ත්‍රිපිටකය
2. සීහනාදවග්ගො 2. සීහනාද වර්ගය
1. චූළසීහනාදසුත්තං 1. චූල සීහනාද සූත්‍රය
139
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘භික්ඛවො’’ති. ‘‘භදන්තෙ’’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
‘‘ඉධෙව, භික්ඛවෙ, සමණො, ඉධ දුතියො සමණො, ඉධ තතියො සමණො, ඉධ චතුත්ථො සමණො; සුඤ්ඤා පරප්පවාදා සමණෙභි අඤ්ඤෙහීති (සමණෙහි අඤ්ඤෙති (සී. පී. ක.) එත්ථ අඤ්ඤෙහීති සකාය පටිඤ්ඤාය සච්චාභිඤ්ඤෙහීති අත්ථො වෙදිතබ්බො). එවමෙතං (එවමෙව (ස්‍යා. ක.)), භික්ඛවෙ, සම්මා සීහනාදං නදථ.
139
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අසල අනාථපිණ්ඩික සිටුහු විසින් කරවන ලද ජේතවන නම් විහාරයෙහි වැඩවාසය කරති. එකල භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.
“මහණෙනි, පළමුවැනි (සෝවාන්) ශ්‍රමණ තෙමේද මේ ශාසනයෙහිම ඇත්තේය. දෙවැනි (සකෘදාගාමි) ශ්‍රමණ තෙමේද මේ ශාසනයෙහිම ඇත්තේය. තුන්වැනි (අනාගාමි) ශ්‍රමණ තෙමේද මේ ශාසනයෙහිම ඇත්තේය. සතරවැනි (රහත්) ශ්‍රමණ තෙමේද මේ ශාසනයෙහිම ඇත්තේය. මෙයින් අන්‍ය වූ වාදයෝ (ශාසන) ශ්‍රමණයන්ගෙන් හිස්ය. මහණෙනි මෙසේ මේ සිංහ නාදය මනාකොට නාද කරව්.
140
‘‘ඨානං ඛො පනෙතං, භික්ඛවෙ, විජ්ජති යං අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං වදෙය්‍යුං - ‘කො පනායස්මන්තානං අස්සාසො, කිං බලං, යෙන තුම්හෙ ආයස්මන්තො එවං වදෙථ - ඉධෙව සමණො, ඉධ දුතියො සමණො, ඉධ තතියො සමණො, ඉධ චතුත්ථො සමණො; සුඤ්ඤා පරප්පවාදා සමණෙභි අඤ්ඤෙහී’ති? එවංවාදිනො, භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවමස්සු වචනීයා - ‘අත්ථි ඛො නො, ආවුසො, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන චත්තාරො ධම්මා අක්ඛාතා යෙ මයං අත්තනි සම්පස්සමානා එවං වදෙම - ඉධෙව සමණො, ඉධ දුතියො සමණො, ඉධ තතියො සමණො, ඉධ චතුත්ථො සමණො; සුඤ්ඤා පරප්පවාදා සමණෙභි අඤ්ඤෙහීති. කතමෙ චත්තාරො? අත්ථි ඛො නො, ආවුසො, සත්ථරි පසාදො, අත්ථි ධම්මෙ පසාදො, අත්ථි සීලෙසු පරිපූරකාරිතා; සහධම්මිකා ඛො පන පියා මනාපා - ගහට්ඨා චෙව පබ්බජිතා ච. ඉමෙ ඛො නො, ආවුසො, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන චත්තාරො ධම්මා අක්ඛාතා යෙ මයං අත්තනි සම්පස්සමානා එවං වදෙම - ඉධෙව සමණො, ඉධ දුතියො සමණො, ඉධ තතියො සමණො, ඉධ චතුත්ථො සමණො; සුඤ්ඤා පරප්පවාදා සමණෙභි අඤ්ඤෙහී’ති.
140
“මහණෙනි, මේ කාරණයක් ඇත්තේය. අන්‍යලබ්ධික පරිබ්‍රාජකයන් මෙසේ කියන්නට පුළුවන. පළමුවැනි ශ්‍රමණ තෙමේද මෙහිමය, දෙවැනි ශ්‍රමණ තෙමේද මෙහිමය, තුන්වැනි ශ්‍රමණ තෙමේද මෙහිමය, සතරවැනි ශ්‍රමණ තෙමේද මෙහිමය, අන්‍ය වූ වාදයෝ ශ්‍රමණයන්ගෙන් හිස්යයි ආයුෂ්මත්වූ තෙපි කියන්නාහුය. මෙසේ කීමට ආයුෂ්මතුන්හට ඇති පිහිට කවරේද? බලය කුමක්දැයි කියන්නාහුය.
“මහණෙනි, මෙසේ කියන්නා වූ අන්‍යලබ්ධික පරිබ්‍රාජකයන්හට තොප විසින් මෙසේ කියයුතුය. ඇවැත්නි, සියල්ල දන්නා වූ, සියල්ල දක්නා වූ, අර්හත් වූ, සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද ධර්ම සතරක් ඇත්තාහුමය. ඒ ධර්ම සතර අප කෙරෙහි ඇති බව දකිමින් අපි පළමුවැනි ශ්‍රමණ තෙමේද මෙහිමය, දෙවැනි ශ්‍රමණ තෙමේද මෙහිමය, තුන්වැනි ශ්‍රමණ තෙමේද මෙහිමය, හතරවැනි ශ්‍රමණ තෙමේද මෙහිමය, අන්‍ය වූ වාදයෝ ශ්‍රමණයන්ගෙන් සූන්‍යයයි කියමු. කවර සතරක්ද යත්? ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ කෙරෙහි අපගේ පැහැදීම ඇත්තේමය. ධර්මයෙහි පැහැදීම ඇත්තේමය. සීලයන් සම්පූර්ණ කරන බව ඇත්තේමය. ගිහිවූද, පැවිදිවූද මේ සියලුදෙන එක්ව ධර්මයෙහි හැසිරෙන්නාහු ඔවුනොවුන්ට ප්‍රිය වෙත්. මනාපවෙත්. ඇවැත්නි, යම් ධර්මයක් අප කෙරෙහි ඇති බව දකිමින් අපි පළමුවැනි ශ්‍රමණ තෙමේද මෙහිමය, දෙවැනි ශ්‍රමණ තෙමේද මෙහිමය, තුන්වැනි ශ්‍රමණ තෙමේද මෙහිමය, හතරවැනි ශ්‍රමණ තෙමේද මෙහිමය. අන්‍ය වූ වාදයෝ ශ්‍රමණයන්ගෙන් සූන්‍යයයි කියමු නම් අපට ඒ සියල්ල දන්නා වූ, සියල්ල දක්නා වූ, අර්හත් වූ, සම්‍යක් සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මේ ධර්ම හතර ඇත්තේමය.
