ත්‍රිපිටකය
මජ්ඣිමනිකායො මජ්ඣිම නිකාය
මූලපණ්ණාසපාළි මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.)
1. මූලපරියායවග්ගො 1. මූල පරියාය වර්ගය
1. මූලපරියායසුත්තං 1. මූල පරියාය සූත්‍රය
2. සබ්බාසවසුත්තං 2. සබ්බාසව සූත්‍රය
3. ධම්මදායාදසුත්තං 3. ධම්ම දායාද සූත්‍රය
4. භයභෙරවසුත්තං 4. භයභෙරව සූත්‍රය
5. අනඞ්ගණසුත්තං 5. අනංගණ සූත්‍රය
6. ආකඞ්ඛෙය්‍යසුත්තං 6. ආකඩ්ඛෙය්‍ය සූත්‍රය
7. වත්ථසුත්තං 7. වත්ථ සූත්‍රය
8. සල්ලෙඛසුත්තං 8. සල්ලේඛ සූත්‍රය
81
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මා මහාචුන්දො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා මහාචුන්දො භගවන්තං එතදවොච - ‘‘යා ඉමා, භන්තෙ, අනෙකවිහිතා දිට්ඨියො ලොකෙ උප්පජ්ජන්ති - අත්තවාදපටිසංයුත්තා වා ලොකවාදපටිසංයුත්තා වා - ආදිමෙව නු ඛො, භන්තෙ, භික්ඛුනො මනසිකරොතො එවමෙතාසං දිට්ඨීනං පහානං හොති, එවමෙතාසං දිට්ඨීනං පටිනිස්සග්ගො හොතී’’ති?
81
මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනාථ පිණ්ඩික සිටුහු විසින් කරවනලද ජේතවන නම් විහාරයෙහි වැඩ වාසය කරති. එකල්හි ආයුෂ්මත් මහාචුන්ද ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි විවේක සුවයෙන් නැගීසිටියේ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණියහ, පැමිණ, භාග්‍යවතුන්වහන්සේට වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන්නාවූ ආයුෂ්මත් මහාචුන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.
“ස්වාමීනි, ආත්මවාදයෙන් යුක්තවූද, ලොකවාදයෙන් යුක්තවූද නොයෙක් ආකාරවූ යම් ඒ මිථ්‍යාදෘෂ්ටීහු (වැරදි දැකීම්) ලෝකයෙහි උපදිත්ද ස්වාමීනි, පළමුකොටම (විදර්ශනා මිශ්‍රභාවනා) මෙනෙහි කරන්නාවූ මහණහට ඒ දෘෂ්ටීන්ගේ නැතිකිරීම වෙයිද? ඒ දෘෂ්ටීන්ගේ දුරලීම් වෙයිද?
82
‘‘යා ඉමා, චුන්ද, අනෙකවිහිතා දිට්ඨියො ලොකෙ උප්පජ්ජන්ති - අත්තවාදපටිසංයුත්තා වා ලොකවාදපටිසංයුත්තා වා - යත්ථ චෙතා දිට්ඨියො උප්පජ්ජන්ති යත්ථ ච අනුසෙන්ති යත්ථ ච සමුදාචරන්ති තං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙ සො අත්තා’ති - එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤා පස්සතො එවමෙතාසං දිට්ඨීනං පහානං හොති, එවමෙතාසං දිට්ඨීනං පටිනිස්සග්ගො හොති.
‘‘ඨානං ඛො පනෙතං, චුන්ද, විජ්ජති යං ඉධෙකච්චො භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරෙය්‍ය. තස්ස එවමස්ස - ‘සල්ලෙඛෙන විහරාමී’ති. න ඛො පනෙතෙ, චුන්ද, අරියස්ස විනයෙ සල්ලෙඛා වුච්චන්ති. දිට්ඨධම්මසුඛවිහාරා එතෙ අරියස්ස විනයෙ වුච්චන්ති.
‘‘ඨානං ඛො පනෙතං, චුන්ද, විජ්ජති යං ඉධෙකච්චො භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරෙය්‍ය. තස්ස එවමස්ස - ‘සල්ලෙඛෙන විහරාමී’ති. න ඛො පනෙතෙ, චුන්ද, අරියස්ස විනයෙ සල්ලෙඛා වුච්චන්ති. දිට්ඨධම්මසුඛවිහාරා එතෙ අරියස්ස විනයෙ වුච්චන්ති.
‘‘ඨානං ඛො පනෙතං, චුන්ද, විජ්ජති යං ඉධෙකච්චො භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරෙය්‍ය, සතො ච සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙය්‍ය, යං තං අරියා ආචික්ඛන්ති - ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති තතියං ඣානං උපසම්පජ්ජ විහරෙය්‍ය. තස්ස එවමස්ස - ‘සල්ලෙඛෙන විහරාමී’ති. න ඛො පනෙතෙ, චුන්ද, අරියස්ස විනයෙ සල්ලෙඛා වුච්චන්ති. දිට්ඨධම්මසුඛවිහාරා එතෙ අරියස්ස විනයෙ වුච්චන්ති.
‘‘ඨානං ඛො පනෙතං, චුන්ද, විජ්ජති යං ඉධෙකච්චො භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරෙය්‍ය. තස්ස එවමස්ස - ‘සල්ලෙඛෙන විහරාමී’ති. න ඛො පනෙතෙ, චුන්ද, අරියස්ස විනයෙ සල්ලෙඛා වුච්චන්ති. දිට්ඨධම්මසුඛවිහාරා එතෙ අරියස්ස විනයෙ වුච්චන්ති.
‘‘ඨානං ඛො පනෙතං, චුන්ද, විජ්ජති යං ඉධෙකච්චො භික්ඛු සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා, පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා, නානත්තසඤ්ඤානං අමනසිකාරා, ‘අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරෙය්‍ය. තස්ස එවමස්ස - ‘සල්ලෙඛෙන විහරාමී’ති. න ඛො පනෙතෙ, චුන්ද, අරියස්ස විනයෙ සල්ලෙඛා වුච්චන්ති. සන්තා එතෙ විහාරා අරියස්ස විනයෙ වුච්චන්ති.
‘‘ඨානං ඛො පනෙතං, චුන්ද, විජ්ජති යං ඉධෙකච්චො භික්ඛු සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණ’න්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරෙය්‍ය. තස්ස එවමස්ස - ‘සල්ලෙඛෙන විහරාමී’ති. න ඛො පනෙතෙ, චුන්ද, අරියස්ස විනයෙ සල්ලෙඛා වුච්චන්ති. සන්තා එතෙ විහාරා අරියස්ස විනයෙ වුච්චන්ති.
‘‘ඨානං ඛො පනෙතං, චුන්ද, විජ්ජති යං ඉධෙකච්චො භික්ඛු සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරෙය්‍ය. තස්ස එවමස්ස - ‘සල්ලෙඛෙන විහරාමී’ති. න ඛො පනෙතෙ, චුන්ද, අරියස්ස විනයෙ සල්ලෙඛා වුච්චන්ති. සන්තා එතෙ විහාරා අරියස්ස විනයෙ වුච්චන්ති.
‘‘ඨානං ඛො පනෙතං, චුන්ද, විජ්ජති යං ඉධෙකච්චො භික්ඛු සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරෙය්‍ය. තස්ස එවමස්ස - ‘සල්ලෙඛෙන විහරාමී’ති . න ඛො පනෙතෙ, චුන්ද, අරියස්ස විනයෙ සල්ලෙඛා වුච්චන්ති. සන්තා එතෙ විහාරා අරියස්ස විනයෙ වුච්චන්ති.
82
“චුන්දය, ආත්මවාදයෙන් යුක්තවූද ලොකවාදයෙන් යුක්තවූද නොයෙක් ආකාරවූ යම් ඒ මිථ්‍යාදෘෂ්ටීහු ලෝකයෙහි උපදිත්ද යම් පඤ්චස්කන්ධයක මේ දෘෂ්ටිහු උපදිත්ද, යම් පඤ්චස්කන්ධයක සයනය කරද්ද යම් පඤ්චස්කන්ධයක ද්වාර ඉක්මවීම් වශයෙන් හැසිරෙද්ද, ඒ මේ පඤ්චස්කන්ධය මාගේ නොවෙයි. මේ පඤ්චස්කන්ධය මම නොවෙමි, මේ පඤ්චස්කන්ධය මාගේ ආත්මය නොවෙයි, කියා මෙසේ මෙය තතුසේ යහපත් නුවණින් දක්නහුට මෙසේ මේ දෘෂ්ටීන්ගේ නැති කිරීම වෙයි. මෙසේ මේ දෘෂ්ටීන්ගේ දුරලීම වෙයි.”
“චුන්දය, මේ කාරණයෙක් ඇත්තේය. යම් හේතුවකින් ශාසනයෙහි ඇතැම් මහණෙක් කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරන්නේද ඕහට සල්ලේඛයෙන් (කෙලෙස් කැපීමෙන්) යුක්තව වාසයකරමි යන මෙබඳු සිතක් වන්නේය. චුන්දය, මේ ධ්‍යානයෝ ආර්යශාසනයෙහි (ශාසනයෙහි) සල්ලේඛයෝයි කියනු නොලැබෙත්. මොහු ආර්ය ශාසනයෙහි මෙලොව සැප වාසයෝයයි කියනු ලැබෙත්.
