නිත්‍ය නොවන්නාහුද, දුක් වූවාහුද, පෙරලෙන ස්වභාව ඇත්තාහුද, මේ ආකාරය වේදනාවන්ගේ දෝෂයයි මහණෙනි, වේදනාවන්ගේ නිදහස් වීම කවරේද? මහණෙනි, වේදනාවන් කෙරෙහි ආශාව මැඩ පැවැත්වීමක් වේද, ආශාව නැති කිරීමක් වේද, මෙය වේදනාවන්ගේ නිදහස් වීමයි.
“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙසේ වේදනාවන්ගේ සැපය සැපය වශයෙන්ද, දෝෂය දෝෂය වශයෙන්ද නිදහස්වීම නිදහස්වීම වශයෙන්ද තත්වූ පරිද්දෙන් නොදන්නේද, ඔව්හු ඒකාන්තයෙන් තුමූ හෝ වේදනාවන් දන්නෝය. අන්‍යයකු යම්සේ පිළිපැදීමෙන් ඒ වේදනාවන්ගේ තත්ත්වය දැනගනී නම් එසේ හෝ සමාදන් කරවන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවෙයි.
“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙසේ වේදනාවන්ගේ සැපය සැපය වශයෙන්ද, දෝෂය දෝෂය වශයෙන්ද නිදහස්වීම නිදහස්වීම වශයෙන්ද තත්වූ පරිද්දෙන් නොදන්නේද, ඔව්හු ඒකාන්තයෙන් තුමූ හෝ වේදනාවන් දන්නෝය. අන්‍යයෙකු යම්සේ පිළිපැදීමෙන් ඒ වේදනාවන්ගේ තත්ත්වය දැනගනී නම් එසේ හෝ සමාදන් කරවන්නෝය. යන මේ කාරණය විද්‍යමාන වෙයි.
භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළහ. භාග්‍යවතුන් වහන්සේගේ මේ දේශනාව ඇසූ භික්ෂූහු සතුටු වූහ.
|
4. චූළදුක්ඛක්ඛන්ධසුත්තං | 4. චූල දුක්ඛක්ඛන්ධ සූත්‍රය |
175
එවං
|
175
මා විසින් මේ සූත්‍රය මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් පුරයෙහිවූ නිග්‍රොධාරාමයෙහි වැඩ වාසය කරති. ඉක්බිති මහානාම ශාක්‍යතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකපැත්තක හුන්නේය. එකපැත්තක උන්නාවූ මහානාම ශාක්‍යතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
“ස්වාමීනි, මම බොහෝ කලක් මුළුල්ලෙහි ලෝභය සිත කෙලසන ධර්මයකි, ද්වේෂය සිත කෙලසන ධර්මයකි, මෝහය සිත කෙලෙසන ධර්මයකි කියා මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද ධර්මය දනිමි. ස්වාමිනි, මෙසේ භාග්‍යවතුන් වහන්සේ වදාළ පරිදි ලෝභය සිත කිළුටු කරන ධර්මයකි. ද්වේෂය සිත කිළුටු කරන ධර්මයකි, මෝහය සිත කිළුටු කරන ධර්මකියි මම දනිමි. එතකුදු වුවත් ඇතැම් කලෙක ලෝභ ධර්මයෝත් මාගේ සිත මැඩගෙන සිටිත්. ද්වේෂ ධර්මයෝද සිත මැඩගෙන සිටිත්. මෝහ ධර්මයෝද සිත මැඩගෙන සිටිත්. ස්වාමීනි, ඒ මට මෙබඳු අදහසක් වෙයි. යමක් හේතුකොට එක් කලෙක ලෝභ ධර්මයෝත් මාගෙ සිත මැඩගෙන සිටිත්ද, ද්වේෂ ධර්මයෝත් මාගේ සිත මැඩගෙන සිටිත්ද, මෝහ ධර්මයෝත් මාගේ සිත අල්වාගෙන සිටිත්ද, ඊට හේතුවූ කිනම් අධ්‍යාත්ම ධර්මයක් මා විසින් පහනොකරන ලද්දේද කියායි.
|
176
‘‘සො එව ඛො තෙ, මහානාම, ධම්මො අජ්ඣත්තං අප්පහීනො යෙන තෙ එකදා ලොභධම්මාපි චිත්තං පරියාදාය තිට්ඨන්ති, දොසධම්මාපි චිත්තං පරියාදාය තිට්ඨන්ති, මොහධම්මාපි චිත්තං පරියාදාය තිට්ඨන්ති. සො ච හි තෙ, මහානාම, ධම්මො අජ්ඣත්තං පහීනො අභවිස්ස, න ත්වං අගාරං අජ්ඣාවසෙය්යාසි, න කාමෙ පරිභුඤ්ජෙය්යාසි. යස්මා ච ඛො තෙ, මහානාම, සො එව ධම්මො අජ්ඣත්තං අප්පහීනො තස්මා ත්වං අගාරං අජ්ඣාවසසි, කාමෙ පරිභුඤ්ජසි.
|
176
“මහානාමය, යමක් හේතු කොට ගෙන එක් කලෙක්හි ලෝභ ධර්මයෝත් තාගේ සිත මැඩගෙන සිටිත්ද, ද්වේෂ ධර්මයෝත් තාගේ සිත මැඩගෙන සිටිත්ද, මෝහ ධර්මයෝත් තාගේ සිත මැඩගෙන සිටිත්ද, ඒ අධ්‍යාත්ම ධර්මයම තොප විසින් පහනොකරන ලද්දේය. මහානාමය, ඒ ධර්මය තා විසින් පහකරන ලද්දේ නම් තෝ ගිහිගෙයි නොවසන්නෙහිය. කාමයන් පරිභොග නොකරන්නෙහිය. මහානාමය, යම් හෙයකින් ඒ ධර්මයම තොප විසින් පහනොකරන ලද්දේය. එහෙයින් නුඹ ගිහිගෙයි වසන්නෙහිය. කාමයන් සේවනය කරන්නෙහිය.
|
177
‘‘‘අප්පස්සාදා
‘‘මය්හම්පි ඛො, මහානාම
|
177
“කාමයෝ ස්වල්ප සැප ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ. දැඩි වෙහෙස ඇත්තාහ, මෙහි දෝෂය බොහෝ යයි, මහානාමය මෙසේ ආර්ය ශ්රාවකයා විසින් තතුසේ දක්නා ලද්දේ ද හෙතෙමේද කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම ප්‍රීති සැපය (ප්‍රථමධ්‍යාන) නොලබයිද ඊට වඩා අතිශයින් ශාන්තවූ (තෘතීය චතුර්ථ) ධ්‍යාන හෝ නොලබයි. එකල්හි හෙතෙම ඒතාක් කාමයන් පරිභොග නොකරන්නෙක් නොවෙයි.
“මහානාමය, යම්තැනක පටන් ආර්ය ශ්රාවකයා විසින් ඇතිසැටියෙන් විදර්ශනා නුවණින් හොඳින් දක්නා ලද්දේද, හෙතෙමේද කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම ප්‍රීතිසැපය ලබයි. එයින් අන්‍යවූ අතිශයින් ශාන්තවූ (අර්හත් ඵලය) ලබයි. එකල්හි හෙතෙම කාමයන් පරිභොග නොකරන්නෙක් වෙයි.
“මහානාමය, බුදුවන්නට පළමුකොටම බුදු නොවූ බෝසත්වූම මා විසින්ද කාමයෝ ස්වල්ප සැප ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ. දැඩි ආයාස ඇත්තාහ. මෙහි දෝෂයම බොහෝයයි මෙසේ මෙය ඇති සැටියෙන් යහපත් නුවණින් මනාව දක්නා ලද්දේය. ඒ මම කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම යම්තාක් ධ්‍යාන ප්‍රීතිසැපයට නොපැමිණියෙම්ද එයින් අන්‍යවූ අතිශයින් ශාන්තවූ ධ්‍යාන මාර්ග සැපයන්ට නොපැමිණියෙම්ද මම ඒතාක් කාමයන් පරිභොග නොකරන්නෙක්ම යයි නොකීමි.
“මහානාමය, යම් තැනක පටන් කාමයෝ ස්වල්ප සැප ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ. දැඩි ආයාස ඇත්තාහ. මෙහි ආදීනව බොහෝ යයි මෙසේ මා විසින් ඇති සැටියෙන් යහපත් නුවණින් හොඳින් දක්නා ලද්දේද ඒ මමද කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්වම ධ්‍යාන ප්‍රීති සැපයට පැමිණියෙම්ද එයින් අන්‍යවූ ශාන්තවූ ධ්‍යාන මාර්ග සැපයන්ට පැමිණියෙම්ද එකල්හි මම කාමයන් පරිභොග නොකරන්නෙක්මියි ප්‍රතිඥා කෙළෙමි.
|
178
‘‘කො ච, මහානාම, කාමානං අස්සාදො? පඤ්චිමෙ, මහානාම, කාමගුණා. කතමෙ පඤ්ච? චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා; සොතවිඤ්ඤෙය්යා සද්දා...පෙ.... ඝානවිඤ්ඤෙය්යා ගන්ධා... ජිව්හාවිඤ්ඤෙය්යා රසා... කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා - ඉමෙ ඛො, මහානාම, පඤ්ච කාමගුණා. යං ඛො, මහානාම, ඉමෙ පඤ්ච කාමගුණෙ පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං - අයං කාමානං අස්සාදො.
‘‘කො ච, මහානාම, කාමානං ආදීනවො? ඉධ, මහානාම, කුලපුත්තො යෙන සිප්පට්ඨානෙන ජීවිකං කප්පෙති - යදි මුද්දාය යදි ගණනාය යදි සඞ්ඛානෙන යදි කසියා යදි වණිජ්ජාය යදි ගොරක්ඛෙන යදි ඉස්සත්ථෙන යදි රාජපොරිසෙන යදි සිප්පඤ්ඤතරෙන, සීතස්ස පුරක්ඛතො උණ්හස්ස පුරක්ඛතො ඩංසමකසවාතාතපසරීංසපසම්ඵස්සෙහි රිස්සමානො ඛුප්පිපාසාය මීයමානො; අයම්පි, මහානාම, කාමානං ආදීනවො සන්දිට්ඨිකො දුක්ඛක්ඛන්ධො කාමහෙතු කාමනිදානං
‘‘තස්ස
‘‘තස්ස චෙ, මහානාම, කුලපුත්තස්ස එවං උට්ඨහතො ඝටතො වායමතො තෙ භොගා අභිනිප්ඵජ්ජන්ති. සො තෙසං භොගානං ආරක්ඛාධිකරණං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති - ‘කින්ති මෙ භොගෙ නෙව රාජානො හරෙය්යුං, න චොරා හරෙය්යුං, න අග්ගි දහෙය්ය, න උදකං වහෙය්ය, න අප්පියා වා දායාදා හරෙය්යු’න්ති. තස්ස එවං ආරක්ඛතො ගොපයතො තෙ භොගෙ රාජානො වා හරන්ති, චොරා වා හරන්ති, අග්ගි වා දහති, උදකං වා වහති, අප්පියා වා දායාදා හරන්ති. සො සොචති කිලමති පරිදෙවති උරත්තාළිං කන්දති සම්මොහං ආපජ්ජති - ‘යම්පි මෙ අහොසි තම්පි නො නත්ථී’ති. අයම්පි, මහානාම, කාමානං ආදීනවො සන්දිට්ඨිකො දුක්ඛක්ඛන්ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.
‘‘පුන චපරං, මහානාම, කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු රාජානොපි රාජූහි විවදන්ති, ඛත්තියාපි ඛත්තියෙහි විවදන්ති, බ්රාහ්මණාපි බ්රාහ්මණෙහි විවදන්ති, ගහපතීපි ගහපතීහි විවදන්ති, මාතාපි පුත්තෙන විවදති, පුත්තොපි මාතරා විවදති, පිතාපි පුත්තෙන විවදති, පුත්තොපි පිතරා විවදති, භාතාපි භාතරා විවදති, භාතාපි භගිනියා විවදති, භගිනීපි භාතරා විවදති, සහායොපි සහායෙන විවදති. තෙ තත්ථ කලහවිග්ගහවිවාදාපන්නා අඤ්ඤමඤ්ඤං පාණීහිපි උපක්කමන්ති, ලෙඩ්ඩූහිපි උපක්කමන්ති, දණ්ඩෙහිපි උපක්කමන්ති, සත්ථෙහිපි උපක්කමන්ති. තෙ තත්ථ මරණම්පි නිගච්ඡන්ති, මරණමත්තම්පි දුක්ඛං
‘‘පුන චපරං, මහානාම, කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු අසිචම්මං ගහෙත්වා, ධනුකලාපං සන්නය්හිත්වා, උභතොබ්යූළ්හං සඞ්ගාමං පක්ඛන්දන්ති උසූසුපි ඛිප්පමානෙසු, සත්තීසුපි ඛිප්පමානාසු, අසීසුපි විජ්ජොතලන්තෙසු. තෙ තත්ථ උසූහිපි විජ්ඣන්ති, සත්තියාපි විජ්ඣන්ති, අසිනාපි සීසං
‘‘පුන චපරං, මහානාම, කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු අසිචම්මං
‘‘පුන චපරං, මහානාම, කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු සන්ධිම්පි ඡින්දන්ති, නිල්ලොපම්පි හරන්ති, එකාගාරිකම්පි
‘‘පුන චපරං, මහානාම, කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු කායෙන දුච්චරිතං චරන්ති, වාචාය දුච්චරිතං චරන්ති, මනසා දුච්චරිතං චරන්ති. තෙ කායෙන දුච්චරිතං චරිත්වා, වාචාය දුච්චරිතං චරිත්වා, මනසා දුච්චරිතං චරිත්වා, කායස්ස භෙදා පරං මරණා, අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති. අයම්පි, මහානාම, කාමානං ආදීනවො සම්පරායිකො
|
178
“මහානාමය, කාමයන්ගේ ආස්වාදය (රසවිඳීම) කවරේද? මහානාමය, කාම ගුණයෝ මේ පසකි. කවර පසක්ද යත්?
ඇසින් දතයුතුවූ යහපත්වූ, සිත් අලවන්නාවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමයෙන් යුක්තවූ ආශාව ඉපදීමට කරුණුවූ රූප (අරමුණු) වෙත්ද, කණින් දතයුතුවූ, යහපත්වූ, සිත් අලවන්නාවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමයෙන් යුක්තවූ ආශාව ඉපදීමට කරුණුවූ ශබ්දයෝ වෙත්ද, නාසයෙන් දතයුතුවූ යහපත්වූ සිත් අලවන්නාවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමයෙන් යුක්තවූ ආශාව ඉපදීමට කරුණුවූ ගන්ධයෝ වෙත්ද, දිවෙන් දතයුතුවූ යහපත්වූ සිත් අලවන්නාවූ, මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමයෙන් යුක්තවූ ආශාව ඉපදීමට කරුණුවූ රසයෝ වෙත්ද, කයින් දතයුතුවූ යහපත්වූ සිත් අලවන්නාවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ආශාව ඉපදීමට කරුණුවූ ස්පර්ශයෝ වෙත්ද යන මොහු කාම ගුණ පසයි.
“මහානාමය, මේ පඤ්චකාම ගුණයන් නිසා යම් කායික සැපක් හෝ මානසික සැපක් උපදීද, මෙය කාමයන්ගේ ආස්වාදය (රසවිඳීම) නම් වෙයි.
“මහානාමය, කාමයන්ගේ ආදීනව (දෝෂය) කවරේද? මහානාමය, මේ ලෝකයෙහි කුලපුත්‍රතෙම යම්කිසි ශිල්පකින් ජීවිකාව කරයිද, එනම්: රෙඛා ශාස්ත්‍ර කීමෙන්, ගණන් තැබීමෙන්, සංඛ්‍යා ලෙඛන තැබීමෙන්, ගොවිකමින්, වෙළඳාමෙන්, ගව පාලනයෙන්, (රජුන්ට) උපස්ථාන කිරීමෙන්, රාජ භටයෙකු වීමෙන්, මෙයින් අන්‍යවූ, (ඇත්, අස්, ආදී) ශිල්පයකින් (ජීවත්වනු සඳහා) සීතෙන් පෙළනු ලබන්නේ, උෂ්ණයෙන් පෙළනු ලබන්නේ ඩැහැ ලේ බොන මැස්සෝය, මදුරුවෝය, සුලඟය, අව්වය, සර්පයෝය යන මොවුන්ගේ ස්පර්ශයෙන් ගැටෙමින් බඩගින්නෙන් හා පිපාසයෙන් මිරිකෙමින් ජීවිතය පවත්වයි. මහානාමය, මෙලොවදීම විඳිය යුතුවූ මේ දුක් රාශිය කාමය හේතුකොට ගෙන කාමය මුල් කරුණු කොටගෙන, කාමය නිසා උපදින කාමයන්ගේ දෝෂයයි. මහානාමය, වීර්ය කරන්නාවූ ගැටෙන්නාවූ උත්සව කරන්නාවූ ඒ කුලපුත්‍රයාට ඒ භොගයෝ (වස්තුව) හොඳින් නොඋපදිත්ද, (අත්පත් නොවෙත්ද) හෙතෙම ඒකාන්තයෙන් මාගේ වීර්යය හිස්ය, මාගේ උත්සාහ නිෂ්ඵලයයි කියා ශොක වෙයි, වෙහෙස වෙයි, වැළපෙයි, පපුවේ අත් ගසමින් හඬයි, සිහි නැති බවට පැමිණෙයි. මහානාමය, මෙලොවදීම විඳිය යුතුවූ මේ දුක් රාශිය කාමය හේතුකොට කාමය මුල් කාරණයකොට, කාමය කරණකොට, කාමයන් නිසා උපදින කාමයන්ගේ දෝෂයයි.
“මහානාමය, මෙසේ වීර්යකරන්නාවූ ගැටෙන්නාවූ උත්සාහ කරන්නාවූ ඒ කුලපුත්‍රයාට ඒ සම්පත්තීහු සමෘද්ධ වෙත්ද, (දියුණු වෙත්ද) ඔහු ඒ සම්පත්තිය ආරක්ෂා කරණු පිණිස කය සිත යන දෙකින් දුක් විඳියි. කෙසේ නම් මාගේ මේ සම්පත්තිය රජවරු පැහැර නොගන්නාහුද, සොරු පැහැර නොගන්නාහුද ගින්නෙන් නොදැවෙන්නේද දියෙන් විනාශ නොවන්නේද, සතුරෝ නොගන්නාහුදැයි මෙසේ රකින්නාවූ පාලනය කරන්නාවූ ඔහුගේ ඒ සම්පත්තීහු රජවරු පැහැර ගනිත්. සොරුද පැහැර ගනිත් ගින්න හෝ දවයි. වතුර හෝ නසයි. අප්‍රියවූවෝ හෝ ගනිති. මා විසින් මේ වස්තුවකුත් උපදවන ලද්දේවේද, එයද අපට නැතැයි හෙතෙම ශොක කරයි. වෙහෙස වෙයි, වැළපෙයි, පපුවේ අත් ගසමින් හඬයි. සිහිනැති බවට පැමිණෙයි. මහානාමය මෙලොවදීම විඳිය යුතුවූ මේ දුක් රාසිය කාමය හේතුකොට, කාමය මුල් කරුණ කොට කාමය කරණකොටගෙණ කාමය නිසා උපදින කාමයන්ගේ දෝෂයයි.
“මහානාමය, නැවත අනිකක්ද කියමි. කාමය හේතුකොට කාමය මුල් කරුණ කොට කාමය කරණ කොට ගෙණ කාමය නිසා රජවරුද රජවරු සමග කලහ කරති. ක්ෂත්රියයෝද ක්ෂත්රියයන් සමග කලහ කරති. බමුණෝද බමුණන් සමග කලහ කරති. ගෘහපතියෝද ගෘහපතීන් සමග කලහ කරති, මවද පුතා සමග කලහ කරයි. පුතාද මව සමග කලහ කරයි. පියා ද පුතා සමග කලහ කරයි. පුතාද පියා සමග කලහ කරයි, සහෝදරයාද සහෝදරයා සමග කලහ කරයි. සහෝදරයාද සහෝදරිය සමග කලහ කරයි. සහෝදරිය සහෝදරයා සමග කලහ කරයි. යහළුවා යහළුවා සමග කලහ කරයි. ඔව්හු කෝලාහල, විරුද්ධකම්, විවාද යන මීට පැමිණියාහු එකිනෙකාට අතින්ද පහර දෙති. කැට කැබිලිතිවලින්ද පහර දෙති. පොලුවලින්ද පහර දෙති. (කඩු ආදී) ආයුධවලින්ද පහර දෙති ඔව්හු එයින් මරණයටද පැමිණෙත්. මරණය සමාන දුකටද පැමිණෙත් මහානාමය, මෙලොවදීම විඳියයුතුවූ මේ දුක් රාසිය කාමය හේතු කොට කාමය මුල් කරුණකොට කාමය කරණකොට ගෙන කාමය නිසා උපදිති. මෙයද කාමයන්ගේ දෝෂයයි.
“මහානාමය, නැවත අනිකක්ද කියමි. කාමය හේතුකොට කාමය මුල් කරුණ කොට කාමය කරණ කොට ගෙණ කාමය නිසා කඩුව හා පලිහ ගෙණ දුන්නා හා හියවුර (ඊතල දමන කොපුව) බැඳ දෙපසින් රැස්ව යුද්ධ භූමියට පනිති. ඊතල විදින කල්හි කඩු කරකවන කල්හි එහි ඔවුන්ට ඊතලවලින්ද විදිත්, අඩයටිවලින්ද අනිත්, කඩුවෙන් හිසද සිඳිත්, ඔව්හු එහි මරණයටද පැමිණෙත්, මරණය සමාන දුකටද පැමිණෙත්.
“මහානාමය, මෙලොවදීම විඳියයුතුවූ මේ දුක් රාසිය කාමය හේතුකොට කාමය මුල් කරුණ කොට ගෙන කාමය කරණකොට ගෙන කාමය නිසා උපදින කාමයන්ගේ දෝෂයයි.
“මහානාමය, නැවත අනිකක්ද කියමි. කාමය හේතුකොට, කාමය මුල් කරුණකොට, කාමය කරණ කොට ගෙන කාමය නිසා කඩුව හා පලිහ ගෙණ දුන්න හා හියවුර (ඊතල දමන කොපුව) බැඳ තෙත් මඩ තැවරූ පවුරු වළලු ලඟට පැනයෙත්, ඊතල විදින කල්හි, අඩයටි දමාගසන කල්හි, කඩු කරවන කල්හි, එහි ඔව්හු ඊතලවලින්ද විදිනු ලබත්, අඩයටිවලින්ද, විදිනු ලබත්. ලෝදියද ඉසිත්, (සත්දන්ත නම්) දණ්ඩෙන් මඩිත්, කඩුවෙන්ද හිස සිඳිත්, ඔව්හු එහි මරණයටද පැමිණෙත්, මරණය සමාන දුකටද පැමිණෙත්
“මහානාමය, මෙලොවදීම විඳිය යුතුවූ මේ දුක් රාසිය කාමය හේතු කොට කාමය මුල් කරුණකොට කාමය කරණ කොට ගෙන කාමය නිසා උපදින කාමයන්ගේ දෝෂයයි.
“මහානාමය, නැවත අනිකක්ද කියමි. කාමය හේතුකොට ගෙවල් බිඳිති. ගම් පැහැරීමෙන් (වස්තුව) ගෙන යති, ගෙයි වැසියන් පණපිටින් ගෙණ වස්තුව පැහැරගණිති, මං පැහැරීම (මංකොල්ලකෑම) කරති. පරස්ත්‍රීන් කරාද යති, (මෙසේ කරන) ඒ මේ සොරුන් රජවරු අල්වා නොයෙක් කම් කටුළු කරවත්. කසවලින්ද තලත්. වේවැල්වලින්ද තලත්, දෙකට පැලු (දෙරියන් පමණ) දඬුවලින්ද තලත්, අතද කපත්, පයද කපත්, අත් පා සියල්ලද කපත්, කණද කපත්, නාසයද කපත්, කන් නාසා ද කපත්, බිලංගථාලික (හිස් කබල ගලවා මොලය උතුරවමින් කරන) නම් වධය කරත්. සංඛමුණ්ඩික (හිසේ කෙස් හා සම ගලවා බොරළු ලා උලා සුදු කිරීම) නම් වධය කරත්. රාහුමුඛ (අඬුවෙන් කට අරවා එහි තුළ ගිනිදැල්වීම) නම් වධය කරත් ජෝතිමාලික (ශරීරය තෙල් රෙදිවලින් වෙලා ගිනි දැල්වීම) නම් වධය දෙත්, හත්ථපජ්ජොතික (අත්දෙකේ තෙල් රෙදි වෙලා ගිනි දැල්වීම) නම් වධය දෙත්, එරකවත්තික (බෙල්ලෙහි පටන් ඇස්වටය දක්වා හම ගලවා ඔහු ලවා පෑගවීම) නම් වධය දෙත්, වීරකවාසික (බෙල්ලෙහි පටන් තුනටිය දක්වා සම ගලවා තබා එතැනින් පටන්ගෙණ ඇස්වටය දක්වා සම ගලවා තැබීම) නම් වධය දෙත්, එණෙය්‍යක (දෙදන දෙවැලමිටිවල යවුල් ගසා වටකොට ගිනි කිරීම) නම් වධය යත්, බලිසමංසික (දෙපැත්තෙන් තුඩු ඇති බිලියෙන් ගසා මස් කැඩීම) නම් වධය දෙත්. කහාපණක (කහවණු සේ මස් කැපීම) නම් වධය දෙත්, ඛාරාපතච්ඡික (සිරුර සිදුරු කොට කාරම්දිය ඉසීම) නම් වධය දෙත්, පළිඝපරිවත්තික (ඇලයකින් බිම හොවා කණෙහි යවුල් ගසා පය ගෙණ කරකැවීම) නම් වධය දෙත්, පලාලපීඨික (සම නොබිඳෙන සේ ඇට මස් තලා පිදුරු වැටියක්සේ ඇකිලීම) නම් වධය දෙත්, රත්වූ තෙල් ඉසිත්, බල්ලන් ලවා කවත්, ජීවිතය තිබියදීම උලෙහි ඉඳුවත්, කඩුවෙන් හිස සිඳිත්, ඔව්හු එහි මරණයටද පැමිණෙත්, මරණය සමාන දුකටද පැමිණෙත්, මහානාමය, මෙලොවදීම විඳියයුතුවූ මේ දුක් රාසිය කාමය හේතුකොට, කාමය මුල් කරුණකොට, කාමය කරණකොට ගෙන කාමය නිසා ඇතිවන කාමයන්ගේ දෝෂයයි.
“මහානාමය, නැවත අනිකක්ද කියමි. කාමය හේතුකොට, කාමය මුල් කරුණ කොට, කාමය කරණකොට ගෙන කාමය නිසා කයින් දුසිරිතෙහි හැසිරෙති, වචනයෙන් දුසිරිතෙහි හැසිරෙති, සිතින් දුසිරිතෙහි හැසිරෙති, ඔව්හු කයින් දුසිරිතෙහි හැසිර වචනයෙන් දුසිරිතෙහි හැසිර, සිතින් දුසිරිතෙහි හැසිර, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් පහවූ නපුරු ගති ඇති නපුරු වැටීමක් ඇත්තාවූ නිරයෙහි උපදිති. මහානාමය, පරලොවදී විඳිය යුතුවූ මේ දුක් රාසිය කාමය හේතුකොට, කාමය මුල් කරුණ කොට කාමය කරණ කොට ගෙන, කාමය නිසා ඇතිවන කාමයන්ගේ දෝෂයයි.
|
179
‘‘එකමිදාහං, මහානාම, සමයං රාජගහෙ විහරාමි ගිජ්ඣකූටෙ පබ්බතෙ. තෙන ඛො පන සමයෙන සම්බහුලා නිගණ්ඨා
(නිගන්ථා (ස්‍යා. ක.)) ඉසිගිලිපස්සෙ කාළසිලායං
|
179
“මහානාමය, මම එක් කලෙක රජගහනුවර ගිජ්ජකූට නම්වූ පර්වතයෙහි වාසය කරමි. එකල්හි බොහෝවූ නිගණ්ඨයෝ, ඉසිගිලි පර්වතය අසලවූ කලුගල් තලාවෙහි උඩුකුරුව සිටියාහු ආසනවල වාඩි නොවන්නාහු උත්සාහයෙන් ඇතිකරගත් දුක්වූ තියුණුවූ වේදනාවන් විඳිත්. මහානාමය, එකල්හි මම සවස් කාලයෙහි, උතුම් පලසමවතින් නැගිටියේ ඉසිගිලි පර්වතය අසල කලුගල් තලාව යම් තැනෙක්හිද, ඒ නිගණ්ඨයෝ යම් තැනෙක්හිද එතැනට ගියෙමි. ගොස් නිගණ්ඨයන්ට මෙසේ කීයෙමි. ‘ඇවැත්නි, නිගණ්ඨයෙනි, තෙපි කුමකට උඩුකුරු වූවාහු අසුන්වල වාඩි නොවන්නාහු උත්සාහයෙන් ඇතිකරගත් තියුණුවූ වේදනාවෙන් විඳින්නාහුදැ’යි ඇසීමි.
“මහානාමය, මෙසේ කීකල්හි, ඒ නිගණ්ඨයෝ මට මෙසේ කීවාහුය. ‘ඇවැත්නි, නිගණ්ඨනාත පුත්‍රතෙම, හැසිරෙන්නා වූද, සිටින්නාවූද, නිදන්නාවූද, නිදි නැතිව සිටින්නාවූද මට සියල්ල දන්නාවූ, සියල්ල දක්නාවූ ඥාන දර්ශනය නිතරම එළඹ සිටියේයයි ප්‍රතිඥා කරයි. ඒ නිගණ්ඨනාත පුත්‍ර තෙම මෙසේ කියයි. නිගණ්ඨයෙනි, තෙපි සියලුදෙන විසින් කරන ලද පාපකර්ම ඇත්තේය. එය කටුකවූ මේ දුෂ්කර ක්‍රියාවෙන් දිරවව්. යම් හෙයකින් මෙහි දැන් කයින් සංවර වූවාහුද වචනයෙන් සංවර වූවාහුද සිතින් සංවර වූවාහුද ඒ සංවරය නම් මත්තෙහි විපාක දෙන්නාවූ පාපකර්ම නොකිරීමයි. මෙසේ පූර්ව කර්ම තපස් බලයෙන් තුනීකිරීමෙන් අළුත් කර්ම නොකිරීමෙන් මත්තෙහි කර්ම රැස්නොවීම වෙයි. කර්ම රැස්නොවීමෙන් කර්මයන්ගේ අවසන්වීම වෙයි. කර්ම අවසන් වීමෙන් දුක් කෙළවර වෙයි. දුක් කෙළවර වීමෙන් වේදනා කෙළවර වේ. වේදනාවන්ගේ කෙළවර වීමෙන් සියලු දුක් දිරූයේ වන්නේයයි (කියයි) අපට ඒ ක්‍රමය රුචිද වෙයි. කැමතිද වෙයි. එයින් අපි සතුටු වෙමු”යි (කීහ.)
|
180
‘‘එවං
‘‘‘ඉති කිර තුම්හෙ, ආවුසො නිගණ්ඨා, න ජානාථ - අහුවම්හෙව මයං පුබ්බෙ න නාහුවම්හාති, න ජානාථ - අකරම්හෙව මයං පුබ්බෙ පාපකම්මං න නාකරම්හාති, න ජානාථ - එවරූපං වා එවරූපං වා පාපකම්මං අකරම්හාති, න ජානාථ - එත්තකං වා දුක්ඛං නිජ්ජිණ්ණං, එත්තකං වා දුක්ඛං නිජ්ජීරෙතබ්බං, එත්තකම්හි වා දුක්ඛෙ නිජ්ජිණ්ණෙ සබ්බං දුක්ඛං නිජ්ජිණ්ණං භවිස්සතීති. න ජානාථ - දිට්ඨෙව ධම්මෙ අකුසලානං ධම්මානං පහානං, කුසලානං ධම්මානං උපසම්පදං. එවං සන්තෙ, ආවුසො නිගණ්ඨා, යෙ ලොකෙ ලුද්දා ලොහිතපාණිනො කුරූරකම්මන්තා මනුස්සෙසු
‘‘‘අද්ධායස්මන්තෙහි නිගණ්ඨෙහි සහසා අප්පටිසඞ්ඛා වාචා භාසිතා - න ඛො, ආවුසො ගොතම, සුඛෙන සුඛං අධිගන්තබ්බං, දුක්ඛෙන ඛො සුඛං අධිගන්තබ්බං; සුඛෙන චාවුසො ගොතම, සුඛං අධිගන්තබ්බං අභවිස්ස, රාජා මාගධො සෙනියො බිම්බිසාරො සුඛං අධිගච්ඡෙය්ය, රාජා මාගධො සෙනියො බිම්බිසාරො සුඛවිහාරිතරො ආයස්මතා ගොතමෙනා’’ති. අපි ච අහමෙව තත්ථ පටිපුච්ඡිතබ්බො - කො නු ඛො ආයස්මන්තානං සුඛවිහාරිතරො රාජා වා මාගධො සෙනියො බිම්බිසාරො ආයස්මා වා ගොතමො’ති? අද්ධාවුසො ගොතම, අම්හෙහි සහසා අප්පටිසඞ්ඛා වාචා භාසිතා, න ඛො, ආවුසො ගොතම, සුඛෙන සුඛං අධිගන්තබ්බං, දුක්ඛෙන ඛො සුඛං අධිගන්තබ්බං; සුඛෙන චාවුසො ගොතම, සුඛං අධිගන්තබ්බං අභවිස්ස, රාජා මාගධො සෙනියො බිම්බිසාරො සුඛං අධිගච්ඡෙය්ය, රාජා මාගධො සෙනියො බිම්බිසාරො සුඛවිහාරිතරො ආයස්මතා ගොතමෙනාති. අපි ච තිට්ඨතෙතං, ඉදානිපි මයං ආයස්මන්තං ගොතමං පුච්ඡාම - කො නු ඛො ආයස්මන්තානං සුඛවිහාරිතරො රාජා වා මාගධො සෙනියො බිම්බිසාරො ආයස්මා වා ගොතමො’ති?
‘‘‘තෙන
‘‘‘තං කිං මඤ්ඤථාවුසො නිගණ්ඨා, පහොති රාජා මාගධො සෙනියො බිම්බිසාරො, අනිඤ්ජමානො කායෙන, අභාසමානො වාචං, ඡ රත්තින්දිවානි...පෙ.... පඤ්ච රත්තින්දිවානි... චත්තාරි රත්තින්දිවානි... තීණි රත්තින්දිවානි... ද්වෙ රත්තින්දිවානි... එකං රත්තින්දිවං එකන්තසුඛං පටිසංවෙදී විහරිතු’න්ති? ‘නො හිදං, ආවුසො’.
‘‘‘අහං
ඉදමවොච භගවා. අත්තමනො මහානාමො සක්කො භගවතො භාසිතං අභිනන්දීති.
|
180
“මහානාමය මෙසේ කීකල්හි මම ඒ නිගණ්ඨයන්ට මෙසේ කීවෙමි. ඇවැත් නිගණ්ඨයෙනි, කිමෙක්ද? තෙපි පෙර අපි වීමුද, නොවීමුදැයි, දන්නහුද? ඇවැත්නි, අපි නොදන්නෙමු. කිමෙක්ද? ඇවැත්වූ නිගණ්ඨයෙනි, තෙපි පෙර පව්කම් කෙළෙමුද නොකෙළෙමුදැයි දන්නාහුද? ඇවැත්නි, නොදන්නෙමු. ඇවැත්නි, නිගණ්ඨයෙනි, අපි පෙර මෙබඳු මෙබඳුවූ පව්කම් කෙළෙමුයයි දන්නාහුද? ඇවැත්නි, නොදන්නෙමු. ඇවැත්නි, නිගණ්ඨයෙනි, කිමෙක්ද? තෙපි මෙපමණ දුක් දිරා ගියේය. මෙපමණ දුක් දිරවිය යුතුය, මෙපමණ දුක් දිරූ කල්හි සියලු දුක දිරූයේ වන්නේයයි දන්නහුද? ඇවැත්නි, නොදන්නෙමු. ඇවැත්නි, නිගණ්ඨයෙනි. කිමෙක්ද? තෙපි මේ ආත්මයෙහිම අකුශලධර්මයන් නැතිකිරීමද කුසල ධර්මයන් රැස්කිරීමද දන්නහුද? ඇවැත්නි, මෙය නොදන්නෙමු.
