මජ්ඣිමනිකායො | මජ්ඣිම නිකාය |
මූලපණ්ණාසපාළි | මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.) |
1. මූලපරියායවග්ගො | 1. මූල පරියාය වර්ගය |
1. මූලපරියායසුත්තං | 1. මූල පරියාය සූත්‍රය |
1
එවං
|
1
මා විසින් මෙසේ අසනලදී හෙවත් මාගේ ඇසීම මෙසේය. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ‘උක්කට්ඨා’ නම් නුවර සමීපයෙහිවූ ‘සුභග’ නම් වනයෙහි සල් රුකක් මුල වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන්ට කථාකළෝය. ‘ස්වාමීන් වහන්ස’යි ඒ භික්ෂූහු උන්වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළාහුය.
|
2
‘‘ඉධ, භික්ඛවෙ, අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො
‘‘ආපං ආපතො සඤ්ජානාති; ආපං ආපතො සඤ්ඤත්වා ආපං මඤ්ඤති, ආපස්මිං මඤ්ඤති, ආපතො මඤ්ඤති, ආපං මෙති මඤ්ඤති, ආපං අභිනන්දති. තං කිස්ස හෙතු? ‘අපරිඤ්ඤාතං තස්සා’ති වදාමි.
‘‘තෙජං
‘‘වායං වායතො සඤ්ජානාති; වායං වායතො සඤ්ඤත්වා වායං මඤ්ඤති, වායස්මිං මඤ්ඤති, වායතො මඤ්ඤති, වායං මෙති මඤ්ඤති, වායං අභිනන්දති. තං කිස්ස හෙතු? ‘අපරිඤ්ඤාතං තස්සා’ති
|
2
“මහණෙනි, සියලු ත්‍රෛභූමක (කාම රූප අරූප) ධර්මයන්ට මුල් වූ කරුණු ප්‍රකාශ වන්නාවූ දේශනාවක් තොපට දේශනා කරමි. එය අසව්, හොඳින් සිත්හි දරාගනිව්, කියන්නෙමියි වදාළසේක. ‘එසේය, ස්වාමීන් වහන්ස’යි උත්තර දුන් ඒ භික්ෂූන්ට මේ සූත්‍රය දේශනා කළාහුය.
“මහණෙනි, මේ ලෝකයෙහි බුද්ධාදී උත්තමයන් නුවණැසින් නුදුටුවාවූ, උතුම් ධර්මයෙහි දක්ෂ නොවූ, උතුම් ධර්මයෙහි හික්මීමක් නැත්තාවූ, බුද්ධාදී සත්පුරුෂයන් නුවණින් නුදුටුවාවූ, සත්පුරුෂ ධර්මයෙහි දක්ෂ නොවූ, සත්පුරුෂ ධර්මයෙහි හික්මීමක් නැත්තාවූ දැන උගත්කමක් නැති පෘථග්ජන තෙමේසතර වැදෑරුම් පඨවිධාතුව* පඨවිධාතුව වශයෙන් (තණ්හා දිට්ඨි මාන වශයෙන්) හඟියි. පඨවිධාතුව පඨවිධාතුව වශයෙන් හැඳින, පඨවිධාතුව නිත්‍ය ආත්මයයි හඟියි. නිත්‍ය ආත්මය පඨවිධාතුවෙහි පිහිටියේයයි හඟියි. පඨවිධාතුවෙන් පිටත නිත්‍ය ආත්මය පිහිටියේයයි හඟියි. පඨවිධාතුව මගේ ආත්මයයි හඟියි. පඨවිධාතුව මගේ නිත්‍ය ආත්මයයි ආසාවෙන් සතුටු වෙයි. ඊට හේතු කවරේද? ඔහුගේ වෙන් වශයෙන් බෙදා නොදැන්මයයි කියමි.
“සතර වැදෑරුම් අපොධාතුව* ආපොධාතුව වශයෙන් හඟියි. ආපොධාතුව ආපොධාතුව වශයෙන් හැඳින ආපො ධාතුව නිත්‍ය ආත්මයයි හඟියි. නිත්‍ය ආත්මය ආපොධාතුවෙහි පිහිටියේයයි හඟියි. නිත්‍ය ආත්මය ආපොධාතුවෙන් පිටත ආපොධාතුව ආශ්‍රයකොට ඇත්තේයයි හඟියි. ආපොධාතුව ‘මගේයයි’ හඟියි. ආපොධාතුව ඇසුරු කළ ආත්මයට ආශාවෙන් සතුටු වෙයි. ඊට හේතුව කවරේද? ඔහුගේ ධර්ම වෙන්කොට බෙදා නොදැන්මයයි කියමි.
“සතර වැදෑරුම් තෙජොධාතුව* තෙජොධාතුව වශයෙන් හඟියි. තෙජොධාතුව තෙජොධාතුව වශයෙන් හැඳින තෙජො ධාතුව නිත්‍ය ආත්මයයි හඟියි. නිත්‍ය ආත්මය තෙජොධාතුවෙහි පිහිටියේයයි හඟියි. තෙජොධාතුවෙන් පිටත එය ආශ්‍රය කොට නිත්‍ය ආත්මය පිහිටියේයයි හඟියි. තෙජොධාතුව මගේ යයි හඟියි. තෙජොධාතුවට ආශාවෙන් සතුටු වෙයි; ඊට හේතු කවරේද? ඔහුගේ ධර්ම වෙන්කොට බෙදා නොදැන්මයයි කියමි.
“සතර වැදෑරුම් වායොධාතුව* වායොධාතුව වශයෙන් හඟියි, වායොධාතුව වායොධාතුව වශයෙන් හැඳින වායොධාතුව නිත්‍ය ආත්මයයි හඟියි. නිත්‍ය ආත්මය වායොධාතුවෙහි පිහිටියේයයි හඟියි. වායොධාතුවෙන් පිටත එය ආශ්‍රය කොට නිත්‍ය ආත්මය පිහිටියේයයි හඟියි. වායොධාතුව මගේ යයි හඟියි. වායොධාතුවට ආශාවෙන් සතුටු වෙයි. ඊට හේතු කවරේද? ඔහුගේ ධර්ම වෙන්කොට බෙදා නොදැන්මයයි කියමි.
* ලක්ෂණ පඨවි, සසම්භාර පඨවි, ආරම්මණ පඨවි, සම්මුති පඨවි
* ලක්ඛණ ආපො, සසම්භාර ආපො, ආරම්මණ ආපො, සම්මුති ආපො.
* ලක්ඛණ තෙජො, සසම්භාර තෙජො, ආරම්මණ තෙජො, සම්මුති තෙජො.
* ලක්ඛණ වායො, සසම්භාර වායො, ආරම්මණ වායො, සම්මුති වායො.
|
3
‘‘භූතෙ භූතතො සඤ්ජානාති; භූතෙ භූතතො සඤ්ඤත්වා භූතෙ මඤ්ඤති, භූතෙසු මඤ්ඤති, භූතතො මඤ්ඤති, භූතෙ මෙති මඤ්ඤති, භූතෙ අභිනන්දති. තං කිස්ස හෙතු? ‘අපරිඤ්ඤාතං තස්සා’ති වදාමි.
‘‘දෙවෙ දෙවතො සඤ්ජානාති; දෙවෙ දෙවතො සඤ්ඤත්වා දෙවෙ මඤ්ඤති, දෙවෙසු මඤ්ඤති, දෙවතො මඤ්ඤති, දෙවෙ මෙති මඤ්ඤති, දෙවෙ අභිනන්දති. තං කිස්ස හෙතු? ‘අපරිඤ්ඤාතං තස්සා’ති වදාමි.
‘‘පජාපතිං පජාපතිතො සඤ්ජානාති; පජාපතිං පජාපතිතො සඤ්ඤත්වා පජාපතිං මඤ්ඤති, පජාපතිස්මිං මඤ්ඤති, පජාපතිතො මඤ්ඤති, පජාපතිං මෙති මඤ්ඤති, පජාපතිං අභිනන්දති. තං කිස්ස හෙතු? ‘අපරිඤ්ඤාතං තස්සා’ති වදාමි.
‘‘බ්රහ්මං
‘‘ආභස්සරෙ ආභස්සරතො සඤ්ජානාති; ආභස්සරෙ ආභස්සරතො සඤ්ඤත්වා ආභස්සරෙ මඤ්ඤති, ආභස්සරෙසු මඤ්ඤති, ආභස්සරතො මඤ්ඤති, ආභස්සරෙ මෙති මඤ්ඤති, ආභස්සරෙ අභිනන්දති. තං කිස්ස හෙතු? ‘අපරිඤ්ඤාතං තස්සා’ති වදාමි.
‘‘සුභකිණ්හෙ සුභකිණ්හතො සඤ්ජානාති; සුභකිණ්හෙ සුභකිණ්හතො සඤ්ඤත්වා සුභකිණ්හෙ මඤ්ඤති, සුභකිණ්හෙසු මඤ්ඤති, සුභකිණ්හතො මඤ්ඤති, සුභකිණ්හෙ මෙති මඤ්ඤති, සුභකිණ්හෙ අභිනන්දති. තං කිස්ස හෙතු? ‘අපරිඤ්ඤාතං තස්සා’ති වදාමි.
‘‘වෙහප්ඵලෙ
‘‘අභිභුං අභිභූතො සඤ්ජානාති; අභිභුං අභිභූතො සඤ්ඤත්වා අභිභුං මඤ්ඤති, අභිභුස්මිං මඤ්ඤති, අභිභූතො මඤ්ඤති, අභිභුං මෙති මඤ්ඤති, අභිභුං අභිනන්දති. තං කිස්ස හෙතු? ‘අපරිඤ්ඤාතං තස්සා’ති වදාමි.
|
3
“භූතයන් (චාතුර්මහාරාජික දෙව්ලොවින් පහත සත්වයන්) භූතයන් වශයෙන් හඟියි. භූතයන් භූතයන් වශයෙන් ඇඳින භූතයන් නිත්‍ය ආත්මයයි හඟියි. භූතයන් තුළ නිත්‍ය ආත්මයක් ඇතැයි හඟියි. භූතයන්ගෙන් පිටත ආත්මය ඇතැයි හඟියි. භූතයන් මාගේ යයි හඟියි. භූතයන්ට ආසාවෙන් සතුටු වෙයි. ඊට හේතු කවරේද? ඔහුගේ ධර්ම වෙන්කොට බෙදා නොදැනීමයයි කියමි.
“දෙවියන් (මාර දෙව් ලොවින් පහත දෙවියන්) දෙවියන් වශයෙන් හඟියි. දෙවියන්, දෙවියන් වශයෙන් ඇඳින, දෙවියන් ආත්මයයි හඟියි. දෙවියන් තුළ ආත්මය ඇතැයි හඟියි. දෙවියන් කෙරෙන් පිටත දෙවියන් ඇසුරුකොට ආත්මය ඇතැයි හඟියි. දෙවියන් ගැන සතුටු වෙයි. ඊට හේතු කවරේද? ඔහුගේ ධර්ම වෙන්කොට බෙදා නොදැනීමයයි කියමි.
“මාරයා මාරයා වශයෙන් හඟියි. මාරයා මාරයා වශයෙන් ඇඳින මාරයා ආත්මයයි හඟියි. මාරයා කෙරෙහි ආත්මය ඇතැයි හඟියි. මාරයාගෙන් පිටත ආත්මය ඇතැයි හඟියි. මාරයා මගේයයි හඟියි. මාර ආත්මයට ආශාවෙන් සතුටු වෙයි. ඊට හේතු කවරේද? ඔහුගේ ධර්ම වෙන්කොට බෙදා නොදැන්මයයි කියමි.
“බ්‍රහ්මයා (ප්රථමධ්යානතලයෙහි බ්‍රහ්මයන්) බ්‍රහ්මයා වශයෙන් හඟියි. බ්‍රහ්මයා බ්‍රහ්මයා වශයෙන් හැඳින බ්‍රහ්මයා, ආත්මය වශයෙන් හඟියි බ්‍රහ්මයා කෙරෙහි ආත්මය පිහිටියේයයි හඟියි. බ්‍රහ්මයාගෙන් පිටත බ්‍රහ්මයා ඇසුරුකොට ආත්මය ඇත්තේයයි හඟියි. බ්‍රහ්මයා ‘මාගේ’ යයි හඟියි බ්‍රහ්මයාට ආශාවෙන් සතුටු වෙයි. ඊට හේතු කවරේද? ඔහුගේ ධර්ම වෙන්කොට බෙදා නොදැනීමයයි කියමි.
“ආභස්සර දෙවියන් (ද්විතීයධ්යානතල වැසි බ්‍රහ්මයන්) ආභස්සර දෙවියන් වශයෙන් හඟියි. ආභස්සර දෙවියන් ආභස්සර දෙවියන් වශයෙන් හැඳින ආභස්සර දෙවියන් ආත්මය වශයෙන් හඟියි. ආභස්සර දෙවියන් කෙරෙහි ආත්මය පිහිටියේයයි හඟියි. ආභස්සර දෙවියන්ගෙන් පිටත ඔවුන් ඇසුරුකොට ආත්මය ඇතැයි හඟියි. ආභස්සර දෙවියන් ‘මාගේ’ යයි හඟියි. ආභස්සර දෙවියන් ගැන ආශාවෙන් සතුටු වෙයි. ඊට හේතු කවරේද? ඔහුගේ ධර්ම වෙන්කොට නොදැනීමයයි කියමි.
“සුභකිණ්හදෙවියන්, (තෘතීයධ්යානතල වැසි බ්‍රහ්මයන්) සුභකිණ්හදෙවියන් වශයෙන් හඟියි. සුභකිණ්හදෙවියන්, සුභකිණ්හදෙවියන් වශයෙන් හැඳින සුභකිණ්හදෙවියන් ආත්මය වශයෙන් හඟියි. සුභකිණ්හදෙවියන් කෙරෙහි ආත්මය පිහිටියේයයි හඟියි. සුභකිණ්හ දෙවියන්ගෙන් පිටත ඔවුන් ඇසුරුකොට ආත්මය ඇතැයි හඟියි. සුභකිණ්හ දෙවියන් ‘මාගේ’ යයි හඟියි. සුභකිණ්හ දෙවියන්ට ආශාවෙන් සතුටු වෙයි. ඊට හේතු කවරේද? ඔහුගේ ධර්ම වෙන්කොට බෙදා නොදැනීමයයි කියමි.
“වෙහප්ඵල නම්වූ දෙවියන් (චතුර්ථධ්යාන තල වැසි බ්‍රහ්මයන්) වෙහප්ඵල දෙවියන් වශයෙන් හඟියි, වෙහප්ඵල දෙවියන් වෙහප්ඵලදෙවියන් වශයෙන් හැඳින වෙහප්ඵල දෙවියන් නිත්‍ය ආත්මයයි හඟියි. වෙහප්ඵල දෙවියන් කෙරෙහි නිත්යආත්මය ඇතැයි හඟියි. වෙහප්ඵල දෙවියන් කෙරෙන් පිටත ඔවුන් ඇසුරුකොට ආත්මය ඇතැයි හඟියි. වෙහප්ඵල දෙවියන් ‘මගේ යයි’ හඟියි. වෙහප්ඵල දෙවියන් ආශාවෙන් සතුටු වෙයි. ඊට හේතු කවරේද? ඔහුගේ ධර්ම වෙන්කොට බෙදා නොදැනීමයයි කියමි.
“අභිභු නම් අසංඥ තලවැසි බ්‍රහ්මයා, අසංඥතල වැසි බ්‍රහ්මයා වශයෙන් හඟියි. අසංඥ තලවැසි බ්‍රහ්මයා, අසංඥ තලවැසි බ්‍රහ්මයා වශයෙන් හැඳින, අසංඥ තලවැසි බ්‍රහ්මයා නිත්‍ය ආත්මයයි හඟියි. අසංඥ තලවැසි බ්‍රහ්මයා කෙරෙහි නිත්‍ය ආත්මය ඇතැයි හඟියි. අසංඥ තල වැසි බ්‍රහ්මයාගෙන් පිටත ඔහු ඇසුරුකොට නිත්‍ය ආත්මය ඇතැයි හඟියි. අසංඥ තලවැසි බ්‍රහ්මයා ‘මාගේ යයි’ හඟියි. අසංඥතලවැසි බ්‍රහ්මයාට ආශාවෙන් සතුටු වෙයි. ඊට හේතු කවරේද? ඔහුගේ ධර්ම වෙන්කොට බෙදා නොදැන්මයයි කියමි.
|
4
‘‘ආකාසානඤ්චායතනං ආකාසානඤ්චායතනතො සඤ්ජානාති; ආකාසානඤ්චායතනං ආකාසානඤ්චායතනතො සඤ්ඤත්වා ආකාසානඤ්චායතනං මඤ්ඤති, ආකාසානඤ්චායතනස්මිං මඤ්ඤති, ආකාසානඤ්චායතනතො මඤ්ඤති, ආකාසානඤ්චායතනං මෙති මඤ්ඤති, ආකාසානඤ්චායතනං අභිනන්දති. තං
‘‘විඤ්ඤාණඤ්චායතනං විඤ්ඤාණඤ්චායතනතො සඤ්ජානාති; විඤ්ඤාණඤ්චායතනං විඤ්ඤාණඤ්චායතනතො සඤ්ඤත්වා විඤ්ඤාණඤ්චායතනං
‘‘ආකිඤ්චඤ්ඤායතනං ආකිඤ්චඤ්ඤායතනතො සඤ්ජානාති; ආකිඤ්චඤ්ඤායතනං ආකිඤ්චඤ්ඤායතනතො සඤ්ඤත්වා ආකිඤ්චඤ්ඤායතනං මඤ්ඤති, ආකිඤ්චඤ්ඤායතනස්මිං මඤ්ඤති, ආකිඤ්චඤ්ඤායතනතො මඤ්ඤති, ආකිඤ්චඤ්ඤායතනං මෙති මඤ්ඤති, ආකිඤ්චඤ්ඤායතනං අභිනන්දති. තං කිස්ස හෙතු? ‘අපරිඤ්ඤාතං තස්සා’ති වදාමි.
‘‘නෙවසඤ්ඤානාසඤ්ඤායතනං නෙවසඤ්ඤානාසඤ්ඤායතනතො සඤ්ජානාති; නෙවසඤ්ඤානාසඤ්ඤායතනං නෙවසඤ්ඤානාසඤ්ඤායතනතො සඤ්ඤත්වා නෙවසඤ්ඤානාසඤ්ඤායතනං මඤ්ඤති, නෙවසඤ්ඤානාසඤ්ඤායතනස්මිං මඤ්ඤති, නෙවසඤ්ඤානාසඤ්ඤායතනතො මඤ්ඤති, නෙවසඤ්ඤානාසඤ්ඤායතනං මෙති මඤ්ඤති, නෙවසඤ්ඤානාසඤ්ඤායතනං අභිනන්දති. තං කිස්ස හෙතු? ‘අපරිඤ්ඤාතං තස්සා’ති වදාමි.
|
4
“ආකාසානඤ්චායතන තල වැසි දෙවියන් ආකාසානඤ්චායතන වැසි දෙවියන් වශයෙන් හඟියි. ආකාසානඤ්චායතන දෙවියන් ආකාසානඤ්චායතන දෙවියන් වශයෙන් හැඳින ආකාසානඤ්චායතන වැසි දෙවියන් නිත්‍ය ආත්මයයි හඟියි. ආකාසානඤ්චායතන වැසි දෙවියන් කෙරෙහි නිත්‍ය ආත්මය ඇතැයි හඟියි. ආකාසානඤ්චායතන වැසි දෙවියන් කෙරෙන් පිටත්හි ඔවුන් ඇසුරුකොට නිත්‍ය ආත්මය ඇතැයි හඟියි. ආකාසානඤ්චායතන වැසි දෙවියන් ‘මාගේ යයි’ හඟියි. ආකාසානඤ්චායතන වැසි දෙවියන්ට ආශාවෙන් සතුටු වෙයි. ඊට හේතු කවරේද? ඔහුගේ ධර්ම වෙන්කොට බෙදා නොදැන්ම යයි කියමි.
“විඤ්ඤාණඤ්චායතන වැසි දෙවියන් විඤ්ඤාණඤ්චායතන වැසි දෙවියන් වශයෙන් හඟියි. විඤ්ඤාණඤ්චායතන වැසි දෙවියන් විඤ්ඤාණඤ්චායතන වැසි දෙවියන් වශයෙන් හැඳින විඤ්ඤාණඤ්චායතන වැසි දෙවියන් නිත්‍ය ආත්මයයි හඟියි. විඤ්ඤාණඤ්චායතන වැසි දෙවියන් කෙරෙහි නිත්‍ය ආත්මය ඇතැයි හඟියි. විඤ්ඤාණඤ්චායතන වැසි දෙවියන් කෙරෙන් පිටත ඔවුන් ඇසුරු කොට නිත්‍ය ආත්මය ඇතැයි හඟියි. විඤ්ඤාණඤ්චායතන වැසි දෙවියන් ‘මගේයයි’ හඟියි. විඤ්ඤාණඤ්චායතන වැසි දෙවියන්ට සතුටු වෙයි. ඊට හේතුව කවරේද? ඔුගේ ධර්ම වෙන්කොට බෙදා නොදැන්මයයි කියමි.
“ආකිඤ්චඤ්ඤායතන වැසි දෙවියන් ආකිඤ්චඤ්ඤායතන වැසි දෙවියන් වශයෙන් හඟියි. ආකිඤ්චඤ්ඤායතන වැසි දෙවියන් ආකිඤ්චඤ්ඤායතන වැසි දෙවියන් වශයෙන් හැඳින, ආකිඤ්චඤ්ඤායතන වැසි දෙවියන් නිත්‍ය ආත්මයයි හඟියි. ආකිඤ්චඤ්ඤායතන වැසි දෙවියන් කෙරෙහි නිත්‍ය ආත්මයක් ඇතැයි හඟියි. ආකිඤ්චඤ්ඤායතන වැසි දෙවියන් කෙරෙන් පිටත ඔවුන් ඇසුරුකොට නිත්‍ය ආත්මය ඇතැයි හඟියි. ආකිඤ්චඤ්ඤායතන වැසි දෙවියන් ‘මාගේයයි’ හඟියි. ආකිඤ්චඤ්ඤායතන වැසි දෙවියන්ට සතුටු වෙයි. ඊට හේතුව කවරේද? ඔහුගේ ධර්ම වෙන්කොට බෙදා නොදැන්මයයි කියමි.
“නෙවසංඥානාසංඥායතන වැසි දෙවියන් නෙවසංඥානාසංඥායතන වැසි දෙවියන් වශයෙන් හඟියි. නෙවසංඥානාසංඥායතන වැසි දෙවියන් නෙවසංඥානාසංඥායතන වැසි දෙවියන් වශයෙන් හැඳින, නෙවසංඥානාසංඥායතන වැසි දෙවියන් නිත්‍ය ආත්මයයි හඟියි. නෙවසංඥානාසංඥායතන වැසි දෙවියන් කෙරෙහි නිත්‍ය ආත්මය ඇතැයි හඟියි. නෙවසංඥානාසංඥායතන වැසි දෙවියන් කෙරෙන් පිටත ඔවුන් ඇසුරු කොට නිත්‍ය ආත්මය ඇතැයි හඟියි. නෙවසංඥානාසංඥායතන වැසි දෙවියන් ‘මාගේයයි’ හඟියි. නෙවසංඥානාසංඥායතන වැසි දෙවියන්ට සතුටු වෙයි. ඊට හේතුව කවරේද? ඔහුගේ ධර්ම වෙන්කොට බෙදා නොදැන්මයයි කියමි.
|
5
‘‘දිට්ඨං
‘‘සුතං සුතතො සඤ්ජානාති; සුතං සුතතො සඤ්ඤත්වා සුතං
‘‘මුතං මුතතො සඤ්ජානාති; මුතං මුතතො සඤ්ඤත්වා මුතං මඤ්ඤති, මුතස්මිං මඤ්ඤති, මුතතො මඤ්ඤති, මුතං මෙති මඤ්ඤති, මුතං අභිනන්දති. තං කිස්ස හෙතු? ‘අපරිඤ්ඤාතං තස්සා’ති වදාමි.
‘‘විඤ්ඤාතං විඤ්ඤාතතො සඤ්ජානාති; විඤ්ඤාතං විඤ්ඤාතතො සඤ්ඤත්වා විඤ්ඤාතං මඤ්ඤති, විඤ්ඤාතස්මිං මඤ්ඤති, විඤ්ඤාතතො මඤ්ඤති, විඤ්ඤාතං මෙති මඤ්ඤති, විඤ්ඤාතං අභිනන්දති. තං කිස්ස හෙතු? ‘අපරිඤ්ඤාතං තස්සා’ති වදාමි.
|
5
“දිට්ඨය (රූපායතනය) දිට්ඨය වශයෙන් හඟියි. දිට්ඨය දිට්ඨය වශයෙන් ඇඳින දිට්ඨය ආත්මය වශයෙන් හඟියි. දිට්ඨය කෙරෙහි ආත්මය පිහිටියේයයි හඟියි. දිට්ඨයෙන් පිටත දිට්ඨය ඇසුරුකොට ආත්මය ඇතැයි හඟියි දිට්ඨය ‘මගේ’යයි හඟියි. දිට්ඨය ආත්මය වශයෙන් සිතා සතුටුවෙයි. ඊට හේතුව කවරේද? ඔහුගේ ධර්ම වෙන්කොට බෙදා නොදැන්මයයි කියමි.
“සුතය (ශබ්දායතනය) සුතය වශයෙන් හඟියි. සුතය සුතය වශයෙන් ඇඳින සුතය ආත්මය වශයෙන් හඟියි. සුතය කෙරෙහි ආත්මය පිහිටියේයයි හඟියි. සුතයෙන් පිටත එය ඇසුරුකොට ආත්මය ඇතැයි හඟියි. සුතය ‘මගේ’ යයි හඟියි. සුතය ආත්මය වශයෙන් සිතා ආශාවෙන් සතුටු වෙයි. ඊට හේතු කවරේද? ඔහුගේ ධර්ම වෙන්කොට බෙදා නොදැන්මයයි කියමි.
“මුතය (ගන්ධ රස ස්පර්ශ යන තුන) මුතය වශයෙන් හඟියි. මුතය මුතය වශයෙන් හැඳින මුතය ආත්මය වශයෙන් හඟියි. මුතය කෙරෙහි ආත්මය පිහිටියේයයි හඟියි. මුතයෙන් පිටත එය ඇසුරුකොට ආත්මය ඇතැයි හඟියි, මුතය මාගේ යයි හඟියි. මුතය ආත්මය වශයෙන් සිතා සතුටු වෙයි. ඊට හේතුව කවරේද? ඔහුගේ ධර්ම වෙන් කොට බෙදා නොදැන්මයයි කියමි.
“විඤ්ඤාතය (ධර්මායතනය) විඤ්ඤාතය වශයෙන් හඟියි. විඤ්ඤාතය විඤ්ඤාතය වශයෙන් ඇඳින විඤ්ඤාතය ආත්මය වශයෙන් හඟියි. විඤ්ඤාතය කෙරෙහි ආත්මය වශයෙන් හඟියි. විඤ්ඤාතය කෙරෙහි ආත්මය පිහිටියේයයි හඟියි. විඤ්ඤාතයෙන් පිටත එය ඇසුරුකොට ආත්මය ඇතැයි හඟියි විඤ්ඤාතය ‘මාගේ’යයි හඟියි. විඤ්ඤාතය ආත්මය වශයෙන් සිතා සතුටු වෙයි. ඊට හේතු කවරේද? ඔහුගේ ධර්ම වෙන්කොට බෙදා නොදැන්ම යයි කියමි.
|
6
‘‘එකත්තං
‘‘නානත්තං නානත්තතො සඤ්ජානාති; නානත්තං නානත්තතො සඤ්ඤත්වා නානත්තං මඤ්ඤති, නානත්තස්මිං මඤ්ඤති, නානත්තතො මඤ්ඤති, නානත්තං මෙති මඤ්ඤති, නානත්තං අභිනන්දති. තං කිස්ස හෙතු? ‘අපරිඤ්ඤාතං තස්සා’ති වදාමි.
‘‘සබ්බං සබ්බතො සඤ්ජානාති; සබ්බං සබ්බතො සඤ්ඤත්වා සබ්බං මඤ්ඤති, සබ්බස්මිං
‘‘නිබ්බානං නිබ්බානතො සඤ්ජානාති; නිබ්බානං නිබ්බානතො සඤ්ඤත්වා නිබ්බානං මඤ්ඤති, නිබ්බානස්මිං මඤ්ඤති
|
6
“සමාන ස්වභාව ඇත්තාවූ අරූපස්කන්ධය (නාම ධර්ම සමූහය) සමාන ස්වභාව ඇත්තාවූ අරූපස්කන්ධය වශයෙන් හඟියි සමාන ස්වභාවවූ අරූපස්කන්ධය සමාන ස්වභාවවූ අරූපස්කන්ධය වශයෙන් හැඳින සමාන ස්වභාවවූ අරූපස්කන්ධය ආත්මය වශයෙන් හඟියි, සමාන ස්වභාවවූ අරූපස්කන්ධය කෙරෙහි ආත්මය පිහිටියේයයි හඟියි. සමාන ස්වභාවවූ අරූපස්කන්ධයෙන් පිටත එය ඇසුරුකොට ආත්මය ඇතැයි හඟියි. සමාන ස්වභාවවූ අරූපස්කන්ධය ‘මගේ’ යයි හඟියි. සමාන ස්වභාවවූ අරූපස්කන්ධය ආත්මය වශයෙන් සිතා සතුටු වෙයි. ඊට හේතු කවරේද? ඔහුගේ ධර්ම වෙන් කොට බෙදා නොදැන්ම යයි කියමි.
“වෙන් වෙන් ස්වභාවවූ පංචස්කන්ධය වෙන් වෙන් ස්වභාවවූ පංචස්කන්ධය වශයෙන් හඟියි. වෙන් වෙන් ස්වභාවවූ පංචස්කන්ධය වෙන් වෙන් ස්වභාවවූ පංචස්කන්ධය ආත්මය වශයෙන් හඟියි. වෙන් වෙන් ස්වභාවවූ පංචස්කන්ධය කෙරෙහි ආත්මය පිහිටියේයයි හඟියි. වෙන් වෙන් ස්වභාවවූ පංචස්කන්ධයෙන් පිටත එය ඇසුරුකොට ආත්මය ඇතැයි හඟියි. වෙන් වෙන් ස්වභාවවූ පංචස්කන්ධය ‘මගේ’යයි හඟියි. වෙන් වෙන් ස්වභාවවූ පංචස්කන්ධය ආත්මය වශයෙන් සිතා සතුටු වෙයි. ඊට හේතු කවරේද? ඔහුගේ ධර්ම වෙන්කොට බෙදා නොදැන්මයයි කියමි.
“(රූපාරූප ධර්ම) සියල්ල සියල්ල වශයෙන් හඟී. සියල්ල සියල්ල වශයෙන් හැඳින, සියල්ල ආත්ම වශයෙන් හඟී. සියල්ල කෙරෙහි ආත්මය පිහිටියේයයි හඟී. සියල්ලෙන් පිටත සියල්ල ඇසුරුකොට ආත්මය ඇතැයි හඟී. සියල්ල ‘මගේ’යයි හඟී. සියල්ල ආත්මය වශයෙන් සිතා සතුටු වෙයි. ඊට හේතුව කවරේද? ඔහුගේ ධර්ම වෙන් කොට බෙදා නොදැන්මයයි කියමි.
“නිර්වාණය (ඇතැම් දෘෂ්ටිකයන් නිවනයයි කියන ආත්මය පඤ්චකාමයෙන් යුක්ත කිරීම) නිර්වාණය වශයෙන් හඟී. නිර්වාණය නිර්වාණ වශයෙන් ඇඳින නිර්වාණය ආත්මය වශයෙන් හඟී. නිර්වාණය කෙරෙහි ආත්මය පිහිටියේ යයි හඟී. නිර්වාණයෙන් පිටත එය ඇසුරු කොට ආත්මය ඇතැයි හඟී. නිර්වාණය ‘මගේ’යයි හඟියි. නිර්වාණය ආත්මයයි වශයෙන් සිතා සතුටු වෙයි. ඊට හේතුව කවරේද? ඔහුගේ ධර්ම වෙන්කොට බෙදානොදැන්මයයි කියමි.
|
7
‘‘යොපි
‘‘ආපං...පෙ.... තෙජං... වායං... භූතෙ... දෙවෙ... පජාපතිං... බ්රහ්මං... ආභස්සරෙ... සුභකිණ්හෙ... වෙහප්ඵලෙ... අභිභුං... ආකාසානඤ්චායතනං... විඤ්ඤාණඤ්චායතනං... ආකිඤ්චඤ්ඤායතනං... නෙවසඤ්ඤානාසඤ්ඤායතනං... දිට්ඨං... සුතං... මුතං... විඤ්ඤාතං... එකත්තං... නානත්තං... සබ්බං... නිබ්බානං නිබ්බානතො අභිජානාති; නිබ්බානං නිබ්බානතො අභිඤ්ඤාය
|
7
“මහණෙනි, ශෛක්ෂවූ (ත්‍රිවිධ ශික්ෂායෙහි හික්මෙන්නාවූ) අර්හත්ඵලයට නොපැමිණියාවූ අර්හත්ඵලය පතන්නාවූ යම් ඒ භික්ෂුවක් තෙම වාසය කෙරේද ඒ පුද්ගලතෙමේ සතර වැදෑරුම් පෘථිවිධාතුව පෘථිවිධාතුව වශයෙන් විශේෂ නුවණින් දනියි. පෘථිවිධාතුව පෘථිවිධාතුව වශයෙන් විශේෂ නුවණින් දැන පෘථිවිධාතුව තමායයි (තණ්හා මාන වශයෙන්) හඟී. පෘථිවිධාතුව ආශ්‍රයකොට තමා පිහිටියේයයි (තණ්හා මාන දෙකින්) හඟී. පෘථිවිධාතුවෙන් පිටත තමා ඇතැයි (තණ්හා මානවශයෙන්) හඟී. පෘථිවිධාතුව මාගේයයි (තණ්හා මාන වශයෙන්) සිතයි. පෘථිවිධාතුවට ආශාවෙන් සතුටු වෙයි. ඊට හේතු කවරේද? ඒ ශෛක්ෂ පුද්ගලයාගේ පිරිසිඳ නොදැනීම යයි කියමි.
“ආපොධාතුව ආපොධාතුව වශයෙන් විශේෂ නුවණින් දනියි. ආපොධාතුව ආපොධාතුව වශයෙන් විශේෂ නුවණින් දැන ආපොධාතුව තමායයි (තණ්හා මාන වශයෙන්) හඟී. ආපොධාතුව ආශ්‍රය කොට තමා ඇතැයි (තණ්හා මාන වශයෙන්) හඟී. ආපොධාතුවෙන් පිටත්හි තමා ඇතැයි තණ්හා මාන වශයෙන්) හඟී. මේ ආපොධාතුව මාගේ යයි (තණ්හා මාන වශයෙන්) හඟියි. ආපොධාතුවට සතුටු වෙයි. ඊට හේතු කවරේද? ඒ ශෛක්ෂ පුද්ගලයාගේ පිරිසිඳ නොදැනීමයයි කියමි.
“තෙජොධාතුව තෙජොධාතුව වශයෙන් විශේෂ නුවණින් දනියි. තෙජොධාතුව තෙජොධාතුව වශයෙන් විශේෂ නුවණින් දැන තෙජොධාතුව තමායයි (තණ්හා මාන වශයෙන්) හඟියි. තෙජොධාතුව ආශ්‍රයකොට තමා පිහිටියේයයි (තණ්හාමාන වශයෙන්) හඟියි. මේ තෙජොධාතුව මාගේයයි හඟියි. තෙජොධාතුවට සතුටු වෙයි. ඊට හේතු කවරේද? ඒ ශෛක්ෂ පුද්ගලයාගේ නොපිරිසිඳ දැනීමයයි කියමි.
“වායොධාතුව වායොධාතුව වශයෙන් විශේෂ නුවණින් දනියි. වායොධාතුව වායොධාතුව වශයෙන් විශේෂ නුවණින් දැන වායොධාතුව තමා වශයෙන් හඟියි. වායොධාතුව ආශ්‍රය කොට තමා පිහිටියේයයි හඟියි. වායොධාතුවෙන් පිටත්හි තමා ඇතැයි හඟියි. වායොධාතුව මාගේයයි හඟියි. වායොධාතුවට සතුටු වෙයි. ඊට හේතු කවරේද? ඒ ශෛක්ෂ පුද්ගලයාගේ නොපිරිසිඳ දැනීමයයි කියමි.
“භූතයන් භූතයන් වශයෙන් විශේෂ නුවණින් දනියි. භූතයන් භූතයන් වශයෙන් විශේෂ නුවණින් දැන භූතයන් තමා වශයෙන් හඟියි. භූතයන් ආශ්‍රයකොට තමා පිහිටියේයයි හඟියි. භූතයන්ගෙන් වෙන්ව තමා ඇතැයි හඟියි. මේ භූතයන් මාගේයයි හඟියි. භූතයන්ට සතුටු වෙයි. ඊට හේතු කවරේද? ඒ ශෛක්ෂ පුද්ගලයාගේ නොපිරිසිඳ දැනීම යයි කියමි.
“දෙවියන් දෙවියන් වශයෙන් විශේෂ නුවණින් දනියි. දෙවියන් දෙවියන් වශයෙන් විශේෂ නුවණින් දැන දෙවියන් තමා වශයෙන් හඟියි. දෙවියන් ආශ්‍රයකොට තමා පිහිටියේ යයි හඟියි. දෙවියන්ගෙන් පිටත්හි තමා ඇතැයි හඟියි. දෙවියන් මාගේයයි හඟියි. දෙවියන්ට සතුටු වෙයි. ඊට හේතු කවරේද? ඒ ශෛක්ෂ පුද්ගලයාගේ නොපිරිසිඳ දැනීමයයි කියමි.
“මාරයා මාරයා වශයෙන් විශේෂ නුවණින් දනියි. මාරයා මාරයා වශයෙන් විශේෂ නුවණින් දැන මාරයා තමා වශයෙන් හඟියි. මාරයා ආශ්‍රය කොට තමා පිහිටියේයයි හඟියි. මාරයාගෙන් වෙන්ව තමා ඇතැයි හඟියි. මාරයා මාගේ යයි හඟියි. මාරයාට සතුටු වෙයි. ඊට හේතු කවරේද? ඒ ශෛක්ෂ පුද්ගලයාගේ නොපිරිසිඳ දැනීමයයි කියමි.
“බ්‍රහ්මයා බ්‍රහ්මයා වශයෙන් විශේෂ නුවණින් දනියි. බ්‍රහ්මයා බ්‍රහ්මයා වශයෙන් විශේෂ නුවණින් දැන බ්‍රහ්මයා තමා වශයෙන් හඟියි. බ්‍රහ්මයා ආශ්‍රය කොට තමා පිහිටියේයයි හඟියි. බ්‍රහ්මයාගෙන් පිටත්හි තමා ඇතැයි හඟියි. මේ බ්‍රහ්මයා මාගේයයි හඟියි. බ්‍රහ්මයාට සතුටු වෙයි. ඊට හේතු කවරේද? ඒ ශෛක්ෂ පුද්ගලයාගේ නොපිරිසිඳ දැනීමයයි කියමි.
“ආභස්සරදෙවියන් ආභස්සරදෙවියන් වශයෙන් විශේෂ නුවණින් දනියි. ආභස්සරදෙවියන් ආභස්සරදෙවියන් වශයෙන් විශේෂ නුවණින් දැන ආභස්සරදෙවියන් තමා වශයෙන් හඟියි. ආභස්සර දෙවියන් ආශ්‍රයකොට තමා පිහිටියේයයි හඟියි. ආභස්සරදෙවියන්ගෙන් පිටත තමා ඇතැයි හඟියි. ආභස්සරදෙවියන් මාගේයයි හඟියි. ආභස්සරදෙවියන්ට සතුටු වෙයි. ඊට හේතු කවරේද? ඒ ශෛක්ෂ පුද්ගලයාගේ නොපිරිසිඳ දැනීමයයි කියමි.
“සුභකිණ්හ දෙවියන් සුභකිණ්හ දෙවියන් වශයෙන් විශේෂ නුවණින් දනියි. සුභකිණ්හ දෙවියන් සුභකිණ්හ දෙවියන් වශයෙන් විශේෂ නුවණින් දැන සුභකිණ්හ දෙවියන් තමා වශයෙන් හඟියි. සුභකිණ්හ දෙවියන් ආශ්‍රයකොට තමා පිහිටියේයයි හඟියි. සුභකිණ්හ දෙවියන්ගෙන් පිටත තමා ඇතැයි හඟියි. සුභකිණ්හ දෙවියන් මාගේයයි හඟියි. සුභකිණ්හ දෙවියන්ට සතුටු වෙයි. ඊට හේතු කවරේද? ඒ ශෛක්ෂ පුද්ගලයාගේ නොපිරිසිඳ දැනීමයයි කියමි.
“වෙහප්ඵල දෙවියන් වෙහප්ඵල දෙවියන් වශයෙන් විශේෂ නුවණින් දනියි. වෙහප්ඵල දෙවියන් වෙහප්ඵල දෙවියන් වශයෙන් විශේෂ නුවණින් දැන වෙහප්ඵල දෙවියන් තමා වශයෙන් හඟියි. වෙහප්ඵල දෙවියන් ආශ්‍රයකොට තමා පිහිටියේයයි හඟියි. වෙහප්ඵල දෙවියන්ගෙන් පිටත තමා ඇතැයි හඟියි. වෙහප්ඵල දෙවියන් මාගේයයි හඟියි. වෙහප්ඵල දෙවියන්ට සතුටු වෙයි. ඊට හේතු කවරේද? ඒ ශෛක්ෂ පුද්ගලයාගේ නොපිරිසිඳ දැනීමයයි කියමි.
“අභිභූබ්රහ්මයා අභිභූබ්රහ්මයා වශයෙන් විශේෂ නුවණින් දනියි. අභිභූබ්රහ්මයා අභිභූබ්රහ්මයා වශයෙන් විශේෂ නුවණින් දැන අභිභූබ්රහ්මයා තමා වශයෙන් හඟියි. අභිභූබ්රහ්මයා ආශ්‍රය කොට තමා පිහිටියේයයි හඟියි. අභිභූබ්රහ්මයාගෙන් පිටත තමා ඇතැයි හඟියි. අභිභූබ්රහ්මයා මාගේයයි සිතයි. අභිභූබ්රහ්මයාට සතුටු වෙයි. ඊට හේතු කවරේද? ඒ ශෛක්ෂ පුද්ගලයාගේ නොපිරිසිඳ දැනීමයයි කියමි.
“ආකාසානඤ්චායතන දෙවියන් ආකාසානඤ්චායතන දෙවියන් වශයෙන් විශේෂ නුවණින් දනියි. ආකාසානඤ්චායතන දෙවියන් ආකාසානඤ්චායතන දෙවියන් වශයෙන් විශේෂ නුවණින් දැන ආකාසානඤ්චායතන දෙවියන් තමා වශයෙන් හඟියි. ආකාසානඤ්චායතන දෙවියන් ආශ්‍රයකොට තමා ඇතැයි හඟියි. ආකාසානඤ්චායතන දෙවියන්ගෙන් පිටත තමා ඇතැයි හඟියි. ආකාසානඤ්චායතන දෙවියන් මාගේයයි හඟියි. ආකාසානඤ්චායතන දෙවියන්ට සතුටු වෙයි. ඊට හේතු කවරේද? ඒ ශෛක්ෂ පුද්ගලයාගේ නොපිරිසිඳ දැනීමයයි කියමි.
“විඤ්ඤාණඤ්චායතන දෙවියන් විඤ්ඤාණඤ්චායතන දෙවියන් වශයෙන් විශේෂ නුවණින් දනියි. විඤ්ඤාණඤ්චායතන දෙවියන් විඤ්ඤාණඤ්චායතන දෙවියන් වශයෙන් විශේෂ නුවණින් දැන විඤ්ඤාණඤ්චායතන දෙවියන් තමා වශයෙන් හඟියි. විඤ්ඤාණඤ්චායතන දෙවියන් ආශ්‍රයකොට තමා පිහිටියේයයි හඟියි. විඤ්ඤාණඤ්චායතන දෙවියන්ගෙන් පිටත තමා ඇතැයි හඟියි. විඤ්ඤාණඤ්චායතන දෙවියන් මාගේයයි හඟියි. විඤ්ඤාණඤ්චායතන දෙවියන්ට සතුටු වෙයි. ඊට හේතු කවරේද? ඒ ශෛක්ෂ පුද්ගලයාගේ නොපිරිසිඳ දැනීමයයි කියමි.
“ආකිඤ්චඤ්ඤායතන දෙවියන් ආකිඤ්චඤ්ඤායතන දෙවියන් වශයෙන් විශේෂ නුවණින් දනියි. ආකිඤ්චඤ්ඤායතන දෙවියන් ආකිඤ්චඤ්ඤායතන දෙවියන් වශයෙන් විශේෂ නුවණින් දැන ආකිඤ්චඤ්ඤායතන දෙවියන් තමා වශයෙන් හඟියි. ආකිඤ්චඤ්ඤායතන දෙවියන් ආශ්‍රයකොට තමා පිහිටියේයයි හඟියි. ආකිඤ්චඤ්ඤායතන දෙවියන්ගෙන් පිටත තමා ඇතැයි හඟියි. ආකිඤ්චඤ්ඤායතන දෙවියන් මාගේයයි හඟියි. ආකිඤ්චඤ්ඤායතන දෙවියන්ට සතුටු වෙයි. ඊට හේතු කවරේද? ඒ ශෛක්ෂ පුද්ගලයාගේ නොපිරිසිඳ දැනීමයයි කියමි.
“නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් වශයෙන් විශේෂ නුවණින් දනියි. නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් තමා වශයෙන් හඟියි. නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් ආශ්‍රයකොට තමා පිහිටියේයයි හඟියි. නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන්ගෙන් පිටත තමා ඇතැයි හඟියි. නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් මාගේයයි සිතයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන්ට සතුටු වෙයි. ඊට හේතු කවරේද? ඒ ශෛක්ෂ පුද්ගලයාගේ නොපිරිසිඳ දැනීමයයි කියමි.
“දිට්ඨය (රූපායතන) දිට්ඨය වශයෙන් විශේෂ නුවණින් දනියි. දිට්ඨය දිට්ඨය වශයෙන් විශේෂ නුවණින් දැන දිට්ඨය තමා වශයෙන් හඟියි. දිට්ඨය ආශ්‍රය කොට තමා පිහිටි යේයයි හඟියි. දිට්ඨයෙන් පිටත්හි තමා ඇතැයි හඟියි. දිට්ඨය මාගේයයි හඟියි. දිට්ඨයට සතුටු වෙයි. ඊට හේතු කවරේද? ඒ ශෛක්ෂ පුද්ගලයාගේ නොපිරිසිඳ දැනීමයයි කියමි.
“සුතය (ශබ්දායතනය) සුතය වශයෙන් විශේෂ නුවණින් දනියි. සුතය සුතය වශයෙන් විශේෂ නුවණින් දැන සුතය තමා වශයෙන් හඟියි. සුතය ආශ්‍රය කොට තමා පිහිටියේයයි හඟියි. සුතයයෙන් පිටත සුතය ඇසුරුකොට තමා ඇතැයි හඟියි. සුතය මාගේයයි හඟියි. සුතය සතුටු වෙයි. ඊට හේතු කවරේද? ඒ ශෛක්ෂ පුද්ගලයාගේ නොපිරිසිඳ දැනීමයයි කියමි.
“මුතය (ගන්ධ රස ස්පර්ශය යන තුන) මුතය වශයෙන් විශේෂ නුවණින් හඟියි. මුතය, මුතය වශයෙන් හැඳින මුතය තමා වශයෙන් හඟියි. මුතය කෙරෙහි තමා පිහිටියේයයි හඟියි. මුතයෙන් පිටත මුතය ඇසුරුකොට තමා ඇතැයි හඟියි. මුතය මාගේයයි හඟියි. මුතය තමා වශයෙන් සිතා සතුටු වෙයි. ඊට හේතුව කවරේද? ඒ ශෛක්ෂ පුද්ගලයාගේ නොපිරිසිඳ දැනීමයයි කියමි.
“විඤ්ඤාතය (ධර්මායතනය) විඤ්ඤාතය වශයෙන් විශේෂ නුවණින් දනියි. විඤ්ඤාතය විඤ්ඤාතය වශයෙන් විශේෂ නුවණින් දැන විඤ්ඤාණය තමා වශයෙන් හඟියි. විඤ්ඤාතය ආශ්‍රයකොට තමා පිහිටියේයයි හඟියි. විඤ්ඤාතය පිටත එය ඇසුරුකොට තමා ඇතැයි හඟියි. විඤ්ඤාතය මාගේයයි හඟියි. විඤ්ඤාතයට සතුටු වෙයි. ඊට හේතුව කවරේද? ඒ ශෛක්ෂ පුද්ගලයාගේ නොපිරිසිඳ දැනීමයයි කියමි.
“එකස්වභාවයවූ අරූපය එකස්වභාවයවූ අරූපය වශයෙන් විශේෂ නුවණින් දනියි. එකස්වභාවයවූ අරූපය එකස්වභාවයවූ අරූපය වශයෙන් විශේෂ නුවණින් දැන එකස්වභාවයවූ අරූපය තමා වශයෙන් හඟියි. එකස්වභාවයවූ අරූපය ආශ්‍රයකොට තමා පිහිටියේයයි හඟියි. එකසවභාවයවූ අරූපයෙන් පිටත එය ඇසුරුකොට තමා ඇතැයි හඟියි. එකස්වභාවයවූ අරූපය මාගේයයි හඟියි. එකස්වභාවයවූ අරූපයට සතුටුවෙයි. ඊට හේතු කවරේද? ඒ ශෛක්ෂ පුද්ගලයාගේ නොපිරිසිඳ ගැනීමයයි කියමි.
“වෙන් වෙන් ස්වභාවවූ පඤ්චස්කන්ධය වෙන් වෙන් ස්වභාවයවූ පඤ්චස්කන්ධය වශයෙන් හඟියි. වෙන් වෙන් ස්වභාවයවූ පඤ්චස්කන්ධය වෙන් වෙන් ස්වභාවය වශයෙන් විශේෂ නුවණින් දැන වෙන් වෙන් ස්වභාවය වූ පඤ්චස්කන්ධය තමා වශයෙන් හඟියි. වෙන් වෙන් ස්වභාවයවූ පඤ්චස්කන්ධය ආශ්‍රයකොට තමා පිහිටියේයයි හඟියි. වෙන් වෙන් ස්වභාවයවූ පඤ්චස්කන්ධයෙන් පිටත එය ඇසුරු කොට තමා ඇතැයි හඟියි. වෙන් වෙන් ස්වභාවය වූ පංචස්කන්ධය මාගේයයි හඟියි. වෙන් වෙන් ස්වභාවය වූ පංචස්කන්ධයට සතුටු වෙයි. ඊට හේතු කවරේද? ඒ ශෛක්ෂ පුද්ගලයාගේ නොපිරිසිඳ දැනීමයයි කියමි.
“(රූපාරූප) සියල්ල සියල්ල වශයෙන් විශේෂ නුවණින් දනියි. සියල්ල සියල්ල වශයෙන් විශේෂ නුවණින් දැන සියල්ල තමා වශයෙන් හඟියි. සියල්ල ආශ්‍රය කොට තමා පිහිටියේයයි හඟියි. සියල්ලෙන් පිටත එය ඇසුරු කොට තමා ඇතැයි හඟියි. සියල්ල මගේයයි හඟියි. සියල්ලට සතුටු වෙයි. ඊට හේතු කවරේද? ඒ ශෛක්ෂ පුද්ගලයාගේ නොපිරිසිඳ දැනීමයයි කියමි.
“පරම දෘෂ්ටධර්ම නිර්වාණය (පංචකාම සැප විඳීම) නිර්වාණය වශයෙන් විශේෂ නුවණින් දනියි. පරමදෘෂ්ටධර්‍ම නිර්වාණය නිර්වාණය වශයෙන් විශේෂ නුවණින් දැන පරමදෘෂ්ට ධර්ම නිර්වාණය තමා වශයෙන් හඟියි. පරමදෘෂ්ටධර්‍ම නිර්වාණය ආශ්‍රයකොට තමා පිහිටියේයයි හඟියි. පරමදෘෂ්ටධර්‍ම නිර්වාණයෙන් පිටත එය ඇසුරු කොට තමා ඇතැයි හඟියි. මේ පරමදෘෂ්ටධර්‍ම නිර්වාණය මගේයයි හඟියි. පරමදෘෂ්ටධර්‍ම නිර්වාණයට සතුටු වෙයි. ඊට හේතු කවරේද? ඒ ශෛක්ෂ පුද්ගලයාගේ නොපිරිසිඳ දැනීමයයි කියමි.
|
8
‘‘යොපි සො, භික්ඛවෙ, භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසංයොජනො සම්මදඤ්ඤා විමුත්තො, සොපි පථවිං පථවිතො අභිජානාති; පථවිං පථවිතො
‘‘ආපං...පෙ.... තෙජං... වායං... භූතෙ... දෙවෙ... පජාපතිං... බ්රහ්මං... ආභස්සරෙ... සුභකිණ්හෙ... වෙහප්ඵලෙ... අභිභුං... ආකාසානඤ්චායතනං... විඤ්ඤාණඤ්චායතනං... ආකිඤ්චඤ්ඤායතනං... නෙවසඤ්ඤානාසඤ්ඤායතනං... දිට්ඨං... සුතං... මුතං... විඤ්ඤාතං... එකත්තං... නානත්තං... සබ්බං... නිබ්බානං නිබ්බානතො අභිජානාති; නිබ්බානං නිබ්බානතො අභිඤ්ඤාය නිබ්බානං න මඤ්ඤති, නිබ්බානස්මිං න මඤ්ඤති, නිබ්බානතො න මඤ්ඤති, නිබ්බානං මෙති න මඤ්ඤති, නිබ්බානං නාභිනන්දති. තං කිස්ස හෙතු? ‘පරිඤ්ඤාතං තස්සා’ති වදාමි.
|
8
“මහණෙනි, කෙලෙසුන් කෙරෙන් දුරුවූ ක්ලෙශයන් ක්ෂය කලාවූ වැස නිමවනලද බ්‍රහ්මචර්යාව ඇති කටයුතු අවසන් කළාවූ කෙලෙස් බර බහා තබන ලද්දාවූ අර්හත්ඵලයට පැමිණියාවූ භව සංයෝජන (සසර බැඳුම්) ක්ෂයකළාවූ සසරින් මිදුනාවූ යම් ඒ (රහත්) භික්ෂුකෙනෙක් වෙද්ද හෙතෙමේද සතරවැදෑරුම් වූ පඨවිධාතුව වශයෙන් දනියි. පඨවිධාතුව පඨවිධාතුව වශයෙන් දැන පඨවිධාතුව තමායයි නොහඟියි. පඨවිධාතුව කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. පඨවිධාතුව ආශ්‍රයකොට තමා ඇතැයි නොහඟියි. පඨවිධාතුව ඇසුරුකොට ඉන් පිටත තමා ඇතැයි නොහඟියි. පඨවිධාතුව ‘මගේ’යයි නොහඟියි. පඨවිධාතුවට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? ඒ රහතුන්වහන්සේගේ පිරිසිඳ දැනීමයයි කියමි.
“සතරවැදෑරුම් ආපොධාතුව, ආපොධාතුව වශයෙන් දනියි. ආපොධාතුව ආපොධාතුව වශයෙන් දැන ආපොධාතුව තමායයි නොහඟියි. ආපොධාතුව කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. ආපොධාතුව ආශ්‍රය කොට තමා ඇතැයි නොහඟියි. ආපොධාතුව ‘මගේ’යයි නොහඟියි. ආපොධාතුවට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? ඒ රහතුන් වහන්සේගේ පිරිසිඳ දැනීමයයි කියමි.
“සතරවැදෑරුම් තෙජො ධාතුව, තෙජොධාතුව වශයෙන් දැන තෙජොධාතුව තමායයි නොහඟියි. තෙජොධාතුව කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. තෙජොධාතුව ආශ්‍රය කොට තමා ඇතැයි නොහඟියි. තෙජොධාතුව ‘මගේ’යයි නොහඟියි. තෙජොධාතුව ඇසුරුකොට ඉන් පිටත තමා ඇතැයි නොහඟියි. තෙජොධාතුවට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? ඒ රහතුන් වහන්සේගේ පිරිසිඳ දැනීමයයි කියමි.
“සතරවැදෑරුම් වායොධාතුව, වායොධාතුව වශයෙන් දනියි. වායොධාතුව වායොධාතුව වශයෙන් දැන වායොධාතුව තමායයි නොහඟියි. වායොධාතුව කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. වායොධාතුව ආශ්‍රය කොට තමා ඇතැයි නොහඟියි. වායොධාතුව ඇසුරු කොට ඉන් පිටත තමා ඇතැයි නොහඟියි. වායොධාතු ‘මගේ’යයි නොහඟියි. වායොධාතුවට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? ඒ රහතුන් වහන්සේගේ පිරිසිඳ දැනීමයයි කියමි.
“භූතයන් භූතයන් වශයෙන් දනියි. භූතයන් භූතයන් වශයෙන් දැන භූතයන් තමායයි නොහඟියි. භූතයන් කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. භූතයන් ආශ්‍රයකොට තමා ඇතැයි නොහඟියි. භූතයන් මගේයයි නොහඟියි. භූතයන්ට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? රහතුන් වහන්සේගේ පිරිසිඳ දැනීමයයි කියමි.
“දෙවියන් දෙවියන් වශයෙන් දනියි. දෙවියන් දෙවියන් වශයෙන් දැන දෙවියන් තමායයි නොහඟියි. දෙවියන් කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. දෙවියන් ආශ්‍රයකොට තමා ඇතැයි නොහඟියි. දෙවියන් මාගේයයි නොහඟියි. දෙවියන්ට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? රහතුන් වහන්සේගේ පිරිසිඳ දැනීමයයි කියමි.
“මාරයා මාරයා වශයෙන් දනියි. මාරයා මාරයා වශයෙන් දැන මාරයා තමායයි නොහඟියි. මාරයා කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. මාරයා ආශ්‍රය කොට තමා ඇතැයිනොහඟියි. මාරයා මාගේයයි නොහඟියි. මාරයාට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? රහතුන් වහන්සේගේ පිරිසිඳ දැනීමයයි කියමි.
“බ්‍රහ්මයා බ්‍රහ්මයා වශයෙන් දනියි බ්‍රහ්මයා බ්‍රහ්මයා වශයෙන් දැන බ්‍රහ්මයා තමායයි නොහඟියි. බ්‍රහ්මයා කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. බ්‍රහ්මයා ආශ්‍රයකොට තමා ඇතැයි නොහඟියි. බ්‍රහ්මයා මාගේයයි නොහඟියි. බ්‍රහ්මයාට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? රහතුන් වහන්සේගේ පිරිසිඳ දැනීමයයි කියමි.
“ආභස්සරදෙවියන් ආභස්සරදෙවියන් වශයෙන් දනියි. ආභස්සර දෙවියන් ආභස්සරදෙවියන් වශයෙන් දැන ආභස්සර දෙවියන් තමායයි නොහඟියි. ආභස්සරදෙවියන් කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. ආභස්සරදෙවියන් ආශ්‍රයකොට තමා ඇතැයි නොහඟියි. ආභස්සරදෙවියන් මාගේයයි නොහඟියි. ආභස්සර දෙවියන්ට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? රහතුන්වහන්සේගේ පිරිසිඳ දැනීමයයි කියමි.
“සුභකිණ්හ දෙවියන් සුභකිණ්හ දෙවියන් වශයෙන් දනියි. සුභකිණ්හ දෙවියන් සුභකිණ්හ දෙවියන් වශයෙන් දැන සුභකිණ්හ දෙවියන් තමායයි නොහඟියි. සුභකිණ්හ දෙවියන් කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. සුභකිණ්හ දෙවියන් ආශ්‍රයකොට තමා ඇතැයි නොහඟියි. සුභකිණ්හ දෙවියන් මාගේයයි නොහඟියි. සුභකිණ්හ දෙවියන්ට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? ඒ රහතුන්වහන්සේගේ පිරිසිඳ දැනීමයයි කියමි.
“වෙහප්ඵල දෙවියන් වෙහප්ඵල දෙවියන් වශයෙන් දනියි. වෙහප්ඵල දෙවියන් වෙහප්ඵල දෙවියන් වශයෙන් දැන වෙහප්ඵල දෙවියන් තමායයි නොහඟියි. වෙහප්ඵල දෙවියන් කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. වෙහප්ඵල දෙවියන් ආශ්‍රය කොට තමා ඇතැයි නොහඟියි. වෙහප්ඵල දෙවියන් මාගේයයි නොහඟියි. වෙහප්ඵල දෙවියන්ට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? රහතුන් වහන්සේගේ පිරිසිඳ දැනීමයයි කියමි.
“අභිභූ දෙවියන් අභිභූ දෙවියන් වශයෙන් දනියි. අභිභූ දෙවියන් අභිභූ දෙවියන් වශයෙන් දැන අභිභූ දෙවියන් තමායයි නොහඟියි. අභිභූ දෙවියන් කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. අභිභූ දෙවියන් ආශ්‍රයකොට තමා ඇතැයි නොහඟියි. අභිභූ දෙවියන් මාගේයයි නොහඟියි. අභිභූ දෙවියන්ට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? රහතුන් වහන්සේගේ පිරිසිඳ දැනීමයයි කියමි.
“ආකාසානඤ්චායතන දෙවියන් ආකාසානඤ්චායතන දෙවියන් වශයෙන් දනියි. ආකාසානඤ්චායතන දෙවියන් ආකාසානඤ්චායතන දෙවියන් වශයෙන් දැන ආකාසානඤ්චායතන දෙවියන් තමායයි නොහඟියි. ආකාසානඤ්චායතන දෙවියන් කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. ආකාසානඤ්චායතන දෙවියන් ආශ්‍රයකොට තමා ඇතැයි නොහඟියි. ආකාසානඤ්චායතන දෙවියන් මාගේයයි නොහඟියි. ආකාසානඤ්චායතන දෙවියන්ට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? රහතුන් වහන්සේගේ පිරිසිඳ දැනීමයයි කියමි.
“විඤ්ඤාණඤ්චායතන දෙවියන් විඤ්ඤාණඤ්චායතන දෙවියන් වශයෙන් දනියි. විඤ්ඤාණඤ්චායතන දෙවියන් විඤ්ඤාණඤ්චායතන දෙවියන් වශයෙන් දැන විඤ්ඤාණඤ්චායතන දෙවියන් තමායයි නොහඟියි. විඤ්ඤාණඤ්චායතන දෙවියන් කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. විඤ්ඤාණඤ්චායතන දෙවියන් ආශ්‍රයකොට තමා ඇතැයි නොහඟියි. විඤ්ඤාණඤ්චායතන දෙවියන් මාගේයයි නොහඟියි. විඤ්ඤාණඤ්චායතන දෙවියන්ට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? රහතුන් වහන්සේගේ පිරිසිඳ දැනීමයයි කියමි.
“ආකිඤ්චඤ්ඤායතන දෙවියන් ආකිඤ්චඤ්ඤායතන දෙවියන් වශයෙන් දනියි. ආකිඤ්චඤ්ඤායතන දෙවියන් ආකිඤ්චඤ්ඤායතන දෙවියන් වශයෙන් දැන ආකිඤ්චඤ්ඤායතන දෙවියන් තමායයි නොහඟියි. ආකිඤ්චඤ්ඤායතන දෙවියන් කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. ආකිඤ්චඤ්ඤායතන දෙවියන් ආශ්‍රයකොට තමා ඇතැයි නොහඟියි. ආකිඤ්චඤ්ඤායතන දෙවියන් මාගේයයි නොහඟියි. ආකිඤ්චඤ්ඤායතන දෙවියන් සතුට නොවෙයි. ඊට හේතු කවරේද? රහතුන් වහන්සේගේ පිරිසිඳ දැනීමයයි කියමි.
“නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් වශයෙන් දනියි. නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් වශයෙන් දැන නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් තමායයි නොහඟියි. නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් ආශ්‍රයකොට තමා ඇතැයි නොහඟියි. නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් මාගේයයි නොහඟියි. නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන්ට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? රහතුන් වහන්සේගේ පිරිසිඳ දැනීමයයි කියමි.
“දිට්ඨය (රූපායතනය) දිට්ඨය වශයෙන් දනියි. දිට්ඨය දිට්ඨය වශයෙන් දැන දිට්ඨය තමායයි නොහඟියි. දිට්ඨය කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. දිට්ඨය ආශ්‍රය කොට තමා ඇතැයි නොහඟියි. දිට්ඨයට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? රහතුන් වහන්සේගේ පිරිසිඳ දැනීමයයි කියමි.
“සුතය (ශබ්දායතනය) සුතය වශයෙන් දනියි. සුතය සුතය වශයෙන් දැන සුතය තමායයි නොහඟියි. සුතය කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. සුතය ආශ්‍රය කොට තමා ඇතැයි නොහඟියි. සුතයට සතුටු නොවෙයි සුතය මගේ යයි නොහඟියි. ඊට හේතු කවරේද? රහතුන් වහන්සේගේ පිරිසිඳ දැනීමයයි කියමි.
“මුතය (ගන්ධ රස ස්පර්ශ යන ආයතන තුන) මුතය වශයෙන් දනියි. මුතය මුතය වශයෙන් දැන මුතය තමා වශයෙන් නොහඟියි. මුතය කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. මුතය ආශ්‍රයකොට තමා ඇතැයි නොහඟියි. මුතයට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? රහතුන් වහන්සේගේ පිරිසිඳ දැනීමයයි කියමි.
“විඤ්ඤාතය (ධර්මායතනය) විඤ්ඤාතය වශයෙන් දනියි. විඤ්ඤාතය විඤ්ඤාතය වශයෙන් දැන විඤ්ඤාතය තමායයි නොහඟියි. විඤ්ඤාතය කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. විඤ්ඤාතයෙන් පිටත එය ඇසුරුකොට තමා ඇතැයි නොහඟියි. විඤ්ඤාතයට සතුටු නොවේ. ඊට හේතු කවරේද? රහතුන් වහන්සේගේ පිරිසිඳ දැනීමයයි කියමි.
“ඒකස්වභාවය ඇති අරූපධර්ම එකස්වභාවය ඇති අරූපධර්ම වශයෙන් දනියි. එකස්වභාවය ඇති අරූපධර්ම එකස්වභාවය ඇති අරූපධර්ම වශයෙන් දැන එකස්වභාවය ඇති අරූපධර්ම තමායයි නොහඟියි. එකස්වභාවය ඇති අරූපධර්ම කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. එකස්වභාවය ඇති අරූපධර්ම ආශ්‍රයකොට තමා ඇතැයි නොහඟියි. එකස්වභාවය ඇති අරූපධර්මයට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? රහතුන් වහන්සේගේ පිරිසිඳ දැනීමයයි කියමි.
“වෙන් වෙන් ස්වභාවයවූ පඤ්චස්කන්ධය වෙන් වෙන් ස්වභාවයවූ පඤ්චස්කන්ධය වශයෙන් දනියි. වෙන් වෙන් ස්වභාවයවූ පඤ්චස්කන්ධය වෙන් වෙන් ස්වභාවයවූ පඤ්චස්කන්ධය වශයෙන් දැන වෙන් වෙන් ස්වභාවයවූ පඤ්චස්කන්ධය තමායයි නොහඟියි. වෙන් වෙන් ස්වභාවයවූ පඤ්චස්කන්ධය කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. වෙන් වෙන් ස්වභාවයවූ පඤ්චස්කන්ධය ආශ්‍රයකොට තමා ඇතැයි නොහඟියි. වෙන් වෙන් ස්වභාවයවූ පඤ්චස්කන්ධය ‘මගේ’ යයි නොහඟියි. වෙන් වෙන් ස්වභාවයවූ පඤ්චස්කන්ධයට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? රහතුන් වහන්සේගේ පිරිසිඳ දැනීමයයි කියමි.
“සියල්ල සියල්ල වශයෙන් දනියි. සියල්ල සියල්ල වශයෙන් දැන සියල්ල තමායයි නොහඟියි. සියල්ල කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. සියල්ල ආශ්‍රයකොට තමා ඇතැයි නොහඟියි. සියල්ල ‘මගේ’ යයි නොහඟියි. සියල්ලට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? රහතුන් වහන්සේගේ පිරිසිඳ දැනීමයයි කියමි.
