ත්‍රිපිටකය
2. සීහනාදවග්ගො 2. සීහනාද වර්ගය
1. චූළසීහනාදසුත්තං 1. චූල සීහනාද සූත්‍රය
2. මහාසීහනාදසුත්තං 2. මහා සීහනාද සූත්‍රය
146
එවං මෙ සුතං - එකං සමයං භගවා වෙසාලියං විහරති බහිනගරෙ අපරපුරෙ වනසණ්ඩෙ. තෙන ඛො පන සමයෙන සුනක්ඛත්තො ලිච්ඡවිපුත්තො අචිරපක්කන්තො හොති ඉමස්මා ධම්මවිනයා. සො වෙසාලියං පරිසති (පරිසතිං (සී. පී.)) එවං (එතං (පී. ක.)) වාචං භාසති - ‘‘නත්ථි සමණස්ස ගොතමස්ස උත්තරි (උත්තරිං (පී.)) මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසො. තක්කපරියාහතං සමණො ගොතමො ධම්මං දෙසෙති වීමංසානුචරිතං සයංපටිභානං. යස්ස ච ඛ්වාස්ස අත්ථාය ධම්මො දෙසිතො සො නිය්‍යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායා’’ති.
අථ ඛො ආයස්මා සාරිපුත්තො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය වෙසාලිං පිණ්ඩාය පාවිසි. අස්සොසි ඛො ආයස්මා සාරිපුත්තො සුනක්ඛත්තස්ස ලිච්ඡවිපුත්තස්ස වෙසාලියං පරිසති එවං වාචං භාසමානස්ස - ‘‘නත්ථි සමණස්ස ගොතමස්ස උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසො. තක්කපරියාහතං සමණො ගොතමො ධම්මං දෙසෙති වීමංසානුචරිතං සයංපටිභානං. යස්ස ච ඛ්වාස්ස අත්ථාය ධම්මො දෙසිතො සො නිය්‍යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායා’’ති.
අථ ඛො ආයස්මා සාරිපුත්තො වෙසාලියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො භගවන්තං එතදවොච - ‘‘සුනක්ඛත්තො, භන්තෙ, ලිච්ඡවිපුත්තො අචිරපක්කන්තො ඉමස්මා ධම්මවිනයා. සො වෙසාලියං පරිසති එවං වාචං භාසති - ‘නත්ථි සමණස්ස ගොතමස්ස උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසො. තක්කපරියාහතං සමණො ගොතමො ධම්මං දෙසෙති වීමංසානුචරිතං සයංපටිභානං. යස්ස ච ඛ්වාස්ස අත්ථාය ධම්මො දෙසිතො සො නිය්‍යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායා’’’ති.
146
“මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර නගරයෙන් පිටත බටහිර පැත්තේ පිහිටි වන ලැහැබෙහි වාසය කළහ. එකල්හි සුනක්ඛත්ත නම් ලිච්ඡවිපුත්‍රතෙම මේ ශාසනයෙන් ඉවත්ව ගොස් නොබෝ කල් ඇත්තේ වෙයි. හෙතෙම විශාලා මහනුවර පිරිස්වල මෙබඳු වචන කියයි.
“ශ්‍රමණ ගෞතමයන්ට මනුෂ්‍ය ධර්මයට වැඩිවූ, ආර්ය භාවයක් ඇති කිරීමට සමර්ථ විශේෂ නුවණක් නැත්තේය. ශ්‍රමණ ගෞතම තෙම කල්පනාවෙන් සලකා නුවණින් විමසා තමහට වැටහෙන්නාවූ ධර්මයක් දේශනාකරයි. ඒ ශ්‍රමණ ගෞතමයන් විසින් යම් අර්ථයක් සඳහා ධර්මය දෙනා කරන ලද්දේද,ඒ ධර්මය තෙම ඊට අනුව ක්‍රියාකරන්නහුගේ දුක් විනාශකිරීම පිණිස පවතී” (කියාය) එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පාත්‍රා සිවුරුගෙන විශාලාමහනුවරට පිඩුපිණිස පැමිණියෝය ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සුනක්ඛත්ත ලිච්ඡවිපුත්‍රයා විශාල මහනුවර පිරිස් මැද “ශ්‍රමණ ගෞතමයන්ට මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්ය භාවයක් ඇති කිරීමට සමර්ථ විශේෂ නුවණක් නැත්තේය. ශ්‍රමණ ගෞතම තෙම කල්පනාවෙන් සලකා නුවණින් විමසා තමහට වැටහෙන්නාවූ ධර්මයක් දේශනා කරයි. ඔහු විසින් යම් ප්‍රයෝජනයක් සඳහා ධර්මය දේශනා කරන ලද්දේද ඒ ධර්මය තෙම ඊට අනුව ක්‍රියාකරන්නහුගේ දුක් විනාශකිරීම පිණිස පවති’යයි මෙසේ කියන වචනය අසන්ට ලැබුණේය.
එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ විශාලා මහනුවර පිඩුපිණිස හැසිර බතින් පසු පිණ්ඩපාතයෙන් වැළකුනේ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටිතැනට පැමිණියේය. පැමිණ එක පැත්තක වාඩිවිය. එක පැත්තක උන්නාවූ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැලකළේය. “ස්වාමීනි සුනක්ඛත්ත නම් ලිච්ඡවි පුත්‍රතෙම මේ ශාසනයෙන් ඉවත්වගිය නොබෝකල් ඇත්තේවෙයි. හෙතෙම විශාලා මහනුවර පිරිස් මැද මෙබඳු වචන කියයි. “ශ්‍රමණ ගෞතමයන්ට මනුෂ්‍ය ධර්මයට වැඩිවූ, ආර්යභාවයක් ඇති කිරීමට සමර්ථ විශේෂ නුවණක් නැත්තේය. ශ්‍රමණ ගෞතමතෙම කල්පනාවෙන් සලකා නුවණින් විමසා තමහට වැටහෙන්නාවූ ධර්මයක් දේශනාකරයි. ඒ ශ්‍රමණ ගෞතමයන් විසින් යමක් සඳහා ධර්මය දේශනා කරණ ලද්දේද ඒ ධර්මය තෙම ඊට අනුව ක්‍රියා කරන්නහුගේ දුක් නැතිකිරීම පිණිස පවතී” (කියායි)
147
‘‘කොධනො හෙසො, සාරිපුත්ත, සුනක්ඛත්තො මොඝපුරිසො. කොධා ච පනස්ස එසා වාචා භාසිතා. ‘අවණ්ණං භාසිස්සාමී’ති ඛො, සාරිපුත්ත, සුනක්ඛත්තො මොඝපුරිසො වණ්ණංයෙව තථාගතස්ස භාසති . වණ්ණො හෙසො, සාරිපුත්ත, තථාගතස්ස යො එවං වදෙය්‍ය - ‘යස්ස ච ඛ්වාස්ස අත්ථාය ධම්මො දෙසිතො සො නිය්‍යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායා’ති.
‘‘අයම්පි හි නාම, සාරිපුත්ත, සුනක්ඛත්තස්ස මොඝපුරිසස්ස මයි ධම්මන්වයො න භවිස්සති - ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි, සත්ථා දෙවමනුස්සානං, බුද්ධො භගවා’ති.
‘‘අයම්පි හි නාම, සාරිපුත්ත, සුනක්ඛත්තස්ස මොඝපුරිසස්ස මයි ධම්මන්වයො න භවිස්සති - ‘ඉතිපි සො භගවා අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති - එකොපි හුත්වා බහුධා හොති, බහුධාපි හුත්වා එකො හොති; ආවිභාවං, තිරොභාවං; තිරොකුට්ටං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානො ගච්ඡති, සෙය්‍යථාපි ආකාසෙ; පථවියාපි උම්මුජ්ජනිමුජ්ජං කරොති, සෙය්‍යථාපි උදකෙ; උදකෙපි අභිජ්ජමානො ගච්ඡති, සෙය්‍යථාපි පථවියං; ආකාසෙපි පල්ලඞ්කෙන කමති, සෙය්‍යථාපි පක්ඛී සකුණො; ඉමෙපි චන්දිමසූරියෙ එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ පාණිනා පරිමසති පරිමජ්ජති; යාව බ්‍රහ්මලොකාපි කායෙන වසං වත්තෙතී’ති.
‘‘අයම්පි හි නාම, සාරිපුත්ත, සුනක්ඛත්තස්ස මොඝපුරිසස්ස මයි ධම්මන්වයො න භවිස්සති - ‘ඉතිපි සො භගවා දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය උභො සද්දෙ සුණාති - දිබ්බෙ ච මානුසෙ ච, යෙ දූරෙ සන්තිකෙ චා’ති.
‘‘අයම්පි හි නාම, සාරිපුත්ත, සුනක්ඛත්තස්ස මොඝපුරිසස්ස මයි ධම්මන්වයො න භවිස්සති - ‘ඉතිපි සො භගවා පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානාති - සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති, වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති; සදොසං වා චිත්තං සදොසං චිත්තන්ති පජානාති, වීතදොසං වා චිත්තං වීතදොසං චිත්තන්ති පජානාති; සමොහං වා චිත්තං සමොහං චිත්තන්ති පජානාති, වීතමොහං වා චිත්තං වීතමොහං චිත්තන්ති පජානාති; සංඛිත්තං වා චිත්තං සංඛිත්තං චිත්තන්ති පජානාති , වික්ඛිත්තං වා චිත්තං වික්ඛිත්තං චිත්තන්ති පජානාති; මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තන්ති පජානාති, අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තන්ති පජානාති; සඋත්තරං වා චිත්තං සඋත්තරං චිත්තන්ති පජානාති, අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තන්ති පජානාති; සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති පජානාති, අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තන්ති පජානාති; විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානාති, අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාතී’ති.
147
“ශාරීපුත්‍රය, සුනක්ඛත්ත හිස් පුරුෂතෙම කෝපවන්නෙකි. ඔහු විසින් ක්‍රෝධයෙන්ම මේ වචන කියනලදී. ශාරීපුත්‍රය, ඒ සුනක්ඛත්ත නම් හිස් පුරුෂතෙම තථාගතයන්ගේ අගුණයක් කියන්නෙමියි සිතා තථාගතයන්ගේ ගුණයක්ම කියයි. ශාරීපුත්‍රය, “තථාගතයන් විසින් යමක් සඳහා ධර්මය දේශනා කරන ලද්දේද ඒ ධර්මයතෙම ඊට අනුව ක්‍රියාකරන්නහුගේ දුක් නැති කිරීම පිණිස පවතී” යයි යමෙක් කියා නම් එය තථාගතයන්ගේ ගුණයක්මය.
“ශාරීපුත්‍රය, සුනක්ඛත්ත නම්වූ ඒ හිස් පුරුෂයාහට මා පිළිබඳ ධර්මාවබොධයක් නැත්තේය. මේ කාරණයෙන්ද ඒ භාග්‍යවත්තෙමේ අර්හත්ය, සම්‍යක් සම්බුද්ධය, අෂ්ට විද්‍යාවෙන් හා පසළොස්චරණ ධර්මයෙන් යුක්තය, සුගතය, සියලු ලෝකය දන්නේය. තමන්ට වඩා උතුම්වූ කෙනෙක් නැත. දමනය නොකළහැකි පුරුෂයන් දමනය කිරීමෙහි සාරථියෙකු වැනිය. දෙවි මිනිසුන්ට අනුශාසනා කරන්නේය. බුද්ධය, භගවත්යයි (මා පිළිබඳ දැනීමක් නැත්තේය.)
“ශාරීපුත්‍රය, සුනක්ඛත්ත නම් ඒ හිස් පුරුෂයාහට මා පිළිබඳවූ මේ ධර්මාවබොධයද නැත්තේය. ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද නොයෙක් ආකාරවූ ඍද්ධිවිධි විශේෂයෙන් විඳින්නාහ. කෙසේද? එක් කෙනෙක්ව බොහෝ දෙනෙක් වන්නාහ. බොහෝදෙනෙක්ව එක්කෙනෙක් වන්නාහ. ප්‍රකට බවටද, අප්‍රකට බවටද පැමිණෙන්නාහ. භිත්ති සරසද, ප්‍රාකාර සරසද, පර්වත සරසද අහසේ යම්සේද එසේ නොගැටෙමින් ගමන් කරන්නාහ. දියෙහි මෙන් පොළොවෙහිද කිමිදීම් මතුවීම් කරන්නාහ. පොළොවෙහි මෙන් ජලයෙහිද නොකිමිඳෙමින් යන්නාහ. පක්ෂියෙක් මෙන් අහසෙහි හිඳගෙනම (හිඳීමෙන්ම) යන්නාහ. මහත් ඍද්ධි ඇති මේ සඳ හිරු දෙදෙනද අතින් අල්ලන්නාහ. අතගාන්නාහ. බ්‍රහ්ම ලෝකය දක්වා ශරීරයෙන් තමන්ගේ වසඟයෙහි පවත්වන්නාහ.
“ශාරීපුත්‍රය, සුනක්ඛත්ත නම් ඒ හිස් පුරුෂයාට මා පිළිබඳ මේ ධර්මාවබොධයද නැත්තේය. ඒ භාග්‍යවතුන් වහන්සේ මිනිස් කණ ඉක්ම සිටින්නාවූ පිරිසිදුවූ දිව කණින් දෙවියන් පිළිබඳවූද මිනිසුන් පිළිබඳවූද, දුරවූද, සමීපයෙහිවූද, දෙයාකාර ශබ්දයන් අසයි (යනුයි)
ශාරීපුත්‍රය, සුනක්ඛත්ත නම් ඒ හිස් පුරුෂයාහට මා පිළිබඳවූ මේ ධර්මය දැනීමද නැත්තේය. භාග්‍යවතුන් වහන්සේ අන්‍යසත්වයින්ගේ ද අන්‍ය පුද්ගලයින්ගේ ද සිත තම සිතින් පිරිසිඳ දන්නාහ. රාග සහිත සිත රාග සහිත සිතයයි දන්නාහ. රාග රහිත සිත රාග රහිත සිතයයි දන්නාහ. හැකුළුණු සිත හැකුළුණු සිතයයි දන්නාහ. විසිරුණු සිත විසුරුණු සිතයයි දන්නාහ. මහත්බවට පැමිණි සිත මහත්බවට පැමිණි සිතයයි දන්නාහ මහත් බවට නොපැමිණි සිත මහත් බවට නොපැමිණි සිතයයි දන්නාහ. උසස් බවට පැමිණි සිත උසස් බවට පැමිණි සිතයයි දන්නාහ. උසස් බවට නොපැමිණි සිත උසස් බවට නොපැමිණි සිතයයි දන්නාහ. සංසිඳුනු සිත සංසිඳුනු සිතයයි දන්නාහ. නොසංසිඳුනු සිත නොසංසිඳුනු සිත යයි දන්නාහ. මිදුනු සිත මිදුනු සිතයයි දන්නාහ. නොමිදුනු සිත නොමිදුනු සිතයයි දන්නාහ. (යනුයි.)
148
‘‘දස ඛො පනිමානි, සාරිපුත්ත, තථාගතස්ස තථාගතබලානි යෙහි බලෙහි සමන්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති. කතමානි දස?
‘‘ඉධ, සාරිපුත්ත, තථාගතො ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං පජානාති. යම්පි, සාරිපුත්ත, තථාගතො ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං පජානාති, ඉදම්පි, සාරිපුත්ත, තථාගතස්ස තථාගතබලං හොති යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති.
‘‘පුන චපරං, සාරිපුත්ත, තථාගතො අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති. යම්පි, සාරිපුත්ත, තථාගතො අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති, ඉදම්පි, සාරිපුත්ත, තථාගතස්ස තථාගතබලං හොති යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති.
‘‘පුන චපරං, සාරිපුත්ත, තථාගතො සබ්බත්ථගාමිනිං පටිපදං යථාභූතං පජානාති. යම්පි , සාරිපුත්ත, තථාගතො සබ්බත්ථගාමිනිං පටිපදං යථාභූතං පජානාති, ඉදම්පි, සාරිපුත්ත, තථාගතස්ස තථාගතබලං හොති යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති.
‘‘පුන චපරං, සාරිපුත්ත, තථාගතො අනෙකධාතුනානාධාතුලොකං යථාභූතං පජානාති. යම්පි, සාරිපුත්ත, තථාගතො අනෙකධාතුනානාධාතුලොකං යථාභූතං පජානාති, ඉදම්පි, සාරිපුත්ත, තථාගතස්ස තථාගතබලං හොති යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති.
‘‘පුන චපරං, සාරිපුත්ත, තථාගතො සත්තානං නානාධිමුත්තිකතං යථාභූතං පජානාති. යම්පි, සාරිපුත්ත, තථාගතො සත්තානං නානාධිමුත්තිකතං යථාභූතං පජානාති, ඉදම්පි, සාරිපුත්ත, තථාගතස්ස තථාගතබලං හොති යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති.
‘‘පුන චපරං, සාරිපුත්ත, තථාගතො පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්‍රියපරොපරියත්තං යථාභූතං පජානාති. යම්පි, සාරිපුත්ත, තථාගතො පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්‍රියපරොපරියත්තං යථාභූතං පජානාති, ඉදම්පි, සාරිපුත්ත, තථාගතස්ස තථාගතබලං හොති යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති.
‘‘පුන චපරං, සාරිපුත්ත, තථාගතො ඣානවිමොක්ඛසමාධිසමාපත්තීනං සංකිලෙසං වොදානං වුට්ඨානං යථාභූතං පජානාති. යම්පි, සාරිපුත්ත, තථාගතො ඣානවිමොක්ඛසමාධිසමාපත්තීනං සංකිලෙසං වොදානං වුට්ඨානං යථාභූතං පජානාති, ඉදම්පි, සාරිපුත්ත, තථාගතස්ස තථාගතබලං හොති යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති.
‘‘පුන චපරං, සාරිපුත්ත, තථාගතො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්‍යථිදං - එකම්පි ජාතිං ද්වෙපි ජාතියො තිස්සොපි ජාතියො චතස්සොපි ජාතියො පඤ්චපි ජාතියො දසපි ජාතියො වීසම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාලීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි අනෙකෙපි සංවට්ටකප්පෙ අනෙකෙපි විවට්ටකප්පෙ අනෙකෙපි සංවට්ටවිවට්ටකප්පෙ - ‘අමුත්‍රාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛප්පටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො අමුත්‍ර උදපාදිං; තත්‍රාපාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛප්පටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො ඉධූපපන්නො’ති. ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. යම්පි, සාරිපුත්ත, තථාගතො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්‍යථිදං - එකම්පි ජාතිං ද්වෙපි ජාතියො...පෙ.... ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, ඉදම්පි, සාරිපුත්ත, තථාගතස්ස තථාගතබලං හොති යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති.
‘‘පුන චපරං, සාරිපුත්ත, තථාගතො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති - ‘ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා’ති. ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති. යම්පි, සාරිපුත්ත, තථාගතො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති - ‘ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා’ති. ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති. ඉදම්පි, සාරිපුත්ත, තථාගතස්ස තථාගතබලං හොති යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති.
‘‘පුන චපරං, සාරිපුත්ත, තථාගතො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. යම්පි, සාරිපුත්ත, තථාගතො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති, ඉදම්පි, සාරිපුත්ත, තථාගතස්ස තථාගතබලං හොති යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති.
‘‘ඉමානි ඛො, සාරිපුත්ත, දස තථාගතස්ස තථාගතබලානි යෙහි බලෙහි සමන්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති.
148
“ශාරීපුත්‍රය, තථාගතයන්ගේ මේ තථාගත බල දශයක් වෙත්. යම් බලවලින් යුක්තවූ තථාගත තෙම තමා ශ්‍රේෂ්ඨයයි ප්‍රකාශ කෙරේද, පිරිස්හි සිංහ නාදය කෙරේද, ශ්‍රේෂ්ඨ ධර්මචක්‍රය පවත්වාද (එබඳු බල දශයක් වෙත්.) කවර දශයක්ද? ශාරීපුත්‍රය, තථාගත තෙම කාරණය කාරණය වශයෙන්ද අකාරණය අකාරණය වශයෙන්ද ඇතිසැටියෙන් දන්නාහ. ශාරීපුත්‍රය, තථාගතයන් වහන්සේ කාරණය කාරණය වශයෙන්ද අකාරණය අකාරණය වශයෙන්ද ඇති සැටියෙන් දන්නාහ යන යමක් වේද, ශාරීපුත්‍රය යම් බලයක් නිසා තථාගතතෙම තමා ශ්‍රේෂ්ඨයයි ප්‍රකාශ කෙරේද පිරිස්හි සිංහනාද කෙරේද, ශ්‍රේෂ්ඨ ධර්මචක්‍රය පවත්වාද, මේද තථාගතයන්ගේ තථාගත බලයක් වෙයි.
