ත්‍රිපිටකය
මජ්ඣිමනිකායො මජ්ඣිම නිකාය
මූලපණ්ණාසපාළි මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.)
1. මූලපරියායවග්ගො 1. මූල පරියාය වර්ගය
1. මූලපරියායසුත්තං 1. මූල පරියාය සූත්‍රය
2. සබ්බාසවසුත්තං 2. සබ්බාසව සූත්‍රය
3. ධම්මදායාදසුත්තං 3. ධම්ම දායාද සූත්‍රය
4. භයභෙරවසුත්තං 4. භයභෙරව සූත්‍රය
5. අනඞ්ගණසුත්තං 5. අනංගණ සූත්‍රය
57
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්‍ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛූ ආමන්තෙසි - ‘‘ආවුසො, භික්ඛවෙ’’ති. ‘‘ආවුසො’’ති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං. ආයස්මා සාරිපුත්තො එතදවොච -
‘‘චත්තාරොමෙ, ආවුසො, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො? ඉධාවුසො, එකච්චො පුග්ගලො සාඞ්ගණොව සමානො ‘අත්ථි මෙ අජ්ඣත්තං අඞ්ගණ’න්ති යථාභූතං නප්පජානාති. ඉධ පනාවුසො, එකච්චො පුග්ගලො සාඞ්ගණොව සමානො ‘අත්ථි මෙ අජ්ඣත්තං අඞ්ගණ’න්ති යථාභූතං පජානාති. ඉධාවුසො, එකච්චො පුග්ගලො අනඞ්ගණොව සමානො ‘නත්ථි මෙ අජ්ඣත්තං අඞ්ගණ’න්ති යථාභූතං නප්පජානාති. ඉධ පනාවුසො, එකච්චො පුග්ගලො අනඞ්ගණොව සමානො ‘නත්ථි මෙ අජ්ඣත්තං අඞ්ගණ’න්ති යථාභූතං පජානාති. තත්‍රාවුසො, ය්වායං පුග්ගලො සාඞ්ගණොව සමානො ‘අත්ථි මෙ අජ්ඣත්තං අඞ්ගණ’න්ති යථාභූතං නප්පජානාති, අයං ඉමෙසං ද්වින්නං පුග්ගලානං සාඞ්ගණානංයෙව සතං හීනපුරිසො අක්ඛායති. තත්‍රාවුසො, ය්වායං පුග්ගලො සාඞ්ගණොව සමානො ‘අත්ථි මෙ අජ්ඣත්තං අඞ්ගණ’න්ති යථාභූතං පජානාති, අයං ඉමෙසං ද්වින්නං පුග්ගලානං සාඞ්ගණානංයෙව සතං සෙට්ඨපුරිසො අක්ඛායති . තත්‍රාවුසො, ය්වායං පුග්ගලො අනඞ්ගණොව සමානො ‘නත්ථි මෙ අජ්ඣත්තං අඞ්ගණ’න්ති යථාභූතං නප්පජානාති, අයං ඉමෙසං ද්වින්නං පුග්ගලානං අනඞ්ගණානංයෙව සතං හීනපුරිසො අක්ඛායති. තත්‍රාවුසො, ය්වායං පුග්ගලො අනඞ්ගණොව සමානො ‘නත්ථි මෙ අජ්ඣත්තං අඞ්ගණ’න්ති යථාභූතං පජානාති, අයං ඉමෙසං ද්වින්නං පුග්ගලානං අනඞ්ගණානංයෙව සතං සෙට්ඨපුරිසො අක්ඛායතී’’ති.
57
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනාථ පිණ්ඩික සිටුහු විසින් කරන ලද ජේතවන විහාරයෙහි වාසය කරති. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ‘ඇවැත්නි, මහණෙනි,’ කියා භික්ෂූන්ට කථා කළහ. ‘ඇවැත්නි’ කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට පිළිතුරු දුන්හ. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මේ සූත්‍රය වදාළහ.
“ඇවැත්නි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහුය. කවර සතරදෙනෙක්ද යත්? ඇවැත්නි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම අංගණ (තියුණු කෙලෙස්) සහිතවූයේම තමා තුළ තියුණුවූ කෙලෙස් ඇතැයි තතුසේ නොදනියි. ඇවැත්නි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම කෙලෙස් සහිතවූයේම තමා තුළ කෙලෙස් ඇතැයි තතුසේ දනියි. ඇවැත්නි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම කෙලෙස් රහිතවූයේම තමා තුළ කෙලෙස් නැතැයි තතුසේ නොදනියි. ඇවැත්නි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම කෙලෙස් රහිතවූයේම තමා තුළ කෙලෙස් නැතැයි තතුසේ දනියි.
“ඇවැත්නි, ඒ පුද්ගලයන් අතුරෙහි යම් පුද්ගලයෙක් තෙම කෙලෙස් සහිතවූයේම තමා තුළ කෙලෙස් ඇතැයි තතුසේ නොදනියිද මේතෙම මේ කෙලෙස් සහිත පුද්ගලයන් දෙදෙන අතුරෙන් පහත් පුරුෂයා යයි කියනු ලැබේ. ඇවැත්නි, යම් ඒ පුද්ගලයෙක් තෙම කෙලෙස් සහිතවූයේම තමා තුළ කෙලෙස් ඇතැයි තතුසේ දනියිද, මෙතෙම කෙලෙස් සහිතවූම මේ පුද්ගලයන් දෙදෙන අතුරෙන් ශ්‍රේෂ්ඨ පුරුෂයායයි කියනු ලැබේ. ඇවැත්නි, යම් ඒ පුද්ගලයෙක්තෙම කෙලෙස් රහිත වූයේම තමා තුළ කෙලෙස් නැතියි තතුසේ නොදනියිද මෙතෙම කෙලෙස් රහිතවූ මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් පහත් පුරුෂයායයි කියනු ලැබේ. ඇවැත්නි, යම් ඒ පුද්ගලයෙක් තෙම කෙලෙස් රහිත වූයේම තමා තුළ කෙලෙස් නැතැයි තතුසේ දනියිද මෙතෙම කෙලෙස් රහිතවූ මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් ශ්‍රේෂ්ඨ පුරුෂයායයි කියනු ලැබේ.”
58
එවං වුත්තෙ, ආයස්මා මහාමොග්ගල්ලානො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච -
‘‘කො නු ඛො, ආවුසො සාරිපුත්ත, හෙතු කො පච්චයො යෙනිමෙසං ද්වින්නං පුග්ගලානං සාඞ්ගණානංයෙව සතං එකො හීනපුරිසො අක්ඛායති, එකො සෙට්ඨපුරිසො අක්ඛායති? කො පනාවුසො සාරිපුත්ත, හෙතු කො පච්චයො යෙනිමෙසං ද්වින්නං පුග්ගලානං අනඞ්ගණානංයෙව සතං එකො හීනපුරිසො අක්ඛායති, එකො සෙට්ඨපුරිසො අක්ඛායතී’’ති?
58
මෙසේ කී කල්හි ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙය ප්‍රකාශ කළහ.
“ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කෙලෙස් සහිතවූම මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් එකෙක් පහත් පුද්ගලයායයි කියනු ලැබේ. එකෙක් ශ්‍රේෂ්ඨ පුද්ගලයායයි කියනු ලැබේ. ඊට හේතු කවරේද? ඊට ප්‍රත්‍යය කවරේද? කෙලෙස් රහිතවූ මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් එකෙක් පහත් පුද්ගලයා යයි කියනු ලැබේ. එකෙක් ශ්‍රේෂ්ඨ පුද්ගලයායයි කියනු ලැබේ. ඊට හේතු කවරේද? ඊට ප්‍රත්‍යය කවරේද?”
59
‘‘තත්‍රාවුසො, ය්වායං පුග්ගලො සාඞ්ගණොව සමානො ‘අත්ථි මෙ අජ්ඣත්තං අඞ්ගණ’න්ති යථාභූතං නප්පජානාති, තස්සෙතං පාටිකඞ්ඛං - න ඡන්දං ජනෙස්සති න වායමිස්සති න වීරියං ආරභිස්සති තස්සඞ්ගණස්ස පහානාය; සො සරාගො සදොසො සමොහො සාඞ්ගණො සංකිලිට්ඨචිත්තො කාලං කරිස්සති. සෙය්‍යථාපි, ආවුසො, කංසපාති ආභතා ආපණා වා කම්මාරකුලා වා රජෙන ච මලෙන ච පරියොනද්ධා. තමෙනං සාමිකා න චෙව පරිභුඤ්ජෙය්‍යුං න ච පරියොදපෙය්‍යුං (පරියොදාපෙය්‍යුං (?)), රජාපථෙ ච නං නික්ඛිපෙය්‍යුං. එවඤ්හි සා, ආවුසො, කංසපාති අපරෙන සමයෙන සංකිලිට්ඨතරා අස්ස මලග්ගහිතා’’ති? ‘‘එවමාවුසො’’ති. ‘‘එවමෙව ඛො, ආවුසො, ය්වායං පුග්ගලො සාඞ්ගණොව සමානො ‘අත්ථි මෙ අජ්ඣත්තං අඞ්ගණ’න්ති යථාභූතං නප්පජානාති, තස්සෙතං පාටිකඞ්ඛං - න ඡන්දං ජනෙස්සති න වායමිස්සති න වීරියං ආරභිස්සති තස්සඞ්ගණස්ස පහානාය; සො සරාගො සදොසො සමොහො සාඞ්ගණො සංකිලිට්ඨචිත්තො කාලං කරිස්සති.
‘‘තත්‍රාවුසො, ය්වායං පුග්ගලො සාඞ්ගණොව සමානො ‘අත්ථි මෙ අජ්ඣත්තං අඞ්ගණ’න්ති යථාභූතං පජානාති, තස්සෙතං පාටිකඞ්ඛං - ඡන්දං ජනෙස්සති වායමිස්සති වීරියං ආරභිස්සති තස්සඞ්ගණස්ස පහානාය; සො අරාගො අදොසො අමොහො අනඞ්ගණො අසංකිලිට්ඨචිත්තො කාලං කරිස්සති. සෙය්‍යථාපි, ආවුසො, කංසපාති ආභතා ආපණා වා කම්මාරකුලා වා රජෙන ච මලෙන ච පරියොනද්ධා. තමෙනං සාමිකා පරිභුඤ්ජෙය්‍යුඤ්චෙව පරියොදපෙය්‍යුඤ්ච, න ච නං රජාපථෙ නික්ඛිපෙය්‍යුං. එවඤ්හි සා, ආවුසො, කංසපාති අපරෙන සමයෙන පරිසුද්ධතරා අස්ස පරියොදාතා’’ති? ‘‘එවමාවුසො’’ති. ‘‘එවමෙව ඛො, ආවුසො, ය්වායං පුග්ගලො සාඞ්ගණොව සමානො ‘අත්ථි මෙ අජ්ඣත්තං අඞ්ගණ’න්ති යථාභූතං පජානාති, තස්සෙතං පාටිකඞ්ඛං - ඡන්දං ජනෙස්සති වායමිස්සති වීරියං ආරභිස්සති තස්සඞ්ගණස්ස පහානාය; සො අරාගො අදොසො අමොහො අනඞ්ගණො අසංකිලිට්ඨචිත්තො කාලං කරිස්සති.
