ත්‍රිපිටකය
මජ්ඣිමනිකායො මජ්ඣිම නිකාය
මූලපණ්ණාසපාළි මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.)
1. මූලපරියායවග්ගො 1. මූල පරියාය වර්ගය
1. මූලපරියායසුත්තං 1. මූල පරියාය සූත්‍රය
2. සබ්බාසවසුත්තං 2. සබ්බාසව සූත්‍රය
3. ධම්මදායාදසුත්තං 3. ධම්ම දායාද සූත්‍රය
4. භයභෙරවසුත්තං 4. භයභෙරව සූත්‍රය
5. අනඞ්ගණසුත්තං 5. අනංගණ සූත්‍රය
6. ආකඞ්ඛෙය්‍යසුත්තං 6. ආකඩ්ඛෙය්‍ය සූත්‍රය
7. වත්ථසුත්තං 7. වත්ථ සූත්‍රය
70
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘භික්ඛවො’’ති. ‘‘භදන්තෙ’’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
‘‘සෙය්‍යථාපි, භික්ඛවෙ, වත්ථං සංකිලිට්ඨං මලග්ගහිතං; තමෙනං රජකො යස්මිං යස්මිං රඞ්ගජාතෙ උපසංහරෙය්‍ය - යදි නීලකාය යදි පීතකාය යදි ලොහිතකාය යදි මඤ්ජිට්ඨකාය (මඤ්ජෙට්ඨකාය (සී. පී.), මඤ්ජෙට්ඨිකාය (ස්‍යා.)) දුරත්තවණ්ණමෙවස්ස අපරිසුද්ධවණ්ණමෙවස්ස. තං කිස්ස හෙතු? අපරිසුද්ධත්තා, භික්ඛවෙ, වත්ථස්ස. එවමෙව ඛො, භික්ඛවෙ, චිත්තෙ සංකිලිට්ඨෙ, දුග්ගති පාටිකඞ්ඛා. සෙය්‍යථාපි, භික්ඛවෙ, වත්ථං පරිසුද්ධං පරියොදාතං; තමෙනං රජකො යස්මිං යස්මිං රඞ්ගජාතෙ උපසංහරෙය්‍ය - යදි නීලකාය යදි පීතකාය යදි ලොහිතකාය යදි මඤ්ජිට්ඨකාය - සුරත්තවණ්ණමෙවස්ස පරිසුද්ධවණ්ණමෙවස්ස. තං කිස්ස හෙතු? පරිසුද්ධත්තා, භික්ඛවෙ, වත්ථස්ස. එවමෙව ඛො, භික්ඛවෙ, චිත්තෙ අසංකිලිට්ඨෙ, සුගති පාටිකඞ්ඛා.
70
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනාථපිණ්ඩික සිටුහු විසින් කරවනලද ජේතවන නම්විහාරයෙහි වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ කියා භික්ෂූන්ට කථාකළහ. ‘ස්වාමීනි’යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
“මහණෙනි, යම්සේ කිලුටුවූ මලබැඳුණාවූ වස්ත්‍රයක් වේද ඒ වස්ත්‍රය රෙදි සායම් කරන්නෙක් නිල්පාට කිරීම පිණිස හෝ රන්වන් පාට කිරීම පිණිස හෝ ලේපාට කිරීම පිණිස හෝ මදටියපාට කිරීම පිණිස හෝ යම් යම් සායමක් පොවන්නේද, එය නරකපාට ඇත්තක්ම වන්නේය. අපිරිසිදුපාට ඇත්තක්ම වන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, වස්ත්‍රය අපිරිසිදුවූ බැවිනි. මහණෙනි, එපරිද්දෙන්ම සිත කිලුටුවූ කල්හි දුර්ගතිය කැමතිවිය යුතුයි.
“මහණෙනි, යම්සේ පිරිසිදුව බබලන්නාවූ වස්ත්‍රයක් වේද ඒ වස්ත්‍රය රෙදි සායම් කරන්නෙක් නිල්පාට කිරීම පිණිස හෝ රන්වන් පාට කිරීම පිණිස හෝ ලේපාට කිරීම පිණිස හෝ මදටියපාට කිරීම පිණිස හෝ යම් යම් සායමක් පොවන්නේද එය හොඳපාට ඇත්තක්ම වන්නේය. පිරිසිදු පාට ඇත්තක්ම වන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, වස්ත්‍රය පිරිසිදුවූ බැවිනි. මහණෙනි, එපරිද්දෙන්ම සිත නොකිලිටිවූ කල්හි සුගතිය කැමති විය යුතුයි.