ශාරීපුත්‍රය, නැවත අනිකක්ද කියමි. තථාගතතෙම අතීත අනාගත වර්තමාන කාලයන්හිවූ සියලු කර්මයන්ගේ විපාක ප්‍රත්‍යය වශයෙන්ද හේතු වශයෙන්ද ඇතිසැටියෙන් දන්නාහ.
“ශාරීපුත්‍රය, තථාගතතෙම අතීත අනාගත වර්තමාන කාලයන්හි වූ සියලු කර්මයන්ගේ විපාක ප්‍රත්‍යය වසයෙන්ද හේතු වසයෙන්ද ඇතිසැටියෙන් දන්නාහ යන යමක් වේද, ශාරිපුත්‍රය, යම් බලයක් නිසා තථාගත තෙම තමා ශ්‍රේෂ්ඨයයි ප්‍රකාශ කෙරේද, පිරිස්හි සිංහනාද කෙරේද, ශ්‍රේෂ්ඨ ධර්මචක්‍රය පවත්වාද, මේද තථාගතයන්ගේ තථාගත බලයක් වෙයි.
“ශාරීපුත්‍රය, නැවත අනිකක්ද කියමි තථාගතතෙම සියලු ගතිවලට යන්නාවූද නොයන්නාවූද මාර්ගය ඇතිසැටියෙන් දන්නාහ. ශාරීපුත්‍රය, තථාගත තෙමේ සියලු ගතිවලට යන්නාවූද නොයන්නාවූද මාර්ගය ඇතිසැටියෙන් දන්නාහ යන යමක් වේද ශාරීපුත්‍රය, යම් බලයක් නිසා තථාගතතෙම තමා ශ්‍රේෂ්ඨයයි ප්‍රකාශ කෙරේද, පිරිස්හි සිංහනාද කෙරේද ශ්‍රේෂ්ඨ ධර්මචක්‍රය පවත්වාද, මේද තථාගතයන්ගේ තථාගත බලයක් වෙයි.
ශාරීපුත්‍රය, නැවත අනිකක්ද කියමි. තථාගතතෙම බොහෝ ස්වභාව ධාතු ඇත්තාවූද නොයෙක් ස්වභාව ධාතු ඇත්තාවූද ලෝකය ඇති සැටියෙන් දන්නාහ. ශාරීපුත්‍රය, තථාගත තෙමේ බොහෝ ස්වභාව ධාතු ඇත්තාවූද නොයෙක් ස්වභාව ධාතු ඇත්තාවූද ලෝකය ඇති සැටියෙන් දන්නාහ. යන යමක්වේද, ශාරීපුත්‍රය, යම් බලයක් නිසා තථාගත තෙම තමා ශ්‍රේෂ්ඨයයි ප්‍රකාශ කෙරේද පිරිස්හි සිංහනාද කෙරේද, ශ්‍රේෂ්ඨ ධර්මචක්‍රය පවත්වාද, මේද තථාගතයන්ගේ තථාගත බලයක් වෙයි.
“ශාරීපුත්‍රය, නැවත අනිකක්ද කියමි. තථාගතතෙම සත්වයන්ගේ නොයෙක් අදහස් ඇති බව ඇති සැටියෙන් දන්නාහ. ශාරීපුත්‍රය, තථාගත තෙම සත්වයන්ගේ නොයෙක් අදහස් ඇති බව දන්නාහ යන යමක් වේද, ශාරීපුත්‍රය යම් බලයක් නිසා තථාගතතෙම තමා ශ්‍රේෂ්ඨයයි ප්‍රකාශ කෙරේද, පිරිස්හි සිංහනාද කෙරේද, ශ්‍රේෂ්ඨ ධර්මචක්‍රය පවත්වාද, මේද තථාගතයන්ගේ තථාගත බලයක් වෙයි.
“ශාරීපුත්‍රය, නැවත අනිකක්ද කියමි. තථාගත තෙම අන්‍ය සත්ත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් පිළිබඳ අඩු වැඩි බව ඇති සැටියෙන් දන්නාහ. ශාරීපුත්‍රය, තථාගතතෙම අන්‍ය සත්ත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ ඉන්ද්‍රියයන් පිළිබඳ අඩුවැඩි බව ඇති සැටියෙන් දන්නාහ යන යමක් වේද, ශාරීපුත්‍රය, යම් බලයක් නිසා තථාගත තෙම තමා ශ්‍රේෂ්ඨයයි ප්‍රකාශ කෙරේද, පිරිස්හි සිංහනාද කෙරේද, ශ්‍රේෂ්ඨ ධර්මචක්‍රය පවත්වාද මේද තථාගතයන්ගේ තථාගත බලයක් වෙයි.
“ශාරීපුත්‍රය, නැවත අනිකක්ද කියමි. තථාගත තෙම ධ්‍යානයන්ගේද, විමොක්ෂයන්ගේද, සමාධීන්ගේද, සමාපත්තීන්ගේද කෙලෙසීම, පිරිසිදු බව, නැගීසිටීම ඇති සැටියෙන් දන්නාහ. ශාරීපුත්‍රය, තථාගත තෙම යම් හේතුවකින් ධ්‍යාන විමොක්ෂ සමාධි සමාපත්තීන්ගේ කෙලෙසීම, පිරිසිදු බව නැගී සිටීම ඇති සැටියෙන් දන්නාහ යන යමක් වේද, ශාරීපුත්‍රය, යම් බලයක් නිසා තථාගතතෙම තමා ශ්‍රේෂ්ඨයයි ප්‍රකාශ කෙරේද, පිරිස්හි සිංහනාද කෙරේද, ශ්‍රේෂ්ඨ ධර්ම චක්‍රය පවත්වාද, මේද තථාගතයන්ගේ තථාගත බලයක් වෙයි.
“ශාරීපුත්‍රය, නැවත අනිකක්ද කියමි. තථාගතතෙම නොයෙක් පෙර විසූ තැන් සිහි කරන්නාහ. එනම්, එක ජාතියක්ද, ජාති දෙකක්ද ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පසක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති සතළිසක්ද, ජාති පණහක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත කල්පයන්ද නොයෙක් විවර්ත කල්පයන්ද නොයෙක් සංවර්ත විවර්ත කල්පයන්ද මෙසේ ආකාර සහිතව දැක්වීම් සහිතව, නොයෙක් ආකාර පූර්වෙනිවාසය සිහි කරන්නාහ.
තථාගත තෙම එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පසක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති සතළිසක්ද, ජාති පණහක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත කල්පයන්ද, නොයෙක් විවර්ත කල්පයන්ද නොයෙක් සංවර්ත විවර්ත කල්පයන්ද, මෙසේ ආකාර සහිතව, දැක්වීම් සහිතව, නොයෙක් ආකාර පූර්වෙනිවාසය සිහි කරන්නාහ යන යමක් වේද, යම් බලයක් නිසා තථාගත තෙම තමා ශ්‍රේෂ්ඨයයි ප්‍රකාශ කෙරේද, පිරිස්හි සිංහනාද කෙරේද ශ්‍රේෂ්ඨ ධර්මචක්‍රය පවත්වාද මේද තථාගතයන්ගේ තථාගත බලයක් වෙයි.
“ශාරීපුත්‍රය, නැවත අනිකක්ද කියමි. තථාගතතෙම මිනිස් බව ඉක්මවා සිටි දිව ඇසින් චුතවන්නාවූද උපදින්නා වූද, හීනවූද, උසස්වූද, යහපත් වර්ණ ඇත්තාවූද, දුර්වර්ණවූද, යහපත්ගති ඇත්තාවූද, අයහපත්ගති ඇත්තාවූද කම්වූපරිදි මිය පරලොව යන්නාවූ සත්ත්වයන් දැනගනිත්ද එබඳුවූ චිත්ත සමාධිය ලබයි. මේ පින්වත් සත්ත්වයෝ ඒකාන්තයෙන් කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්තවූවාහු, මනො දුශ්චරිතයෙන් යුක්තවූවාහු, ආර්යයන්ට දොස් කියන්නාහු, මිසදිටුවූවාහු, මිථ්‍යාදෘෂ්ටි කර්මයන් සමාදන් වූවාහු මරණින් මතු සැපයෙන් පහවූ හෙයින් අපාය නම්වූ දුකට පමුණුවන හෙයින් දුර්ගතීනම්වූ විවසව (හිස යටිකුරුව) වැටෙන හෙයින් විනිපාත නම්වූ නරකයෙහි උපන්නාහුය. මේ පින්වත් සත්ත්වයෝ කයින් කරන සුචරිතයෙන් යුක්ත වූවාහු, වචනයෙන් කරන සුචරිතයෙන් යුක්ත වූවාහු, හිතින් කරන සුචරිතයෙන් යුක්තවූවාහු, ආර්යයන්ට දොස් නොකියන්නාහු, සම්‍යක් දෘෂ්ටි ඇත්තාහු සම්‍යක්දෘෂ්ටි කර්ම සමාදන් වූවාහු, ශරීර භෙදයෙන්, මරණින් මතු සුගති නම්වූ ස්වර්ග ලෝකයෙහි උපන්නාහුයයි මෙසේ මිනිස් ඇස ඉක්මවූ පිරිසිදු දිවැසින් චුතවන්නාවූද උපදින්නාවූද හීනවූද ප්‍රණීතවූද යහපත් වර්ණ ඇත්තාවූද දුර්වර්ණවූද යහපත් ගති ඇත්තාවූද අයහපත් ගති ඇත්තාවූද කම්වූපරිදි පරලොව යන සත්ත්වයන් දැනගනිත්.
“ශාරීපුත්‍රය, තථාගත තෙම මිනිස් බව ඉක්මවා සිටි දිවැසින් චුත වන්නාවූද උපදින්නාවූද, හීනවූද, උසස්වූද, යහපත් වර්ණ ඇත්තාවූද, දුර්වර්ණවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද කම්වූ පරිදි මිය පරලොව යන්නාවූ සත්ත්වයන් දැනගනිත්ද එබඳුවූ චිත්ත සමාධිය ලබයි. මේ පින්වත් සත්වයෝ එකාන්තයෙන් කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, මනො දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, ආර්යයන්ට දොස් කියන්නාහු, මිසදිටු වූවාහු, මිථ්‍යාදෘෂ්ටි කර්මයන් සමාදන් වූවාහු මරණින් මතු සැපයෙන් පහවූ හෙයින් අපාය නම්වූ දුකට පමුණුවන හෙයින් දුර්ගතිනම් වූ, විවසව (හිස යටිකුරුව) වැටෙන හෙයින් විනිපාත නම්වූ නරකයෙහි උපන්නාහුය මේ පින්වත් සත්වයෝ කයින් කරන සුචරිතයෙන් යුක්ත වූවාහු, වචනයෙන් කරන සුචරිතයෙන් යුක්ත වූවාහු හිතින් කරන සුචරිතයෙන් යුක්ත වූවාහු, ආර්යයන්ට දොස් නොකියන්නාහු සම්‍යක්දෘෂ්ටි ඇත්තාහු සම්‍යක්දෘෂ්ටි කර්ම සමාදන් වූවාහු, ශරීර භෙදයෙන්, මරණින් මතු සුගති නම්වූ ස්වර්ග ලෝකයෙහි උපන්නාහුයයි මෙසේ මිනිස් ඇස ඉක්මවූ, පිරිසිදු දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, හීනවූද, ප්‍රණීතවූද, යහපත් වර්ණ ඇත්තාවූද, දුර්වර්ණවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද කම්වූ පරිදි මිය පරලොව යන සත්ත්වයන් දකිත් යන යමක් වේද ශාරීපුත්‍රය, යම් බලයක් නිසා තථාගත තෙම තමා ශ්‍රේෂ්ඨයයි ප්‍රකාශ කෙරේද, පිරිස්හි සිංහනාද කෙරේද, ශ්‍රේෂ්ඨ ධර්මචක්‍රය පවත්වාද, මේද තථාගතයන්ගේ තථාගත බලයක් වෙයි.
“ශාරීපුත්‍රය, නැවත අනිකක්ද කියමි. තථාගතතෙම කෙලෙස් නැති කිරීමෙන් කෙලෙස් රහිතවූ අර්හත් ඵලය තමාම දැන ප්‍රත්‍යක්ෂ කරගෙන ඊට පැමිණ වාසය කරති. ශාරීපුත්‍රය, තථාගත තෙමේ කෙලෙස් නැති කිරීමෙන් කෙලෙස් රහිතව අර්හත්ඵලය ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරත් යන යමක් වේද ශාරීපුත්‍රය, යම් බලයක් නිසා තථාගත තෙම තමා ශ්‍රේෂ්ඨයයි ප්‍රකාශ කෙරේද, පිරිස්හි සිංහනාද කෙරේද, ශ්‍රේෂ්ඨ ධර්මචක්‍රය පවත්වාද, මේද තථාගතයන්ගේ තථාගත බලයක් වෙයි.
“ශාරීපුත්‍රය, යම් බලයන්ගෙන් යුක්තවූ තථාගත තෙමේ ශ්‍රේෂ්ඨයයි ප්‍රකාශ කෙරේද පිරිස්හි සිංහනාද කෙරේද ශ්‍රේෂ්ඨ ධර්මචක්‍රය පවත්වයිද තථාගතයන්ගේ මේ ඒ තථාගත බලදසය වෙත්.
149
‘‘යො ඛො මං, සාරිපුත්ත, එවං ජානන්තං එවං පස්සන්තං එවං වදෙය්‍ය - ‘නත්ථි සමණස්ස ගොතමස්ස උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසො; තක්කපරියාහතං සමණො ගොතමො ධම්මං දෙසෙති වීමංසානුචරිතං සයංපටිභාන’න්ති, තං, සාරිපුත්ත, වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. සෙය්‍යථාපි, සාරිපුත්ත, භික්ඛු සීලසම්පන්නො සමාධිසම්පන්නො පඤ්ඤාසම්පන්නො දිට්ඨෙව ධම්මෙ අඤ්ඤං ආරාධෙය්‍ය, එවං සම්පදමිදං, සාරිපුත්ත, වදාමි. තං වාචං අප්පහාය, තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
149
“ශාරීපුත්‍රය, මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ මට යමෙක් “ශ්‍රමණ ගෞතමයන්ට මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්ය භාවයක් ඇති කිරීමට සමර්ථ විශේෂ නුවණක් නැත්තේය. ශ්‍රමණ ගෞතම තෙම කල්පනාවෙන් සලකා නුවණින් විමසා තමහට වැටහෙන්නාවූ ධර්මයක් දෙසනා කරයි” කියා කියයි නම් ශාරීපුත්‍රය, (මේ පුද්ගලයා) ඒ වචනය දුරු නොකොට ඒ සිත වෙනස් නොකොට ඒ ගැන්ම දුරු නොකොට (සිටියහොත්) ඔසොවා ගෙනෙන ලද බරක් බිම දමන්නේ යම්සේද එපරිද්දෙන්ම නරකයෙහි වැටෙන්නේය.
“ශාරීපුත්‍රය, ශීලයෙන් යුක්තවූ, සමාධියෙන් යුක්තවූ, ප්‍රඥාවෙන් යුක්තවූ මහණ තෙම යම්සේ මේ ජාතියේදීම රහත් වන්නේද මෙයත් එසේයයි කියමි (ඒ පුද්ගලයා) ඒ වචනය දුරු නොකොට, ඒ සිත වෙනස් නොකොට ඒ ගැනීම දුරු නොකොට (සිටියහොත්) ඔසොවා ගෙනෙනලද බරක් බිම දමන්නේ යම්සේද එපරිද්දෙන්ම නරකයෙහි වැටෙන්නේය.
150
‘‘චත්තාරිමානි, සාරිපුත්ත, තථාගතස්ස වෙසාරජ්ජානි යෙහි වෙසාරජ්ජෙහි සමන්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති. කතමානි චත්තාරි?
‘‘‘සම්මාසම්බුද්ධස්ස තෙ පටිජානතො ඉමෙ ධම්මා අනභිසම්බුද්ධා’ති. තත්‍ර වත මං සමණො වා බ්‍රාහ්මණො වා දෙවො වා මාරො වා බ්‍රහ්මා වා කොචි වා ලොකස්මිං සහධම්මෙන පටිචොදෙස්සතීති නිමිත්තමෙතං, සාරිපුත්ත, න සමනුපස්සාමි. එතමහං (එතම්පහං (සී. පී.)), සාරිපුත්ත, නිමිත්තං අසමනුපස්සන්තො ඛෙමප්පත්තො අභයප්පත්තො වෙසාරජ්ජප්පත්තො විහරාමි.
‘‘‘ඛීණාසවස්ස තෙ පටිජානතො ඉමෙ ආසවා අපරික්ඛීණා’ති. තත්‍ර වත මං සමණො වා බ්‍රාහ්මණො වා දෙවො වා මාරො වා බ්‍රහ්මා වා කොචි වා ලොකස්මිං සහධම්මෙන පටිචොදෙස්සතීති නිමිත්තමෙතං, සාරිපුත්ත, න සමනුපස්සාමි. එතමහං, සාරිපුත්ත, නිමිත්තං අසමනුපස්සන්තො ඛෙමප්පත්තො අභයප්පත්තො වෙසාරජ්ජප්පත්තො විහරාමි.
‘‘‘යෙ ඛො පන තෙ අන්තරායිකා ධම්මා වුත්තා, තෙ පටිසෙවතො නාලං අන්තරායායා’ති. තත්‍ර වත මං සමණො වා බ්‍රාහ්මණො වා දෙවො වා මාරො වා බ්‍රහ්මා වා කොචි වා ලොකස්මිං සහධම්මෙන පටිචොදෙස්සතීති නිමිත්තමෙතං, සාරිපුත්ත, න සමනුපස්සාමි. එතමහං, සාරිපුත්ත, නිමිත්තං අසමනුපස්සන්තො ඛෙමප්පත්තො අභයප්පත්තො වෙසාරජ්ජප්පත්තො විහරාමි.
‘‘‘යස්ස ඛො පන තෙ අත්ථාය ධම්මො දෙසිතො, සො න නිය්‍යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායා’ති . තත්‍ර වත මං සමණො වා බ්‍රාහ්මණො වා දෙවො වා මාරො වා බ්‍රහ්මා වා කොචි වා ලොකස්මිං සහධම්මෙන පටිචොදෙස්සතී’ති නිමිත්තමෙතං, සාරිපුත්ත, න සමනුපස්සාමි. එතමහං, සාරිපුත්ත, නිමිත්තං අසමනුපස්සන්තො ඛෙමප්පත්තො අභයප්පත්තො වෙසාරජ්ජප්පත්තො විහරාමි.
‘‘ඉමානි ඛො, සාරිපුත්ත, චත්තාරි තථාගතස්ස වෙසාරජ්ජානි යෙහි වෙසාරජ්ජෙහි සමන්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති.
‘‘යො ඛො මං, සාරිපුත්ත, එවං ජානන්තං එවං පස්සන්තං එවං වදෙය්‍ය - ‘නත්ථි සමණස්ස ගොතමස්ස උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසො, තක්කපරියාහතං සමණො ගොතමො ධම්මං දෙසෙති වීමංසානුචරිතං සයංපටිභාන’න්ති, තං, සාරිපුත්ත, වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. සෙය්‍යථාපි, සාරිපුත්ත, භික්ඛු සීලසම්පන්නො සමාධිසම්පන්නො පඤ්ඤාසම්පන්නො දිට්ඨෙව ධම්මෙ අඤ්ඤං ආරාධෙය්‍ය, එවං සම්පදමිදං, සාරිපුත්ත, වදාමි. තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
150
“ශාරීපුත්‍රය, යම් විශාරද (තැති ගැන්මක් නැති) ඥානයන්ගෙන් යුක්තවූ තථාගත තෙම තමා ශ්‍රේෂ්ඨයයි ප්‍රකාශ කෙරේද පිරිස්හි සිංහ නාදය කෙරේද, ශ්‍රේෂ්ඨ ධර්ම චක්‍රය පවත්වාද තථාගතයන්ගේ මේ විශාරද ඥාන සතරක් වෙත්. කවර සතරක් ද යත්? (මාගේ) සම්‍යක් සම්බුදුබව ප්‍රකාශ කරන්නාවූ තොපට මා විසින් මේ ධර්මයෝ අවබෝධ නොකරණ ලද්දාහුයයි ඒ කාරණයෙහිලා එකාන්තයෙන් මට ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ලෝකයෙහි කිසිවෙක් හෝ කරුණු සහිතව චොදනා කරන්නේය යන මේ කාරණය මම නොදකිමි. ශාරීපුත්‍රය, මම එබඳු පුද්ගලයෙක් හෝ එබඳු ධර්මයක් හෝ නොදක්නේ කිසිම භයක් නැත්තේ විශාරද බවට පැමිණියේ වාසය කරමි.
“ක්ෂිණාශ්‍රව භාවය (කෙලෙස් සියල්ල නැති කළ බව) ප්‍රකාශ කරන්නාවූ තොපට මේ කෙලෙස් නැති නොකරන ලදැයි මට ඒ කාරණයෙහිලා ඒකාන්තයෙන් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ලෝකයෙහි කිසිවෙක් හෝ කරුණු සහිතව චොදනා කරන්නේය යන මේ කාරණය මම නොදකිමි ශාරීපුත්‍රය, මම එබඳු පුද්ගලයෙක් හෝ එබඳු ධර්මයක් හෝ නොදක්නේ කිසිම භයක් නැත්තේ විශාරද බවට පැමිණියේ වාසය කරමි.