‘‘තත්‍රාවුසො , ය්වායං පුග්ගලො අනඞ්ගණොව සමානො ‘නත්ථි මෙ අජ්ඣත්තං අඞ්ගණ’න්ති යථාභූතං නප්පජානාති, තස්සෙතං පාටිකඞ්ඛං - සුභනිමිත්තං මනසි කරිස්සති, තස්ස සුභනිමිත්තස්ස මනසිකාරා රාගො චිත්තං අනුද්ධංසෙස්සති; සො සරාගො සදොසො සමොහො සාඞ්ගණො සංකිලිට්ඨචිත්තො කාලං කරිස්සති. සෙය්‍යථාපි, ආවුසො, කංසපාති ආභතා ආපණා වා කම්මාරකුලා වා පරිසුද්ධා පරියොදාතා. තමෙනං සාමිකා න චෙව පරිභුඤ්ජෙය්‍යුං න ච පරියොදපෙය්‍යුං, රජාපථෙ ච නං නික්ඛිපෙය්‍යුං. එවඤ්හි සා, ආවුසො, කංසපාති අපරෙන සමයෙන සංකිලිට්ඨතරා අස්ස මලග්ගහිතා’’ති? ‘‘එවමාවුසො’’ති. ‘‘එවමෙව ඛො, ආවුසො, ය්වායං පුග්ගලො අනඞ්ගණොව සමානො ‘නත්ථි මෙ අජ්ඣත්තං අඞ්ගණ’න්ති යථාභූතං නප්පජානාති, තස්සෙතං පාටිකඞ්ඛං - සුභනිමිත්තං මනසි කරිස්සති, තස්ස සුභනිමිත්තස්ස මනසිකාරා රාගො චිත්තං අනුද්ධංසෙස්සති;සො සරාගො සදොසො සමොහො සාඞ්ගණො සංකිලිට්ඨචිත්තොකාලංකරිස්සති.
‘‘තත්‍රාවුසො, ය්වායං පුග්ගලො අනඞ්ගණොව සමානො ‘නත්ථි මෙ අජ්ඣත්තං අඞ්ගණ’න්ති යථාභූතං පජානාති, තස්සෙතං පාටිකඞ්ඛං - සුභනිමිත්තං න මනසි කරිස්සති, තස්ස සුභනිමිත්තස්ස අමනසිකාරා රාගො චිත්තං නානුද්ධංසෙස්සති; සො අරාගො අදොසො අමොහො අනඞ්ගණො අසංකිලිට්ඨචිත්තො කාලං කරිස්සති. සෙය්‍යථාපි, ආවුසො, කංසපාති ආභතා ආපණා වා කම්මාරකුලා වා පරිසුද්ධා පරියොදාතා. තමෙනං සාමිකා පරිභුඤ්ජෙය්‍යුඤ්චෙව පරියොදපෙය්‍යුඤ්ච, න ච නං රජාපථෙ නික්ඛිපෙය්‍යුං. එවඤ්හි සා, ආවුසො, කංසපාති අපරෙන සමයෙන පරිසුද්ධතරා අස්ස පරියොදාතා’’ති? ‘‘එවමාවුසො’’ති. ‘‘එවමෙව ඛො, ආවුසො, ය්වායං පුග්ගලො අනඞ්ගණොව සමානො ‘නත්ථි මෙ අජ්ඣත්තං අඞ්ගණ’න්ති යථාභූතං පජානාති, තස්සෙතං පාටිකඞ්ඛං - සුභනිමිත්තං න මනසි කරිස්සති, තස්ස සුභනිමිත්තස්ස අමනසිකාරා රාගො චිත්තං නානුද්ධංසෙස්සති; සො අරාගො අදොසො අමොහො අනඞ්ගණො අසංකිලිට්ඨචිත්තො කාලං කරිස්සති.
‘‘අයං ඛො, ආවුසො මොග්ගල්ලාන , හෙතු අයං පච්චයො යෙනිමෙසං ද්වින්නං පුග්ගලානං සාඞ්ගණානංයෙව සතං එකො හීනපුරිසො අක්ඛායති, එකො සෙට්ඨපුරිසො අක්ඛායති. අයං පනාවුසො මොග්ගල්ලාන, හෙතු අයං පච්චයො යෙනිමෙසං ද්වින්නං පුග්ගලානං අනඞ්ගණානංයෙව සතං එකො හීනපුරිසො අක්ඛායති, එකො සෙට්ඨපුරිසො අක්ඛායතී’’ති.
59
“ඇවැත්නි, ඔවුන් අතුරෙහි යම් ඒ පුද්ගලයෙක්තෙම කෙලෙස් සහිත වූයේම තමා තුළ කෙලෙස් ඇත්තේයයි තතුසේ නොදනීද ඔහු ගැන මෙසේ කැමැතිවිය යුතුයි. ඔහු ඒ කෙලෙස් නැතිකිරීම පිණිස කැමැත්තක් ඇතිකර නොගනියි, වෑයම් නොකරයි, වීර්ය නොකරයි. හෙතෙම රාග සහිතවූයේ ද්වේෂ සහිතවූයේ මෝහ සහිතවූයේ කෙලෙස් සහිතවූයේ කිළුටු සිත් ඇත්තේ කලුරිය කරන්නේය.
“ඇවැත්නි, සල්පිලින් හෝ රන්කරු කුලයකින් හෝ ගෙනෙනලද දූවිල්ලෙන් හා මලකඩින් ගැවසුනාවූ රන් තලියක් වේද එය හිමියෝ පරිභොග නොකරත්නම් පිරිසිදු නොකරත්නම් ධූලි සහිත තැන්හි දමත් නම් ඒ රන් තලිය ටික කලකින් අතිශයින් කිළුටුවී මල සහිත නොවන්නීද? එසේය ආයුෂ්මත්නි, ඒ රන්තලිය කල්යාමෙන් කිළුටු වූවා මල සහිත වන්නීය. ඇවැත්නි, කෙලෙස් සහිතවූයේම තමා තුළ කෙලෙස් ඇත්තේයයි තතුසේ නොදනීද ඔහු සම්බන්ධයෙන් මෙය කැමතිවිය යුතුයි. ඔහු ඒ කෙලෙස් නැතිකිරීම පිණිස කැමැත්තක් ඇතිකර නොගනියි. වෑයම් නොකරයි, හෙතෙම රාග සහිත වූයේ ද්වේෂ සහිත වූයේ මෝහ සහිත වූයේ කෙලෙස් සහිත වූයේ කිළුටු සිත් ඇත්තේ කලුරිය කරන්නේය.
“ඇවැත්නි, ඒ පුද්ගලයන් අතුරෙහි යම් පුද්ගලයෙක් තෙම කෙලෙස් සහිත වූයේම තමා තුළ කෙලෙස් ඇතැයි තතුසේ දනියිද ඔහු සම්බන්ධයෙන් මෙය කැමතිවිය යුතුය. ඔහු ඒ කෙලෙස් නැතිකිරීම පිණිස කැමැත්තක් ඇතිකර ගනියි. වීර්යකරයි. හෙතෙම රාග රහිත වූයේ ද්වේෂ සහිත වූයේ මෝහ රහිත වූයේ කෙලෙස් රහිතවූයේ නොකිලිටි සිත් ඇත්තේ කාලක්‍රියා කරයි. ඇවැත්නි, සල්පිලකින් හෝ රන්කරු කුලයකින් හෝ ගෙනෙන ලද දූවිල්ලෙන් හා මළකඩින් ගැවසුණාවූ රන් තලියක් එය හිමියෝ පරිභෝග කරත් නම්, පිරිසිදු කරත් නම් ධූලි සහිත තන්හි නොදමත් නම් ඒ ලොහතලිය ටිකකලකින් අතිශයින් පිරිසිදුවී ඔප වැටෙන්නේ නොවේද?” “එසේය. ආයුෂ්මතුනි,’‘ “ඇවැත්නි, එපරිද්දෙන්ම යම් ඒ පුද්ගලයෙක් කෙලෙස් සහිත වූයේම තමා තුළ කෙලෙස් ඇතැයි දනීද, ඔහු සම්බන්ධයෙන් මෙය කැමැතිවිය යුතුය. ඔහු ඒ කෙලෙස් නැතිකිරීම පිණිස කැමැත්තක් ඇතිකරගනියි, වෑයම් කරයි. වීර්ය කරයි, හෙතෙම රාග රහිතවූයේ ද්වේෂ රහිතවූයේ මෝහ රහිතවූයේ කෙලෙස් රහිතවූයේ නොකිලිටි සිත් ඇත්තේ කාලක්‍රියාකරයි.
“ඇවැත්නි, ඒ පුද්ගලයන් අතරෙහි යම් පුද්ගලයෙක් කෙලෙස් රහිතවූයේම තමා තුළ කෙලෙස් නැතැයි තතුසේ නොදනීද, ඔහු සම්බන්ධයෙන් මෙය කැමතිවිය යුතුය. හෙතෙම ශුභ අරමුණු මෙනෙහිකරයි, ශුභ අරමුණු මෙනෙහි කිරීමෙන් රාගය ඔහුගේ කුසල්සිත විනාශ කරයි. හෙතෙම රාග සහිතවූයේ, ද්වේෂ සහිත වූයේ මෝහ සහිත වූයේ කාලක්‍රියා කරයි. ඇවැත්නි, සල්පිලින් හෝ රන්කරු කුලයකින් හෝ ගෙනෙන ලද දූවිල්ලෙන් හා මලකඩින් ගැවසුනාවූ රන් තලියක් එය හිමියෝ පරිභොග නොකරත්නම් පිරිසිදු නොකරත්නම් ධූලි සහිත තන්හි දමත්නම් ඒ රන්තලිය ටික කලකින් අතිශයින් කිළුටුවී මල බැඳුනේ නොවන්නේද ‘එසේය, ආයුෂ්මතුනි, වන්නේය.’ ‘එපරිද්දෙන්ම යම් ඒ පුද්ගලයෙක්තෙම කෙලෙස් රහිත වූයේම තමා තුළ කෙලෙස් නැත්තේයයි තතුසේ නොදනීද ඔහු සම්බන්ධයෙන් මෙය කැමතිවිය යුතුයි. ඔහු ඒ කෙලෙස් නැතිකිරීම පිණිස කැමැත්තක් ඇතිකර නොගනියි. වෑයම් නොකරයි. වීර්ය නොකරයි. හෙතෙම රාග සහිත වූයේ ද්වේෂ සහිත වූයේ මෝහ සහිත වූයේ කෙලෙස් සහිත වූයේ කිළුටු සිත් ඇත්තේ කළුරිය කරන්නේය.