141
‘‘ඨානං ඛො පනෙතං, භික්ඛවෙ, විජ්ජති යං අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං වදෙය්‍යුං - ‘අම්හාකම්පි ඛො, ආවුසො, අත්ථි සත්ථරි පසාදො යො අම්හාකං සත්ථා, අම්හාකම්පි අත්ථි ධම්මෙ පසාදො යො අම්හාකං ධම්මො, මයම්පි සීලෙසු පරිපූරකාරිනො යානි අම්හාකං සීලානි, අම්හාකම්පි සහධම්මිකා පියා මනාපා - ගහට්ඨා චෙව පබ්බජිතා ච. ඉධ නො, ආවුසො, කො විසෙසො කො අධිප්පයාසො (අධිප්පායො (ක. සී. ස්‍යා. පී.), අධිප්පයොගො (ක.)) කිං නානාකරණං යදිදං තුම්හාකඤ්චෙව අම්හාකඤ්චා’ති?
‘‘එවංවාදිනො, භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවමස්සු වචනීයා - ‘කිං පනාවුසො, එකා නිට්ඨා, උදාහු පුථු නිට්ඨා’ති? සම්මා බ්‍යාකරමානා, භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං බ්‍යාකරෙය්‍යුං - ‘එකාවුසො, නිට්ඨා, න පුථු නිට්ඨා’ති.
‘‘‘සා පනාවුසො, නිට්ඨා සරාගස්ස උදාහු වීතරාගස්සා’ති? සම්මා බ්‍යාකරමානා, භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං බ්‍යාකරෙය්‍යුං - ‘වීතරාගස්සාවුසො, සා නිට්ඨා, න සා නිට්ඨා සරාගස්සා’ති.
‘‘‘සා පනාවුසො, නිට්ඨා සදොසස්ස උදාහු වීතදොසස්සා’ති? සම්මා බ්‍යාකරමානා, භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං බ්‍යාකරෙය්‍යුං - ‘වීතදොසස්සාවුසො, සා නිට්ඨා, න සා නිට්ඨා සදොසස්සා’ති.
‘‘‘සා පනාවුසො, නිට්ඨා සමොහස්ස උදාහු වීතමොහස්සා’ති? සම්මා බ්‍යාකරමානා, භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං බ්‍යාකරෙය්‍යුං - ‘වීතමොහස්සාවුසො, සා නිට්ඨා, න සා නිට්ඨා සමොහස්සා’ති.
‘‘‘සා පනාවුසො, නිට්ඨා සතණ්හස්ස උදාහු වීතතණ්හස්සා’ති? සම්මා බ්‍යාකරමානා, භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං බ්‍යාකරෙය්‍යුං - ‘වීතතණ්හස්සාවුසො, සා නිට්ඨා, න සා නිට්ඨා සතණ්හස්සා’ති.
‘‘‘සා පනාවුසො, නිට්ඨා සඋපාදානස්ස උදාහු අනුපාදානස්සා’ති? සම්මා බ්‍යාකරමානා, භික්ඛවෙ , අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං බ්‍යාකරෙය්‍යුං - ‘අනුපාදානස්සාවුසො, සා නිට්ඨා, න සා නිට්ඨා සඋපාදානස්සා’ති.
‘‘‘සා පනාවුසො, නිට්ඨා විද්දසුනො උදාහු අවිද්දසුනො’ති? සම්මා බ්‍යාකරමානා, භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං බ්‍යාකරෙය්‍යුං - ‘විද්දසුනො, ආවුසො, සා නිට්ඨා, න සා නිට්ඨා අවිද්දසුනො’ති.
‘‘‘සා පනාවුසො, නිට්ඨා අනුරුද්ධප්පටිවිරුද්ධස්ස උදාහු අනනුරුද්ධඅප්පටිවිරුද්ධස්සා’ති? සම්මා බ්‍යාකරමානා, භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං බ්‍යාකරෙය්‍යුං - ‘අනනුරුද්ධඅප්පටිවිරුද්ධස්සාවුසො, සා නිට්ඨා, න සා නිට්ඨා අනුරුද්ධප්පටිවිරුද්ධස්සා’ති.
‘‘‘සා පනාවුසො, නිට්ඨා පපඤ්චාරාමස්ස පපඤ්චරතිනො උදාහු නිප්පපඤ්චාරාමස්ස නිප්පපඤ්චරතිනො’ති? සම්මා බ්‍යාකරමානා, භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං බ්‍යාකරෙය්‍යුං - ‘නිප්පපඤ්චාරාමස්සාවුසො, සා නිට්ඨා නිප්පපඤ්චරතිනො, න සා නිට්ඨා පපඤ්චාරාමස්ස පපඤ්චරතිනො’ති.