“නිගණ්ඨයෙනි, මෙසේ වනාහි තෙපි “පෙර අපි වීමුද, නොවීමුදැයි කියාත් නොදන්නහුය. අපි පෙර පව්කම් කෙළෙමුද, නොකෙළෙමුදැයි කියාත් නොදන්නහුය. අපි පෙර මෙබඳු මෙබඳුවූ පව්කම් කෙළෙමුයයි කියාත් නොදන්නහුය. මෙපමණ දුක් දිරුවේය. මෙපමණ දුක් දිරවිය යුතුය. මෙපමණවූ දුක් දිරූකල්හි සියලු දුක් දිරූයේ වන්නේයයි කියාත් නොදන්නහුය. මේ ආත්මයෙහි අකුසල ධර්මයන් නැතිකිරීම හා කුසල ධර්මයන් රැස්කිරීමත් නොදන්නහුය. ඇවැත්නි නිගණ්ඨයෙනි, මෙසේ ඇතිකල්හි මිනිසුන් අතර උපන් රෞද්‍රවූ ලේ තැවරුණ අත් ඇති ක්‍රෑර ක්‍රියා ඇති යම් මනුෂ්‍ය කෙනෙක් වෙත්ද, ඔව්හු නිගණ්ඨයන් අතර පැවිදි වෙතියයි (කීමි.)
“ඇවැත්නි, ගෞතමයෙනි, සැපයෙන් සැපය නොලැබිය හැකිය, දුකින්ම සැපය ලැබිය යුතුය. ඇවැත්නි, ගෞතමයෙනි, සැපයෙන් සැපය ලැබිය හැකි වන්නේ නම්, මගධ රටට අධිපති සෙනිය බිම්බිසාර රජතෙම සැප ලබන්නේය. ආයුෂ්මත් ගෞතමයන්ට වඩා මගධ රටට අධිපතිවූ සෙනිය බිම්බිසාර රජතෙම අතිශයින් සැප විහරණ ඇත්තේයයි (කීවාහුය.) ආයුෂ්මත් නිගණ්ඨයන් විසින් ඒකාන්තයෙන් වහා කරුණු නොසලකා, ඇවැත් ගෞතමයෙනි, සැපයෙන් සැපය නොලැබිය හැකිය. දුකින්ම සැපය ලැබිය යුතුය. ඇවැත් ගෞතමයෙනි, සැපයෙන් සැපය ලැබිය හැකි වන්නේ නම්, මගධ රටට අධිපති සෙනිය බිම්බිසාර රජතෙම සැප ලබන්නේය. ආයුෂ්මත් ගෞතමයන්ට වඩා මගධරටට අධිපති සෙනිය බිම්බිසාර රජතෙම අතිශයින් සැපවිහරණ ඇත්තේය යන වචනය කියනලදී, නොඑසේ නම් තොප විසින් ආයුෂ්මතුන් අතුරෙන් මගධ රටට අධිපති සේනා ඇති බිම්සර රජ වඩා සැප විහරණ ඇත්තේද ආයුෂ්මත් ගෞතම තෙමේ වඩා සැපවිහරණ ඇත්තේදැයි මගෙන්ම ඇසිය යුත්තේය.
“ඇවැත් ගෞතමයෙනි, අප විසින් “ඇවැත්නි ගෞතමයෙනි, සැපයෙන් සැපය නොලැබිය හැකිය. දුකින්ම සැපය ලැබිය යුතුය. ඇවැත්නි, ගෞතමයෙනි සැපයෙන් සැපය ලැබිය හැකි වන්නේ නම්, මගධ රටට අධිපති සෙනිය බිම්බිසාර රජතෙම සැපය ලබන්නේය. ආයුෂ්මත් ගෞතමයන්ට වඩා මගධ රටට අධිපතිවූ සෙනිය බිම්බිසාර රජතෙම අතිශයින් සැප විහරණ ඇත්තේය” යන වචනය එකාන්තයෙන්ම කරුණු නොසලකා වහා කියන ලද්දේය.
ඒ වචනය තිබේවා, දැන් අපි ආයුෂ්මත් ගෞතමයන්ගෙන් විචාරන්නෙමු. ‘මගධ රටට අධිපතිවූ සේනා ඇති බිම්බිසාර නම්වූ රජත් ආයුෂ්මත් ගෞතමයෝත් යන දෙදෙනා අතුරෙන් කවරෙක් අතිශයින් සැපවිහරණ ඇත්තේදැයි (අසමු.)
“ඇවැත්නි, නිගණ්ඨයෙනි, එසේ වීනම් එහිලා තොපම විචාරන්නෙමි. යම්සේ තොපට රුචිවේද, එසේ එය ප්‍රකාශ කරව්. ඇවැත්නි, නිගණ්ඨයෙනි, මගධෙශ්වරවූ සෙනිය බිම්බිසාර රජතෙම කයින් නොසෙල්වෙමින් වචනයක් නොකියමින් සත් රෑ දවාලක් මුළුල්ලෙහි නිරතුරු සැප විඳිමින් වාසය කරන්නට සමර්ථ වේද? නැත ඇවැත්නි, රෑ දාවල් සයක් වාසය කරන්ට හැකිවේද, රෑ දාවල් පහක් - රෑ දාවල් හතරක් - රෑ දාවල් තුනක් -රෑ දාවල් දෙකක් - රෑ දාවල් එකක් වාසය කරන්ට හැකිවේද, නැත ඇවැත්නි,
“ඇවැත්නි නිගණ්ඨයෙනි, මම වනාහි කයින් නොසෙල්වෙමින් වචනයක් නොකියමින් එක් රෑ දවාලක් මුළුල්ලෙහි එකාන්තයෙන් සැපවිඳිමින් වාසය කරන්ට පොහොසත් වෙමි. රෑ දාවල් දෙකක් - රෑ දාවල් තුනක් - රෑ දාවල් හතරක් - රෑ දාවල් පහක් - රෑ දාවල් හයක් - රෑ දාවල් හතක් - මුළුල්ලෙහි එකාන්තයෙන් සැප විඳිමින් වාසය කරන්ට සමර්ථවෙමි. (ඇවැත්නි) මෙසේ ඇතිකල්හි මගධෙශ්වරවූ සෙනිය බිම්බිසාරය, මමය යන අප දෙදෙනා අතුරෙන් කවරෙක් අතිශයින් සැපවිහරණ ඇත්තේදැයි සිතන්නහුද? මෙසේ ඇතිකල්හි ආයුෂ්මත් ගෞතම තෙමේම, මගධෙශ්වරවූ සෙනිය බිම්බිසාර රජුට වඩා අතිශයින් සැපවිහරණ ඇත්තේය”යි කීවාහුය.
මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ වදාළහ. සතුටුවූ මහානාම ශාක්‍ය රජතෙම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තේය.
|
5. අනුමානසුත්තං | 5. අනුමාන සූත්‍රය |
181
එවං
‘‘පවාරෙති
‘‘කතමෙ චාවුසො, දොවචස්සකරණා ධම්මා? ඉධාවුසො, භික්ඛු පාපිච්ඡො හොති, පාපිකානං ඉච්ඡානං වසං ගතො. යම්පාවුසො, භික්ඛු පාපිච්ඡො හොති, පාපිකානං ඉච්ඡානං වසං ගතො - අයම්පි ධම්මො දොවචස්සකරණො.
‘‘පුන චපරං, ආවුසො, භික්ඛු අත්තුක්කංසකො හොති පරවම්භී. යම්පාවුසො, භික්ඛු අත්තුක්කංසකො හොති පරවම්භී - අයම්පි ධම්මො දොවචස්සකරණො.
‘‘පුන චපරං, ආවුසො, භික්ඛු කොධනො හොති කොධාභිභූතො. යම්පාවුසො, භික්ඛු කොධනො හොති කොධාභිභූතො - අයම්පි ධම්මො දොවචස්සකරණො.
‘‘පුන චපරං, ආවුසො
‘‘පුන චපරං, ආවුසො, භික්ඛු කොධනො හොති කොධහෙතු අභිසඞ්ගී. යම්පාවුසො, භික්ඛු කොධනො හොති කොධහෙතු අභිසඞ්ගී - අයම්පි ධම්මො දොවචස්සකරණො.
‘‘පුන
‘‘පුන චපරං, ආවුසො, භික්ඛු චොදිතො
(චුදිතො (සී. ස්‍යා. පී.)) චොදකෙන චොදකං පටිප්ඵරති. යම්පාවුසො, භික්ඛු චොදිතො චොදකෙන චොදකං පටිප්ඵරති - අයම්පි ධම්මො දොවචස්සකරණො.
‘‘පුන
‘‘පුන චපරං
‘‘පුන චපරං, ආවුසො, භික්ඛු චොදිතො චොදකෙන අඤ්ඤෙනඤ්ඤං පටිචරති, බහිද්ධා කථං අපනාමෙති, කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. යම්පාවුසො, භික්ඛු චොදිතො චොදකෙන අඤ්ඤෙනඤ්ඤං පටිචරති, බහිද්ධා කථං අපනාමෙති, කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති - අයම්පි ධම්මො දොවචස්සකරණො.
‘‘පුන චපරං, ආවුසො, භික්ඛු චොදිතො චොදකෙන අපදානෙ
‘‘පුන චපරං, ආවුසො, භික්ඛු මක්ඛී හොති පළාසී. යම්පාවුසො, භික්ඛු මක්ඛී හොති පළාසී - අයම්පි ධම්මො දොවචස්සකරණො.
‘‘පුන චපරං, ආවුසො, භික්ඛු ඉස්සුකී හොති මච්ඡරී. යම්පාවුසො, භික්ඛු ඉස්සුකී හොති මච්ඡරී - අයම්පි ධම්මො දොවචස්සකරණො.
‘‘පුන චපරං, ආවුසො, භික්ඛු සඨො හොති මායාවී. යම්පාවුසො, භික්ඛු සඨො හොති මායාවී - අයම්පි ධම්මො දොවචස්සකරණො.
‘‘පුන
‘‘පුන චපරං, ආවුසො, භික්ඛු සන්දිට්ඨිපරාමාසී හොති ආධානග්ගාහී දුප්පටිනිස්සග්ගී. යම්පාවුසො, භික්ඛු සන්දිට්ඨිපරාමාසී හොති ආධානග්ගාහී දුප්පටිනිස්සග්ගී - අයම්පි ධම්මො දොවචස්සකරණො. ඉමෙ වුච්චන්තාවුසො, දොවචස්සකරණා ධම්මා.
|
181
මා විසින් මෙසේ අසනලදී. එක්කාලයෙක ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිර තෙම භගු නම් දනව්වෙහි සුංසුමාර ගිරි නම් නුවර මිගදාය නම්වූ භෙසකලා නම් වනයෙහි වාසය කරති. එකල්හි ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ ‘ඇවැත්නි, මහණෙනි, කියා භික්ෂූන්ට කථාකළහ. ‘ඇවැත්නි, කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේට පිළිතුරු දුන්හ. ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ මේ ධර්මය ප්‍රකාශ කළහ.
ඇවැත්නි, (යම්කිසි) භික්ෂුවක් තෙම “මම ආයුෂ්මතුන් විසින් අනුශාසනා වශයෙන් කියයුත්තේ වෙමි. මට ආයුෂ්මත්හු අවවාද වශයෙන් කරුණු කියත්වා” යයි ඉදින් (අන්‍ය භික්ෂූන්) පවරාද, (එසේ ඉල්ලා සිටියත්) ඒ භික්ෂුව දුර්වචයෙක් (අවවාදය නොපිළිගන්නා හෙයින් අවවාද කිරීමට අමාරුවූවෙක්) වෙයි නම් දුර්වචබව ඇතිකරන ගතිවලින් යුක්ත නම් නොඉවසන ගතියෙන් යුක්ත නම්, අනුශාසනාව නුහුරට ගන්නේ නම් එසේ ඇතිකල්හි එක්ව මහණදම් පුරන භික්ෂූහු ඔහු අවවාද කළ යුත්තෙකු කොට නොහඟිත්. අනුශාසනා කළ යුත්තෙකු කොට නොහඟිත්. ඒ පුද්ගලයා විශ්වාසය තැබිය යුත්තෙකු කොට නොහඟිත්.
“ඇවැත්නි, දුර්වච බව කරන කරුණු කවරහුද? ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම (තැතිගුණ අඟවන) ලාමක අදහස් ඇත්තේ වෙයිද, ලාමක අදහස්වලට වසඟවූයේ වෙයිද, ඇවැත්නි, මහණ තෙම ලාමක අදහස් ඇත්තේය. ලාමක අදහස්වලට වසඟවූයේය යන යමක් වේද, මේ කාරණයද දුර්වච බව කරන්නකි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම තමා උසස් කොට සලකන්නේ වෙයිද අනුන්ට ගරහන්නේ වෙයිද, ඇවැත්නි, මහණ තෙම තමන් උසස් කොට සිතන්නේය. අනුන්ට ගරහන්නේය යන යමක් වේද, මේ කාරණයද දුර්වච බව කරන්නකි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණතෙම ක්‍රොධ කරන ස්වභාව ඇත්තේද, ක්‍රෝධයෙන් මඩනාලද සිත් ඇත්තේ වේද, ඇවැත්නි, මහණ තෙම ක්‍රොධ කරන ස්වභාව ඇත්තේය. ක්‍රෝධයෙන් මඩනාලද සිත් ඇත්තේය යන යමක් වේද මේ කාරණයද දුර්වච බව කරන්නකි.
“ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම ක්‍රොධ කරන ස්වභාව ඇත්තේ ක්‍රෝධය හේතුකොටගෙන බද්ධ වෛර ඇත්තේ වේද, ඇවැත්නි, මහණ තෙම ක්‍රොධ කරන ස්වභාව ඇත්තේ ක්‍රෝධය හේතුකොටගෙන බද්ධ වෛර ඇත්තේය යන යමක් වේද, මේ කාරණයද දුර්වච බව කරන්නකි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම ක්‍රොධ කරන ස්වභාව ඇත්තේ ක්‍රෝධය හේතුකොටගෙන නපුරු ක්‍රියාවන්හි ඇලෙන්නේවේද, ඇවැත්නි, මහණ තෙම ක්‍රොධ කරන ස්වභාව ඇත්තේ, ක්‍රෝධය හේතුකොටගෙන නපුරු ක්‍රියාවන්හි ඇලෙන්නේය යන යමක් වේද මේ කාරණයද දුර්වච බව කරන්නකි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම ක්‍රොධ කරන ස්වභාව ඇත්තේවේද ක්‍රෝධයට කිට්ටු වචන කියන්නේ වේද, ඇවැත්නි, මහණ තෙම ක්‍රොධ කරන ස්වභාව ඇත්තේ ක්‍රෝධයට කිට්ටු වචන කියන්නේය යන යමක් වේද මේ කාරණයද දුර්වච බව කරන්නකි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. චෝදනා කරන්නකු විසින් චොදනා කරන ලද්දේ චොදනා කළ තැනැත්තාට ප්රතිවිරුද්ධව සිටීද, ඇවැත්නි, මහණ තෙම චොදනා කරන්නා විසින් චොදනා කරන ලද්දේ චොදනා කළ තැනැත්තාට ප්රතිවිරුද්ධව සිටියි යන යමක් වේද මේ කාරණයද දුර්වච බව කරන්නකි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම චොදනා කරන්නා විසින් චොදනා කරන ලද්දේ චොදනා කරන තැනැත්තාට අවමන් කෙරේද, ඇවැත්නි, මහණ තෙම චොදනා කරන්නා විසින් චොදනා කරන ලද්දේ චොදකයාට අවමන් කරයි යන යමක් වේද මේ කාරණයද දුර්වච බව කරන්නකි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණතෙම චොදනා කරන්නෙකු විසින් චොදනා කරනලද්දේ චොදකයාට (චොදනා කළ තැනැත්තාට) චොදනාව හරවයිද, ඇවැත්නි, මහණ තෙම චොදනාකළ තැනැත්තා විසින් චොදනා කරන ලද්දේ චොදනා කළ තැනැත්තාට චෝදනාව හරවයි යන යමක් වේද මේ කාරණය දුර්වච බව කරන්නකි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම චොදනා කරන්නා විසින් චොදනා කරන ලද්දේ අනික් කථාවකින් අනික් කරුණක් වසාද, කථාව පිටතට නමාද කොපයද තරහයද නොසතුටද පහළ කරයිද, ඇවැත්නි, මහණ තෙම චොදනා කරන්නා විසින් චොදනා කරන ලද්දේ අනික් කථාවකින් අනික් කරුණක් වසයි. කථාව පිටතට නමයි කොපයද තරහයද නොසතුටද පහළ කරයි යන යමක් වේද මේ කාරණයද දුර්වච බව කරන්නකි.
“ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම චොදනා කරන්නා විසින් චොදනා කරන ලද්දේ තමන්ගේ පැවැත්ම ප්‍රකාශ නොකරයිද, ඇවැත්නි, මහණතෙම චොදනා කරන්නා විසින් චොදනා කරන ලද්දේ තමන්ගේ පැවැත්ම, ප්‍රකාශ නොකරයි යන යමක්වේද මේ කාරණයද දුර්වච බව කරන්නකි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම ගුණමකු වේද (ගුණ නැතිව සිටිමින් ගුණවතුන් හා තමා සමකර සලකන්නේ) යුගග්‍රාහ ඇත්තේ වෙයිද, ඇවැත්නි, මහණතෙම ගුණමකු වේය යුගග්‍රාහ ඇත්තේවේය යනයමක් වේද, මේ කාරණයද දුර්වච බව කරන්නකි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණතෙම ඊර්ෂ්‍යා කරන්නේ වෙයිද මසුරු මලයෙන් යුක්ත වූයේ වෙයිද ඇවැත්නි, මහණ තෙම ඊර්ෂ්‍යා කරන්නේය. මසුරු මලින් යුක්ත වූයේය යන යමක් වේද මේ කාරණයද දුර්වච බව කරන්නකි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම කෛරාටිකවේද, රැවටිලි ඇත්තේ වේද, ඇවැත්නි, මහණ තෙම කෛරාටික වෙයි. රැවටිලි ඇත්තේ වෙයි. යන යමක් වේද මේ කාරණයද දුර්වච බව කරන්නේය.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණතෙම තදගති ඇත්තේවේද අධික මාන ඇත්තේ වේද ඇවැත්නි, මහණ තෙම තද ගති ඇත්තේය. අධික මාන ඇත්තේය යන යමක් වේද මේ කාරණය දුර්වච බව කරන්නකි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම තමාගේම ලබ්ධිය දැඩි වශයෙන් ගන්නේ එයින් දුකසේ බැහැර කරවිය යුතු වූයේ වෙයිද ඇවැත්නි, මහණ තෙම තමාගේම ලබ්ධිය දැඩිවශයෙන් ගන්නේ එයින් දුකසේ බැහැර කරවිය යුතුය යන යමක් වේද, මේ කාරණයද දුර්වච බව කරන්නකි. ඇවැත්නි, මේ කරුණු දුර්වච බව කරන ගතියයි කියනු ලැබෙත්.
|
182
‘‘නො
‘‘කතමෙ චාවුසො, සොවචස්සකරණා ධම්මා? ඉධාවුසො, භික්ඛු න පාපිච්ඡො හොති, න පාපිකානං ඉච්ඡානං වසං ගතො. යම්පාවුසො, භික්ඛු න පාපිච්ඡො හොති න
‘‘පුන චපරං, ආවුසො, භික්ඛු අනත්තුක්කංසකො හොති අපරවම්භී. යම්පාවුසො, භික්ඛු අනත්තුක්කංසකො හොති අපරවම්භී - අයම්පි ධම්මො සොවචස්සකරණො.
‘‘පුන චපරං, ආවුසො, භික්ඛු න කොධනො හොති න කොධාභිභූතො. යම්පාවුසො, භික්ඛු න කොධනො හොති න කොධාභිභූතො - අයම්පි ධම්මො සොවචස්සකරණො.
‘‘පුන චපරං, ආවුසො, භික්ඛු න කොධනො හොති න කොධහෙතු උපනාහී. යම්පාවුසො, භික්ඛු න කොධනො හොති න කොධහෙතු උපනාහී - අයම්පි ධම්මො සොවචස්සකරණො.
‘‘පුන චපරං, ආවුසො, භික්ඛු න කොධනො හොති න කොධහෙතු අභිසඞ්ගී. යම්පාවුසො, භික්ඛු න කොධනො හොති න කොධහෙතු අභිසඞ්ගී - අයම්පි ධම්මො සොවචස්සකරණො.
‘‘පුන චපරං, ආවුසො, භික්ඛු න කොධනො හොති න කොධසාමන්තා වාචං නිච්ඡාරෙතා. යම්පාවුසො
‘‘පුන චපරං, ආවුසො, භික්ඛු චොදිතො චොදකෙන චොදකං නප්පටිප්ඵරති. යම්පාවුසො, භික්ඛු චොදිතො චොදකෙන චොදකං නප්පටිප්ඵරති - අයම්පි ධම්මො සොවචස්සකරණො
‘‘පුන
‘‘පුන චපරං, ආවුසො, භික්ඛු චොදිතො චොදකෙන චොදකස්ස න පච්චාරොපෙති. යම්පාවුසො, භික්ඛු චොදිතො චොදකෙන චොදකස්ස න පච්චාරොපෙති - අයම්පි ධම්මො සොවචස්සකරණො.
‘‘පුන චපරං, ආවුසො, භික්ඛු චොදිතො චොදකෙන න අඤ්ඤෙනඤ්ඤං පටිචරති, න බහිද්ධා කථං අපනාමෙති, න කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. යම්පාවුසො, භික්ඛු චොදිතො චොදකෙන න අඤ්ඤෙනඤ්ඤං පටිචරති, න බහිද්ධා කථං අපනාමෙති, න කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති - අයම්පි ධම්මො සොවචස්සකරණො.
‘‘පුන චපරං, ආවුසො, භික්ඛු චොදිතො චොදකෙන අපදානෙ සම්පායති. යම්පාවුසො, භික්ඛු චොදිතො චොදකෙන අපදානෙ සම්පායති - අයම්පි ධම්මො සොවචස්සකරණො.
‘‘පුන චපරං, ආවුසො, භික්ඛු අමක්ඛී හොති අපළාසී. යම්පාවුසො, භික්ඛු අමක්ඛී හොති අපළාසී - අයම්පි ධම්මො සොවචස්සකරණො.
‘‘පුන චපරං, ආවුසො, භික්ඛු අනිස්සුකී හොති අමච්ඡරී. යම්පාවුසො, භික්ඛු අනිස්සුකී හොති අමච්ඡරී - අයම්පි ධම්මො සොවචස්සකරණො.
‘‘පුන
‘‘පුන චපරං, ආවුසො, භික්ඛු අත්ථද්ධො හොති අනතිමානී. යම්පාවුසො, භික්ඛු අත්ථද්ධො හොති අනතිමානී - අයම්පි ධම්මො සොවචස්සකරණො.
‘‘පුන චපරං, ආවුසො, භික්ඛු අසන්දිට්ඨිපරාමාසී හොති අනාධානග්ගාහී සුප්පටිනිස්සග්ගී. යම්පාවුසො, භික්ඛු අසන්දිට්ඨිපරාමාසී හොති, අනාධානග්ගාහී සුප්පටිනිස්සග්ගී
|
182
“ඇවැත්නි, මහණ තෙම ‘ආයුෂ්මත්හු මට අවවාද වශයෙන් කියත්වා, මම ආයුෂ්මතුන් විසින් කියයුත්තෙක් වෙමියි ඉදින් (අන්‍ය භික්ෂූන්) නොපවරාද (එසේ ඉල්ලා නොසිටියත්) ඒ භික්ෂුව සුවචයෙක් නම්, (අවවාදය පිළිගන්නා හෙයින් අවවාද කිරීමට පහසු කෙනෙක්) වෙයි නම්, සුවච බව ඇති කරන්නාවූ කරුණුවලින් යුක්ත නම්, ඉවසන ගතියෙන් යුක්ත නම් අනුශාසනාව ගෞරවයෙන් පිළිගන්නේ නම් එකල්හි එක්ව මහණදම් පුරන භික්ෂූහු ඔහු කියයුත්තෙකු කොට හඟිත්. අනුශාසනා කටයුත්තෙකු කොට හඟිත්. ඒ පුද්ගලයා කෙරෙහි විශ්වාසය තැබිය යුතුයයි හඟිත්.
“ඇවැත්නි, සුවචබව කරන ධර්මයෝ කවරහුද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම (නැති ගුණ හඟවන) ලාමක අදහස් ඇත්තේ නොවේද, ලාමක අදහස්වලට වසඟනොවූයේ වේද, ඇවැත්නි, මහණතෙම ලාමක අදහස් ඇත්තේ නොවේ, ලාමක අදහස්වලට වසඟ නොවූයේය යන යමක් වේද මේ කාරණයද සුවච බව ඇති කරන්නකි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණතෙම තමා උසස්කොට නොසලකන්නේ වේද, අන්‍යයා පහත් කොට නොසලකන්නේ වේද, මහණතෙම, තමා උසස් කොට නොසලකන්නේ අන්‍යයා පහත් කොට නොසලකන්නේය යන යමක් වේද මේ කාරණයද සුවච බව ඇතිකරන්නකි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම ක්‍රොධ නොකරන ස්වභාව ඇත්තේ, ක්‍රෝධයෙන් මඩනාලද සිත් ඇත්තේ නොවේද, ඇවැත්නි, මහණතෙම ක්‍රොධ නොකරණ ස්වභාව ඇත්තේය. ක්‍රෝධයෙන් මඩනාලද සිත් නැත්තේය. යන යමක් වේද, මේ කාරණයද සුවච බව ඇති කරන්නකි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණතෙම ක්‍රොධ නොකරණ ස්වභාව ඇත්තේ ක්‍රෝධය හේතුකොටගෙන බද්ධ වෛර නැත්තේ වේද, ඇවැත්නි, මහණ තෙම ක්‍රොධ නොකරන ස්වභාව ඇත්තේ, ක්‍රෝධය හේතුකොටගෙන බද්ධ වෛර නැත්තේය යන යමක් වේද, මේ කාරණයද සුවච බව ඇති කරන්නකි.
ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම ක්‍රොධ නොකරන ස්වභාව ඇත්තේ ක්‍රොධ හේතුවෙන් (නපුරු ක්‍රියාවන්හි) නොඇලෙන්නේ වේද, ඇවැත්නි, මහණ තෙම ක්‍රොධ නොකරන ස්වභාව ඇත්තේ, ක්‍රොධ හේතුවෙන් නපුරු ක්‍රියාවන්හි නොඇලෙන්නේය යන යමක්වේද මේ කරුණද සුවච බව ඇති කරන්නකි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම ක්‍රොධ නොකරන ස්වභාව ඇත්තේ ක්‍රෝධයට කිට්ටු වචන නොකියන්නේද, ඇවැත්නි, මහණ තෙම ක්‍රොධ නොකරන ස්වභාව ඇත්තේය, ක්‍රෝධයට කිට්ටු වචන නොකියන්නේය යන යමක් වේද මේ කරුණද සුවච බව ඇති කරන්නකි.
“ඇවැත්නි, මහණ තෙම චොදනා කරන්නා විසින් චොදනා කරන ලද්දේ චොදනාකළ තැනැත්තාට ප්රතිවිරුද්ධව නොසිටීද, මහණ තෙම චොදනා කරන්නා විසින් චොදනා කරන ලද්දේ චොදනා කළ තැනැත්තාට ප්රතිවිරුද්ධව නොසිටී යන යමක් වේද, මේ කරුණද සුවච බව ඇති කරන්නකි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කළ තැනැත්තාට අවමන් නොකෙරේද, ඇවැත්නි, මහණ තෙම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කළ තැනැත්තාට අවමන් නොකරයි යන යමක්වේද මේ කරුණද සුවච බව ඇති කරන්නකි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම චොදනා කළ තැනැත්තාට චෝදනා නොනංවයිද ඇවැත්නි, මහණ තෙම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කළ තැනැත්තා පිට චෝදනාව නොනංවයි යන යමක් වේද, මේ කරුණද සුවච බව ඇති කරන්නකි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම චෝදනා කරන්නා විසින් චෝදනා කරනලද්දේ අනික් කථාවකින් අනික් කරුණක් නොවසයිද කථාව පිටතට නොනමයිද කෝපයද තරහද නොසතුටද පහළනොකරයිද ඇවැත්නි, මහණතෙම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ අනික් කථාවකින් අනික් කරුණක් නොවසයි. කථාව පිටතට නොනමයි. කෝපයද තරහද නොසතුටද පහළ නොකරයි යන යමක් වේද මේ කරුණද සුවච බව ඇති කරන්නකි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ තමාගේ පැවැත්ම නොකියයිද ඇවැත්නි, මහණ තෙම චෝදකයා විසින් චෝදනා කරන ලද්දේ තමාගේ පැවැත්ම නොකියයි යන යමක් වේද, මේ කරුණද සුවච බව ඇති කරන්නකි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම ගුණමකු නොවේද ගුණ නැතිව ගුණ ඇති අනුන් හා සමාන නොකරන්නේ වේද, ඇවැත්නි, මහණ තෙම ගුණමකු නොවේ. ගුණයෙන් අනුන් හා සමාන නොකරන්නේ වේ යන යමක් වේද, මේ කරුණද සුවච බව ඇති කරන්නකි. ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම ඊර්ෂ්‍යා නොකරන්නේ වේද, මසුරුමල නැත්තේ වේද, ඇවැත්නි, මහණ තෙම ඊර්ෂ්‍යා නොකරන්නේ වෙයි. මසුරුමල නැත්තේය යන යමක් වේද මේ කරුණද සුවච බව ඇති කරන්නකි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම කෛරාටික නොවේද රැවටිලි නැත්තේ වේද, ඇවැත්නි, මහණතෙම කෛරාටික නොවේ. රැවටිලි නැත්තේය යන යමක් වේද, මේ කරුණද සුවච බව ඇති කරන්නකි.
“ඇවැත්නි නැවත අනිකක්ද කියමි. මහණතෙම තද ගති නැත්තේ වේද, අධික මාන නැත්තේ වේද, ඇවැත්නි, මහණ තෙම තදගති නැත්තේය. අධික මාන නැත්තේය යන යමක්වේද මේ කරුණද සුවච බව ඇතිකරන්නකි. ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණතෙම තමාගේ විශ්වාසයම නොගන්නේ වේද, තමාගේම ලබ්ධිය දැඩි වශයෙන් නොගන්නේ එයින් පහසුවෙන් වෙන් කළ හැක්කේ වේද, ඇවැත්නි, මහණතෙම තමාගේම විශ්වාසය නොගන්නේය. තමාගේම ලබ්ධිය දැඩි වශයෙන් නොගන්නේ පහසුවෙන් එයින් වෙන් කළ හැක්කේය යන යමක් වේද මේ කරුණද සුවච බව ඇති කරන්නකි. ඇවැත්නි. මොව්හු සුවචභාවය ඇති කරන කරුණුයයි කියනු ලැබෙත්.
|
183
‘‘තත්රාවුසො
‘‘‘යො ඛ්වායං පුග්ගලො අත්තුක්කංසකො පරවම්භී, අයං මෙ පුග්ගලො අප්පියො අමනාපො; අහඤ්චෙව ඛො පනස්සං අත්තුක්කංසකො පරවම්භී, අහංපාස්සං පරෙසං අප්පියො අමනාපො’ති. එවං ජානන්තෙනාවුසො, භික්ඛුනා ‘අනත්තුක්කංසකො භවිස්සාමි අපරවම්භී’ති චිත්තං උප්පාදෙතබ්බං.
‘‘‘යො ඛ්වායං පුග්ගලො කොධනො කොධාභිභූතො, අයං මෙ පුග්ගලො අප්පියො අමනාපො. අහඤ්චෙව ඛො පනස්සං කොධනො කොධාභිභූතො, අහංපාස්සං පරෙසං අප්පියො අමනාපො’ති. එවං ජානන්තෙනාවුසො, භික්ඛුනා ‘න කොධනො භවිස්සාමි න කොධාභිභූතො’ති චිත්තං උප්පාදෙතබ්බං.
‘‘‘යො ඛ්වායං පුග්ගලො කොධනො කොධහෙතු උපනාහී, අයං මෙ පුග්ගලො අප්පියො අමනාපො; අහඤ්චෙව ඛො පනස්සං කොධනො කොධහෙතු උපනාහී, අහංපාස්සං පරෙසං අප්පියො අමනාපො’ති. එවං ජානන්තෙනාවුසො, භික්ඛුනා ‘න කොධනො භවිස්සාමි න කොධහෙතු උපනාහී’ති චිත්තං උප්පාදෙතබ්බං.
‘‘‘යො
‘‘‘යො
‘‘‘යො ඛ්වායං පුග්ගලො චොදිතො චොදකෙන චොදකං පටිප්ඵරති, අයං මෙ පුග්ගලො අප්පියො අමනාපො; අහඤ්චෙව ඛො පන චොදිතො චොදකෙන චොදකං පටිප්ඵරෙය්යං
‘‘‘යො ඛ්වායං පුග්ගලො චොදිතො චොදකෙන චොදකං අපසාදෙති, අයං මෙ පුග්ගලො අප්පියො අමනාපො; අහඤ්චෙව ඛො පන චොදිතො චොදකෙන චොදකං අපසාදෙය්යං, අහංපාස්සං පරෙසං අප්පියො අමනාපො’ති. එවං ජානන්තෙනාවුසො, භික්ඛුනා ‘චොදිතො චොදකෙන චොදකං න අපසාදෙස්සාමී’ති චිත්තං උප්පාදෙතබ්බං.
‘‘‘යො ඛ්වායං පුග්ගලො චොදිතො චොදකෙන චොදකස්ස පච්චාරොපෙති, අයං මෙ පුග්ගලො අප්පියො අමනාපො; අහඤ්චෙව ඛො පන චොදිතො චොදකෙන චොදකස්ස පච්චාරොපෙය්යං, අහංපාස්සං පරෙසං අප්පියො අමනාපො’ති. එවං
‘‘‘යො ඛ්වායං පුග්ගලො චොදිතො චොදකෙන අඤ්ඤෙනඤ්ඤං පටිචරති, බහිද්ධා කථං අපනාමෙති, කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති, අයං මෙ පුග්ගලො අප්පියො අමනාපො; අහඤ්චෙව ඛො පන චොදිතො චොදකෙන අඤ්ඤෙනඤ්ඤං පටිචරෙය්යං, බහිද්ධා කථං අපනාමෙය්යං
‘‘‘යො
‘‘‘යො ඛ්වායං පුග්ගලො මක්ඛී පළාසී, අයං මෙ පුග්ගලො අප්පියො අමනාපො; අහඤ්චෙව ඛො පනස්සං මක්ඛී පළාසී, අහංපාස්සං පරෙසං අප්පියො අමනාපො’ති. එවං ජානන්තෙනාවුසො, භික්ඛුනා ‘අමක්ඛී භවිස්සාමි අපළාසී’ති චිත්තං උප්පාදෙතබ්බං.
‘‘‘යො ඛ්වායං පුග්ගලො ඉස්සුකී මච්ඡරී, අයං මෙ පුග්ගලො අප්පියො අමනාපො; අහඤ්චෙව ඛො පනස්සං
‘‘‘යො ඛ්වායං පුග්ගලො සඨො මායාවී, අයං මෙ පුග්ගලො අප්පියො අමනාපො; අහඤ්චෙව ඛො පනස්සං සඨො මායාවී, අහංපාස්සං පරෙසං අප්පියො අමනාපො’ති. එවං ජානන්තෙනාවුසො, භික්ඛුනා ‘අසඨො භවිස්සාමි අමායාවී’ති චිත්තං උප්පාදෙතබ්බං.
‘‘‘යො ඛ්වායං පුග්ගලො ථද්ධො අතිමානී, අයං මෙ පුග්ගලො අප්පියො අමනාපො; අහඤ්චෙව ඛො පනස්සං ථද්ධො අතිමානී, අහංපාස්සං පරෙසං අප්පියො අමනාපො’ති. එවං ජානන්තෙනාවුසො, භික්ඛුනා ‘අත්ථද්ධො භවිස්සාමි අනතිමානී’ති චිත්තං උප්පාදෙතබ්බං.