71
‘‘කතමෙ ච, භික්ඛවෙ, චිත්තස්ස උපක්කිලෙසා? අභිජ්ඣාවිසමලොභො චිත්තස්ස උපක්කිලෙසො, බ්‍යාපාදො චිත්තස්ස උපක්කිලෙසො, කොධො චිත්තස්ස උපක්කිලෙසො, උපනාහො චිත්තස්ස උපක්කිලෙසො, මක්ඛො චිත්තස්ස උපක්කිලෙසො, පළාසො චිත්තස්ස උපක්කිලෙසො, ඉස්සා චිත්තස්ස උපක්කිලෙසො, මච්ඡරියං චිත්තස්ස උපක්කිලෙසො, මායා චිත්තස්ස උපක්කිලෙසො, සාඨෙය්‍යං චිත්තස්ස උපක්කිලෙසො, ථම්භො චිත්තස්ස උපක්කිලෙසො, සාරම්භො චිත්තස්ස උපක්කිලෙසො, මානො චිත්තස්ස උපක්කිලෙසො, අතිමානො චිත්තස්ස උපක්කිලෙසො, මදො චිත්තස්ස උපක්කිලෙසො, පමාදො චිත්තස්ස උපක්කිලෙසො.
71
“මහණෙනි, සිත කෙලෙසන්නාවූ පාපධර්මයෝ කවරහුද? අභිධ්‍යාව නම්වූ විෂමලෝභය (අනුන්ගේ දේ මට ඇත්නම් හොඳයයි ආශා කරන දැඩි ලෝභය) හිත කෙලෙසන්නකි. ව්‍යාපාදය (අනුන් නසනු කැමැත්ත) හිත කෙලෙසන්නකි. ක්‍රෝධය (තරහ) සිත කෙලෙසන්නකි. උපනාහය (බැඳගත් වයිරය) හිත කෙලෙසන්නකි. මක්ඛය (අනුන්ගේ ගුණමැකීම) හිත කෙලෙසන්නකි. පලාසය (නීචව සිටිමින් උසස් පුද්ගලයන් හා තමා සමාන සිතීම) හිත කෙලෙසන්නකි. ඊර්ෂ්‍යාව (අන්‍යයන්ගේ සම්පත් නොඉවසීම) හිත කෙලෙසන්නකි. මසුරුකම (තමාගේ ඇති සම්පත් සැඟවීම) හිත කෙලෙසන්නකි. මායාව (රැවටිල්ල) හිත කෙලෙසන්නකි. සඨබව (කෛරාටිකකම) හිත කෙලෙසන්නකි. ථම්භය (මානයෙන් ඉදිමුණු ගතිය) හිත කෙලෙසන්නකි. සාරම්භය (එකට එක කිරීම) හිත කෙලෙසන්නකි. මානය (ජාති ආදිය නිසා ඇතිවූ උඩඟු හැඟීම) හිත කෙලෙසන්නකි. අභිමානය (අධික මානය) හිත කෙලෙසන්නකි. මදය (ජාති ආදියෙන් මත්වීම) හිත කෙලෙසන්නකි. ප්‍රමාදය (පස්කම් සැපෙහි ඇල්ම) හිත කෙලෙසන්නකි.
72
‘‘ස ඛො සො, භික්ඛවෙ, භික්ඛු ‘අභිජ්ඣාවිසමලොභො චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා අභිජ්ඣාවිසමලොභං චිත්තස්ස උපක්කිලෙසං පජහති; ‘බ්‍යාපාදො චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා බ්‍යාපාදං චිත්තස්ස උපක්කිලෙසං පජහති ; ‘කොධො චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා කොධං චිත්තස්ස උපක්කිලෙසං පජහති; ‘උපනාහො චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා උපනාහං චිත්තස්ස උපක්කිලෙසං පජහති; ‘මක්ඛො චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා මක්ඛං චිත්තස්ස උපක්කිලෙසං පජහති; ‘පළාසො චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා පළාසං චිත්තස්ස උපක්කිලෙසං පජහති; ‘ඉස්සා චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා ඉස්සං චිත්තස්ස උපක්කිලෙසං පජහති; ‘මච්ඡරියං චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා මච්ඡරියං චිත්තස්ස උපක්කිලෙසං පජහති; ‘මායා චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා මායං චිත්තස්ස උපක්කිලෙසං පජහති; ‘සාඨෙය්‍යං චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා සාඨෙය්‍යං චිත්තස්ස උපක්කිලෙසං පජහති; ‘ථම්භො චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා ථම්භං චිත්තස්ස උපක්කිලෙසං පජහති; ‘සාරම්භො චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා සාරම්භං චිත්තස්ස උපක්කිලෙසං පජහති; ‘මානො චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා මානං චිත්තස්ස උපක්කිලෙසං පජහති; ‘අතිමානො චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා අතිමානං චිත්තස්ස උපක්කිලෙසං පජහති; ‘මදො චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා මදං චිත්තස්ස උපක්කිලෙසං පජහති; ‘පමාදො චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා පමාදං චිත්තස්ස උපක්කිලෙසං පජහති.