“චුන්දය, මේ කාරණයෙක් ඇත්තේය. මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවක් විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් අභ්‍යන්තරය පැහැදීම ඇති, හිතේ එකඟබව ඇති විතර්ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරන්නේද ඕහට මෙසේ සිතක් වන්නේය. සල්ලේඛයෙන් වාසය කරමි (කියායි) චුන්දය, මොහු ආර්ය ශාසනයෙහි සල්ලේඛයෝයයි කියනු නොලැබෙත්. මොහු ආර්ය ශාසනයෙහි මෙලොව සැප වාසයෝයයි කියනු ලැබෙත්.
“චුන්දය, මේ කාරණයෙක් ඇත්තේය. යම් හේතුවකින් මෙහි ඇතැම් මහණෙක් ප්‍රීතියෙහිද නොඇලීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කරයිද සිහියෙන් යුක්තවූයේ නුවණින් යුක්තවූයේ ශරීරයෙන් සුවය විඳින්නේද, ආර්යයෝ යම් ඒ තෘතීය ධ්‍යානයක් උපෙක්ෂා ඇති සිහි ඇති සැප විහරණ ඇත්තේයයි කියත්ද ඒ කෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරන්නේද, ඕහට මෙසේ සිතක් වන්නේය, සල්ලේඛයෙන් වාසය කරමි (කියායි) චුන්දය, මොහු ආර්යශාසනයෙහි සල්ලේඛයෝයයි කියනු නොලැබෙත්. මොහු ආර්ය ශාසනයෙහි මෙලොව සැප වාසයෝයි කියනු ලැබෙත්.
“චුන්දය, මේ කාරණයෙක් ඇත්තේය. යම් හේතුවකින් මෙහි ඇතැම් මහණෙක් සැපය දුරුකිරීමෙන්ද දුක දුරුකිරීමෙන්ද, පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන් නිදුක්වූ නොසැපවූ උපේක්ෂා ස්මෘති පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරන්නේද, ඕහට මෙසේ සිතක් වන්නේය. සල්ලේඛයෙන් වාසයකරමි (කියායි) චුන්දය, මොහු ආර්ය ශාසනයෙහි සල්ලේඛයෝයි කියනු නොලැබෙත්. මොහු ආර්ය ශාසනයෙහි මෙලොව සැප වාසයෝයි කියනු ලැබෙත්.
“චුන්දය, මේ කාරණයෙක් ඇත්තේය. යම් හේතුවකින් මෙහි යම්කිසි මහණෙක් සියලු අයුරින් රූපසංඥාව ඉක්මවීමෙන් ප්‍රතිඝ (ගැටීම්) සංඥාව නැතිකිරීමෙන් නානත්ත (විවිධ) සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාශය අනන්ත යයි ආකාසානඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, ඕහට මෙසේ සිතක් වන්නේය. සල්ලේඛයෙන් වාසය කරමියි (කියායි) මොහු ආර්ය ශාසනයෙහි සල්ලෙඛයෝයයි කියනු නොලැබෙත්. ආර්ය ශාසනයෙහිදී මොහු ශාන්ත විහරණයෝ යයි කියනු ලැබෙත්.
“චුන්දය, මේ කාරණයෙක් ඇත්තේය. යම් හේතුවකින් මෙහි යම්කිසි මහණෙක් සියලු අයුරින් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, ඕහට මෙසේ සිතක් වන්නේය. සල්ලෙඛයෙන් වාසය කරමියි (කියායි) මොහු ආර්යශාසනයෙහි සල්ලෙඛයෝයි කියනු නොලැබෙත්. ආර්ය ශාසනයෙහිදී මොහු ශාන්ත විහරණයෝයයි කියනු ලැබෙත්.
“චුන්දය, මේ කාරණයෙක් ඇත්තේය. යම් හේතුවකින් මෙහි යම්කිසි මහණෙක් සියලු අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, ඕහට මෙසේ සිතක් වන්නේය. සල්ලෙඛයෙන් වාසය කරමි (කියායි) චුන්දය, මොහු ආර්ය ශාසනයෙහි සල්ලෙඛයෝයි කියනු නොලැබෙත්. මොහු ආර්ය ශාසනයෙහි ශාන්ත විහරණයෝයයි කියනු ලැබෙත්.
“චුන්දය, මේ කාරණයෙක් ඇත්තේය. යම් හේතුවකින් මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් සියලු අයුරෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරන්නේද ඕහට මෙසේ සිතක් වන්නේය සල්ලෙඛයෙන් වාසය කරමියි (කියායි) මොහු ආර්ය ශාසනයෙහි සල්ලෙඛයෝයි කියනු නොලැබෙත්. ආර්ය ශාසනයෙහිදී මොහු ශාන්ත විහරණයෝයයි කියනු ලැබෙත්.
83
‘‘ඉධ ඛො පන වො, චුන්ද, සල්ලෙඛො කරණීයො. ‘පරෙ විහිංසකා භවිස්සන්ති, මයමෙත්ථ අවිහිංසකා භවිස්සාමා’ති සල්ලෙඛො කරණීයො. ‘පරෙ පාණාතිපාතී භවිස්සන්ති, මයමෙත්ථ පාණාතිපාතා පටිවිරතා භවිස්සාමා’ති සල්ලෙඛො කරණීයො. ‘පරෙ අදින්නාදායී භවිස්සන්ති, මයමෙත්ථ අදින්නාදානා පටිවිරතා භවිස්සාමා’ති සල්ලෙඛො කරණීයො. ‘පරෙ අබ්‍රහ්මචාරී භවිස්සන්ති, මයමෙත්ථ බ්‍රහ්මචාරී භවිස්සාමා’ති සල්ලෙඛො කරණීයො. ‘පරෙ මුසාවාදී භවිස්සන්ති, මයමෙත්ථ මුසාවාදා පටිවිරතා භවිස්සාමා’ති සල්ලෙඛො කරණීයො. ‘පරෙ පිසුණවාචා (පිසුණා වාචා (සී. පී.)) භවිස්සන්ති, මයමෙත්ථ පිසුණාය වාචාය පටිවිරතා භවිස්සාමා’ති සල්ලෙඛො කරණීයො. ‘පරෙ ඵරුසවාචා (ඵරුසා වාචා (සී. පී.)) භවිස්සන්ති, මයමෙත්ථ ඵරුසාය වාචාය පටිවිරතා භවිස්සාමා’ති සල්ලෙඛො කරණීයො. ‘පරෙ සම්ඵප්පලාපී භවිස්සන්ති, මයමෙත්ථ සම්ඵප්පලාපා පටිවිරතා භවිස්සාමා’ති සල්ලෙඛො කරණීයො. ‘පරෙ අභිජ්ඣාලූ භවිස්සන්ති, මයමෙත්ථ අනභිජ්ඣාලූ භවිස්සාමා’ති සල්ලෙඛො කරණීයො. ‘පරෙ බ්‍යාපන්නචිත්තා භවිස්සන්ති, මයමෙත්ථ අබ්‍යාපන්නචිත්තා භවිස්සාමා’ති සල්ලෙඛො කරණීයො. ‘පරෙ මිච්ඡාදිට්ඨී භවිස්සන්ති, මයමෙත්ථ සම්මාදිට්ඨී භවිස්සාමා’ති සල්ලෙඛො කරණීයො. ‘පරෙ මිච්ඡාසඞ්කප්පා භවිස්සන්ති, මයමෙත්ථ සම්මාසඞ්කප්පා භවිස්සාමා’ති සල්ලෙඛො කරණීයො. ‘පරෙ මිච්ඡාවාචා භවිස්සන්ති, මයමෙත්ථ සම්මාවාචා භවිස්සාමා’ති සල්ලෙඛො කරණීයො. ‘පරෙ මිච්ඡාකම්මන්තා භවිස්සන්ති, මයමෙත්ථ සම්මාකම්මන්තා භවිස්සාමා’ති සල්ලෙඛො කරණීයො. ‘පරෙ මිච්ඡාආජීවා භවිස්සන්ති, මයමෙත්ථ සම්මාආජීවා භවිස්සාමා’ති සල්ලෙඛො කරණීයො. ‘පරෙ මිච්ඡාවායාමා භවිස්සන්ති, මයමෙත්ථ සම්මාවායාමා භවිස්සාමා’ති සල්ලෙඛො කරණීයො. ‘පරෙ මිච්ඡාසතී භවිස්සන්ති, මයමෙත්ථ සම්මාසතී භවිස්සාමා’ති සල්ලෙඛො කරණීයො. ‘පරෙ මිච්ඡාසමාධි භවිස්සන්ති, මයමෙත්ථ සම්මාසමාධී භවිස්සාමා’ති සල්ලෙඛො කරණීයො. ‘පරෙ මිච්ඡාඤාණී භවිස්සන්ති, මයමෙත්ථ සම්මාඤාණී භවිස්සාමා’ති සල්ලෙඛො කරණීයො. ‘පරෙ මිච්ඡාවිමුත්තී භවිස්සන්ති, මයමෙත්ථ සම්මාවිමුත්තී භවිස්සාමා’ති සල්ලෙඛො කරණීයො.