‘‘‘යො ඛ්වායං පුග්ගලො සන්දිට්ඨිපරාමාසී ආධානග්ගාහී දුප්පටිනිස්සග්ගී, අයං මෙ පුග්ගලො අප්පියො අමනාපො; අහඤ්චෙව ඛො පනස්සං සන්දිට්ඨිපරාමාසී ආධානග්ගාහී දුප්පටිනිස්සග්ගී, අහංපාස්සං පරෙසං අප්පියො අමනාපො’ති. එවං ජානන්තෙනාවුසො, භික්ඛුනා ‘අසන්දිට්ඨිපරාමාසී භවිස්සාමි අනාධානග්ගාහී සුප්පටිනිස්සග්ගී’ති චිත්තං උප්පාදෙතබ්බං.
|
183
“ඇවැත්නි, මහණහු විසින් මේ කරුණු දහසයෙහි තමා විසින්ම තමා මෙසේ මැන බැලිය යුතුයි. (කෙසේද?) යම් මේ පුද්ගලයෙක් තෙම ලාමක අදහස් ඇත්තේ ලාමක අදහස්වල වසඟයට ගියේ වේද, (එහෙයින්) මේ පුද්ගල තෙම මට අප්‍රියය, අමනාපය, මමද ලාමකවූ අදහස් ඇත්තේ ලාමක අදහස්වල වසඟයට ගියේ වෙමි නම් මමද අනුන්ට අප්‍රිය වූයේ අමනාප වූයේ වන්නෙමි. ඇවැත්නි, මෙසේ දන්නාවූ භික්ෂුව විසින් ලාමක අදහස් ඇත්තෙක් නොවන්නෙමියි, ලාමකවූ අදහස්වල වසඟයට ගියේත් නොවන්නෙමියි, සිත ඉපදවිය යුතුයි.
“යම් මේ පුද්ගලයෙක් වනාහි තමා උසස් කරන්නේ අනුන් පහත් කරන්නේ වේද, මේ පුද්ගල තෙම මට අප්‍රියය, අමනාපය, මමද තමා උසස් කරන්නෙක් අනුන් පහත් කරන්නෙක් වන්නෙම් නම් මමද අනුන්ට අප්‍රිය වූවෙක් අමනාප වූවෙක් වන්නෙමියි, ඇවැත්නි, මෙසේ දන්නාවූ භික්ෂුව විසින් තමා උසස් නොකරන්නෙක් අනුන් පහත් නොකරන්නෙක් වන්නෙමියි, සිත ඉපදවිය යුතුයි.
“යම් මේ පුද්ගලයෙක් වනාහි කිපෙන ගති ඇත්තේ ක්‍රෝධයෙන් මඩනාලද්දේ වේද, මේ පුද්ගල තෙම මට අප්‍රියය, අමනාපය, මමද කිපෙනසුලු වූවෙක් ක්‍රෝධයෙන් මඩනා ලද්දෙක් වන්නෙම් නම් මමද අනුන්ට අප්‍රිය වූවෙක් අමනාප වූවෙක් වන්නෙමියි, ඇවැත්නි, මෙසේ දන්නාවූ භික්ෂුව විසින් නොකිපෙන ගති ඇත්තෙක් ක්‍රෝධයෙන් නොමඩනා ලද්දෙක් වන්නෙමියි, සිත ඉපදවිය යුතුය.
“යම් මේ පුද්ගලයෙක් වනාහි කිපෙන ගතිය ඇත්තේ ක්‍රෝධය හේතුකොට ඇති බද්ධ වෛර ඇත්තෙක් වේද, මේ පුද්ගල තෙම මට අප්‍රියය, අමනාපය, මමද කිපෙන ගතිය ඇත්තෙක් ක්‍රෝධය හේතුකොට බද්ධ වෛර ඇත්තෙක් වන්නෙම්ද, මමද, අනුන්ට අප්‍රිය වූවෙක් අමනාප වූවෙක් වන්නෙමි. ඇවැත්නි, මෙසේ දන්නාවූ භික්ෂුව විසින් කිපෙන ගති ඇත්තෙක් නොවන්නෙමි. ක්‍රෝධය හේතුකොට බද්ධ වෛර ඇත්තෙක් නොවන්නෙමියි, සිත ඉපදවිය යුතුයි.
“යම් මේ පුද්ගලයෙක් වනාහි කිපෙන ගතිය ඇත්තේ ක්‍රෝධය හේතුකොට නපුරු ක්‍රියාවන්හි ඇලෙන්නෙක් වේද, මේ පුද්ගල තෙමේ මට අප්‍රියය, අමනාපය, මමද අනුන්ට ක්‍රොධ කරන්නෙම් නම්, ක්‍රෝධය හේතු කොට නපුරු ක්‍රියාවන්හි ඇලෙන්නෙක් වන්නෙම් නම් මමද අනුන්ට අප්‍රියවූවෙක් අමනාප වූවෙක් වන්නෙමි. ඇවැත්නි, මෙසේ දන්නාවූ භික්ෂුව විසින් කිපෙන ගති ඇත්තෙක් නොවන්නෙමි. ක්‍රෝධය හේතුකොට නපුරු ක්‍රියාවන්හි ඇලෙන්නෙක් නොවන්නෙමියි, සිත ඉපදවිය යුතුයි.
“යම් මේ පුද්ගලයෙක් වනාහි කිපෙනසුලු වූයේ ක්‍රෝධයට සමීපවූ වචන කියන්නේවේද, මේ පුද්ගලතෙම මට අප්‍රියය අමනාපය, මමද කිපෙනසුලු වූවෙක් ක්‍රෝධයට සමීපවූ වචන කියන්නෙක් වන්නෙම් නම් මමද අනුන්ට අප්‍රියයෙක් අමනාප වූවෙක් වන්නෙමියි, ඇවැත්නි, මෙසේ දන්නාවූ භික්ෂුව විසින් කිපෙන ගති ඇත්තෙක් නොවන්නෙමි, ක්‍රෝධයට සමීප වචන කියන්නෙක් නොවන්නෙමියි, සිත ඉපදවිය යුතුයි.
“යම් පුද්ගලයෙක් වනාහි චොදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කළ තැනැත්තාට පෙරලා චෝදනා කරයිද මේ පුද්ගල තෙම මට අප්‍රියය, අමනාපය, මමද චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කළ තැනැත්තාට පෙරලා චෝදනා කරන්නෙම් නම් මමද අනුන්ට අප්‍රිය වූවෙක් අමනාප වූවෙක් වන්නෙමි, ඇවැත්නි, මෙසේ දන්නාවූ භික්ෂුව විසින් චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කළ තැනැත්තාට පෙරලා චෝදනා නොකරන්නෙමියි, සිත ඉපදවිය යුතුයි.
“යම් මේ පුද්ගලයෙක් තෙම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කළ තැනැත්තාට අවමන් කරයිද, මේ පුද්ගල තෙම මට අප්‍රියය, අමනාපය, මමද චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කළ තැනැත්තාට අපහාස කරන්නෙම් නම්, මමද අනුන්ට අප්‍රියවූවෙක් අමනාප වූවෙක් වන්නෙමියි, ඇවැත්නි, මෙසේ දන්නාවූ භික්ෂුව විසින් චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කළ තැනැත්තාට අපහාස නොකරන්නෙමියි, සිත ඉපදවිය යුතුයි.
“යම් මේ පුද්ගලයෙක් වනාහි චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කළ තැනැත්තාට පෙරලා චෝදනා කෙරේද, මේ පුද්ගල තෙම මට අප්‍රියය, අමනාපය, මමද චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කළ තැනැත්තාට පෙරලා චෝදනා කරන්නෙම් නම් මමද අනුන්ට අප්‍රියයෙක් අමනාපයෙක් වන්නෙමි, ඇවැත්නි, මෙසේ දන්නාවූ භික්ෂුව විසින් චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කළ තැනැත්තාට පෙරලා චෝදනා නොකරන්නෙමියි, සිත ඉපදවිය යුතුයි.
“යම් මේ පුද්ගලයෙක් වනාහි චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ අනිකකින් අනිකක් වසාද, කථාව පිටතට නමයිද, කොපයද, තරහද, නොසතුටද, පහළ කෙරේද, මේ පුද්ගල තෙම මට අප්‍රියය, අමනාපය, මමද චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ, අනිකකින් අනිකක් වසන්නෙම් නම්, කථාව පිටතට නමන්නෙම් නම් කෝපයත්, තරහයත්, නොසතුටත්, පහළ කරන්නෙම් නම් මමද අනුන්ට අප්‍රියයෙක් අමනාපයෙක් වන්නෙමි, ඇවැත්නි, මෙසේ දන්නාවූ භික්සුව විසින් චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ අනිකකින් අනිකක් නොවසන්නෙමි කතාව පිටතට නොනමන්නෙමි. කොපයත් තරහයත් නොසතුටත් පහළ නොකරන්නෙමියි, සිත ඉපද විය යුතුයි.
“යම් මේ පුද්ගලයෙක් වනාහි චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ තමන්ගේ පැවැත්ම නොකියයි නම් මේ පුද්ගල තෙම මට අප්‍රියය, අමනාපය, මමද චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ තමන්ගේ පැවැත්ම නොකියන්නෙම් නම් මමද අනුන්ට අප්‍රියයෙක් අමනාපයෙක් වන්නෙමි. ඇවැත්නි, මෙසේ දන්නාවූ භික්ෂුව විසින් චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ තමන්ගේ පැවැත්ම කියන්නෙමියි සිත ඉපදවිය යුතුයි.
“යම් මේ පුද්ගලයෙක් වනාහි ගුණමකුවූයේ, යුගග්‍රාහ ඇත්තේවේද මේ පුද්ගල තෙම මට අප්‍රියය, අමනාපය, මමද මකුගුණ ඇත්තේ යුගග්‍රාහ ඇත්තේ වන්නෙම් නම් මමද අනුන්ට අප්‍රියයෙක් අමනාපයෙක් වන්නෙමි, ඇවැත්නි, මෙසේ දන්නාවූ භික්ෂුව විසින් මකුගුණ නැත්තෙක් යුගග්‍රාහ නැත්තෙක් වන්නෙමියි, සිත ඉපදවිය යුතුයි.
“යම් මේ පුද්ගලයෙක් වනාහි ඊර්ෂ්‍යා කරන ස්වභාව ඇත්තේ මසුරුවූයේද මේ පුද්ගල තෙම මට අප්‍රියය, අමනාපය, මම ඊර්ෂ්‍යා ඇත්තේ මසුරු බැව් ඇත්තේ වන්නෙම්ද, මමද අනුන්ට අප්‍රිය වූවෙක් අමනාප වූවෙක් වන්නෙමි, ඇවැත්නි, මෙසේ දන්නාවූ භික්ෂුව විසින් ඊර්ෂ්‍යා නැත්තෙක් මසුරු බැව් නැත්තෙක් වන්නෙමියි, සිත ඉපදවිය යුතුයි.
“යම් මේ පුද්ගලයෙක් වනාහි කෛරාටික වූයේ මායා ඇත්තේ වේද, මේ පුද්ගලතෙම මට අප්‍රියය, අමනාපය, මමද කෛරාටික වූයේ මායා ඇත්තේ වන්නෙම් නම් මමද අනුන්ට අප්‍රිය වූවෙක් අමනාප වූවෙක් වන්නෙමි, ඇවැත්නි, මෙසේ දන්නාවූ භික්ෂුව විසින් කෛරාටික නුවූවෙක්, මායා නැත්තෙක් වන්නෙමියි සිත ඉපදවිය යුතුයි. යම් මේ පුද්ගලයෙක් වනාහි තදගති ඇත්තෙක් අධික මාන ඇත්තෙක්වේද, මේ පුද්ගල තෙම මට අප්‍රියය, අමනාපය, මමද තදගති ඇත්තෙක් අධික මාන ඇත්තෙක් වන්නෙම් නම් මමද අනුන්ට අප්‍රිය වූවෙක් අමනාප වූවෙක් වන්නෙමි, ඇවැත්නි, මෙසේ දන්නාවූ භික්ෂුව විසින් තදගති නැත්තෙක් අධික මාන නැත්තෙක් වන්නෙමියි, සිත ඉපදවිය යුතුයි.
“යම් මේ පුද්ගලයෙක් වනාහි තමාගේම මතය ගෙන සිටින්නේ තමාගේම ලබ්ධිය දැඩිලෙස ගන්නේ එයින් බැහැර කරවිය නොහැක්කේ වේද? මේ පුද්ගල තෙම මට අප්‍රියය අමනාපය, මමද මගේම මතය ගෙන සිටින්නේ මගේම ලබ්ධිය දැඩිකොට ගැණීම ඇත්තේ එයින් බැහැර කරවිය නොහැක්කෙක් වන්නෙම් නම් මමද අනුන්ට අප්‍රිය වූවෙක් අමනාප වූවෙක් වන්නෙමි, ඇවැත්නි, මෙසේ දන්නාවූ භික්ෂුව විසින් තමාගේම මතය නොගන්නෙක් තමාගේම ලබ්ධිය දැඩිකොට ගැණීම නැත්තෙක්, පහසුවෙන් එයින් බැහැරකළ හැක්කෙක් වන්නෙමියි, සිත ඉපදවිය යුතුයි.
|
184
‘‘තත්රාවුසො
‘‘පුන චපරං, ආවුසො, භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්චවෙක්ඛිතබ්බං - ‘කිං නු ඛොම්හි අත්තුක්කංසකො පරවම්භී’ති? සචෙ, ආවුසො, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘අත්තුක්කංසකො ඛොම්හි පරවම්භී’ති, තෙනාවුසො, භික්ඛුනා තෙසංයෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචෙ පනාවුසො, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘අනත්තුක්කංසකො
‘‘පුන චපරං, ආවුසො, භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්චවෙක්ඛිතබ්බං - ‘කිං නු ඛොම්හි කොධනො කොධාභිභූතො’ති? සචෙ, ආවුසො, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘කොධනො ඛොම්හි කොධාභිභූතො’ති, තෙනාවුසො, භික්ඛුනා තෙසංයෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචෙ පනාවුසො, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘න ඛොම්හි කොධනො කොධාභිභූතො’ති, තෙනාවුසො, භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
‘‘පුන චපරං, ආවුසො, භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්චවෙක්ඛිතබ්බං - ‘කිං නු ඛොම්හි කොධනො කොධහෙතු උපනාහී’ති? සචෙ, ආවුසො, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති ‘කොධනො ඛොම්හි කොධහෙතු උපනාහී’ති, තෙනාවුසො, භික්ඛුනා තෙසංයෙව
‘‘පුන
‘‘පුන චපරං, ආවුසො, භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්චවෙක්ඛිතබ්බං - ‘කිං නු ඛොම්හි කොධනො කොධසාමන්තා වාචං නිච්ඡාරෙතා’ති? සචෙ, ආවුසො, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘කොධනො ඛොම්හි කොධසාමන්තා වාචං නිච්ඡාරෙතා’ති, තෙනාවුසො, භික්ඛුනා තෙසංයෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචෙ පනාවුසො, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘න ඛොම්හි කොධනො කොධසාමන්තා වාචං නිච්ඡාරෙතා’ති, තෙනාවුසො, භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
‘‘පුන චපරං, ආවුසො, භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්චවෙක්ඛිතබ්බං - ‘කිං නු ඛොම්හි චොදිතො චොදකෙන චොදකං
‘‘පුන චපරං, ආවුසො, භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්චවෙක්ඛිතබ්බං - ‘කිං නු ඛොම්හි චොදිතො චොදකෙන චොදකං අපසාදෙමී’ති? සචෙ, ආවුසො, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති ‘චොදිතො ඛොම්හි චොදකෙන චොදකං අපසාදෙමී’ති, තෙනාවුසො, භික්ඛුනා තෙසංයෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචෙ පනාවුසො, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘චොදිතො ඛොම්හි චොදකෙන චොදකං
‘‘පුන චපරං, ආවුසො, භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්චවෙක්ඛිතබ්බං - ‘කිං නු ඛොම්හි චොදිතො චොදකෙන චොදකස්ස පච්චාරොපෙමී’ති? සචෙ, ආවුසො, භික්ඛු පච්චවෙක්ඛමානො
‘‘පුන චපරං, ආවුසො, භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්චවෙක්ඛිතබ්බං - ‘කිං නු ඛොම්හි චොදිතො චොදකෙන අඤ්ඤෙනඤ්ඤං පටිචරාමි, බහිද්ධා කථං අපනාමෙමි, කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොමී’ති? සචෙ, ආවුසො, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘චොදිතො ඛොම්හි චොදකෙන අඤ්ඤෙනඤ්ඤං පටිචරාමි, බහිද්ධා කථං අපනාමෙමි, කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොමී’ති, තෙනාවුසො, භික්ඛුනා තෙසංයෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචෙ පනාවුසො, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘චොදිතො ඛොම්හි චොදකෙන න අඤ්ඤෙනඤ්ඤං පටිචරාමි, න බහිද්ධා කථං අපනාමෙමි, න කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොමී’ති, තෙනාවුසො, භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
‘‘පුන චපරං, ආවුසො, භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්චවෙක්ඛිතබ්බං - ‘කිං නු ඛොම්හි චොදිතො චොදකෙන අපදානෙ න සම්පායාමී’ති? සචෙ, ආවුසො, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘චොදිතො ඛොම්හි චොදකෙන අපදානෙ න සම්පායාමී’ති, තෙනාවුසො, භික්ඛුනා තෙසංයෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචෙ පනාවුසො, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘චොදිතො ඛොම්හි චොදකෙන අපදානෙ සම්පායාමී’ති, තෙනාවුසො, භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
‘‘පුන
‘‘පුන
‘‘පුන චපරං, ආවුසො, භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්චවෙක්ඛිතබ්බං - ‘කිං නු ඛොම්හි සඨො මායාවී’ති? සචෙ, ආවුසො, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘සඨො ඛොම්හි මායාවී’ති, තෙනාවුසො, භික්ඛුනා තෙසංයෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචෙ පනාවුසො, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘අසඨො ඛොම්හි අමායාවී’ති, තෙනාවුසො, භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
‘‘පුන චපරං, ආවුසො, භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්චවෙක්ඛිතබ්බං
‘‘පුන චපරං, ආවුසො, භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්චවෙක්ඛිතබ්බං - ‘කිං නු ඛොම්හි සන්දිට්ඨිපරාමාසී ආධානග්ගාහී දුප්පටිනිස්සග්ගී’ති? සචෙ, ආවුසො
‘‘සචෙ
‘‘සෙය්යථාපි, ආවුසො, ඉත්ථී
ඉදමවොචායස්මා මහාමොග්ගල්ලානො. අත්තමනා තෙ භික්ඛූ ආයස්මතො මහාමොග්ගල්ලානස්ස භාසිතං අභිනන්දුන්ති.
|
184
“ඇවැත්නි, ඒ කාරණයන්හි භික්ෂුව තමා විසින්ම තමා ගැන මෙසේ සලකාබැලිය යුතුයි. කිමෙක්දෝ මම ලාමක අදහස් ඇත්තේ වෙම්ද ලාමකවූ අදහස්වල වසඟයට ගියේ වෙම්දෝයි (සැලකිය යුතුයි) ඇවැත්නි, ඉදින් භික්ෂු තෙම එසේ සලකාබලන්නේ ලාමක අදහස් ඇත්තෙම් ලාමකවූ අදහස්වල වසඟයට ගියෙම් වෙමියි, මෙසේ දනීද, ඇවැත්නි. ඒ භික්ෂුව විසින් ඒ ලාමකවූ අකුසල ධර්මයන්ගේම දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි. ඇවැත්නි, ඉදින් වනාහි භික්ෂුතෙම එසේ සලකා බලන්නේ ලාමක අදහස් ඇත්තෙම් නොවෙමි, ලාමක අදහස්වල වසඟයට ගියෙම් නොවෙමියි, මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්ෂුව කුසල ධර්මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තොෂයෙන්ම යුක්තව වාසය කළ යුතුයි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. භික්ෂුව තමා විසින්ම තමා ගැන මෙසේ සලකා බැලිය යුතුයි කිමෙක්දෝ මම තමා උසස් කරන්නේ අනුන් පහත් කරන්නෙක් වෙම්දැයි, (සලකා බැලිය යුතුයි.) ඇවැත්නි, ඉදින් භික්ෂු තෙම එසේ සලකාබලන්නේ මම තමන් උසස් කරන්නෙක්, අනුන් පහත් කරන්නෙක් වෙමියි මෙසේ දනීද, ඇවැත්නි. ඒ භික්ෂුව විසින් ඒ ලාමකවු අකුසල ධර්මයන්ගේම දුරු කිරීම පිණිස උත්සාහ කටයුතුයි. ඇවැත්නි, ඉදින් වනාහි භික්ෂු තෙම සලකා බලන්නේ මම තමා උසස් නොකරන්නේ අනුන් පහත් නොකරන්නෙක් වෙමියි, මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්ෂුව විසින් කුසල ධර්මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තොයෙන්ම යුක්තව වාසය කටයුතුයි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි, භික්ෂුව තමා විසින්ම තමා මෙසේ සලකා බැලිය යුතුයි. කිමෙක්දෝ මම කිපෙන සුළුවූයේ ක්‍රෝධයෙන් මඩනා ලද්දේ වෙම්දැයි, (සලකා බැලිය යුතුයි.) ඇවැත්නි, ඉදින් භික්ෂු තෙම එසේ සලකා බලන්නේ මම කිපෙන ස්වභාව ඇත්තේ ක්‍රෝධයෙන් මඩනාලද්දේ වෙමියි, මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්ෂුව විසින් ඒ ලාමකවූ අකුසල ධර්මයන්ගේම දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි. ඇවැත්නි, ඉදින් වනාහි භික්ෂු තෙම සලකා බලන්නේ මම කිපෙන ස්වභාව ඇත්තේ ක්‍රෝධයෙන් මඩනා ලද්දේ නොවෙමියි මෙසේ දනීද, ඇවැත්නි,ඒ භික්ෂුව විසින් කුසල ධර්මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තෝෂයෙන් යුක්තව වාසය කටයුතුයි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි, භික්ෂුව විසින් තමා විසින්ම තමා මෙසේ සලකා බැලිය යුතුයි. කිමෙක්දෝ මම කිපෙන ස්වභාව ඇත්තේ ක්‍රෝධය නිසා බද්ධ වෛර ඇත්තේ වෙම්දැයි (සලකා බැලිය යුතුය) ඇවැත්නි, ඉදින් භික්ෂු තෙම එසේ සලකා බලන්නේ මම කිපෙන ස්වභාව ඇත්තේ ක්‍රෝධය නිසා බද්ධ වෛර ඇත්තේ වෙමියි මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්ෂුව විසින් ඒ ලාමකවූ අකුසල ධර්මයන්ගේම දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි.
“ඇවැත්නි, ඉදින් වනාහි භික්ෂු තෙම එසේ සලකා බලන්නේ මම කිපෙන ස්වභාව ඇත්තේ නොවෙමි. ක්‍රෝධයට හේතුවූ බද්ධ වෛර ඇත්තේ නොවෙමියි, මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්සුව විසින් කුසල ධර්මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තොෂයෙන්ම යුක්තව වාසය කටයුතුයි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. භික්ෂුව විසින් තමා විසින්ම තමා මෙසේ සලකා බැලිය යුතුයි. කිමෙක්දෝ මම කිපෙනසුලු වූයේ වෙම්දෝයි. (සලකා බැලිය යුතු) ඇවැත්නි, ඉදින් භික්ෂුතෙම එසේ සලකා බලන්නේ මම කිපෙන ස්වභාව ඇත්තේ නපුරු ක්‍රියාවන්හි ඇලෙන්නෙක් වෙමියි මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්ෂුව විසින් ඒ ලාමකවූ අකුසල ධර්මයන්ගේම දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි. ඇවැත්නි, ඉදින් වනාහි භික්ෂු තෙම සලකා බලන්නේ මම කිපෙන ස්වභාව ඇත්තේ නපුරු ක්‍රියාවන්හි ඇලෙන්නෙක් නොවෙමියි මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්ෂුව විසින් කුසල ධර්මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තෝෂයෙන්ම යුක්තව වාසය කටයුතුයි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. භික්ෂුව තමා විසින්ම තමා මෙසේ සලකා බැලිය යුතුයි. කිමෙක්දෝ, මම කිපෙන ස්වභාව ඇත්තේ වෙම්ද, ක්‍රෝධයට සමීපවූ වචන කියන්නේ වෙම්දැයි (සලකා බැලිය යුතුය) ඇවැත්නි, ඉදින් භික්ෂු තෙම එසේ සලකා බලන්නේ මම කිපෙන ස්වභාව ඇත්තේ වෙමි, ක්‍රෝධයට සමීපවූ වචන කියන්නේ වෙමියි මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්ෂුව විසින් ඒ ලාමකවූ අකුසල ධර්මයන්ගේ දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි. ඇවැත්නි, ඉදින් වනාහි භික්ෂු තෙම එසේ සලකා බලන්නේ මම කිපෙන ස්වභාව ඇත්තේ නොවෙමි. කිපීමට සමීපවූ වචන නොකියන්නේ වෙමියි මෙසේ දනීද ඇවැත්නි, ඒ භික්ෂුව විසින් කුසල ධර්මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තොෂනේම යුක්තව වාසය කටයුතුයි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. භික්ෂුව තමා විසින්ම තමා ගැන මෙසේ සලකා බැලිය යුතුයි. කිමෙක්දෝ මම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කළ තැනැත්තාට ප්රතිවිරුද්ධව සිටිම්දැයි (සලකා බැලිය යුතුය.)
“ඇවැත්නි, ඉදින් භික්ෂුතෙම මෙසේ සලකා බලන්නේ මම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කළ තැනැත්තාට ප්රතිවිරුද්ධව සිටිමියි මෙසේ දනීද ඇවැත්නි, ඒ භික්ෂුව විසින් ඒ ලාමකවූ අකුසල ධර්මයන්ගේම දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි. ඇවැත්නි, ඉදින් වනාහි භික්ෂු තෙම එසේ සලකන්නේ මම චොදනා කරන ලද්දේ, චෝදනා කළ තැනැත්තාට ප්රතිවිරුද්ධව නොසිටිමියි මෙසේ දනීද ඇවැත්නි, ඒ භික්ෂුව විසින් කුසල ධර්මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තෝෂයෙන්ම යුක්තව වාසය කටයුතුයි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. භික්ෂුව තමා විසින්ම තමා මෙසේ සලකා බැලිය යුතුයි, කිමෙක්දෝ මම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කළ තැනැත්තාට අපහාස කරම්දැයි (සලකා බැලිය යුතුයි)
ඇවැත්නි, ඉදින් භික්ෂුතෙම එසේ සලකා බලන්නේ මම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කළ තැනැත්තාට අපහාස කරමියි, මෙසේ දනීද ඇවැත්නි,ඒ භික්ෂුව විසින් ඒ ලාමකවූ අකුසල ධර්මයන්ගේම දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි. ඇවැත්නි, ඉදින් වනාහි භික්ෂුතෙම සලකා බලන්නේ මම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කළ තැනැත්තාට අපහාස නොකරමියි මෙසේ දනීද ඇවැත්නි, ඒ භික්ෂුව විසින් කුසල ධර්මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තෝෂයෙන්ම යුක්තව වාසය කටයුතුයි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. භික්ෂුව තමා විසින්ම තමා මෙසේ සලකා බැලිය යුතුයි. කිමෙක්දෝ, මම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කළ තැනැත්තාට පෙරළා චෝදනා කෙරෙම්දැයි (සලකා බැලිය යුතුය.)
“ඇවැත්නි, ඉදින් භික්ෂු තෙම එසේ සලකා බලන්නේ මම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කළ තැනැත්තාට පෙරළා චෝදනා කරමියි, මෙසේ දනීද ඇවැත්නි, ඒ භික්ෂුව විසින් ඒ ලාමකවූ අකුසල් ධර්මයන්ගේම දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි.
“ඇවැත්නි, ඉදින් වනාහි භික්ෂු තෙම සලකා බලන්නේ මම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කළ තැනැත්තාට පෙරළා චෝදනා නොකරමියි, මෙසේ දනීද ඇවැත්නි, ඒ භික්ෂුව විසින් කුශල ධර්මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තෝෂයෙන්ම යුක්තව වාසය කටයුතුයි
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. භික්ෂුව තමා විසින්ම තමා මෙසේ සලකා බැලිය යුතුය. කිමෙක්දෝ, මම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ අනිකකින් අනිකක් වසම්ද, කථාව පිටතට නමම්ද, කොපයත්, තරහත් නොසතුටත් පහල කෙරෙම්දැයි (සලකා බැලිය යුතුයි.)
“ඇවැත්නි, ඉදින් භික්ෂුතෙම එසේ සලකා බලන්නේ මම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ අනිකකින් අනිකක් වසමි. කථාව පිටතට නමමි, කොපයත්, තරහත්, නොසතුටත් පහල කරමියි, මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්ෂුව විසින් ලාමකවූ ඒ අකුසල ධර්මයන්ගේම දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි. ඇවැත්නි, ඉදින් වනාහි භික්ෂුතෙම සලකන්නේ මම චොදනා කරන්නා විසින් චොදනා කරන ලද්දෙම් අනිකකින් අනිකක් නොඉවසමි. කථාව පිටතට නොනමමි. කොපයත්, තරහත්, නොසතුටත් පහළ නොකරමියි, මෙසේ දනීද, ඇවැත්නි ඒ භික්ෂුව විසින් කුසල ධර්මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තෝෂයෙන්ම යුක්තව වාසය කටයුතුයි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. භික්ෂුව තමා විසින්ම තමා මෙසේ සලකා බැලිය යුතුයි. කිමෙක්දෝ මම චොදනා කරන්නා විසින් චොදනා කරන ලද්දේ, ඇවැත්නි, පැවැත්ම ප්‍රකාශ නොකරන්නෙම් දැයි (සලකා බැලිය යුතුයි.) ඒ භික්ෂුව විසින් එසේ සලකා බලන්නේ චොදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ පැවැත්ම ප්‍රකාශ නොකරන්නෙමියි මෙසේ දනීද, ඇවැත්නි,ඒ භික්ෂුව විසින් ලාමකවූ ඒ අකුසල ධර්මයන්ගේම දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි. ඇවැත්නි, ඉදින් වනාහි භික්ෂුතෙම සලකා බලන්නේ මම චොදනා කරන්නා විසින් චොදනා කරන ලද්දේ පැවැත්ම ප්‍රකාශ කරමියි මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්ෂුව විසින් කුසල ධර්මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තෝෂයෙන්ම යුක්තව වාසය කටයුතුයි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. භික්ෂුව විසින් තමා විසින්ම තමා මෙසේ සලකා බැලිය යුතුයි. කිමෙක්දෝ මම ගුණමකුවූයේ යුගග්‍රාහ ඇත්තේ වෙම්දැයි, (සලකා බැලිය යුතු) ඇවැත්නි, ඉදින් භික්ෂුතෙම එසේ සලකා බලන්නේ, මම ගුණමකුවූයේ යුගග්‍රාහ ඇත්තේ වෙමියි, මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්ෂුව විසින් ඒ ලාමකවූ අකුසල ධර්මයන්ගේම දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි. ඇවැත්නි, ඉදින් වනාහි භික්ෂුතෙම සලකා බලන්නේ මම ගුණමකු නොවූයේ යුගග්‍රාහ නැත්තේ වෙමියි මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්ෂුව විසින් කුසල ධර්මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තෝෂයෙන්ම යුක්තව වාසය කටයුතුයි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි භික්ෂුව විසින් තමා විසින්ම තමා මෙසේ සලකා බැලිය යුතුයි. කිමෙක්දෝ මම ඊර්ෂ්‍යා ඇත්තේ මසුරු බැව් ඇත්තේ වෙම්දෝයි, (සලකා බැලිය යුතුයි.) ඇවැත්නි, ඉදින් භික්ෂුතෙම එසේ සලකා බලන්නේ මම ඊර්ෂ්‍යා ඇත්තේ මසුරු බැව් ඇත්තේ වෙමියි මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්ෂුව විසින් ඒ ලාමකවූ අකුසල ධර්මයන්ගේම දුරු කිරීම පිණිස උත්සාහ කටයුතුයි. ඇවැත්නි, ඉදින් වනාහි භික්ෂුතෙම සලකා බලන්නේ මම ඊර්ෂ්‍යා නැත්තේ මසුරු බැව් නැත්තේ වෙමියි, මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්ෂුව විසින් කුසල ධර්මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තෝෂයෙන්ම යුක්තව වාසය කටයුතුයි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. භික්ෂුව විසින් තමා විසින්ම තමා මෙසේ සලකා බැලිය යුතුයි. කිමෙක්දෝ මම කෛරාටික වූයේ මායා ඇත්තේ වෙම්දෝයි, (සලකා බැලිය යුතු.) ඇවැත්නි, ඉදින් වනාහි භික්ෂුතෙම එසේ සලකා බලන්නේ මම කෛරාටික වූයේ මායා ඇත්තේ වෙමියි මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්ෂුව විසින් ඒ ලාමකවූ අකුසල ධර්මයන්ගේම දුරු කිරීම පිණිස උත්සාහ කටයුතුයි. ඇවැත්නි, ඉදින් වනාහි භික්ෂුතෙම සලකා බලන්නේ මම කෛරාටික නොවූයේ මායා නැත්තේ වෙමියි මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්ෂුව විසින් කුසල ධර්මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තෝෂයෙන්ම යුක්තව වාසය කටයුතුයි.
ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. භික්ෂුව විසින් තමා විසින්ම තමා මෙසේ සලකා බැලිය යුතුයි. කිමෙක්දෝ, මම තදගති ඇත්තේ අධික මාන ඇත්තේ වෙම්දෝයි, (සලකා බැලිය යුතුය) ඇවැත්නි, ඉදින් භික්ෂු තෙම එසේ සලකා බලන්නේ මම තදගති ඇත්තේ අධික මාන ඇත්තේ වෙමියි, මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්ෂුව විසින් ඒ ලාමකවූ අකුසල ධර්මයන්ගේම දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි. ඇවැත්නි, ඉදින් වනාහි භිකෂුතෙම එසේ සලකා බලන්නේ මම තදගති නැත්තේ අධික මාන නැත්තේ වෙමියි, මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්ෂුව විසින් කුසල ධර්මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තොෂයෙන්ම යුක්තව වාසය කටයුතුයි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. භික්ෂුව විසින් තමා විසින්ම තමා මෙසේ සලකා බැලිය යුතුයි. කිමෙක්දෝ මම තමාගේම මතය දැඩිකොට අල්වාගත්තේ තමාගේම ලබ්ධිය දැඩිකොට ගැනීම ඇත්තේ එයින් බැහැර කරවිය නොහැක්කේ වෙම්දෝයි, (සලකා බැලිය යුතුය) ඇවැත්නි, ඉදින් භික්ෂුතෙම එසේ සලකා බලන්නේ, මම තමාගේම මතය අල්වාගත්තේ තමාගේ ලබ්ධිය දැඩිකොට ගැනීම ඇත්තේ එයින් බැහැර කරවිය නොහැක්කේ වෙමියි මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්ෂුව විසින් ඒ ලාමකවූ අකුශල ධර්මයන්ගේම දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි. ඇවැත්නි, ඉදින් වනාහි භික්ෂු තෙම එසේ සලකා බලන්නේ මම තමාගේම මතය අල්වා නොගත්තේ තමාගේම ලබ්ධිය දැඩිකොට ගැනීම නැත්තේ එයින් පහසුවෙන් බැහැර කරවිය හැක්කේ වෙමියි මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්ෂුව විසින් කුසල ධර්මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තොෂයෙන්ම යුක්තව වාසය කටයුතුයි.
“ඇවැත්නි, ඉදින් මහණතෙම සලකා බලන්නේ තමා කෙරෙහි පහනොකළාවූ මේ සියලු ලාමකවූ අකුසලධර්මයන් දකීද, ඇවැත්නි, ඒ භික්ෂුව විසින් මේ සියලු ලාමකවූ අකුසල ධර්මයන්ගේ දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි. ඇවැත්නි, ඉදින් වනාහි භික්ෂුතෙම සලකාබලන්නේ මේ සියලු ලාමකවූ අකුසල ධර්මයන් තමන් කෙරෙහි නැතැයි දකීද, ඇවැත්නි, ඒ භික්ෂුව විසින් කුසල ධර්මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තොෂයෙන්ම යුක්තව වාසය කටයුතුයි.