72
“මහණෙනි, ඒ මහණතෙම අභිධ්‍යාව නම්වූ විෂම ලෝභය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන අභිධ්‍යාව නම්වූ විෂමලෝභය දුරු කරයි. ව්‍යාපාදය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන, හිත කෙලෙසන ව්‍යාපාදය දුරු කරයි. ක්‍රෝධය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන ක්‍රෝධය දුරු කරයි. උපනාහය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන උපනාහය දුරුකරයි. මකු ගුණය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන මකු ගුණය දුරු කරයි. පලාසය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන පලාසය දුරු කරයි. ඊර්ෂ්‍යාව හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන ඊර්ෂ්‍යාව දුරු කරයි. මසුරුකම හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන මසුරුකම දුරු කරයි. රැවටිල්ල හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන මායාව දුරුකරයි. කයිරාටික බව හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන කයිරාටික බව දුරු කරයි. හිතේ තදගතිය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන සිතෙහි තදගතිය දුරුකරයි. එකට එක කිරීම හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන සාරම්භය දුරු කරයි. මානය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන මානය දුරුකරයි. අභිමානය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන අභිමානය දුරුකරයි. ප්‍රමාදය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන ප්‍රමාදය දුරුකරයි.
73
‘‘යතො ඛො (යතො ච ඛො (සී. ස්‍යා.)), භික්ඛවෙ, භික්ඛුනො ‘අභිජ්ඣාවිසමලොභො චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා අභිජ්ඣාවිසමලොභො චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති, ‘බ්‍යාපාදො චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා බ්‍යාපාදො චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති; ‘කොධො චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා කොධො චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති; ‘උපනාහො චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා උපනාහො චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති; ‘මක්ඛො චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා මක්ඛො චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති; ‘පළාසො චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා පළාසො චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති; ‘ඉස්සා චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා ඉස්සා චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති; ‘මච්ඡරියං චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා මච්ඡරියං චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති; ‘මායා චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා මායා චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති; ‘සාඨෙය්‍යං චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා සාඨෙය්‍යං චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති; ‘ථම්භො චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා ථම්භො චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති; ‘සාරම්භො චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා සාරම්භො චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති; ‘මානො චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා මානො චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති; ‘අතිමානො චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා අතිමානො චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති; ‘මදො චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා මදො චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති; ‘පමාදො චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා පමාදො චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති.
73
“මහණෙනි, යම් කලෙක පටන් භික්ෂුව විසින් අභිධ්‍යා නම්වූ විෂම ලෝභය හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන අභිධ්‍යා විෂම ලෝභය නැති කරන ලද්දේ වෙයිද,
“මහණෙනි, යම් කලෙක පටන් භික්ෂුව විසින් ව්‍යාපාදය හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන ව්‍යාපාදය නැති කරන ලද්දේ වෙයිද,
“මහණෙනි, යම් කලෙක පටන් භික්ෂුව විසින් ක්‍රෝධය හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන ක්‍රෝධය නැති කරන ලද්දේ වෙයිද,
“මහණෙනි, යම් කලෙක පටන් භික්ෂුව විසින් උපනාහය හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන උපනාහය නැති කරන ලද්දේ වෙයිද?