“පරමදෘෂ්ටධර්‍ම නිර්වාණය (පඤ්චකාම සැප විඳීම) පරම දෘෂ්ටධර්මනිර්වාණය වශයෙන් දනියි. පරමදෘෂ්ටධර්‍ම නිර්වාණය පරමදෘෂ්ටධර්‍ම නිර්වාණය වශයෙන් දැන පරමදෘෂ්ටධර්‍ම නිර්වාණය තමායයි නොහඟියි. පරමදෘෂ්ටධර්‍ම නිර්වාණය කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. පරමදෘෂ්ටධර්‍ම නිර්වාණය ආශ්‍රයකොට තමා ඇතැයි නොහඟියි. පරමදෘෂ්ටධර්‍ම නිර්වාණය මගේ යයි නොහඟියි. පරමදෘෂ්ටධර්‍ම නිර්වාණයට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? රහතුන් වහන්සේගේ පිරිසිඳ දැනීමයයි කියමි.
|
9
‘‘යොපි
‘‘ආපං...පෙ.... තෙජං... වායං... භූතෙ... දෙවෙ... පජාපතිං... බ්රහ්මං... ආභස්සරෙ... සුභකිණ්හෙ... වෙහප්ඵලෙ... අභිභුං... ආකාසානඤ්චායතනං... විඤ්ඤාණඤ්චායතනං... ආකිඤ්චඤ්ඤායතනං
|
9
“මහණෙනි, කෙලෙසුන් කෙරෙන් දුරුවූ කෙලෙසුන් නැති කළාවූ වැස නිමවනලද බ්‍රහ්මචරියාව ඇති, කටයුතු අවසන් කළාවූ කෙලෙස් බර බහා තබන ලද්දාවූ අර්හත්ඵලයට පැමිණියාවූ භව සංයෝජන (සසර බැඳුම්) නැතිකළාවූ සසරින් මිදුනාවූ යම් ඒ (රහත්) භික්ෂු කෙනෙක් වේද, හෙතෙමේද, පඨවි ධාතුව පඨවි ධාතුව වශයෙන් දනියි. පඨවි ධාතුව පඨවි ධාතුව වශයෙන් දැන පඨවි ධාතුව තමායයි නොහඟියි. පඨවි ධාතුව කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. පඨවි ධාතුව ආශ්‍රයකොට තමා ඇතැයි නොහඟියි. පඨවි ධාතුව මගේ යයි නොහඟියි. පඨවි ධාතුවට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? ඒ (රහත්) භික්ෂුව රාගය නැතිකිරීමෙන් වීතරාගවූ බැවිනි.
“ආපොධාතුව ආපොධාතුව වසයෙන් දනියි. ආපොධාතුව ආපොධාතුව වශයෙන් දැන ආපොධාතුව තමායයි නොහඟියි. ආපොධාතුව කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. ආපොධාතුව ආශ්‍රයකොට තමා ඇතැයි නොහඟියි. ආපොධාතුව ඇසුරුකොට ඉන්පිටත තමා ඇතැයි නොහඟියි. ආපොධාතුව ‘මගේ’ යයි නොහඟියි. ආපොධාතුවට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? ඒ (රහත්) භික්ෂුව රාගය නැතිකිරීමෙන් වීතරාගවූ බැවිනි.
“තෙජොධාතුව; තෙජොධාතුව වශයෙන් දනියි. තෙජොධාතුව තෙජො ධාතුව වශයෙන් දැන තෙජොධාතුව තමායයි නොහඟියි. තෙජොධාතුව කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. තෙජොධාතුව ආශ්‍රයකොට තමා ඇතැයි නොහඟී. තෙජොධාතුව ඇසුරුකොට ඉන් පිටත තමා ඇතැයි නොහඟී. තෙජො ධාතුව ‘මගේ’ යයි නොහඟී. තෙජො ධාතුවට සතුටු නොවෙයි. ඊට හේතුව කවරේද? (රහත්) භික්ෂුව රාගය නැතිකිරීමෙන් වීතරාගවූ බැවිනි.
“වායොධාතුව, වායොධාතුව වශයෙන් දනියි. වායොධාතුව වායොධාතුව වශයෙන් දැන වායොධාතුව තමායයි නොහඟී. වායොධාතුව කෙරෙහි තමා පිහිටියේයයි නොහඟී. වායොධාතුව ආශ්‍රයකොට තමා ඇතැයි නොහඟී. වායොධාතුව ආශ්‍රයකොට ඉන් පිටත තමා ඇතැයි නොහඟී. වායොධාතුව මාගේ යයි නොහඟී. වායොධාතුවට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? ඒ (රහත්) භික්ෂුව රාගය නැතිකිරීමෙන් වීතරාගවූ බැවිනි.
“භූතයන් (චාතුර්මහාරාජික දෙව්ලොවින් පහත සත්වයන්) භූතයන් වශයෙන් දනියි. භූතයන් භූතයන් වශයෙන් ඇඳින භූතයන් තමායයි නොහඟියි. භූතයන් තුළ තමා ඇතැයි නොහඟියි. භූතයන්ගෙන් පිටත තමා ඇතැයි නොහඟියි. භූතයන් ‘මගේ’ යයි නොහඟියි. භූතයන්ට ආසාවෙන් සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? රාගය පහකළ හෙයින් වීතරාගතවූ බැවිනි.
“දෙවියන් (මාර දෙව් ලොවින් පහත දෙවියන්) දෙවියන් වශයෙන් දනියි. දෙවියන්, දෙවියන් වශයෙන් ඇඳින, දෙවියන් තමායයි නොහඟී. දෙවියන් තුළ තමා ඇතැයි නොහඟී. දෙවියන් කෙරෙන් පිටත දෙවියන් ඇසුරුකොට තමා ඇතැයි නොහඟී. දෙවියන් ‘මගේ’ යයි නොහඟී. දෙවියන් ගැන සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? රාගය පහකළ හෙයින් වීතරාගවූ බැවිනි,
“මාරයා මාරයා වශයෙන් දනියි. මාරයා මාරයා වශයෙන් ඇඳින මාරයා තමායයි නොහඟී. මාරයා කෙරෙහි තමා ඇතැයි නොහඟියි. මාරයාගෙන් පිටත තමා ඇතැයි නොහඟී. මාරයා ‘මගේ’ යයි නොහඟියි. මාරයාට ආශාවෙන් සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? රාගය පහකළ හෙයින් වීතරාගවූ බැවිනි.
“බ්‍රහ්මයා (ප්රථමධ්යානතලයෙහි බ්රහ්මයෙන්) බ්‍රහ්මයා වශයෙන් දනියි. බ්‍රහ්මයා, බ්‍රහ්මයා වශයෙන් හැඳින බ්‍රහ්මයා තමා වශයෙන් නොහඟියි. බ්‍රහ්මයා කෙරෙහි තමා පිහිටියේ යයි නොහඟී. බ්‍රහ්මයාගෙන් පිටත බ්‍රහ්මයා ඇසුරුකොට තමා ඇත්තේයයි නොහඟී. බ්‍රහ්මයා ‘මගේ’ යයි නොහඟී. බ්‍රහ්මයාට ආශාවෙන් සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? රාගය පහකළ හෙයින් වීචරාගවූ බැවිනි.
“ආභස්සර දෙවියන් (ද්විතීයධ්යානතල වැසි බ්‍රහ්මයන්) ආභස්සර දෙවියන් වශයෙන් දනියි. ආභස්සර දෙවියන් ආභස්සර දෙවියන් වශයෙන් හැඳින ආභස්සර දෙවියන් තමා වශයෙන් නොහඟී. ආභස්සර දෙවියන් දෙවියන් කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. ආභස්සර දෙවියන්ගෙන් පිටත ඔවුන් ඇසුරුකොට තමා ඇතැයි නොහඟියි. ආස්සර දෙවියන් ‘මගේ’යයි නොහඟියි. ආභස්සර දෙවියන් ගැන ආශාවෙන් සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? රාගය පහකළ හෙයින් වීතරාගවූ බැවිනි.
“සුභකිණ්හදෙවියන්, (තෘතීයධ්යානතල වැසි බ්‍රහ්මයන්) සුභකිණ්හ දෙවියන් වශයෙන් දනියි. සුභකිණ්හ දෙවියන්, සුභකිණ්හ දෙවියන් වශයෙන් හැඳින සුභකිණ්හ දෙවියන් තමා වශයෙන් නොහඟියි. සුභකිණ්හ දෙවියන් කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. සුභකිණ්හ දෙවියන්ගෙන් පිටත ඔවුන් ඇසුරුකොට තමා ඇතැයි නොහඟියි. සුභකිණ්හ දෙවියන් ‘මගේ’ යයි නොහඟියි. සුභකිණ්හ දෙවියන්ට ආශාවෙන් සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? රාගය පහකළ හෙයින් වීතරාගවූ බැවිනි.
“වෙහප්ඵල නම්වූ දෙවියන් (චතුර්ථධ්යාන තල වැසි බ්‍රහ්මයන්) වෙහප්ඵල දෙවියන් වශයෙන් දනියි. වෙහප්ඵල දෙවියන් වෙහප්ඵල දෙවියන් වශයෙන් හැඳින වෙහප්ඵල දෙවියන් තමායයි නොහඟියි. වෙහප්ඵල දෙවියන් කෙරෙහි තමා ඇතැයි නොහඟියි. වෙහප්ඵල දෙවියන් කෙරෙන් පිටත ඔවුන් ඇසුරුකොට තමා ඇතැයි නොහඟියි. වෙහප්ඵල දෙවියන් ‘මගේයයි නොහඟියි. වෙහප්ඵල දෙවියන්ට ආශාවෙන් සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? රාගය පහකළ හෙයින් වීතරාගවූ බැවිනි.
“අභිභූ නම් (අසංඥතල වැසි) බ්‍රහ්මයා, (අසංඥතල වැසි) බ්‍රහ්මයා වශයෙන් දනියි. අභිභූ බ්‍රහ්මයා, අභිභූ බ්‍රහ්මයා වශයෙන් හැඳින, අභිභූ බ්‍රහ්මයා තමායයි නොහඟියි. අභිභූ බ්‍රහ්මයා කෙරෙහි තමා ඇතැයි නොහඟියි අභිභූ බ්‍රහ්මයාගෙන් පිටත ඔහු ඇසුරුකොට තමා ඇතැයි නොහඟියි. අභිභූ බ්‍රහ්මයා ‘මගේ’යයි නොහඟියි. අභිභූ බ්‍රහ්මයාට ආශාවෙන් සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? රාගය පහකළ හෙයින් වීතරාගවූ බැවිනි.
“ආකාසානඤ්චායතන තල වැසි දෙවියන් ආකාසානඤ්චායතන වැසි දෙවියන් වශයෙන් දනියි. ආකාසානඤ්චායතන දෙවියන් ආකාසානඤ්චායතන දෙවියන් වශයෙන් හැඳින ආකාසානඤ්චායතන දෙවියන් තමායයි නොහඟියි. ආකාසානඤ්චායතන දෙවියන් කෙරෙහි තමා ඇතැයි නොහඟියි. ආකාසානඤ්චායතන දෙවියන් කෙරෙන් පිටත්හි ඔවුන් ඇසුරුකොට තමා ඇතැයි නොහඟියි. ආකාසානඤ්චායතන දෙවියන් ‘මගේ’ යයි නොහඟියි. ආකාසානඤ්චායතන දෙවියන්ට ආශාවෙන් සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? රාගය පහකළ හෙයින් වීතරාගවූ බැවිනි.
“විඤ්ඤාණඤ්චායතන දෙවියන් විඤ්ඤාණඤ්චායතන දෙවියන් වශයෙන් දනියි. විඤ්ඤාණඤ්චායතන දෙවියන් විඤ්ඤාණඤ්චායතන දෙවියන් වශයෙන් හැඳින විඤ්ඤාණඤ්චායතන දෙවියන් තමායයි නොහඟියි. විඤ්ඤාණඤ්චායතන දෙවියන් කෙරෙහි තමා ඇතැයි නොහඟියි. විඤ්ඤාණඤ්චායතන දෙවියන් කෙරෙන් පිටත ඔවුන් ඇසුරුකොට තමා ඇතැයි නොහඟියි. විඤ්ඤාණඤ්චායතන දෙවියන් ‘මගේ’ යයි නොහඟියි. විඤ්ඤාණඤ්චායතන දෙවියන්ට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? රාගය පහකළ හෙයින් වීතරාගවූ බැවිනි.
“ආකිඤ්චඤ්ඤායතන දෙවියන් ආකිඤ්චඤ්ඤායතන දෙවියන් වශයෙන් දනියි. ආකිඤ්චඤ්ඤායතන දෙවියන් ආකිඤ්චඤ්ඤායතන දෙවියන් වශයෙන් හැඳින, ආකිඤ්චඤ්ඤායතන දෙවියන් තමායයි නොහඟියි. ආකිඤ්චඤ්ඤායතන දෙවියන් කෙරෙහි තමා ඇතැයි නොහඟියි. ආකිඤ්චඤ්ඤායතන දෙවියන් කෙරෙන් පිටත ඔවුන් ඇසුර කොට තමා ඇතැයි නොහඟියි. ආකිඤ්චඤ්ඤායතන දෙවියන් ‘මාගේ’යයි නොහඟියි. ආකිඤ්චඤ්ඤායතන දෙවියන්ට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? රාගය පහකළ හෙයින් වීතරාගවූ බැවිනි.
“නෙවසඥානාසංඥායතන දෙවියන් නෙවසඥානාසංඥායතන දෙවියන් වශයෙන් දනියි. නෙවසඥානාසංඥායතන දෙවියන් නෙවසඥානාසංඥායතන දෙවියන් වශයෙන් හැඳින නෙවසඥානාසංඥායතන දෙවියන් තමායයි නොහඟියි. නෙවසඥානාසංඥායතන දෙවියන් කෙරෙහි තමා ඇතැයි නොහඟියි. නෙවසඥානාසංඥායතන දෙවියන් කෙරෙන් පිටත ඔවුන් ඇසුරු කොට තමා ඇතැයි නොහඟියි. නෙවසඥානාසංඥායතන දෙවියන් ‘මාගේ’යයි නොහඟියි. නෙවසඥානාසංඥායතන දෙවියන්ට සතුටු නොවෙයි. ඊට හේතුව කවරේද? රාගය පහකළ හෙයින් වීතරාගවූ බැවිනි.
“දිට්ඨය (රූපායතනය) දිට්ඨය වශයෙන් දනියි. දිට්ඨය දිට්ඨය වශයෙන් ඇඳින දිට්ඨය තමා වශයෙන් නොහඟියි. දිට්ඨය කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. දිට්ඨයෙන් පිටත දිට්ඨය ඇසුරුකොට තමා ඇතැයි නොහඟියි. දිට්ඨය ‘මගේ’යයි නොහඟියි. දිට්ඨය තමා වශයෙන් සිතා සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? රාගය පහකළ හෙයින් වීතරාගවූ බැවිනි.
“සුතය (ශබ්දායතනය) සුතය වශයෙන් දනියි. සුතය සුතය වශයෙන් ඇඳින සුතය තමා වශයෙන් නොහඟියි. සුතය කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. සුතයෙන් පිටත එය ඇසුරුකොට තමා ඇතැයි නොහඟියි. සුතය ‘මගේ’ යයි නොහඟියි. සුතය ආත්මය වශයෙන් සිතා ආශානේ සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? රාගය පහකළ හෙයින් වීතරාගවූ බැවිනි.
“මුතය (ගන්ධ රස ස්පර්ශ යන තුන) මුතය වශයෙන් දනියි. මුතය මුතය වශයෙන් හැඳින් මුතය තමා වශයෙන් නොහඟියි. මුතය කෙරෙහි ආත්මය පිහිටියේයයි නොහඟියි. මුතයෙන් පිටත එය ඇසුරුකොට තමා ඇතැයි නොහඟියි. මුතය ‘මාගේ’යයි නොහඟියි. මුතය ආත්මය වශයෙන් සිතා සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? රාගය පහකළ හෙයින් වීතරාගවූ බැවිනි.
“විඤ්ඤාතය (ධර්මායතනය) විඤ්ඤාතය වශයෙන් දනියි. විඤ්ඤාතය විඤ්ඤාතය වශයෙන් ඇඳින විඤ්ඤාතය තමා වශයෙන් නොහඟියි. විඤ්ඤාතය කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. විඤ්ඤාතයෙන් පිටත එය ඇසුරු කොට තමා ඇතැයි නොහඟියි. විඤ්ඤාතය ‘මගේ’යයි නොහඟියි. විඤ්ඤාතය තමා වශයෙන් සිතා සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? රාගය පහකළ හෙයින් වීතරාගවූ බැවිනි.
“සමානස්වභාව ඇත්තාවූ අරූපස්කන්ධය (නාම ධර්ම සමූහය) සමානස්වභාව ඇත්තාවූ අරූපස්කන්ධය වශයෙන් දනියි. සමානස්වභාවවූ අරූපස්කන්ධය සමානස්වභාවවූ අරූපස්කන්ධය වශයෙන් ඇඳින සමානස්වභාවවූ අරූපස්කන්ධය තමා වශයෙන් නොහඟියි. සමානස්වභාවවූ අරූපස්කන්ධය කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. සමානස්වභාවවූ අරූපස්කන්ධයෙන් පිටත එය ඇසුරුකොට තමා ඇතැයි නොහඟියි. සමානස්වභාවවූ අරූපස්කන්ධය ‘මගේ’යයි නොහඟියි. සමානස්වභාවවූ අරූපස්කන්ධය තමා වශයෙන් සිතා සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? රාගය පහකළ හෙයින් වීතරාගවූ බැවිනි.
“වෙන් වෙන් ස්වභාවවූ පංචස්කන්ධය වෙන් වෙන් ස්වභාවවූ පංචස්කන්ධය වශයෙන් දනියි. වෙන් වෙන් ස්වභාවවූ පංචස්කන්ධය වෙන් වෙන් ස්වභාවවූ පංචස්කන්ධය වශයෙන් ඇඳින වෙන් වෙන් ස්වභාවවූ පංචස්කන්ධය තමා වශයෙන් නොහඟියි. වෙන් වෙන් ස්වභාවවූ පංචස්කන්ධය කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. වෙන් වෙන් ස්වභාවවූ පංචස්කන්ධයෙන් පිටත එය ඇසුරුකොට තමා ඇතැයි නොහඟියි. වෙන් වෙන් ස්වභාවවූ පංචස්කන්ධය ‘මගේ’යයි නොහඟියි. වෙන් වෙන් ස්වභාවවූ පංචස්කන්ධය තමා වශයෙන් සිතා සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? රාගය පහකළ හෙයින් වීතරාගවූ බැවිනි.
“(රූපාරූප ධර්ම) සියල්ල සියල්ල වශයෙන් වශයෙන් දනියි. සියල්ල සියල්ල වශයෙන් හැඳින සියල්ල තමා වශයෙන් නොහඟියි. සියල්ල කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. සියල්ලෙන් පිටත සියල්ල ඇසුරුකොට තමා ඇතැයි නොහඟියි. සියල්ල ‘මගේ’යයි නොහඟියි. සියල්ල තමා වශයෙන් සිතා සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? රාගය පහකළ හෙයින් වීතරාගවූ බැවිනි.
“නිර්වාණය (ඇතැම් දෘෂ්ටිකයන් නිවනයයි කියන තමා පඤ්චකාමයෙන් යුක්ත කිරීම) නිර්වාණය වශයෙන් දනියි. නිර්වාණය නිර්වාණය වශයෙන් ඇඳින නිර්වාණය තමා වශයෙන් නොහඟියි. නිර්වාණය කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. නිර්වාණයෙන් පිටත එය ඇසුරු කොට තමා ඇතැයි නොහඟියි. නිර්වාණය ‘මගේ’ යයි නොහඟියි. නිර්වාණය තමා වශයෙන් සිතා සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? රාගය පහකළ හෙයින් වීතරාගවූ බැවිනි.
|
10
‘‘යොපි සො, භික්ඛවෙ, භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසංයොජනො සම්මදඤ්ඤා විමුත්තො, සොපි පථවිං පථවිතො අභිජානාති; පථවිං පථවිතො අභිඤ්ඤාය පථවිං න මඤ්ඤති, පථවියා න මඤ්ඤති, පථවිතො න මඤ්ඤති, පථවිං මෙති න මඤ්ඤති, පථවිං නාභිනන්දති. තං කිස්ස හෙතු? ඛයා දොසස්ස, වීතදොසත්තා.
‘‘ආපං...පෙ.... තෙජං... වායං... භූතෙ... දෙවෙ... පජාපතිං... බ්රහ්මං... ආභස්සරෙ... සුභකිණ්හෙ... වෙහප්ඵලෙ... අභිභුං... ආකාසානඤ්චායතනං... විඤ්ඤාණඤ්චායතනං... ආකිඤ්චඤ්ඤායතනං... නෙවසඤ්ඤානාසඤ්ඤායතනං... දිට්ඨං... සුතං... මුතං... විඤ්ඤාතං... එකත්තං... නානත්තං... සබ්බං... නිබ්බානං නිබ්බානතො අභිජානාති; නිබ්බානං නිබ්බානතො අභිඤ්ඤාය නිබ්බානං න මඤ්ඤති, නිබ්බානස්මිං න මඤ්ඤති, නිබ්බානතො න මඤ්ඤති, නිබ්බානං මෙති න මඤ්ඤති, නිබ්බානං නාභිනන්දති. තං කිස්ස හෙතු? ඛයා දොසස්ස, වීතදොසත්තා.
|
10
“මහණෙනි, කෙලෙසුන් කෙරෙන් දුරුවූ කෙලෙසුන් නැතිකළාවූ වැස නිමවන ලද බ්‍රහ්මචරියාව ඇති කටයුතු අවසන් කළාවූ කෙලෙස් බර බහා තබනලද්දාවූ අර්හත් ඵලයට පැමිණියාවූ භව සංයෝජන (සසර බැදුම්) නැති කළාවූ සසරින් මිදුනාවූ යම් ඒ (රහත්) භික්ෂු කෙනෙක් වේද හෙතෙමේද සතර වැදෑරුම් පෘථිවිධාතුව පෘථිවිධාතුව වශයෙන් විශේෂ නුවණින් දනියි. පෘථිවිධාතුව පෘථිවිධාතුව වශයෙන් විශේෂ නුවණින් දැන පෘථිවිධාතුව තමායයි (තණ්හා මාන වශයෙන්) නොහඟියි. පෘථිවිධාතුව ආශ්‍රය කොට තමා පිහිටියේයයි (තණ්හා මාන වශයෙන්) නොහඟියි. පෘථිවිධාතුවෙන් පිටත තමා ඇතැයි (තණ්හා මාන වශයෙන්) නොහඟියි. පෘථිවිධාතුව මාගේයයි (තණ්හා මාන වශයෙන්) නොහඟියි. පෘථිවිධාතුවට ආශාවෙන් සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? ද්වේෂය නැති කිරීමෙන් වීතදොසවූ බැවිනි.
“ආපොධාතුව ආපොධාතුව වශයෙන් විශේෂ නුවණින් දනියි, ආපොධාතුව ආපොධාතුව වශයෙන් විශේෂ නුවණින් දැන ආපොධාතුව තමායයි (තණ්හා මාන වශයෙන්) නොහඟියි. ආපොධාතුව ආශ්‍රයකොට තමා ඇතැයි (තණ්හා මාන වශයෙන්) නොහඟියි. ආපොධාතුවෙන් පිටත්හි තමා ඇතැයි (තණ්හා මාන වශයෙන් නොහඟියි. ආපොධාතුව මාගේයයි (තණ්හා මාන වශයෙන්) නොහඟියි. ආපොධාතුවට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? ද්වේෂය නැති කිරීමෙන් වීතදොසවූ බැවිනි.
“තෙජොධාතුව තෙජොධාතුව වශයෙන් විශේෂ නුවණින් දනියි. තෙජොධාතුව තෙජොධාතුව වශයෙන් විශේෂ නුවණින් දැන තෙජොධාතුව තමායයි (තණ්හා මාන වශයෙන්) නොහඟියි. තෙජොධාතුව ආශ්‍රය කොට තමා පිහිටියේයයි (තණ්හා මාන වශයෙන් නොහඟියි. තෙජොධාතුව මාගේයයි නොහඟියි. තෙජොධාතුවට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? ද්වේෂය නැති කිරීමෙන් වීතදොසවූ බැවිනි.
“වායොධාතුව වායොධාතුව වශයෙන් විශේෂ නුවණින් දනියි. වායොධාතුව වායොධාතුව වශයෙන් විශේෂ නුවණින් දැන වායොධාතුව තමා වශයෙන් නොහඟියි. වායොධාතුව ආශ්‍රයකොට තමා පිහිටියේයයි නොහඟියි. වායොධාතුවෙන් පිටත්හි තමා ඇතැයි නොහඟියි. වායොධාතුව මාගේයයි නොහඟියි. වායොධාතුවට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? ද්වේෂය නැතිකිරීමෙන් වීතදොසවූ බැවිනි.
“භූතයන් භූතයන් වශයෙන් විශේෂ නුවණින් දනියි භූතයන් භූතයන් වශයෙන් විශේෂ නුවණින් දැන භූතයන් තමා වශයෙන් නොහඟියි. භූතයන් ආශ්‍රය කොට තමා පිහිටියේයයි නොහඟියි. භූතයන්ගෙන් වෙන්ව තමා ඇතැයි නොහඟියි. භූතයන් ‘මාගේ’ යයි නොහඟියි. භූතයන්ට සතුට නොවෙයි. ඊට හේතු කවරේද? ද්වේෂය නැතිකිරීමෙන් වීතදොසවූ බැවිනි.
“දෙවියන් දෙවියන් වශයෙන් විශේෂ නුවණින් දනියි. දෙවියන් දෙවියන් වශයෙන් විශේෂ නුවණින් දැන දෙවියන් තමා වශයෙන් නොහඟියි. දෙවියන් ආශ්‍රයකොට තමා පිහිටියේයයි නොහඟියි. දෙවියන්ගෙන් පිටත්හි තමා ඇතැයි නොහඟියි. දෙවියන් මාගේයයි නොහඟියි. දෙවියන්ට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? ද්වේෂය නැතිකිරීමෙන් වීතදොසවූ බැවිනි.
“මාරයා මාරයා වශයෙන් විශේෂ නුවණින් දනියි. මාරයා මාරයා වශයෙන් විශේෂ නුවණින් දැන මාරයා තමා වශයෙන් නොහඟියි. මාරයා ආශ්‍රය කොට තමා පිහිටියේයයි නොහඟියි. මාරයාගෙන් වෙන්ව තමා ඇතැයි නොහඟියි. මාරයා මාගේයයි නොහඟියි. මාරයාට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? ද්වේෂය නැතිකිරීමෙන් වීතදොසවූ බැවිනි.
“බ්‍රහ්මයා බ්‍රහ්මයා වශයෙන් විශේෂ නුවණින් දනියි. බ්‍රහ්මයා බ්‍රහ්මයා වශයෙන් විශේෂ නුවණින් දැන බ්‍රහ්මයා තමා වශයෙන් නොහඟියි. බ්‍රහ්මයා ආශ්‍රය කොට තමාපිහිටයේයයි නොහඟියි. බ්‍රහ්මයාගෙන් පිටත්හි තමා ඇතැයි නොහඟියි. බ්‍රහ්මයා මාගේ යයි නොහඟියි. බ්‍රහ්මයාට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? ද්වේෂය නැතිකිරීමෙන් වීතදොසවූ බැවිනි.
“ආභස්සරදෙවියන් ආභස්සරදෙවියන් වශයෙන් විශේෂ නුවණින් දනියි. ආභස්සරදෙවියන් ආභස්සරදෙවියන් වශයෙන් විශේෂ නුවණින් දැන ආභස්සරදෙවියන් තමා වශයෙන් නොහඟියි. ආභස්සරදෙවියන් ආශ්‍රයකොට තමා පිහිටියේයයි නොහඟියි. ආභස්සරදෙවියන්ගෙන් පිටත තමා ඇතැයි නොහඟියි. ආභස්සරදෙවියන් ‘මාගේ’ යයි නොහඟියි. ආභස්සරදෙවියන්ට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? ද්වේෂය නැතිකිරීමෙන් වීතදොසවූ බැවිනි.
“සුභකිණ්හ දෙවියන් සුභකිණ්හ දෙවියන් වශයෙන් විශේෂ නුවණින් දනියි. සුභකිණ්හ දෙවියන් සුභකිණ්හ දෙවියන් වශයෙන් විශේෂ නුවණින් දැන සුභකිණ්හ දෙවියන් තමා වශයෙන් නොහඟියි. සුභකිණ්හ දෙවියන් ආශ්‍රය කොට තමා පිහිටියේයයි නොහඟියි. සුභකිණ්හ දෙවියන්ගෙන් පිටත තමා ඇතැයි නොහඟියි. සුභකිණ්හ දෙවියන් ‘මාගේ’යයි නොහඟියි. සුභකිණ්හ දෙවියන්ට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? ද්වේෂය නැතිකිරීමෙන් වීතදොසවූ බැවිනි.
“වෙහප්ඵල දෙවියන් වෙහප්ඵල දෙවියන් වශයෙන් විශේෂ නුවණින් දනියි. වෙහප්ඵල දෙවියන් වෙහප්ඵල දෙවියන් වශයෙන් විශේෂ නුවණින් දැන වෙහප්ඵල දෙවියන් තමා වශයෙන් නොහඟියි. වෙහප්ඵල දෙවියන් ආශ්‍රයකොට තමා පිහිටියේයයි නොහඟියි. වෙහප්ඵල දෙවියන්ගෙන් පිටත තමා ඇතැයි නොහඟියි. වෙහප්ඵල දෙවියන් ‘මාගේ’ යයි නොහඟියි. වෙහප්ඵල දෙවියන්ට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? ද්වේෂය නැතිකිරීමෙන් වීතදොසවූ බැවිනි.
“අභිභූබ්රහ්මයා අභිභූබ්රහ්මයා වශයෙන් විශේෂ නුවණින් දනියි. අභිභූබ්රහ්මයා අභිභූබ්රහ්මයා වශයෙන් විශේෂ නුවණින් දැන අභිභූබ්රහ්මයා තමා වශයෙන් නොහඟියි. අභිභූ බ්‍රහ්මයා ආශ්‍රයකොට තමා පිහිටියේයයි නොහඟියි. අභිභූ බ්‍රහ්මයාගෙන් පිටත තමා ඇතැයි නොහඟියි. අභිභූ බ්‍රහ්මයා ‘මාගේ’ යයි නොහඟියි. අභිභූබ්රහ්මයාට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? ද්වේෂය නැතිකිරීමෙන් වීතදොසවූ බැවිනි.
“ආකාසානඤ්චායතන දෙවියන් ආකාසානඤ්චායතන දෙවියන් වශයෙන් විශේෂ නුවණින් දනියි. ආකාසානඤ්චායතන දෙවියන් ආකාසානඤ්චායතන දෙවියන් වශයෙන් විශේෂ නුවණින් දැන ආකාසානඤ්චායතන දෙවියන් තමා වශයෙන් නොහඟියි. ආකාසානඤ්චායතන දෙවියන් ආශ්‍රය කොට තමා ඇතැයි නොහඟියි. ආකාසානඤ්චායතන දෙවියන්ගෙන් පිටත තමා ඇතැයි නොහඟියි. ආකාසානඤ්චායතන දෙවියන් මාගේයයි නොහඟියි. ආකාසානඤ්චායතන දෙවියන්ට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? ද්වේෂය නැති කිරීමෙන් වීතදොසවූ බැවිනි.
“විඤ්ඤාණඤ්චායතන දෙවියන් විඤ්ඤාණඤ්චායතන දෙවියන් වශයෙන් විශේෂ නුවණින් දනියි. විඤ්ඤාණඤ්චායතන දෙවියන් විඤ්ඤාණඤ්චායතන දෙවියන් වශයෙන් විශේෂ නුවණින් දැන විඤ්ඤාණඤ්චායතන දෙවියන් තමා වශයෙන් නොහඟියි. විඤ්ඤාණඤ්චායතන දෙවියන් ආශ්‍රයකොට තමා පිහිටියේයයි නොහඟියි. විඤ්ඤාණඤ්චායතන දෙවියන්ගෙන් පිටත තමා ඇතැයි නොහඟියි. විඤ්ඤාණඤ්චායතන දෙවියන් මාගේයයි නොහඟියි. විඤ්ඤාණඤ්චායතන දෙවියන්ට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? ද්වේෂය නැතිකිරීමෙන් වීතදොසවූ බැවිනි.
“ආකිඤ්චඤ්ඤායතන දෙවියන් ආකිඤ්චඤ්ඤායතන දෙවියන් වශයෙන් විශේෂ නුවණින් දනියි. ආකිඤ්චඤ්ඤායතන දෙවියන් ආකිඤ්චඤ්ඤායතන දෙවියන් වශයෙන් විශේෂ නුවණින් දැන ආකිඤ්චඤ්ඤායතන දෙවියන් තමා වශයෙන් නොහඟියි. ආකිඤ්චඤ්ඤායතන දෙවියන් ආශ්‍රය කොට තමා පිහිටියේයයි නොහඟියි. ආකිඤ්චඤ්ඤායතන දෙවියන් පිටත තමා ඇතැයි නොහඟියි. ආකිඤ්චඤ්ඤායතන දෙවියන් මාගේයයි නොහඟියි. ආකිඤ්චඤ්ඤායතන දෙවියන්ට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? ද්වේෂය නැතිකිරීමෙන් වීතදොසවූ බැවිනි.
“නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් වශයෙන් විශේෂ නුවණින් දනියි. නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් වශයෙන් විශේෂ නුවණින් දැන නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් තමා වශයෙන් නොහඟියි. නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් ආශ්‍රය කොට තමා පිහිටියේයයි නොහඟියි. නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන්ගෙන් පිටත තමා ඇතැයි නොහඟියි. නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් මාගේයයි නොහඟියි. නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන්ට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? ද්වේෂය නැති කිරීමෙන් වීතදොසවූ බැවිනි.
“දිට්ඨය (රූපායතනය) දිට්ඨය වශයෙන් විශේෂ නුවණින් දනියි. දිට්ඨය දිට්ඨය වශයෙන් විශේෂ නුවණින් දැන දිට්ඨය තමා වශයෙන් නොහඟියි. දිට්ඨය ආශ්‍රයකොට තමා පිහිටියේයයි නොහඟියි. දිට්ඨයෙන් පිටත්හි තමා ඇතැයි නොහඟියි. දිට්ඨය මාගේයයි නොහඟියි. දිට්ඨයට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? ද්වේෂය නැති කිරීමෙන් වීතදොසවූ බැවිනි.
“සුතය (ශබ්දායතනය) සුතය වශයෙන් විශේෂ නුවණින් දනියි. සුතය සුතය වශයෙන් විශේෂ නුවණින් දැන සුතය තමා වශයෙන් නොහඟියි. සුතය ආශ්‍රයකොට තමා පිහිටියේ යයි නොහඟියි. සුතයෙන් පිටත සුතය අසුරුකොට තමා ඇතැයි නොහඟියි. මේ සුතය ‘මාගේ’යයි නොහඟියි. සුතයට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? ද්වේෂය නැතිකිරීමෙන් වීතදොසවූ බැවිනි.
“මුතය (ගන්ධ රස ස්පර්ශ යන තුන) මුතය වශයෙන් විශේෂ නුවණින් හඟියි. මුතය, මුතය වශයෙන් හැඳින මුතය තමා වශයෙන් නොහඟියි. මුතය කෙරෙහි තමා පිහිටියේ යයි නොහඟියි. මුතයෙන් පිටත මුතය ඇසුරුකොට තමා ඇතැයි නොහඟියි. මුතය ‘මාගේ’යයි නොහඟියි. මුතයට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? ද්වේෂය නැතිකිරීමෙන් වීතදොසවූ බැවිනි.
“විඤ්ඤාතය (ධර්මායතනය) විඤ්ඤාතය වශයෙන් විශේෂ නුවණින් දනියි. විඤ්ඤාතය විඤ්ඤාතය වශයෙන් විශේෂ නුවණින් දැන විඤ්ඤාතය තමා වශයෙන් නොහඟියි. විඤ්ඤාතය ආශ්‍රයකොට තමා පිහිටියේයයි නොහඟියි. විඤ්ඤාතයෙන් පිටත එය ඇසුරුකොට තමා ඇතැයි නොහඟියි. විඤ්ඤාතය ‘මාගේ’යයි නොහඟියි. විඤ්ඤාතයට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? ද්වේෂය නැතිකිරීමෙන් වීතදොසවූ බැවිනි.
“එකස්වභාවයවූ අරූපය එකස්වභාවයවූ අරූපය වශයෙන් විශේෂ නුවණින් දනියි. එකස්වභාවයවූ අරූපය එකස්වභාවයවූ අරූපය වශයෙන් විශේෂ නුවණින් දැන එකස්වභාවයවූ අරූපය තමා වශයෙන් නොහඟියි. එකස්වභාවයවූ අරූපය ආශ්‍රයකොට තමා පිහිටියේයයි නොහඟියි. එකස්වභාවයවූ අරූපයෙන් පිටත එය ඇසුරුකොට තමා ඇතැයි නොහඟියි. එකස්වභාවයවූ අරූපය ‘මාගේ’යයි නොහඟියි. එකස්වභාවයවූ අරූපයට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? ද්වේෂය නැතිකිරීමෙන් වීතදොසවූ බැවිනි.
“වෙන් වෙන් ස්වභාවයවූ පඤ්චස්කන්ධය වෙන් වෙන් ස්වභාවයවූ පඤ්චස්කන්ධය වශයෙන් හඟියි. වෙන් වෙන් ස්වභාවයවූ පඤ්චස්කන්ධය වෙන් වෙන් ස්වභාවයවූ පඤ්චස්කන්ධයෙන් විශේෂ නුවණින් දැන වෙන් වෙන් ස්වභාවයවූ පඤ්චස්කන්ධය තමා වශයෙන් නොහඟියි. වෙන් වෙන් ස්වභාවයවූ පඤ්චස්කන්ධය ආශ්‍රයකොට තමා පිහිටියේයයි නොහඟියි. වෙන් වෙන් ස්වභාවයවූ පඤ්චස්කන්ධයෙන් පිටත එය ඇසුරුකොට තමා ඇතැයි නොහඟියි. වෙන් වෙන් ස්වභාවයවූ පඤ්චස්කන්ධය මාගේයයි නොහඟියි. වෙන් වෙන් ස්වභාවයවූ පඤ්චස්කන්ධයට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? ද්වේෂය නැතිකිරීමෙන් වීතදොසවූ බැවිනි.
“(රූපාරූප) සියල්ල සියල්ල වශයෙන් විශේෂ නුවණින් දනියි. සියල්ල සියල්ල වශයෙන් විශේෂ නුවණින් දැන සියල්ල තමා වශයෙන් නොහඟියි. සියල්ල ආශ්‍රයකොට තමා පිහිටියේ යයි නොහඟියි. සියල්ලෙන් පිටත එය ඇසුරුකොට තමා ඇතැයි නොහඟියි. සියල්ල මගේයයි නොහඟියි. සියල්ලට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? ද්වේෂය නැතිකිරීමෙන් වීතදොසවූ බැවිනි.
“පරමදෘෂ්ටධර්‍ම නිර්වාණය (පඤ්චකාම සැප විඳීම) පරමදෘෂ්ටධර්‍ම නිර්වාණය වශයෙන් විශේෂ නුවණින් දනියි. පරමදෘෂ්ටධර්‍ම නිර්වාණය පරමදෘෂ්ටධර්‍ම නිර්වාණය වශයෙන් විශේෂ නුවණින් දැන පරමදෘෂ්ටධර්‍ම නිර්වාණය තමා වශයෙන් නොහඟියි. පරමදෘෂ්ටධර්‍ම නිර්වාණය ආශ්‍රයකොට තමා පිහිටියේයයි නොහඟියි. පරමදෘෂ්ටධර්‍ම නිර්වාණයෙන් පිටත එය ඇසුරුකොට තමා ඇතැයි නොහඟියි. පරමදෘෂ්ටධර්‍ම නිර්වාණය මගේයයි නොහඟියි. පරමදෘෂ්ටධර්‍ම නිර්වාණයට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? ද්වේෂය නැති කිරීමෙන් වීතදොසවූ බැවිනි.
|
11
‘‘යොපි
‘‘ආපං...පෙ.... තෙජං... වායං... භූතෙ... දෙවෙ... පජාපතිං... බ්රහ්මං... ආභස්සරෙ... සුභකිණ්හෙ... වෙහප්ඵලෙ... අභිභුං... ආකාසානඤ්චායතනං... විඤ්ඤාණඤ්චායතනං... ආකිඤ්චඤ්ඤායතනං
|
11
“මහණෙනි, කෙලෙසුන්කෙරෙන් දුරුවූ කෙලෙසුන් නැතිකළාවූ, වැස නිමවනලද ආර්ය මාර්ග ඇති, කටයුතු අවසන්කළාවූ කෙලෙස්බර බහාතබනලද්දාවූ, අර්හත්ඵලයට පැමිණියාවූ භව සංයෝජන (සසර බැඳුම්) නැති කළාවූ සසරින් මිදුනාවූ යම් ඒ (රහත්) භික්ෂු කෙනෙක් වේද හෙතෙමේද සතර වැදෑරුම් පඨවිධාතුව පඨවිධාතුව වශයෙන් හඟියි. පඨවිධාතුව පඨවිධාතුව වශයෙන් හැඳින, පඨවිධාතුව තමායයි (තණ්හා දිට්ඨි මාන වශයෙන්) නොහඟියි. තමා පඨවිධාතුවෙහි පිහිටියේයයි නොහඟියි. පඨවිධාතුවෙන් පිටත එය ඇසුරුකොට තමා පිහිටියේයයි නොහඟියි. පඨවිධාතුව ‘මගේ’යයි නොහඟියි. පඨවිධාතුවට ආශාවෙන් සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? මෝහය (මුළාව) නැතිකිරීමෙන් වීතමොහවූ බැවිනි.
“සතර වැදෑරුම් ආපොධාතුව ආපොධාතුව වශයෙන් හඟියි. ආපොධාතුව ආපොධාතුව වශයෙන් හැඳින ආපොධාතුව තමායයි නොහඟියි. තමා ආපොධාතුවෙහි පිහිටියේ යයි නොහඟියි. තමා ආපොධාතුවෙන් පිටත ආපොධාතුව ආශ්‍රයකොට ඇත්තේයයි නොහඟියි. ආපොධාතුව ‘මගේ’යයි නොහඟියි. ආපොධාතුවට ආශාවෙන් සතුටුනොවෙයි. ඊටහේතු කවරේද? මෝහය (මුළාව) නැතිකිරීමෙන් වීතමොහවූ බැවිනි.
“සතර වැදෑරුම් තෙජොධාතුව තෙජොධාතුව වශයෙන් හඟියි. තෙජොධාතුව තෙජොධාතුව වශයෙන් හැඳින තෙජොධාතුව තමායයි නොහඟියි. තමා තෙජොධාතුවෙහි පිහිටියේයයි නොහඟියි. තෙජොධාතුවෙන් පිටත එය ආශ්‍රයකොට තමා පිහිටියේයයි නොහඟියි. තෙජොධාතුව ‘මගේ’යයි නොහඟියි. තෙජොධාතුවට ආශාවෙන් සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? මෝහය (මුළාව) නැතිකිරීනේ වීතමොහවූ බැවිනි.
“සතර වැදෑරුම් වායොධාතුව වායොධාතුව වශයෙන් හඟියි. වායොධාතුව වායොධාතුව වශයෙන් හැඳින වායොධාතුව තමායයි නොහඟියි. තමා වායොධාතුවෙහි පිහිටියේයයි නොහඟියි. වායොධාතුවෙන් පිටත එය ආශ්‍රයකොට තමා ඇතැයි නොහඟියි. වායොධාතුව ‘මාගේ’යයි නොහඟියි. වායොධාතුවට ආශාවෙන් සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? මෝහය (මුළාව) නැතිකිරීමෙන් වීතමොහවූ බැවිනි.
“භූතයන් භූතයන් වශයෙන් දනියි. භූතයන් භූතයන් වශයෙන් දැන භූතයන් තමායයි නොහඟියි. භූතයන් කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. භූතයන් ආශ්‍රයකොට තමා ඇතැයි නොහඟියි. භූතයන් ‘මාගේ’යයි නොහඟියි. භූතයන්ට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? මෝහය (මුළාව) නැතිකිරීමෙන් වීතමොහවූ බැවිනි.
“දෙවියන් දෙවියන් වයෙන් දනියි. දෙවියන් දෙවියන් වශයෙන් දැන දෙවියන් තමායයි නොහඟියි. දෙවියන් කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. දෙවියන් ආශ්‍රයකොට තමා ඇතැයි නොහඟියි. දෙවියන් ‘මාගේ’යයි නොහඟියි. දෙවියන්ට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? මෝහය (මුළාව) නැතිකිරීමෙන් වීතමොහවූ බැවිනි.
“මාරයා මාරයා වශයෙන් දනියි. මාරයා මාරයා වශයෙන් දැන මාරයා තමායයි නොහඟියි මාරයා කෙරෙහි තමා පිහිටියේ යයි නොහඟියි. මාරයා ආශ්‍රයකොට තමා ඇතැයි නොහඟියි. මාරයා ‘මාගේ’යයි නොහඟියි. මාරයාට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? මෝහය (මුළාව) නැතිකිරීමෙන් වීතමොහවූ බැවිනි.
“බ්‍රහ්මයා බ්‍රහ්මයා වශයෙන් දනියි. බ්‍රහ්මයා බ්‍රහ්මයා වශයෙන් දැන බ්‍රහ්මයා තමායයි නොහඟියි බ්‍රහ්මයා කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. බ්‍රහ්මයා ආශ්‍රයකොට තමා ඇතැයි නොහඟියි. බ්‍රහ්මයා ‘මාගේ’යයි නොහඟියි. බ්‍රහ්මයාට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? මෝහය (මුළාව) නැතිකිරීමෙන් වීතමොහවූ බැවිනි.
“ආභස්සර දෙවියන් ආභස්සර දෙවියන් වශයෙන් දනියි. ආභස්සර දෙවියන් ආභස්සර දෙවියන් වශයෙන් දැන ආභස්සර දෙවියන් තමායයි නොහඟියි. ආභස්සර දෙවියන් කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. ආභස්සර දෙවියන් ආශ්‍රයකොට තමා ඇතැයි නොහඟියි. ආභස්සර දෙවියන් ‘මාගේ’යයි නොහඟියි. ආභස්සර දෙවියන්ට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? මෝහය (මුළාව) නැතිකිරීමෙන් වීතමොහවූ බැවිනි.
“සුභකිණ්හ දෙවියන් සුභකිණ්හ දෙවියන් වශයෙන් දනියි. සුභකිණ්හ දෙවියන් සුභකිණ්හ දෙවියන් වශයෙන් දැන සුභකිණ්හ දෙවියන් තමායයි නොහඟියි. සුභකිණ්හ දෙවියන් කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. සුභකිණ්හ දෙවියන් ආශ්‍රයකොට තමා ඇතැයි නොහඟියි. සුභකිණ්හ දෙවියන් ‘මාගේ’යයි නොහඟියි. සුභකිණ්හ දෙවියන්ට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? මෝහය (මුළාව) නැති කිරීමෙන් වීතමොහවූ බැවිනි.
“වෙහප්ඵල දෙවියන් වෙහප්ඵල දෙවියන් වශයෙන් දනියි වෙහප්ඵල දෙවියන් වෙහප්ඵල දෙවියන් වශයෙන් දැන වෙහප්ඵල දෙවියන් තමායයි නොහඟියි. වෙහප්ඵල දෙවියන් කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. වෙහප්ඵල දෙවියන් ආශ්‍රය කොට තමා ඇතැයි නොහඟියි. වෙහප්ඵල දෙවියන් ‘මාගේ’යයි නොහඟියි. වෙහප්ඵල දෙවියන්ට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? මෝහය (මුළාව) නැති කිරීමෙන් වීතමොහවූ බැවිනි.
“අභිභූ දෙවියන් අභිභූ දෙවියන් වශයෙන් දනියි. අභිභූ දෙවියන් අභිභූ දෙවියන් වශයෙන් දැන අභිභූ දෙවියන් තමායයි නොහඟියි. අභිභූ දෙවියන් කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. අභිභූ දෙවියන් ආශ්‍රයකොට තමා ඇතැයි නොහඟියි. අභිභූ දෙවියන් ‘මාගේ’යයි නොහඟියි. අභිභූ දෙවියන්ට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? මෝහය (මුළාව) නැතිකිරීමෙන් වීතමොහවූ බැවිනි.
“ආකාසානඤ්චායතන දෙවියන් ආකාසානඤ්චායතන දෙවියන් වශයෙන් දනියි. ආකාසානඤ්චායතන දෙවියන් ආකාසානඤ්චායතන දෙවියන් වශයෙන් දැන ආකාසානඤ්චායතන දෙවියන් තමායයි නොහඟියි. ආකාසානඤ්චායතන දෙවියන් කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. ආකාසානඤ්චායතන දෙවියන් ආශ්‍රයකොට තමා ඇතැයි නොහඟියි. ආකාසානඤ්චායතන දෙවියන් මාගේයයි නොහඟියි. ආකාසානඤ්චායතන දෙවියන්ට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? මෝහය (මුළාව) නැති කිරීමෙන් වීතමොහවු බැවිනි.
“විඤ්ඤාණඤ්චායතන දෙවියන් විඤ්ඤාණඤ්චායතන දෙවියන් වශයෙන් දනියි. විඤ්ඤාණඤ්චායතන දෙවියන් විඤ්ඤාණඤ්චායතන දෙවියන් වශයෙන් දැන විඤ්ඤාණඤ්චායතන දෙවියන් තමායයි නොහඟියි. විඤ්ඤාණඤ්චායතන දෙවියන් කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. විඤ්ඤාණඤ්චායතන දෙවියන් ආශ්‍රයකොට තමා ඇතැයි නොහඟියි. විඤ්ඤාණඤ්චායතන දෙවියන් ‘මාගේ’යයි නොහඟියි. විඤ්ඤාණඤ්චායතන දෙවියන්ට සතුටු නොවෙයි ඊට හේතු කවරේද? මෝහය (මුළාව) නැතිකිරීමෙන් වීතමොහවූ බැවිනි.
“ආකිඤ්චඤ්ඤායතන දෙවියන් ආකිඤ්චඤ්ඤායතන දෙවියන් වශයෙන් දනියි. ආකිඤ්චඤ්ඤායතන දෙවියන් ආකිඤ්චඤ්ඤායතන දෙවියන් වශයෙන් දැන ආකිඤ්චඤ්ඤායතන දෙවියන් තමායයි නොහඟියි. ආකිඤ්චඤ්ඤායතන දෙවියන් කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි ආකිඤ්චඤ්ඤායතන දෙවියන් ආශ්‍රයකොට තමා ඇතැයි නොහඟියි. ආකිඤ්චඤ්ඤායතන දෙවියන් ‘මාගේ’යයි නොහඟියි. ආකිඤ්චඤ්ඤායතන දෙවියන්ට සතුටු නොවෙයි ඊට හේතු කවරේද? මෝහය (මුළාව) නැති කිරීමෙන් වීතමොහවූ බැවිනි.
“නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් වශයෙන් දනියි. නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් වශයෙන් දැන නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් තමායයි නොහඟියි. නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් ආශ්‍රයකොට තමා ඇතැයි නොහඟියි. නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් ‘මාගේ’යයි නොහඟියි. නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන්ට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? මෝහය (මුළාව) නැති කිරීමෙන් වීතමොහවූ බැවිනි.
“දිට්ඨය (රූපායතනය) දිට්ඨය වශයෙන් දනියි. දිට්ඨය දිට්ඨය වශයෙන් දැන දිට්ඨය තමායයි නොහඟියි. දිට්ඨය කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. දිට්ඨය ආශ්‍රය කොට තමා ඇතැයි නොහඟියි දිට්ඨය ‘මාගේ’යයි නොහඟියි. දිට්ඨයට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? මෝහය (මුළාය) නැති කිරීමෙන් වීතමොහවූ බැවිනි.
“සුතය (ශබ්දායතනය) සුතය වශයෙන් දනියි. සුතය සුතය වශයෙන් දැන සුතය තමායයි නොහඟියි. සුතය කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. සුතය ආශ්‍රයකොට තමා ඇතැයි නොහඟියි. සුතය ‘මාගේ’යයි නොහඟියි. සුතයට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? මෝහය (මුළාව) නැති කිරීමෙන් වීතමොහවූ බැවිනි.
“මුතය (ගන්ධ රස ස්පර්ශ යන ආයතන තුන) මුතය වශයෙන් දනියි. මුතය මුතය වශයෙන් දැන මුතය තමා වශයෙන් නොහඟියි. මුතය කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. මුතය ආශ්‍රයකොට තමා ඇතැයි නොහඟියි. මුතය ‘මාගේ’යයි නොහඟියි මුතයට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? මෝහය (මුළාව) නැති කිරීමෙන් වීතමොහවූ බැවිනි.
“විඤ්ඤාතය (ධර්මායතනය) විඤ්ඤාතය වශයෙන් දනියි. විඤ්ඤාතය විඤ්ඤාතය වශයෙන් දැන විඤ්ඤාතය තමා යයි නොහඟියි. විඤ්ඤාතය කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. විඤ්ඤාතයෙන් පිටත එය ඇසුරුකොට තමා ඇතැයි නොහඟියි. විඤ්ඤාතය ‘මාගේ’යයි නොහඟියි. විඤ්ඤාතයට සතුටු නොවෙයි, ඊට හේතු කවරේද? මෝහය (මුළාව) නැති කිරීමෙන් වීතමොහවූ බැවිනි.
“එකස්වභාවය ඇති අරූප ධර්ම එකස්වභාවය ඇති අරූප ධර්ම වශයෙන් දනියි. එකස්වභාවය ඇති අරූප ධර්ම එකස්වභාවය ඇති අරූප ධර්ම වශයෙන් දැන එකස්වභාවය ඇති අරූප ධර්ම තමායයි නොහඟියි. එකස්වභාවය ඇති රූප ධර්ම කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. එකස්වභාවය ඇති අරූප ධර්ම ආශ්‍රයකොට තමා ඇතැයි නොහඟියි. එකස්වභාවය ඇති අරූප ධර්ම ‘මගේ’යයි නොහඟියි. එකස්වභාවය ඇති අරූප ධර්මයට සතුටු නොවෙයි ඊට හේතු කවරේද? මෝහය (මුළාව) නැති කිරීමෙන් වීතමොහවූ බැවිනි.
“වෙන් වෙන් ස්වභාවයවූ පඤ්චස්කන්ධය වෙන් වෙන් ස්වභාවයවූ පඤ්චස්කන්ධය වශයෙන් දනියි. වෙන් වෙන් ස්වභාවයවූ පඤ්චස්කන්ධය වෙන් වෙන් ස්වභාවයවූ පඤ්චස්කන්ධය වශයෙන් දැන වෙන් වෙන් ස්වභාවයවූ පඤ්චස්කන්ධය තමායයි නොහඟියි. වෙන් වෙන් ස්වභාවයවූ පඤ්චස්කන්ධය කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. වෙන් වෙන් ස්වභාවයවූ පඤ්චස්කන්ධය ආශ්‍රයකොට තමා ඇතැයි නොහඟියි. වෙන් වෙන් ස්වභාවයවූ පඤ්චස්කන්ධය ‘මගේ’යයි නොහඟියි. වෙන් වෙන් ස්වභාවයවූ පඤ්චස්කන්ධයට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? මෝහය (මුළාව) නැතිකිරීමෙන් වීතමොහවූ බැවිනි.
“සියල්ල සියල්ල වශයෙන් දනියි. සියල්ල සියල්ල වශයෙන් දැන සියල්ල තමායයි නොහඟියි. සියල්ල කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. සියල්ල ආශ්‍රයකොට තමා ඇතැයි නොහඟියි. සියල්ල ‘මගේ’ යයි නොහඟියි. සියල්ලට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? මෝහය (මුළාව) නැති කිරීමෙන් වීතමොහවූ බැවිනි.
“පරමදෘෂ්ටධර්‍ම නිර්වාණය (පඤ්චකාම සැප විඳීම) පරමදෘෂ්ටධර්‍ම නිර්වාණය වශයෙන් දනියි. පරමදෘෂ්ටධර්‍ම නිර්වාණය පරමදෘෂ්ටධර්‍ම නිර්වාණය වශයෙන් දැන පරමදෘෂ්ටධර්‍ම නිර්වාණය තමායයි නොහඟියි. පරමදෘෂ්ටධර්‍ම නිර්වාණය කෙරෙහි තමා පිහිටියේයයි නොහඟියි. පරමදෘෂ්ටධර්‍ම නිර්වාණය ආශ්‍රයකොට තමා ඇතැයි නොහඟියි. පරමදෘෂ්ටධර්‍ම නිර්වාණය ‘මගේ’යයි නොහඟියි. පරමදෘෂ්ටධර්‍ම නිර්වාණයට සතුටු නොවෙයි. ඊට හේතු කවරේද? මෝහය (මුළාව) නැතිකිරීමෙන් වීතමොහවූ බැවිනි.
|
12
‘‘තථාගතොපි, භික්ඛවෙ, අරහං සම්මාසම්බුද්ධො පථවිං පථවිතො අභිජානාති; පථවිං පථවිතො අභිඤ්ඤාය පථවිං න මඤ්ඤති, පථවියා න මඤ්ඤති, පථවිතො න මඤ්ඤති, පථවිං මෙති න මඤ්ඤති, පථවිං නාභිනන්දති
‘‘ආපං...පෙ.... තෙජං... වායං... භූතෙ... දෙවෙ... පජාපතිං... බ්රහ්මං... ආභස්සරෙ... සුභකිණ්හෙ... වෙහප්ඵලෙ... අභිභුං... ආකාසානඤ්චායතනං... විඤ්ඤාණඤ්චායතනං
|
12
“මහණෙනි, කෙලෙසුන් නැසුවාවූ, සියල්ල තමාම හොඳින් අවබෝධකළාවූ තථාගතයන් වහන්සේද සතරවැදෑරුම් පෘථිවිධාතුව පෘථිවිධාතුව වශයෙන් විශේෂ නුවණින් දන්නාහ. පෘථිවිධාතුව පෘථිවිධාතුව වශයෙන් විශේෂ නුවණින් දැන පෘථිවිධාතුව තමායයි (තණ්හා මාන වශයෙන්) නොහඟින්නාහ. පෘථිවිධාතුව ආශ්‍රයකොට තමා පිහිටියේයයි (තණ්හාමාන වශයෙන්) නොහඟින්නාහ. පෘථිවිධාතුවෙන් පිටත තමා ඇතැයි (තණ්හා මාන වශයෙන්) නොහඟින්නාහ. පෘථිවිධාතුව ‘මාගේ’යයි (තණ්හා මාන වශයෙන්) නොහඟින්නාහ. පෘථිවිධාතුවට ආශාවෙන් සතුටු නොවන්නාහ. ඊට හේතු කවරේද? තථාගතයන් වහන්සේගේ යහපත් දැනීමයයි කියමි.
“ආපොධාතුව ආපොධාතුව වශයෙන් විශේෂ නුවණින් දන්නාහ. ආපොධාතුව ආපොධාතුව වශයෙන් විශේෂ නුවණින් දැන ආපොධාතුව තමායයි (තණ්හා මාන වශයෙන්) නොහඟින්නාහ. ආපොධාතුව ආශ්‍රයකොට තමා ඇතැයි (තණ්හා මාන වශයෙන්) නොහඟින්නාහ. ආපොධාතුවෙන් පිටත්හි තමා ඇතැයි (තණ්හා මාන වශයෙන්) නොහඟින්නාහ. ආපොධාතුව ‘මාගේ’යයි (තණ්හා මාන වශයෙන්) නොහඟින්නාහ. ආපොධාතුවට සතුටු නොවන්නාහ. ඊට හේතු කවරේද? තථාගතයන් වහන්සේගේ යහපත් දැනීමයයි කියමි.
“තෙජොධාතුව තෙජොධාතුව වශයෙන් විශේෂ නුවණින් දන්නාහ. තෙජොධාතුව තෙජොධාතුව වශයෙන් විශේෂ නුවණින් දැන තෙජොධාතුව තමායයි (තණ්හා මාන වශයෙන්) නොහඟින්නාහ. තෙජොධාතුව ආශ්‍රය කොට තමා පිහිටියේයයි (තණ්හා මාන වශයෙන්) නොහඟින්නාහ. තෙජොධාතුව මාගේයයි නොහඟින්නාහ. තෙජොධාතුවට සතුට නොවන්නාහ. ඊට හේතුව කවරේද? තථාගතයන් වහන්සේගේ යහපත් දැනීමයයි කියමි.
“වායොධාතුව වායොධාතුව වශයෙන් විශේෂ නුවණින් දන්නාහ. වායොධාතුව වායොධාතුව වශයෙන විශේෂ නුවණින් දැන වායොධාතුව තමා වශයෙන් නොහඟින්නාහ. වායොධාතුව ආශ්‍රයකොට තමා පිහිටියේයයි නොහඟින්නාහ. වායොධාතුවෙන් පිටත්හි තමා ඇතැයි නොහඟින්නාහ. වායොධාතුව ‘මාගේ’යයි නොහඟින්නාහ. වායොධාතුවට සතුටු නොවන්නාහ. ඊට හේතු කවරේද? තථාගතයන් වහන්සේගේ යහපත් දැනීමයයි කියමි.
“භූතයන් භූතයන් වශයෙන් විශේෂ නුවණින් දන්නාහ. භූතයන් භූතයන් වශයෙන් විශේෂ නුවණින් දැන භූතයන් තමා වශයෙන් නොහඟින්නාහ. භූතයන් ආශ්‍රය කොට තමා පිහිටියේයයි නොහඟින්නාහ. භූතයන්ගෙන් වෙන්ව තමා ඇතැයි නොහඟින්නාහ. භූතයන් ‘මාගේ’යයි නොහඟින්නාහ. භූතයන්ට සතුටු නොවන්නාහ. ඊට හේතු කවරේද? තථාගතයන් වහන්සේගේ යහපත් දැනීමයයි කියමි.
“දෙවියන් දෙවියන් වශයෙන් විශේෂ නුවණින් දන්නාහ. දෙවියන් දෙවියන් වශයෙන් විශේෂ නුවණින් දැන දෙවියන් තමා වශයෙන් නොහඟින්නාහ. දෙවියන් ආශ්‍රයකොට තමා පිහිටියේයයි නොහඟින්නාහ. දෙවියන්ගෙන් පිටත්හි තමා ඇතැයි නොහඟින්නාහ. දෙවියන් ‘මාගේ’ යයි නොහඟින්නාහ. දෙවියන්ට සතුටු නොවන්නාහ. ඊට හේතු කවරේද? තථාගතයන් වහන්සේගේ යහපත් දැනීමයයි කියමි.
“මාරයා මාරයා වශයෙන් විශේෂ නුවණින් දන්නාහ. මාරයා මාරයා වශයෙන් විශේෂ නුවණින් දැන මාරයා තමා වශයෙන් නොහඟින්නාහ. මාරයා ආශ්‍රයකොට තමා පිහිටියේයයි නොහඟින්නාහ. මාරයාගෙන් වෙන්ව තමා ඇතැයි නොහඟින්නාහ. මාරයා ‘මාගේ’ යයි නොහඟින්නාහ. මාරයාට සතුටු නොවන්නාහ. ඊට හේතු කවරේද? තථාගතයන් වහන්සේගේ යහපත් දැනීමයයි කියමි.
“බ්‍රහ්මයා බ්‍රහ්මයා වශයෙන් විශේෂ නුවණින් දන්නාහ. බ්‍රහ්මයා බ්‍රහ්මයා වශයෙන් විශේෂ නුවණින් දැන බ්‍රහ්මයා තමා වශයෙන් නොහඟින්නාහ. බ්‍රහ්මයා ආශ්‍රයකොට තමා පිහිටියේයයි නොහඟින්නාහ. බ්‍රහ්මයාගෙන් පිටත්හි තමා ඇතැයි නොහඟින්නාහ. බ්‍රහ්මයා ‘මාගේ’යයි නොහඟින්නාහ. බ්‍රහ්මයාට සතුටු නොවන්නාහ. ඊට හේතු කවරේද? තථාගතයන් වහන්සේගේ යහපත් දැනීමයයි කියමි.
“ආභස්සරදෙවියන් ආභස්සරදෙවියන් වශයෙන් විශේෂ නුවණින් දන්නාහ. ආභස්සරදෙවියන් ආභස්සරදෙවියන් වශයෙන් විශේෂ නුවණින් දැන ආභස්සරදෙවියන් තමා වශයෙන් නොහඟින්නාහ. ආභස්සරදෙවියන් ආශ්‍රයකොට තමා පිහිටියේයයි නොහඟින්නාහ. ආභස්සරදෙවියන්ගෙන් පිටත තමා ඇතැයි නොහඟින්නාහ. ආභස්සරදෙවියන් ‘මාගේ’යයි නොහඟින්නාහ. ආභස්සරදෙවියන්ට සතුටු නොවන්නාහ. ඊට හේතු කවරේද? තථාගතයන් වහන්සේගේ යහපත් දැනීමයයි කියමි.
“සුභකිණ්හ දෙවියන් සුභකිණ්හ දෙවියන් වශයෙන් විශේෂ නුවණින් දන්නාහ. සුභකිණ්හ දෙවියන් සුභකිණ්හ දෙවියන් වශයෙන් විශේෂ නුවණින් දැන සුභකිණ්හ දෙවියන් තමා වශයෙන් නොහඟින්නාහ. සුභකිණ්හ දෙවියන් ආශ්‍රය කොට තමා පිහිටියේයයි නොහඟින්නාහ. සුභකිණ්හ දෙවියන්ගෙන් පිටත තමා ඇතැයි නොහඟින්නාහ. සුභකිණ්හ දෙවියන් ‘මාගේ’යයි නොහඟින්නාහ. සුභකිණ්හ දෙවියන්ට සතුටු නොවන්නාහ. ඊට හේතු කවරේද? තථාගතයන් වහන්සේගේ යහපත් දැනීමයයි කියමි.
“වෙහප්ඵල දෙවියන් වෙහප්ඵල දෙවියන් වශයෙන් විශේෂ නුවණින් දන්නාහ වෙහප්ඵල දෙවියන් වෙහප්ඵල දෙවියන් වශයෙන් විශේෂ නුවණින් දැන වෙහප්ඵල දෙවියන් තමා වශයෙන් නොහඟින්නාහ. වෙහප්ඵල දෙවියන් ආශ්‍රය කොට තමා පිහිටියේයයි නොහඟින්නාහ. වෙහප්ඵල දෙවියන්ගෙන් පිටත තමා ඇතැයි නොහඟින්නාහ. වෙහප්ඵල දෙවියන් ‘මාගේ’යයි නොහඟින්නාහ. වෙහප්ඵල දෙවියන්ට සතුටු නොවන්නාහ. ඊට හේතු කවරේද? තථාගතන් වහන්සේගේ යහපත් දැනීමයයි කියමි.
“අභිභූබ්රහ්මයා අභිභූබ්රහ්මයා වශයෙන් විශේෂ නුවණින් දන්නාහ. අභිභූබ්රහ්මයා අභිභූබ්රහ්මයා වශයෙන් විශේෂ නුවණින් දැන අභිභූබ්රහ්මයා තමා වශයෙන් නොහඟින්නාහ. අභිභූබ්රහ්මයා ආශ්‍රයකොට තමා පිහිටියේයයි නොහඟින්නාහ. අභිභූබ්රහ්මයාගෙන් පිටත තමා ඇතැයි නොහඟින්නාහ. අභිභූබ්රහ්මයා ‘මාගේ’යයි නොහඟින්නාහ. අභිභූබ්රහ්මයාට සතුටු නොවන්නාහ. ඊට හේතු කවරේද? තථාගතයන් වහන්සේගේ යහපත් දැනීමයයි කියමි.
“ආකාසානඤ්චායතන දෙවියන් ආකාසානඤ්චායතන දෙවියන් වශයෙන් විශේෂ නුවණින් දන්නාහ. ආකාසානඤ්චායතන දෙවියන් ආකාසානඤ්චායතන දෙවියන් වශයෙන් විශේෂ නුවණින් දැන ආකාසානඤ්චායතන දෙවියන් තමා වශයෙන් නොහඟින්නාහ. ආකාසානඤ්චායතන දෙවියන් ආශ්‍රයකොට තමා ඇතැයි නොහඟින්නාහ. ආකාසානඤ්චායතන දෙවියන්ගෙන් පිටත තමා ඇතැයි නොහඟින්නාහ. ආකාසානඤ්චායතන දෙවියන් ‘මාගේ’යයි නොහඟින්නාහ. ආකාසානඤ්චායතන දෙවියන්ට සතුටු නොවන්නාහ. ඊට හේතු කවරේද? තථාගතයන් වහන්සේගේ යහපත් දැනීමයයි කියමි.
“විඤ්ඤාණඤ්චායතන දෙවියන් විඤ්ඤාණඤ්චායතන දෙවියන් වශයෙන් විශේෂ නුවණින් දන්නාහ. විඤ්ඤාණඤ්චායතන දෙවියන් විඤ්ඤාණඤ්චායතන දෙවියන් වශයෙන් විශේෂ නුවණින් දැන විඤ්ඤාණඤ්චායතන දෙවියන් තමා වශයෙන් නොහඟින්නාහ. විඤ්ඤාණඤ්චායතන දෙවියන් ආශ්‍රය කොට තමා පිහිටියේයයි නොහඟින්නාහ විඤ්ඤාණඤ්චායතන දෙවියන්ගෙන් පිටත තමා ඇතැයි නොහඟින්නාහ. විඤ්ඤාණඤ්චායතන දෙවියන් මාගේයයි නොහඟින්නාහ. විඤ්ඤාණඤ්චායතන දෙවියන් සතුටු නොවන්නාහ. ඊට හේතු කවරේද? තථාගතයන් වහන්සේගේ යහපත් දැනීමයයි කියමි.