“ඇවැත්නි, ඔවුන් අතරෙහි යම් ඒ පුද්ගලයෙක් කෙලෙස් රහිත වූයේ තමා තුළ කෙලෙස් නැතැයි තතුසේ දනීද, ඔහු සම්බන්ධයෙන් මෙය කැමතිවිය යුතුය. ශුභ අරමුණ මෙනෙහි නොකරයි. ශුභ අරමුණ මෙනෙහි නොකිරීමෙන් රාගය ඔහුගේ කුසල් සිත විනාශ නොකරයි, හෙතෙම රාග රහිත වූයේ, ද්වේෂ රහිත වූයේ මෝහ රහිත වූයේ කෙලෙස් රහිත වූයේ නොකිලිටි සිත් ඇත්තේ කාලක්‍රියාකරයි. ඇවැත්නි, සල්පිලකින් හෝ රන්කරු කුලයකින් හෝ ගෙනෙන ලද දූවිල්ලෙන් හා මලකඩින් ගැවසුණාවූ රන්තලියක් එය හිමියෝ පරිභොග කරත්නම්, පිරිසුදු කරත් නම් ධූලි සහිත තන්හි නොදමත් නම් ඒ රන්තලිය ටිකකලකින් අතිශයින් පිරිසුදුවී ඔප වැටෙන්නේ නොවේද? ‘එසේය ආයුෂ්මතුනි, වන්නේය.’ ඇවැත්නි, එපරිද්දෙන් යම් ඒ පුද්ගලයෙක් කෙලෙස් රහිත වූයේම තමා තුළ කෙලෙස් නැතැයි දනීද ඔහු සම්බන්ධයෙන් මෙය කැමතිවිය යුතුය, ඔහු ඒ කෙලෙස් නැතිකිරීම පිණිස කැමැත්තක් ඇතිකර ගනියි, වෑයම් කරයි, වීර්ය කරයි. හෙතෙම රාග රහිතවූයේ ද්වේෂ රහිත වූයේ මෝහ රහිත වූයේ කෙලෙස් රහිතවූයේ නොකිලිටි සිත් ඇත්තේ කාලක්‍රියා කරයි.
“මොග්ගල්ලාන, කෙලෙස් සහිතවූම මේ පුද්ගලයන් දෙදෙනා අතරෙන් එකෙක් හීනපුද්ගලයායයි කියනු ලැබේද, එකෙක් ශ්‍රේෂ්ඨ පුද්ගලයායයි කියනු ලැබේද, මේ වනාහි ඊට හේතුවයි, ඊට ප්‍රත්‍යයයි. මොග්ගල්ලාන, කෙලෙස් රහිතවූම මේ පුද්ගලයන් දෙදෙනා අතරින් එකෙක් හීන පුද්ගලයායයි කියනු ලැබේද, එකෙක් ශ්‍රේෂ්ඨ පුද්ගලයායයි කියනු ලැබේද, මේ වනාහි ඊට හේතුවය ඊට ප්‍රත්‍යයය.
60
‘‘අඞ්ගණං අඞ්ගණන්ති, ආවුසො, වුච්චති. කිස්ස නු ඛො එතං, ආවුසො, අධිවචනං යදිදං අඞ්ගණ’’න්ති? ‘‘පාපකානං ඛො එතං, ආවුසො, අකුසලානං ඉච්ඡාවචරානං අධිවචනං, යදිදං අඞ්ගණ’’න්ති.
‘‘ඨානං ඛො පනෙතං, ආවුසො, විජ්ජති යං ඉධෙකච්චස්ස භික්ඛුනො එවං ඉච්ඡා උප්පජ්ජෙය්‍ය - ‘ආපත්තිඤ්ච වත ආපන්නො අස්සං, න ච මං භික්ඛූ ජානෙය්‍යුං ආපත්තිං ආපන්නො’ති. ඨානං ඛො පනෙතං, ආවුසො, විජ්ජති යං තං භික්ඛුං භික්ඛූ ජානෙය්‍යුං - ‘ආපත්තිං ආපන්නො’ති. ‘ජානන්ති මං භික්ඛූ ආපත්තිං ආපන්නො’ති - ඉති සො කුපිතො හොති අප්පතීතො. යො චෙව ඛො, ආවුසො, කොපො යො ච අප්පච්චයො - උභයමෙතං අඞ්ගණං.
‘‘ඨානං ඛො පනෙතං, ආවුසො, විජ්ජති යං ඉධෙකච්චස්ස භික්ඛුනො එවං ඉච්ඡා උප්පජ්ජෙය්‍ය - ‘ආපත්තිඤ්ච වත ආපන්නො අස්සං, අනුරහො මං භික්ඛූ චොදෙය්‍යුං, නො සඞ්ඝමජ්ඣෙ’ති. ඨානං ඛො පනෙතං, ආවුසො, විජ්ජති යං තං භික්ඛුං භික්ඛූ සඞ්ඝමජ්ඣෙ චොදෙය්‍යුං, නො අනුරහො. ‘සඞ්ඝමජ්ඣෙ මං භික්ඛූ චොදෙන්ති, නො අනුරහො’ති - ඉති සො කුපිතො හොති අප්පතීතො. යො චෙව ඛො, ආවුසො, කොපො යො ච අප්පච්චයො - උභයමෙතං අඞ්ගණං.
‘‘ඨානං ඛො පනෙතං, ආවුසො, විජ්ජති යං ඉධෙකච්චස්ස භික්ඛුනො එවං ඉච්ඡා උප්පජ්ජෙය්‍ය - ‘ආපත්තිඤ්ච වත ආපන්නො අස්සං, සප්පටිපුග්ගලො මං චොදෙය්‍ය, නො අප්පටිපුග්ගලො’ති. ඨානං ඛො පනෙතං, ආවුසො, විජ්ජති යං තං භික්ඛුං අප්පටිපුග්ගලො චොදෙය්‍ය, නො සප්පටිපුග්ගලො. ‘අප්පටිපුග්ගලො මං චොදෙති, නො සප්පටිපුග්ගලො’ති - ඉති සො කුපිතො හොති අප්පතීතො. යො චෙව ඛො, ආවුසො, කොපො යො ච අප්පච්චයො - උභයමෙතං අඞ්ගණං.
‘‘ඨානං ඛො පනෙතං, ආවුසො, විජ්ජති යං ඉධෙකච්චස්ස භික්ඛුනො එවං ඉච්ඡා උප්පජ්ජෙය්‍ය - ‘අහො වත මමෙව සත්ථා පටිපුච්ඡිත්වා පටිපුච්ඡිත්වා භික්ඛූනං ධම්මං දෙසෙය්‍ය, න අඤ්ඤං භික්ඛුං සත්ථා පටිපුච්ඡිත්වා පටිපුච්ඡිත්වා භික්ඛූනං ධම්මං දෙසෙය්‍යා’ති. ඨානං ඛො පනෙතං, ආවුසො, විජ්ජති යං අඤ්ඤං භික්ඛුං සත්ථා පටිපුච්ඡිත්වා පටිපුච්ඡිත්වා භික්ඛූනං ධම්මං දෙසෙය්‍ය, න තං භික්ඛුං සත්ථා පටිපුච්ඡිත්වා පටිපුච්ඡිත්වා භික්ඛූනං ධම්මං දෙසෙය්‍ය. ‘අඤ්ඤං භික්ඛුං සත්ථා පටිපුච්ඡිත්වා පටිපුච්ඡිත්වා භික්ඛූනං ධම්මං දෙසෙති, න මං සත්ථා පටිපුච්ඡිත්වා පටිපුච්ඡිත්වා භික්ඛූනං ධම්මං දෙසෙතී’ති - ඉති සො කුපිතො හොති අප්පතීතො. යො චෙව ඛො, ආවුසො, කොපො යො ච අප්පච්චයො - උභයමෙතං අඞ්ගණං.
‘‘ඨානං ඛො පනෙතං, ආවුසො, විජ්ජති යං ඉධෙකච්චස්ස භික්ඛුනො එවං ඉච්ඡා උප්පජ්ජෙය්‍ය - ‘අහො වත මමෙව භික්ඛූ පුරක්ඛත්වා පුරක්ඛත්වා ගාමං භත්තාය පවිසෙය්‍යුං, න අඤ්ඤං භික්ඛුං භික්ඛූ පුරක්ඛත්වා පුරක්ඛත්වා ගාමං භත්තාය පවිසෙය්‍යු’න්ති. ඨානං ඛො පනෙතං, ආවුසො, විජ්ජති යං අඤ්ඤං භික්ඛුං භික්ඛූ පුරක්ඛත්වා පුරක්ඛත්වා ගාමං භත්තාය පවිසෙය්‍යුං, න තං භික්ඛුං භික්ඛූ පුරක්ඛත්වා පුරක්ඛත්වා ගාමං භත්තාය පවිසෙය්‍යුං. ‘අඤ්ඤං භික්ඛුං භික්ඛූ පුරක්ඛත්වා පුරක්ඛත්වා ගාමං භත්තාය පවිසන්ති, න මං භික්ඛූ පුරක්ඛත්වා පුරක්ඛත්වා ගාමං භත්තාය පවිසන්තී’ති - ඉති සො කුපිතො හොති අප්පතීතො. යො චෙව ඛො, ආවුසො, කොපො යො ච අප්පච්චයො - උභයමෙතං අඞ්ගණං.
‘‘ඨානං ඛො පනෙතං, ආවුසො, විජ්ජති යං ඉධෙකච්චස්ස භික්ඛුනො එවං ඉච්ඡා උප්පජ්ජෙය්‍ය - ‘අහො වත අහමෙව ලභෙය්‍යං භත්තග්ගෙ අග්ගාසනං අග්ගොදකං අග්ගපිණ්ඩං, න අඤ්ඤො භික්ඛු ලභෙය්‍ය භත්තග්ගෙ අග්ගාසනං අග්ගොදකං අග්ගපිණ්ඩ’න්ති. ඨානං ඛො පනෙතං, ආවුසො, විජ්ජති යං අඤ්ඤො භික්ඛු ලභෙය්‍ය භත්තග්ගෙ අග්ගාසනං අග්ගොදකං අග්ගපිණ්ඩං, න සො භික්ඛු ලභෙය්‍ය භත්තග්ගෙ අග්ගාසනං අග්ගොදකං අග්ගපිණ්ඩං. ‘අඤ්ඤො භික්ඛු ලභති භත්තග්ගෙ අග්ගාසනං අග්ගොදකං අග්ගපිණ්ඩං, නාහං ලභාමි භත්තග්ගෙ අග්ගාසනං අග්ගොදකං අග්ගපිණ්ඩ’න්ති - ඉති සො කුපිතො හොති අප්පතීතො. යො චෙව ඛො, ආවුසො, කොපො යො ච අප්පච්චයො - උභයමෙතං අඞ්ගණං.
‘‘ඨානං ඛො පනෙතං, ආවුසො, විජ්ජති යං ඉධෙකච්චස්ස භික්ඛුනො එවං ඉච්ඡා උප්පජ්ජෙය්‍ය - ‘අහො වත අහමෙව භත්තග්ගෙ භුත්තාවී අනුමොදෙය්‍යං, න අඤ්ඤො භික්ඛු භත්තග්ගෙ භුත්තාවී අනුමොදෙය්‍යා’ති. ඨානං ඛො පනෙතං, ආවුසො, විජ්ජති යං අඤ්ඤො භික්ඛු භත්තග්ගෙ භුත්තාවී අනුමොදෙය්‍ය, න සො භික්ඛු භත්තග්ගෙ භුත්තාවී අනුමොදෙය්‍ය. ‘අඤ්ඤො භික්ඛු භත්තග්ගෙ භුත්තාවී අනුමොදති, නාහං භත්තග්ගෙ භුත්තාවී අනුමොදාමී’ති - ඉති සො කුපිතො හොති අප්පතීතො. යො චෙව ඛො, ආවුසො, කොපො යො ච අප්පච්චයො - උභයමෙතං අඞ්ගණං.