“මහණෙනි, යම් කලෙක පටන් භික්ෂුව විසින් මකු බව හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන මකු බව නැති කරන ලද්දේ වෙයිද,
“මහණෙනි, යම් කලෙක පටන් භික්ෂුව විසින් පලාසය හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන පලාසය නැති කරන ලද්දේ වෙයිද,
“මහණෙනි, යම් කලෙක පටන් භික්ෂුව විසින් ඊර්ෂ්‍යාව හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන ඊර්ෂ්‍යාව නැති කරන ලද්දේ වෙයිද,
“මහණෙනි, යම් කලෙක පටන් භික්ෂුව විසින් මසුරු බව හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන මසුරු බව නැති කරන ලද්දේ වෙයිද,
“මහණෙනි, යම් කලෙක පටන් භික්ෂුව විසින් රැවටිල්ල හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන රැවටිල්ල නැති කරන ලද්දේ වෙයිද,
“මහණෙනි, යම් කලෙක පටන් භික්ෂුව විසින් කයිරාටිකකම හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන කයිරාටිකකම නැති කරන ලද්දේ වෙයිද,
“මහණෙනි, යම් කලෙක පටන් භික්ෂුව විසින් තද බව හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන තද බව නැති කරන ලද්දේ වෙයිද,
“මහණෙනි, යම් කලෙක පටන් භික්ෂුව විසින් එකටඑක කිරීම හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන එකටඑක කිරීම නැති කරන ලද්දේ වෙයිද,
“මහණෙනි, යම් කලෙක පටන් භික්ෂුව විසින් මානය හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන මානය නැති කරන ලද්දේ වෙයිද,
“මහණෙනි, යම් කලෙක පටන් භික්ෂුව විසින් අභිමානය හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන අභිමානය නැති කරන ලද්දේ වෙයිද,
“මහණෙනි, යම් කලෙක පටන් භික්ෂුව විසින් මදය හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන මදය නැති කරන ලද්දේ වෙයිද,
“මහණෙනි, යම් කලෙක පටන් භික්ෂුව විසින් ප්‍රමාදය හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන ප්‍රමාදය නැති කරන ලද්දේ වෙයිද,
74
‘‘සො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති; ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - ‘ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනෙය්‍යිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී’ති; සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - ‘සුප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො, උජුප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො, ඤායප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො, සාමීචිප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො, යදිදං චත්තාරි පුරිසයුගානි, අට්ඨ පුරිසපුග්ගලා. එස භගවතො සාවකසඞ්ඝො ආහුනෙය්‍යො පාහුනෙය්‍යො දක්ඛිණෙය්‍යො අඤ්ජලිකරණීයො , අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා’ති.
74
“හෙතෙම බුදුන් කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්තවූයේ වෙයි. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන්ද අර්හත්ය, සම්‍යක් සම්බුද්ධය, අෂ්ට විද්‍යාවෙන් හා පසළොස් චරණ ධර්මයෙන් යුක්තය, සුගතය, ලෝකය දන්නා සේක. අනුත්තරය, චණ්ඩපුරුෂයන් දමනය කිරීමෙහි සාරථියෙක් වැනිය, දෙව් මිනිසුන්ට අනුශාසනා කරන්නාය, බුද්ධය, භාග්‍යවත්ය කියායි.
“ධර්මයෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්තවූයේ වෙයි, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාව ප්‍රකාශ කරනලදී. මෙලොව ලැබෙන ඵල ඇත්තේය. කල් නොයවා දෙන විපාක ඇත්තේය. අවුත් බලවයැයි කියා දැක්වීමට සුදුසුය. තමන් තුළ ඉපදවීමට සුදුසුය. නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහිලා දතයුතුය කියායි.
“සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ මනාව පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙමේ සෘජුව පිළිපන්නේය. න්‍යායයට (නිර්වාණයට) අනුව පිළිපන්නේය. සාමීචි කර්මයට සුදුසුසේ පිළිපන්නේය. දුර සිට ගෙනැවිත් දෙන සිව්පසය ලැබීමට සුදුසුය. දුර සිට ආ ඥාති මිත්‍රාදීන්ට පිළියෙලකළ ආගන්තුක සත්කාරය ලැබීමට සුදුසුය. දොහොත් මුදුනේ තබා වැඳීමට සුදුසුය. ලොවට උතුම්වූ පින් කෙතය කියායි.
75
‘‘යථොධි (යතොධි (අට්ඨකථායං පාඨන්තරං)) ඛො පනස්ස චත්තං හොති වන්තං මුත්තං පහීනං පටිනිස්සට්ඨං, සො ‘බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතොම්හී’ති ලභති අත්ථවෙදං, ලභති ධම්මවෙදං, ලභති ධම්මූපසංහිතං පාමොජ්ජං. පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදෙති, සුඛිනො චිත්තං සමාධියති; ‘ධම්මෙ...පෙ.... සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතොම්හී’ති ලභති අත්ථවෙදං, ලභති ධම්මවෙදං, ලභති ධම්මූපසංහිතං පාමොජ්ජං; පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදෙති, සුඛිනො චිත්තං සමාධියති. ‘යථොධි ඛො පන මෙ චත්තං වන්තං මුත්තං පහීනං පටිනිස්සට්ඨ’න්ති ලභති අත්ථවෙදං, ලභති ධම්මවෙදං, ලභති ධම්මූපසංහිතං පාමොජ්ජං; පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදෙති, සුඛිනො චිත්තං සමාධියති.