“ආකිඤ්චඤ්ඤායතන දෙවියන් ආකිඤ්චඤ්ඤායතන දෙවියන් වශයෙන් විශේෂ නුවණින් දන්නාහ. ආකිඤ්චඤ්ඤායතන දෙවියන් ආකිඤ්චඤ්ඤායතන දෙවියන් වශයෙන් විශේෂ නුවණින් දැන ආකිඤ්චඤ්ඤායතන දෙවියන් තමා වශයෙන් නොහඟින්නාහ. ආකිඤ්චඤ්ඤායතන දෙවියන් ආශ්‍රය කොට තමා පිහිටියේයයි නොහඟින්නාහ. ආකිඤ්චඤ්ඤායතන දෙවියන්ගෙන් පිටත තමා ඇතැයි නොහඟින්නාහ. ආකිඤ්චඤ්ඤායතන දෙවියන් ‘මාගේ’යයි නොහඟින්නාහ. ආකිඤ්චඤ්ඤායතන දෙවියන්ට සතුටු නොවන්නාහ. ඊට හේතු කවරේද? තථාගතයන් වහන්සේගේ යහපත් දැනීමයයි කියමි.
“නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් වශයෙන් විශේෂ නුවණින් දන්නාහ. නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් වශයෙන් විශේෂ නුවණින් දැන නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් තමා වශයෙන් නොහඟින්නාහ. නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් ආශ්‍රයකොට තමා පිහිටියේයයි නොහඟින්නාහ. නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන්ගෙන් පිටත තමා ඇතැයි නොහඟින්නාහ. නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් ‘මාගේ’යයි නොහඟින්නාහ. ඊට හේතු කවරේද? තථාගතයන් වහන්සේගේ යහපත් දැනීමයයි කියමි.
“දිට්ඨය (රූපායතනය) දිට්ඨය වශයෙන් විශේෂ නුවණින් දන්නාහ. දිට්ඨය දිට්ඨය වශයෙන් විශේෂ නුවණින් දැන දිට්ඨය තමා වශයෙන් නොහඟින්නාහ. දිට්ඨය ආශ්‍රය කොට තමා පිහිටියේයයි නොහඟින්නාහ. දිට්ඨයෙන් පිටත්හි තමා ඇතැයි නොහඟින්නාහ. දිට්ඨය ‘මගේ’යයි නොහඟින්නාහ. දිට්ඨයට සතුටු නොවන්නාහ. ඊට හේතු කවරේද? තථාගතයන් වහන්සේගේ යහපත් දැනීමයයි කියමි.
“සුතය (ශබ්දායතනය) සුතය වශයෙන් විශේෂ නුවණින් දන්නාහ. සුතය සුතය වශයෙන් විශේෂ නුවණින් දැන සුතය තමා වශයෙන් නොහඟින්නාහ. සුතය ආශ්‍රයකොට තමා පිහිටියේයයි නොහඟින්නාහ. සුතයෙන් පිටත සුතය ඇසුරු කොට තමා ඇතැයි නොහඟින්නාහ. සුතය ‘මාගේ’ යයි නොහඟින්නාහ. සුතයට සතුටු නොවන්නාහ. ඊට හේතු කවරේද? තථාගතයන් වහන්සේගේ යහපත් දැනීමයයි කියමි.
“මුතය (ගන්ධ රස ස්පර්ශ යන තුන) මුතය වශයෙන් විශේෂ නුවණින් දන්නාහ. මුතය, මුතය වශයෙන් දැන මුතය තමා වශයෙන් නොහඟින්නාහ. මුතය කෙරෙහි තමා පිහිටියේයයි නොහඟින්නාහ. මුතයෙන් පිටත මුතය ඇසුරුකොට තමා ඇතැයි නොහඟින්නාහ. මුතය ‘මාගේ’යයි නොහඟින්නාහ. මුතයට සතුටු නොවන්නාහ. ඊට හේතු කවරේද? තථාගතයන් වහන්සේගේ යහපත් දැනීමයයි කියමි.
“විඤ්ඤාතය (ධර්මායතනය) විඤ්ඤාතය වශයෙන් විශේෂ නුවණින් දන්නාහ. විඤ්ඤාතය විඤ්ඤාතය වශයෙන් විශේෂ නුවණින් දැන විඤ්ඤාතය තමා වශයෙන් නොහඟින්නාහ. විඤ්ඤාතය ආශ්‍රයකොට තමා පිහිටියේයයි නොහඟින්නාහ. විඤ්ඤාතයෙන් පිටත එය ඇසුරුකොට තමා ඇතැයි නොහඟින්නාහ. විඤ්ඤාතය ‘මාගේ’යයි නොහඟින්නාහ. විඤ්ඤාතයට සතුටු නොවන්නාහ. ඊට හේතු කවරේද? තථාගතයන් වහන්සේගේ යහපත් දැනීමයයි කියමි.
“එක ස්වභාවයවූ අරූපය එක ස්වභාවයවූ අරූපය වශයෙන් විශේෂ නුවණින් දන්නාහ. එක ස්වභාවයවූ අරූපය එක ස්වභාවයවූ අරූපය වශයෙන් විශේෂ නුවණින් දැන එක ස්වභාවයවූ අරූපය තමා වශයෙන් නොහඟින්නාහ. එක ස්වභාවයවූ අරූපය ආශ්‍රයකොට තමා පිහිටියේයයි නොහඟින්නාහ. එක ස්වභාවයවූ අරූපයෙන් පිටත එය ඇසුරුකොට තමා ඇතැයි නොහඟින්නාහ. එක ස්වභාවයවූ අරූපය ‘මාගේ’ යයි නොහඟින්නාහ. එක ස්වභාවයවූ අරූපයට සතුටු නොවන්නාහ. ඊට හේතු කවරේද? තථාගතයන් වහන්සේගේ යහපත් දැනීමයයි කියමි.
“සමාන ස්වභාව ඇත්තාවූ අරූපස්කන්ධය (නාම ධර්ම සමූහය) සමාන ස්වභාව ඇත්තාවූ අරූපස්කන්ධය වශයෙන් විශේෂ නුවණින් දන්නාහ. සමාන ස්වභාවවූ අරූපස්කන්ධය සමාන ස්වභාවවූ අරූපස්කන්ධය වශයෙන් දැන සමාන ස්වභාවවූ අරූපස්කන්ධය තමා වශයෙන් නොහඟින්නාහ. සමාන ස්වභාවවූ අරූපස්කන්ධය කෙරෙහි තමා පිහිටියේයයි නොහඟින්නාහ. සමාන ස්වභාවවූ අරූපස්කන්ධයෙන් පිටත එය ඇසුරුකොට තමා ඇතැයි නොහඟින්නාහ. සමාන ස්වභාවවූ අරූපස්කන්ධය ‘මාගේ’යයි නොහඟින්නාහ. සමාන ස්වභාවවූ අරූපස්කන්ධය තමා වශයෙන් සිතා සතුටු නොවන්නාහ. ඊට හේතු කවරේද? තථාගතයන් වහන්සේගේ යහපත් දැනීමයයි කියමි.
“වෙන් වෙන් ස්වභාවවූ පංචස්කන්ධය වෙන් වෙන් ස්වභාවවූ පංචස්කන්ධය වශයෙන් විශේෂ නුවණින් දන්නාහ. වෙන් වෙන් ස්වභාවවූ පංචස්කන්ධය වෙන් වෙන් ස්වභාවවූ පංචස්කන්ධය වශයෙන් ඇඳින වෙන් වෙන් ස්වභාවවූ පංචස්කන්ධය තමා වශයෙන් නොහඟින්නාහ. වෙන් වෙන් ස්වභාවවූ පංචස්කන්ධය කෙරෙහි තමා පිහිටියේයයි නොහඟින්නාහ. වෙන් වෙන් ස්වභාවවූ පඤ්චස්කන්ධයෙන් පිටත එය ඇසුරුකොට තමා ඇතැයි නොහඟින්නාහ. වෙන් වෙන් ස්වභාවවූ පංචස්කන්ධය ‘මාගේ’ යයි නොහඟින්නාහ. වෙන් වෙන් ස්වභාවවූ පංචස්කන්ධය තමා වශයෙන් සිතා සතුටු නොවන්නාහ. ඊට හේතු කවරේද? තථාගතයන් වහන්සේගේ යහපත් දැනීමයයි කියමි.
“(රූපාරූප ධර්ම) සියල්ල සියල්ල වශයෙන් විශේෂ නුවණින් දන්නාහ. සියල්ල සියල්ල වශයෙන් හැඳින, සියල්ල තමා වශයෙන් නොහඟින්නාහ. සියල්ල කෙරෙහි තමා පිහිටියේයයි නොහඟින්නාහ. සියල්ලෙන් පිටත සියල්ල ඇසුරු කොට තමා ඇතැයි නොහඟින්නාහ. සියල්ල ‘මාගේ’යයි නොහඟින්නාහ, සියල්ල තමා වශයෙන් සිතා සතුටු නොවන්නාහ. ඊට හේතු කවරේද? තථාගතයන් වහන්සේගේ යහපත් දැනීමයයි කියමි.
“නිර්වාණය (ඇතැම් දෘෂ්ටිකයන් නිවනයයි කියන තමා පඤ්චකාමයෙන් යුක්ත කිරීම)නිර්වාණය වශයෙන් විශේෂ නුවණින් දන්නාහ. නිර්වාණය නිර්වාණය වශයෙන් ඇඳින නිර්වාණය තමා වශයෙන් නොහඟින්නාහ. නිර්වාණය කෙරෙහි තමා පිහිටියේයයි නොහඟින්නාහ. නිර්වාණයෙන් පිටත එය ඇසුරු කොට තමා ඇතැයි නොහඟින්නාහ. නිර්වාණය ‘මගේ’ යයි නොහඟින්නාහ. නිර්වාණය තමා වශයෙන් සිතා සතුටු නොවන්නාහ. ඊට හේතු කවරේද? තථාගතයන් වහන්සේගේ යහපත් දැනීමයයි කියමි.
|
13
‘‘තථාගතොපි
‘‘ආපං
|
13
“මහණෙනි, කෙලෙසුන් නැසුවාවූ සියල්ල තමාම හොඳින් අවබෝධකළාවූ තථාගතයන් වහන්සේද පඨවිධාතුව පඨවිධාතුව වශයෙන් විශේෂ නුවණින් දන්නාහ. පඨවිධාතුව පඨවිධාතුව වශයෙන් විශේෂ නුවණින් දැන පඨවිධාතුව තමා වශයෙන් නොහඟින්නාහ. පඨවිධාතුව කෙරෙහි තමා පිහිටියේයයි නොහඟින්නාහ. පඨවිධාතුව ආශ්‍රයකොට තමා ඇතැයි නොහඟින්නාහ. පඨවිධාතුව ‘මාගේ’යයි නොහඟින්නාහ. පඨවිධාතුවට සතුටු නොවන්නාහ. ඊට හේතු කවරේද? තණ්හාව දුකට මුල් කාරණයයි දැන කර්මභවය හේතුකොටගෙන උත්පත්තිය වේයයිද උපන් සත්වයාහට ජරාව (මහලුවීම) මරණය වේයයි මෙසේ දැනගත්සේක්ද, මහණෙනි, තථාගතයන් වහන්සේ සියලු ආකාරයෙන් තණ්හාව නැතිකිරීමෙන්, ආලය හැරීමෙන්, නිරුද්ධකිරීමෙන්, අත්හැරීමෙන්, දුරලීමෙන්, උතුම්වූ සම්‍යක් සම්බොධිය අවබෝධකළසේක්ද, එහෙයින්යයි කියමි.
“ආපොධාතුව ආපොධාතුව වශයෙන් විශේෂ නුවණින් දන්නාහ. ආපොධාතුව ආපොධාතුව වශයෙන් දැන ආපොධාතුව තමායයි නොහඟින්නාහ. ආපොධාතුව කෙරෙහි තමා පිහිටියේයයි නොහඟින්නාහ. ආපොධාතුව ආශ්‍රයකොට තමා ඇතැයි නොහඟින්නාහ. ආපොධාතුව ඇසුරු කොට ඉන් පිටත තමා ඇතැයි නොහඟින්නාහ. ආපොධාතුව ‘මාගේ’යයි නොහඟින්නාහ. ආපොධාතුවට සතුටු නොවන්නාහ. ඊට හේතු කවරේද? තණ්හාව දුකට මුල්කාරණයයි දැන කර්මභවය හේතුකොටගෙන උත්පත්තිය වේයයිද උපන් සත්වයාහට ජරාව (මහලුවීම) මරණය වේයයි මෙසේ දැනගත්සේක්ද, මහණෙනි, තථාගතයන් වහන්සේ සියලු ආකාරයෙන් තණ්හාව නැති කිරීමෙන්, ආලය හැරීමෙන්, නිරුද්ධ කිරීමෙන්, අත්හැරීමෙන් දුරලීමෙන්, උතුම්වූ සම්‍යක් සම්බොධිය අවබෝධ කළසේක්ද, එහෙයින් යයි කියමි.
“තෙජොධාතුව, තෙජොධාතුව වශයෙන් විශේෂ නුවණින් දන්නාහ. තෙජොධාතුව තෙජොධාතුව වශයෙන් දැන තෙජොධාතුව තමායයි නොහඟින්නාහ. තෙජොධාතුව කෙරෙහි තමා පිහිටියේයයි නොහඟින්නාහ. තෙජොධාතුව ආශ්‍රයකොට තමා ඇතැයි නොහඟින්නාහ. තෙජොධාතුව ඇසුරු කොට ඉන් පිටත තමා ඇතැයි නොහඟින්නාහ. තෙජොධාතුව ‘මගේ’යයි නොහඟින්නාහ. තෙජො ධාතුවට සතුටු නොවන්නාහ. ඊට හේතු කවරේද? තණ්හාව දුකට මුල් කාරණයයි දැන කර්මභවය හේතුකොටගෙන උත්පත්තිය වේයිද උපන් සත්වයාහට ජරාව (මහලුවීම) මරණය වේයයි මෙසේදැනගත් සේක්ද, මහණෙනි, තථාගතයන් වහන්සේ සියලු ආකාරයෙන් තණ්හාව නැතිකිරීමෙන්, ආලය හැරීමෙන්, නිරුද්ධකිරීමෙන්, අත්හැරීමෙන්, දුරලීමෙන් උතුම්වූ සම්‍යක් සම්බොධය අවබෝධ කළසේක්ද එහෙයින්යයි කියමි.
“වායොධාතුව, වායොධාතුව වශයෙන් විශේෂ නුවණින් දන්නාහ. වායොධාතුව වායොධාතුව වශයෙන් දැන වායොධාතුව තමා යයි නොහඟින්නාහ වායොධාතුව කෙරෙහි තමා පිහිටියේයයි නොහඟින්නාහ. වායොධාතුව ආශ්‍රයකොට තමා ඇතැයි නොහඟින්නාහ. වායොධාතුව ආශ්‍රයකොට ඉන්පිටත තමා ඇතැයි නොහඟින්නාහ. වායොධාතුව ‘මාගේ’ යයි නොහඟින්නාහ. වායොධාතුවට සතුටු නොවන්නාහ. ඊට හේතු කවරේද? තණ්හාව දුකට මුල් කාරණයයි දැන කර්මභවය හේතුකොටගෙන උත්පත්තිය වේයයිද උපන් සත්වයාහට ජරාව (මහලුවීම) මරණයවේයයි මෙසේ දැනගත්සේක්ද, මහණෙනි, තථාගතයන් වහන්සේ සියලු ආකාරයෙන් තණ්හාව නැති කිරීමෙන් ආලය හැරීමෙන්, නිරුද්ධ කිරීමෙන්, අත්හැරීමෙන්, දුරලීමෙන්, උතුම්වූ සම්යක්සම්බොධිය අවබෝධ කළසේක්ද එහෙයින්යයි කියමි.
“භූතයන් (චාතුර්මහාරාජික දෙව් ලොවින් පහත සත්වයන්) භූතයන් වශයෙන් විශේෂ නුවණින් දන්නාහ. භූතයන් භූතයන් වශයෙන් ඇඳින භූතයන් තමායයි නොහඟින්නාහ. භූතයන් තුළ තමා ඇතැයි නොහඟින්නාහ. භූතයන් ගෙන් පිටත තමා ඇතැයි නොහඟින්නාහ. භූතයන් ‘මාගේ’යයි නොහඟින්නාහ. භූතයන්ට ආශාවෙන් සතුටු නොවන්නාහ. ඊට හේතු කවරේද? තණ්හාව දුකට මුල් කාරණයයි. දැන කර්ම භවය හේතු කොටගෙන උත්පත්තිය වේයයිද උපන් සත්වයාහට ජරාව (මහලුවීම) මරණය වේයයි මෙසේ දැනගත් සේක්ද මහණෙනි, තථාගතයන් වහන්සේ සියලු ආකාරයෙන් තණ්හාව නැති කිරීනේ ආලය හැරීමෙන්, නිරුද්ධ කිරීමෙන්, අත්හැරීමෙන්, දුරලීමෙන් උතුම්වූ සම්‍යක් සම්බොධිය අවබෝධ කළ සේක්ද, එහෙයින් යයි කියමි.
“දෙවියන් (මාරදෙවිලොවින් පහත දෙවියන්) දෙවියන් වශයෙන් විශේෂ නුවණින් දන්නාහ. දෙවියන්, දෙවියන් වශයෙන් ඇඳින, දෙවියන් තමායයි නොහඟින්නාහ. දෙවියන් තමා තුළ ඇතැයි නොහඟින්නාහ. දෙවියන් කෙරෙන් පිටත දෙවියන් ඇසුරුකොට තමා ඇතැයි නොහඟින්නාහ. දෙවියන් ‘මගේ’යයි නොහඟින්නාහ. දෙවියන් ගැන සතුටු නොවන්නාහ. ඊට හේතු කවරේද? තණ්හාව දුකට මුල් කාරණයයි දැන කර්ම භවය හේතුකොට ගෙන උත්පත්තිය වේයයිද උපන් සත්වයාහට ජරාව (මහලුවීම) මරණ වේයයි මෙසේ දැනගත් සේක්ද, මහණෙනි, තථාගතයන් වහන්සේ සියලු ආකාරයෙන් තණ්හාව නැති කිරීමෙන්, ආලය හැරීමෙන්, නිරුද්ධ කිරීමෙන්, අත්හැරීමෙන්, දුරලීමෙන්, උතුම්වූ සම්‍යක් සම්බොධිය අවබෝධ කළ සේක්ද, එහෙයින් යයි කියමි.
“මාරයා මාරයා වශයෙන් විශේෂ නුවණින් දන්නාහ. මාරයා මාරයා වශයෙන් ඇඳින මාරයා තමායයි නොහඟින්නාහ. මාරයා කෙරෙහි තමා ඇතැයි නොහඟින්නාහ. මාරයාගෙන් පිටත තමා ඇතැයි නොහඟින්නාහ. මාරයා ‘මගේ’යයි නොහඟින්නාහ. මාරයාට ආශාවෙන් සතුටු නොවන්නාහ. ඊට හේතු කවරේද? තණ්හාව දුකට මුල් කාරණයයි දැන කර්ම භවය හේතුකොටගෙන උත්පත්තිය වේයයිද උපන් සත්වයාහට ජරාව (මහලුවීම) මරණය වේයයි මෙසේ දැනගත් සේක්ද, මහණෙනි, තථාගතයන් වහන්සේ සියලු ආකාරයෙන් තණ්හාව නැති කිරීමෙන් ආලය හැරීමෙන්, නිරුද්ධ කිරීමෙන්, අත්හැරීමෙන්, දුරලීමෙන්, උතුම්වූ සම්‍යක් සම්බොධිය අවබෝධ කළසේක්ද එහෙයින්යයි කියමි.
“බ්‍රහ්මයා (ප්රථමධ්යානතලයෙහි බ්‍රහ්මයන්) බ්‍රහ්මයා වශයෙන් විශේෂ නුවණින් දන්නාහ. බ්‍රහ්මයා බ්‍රහ්මයා වශයෙන් හැඳින බ්‍රහ්මයා තමා වශයෙන් නොහඟින්නාහ. බ්‍රහ්මයා කෙරෙහි තමා පිහිටියේයයි නොහඟින්නාහ. බ්‍රහ්මයාගෙන් පිටත බ්‍රහ්මයා ඇසුරුකොට තමා ඇත්තේයයි නොහඟින්නාහ බ්‍රහ්මයා ‘මගේ’යයි නොහඟින්නාහ. බ්‍රහ්මයාට ආශාවෙන් සතුටු නොවන්නාහ ඊට හේතු කවරේද? තණ්හාව දුකට මුල් කාරණයයි දැන කර්මභවය හේතුකොට ගෙන උත්පත්තිය වේයයිද උපන් සත්වයාහට ජරාව (මහලුවීම) මරණය වේයයි මෙසේ දැනගත්සේක්ද, මහණෙනි, තථාගතයන් වහන්සේ සියලු ආකාරයෙන් තණ්හාව නැති කිරීමෙන්, ආලය හැරීමෙන්, නිරුද්ධකිරීමෙන්, අත්හැරීමෙන්, දුරලීමෙන්, උතුම්වූ සම්‍යක් සම්බොධිය අවබෝධ කළසේක්ද එහෙයින්යයි කියමි.
“ආභස්සර දෙවියන් (ද්විතීයධ්‍යාන තල වැසි බ්‍රහ්මයන්) ආභස්සර දෙවියන් වශයෙන් විශේෂ නුවණින් දන්නාහ. ආභස්සර දෙවියන් ආභස්සර දෙවියන් වශයෙන් හැඳින ආභස්සර දෙවියන් තමා වශයෙන් නොහඟින්නාහ. ආභස්සර දෙවියන් කෙරෙහි තමා පිහිටියේයයි නොහඟින්නාහ. ආභස්සර දෙවියන්ගෙන් පිටත ඔවුන් ඇසුරුකොට තමා ඇතැයි නොහඟින්නාහ. ආභස්සර දෙවියන් ‘මාගේ’යයි නොහඟින්නාහ. ආභස්සර දෙවියන් ගැන ආශාවෙන් සතුටු නොවන්නාහ. ඊට හේතු කවරේද? තණ්හාව දුකට මුල් කාරණයයි දැන කර්ම භවය හේතුකොටගෙන උත්පත්තිය වේයයිද උපන් සත්වයාහට ජරාව (මහලුවීම) මරණය වේයයි මෙසේ දැනගත්සේක්ද, මහණෙනි, තථාගතයන් වහන්සේ සියලු ආකාරයෙන් තණ්හාව නැතිකිරීමෙන්, ආලය හැරීමෙන්, නිරුද්ධකිරීමෙන්, අත්හැරීමෙන්, දුරලීමෙන්, උතුම්වූ සම්‍යක් සම්බොධිය අවබෝධ කළ සේක්ද, එහෙයින්යයි කියමි.
“සුභකිණ්හදෙවියන්, (තෘතීයධ්යානතල වැසි බ්‍රහ්මයන්) සුභකිණ්හ දෙවියන් වශයෙන් විශේෂ නුවණින් දන්නාහ. සුභකිණ්හ දෙවියන්, සුභකිණ්හ දෙවියන් වශයෙන් හැඳින සුභකිණ්හ දෙවියන් තමා වශයෙන් නොහඟින්නාහ. සුභකිණ්හ දෙවියන් කෙරෙහි තමා පිහිටියේයයි නොහඟින්නාහ. සුභකිණ්හ දෙවියන්ගෙන් පිටත ඔවුන් ඇසුරුකොට තමා ඇතැයි නොහඟින්නාහ. සුභකිණ්හ දෙවියන් ‘මගේ’යයි නොහඟින්නාහ. සුභකිණ්හ දෙවියන්ට ආශාවෙන් සතුටු නොවන්නාහ. ඊට හේතු කවරේද? තණ්හාව දුකට මුල් කාරණයයි දැන කර්මභවය හේතුකොටගෙන උත්පත්තිය වේයයිද උපන් සත්වයාහට ජරාව (මහලුවීම) මරණය වේයයි මෙසේ දැනගත්සේක්ද, මහණෙනි, තථාගතයන් වහන්සේ සියලු ආකාරයෙන් තණ්හාව නැතිකිරීමෙන්, ආලය හැරීමෙන්, නිරුද්ධකිරීමෙන්, අත්හැරීමෙන්, දුරලීමෙන්, උතුම්වූ සම්‍යක් සම්බොධිය අවබෝධකළ සේක්ද, එහෙයින් යයි කියමි.
“වෙහප්ඵල නම්වූ දෙවියන් (චතුර්ථධ්යාන තල වැසි බ්‍රහ්මයන්) වෙහප්ඵල දෙවියන් වශයෙන් විශේෂ නුවණින් දන්නාහ. වෙහප්ඵල දෙවියන් වෙහප්ඵල දෙවියන් වශයෙන් හැඳින වෙහප්ඵල දෙවියන් තමායයි නොහඟින්නාහ. වෙහප්ඵල දෙවියන් කෙරෙහි තමා ඇතැයි නොහඟින්නාහ. වෙහප්ඵල දෙවියන් කෙරෙන් පිටත ඔවුන් ඇසුරුකොට තමා ඇතැයි නොහඟින්නාහ. වෙහප්ඵල දෙවියන් ‘මගේ’යයි නොහඟින්නාහ. වෙහප්ඵල දෙවියන්ට ආශාවෙන් සතුටු නොවන්නාහ. ඊට හේතු කවරේද? තණ්හාව දුකට මුල් කාරණයයි දැන කර්මභවය හේතුකොටගෙන උත්පත්තිය වේයයිද උපන් සත්වයාහට ජරාව (මහලුවීම) මරණය වේයයි මෙසේ දැනගත්සේක්ද, මහණෙනි, තථාගතයන් වහන්සේ සියලු ආකාරයෙන් තණ්හාව නැතිකිරීමෙන්, ආලය හැරීමෙන්, නිරුද්ධකිරීමෙන්, අත්හැරීමෙන් දුරලීමෙන්, උතුම්වූ සම්‍යක් සම්බොධිය අවබෝධ කළසේක්ද, එහෙයින්යයි කියමි.
“අභිභූ නම් (අසංඥතල වැසි) බ්‍රහ්මයා, (අසංඥතල වැසි) බ්‍රහ්මයා වශයෙන් විශේෂ නුවණින් දන්නාහ. අභිභූ බ්‍රහ්මයා, අභිභූ බ්‍රහ්මයා වශයෙන් හැඳින, අභිභූ බ්‍රහ්මයා තමායයි නොහඟින්නාහ. අභිභූ බ්‍රහ්මයා කෙරෙහි තමා ඇතැයි නොහඟින්නාහ. අභිභූ බ්‍රහ්මයාගෙන් පිටත ඔහු ඇසුරු කොට තමා ඇතැයි නොහඟින්නාහ. අභිභූ බ්‍රහ්මයා ‘මගේ’ යයි නොහඟින්නාහ. අභිභූ බ්‍රහ්මයාට ආශාවෙන් සතුටු නොවන්නාහ. ඊට හේතු කවරේද? තණ්හාව දුකට මුල් කාරණයයි දැන කර්මභවය හේතුකොටගෙන උත්පත්තිය වේයයිද උපන් සත්වයාහට ජරාව (මහලුවීම) මරණය වේයයි මෙසේ දැනගත්සේක්ද, මහණෙනි, තථාගතයන් වහන්සේ සියලු ආකාරයෙන් තණ්හාව නැතිකිරීමෙන්, ආලය හැරීමෙන්, නිරුද්ධකිරීමෙන් අත්හැරීමෙන්, දුරලීමෙන්, උතුම්වූ සම්‍යක් සම්බොධිය අවබෝධ කළසේක්ද, එහෙයින්යයි කියමි.
“ආකාසානඤ්චායතනතල වැසි දෙවියන් ආකාසානඤ්චායතනතල වැසි දෙවියන් වශයෙන් විශේෂ නුවණින් දන්නාහ. ආකාසානඤ්චායතන දෙවියන් ආකාසානඤ්චායතන දෙවියන් වශයෙන් හැඳින, ආකාසානඤ්චායතන දෙවියන් තමායයි නොහඟින්නාහ. ආකාසානඤ්චායතන දෙවියන් කෙරෙහි තමා ඇතැයි නොහඟින්නාහ. ආකාසානඤ්චායතන දෙවියන් කෙරෙන් පිටත්හි ඔවුන් අසුරු කොට තමා ඇතැයි නොහඟින්නාහ. ආකාසානඤ්චායතන දෙවියන් ‘මගේ’ යයි නොහඟින්නාහ. ආකාසානඤ්චායතන දෙවියන්ට ආශාවෙන් සතුටු නොවන්නාහ. ඊට හේතු කවරේද? තණ්හාව දුකට මුල් කාරණයයි දැන කර්මභවය හේතුකොටගෙන උත්පත්තිය වේයයිද උපන් සත්වයාහට ජරාව (මහලුවීම) මරණය වේයයි මෙසේ දැනගත්සේක්ද, මහණෙනි, තථාගතයන් වහන්සේ සියලු ආකාරයෙන් තණ්හාව නැතිකිරීමෙන්, ආලය හැරීමෙන්, නිරුද්ධකිරීමෙන්, අත්හැරීමෙන්, දුරලීමෙන්, උතුම්වූ සම්‍යක් සම්බොධය අවබෝධ කළසේක්ද, එහෙයින්යයි කියමි.
“විඤ්ඤාණඤ්චායතන දෙවියන් විඤ්ඤාණඤ්චායතන දෙවියන් වශයෙන් විශේෂ නුවණින් දන්නාහ. විඤ්ඤාණඤ්චායතන දෙවියන් විඤ්ඤාණඤ්චායතන දෙවියන් වශයෙන් හැඳින විඤ්ඤාණඤ්චායතන දෙවියන් තමායයි නොහඟින්නාහ. විඤ්ඤාණඤ්චායතන දෙවියන් කෙරෙහි තමා ඇතැයි නොහඟින්නාහ. විඤ්ඤාණඤ්චායතන දෙවියන් කෙරෙන් පිටත ඔවුන් ඇසුරුකොට තමා ඇතැයි නොහඟින්නාහ. විඤ්ඤාණඤ්චායතන දෙවියන් ‘මගේ’ යයි නොහඟින්නාහ විඤ්ඤාණඤ්චායතන දෙවියන්ට සතුටු නොවන්නාහ. ඊට හේතු කවරේද? තණ්හාව දුකට මුල්කාරණයයි දැන කර්මභවය හේතුකොටගෙන උත්පත්තිය වේයයිද උපන් සත්වයාහට ජරාව (මහලුවීම) මරණය වේයයි මෙසේ දැනගත්සේක්ද මහණෙනි, තථාගතයන් වහන්සේ සියලු ආකාරයෙන් තණ්හාව නැතිකිරීමෙන්, ආලය හැරීමෙන්, නිරුද්ධකිරීමෙන්, අත්හැරීමෙන්, දුරලීමෙන්, උතුම්වූ සම්‍යක් සම්බොධිය අවබෝධ කළසේක්ද, එහෙයින්යයි කියමි.
“ආකිඤ්චඤ්ඤායතන දෙවියන් ආකිඤ්චඤ්ඤායතන දෙවියන් වශයෙන් විශේෂ නුවණින් දන්නාහ. ආකිඤ්චඤ්ඤායතන දෙවියන් ආකිඤ්චඤ්ඤායතන දෙවියන් වශයෙන් හැඳින, ආකිඤ්චඤ්ඤායතන දෙවියන් තමායයි නොහඟින්නාහ. ආකිඤ්චඤ්ඤායතන දෙවියන් කෙරෙහි තමා ඇතැයි නොහඟින්නාහ. ආකිඤ්චඤ්ඤායතන දෙවියන් කෙරෙන් පිටත ඔවුන් ඇසුරුකොට තමා ඇතැයි නොහඟින්නාහ. ආකිඤ්චඤ්ඤායතන දෙවියන් ‘මාගේ’ යයි නොහඟීන්නාහ ආකිඤ්චඤ්ඤායතන දෙවියන්ට සතුටු නොවන්නාහ. ඊට හේතු කවරේද? තණ්හාව දුකට මුල් කාරණයයි දැන කර්මභවය හේතුකොටගෙන උත්පත්තිය වේයයිද උපන් සත්වයාහට ජරාව (මහලුවීම) මරණය වේයයි මෙසේ දැනගත්සේක්ද, මහණෙනි, තථාගතයන් වහන්සේ සියලු ආකාරයෙන් තණ්හාව නැතිකිරීමෙන්, ආලය හැරීමෙන්, නිරුද්ධකිරීමෙන්, අත්හැරීමෙන්, දුරලීමෙන් උතුම්වූ සම්‍යක් සම්බොධිය අවබෝධ කළ සේක්ද, එහෙයින්යයි කියමි.
“නෙවසංඥානාසංඥායතන දෙවියන් නෙවසංඥානාසංඥානයතන දෙවියන් වශයෙන් විශේෂ නුවණින් දන්නාහ. නෙවසංඥානාසංඥායතන දෙවියන් නෙවසංඥානාසංඥායතන දෙවියන් වශයෙන් හැඳින, නෙවසංඥානාසංඥායතන දෙවියන් තමායයි නොහඟින්නාහ. නෙවසංඥානාසංඥායතන දෙවියන් කෙරෙහි තමා ඇතැයි නොහඟින්නාහ. නෙවසංඥානාසංඥායතන දෙවියන් කෙරෙන් පිටත ඔවුන් ඇසුරුකොට තමා ඇතැයි නොහඟින්නාහ. නෙවසංඥානාසංඥායතන දෙවියන් ‘මාගේ’ යයි නොහඟින්නාහ. නෙවසංඥානාසංඥායතන දෙවියන්ට සතුටු නොවන්නාහ. ඊට හේතු කවරේද? තණ්හාව දුකට මුල් කාරණයයි දැන කර්මභවය හේතුකොටගෙන උත්පත්තිය වේයයිද උපන් සත්වයාහට ජරාව (මහලුවීම) මරණය වේයයි මෙසේ දැනගත්සේක්ද, මහණෙනි, තථාගතයන් වහන්සේ සියලු ආකාරයෙන් තණ්හාව නැති කිරීමෙන්, ආලය හැරීමෙන්, නිරුද්ධ කිරීමෙන්, අත්හැරීමෙන්, දුරලීමෙන්, උතුම්වූ සම්‍යක් සම්බොධිය අවබෝධ කළ සේක්ද, එහෙයින්යයි කියමි,
“දිට්ඨය (රූපායතනය) දිට්ඨය වශයෙන් විශේෂ නුවණින් දන්නාහ. දිට්ඨය දිට්ඨය වශයෙන් ඇඳින දිට්ඨය තමා වශයෙන් නොහඟින්නාහ. දිට්ඨය කෙරෙහි තමා පිහිටියේයයි නොහඟින්නාහ. දිට්ඨයෙන් පිටත දිට්ඨය ඇසුරුකොට තමා ඇතැයි නොහඟින්නාහ. දිට්ඨය ‘මාගේ’ යයි නොහඟින්නාහ. දිට්ඨය තමා වශයෙන් සිතා සතුටු නොවන්නාහ. ඊට හේතු කවරේද? තණ්හාව දුකට මුල් කාරණයයි දැන කර්මභවය හේතුකොටගෙන උත්පත්තියවේයයිද උපන්සත්වයා හට ජරාව (මහලුවීම) මරණය වේයයි මෙසේ දැනගත්සේක්ද, මහණෙනි, තථාගතයන් වහන්සේ සියලු ආකාරයෙන් තණ්හාව නැති කිරීමෙන්, ආලය හැරීමෙන්, නිරුද්ධ කිරීමෙන්, අත්හැරීමෙන්, දුරලීමෙන් උතුම්වූ සම්‍යක් සම්බොධිය අවබෝධ කළ සේක්ද, එහෙයින්යයි කියමි.
“සුතය (ශබ්දායතනය) සුතය වශයෙන් විශේෂ නුවණින් දන්නාහ. සුතය සුතය වශයෙන් ඇඳින සුතය තමා වශයෙන් නොහඟින්නාහ. සුතයකෙරෙහි තමා පිහිටියේ යයි නොහඟින්නාහ. සුතයෙන් පිටත එය ඇසුරුකොට තමා ඇතැයි නොහඟින්නාහ. සුතය ‘මාගේ’ යයි නොහඟින්නාහ. සුතය ආත්මය වශයෙන් සිතා ආශාවෙන් සතුටු නොවන්නාහ. ඊට හේතු කවරේද? තණ්හාව දුකට මුල් කාරණයයි දැන කර්මභවය හේතුකොට ගෙන උත්පත්තිය වේයයිද උපන් සත්වයාහට ජරාව (මහලුවීම) මරණය වේයයි මෙසේ දැනගත්සේක්ද මහණෙනි, තථාගතයන් වහන්සේ සියලු ආකාරයෙන් තණ්හාව නැති කිරීමෙන්ද, ආලය හැරීමෙන්, නිරුද්ධකිරීමෙන්, අත්හැරීමෙන් දුරලීමෙන්, උතුම්වූ සම්‍යක් සම්බොධිය අවබෝධ කළ සේක්ද, එහෙයින්යයි කියමි.
“මුතය (ගන්ධ රස ස්පර්ශ යන තුන) මුතය වශයෙන් විශේෂ නුවණින් දන්නාහ. මුතය මුතය වශයෙන් හැඳින මුතය තමා වශයෙන් නොහඟින්නාහ. මුතය කෙරෙහි තමා පිහිටියේයයි නොහඟින්නාහ. මුතයෙන් පිටත එය ඇසුරු කොට තමා ඇතැයි නොහඟින්නාහ. මුතය ‘මාගේ’ යයි නොහඟින්නාහ. මුතය තමාවශයෙන් සිතා සතුටු නොවන්නාහ ඊට හේතු කවරේද? තණ්හාව දුකට මුල් කාරණයයි දැන කර්මභවය හේතුකොටගෙන උත්පත්තිය වේයයිද උපන් සත්වයාහට ජරාව (මහලුවීම) මරණය වේයයි මෙසේ දැනගත් සේක්ද, මහණෙනි තථාගතයන් වහන්සේ සියලු ආකාරයෙන් තණ්හාව නැතිකිරීමෙන්, ආලය හැරීමෙන්, නිරුද්ධකිරීමෙන් අත්හැරීමෙන්, දුරලීමෙන්, උතුම්වූ සම්‍යක් සම්බොධිය අවබෝධකළ සේක්ද, එහෙයින්යයි කියමි.
“විඤ්ඤාතය (ධර්මායතනය) විඤ්ඤාතය වශයෙන් විශේෂ නුවණින් දන්නාහ. විඤ්ඤාතය විඤ්ඤාතය වශයෙන් ඇඳින විඤ්ඤාතය තමා වශයෙන් නොහඟින්නාහ විඤ්ඤාතය කෙරෙහි තමා පිහිටියේයයි නොහඟින්නාහ. විඤ්ඤාතයෙන් පිටත එය ඇසුරුකොට තමා ඇතැයි නොහඟින්නාහ. විඤ්ඤාතය ‘මාගේ’ යයි නොහඟින්නාහ. විඤ්ඤාතය තමා වශයෙන් සිතා සතුටු නොවන්නාහ. ඊට හේතු කවරේද? තණ්හාව දුකට මුල් කාරණයයි දැන කර්මභවය හේතුකොටගෙන උත්පත්තිය වේයයිද උපන් සත්වයාහට ජරාව (මහලුවීම) මරණය වේයයි මෙසේ දැනගත්සේක්ද, මහණෙනි, තථාගතයන් වහන්සේ සියලු ආකාරයෙන් තණ්හාව නැති කිරීමෙන්, ආලය හැරීමෙන් නිරුද්ධකිරීමෙන්, අත්හැරීමෙන්, දුරලීමෙන්, උතුම්වූ සම්යක්සම්බොධිය අවබෝධ කළසේක්ද, එහෙයින් යයි කියමි.
“එකස්වභාවයවූ අරූපය එකස්වභාවයවූ අරූපය වශයෙන් විශේෂ නුවණින් දන්නාහ. එකස්වභාවයවූ අරූපය එකස්වභාවයවූ අරූපය, වශයෙන් විශේෂ නුවණින් දැන එකස්වභාවයවූ අරූපය තමා වශයෙන් නොහඟින්නාහ එකස්වභාවයවූ අරූපය ආශ්‍රයකොට තමා පිහිටියේයයි නොහඟින්නාහ. එකස්වභාවයවූ අරූපයෙන් පිටත එය ඇසුරුකොට තමා ඇතැයි නොහඟින්නාහ. එකස්වභාවයවූ අරූපය ‘මාගේ’ යයි නොහඟින්නාහ. එකස්වභාවයවූ අරූපයට සතුටු නොවන්නාහ. ඊට හේතු කවරේද? තණ්හාව දුකට මුල් කාරණයයි දැන කර්මභවය හේතුකොටගෙන උත්පත්තිය වේයයිද උපන් සත්වයාහට ජරාව (මහලුවීම) මරණය වේයයි මෙසේ දැනගත් සේක්ද, මහණෙනි, තථාගතයන් වහන්සේ සියලු ආකාරයෙන් තණ්හාව නැතිකිරීමෙන්, ආලය හැරීමෙන්, නිරුද්ධකිරීමෙන්, අත්හැරීමෙන්, දුරලීමෙන්, උතුම්වූ සම්යක්සම්බොධිය අවබෝධ කළසේක්ද, එහෙයින්යයි කියමි.
“වෙන් වෙන් ස්වභාවවූ පංචස්කන්ධය වෙන් වෙන් ස්වභාවවූ පංචස්කන්ධය වශයෙන් විශේෂ නුවණින් දන්නාහ. වෙන් වෙන් ස්වභාවවූ පංචස්කන්ධය වෙන් වෙන් ස්වභාවවූ පංචස්කන්ධය වශයෙන් ඇඳින වෙන් වෙන් ස්වභාවවූ පංචස්කන්ධය තමා වශයෙන් නොහඟින්නාහ. වෙන් වෙන් ස්වභාවවූ පංචස්කන්ධය කෙරෙහි තමා පිහිටියේයයි නොහඟින්නාහ. වෙන් වෙන් ස්වභාවවූ පංචස්කන්ධයෙන් පිටත එය ඇසුරුකොට තමා ඇතැයි නොහඟින්නාහ. වෙන් වෙන් ස්වභාවවූ පංචස්කන්ධය ‘මගේ’ යයි නොහඟින්නාහ. වෙන් වෙන් ස්වභාවවූ පංචස්කන්ධය තමා වශයෙන් සිතා සතුටු නොවන්නාහ. ඊට හේතු කවරේද? තණ්හාව දුකට මුල් කාරණයයි දැන කර්මභවය හේතුකොටගෙන උත්පත්තිය වේයයිද උපන් සත්වයාහට ජරාව (මහලුවීම) මරණය වේයයි මෙසේ දැනගත් සේක්ද, මහණෙනි, තථාගතයන් වහන්සේ සියලු ආකාරයෙන් තණ්හාව නැතිකිරීමෙන්, ආලය හැරීමෙන්, නිරුද්ධකිරීමෙන්, අත්හැරීමෙන්, දුරලීමෙන්, උතුම්වූ සම්‍යක් සම්බොධිය අවබෝධ කළසේක්ද, එහෙයින්යයි කියමි.
“(රූපාරූප ධර්ම) සියල්ල සියල්ල වශයෙන් විශේෂ නුවණින් දන්නාහ. සියල්ල සියලු වශයෙන් හැඳින, සියල්ල තමා වශයෙන් නොහඟින්නාහ. සියල්ල කෙරෙහි තමා පිහිටියේ යයි නොහඟින්නාහ. සියල්ලෙන් පිටත සියල්ල ඇසුරු කොට තමා ඇතැයි නොහඟින්නාහ. සියල්ල ‘මගේ’ යයි නොහඟින්නාහ. සියල්ල තමා වශයෙන් සිතා සතුටු නොවන්නාහ. ඊට හේතු කවරේද? තණ්හාව දුකට මුල් කාරණයයි දැන කර්මභවය හේතුකොටගෙන උත්පත්තිය වේයයිද උපන් සත්වයාහට ජරාව (මහලුවීම) මරණය වේයයිද මෙසේ දැනගත් සේක්ද, මහණෙනි, තථාගතයන් වහන්සේ සියලු ආකාරයෙන් තණ්හාව නැතිකිරීමෙන්, ආලය හැරීමෙන්, නිරුද්ධකිරීමෙන්, අත්හැරීමෙන්, දුරලීමෙන්, උතුම්වූ සම්‍යක් සම්බොධිය අවබෝධ කළසේක්ද, එහෙයින්යයි කියමි.
“පරම දෘෂ්ටධර්ම නිර්වාණය (පඤ්චකාම සැප විඳීම) පරම දෘෂ්ටධර්ම නිර්වාණය වශයෙන් විශේෂ නුවණින් දන්නාහ. පරම දෘෂ්ටධර්ම නිර්වාණය පරමදෘෂ්ටධර්‍ම නිර්වාණය වශයෙන් විශේෂ නුවණින් දැන පරම දෘෂ්ටධර්ම නිර්වාණය තමා වශයෙන් නොහඟින්නාහ. පරමදෘෂ්ටධර්‍ම නිර්වාණය ආශ්‍රයකොට තමා පිහිටියේයයි නොහඟින්නාහ. පරමදෘෂ්ටධර්‍ම නිර්වාණයෙන් පිටත එය ඇසුරුකොට තමා ඇතැයි නොහඟින්නාහ. පරම දෘෂ්ටධර්ම නිර්වාණය මගේ යයි නොහඟින්නාහ. පරමදෘෂ්ටධර්‍ම නිර්වාණයට සතුටු නොවන්නාහ. ඊට හේතු කවරේද? තණ්හාව දුකට මුල් කාරණයයි දැන කර්මභවය හේතුකොටගෙන උත්පත්තිය වේයයිද උපන් සත්වයාහට ජරාව (මහලුවීම) මරණය වේයයි මෙසේ දැනගත් සේක්ද, මහණෙනි, තථාගතයන් වහන්සේ සියලු ආකාරයෙන් තණ්හාව නැතිකිරීමෙන්, ආලය හැරීමෙන්, නිරුද්ධකිරීමෙන්, අත්හැරීමෙන්, දුරලීමෙන්, උතුම්වූ සම්‍යක් සම්බොධිය අවබෝධ කළසේක්ද, එහෙයින්යයි කියමි.
|
2. සබ්බාසවසුත්තං | 2. සබ්බාසව සූත්‍රය |
14
එවං
|
14
“මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ ජේතවනයේ අනේපිඩු මහසිටුහු විසින් කරවනලද ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” කියා භික්ෂූන්ට කථාකළහ. ඒ භික්ෂූහු “ස්වාමීනි” කියා උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්රධර්මය දේශනා කළහ.
“සියලු කාමාදී ආශ්‍රවයන් (කෙලෙස්) වැළැක්වීම පිළිබඳ ධර්මය දේශනා කරන්නෙමි. එය අසව්, සිත්හි ධාරණය කර ගනිව්, කියන්නෙමි”යි වදාළහ.
“එසේය ස්වාමීනි,’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළහ.
|
15
‘‘ජානතො අහං, භික්ඛවෙ, පස්සතො ආසවානං ඛයං වදාමි, නො අජානතො නො අපස්සතො. කිඤ්ච, භික්ඛවෙ, ජානතො කිඤ්ච පස්සතො ආසවානං ඛයං වදාමි? යොනිසො ච මනසිකාරං අයොනිසො ච මනසිකාරං. අයොනිසො, භික්ඛවෙ, මනසිකරොතො අනුප්පන්නා චෙව ආසවා උප්පජ්ජන්ති, උප්පන්නා ච ආසවා පවඩ්ඪන්ති; යොනිසො ච ඛො, භික්ඛවෙ, මනසිකරොතො අනුප්පන්නා චෙව ආසවා න උප්පජ්ජන්ති, උප්පන්නා ච ආසවා පහීයන්ති.
|
15
මහණෙනි, මම දන්නහුගේ දක්නහුගේ කාමාදී කෙලෙස් නැතිකිරීම කියමි. නොදන්නහුගේ නොදක්නහුගේ (කෙලෙස් නැතිකිරීම) නොකියමි.
“මහණෙනි, කුමක් දන්නහුගේ කුමක් දක්නහුගේ ආශ්‍රවයන් නැතිවීම වේද? නුවණින් මෙනෙහිකිරීමත් නුනුවණින් මෙනෙහි කිරීමත් යන දෙකය. මහණෙනි, නුනුවණින් සිතන්නාවූ පුද්ගලයාට නූපන්නාවූ ආශ්‍රවයෝද උපදිත්. උපන්නාවූ ආශ්‍රවයෝද වැඩෙත්. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නහුට නූපන්නාවූ ආශ්‍රවයෝද නූපදිත්. උපන්නාවූ ආශ්‍රවයෝද දුරුවෙත්.
|
16
‘‘අත්ථි, භික්ඛවෙ, ආසවා දස්සනා පහාතබ්බා, අත්ථි ආසවා සංවරා පහාතබ්බා, අත්ථි ආසවා පටිසෙවනා පහාතබ්බා, අත්ථි ආසවා අධිවාසනා පහාතබ්බා, අත්ථි ආසවා පරිවජ්ජනා පහාතබ්බා, අත්ථි ආසවා විනොදනා පහාතබ්බා, අත්ථි ආසවා භාවනා පහාතබ්බා.
|
16
මහණෙනි, සෝවාන් මාර්ගයෙන් පහකළ යුතුවූ කෙලෙස් ඇත්තාහ. සතිසංවරයෙන් පහකළ යුතුවූ කෙලෙස් ඇත්තාහ. ඤාණසංවරයෙන් පහකළ යුතුවූ කෙලෙස් ඇත්තාහ. ඉවසීමෙන් පහකළ යුතුවූ කෙලෙස් ඇත්තාහ. ශීලසංවරයෙන් පහකළ යුතුවූ කෙලෙස් ඇත්තාහ. වීර්ය සංවරයෙන් පහකළ යුතුවූ කෙලෙස් ඇත්තාහ. සකෘදාගාමි අනාගාමි අර්හත් යන මාර්ග තුනෙන් පහකළ යුතුවූ කෙලෙස් ඇත්තාහ.
|
17
‘‘කතමෙ ච, භික්ඛවෙ, ආසවා දස්සනා පහාතබ්බා? ඉධ, භික්ඛවෙ
‘‘කතමෙ
‘‘කතමෙ
‘‘තස්ස අමනසිකරණීයානං
|
17
“මහණෙනි, සෝවාන් මගින් පහකළයුතු වූ කෙලෙස් නම් කවරහුද? මහණෙනි, මේ ලෝකයෙහි බුද්ධාදී ආර්යයන් නුවණැසින් නුදුටුවාවූ ආර්ය ධර්මයෙහි අදක්ෂවූ ආර්ය ධර්මයෙහි නොහික්මුණාවූ බුද්ධාදී සත්පුරුෂයන් නුවණැසින් නුදුටුවාවූ සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂවූ සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණාවූ ඇසූ පිරූ තැන් නැත්තාවූ (නූගත්) පෘථග්ජන පුද්ගල තෙමේ මෙනෙහි කළයුතු කරුණු නොදනියි. මෙනෙහි නොකොට යුතුවූ කරුණු නොදනියි. මෙනෙහි කටයුතුවූ කරුණු නොදන්නාවූ මෙනෙහි නොකටයුතු කරුණු නොදන්නාවූ හෙතෙමේ යම් ධර්මයන් මෙනෙහි නොකට යුත්තාහුද ඒ ධර්මයන් මෙනෙහි කරයි. මේ ධර්මයන් මෙනෙහි කළයුත්තාහුද ඒ ධර්මයෙන් මෙනෙහි නොකරයි. මහණෙනි, මෙනෙහි නොකළයුතුවූ යම් ධර්මයන් මෙනෙහි කෙරේද, ඒ ධර්මයෝ කවරහුද? මහණෙනි, යම් ධර්මයන් මෙනෙහි කරන්නාවූ යමෙකුට නූපන්නාවූද, කාමාශ්‍රවය (කාම ආශාව) උපදී ද, උපන්නාවූ කාමාශ්‍රවය (කාම ආශාව) වැඬේද නූපන්නාවූ භවාශ්‍රය (භව කෙරෙහි ආශාව) උපදියිද උපන්නාවූද, භවාශ්‍රවය වැඩෙයිද නූපන්නාවූ අවිද්‍යාශ්‍රවය (මුළාව) උපදීද උපන්නාවූද අවිද්‍යාශ්‍රවය වැඬේද මේ ධර්මයෝ (ඒ පෘථග්ජනයා විසින්) මෙනෙහි කරන්නාවූ මෙනෙහි නොකළ යුතු ධර්මයෝයි,
“මහණෙනි, මෙනෙහි නොකරන්නාවූ මෙනෙහි කළ යුතු ධර්මයෝ කවරහුද? මහණෙනි, යම් ධර්මයන් මෙනෙහි කරන්නා වූ යමෙකුට නූපන්නාවූද කාමාශ්‍රවය නූපදීද, උපන්නාවූ කාමාශ්‍රවය පහවේද නූපන්නාවූ භවාශ්‍රවය නූපදීද උපන්නාවූ භවාශ්‍රවය පහවේද නූපන්නාවූ අවිද්‍යාශ්‍රවය නූපදීද, උපන්නාවූ අවිද්‍යාශ්‍රවය පහවේද, මේ ධර්මයෝ මෙනෙහි නොකරන්නාවූ මෙනෙහි කළයුතු ධර්මයෝය.
මෙනෙහි නොකළයුතු ධර්මයන් මෙනෙහි කරන්නාවූද මෙනෙහි කළයුතු ධර්මයන් මෙනෙහි නොකරන්නාවූද ඔහුට නූපන්නාවූද ආශ්‍රවයෝ උපදිත්. උපන්නාවූද ආශ්‍රවයෝ වැඩෙත්.
|
18
‘‘සො එවං අයොනිසො මනසි කරොති - ‘අහොසිං නු ඛො අහං අතීතමද්ධානං? න නු ඛො අහොසිං අතීතමද්ධානං? කිං නු ඛො අහොසිං අතීතමද්ධානං? කථං නු ඛො අහොසිං අතීතමද්ධානං? කිං හුත්වා කිං අහොසිං නු ඛො අහං අතීතමද්ධානං? භවිස්සාමි නු ඛො අහං අනාගතමද්ධානං? න නු ඛො භවිස්සාමි අනාගතමද්ධානං? කිං නු ඛො භවිස්සාමි අනාගතමද්ධානං? කථං නු ඛො භවිස්සාමි අනාගතමද්ධානං? කිං හුත්වා කිං භවිස්සාමි නු ඛො අහං අනාගතමද්ධාන’න්ති? එතරහි වා පච්චුප්පන්නමද්ධානං
(පච්චුප්පන්නමද්ධානං ආරබ්භ (ස්‍යා.)) අජ්ඣත්තං කථංකථී හොති - ‘අහං නු ඛොස්මි? නො නු ඛොස්මි? කිං නු ඛොස්මි? කථං නු ඛොස්මි? අයං නු ඛො සත්තො කුතො ආගතො? සො කුහිං ගාමී භවිස්සතී’ති?
|
18
ඒ අන්ධබාල පෘථග්ජනතෙම මෙසේද නුනුවණින් මෙනෙහි කරයි. මම අතීත කාලයෙහි උත්පත්ති වශයෙන් කිසිවෙක් වූයෙම්ද? කිසිවෙක් නුවූයෙම්ද? අතීත කාලයෙහි මම ක්ෂත්රියාදීන් අතුරෙන් කවරෙක් වූයෙම්ද? අතීත කාලයෙහි කෙබඳු සටහන් ඇත්තෙක් වූයෙම්ද? මම අතීත කාලයෙහි ක්ෂත්රියාදී වශයෙන් කවරෙක්ව සිට බ්‍රාහ්මණාදී කවරෙක් වූයෙම්ද? මම අනාගත කාලයෙහි කිසිවෙක් වන්නෙම්ද? අනාගත කාලයෙහි කිසිවෙක් නොවන්නෙම්ද? අනාගත කාලයෙහි ක්ෂත්රියාදී වශයෙන් කවරෙක් වන්නෙම්ද? අනාගත කාලයෙහි කෙබඳු සටහන් ඇත්තෙක් වන්නෙම්ද? මම මතු කල්හි බ්‍රාහ්මණාදී කවරෙක්ව වෛශ්යාදී කවරෙක් වන්නෙම්ද ඉපදීමෙහි පටන් මරණය දක්වා ඇති මේ කාලයෙහිද තමා කෙරෙහි එසේද මෙසේදැයි සැක ඇත්තේ වෙයි. කෙසේදයත්? මම යන කිසිවෙක් ඇත්තේද, මම යන කිසිවෙක් නැත්තේද, ක්ෂත්රියාදීන් අතුරෙන් කවරෙක් වෙම්ද? කිනම් සටහනක් ඇත්තෙක් වෙම්ද? මේ සත්ව තෙමේ කොතැනින් ආයේද? හෙතෙම කොහි යන්නෙක් වන්නේද? යනුවෙනි.
|
19
‘‘තස්ස එවං අයොනිසො මනසිකරොතො ඡන්නං දිට්ඨීනං අඤ්ඤතරා දිට්ඨි උප්පජ්ජති. ‘අත්ථි මෙ අත්තා’ති වා අස්ස
(වාස්ස (සී. ස්‍යා. පී.)) සච්චතො ථෙතතො දිට්ඨි උප්පජ්ජති; ‘නත්ථි මෙ අත්තා’ති වා අස්ස සච්චතො ථෙතතො දිට්ඨි උප්පජ්ජති; ‘අත්තනාව අත්තානං සඤ්ජානාමී’ති වා අස්ස සච්චතො ථෙතතො
|
19
මෙසේ නුනුවණින් මෙනෙහි කරන්නාවූ ඔහුට සය ආකාර දෘෂ්ටීන් අතුරෙන් එක්තරා දෘෂ්ටියක් උපදියි.
“සත්‍යවශයෙන් ස්ථිරවශයෙන් ආත්මයක් ඇත යන ශාස්වත දෘෂ්ටිය හෝ උපදියි. සත්‍යවශයෙන් ස්ථිරවශයෙන් ආත්මය සිඳේය, යන උච්ඡේදදෘෂ්ටිය හෝ උපදියි. සංඥාස්කන්ධය ප්‍රධාන කොට ඇති ස්කන්ධයන් ආත්මයයි ගෙන සංඥා ස්කන්ධය නමැති ආත්මය කරණකොට ගෙන ඉතිරි ස්කන්ධ නමැති ආත්මය දනිමියයි කියා හෝ සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ගනිමින් දෘෂ්ටිය උපදියි. සංඥාව ආත්මය කොට ඉතිරි ස්කන්ධ ආත්මය වශයෙන් නොගෙන සංඥාව නම්වූ ආත්මය විසින් ආත්මය නොවන ඉතිරි ස්කන්ධ දනිමැයි කියා හෝ සත්‍ය වශයෙන් දැඩි වශයෙන් ගනිමින් දෘෂ්ටිය උපදියි සංඥාවෙන් අන්‍ය ස්කන්ධයන් අනාත්මය වශයෙන් ගෙන ආත්මය නොවන වේදනාදී ස්කන්ධයන් කරණ කොටගෙන ආත්මය වන සංඥාස්කන්ධය දනිමැයි හෝ සත්‍ය වශයෙන් දැඩිවශයෙන් ගනිමින් දෘෂ්ටිය උපදියි. නැතහොත් ඕහට මෙබඳු දෘෂ්ටියක් හෝ වෙයි. කථාකරන්නාවූ සැප දුක් විඳින්නාවූ යම් මේ ආත්මයක් ඒ ඒ ජාතියෙහි කළ කුශල අකුශල කර්මයන්ගේ විපාකය විඳියිද, මාගේ ඒ මේ ආත්මය තෙම නිත්‍යය, ස්ථිරය, හැමදාම පවතියි. නොපෙරළෙන ස්වභාව ඇත්තේය. හැමදා පවතින දෙයක් මෙන් සදාකාලික යයි සම්මතවූ චන්ද්‍ර සූර්යාදීන් මෙන් එසේම සිටින්නේයයි කියායි.
“මහණෙනි, මෙය දෘෂ්ටියයිද දෘෂ්ටිලැහැබයයිද දෘෂ්ටි කාන්තාරයයිද, දෘෂ්ටිහුලයයිද, දෘෂ්ටිකම්පනයයිද, දෘෂ්ටි සංයෝජනයයිද කියනු ලැබේ. මහණෙනි, දෘෂ්ටි නමැති බැඳුමෙන් යුක්තවූ ඇසූ පිරූතැන් නැත්තාවූ (නූගත්) පෘථග්ජන තෙම උත්පත්තියෙන්ද ජරාවෙන් හා මරණයෙන්ද ශොක කිරීමෙන්ද වැළපීමෙන්ද ශාරීරික දුකින්ද මානසික දුකින්ද දැඩි වෙහෙසින්ද යන සියලු සංසාරදුකින් නොමිදේ යයි කියමි.
|
20
‘‘සුතවා ච ඛො, භික්ඛවෙ, අරියසාවකො - අරියානං දස්සාවී අරියධම්මස්ස කොවිදො අරියධම්මෙ සුවිනීතො, සප්පුරිසානං දස්සාවී සප්පුරිසධම්මස්ස කොවිදො සප්පුරිසධම්මෙ සුවිනීතො - මනසිකරණීයෙ ධම්මෙ පජානාති අමනසිකරණීයෙ ධම්මෙ පජානාති. සො මනසිකරණීයෙ ධම්මෙ පජානන්තො අමනසිකරණීයෙ ධම්මෙ පජානන්තො යෙ ධම්මා න
‘‘කතමෙ ච, භික්ඛවෙ, ධම්මා න මනසිකරණීයා යෙ ධම්මෙ න මනසි කරොති? යස්ස, භික්ඛවෙ, ධම්මෙ මනසිකරොතො අනුප්පන්නො වා කාමාසවො උප්පජ්ජති, උප්පන්නො වා කාමාසවො පවඩ්ඪති; අනුප්පන්නො වා භවාසවො උප්පජ්ජති, උප්පන්නො වා භවාසවො පවඩ්ඪති; අනුප්පන්නො වා අවිජ්ජාසවො උප්පජ්ජති, උප්පන්නො වා අවිජ්ජාසවො පවඩ්ඪති - ඉමෙ ධම්මා න මනසිකරණීයා, යෙ ධම්මෙ න මනසි කරොති.
‘‘කතමෙ ච, භික්ඛවෙ, ධම්මා මනසිකරණීයා යෙ ධම්මෙ මනසි කරොති? යස්ස, භික්ඛවෙ, ධම්මෙ මනසිකරොතො අනුප්පන්නො වා කාමාසවො න උප්පජ්ජති, උප්පන්නො වා කාමාසවො පහීයති; අනුප්පන්නො වා භවාසවො න උප්පජ්ජති
‘‘තස්ස අමනසිකරණීයානං ධම්මානං අමනසිකාරා මනසිකරණීයානං ධම්මානං මනසිකාරා අනුප්පන්නා චෙව ආසවා න උප්පජ්ජන්ති, උප්පන්නා ච ආසවා පහීයන්ති.
|
20
“මහණෙනි, බුද්ධාදී ආර්යයන් දුටුවාවූ ආර්යධර්මයෙහි දක්ෂවූ ආර්යධර්මයෙහි මනාව හික්මුණාවූ බුද්ධාදී සත්පුරුෂයන් දුටුවාවූ සත්පුරුෂ ධර්මයෙහි දක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි මනාව හික්මුණාවූ බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවක තෙම මෙනෙහිකළයුතු ධර්මයන් දනියි. මෙනෙහි නොකළයුතු ධර්මයන් දනියි. මෙනෙහි කළයුතු ධර්මයන් දන්නාවූ මෙනෙහි නොකළයුතු ධර්මයන් දන්නාවූ ඒ ආර්ය පුද්ගල තෙම මෙනෙහි නොකළයුතු ධර්ම මෙනෙහි නොකරයි. මෙනෙහි කළයුතු ධර්ම මෙනෙහි කරයි. මහණෙනි, මෙනෙහි නොකළයුතු ධර්ම කවරහුද? මහණෙනි, යම් ධර්මයක් මෙනෙහි නොකරන්නහුට නූපන් කාමාශ්‍රවය උපදීද, උපන් කාමාශ්‍රවය වැඬේද, නූපන් භවාශ්‍රවය උපදීද, උපන් භවාශ්‍රවය වැඬේද නූපන් අවිද්‍යාශ්‍රවය උපදීද, උපන් අවිද්‍යාශ්‍රවය වැඬේද, එබඳු ධර්ම මෙනෙහි නොකළ යුත්තාහුය.
“මහණෙනි, මෙනෙහි කළයුතු ධර්ම කවරහුද? මහණෙනි, යම් ධර්මයක් මෙනෙහි කරන්නහුට නූපන් කාමාශ්‍රවය නූපදීද, උපන් කාමාශ්‍රවය නැතිවේද, නූපන් භවාශ්‍රවය නූපදීද, උපන් භවාශ්‍රවය නැතිවේද, නූපන් අවිද්‍යාශ්‍රවය නූපදීද, උපන් අවිද්‍යාශ්‍රවය නැතිවේද, මෙබඳු ධර්ම මෙනෙහි කළයුත්තාහුය. මෙනෙහි නොකළයුතු ධර්ම මෙනෙහි නොකරන, මෙනෙහි කළයුතු ධර්ම මෙනෙහි කරන ඕහට නූපන් ආශ්‍රවයෝ නූපදීත්, උපන් ආශ්‍රවයෝ නැති වෙත්.
|
21
‘‘සො
|
21
හෙතෙම මේ දුකයයි නුවණින් කල්පනා කරයි, මේ දුක් ඉපදීමට හේතුවයයි නුවණින් කල්පනා කරයි. මේ දුක් නැතිකිරීමයයි නුවණින් කල්පනාකරයි. මේ දුක් නැති කිරීමේ මාර්ගයයි නුවණින් කල්පනා කරයි. මෙසේ මෙනෙහි කරන්නාවූ ඕහට දිට්ඨිසංයෝජන (විසිආකාර ආත්මදෘෂ්ටිය) ද විචිකිච්ඡා සංයෝජනය (සැකය) සීලබ්බත පරාමාස සංයෝජනයද, මේ ශාසනයෙන් පිටත සිල් හා වත් සෙවීමද යන සංයෝජන (කෙලෙස් බැමි) තුන නැති වෙත්.