‘‘‘පරෙ ථීනමිද්ධපරියුට්ඨිතා භවිස්සන්ති, මයමෙත්ථ විගතථීනමිද්ධා භවිස්සාමා’ති සල්ලෙඛො කරණීයො . ‘පරෙ උද්ධතා භවිස්සන්ති, මයමෙත්ථ අනුද්ධතා භවිස්සාමා’ති සල්ලෙඛො කරණීයො. ‘පරෙ විචිකිච්ඡී (වෙචිකිච්ඡී (සී. පී. ක.)) භවිස්සන්ති, මයමෙත්ථ තිණ්ණවිචිකිච්ඡා භවිස්සාමා’ති සල්ලෙඛො කරණීයො. ‘පරෙ කොධනා භවිස්සන්ති, මයමෙත්ථ අක්කොධනා භවිස්සාමා’ති සල්ලෙඛො කරණීයො. ‘පරෙ උපනාහී භවිස්සන්ති, මයමෙත්ථ අනුපනාහී භවිස්සාමා’ති සල්ලෙඛො කරණීයො. ‘පරෙ මක්ඛී භවිස්සන්ති , මයමෙත්ථ අමක්ඛී භවිස්සාමා’ති සල්ලෙඛො කරණීයො. ‘පරෙ පළාසී භවිස්සන්ති, මයමෙත්ථ අපළාසී භවිස්සාමා’ති සල්ලෙඛො කරණීයො. ‘පරෙ ඉස්සුකී භවිස්සන්ති, මයමෙත්ථ අනිස්සුකී භවිස්සාමා’ති සල්ලෙඛො කරණීයො. ‘පරෙ මච්ඡරී භවිස්සන්ති, මයමෙත්ථ අමච්ඡරී භවිස්සාමා’ති සල්ලෙඛො කරණීයො. ‘පරෙ සඨා භවිස්සන්ති, මයමෙත්ථ අසඨා භවිස්සාමා’ති සල්ලෙඛො කරණීයො. ‘පරෙ මායාවී භවිස්සන්ති, මයමෙත්ථ අමායාවී භවිස්සාමා’ති සල්ලෙඛො කරණීයො. ‘පරෙ ථද්ධා භවිස්සන්ති, මයමෙත්ථ අත්ථද්ධා භවිස්සාමා’ති සල්ලෙඛො කරණීයො. ‘පරෙ අතිමානී භවිස්සන්ති, මයමෙත්ථ අනතිමානී භවිස්සාමා’ති සල්ලෙඛො කරණීයො. ‘පරෙ දුබ්බචා භවිස්සන්ති, මයමෙත්ථ සුවචා භවිස්සාමා’ති සල්ලෙඛො කරණීයො. ‘පරෙ පාපමිත්තා භවිස්සන්ති, මයමෙත්ථ කල්‍යාණමිත්තා භවිස්සාමා’ති සල්ලෙඛො කරණීයො. ‘පරෙ පමත්තා භවිස්සන්ති, මයමෙත්ථ අප්පමත්තා භවිස්සාමා’ති සල්ලෙඛො කරණීයො. ‘පරෙ අස්සද්ධා භවිස්සන්ති, මයමෙත්ථ සද්ධා භවිස්සාමා’ති සල්ලෙඛො කරණීයො. ‘පරෙ අහිරිකා භවිස්සන්ති, මයමෙත්ථ හිරිමනා භවිස්සාමා’ති සල්ලෙඛො කරණීයො. ‘පරෙ අනොත්තාපී (අනොත්තප්පී (ක.)) භවිස්සන්ති, මයමෙත්ථ ඔත්තාපී භවිස්සාමා’ති සල්ලෙඛො කරණීයො. ‘පරෙ අප්පස්සුතා භවිස්සන්ති, මයමෙත්ථ බහුස්සුතා භවිස්සාමා’ති සල්ලෙඛො කරණීයො. ‘පරෙ කුසීතා භවිස්සන්ති, මයමෙත්ථ ආරද්ධවීරියා භවිස්සාමා’ති සල්ලෙඛො කරණීයො. ‘පරෙ මුට්ඨස්සතී භවිස්සන්ති, මයමෙත්ථ උපට්ඨිතස්සතී භවිස්සාමා’ති සල්ලෙඛො කරණීයො. ‘පරෙ දුප්පඤ්ඤා භවිස්සන්ති, මයමෙත්ථ පඤ්ඤාසම්පන්නා භවිස්සාමා’ති සල්ලෙඛො කරණීයො. ‘පරෙ සන්දිට්ඨිපරාමාසී ආධානග්ගාහී දුප්පටිනිස්සග්ගී භවිස්සන්ති, මයමෙත්ථ අසන්දිට්ඨිපරාමාසී අනාධානග්ගාහී සුප්පටිනිස්සග්ගී භවිස්සාමා’ති සල්ලෙඛො කරණීයො.
83
“චුන්දය, මේ ශාසනයෙහි වනාහි තොප විසින් සල්ලෙඛය (කෙලෙස් කැපීම) කටයුතුයි. අන්‍යයෝ සත්ත්ව හිංසා කරන්නෝ වන්නාහ. අපි වනාහි මෙහි හිංසා නොකරන්නෝ වන්නෙමුයයි සල්ලෙඛ කටයුතුයි. අන්‍යයෝ ප්‍රාණඝාත කරන්නෝ වන්නාහ. අපි මෙහි ප්‍රාණඝාතයෙන් වෙන්වූවෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුයි. අන්‍යයෝ නුදුන් දෙය ගන්නෝ වන්නාහුය. අපි නුදුන් දෙය ගැනීමෙන් වැළකුණෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුයි.
“අන්‍යයෝ මෛථුන ධර්ම සංඛ්‍යාත ලාමක හැසිරීම් ඇත්තෝ වන්නාහුය. අපි ඒ ලාමක හැසිරීමෙන් වැළකුණෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුයි. අන්‍යයෝ බොරු කියන්නෝ වන්නාහුය. අපි බොරු කීමෙන් වැළකුණෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුයි. අන්‍යයෝ කේලාම් කියන්නෝ වන්නාහුය. අපි කේලාම් කීමෙන් වැළකුණෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුයි. අන්‍යයෝ ඵරුෂ වචන කියන්නෝ වන්නාහුය. අපි ඵරුෂ වචන කීමෙන් වැළකුණෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුයි. අන්‍යයෝ හිස් වචන කියන්නෝ වන්නාහුය. අපි හිස් වචන කීමෙන් වැළකුණෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුයි. අන්‍යයෝ අධික ලෝභ ඇත්තෝ වන්නාහුය. අපි අධික ලෝභ නැත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ ව්‍යාපාද (නසනු කැමති) සිත් ඇත්තෝ වන්නාහුය. අපි අව්‍යාපාද (නසනු නොකැමති) සිත් ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුයි. අන්‍යයෝ වැරදි දැකීම් ඇත්තෝ වන්නාහුය. අපි හරි දැකීම් ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ වැරදි කල්පනා ඇත්තෝ වන්නාහුය. අපි හරි කල්පනා ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ වැරදි වචන ඇත්තෝ වන්නාහුය. අපි හරි වචන ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ වැරදි කර්මාන්ත ඇත්තෝ වන්නාහුය. අපි හරි කර්මාන්ත ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ වැරදි දිවිපෙවෙත ඇත්තෝ වන්නාහුය. අපි හරි දිවිපෙවෙත ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ වැරදි උත්සාහ ඇත්තෝ වන්නාහුය. අපි හරි උත්සාහ ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ වැරදි සිහි ඇත්තෝ වන්නාහුය. අපි හරි සිහිය ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ වැරදි සමාධි ඇත්තෝ වන්නාහුය. අපි හරි සමාධි ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ වැරදි නුවණ ඇත්තෝ වන්නාහුය. අපි හරි නුවණ ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ වැරදි මිදීම් ඇත්තාහු වන්නාහුය. අපි හරි මිදීම් ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ ථිනමිද්ධයෙන් (චිත්ත චෛතසිකයන්ගේ මැලිකමින්) මඩනා ලද්දේ වන්නාහුය. අපි පහවූ ථිනමිද්ධ ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ නොසන්සුන් වූවෝ වෙත්. අපි සන්සුන් වූවෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ විචිකිච්ඡාවෙන් (සැකයෙන්) යුක්තවූවෝ වන්නාහුය. අපි දුරු කළ විචිකිච්ඡා ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ ක්‍රොධකරන්නෝ වන්නාහුය. අපි ක්‍රොධ රහිත වූවෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ බද්ධවෛර ඇත්තෝ වන්නාහුය. අපි බද්ධවෛර නැත්තාහු වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ ගුණමකුකම ඇත්තෝ වන්නාහුය. අපි ගුණමකුකම නැත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ පලාස (පහත්ව සිටිමින් උසස් පුද්ගලයන් හා තමන් සමකර සිතීම) ඇත්තෝ වන්නාහුය අපි පලාස හෙවත් යුගග්‍රාහ නැත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ ඊර්ෂ්‍යා ඇත්තෝ වන්නාහුය. අපි ඊර්ෂ්‍යා නැත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ මසුරු ගති ඇත්තෝ වන්නාහුය. අපි මසුරු ගති නැත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ කෛරාටික වන්නාහුය. අපි කෛරාටික නුවූවෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ රැවටිලි ඇත්තාහු වන්නහුය. අපි රැවටිලි නැත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ තද වූවෝ වන්නාහුය. අපි තද නුවූවෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ අධිකමාන ඇත්තෝ වන්නාහුය. අපි අධික මාන නැත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ අකීකරුවූවෝ වන්නාහුය. අපි කීකරුවූවෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ පවිටු මිතුරන් ඇත්තෝ වන්නාහුය. අපි යහපත් මිතුරන් ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ ප්‍රමාද වූවෝ වන්නාහුය. අපි ප්‍රමාදවූවෝ නොවන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ ශ්‍රද්ධා නැත්තෝ වන්නාහුය. අපි ශ්‍රද්ධා ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ ලජ්ජා නැත්තෝ වන්නාහුය. අපි ලජ්ජා ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ පාපයෙහි භය නැත්තෝ වන්නාහුය. අපි පාපයෙහි භය ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ ඇසූ පිරූ තැන් නැත්තෝ වන්නාහුය. අපි ඇසූ පිරූ තැන් ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ කුසීත වන්නාහුය. අපි පටන්ගන්නාලද වීර්ය ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය.