75
“යම් තැනෙක පටන් භික්ෂුව විසින් කෙලෙස් දුරු කරන ලද්දේද, වමාරණ ලද්දේද, මුදන ලද්දේද නැති කරන ලද්දේද, (එතැන් පටන්) හෙතෙම බුදුන් කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්තවෙමියි ඵලය දැකීමෙන් උපදනා සතුටද ලබයි හේතුව දැකීමෙන් උපදනා සතුටද ලබයි. ධර්මයෙන් යුත් සතුටක් ලබයි, සතුටු වූවහුට ප්‍රීතිය උපදියි. සතුටු සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි, සංසිඳුණු කය ඇත්තේ සැපය විඳියි, සැපය ඇත්තහුගේ හිත එකඟ වෙයි. ධර්මය කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙමියි ඵලය දක්නා සතුට ලබයි. හේතුව දක්නා සතුට ලබයි. ධර්මයෙන් යුක්තවූ සතුට ලබයි, සතුටු වූවහුට ප්‍රීතිය උපදියි, සතුටු සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි, සංසිඳුණු කය ඇත්තේ සැපය විඳියි, සැපය ඇත්තහුගේ හිත එකඟ වෙයි. සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙමියි ඵලය දක්නා සතුට ලබයි, හේතුව දක්නා සතුට ලබයි. ධර්මයෙන් යුක්තවූ සතුට ලබයි, සතුටු වූවහුට ප්‍රීතිය උපදියි, සතුටු සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇත්තේ සැපය විඳියි, සැපය ඇත්තහුගේ හිත එකඟවෙයි.
“යම් තැනක පටන් ඒ භික්ෂුව මා විසින් කෙලෙස් දුරුකරන ලදැයි, වමාරණ ලදැයි, නැතිකරන ලදැයි ඵලය දක්නා සතුටද හේතුව දක්නා සතුටද ලබයිද ධර්මයෙන් යුත් සතුට ලබයිද, සතුටු වූවහුට ප්‍රීතිය උපදියිද, සතුටු සිත් ඇත්තහුගේ කය සංසිඳෙයිද, සංසිඳුණු කය ඇත්තේ හිතින් සැප විඳියිද, සැප ඇත්තහුගේ සිත එකඟවෙයිද,
76
‘‘ස ඛො සො, භික්ඛවෙ, භික්ඛු එවංසීලො එවංධම්මො එවංපඤ්ඤො සාලීනං චෙපි පිණ්ඩපාතං භුඤ්ජති විචිතකාළකං අනෙකසූපං අනෙකබ්‍යඤ්ජනං, නෙවස්ස තං හොති අන්තරායාය. සෙය්‍යථාපි, භික්ඛවෙ, වත්ථං සංකිලිට්ඨං මලග්ගහිතං අච්ඡොදකං ආගම්ම පරිසුද්ධං හොති පරියොදාතං , උක්කාමුඛං වා පනාගම්ම ජාතරූපං පරිසුද්ධං හොති පරියොදාතං, එවමෙව ඛො, භික්ඛවෙ, භික්ඛු එවංසීලො එවංධම්මො එවංපඤ්ඤො සාලීනං චෙපි පිණ්ඩපාතං භුඤ්ජති විචිතකාළකං අනෙකසූපං අනෙකබ්‍යඤ්ජනං , නෙවස්ස තං හොති අන්තරායාය.
76
“මහණෙනි, මෙබඳු සීල ඇති මෙබඳු සමාධි ඇති, මෙබඳු ප්‍රඥා ඇති ඒ (අනාගාමි) භික්ෂුව කළු හාල් ඇට අස්කළ ඇල්හාලේ බත නොයෙක් සූප ඇතිව නොයෙක් ව්‍යඤ්ජන ඇතිව අනුභව කෙරේද ඔහුට එය අන්තරාය පිණිස නොවෙයි. මහණෙනි, කිලුටුවූ මළ රැඳුනාවූ වස්ත්‍රය පිරිසිදුවූ ජලය ලැබ යම්සේ පිරිසිදු වෙයිද, බබලන්නේ වෙයිද, කෝවයෙහි දමන ලද රන් රිදී යම්සේ පිරිසිදු වෙයිද, බබලන්නේ වෙයිද මහණෙනි, එපරිද්දෙන්ම මෙබඳු සිල් ඇති මෙබඳු සමාධි ඇති, මෙබඳු ප්‍රඥා ඇති ඒ (අනාගාමි) භික්ෂුව කළුහාල් ඇට අස්කළ ඇල්හාලේ බත නොයෙක් සූප ඇතිව නොයෙක් ව්‍යඤ්ජන ඇතිව අනුභව කෙරේද ඕහට එය අන්තරාය පිණිස නොවෙයි.