“මහණෙනි, මේ ආශ්‍රවයෝ පළමුකොට නිවන්දැකීම් වන සෝවාන් මාර්ගයෙන් නැතිකළ යුත්තාහුයයි කියනු ලැබෙත්.
|
22
‘‘කතමෙ ච, භික්ඛවෙ, ආසවා සංවරා පහාතබ්බා? ඉධ, භික්ඛවෙ, භික්ඛු පටිසඞ්ඛා යොනිසො චක්ඛුන්ද්‍රියසංවරසංවුතො විහරති. යඤ්හිස්ස, භික්ඛවෙ, චක්ඛුන්ද්‍රියසංවරං අසංවුතස්ස විහරතො උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා, චක්ඛුන්ද්‍රියසංවරං සංවුතස්ස විහරතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. පටිසඞ්ඛා යොනිසො සොතින්ද්රියසංවරසංවුතො විහරති...පෙ.... ඝානින්ද්රියසංවරසංවුතො විහරති...පෙ.... ජිව්හින්ද්රියසංවරසංවුතො විහරති...පෙ.... කායින්ද්රියසංවරසංවුතො විහරති...පෙ.... මනින්ද්රියසංවරසංවුතො විහරති. යඤ්හිස්ස, භික්ඛවෙ
‘‘යඤ්හිස්ස, භික්ඛවෙ, සංවරං අසංවුතස්ස විහරතො උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා
|
22
“මහණෙනි, සතිසංවරයෙන් නැතිකළයුතු කෙලෙස් කවරහුද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම නුවණින් සලකා බලා ඇස පිළිබඳ සංවරයෙන් යුක්තවූයේ වාසයකරයිද මහණෙනි, ඇස සංවර කර නොගෙන වාසය කරන්නහුට වෙහෙස හා දැවිල්ල සහිතවූ යම් කෙලෙස් උපදිත්ද, ඇස සංවර කරගෙන වාසය කරන්නහුට ඒ වෙහෙස හා දැවිල්ල සහිත කෙලෙස් පහළ නොවෙත්. නුවණින් සලකා බලා කණ සංවර කරගෙන වාසය කරයිද, කණ සංවර කර නොගෙන වාසය කරන්නහුට වෙහෙස හා දැවිල්ල සහිතවූ යම් කෙලෙස් උපදිත්ද, කණ සංවර කරගෙන වාසය කරන්නහුට ඒ වෙහෙස හා දැවිල්ල සහිත කෙලෙස් පහළ නොවෙත්. නුවණින් සලකා බලා නාසය සංවර කරගෙන වාසයකරයිද, නාසය සංවරකර නොගෙන වාසය කරන්නහුට වෙහෙස හා දැවිල්ල සහිතවූ යම් කෙලෙස් උපදිද්ද, නාසය සංවර කරගෙන වාසය කරන්නහුට ඒ වෙහෙස හා දැවිල්ල සහිත කෙලෙස් පහළ නොවෙත්. නුවණින් සලකා බලා දිව සංවර කරගෙන වාසය කරයිද දිව සංවර කර නොගෙන වාසය කරන්නහුට වෙහෙස හා දැවිල්ල සහිත යම් කෙලෙස් උපදිද්ද, දිව සංවර කර ගෙන වසන්නහුට ඒ වෙහෙස හා දැවිල්ල සහිත කෙලෙස් පහළනොවෙත්. නුවණින් සලකා බලා ශරීරය සංවර කරගෙන වාසයකරයිද ශරීරය සංවර කර නොගෙන වාසය කරන්නහුට වෙහෙස හා දැවිල්ල සහිත යම් කෙලෙස් උපදිද්ද, ශරීරය සංවර කරගෙන වසන්නහුට ඒ වෙහෙස හා දැවිල්ල සහිත කෙලෙස් පහළ නොවෙත්. නුවණින් සලකා බලා සිත සංවර කරගෙන වාසය කරයිද සිත සංවර කර නොගෙන වාසය කරන්නහුට වෙහෙස හා දැවිල්ල සහිත යම් කෙලෙස් උපදිද්ද, සිත සංවර කරගෙන වසන්නහුට ඒ වෙහෙස හා දැවිල්ල සහිත කෙලෙස් පහළ නොවෙත්. මහණෙනි, මේ ආශ්‍රවයන් සිහිය නමැති සංවරයෙන් නැති කළ යුත්තාහුයයි කියනු ලැබේ.
|
23
‘‘කතමෙ ච, භික්ඛවෙ, ආසවා පටිසෙවනා පහාතබ්බා? ඉධ, භික්ඛවෙ, භික්ඛු පටිසඞ්ඛා යොනිසො චීවරං පටිසෙවති - ‘යාවදෙව සීතස්ස පටිඝාතාය, උණ්හස්ස පටිඝාතාය, ඩංසමකසවාතාතපසරීංසප-
(සිරිංසප (සී. ස්‍යා. පී.)) සම්ඵස්සානං පටිඝාතාය, යාවදෙව හිරිකොපීනප්පටිච්ඡාදනත්ථං’.
‘‘පටිසඞ්ඛා යොනිසො පිණ්ඩපාතං පටිසෙවති - ‘නෙව දවාය, න මදාය, න මණ්ඩනාය, න
‘‘පටිසඞ්ඛා යොනිසො සෙනාසනං පටිසෙවති - ‘යාවදෙව සීතස්ස පටිඝාතාය, උණ්හස්ස පටිඝාතාය, ඩංසමකසවාතාතපසරීංසපසම්ඵස්සානං පටිඝාතාය, යාවදෙව උතුපරිස්සයවිනොදනපටිසල්ලානාරාමත්ථං’.
‘‘පටිසඞ්ඛා යොනිසො ගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරං පටිසෙවති - ‘යාවදෙව උප්පන්නානං වෙය්යාබාධිකානං වෙදනානං පටිඝාතාය, අබ්යාබජ්ඣපරමතාය’
(අබ්යාපජ්ඣපරමතාය (සී. ස්‍යා. පී.), අබ්යාපජ්ජපරමතාය (ක.)).
‘‘යඤ්හිස්ස, භික්ඛවෙ, අප්පටිසෙවතො උප්පජ්ජෙය්යුං ආසවා
|
23
“මහණෙනි, සිව්පස සේවනයෙන් පහකළ යුතු කෙලෙස් කවරහුද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම නුවණින් සලකා ශීත නැසීම පිණිස, උෂ්ණය නැසීම පිණිස, මැසි, මදුරු, සුළං, වැසි, සර්ප ආදී ස්පර්ශ නැති කිරීම පිණිස ලජ්ජා උපදවන ශරීර අවයව වසාගැනීම පිණිස, පමණක් සිවුරු සේවනය කරයිද, නුවණින් සලකා බලා ක්‍රීඩා පිණිස නොව, මද වැඩීම පිණිස නොව, සැරසීම පිණිස නොව, අලංකාර පිණිස නොව, මේ ශරීරයාගේ පැවැත්ම පිණිස, යැපීම පිණිස, බඩගිනි වෙහෙස සංසිඳවනු පිණිස, ශාසන මාර්ග බ්‍රහ්ම චර්යාව රැකීමට අනුබල පිණිස, මේ වැළඳීමෙන් පැරණි බඩගිනි වේදනාව නසන්නෙමි. (අධිකභොජනයෙන් හටගන්නා) අලුත් වේදනාද නූපදවන්නෙමි. මාගේ ශරීර පැවත්මද වන්නේය. සැප විහරණයද වන්නේයයි සලකා ආහාර වළඳයිද ශීත නැසීම පිණිස, උෂ්ණය නැසීම පිණිස, මැසි, මදුරු, සුළං, අව්, සර්ප ආදී ස්පර්ශ නැසීම පිණිස, ඍතු පීඩා නැති කිරීම පිණිස, විවේකයෙහි ඇලෙනු පිණිස, සේවනය කරමියි නුවණින් සලකා සේනාසන සේවනය කරයිද, උපන්නාවූ නොයෙක් රොග වේදනා නැසීම පිණිස රොගාබාධයන් නැතිව සිටීම පිණිස සේවනය කරමියි, නුවණින් සලකා ගිලන්පස බෙහෙත් ආදිය සේවනය කරයිද,
“මහණෙනි නුවණින් සලකා සිව්පසය සේවනය නො කිරීම නිසා පහළවන, වෙහෙස දැවිල්ල සහිත කෙලෙස් වෙත් නම් නුවණින් සලකා සිව්පසය සේවනය කිරීමෙන් ඔහුට ඒ කෙලෙස් පහළ නොවෙත්. මහණෙනි, මේ කෙලෙස් නුවණින් සලකා සිව්පසය සේවනය කිරීමෙන් පහකළ යුත්තාහුයයි කියනු ලැබෙත්.
|
24
‘‘කතමෙ ච, භික්ඛවෙ, ආසවා අධිවාසනා පහාතබ්බා? ඉධ, භික්ඛවෙ, භික්ඛු පටිසඞ්ඛා යොනිසො ඛමො හොති සීතස්ස උණ්හස්ස, ජිඝච්ඡාය පිපාසාය. ඩංසමකසවාතාතපසරීංසපසම්ඵස්සානං, දුරුත්තානං දුරාගතානං වචනපථානං, උප්පන්නානං සාරීරිකානං වෙදනානං දුක්ඛානං තිබ්බානං
(තිප්පානං (සී. ස්‍යා. පී.)) ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අධිවාසකජාතිකො හොති.
‘‘යඤ්හිස්ස, භික්ඛවෙ, අනධිවාසයතො උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා, අධිවාසයතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ඉමෙ වුච්චන්ති, භික්ඛවෙ, ආසවා අධිවාසනා පහාතබ්බා.
|
24
“මහණෙනි, අධිවාසනයෙන් (ඉවසීමෙන්) නැතිකළ යුතු කෙලෙස් කවරහුද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම නුවණින් සලකා බලා ශීතල ඉවසන්නේ වෙයි, උෂ්ණය, බඩගින්න හා පිපාසය, මැසි, මදුරු, හුළං, අව්ව, සර්ප ආදී ස්පර්ශ ඉවසන්නේ වෙයි. නපුරුකොට කියනලද, නපුරුලෙස පැමිණි වචන ඉවසන්නේ වෙයි. හටගත් දුක්වූ, තියුණුවූ, කෲරවූ, කටුකවූ, සතුටක් නූපදවන්නාවූ, අමනාපවූ, දිවි පැහැරගැනීමට තරම්වූ ශරීර වේදනාවන් ඉවසන්නේ වෙයි. මහණෙනි, නොඉවසන්නහුට වෙහෙස හා දැවිල්ල ඇති කෙලෙස් උපදින්නාහු නම් මෙසේ ඉවසන්නහුට ඒ කෙලෙස් පහළ නොවෙත්. මහණෙනි, මේ කෙලෙස් ඉවසීමෙන් නැති කළ යුත්තාහු යයි කියනු ලැබෙත්.
|
25
‘‘කතමෙ ච, භික්ඛවෙ, ආසවා පරිවජ්ජනා පහාතබ්බා? ඉධ, භික්ඛවෙ, භික්ඛු
‘‘යඤ්හිස්ස, භික්ඛවෙ, අපරිවජ්ජයතො උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා, පරිවජ්ජයතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ඉමෙ වුච්චන්ති, භික්ඛවෙ, ආසවා පරිවජ්ජනා පහාතබ්බා.
|
25
“මහණෙනි දුරලීමෙන් නැතිකළ යුතු කෙලෙස් කවරහුද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නුවණින් සලකා නපුරු ඇතුන් දුරු කරයි. වල් අසුන් දුරුකරයි. සැර ගොනුන් දුරුකරයි. නපුරු බල්ලන් දුරුකරයි. සර්පයින්ද උල් කටු පිහිටි තැන්ද හාත්පසින් කඩා ගිය ඉවුරුද එක් පසකින් කඩාගිය ප්රපාතද ඉඳුල්දිය ගැප්මල ආදිය දමන ස්ථානද එබඳු කුනුමඩ ගලා බස්නා තැන්ද දුරුකරයි. යම්බඳු නුසුදුසු සෙනාසනවල හුන්නාවූද අගොචරස්ථානයන්හි හැසිරෙන්නාවූද ලාමකවූ මිත්‍රප්‍රතිරූපක අමිත්‍රයන් සේවනය කරන්නාවූද භික්ෂුව නුවණැත්තාවූ එකට මහණකම් කරන්නාවූ භික්ෂූහු පවිටු මහණකු කොට සලකන්නාහුද එබඳු අයුතු තැන් හා එබඳු අගොචර ස්ථානද, එබඳු පවිටු මිතුරන්ද නුවණින් සලකා බලා දුරු කරයි. මහණෙනි, එබඳු දේ දුරු නොකරන්නහුට වෙහෙස හා දැවිලි සහිත යම් කෙලෙස් උපදිත්ද, එබඳු දේ දුරුකරන්නහුට ඒ කෙලෙස් පහළ නොවෙත්. මහණෙනි, මේ කෙලෙස් දුරු කිරීමෙන් නැතිකළ යුත්තාහු යයි කියනු ලැබෙත්.
|
26
‘‘කතමෙ ච, භික්ඛවෙ, ආසවා විනොදනා පහාතබ්බා? ඉධ, භික්ඛවෙ, භික්ඛු පටිසඞ්ඛා යොනිසො උප්පන්නං කාමවිතක්කං නාධිවාසෙති පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති, උප්පන්නං බ්යාපාදවිතක්කං...පෙ.... උප්පන්නං විහිංසාවිතක්කං...පෙ.... උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ නාධිවාසෙති පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති.
‘‘යඤ්හිස්ස, භික්ඛවෙ, අවිනොදයතො උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා, විනොදයතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ඉමෙ වුච්චන්ති, භික්ඛවෙ, ආසවා විනොදනා පහාතබ්බා.
|
26
“මහණෙනි, විනොදනයෙන් (දෝෂ සැලකීම් සහිත වීර්යයෙන් දුරලීමෙන්) නැතිකළ යුතුවූ කෙලෙස් කවරහුද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නුවණින් සලකා උපන්නාවූ කාම කල්පනාව නොඉවසයිද, දුරුකරයිද, බැහැර කරයිද, විනාශකරයිද, අභාවයට පමුණුවයිද, උපන්නාවූ ව්‍යාපාද (නැසීමේ) කල්පනාව නොඉවසයිද, දුරුකරයිද, බැහැර කරයිද, විනාශ කරයිද, අභාවයට පමුණුවයිද, උපන්නාවූ විහිංසා (හිංසා කිරීමේ) කල්පනාව නොඉවසයිද, දුරුකරයිද, බැහැර කරයිද විනාශ කරයිද, අභාවයට පමුණුවයිද, උපන්නාවූ ලාමක අකුසල ධර්ම නොඉවසයිද, දුරුකරයිද, බැහැර කරයිද, විනාශ කරයිද, අභාවයට පමුණුවයිද, යම්හෙයකින් ඒ කල්පනා දුරලීම නොකරන්නහුට වෙහෙස හා දැවිල්ල සහිත යම් කෙලෙස් උපදිත්ද, ඒ කල්පනා දුරලන්නහුට වෙහෙස හා දැවිල්ල සහිත කෙලෙස් පහළනොවෙත්. මහණෙනි, මේ කෙලෙස් දුරලීමෙන් නැති කළ යුත්තාහයි කියනු ලැබෙත්.
|
27
‘‘කතමෙ ච, භික්ඛවෙ, ආසවා භාවනා පහාතබ්බා? ඉධ, භික්ඛවෙ, භික්ඛු පටිසඞ්ඛා යොනිසො සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං; පටිසඞ්ඛා යොනිසො ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං භාවෙති...පෙ.... වීරියසම්බොජ්ඣඞ්ගං භාවෙති... පීතිසම්බොජ්ඣඞ්ගං භාවෙති...
‘‘යඤ්හිස්ස, භික්ඛවෙ
|
27
මහණෙනි, භාවනාවෙන් නැතිකළ යුතුවූ කෙලෙස් කවරහුද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නුවණින් සලකා විවේකය ඇසුරු කළාවූ විරාගය (නොඇල්ම) ඇසුරු කළාවූ නිරෝධය ඇසුරු කළාවූ, නිවණට පමුණුවන්නාවූ ස්මෘතිසම්බොද්ධ්යඞගය (සම්බොධියට අංගවූ සිහිය) වඩයි.
“නුවණින් සලකා, විවේකය ඇසුරුකළාවූ, විරාගය (නොඇල්ම) ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ නිවණට පමුණුවන්නාවූ ධර්මවිචය සම්බොද්ධ්‍යංගය (සම්බොධියට අංගවූ නුවණ) වඩයි.
“නුවණින් සලකා, විවේකය ඇසුරු කළාවූ, විරාගය (නොඇල්ම) ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ නිවණට පමුණුවන්නාවූ වීර්ය සම්බොද්ධ්‍යංගය (සම්බොධියට අංගවූ වීර්ය) වඩයි.
“නුවණින් සලකා, විවේකය ඇසුරු කළාවූ, විරාගය (නොඇල්ම) ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ නිවණට පමුණුවන්නාවූ ප්‍රීති සම්බොද්ධ්‍යංගය (සම්බොධියට අංගවූ ප්‍රීතිය) වඩයි.
“නුවණින් සලකා, විවේකය ඇසුරු කළාවූ, විරාගය (නොඇල්ම) ඇසුරු කළාවූ, නිවණට පමුණුවන්නාවූ පස්සද්ධි සම්බොද්ධ්‍යංගය (සම්බොධියට අංගවූ කායපස්සද්ධි චිත්තපස්සද්ධි දෙක) වඩයි.
“නුවණින් සලකා විවේකය ඇසුරු කළාවූ විරාගය (නොඇල්ම) ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ නිවණට පමුණුවන්නාවූ සමාධිසම්බොද්ධ්යංගය (සම්බොධියට අංගවූ සමාධිය) වඩයි.
“නුවණින් සලකා, විවේකය ඇසුරුකළාවූ විරාගය (නොඇල්ම) ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ නිවණට පමුණුවන්නාවූ උපෙක්ෂා සම්බොද්ධ්‍යංගය (සම්බොධියට අංගවූ උපෙක්ෂාව) වඩයි. භාවනා නොකරන්නහුට වෙහෙස දැවිල්ල සහිත යම් කෙලෙස් උපදිත්ද, භාවනාකරන්නහුට ඒ වෙහෙස හා දැවිල්ල සහිත කෙලෙස් පහළ නොවෙත්.
|
28
‘‘යතො ඛො, භික්ඛවෙ, භික්ඛුනො යෙ ආසවා දස්සනා පහාතබ්බා තෙ දස්සනා පහීනා හොන්ති, යෙ ආසවා සංවරා පහාතබ්බා
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
|
28
“මහණෙනි, යම්කලෙක පටන් මහණහුගේ සෝවාන් මාර්ගයෙන් නැති කළ යුතු කෙලෙස් සෝවාන් මාර්ගයෙන් නැති වූවාහු වෙත්ද, සංවරයෙන් නැති කළ යුතු කෙලෙස් සංවරයෙන් නැතිවූවාහු වෙත්ද, සේවනයෙන් නැති කළ යුතු කෙලෙස් සේවනයෙන් නැතිවූවාහු වෙත්ද, ඉවසීමෙන් නැති කළ යුතු කෙලෙස් ඉවසීමෙන් නැතිවූවාහු වෙත්ද, දුරු කිරීමෙන් නැති කළ යුතු කෙලෙස් දුරුකිරීමෙන් නැතිවූවාහු වෙත්ද දුරලීමෙන් නැති කළ යුතු කෙලෙස් දුරලීමෙන් නැති වූවාහු වෙත්ද, භාවනාවෙන් නැති කළ යුතු කෙලෙස් භාවනාවෙන් නැති වූවාහු වෙත්ද, මහණෙනි, මේ මහණතෙම සියලු කෙලෙස් වැළැක්වීමෙන් යුක්තවූයේ වාසය කෙරේයයිද තෘෂ්ණාව මුල් සින්දේයයිද, සංයෝජන නැති කෙළේයයිද මානය නැති කිරීමෙන් සියලු සංසාර දුක කෙළවර කෙළේ යයි”ද කියනු ලැබේ.
මේ ධර්මදේශනාව භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් අනුමෝදන් වූවෝය.
|
3. ධම්මදායාදසුත්තං | 3. ධම්ම දායාද සූත්‍රය |
29
‘‘ධම්මදායාදා මෙ, භික්ඛවෙ, භවථ, මා ආමිසදායාදා. අත්ථි මෙ තුම්හෙසු අනුකම්පා - ‘කින්ති මෙ සාවකා ධම්මදායාදා භවෙය්යුං, නො ආමිසදායාදා’ති. තුම්හෙ ච මෙ, භික්ඛවෙ, ආමිසදායාදා භවෙය්‍යාථ නො ධම්මදායාදා, තුම්හෙපි තෙන ආදියා
(ආදිස්සා (සී. ස්‍යා. පී.)) භවෙය්‍යාථ - ‘ආමිසදායාදා සත්ථුසාවකා විහරන්ති, නො ධම්මදායාදා’ති; අහම්පි තෙන ආදියො භවෙය්යං - ‘ආමිසදායාදා සත්ථුසාවකා විහරන්ති, නො ධම්මදායාදා’ති. තුම්හෙ ච මෙ, භික්ඛවෙ, ධම්මදායාදා භවෙය්‍යාථ, නො ආමිසදායාදා, තුම්හෙපි තෙන න ආදියා භවෙය්‍යාථ - ‘ධම්මදායාදා සත්ථුසාවකා විහරන්ති, නො ආමිසදායාදා’ති; අහම්පි තෙන න ආදියො භවෙය්යං - ‘ධම්මදායාදා සත්ථුසාවකා විහරන්ති, නො ආමිසදායාදා’ති. තස්මාතිහ මෙ, භික්ඛවෙ, ධම්මදායාදා භවථ, මා ආමිසදායාදා. අත්ථි මෙ
|
29
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනාථපිණ්ඩික සිටුහු විසින් කරවනලද ජේතවන නම් ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි,’ කියා භික්ෂූන්ට කථා කළහ. ඒ භික්ෂූහු ‘ස්වාමීනි,’ කියා උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්රධර්මය දේශනා කළහ.
“මහණෙනි, මාගේ ධර්මය දායාදකොට ඇත්තෝ (පිළිගන්නෝ) වව්. ආමිසය (සිව්පසය) දායාදකොට ඇත්තෝ (පිළිගන්නෝ) නොවව්. කෙසේ නම් මාගේ ශ්‍රාවකයෝ ධර්මය දායාදකොට ඇත්තෝ වන්නාහුද, ආමිසය (සිව්පසය) දායාද කොට ඇත්තෝ නොවන්නාහුදැයි තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත. මහණෙනි, තොපත් මාගේ ආමිසය ගරුකොට පිළිගන්නෝ වන්නහුද? ධර්මය ගරුකොට නොපිළිගන්නෝ වන්නහුද, ‘ශාස්තෘ ශ්‍රාවකයෝ ආමිස ගරුකව වාසය කරති. ධර්ම ගරුකව වාසය නොකරති’යි තොපද ඒ කාරණයෙන් ගැරහිය යුත්තෝ වන්නාහුය. ‘ශාස්තෘ ශ්‍රාවකයෝ ආමිසය දායාදකොටගෙන ධර්මය දායාද කොට නොගෙන වාසය කරත්ය’යි මමත් ගැරහිය යුත්තෙක් වන්නෙමි. මහණෙනි, තොපිත් මාගේ ධර්මය දායාදකොට ඇත්තාහු ආමිසය දායාදකොට නැත්තාහු වන්නහු නම් ‘ශාස්තෘ ශ්‍රාවකයෝ ධර්මය දායාදකොට ඇත්තාහු වාසය කරත්, ආමිසය දායාදකොට නැත්තාහු වාසය කරත්ය’යි තෙපිත් ගැරහිය යුත්තෝ නොවන්නහුය. ‘ශාස්තෘ ශ්‍රාවකයෝ ධර්මය දායාදකොට වාසය කරති, ආමිසය ගරුකොට වාසය නොකරති’යි මමත් එයින් ගැරහිය යුත්තෙක් නොවන්නෙමි. මහණෙනි, එහෙයින් ධර්මය දායාදකොට ඇත්තෝ වව්, ආමිසය දායාදකොට ඇත්තෝ නොවව්. කෙසේ නම් මාගේ ශ්‍රාවකයෝ ධර්මය දායාදකොට ඇත්තෝ වන්නාහුද, ආමිසය දායාදකොට ඇත්තෝ නොවන්නාහුදැයි තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත.
|
30
‘‘ඉධාහං, භික්ඛවෙ, භුත්තාවී අස්සං පවාරිතො පරිපුණ්ණො පරියොසිතො
ඉදමවොච භගවා. ඉදං වත්වාන
(වත්වා (සී. පී.) එවමීදිසෙසු ඨානෙසු) සුගතො උට්ඨායාසනා විහාරං පාවිසි.
|
30
“මහණෙනි, මම වැළඳුයෙමි, ඇති පමණ වළඳා ආහාරය ප්‍රතික්ෂේප කෙළෙමි. භොජනයෙන් සම්පූර්ණ වූයෙමි. වළඳා අවසන් කෙළෙමි. බඩගින්න නිවීයාමෙන් සුවපත් වූයෙමි. ප්‍රයෝජන ඇතිතාක් ආහාර ගත්තේ වෙමි. මහණෙනි, ඉතිරිව ඉවත දැමිය යුතුවූ පිණ්ඩපාතය (ආහාරය) ඇත්තේය.
“එකල්හි බඩගින්නෙන් ඇතිවූ දුර්වලකමින් පෙළෙන්නාවූ භික්ෂූන් දෙනමක් එන්නාහුය. මම ඔවුන්ට මෙසේ කියන්නෙමි. ‘මහණෙනි, මම වනාහි වැළඳුයේ වෙමි. ඇති පමණ වැළඳුයෙමි. භොජනයෙන් සම්පූර්ණ වූයේ වෙමි. වළඳා අවසන් කෙළෙමි සුවපත් වූයෙමි. ප්‍රයෝජන ඇතිතාක් ආහාර ගත්තෙමි. ඉතිරිවූ ඉවත දැමිය යුතුවූ මේ ආහාරයද ඇත. ඉදින් කැමැත්තහු නම් වළඳව්. ඉදින් තෙපි නොවළඳන්නහු නම් මම දැන් එය තණකොළ නැති බිමක හෝ දමන්නෙමි. (බත් ආදිය දැමීමෙන් නැසෙන) කුඩාසතුන් නැති දියෙහි හෝ පාකොට හරින්නෙමි.’ (කියායි.)
“ඔවුන් දෙදෙනා අතුරෙන් එක් භික්ෂුවක්හට මෙබඳු සිතක් ඇතිවෙයි. භාග්‍යවතුන් වහන්සේ වනාහි වැළඳුයේ වෙයි. පවාරණය කළේ, ආහාරයෙන් සම්පූර්ණ වූයේ, වළඳා අවසන් කළේ, සුඛිත වූයේ, ප්‍රයෝජන ඇතිතාක් ආහාර ගත්තේ වෙයි. ඉතිරිවූ ඉවත දැමිය යුතුවූ මේ ආහාරයද ඇත්තේය. ඉදින් අපි නොවළඳන්නෙමු නම් භාග්‍යවතුන් වහන්සේ එය තණකොළ නැති බිමක හෝ දමන්නාහ. කුඩා සතුන් නැති ජලයක හෝ පාකොට හරින්නාහ. “මහණෙනි, ධර්මය දායාදකොට ඇත්තෝ වව්. ආමිසය දායාදකොට ඇත්තෝ නොවව්ය”යි භාග්‍යවතුන් වහන්සේ විසින්ම වදාරන ලදී. මේ පිණ්ඩපාතයද එක් ආමිසයකි. ‘මම මේ ආහාරය නොවළඳා මේ බඩගිනි දුබලකමින් යුක්තව මෙසේ මේ රෑ දාවල ඉක්මවන්නෙම් නම් ඉතා යෙහෙකැ’යි කියායි. ඒ භික්ෂුතෙම ඒ ආහාරය අනුභව නොකොට ඒ බඩගිනි දුකින්ම ඒ රෑ දාවල ඉක්මවන්නේය, නැවත දෙවන මහණට මෙබඳු සිතක් වන්නේය. භාග්‍යවතුන් වහන්සේ වනාහි වැළඳුයේ වෙයි. පවාරණය කළේ, ආහාරයෙන් සම්පූර්ණ වූයේ, වළඳා අවසන් කළේ, සුඛිත වූයේ, ප්‍රයෝජන ඇතිතාක් ආහාර ගත්තේ වෙයි. ඉතිරිවූ ඉවත දැමිය යුතු මේ ආහාරයද වෙයි. ඉදින් අපි නොවළඳන්නෙමු නම් භාග්‍යවතුන් වහන්සේ එය තණකොළ නැති බිමක හෝ දමන්නාහ, කුඩා සතුන් නැති ජලයක හෝ පාකොට හරින්නාහ. මම මේ ආහාරය වළඳා බඩගිනි දුර්වලකම දුරුකොට මෙසේ මේ රෑ දාවල ඉක්මවන්නෙම් නම් යහපතැයි කියායි.
“මහණෙනි, ඒ දෙවන භික්ෂුව ඒ ආහාරය වළඳා බඩගිනි දුබල බව දුරුකොට ‘මෙසේ රෑ දාවල ඉක්මවන්නේවී නමුත් අර පළමු භික්ෂුවම මා විසින් අතිශයින් පිදියයුත්තේද, අතිශයින් පැසසිය යුත්තේද වෙයි.’
“ඊට හේතු කවරේද? මහණෙනි, ඒ ආහාරය නොගැනීම ඒ භික්ෂුහට බොහෝ කාලයක් මුළුල්ලෙහි ස්වල්ප ආශා ඇති බව පිණිසද, ලද දෙයකින් සතුටුවීම පිණිසද, පහසුවෙන් කෙලෙසුන් කපා හැරීම පිණිසද, පහසුවෙන් පොෂ්‍යකළහැකි බව පිණිසද, වීර්ය පටන්ගැන්ම පිණිසද පවත්නේය.
“මහණෙනි, එහෙයින් මාගේ ධර්මය දායාදකොට ඇත්තෝ වව්, ආමිසය දායාදකොට ඇත්තෝ නොවව්. කෙසේනම් මාගේ ශ්‍රාවකයෝ ධර්මය දායාදකොට ඇත්තෝ වන්නාහුද? ආමිසය දායාදකොට ඇත්තෝ නොවන්නහුදැයි තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. මෙය වදාරා සුගතයන්වහන්සේ හුනස්නෙන් නැගිට විහාරයට වැඩියහ.
|
31
තත්ර ඛො ආයස්මා සාරිපුත්තො අචිරපක්කන්තස්ස භගවතො භික්ඛූ ආමන්තෙසි - ‘‘ආවුසො භික්ඛවෙ’’ති. ‘‘ආවුසො’’ති ඛො තෙ
‘‘කිත්තාවතා නු ඛො, ආවුසො, සත්ථු පවිවිත්තස්ස විහරතො සාවකා විවෙකං නානුසික්ඛන්ති, කිත්තාවතා ච පන සත්ථු පවිවිත්තස්ස විහරතො සාවකා විවෙකමනුසික්ඛන්තී’’ති? ‘‘දූරතොපි ඛො මයං, ආවුසො, ආගච්ඡාම
‘‘කිත්තාවතා නු ඛො, ආවුසො, සත්ථු පවිවිත්තස්ස විහරතො සාවකා විවෙකං නානුසික්ඛන්ති? ඉධාවුසො, සත්ථු පවිවිත්තස්ස විහරතො සාවකා විවෙකං නානුසික්ඛන්ති, යෙසඤ්ච ධම්මානං සත්ථා පහානමාහ, තෙ ච ධම්මෙ නප්පජහන්ති, බාහුලිකා
(බාහුල්ලිකා (ස්‍යා.)) ච හොන්ති, සාථලිකා, ඔක්කමනෙ පුබ්බඞ්ගමා, පවිවෙකෙ නික්ඛිත්තධුරා. තත්රාවුසො, ථෙරා භික්ඛූ තීහි ඨානෙහි ගාරය්හා භවන්ති. ‘සත්ථු පවිවිත්තස්ස විහරතො සාවකා විවෙකං නානුසික්ඛන්තී’ති - ඉමිනා පඨමෙන ඨානෙන ථෙරා භික්ඛූ ගාරය්හා භවන්ති. ‘යෙසඤ්ච ධම්මානං සත්ථා පහානමාහ තෙ ච ධම්මෙ නප්පජහන්තී’ති - ඉමිනා දුතියෙන
|
31
එකල්හි වනාහි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ වේලාවකින් ‘ඇවැත්නි,මහණෙනි,’ කියා භික්ෂූන්ට කථාකළහ. ඒ භික්ෂූහු ‘ඇවැත්නි,’ කියා ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය දේශනා කළහ.
“ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ විවේකයෙහි වාසය කරද්දී ශ්‍රාවකයෝ කොපමණකින් (කරුණු කීයකින්) විවේකයෙහි හික්මෙත්ද? ශාස්තෲන්වහන්සේ විවේකයෙන් වාසය කරද්දී ශ්‍රාවකයෝ කොපමණකින් විවේකයෙහි නොහික්මෙත්ද?”
“ආයුෂ්මතුනි, අපි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන්වහන්සේගෙන් මේ වදාළ ධර්මයෙහි අර්ථය දැනගන්නට දුර සිටද එන්නෙමු. මේ ධර්මයෙහි අර්ථය ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේටම අයත්වීම යහපත්ය. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරාගන්නාහුයයි” කීහ.
“ඇවැත්නි, එසේ වීනම් අසව, මනාකොට මෙනෙහි කරව් කියන්නෙමි” ඒ භික්ෂූහු ‘එසේය ඇවැත්නි’ කියා ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙසේ දේශනා කළහ.
“ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ විවේකයෙන් වාසය කරද්දී ශ්‍රාවකයෝ කෙතෙක් කරුණකින් විවේකයෙහි නොහික්මෙත්ද, ඇවැත්නි, මේ ශාසනයෙහි ශ්‍රාවකයෝ ශාස්තෲන් වහන්සේ විවේකව වාසය කරද්දී විවේකයෙහි නොහික්මෙත්ද, ශාස්තෲන් වහන්සේ යම් ධර්මයන්ගේ නැතිකිරීම දේශනාකළේද ඒ ධර්මයන් නැති නොකරත්ද, චිවරාදිය බහුලකොට ඇත්තෝ වෙත්ද, සර්වඥශාසනය ලිහිල්කොට ගන්නෝ වෙත්ද, නීවරණයන්හි ඇලී වාසය කරත්ද, උතුම් විවේකයෙහි (නිර්වාණයෙහි) බහා තුබූ වීර්ය ඇත්තාහු වෙත්ද, ඇවැත්නි, ඒ භික්ෂූන් අතුරෙහි වැඩිසිටි (ස්ථවිර) භික්ෂුහු කරුණු තුනකින් ගැරහිය යුතු වෙත්. ශාස්තෲන් වහන්සේ විවේකයෙන් වාසයකරද්දී ශ්‍රාවකයෝ විවේකයෙහි නොහික්මෙති යන මේ පළමුවෙනි කාරණයෙන් ස්ථවිර භික්ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. ශාස්තෲන් වහන්සේ යම් ධර්මයක් දුරුකළ යුතුයයි වදාළේ නම් ඒ ධර්මයන් දුරු නොකරතියි යන මේ දෙවෙනි කාරණයෙන් ස්ථවිර භික්ෂුහු ගැරහිය යුත්තෝ වෙත්. චීවර ආදිය බහුලකොට ඇත්තෝය, සර්වඥ ශාසනය ලිහිල්කොට ගන්නෝය. නීවරණයන්හි ඇලී වාසය කරන්නෝය, විවේකයෙහි බහා තැබූ වීර්ය ඇත්තාහුය යන මේ තුන්වෙනි කරුණෙන් ස්ථවිර භික්ෂූහු ගැරහිය යුත්තෝ වෙති ඇවැත්නි, ස්ථවිර භික්ෂූහු වනාහි මේ කරුණු තුනෙන් ගැරහිය යුත්තෝ වෙත්.
“ඇවැත්නි, ඒ භික්ෂූන් අතුරෙහි මධ්‍යම භික්ෂූහු කරුණු තුනකින් ගැරහිය යුත්තෝ වෙත්. ශාස්තෲන් වහන්සේ විවේකයෙන් වාසය කරද්දී ශ්‍රාවකයෝ විවේකයෙහි නොහික්මෙති යන මේ පළමුවෙනි කාරණයෙන් මධ්‍යම භික්ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. ශාස්තෲන්වහන්සේ යම් ධර්මයන් දුරු කළ යුතුයයි වදාළේ නම් ඒ ධර්මයන් දුරු නොකරතියි යන මේ දෙවෙනි කාරණයෙන් මධ්‍යම භික්ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. චීවරාදිය බහුලකොට ඇත්තෝය. සර්වඥශාසනය ලිහිල්කොට සලකන්නෝය, නීවරණයන්හි ඇලී වාසය කරන්නෝය, විවේකයෙහි බහා තැබූ වීර්ය ඇත්තෝය යන මේ තුන්වෙනි කාරණයෙන් මධ්‍යම භික්ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. ඇවැත්නි, මධ්‍යම භික්ෂූහු වනාහි මේ කරුණු තුනින් ගැරහිය යුත්තෝ වෙත්.
“ඇවැත්නි, ඒ භික්ෂූන් අතුරෙහි නවක (අලුත පැවිදිවූ) භික්ෂූහු කරුණු තුනකින් ගැරහිය යුත්තෝ වෙත්. ශාස්තෲන් වහන්සේ විවේකයෙන් වාසය කරද්දී ශ්‍රාවකයෝ විවේකයෙහි නොහික්මෙති යන මේ පළමුවෙනි කාරණයෙන් නවක භික්ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. ශාස්තෲන්වහන්සේ යම් ධර්මයක් දුරුකළ යුතුයයි වදාළේ නම් ඒ ධර්මයන් දුරු නොකරතියි යන මේ දෙවෙනි කාරණයෙන් නවක භික්ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. චීවරාදිය බහුලකොට ඇත්තෝය, සර්වඥ ශාසනය ලිහිල්කොට සලකන්නෝය, නීවරණයන්හි ඇලී වාසය කරන්නෝය. විවේකයෙහි බහා තැබූ වීර්ය ඇත්තෝය යන මේ තුන්වෙනි කාරණයෙන් නවක භික්ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. ඇවැත්නි, නවක භික්ෂූහු වනාහි මේ කරුණු තුනින් ගැරහිය යුත්තෝ වෙත්.
“ඇවැත්නි, මෙපමණකින් වනාහි ශාස්තෲන් වහන්සේ විවේකයෙන් වාසය කරද්දී ශ්‍රාවකයෝ විවේකයෙහි නොහික්මෙති.
|
32
‘‘කිත්තාවතා ච, පනාවුසො, සත්ථු පවිවිත්තස්ස විහරතො සාවකා විවෙකමනුසික්ඛන්ති
|
32
“ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ විවේකයෙන් වාසය කරද්දී ශ්‍රාවකයෝ කොපමණකින් විවේකයෙහි හික්මෙද්ද? ඇවැත්නි, මේ ශාසනයෙහි ශාස්තෲන්වහන්සේ විවේකයෙන් වාසයකරද්දී ශ්‍රාවකයෝ විවේකයෙහි හික්මෙත් ද ශාස්තෲන් වහන්සේ යම් ධර්මයන් දුරුකළ යුතුයයි වදාළේ නම්, ඒ ධර්ම දුරුකරත්ද, චීවරාදිය බහුලකොට නැත්තෝ වෙත්ද, ශාසනය ලිහිල්කොට නොගන්නෝ වෙත්ද, නීවරණයන්හි ඇලී වාසය නොකරන්නෝ වෙත්ද, විවේකය පෙරටුකොට ගන්නෝ වෙද්ද,
“ඇවැත්නි, ඒ භික්ෂූන් අතුරෙහි ස්ථවිර භික්ෂූහු කරුණු තුනකින් පැසසිය යුත්තෝ වෙත්. ශාස්තෲන් වහන්සේ විවේකයෙන් වාසය කරද්දී ශ්‍රාවකයෝ විවේකයෙහි හික්මෙති. යන මේ පළමුවෙනි කාරණයෙන් ස්ථවිර භික්ෂූහු පැසසිය යුත්තෝ වෙත්. ශාස්තෲන් වහන්සේ යම් ධර්මයන් නැතිකළ යුතුයයි වදාළේ නම් ඒ ධර්මයන් නැතිකරත් යන මේ දෙවෙනි කාරණයෙන් ස්ථවිර භික්ෂූහු පැසසිය යුත්තෝ වෙත්. චීවර ආදිය බහුලකොට නැත්තෝය, ශාසනය ලිහිල් කොට නොගන්නෝය, නීවරණයන්හි ගැලී වාසය නොකරන්නෝය, විවේකයෙහි පෙරටුව යන්නෝය යන මේ තුන්වෙනි කාරණයෙන් ස්ථවිර භික්ෂූහු පැසසිය යුත්තෝ වෙත්. ඇවැත්නි, ස්ථවිර භික්ෂූහු වනාහි මේ කරුණු තුනින් පැසසිය යුත්තෝ වෙත්.
“ඇවැත්නි, ඒ භික්ෂූන් අතරෙහි මධ්‍යම භික්ෂූහු කරුණු තුනකින් පැසසිය යුත්තෝ වෙත්. ශාස්තෲන් වහන්සේ විවේකයෙන් වාසය කරද්දී ශ්‍රාවකයෝ විවේකයෙන් හික්මෙත් යන මේ පළමුවැනි කාරණයෙන් මධ්‍යම භික්ෂූහු පැසසිය යුත්තෝ වෙත්. ශාස්තෲන් වහන්සේ යම් ධර්මයන් නැතිකළ යුතුයයි වදාළේ නම් ඒ ධර්මයන් නැති කරත් යන මේ දෙවෙනි කාරණයෙන් මධ්‍යම භික්ෂූහු පැසසිය යුත්තෝ වෙත්. චීවර ආදිය බහුලකොට නැත්තෝය, ශාසනය ලිහිල්කොට නොගන්නෝය, නීවරණයන්හි ගැලී වාසය නොකරන්නෝය, විවේකයෙහි පෙරටුව යන්නෝය යන මේ තුන්වැනි කාරණයෙන් මධ්‍යම භික්ෂූහු වනාහි මේ කරුණු තුනින් පැසසිය යුත්තෝ වෙත්.
“ඇවැත්නි, ඒ භික්ෂූන් අතරෙහි නවක භික්ෂූහු කරුණු තුනකින් පැසසිය යුත්තෝ වෙත්. ශාස්තෘන් වහන්සේ විවේකයෙන් වාසය කරද්දී ශ්‍රාවකයෝ විවේකයෙන් හික්මෙත් යන මේ පළමුවැනි කාරණයෙන් නවක භික්ෂූහු පැසසිය යුත්තෝ වෙත්. ශාස්තෲන් වහන්සේ යම් ධර්මයන් නැති කළ යුතුයයි වදාළේ නම් ඒ ධර්මයන් නැති කරත් යන මේ දෙවැනි කාරණයෙන් නවක භික්ෂූහු පැසසිය යුත්තෝවෙත්. චීවර ආදිය බහුලකොට නැත්තෝය. ශාසනය ලිහිල්කොට නොගන්නෝය. නීවරණයන්හි ගැලී වාසය නොකරන්නෝය යන මේ තුන්වැනි කාරණයෙන් නවක භික්ෂූහු පැසසිය යුත්තෝ වෙත්. ඇවැත්නි, නවක භික්ෂූහු වනාහි මේ කරුණු තුනින් පැසසිය යුත්තෝ වෙත්.
|
33
‘‘තත්රාවුසො, ලොභො ච පාපකො දොසො ච පාපකො. ලොභස්ස ච පහානාය දොසස්ස ච පහානාය අත්ථි මජ්ඣිමා පටිපදා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. කතමා ච සා, ආවුසො, මජ්ඣිමා පටිපදා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති? අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්යථිදං
(සෙය්යථීදං (සී. ස්‍යා. පී.)) - සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි. අයං ඛො සා, ආවුසො, මජ්ඣිමා පටිපදා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති.
‘‘තත්රාවුසො, කොධො ච පාපකො උපනාහො ච
ඉදමවොචායස්මා සාරිපුත්තො. අත්තමනා තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස භාසිතං අභිනන්දුන්ති.
|
33
“ඇවැත්නි, ඒ දුරුකළයුතු ධර්මයන් අතුරෙහි ලෝභයද ලාමකය, ද්වේෂයද ලාමකය, ලෝභය, නැතිකිරීම පිණිසද ද්වේෂය නැතිකිරීම පිණිසද නුවණැස ඇති කරන්නාවූ සත්‍ය දැනීම ඇතිකරන්නාවූ, රාගාදීන් සංසිඳීම පිණිස පවත්නාවූ චතුරාර්යසත්යය දැනීම පිණිස පවත්නාවූ, සත්‍ය අවබෝධය පිණිස පවත්නාවූ නිර්වාණය පිණිස පවත්නාවූ මධ්‍යම ප්‍රතිපදාව ඇත. ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් නිවැරදි දැකීමය, නිවැරදි කල්පනාවය, නිවැරදි වචනය, නිවැරදි ක්‍රියාවය, නිවැරදි ජීවිකාවය, නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන අටය. ඇවැත්නි, නුවණැස ඇතිකරන්නාවූ සත්‍ය දැනීම ඇතිකරන්නාවූ, රාගාදිය සංසිඳීම පිණිස පවත්නාවූ, චතුරාර්යසත්යය දැනීම පිණිස පවත්නාවූ සත්‍ය අවබෝධය පිණිස පවත්නාවූ නිර්වාණය පිණිස පවත්නාවූ මධ්‍යම ප්‍රතිපදාව මේය.
“ඇවැත්නි, ක්‍රෝධය ලාමකය, බද්ධවෛරයද ලාමකය, ක්‍රෝධය නැතිකිරීම පිණිසද බද්ධවෛරය නැතිකිරීම පිණිසද නුවණැස ඇතිකරන්නාවූ සත්‍ය දැනීම ඇති කරන්නාවූ, රාගාදීන් සංසිඳීම පිණිස පවත්නාවූ චතුරාර්යසත්යය දැනීම පිණිස පවත්නාවූ, සත්‍ය අවබෝධය පිණිස පවත්නාවූ නිර්වාණය පිණිස පවත්නාවූ මධ්‍යම ප්‍රතිපදාව ඇත. ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් නිවැරදි දැකීමය, නිවැරදි කල්පනාවය, නිවැරදි වචනය, නිවැරදි ක්‍රියාවය, නිවැරදි ජීවිකාවය, නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන අටය. ඇවැත්නි, නුවණැස ඇතිකරන්නාවූ, සත්‍ය දැනීම ඇතිකරන්නාවූ, රාගාදිය සංසිඳීම පිණිස පවත්නාවූ, චතුරාර්යසත්යය දැනීම පිණිස පවත්නාවූ සත්‍ය අවබෝධය පිණිස පවත්නාවූ නිර්වාණය පිණිස පවත්නාවූ මධ්‍යම ප්‍රතිපදාව මේය.
“ඇවැත්නි, ගුණමකු බවද ලාමකය, පලාසය (ගුණ නැතිව සිටිමින් ගුණවතුන් හා සමානකොට සිතීම) ද ලාමකය. ගුණමකු බව නැතිකිරීම පිණිසද පලාසය (ගුණ නැතිව සිටිමින් ගුණවතුන් හා සමානකොට සිතීම) නැතිකිරීම පිණිසද නුවණැස ඇතිකරන්නාවූ සත්‍ය දැනීම ඇති කරන්නාවූ, රාගාදීන් සංසිඳීම පිණිස පවත්නාවූ, චතුරාර්යසත්යය දැනීම පිණිස පවත්නාවූ සත්‍ය අවබෝධය පිණිස පවත්නාවූ මධ්‍යම ප්‍රතිපදාව ඇත. ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් නිවැරදි දැකීමය, නිවැරදි කල්පනාවය, නිවැරදි වචනය, නිවැරදි ක්‍රියාවය, නිවැරදි ජීවිකාවය, නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන අටයි. ඇවැත්නි, නුවණැස ඇතිකරන්නාවූ, සත්‍ය දැනීම ඇතිකරන්නාවූ, රාගාදිය සංසිඳීම පිණිස පවත්නාවූ, චතුරාර්යසත්යය දැනීම පිණිස පවත්නාවූ සත්‍ය අවබෝධය පිණිස පවත්නාවූ නිර්වාණය පිණිස පවත්නාවූ මධ්‍යම ප්‍රතිපදාව මේය.
“ඇවැත්නි, ඊර්ෂ්‍යාවද ලාමකය, මසුරු බවද ලාමකය ඊර්ෂ්‍යාව නැතිකිරීම පිණිසද, මසුරු බව නැතිකිරීම පිණිසද නුවණැස ඇතිකරන්නාවූ, සත්‍ය දැනීම ඇතිකරන්නාවූ, රාගාදීන් සංසිඳීම පිණිස පවත්නාවූ, චතුරාර්යසත්යය දැනීම පිණිස පවත්නාවූ, සත්‍ය අවබෝධය පිණිස පවත්නාවූ නිර්වාණය පිණිස පවත්නාවූ මධ්‍යම ප්‍රතිපදාව ඇත. ඒ මේ ආර්යඅෂ්ටාංගික මාර්ගයයි. එනම් නිවැරදි දැකීමය, නිවැරදි කල්පනාවය, නිවැරදි වචනය, නිවැරදි ක්‍රියාවය, නිවැරදි ජීවිකාවය, නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන අටය. ඇවැත්නි, නුවණැස ඇතිකරන්නාවූ, සත්‍ය දැනීම ඇතිකරන්නාවූ, රාගාදිය සංසිඳීම පිණිස පවත්නාවූ, චතුරාර්යසත්යය දැනීම පිණිස පවත්නාවූ සත්‍ය අවබෝධය පිණිස පවත්නාවූ නිර්වාණය පිණිස පවත්නාවූ මධ්‍යම ප්‍රතිපදාව මේය.
“ඇවැත්නි, මායාව (කළ පව් වැසීම) ද ලාමකය, සඨබව (නැති ගුණ පහළ කිරීම) ද ලාමකය, මායාව නැති කිරීම පිණිසද සඨබව නැතිකිරීම පිණිසද නුවණැස ඇතිකරන්නාවූ සත්‍ය දැනීම ඇතිකරන්නාවූ, රාගාදීන් සංසිඳීම පිණිස පවත්නාවූ චතුරාර්ය සත්‍යය දැනීම පිණිස පවත්නාවූ සත්‍ය අවබෝධය පිණිස පවත්නාවූ නිර්වාණය පිණිස පවත්නාවූ මධ්‍යම ප්‍රතිපදාව ඇත. ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් නිවැරදි දැකීමය, නිවැරදි කල්පනාවය, නිවැරදි වචනය, නිවැරදි ක්‍රියාවය, නිවැරදි ජීවිකාවය, නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන අටය. ඇවැත්නි, නුවණැස ඇතිකරන්නාවූ, සත්‍ය දැනීම ඇතිකරන්නාවූ, රාගාදිය සංසිඳීම පිණිස පවත්නාවූ, චතුරාර්යසත්යය දැනීම පිණිස පවත්නාවූ සත්‍ය අවබෝධය පිණිස පවත්නාවූ නිර්වාණය පිණිස පවත්නාවූ මධ්‍යම ප්‍රතිපදාව මේය.
“ඇවැත්නි, දැඩි බව (හිත ඉදිමීම) ද ලාමකය, කරනුත්තරියකරණය (එකට එක කිරීම) ද ලාමකය, දැඩිබව නැතිකිරීම පිණිසද, කරනුත්තරියකරණය නැතිකිරීම පිණිසද නුවණැස ඇතිකරන්නාවූ සත්‍ය දැනීම ඇතිකරන්නාවූ රාගාදීන් සංසිඳීම පිණිස පවත්නාවූ චතුරාර්යසත්යය දැනීම පිණිස පවත්නාවූ සත්‍ය අවබෝධය පිණිස පවත්නාවූ නිර්වාණය පිණිස පවත්නාවූ මධ්‍යම ප්‍රතිපදාව ඇත. ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් නිවැරදි දැකීමය, නිවැරදි කල්පනාවය, නිවැරදි වචනය, නිවැරදි ක්‍රියාවය, නිවැරදි ජීවිකාවය, නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන අටය. ඇවැත්නි, නුවණැස ඇතිකරන්නාවූ, සත්‍ය දැනීම ඇතිකරන්නාවූ, රාගාදිය සංසිඳීම පිණිස පවත්නාවූ, චතුරාර්යසත්යය දැනීම පිණිස පවත්නාවූ සත්‍ය අවබෝධය පිණිස පවත්නාවූ නිර්වාණය පිණිස පවත්නාවූ මධ්‍යම ප්‍රතිපදාව මේය.
“ඇවැත්නි, මානයද ලාමකය, අධික මානයද ලාමකය. මානය නැතිකිරීම පිණිසද, අධිකමානය නැතිකිරීම පිණිසද, නුවණැස ඇතිකරන්නාවූ, සත්‍ය දැනීම ඇතිකරන්නාවූ, රාගාදීන් සංසිඳීම පිණිස පවත්නාවූ, චතුරාර්යසත්යය දැනීම පිණිස පවත්නාවූ, සත්‍ය අවබෝධය පිණිස පවත්නාවූ නිර්වාණය පිණිස පවත්නාවූ මධ්‍යම ප්‍රතිපදාව ඇත. ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් නිවැරදි දැකීමය, නිවැරදි කල්පනාවය, නිවැරදි වචනය, නිවැරදි ක්‍රියාවය, නිවැරදි ජීවිකාවය, නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන අටය. ඇවැත්නි, නුවණැස ඇතිකරන්නාවූ, සත්‍ය දැනීම ඇතිකරන්නාවූ, රාගාදිය සංසිඳීම පිණිස පවත්නාවූ, චතුරාර්යසත්යය දැනීම පිණිස පවත්නාවූ සත්‍ය අවබෝධය පිණිස පවත්නාවූ නිර්වාණය පිණිස පවත්නාවූ මධ්‍යම ප්‍රතිපදාව මේය.
“ඇවැත්නි, මදය (මත්වීම) ද ලාමකය, ප්‍රමාදය (කාමසැපෙහි ගැලීම) ද ලාමකය. මදය නැතිකිරීම පිණිසද ප්‍රමාදය නැතිකිරීම පිණිසද නුවණැස ඇතිකරන්නාවූ සත්‍ය දැනීම ඇතිකරන්නාවූ රාගාදීන්ගේ සංසිඳීම පිණිස පවත්නාවූ චතුරාර්යසත්යය දැනීම පිණිස පවත්නාවූ, සත්‍යය අවබෝධය පිණිස පවත්නාවූ, නිර්වාණය පිණිස පවත්නාවූ ඒ මධ්‍යම ප්‍රතිපදාව කවරේද? යහපත් දැකීමය, යහපත් කල්පනාවය, යහපත් වචනය, යහපත් කර්මාන්තය, යහපත් ජීවිකාවය, යහපත් උත්සාහය, යහපත් සිහියය, යහපත් සමාධියය යන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමය. ඇවැත්නි, මේ මධ්‍යම ප්‍රතිපදාව නුවණැස ඇතිකිරීම පිණිසද, සත්‍යය දැනීම පිණිසද, රාගාදීන්ගේ සංසිඳීම පිණිසද, චතුරාර්යසත්යය දැනීම පිණිසද, සත්‍ය අවබෝධය පිණිසද නිර්වාණය පිණිසද පවත්නේය”යි වදාළ සේක.
ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මේ ධර්මය වදාළහ, ඒ භික්ෂූහු ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තාහුය.
|
4. භයභෙරවසුත්තං | 4. භයභෙරව සූත්‍රය |
34
එවං
|
34
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඩු සිටුහු විසින් කරවන ලද ජේතවන නම් විහාරයෙහි වැඩ වාසය කරති.
එකල්හි ජානුස්සොණි නම් බමුණු තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ හා සතුටු විය. සතුටුවිය යුතුවූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා එකත්පසක හුන්නේය. එකත්පසක හුන්නාමවූ ජානුස්සොණි බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කෙළේය.
“භවත් ගෞතමයන් වහන්ස, යම් යම් කුලපුත්‍රයෝ භවත් ගෞතමයින් උදෙසා ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූවාහුද ඔවුන්ට පින්වතුන් වහන්සේම නායකය. පින්වතුන් වහන්සේම ඔවුන්ට බොහෝ උපකාර ඇත්තෙක. පින්වතුන් වහන්සේම ඔවුන් සමාදන් කරවන්නාහ. ඒ ජන සමූහතෙම භවත් ගෞතමයින්ගේ දෘෂ්ටානුගතියට (දැකීම අනුගමනය කිරීම) පැමිණේයයි” කියායි. “බ්‍රාහ්මණය, ඒ කරුණ එසේමය. බ්‍රාහ්මණය, යම් ඒ කුලපුත්‍රයෝ මා උදෙසා ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූවාහුද? ඔවුන්ට මමම නායකවෙමි මමම බොහෝ උපකාර ඇත්තේ වෙමි. මමම ඔවුන් සමාදන් කරවන්නෙමි. ඒ ජන සමූහතෙමේ මගේම දෘෂ්ටානුගතියට පැමිණෙන්නේය.”
“භවත් ගෞතමයෙනි, ආරණ්‍ය සේනාසනයද වනයෙහි දුර පිහිටි සේනාසනද වනයෙහි ඉතාම දුර පිහිටි සේනාසනද ලැබීම දුෂ්කරය. හෙවත් එහි වාසය නොඉවසිය හැකිය. විවේකය දුෂ්කරය. තනිව විසීමේ සිත් ඇලවීම දුෂ්කරය. වනයෝ තුමූ සමාධිය නොලබන්නාවූ භික්ෂූහුගේ සිත පැහැර ගන්නාක් මෙන් වෙති. බ්‍රාහ්මණය, ඒ එසේමය. බ්‍රාහ්මණය, ඒ එසේමය. බ්‍රාහ්මණය, ආරණ්‍ය සේනාසනයද, වනයෙහි දුර පිහිටි සේනාසනයද, වනයෙහි ඉතාම දුර පිහිටි සේනාසනයද ලැබීම දුෂ්කරය. හෙවත් එහි වාසය නොඉවසිය හැකිය. විවේකය දුෂ්කරය, තනිව විසීමේ සිත් ඇලවීම දුෂ්කරය, වනයෝ තුමූ සමාධිය නොලබන්නාවූ භික්ෂූහුගේ සිත පැහැර ගන්නාක් මෙන් වෙති.
|
35
‘‘මය්හම්පි ඛො, බ්‍රාහ්මණ, පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො එතදහොසි - ‘දුරභිසම්භවානි හි ඛො අරඤ්ඤවනපත්ථානි පන්තානි සෙනාසනානි, දුක්කරං පවිවෙකං, දුරභිරමං එකත්තෙ, හරන්ති මඤ්ඤෙ මනො වනානි සමාධිං අලභමානස්ස භික්ඛුනො’ති. තස්ස මය්හං බ්‍රාහ්මණ, එතදහොසි - ‘යෙ ඛො කෙචි සමණා වා බ්රාහ්මණා වා අපරිසුද්ධකායකම්මන්තා අරඤ්ඤවනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවන්ති, අපරිසුද්ධකායකම්මන්තසන්දොසහෙතු හවෙ තෙ භොන්තො සමණබ්රාහ්මණා අකුසලං භයභෙරවං අව්හායන්ති. න ඛො පනාහං අපරිසුද්ධකායකම්මන්තො අරඤ්ඤවනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවාමි; පරිසුද්ධකායකම්මන්තොහමස්මි. යෙ හි වො අරියා පරිසුද්ධකායකම්මන්තා
|
35
“බ්‍රාහ්මණය, බුදුවන්නට පෙර බොධිසත්ව කාලයේදී මටද මේ කල්පනාව ඇතිවිය. (එනම්) අරණ්‍ය සේනාසනද, වනයෙහි දුර පිහිටි සේනාසනද, වනයෙහි ඉතාම දුර පිහිටි සේනාසනද ලබන්ට දුෂ්කරය, හෙවත් එහි වාසය නොඉවසිය හැකිය, විවේකය දුෂ්කරය, තනිව විසීමේ සිත් ඇලවීම දුෂ්කරය, වනයෝ තුමූ සමාධිය නොලබන්නාවූ භික්ෂූහුගේ සිත පැහැරගන්නාක් මෙන් වෙති යනුයි.
“බ්‍රාහ්මණය, ඒ මට මේ කල්පනාව ඇතිවිය. අපිරිසිදු ක්‍රියා ඇති යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ආරණ්‍ය සේනාසනද වනයෙහි ළඟ පිහිටි සේනාසන හා ඉතා දුර පිහිටි සේනාසනද සේවනය කරත්ද? ඒ පින්වත් මහණ බමුණෝ අපිරිසිදු ක්‍රියා නමැති ස්වකීය දෝෂ හේතුවෙන් භයානක අරමුණු දකිති. මම වනාහි අපිරිසිදු ක්‍රියා ඇතිව වන සේනාසන සේවනය නොකරමි. මම පිරිසිදු ක්‍රියා ඇත්තෙමි. යම් ආර්ය කෙනෙක් පිරිසිදු ක්‍රියා ඇත්තාහු වන සේනාසන සේවනය කරත් ද ඔවුන් අතුරෙන් මම එක්තරා කෙනෙක් වෙමි. බ්‍රාහ්මණය, මේ පිරිසිදු ක්‍රියා ඇති බව තමා කෙරෙහි දකින මම බොහෝසෙයින් වනවාසය පිණිස නිර්භය බවට පැමිණියෙමි.
“බ්‍රාහ්මණය, ඒ මට මේ කල්පනාව ඇතිවිය. අපිරිසිදු වචන ඇත්තාවූ යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ අරණ්‍ය සේනාසනද වනයෙහි ළඟ පිහිටි සේනාසනද දුර පිහිටි සේනාසනද සේවනය කරත්ද, ඒ පින්වත් මහණ බමුණෝ අපිරිසිදු වචන නමැති ස්වකීය දෝෂ හේතුවෙන් භයානක අරමුණු දකිති. මම වනාහි අපිරිසිදු වචන ඇතිව වන සේනාසන සේවනය නොකරමි. මම පිරිසිදු වචන ඇත්තේ වෙමි. යම් ආර්ය කෙනෙක් පිරිසිදු වචන ඇත්තාහු අරණ්‍ය සේනාසන සේවනය කරත්ද ඔවුන් අතුරෙන් මම එක්තරා කෙනෙක් වෙමි. මේ පිරිසිදු වචන ඇති බව තමා කෙරෙහි දකින මම බොහෝසෙයින් වනවාසය පිණිස භය නැති බවට පැමිණියෙමි.
|
36
‘‘තස්ස මය්හං, බ්‍රාහ්මණ, එතදහොසි - ‘යෙ ඛො කෙචි සමණා වා බ්රාහ්මණා වා අපරිසුද්ධවචීකම්මන්තා...පෙ.... අපරිසුද්ධමනොකම්මන්තා
|
36
“බ්‍රාහ්මණය, ඒ මට මේ කල්පනාව ඇතිවිය. අපිරිසිදු සිතිවිලි ඇත්තාවූ යම් ඒ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ අරණ්‍ය සේනාසනද වනයෙහි ළඟ පිහිටි සේනාසනද ඉතා දුර පිහිටි සේනාසනද සේවනය කරත්ද, ඒ පින්වත් මහණ බමුණෝ අපිරිසිදු සිතිවිලි නමැති තමන්ගේ දෝෂ හේතුවෙන් භයානක අරමුණු දකිති. මම වනාහි අපිරිසිදු සිතිවිලි ඇතිව වන සේනාසන සේවනය නොකරමි. මම පිරිසිදු වචන ඇත්තේ වෙමි. යම් ආර්ය කෙනෙක් පිරිසිදු සිතිවිලි ඇත්තාහු අරණ්‍ය සේනාසන සේවනය කරද්ද, ඔවුන් අතුරෙන් මම එක්තරා කෙනෙක්වෙමි. බ්‍රාහ්මණය, මේ පිරිසිදු සිතිවිලි ඇති බව තමා කෙරෙහි දක්නා මම බොහෝ සෙයින් වනවාසය පිණිස භය නැති බවට පැමිණියෙමි.