“ඇවැත්නි, යම්සේ වයසින් අඩුවූ, තරුණවූ සැරසීම ස්වභාව කොට ඇත්තාවූ ස්ත්‍රියෙක් හෝ පුරුෂයෙක් හෝ පිරිසිදුවූ නිර්මල වූ කැඩපතක හෝ පැහැදිලි දිය බඳුනක හෝ තමාගේ මුහුණ බලන්නේ ඉදින් එහි දූවිලි හෝ තල කැලල් පිළිකා ආදී දොසක් හෝ දකීද, එම දූවිලි හෝ කිළුටු හෝ දුරු කිරීම පිණිස යම්සේ වෑයම් කරයිද, ඉදින් එහි දූවිලි හෝ කිළුටක් හෝ නොදකීද, මට ඒකාන්තයෙන් ලාභය, ඒකාන්තයෙන් මාගේ මුහුණ පිරිසිදුයයි, එයින්ම යම්සේ සතුටුවේද, ඇවැත්නි, එපරිද්දෙන්ම ඉදින් භික්ෂුතෙම සලකා බලන්නේ මේ සියලුම ලාමකවූ අකුසල ධර්මයන් තමා කෙරෙහි ඇති බව දකීද, ඇවැත්නි, ඒ භික්ෂුව විසින් සියලුම මේ ලාමකවූ අකුසල ධර්මයන්ගේ දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි. ඇවැත්නි, ඉදින් වනාහි භික්ෂුතෙම සලකා බලන්නේ මේ සියලුම ලාමකවූ අකුසලධර්මයන් තමා කෙරෙහි නැති බව දකීද ඇවැත්නි, ඒ භික්ෂුව විසින් කුසල ධර්මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තොෂයෙන්ම යුක්තව වාසය කටයුතුයි.”
ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරතෙම මෙය වදාළේය. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුය.
|
6. චෙතොඛිලසුත්තං | 6. චෙතොඛිල සූත්‍රය |
185
එවං
‘‘යස්ස කස්සචි, භික්ඛවෙ, භික්ඛුනො පඤ්ච චෙතොඛිලා අප්පහීනා, පඤ්ච චෙතසොවිනිබන්ධා
(චෙතසොවිනිබද්ධා (සී.), චෙතොවිනිබද්ධා (සාරත්ථදීපනීටීකා)) අසමුච්ඡින්නා, සො වතිමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිස්සතීති - නෙතං ඨානං විජ්ජති.
‘‘කතමාස්ස පඤ්ච චෙතොඛිලා අප්පහීනා හොන්ති? ඉධ, භික්ඛවෙ, භික්ඛු සත්ථරි කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති. යො සො, භික්ඛවෙ, භික්ඛු සත්ථරි කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, එවමස්සායං පඨමො චෙතොඛිලො අප්පහීනො හොති.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු ධම්මෙ කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති...පෙ.... එවමස්සායං දුතියො චෙතොඛිලො අප්පහීනො හොති.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සඞ්ඝෙ කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති...පෙ.... එවමස්සායං තතියො චෙතොඛිලො අප්පහීනො හොති.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සික්ඛාය කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති. යො සො, භික්ඛවෙ, භික්ඛු සික්ඛාය කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති, තස්ස චිත්තං න නමති
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සබ්රහ්මචාරීසු කුපිතො හොති අනත්තමනො ආහතචිත්තො ඛිලජාතො. යො සො, භික්ඛවෙ, භික්ඛු සබ්රහ්මචාරීසු කුපිතො හොති අනත්තමනො ආහතචිත්තො ඛිලජාතො, තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං න නමති
|
185
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඩු මහ සිටුහුගේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරණසේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි, කියා භික්ෂූන්ට ආමන්ත්‍රණය කළහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ.
“මහණෙනි, යම්කිසි භික්ෂුවක් විසින් සිත බැඳී පවත්නා කණු වැනි හෙයින් චෙතොඛිල නම්වූ ධර්මපහක් පහනොකරන ලද්දාහුද හිත සම්බන්ධවූ බැමි පසක් නොසිඳින ලද්දාහුද ඒ භික්ෂුතෙම ඒකාන්තයෙන් මේ ශාසනයෙහි අභිවෘද්ධියටද වැඩීමටද මහත් බවටද පැමිණෙන්නේය, යන මේ කාරණය සිදු නොවෙයි ඔහු විසින් පහ නොකරන ලද චෙතොඛිල ධර්මපස කවරහුද? මහණෙනි, මේ ශාසනයෙහි, මහණතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි සැක කරයිද, අවිශ්වාස කරයිද මෙසේ මෙසේයයි නිශ්චයට නොපැමිණේද නොපහදීද මහණෙනි, යම් ඒ භික්ෂුවක් ශාස්තෲන් වහන්සේ කෙරෙහි සැකකෙරේද විශ්වාස නොකෙරේද, නිශ්චයට නොපැමිණේද නොපහදීද ඒ භික්ෂුහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නොනැමේද මෙසේ ඔහු විසින් පළමුවන චෙතොඛිල ධර්මය පහනොකරන ලද්දේ වෙයි.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම ධර්මයෙහි සැකකෙරේද අවිශ්වාස කරයිද මෙසේ මෙසේ යයි නිශ්චයට නොපැමිණේද, නොපහදීද මහණෙනි, යම් භික්ෂුවක් ධර්මයෙහි සැකකෙරේද අවිශ්වාස කරයිද, මෙසේ මෙසේයයි නිශ්චයට නොපැමිණේද නොපහදීද ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නොනැමෙයි, යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස, නිතර වීර්යය කිරීම පිණිස, වීර්යය පිහිටුවීම පිණිස නොනැමේද මෙසේ ඔහු විසින් දෙවෙනි චෙතොඛිල ධර්මය පහ නොකරන ලද්දේ වෙයි.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම සංඝයා කෙරෙහි සැක කෙරේද? අවිශ්වාස කරයිද, මෙසේ මෙසේයයි නිශ්චයට නොපැමිණේද, නොපහදීද මහණෙනි, යම් ඒ භික්ෂුවක් සංඝයා කෙරෙහි සැක කෙරේද? අවිශ්වාස කරයිද, මෙසේ මෙසේ යයි නිශ්චයට නොපැමිණේද, නොපහදීද ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නොනැමේද මෙසේ ඔහු විසින් තුන්වැනි චෙතොඛිල ධර්මය පහ නොකරන ලද්දේ වෙයි.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම ත්‍රිවිධ ශික්ෂාව කෙරෙහි සැකකෙරේද, අවිශ්වාස කෙරේද, නිශ්චයට නොපැමිණේද, නොපහදීද, මහණෙනි, යම් ඒ භික්ෂුවක් ත්‍රිවිධ ශික්ෂාව කෙරෙහි සැකකෙරේද අවිශ්වාස කෙරේද, නිශ්චයට නොපැමිණේද, නොපහදීද, ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස, එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස, නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නොනැමේද මෙසේ ඔහු විසින් සතරවැනිවූ චෙතොඛිල ධර්මය පහ නොකරන ලද්දේ වෙයි.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණෙතෙම සබ්‍රම්සරුන් (එකට මහණ දම් පුරණ භික්ෂූන්) කෙරෙහි කිපියේ නොසතුටු සිත් ඇත්තේ තරහයෙන් මැඩුණු සිත් ඇත්තේ තද ගතියෙන් යුක්තවූයේ වේද, මහණෙනි, යම් ඒ භික්ෂුවක් සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ නොසතුටු සිත් ඇත්තේ තරහයෙන් මැඩුණ සිත් ඇත්තේ තදගතියෙන් යුක්තවූයේ වේද ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නොනැමෙයි යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස, නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නොනැමේද, මෙසේ ඔහු විසින් මේ පස්වැනි චෙතොඛිල ධර්මය පහනොකරන ලද්දේ වෙයි. ඔහු විසින් මේ චෙතොඛිල ධර්ම පස පහ නොකරන ලද්දාහු වෙත්.
|
186
‘‘කතමාස්ස පඤ්ච චෙතසොවිනිබන්ධා අසමුච්ඡින්නා හොන්ති? ඉධ, භික්ඛවෙ, භික්ඛු කාමෙ අවීතරාගො
(අවිගතරාගො (කත්ථචි)) හොති අවිගතච්ඡන්දො අවිගතපෙමො අවිගතපිපාසො අවිගතපරිළාහො අවිගතතණ්හො. යො සො, භික්ඛවෙ, භික්ඛු කාමෙ අවීතරාගො හොති අවිගතච්ඡන්දො අවිගතපෙමො අවිගතපිපාසො අවිගතපරිළාහො අවිගතතණ්හො, තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, එවමස්සායං පඨමො චෙතසොවිනිබන්ධො අසමුච්ඡින්නො හොති.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු කායෙ අවීතරාගො හොති...පෙ.... එවමස්සායං දුතියො චෙතසොවිනිබන්ධො අසමුච්ඡින්නො හොති.
‘‘පුන
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු යාවදත්ථං උදරාවදෙහකං භුඤ්ජිත්වා සෙය්යසුඛං පස්සසුඛං මිද්ධසුඛං අනුයුත්තො විහරති. යො සො, භික්ඛවෙ, භික්ඛු යාවදත්ථං උදරාවදෙහකං භුඤ්ජිත්වා සෙය්යසුඛං පස්සසුඛං මිද්ධසුඛං අනුයුත්තො විහරති, තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, එවමස්සායං චතුත්ථො චෙතසොවිනිබන්ධො අසමුච්ඡින්නො හොති.
‘‘පුන
‘‘යස්ස කස්සචි, භික්ඛවෙ, භික්ඛුනො ඉමෙ පඤ්ච චෙතොඛිලා අප්පහීනා, ඉමෙ පඤ්ච චෙතසොවිනිබන්ධා අසමුච්ඡින්නා, සො වතිමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිස්සතීති - නෙතං ඨානං විජ්ජති.
|
186
“ඔහු විසින් කවර නම් සිත පිළිබඳ බැමි පසක් නොසිඳින ලද්දාහුද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කාමයෙහි පහනුවූ ආශාව ඇත්තේ වේද පහ නුවූ කැමැත්ත ඇත්තේවේද පහ නුවූ ප්‍රේමය ඇත්තේවේද පහ නුවූ පිපාසය ඇත්තේ වේද පහ නුවූ දැවිල්ල ඇත්තේ වේද පහ නුවූ තෘෂ්ණාව ඇත්තේ වේද මහණෙනි, යම් මහණෙක් තෙම කාමයෙහි පහ නුවූ ආශාව ඇත්තේ වේද, පහනුවූ කැමැත් ඇත්තේ වේද පහ නුවූ ප්‍රේමය ඇත්තේ වේද, පහ නුවූ පිපාසය ඇත්තේවේද පහ නුවූ දැවිල්ල ඇත්තේ වේද පහ නුවූ තෘෂ්ණාව ඇත්තේ වේද ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නොනැමේද මෙසේ ඔහු විසින් මේ පළමුවෙනි සිත පිළිබඳ බැම්ම නොසිඳින ලද්දේ වේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම තමන්ගේ කයෙහි පහ නුවූ ආශාව ඇත්තේ වේද පහනොවූ කැමැත්ත ඇත්තේ වේද, පහ නොවූ ප්‍රේමය ඇත්තේ වේද, පහනොවූ පිපාසය ඇත්තේවේද, පහ නොවූ දැවිල්ල ඇත්තේ වේද, පහ නුවූ තෘෂ්ණාව ඇත්තේ වේද මහණෙනි, යම් මේ භික්ෂුවක් තමන්ගේ කයෙහි පහ නුවූ ආශාව ඇත්තේ වේද, පහ නොවූ කැමැත්ත ඇත්තේ වේද පහ නොවූ ප්‍රේමය ඇත්තේ වේද, පහ නොවූ පිපාසය ඇත්තේ වේද පහ නොවූ දැවිල්ල ඇත්තේ වේද, පහනොවූ තෘෂ්ණාව ඇත්තේ වේද, ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නොනැමේද මෙසේ ඔහු විසින් හිත පිළිබඳවූ මේ දෙවෙනි බැම්ම නොසිඳින ලද්දේ වේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම තමාගෙන් අන්‍යවූ රූපයෙහි පහ නුවූ ආශාව ඇත්තේ වේද, පහ නොවූ කැමැත්ත ඇත්තේ වේද පහ නොවූ ප්‍රේමය ඇත්තේවේද, පහනොවූ පිපාසය ඇත්තේ වේද, පහ නොවූ දැවිල්ල ඇත්තේ වේද, පහ නුවූ තෘෂ්ණාව ඇත්තේ වේද, මහණෙනි, යම් ඒ මහණෙක් තමාගෙන් අන්‍යවූ රූපයෙහි පහ නොවූ රාගය ඇත්තේ වේද, පහ නොවූ කැමැත්ත ඇත්තේ වේද, පහ නොවූ ප්‍රේමය ඇත්තේ වේද, පහ නොවූ පිපාසය ඇත්තේ වේද, පහ නොවූ දැවිල්ල ඇත්තේ වේද පහ නුවූ තෘෂ්ණාව ඇත්තේ වේද ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නොනැමේද මෙසේ ඔහු විසින් සිත පිළිබඳවූ මේ තුන් වෙනි බැම්ම නොසිඳින ලද්දේ වෙයි.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම කුස පිරන තෙක් අනුභව කොට නිදීම් සැපයෙහිද, ඒ මේ අත පෙරළි පෙරළී නිදීම් සැපයෙහිද යෙදී වාසය කෙරේද, මහණෙනි, යම් මේ භික්ෂුවක් කුස පිරෙන තෙක් අනුභව කොට නිදන සැපයෙහිද, ඒ මේ අත පෙරළි පෙරළී නිදීම් සැපයෙහිද, යෙදී වාසය කෙරේද ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නොනැමේද මෙසේ ඔහු විසින් හිත පිළිබඳවූ, මේ සතර වෙනි බැම්ම නොසිඳින ලද්දේ වේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම මම මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බ්‍රහ්ම චරියාවෙන් හෝ මහෙශාක්‍ය දෙවියෙක් හෝ වන්නෙම් අල්පේශාක්‍ය දෙවියෙක් හෝ වන්නෙමියි කියා එක්තරා දිව්‍ය නිකායක් ප්‍රාර්ථනා කරගෙන බ්‍රහ්මචර්යාවෙහි හැසිරේද, මහණෙනි, යම් ඒ භික්ෂුවක් මම මේ ශීලයෙන් හෝ වතින් හෝ තපසින් හෝ බ්‍රහ්මචරියාවෙන් හෝ මහෙශාක්‍ය දෙවියෙක් හෝ අල්පේශාක්‍ය දෙවියෙක් හෝ වන්නෙමියි කියා එක්තරා දිව්‍ය නිකායක් ප්‍රාර්ථනා කරගෙන බ්‍රහ්මචර්යාවෙහි හැසිරේද, ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නොනැමේද මෙසේ ඔහු විසින් හිත පිළිබඳවූ මේ පස්වෙනි බැම්ම නොසිඳින ලද්දේ වේ. ඔහු විසින් මේ පස්වැදෑරුම් බැමි නොසිඳින ලද්දේ වේ.
|
187
‘‘යස්ස
‘‘කතමාස්ස පඤ්ච චෙතොඛිලා පහීනා හොන්ති? ඉධ, භික්ඛවෙ, භික්ඛු සත්ථරි න කඞ්ඛති න විචිකිච්ඡති අධිමුච්චති සම්පසීදති. යො සො, භික්ඛවෙ, භික්ඛු සත්ථරි න කඞ්ඛති න විචිකිච්ඡති අධිමුච්චති සම්පසීදති, තස්ස චිත්තං නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, එවමස්සායං පඨමො චෙතොඛිලො පහීනො හොති.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු ධම්මෙ න කඞ්ඛති න විචිකිච්ඡති අධිමුච්චති සම්පසීදති...පෙ.... එවමස්සායං දුතියො චෙතොඛිලො පහීනො හොති.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සඞ්ඝෙ න කඞ්ඛති න විචිකිච්ඡති අධිමුච්චති සම්පසීදති...පෙ.... එවමස්සායං තතියො චෙතොඛිලො පහීනො හොති.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සික්ඛාය න කඞ්ඛති න විචිකිච්ඡති අධිමුච්චති සම්පසීදති...පෙ.... එවමස්සායං චතුත්ථො චෙතොඛිලො පහීනො හොති.
‘‘පුන
|
187
“මහණෙනි, යම්කිසි භික්ෂුවක් විසින් චෙතොඛිල ධර්ම පසද මේ විනිබන්ධ ධර්මපසද නොසිඳින ලද්දාහුද ඒ භික්ෂුතෙම ඒකාන්තයෙන් මේ ශාසනයෙහි අභිවෘද්ධියටද වැඩීමටද මහත් බවටද පැමිණෙන්නේය යන මේ කාරණය සිදු නොවෙයි.
“මහණෙනි, යම් කිසි භික්ෂුවක් විසින් මේ පස් වැදෑරුම් චෙතොඛිල ධර්මයෝත් පස්වැදෑරුම් විනිබන්ධ ධර්මයෝත් සිඳින ලද්දාහුද ඒ භික්ෂු තෙම ඒ කාන්තයෙන් මේ ශාසනයෙහි අභිවෘද්ධියටද වැඩීමටද මහත් බවටද පැමිණෙන්නේය යන මේ කාරණය සිදුවෙයි. ඔහු විසින් කවර නම් චෙතොඛිල ධර්ම පසක් පහකරන ලද්දාහුද යත්?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි සැක නොකෙරේද, අවිශ්වාස නොකෙරේද, නිශ්චයට පැමිණේද, පහදීද, මහණෙනි, යම් ඒ භික්ෂුවක් ශාස්තෲන් වහන්සේ කෙරෙහි සැක නොකෙරේද, අවිශ්වාස නොකෙරේද, නිශ්චයට පැමිණේද, පහදීද, ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස, වීර්යය පිහිටුවීම පිණිස නැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්ය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නැමේද මෙසේ ඔහු විසින් මේ පළමුවැනි චෙතොඛිල ධර්මය පහ කරන ලද්දේ වෙයි.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම ධර්මයෙහි සැක නොකෙරේද අවිශ්වාස නොකෙරේද මෙසේ මෙසේයයි නිශ්චයට පැමිණේද, පහදීද, මහණෙනි, යම් මේ භික්ෂුවක් ධර්මයෙහි සැක නොකෙරේද, අවිශ්වාස නොකෙරේද, මෙසේ මෙසේයයි නිශ්චයට පැමිණේද, පහදීද ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස, වීර්යය පිහිටුවීම පිණිස, නැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්යය පිණිස, එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස, නිතර වීර්යය කිරීම පිණිස, වීර්යය පිහිටුවීම පිණිස නැමේද මෙසේ ඔහු විසින් මේ දෙවැනි චෙතොඛිල ධර්මය පහකරන ලද්දේ වෙයි.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම සංඝයා කෙරෙහි සැක නොකෙරේද, අවිශ්වාස නොකෙරේද, මෙසේ මෙසේයයි නිශ්චයට පැමිණේද, පහදීද, මහණෙනි, යම් මේ භික්ෂුවක් සංඝයා කෙරෙහි සැක නොකෙරේද, අවිශ්වාස නොකෙරේද, මෙසේ මෙසේයයි නිශ්චයට පැමිණේද, පහදීද ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස, එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස, වීර්යය පිහිටුවීම පිණිස නැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස, වීර්යය පිහිටුවීම පිණිස නැමේද, මෙසේ ඔහු විසින් මේ තුන්වැනි චෙතොඛිල ධර්මය පහ කරන ලද්දේ වේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම ත්‍රිවිධ ශික්ෂාව කෙරෙහි සැක නොකෙරේද, අවිශ්වාස නොකෙරේද, මෙසේ මෙසේයයි නිශ්චයට පැමිණේද, පහදීද, මහණෙනි, යම් මේ භික්ෂුවක් ත්‍රිවිධ ශික්ෂාව කෙරෙහි සැක නොකෙරේද, අවිශ්වාස නොකරේද මෙසේ මෙසේ යයි නිශ්චයකට පැමිණේද, පහදීද. ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස, නිතර වීර්යය කිරීම පිණිස, වීර්යය පිහිටුවීම පිණිස නැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්යය පිණිස, එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස, නිතර වීර්යය කිරීම පිණිස, වීර්යය පිහිටුවීම පිණිස නැමේද, මෙසේ ඔහු විසින් මේ සතරවැනි චෙතොඛිල ධර්මය පහ කරන ලද්දේ වෙයි.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම සබ්‍රම්සරුන් (එකට මහණ දම් පුරණ භික්ෂූන්) කෙරෙහි නොකිපියේ සතුටු සිත් ඇත්තේ තරහෙන් නොමඩනා ලද සිත් ඇත්තේ තද ගතියක් නැත්තේ වේද, මහණෙනි, යම් මේ භික්ෂුවක් සබ්‍රම්සරුන් කෙරෙහි නොකිපියේ සතුටු සිත් ඇත්තේ තරහෙන් නොමඩනා ලද සිත් ඇත්තේ තදගති නැත්තේ වේද ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස. එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස, නිතර වීර්යය කිරීම පිණිස, වීර්යය පිහිටුවීම පිණිස නැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්ය පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස, නිතර වීර්ය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නැමේද මෙසේ ඔහු විසින් මේ පස්වන චෙතොඛිල ධර්මය පහ කරන ලද්දේ වෙයි. මෙසේ ඔහු විසින් මේ චෙතොඛිල ධර්ම පස පහ කරන ලද්දාහු වෙත්.
|
188
‘‘කතමාස්ස
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු කායෙ වීතරාගො හොති...පෙ.... රූපෙ වීතරාගො හොති...පෙ.... න යාවදත්ථං උදරාවදෙහකං භුඤ්ජිත්වා සෙය්යසුඛං පස්සසුඛං මිද්ධසුඛං අනුයුත්තො විහරති. යො සො, භික්ඛවෙ, භික්ඛු න යාවදත්ථං උදරාවදෙහකං භුඤ්ජිත්වා සෙය්යසුඛං පස්සසුඛං මිද්ධසුඛං අනුයුත්තො විහරති, තස්ස චිත්තං නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, එවමස්සායං චතුත්ථො චෙතසොවිනිබන්ධො සුසමුච්ඡින්නො හොති.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු න අඤ්ඤතරං දෙවනිකායං පණිධාය බ්රහ්මචරියං චරති - ‘ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්රහ්මචරියෙන වා දෙවො වා භවිස්සාමි දෙවඤ්ඤතරො
‘‘යස්ස
|
188
“ඔහු විසින් කවර නම් සිත පිළිබඳ බැමි පසක් සිඳින ලද්දාහු වෙත්ද? මහණෙනි, මේ ලෝකයෙහි මහණ තෙම කාමයෙහි පහවූ ආශාව ඇත්තේ වේද, පහවූ කැමැත්ත ඇත්තේ වේද, පහවූ ප්‍රේමය ඇත්තේ වේද, පහවූ පිපාසා ඇත්තේ වේද, පහවූ දැවිල්ල ඇත්තේ වේද, පහවූ තෘෂ්ණාව ඇත්තේ වේද, මහණෙනි, යම් මේ භික්ෂුවක් කාමයෙහි පහවූ ආශාව ඇත්තේ වේද, පහවූ කැමැත්ත ඇත්තේ වේද, පහවූ ප්‍රේමය ඇත්තේ වේද, පහවූ පිපාසය ඇත්තේ වේද, පහවූ දැවිල්ල ඇත්තේ වේද, පහවූ තෘෂ්ණාව ඇත්තේ වේද ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය පිණිස, එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස, නිතර වීර්යය කිරීම පිණිස, වීර්යය පිහිටුවීම පිණිස නැමෙයි යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස, එම වීර්යෙහි නැවත නැවත යෙදීම පිණිස, නිතර වීර්යය කිරීම පිණිස, වීර්යය පිහිටුවීම පිණිස නැමේද මෙසේ ඔහු විසින් හිත පිළිබඳවූ මේ පළමුවෙනි විනිබන්ධය මනාකොට සිඳින ලද්දේ වේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම තමන්ගේ කයෙහි පහවූ ආශාව ඇත්තේ වේද, පහවූ කැමැත්ත ඇත්තේ වේද, පහවූ ප්‍රේමය ඇත්තේ වේද, පහවූ පිපාසය ඇත්තේ වේද, පහවූ දැවිල්ල ඇත්තේ වේද, පහවූ තෘෂ්ණාව ඇත්තේ වේද, මහණෙනි, යම් මේ භික්ෂුවක් තමන්ගේ කයෙහි පහවූ ආශාව ඇත්තේ වේද, පහවූ කැමැත්ත ඇත්තේ වේද, පහවූ ප්‍රේමය ඇත්තේ වේද, පහවූ පිපාසය ඇත්තේ වේද, පහවූ දැවිල්ල ඇත්තේ වේද, පහවූ තෘෂ්ණාව ඇත්තේ වේද, ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස, එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස, වීර්යය පිහිටුවීම පිණිස නැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස, එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නැමේද, මෙසේ ඔහු විසින් හිත පිළිබඳවූ මේ දෙවෙනිවූ විනිබන්ධය මනාකොට සිඳින ලද්දේ වේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම බාහිරවූ රූපයෙහි පහවූ ආශාව ඇත්තේ වේද, පහවූ කැමැත්ත ඇත්තේ වේද, පහවූ ප්‍රේමය ඇත්තේ වේද, පහවූ පිපාසය ඇත්තේ වේද, පහවූ දැවිල්ල ඇත්තේ වේද, පහවූ තෘෂ්ණාව ඇත්තේ වේද, මහණෙනි, යම් ඒ භික්ෂුවක් බාහිරවූ රූපයෙහි පහවූ රාගය ඇත්තේ වේද, පහවූ කැමැත්ත ඇත්තේ වේද, පහවූ ප්‍රෙමය ඇත්තේ වේද, පහවූ පිපාසය ඇත්තේ වේද, පහවූ දැවිල්ල ඇත්තේ වේද, පහවූ තෘෂ්ණාව ඇත්තේ වේද, ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස, එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස, නිතර වීර්යය කිරීම පිණිස, වීර්යය පිහිටුවීම පිණිස නැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස, වීර්යය පිහිටුවීම පිණිස නැමේද, මෙසේ ඔහු විසින් හිත පිළිබඳවූ මේ තුන්වෙනි විනිබන්ධය මනාකොට සිඳින ලද්දේ වේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම බඩ පුරා අනුභවකොට සයන සැපයෙහිද, ඒ මේ අත පෙරළෙමින් නිදන සැපයෙහිද, නිදි සැපයෙහිද යෙදී වාසය නොකෙරේද, මහණෙනි, යම් ඒ භික්ෂුවක් බඩ පුරා අනුභව කොට සයන සැපයෙහිද ඒ මේ අත පෙරළෙමින් නිදන සැපයෙහිද, නිදි සැපයෙහිද යෙදී සයනය නොකෙරේද, ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස, එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස, නිතර වීර්යය කිරීම පිණිස, වීර්යය පිහිටුවීම පිණිස නැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස, වීර්යය පිහිටුවීම පිණිස නැමේද මෙසේ ඔහු විසින් සිත පිළිබඳවූ මේ සතරවෙනි විනිබන්ධය මනාකොට සිඳින ලද්දේ වේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම මම මේ ශීලයෙන් හෝ මේ වතින් හෝ මේ තපසින් හෝ මේ බ්‍රහ්ම චරියාවෙන් හෝ මහෙශාක්‍ය දෙවියෙක් හෝ වන්නෙමි. අල්පෙශාක්‍ය දෙවියෙක් හෝ, වන්නෙමියි කියා එක්තරා දිව්‍ය නිකායක් ප්‍රාර්ථනා කරගෙන බ්‍රහ්මචර්යාවෙහි නොහැසිරේද, මහණෙනි, යම් ඒ භික්ෂුවක් මම මේ ශීලයෙන් හෝ මේ වතින් හෝ මේ තපසින් හෝ මේ බ්‍රහ්මචරියාවෙන් හෝ මහෙශාක්‍ය දෙවියෙක් හෝ වන්නෙමි. අල්පෙශාක්‍ය දෙවියෙක් හෝ වන්නෙමියි කියා එක්තරා දිව්‍ය නිකායක් ප්‍රාර්ථනා කරගෙන බ්‍රහ්මචරියාවෙහි නොහැසිරේද, ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නැමේද මෙසේ ඔහු විසින් හිත පිළිබඳවූ මේ පස්වෙනිවූ විනිබන්ධය මනා කොට සිඳින ලද්දේ වෙයි. ඔහු විසින් හිත පිළිබඳවූ මේ විනිබන්ධ පස මනාකොට සිඳින ලද්දාහු වෙත්.
“මහණෙනි, යම්කිසි භික්ෂුවක් විසින් මේ චෙතොඛිල ධර්ම පසද මේ විනිබන්ධ ධර්ම පසද සිඳින ලද්දාහුද ඒ භික්ෂු තෙම ඒකාන්තයෙන් මේ ශාසනයෙහි අභිවෘද්ධියටද වැඩීමටද නැගීමටද මහත් බවටද පැමිණෙන්නේය යන මේ කාරණය සිදුවෙයි.
|
189
‘‘සො ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, වීරියසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, චිත්තසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
|
189
“ඒ භික්ෂුතෙම ඡන්දය නිසා පැවති සමාධිය ප්‍රධානකොට ඇති සංස්කාරයන්ගෙන් යුක්තවූ ඍද්ධිපාදය වඩයි. හිත නිසා පැවති සමාධිය ප්‍රධානකොට ඇති සංස්කාරයන්ගෙන් යුක්තවූ ඍද්ධිපාදය වඩයි. වීර්යය නිසා පැවති සමාධිය ප්‍රධානකොට ඇති සංස්කාරයන්ගෙන් යුක්තවූ ඍද්ධිපාදය වඩයි. විමංසාව නිසා පැවති සමාධිය ප්‍රධානකොට ඇති සංස්කාරයන්ගෙන් යුක්තවූ ඍද්ධිපාදය වඩයි. සෑමතන්හි කටයුතු වීර්යයම හෙවත් සියලු කටයුතු සිදුකරන වීර්යයම පස්වෙනිකොට ඇත්තේ වේද, මහණෙනි, මෙසේ සියලු අභිවෘද්ධිය සිදුකරන වීර්යය සහිත පසළොස් අඩ්ගයකින් සමන්විතවූ ඒ මේ භික්ෂු තෙම නුවණින් කෙලෙස් බිඳීමට සුදුසු වේ. සතරමාර්ගඥානය අවබෝධ කරගැනීමට යොග්‍යවේ. උතුම්වූ අර්හත්ඵල අවබෝධයට යොග්‍ය වේ. මහණෙනි, යම්සේ කිකිළියගේ බිජුවට අටක් හෝ දහයක් හෝ දොළසක් හෝ වෙද්ද ඒ බිජුවට කිකිළිය විසින් මනාකොට රකින ලද්දාහු උණුසුම් කරන ලද්දාහු මනාකොට වඩන ලද්දාහු වෙත්ද, ඒ කිකිළියට මාගේ කුකුල් පැටව් පයේ නියවලින් හෝ හොටෙන් හෝ සුවසේ බීජයන් බිඳගෙන නික්මෙන්නාහුනම් ඉතායෙහෙකැයි යන මෙබඳු ආශාවක් නූපදින්නීය. එහෙත් ඒ කුකුල් පැටව් පයේ නියවලින් හෝ හොටෙන් හෝ සුවසේ බිජු බිඳගෙන නික්මෙන්නට යොග්යවූවාහු වෙද්ද, මහණෙනි, එපරිද්දෙන්ම මෙසේ සියලු කටයුතු සිදුකරණ වීර්යය සහිත පසළොස් අඩ්ගයෙන් සමන්විතවූ මහණ තෙම නුවණින් කෙලෙස් බිඳීමට යොග්‍යවේ. සතර මාර්ගඥානය අවබෝධයට යොග්‍යවේ. උතුම්වූ අර්හත් ඵලයාගේ අවබෝධයට යොග්‍ය වේමය.”
භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය වදාළහ. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිත්තෝය.
|
7. වනපත්ථසුත්තං | 7. වනපත්ථ සූත්‍රය |
190
එවං
|
190
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඩු මහසිටුහු විසින් කරවන ලද ජේතවන නම් ආරාමයෙහි වැඩවාසය කරති. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ කියා භික්ෂූන්ට ආමන්ත්‍රණය කළසේක. ‘ස්වාමීනි, කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
“මහණෙනි, තොපට වනපත්ථ පර්යාය (අරණ්‍ය සේනාසන පිළිබඳ ක්‍රමය) දේශනා කරන්නෙමි. එය අසව් මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි” ඒ භික්ෂූහු ‘එසේය ස්වාමීනි,’ කියා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.
|
191
‘‘ඉධ, භික්ඛවෙ, භික්ඛු අඤ්ඤතරං වනපත්ථං උපනිස්සාය විහරති. තස්ස තං වනපත්ථං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චෙව සති න උපට්ඨාති, අසමාහිතඤ්ච
|
191
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම එක්තරා වන සෙනසුනක් ඇසුරු කොට වාසය කරයිද, ඒ වන සෙනසුන ඇසුරු කොට වාසය කරන්නාවූ ඔහුට පෙර එළඹ නොසිටියාවූ සිහිය එළඹ නොසිටියිද, එකඟ නොවූ සිත එකඟ නොවෙයිද, පහ නොකළාවූ කෙලෙස් විනාශයට නොපැමිණේද, නොපැමිණියාවූ නිවණට නොපැමිණෙයිද, පැවිද්දන් විසින් ලැබිය යුතුවූ සිවුරුය, ආහාරය, සෙනසුන්ය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිත පැවැත්මට අවශ්‍යවූ යම් දේ වෙත්ද, ඒ දේ ඔහුට දුකසේ ලැබෙත්ද මහණෙනි, ඒ මහණ විසින් මෙසේ සැලකිය යුතුයි. ‘මම වනාහී මේ වන සෙනාසනය ඇසුරු කොට වාසය කරමි. මේ වන සෙනසුන ඇසුරු කොට වාසය කරන්නාවූ ඒ මට පෙර එළඹ නොසිටි සිහිය එළඹ නොසිටියි එකඟනුවූ සිත එකඟ නොවෙයි. පහ නුවූ කෙලෙස් පහවීමට නොපැමිණෙයි පෙර නොපැමිණියාවූ උතුම්වූ නිර්වාණයටද නොපැමිණෙයි. පැවිද්දා විසින් ලැබිය යුතුවූ සිවුරුය, ආහාරය, සෙනසුන්ය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන යමක් ඇද්ද එය දුකසේ ලැබේය’යි සිතිය යුතුය. මහණෙනි, ඒ මහණ විසින් රාත්‍රි කාලයෙහි හෝ දහවල් කාලයෙහි හෝ ඒ වන සෙනසුන අත්හැර යායුතුයි. එහි නොසිටිය යුතුයි.
|
192
‘‘ඉධ පන, භික්ඛවෙ, භික්ඛු අඤ්ඤතරං වනපත්ථං උපනිස්සාය විහරති. තස්ස තං වනපත්ථං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චෙව සති න උපට්ඨාති, අසමාහිතඤ්ච චිත්තං න සමාධියති, අපරික්ඛීණා ච ආසවා න පරික්ඛයං ගච්ඡන්ති, අනනුප්පත්තඤ්ච අනුත්තරං යොගක්ඛෙමං නානුපාපුණාති. යෙ ච ඛො ඉමෙ පබ්බජිතෙන ජීවිතපරික්ඛාරා සමුදානෙතබ්බා - චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරා - තෙ අප්පකසිරෙන සමුදාගච්ඡන්ති. තෙන
|
192
“මහණෙනි මේ ශාසනයෙහි මහණතෙම එක්තරා වනසෙනසුනක් ඇසුරුකොට වාසයකරයිද, ඒ වනසේනාසනය ඇසුරු කොට වාසයකරන්නාවූ ඔහුට පෙර එළඹ නොසිටියාවූ සිහිය එළඹ නොසිටියිද, එකඟ නොවූ සිත එකඟ නොවෙයිද, පහ නොකළාවූ කෙලෙස් විනාශයට නොපැමිණෙයිද, නොපැමිණියාවූ උතුම්වූ නිර්වාණයට නොපැමිණෙයිද, එහෙත් පැවිද්දන් විසින් ලැබිය යුතුවූ සිවුරුය, ආහාරය, සෙනසුන්ය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවත්වීමට අවශ්‍ය යම් දෙයක් වෙයිද එය ඔහුට පහසුවෙන් ලැබෙයි. මහණෙනි, ඒ මහණ විසින් මෙසේ සැලකිය යුතුයි. ‘මම වනාහි මේ වන සේනාසනය ඇසුරුකොට වාසය කරමි. මේ වන සෙනසුන ඇසුරුකොට වාසය කරන්නාවූ මට පෙර එළඹ නොසිටි සිහිය එළඹ නොසිටියි, එකඟනුවූ සිත එකඟ නොවෙයි. පහ නොකළාවූ කෙලෙස් නැතිවීමට නොපැමිණෙයි, පෙර නොපැමිණියාවූ උතුම්වූ නිර්වාණයටද නොපැමිණෙයි. එහෙත් පැවිද්දහු විසින් ලැබිය යුතු සිවුරුය, ආහාරය, සෙනසුන්ය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවත්වීමට අවශ්‍ය යම් දෙයක් වෙයිද, එය මට පහසුවෙන් ලැබේ. එතකුදු වුවත් මේ වන සෙනසුන ඇසුරු කොට වාසය කරන්නාවූ මට එළඹ නොසිටි සිහිය එළඹ නොසිටියි. එකඟ නොවූ සිත එකඟ නොවෙයි. පහ නොවූ කෙලෙස් පහ නොවෙයි. නොපැමිණියාවූ උතුම් නිවණට නොපැමිණෙමි. මහණෙනි, ‘මම වනාහි සිවුරු උදෙසා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි නොවූයෙමි. ආහාරය උදෙසා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි නොවීමි. සෙනසුන් උදෙසා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි නොවූයෙමි. ගිලන්පස බෙහෙත් පිරිකර උදෙසා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි නොවීමි’යි සිතා, මහණෙනි, ඒ භික්ෂුව විසිනුදු ඒ වන සෙනසුන හැර යා යුතුයි. එහි නොවිසිය යුතුයි.
|
193
‘‘ඉධ
|
193
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම එක්තරා වන සෙනසුනක් ඇසුරුකොට වාසය කරයිද, ඒ වන සෙනසුන ඇසුරු කොට වාසය කරන්නාවූ ඔහුට පෙර එළඹ නොසිටියාවූ සිහිය එළඹ සිටියිද, එකඟ නොවූ සිත එකඟ වෙයිද, පහ නොවූ කෙලෙස් පහ වෙයිද, නොපැමිණියාවූ උතුම් නිවණට පිළිවෙළින් පැමිණෙයිද, (එහෙත්) පැවිද්දා විසින් ලැබිය යුතුවූ සිවුරුය, ආහාරය, සෙනසුන්ය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් වෙයිද, මෙය ඔහුට දුකසේ ලැබේද, මහණෙනි, ඒ භික්ෂුව විසින් මෙසේ සිහිකටයුතුයි. ‘මම වනාහි මේ වන සෙනාසනය ඇසුරු කොට වාසය කරමි. මේ වන සෙනාසනය ඇසුරු කොට වාසය කරන්නාවූ මට පෙර එළඹ නොසිටියාවූ සිහිය එළඹ සිටියි එකඟ නොවූ සිත එකඟ වෙයි. පහ නොවූ කෙලෙස් පහවී යයි. නොපැමිණියාවූ උතුම් නිවණටද පිළිවෙළින් පැමිණෙමි. (එහෙත්) පැවිද්දා විසින් ලැබිය යුතුවූ සිවුරුය, ආහාරය, ගිලන්පස, බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් වෙයිද, එය මාහට දුකසේ ලැබේ. මම වනාහි සිවුරු උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයේ නොවෙමි. ආහාරය උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. සෙනාසන උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. ගිලන්පස, බෙහෙත් පිරිකර උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි එතකුදු වුවත් මේ වන සෙනසුන ඇසුරු කොට වාසය කරන්නාවූ මට පෙර එළඹ නොසිටියාවූ සිහිය එළඹ සිටියි, එකඟ නොවූ සිතද එකඟ වෙයි පහ නොවූ කෙලෙස්ද පහවී යයි. නොපැමිණියාවූ උතුම් නිවණට පිළිවෙළින් පැමිණෙමි’යි සිතා, මහණෙනි, ඒ භික්ෂුව විසින් එම සෙනාසනයෙහි විසිය යුතුයි. බැහැර නොයා යුතුයි.
|
194
‘‘ඉධ
|
194
“මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම එක්තරා වන සෙනසුනක් ඇසුරුකොට වාසයකරයිද, ඒ වනසෙනසුන ඇසුරු කොට වාසය කරන්නාවූ ඕහට පෙර එළඹ නොසිටි සිහිය එළඹ සිටියිද, එකඟ නොවූ සිත එකඟ වෙයිද, පහනොවූ කෙලෙස් පහවී යයිද, නොපැමිණියාවූ උතුම් නිවණට පිළිවෙළින් පැමිණෙයිද, පැවිද්දහු විසින් ලැබිය යුතු සිවුරුය, ආහාරය, සෙනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවත්වීමට අවශ්‍ය යමක් වෙයිද, එය ඔහුට සුවසේ ලැබේද මහණෙනි, ඒ මහණ විසින් මෙසේ සිහිකටයුතුයි ‘මම වනාහි මේ වන සෙනසුන ඇසුරු කොට වාසය කරමි මේ වන සෙනසුන ඇසුරු කොට වාසය කරන්නාවූ ඒ මට පෙර එළඹ නොසිටි සිහියද එළඹ සිටියි. එකඟ නොවූ සිත එකඟ වෙයි. පහ නොවූ කෙලෙස්ද පහවී යයි. නොපැමිණියාවූ උතුම් නිවණට පිළිවෙළින් පැමිණෙමි. පැවිද්දා විසින් ලැබිය යුතුවූ සිවුරුය, ආහාරය, සෙනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයට අවශ්‍ය යමක් වෙයිද, ඒවා සුවසේ ලැබෙත්ය’යි සිතිය යුතුයි. ඒ භික්ෂුව විසින් දිවි ඇතිතාක් ඒ වන සෙනසුනෙහි විසිය යුතුයි. බැහැර නොයා යුතුයි.
|
195
‘‘ඉධ, භික්ඛවෙ, භික්ඛු අඤ්ඤතරං ගාමං උපනිස්සාය විහරති
|
195
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම එක්තරා ගමක් ඇසුරුකොට වාසය කරයිද, ඒ ගම ඇසුරු කොට වාසය කරන්නාවූ ඔහුට පෙර එළඹ නොසිටි සිහිය එළඹ නොසිටියිද, එකඟ නොවූ සිත එකඟ නොවෙයිද, පහනොකළාවූ කෙලෙස් නැතිවීමට නොපැමිණෙයිද, නොපැමිණියාවූ උතුම් නිවණට නොපැමිණෙයිද, පැවිද්දා විසින් ලැබිය යුතුවූ සිවුරුය, ආහාරය, සෙනසුන්ය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයට අවශ්‍ය යමක් වෙයිද එය ඔහුට දුකසේ ලැබෙයිද, මහණෙනි, ඒ මහණ විසින් මෙසේ සිහි කටයුතුයි. ‘මම වනාහි මේ ගම ඇසුරුකොට වාසය කරමි මේ ගම ඇසුරුකොට වාසය කරන්නාවූ ඒ මට පෙර එළඹ නොසිටියාවූ සිහිය එළඹ නොසිටියි. එකඟ නොවූ සිත එකඟ නොවෙයි. පහ නොකළාවූ කෙලෙස් පහවීමට නොපැමිණෙයි. නොපැමිණියාවූ උතුම්වූ නිවණට නොපැමිණෙයි පැවිද්දා විසින් ලැබිය යුතුවූ සිවුරුය, ආහාරය, සෙනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවත්වීමට අවශ්‍ය යම් දෙයක් වෙයිද, එය දුකසේ ලැබේය’යි සැලකිය යුතුයි. මහණෙනි, ඒ භික්ෂුව විසින් රාත්‍රි භාගයෙහි හෝ දවල් කාලයෙහි හෝ ඒ ගම අත්හැර යායුත්තේය. එහි නොවිසිය යුතුය.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම එක්තරා ගමක් ඇසුරුකොට වාසය කරයිද, ඒ ගම ඇසුරු කොට වාසය කරන්නාවූ ඔහුට පෙර එළඹ නොසිටි සිහිය එළඹ නොසිටියිද, එකඟ නොවූ සිත එකඟ නොවෙයිද, පහ නොවූ කෙලෙස් විනාශයට නොපැමිණෙයිද, නොපැමිණියාවූ උතුම් නිවණට නොපැමිණෙයිද, පැවිද්දා විසින් ලැබිය යුතු සිවුරුය, ආහාරය, සෙනාසනය, ගිලන්පසය, බෙහෙත් පිරිකර යන ජීවත්වීමට අවශ්‍ය යම් දෙයක් වෙයිද, එය ඔහුට සුවසේ ලැබෙයිද, මහණෙනි ඒ භික්ෂුව විසින් මෙසේ සිහි කටයුතුයි. ‘මම වනාහි මේ ගම ඇසුරු කොට වාසය කරමි. මේ ගම ඇසුරු කොට වාසය කරන්නාවූ ඒ මට පෙර එළඹ නොසිටි සිහිය එළඹ නොසිටියි. එකඟ නොවූ සිත එකඟ නොවෙයි. පහ නොවූ කෙලෙස් පහ නොවෙයි. නොපැමිණියාවූ උතුම් නිවණට නොපැමිණෙයි. පැවිද්දා විසින් ලැබිය යුතුවූ සිවුරුය, ආහාරය, සෙනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවත්වීමට අවශ්‍ය යම් දෙයක් වෙයිද එය සුවසේ ලැබෙයි. ‘මම වනාහි සිවුරු උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි නොවූයෙමි. ආහාරය උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. සෙනාසන උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. ගිලන්පස බෙහෙත් පිරිකර උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. එතකුදු වුවත් මේ ගම ඇසුරුකොට වාසයකරන්නාවූ මට පෙර නූපන් සිහිය නූපදියි, එකඟ නොවූ සිත එකඟ නොවෙයි, පහ නොවූ කෙලෙස් පහ නොවෙයි, නොපැමිණියාවූ උතුම් නිවණට නොපැමිණෙමි’යි සිතා මහණෙනි, ඒ භික්ෂුව විසින් ඒ ගම අත්හැර යා යුත්තේය. එහි නොවිසිය යුත්තේය.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම එක්තරා ගමක් ඇසුරුකොට වාසය කෙරේද, ඒ ගම ඇසුරු කොට වාසය කරන්නාවූ ඔහුට නූපන්නාවූ සිහිය උපදියිද, එකඟ නොවූ සිත එකඟ වෙයිද, පහ නොවූ කෙලෙස් පහ වෙයිද, නොපැමිණියාවූ උතුම් නිවණට පැමිණෙයිද, පැවිද්දා විසින් ලැබිය යුතු සිවුරුය, ආහාරය, සෙනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් වෙයිද එය ඔහුට දුකසේ ලැබෙයිද, මහණෙනි. ඒ භික්ෂුව විසින් මෙසේ සැලකිය යුතුයි. ‘මම වනාහි මේ ගම ඇසුරු කොට වාසය කරමි. මේ ගම ඇසුරු කොට වාසය කරන්නාවූ ඒ මට පෙර නූපන් සිහිය උපදියි. එකඟ නොවූ සිතද එකඟ වෙයි. පහ නොවූ කෙලෙස් පහවෙයි. නොපැමිණියා වූද උතුම් නිවණට පැමිණෙමි. පැවිද්දා විසින් ලැබිය යුතුවූ සිවුරුය, පිණ්ඩපාතය, සෙනාසනය, ගිලන්පස, බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය යම් දෙයක් වෙයිද, මොව්හු මට දුකසේ ලැබෙත්. මම වනාහි සිවුරු උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයේ නොවෙමි. ආහාරය උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. සෙනාසන උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. ගිලන්පස බෙහෙත් පිරිකර උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. එතකුදු වුවත් මේ ගම ඇසුරුකොට වාසය කරන්නාවූ මට පෙර එළඹ නොසිටි සිහිය එළඹ සිටියි. එකඟ නොවූ සිතද එකඟ වෙයි පහ නොවූ කෙලෙස්ද පහවීයයි. නොපැමිණියාවූ උතුම් නිවණටද පිළිවෙළින් පැමිණෙමියි’ සිතා, මහණෙනි, ඒ භික්ෂුව විසින් එම ගම විසිය යුතුය. බැහැර නොයා යුතුය.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම එක්තරා ගමක් ඇසුරු කොට වාසය කරයිද, ඒ ගම ඇසුරු කොට වාසය කරන්නාවූ ඔහුට, පෙර එළඹ නොසිටි සිහිය එළඹ සිටියිද, එකඟ නොවූ සිත එකඟ වෙයිද, පහ නොවූ කෙලෙස් පහවී යයිද, නොපැමිණියාවූ උතුම් නිවණට පිළිවෙළින් පැමිණෙයිද පැවිද්දා විසින් ලැබිය යුතු සිවුරුය, ආහාරය, සෙනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවත්වීමට අවශ්‍ය යමක් වෙයිද එය ඔහුට සුවසේ ලැබේද, මහණෙනි ඒ භික්ෂුව විසින් මෙසේ සැලකිය යුතුයි. ‘මම වනාහි මේ ගම ඇසුරු කොට වාසය කරමි. මේ ගම ඇසුරු කොට වාසය කරන්නාවූ ඒ මට පෙර එළඹ නොසිටි සිහිය එළඹ සිටියි. එකඟ නොවූ සිතද එකඟවෙයි. පහ නොවූ කෙලෙස්ද පහවීයයි. නොපැමිණියාවූ උතුම් නිවණට පිළිවෙළින් පැමිණෙමි. පැවිද්දා විසින් ලැබිය යුතු සිවුරුය, ආහාරය, සෙනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයට අවශ්‍ය යමක් වෙයිද ඒවා සුවසේ ලැබෙත්ය’යි සැලකිය යුතුයි. මහණෙනි, ඒ භික්ෂුව විසින් දිවි ඇතිතෙක් ඒ ගම වාසය කළ යුත්තේය බැහැර නොයා යුතුයි.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම එක්තරා නියම්ගමක් ඇසුරුකොට වාසය කරයිද, ඒ නියම්ගම ඇසුරු කොට වාසය කරන්නාවූ ඔහුට පෙර එළඹ නොසිටි සිහිය එළඹ නොසිටියිද, එකඟ නොවූ සිත එකඟ නොවෙයිද, පහ නොකළාවූ කෙලෙස් පහ වීමට නොපැමිණෙයිද, නොපැමිණියාවූ උතුම් නිවණට නොපැමිණෙයිද, පැවිද්දා විසින් ලැබිය යුතුවූ සිවුරුය, ආහාරය, සෙනසුන්ය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවත්වීමට අවශ්‍ය යමක් වෙයිද, එය ඔහුට දුකසේ ලැබෙයිද, මහණෙනි, ඒ මහණ විසින් මෙසේ සිහිකටයුතුයි. ‘මම වනාහි මේ නියම්ගම ඇසුරු කොට වාසය කරමි. මේ නියම්ගම ඇසුරු කොට වාසය කරන්නාවූ ඒ මට පෙර එළඹ නොසිටියාවූ සිහිය එළඹ නොසිටියි. එකඟනොවූ සිත එකඟ නොවෙයි. පහ නොකළාවූ කෙලෙස්ද විනාශයට නොපැමිණෙයි. නොපැමිණියාවූ උතුම්වූ නිවණටද නොපැමිණෙමි. පැවිද්දා විසින් ලැබිය යුතුවූ සිවුරුය, ආහාරය, සෙනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් වෙයිද එය දුකසේ ලැබේය’යි සැලකිය යුතුයි. මහණෙනි, ඒ භික්ෂුව විසින් රාත්‍රි භාගයෙහි හෝ දවල් කාලයෙහි හෝ ඒ නියම්ගම අත්හැර යා යුත්තේය. එහි නොසිටිය යුතුය.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම එක්තරා නියම්ගමක් ඇසුරු කොට වාසය කරයිද ඒ නියම්ගම ඇසුරු කොට වාසයකරන්නාවූ ඔහුට පෙර එළඹ නොසිටි සිහිය එළඹ නොසිටියිද, එකඟ නොවූ සිත එකඟ නොවෙයිද පහ නොවූ කෙලෙස් විනාශයට නොපැමිණෙයිද, නොපැමිණියාවූ උතුම් නිවණට නොපැමිණෙයිද, පැවිද්දා විසින් ලැබිය යුතු සිවුරුය, ආහාරය, සෙනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් වෙයිද, එය ඔහුට සුවසේ ලැබෙයිද, මහණෙනි, ඒ භික්ෂුව විසින් මෙසේ සිහිකටයුතුයි. ‘මම වනාහි මේ නියම්ගම ඇසුරු කොට වාසය කරමි. මේ නියම්ගම ඇසුරු කොට වාසය කරන්නාවූ ඒ මට පෙර එළඹ නොසිටි සිහියද එළඹ නොසිටියි. එකඟ නොවූ සිතද එකඟ නොවෙයි. පහ නොකළාවූ කෙලෙස්ද විනාශයට නොපැමිණෙයි. නොපැමිණියාවූ උතුම් නිවණටද නොපැමිණෙමි. පැවිද්දා විසින් ලැබිය යුතුවූ සිවුරුය, ආහාරය, සෙනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් වෙයිද එය සුවසේ ලැබෙයි. එහෙත් මම වනාහි සිවුරු උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි නොවූයෙමි ආහාරය උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. සෙනාසන උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. ගිලන්පස බෙහෙත් පිරිකර උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. එතකුදු වුවත් මේ නියම්ගම් ඇසුරුකොට වාසය කරන්නාවූ මට පෙර නූපන් සිහියද නූපදියි. එකඟ නොවූ සිතද එකඟ නොවෙයි. පහනොවූ කෙලෙස්ද විනාශයට නොයයි. නොපැමිණියාවූ උතුම් නිවණටද නොපැමිණෙමි’යි සිතිය යුතුය. මහණෙනි, ඒ භික්ෂුව විසින් ඒ නියම්ගම අත්හැර යායුත්තේය. නොවිසිය යුත්තේය.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම එක්තරා නියම්ගමක් ඇසුරුකොට වාසය කෙරේද, ඒ නියම්ගම ඇසුරු කොට වාසය කරන්නාවූ ඔහුට නූපන්නාවූ සිහිය උපදීද, එකඟ නොවූ සිත එකඟ වෙයිද, පහ නොවූ කෙලෙස් විනාශයට යයිද, නොපැමිණියාවූ උතුම් නිවණට පිළිවෙළින් පැමිණෙයිද, පැවිද්දා විසින් ලැබිය යුතු සිවුරුය, ආහාරය, සෙනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් වෙයිද, එය ඔහුට දුකසේ ලැබෙයිද මහණෙනි, ඒ භික්ෂුව විසින් මෙසේ සැලකිය යුතුයි. ‘මම වනාහි මේ නියම්ගම ඇසුරු කොට වාසය කරමි. මේ නියම් ගම ඇසුරු කොට වාසය කරන්නාවූ ඒ මට පෙර නූපන් සිහිය උපදියි, එකඟ නොවූ සිත එකඟ වෙයි. පහ නොවූ කෙලෙස් පහවීමට යයි, නොපැමිණියාවූ උතුම් නිවණට පිළිවෙළින් පැමිණෙමි, පැවිද්දා විසින් ලැබිය යුතුවූ සිවුරුය පිණ්ඩපාතය, සෙනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයට අවශ්‍ය යමක් වෙයිද එය මට දුකසේ ලැබෙයි. එහෙත් මම වනාහි සිවුරු උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. ආහාරය උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. සෙනාසන උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. ගිලන්පස බෙහෙත් පිරිකර උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. එතකුදු වුවත් මේ නියම්ගම ඇසුරු කොට වාසය කරන්නාවූ මට පෙර එළඹ නොසිටි සිහිය එළඹ සිටියි, එකඟ නොවූ සිත එකඟ වෙයි, පහ නොවූ කෙලෙස් පහවීමට යයි, නොපැමිණියාවූ උතුම් නිවණටද පිළිවෙළින් පැමිණෙන්නෙමි’යි සිතා මහණෙනි, ඒ භික්ෂුව විසින් දිවි ඇතිතෙක් ඒ නියම්ගම විසිය යුතුය. බැහැර නොයා යුතුයි.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම එක්තරා නියම්ගමක් ඇසුරු කොට වාසය කරයිද, ඒ නියම්ගම ඇසුරු කොට වාසය කරන්නාවූ ඔහුට, පෙර එළඹනොසිටි සිහිය එළඹ සිටියිද, එකඟ නොවූ සිත එකඟ වෙයිද, පහ නොවූ කෙලෙස් නැතිවීමට යයිද, නොපැමිණියාවූ උතුම් නිවණට පිළිවෙළින් පැමිණෙයිද, පැවිද්දා විසින් ලැබියයුතු සිවුරුය, ආහාරය, සෙනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් වෙයිද එය ඔහුට සුවසේ ලැබේද, මහණෙනි, ඒ භික්ෂුව විසින් මෙසේ සැලකිය යුතුයි. ‘මම වනාහි මේ නියම්ගම ඇසුරු කොට වාසය කරමි. මේ නියම්ගම ඇසුරු කොට වාසය කරන්නාවූ ඒ මට පෙර එළඹ නොසිටි සිහිය එළඹ සිටියි. එකඟ නොවූ සිත එකඟ වෙයි. පහ නොවූ කෙලෙස් විනාශයට යයි. නොපැමිණියාවූ උතුම් නිවණටද පිළිවෙළින් පැමිණෙමි. පැවිද්දා විසින් ලැබිය යුතු සිවුරුය, ආහාරය, සෙනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන මෙය මට සුවසේ ලැබේය’යි සිතිය යුතුය. මහණෙනි, ඒ භික්ෂුව විසින් දිවි ඇති තෙක් ඒ නියම්ගම වාසය කළ යුත්තේය. බැහැර නොයා යුතුයි.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම එක්තරා නගරයක් ඇසුරු කොට වාසය කරයිද, එම නගරය ඇසුරු කරන්නාවූ ඔහුට පෙර එළඹ නොසිටියාවූ සිහිය එළඹ නොසිටියිද, එකඟ නොවූ සිත එකඟ නොවෙයිද, පහ නොකළාවූ කෙලෙස් පහවීමට නොපැමිණෙයිද, නොපැමිණියාවූ නිවණට නොපැමිණෙයිද, පැවිද්දන් විසින් ලැබිය යුතුවූ සිවුරුය, ආහාරය, සෙනසුන්ය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය වූ යම් දේ වෙත්ද, ඒ දේ ඔහුට දුකසේ ලැබෙත්ද, මහණෙනි, ඒ මහණ විසින් මෙසේ සැලකිය යුතුයි. මම වනාහි මේ නගරය ඇසුරු කොට වාසය කරමි. මේ නගරය ඇසුරුකොට වාසය කරන්නාවූ ඒ මට පෙර එළඹ නොසිටි සිහිය එළඹ නොසිටියි. එකඟ නුවූ සිත එකඟ නොවෙයි. පහනුවූ කෙලෙස් පහවීමට නොපැමිණෙයි. පෙර නොපැමිණියාවූ උතුම්වූ නිර්වාණයටද නොපැමිණෙමි. පැවිද්දා විසින් ලැබිය යුතුවූ සිවුරුය, ආහාරය, සෙනසුන්ය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන යමක් ඇද්ද එය දුකසේ ලැබේය’යි සිතිය යුතුය. මහණෙනි, ඒ මහණ විසින් රාත්‍රි කාලයෙහි හෝ දහවල් කාලයෙහි හෝ ඒ නගරය අත්හැර යායුතුයි. එහි නොවිසිය යුතුයි.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම එක්තරා නගරයක් ඇසුරු කොට වාසය කරයිද, ඒ නගරය ඇසුරු කොට වාසයකරන්නාවූ ඔහුට පෙර එළඹ නොසිටියාවූ සිහිය එළඹ නොසිටියිද, එකඟ නොවූ සිත එකඟ නොවෙයිද, පහ නොකළාවූ කෙලෙස් විනාශයට නොපැමිණෙත්ද, නොපැමිණියාවූ උතුම්වූ නිර්වාණයට නොපැමිණෙයිද, එහෙත් පැවිද්දන් විසින් ලැබිය යුතුවූ සිවුරුය, ආහාරය, සෙනසුන්ය. ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවත්වීමට අවශ්‍ය යම් දෙයක් වෙයිද, එය ඔහුට පහසුවෙන් ලැබෙයිද, මහණෙනි ඒ මහණ විසින් මෙසේ සැලකිය යුතුයි. ‘මම වනාහි මේ නගරය ඇසුරු කොට වාසය කරමි. මේ නගරය ඇසුරු කොට වාසය කරන්නාවූ මට පෙර එළඹ නොසිටි සිහිය එළඹ නොසිටියි. එකඟ නුවූ සිත එකඟ නොවෙයි. පහ නොකළාවූ කෙලෙස් නැතිවීමට නොපැමිණෙයි, නොපැමිණියාවූ උතුම්වූ නිර්වාණයටද නොපැමිණෙමි. එහෙත් පැවිද්දාහු විසින් ලැබිය යුතු සිවුරුය, ආහාරය, සෙනසුන්ය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවත්වීමට අවශ්‍ය යම් දෙයක් වෙයිද, එය මට පහසුවෙන් ලැබේ. එතකුදු වුවත් මේ නගරය ඇසුරු කොට වාසය කරන්නාවූ මට එළඹ නොසිටි සිහිය එළඹ නොසිටියි එකඟ නොවූ සිත එකඟ නොවෙයි, පහ නොවූ කෙලෙස් පහ නොවෙයි. නොපැමිණියාවූ උතුම් නිවණට නොපැමිණෙමි. මම වනාහි සිවුරු උදෙසා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි නොවූයෙමි. ආහාරය උදෙසා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි නොවීමි. සෙනසුන් උදෙසා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි නොවූයෙමි. ගිලන්පස බෙහෙත් පිරිකර උදෙසා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි නොවීමි’යි සිතිය යුතුයි. මහණෙනි, ඒ භික්ෂුව විසිනුදු ඒ නගරය හැර යා යුතුයි. එහි නොවිසිය යුතුයි.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම එක්තරා නගරයක් ඇසුරුකොට වාසය කරයිද ඒ නගරය ඇසුරු කොට වාසය කරන්නාවූ ඔහුට පෙර එළඹ නොසිටියාවූ සිහිය එළඹ සිටියිද, එකඟ නොවූ සිත එකඟ වෙයිද, පහ නොවූ කෙලෙස් පහවෙයිද නොපැමිණියාවූ උතුම් නිවණට පිළිවෙළින් පැමිණෙයිද, (එහෙත්) පැවිද්දා විසින් ලැබිය යුතුවූ සිවුරුය, ආහාරය, සෙනසුන්ය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් වෙයිද එය ඔහුට දුකසේ ලැබේද, මහණෙනි, ඒ භික්ෂුව විසින් මෙසේ සිහි කටයුතුයි. “මම වනාහි මේ නගරය ඇසුරු කොට වාසය කරමි. මේ නගරය ඇසුරු කොට වාසය කරන්නාවූ මට පෙර එළඹ නොසිටියාවූ සිහිය එළඹ සිටියි. එකඟ නුවූ සිත එකඟ වෙයි. පහ නොවූ කෙලෙස් පහවී යයි. නොපැමිණියාවූ උතුම් නිවණටද පිළිවෙළින් පැමිණෙමි. (එහෙත්) පැවිද්දා විසින් ලැබිය යුතුවූ සිවුරුය, ආහාරය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් වෙයිද එය මාහට දුකසේ ලැබේ. මම වනාහි සිවුරු උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. ආහාරය උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. සෙනාසන උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. ගිලන්පස බෙහෙත් පිරිකර උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. එතකුදු වුවත් මේ නගරය ඇසුරු කොට වාසය කරන්නාවූ මට පෙර එළඹ නොසිටියාවූ සිහිය එළඹ සිටියි. එකඟනොවූ සිතද එකඟ වෙයි. පහනොවූ කෙලෙස්ද පහවී යයි. නොපැමිණියාවූ උතුම් නිවණටද පිළිවෙළින් පැමිණෙමි’යි සිතිය යුතුය. මහණෙනි, ඒ භික්ෂුව විසින් එම නගරයෙහි විසිය යුතුයි. බැහැර නොයා යුතුයි.
“මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම එක්තරා නගරයක් ඇසුරු කොට වාසය කරයිද, ඒ නගරය ඇසුරු කොට වාසය කරන්නාවූ ඔහුට පෙර එළඹ නොසිටි සිහිය එළඹ සිටියිද, එකඟ නොවූ සිත එකඟ වෙයිද, පහනොවූ කෙලෙස් පහවීයයිද, නොපැමිණියාවූ උතුම් නිවණට පිළිවෙළින් පැමිණෙයිද, පැවිද්දහු විසින් ලැබිය යුතු සිවුරුය, ආහාරය, සෙනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවත්වීමට අවශ්‍ය යමක් වෙයිද එය ඔහුට සුවසේ ලැබේද මහණෙනි, ඒ මහණ විසින් මෙසේ සිහිකටයුතුයි. මම වනාහි මේ නගරය ඇසුරු කොට වාසය කරමි. මේ නගරය ඇසුරු කොට වාසය කරන්නාවූ ඒ මට පෙර එළඹ නොසිටි සිහියද එළඹ සිටියි. එකඟ නොවූ සිතද එකඟ වෙයි. පහ නොවූ කෙලෙස්ද පහවී යයි. නොපැමිණියාවූ උතුම් නිවණටද පිළිවෙළින් පැමිණෙමි. පැවිද්දා විසින් ලැබිය යුතුවූ සිවුරුය, ආහාරය, සෙනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයට අවශ්‍ය යමක් වෙයිද ඒවා සුවසේ ලැබෙත්ය’යි සිතිය යුතුයි. ඒ භික්ෂුව විසින් දිවි ඇතිතාක් ඒ නගරයෙහි විසිය යුතුයි. බැහැර නොයා යුතුයි.
“මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම එක්තරා පුද්ගලයෙකු ඇසුරු කොට වාසය කරයිද, ඒ පුද්ගලයා ඇසුරු කොට වාසය කරන්නාවූ ඔහුට පෙර එළඹ නොසිටි සිහිය එළඹ නොසිටියිද, එකඟ නොවූ සිත එකඟ නොවෙයිද, පහ නොවූ කෙලෙස් පහවීමට නොපැමිණෙයිද, නොපැමිණියාවූ උතුම් නිවණට නොපැමිණෙයිද, පැවිද්දා විසින් ලැබිය යුතුවූ සිවුරුය, ආහාරය, සෙනසුන්ය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් වෙයිද එය ඔහුට දුකසේ ලැබෙයිද, මහණෙනි, ඒ මහණ විසින් මෙසේ සිහි කටයුතුයි. මම වනාහි මේ පුද්ගලයා ඇසුරු කොට වාසය කරමි. මේ පුද්ගලයා ඇසුරු කොට වාසය කරන්නාවූ ඒ මට පෙර එළඹ නොසිටියාවූ සිහිය එළඹ නොසිටියි. එකඟනොවූ සිත එකඟ නොවෙයි. පහ නොවූ කෙලෙස්ද විනාශයට නොපැමිණෙත්. නොපැමිණියාවූ උතුම්වූ නිවණටද නොපැමිණෙමි. පැවිද්දා විසින් ලැබිය යුතුවූ සිවුරුය, ආහාරය, සෙනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් වෙයිද, එය දුකසේ ලැබේ. මහණෙනි, ඒ භික්ෂුව විසින් රාත්‍රි කාලයෙහි හෝ දවල් කාලයෙහි හෝ ඒ පුද්ගලයාට නොකියාම බැහැර යායුත්තේය, ඔහුට බැඳී නොවිසිය යුතුය.
|
196
‘‘ඉධ පන, භික්ඛවෙ, භික්ඛු අඤ්ඤතරං පුග්ගලං උපනිස්සාය විහරති. තස්ස තං
|
196
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම එක්තරා පුද්ගලයෙකු ඇසුරුකොට වාසය කරයිද, ඒ පුද්ගලයා ඇසුරු කොටවාසය කරන්නාවූ ඔහුට පෙර එළඹ නොසිටි සිහිය එළඹ නොසිටියිද, එකඟ නොවූ සිත එකඟ නොවෙයිද, පහ නොවූ කෙලෙස් විනාශයට නොපැමිණෙත් ද, නොපැමිණියාවූ උතුම් නිවණට නොපැමිණෙයිද, පැවිද්දා විසින් ලැබිය යුතු සිවුරුය, ආහාරය, සෙනාසනය, ගිලන්පස, බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් වෙයිද, එය ඔහුට සුවසේ ලැබෙයිද, මහණෙනි, ඒ භික්ෂුව විසින් මෙසේ සිහි කටයුතුයි. ‘මම වනාහි මේ පුද්ගලයා ඇසුරු කොට වාසය කරමි. මේ පුද්ගලයා ඇසුරු කොට වාසය කරන්නාවූ ඒ මට පෙර එළඹ නොසිටි සිහියද එළඹ නොසිටියි. එකඟ නොවූ සිතද එකඟ නොවෙයි. පහ නොවූ කෙලෙස්ද විනාශයට නොපැමිණෙත්. නොපැමිණියාවූ උතුම් නිවණටද නොපැමිණෙමි. පැවිද්දා විසින් ලැබිය යුතුවූ සිවුරුය, ආහාරය, සෙනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් වෙයිද එය සුවසේ ලැබෙයි. මම වනාහි සිවුරු උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි නොවූයෙමි. ආහාරය උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. සෙනාසනය නිසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. ගිලන්පස බෙහෙත් පිරිකර නිසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයේ නොවෙමි. එතකුදුවුවත් මේ පුද්ගලයා ඇසුරුකොට වාසය කරන්නාවූ මට පෙර නූපන් සිහියද නූපදියි. එකඟ නොවූ සිතද එකඟ නොවෙයි. පහ නොවූ කෙලෙස්ද විනාශයට නොයෙත්. නොපැමිණියාවූ උතුම් නිවණටද නොපැමිණෙමි’යි සිතිය යුතුය. මහණෙනි, ඒ භික්ෂුව විසින් ඒ පුද්ගලයාට නොකියාම බැහැර යායුත්තේය. ඔහුට බැඳී නොවිසිය යුත්තේය.
|
197
‘‘ඉධ පන, භික්ඛවෙ, භික්ඛු අඤ්ඤතරං පුග්ගලං උපනිස්සාය විහරති. තස්ස තං පුග්ගලං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චෙව සති උපට්ඨාති, අසමාහිතඤ්ච
|
197
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම එක්තරා පුද්ගලයෙකු ඇසුරුකොට වාසය කෙරේද, ඒ පුද්ගලයා ඇසුරු කොට වාසය කරන්නාවූ ඔහුට නූපන්නාවූ සිහිය උපදියිද, එකඟ නොවූ සිත එකඟවෙයිද, පහ නොවූ කෙලෙස් විනාශයට යත්ද, නොපැමිණියාවූ උතුම් නිවණට පැමිණෙයිද, පැවිද්දා විසින් ලැබියයුතු සිවුරුය, ආහාරය, සෙනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් ඇත්තේද, එය ඔහුට දුකසේ ලැබෙයිද, ‘මහණෙනි, ඒ භික්ෂුව විසින් මෙසේ සැලකිය යුතුයි. ‘මම වනාහි මේ පුද්ගලයා ඇසුරු කොට වාසය කරමි. මේ පුද්ගලයා ඇසුරු කොට වාසය කරන්නාවූ ඒ මට පෙර නූපන් සිහියද උපදියි. එකඟ නොවූ සිතද එකඟ වෙයි. පහ නොවූ කෙලෙස්ද විනාශයට යෙත්. නොපැමිණියාවූ උතුම් නිවණටද පැමිණෙමි. පැවිද්දා විසින් ලැබිය යුතුවූ සිවුරුය, පිණ්ඩපාතය, සෙනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් ඇත්තේද, එය මට දුකසේ ලැබෙයි. එහෙත් මම වනාහි සිවුරු උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. ආහාරය උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි සෙනාසන උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. ගිලන්පස බෙහෙත් පිරිකර උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. එතකුදු වුවත් මේ පුද්ගලයා ඇසුරු කොට වාසය කරන්නාවූ මට පෙර එළඹ නොසිටි සිහිය එළඹ සිටියි. එකඟ නොවූ සිත එකඟ වෙයි. පහනොවූ කෙලෙස් විනාශයට යෙත්. නොපැමිණියාවූ උතුම් නිවණටද පැමිණෙමි’යි සිතිය යුතුයි. මහණෙනි, ඒ භික්ෂුව විසින් ඒ පුද්ගලයා වෙත විසිය යුතුය. බැහැර නොයා යුතුය.
|
198
‘‘ඉධ පන, භික්ඛවෙ, භික්ඛු අඤ්ඤතරං පුග්ගලං උපනිස්සාය විහරති. තස්ස තං පුග්ගලං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චෙව සති
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
|
198
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම එක්තරා පුද්ගලයෙකු ඇසුරු කොට වාසය කරයිද, ඒ පුද්ගලයා ඇසුරු කොට වාසය කරන්නාවූ ඔහුට පෙර එළඹ නොසිටි සිහිය එළඹ සිටියිද, එකඟ නොවූ සිත එකඟ වෙයිද, පහනොවූ කෙලෙස් විනාශයට යෙත්ද, නොපැමිණියාවූ උතුම් නිවණට පැමිණෙයිද, පැවිද්දා විසින් ලැබිය යුතු සිවුරුය, ආහාරය, සෙනාසනය, ගිලන්පසය බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් ඇත්තේද එය ඔහුට සුවසේ ලැබෙයිද, මහණෙනි ඒ භික්ෂුව විසින් මෙසේ සැලකිය යුතුයි. ‘මම වනාහි මේ පුද්ගලයා ඇසුරු කොට වාසය කරමි. මේ පුද්ගලයා ඇසුරු කොට වාසය කරන්නාවූ ඒ මට පෙර එළඹ නොසිටි සිහිය එළඹ සිටියි. එකඟ නොවූ සිත එකඟ වෙයි. පහ නොවූ කෙලෙස් විනාශයට යෙත්. නොපැමිණියාවූ උතුම් නිවණට පැමිණෙමි. පැවිද්දා විසින් ලැබිය යුතු සිවුරුය, ආහාරය, සෙනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් ඇත්තේද, එය මට සුවසේ ලැබෙත්ය’යි සිතිය යුතුයි. මහණෙනි, ඒ භික්ෂුව විසින් දිවි ඇති තෙක් ඒ පුද්ගලයා හා එක්ව වාසය කළ යුත්තේය. බැහැර කරනු ලබන්නේද බැහැර නොයා යුතුයි.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුය.
|
8. මධුපිණ්ඩිකසුත්තං | 8. මධු පිණ්ඩික සූත්‍රය |
199
එවං
‘‘එවං වුත්තෙ දණ්ඩපාණි සක්කො සීසං ඔකම්පෙත්වා
|
199
මා විසින් මෙසේ අසනලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත්පුර නිග්‍රොධාරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි සර්වඥයන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පෙරවා පාත්‍රය හා සිවුරගෙන කිඹුල්වත්පුරයට පිඬු පිණිස පිවිසියහ. කිඹුල්වත්පුරයෙහි පිඬු පිණිස හැසිර සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුනේ මහා වනය යම් තැනෙක්හිද එතැනට දහවල් වාසය පිණිස එළඹියහ. මහා වනයට වැද තරුණ බෙලි ගසක් මුල දිවාවිහරණය පිණිස වැඩහුන්හ.