“අන්‍යයෝ මුළා සිහි ඇත්තෝ වන්නාහුය. අපි එළඹ සිටි සිහි ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ ප්‍රඥා නැත්තෝ වන්නාහුය. අපි ප්‍රඥාවෙන් සම්පූර්ණ වූවෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ තමන්ගේම දෘෂ්ටිය ගෙන සිටින්නාහු එය තදින් අල්ලාගෙන සිටින්නාහු එයින් වෙන්කිරීම දුෂ්කර වූවාහු වන්නාහුය. අපි තමන්ගේම දෘෂ්ටිය ගෙන නොසිටින්නාහු දෘෂ්ටිය තදින් අල්ලාගෙන නොසිටින්නාහු එම දෘෂ්ටියෙන් පහසුවෙන් දුරු කළ හැක්කාහු වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය.
84
‘‘චිත්තුප්පාදම්පි ඛො අහං, චුන්ද, කුසලෙසු ධම්මෙසු බහුකාරං (බහූපකාරං (ක.)) වදාමි, කො පන වාදො කායෙන වාචාය අනුවිධීයනාසු! තස්මාතිහ, චුන්ද, ‘පරෙ විහිංසකා භවිස්සන්ති, මයමෙත්ථ අවිහිංසකා භවිස්සාමා’ති චිත්තං උප්පාදෙතබ්බං. ‘පරෙ පාණාතිපාතී භවිස්සන්ති, මයමෙත්ථ පාණාතිපාතා පටිවිරතා භවිස්සාමා’ති චිත්තං උප්පාදෙතබ්බං...‘පරෙ සන්දිට්ඨිපරාමාසී ආධානග්ගාහී දුප්පටිනිස්සග්ගී භවිස්සන්ති, මයමෙත්ථ අසන්දිට්ඨිපරාමාසී අනාධානග්ගාහී සුප්පටිනිස්සග්ගී භවිස්සාමා’ති චිත්තං උප්පාදෙතබ්බං.
84
චුන්දය, කුශල ධර්මයන්හි හිතක් ඇතිකර ගැනීම පවා බොහෝ උපකාර ඇත්තේයයි මම කියමි. කයින් වචනයෙන් කරණු ලබන කල්හි කියනුම කවරේද, චුන්දය එහෙයින් අන්‍යයෝ සත්ත්ව හිංසා කරන්නෝ වන්නාහුය. අපි මෙහි හිංසා නොකරන්නෝ වන්නෙමුයයි සිත ඉපදවිය යුතුයි. අන්‍යයෝ ප්‍රාණඝාත කරන්නෝ වන්නාහුය. අපි ප්‍රාණඝාතයෙන් වැළකුනෝ වන්නෙමුයයි සිත ඉපදවිය යුතුයි. අන්‍යයෝ නුදුන්දෙය ගන්නෝ වන්නාහුය. අපි නුදුන් දෙය ගැනීමෙන් වැළකුණෝ වන්නෙමුයි සිත ඉපදවිය යුතුයි. අන්‍යයෝ මෛථුනධර්ම සංඛ්‍යාත ලාමක හැසිරීම් ඇත්තෝ වන්නාහුය. අපි බ්‍රහ්මචාරී වන්නෙමුයි සිත් ඉපදවිය යුතුයි. අන්‍යයෝ බොරු කියන්නෝ වන්නාහුය. අපි බොරු කීමෙන් වැළකුනෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුයි. අන්‍යයෝ කේළාම් කියන්නෝ වන්නාහුය. අපි කේළාම් කීමෙන් වැළකුනෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුයි. අන්‍යයෝ ඵරුෂ වචන කියන්නෝ වන්නාහුය. අපි ඵරුෂ වචනයෙන් වැළකුනෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුයි. අන්‍යයෝ හිස් වචන කියන්නෝ වන්නාහුය. අපි හිස්වචන කීමෙන් වැළකුනෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුයි.
“අන්‍යයෝ අධික ලෝභය ඇත්තෝවන්නාහුය. අපි අධික ලෝභ නැත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ ව්‍යාපාද (නසනුකැමති) සිත් ඇත්තෝ වන්නාහුය. අපි අව්‍යාපාද (නසනු නොකැමති) සිත් ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුයි. අන්‍යයෝ වැරදි දැකීම් ඇත්තෝ වන්නාහුය. අපි හරි දැකීම් ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුයි. අන්‍යයෝ වැරදි කල්පනා ඇත්තෝ වන්නාහුය. අපි හරි කල්පනා ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවි යුතුය. අන්‍යයෝ වැරදි වචන ඇත්තෝ වන්නාහුය. අපි හරි වචන ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ වැරදි කර්මාන්ත ඇත්තෝ වන්නාහුය. අපි හරි කර්මාන්ත ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ වැරදි ජීවිකා ඇත්තෝ වන්නාහුය. අපි හරි ජීවිකා ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ වැරදි ව්‍යායාම ඇත්තෝ වන්නාහුය. අපි හරිව්‍යායාම් ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ වැරදි සිහි ඇත්තෝ වන්නාහුය. අපි හරි සිහිය ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ වැරදි සමාධි ඇත්තෝ වන්නාහුය. අපි හරි සමාධි ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවි යුතුය. අන්‍යයෝ වැරදිනුවණ ඇත්තෝ වන්නාහුය. අපි හරි නුවණ ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ වැරදි විමුක්ති ඇත්තෝ වන්නාහුය. අපි හරි විමුක්ති ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය, අන්‍යයෝ ථීනමිද්ධයෙන් වඩනා ලද්දෝ වන්නාහුය. අපි පහවූ ථීනමිද්ධ ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ නොසන්සුන් වූවෝ වෙත්. අපි සන්සුන් වූවෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ විචිකිච්ඡාවෙන් (සැකයෙන්) යුක්ත වූවෝ වන්නාහුය. අපි බැහැර කළ විචිකිච්ඡා ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ ක්‍රොධ කරන්නෝ වන්නාහුය. අපි ක්‍රොධ රහිතවූවෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ බද්ධවෛර ඇත්තෝ වන්නාහුය. අපි බද්ධ වෛර නැත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ මකුගතිය ඇත්තෝ වන්නාහුය අපි මකු ගතිය නැත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ පලාස (පහත්ව සිටිමින් උසස් පුද්ගලයන් හා තමන් සමකර සිතීම) ඇත්තෝ වන්නාහුය. අපි පලාස හෙවත් යුගග්‍රාහ නැත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ ඊර්ෂ්‍යා ඇත්තෝ වන්නාහුය. අපි ඊර්ෂ්‍යා නැත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ මසුරු ගති ඇත්තෝ වන්නාහුය. අපි මසුරු ගති නැත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ කෛරාටික වන්නාහුය. අපි කෛරාටික නුවූවෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ රැවටිලි ඇත්තාහු වන්නාහුය. අපි රැවටිලි නැත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ තදවූවෝ වන්නාහුය. අපි තදනුවූවෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ අධික මාන ඇත්තෝ වන්නාහුය. අපි මානනැත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ අකීකරුවූවෝ වන්නාහුය. අපි කීකරුවූවෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ පවිටු මිතුරන් ඇත්තෝ වන්නාහුය. අපි යහපත් මිතුරන් ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ ප්‍රමාද වූවෝ වන්නාහුය. අපි ප්‍රමාද වූවෝ නොවන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ ශ්‍රද්ධා නැත්තෝ වන්නාහුය. අපි ශ්‍රද්ධා ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ ලජ්ජානැත්තෝ වන්නාහුය. අපි ලජ්ජා ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ පාපයෙහි භය නැත්තෝ වන්නාහුය. අපි පාපයෙහි භය ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවියයුතුය. අන්‍යයෝ ඇසූ පිරූ තැන් නැත්තෝ වන්නාහුය. අපි ඇසූ පිරූ තැන් ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ කුසීත වන්නාහුය. අපි පටන් ගන්නාලද වීර්ය ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ මුළාවූ සිහි ඇත්තෝ වන්නාහුය. අපි එළඹ සිටි සිහි ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ ප්‍රඥා නැත්තෝ වන්නාහුය. අපි ප්‍රඥාවෙන් සම්පූර්ණ වූවෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ තමන්ගේම දෘෂ්ටිය ගෙන සිටින්නාහු එය තදින් අල්ලාගෙන සිටින්නාහු එයින් වෙන් කිරීම දුෂ්කර වූවාහු වන්නාහුය. අපි තමන්ගේම දෘෂ්ටිය ගෙන නොසිටින්නාහු දෘෂ්ටිය තදින් අල්ලාගෙන නොසිටින්නාහු එම දෘෂ්ටිය පහසුවෙන් දුරුකළ හැක්කාහු වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය.