“බ්‍රාහ්මණය, ඒ මට මේ කල්පනාව ඇති විය. අපිරිසිදු ජීවිකා ඇත්තාවූ යම් ඒ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ආරණ්‍ය සේනාසනද වනයෙහි ළඟ පිහිටි සේනාසනද දුර පිහිටි සේනාසනද සේවනය කරත්ද, ඒ පින්වත් මහණ බමුණෝ අපිරිසිදු ජීවිකා නමැති තමන්ගේ දෝෂ හේතුවෙන් භයානක අරමුණු දකිති. මම වනාහි අපිරිසිදු ජීවිකා ඇතිව වන සේනාසන සේවනය නොකරමි. මම පිරිසිදු ජීවිකා ඇත්තේ වෙමි. යම් ආර්ය කෙනෙක් පිරිසිදු ජීවිකා ඇත්තාහු අරණ්‍ය සේනාසන සේවනය කරද්ද, ඔවුන් අතුරෙන් මම එක්තරා කෙනෙක් වෙමි. බ්‍රාහ්මණය, මේ පිරිසිදු ජීවිකා ඇති බව තමා කෙරෙහි දක්නා මම බොහෝ සෙයින් වනවාසය පිණිස භය නැති බවට පැමිණියෙමි.
|
37
‘‘තස්ස මය්හං, බ්‍රාහ්මණ, එතදහොසි - ‘යෙ ඛො කෙචි සමණා වා බ්රාහ්මණා වා අභිජ්ඣාලූ කාමෙසු තිබ්බසාරාගා අරඤ්ඤවනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවන්ති, අභිජ්ඣාලුකාමෙසුතිබ්බසාරාගසන්දොසහෙතු හවෙ තෙ භොන්තො සමණබ්රාහ්මණා අකුසලං භයභෙරවං අව්හායන්ති. න ඛො පනාහං අභිජ්ඣාලු කාමෙසු තිබ්බසාරාගො අරඤ්ඤවනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවාමි; අනභිජ්ඣාලූහමස්මි. යෙ හි වො අරියා අනභිජ්ඣාලූ අරඤ්ඤවනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවන්ති
|
37
“බ්‍රාහ්මණය, ඒ මට මේ කල්පනාව ඇති විය. අධික ලෝභ ඇත්තාවූ, කාමයන්හි තියුණු රාග ඇත්තාවූ යම් ඒ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ අරණ්‍ය සේනාසනද වනයෙහි ළඟ පිහිටි සේනාසනද ඉතා දුර පිහිටි සේනාසනද සේවනය කරයිද ඒ පින්වත් මහණ බමුණෝ අධික ලෝභ නමැති තමන්ගේ දෝෂ හේතුවෙන් භයානක අරමුණු දකිති. මම වනාහි අධික ලෝභ ඇතිව වන සේනාසන සේවනය නොකරමි. මම අධික ලෝභ නැත්තේ වෙමි. යම් ආර්ය කෙනෙක් අධික ලෝභ නැත්තාහු අරණ්‍ය සේනාසන සේවනය කරද්ද, ඔවුන් අතුරෙන් මම එක්තරා කෙනෙක් වෙමි. බ්‍රාහ්මණය, මේ අධික ලෝභ නැතිකම තමා කෙරෙහි දක්නා මම බොහෝ සෙයින් වනවාසය පිණිස භය නැති බවට පැමිණියෙමි.
|
38
‘‘තස්ස මය්හං, බ්‍රාහ්මණ, එතදහොසි - ‘යෙ ඛො කෙචි සමණා වා බ්රාහ්මණා වා බ්යාපන්නචිත්තා පදුට්ඨමනසඞ්කප්පා අරඤ්ඤවනපත්ථානි
|
38
“බ්‍රාහ්මණය, ඒ මට මේ කල්පනාව ඇති විය. ස්වභාව ගතියෙන් වෙනස්වී දුෂ්ට ස්වභාවයට පැමිණි සිත් ඇත්තාවූ යම් ඒ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ අරණ්‍ය සේනාසනද වනයෙහි ළඟ පිහිටි සේනාසනද, ඉතා දුර පිහිටි සේනාසනද සේවනය කරයිද, ඒ පින්වත් මහණ බමුණෝ ක්‍රොධ සිත නමැති තමන්ගේ දෝෂ හේතුවෙන් භයානක අරමුණු දකිති. මම වනාහි ක්‍රොධ සිත් ඇතිව වනසේනාසන සේවනය නොකරමි. මම ක්‍රොධ සිත් නැත්තේ වෙමි. යම් ආර්ය කෙනෙක් මෛත්‍රී සිත් ඇත්තාහු අරණ්‍ය සේනාසන සේවනය කරද්ද, ඔවුන් අතරෙන් මම එක්තරා කෙනෙක් වෙමි. බ්‍රාහ්මණය, මේ මෛත්‍රී සිත් ඇතිබව තමා කෙරෙහි දක්නා මම බොහෝ සෙයින් වන වාසය පිණිස භය නැති බවට පැමිණියෙමි.
|
39
‘‘තස්ස
|
39
“බ්‍රාහ්මණය, ඒ මට මේ කල්පනාව ඇති විය. ථින මිද්ධයෙන් (හිතේ ගිලන්කමින් හා චෛතසිකයන්ගේ ගිලන්කමින්) මඩනා ලද්දාවූ යම් ඒ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ අරණ්‍ය සේනාසනද වනයෙහි ළඟ පිහිටි සේනාසනද ඉතා දුර පිහිටි සේනාසනද සේවනය කරයිද, ඒ පින්වත් මහණ බමුණෝ ථිනමිද්ධ නමැති තමන්ගේ දෝෂ හේතුවෙන් භයානක අරමුණු දකිති. මම වනාහි ථිනමිද්ධ ඇතිව වන සේනාසන සේවනය නොකරමි. මම ථිනමිද්ධ නැත්තේ වෙමි. යම් ආර්ය කෙනෙක් ථිනමිද්ධ නැත්තාහු අරණ්‍ය සේනාසන සේවනය කරද්ද, ඔවුන් අතුරෙන් මම එක්තරා කෙනෙක් වෙමි. බ්‍රාහ්මණය, මේ ථිනමිද්ධ නැතිකම තමා කෙරෙහි දක්නාවූ මම බොහෝ සෙයින් වනවාසය පිණිස භය නැති බවට පැමිණියෙමි.
|
40
‘‘තස්ස මය්හං, බ්‍රාහ්මණ, එතදහොසි - ‘යෙ ඛො කෙචි සමණා වා බ්රාහ්මණා වා උද්ධතා අවූපසන්තචිත්තා අරඤ්ඤවනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවන්ති, උද්ධතඅවූපසන්තචිත්තසන්දොසහෙතු
|
40
“බ්‍රාහ්මණය, ඒ මට මේ කල්පනාව ඇති විය. විසිර ගියාවූ නොසන්සුන් සිත් ඇත්තාවූ යම් ඒ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ අරණ්‍ය සේනාසනද, වනයෙහි ළඟ පිහිටි සේනාසනද, ඉතා දුර පිහිටි සේනාසනද සේවනය කරයිද, ඒ පින්වත් මහණ බමුණෝ නොසංසිඳුනු සිත නමැති තමන්ගේ දෝෂ හේතුවෙන් භයානක අරමුණු දකිති. මම වනාහි නොසංසිඳුනු සිත් ඇතිව වන සේනාසන සේවනය නොකරමි. මම සංසිඳුනු සිත් ඇත්තේ වෙමි. යම් ආර්ය කෙනෙක් සංසිඳුනු ඇත්තාහු අරණ්‍ය සේනාසන සේවනය කරද්ද, ඔවුන් අතුරෙන් මම එක්තරා කෙනෙක් වෙමි. බ්‍රාහ්මණය, මේ සංසිඳුනු සිත් ඇති බව තමා කෙරෙහි දක්නාවූ මම බොහෝ සෙයින් වනවාසය පිණිස භය නැති බවට පැමිණියෙමි.
|
41
‘‘තස්ස මය්හං, බ්‍රාහ්මණ, එතදහොසි - ‘යෙ ඛො කෙචි සමණා වා බ්රාහ්මණා වා කඞ්ඛී විචිකිච්ඡී අරඤ්ඤවනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවන්ති, කඞ්ඛිවිචිකිච්ඡිසන්දොසහෙතු හවෙ තෙ භොන්තො සමණබ්රාහ්මණා අකුසලං භයභෙරවං අව්හායන්ති. න ඛො පනාහං කඞ්ඛී විචිකිච්ඡී අරඤ්ඤවනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවාමි; තිණ්ණවිචිකිච්ඡොහමස්මි. යෙ හි වො අරියා තිණ්ණවිචිකිච්ඡා අරඤ්ඤවනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවන්ති තෙසමහං අඤ්ඤතරො’ති. එතමහං, බ්‍රාහ්මණ, තිණ්ණවිචිකිච්ඡතං අත්තනි සම්පස්සමානො
|
41
“බ්‍රාහ්මණය, ඒ මට මේ කල්පනාව ඇති විය. සැක කරන්නාවූ නිශ්චයක් නැත්තාවූ යම් ඒ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ අරණ්‍ය සේනාසනද වනයෙහි ළඟ පිහිටි සේනාසනද ඉතා දුර පිහිටි සේනාසනද සේවනය කරයිද, ඒ පින්වත් මහණ බමුණෝ සැක නමැති තමන්ගේ දෝෂ හේතුවෙන් භයානක අරමුණු දකිති. මම වනාහි සැක සහිත සිත් ඇතිව වන සේනාසන සේවනය නොකරමි. මම දුරුකළාවූ සැක ඇත්තේ වෙමි. යම් ආර්ය කෙනෙක් සැක නැත්තාහු අරණ්‍ය සේනාසන සේවනය කරද්ද, ඔවුන් අතුරෙන් මම එක්තරා කෙනෙක් වෙමි. බ්‍රාහ්මණය, මේ සැකය දුරුකළ බව තමා කෙරෙහි දක්නාවූ මම බොහෝ සෙයින් වනවාසය පිණිස භය නැති බවට පැමිණියෙමි.
|
42
‘‘තස්ස මය්හං, බ්‍රාහ්මණ, එතදහොසි - ‘යෙ ඛො කෙචි සමණා වා බ්රාහ්මණා වා අත්තුක්කංසකා පරවම්භී අරඤ්ඤවනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවන්ති, අත්තුක්කංසනපරවම්භනසන්දොසහෙතු හවෙ තෙ භොන්තො
|
42
“බ්‍රාහ්මණය, ඒ මට මේ කල්පනාව ඇති විය. තමන් උසස් කොට සිතන්නාවූ, අනුන් පහත් කරන්නාවූ යම් ඒ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ අරණ්‍ය සේනාසනද, වනයෙහි ළඟ පිහිටි සේනාසනද, ඉතා දුර පිහිටි සේනාසනද, සේවනය කරත්ද, ඒ පින්වත් මහණ බමුණෝ තමා උසස් කොට සිතීම නමැති තමන්ගේ දෝෂ හේතුවෙන් භයානක අරමුණු දකිති. මම වනාහි තමා උසස් කොට සහිත සිත් ඇතිව වන සේනාසන සේවනය නොකරමි. මම මම තමා උසස් කොට සිතීමි දුරුකළේ වෙමි. යම් ආර්ය කෙනෙක් තමා උසස් කොට සිතීම දුරුකළාවූ අරණ්‍ය සේනාසන සේවනය කරද්ද, ඔවුන් අතුරෙන් මම එක්තරා කෙනෙක් වෙමි. බ්‍රාහ්මණය, මේ තමා උසස්කොට සිතීම දුරුකළ බව තමා කෙරෙහි දක්නාවූ මම බොහෝ සෙයින් වනවාසය පිණිස භය නැති බවට පැමිණියේ වෙමි.
|
43
‘‘තස්ස මය්හං, බ්‍රාහ්මණ, එතදහොසි - ‘යෙ ඛො කෙචි සමණා වා බ්රාහ්මණා වා ඡම්භී භීරුකජාතිකා අරඤ්ඤවනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවන්ති, ඡම්භිභීරුකජාතිකසන්දොසහෙතු හවෙ තෙ භොන්තො සමණබ්රාහ්මණා අකුසලං භයභෙරවං අව්හායන්ති. න ඛො පනාහං ඡම්භී භීරුකජාතිකො අරඤ්ඤවනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවාමි; විගතලොමහංසොහමස්මි. යෙ හි වො අරියා විගතලොමහංසා අරඤ්ඤවනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවන්ති තෙසමහං අඤ්ඤතරො’ති. එතමහං, බ්‍රාහ්මණ, විගතලොමහංසතං අත්තනි සම්පස්සමානො භිය්යො පල්ලොමමාපාදිං අරඤ්ඤෙ විහාරාය.
|
43
“බ්‍රාහ්මණය, ඒ මට මේ කල්පනාව ඇතිවිය. තැති ගන්නාවූ, භයවන ස්වභාව ඇත්තාවූ යම් ඒ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ අරණ්‍ය සේනාසනද, වනයෙහි ළඟ පිහිටි සේනාසනද, ඉතා දුර පිහිටි සේනාසනද සේවනය කරයිද, ඒ පින්වත් මහණ බමුණෝ ලොමු දැහැගැනුම හා බියසුලු බව නමැති තමන්ගේ දෝෂ හේතුවෙන් භයානක අරමුණු දකිති. මම වනාහි ලොමු දැහැගැනුම් ඇතිව වනසේනාසන සේවනය නොකරමි. මම ලොමු දැහැගැනුම දුරු කළේ වෙමි. යම් ඒ ආර්ය කෙනෙක් ලොමු දැහැගැනුම බිය සුලු බව දුරු කළාවූ අරණ්‍ය සේනාසන සේවනය කරත් ද ඔවුන් අතරෙන් මම එක්තරා කෙනෙක් වෙමි. බ්‍රාහ්මණය, මේ ලොමු දැහැගැනුම හා බියසුලු බව දුරු කිරීම තමා කෙරෙහි දක්නාවූ මම බොහෝ සෙයින් වනවාසය පිණිස භය නැති බවට පැමිණියේ වෙමි.
|
44
‘‘තස්ස මය්හං, බ්‍රාහ්මණ, එතදහොසි - ‘යෙ ඛො කෙචි සමණා වා බ්රාහ්මණා වා ලාභසක්කාරසිලොකං නිකාමයමානා අරඤ්ඤවනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවන්ති, ලාභසක්කාරසිලොකනිකාමන
(නිකාමයමාන (සී. ස්‍යා.)) සන්දොසහෙතු හවෙ තෙ භොන්තො සමණබ්රාහ්මණා අකුසලං භයභෙරවං අව්හායන්ති. න ඛො පනාහං ලාභසක්කාරසිලොකං නිකාමයමානො
|
44
“බ්‍රාහ්මණය, ඒ මට මේ කල්පනාව ඇතිවිය. ලාභ සත්කාර හා කීර්තිය පතන්නාවූ යම් ඒ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ අරණ්‍ය සේනාසනද වනයෙහි ළඟ පිහිටි සේනාසනද ඉතා දුර පිහිටි සේනාසනද සේවනය කරයිද, ඒ පින්වත් මහණ බමුණෝ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කැමති වීම නමැති තමන්ගේ දෝෂ හේතුවෙන් භයානක අරමුණු දකිති. මම වනාහි ලාභ සත්කාර කීර්ති ප්රංසා කැමතිව වන සේනාසන සේවනය නොකරමි. මම අල්පෙච්ඡ (සුලු දෙයින් සතුටුවන) බව ඇත්තේ වෙමි. යම් ඒ ආර්යකෙනෙක් අල්පෙච්ඡවූවාහු අරණ්‍ය සේනාසන සේවනය කරත්ද, ඔවුන් අතරෙන් මම එක්තරා කෙනෙක් වෙමි. බ්‍රාහ්මණය, මේ අල්පෙච්ඡ බව තමා කෙරෙහි දක්නාවූ මම බොහෝ සෙයින් වන වාසය පිණිස භය නැතිබවට පැමිණියේ වෙමි.
|
45
‘‘තස්ස මය්හං, බ්‍රාහ්මණ, එතදහොසි - ‘යෙ ඛො කෙචි සමණා වා බ්රාහ්මණා වා කුසීතා හීනවීරියා අරඤ්ඤවනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවන්ති
|
45
“බ්‍රාහ්මණය, ඒ මට මේ කල්පනාව ඇතිවිය. කම්මැලිවූ වීර්ය නැත්තාවූ යම් ඒ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ අරණ්‍ය සේනාසනද, වනයෙහි ළඟ පිහිටි සේනාසනද ඉතා දුර පිහිටි සේනාසනද සේවනය කරයිද ඒ පින්වත් මහණ බමුණෝ සේනාසනද සේවනය කරයිද ඒ පින්වත් මහණ බමුණෝ කම්මැලි බව හා වීර්ය නැති බව යන තමන්ගේ දෝෂ හේතුවෙන් භයානක අරමුණු දකිති. මම වනාහි කම්මැලි බව හා වීර්ය නැති බව ඇතිව වන සේනාසන සේවනය නොකරමි. මම පටන්ගත් වීර්යය ඇත්තේ වෙමි. යම් ඒ ආර්ය කෙනෙක් පටන්ගත් වීර්ය ඇත්තේ වන සේනාසන සේවනය කරද්ද ඔවුන් කෙරෙන් මම එක්තරා කෙනෙක් වෙමි. බ්‍රාහ්මණය, මේ පටන්ගත් වීර්යය ඇති බව තමා කෙරෙහි දක්නාවූ මම බොහෝසෙයින් වන වාසය පිණිස භය නැති බවට පැමිණියෙමි.
|
46
‘‘තස්ස
|
46
“බ්‍රාහ්මණය, ඒ මට මේ කල්පනාව ඇතිවිය. මුළාවූ සිහිඇත්තාවූ, හොඳ නුවණනැත්තාවූ යම් ඒ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ අරණ්‍ය සේනාසනද වනයෙහි ළඟ පිහිටි සේනාසනද, ඉතා දුර පිහිටි සේනාසනයද සේවනය කරයිද, ඒ පින්වත් මහණ බමුණෝ සිහි මුළා බව හා හොඳ නුවණ නැති බව යන තමන්ගේ දෝෂ හේතුවෙන් භයානක අරමුණු වන සේනාසන සේවනය නොකරමි. මම එළඹ සිටි සිහි ඇත්තේ වෙමි. යම් ඒ ආර්ය කෙනෙක් එළඹ සිටි සිහි ඇත්තේ වන සේනාසන සේවනය කරද්ද, ඔවුන් අතුරෙන් මම එක්තරා කෙනෙක් වෙමි. බ්‍රාහ්මණය, මේ එළඹ සිටි සිහි ඇති බව තමා කෙරෙහි දක්නාවූ මම බොහෝසෙයින් වන වාසය පිණිස භය නැති බවට පැමිණියෙමි.
|
47
‘‘තස්ස මය්හං, බ්‍රාහ්මණ, එතදහොසි - ‘යෙ ඛො කෙචි සමණා වා බ්රාහ්මණා වා අසමාහිතා විබ්භන්තචිත්තා අරඤ්ඤවනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවන්ති, අසමාහිතවිබ්භන්තචිත්තසන්දොසහෙතු හවෙ තෙ භොන්තො සමණබ්රාහ්මණා අකුසලං භයභෙරවං අව්හායන්ති. න ඛො පනාහං අසමාහිතො විබ්භන්තචිත්තො අරඤ්ඤවනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවාමි; සමාධිසම්පන්නොහමස්මි. යෙ හි වො අරියා සමාධිසම්පන්නා අරඤ්ඤවනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවන්ති තෙසමහං අඤ්ඤතරො’ති. එතමහං, බ්‍රාහ්මණ, සමාධිසම්පදං අත්තනි සම්පස්සමානො භිය්යො පල්ලොමමාපාදිං අරඤ්ඤෙ විහාරාය.
|
47
“බ්‍රාහ්මණය, ඒ මට මේ කල්පනාව ඇතිවිය. එකඟ සිතක් නැත්තාවූ, නොයෙක් අරමුණෙහි දුවන සිත් ඇත්තාවූ යම් ඒ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ අරණ්‍ය සේනාසනද වනයෙහි ළඟ පිහිටි සේනාසනද ඉතා දුර පිහිටි සේනාසනද සේවනය කරයිද, ඒ පින්වත් මහණ බමුණෝ එකඟ සිත් නැති බව නොයෙක් අරමුණෙහි දුවන සිත් ඇති බව යන තමන්ගේ දෝෂ හේතුවෙන් භයානක අරමුණු දකිති. මම වනාහි එකඟවූ සිත් නැතිව නොයෙක් අරමුණෙහි දුවන සිත් ඇතිව වන සේනාසන සේවනය නොකරමි. මම එකඟවූ සිත් ඇත්තේ වෙමි. යම් ඒ ආර්ය කෙනෙක් එකඟවූ සිත් ඇත්තේ වන සේනාසන සේවනය කරද්ද ඔවුන් අතරෙන් මම එක්තරා කෙනෙක් වෙමි. බ්‍රාහ්මණය, මේ එකඟවූ සිත් ඇති බව තමා කෙරෙහි දක්නාවූ මම බොහෝ සෙයින් වන වාසය පිණිස භය නැති බවට පැමිණියෙමි.
|
48
‘‘තස්ස මය්හං, බ්‍රාහ්මණ, එතදහොසි - ‘යෙ ඛො කෙචි සමණා වා බ්රාහ්මණා වා දුප්පඤ්ඤා එළමූගා අරඤ්ඤවනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවන්ති, දුප්පඤ්ඤඑළමූගසන්දොසහෙතු හවෙ තෙ භොන්තො සමණබ්රාහ්මණා අකුසලං භයභෙරවං අව්හායන්ති. න ඛො පනාහං දුප්පඤ්ඤො එළමූගො
|
48
“බ්‍රාහ්මණය, ඒ මට මේ කල්පනාව ඇතිවිය. නුවණ නැත්තාවූ කෙලතොලුවූ යම් ඒ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ අරණ්‍ය සේනාසනද වනයෙහි ළඟ පිහිටි සේනාසනද ඉතා දුර පිහිටි සේනාසනද සේවනය කරද්ද ඒ පින්වත් මහණ බමුණෝ නුවණ නැති බව හා කෙලෙතොලු බව යන තමන්ගේ දෝෂ හේතුවෙන් භයානක අරමුණු දකිති. මම වනාහි නුවණ නැති බව හා කෙලතොලු බව ඇතිව වනසේනාසන සේවනය නොකරමි. මම නුවණින් යුක්ත වූයේ වෙමි. යම් ඒ ආර්ය කෙනෙක් නුවණින් යුක්ත වූයේ වන සේනාසන සේවනය කරද්ද මම ඔවුන් අතරෙන් එක්තරා කෙනෙක් වෙමි. බ්‍රාහ්මණය, මේ නුවණින් යුක්ත බව තමා කෙරෙහි දක්නාවූ මම බොහෝ සෙයින් වනවාසය පිණිස භය නැති බවට පැමිණියෙමි.
|
49
‘‘තස්ස
|
49
“බ්‍රාහ්මණය, ඒ මට මෙබඳු සිතක් ඇති විය. පක්ෂයෙහි ප්රසිද්ධවූ තුදුස්වකය, පසළොස්වකය, අටවකය, යන යම් ඒ රාත්‍රීහු වෙත්ද, එබඳු රාත්‍රීන්හි බිහිසුණු වූ රොමොද්ගමනය කරන්නාවූ යම්බඳු පිදිය යුතු ආරාම වෙත්ද, පිදිය යුතු වනයෝ වෙත්ද, පිදිය යුතු වෘක්ෂයෝ වෙත්ද, එබඳුවූ සෙනසුන්හි මම වාසය කරන්නෙම් නම් ඒ භයානක අරමුණ දකින්නෙම් නම් ඉතා යෙහෙකැයි කියායි.
“බ්‍රාහ්මණය ඒ මම ඉන් මෑත කලෙක ප්රසිද්ධවූ තුදුස්වකය පසළොස්වකය, අටවකය, යන මේ ඒ රාත්‍රීහු වෙත්ද එබඳු රාත්‍රීන්හි භය ජනකවූ, රොමොද්ගමනය කරන්නාවූ යම් ඒ පිදිය යුතු ආරාම වෙත්ද, පිදිය යුතු වනයෝ වෙත්ද, පිදිය යුතු වෘක්ෂයෝ වෙත්ද, එබඳුවූ සෙනසුන්හි වාසය කරමි.
“බ්‍රාහ්මණය, එහි වාසය කරන්නාවූ මා සමීපයට මෘගයෙක් හෝ එයි. මොණරෙක් හෝ වියලි දඬු ගස්වලින් හෙලයි. වාතය හෝ වියළි කොළ හෙලයි. මේ එන්නේ එකාන්තයෙන් ඒ භයානක අරමුණයයි මට කල්පනා විය.
“බ්‍රාහ්මණය, ඒ මට මේ සිත ඇතිවිය. කිමෙක්දෝ මම භය කැමති වෙමින් වාසය කෙරේ ද, යම් යම් ඉරියව්වකින් සිටියාවූ මා වෙතට ඒ භයානක අරමුණ ඒ ද ඒ ඒ ඉරියව්වෙන් සිටියේ ම ඒ භයානක අරමුණ දුරුකරන්නෙමි. කියායි.
“බ්‍රාහ්මණය, සක්මන්කරන්නාවූ මා වෙතට ඒ භයානක අරමුණ ඒ ද බ්‍රාහ්මණය, ඒ මම සක්මන් කරමින්ම ඒ බිහිසුණු අරමුණ දුරුකරන තෙක් නොසිටිමි, නොහිඳිමි, නොනිදමි.
“බ්‍රාහ්මණය, සිටියාවූ ඒ මා වෙතට ඒ බිහිසුණු අරමුණ ඒ ද බ්‍රාහ්මණය, ඒ මම සිටිමින්ම ඒ භයානක අරමුණ දුරු කරන තෙක් සක්මන් නොකරමි, නොහිඳිමි, නොනිදමි.
“බ්‍රාහ්මණය හුන්නාවූ මා වෙතට ඒ භයානක අරමුණ ඒද බ්‍රාහ්මණය, ඒ මම හුන්නේම ඒ බිහිසුණු අරමුණ දුරු කරන තෙක් නොසිටිමි, සක්මන් නොකරමි, නොනිදමි.
“බ්‍රාහ්මණය, නිදන්නාවූ මා වෙතට ඒ භයානක අරමුණ ඒද? බ්‍රාහ්මණය, ඒ මම නිදාගෙන ඒ භයානක අරමුණ දුරු කරන තෙක් නොහිඳිමි, නොසිටිමි, සක්මන් නොකරමි.
|
50
‘‘සන්ති ඛො පන, බ්‍රාහ්මණ, එකෙ සමණබ්රාහ්මණා රත්තිංයෙව සමානං දිවාති සඤ්ජානන්ති, දිවායෙව සමානං රත්තීති සඤ්ජානන්ති. ඉදමහං තෙසං සමණබ්රාහ්මණානං සම්මොහවිහාරස්මිං වදාමි. අහං ඛො පන, බ්‍රාහ්මණ, රත්තිංයෙව සමානං රත්තීති සඤ්ජානාමි, දිවායෙව සමානං දිවාති සඤ්ජානාමි. යං ඛො තං, බ්‍රාහ්මණ, සම්මා වදමානො වදෙය්ය - ‘අසම්මොහධම්මො සත්තො ලොකෙ උප්පන්නො බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සාන’න්ති, මමෙව තං සම්මා වදමානො වදෙය්ය - ‘අසම්මොහධම්මො සත්තො ලොකෙ උප්පන්නො බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සාන’න්ති.
|
50
“බ්‍රාහ්මණය, රාත්‍රි කාලයම දවල් කාලයයි හඟින්නාවූද දවල් කාලයම රාත්‍රි කාලයහි හඟින්නාවූද ඇතැම් මහණ බමුණෝ ඇත්තාහුය, බ්‍රාහ්මණය, මම මෙය ඔවුන්ගේ සම්මෝහි විහරණය (මුළාවී වාසය කිරීම) යි කියමි.
“බ්‍රාහ්මණය, මම වනාහි රාත්‍රියම රාත්රියයයි දනිමි, දහවල දහවල්යයි දනිමි. බ්‍රාහ්මණය, මුළා නොවන ස්වභාව ඇති සත්වයෙක් තෙම බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස, ලොවට අනුකම්පා පිණිස, වැඩ පිණිස, හිත පිණිස, දෙව් මිනිසුන්ට සැප පිණිස ලෝකයෙහි උපන්නේයයි යම් ඒ කෙනෙකු උදෙසා මනාකොට කියන්නෙක් කියාද ඒ මා උදෙසා කියාමැයි.
|
51
‘‘ආරද්ධං
|
51
මා විසින් නොහැකිළෙන්නාවූ වීර්ය පටන් ගන්නා ලද්දේ විය. නුමුළාවූ සිහිය එළඹ සිටියාය. ශරීරය සංසිඳී ගියේය. එහෙයින්ම සැහැල්ලුවිය. සිත සමාධියෙහි මනාව පිහිටියේ විය. එහෙයින්ම එකඟ විය.
“බ්‍රාහ්මණය, ඒ මම කාමයෙන් වෙන්වම සියලු අකුසලයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ, විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට එළඹ වාසය කෙළෙමි. විතර්ක විචාර දෙදෙනාගේ සන්සිඳීමෙන් හිතේ පැහැදීම ඇත්තාවූ, හිතේ එකඟ බව ඇත්තාවූ විතර්ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති දෙවෙනිවූ ධ්‍යානයට එළඹ වාසය කෙළෙමි. ප්‍රීතිය ඉක්මවීමෙන් උපේක්ෂා ඇත්තේ වාසය කෙළෙමි. සිහියෙන් යුක්තවූයේ කයින් සැපය වින්දෙමි. යමක් උපෙක්ෂා ඇත්තේ සිහියෙන් යුක්ත වූයේ සැප විහරණ ඇත්තේයයි ආර්යයෝ කියත්ද ඒ තුන්වැනි ධ්‍යානයට එළඹ වාසය කෙළෙමි. සැපය නැති කිරීමෙන් දුක නැති කිරීමෙන් කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන් දුක් නැත්තාවූ සැප නැත්තාවූ උපෙක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බව ඇති සතරවැනි ධ්‍යානයට එළඹ වාසය කෙළෙමි.
|
52
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනින්නාමෙසිං. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං
|
52
“ඒ මම මෙසේ හිත සමාධියෙන් එකඟවූ කල්හි පිරිසිදුවූ කල්හි, පිරිසිදු හෙයින්ම දීප්තිමත් වූ කල්හි, අංගන (රාගාදී කෙලෙස්) රහිතවූ කල්හි, පහවූ උවදුරු ඇති කල්හි මෘදුවූ කල්හි, කාර්යයට සුදුසුව සිටි කල්හි චංචල නොවී සිටි කල්හි පෙර විසූ කඳ පිළිවෙල දැනීම පිණිස සිත නැමුයෙමි. ඒ මම නොයෙක් ආකාරවූ පූර්වනිවාසය (පෙර උපන් ජාති) සිහිකරමි. එනම් එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්, ජාති පහක්ද, ජාති දශයක්ද, ජාති විස්සක්ද, ජාති තිසක්ද, ජාති සතළිසක්ද ජාති පනසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත (විනාශ වන) කල්පයන්ද, නොයෙක් විවර්ත (හැදෙන) කල්පයන්ද, නොයෙක් සංවර්ත විවර්ත කල්පයන්ද අසුවල් තැන උපන්නෙමි, එහි මෙනම් ඇත්තේ වීමි, මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේවීමි, මෙබඳු දුක් සැප වින්දෙමි. ඒ මම එයින් චුතව අසුවල් තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තෙක් වීමි. මෙබඳු සැප දුක් විඳින්නෙක් වීමි. මෙබඳු ආයුෂ ඇත්තේ වීමි. ඒ මම එතැනින් චුතව මේ මනුෂ්‍ය භවයෙහි උපන්නෙමියි මෙසේ ආකාර සහිතවූ, උදෙසීම් සහිතවූ, නන් වැදෑරුම්වූ, පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරමි.
“බ්‍රාහ්මණය, මා විසින් රාත්‍රියේ පළමුවෙනි යාමයෙහි මේ පළමුවන විද්‍යාව (පෙර විසූතැන් දන්නා නුවණ) ලබන ලදී, එය වසන අවිද්‍යාව නසනලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මෝහය) නසන ලද්දේය. ආලෝකය උපන්නේය. අප්‍රමාදව කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව වාසය කරන්නෙකු යම්සේ සිදුවිය යුතු නම් එසේ විය.”
(පූර්ව නිවාස කථා නිමි)
|
53
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනින්නාමෙසිං. සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සාමි චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාමි - ‘ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං
|
53
“ඒ මම මෙසේ හිත සමාධියෙන් එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, පිරිසිදු හෙයින්ම දීප්තිමත්වූ කල්හි, අංගණ (රාගාදී කෙලෙස්) රහිතවූ කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, සිත මෘදුවූ කල්හි, කාර්යයට සුදුසුව සිටි කල්හි, චංචල නොවී සිටිකල්හි සත්ත්වයන්ගේ චුති උත්පත්ති දෙක දැකීම පිණිස සිත නැමීමි. ඒ මම පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින්, චුතවන්නාවූද, උපදින්නාවූද, ලාමකවූද ප්‍රණීතවූද මනා වර්ණ ඇත්තාවූද, මනා වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද, කර්මය පරිදි මියගියාවූ සත්වයන් දකිමි.
“ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, මනොදුශ්චරිතයෙන් යුක්තවූවාහු, ආර්යයන්ට දොස් කීවාහු මිථ්‍යාදෘෂ්ටි ගත්තාහු මිථ්‍යාදෘෂ්ටි ක්රියාඅනුමත කළාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති යටිකුරුව වැටෙන නරකයෙහි උපන්නාහුයයිද, මේ පින්වත් සත්ත්වයෝ වනාහි කාය සුචරිතයෙන් යුක්ත වූවාහු වාක් සුචරිතයෙන් යුක්ත වූවාහු මනො සුචරිතයෙන් යුක්ත වූවාහු ආර්යයන්ට දොස් නොකීවාහු සම්‍යක්දෘෂ්ටි ඇත්තාහු සම්‍යක්දෘෂ්ටි කර්ම සමාදන් වූවාහුය, (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු ස්වර්ගලෝකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින් චුත වන්නාවූද, උපදින්නාවූද, ලාමක වූද, ප්‍රණීතවූද, මනා වර්ණ ඇත්තාවූද, මනා වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද අයහපත් ගති නැත්තාවූද කර්මය පරිදි මියගියාවූ සත්වයන් දනිමි.
“බ්‍රාහ්මණය, මා විසින් රාත්‍රියෙහි මැදයමෙහි මේ දෙවන විද්‍යාව (චුතවීම් ඉපදීම් දක්නා නුවණ) ලබනලදී. එය වසන අවිද්‍යාව නසනලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මෝහය) නසන ලද්දේය. ආලෝකය උපන්නේය. අප්‍රමාදව කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ විය.
|
54
‘‘සො
|
54
“ඒ මම මෙසේ සිත එකඟවූ කල්හි ආශ්‍රව ක්ෂයකර ඥානය (කෙලෙස් නැති කරන නුවණ) පිණිස සිත නැමුයෙමි. ඒ මම මෙය දුකයයි තතුසේ දත්තෙමි මේ දුක් ඉපදීමට හේතුවයැයි සතුසේ දත්තෙමි මේ දුක් නැති කිරීමයැයි තතුසේ දත්තෙමි. මේ දුක නැතිකිරීමේ මාර්ගයයැයි තතුසේ දත්තෙමි. මොහු ආශ්‍රවයෝ (කාම ආදී කෙලෙස්) යයි තතුසේ දැන ගතිමි. මේ ආශ්‍රවයන්ගේ හටගැන්මයයි තතුසේ දැනගතිමි. මේ ආශ්‍රවයන්ගේ නැතිකිරීමයයි තතුසේ දැනගත්තෙමි. මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ ඒ මාගේ සිත කාමාශ්‍රවයෙන්ද මිදුනේය. භවාශ්‍රවයෙන්ද මිදුනේය. අවිද්‍යාශ්‍රවයෙන්ද මිදුනේය. මිදුන කල්හි මිදුනේයයි දැනීම පහළවිය. උත්පත්තිය කෙළවර විය.
“මාර්ග බ්‍රහ්මචර්යාව වැස නිමවනලදී. කළයුත්ත කරන ලදී. මේ අර්හත්වය පිණිස කළයුතු අනිකක් නැත්තේයයි දත්තෙමි.
“බ්‍රාහ්මණය, රාත්‍රියෙහි පශ්චිම යාමයෙහි මේ තුන්වෙනි විද්‍යාව (ආශ්‍රව ක්ෂයකර ඥාන නම්වූ අර්හත් මාර්ගය) මා විසින් ලබන ලදී. එය වසන අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මෝහය) නසන ලද්දේය. ආලෝකය උපන්නේය. අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ විය”
(කෙලෙස් නැසීමේ කථා නිමි.)
|
55
‘‘සියා ඛො පන තෙ, බ්‍රාහ්මණ, එවමස්ස - ‘අජ්ජාපි නූන සමණො ගොතමො අවීතරාගො අවීතදොසො අවීතමොහො, තස්මා අරඤ්ඤවනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවතී’ති. න ඛො පනෙතං, බ්‍රාහ්මණ, එවං දට්ඨබ්බං. ද්වෙ ඛො අහං, බ්‍රාහ්මණ, අත්ථවසෙ සම්පස්සමානො අරඤ්ඤවනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවාමි - අත්තනො ච දිට්ඨධම්මසුඛවිහාරං සම්පස්සමානො, පච්ඡිමඤ්ච ජනතං අනුකම්පමානො’’ති.
|
55
“බ්‍රාහ්මණය, ඔබට කිසි විටෙක මෙබඳු අදහසක් විය හැක්කේය. අද දක්වාත් ශ්‍රමණ ගෞතම තෙම පහනොවූ රාග ඇත්තේය, පහ නොවූ ද්වේෂ ඇත්තේය, පහනොවූ මෝහ ඇත්තේය, එහෙයින් ආරණ්‍ය සේනාසනයන්ද වනයේ සමීප සෙනසුන්ද වනයේ ඉතා ඈත පිහිටි සෙනසුන්ද, සේවනය කෙරේයයි කියායි.
“බ්‍රාහ්මණය, එය එසේ නොසැළකිය යුතුය. බ්‍රාහ්මණය මම වනාහි කරුණු දෙකක් සලකා ආරණ්‍ය සෙනාසනද වනයේ සමීප සෙනාසනද වනයේ ඉතා ඈත පිහිටි සෙනාසනද සෙවනය කරමි. තමන්ගේ මෙකල සැප විහරණය සලකමින් හා අනාගත ජන සමූහයාට අනුකම්පා පිණිසද යන කරුණු දෙකයි.
|
56
‘‘අනුකම්පිතරූපා
|
56
“භවත්ගෞතමයින් විසින් මේ අනාගත ජනසමූහයා අර්හත්වූ සම්‍යක් සම්බුදු කෙනෙකුන් විසින් යම්සේ කළ යුතු නම් එසේම අනුකම්පා කරන ලද්දේ වෙයි. භවත් ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේගේ ධර්ම දේශනාව ඉතා යහපත භවත් ගෞතමයාණෙනි, ඉතා යහපත භවත් ගෞතමයාණෙනි, යම්සේ යටිකුරු කළ බඳුනක් උඩුකුරු කරන්නේද, තණකොළ ආදියෙන් වැසුනක් විවෘත කරන්නේද මංමුළා වූවෙකුට මග කියන්නේද ගණඳුරෙහි ඇස් ඇත්තාහු රූපයන් දකිත්වායි තෙල් පහනක් දල්වන්නේද එපරිද්දෙන්ම භවත් ගෞතමයන් විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්මය ප්‍රකාශ කරන ලදී. ඒ ධර්මය ශ්‍රවණය කළාවූ මම භවත් ගෞතමයින් වහන්සේ සරණ යමි. ධර්මයද සංඝයාද සරණ යමි. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණගියාවූ උපාසකයෙකු කොට මා සලකනසේක්වා.
|
5. අනඞ්ගණසුත්තං | 5. අනංගණ සූත්‍රය |
57
එවං
‘‘චත්තාරොමෙ, ආවුසො, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො? ඉධාවුසො, එකච්චො පුග්ගලො සාඞ්ගණොව සමානො ‘අත්ථි මෙ අජ්ඣත්තං අඞ්ගණ’න්ති යථාභූතං නප්පජානාති. ඉධ පනාවුසො, එකච්චො පුග්ගලො සාඞ්ගණොව සමානො ‘අත්ථි මෙ අජ්ඣත්තං අඞ්ගණ’න්ති යථාභූතං පජානාති. ඉධාවුසො, එකච්චො පුග්ගලො අනඞ්ගණොව සමානො ‘නත්ථි මෙ අජ්ඣත්තං අඞ්ගණ’න්ති යථාභූතං නප්පජානාති. ඉධ පනාවුසො, එකච්චො පුග්ගලො අනඞ්ගණොව සමානො ‘නත්ථි මෙ අජ්ඣත්තං අඞ්ගණ’න්ති යථාභූතං පජානාති. තත්රාවුසො, ය්වායං පුග්ගලො සාඞ්ගණොව සමානො ‘අත්ථි මෙ අජ්ඣත්තං අඞ්ගණ’න්ති යථාභූතං නප්පජානාති, අයං ඉමෙසං ද්වින්නං පුග්ගලානං සාඞ්ගණානංයෙව සතං හීනපුරිසො අක්ඛායති. තත්රාවුසො, ය්වායං පුග්ගලො සාඞ්ගණොව සමානො ‘අත්ථි මෙ අජ්ඣත්තං අඞ්ගණ’න්ති යථාභූතං පජානාති, අයං ඉමෙසං ද්වින්නං පුග්ගලානං සාඞ්ගණානංයෙව සතං සෙට්ඨපුරිසො අක්ඛායති
|
57
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනාථ පිණ්ඩික සිටුහු විසින් කරන ලද ජේතවන විහාරයෙහි වාසය කරති. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ‘ඇවැත්නි, මහණෙනි,’ කියා භික්ෂූන්ට කථා කළහ. ‘ඇවැත්නි’ කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශරිපුත්ර ස්ථවිරයන් වහන්සේට පිළිතුරු දුන්හ. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මේ සූත්‍රය වදාළහ.
“ඇවැත්නි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහුය. කවර සතරදෙනෙක්ද යත්? ඇවැත්නි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම අංගණ (තියුණු කෙලෙස්) සහිතවූයේම තමා තුළ තියුණුවූ කෙලෙස් ඇතැයි තතුසේ නොදනියි. ඇවැත්නි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම කෙලෙස් සහිතවූයේම තමා තුළ කෙලෙස් ඇතැයි තතුසේ දනියි. ඇවැත්නි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම කෙලෙස් රහිතවූයේම තමා තුළ කෙලෙස් නැතැයි තතුසේ නොදනියි. ඇවැත්නි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම කෙලෙස් රහිතවූයේම තමා තුළ කෙලෙස් නැතැයි තතුසේ දනියි.
“ඇවැත්නි, ඒ පුද්ගලයන් අතුරෙහි යම් පුද්ගලයෙක් තෙම කෙලෙස් සහිතවූයේම තමා තුළ කෙලෙස් ඇතැයි තතුසේ නොදනියිද මේතෙම මේ කෙලෙස් සහිත පුද්ගලයන් දෙදෙන අතුරෙන් පහත් පුරුෂයා යයි කියනු ලැබේ. ඇවැත්නි, යම් ඒ පුද්ගලයෙක් තෙම කෙලෙස් සහිතවූයේම තමා තුළ කෙලෙස් ඇතැයි තතුසේ දනියිද, මෙතෙම කෙලෙස් සහිතවූම මේ පුද්ගලයන් දෙදෙන අතුරෙන් ශ්‍රේෂ්ඨ පුරුෂයායයි කියනු ලැබේ. ඇවැත්නි, යම් ඒ පුද්ගලයෙක්තෙම කෙලෙස් රහිත වූයේම තමා තුළ කෙලෙස් නැතියි තතුසේ නොදනියිද මෙතෙම කෙලෙස් රහිතවූ මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් පහත් පුරුෂයායයි කියනු ලැබේ. ඇවැත්නි, යම් ඒ පුද්ගලයෙක් තෙම කෙලෙස් රහිත වූයේම තමා තුළ කෙලෙස් නැතැයි තතුසේ දනියිද මෙතෙම කෙලෙස් රහිතවූ මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් ශ්‍රේෂ්ඨ පුරුෂයායයි කියනු ලැබේ.”
|
58
එවං වුත්තෙ, ආයස්මා මහාමොග්ගල්ලානො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච -
‘‘කො නු ඛො, ආවුසො සාරිපුත්ත, හෙතු කො පච්චයො යෙනිමෙසං ද්වින්නං පුග්ගලානං සාඞ්ගණානංයෙව සතං එකො හීනපුරිසො අක්ඛායති, එකො සෙට්ඨපුරිසො අක්ඛායති? කො පනාවුසො
|
58
මෙසේ කී කල්හි ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙය ප්‍රකාශ කළහ.
“ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කෙලෙස් සහිතවූම මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් එකෙක් පහත් පුද්ගලයායයි කියනු ලැබේ. එකෙක් ශ්‍රේෂ්ඨ පුද්ගලයායයි කියනු ලැබේ. ඊට හේතු කවරේද? ඊට ප්‍රත්‍යය කවරේද? කෙලෙස් රහිතවූ මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් එකෙක් පහත් පුද්ගලයා යයි කියනු ලැබේ. එකෙක් ශ්‍රේෂ්ඨ පුද්ගලයායයි කියනු ලැබේ. ඊට හේතු කවරේද? ඊට ප්‍රත්‍යය කවරේද?”
|
59
‘‘තත්රාවුසො, ය්වායං පුග්ගලො සාඞ්ගණොව සමානො ‘අත්ථි මෙ අජ්ඣත්තං අඞ්ගණ’න්ති යථාභූතං නප්පජානාති, තස්සෙතං පාටිකඞ්ඛං - න ඡන්දං ජනෙස්සති න වායමිස්සති න වීරියං ආරභිස්සති තස්සඞ්ගණස්ස පහානාය; සො සරාගො සදොසො සමොහො සාඞ්ගණො සංකිලිට්ඨචිත්තො කාලං කරිස්සති. සෙය්යථාපි, ආවුසො, කංසපාති ආභතා ආපණා වා කම්මාරකුලා වා රජෙන ච මලෙන ච පරියොනද්ධා. තමෙනං සාමිකා න චෙව පරිභුඤ්ජෙය්‍යුං න ච පරියොදපෙය්යුං
(පරියොදාපෙය්යුං (?)), රජාපථෙ ච නං නික්ඛිපෙය්‍යුං. එවඤ්හි සා, ආවුසො, කංසපාති අපරෙන සමයෙන සංකිලිට්ඨතරා
‘‘තත්රාවුසො, ය්වායං පුග්ගලො සාඞ්ගණොව සමානො ‘අත්ථි මෙ අජ්ඣත්තං අඞ්ගණ’න්ති යථාභූතං පජානාති, තස්සෙතං පාටිකඞ්ඛං - ඡන්දං ජනෙස්සති වායමිස්සති වීරියං ආරභිස්සති තස්සඞ්ගණස්ස පහානාය; සො අරාගො අදොසො අමොහො අනඞ්ගණො අසංකිලිට්ඨචිත්තො කාලං කරිස්සති. සෙය්යථාපි, ආවුසො, කංසපාති ආභතා ආපණා වා කම්මාරකුලා වා රජෙන ච මලෙන ච පරියොනද්ධා. තමෙනං සාමිකා පරිභුඤ්ජෙය්යුඤ්චෙව පරියොදපෙය්යුඤ්ච, න ච නං රජාපථෙ නික්ඛිපෙය්‍යුං. එවඤ්හි
‘‘තත්රාවුසො
‘‘තත්රාවුසො, ය්වායං පුග්ගලො අනඞ්ගණොව සමානො ‘නත්ථි මෙ අජ්ඣත්තං අඞ්ගණ’න්ති යථාභූතං පජානාති, තස්සෙතං පාටිකඞ්ඛං - සුභනිමිත්තං න මනසි කරිස්සති, තස්ස සුභනිමිත්තස්ස අමනසිකාරා රාගො චිත්තං නානුද්ධංසෙස්සති; සො අරාගො අදොසො අමොහො අනඞ්ගණො අසංකිලිට්ඨචිත්තො කාලං කරිස්සති. සෙය්යථාපි, ආවුසො, කංසපාති ආභතා ආපණා වා කම්මාරකුලා වා පරිසුද්ධා පරියොදාතා. තමෙනං සාමිකා පරිභුඤ්ජෙය්යුඤ්චෙව පරියොදපෙය්යුඤ්ච, න ච නං රජාපථෙ නික්ඛිපෙය්‍යුං. එවඤ්හි සා, ආවුසො, කංසපාති අපරෙන සමයෙන පරිසුද්ධතරා අස්ස පරියොදාතා’’ති? ‘‘එවමාවුසො’’ති. ‘‘එවමෙව
‘‘අයං ඛො, ආවුසො මොග්ගල්ලාන
|
59
“ඇවැත්නි, ඔවුන් අතුරෙහි යම් ඒ පුද්ගලයෙක්තෙම කෙලෙස් සහිත වූයේම තමා තුළ කෙලෙස් ඇත්තේයයි තතුසේ නොදනීද ඔහු ගැන මෙසේ කැමැතිවිය යුතුයි. ඔහු ඒ කෙලෙස් නැතිකිරීම පිණිස කැමැත්තක් ඇතිකර නොගනියි, වෑයම් නොකරයි, වීර්ය නොකරයි. හෙතෙම රාග සහිතවූයේ ද්වේෂ සහිතවූයේ මෝහ සහිතවූයේ කෙලෙස් සහිතවූයේ කිළුටු සිත් ඇත්තේ කලුරිය කරන්නේය.
“ඇවැත්නි, සල්පිලින් හෝ රන්කරු කුලයකින් හෝ ගෙනෙනලද දූවිල්ලෙන් හා මලකඩින් ගැවසුනාවූ රන් තලියක් වේද එය හිමියෝ පරිභොග නොකරත්නම් පිරිසිදු නොකරත්නම් ධූලි සහිත තැන්හි දමත් නම් ඒ රන් තලිය ටික කලකින් අතිශයින් කිළුටුවී මල සහිත නොවන්නීද? එසේය ආයුෂ්මත්නි, ඒ රන්තලිය කල්යාමෙන් කිළුටු වූවා මල සහිත වන්නීය. ඇවැත්නි, කෙලෙස් සහිතවූයේම තමා තුළ කෙලෙස් ඇත්තේයයි තතුසේ නොදනීද ඔහු සම්බන්ධයෙන් මෙය කැමතිවිය යුතුයි. ඔහු ඒ කෙලෙස් නැතිකිරීම පිණිස කැමැත්තක් ඇතිකර නොගනියි. වෑයම් නොකරයි, හෙතෙම රාග සහිත වූයේ ද්වේෂ සහිත වූයේ මෝහ සහිත වූයේ කෙලෙස් සහිත වූයේ කිළුටු සිත් ඇත්තේ කලුරිය කරන්නේය.
“ඇවැත්නි, ඒ පුද්ගලයන් අතුරෙහි යම් පුද්ගලයෙක් තෙම කෙලෙස් සහිත වූයේම තමා තුළ කෙලෙස් ඇතැයි තතුසේ දනියිද ඔහු සම්බන්ධයෙන් මෙය කැමතිවිය යුතුය. ඔහු ඒ කෙලෙස් නැතිකිරීම පිණිස කැමැත්තක් ඇතිකර ගනියි. වීර්යකරයි. හෙතෙම රාග රහිත වූයේ ද්වේෂ සහිත වූයේ මෝහ රහිත වූයේ කෙලෙස් රහිතවූයේ නොකිලිටි සිත් ඇත්තේ කාලක්‍රියා කරයි. ඇවැත්නි, සල්පිලකින් හෝ රන්කරු කුලයකින් හෝ ගෙනෙන ලද දූවිල්ලෙන් හා මළකඩින් ගැවසුණාවූ රන් තලියක් එය හිමියෝ පරිභෝග කරත් නම්, පිරිසිදු කරත් නම් ධූලි සහිත තන්හි නොදමත් නම් ඒ ලොහතලිය ටිකකලකින් අතිශයින් පිරිසිදුවී ඔප වැටෙන්නේ නොවේද?” “එසේය. ආයුෂ්මතුනි,’‘ “ඇවැත්නි, එපරිද්දෙන්ම යම් ඒ පුද්ගලයෙක් කෙලෙස් සහිත වූයේම තමා තුළ කෙලෙස් ඇතැයි දනීද, ඔහු සම්බන්ධයෙන් මෙය කැමැතිවිය යුතුය. ඔහු ඒ කෙලෙස් නැතිකිරීම පිණිස කැමැත්තක් ඇතිකරගනියි, වෑයම් කරයි. වීර්ය කරයි, හෙතෙම රාග රහිතවූයේ ද්වේෂ රහිතවූයේ මෝහ රහිතවූයේ කෙලෙස් රහිතවූයේ නොකිලිටි සිත් ඇත්තේ කාලක්‍රියාකරයි.
“ඇවැත්නි, ඒ පුද්ගලයන් අතරෙහි යම් පුද්ගලයෙක් කෙලෙස් රහිතවූයේම තමා තුළ කෙලෙස් නැතැයි තතුසේ නොදනීද, ඔහු සම්බන්ධයෙන් මෙය කැමතිවිය යුතුය. හෙතෙම ශුභ අරමුණු මෙනෙහිකරයි, ශුභ අරමුණු මෙනෙහි කිරීමෙන් රාගය ඔහුගේ කුසල්සිත විනාශ කරයි. හෙතෙම රාග සහිතවූයේ, ද්වේෂ සහිත වූයේ මෝහ සහිත වූයේ කාලක්‍රියා කරයි. ඇවැත්නි, සල්පිලින් හෝ රන්කරු කුලයකින් හෝ ගෙනෙන ලද දූවිල්ලෙන් හා මලකඩින් ගැවසුනාවූ රන් තලියක් එය හිමියෝ පරිභොග නොකරත්නම් පිරිසිදු නොකරත්නම් ධූලි සහිත තන්හි දමත්නම් ඒ රන්තලිය ටික කලකින් අතිශයින් කිළුටුවී මල බැඳුනේ නොවන්නේද ‘එසේය, ආයුෂ්මතුනි, වන්නේය.’ ‘එපරිද්දෙන්ම යම් ඒ පුද්ගලයෙක්තෙම කෙලෙස් රහිත වූයේම තමා තුළ කෙලෙස් නැත්තේයයි තතුසේ නොදනීද ඔහු සම්බන්ධයෙන් මෙය කැමතිවිය යුතුයි. ඔහු ඒ කෙලෙස් නැතිකිරීම පිණිස කැමැත්තක් ඇතිකර නොගනියි. වෑයම් නොකරයි. වීර්ය නොකරයි. හෙතෙම රාග සහිත වූයේ ද්වේෂ සහිත වූයේ මෝහ සහිත වූයේ කෙලෙස් සහිත වූයේ කිළුටු සිත් ඇත්තේ කළුරිය කරන්නේය.
“ඇවැත්නි, ඔවුන් අතරෙහි යම් ඒ පුද්ගලයෙක් කෙලෙස් රහිත වූයේ තමා තුළ කෙලෙස් නැතැයි තතුසේ දනීද, ඔහු සම්බන්ධයෙන් මෙය කැමතිවිය යුතුය. ශුභ අරමුණ මෙනෙහි නොකරයි. ශුභ අරමුණ මෙනෙහි නොකිරීමෙන් රාගය ඔහුගේ කුසල් සිත විනාශ නොකරයි, හෙතෙම රාග රහිත වූයේ, ද්වේෂ රහිත වූයේ මෝහ රහිත වූයේ කෙලෙස් රහිත වූයේ නොකිලිටි සිත් ඇත්තේ කාලක්‍රියාකරයි. ඇවැත්නි, සල්පිලකින් හෝ රන්කරු කුලයකින් හෝ ගෙනෙන ලද දූවිල්ලෙන් හා මලකඩින් ගැවසුණාවූ රන්තලියක් එය හිමියෝ පරිභොග කරත්නම්, පිරිසුදු කරත් නම් ධූලි සහිත තන්හි නොදමත් නම් ඒ රන්තලිය ටිකකලකින් අතිශයින් පිරිසුදුවී ඔප වැටෙන්නේ නොවේද? ‘එසේය ආයුෂ්මතුනි, වන්නේය.’ ඇවැත්නි, එපරිද්දෙන් යම් ඒ පුද්ගලයෙක් කෙලෙස් රහිත වූයේම තමා තුළ කෙලෙස් නැතැයි දනීද ඔහු සම්බන්ධයෙන් මෙය කැමතිවිය යුතුය, ඔහු ඒ කෙලෙස් නැතිකිරීම පිණිස කැමැත්තක් ඇතිකර ගනියි, වෑයම් කරයි, වීර්ය කරයි. හෙතෙම රාග රහිතවූයේ ද්වේෂ රහිත වූයේ මෝහ රහිත වූයේ කෙලෙස් රහිතවූයේ නොකිලිටි සිත් ඇත්තේ කාලක්‍රියා කරයි.
“මොග්ගල්ලාන, කෙලෙස් සහිතවූම මේ පුද්ගලයන් දෙදෙනා අතරෙන් එකෙක් හීනපුද්ගලයායයි කියනු ලැබේද, එකෙක් ශ්‍රේෂ්ඨ පුද්ගලයායයි කියනු ලැබේද, මේ වනාහි ඊට හේතුවයි, ඊට ප්‍රත්‍යයයි. මොග්ගල්ලාන, කෙලෙස් රහිතවූම මේ පුද්ගලයන් දෙදෙනා අතරින් එකෙක් හීන පුද්ගලයායයි කියනු ලැබේද, එකෙක් ශ්‍රේෂ්ඨ පුද්ගලයායයි කියනු ලැබේද, මේ වනාහි ඊට හේතුවය ඊට ප්‍රත්‍යයය.
|
60
‘‘අඞ්ගණං අඞ්ගණන්ති, ආවුසො, වුච්චති. කිස්ස නු ඛො එතං, ආවුසො, අධිවචනං යදිදං අඞ්ගණ’’න්ති? ‘‘පාපකානං ඛො එතං, ආවුසො, අකුසලානං ඉච්ඡාවචරානං අධිවචනං, යදිදං අඞ්ගණ’’න්ති.
‘‘ඨානං
‘‘ඨානං
‘‘ඨානං ඛො පනෙතං, ආවුසො, විජ්ජති යං ඉධෙකච්චස්ස භික්ඛුනො එවං ඉච්ඡා උප්පජ්ජෙය්ය - ‘ආපත්තිඤ්ච වත ආපන්නො අස්සං, සප්පටිපුග්ගලො මං චොදෙය්ය, නො අප්පටිපුග්ගලො’ති. ඨානං ඛො පනෙතං, ආවුසො, විජ්ජති යං තං භික්ඛුං අප්පටිපුග්ගලො චොදෙය්ය, නො සප්පටිපුග්ගලො. ‘අප්පටිපුග්ගලො මං චොදෙති, නො සප්පටිපුග්ගලො’ති - ඉති සො කුපිතො හොති අප්පතීතො. යො චෙව ඛො, ආවුසො, කොපො යො ච අප්පච්චයො - උභයමෙතං අඞ්ගණං.
‘‘ඨානං ඛො පනෙතං, ආවුසො, විජ්ජති යං ඉධෙකච්චස්ස භික්ඛුනො එවං ඉච්ඡා උප්පජ්ජෙය්ය - ‘අහො වත මමෙව සත්ථා පටිපුච්ඡිත්වා පටිපුච්ඡිත්වා භික්ඛූනං ධම්මං දෙසෙය්ය, න අඤ්ඤං භික්ඛුං සත්ථා පටිපුච්ඡිත්වා පටිපුච්ඡිත්වා භික්ඛූනං ධම්මං දෙසෙය්යා’ති. ඨානං ඛො පනෙතං, ආවුසො, විජ්ජති යං අඤ්ඤං භික්ඛුං සත්ථා පටිපුච්ඡිත්වා
‘‘ඨානං
‘‘ඨානං ඛො පනෙතං, ආවුසො, විජ්ජති යං ඉධෙකච්චස්ස භික්ඛුනො එවං ඉච්ඡා උප්පජ්ජෙය්ය - ‘අහො වත අහමෙව ලභෙය්යං භත්තග්ගෙ අග්ගාසනං අග්ගොදකං අග්ගපිණ්ඩං, න අඤ්ඤො භික්ඛු ලභෙය්ය භත්තග්ගෙ අග්ගාසනං අග්ගොදකං අග්ගපිණ්ඩ’න්ති. ඨානං ඛො
‘‘ඨානං ඛො පනෙතං, ආවුසො, විජ්ජති යං ඉධෙකච්චස්ස භික්ඛුනො එවං ඉච්ඡා උප්පජ්ජෙය්ය - ‘අහො වත අහමෙව භත්තග්ගෙ භුත්තාවී අනුමොදෙය්යං, න අඤ්ඤො භික්ඛු භත්තග්ගෙ භුත්තාවී අනුමොදෙය්යා’ති. ඨානං ඛො පනෙතං, ආවුසො, විජ්ජති යං අඤ්ඤො භික්ඛු භත්තග්ගෙ භුත්තාවී අනුමොදෙය්ය, න සො භික්ඛු භත්තග්ගෙ භුත්තාවී අනුමොදෙය්ය. ‘අඤ්ඤො භික්ඛු භත්තග්ගෙ භුත්තාවී
‘‘ඨානං ඛො පනෙතං, ආවුසො, විජ්ජති යං ඉධෙකච්චස්ස භික්ඛුනො එවං ඉච්ඡා උප්පජ්ජෙය්ය - ‘අහො වත අහමෙව ආරාමගතානං භික්ඛූනං ධම්මං දෙසෙය්යං, න අඤ්ඤො භික්ඛු ආරාමගතානං භික්ඛූනං ධම්මං දෙසෙය්යා’ති. ඨානං ඛො පනෙතං, ආවුසො, විජ්ජති යං අඤ්ඤො භික්ඛු
‘‘ඨානං ඛො පනෙතං, ආවුසො, විජ්ජති යං ඉධෙකච්චස්ස භික්ඛුනො එවං ඉච්ඡා උප්පජ්ජෙය්ය - ‘අහො වත අහමෙව ආරාමගතානං භික්ඛුනීනං ධම්මං දෙසෙය්යං...පෙ.... උපාසකානං ධම්මං දෙසෙය්යං...පෙ.... උපාසිකානං ධම්මං දෙසෙය්යං, න අඤ්ඤො භික්ඛු ආරාමගතානං උපාසිකානං ධම්මං දෙසෙය්යා’ති. ඨානං ඛො පනෙතං, ආවුසො, විජ්ජති යං අඤ්ඤො භික්ඛු ආරාමගතානං උපාසිකානං ධම්මං දෙසෙය්ය, න සො භික්ඛු ආරාමගතානං උපාසිකානං ධම්මං දෙසෙය්ය. ‘අඤ්ඤො භික්ඛු ආරාමගතානං උපාසිකානං ධම්මං දෙසෙති, නාහං ආරාමගතානං උපාසිකානං ධම්මං දෙසෙමී’ති - ඉති සො කුපිතො හොති අප්පතීතො. යො චෙව ඛො, ආවුසො, කොපො යො ච අප්පච්චයො - උභයමෙතං අඞ්ගණං.
‘‘ඨානං ඛො පනෙතං, ආවුසො, විජ්ජති යං ඉධෙකච්චස්ස භික්ඛුනො එවං ඉච්ඡා උප්පජ්ජෙය්ය - ‘අහො වත මමෙව භික්ඛූ සක්කරෙය්‍යුං ගරුං කරෙය්යුං
(ගරුකරෙය්‍යුං (සී. ස්‍යා. පී.)) මානෙය්‍යුං පූජෙය්‍යුං, න අඤ්ඤං භික්ඛුං භික්ඛූ සක්කරෙය්‍යුං ගරුං කරෙය්යුං මානෙය්‍යුං පූජෙය්යු’න්ති. ඨානං ඛො පනෙතං, ආවුසො, විජ්ජති යං අඤ්ඤං භික්ඛුං භික්ඛූ සක්කරෙය්‍යුං ගරුං කරෙය්යුං මානෙය්‍යුං පූජෙය්‍යුං, න තං භික්ඛුං භික්ඛූ සක්කරෙය්‍යුං ගරුං කරෙය්යුං මානෙය්‍යුං පූජෙය්‍යුං. ‘අඤ්ඤං භික්ඛුං භික්ඛූ සක්කරොන්ති ගරුං
‘‘ඨානං ඛො පනෙතං, ආවුසො, විජ්ජති යං ඉධෙකච්චස්ස භික්ඛුනො එවං ඉච්ඡා උප්පජ්ජෙය්ය - ‘අහො වත මමෙව භික්ඛුනියො...පෙ.... උපාසකා...පෙ.... උපාසිකා සක්කරෙය්‍යුං ගරුං කරෙය්යුං මානෙය්‍යුං පූජෙය්‍යුං, න අඤ්ඤං භික්ඛුං උපාසිකා සක්කරෙය්‍යුං ගරුං කරෙය්යුං මානෙය්‍යුං පූජෙය්යු’න්ති. ඨානං ඛො පනෙතං, ආවුසො, විජ්ජති යං අඤ්ඤං භික්ඛුං උපාසිකා සක්කරෙය්‍යුං ගරුං කරෙය්යුං මානෙය්‍යුං පූජෙය්‍යුං, න තං භික්ඛුං උපාසිකා සක්කරෙය්‍යුං ගරුං
‘‘ඨානං ඛො පනෙතං, ආවුසො, විජ්ජති යං ඉධෙකච්චස්ස භික්ඛුනො එවං ඉච්ඡා උප්පජ්ජෙය්ය - ‘අහො වත අහමෙව ලාභී අස්සං පණීතානං චීවරානං, න අඤ්ඤො භික්ඛු ලාභී අස්ස පණීතානං චීවරාන’න්ති. ඨානං ඛො පනෙතං, ආවුසො, විජ්ජති යං අඤ්ඤො
‘‘ඨානං ඛො පනෙතං, ආවුසො, විජ්ජති යං ඉධෙකච්චස්ස භික්ඛුනො එවං ඉච්ඡා උප්පජ්ජෙය්ය - ‘අහො වත අහමෙව ලාභී අස්සං පණීතානං පිණ්ඩපාතානං...පෙ.... පණීතානං සෙනාසනානං...පෙ.... පණීතානං ගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරානං, න අඤ්ඤො භික්ඛු ලාභී අස්ස පණීතානං ගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරාන’න්ති. ඨානං ඛො පනෙතං, ආවුසො, විජ්ජති යං අඤ්ඤො භික්ඛු ලාභී අස්ස පණීතානං ගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරානං, න සො භික්ඛු ලාභී අස්ස පණීතානං ගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරානං. ‘අඤ්ඤො භික්ඛු
‘‘ඉමෙසං ඛො එතං, ආවුසො, පාපකානං අකුසලානං ඉච්ඡාවචරානං අධිවචනං, යදිදං අඞ්ගණ’’න්ති.
|
60
“ඇවැත්නි, අංගණය අංගණයයි කියනු ලැබේ ඇවැත්නි, මේ අංගණය යනු කුමකට නමක්ද? ඇවැත්නි අංගණය යනු කැමැතිසේ හැසිරීමයයි කියනලද ලාමක වූ අකුසල ධර්මයන්ට නමකි.
“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. මම ඇවතට පැමිණියෙමි. මා ඇවතට පැමිණි බව භික්ෂූහු නොදන්නාහු නම් හොඳය (කියාය). යම්හෙයකින් භික්ෂූහු ඒ භික්ෂුව ඇවැතට පැමිණියේයයි දන්නාහු නම් භික්ෂූහු මා ඇවැතට පැමිණියේ යයි දනිත්යයි ඒ භික්ෂුව කෝපයට පත්වෙයි. නොසතුටු වූයේ වෙයි. ඇවැත්නි, ඒ කෝපය හා නොසතුට යන දෙකම අංගණ නමි.
“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. මම ඇවතට පැමිණියේ වෙමි. භික්ෂූහු මට රහසිගතව චොදනා කරන්නාහුනම් සඟමැද චොදනා නොකරන්නාහු නම් හොඳය (කියාය) යම්හෙයකින් භික්ෂූහු ඒ භික්ෂුවට සඟමැද චෝදනා කරත්ද, රහසිගතව චෝදනා නොකරද්ද, භික්ෂූහු මට සඟමැද චෝදනා කරති. රහසිගතව චෝදනා නොකරතියි හෙතෙම කෝපයට පත් වෙයි. නොසතුටුවූයේ වෙයි, ඒ කෝපය හා නොසතුට යන දෙකම අංගණ නමි.
“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. මම ඇවතට පැමිණියේ වෙමි. සමාන පුද්ගලයෙක් මට චොදනා කරන්නේනම්, මා අසන පුද්ගලයෙක් චොදනා නොකරන්නේ නම් හොඳය (කියාය.) යම් හෙයකින් ඒ භික්ෂුවට අසමාන පුද්ගලයෙක් චොදනා කරයිද, සමාන පුද්ගලයෙක් චොදනා නොකරයිද, සමාන පුද්ගලයෙක් නොව අසමාන පුද්ගලයෙක් මට චොදනා කරයි. කියා හෙතෙම කෝපයට පත්වෙයි. නොසතුටු වූයේ වෙයි. ඒ කොපය හා නොසතුට යන දෙකම අංගණ නමි.
“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. ශාස්තෲන් වහන්සේ මගෙන්ම අස අසා භික්ෂූන්ට ධර්මදේශනා කරන්නේ නම් ශාස්තෲන් වහන්සේ අන්‍ය භික්ෂුවකගෙන් අස අසා භික්ෂූන්ට ධර්ම දේශනා නොකරන්නේ නම් හොඳය (කියාය) ඇවැත්නි, යම් හේතුවකින් ශාස්තෲන්වහන්සේ අන්‍ය භික්ෂුවකගෙන් අස අසා ධර්ම දේශනා කරත්ද, ශාස්තෲන්වහන්සේ ඒ භික්ෂුවගෙන් අස අසා ධර්මදේශනා නොකරත්ද, ශාස්තෲන්වහන්සේ අන්‍ය භික්ෂුවකගෙන් අස අසා ධර්මදේශනා කරන්නාහ, ශාස්තෘන්වහන්සේ මගෙන් අස අසා ධර්ම දේනා නොකරන්නාහයි හෙතෙම කෝපයට පත්වෙයි. නොසතුටුවූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අංගණ නමි.
“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. භික්ෂූහු මා ම පෙරටු කොට පෙරටුකොට බත් පිණිස ගමට පිවිසෙන්නාහු නම්, අන්‍ය භික්ෂුවක් පෙරටුකොට පෙරටුකොට බත් පිණිස ගමට නොපිවිසෙන්නාහු නම් හොඳය කියාය. ඇවැත්නි, යම් හේතුවකින් භික්ෂූහු අන්‍ය භික්ෂුවක් පෙරටුකොට පෙරටුකොට බත් පිණිස ගමට පිවිසෙත්ද භික්ෂූහු ඒ භික්ෂුව පෙරටුකොට පෙරටුකොට බත් පිණිස ගමට නොපිවිසෙත්ද, භික්ෂූහු අන්‍ය භික්ෂුවක් පෙරටුකොට පෙරටුකොට බත් පිණිස ගමට පිවිසෙති භික්ෂූහු මා පෙරටුකොට පෙරටුකොට බත් පිණිස ගමට නොපිවිසෙත්යයි හෙතෙම කෝපයට පත්වෙයි, නොසතුටුවූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අංගණ නමි.
“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. මම ම දන් ශාලාවෙහිදී මුල් ආසනය, පළමුවෙනි දිය බඳුන, ප්‍රධාන භොජනය ලබන්නෙම් නම්, අන්‍ය භික්ෂුවක් දන් ශාලාවෙහිදී මුල් ආසනය, පළමුවෙනි දියබඳුන, ප්‍රධාන භොජනය නොලබන්නේ නම් හොඳය (කියාය). ඇවැත්නි, යම් හේතුවකින් අන්‍ය භික්ෂුවක් දන්ශාලාවෙහිදී මුල් ආසනය, පළමුවෙනි දිය බඳුන, ප්‍රධාන භොජනය ලබයිද, මේ භික්ෂුව දන් ශාලාවෙහිදී මුල් ආසනය, පළමුවෙනි දිය බඳුන, ප්‍රධාන භොජනය නොලබයිද අන්‍ය භික්ෂුවක් දන් ශාලාවෙහිදී මුල් ආසනය, පළමුවෙනි දිය බඳුන ප්‍රධාන භොජනය ලබයි, මම දන්ශාලාවෙහිදී මුල් ආසනය, පළමුවෙනි දිය බඳුන, ප්‍රධාන භොජනය නොලබමියි. හෙතෙම කෝපයට පත්වෙයි. නොසතුටු වූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අංගණ නමි.
“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. මම ම දන් ශාලාවෙහිදී වළඳා අවසානයේ අනුමෝදනාව කරන්නෙම් නම් අන්‍ය භික්ෂුවක් දන් ශාලාවේදී වළඳා අවසානයේ අනුමෝදනාව නොකරන්නේ නම් හොඳය (කියාය). ඇවැත්නි, යම් හේතුවකින් අන්‍ය භික්ෂුවක් දන්ශාලාවෙහිදී වළඳා අවසානයේ අනුමෝදනාව කරයිද, මේ භික්ෂුව දන් ශාලාවෙහිදී වළඳා අවසානයේ අනුමෝදනා කරන්ට නොලබයිද, අන්‍ය භික්ෂුවක් දන් ශාලාවෙහිදී වළඳා අවසානයේ අනුමෝදනාව කරයි. මම දන් ශාලාවෙහි වළඳා අවසානයේ අනුමෝදනාව කරන්ට නොලබමියි හෙතෙම කෝපයට පත්වෙයි, අසතුටු වූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අංගණ නමි.
“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. ආරාමයෙහි රැස්වූ භික්ෂූන්ට මම ම ධර්මදේශනා කරන්නෙම් නම් අන්‍ය භික්ෂුවක් ආරාමයෙහි රැස්වූ භික්ෂූන්ට ධර්ම දේශනා නොකරන්නේ නම් හොඳය (කියාය). ඇවැත්නි, යම් හේතුවකින් අන්‍ය භික්ෂුවක් ආරාමයෙහි රැස්වූ භික්ෂූන්ට ධර්ම දේශනා කරයිද, මේ භික්ෂුව ආරාමයෙහි රැස්වූ භික්ෂූන්හට ධර්ම දේශනා කරන්නට නොලබයිද, අන්‍ය භික්ෂුවක් ආරාමයෙහි රැස්වූ භික්ෂූන්හට ධර්ම දේශනා කරයි, මම ආරාමයෙහි රැස්වූ භික්ෂූන්හට ධර්ම දේශනා කරන්නට නොලබමියි හෙතෙම කෝපයට පත්වෙයි, නොසතුටු වූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අංගණ නමි.
“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. ආරාමයෙහි රැස්වූ භික්ෂුණීන්හට මම ම ධර්මදේශනා කරන්නෙම් නම්, අන්‍ය භික්ෂුවක් ආරාමයෙහි රැස්වූ භික්ෂුණීන්හට ධර්ම දේශනා නොකරන්නේ නම් හොඳය (කියාය) ඇවැත්නි, යම් හේතුවකින් අන්‍ය භික්ෂුවක් ආරාමයෙහි රැස්වූ භික්ෂුණීන්හට ධර්ම දේශනා කරයිද, මේ භික්ෂුව ආරාමයෙහි රැස්වූ භික්ෂුණීන්හට ධර්ම දේශනා කරන්නට නොලබයිද, අන්‍ය භික්ෂුවක් ආරාමයෙහි රැස්වූ භික්ෂුණීන්හට ධර්ම දේශනා කරයි, මම ආරාමයෙහි රැස්වූ භික්ෂුණීන්හට ධර්ම දේශනා කරන්නට නොලබමියි හෙතෙම කෝපයට පත්වෙයි, නොසතුටු වූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අංගණ නමි.