141
“මහණෙනි, (තොප මෙසේ කියූවිට) අන්‍ය ලබ්ධික පරිබ්‍රාජකයන් මෙසේ කියන්නට පුළුවන. ඇවැත්නි යම් කෙනෙක් අපගේ ශාස්තෘ නම්, ඒ ශාස්තෲන්කෙරෙහි අපගේද පැහැදීම ඇත. යමක් අපගේ ධර්මය නම්, ඒ ධර්මයෙහි අපගේද පැහැදීම ඇත. අපගේ යම් සීල වෙත් නම්, ඒ සීලයන් අපිත් සම්පූර්ණ කරන්නෙමු. අපගේද එක්ව ධර්මයෙහි හැසිරෙන්නා වූ ගිහියෝද පැවිද්දෝද ඔවුනොවුන්ට ප්‍රියවෙත්, මනාප වෙත්. ඇවැත්නි මෙහිලා තොපගේද අපගේද වෙනස කවරේද? අදහස කවරේද? වෙනස් කාරණය කුමක්දැ? (යි) කියන්නාහුය.
“මහණෙනි, මෙසේ කියන්නා වූ අන්‍ය ලබ්ධික පරිබ්‍රාජකයන්හට මෙසේ කියයුතුය. ඇවැත්නි, කිමෙක්ද? නිෂ්ඨාව (කෙළවර) එකක්ද, නොහොත් බොහෝදැයි (ඇසිය යුතුය). මහණෙනි, මනාකොට පිළිතුරු දෙන අන්‍යලබ්ධික පරිබ්‍රාජකයෝ මෙසේ කියන්නාහ. “ඇවැත්නි, කෙළවර එකක්ය. බොහෝ නොවෙත්යයි (කියති).
ඇවැත්නි, ඒ නිෂ්ඨාව (කෙළවර) රාග සහිතයාටද නොහොත් රාග නැත්තාටදැයි (ඇසිය යුතුය). මනාකොට පිළිතුරු දෙන අන්‍ය ලබ්ධික පරිබ්‍රාජකයෝ මෙසේ කියන්නාහ. ඇවැත්නි, ඒ කෙළවර රාග නැති තැනැත්තාටය. රාග සහිත තැනැත්තාට නොවේයයි (කියති).
ඇවැත්නි, ඒ කෙළවර ද්වේෂ සහිතයාටද? නොහොත් පහ වූ ද්වේෂ ඇත්තහුට දැයි (ඇසිය යුතුය). මනාකොට පිළිතුරු දෙන අන්‍ය ලබ්ධික පරිබ්‍රාජකයෝ මෙසේ කියන්නාහ. ඇවැත්නි, ඒ කෙළවර පහ වූ ද්වේෂ ඇත්තාහටය, ඒ කෙළවර ද්වේෂ සහිතයාට නොවේ (යයි කියති).
ඇවැත්නි, ඒ කෙළවර මෝහ සහිතයාටද? නොහොත් පහ වූ මෝහ ඇත්තාහටදැයි (ඇසිය යුතුය). මහණෙනි, මනාකොට පිළිතුරු දෙන අන්‍ය ලබ්ධික පරිබ්‍රාජකයෝ මෙසේ කියන්නාහ. ඇවැත්නි, ඒ කෙළවර පහ වූ මෝහ ඇත්තාහටය. ඒ කෙළවර මෝහ සහිතයාට නොවේ යැයි (කියති).
ඇවැත්නි, ඒ කෙළවර තෘෂ්ණාව ඇති තැනැත්තාටද? නොහොත් තෘෂ්ණාව පහකළ තැනැත්තාහටදැයි (ඇසිය යුතුය). මහණෙනි, මනාකොට පිළිතුරු දෙන අන්‍ය ලබ්ධික පරිබ්‍රාජකයෝ මෙසේ කියන්නාහ. ඇවැත්නි, ඒ කෙළවර පහ වූ තෘෂ්ණා ඇත්තාහටය. ඒ කෙළවර තෘෂ්ණා ඇති තැනැත්තාට නොවේයැයි (කියති).
ඇවැත්නි ඒ කෙළවර උපාදාන (තෘෂ්ණා දෘෂ්ටි දෙකින් දැඩිකොට අල්ලා ගැනීම) ඇත්තාහටද? නොහොත් උපාදාන නැත්තාහට දැයි (ඇසිය යුතුය). මහණෙනි, මනාකොට පිළිතුරු දෙන අන්‍ය ලබ්ධික පරිබ්‍රාජකයෝ මෙසේ කියන්නාහ. ඇවැත්නි, ඒ කෙළවර උපාදාන නැත්තාටය. ඒ කෙළවර උපාදාන ඇත්තාට නොවේයයි (කියති).
ඇවැත්නි, ඒ කෙළවර නුවණැතියාටද? නොහොත් මෝඩයාටදැයි (ඇසිය යුතුය). මහණෙනි, මනාකොට පිළිතුරු දෙන අන්‍ය ලබ්ධික පරිබ්‍රාජකයෝ මෙසේ කියන්නාහ. ඇවැත්නි, ඒ කෙළවර නුවණැතියාටය. ඒ කෙළවර මෝඩයාට නොවේයයි (කියති).
ඇවැත්නි, ඒ කෙළවර රාගයෙන් ඇලුණු ක්‍රෝධයෙන් කිපුණු පුද්ගලයාටද? නොහොත් රාගයෙන් නොඇලුණු ක්‍රෝධයෙන් නොකිපුණු පුද්ගලයාටදැයි (ඇසිය යුතුය). මහණෙනි, මනාකොට පිළිතුරු දෙන අන්‍යලබ්ධික පරිබ්‍රාජකයෝ මෙසේ කියන්නාහ. ඇවැත්නි, ඒ කෙළවර රාගයෙන් නොඇලුණු, ක්‍රෝධයෙන් නොකිපුණු පුද්ගලයාටය. රාගයෙන් ඇලුණු, ක්‍රෝධයෙන් කිපුණු පුද්ගලයාහට නොවේයයි (කියති).