“යම් ඒ කරුණු කොටසක් අන්තරායකරයයි මා විසින් දක්වනලද නම් ඒ කරුණු සේවනය කරන්නාහට ඒවා අන්තරාය පිණිස නොවේ යැයි එකාන්තයෙන් මට ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ලෝකයෙහි කිසිවෙක් හෝ කරුණු සහිතව චොදනා කරන්නේය යන මේ කාරණය මම නොදකිමි. ශාරීපුත්‍රය, මම එබඳු කාරණයක් නොදක්නේ කිසිම භයක් නැත්තේ විශාරද බවට පැමිණියේ වාසය කරමි.
“යම් අර්ථයක් සඳහා ධර්මය දේශනා කරනලද නම් ඒ ධර්මය ඊට අනුව පිළිපදින්නාහට දුක් කෙළවර කිරීම පිණිස නොපවතීයයි එකාන්තයෙන් මට ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ලෝකයෙහි කිසිවෙක් හෝ කරුණු සහිතව චොදනා කරන්නේය යන මේ කාරණය මම නොදකිමි. ශාරීපුත්‍රය මම එබඳු කාරණයක් නොදක්නේ කිසිම භයක් නැත්තේ විශාරද බවට පැමිණියේ වාසය කරමි.
“ශාරීපුත්‍රය, යම් විශාරද ධර්මයන්ගෙන් යුක්තවූ තථාගත තෙම තමා ශ්‍රේෂ්ඨයැයි ප්‍රකාශ කෙරේද, පිරිස්හි සිංහ නාදය කෙරේද, ශ්‍රේෂ්ඨ ධර්ම චක්‍රය පවත්වාද එබඳුවූ විශාරද ධර්ම සතර මේය. ශාරීපුත්‍රය, මෙසේ දන්නාවූ දක්නාවූ මට යමෙක් “ශ්‍රමණ ගෞතමයන්ට මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්ය භාවයක් ඇතිකිරීමට සමර්ථ විශේෂ නුවණක් නැත්තේය. ශ්‍රමණ ගෞතම තෙම කල්පනාවෙන් සලකා නුවණින් විමසා තමහට වැටහෙන්නාවූ ධර්මයක් දේශනා කෙරේය”යි මෙසේ කියන්නේද, ශාරීපුත්‍රය, (ඒ පුද්ගලයා) ඒ වචනය දුරු නොකොට ඒ සිත වෙනස්නොකොට ඒ ගැන්ම දුරුනොකොට (සිටියහොත්) ඔසොවා ගෙනෙනලද බරක් බිම දමන්නේ යම් සේද එපරිද්දෙන්ම නරකයෙහි වැටේ. ශාරීපුත්‍රය ශීලයෙන් යුක්තවූ සමාධියෙන් යුක්තවූ ප්‍රඥාවෙන් යුක්තවූ මහණතෙම යම්සේ මේ ජාතියේදීම රහත් වන්නේද මෙයත් එසේයයි කියමි. (ඒ පුද්ගලයා) ඒ වචනය දුරුනොකොට, ඒ සිත වෙනස් නොකොට ඒ ගැනීම දුරු නොකොට (සිටියහොත්) ඔසොවා ගෙනෙන ලද බරක් බිම දමන්නේ යම්සේද එපරිද්දෙන්ම නරකයෙහි වැටේ.
151
‘‘අට්ඨ ඛො ඉමා, සාරිපුත්ත, පරිසා. කතමා අට්ඨ? ඛත්තියපරිසා, බ්‍රාහ්මණපරිසා, ගහපතිපරිසා, සමණපරිසා, චාතුමහාරාජිකපරිසා (චාතුම්මහාරාජිකා (සී. ස්‍යා. පී.)), තාවතිංසපරිසා, මාරපරිසා, බ්‍රහ්මපරිසා - ඉමා ඛො, සාරිපුත්ත, අට්ඨ පරිසා. ඉමෙහි ඛො, සාරිපුත්ත, චතූහි වෙසාරජ්ජෙහි සමන්නාගතො තථාගතො ඉමා අට්ඨ පරිසා උපසඞ්කමති අජ්ඣොගාහති. අභිජානාමි ඛො පනාහං, සාරිපුත්ත, අනෙකසතං ඛත්තියපරිසං උපසඞ්කමිතා. තත්‍රපි මයා සන්නිසින්නපුබ්බඤ්චෙව, සල්ලපිතපුබ්බඤ්ච, සාකච්ඡා ච සමාපජ්ජිතපුබ්බා. තත්‍ර වත මං භයං වා සාරජ්ජං වා ඔක්කමිස්සතීති නිමිත්තමෙතං, සාරිපුත්ත, න සමනුපස්සාමි. එතමහං, සාරිපුත්ත, නිමිත්තං අසමනුපස්සන්තො ඛෙමප්පත්තො අභයප්පත්තො වෙසාරජ්ජප්පත්තො විහරාමි.
‘‘අභිජානාමි ඛො පනාහං, සාරිපුත්ත, අනෙකසතං බ්‍රාහ්මණපරිසං...පෙ.... ගහපතිපරිසං... සමණපරිසං... චාතුමහාරාජිකපරිසං... තාවතිංසපරිසං... මාරපරිසං... බ්‍රහ්මපරිසං උපසඞ්කමිතා. තත්‍රපි මයා සන්නිසින්නපුබ්බඤ්චෙව, සල්ලපිතපුබ්බඤ්ච, සාකච්ඡා ච සමාපජ්ජිතපුබ්බා. තත්‍ර වත මං භයං වා සාරජ්ජං වා ඔක්කමිස්සතීති නිමිත්තමෙතං, සාරිපුත්ත , න සමනුපස්සාමි. එතමහං, සාරිපුත්ත, නිමිත්තං අසමනුපස්සන්තො ඛෙමප්පත්තො අභයප්පත්තො වෙසාරජ්ජප්පත්තො විහරාමි.
‘‘යො ඛො මං, සාරිපුත්ත, එවං ජානන්තං එවං පස්සන්තං එවං වදෙය්‍ය - ‘නත්ථි සමණස්ස ගොතමස්ස උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසො, තක්කපරියාහතං සමණො ගොතමො ධම්මං දෙසෙති වීමංසානුචරිතං සයංපටිභාන’න්ති, තං, සාරිපුත්ත, වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. සෙය්‍යථාපි, සාරිපුත්ත, භික්ඛු සීලසම්පන්නො සමාධිසම්පන්නො පඤ්ඤාසම්පන්නො දිට්ඨෙව ධම්මෙ අඤ්ඤං ආරාධෙය්‍ය, එවං සම්පදමිදං, සාරිපුත්ත, වදාමි. තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
151
“ශාරීපුත්‍රය, මේ පිරිස් අටක් වෙත්. කවර අටක්ද යත්? ක්ෂත්‍රිය පිරිසය, බ්‍රාහ්මණ පිරිසය, ගෘහපති පිරිසය, ශ්‍රමණ පිරිස්ය, චාතුර්මහාරාජික පිරිසය, තව්තිසා පිරිසය, මාර පිරිසය, බ්‍රහ්ම පිරිසය. ශාරීපුත්‍රය, මේ පිරිස් අටය.
“ශාරීපුත්‍රය, මේ විශාරද ධර්ම (බිය නොවන කරුණු) හතරෙන් යුක්තවූ තථාගත තෙම මේ අට පිරිස වෙතට පැමිණෙත්ද ඇතුල්වෙත්ද ශාරීපුත්‍රය, මම නොයෙක් සියගණන් ක්ෂත්‍රියයන් ඇති පිරිස් වෙතට පැමිණි බව දනිමි. එහි මා විසින් හිඳිනා ලද පරිදිද කථාකළ පරිදිද සාකච්ඡාවට පැමිණි පරිදිද දනිමි. ශාරීපුත්‍රය, එහිදී මට ඒකාන්තයෙන් බියක් හෝ තැතිගැන්මක් හෝ පැමිණෙන්නේය යන මේ කාරණය නොදකිමි, ශාරීපුත්‍රය, මම මේ කාරණයද නොදක්නේ ක්ෂේමයට පැමිණියේ නිර්භය බවට පැමිණියේ තැති නොගැන්මට පැමිණියේ වාසය කරමි.
“ශාරීපුත්‍රය, මම නොයෙක් සියගණන් බ්‍රාහ්මණ පිරිස්වලට පැමිණි බව දනිමි. එහි මා විසින් හිඳින ලද පරිදිද කථාකළ පරිදිද සාකච්ඡාවට පැමිණි පරිදිද දනිමි. ශාරීපුත්‍රය, එහිදී මට ඒකාන්තයෙන් බියක් හෝ තැති ගැන්මක් හෝ පැමිණෙන්නේය යන මේ කාරණය නොදකිමි. ශාරීපුත්‍රය මම මේ කාරණයද නොදක්නේ ක්ෂේමයට පැමිණියේ නිර්භය බවට පැමිණියේ තැති නොගන්නා බවට පැමිණියේ වාසය කරමි.
“ශාරීපුත්‍රය, මම නොයෙක් සියගණන් ගෘහපති පිරිස්වලට පැමිණි බව දනිමි. එහි මා විසින් හිඳිනා ලද පරිදිද කථාකළ පරිදිද සාකච්ඡාවට පැමිණි පරිදිද දනිමි. ශාරීපුත්‍රය, එහිදී මට ඒකාන්තයෙන් බියක් හෝ තැති ගැන්මක් හෝ පැමිණෙන්නේය යන මේ කාරණය නොදකිමි. ශාරීපුත්‍රය, මම මේ කාරණයද නොදක්නේ ක්ෂේමයට පැමිණියේ නිර්භය බවට පැමිණියේ තැති නොගැන්මට පැමිණියේ වාසය කරමි.
“ශාරීපුත්‍රය, මම නොයෙක් සියගණන් ශ්‍රමණ පිරිස්වලට පැමිණි බව දනිමි. එහි මා විසින් හිඳිනා ලද පරිදිද කථා කළ පරිදිද සාකච්ඡාවට පැමිණි පරිදිද දනිමි. ශාරීපුත්‍රය, එහිදී මට ඒකාන්තයෙන් බයක් හෝ තැති ගැන්මක් හෝ පැමිණෙන්නේය යන මේ කාරණය නොදකිමි. ශාරීපුත්‍රය, මම මේ කාරණයද නොදක්නේ ක්ෂේමයට පැමිණියේ නිර්භය බවට පැමිණියේ තැති නොගැන්මට පැමිණියේ වාසය කරමි.
“ශාරීපුත්‍රය, මම නොයෙක් සියගණන් චාතුර්මහාරාජික පිරිස්වලට පැමිණි බව දනිමි. එහි මා විසින් හිඳිනා ලද පරිදිද කථාකළ පරිදිද සාකච්ඡාවට පැමිණි පරිදිද දනිමි. ශාරීපුත්‍රය, එහිදී මට ඒකාන්තයෙන් බියක් හෝ තැතිගැන්මක් හෝ පැමිණෙන්නේය යන මේ කාරණය නොදකිමි. ශාරීපුත්‍රය, මම මේ කාරණයද නොදක්නේ ක්ෂේමයට පැමිණියේ නිර්භය බවට පැමිණියේ තැති නොගැන්මට පැමිණියේ වාසය කරමි.
“ශාරීපුත්‍රය, මම නොයෙක් සියගණන් තව්තිසා පිරිස්වලට පැමිණි බව දනිමි. එහි මා විසින් හිඳිනා ලද පරිදිද කථාකළ පරිදිද සාකච්ඡාවට පැමිණි පරිදිද දනිමි. ශාරීපුත්‍රය, එහිදී මට ඒකාන්තයෙන් බියක් හෝ තැති ගැන්මක් හෝ පැමිණෙන්නේය යන මේ කාරණය නොදකිමි. ශාරීපුත්‍රය, මම මේ කාරණයද නොදක්නේ ක්ෂේමයට පැමිණියේ නිර්භය බවට පැමිණියේ තැති නොගැන්මට පැමිණියේ වාසය කරමි.
“ශාරීපුත්‍රය, මම නොයෙක් සියගණන් මාර පිරිස්වලට පැමිණි බව දනිමි. එහි මා විසින් හිඳිනා ලද පරිදිද කථා කළ පරිදිද සාකච්ඡාවට පැමිණි පරිදිද දනිමි. ශාරීපුත්‍රය, එහිදී මට ඒකාන්තයෙන් බියක් හෝ තැති ගැන්මක් හෝ පැමිණෙන්නේය යන මේ කාරණය නොදකිමි. ශාරීපුත්‍රය, මම මේ කාරණය නොදක්නේ ක්ෂේමයට පැමිණියේ නිර්භය බවට පැමිණියේ තැති නොගැන්මට පැමිණියේ වාසය කරමි.
“ශාරීපුත්‍රය, මම නොයෙක් සියගණන් බ්‍රහ්ම පිරිස්වලට පැමිණි බව දනිමි. එහි මා විසින් හිඳිනාලද පරිදිද කථාකළ පරිදිද සාකච්ඡාවට පැමිණි පරිදිද දනිමි. ශාරීපුත්‍රය, එහිදී මට ඒකාන්තයෙන් බියක් හෝ තැති ගැන්මක් හෝ පැමිණෙන්නේය යන මේ කාරණය නොදකිමි. ශාරීපුත්‍රය, මම මේ කාරණයද නොදක්නේ ක්ෂේමයට පැමිණියේ නිර්භය බවට පැමිණියේ තැති නොගැන්මට පැමිණියේ වාසය කරමි.
“ශාරීපුත්‍රය, මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ මට යමෙක් ශ්‍රමණ ගෞතමයන්ට මනුෂ්‍ය ධර්මයට වැඩිවූ, ආර්යභාවයක් ඇතිකිරීමට සමර්ථ විශේෂ නුවණක් නැත්තේය. ශ්‍රමණ ගෞතම තෙම කල්පනාවෙන් සලකා නුවණින් විමසා තමහට වැටහෙන්නාවූ ධර්මයක් දේශනාකරයි. ඒ ශ්‍රමණ ගෞතමයන් විසින් යම් අර්ථයක් හා ධර්මයක් දෙසනලදද ඒ ධර්මයතෙම ඊට අනුව ක්‍රියා කරන්නහුගේ දුක් විනාශකිරීම පිණිස පවති”යි (කියන්නේද) ශාරීපුත්‍රය, ඒ (පුද්ගලයා) ඒ වචනය දුරුනොකොට ඒ සිත වෙනස් නොකොට ඒ ගැන්ම දුරුනොකොට (සිටියහොත්) ඔසවා ගෙනෙන ලද බරක් බිම දමන්නේ යම්සේද එපරිද්දෙන්ම නරකයෙහි වැටෙන්නේය. ශාරීපුත්‍රය, ශීලයෙන් යුක්තවූ, සමාධියෙන් යුක්තවූ, ප්‍රඥාවෙන් යුක්තවූ මහණතෙම යම්සේ මේ ජාතියේදීම රහත්වන්නේද, මෙයත් එසේයයි කියමි. (ඒ පුද්ගලයා) ඒ වචනය දුරුනොකොට, ඒ සිත වෙනස් නොකොට ඒ ගැන්ම දුරුනොකොට (සිටියහොත්) ඔසවාගෙනන ලද බරක් බිම දමන්නේ යම්සේද එපරිද්දෙන්ම නරකයෙහි වැටෙන්නේය.
152
‘‘චතස්සො ඛො ඉමා, සාරිපුත්ත, යොනියො. කතමා චතස්සො? අණ්ඩජා යොනි, ජලාබුජා යොනි, සංසෙදජා යොනි, ඔපපාතිකා යොනි. කතමා ච, සාරිපුත්ත, අණ්ඩජා යොනි? යෙ ඛො තෙ, සාරිපුත්ත, සත්තා අණ්ඩකොසං අභිනිබ්භිජ්ජ ජායන්ති - අයං වුච්චති, සාරිපුත්ත, අණ්ඩජා යොනි. කතමා ච, සාරිපුත්ත, ජලාබුජා යොනි? යෙ ඛො තෙ, සාරිපුත්ත, සත්තා වත්ථිකොසං අභිනිබ්භිජ්ජ ජායන්ති - අයං වුච්චති, සාරිපුත්ත, ජලාබුජා යොනි. කතමා ච, සාරිපුත්ත, සංසෙදජා යොනි? යෙ ඛො තෙ, සාරිපුත්ත, සත්තා පූතිමච්ඡෙ වා ජායන්ති පූතිකුණපෙ වා පූතිකුම්මාසෙ වා චන්දනිකායෙ වා ඔළිගල්ලෙ වා ජායන්ති - අයං වුච්චති, සාරිපුත්ත, සංසෙදජා යොනි. කතමා ච, සාරිපුත්ත, ඔපපාතිකා යොනි? දෙවා, නෙරයිකා, එකච්චෙ ච මනුස්සා, එකච්චෙ ච විනිපාතිකා - අයං වුච්චති, සාරිපුත්ත, ඔපපාතිකා යොනි. ඉමා ඛො, සාරිපුත්ත, චතස්සො යොනියො.
‘‘යො ඛො මං, සාරිපුත්ත, එවං ජානන්තං එවං පස්සන්තං එවං වදෙය්‍ය - ‘නත්ථි සමණස්ස ගොතමස්ස උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසො, තක්කපරියාහතං සමණො ගොතමො ධම්මං දෙසෙති වීමංසානුචරිතං සයංපටිභාන’න්ති, තං, සාරිපුත්ත, වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. සෙය්‍යථාපි, සාරිපුත්ත, භික්ඛු සීලසම්පන්නො සමාධිසම්පන්නො පඤ්ඤාසම්පන්නො දිට්ඨෙව ධම්මෙ අඤ්ඤං ආරාධෙය්‍ය, එවං සම්පදමිදං, සාරිපුත්ත, වදාමි. තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
152
“ශාරීපුත්‍රය, මේ යොනි (සත්ත්වයන් උපදින වර්ග) සතරක්වෙත්. කවරසතරක්ද? අණ්ඩජයොනිය, (බිත්තරෙන් හටගන්නා සත්ත්ව වර්ගය) ජලාබුජ යොනිය, (ගර්භ කොෂය තුළ හටගන්නා සත්ත්ව වර්ගය) සංසෙදජ යොනිය (තෙත්වූ තැන්වල හටගන්නා සත්ත්ව වර්ගය) ඕපපාතික යොනිය (මැවුණාක් මෙන් උපදින සත්ත්ව වර්ගය) යන සතරයි. ශාරීපුත්‍රය, අණ්ඩජයොනිය කවරීද? ශාරීපුත්‍රය, යම් ඒ සත්ත්වයෝ බිත්තරය බිඳගෙන උපදිත්ද, ශාරීපුත්‍රය, මේ අණ්ඩජ යොනියයයි කියනු ලැබේ. ශාරීපුත්‍රය, ජලාබුජ යොනිය නම් කවරීද? ශාරීපුත්‍රය, යම් ඒ සත්ත්වයෝ ගර්භකොෂය බිඳ උපදිත්ද, ශාරීපුත්‍රය, මේ ජලාබුජ යොනියයයි කියනු ලැබේ ශාරීපුත්‍රය, සංසෙදජයොනිය කවරීද, ශාරීපුත්‍රය, යම් ඒ සත්ත්ව කෙනෙක් කුණු මසෙහි හෝ උපදිත්ද කුණුවූ ශරීරවල හෝ පිළුණුවූ කොමුපිඩු ආදියෙහි හෝ අපවිත්‍රාදිය දමන තැන හෝ කුණුදිය ගලාබසින ගම්දොර ගවරවළෙහි හෝ උපදිත්ද, මේ සංසෙදජ යොනියයයි කියනු ලැබේ. ශාරීපුත්‍රය, ඔපපාතික යොනිය කවරීද? දෙවියෝද නිරිසත්තුද ඇතැම් මනුෂ්‍යයෝද ඇතැම් ප්‍රෙතයෝද වෙත්. ශාරීපුත්‍රය, මේ ඔපපාතික යොනියයි කියනු ලැබේ. මේ යොනි සතරයි.