“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. ආරාමයෙහි රැස්වූ උපාසකයන්හට මම ම ධර්මදේශනා කරන්නෙම් නම්, අන්‍ය භික්ෂුවක් ආරාමයෙහි රැස්වූ උපාසකයන්හට ධර්ම දේශනා නොකරන්නේ නම් හොඳය (කියාය) ඇවැත්නි, යම් හේතුවකින් අන්‍ය භික්ෂුවක් ආරාමයෙහි රැස්වූ උපාසකයන්ට ධර්ම දේශනා කරයිද, මේ භික්ෂුව ආරාමයෙහි රැස්වූ උපාසකයන්හට ධර්ම දේශනා කරන්නට නොලබයිද, අන්‍ය භික්ෂුවක් ආරාමයෙහි රැස්වූ උපාසකයන්හට ධර්ම දේශනා කරයි, මම ආරාමයෙහි රැස්වූ උපාසකයන්හට ධර්ම දේශනා කරන්නට නොලබමියි හෙතෙම කෝපයට පත්වෙයි, නොසතුටු වූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අංගණ නමි.
“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. ආරාමයෙහි රැස්වූ උපාසිකාවන්හට මම ම ධර්මදේශනා කරන්නෙම් නම් අන්‍ය භික්ෂුවක් ආරාමයෙහි රැස්වූ උපාසිකාවන් හට ධර්ම දේශනා නොකරන්නේ නම් හොඳය (කියාය). ඇවැත්නි, යම් හේතුවකින් අන්‍ය භික්ෂුවක් ආරාමයෙහි රැස්වූ උපාසිකාවන්හට ධර්ම දේශනා කරයිද, මේ භික්ෂුව ආරාමයෙහි රැස්වූ උපාසිකාවන්හට ධර්ම දේශනා කරන්නට නොලබයිද, අන්‍ය භික්ෂුවක් ආරාමයෙහි රැස්වූ උපාසිකාවන්හට ධර්ම දේශනා කරයි, මම ආරාමයෙහි රැස්වූ උපාසිකාවන්හට ධර්ම දේශනා කරන්නට නොලබමියි හෙතෙම කෝපයට පත්වෙයි, නොසතුටු වූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අංගණ නමි.
“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කල්පනාවක් ඇතිවිය හැකිය. භික්ෂූහු මටම සත්කාර කරන්නාහු නම්, ගරුකරන්නාහු නම්, බුහුමන් කරන්නාහු නම්, පුදන්නාහු නම් භික්ෂූහු අන්‍ය භික්ෂුවකට සත්කාර නොකරන්නාහු නම්, ගරු නොකරන්නාහු නම්, බුහුමන් නොකරන්නාහු නම් නොපුදන්නාහු නම් හොඳය (කියාය). ඇවැත්නි, යම් හේතුවකින් භික්ෂූහු අන්‍ය භික්ෂුවකට සත්කාර කරත්ද, ගරු කරත්ද බුහුමන් කරත්ද, පුදත්ද, මේ භික්ෂුවට සත්කාර නොකරත්ද, ගරු නොකරත්ද, බුහුමන් නොකරත්ද නොපුදත්ද, භික්ෂුහු අන්‍ය භික්ෂුවකට සත්කාර කරති. ගරුකරති, බුහුමන් කරති, පුදති, භික්ෂූහු මට සත්කාර නොකරති, ගරු නොකරති, බුහුමන් නොකරති, නොපුදතියි හෙතෙම කෝපයට පත් වෙයි. නොසතුටු වූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යනදෙකම අංගණ නමි.
“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කල්පනාවක් ඇතිවිය හැකිය. භික්ෂුණීහු මටම සත්කාර කරන්නාහු නම්, ගරුකරන්නාහු නම්, බුහුමන් කරන්නාහු නම්, පුදන්නාහු නම්, භික්ෂුණීහු අන්‍ය භික්ෂුවකට සත්කාර නොකරන්නාහු නම්, ගරු නොකරන්නාහු නම්, බුහුමන් නොකරන්නාහු නම් නොපුදන්නාහු නම් හොඳය (කියාය). ඇවැත්නි, යම් හේතුවකින් භික්ෂුණීහු අන්‍ය භික්ෂුවකට සත්කාර කරත්ද, ගරු කරත්ද බුහුමන් කරත්ද, පුදත්ද, මේ භික්ෂුවට සත්කාර නොකරත්ද, ගරු නොකරත්ද, බුහුමන් නොකරත්ද නොපුදත්ද, භික්ෂුණීහු අන්‍ය භික්ෂුවකට සත්කාර කරති. ගරුකරති, බුහුමන් කරති, පුදති, භික්ෂුණීහු මට සත්කාර නොකරති, ගරු නොකරති, බුහුමන් නොකරති, නොපුදතියි හෙතෙම කෝපයට පත් වෙයි. නොසතුටු වූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යනදෙකම අංගණ නමි.
“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කල්පනාවක් ඇතිවිය හැකිය, උපාසකවරු මටම සත්කාර කරන්නාහු නම්, ගරුකරන්නාහු නම්, බුහුමන් කරන්නාහු නම්, පුදන්නාහු නම්, උපාසකවරු අන්‍ය භික්ෂුවකට සත්කාර නොකරන්නාහු නම්, ගරු නොකරන්නාහු නම්, බුහුමන් නොකරන්නාහු නම්, නොපුදන්නාහු නම් හොඳය (කියාය). ඇවැත්නි, යම් හේතුවකින් උපාසකවරු අන්‍ය භික්ෂුවකට සත්කාර කරත්ද, ගරු කරත්ද බුහුමන් කරත්ද, පුදත්ද, මේ භික්ෂුවට සත්කාර නොකරත්ද, ගරු නොකරත්ද, බුහුමන් නොකරත්ද නොපුදත්ද, උපාසකවරු අන්‍ය භික්ෂුවකට සත්කාර කරති. ගරුකරති, බුහුමන් කරති, පුදති, උපාසකවරු මට සත්කාර නොකරති, ගරු නොකරති, බුහුමන් නොකරති, නොපුදතියි හෙතෙම කෝපයට පත් වෙයි. නොසතුටු වූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යනදෙකම අංගණ නමි.
“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කල්පනාවක් ඇතිවිය හැකිය. උපාසිකාවරු මටම සත්කාර කරන්නාහු නම්, බුහුමන් කරන්නාහු නම්, පුදන්නාහු නම්, උපාසිකාවරු අන්‍ය භික්ෂුවකට සත්කාර නොකරන්නාහු නම්, ගරු නොකරන්නාහු නම්, බුහුමන් නොකරන්නාහු නම් නොපුදන්නාහු නම් හොඳය (කියාය). ඇවැත්නි, යම් හේතුවකින් උපාසිකාවරු අන්‍ය භික්ෂුවකට සත්කාර කරත්ද, ගරු කරත්ද බුහුමන් කරත්ද, පුදත්ද, යම් භික්ෂුවට සත්කාර නොකරත්ද, ගරු නොකරත්ද, බුහුමන් නොකරත්ද, නොපුදත්ද, උපාසිකාවරු අන්‍ය භික්ෂුවකට සත්කාර කරති, ගරුකරති, බුහුමන් කරති, පුදති, උපාසිකාවරු මට සත්කාර නොකරති, ගරු නොකරති, බුහුමන් නොකරති, නොපුදතියි හෙතෙම කෝපයට පත් වෙයි. නොසතුටු වූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යනදෙකම අංගණ නමි.
“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. ප්‍රණීත (ඉතා හොඳ) සිවුරු මම ම ලබන්නෙම් නම්, අන්‍ය භික්ෂුවක් ප්‍රණීත සිවුරු නොලබන්නේ නම් හොඳය (කියාය) ඇවැත්නි, යම් හේතුවකින් අන්‍ය භික්ෂුවක් ප්‍රණීත සිවුරු ලබයි නම් මේ භික්ෂුව ප්‍රණීත සිවුරු නොලබයි නම් අන්‍ය භික්ෂුවක් ප්‍රණීත සිවුරු ලබයි. මම ප්‍රණීත සිවුරු නොලබමියි හෙතෙම කෝපයට පත්වෙයි. නොසතුටු වූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අංගණ නමි.
“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. ප්‍රණීත (ඉතා හොඳ) පිණ්ඩපාතය මම ම ලබන්නෙම් නම්, අන්‍ය භික්ෂුවක් ප්‍රණීත පිණ්ඩපාතය නොලබන්නේ නම් හොඳය (කියාය). ඇවැත්නි, යම් හේතුවකින් අන්‍ය භික්ෂුවක් ප්‍රණීත පිණ්ඩපාතය ලබයි නම් මේ භික්ෂුව ප්‍රණීත පිණ්ඩපාතය නොලබයි නම් අන්‍ය භික්ෂුවක් ප්‍රණීත පිණ්ඩපාතය ලබයි, මම ප්‍රණීත පිණ්ඩපාතය නොලබමියි හෙතෙම කෝපයට පත්වෙයි. නොසතුටු වූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අංගණ නමි.
“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. ප්‍රණීත (ඉතා හොඳ) සෙනසුන මම ම ලබන්නෙම් නම්, අන්‍ය භික්ෂුවක් ප්‍රණීත සෙනසුන නොලබන්නේ නම් හොඳය (කියාය). ඇවැත්නි, යම් හේතුවකින් අන්‍ය භික්ෂුවක් ප්‍රණීත සෙනසුන ලබයි නම් මේ භික්ෂුව ප්‍රණීත සෙනසුන නොලබයි නම් අන්‍ය භික්ෂුවක් ප්‍රණීත සෙනසුන ලබයි. මම ප්‍රණීත සෙනසුන නොලබමියි හෙතෙම කෝපයට පත්වෙයි. නොසතුටු වූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අංගණ නමි.
“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. ප්‍රණීත (ඉතා හොඳ) ගිලන්පස බෙහෙත් පිරිකර මම ම ලබන්නෙම් නම්, අන්‍ය භික්ෂුවක් ප්‍රණීත ගිලන්පස බෙහෙත් පිරිකර නොලබන්නේ නම් හොඳය (කියාය). ඇවැත්නි, යම් හේතුවකින් අන්‍ය භික්ෂුවක් ප්‍රණීත ගිලන්පස බෙහෙත් පිරිකර ලබයි නම් මේ භික්ෂුව ප්‍රණීත ගිලන්පස බෙහෙත් පිරිකර නොලබයි නම් අන්‍ය භික්ෂුවක් ප්‍රණීත ගිලන්පස බෙහෙත් පිරිකර ලබයි. මම ප්‍රණීත ගිලන්පස බෙහෙත් පිරිකර නොලබමියි හෙතෙම කෝපයට පත්වෙයි. නොසතුටු වූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අංගණ නමි.
“ඇවැත්නි, අංගණ යනුකැමැත්ත පරිදි පවත්නාවූ මේ ලාමකවූ අකුසලයන්ට නමකි,
|
61
‘‘යස්ස කස්සචි, ආවුසො, භික්ඛුනො ඉමෙ පාපකා අකුසලා ඉච්ඡාවචරා අප්පහීනා දිස්සන්ති චෙව සූයන්ති ච, කිඤ්චාපි සො හොති ආරඤ්ඤිකො පන්තසෙනාසනො පිණ්ඩපාතිකො
|
61
“ඇවැත්නි, යම්කිසි භික්ෂුවකගේ කැමැත්ත පරිදි පවත්නාවූ ලාමකවූ මේ අකුශලයෝ පහනොකළාහු දක්නා ලැබෙත්ද ඇතැයි අසනු ලැබෙත්ද, ඔහු ආරණ්‍යයක සිටියත්, වනයෙහි දුර සෙනසුන්හි විසූවත්, පිණ්ඩපාතිකාංග ඇතිවුවත්, ගෙපිළිවෙළින් පිඬුසිඟීම් ඇති වූවත් පාංශුකූලිකාංග ඇතිවුවත් රළුවූ සිවුරුදරන්නෙකුවුවත් එකට මහණදම් පුරණ සබ්‍රම්සරහු ඔහුට සත්කාර නොකරත් ගරු නොකරත් බුහුමන් නොකරත්, නොපුදත්. ඊට හේතු කවරේද? ඒ ආයුෂ්මතුන්ගේ ලාමකවූ කැමැත්තසේ පවත්නාවූ මේ අකුශලයෝ පහ නොකළාහු දක්නා ලබන්නාහුද වෙත්. අසනු ලබන්නාහුද වෙත්. ඇවැත්නි, සල්පිලින් හෝ රන් කරු කුලයෙන් හෝ ගෙණෙනලද පිරිසිදුවූ බබලන්නාවූ රන්තලියක් වේද ඒ රන්තලිය හිමියෝ සර්ප කුණක් හෝ බලු කුණක් හෝ මිනිස් කුණක් හෝ එහි දමා තවත් රන් තලයකින් වසා වෙළඳ පළට ගෙනයන්නාහුය. ජනයා එය දැක මෙසේ කියන්නේය. පින්වත්නි, ඉතා වටිනා වස්තුවක් මෙන් මේ ගෙනයන්නේ කුමක්ද? මෙසේ කියා ඔවුන් නවත්වා භාජනය හැර බලන්නාහ. දැකීමත් සමගම අමනාපය ඇති වෙයි. පිළිකුලක් ඇති වෙයි. කැත බව වැටහෙයි බඩගින්න ඇත්ත වුන්ටද එය කනු කැමති බවක් ඇති නොවේ. බඩ පිරෙන තෙක් කා සිටියවුන් ගැන කියනු කිම?
“එසේම ඇවැත්නි, යම්කිසි භික්ෂුවකගේ කැමැත්තසේ පවත්නාවූ මේ ලාමක අකුශල ධර්මයෝ පහනොකළාහු දක්නා ලැබෙද්ද, අසනු ලැබෙද්ද, ඒ භික්ෂුව කිසිසේත් අරණ්‍යයෙහි වාසය කරන්නේ වී නමුත් දුර සේනාසනයන්හි වසන නමුත් පිණ්ඩපාතිකාංග ඇති නමුත් ගෙපිළිවෙළින් පිඬුසිගන්නෙකුවූ නමුත් පාංසුකූල සිවුරු දරන්නෙකුවූ නමුත් රළු සිවුරු දරන්නෙකුවූ නමුත් ඔහුට සබ්රහ්මචාරී භික්ෂූහු සත්කාර නොකරත්, ගරු නොකරත්, බුහුමන් නොකරත්, නුපුදත්, ඊට හේතු කවරේද? ඒ ආයුෂ්මතුන් වහන්සේගේ කැමැත්ත සේ පවත්නාවූ පහනොකළාවූ ලාමක අකුසල ධර්මයෝ දක්නාහුද ලැබෙත්. අසන ලද්දාහුද වෙත්.
|
62
‘‘යස්ස කස්සචි, ආවුසො, භික්ඛුනො ඉමෙ පාපකා අකුසලා ඉච්ඡාවචරා පහීනා දිස්සන්ති චෙව සූයන්ති ච, කිඤ්චාපි සො හොති ගාමන්තවිහාරී
|
62
“ඇවැත්නි, යම්කිසි භික්ෂුවක් විසින් කැමැත්ත පරිදි පවත්නාවූ මේ ලාමක අකුශල ධර්මයෝ පහකරන ලද්දාහු දක්නා ලැබෙද්ද අසනු ලැබෙද්ද ඒ භික්ෂුව ගමෙහි වාසය කළත් ආරාධනා පිළිගත්තත් ගෙහිමියන් දෙන සිවුරු පිළිගත්තත් එකට මහණ දම් පුරණ සබ්‍රම්සරහු ඔහුට සත්කාර කරත්, ගරු කරත්, බුහුමන් කරත්, පුදත්, ඊට හේතු කවරේද යත්? ඒ ආයුෂ්මතුන්ගේ ඒ කැමැත්ත පරිදි වන්නාවූ ලාමක අකුසල ධර්ම පහ කරන ලද්දාහු දකිනුද ලැබෙත්, අසනුද ලැබෙත්.
“ඇවැත්නි, සල්පිළින් හෝ රන්කරු කුලයෙන් හෝ ගෙනෙන ලද පිරිසිදුවූ බබලන්නාවූ රන් තලියක් වේද එය හිමියෝ කළු සහල් තෝරා ඉවත් කළ ඇල්හාලේ බත නොයෙක් සූප හා නොයෙක් ව්‍යංජනවලින් පුරවා අනිත් රන් තලියකින් වසා වෙළඳපළට ගෙනයන්නාහුය. ජනයා එය දැක මෙසේ කියන්නේය. පින්වත්නි, ඉතා වටිනා වස්තුවක් මෙන් මේ ගෙනයන්නේ කුමක්ද? මෙසේ කියා ඔවුන් නවත්වා භාජනය හැර බලන්නාහ. දැකීමත් සමගම මනාප බව ඇති වෙයි. නොපිළිකුල් බව ඇති වෙයි, කැත නැති බව වැටහෙයි. බඩ පිරෙන තෙක් කා සිටියවුන්හටද කෑමට ආශාව උපදී. බඩගින්නේ සිටියවුන්හට කියනු කිම?
“ඇවැත්නි, එපරිද්දෙන්ම යම් කිසි භික්ෂුවක් විසින් කැමැත්ත පරිදි පවත්නාවූ මේ ලාමකවූ අකුසලයෝ පහකළාහු දක්නා ලැබෙත්ද, අසනු ලැබෙත්ද, ඔහු ගමෙහි වාසය කළත් ආරාධනා පිළිගත්තත් ගෙහිමියන් දෙන සිවුරු පිළිගත්තත් එකට මහණ දම් පුරණ සබ්‍රම්සරහු ඔහුට සත්කාර කරත්, ගරු කරත්, බුහුමන් කරත්, පුදත්, ඊට හේතු කවරේද? ඒ ආයුෂ්මතුන් විසින් කැමැත්තසේ පවත්නාවූ ලාමකවූ අකුශල ධර්මයන් පහ කළ බව දකිනුද ලබන හෙයිනි, අසනුද ලැබෙන හෙයිනි”
|
63
එවං වුත්තෙ, ආයස්මා මහාමොග්ගල්ලානො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච - ‘‘උපමා මං, ආවුසො සාරිපුත්ත, පටිභාතී’’ති. ‘‘පටිභාතු තං, ආවුසො මොග්ගල්ලානා’’ති. ‘‘එකමිදාහං, ආවුසො, සමයං රාජගහෙ විහරාමි ගිරිබ්බජෙ. අථ ඛ්වාහං, ආවුසො, පුබ්බණ්හසමයං නිවාසෙත්වා
‘‘එවමෙව ඛො, ආවුසො, යෙ තෙ පුග්ගලා අස්සද්ධා, ජීවිකත්ථා න සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතා, සඨා මායාවිනො කෙතබිනො
(කෙටුභිනො (බහූසු)) උද්ධතා උන්නළා චපලා මුඛරා විකිණ්ණවාචා, ඉන්ද්රියෙසු අගුත්තද්වාරා, භොජනෙ අමත්තඤ්ඤුනො, ජාගරියං අනනුයුත්තා, සාමඤ්ඤෙ අනපෙක්ඛවන්තො, සික්ඛාය න තිබ්බගාරවා, බාහුලිකා සාථලිකා, ඔක්කමනෙ පුබ්බඞ්ගමා, පවිවෙකෙ නික්ඛිත්තධුරා, කුසීතා හීනවීරියා මුට්ඨස්සතී අසම්පජානා අසමාහිතා
‘‘යෙ පන තෙ කුලපුත්තා සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතා, අසඨා අමායාවිනො අකෙතබිනො අනුද්ධතා අනුන්නළා අචපලා අමුඛරා අවිකිණ්ණවාචා, ඉන්ද්රියෙසු ගුත්තද්වාරා, භොජනෙ මත්තඤ්ඤුනො, ජාගරියං අනුයුත්තා, සාමඤ්ඤෙ අපෙක්ඛවන්තො, සික්ඛාය තිබ්බගාරවා, න බාහුලිකා
|
63
මෙසේ කී කල්හි ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙය කීහ.
“ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මට උපමාවක් වැටහේ යයි” (කියාය). “ඇවැත්නි මොග්ගල්ලානයෙනි එය ගෙනහැර දක්වනු මැනවැයි” කීය. “ඇවැත්නි, එක්කලෙක මම රජගහ නුවරට අයත් සූබ්බජ නම් නුවර වාසය කෙළෙමි. එකල්හි මම පෙරවරු කාලයෙහි හැඳපෙරව පාත්‍ර සිවුරු ගෙන රජගහ නුවරට පිඬු පිණිස ගියෙමි. එකල්හි සමිති නම් වූ රියකරු පුත්‍ර තෙම රථයකට නිම්වළලල්ලක් හසියි. පැරණි රියකරු පුත්‍රයෙක් වූ පණ්ඩු පුත්‍ර නම් වූ ආජීවක තෙම ඔහු වෙත පැමිණ සිටියේය.
“ඇවැත්නි, එහිදී පැරණි රියකරු පුත්‍රවූ පණ්ඩුපුත්ර නම් ආජීවකයාහට මෙබඳු කල්පනාවක් ඇති විය, ‘මේ සමිති නම් රියකරුපුත්ර තෙම මේ නිම් වළල්ලෙහි මේ නැමුනු තැනද මේ ඇදයද මේ නරක තැන්ද සසින්නේ නම් ඉතා යෙහෙක. එසේ වුවොත් මේ නිම්වළල්ල පහවූ දොස් ඇතිව, පිරිසිදුව හරෙහි පිහිටියා වන්නේය.’ (කියාය) ඇවැත්නි, පැරණි රියකරු පුත්‍රවූ පණ්ඩු පුත්‍ර නම් ආජීවකයා යම් යම් අන්දමින් කල්පනා කළේද, සමිති නම් රියකරු පුත්‍ර තෙම ඒ නිම්වළල්ලෙහි ඒ නැමුණු තැනද ඒ ඒ ඇදයද ඒ ඒ දෝෂයද සසියි. ඇවැත්නි පරණ රියකරු පුත්‍රවූ පණ්ඩු නම් ආජීවක තෙම සතුටට පත්ව ඔබ සිතින් මගේ සිත දැනගෙන මෙන් සසින්නෙහියයි,’ සතුටු වචන පහළ කළේය.
“ඇවැත්නි, එපරිද්දෙන්ම ශ්‍රද්ධාවක් නැත්තාවූ ශ්‍රද්ධාවක් නැතිව ජීවිකාව පිණිස ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූවාවූ කයිරාටික වූ රැවටිලි කාරවූ පුරුදු කළ කයිරාටික කම් ඇති සිත් විසිර ගියාවූ ඇතුළත සාරයක් නැත්තාවූ හිස් මාන ඇති චපලවූ, ක්‍රෑර වචන කියන සංවර නොවූ වචන ඇති ඉන්ද්රියයන් සංවර නොකළ භොජනයෙහි පමණ නොදන්නාවූ නිදිවැරීමෙහි නොයෙදුනාවූ ශ්‍රමණ ධර්මයෙහි බලාපොරොත්තු නැත්තාවූ ශික්ෂාවෙහි තියුණු ගෞරව නැත්තාවූ සිවුරු ආදිය බොහෝ ඇත්තාවූ සස්න ලිහිල් කොට ගන්නාවූ නීවරණයන්හි පෙරටුව යන්නාවූ විවේකයෙහි වීර්ය නැත්තාවූ මැලිවූ පහවූ වීර්ය ඇති මුළාවූ සිහි ඇති හොඳ නුවණ නැත්තාවූ එකඟවූ සිත් නැති නොයෙක් අරමුණෙහි දුවන සිත් ඇති ප්‍රඥාව නැත්තාවූ කෙළතොළුවූ යම් ඒ භික්ෂූහු වෙත්ද? ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මේ ධර්ම දේශනාවෙන් තමාගේ සිතින් ඔවුන්ගේ සිත් දැනගෙන සසින්නාක් වැනියයි කීය.
“ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූ කයිරාටික නුවූ රැවටිලි නැත්තාවූ පුරුදු කළ කයිරාටිකම් නැති විසිරනොගිය සිත් ඇති හිස් මාන නැත්තාවූ චපල නුවූ ක්‍රෑර වචන නැත්තාවූ සංවර වචන ඇත්තාවූ ඉන්ද්රියයන්හි වසන ලද දොරවල් ඇති භොජනයෙහි පමණ දන්නාවූ නිදිවැරීමෙහි යෙදුන ශ්‍රමණ ධර්මයෙහි බලාපොරොත්තු ඇති ශික්ෂාවෙහි අධික ගෞරව ඇති සිවුරු ආදිය බොහෝ කොට නැත්තාවූ සස්න ලිහිල්කොට නොගන්නාවූ නීවරණයන්හි පෙරටුව නොයන්නාවූ විවේකයෙහි පෙරටුවයන්නාවූ පටන්ගන්නාලද වීර්ය ඇත්තාවූ කාය ජීවිතයෙහි බලාපොරොත්තු නැති හොඳ සිහිකල්පනාව ඇති හොඳ ප්‍රඥා ඇති එකඟසිත් ඇති නුවණැත්තාවූ, කෙළතොළු නොවූ යම් ඒ කුලපුත්‍රයෝ වෙත්ද, ඔවුහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ මේ ධර්ම ක්‍රමය අසා වචනයෙන් හා සිතින් බොන්නාක් මෙනැයි හඟිමි. අනුභව කරන්නාක් මෙනැයි හඟිමි. පින්වත, සබ්‍රම්සරුන් අකුසලයෙන් නඟා කුසලයෙහි පිහිටුවීම ඉතා හොඳය.
“ඇවැත්නි, සැරසීමට කැමතිවූ තරුණවූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ වතුර නෑයේ උපුල් මල්දමක් හෝ දෑසමන් මල් දමක් හෝ යොහොඹු මල්දමක් හෝ ලැබ යම්සේ දෑතින් පිළිගෙන උතුම් අඩ්ගයවූ හිසෙහි පැළඳ ගනීද, එපරිද්දෙන්ම ඇවැත්නි, ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූ කයිරාටික නුවූ රැවටිලි නැත්තාවූ පුරුදු කළ කයිරාටිකකම් නැති විසිරගිය සිත් නැත්තාවූ හිස්වූ මාන නැත්තාවූ චපල නුවූ ක්‍රෑර වචන නැත්තාවූ සංවර වචන ඇත්තාවූ ඉන්ද්රියයන්හි වසනලද දොරවල් ඇති භොජනයෙහි පමණ දන්නාවූ නිදිවැරීමෙහි යෙදුනු ශ්‍රමණ ධර්මයෙහි බලාපොරොත්තු ඇති ශික්ෂාවෙහි අධික ගෞරව ඇති සිවුරු ආදිය බොහෝ කොට නැත්තාවූ සස්න ලිහිල්කොට නොගන්නාවූ නීවරණයන්හි පෙරටුව නොයන්නාවූ විවේකයෙහි පෙරටුව යන්නාවූ පටන්ගන්නාලද වීර්ය ඇත්තාවූ කාය ජීවිතයෙහි බලාපොරොත්තු නැති, හොඳ සිහිකල්පනාව ඇති හොඳ ප්‍රඥා ඇති එකඟ සිත් ඇති නුවණැත්තාවූ කෙළතොළු නොවූ, යම් ඒ කුලපුත්‍රයෝ වෙත්ද, ඔව්හු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ මේ ධර්ම ක්‍රමය අසා වචනයෙන් හා සිතින් බොන්නාක් මෙනි. අනුභව කරන්නාක් මෙනි. පින්වතුන් වහන්සේ සබ්රහ්මචාරී භික්ෂූන් අකුශලයෙන් නැගිටුවා කුසලයෙහි පිහිටුවයි, එය ඉතා යහපත්ය.” මෙසේ මේ මහානාගයෝ (කෙලෙස් නැති ශ්‍රේෂ්ඨයෝ) දෙදෙන ඔවුනොවුන්ගේ යහපත් වචන සතුටින් අනුමෝදන් වූවාහුය.
|
6. ආකඞ්ඛෙය්‍යසුත්තං | 6. ආකඩ්ඛෙය්‍ය සූත්‍රය |
64
එවං
‘‘සම්පන්නසීලා, භික්ඛවෙ, විහරථ සම්පන්නපාතිමොක්ඛා; පාතිමොක්ඛසංවරසංවුතා විහරථ ආචාරගොචරසම්පන්නා අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවිනො; සමාදාය සික්ඛථ සික්ඛාපදෙසු.
|
64
“මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල අනාථ පිණ්ඩික සිටුහු විසින් කරවනලද ජේතවන නම් විහාරයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” කියා භික්ෂූන්ට කථාකළහ. “ස්වාමීන් වහන්සැ”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ.
“මහණෙනි, සීලයෙන් යුක්තව වාසයකරව්. ප්රාතිමොක්ෂ සංවරයෙන් යුක්තව වාසය කරව්. ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තව වාසය කරව්. ඉතා සුලුවුද වරදට භයවන ගති ඇතිව වාසය කරව්. ශික්ෂාපද සමාදන්ව ඊට අනුව හික්මෙව්.
|
65
‘‘ආකඞ්ඛෙය්ය චෙ, භික්ඛවෙ, භික්ඛු - ‘සබ්රහ්මචාරීනං පියො ච අස්සං මනාපො ච ගරු ච භාවනීයො චා’ති
(මනාපො ගරුභාවනියො චාති (සී.)), සීලෙස්වෙවස්ස පරිපූරකාරී අජ්ඣත්තං චෙතොසමථමනුයුත්තො අනිරාකතජ්ඣානො විපස්සනාය සමන්නාගතො බ්රූහෙතා සුඤ්ඤාගාරානං.
‘‘ආකඞ්ඛෙය්ය චෙ, භික්ඛවෙ, භික්ඛු - ‘ලාභී අස්සං චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරාන’න්ති, සීලෙස්වෙවස්ස පරිපූරකාරී අජ්ඣත්තං චෙතොසමථමනුයුත්තො අනිරාකතජ්ඣානො විපස්සනාය සමන්නාගතො බ්රූහෙතා සුඤ්ඤාගාරානං.
‘‘ආකඞ්ඛෙය්ය චෙ, භික්ඛවෙ, භික්ඛු - ‘යෙසාහං චීවරපිණ්ඩපාතසෙනාසන ගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරං පරිභුඤ්ජාමි තෙසං තෙ කාරා මහප්ඵලා අස්සු
‘‘ආකඞ්ඛෙය්ය
|
65
“මහණෙනි මහණ තෙම සමාන බඹසර ඇත්තවුන්ට ප්‍රිය වූවෙක් මනාපවූවෙක් ගරු කළයුත්තෙක් සැලකිය යුත්තෙක් වන්නෙමියි ඉදින් කැමති වන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු විය යුතුය. තමාගේ හිත සමථයෙහි පිහිටුවා ගන්නෙකු, බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු, විදර්ශනාවෙන් යුක්ත වූවෙකු, සූන්‍යාගාර වඩන්නෙකු පාලු (විවේක ස්ථානයක හිඳ භාවනා කරන්නා සූන්යාගාරවඩන්නා යයි කියනු ලැබේ.) විය යුතුය.
“මහණෙනි, මහණ තෙම සිවුරු, ආහාර, ගිලන්පස, බෙහෙත් පිරිකර, ලබන්නෙක් වෙමියි ඉදින් කැමති වන්නේ නම්, ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු විය යුතුය. තමාගේ හිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු, බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු, විදර්ශනාවෙන් යුක්ත වූවෙකු, සූන්‍යාගාර වඩන්නෙකු විය යුතුය.
“මහණෙනි, මහණ තෙම යම් කෙනෙකුන්ගේ සිවුරු, ආහාර, සෙනසුන්, ගිලන්පස බෙහෙත් පිරිකර මම වළඳම් නම් ඔවුන්ගේ ඒ දානමය පින්කම් මහත්ඵල වේවායි, මහත් ආනිශංස වේවායි ඉදින්කැමති වන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු විය යුතුය, තමාගේ හිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු විදර්ශනාවෙන් යුක්තව වූවෙකු සූන්‍යාගාර වඩන්නෙකු වියයුතුය.
“මහණෙනි, මහණතෙම පරලොව ගියාවූ මාගේ යම් නෑ සහ ලේ නෑ කෙනෙක් වෙත්ද ඔවුහු සතුටු සිතින් මා සිහිකරන්නාහ. ඔවුන්ගේ ඒ සිහිකිරීම මහත්ඵල වේවායි මහානිශංස වේවායි ඉදින් කැමැති වන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු විය යුතුය. තමාගේ හිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු, බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු විදර්ශනාවෙන් යුක්තවූවෙකු සූන්‍යාගාර වඩන්නෙකු වියයුතුය.
|
66
‘‘ආකඞ්ඛෙය්ය
‘‘ආකඞ්ඛෙය්ය චෙ, භික්ඛවෙ, භික්ඛු - ‘භයභෙරවසහො අස්සං, න ච මං භයභෙරවං සහෙය්ය, උප්පන්නං භයභෙරවං අභිභුය්ය අභිභුය්ය විහරෙය්ය’න්ති, සීලෙස්වෙවස්ස පරිපූරකාරී...පෙ.... බ්රූහෙතා සුඤ්ඤාගාරානං.
‘‘ආකඞ්ඛෙය්ය චෙ, භික්ඛවෙ, භික්ඛු - ‘චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී අස්සං අකිච්ඡලාභී අකසිරලාභී’ති, සීලෙස්වෙවස්ස පරිපූරකාරී...පෙ.... බ්රූහෙතා සුඤ්ඤාගාරානං.
‘‘ආකඞ්ඛෙය්ය චෙ, භික්ඛවෙ, භික්ඛු - ‘යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා, තෙ කායෙන ඵුසිත්වා විහරෙය්ය’න්ති, සීලෙස්වෙවස්ස පරිපූරකාරී...පෙ.... බ්රූහෙතා සුඤ්ඤාගාරානං.
|
66
“මහණෙනි, මහණතෙම කුසල ධර්මයන්හි නොඇලීමද (කම්සැපෙහි) ඇල්මද ඉවසන්නෙක් (මැඩපවත්වන්නෙක්) වන්නෙමි. ඒ කුශල ධර්මයන්හි නොඇලීමද යම්සේ මා නොමඩින්නේද එසේ උපන් කුසල ධර්මයන්හි නොඇල්ම මැඩ මැඩ වාසය කරමියි. ඉදින් කැමති වන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු වියයුතුය. තමාගේ හිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු, බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු, විදර්ශනාවෙන් යුක්ත වූවෙකු සූන්‍යාගාර වඩන්නෙකු විය යුතුය.
“මහණෙනි, මහණ තෙම භයානක අරමුණු ඉවසන්නෙමි. සිත තැතිගැන්ම හා භයානක අරමුණු මා මැඩනොපවත්නේද එසේ උපන් භයජනක අරමුණු මැඩ මැඩ වාසය කරන්නෙමියි ඉදින් කැමති වන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු විය යුතුය. තමාගේ හිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු විදර්ශනාවෙන් යුක්තවූවෙකු, සූන්‍යාගාර වඩන්නෙකු විය යුතුය.
“මහණෙනි, මහණතෙම පිරිසිදු සිතෙහි හටගත්තාවූ මේ ආත්මයෙහි සැප වාස ඇත්තාවූ රූපාවචර ධ්‍යාන හතර කැමතිසේ ලබන්නෙක්, පහසුවෙන් ලබන්නෙක්, අමාරුවක් නැතිව ලබන්නෙක් වන්නෙමියි ඉදින් කැමති වන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු විය යුතුය. තමාගේ හිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු, බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු, විදර්ශනාවෙන් යුක්ත වූවෙකු, සූන්‍යාගාර වඩන්නෙකු වියයුතුය.
“මහණෙනි, මහණතෙම සංසිඳුනාවූ විරුද්ධ ධර්මයන් කෙරෙන් මිදුණාවූ රූපාවචර ධ්‍යානය ඉක්ම සිටි හෙයින් රූප රහිතවූ යම් ඒ අරූප ධ්‍යානයෝ වෙත්ද ඔවුන් නාම කයින් ස්පර්ශකොට වාසය කරන්නෙමියි ඉදින් කැමැති වන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු විය යුතුය. තමාගේ හිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු, විදර්ශනාවෙන් යුක්ත වූවෙකු, සූන්‍යාගාර වඩන්නෙකු විය යුතුය.
|
67
‘‘ආකඞ්ඛෙය්ය
‘‘ආකඞ්ඛෙය්ය
‘‘ආකඞ්ඛෙය්ය
|
67
“මහණෙනි, මහණතෙම සංයෝජන (කෙලෙස් බැමි) තුන නැතිකිරීමෙන් දුගතියක නොහෙලන ස්වභාව ඇති, නිවන් මගට නියමවූ, සම්බොධිය පිහිටකොට ඇති සොවාන් කෙනෙක් වෙමියි ඉදින් කැමැති වෙන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණකරන්නෙකු වියයුතුය. තමාගේ හිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු, බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු, විදර්ශනාවෙන් යුක්ත වූවෙකු, සූන්‍යාගාර වඩන්නෙකු වියයුතුය.
“මහණෙනි, මහණ තෙම තුන් සංයෝජනයන්හි නැති කිරීමෙන් රාග ද්වේෂ මෝහයන් තුනී කිරීමෙන් සකෘදාගාමි වන්නෙමි. එක් වරක්ම මේ මනුෂ්‍ය ලෝකයට අවුත් දුක් කෙළවර කරන්නෙමියි ඉදින් කැමැති වන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු වියයුතුය. තමාගේ හිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු, බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු, විදර්ශනාවෙන් යුක්ත වූවෙකු, සූන්‍යාගාර වඩන්නෙකු විය යුතුය.
මහණෙනි, මහණ තෙම ඔරම්භාගිය (කාමලෝකය සේවනය කරන්නාවූ සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, ව්‍යාපාද යන) සංයෝජන පස නැතිකිරීමෙන් ඔපපාතික වී ඒ බ්‍රහ්ම ලෝකයෙන් පෙරළා නොඑන ස්වභාව ඇතිව එහිදීම පිරිනිවන් පාන්නෙක් වෙමියි ඉදින් කැමති වන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු විය යුතුය. තමාගේ හිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු, විදර්ශනාවෙන් යුක්තවූවෙකු, සූන්‍යාගාර වඩන්නෙකු විය යුතුය.
|
68
‘‘ආකඞ්ඛෙය්ය චෙ, භික්ඛවෙ, භික්ඛු - ‘අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභවෙය්යං - එකොපි හුත්වා බහුධා අස්සං, බහුධාපි හුත්වා එකො අස්සං; ආවිභාවං තිරොභාවං; තිරොකුට්ටං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානො ගච්ඡෙය්යං, සෙය්යථාපි ආකාසෙ; පථවියාපි උම්මුජ්ජනිමුජ්ජං කරෙය්යං, සෙය්යථාපි උදකෙ; උදකෙපි අභිජ්ජමානෙ ගච්ඡෙය්යං, සෙය්යථාපි පථවියං; ආකාසෙපි පල්ලඞ්කෙන කමෙය්යං, සෙය්යථාපි පක්ඛී සකුණො; ඉමෙපි චන්දිමසූරියෙ එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ පාණිනා පරාමසෙය්යං පරිමජ්ජෙය්යං; යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙය්ය’න්ති, සීලෙස්වෙවස්ස පරිපූරකාරී...පෙ.... බ්රූහෙතා සුඤ්ඤාගාරානං.
‘‘ආකඞ්ඛෙය්ය
‘‘ආකඞ්ඛෙය්ය චෙ, භික්ඛවෙ, භික්ඛු - ‘පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානෙය්යං - සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානෙය්යං, වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානෙය්යං; සදොසං වා චිත්තං සදොසං චිත්තන්ති පජානෙය්යං, වීතදොසං වා චිත්තං වීතදොසං චිත්තන්ති පජානෙය්යං; සමොහං වා චිත්තං සමොහං චිත්තන්ති පජානෙය්යං, වීතමොහං වා චිත්තං වීතමොහං චිත්තන්ති පජානෙය්යං; සංඛිත්තං වා චිත්තං සංඛිත්තං චිත්තන්ති පජානෙය්යං, වික්ඛිත්තං වා චිත්තං වික්ඛිත්තං චිත්තන්ති පජානෙය්යං; මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තන්ති පජානෙය්යං, අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තන්ති පජානෙය්යං; සඋත්තරං වා චිත්තං සඋත්තරං චිත්තන්ති පජානෙය්යං, අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තන්ති පජානෙය්යං; සමාහිතං වා චිත්තං සමාහිතං
‘‘ආකඞ්ඛෙය්ය
‘‘ආකඞ්ඛෙය්ය චෙ, භික්ඛවෙ, භික්ඛු - ‘දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සෙය්යං චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානෙය්යං - ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා; ඉමෙ වා පන භොන්තො
|
68
“මහණෙනි, මහණතෙමේ නොයෙක් අයුරු ඇති ඍද්ධිවිධි වෙන් වෙන් කොට දක්වමි. එකෙක්ව බොහෝසේ වෙමි. බොහෝසේව එකෙක් වෙමි. ප්‍රකට බවට, මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය විනිවිද, පවුර විනිවිද, පර්වතය විනිවිද, නොහැපෙමින්යමි. දියෙහිමෙන් පොළොවෙහි කිමිදීම්, මතුවීම් කරමි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබිඳ ගමන් කරමි. පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්යංකයෙන් හිඳගෙනම යමි. මේ මහත් ඍද්ධි ඇති, මහත් ආනුභාව ඇති සඳ හිරු දෙදෙන අතගාමි, පිරිමදිමි, බඹලොව තෙක් ශරීරයෙන් වසඟ බව පවත්වමියි, ඉදින් කැමති වන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකුවිය යුතුය, තමාගේ හිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු, බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු විදර්ශනාවෙන් යුක්ත වූවෙකු සූන්‍යාගාර වඩන්නෙකු විය යුතුය.
“මහණෙනි, මහණතෙම පිරිසිදුවූ, මිනිස් කණ ඉක්ම පැවැත්තාවූ දිව කණින් දිව්‍යමයවූද මනුෂ්‍යමය වූද දුරවූද සමීපයෙහිවූද ශබ්ද අසන්නෙමියි ඉදින් කැමතිවන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු විය යුතුය, තමාගේ හිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු, බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු විදර්ශනාවෙන් යුක්තවූවෙකු, සූන්‍යාගාර වඩන්නෙකු විය යුතුය.
මහණෙනි, මහණ තෙම අන්‍ය සත්වයින්ගේ අන්‍ය පුද්ගලයින්ගේ සිත තම සිතින් පිරිසිඳ දන්නෙමි. රාග සහිත සිත රාග සහිත සිතයයි දන්නෙමි. රාගය පහවූ සිත රාගයෙන් පහවූ සිතයයි දනිමි. ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතයි දනිමි. ද්වේෂය පහවූ සිත ද්වේෂයෙන් තොරවූ සිතයයි දනිමි. මොහො සහිත සිත මෝහ සහිත සිතයයි දනිමි. මෝහය පහවූ සිත මෝහයෙන් තොරවූ සිතයයි දනිමි. හැකුලුණු සිත හැකුලුණු සිතයයි දනිමි. විසිරුණු සිත විසුරුණු සිතයයි දනිමි. මහත් බවට ගිය සිත මහත්බවට ගිය සිතයයි දනිමි මහත් බවට නොගිය සිත මහත් බවට නොගිය සිතයයි දනිමි. කාම සහිත සිත, කාමසහිත සිත යයි දනිමි. ලෞකික හිත් අතුරෙන් උසස්ම සිත අනුත්තර සිතයයි දනිමි. සමාධි ගතවූ සිත සමාධිගත සිතයයි දනිමි. සමාධිගත නොවූ සිත සමාධිගත නොවූ සිත යයි දනිමි. (ක්ලේශයෙන්) මිදුනු සිත මිදුනු සිතයයි දනිමි. නොමිදුනු සිත නොමිදුනු සිතයයි දනිමියි ඉදින් කැමති වන්නේනම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු වියයුතුය. තමාගේ සිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු විදර්ශනාවෙන් යුක්ත වූවෙකු, සූන්‍යාගාර වඩන්නෙකු විය යුතුය.
“මහණෙනි, මහණ තෙම නන්වැදෑරුම්වූ පෙර විසූ තැන් සිහිකරන්නෙමි. හේ කෙසේදයත්, එක්ජාතියක් ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද ජාති සතරක්ද, ජාති පසක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිසක්ද, ජාති සතළිසක්ද, ජාති පණසක්ද, ජාතිසියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් ජාති ලක්ෂ ගණන්ද අසවල් තැන වූයෙම් මෙබඳු නම් ඇත්තේ, මෙබඳු ගොත්‍ර ඇත්තේ, මෙබඳු වර්ණ ඇත්තේ, මෙබඳු ආහාර ඇත්තේ, මෙබඳු සැප දුක් විඳින්නේ මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තේවීමි. ඒ මම එයින් චුතවූයෙම් අසුවල් තැන උපනිමි. එහිද මෙබඳු නම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු වර්ණ ඇත්තේ වීමි, මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු සැප දුක් වින්දේ වීමි. මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තේ වීමි. ඒ මම එයින් චුතවූයෙම් මෙහි උපන්නෙමි. මෙසේ ආකාර සහිතව දැක්වීම් සහිතව නානාප්‍රකාරවූ පෙර විසූ ආත්ම සිහිකරමියි ඉදින් කැමතිවන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු විය යුතුය. තමාගේ හිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු, බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු විදර්ශනාවෙන් යුක්ත වූවෙකු, සූන්‍යාගාර වඩන්නෙකු විය යුතුය.
“මහණෙනි, මහණතෙම පිරිසිදුවූ මිනිසත් බව ඉක්මෙව්වාවූ දිව ඇසින් බලන්නෙමි, චුතවන්නාවූද, උපදින්නාවූද, හීනවුද, උසස්වූද, යහපත් වර්ණ ඇත්තාවූද, දුර්වර්ණවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවුද, කම්වූ පරිදි මිය පරලොව යන්නාවූද සත්වයන් දැනගන්නෙමි. මේ පින්වත් සත්වයෝ එකාන්තයෙන් කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාග් දුශ්චරිතයෙන් යුක්තවූවාහු, මනො දුශ්චරිතයෙන් යුක්තවූවාහු, ආර්යයන්ට දොස් කියන්නාහු, මිසදිටුවූවාහු, මිථ්‍යාදෘෂ්ටි කර්ම සමාදන් වූවාහු මරණින් මතු සැපයෙන් පහවූ හෙයින් අපාය නම්වූ දුකට පැමිණෙන හෙයින් දුග්ගති නම්වූ විවසව (හිස යටිකුරු) වැටෙන්නාවූ නරකයෙහි උපන්නාහුය. මේ පින්වත් සත්වයෝ කයින් කරන සුචරිතයෙන් යුක්තවූවාහු වචනයෙන් කරන සුචරිතයෙන් යුක්තවුවාහු, සිතින් කරන සුචරිතයෙන් යුක්තවූවාහු ආර්යයන්ට දොස් නොකියන්නාහු සම්‍යක්දෘෂ්ටි ඇත්තාහු සම්‍යක් දෘෂ්ටි සමාදන් වූවාහු ශරීර භෙදයෙන්, මරණින් මතු සුගති නම්වූ ස්වර්ග ලෝකයෙහි උපන්නාහුයයි මෙසේ මිනිස් ඇස ඉක්මවූ, පිරිසිදු දිවැසින්, චුතවන්නාවූද, උපදින්නාවූද, හීනවූද, උසස්වූද, යහපත් වර්ණ ඇත්තාවූද, දුර්වර්ණවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත්ගති ඇත්තාවූද කම්වූ පරිදි පරලොව යන සත්වයන් දැනගන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු විය යුතුය. තමාගේ හිත සමථයෙහි පිහිටුවාගත්තෙකු, බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු, විදර්ශනාවෙන් යුක්ත වූවෙකු සූන්‍යාගාර වඩන්නෙකු විය යුතුය.
|
69
‘‘ආකඞ්ඛෙය්ය
‘‘සම්පන්නසීලා, භික්ඛවෙ, විහරථ සම්පන්නපාතිමොක්ඛා; පාතිමොක්ඛසංවරසංවුතා විහරථ ආචාරගොචරසම්පන්නා අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවිනො; සමාදාය සික්ඛථ සික්ඛාපදෙසූ’’ති - ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්ත’’න්ති.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
|
69
“මහණෙනි, මහණතෙම ආශාව (කෙලෙස්) නැති කිරීමෙන් ආශ්‍රව රහිතවූ චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ ජාතියේදීම විසිතුරු නුවණින් දැන ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය කරන්නෙමියි ඉදින් කැමති වන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණකරන්නෙකු විය යුතුය. තමාගේ හිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු, බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු විදර්ශනාවෙන් යුක්තවූවෙකු, සූන්‍යාගාර වඩන්නෙකු විය යුතුය.
“මහණෙනි, ශීලයෙන් යුක්තව වාසයකරව්, ප්රාතිමොක්ෂ සංවරයෙන් යුක්තව වාසය කරව්, ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තව වාසය කරව්, ඉතා සුලුවූද වරදට භයවන ගතියෙන් වාසය කරව්, ශික්ෂාපද සමාදන්ව ඊට අනුව හික්මෙව් යැයි යමක් (මුලදී) කියන ලදද එය මේ සඳහා කියනලදී.”
භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය ප්‍රකාශ කළහ. සතුටුවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්හ.
|
7. වත්ථසුත්තං | 7. වත්ථ සූත්‍රය |
70
එවං
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, වත්ථං සංකිලිට්ඨං මලග්ගහිතං; තමෙනං රජකො යස්මිං යස්මිං රඞ්ගජාතෙ උපසංහරෙය්ය - යදි නීලකාය යදි පීතකාය යදි ලොහිතකාය යදි මඤ්ජිට්ඨකාය
(මඤ්ජෙට්ඨකාය (සී. පී.), මඤ්ජෙට්ඨිකාය (ස්‍යා.)) දුරත්තවණ්ණමෙවස්ස අපරිසුද්ධවණ්ණමෙවස්ස. තං කිස්ස හෙතු? අපරිසුද්ධත්තා, භික්ඛවෙ, වත්ථස්ස. එවමෙව ඛො, භික්ඛවෙ, චිත්තෙ සංකිලිට්ඨෙ, දුග්ගති පාටිකඞ්ඛා. සෙය්යථාපි, භික්ඛවෙ, වත්ථං පරිසුද්ධං පරියොදාතං; තමෙනං රජකො යස්මිං යස්මිං රඞ්ගජාතෙ උපසංහරෙය්ය - යදි නීලකාය යදි පීතකාය යදි ලොහිතකාය යදි මඤ්ජිට්ඨකාය - සුරත්තවණ්ණමෙවස්ස පරිසුද්ධවණ්ණමෙවස්ස. තං කිස්ස හෙතු? පරිසුද්ධත්තා, භික්ඛවෙ, වත්ථස්ස. එවමෙව ඛො, භික්ඛවෙ, චිත්තෙ අසංකිලිට්ඨෙ, සුගති පාටිකඞ්ඛා.
|
70
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනාථපිණ්ඩික සිටුහු විසින් කරවනලද ජේතවන නම්විහාරයෙහි වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ කියා භික්ෂූන්ට කථාකළහ. ‘ස්වාමීනි’යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
“මහණෙනි, යම්සේ කිලුටුවූ මලබැඳුණාවූ වස්ත්‍රයක් වේද ඒ වස්ත්‍රය රෙදි සායම් කරන්නෙක් නිල්පාට කිරීම පිණිස හෝ රන්වන් පාට කිරීම පිණිස හෝ ලේපාට කිරීම පිණිස හෝ මදටියපාට කිරීම පිණිස හෝ යම් යම් සායමක් පොවන්නේද, එය නරකපාට ඇත්තක්ම වන්නේය. අපිරිසිදුපාට ඇත්තක්ම වන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, වස්ත්‍රය අපිරිසිදුවූ බැවිනි. මහණෙනි, එපරිද්දෙන්ම සිත කිලුටුවූ කල්හි දුර්ගතිය කැමතිවිය යුතුයි.
“මහණෙනි, යම්සේ පිරිසිදුව බබලන්නාවූ වස්ත්‍රයක් වේද ඒ වස්ත්‍රය රෙදි සායම් කරන්නෙක් නිල්පාට කිරීම පිණිස හෝ රන්වන් පාට කිරීම පිණිස හෝ ලේපාට කිරීම පිණිස හෝ මදටියපාට කිරීම පිණිස හෝ යම් යම් සායමක් පොවන්නේද එය හොඳපාට ඇත්තක්ම වන්නේය. පිරිසිදු පාට ඇත්තක්ම වන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, වස්ත්‍රය පිරිසිදුවූ බැවිනි. මහණෙනි, එපරිද්දෙන්ම සිත නොකිලිටිවූ කල්හි සුගතිය කැමති විය යුතුයි.
|
71
‘‘කතමෙ ච, භික්ඛවෙ, චිත්තස්ස උපක්කිලෙසා? අභිජ්ඣාවිසමලොභො චිත්තස්ස උපක්කිලෙසො, බ්යාපාදො චිත්තස්ස උපක්කිලෙසො, කොධො චිත්තස්ස උපක්කිලෙසො, උපනාහො චිත්තස්ස උපක්කිලෙසො, මක්ඛො
|
71
“මහණෙනි, සිත කෙලෙසන්නාවූ පාපධර්මයෝ කවරහුද? අභිධ්‍යාව නම්වූ විෂමලෝභය (අනුන්ගේ දේ මට ඇත්නම් හොඳයයි ආශා කරන දැඩි ලෝභය) හිත කෙලෙසන්නකි. ව්‍යාපාදය (අනුන් නසනු කැමැත්ත) හිත කෙලෙසන්නකි. ක්‍රෝධය (තරහ) සිත කෙලෙසන්නකි. උපනාහය (බැඳගත් වයිරය) හිත කෙලෙසන්නකි. මක්ඛය (අනුන්ගේ ගුණමැකීම) හිත කෙලෙසන්නකි. පලාසය (නීචව සිටිමින් උසස් පුද්ගලයන් හා තමා සමාන සිතීම) හිත කෙලෙසන්නකි. ඊර්ෂ්‍යාව (අන්‍යයන්ගේ සම්පත් නොඉවසීම) හිත කෙලෙසන්නකි. මසුරුකම (තමාගේ ඇති සම්පත් සැඟවීම) හිත කෙලෙසන්නකි. මායාව (රැවටිල්ල) හිත කෙලෙසන්නකි. සඨබව (කෛරාටිකකම) හිත කෙලෙසන්නකි. ථම්භය (මානයෙන් ඉදිමුණු ගතිය) හිත කෙලෙසන්නකි. සාරම්භය (එකට එක කිරීම) හිත කෙලෙසන්නකි. මානය (ජාති ආදිය නිසා ඇතිවූ උඩඟු හැඟීම) හිත කෙලෙසන්නකි. අභිමානය (අධික මානය) හිත කෙලෙසන්නකි. මදය (ජාති ආදියෙන් මත්වීම) හිත කෙලෙසන්නකි. ප්‍රමාදය (පස්කම් සැපෙහි ඇල්ම) හිත කෙලෙසන්නකි.
|
72
‘‘ස ඛො සො, භික්ඛවෙ, භික්ඛු ‘අභිජ්ඣාවිසමලොභො චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා අභිජ්ඣාවිසමලොභං චිත්තස්ස උපක්කිලෙසං පජහති; ‘බ්යාපාදො චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා බ්යාපාදං චිත්තස්ස උපක්කිලෙසං පජහති
|
72
“මහණෙනි, ඒ මහණතෙම අභිධ්‍යාව නම්වූ විෂම ලෝභය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන අභිධ්‍යාව නම්වූ විෂමලෝභය දුරු කරයි. ව්‍යාපාදය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන, හිත කෙලෙසන ව්‍යාපාදය දුරු කරයි. ක්‍රෝධය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන ක්‍රෝධය දුරු කරයි. උපනාහය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන උපනාහය දුරුකරයි. මකු ගුණය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන මකු ගුණය දුරු කරයි. පලාසය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන පලාසය දුරු කරයි. ඊර්ෂ්‍යාව හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන ඊර්ෂ්‍යාව දුරු කරයි. මසුරුකම හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන මසුරුකම දුරු කරයි. රැවටිල්ල හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන මායාව දුරුකරයි. කයිරාටික බව හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන කයිරාටික බව දුරු කරයි. හිතේ තදගතිය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන සිතෙහි තදගතිය දුරුකරයි. එකට එක කිරීම හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන සාරම්භය දුරු කරයි. මානය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන මානය දුරුකරයි. අභිමානය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන අභිමානය දුරුකරයි. ප්‍රමාදය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන ප්‍රමාදය දුරුකරයි.
|
73
‘‘යතො ඛො
(යතො ච ඛො (සී. ස්‍යා.)), භික්ඛවෙ, භික්ඛුනො ‘අභිජ්ඣාවිසමලොභො චිත්තස්ස උපක්කිලෙසො’ති - ඉති විදිත්වා අභිජ්ඣාවිසමලොභො චිත්තස්ස උපක්කිලෙසො
|
73
“මහණෙනි, යම් කලෙක පටන් භික්ෂුව විසින් අභිධ්‍යා නම්වූ විෂම ලෝභය හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන අභිධ්‍යා විෂම ලෝභය නැති කරන ලද්දේ වෙයිද,
“මහණෙනි, යම් කලෙක පටන් භික්ෂුව විසින් ව්‍යාපාදය හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන ව්‍යාපාදය නැති කරන ලද්දේ වෙයිද,
“මහණෙනි, යම් කලෙක පටන් භික්ෂුව විසින් ක්‍රෝධය හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන ක්‍රෝධය නැති කරන ලද්දේ වෙයිද,
“මහණෙනි, යම් කලෙක පටන් භික්ෂුව විසින් උපනාහය හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන උපනාහය නැති කරන ලද්දේ වෙයිද?
“මහණෙනි, යම් කලෙක පටන් භික්ෂුව විසින් මකු බව හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන මකු බව නැති කරන ලද්දේ වෙයිද,
“මහණෙනි, යම් කලෙක පටන් භික්ෂුව විසින් පලාසය හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන පලාසය නැති කරන ලද්දේ වෙයිද,
“මහණෙනි, යම් කලෙක පටන් භික්ෂුව විසින් ඊර්ෂ්‍යාව හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන ඊර්ෂ්‍යාව නැති කරන ලද්දේ වෙයිද,
“මහණෙනි, යම් කලෙක පටන් භික්ෂුව විසින් මසුරු බව හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන මසුරු බව නැති කරන ලද්දේ වෙයිද,
“මහණෙනි, යම් කලෙක පටන් භික්ෂුව විසින් රැවටිල්ල හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන රැවටිල්ල නැති කරන ලද්දේ වෙයිද,
“මහණෙනි, යම් කලෙක පටන් භික්ෂුව විසින් කයිරාටිකකම හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන කයිරාටිකකම නැති කරන ලද්දේ වෙයිද,
“මහණෙනි, යම් කලෙක පටන් භික්ෂුව විසින් තද බව හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන තද බව නැති කරන ලද්දේ වෙයිද,
“මහණෙනි, යම් කලෙක පටන් භික්ෂුව විසින් එකටඑක කිරීම හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන එකටඑක කිරීම නැති කරන ලද්දේ වෙයිද,
“මහණෙනි, යම් කලෙක පටන් භික්ෂුව විසින් මානය හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන මානය නැති කරන ලද්දේ වෙයිද,
“මහණෙනි, යම් කලෙක පටන් භික්ෂුව විසින් අභිමානය හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන අභිමානය නැති කරන ලද්දේ වෙයිද,
“මහණෙනි, යම් කලෙක පටන් භික්ෂුව විසින් මදය හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන මදය නැති කරන ලද්දේ වෙයිද,
“මහණෙනි, යම් කලෙක පටන් භික්ෂුව විසින් ප්‍රමාදය හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන ප්‍රමාදය නැති කරන ලද්දේ වෙයිද,
|
74
‘‘සො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති; ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - ‘ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනෙය්‍යිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී’ති; සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - ‘සුප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො, උජුප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො, ඤායප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො, සාමීචිප්පටිපන්නො
|
74
“හෙතෙම බුදුන් කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්තවූයේ වෙයි. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන්ද අර්හත්ය, සම්‍යක් සම්බුද්ධය, අෂ්ට විද්‍යාවෙන් හා පසළොස් චරණ ධර්මයෙන් යුක්තය, සුගතය, ලෝකය දන්නා සේක. අනුත්තරය, චණ්ඩපුරුෂයන් දමනය කිරීමෙහි සාරථියෙක් වැනිය, දෙව් මිනිසුන්ට අනුශාසනා කරන්නාය, බුද්ධය, භාග්‍යවත්ය කියායි.
“ධර්මයෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්තවූයේ වෙයි, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාව ප්‍රකාශ කරනලදී. මෙලොව ලැබෙන ඵල ඇත්තේය. කල් නොයවා දෙන විපාක ඇත්තේය. අවුත් බලවයැයි කියා දැක්වීමට සුදුසුය. තමන් තුළ ඉපදවීමට සුදුසුය. නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහිලා දතයුතුය කියායි.
“සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ මනාව පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙමේ සෘජුව පිළිපන්නේය. න්‍යායයට (නිර්වාණයට) අනුව පිළිපන්නේය. සාමීචි කර්මයට සුදුසුසේ පිළිපන්නේය. දුර සිට ගෙනැවිත් දෙන සිව්පසය ලැබීමට සුදුසුය. දුර සිට ආ ඥාති මිත්‍රාදීන්ට පිළියෙලකළ ආගන්තුක සත්කාරය ලැබීමට සුදුසුය. දොහොත් මුදුනේ තබා වැඳීමට සුදුසුය. ලොවට උතුම්වූ පින් කෙතය කියායි.
|
75
‘‘යථොධි
(යතොධි (අට්ඨකථායං පාඨන්තරං)) ඛො පනස්ස චත්තං හොති වන්තං මුත්තං පහීනං පටිනිස්සට්ඨං, සො ‘බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතොම්හී’ති ලභති අත්ථවෙදං, ලභති ධම්මවෙදං, ලභති ධම්මූපසංහිතං පාමොජ්ජං. පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදෙති, සුඛිනො චිත්තං සමාධියති; ‘ධම්මෙ...පෙ.... සඞ්ඝෙ
|
75
“යම් තැනෙක පටන් භික්ෂුව විසින් කෙලෙස් දුරු කරන ලද්දේද, වමාරණ ලද්දේද, මුදන ලද්දේද නැති කරන ලද්දේද, (එතැන් පටන්) හෙතෙම බුදුන් කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්තවෙමියි ඵලය දැකීමෙන් උපදනා සතුටද ලබයි හේතුව දැකීමෙන් උපදනා සතුටද ලබයි. ධර්මයෙන් යුත් සතුටක් ලබයි, සතුටු වූවහුට ප්‍රීතිය උපදියි. සතුටු සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි, සංසිඳුණු කය ඇත්තේ සැපය විඳියි, සැපය ඇත්තහුගේ හිත එකඟ වෙයි. ධර්මය කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙමියි ඵලය දක්නා සතුට ලබයි. හේතුව දක්නා සතුට ලබයි. ධර්මයෙන් යුක්තවූ සතුට ලබයි, සතුටු වූවහුට ප්‍රීතිය උපදියි, සතුටු සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි, සංසිඳුණු කය ඇත්තේ සැපය විඳියි, සැපය ඇත්තහුගේ හිත එකඟ වෙයි. සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙමියි ඵලය දක්නා සතුට ලබයි, හේතුව දක්නා සතුට ලබයි. ධර්මයෙන් යුක්තවූ සතුට ලබයි, සතුටු වූවහුට ප්‍රීතිය උපදියි, සතුටු සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇත්තේ සැපය විඳියි, සැපය ඇත්තහුගේ හිත එකඟවෙයි.
“යම් තැනක පටන් ඒ භික්ෂුව මා විසින් කෙලෙස් දුරුකරන ලදැයි, වමාරණ ලදැයි, නැතිකරන ලදැයි ඵලය දක්නා සතුටද හේතුව දක්නා සතුටද ලබයිද ධර්මයෙන් යුත් සතුට ලබයිද, සතුටු වූවහුට ප්‍රීතිය උපදියිද, සතුටු සිත් ඇත්තහුගේ කය සංසිඳෙයිද, සංසිඳුණු කය ඇත්තේ හිතින් සැප විඳියිද, සැප ඇත්තහුගේ සිත එකඟවෙයිද,
|
76
‘‘ස ඛො සො, භික්ඛවෙ, භික්ඛු එවංසීලො එවංධම්මො එවංපඤ්ඤො සාලීනං චෙපි පිණ්ඩපාතං භුඤ්ජති විචිතකාළකං අනෙකසූපං අනෙකබ්යඤ්ජනං, නෙවස්ස තං හොති අන්තරායාය. සෙය්යථාපි, භික්ඛවෙ, වත්ථං සංකිලිට්ඨං මලග්ගහිතං අච්ඡොදකං ආගම්ම පරිසුද්ධං හොති පරියොදාතං
|
76
“මහණෙනි, මෙබඳු සීල ඇති මෙබඳු සමාධි ඇති, මෙබඳු ප්‍රඥා ඇති ඒ (අනාගාමි) භික්ෂුව කළු හාල් ඇට අස්කළ ඇල්හාලේ බත නොයෙක් සූප ඇතිව නොයෙක් ව්‍යඤ්ජන ඇතිව අනුභව කෙරේද ඔහුට එය අන්තරාය පිණිස නොවෙයි. මහණෙනි, කිලුටුවූ මළ රැඳුනාවූ වස්ත්‍රය පිරිසිදුවූ ජලය ලැබ යම්සේ පිරිසිදු වෙයිද, බබලන්නේ වෙයිද, කෝවයෙහි දමන ලද රන් රිදී යම්සේ පිරිසිදු වෙයිද, බබලන්නේ වෙයිද මහණෙනි, එපරිද්දෙන්ම මෙබඳු සිල් ඇති මෙබඳු සමාධි ඇති, මෙබඳු ප්‍රඥා ඇති ඒ (අනාගාමි) භික්ෂුව කළුහාල් ඇට අස්කළ ඇල්හාලේ බත නොයෙක් සූප ඇතිව නොයෙක් ව්‍යඤ්ජන ඇතිව අනුභව කෙරේද ඕහට එය අන්තරාය පිණිස නොවෙයි.
|
77
‘‘සො මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං
(චතුත්ථිං (සී. පී.)). ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ජෙන ඵරිත්වා විහරති; කරුණාසහගතෙන චෙතසා...පෙ.... මුදිතාසහගතෙන චෙතසා...පෙ.... උපෙක්ඛාසහගතෙන
|
77
“හෙතෙම මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවෙනි දිශාවද එසේම තුන්වන දිශාවද එසේම සතරවන දිශාවද මෙසේ උඩ යට සරස යන සියලු තන්හි පැතුරුණාවූ සියල්ලෙන් යුක්තවූ ලෝකය, මහත්බවට පැමිණි අප්‍රමාණවූ වයිර රහිතවූ ව්‍යාපාද රහිතවූ මෛත්‍රීසහගත සිතින් පතුරුවා වාසය කරයි.
“කරුණා සහගතවූ සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවෙනි දිශාවද එසේම තුන්වන දිශාවද එසේම සතරවන දිශාවද මෙසේ උඩ යට සරස සියලු තන්හි පැතුරුණාවූ, සියල්ලෙන් යුක්තවූ ලෝකය, මහත්බවට පැමිණි අප්‍රමාණවූ වයිර රහිතවූ ව්‍යාපාද රහිතවූ කරුණා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
“මුදිතා සහගතවූ සිතින්, එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවෙනි දිශාවද එසේම තුන්වන දිශාවද එසේම සතරවන දිශාවද, එසේම උඩ යට සරස යන සියලු තන්හි පැතුරුණාවූ සියල්ලෙන් යුක්තවූ ලෝකය, මහත්බවට පැමිණි අප්‍රමාණවූ වයිර රහිතවූ ව්‍යාපාද රහිතවූ මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
“උපෙක්ෂා සහගතවූ සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවෙනි දිශාවද එසේම තුන්වන දිශාවද එසේම සතරවන දිශාවද මෙසේ උඩ යට සරස යන සියලු තන්හි පැතුරුණාවූ, සියල්ලෙන් යුක්තවූ ලෝකය මහත්බවට පැමිණි අප්‍රමාණවූ වයිර රහිතවූ ව්‍යාපාද රහිතවූ උපෙක්ෂා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
|
78
‘‘සො ‘අත්ථි ඉදං, අත්ථි හීනං, අත්ථි පණීතං, අත්ථි ඉමස්ස සඤ්ඤාගතස්ස උත්තරිං නිස්සරණ’න්ති පජානාති. තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චති, භවාසවාපි චිත්තං විමුච්චති, අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාති
|
78
“ඒ අනාගාමි පුද්ගලතෙම මේ දුක්ඛ ආර්යසත්‍යය ඇත, ලාමකවූ සමුදය සත්‍යය ඇත, ප්‍රණීතවූ මාර්‍ගසත්‍යය ඇත. මේ බ්‍රහ්ම විහාර ධ්‍යාන සංඥාවට වඩා උතුම් නිර්වාණය ඇතැයි දනියි. මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ ඔහුගේ සිත කාමාශ්‍රවයෙන් ද මිදෙයි, භවාශ්‍රවයෙන් ද මිදෙයි, අවිද්‍යාශ්‍රවයෙන් ද මිදෙයි. මිදුන කල්හි මිදුනේයයි දැනීම වෙයි. උත්පත්තිය කෙළවර විය මග බඹසර වැස නිමවන ලදී. සතරමාර්ගයෙහි කටයුතු කරනලදී. මේ ආත්මය පිණිස කළයුතු අනිකක් නැත්තේයයි දනී. මහණෙනි මේ මහණතෙම අභ්‍යන්තර නෑමෙන් නෑයේයයි කියනු ලැබේ.”
|
79
තෙන ඛො පන සමයෙන සුන්දරිකභාරද්වාජො බ්රාහ්මණො භගවතො අවිදූරෙ නිසින්නො හොති. අථ ඛො සුන්දරිකභාරද්වාජො බ්රාහ්මණො
‘‘බාහුකං අධිකක්කඤ්ච, ගයං සුන්දරිකං මපි
(සුන්දරිකාමපි (සී. ස්‍යා. පී.), සුන්දරිකං මහිං (ඉතිපි));
සරස්සතිං පයාගඤ්ච, අථො බාහුමතිං නදිං;
නිච්චම්පි බාලො පක්ඛන්දො
(පක්ඛන්නො (සී. ස්‍යා. පී.)), කණ්හකම්මො න සුජ්ඣති.