“ඇවැත්නි, ඒ කෙළවර තෘෂ්ණා දෘෂ්ටි දෙකින් ප්‍රමාද වීමෙහි ඇලුණහුටද නොහොත් තෘෂ්ණා දෘෂ්ටි දෙකින් ප්‍රමාද නොවූවහුටදැයි (ඇසිය යුතුය). මහණෙනි, මනාකොට පිළිතුරු දෙන අන්‍යලබ්ධික පරිබ්‍රාජකයෝ මෙසේ කියන්නාහ. ඇවැත්නි, ඒ කෙළවර තෘෂ්ණා දෘෂ්ටි දෙකින් ප්‍රමාදවූවහුට නොවේ. තෘෂ්ණා දෘෂ්ටි දෙකින් ප්‍රමාද නොවූවහුටයයි (කියති).
142
‘‘ද්වෙමා, භික්ඛවෙ, දිට්ඨියො - භවදිට්ඨි ච විභවදිට්ඨි ච. යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්‍රාහ්මණා වා භවදිට්ඨිං අල්ලීනා භවදිට්ඨිං උපගතා භවදිට්ඨිං අජ්ඣොසිතා, විභවදිට්ඨියා තෙ පටිවිරුද්ධා. යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්‍රාහ්මණා වා විභවදිට්ඨිං අල්ලීනා විභවදිට්ඨිං උපගතා විභවදිට්ඨිං අජ්ඣොසිතා, භවදිට්ඨියා තෙ පටිවිරුද්ධා. යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්‍රාහ්මණා වා ඉමාසං ද්වින්නං දිට්ඨීනං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානන්ති, ‘තෙ සරාගා තෙ සදොසා තෙ සමොහා තෙ සතණ්හා තෙ සඋපාදානා තෙ අවිද්දසුනො තෙ අනුරුද්ධප්පටිවිරුද්ධා තෙ පපඤ්චාරාමා පපඤ්චරතිනො; තෙ න පරිමුච්චන්ති ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි; න පරිමුච්චන්ති දුක්ඛස්මා’ති වදාමි. යෙ ච ඛො කෙචි, භික්ඛවෙ, සමණා වා බ්‍රාහ්මණා වා ඉමාසං ද්වින්නං දිට්ඨීනං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානන්ති, ‘තෙ වීතරාගා තෙ වීතදොසා තෙ වීතමොහා තෙ වීතතණ්හා තෙ අනුපාදානා තෙ විද්දසුනො තෙ අනනුරුද්ධඅප්පටිවිරුද්ධා තෙ නිප්පපඤ්චාරාමා නිප්පපඤ්චරතිනො; තෙ පරිමුච්චන්ති ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි; පරිමුච්චන්ති දුක්ඛස්මා’ති වදාමි.
142
“මහණෙනි, මේ දෘෂ්ටි දෙකක් වෙත්. සාශ්වත දෘෂ්ටියය (නිත්‍ය ආත්මයක් ඇතැයි සිතන දෘෂ්ටිය), උච්ඡේද දෘෂ්ටියය (ආත්මය සිඳේ යයි ගන්නා දෘෂ්ටිය) යන දෙකයි. මහණෙනි, සාශ්වත දෘෂ්ටියෙහි ඇලුණා වූ, සාශ්වත දෘෂ්ටියට පැමිණියා වූ, සාශ්වත දෘෂ්ටියෙහි ගැලුණා වූ යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ වෙත්ද, ඔවුහු උච්ඡේද දෘෂ්ටියට විරුද්ධවෙත්. මහණෙනි, උච්ඡේද දෘෂ්ටියෙහි ඇලුණා වූ, උච්ඡේද දෘෂ්ටියට පැමිණියා වූ, උච්ඡේද දෘෂ්ටියෙහි ගැලුණා වූ යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ වෙත්ද, ඔවුහු සාශ්වත දෘෂ්ටියට විරුද්ධ වෙත්.
“මහණෙනි, යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ දෘෂ්ටි දෙදෙනාගේ හටගැන්මද, නැතිවීමද ආශ්වාදයද, ආදීනවද, දුරුකිරීමද ඇති සැටියෙන් නොදනිත් නම්; ඔවුහු රාග සහිතයෝය. ඔවුහු ද්වේෂ සහිතයෝය, ඔවුහු මෝහ සහිතයෝය, ඔවුහු උපාදාන සහිතයෝය, ඔවුහු මෝඩයෝය, ඔවුහු රාගයෙන් ඇලුණු, ක්‍රෝධයෙන් කිපුණෝය, ඔවුහු ඉපදීමෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, ශෝකයෙන්ද, වැළපීමෙන්ද, ශාරීරික දුකින්ද, දොම්නසින්ද, දැඩි වෙහෙසින්ද, නොමිදෙත්. සියලු සංසාර දුකින් නොමිදෙත් යයි කියමි.
මහණෙනි, යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ දෘෂ්ටීන් දෙදෙනාගේ හටගැන්මද, නැතිවීමද, ආශ්වාදයද, ආදීනවද, දුරු කිරීමද ඇති සැටියෙන් දනිත්ද; ඔවුහු පහ වූ රාග ඇත්තෝය, ඔවුහු පහ වූ ද්වේෂ ඇත්තෝය. ඔවුහු පහ වූ මෝහ ඇත්තෝය, ඔවුහු පහ වූ තෘෂ්ණා ඇත්තෝය, ඔවුහු උපාදාන නැත්තෝය, ඔවුහු නුවණැතියෝය, ඔවුහු ඉපදීමෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, ශෝකයෙන්ද, වැළපීමෙන්ද, ශාරීරික දුකින්ද, මානසික දුකින්ද, දැඩිවෙහෙසින්ද මිදෙන්නාහුය. සියලු සසර දුකින් මිදෙන්නාහුයයි කියමි.