“ශාරීපුත්‍රය, මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ මට යමෙක් “ශ්‍රමණ ගෞතමයන්ට මනුෂ්‍ය ධර්මයට වැඩිවූ, ආර්යභාවයක් ඇතිකිරීමට සමර්ථ විශේෂ නුවණක් නැත්තේය. ශ්‍රමණ ගෞතම තෙම කල්පනාවෙන් සලකා නුවණින් විමසා තමහට වැටහෙන්නාවූ ධර්මයක් දේශනාකරයි. ඒ ශ්‍රමණ ගෞතමයන් විසින් යමක් සඳහා ධර්මය දේශනා කරනලදද ඒ ධර්මයතෙම ඊට අනුව ක්‍රියාකරන්නහුගේ දුක් විනාශකිරීම පිණිස පවතී” කියා කියයි නම් ශාරීපුත්‍රය, (ඒ පුද්ගලයා) ඒ වචනය දුරුනොකොට ඒ සිත වෙනස් නොකොට ඒ ගැන්ම දුරුනොකොට (සිටියහොත්) ඔසොවා ගෙනෙනලද බරක් බිම දමන්නේ යම්සේද එපරිද්දෙන්ම නරකයෙහි වැටෙන්නේය. ශාරීපුත්‍රය, ශීලයෙන් යුක්තවූ සමාධියෙන් යුක්තවූ, ප්‍රඥාවෙන් යුක්තවූ මහණතෙම යම්සේ මේ ජාතියේදීම රහත් වන්නේද, මෙයත් එසේයයි කියමි. (ඒ පුද්ගලයා) ඒ වචනය දුරුනොකොට, ඒ සිත වෙනස් නොකොට ඒ ගැනීම දුරුනොකොට (සිටියහොත්) ඔසවා ගෙනෙනලද බරක් බිම දමන්නේ යම්සේද එපරිද්දෙන්ම නරකයෙහි වැටෙන්නේය.
153
‘‘පඤ්ච ඛො ඉමා, සාරිපුත්ත, ගතියො. කතමා පඤ්ච? නිරයො, තිරච්ඡානයොනි, පෙත්තිවිසයො, මනුස්සා, දෙවා. නිරයඤ්චාහං, සාරිපුත්ත, පජානාමි, නිරයගාමිඤ්ච මග්ගං, නිරයගාමිනිඤ්ච පටිපදං; යථා පටිපන්නො ච කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති තඤ්ච පජානාමි. තිරච්ඡානයොනිඤ්චාහං, සාරිපුත්ත, පජානාමි, තිරච්ඡානයොනිගාමිඤ්ච මග්ගං, තිරච්ඡානයොනිගාමිනිඤ්ච පටිපදං; යථා පටිපන්නො ච කායස්ස භෙදා පරං මරණා තිරච්ඡානයොනිං උපපජ්ජති තඤ්ච පජානාමි. පෙත්තිවිසයං චාහං, සාරිපුත්ත, පජානාමි, පෙත්තිවිසයගාමිඤ්ච මග්ගං, පෙත්තිවිසයගාමිනිඤ්ච පටිපදං; යථා පටිපන්නො ච කායස්ස භෙදා පරං මරණා පෙත්තිවිසයං උපපජ්ජති තඤ්ච පජානාමි. මනුස්සෙ චාහං, සාරිපුත්ත, පජානාමි, මනුස්සලොකගාමිඤ්ච මග්ගං , මනුස්සලොකගාමිනිඤ්ච පටිපදං; යථා පටිපන්නො ච කායස්ස භෙදා පරං මරණා මනුස්සෙසු උපපජ්ජති තඤ්ච පජානාමි. දෙවෙ චාහං, සාරිපුත්ත, පජානාමි, දෙවලොකගාමිඤ්ච මග්ගං, දෙවලොකගාමිනිඤ්ච පටිපදං; යථා පටිපන්නො ච කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති තඤ්ච පජානාමි. නිබ්බානඤ්චාහං, සාරිපුත්ත, පජානාමි, නිබ්බානගාමිඤ්ච මග්ගං, නිබ්බානගාමිනිඤ්ච පටිපදං; යථා පටිපන්නො ච ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති තඤ්ච පජානාමි.
153
“ශාරීපුත්‍රය, මේ ගති පසෙකි. කවර පසක්ද? නිරය අපාය, තිරිසන් අපාය, ප්‍රේත අපාය, මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝකය, (යනපසයි) ශාරීපුත්‍රය, මම නිරයත් දනිමි. නිරයට යන මාර්ගයද නිරයට යන්නාවූ ප්‍රතිපදාවද දනිමි. යම්සේ පිළිපන්නේ ශරීරය බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් පහවූ නපුරුගති ඇති යටිකුරුව වැටෙන නරකයෙහි උපදීද එයද දනිමි. ශාරීපුත්‍රය, මම තිරිසන් යොනියද දනිමි. තිරිසන් යොනියට යන මගත් දනිමි. තිරිසන් යොනියට යන්නාවූ ප්‍රතිපදාවත් දනිමි. යම්සේ පිළිපන්නේ ශරීරය බිඳීමෙන් මරණින් මත්තෙහි තිරිසන් යෝනියෙහි උපදීද, ඒ ද දනිමි ශාරීපුත්‍රය, මම ප්‍රෙත නිකායද දනිමි. ප්‍රෙතනිකායට යන මාර්ගයද දනිමි. යම්සේ පිළිපන්නේ ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි ප්‍රෙත නිකායෙහි උපදීද ඒ ප්‍රෙත නිකායට යන ප්‍රතිපදාවද දනිමි. ශාරීපුත්‍රය, මම මනුෂ්‍යයන්ද දනිමි. මිනිස් ලොවට යන මාර්ගයද දනිමි. යම්සේ පිළිපන්නේ ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි මනුෂ්‍ය ලෝකයෙහි උපදීද, මිනිස්ලොවට යන්නාවූ ඒ ප්‍රතිපදාවද දනිමි. ශාරීපුත්‍රය, මම දෙවියන්ද දනිමි. දෙව් ලොවට යන මාර්ගයද දනිමි. යම්සේ පිළිපන්නේ ශරීරයාගේ භෙදයෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදීද ඒ දෙව්ලොව යන ප්‍රතිපදාවද දනිමි. ශාරීපුත්‍රය, මම නිවණද දනිමි. නිවණට යන මාර්ගයද දනිමි. යම්සේ පිළිපන්නේ කෙලෙස් නැති කිරීමෙන් කෙලෙස් රහිතවූ අර්හත් ඵල විමුක්තියද මේ ආත්මයෙහි තෙමේම ප්‍රඥාවෙන් දැක ඊට පැමිණ වාසය කෙරේද, ඒ නිර්වාණයට යන ප්‍රතිපදාවද දනිමි.
154
‘‘ඉධාහං, සාරිපුත්ත, එකච්චං පුග්ගලං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි - තථායං පුග්ගලො පටිපන්නො තථා ච ඉරියති තඤ්ච මග්ගං සමාරූළ්හො, යථා කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජිස්සතීති. තමෙනං පස්සාමි අපරෙන සමයෙන දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නං, එකන්තදුක්ඛා තිබ්බා කටුකා වෙදනා වෙදයමානං. සෙය්‍යථාපි, සාරිපුත්ත, අඞ්ගාරකාසු සාධිකපොරිසා පූරා අඞ්ගාරානං වීතච්චිකානං වීතධූමානං. අථ පුරිසො ආගච්ඡෙය්‍ය ඝම්මාභිතත්තො ඝම්මපරෙතො කිලන්තො තසිතො පිපාසිතො එකායනෙන මග්ගෙන තමෙව අඞ්ගාරකාසුං පණිධාය. තමෙනං චක්ඛුමා පුරිසො දිස්වා එවං වදෙය්‍ය - ‘තථායං භවං පුරිසො පටිපන්නො තථා ච ඉරියති තඤ්ච මග්ගං සමාරූළ්හො, යථා ඉමංයෙව අඞ්ගාරකාසුං ආගමිස්සතී’ති . තමෙනං පස්සෙය්‍ය අපරෙන සමයෙන තස්සා අඞ්ගාරකාසුයා පතිතං, එකන්තදුක්ඛා තිබ්බා කටුකා වෙදනා වෙදයමානං. එවමෙව ඛො අහං, සාරිපුත්ත, ඉධෙකච්චං පුග්ගලං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි - තථායං පුග්ගලො පටිපන්නො තථා ච ඉරියති තඤ්ච මග්ගං සමාරූළ්හො යථා කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජිස්සතීති. තමෙනං පස්සාමි අපරෙන සමයෙන දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නං, එකන්තදුක්ඛා තිබ්බා කටුකා වෙදනා වෙදයමානං.
‘‘ඉධ පනාහං, සාරිපුත්ත, එකච්චං පුග්ගලං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි - තථායං පුග්ගලො පටිපන්නො තථා ච ඉරියති තඤ්ච මග්ගං සමාරූළ්හො, යථා කායස්ස භෙදා පරං මරණා තිරච්ඡානයොනිං උපපජ්ජිස්සතීති. තමෙනං පස්සාමි අපරෙන සමයෙන දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන කායස්ස භෙදා පරං මරණා තිරච්ඡානයොනිං උපපන්නං, දුක්ඛා තිබ්බා කටුකා වෙදනා වෙදයමානං. සෙය්‍යථාපි, සාරිපුත්ත, ගූථකූපො සාධිකපොරිසො, පූරො ගූථස්ස. අථ පුරිසො ආගච්ඡෙය්‍ය ඝම්මාභිතත්තො ඝම්මපරෙතො කිලන්තො තසිතො පිපාසිතො එකායනෙන මග්ගෙන තමෙව ගූථකූපං පණිධාය. තමෙනං චක්ඛුමා පුරිසො දිස්වා එවං වදෙය්‍ය - ‘තථායං භවං පුරිසො පටිපන්නො තථා ච ඉරියති තඤ්ච මග්ගං සමාරූළ්හො යථා ඉමංයෙව ගූථකූපං ආගමිස්සතී’ති. තමෙනං පස්සෙය්‍ය අපරෙන සමයෙන තස්මිං ගූථකූපෙ පතිතං, දුක්ඛා තිබ්බා කටුකා වෙදනා වෙදයමානං. එවමෙව ඛො අහං, සාරිපුත්ත, ඉධෙකච්චං පුග්ගලං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි - තථායං පුග්ගලො පටිපන්නො තථා ච ඉරියති තඤ්ච මග්ගං සමාරූළ්හො, යථා කායස්ස භෙදා පරං මරණා තිරච්ඡානයොනිං උපපජ්ජිස්සතීති. තමෙනං පස්සාමි අපරෙන සමයෙන දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන කායස්ස භෙදා පරං මරණා තිරච්ඡානයොනිං උපපන්නං, දුක්ඛා තිබ්බා කටුකා වෙදනා වෙදයමානං.
‘‘ඉධ පනාහං, සාරිපුත්ත, එකච්චං පුග්ගලං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි - තථායං පුග්ගලො පටිපන්නො තථා ච ඉරියති තඤ්ච මග්ගං සමාරූළ්හො, යථා කායස්ස භෙදා පරං මරණා පෙත්තිවිසයං උපපජ්ජිස්සතීති. තමෙනං පස්සාමි අපරෙන සමයෙන දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන කායස්ස භෙදා පරං මරණා පෙත්තිවිසයං උපපන්නං, දුක්ඛබහුලා වෙදනා වෙදයමානං. සෙය්‍යථාපි, සාරිපුත්ත, රුක්ඛො විසමෙ භූමිභාගෙ ජාතො තනුපත්තපලාසො කබරච්ඡායො . අථ පුරිසො ආගච්ඡෙය්‍ය ඝම්මාභිතත්තො ඝම්මපරෙතො කිලන්තො තසිතො පිපාසිතො එකායනෙන මග්ගෙන තමෙව රුක්ඛං පණිධාය. තමෙනං චක්ඛුමා පුරිසො දිස්වා එවං වදෙය්‍ය - ‘තථායං භවං පුරිසො පටිපන්නො තථා ච ඉරියති තඤ්ච මග්ගං සමාරූළ්හො, යථා ඉමංයෙව රුක්ඛං ආගමිස්සතී’ති. තමෙනං පස්සෙය්‍ය , අපරෙන සමයෙන තස්ස රුක්ඛස්ස ඡායාය නිසින්නං වා නිපන්නං වා දුක්ඛබහුලා වෙදනා වෙදයමානං. එවමෙව ඛො අහං, සාරිපුත්ත, ඉධෙකච්චං පුග්ගලං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි - තථායං පුග්ගලො පටිපන්නො තථා ච ඉරියති තඤ්ච මග්ගං සමාරූළ්හො, යථා කායස්ස භෙදා පරං මරණා පෙත්තිවිසයං උපපජ්ජිස්සතීති. තමෙනං පස්සාමි අපරෙන සමයෙන දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන කායස්ස භෙදා පරං මරණා පෙත්තිවිසයං උපපන්නං, දුක්ඛබහුලා වෙදනා වෙදයමානං.
‘‘ඉධ පනාහං, සාරිපුත්ත, එකච්චං පුග්ගලං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි - තථායං පුග්ගලො පටිපන්නො තථා ච ඉරියති තඤ්ච මග්ගං සමාරූළ්හො යථා කායස්ස භෙදා පරං මරණා මනුස්සෙසු උපපජ්ජිස්සතීති. තමෙනං පස්සාමි අපරෙන සමයෙන දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන කායස්ස භෙදා පරං මරණා මනුස්සෙසු උපපන්නං, සුඛබහුලා වෙදනා වෙදයමානං. සෙය්‍යථාපි, සාරිපුත්ත, රුක්ඛො සමෙ භූමිභාගෙ ජාතො බහලපත්තපලාසො සන්දච්ඡායො (සණ්ඩච්ඡායො (ස්‍යා.), සන්තච්ඡායො (ක.)). අථ පුරිසො ආගච්ඡෙය්‍ය ඝම්මාභිතත්තො ඝම්මපරෙතො කිලන්තො තසිතො පිපාසිතො එකායනෙන මග්ගෙන තමෙව රුක්ඛං පණිධාය. තමෙනං චක්ඛුමා පුරිසො දිස්වා එවං වදෙය්‍ය - ‘තථායං භවං පුරිසො පටිපන්නො තථා ච ඉරියති තඤ්ච මග්ගං සමාරූළ්හො, යථා ඉමමෙව රුක්ඛං ආගමිස්සතී’ති. තමෙනං පස්සෙය්‍ය අපරෙන සමයෙන තස්ස රුක්ඛස්ස ඡායාය නිසින්නං වා නිපන්නං වා සුඛබහුලා වෙදනා වෙදයමානං. එවමෙව ඛො අහං, සාරිපුත්ත, ඉධෙකච්චං පුග්ගලං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි - තථායං පුග්ගලො පටිපන්නො තථා ච ඉරියති තඤ්ච මග්ගං සමාරූළ්හො යථා කායස්ස භෙදා පරං මරණා මනුස්සෙසු උපපජ්ජිස්සතීති. තමෙනං පස්සාමි අපරෙන සමයෙන දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන කායස්ස භෙදා පරං මරණා මනුස්සෙසු උපපන්නං, සුඛබහුලා වෙදනා වෙදයමානං.
‘‘ඉධ පනාහං, සාරිපුත්ත, එකච්චං පුග්ගලං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි - තථායං පුග්ගලො පටිපන්නො තථා ච ඉරියති තඤ්ච මග්ගං සමාරූළ්හො, යථා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සතී’ති. තමෙනං පස්සාමි අපරෙන සමයෙන දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නං, එකන්තසුඛා වෙදනා වෙදයමානං. සෙය්‍යථාපි, සාරිපුත්ත, පාසාදො, තත්‍රාස්ස කූටාගාරං උල්ලිත්තාවලිත්තං නිවාතං ඵුසිතග්ගළං පිහිතවාතපානං. තත්‍රාස්ස පල්ලඞ්කො ගොනකත්ථතො පටිකත්ථතො පටලිකත්ථතො කදලිමිගපවරපච්චත්ථරණො සඋත්තරච්ඡදො උභතොලොහිතකූපධානො. අථ පුරිසො ආගච්ඡෙය්‍ය ඝම්මාභිතත්තො ඝම්මපරෙතො කිලන්තො තසිතො පිපාසිතො එකායනෙන මග්ගෙන තමෙව පාසාදං පණිධාය. තමෙනං චක්ඛුමා පුරිසො දිස්වා එවං වදෙය්‍ය - ‘තථායං භවං පුරිසො පටිපන්නො තථා ච ඉරියති තඤ්ච මග්ගං සමාරූළ්හො, යථා ඉමංයෙව පාසාදං ආගමිස්සතී’ති. තමෙනං පස්සෙය්‍ය අපරෙන සමයෙන තස්මිං පාසාදෙ තස්මිං කූටාගාරෙ තස්මිං පල්ලඞ්කෙ නිසින්නං වා නිපන්නං වා එකන්තසුඛා වෙදනා වෙදයමානං. එවමෙව ඛො අහං, සාරිපුත්ත, ඉධෙකච්චං පුග්ගලං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි - තථායං පුග්ගලො පටිපන්නො තථා ච ඉරියති තඤ්ච මග්ගං සමාරූළ්හො යථා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සතීති. තමෙනං පස්සාමි අපරෙන සමයෙන දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නං, එකන්තසුඛා වෙදනා වෙදයමානං.
‘‘ඉධ පනාහං, සාරිපුත්ත, එකච්චං පුග්ගලං චෙතසා චෙතො පරිච්ච පජානාමි - තථායං පුග්ගලො පටිපන්නො තථා ච ඉරියති තඤ්ච මග්ගං සමාරූළ්හො, යථා ආසවානං ඛයා අනාසං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සතීති. තමෙනං පස්සාමි අපරෙන සමයෙන ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තං, එකන්තසුඛා වෙදනා වෙදයමානං. සෙය්‍යථාපි, සාරිපුත්ත, පොක්ඛරණී අච්ඡොදකා සාතොදකා සීතොදකා සෙතකා සුපතිත්ථා රමණීයා. අවිදූරෙ චස්සා තිබ්බො වනසණ්ඩො. අථ පුරිසො ආගච්ඡෙය්‍ය ඝම්මාභිතත්තො ඝම්මපරෙතො කිලන්තො තසිතො පිපාසිතො එකායනෙන මග්ගෙන තමෙව පොක්ඛරණිං පණිධාය. තමෙනං චක්ඛුමා පුරිසො දිස්වා එවං වදෙය්‍ය - ‘තථා භවං පුරිසො පටිපන්නො තථා ච ඉරියති තඤ්ච මග්ගං සමාරූළ්හො, යථා ඉමංයෙව පොක්ඛරණිං ආගමිස්සතී’ති. තමෙනං පස්සෙය්‍ය අපරෙන සමයෙන තං පොක්ඛරණිං ඔගාහෙත්වා න්හායිත්වා ච පිවිත්වා ච සබ්බදරථකිලමථපරිළාහං පටිප්පස්සම්භෙත්වා පච්චුත්තරිත්වා තස්මිං වනසණ්ඩෙ නිසින්නං වා නිපන්නං වා, එකන්තසුඛා වෙදනා වෙදයමානං. එවමෙව ඛො අහං, සාරිපුත්ත, ඉධෙකච්චං පුග්ගලං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි - තථායං පුග්ගලො පටිපන්නො තථා ච ඉරියති තඤ්ච මග්ගං සමාරූළ්හො, යථා ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සතී’ති. තමෙනං පස්සාමි අපරෙන සමයෙන ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තං, එකන්තසුඛා වෙදනා වෙදයමානං. ඉමා ඛො, සාරිපුත්ත, පඤ්ච ගතියො.
‘‘යො ඛො මං, සාරිපුත්ත, එවං ජානන්තං එවං පස්සන්තං එවං වදෙය්‍ය - ‘නත්ථි සමණස්ස ගොතමස්ස උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසො; තක්කපරියාහතං සමණො ගොතමො ධම්මං දෙසෙති වීමංසානුචරිතං සයංපටිභාන’න්ති තං, සාරිපුත්ත, වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. සෙය්‍යථාපි, සාරිපුත්ත, භික්ඛු සීලසම්පන්නො සමාධිසම්පන්නො පඤ්ඤාසම්පන්නො දිට්ඨෙව ධම්මෙ අඤ්ඤං ආරාධෙය්‍ය, එවං සම්පදමිදං, සාරිපුත්ත, වදාමි ‘තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ’.
154
“ශාරීපුත්‍රය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් යම්සේ මරණින් මතු සැපයක් නැති දුක් ගති ඇති යටිකුරුව වැටෙන නරකයෙහි උපදින්නේද ඒ පුද්ගල තෙම එසේ පිළිපන්නේය, එසේම පවතියි, ඒ මාර්ගයටම බැස සිටීයයි ඒ පුද්ගලයාගේ හිත මගේ සිතින් පිරිසිඳ දනිමි. පසු කාලයෙහි ඒ පුද්ගලයා සැපයක් නැති දුක් ඇති යටිකුරුව වැටෙන නිරයෙහි ඉපදී එකාන්තයෙන් දුක්වූ, තියුණුවූ කටුකවූ වේදනාවන් විඳිමින් සිටින බව මිනිස් ඇස ඉක්මවූ පිරිසුදු දිවැසින් දකින්නෙමි.
“ශාරීපුත්‍රය, පුරුෂයෙකුගේ උසටත් වඩා ගැඹුරුවූ, ගිනිදැල් නැති, දුම්නැති අඟුරු පිරුණු වළක් ඇත්තේය. එකල්හි ග්‍රීෂ්මයෙහි තැවුණාවූ ග්‍රීෂ්මයෙන් පීඩිතවූ ක්ලාන්තවූ තැතිගත්තාවූ හටගත් පිපාසා ඇති පුරුෂයෙක් ඒ අඟුරුවළ කරා යන එකම මාර්ගයෙන් ඊට මුහුන ලා යන්නේය.