77
‘‘සො මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං (චතුත්ථිං (සී. පී.)). ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ්ජෙන ඵරිත්වා විහරති; කරුණාසහගතෙන චෙතසා...පෙ.... මුදිතාසහගතෙන චෙතසා...පෙ.... උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ්ජෙන ඵරිත්වා විහරති.
77
“හෙතෙම මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවෙනි දිශාවද එසේම තුන්වන දිශාවද එසේම සතරවන දිශාවද මෙසේ උඩ යට සරස යන සියලු තන්හි පැතුරුණාවූ සියල්ලෙන් යුක්තවූ ලෝකය, මහත්බවට පැමිණි අප්‍රමාණවූ වයිර රහිතවූ ව්‍යාපාද රහිතවූ මෛත්‍රීසහගත සිතින් පතුරුවා වාසය කරයි.
“කරුණා සහගතවූ සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවෙනි දිශාවද එසේම තුන්වන දිශාවද එසේම සතරවන දිශාවද මෙසේ උඩ යට සරස සියලු තන්හි පැතුරුණාවූ, සියල්ලෙන් යුක්තවූ ලෝකය, මහත්බවට පැමිණි අප්‍රමාණවූ වයිර රහිතවූ ව්‍යාපාද රහිතවූ කරුණා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
“මුදිතා සහගතවූ සිතින්, එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවෙනි දිශාවද එසේම තුන්වන දිශාවද එසේම සතරවන දිශාවද, එසේම උඩ යට සරස යන සියලු තන්හි පැතුරුණාවූ සියල්ලෙන් යුක්තවූ ලෝකය, මහත්බවට පැමිණි අප්‍රමාණවූ වයිර රහිතවූ ව්‍යාපාද රහිතවූ මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
“උපෙක්ෂා සහගතවූ සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවෙනි දිශාවද එසේම තුන්වන දිශාවද එසේම සතරවන දිශාවද මෙසේ උඩ යට සරස යන සියලු තන්හි පැතුරුණාවූ, සියල්ලෙන් යුක්තවූ ලෝකය මහත්බවට පැමිණි අප්‍රමාණවූ වයිර රහිතවූ ව්‍යාපාද රහිතවූ උපෙක්ෂා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
78
‘‘සො ‘අත්ථි ඉදං, අත්ථි හීනං, අත්ථි පණීතං, අත්ථි ඉමස්ස සඤ්ඤාගතස්ස උත්තරිං නිස්සරණ’න්ති පජානාති. තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චති, භවාසවාපි චිත්තං විමුච්චති, අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාති . අයං වුච්චති, භික්ඛවෙ - ‘භික්ඛු සිනාතො අන්තරෙන සිනානෙනා’’’ති.
78
“ඒ අනාගාමි පුද්ගලතෙම මේ දුක්ඛ ආර්යසත්‍යය ඇත, ලාමකවූ සමුදය සත්‍යය ඇත, ප්‍රණීතවූ මාර්ගසත්‍යය ඇත. මේ බ්‍රහ්ම විහාර ධ්‍යාන සංඥාවට වඩා උතුම් නිර්වාණය ඇතැයි දනියි. මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ ඔහුගේ සිත කාමාශ්‍රවයෙන් ද මිදෙයි, භවාශ්‍රවයෙන් ද මිදෙයි, අවිද්‍යාශ්‍රවයෙන් ද මිදෙයි. මිදුන කල්හි මිදුනේයයි දැනීම වෙයි. උත්පත්තිය කෙළවර විය මග බඹසර වැස නිමවන ලදී. සතරමාර්ගයෙහි කටයුතු කරනලදී. මේ ආත්මය පිණිස කළයුතු අනිකක් නැත්තේයයි දනී. මහණෙනි මේ මහණතෙම අභ්‍යන්තර නෑමෙන් නෑයේයයි කියනු ලැබේ.”