85
‘‘සෙය්‍යථාපි, චුන්ද, විසමො මග්ගො අස්ස, තස්ස (මග්ගො තස්සාස්ස (සී. ස්‍යා. පී.)) අඤ්ඤො සමො මග්ගො පරික්කමනාය; සෙය්‍යථා වා පන, චුන්ද, විසමං තිත්ථං අස්ස, තස්ස අඤ්ඤං සමං තිත්ථං පරික්කමනාය; එවමෙව ඛො, චුන්ද, විහිංසකස්ස පුරිසපුග්ගලස්ස අවිහිංසා හොති පරික්කමනාය, පාණාතිපාතිස්ස පුරිසපුග්ගලස්ස පාණාතිපාතා වෙරමණී හොති පරික්කමනාය, අදින්නාදායිස්ස පුරිසපුග්ගලස්ස අදින්නාදානා වෙරමණී හොති පරික්කමනාය, අබ්‍රහ්මචාරිස්ස පුරිසපුග්ගලස්ස අබ්‍රහ්මචරියා වෙරමණී හොති පරික්කමනාය , මුසාවාදිස්ස පුරිසපුග්ගලස්ස මුසාවාදා වෙරමණී හොති පරික්කමනාය, පිසුණවාචස්ස පුරිසපුග්ගලස්ස පිසුණාය වාචාය වෙරමණී හොති පරික්කමනාය, ඵරුසවාචස්ස පුරිසපුග්ගලස්ස ඵරුසාය වාචාය වෙරමණී හොති පරික්කමනාය, සම්ඵප්පලාපිස්ස පුරිසපුග්ගලස්ස සම්ඵප්පලාපා වෙරමණී හොති පරික්කමනාය, අභිජ්ඣාලුස්ස පුරිසපුග්ගලස්ස අනභිජ්ඣා හොති පරික්කමනාය, බ්‍යාපන්නචිත්තස්ස පුරිසපුග්ගලස්ස අබ්‍යාපාදො හොති පරික්කමනාය, මිච්ඡාදිට්ඨිස්ස පුරිසපුග්ගලස්ස සම්මාදිට්ඨි හොති පරික්කමනාය, මිච්ඡාසඞ්කප්පස්ස පුරිසපුග්ගලස්ස සම්මාසඞ්කප්පො හොති පරික්කමනාය, මිච්ඡාවාචස්ස පුරිසපුග්ගලස්ස සම්මාවාචා හොති පරික්කමනාය, මිච්ඡාකම්මන්තස්ස පුරිසපුග්ගලස්ස සම්මාකම්මන්තො හොති පරික්කමනාය, මිච්ඡාආජීවස්ස පුරිසපුග්ගලස්ස සම්මාආජීවො හොති පරික්කමනාය, මිච්ඡාවායාමස්ස පුරිසපුග්ගලස්ස සම්මාවායාමො හොති පරික්කමනාය, මිච්ඡාසතිස්ස පුරිසපුග්ගලස්ස සම්මාසති හොති පරික්කමනාය, මිච්ඡාසමාධිස්ස පුරිසපුග්ගලස්ස සම්මාසමාධි හොති පරික්කමනාය, මිච්ඡාඤාණිස්ස පුරිසපුග්ගලස්ස සම්මාඤාණං හොති පරික්කමනාය, මිච්ඡාවිමුත්තිස්ස පුරිසපුග්ගලස්ස සම්මාවිමුත්ති හොති පරික්කමනාය.
‘‘ථීනමිද්ධපරියුට්ඨිතස්ස පුරිසපුග්ගලස්ස විගතථිනමිද්ධතා හොති පරික්කමනාය, උද්ධතස්ස පුරිසපුග්ගලස්ස අනුද්ධච්චං හොති පරික්කමනාය, විචිකිච්ඡිස්ස පුරිසපුග්ගලස්ස තිණ්ණවිචිකිච්ඡතා හොති පරික්කමනාය, කොධනස්ස පුරිසපුග්ගලස්ස අක්කොධො හොති පරික්කමනාය, උපනාහිස්ස පුරිසපුග්ගලස්ස අනුපනාහො හොති පරික්කමනාය, මක්ඛිස්ස පුරිසපුග්ගලස්ස අමක්ඛො හොති පරික්කමනාය, පළාසිස්ස පුරිසපුග්ගලස්ස අපළාසො හොති පරික්කමනාය , ඉස්සුකිස්ස පුරිසපුග්ගලස්ස අනිස්සුකිතා හොති පරික්කමනාය, මච්ඡරිස්ස පුරිසපුග්ගලස්ස අමච්ඡරියං හොති පරික්කමනාය, සඨස්ස පුරිසපුග්ගලස්ස අසාඨෙය්‍යං හොති පරික්කමනාය, මායාවිස්ස පුරිසපුග්ගලස්ස අමායා (අමායාවිතා (ක.)) හොති පරික්කමනාය, ථද්ධස්ස පුරිසපුග්ගලස්ස අත්ථද්ධියං හොති පරික්කමනාය, අතිමානිස්ස පුරිසපුග්ගලස්ස අනතිමානො හොති පරික්කමනාය, දුබ්බචස්ස පුරිසපුග්ගලස්ස සොවචස්සතා හොති පරික්කමනාය, පාපමිත්තස්ස පුරිසපුග්ගලස්ස කල්‍යාණමිත්තතා හොති පරික්කමනාය, පමත්තස්ස පුරිසපුග්ගලස්ස අප්පමාදො හොති පරික්කමනාය, අස්සද්ධස්ස පුරිසපුග්ගලස්ස සද්ධා හොති පරික්කමනාය, අහිරිකස්ස පුරිසපුග්ගලස්ස හිරී හොති පරික්කමනාය, අනොත්තාපිස්ස පුරිසපුග්ගලස්ස ඔත්තප්පං හොති පරික්කමනාය, අප්පස්සුතස්ස පුරිසපුග්ගලස්ස බාහුසච්චං හොති පරික්කමනාය, කුසීතස්ස පුරිසපුග්ගලස්ස වීරියාරම්භො හොති පරික්කමනාය, මුට්ඨස්සතිස්ස පුරිසපුග්ගලස්ස උපට්ඨිතස්සතිතා හොති පරික්කමනාය, දුප්පඤ්ඤස්ස පුරිසපුග්ගලස්ස පඤ්ඤාසම්පදා හොති පරික්කමනාය , සන්දිට්ඨිපරාමාසි-ආධානග්ගාහි-දුප්පටිනිස්සග්ගිස්ස පුරිසපුග්ගලස්ස අසන්දිට්ඨිපරාමාසිඅනාධානග්ගාහි-සුප්පටිනිස්සග්ගිතා හොති පරික්කමනාය.
85
“චුන්දය, විෂම මාර්ගයක් දුරලීමට අන්‍යවූ සම මාර්ගයක් ඇත්තේ යම්සේද චුන්දය, විෂමවූ තොටුපලක් දුරලීමට අන්‍යවූ සමවූ තොටක් ඇත්තේ යම්සේද, චුන්දය, එපරිද්දෙන්ම හිංසා කරන්නාවූ පුද්ගලයාට එය දුරලීම පිණිස අවිහිංසාව ඇත්තේය. ප්‍රාණඝාත කරන්නාවූ පුද්ගලයාට එය දුරලීම පිණිස ප්‍රාණඝාතයෙන් වෙන්වීම ඇත්තේය. නොදුන් දෙය පැහැර ගන්නාවූ පුද්ගලයාට එය දුරලීම පිණිස නොදුන් දෙය ගැනීමෙන් වැළකීම ඇත්තේය. අබ්‍රහ්මචාරී පුද්ගලයාට එය දුරලීම පිණිස බ්‍රහ්මචරියාව ඇත්තේය. බොරු කියන්නාවූ පුද්ගලයාට එය දුරලීම පිණිස මුසාවාදයෙන් වැළකීම ඇත්තේය. කේළාම් කියන්නාවූ පුද්ගලයාට එය දුරලීම පිණිස කේළාම් කීමෙන් වැළකීම ඇත්තේය. ඵරුෂ වචන කියන්නාවූ පුද්ගලයාට එය දුරලීම පිණිස ඵරුෂ වචනයෙන් වෙන්වීම ඇත්තේය. හිස් වචන කියන්නාවූ පුද්ගලයාට එය දුරලීම පිණිස හිස් වචන කීමෙන් වෙන්වීම ඇත්තේය. විෂම ලෝභ බහුලවූ පුද්ගලයාට එයදුරලීම පිණිස විෂමලෝභ රහිත බව ඇත්තේය ව්‍යාපාද (නසනු කැමති) සිත් ඇති පුද්ගලයාට එය දුරලීම පිණිස ව්‍යාපාද රහිත බව වෙයි. වැරදි දෘෂ්ටි ඇති පුද්ගලයාට එය දුරලීමට හරි දෘෂ්ටිය ඇත්තේය. වැරදි කල්පනා ඇති පුද්ගලයාට එය දුරලීමට හරි කල්පනාව ඇත්තේය. වැරදි වචන ඇති පුද්ගලයාට එය දුරලීම පිණිස හරි වචන ඇත්තේය. වැරදි කර්මාන්ත ඇති පුද්ගලයාට එය දුරලීමට හරි කර්මාන්තය ඇත්තේය. වැරදි ජීවිකා ඇති පුද්ගලයාට එය දුරලීමට හරි ජීවිකාව ඇත්තේය. වැරදි ව්‍යායාම ඇති පුද්ගලයාට එය දුරලීමට හරි ව්‍යායාමය ඇත්තේය. වැරදි සිහිය ඇති පුද්ගලයාට එය දුරලීමට හරි සිහිය ඇත්තේය. වැරදි සමාධි ඇති පුද්ගලයාට එය දුරලීමට හරි සමාධිය ඇත්තේය. වැරදි ඤාණ ඇති පුද්ගලයාට එය දුරලීම පිණිස හරි ඤාණය ඇත්තේය. වැරදි විමුක්ති ඇති පුද්ගලයාට එය දුරලීම පිණිස හරි විමුක්තිය ඇත්තේය. ථිනමිද්ධයෙන් වෙළුණු පුද්ගලයා එය දුරලීම පිණිස ථිනමිද්ධ නැති බව ඇත්තේය. නොසංසුන්වූ පුද්ගලයාට එය දුරලීමට සන්සුන් බව ඇත්තේය. විචිකිච්ඡා ඇති පුද්ගලයාට එය දුරලීම පිණිස විචිකිච්ඡා නැති බව ඇත්තේය. ක්‍රොධ ඇති පුද්ගලයාට එය දුරලීමට අක්‍රෝධය වෙයි. බද්ධවෛර ඇති පුද්ගලයාට එය දුරලීමට බද්ධවෛර රහිත බව ඇත්තේය. මකු ගුණ ඇති පුද්ගලයාට එය දුරලීමට මකු ගුණ නැති බව ඇත්තේය. යුගග්‍රාහ (උතුමන් හා තමා සමයයි සැලකීම) ඇති පුද්ගලයාට එය දුරලීමට යුගග්‍රාහ රහිත බව ඇත්තේය. ඊර්ෂ්‍යා ඇති පුද්ගලයාට එය දුරලීමට ඊර්ෂ්‍යා රහිත බව ඇත්තේය. මසුරුකම ඇති පුද්ගලයාට එය දුරලීමට නොමසුරු බව ඇත්තේය. කයිරාටිකවූ පුද්ගලයාට එය දුරලීමට කයිරාටික නොවන බවඇත්තේය. රැවටිලි ඇති පුද්ගලයාට එය දුරලීමට රැවටිලි නැති බව ඇත්තේය. තද ගතිය ඇති පුද්ගලයාට එය දුරලීමට තද ගති රහිත බව ඇත්තේය. අධිකමාන ඇති පුද්ගලයාට එය දුරලීමට අධික මාන නැති බව ඇත්තේය, අකීකරු පුද්ගලයාට එය දුරලීම පිණිස කීකරු බව ඇත්තේය.