ඇස් ඇති පුරුෂයෙක් ඔහු දැක මෙසේ කියන්නේය. මේ පින්වත් පුරුෂ තෙම යම්සේ මේ අඟුරු වළටම එන්නේද එසේ පිළිපන්නේය. එසේම ගමන් කරයි. ඒ මාර්ගයට බැස සිටී (කියායි) පසුව අඟුරුවළෙහි වැටුනාවූ එකාන්තයෙන් දුක්වූ තියුණුවූ ක්‍රෑරවූ වේදනාවන් විඳින ඔහු දක්නේය. ශාරීපුත්‍රය, මෙපරිද්දෙන්ම මම මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් යම්සේ මරණින් මතු සැපයක් නැති දුක් ගති ඇති යටිකුරුව වැටෙන නරකයෙහි උපදින්නේද ඒ පුද්ගලතෙම එසේ පිළිපන්නේය. එසේම පවතියි. ඒ මාර්ගයටම බැස සිටීයයි ඒ පුද්ගලයාගේ හිත මගේ සිතින් පිරිසඳ ගනිමි. පසුව ඒ පුද්ගලයා සැපයක් නැති දුක් ඇති යටිකුරුව වැටෙන අපායෙහි ඉපදී ඒකාන්තයෙන් දුක්වූ තියුණුවූ කටුකවූ වේදනාවන් විඳිමින් සිටින බව මිනිස් ඇස ඉක්මවූ පිරිසිදු දිවැසින් දකින්නෙමි.
“ශාරීපුත්‍රය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් යම් සේ මරණින් මතු තිරිසන් යොනියෙහි උපදින්නේද එසේ පිළිපන්නේය. එසේම පවතියි. ඒ මාර්ගයට බැස සිටීයයි ඒ පුද්ගලයාගේ හිත මගේ හිතින් පිරිසිඳ දනිමි. ටික කලකට පසු ඒ පුද්ගලයා තිරිසන් යොනියෙහි ඉපදී දුක්වූ තියුණුවූ ක්‍රෑරවූ වේදනාවන් විඳිමින් සිටින බව මිනිස් ඇස ඉක්මවූ පිරිසුදු දිවැසින් දකින්නෙමි, ශාරීපුත්‍රය, පුරුෂයෙකුගේ උසටත් වඩා ගැඹුරුවූ, අසුචියෙන් පිරුණාවූ අසුචිවළක් ඇත්තේය. ඉක්බිති ග්‍රීෂ්මයෙන් තැවුනාවූ ග්‍රීෂ්මයෙන් පීඩිත වූ ක්ලාන්තවූ තැතිගත්තාවූ පිපාසා ඇති පුරුෂයෙක් ඒ අසුචි වළ කරා යන එකම මාර්ගයෙන් යන්නේය. ඇස් ඇති පුරුෂයෙක් ඔහු දැක මෙසේ කියන්නේය. මේ පින්වත් පුරුෂතෙම යම්සේ මේ අසුචිවළට වැටෙන්නේද එසේ පිළිපන්නේය. එසේම ගමන් කරයි. ඒ මාර්ගයට බැස සිටීයයි (කියායි) පසුව අසූචිවළෙහි වැටුනාවූ ඒකාන්තයෙන් දුක්වූ කටුකවූ ක්‍රෑරවූ වේදනාවන් විඳින ඔහු දක්නේය. ශාරීපුත්‍රය, එපරිද්දෙන්ම මේ ලෝකයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් යම්සේ මරණින් මතු තිරිසන් යොනියෙහි උපදින්නේද ඒ පුද්ගලතෙම එසේ පිළිපන්නේය. එසේම පවතියි, ඒ මාර්ගයටම බැස සිටීයයි ඒ පුද්ගලයාගේ හිත මගේ හිතින් පිරිසිඳ දනිමි. ටික කලකට පසුව ඒ පුද්ගලයා තිරිසන් යොනියෙහි ඉපද ඒකාන්තයෙන් දුක්වූ තියුණුවූ කටුක වේදනාවන් විඳිමින් සිටින බව මිනිස් ඇස ඉක්මවූ පිරිසිදු දිවැසින් දකින්නෙමි.
“ශාරීපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් යම්සේ මරණින් මතු ප්‍රෙත නිකායෙහි උපදින්නේද එසේ මේ පුද්ගලතෙමේ පිළිපන්නේය. එසේ ඉරියව් පවත්වයි. ඒ මාර්ගයටම බැස සිටීයයි ඒ පුද්ගලයාගේ හිත මගේ හිතින් පිරිසිඳ දනිමි. ටික කලකට පසු ඒ පුද්ගලයා ප්‍රෙතනිකායෙහි ඉපදී ඒකාන්තයෙන් දුක්වූ තියුණුවූ කටුකවූ බොහෝ දුක් වේදනාවන් විඳිමින් සිටින බව මිනිස් ඇස ඉක්ම වූ පිරිසිදුවූ දිවැසින් දකිමි. ශාරීපුත්‍රය, විෂම බිමක හටගත් ඉතා තුනීවට පිහිටි කොළ දලු ඇති කබරසේ (තැනින් තැන) සෙවන ඇති ගසක් ඇත්තේය එකල ග්‍රීෂ්මයෙන් තැවුනාවූ ග්‍රීෂ්මයෙන් පීඩිතවූ, ක්ලාන්තවූ, තැතිගත්තාවූ, පිපාසා ඇති පුරුෂයෙක් තෙම ඒ ගස වෙත යන එකම මාර්ගයෙන් එයි. ඇස් ඇති පුරුෂයෙක් ඔහු දැක මෙසේ කියන්නේය. මේ පින්වත් පුරුෂතෙම යම්සේ මේ ගස යටටම එන්නේද එසේ පිළිපන්නේය. එසේම ගමන් කරයි. ඒ මාර්ගයට බැස සිටීයයි (කියායි) පසුව ඒ ගස සෙවනෙහි හුන්නාවූ හෝ නිදන්නාවූ හෝ බොහෝ දුක් වේදනාවන් විඳින ඔහු දක්නේය. ශාරීපුත්‍රය, මෙපරිද්දෙන්ම මට මේ ලෝකයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් යම්සේ මරණින් මතු ප්‍රේත යොනියෙහි උපදින්නේද ඒ පුද්ගල තෙම එසේ පිළිපන්නේය. එසේම පවතියි. ඒ මාර්ගයටම බැස සිටීයයි ඒ පුද්ගලයාගේ හිත මගේ හිතින් පිරිසිඳ දනිමි. කලකට පසුව ඒ පුද්ගලයා ප්‍රේත යොනියෙහි දුක්වූ තියුණුවූ කටුකවූ බොහෝ වේදනාවන් විඳිමින් සිටින බව මිනිස් ඇස ඉක්මවූ පිරිසිදු දිවැසින් දකින්නෙමි.
“ශාරීපුත්‍රය මට මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් යම්සේ මරණින් මතු මනුෂ්‍යයන් අතර උපදින්නේද මේ පුද්ගලතෙම එසේ පිළිපන්නේය. එසේම පවතියි. ඒ මාර්ගයටම බැස සිටීයයි ඒ පුද්ගලයාගේ හිත මගේ හිතින් පිරිසිඳ දනිමි. කලකට පසු ඒ පුද්ගලයා මනුෂ්‍යයන් අතර ඉපදී සැප බහුල වේදනාවන් විඳිමින් සිටින බව මිනිස් ඇස ඉක්මවූ පිරිසිදු දිවැසින් දකිමි. ශාරීපුත්‍රය, සමබිම් පෙදෙසක හටගත් ඝනවූ කොළ දලු ඇති සෞම්‍ය සෙවනැලි ඇති ගසක් ඇත්තේය. එකල ග්‍රීෂ්මයෙන් තැවුනාවූ ග්‍රීෂ්මයෙන් පීඩිතවූ ක්ලාන්තවූ තැතිගත්තාවූ හටගත් පිපාසා ඇති පුරුෂයෙක් ඒ ගස වෙත යන එකම මාර්ගයෙන් ගමන් කරයි. ඇස් ඇති පුරුෂයෙක් ඔහු දැක මෙසේ කියන්නේය. මේ පින්වත් පුරුෂතෙම යම්සේ මේ ගස කරා එන්නේද එසේ මේ පින්වත් පුරුෂතෙම පිළිපන්නේය. එසේම ගමන් කරමි. ඒ ගමටම බැස සිටියි. (කියායි) ටික කලකට පසු ඒ ගසයට සෙවනෙහි හිඳින්නාවූ හෝ නිදන්නාවූ හෝ සැප බහුල වේදනාවන් විඳින ඒ පුරුෂයා දක්නේය.
“ශාරීපුත්‍රය, එපරිද්දෙන්ම මම මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් යම්සේ මරණින් මතු මනුෂ්‍යයන් අතර උපදින්නේද ඒ පුද්ගල තෙම එසේ පිළිපන්නේය. එසේම පවතියි. ඒ මාර්ගයටම බැස සිටීයයි ඒ පුද්ගලයාගේ හිත මගේ හිතින් පිරිසිඳ දනිමි. ටික කලකට පසුව ඒ පුද්ගලයා මිනිස් ලොව ඉපිද සැප බහුල වේදනා විඳිමින් සිටින බව මිනිස් ඇස ඉක්මවූ පිරිසිදු දිවැසින් දකින්නෙමි.
“ශාරීපුත්‍රය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් යම්සේ කායභෙදයෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදින්නේද, එසේ මේ පුද්ගලතෙම පිළිපන්නේය එසේ පවතියි. ඒ මගටම බැස සිටීයයි ඒ පුද්ගලයාගේ හිත මගේ හිතින් පිරිසිඳ දනිමි. ටික කලකට පසු ඒ පුද්ගලයා ස්වර්ග ලෝකයෙහි ඉපදී ඒකාන්ත සැපවිඳිමින් සිටින බව මිනිස් ඇස ඉක්මවූ දිවැසින් දකිමි.
“ශාරීපුත්‍රය, ප්‍රාසාදයක් ඇත්තේය. එහි ඇතුළත පිටත ආලේපකළ, වාත රහිතවූ දමන ලද අගුල් ඇති, කුළුගෙයක් වන්නේය. එහි කොඳුපලස් අතුරණ ලද්දාවූ සුදු එළුලොම් පලස් අතුරණ ලද්දාවූ ඝන මල් ඇති එළුලොම් ඇතිරිලි අතුරන ලද්දාවූ කෙසෙල්මුව සමින් කළ උතුම් ඇතිරිලි අතුරන ලද්දාවූ උඩුවියන් සහිතවූ දෙපසෙහි තුබූ රතුකොට්ට ඇත්තාවූ ආසනයක් වන්නේය. ඉක්බිති ග්‍රීෂ්මයෙන් තැවුනාවූ ග්‍රීෂ්මයෙන් පීඩිතවූ ක්ලාන්තවූ තැතිගත්තාවූ හටගත් පිපාසා ඇති පුරුෂයෙක් ඒ ප්‍රාසාදයම බලාගෙන ඊට පැමිණෙන එකම මාර්ගයෙන් එන්නේය. ඇස් ඇති පුරුෂයෙක් ඔහු දැක මෙසේ කියන්නේය. මේ පින්වත් පුරුෂතෙම යම්සේ මේ ප්‍රාසාදයටම එන්නේද එසේ පිළිපන්නේය. එසේම ගමන් කරයි. ඒ මඟට බැස සිටියි. (කියාය) පසු කලකදී ඒ පහයෙහි ඒ කුළුගෙයි ඒ ආසනයෙහි හිඳින්නාවූ හෝ නිදන්නාවූ හෝ ඒකාන්තයෙන් සැපවූ වේදනාවන් විඳින ඒ පුද්ගලයා දක්නේද, ශාරීපුත්‍රය, එපරිද්දෙන්ම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් යම්සේ මරණින් මතු සුගති නම් වූ ස්වර්ග ලෝකයෙහි උපදින්නේද එසේ මේ පුද්ගලතෙම පිළිපන්නේය. එසේ පවතියි. ඒ මගට බැස සිටීයයි ඒ පුද්ගලයාගේ හිත මගේ සිතින් පිරිසිඳ ගනිමි. ටික කලකට පසු ඒ පුද්ගලයා ස්වර්ග ලෝකයෙහි ඉපදී ඒකාන්ත සැප විඳිමින් සිටින බව මිනිස් ඇස ඉක්මවූ පිරිසුදු දිවැසින් දකිමි.
“ශාරීපුත්‍රය, මෙහි වනාහි මම ඇතැම් පුද්ගලයෙක් යම්සේ කෙලෙස් නැති කිරීමෙන් කෙලෙස් රහිතවූ අර්හත්ඵල සමාධියද අර්හත්ඵල ප්‍රඥාවද මේ ආත්මයෙහි තෙමේ ශ්‍රේෂ්ඨ ඥානයෙන් ප්‍රත්‍යක්ෂකොට ඊට එළඹ වාසය කරන්නේද එසේ මේ පුද්ගලතෙම පිළිපන්නේය. එසේම පවතියි. ඒ මඟට බැස සිටීයයි ඒ පුද්ගලයාගේ හිත මගේ හිතින් පිරිසිඳ දනිමි. කලකට පසු ඔහු කෙලෙස් නැතිකිරීමෙන් කෙලෙස් රහිතවූ අර්හත් ඵලසමාධියද අර්හත්ඵල ප්‍රඥාවද මේ ආත්මයෙහි තෙමේ ශ්‍රේෂ්ඨ ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට ඊට එළඹ වාසය කරන බව මිනිස් ඇස ඉක්මවූ පිරිසිදු දිවැසින් දකිමි. ශාරීපුත්‍රය, පිරිසිදු දිය ඇති, සැපදායක දිය ඇති, සීතල දිය ඇති, සුදුවැලිතලා ඇති මනාව පිහිටි තොටවල් ඇති, සිත්කලුවූ පොකුණක් ඇත්තේය. ඒ පොකුණට නුදුරෙහි වන ලැහැබක්ද වෙයි. එසේ ඇති කල්හි ග්‍රීෂ්මයෙන් තැවුනාවූ ග්‍රීෂ්මයෙන් පීඩිතවූ ක්ලාන්තවූ තැතිගත්තාවූ පිපාසා ඇති පුරුෂයෙක් එම පොකුණට පැමිණෙන එකම මාර්ගයෙන් පොකුණ කරා එන්නේය. ඇස් ඇති පුරුෂයෙක් ඔහු දැක මෙසේ කියන්නේය. මේ පින්වත් පුරුෂතෙම යම්සේ මේ පොකුණටම එන්නේද, එසේ පිළිපන්නේය. එසේම ගමන් කරයි. ඒ මඟට බැස සිටියි (කියායි) ඉන්පසු මෑත කලක ඒ පොකුණට බැස නා වතුර බී සියලු වෙහෙස ක්ලාන්ත දැවිලි මැඩ එතරට ඒ වන ලැහැබෙහි හිඳින්නාවූ හෝ නිදන්නාවූ හෝ ඒකාන්තයෙන් සැපවූ වේදනාවන් විඳින ඒ පුද්ගලයා දක්නේය. ශාරීපුත්‍රය, එපරිද්දෙන්ම මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් යම්සේ කෙලෙස් නැතිකිරීමෙන් කෙලෙස් රහිතවූ අර්හත්ඵල සමාධියද අර්හත් ඵල ප්‍රඥාවද මේ ආත්මයෙහි තෙමේ විශේෂ ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂකොට ඊට එළඹ වාසය කරන්නේද එසේ මෙතෙම පිළිපන්නේය. එසේ පවතියි. ඒ මඟට බැස සිටීයයි මගේ හිතින් ඔහුගේ හිත පිරිසිඳ දනිමි. ටික කලකට පසු ඔහු කෙලෙස් නැතිකිරීමෙන් කෙලෙස් රහිතවූ අර්හත් ඵල සමාධියද අර්හත්ඵල ප්‍රඥාවද මේ ආත්මයෙහි තෙමේ විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට ඊට එළඹ වසන්නාවූ ඒකාන්ත සැප වේදනා විඳින ඒ පුද්ගලයා දකින්නෙමි. ශාරීපුත්‍රය, මේ වනාහි ගති පසය.
“ශාරීපුත්‍රය, යමෙක් වනාහි මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ මට යමෙක් ශ්‍රමණ ගෞතමයන්ට මනුෂ්‍ය ධර්මයට වැඩිවූ, ආර්ය භාවයක් ඇති කිරීමට සමර්ථ විශේෂ නුවණක් නැත්තේය. ශ්‍රමණ ගෞතම තෙම කල්පනාවෙන් සලකා නුවණින් විමසා තමහට වැටහෙන්නාවූ ධර්මයක් දේශනා කෙරේය’යි කියයි නම් ශාරීපුත්‍රය, (ඒ පුද්ගලයා) ඒ වචනය දුරු නොකොට ඒ සිත වෙනස් නොකොට ඒ ගැන්ම දුරු නොකොට (සිටියහොත්) ඔසවා ගෙනෙන ලද බරක් බිම දමන්නේ යම්සේද එපරිද්දෙන්ම නරකයෙහි වැටෙන්නේය. ශාරීපුත්‍රය, ශීලයෙන් යුක්තවූ, සමාධියෙන් යුක්තවූ, ප්‍රඥාවෙන් යුක්තවූ මහණතෙම යම්සේ මේ ජාතියේදීම රහත් වන්නේද, මෙයත් එසේයයි කියමි. (ඒ පුද්ගලයා) ඒ වචනය දුරු නොකොට, ඒ සිත වෙනස් නොකොට ඒ ගැන්ම දුරු නොකොට (සිටියහොත්) ඔසවා ගෙනෙන ලද බරක් බිම දමන්නේ යම්සේද එපරිද්දෙන්ම නරකයෙහි වැටෙන්නේය.
155
‘‘අභිජානාමි ඛො පනාහං, සාරිපුත්ත, චතුරඞ්ගසමන්නාගතං බ්‍රහ්මචරියං චරිතා (චරිත්වා (ක.)) - තපස්සී සුදං හොමි පරමතපස්සී, ලූඛො සුදං (ලූඛස්සුදං (සී. පී.)) හොමි පරමලූඛො, ජෙගුච්ඡී සුදං හොමි පරමජෙගුච්ඡී, පවිවිත්තො සුදං (පවිවිත්තස්සුදං (සී. පී.)) හොමි පරමපවිවිත්තො . තත්‍රාස්සු මෙ ඉදං, සාරිපුත්ත, තපස්සිතාය හොති - අචෙලකො හොමි මුත්තාචාරො හත්ථාපලෙඛනො (හත්ථාවලෙඛනො (ස්‍යා.)), න එහිභද්දන්තිකො න තිට්ඨභද්දන්තිකො; නාභිහටං න උද්දිස්සකතං න නිමන්තනං සාදියාමි. සො න කුම්භිමුඛා පටිග්ගණ්හාමි, න කළොපිමුඛා පටිග්ගණ්හාමි, න එළකමන්තරං, න දණ්ඩමන්තරං, න මුසලමන්තරං, න ද්වින්නං භුඤ්ජමානානං, න ගබ්භිනියා, න පායමානාය (පායන්තියා (ක.)), න පුරිසන්තරගතාය, න සඞ්කිත්තීසු, න යත්ථ සා උපට්ඨිතො හොති, න යත්ථ මක්ඛිකා සණ්ඩසණ්ඩචාරිනී; න මච්ඡං න මංසං න සුරං න මෙරයං න ථුසොදකං පිවාමි; සො එකාගාරිකො වා හොමි එකාලොපිකො, ද්වාගාරිකො වා හොමි ද්වාලොපිකො...පෙ.... සත්තාගාරිකො වා හොමි සත්තාලොපිකො; එකිස්සාපි දත්තියා යාපෙමි, ද්වීහිපි දත්තීහි යාපෙමි...පෙ.... සත්තහිපි දත්තීහි යාපෙමි; එකාහිකම්පි ආහාරං ආහාරෙමි, ද්වීහිකම්පි ආහාරං ආහාරෙමි...පෙ.... සත්තාහිකම්පි ආහාරං ආහාරෙමි; ඉති එවරූපං අද්ධමාසිකම්පි පරියායභත්තභොජනානුයොගමනුයුත්තො විහරාමි.
‘‘සො සාකභක්ඛො වා හොමි, සාමාකභක්ඛො වා හොමි, නීවාරභක්ඛො වා හොමි, දද්දුලභක්ඛො වා හොමි, හටභක්ඛො වා හොමි, කණභක්ඛො වා හොමි, ආචාමභක්ඛො වා හොමි , පිඤ්ඤාකභක්ඛො වා හොමි, තිණභක්ඛො වා හොමි, ගොමයභක්ඛො වා හොමි, වනමූලඵලාහාරො යාපෙමි පවත්තඵලභොජී.