‘‘ඨානං ඛො පනෙතං, ආවුසො, විජ්ජති යං ඉධෙකච්චස්ස භික්ඛුනො එවං ඉච්ඡා උප්පජ්ජෙය්‍ය - ‘අහො වත අහමෙව ආරාමගතානං භික්ඛූනං ධම්මං දෙසෙය්‍යං, න අඤ්ඤො භික්ඛු ආරාමගතානං භික්ඛූනං ධම්මං දෙසෙය්‍යා’ති. ඨානං ඛො පනෙතං, ආවුසො, විජ්ජති යං අඤ්ඤො භික්ඛු ආරාමගතානං භික්ඛූනං ධම්මං දෙසෙය්‍ය, න සො භික්ඛු ආරාමගතානං භික්ඛූනං ධම්මං දෙසෙය්‍ය. ‘අඤ්ඤො භික්ඛු ආරාමගතානං භික්ඛූනං ධම්මං දෙසෙති, නාහං ආරාමගතානං භික්ඛූනං ධම්මං දෙසෙමී’ති - ඉති සො කුපිතො හොති අප්පතීතො. යො චෙව ඛො, ආවුසො, කොපො යො ච අප්පච්චයො - උභයමෙතං අඞ්ගණං.
‘‘ඨානං ඛො පනෙතං, ආවුසො, විජ්ජති යං ඉධෙකච්චස්ස භික්ඛුනො එවං ඉච්ඡා උප්පජ්ජෙය්‍ය - ‘අහො වත අහමෙව ආරාමගතානං භික්ඛුනීනං ධම්මං දෙසෙය්‍යං...පෙ.... උපාසකානං ධම්මං දෙසෙය්‍යං...පෙ.... උපාසිකානං ධම්මං දෙසෙය්‍යං, න අඤ්ඤො භික්ඛු ආරාමගතානං උපාසිකානං ධම්මං දෙසෙය්‍යා’ති. ඨානං ඛො පනෙතං, ආවුසො, විජ්ජති යං අඤ්ඤො භික්ඛු ආරාමගතානං උපාසිකානං ධම්මං දෙසෙය්‍ය, න සො භික්ඛු ආරාමගතානං උපාසිකානං ධම්මං දෙසෙය්‍ය. ‘අඤ්ඤො භික්ඛු ආරාමගතානං උපාසිකානං ධම්මං දෙසෙති, නාහං ආරාමගතානං උපාසිකානං ධම්මං දෙසෙමී’ති - ඉති සො කුපිතො හොති අප්පතීතො. යො චෙව ඛො, ආවුසො, කොපො යො ච අප්පච්චයො - උභයමෙතං අඞ්ගණං.
‘‘ඨානං ඛො පනෙතං, ආවුසො, විජ්ජති යං ඉධෙකච්චස්ස භික්ඛුනො එවං ඉච්ඡා උප්පජ්ජෙය්‍ය - ‘අහො වත මමෙව භික්ඛූ සක්කරෙය්‍යුං ගරුං කරෙය්‍යුං (ගරුකරෙය්‍යුං (සී. ස්‍යා. පී.)) මානෙය්‍යුං පූජෙය්‍යුං, න අඤ්ඤං භික්ඛුං භික්ඛූ සක්කරෙය්‍යුං ගරුං කරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යු’න්ති. ඨානං ඛො පනෙතං, ආවුසො, විජ්ජති යං අඤ්ඤං භික්ඛුං භික්ඛූ සක්කරෙය්‍යුං ගරුං කරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං, න තං භික්ඛුං භික්ඛූ සක්කරෙය්‍යුං ගරුං කරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං. ‘අඤ්ඤං භික්ඛුං භික්ඛූ සක්කරොන්ති ගරුං කරොන්ති මානෙන්ති පූජෙන්ති , න මං භික්ඛූ සක්කරොන්ති ගරුං කරොන්ති මානෙන්ති පූජෙන්තී’ති - ඉති සො කුපිතො හොති අප්පතීතො. යො චෙව ඛො, ආවුසො, කොපො යො ච අප්පච්චයො - උභයමෙතං අඞ්ගණං.
‘‘ඨානං ඛො පනෙතං, ආවුසො, විජ්ජති යං ඉධෙකච්චස්ස භික්ඛුනො එවං ඉච්ඡා උප්පජ්ජෙය්‍ය - ‘අහො වත මමෙව භික්ඛුනියො...පෙ.... උපාසකා...පෙ.... උපාසිකා සක්කරෙය්‍යුං ගරුං කරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං, න අඤ්ඤං භික්ඛුං උපාසිකා සක්කරෙය්‍යුං ගරුං කරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යු’න්ති. ඨානං ඛො පනෙතං, ආවුසො, විජ්ජති යං අඤ්ඤං භික්ඛුං උපාසිකා සක්කරෙය්‍යුං ගරුං කරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං, න තං භික්ඛුං උපාසිකා සක්කරෙය්‍යුං ගරුං කරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං. ‘අඤ්ඤං භික්ඛුං උපාසිකා සක්කරොන්ති ගරුං කරොන්ති මානෙන්ති පූජෙන්ති, න මං උපාසිකා සක්කරොන්ති ගරුං කරොන්ති මානෙන්ති පූජෙන්තී’ති - ඉති සො කුපිතො හොති අප්පතීතො. යො චෙව ඛො, ආවුසො, කොපො යො ච අප්පච්චයො - උභයමෙතං අඞ්ගණං.
‘‘ඨානං ඛො පනෙතං, ආවුසො, විජ්ජති යං ඉධෙකච්චස්ස භික්ඛුනො එවං ඉච්ඡා උප්පජ්ජෙය්‍ය - ‘අහො වත අහමෙව ලාභී අස්සං පණීතානං චීවරානං, න අඤ්ඤො භික්ඛු ලාභී අස්ස පණීතානං චීවරාන’න්ති. ඨානං ඛො පනෙතං, ආවුසො, විජ්ජති යං අඤ්ඤො භික්ඛු ලාභී අස්ස පණීතානං චීවරානං, න සො භික්ඛු ලාභී අස්ස පණීතානං චීවරානං. ‘අඤ්ඤො භික්ඛු ලාභී (ලාභී අස්ස (ක.)) පණීතානං චීවරානං, නාහං ලාභී (ලාභී අස්සං (ක.)) පණීතානං චීවරාන’න්ති - ඉති සො කුපිතො හොති අප්පතීතො. යො චෙව ඛො, ආවුසො, කොපො යො ච අප්පච්චයො - උභයමෙතං අඞ්ගණං.
‘‘ඨානං ඛො පනෙතං, ආවුසො, විජ්ජති යං ඉධෙකච්චස්ස භික්ඛුනො එවං ඉච්ඡා උප්පජ්ජෙය්‍ය - ‘අහො වත අහමෙව ලාභී අස්සං පණීතානං පිණ්ඩපාතානං...පෙ.... පණීතානං සෙනාසනානං...පෙ.... පණීතානං ගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරානං, න අඤ්ඤො භික්ඛු ලාභී අස්ස පණීතානං ගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරාන’න්ති. ඨානං ඛො පනෙතං, ආවුසො, විජ්ජති යං අඤ්ඤො භික්ඛු ලාභී අස්ස පණීතානං ගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරානං, න සො භික්ඛු ලාභී අස්ස පණීතානං ගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරානං. ‘අඤ්ඤො භික්ඛු ලාභී (ලාභී අස්ස (ක.)) පණීතානං ගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරානං, නාහං ලාභී (ලාභී අස්සං (ක.)) පණීතානං ගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරාන’න්ති - ඉති සො කුපිතො හොති අප්පතීතො. යො චෙව ඛො, ආවුසො, කොපො යො ච අප්පච්චයො - උභයමෙතං අඞ්ගණං.
‘‘ඉමෙසං ඛො එතං, ආවුසො, පාපකානං අකුසලානං ඉච්ඡාවචරානං අධිවචනං, යදිදං අඞ්ගණ’’න්ති.
60
“ඇවැත්නි, අංගණය අංගණයයි කියනු ලැබේ ඇවැත්නි, මේ අංගණය යනු කුමකට නමක්ද? ඇවැත්නි අංගණය යනු කැමැතිසේ හැසිරීමයයි කියනලද ලාමක වූ අකුසල ධර්මයන්ට නමකි.
“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. මම ඇවතට පැමිණියෙමි. මා ඇවතට පැමිණි බව භික්ෂූහු නොදන්නාහු නම් හොඳය (කියාය). යම්හෙයකින් භික්ෂූහු ඒ භික්ෂුව ඇවැතට පැමිණියේයයි දන්නාහු නම් භික්ෂූහු මා ඇවැතට පැමිණියේ යයි දනිත්යයි ඒ භික්ෂුව කෝපයට පත්වෙයි. නොසතුටු වූයේ වෙයි. ඇවැත්නි, ඒ කෝපය හා නොසතුට යන දෙකම අංගණ නමි.
“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. මම ඇවතට පැමිණියේ වෙමි. භික්ෂූහු මට රහසිගතව චොදනා කරන්නාහුනම් සඟමැද චොදනා නොකරන්නාහු නම් හොඳය (කියාය) යම්හෙයකින් භික්ෂූහු ඒ භික්ෂුවට සඟමැද චෝදනා කරත්ද, රහසිගතව චෝදනා නොකරද්ද, භික්ෂූහු මට සඟමැද චෝදනා කරති. රහසිගතව චෝදනා නොකරතියි හෙතෙම කෝපයට පත් වෙයි. නොසතුටුවූයේ වෙයි, ඒ කෝපය හා නොසතුට යන දෙකම අංගණ නමි.
“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. මම ඇවතට පැමිණියේ වෙමි. සමාන පුද්ගලයෙක් මට චොදනා කරන්නේනම්, මා අසන පුද්ගලයෙක් චොදනා නොකරන්නේ නම් හොඳය (කියාය.) යම් හෙයකින් ඒ භික්ෂුවට අසමාන පුද්ගලයෙක් චොදනා කරයිද, සමාන පුද්ගලයෙක් චොදනා නොකරයිද, සමාන පුද්ගලයෙක් නොව අසමාන පුද්ගලයෙක් මට චොදනා කරයි. කියා හෙතෙම කෝපයට පත්වෙයි. නොසතුටු වූයේ වෙයි. ඒ කොපය හා නොසතුට යන දෙකම අංගණ නමි.
“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. ශාස්තෲන් වහන්සේ මගෙන්ම අස අසා භික්ෂූන්ට ධර්මදේශනා කරන්නේ නම් ශාස්තෲන් වහන්සේ අන්‍ය භික්ෂුවකගෙන් අස අසා භික්ෂූන්ට ධර්ම දේශනා නොකරන්නේ නම් හොඳය (කියාය) ඇවැත්නි, යම් හේතුවකින් ශාස්තෲන්වහන්සේ අන්‍ය භික්ෂුවකගෙන් අස අසා ධර්ම දේශනා කරත්ද, ශාස්තෲන්වහන්සේ ඒ භික්ෂුවගෙන් අස අසා ධර්මදේශනා නොකරත්ද, ශාස්තෲන්වහන්සේ අන්‍ය භික්ෂුවකගෙන් අස අසා ධර්මදේශනා කරන්නාහ, ශාස්තෘන්වහන්සේ මගෙන් අස අසා ධර්ම දේනා නොකරන්නාහයි හෙතෙම කෝපයට පත්වෙයි. නොසතුටුවූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අංගණ නමි.