“පවිටු මිතුරන් ඇති පුද්ගලයාට එය දුරලීමට යහපත් මිතුරන් ඇති බව ඇත්තේය. ප්‍රමාදවූ පුද්ගලයාට එය දුරලීමට අප්‍රමාදය ඇත්තේය. ශ්‍රද්ධා නැති පුද්ගලයාට එය දුරලීමට ශ්‍රද්ධා ඇත්තේය. ලජ්ජානැති පුද්ගලයාට එය දුරලීමට ලජ්ජාව ඇත්තේය. භය නැති පුද්ගලයාට එය දුරලීමට පාපයෙහි භය ඇත්තේය. ඇසූ පිරූ තැන් නැති පුද්ගලයාට එය දුරලීම පිණිස ඇසූ පිරූ තැන් ඇති බව ඇත්තේය. කුසීත පුද්ගලයාට එය දුරලීමට නොපසුබට වීර්යය ඇත්තේය. මුළාවූ සිහි ඇති පුද්ගලයාට එය දුරලීමට එළඹ සිටි සිහි ඇති බව ඇත්තේය. ප්‍රඥා නැති පුද්ගලයාට එය දුරලීමට ප්‍රඥාසම්පත්තිය ඇත්තේය. තමන්ගේම දෘෂ්ටිය ගෙන සිටින්නාවූ එම දෘෂ්ටියම තදින් අල්ලාගෙන සිටින්නාවූ එයින් වෙන් කිරීම දුෂ්කරවූ පුද්ගලයාට එය දුරලීම පිණිස තමන්ගේම දෘෂ්ටිය නොගන්නා බව එම දෘෂ්ටියම තදින් අල්ලාගෙන නොසිටින බව එයින් වෙන්කිරීම පහසු බව ඇත්තේය.
86
‘‘සෙය්‍යථාපි, චුන්ද, යෙ කෙචි අකුසලා ධම්මා සබ්බෙ තෙ අධොභාගඞ්ගමනීයා (අධොභාවඞ්ගමනීයා (සී. ස්‍යා. පී.)), යෙ කෙචි කුසලා ධම්මා සබ්බෙ තෙ උපරිභාගඞ්ගමනීයා (උපරිභාවඞ්ගමනීයා (සී. ස්‍යා. පී.)), එවමෙව ඛො, චුන්ද, විහිංසකස්ස පුරිසපුග්ගලස්ස අවිහිංසා හොති උපරිභාගාය (උපරිභාවාය (සී. ස්‍යා. ක.)), පාණාතිපාතිස්ස පුරිසපුග්ගලස්ස පාණාතිපාතා වෙරමණී හොති උපරිභාගාය...පෙ.... සන්දිට්ඨිපරාමාසි-ආධානග්ගාහි-දුප්පටිනිස්සග්ගිස්ස පුරිසපුග්ගලස්ස අසන්දිට්ඨිපරාමාසි-අනාධානග්ගාහි-සුප්පටිනිස්සග්ගිතා හොති උපරිභාගාය.
86
“චුන්දය, යම්සේ යම්කිසි අකුසල ධර්මකෙනෙක් වෙත් නම් ඒ සියල්ල අපාය ආදී පහත් තැනට පමුණු වන්නාහු වෙත්ද, එසේම යම්කිසි කුසල ධර්මකෙනෙක් වෙත් නම් ඒ සියල්ල උසස් බවට පමුණුවන්නාහු වෙත්ද, චුන්දය. එපරිද්දෙන්ම විහිංසාව ඇති පුද්ගලයාට උසස් බව පිණිස අවිහිංසාව ඇත්තේය. ප්‍රාණඝාත කරන පුද්ගලයාට උසස් බව පිණිස ප්‍රාණඝාතයෙන් වෙන්වීම ඇත්තේය.
“නොදුන් දෙය පැහැරගන්නාවූ පුද්ගලයාට උසස් බව පිණිස නොදුන් දෙය ගැනීමෙන් වැළකීම ඇත්තේය. අබ්‍රහ්මචාරී පුද්ගලයාට උසස් බව පිණිස බ්‍රහ්මචරියාව ඇත්තේය. බොරු කියන්නාවූ පුද්ගලයාට උසස් බව පිණිස මුසාවාදයෙන් වැළැක්ම ඇත්තේය. කේළාම් කියන්නාවූ පුද්ගලයාට උසස් බව පිණිස කේළාම් කීමෙන් වැළැක්ම ඇත්තේය. ඵරුෂවචන කියන්නාවූ පුද්ගලයාට උසස්බව පිණිස ඵරුෂ වචනයෙන් වෙන්වීම ඇත්තේය. හිස්වචන කියන්නාවූ පුද්ගලයාට උසස් බව පිණිස හිස් වචන කීමෙන් වෙන්වීම ඇත්තේය. විෂම ලෝභ බහුලවූ පුද්ගලයාට උසස් බව පිණිස විෂම ලෝභ රහිත බව ඇත්තේය. ව්‍යාපාද සිත් ඇති පුද්ගලයාට උසස් බව පිණිස ව්‍යාපාද රහිත බව වෙයි. වැරදි දෘෂ්ටි ඇති පුද්ගලයාට උසස් බව පිණිස හරි දෘෂ්ටිය ඇත්තේය. වැරදි කල්පනා ඇති පුද්ගලයාට උසස් බව පිණිස හරි කල්පනාව ඇත්තේය. වැරදි වචන ඇති පුද්ගලයාට උසස්බව පිණිස හරි වචන ඇත්තේය. වැරදි කර්මාන්ත ඇති පුද්ගලයාට උසස් බව පිණිස හරි කර්මාන්තය ඇත්තේය. වැරදි දිවි පැවැත්ම ඇති පුද්ගලයාට උසස් බව පිණිස හරි දිවි පැවැත්ම ඇත්තේය. වැරදි ව්‍යායාම ඇති පුද්ගලයාට උසස්බව පිණිස හරි ව්‍යායාමය ඇත්තේය. වැරදි සිහිය ඇති පුද්ගලයාට උසස්බව පිණිස හරි සිහිය ඇත්තේය. වැරදි සමාධි ඇති පුද්ගලයාට උසස් බව පිණිස හරි සමාධිය ඇත්තේය. වැරදි ඤාණ ඇති පුද්ගලයාට උසස් බව පිණිස හරි ඤාණය ඇත්තේය. වැරදි විමුක්ති ඇති පුද්ගලයාට උසස් බව පිණිස හරි විමුක්තිය ඇත්තේය. ථීනමිද්ධයෙන් යුත් පුද්ගලයාට උසස් බව පිණිස ථිනමිද්ධ නැති බව ඇත්තේය. නොසන්සුන් පුද්ගලයාට උසස් බව පිණිස සන්සුන්බව ඇත්තේය. විචිකිච්ඡා ඇති පුද්ගලයාට උසස් බව පිණිස විචිකිච්ඡා නැති බව ඇත්තේය. ක්‍රොධ ඇති පුද්ගලයාට උසස් බව පිණිස ක්‍රෝධය නැති බව වෙයි. බද්ධවෛර ඇති පුද්ගලයාට උසස් බව පිණිස බද්ධවෛර රහිත බව ඇත්තේය. මකු ගුණ ඇති පුද්ගලයාට උසස්බව පිණිස මකු ගුණ නැති බව ඇත්තේය. යුගග්‍රාහ (උතුමන් හා තමා සමයයි සැලකීම) ඇති පුද්ගලයාට උසස් බව පිණිස යුගග්‍රාහ රහිත බව ඇත්තේය. ඊර්ෂ්‍යා ඇති පුද්ගලයාට උසස් බව පිණිස ඊර්ෂ්‍යා රහිත බව ඇත්තේය. මසුරුකම ඇති පුද්ගලයාට උසස් බව පිණිස නොමසුරු බව ඇත්තේය.