‘‘කිං
වෙරිං කතකිබ්බිසං නරං, න හි නං සොධයෙ පාපකම්මිනං.
‘‘සුද්ධස්ස
සුද්ධස්ස සුචිකම්මස්ස, සදා සම්පජ්ජතෙ වතං;
ඉධෙව සිනාහි බ්‍රාහ්මණ, සබ්බභූතෙසු කරොහි ඛෙමතං.
‘‘සචෙ මුසා න භණසි, සචෙ පාණං න හිංසසි;
සචෙ අදින්නං නාදියසි, සද්දහානො අමච්ඡරී;
කිං කාහසි ගයං ගන්ත්වා, උදපානොපි තෙ ගයා’’ති.
|
79
මේ අවස්ථාවේ සුන්දරික භාරද්වාජ නම් බ්‍රාහ්මණ තෙම බුදුන් සමීපයෙහි හුන්නේ වෙයි. එකල්හි සුන්දරික භාරද්වාජ නම් බ්‍රහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “භවත් ගෞතම තෙම බාහුකා නම් ගඟට නාන්ට යන්නේද?” (කියාය.)
“බ්‍රාහ්මණය, බාහුකා නම් ගංගාවෙන් කවර ප්‍රයෝජනද? බාහුකා නදිය කුමක් කරයිද?”
“භවත් ගෞතමයෙනි, බාහුකා ගඟ විසුද්ධිය ගෙන දෙන්නකැයි ලෝවැස්සන් අතර සම්මතය. භවත් ගෞතමයෙනි, බොහෝ දෙනා බාහුකා ගංගාව පින් තොටකැයි සලකන්නාහුය. බොහෝදෙනා තමන් කළ පව් බාහුකා නදියෙහි පාකර හරිති” යයි (කීයේය.)
එකල්හි භාග්‍යවතුන් වහන්සේ සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයාහට මේ ගාථා වදාළහ.
“බාහුකා නම් ගඟටද අධිකක්ක නම් තොටටද ගයා නම් තොටුපලටද සුන්දරිකා නම් ගඟටද සරස්වතී නම් ගඟටද ප්රයාග නම් තොටටද බාහුමතී නම් ගඟටද,
“නිතර බැස නාන්නාවූ අපිරිසිදු කර්ම ඇති පුද්ගලයා පිරිසිදු නොවෙයි. සුන්දරිකා ගඟ කුමක් කරයිද? ප්රයාග තීර්ථය කුමක් කරයිද? බාහුකා නදිය කුමක් කරයිද? ප්‍රාණඝාතාදී පව්කරන කෲර ක්‍රියාකරන මිනිසා ශුද්ධ නොකරයි.
“පිරිසිදු වුවහුට හැමදාම නෑමට (සුදුසු) උතුරුපල් නැකත වෙයි. පිරිසිදු වුවහුට හැමදාම පෝය දිනය වෙයි. පිරිසිදු ක්‍රියා ඇති ශුද්ධ පුද්ගලයාහට හැමදාම වත් පිරෙයි.
“බ්‍රාහ්මණය, මේ ශාසනයෙහිම ස්නානය කරව, සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රී කරව, ඉදින් බොරු නොකියන්නෙහිද, ඉදින් සතුන් නොමරන්නෙහිද,
“ඉදින් නුදුන් දෙය නොගත්තෙහිද, ශ්‍රද්ධා ඇත්තේ වෙහිද, මසුරු නොවූයේ වෙහිද, ගයාවට ගොස් කුමක් කරන්නෙහිද? තොපගේ ලිඳත් ගයාවකි, (ශුද්ධවූ පුද්ගලයාට ලිඳත් ගයාවත් යන දෙකෙහි වෙනසක් නැත.)”
|
80
එවං
|
80
මෙසේ කීකල්හි සුන්දරික භාරද්වාජ බමුණතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකළේය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. භවත් ගෞතමයන්වහන්ස, (මේ ධර්මය) ඉතා යහපත. භවත් ගෞතමයන්වහන්ස, යටිකුරු කොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ යම්සේද, වසා තබන ලද්දක් වැසුම් හැර දක්වන්නේ හෝ යම්සේද, මං මුළා වූවෙකුට මග කියන්නේ හෝ යම්සේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි, කළුවරෙහි තෙල්පහනක් දරන්නේ හෝ යම්සේද එපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය දේශනා කරන ලද්දේය. භවත් ගෞතමයන් වහන්ස, ඒ මම භාග්‍යවතුන් වහන්සේද, ධර්මයද, භික්ෂු සංඝයාද, සරණ යමි. මම භවත් ගෞතමයන් වහන්සේ වෙත මහණකම ලබන්නෙම්, උපසම්පදාව ලබන්නෙම්.” සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණතෙම බුදුන් වෙත පැවිද්ද ලැබුවේය. උපසම්පදාව ලැබුවේය. ආයුෂ්මත් භාරද්වාජ තෙමේ වනාහි උපසම්පදාවී නොබෝකල් ඇත්තේ හුදකලා වූයේ වෙන් වූයේ අප්‍රමාදව කෙලෙස් තවන වීර්ය ඇතිව, කයෙහි හා ජීවිතයෙහි ආශා රහිතව වාසය කරන්නේ නොබෝ කලකින්ම යමක් පිණිස කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද ඒ උතුම්වූ මාර්ග බ්‍රහ්මචරියාව කෙළවරකොට ඇති අර්හත්ඵලය මේ ආත්මයෙහි තමාම දැක ඊට පැමිණ වාසය කළේය. උත්පත්තිය කෙළවර විය. මාර්ග බ්‍රහ්මචරියාව වැස නිමවනලදී. සතර මාර්ගයෙන් කටයුතු දෑ කරන ලදී. මේ ආත්මය පිණිස කළයුතු අනිකක් නැත්තේයයි දැනගත්තේය. ආයුෂ්මත් භාරද්වාජයන් වහන්සේ රහතුන් අතුරෙහි එක්තරා කෙනෙක්ද වූහ.
|
8. සල්ලෙඛසුත්තං | 8. සල්ලේඛ සූත්‍රය |
81
එවං
|
81
මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනාථ පිණ්ඩික සිටුහු විසින් කරවනලද ජේතවන නම් විහාරයෙහි වැඩ වාසය කරති. එකල්හි ආයුෂ්මත් මහාචුන්ද ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි විවේක සුවයෙන් නැගීසිටියේ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණියහ, පැමිණ, භාග්‍යවතුන්වහන්සේට වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන්නාවූ ආයුෂ්මත් මහාචුන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.
“ස්වාමීනි, ආත්මවාදයෙන් යුක්තවූද, ලොකවාදයෙන් යුක්තවූද නොයෙක් ආකාරවූ යම් ඒ මිථ්‍යාදෘෂ්ටීහු (වැරදි දැකීම්) ලෝකයෙහි උපදිත්ද ස්වාමීනි, පළමුකොටම (විදර්ශනා මිශ්‍රභාවනා) මෙනෙහි කරන්නාවූ මහණහට ඒ දෘෂ්ටීන්ගේ නැතිකිරීම වෙයිද? ඒ දෘෂ්ටීන්ගේ දුරලීම් වෙයිද?
|
82
‘‘යා ඉමා, චුන්ද, අනෙකවිහිතා දිට්ඨියො ලොකෙ උප්පජ්ජන්ති - අත්තවාදපටිසංයුත්තා වා ලොකවාදපටිසංයුත්තා වා - යත්ථ චෙතා දිට්ඨියො උප්පජ්ජන්ති යත්ථ ච අනුසෙන්ති යත්ථ ච සමුදාචරන්ති තං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙ සො අත්තා’ති - එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤා පස්සතො එවමෙතාසං දිට්ඨීනං පහානං හොති, එවමෙතාසං දිට්ඨීනං පටිනිස්සග්ගො හොති.
‘‘ඨානං ඛො පනෙතං, චුන්ද, විජ්ජති යං ඉධෙකච්චො භික්ඛු විවිච්චෙව
‘‘ඨානං ඛො පනෙතං, චුන්ද, විජ්ජති යං ඉධෙකච්චො භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරෙය්ය. තස්ස එවමස්ස - ‘සල්ලෙඛෙන විහරාමී’ති. න ඛො පනෙතෙ, චුන්ද, අරියස්ස විනයෙ සල්ලෙඛා වුච්චන්ති. දිට්ඨධම්මසුඛවිහාරා එතෙ අරියස්ස විනයෙ වුච්චන්ති.
‘‘ඨානං
‘‘ඨානං ඛො පනෙතං, චුන්ද, විජ්ජති යං ඉධෙකච්චො භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුං උපෙක්ඛාසතිපාරිසුද්ධිං
‘‘ඨානං ඛො පනෙතං, චුන්ද, විජ්ජති යං ඉධෙකච්චො භික්ඛු සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා, පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා, නානත්තසඤ්ඤානං අමනසිකාරා, ‘අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරෙය්ය. තස්ස එවමස්ස - ‘සල්ලෙඛෙන විහරාමී’ති. න ඛො පනෙතෙ, චුන්ද, අරියස්ස විනයෙ සල්ලෙඛා වුච්චන්ති. සන්තා එතෙ විහාරා අරියස්ස විනයෙ වුච්චන්ති.
‘‘ඨානං ඛො පනෙතං, චුන්ද, විජ්ජති යං ඉධෙකච්චො භික්ඛු සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණ’න්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරෙය්ය. තස්ස එවමස්ස - ‘සල්ලෙඛෙන විහරාමී’ති. න ඛො පනෙතෙ, චුන්ද, අරියස්ස විනයෙ සල්ලෙඛා වුච්චන්ති. සන්තා එතෙ විහාරා අරියස්ස විනයෙ වුච්චන්ති.
‘‘ඨානං ඛො පනෙතං, චුන්ද, විජ්ජති යං ඉධෙකච්චො භික්ඛු සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරෙය්ය. තස්ස එවමස්ස - ‘සල්ලෙඛෙන විහරාමී’ති. න ඛො පනෙතෙ, චුන්ද, අරියස්ස විනයෙ සල්ලෙඛා
‘‘ඨානං ඛො පනෙතං, චුන්ද, විජ්ජති යං ඉධෙකච්චො භික්ඛු සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරෙය්ය. තස්ස එවමස්ස - ‘සල්ලෙඛෙන විහරාමී’ති
|
82
“චුන්දය, ආත්මවාදයෙන් යුක්තවූද ලොකවාදයෙන් යුක්තවූද නොයෙක් ආකාරවූ යම් ඒ මිථ්‍යාදෘෂ්ටීහු ලෝකයෙහි උපදිත්ද යම් පඤ්චස්කන්ධයක මේ දෘෂ්ටිහු උපදිත්ද, යම් පඤ්චස්කන්ධයක සයනය කරද්ද යම් පඤ්චස්කන්ධයක ද්වාර ඉක්මවීම් වශයෙන් හැසිරෙද්ද, ඒ මේ පඤ්චස්කන්ධය මාගේ නොවෙයි. මේ පඤ්චස්කන්ධය මම නොවෙමි, මේ පඤ්චස්කන්ධය මාගේ ආත්මය නොවෙයි, කියා මෙසේ මෙය තතුසේ යහපත් නුවණින් දක්නහුට මෙසේ මේ දෘෂ්ටීන්ගේ නැති කිරීම වෙයි. මෙසේ මේ දෘෂ්ටීන්ගේ දුරලීම වෙයි.”
“චුන්දය, මේ කාරණයෙක් ඇත්තේය. යම් හේතුවකින් ශාසනයෙහි ඇතැම් මහණෙක් කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරන්නේද ඕහට සල්ලේඛයෙන් (කෙලෙස් කැපීමෙන්) යුක්තව වාසයකරමි යන මෙබඳු සිතක් වන්නේය. චුන්දය, මේ ධ්‍යානයෝ ආර්යශාසනයෙහි (ශාසනයෙහි) සල්ලේඛයෝයි කියනු නොලැබෙත්. මොහු ආර්ය ශාසනයෙහි මෙලොව සැප වාසයෝයයි කියනු ලැබෙත්.
“චුන්දය, මේ කාරණයෙක් ඇත්තේය. මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවක් විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් අභ්‍යන්තරය පැහැදීම ඇති, හිතේ එකඟබව ඇති විතර්ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරන්නේද ඕහට මෙසේ සිතක් වන්නේය. සල්ලේඛයෙන් වාසය කරමි (කියායි) චුන්දය, මොහු ආර්ය ශාසනයෙහි සල්ලේඛයෝයයි කියනු නොලැබෙත්. මොහු ආර්ය ශාසනයෙහි මෙලොව සැප වාසයෝයයි කියනු ලැබෙත්.
“චුන්දය, මේ කාරණයෙක් ඇත්තේය. යම් හේතුවකින් මෙහි ඇතැම් මහණෙක් ප්‍රීතියෙහිද නොඇලීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කරයිද සිහියෙන් යුක්තවූයේ නුවණින් යුක්තවූයේ ශරීරයෙන් සුවය විඳින්නේද, ආර්යයෝ යම් ඒ තෘතීය ධ්‍යානයක් උපෙක්ෂා ඇති සිහි ඇති සැප විහරණ ඇත්තේයයි කියත්ද ඒ කෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරන්නේද, ඕහට මෙසේ සිතක් වන්නේය, සල්ලේඛයෙන් වාසය කරමි (කියායි) චුන්දය, මොහු ආර්යශාසනයෙහි සල්ලේඛයෝයයි කියනු නොලැබෙත්. මොහු ආර්ය ශාසනයෙහි මෙලොව සැප වාසයෝයි කියනු ලැබෙත්.
“චුන්දය, මේ කාරණයෙක් ඇත්තේය. යම් හේතුවකින් මෙහි ඇතැම් මහණෙක් සැපය දුරුකිරීමෙන්ද දුක දුරුකිරීමෙන්ද, පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන් නිදුක්වූ නොසැපවූ උපේක්ෂා ස්මෘති පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරන්නේද, ඕහට මෙසේ සිතක් වන්නේය. සල්ලේඛයෙන් වාසයකරමි (කියායි) චුන්දය, මොහු ආර්ය ශාසනයෙහි සල්ලේඛයෝයි කියනු නොලැබෙත්. මොහු ආර්ය ශාසනයෙහි මෙලොව සැප වාසයෝයි කියනු ලැබෙත්.
“චුන්දය, මේ කාරණයෙක් ඇත්තේය. යම් හේතුවකින් මෙහි යම්කිසි මහණෙක් සියලු අයුරින් රූපසංඥාව ඉක්මවීමෙන් ප්‍රතිඝ (ගැටීම්) සංඥාව නැතිකිරීමෙන් නානත්ත (විවිධ) සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාශය අනන්ත යයි ආකාසානඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, ඕහට මෙසේ සිතක් වන්නේය. සල්ලේඛයෙන් වාසය කරමියි (කියායි) මොහු ආර්ය ශාසනයෙහි සල්ලෙඛයෝයයි කියනු නොලැබෙත්. ආර්ය ශාසනයෙහිදී මොහු ශාන්ත විහරණයෝ යයි කියනු ලැබෙත්.
“චුන්දය, මේ කාරණයෙක් ඇත්තේය. යම් හේතුවකින් මෙහි යම්කිසි මහණෙක් සියලු අයුරින් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, ඕහට මෙසේ සිතක් වන්නේය. සල්ලෙඛයෙන් වාසය කරමියි (කියායි) මොහු ආර්යශාසනයෙහි සල්ලෙඛයෝයි කියනු නොලැබෙත්. ආර්ය ශාසනයෙහිදී මොහු ශාන්ත විහරණයෝයයි කියනු ලැබෙත්.
“චුන්දය, මේ කාරණයෙක් ඇත්තේය. යම් හේතුවකින් මෙහි යම්කිසි මහණෙක් සියලු අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, ඕහට මෙසේ සිතක් වන්නේය. සල්ලෙඛයෙන් වාසය කරමි (කියායි) චුන්දය, මොහු ආර්ය ශාසනයෙහි සල්ලෙඛයෝයි කියනු නොලැබෙත්. මොහු ආර්ය ශාසනයෙහි ශාන්ත විහරණයෝයයි කියනු ලැබෙත්.
“චුන්දය, මේ කාරණයෙක් ඇත්තේය. යම් හේතුවකින් මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් සියලු අයුරෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරන්නේද ඕහට මෙසේ සිතක් වන්නේය සල්ලෙඛයෙන් වාසය කරමියි (කියායි) මොහු ආර්ය ශාසනයෙහි සල්ලෙඛයෝයි කියනු නොලැබෙත්. ආර්ය ශාසනයෙහිදී මොහු ශාන්ත විහරණයෝයයි කියනු ලැබෙත්.
|
83
‘‘ඉධ ඛො පන වො, චුන්ද, සල්ලෙඛො කරණීයො. ‘පරෙ විහිංසකා භවිස්සන්ති, මයමෙත්ථ අවිහිංසකා භවිස්සාමා’ති සල්ලෙඛො කරණීයො. ‘පරෙ පාණාතිපාතී භවිස්සන්ති, මයමෙත්ථ පාණාතිපාතා පටිවිරතා භවිස්සාමා’ති සල්ලෙඛො කරණීයො. ‘පරෙ අදින්නාදායී භවිස්සන්ති, මයමෙත්ථ අදින්නාදානා පටිවිරතා භවිස්සාමා’ති සල්ලෙඛො කරණීයො. ‘පරෙ
‘‘‘පරෙ ථීනමිද්ධපරියුට්ඨිතා භවිස්සන්ති, මයමෙත්ථ විගතථීනමිද්ධා භවිස්සාමා’ති සල්ලෙඛො කරණීයො
|
83
“චුන්දය, මේ ශාසනයෙහි වනාහි තොප විසින් සල්ලෙඛය (කෙලෙස් කැපීම) කටයුතුයි. අන්‍යයෝ සත්ත්ව හිංසා කරන්නෝ වන්නාහ. අපි වනාහි මෙහි හිංසා නොකරන්නෝ වන්නෙමුයයි සල්ලෙඛ කටයුතුයි. අන්‍යයෝ ප්‍රාණඝාත කරන්නෝ වන්නාහ. අපි මෙහි ප්‍රාණඝාතයෙන් වෙන්වූවෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුයි. අන්‍යයෝ නුදුන් දෙය ගන්නෝ වන්නාහුය. අපි නුදුන් දෙය ගැනීමෙන් වැළකුණෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුයි.
“අන්‍යයෝ මෛථුන ධර්ම සංඛ්‍යාත ලාමක හැසිරීම් ඇත්තෝ වන්නාහුය. අපි ඒ ලාමක හැසිරීමෙන් වැළකුණෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුයි. අන්‍යයෝ බොරු කියන්නෝ වන්නාහුය. අපි බොරු කීමෙන් වැළකුණෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුයි. අන්‍යයෝ කේලාම් කියන්නෝ වන්නාහුය. අපි කේලාම් කීමෙන් වැළකුණෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුයි. අන්‍යයෝ ඵරුෂ වචන කියන්නෝ වන්නාහුය. අපි ඵරුෂ වචන කීමෙන් වැළකුණෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුයි. අන්‍යයෝ හිස් වචන කියන්නෝ වන්නාහුය. අපි හිස් වචන කීමෙන් වැළකුණෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුයි. අන්‍යයෝ අධික ලෝභ ඇත්තෝ වන්නාහුය. අපි අධික ලෝභ නැත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ ව්‍යාපාද (නසනු කැමති) සිත් ඇත්තෝ වන්නාහුය. අපි අව්‍යාපාද (නසනු නොකැමති) සිත් ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුයි. අන්‍යයෝ වැරදි දැකීම් ඇත්තෝ වන්නාහුය. අපි හරි දැකීම් ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ වැරදි කල්පනා ඇත්තෝ වන්නාහුය. අපි හරි කල්පනා ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ වැරදි වචන ඇත්තෝ වන්නාහුය. අපි හරි වචන ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ වැරදි කර්මාන්ත ඇත්තෝ වන්නාහුය. අපි හරි කර්මාන්ත ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ වැරදි දිවිපෙවෙත ඇත්තෝ වන්නාහුය. අපි හරි දිවිපෙවෙත ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ වැරදි උත්සාහ ඇත්තෝ වන්නාහුය. අපි හරි උත්සාහ ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ වැරදි සිහි ඇත්තෝ වන්නාහුය. අපි හරි සිහිය ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ වැරදි සමාධි ඇත්තෝ වන්නාහුය. අපි හරි සමාධි ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ වැරදි නුවණ ඇත්තෝ වන්නාහුය. අපි හරි නුවණ ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ වැරදි මිදීම් ඇත්තාහු වන්නාහුය. අපි හරි මිදීම් ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ ථිනමිද්ධයෙන් (චිත්ත චෛතසිකයන්ගේ මැලිකමින්) මඩනා ලද්දේ වන්නාහුය. අපි පහවූ ථිනමිද්ධ ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ නොසන්සුන් වූවෝ වෙත්. අපි සන්සුන් වූවෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ විචිකිච්ඡාවෙන් (සැකයෙන්) යුක්තවූවෝ වන්නාහුය. අපි දුරු කළ විචිකිච්ඡා ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ ක්රොධකරන්නෝ වන්නාහුය. අපි ක්‍රොධ රහිත වූවෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ බද්ධවෛර ඇත්තෝ වන්නාහුය. අපි බද්ධවෛර නැත්තාහු වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ ගුණමකුකම ඇත්තෝ වන්නාහුය. අපි ගුණමකුකම නැත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ පලාස (පහත්ව සිටිමින් උසස් පුද්ගලයන් හා තමන් සමකර සිතීම) ඇත්තෝ වන්නාහුය අපි පලාස හෙවත් යුගග්‍රාහ නැත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ ඊර්ෂ්‍යා ඇත්තෝ වන්නාහුය. අපි ඊර්ෂ්‍යා නැත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ මසුරු ගති ඇත්තෝ වන්නාහුය. අපි මසුරු ගති නැත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ කෛරාටික වන්නාහුය. අපි කෛරාටික නුවූවෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ රැවටිලි ඇත්තාහු වන්නහුය. අපි රැවටිලි නැත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ තද වූවෝ වන්නාහුය. අපි තද නුවූවෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ අධිකමාන ඇත්තෝ වන්නාහුය. අපි අධික මාන නැත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ අකීකරුවූවෝ වන්නාහුය. අපි කීකරුවූවෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ පවිටු මිතුරන් ඇත්තෝ වන්නාහුය. අපි යහපත් මිතුරන් ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ ප්‍රමාද වූවෝ වන්නාහුය. අපි ප්‍රමාදවූවෝ නොවන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ ශ්‍රද්ධා නැත්තෝ වන්නාහුය. අපි ශ්‍රද්ධා ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ ලජ්ජා නැත්තෝ වන්නාහුය. අපි ලජ්ජා ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ පාපයෙහි භය නැත්තෝ වන්නාහුය. අපි පාපයෙහි භය ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ ඇසූ පිරූ තැන් නැත්තෝ වන්නාහුය. අපි ඇසූ පිරූ තැන් ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ කුසීත වන්නාහුය. අපි පටන්ගන්නාලද වීර්ය ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය.
“අන්‍යයෝ මුළා සිහි ඇත්තෝ වන්නාහුය. අපි එළඹ සිටි සිහි ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ ප්‍රඥා නැත්තෝ වන්නාහුය. අපි ප්‍රඥාවෙන් සම්පූර්ණ වූවෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ තමන්ගේම දෘෂ්ටිය ගෙන සිටින්නාහු එය තදින් අල්ලාගෙන සිටින්නාහු එයින් වෙන්කිරීම දුෂ්කර වූවාහු වන්නාහුය. අපි තමන්ගේම දෘෂ්ටිය ගෙන නොසිටින්නාහු දෘෂ්ටිය තදින් අල්ලාගෙන නොසිටින්නාහු එම දෘෂ්ටියෙන් පහසුවෙන් දුරු කළ හැක්කාහු වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය.
|
84
‘‘චිත්තුප්පාදම්පි ඛො අහං, චුන්ද, කුසලෙසු ධම්මෙසු බහුකාරං
(බහූපකාරං (ක.)) වදාමි, කො පන වාදො කායෙන වාචාය අනුවිධීයනාසු! තස්මාතිහ, චුන්ද, ‘පරෙ විහිංසකා භවිස්සන්ති, මයමෙත්ථ අවිහිංසකා භවිස්සාමා’ති චිත්තං උප්පාදෙතබ්බං. ‘පරෙ පාණාතිපාතී භවිස්සන්ති, මයමෙත්ථ පාණාතිපාතා පටිවිරතා
|
84
චුන්දය, කුශල ධර්මයන්හි හිතක් ඇතිකර ගැනීම පවා බොහෝ උපකාර ඇත්තේයයි මම කියමි. කයින් වචනයෙන් කරණු ලබන කල්හි කියනුම කවරේද, චුන්දය එහෙයින් අන්‍යයෝ සත්ත්ව හිංසා කරන්නෝ වන්නාහුය. අපි මෙහි හිංසා නොකරන්නෝ වන්නෙමුයයි සිත ඉපදවිය යුතුයි. අන්‍යයෝ ප්‍රාණඝාත කරන්නෝ වන්නාහුය. අපි ප්‍රාණඝාතයෙන් වැළකුනෝ වන්නෙමුයයි සිත ඉපදවිය යුතුයි. අන්‍යයෝ නුදුන්දෙය ගන්නෝ වන්නාහුය. අපි නුදුන් දෙය ගැනීමෙන් වැළකුණෝ වන්නෙමුයි සිත ඉපදවිය යුතුයි. අන්‍යයෝ මෛථුනධර්ම සංඛ්‍යාත ලාමක හැසිරීම් ඇත්තෝ වන්නාහුය. අපි බ්‍රහ්මචාරී වන්නෙමුයි සිත් ඉපදවිය යුතුයි. අන්‍යයෝ බොරු කියන්නෝ වන්නාහුය. අපි බොරු කීමෙන් වැළකුනෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුයි. අන්‍යයෝ කේළාම් කියන්නෝ වන්නාහුය. අපි කේළාම් කීමෙන් වැළකුනෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුයි. අන්‍යයෝ ඵරුෂ වචන කියන්නෝ වන්නාහුය. අපි ඵරුෂ වචනයෙන් වැළකුනෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුයි. අන්‍යයෝ හිස් වචන කියන්නෝ වන්නාහුය. අපි හිස්වචන කීමෙන් වැළකුනෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුයි.
“අන්‍යයෝ අධික ලෝභය ඇත්තෝවන්නාහුය. අපි අධික ලෝභ නැත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ ව්‍යාපාද (නසනුකැමති) සිත් ඇත්තෝ වන්නාහුය. අපි අව්‍යාපාද (නසනු නොකැමති) සිත් ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුයි. අන්‍යයෝ වැරදි දැකීම් ඇත්තෝ වන්නාහුය. අපි හරි දැකීම් ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුයි. අන්‍යයෝ වැරදි කල්පනා ඇත්තෝ වන්නාහුය. අපි හරි කල්පනා ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවි යුතුය. අන්‍යයෝ වැරදි වචන ඇත්තෝ වන්නාහුය. අපි හරි වචන ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ වැරදි කර්මාන්ත ඇත්තෝ වන්නාහුය. අපි හරි කර්මාන්ත ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ වැරදි ජීවිකා ඇත්තෝ වන්නාහුය. අපි හරි ජීවිකා ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ වැරදි ව්‍යායාම ඇත්තෝ වන්නාහුය. අපි හරිව්යායාම් ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ වැරදි සිහි ඇත්තෝ වන්නාහුය. අපි හරි සිහිය ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ වැරදි සමාධි ඇත්තෝ වන්නාහුය. අපි හරි සමාධි ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවි යුතුය. අන්‍යයෝ වැරදිනුවණ ඇත්තෝ වන්නාහුය. අපි හරි නුවණ ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ වැරදි විමුක්ති ඇත්තෝ වන්නාහුය. අපි හරි විමුක්ති ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය, අන්‍යයෝ ථීනමිද්ධයෙන් වඩනා ලද්දෝ වන්නාහුය. අපි පහවූ ථීනමිද්ධ ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ නොසන්සුන් වූවෝ වෙත්. අපි සන්සුන් වූවෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ විචිකිච්ඡාවෙන් (සැකයෙන්) යුක්ත වූවෝ වන්නාහුය. අපි බැහැර කළ විචිකිච්ඡා ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ ක්‍රොධ කරන්නෝ වන්නාහුය. අපි ක්‍රොධ රහිතවූවෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ බද්ධවෛර ඇත්තෝ වන්නාහුය. අපි බද්ධ වෛර නැත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ මකුගතිය ඇත්තෝ වන්නාහුය අපි මකු ගතිය නැත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ පලාස (පහත්ව සිටිමින් උසස් පුද්ගලයන් හා තමන් සමකර සිතීම) ඇත්තෝ වන්නාහුය. අපි පලාස හෙවත් යුගග්‍රාහ නැත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ ඊර්ෂ්‍යා ඇත්තෝ වන්නාහුය. අපි ඊර්ෂ්‍යා නැත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ මසුරු ගති ඇත්තෝ වන්නාහුය. අපි මසුරු ගති නැත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ කෛරාටික වන්නාහුය. අපි කෛරාටික නුවූවෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ රැවටිලි ඇත්තාහු වන්නාහුය. අපි රැවටිලි නැත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ තදවූවෝ වන්නාහුය. අපි තදනුවූවෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ අධික මාන ඇත්තෝ වන්නාහුය. අපි මානනැත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ අකීකරුවූවෝ වන්නාහුය. අපි කීකරුවූවෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ පවිටු මිතුරන් ඇත්තෝ වන්නාහුය. අපි යහපත් මිතුරන් ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ ප්‍රමාද වූවෝ වන්නාහුය. අපි ප්‍රමාද වූවෝ නොවන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ ශ්‍රද්ධා නැත්තෝ වන්නාහුය. අපි ශ්‍රද්ධා ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ ලජ්ජානැත්තෝ වන්නාහුය. අපි ලජ්ජා ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ පාපයෙහි භය නැත්තෝ වන්නාහුය. අපි පාපයෙහි භය ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවියයුතුය. අන්‍යයෝ ඇසූ පිරූ තැන් නැත්තෝ වන්නාහුය. අපි ඇසූ පිරූ තැන් ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ කුසීත වන්නාහුය. අපි පටන් ගන්නාලද වීර්ය ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ මුළාවූ සිහි ඇත්තෝ වන්නාහුය. අපි එළඹ සිටි සිහි ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ ප්‍රඥා නැත්තෝ වන්නාහුය. අපි ප්‍රඥාවෙන් සම්පූර්ණ වූවෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ තමන්ගේම දෘෂ්ටිය ගෙන සිටින්නාහු එය තදින් අල්ලාගෙන සිටින්නාහු එයින් වෙන් කිරීම දුෂ්කර වූවාහු වන්නාහුය. අපි තමන්ගේම දෘෂ්ටිය ගෙන නොසිටින්නාහු දෘෂ්ටිය තදින් අල්ලාගෙන නොසිටින්නාහු එම දෘෂ්ටිය පහසුවෙන් දුරුකළ හැක්කාහු වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය.
|
85
‘‘සෙය්යථාපි, චුන්ද, විසමො මග්ගො අස්ස, තස්ස
(මග්ගො තස්සාස්ස (සී. ස්‍යා. පී.)) අඤ්ඤො සමො මග්ගො පරික්කමනාය; සෙය්යථා වා පන, චුන්ද, විසමං තිත්ථං අස්ස, තස්ස අඤ්ඤං සමං තිත්ථං පරික්කමනාය; එවමෙව
‘‘ථීනමිද්ධපරියුට්ඨිතස්ස පුරිසපුග්ගලස්ස විගතථිනමිද්ධතා හොති පරික්කමනාය, උද්ධතස්ස පුරිසපුග්ගලස්ස අනුද්ධච්චං
|
85
“චුන්දය, විෂම මාර්ගයක් දුරලීමට අන්‍යවූ සම මාර්ගයක් ඇත්තේ යම්සේද චුන්දය, විෂමවූ තොටුපලක් දුරලීමට අන්‍යවූ සමවූ තොටක් ඇත්තේ යම්සේද, චුන්දය, එපරිද්දෙන්ම හිංසා කරන්නාවූ පුද්ගලයාට එය දුරලීම පිණිස අවිහිංසාව ඇත්තේය. ප්‍රාණඝාත කරන්නාවූ පුද්ගලයාට එය දුරලීම පිණිස ප්‍රාණඝාතයෙන් වෙන්වීම ඇත්තේය. නොදුන් දෙය පැහැර ගන්නාවූ පුද්ගලයාට එය දුරලීම පිණිස නොදුන් දෙය ගැනීමෙන් වැළකීම ඇත්තේය. අබ්රහ්මචාරී පුද්ගලයාට එය දුරලීම පිණිස බ්‍රහ්මචරියාව ඇත්තේය. බොරු කියන්නාවූ පුද්ගලයාට එය දුරලීම පිණිස මුසාවාදයෙන් වැළකීම ඇත්තේය. කේළාම් කියන්නාවූ පුද්ගලයාට එය දුරලීම පිණිස කේළාම් කීමෙන් වැළකීම ඇත්තේය. ඵරුෂ වචන කියන්නාවූ පුද්ගලයාට එය දුරලීම පිණිස ඵරුෂ වචනයෙන් වෙන්වීම ඇත්තේය. හිස් වචන කියන්නාවූ පුද්ගලයාට එය දුරලීම පිණිස හිස් වචන කීමෙන් වෙන්වීම ඇත්තේය. විෂම ලෝභ බහුලවූ පුද්ගලයාට එයදුරලීම පිණිස විෂමලෝභ රහිත බව ඇත්තේය ව්‍යාපාද (නසනු කැමති) සිත් ඇති පුද්ගලයාට එය දුරලීම පිණිස ව්‍යාපාද රහිත බව වෙයි. වැරදි දෘෂ්ටි ඇති පුද්ගලයාට එය දුරලීමට හරි දෘෂ්ටිය ඇත්තේය. වැරදි කල්පනා ඇති පුද්ගලයාට එය දුරලීමට හරි කල්පනාව ඇත්තේය. වැරදි වචන ඇති පුද්ගලයාට එය දුරලීම පිණිස හරි වචන ඇත්තේය. වැරදි කර්මාන්ත ඇති පුද්ගලයාට එය දුරලීමට හරි කර්මාන්තය ඇත්තේය. වැරදි ජීවිකා ඇති පුද්ගලයාට එය දුරලීමට හරි ජීවිකාව ඇත්තේය. වැරදි ව්‍යායාම ඇති පුද්ගලයාට එය දුරලීමට හරි ව්‍යායාමය ඇත්තේය. වැරදි සිහිය ඇති පුද්ගලයාට එය දුරලීමට හරි සිහිය ඇත්තේය. වැරදි සමාධි ඇති පුද්ගලයාට එය දුරලීමට හරි සමාධිය ඇත්තේය. වැරදි ඤාණ ඇති පුද්ගලයාට එය දුරලීම පිණිස හරි ඤාණය ඇත්තේය. වැරදි විමුක්ති ඇති පුද්ගලයාට එය දුරලීම පිණිස හරි විමුක්තිය ඇත්තේය. ථිනමිද්ධයෙන් වෙළුණු පුද්ගලයා එය දුරලීම පිණිස ථිනමිද්ධ නැති බව ඇත්තේය. නොසංසුන්වූ පුද්ගලයාට එය දුරලීමට සන්සුන් බව ඇත්තේය. විචිකිච්ඡා ඇති පුද්ගලයාට එය දුරලීම පිණිස විචිකිච්ඡා නැති බව ඇත්තේය. ක්‍රොධ ඇති පුද්ගලයාට එය දුරලීමට අක්‍රෝධය වෙයි. බද්ධවෛර ඇති පුද්ගලයාට එය දුරලීමට බද්ධවෛර රහිත බව ඇත්තේය. මකු ගුණ ඇති පුද්ගලයාට එය දුරලීමට මකු ගුණ නැති බව ඇත්තේය. යුගග්‍රාහ (උතුමන් හා තමා සමයයි සැලකීම) ඇති පුද්ගලයාට එය දුරලීමට යුගග්‍රාහ රහිත බව ඇත්තේය. ඊර්ෂ්‍යා ඇති පුද්ගලයාට එය දුරලීමට ඊර්ෂ්‍යා රහිත බව ඇත්තේය. මසුරුකම ඇති පුද්ගලයාට එය දුරලීමට නොමසුරු බව ඇත්තේය. කයිරාටිකවූ පුද්ගලයාට එය දුරලීමට කයිරාටික නොවන බවඇත්තේය. රැවටිලි ඇති පුද්ගලයාට එය දුරලීමට රැවටිලි නැති බව ඇත්තේය. තද ගතිය ඇති පුද්ගලයාට එය දුරලීමට තද ගති රහිත බව ඇත්තේය. අධිකමාන ඇති පුද්ගලයාට එය දුරලීමට අධික මාන නැති බව ඇත්තේය, අකීකරු පුද්ගලයාට එය දුරලීම පිණිස කීකරු බව ඇත්තේය.
“පවිටු මිතුරන් ඇති පුද්ගලයාට එය දුරලීමට යහපත් මිතුරන් ඇති බව ඇත්තේය. ප්‍රමාදවූ පුද්ගලයාට එය දුරලීමට අප්‍රමාදය ඇත්තේය. ශ්‍රද්ධා නැති පුද්ගලයාට එය දුරලීමට ශ්‍රද්ධා ඇත්තේය. ලජ්ජානැති පුද්ගලයාට එය දුරලීමට ලජ්ජාව ඇත්තේය. භය නැති පුද්ගලයාට එය දුරලීමට පාපයෙහි භය ඇත්තේය. ඇසූ පිරූ තැන් නැති පුද්ගලයාට එය දුරලීම පිණිස ඇසූ පිරූ තැන් ඇති බව ඇත්තේය. කුසීත පුද්ගලයාට එය දුරලීමට නොපසුබට වීර්යය ඇත්තේය. මුළාවූ සිහි ඇති පුද්ගලයාට එය දුරලීමට එළඹ සිටි සිහි ඇති බව ඇත්තේය. ප්‍රඥා නැති පුද්ගලයාට එය දුරලීමට ප්‍රඥාසම්පත්තිය ඇත්තේය. තමන්ගේම දෘෂ්ටිය ගෙන සිටින්නාවූ එම දෘෂ්ටියම තදින් අල්ලාගෙන සිටින්නාවූ එයින් වෙන් කිරීම දුෂ්කරවූ පුද්ගලයාට එය දුරලීම පිණිස තමන්ගේම දෘෂ්ටිය නොගන්නා බව එම දෘෂ්ටියම තදින් අල්ලාගෙන නොසිටින බව එයින් වෙන්කිරීම පහසු බව ඇත්තේය.
|
86
‘‘සෙය්යථාපි, චුන්ද, යෙ කෙචි අකුසලා ධම්මා සබ්බෙ තෙ අධොභාගඞ්ගමනීයා
(අධොභාවඞ්ගමනීයා (සී. ස්‍යා. පී.)), යෙ කෙචි කුසලා ධම්මා සබ්බෙ තෙ උපරිභාගඞ්ගමනීයා
(උපරිභාවඞ්ගමනීයා (සී. ස්‍යා. පී.)), එවමෙව ඛො, චුන්ද, විහිංසකස්ස පුරිසපුග්ගලස්ස අවිහිංසා හොති උපරිභාගාය
(උපරිභාවාය (සී. ස්‍යා. ක.)), පාණාතිපාතිස්ස පුරිසපුග්ගලස්ස පාණාතිපාතා වෙරමණී හොති උපරිභාගාය...පෙ.... සන්දිට්ඨිපරාමාසි-ආධානග්ගාහි-දුප්පටිනිස්සග්ගිස්ස
|
86
“චුන්දය, යම්සේ යම්කිසි අකුසල ධර්මකෙනෙක් වෙත් නම් ඒ සියල්ල අපාය ආදී පහත් තැනට පමුණු වන්නාහු වෙත්ද, එසේම යම්කිසි කුසල ධර්මකෙනෙක් වෙත් නම් ඒ සියල්ල උසස් බවට පමුණුවන්නාහු වෙත්ද, චුන්දය. එපරිද්දෙන්ම විහිංසාව ඇති පුද්ගලයාට උසස් බව පිණිස අවිහිංසාව ඇත්තේය. ප්‍රාණඝාත කරන පුද්ගලයාට උසස් බව පිණිස ප්‍රාණඝාතයෙන් වෙන්වීම ඇත්තේය.
“නොදුන් දෙය පැහැරගන්නාවූ පුද්ගලයාට උසස් බව පිණිස නොදුන් දෙය ගැනීමෙන් වැළකීම ඇත්තේය. අබ්රහ්මචාරී පුද්ගලයාට උසස් බව පිණිස බ්‍රහ්මචරියාව ඇත්තේය. බොරු කියන්නාවූ පුද්ගලයාට උසස් බව පිණිස මුසාවාදයෙන් වැළැක්ම ඇත්තේය. කේළාම් කියන්නාවූ පුද්ගලයාට උසස් බව පිණිස කේළාම් කීමෙන් වැළැක්ම ඇත්තේය. ඵරුෂවචන කියන්නාවූ පුද්ගලයාට උසස්බව පිණිස ඵරුෂ වචනයෙන් වෙන්වීම ඇත්තේය. හිස්වචන කියන්නාවූ පුද්ගලයාට උසස් බව පිණිස හිස් වචන කීමෙන් වෙන්වීම ඇත්තේය. විෂම ලෝභ බහුලවූ පුද්ගලයාට උසස් බව පිණිස විෂම ලෝභ රහිත බව ඇත්තේය. ව්‍යාපාද සිත් ඇති පුද්ගලයාට උසස් බව පිණිස ව්‍යාපාද රහිත බව වෙයි. වැරදි දෘෂ්ටි ඇති පුද්ගලයාට උසස් බව පිණිස හරි දෘෂ්ටිය ඇත්තේය. වැරදි කල්පනා ඇති පුද්ගලයාට උසස් බව පිණිස හරි කල්පනාව ඇත්තේය. වැරදි වචන ඇති පුද්ගලයාට උසස්බව පිණිස හරි වචන ඇත්තේය. වැරදි කර්මාන්ත ඇති පුද්ගලයාට උසස් බව පිණිස හරි කර්මාන්තය ඇත්තේය. වැරදි දිවි පැවැත්ම ඇති පුද්ගලයාට උසස් බව පිණිස හරි දිවි පැවැත්ම ඇත්තේය. වැරදි ව්‍යායාම ඇති පුද්ගලයාට උසස්බව පිණිස හරි ව්‍යායාමය ඇත්තේය. වැරදි සිහිය ඇති පුද්ගලයාට උසස්බව පිණිස හරි සිහිය ඇත්තේය. වැරදි සමාධි ඇති පුද්ගලයාට උසස් බව පිණිස හරි සමාධිය ඇත්තේය. වැරදි ඤාණ ඇති පුද්ගලයාට උසස් බව පිණිස හරි ඤාණය ඇත්තේය. වැරදි විමුක්ති ඇති පුද්ගලයාට උසස් බව පිණිස හරි විමුක්තිය ඇත්තේය. ථීනමිද්ධයෙන් යුත් පුද්ගලයාට උසස් බව පිණිස ථිනමිද්ධ නැති බව ඇත්තේය. නොසන්සුන් පුද්ගලයාට උසස් බව පිණිස සන්සුන්බව ඇත්තේය. විචිකිච්ඡා ඇති පුද්ගලයාට උසස් බව පිණිස විචිකිච්ඡා නැති බව ඇත්තේය. ක්‍රොධ ඇති පුද්ගලයාට උසස් බව පිණිස ක්‍රෝධය නැති බව වෙයි. බද්ධවෛර ඇති පුද්ගලයාට උසස් බව පිණිස බද්ධවෛර රහිත බව ඇත්තේය. මකු ගුණ ඇති පුද්ගලයාට උසස්බව පිණිස මකු ගුණ නැති බව ඇත්තේය. යුගග්‍රාහ (උතුමන් හා තමා සමයයි සැලකීම) ඇති පුද්ගලයාට උසස් බව පිණිස යුගග්‍රාහ රහිත බව ඇත්තේය. ඊර්ෂ්‍යා ඇති පුද්ගලයාට උසස් බව පිණිස ඊර්ෂ්‍යා රහිත බව ඇත්තේය. මසුරුකම ඇති පුද්ගලයාට උසස් බව පිණිස නොමසුරු බව ඇත්තේය.
“කයිරාටිකවූ පුද්ගලයාට උසස් බව පිණිස කයිරාටික නොවන බව ඇත්තේය. රැවටිලි ඇති පුද්ගලයාට උසස් බව පිණිස රැවටිලි නැති බව ඇත්තේය. තදගතිය ඇති පුද්ගලයාට උසස් බව පිණිස තද ගති රහිත බව ඇත්තේය. අධික මාන ඇති පුද්ගලයාට උසස් බව පිණිස අධික මාන නැති බව ඇත්තේය. අකීකරු පුද්ගලයාට උසස් බව පිණිස කීකරුකම ඇත්තේය. පවිටු මිතුරන් ඇති පුරුෂයාට උසස් බව පිණිස යහපත් මිතුරන් ඇතිබව ඇත්තේය. ප්‍රමාදවූ පුද්ගලයාට උසස් බව පිණිස අප්‍රමාදය ඇත්තේය. ශ්‍රද්ධා නැති පුද්ගලයාට උසස් බව පිණිස ශ්‍රද්ධාව ඇත්තේය. ලජ්ජා නැති පුද්ගලයාට උසස් බව පිණිස ලජ්ජාව ඇත්තේය. භය නැති පුද්ගලයාට උසස් බව පිණිස පාපයෙහි භය ඇත්තේය ඇසූ පිරූ තැන් නැති පුද්ගලයාට උසස් බව පිණිස ඇසූ පිරූ තැන් ඇති බව ඇත්තේය. කුසීත පුද්ගලයාට එය දුරලීමට වීර්ය පටන්ගැනීම ඇත්තේය. මුළා සිහි ඇති පුද්ගලයාට උසස් බව පිණිස එළඹ සිටි සිහි ඇති බව ඇත්තේය. ප්‍රඥා නැති පුද්ගලයාට උසස් බව පිණිස ප්‍රඥා සම්පත්තිය ඇත්තේය. තමන්ගේම දෘෂ්ටිය ගෙන සිටින්නාවූ එම දෘෂ්ටියම තදින් අල්ලාගෙන සිටින්නාවූ එයින් වෙන් කිරීම දුෂ්කරවූ පුද්ගලයාට උසස් බව පිණිස තමන්ගේම දෘෂ්ටිය නොගන්නා බව එම දෘෂ්ටියම තදින් අල්ලාගෙන නොසිටින බව එයින් වෙන් කිරීම පහසුබව ඇත්තේය.
|
87
‘‘සො වත, චුන්ද, අත්තනා පලිපපලිපන්නො පරං පලිපපලිපන්නං උද්ධරිස්සතීති නෙතං ඨානං විජ්ජති. සො වත, චුන්ද, අත්තනා අපලිපපලිපන්නො පරං
‘‘ථීනමිද්ධපරියුට්ඨිතස්ස
|
87
“චුන්දය, පුද්ගලතෙමේ ඒකාන්තයෙන් තමා ගැඹුරු මඩෙහි එරුණෙක්ව ගැඹුරු මඩෙහි එරුණාවූ අනිකෙකු ගොඩගන්නේය. යන මේ කාරණය සිදු නොවන්නකි චුන්දය, පුද්ගල තෙමේ ඒකාන්තයෙන් තමා ගැඹුරු මඩෙහි නො එරුණේ ගැඹුරු මඩෙහි එරුණ අන්‍යයකු ගොඩගන්නේය. යන මේ කාරණය සිදුවන්නකි. චුන්දය, පුද්ගලතෙමේ තමා නොදැමුනේ නොහික්මුනේ කෙලෙස් නැති නොකළේ අන්‍යයා දමනය කරන්නේය. හික්මවන්නේය. කෙලෙස් රහිත කරන්නේය යන මේ කාරණය සිදු නොවන්නකි. චුන්දය, පුද්ගල තෙමේ තමා දැමුනේ හික්මුනේ කෙලෙස් නැසුනේ අන්‍යයා දමනය කරන්නේය. හික්මවන්නේය. කෙලෙස් රහිත කරවන්නේය යන මේ කරුණ සිදුවන්කි. චුන්දය, එපරිද්දෙන්ම විහිංසාව ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස අවිහිංසාව ඇත්තේය. ප්‍රාණඝාත කරන පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස ප්‍රාණඝාත නොකිරීම ඇත්තේය. නුදුන් දෙය ගන්නා පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස නුදුන් දෙය ගැනීමෙන් වෙන්වීම ඇත්තේය. අබ්රහ්මචාරී පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස බ්‍රහ්මචර්යාව ඇත්තේය. බොරු කියන පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස බොරු කීමෙන් වැළකීම ඇත්තේය. කේලාම් කියන පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස කේළාම් කීමෙන් වෙන්වීම ඇත්තේය. ඵරුෂ වචන කියන පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස ඵරුෂ වචනයෙන් වෙන්වීම ඇත්තේය හිස්වචන කියන පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හිස් වචනයෙන් වෙන්වීම ඇත්තේය. අධික ලෝභ ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස අධික ලෝභ නැති බව ඇත්තේය.
“ව්‍යාපාද සිත් ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස අව්‍යාපාදය ඇත්තේය. වැරදි දැකීම් ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරිදැකීම් ඇත්තේය. වැරදි කල්පනා ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරි කල්පනාව ඇත්තේය. වැරදි වචන ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරි වචනය ඇත්තේය. වැරදි කර්මාන්ත ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරි කර්මාන්තය ඇත්තේය. වැරදි ජීවිකා ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරි ජීවිකාව ඇත්තේය. වැරදි ව්‍යායාම ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරි ව්‍යායාමය ඇත්තේය. වැරදි සිහි ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරි සිහිය ඇත්තේය. වැරදි සමාධි ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරි සමාධිය ඇත්තේය. වැරදි නුවණ ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරි නුවණ ඇත්තේය. වැරදි විමුක්ති ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරි විමුක්තිය ඇත්තේය. ථීනමිද්ධයෙන් යට කරණලද පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස ථීනමිද්ධ නැති බව ඇත්තේය. නොසන්සුන් පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස සන්සුන් බව ඇත්තේය.
“විචිකිච්ඡා ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස විචිකිච්ඡා නැති බව ඇත්තේය. ක්‍රෝධයෙන්, යුත් පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස ක්‍රොධ නොකරන බව ඇත්තේය.
“බද්ධවෛර ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස බද්ධ වෛර නැති බව ඇත්තේය. මකු ගුණ ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස මකුගුණ රහිත බව ඇත්තේය. යුගග්‍රාහ ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස යුගග්‍රාහ රහිත බව ඇත්තේය. ඊර්ෂ්‍යා ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස ඊර්ෂ්‍යා රහිත බව ඇත්තේය. මසුරුකම ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස මසුරු නොවන බව ඇත්තේය. කයිරාටික පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස කයිරාටික නොවන බව ඇත්තේය. රැවටිලි ඇති පුද්ගලයාට කෙලෙස් නිවීමට නොරැවටිල්ල ඇත්තේය. තද ගති ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස තද ගති නැතිබව ඇත්තේය. අධිකමාන ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස අධිකමාන නැති බව ඇත්තේය. අකීකරු පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස කීකරු බව ඇත්තේය. පාප මිත්‍රයන් ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස යහපත් මිතුරන් ඇති බව ඇත්තේය. ප්‍රමාදවූ පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස අප්‍රමාදය ඇත්තේය. ශ්‍රද්ධා නැති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස ශ්‍රද්ධාව ඇත්තේය. ලජ්ජා නැති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස ලජ්ජාව ඇත්තේය.
“පාපයෙහි භය නැත්තාවූ පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස පාපයෙහි භය ඇත්තේය. ඇසූපිරූ තැන් නැති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව ඇත්තේය. කුසීත පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස වීර්ය පටන් ගැනීම ඇත්තේය. මුළා සිහි ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස එළඹ සිටි සිහි ඇති බව ඇත්තේය. ප්‍රඥා නැති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස ප්‍රඥා සම්පත්තිය ඇත්තේය. තමන්ගේම දෘෂ්ටිය ගෙන සිටින්නාවූ එම දෘෂ්ටියම තදින් අල්ලාගෙන සිටින්නාවූ එයින් වෙන් කිරීම දුෂ්කරවූ පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස, තමන්ගේ දෘෂ්ටියම නොගන්නාවූ එය තදින් අල්ලානොගන්නාවූ සුවසේ දුරලිය හැකි දෘෂ්ටි ඇති බව එයින් වෙන්කිරීම පහසු බව ඇත්තේය.
|
88
‘‘ඉති ඛො, චුන්ද, දෙසිතො මයා සල්ලෙඛපරියායො, දෙසිතො චිත්තුප්පාදපරියායො, දෙසිතො පරික්කමනපරියායො, දෙසිතො උපරිභාගපරියායො, දෙසිතො පරිනිබ්බානපරියායො. යං ඛො, චුන්ද, සත්ථාරා කරණීයං සාවකානං හිතෙසිනා අනුකම්පකෙන අනුකම්පං උපාදාය, කතං වො තං මයා. ‘එතානි, චුන්ද, රුක්ඛමූලානි, එතානි සුඤ්ඤාගාරානි, ඣායථ, චුන්ද, මා පමාදත්ථ, මා පච්ඡාවිප්පටිසාරිනො අහුවත්ථ’ - අයං ඛො අම්හාකං අනුසාසනී’’ති.
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා මහාචුන්දො භගවතො භාසිතං අභිනන්දීති.
චතුත්තාලීසපදා වුත්තා, සන්ධයො පඤ්ච දෙසිතා;
සල්ලෙඛො නාම සුත්තන්තො, ගම්භීරො සාගරූපමොති.
|
88
“චුන්දය, මෙසේ මා විසින් සල්ලෙඛපරියාය (කෙලෙස් කපාදමන ක්‍රමය) දේශනා කරන ලදී. පරික්කමණ පරියාය (කෙලෙස් ඉවත් කරන ක්‍රමය) දේශනා කරන ලදී. උපරිභාව පරියාය (උසස් බවට යාමේ ක්‍රමය) දේශනා කරන ලදී. පරිනිර්වාණ පරියාය (කෙලෙස් නිවීමේ ක්‍රමය) දේශනා කරන ලදී.
“චුන්දය, ශ්‍රාවකයන්ට හිතෛෂීවූ අනුකම්පා කරන්නාවූ ශාස්තෲන්වහන්සේ විසින් අනුකම්පා සිතින් යම් කටයුතුද මා විසින් එය තොපට කරනලදී. චුන්දය, මේ වෘක්ෂමූල සෙනාසන ඇත්තාහ. සූන්‍යාගාර ඇත්තාහ, චුන්දය, ධ්‍යාන වඩව් පමා නොවව්, පසුව විපිළිසර නොවව්. මේ තොපට අපගේ අනුශාසනාවයි.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සතුටු සිත් ඇති ආයුෂ්මත් මහාචුන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තේයි.
පද සතළිස් සතරක් වදාරණ ලදී. සන්ධි පසකින් යුක්තව දෙසන ලදී. ගැඹුරුවූ සාගරය වැනිවූ මේ සූත්‍රාන්තය සල්ලෙඛ නම් වන්නේය.
|
9. සම්මාදිට්ඨිසුත්තං | 9. සම්මා දිට්ඨි සූත්‍රය |
89
එවං
‘‘‘සම්මාදිට්ඨි
(සම්මාදිට්ඨී (සී. ස්‍යා.)) සම්මාදිට්ඨී’ති, ආවුසො, වුච්චති. කිත්තාවතා නු ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්ම’’න්ති?
‘‘දූරතොපි ඛො මයං, ආවුසො, ආගච්ඡෙය්යාම ආයස්මතො සාරිපුත්තස්ස සන්තිකෙ එතස්ස භාසිතස්ස අත්ථමඤ්ඤාතුං. සාධු වතායස්මන්තංයෙව සාරිපුත්තං පටිභාතු එතස්ස භාසිතස්ස අත්ථො. ආයස්මතො සාරිපුත්තස්ස සුත්වා භික්ඛූ ධාරෙස්සන්තී’’ති. ‘‘තෙන හි, ආවුසො, සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස්සාමී’’ති. ‘‘එවමාවුසො’’ති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං. ආයස්මා සාරිපුත්තො එතදවොච -
‘‘යතො ඛො, ආවුසො, අරියසාවකො අකුසලඤ්ච පජානාති, අකුසලමූලඤ්ච පජානාති, කුසලඤ්ච පජානාති, කුසලමූලඤ්ච පජානාති
‘‘කතමඤ්චාවුසො
‘‘යතො ඛො, ආවුසො, අරියසාවකො එවං අකුසලං පජානාති, එවං අකුසලමූලං පජානාති, එවං කුසලං පජානාති, එවං කුසලමූලං පජානාති, සො සබ්බසො රාගානුසයං පහාය, පටිඝානුසයං පටිවිනොදෙත්වා, ‘අස්මී’ති දිට්ඨිමානානුසයං සමූහනිත්වා, අවිජ්ජං පහාය විජ්ජං උප්පාදෙත්වා, දිට්ඨෙවධම්මෙ දුක්ඛස්සන්තකරො හොති - එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන
|
89
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවත්නුවර සමීපයෙහිඅනාථපිණ්ඩික සිටුහුවිසින් කරවන ලද ජේතවන නම් විහාරයෙහි වැඩ වාසය කරති. එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ ‘ඇවැත්නි, කියා භික්ෂූන්ට කථා කළහ. ඒ භික්ෂූහු ‘ඇවැත්නි’යි කියා ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය වදාළේය.
“ඇවැත්නි, සම්‍යක්දෘෂ්ටිය, සම්‍යක්දෘෂ්ටිය (හරිදැකීම) යයිකියනු ලැබේ. ඇවැත්නි, ආර්යශ්‍රාවකතෙම කොපමණකින් සම්‍යක්දෘෂ්ටි ඇත්තේවේද? දෘෂ්ටිය සෘජු බවට පැමිණියාවේද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ ධර්මයට (නිර්වාණධර්මයට) පැමිණියේ වේද? ඇවැත්නි, අපි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් මේ කීමෙහි අර්ථය දැනගන්නට දුරසිටත් එන්නෙමු. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේටම මේ කීමෙහි අර්ථය ප්‍රකාශ කිරීම අයත්වේවා, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් අසා භික්ෂූහු දැනගන්නාහුය. ‘ඇවැත්නි, එසේවී නම් අසව් හොඳින් හිතේ තබාගනිව් කියන්නෙමි’ ‘එසේය ඇවැත්නි, ‘කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය වදාළහ.
“ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම අකුසලයත් දනීද අකුසලමූලයන් දනීද කුසලයත් දනීද කුසල මූලයත් දනීද ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක්දෘෂ්ටි ඇත්තේ වෙයි ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට ගියා වෙයි ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි.
“ඇවැත්නි, අකුසලය කවරේද? අකුසලමූලය කවරේද? කුසලය කවරේද? කුසලමූලය කවරේද? ඇවැත්නි, ප්‍රාණ ඝාතය අකුසල්ය, සොරකම් කිරීම අකුසල්ය, කාමයන්හි වරදවා හැසිරීම අකුසල්ය, බොරුකීම අකුසල්ය, කේලාම් කීම් අකුසල්ය, ඵරුෂවචන කීම අකුසල්ය, නිෂ්ඵල කථාකීම අකුසල්ය, අධික ලෝභය අකුසල්ය, බලවත් ක්‍රෝධය අකුසල්ය, වැරදි දෘෂ්ටිය අකුසල්ය, ඇවැත්නි, මේ අකුසලයයි කියනු ලැබේ.
“ඇවැත්නි, අකුසලමුලය කවරේද? ලෝභය අකුසල් මූලයි, ද්වේෂය අකුසල්මූලයි, මෝහය අකුසල්මූලයි, ඇවැත්නි, මේ අකුසල් මුල්යයි කියනු ලැබේ.
“ඇවැත්නි, කුසලය කවරේද? ප්‍රාණඝාතයෙන් වැළැක්ම කුසල්ය, සොරකම් කිරීමෙන් වැළැක්ම කුසල්ය, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළැක්ම කුසල්ය, බොරු කීමෙන් වෙන්වීම කුසල්ය, කේළාම් කීමෙන් වෙන්වීම කුසල්ය, ඵරුෂ වචනයෙන් වෙන්වීම කුසල්ය, හිස් වචනයෙන් වෙන්වීම කුසල්ය අධික ලෝභය නැතිබව කුසල්ය, ව්‍යාපාද නැති බව කුසල්ය, නිවැරදි දැකීම කුසල්ය. ඇවැත්නි, මේ කුසලයයි කියනු ලැබේ.
“ඇවැත්නි, කුසල් මුල් කවරේද? අලෝභය කුසල් මුලයි, අද්වේෂය කුසල් මුලයි, අමෝහය කුසල් මුලයි. ඇවැත්නි, මේ කුසල මුල්යයි කියනු ලැබේ.
“ඇවැත්නි, යම්තැනක පටන් ආර්යශ්‍රාවකතෙම මෙසේ අකුසලය දනීද, අකුසල්මුල් දනීද, කුසලය දනීද, කුසල්මුල් දනීද හෙතෙම සර්වප්රකාරයෙන් රාගය දුරුකොට ක්‍රෝධය දුරුකොට මම වෙමි යන දැකීම හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා මේ ජාතියෙහිදීම දුක් කෙළවර කරන්නන් වෙයි.
“ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි.
|
90
‘‘සාධාවුසො’’ති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරි
(උත්තරිං (සී. ස්‍යා. පී.)) පඤ්හං අපුච්ඡුං
(අපුච්ඡිංසු (ස්‍යා.)) - ‘‘සියා පනාවුසො, අඤ්ඤොපි පරියායො යථා අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්ම’’න්ති?
‘‘සියා, ආවුසො. යතො ඛො, ආවුසො, අරියසාවකො ආහාරඤ්ච පජානාති, ආහාරසමුදයඤ්ච පජානාති, ආහාරනිරොධඤ්ච පජානාති, ආහාරනිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති - එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං
‘‘යතො ඛො, ආවුසො, අරියසාවකො එවං ආහාරං පජානාති, එවං ආහාරසමුදයං පජානාති, එවං ආහාරනිරොධං පජානාති, එවං ආහාරනිරොධගාමිනිං පටිපදං පජානාති, සො සබ්බසො රාගානුසයං පහාය, පටිඝානුසයං පටිවිනොදෙත්වා, ‘අස්මී’ති දිට්ඨිමානානුසයං සමූහනිත්වා, අවිජ්ජං පහාය විජ්ජං උප්පාදෙත්වා, දිට්ඨෙවධම්මෙ දුක්ඛස්සන්තකරො හොති - එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්ම’’න්ති.
|
90
“ඇවැත්නි, ඉතා මැනවයි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් ඇසුවාහුය.
“ඇවැත්නි, යම් ක්‍රමයකින් ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?
“ඇවැත්නි, ඇත්තේය, යම්තැනක පටන් ආර්ය ශ්‍රාවක තෙම ආහාරය දනීද, ආහාරයාගේ හේතුව දනීද, ආහාරයාගේ නැතිකිරීම දනීද, ආහාර නැතිකිරීමට පමුණුවන ප්‍රතිපදාව දනීද මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි, ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි.
“ඇවැත්නි, ආහාරය කවරේද? ආහාරයාගේ හේතුව කවරේද? ආහාරයාගේ නැතිකිරීම කවරේද? ආහාර නැති කිරීමේ ප්‍රතිපදාව කවරේද? ඇවැත්නි, සත්ත්වයන්ගේ පැවැත්ම පිණිසද, සත්ත්වයන්ට අනුග්‍රහ පිණිසද පවත්නාවූ ආහාර සතරක් වෙත්. කවර සතරක්ද යත්? ඝනවූද සියුම් වූද කබලිංකාර ආහාරය (කන බොන ආහාරය) ද, දෙවෙනිවූ ස්පර්ශ ආහාරය (විඳීමට හේතු වන්නාවූ සිතත් අරමුණත් ගැටීම) ද, තුන්වැනිවූ මනොසංචෙතනා ආහාරය (උත්පත්තියට හේතුවන කර්මය) ද, සතරවැනිවූ විඤ්ඤාණ ආහාරය (නාම රූපයන්ගේ පැවැත්මට හේතුවූ විඤ්ඤාණය) ද යන සතරය.
“තෘෂ්ණාවගේ හටගැන්ම නිසා ආහාරයෙන් හටගැන්ම වේ. තෘෂ්ණාව නැතිකිරීමෙන් ආහාරයාගේ නැතිකිරීම වෙයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම ආහාර නැතිකිරීමට පමුණුවන ප්‍රතිපදාවයි. එනම් නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරැදි වචනය, නිවරැදි කර්මාන්තය, නිවැරැදි ක්‍රියාව, නිවැරැදි ව්‍යායාමය, නිවැරැදි සිහිය, නිවැරැදි සමාධිය යන මේයි. ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවක තෙම මෙසේ ආහාරය දනීද, මෙසේ ආහාරයාගේ හේතුව දනීද, මෙසේ ආහාර නැතිකිරීම දනීද, මෙසේ ආහාර නැතිකිරීමට යන ප්‍රතිපදාව දනීද, හෙතෙම සර්වප්රකාරයෙන් රාගය දුරුකොට ක්‍රෝධය දුරුකොට මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ගඥාන විද්‍යාව උපදවාමේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි.
|
91
‘‘සාධාවුසො’’ති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරි පඤ්හං අපුච්ඡුං - ‘‘සියා පනාවුසො, අඤ්ඤොපි පරියායො යථා අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්ම’’න්ති?
‘‘සියා, ආවුසො. යතො ඛො, ආවුසො, අරියසාවකො දුක්ඛඤ්ච පජානාති, දුක්ඛසමුදයඤ්ච පජානාති, දුක්ඛනිරොධඤ්ච පජානාති, දුක්ඛනිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති - එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්මං. කතමං පනාවුසො, දුක්ඛං, කතමො දුක්ඛසමුදයො, කතමො දුක්ඛනිරොධො, කතමා දුක්ඛනිරොධගාමිනී පටිපදා? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාපි දුක්ඛා, අප්පියෙහි සම්පයොගොපි දුක්ඛො, පියෙහි විප්පයොගොපි දුක්ඛො, යම්පිච්ඡං න
‘‘යතො ඛො, ආවුසො, අරියසාවකො එවං දුක්ඛං පජානාති, එවං දුක්ඛසමුදයං පජානාති, එවං දුක්ඛනිරොධං පජානාති, එවං දුක්ඛනිරොධගාමිනිං පටිපදං පජානාති, සො සබ්බසො රාගානුසයං පහාය, පටිඝානුසයං පටිවිනොදෙත්වා, ‘අස්මී’ති දිට්ඨිමානානුසයං සමූහනිත්වා, අවිජ්ජං පහාය විජ්ජං උප්පාදෙත්වා, දිට්ඨෙවධම්මෙ දුක්ඛස්සන්තකරො හොති - එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්ම’’න්ති.
|
91
ඇවැත්නි, ඉතා මැනවයි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ (වචනය) සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් ඇසුවාහුය.