79
තෙන ඛො පන සමයෙන සුන්දරිකභාරද්වාජො බ්‍රාහ්මණො භගවතො අවිදූරෙ නිසින්නො හොති. අථ ඛො සුන්දරිකභාරද්වාජො බ්‍රාහ්මණො භගවන්තං එතදවොච - ‘‘ගච්ඡති පන භවං ගොතමො බාහුකං නදිං සිනායිතු’’න්ති? ‘‘කිං, බ්‍රාහ්මණ, බාහුකාය නදියා? කිං බාහුකා නදී කරිස්සතී’’ති? ‘‘ලොක්ඛසම්මතා (ලොඛ්‍යසම්මතා (සී.), මොක්ඛසම්මතා (පී.)) හි, භො ගොතම, බාහුකා නදී බහුජනස්ස, පුඤ්ඤසම්මතා හි, භො ගොතම, බාහුකා නදී බහුජනස්ස, බාහුකාය පන නදියා බහුජනො පාපකම්මං කතං පවාහෙතී’’ති. අථ ඛො භගවා සුන්දරිකභාරද්වාජං බ්‍රාහ්මණං ගාථාහි අජ්ඣභාසි -
‘‘බාහුකං අධිකක්කඤ්ච, ගයං සුන්දරිකං මපි (සුන්දරිකාමපි (සී. ස්‍යා. පී.), සුන්දරිකං මහිං (ඉතිපි));
සරස්සතිං පයාගඤ්ච, අථො බාහුමතිං නදිං;
නිච්චම්පි බාලො පක්ඛන්දො (පක්ඛන්නො (සී. ස්‍යා. පී.)), කණ්හකම්මො න සුජ්ඣති.
‘‘කිං සුන්දරිකා කරිස්සති, කිං පයාගා (පයාගො (සී. ස්‍යා. පී.)) කිං බාහුකා නදී;
වෙරිං කතකිබ්බිසං නරං, න හි නං සොධයෙ පාපකම්මිනං.
‘‘සුද්ධස්ස වෙ සදා ඵග්ගු, සුද්ධස්සුපොසථො සදා;
සුද්ධස්ස සුචිකම්මස්ස, සදා සම්පජ්ජතෙ වතං;
ඉධෙව සිනාහි බ්‍රාහ්මණ, සබ්බභූතෙසු කරොහි ඛෙමතං.
‘‘සචෙ මුසා න භණසි, සචෙ පාණං න හිංසසි;
සචෙ අදින්නං නාදියසි, සද්දහානො අමච්ඡරී;
කිං කාහසි ගයං ගන්ත්වා, උදපානොපි තෙ ගයා’’ති.
79
මේ අවස්ථාවේ සුන්දරික භාරද්වාජ නම් බ්‍රාහ්මණ තෙම බුදුන් සමීපයෙහි හුන්නේ වෙයි. එකල්හි සුන්දරික භාරද්වාජ නම් බ්‍රහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “භවත් ගෞතම තෙම බාහුකා නම් ගඟට නාන්ට යන්නේද?” (කියාය.)
“බ්‍රාහ්මණය, බාහුකා නම් ගංගාවෙන් කවර ප්‍රයෝජනද? බාහුකා නදිය කුමක් කරයිද?”
“භවත් ගෞතමයෙනි, බාහුකා ගඟ විසුද්ධිය ගෙන දෙන්නකැයි ලෝවැස්සන් අතර සම්මතය. භවත් ගෞතමයෙනි, බොහෝ දෙනා බාහුකා ගංගාව පින් තොටකැයි සලකන්නාහුය. බොහෝදෙනා තමන් කළ පව් බාහුකා නදියෙහි පාකර හරිති” යයි (කීයේය.)
එකල්හි භාග්‍යවතුන් වහන්සේ සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයාහට මේ ගාථා වදාළහ.
“බාහුකා නම් ගඟටද අධිකක්ක නම් තොටටද ගයා නම් තොටුපලටද සුන්දරිකා නම් ගඟටද සරස්වතී නම් ගඟටද ප්‍රයාග නම් තොටටද බාහුමතී නම් ගඟටද,
“නිතර බැස නාන්නාවූ අපිරිසිදු කර්ම ඇති පුද්ගලයා පිරිසිදු නොවෙයි. සුන්දරිකා ගඟ කුමක් කරයිද? ප්‍රයාග තීර්ථය කුමක් කරයිද? බාහුකා නදිය කුමක් කරයිද? ප්‍රාණඝාතාදී පව්කරන කෲර ක්‍රියාකරන මිනිසා ශුද්ධ නොකරයි.
“පිරිසිදු වුවහුට හැමදාම නෑමට (සුදුසු) උතුරුපල් නැකත වෙයි. පිරිසිදු වුවහුට හැමදාම පෝය දිනය වෙයි. පිරිසිදු ක්‍රියා ඇති ශුද්ධ පුද්ගලයාහට හැමදාම වත් පිරෙයි.