“කයිරාටිකවූ පුද්ගලයාට උසස් බව පිණිස කයිරාටික නොවන බව ඇත්තේය. රැවටිලි ඇති පුද්ගලයාට උසස් බව පිණිස රැවටිලි නැති බව ඇත්තේය. තදගතිය ඇති පුද්ගලයාට උසස් බව පිණිස තද ගති රහිත බව ඇත්තේය. අධික මාන ඇති පුද්ගලයාට උසස් බව පිණිස අධික මාන නැති බව ඇත්තේය. අකීකරු පුද්ගලයාට උසස් බව පිණිස කීකරුකම ඇත්තේය. පවිටු මිතුරන් ඇති පුරුෂයාට උසස් බව පිණිස යහපත් මිතුරන් ඇතිබව ඇත්තේය. ප්‍රමාදවූ පුද්ගලයාට උසස් බව පිණිස අප්‍රමාදය ඇත්තේය. ශ්‍රද්ධා නැති පුද්ගලයාට උසස් බව පිණිස ශ්‍රද්ධාව ඇත්තේය. ලජ්ජා නැති පුද්ගලයාට උසස් බව පිණිස ලජ්ජාව ඇත්තේය. භය නැති පුද්ගලයාට උසස් බව පිණිස පාපයෙහි භය ඇත්තේය ඇසූ පිරූ තැන් නැති පුද්ගලයාට උසස් බව පිණිස ඇසූ පිරූ තැන් ඇති බව ඇත්තේය. කුසීත පුද්ගලයාට එය දුරලීමට වීර්ය පටන්ගැනීම ඇත්තේය. මුළා සිහි ඇති පුද්ගලයාට උසස් බව පිණිස එළඹ සිටි සිහි ඇති බව ඇත්තේය. ප්‍රඥා නැති පුද්ගලයාට උසස් බව පිණිස ප්‍රඥා සම්පත්තිය ඇත්තේය. තමන්ගේම දෘෂ්ටිය ගෙන සිටින්නාවූ එම දෘෂ්ටියම තදින් අල්ලාගෙන සිටින්නාවූ එයින් වෙන් කිරීම දුෂ්කරවූ පුද්ගලයාට උසස් බව පිණිස තමන්ගේම දෘෂ්ටිය නොගන්නා බව එම දෘෂ්ටියම තදින් අල්ලාගෙන නොසිටින බව එයින් වෙන් කිරීම පහසුබව ඇත්තේය.
87
‘‘සො වත, චුන්ද, අත්තනා පලිපපලිපන්නො පරං පලිපපලිපන්නං උද්ධරිස්සතීති නෙතං ඨානං විජ්ජති. සො වත, චුන්ද, අත්තනා අපලිපපලිපන්නො පරං පලිපපලිපන්නං උද්ධරිස්සතීති ඨානමෙතං විජ්ජති. සො වත, චුන්ද, අත්තනා අදන්තො අවිනීතො අපරිනිබ්බුතො පරං දමෙස්සති විනෙස්සති පරිනිබ්බාපෙස්සතීති නෙතං ඨානං විජ්ජති. සො වත , චුන්ද, අත්තනා දන්තො විනීතො පරිනිබ්බුතො පරං දමෙස්සති විනෙස්සති පරිනිබ්බාපෙස්සතීති ඨානමෙතං විජ්ජති. එවමෙව ඛො, චුන්ද, විහිංසකස්ස පුරිසපුග්ගලස්ස අවිහිංසා හොති පරිනිබ්බානාය, පාණාතිපාතිස්ස පුරිසපුග්ගලස්ස පාණාතිපාතා වෙරමණී හොති පරිනිබ්බානාය. අදින්නාදායිස්ස පුරිසපුග්ගලස්ස අදින්නාදානා වෙරමණී හොති පරිනිබ්බානාය. අබ්‍රහ්මචාරිස්ස පුරිසපුග්ගලස්ස අබ්‍රහ්මචරියා වෙරමණී හොති පරිනිබ්බානාය. මුසාවාදිස්ස පුරිසපුග්ගලස්ස මුසාවාදා වෙරමණී හොති පරිනිබ්බානාය. පිසුණවාචස්ස පුරිසපුග්ගලස්ස පිසුණාය වාචාය වෙරමණී හොති පරිනිබ්බානාය. ඵරුසවාචස්ස පුරිසපුග්ගලස්ස ඵරුසාය වාචාය වෙරමණී හොති පරිනිබ්බානාය. සම්ඵප්පලාපිස්ස පුරිසපුග්ගලස්ස සම්ඵප්පලාපා වෙරමණී හොති පරිනිබ්බානාය. අභිජ්ඣාලුස්ස පුරිසපුග්ගලස්ස අනභිජ්ඣා හොති පරිනිබ්බානාය. බ්‍යාපන්නචිත්තස්ස පුරිසපුග්ගලස්ස අබ්‍යාපාදො හොති පරිනිබ්බානාය. මිච්ඡාදිට්ඨිස්ස පුරිසපුග්ගලස්ස සම්මාදිට්ඨි හොති පරිනිබ්බානාය. මිච්ඡාසඞ්කප්පස්ස පුරිසපුග්ගලස්ස සම්මාසඞ්කප්පො හොති පරිනිබ්බානාය. මිච්ඡාවාචස්ස පුරිසපුග්ගලස්ස සම්මාවාචා හොති පරිනිබ්බානාය. මිච්ඡාකම්මන්තස්ස පුරිසපුග්ගලස්ස සම්මාකම්මන්තො හොති පරිනිබ්බානාය. මිච්ඡාආජීවස්ස පුරිසපුග්ගලස්ස සම්මාආජීවො හොති පරිනිබ්බානාය. මිච්ඡාවායාමස්ස පුරිසපුග්ගලස්ස සම්මාවායාමො හොති පරිනිබ්බානාය. මිච්ඡාසතිස්ස පුරිසපුග්ගලස්ස සම්මාසති හොති පරිනිබ්බානාය. මිච්ඡාසමාධිස්ස පුරිසපුග්ගලස්ස සම්මාසමාධි හොති පරිනිබ්බානාය. මිච්ඡාඤාණිස්ස පුරිසපුග්ගලස්ස සම්මාඤාණං හොති පරිනිබ්බානාය. මිච්ඡාවිමුත්තිස්ස පුරිසපුග්ගලස්ස සම්මාවිමුත්ති හොති පරිනිබ්බානාය.
‘‘ථීනමිද්ධපරියුට්ඨිතස්ස පුරිසපුග්ගලස්ස විගතථිනමිද්ධතා හොති පරිනිබ්බානාය. උද්ධතස්ස පුරිසපුග්ගලස්ස අනුද්ධච්චං හොති පරිනිබ්බානාය. විචිකිච්ඡිස්ස පුරිසපුග්ගලස්ස තිණ්ණවිචිකිච්ඡතා හොති පරිනිබ්බානාය. කොධනස්ස පුරිසපුග්ගලස්ස අක්කොධො හොති පරිනිබ්බානාය. උපනාහිස්ස පුරිසපුග්ගලස්ස අනුපනාහො හොති පරිනිබ්බානාය. මක්ඛිස්ස පුරිසපුග්ගලස්ස අමක්ඛො හොති පරිනිබ්බානාය. පළාසිස්ස පුරිසපුග්ගලස්ස අපළාසො හොති පරිනිබ්බානාය. ඉස්සුකිස්ස පුරිසපුග්ගලස්ස අනිස්සුකිතා හොති පරිනිබ්බානාය. මච්ඡරිස්ස පුරිසපුග්ගලස්ස අමච්ඡරියං හොති පරිනිබ්බානාය. සඨස්ස පුරිසපුග්ගලස්ස අසාඨෙය්‍යං හොති පරිනිබ්බානාය. මායාවිස්ස පුරිසපුග්ගලස්ස අමායා හොති පරිනිබ්බානාය. ථද්ධස්ස පුරිසපුග්ගලස්ස අත්ථද්ධියං හොති පරිනිබ්බානාය. අතිමානිස්ස පුරිසපුග්ගලස්ස අනතිමානො හොති පරිනිබ්බානාය. දුබ්බචස්ස පුරිසපුග්ගලස්ස සොවචස්සතා හොති පරිනිබ්බානාය. පාපමිත්තස්ස පුරිසපුග්ගලස්ස කල්‍යාණමිත්තතා හොති පරිනිබ්බානාය. පමත්තස්ස පුරිසපුග්ගලස්ස අප්පමාදො හොති පරිනිබ්බානාය. අස්සද්ධස්ස පුරිසපුග්ගලස්ස සද්ධා හොති පරිනිබ්බානාය. අහිරිකස්ස පුරිසපුග්ගලස්ස හිරී හොති පරිනිබ්බානාය. අනොත්තාපිස්ස පුරිසපුග්ගලස්ස ඔත්තප්පං හොති පරිනිබ්බානාය. අප්පස්සුතස්ස පුරිසපුග්ගලස්ස බාහුසච්චං හොති පරිනිබ්බානාය. කුසීතස්ස පුරිසපුග්ගලස්ස වීරියාරම්භො හොති පරිනිබ්බානාය. මුට්ඨස්සතිස්ස පුරිසපුග්ගලස්ස උපට්ඨිතස්සතිතා හොති පරිනිබ්බානාය. දුප්පඤ්ඤස්ස පුරිසපුග්ගලස්ස පඤ්ඤාසම්පදා හොති පරිනිබ්බානාය. සන්දිට්ඨිපරාමාසි-ආධානග්ගාහි-දුප්පටිනිස්සග්ගිස්ස පුරිසපුග්ගලස්ස අසන්දිට්ඨිපරාමාසි-අනාධානග්ගාහි-සුප්පටිනිස්සග්ගිතා හොති පරිනිබ්බානාය.