“ඇවැත්නි, යම්ක්‍රමයකින් ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ මේ (නිර්වාණ) ධර්මයට ආයේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද? ඇවැත්නි, ඇත්තේය. ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම දුක දනීද, දුක ඉපදීමට හේතුව දනීද, දුක නැති කිරීම දනීද, දුක නැතිකිරීමට යන මාර්ගය දනීද, මෙපමණකින්ද ඇවැත්නි, ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි. ඇවැත්නි, දුක කවරේද? දුක් හට ගැන්මට හේතුව කවරේද? දුක නැති කිරීම කවරේද? දුක් නැති කිරීමට යන ප්‍රතිපදාව කවරේද යත්? ඉපදීමද දුකය, දිරීමද දුකය, මරණයද දුකය, ශෝකය, වැළපීමය, ශාරීරික දුකය, මානසික දුකය, දැඩි වෙහෙසය යන මොහුද දුකය. කැමතිවන යමක් නොලැබේනම් ඒ ද දුකය. කොටින්ම උපාදානස්කන්ධ පහම දුකය. ඇවැත්නි, මේ දුකයයි කියනු ලැබේ.
“ඇවැත්නි, දුක්හටගැන්මට හේතුව කවරේද, නැවත නැවත ඉපදීම ඇති කරන්නාවූ බලවත් තෘෂ්ණාව හා එක්ව පවත්නාවූ ඒ ඒ තැන අලෙන්නාවූ යම් මේ තෘෂ්ණාවක්වේද, එනම් කාම තෘෂ්ණාවය (වස්තුකාම ආශාව) භව තෘෂ්ණාව (ශාස්වත දෘෂ්ටිය හා යෙදුණු ආශාව) විභව තෘෂ්ණාව (උච්ඡේද දෘෂ්ටිය හා යෙදුණු ආශාව) යන මොහුය. ඇවැත්නි, මේ දුක් හටගැන්මට හේතුවයයි කියනු ලැබේ. ඇවැත්නි, දුක් නැති කිරීම කවරේද? ඒ තෘෂ්ණාවගේම ඉතිරි නොකොට නැත්කිරීමක් වේද, දුරලීමක්, මිදීමක්, ආලය නොකිරීමක් වේද, ඇවැත්නි, මේ දුක නැතිකිරීමයයි කියනු ලැබේ.
“ඇවැත්නි, දුක් නැතිකිරීමට යන ප්‍රතිපදාව කවරේද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මොහුයි. ඇවැත්නි, යම්තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම මෙසේ දුක දනීද, මෙසේ දුක් ඉපදීමට හේතුව දනීද, මෙසේ දුක් නැතිකිරීම දනීද, මෙසේ දුක් නැතිකිරීමට මාර්ගය දනීද, හෙතෙම සර්වප්රකාරයෙන් රාගය දුරුකොට ද්වේෂය දුරුකොට මම වෙමි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරු කොට අර්හත් මාර්ගඥාන විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේද වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියාද වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි.
|
92
‘‘සාධාවුසො’’ති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරි පඤ්හං අපුච්ඡුං - ‘‘සියා පනාවුසො, අඤ්ඤොපි පරියායො යථා අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන
‘‘සියා, ආවුසො. යතො ඛො, ආවුසො, අරියසාවකො ජරාමරණඤ්ච පජානාති, ජරාමරණසමුදයඤ්ච පජානාති, ජරාමරණනිරොධඤ්ච පජානාති, ජරාමරණනිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති - එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්මං. කතමං පනාවුසො, ජරාමරණං, කතමො ජරාමරණසමුදයො, කතමො ජරාමරණනිරොධො, කතමා ජරාමරණනිරොධගාමිනී පටිපදා? යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජරා ජීරණතා ඛණ්ඩිච්චං පාලිච්චං වලිත්තචතා ආයුනො සංහානි ඉන්ද්රියානං පරිපාකො - අයං වුච්චතාවුසො, ජරා. කතමඤ්චාවුසො, මරණං? යා
(යං (පී. ක.), සතිපට්ඨානසුත්තෙපි) තෙසං තෙසං සත්තානං
‘‘යතො
|
92
“ඇවැත්නි, මැනවයි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්රශ්නය විචාළාහුය.
“ඇවැත්නි, ආර්ය ශ්‍රාවකතෙම යම්සේ සම්‍යක්දෘෂ්ටි ඇත්තේ වෙයිද, ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ අනික් ක්‍රමයක් ඇත්තේද? ඇවැත්නි, ඇත්තේය. ඇවැත්නි, ආර්ය ශ්‍රාවකතෙම යම් තැනක පටන් ජරා මරණ දෙක දනීද, ජරා මරණයන්ගේ හේතුව දනීද ජරා මරණයන්ගේ නැති කිරීම දනීද ජරා මරණයන් නැතිකිරීමට යන ප්‍රතිපදාව දනීද මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි.
“ඇවැත්නි, ජරාමරණය කවරේද? ජරාමරණයට හේතුව කවරේද? ජරාමරණ නැතිකිරීම කවරේද? ජරාමරණ නැතිකිරීමට යන ප්‍රතිපදාව කවරේද? ඒ ඒ සත්ත්ව වර්ගයෙහි ඒ ඒ සත්ත්වයන්ගේ යම් (දිරීමක්) දිරායන බවක් වේද, දත් ආදිය කැඩීයාමක් වේද, ඉසකේ ආදිය පැසීමක් වේද, රැලිවැටුන සම් ඇති බවක් වේද, ආයුෂයාගේ පිරිහීමක් වේද, ඇස් ආදී ඉන්ද්‍රියන්ගේ මේරීමක් වේද ඇවැත්නී, මේ ජරාවයයි කියනු ලැබේ. ඇවැත්නි, මරණය කවරේද ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ත්ව වර්ගයෙන් යම් චුතවීමක් වේද, චුතවන බවක් වේද, ශරීරයාගේ බිඳීමක් වේද, අතුරුදහන් වීමක් වේද මරණයක් වේද කාලක්‍රියාවක් වේද, පංචස්කන්ධයන්ගේ බිඳීමක් වේද, ශරීරය බැහැර දැමීමක් වේද, ඇවැත්නි, මේ මරණයයි කියනු ලැබේ. ඇවැත්නි, මේ ජරාවද මේ මරණයද යන දෙක ජරා මරණයයි කියනු ලැබේ. ජාතිය (ඉපදීම) ඇතිවීමෙන් ජරා මරණයන්ගේ ඇතිවීම වෙයි. ජාතිය නැතිකිරීමෙන් ජරා මරණයන්ගේ නැතිවීම වෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයම ජරා මරණයන් නැති කිරීමට යන ප්‍රතිපදාවයි. එනම් නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.
“ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවක තෙම මෙසේ ජරාව හා මරණය දනීද, මෙසේ ජරා මරණයන්ගේ හටගැන්ම දනීද, මෙසේ ජරා මරණයන්ගේ නැතිකිරීම දනීද, මෙසේ ජරා මරණ නැති කිරීමට පමුණුවන ප්‍රතිපදාව දනීද, හෙතෙම සර්වප්රකාරයෙන් රාගය දුරුකොට ද්වේෂය දුරු කොට මම වෙමි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ගඥාන විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටිවෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියාවෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ මේ (නිර්වාණ) ධර්මයට ආයේ වෙයි.
|
93
‘‘සාධාවුසො’’ති ඛො...පෙ.... අපුච්ඡුං - සියා පනාවුසො...පෙ....
‘‘යතො ඛො, ආවුසො, අරියසාවකො එවං ජාතිං පජානාති, එවං ජාතිසමුදයං පජානාති, එවං ජාතිනිරොධං පජානාති, එවං ජාතිනිරොධගාමිනිං පටිපදං පජානාති, සො සබ්බසො රාගානුසයං පහාය...පෙ.... දුක්ඛස්සන්තකරො හොති - එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි
|
93
“ඇවැත්නි, ඉතා මැනවැයි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්රශ්නය ඇසුවාහුය. ඇවැත්නි, යම් ක්‍රමයකින් ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියාවෙයිද ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?
“ඇවැත්නි, ඇත්තේය. යම්තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම ජාතිය (ඉපදීම) දනීද, ඉපදීමට හේතුව දනීද, ඉපදීම නැතිකිරීම දනීද, ඉපදීම නැතිකිරීමට යන ප්‍රතිපදාව දනීද, ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ ධර්මයට පැමිණියේ වෙයි.
“ඇවැත්නි, ජාතිය කවරේද, ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව වර්ගයෙහි යම් ඉපදීමක් වේද, මනාකොට ඉපදීමක් වේද, මව් කුසට පැමිණීමක් වේද, ප්රකටව ඉපදීමක් වේද, ස්කන්ධයන්ගේ පහළවීමක් වේද, ආයතනයන්ගේ ලැබීමක්වේද, ඇවැත්නි, මේ ජාතියයි කියනු ලැබේ. කර්මභවය හේතු කොටගෙන ජාතිය ඇතිවේ. කර්මභවය නැති කිරීමෙන් ජාතිය නැතිකිරීම වේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම ජාතිය නැතිකිරීමට පමුණුවන ප්‍රතිපදාවයි. එනම්. නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.
“ඇවැත්නි, යම් අවස්ථාවක පටන් ආර්ය ශ්‍රාවක තෙම මෙසේ ජාතිය දනීද, මෙසේ ජාතියට හේතුව දනීද, මෙසේ ජාතිය නැතිකිරීම දනීද, මෙසේ ජාතිය නැතිකිරීමට යන ප්‍රතිපදාව දනීද, හෙතෙම සර්වප්රකාරයෙන් රාගය දුරුකොට, ක්‍රෝධය දුරුකොට මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ ධර්මයට පැමිණියේ වෙයි.
|
94
‘‘සාධාවුසො’’ති ඛො...පෙ.... අපුච්ඡුං - සියා පනාවුසො...පෙ.... ‘‘සියා, ආවුසො. යතො ඛො, ආවුසො, අරියසාවකො භවඤ්ච පජානාති, භවසමුදයඤ්ච පජානාති, භවනිරොධඤ්ච පජානාති, භවනිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති - එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං
‘‘යතො ඛො, ආවුසො, අරියසාවකො එවං භවං පජානාති, එවං භවසමුදයං පජානාති, එවං භවනිරොධං පජානාති, එවං භවනිරොධගාමිනිං පටිපදං පජානාති, සො සබ්බසො රාගානුසයං පහාය...පෙ.... දුක්ඛස්සන්තකරො හොති. එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්ම’’න්ති.
|
94
“ඇවැත්නි, මැනවයි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙණ අනුමෝදන්ව ආයුෂ්මත් ශරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්රශ්නය ඇසුවාහුය. ඇවැත්නි, යම් ක්‍රමයකින් ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේවෙයිද, දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?
“ඇවැත්නි, ඇත්තේය. ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම කර්මභවය දනීද, කර්මභවය ඇතිවීමට හේතුව දනීද, කර්මභවය නැතිකිරීම දනීද, කර්මභවය නැති කිරීමට යන මාර්ගය දනීද, ඇවැත්නි, මෙපමණකින් ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි. ඇවැත්නි, භවය කවරේද, භවය ඇතිවීමට හේතුව කවරේද, භවය නැතිකිරීම කවරේද? භවය නැතිකිරීමට යන මාර්ගය කවරේද, ඇවැත්නි, භවයෝ (කර්මභව උත්පත්ති භව) මේ තුනක් වෙත්. කාමභවය, රූප භවය, අරූප භවය (යන තුනයි) උපාදානයන් (තෘෂ්ණාවෙන් දැඩි ලෙස ගැනීම) හේතුකොටගෙන භවයන්ගේ හටගැන්ම වේ. උපාදාන නැතිකිරීම භවයන්ගේ නැතිකිරීම වේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය භවය නැතිකිරීම් මාර්ගය වේ. ඒ කවරේද යත්? නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය. නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.
“ඇවැත්නි, යම්තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම මෙසේ භවය දනීද, මෙසේ භවයාගේ හටගැන්ම දනීද, මෙසේ භවය නැතිකිරීම දනීද, භවය නැතිකිරීමට යන ප්‍රතිපදාව දනීද හෙතෙම සර්වප්රකාරයෙන් රාගය දුරුකොට, ක්‍රෝධය දුරු කොට, මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරු කොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි.
|
95
‘‘සාධාවුසො’’ති ඛො...පෙ.... අපුච්ඡුං - සියා පනාවුසො...පෙ.... ‘‘සියා, ආවුසො. යතො ඛො, ආවුසො, අරියසාවකො උපාදානඤ්ච පජානාති, උපාදානසමුදයඤ්ච
‘‘යතො ඛො, ආවුසො, අරියසාවකො එවං උපාදානං පජානාති, එවං උපාදානසමුදයං පජානාති, එවං උපාදානනිරොධං පජානාති, එවං උපාදානනිරොධගාමිනිං පටිපදං පජානාති, සො සබ්බසො රාගානුසයං පහාය...පෙ.... දුක්ඛස්සන්තකරො හොති - එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්ම’’න්ති.
|
95
“ඇවැත්නි, ඉතා මැනවයි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්රශ්නය ඇසුවාහුය. ඇවැත්නි, යම් ක්‍රමයකින් ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?
“ඇවැත්නි, ඇත්තේය, ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම උපාදානය (තෘෂ්ණා දෘෂ්ටි දෙකින් දැඩිකොට අල්ලාගැනීම) දනීද, උපාදාන හේතුව දනීද උපාදාන නැති කිරීම දනීද, උපාදාන නැති කිරීමට යන ප්‍රතිපදාව දනීද, ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ ධර්මයට පැමිණියේ වෙයි.
“ඇවැත්නි, උපාදානය කවරේද? උපාදානයන්ගේ හටගැන්ම කවරේද? උපාදානයන්ගේ නැතිකිරීම කවරේද? උපාදානයන් නැති කිරීමට පමුණුවන ප්‍රතිපදාව කවරේද? ඇවැත්නි, මේ උපාදාන සතරක් වෙත්. කාම උපාදානය, (ආශාවෙන් දැඩිකොට අල්ලා ගැනීම) දිට්ඨි උපාදානය (දෘෂ්ටියෙන් දැඩි කොට අල්ලා ගැනීම) අත්තවාද උපාදානය (ආත්මයක් ඇතැයි තරයේ ගැනීම) සීලබ්බත උපාදානය (ශාසනයෙන් පිටත ශීලව්‍රත තරයේ ගැනීම) යන සතරයි.
තෘෂ්ණාව හේතු කොටගෙන උපාදානයන්ගේ හටගැන්ම වේ. තෘෂ්ණාව නැතිකිරීමෙන් උපාදාන නැති කිරීම වේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම උපාදාන නැති කිරීමට යන මාර්ගයයි එනම්: නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.
“ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවක තෙම උපාදානය දනීද උපාදාන හටගැන්ම දනීද, උපාදාන නැති කිරීම දනීද උපාදානයන් නැතිකිරීමේ ප්‍රතිපදාව දනීද, හෙතෙම සර්වප්රකාරයෙන් රාගය දුරුකොට, ක්‍රෝධය දුරුකොට මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා, මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි.
|
96
‘‘සාධාවුසො’’ති
‘‘යතො ඛො, ආවුසො, අරියසාවකො එවං තණ්හං පජානාති, එවං තණ්හාසමුදයං පජානාති, එවං තණ්හානිරොධං පජානාති, එවං තණ්හානිරොධගාමිනිං පටිපදං පජානාති, සො සබ්බසො රාගානුසයං පහාය...පෙ.... දුක්ඛස්සන්තකරො හොති - එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්ම’’න්ති.
|
96
“ඇවැත්නි, මැනවැයි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්රශ්නය ඇසුවාහුය. ඇවැත්නි, යම් ක්‍රමයකින් ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?
“ඇවැත්නි, ඇත්තේය. යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම තණ්හාව දනීද, තණ්හාව ඉපදීමට හේතුව දනීද තණ්හාව නැති කිරීම දනීද, තණ්හාව නැති කිරීමට යන මාර්ගය දනීද ඇවැත්නි, මෙපමණකින්ද, ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටිය ඇත්තේවෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි.
ඇවැත්නි, තණ්හාව කවරේද? තණ්හාව හටගැන්මට හේතුව කවරේද, තණ්හාව නැති කිරීම කවරේද? තණ්හාව නැති කිරීමට යන මාර්ගය කවරේද?
“ඇවැත්නි, මේ තණ්හාව කොටස් සයක් වෙත්. රූප තණ්හාවය, සද්ද තණ්හාවය, ගන්ධ තණ්හාවය, රස තණ්හාවය, ඵොට්ඨබ්බ තණ්හාවය, ධම්ම තණ්හාවය (යන සයයි). වේදනාවගේ හටගැන්මෙන් තණ්හාවගේ හටගැන්මවේ. වේදනාව නැතිකිරීමෙන් තණ්හාව නැති කිරීම වේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම තණ්හාව නැති කිරීමට පමුණුවන ප්‍රතිපදාවයි. එනම්, නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.
“ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම මෙසේ තණ්හාව දනීද, මෙසේ තණ්හාව හටගැන්ම දනීද, මෙසේ තණ්හාව නැතිකිරීම දනීද, මෙසේ තණ්හාව නැති කිරීමට යන ප්‍රතිපදාව දනීද හෙතෙම සර්වප්රකාරයෙන් රාගය දුරු කොට, ක්‍රෝධය දුරුකොට, මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි, ඇවැත්නි මෙපමණකින්ද, ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි.
|
97
‘‘සාධාවුසො’’ති ඛො...පෙ.... අපුච්ඡුං - සියා පනාවුසො...පෙ.... ‘‘සියා, ආවුසො. යතො ඛො, ආවුසො, අරියසාවකො වෙදනඤ්ච පජානාති, වෙදනාසමුදයඤ්ච පජානාති, වෙදනානිරොධඤ්ච පජානාති, වෙදනානිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති - එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො
‘‘යතො
|
97
“ඇවැත්නි, මැනවයි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්රශ්නය ඇසුවාහුය. ඇවැත්නි, යම් ක්‍රමයකින් ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේමේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්රමයකුන් ඇත්තේද?
“ඇවැත්නි, ඇත්තේය. ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවක තෙම වේදනාවත් දනීද, වේදනා හටගැන්මත් දනීද, වේදනා නැතිකිරීමත් දනීද, වේදනා නැතිකිරීමට පමුණුවන ප්‍රතිපදාවත් දනීද, ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ ධර්මයට පැමිණියේ වෙයි.
“ඇවැත්නි, වේදනාව කවරේද? වේදනාවගේ හටගැන්ම කවරේද? වේදනාව නැතිකිරීම කවරේද? වේදනාව නැතිකිරීමට යන ප්‍රතිපදාව කවරේද? ඇවැත්නි, මේ වේදනා කොටස් සයක් වෙත්. ඇස හා ගැටීමෙන් හටගන්නා වේදනාවය, කණ හා ගැටීමෙන් හටගන්නා වේදනාවය, නාසය හා ගැටීමෙන් හටගන්නා වේදනාවය, දිව හා ගැටීමෙන් හටගන්නා වේදනාවය, ශරීරය හා ගැටීමෙන් හටගන්නා වේදනාවය, හිත හා ගැටීමෙන් හටගන්නා වේදනාවය (යන සයය) ස්පර්ශය (අරමුණු ගැටීම) හේතුකොටගෙන වේදනාව හටගැන්ම වේ. ස්පර්ශය නැතිකිරීමෙන් වේදනා නැතිකිරීම වේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම වේදනා නැතිකිරීමට පමුණුවන ප්‍රතිපදාවයි. එනම්: නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.
“ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවක තෙම මෙසේ වේදනාව දනීද, මෙසේ වේදනාවගේ හටගැන්ම දනීද, මෙසේ වේදනා නැතිකිරීම දනීද, මෙසේ වේදනා නැතිකිරීමට පමුණුවන ප්‍රතිපදාව දනිද, හෙතෙම සර්වප්රකාරයෙන් රාගය දුරුකොට ක්‍රෝධය දුරුකොට මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේවෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි.
|
98
‘‘සාධාවුසො’’ති ඛො...පෙ.... අපුච්ඡුං - සියා පනාවුසො...පෙ.... ‘‘සියා, ආවුසො. යතො ඛො, ආවුසො, අරියසාවකො ඵස්සඤ්ච පජානාති, ඵස්සසමුදයඤ්ච පජානාති, ඵස්සනිරොධඤ්ච පජානාති, ඵස්සනිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති - එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්මං. කතමො පනාවුසො, ඵස්සො, කතමො ඵස්සසමුදයො, කතමො ඵස්සනිරොධො, කතමා ඵස්සනිරොධගාමිනී පටිපදා? ඡයිමෙ, ආවුසො, ඵස්සකායා - චක්ඛුසම්ඵස්සො, සොතසම්ඵස්සො
‘‘යතො ඛො, ආවුසො, අරියසාවකො එවං ඵස්සං පජානාති, එවං ඵස්සසමුදයං පජානාති, එවං ඵස්සනිරොධං පජානාති, එවං ඵස්සනිරොධගාමිනිං පටිපදං පජානාති, සො සබ්බසො රාගානුසයං පහාය...පෙ.... දුක්ඛස්සන්තකරො
|
98
“ඇවැත්නි, මැනවැයි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්රශ්නය ඇසුවාහුය.
“ඇවැත්නි, යම් ක්‍රමයකින් ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද? ඇවැත්නි, ඇත්තේය. ඇවැත්නි, යම් තැනකපටන් ආර්ය ශ්‍රාවකතෙම ස්පර්ශයත් දනීද, ස්පර්ශයාගේ හටගැන්මත් දනීද, ස්පර්ශය නැතිකිරීමත් දනීද, ස්පර්ශය නැති කිරීමට පමුණුවන ප්‍රතිපදාවත් දනීද, ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක්දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයි. (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි.
“ඇවැත්නි, ස්පර්ශය කවරේද? ස්පර්ශයාගේ හටගැන්ම කවරේද? ස්පර්ශය නැතිකිරීම කවරේද? ස්පර්ශය නැති කිරීමට පමුණුවන ප්‍රතිපදාව කවරේද? ඇවැත්නි, මේ ස්පර්ශ කොටස් සයක් වෙත්. ඇස හා ස්පර්ශය, කණ හා ස්පර්ශය, නාසය හා ස්පර්ශය, දිව හා ස්පර්ශය, ශරීරය හා ස්පර්ශය, හිත හා ස්පර්ශය යන සයයි. ආයතන (ඇස ආදී ඉන්ද්රිය හය) හටගැන්මෙන් ස්පර්ශයන්ගේ හටගැන්ම වේ. ආයතන හය නැතිකිරීමෙන් ස්පර්ශයන්ගේ නැතිකිරීම වේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම ස්පර්ශය නැතිකිරීමට පමුණුවන ප්‍රතිපදාවය. එනම්. නිවැරදි දැකීමය, නිවැරදි කල්පනාවය, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.
“ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවක තෙම මෙසේ ස්පර්ශය දනීද, මෙසේ ස්පර්ශය හටගැන්ම දනීද, ස්පර්ශය නැති කිරීම දනීද, ස්පර්ශය නැතිකිරීමට පමුණුවන ප්‍රතිපදාව දනීද හෙතෙම සර්වප්රකාරයෙන් රාගය දුරුකොට, ක්‍රෝධය දුරුකොට මම වෙමි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියාවෙයි ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ ධර්මයට පැමිණියේ වෙයි.
|
99
‘‘සාධාවුසො’’ති ඛො...පෙ.... අපුච්ඡුං - සියා පනාවුසො...පෙ.... ‘‘සියා, ආවුසො. යතො ඛො, ආවුසො, අරියසාවකො සළායතනඤ්ච පජානාති, සළායතනසමුදයඤ්ච පජානාති, සළායතනනිරොධඤ්ච පජානාති, සළායතනනිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති - එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන
‘‘යතො ඛො, ආවුසො, අරියසාවකො එවං සළායතනං පජානාති, එවං සළායතනසමුදයං පජානාති, එවං සළායතනනිරොධං පජානාති
|
99
“ඇවැත්නි, මැනවැයි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්රශ්නය විචාළාහුය. ඇවැත්නි, යම් ක්‍රමයකින් ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?
“ඇවැත්නි, ඇත්තේය. ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම ආයතන දනීද, ආයතනයන්ගේ හටගැන්ම දනීද, ආයතන නැතිකිරීම දනීද, ආයතන නැති කිරීමට යන ප්‍රතිපදාව දනීද, ඇවැත්නි මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේවෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි.
ඇවැත්නි, සය ආයතනය කවරේද? සය ආයතනයන්ගේ හටගැන්ම කවරේද? සය ආයතනයන්ගේ නැතිකිරීම කවරේද? සය ආයතනයන් නැතිකිරීමට යන ප්‍රතිපදාව කවරේද? ඇවැත්නි, මේ ආයතන සයක් වෙත්. චක්ඛු ආයතනය සොත ආයතනය, ඝාණ ආයතනය, ජිව්හා ආයතනය, කාය ආයතනය, මනො ආයතනය (යන හයයි.) නාමරූපයන්ගේ (රූප, වේදනා සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ පහේ) හටගැන්මෙන් සය ආයතනයන්ගේ හටගැන්ම වේ. නාමරූපයන් නැතිකිරීමෙන් සය ආයතනයන්ගේ නැති කිරීම වේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම සය ආයතනය නැති කිරීමට පමුණුවන ප්‍රතිපදාවයි. එනම්: නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.
“ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම මෙසේ සය ආයතන දනීද, මෙසේ සය ආයතනයන්ගේ හටගැන්ම දනීද, මෙසේ සය ආයතනයන්ගේ නැතිකිරීම දනීද, මෙසේ සය ආයතන නැතිකිරීමට යන ප්‍රතිපදාව දනීද, හෙතෙම සර්වප්රකාරයෙන් රාගය දුරුකොට, ක්‍රෝධය දුරුකොට මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයි. ධර්යෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ ධර්මයට පැමිණියේ වෙයි.
|
100
‘‘සාධාවුසො’’ති ඛො...පෙ.... අපුච්ඡුං - සියා පනාවුසො...පෙ.... ‘‘සියා, ආවුසො. යතො ඛො, ආවුසො, අරියසාවකො නාමරූපඤ්ච පජානාති, නාමරූපසමුදයඤ්ච පජානාති, නාමරූපනිරොධඤ්ච පජානාති, නාමරූපනිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති - එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්මං. කතමං පනාවුසො, නාමරූපං, කතමො නාමරූපසමුදයො, කතමො නාමරූපනිරොධො, කතමා නාමරූපනිරොධගාමිනී පටිපදා? වෙදනා, සඤ්ඤා, චෙතනා, ඵස්සො, මනසිකාරො
‘‘යතො ඛො, ආවුසො, අරියසාවකො එවං
|
100
“ඇවැත්නි, ‘ඉතා මැනවැයි’ කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්රශ්නය ඇසුවාහුය. ඇවැත්නි, යම් ක්‍රමයකින් ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?
“ඇවැත්නි, ඇත්තේය. ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවක තෙම නාම රූප දෙක දනීද, නාම රූප හටගැන්ම දනීද, නාම රූපයන් නැතිකිරීමේ ප්‍රතිපදාව දනීද ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ ධර්මයට පැමිණියේ වෙයි.
“ඇවැත්නි නාමරූප කවරේද? නාමරූපයන්ගේ හට ගැන්ම කවරේද? නාමරූපයන්ගේ නැතිකිරීම කවරේද? නාමරූපයන් නැතිකිරීමේ ප්‍රතිපදාව කවරේද? වේදනා (විඳීම) ය, සංඥා (හැඟීමය) ය, චෙතනා (මෙහෙයීම) ය, ස්පර්ශ (ගැටීම) ය, මනසිකාර (මෙනෙහිකිරීම) ය යන මේ ධර්ම ඇවැත්නි, නාමයයි කියනු ලැබේ.
“මහා භූත රූප හතර (පස් දිය ගිනි සුළං) ද ඒ සතර මහා භූතයන් නිසා පවත්නාවූ උපාදාය රූපද යන මෙය ඇවැත්නි, රූපයයි කියනු ලැබේ. මෙසේ මේ නාමයද මේ රූපයද ඇවැත්නි, නාමරූපයයි කියනු ලැබේ. ප්‍රතිසන්ධිවිඥානයාගේ (පිළිසිඳ ගැනීම පිළිබඳ විඤ්ඤාණය) හටගැන්මෙන් නාමරූපයන්ගේ හටගැන්ම වේ. විඥානය නැතිකිරීමෙන් නාමරූපයන්ගේ නැතිකිරීම වේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම නාමරූපයන් නැතිකිරීමේ ප්‍රතිපදාවයි. එනම් නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.
“ඇවැත්නි, යම්තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම මෙසේ නාමරූපයන් දනීද, මෙසේ නාමරූපයන්ගේ හටගැන්ම දනීද මෙසේ නාමරූපයන්ගේ නැතිකිරීම දනීද මෙසේ නාමරූපයන් නැතිකිරිමේ ප්‍රතිපදාව දනීද, හෙතෙම සර්ව ප්‍රකාරයෙන් රාගය දුරුකොට ක්‍රෝධය දුරුකොට මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි.
“ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ ධර්මයට පැමිණියේ වෙයි.
|
101
‘‘සාධාවුසො’’ති ඛො...පෙ.... අපුච්ඡුං - සියා පනාවුසො...පෙ.... ‘‘සියා, ආවුසො. යතො ඛො, ආවුසො, අරියසාවකො විඤ්ඤාණඤ්ච පජානාති, විඤ්ඤාණසමුදයඤ්ච පජානාති, විඤ්ඤාණනිරොධඤ්ච පජානාති, විඤ්ඤාණනිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති - එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්මං. කතමං පනාවුසො, විඤ්ඤාණං, කතමො විඤ්ඤාණසමුදයො, කතමො විඤ්ඤාණනිරොධො, කතමා විඤ්ඤාණනිරොධගාමිනී පටිපදා? ඡයිමෙ, ආවුසො, විඤ්ඤාණකායා - චක්ඛුවිඤ්ඤාණං, සොතවිඤ්ඤාණං, ඝානවිඤ්ඤාණං, ජිව්හාවිඤ්ඤාණං, කායවිඤ්ඤාණං, මනොවිඤ්ඤාණං. සඞ්ඛාරසමුදයා විඤ්ඤාණසමුදයො, සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො, අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො විඤ්ඤාණනිරොධගාමිනී පටිපදා, සෙය්යථිදං - සම්මාදිට්ඨි...පෙ.... සම්මාසමාධි.
‘‘යතො ඛො, ආවුසො, අරියසාවකො එවං විඤ්ඤාණං පජානාති, එවං විඤ්ඤාණසමුදයං පජානාති, එවං විඤ්ඤාණනිරොධං පජානාති, එවං විඤ්ඤාණනිරොධගාමිනිං පටිපදං පජානාති
|
101
“ඇවැත්නි, මැනවැයි ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්රශ්නය ඇසුවාහුය.
“ඇවැත්නි, යම් ක්‍රමයකින් ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල් වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?
“ඇවැත්නි, ඇත්තේය, ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම විඤ්ඤාණය දනීද, විඤ්ඤාණයාගේ හටගැන්ම දනීද, විඤ්ඤාණයාගේ නැතිකිරීම දනීද, විඥානය නැති කිරීමට යන ප්‍රතිපදාව දනීද, ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ ධර්මයට පැමිණියේ වෙයි.
“ඇවැත්නි, විඤ්ඤාණය කවරේද? විඤ්ඤාණයාගේ හටගැන්ම කවරේද? විඤ්ඤාණය නැතිකිරීම කවරේද? විඤ්ඤාණය නැතිකිරීමේ ප්‍රතිපදාව කවරේද? ඇවැත්නි මේ විඤ්ඤාණ කොටස් සයක් වෙත්. චක්ඛුවිඤ්ඤාණය, සොතවිඤ්ඤාණය, ඝාණවිඤ්ඤාණය, ජීව්හාවිඤ්ඤාණය, කායවිඤ්ඤාණය, මනො විඤ්ඤාණය. (යන සයයි) සංස්කාරයන්ගේ හටගැන්මෙන් විඤ්ඤාණයන්ගේ හටගැන්ම වේ. සංස්කාරයන්ගේ නැති කිරීමෙන් විඤ්ඤාණයන්ගේ නැතිකිරීම වේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම විඤ්ඤාණය නැතිකිරීමේ ප්‍රතිපදාවයි. එනම් නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.
“ඇවැත්නි, යම්තැනක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ විඤ්ඤාණය දනීද, විඤ්ඤාණයාගේ හටගැන්ම දනීද, විඤ්ඤාණය නැතිකිරීම දනීද, විඤ්ඤාණය නැතිකිරීමේ ප්‍රතිපදාව දනීද හෙතෙම සර්ව ප්‍රකාරයෙන් රාගය දුරුකොට ක්‍රෝධය දුරුකොට මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරු කොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි. අවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ ධර්මයට පැමිණියේ වෙයි.
|
102
‘‘සාධාවුසො’’ති
‘‘යතො ඛො, ආවුසො, අරියසාවකො එවං සඞ්ඛාරෙ පජානාති, එවං සඞ්ඛාරසමුදයං පජානාති, එවං සඞ්ඛාරනිරොධං පජානාති, එවං සඞ්ඛාරනිරොධගාමිනිං පටිපදං පජානාති, සො සබ්බසො රාගානුසයං පහාය, පටිඝානුසයං පටිවිනොදෙත්වා, ‘අස්මී’ති දිට්ඨිමානානුසයං සමූහනිත්වා, අවිජ්ජං පහාය විජ්ජං උප්පාදෙත්වා, දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති - එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස
|
102
“ඇවැත්නි මැනවයි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්රශ්නය ඇසුවාහුය. ඇවැත්නි, යම් ක්‍රමයකින් ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?
“ඇවැත්නි, ඇත්තේය. ඇවැත්නි, යම්තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම සංස්කාරයන් (කුසලා කුසල කර්ම) දනීද, සංස්කාරයන්ගේ හටගැන්ම දනීද, සංස්කාරයන්ගේ නැතිකිරීම දනීද, සංස්කාරයන් නැතිකිරීමේ ප්‍රතිපදාව දනීද, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක්දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ ධර්මයට පැමිණියේ වෙයි.
“ඇවැත්නි, සංස්කාර කවරේද? සංස්කාරයන්ගේ හටගැන්ම කවරේද? සංස්කාරයන්ගේ නැතිකිරීම කවරේද? සංස්කාරන් නැතිකිරීමේ ප්‍රතිපදාව කවරේද? ඇවැත්නි, මේ සංස්කාරයෝ තිදෙනෙක් වෙත්. කාය සංඛාරය (කයින් කරන කර්ම) වචී සංඛාරය (වචනයෙන් කරන කර්ම) මනො සංඛාරය (සිතින් කරන කර්ම) යන තුනයි. අවිද්‍යාවගේ හටගැන්මෙන් සංස්කාරයන්ගේ හටගැන්ම වේ. අවිද්‍යාව නැති කිරීමෙන් සංස්කාරයන්ගේ නැතිකිරීම වේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම සංස්කාරයන් නැතිකිරීමේ ප්‍රතිපදාවයි. එනම් නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.
“ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම මෙසේ සංස්කාරයන් දනීද මෙසේ සංස්කාරයන් හටගැන්ම දනීද මෙසේ සංස්කාරයන්ගේ නැතිකිරීම දනීද මෙසේ සංස්කාරයන් නැතිකිරීමේ ප්‍රතිපදාව දනීද හෙතෙම සර්වප්රකාරයෙන් රාගය දුරුකොට ක්‍රෝධය දුරුකොට මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි.
“ඇවැත්නි, මෙපමණකින්ද, ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයි. ධර්මයෙහිනොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ ධර්මයට පැමිණියේ වෙයි.
|
103
‘‘සාධාවුසො’’ති ඛො...පෙ.... අපුච්ඡුං - සියා පනාවුසො...පෙ.... ‘‘සියා, ආවුසො. යතො ඛො, ආවුසො, අරියසාවකො අවිජ්ජඤ්ච පජානාති, අවිජ්ජාසමුදයඤ්ච පජානාති, අවිජ්ජානිරොධඤ්ච පජානාති, අවිජ්ජානිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති - එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්මං. කතමා පනාවුසො, අවිජ්ජා, කතමො අවිජ්ජාසමුදයො, කතමො අවිජ්ජානිරොධො, කතමා අවිජ්ජානිරොධගාමිනී පටිපදා? යං ඛො, ආවුසො, දුක්ඛෙ අඤ්ඤාණං, දුක්ඛසමුදයෙ අඤ්ඤාණං, දුක්ඛනිරොධෙ අඤ්ඤාණං, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අඤ්ඤාණං - අයං වුච්චතාවුසො, අවිජ්ජා. ආසවසමුදයා අවිජ්ජාසමුදයො, ආසවනිරොධා අවිජ්ජානිරොධො, අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො අවිජ්ජානිරොධගාමිනී පටිපදා, සෙය්යථිදං - සම්මාදිට්ඨි...පෙ.... සම්මාසමාධි.
‘‘යතො
|
103
“ඇවැත්නි, මැනවැයි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්රශ්නය ඇසුවාහුය. ඇවැත්නි, යම් ක්‍රමයකින් ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?
“ඇවැත්නි, ඇත්තේය ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවක තෙම අවිද්‍යාවත් දනීද, අවිද්‍යාව නැති කිරීමත් දනීද, අවිද්‍යාව නැති කිරිමේ ප්‍රතිපදාවත් දනීද, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ ධර්මයට පැමිණියේ වෙයි.
“ඇවැත්නි, අවිද්‍යාව කවරේද? අවිද්‍යාවට හේතුව කවරේද? අවිද්‍යාව නැති කිරීම කවරේද? අවිද්‍යාව නැති කිරීමේ ප්‍රතිපදාව කවරේද?
“ඇවැත්නි, දුක පිළිබඳ යම් නොදැන්මක් වේද, දුක හටගැනීමට හේතුව පිළිබඳ යම් නොදැන්මක් වේද, දුක නැතිකිරීම පිළිබඳ යම් නොදැන්මක් වේද, දුක නැතිකිරීමේ ප්‍රතිපදාව පිළිබඳ යම් නොදැන්මක් වේද ඇවැත්නි, මේ නොදැන්ම අවිද්‍යාවයයි කියනු ලැබේ. ආශ්‍රවයන් (බොහෝ කල් සිට පැවත එන කෙලෙස්) හේතුකොටගෙන අවිද්‍යාවගේ හටගැන්ම වේ. ආශ්‍රවයන් නැති කිරීමෙන් අවිද්‍යාව නැති වේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම අවිද්‍යාව නැති කිරීමේ ප්‍රතිපදාවයි එනම් නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.
“ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම මෙසේ අවිද්‍යාව දනීද, මෙසේ අවිද්‍යාවට හේතුව දනීද, මෙසේ අවිද්‍යාව නැතිකිරීම දනීද, මෙසේ අවිද්‍යාව නැතිකිරීමේ ප්‍රතිපදාව දනීද, හෙතෙම සර්වප්රකාරයෙන් රාගය දුරුකොට ක්‍රෝධය දුරුකොට මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි ධර්මයෙහි නොසෙල් වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ ධර්මයට පැමිණියේ වෙයි.
|
104
‘‘සාධාවුසො’’ති
‘‘සියා, ආවුසො. යතො ඛො, ආවුසො, අරියසාවකො ආසවඤ්ච පජානාති, ආසවසමුදයඤ්ච පජානාති, ආසවනිරොධඤ්ච පජානාති, ආසවනිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති - එත්තාවතාපි ඛො, ආවුසො, අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ආගතො ඉමං සද්ධම්මං. කතමො පනාවුසො, ආසවො, කතමො ආසවසමුදයො, කතමො ආසවනිරොධො, කතමා ආසවනිරොධගාමිනී පටිපදාති? තයොමෙ, ආවුසො, ආසවා - කාමාසවො, භවාසවො, අවිජ්ජාසවො. අවිජ්ජාසමුදයා ආසවසමුදයො, අවිජ්ජානිරොධා ආසවනිරොධො, අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො ආසවනිරොධගාමිනී පටිපදා, සෙය්යථිදං - සම්මාදිට්ඨි...පෙ.... සම්මාසමාධි.
‘‘යතො ඛො, ආවුසො, අරියසාවකො එවං ආසවං පජානාති, එවං ආසවසමුදයං පජානාති, එවං ආසවනිරොධං
ඉදමවොචායස්මා සාරිපුත්තො. අත්තමනා තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස භාසිතං අභිනන්දුන්ති.
|
104
“ඇවැත්නි, මැනවැයි ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්රශ්නය ඇසුවාහුය.
“ඇවැත්නි, යම් ක්‍රමයකින් ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?
“ඇවැත්නි, ඇත්තේය, ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවක තෙම ආශ්‍රවයන් (බොහෝ කල් සිට පැවත එන කෙලෙස්) දනීද, ආශ්‍රවයන්ට හේතුවත් දනීද, ආශ්‍රවයන්ගේ නැතිකිරීමත් දනීද, ආශ්‍රවයන් නැතිකිරීමේ ප්‍රතිපදාවත් දනීද, ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ ධර්මයට පැමිණියේ වෙයි.
“ඇවැත්නි, ආශ්‍රවයෝ කවරහුද? ආශ්‍රවයන්ට හේතුව කවරේද? ආශ්‍රවයන් නැතිකිරීම කවරේද? ආශ්‍රවයන් නැති කරන ප්‍රතිපදාව කවරේද? ඇවැත්නි, මේ ආශ්‍රව තුනක් වෙත්. කාමාශ්‍රවය (කාම තණ්හාව,) භවාශ්‍රවය (භව තණ්හාවය,) අවිද්‍යාශ්‍රවය (මෝහය) යන තුනයි. අවිද්‍යාව හේතුකොටගෙන ආශ්‍රවයන්ගේ හටගැන්ම වේ. අවිද්‍යාව නැති කිරීමෙන් ආශ්‍රවයන්ගේ නැති කිරීම වේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම ආශ්‍රවයන් නැති කිරීමේ ප්‍රතිපදාව වෙයි. එනම්: නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.
“ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම මෙසේ ආශ්‍රවයන් දනීද, ආශ්‍රවයන්ගේ හටගැන්මත් දනීද, ආශ්‍රව නැතිකිරීමත් දනීද, ආශ්‍රව නැතිකිරීමේ ප්‍රතිපදාවත් දනීද, හෙතෙම සර්ව ප්‍රකාරයෙන් රාගය දුරුකොට ක්‍රෝධය දුරු කොට මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරු කොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි.
“ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙමේ සම්‍යක් දෘෂ්ටි ඇත්තේවෙයි. ඔහුගේ දෘෂ්ටි සෘජුබවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ ධර්මයට පැමිණියේ වෙයි.”
ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මේ ධර්මය වදාළහ. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය ඉතා සතුටින් පිළිගත්තාහුය.
|
10. මහාසතිපට්ඨානසුත්තං | 10. සතිපට්ඨාන සූත්‍රය |
105
එවං
|
105
“මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුරු ජනපදයෙහි කල්මාසදම්‍ය නම්වූ කුරු රට වැස්සන්ගේ නියම් ගම වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට, “මහණෙනි”යි කථා කළෝය. භික්ෂූහු “ස්වාමීන් වහන්සැ”යි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළාහුය.
|
106
‘‘එකායනො අයං, භික්ඛවෙ, මග්ගො සත්තානං විසුද්ධියා, සොකපරිදෙවානං
‘‘කතමෙ චත්තාරො? ඉධ, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; වෙදනාසු වෙදනානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; චිත්තෙ චිත්තානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං.
|
106
“මහණෙනි, යම් මේ සතර සතිපට්ඨාන ධර්ම කෙතෙක් ඇද්ද ඒ සතර සතිපට්ඨාන ධර්මයෝ සත්ත්වයන්ගේ පිරිසිදුවීම පිණිසද, සෝක කිරීමය, වැළපීමය යනාදීන්ගේ ඉක්මවීම පිණිසද, කයෙහි හටගන්නා දුක්ය. සිතෙහි හටගන්නා දුක්ය, යන මොවුන්ගේ දුරලීම පිණිසද ඤාය නම් ලද ආර්ය මාර්ගයට පැමිණීම පිණිසද නිර්වාණය අවබෝධ කිරීම පිණිසද එකම මාර්ගය වන්නේයයි” දේශනා කළාහුය.
“ඒ සතර (සතිපට්ඨාන ධර්මයෝ) කවරහුද යත්? මහණෙනි, මේ සස්නෙහි මහණ තෙම කෙලෙස් තවන වීර්ය ඇතුව යහපත් ප්‍රඥා ඇතුව, සිහියෙන් යුක්තව මේ ශරීරයෙහි ලෝභයද, ක්‍රෝධයද සිංසිඳුවාගෙන, මේ ශරීරයෙහි ශරීරය අනුව දක්නා ස්වභාව ඇතිව වාසය කෙරේද, කෙලෙස් තවන වීර්ය ඇතුව, යහපත් ප්‍රඥා ඇතුව සිහි ඇතුව විඳීම් රාශියෙහි, ලෝභය හා දොම්නස (ක්‍රෝධය) සංසිඳුවාගෙන විඳීම් කෙරෙහි විඳීම් අනුව දක්නා ස්වභාව ඇතිව වාසයකෙරේද, කෙලෙසුන් තවන වීර්ය ඇතුව යහපත් ප්‍රඥා ඇතුව සිහි ඇතුව සිත් සමූහයෙහි ලෝභය හා දොම්නස (ක්‍රෝධය) සංසිඳුවාගෙන සිත් කෙරෙහි සිත් අනුව දක්නා ස්වභාව ඇතිව වාසය කෙරේද, කෙලෙසුන් තවන වීර්ය ඇතිව, සිහි ඇතිව යහපත් ප්‍රඥා ඇතිව, නීවරණාදී ධර්ම රාශියෙහි ලෝභය හා දොම්නස (ක්‍රෝධය) සංසිඳුවාගෙන නීවරණාදී ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව සිහි කරමින් වාසය කෙරේද (මේ සතර සතිපට්ඨාන ධර්මයෝ නම් වෙත්)
|
107
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති? ඉධ, භික්ඛවෙ, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා නිසීදති, පල්ලඞ්කං ආභුජිත්වා, උජුං කායං පණිධාය, පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො සතොව අස්සසති, සතොව
(සතො (සී. ස්‍යා.)) පස්සසති. දීඝං
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, දක්ඛො භමකාරො වා භමකාරන්තෙවාසී වා දීඝං වා අඤ්ඡන්තො ‘දීඝං අඤ්ඡාමී’ති පජානාති, රස්සං වා අඤ්ඡන්තො ‘රස්සං අඤ්ඡාමී’ති පජානාති; එවමෙව ඛො, භික්ඛවෙ, භික්ඛු දීඝං වා අස්සසන්තො ‘දීඝං අස්සසාමී’ති පජානාති, දීඝං වා පස්සසන්තො ‘දීඝං පස්සසාමී’ති පජානාති, රස්සං වා අස්සසන්තො ‘රස්සං අස්සසාමී’ති පජානාති, රස්සං වා පස්සසන්තො ‘රස්සං පස්සසාමී’ති පජානාති; ‘සබ්බකායපටිසංවෙදී අස්සසිස්සාමී’ති සික්ඛති, ‘සබ්බකායපටිසංවෙදී පස්සසිස්සාමී’ති සික්ඛති; ‘පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමී’ති සික්ඛති, ‘පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමී’ති සික්ඛති. ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති, බහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති; සමුදයධම්මානුපස්සී වා කායස්මිං විහරති, වයධම්මානුපස්සී වා කායස්මිං විහරති, සමුදයවයධම්මානුපස්සී වා කායස්මිං විහරති. ‘අත්ථි කායො’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති. යාවදෙව
|
107
“මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් කයෙහි කය අනුව බලමින් වාසය කරන්නේද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කැලයකට ගියේ හෝ ගසක් මුලකට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ පර්යංකය බැඳ (අරමිනිය ගොතා ගෙන) ශරීරය කෙළින් පිහිටුවා ගෙන සිහිය ඉදිරිපත් කොට තබා ගෙන හිඳිනේය. හෙතෙම සිහියෙන්ම ආශ්වාස කරන්නේය, සිහියෙන්ම ප්‍රශ්වාස කරන්නේය, දීර්ඝ කොට (කල් ගනිමින් හෙමින් හෙමින්) ආශ්වාස කරන්නේ හෝ ‘දීර්ඝ කොට (කල් ගනිමින්) ආශ්වාස කරන්නෙමි’යි දන්නේය. දීර්ඝ කොට ප්‍රශ්වාස කරන්නේ හෝ ‘දීර්ඝ කොට ප්‍රශ්වාස කරන්නෙමියි දන්නේය ලුහුඬු කොට (ඉක්මණින්) ආශ්වාස කරන්නේ හෝ ‘ලුහුඬු කොට ආශ්වාස කරන්නෙමියි’ දන්නේය. ලුහුඬු කොට ප්‍රශ්වාස කරන්නේ හෝ ‘ලුහුඬු කොට ප්‍රශ්වාස කරන්නෙමියි’ දන්නේය. මුල මැද අග යන සියලු ආශ්වාසය ප්‍රකට කරගන්නෙමියි යන අදහසින් ආශ්වාස කරන්නෙමියි පුරුදු කරන්නේය. මුල මැද අග යන සියලු ප්‍රශ්වාසය දැන ප්‍රකට කරගන්නෙමියි යන අදහසින් ප්‍රශ්වාස කරන්නෙමියි පුරුදු කරන්නේය. ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳුවමි යන අදහසින් ආශ්වාස කරන්නෙමියි පුරුදු කරන්නේය. ආශ්වාස ප්‍රශ්වාස සංසිඳුවමි යන අදහසින් ප්‍රශ්වාස කරන්නෙමියි පුරුදු කරන්නේය.
“මහණෙනි, දක්ෂවූ ලියන වඩුවෙක් හෝ ලියන වඩුවෙකුගේ අතවැස්සෙක් හෝ දික් කොට අදින්නේ හෝ දික් කොට අදින්නෙමියි කියා යම්සේ දනීද, ලුහුඬුව අදින්නේ හෝ එසේ ලුහුඬු කොට අදින්නෙමියි කියා යම්සේ දනීද, එපරිද්දෙන්ම මහණෙනි, මහණ තෙමේ දීර්ඝ කොට ආශ්වාස කරන්නේ හෝ දීර්ඝ කොට ආශ්වාස කරන්නෙමියි දන්නේය. දීර්ඝ කොට ප්‍රශ්වාස කරන්නේ හෝ දීර්ඝ කොට ප්‍රශ්වාස කරන්නෙමියි දන්නේය. ලුහුඬුකොට ආශ්වාස කරන්නේ හෝ ලුහුඬුකොට ආශ්වාස කරන්නෙමියි දන්නේය. ලුහුඬුකොට ප්‍රශ්වාස කරන්නේ හෝ ලුහුඬු කොට ප්‍රශ්වාස කරන්නෙමියි දන්නේය. මුල මැද අග යන සියලු ආශ්වාස ප්‍රශ්වාස දැන ගනිමියි යන අදහසින් ආශ්වාස කරන්නෙමියි පුරුදු කරන්නේය. මුල මැද අග යන සියලු ප්‍රශ්වාස දැනගනිමි යන අදහසින් ප්‍රශ්වාස කරන්නෙමියි පුරුදු කරන්නේය. ආශ්වාස ප්‍රශ්වාස සංසිඳුවමි යන අදහසින් ආශ්වාස කරන්නෙමියි පුරුදු කරන්නේය. සියලු ආශ්වාස ප්‍රශ්වාස සංසිඳුවමි. යන අදහසින් ප්‍රශ්වාස කරන්නෙමියි පුරුදු කරන්නේය.
මෙසේ තමාගේ (ආශ්වාස ප්‍රශ්වාස) ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ආශ්වාස ප්‍රශ්වාස ශරීරයෙහි හෝ (ආශ්වාස ප්‍රශ්වාස) ශරීරය අනුව නුවණින් බලමින් වාසය කරන්නේය. අනුන්ගේ හා තමන්ගේ (ආශ්වාස ප්‍රශ්වාස) ශරීරයෙහි හෝ (ආශ්වාස ප්‍රශ්වාස) ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ හටගැනීම බලමින් හෝ වාසය කරන්නේය. ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ නැතිවීම බලමින් හෝ වාසය කරන්නේය. කලෙක හටගැනීම, කලෙක විනාශය බලමින් හෝ වාසය කරන්නේය. මොහුට සත්ව පුද්ගල නොවූ ආශ්වාස ප්‍රශ්වාස කය පමණක් ඇත්තේය යන සිහිය එළඹ සිටියා වෙයි. එය ඥානය වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද වෙයි. තණ්හා දෘෂ්ටි දෙකින් දුරුව වසන්නේද වේ. එහෙයින් සත්ව ලෝකයෙහි, කිසි රූපාදියක් (ආත්මාදි වශයෙන්) නොගන්නේය. මහණෙනි, මෙසේද මහණතෙම ශරීරයෙහි, ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.”
|
108
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු ගච්ඡන්තො වා ‘ගච්ඡාමී’ති පජානාති, ඨිතො වා ‘ඨිතොම්හී’ති පජානාති, නිසින්නො වා ‘නිසින්නොම්හී’ති
|
108
“මහණෙනි, නැවතද මහණ තෙම යන්නේ හෝ යන්නෙමියි දන්නේය. සිටියෝ හෝ සිටියෙමියි දන්නේය. හුන්නේ හෝ හුන්නෙමියි දන්නේය. ශයනය කරන්නේ හෝ ශයනය කරන්නෙමියි දන්නේය. ඔහුගේ කය වනාහි යම් යම් ඉරියව්වකින් පිහිටුවනලදද ඒ ඒ ආකාරයෙන් දන්නේය. මෙසේ තමාගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි හටගන්නා ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි හටගන්නා ස්වභාව හා කලෙක විනාශවීම් ස්වභාව දන්නේ හෝ වාසය කරන්නේය. ඒ භික්ෂුවට වනාහි (සත්වයෙක් පුද්ගලයෙක් නොවූ) ශරීර ඉරියව් පමණක් ඇත්තේය, කියා සිහිය එළඹසිටියේ වෙයි. එය ඥානයාගේ වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද වෙයි. තණ්හා දෘෂ්ටි දෙකින් (දුරුව) වාසය කරන්නේය. මේ සත්ව ලෝකයෙහි කිසි රූපාදියක් (ආත්මාදි වශයෙන්) නොගනියි මහණෙනි, භික්ෂු තෙම මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
|
109
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී හොති, ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී හොති, සමිඤ්ජිතෙ පසාරිතෙ සම්පජානකාරී හොති, සඞ්ඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී හොති, අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී හොති, උච්චාරපස්සාවකම්මෙ සම්පජානකාරී හොති, ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජානකාරී හොති. ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති...පෙ.... එවම්පි ඛො, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති.
|
109
“මහණෙනි, නැවතද මහණ තෙමේ ඉදිරියට යාමෙහිද ආපසු ඊමෙහිද සිහියෙන් දැන කරන්නේ වෙයි. ඉදිරිපිට බැලීමෙහිද සරස බැලීමෙහිද ප්‍රඥාවෙන් දැන කරන්නේ වෙයි. අත් පා හැකිලීමෙහිද දිගු කිරීමෙහිද ප්‍රඥාවෙන් දැන කරන්නේය පාත්‍රා, දෙපට සිවුරු තනිපට සිවුරු දැරීමෙහිද ප්‍රඥාවෙන් දැන දරන්නේය. අනුභව කිරීමෙහිද පානය කිරීමෙහිද, කඩාකෑමෙහිද රස බැලීමෙහිද නුවණින් දැන කරන්නේය. මළමුත්‍ර පහකිරීමෙහිද නුවණින් දැන කරන්නේය. යාමෙහිද, සිටීමෙහිද, හිඳීමෙහිද, නිදීමෙහිද, නිදි දුරුකිරීමෙහිද, කථා කිරීමෙහිද, කථා නොකිරීමෙහිද, ප්‍රඥාවෙන් දැන ඒ ඒ කෘත්‍ය පවත්වන්නේ මෙසේ තමාගේ ශරීරයෙහි හෝ කය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ කය අනුව බලමින් වාසය කරන්නේය. තමාගේ හා අනුන්ගේ හෝ ශරීරයෙහි ඇතිවීම බලමින් හෝ වාසය කරන්නේය. විනාශය බලමින් හෝ වාසය කරන්නේය. කලෙක ඉපදීම කලෙක නැතිවීම බලමින් හෝ වාසය කරන්නේය. මේ යෝගාවචරයාහට වනාහි සත්වයෙක් පුද්ගලයෙක් නොවූ කය පමණක් ඇත්තේයයි සිහිය එළඹ සිටියේ වෙයි, (ඒ සිහිය) ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද වෙයි. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙනාගෙන් දුරුව වාසය කරන්නේය. ශරීර ලෝකයෙහි කිසිවක් ආත්ම වශයෙන් නොගන්නේය. මහණෙනි, භික්ෂුව මෙසේද මේ කයෙහි කය අනුව බලමින් වාසය කරන්නේය.
|
110
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු ඉමමෙව කායං උද්ධං පාදතලා, අධො කෙසමත්ථකා, තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනො පච්චවෙක්ඛති - ‘අත්ථි ඉමස්මිං කායෙ කෙසා ලොමා නඛා දන්තා තචො මංසං
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, උභතොමුඛා පුතොළි
(මූතොළී (සී. ස්‍යා. පී.)) පූරා නානාවිහිතස්ස ධඤ්ඤස්ස, සෙය්යථිදං - සාලීනං
‘‘ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති...පෙ.... එවම්පි ඛො, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති.
|
110
“නැවතද මහණෙනි, මහණ තෙම පාදතලයෙන් උඩ හිසකේ මස්තකයෙන් යට සම කෙළවර කොට ඇති නානාවිධ අසුචියෙන් පිරීසිටි මේ ශරීරයම සිහි කරන්නේය. (කෙසේදයත්) මේ ශරීරයෙහි හිසකෙස්ය, ලොම්ය, නියපොතුය, දෙතිස් දත්ය, හමය, මස්පිඩුය, නහරය, ඇටය, ඇටමිදුලුය, වකුගඩුවය, හෘදයමාංශයය, අක්මාවය, දළබුවය, බඩදිවය, පෙණහැලිය, බඩවැලය, අතුණුබහණය, නොදිරූ ආහාරය, මලය, හිස්මොලය පිතය, සෙමය, සැරවය, ලෙහෙය, ඩහදියය, මේද තෙලය, කඳුලුය, වුරුණු තෙලය, කෙලය, සොටුය, සඳමිදුලුය, මුත්‍රය (යන මේ කුණපයෝ) ඇත්තාහ.
මහණෙනි, නොයෙක් ආකාරවූ ධාන්‍යයන්ගෙන් පුරවනලද උඩ යට දෙපැත්තෙන් කටවල් දෙකක් ඇති මල්ලක් වේද, කිනම් ධාන්‍යවලින් යුත් මල්ලක්ද යත්? හැල්වීය, මහවීය, මුංය, මෑය, තලය, සහල්ය, (යන මේ ධාන්‍යවලිනි.) ඇස් ඇති පුරුෂයෙක් ඒ ධාන්‍ය පිරූ මල්ල ලිහා මේ හැල්ය, මේ මහ වීය, මේ මුංය, මේ මෑය, මේ තලය, මේ සහල්යයි යම්සේ මෙනෙහි කරන්නේද එපරිද්දෙන්ම මහණෙනි, මහණ තෙම පාදයෙන් උඩ හිසකේ මස්තකයෙන් යට සම කෙළවර කොට ඇති නොයෙක් ආකාර අසුචිවලින් පිරුණාවූ මේ ශරීරයම සිහි කරන්නේය. ඒ කෙසේදයත්: හිසකෙස්ය, ලොම්ය, නියපොතුය, දත්ය, සමය, මස්පිඩුය, නහරය, ඇටය ඇට මිදුළුය, වකුගඩුය, හෘදයමාංශය, අක්මාවය දළබුවය, බඩදිවය, පෙණහැලිය, අතුණුය. අතුණුබහන්ය, නොපැසුණු ආහාරය, මලය, හිස්මොලය, පිතය, සෙමය, සැරවය, ලේය, ඩහදියය, මේද තෙලය, කඳුළුය, වුරුණු තෙලය, කෙළය, සොටුය, සඳමිදුලුය, මුත්‍රය, (යන මේ කුණපයෝ) මේ ශරීරයෙහි ඇත්තාහ. කියායි. මෙසේ තමාගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඉපදීම් ස්වභාවය අනුව බලමින් හෝ වාසය කරන්නේය. ශරීරයෙහි විනාශවීම් ස්වභාවය අනුව බලමින් හෝ වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාව හා කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාව හෝ අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුවට සත්ත්වයෙක් පුද්ගලයෙක් නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියේ වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද පවතී. තණ්හා දෘෂ්ටි දෙදෙනෙ ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය. මේ ලෝකයෙහි කිසිවක් ආත්මාදී වශයෙන් නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
|
111
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු ඉමමෙව කායං යථාඨිතං යථාපණිහිතං ධාතුසො පච්චවෙක්ඛති - ‘අත්ථි ඉමස්මිං කායෙ පථවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතූ’ති.
‘‘සෙය්යථාපි
|
111
“මහණෙනි, නැවතද භික්ෂුව යම් ඉරියව්වකින් සිටියාවූද යම් ආකාරයකින් තබන ලද්දාවූද මේ ශරීරය ධාතු වශයෙන් සිහිකරන්නේය. මේ ශරීරයෙහි පෘථිවි ධාතුව (තද ගතිය) ඇත්තේය. ආපෝ ධාතුව (බැඳීම් ගතිය) ඇත්තේය. තේජෝ ධාතුව (උණු ගතිය) ඇත්තේය. වායො ධාතුව (පිම්බීම් ගතිය) ඇත්තේය කියායි.
“මහණෙනි, යම්සේ දක්ෂවූ ගවයන් මරන්නෙක් හෝ, ගවයන් මරන්නෙකුගේ අතවැසියෙක් හෝ ගවයකු මරා සතර මංසන්ධියක කොටස් වශයෙන් වෙන් වෙන් කොට බෙදා උන්නේද, එපරිද්දෙන්ම මහණෙනි, භික්ෂුව මේ ශරීරය ධාතු වශයෙන් සිහිකරන්නේය කෙසේදයත්? මේ ශරීරයෙහි පඨවි ධාතුව, ආපෝ ධාතුව, තෙජො ධාතුව, වායො ධාතුව ඇත්තේය කියායි. මෙසේ තමාගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයාගේ ඇතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයාගේ නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුවට සත්ත්ව පුද්ගල නොවූ ධාතු මාත්‍රවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියේ වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. හෙතෙම තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. ලෝකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
|
112
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සෙය්යථාපි පස්සෙය්ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං එකාහමතං වා ද්වීහමතං වා තීහමතං වා උද්ධුමාතකං විනීලකං විපුබ්බකජාතං. සො ඉමමෙව කායං උපසංහරති - ‘අයම්පි ඛො කායො එවංධම්මො එවංභාවී එවංඅනතීතො’ති
(එතං අනතීතොති (සී. පී.)). ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති...පෙ.... එවම්පි ඛො, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති.
‘‘පුන
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සෙය්යථාපි පස්සෙය්ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං අට්ඨිකසඞ්ඛලිකං සමංසලොහිතං න්හාරුසම්බන්ධං...පෙ.... අට්ඨිකසඞ්ඛලිකං නිමංසලොහිතමක්ඛිතං න්හාරුසම්බන්ධං...පෙ.... අට්ඨිකසඞ්ඛලිකං අපගතමංසලොහිතං න්හාරුසම්බන්ධං...පෙ.... අට්ඨිකානි අපගතසම්බන්ධානි
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සෙය්යථාපි පස්සෙය්ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං, අට්ඨිකානි සෙතානි සඞ්ඛවණ්ණපටිභාගානි
(සඞ්ඛවණ්ණූපනිභානි (සී. ස්‍යා. පී.)) ...පෙ.... අට්ඨිකානි පුඤ්ජකිතානි තෙරොවස්සිකානි...පෙ.... අට්ඨිකානි පූතීනි චුණ්ණකජාතානි
|
112
“මහණෙනි, නැවතද භික්ෂුව, මැරී එක දවසක් ගියාවූ හෝ දෙදවසක් ගියාවූ හෝ තුන්දවසක් ගියාවූ හෝ ඉදිමුනාවූ නිල්වූ සැරව වැගිරෙන්නාවූ සොහොනෙහි දමනලද මළ මිනියක් යම්සේ දකින්නේද ඒ භික්ෂුව තම ශරීරය ඒ ශරීරය හා සසඳා නුවණින් බලන්නේය. කෙසේද? මේ ශරීරය මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳුවූ ස්වභාවයකට පැමිණෙන්නේය. මෙබඳුවූ ස්වභාව නොඉක්ම සිටියේය කියායි. මෙසේ තමාගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම් ස්වභාවය දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාවය දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාව හා කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුවට සත්ත්ව පුද්ගල නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය පිහිටියේ වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. ලෝකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
“මහණෙනි, නැවතද භික්ෂුව කවුඩන් විසින් කඩාකනු ලබන්නාවූ හෝ උකුසන් විසින් කඩාකනු ලබන්නාවූ හෝ ගිජුලිහිණියන් විසින් කඩාකනු ලබන්නාවූ හෝ බල්ලන් විසින් කඩාකනු ලබන්නාවූ හෝ හිවලුන් විසින් කඩාකනු ලබන්නාවූ හෝ නොයෙක් සතුන් විසින් කඩාකනු ලබන්නාවූ හෝ අමු සොහොනෙහි දමනලද මළ මිනියක් යම්සේ දක්නේද ඒ භික්ෂුව විසින් තමාගේ ශරීරයද ඒ ශරීරය හා සසඳා නුවණින් බලන්නේය. කෙසේදයත්? මේ ශරීරයද මෙබඳුවූ ස්වභාව ඇත්තේය. මෙබඳුවූ ස්වභාවයට පැමිණෙන්නේය. මෙබඳුවූ ස්වභාවය නොඉක්ම සිටියේය කියාය. මෙසේ තමාගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
ශරීරයෙහි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාව හා කලෙක ශරීරයෙහි විනාශවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුවට සත්ත්වයෙක් පුද්ගලයෙක් නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය මනාකොට පිහිටියා වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද පවතී. හෙතෙම තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය. මේ ලෝකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනියි. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
“මහණෙනි, නැවතද භික්ෂුව ලේ මස් සහිතවූ නහරවලින් බැඳුනාවූ ඇටසැකිල්ලක්වූ සොහොනෙහි දමනලද මළමිනියක් යම්සේ දක්නේ වේද, ඒ භික්ෂුව මේ ශරීරයද ඒ ශරීරය හා සසඳා නුවණින් බලන්නේය. කෙසේදයත්? මේ (මගේ) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොඉක්මවන ලද්දේය කියායි. මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාවද කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාවද දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුවට සත්ත්ව පුද්ගල නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියා වෙයි.
ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. හෙතෙම තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. මේ ලෝකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනියි. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
“මහණෙනි, නැවතද භික්ෂුව මස් නැති ලෙයින් වැකුණු නහරින් බැඳුන ඇට සැකිල්ලක්වූ සොහොනෙහි දමනලද මළ මිනියක් යම්සේ දක්නේද, ඒ භික්ෂුව මේ (තම) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොඉක්මවන ලද්දේය කියායි. මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාවද කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාවද දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුවට සත්ත්ව පුද්ගල නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියා වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. මේ ලෝකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි භික්ෂුව මෙසේද ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
“මහණෙනි, නැවතද භික්ෂුව මස් ලේ දෙකින් පහවූ නහරින් බැඳුන ඇටසැකිල්ලක්වූ සොහොනෙහි දමනලද මළ මිනියක් යම්සේ දක්නේද, ඒ භික්ෂුව මේ (තම) ශරීරයද ඒ ශරීරය හා සසඳා නුවණින් බලන්නේය. මේ (මාගේ) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොඉක්මවන ලද්දේය කියායි. මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාවද කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාවද දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුවට සත්ව පුද්ගල නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියා වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. මේ ලෝකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
“මහණෙනි, නැවතද භික්ෂුව නහර බැඳුම්වලින් වෙන්වූ දිශා අනුදිශාවන්හි විසුරුණු ඇට කැබලිද, වෙන දිශාවක විසිරුණු පාඇටද, වෙන දිශාවක විසුරුණු කෙණ්ඩා ඇටද, වෙන දිශාවක විසුරුණු කලවා ඇටද, වෙන දිශාවක විසුරුණු කටී ඇටද, වෙන දිශාවක විසුරුණු පිටකටුද, වෙන දිශාවක විසුරුණු හිස්කැබලිද ඇතිව සොහොනෙහි දමනලද මළමිනිය යම්සේ දකීද,ඒ භික්ෂුව (තම) ශරීරය ඒ ශරීරය හා සසඳා නුවණින් බලන්නේය. මේ (මාගේ) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොඉක්මවන ලද්දේය. කියායි. මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අන |