143
‘‘චත්තාරිමානි , භික්ඛවෙ, උපාදානානි. කතමානි චත්තාරි? කාමුපාදානං, දිට්ඨුපාදානං, සීලබ්බතුපාදානං, අත්තවාදුපාදානං. සන්ති, භික්ඛවෙ, එකෙ සමණබ්‍රාහ්මණා සබ්බුපාදානපරිඤ්ඤාවාදා පටිජානමානා. තෙ න සම්මා සබ්බුපාදානපරිඤ්ඤං පඤ්ඤපෙන්ති - කාමුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤපෙන්ති, න දිට්ඨුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤපෙන්ති, න සීලබ්බතුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤපෙන්ති, න අත්තවාදුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤපෙන්ති. තං කිස්ස හෙතු? ඉමානි හි තෙ භොන්තො සමණබ්‍රාහ්මණා තීණි ඨානානි යථාභූතං නප්පජානන්ති. තස්මා තෙ භොන්තො සමණබ්‍රාහ්මණා සබ්බුපාදානපරිඤ්ඤාවාදා පටිජානමානා; තෙ න සම්මා සබ්බුපාදානපරිඤ්ඤං පඤ්ඤපෙන්ති - කාමුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤපෙන්ති, න දිට්ඨුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤපෙන්ති, න සීලබ්බතුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤපෙන්ති, න අත්තවාදුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤපෙන්ති.
‘‘සන්ති, භික්ඛවෙ, එකෙ සමණබ්‍රාහ්මණා සබ්බුපාදානපරිඤ්ඤාවාදා පටිජානමානා. තෙ න සම්මා සබ්බුපාදානපරිඤ්ඤං පඤ්ඤපෙන්ති - කාමුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤපෙන්ති, දිට්ඨුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤපෙන්ති, න සීලබ්බතුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤපෙන්ති, න අත්තවාදුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤපෙන්ති. තං කිස්ස හෙතු? ඉමානි හි තෙ භොන්තො සමණබ්‍රාහ්මණා ද්වෙ ඨානානි යථාභූතං නප්පජානන්ති. තස්මා තෙ භොන්තො සමණබ්‍රාහ්මණා සබ්බුපාදානපරිඤ්ඤාවාදා පටිජානමානා; තෙ න සම්මා (පටිජානමානා න සම්මා (?)) සබ්බුපාදානපරිඤ්ඤං පඤ්ඤපෙන්ති - කාමුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤපෙන්ති, දිට්ඨුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤපෙන්ති, න සීලබ්බතුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤපෙන්ති, න අත්තවාදුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤපෙන්ති.
‘‘සන්ති, භික්ඛවෙ, එකෙ සමණබ්‍රාහ්මණා සබ්බුපාදානපරිඤ්ඤාවාදා පටිජානමානා. තෙ න සම්මා සබ්බුපාදානපරිඤ්ඤං පඤ්ඤපෙන්ති - කාමුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤපෙන්ති, දිට්ඨුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤපෙන්ති, සීලබ්බතුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤපෙන්ති, න අත්තවාදුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤපෙන්ති. තං කිස්ස හෙතු? ඉමඤ්හි තෙ භොන්තො සමණබ්‍රාහ්මණා එකං ඨානං යථාභූතං නප්පජානන්ති. තස්මා තෙ භොන්තො සමණබ්‍රාහ්මණා සබ්බුපාදානපරිඤ්ඤාවාදා පටිජානමානා; තෙ න සම්මා (පටිජානමානා න සම්මා (?)) සබ්බුපාදානපරිඤ්ඤං පඤ්ඤපෙන්ති - කාමුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤපෙන්ති, දිට්ඨුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤපෙන්ති, සීලබ්බතුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤපෙන්ති, න අත්තවාදුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤපෙන්ති.
‘‘එවරූපෙ ඛො, භික්ඛවෙ, ධම්මවිනයෙ යො සත්ථරි පසාදො සො න සම්මග්ගතො අක්ඛායති; යො ධම්මෙ පසාදො සො න සම්මග්ගතො අක්ඛායති; යා සීලෙසු පරිපූරකාරිතා සා න සම්මග්ගතා අක්ඛායති; යා සහධම්මිකෙසු පියමනාපතා සා න සම්මග්ගතා අක්ඛායති. තං කිස්ස හෙතු? එවඤ්හෙතං, භික්ඛවෙ, හොති යථා තං දුරක්ඛාතෙ ධම්මවිනයෙ දුප්පවෙදිතෙ අනිය්‍යානිකෙ අනුපසමසංවත්තනිකෙ අසම්මාසම්බුද්ධප්පවෙදිතෙ.
143
“මහණෙනි, මේ උපාදාන සතරක් වෙත්. කාම උපාදානයය, දිට්ඨි උපාදානයය, ශීලව්‍රත උපාදානයය, ආත්මවාද උපාදානයය, යන සතරයි. මහණෙනි, සියලු උපාදානයන්ගේ නැති කිරීම දන්නෙමුයයි කියන්නා වූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. ඔවුහු සියලු උපාදානයන්ගේ නැති කිරීම මැනවින් නොපණවත්. කාම උපාදානයාගේ නැති කිරීම පණවත්. දෘෂ්ටි උපාදානයාගේ නැති කිරීම නොපණවත්. ශීලව්‍රත උපාදානයාගේ නැති කිරීම නොපණවත්. ආත්මවාද උපාදානයාගේ නැති කිරීම නොපණවත්. ඊට හේතු කවරේද? ඒ පින්වත් මහණ බමුණෝ මේ කරුණු තුන ඇති සැටියෙන් නොදනිත්. එහෙයින් ඒ පින්වත් මහණ බමුණෝ සියලු උපාදානයන්ගේ නැති කිරීම දන්නා බව ප්‍රකාශ කරන නමුත් සියලු උපාදානයන්ගේ නැති කිරීම මැනවින් නොපණවත්. කාම උපාදානයාගේ නැති කිරීම පණවත්, දිට්ඨි උපාදානයාගේ නැති කිරීම නොපණවත්, ශීලව්‍රත උපාදානයාගේ නැති කිරීම නොපණවත්, ආත්මවාද උපාදානයාගේ නැති කිරීම නොපණවත්.