“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. භික්ෂූහු මා ම පෙරටු කොට පෙරටුකොට බත් පිණිස ගමට පිවිසෙන්නාහු නම්, අන්‍ය භික්ෂුවක් පෙරටුකොට පෙරටුකොට බත් පිණිස ගමට නොපිවිසෙන්නාහු නම් හොඳය කියාය. ඇවැත්නි, යම් හේතුවකින් භික්ෂූහු අන්‍ය භික්ෂුවක් පෙරටුකොට පෙරටුකොට බත් පිණිස ගමට පිවිසෙත්ද භික්ෂූහු ඒ භික්ෂුව පෙරටුකොට පෙරටුකොට බත් පිණිස ගමට නොපිවිසෙත්ද, භික්ෂූහු අන්‍ය භික්ෂුවක් පෙරටුකොට පෙරටුකොට බත් පිණිස ගමට පිවිසෙති භික්ෂූහු මා පෙරටුකොට පෙරටුකොට බත් පිණිස ගමට නොපිවිසෙත්යයි හෙතෙම කෝපයට පත්වෙයි, නොසතුටුවූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අංගණ නමි.
“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. මම ම දන් ශාලාවෙහිදී මුල් ආසනය, පළමුවෙනි දිය බඳුන, ප්‍රධාන භොජනය ලබන්නෙම් නම්, අන්‍ය භික්ෂුවක් දන් ශාලාවෙහිදී මුල් ආසනය, පළමුවෙනි දියබඳුන, ප්‍රධාන භොජනය නොලබන්නේ නම් හොඳය (කියාය). ඇවැත්නි, යම් හේතුවකින් අන්‍ය භික්ෂුවක් දන්ශාලාවෙහිදී මුල් ආසනය, පළමුවෙනි දිය බඳුන, ප්‍රධාන භොජනය ලබයිද, මේ භික්ෂුව දන් ශාලාවෙහිදී මුල් ආසනය, පළමුවෙනි දිය බඳුන, ප්‍රධාන භොජනය නොලබයිද අන්‍ය භික්ෂුවක් දන් ශාලාවෙහිදී මුල් ආසනය, පළමුවෙනි දිය බඳුන ප්‍රධාන භොජනය ලබයි, මම දන්ශාලාවෙහිදී මුල් ආසනය, පළමුවෙනි දිය බඳුන, ප්‍රධාන භොජනය නොලබමියි. හෙතෙම කෝපයට පත්වෙයි. නොසතුටු වූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අංගණ නමි.
“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. මම ම දන් ශාලාවෙහිදී වළඳා අවසානයේ අනුමෝදනාව කරන්නෙම් නම් අන්‍ය භික්ෂුවක් දන් ශාලාවේදී වළඳා අවසානයේ අනුමෝදනාව නොකරන්නේ නම් හොඳය (කියාය). ඇවැත්නි, යම් හේතුවකින් අන්‍ය භික්ෂුවක් දන්ශාලාවෙහිදී වළඳා අවසානයේ අනුමෝදනාව කරයිද, මේ භික්ෂුව දන් ශාලාවෙහිදී වළඳා අවසානයේ අනුමෝදනා කරන්ට නොලබයිද, අන්‍ය භික්ෂුවක් දන් ශාලාවෙහිදී වළඳා අවසානයේ අනුමෝදනාව කරයි. මම දන් ශාලාවෙහි වළඳා අවසානයේ අනුමෝදනාව කරන්ට නොලබමියි හෙතෙම කෝපයට පත්වෙයි, අසතුටු වූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අංගණ නමි.
“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. ආරාමයෙහි රැස්වූ භික්ෂූන්ට මම ම ධර්මදේශනා කරන්නෙම් නම් අන්‍ය භික්ෂුවක් ආරාමයෙහි රැස්වූ භික්ෂූන්ට ධර්ම දේශනා නොකරන්නේ නම් හොඳය (කියාය). ඇවැත්නි, යම් හේතුවකින් අන්‍ය භික්ෂුවක් ආරාමයෙහි රැස්වූ භික්ෂූන්ට ධර්ම දේශනා කරයිද, මේ භික්ෂුව ආරාමයෙහි රැස්වූ භික්ෂූන්හට ධර්ම දේශනා කරන්නට නොලබයිද, අන්‍ය භික්ෂුවක් ආරාමයෙහි රැස්වූ භික්ෂූන්හට ධර්ම දේශනා කරයි, මම ආරාමයෙහි රැස්වූ භික්ෂූන්හට ධර්ම දේශනා කරන්නට නොලබමියි හෙතෙම කෝපයට පත්වෙයි, නොසතුටු වූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අංගණ නමි.
“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. ආරාමයෙහි රැස්වූ භික්ෂුණීන්හට මම ම ධර්මදේශනා කරන්නෙම් නම්, අන්‍ය භික්ෂුවක් ආරාමයෙහි රැස්වූ භික්ෂුණීන්හට ධර්ම දේශනා නොකරන්නේ නම් හොඳය (කියාය) ඇවැත්නි, යම් හේතුවකින් අන්‍ය භික්ෂුවක් ආරාමයෙහි රැස්වූ භික්ෂුණීන්හට ධර්ම දේශනා කරයිද, මේ භික්ෂුව ආරාමයෙහි රැස්වූ භික්ෂුණීන්හට ධර්ම දේශනා කරන්නට නොලබයිද, අන්‍ය භික්ෂුවක් ආරාමයෙහි රැස්වූ භික්ෂුණීන්හට ධර්ම දේශනා කරයි, මම ආරාමයෙහි රැස්වූ භික්ෂුණීන්හට ධර්ම දේශනා කරන්නට නොලබමියි හෙතෙම කෝපයට පත්වෙයි, නොසතුටු වූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අංගණ නමි.
“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. ආරාමයෙහි රැස්වූ උපාසකයන්හට මම ම ධර්මදේශනා කරන්නෙම් නම්, අන්‍ය භික්ෂුවක් ආරාමයෙහි රැස්වූ උපාසකයන්හට ධර්ම දේශනා නොකරන්නේ නම් හොඳය (කියාය) ඇවැත්නි, යම් හේතුවකින් අන්‍ය භික්ෂුවක් ආරාමයෙහි රැස්වූ උපාසකයන්ට ධර්ම දේශනා කරයිද, මේ භික්ෂුව ආරාමයෙහි රැස්වූ උපාසකයන්හට ධර්ම දේශනා කරන්නට නොලබයිද, අන්‍ය භික්ෂුවක් ආරාමයෙහි රැස්වූ උපාසකයන්හට ධර්ම දේශනා කරයි, මම ආරාමයෙහි රැස්වූ උපාසකයන්හට ධර්ම දේශනා කරන්නට නොලබමියි හෙතෙම කෝපයට පත්වෙයි, නොසතුටු වූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අංගණ නමි.
“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. ආරාමයෙහි රැස්වූ උපාසිකාවන්හට මම ම ධර්මදේශනා කරන්නෙම් නම් අන්‍ය භික්ෂුවක් ආරාමයෙහි රැස්වූ උපාසිකාවන් හට ධර්ම දේශනා නොකරන්නේ නම් හොඳය (කියාය). ඇවැත්නි, යම් හේතුවකින් අන්‍ය භික්ෂුවක් ආරාමයෙහි රැස්වූ උපාසිකාවන්හට ධර්ම දේශනා කරයිද, මේ භික්ෂුව ආරාමයෙහි රැස්වූ උපාසිකාවන්හට ධර්ම දේශනා කරන්නට නොලබයිද, අන්‍ය භික්ෂුවක් ආරාමයෙහි රැස්වූ උපාසිකාවන්හට ධර්ම දේශනා කරයි, මම ආරාමයෙහි රැස්වූ උපාසිකාවන්හට ධර්ම දේශනා කරන්නට නොලබමියි හෙතෙම කෝපයට පත්වෙයි, නොසතුටු වූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අංගණ නමි.
“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කල්පනාවක් ඇතිවිය හැකිය. භික්ෂූහු මටම සත්කාර කරන්නාහු නම්, ගරුකරන්නාහු නම්, බුහුමන් කරන්නාහු නම්, පුදන්නාහු නම් භික්ෂූහු අන්‍ය භික්ෂුවකට සත්කාර නොකරන්නාහු නම්, ගරු නොකරන්නාහු නම්, බුහුමන් නොකරන්නාහු නම් නොපුදන්නාහු නම් හොඳය (කියාය). ඇවැත්නි, යම් හේතුවකින් භික්ෂූහු අන්‍ය භික්ෂුවකට සත්කාර කරත්ද, ගරු කරත්ද බුහුමන් කරත්ද, පුදත්ද, මේ භික්ෂුවට සත්කාර නොකරත්ද, ගරු නොකරත්ද, බුහුමන් නොකරත්ද නොපුදත්ද, භික්ෂුහු අන්‍ය භික්ෂුවකට සත්කාර කරති. ගරුකරති, බුහුමන් කරති, පුදති, භික්ෂූහු මට සත්කාර නොකරති, ගරු නොකරති, බුහුමන් නොකරති, නොපුදතියි හෙතෙම කෝපයට පත් වෙයි. නොසතුටු වූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යනදෙකම අංගණ නමි.
“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කල්පනාවක් ඇතිවිය හැකිය. භික්ෂුණීහු මටම සත්කාර කරන්නාහු නම්, ගරුකරන්නාහු නම්, බුහුමන් කරන්නාහු නම්, පුදන්නාහු නම්, භික්ෂුණීහු අන්‍ය භික්ෂුවකට සත්කාර නොකරන්නාහු නම්, ගරු නොකරන්නාහු නම්, බුහුමන් නොකරන්නාහු නම් නොපුදන්නාහු නම් හොඳය (කියාය). ඇවැත්නි, යම් හේතුවකින් භික්ෂුණීහු අන්‍ය භික්ෂුවකට සත්කාර කරත්ද, ගරු කරත්ද බුහුමන් කරත්ද, පුදත්ද, මේ භික්ෂුවට සත්කාර නොකරත්ද, ගරු නොකරත්ද, බුහුමන් නොකරත්ද නොපුදත්ද, භික්ෂුණීහු අන්‍ය භික්ෂුවකට සත්කාර කරති. ගරුකරති, බුහුමන් කරති, පුදති, භික්ෂුණීහු මට සත්කාර නොකරති, ගරු නොකරති, බුහුමන් නොකරති, නොපුදතියි හෙතෙම කෝපයට පත් වෙයි. නොසතුටු වූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යනදෙකම අංගණ නමි.