දණ්ඩපාණී නම් ශාක්‍ය තෙමේද පා රුජා දුරු කර ගැනීම සඳහා සක්මන්කිරීම වශයෙන් ඇවිදින්නේ මහාවනය යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. මහා වනයට වැද තරුණ බෙලි රුක යම්තැනෙක්හිද භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ සර්වඥයන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු විය යුතුවූද සිහි කටයුතු වූද කථාව කොට නිමවා සැරයටියෙහි එල්බගෙන (ඉදිරියෙහි තැබූ සැරයටි මුදුනෙහිවූ දෙ අත් පිට නිකට තබා) සිටියේය. එකත්පස්ව සිටියාවූ දණ්ඩපාණී ශාක්‍යතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය. “ශ්‍රමණ තෙමේ කිනම් වාද ඇත්තෙක්ද? කිනම් වාදයක් ප්‍රකාශ කරන්නෙක්ද?”
“ඇවැත්නි, යම් බඳුවූ වාද ඇත්තෙක් දෙවියන් සහිතවූ මරුන් සහිතවූ බඹුන් සහිතවූ ලෝකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිතවූ ප්‍රජා සහිතවූ දෙව් මිනිසුන් සහිතවූ සියලු ලෝකයෙහි කිසිවෙකු හා වාද විවාද කරමින් නොසිටීද, කාමයන්ගෙන් වෙන්ව වාසය කරන්නාවූ සැක නැත්තාවූ, කුකුස් නැති කළාවූ, කුඩා මහත් භවයන් කෙරෙහි ආශා නැත්තාවූ කෙලෙස් රහිතවූ යම් ඒ බ්‍රාහ්මණයෙකු තුළ කෙලෙස් හැඟීම නොපවත්නාහුවෙත්ද, ඇවැත්නි, මම මෙබඳු වාද ඇත්තෙක් වෙමි. මෙසේ කියන්නෙක් වෙමි”යි (ප්‍රකාශ කළහ) මෙසේ කී කල්හි දණ්ඩපාණී ශාක්‍යතෙම හිස වනා දිව පිටට දමා ලෙලවා රැළි තුනක් ඇති නළල් රැළිය නළලෙහි නංවා සැරයටියෙහි එල්බගෙන ගියේය.
|
200
අථ ඛො භගවා සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙන නිග්රොධාරාමො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘ඉධාහං, භික්ඛවෙ, පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය කපිලවත්ථුං පිණ්ඩාය පාවිසිං. කපිලවත්ථුස්මිං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන මහාවනං තෙනුපසඞ්කමිං දිවාවිහාරාය. මහාවනං අජ්ඣොගාහෙත්වා බෙලුවලට්ඨිකාය මූලෙ දිවාවිහාරං නිසීදිං. දණ්ඩපාණිපි ඛො, භික්ඛවෙ, සක්කො ජඞ්ඝාවිහාරං අනුචඞ්කමමානො අනුවිචරමානො යෙන මහාවනං තෙනුපසඞ්කමි. මහාවනං අජ්ඣොගාහෙත්වා යෙන බෙලුවලට්ඨිකා යෙනාහං තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා මයා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා දණ්ඩමොලුබ්භ එකමන්තං
‘‘එවං වුත්තෙ අහං, භික්ඛවෙ, දණ්ඩපාණිං සක්කං එතදවොචං - යථාවාදී ඛො, ආවුසො, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය න කෙනචි ලොකෙ විග්ගය්හ තිට්ඨති, යථා ච පන කාමෙහි විසංයුත්තං විහරන්තං තං බ්රාහ්මණං අකථංකථිං ඡින්නකුක්කුච්චං භවාභවෙ වීතතණ්හං සඤ්ඤා නානුසෙන්ති - එවංවාදී ඛො අහං, ආවුසො, එවමක්ඛායී’’ති. ‘‘එවං වුත්තෙ භික්ඛවෙ, දණ්ඩපාණි සක්කො සීසං
|
200
“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි උතුම් පල සමවතින් නැගිටියේ නිග්‍රොධාරාම විහාරය යම් තැනෙක්හිද එතැනට වැඩියහ. වැඩමවා පණවනලද ආසනයෙහි වැඩහුන්හ. වැඩහිඳ භික්ෂූන්ට මෙසේ කීහ.
“මහණෙනි, මම පෙරවරුවෙහි හැඳ පාසිවුරු ගෙන කිඹුල්වත් නුවරට පිඬු පිණිස පිවිසියෙමි. කිඹුල්වත් නුවර පිඬු පිණිස හැසිර සවස්වරුවෙහි පිණ්ඩපාතයෙන් වැළකුනේ මහා වනය යම් තැනෙක්හිද එතැනට දවල් කාලය ගතකරනු පිණිස ගියෙමි. මහවනයට වැද තරුණ බෙලිගස මුල දිවා විහරණය වශයෙන් (දහවල් හැසිරීම් වශයෙන්) හුන්නෙමි. දණ්ඩපාණී ශාක්‍ය තෙමේද පා රුජා දුරුකර ගැනීම වශයෙන් ඇවිදින්නේ, මහාවනය යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. මහාවනයට පැමිණ තරුණ බෙලිගස යම් තැනෙක්හිද, මා යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, මා සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා දණ්ඩෙහි එල්බගෙන එකත්පසක සිටියේය. මහණෙනි, එකත්පසක සිටියාවූ දණ්ඩපාණී ශාක්‍යතෙම ‘ශ්‍රමණතෙම කුමන වාද ඇත්තෙක්ද? කුමක් ප්‍රකාශ කරන්නෙක්දැ’යි මාගෙන් ඇසීය.
“ඇවැත්නි, යම්බඳු වාද ඇත්තෙක් දෙවියන් සහිතවූ මරුන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ ලෝකයෙහි ශ්‍රමණ බ්‍රහ්මණයන් සහිතවූ සත්ත්වයන් සහිතවූ ලෝකයෙහි කිසිවෙකු හා වාද විවාද කරමින් නොසිටීද, කාමයන්ගෙන් වෙන්ව වාසය කරන්නාවූ සැක නැත්තාවූ කුකුස් සින්දාවූ කුඩා මහත් භවයන් කෙරෙහි පහවූ තණ්හා ඇති යම් ඒ බ්‍රාහ්මණයකු තුළ කෙලෙස් හැඟීම් නොපවතිද්ද, ඇවැත්නි, මම එබඳු වාද ඇත්තෙක් වෙමියි කීවෙමි. මෙසේ කී කල්හි දණ්ඩපාණී ශාක්‍යතෙම හිස වනා දිව පිටට ගෙන ලෙලවා රැළි තුනක් ඇති නළල් රැළිය නළලෙහි නංවා සැරයටිය ගෙන ගියේය.”
|
201
එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘කිංවාදී පන, භන්තෙ, භගවා සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය න කෙනචි ලොකෙ විග්ගය්හ තිට්ඨති? කථඤ්ච පන, භන්තෙ, භගවන්තං කාමෙහි විසංයුත්තං විහරන්තං තං
|
201
මෙසේ කී කල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය කීවේය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, කිනම් වාදයක් ඇත්තාවූ භාග්‍යවතුන් වහන්සේ දෙවියන් සහිතවූ මාරයන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ ලෝකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිතවූ සත්ත්වයන් සහිත ලෝකයෙහි කිසිවෙකු හා වාද විවාද කරමින් නොසිටින්නහුද?
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, කෙසේ නම් කෙලෙසුන්ගෙන් වෙන්ව වාසය කරන්නාවූ, සැක නැත්තාවූ කුකුස් සින්දාවූ කුඩා මහත් භවයන් කෙරෙහි පහවූ තණ්හා ඇති ඒ බ්‍රාහ්මණයා තුළ කෙලෙස් හැඟීම් අනුශය වශයෙන් නොපවත්නාහුද?”
“මහණ, යමක් හේතුකොටගෙන තෘෂ්ණා දෘෂ්ටියයි කියන ලද ප්‍රමාදයට හේතුවූ බැවින් ප්‍රපඤ්ච නම් ධර්මයෝ පුරුෂයා කෙරෙහි පවතිත්ද, ඒ හේතූන් වන දොළොස් ආයතනයන් කෙරෙහි ඉදින් සතුටු වියයුත්තක් නැත්තේද, මමය මාගේයයි කිවයුත්තක් නැත්තේද, ගැලිය යුත්තක් නැත්තේද, එයම රාගානුසයයන්ගේ කෙළවර වන්නේය. එයම පටිඝානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම දිට්ඨානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම විචිකිච්ඡානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම මානානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම භවරාගානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම අවිජ්ජානුසයයන්ගේ කෙළවර වන්නේය, දඬු මුගුරු ගැනීමය, ආයුධ ගැනීමය, කෝලාහල කිරීමය, විරුද්ධව කථා කිරීමය, තා තෝ කියා බැණීමය, කේලාම් කීමය, බොරු කීමය යන මේ අකුසලයන්ගේද කෙළවර වන්නේය. මේ දොළොස් ආයතනයන් කෙරෙහි ලාමකවූ මේ අකුසල ධර්මයෝ ඉතිරි නොවී විනාශ වෙත්” භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ මෙසේ වදාරා සුගතයන් වහන්සේ උන් ආසනයෙන් නැගිට විහාරයට වැඩියහ.
|
202
අථ ඛො තෙසං භික්ඛූනං අචිරපක්කන්තස්ස භගවතො එතදහොසි - ‘‘ඉදං ඛො නො, ආවුසො, භගවා සංඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා, විත්ථාරෙන අත්ථං අවිභජිත්වා, උට්ඨායාසනා විහාරං පවිට්ඨො - ‘යතොනිදානං, භික්ඛු, පුරිසං පපඤ්චසඤ්ඤාසඞ්ඛා සමුදාචරන්ති. එත්ථ චෙ නත්ථ්ත්ථ්ථි අභිනන්දිතබ්බං
අථ ඛො තෙ භික්ඛූ යෙනායස්මා මහාකච්චානො තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා ආයස්මතා මහාකච්චානෙන සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ ආයස්මන්තං මහාකච්චානං එතදවොචුං - ‘‘ඉදං ඛො නො, ආවුසො කච්චාන, භගවා සංඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො - ‘යතොනිදානං, භික්ඛු, පුරිසං පපඤ්චසඤ්ඤාසඞ්ඛා සමුදාචරන්ති. එත්ථ චෙ නත්ථි අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ඣොසිතබ්බං. එසෙවන්තො
|
202
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ වේලාවකින් ඒ භික්ෂූන්ට මේ අදහස පහළ විය.
“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව අපට කොටින් දේශනා කොට විස්තර වශයෙන් අර්ථය ප්‍රකාශ නොකොට උන් ආසනයෙන් නැගිට විහාරයට වැඩියහ.
“මහණ, යමක් හේතුකොටගෙන තෘෂ්ණා දෘෂ්ටියයි කියන ලද ප්‍රමාදයට හේතුවූ බැවින් ප්‍රපඤ්ච නම් ධර්මයෝ පුරුෂයා කෙරෙහි පවතිත්ද, ඒ හෙතූන් වන දොළොස් ආයතනයන් කෙරෙහි ඉදින් සතුටු වියයුත්තක් නැත්තේද, මමය මාගේයයි කිවයුත්තක් නැත්තේද, ගැලිය යුත්තක් නැත්තේද, එයම රාගානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම පටිඝානුසයයන්ගේ කෙළවර වන්නේය. එයම දිට්ඨානුසයයන්ගේ කෙළවර වන්නේය එයම විචිකිච්ඡානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම මානානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම භවරාගානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම අවිජ්ජානුසයයන්ගේ කෙළවර වන්නේය. දඬු මුගුරු ගැනීමය, ආයුධ ගැනීමය, කෝලාහල කිරීමය, විරුද්ධව කථාකිරීමය, තා තෝ කියා බැණීමය, කේලාම් කීමය, බොරු කීමය යන මේ අකුසලයන්ගේද කෙළවර වන්නේය. මේ දොළොස් ආයතනයන් කෙරෙහි ලාමකවූ මේ අකුසල ධර්මයෝ ඉතිරි නොවී විනාශ වෙත්” යයි භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් දේශනා කළාවූ විස්තර වශයෙන් අර්ථය නොබෙදුවාවූ මේ දේශනාවේ අර්ථය කවරෙක් විස්තර වශයෙන් බෙදා දක්වන්නේද? (කියායි)
ඉන්පසු ඒ භික්ෂූන්ට මේ අදහස ඇති විය ‘මේ ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ ශාස්තෲන් වහන්සේ විසින් වර්ණනා කරන ලද්දේමය. නුවණ ඇත්තාවූ සමාන බ්‍රහ්මචර්යා ඇත්තවුන් විසින් ගරු කරන ලද්දේය. ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ මේ කොටින් දේශනාකළාවූ විස්තර වශයෙන් අර්ථය නොබෙදුවාවූ දේශනාවේ අර්ථය බෙදා ප්‍රකාශ කරන්ට සමර්ථ වෙත්. අපි ආයුෂ්මත් මහා කෘත්‍යායන ස්ථවිරයන් වහන්සේ යම් තැනකද එතැනට යන්නෙමු නම් ඉතා යෙහෙක. එසේ පැමිණ, ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේගෙන් මේ කාරණය අසන්නෙමු” (කියායි.)
ඉන්පසු ඒ භික්ෂූහු ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියාහුය. පැමිණ, ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වූහ, සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එක පැත්තක උන්නාවූ ඒ භික්ෂූහු ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේට මෙසේ කීවාහුය. “ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්ස මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ අපට කොටින් දේශනාකොට විස්තර වශයෙන් අර්ථය නොබෙදා උන් ආසනයෙන් නැගිට විහාරයට වැඩියහ.
“මහණ, යමක් හේතුකොට ගෙන තෘෂ්ණා ද්ෂ්ටියයි කියනලද ප්‍රමාදයට හේතුවූ බැවින් ප්‍රපඤ්ච නම් ධර්මයෝ පුරුෂයා කෙරෙහි පවතිත්ද, ඒ හෙතූන් වන දොළොස් ආයතනයන් කෙරෙහි ඉදින් සතුටු වියයුත්තක් නැත්තේද, මෙය මාගේයයි කිවයුත්තක් නැත්තේද, ගැලිය යුත්තක් නැත්තේද, එයම රාගානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම පටිඝානුසයයන්ගේ කෙළවර වන්නේය. එයම දිට්ඨානුසයයන්ගේ කෙළවර වන්නේය. එයම විචිකිච්ඡානුසයයන්ගේ කෙළවර වන්නේය. එයම මානානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම භවරාගානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම අවිජ්ජානුසයයන්ගේ කෙළවර වන්නේය දඬු මුගුරු ගැනීමය, ආයුධ ගැනීමය, කෝලාහල කිරීමය. විරුද්ධව කථා කිරීමය, තා තෝ කියා බැණීමය, කේලාම් කීමය, බොරු කීමය යන මේ අකුසලයන්ගේද කෙළවර වන්නේය. මේ දොළොස් ආයතනයන් කෙරෙහි ලාමකවූ මේ අකුසල ධර්මයෝ ඉතිරි නොවී විනාශ වෙත්ය’යි (වදාළේය.)
“ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වැඩිය ටික වේලාවකින් ඒ අපට මේ අදහස විය.
“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව කොටින් දේශනා කොට විස්තර වශයෙන් අර්ථය ප්‍රකාශ නොකොට උන් ආසනයෙන් නැගිට විහාරයට වැඩියහ.
‘මහණ, යමක් හේතුකොට ගෙන තෘෂ්ණා දෘෂ්ටියයි කියන ලද ප්‍රමාදයට හේතුවූ බැවින් ප්‍රපඤ්ච නම් ධර්මයෝ පුරුෂයා කෙරෙහි පවතිත්ද, ඒ හෙතූන් වන දොළොස් ආයතනයන් කෙරෙහි ඉදින් සතුටුවිය යුත්තක් නැත්තේද, මෙය මාගේයයි කිවයුත්ක් නැත්තේද, ගැලිය යුත්තක් නැත්තේද, එයම රාගානුසයයන්ගේ කෙළවර වන්නේය. එයම පටිඝානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම දිට්ඨානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම විචිකිච්ඡානුසයයන්ගේ කෙළවර වන්නේය. එයම මානානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම භවරාගානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම අවිජ්ජානුසයයන්ගේ කෙළවර වන්නේය. දඬු මුගුරු ගැනීමය, ආයුධ ගැනීමය, කෝලාහල කිරීමය, විරුද්ධව කථා කිරීමය, තා තෝ කියා බැණීමය, කේලාම් කීමය, බොරු කීමය යන මේ අකුසලයන්ගේද කෙළවර වන්නේය. මේ දොළොස් ආයතනයන් කෙරෙහි ලාමකවූ මේ අකුසල ධර්මයෝ ඉතිරි නොවී විනාශ වෙත්ය’යි (වදාළේය.)
“ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වැඩිය ටික වේලාවකින් ඒ අපට මේ අදහස විය.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් දේශනා කළාවූ, විස්තර වශයෙන් අර්ථය නොබෙදුවාවූ මේ දේශනාවේ අර්ථය කවරෙක් විස්තර වශයෙන් බෙදා දක්වන්නේද (කියායි) එසේ සිතූ පසු ඒ අපට මේ අදහස ඇතිවිය. මේ ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ ශාස්තෲන් වහන්සේ විසින් වර්ණනා කරන ලද්දේමය. නුවණ ඇත්තාවූ, සමාන බ්රහ්මචරියා ඇත්තවුන් විසින් ගරුකරන ලද්දේය. ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ මේ කොටින් දේශනාකළාවූ විස්තර වශයෙන් අර්ථය නොබෙදුවාවූ මේ දේශනාවේ අර්ථය බෙදා ප්‍රකාශ කරන්ට සමර්ථ වෙයි. අපි යම් හේතුවකින් ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ යම් තැනකද එතැනට යන්නෙමු නම් ඉතා යෙහෙක. එසේ පැමිණ, ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේගෙන් මේ කාරණය අසන්නෙමු”යි (කියායි)
“ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්ස, මෙය විස්තර කරනු මැනවි.”
|
203
‘‘සෙය්යථාපි, ආවුසො, පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව මූලං, අතික්කම්ම ඛන්ධං, සාඛාපලාසෙ සාරං පරියෙසිතබ්බං මඤ්ඤෙය්ය; එවංසම්පදමිදං ආයස්මන්තානං සත්ථරි සම්මුඛීභූතෙ, තං භගවන්තං අතිසිත්වා
|
203
“ඇවැත්නි, යම්සේ අරටුවෙන් ප්‍රයෝජන ඇත්තාවූ, අරටු සොයන්නාවූ, අරටු සොයමින් හැසිරෙන්නාවූ පුරුෂයෙක් පවත්නාවූ අරටුව ඇති මහ ගසක මුල ඉක්මවා කඳ ඉක්මවා කොල අතුවල අරටුව සෙවිය යුතුයයි සිතන්නේද, එසේ මේ උපමාව ආයුෂ්මතුන්ට සුදුසුය.
“ශාස්තෲන් වහන්සේ ඉදිරිපිට සිට ඒ භාග්‍යවතුන් වහන්සේ ඉක්මවා අපගෙන් ඇසිය යුතුයයි සිතව්ද?
“ඇවැත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ දතයුත්ත දන්නාහ. දැක්කයුත්ත දකින්නාහ. ඇස් ඇති බවට පැමිණියෝය. ධර්මය බවට පැමිණියෝය. බ්‍රහ්ම (උසස්) බවට පැමිණියෝය. ධර්මය කියන්නෝය. ධර්මය පවත්වන්නෝය. අර්ථය පිටතට ගෙන දක්වන්නෝය. අමෘතය (නිවණ) දෙන්නෝය. තථාගතයන් වහන්සේ ධර්ම ස්වාමිය, (එහෙයින්) මේ ප්රශ්නය ඇසීමට සුදුසු කාලයම විය. යම් හේතුවකින් භාග්‍යවතුන් වහන්සේගෙන්ම මේ කාරණය ඇසුවාහු නම් යම්සේ තොපට භාග්‍යවතුන් වහන්සේ විස්තර කරන්නාහුද එසේ එය දරාගනිව්”යි (කීය.)
“ආයුෂ්මත් කාත්‍යායන ස්ථවිරයෙනි, ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ දතයුත්ත දන්නාහ, දැක්කයුත්ත දකින්නාහ, ඇස් ඇති බවට පැමිණියහ, ඤාණය බවට පැමිණියහ, ධර්මය බවට පැමිණියහ, බ්‍රහ්ම බවට පැමිණියහ, ධර්මය කියන්නෝය, ධර්මය පවත්වන්නෝය, අමෘතය (නිවණ) දෙන්නෝය. තථාගත තෙම ධර්මස්වාමිය (එහෙයින්) මේ ප්රශ්නය ඇසීමට සුදුසු කාලය වේ. යම් හේතුවකින් භාග්‍යවතුන් වහන්සේගෙන් මේ කාරණය ඇසුවෙමු නම් යම්සේ අපට භාග්‍යවතුන් වහන්සේ විස්තර කරන සේක්ද එසේ එය දරාගනිමු.
“ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයෙනි, එසේද වුවත් ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ විසින්ද වර්ණනා කරන ලද්දේය. නුවණ ඇත්තාවූ සමාන බ්‍රහ්මචාරීන් විසින් ගරු කරන ලද්දේය. එබැවින් භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් දේශනා කරන ලද අර්ථය විස්තර නොකරන ලද දේශනාවෙහි අර්ථය විස්තර කිරීමට ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ සමර්ථ වන්නේය, ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්ස, බැරෑරුම්කොට නොසලකා විස්තර කරනු මැනවි.”
“ඇවැත්නි, එසේනම් කියන්නෙමි. අසව්, හොඳින් සිහි කරව්”යි කීහ. “එසේය. ආයුෂ්මතුනි”යි, ඒ භික්ෂූහු ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළහ.
|
204
‘‘යං ඛො නො, ආවුසො, භගවා සංඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො - ‘යතොනිදානං, භික්ඛු, පුරිසං පපඤ්චසඤ්ඤාසඞ්ඛා සමුදාචරන්ති
‘‘චක්ඛුඤ්චාවුසො, පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං, තිණ්ණං සඞ්ගති ඵස්සො, ඵස්සපච්චයා
‘‘සො වතාවුසො, චක්ඛුස්මිං සති රූපෙ සති චක්ඛුවිඤ්ඤාණෙ සති ඵස්සපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති - ඨානමෙතං විජ්ජති. ඵස්සපඤ්ඤත්තියා සති වෙදනාපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති - ඨානමෙතං විජ්ජති. වෙදනාපඤ්ඤත්තියා සති සඤ්ඤාපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති - ඨානමෙතං විජ්ජති. සඤ්ඤාපඤ්ඤත්තියා සති
‘‘සො වතාවුසො, චක්ඛුස්මිං අසති රූපෙ අසති චක්ඛුවිඤ්ඤාණෙ අසති ඵස්සපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති - නෙතං ඨානං විජ්ජති. ඵස්සපඤ්ඤත්තියා අසති වෙදනාපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති - නෙතං ඨානං විජ්ජති. වෙදනාපඤ්ඤත්තියා අසති සඤ්ඤාපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති - නෙතං ඨානං විජ්ජති. සඤ්ඤාපඤ්ඤත්තියා අසති විතක්කපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති - නෙතං ඨානං විජ්ජති. විතක්කපඤ්ඤත්තියා අසති පපඤ්චසඤ්ඤාසඞ්ඛාසමුදාචරණපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති - නෙතං ඨානං විජ්ජති. සො වතාවුසො, සොතස්මිං
‘‘යං ඛො නො, ආවුසො, භගවා සංඛිත්තෙන
|
204
“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ යමක් කොටින් දේශනා කොට අර්ථය විස්තර නොකොට උන් ආසනයෙන් නැගිට විහාරයට වැඩියාහුද,
“මහණ, යමක් හේතු කොටගෙන තෘෂ්ණා දෘෂ්ටියයි කියනලද ප්‍රමාදයට හේතුවූ බැවින් ප්‍රපඤ්ච නම් ධර්මයෝ පුරුෂයා කෙරෙහි පවතිත්ද, ඒ හේතූන් වන දොළොස් ආයතනයන් කෙරෙහි ඉදින් සතුටු විය යුත්තක් නැත්තේද, මමය මාගේ යයි කිව යුත්තක් නැත්තේද, ගැලිය යුත්තක් නැත්තේද, එයම රාගානුසයයන්ගේ කෙළවර වන්නේය. එයම පටිඝානුසයයන්ගේ කෙළවර වන්නේය. එයම දිට්ඨානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම විචිකිච්ඡානුසයයන්ගේ කෙළවර වන්නේය. එයම මානානුසයයන්ගේ කෙළවර වන්නේය. එයම භවරාගානුසයයන්ගේ කෙළවර වන්නේය. එයම අවිජ්ජානුසයයන්ගේ කෙළවර වන්නේය. දඬු මුගුරු ගැනීමය, ආයුධ ගැනීමය, කෝලාහල කිරීමය, විරුද්ධව කථා කිරීමය, තා, තෝ, කියා බැණීමය, කේලාම් කීමය, බොරු කීමය යන මේ අකුශලයන්ගේද කෙළවර වන්නේය. මේ දොළොස් ආයතනයන් කෙරෙහි ලාමකවූ මේ අකුසල ධර්මයෝ ඉතිරි නොවී විනාශ වෙත්.”
“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් දේශනා කරනලද, අර්ථය විස්තර නොකරන ලද ඒ දේශනාවෙහි අර්ථ විස්තරය මෙසේ දනිමි.
“ඇවැත්නි, ඇසනිසාද, රූපය නිසාද, චක්ඛුවිඤ්ඤාණය (රූපය දැනගන්නා සිත) උපදී. ඒ තුන එක්වීමෙන් ස්පර්ශය වෙයි. ස්පර්ශය හේතුකොට ගෙන වේදනාව (විඳීම) වෙයි. යම් අරමුණක් වේදනාවෙන් විඳී ද එම අරමුණම සංඥාවෙන් අඳුනයි. යම් අරමුණක් අඳුනාද එම අරමුණම විතර්කයෙන් කල්පනා කරයි. යම් අරමුණක් විතර්කයෙන් කල්පනා කරයිද එම අරමුණම තණ්හා දිට්ඨි වශයෙන් සත්ත්වයා ප්‍රමාදකරයි. ඒ චක්ඛුරූපාදිය මුල්කාරණය කොට තෘෂ්ණාදෘෂ්ටි ප්‍රපඤ්ච ධර්මයෝ අතීත අනාගත වර්තමානවූ ඇසින් බලා දතයුතුවූ රූපයන් කෙරෙහි පුරුෂයා යටත් කරත්.
“ඇවැත්නි, කණ නිසාද, ශබ්දය නිසාද, සොතවිඤ්ඤාණය (ශබ්දය දැනගන්නා සිත) උපදී, ඒ තුන එක්වීමෙන් ස්පර්ශය ඇතිවෙයි ස්පර්ශය හේතුකොටගෙන වේදනාව (විඳීම) වෙයි. යම් අරමුණක් විඳීද එම අරමුණ අඳුනයි යම් අරමුණක් අඳුනයිද එම අරමුණ විතර්කයෙන් කල්පනා කරයි. යම් අරමුණක් කල්පනා කරයිද එය තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් සත්ත්වයා ප්‍රමාද කරයි. ඒ කණ ශබ්ද ආදිය මුල්කාරණය කොට ඇති තෘෂ්ණාදෘෂ්ටි ප්‍රපඤ්චධර්මයෝ අතීත අනාගත වර්තමානවූ කණින් අසා දතයුතුවූ ශබ්දයන් නිසා පුරුෂයා යටත් කරත්.
“ඇවැත්නි, නාසය නිසාද, ගන්ධය (ගඳ සුවඳ) නිසාද ඝාණ විඤ්ඤාණය (ගඳ සුවඳ දැනගන්නා සිත) උපදියි. ඒ තුන එක්වීමෙන් ස්පර්ශය වෙයි. ස්පර්ශය හේතුකොටගෙන වේදනාව වෙයි, යම් අරමුණක් විඳීද එය අඳුනයි. යම් අරමුණක් අඳුනයිද එය කල්පනා කරයි. යම් අරමුණක් කල්පනා කරයිද එය තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් සත්ත්වයා ප්‍රමාද කරයි. ඒ නාසය ගන්ධය ආදිය මුල්කාරණය කොට ඇති තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤ්ච ධර්මයෝ අතීත අනාගත වර්තමානවූ නාසයෙන් විඳ දත යුතුවූ ගන්ධයන් නිසාද පුරුෂයා යටත් කරත්.
“ඇවැත්නි, දිව නිසාද, රසය නිසාද, ජීව්හාවිඤ්ඤාණය (රස දැන ගන්නා සිත) උපදියි. ඒ තුන එක්වීමෙන් ස්පර්ශය වෙයි. ස්පර්ශය හේතුකොටගෙන වේදනාව වෙයි. යම් අරමුණක් විඳීද එය අඳුනයි යම් අරමුණක් අඳුනයිද එය කල්පනා කරයි, යම් අරමුණක් කල්පනා කරයිද එය තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් සත්ත්වයා ප්‍රමාද කරයි. ඒ දිව රසය ආදිය මුල් කාරණය කොට ඇති තෘෂ්ණාදෘෂ්ටි ප්‍රපඤ්චධර්මයෝ අතීත අනාගත වර්තමානවූ දිවෙන් විඳ දතයුතුවූ රසයන් නිසා පුරුෂයා යටත් කරත්.
“ඇවැත්නි, ශරීරය නිසාද, ස්පර්ශය නිසාද, කායවිඤ්ඤාණය (ස්පර්ශය දැනගන්නා සිත) උපදී. ඒ තුන එක්වීමෙන් ස්පර්ශය වෙයි. ස්පර්ශය හේතුකොටගෙන විඳීම වෙයි යම් අරමුණක් විඳීද එය අඳුනයි. යම් අරමුණක් අඳුනයිද එය කල්පනා කරයි. යම් අරමුණක් කල්පනා කරයිද එය තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් සත්ත්වයා ප්‍රමාද කරයි. ඒ ශරීරය ස්පර්ශය ආදිය මුල් කාරණය කොට ඇති තණ්හා දෘෂ්ටි ප්‍රපඤ්ච ධර්මයෝ අතීත අනාගත වර්තමානවූ ශරීරයෙන් විඳ දතයුතුවූ ස්පර්ශයන් නිසා පුරුෂයා යටත් කරත්.
“ඇවැත්නි, සිත නිසාද, ධර්ම අරමුණු නිසාද, මනො විඤ්ඤාණය (ධර්ම අරමුණු දැනගන්නා සිත) උපදියි. ඒ තුන එක්වීමෙන් ස්පර්ශය වෙයි. ස්පර්ශය හේතුකොටගෙන විඳීම වෙයි. යම් අරමුණක් විඳීද එය අඳුනයි, යම් අරමුණක් අඳුනයිද, එය කල්පනාකරයි. යම් අරමුණක් කල්පනා කරයිද, එය තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් සත්ත්වයා ප්‍රමාදකරයි. ඒ සිත ධර්ම අරමුණු ආදිය මුල්කාරණය කොට ඇති තෘෂ්ණාදෘෂ්ටි ප්‍රපඤ්චධර්මයෝ අතීත අනාගත වර්තමානවූ සිතින් සිතා දතයුතුවූ ධර්ම අරමුණු නිසා පුරුෂයා යටත් කරත්.
“ඇවැත්නි, ඒකාන්තයෙන් හෙතෙම ඇස ඇති කල්හි රූපයන් ඇති කල්හි චක්ඛුවිඤ්ඤාණය (රූප දැනගන්නා සිත) ඇතිකල්හි ස්පර්ශයයයි පැනවීමක් පනවන්නේය. යන මේ කාරණය විද්‍යමාන වෙයි. (සිදුවෙයි) ස්පර්ශයයි පැනවීමක් ඇති කල්හි වේදනාව යයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. (සිදුවෙයි) වේදනාවයයි පැනවීමක් ඇතිකල්හි සංඥාවයයි පැනවීමක් පනවන්නේය. යම මේ කාරණය විද්‍යමාන වෙයි. සංඥාවයයි පැනවීමක් ඇති කල්හි කල්පනා කිරීමයයි පැනවීමක් පනවන්නේය. යන මේ කාරණය විද්‍යමාන වෙයි. කල්පනා කිරීමයයි පැනවීමක් ඇති කල්හි තෘෂ්ණා දෘෂ්ටි ප්රපඤ්චධර්මයන්ගේ පැවැත්මයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. (සිදුවෙයි.)
“ඇවැත්නි, ඒකාන්තයෙන් හෙතෙම කණ ඇති කල්හි ශබ්දය ඇති කල්හි සොතවිඤ්ඤාණය ඇති කල්හි ස්පර්ශයයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. (සිදුවෙයි) ස්පර්ශයයයි පැනවීමක් ඇති කල්හි වේදනාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. (සිදුවෙයි) වේදනාවයයි පැනවීමක් ඇති කල්හි සංඥාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. සංඥාවයයි පැනවීමක් ඇති කල්හි විතර්ක (කල්පනා කිරීම) යයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. විතර්කයයි පැනවීමක් ඇති කල්හි තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤ්ච ධර්මයන්ගේ පැවැත්මයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. (සිදුවෙයි.)