“මහණෙනි, සියලු උපාදානයාගේ නැති කිරීම පණවන්නෙමුයි ප්‍රකාශ කරන්නා වූ ඇතැම් මහණ බමුණෝ වෙත්. ඔවුහු සියලු උපාදානයාගේ නැතිකිරීම මැනවින් නොපණවත්. කාම උපාදානයාගේ නැති කිරීම පණවත්. දෘෂ්ටි උපාදානයාගේ නැති කිරීම පණවත්. ශීලව්‍රත උපාදානයාගේ නැති කිරීම නොපණවත්. ආත්මවාද උපාදානයාගේ නැති කිරීම නොපණවත්. ඊට හේතු කවරේද? ඒ පින්වත් මහණ බමුණෝ මේ කරුණු දෙක ඇතිසැටියෙන් නොදනිත්. එහෙයින් ඒ පින්වත් මහණ බමුණෝ සියලු උපාදානයාගේ නැති කිරීම දන්නා බව ප්‍රකාශ කරන නමුත් සියලු උපාදානයන්ගේ නැති කිරීම හරියට නොපණවත්. කාම උපාදානයාගේ නැති කිරීම පණවත්. දෘෂ්ටි උපාදානයාගේ නැති කිරීම පණවත්. ශීලව්‍රත උපාදානයාගේ නැති කිරීම නොපණවත්. ආත්මවාද උපාදානයාගේ නැති කිරීම නොපණවත්.
“මහණෙනි, සියලු උපාදානයන්ගේ පහ කිරීම පණවන්නෙමුයි ප්‍රකාශ කරන්නා වූ ඇතැම් මහණ බමුණෝ වෙති. ඔවුහු සියලු උපාදානයන්ගේ නැතිකිරීම මැනවින් නොපණවත්. කාම උපාදානයාගේ නැති කිරීම පණවත්. දෘෂ්ටි උපාදානයාගේ නැති කිරීම පණවත්. ශීලව්‍රත උපාදානයාගේ නැති කිරීම පණවත්. ආත්මවාද උපාදානයාගේ නැති කිරීම නොපණවත්. ඊට හේතු කවරේද? ඒ පින්වත් මහණ බමුණෝ මේ එකම කාරණය ඇති සැටියෙන් නොදනිත්. එහෙයින් ඒ පින්වත් මහණ බමුණෝ සියලු උපාදානයන්ගේ නැතිකිරීම දන්නා බව ප්‍රකාශ කරන නමුත් සියලු උපාදානයන්ගේ නැති කිරීම මැනවින් නොපණවත්. කාම උපාදානයාගේ නැති කිරීම පණවත්. දෘෂ්ටි උපාදානයාගේ නැති කිරීම පණවත්. ශීලව්‍රත උපාදානයාගේ නැති කිරීම පණවත්. ආත්මවාද උපාදානයාගේ නැති කිරීම නොපණවත්.
“මහණෙනි, මෙබඳු වූ ශාසනයෙහි ශාස්තෲන් කෙරෙහි යම් පැහැදීමක් වේද, ඒ ප්‍රසාදය මනාව පිහිටියේයයි කියනු නොලැබේ. ධර්මයෙහි යම් පැහැදීමක් වේද, ඒ ප්‍රසාදය මනාව පිහිටියේයයි කියනු නොලැබේ. සීලයන් හොඳින් සම්පූර්ණ කිරීමක් වේද එය මනාව පිහිටියේයයි කියනු නොලැබේ. එක්ව ධර්මයෙහි හැසිරෙන්නවුන් අතර යම් ප්‍රියමනාප බවක් වේද එය මනාව පිහිටියේ යයි කියනු නොලැබේ.
ඊට හේතු කවරේද? මහණෙනි, වරදවා ප්‍රකාශ කරන ලද්දා වූ, වරදවා දන්නා ලද්දා වූ, නිවන් පිණිස නොපවත්නා වූ, කෙලෙස් සංසිඳවීම පිණිස නොපවත්නා වූ, බුදු නොවූවෙකු විසින් කියන ලද්දා වූ ධර්මයක සැටි මෙසේ වීමයි.
144
‘‘තථාගතො ච ඛො, භික්ඛවෙ, අරහං සම්මාසම්බුද්ධො සබ්බුපාදානපරිඤ්ඤාවාදො පටිජානමානො සම්මා සබ්බුපාදානපරිඤ්ඤං පඤ්ඤපෙති - කාමුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤපෙති, දිට්ඨුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤපෙති, සීලබ්බතුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤපෙති, අත්තවාදුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤපෙති. එවරූපෙ ඛො, භික්ඛවෙ, ධම්මවිනයෙ යො සත්ථරි පසාදො සො සම්මග්ගතො අක්ඛායති; යො ධම්මෙ පසාදො සො සම්මග්ගතො අක්ඛායති; යා සීලෙසු පරිපූරකාරිතා සා සම්මග්ගතා අක්ඛායති; යා සහධම්මිකෙසු පියමනාපතා සා සම්මග්ගතා අක්ඛායති. තං කිස්ස හෙතු? එවඤ්හෙතං, භික්ඛවෙ, හොති යථා තං ස්වාක්ඛාතෙ ධම්මවිනයෙ සුප්පවෙදිතෙ නිය්‍යානිකෙ උපසමසංවත්තනිකෙ සම්මාසම්බුද්ධප්පවෙදිතෙ.