“බ්‍රාහ්මණය, මේ ශාසනයෙහිම ස්නානය කරව, සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රී කරව, ඉදින් බොරු නොකියන්නෙහිද, ඉදින් සතුන් නොමරන්නෙහිද,
“ඉදින් නුදුන් දෙය නොගත්තෙහිද, ශ්‍රද්ධා ඇත්තේ වෙහිද, මසුරු නොවූයේ වෙහිද, ගයාවට ගොස් කුමක් කරන්නෙහිද? තොපගේ ලිඳත් ගයාවකි, (ශුද්ධවූ පුද්ගලයාට ලිඳත් ගයාවත් යන දෙකෙහි වෙනසක් නැත.)”
80
එවං වුත්තෙ, සුන්දරිකභාරද්වාජො බ්‍රාහ්මණො භගවන්තං එතදවොච - ‘‘අභික්කන්තං, භො ගොතම, අභික්කන්තං, භො ගොතම! සෙය්‍යථාපි, භො ගොතම, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්‍ය - චක්ඛුමන්තො රූපානි දක්ඛන්තීති; එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භවන්තං ගොතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. ලභෙය්‍යාහං භොතො ගොතමස්ස සන්තිකෙ පබ්බජ්ජං, ලභෙය්‍යං උපසම්පද’’න්ති. අලත්ථ ඛො සුන්දරිකභාරද්වාජො බ්‍රාහ්මණො භගවතො සන්තිකෙ පබ්බජ්ජං, අලත්ථ උපසම්පදං. අචිරූපසම්පන්නො ඛො පනායස්මා භාරද්වාජො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො නචිරස්සෙව - යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං - බ්‍රහ්මචරියපරියොසානං දිට්ඨෙවධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ‘‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’’ති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ඛො පනායස්මා භාරද්වාජො අරහතං අහොසීති.
80
මෙසේ කීකල්හි සුන්දරික භාරද්වාජ බමුණතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකළේය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. භවත් ගෞතමයන්වහන්ස, (මේ ධර්මය) ඉතා යහපත. භවත් ගෞතමයන්වහන්ස, යටිකුරු කොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ යම්සේද, වසා තබන ලද්දක් වැසුම් හැර දක්වන්නේ හෝ යම්සේද, මං මුළා වූවෙකුට මග කියන්නේ හෝ යම්සේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි, කළුවරෙහි තෙල්පහනක් දරන්නේ හෝ යම්සේද එපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය දේශනා කරන ලද්දේය. භවත් ගෞතමයන් වහන්ස, ඒ මම භාග්‍යවතුන් වහන්සේද, ධර්මයද, භික්ෂු සංඝයාද, සරණ යමි. මම භවත් ගෞතමයන් වහන්සේ වෙත මහණකම ලබන්නෙම්, උපසම්පදාව ලබන්නෙම්.” සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණතෙම බුදුන් වෙත පැවිද්ද ලැබුවේය. උපසම්පදාව ලැබුවේය. ආයුෂ්මත් භාරද්වාජ තෙමේ වනාහි උපසම්පදාවී නොබෝකල් ඇත්තේ හුදකලා වූයේ වෙන් වූයේ අප්‍රමාදව කෙලෙස් තවන වීර්ය ඇතිව, කයෙහි හා ජීවිතයෙහි ආශා රහිතව වාසය කරන්නේ නොබෝ කලකින්ම යමක් පිණිස කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද ඒ උතුම්වූ මාර්ග බ්‍රහ්මචරියාව කෙළවරකොට ඇති අර්හත්ඵලය මේ ආත්මයෙහි තමාම දැක ඊට පැමිණ වාසය කළේය. උත්පත්තිය කෙළවර විය. මාර්ග බ්‍රහ්මචරියාව වැස නිමවනලදී. සතර මාර්ගයෙන් කටයුතු දෑ කරන ලදී. මේ ආත්මය පිණිස කළයුතු අනිකක් නැත්තේයයි දැනගත්තේය. ආයුෂ්මත් භාරද්වාජයන් වහන්සේ රහතුන් අතුරෙහි එක්තරා කෙනෙක්ද වූහ.
8. සල්ලෙඛසුත්තං 8. සල්ලේඛ සූත්‍රය
9. සම්මාදිට්ඨිසුත්තං 9. සම්මා දිට්ඨි සූත්‍රය
10. මහාසතිපට්ඨානසුත්තං 10. සතිපට්ඨාන සූත්‍රය