“ඇවැත්නි, ඒකාන්තයෙන් හෙතෙම නාසය, ඇති කල්හි ගන්ධය ඇති කල්හි ඝාණ විඤ්ඤාණය ඇති කල්හි ස්පර්ශයයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. (සිදුවෙයි) ස්පර්ශයයයි පැනවීමක් ඇති කල්හි වේදනාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. (සිදුවෙයි) වේදනාවයයි පැනවීමක් ඇති කල්හි සංඥාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. සංඥාවයයි පැනවීමක් ඇති කල්හි විතර්කයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. විතර්කයයි පැනවීමක් ඇති කල්හි තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤ්ච ධර්මයන්ගේ පැවැත්මයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. (සිදුවෙයි.)
“ඇවැත්නි, ඒකාන්තයෙන් හෙතෙම දිව ඇති කල්හි රසය ඇති කල්හි ජීව්හාවිඤ්ඤාණය ඇති කල්හි ස්පර්ශයයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. (සිදුවෙයි) ස්පර්ශයයයි පැනවීමක් ඇති කල්හි වේදනාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. (සිදුවෙයි.) වේදනාවයයි පැනවීමක් ඇති කල්හි සංඥාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. සංඥාවයයි පැනවීමක් ඇති කල්හි විතර්කයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. විතර්කයයි පැනවීමක් ඇති කල්හි තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤ්ච ධර්මයන්ගේ පැවැත්මයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි (සිදුවෙයි.)
“ඇවැත්නි, ඒකාන්තයෙන් හෙතෙම කය ඇති කල්හි ස්පර්ශය ඇති කල්හි කාය විඤ්ඤාණය ඇති කල්හි ස්පර්ශයයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. (සිදුවෙයි.) ස්පර්ශයයයි පැනවීමක් ඇති කල්හි වේදනාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. (සිදුවෙයි) වේදනාවයයි පැනවීමක් ඇති කල්හි සංඥාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. සංඥාවයයි පැනවීමක් ඇති කල්හි විතර්කයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. විතර්කයයි පැනවීමක් ඇති කල්හි තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤ්ච ධර්මයන්ගේ පැවැත්මයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි (සිදුවෙයි.)
“ඇවැත්නි, ඒකාන්තයෙන් හෙතෙම (භවාඩ්ග) සිත ඇති කල්හි ධර්ම අරමුණු ඇති කල්හි මනොවිඤ්ඤාණය ඇති කල්හි ස්පර්ශයයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි (සිදුවෙයි) ස්පර්ශයයයි පැනවීමක් ඇති කල්හි වේදනාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. (සිදුවෙයි.) වේදනාවයයි පැනවීමක් ඇති කල්හි සංඥාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. සංඥාවයයි පැනවීමක් ඇති කල්හි විතර්කයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. විතර්කයයි පැනවීමක් ඇති කල්හි තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤ්ච ධර්මයන්ගේ පැවැත්මයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි (සිදුවෙයි)
“ඇවැත්නි, ඒකාන්තයෙන් හෙතෙම ඇස නැති කල්හි, රූපය නැති කල්හි, චක්ඛු විඤ්ඤාණය නැති කල්හි, ස්පර්ශයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (සිදු නොවෙයි) ස්පර්ශයයයි පැනවීමක් නැති කල්හි වේදනාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි (නොසිදුවෙයි) වේදනාවයයි පැනවීමක් නැති කල්හි සංඥාවයයි පැනවීමක් පනවන්නේය යන කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදුවෙයි) සංඥාවයයි පැනවීමක් නැති කල්හි විතර්කයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදුවෙයි) විතර්කයයි පැනවීමක් නැති කල්හි තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤ්ච ධර්මයන්ගේ පැවැත්මයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදුවෙයි)
“ඇවැත්නි, ඒකාන්තයෙන් හෙතෙම කණ නැති කල්හි ශබ්දය නැති කල්හි, සොතවිඤ්ඤාණය නැති කල්හි, ස්පර්ශයයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (සිදු නොවෙයි) ස්පර්ශයයයි පැනවීමක් නැති කල්හි වේදනාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදුවෙයි) වේදනාවයයි පැනවීමක් නැති කල්හි සංඥාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදුවෙයි) සංඥාවයයි පැනවීමක් නැති කල්හි විතර්කයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමානවෙයි. (නොසිදුවෙයි) විතර්කයයි පැනවීමක් නැති කල්හි තෘෂ්ණාදෘෂ්ටි ප්‍රපඤ්ච ධර්මයන්ගේ පැවැත්මයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යාමාන වෙයි. (නොසිදුවෙයි)
“ඇවැත්නි, ඒකාන්තයෙන් හෙතෙම නාසය නැති කල්හි, ගන්ධය නැති කල්හි, ඝාණවිඤ්ඤාණය නැති කල්හි, ස්පර්ශයයයි පැනවිමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි (සිදු නොවෙයි) ස්පර්ශයයයි පැනවීමක් නැති කල්හි වේදනාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි (නොසිදු වෙයි) වේදනාවයයි පැනවීමක් නැති කල්හි සංඥාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදුවෙයි) සංඥාවයයි පැනවීමක් නැති කල්හි විතර්කයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදුවෙයි) විර්කයයි පැනවීමක් නැති කල්හි තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤ්ච ධර්මයන්ගේ පැවැත්මයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමානවෙයි. (නොසිදුවෙයි.)
“ඇවැත්නි, ඒකාන්තයෙන් හෙතෙම දිව නැති කල්හි, රසය නැති කල්හි, ජීව්හා විඤ්ඤාණය නැති කල්හි, ස්පර්ශයයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (සිදුනොවෙයි) ස්පර්ශයයයි පැනවීමක් නැති කල්හි වේදනාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදුවෙයි) වේදනාවයයි පැනවීමක් නැති කල්හි සංඥාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. සංඥාවයයි පැනවීමක් නැති කල්හි විතර්කයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. විතර්කයයි පැනවීමක් නැති කල්හි තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤ්ච ධර්මයන්ගේ පැවැත්මයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදුවෙයි.)
“ඇවැත්නි, ඒකාන්තයෙන් හෙතෙම කය නැති කල්හි ස්පර්ශය නැති කල්හි, කාය විඤ්ඤාණය නැති කල්හි, ස්පර්ශයයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (සිදුනොවෙයි) ස්පර්ශයයයි පැනවීමක් නැති කල්හි වේදනාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදුවෙයි) වේදනාවයයි පැනවීමක් නැති කල්හි සංඥාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදුවෙයි) සංඥාවයයි පැනවීමක් නැති කල්හි විතර්කයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදුවෙයි) විතර්කයයි පැනවීමක් නැති කල්හි තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤ්ච ධර්මයන්ගේ පැවැත්මයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදුවෙයි)
“ඇවැත්නි, ඒකාන්තයෙන් හෙතෙම (භවාඩ්ග) සිත නැති කල්හි, ධර්ම අරමුණු නැති කල්හි, මනොවිඤ්ඤාණය නැති කල්හි ස්පර්ශයයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (සිදු නොවෙයි) ස්පර්ශයයයි පැනවීමක් නැති කල්හි වේදනාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදුවෙයි) වේදනාවයයි පැනවීමක් නැති කල්හි සංඥාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදු වෙයි.) සංඥාවයයි පැනවීමක් නැති කල්හි විතර්කයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදුවෙයි.) විතර්කයයි පැනවීමක් නැති කල්හි තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤ්ච ධර්මයන්ගේ පැවැත්මයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදු වෙයි.)
“ඇවැත්නි, යමක් භාග්‍යවතුන් වහන්සේ තොපට කොටින් දේශනා කොට විස්තර වශයෙන් අර්ථය නොබෙදා උන් ආසනයෙන් නැගිට විහාරයට වැඩියාහුද ‘මහණ යමක් හේතුකොට ගෙන තෘෂ්ණා දෘෂ්ටියයි කියන ලද ප්‍රමාදයට හේතුවූබැවින් ප්‍රපඤ්ච නම් ධර්මයෝ පුරුෂයා කෙරෙහි පවතිද්ද, ඒ හේතූන් වන දොළොස් ආයතනයන් කෙරෙහි ඉදින් සතුටු විය යුත්තක් නැත්තේද, මමය මාගේයයි කිව යුත්තක් නැත්තේද, ගැලිය යුත්තක් නැත්තේද, එයම රාගානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම පටිඝානුසයන්ගේ කෙළවර වන්නේය, එයම දිට්ඨානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම විචිකිච්ඡානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම මානානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම භවරාගානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම අවිජ්ජානුසයයන්ගේ කෙළවර වන්නේය. දඬු මුගුරු ගැනීමය, ආයුධ ගැනීමය, කෝලාහල කිරීමය, විරුද්ධව කථාකිරීමය, තා තේ කියා බැණීමය, කේලාම් කීමය, බොරු කීමය යන මේ අකුශලයන්ගේද කෙළවර වන්නේය. මේ දොළොස් ආයතනයන් කෙරෙහි ලාමකවූ මේ අකුශල ධර්මයෝ ඉතිරි නොවී විනාශ වෙත්ය”යි (වදාළේද,)
“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් දේශනා කොට අර්ථ බෙදා විස්තර නොකළාවූ ඒ දේශනාවේ විස්තර අර්ථය මෙසේ දනිමි. ඇවැත්නි, ඉදින් තොප කැමති වන්නාහු නම් භාග්‍යවතුන් වහන්සේ වෙතටම පැමිණ මෙහි විස්තරය විචාරව්. තොපට යම්සේ භාග්‍යවතුන් වහන්සේ විස්තර කරද්ද එසේ දරා ගනිව්.”
|
205
අථ ඛො තෙ භික්ඛූ ආයස්මතො මහාකච්චානස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං - ‘‘යං ඛො නො, භන්තෙ, භගවා සංඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො - ‘යතොනිදානං, භික්ඛු, පුරිසං පපඤ්චසඤ්ඤාසඞ්ඛා සමුදාචරන්ති. එත්ථ චෙ නත්ථි අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ඣොසිතබ්බං. එසෙවන්තො රාගානුසයානං...පෙ.... එත්ථෙතෙ පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්තී’ති. තෙසං නො, භන්තෙ, අම්හාකං අචිරපක්කන්තස්ස භගවතො එතදහොසි - ‘ඉදං ඛො නො, ආවුසො, භගවා සංඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො - ‘‘යතොනිදානං, භික්ඛු, පුරිසං පපඤ්චසඤ්ඤාසඞ්ඛා සමුදාචරන්ති. එත්ථ චෙ නත්ථි අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ඣොසිතබ්බං. එසෙවන්තො රාගානුසයානං, එසෙවන්තො පටිඝානුසයානං, එසෙවන්තො දිට්ඨානුසයානං, එසෙවන්තො විචිකිච්ඡානුසයානං, එසෙවන්තො මානානුසයානං, එසෙවන්තො භවරාගානුසයානං
එවං වුත්තෙ ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච - ‘‘සෙය්යථාපි, භන්තෙ, පුරිසො ජිඝච්ඡාදුබ්බල්යපරෙතො මධුපිණ්ඩිකං අධිගච්ඡෙය්ය, සො යතො යතො සායෙය්ය, ලභෙථෙව සාදුරසං අසෙචනකං. එවමෙව ඛො, භන්තෙ, චෙතසො භික්ඛු දබ්බජාතිකො, යතො යතො ඉමස්ස ධම්මපරියායස්ස පඤ්ඤාය අත්ථං උපපරික්ඛෙය්ය, ලභෙථෙව අත්තමනතං, ලභෙථෙව චෙතසො පසාදං. කො නාමො අයං
(කො නාමායං (ස්‍යා.)), භන්තෙ, ධම්මපරියායො’’ති? ‘‘තස්මාතිහ ත්වං, ආනන්ද, ඉමං ධම්මපරියායං මධුපිණ්ඩිකපරියායො ත්වෙව නං ධාරෙහී’’ති.
ඉදමවොච
|
205
ඉක්බිති ඒ භික්ෂූහු ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේගේ දේශනාවට සතුටුව, අනුමෝදන්ව උන් අසුන්වලින් නැගිට භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක පැත්තක උන්නාහුය. එක පැත්තක උන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැලකළාහුය.
“මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ අපට කොටින් දේශනා කොට විස්තර වශයෙන් අර්ථය නොබෙදා උන් ආසනයෙන් නැගිට විහාරයට වැඩියහ.
“මහණ, යමක් හේතුකොට ගෙන තෘෂ්ණා දෘෂ්ටියයි කියන ලද ප්‍රමාදයට හේතුවූ බැවින් ප්‍රපඤ්ච නම් ධර්මයෝ පුරුෂයා කෙරෙහි පවතිත්ද, ඒ හේතූන් වන දොළොස් ආයතනයන් කෙරෙහි ඉදින් සතුටු විය යුත්තක් නැත්තේද, මමය මාගේයයි කිව යුත්තක් නැත්තේද, ගැලිය යුත්තක් නැත්තේද, එයම රාගානුසයයන්ගේ කෙළවරවන්නේය. එයම පටිඝානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම දිට්ඨානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම විචිකිච්ඡානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම මානානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම භවරාගානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම අවිජ්ජානුසයයන්ගේ කෙළවර වන්නේය. දඬු මුගුරු ගැනීමය, ආයුධ ගැනීමය, කෝලාහල කිරීමය, විරුද්ධ කථා කීමය, තා තෝ කියා බැණීමය, කේලාම් කීමය, බොරු කීමය යන මේ අකුශලයන්ගේද කෙළවර වන්නේය. මේ දොළොස් ආයතනයන් කෙරෙහි ලාමකවූ මේ අකුශල ධර්මයෝ ඉතිරි නොවී විනාශ වෙත්” (කියායි)
“භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වැඩිය ටික වේලාවකින් ඒ අපට මේ අදහස ඇතිවිය
“භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් දේශනා කළාවූ, විස්තර වශයෙන් අර්ථය නොබෙදුවාවූ මේ දේශනාවේ අර්ථය කවරෙක් විස්තර වශයෙන් බෙදා දක්වන්නේද (කියායි) එසේ සිතූ ඒ අපට මේ සිත පහළවිය මේ ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ ශාස්තෲන් වහන්සේ විසින් වර්ණනා කරන ලද්දේමය. නුවණ ඇත්තාවූ සමාන බ්රහ්මචරියා ඇත්තවුන් විසින් ගරුකරන ලද්දේය, ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ, මේ කොටින් දේශනාකළාවූ විස්තර වශයෙන් අර්ථය නොබෙදුවාවූ මේ දේශනාවේ අර්ථය බෙදා ප්‍රකාශ කරන්ට සමර්ථ වෙයි. අපි යම් හේතුවකින් ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ යම් තැනකද එතැනට යන්නෙමු නම් ඉතා යෙහෙක, එසේ පැමිණ, ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේගෙන් මෙහි තේරුම් අසන්නෙමුයි (කියායි.)
“ස්වාමීනි, ඉන්පසු අපි ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියෙමු. පැමිණ, ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේගෙන් මේ කාරණය ඇසුවෙමු. ස්වාමිනි, ඒ අපට ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ මේ ක්‍රමයෙන් මේ පදවලින් යුක්තව, මේ අක්ෂරවලින් යුක්තව අර්ථය විස්තර කරන ලද්දේය”යි (කීවාහුය.)
“මහණෙනි, මහා කාත්‍යායන තෙම පණ්ඩිතය. මහණෙනි, මහා කාත්‍යායන තෙම මහත් ප්‍රඥාවෙන් යුක්තය. මහණෙනි, තොපි මගෙන්ද මේ කාරණය අසන්නහු නම් මමද එය යම්සේ මහා කාත්‍යායනයන් විසින් විස්තර කරන ලද්දේද එපරිද්දෙන්ම විස්තර කරන්නෙමි. එයම මේ දේශනාවෙහි අර්ථය වන්නේය. මෙසේ ඒ අර්ථය දරාගනිව්”යි (වදාළහ.) මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය.
“ස්වාමීනි, බඩසාදුකින් දුර්වලව පෙළෙන්නාවූ පුරුෂයෙක් මීපැණි දමා කළ අග්ගලාවක් ලබාද, හෙතෙම යම් යම් කොටසකින් රස විඳීද, (ඔහු) ඒ ඒ කොටසින් රස අඩු වැඩි යයි නොකිය යුතුවූ මිහිරි රසය ලබන්නේය. ස්වාමීනි, එපරිද්දෙන්ම සිතන්නාවූ පණ්ඩිත ස්වභාව ඇති මහණතෙම මේ ධර්ම ක්‍රමය පිළිබඳව යම් යම් කොටසකින් අර්ථය සලකන්නේද, (එයින්) සතුටු සිත් ඇති බවම ලබන්නේය. සිතේ පැහැදීමම ලබන්නේය. ස්වාමීනි, මේ ධර්ම ක්රමයේ නම කුමක් දැ”යි (ඇසීය) ‘එසේ නම් ආනන්දය, තොප මේ ධර්ම ක්‍රමය “මධු පිණ්ඩික” කියාම දරාගනුව.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටුවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තේය.
|
9. ද්වෙධාවිතක්කසුත්තං | 9. ද්වෙධා විතක්ක සූත්‍රය |
206
එවං
‘‘පුබ්බෙව මෙ, භික්ඛවෙ, සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො එතදහොසි - ‘යංනූනාහං ද්විධා කත්වා ද්විධා කත්වා විතක්කෙ විහරෙය්ය’න්ති. සො ඛො අහං, භික්ඛවෙ, යො චායං කාමවිතක්කො යො ච බ්යාපාදවිතක්කො යො ච විහිංසාවිතක්කො - ඉමං එකං භාගමකාසිං
|
206
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඩු මහ සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” කියා භික්ෂූන්ට ආමන්ත්‍රණය කළහ. “ස්වාමීනි” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.
“මහණෙනි, බුදුවන්නට කලින් බුදුනොවූ බොධිසත්වවූ මට මේ අදහස ඇතිවිය ‘මම විතර්කයන් (කල්පනාවන්) දෙකොටසක් දෙකොටසක් කොට බෙදා වාසය කරන්නෙම් නම් හොඳය’ කියායි. “මහණෙනි, ඒ මම යම් මේ කාම විතර්කයක් (කාමයන් පිළිබඳ කල්පනාවක්) වේද යම් ව්‍යාපාද විතර්කයක් (ක්‍රොධ කල්පනාවක්) වේද, යම් විහිංසා විතර්කයක් (හිංසා කල්පනාවක්) වේද, මේ අකුසල කල්පනා එක් කොටසක් කෙළෙමි.
යම් මේ නෛෂ්ක්‍රම්‍ය (කාමයන්ගෙන් වෙන්වීමේ) කල්පනාවක් වේද, යම් අව්‍යාපාද (මෛත්‍රී සහගත) කල්පනාවක් වේද යම් අවිහිංසා (හිංසා නොකිරීමේ) කල්පනාවක් වේද මේ කුසල කල්පනා දෙවෙනි කොටස කෙළෙමි.
|
207
‘‘තස්ස මය්හං, භික්ඛවෙ, එවං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො උප්පජ්ජති
|
207
“මහණෙනි, මෙසේ අප්‍රමාදව කෙලෙස් තවන වීර්යය ඇතිව වාසය කරන්නාවූ ඒ මට කාම කල්පනාවක් උපදියිද ඒ මම මෙසේ දනිමි. මට මේ කාම කල්පනාව උපන්නීය. ඒ කාම කල්පනාව වනාහි තමහටද දුක් පිණිස පවතියි. අන්‍යයා හටද දුක් පිණිස පවතී. දෙපක්ෂයටමද දුක් පිණිස පවතියි. ප්‍රඥාව වළකන්නීය. දුක් පක්ෂයෙහි සිටියාය. නිවන් පිණිස නොපවත්නීය. මහණෙනි, තමහට දුක් පිණිස පවතීයයි කියා සලකන්නාවූ මගේ සිතේ උපන් කාම කල්පනාව විනාශයට යෙයි. මහණෙනි, පරහට දුක් පිණිස පවතීයයි කියා සලකන්නාවූ මා තුළ උපන් කාම කල්පනාව විනාශයට යෙයි. දෙපක්ෂයටම දුක් පිණිස පවතීයයි සලකන්නාවූ මා තුළ උපන් කාම කල්පනාව විනාශයට යෙයි. ප්‍රඥාව වළකන්නීය. දුක් පක්ෂයෙහි සිටියාය. නිවන් පිණිස නොපවතින්නීයයි සලකන්නාවූ මා තුළ උපන් කාම කල්පනාව විනාශයට යෙයි.
“මහණෙනි, ඒ මම උපන් කාම විතර්කය දුරුකෙළෙම් මය, බැහැර කෙළෙම්මය. එය ඉතිරි නොකෙළෙම්මය.
|
208
‘‘තස්ස මය්හං, භික්ඛවෙ, එවං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො උප්පජ්ජති බ්යාපාදවිතක්කො...පෙ.... උප්පජ්ජති විහිංසාවිතක්කො. සො එවං පජානාමි - ‘උප්පන්නො ඛො මෙ අයං විහිංසාවිතක්කො. සො ච ඛො අත්තබ්‍යාබාධායපි සංවත්තති, පරබ්‍යාබාධායපි
‘‘යඤ්ඤදෙව, භික්ඛවෙ, භික්ඛු බහුලමනුවිතක්කෙති අනුවිචාරෙති, තථා තථා නති හොති චෙතසො. කාමවිතක්කං චෙ, භික්ඛවෙ, භික්ඛු බහුලමනුවිතක්කෙති
|
208
“මහණෙනි, මෙසේ අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යය ඇතිව වාසය කරන්නාවූ ඒ මට ක්‍රොධ සහගත කල්පනාවක් පහළ වෙයිද, ඒ මම මෙසේ දනිමි. මට මේ ක්‍රොධ සහගත කල්පනාව උපන්නීය. ඒ ක්‍රොධ සහගත කල්පනාව වනාහි තමහටද දුක් පිණිස පවතී. අන්‍යයාහටද දුක් පිණිස පවතී. දෙපක්ෂයටමද දුක් පිණිස පවතියි, ප්‍රඥාව වළකන්නීය. දුක් පක්ෂයෙහි සිටියාය. නිවන් පිණිස නොපවත්නීය.
“මහණෙනි, තමහට දුක් පිණිස පවතීයයි කියා සලකන්නාවූ මගේ සිතේ උපන් ක්‍රොධ සහගත කල්පනාව විනාශයට යෙයි. මහණෙනි, පරහට දුක් පිණිස පවතීයයි කියා සලකන්නාවූ මා තුළ උපන් ක්‍රොධ සහගත කල්පනාව විනාශයට යෙයි. දෙපක්ෂයටම දුක් පිණිස පවතීයයි සලකන්නාවූ මා තුළ උපන් ක්‍රොධ සහගත කල්පනාව විනාශයට යෙයි. ප්‍රඥාව වළකන්නීය, දුක් පක්ෂයෙහි පිහිටියාය, නිවන් පිණිස නොපවතින්නීයයි සලකන්නාවූ මා තුළ උපන් ක්‍රොධ සහගත කල්පනාව විනාශයට යෙයි. මහණෙනි, ඒ මම උපන් ක්‍රොධ සහගත කල්පනාව දුරුකෙළෙම්මය. බැහැර කෙළෙම්මය. ඉතිරි නොකෙළෙම්මය.
“මහණෙනි, මෙසේ අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යය ඇතිව වාසය කරන්නාවූ ඒ මට හිංසා කිරීමේ කල්පනාව පහළ වෙයිද, ඒ මම මෙසේ දනිමි. මට මේ හිංසා කිරීමේ කල්පනාව උපන්නීය. ඒ හිංසා කිරීමේ කල්පනාව වනාහි තමහටද දුක් පිණිස පවතී. අන්‍යයාහටද දුක් පිණිස පවතී. දෙපක්ෂයටමද දුක් පිණිස පවතියි. ප්‍රඥාව වළකන්නීය. දුක් පක්ෂයෙහි සිටියාය. නිවන් පිණිස නොපවත්නීය.
“මහණෙනි, තමහට දුක් පිණිස පවතීයයි කියා සලකන්නාවූ මගේ සිතේ උපන් හිංසා කිරීමේ කල්පනාව විනාශයට යෙයි. මහණෙනි, පරහට දුක් පිණිස පවතීයයි කියා සලකන්නාවූ මා තුළ උපන් හිංසා කිරීමේ කල්පනාව විනාශයට යෙයි. දෙපක්ෂයටම දුක් පිණිස පවතීයයි සලකන්නාවූ මා තුළ උපන් හිංසා කිරීමේ කල්පනාව විනාශයට යෙයි. ප්‍රඥාව වළකන්නීය, දුක් පක්ෂයෙහි සිටියාය. නිවන් පිණිස නොපවත්නීයයි සලකන්නාවූ මා තුළ උපන් හිංසා කිරීමේ කල්පනාව විනාශයට යෙයි.
“මහණෙනි, ඒ මම උපන් හිංසා කිරීමේ කල්පනාව දුරු කෙළෙම්මය, බැහැර කෙළෙම්මය, ඉතිරි නොකෙළෙම්මය.
මහණෙනි, මහණතෙම යම් යම් කල්පනාවක් බොහෝ කොට නැවත නැවත කල්පනා කරයිද, නැවත නැවත සිත්හි පවත්වයිද, ඒ ඒ පරිද්දෙන් හිතේ නැමීම වෙයි. මහණෙනි, ඉදින් මහණතෙම කාම විතර්කය බොහෝ කොට නැවත නැවත කල්පනා කෙරේද, නැවත නැවත පවත්වයිද, කාමයන්ගෙන් වෙන්වීමේ කල්පනාව දුරු කෙළේද, කාම කල්පනා බහුල කෙළේද ඔහුගේ ඒ සිත කාම විතර්කය පිණිස නැමෙයි.
“මහණෙනි, ඉදින් මහණතෙම ක්‍රොධ කල්පනා බොහෝ කොට නැවත නැවත කල්පනා කෙරේද, නැවත නැවත සිත්හි පවත්වයි, ක්‍රෝධයෙන් වෙන්වීමේ කල්පනාව දුරු කළේද, ක්‍රොධ කල්පනා බහුල කළේද, ඔහුගේ ඒ සිත ක්‍රොධ කල්පනා පිණිස නැමෙයි.
“මහණෙනි, ඉදින් හිංසා කිරීමේ කල්පනා බොහෝකොට නැවත නැවත කල්පනා කෙරේද, නැවත නැවත සිත්හි පවත්වයිද, විහිංසාවෙන් වෙන්වීමේ කල්පනාව දුරුකෙළේද, විහිංසා කල්පනා බහුල කෙළේද ඔහුගේ ඒ සිත විහිංසා කල්පනාව පිණිස නැමෙයි.
“මහණෙනි, යම්සේ වැහිකාලයට අයත් අන්තිම මාසයෙහි සරත් කාලයෙහි ගොයමට යෑම වැළැක්විය යුතු කල්හි ගොපලුතෙම ගවයන් පාලනය කෙරේද, හෙතෙම ඒ ගවයන්ට ඒ ඒ පැත්තෙන් කෙවිටෙන් පහර දෙන්නේය. නැවත නැවත පහර දෙන්නේය. ඔබ මොබ යානොදී වළක්වන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, ගොපලුතෙම ඒ ගවයන් හොඳින් බලානොගැනීම හේතුකොට ගෙන පැමිණිය හැකි හිංසා පීඩාද, වධ බන්ධනද, ධන හානියද, නින්දා අපහාසද දකියි. මමද මහණෙනි, එසේම අකුශල ධර්මයන්ගේ දෝෂයද, ලාමක බවද, කෙලෙසීමද, කුශල ධර්මයන්ගේද, කාමයන්ගෙන් වෙන්වීමෙහි අනුසස්ද, පිරිසිදු බවද දුටුයෙමි.
|
209
‘‘තස්ස
|
209
මහණෙනි, මෙසේ අප්‍රමාදව කෙලෙස් තවන වීර්යය ඇතිව කාය ජීවිත පරිත්‍යාග කොට වාසය කරන්නාවූ ඒ මට කාමයන්ගෙන් නික්මීමේ කල්පනාව උපදීද, ඒ මම මෙසේ දනිමි. මට මේ කාමයන්ගෙන් වෙන්වීමේ කල්පනාව උපන්නේය. ඒ වනාහි තමහට දුක් පිණිසද නොවෙයි. පරහට දුක් පිණිසද නොවෙයි. දෙපක්ෂයටමද දුක් පිණිස නොවෙයි. ලෞකික ලොකොත්තර ප්‍රඥාව වඩයි. දුක් උපදවන පක්ෂයෙහි නොවෙයි. නිවන් පිණිස පවත්නේය. මහණෙනි, මුලු රාත්‍රියෙහිම එය කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොටගෙන බයක් නොමදකිමි. දාවල් කාලය මුලුල්ලෙහි එය කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොට ගෙන බයක් නොමදකිමි. රෑ දාවල් දෙක්හිම කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොට ගෙන භයක් නොමදකිමි. එසේද වුවත් බොහෝ වේලාවක් කල්පනා කරන්නාවූ මාගේ ශරීරය ක්ලාන්ත වෙයි, ශරීරය ක්ලාන්තවූවිට සිත නොසන්සුන් වෙයි. සිත නොසන්සුන්වූ කල්හි සමාධිය කෙරෙන් සිත ඈත්වෙයි. මහණෙනි, ඒ මම ඇතුළතින්ම සිත මනාව තබමි, හිඳුවමි, එකඟ කරමි, මනාව පිහිටුවමි. ඊට හේතු කවරේද? මාගේ සිත නොවිසිරේවායි (සිතායි.)
|
210
‘‘තස්ස මය්හං, භික්ඛවෙ, එවං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො උප්පජ්ජති අබ්යාපාදවිතක්කො...පෙ.... උප්පජ්ජති අවිහිංසාවිතක්කො. සො එවං පජානාමි - ‘උප්පන්නො ඛො මෙ අයං අවිහිංසාවිතක්කො. සො ච ඛො නෙවත්තබ්‍යාබාධාය සංවත්තති, න පරබ්‍යාබාධාය සංවත්තති, න උභයබ්‍යාබාධාය
‘‘යඤ්ඤදෙව, භික්ඛවෙ, භික්ඛු බහුලමනුවිතක්කෙති අනුවිචාරෙති, තථා තථා නති හොති චෙතසො. නෙක්ඛම්මවිතක්කඤ්චෙ, භික්ඛවෙ, භික්ඛු බහුලමනුවිතක්කෙති අනුවිචාරෙති, පහාසි
|
210
“මහණෙනි, මෙසේ අප්‍රමාදව කෙලෙස් තවන වීර්යය ඇතිව, කාය ජීවිත පරිත්‍යාග කොට වාසය කරන්නාවූ ඒ මට මෛත්‍රී සහගත කල්පනාව උපදියිද, ඒ මම මෙසේ දනිමි. මට මේ මෛත්‍රි සහගත කල්පනාව උපන්නීය. ඒ වනාහි තමහට දුක් පිණිසද නොවෙයි. පරහට දුක් පිණිසද නොවෙයි. දෙපක්ෂයටම දුක් පිණිසද නොවෙයි. ලෞකික ලොකොත්තර ප්‍රඥාව වඩයි. දුක් උපදවන පක්ෂයෙහි නොවෙයි. නිවන් පිණිස පවත්නේය. මහණෙනි, මුලු රාත්‍රියෙහිම එය කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතු කොට ගෙන භයක් නොමදකිමි. දාවල් කාලය මුලුල්ලෙහි එය කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොටගෙන භයක් නොමදකිමි. රෑ දාවල් දෙක්හිම කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතු කොට ගෙන භයක් නොමදකිමි. එසේද වුවත් බොහෝ වේලාවක් කල්පනා කරන්නාවූ මාගේ ශරීරය ක්ලාන්තය වෙයි. ශරීරය ක්ලාන්ත වූවිට සිත නොසන්සුන් වෙයි. නොසන්සුන්වූ කල්හි සමාධිය කෙරෙන් සිත ඈත්වෙයි. මහණෙනි, ඒ මම ඇතුළත්හිම සිත මනාව තබමි, හිඳුවමි, එකඟ කරමි, මනාව පිහිටුවමි, ඊට හේතු කවරේද? මාගේ සිත නොවිසිරේවායි (සිතායි.)
“මහණෙනි, මෙසේ අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යය ඇතිව, ආත්මය පරිත්‍යාග කොට වාසය කරන්නාවූ මට හිංසා නොකිරීමේ කල්පනාව උපදියිද, ඒ මම මෙසේ දකිමි. මට මේ හිංසා නොකිරීමේ කල්පනාව උපන්නීය. ඒ වනාහි තමහට දුක් පිණිසද නොවෙයි. පරහට දුක් පිණිසද නොවෙයි. දෙපක්ෂයටම දුක් පිණිද නොවෙයි. ලෞකික ලොකොත්තර ප්‍රඥාව වඩයි. දුක් උපදවන පක්ෂයෙහි නොවෙයි. නිවන් පිණිස පවත්නේය. මහණෙනි, මුළු රාත්‍රියෙහිම එය කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොට ගෙන භයක් නොමදකිමි. දාවල් කාලය මුළුල්ලෙහි එය කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොට ගෙන භයක් නොමදකිමි. රෑ දාවල් දෙක්හිම කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොටගෙන භයක් නොදකිමි. එසේද වුවත් බොහෝ වේලාවක් කල්පනා කරන්නාවූ මාගේ ශරීරය ක්ලාන්ත වෙයි. ශරීරය ක්ලාන්තවූවිට සිත නොසන්සුන් වෙයි. සිත නොසන්සුන්වූවිට සමාධිය කෙරෙන් සිත ඈත්වෙයි. මහණෙනි, ඒ මම ඇතුළතම සිත මනාව තබමි, හිඳුවමි, එකඟ කරමි, මනාව පිහිටුවමි. ඊට හේතු කවරේද? මාගේ සිත නොවිසිරේවායි (සිතාය.)
“මහණෙනි, මහණතෙම යම් යම් කල්පනාවක් බහුලව නැවත නැවත කල්පනා කෙරේද, නැවත නැවත සිතේ පවත්වයිද, ඒ ඒ ආකාරයෙන් නැමීම වෙයි. මහණෙනි, ඉදින් මහණතෙම කාමයෙන් වෙන්වීමේ කල්පනාව බොහෝ කොට නැවත නැවත කල්පනා කෙරේද, නැවත නැවත සිතේ පවත්වයිද, කාම කල්පනා බැහැර කෙරේද, කාමයෙන් වෙන්වීමේ කල්පනාව බහුල කෙරේද, ඔහුගේ සිත කාමයෙන් වෙන්වීමේ කල්පනාව පිණිස නැමෙයි.
“මහණෙනි, ඉදින් මහණතෙම මෛත්‍රි කල්පනාව බොහෝ කොට නැවත නැවත කල්පනා කෙරේද, නැවත නැවත සිත්හි කෙරේද, ක්‍රොධ කල්පනා බැහැර කෙරේද, මෛත්‍රී කල්පනා බහුල කෙරේද, ඔහුගේ ඒ සිත මෛත්‍රී කල්පනාව පිණිස නැමෙයි.
“මහණෙනි, ඉදින් මහණතෙම හිංසා නොකිරීමේ කල්පනා බොහෝ කොට කෙරේද, නැවත නැවත සිත්හි කෙරේද, හිංසා කිරීමේ කල්පනා බැහැර කෙරේද, මෛත්‍රී කල්පනා බහුල කෙරේද, ඔහුගේ ඒ සිත මෛත්‍රී කල්පනාව පිණිස නැමෙයි.
“මහණෙනි, යම්සේ ග්‍රීෂ්ම ඍතුවට අයත් අන්තිම මාසයෙහි සියලු ශස්යයන් ගමට ගෙනගිය කල්හි ගොපලුතෙම ගවයන් නොරක්නේද, ගසක් යටටවී හෝ එළිමහන් තැනකටවී හෝ මේ ගවයෝයයි සිහිකිරීම පමණක් ඔහුට ප්‍රමාණවත් වෙයිද, මහණෙනි, එපරිද්දෙන්ම මේ ධර්මයෝයයි සිහිකිරීම පමණක් ප්රමාණවත්ය.
|
211
‘‘ආරද්ධං ඛො පන මෙ, භික්ඛවෙ, වීරියං අහොසි අසල්ලීනං, උපට්ඨිතා සති අසම්මුට්ඨා
|
211
“මහණෙනි, ඒ මාගේ වීර්යය නොහැකිලී ආරම්භවිය. සිහිය එළඹ සිටියාය. කය සංසිඳුණේය. සැහැල්ලු විය. සිත සමාධිමත් විය. එකඟ විය.