144
“මහණෙනි, අර්හත් වූ, සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ සියලු උපදානයන්ගේ නැති කිරීම කියන්නේයයි ප්‍රකාශ කරන්නේ; සියලු උපාදානයන්ගේ නැති කිරීම පණවයි. කාම උපාදානයාගේ නැති කිරීම පණවයි. දෘෂ්ටි උපාදානයාගේ නැති කිරීම පණවයි. ශීලව්‍රත උපාදානයාගේ නැති කිරීම පණවයි. ආත්මවාද උපාදනයාගේ නැති කිරීම පණවයි. මහණෙනි, මෙබඳු ශාසනයෙහි වනාහි බුදුන් කෙරෙහි යම් පැහැදීමක් වේද, ඒ මනාව පිහිටියේයයි කියනු ලැබේ. ධර්මයෙහි යම් පැහැදීමක්වේද, ඒ මනාව පිහිටියේයයි කියනු ලැබේ. ශීලයන්හි යම් හොඳින් සම්පූර්ණ කිරීමක්වේද, ඒ මනාව පිහිටියේයයි කියනු ලැබේ. එක්ව ධර්මයෙහි හැසිරෙන්නවුන් අතර යම් ප්‍රියමනාප බවක් වේද, ඒ මනාව පිහිටියේයයි කියනු ලැබේ. මහණෙනි, මනාව ප්‍රකාශ කරන ලද, මනාව අවබෝධ කරගත්, නිවන් පිණිස පවතින්නා වූ, කෙලෙස් සංසිඳීම පිණිස පවතින්නා වූ, සම්‍යක් සම්බුදුවරයෙකු විසින් දේශනා කරන ලද්දා වූ ධර්මයෙහි ආකාරය මෙසේ වීමයි.
145
‘‘ඉමෙ ච, භික්ඛවෙ, චත්තාරො උපාදානා. කිංනිදානා කිංසමුදයා කිංජාතිකා කිංපභවා? ඉමෙ චත්තාරො උපාදානා තණ්හානිදානා තණ්හාසමුදයා තණ්හාජාතිකා තණ්හාපභවා. තණ්හා චායං, භික්ඛවෙ, කිංනිදානා කිංසමුදයා කිංජාතිකා කිංපභවා? තණ්හා වෙදනානිදානා වෙදනාසමුදයා වෙදනාජාතිකා වෙදනාපභවා. වෙදනා චායං, භික්ඛවෙ, කිංනිදානා කිංසමුදයා කිංජාතිකා කිංපභවා? වෙදනා ඵස්සනිදානා ඵස්සසමුදයා ඵස්සජාතිකා ඵස්සපභවා. ඵස්සො චායං, භික්ඛවෙ, කිංනිදානො කිංසමුදයො කිංජාතිකො කිංපභවො? ඵස්සො සළායතනනිදානො සළායතනසමුදයො සළායතනජාතිකො සළායතනපභවො. සළායතනඤ්චිදං, භික්ඛවෙ, කිංනිදානං කිංසමුදයං කිංජාතිකං කිංපභවං? සළායතනං නාමරූපනිදානං නාමරූපසමුදයං නාමරූපජාතිකං නාමරූපපභවං. නාමරූපඤ්චිදං, භික්ඛවෙ, කිංනිදානං කිංසමුදයං කිංජාතිකං කිංපභවං? නාමරූපං විඤ්ඤාණනිදානං විඤ්ඤාණසමුදයං විඤ්ඤාණජාතිකං විඤ්ඤාණපභවං. විඤ්ඤාණඤ්චිදං, භික්ඛවෙ , කිංනිදානං කිංසමුදයං කිංජාතිකං කිංපභවං? විඤ්ඤාණං සඞ්ඛාරනිදානං සඞ්ඛාරසමුදයං සඞ්ඛාරජාතිකං සඞ්ඛාරපභවං. සඞ්ඛාරා චිමෙ, භික්ඛවෙ, කිංනිදානා කිංසමුදයා කිංජාතිකා කිංපභවා? සඞ්ඛාරා අවිජ්ජානිදානා අවිජ්ජාසමුදයා අවිජ්ජාජාතිකා අවිජ්ජාපභවා.
‘‘යතො ච ඛො, භික්ඛවෙ, භික්ඛුනො අවිජ්ජා පහීනා හොති විජ්ජා උප්පන්නා, සො අවිජ්ජාවිරාගා විජ්ජුප්පාදා නෙව කාමුපාදානං උපාදියති, න දිට්ඨුපාදානං උපාදියති, න සීලබ්බතුපාදානං උපාදියති, න අත්තවාදුපාදානං උපාදියති. අනුපාදියං න පරිතස්සති, අපරිතස්සං පච්චත්තඤ්ඤෙව පරිනිබ්බායති. ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාතී’’ති.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
145
“මහණෙනි, මේ උපාදාන සතර කුමක් මුල්කාරණය කොට ඇත්තාහුද? කුමක් උත්පත්ති හේතුව කොට ඇත්තාහුද? කුමක් ජාති කොට ඇත්තාහුද? කුමකින් පහළ වන්නාහුද? මේ උපාදාන සතර, තෘෂ්ණාව මූලකාරණ කොට ඇත්තාහුය. තෘෂ්ණාව හේතු කොට ඇත්තාහුය. තෘෂ්ණාව ජාති කොට ඇත්තාහුය. තෘෂ්ණාවෙන් පහළ වන්නාහුය.
“මහණෙනි, මේ තෘෂ්ණාව කුමක් මුල් කාරණ කොට ඇත්තීද? කුමක් උත්පත්ති හේතුව කොට ඇත්තීද? කුමක් ජාති කොට ඇත්තීද? කුමකින් පහළ වන්නීද? තෘෂ්ණාව, වේදනාව මුල් කාරණය කොට ඇත්තීය. වේදනාව උත්පත්ති හේතුව කොට ඇත්තීය. වේදනාව ජාති කොට ඇත්තීය. වේදනාවෙන් පහළ වන්නීය.