“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කල්පනාවක් ඇතිවිය හැකිය, උපාසකවරු මටම සත්කාර කරන්නාහු නම්, ගරුකරන්නාහු නම්, බුහුමන් කරන්නාහු නම්, පුදන්නාහු නම්, උපාසකවරු අන්‍ය භික්ෂුවකට සත්කාර නොකරන්නාහු නම්, ගරු නොකරන්නාහු නම්, බුහුමන් නොකරන්නාහු නම්, නොපුදන්නාහු නම් හොඳය (කියාය). ඇවැත්නි, යම් හේතුවකින් උපාසකවරු අන්‍ය භික්ෂුවකට සත්කාර කරත්ද, ගරු කරත්ද බුහුමන් කරත්ද, පුදත්ද, මේ භික්ෂුවට සත්කාර නොකරත්ද, ගරු නොකරත්ද, බුහුමන් නොකරත්ද නොපුදත්ද, උපාසකවරු අන්‍ය භික්ෂුවකට සත්කාර කරති. ගරුකරති, බුහුමන් කරති, පුදති, උපාසකවරු මට සත්කාර නොකරති, ගරු නොකරති, බුහුමන් නොකරති, නොපුදතියි හෙතෙම කෝපයට පත් වෙයි. නොසතුටු වූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යනදෙකම අංගණ නමි.
“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කල්පනාවක් ඇතිවිය හැකිය. උපාසිකාවරු මටම සත්කාර කරන්නාහු නම්, බුහුමන් කරන්නාහු නම්, පුදන්නාහු නම්, උපාසිකාවරු අන්‍ය භික්ෂුවකට සත්කාර නොකරන්නාහු නම්, ගරු නොකරන්නාහු නම්, බුහුමන් නොකරන්නාහු නම් නොපුදන්නාහු නම් හොඳය (කියාය). ඇවැත්නි, යම් හේතුවකින් උපාසිකාවරු අන්‍ය භික්ෂුවකට සත්කාර කරත්ද, ගරු කරත්ද බුහුමන් කරත්ද, පුදත්ද, යම් භික්ෂුවට සත්කාර නොකරත්ද, ගරු නොකරත්ද, බුහුමන් නොකරත්ද, නොපුදත්ද, උපාසිකාවරු අන්‍ය භික්ෂුවකට සත්කාර කරති, ගරුකරති, බුහුමන් කරති, පුදති, උපාසිකාවරු මට සත්කාර නොකරති, ගරු නොකරති, බුහුමන් නොකරති, නොපුදතියි හෙතෙම කෝපයට පත් වෙයි. නොසතුටු වූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යනදෙකම අංගණ නමි.
“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. ප්‍රණීත (ඉතා හොඳ) සිවුරු මම ම ලබන්නෙම් නම්, අන්‍ය භික්ෂුවක් ප්‍රණීත සිවුරු නොලබන්නේ නම් හොඳය (කියාය) ඇවැත්නි, යම් හේතුවකින් අන්‍ය භික්ෂුවක් ප්‍රණීත සිවුරු ලබයි නම් මේ භික්ෂුව ප්‍රණීත සිවුරු නොලබයි නම් අන්‍ය භික්ෂුවක් ප්‍රණීත සිවුරු ලබයි. මම ප්‍රණීත සිවුරු නොලබමියි හෙතෙම කෝපයට පත්වෙයි. නොසතුටු වූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අංගණ නමි.
“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. ප්‍රණීත (ඉතා හොඳ) පිණ්ඩපාතය මම ම ලබන්නෙම් නම්, අන්‍ය භික්ෂුවක් ප්‍රණීත පිණ්ඩපාතය නොලබන්නේ නම් හොඳය (කියාය). ඇවැත්නි, යම් හේතුවකින් අන්‍ය භික්ෂුවක් ප්‍රණීත පිණ්ඩපාතය ලබයි නම් මේ භික්ෂුව ප්‍රණීත පිණ්ඩපාතය නොලබයි නම් අන්‍ය භික්ෂුවක් ප්‍රණීත පිණ්ඩපාතය ලබයි, මම ප්‍රණීත පිණ්ඩපාතය නොලබමියි හෙතෙම කෝපයට පත්වෙයි. නොසතුටු වූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අංගණ නමි.
“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. ප්‍රණීත (ඉතා හොඳ) සෙනසුන මම ම ලබන්නෙම් නම්, අන්‍ය භික්ෂුවක් ප්‍රණීත සෙනසුන නොලබන්නේ නම් හොඳය (කියාය). ඇවැත්නි, යම් හේතුවකින් අන්‍ය භික්ෂුවක් ප්‍රණීත සෙනසුන ලබයි නම් මේ භික්ෂුව ප්‍රණීත සෙනසුන නොලබයි නම් අන්‍ය භික්ෂුවක් ප්‍රණීත සෙනසුන ලබයි. මම ප්‍රණීත සෙනසුන නොලබමියි හෙතෙම කෝපයට පත්වෙයි. නොසතුටු වූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අංගණ නමි.
“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. ප්‍රණීත (ඉතා හොඳ) ගිලන්පස බෙහෙත් පිරිකර මම ම ලබන්නෙම් නම්, අන්‍ය භික්ෂුවක් ප්‍රණීත ගිලන්පස බෙහෙත් පිරිකර නොලබන්නේ නම් හොඳය (කියාය). ඇවැත්නි, යම් හේතුවකින් අන්‍ය භික්ෂුවක් ප්‍රණීත ගිලන්පස බෙහෙත් පිරිකර ලබයි නම් මේ භික්ෂුව ප්‍රණීත ගිලන්පස බෙහෙත් පිරිකර නොලබයි නම් අන්‍ය භික්ෂුවක් ප්‍රණීත ගිලන්පස බෙහෙත් පිරිකර ලබයි. මම ප්‍රණීත ගිලන්පස බෙහෙත් පිරිකර නොලබමියි හෙතෙම කෝපයට පත්වෙයි. නොසතුටු වූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අංගණ නමි.
“ඇවැත්නි, අංගණ යනුකැමැත්ත පරිදි පවත්නාවූ මේ ලාමකවූ අකුසලයන්ට නමකි,
61
‘‘යස්ස කස්සචි, ආවුසො, භික්ඛුනො ඉමෙ පාපකා අකුසලා ඉච්ඡාවචරා අප්පහීනා දිස්සන්ති චෙව සූයන්ති ච, කිඤ්චාපි සො හොති ආරඤ්ඤිකො පන්තසෙනාසනො පිණ්ඩපාතිකො සපදානචාරී පංසුකූලිකො ලූඛචීවරධරො, අථ ඛො නං සබ්‍රහ්මචාරී න චෙව සක්කරොන්ති න ගරුං කරොන්ති න මානෙන්ති න පූජෙන්ති. තං කිස්ස හෙතු? තෙ හි තස්ස ආයස්මතො පාපකා අකුසලා ඉච්ඡාවචරා අප්පහීනා දිස්සන්ති චෙව සූයන්ති ච. සෙය්‍යථාපි, ආවුසො, කංසපාති ආභතා ආපණා වා කම්මාරකුලා වා පරිසුද්ධා පරියොදාතා. තමෙනං සාමිකා අහිකුණපං වා කුක්කුරකුණපං වා මනුස්සකුණපං වා රචයිත්වා අඤ්ඤිස්සා කංසපාතියා පටිකුජ්ජිත්වා අන්තරාපණං පටිපජ්ජෙය්‍යුං. තමෙනං ජනො දිස්වා එවං වදෙය්‍ය - ‘අම්භො, කිමෙවිදං හරීයති ජඤ්ඤජඤ්ඤං වියා’ති? තමෙනං උට්ඨහිත්වා අපාපුරිත්වා (අවාපුරිත්වා (සී.)) ඔලොකෙය්‍ය. තස්ස සහදස්සනෙන අමනාපතා ච සණ්ඨහෙය්‍ය, පාටිකුල්‍යතා (පටිකූලතා (ක.), පාටිකූල්‍යතා (ස්‍යා.)) ච සණ්ඨහෙය්‍ය, ජෙගුච්ඡතා ච (ජෙගුච්ඡිතා ච (පී. ක.)) සණ්ඨහෙය්‍ය; ජිඝච්ඡිතානම්පි න භොත්තුකම්‍යතා අස්ස, පගෙව සුහිතානං. එවමෙව ඛො, ආවුසො, යස්ස කස්සචි භික්ඛුනො ඉමෙ පාපකා අකුසලා ඉච්ඡාවචරා අප්පහීනා දිස්සන්ති චෙව සූයන්ති ච, කිඤ්චාපි සො හොති ආරඤ්ඤිකො පන්තසෙනාසනො පිණ්ඩපාතිකො සපදානචාරී පංසුකූලිකො ලූඛචීවරධරො, අථ ඛො නං සබ්‍රහ්මචාරී න චෙව සක්කරොන්ති න ගරුං කරොන්ති න මානෙන්ති න පූජෙන්ති. තං කිස්ස හෙතු? තෙ හි තස්ස ආයස්මතො පාපකා අකුසලා ඉච්ඡාවචරා අප්පහීනා දිස්සන්ති චෙව සූයන්ති ච.
61
“ඇවැත්නි, යම්කිසි භික්ෂුවකගේ කැමැත්ත පරිදි පවත්නාවූ ලාමකවූ මේ අකුශලයෝ පහනොකළාහු දක්නා ලැබෙත්ද ඇතැයි අසනු ලැබෙත්ද, ඔහු ආරණ්‍යයක සිටියත්, වනයෙහි දුර සෙනසුන්හි විසූවත්, පිණ්ඩපාතිකාංග ඇතිවුවත්, ගෙපිළිවෙළින් පිඬුසිඟීම් ඇති වූවත් පාංශුකූලිකාංග ඇතිවුවත් රළුවූ සිවුරුදරන්නෙකුවුවත් එකට මහණදම් පුරණ සබ්‍රම්සරහු ඔහුට සත්කාර නොකරත් ගරු නොකරත් බුහුමන් නොකරත්, නොපුදත්. ඊට හේතු කවරේද? ඒ ආයුෂ්මතුන්ගේ ලාමකවූ කැමැත්තසේ පවත්නාවූ මේ අකුශලයෝ පහ නොකළාහු දක්නා ලබන්නාහුද වෙත්. අසනු ලබන්නාහුද වෙත්. ඇවැත්නි, සල්පිලින් හෝ රන් කරු කුලයෙන් හෝ ගෙණෙනලද පිරිසිදුවූ බබලන්නාවූ රන්තලියක් වේද ඒ රන්තලිය හිමියෝ සර්ප කුණක් හෝ බලු කුණක් හෝ මිනිස් කුණක් හෝ එහි දමා තවත් රන් තලයකින් වසා වෙළඳ පළට ගෙනයන්නාහුය. ජනයා එය දැක මෙසේ කියන්නේය. පින්වත්නි, ඉතා වටිනා වස්තුවක් මෙන් මේ ගෙනයන්නේ කුමක්ද? මෙසේ කියා ඔවුන් නවත්වා භාජනය හැර බලන්නාහ. දැකීමත් සමගම අමනාපය ඇති වෙයි. පිළිකුලක් ඇති වෙයි. කැත බව වැටහෙයි බඩගින්න ඇත්ත වුන්ටද එය කනු කැමති බවක් ඇති නොවේ. බඩ පිරෙන තෙක් කා සිටියවුන් ගැන කියනු කිම?