“මහණෙනි, ඒ මම කාමයෙන් වෙන්වම සියලු අකුශලයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ, විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට එළඹ වාසය කෙළෙමි. විතර්ක විචාර දෙදෙනාගේ සන්සිඳීමෙන් හිතේ පැහැදීම ඇත්තාවූ, හිතේ එකඟකම ඇත්තාවූ විතර්ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවෙනිවූ ධ්‍යානයට එළඹ වාසය කෙළෙමි. ප්‍රීතිය ඉක්මවීමෙන් උපේක්ෂා ඇත්තේ සිහි නුවණින් යුක්තවූයේ කයින් සැපය වින්දෙමි. යම් ධ්‍යානයක් උපේක්ෂා ඇත්තේ සිහියෙන් යුක්තවූයේ සැප විහරණ ඇත්තේයයි ආර්යයෝ කියත්ද, ඒ තුන්වැනි ධ්‍යානයට එළඹ වාසය කෙළෙමි. සැපද නැති කිරීමෙන් දුක්ද නැති කිරීමෙන් කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන් දුක් නැත්තාවූ සැප නැත්තාවූ උපේක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බැව් ඇති සතරවැනි ධ්‍යානයට එළඹ වාසය කෙළෙමි.
|
212
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනින්නාමෙසිං. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරාමි. සෙය්යථිදං, එකම්පි ජාතිං...පෙ.... ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරාමි. අයං ඛො
|
212
“ඒ මම, මෙසේ හිත සමාධියෙන් එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි දීප්තිමත්වූ කල්හි අඩ්ගන (රාගාදී කෙලෙස්) රහිතවූ කල්හි, පහවූ උවදුරු ඇති කල්හි, මෘදුවූ කල්හි, කාර්යයට සුදුසුව සිටි කල්හි චංචල නොවී සිටි කල්හි පෙර විසූ කඳ පිළිවෙල දැනීම පිණිස සිත නැමූයෙමි. ඒ මම නොයෙක් ආකාරවූ පූර්වෙනිවාසය (පෙර උපන් ජාති) සිහි කරමි. එනම්: එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දශයක්ද, ජාති විස්සක්ද ජාති තිසක්ද, ජාති සතළිසක්ද, ජාති පනසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත (විනාශ වන) කල්පයන්ද, නොයෙක් විවර්ත (හැදෙන) කල්පයන්ද, නොයෙක් සංවර්ත විවර්ත කල්පයන්ද අසුවල් තැන උපන්නෙමි. එහි මෙ නම් ඇත්තේ වීමි. මෙබඳු වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු දුක් සැප වින්දෙමි. ඒ මම එයින් චුතව අසුවල් තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තෙක් වීමි. මෙබඳු සැප දුක් විඳින්නෙක් වීමි. මෙබඳු ආයුෂ ඇත්තෙත් වීමි. ඒ මම එතැනින් චුතව මේ මනුෂ්‍ය භවයෙහි උපන්නෙමියි මෙසේ ආකාර සහිතවූ, උදෙසීම් සහිතවූ, නන්වැදෑරුම්වූ පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරමි.
“මහණෙනි, මා විසින් රාත්‍රියේ පළමුවෙනි යාමයෙහි මේ පළමුවන විද්‍යාව (පෙර විසූ තැන් දන්නා නුවණ) ලබන ලදී. එය වසන අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මෝහය) නසන ලද්දේය. ආලෝකය උපන්නේය. අප්‍රමාදව කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ විය.
|
213
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනින්නාමෙසිං. සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සාමි චවමානෙ උපපජ්ජමානෙ...පෙ.... ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා...පෙ.... ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සාමි චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ, යථාකම්මූපගෙ සත්තෙ පජානාමි. අයං ඛො මෙ, භික්ඛවෙ, රත්තියා මජ්ඣිමෙ යාමෙ දුතියා විජ්ජා අධිගතා; අවිජ්ජා විහතා විජ්ජා උප්පන්නා; තමො විහතො ආලොකො උප්පන්නො; යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො.
|
213
“ඒ මම මෙසේ හිත සමාධියෙන් එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, අඩ්ගණ (රාගාදී කෙලෙස්) රහිතවූ කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, සිත මෘදුවූ කල්හි, කාර්යයට සුදුසුව සිටි කල්හි, චංචල නොවී සිටි කල්හි සත්ත්වයන්ගේ චුති උත්පත්ති දෙක දැකීම පිණිස සිත නැමීමි ඒ මම පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, ලාමකවූද, ප්‍රණීතවූද, මනා වර්ණ ඇත්තාවූද, මනා වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තා වූද, අයහපත් ගති ඇත්තාවූද, කර්මය පරිදි මියගියාවූ සත්ත්වයන් දකිමි.
“ඒකාන්තයෙන් මේ පින්වත් සත්ත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්තවූවාහු, මනො දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, ආර්යයන්ට දොස් කීවාහු, මිථ්‍යාදෘෂ්ටි ගත්තාහු, මිථ්‍යාදෘෂ්ටි කර්ම අනුමත කළාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන නරකයෙහි උපන්නාහුයයිද, මේ පින්වත් සත්ත්වයෝ වනාහි කාය සුචරිතයෙන් යුක්ත වූවාහු වාක් සුචරිතයෙන් යුක්තවූවාහු මනො සුචරිතයෙන් යුක්ත වූවාහු ආර්යයන්ට දොස්නොකීවාහු සම්‍යක්දෘෂ්ටි ඇත්තාහු සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදන් වූවාහුය. (එහෙයින්) ඔව්හු කය බිඳීමෙන් මරණින් මතු ස්වර්ග ලෝකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින්, චුතවන්නාවූද, උපදින්නාවූද, ලාමකවූද, ප්‍රණීතවූද, මනා වර්ණ ඇත්තාවූද, මනා වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද කර්මය පරිදි මියගියාවූ සත්ත්වයන් දනිමි.
“මහණෙනි, මා විසින් රාත්‍රියෙහි මැදියමෙහි මේ දෙවන විද්‍යාව (චුතවීම, ඉපදීම දක්නා නුවණ) ලබන ලදී. එය වසන අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මෝහය) නසන ලද්දේය. ආලෝකය උපන්නේය. අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ විය.
|
214
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමෙසිං. සො ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං අබ්භඤ්ඤාසිං, ‘අයං දුක්ඛසමුදයො’ති යථාභූතං අබ්භඤ්ඤාසිං, ‘අයං දුක්ඛනිරොධො’ති යථාභූතං අබ්භඤ්ඤාසිං, ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං අබ්භඤ්ඤාසිං
|
214
“ඒ මම මෙසේ සිත එකඟවූ කල්හි ආශ්‍රව ක්ෂයකර ඥානය (කෙලෙස් නැති කරන නුවණ) පිණිස සිත නැමුයෙමි. ඒ මම මෙය දුකයයි තතුසේ දත්තෙමි. මේ දුක් ඉපදීමට හේතුවයයි තතුසේ දත්තෙමි. මේ දුක් නැති කිරීමයයි තතු සේ දත්තෙමි. මේ දුක නැතිකිරීමේ මාර්ගයයයි තතුසේ දත්තෙමි. මොහු ආශ්‍රවයෝ (කාම ආදී කෙලෙස්) යයි තතුසේ දැන ගතිමි. මේ ආශ්‍රවයන්ගේ හටගැන්මයයි තතුසේ දැනගතිමි. මේ ආශ්‍රවයන්ගේ නැතිකිරීමයයි තතුසේ දැනගතිමි. මේ ආශ්‍රවයන් නැතිකිරීමේ මාර්ගයයි තතුසේ දැනගත්තෙමි. මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ ඒ මාගේ සිත කාමාශ්‍රවයෙන්ද මිදුනේය. භවාශ්‍රවයෙන්ද මිදුනේය. අවිද්‍යාශ්‍රවයෙන්ද මිදුනේය. මිදුන කල්හි මිදුනේයයි දැනීම පහළ විය. උත්පත්තිය කෙළවර විය.
“මාර්ග බ්‍රහ්මචර්යාව වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මේ අර්හත්වය පිණිස කළයුතු අනිකක් නැත්තේයයි දත්තෙමි.
“මහණෙනි, රාත්‍රියෙහි පශ්චිම යාමයෙහි මේ තුන්වෙනි විද්‍යාව (ආශ්‍රව ක්ෂයකර ඥාන නම්වූ අර්හත් මාර්ගය) මා විසින් ලබනලදී. එය වසන අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මෝහය) නසන ලද්දේය. ආලෝකය උපන්නේය. අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේම විය.
|
215
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, අරඤ්ඤෙ පවනෙ මහන්තං නින්නං පල්ලලං. තමෙනං මහාමිගසඞ්ඝො උපනිස්සාය විහරෙය්ය. තස්ස කොචිදෙව පුරිසො උප්පජ්ජෙය්ය අනත්ථකාමො අහිතකාමො අයොගක්ඛෙමකාමො. සො ය්වාස්ස මග්ගො ඛෙමො සොවත්ථිකො පීතිගමනීයො තං මග්ගං පිදහෙය්ය, විවරෙය්ය කුම්මග්ගං, ඔදහෙය්ය ඔකචරං, ඨපෙය්ය ඔකචාරිකං. එවඤ්හි සො, භික්ඛවෙ, මහාමිගසඞ්ඝො අපරෙන සමයෙන
‘‘උපමා ඛො මෙ අයං, භික්ඛවෙ, කතා අත්ථස්ස විඤ්ඤාපනාය
‘‘ඉති ඛො, භික්ඛවෙ, විවටො මයා ඛෙමො මග්ගො සොවත්ථිකො පීතිගමනීයො, පිහිතො කුම්මග්ගො, ඌහතො ඔකචරො, නාසිතා ඔකචාරිකා. යං, භික්ඛවෙ, සත්ථාරා කරණීයං සාවකානං හිතෙසිනා අනුකම්පකෙන අනුකම්පං උපාදාය, කතං වො තං මයා. එතානි, භික්ඛවෙ
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
|
215
“මහණෙනි, මහ වනයෙහි මහ වන ලැහැබෙක මහත්වූ මිටිවූ තැනිතලාවක් යම් සේ වේද, ඒ මේ තැනිතලාවක් ඇසුරුකොට මහත් මුව සමූහයෙක් වාසය කෙරෙයි. ඒ මෘග සමූහයාට අනර්ථය කැමැත්තාවූ අවැඩ කැමැත්තාවූ, අභය නොකැමැත්තාවූ කිසියම් පුරුෂයෙක් තෙම පහළ වෙයි. හෙතෙම ඒ ස්ථානයට භය නැතිව පහසුවෙන් යාහැකි මාර්ගය වසන්නේය. නපුරු මග විවෘත කරන්නේය. දඩමුවා සිටුවන්නේය. දඩමුවදෙන සිටුවන්නේය. මහණෙනි, මෙසේවූ කල්හි ටික කලකින් ඒ මහා මුව සමූහයා විනාශයට තුනී බවට පැමිණෙන්නේය. මහණෙනි, එම මහත් මුව සමූහයාගේ අභිවෘද්ධිය කැමැත්තාවූ වැඩ කැමැත්තාවූ අභය කැමැත්තාවූ කිසියම් පුරුෂයෙක් පහළ වෙයි. හෙතෙම ඒ ස්ථානයට භයනැතිව පහසුවෙන් යාහැකි මාර්ගය විවෘත කරන්නේය. නපුරු මාර්ගය වසන්නේය. දඩමුවා නසන්නේය දඩමුවදෙන නසන්නේය. මහණෙනි, මෙසේවූ කල්හි ඒ මහත් මුව සමූහය ටික කලකින් අභිවර්ධනයටද දියුණුවටද, ස්ථිර බවටද මහත් බවටද පැමිණෙන්නේය.
“මහණෙනි, අර්ථය තේරුම් කිරීම පිණිස මා විසින් මේ උපමාව දක්වන ලදී. මෙහි මේ අර්ථයයි. මහණෙනි, මහත්වූ මිටියාවත යනු පංචකාමයන්ට නමෙකි. මහණෙනි, මහා මෘග සමූහය යනු සත්ත්වයන්ට නමකි. අවැඩ කැමති, අනර්ථය කැමති අභය නොකැමැති පුරුෂයා යනු මාරයාට නමකි. නපුරු මාර්ගය යනු අඩ්ග අටකින් යුක්තවූ වැරදි මාර්ගයට නමකි. එනම් වැරදි දැකීම, වැරදි කල්පනාව, වැරදි වචනය, වැරදි කර්මාන්තය, වැරදි ආජීවය, වැරදි ව්‍යායාමය, වැරදි සිහිය, වැරදි සමාධිය යන අටයි. මහණෙනි, දඩමුවා යනු තෘෂ්ණාවට නමෙකි. මහණෙනි, දඩමුවදෙන යනු අවිද්‍යාවට නමකි. වැඩකැමති අර්ථය කැමති, අභයකැමති පුරුෂයා යනු අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේට මේ නමකි. යහපත් මාර්ගය යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයට නමකි. එනම්, නිවැරැදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යනඅටයි.
“මහණෙනි, මෙසේ වනාහි මා විසින් නිර්භයවූ සැප පමුණුවන්නාවූ පහසුවෙන් යා හැකි මාර්ගය විවෘත කරන ලද්දේය. නොමඟ වසන ලද්දේය. දඩමුවා නසන ලද්දේය. දඩමුවදෙන නසන ලද්දීය.
“මහණෙනි, ශ්‍රාවකයන්ට හිතවත්වූ අනුකම්පා ඇති ශාස්තෘ කෙනෙකු විසින් අනුකම්පාවෙන් යම්බදු යහපතක් කළයුතුද එය මා විසින් තොපට නොඅඩුව කරනලදී.
“මහණෙනි, මේ ගස් මුල් ඇත්තාහ. හිස් ගෙවල් ඇත්තාහ. එහි ගොස් භාවනා කරව්. ප්‍රමාද නොවව්, ප්‍රමාදවී පසුතැවිලි නොවව්. තොපට අපගේ මේ අනුශාසනාවයි.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සතුටුවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුය.
|
10. විතක්කසණ්ඨානසුත්තං | 10. විතක්ක සණ්ඨාන සූත්‍රය |
216
එවං
‘‘අධිචිත්තමනුයුත්තෙන, භික්ඛවෙ, භික්ඛුනා පඤ්ච නිමිත්තානි කාලෙන කාලං මනසි කාතබ්බානි. කතමානි පඤ්ච? ඉධ, භික්ඛවෙ, භික්ඛුනො යං නිමිත්තං ආගම්ම යං නිමිත්තං මනසිකරොතො උප්පජ්ජන්ති පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙන, භික්ඛවෙ, භික්ඛුනා තම්හා නිමිත්තා අඤ්ඤං නිමිත්තං මනසි කාතබ්බං කුසලූපසංහිතං. තස්ස තම්හා නිමිත්තා අඤ්ඤං නිමිත්තං මනසිකරොතො කුසලූපසංහිතං යෙ පාපකා අකුසලා
|
216
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඩු සිටුහු විසින් කරවනලද ජේතවන නම් ආරාමයෙහි වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ‘මහණෙනි’ කියා කථා කළහ. භික්ෂූහු, ‘ස්වාමීනි’ කියා උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
“මහණෙනි, විදර්ශනාවට පාදකවූ සමාධිය වඩන්නාවූ භික්ෂුව විසින් කලින් කළ කරුණු පසක් මෙනෙහි කළ යුත්තාහුය. කිනම් කරුණු පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවට යම් අරමුණක් නිසා යම් අරමුණක් මෙනෙහි කිරීම හේතුකොට ගෙන ලෝභ සහගතවූද දෝෂ සහගතවූද මෝහ සහගතවූද ලාමකවූ අකුසල කල්පනා උපදිත්ද, මහණෙනි, ඒ භික්ෂුව විසින් ඒ අරමුණෙන් අන්‍යවූ කුසල සහිත අරමුණක් මෙනෙහි කළ යුතුය. ඒ අරමුණෙන් අන්‍යවූ කුසල සහිතවූ අරමුණක් මෙනෙහි කරන්නාවූ ඒ භික්ෂුවට ලෝභ සහගතවූ දෝෂ සහගතවූ, මෝහ සහගතවූ, ලාමකවූ, යම් අකුසල කල්පනාවෝවෙද්ද ඒ අකුසල කල්පනාවෝ පහවෙත්. විනාශ වෙත්. ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන සිත ඇතුළතම පිහිටයි, නවතියි, එකඟ වෙයි සමාධිය ඇතිවෙයි.
“මහණෙනි, යම්සේ දක්ෂ වඩුවෙක් හෝ වඩු ගෝලයෙක් හෝ කුඩා ඇණයකින් ලොකු ඇණයක් පිටකරන්නේද, නිකුත් කරන්නේද, ගලවා දමන්නේද, මහණෙනි, එසේම භික්ෂුවහට යම් අරමුණක් නිසා යම් අරමුණක් මෙනෙහි කිරීම නිසා ලෝභ සහගතවූද දෝෂ සහගතවූද මෝහ සහගතවූද ලාමකවූ අකුසල කල්පනාවෝ උපදිද්ද, මහණෙනි, ඒ භික්ෂුව විසින් කුසල සහිතවූ ඒ අරමුණෙන් අන් අරමුණක් මෙනෙහි කළ යුතුය. කුසල සහිතවූ ඒ අරමුණෙන් අන් අරමුණක් මෙනෙහිකිරීම හේතුකොටගෙන ඒ භික්ෂුවගේ ලෝභ සහගතවූද, දෝෂ සහගතවූද, මෝහ සහගතවූද ලාමක අකුසල කල්පනාවෝ පහ වෙත්, විනාශ වෙත්. ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන සිත ඇතුළතම පිහිටයි, හිඳියි, නවතියි, එකඟ වෙයි, සමාධියට පැමිණෙයි.
|
217
‘‘තස්ස චෙ, භික්ඛවෙ, භික්ඛුනො තම්හා නිමිත්තා අඤ්ඤං නිමිත්තං මනසිකරොතො කුසලූපසංහිතං උප්පජ්ජන්තෙව පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙන, භික්ඛවෙ, භික්ඛුනා තෙසං විතක්කානං ආදීනවො උපපරික්ඛිතබ්බො - ‘ඉතිපිමෙ විතක්කා අකුසලා, ඉතිපිමෙ විතක්කා සාවජ්ජා, ඉතිපිමෙ විතක්කා
|
217
“මහණෙනි, ඒ අරමුණෙන් අන්‍යවූ කුසල සහිත අරමුණක් මෙනෙහි කරන්නාවූ ඒ භික්ෂුවට ලෝභ සහගතවූද දෝෂ සහගතවූද මෝහ සහගතවූද ලාමක අකුසල කල්පනාවෝ උපදින්නාහුම වෙත්ද, මහණෙනි, එසේ නම් ඒ භික්ෂුව විසින් ඒ කල්පනාවන්ගේ ආදිනව මෙනෙහි කළ යුතුය. මෙසේද මේ කල්පනාවෝ අකුසල්ය, මෙසේද මේ කල්පනාවෝ වරද සහිතය. මෙසේද මේ කල්පනාවෝ දුක්වූ විපාක ඇත්තෝය. කියායි. ඒ කල්පනාවන්ගේ ආදීනව මෙනෙහි කරන්නාවූ ඒ භික්ෂුවගේ ලෝභ සහගතවූද දෝෂ සහගතවූද මෝහ සහගත වූද යම් ලාමක අකුසල කල්පනා කෙනෙක් වෙත්ද, ඒ ලාමක අකුසල කල්පනාවෝ පහවෙත්, විනාශවෙත්, ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන සිත ඇතුළතම සිටියි, නවතියි, එකඟවෙයි, සමාධිය ඇතිවෙයි. මහණෙනි, යම්සේ තරුණවූ අලංකාරයට කැමතිවූ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ සර්ප කුණක් හෝ බලු කුණක් හෝ මිනී කුණක් හෝ බෙල්ලෙහි එල්ලීමෙන් හැකිලෙන්නේද පිළිකුල් කරන්නේද මහණෙනි, එපරිද්දෙන්ම ඒ අරමුණෙන් අන්‍ය කුසලයෙන් යුක්තවූ අරමුණක් මෙනෙහි කරන්නාවූ ඒ භික්ෂුවට ලෝභ සහගතවූද දෙෂ සහගතවූද මෝහ සහගතවූද අකුසල කල්පනාවෝ උපදින්නාහුම වෙත් නම්, මහණෙනි, ඒ භික්ෂුව විසින් මේ ආකාරයෙන්ද මේ කල්පනාවෝ අකුසල්ය, මේ ආකාරයෙන්ද මේ කල්පනාවෝ වරද සහිතය. මේ ආකාරයෙන්ද මේ කල්පනාවෝ දුක් විපාක ඇත්තාහුයයි ඒ කල්පනාවන්ගේ දෝෂ මෙනෙහි කළ යුතුයි. ඒ කල්පනාවන්ගේ දෝෂ මෙනෙහි කරන්නාවූ ඔහුට ලෝභ සහගතවූද දෝෂ සහගත වූද මෝහ සහගතවූද යම් ලාමක අකුසල කල්පනා කෙනෙක් ඇද්ද, ඒ ලාමක අකුසල කල්පනාවෝ පහ වෙත්. විනාශයට පැමිණෙත්. ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන සිත ඇතුළතම පිහිටයි, නවතියි, එකඟබවට පැමිණෙයි. සමාධියට පැමිණෙයි.
|
218
‘‘තස්ස චෙ, භික්ඛවෙ, භික්ඛුනො තෙසම්පි විතක්කානං ආදීනවං උපපරික්ඛතො උප්පජ්ජන්තෙව පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙන, භික්ඛවෙ, භික්ඛුනා තෙසං විතක්කානං අසතිඅමනසිකාරො ආපජ්ජිතබ්බො. තස්ස තෙසං විතක්කානං අසතිඅමනසිකාරං ආපජ්ජතො යෙ පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි තෙ පහීයන්ති තෙ අබ්භත්ථං ගච්ඡන්ති. තෙසං පහානා අජ්ඣත්තමෙව චිත්තං සන්තිට්ඨති සන්නිසීදති එකොදි හොති සමාධියති. සෙය්යථාපි, භික්ඛවෙ, චක්ඛුමා පුරිසො ආපාථගතානං රූපානං අදස්සනකාමො අස්ස; සො නිමීලෙය්ය වා අඤ්ඤෙන වා අපලොකෙය්ය. එවමෙව ඛො, භික්ඛවෙ, තස්ස චෙ භික්ඛුනො තෙසම්පි විතක්කානං ආදීනවං උපපරික්ඛතො උප්පජ්ජන්තෙව පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙ පහීයන්ති තෙ අබ්භත්ථං ගච්ඡන්ති. තෙසං පහානා අජ්ඣත්තමෙව චිත්තං සන්තිට්ඨති සන්නිසීදති එකොදි හොති සමාධියති.
|
218
“මහණෙනි, ලෝභ සහගතවූද, දෝෂ සහගතවූද මෝහ සහගතවූද ඒ ලාමක අකුසල කල්පනාවෝ ඒ කල්පනාවන්ගේ දෝෂ මෙනෙහි කරන්නාවූ ඒ භික්ෂුවහට උපදින්නාහුම වෙත්ද, මහණෙනි, ඒ භික්ෂුව විසින් ඒ කල්පනා මෙනෙහි නොකිරීමට අමතක කිරීමට පැමිණිය යුතුයි. ඒ අකුසල කල්පනා මෙනෙහි නොකිරීමට අමතක කිරීමට පැමිණියාවූ ඒ භික්ෂුවට ලෝභ සහගතවූද දෝෂ සහගතවූද මෝහ සහගතවූද යම් ලාමක අකුසල කල්පනා කෙනෙක් වෙද්ද ඒ අකුසල කල්පනාවෝ පහ වෙත්, විනාශ වෙත්. ඔවුන්ගේ ප්රහාණය හේතුකොටගෙන ඇතුළතම සිත පිහිටයි, හිඳියි, එකඟ බවට පැමිණෙයි. සමාධියට පැමිණෙයි.
“මහණෙනි, යම්සේ ඇස් ඇත්තාවූ පුරුෂයෙක් ඇස් හමුවට පැමිණියාවූ රූපයක් නොදකිනු කැමැත්තේ නම් හෙතෙම ඇස් පියාගන්නේ හෝ වේද අන් දිශාවක් බලන්නේ හෝ වේද, මහණෙනි, එමෙන් ඒ ලාමක අකුසල ධර්මයන්ගේ දෝෂ මෙනෙහි කරන්නාවූ ඒ භික්ෂුවට ඒ ලෝභ සහගතවූද දෝෂ සහගතවූද මෝහ සහගතවුද ඒ ලාමක අකුශල ධර්මයෝ උපදින්නාහුම වෙත්ද, මහණෙනි, ඒ භික්ෂුව විසින් ඒ කල්පනා මෙනෙහි නොකිරීමට අමතක කිරීමට පැමිණිය යුතුයි. ඒ කල්පනා මෙනෙහි නොකිරීමට අමතක කිරීමට පැමිණියාවූ ඒ භික්ෂුවට ලෝභ සහගතවූද දෝෂ සහගතවූද මෝහ සහගතවූද යම් ලාමක අකුසල කල්පනා කෙනෙක් වෙත්ද, ඒ ලාමක අකුසල කල්පනාවෝ ප්‍රහීන වෙත්. අභාවයට යෙත්. ඔවුන්ගේ ප්රහාණය හේතුකොටගෙන සිත අභ්‍යන්තරයෙහිම පවතියි. නවතියි, එකඟ බවට පැමිණෙයි.
|
219
‘‘තස්ස
|
219
“මහණෙනි, ඒ කල්පනා මෙනෙහි නොකරන්නාවූ අමතක කරන්නාවූ භික්ෂුවට ලෝභ සහගතවූද, දෝෂ සහගත වූද, මෝහ සහගතවුද ඒ ලාමක අකුසල කල්පනාවෝ උපදින්නාහුම වෙත්ද, මහණෙනි, ඒ භික්ෂුව විසින් ඒ කල්පනාවන්ගේ මුල් හේතුව මෙනෙහි කටයුතුයි. මහණෙනි, ඒ කල්පනාවන්ගේ මුල් හේතුව මෙනෙහි කරන්නාවූ ඒ භික්ෂුවට ලෝභ සහගතවූද, දෝෂ සහගතවූද, මෝහ සහගතවූද යම් ලාමක අකුසල කල්පනා කෙනෙක් ඇද්ද ඒ අකුසල කල්පනාවෝ පහ වෙත්. අභාවයට යෙත්. ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන අභ්‍යන්තරයෙහිම සිත පිහිටයි, නවතියි, එකඟ බවට පැමිණෙයි, සමාධියට පැමිණෙයි.
“මහණෙනි, යම්සේ පුරුෂයෙක් ඉක්මණින් යන්නේද, ඔහුට ‘මම කුමක් නිසා වහා යන්නෙම්ද? සෙමින් යන්නෙම්ය’යි අදහස් වන්නේය. හෙතෙම හෙමින් යන්නේය. ඔහු නැවත කුමක් නිසා ‘මම සෙමින් යන්නෙම්ද? නැවතී සිටින්නෙම් නම් යහපතැ’යි සිතා නවතින්නේය. නැවත ඔහු කුමක් නිසා ‘මම නැවතී සිටින්නෙම්ද? මම හිඳගන්නෙම්ය’යි සිතා හිඳගන්නේය. නැවත ඔහු ‘කුමක් නිසා මම හිඳගන්නෙම්ද? නිදාගන්නෙම්ය’යි සිතා නිදාගන්නේය. මහණෙනි, මෙසේ ඒ පුරුෂතෙම ඔළාරික ඉරියව් නවත්වා සියුම් ඉරියව් පවත්වන්නේය. මහණෙනි, එසේම ඒ කල්පනා නොකරන්නාවූ අමතක කරන්නාවූ ඒ භික්ෂුවට ලෝභ සහගතවූද දෝෂ සහගතවූද මෝහ සහගතවූද ඒ ලාමක අකුසල කල්පනාවෝ උපදින්නාහුමද, මහණෙනි, ඒ භික්ෂුව විසින් ඒ කල්පනාවන්ගේ මුල් හේතුව මෙනෙහි කළ යුතුයි. ඒ කල්පනාවන්ගේ මුල් හේතුව මෙනෙහි කරන්නාවූ ඒ භික්ෂුවට ලෝභ සහගත වූද දෝෂ සහගතවූද, මෝහ සහගතවූද ඒ ලාමක අකුසල කල්පනාවෝ පහ වෙත්, අභාවයට යෙත්. ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන සිත ඇතුළතම පවතියි, හිඳියි, එකඟ බවට පැමිණෙයි. සමාධියට පැමිණෙයි.
|
220
‘‘තස්ස
|
220
“මහණෙනි, ඒ කල්පනාවන්ගේ මූලහේතුව මෙනෙහි කරන්නාවූ භික්ෂුවටද, ඉදින් ඒ ලෝභ සහගතවූද, දෝෂ සහගතවූද, මොහසහගතවූද, ඒ ලාමක අකුසල කල්පනාවෝ උපදින්නාහුම වෙත් නම් මහණෙනි, ඒ භික්ෂුව විසින් දත්වලින් දත් තදකොට දිවෙන් තලු තදකොටගෙන (දත්මිටි කාගෙන) සිතින් සිත නිග්‍රහ කළ යුතුයි. පෙළිය යුතුයි. තැවිය යුතුයි. දත්වලින් දත් තද කොටගෙන දිවෙන් තලු තදකොටගෙන සිතින් සිත නිග්‍රහ කරන්නාවූ පෙළන්නාවූ තවන්නාවූ ඒ භික්ෂුවට ලෝභ සහගතවූද, දෝෂසහගත වූද, මෝහ සහගතවූද, යම් ලාමක අකුසල කල්පනා කෙනෙක් වෙද්ද, ඒ ලාමක අකුසල කල්පනාවෝ පහවෙත්, විනාශ වෙත්. ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන ඇතුළතම සිත පිහිටයි, නවතියි, එකඟවෙයි, සමාධියට පැමිණෙයි.
“මහණෙනි, යම්සේ බලවත් පුරුෂයෙක් දුර්වල පුරුෂයෙකු හිසෙන් හෝ අල්වා, කරෙන් හෝ අල්වා, නිග්රහකරන්නේද, පෙළෙන්නේද, තබන්නේද, මහණෙනි, එසේම ඒ කල්පනාවන්ගේ මුල් හේතුව මෙනෙහි කරන්නාවූ භික්ෂුවට ලෝභ සහගතවූද, දෝෂ සහගතවූද, මෝහ සහගත වූද, ඒ ලාමක අකුසල කල්පනාවෝ උපදින්නාහුම වෙත් නම්, මහණෙනි, ඒ භික්ෂුව විසින් දත්වලින් දත් තදකොට දිවෙන් තලු තදකොට ගෙන සිතින් සිත නිග්‍රහ කළ යුතුයි. පෙළිය යුතුයි. තැවිය යුතුයි. දත්වලින් දත් තදකොට දිවෙන් තලු තදකොට සිතින් සිත නිග්‍රහ කරන්නාවූ පෙළන්නාවූ තවන්නාවූ ඒ භික්ෂුවට ලෝභ සහගතවූද දෝෂ සහගත වූද මෝහ සහගතවූද ඒ ලාමක අකුසල කල්පනාවෝ පහ වෙත්, විනාශ වෙත්. ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන ඇතුළතම සිත පිහිටයි, නවතියි, එකඟවෙයි, සමාධියට පැමිණෙයි.
|
221
‘‘යතො ඛො
(යතො ච ඛො (ස්‍යා. ක.)), භික්ඛවෙ, භික්ඛුනො යං නිමිත්තං ආගම්ම යං නිමිත්තං මනසිකරොතො උප්පජ්ජන්ති පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තස්ස තම්හා නිමිත්තා අඤ්ඤං නිමිත්තං මනසිකරොතො කුසලූපසංහිතං යෙ පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි තෙ පහීයන්ති තෙ අබ්භත්ථං ගච්ඡන්ති. තෙසං පහානා අජ්ඣත්තමෙව චිත්තං සන්තිට්ඨති සන්නිසීදති එකොදි හොති සමාධියති. තෙසම්පි විතක්කානං ආදීනවං උපපරික්ඛතො යෙ පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි තෙ පහීයන්ති තෙ අබ්භත්ථං ගච්ඡන්ති. තෙසං පහානා අජ්ඣත්තමෙව චිත්තං සන්තිට්ඨති සන්නිසීදති එකොදි හොති සමාධියති. තෙසම්පි විතක්කානං අසතිඅමනසිකාරං ආපජ්ජතො යෙ පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි තෙ පහීයන්ති තෙ අබ්භත්ථං ගච්ඡන්ති. තෙසං පහානා අජ්ඣත්තමෙව චිත්තං සන්තිට්ඨති සන්නිසීදති එකොදි හොති සමාධියති. තෙසම්පි විතක්කානං විතක්කසඞ්ඛාරසණ්ඨානං මනසිකරොතො යෙ පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි
ඉදමවොච
|
221
“මහණෙනි, යම් හෙයකින් යම් අරමුණක් නිසා යම් අරමුණක් මෙනෙහි කරන්නාවූ භික්ෂුවට ලෝභ සහගතවූද, දෝෂ සහගතවූද, මෝහ සහගතවූද, ලාමක අකුසල කල්පනාවෝ උපදිත්ද, එම අරමුණෙන් අන්‍යවූ කුසල් පිණිස පවත්නාවූ අරමුණක් මෙනෙහි කරන්නාවූ ඒ භික්ෂුවට ලෝභ සහගතවූද, දෝෂ සහගතවූද, මෝහ සහගතවූද ඒ ලාමක අකුසල කල්පනාවෝ පහ වෙත්, විනාශ වෙත්. ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන ඇතුළතම සිත පිහිටයි, නවතියි, එකඟවෙයි, සමාධියට පැමිණෙයි. ඒ කල්පනාවන්ගේ දෝෂ පරීක්ෂා කර බලන්නාහටද ලෝභ සහගතවූද, දෝෂ සහගත වූද, මෝහ සහගතවූද, යම් ලාමක අකුසල කල්පනා කෙනෙක් ඇද්ද, ඔවුහු පහ වෙත්, විනාශ වෙත් ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන ඇතුළතම සිත පිහිටයි, නවතියි. එකඟවෙයි, සමාධියට පැමිණෙයි. ඒ කල්පනාවන්ගේ මුල් හේතුව බලන්නාවූ භික්ෂුවහටද ලෝභ සහගතවූද, දෝෂ සහගතවූද, මෝහ සහගතවූද, යම් ලාමක අකුසල කල්පනා කෙනෙක් ඇද්ද, ඒ ලාමක අකුසල කල්පනාවෝ පහවෙත්, විනාශ වෙත්. ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන ඇතුළතම සිත පිහිටයි, නවතියි, එකඟ වෙයි, සමාධියට පැමිණෙයි.
“දත්වලින් දත් තදකොට, දිවෙන් තලු තදකොට සිතින් සිත නිග්‍රහ කරන්නාවූද, පෙළන්නාවූද, තවන්නාවූද, භික්ෂුවටද ලෝභ සහගතවූද, දෝෂ සහගතවූද, මෝහ සහගතවූද, යම් ලාමක අකුසල කල්පනා කෙනෙක් ඇද්ද ඒ ලාමක අකුසල කල්පනාවෝ පහ වෙත්, විනාශ වෙත්. ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන සිත ඇතුළතම පිහිටයි, නවතියි, එකඟවෙයි, සමාධියට පැමිණෙයි. මහණෙනි, මේ භික්ෂුතෙම යම් කල්පනාවක් කැමති නම් එය කල්පනා කරන්නාවූද, යම් කල්පනාවක් නොකැමති නම් එය කල්පනා නොකරන්නාවූද කල්පනා විෂයෙහි පුරුදුකරන ලද වශීභාව ඇත්තේයයි කියනු ලැබේ. හෙතෙම තෘෂ්ණාව සින්දේය. සංයෝජනය පෙරළා දැමීය. මනාකොට අර්හත් මාර්ග ඥානයෙන් මානය ප්‍රහීනකොට දුක් කෙළවර කෙළේය.”
භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළෝය. සතුටු සිත් ඇත්තාවූ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්හ.
|