“මහණෙනි, මේ වේදනාව කුමක් මූල කාරණ කොට ඇත්තීද? කුමක් උත්පත්ති හේතුව කොට ඇත්තීද? කුමක් ජාති කොට ඇත්තීද? කුමකින් පහළ වන්නීද? වේදනාව, ස්පර්ශය මූල කාරණා කොට ඇත්තීය. ස්පර්ශය උත්පත්ති හේතුව කොට ඇත්තීය. ස්පර්ශය ජාති කොට ඇත්තීය. ස්පර්ශය නිසා පහළ වන්නීය.
“මහණෙනි, මේ ස්පර්ශයතෙම කුමක් මුල් කාරණය කොට ඇත්තේද? කුමක් උත්පත්ති කාරණය කොට ඇත්තේද? කුමක් ජාති කොට ඇත්තේද? කුමකින් පහළ වන්නේද? ස්පර්ශයතෙම, ෂඩායතනයන් (ඇස ආදී ආයතන සය) මුල් කාරණය කොට ඇත්තේය. ෂඩායතනයන් උත්පත්ති හේතුව කොට ඇත්තේය. ෂඩායතනයන් නිසා පහළ වන්නේය.
“මහණෙනි, මේ ෂඩායතනය කුමක් මුල් කාරණය කොට ඇත්තේද? කුමක් උත්පත්ති හේතුව කොට ඇත්තේද? කුමක් ජාති කොට ඇත්තේද? කුමකින් පහළ වන්නේද? ෂඩායතනය, නාම රූපයන් මුල් කාරණය කොට ඇත්තේය. නාම රූපයන් උත්පත්ති හේතුව කොට ඇත්තේය. නාම රූපයන් ජාති කොට ඇත්තේය. නාම රූපයන් නිසා පහළ වන්නේය.
“මහණෙනි, මේ නාම රූපය කුමක් මුල් කාරණය කොට ඇත්තේද? කුමක් උත්පත්ති හේතුව කොට ඇත්තේද? කුමක් ජාති කොට ඇත්තේද? කුමකින් පහළ වන්නේද? නාම රූපය, විඤ්ඤාණය මුල් කාරණය කොට ඇත්තේය. විඤ්ඤාණය උත්පත්ති කාරණය කොට ඇත්තේය. විඤ්ඤාණය ජාති කොට ඇත්තේය. විඤ්ඤාණය නිසා පහළ වන්නේය.
“මහණෙනි, මේ විඤ්ඤාණය කුමක් මුල් කාරණය කොට ඇත්තේද? කුමක් උත්පත්ති හේතුව කොට ඇත්තේද? කුමක් ජාති කොට ඇත්තේද? කුමකින් පහළ වන්නේද? විඤ්ඤාණය, සංස්කාරයන් මුල් කාරණය කොට ඇත්තේය. සංස්කාරයන් උත්පත්ති හේතු කොට ඇත්තේය. සංස්කාරයන් උත්පත්ති කාරණය කොට ඇත්තේය. සංස්කාරයන් ජාති කොට ඇත්තේය. සංස්කාරයන් නිසා පහළ වන්නේය.
“මහණෙනි, මේ සංස්කාරයෝ කුමක් මුල් කාරණය කොට ඇත්තාහුද? කුමක් උත්පත්ති කාරණය කොට ඇත්තාහුද? කුමක් ජාති කොට ඇත්තාහුද? කුමක් නිසා පහළ වන්නාහුද? අවිද්‍යාව මුල්කාරණය කොට ඇත්තාහුය. අවිද්‍යාව උත්පත්ති කාරණය කොට ඇත්තාහුය. අවිද්‍යාව ජාති කොට ඇත්තාහුය. අවිද්‍යාව නිසා පහළ වන්නාහුය.
“මහණෙනි, යම් තැනක පටන් භික්ෂුවගේ අවිද්‍යාව නැති වූවා වේද, විද්‍යාව උපන්නී වේද, අවිද්‍යාවෙන් වෙන්වී විද්‍යාව පහළවීම නිසා කාම උපාදාන වශයෙන් නොගනියි. දෘෂ්ටි උපාදාන වශයෙන් නොගනියි. ශීලව්‍රත උපාදාන වශයෙන් නොගනියි. ආත්මවාද උපාදාන වශයෙන් නොගනියි. උපාදාන වශයෙන් නොගන්නේ තැති නොගනියි. තැති නොගන්නේ තෙමේම කෙලෙස් නැති කරයි. ජාතිය කෙළවරවීයයිද, බ්‍රහ්මචර්ය වාසය නිමවන ලදැයිද, මේ ආත්මයෙහි තවත් කළයුතු දෙයක් නැතැයිද දැනගනියි.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙන් සතුටු වූහ.
2. මහාසීහනාදසුත්තං 2. මහා සීහනාද සූත්‍රය
3. මහාදුක්ඛක්ඛන්ධසුත්තං 3. මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය
4. චූළදුක්ඛක්ඛන්ධසුත්තං 4. චූල දුක්ඛක්ඛන්ධ සූත්‍රය
5. අනුමානසුත්තං 5. අනුමාන සූත්‍රය
6. චෙතොඛිලසුත්තං 6. චෙතොඛිල සූත්‍රය
7. වනපත්ථසුත්තං 7. වනපත්ථ සූත්‍රය
8. මධුපිණ්ඩිකසුත්තං 8. මධු පිණ්ඩික සූත්‍රය
9. ද්වෙධාවිතක්කසුත්තං 9. ද්වෙධා විතක්ක සූත්‍රය
10. විතක්කසණ්ඨානසුත්තං 10. විතක්ක සණ්ඨාන සූත්‍රය