‘‘සො සාණානිපි ධාරෙමි, මසාණානිපි ධාරෙමි, ඡවදුස්සානිපි ධාරෙමි, පංසුකූලානිපි ධාරෙමි, තිරීටානිපි ධාරෙමි, අජිනම්පි ධාරෙමි, අජිනක්ඛිපම්පි ධාරෙමි, කුසචීරම්පි ධාරෙමි, වාකචීරම්පි ධාරෙමි, ඵලකචීරම්පි ධාරෙමි, කෙසකම්බලම්පි ධාරෙමි, වාළකම්බලම්පි ධාරෙමි, උලූකපක්ඛම්පි ධාරෙමි; කෙසමස්සුලොචකොපි හොමි කෙසමස්සුලොචනානුයොගමනුයුත්තො; උබ්භට්ඨකොපි හොමි ආසනපටික්ඛිත්තො; උක්කුටිකොපි හොමි උක්කුටිකප්පධානමනුයුත්තො; කණ්ටකාපස්සයිකොපි හොමි කණ්ටකාපස්සයෙ සෙය්‍යං කප්පෙමි (ඉමස්සානන්තරෙ අඤ්ඤොපි කොචි පාඨපදෙසො අඤ්ඤෙසු ආජීවකවතදීපකසුත්තෙසු දිස්සති); සායතතියකම්පි උදකොරොහනානුයොගමනුයුත්තො විහරාමි - ඉති එවරූපං අනෙකවිහිතං කායස්ස ආතාපනපරිතාපනානුයොගමනුයුත්තො විහරාමි. ඉදංසු මෙ, සාරිපුත්ත, තපස්සිතාය හොති.
155
“ශාරීපුත්‍රය, මම අඩ්ග සතරකින් යුක්තවූ වීර්යය කළ බව දනිමි. තපස් ඇත්තේ තපස් ඇත්තවුන් අතුරෙන් කෙළවරට ගිය තපස් ඇත්තේ වීමි. රළු පිළිපැදීම් ඇත්තේ රළු පිළිපැදීම් ඇත්තවුන් අතුරෙන් කෙළවරට ගිය රළු පිළිපැදීම් ඇත්තේ වීමි, පාපයට පිළිකුල් කරන්නේ පාපයට පිළිකුල් කරන්නවුන් අතුරෙන් කෙළවරට පැමිණියේ වීමි. උතුම් විවේක ඇත්තේ උතුම් විවේක ඇත්තවුන් අතරින් උසස්ම තැනට පැමිණියේ වීමි. ශාරීපුත්‍රය, මා රැක්ක ඒතපස් මෙසේය. හොඳ පැවතුම් නැති නිර්වස්ත්‍රයෙක් වෙමි. දිවෙන් අතලොවින්නේ නොහොත් මළපහකොට (දණ්ඩක්යයි හිතාගෙන) අතින් පිසින්නේ වෙමි. ආහාර දීම පිණිස එව වහන්සැයි කී කල්හි නොපිළිගන්නේ වෙමි. සිටුව වහන්සැයි කියා දුන්දෙය නොපිළිගනිමි. පෙරටුව ගෙණෙන ලද ආහාරය නොපිළිගනිමි. මා උදෙසා කරණ ලද්ද නොපිළිගනිමි. ආරාධනා කර දුන් බත නොඉවසමි. ඒ මම කළගෙඩි කටින් ගෙන දුන් දෙය නොපිළිගනිමි. සැලිකටින් ගෙණ දුන් දෙය නොපිළිගනිමි. එලිපත අතරකොට සිට දුන්දෙය නොපිළිගනිමි. දණ්ඩක් අතරකොට සිට දුන්දෙය නොපිළිගනිමි. මෝල්ගසක් අතරකොට සිට දුන්දෙය නොපිළිගනිමි. අනුභව කරන්නාවූ දෙදෙනෙකුගෙන් එකෙකු දුන්දෙය නොපිළිගනිමි. ගැබිනිය විසින් දුන්දෙය නොපිළිගනිමි. කිරි පොවන්නිය විසින් දුන්දෙය නොපිළිගනිමි. පුරුෂයෙකු වෙත ගිය තැනැත්තිය විසින් දුන්දෙය නොපිළිගනිමි. සම්මාදම් කළ දෙයින් කිසිවක් නොපිළිගනිමි. යම් තැනක බල්ලෙක් එළඹ සිටියේද (ඔහුට නොදී) එහිදී දුන් දෙය නොපිළිගනිමි. යම් තැනක මැස්සෝ කැටි කැටිව හැසිරෙත්ද එහිදී දුන් දෙය නොපිළිගනිමි. දියමස් අනුභව නොකරමි. ගොඩමස් අනුභව නොකරමි. සුරාව නොබොමි මේරය (මල්යුසින් කළ මත්පැන්) නොබොමි. කාඩිදිය නොබොමි.
ඒ මම පිඬුසිඟීමට එකම ගෙයක් ඇත්තේ හෝ වෙමි. එකම බත් පිඩකින් යැපෙන්නේ හෝ වෙමි. ගෙවල් දෙකක පිඬු සිඟන්නේ හෝ වෙමි. බත් පිඬු දෙකින් යැපෙන්නේ හෝ වෙමි. ගෙවල් සතක පිඬු සිඟන්නේ හෝ වෙමි. බත් පිඬු සතකින් යැපෙන්නේ හෝ වෙමි. එක් කුඩා බත් තැටියකින් යැපෙන්නේ හෝ වෙමි. බත් තැටි දෙකකින් යැපෙන්නෝ හෝ වෙමි. බත් තැටි සතකින් යැපෙන්නේ හෝ වෙමි. එක දවසකට වරක් හෝ ආහාර ගනිමි. දෙදිනකට වරක් හෝ ආහාර ගනිමි. සත්දිනකට වරක් හෝ ආහාර ගනිමි. මෙපරිද්දෙන් අඩමසකට වරක් ආහාර ගනිමින්ද වාර භොජනයෙහි යෙදී වාසය කරමි.
“ඒ මම අමුපලා කන්නේත් වෙමි. බඩහමු කන්නේත් වෙමි. ඌරුහැල් (වනයෙහි ඉබේට හැදෙන වී වර්ගයක්) කන්නේත් වෙමි. සම් කෑලි කන්නේත් වෙමි. මැලියම් කන්නේත් වෙමි. කුඩු අනුභව කරන්නේත් වෙමි. දන්කුඩ කන්නේත් වෙමි. තල් ආදී මුරුවට කන්නේත් වෙමි. ලා තණකොළ කන්නේත් වෙමි. වනමුල් ඵල ආහාර කොට ඇත්තේ ඉබේ වැටුණ ඵල අනුභව කරන්නේත් යැපෙමි. ඒ මම හන වැහැරිත් අඳිමි. මිශ්‍ර වස්ත්‍රත් අඳිමි. මිනියෙන් ඉවත් ළ වස්ත්‍රත් අඳිමි. පාංශුකුළ වස්ත්‍රත් අඳිමි. ගස්වල පතුරුත් අඳිමි. අඳුන්දිවි සම් ද දරමි. මැදින් පැලු අඳුන්දිවි සම්ද අඳිමි. කුසතණ වැහැරීද අඳිමි. නියඳ වැහැරිද අඳිමි. පට්ටාද අඳිමි. ඉසකේවලින් කළ කම්බිලිද දරමි. බකමුහුණු පිහාටුවලින් කළ වැහැරීද දරමි. ඉසකේ රැවුල් උගුල්ලන්නෙක් වෙමි. ඉසකේ රැවුල් ඉගිල්ලීමෙහි යෙදුනේ වෙමි. ආසනවල වාඩිනොවන්නේ උඩුකුරුව සිටියේ වෙමි. උඩුකුරුව සිටීමේ වීර්යයෙන් යුක්තවූයේ උඩුකුරුව සිටින්නේ වෙමි. කටු යහනෙහි හේත්තුවන්නේ වෙමි. කටු ඇතිරිලි මතුයෙහි සයනය කරමි. සවස තුන්වැනි කොට (දවසට තුන්වරක්) දියට බැසීමෙහි යෙදුනේ වාසය කරමි. මෙසේ නොයෙක් අන්දමින් ශරීරය තවන පෙළන තපස්කම්වල යෙදී වාසය කෙළෙමි. ශාරීපුත්‍රය, මාගේ තපස්කම් මෙසේ විය.
156
‘‘තත්‍රාස්සු මෙ ඉදං, සාරිපුත්ත, ලූඛස්මිං හොති - නෙකවස්සගණිකං රජොජල්ලං කායෙ සන්නිචිතං හොති පපටිකජාතං. සෙය්‍යථාපි, සාරිපුත්ත, තින්දුකඛාණු නෙකවස්සගණිකො සන්නිචිතො හොති පපටිකජාතො, එවමෙවාස්සු මෙ, සාරිපුත්ත, නෙකවස්සගණිකං රජොජල්ලං කායෙ සන්නිචිතං හොති පපටිකජාතං. තස්ස මය්හං, සාරිපුත්ත, න එවං හොති - ‘අහො වතාහං ඉමං රජොජල්ලං පාණිනා පරිමජ්ජෙය්‍යං, අඤ්ඤෙ වා පන මෙ ඉමං රජොජල්ලං පාණිනා පරිමජ්ජෙය්‍යු’න්ති. එවම්පි මෙ, සාරිපුත්ත , න හොති. ඉදංසු මෙ, සාරිපුත්ත, ලූඛස්මිං හොති.
‘‘තත්‍රාස්සු මෙ ඉදං, සාරිපුත්ත, ජෙගුච්ඡිස්මිං හොති - සො ඛො අහං, සාරිපුත්ත, සතොව අභික්කමාමි, සතොව පටික්කමාමි, යාව උදකබින්දුම්හිපි මෙ දයා පච්චුපට්ඨිතා හොති - ‘මාහං ඛුද්දකෙ පාණෙ විසමගතෙ සඞ්ඝාතං ආපාදෙසි’න්ති. ඉදංසු මෙ, සාරිපුත්ත, ජෙගුච්ඡිස්මිං හොති.
‘‘තත්‍රාස්සු මෙ ඉදං, සාරිපුත්ත, පවිවිත්තස්මිං හොති - සො ඛො අහං, සාරිපුත්ත, අඤ්ඤතරං අරඤ්ඤායතනං අජ්ඣොගාහෙත්වා විහරාමි. යදා පස්සාමි ගොපාලකං වා පසුපාලකං වා තිණහාරකං වා කට්ඨහාරකං වා වනකම්මිකං වා, වනෙන වනං ගහනෙන ගහනං නින්නෙන නින්නං ථලෙන ථලං සංපතාමි (පපතාමි (සී. ස්‍යා. පී.)). තං කිස්ස හෙතු? මා මං තෙ අද්දසංසු අහඤ්ච මා තෙ අද්දසන්ති. සෙය්‍යථාපි, සාරිපුත්ත, ආරඤ්ඤකො මගො මනුස්සෙ දිස්වා වනෙන වනං ගහනෙන ගහනං නින්නෙන නින්නං ථලෙන ථලං සංපතති, එවමෙව ඛො අහං, සාරිපුත්ත, යදා පස්සාමි ගොපාලකං වා පසුපාලකං වා තිණහාරකං වා කට්ඨහාරකං වා වනකම්මිකං වා වනෙන වනං ගහනෙන ගහනං නින්නෙන නින්නං ථලෙන ථලං සංපතාමි. තං කිස්ස හෙතු? මා මං තෙ අද්දසංසු අහඤ්ච මා තෙ අද්දසන්ති. ඉදංසු මෙ, සාරිපුත්ත, පවිවිත්තස්මිං හොති.
‘‘සො ඛො අහං, සාරිපුත්ත, යෙ තෙ ගොට්ඨා පට්ඨිතගාවො අපගතගොපාලකා, තත්ථ චතුක්කුණ්ඩිකො උපසඞ්කමිත්වා යානි තානි වච්ඡකානං තරුණකානං ධෙනුපකානං ගොමයානි තානි සුදං ආහාරෙමි. යාවකීවඤ්ච මෙ , සාරිපුත්ත, සකං මුත්තකරීසං අපරියාදින්නං හොති, සකංයෙව සුදං මුත්තකරීසං ආහාරෙමි. ඉදංසු මෙ, සාරිපුත්ත, මහාවිකටභොජනස්මිං හොති.
156
“ශාරීපුත්‍රය, මාගේ කටුක පැවතුම් මෙසේය. අවුරුදු ගණනක් මුළුල්ලේ බැඳුන දූවිලි ශරීරයෙහි රැස්වී පතුරු සෑදුනේ වෙයි. ශාරීපුත්‍රය, අවුරුදු ගණනක් මුළුල්ලේ පොතු එක්වූ තිඹිරිකණුවක් යම්සේ හටගත් පතුරු ඇත්තේ වේද ශාරීපුත්‍රය, එපරිද්දෙන්ම මාගේ ශාරීරයෙහි අවුරුදු ගණනක් මුළුල්ලේ බැඳුණු දූවිලි ශරීරයෙහි රැස්වී පතුරුසෑදුනේ වෙයි. ශාරීපුත්‍රය, ඒ මට මෙසේ කල්පනා නොවෙයි. මම මේ දූවිලි අතින් පිසදමන්නෙම් නම් අන්කෙනෙක් හෝ අතින් පිස දමන්නාහු නම් ඉතායෙහෙකැයි කියා නොසිතෙයි. ශාරීපුත්‍රය, මේ වනාහි මාගේ කටුක පැවැත්මයි.
“ශාරීපුත්‍රය, මාගේ පාපයට පිළිකුල් බව මෙසේ වෙයි. ශාරීපුත්‍රය, ඒ මම සිහි ඇතිවම ඉදිරියට යමි. සිහි ඇතිව පෙරළා එමි. මම නුසුදුසු තැනකට පැමිණීමෙන් කුඩා ප්‍රාණීන් විනාශයට පත් නොකරන්නෙමි කියා දියබින්දුවක්* කෙරෙහිද මාගේ දයාව පැතිර සිටියා වෙයි. ශාරීපුත්‍රය මෙය මාගේ පාපයෙහි පිළිකුල් බව වෙයි.
“ශාරීපුත්‍රය, මෙය මාගේ උසස් විවේක බව වේ. ශාරීපුත්‍රය, ඒ මම එක්තරා වනයකට වැද වෙසෙමි. යම් විටක ගොපල්ලෙකු හෝ අවශෙෂ සිවුපාවුන් රකින්නෙකු හෝ තණ ගෙනයන්නෙකු හෝ දර ගෙන යන්නෙකු හෝ වනයේ කටයුතු කරන්නෙකු හෝ දකිම්ද, (එවිට මම) සිටි වනයෙන් අන් වනයකටද ලැහැබින් ලැහැබටද බෑවුමෙන් බෑවුමටද ගොඩින් ගොඩටද පනිමි. ඊට හේතු කවරේද? ඔවුහු මා නොදකිත්වා, මමද ඔවුන් නොදකිම්වා කියා (සිතාගෙනය.) ශාරීපුත්‍රය, යම්සේ වනවැසි මුවෙක් මිනිසුන් දැක වනයෙන් වනයට ලැහැබින් ලැහැබට බෑවුමෙන් බෑවුමට ගොස් පනින්නේද එමෙන් මමද ගොපල්ලෙකු හෝ අවශෙෂ සිවුපාවුන් රකින්නෙකු හෝ තණ ගෙන යන්නෙකු හෝ දර ගෙනයන්නෙකු හෝ වනයේ කටයුතු කරන්නෙකු හෝ දකිම්ද, (එවිට මම) සිටි වනයෙන් අන් වනයකටද ලැහැබින් ලැහැබටද බෑවුමෙන් බෑවුමටද ගොඩින් ගොඩටද පනිමි. ඊට හේතු කවරේද? ඔහු මා නොදකිත්වා, මමද ඔවුන් නොදකිම්වා කියා (සිතාගෙනය) ශාරීපුත්‍රය, මෙය උසස් විවේක ඇති බව වෙයි.
“ශාරීපුත්‍රය, ඒ මම නික්මුණු ගවයන් ඇති ගොපළුන් නැති යම් ඒ ගාල් වෙත්ද එහි චතුගුණ්ඩිකව (දෙදණ දෙවැළ මිටි බිම තබා) දෙනුන් වෙතට කිරිබීමට පැමිණෙන්නාවූ බාලවූ වස්සන්ගේ යම් ඒ ගොම ඇත්ද ඒ ගොම අනුභව කරමි. ශාරීපුත්‍රය, මළමුත්‍රකොට අවසානවීමට පෙර තමාගේම මළ මුත්‍ර ගෙන අනුභව කරමි. ශාරීපුත්‍රය, මෙය මාගේ විශේෂ මහත් භෝජනය වෙයි.
* ඒ තාපසයෝ වතුර බිංදු ගල්කැට ආදියත් කුඩා ප්‍රාණීන් මෙන් සලකති.
157
‘‘සො ඛො අහං, සාරිපුත්ත, අඤ්ඤතරං භිංසනකං වනසණ්ඩං අජ්ඣොගාහෙත්වා විහරාමි. තත්‍රාස්සුදං, සාරිපුත්ත, භිංසනකස්ස වනසණ්ඩස්ස භිංසනකතස්මිං හොති - යො කොචි අවීතරාගො තං වනසණ්ඩං පවිසති, යෙභුය්‍යෙන ලොමානි හංසන්ති. සො ඛො අහං, සාරිපුත්ත, යා තා රත්තියො සීතා හෙමන්තිකා අන්තරට්ඨකා හිමපාතසමයා (අන්තරට්ඨකෙ හිමපාතසමයෙ (සී. පී.)) තථාරූපාසු රත්තීසු රත්තිං අබ්භොකාසෙ විහරාමි, දිවා වනසණ්ඩෙ; ගිම්හානං පච්ඡිමෙ මාසෙ දිවා අබ්භොකාසෙ විහරාමි, රත්තිං වනසණ්ඩෙ. අපිස්සු මං, සාරිපුත්ත, අයං අනච්ඡරියගාථා පටිභාසි පුබ්බෙ අස්සුතපුබ්බා -
‘‘සොතත්තො සොසින්නො (සොසීනො (සී. පී. ක.), සොසිනො (ස්‍යා.), සොසින්දො (සද්දනීති)) චෙව, එකො භිංසනකෙ වනෙ;
නග්ගො න චග්ගිමාසීනො, එසනාපසුතො මුනී’’ති.
‘‘සො ඛො අහං, සාරිපුත්ත, සුසානෙ සෙය්‍යං කප්පෙමි ඡවට්ඨිකානි උපධාය. අපිස්සු මං, සාරිපුත්ත, ගාමණ්ඩලා (ගොමණ්ඩලා (බහූසු) චරියාපිටකඅට්ඨකථා ඔලොකෙතබ්බා) උපසඞ්කමිත්වා ඔට්ඨුභන්තිපි, ඔමුත්තෙන්තිපි, පංසුකෙනපි ඔකිරන්ති, කණ්ණසොතෙසුපි සලාකං පවෙසෙන්ති. න ඛො පනාහං, සාරිපුත්ත, අභිජානාමි තෙසු පාපකං චිත්තං උප්පාදෙතා. ඉදංසු මෙ, සාරිපුත්ත, උපෙක්ඛාවිහාරස්මිං හොති.
157
“ශාරීපුත්‍රය, ඒ මම කිසියම් භයානකවූ වන ලැහැබකට පිවිස වෙසෙමි. ශාරීපුත්‍රය, ඒ භයානක වන ලැහැබෙහි භයානක කම මෙසේය. යම්කිසි වීතරාගී නොවූවෙක් (රාග සහිත කෙනෙක්) ඒ වන ලැහැබට ගියහොත් බොහෝසෙයින් ලොමු ඩැහගනිත්. ශාරීපුත්‍රය, ඒ මම පිනි වැටෙන කාලයවූ නවන් මැදින් දෙමස අතර අටදවසෙහිවූ හිම ඍතුවේ ශීතල අධිකවූ යම් ඒ රාත්‍රීහු වෙත්ද, එබඳු රාත්‍රීන්හි එළිමහනේ වාසය කරමි. දවල් වන ලැහැබෙහි වාසය කරමි. ග්‍රීෂ්ම ඍතුවේ අන්තිම මාසයෙහි දවල් එළිමහනේ වාසය කරමි. රාත්‍රියෙහි වන ලැහැබෙහි වාසය කරමි. ශාරීපුත්‍රය, මට පෙර නොඇසූ මේ ආශ්චර්යවූ ගාථාව වැටහිණ,
“ශුද්ධිය සෙවීමෙහි යෙදුනු ඒ මම උෂ්ණයෙන් අතිශයින් තැවුනේ සිහිලක් නොසෙවීමි. අතිශයින් සීතලවූ භයානක වනයෙහි තනියම නග්නව වාසය කරමිනුත් ගින්න වෙත නොගියෙමි.”
“ශාරීපුත්‍රය, ඒ මම සොහොනෙහි මිනී ඇට කොට්ට වශයෙන් තබා ශයනය කරමි. ශාරීපුත්‍රය, ගවපාලක දරුවෝ මා වෙත පැමිණ (ඇඟට) කැසි කාරා දමත්, මුත්‍රද කරත්. පස්ද වීසිකරත්, කන්සිදුරුවල ඉරටුගසත්, ශාරීපුත්‍රය, මම වනාහි ඔවුන් කෙරෙහි පවිටු සිතක් ඉපදවූ බවත් නොදනිමි. ශාරීපුත්‍රය, මෙය මාගේ උපෙක්ෂා විහරණයයි.