“එසේම ඇවැත්නි, යම්කිසි භික්ෂුවකගේ කැමැත්තසේ පවත්නාවූ මේ ලාමක අකුශල ධර්මයෝ පහනොකළාහු දක්නා ලැබෙද්ද, අසනු ලැබෙද්ද, ඒ භික්ෂුව කිසිසේත් අරණ්‍යයෙහි වාසය කරන්නේ වී නමුත් දුර සේනාසනයන්හි වසන නමුත් පිණ්ඩපාතිකාංග ඇති නමුත් ගෙපිළිවෙළින් පිඬුසිගන්නෙකුවූ නමුත් පාංසුකූල සිවුරු දරන්නෙකුවූ නමුත් රළු සිවුරු දරන්නෙකුවූ නමුත් ඔහුට සබ්‍රහ්මචාරී භික්ෂූහු සත්කාර නොකරත්, ගරු නොකරත්, බුහුමන් නොකරත්, නුපුදත්, ඊට හේතු කවරේද? ඒ ආයුෂ්මතුන් වහන්සේගේ කැමැත්ත සේ පවත්නාවූ පහනොකළාවූ ලාමක අකුසල ධර්මයෝ දක්නාහුද ලැබෙත්. අසන ලද්දාහුද වෙත්.
62
‘‘යස්ස කස්සචි, ආවුසො, භික්ඛුනො ඉමෙ පාපකා අකුසලා ඉච්ඡාවචරා පහීනා දිස්සන්ති චෙව සූයන්ති ච, කිඤ්චාපි සො හොති ගාමන්තවිහාරී නෙමන්තනිකො ගහපතිචීවරධරො, අථ ඛො නං සබ්‍රහ්මචාරී සක්කරොන්ති ගරුං කරොන්ති මානෙන්ති පූජෙන්ති. තං කිස්ස හෙතු ? තෙ හි තස්ස ආයස්මතො පාපකා අකුසලා ඉච්ඡාවචරා පහීනා දිස්සන්ති චෙව සූයන්ති ච. සෙය්‍යථාපි, ආවුසො, කංසපාති ආභතා ආපණා වා කම්මාරකුලා වා පරිසුද්ධා පරියොදාතා. තමෙනං සාමිකා සාලීනං ඔදනං විචිතකාළකං (විචිනිතකාළකං (ක.)) අනෙකසූපං අනෙකබ්‍යඤ්ජනං රචයිත්වා අඤ්ඤිස්සා කංසපාතියා පටිකුජ්ජිත්වා අන්තරාපණං පටිපජ්ජෙය්‍යුං. තමෙනං ජනො දිස්වා එවං වදෙය්‍ය - ‘අම්භො, කිමෙවිදං හරීයති ජඤ්ඤජඤ්ඤං වියා’ති? තමෙනං උට්ඨහිත්වා අපාපුරිත්වා ඔලොකෙය්‍ය. තස්ස සහ දස්සනෙන මනාපතා ච සණ්ඨහෙය්‍ය, අප්පාටිකුල්‍යතා ච සණ්ඨහෙය්‍ය, අජෙගුච්ඡතා ච සණ්ඨහෙය්‍ය; සුහිතානම්පි භොත්තුකම්‍යතා අස්ස, පගෙව ජිඝච්ඡිතානං. එවමෙව ඛො, ආවුසො, යස්ස කස්සචි භික්ඛුනො ඉමෙ පාපකා අකුසලා ඉච්ඡාවචරා පහීනා දිස්සන්ති චෙව සූයන්ති ච, කිඤ්චාපි සො හොති ගාමන්තවිහාරී නෙමන්තනිකො ගහපතිචීවරධරො, අථ ඛො නං සබ්‍රහ්මචාරී සක්කරොන්ති ගරුං කරොන්ති මානෙන්ති පූජෙන්ති . තං කිස්ස හෙතු? තෙ හි තස්ස ආයස්මතො පාපකා අකුසලා ඉච්ඡාවචරා පහීනා දිස්සන්ති චෙව සූයන්ති චා’’ති.
62
“ඇවැත්නි, යම්කිසි භික්ෂුවක් විසින් කැමැත්ත පරිදි පවත්නාවූ මේ ලාමක අකුශල ධර්මයෝ පහකරන ලද්දාහු දක්නා ලැබෙද්ද අසනු ලැබෙද්ද ඒ භික්ෂුව ගමෙහි වාසය කළත් ආරාධනා පිළිගත්තත් ගෙහිමියන් දෙන සිවුරු පිළිගත්තත් එකට මහණ දම් පුරණ සබ්‍රම්සරහු ඔහුට සත්කාර කරත්, ගරු කරත්, බුහුමන් කරත්, පුදත්, ඊට හේතු කවරේද යත්? ඒ ආයුෂ්මතුන්ගේ ඒ කැමැත්ත පරිදි වන්නාවූ ලාමක අකුසල ධර්ම පහ කරන ලද්දාහු දකිනුද ලැබෙත්, අසනුද ලැබෙත්.
“ඇවැත්නි, සල්පිළින් හෝ රන්කරු කුලයෙන් හෝ ගෙනෙන ලද පිරිසිදුවූ බබලන්නාවූ රන් තලියක් වේද එය හිමියෝ කළු සහල් තෝරා ඉවත් කළ ඇල්හාලේ බත නොයෙක් සූප හා නොයෙක් ව්‍යංජනවලින් පුරවා අනිත් රන් තලියකින් වසා වෙළඳපළට ගෙනයන්නාහුය. ජනයා එය දැක මෙසේ කියන්නේය. පින්වත්නි, ඉතා වටිනා වස්තුවක් මෙන් මේ ගෙනයන්නේ කුමක්ද? මෙසේ කියා ඔවුන් නවත්වා භාජනය හැර බලන්නාහ. දැකීමත් සමගම මනාප බව ඇති වෙයි. නොපිළිකුල් බව ඇති වෙයි, කැත නැති බව වැටහෙයි. බඩ පිරෙන තෙක් කා සිටියවුන්හටද කෑමට ආශාව උපදී. බඩගින්නේ සිටියවුන්හට කියනු කිම?
“ඇවැත්නි, එපරිද්දෙන්ම යම් කිසි භික්ෂුවක් විසින් කැමැත්ත පරිදි පවත්නාවූ මේ ලාමකවූ අකුසලයෝ පහකළාහු දක්නා ලැබෙත්ද, අසනු ලැබෙත්ද, ඔහු ගමෙහි වාසය කළත් ආරාධනා පිළිගත්තත් ගෙහිමියන් දෙන සිවුරු පිළිගත්තත් එකට මහණ දම් පුරණ සබ්‍රම්සරහු ඔහුට සත්කාර කරත්, ගරු කරත්, බුහුමන් කරත්, පුදත්, ඊට හේතු කවරේද? ඒ ආයුෂ්මතුන් විසින් කැමැත්තසේ පවත්නාවූ ලාමකවූ අකුශල ධර්මයන් පහ කළ බව දකිනුද ලබන හෙයිනි, අසනුද ලැබෙන හෙයිනි”
63
එවං වුත්තෙ, ආයස්මා මහාමොග්ගල්ලානො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච - ‘‘උපමා මං, ආවුසො සාරිපුත්ත, පටිභාතී’’ති. ‘‘පටිභාතු තං, ආවුසො මොග්ගල්ලානා’’ති. ‘‘එකමිදාහං, ආවුසො, සමයං රාජගහෙ විහරාමි ගිරිබ්බජෙ. අථ ඛ්වාහං, ආවුසො, පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය රාජගහං පිණ්ඩාය පාවිසිං. තෙන ඛො පන සමයෙන සමීති යානකාරපුත්තො රථස්ස නෙමිං තච්ඡති. තමෙනං පණ්ඩුපුත්තො ආජීවකො පුරාණයානකාරපුත්තො පච්චුපට්ඨිතො හොති. අථ ඛො, ආවුසො, පණ්ඩුපුත්තස්ස ආජීවකස්ස පුරාණයානකාරපුත්තස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි - ‘අහො වතායං සමීති යානකාරපුත්තො ඉමිස්සා නෙමියා ඉමඤ්ච වඞ්කං ඉමඤ්ච ජිම්හං ඉමඤ්ච දොසං තච්ඡෙය්‍ය, එවායං නෙමි අපගතවඞ්කා අපගතජිම්හා අපගතදොසා සුද්ධා අස්ස (සුද්ධාස්ස (සී. පී.), සුද්ධා (ක.)) සාරෙ පතිට්ඨිතා’ති . යථා යථා ඛො, ආවුසො, පණ්ඩුපුත්තස්ස ආජීවකස්ස පුරාණයානකාරපුත්තස්ස චෙතසො පරිවිතක්කො හොති, තථා තථා සමීති යානකාරපුත්තො තස්සා නෙමියා තඤ්ච වඞ්කං තඤ්ච ජිම්හං තඤ්ච දොසං තච්ඡති. අථ ඛො, ආවුසො, පණ්ඩුපුත්තො ආජීවකො පුරාණයානකාරපුත්තො අත්තමනො අත්තමනවාචං නිච්ඡාරෙසි - ‘හදයා හදයං මඤ්ඤෙ අඤ්ඤාය තච්ඡතී’ති.
‘‘එවමෙව ඛො, ආවුසො, යෙ තෙ පුග්ගලා අස්සද්ධා, ජීවිකත්ථා න සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතා, සඨා මායාවිනො කෙතබිනො (කෙටුභිනො (බහූසු)) උද්ධතා උන්නළා චපලා මුඛරා විකිණ්ණවාචා, ඉන්ද්‍රියෙසු අගුත්තද්වාරා, භොජනෙ අමත්තඤ්ඤුනො, ජාගරියං අනනුයුත්තා, සාමඤ්ඤෙ අනපෙක්ඛවන්තො, සික්ඛාය න තිබ්බගාරවා, බාහුලිකා සාථලිකා, ඔක්කමනෙ පුබ්බඞ්ගමා, පවිවෙකෙ නික්ඛිත්තධුරා, කුසීතා හීනවීරියා මුට්ඨස්සතී අසම්පජානා අසමාහිතා විබ්භන්තචිත්තා දුප්පඤ්ඤා එළමූගා, තෙසං ආයස්මා සාරිපුත්තො ඉමිනා ධම්මපරියායෙන හදයා හදයං මඤ්ඤෙ අඤ්ඤාය තච්ඡති.