87
“චුන්දය, පුද්ගලතෙමේ ඒකාන්තයෙන් තමා ගැඹුරු මඩෙහි එරුණෙක්ව ගැඹුරු මඩෙහි එරුණාවූ අනිකෙකු ගොඩගන්නේය. යන මේ කාරණය සිදු නොවන්නකි චුන්දය, පුද්ගල තෙමේ ඒකාන්තයෙන් තමා ගැඹුරු මඩෙහි නො එරුණේ ගැඹුරු මඩෙහි එරුණ අන්‍යයකු ගොඩගන්නේය. යන මේ කාරණය සිදුවන්නකි. චුන්දය, පුද්ගලතෙමේ තමා නොදැමුනේ නොහික්මුනේ කෙලෙස් නැති නොකළේ අන්‍යයා දමනය කරන්නේය. හික්මවන්නේය. කෙලෙස් රහිත කරන්නේය යන මේ කාරණය සිදු නොවන්නකි. චුන්දය, පුද්ගල තෙමේ තමා දැමුනේ හික්මුනේ කෙලෙස් නැසුනේ අන්‍යයා දමනය කරන්නේය. හික්මවන්නේය. කෙලෙස් රහිත කරවන්නේය යන මේ කරුණ සිදුවන්කි. චුන්දය, එපරිද්දෙන්ම විහිංසාව ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස අවිහිංසාව ඇත්තේය. ප්‍රාණඝාත කරන පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස ප්‍රාණඝාත නොකිරීම ඇත්තේය. නුදුන් දෙය ගන්නා පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස නුදුන් දෙය ගැනීමෙන් වෙන්වීම ඇත්තේය. අබ්‍රහ්මචාරී පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස බ්‍රහ්මචර්යාව ඇත්තේය. බොරු කියන පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස බොරු කීමෙන් වැළකීම ඇත්තේය. කේලාම් කියන පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස කේළාම් කීමෙන් වෙන්වීම ඇත්තේය. ඵරුෂ වචන කියන පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස ඵරුෂ වචනයෙන් වෙන්වීම ඇත්තේය හිස්වචන කියන පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හිස් වචනයෙන් වෙන්වීම ඇත්තේය. අධික ලෝභ ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස අධික ලෝභ නැති බව ඇත්තේය.
“ව්‍යාපාද සිත් ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස අව්‍යාපාදය ඇත්තේය. වැරදි දැකීම් ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරිදැකීම් ඇත්තේය. වැරදි කල්පනා ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරි කල්පනාව ඇත්තේය. වැරදි වචන ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරි වචනය ඇත්තේය. වැරදි කර්මාන්ත ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරි කර්මාන්තය ඇත්තේය. වැරදි ජීවිකා ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරි ජීවිකාව ඇත්තේය. වැරදි ව්‍යායාම ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරි ව්‍යායාමය ඇත්තේය. වැරදි සිහි ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරි සිහිය ඇත්තේය. වැරදි සමාධි ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරි සමාධිය ඇත්තේය. වැරදි නුවණ ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරි නුවණ ඇත්තේය. වැරදි විමුක්ති ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරි විමුක්තිය ඇත්තේය. ථීනමිද්ධයෙන් යට කරණලද පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස ථීනමිද්ධ නැති බව ඇත්තේය. නොසන්සුන් පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස සන්සුන් බව ඇත්තේය.
“විචිකිච්ඡා ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස විචිකිච්ඡා නැති බව ඇත්තේය. ක්‍රෝධයෙන්, යුත් පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස ක්‍රොධ නොකරන බව ඇත්තේය.
“බද්ධවෛර ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස බද්ධ වෛර නැති බව ඇත්තේය. මකු ගුණ ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස මකුගුණ රහිත බව ඇත්තේය. යුගග්‍රාහ ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස යුගග්‍රාහ රහිත බව ඇත්තේය. ඊර්ෂ්‍යා ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස ඊර්ෂ්‍යා රහිත බව ඇත්තේය. මසුරුකම ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස මසුරු නොවන බව ඇත්තේය. කයිරාටික පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස කයිරාටික නොවන බව ඇත්තේය. රැවටිලි ඇති පුද්ගලයාට කෙලෙස් නිවීමට නොරැවටිල්ල ඇත්තේය. තද ගති ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස තද ගති නැතිබව ඇත්තේය. අධිකමාන ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස අධිකමාන නැති බව ඇත්තේය. අකීකරු පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස කීකරු බව ඇත්තේය. පාප මිත්‍රයන් ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස යහපත් මිතුරන් ඇති බව ඇත්තේය. ප්‍රමාදවූ පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස අප්‍රමාදය ඇත්තේය. ශ්‍රද්ධා නැති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස ශ්‍රද්ධාව ඇත්තේය. ලජ්ජා නැති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස ලජ්ජාව ඇත්තේය.
“පාපයෙහි භය නැත්තාවූ පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස පාපයෙහි භය ඇත්තේය. ඇසූපිරූ තැන් නැති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව ඇත්තේය. කුසීත පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස වීර්ය පටන් ගැනීම ඇත්තේය. මුළා සිහි ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස එළඹ සිටි සිහි ඇති බව ඇත්තේය. ප්‍රඥා නැති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස ප්‍රඥා සම්පත්තිය ඇත්තේය. තමන්ගේම දෘෂ්ටිය ගෙන සිටින්නාවූ එම දෘෂ්ටියම තදින් අල්ලාගෙන සිටින්නාවූ එයින් වෙන් කිරීම දුෂ්කරවූ පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස, තමන්ගේ දෘෂ්ටියම නොගන්නාවූ එය තදින් අල්ලානොගන්නාවූ සුවසේ දුරලිය හැකි දෘෂ්ටි ඇති බව එයින් වෙන්කිරීම පහසු බව ඇත්තේය.
88
‘‘ඉති ඛො, චුන්ද, දෙසිතො මයා සල්ලෙඛපරියායො, දෙසිතො චිත්තුප්පාදපරියායො, දෙසිතො පරික්කමනපරියායො, දෙසිතො උපරිභාගපරියායො, දෙසිතො පරිනිබ්බානපරියායො. යං ඛො, චුන්ද, සත්ථාරා කරණීයං සාවකානං හිතෙසිනා අනුකම්පකෙන අනුකම්පං උපාදාය, කතං වො තං මයා. ‘එතානි, චුන්ද, රුක්ඛමූලානි, එතානි සුඤ්ඤාගාරානි, ඣායථ, චුන්ද, මා පමාදත්ථ, මා පච්ඡාවිප්පටිසාරිනො අහුවත්ථ’ - අයං ඛො අම්හාකං අනුසාසනී’’ති.
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා මහාචුන්දො භගවතො භාසිතං අභිනන්දීති.
චතුත්තාලීසපදා වුත්තා, සන්ධයො පඤ්ච දෙසිතා;
සල්ලෙඛො නාම සුත්තන්තො, ගම්භීරො සාගරූපමොති.
88
“චුන්දය, මෙසේ මා විසින් සල්ලෙඛපරියාය (කෙලෙස් කපාදමන ක්‍රමය) දේශනා කරන ලදී. පරික්කමණ පරියාය (කෙලෙස් ඉවත් කරන ක්‍රමය) දේශනා කරන ලදී. උපරිභාව පරියාය (උසස් බවට යාමේ ක්‍රමය) දේශනා කරන ලදී. පරිනිර්වාණ පරියාය (කෙලෙස් නිවීමේ ක්‍රමය) දේශනා කරන ලදී.
“චුන්දය, ශ්‍රාවකයන්ට හිතෛෂීවූ අනුකම්පා කරන්නාවූ ශාස්තෲන්වහන්සේ විසින් අනුකම්පා සිතින් යම් කටයුතුද මා විසින් එය තොපට කරනලදී. චුන්දය, මේ වෘක්ෂමූල සෙනාසන ඇත්තාහ. සූන්‍යාගාර ඇත්තාහ, චුන්දය, ධ්‍යාන වඩව් පමා නොවව්, පසුව විපිළිසර නොවව්. මේ තොපට අපගේ අනුශාසනාවයි.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සතුටු සිත් ඇති ආයුෂ්මත් මහාචුන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තේයි.
පද සතළිස් සතරක් වදාරණ ලදී. සන්ධි පසකින් යුක්තව දෙසන ලදී. ගැඹුරුවූ සාගරය වැනිවූ මේ සූත්‍රාන්තය සල්ලෙඛ නම් වන්නේය.
9. සම්මාදිට්ඨිසුත්තං 9. සම්මා දිට්ඨි සූත්‍රය
10. මහාසතිපට්ඨානසුත්තං 10. සතිපට්ඨාන සූත්‍රය