158
‘‘සන්ති ඛො පන, සාරිපුත්ත, එකෙ සමණබ්‍රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘ආහාරෙන සුද්ධී’ති. තෙ එවමාහංසු - ‘කොලෙහි යාපෙමා’ති. තෙ කොලම්පි ඛාදන්ති, කොලචුණ්ණම්පි ඛාදන්ති, කොලොදකම්පි පිවන්ති - අනෙකවිහිතම්පි කොලවිකතිං පරිභුඤ්ජන්ති. අභිජානාමි ඛො පනාහං, සාරිපුත්ත, එකංයෙව කොලං ආහාරං ආහාරිතා. සියා ඛො පන තෙ, සාරිපුත්ත, එවමස්ස - ‘මහා නූන තෙන සමයෙන කොලො අහොසී’ති. න ඛො පනෙතං, සාරිපුත්ත, එවං දට්ඨබ්බං. තදාපි එතපරමොයෙව කොලො අහොසි සෙය්‍යථාපි එතරහි. තස්ස මය්හං, සාරිපුත්ත, එකංයෙව කොලං ආහාරං ආහාරයතො අධිමත්තකසිමානං පත්තො කායො හොති. සෙය්‍යථාපි නාම ආසීතිකපබ්බානි වා කාළපබ්බානි වා, එවමෙවස්සු මෙ අඞ්ගපච්චඞ්ගානි භවන්ති තායෙවප්පාහාරතාය. සෙය්‍යථාපි නාම ඔට්ඨපදං, එවමෙවස්සු මෙ ආනිසදං හොති තායෙවප්පාහාරතාය. සෙය්‍යථාපි නාම වට්ටනාවළී, එවමෙවස්සු මෙ පිට්ඨිකණ්ටකො උන්නතාවනතො හොති තායෙවප්පාහාරතාය. සෙය්‍යථාපි නාම ජරසාලාය ගොපානසියො ඔලුග්ගවිලුග්ගා භවන්ති, එවමෙවස්සු මෙ ඵාසුළියො ඔලුග්ගවිලුග්ගා භවන්ති තායෙවප්පාහාරතාය. සෙය්‍යථාපි නාම ගම්භීරෙ උදපානෙ උදකතාරකා ගම්භීරගතා ඔක්ඛායිකා දිස්සන්ති, එවමෙවස්සු මෙ අක්ඛිකූපෙසු අක්ඛිතාරකා ගම්භීරගතා ඔක්ඛායිකා දිස්සන්ති තායෙවප්පාහාරතාය. සෙය්‍යථාපි නාම තිත්තකාලාබුආමකච්ඡින්නො වාතාතපෙන සංඵුටිතො (සම්ඵුසිතො (ස්‍යා.), සංපුටිතො (පී. ක.) එත්ථ සංඵුටිතොති සඞ්කුචිතොති අත්ථො) හොති සම්මිලාතො, එවමෙවස්සු මෙ සීසච්ඡවි සංඵුටිතා හොති සම්මිලාතා තායෙවප්පාහාරතාය. සො ඛො අහං, සාරිපුත්ත, ‘උදරච්ඡවිං පරිමසිස්සාමී’ති පිට්ඨිකණ්ටකංයෙව පරිග්ගණ්හාමි, ‘පිට්ඨිකණ්ටකං පරිමසිස්සාමී’ති උදරච්ඡවිංයෙව පරිග්ගණ්හාමි, යාවස්සු මෙ, සාරිපුත්ත, උදරච්ඡවි පිට්ඨිකණ්ටකං අල්ලීනා හොති තායෙවප්පාහාරතාය. සො ඛො අහං, සාරිපුත්ත, ‘වච්චං වා මුත්තං වා කරිස්සාමී’ති තත්ථෙව අවකුජ්ජො පපතාමි තායෙවප්පාහාරතාය. සො ඛො අහං, සාරිපුත්ත, තමෙව කායං අස්සාසෙන්තො පාණිනා ගත්තානි අනොමජ්ජාමි. තස්ස මය්හං, සාරිපුත්ත, පාණිනා ගත්තානි අනොමජ්ජතො පූතිමූලානි ලොමානි කායස්මා පතන්ති තායෙවප්පාහාරතාය.
158
“ශාරීපුත්‍රය, ආහාරය කරණකොටගෙණ ශුද්ධියවේයයි කියන්නාවූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහුමය. ඔව්හු (අපි) ඩෙබරවලින් යැපෙමුයයි කියති. ඔව්හු ඩෙබරද කත්, ඩෙබර කූඩුද කත්, ඩෙබර මිරිකා ගත් දියද බොත්. ඩෙබරවලින් කළ නානාප්‍රකාරවූ ආහාරද අනුභව කරත්. ශාරීපුත්‍රය, මම වනාහි එකම ඩෙබර ඵලයක් ආහාර කොට ගත් බව දනිමි. ශාරීපුත්‍රය, ඒ කාලයේ ඩෙබර ගෙඩි බොහෝ ලොකුවට තිබෙන්නට ඇතැයි තොපට කල්පනා වෙනවාද, ශාරීපුත්‍රය, එසේ නොසිතිය යුතුය. එකල්හිද ඩෙබර ගෙඩිය අද තරම්ම විය.
“ශාරීපුත්‍රය, එකම ඩෙබර ඵලය ආහාරකොට ගන්නාවූ ඒ මාගේ ශරීරය අතිශයින් කෙට්ටු බවට පැමිණියේ වෙයි. ඒ ස්වල්ප ආහාරය ඇති බව නිසාම මගේ ශරීර අවයව අසූ අවුරුදු ගිය වැල් පුරුක් හෝ කලුවැල් පුරුක් හෝ යම්සේද එපරිද්දෙන්ම විය. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මාගේ නිසීදන මාංශය (තට්ටම) ඔටුවෙකුගේ කුරයක් යම්සේද එසේ විය. රැහැණින් අමුණනලද ලීවැටිය යම්සේද එපරිද්දෙන්ම ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මාගේ කොඳු ඇටය උඩට යටට නැමුනේ වෙයි. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මාගේ ඉළඇට දිරූ ශාලාවක පරාල යම්සේ උඩු යටිව කැඩී නැමුනාහු වෙත්ද එපරිද්දෙන්ම උඩු යටිව නැමී වැටුණාහු වෙත්. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මගේ ඇස්වල කළු ඉංගිරියා ගැඹුරු ලිඳක තාරකා ඡායා ගැඹුරට ගියාහු ඇතුළට කාවැදී දක්නාලැබෙත්ද එපරිද්දෙන්ම ගැඹුරට ගියාහු ඇතුළට පිවිසියාහු දක්නා ලැබෙත්. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මගේ ඉසේ හම අමුවෙන් කැපූ තිත්ත ලබු ගෙඩියක් අව්වෙන් හා සුළඟින් ඇකිළී මලානිකවී යන්නේ යම්සේද එපරිද්දෙන්ම ඇකිළී මලානික වූයේ වෙයි.
“ශාරීපුත්‍රය, ඒ මම බඩ අතගාන්නෙමියි පිටකොන්දම අතගාමි. පිටකොන්ද අතගාන්නෙමියි බඩම අතගාමි. (කවර හෙයින්ද?) ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මගේ බඬේ සම පිටකොන්දට ඇලී පැවති හෙයිනි.
“ශාරීපුත්‍රය, මම මළ හෝ මුත්‍ර හෝ පහ කරන්නෙමියි (වාඩිවූ කල) එහිම යටිකුරුව ඇදවැටෙමි. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාමය ශාරීපුත්‍රය, ඒ මම ඒ ශරීරය අස්වසන්නේ අතින් ශරීරාවයව පිරිමදිමි ශාරීපුත්‍රය, අතින් අවයව පිරිමදින්නාවූ ඒ මාගේ ශරීරයෙන් මුල් කුණුවූ ලොම් වැටෙත්. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාමය.
159
‘‘සන්ති ඛො පන, සාරිපුත්ත, එකෙ සමණබ්‍රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘ආහාරෙන සුද්ධී’ති. තෙ එවමාහංසු - ‘මුග්ගෙහි යාපෙම...පෙ.... තිලෙහි යාපෙම...පෙ.... තණ්ඩුලෙහි යාපෙමා’ති. තෙ තණ්ඩුලම්පි ඛාදන්ති, තණ්ඩුලචුණ්ණම්පි ඛාදන්ති, තණ්ඩුලොදකම්පි පිවන්ති - අනෙකවිහිතම්පි තණ්ඩුලවිකතිං පරිභුඤ්ජන්ති. අභිජානාමි ඛො පනාහං, සාරිපුත්ත, එකංයෙව තණ්ඩුලං ආහාරං ආහාරිතා. සියා ඛො පන තෙ, සාරිපුත්ත, එවමස්ස - ‘මහා නූන තෙන සමයෙන තණ්ඩුලො අහොසී’ති. න ඛො පනෙතං, සාරිපුත්ත, එවං දට්ඨබ්බං. තදාපි එතපරමොයෙව තණ්ඩුලො අහොසි , සෙය්‍යථාපි එතරහි. තස්ස මය්හං, සාරිපුත්ත, එකංයෙව තණ්ඩුලං ආහාරං ආහාරයතො අධිමත්තකසිමානං පත්තො කායො හොති. සෙය්‍යථාපි නාම ආසීතිකපබ්බානි වා කාළපබ්බානි වා, එවමෙවස්සු මෙ අඞ්ගපච්චඞ්ගානි භවන්ති තායෙවප්පාහාරතාය. සෙය්‍යථාපි නාම ඔට්ඨපදං, එවමෙවස්සු මෙ ආනිසදං හොති තායෙවප්පාහාරතාය. සෙය්‍යථාපි නාම වට්ටනාවළී, එවමෙවස්සු මෙ පිට්ඨිකණ්ටකො උන්නතාවනතො හොති තායෙවප්පාහාරතාය. සෙය්‍යථාපි නාම ජරසාලාය ගොපානසියො ඔලුග්ගවිලුග්ගා භවන්ති, එවමෙවස්සු මෙ ඵාසුළියො ඔලුග්ගවිලුග්ගා භවන්ති තායෙවප්පාහාරතාය. සෙය්‍යථාපි නාම ගම්භීරෙ උදපානෙ උදකතාරකා ගම්භීරගතා ඔක්ඛායිකා දිස්සන්ති, එවමෙවස්සු මෙ අක්ඛිකූපෙසු අක්ඛිතාරකා ගම්භීරගතා ඔක්ඛායිකා දිස්සන්ති තායෙවප්පාහාරතාය. සෙය්‍යථාපි නාම තිත්තකාලාබු ආමකච්ඡින්නො වාතාතපෙන සංඵුටිතො හොති සම්මිලාතො, එවමෙවස්සු මෙ සීසච්ඡවි සංඵුටිතා හොති සම්මිලාතා තායෙවප්පාහාරතාය. සො ඛො අහං, සාරිපුත්ත, ‘උදරච්ඡවිං පරිමසිස්සාමී’ති පිට්ඨිකණ්ටකංයෙව පරිග්ගණ්හාමි, ‘පිට්ඨිකණ්ටකං පරිමසිස්සාමී’ති උදරච්ඡවිංයෙව පරිග්ගණ්හාමි. යාවස්සු මෙ, සාරිපුත්ත, උදරච්ඡවි පිට්ඨිකණ්ටකං අල්ලීනා හොති තායෙවප්පාහාරතාය. සො ඛො අහං, සාරිපුත්ත, ‘වච්චං වා මුත්තං වා කරිස්සාමී’ති තත්ථෙව අවකුජ්ජො පපතාමි තායෙවප්පාහාරතාය. සො ඛො අහං, සාරිපුත්ත, තමෙව කායං අස්සාසෙන්තො පාණිනා ගත්තානි අනොමජ්ජාමි. තස්ස මය්හං, සාරිපුත්ත, පාණිනා ගත්තානි අනොමජ්ජතො පූතිමූලානි ලොමානි කායස්මා පතන්ති තායෙවප්පාහාරතාය.
‘‘තායපි ඛො අහං, සාරිපුත්ත, ඉරියාය තාය පටිපදාය තාය දුක්කරකාරිකාය නාජ්ඣගමං උත්තරිං මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං. තං කිස්ස හෙතු? ඉමිස්සායෙව අරියාය පඤ්ඤාය අනධිගමා, යායං අරියා පඤ්ඤා අධිගතා අරියා නිය්‍යානිකා, නිය්‍යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයාය.
159
“ශාරීපුත්‍රය, ආහාරය කරණකොට ගෙන ශුද්ධිය වේයයි කියන්නාවූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහුය. ඔවුහු අපි මුං ඇටවලින් යැපෙමුයයි කියති. ඔව්හු මුං ඇටද කත් මුං ඇට කුඩුද කත්. මුං ඇට තම්බාගත් දියද බොත්. මුං ඇටවලින් කළ නානාප්‍රකාරවූ ආහාර අනුභව කරත්. ශාරීපුත්‍රය, මම වනාහි එකම මුං ඇටයක් ආහාරකොට ගත් බව දනිමි. ශාරීපුත්‍රය, ඒ කාලයේ මුං ඇට මහත්ව තිබෙන්නට ඇතැයි තොපට කල්පනා වෙනවාද, ශාරීපුත්‍රය, එසේ නොසිතිය යුතුය, එකල්හිදු මුං ඇට අද තරම්ම විය.
“ශාරීපුත්‍රය, එකම මුං ඇටයක් ආහාර කොට ගන්නාවූ ඒ මාගේ ශරීරය අතිශයින් කෙට්ටු බවට පැමිණියේ වෙයි. ඒ ස්වල්ප ආහාරය ඇති බව නිසාම මගේ ශරීර අවයව අසූ අවුරුදු ගිය වැල් පුරුක් හෝ කලුවැල් පුරුක් හෝ යම්සේද එපරිද්දෙන්ම විය. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මාගේ නිසීදන මාංශය (තට්ටම) ඔටුවෙකුගේ කුරයක් යම්සේද එසේ විය. ලණුවෙන් අමුණන ලද ලී වැටිය යම්සේද එපරිද්දෙන්ම ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මාගේ කොඳු ඇටය උඩට යටට නැමුනේ වෙයි. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මාගේ ඉළඇට දිරූ ශාලාවක පරාල යම්සේ උඩුයටිව කැඩී නැමුනාහු වෙත්ද එපරිද්දෙන් උඩුයටිව නැමී වැටුණාහු වෙත්. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මගේ ඇස්වළ කළු ඉංගිරියා ගැඹුරු ලිඳක තාරකා ඡායා ගැඹුරට ගියාහු ඇතුළට කාවැදී දක්නා ලැබෙත්ද එපරිද්දෙන්ම ගැඹුරට ගියාහු ඇතුළට පිවිසියාහු දක්නා ලැබෙත්. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මගේ ඉසේ හම අමුවෙන් කැපූ තිත්ත ලබු ගෙඩියක් අව්වෙන් හා සුළඟින් ඇකිළී මලානිකවී යන්නේ යම්සේද එපරිද්දෙන්ම ඇකිළී මලානික වූයේ වෙයි.
“ශාරීපුත්‍රය, ඒ මම බඩ අතගාන්නෙමියි පිටිකොන්දම අතගායි. පිටිකොන්ද අතගාන්නෙමියි. බඩම අතගාමි. (කවර හෙයින්ද?) ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මගේ බඬේ සම පිටකොන්දට ඇලී පැවති හෙයිනි.
“ශාරීපුත්‍රය, මම මළ හෝ මුත්‍ර හෝ පහ කරන්නෙමියි (වාඩිවූකල) එහිම යටිකුරුව ඇදවැටෙමි. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාමය. ශාරීපුත්‍රය, ඒ මම ඒ ශරීරය අස්වසන්නේ අතින් ශරීරාවයව පිරිමදිමි. ශාරීපුත්‍රය, අතින් අවයව පිරිමදින්නාවූ ඒ මාගේ ශරීරයෙන් මුල්කුණුවූ ලොම් වැටෙත්. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාමය.
“ශාරීපුත්‍රය, ආහාරය කරණකොට ගෙන ශුද්ධිය වේයයි කියන්නාවූ ඇතැම් මහණබමුණෝ ඇත්තාහුය. ඔවුහු අපි තලවලින් යැපෙමුයයි කියති. ඔවුහු තලද කත්. තල කුඩුද කත්. තල මිරිකා ගත් දියද බොත්. තලවලින් කළ ආහාරද අනුභව කරත්. ශාරීපුත්‍රය, මම වනාහි එකම තල ඇටයක් ආහාර කොට ගත් බව දනිමි. ශාරීපුත්‍රය, ඒ කාලයේ තල ඇට බොහෝ ලොකුවට තිබෙන්නට ඇතැයි තොපට කල්පනා වෙනවාද, ශාරීපුත්‍රය, එසේ නොසිතිය යුතුය. එකල්හිදු තල ඇට අද තරම්මය.
“ශාරීපුත්‍රය, එකම තල ඇටය ආහාර කොට ගන්නාවූ ඒ මාගේ ශරීරය අතිශයින් කෙට්ටු වූයේ වෙයි. ඒ ස්වල්ප ආහාරය ඇති බව නිසාම මගේ ශරීර අවයව අසූ අවුරුදු ගිය වැල් පුරුක් හෝ කලුවැල් පුරුක් හෝ යම්සේද එපරිද්දෙන්ම විය. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මාගේ නිසීදන මාංශය (තට්ටම) ඔටුවකුගේ කුරයක් යම්සේද එසේ විය. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මාගේ කොඳුඇටය ලණුවකින් අමුණනලද ලී වැටිය යම්සේද එපරිද්දෙන්ම උඩට යටට නැමුනේ වෙයි. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මාගේ ඉළ ඇට දිරාගිය ශාලාවක පරාල යම්සේ උඩුයටිව කැඩී නැමුනාහු වෙත් ද එපරිද්දෙන් උඩුයටිව නැමී වැටුණාහු වෙත්. ඒ ස්වල්ප ආහාර ඇතිබව නිසාම මගේ ඇස්වල කළු ඉංගිරියා ගැඹුරු ලිඳක තාරකා ඡායාව ගැඹුරට ගියාහු ඇතුළට කාවැදී දක්නා ලැබෙත්ද එපරිද්දෙන්ම ගැඹුරට ගියාහු ඇතුළට පිවිසියාහු දක්නා ලැබෙත්. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මගේ ඉසේ හම අමුවෙන් කැපූ තිත්ත ලබුගෙඩියක් අව්වෙන් හා සුළඟින් ඇකිළී මලානිකවී යන්නේ යම්සේද එපරිද්දෙන්ම ඇකිළී මළානික වූයේ වෙයි.
“ශාරීපුත්‍රය, ඒ මම බඩ අතගාන්නෙමියි පිටිකොන්දම අතගාමි. පිටිකොන්ද අතගාන්නෙමියි. බඩම අතගාමි. (කවර හෙයින්ද?) ඒ ස්වල්ප ආහාර ඇතිබව නිසාම මගේ බඬේ සම පිටි කොන්දට ඇලී පැවතී හෙයිනි.
“ශාරීපුත්‍රය, මම මළ හෝ මුත්‍ර හෝ පහකරන්නෙමියි (වාඩිවූ කල) එහිම යටිකුරුව ඇදවැටෙමි. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාමය. ශාරීපුත්‍රය, මම ඒ ශරීරය අස්වසන්නේ අතින් ශරීරාවයව පිරිමදිමි. ශාරීපුත්‍රය, අතින් අවයව පිරිමදින්නාවූ ඒ මාගේ ශරීරයෙන් මුල් කුණුවූ ලොම් වැටෙත් ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාමය.
“ශාරීපුත්‍රය, ආහාරය කරණකොට ගෙන ශුද්ධිය වේයයි කියන්නාවූ ඇතැම් මහණබමුණෝ ඇත්තාහුය. ඔවුහු අපි සහල්වලින් යැපෙමුයයි කියති. ඔවුහු බත්ද කත් සහල් සුණුද කත්, සහල් මිරිකා ගත් දියද බොත්. සහල්වලින් කළ නානාප්‍රකාරවූ ආහාරද අනුභව කරත්. ශාරීපුත්‍රය මම වනාහි එකම සහල් ඇටයක් ආහාර කොට ගත් බව දනිමි. ශාරීපුත්‍රය, ඒ කාලයේ සහල් ඇට බොහෝ ලොකුවට තිබෙන්නට ඇතැයි තොපට කල්පනා වෙනවාද, ශාරීපුත්‍රය, එසේ නොසිතිය යුතුය. එකල්හිදු සහල් ඇටය අද තරම්ම විය.