‘‘යෙ පන තෙ කුලපුත්තා සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතා, අසඨා අමායාවිනො අකෙතබිනො අනුද්ධතා අනුන්නළා අචපලා අමුඛරා අවිකිණ්ණවාචා, ඉන්ද්‍රියෙසු ගුත්තද්වාරා, භොජනෙ මත්තඤ්ඤුනො, ජාගරියං අනුයුත්තා, සාමඤ්ඤෙ අපෙක්ඛවන්තො, සික්ඛාය තිබ්බගාරවා, න බාහුලිකා න සාථලිකා, ඔක්කමනෙ නික්ඛිත්තධුරා, පවිවෙකෙ පුබ්බඞ්ගමා, ආරද්ධවීරියා පහිතත්තා උපට්ඨිතස්සතී සම්පජානා සමාහිතා එකග්ගචිත්තා පඤ්ඤවන්තො අනෙළමූගා, තෙ ආයස්මතො සාරිපුත්තස්ස ඉමං ධම්මපරියායං සුත්වා පිවන්ති මඤ්ඤෙ, ඝසන්ති මඤ්ඤෙ වචසා චෙව මනසා ච - ‘සාධු වත, භො, සබ්‍රහ්මචාරී අකුසලා වුට්ඨාපෙත්වා කුසලෙ පතිට්ඨාපෙතී’ති. සෙය්‍යථාපි, ආවුසො, ඉත්ථී වා පුරිසො වා දහරො යුවා මණ්ඩනකජාතිකො සීසංන්හාතො උප්පලමාලං වා වස්සිකමාලං වා අතිමුත්තකමාලං (අධිමුත්තකමාලං (ස්‍යා.)) වා ලභිත්වා උභොහි හත්ථෙහි පටිග්ගහෙත්වා උත්තමඞ්ගෙ සිරස්මිං පතිට්ඨපෙය්‍ය, එවමෙව ඛො, ආවුසො, යෙ තෙ කුලපුත්තා සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතා, අසඨා අමායාවිනො අකෙතබිනො අනුද්ධතා අනුන්නළා අචපලා අමුඛරා අවිකිණ්ණවාචා, ඉන්ද්‍රියෙසු ගුත්තද්වාරා, භොජනෙ මත්තඤ්ඤුනො, ජාගරියං අනුයුත්තා, සාමඤ්ඤෙ අපෙක්ඛවන්තො, සික්ඛාය තිබ්බගාරවා, න බාහුලිකා න සාථලිකා, ඔක්කමනෙ නික්ඛිත්තධුරා, පවිවෙකෙ පුබ්බඞ්ගමා, ආරද්ධවීරියා පහිතත්තා උපට්ඨිතස්සතී සම්පජානා සමාහිතා එකග්ගචිත්තා පඤ්ඤවන්තො අනෙළමූගා, තෙ ආයස්මතො සාරිපුත්තස්ස ඉමං ධම්මපරියායං සුත්වා පිවන්ති මඤ්ඤෙ, ඝසන්ති මඤ්ඤෙ වචසා චෙව මනසා ච - ‘සාධු වත, භො, සබ්‍රහ්මචාරී අකුසලා වුට්ඨාපෙත්වා කුසලෙ පතිට්ඨාපෙතී’ති. ඉතිහ තෙ උභො මහානාගා අඤ්ඤමඤ්ඤස්ස සුභාසිතං සමනුමොදිංසූ’’ති.
63
මෙසේ කී කල්හි ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙය කීහ.
“ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මට උපමාවක් වැටහේ යයි” (කියාය). “ඇවැත්නි මොග්ගල්ලානයෙනි එය ගෙනහැර දක්වනු මැනවැයි” කීය. “ඇවැත්නි, එක්කලෙක මම රජගහ නුවරට අයත් සූබ්බජ නම් නුවර වාසය කෙළෙමි. එකල්හි මම පෙරවරු කාලයෙහි හැඳපෙරව පාත්‍ර සිවුරු ගෙන රජගහ නුවරට පිඬු පිණිස ගියෙමි. එකල්හි සමිති නම් වූ රියකරු පුත්‍ර තෙම රථයකට නිම්වළලල්ලක් හසියි. පැරණි රියකරු පුත්‍රයෙක් වූ පණ්ඩු පුත්‍ර නම් වූ ආජීවක තෙම ඔහු වෙත පැමිණ සිටියේය.
“ඇවැත්නි, එහිදී පැරණි රියකරු පුත්‍රවූ පණ්ඩුපුත්‍ර නම් ආජීවකයාහට මෙබඳු කල්පනාවක් ඇති විය, ‘මේ සමිති නම් රියකරුපුත්‍ර තෙම මේ නිම් වළල්ලෙහි මේ නැමුනු තැනද මේ ඇදයද මේ නරක තැන්ද සසින්නේ නම් ඉතා යෙහෙක. එසේ වුවොත් මේ නිම්වළල්ල පහවූ දොස් ඇතිව, පිරිසිදුව හරෙහි පිහිටියා වන්නේය.’ (කියාය) ඇවැත්නි, පැරණි රියකරු පුත්‍රවූ පණ්ඩු පුත්‍ර නම් ආජීවකයා යම් යම් අන්දමින් කල්පනා කළේද, සමිති නම් රියකරු පුත්‍ර තෙම ඒ නිම්වළල්ලෙහි ඒ නැමුණු තැනද ඒ ඒ ඇදයද ඒ ඒ දෝෂයද සසියි. ඇවැත්නි පරණ රියකරු පුත්‍රවූ පණ්ඩු නම් ආජීවක තෙම සතුටට පත්ව ඔබ සිතින් මගේ සිත දැනගෙන මෙන් සසින්නෙහියයි,’ සතුටු වචන පහළ කළේය.
“ඇවැත්නි, එපරිද්දෙන්ම ශ්‍රද්ධාවක් නැත්තාවූ ශ්‍රද්ධාවක් නැතිව ජීවිකාව පිණිස ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූවාවූ කයිරාටික වූ රැවටිලි කාරවූ පුරුදු කළ කයිරාටික කම් ඇති සිත් විසිර ගියාවූ ඇතුළත සාරයක් නැත්තාවූ හිස් මාන ඇති චපලවූ, ක්‍රෑර වචන කියන සංවර නොවූ වචන ඇති ඉන්ද්‍රියයන් සංවර නොකළ භොජනයෙහි පමණ නොදන්නාවූ නිදිවැරීමෙහි නොයෙදුනාවූ ශ්‍රමණ ධර්මයෙහි බලාපොරොත්තු නැත්තාවූ ශික්ෂාවෙහි තියුණු ගෞරව නැත්තාවූ සිවුරු ආදිය බොහෝ ඇත්තාවූ සස්න ලිහිල් කොට ගන්නාවූ නීවරණයන්හි පෙරටුව යන්නාවූ විවේකයෙහි වීර්ය නැත්තාවූ මැලිවූ පහවූ වීර්ය ඇති මුළාවූ සිහි ඇති හොඳ නුවණ නැත්තාවූ එකඟවූ සිත් නැති නොයෙක් අරමුණෙහි දුවන සිත් ඇති ප්‍රඥාව නැත්තාවූ කෙළතොළුවූ යම් ඒ භික්ෂූහු වෙත්ද? ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මේ ධර්ම දේශනාවෙන් තමාගේ සිතින් ඔවුන්ගේ සිත් දැනගෙන සසින්නාක් වැනියයි කීය.
“ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූ කයිරාටික නුවූ රැවටිලි නැත්තාවූ පුරුදු කළ කයිරාටිකම් නැති විසිරනොගිය සිත් ඇති හිස් මාන නැත්තාවූ චපල නුවූ ක්‍රෑර වචන නැත්තාවූ සංවර වචන ඇත්තාවූ ඉන්ද්‍රියයන්හි වසන ලද දොරවල් ඇති භොජනයෙහි පමණ දන්නාවූ නිදිවැරීමෙහි යෙදුන ශ්‍රමණ ධර්මයෙහි බලාපොරොත්තු ඇති ශික්ෂාවෙහි අධික ගෞරව ඇති සිවුරු ආදිය බොහෝ කොට නැත්තාවූ සස්න ලිහිල්කොට නොගන්නාවූ නීවරණයන්හි පෙරටුව නොයන්නාවූ විවේකයෙහි පෙරටුවයන්නාවූ පටන්ගන්නාලද වීර්ය ඇත්තාවූ කාය ජීවිතයෙහි බලාපොරොත්තු නැති හොඳ සිහිකල්පනාව ඇති හොඳ ප්‍රඥා ඇති එකඟසිත් ඇති නුවණැත්තාවූ, කෙළතොළු නොවූ යම් ඒ කුලපුත්‍රයෝ වෙත්ද, ඔවුහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ මේ ධර්ම ක්‍රමය අසා වචනයෙන් හා සිතින් බොන්නාක් මෙනැයි හඟිමි. අනුභව කරන්නාක් මෙනැයි හඟිමි. පින්වත, සබ්‍රම්සරුන් අකුසලයෙන් නඟා කුසලයෙහි පිහිටුවීම ඉතා හොඳය.
“ඇවැත්නි, සැරසීමට කැමතිවූ තරුණවූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ වතුර නෑයේ උපුල් මල්දමක් හෝ දෑසමන් මල් දමක් හෝ යොහොඹු මල්දමක් හෝ ලැබ යම්සේ දෑතින් පිළිගෙන උතුම් අඩ්ගයවූ හිසෙහි පැළඳ ගනීද, එපරිද්දෙන්ම ඇවැත්නි, ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූ කයිරාටික නුවූ රැවටිලි නැත්තාවූ පුරුදු කළ කයිරාටිකකම් නැති විසිරගිය සිත් නැත්තාවූ හිස්වූ මාන නැත්තාවූ චපල නුවූ ක්‍රෑර වචන නැත්තාවූ සංවර වචන ඇත්තාවූ ඉන්ද්‍රියයන්හි වසනලද දොරවල් ඇති භොජනයෙහි පමණ දන්නාවූ නිදිවැරීමෙහි යෙදුනු ශ්‍රමණ ධර්මයෙහි බලාපොරොත්තු ඇති ශික්ෂාවෙහි අධික ගෞරව ඇති සිවුරු ආදිය බොහෝ කොට නැත්තාවූ සස්න ලිහිල්කොට නොගන්නාවූ නීවරණයන්හි පෙරටුව නොයන්නාවූ විවේකයෙහි පෙරටුව යන්නාවූ පටන්ගන්නාලද වීර්ය ඇත්තාවූ කාය ජීවිතයෙහි බලාපොරොත්තු නැති, හොඳ සිහිකල්පනාව ඇති හොඳ ප්‍රඥා ඇති එකඟ සිත් ඇති නුවණැත්තාවූ කෙළතොළු නොවූ, යම් ඒ කුලපුත්‍රයෝ වෙත්ද, ඔව්හු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ මේ ධර්ම ක්‍රමය අසා වචනයෙන් හා සිතින් බොන්නාක් මෙනි. අනුභව කරන්නාක් මෙනි. පින්වතුන් වහන්සේ සබ්‍රහ්මචාරී භික්ෂූන් අකුශලයෙන් නැගිටුවා කුසලයෙහි පිහිටුවයි, එය ඉතා යහපත්ය.” මෙසේ මේ මහානාගයෝ (කෙලෙස් නැති ශ්‍රේෂ්ඨයෝ) දෙදෙන ඔවුනොවුන්ගේ යහපත් වචන සතුටින් අනුමෝදන් වූවාහුය.
6. ආකඞ්ඛෙය්‍යසුත්තං 6. ආකඩ්ඛෙය්‍ය සූත්‍රය
7. වත්ථසුත්තං 7. වත්ථ සූත්‍රය
8. සල්ලෙඛසුත්තං 8. සල්ලේඛ සූත්‍රය
9. සම්මාදිට්ඨිසුත්තං 9. සම්මා දිට්ඨි සූත්‍රය
10. මහාසතිපට්ඨානසුත්තං 10. සතිපට්ඨාන සූත්‍රය