“ශාරීපුත්‍රය, එකම සහල් ඇටයක් ආහාරකොට ගන්නාවූ ඒ මාගේ ශරීරය අතිශයින් කෙට්ටු වූයේ වෙයි. ඒ ස්වල්ප ආහාරය ඇති බව නිසාම මගේ ශරීර අවයව අසූ අවුරුදු ගිය වැල්පුරුක් හෝ කලු වැල්පුරුක් හෝ යම්සේද එපරිද්දෙන්ම විය ඒ ස්වල්ප ආහාර ඇතිබව නිසාම මාගේ නිසීදන මාංශය (තට්ටම) ඔටු කුරයක් යම්සේද එසේ විය. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මගේ කොඳුඇටය ලණුවකින් අමුණන ලද ලීවැටියක් සේ උඩට යටට නැමුනේ වෙයි. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මාගේ ඉළඇට දිරාගිය ශාලාවක පරාල යම්සේ උඩුයටිව කැඩී නැමුනාහු වෙත්ද එපරිද්දෙන් උඩු යටිව නැමී වැටුණාහු වෙත්. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මගේ ඇස්වල කළු ඉංගිරියා ගැඹුරු ලිඳක තාරකා ඡායා ගැඹුරට ගියාහු ඇතුළට කාවැදී දක්නා ලැබෙත්ද එපරිද්දෙන්ම ගැඹුරට ගියාහු ඇතුළට පිවිසියාහු දක්නා ලැබෙත්. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මගේ ඉසේ හම අමුවෙන් කැපූ තිත්ත ලබු ගෙඩියක් අව්වෙන් හා සුළඟින් ඇකිළී මලානිකවී යන්නේ යම්සේද එපරිද්දෙන්ම ඇකිළී මලානික වූයේ වෙයි.
“ශාරීපුත්‍රය, ඒ මම බඩ අතගාන්නෙමියි පිටිකොන්දම අතගාමි. පිටිකොන්ද අතගාන්නෙමියි බඩම අතගාමි. (කවර හෙයින්ද?) ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මගේ බඬේ සම පිටකොන්දට ඇලී පැවති හෙයිනි.
“ශාරීපුත්‍රය, මම මළ හෝ මුත්‍ර හෝ පහ කරන්නෙමියි (වාඩිවූවිට) එහිම යටිකුරුව ඇදවැටෙමි. ඒ ස්වල්ප ආහාර ඇතිබව නිසාමය. ශාරීපුත්‍රය, ඒ මම ඒ ශරීරය අස්වසන්නේ අතින් ශරීරාවයව අතගාමි. ශාරීපුත්‍රය, අතින් අවයව පිරිමදින්නාවූ ඒ මාගේ ශරීරයෙන් මුල් කුණුවූ ලොම් වැටෙත්. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාමය.
“ශාරීපුත්‍රය, මම ඒ පැවතුම්වලින්ද ඒ දුෂ්කරක්‍රියාවලින්ද මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්යභාවයක් ඇතිකිරීමට සමර්ථ විශේෂ නුවණක් නොලැබීමි. කවර හෙයින්ද යත්? දැන් මා විසින් ආර්යවූ නිවනට පමුණුවන්නාවූ, ඊට අනුව පිළිපදින්නාහුගේ දුක් කෙළවර කරන්නාවූ යම් ප්‍රඥාවක් අවබෝධ කරන ලද්දේ වේද ඒ ප්‍රඥාව අවබෝධ නොකළ බැවිනි.
160
‘‘සන්ති ඛො පන, සාරිපුත්ත, එකෙ සමණබ්‍රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘සංසාරෙන සුද්ධී’ති. න ඛො පන සො (න ඛො පනෙසො (සී. ස්‍යා.)), සාරිපුත්ත, සංසාරො සුලභරූපො යො මයා අසංසරිතපුබ්බො ඉමිනා දීඝෙන අද්ධුනා, අඤ්ඤත්‍ර සුද්ධාවාසෙහි දෙවෙහි. සුද්ධාවාසෙ චාහං, සාරිපුත්ත, දෙවෙ සංසරෙය්‍යං, නයිමං ලොකං පුනරාගච්ඡෙය්‍යං.
‘‘සන්ති ඛො පන, සාරිපුත්ත, එකෙ සමණබ්‍රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘උපපත්තියා සුද්ධී’ති. න ඛො පන සා, සාරිපුත්ත , උපපත්ති සුලභරූපා යා මයා අනුපපන්නපුබ්බා ඉමිනා දීඝෙන අද්ධුනා, අඤ්ඤත්‍ර සුද්ධාවාසෙහි දෙවෙහි. සුද්ධාවාසෙ චාහං, සාරිපුත්ත, දෙවෙ උපපජ්ජෙය්‍යං, නයිමං ලොකං පුනරාගච්ඡෙය්‍යං.
‘‘සන්ති ඛො පන, සාරිපුත්ත, එකෙ සමණබ්‍රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘ආවාසෙන සුද්ධී’ති. න ඛො පන සො, සාරිපුත්ත, ආවාසො සුලභරූපො යො මයා අනාවුට්ඨපුබ්බො (අනාවුත්ථපුබ්බො (සී. පී.)) ඉමිනා දීඝෙන අද්ධුනා, අඤ්ඤත්‍ර සුද්ධාවාසෙහි දෙවෙහි. සුද්ධාවාසෙ චාහං, සාරිපුත්ත, දෙවෙ ආවසෙය්‍යං, නයිමං ලොකං පුනරාගච්ඡෙය්‍යං.
‘‘සන්ති ඛො පන, සාරිපුත්ත, එකෙ සමණබ්‍රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘යඤ්ඤෙන සුද්ධී’ති. න ඛො පන සො, සාරිපුත්ත, යඤ්ඤො සුලභරූපො යො මයා අයිට්ඨපුබ්බො ඉමිනා දීඝෙන අද්ධුනා, තඤ්ච ඛො රඤ්ඤා වා සතා ඛත්තියෙන මුද්ධාවසිත්තෙන බ්‍රාහ්මණෙන වා මහාසාලෙන.
‘‘සන්ති ඛො පන, සාරිපුත්ත, එකෙ සමණබ්‍රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘අග්ගිපරිචරියාය සුද්ධී’ති. න ඛො පන සො, සාරිපුත්ත, අග්ගි සුලභරූපො යො මයා අපරිචිණ්ණපුබ්බො ඉමිනා දීඝෙන අද්ධුනා, තඤ්ච ඛො රඤ්ඤා වා සතා ඛත්තියෙන මුද්ධාවසිත්තෙන බ්‍රාහ්මණෙන වා මහාසාලෙන.
160
“ශාරීපුත්‍රය සසර සැරිසරීමෙන් ශුද්ධිය වේයයි කියන්නාවූ ඒ ලබ්ධිය ඇති ඇතැම් මහණ බමුණෝ ඇත්තාහුමය. ශාරීපුත්‍රය, මේ දීර්ඝකාලයෙහි සුද්ධාවාස දෙව්ලොව හැර මා විසින් නොවසන ලද සංසාරයක් නැත. ශාරීපුත්‍රය, මම ශුද්ධාවාස දෙව්ලොව හැසුරුනෙම් නම් මේ ලෝකයට නැවත නොඑන්නෙමි.
“ශාරීපුත්‍රය, බොහෝකොට ඉපදීමෙන් ශුද්ධිය වේයයි කියන්නාවූ ඒ ලබ්ධිය ඇති ඇතැම් මහණ බමුණෝ ඇත්තාහුමය. ශාරීපුත්‍රය, මේ දීර්ඝ කාලයෙහි ශුද්ධාවාස දෙව්ලොව හැර මා නූපන් උත්පත්තියක් නැත. ශාරීපුත්‍රය, ශුද්ධාවාස දෙව්ලොව ඉපදුනේ නම් මේ ලෝකයට නැවත නොඑන්නෙමි.
“ශාරීපුත්‍රය, බොහෝ කොට විසීමෙන් ශුද්ධිය වේයයි කියන්නාවූ ඒ ලබ්ධිය ඇති ඇතැම් මහණ බමුණෝ ඇත්තාහුමය. ශාරීපුත්‍රය මේ දීර්ඝකාලයෙහි ශුද්ධාවාස දෙවියන් හැර මා නොවිසූ සත්ත්වාවාසයක් නැත. ශාරීපුත්‍රය, මම ශුද්ධාවාස දෙව්ලොව විසූයෙම් නම් මේ ලෝකයට නැවත නොඑන්නෙමි. ශාරීපුත්‍රය බොහෝ යාග කිරීමෙන් ශුද්ධිය වේයයි කියන්නාවූ ඒ ලබ්ධිය ඇති ඇතැම් මහණ බමුණෝ ඇත්තාහුමය මේ දීර්ඝකාලයෙහි මා විසින් නොකරණ ලද යාගයත් සුලභ නොවේ. ඒ යාග කිරීමද අභිෂෙක කරණ ලද ක්ෂත්‍රිය රජවූ හෝ මහාසාර කුලවල බ්‍රාහ්මණවූ හෝ මා විසින් කරන ලදී.
“ශාරීපුත්‍රය, බොහෝකොට ගිනිදෙවියන් පිදීමෙන් ශුද්ධිය වේයයි කියන්නාවූ ඒ ලබ්ධිය ඇති ඇතැම් මහණ බමුණෝ ඇත්තාහුමය. මා විසින් නොපුදන ලද ඒ ගින්නත් සුලභ නොවේ. ඒ අග්නිපරිචරියාවද (ගිනි පූජාව) අභිෂෙක කරන ලද ක්ෂත්‍රිය රජවූ හෝ මහාසාර කුලවත් බ්‍රාහ්මණවූ හෝ මා විසින් කරන ලදී.
161
‘‘සන්ති ඛො පන, සාරිපුත්ත, එකෙ සමණබ්‍රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘යාවදෙවායං භවං පුරිසො දහරො හොති යුවා සුසුකාළකෙසො භද්‍රෙන යොබ්බනෙන සමන්නාගතො පඨමෙන වයසා තාවදෙව පරමෙන පඤ්ඤාවෙය්‍යත්තියෙන සමන්නාගතො හොති. යතො ච ඛො අයං භවං පුරිසො ජිණ්ණො හොති වුද්ධො මහල්ලකො අද්ධගතො වයොඅනුප්පත්තො, ආසීතිකො වා නාවුතිකො වා වස්සසතිකො වා ජාතියා, අථ තම්හා පඤ්ඤාවෙය්‍යත්තියා, පරිහායතී’ති. න ඛො පනෙතං, සාරිපුත්ත , එවං දට්ඨබ්බං. අහං ඛො පන, සාරිපුත්ත, එතරහි ජිණ්ණො වුද්ධො මහල්ලකො අද්ධගතො වයොඅනුප්පත්තො, ආසීතිකො මෙ වයො වත්තති. ඉධ මෙ අස්සු, සාරිපුත්ත, චත්තාරො සාවකා වස්සසතායුකා වස්සසතජීවිනො, පරමාය සතියා ච ගතියා ච ධිතියා ච සමන්නාගතා පරමෙන ච පඤ්ඤාවෙය්‍යත්තියෙන. සෙය්‍යථාපි, සාරිපුත්ත, දළ්හධම්මා (දළ්හධම්මො (බහූසු) ටීකා ච මොග්ගල්ලානබ්‍යාකරණං ච ඔලොකෙතබ්බං) ධනුග්ගහො සික්ඛිතො කතහත්ථො කතූපාසනො ලහුකෙන අසනෙන අප්පකසිරෙනෙව තිරියං තාලච්ඡායං අතිපාතෙය්‍ය, එවං අධිමත්තසතිමන්තො එවං අධිමත්තගතිමන්තො එවං අධිමත්තධිතිමන්තො එවං පරමෙන පඤ්ඤාවෙය්‍යත්තියෙන සමන්නාගතා. තෙ මං චතුන්නං සතිපට්ඨානානං උපාදායුපාදාය පඤ්හං පුච්ඡෙය්‍යුං, පුට්ඨො පුට්ඨො චාහං තෙසං බ්‍යාකරෙය්‍යං, බ්‍යාකතඤ්ච මෙ බ්‍යාකතතො ධාරෙය්‍යුං, න ච මං දුතියකං උත්තරි පටිපුච්ඡෙය්‍යුං. අඤ්ඤත්‍ර අසිතපීතඛායිතසායිතා අඤ්ඤත්‍ර උච්චාරපස්සාවකම්මා, අඤ්ඤත්‍ර නිද්දාකිලමථපටිවිනොදනා අපරියාදින්නායෙවස්ස, සාරිපුත්ත, තථාගතස්ස ධම්මදෙසනා, අපරියාදින්නංයෙවස්ස තථාගතස්ස ධම්මපදබ්‍යඤ්ජනං, අපරියාදින්නංයෙවස්ස තථාගතස්ස පඤ්හපටිභානං . අථ මෙ තෙ චත්තාරො සාවකා වස්සසතායුකා වස්සසතජීවිනො වස්සසතස්ස අච්චයෙන කාලං කරෙය්‍යුං. මඤ්චකෙන චෙපි මං, සාරිපුත්ත, පරිහරිස්සථ, නෙවත්ථි තථාගතස්ස පඤ්ඤාවෙය්‍යත්තියස්ස අඤ්ඤථත්තං. යං ඛො තං (යං ඛො පනෙතං (සී.)), සාරිපුත්ත, සම්මා වදමානො වදෙය්‍ය - ‘අසම්මොහධම්මො සත්තො ලොකෙ උප්පන්නො බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සාන’න්ති, මමෙව තං සම්මා වදමානො වදෙය්‍ය ‘අසම්මොහධම්මො සත්තො ලොකෙ උප්පන්නො බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සාන’’’න්ති.
161
“ශාරීපුත්‍රය, යම්තාක්කල් මේ පින්වත් පුරුෂතෙම කළුකෙස් ඇති යහපත් යෞවනයෙන් යුක්තවූ පළමුවෙනි වයසෙහි සිටි තරුණයෙක් වේද ඒතාක් කල් උතුම්වූ නුවණින් යුක්තවෙයි යම් කලක පටන් මේ පින්වත් පුරුෂතෙම ජරාවෙන් ජීර්ණවූයේද වැඩිසිටි අඟපසඟ ඇත්තේද මහලුද බොහෝ කල් ඉක්මවූයේද තුන්වන වයසට පැමිණියේ උත්පත්තියෙන් අසූවයස් ඇත්තේ හෝ අනූ වයස් ඇත්තේ හෝ සියක් වස් ඇත්තේ හෝ වේද එවිට ඒ උතුම් නුවණින් පිරිහේයයි, කියන්නාවූ ඒ ලබ්ධිය ඇත්තාවූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ.
“ශාරීපුත්‍රය, මේ කාරණය මෙසේ නොදත යුතුයි. ශාරීපුත්‍රය, මම වනාහි දැන් ජරාජීර්ණය, වැඩී සිටියෙමි. මහලු වෙමි. කල් ඉක්මවූයෙමි. තුන්වන වයසට පැමිණියෙමි. මාගේ අසූවැනි වයස පවතියි. ශාරීපුත්‍රය, මාගේ මේ ශාසනයෙහි වර්ෂ සියයක් ආයු ඇති වර්ෂ සියයක් ජීත්වන සුලු උතුම්වූ සිහියෙන් (පද දහසක් වුවත් එකවර ඇසූ පමණින් ඉගෙන ගැණීමට සමර්ථවූ) ගතියෙන්ද (උගත් දේ දැරීමෙන්ද දැරීම, හැදෑරීම ආදියෙහි) වීර්යයෙන්ද, උතුම්වූ ප්‍රඥා ව්‍යක්ත භාවයෙන්ද යුක්තවූ ශ්‍රාවකයෝ සතරදෙනෙක් වෙත්ද, ශාරීපුත්‍රය, බොහෝ කල් උගත් ශිල්ප ඇති පළපුරුද්ද ඇති රාජකුලාදියෙහි දැක්වූ ශිල්ප ඇති දෙදහසකගේ බල ඇති දුනු දරන්නෙක් තෙම සැහැල්ලු ඊයකින් කිසි අමාරුවක් නැතිව එක්වියත් සතරඟුල් පමණ තල් සෙවන සරස ඉක්මවන්නේද මෙසේ ඉතා සිහි ඇත්තාවූ ඉතා ප්‍රඥා ඇත්තාවූ අධික වීර්ය ඇත්තාවූ ප්‍රඥාව සම්බන්ධ උතුම් ව්‍යක්තභාවයෙන් යුක්තවූ ඒ ශ්‍රාවකයෝ සතරදෙන සතර සතිපට්ඨානයන් අතුරෙන් එකිනෙක ගෙන මා ප්‍රශ්න විචාරන්නාහුද විචාළ විචාළ දෙය මම ඔවුන්ට ප්‍රකාශ කරන්නෙමි. මා විසින් ප්‍රකාශ කරන ලද්ද ප්‍රකාශකරන ලද්ද වශයෙන් ඔව්හු දරන්නාහුය. දෙවැනි වරක් මා නොවිචාරන්නාහුය. (මෙසේ) කෑම බීම ආදිය සඳහා යන කාලය මළමුත්‍ර පහකිරීම සඳහා යන කාලය නිදිමත ක්ලාන්ත ගතිය හැරගන්නා කාලය (යන මේවා) හැර (අවශෙෂ සියලු කාලයෙහි ප්‍රශ්න විචාළත්) ශාරීපුත්‍රය තථාගතයන්ගේ ධර්ම දෙනාව නොඅඩුවන්නෙමැයි තථාගතයන් වහන්සේගේ ධර්මපදයන්ගේ වැටහීම නොඅඩුවමය. තථාගතයන් වහන්සේගේ ප්‍රශ්න වැටහීම නොඅඩුවන්නේ මැයි.
ඉක්බිති වර්ෂ සියයක් ආයු ඇති වර්ෂ සියයක් ජීවත්වන සුලු ඒ මාගේ ශ්‍රාවකයෝ සතරදෙන වර්ෂ සියයක් ඉක්මීමෙන් කලුරිය කරන්නාහුද? ශාරීපුත්‍රය, මා දුර්වලකාලයක ඇඳක තබාගෙන හැසිරෙන්නාහුද (එකලද) තථාගතයන් වහන්සේගේ ප්‍රඥාව පිළිබඳ ව්‍යක්ත භාවයෙහි වෙනස් බවක් නොම ඇත්තේ මැයි.
“ශාරීපුත්‍රය, යමෙකු සඳහා “නුමුළා ස්වභාව ඇති සත්ත්වයෙක් තෙම ලෝකයෙහි බොහෝදෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සැප පිණිස උපන්නේය”යි යමෙක් හරියට කියන්නේ නම් ඒ වචනය මා සඳහාම “නුමුළා ස්වභාව ඇති සත්වයෙක් තෙම ලෝකයෙහි බොහෝදෙනාට වැඩ පිණිස බොහෝදෙනාට සැප පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සැප පිණිස උපන්නේය”යි හරියට කියන්නේය.
162
තෙන ඛො පන සමයෙන ආයස්මා නාගසමාලො භගවතො පිට්ඨිතො ඨිතො හොති භගවන්තං බීජයමානො. අථ ඛො ආයස්මා නාගසමාලො භගවන්තං එතදවොච - ‘‘අච්ඡරියං, භන්තෙ, අබ්භුතං, භන්තෙ! අපි හි මෙ, භන්තෙ, ඉමං ධම්මපරියායං සුත්වා ලොමානි හට්ඨානි. කොනාමො අයං, භන්තෙ, ධම්මපරියායො’’ති? ‘‘තස්මාතිහ ත්වං, නාගසමාල, ඉමං ධම්මපරියායං ලොමහංසනපරියායො ත්වෙව නං ධාරෙහී’’ති.
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා නාගසමාලො භගවතො භාසිතං අභිනන්දීති.
162
එකල්හි නාගසමාල ආයුෂ්මත් තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පිටුපසෙහි භාග්‍යවතුන් වහන්සේට පවන් සලමින් සිටියේය. ඉක්බිති ඒ ආයුෂ්මත් නාගසමාල ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන්වහන්සේට ස්වාමීනි, ඉතා ආශ්චර්යයකි. ඉතා පුදුමයකි. මේ ධර්මදේශනාව අසා මාගේ ලොම්ඩැහැගත්හ. මේ ධර්ම ක්‍රමය කවර නාමයක් ඇත්තේදැයි සැලකෙළේය. එසේ නම් නාගසමාලා තොප මේ ධර්ම ක්‍රමය ලොමහංස ධර්ම ක්‍රමයයි දැනගනුවයි වදාළේය. සතුටුවූ නාගසමාල ස්ථවිරයන් වහන්සේ දේශනාවට සතුටු විය.
3. මහාදුක්ඛක්ඛන්ධසුත්තං 3. මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය
4. චූළදුක්ඛක්ඛන්ධසුත්තං 4. චූල දුක්ඛක්ඛන්ධ සූත්‍රය
5. අනුමානසුත්තං 5. අනුමාන සූත්‍රය
6. චෙතොඛිලසුත්තං 6. චෙතොඛිල සූත්‍රය
7. වනපත්ථසුත්තං 7. වනපත්ථ සූත්‍රය
8. මධුපිණ්ඩිකසුත්තං 8. මධු පිණ්ඩික සූත්‍රය
9. ද්වෙධාවිතක්කසුත්තං 9. ද්වෙධා විතක්ක සූත්‍රය
10. විතක්කසණ්ඨානසුත්තං 10. විතක්ක සණ්ඨාන සූත්‍රය